|
si_100464_0 මහජන නියෝජිතයින්ට නිදහසේ වැඩකිරීමට හැකි වටපිටාවක් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු බිහිකරන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට අද (02) සහාය පළ කළ නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ ප්‍රකාශ කළා |
|
si_100464_1 එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ පැවති උත්සවයක් අමතමිනුයි ඔහු මේ බව සදහන් කළේ |
|
si_100464_2 ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස 2004 වසරේදී මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසි අචල ජාගොඩ, අමාත්‍ය විමල් වීරවංශ සමඟ එම පක්ෂයෙන් ඉවත් වී ජාතික නිදහස් පෙරමුණ බිහිකිරීමට එක්වුණා |
|
si_100464_3 2010 මහ මැතිවරණයේදී අචල ජාගොඩ පාර්ලිමේන්තුවට පිවිසුණේ නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි |
|
si_100464_4 කලක් ඔහු සංචාරක අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ අතර, පසුව ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු ලෙස පෙනී සිටියා |
|
si_100464_5 මීට අමතරව, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සහ ජනාධිපති උපදේශකවරයෙකු වන වී.පුත්‍රසිගාමනී සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මෙම රැස්වීමට එක්වෙමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කර සිටියා |
|
si_100464_6 එමෙන්ම, හිරියාල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන කේ. ජයසිරි සහ ජයවර්ධන හේරත් මෙන්ම කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ තිළිණ ඒකනායක යන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 3 දෙනෙකු මෙහිදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කළා |
|
si_100464_7 මේ අතර, තමන් ද ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කරන බව වයඹ පළාත් සභාවේ නිදහස් සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් වෙඬරුව ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ නිවසේ අද පැවති මාධ්‍ය හමුවකදියි |
|
si_100464_8 කෙසේ වෙතත්, ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බව වයඹ පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කිංස්ලි ලාල් ප්‍රනාන්දු සඳහන් කළා |
|
si_100464_9 ඒ, නිදහස් සන්ධානය කොළඹ දී අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් |
|
si_100464_10 එම මාධ්‍ය හමුවට එක්වූ වත්තල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චානක සෙනරත් කියා සිටියේ තමන් ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සහාය පළ කරන බවයි. Update |
|
si_100464_11 Friday, 02 January 2015 - 07 |
|
si_100464_12 13 PM ------------------------------------------------- සන්ධාන මන්ත්‍රී අචල ජාගොඩ මෛත්‍රීට සහය පළ කරයි |
|
si_100464_13 ඉදිරි ජනාධිපතිවරණයේදී තමා, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කරන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ ප්‍රකාශ කළා |
|
si_100464_14 ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි අද (02) පැවති උත්සවයකට එක්වෙමින් |
|
si_100464_15 ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස 2004 වසරේදී මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසි ඔහු, අමාත්‍ය විමල් වීරවංශ සමඟ එම පක්ෂයෙන් ඉවත් වී ජාතික නිදහස් පෙරමුණ බිහිකිරීමට එක්වුණා |
|
si_100464_16 2010 මහ මැතිවරණයේදී අචල ජාගොඩ පාර්ලිමේන්තුවට පිවිසුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි |
|
si_100464_17 කලක් ඔහු සංචාරක අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ අතර, පසුව ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු ලෙස පෙනී සිටියා |
|
si_100464_18 මීට අමතරව, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සහ ජනාධිපති උපදේශකවරයෙකු වන වී.පුත්‍රසිගාමනී සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මෙම රැස්වීමට එක්වෙමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කර සිටියා |
|
si_100464_19 එමෙන්ම, හිරියාල සහ කුරුණෑගල ප්‍රාදේශීය සභා නියෝජනය කරන නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 3 දෙනෙකුද මෙහිදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට එක්වුණා |
|
si_100464_20 ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ නිදහස් සේවක සංගමයේ සාමාජිකයින් පිරිසක් ද එහිදී පොදු අපේක්ෂකවරයාට සහය දැක්වීමට එක්වූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ |
|
|