si_102524_0 කූඨ ලේඛණ සකස් කිරීමේ වරදට අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත නානායක්කාර අද (02) නියෝග කළා si_102524_1 තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ කොළඹ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා si_102524_2 ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා අතර කරුණු 15කින් සමන්විත ගිවිසුමක් පවතින බවයි. කෙසේ වෙතත්, ඊට පසුදින එනම් දෙසැම්බර් 23 වැනිදා මාධ්‍ය හමුවක් පැවැත්වූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ අදාළ ගිවිසුම ව්‍යාජ එකක් බවයි. එම මාධ්‍ය හමුවට එක්ව සිටිි එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ අදාළ ගිවිසුමෙහි සඳහන් තම අත්සන ව්‍යාජ එකක් බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව පැමිණිල්ලක් ද ගොනුකළ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, අදාළ ගිවිසුම සහ ඊට යොදා ගත් අත්සන් ද ව්‍යාජ ඒවා බවයි. ඒ අනුවයි දණ්ඩ නීති සංග්‍රහය යටතේ කූඨ ලේඛන සැකසීමේ චෝදනාව මත නීතිපතිවරයාගේ උපදෙස් අනුව සැකකාර මන්ත්‍රීවරයා අද අත්අඩංගුවට ගනු ලැබුවේ si_102524_3 අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රසිද්ධියට පත් කළ අදාළ ගිවිසුම ව්‍යාජ ලේඛණයක් බව පරීක්ෂණවලදී තහවුරු වූ බවයි. මෙම සිද්ධිය දෙස බොහෝ දෙනෙකු බලාසිටින නිසා සැකකරුට ඇප ලබාදුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා si_102524_4 කෙසේ වෙතත්, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වා සිටියා si_102524_5 ඔහු කියා සිටියේ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ කථානායකවරයාව දැනුවත් කිරීමකින් තොරව බවයි. විපක්ෂ නායකවරයා අදහස් දැක්වීමත් සමඟම රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සහ කථානායක චමල් රාජපක්ෂ ද ඊට මැදිහත් වුණා si_102524_6 Update si_102524_7 Monday, 02 February 2015 - 19 si_102524_8 17 -------------------------------------------------------------------------- තිස්ස අත්තනායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පෙබරවාරි 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත නානායක්කාර අද (02) නියෝග කළා si_102524_9 දණ්ඩ නීති සංග්‍රහය යටතේ කූඨ ලේඛන සකස් කිරීමේ වරදට අද උදෑසන ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ si_102524_10 ජනාධිපතිවරණ සමයේ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියට පත් කළ ගිවිසුම් ලියවිල්ල ව්‍යාජ ලේඛනයක් බව පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී ඇත්තේ si_102524_11 තිස්ස අත්තනායක අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද (02) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා si_102524_12 දණ්ඩ නීති සංග්‍රහය යටතේ කූඨ ලේඛන සකස් කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ si_102524_13 පසුගිය ජනාධිපතිවරණ සමයේ එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහගේ අත්සන් සහිත බව පවසමින් ගිවිසුමක් අදාළ මන්ත්‍රීවරයා මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කළා si_102524_14 ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබූ අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබුවා si_102524_15 එය අධ්‍යයනය කළ නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 459 වන වගන්තියට අනුව කූඨ ලේඛන සකස් කිරීමේ වරදට මොහු අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබූ බවයි පොලීසිය සදහන් කළේ