Title
stringlengths
7
238
content
stringclasses
970 values
දුප්පත්කම හා මන්දපෝෂණයෙන් තොර රටක් සැප් 21න් පසු අපි ගොඩනඟනවා
වීඑෆ්එස් හොර ගනුදෙනුව තහනම් කිරීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවත් එවැනි තීන්දුවක් ලබා දුන් ශ්රේෂ්ඨාධිකරණයට සිය ප්රණාමය පුද කරන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායක මේ බව කියා සිටියේ නුවරඑළිය හඟුරන්කෙත පැවැති සමගි ගොවි බලවේගයේ රැළිය අමතමිනි එහිදී ප්රේමදාස මහතා මෙසේද කීය පොලිස්පති පත් කළ ක්රමවේදයේ අඩුපාඩුකම් දැක එයත් ශ්රේෂ්ඨාධිකරණය තහනම් කරන විට ජනාධිපති අගමැති ප්රමුඛ ආණ්ඩුව එම තීන්දුව පාර්ලිමේන්තුවේදී විවේචනය කළ බවත් වීඑෆ්එස් ගනුදෙනුව හරහා අප රටට ඇ ඩොලර් බිලියන 12ක පාඩුවක් වන විට ශ්රේෂ්ඨාධිකරණය ශ්රේෂ්ඨ තීන්දුවක් හරහා එය තහනමට ලක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අගමැති හා ආණ්ඩුව කියන්නේ මොකද්ද කියා දැන ගැනීමට අවශ්ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය එසේම හොරු අල්ලනවා කියන රටේ ජනතාවට අනුකම්පා කරනවා යැයි කියන සහෝදරවරු වීඑෆ්එස් ගනුදෙනුව ගැන කතා නොකළ බවත් වීඑෆ්එස් ගනුදෙනුව ගැනපළමුව පාර්ලිමේන්තුවේ කතා කළේ තමා බවත් අද වන විට එක එක කණ්ඩායම් රට වටේ බොරු ප්රචාර දියත් කරමින් යන බවත් සහෝදරවරු හොරු අල්ලනවා කිව්වත් ඔවුන් හොරුත් එක්ක ඩීල් දමන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය මේ වන විට ජනාධිපතිවරයා සමඟ එක එක අය එකතු වූ බවට ප්රවෘත්ති එන බවත් මෙසේ එකතු වූ අය දිහා බලන ලෙසත් රාජපක්ෂවරු සමඟ අත්වැල් බැඳ ගෙන රාජපක්ෂ සරණං ගච්චාමි කිය කිය රාජපක්ෂ පරපුර සිප වැළඳගත් අය අද ජනාධිපතිවරයා සමඟ එකට එකතු වී ඇති බවත් සමගි ජන බලවේගයේ හෝ සමගි ජන සන්ධානයේ හොරුන්ට ඉඩක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය අද රටේ ඇත්තේ අරුම පුදුම තත්ත්වයක් බවත් තමා පෞද්ගලික දානපතියන්ගෙන් ආධාර ගෙන සක්වල හා හුස්ම වැඩසටහන් ක්රියාත්මක කරන විට එම වැඩසටහන් මැතිවරණ නීතිරීතිවලට විරුද්ධයි කියා නතර කළත් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව රජයේ අරමුදල්වලින් ආරම්භ කරන ව්යාපෘති ජනතාව අතට පත් කරනවා කියා මැතිවරණ ප්රචාරණ කටයුතුවල නිරත වන බවත් ජනාධිපතිගේ වැඩසටහන්වලට ඉඩ දෙනවා සේම සක්වල හා හුස්මටත් ඉඩ දිය යුතු බවත් විපක්ෂ නායකවරයා කීය රටේ පෝෂණ අර්බුදයක් ඇති බවත් දරු පරපුරෙන් ලක්ෂ 23ක් මන්දපෝෂණයට ලක්ව ඇති බවත් පාසල් දරුවන්ගේ පෝෂණය කඩා වැටී ඇති මුත් පාලකයන්ට විසඳුම් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය එම නිසා වගා නොකර සිටින මුඩු ඉඩම් කිසිදු ඉඩමක අයිතියක් නොමැති වතු ජනතාවට සහ තරුණයන්ට ලබාදී කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගන්වන බවත් තාක්ෂණ ක්ෂේත්රයේ සහනාධාර ලබාදෙන බවත් සීමාසහිත භූමියෙන් වැඩි ඵලදාවක් ගන්න අවස්ථාව ලබාදෙන බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර දරාගත හැකි මිලකට ලබාදෙන බවත් ඊට අමතරව ගෝලීය වෙළෙඳාපොළට අප රටේ නිෂ්පාදන යොමු කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කීය
තුන් දෙනෙක් මරාගෙන කොස්තාපල් දිවිනසා ගනී
බිබිල කරාඩුගල පොලිස් ස්ථානයේ සේවය කරන කොස්තාපල්වරයකු ඊයේ 04දා අලුයම එම පොලිස් ස්ථානයේම සේවය කරන තවත් කොස්තාපල්වරයකුට නෙල්ලියද්ද ප්රදේශයේ පදිංචි මවකට සහ දියණියකට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩි තබාගෙන දිවි හානි කරගෙන ඇත ඝාතනය සිදු කළ බව කියන කොස්තාපල්වරයා සහ මියගිය කොස්තාපල්වරයා අතර මතභේදයක් තිබූ බවට ඊයේ 04දා සවස් වනවිටත් හෙළි වී නැතැයි ද කොස්තාපල්වරයා මවට සහ දියණියට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඉඩම් ආරවුලක් හේතුවෙන් බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවසීය ඝාතක රාළහාමිවෙඩි තැබීම සිදුකළ බව කියන තුසිත කුමාර 42 නමැති කොස්තාපල්වරයා 03 වැනිදා රාජකාරියට වාර්තා කර රාජකාරි ගිනි අවිය ද රැගෙන ඊයේ අලුයම ඔහුට අයත් යතුරුපැදියෙන් කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි ලහිරු උදාර 33 නමැති කොස්තාපල්වරයාගේ නිවසට ගොස් ඔහුට වෙඩි තබා ඝාතනය කර ආපසු එන අතරේදී නෙල්ලියද්ද ප්රදේශයේ 54 හැවිරිදි මවට සහ 17 හැවිරිදි පාසල් ශිෂ්යාවට ද වෙඩි තබා ඝාතනය කර ඇත අනතුරුව ඔහු සේවය කරන කරාඩුගල පොලිස් ස්ථානය අසලට පැමිණ සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇත වෙඩි තබා ඝාතනය කළ කොස්තාපල්වරයා එක්දරු පියකු වන අතර වෙඩි තබාගෙන දිවි නසා ගත් පොලිස් කොස්තාපල්වරයා දෙදරු පියෙකි වෙඩි තැබීම සිදුකළ බව කියන කොස්තාපල්වරයාගේ බිරිඳ බව කියන කාන්තාවක් මාධ්ය අමතමින් කියා සිටියේ වෙඩි තැබීම සිදුකළ දිනට පෙර දින රාත්රි සැමියා තමාට දුරකථනයෙන් කතා කර දරුවන් දෙදෙනා සමග පරිස්සමින් සිටින ලෙසට ඉල්ලා සිටි බවයිපසුගිය දින ටිකේම මහත්තයා වැඩිය කතා බහක් කළෙත් නැහැ හරියට කෑම කෑවේත් නැහැ පොලිසියේ ඔක්කොම ප්රශ්න එයා පිට දමනවා කියලා එයා කිව්ව අවස්ථා තිබුණා ඇයි මෙහෙම දෙයක් කළේ කියලා හිතා ගන්න බැහැ යැයි ඇය කීවායහේමන්ත රන්දුණු චමින්ද සිල්වා බඩල්කුඹුර රවිඳු ගුණතිලක බිබිල ජේ රත්නායක
2024 ඡන්ද නාම ලේඛනයේ නම තිබේදැයි දැනගන්න ඉඩක්
2024 ඡන්ද නාමලේඛනයේ තමාගේ නම තිබේදැයි මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් තහවුරු කරගැනීමට එම කොමිෂන් සභාව මහජනතාවට අවස්ථාව ලබාදී ඇත ඒ අනුව wwwelectiongovlk වෙබ් අඩවියට පිවිස කැමැති භාෂාව ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු මත ක්ලික් කරන්න ජාතික හැඳුනුම්පත් අංකය සහ ලියාපදිංචි දිස්ත්රික්කය ඇතුළත් කර ලියාපදිංචිය තහවුරු කරගන්න මේ වනවිට ඡන්ද නාමලේඛනයට අදාළ සියලු ක්රියාවන් අවසන් කර ඇති බැවින් ඡන්ද නාමලේඛනයේ සඳහන් නොවන නමක් ඇතුළත් කළ නොහැකචමින්ද සිල්වා
ගලබොඩ ඤාණිස්සර නාහිමි ආදාහන පූජෝත්සවය අද
දශක හතක දිගු ශාසනික මෙහෙවරක් ලක්මවට ඉටු කළ අපවත් වී වදාළ කොළඹ නව කෝරලයේ ප්රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන්ගේ ශ්රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද 05දා සවස පූර්ණ රාජ්ය අනුග්රහය සහිතව එම විහාරස්ථානය ඉදිරිපිට භූමියේදී සිදුකෙරේ උන්වහන්සේට අවසන් බුහුමන් පුද කිරීමට අතිවිශාල ගිහි පැවිදි පිරිසක් ඊයේ ද පැමිණියහ ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන්ගේ ශ්රී දේහයට ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි පාලටුවාවේ ජිනරතන සහ පල්ලේගම රතනසාර යන හිමිවරුන් බුහුමන් දැක්වූ අවස්ථාවක් අපවත් වී වදාළ ගංගාරාම විහාරාධිපති පූජ්ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ පොඩි හාමුදුරුවෝ අවසන් කටයුතු සිදුකෙරෙන අද 05දා හුණුපිටිය ගංගාරාමය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ අද පස්වරු 200 සිට රාත්රි 800 දක්වා කාලය තුළ රථවාහන තදබදය අවම කිරීම සඳහා මෙම රථවාහන සැලැස්ම ක්රියාත්මක කෙරේ ගංගාරාම විහාරස්ථානය වෙත ඇතුළුවන සියලුම වාහන ජේම්ස් පීරිස් මාවත ජිනරතන මාවත හන්දියෙන් ඇතුළුවිය යුතු බව පොලිසිය පවසයි ඩෝසන් වීදියෙන් ජිනරතන මාවතට ඇතුළු වන මාර්ගය වසා තබන අතර ජිනරතන මාවතේ වාහන ගමනාගමනය එක් දිශාවකට පමණක් සීමා කෙරේ පූජෝත්සවය සඳහා පැමිණෙන මහජනතාවගේ වාහන නැවැත්වීම සඳහා ඇල්ටෙයාර් ගොඩනැඟිල්ල පිටුපස භූමියේ පහසුකම් සලසා ඇතසටහන හා ඡායාරූපය නිමල් දයාරත්න
මහනුවර පොහොට්ටුවේ සහායත් රනිල්ට රෝහිතත් රනිල්ට ළංවෙයි
මහනුවර දිස්ත්රික්කයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 6ක් හිටපු පළාත් සභා මන්ත්රීවරුන් හා මහනුවර දිස්ත්රික්කයේ හිටපු ප්රාදේශීය සභා සභාපතිවරුන් මන්ත්රීවරුන් 202ක් ඇතුළු පිරිස ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ ඉකුත් 02 වැනිදා මහනුවර පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්රික් බල මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගෙන ඇත එම රැස්වීමට පැමිණ සිටි සියලු දෙනාගේ මතය වූයේ වසර 2ක් තුළ රට නැවත ගොඩනැඟීමට හැකි වූ නායකත්වයට තවත් වරක් අවස්ථාව ලබා දී මෙරට ආර්ථිකයේ දිශානතිය ගොඩනගා ජනජීවිතය තවදුරටත් සුබදායි කිරීම සඳහා කොන්දේසි විරහිතව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් එක්විය යුතු බවයි ඒ සඳහා සියලු දෙනා අත් ඔසවා එකඟත්වය පළ කිරීම සිදු විය මෙම අවස්ථාවට රාජ්ය අමාත්යවරුන් වන ලොහාන් රත්වත්තේ දිලුම් අමුණුගම අනුරාධ ජයරත්න පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් මෙන්ම ශ්රීලපොපෙ හිටපු පළාත් සභා මන්ත්රීවරුන් මහනුවර දිස්ත්රික්කයේ ශ්රීලපොපෙ හිටපු ප්රාදේශීය සභා සභාපතිවරුන් මන්ත්රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහගුන්නෑපාන ජානක සම්පත් බණ්ඩාර උතුරු සහ නැගෙනහිර පළාත් මෙන්ම සමස්ත රටම එක ලෙස සංවර්ධනය කරා ගෙන යෑමේ පුළුල් දැක්මක් හා වැඩපිළිවෙළක් ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී එතුමාගේ ජයග්රහණය තහවුරු කිරීමට කැපවන බව ඊපීඩීපී පක්ෂයේ නායක අමාත්ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා 03 දා පෙරවරුවේ යාපනය පිහිටි ඊපීඩීපී පක්ෂයේ ප්රධාන කාර්යාලයේ දී එම පක්ෂයේ ක්රියාකාරීන් සමඟ හමුවකට එක් විය එහිදී ඩග්ලස් දේවානන්දා මහතා මේ බව ප්රකාශ කළේය මේ අතර දෙමළ ප්රගතිශීලි සංගමයේ නායක රාජ්ය අමාත්ය එස් වියාලේන්ද්රන් මහතා විසින් මඩකලපුවේදී සංවිධානය කර තිබූ හමුවකට ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා 03 දා පෙරවරුවේ එක් විය රට අනතුරට පත්වූ අවස්ථාවේ රටත් ජනතාවත් බේරා ගැනීමට නිර්භීතව ඉදිරිපත් වූ ජනාධිපතිවරයාට රට ඉදිරියේ ඇති අනෙකුත් අභියෝග ජයග්රහණය කිරීමේ ශක්තිය ද ඇති බව පෙන්වා දුන් රාජ්ය අමාත්ය එස් වියාලේන්ද්රන් මහතා මෙවර ජනාධිපතිවරණයේ දී එතුමාට පූර්ණ සහාය පළ කරන බව කියා සිටියේය මුළු රටම ගිනි ගත් අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූ බවත් ඇතැමුන් අඳුරේම පැනගිය අතර තවත් පිරිසක් සැඟවී සිටි බවත් පැවසූ රාජ්ය අමාත්යවරයා වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටේ ආර්ථිකය ගොඩගත් ජනාධිපතිවරයා අද නව ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට මෙහෙයවමින් සිටින බව පෙන්වා දුන්නේය මේ අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉකුත් 2 වැනිදා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අංගජන් රාමනාදන් මහතාගේ නිවසේ සංවිධානය කර තිබූ හමුවකට ද එක් විය ප්රදේශයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ ක්රියාකාරීන් රැසක් ඊට එක්ව සිටි අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය තහවුරු කිරීමට කැපවී කටයුතු කරන බවට එහිදී ඔවුහු සහතික වූහ වාද්දුව සුමිත් පොතුපිටිය වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදීමට තීරණය කළ බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ 04දා පැවසීය කළුතර දිස්ත්රික්කයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ක්රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කළ මත විමසීමෙන් පසු ඔහු මෙම අදහස් පළ කළේය රනිල් වික්රමසිංහ මහතාට සහය ලබාදෙන ලෙස කළුතර ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී නිලන්ත චන්ද්රලාල් මහතා යෝජනා කළ අතර කළුතර ප්රාදේශීය සභාවේ හිටපු උප සභාපති ටී ඩී ජයසිරි මහතා එය ස්ථිර කළේය පානදුර මිල්ලනිය සහ බණ්ඩාරගම ප්රාදේශීය සභා හිටපු මන්ත්රීවරුන් කළුතර හිටපු නගරාධිපති ඇතුළු දේශපාලන ක්රියාකාරීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ
ආන්දෝලනයකට තුඩු දුන් විද්යුත් වීසා අලුත් ක්රමය අත්හිටුවීම
විද්යුත් වීසා සේවා පැවැති ක්රමවේදය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරෙන් ලබා ගැනීමට අමාත්ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් ශ්රේෂ්ඨාධිකරණය ඉකුත්දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය ඒ අනුව නව ක්රමවේදය ආරම්භ කිරීමට පෙර පැවැති ක්රමවේදය යටතේ වීසා සේවා ක්රියාත්මක කරන ලෙස ද විනිසුරු මඬුල්ල නියම කළේය ඒ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන පාඨලී චම්පික රණවක රවුෆ් හකීම් සහ එම්ඒ සුමන්දිරන් මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් කිහිපයක් සලකා බැලූ අවස්ථාවේදීය ගුවන්තොටුපොළ ආශ්රිතව ක්රියාත්මක වීමට නියමිත විද්යුත් වීසා ක්රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතුව ඇති බවත් එබැවින් එම ක්රමවේදය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණි විද්යුත් වීසා සේවාව මෙතෙක් පැවැති ක්රමය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරෙන් ලබා ගැනීමට අමාත්ය මණ්ඩලය තීරණය කර තිබීම නිසා සංචාරක ව්යාපාරය අවදානම් සහගත තත්ත්වයකට මුහුණ පා ඇති බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති එමෙන්ම වීසා ගාස්තු ඉතා ඉහළ යන බවත් මහජනතාවට රජය කෙරෙහි විශ්වාසය බිඳී යන බවත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් පෙත්සම් මගින් අවධාරණය කරති මෙම තත්ත්වය යටතේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව පවසන පෙත්සම්කරුවෝ පෙත්සම් විභාගයට අවසර ලබා දෙමින් අමාත්ය මණ්ඩල තීරණය ක්රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලෙස සිය පෙත්සමෙන් ඉල්ලා සිටියහ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව 32ක් නම් කර තිබේ පෙත්සම් විභාගය ඔක්තෝබර් 4 සිදු කිරීමට නියමිතයඒජේඒ අබේනායක
අඳුරුභාවය අතීතයට බාරදී අපේ රටට සුබ උදෑසනක් නිර්මාණය කළ හැකියි
අඳුරුභාවය අතීතයට බාරදී අපේ රටට සුබ උදෑසනක් නිර්මාණය කළ හැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික ජන බලවේගයේ ජාතික ප්රතිපත්තිය සහ වැඩපිළිවෙළ එළිදැක්වීම කොළඹ පදනම් ආයතනයේදී පැවති අතර එම වැඩසටහන එක්වෙමින් අනුර දිසානායක මහතා මේ කරුණු ප්රකාශ කර සිටියේය එහිදී ඔහු මෙසේද පවසා සිටියේය විවිධ ක්ෂේත්රවල ආබාධයන්ට ලක්වූවන් තමන්ට බලපා ඇති තත්වයන් විවිධ ආකාරයෙන් අපට ඉදිරිපත් කළා ඒ වගේම තමන්ගේ කුසලතාවන් හා හැකියාවන් මේ වේදිකාව තුළ ඉදිරිපත් කළා ඒ සියලු දේ දකින කොට නිතැතින්ම සිහිවන්නේ අප කොතරම් අකාරුණික සමාජයක කොතරම් අයුක්තිසහගත වටපිටාවක ජීවත් වෙනවාද කියන එකයි මම එක සහතිකයක් දෙන්නම් ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රොණකින්වත් හානිවීමට ඉඩ තබන්නේ නැහැ අපේ රට විශාල කඩා වැටීමකට මුහුණ දීමෙන් වැඩිම වින්දිතයන් බවට පත්වී සිටින්නේ ඔබ සියලු දෙනායි මේ වේදිකාවේදී කියැවුණේ රට මේ තරම් කඩා වැටී තිබුණත් ඒ සම්බන්ධ කිසිදු චෝදනාවක් මෙතනට රැස්වී සිටින ඔබ සැමට නැති බවයි ඇස් පෙනෙන කන් ඇසෙන නිවැරදිව චලනයන් තිබෙන පිරිසක් තමයි දීර්ඝ කාලයක් අපේ රට පාලනය කළේ එහි අනිටු පලවිපාක සමස්ත සමාජයම වෙළාගෙන තිබෙනවා ඔබ දෙස බලන කොට ඔබගේ කතාවලට සවන් දෙන කොට ඔබගේ හැකියාවන් ප්රදර්ශනය වෙන කොට අපට හිතෙන්නේ අප මෙච්චර ප්රමාද වුණේ ඇයි කියලා මේ අඳුරුභාවය අතීතයට බාරදීලා සුබ උදෑසනක් අපේ රටට නිර්මාණය කළ හැකියි කියන දැඩි විශ්වාසය අපට තිබෙනවා අපිත් එක්ක විශ්වවිද්යාලයේ ඉගෙන ගත්ත සොයුරන් ඇසුරු කළ කණ්ඩායම් මෙතන ඉන්නවා වරින්වර මුණ ගැසී තිබෙනවා හමු වූ ඒ අවස්ථාවලට වඩා අද අපි හැම කෙනාගේම ඇස් විවර වුණා කියලා හිතෙනවා අපි හැම දෙනා වෙනුවෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවා ගනිමු කියා ආරාධනා කරනවා අප හමුවට එන ගැටලු දරාගැනීමට දේව කැමැත්ත හෝ කර්මය කියලා හිත හදා ගත්තා ලෝකය ඉදිරියට එමින් කාර්මික විප්ලවය සිදුවීමේදී ඒ කාර්මික විප්ලවයට උකහා ගත නොහැකි පිරිස ආබාධිතයන් ලෙස නම් කළා ඒ අය හුදකලාභාවයට ලක් කළා නමුත් සමාජයේ තවත් අදියරකදී ඔවුන්ව බලාගැනීම කාරුණික හැඟීමක් හෝ පුණ්ය කටයුත්තක් ලෙස අනෙකා කෙරෙහිමෛත්රීය පෙන්වීමක් වැනි හැඟීමකට ලක්කර සුබසාධනයන් සැපයූවා නමුත් එක්සත් ජාතීන් සම්මත කර ගත් යෝජනා අනුව එම ජනතාවගේ අයිතීන් ලෙස මූලික කරුණු හඳුන්වාදී දිගු පියවරක් තැබුවා සමහර රාජ්යයන් සමානත්වයෙන් මේ ප්රජාවට අයිතිවාසිකම් ලබාදී තිබෙනවා පොලිසියට ගිහින් කෙනෙක්ගෙන් ප්රශ්න කරන කොට ගොළුවෙක් වගේ ඉන්නේ නැතිව කතා කරපං කියලා කියනවා එතන තිබෙන්නේ කථා නොකිරීම පිළිබඳ ප්රශ්නයක් නොවෙයි අපහාසයට ලක්කිරීම සහ තර්ජනයට ලක්කිරීමයි තවත් විටෙක බීරෙක් වගේ ඉන්න එපා කියනවා අනෙකාට රිදවන්න අනෙකාට අපහාස කරන්න තව කෙනෙකුගේ විවිධ අංග උපයෝගී කර ගන්නවා අපි කවුරුවත් පස්මහ බැලුම් බලලා ඉපදුණු අය නොවෙයි ඇතැම් ලක්ෂණ විසින් සමහර අසම්පූර්ණතා තිබෙනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක මුඛ්ය පරමාර්ථය ඔබද අන් අයද වෙනුවෙන් සමානාත්මතාවයෙන් අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ප්රතිපත්ති සම්පාදනය කිරීම සහ ක්රියාත්මක කිරීමයි ඡන්දයකදී ඉදිරිපත් කරන ප්රතිපත්ති ප්රකාශන සම්බන්ධයෙන් විවිධ අර්ථකථන තිබෙනවා ඡන්ද කාලයේ කියන ප්රතිපත්ති ප්රකාශන බරපතළ ලෙස ගන්න එපා කියලා රූපවාහිනී සංවාදයකදී පාලකයන් කිවූ ආකාරය අපට මතකයි නමුත් ප්රතිපත්ති ප්රකාශන කියන්නේ කවර හෝ දේශපාලන ව්යාපාරයක් බලයට පත්කිරීම සඳහා ඇතිකර ගන්නා එකඟතාවයයි ඒ නිසා ප්රතිපත්ති ප්රකාශනය තමයි ඡන්දදායකයාත් පාලකයාත් අතර ගොඩනැගෙන සම්මුතිය මේ සම්මුතිය බිඳින්න පසෙක තබන්න නොසලකා හරින්න අපිට අයිතියක් නැහැ අපි මෙම සම්මුතිය ක්රියාත්මක කිරීම සඳහා බැඳී සිටිනවා විශේෂයෙන් අධ්යාපනය සම්බන්ධයෙන් තිබෙන බාධාවන් ඉවත් කරනවා වගේම රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් සාධාරණ ප්රවේශයක් සියලුම දෙනාට ලබාදෙනවා ආබාධ සහිත දරුවෙකු සිටින පවුලේ සියලු දෙනා වේදනාවට පත්වී අපහසුතාවයට පත්වී ආර්ථිකයට බරක් වී ඇති තත්වයෙන් මුදා ගත යුතු වෙනවා ආර්ථිකයට යම් වටිනාකමක් අත්කරදීම සඳහා ඔවුන්ගේ හැකියාවන් යොදාගැනීම ජාතික ජන බලවේගයේ ප්රධානම ක්රියාමාර්ගයක් ආබාධ සහිත වූවන්ගේ සෞඛ්ය සහ යහපැවැත්ම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා ඒ බව සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ ආරක්ෂාව සහ යුක්තිය වෙනුවෙන් මූලික වගකීම රජය බාරගන්නවා විශේෂයෙන්ම ආබාධ සහිත දැරියන් මුහුණ දෙන ඛේදවාචක මාධ්යවල වාර්තා වී තිබෙනවා ඉක්මනින්ම ආකල්පවල වෙනසක් සිදු විය යුතුයි අනෙකා කෙරෙහි සහකම්පනය සහිත සමාජයක් ගොඩනැගීම අත්යවශ්යයි ආරක්ෂාව ගොඩනැගෙන්නේ ඒ තුළයි ආබාධ සහිත ප්රජාව සමාජයේ ක්රියාකාරී කොටස්කරුවන් බවට පත්කිරීම අපගේ මූලික අරමුණයි අපේ මේ ප්රතිපත්තිවල ඵලදායීතාවය තිබෙන්නේ දත්ත ඇතුලේ නොව මනුෂ්යත්වය ඇතුළෙයි අද තිබෙන්නේ මනුෂ්යත්වය සහ යුක්තිය පිළිබඳ ප්රශ්නයක් ඔබද අපද ඇතුළුව සියලු දෙනා ඉදිරියට ගෙන යන ක්රියාමාර්ග නියත වශයෙන්ම අප ක්රියාත්මක කරනනවා අපි එක්ව අත් නොහැර ඉදිරියට යමු කියලා සියලු දෙනාට ආරාධනා කරනවා
අපේක්ෂකයන් වැඩිවුණොත් ඡන්ද පත්රිකාව දෙකට බෙදෙයි
ජනාධිපතිවරණයේදී අපේක්ෂක සංඛ්යාව වැඩිවුවහොත් තනි කොළය දෙකට බෙදා අපේක්ෂකයන්ගේ නම් සහ ඡන්ද ලකුණ සටහන් කළ හැකි යැයි රජයේ මුද්රණාලයේ මුද්රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය පැවසුවාය ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්රිකාව දිග අඟල් 27ක් සහ පළල අඟල් 21කින් සමන්විත වන බවත් එය දෙකට බෙදා හෝ අපේක්ෂකයන්ගේ නම් සහ ඡන්ද සලකුණු සඳහන් කළ හැකි බවත් ඇය කීවාය මෙයට පෙර දිගාමඬුල්ල සහ තවත් දිස්ත්රික්කයක ඡන්ද පත්රිකා කොළය දෙකට බෙදා මැතිවරණ ජනාධිපතිවරණය නොවේ පැවැත්වූ බව පැවසූ මුද්රණාලයාධිපතිනිය එහිදී යම් මුද්රණ වියදමක් වැඩිවන බවද කීවාය ජනාධිපතිවරණය සඳහා පසුගිය සිකුරාදා වනවිට අපේක්ෂකයන් 14 දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබුණිචමින්ද සිල්වා
ශ්රී ලනිප දයාසිරිලා හා එජනිස සහාය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබේ ප්රජාතන්ත්රවාදයට ගරු කරන සජිත් ප්රේමදාස මහතාට සියලු පාර්ශ්ව සහාය ලබාදිය යුතු බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පෙරේදා 03දා කොළඹදී පැවැති රැස්වීමකදී පැවැසීය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු දිස්ත්රික් නායකයන් ඇතුළු පක්ෂයේ නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවකදී ඔහු එසේ කියා සිටියේය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා ඇතුළු එහි නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්යම කාරක සභාව සහ විධායක සභාව මීට පෙර ගත් තීරණ සැලකිල්ලට ගනිමින් අවසන් තීරණයක් ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහාය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට ලබාදීමට මෙහිදී තීරණය කෙරිණි මෙහිදී තවදුරටත් කතා කළ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවැසීය ශ්රී ලංකා නිදහස් පක්ෂය ලෙස මේ ගත්ත තීරණය ඓතිහාසික තීරණයක් පක්ෂයේ එක කොටසක් නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිස ආණ්ඩුවේ තනතුරු අරගෙන පක්ෂයේ අවසරයකින් තොරව වැඩ කිරීම නිසා මේ අර්බුදය ඇතිවුණා ගිය සතියේ විධායක සභාවක් කැඳවුවා කියනවා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන අයත් ඒකට ඇවිල්ලා හිටියා අපේ සංවිධායකවරුන්ගේ විරෝධය මැද්දේ තමයි ඔවුන් ඉක්මනින් ගිහිල්ලා රනිල් වික්රමසිංහ මහත්තයා හම්බ වෙලා තියෙන්නේ මොනවද කතා කළේ මොකටද එකඟ වුණේ කියලා අපි දන්නේ නැහැ ඒක දන්නේ එතුමන්ලා විතරයි සංවිධායකවරු දන්නෙත් නැහැ ඔවුන් රනිල් වික්රමසිංහත් එක්ක වෙනම එකතු වෙන්න දෙයක් නැහැ ශ්රී ලංකා නිදහස් පක්ෂය විදිහට එතුමන්ලා කිසිදු ආකාරයෙන් නොයෙක් විදිහට අපි සලකන්නේ නැහැ හේතුව ඔවුන් අනීතිකව බලහත්කාරයෙන් ආණ්ඩු බලය පාවිච්චි කරමින් ඩාර්ලි පාරේ මූලස්ථානය අල්ලගෙන ඉන්න අනවසර පිරිසක් ශ්රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි තීරණය කළා ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සහයෝගය දෙන්න එදා 2023 නොවැම්බර් 11 වැනිදා අපේ පක්ෂය ගත්ත ආණ්ඩුවට නොයෑමේ තීරණයේ තමා අපි තවමත් ඉන්නේ අවුරුදු දෙකේ රනිල් වික්රමසිංහ මහත්තයා ඇමැතිවරුන්ට රිසිසේ හොරකම් කරන්න අවස්ථාව දුන්නා ඔහුට අවශ්ය බලය රඳවා ගන්න සීනිබදු වංචාවේ ඉඳලා ගත්තම මේක අතිවිශාල වංචාවක් සිදුවූ යුගයක් හොරකම් කරලා කොහොම හරි ජනාධිපති වීමේ සිහිනය සැබෑ කරගන්නයි මේ හදන්නේ ඒකාධිපති ලෙස මේ රටේ ව්යවස්ථාව උල්ලංඝනය කරලා අද වෙනකොට මේ රටේ පොලිස්පතිවරයෙක් නැහැ තමන්ට ලැබුණු කුඩා බලය තුළ මෙහෙම නම් ක්රියාකරන්නේ ඉදිරි අවුරුදු පහේ රනිල් වික්රමසිංහ මහත්තයාට ජනාධිපති ධුරය ලබා දුන්නොත් මේ රට ඒකාධිපතියකුගේ අතටයි යන්නේ ඒ නිසා මේ වෙලාවේ සියලු දෙනාගේ තීරණය මත ප්රජාතන්ත්රවාදය ගරු කරන සජිත් ප්රේමදාස මහත්තයා ජයග්රහණය කරවීමට අපේ සහයෝගය ලබාදෙනවා මේ ආණ්ඩුව පරාජය කළ යුතුයි මේ ජනාධිපතිවරයා පරාය කළ යුතුයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා සජිත් ප්රේමදාස මහතාගේ ජයග්රහණය සඳහා සහාය දෙන්න අපිත් තීරණය කළා ඒ සඳහා අපි සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා සන්ධානයේ කොටස්කාර පාර්ශ්වයක් විදිහට අපේ සහාය එතුමාට ලබාදෙනවාඅරුණ බෝගහවත්ත සහ ප්රදීප් ප්රසන්න සමරකෝන්
සතර මහා දේවාලවල කප්සිටුවීමෙන් මහනුවර ඇසළ පෙරහැර මංගල්යය අද ඇරැඹෙයි
සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප්සිටුවීමෙන් අද 05දා මහනුවර ඇසළ පෙරහැර මංගල්යය ආරම්භ වෙයි අලුත්නුවර ශ්රී දැඩිමුණ්ඩ දේවාල පරිශ්රයෙන් පෞරාණික චාරිත්රානුකූලව කපා ගත් පල නොදැරූ පණස වෘක්ෂයක කඳ කොටස කප අලි ඇතුන් සහිත පෙරහැරකින් මහනුවර ශ්රී විෂ්ණු දේවාලය වෙත වැඩම කරවීම ඊයේ 04දා සිදු කෙරුණි එලෙස රැගෙන ආ කප මහනුවර විෂ්ණු දේවාල පරිශ්රයේ ඇති දැඩිමුණ්ඩ දේවාලයේ තැන්පත් කර තබා කප්සිටුවීමේ මංගල්යය සිදු කිරීම සඳහා එය කොටස් හතරකට වෙන්කර දේවාල හතරට බෙදාදීම විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්ත මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණි නාථ විෂ්ණු කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හිදී කප්සිටුවීමේ මංගල්යය අද පෙරවරු 410 ට වයඹ දිශාභිමුඛව සිදු කිරීමට නියමිතය කප්සිටුවීමෙන් අනතුරුව පුරා දින පහක් දේවාල අභ්යන්තර පෙරහැර පත්වා ප්රථම කුඹල් පෙරහැර අගෝස්තු මස 10 දා වීදී සංචාරය කරන බවත් රන්දෝලි පෙරහැර වීදී සංචාරය 15 දා ආරම්භ කරන බවත් නිලංග දෑල මහතා ප්රකාශ කළේය අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 19 වැනිදා රාත්රියේ වීදී සංචාරය කිරීමට නියමිතය අවසන් රන්දෝලි මහ පෙරහැර ගෙවැදීමෙන් අනතුරුව පසුදින අලුයම සතර මහා දේවාල පෙරහැර ගැටඹේ දියකපනා තොට වෙත ගොස් දියකැපීමේ මංගල්යය සිදු කරයි පසුව දහවල් පෙරහැර 20 දා පැවැත්වීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්යය නිමාවීමට පත්වෙයිසමන්ති වීරසේකර
උතුරේ ඇති සම්පත්වලින් මුළු රටම සංවර්ධනය කළ හැකියි
යාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන නමුත් ප්රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් එම පළාතේ පවතින බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එම අවස්ථාවන් උතුරු පළාත ඇතුළු සමස්ත රටේම ආර්ථික වර්ධනයට දායක කරගැනීමට රජය සැලසුම් කර තිබෙන බව පැවසිය ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්රික්කයේ විද්වතුන් වෘත්තියවේදීන් සහ ව්යවසායකයන් සමඟ සිකුරාදා යාපනය වාලම්පුරි හෝටලයේ පැවති හමුවේදීය අප සිංහල භාෂාව සේම දෙමළ භාෂාව ද ප්රවර්ධනය කළ යුතුයි නුදුරු අනාගතයේ තමිල්නාඩුවේ සිදුවීමට නියමිත ආර්ථිකය වර්ධනයත් සමඟ දෙමළ භාෂාව කතා කරන ශ්රී ලාංකිකයන්ට අන් අයට නොලැබෙන අවස්ථා උදාවනු ඇතියි ඒ වගේම අපි රටේ සියලු පළාත් එක ලෙස සංවර්ධනය කළයුතුයි මම අමාත්යවරයෙකු ලෙස කටයුතු කරන අවධියේදී යාපනය රටේ ප්රධාන නගරවලින් එකක් වූ නමුත් පසුව එය පසුගාමී තත්ත්වයට පත්වුණා දැන් යුද්ධය අවසන් වී තිබෙනවා එනිසා යාපනය සහ උතුරු පළාත සංවර්ධනය කිරීමට කාලය උදාවී තිබෙනවා දිළිඳුකම පිටුදැකීම කෘෂිකාර්මික නවීකරණය වැනි ප්රාදේශීය සංවර්ධනය සඳහා අප පළාත් සභාවලට වැඩි බලයක් ලබාදිය යුතුයි ජාතික ඉඩම් කොමිෂන් සභාව සහ සත්ය හා ප්රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව ගැසට් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා එමෙන්ම කාන්තා සහ තරුණ නියෝජනය ඇතුළත් වන ආකාරයටත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට පළාත් සභාව තුළ මෙන්ම පාර්ලිමේන්තුව තුළද එකවර කටයුතු කිරීමට ඉඩ සැලසෙන පරිදි පළාත් සභා මැතිවරණ ක්රමය සංශෝධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා මෙමගින් මධ්යම රජය සහ පළාත් පරිපාලන යාන්ත්රණය ඒකාබද්ධ කෙරෙනවා යාපනයට පුනර්ජනනීය බලශක්තිය සංචාරක ව්යාපාරය සහ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශාල විභවයක් පවතිනවා ආයෝජන කලාප සංවර්ධනය කිරීමටත් ත්රිකුණාමල වරාය සංවර්ධනය සහ ඉන්දියාව සමඟ ගොඩබිම් සම්බන්ධතාව ඇතිකර ගනිමින් එය රටේ සංවර්ධනයට දායක කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා යාපනය සහ උතුරු පළාතේ ජනතාව බොහෝ කාලයක් පීඩාවට පත්වුණා නමුත් අප විසින් ප්රයෝජනයට ගත යුතු විශාල විභවයක් මේ පළාතේ පවතිනවා රටට වෙනසක් අවශ්යයි අපට පැරණි ක්රමය අනුව ඉදිරියට යා නොහැකියි යහපත් අනාගතයක් වෙනුවෙන් පවතින ක්රමය වෙනස් විය යුතුයි වෛද්යවරුන් නීතිඥයන් සහ සිවිල් සමාජයේ නායකයින් ලෙස ඔබ ඒ සඳහා පෙරමුණ ගත යුතුයි අප සියලු දෙනාම නව ශ්රී ලංකාවක් වෙනුවෙන් එක්ව වැඩ කළ යුතුයි 2022 වසරේ අපට එල්ල වූ දුෂ්කරතා කෙරතම් පීඩාකාරී වුවද අප සියලුදෙනා දැඩි අධිෂ්ඨානයෙන් එයට මුහුණ දුන්නා අප රට දියුණු කිරීමේ අභියෝගය ද ජයග්රහණය කරමු එහිදි අලුතින් සිතා අලුත් ගමකට එක්වෙමු කියා මා සියලු දෙනාට ආරාධනා කරනවා මෙහිදී වෘත්තීයවේදීන් සහ ව්යවසායකයන් විසින් ඉදිරිපත් කළ ප්රශ්නවලටද ජනාධිපතිවරයා සාධනීය පිළිතුරු ලබා දුන් අතර රටේ ඉදිරි සංවර්ධන ගමන වෙනුවෙන් ඔවුහු සිය අදහස් සහ යෝජනාද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ උතුරු පළාත් ආණ්ඩුකාර පීඑස්එම් චාර්ල්ස් රාජ්ය අමාත්යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන් කාදර් මස්තාන් පාර්ලිමේන්තු මන්ත්රී අංගජන් රාමනාදන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක හිටපු අමාත්ය රවී කරුණානායක හිටපු රාජ්ය අමාත්ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉකුත් 02දා පස්වරුවේ යාපනය ශ්රී නාග විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර අනතුරුව යාපනය ශ්රී නාග විහාරයේ විහාරාධිපති පූජ්ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය බෞද්ධ හින්දු ආගමික සංසදය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය එම්මෝගන් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය ඉන්පසු ජනාධිපතිවරයා නල්ලෙයි ආදීන ආශ්රමාදිපති ශ්රී සෝමසුන්දරම් පූජකතුමාද හමු වී ආශිර්වාද ලබා ගත්තේය අනතුරුව යාපනය රදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා යාපනය රදගුරු ජස්ටින් ඥානප්රගාසම් පියතුමා බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය
හොර නඩයේ වීසා මගඩියෙන් රටට ඩොලර් බිලියන 12ක් පාඩු වුණා
දැවැන්ත මූල්ය වංචාවකට ඉඩදෙමින් ආණ්ඩුවේ රනිල් වික්රමසිංහ හොර නඩය VFS ආයතනයට රටේ වීසා නිකුත් කිරීම ප්රසම්පාදන ක්රමවේදයෙන් තොරව ලබාදීම නිසා ඩොලර් බිලියන 12ක් පාඩු වූ බවත් මේ හොර මගඩිය හෙළිදරව් කළේ තමා බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය මේ හොර මගඩිය ගැන රවුෆ් හකීම් සුමන්තිරන් චම්පික රණවක රංජිත් මද්දුම බණ්ඩාර අශෝක් අබේසිංහ සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම එකට එකතු වී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම නිසා එය තහනම් කරන්න ශ්රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් ලබා දුන් බවද විපක්ෂ නායකවරයා පැවසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ ගම්පහ පැවැති දසවැනි දිවිදෙන රණවිරු බලවේගයේ සමුළුව අමතමිනි එහිදී වැඩිදුරටත් සමුළුව ඇමතූ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මෙසේද පැවසීය මේ සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම හොරු ඇල්ලූ දෙවැනි අවස්ථාවයි කයිය නායකයෝ මේ ගැන කතා නොකළත් සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් පෙනී සිටියා ෆයිල් පෙන්න පෙන්න කයිය ගහන කයිය නායකයෝ මෙහිදී කට වහන් සිටියා මේ බොරුකාරයන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සමගි ජන බලවේගය ළඟ බොරු වැඩ නැහැ ක්රියාවෙන් වැඩ පෙන්වනවා VFS ගනුදෙනු නිසා රටට අහිමි වූ මුදල්වලින් පාසල් සංවර්ධනය කරන්න හැකියාව තිබුණා මානුෂීය මෙහෙයුමක් හරහා මෙරට ත්රස්තවාදීන්ගෙන් මුදවා ගත්තත් මේ වන විට රට මූල්ය ත්රස්තවාදීන්ගේ ග්රහණයට ලක්ව ඇත බංකොලොත් රටේ පාලකයෝ ජනතා දේපල තමන්ගේ පෞද්ගලික දේපල මෙන් භාවිත කරනවා හොරකම මැරකම දූෂණය නිසා රට මූල්ය ත්රස්තවාදීන්ගේ ග්රහණයට ලක්ව ඇති බැවින් ඒ මානුෂීය මෙහෙයුමේ දෙවැනි පියවර ආරම්භ කර මූල්ය ත්රස්තවාදීන් නීතිය හමුවට ගෙනවිත් එම සොරා කෑ මුදල් නැවත රටට ලබා ගත යුතුයි මේ දෙවැනි මානුෂීය මෙහෙයුමෙන් පවුල්වාදී හොර පවුල් නීතිය හමුවට ගෙනවිත් යුක්තිය සාධාරණත්වය ඉටු කර නැවත රටෙන් සොරා කෑ සම්පත් ලබාගත යුතුයි ඒ ඉලක්කය කරා යෑමට සහාය අවශ්යයි ඊට අදාළ පදනම මේ වන විටත් තබා ඇත සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයේ නීතිඥයෝ සහ විශේෂඥයන් ශ්රේෂ්ඨාධිකරණයට ගොස් විනිසුරුවන් 14ක තීන්දුවක් ලබාගෙන ගෝඨාභය මහින්ද බැසිල් ප්රමුඛ පිරිස රට බංකොලොත් කළ බවට තීන්දුවත් ගත්තා එසේම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තහවුරු වූවා මේ වන විට රටේ මූලික අයිතිවාසිකම් තීන්දු පවා අවලංගු තීන්දු ලෙස සලකන රාජ්ය පාලනයක් තිබේ මොවුන් මෙවැනි ප්රකාශ කරන්නේ පාර්ලිමේන්තු වරප්රසාද වලට සැඟවී වුවත් ශ්රේෂ්ඨාධිකරණය තීන්දු විවේචනය කරන සියලු දෙනාම එම තීන්දුවට අදාළ වරදේ හවුල් කරුවන්ය සමගි ජන බලවේගය දේශපාලන දඩයම් කරන්නේ නැහැ නීතිය උත්තරීතර කර නීතිය නිවැරදිව ක්රියාත්මක කරනවා දඩයම් දේශපාලනයක් නැහැ ආරක්ෂක අංශ දේශපාලනඥයන්ගේ ග්රහණයට ලක්ව ඇත එය මැර දේශපාලනයේ කොටසකි බැවින් ඒ සංස්කෘතිය වෙනස් කරනවා කුඩු ජාවාරම මත්ද්රව්ය ජාවාරම ආදිය මිනිමැරුම් දූෂණ වංචා සොයාගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගන්වා මේ සදහා අප රටේ ඇත්තේ ප්රමාදකාරී ක්රමවේදයකි එනිසා එමගින් යුත්තිය හා සාධාරණත්වය ඉටු නොවීමේ ගැටලුවද විසඳනවා මේ වන විට ලෝකයේ යුද තාක්ෂණය පවා දියුණු වී අපරාධකරුවන් අල්ලා ගැනීමේ තාක්ෂණය පවා දියුණු වී ඇත ඒ සඳහා අපද යොමු විය යුතුයි මේ ක්ෂේත්රයේ වැඩ කරන අයට ඉහළ වේතනයක් ලබාදිය යුතුයි එවිට ඔවුන්ට ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව ලැබෙනවා මෙහිදී කතා කළ විශ්රාමික මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි මහතා මෙසේ පැවැසීය අපි අවුරුදු 30ක් යුද්ධ කරලා ලේ දන් දීලා යුද්ධය ජයග්රහණය කරලා 2009දී අපි අරන් දුන්නා ඒ යුද ජයග්රහණය අරන් දුන්නට පස්සේ හමුදා විරුවා හමුදාකාරයා කළා දේශපාලනයේ හිටපු සමහර උදවිය අපේ විරුවෝ පාරවල්වල දැම්මා එළවළු විකුණන්න පාරවල්වලට දැම්මා අතුගාන්න එහෙමත් නැත්නම් සමහර බබාලට රේස් පදින්න ගෝල්පේස් පිට්ටනියේ වැලි කොට්ට ගහන්න වුණා මේ අහිංසක රණවිරුවන්ට විශ්රාමික ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ප්රියන්ත ජයකොඩි මහතා අද ජනාධිපතිතුමා කියනවා වාරණයට ලක්වෙලා තියෙන පොලිස්පතිතුමා නැත්නම් මේ රටේ අපරාධකරුවන්ගේ සැණකෙළි තියෙනවලු පහුගිය ටිකේ ඒ සැණකෙළි අපි දැක්කා සජිත් නායකතුමා ඉදිරියේ මා ඔබතුමන්ලට සපථ කරනවා පාතාලය කියන වචනය මේ රටින් තුරන් කරනවා මිනිසුන්ට නිදහසේ ජීවත්විය හැකි සමාජයක් මේ රටේ ගොඩනඟනවා වාරණයට ලක්වූ පොලිස්පතිතුමාගේ පත්වීමම අනීතිකයි අනවශ්ය විදිහට ව්යවස්ථාදායක සභාවට යෝජනා කළා විශ්රාමික මේජර් ජෙනරාල් නිශ්ශංක රණවක මහතා අපිත් එක්ක හිටපු සමහර පොලිස් නිලධාරීන් ජේවීපී එක්ක ඉන්නවා ඔබ දන්න දන්න අයට ගිහින් කියන්න මේ ත්රස්තවාදී කණ්ඩායමක් එක්ක සම්බන්ධ වෙන්න එපා කියලා දැන්වත් හමුදාවේ ඉන්න හමුදාවේ ඇතුළට ගිහිල්ලා දැනට ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් මේ අයට වුවමනා කරලා තියෙන්නේ හමුදාවත් පොලිසියත් දියාරු කරන්නයි ජනතා විමුක්ති පෙරමුණ බුද්ධාගම පළිගන්නේ නැහැ එක දිස්ත්රික්කයක් හෝ දිනුවොත් ගෙයක් ගෙයක් ගානේ ගිනි තියයි හිටපු යුද හමුදාපති විශ්රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අපිට දැන්වෙලා තියෙනවා සජිත් ප්රේමදාස මහත්තයත් එක්ක එකතුවෙලා දෙවැනි මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වෙන්න කෝට් ඇඳගත්තු ත්රස්තවාදීන්ට විරුද්ධව කටයුතු කරන්න වෙලා අපිට හොඳ නායකත්වයක් ලැබිලා තියෙනවා දේශපාලන වශයෙන් ආර්ථිකය හදන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ සජිත් එක්කයි ලක්ෂ 85ක ඡන්ද ප්රමාණයක් අපේ සජිත් ප්රේමදාස මහත්තයාට අරන් දිය යුතුයි අපිට අවශ්ය ජනාධිපති කෙනෙක් නොවෙයි ජන නායකයෙක්ගම්පහ සුසිල් රණමුක
ගලබොඩ නාහිමි ශෝක පණිවුඩ
සංවිධානය හා අධිෂ්ඨාන ශක්තියෙහිලා ගංගාරාම විහාරස්ථානාධිපති ගල්බොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේ ලොකුම ලොකු පොඩි හාමුදුරුවන් වූයේ යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උන්වහන්සේගේ අපවත්වීම නිමිත්තෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි එම ශෝක පණිවුඩය මෙසේය මීට කලකට පෙර දිනෙක වැදගත් කරුණක් සාකච්ඡා කරලීම උදෙසා මට ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ හමුවීමට අවශ්ය විණි විමසූ කල්හි උන්වහන්සේ පැවසුවේ දින කිහිපයකට රටින් බැහැර වන බවය එවක අස්ගිරි මහා නායක ධුරන්ධර උඩුගම බුද්ධරක්ඛිත හිමියන් වෛද්ය ප්රතිකාර පිණිස සිංගප්පූරුවට රැගෙන යෑම පිණිසය අස්ගිරි මහා නායක හිමියන්ගේ වෛද්ය ප්රතිකාර සියල්ල සිදුකෙරුණේ පොඩි හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙනි උන්වහන්සේට පත්ය වූ ආහාර වර්ග කොළඹ පිළියෙල කොට මහනුවරට යැවූ අවස්ථාවන් පවා තිබිණි මේ කරුණු දැනගත් විට මට සිහිවූයේ දෑස් අන්ධ තම ගුරු හාමුදුරුවන් වූ දෙවුන්දර වාචිස්සර හිමියන් වෙත සොළොස් හැවිරිදි වියේ සිට පොඩි හාමුදුරුවන් ඇප උපස්ථාන කළ ආකාරයයි උන්වහන්සේගේ මුළු මහත් ජීවිතය පුරාම මේ සුලක්ෂණය මම දුටුමි එනයින් ගිලාන උපස්ථානයෙහිලා උන්වහන්සේ ලොකුම ලොකු පොඩි හාමුදුරුවන් වූ සේක ලාංකේය තරුණ පරපුරට වෘත්තීය මං සැලසීමට හා ඉංග්රීසි භාෂා අධ්යාපනය ලබාදීමට උන්වහන්සේ වෙහෙසුණහ අසරණ සරණ ව්යාපෘති ගණනාවක් දියත් කළහ ස්වාභාවික විපත් හමුවේ කඩාවැටුණු ජීවිතවලට රැකවරණය සැලසූහ වැඩිහිටි මධ්යස්ථාන සේවා සුරැකුම් මධ්යස්ථානයන් ද පිහිටු වූහ සමාජ මෙහෙවර සම්බන්ධයෙන් බි්රතාන්ය මහ රැජනගේ සම්මානයෙන් ද පිදුම් ලැබූහ එනයින් සමාජ මෙහෙවරෙහි ලා උන්වහන්සේ ලොකුම ලොකු පොඩි හාමුදුරුවන් වූ සේක උන්වහන්සේ නැවුම් චින්තනයෙන් පෝෂිතය කොළඹ නවම් පෙරහැර ගංගාරාමයේ වෙසක් කලාපය බේරේ වැව සීමා මාලකය මතු නොව ගංගාරාම විහාරස්ථානය පවා ඒ නැවුම් චින්තනයේ ප්රතිඵලයි දේශීය බැතිමතුන්ට පමණක් නොව මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට පවා සුදුසු හා ආකර්ෂණීය ආගමික කේන්ද්රස්ථානයක් බවට ගංගාරාමය පත් කරන්නට උන්වහන්සේ කටයුතු කළහ එනයින් අලුත් අලුත් දෑ නිර්මාණයෙහිලා උන්වහන්සේ ලොකුම ලොකු පොඩි හාමුදුරුවන් වූ සේක තායිලන්තය ජපානය තායිවානය කොරියාව හා සිංගප්පූරුව ආදී ආසියාතික රටවල ථෙරවාද ආගමික කාර්යයන් ප්රචලිත කරලීමට උන්වහන්සේ මූලිකත්වය ගත්හ ඇමෙරිකාව මහා බි්රතාන්ය ආදී අපරදිග රටවල ධර්ම ප්රචාරයෙහිලා සහාය වූහ මේ විදේශ සම්බන්ධතා ගංගාරාම විහාරස්ථානයේ පමණක් නොව සමස්ත ශ්රී ලංකාවේම ආගමික හා සමාජයීය කටයුතු ප්රවර්ධනය උදෙසා උපයෝගි කරගත්හ එනයින් විදේශ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමෙහිලා උන්වහන්සේ ලොකුම ලොකු පොඩි හාමුදුරුවන් වූ සේක උන්වහන්සේ පරිසරයට ආදරය කළා සේම පරිසරය රැකගැනීම උදෙසා උත්සුක වූහ ගස් බැංකුව ඒ අතර සුවිශේෂය අකුරැස්සේ අක්කර 900ක වතුයායක මහෝගනී තේක්ක සහ අගාවුඩ් වගා කෙරෙනුයේ ඒ සංකල්පය ඔස්සේය මෙමගින් මුළු මහත් දකුණු පළාතටම අවශ්ය ඇට සහ පැළ බෙදා දීමට ද උන්වහන්සේ පියවර ගත්හ මෙවැනි ව්යාපෘති ගණනාවකට උන්වහන්සේ අනුග්රහය ලබාදුන්හ එනයින් පරිසර සංරක්ෂණයෙහිලා උන්වහන්සේ ලොකුම ලොකු පොඩි හාමුදුරුවන් වූ සේක මේ බොහොමයක් කාර්යයන් සඳහා උන්වහන්සේ මුල පිරුයේ ඊට අවශ්ය සියලු සම්පත් සහිතව නොවේ උන්වහන්සේ වෙත තිබුණේ සංවිධාන හැකියාව සහ අධිෂ්ඨානය පමණි ඒ ද්විශක්තීන් සමග උන්වහන්සේ බොහෝ දෑ කළහ කරන්නට බැරි යැයි සිතන බොහෝ දෑ උන්වහන්සේගේ අධිෂ්ඨාන හා සංවිධාන ශක්තිය හමුවේ යථාර්ථයක් බවට පත් විය එනයින් සංවිධාන හා අධිෂ්ඨාන ශක්තියෙහිලා උන්වහන්සේ ලොකුම ලොකු පොඩි හාමුදුරුවන් වූ සේක වසර අසූඑකක ජීවිත කාලය පුරා ලොකුම ලොකු කාර්යයන්ගෙන් අප රටට අතිමහත් වූ ශාසනික සමාජයීය සේවාවන් රාශියක් ඉෂ්ට සිද්ධ කළ පූජ්ය ගලබොඩ ඤාණිස්සර පොඩි හාමුදුරුවන් වහන්සේට නිවන් සුව ලැබේවා හුනුපිටිය ගංගාරාම විහාරයේ විහාරාධිපති ගලබොඩ ඥානිස්සර නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් තමා අතිශය කණගාටුවට ලක්වන බවත් උන්වහන්සේ ගංගාරාම පූජනීය සිද්ධස්ථානය ඇතුළු විවිධ ප්රදේශවල අතිශය දක්ෂ ලෙස නිර්මාණශීලී සංවර්ධන කටයුතු රාශියක් සිදු කළ බවත් විපක්ෂ සජිත් ප්රේමදාස මහතා පැවසීය කිසිදු අවස්ථාවක කුමන කාර්යකදීවත් අලස නොවී නිශ්චිත ඉලක්කයක් නිර්මාණය කර එම ඉලක්කය සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කර ගන්නට නියමිත කාලවකවානු සහිතව එම ඉලක්කය කරා යන්නට උන්වහන්සේ සැමදාම කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය එමෙන්ම අප රට බංකොලොත් වී ඇති මොහොතක උන්වහන්සේගේ මේ චරිතය දර්ශනය හා වැඩපිළිවෙළ අප රටට අතිශය වැදගත් බවත් උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳ සාතිශය සංවේගය සහ කණගාටුව පුදකර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අපවත් වී වදාළ ගලබොඩ ඥානිස්සර නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන උත්සවය පිළිබඳව එම විහාරයේ ඉකුත් 02දා පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමිනි
තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්
ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද 05දා මධ්යම රාත්රි 1200න් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා තවත් දින 46ක් පවතී පසුගිය සිකුරාදා 02දා වනවිට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 14 දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබුණි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අගෝස්තු 14 වැනිදා මධ්යහ්න 1200 දක්වා කාලය ලබාදී ඇත තැපැල් ඡන්ද භාවිතා කරන්නන් අද මධ්යම රාත්රි 1200ට පෙර දිස්ත්රික් කාර්යාල සඳහා තැපැල් ඡන්ද අයැදුම් පත්ර භාරදී තිබිය යුතු බවද මැතිවරණ කොමිසම පවසයිචමින්ද සිල්වා
මහින්ද රාජපක්ෂගේ සැලුන් දොර විවෘතයි එන්නත් පුළුවන් යන්නත් පුළුවන්
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තනතුරක් පිළිබඳව යම්කිසි කෙනකුට ප්රශ්නයක් පවතී නම් එය පක්ෂ දේශපාලන මණ්ඩලයේ විසඳා ගත යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය ජනාධිපතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්රික්කයේ සංවිධාන කටයුතු ආරම්භ කරමින් ඒ පිළිබඳව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රාදේශීය නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් පෙරේදා 03 දා පස්වරුවේ අනුරාධපුරයේදී පැවති අතර එහිදී මාධ්ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය අනුරාධපුර දිස්ත්රික්කයේ ශක්තිමත් යාන්ත්රණයක් තියෙනවා ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය තුළ නිරන්තරයෙන් හදවතට සමීප දිස්ත්රික්කයක් අද ඔබ මේ දකින මුහුණු නොබෝ කාලයකින් පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ දකින්නට පුළුවන් එයට නායකත්වය දෙන්න මේ දිස්ත්රික්කයේ අය ඉන්නවා ඉතින් ඒ අයත් එක්ක ශ්රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කරමින් ජයග්රහණය කරලීම සඳහා කටයුතු කරනවා අපි බෙදිලා වෙන් වෙන එක ලේසියි එකට යන එක අමාරුයි අපි බොහෝ දෙනෙක් එක්ක කතා බහ කරනවා මතවාදීව අපි එකට හිටපු අයත් එක්ක අපි වෙන් වෙලා තියෙන්නේ යම් යම් හිත් රිදීම් වෙන්න පුළුවන් අමනාපකම් වෙන්නට පුළුවන් අපි ඒ අය සමගත් සාකච්ඡා කරනවා දේශපාලනය කරන්නේ බෙදලා වෙන් වෙන්නට නෙමෙයි දේශපාලනය කරන්නේ එකතු වෙලා ඉදිරියට යන්නටයි තවදුරටත් ඒ අය සමඟ සාකච්ඡා කරමින් අපේ මතවාදය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා අපේ පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන් දොර විවෘතයි එන්නත් පුළුවන් යන්නත් පුළුවන් 2005 චන්ද්රිකා මැතිනිය මහින්ද රාජපක්ෂ මහතාට උදව් කළෙත් නෑ ෆොන්සේකා මහත්තයත් අපිත් එක්ක ඉඳලා තමයි ගිහින් විරුද්ධව ජන්දය ඉල්ලුවේ මෛත්රිපාල සිරිසේන මහතා පක්ෂෙ මහලේකම් එතුමත් ගිහින් ඡන්දෙ ඉල්ලුවා ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරපුවාම කුමාර වෙල්ගම මහතා ගියා දේශපාලනයේ බෙදීම් ඇතිවෙනවා හිත් අමනාපකම් ඇතිවෙනවා ඒ නිසා අපි කළ යුත්තේ කෙටිකාලීන පටු දේශපාලන වාසි බැලීමට නොව දිගුකාලීන වැඩපිළිවෙලක් සමග අවශ්ය ගමන යන්නටයි ඉතින් අපේ දොර විවෘතයිඅනුරාධපුර විශේෂ පර්සි කුරුනේරු මිහින්තලේ රංග චතූ ප්රභාත් වනසිංහ නාච්චාදුව සහ නොච්චියාගම එම් පී ජේ පෙරේරා
නිවාස ගිනි තැබීම සාධාරණයි කියන නාමල්ලාගේ දේශපාලනයට වඩා රනිල්ට සහාය දීමට ගත් තීරණය හොඳයි
වසර දෙකකට පෙර අරගලකරුවන් විසින් තමන්ගේ නිවාස ගිනි තැබීම සාධාරණ බව කියන නාමල් රාජපක්ෂ වැනි අය සමග දේශපාලනය කරනවාට වඩා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රී කණ්ඩායමේ බොහෝ පිරිසක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීමට තෝරා ගත් මඟ හොඳ බව එම පෙරමුණේ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස් එම් චන්ද්රසේන මහතා පැවසීය අනුරාධපුර ප්රදේශයේ පැවති මාධ්ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා මෙසේද පැවැසීය 2005 ජනාධිපතිවරණයේ දී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය නොදී සිටීමට කටයුතු කළ අවස්ථාවේ එතුමාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදිය යුතු බවට මුලින්ම යෝජනා කළේ මමයි නාමල් රාජපක්ෂ මන්ත්රීතුමා ඉතිහාසය දන්නෙ නෑ එතැන් සිට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජයග්රහණය වෙනුවෙන් පැවති සෑම මැතිවරණයකදීම කැපවීමෙන් උදව් කර ජයග්රහණය කිරීමට කටයුතු කළා අනුරාධපුර මගේ නායකත්වයට එරෙහිව කටයුතු කිරීමට පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් මහත්තයා ඇවිත් රැස්වීමක් පවත්වා තිබෙනව එම රැස්වීමට අඩුම වශයෙන් ප්රාදේශීය සභා මන්ත්රීවරුන් පහළොවක් ඉන්න ඇති පාරෙ යන අයත් සමග එහෙන් මෙහෙන් පිරිසක් එකතු කරගෙන රැස්වීම තියල ගිහින් තිබුණා එමනිසා සැබෑ දේශපාලනය දැන්වත් දැන ගන්න ඔය ගමන ඔය විදිහට යන්න බෑ එමනිසා නැවතත් කල්පනා කර බලා ජනාධිපතිවරණයේ දී වෙනත් අපේක්ෂකයකු නම් කිරීමට ගෙන තිබෙන තීරණය වෙනස් කොට කකුල ආ පස්සට ගෙන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා ඊළග මහ මැතිවරණය පොහොට්ටුවෙන් තරග කොට ජයග්රහණය කිරීමට හැකිවෙයි ඒ ගැන කිසිවකුගෙන් විරෝධතාවක් නෑ ඒ වගේම මම දැක්කා නාමල් රාජපක්ෂ මහතා කියා තිබුණා ශෙහාන් සේමසිංහ සහ එස් එම් චන්ද්රසේනලගෙ නිවාස ගිනි තියපු එක හොඳයි කියල එතුමන්ලගෙ වැරැදි ක්රියා කලාපයන් නිසා තමයි එදා අපට එවැනි තත්ත්වයන්ට මුහුණපෑමට සිදු වුණේ කියා මම කියනව එදා අරගලකරුවන්ට පහර දීමට කටයුතු කිරීම නිසයි අපට එවැනි සිදුවීම්වලට මුහුණ දීමට සිදු වුණේ මේ වගේ මිනිස්සු එක්ක දේශපාලනය කරනවාට වඩා අපි තෝරාගත් මග හොදයි කියා දැන් හිතෙනවඅනුරාධපුර විශේෂ පර්සි කුරුනේරු
රනිල් ළඟට ගිය පොහොට්ටුව බැසිල් යළි අදී
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කොට ඇති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් යළි පක්ෂයට සම්බන්ධ කර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බැව් ශ්රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම මත මෙකී මෙහෙයුම ක්රියාත්මක කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි ලලිත් චාමින්ද
පොඩි හාමුදුරුවෝ දැයට සමුදෙති
කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්රධාන සංඝ නායක ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන් ඊයේ 02 දා අපවත් වී වදාළ බව දිවයින සාතිශය සංවේගයෙන් දැනුම් දෙයි දිගුකලක් රෝගාතුරව වැඩ සිටි උන්වහන්සේ ඊයේ 02 දා කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වනවිට 81වන වියෙහි පසුවූහ ගල්බොඩ කංකානමගේ දොන් මද්දුමගේ සහ අමරවික්රම ලියනගේ සෙලේනා යුවළගේ පුතෙකු ලෙස 1943 දෙසැම්බර් මස 14වැනිදා උපන් උන්වහන්සේ එකොළොස් වන වියේදී සසුන්ගත වූයේ එවකට ගංගාරාමාධිපතිව වැඩ විසූ දෙවුන්දර වාචිස්සර නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙනි කුඩා අවදියේ පටන් ගංගාරාමය හරහා දියත් වූ සමාජ හා ආගමික ක්රියාකාරකම්වලට සක්රියව දායක වූ ඤාණිස්සර නාහිමියෝ ශ්රී ජිනරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව ගංගාරාමාධිපති ධුරයට පත් වූහ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ලෙසින් කා අතරත් ගෞරවාදරයට පාත්ර වූ ඤාණිස්සර නාහිමියන් ගංගාරාම විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් දියත් කළ ආගමික හා සාමාජීය මෙහෙවර අතිමහත්ය විශේෂයෙන්ම වාර්ෂිකව පවත්වන නවම් පෙරහැර තුළින් කොළඹ නගරයේ බොදු සිරිය වඩවාලීමට ලබාදුන් දායකත්වය අති විශාලය එමෙන්ම ජිනරතන කාර්මික විද්යාලය තුළින් දරුවන් දස දහස් ගණනකට කාර්මික දැනුම ලබාදී ඔවුන් සුදුසු රැකියාවකට යොමු කිරීම පොඩි හාමුදුරුවන් විසින් සිදුකළ සුවිශේෂී සමාජ මෙහෙවරකි එසේම උන්වහන්සේගේ මෙහෙවර කොළඹ නගරයට සීමා නොවූ අතර කතරගම පිහිටි ගංගාරාම විශ්රාම ශාලාව තුළින් වන්දනාකරුවන්ට සැලසෙන සේවය අතිමහත්ය එසේම ආබාධිත දරුවන් රැකබලා ගැනීම ආර්ථික ගැටලු ඇති විහාරස්ථානවලට උපකාර කිරීම ආදී සුවිශාල සමාජ මෙහෙවරක නිරත වූ ඤාණිස්සර නාහිමියෝ ජාති ආගම් භේදයෙන් තොරව කොළඹ නගරයේ ජීවත්වන කා සමගත් සුහදව කටයුතු කළ යතිවරයෙකි කලක් විදෙස්ගතව ද ප්රතිකාර ලැබූ ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණෝ ඊයේ 02 දා උදෑසන හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර එහිදී උන්වහන්සේ අපවත් වූහ කමල් බෝගොඩ
ඇසළ පෙරහැරේ ආරම්භය අද
ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්යයේ ආරම්භය සනිටුහන් කරමින් චාරිත්රානුකූලව කප කැපීමේ උත්සවය අද 4දා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්රයේදී සිදු කෙරේ කපන ලද පනස වෘක්ෂය අලුත්නුවර සිට මහනුවර විෂ්ණු නාථ කතරගම සහ පත්තිනි සතර මහා දේවාල දක්වා අලි ඇතුන් පිරිවරා ගත් පෙරහැරකින් ගෙන ඒමට නියමිතය කපන ලද පනස වෘක්ෂ ශාඛාවන් හෙට එනම් අගෝස්තු පස් වැනි සඳු දින පෙරවරු 410ට වයඹ දිශාභිමුඛව සිරිත් පරිදි පේ කොට මහනුවර සිව් මහා දේවාල පරිශ්රයන්හිදී ගෞරවාර්හයෙන් කප සිටුවීමේ උත්සවය පැවැත්වෙයි එතැන් සිට චාරිත්රානුකූලව දින පහක් එනම් අගෝස්තු මස 10 වැනි දින දක්වා සතර මහා දේවාල පරිශ්රයන්හිදී දේවාල අභ්යන්තර පෙරහැර පස්වරු කාලයේදී පැවැත්වෙයි විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්ර රත්වත්තේ නාථ දේවාලයේ බස්නායක නිලමේ එම් බණ්ඩාරනායක කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවණ සහ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් නිලමේවරුන්ගේ පූර්ණ අධීක්ෂණය කැපවීම සහ මගපෙන්වීම යටතේ පැවැත්වෙන අභ්යන්තර පෙරහැර මංගල්යයන් නව වැනි දින නිමාවට පත්වෙන අතර අගෝස්තු මස 10 වැනි දින ඇසළ පෙරහැර මංගල්යයේ පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කෙරේ සමන්තී වීරසේකර
මැලවුණු පොහොට්ටුවලට නාමල් රෝහිත පණ පොවති
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්රික්කයේ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්රික් නායක හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පක්ෂය විසින් පත්කොට ඇත අනුරාධපුර දිස්ත්රික්කයේ මැතිවරණ කටයුතු මෙහෙය වීම සඳහා එම දිස්ත්රික්කයේ පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයින් එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි ලලිත් චාමින්ද
රනිල්දිනේෂ්සජිත්අනුර වත්කම් පෙන්වති
ජනාධිපති රනිල් වික්රමසිංහ අගමැති දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායක සජිත් ප්රේමදාස ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් වත්කම් බැරකම් ප්රකාශ ලබාදී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්රසිද්ධ කර ඇත වත්කම් බැරකම් ප්රකාශ කිරීමේ නව පනත අනුව මෙලෙස සියලු මහජන නියෝජිතයන් මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සැවොම වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් කළ යුතු අතර ඒවා අල්ලස් කොමිසමේ වෙබ් අඩවියේ ප්රදර්ශනය කිරීම ද පනතේ එක නියමයකි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මෙම පනත ඉදිරිපත් කළ අතර ඒ අනුව සෑම වසරකම මහජන නියෝජිතයන් මෙන්ම සියලු නිලධාරීන් වත්කම් බැරකම් ප්රකාශ කළ යුතුය මින් පෙර දේශපාලනඥයන්ගේ වත්කම් බැරකම් ප්රකාශ ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තුව පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනයේ සේප්පුවක තැන්පත් කරන නමුත් නව පනත අනුව ඒ සියලු වත්කම් බැරකම් ප්රකාශ අල්ලස් කොමිසම වෙත යැවිය යුතුවේ චමින්ද සිල්වා
ඩලස්දයාරොෂාන් සජිත්ගේ හයියට
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ඩලස් අලහප්පෙරුම දයාසිරි ජයසේකර රොෂාන් රණසිංහ ඇතුළු පාර්ශ්ව ගණනාවක් සමගි ජන බලවේගය මූලිකත්වයෙන් පිහිටුවනු ලබන සන්ධානය සමග එක්වීමට නියමිතය සමගි ජනබලවේගයේ මූලිකත්වයෙන් ගොඩනැගීමට යෝජිත එම සමගි ජන සන්ධානයේ පාර්ශ්ව අතර ගිවිසුම්ගත වීම ලබන 08 වැනිදා කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව එම පක්ෂය කියා සිටී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මනෝ ගනේෂන් රාවුෆ් හකීම් පලනි දිගම්බරම් ජී එල් පීරිස් ඇතුළු බොහෝ පිරිසක් මෙම සන්ධානය සමග එක්වෙන බව ද වැඩිදුරටත් සඳහන් වෙයි අකිත පෙරේරා
අතේ යතුර නැති දයාසිරි එළිපත්තේ
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා අධිකරණය තීන්දු කළ ද පක්ෂ මූලස්ථානයේ යතුරු මෙතෙක් ඒ මහතාට නොලැබීම නිසා ඔහුට එම පක්ෂයේ ඉදිරි කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි එම පක්ෂ ප්රකාශකයෙක් පැවැසීය නිදහස් පක්ෂයේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුද හමුවේ පක්ෂ මූලස්ථානයේ දොරවල් ඉබි යතුරු දමා තවමත් වසා දමා තිබෙන අතර එම යතුරු ඇමැති ආරක්ෂක අංශයේ තිබිය යුතුව තිබිය දී නිදහස් පක්ෂ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය විසින් රැගෙන යෑම නිසා පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට ජයසේකර මහතාට නොහැකිවී ඇතැයි එම ප්රකාශකයා කීය මේ පිළිබඳව දයාසිරි ජයසේකර මහතාගේ නීතිඥවරුන් අධිකරණය වෙත ගොස් ඇත ඒ අනුව ලබන සතිය වනවිට පක්ෂ මූලස්ථානයේ යතුරු නිදහස් පක්ෂයේ නීත්යානුකූල මහ ලේකම්වරයා වෙත ලැබෙනු ඇති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු විශ්වාසය පළ කරති අරුණ බෝගහවත්ත
වී එෆ් එස් බල රහිත කෙරේ
විද්යුත් වීසා සේවා පැවැති ක්රමවේදය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරෙන් ලබා ගැනීමට අමාත්ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් ශ්රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය ඒ අනුව නව ක්රමවේදය ආරම්භ කිරීමට පෙර පැවැති ක්රමවේදය යටතේ වීසා සේවා ක්රියාත්මක කරන ලෙස ද විනිසුරු මඬුල්ල නියම කළේය ඒ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන පාඨලී චම්පික රණවක රවුෆ් හකීම් සහ එම්ඒ සුමන්දිරන් මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් කිහිපයක් සලකා බැලූ අවස්ථාවේදීය ගුවන්තොටුපොළ ආශ්රිතව ක්රියාත්මක වීමට නියමිත විද්යුත් වීසා ක්රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතුව ඇති බවත් එබැවින් එම ක්රමවේදය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණි විද්යුත් වීසා සේවාව මෙතෙක් පැවැති ක්රමය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරෙන් ලබා ගැනීමට අමාත්ය මණ්ඩලය තීරණය කර තිබීම නිසා සංචාරක ව්යාපාරය අවදානම් සහගත තත්ත්වයකට මුහුණ පා ඇති බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති එමෙන්ම වීසා ගාස්තු ඉතා ඉහළ යන බවත් මහජනතාවට රජය කෙරෙහි විශ්වාසය බිඳී යන බවත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් පෙත්සම් මගින් අවධාරණය කරති මෙම තත්ත්වය යටතේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව පවසන පෙත්සම්කරුවෝ පෙත්සම් විභාගයට අවසර ලබා දෙමින් අමාත්ය මණ්ඩල තීරණය ක්රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලෙස සිය පෙත්සමෙන් ඉල්ලා සිටියහ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව 32ක් නම් කර තිබේ පෙත්සම් විභාගය ඔක්තෝබර් 4 සිදු කිරීමට නියමිතය ඒජේඒ අබේනායක
වැට්පේටැක්ස් අඩු කරන්න යයි
වැට් බද්ද අඩු කිරීම සහ රුපියල් ලක්ෂයකට වැඩි ආදායම් උපයන පුද්ගලයන් වෙනුවෙන් බදු සහනයක් ලබාදීම පිළිබඳව රජයේ ඉහළ මට්ටමෙන් සාකච්ඡා සිදුවෙන බව මුදල් අමාත්යාංශයේ ප්රකාශකයෙක් දිවයින ඉරිදා සංග්රහයට පැවසීය තවමත් මේ පිළිබඳව ස්ථීර නිගමනයකට එළඹී නැතත් අවසන් තීරණය ජනතාවට සුබවාදී විය හැකි බව ද එම ප්රකාශකයා පැවසීය නෝමන් පලිහවඩන
ග්රාම නිලධාරි සටන් ජනපතිවරණයට නෑ
