si_1705917_0 සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අ‍ධිපතිව සිටි ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ වන සිසිලි කොතලාවල මහත්මිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබී ය si_1705917_1 පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාරයට ගැනීමෙන් පසුව කොතලාවල මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව ය si_1705917_2 අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී ඇය තම නිලධාරීන්ගේ භාරයට ගත් බව ආගමන විගමන පාලක ජනරාල් එම්.එම්. රණසිංහ මහතා ප්‍රකාශ කළේ ය si_1705917_3 ඒ, ලන්ඩනයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ය