cheranga-uom
si en added
7a81324
raw
history blame
No virus
1.99 kB
si_1269741_0 COLOMBO (News 1st) – වැල්ලවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයකින් හොරොයින් ජාවාරමේ යෙදුණු බව කියන පිරිසකට කළ වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලබා තිබේ
si_1269741_1 පොලීසිය සඳහන් කළේ, ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් ජීප් රථයකින් හා ත්‍රිරෝද රථයකින් ගොස් වැල්ලවත්ත චාලිමන්ට් පාරේ හෝටලයක් ඉදිරිපිට නවතා තිබූ මොටර් රථයක් පරීක්ෂා කිරිමට තැත් කීරීමේදී රථය වේගයෙන් පළා යාමට උත්සහ කර ඇති බව ය
si_1269741_2 එහිදී මෝටර් රථය තාප්පයක හා කොස්තාපල්වරයෙකුගේ ශරීරයේ ගැටී ඇති අතර ඉන් කොස්තාපල්වරයා තුවාල ලබා තිබේ
si_1269741_3 පොලීසිය පැවසුවේ, එම අවස්ථාවේදී එහි සිටි තවත් පොලිස් කොස්තාපල්වරයෙකු කළ වෙඩි තැබීමකින් රථයේ සිටි අයෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ බව ය
si_1269741_4 එලෙස තුවාල ලබා ඇත්තේ, 39 හැවිරිදි හෙට්ටිආරච්චිගේ කමල් අබේරත්න නමැති 39 හැවිරිදි ගෝනපොළ ඔලබොඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි