si_2237186_0 විදෙස් රටකින් පැමිණි මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සලයක් නීති විරෝධීව බෙදාහැරීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ si_2237186_1 තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ, අභ්‍යන්තර විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගත් බව ය si_2237186_2 මේ අතර තැපැල් මගින් විදේශයේ සිට එවන ලද මත්ද්‍රව්‍ය සහිත පාර්සලයක් පසුගියදා ගාල්ල තැපැල් කාර්යාලය ආසන්නයේදී විදේශිකයෙකු ද සමග අත්අඩංගුවට ගැනිණි