cheranga-uom
si en added
7a81324
raw
history blame
No virus
1.94 kB
si_2131638_0 කිලිනොච්චියේදී වයස අවුරුදු 15ක දැරියක් දූෂණය කිරීම පිළිබඳ පරීක්ෂණ කඩිනම් කර තිබේ
si_2131638_1 අදාළ දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණයට භාජනය වී ඇති බව කිලිනොච්චි පොලීසිය පැවසීය
si_2131638_2 සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන් කිලිනොච්චිය ළමා හා කාන්තා කාර්යංශයට ඊයේ පැමිණිලි කර තිබුණි
si_2131638_3 සැකකරු එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි
si_2131638_4 මේ අතර කිලිනොච්චියේ පසුගිය සතියේ සිදුවූ හත් හැවිරිදි දැරියක් දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ 15 හැවිරිදි සැකකරු ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ
si_2131638_5 ඊයේ කිලිනොච්චි දිස්ත්‍රික් උසාවියේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකින් අනතුරුව සිද්ධියට සම්බ්න්ධ සැකකරු බන්ධනාගාරගත කළ බව පොලීසිය පැවසිය
si_2131638_6 සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි