File size: 2,118 Bytes
7a81324
 
 
 
 
 
 
 
1
2
3
4
5
6
7
8
9
si_1497697_0	ගලෙන්බිඳුණුවැව, යකල්ල ආයුර්වේද රෝහල සඳහා භාවිත කළ භූමිය මේ වනවිට කිසිඳු ප්‍රයෝජනයකට නොගැනීමෙන් අපචාර මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයි වාර්තා වේ
si_1497697_1	1990 සිට යකල්ල ආයුර්වේද රෝහල දහස් ගණන් රෝගීන් සුවපත් කළ ස්ථානයකි
si_1497697_2	මෙතැනින් ප්‍රතිකාර ගත් ජනතාව සුවය ලැබීමෙන් පසු බස් නැවතුම්පොළ වැනි පොදු පහසුකම් තම වියදමින් ඉදි කළේ කළගුණ සැළකීමටයි
si_1497697_3	එහෙත් හදීසියේ මේ රෝහල වෙනත් ස්ථානයකට රැගෙන යනු ලැබුවේ වර්ෂ 2012දී ය
si_1497697_4	එතැන් සිට ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර 08ක් අත්හැර දැමුණේ 2012 දී ඉදිකළ නව ගොඩනැගිල්ලක් ද ප්‍රයෝජනයට නොගනිමින් ය
si_1497697_5	මේ ස්ථානයේ තිබෙන ගොඩනැගිලි විවිධ අපචාර සඳහා තෝතැන්නක් බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරති
si_1497697_6	බෙහෙත් ඔරු පවා හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ
si_1497697_7	රටකට ඔසුපැන් පෙවූ මේ ස්ථානයේ මත්පැන් බොන පිරිසකගේ වාසස්ථානයක් බවට පත්ව ඇති බව ද ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේය