si_1497697_0 ගලෙන්බිඳුණුවැව, යකල්ල ආයුර්වේද රෝහල සඳහා භාවිත කළ භූමිය මේ වනවිට කිසිඳු ප්‍රයෝජනයකට නොගැනීමෙන් අපචාර මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයි වාර්තා වේ si_1497697_1 1990 සිට යකල්ල ආයුර්වේද රෝහල දහස් ගණන් රෝගීන් සුවපත් කළ ස්ථානයකි si_1497697_2 මෙතැනින් ප්‍රතිකාර ගත් ජනතාව සුවය ලැබීමෙන් පසු බස් නැවතුම්පොළ වැනි පොදු පහසුකම් තම වියදමින් ඉදි කළේ කළගුණ සැළකීමටයි si_1497697_3 එහෙත් හදීසියේ මේ රෝහල වෙනත් ස්ථානයකට රැගෙන යනු ලැබුවේ වර්ෂ 2012දී ය si_1497697_4 එතැන් සිට ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර 08ක් අත්හැර දැමුණේ 2012 දී ඉදිකළ නව ගොඩනැගිල්ලක් ද ප්‍රයෝජනයට නොගනිමින් ය si_1497697_5 මේ ස්ථානයේ තිබෙන ගොඩනැගිලි විවිධ අපචාර සඳහා තෝතැන්නක් බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරති si_1497697_6 බෙහෙත් ඔරු පවා හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ si_1497697_7 රටකට ඔසුපැන් පෙවූ මේ ස්ථානයේ මත්පැන් බොන පිරිසකගේ වාසස්ථානයක් බවට පත්ව ඇති බව ද ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේය