si_1668206_0 COLOMBO (News 1st) – ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු අද සිට ඉහළ දමා තිබේ si_1668206_1 මීට සමගාමීව මුද්දර භාවිතයෙන් හැඳුනුම්පත් සකස් කිරීමේ ගාස්තු ගෙවීම ද අහෝසි වනු ඇති si_1668206_2 පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වී ජාතික හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා රුපියල් 100ක මුදලක් අද සිට අය කරන බව ය si_1668206_3 ජාතික හැඳුනුම්පතේ තොරතුරු සංශෝධනය කිරීමට අය කරන ගාස්තුව රුපියල් 250කි si_1668206_4 නැති වූ ජාතික හැඳුනුම්පතක් සකස් කිරීමට රුපියල් 500ක මුදලක් අය කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය si_1668206_5 අදාළ මුදල් ග්‍රාම නිලධාරීවරයාට හෝ ප්‍රාදේශීය ලේකම්වරයාට ගෙවා රිසිට්පතක් ලබා ගෙන එම රිසිට්පත හැඳුනුම්පත ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය හා අමුණා එවිය යුතු බව ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ ය