si_1123524_0 අනවසරයෙන් මෙරට රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දියානු වැසියන් 8 දෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙරට වකුගඩු ජාවාරමක් සිදුකෙරෙන බව හෙළි වී තිබේ si_1123524_1 අදාළ පිරිස අද කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කියා සිටියේ ඔවුන් වකුගඩු පරිත්‍යාග කර ඇති බව ය si_1123524_2 එය නීතියට පටහැනි නොවන බවත් එම නිසා ඔවුන් වරදක් සිදු කර නොමැති බවත් නීතිඥයින් පවසා ඇත si_1123524_3 කෙසේ වෙතත් සැකකරුවන් අප්‍රේල් 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මෙහිදී නියෝග කෙරිණ