si_1812515_0 රුසියාවේ කැම්චැට්කා අර්ධද්වීපය ආසන්නයේදී ‍ට්‍රෝලර් යාත්‍රාවක් මුහුදුබත් වීමෙන් පුද්ගලයින් 54දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ si_1812515_1 බී.බී.සී. ලෝක සේවය පැවසුවේ, යාත්‍රාව අනතුරට ලක් වනවිට එහි පුද්ගලයින් 132දෙනෙකු සිට ඇති බව ය si_1812515_2 එහි සිටි පුද්ගලයින් 63දෙනෙකු බේරාගෙන ඇති අතර විදෙස් වාර්තා පැවසුවේ, ලැ‍‍ට්වියා, යුක්රේන, මියන්මාර ජාතිකයින් යාත්‍රාවේ සිට ඇති බව ය si_1812515_3 ට්‍රෝලර් යාත්‍රා‍වේ එන්ජිම සහිත කොටසට ජලය ගලා ඇති අතර විනාඩි 15ක් තුළ යාත්‍රාව මුහුදුබත්ව ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ si_1812515_4 යාත්‍රාව රුසියාවට අයත් වූවක් වන අතර තව ත් 29දෙනෙකු අතුරුදන්ව ඇතැයි බී.බී.සී. ලෝක සේවය පවසයි si_1812515_5 අනතුරට පත්වූවන් බේරා ගැනීමට නෞකා සහ හෙලිකොප්ටර් යානා යොදවා ඇතැයි සඳහන් වේ