File size: 1,647 Bytes
7a81324
 
 
 
1
2
3
4
5
si_2098297_0	COLOMBO (News 1st) – නාය යාමේ අධි අවදානම් කලාපවල නිවාස 6,000කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි
si_2098297_1	එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිස්ස මහතා පැවසුවේ එම නිවාසවල දිවි ගෙවන පුද්ගයින් සුරක්ෂිත ස්ථානවල පදිංචි කිරිමේ වැඩපිළිවෙළ මේ වනවිට ආරම්භ කර ඇති බව ය
si_2098297_2	කෑගල්ල දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාපවල ජීවත්වන පවුල් 1500 ක් පමණ සුරක්ෂිත ස්ථානවල පදිංචි කරවිම ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළේය
si_2098297_3	මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් සිසිර කුමාර මහතා පැවසුවේ අධි අවදානම් කලාපවල ජීවත්වන පවුල් දස දහසක් සඳහා නිවාස ඉදි කිරීමට රජය පියවර ගෙන ඇති බව ය