si_1249499_0 එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ, එහිදී කොරෝනා වෛරසය අසාදනය වී ඇති චීන ජාතික කාන්තාවක් හඳුනා ගත් බවයි. සෙසු පිරිසට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බව තහවුරු විය si_1249499_1 බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසුවේ, කොරෝනා වෛරසය ආසාධිත වූ එම චීන ජාතික කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බවයි. කොරෝනා වෛරසය අසාධනය වී ඇති බවට සැක කෙරෙන රොගීන් 23 දෙනෙකු මේ වන විට රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ය