File size: 1,902 Bytes
7a81324
 
 
 
 
 
1
2
3
4
5
6
7
si_1668206_0	COLOMBO (News 1st) – ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු අද සිට ඉහළ දමා තිබේ
si_1668206_1	මීට සමගාමීව මුද්දර භාවිතයෙන් හැඳුනුම්පත් සකස් කිරීමේ ගාස්තු ගෙවීම ද අහෝසි වනු ඇති
si_1668206_2	පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වී ජාතික හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා රුපියල් 100ක මුදලක් අද සිට අය කරන බව ය
si_1668206_3	ජාතික හැඳුනුම්පතේ තොරතුරු සංශෝධනය කිරීමට අය කරන ගාස්තුව රුපියල් 250කි
si_1668206_4	නැති වූ ජාතික හැඳුනුම්පතක් සකස් කිරීමට රුපියල් 500ක මුදලක් අය කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය
si_1668206_5	අදාළ මුදල් ග්‍රාම නිලධාරීවරයාට හෝ ප්‍රාදේශීය ලේකම්වරයාට ගෙවා රිසිට්පතක් ලබා ගෙන එම රිසිට්පත හැඳුනුම්පත ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය හා අමුණා එවිය යුතු බව ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ ය