|
si_2019739_0 දිළිඳුකම තුරන් කිරීමේ සාමුහික වගකීම අතැතිව අභියෝග ජයගනිමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා නව වසරේ සියලු දෙනා කැප විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි |
|
si_2019739_1 2017 නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, හෙට දවසේ පැමිණිය හැකි ස්වභාවදහමේ අහිතකර චලනයන් අප තේරුම්ගත යුතු බව ය |
|
si_2019739_2 2017 වසර උදා වූයේ ලෝකයේ ආර්ථික, සමාජීය සහ දේශපාලනික සංකීර්ණතා අවධිවෙමින් පවතින යුගයකදී බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය |
|
si_2019739_3 මේ හේතුවෙන් කාර්මික සහ තාක්ෂණ ක්ෂේත්‍රෙයන් කෙතරම් දියුණු වුව ද සංවර්ධනය පිළිබඳ අපේක්ෂා දල්වාගෙන සිටිය ද පාරිසරික ආශිර්වාදයේ සුබ පැතුම් අනිවාර්ය කොන්දේසියක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය |
|
si_2019739_4 දියුණු රටක් ලෙස ඉදිරියට යාමට නම් තවදුරටත් ඉටුකළ යුතු විශාල කාර්යභාරයක් අප ඉදිරියේ පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි |
|
si_2019739_5 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ස්ථාවර ආර්ථිකයක්, සංහිඳියාව සහජීවනය ජයගත් මානව හිතවාදී සමාජයක් ශක්තිමත්ව ගොඩනැගීමට සමස්ත ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ය |
|
si_2019739_6 උදා වූ නව වසර ඓතිහාසික වසරක් වනු ඇති බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි |
|
si_2019739_7 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ රට ගොඩනැගීම සඳහා ජාති, ආගම්, කුල භේද අතහැර සියලු දෙනා එක්ව කටයුතු කළයුතු බව ය |
|
|