si_2019898_0 නීතිඥවරයා සදහන් කළේ, සිංගප්පුරු මවුන්ට් එළිසෙබත් රෝහලෙන් නිකුත් කළ වෛද්‍ය වාර්තා හා මේ වනවිට ඔහු ප්‍රතිකාර ලබන නාරාහේන්පිට පෞද්ගලික රෝහලෙන් නිකුත් කළ වෛද්‍ය නිර්දේශ ඉදිරිපත් කර විදේශ ගමන් තහනම ඉවත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි. මේ අතර පසුගිය 26 වනදා සිට නාරාහේන්පිට පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සේනාරත්න මහතා අද දහවල් සාමාන්‍ය වාට්ටුවකට මාරුකර තිබේ si_2019898_1 ඔහුගේ සුවදුක් විමසීමට අදත් මන්ත්‍රීවරුන් ඇතුළු ඔහුගේ හිතවතුන් රෝහලට පැමිණියේ ය