si_1031791_0 මරදාන, පංචිකාවත්ත මංසන්ධියේදී අද පෙරවරුවේ සිදු වූ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ si_1031791_1 පොලීසිය පැවසුවේ, ගම්පහ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් සහ කොළඹ සිට කටුනායක බලා ධාවනය වූ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද අලුයම අනතුර සිදු වූ බව ය si_1031791_2 අනතුරින් බස් රථයක් මාර්ගය හරහා පෙරළීමෙන් රථ වාහන ධාවනයට ද බාධා එල්ල විය si_1031791_3 කෙසේ වෙතත් මේ වන විට අදාළ බස් රථ එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය si_1031791_4 අනතුරෙන් තුවාල ලැබූවෝ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති