si_1902384_0 වෙළෙඳ නාම 5 ක් යටතේ නිෂ්පාදනය කෙරෙන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 60 කින් වැඩි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ si_1902384_1 ඒ, අදාළ සමාගම් අධිකාරියෙන් කළ ඉල්ලීමකට අනුව ය si_1902384_2 වැට් බදු සංශෝධන, වරාය ආනයන ගාස්තු හා විනිමය අනුපාතයන්හි වෙනස්කම් සැලකිල්ලට ගෙන මෙම මිල වැඩි කිරිමට අවසර ලබාදුන් බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය si_1902384_3 ඒ අනුව රුපියල් 870 ක් ව පැවති කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 930 ක් දක්වා ඉහළ යනු ඇති si_1902384_4 මෙම මිල වැඩි කිරීම් ඊයේ සිට ක්‍රියාත්මක බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ ය si_1902384_5 එම අධිකාරිය වැඩිදුරටත් පැවසුවේ, නිෂ්පාදිත දිනය ජුනි මස පළමු වනදා ලෙස සටහන්ව ඇති සිමෙන්ති කොට්ට පමණක් රුපියල් 930 කට විකිනිය හැකි වන අතර එලෙස සටහන් නොවන සිමෙන්ති කොට්ට වැඩි මිලට විකුණන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ය si_1902384_6 ඒ පිළිබඳ පැමිණිලි 011 -77 55 481 , 011 77 55 482 සහ 011 77 55 483 යන දුරකථන අංකවලට ඉදිරිපත් කළ හැකි ය