|
si_1768342_0 කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉන්ධන රැගෙන යන නළයක කාන්දුවක් හටගෙන තිබේ |
|
si_1768342_1 ලංකා කණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඔරුඩෙවත්ත කම්බි කොටුවවත්ත ප්රදේශයේදී මෙම කාන්දුව හටගෙන ඇති බව ය |
|
si_1768342_2 ඉන් කාන්දු වූ තෙල් තොග බවුසර් යොදා ගෙන මේ වනවිට එක්රැස් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය |
|
si_1768342_3 එම කාන්දුව හටගෙන ඇත්තේ, අදාළ නළය ඔස්සේ ගුවන් යානා ඉන්ධන වර්ගයක් ප්රවාහනය කරමින් තිබූ අවස්ථාවකදී ය |
|
si_1768342_4 නළය පිළිසරක කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේ ය |
|
|