si_1000745_0 COLOMBO (News 1st) – ව්‍යාජ හැඳුනුම්පත් සහ ලේඛන සකස් කර වාහන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු කඩවතදී අත්අඩංගුවට ගෙන තිබේ si_1000745_1 ඒ, පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගිනි si_1000745_2 සැකකරුවන් වාහනවල චැසි අංක ව්‍යාජ ලෙස සකස් කර මෙම ජාවාරමේ නිරතව සිට ඇති බව පොලීසිය සඳහන් කළේ ය si_1000745_3 සැකකරුවන් සන්තකයේ තිබී වෑන් රථයක්, එහි ව්‍යාජ ලෙස සකස් කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකයක්, ව්‍යාජ හැඳුනුම්පත් 03ක්, ව්‍යාජ රියැදුරු බලපත්‍ර 02ක්, ව්‍යාජ ලේඛන සකස් කර උකස් තබන ලද මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ si_1000745_4 සැකකරුවන් 34 සහ 37 හැවිරිදි ඌරාපොළ සහ කිරිඳිවැල ප්‍රදේශවල පදිංචිකරුවන් ය