si_2241174_0 එහි සභාපති එම්. ඒ. පි. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, පසුගිය මස පළමුවැනිදා ඩීසල් මිල රුපියල් 07 කින් පහළ දැමූ අතර පසුගිය 15 වැනි දා ඩිසල් මිල රුපියල් 05 කින් අඩු කිරීමට රජය පියවර ගත් බවයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ ද ඩීසල් හා පෙට්‍රල් මිල රුපියල් 5.00 කින් අඩු කිරීමට රජය කටයුතු කළ බව ඔහු පැවසුවේය si_2241174_1 එවැනි තත්ත්වයක් යටතේ මසක් ඇතුළත ඩීසල් මිල මේ වනවිට රුපියල් 17 කින් පහළ ගොස් ඇත si_2241174_2 සභාපතිවරයා පෙන්වා දෙන්නේ, බස් ගාස්තු සංශෝධනයකට රුපියල් 14 කින් ඩීසල් ලීටරයක මිල වෙනස්වීම ප්‍රමාණවත් බවයි. එහෙත් පසුගිය මස පළමුවැනිදා රුපියල් 07 කින් ඩීසල් මිල අඩුකළ පසුව සුළු වශයෙන් බස් ගාස්තු අඩුවීමක් කළ බව ද ඔහු පැවසුවේය si_2241174_3 එහෙත් පවතින තත්ත්වය යටතේ නිශ්චිතවම බස් ගාස්තු පහළ දැමීමේ අවශ්‍යතාවක් ඇති බව ද ඔහු පෙන්වා දෙයි si_2241174_4 මේ පිළිබඳව සියලු පෞද්ගලික බස් සංගම් සමග සාකච්ඡා කර ලබන සතියේ තීරණයකට එළඹෙන බව සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ si_2241174_5 මේ අතර ඉන්ධන මිල අඩුවීමත් සමග බස් ගාස්තු අඩු කරන්නේ ද යන්න පිළිබඳව අප පෞද්ගලික බස් සංගම් කිහිපයක නියෝජිතයින්ගෙන් විමසා සිටියේ ය si_2241174_6 ඔවුන් කියා සිටියේ, ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවයි.