si_1055775_0 COLOMBO (News 1st) si_1055775_1 පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ si_1055775_2 පොලීසිය පැවසුවේ සැකකරු අද උදෑසන හලාවත පොලිසියට භාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බවයි. ඉෂාර චතුරංග අබේසේකර නමැති 26 හැවිරිදි සැකකරු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ si_1055775_3 පෙරේදා රාත්‍රි 8.45 ට පමණ හලාවත, සේදවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා විසින් ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුට පොල්ලකින් පහරදී තිබිණ si_1055775_4 පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.