ජනාධිපතිවරණයේ රාජකාරි පැහැර හරිමින් කිසිදු වෘත්තීය ක්රියාමාර්ගයක් ගැනීමට ග්රාම නිලධාරි වෘත්තීය සංගම් මේ වනතුරු කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව ශ්රී ලංකා රාජ්ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි ග්රාම නිලධාරීන් මැතිවරණ රාජකාරී කටයුතු කිසිසේත් වර්ජනය කරන්නේ නැති බව ද හෙතෙම කියයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ග්රාම නිලධාරි වෘත්තීය සංගම් නියෝජිතයන් සමග පවත්වා ඇති සාකච්ඡාවක දී ප්රකාශ කර ඇත්තේ ග්රාම නිලධාරීන්ගේ වෘත්තීය ඉල්ලීම් ලබා නොදී ග්රාම නිලධාරීන් මැතිවරණ රාජකාරී වර්ජනයකට යවා වර්තමාන රජය ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නොපැවැත්වීමට එය හේතුවක් කරගත හැකි බවයි විපක්ෂ නායකවරයාගේ මෙම ප්රකාශය ශ්රී ලංකා රාජ්ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය දැඩි පිළිකුලෙන් යුතුව ප්රතික්ෂේප කරන බව ද සුමිත් කොඩිකාර මහතා පවසයි ලලිත් චාමින්ද
මැතිවරණ වැඩට පොලිසියේ 50000ක්
මැතිවරණ රාජකාරි කටයුතු සලකා පනස් පන්දාහක පමණ පොලිස් භට පිරිසක් යෙදවීම පිළිබඳව කටයුතු සූදානම් කරගෙන යන බව ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිවයින ඉරිදා සංග්රහයට පැවැසීය ඇතැම්විට මෙම පොලිස් භටයන් ප්රමාණය මීට වඩා වැඩිවීමට ඉඩ තිබෙන බව පොලිසිය කියයි වැඩිවෙන ඡන්ද මධ්යස්ථාන අනුව පොලිස් නිලධාරීන් ප්රමාණය වැඩි විය හැකි බවද පොලිසිය කියයි මේ අතර මෙම මැතිවරණය සඳහා රාජ්ය සේවා පොලිස් බුද්ධි අංශ හමුදා බුද්ධි අංශ නිලධාරීන් යොදවන ප්රමාණය ද පුළුල් කරනු ඇත නෝමන් පලිහවඩන
රට පැන්න පාතාලයන් 164ට වැඩ වරදී
මත්ද්රව්ය ජාවාරම් පාතාල අපරාධ ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ විදේශගතව සැඟවී සිටින අපරාධකරුවන් 164 දෙනකු ජාත්යන්තර පොලිසියේ ද සහාය ඇතිව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත විදේශ කටයුතු අමාත්යාංශය සහ ශ්රී ලංකා පොලිසිය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කර ඇති අතර ඉදිරි මාස කීපය තුළදී කෙසේ හෝ මෙම අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමට අවශ්ය කටයුතු මේ වනවිටත් ක්රියාත්මක කර තිබෙන බව ජ්යෙෂ්ඨ අමාත්යවරයකු කියා සිටියේය පොලිසිය සහ විදේශ කටයුතු අමාත්යාංශය ඒකාබද්ධව කළ වැඩපිළිවෙළේ ප්රතිඵලයක් ලෙස මෙරට පාතාලයේ ප්රධානීන් බව කියන කංජිපානි ඉම්රාන් ලොකු පැටී රොටඹ අමිල ඇතුළු පාතාල සාමාජිකයන් 05දෙනකු බෙලරූස් රාජ්යයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය මේ ආකාරයට ඩුබායි ප්රංශය ඉන්දියාව ඉතාලිය එංගලන්තය ඇතුළු තවත් රටවල් කීපයක සැඟවී සිටින පාතාල අපරාධකරුවන් කඩිනමින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව ද එම නිලධාරියා කීය නෝමන් පලිහවඩන හේමන්ත රන්දුණු
තහනම් ගහේ පවුල් අවුල් දසදහසක්
අනියම් සම්බන්ධතා නිසා ඇති වන පවුල් ආරවුල් ඉකුත් වර්ෂයේ දී 2023 දසදහස් හාරසිය අටක් 10408 වාර්තා වී ඇති බැව් ශ්රී ලංකා පොලිසිය විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි 2022 වර්ෂයේ දී මෙරට අනියම් සම්බන්ධතා නිසා ඇති වන ආරවුල් 9636ක් වාර්තා වී තිබුණි ඒ අනුව 2022 වසරට වඩා 2023 වර්ෂයේ දී අනියම් සම්බන්ධතා නිසා සිදුවී ඇති ආරවුල් සංඛ්යාව 772කින් වැඩි වී ඇත මේ අතර ඉකුත් වර්ෂයේ දී පවුල් ආරවුල් එක්ලක්ෂ දහතුන්දහස් එකසිය අසූඅටක් 113188 වාර්තා වී ඇත 2022 වර්ෂයේ දී පවුල් ආරවුල් එක්ලක්ෂ එකොළොස්දහස් හත්සියනවයක් වාර්තා වී තිබුණි 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ දී පවුල් ආරවුල් 1479කින් වැඩි වී ඇත එමෙන්ම පුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් හිරිහැර වීම නොසැලකීම ගෘහස්ථ ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් 2023 වර්ෂයේ දී පැමිණිලි විසිදෙදහස් පන්සිය අසූහතරක් වාර්තා වී ඇත ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී අනියම් සම්බන්ධතා පවුල් ආරවුල් ගෘහස්ථ ප්රචණ්ඩත්වය සම්බන්ධ පැමිණිලි වැඩි වී ඇත මෙකී පැමිණිලිවලින් සියයට 90කට වඩා වැඩි සංඛ්යාවක් විසඳා ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි අනියම් සම්බන්ධතා නිසා ඇති වන පවුල් ආරවුල් ඉහළ යෑම සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය රූමි රූබන් මහතාගෙන් අප කළ විමසුමක දී මෙසේ කීවේය තමන් අකමැති අයකු සමග ජීවත් වීමත් මානසික පීඩනයක් තමන් කැමති කෙනෙක් වෙනත් අයකු සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමත් මානසික පීඩනයක් මේ නිසා මානසිකව වැටෙන්න පුළුවන් දියවැඩියාව හෘද රෝගී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන් මෙකී පවුල්වල තියෙන ගැටුම් ජනතාවට බලපාන්න පුළුවන් පවුල් සංස්ථාව තුළ ආදරයක් නැතිනම් එකිනෙකාට සැලකීමක් නැතිනම් පළමුව උත්සාහ කරන්න ඕනෑ එම පුද්ගල සම්බන්ධතාවය වර්ධනය කරගන්න වර්ධනය කරගැනීමට හැකියාවක් නැතිනම් හොඳම දේ තමයි වෙන්ව ජීවත් වීම ලංකාවේ තියෙන නීති පද්ධතියේ අකැමැති වුවත් වෙන්ව ජිවත්වීම සඳහා තියෙන ඉඩකඩ අඩුයි දෙදෙනකු අතර පැහැදිලිව නොගැලපීම් තියෙනවා නම් එක්ව සිටීම සහ අඬදබර කර ගැනීම ඒ දෙදෙනාට සහ පවුලේ අයට බලපාන්න පුළුවන් නිසා පවුල් ආරවුල් ඇතිවීමේ හැකියාව වෙනත් රටවල්වලටත් වඩා වැඩියි ලලිත් චාමින්ද
කොස්තාපල් පුරප්පාඩු 33111ක්
ශ්රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල් තනතුරු 29091ක් සහ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ 4020කගේ පුරප්පාඩු පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ පොලිසියේ අනුමත පොලිස් කොස්තාපල් තනතුරු සංඛ්යාව 60000කි 2023 වර්ෂය අවසන් වන විට සිටින පොලිස් කොස්තාපල්වරුන් සංඛ්යාව 30909කිඒ අනුව පොලිස් කොස්තාපල්වරුන්ගේ පුරප්පාඩු 29091ක් පැවතුණි කෙසේවුවද 2019 හා 2020 යන වර්ෂවල දී අනුමත සංඛ්යාව නොසලකා උසස්වීම් ලබාදීම නිසා පොලිස් සැරයන් තනතුරේ 10900ක අතිරික්ත නිලධාරීන් සංඛ්යාවක් සිටින බව ද මෙම වාර්තාවේ සඳහන් වේ එම අතිරික්ත පොලිස් සැරයන් තනතුරු සංඛ්යාව පොලිස් කොස්තාපල්වරුන්ගේ තනතුරු සංඛ්යාවෙන් අඩු කළ ද තවදුරටත් පුරප්පාඩු වී පවතින පොලිස් කොස්තාපල් තනතුරු සංඛ්යාව 18190ක් වන අතර අනුමත පොලිස් කොස්තාපල් තනතුරු සංඛ්යාවෙන් සියයට 30ක පමණ විශාල පුරප්පාඩු සංඛ්යාවක් පැවතීම මහජන සේවාවන් පවත්වාගෙන යෑමේ දී ගැටලු රැසක් නිර්මානය කර ඇති බවද විගණනය මගින් අනාවරණය කර ඇත එමෙන්ම කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ අනුමත සංඛ්යාව 10000කි එම තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්යාව 4020කි අනුමත සංඛ්යාව නොසලකා උසස්වීම් ලබා දීම හේතුවෙන් පොලිස් සැරයන් තනතුරේ නිලධාරීන් 645 දෙනෙක් අතිරික්තව සිටිති ඒ අනුව කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ අනුමත සංඛ්යාවෙන් සියයට 34ක පමණ විශාල පුරප්පාඩු සංඛ්යාවක් පවතින බවද විගණනය මගින් අනාවරණය කර ඇත ලලිත් චාමින්ද
මියන්මාර් රැකියා සඳහා යන්න එපා ලූ
නීති විරෝධී මාර්ගවලින් මියන්මාරයේ රැකියා සඳහා යෑමෙන් වහාම වළකින ලෙස ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ශ්රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි මේ වනවිට ශ්රී ලාංකිකයන් 89 දෙනෙකු නීති විරෝධී ලෙස මියන්මාරයේ රැකියා සඳහා ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවත් ඉන් 40 දෙනකු මහත් පරිශ්රමයකින් අනතුරුව නිදහස් කර ගැනීමට හැකිව ඇති බවත් රාජ්ය ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි මියන්මාරයේ ත්රස්තවාදී කණ්ඩායම්වල පාලනය යටතේ පවතින සයිබර් අපරාධ ප්රදේශයේ තවමත් ශ්රී ලාංකිකයන් 54 දෙනෙකු කොටුවී සිටින බවත් ලේකම්වරයා පවසයි මෙවැනි මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සහ ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම ආරක්ෂක අමාත්යාංශය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වන ලෙස ද රාජ්ය ආරක්ෂක ලේකම්වරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි උපාලි ද සේරම්
රට නිවාස කුලී කෝටි 17 පනී
විදේශ දූත මණ්ඩල ඇති ඔස්ට්රේලියාව ස්විඩනය හා කෙන්යාව යන රටවල ශ්රී ලංකා රජයට අයත් ගොඩනැඟිලි පැවතිය ද ඒවා නඩත්තු නොකිරීම නිසා ඉකුත් වර්ෂයේ දී 2023 නිවාස කුලී වශයෙන් රුපියල් දාහත්කෝටි තිස්පන් ලක්ෂ තිස්හත්දහස් අටසිය හැත්තෑ පහක මුදලක් 173537875 ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි එමෙන්ම ඉකුත් වර්ෂය වන විට විදේශීය දූත මණ්ඩල කාර්යය මණ්ඩල පදිංචි වී නොමැති නිවාස සඳහා තබා ඇති තැන්පතු මුදල රුපියල් පන්කෝටි හැටහයලක්ෂ විසිනවදහස් හයසියදාහතරක් 56629614 බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි ඊට අමතරව වසාදමනු ලැබූ දූත මණ්ඩල තුනකට අදාළ නිවාස සඳහා ආරක්ෂිත තැන්පතු වශයෙන් රුපියල් 9199 873 ක මුදලක් තැන්පත්කොට ඇත මෙම තොරතුරු අනාවරණය වන්නේ විදේශ කටයුතු අමාත්යාංශය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්ව ඇති විගණන වාර්තාවේය ලලිත් චාමින්ද
මැද පෙරදිග යුද බිය රැව්දෙයි
මැද පෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ අත්යවශ්ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපයේ දී ලෙබනනයේ සංචාරය නොකරන ලෙස විදේශ ඇමැති අලි සබ්රි මහතා ශ්රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ එරටේ ශ්රී ලාංකිකයන් 6000ක් පමණ දෙනා රැඳී සිටින බව ද වාර්තා වෙයි උපාලි ද සේරම් මැදපෙරදිග හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ශ්රී ලංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඩොලර් බිලියන පහක මුදලක් වෙන්කර ඇති බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා ඊයේ 02 දා සඳහන් කළේය මෙවැනි තත්ත්වයකදී ශ්රී ලංකාවට ලැබෙන විදේශ ප්රේෂණ ප්රමාණය නතරවීමේ අවදානමක් මතුව ඇතැයි ද ඒ මහතා පැවසීය මැදපෙරදිග කලාපයේ රැකියාවන්හී නිරතව සිටින ශ්රී ලාංකිකයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට විදේශ අමාත්යාංශය හරහා දැනුම් දී ඇතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී සුජීව තත්සර
ආන්දෝලනයකට තුඩු දුන් විද්යුත් වීසා අලුත් ක්රමය අත්හිටුවයි
විද්යුත් වීසා සේවා පැවැති ක්රමවේදය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරෙන් ලබා ගැනීමට අමාත්ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් ශ්රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය ඒ අනුව නව ක්රමවේදය ආරම්භ කිරීමට පෙර පැවැති ක්රමවේදය යටතේ වීසා සේවා ක්රියාත්මක කරන ලෙස ද විනිසුරු මඬුල්ල නියම කළේය ඒ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන පාඨලී චම්පික රණවක රවුෆ් හකීම් සහ එම්ඒ සුමන්දිරන් මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් කිහිපයක් සලකා බැලූ අවස්ථාවේදීය ගුවන්තොටුපොළ ආශ්රිතව ක්රියාත්මක වීමට නියමිත විද්යුත් වීසා ක්රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතුව ඇති බවත් එබැවින් එම ක්රමවේදය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණි විද්යුත් වීසා සේවාව මෙතෙක් පැවැති ක්රමය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරෙන් ලබා ගැනීමට අමාත්ය මණ්ඩලය තීරණය කර තිබීම නිසා සංචාරක ව්යාපාරය අවදානම් සහගත තත්ත්වයකට මුහුණ පා ඇති බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති එමෙන්ම වීසා ගාස්තු ඉතා ඉහළ යන බවත් මහජනතාවට රජය කෙරෙහි විශ්වාසය බිඳී යන බවත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් පෙත්සම් මගින් අවධාරණය කරති මෙම තත්ත්වය යටතේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව පවසන පෙත්සම්කරුවෝ පෙත්සම් විභාගයට අවසර ලබා දෙමින් අමාත්ය මණ්ඩල තීරණය ක්රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලෙස සිය පෙත්සමෙන් ඉල්ලා සිටියහ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව 32ක් නම් කර තිබේ පෙත්සම් විභාගය ඔක්තෝබර් 4 සිදු කිරීමට නියමිතය ඒජේඒ අබේනායක
සසුනඹර බැබැල වූ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ දැයට සමුදෙති
කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්රධාන සංඝ නායක ගල්බොඩ ඤාණිස්සර නාහිමිපාණන් ඊයේ 02 දා අපවත් වී වදාළ බව දිවයින සාතිශය සංවේගයෙන් දැනුම් දෙයි දිගුකලක් රෝගාතුරව වැඩ සිටි උන්වහන්සේ ඊයේ 02 දා කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වනවිට 81වන වියෙහි පසුවූහ ගල්බොඩ කංකානමගේ දොන් මද්දුමගේ සහ අමරවික්රම ලියනගේ සෙලේනා යුවළගේ පුතෙකු ලෙස 1943 දෙසැම්බර් මස 14වැනිදා උපන් උන්වහන්සේ එකොළොස් වන වියේදී සසුන්ගත වූයේ එවකට ගංගාරාමාධිපතිව වැඩ විසූ දෙවුන්දර වාචිස්සර නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙනි කුඩා අවදියේ පටන් ගංගාරාමය හරහා දියත් වූ සමාජ හා ආගමික ක්රියාකාරකම්වලට සක්රියව දායක වූ ඤාණිස්සර නාහිමියෝ ශ්රී ජිනරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව ගංගාරාමාධිපති ධුරයට පත් වූහ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ලෙසින් කා අතරත් ගෞරවාදරයට පාත්ර වූ ඤාණිස්සර නාහිමියන් ගංගාරාම විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් දියත් කළ ආගමික හා සාමාජීය මෙහෙවර අතිමහත්ය විශේෂයෙන්ම වාර්ෂිකව පවත්වන නවම් පෙරහැර තුළින් කොළඹ නගරයේ බොදු සිරිය වඩවාලීමට ලබාදුන් දායකත්වය අති විශාලය එමෙන්ම ජිනරතන කාර්මික විද්යාලය තුළින් දරුවන් දස දහස් ගණනකට කාර්මික දැනුම ලබාදී ඔවුන් සුදුසු රැකියාවකට යොමු කිරීම පොඩි හාමුදුරුවන් විසින් සිදුකළ සුවිශේෂී සමාජ මෙහෙවරකි එසේම උන්වහන්සේගේ මෙහෙවර කොළඹ නගරයට සීමා නොවූ අතර කතරගම පිහිටි ගංගාරාම විශ්රාම ශාලාව තුළින් වන්දනාකරුවන්ට සැලසෙන සේවය අතිමහත්ය එසේම ආබාධිත දරුවන් රැකබලා ගැනීම ආර්ථික ගැටලු ඇති විහාරස්ථානවලට උපකාර කිරීම ආදී සුවිශාල සමාජ මෙහෙවරක නිරත වූ ඤාණිස්සර නාහිමියෝ ජාති ආගම් භේදයෙන් තොරව කොළඹ නගරයේ ජීවත්වන කා සමගත් සුහදව කටයුතු කළ යතිවරයෙකි කලක් විදෙස්ගතව ද ප්රතිකාර ලැබූ ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණෝ ඊයේ 02 දා උදෑසන හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර එහිදී උන්වහන්සේ අපවත් වූහ අපවත්වී වදාල කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ පොඩි හාමුදුරුවෝ ආදාහන පූජෝත්සවය රාජ්ය ගෞරව සහිතව ලබන සඳුදා 05 වැනිදා සවස සිදු කිරීමට ආදාහන කමිටුව තීරණය කර ඇත ගංගාරාම විහාරස්ථානයට යාබද ක්රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත්වේ දේහය අද 03දා පෙරවරු 600 සිට විහාරස්ථානයේ තැන්පත් කර තබන බවද ආදාහන කමිටුව සඳහන් කරයි කමල් බෝගොඩ
යාපනයට ගංගාවක් ඉක්මනින් අරඹනවා සංවර්ධන යුද්ධයට ලෑස්ති වෙමු ජනපති යාපනයේදී කියයි
දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා River for Jaffna යාපනයට ගංගාවක් ව්යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය කිලිනොච්චි ජල සම්පාදන ව්යාපෘතියේ තාලයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ 02දා පෙරවරුවේ එක් වෙමිනි මෙහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 15ක් ගත වී ඇති බවත් දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බවත්ය ඉදිරි වසර 05ත් 10ත් තුළ යාපනය දියුණු ප්රදේශයක් බවට පත් කිරීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා එහි සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරන බව ද කියා සිටියේය යාපනය කිලිනොච්චි ජල සම්පාදන ව්යාපෘතියේ තාලයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්රාගාරය ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්රී ලංකා රජයේ මූල්ය ප්රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්යාංශයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්රියාත්මක කෙරේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්රික්කවල පානීය ජල අවශ්යතාවය සපුරාලීම සඳහා ශ්රී ලංකා රජය 2011 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ ADB සහ ප්රංශ සංවර්ධන බැංකුවේ AFD ආධාර ඇතිව යාපනයකිලිනොච්චි දිස්ත්රික් ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්යාපෘතිය JKWSSP දියත් කරන ලදි මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණ වන්නේ උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්රික්කවල පුද්ගලයන් 300000 කට පිරිසිදු පානීය ජලය සැපයීම සහ 80000 ක ජනතාවක් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමයි මෙහිදී මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීම සඳහා වන කම්හල ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් 2017 වසරේදී ගිවිසුමකට එළැඹෙන ලදී මේ වන විට උස් ජල ටැංකි විස්සක් සංඛ්යා 20 ඉදිකිරීම සම්ප්රේෂණ නළ මාර්ග කිලෝමීටර 186ක් සැපයීම හා එළීම මෙන්ම බෙදා හැරීමේ නළ මාර්ග කිලෝමීටර් 382ක් සම්පූර්ණ කර ඇත මෙම ලවණ ඉවත් කිරීමේ කම්හල සඳහා කොන්ත්රාත්තුව 2021 වසරේ ජනවාරි මාසයේදී ප්රදානය කර තිබේ ව්යාපෘතියේ සම්පූර්ණ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 266ක් වන අතර යාපනයකිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්යාපෘතිය 2025 මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්ය ජීවන් තොණ්ඩමන් ධීවර හා ජලජ සම්පත් අමාත්ය ඩග්ලස් දේවානන්ද උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් යන මහත්ම මහත්මීහු ද උත්සව සභාව ඇමතූහ රාජ්ය අමාත්යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන් කාදර් මස්තාන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්න් අංගජන් රාමනාදන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක හිටපු අමාත්ය රවී කරුණානායක හිටපු රාජ්ය අමාත්ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
බංකොලොත්භාවයෙන් ගොඩඑන්න ජනතාව මෙන්ම රටේ නායකයෝත් කැපවිය යුතුයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස
පසුගිය දිනක අයිඑම්එෆ් නියෝජිතයන් හමුවී රටේ වෙනස්කම් ප්රතිසංස්කරණ සිදුවී ඒ හරහා රට ගොඩ ආ යුතු බව පැවසූ බවත් එසේම කැපකිරීම් සිදු කරන විට සැවොම කැපකිරීම් සිදුකළ යුතු බවත් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්ය නායකයා බවත් ඔහු රටට ආදර්ශයක් විය යුතු නමුත් අප රටේ සිදු වූයේ එහි අනික් පැත්ත බවත් විපක්ෂ නායකවරයා පැවසීය දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ දී සුපිරි ධානපතියන් කෝටිපතියන් බේරා මෙරට වැඩ කරන ජනතාවගේ අර්ථසාධකයට බලපෑම් කළ බවත් මෙවැනි අවස්ථාවකදී වැඩකරන ජනතාව මෙන්ම සුපිරි ධනවතුන් හා පොහොසතුන්ද කැපකිරීම් කළ යුතු බවට තමා අයිඑම්එෆ් එකට පැවසූ බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල පැවැති සමගි ජන බලවේගයේ භික්ෂු උපදේශක සභාව අමතමිනි මෙම වැඩසටහනත් සමග දිවයින පුරා භික්ෂු උපදේශක සභා 6ක් සිදු කර තිබේ අද වනවිට විවිධ ප්රශ්න ගැටලු නිසා බොහෝ විහාරස්ථාන වැහිලා විහාරස්ථාන කැපකරු මාපිය ක්රමයක් තුළින් විහාරස්ථාන වැඩිදියුණු කරනවා විදුලි බිල වැඩි කිරීම නිසා විහාරස්ථාන රාශියක් අසරණ වෙලා සුහුරු අධ්යාපනය පාසල්වල මෙන්ම පන්සල් ආශ්රිතවද ක්රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය සමගි ජන බලවේගය දසරාජ ධර්මය ක්රියාත්මක කරනවා එවැනි රාජ්ය පාලනයක් අති සාර්ථක වනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයේ ඇති ගුණාංග සහ ප්රතිපත්ති අනුගමනය කරන බවත් ඔහු පැවසීය මෑත කාලයේ ඇස්වලට පෙනී පෙනී සරු දේට නිසරු ලෙසත් නිසරු දේට සරු ලෙසත් පවසන බවත් අද යුගයේ අවශ්යතාව වී ඇත්තේ රටට අවශ්ය නිවැරදි දර්ශනය ගමන් මාර්ගය කුමක්ද කියා බවත් හොඳ දෙයක් කවුරුන් හෝ කරන්නේ නම් එය නිවැරදි නම් එය අනුගමනය කිරීමට කොන්දක් තිබිය යුතුයි එසේම මේ වනවිට රටේ බුද්ධාගම මෙන්ම අනෙකුත් ආගම් පිළිබඳ විශ්වාසයක් නොමැති පිරිසක් සිටින බවත් මොවුන් ආගම් ඇදහීම් සිදු නොකරන බවත් ආගම් පිළිපැදීමට මෙන්ම පිළි නොපැදීමට ඕනෑම අයකුට අයිතිය ඇති මුත් යම් අයකු ආගම් පිළි නොපැදීම නිසා විවිධ ආගම් අදහන කණ්ඩායම්වලට ගැරහීම් සිදු කිරීමේ අයිතියක් නැති බවත් පැවසීය කුරුණෑගල බණ්ඩාර
කිසිදු පාසලක් දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගන්න ජාජබ රජයක් යටතේ ඉඩක් නෑ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක
අප රට ඉදිරියටම ගෙන යන වැදගත්ම මෙවලම අධ්යාපනය බවත් සැප්තැම්බර් 21 වැනිදායින් පසු පාසල් අතර ඇතිවී තිබෙන විෂමතාවය ඉවත් කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 02දා පැවසීය ඒ මහතා එසේ පැවැසුවේ පුනරුදයත් ගුරු යුගයත් ගුරු බලයත් යන තේමාව යටතේ මාලිගාවත්ත පී සී සිරිසේන ක්රීඩාංගණයේ පැවති ගුරු සමුළුව අමතමිනි මෙම ගුරු සමුළුව සඳහා දිවයිනේ නන් දෙසින් ගුරුවරුන් අති විශාල පිරිසක් පැමිණි අතර එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය මේ රට විශාල ඛේදවාචකයක තියෙන්නේ මේ බිඳවැටීම සෑම ක්ෂේත්රයක්ම පසාරු කරගෙන ඉදිරියට යමින් තිබෙනවා අධ්යාපනය ගත්තත් සෞඛ්ය ගත්තත් නීති පද්ධතිය ගත්තත් ආර්ථිකය පැත්තෙන් බැලුවත් අපරාධ පැත්තෙන් බැලුවත් මේ සෑම ක්ෂේත්රයක්ම බලන විට අපි හමුවේ තියෙන්නේ කඩා වැටුණු රටක් ඒ නිසා මං හිතනවා හැමදෙනාටම අත්හරින්න බැරි වගකීමක් තියෙනවා මේ කඩා වැටුණු රට අනාගතය අහිමි කරලා තියෙන අපේ දරුවන්ට ජීවිතයක් නැති කරලා තියෙන අපේ පුරවැසියන්ට මීට වඩා හොඳ ජීවිතයක් අපේ දරුවන්ට මීට වඩා හොඳ අනාගතයක් අපේ රටට මීඩ වඩා හොඳ තැනකට කැඳවාගෙන ආ යුතුයි දත්ත කැඳවාගෙන ඒ වෙනුවෙන් අපි මේ දේශපාලන බලය මාරු කළ යුතුයි අවුරුදු 76ක් පැරණි අසාර්ථක විනාශකාරී දේශපාලන ගමන් මාවතෙන් අපි මිදිය යුතුයි අන්න එය තමයි අපේ රට ගොඩනැඟීමෙන් අපේ රට ඉදිරියට ගෙන යෑමේ ආරම්භය බවට පත් වෙන්නේ අපිට තැන තැන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් ඇතිවී තිබෙන තත්ත්වයන් තුළ චෝදනා එල්ල කරන්න පුළුවන් ඇතිවී තිබෙන තත්ත්වයන් පිළිබඳව විවේචන එල්ල කරන්න පුළුවන් ඇතිවී තිබෙන තත්ත්වයන් පිළිබඳව කලකිරීමෙන් ඉන්න පුළුවන් හැබැයි කවර තැනක හිටියත් මේ වෙනස් කිරීම සඳහා අපි තීන්දුවක් ගන්නවා නම් මේ වෙනස ඇති කළ හැකි වන්නේ පොදු ජනයාගේ ව්යාපාරයක් වන ජාතික ජන බලවේගය අතට බලය මාරුකර ගැනීමෙන් විතරයි කියලා අපි විශ්වාස කරනවා අපි කාට හරි නැගිටලා කියන්න පුළුවන් මේ දේශපාලන බලය මාරු කර ගැනීමකින් තොරව මේ දේශපාලනය පරිවර්තනය කර ගැනීමකින් තොරව මේ පැරණි අසාර්ථක දේශපාලන අධිකාරිය පලවා හැරීමකින් තොරව අඟලක්වත් අපේ රට ඉදිරියට යන්නේ නැහැ ඒ නිසා අපි ආරම්භය ගත යුතු වන්නේ සැප්තැම්බර් මාසේ 21 වැනිදා ඒ නිසා මේ දහස් සංඛ්යාත ගුරුවරුන් ගුරුවරියන් සැප්තැම්බර් මාසේ 21 වැනිදා ආරම්භයට අවශ්ය වෙන ජයග්රහණය ගෙනත් දෙයි කියන විශ්වාසය අපිට තියෙනවා අපි දන්නවා මේ රට ගොඩනැගීමේදී ප්රධානම කාර්යභාරයක් පැවරෙනවා අධ්යාපනයට විශේෂයෙන් ඕගොල්ලො දන්නවා මෑත කාලයේ දියුණු වූ රාජ්යයන් දෙස හැරිලා බැලුවොත් ඒ හැම රාජ්යයකම ප්රධානතම කාර්ය බවට පත්වී තිබෙන්නේ ඒ රාජ්ය දියුණු කිරීම සඳහා විශාලම කාර්ය භාරය බවට පත්වී ඇත්තේ අධ්යාපනය 2017 වසරේ 99000කට ආසන්න ප්රමාණයක් රිමාන්ඩ් ගත වෙනවා විවිධ අපරාධ හේතු කොටගෙන හැබැයි මේ 99000න් සියයට 83ක් සාමාන්ය පෙළට යටින් ඉගෙනගෙන තියෙන්නේ සියයට 64ක් අටේ පන්තියට යටින් ඉගෙන ගෙන තියෙන්නේ මේ අපරාධ හා අධ්යාපනය අතර සබඳතාවයක් තියෙනවා අපරාධවලින් සියයට 83ක් දහයෙ පන්තියට යටින් ඉගෙන ගත්තු අය රිමාන්ඩ් භාරයට පත්වූ අයගෙන් අපේ රටේ මත්ද්රව්යයට ඇබ්බැහි වූවන්ගෙන් සියයට 74ක් අටේ පන්තියට යටින් කුඩු මත්ද්රව්ය අධ්යාපනය අතර සබඳතාවයක් තියෙනවා ඒ විතරයිද අපේ රටේ දුප්පත් භාවයේ රේඛාවයි නූගත්භාවයේ රේඛාවයි එකට තියෙන්නේ දුප්පත් නම් නූගත් නූගත් නම් දුප්පත් ඒ නිසා මේ දුප්පත් භාවය පිළිබඳ ප්රශ්නයේදී අපේ ග්රාමීය දුප්පත් භාවයෙන් ගොඩ එන්න පාර තියෙන්නේ අධ්යාපනයෙන් අපරාධ අඩු කිරීමේ පාර අධ්යාපනය මත් කුඩුවලින් මත්ද්රව්යවලින් තොර රාජ්යය අධ්යාපනය පොහොසත් රටක් නම් අධ්යාපනය ඒ නිසා අධ්යාපනය තමයි වැදගත්ම මෙවලම අපේ රට ඉදිරියට ගෙන යන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් අපි වැඩිපුරම අවධානය යොමු කරන්නේ පාසල් අතර ඇතිවී තිබෙන විශාලම වෙනස්කම් විෂමතාවය අයින් කිරීම තමයි ජාතික ජන බලවේගයේ පළමු ප්රයත්නය බවට පත් වෙන්නේ පාසල් අතර ඇතිවී තිබෙන විශාලම වෙනස්කම අපි නැති කරනවා සෑම දරුවකුටම පාසලට යායුතු උපරිම දුර කිලෝමීටර් 4යි පාසල් පද්ධතිය විධිමත් කිරීම තමයි අපේ පළමු අභිප්රාය අපි ගුරු සභාවක් නිර්මාණය කරනවා කිසිදු පාසලක් දේශපාලන අරමුණු වෙනුවෙන් උපයෝගී කරගන්න ඉඩ දෙන්නේ නැහැ අපි මුළුමනින්ම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා මේ මන්ත්රීවරු ඇමැතිවරු සඳළුතලයෙන් බස්සන්න ඕන බිමට ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේඛම් මහින්ද ජයසිංහ මහතා යාපනය කල්මුණේ මඩකලපුවේ ඉඳලා අද ගුරුවරු ඇවිත් ඉන්නවා රනිල් වික්රමසිංහ මහින්ද රාජපක්ෂ සජිත් ප්රේමදාස ඕගොල්ලන්ට අභියෝගයක් එල්ල කරන දැවැන්තම ගුරු බලය මෙතනයි තියෙන්නේ මේ ගුරු බල ඇණිය 5 වැනිදා සිට ක්රියාත්මක වෙනවා සැත්පැම්බර් 21 දායින් පස්සේ මාලිමා පාලම ගොඩනගනවා ප්රදීප් ප්රසන්න සමරකෝන්
පොහොට්ටුවේ ඒවා බෑ කංචනලා හදන පක්ෂයක රමේෂ් ලේකම් කරගන්න ගාමිණී ලොකුගේ
කංචන විජේසේකරලා හදන පක්ෂයක මිස රමේෂ් පතිරණ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් ධුරයට පත් කළ නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී ලොකුගේ මහතා පැවසීය ලොකුගේ මන්ත්රීවරයා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ රමේෂ් පතිරණ ඇමැතිවරයා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් ධුරයට පත් කළ යුතු බවට කංචන විජේසේකර ඇමැතිවරයා කර ඇති ප්රකාශය පිළිබඳව මාධ්යවේදීන් කළ විමසීමට ප්රතිචාර දක්වමින් ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ගාමිණී ලොකුගේ මන්ත්රීවරයා මෙසේ ද පැවසීය ගමක තිබෙන රැස්වීමකදී ලේකම්වරයා ඉවත්වීම පිළිබඳ කියලා වැඩක් නැහැ එබඳු යෝජනා ඉදිරිපත් කළ යුත්තේ පක්ෂයේ සම්මේලනයක දී පසුගිය දා පැවැති සම්මේලනයේදී ඒ අය විරුද්ධව ඡන්දය පාවිච්චි කළා එම අවස්ථාවේදී අතුරු යෝජනාවක් ලෙස එම යෝජනාව ඉදිරිපත් කළ හැකිව තිබුණත් එසේ කළේ නෑ එරික් ගාමිණී ජිනප්රිය
දයාසිරිලාගේ තීරණය අද
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිස ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙනු ලබන්නේ කාටද යන්න පිළිබඳව අද 03දා කොළඹදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී ප්රකාශයට පත්කෙරෙනු ඇතැයි නිදහස් පක්ෂ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි මේ වනවිට ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය තුනට කැඩී ඇති බවත් අද කොළඹ සීනෝර් ආයතනයේදී දයාසිරි ජයසේකර මහතාගේ ප්රධානත්වයෙන් නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකදී සහයෝගය ලබාදෙනු ලබන අපේක්ෂකයා පිළිබඳව ප්රකාශයට පත් කරන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි මේ අතර පාර්ලිමේන්තු මන්ත්රි දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරනු ලබන මානුෂිය ජනතා සන්ධානය ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ අරුණ බෝගහවත්ත
ජනපතිවරණයට දැන් 14ක්
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින්ගේ ගණන ඊයේ වන විට 14 දක්වා ඉහළ ගොස් තිබිණි ඊයේ දිනයේදී හතර දෙනෙක් අලුතෙන් ඇප මුදල් තැන්පත් කළහ ඡන්ද හිමියකු යෝජනා කළ අපේක්ෂකයකු හැටියට කේ ආනන්ද කුලරත්න මහතා නව සිහල උරුමය වෙනුවෙන් සනත් මනමේන්ද්ර මහතා ජනසෙත පෙරමුණ වෙනුවෙන් බත්තරමුල්ලේ සීලරතන හිමි සහ ඡන්ද හිමියකු විසින් යෝජනා කළ අපේක්ෂකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අක්මීමන දයාරතන හිමි මෙසේ ඊයේ ඇප මුදල් තැන්පත් කර තිබුණි
විශ්රාමික දීමනාව රු 3000කින් වැඩි කෙරේ
රාජ්ය සේවය තුළ සියලු විශ්රාමිකයන් වෙත දැනට ලබා දෙන රුපියල් 2500ක දීමනාවට අමතර ව රුපියල් 3000ක් එක්කොට එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය රාජ්ය සේවක වැටුප් විෂමතා පිළිබඳ සියුම්ව සලකා බලමින් අදාළ ඉදිරි සංශෝධන සිදුකිරීම පිණිස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි යූ ආර් සෙනෙවිරත්න මහතාගේ ප්රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් මෑතක දී පත්කරන ලද බවත් එමගින් සිදුකෙරෙන සමාලෝචන අනුව 2025 වසරේ සිට සංශෝධිත වැටුප් ව්යුහය ක්රියාත්මක කරන තෙක් විශ්රාමික රාජ්ය සේවකයින් වෙත මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය මේ වන විට රාජ්ය විශ්රාමික ප්රජාව ලක්ෂ 7 ක් පමණ විශ්රාම වැටුප් ලබන බවත් ඒ අනුව 2024 වර්ෂයේ දී මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 84ක අතිරේක වියදමක් රජයට දැරීමට සිදුවන බවත් පැවසූ ඇමැතිවරයා රාජ්ය අයවැය කළමනාකරණය කිරීමේ අභියෝග මධ්යයේ වුව ද මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීමට පියවර ගනු ලැබුවේ විශ්රාමික රාජ්ය සේවකයින් මුහුණදෙන වත්මන් මූල්ය දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජය ලබාදෙන ඉක්මන් කෙටිකාලීන විසඳුමක් ලෙස බව ද ප්රකාශ කළේ ය ශ්යාම් නුවන් ගනේවත්ත
ඡන්ද කටේ නව සභාපති පත් කිරීමට එරෙහිව පරිසර අධිකාරියේ සේවකයෝ උද්ඝෝෂණයේ
මධ්යම පරිසර අධිකාරියට නව සභාපතිවරයකු පත් කිරීමට විරෝධය පළ කරමින් ඊයේ 02දා දහවල් කෑම පැයේදී එම අධිකාරියේ බත්තරමුල්ල ප්රධාන කාර්යාලය ඉදිරිපිටදී සේවකයෝ උද්ඝෝෂණයක නිරත වූහ මැතිවරණයක් ප්රකාශයට පත් කර තිබියදී පසුගිය 30දා ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති ලිපියකට අනුව හිටපු සභාපතිවරයා සේවයේ නියුතුව සිටියදීම නව සභාපතිවරයකු පත් කිරීමට මෙලෙස පියවර ගැනීම සැක සහිත බව එම අධිකාරියේ වෘත්තීය සමිති එකමුතුව පවසති හිටපු සභාපතිවරයා ඉවත් කළ බවට කිසිදු දැනුම් දීමකින් තොරව කඩිමුඩියේ මෙම නව පත් කිරීම සිදු කිරීම පිළිබඳව තමන් විරුද්ධත්වය ප්රකාශ කරන බවත් හිටපු සභාපතිවරයා නැවත සේවයේ පිහිටුවීමට පියවර ගන්නා ලෙස පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින බවත් මධ්යම පරිසර අධිකාරියේ තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති සරත් කෝට්ටගේ මහතා දිවයිනට සඳහන් කළේය අපිට වැටුප් ගැටලුවක් තිබුණා හිටපු සභාපතිවරයා ඒ වෙනුවෙන් මැදිහත්ව ක්රියාකළා ඔහු බලපෑම්වලට යටත් වුණේ නැහැ ආයතන සංග්රහයට ඒ පනතට අනුව කටයුතු කළා ඔහු රාජකාරියේ යෙදී සිටියේ වැටුප් රහිතව මැතිවරණ සමයේ මාරුවීම් උසස්වීම් හෝ එවැනි කිසිදු ක්රියාවක් සිදු කිරීම මැතිවරණ රෙගුලාසි වලට අනුව නීති විරෝධීව තිබියදී පසුගිය 30දා ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපියකින් මධ්යම පරිසර අධිකාරියට නව සභාපතිවරයකු පත් කිරීම අපට විශාල සැකයක් යැයිද ඒ මහතා පැවසීය සුජීව තත්සර
තැපැල් ඡන්දය අපටත් දෙන්න සමස්ත ලංකා වෛද්ය නිලධාරීන්ගේ සංගමය
සේවා අවශ්යතාවය මත රාජකාරී කිරීමට සිදුවීම නිසා ඡන්දය ප්රකාශ කිරීමට නොහැකි වන හෝ අපහසු වන වෛද්යවරුන් ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා වෛද්ය නිලධාරීන්ගේ සංගමය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කර තිබේ ජනාධිපතිවරණය පැවැත්වීමට යෝජිතව ඇති ලබන සැප්තැම්බර් 21දා සෙනසුරාදා සෞඛ්ය සේවයේ නියතවූවන්ට සාමාන්ය රාජකාරී දිනයක් වනු ඇති බැවින් හදිසි ප්රතිකාර ඒකක හදිසි අනතුරු අංශ වාට්ටු ශල්යාගාර කටයුතු සහ දැඩි සත්කාර ඒකක ද දිනය පුරා අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බැවින් සෞඛ්ය සේවාව ආරක්ෂා කර ගනිමින් කාර්ය මණ්ඩලවල ඡන්ද අයිතිය ද සුරක්ෂිතා කර ගැනීම සඳහා තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලමින් එම සංගමයේ ලේකම් වෛද්ය ජයන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුත් අදාළ ලිපිය මගින් ඉල්ලා තිබේ සුජීව තත්සර
මන්නාරම සුළං බලාගාරය අදානිට දෙන්න එපා පෙත්සම් පහ විභාගයට අවසර
මන්නාරම ප්රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට අමාත්ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට ගැනීමට ශ්රේෂ්ඨාධිකරණය ඊයේ 02දා අවසර ලබා දුන්නේය වනජීවී හා ස්වභාව සම්පත් ආරක්ෂක සංගමය පරිසර යුක්ති කේන්ද්රය ඇතුළු පාර්ශ්ව පහක් ගොනු කර තිබූ එම පෙත්සම එස් තුරෙයිරාජා ඒ එච් එම් ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි මධ්යම ආසියානු පියාසර මාර්ගයේ දකුණු දෙසින් පිහිටි ගමනාන්තයක් වන ශ්රී ලකාවේ මන්නාරම ප්රදේශය සංක්රමික පක්ෂීන් සඳහා වැදගත් කේන්ද්රස්ථානයක් බවත් මිලියනයක පමණ පක්ෂීන් සීත සෘතුව ගෙවීමට එම භූමියට පැමිණෙන බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් ශ්රේෂ්ඨාධිකරණයට කියා තිබිණි මෙම සුළං විදුලි ව්යාපෘතිය සඳහා මන්නාරම කණ්ඩතිව් දූපත් ප්රදේශය තෝරාගෙන ඇත්තේ දේශපාලනික හා අනෙකුත් අවශේෂ බාහිර කරුණු මත බවත් ඒ සඳහා විද්යාත්මක හෝ පාරිසරික ඇගයීම් සිදු කර නොමැති බවත් සිය පෙත්සම් මගින් අධිකරණයට කියා තිබූ පෙත්සම්කරුවන් එබැවින් අමාත්ය මණ්ඩලයේ තීරණය බලරහිත කරනා ලෙසත් ඉල්ලා තිබිණි පෙත්සම ලබන ඔක්තෝබර් 14 වැනිදා යළි කැඳවීමට නියමිතය ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය අදානි සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය නියෝජ්ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය නීතිපතිවරයා නියෝජනය කළාය ඒ ජේ ඒ අබේනායක
ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් INS Shalki සබ්මැරීනය නිල සංචාරයක් සඳහා ඊයේ 02 දා පෙරවරුවේ කොළඹ වරායට පැමිණියේය ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්රදායානුකූලව පිළිගත් බව නාවික හමුදාව සඳහන් කරයි දිගින් මීටර් 644ක් වන මෙම සබ්මැරීනයෙහි 40කින් යුතු කාර්ය මණ්ඩලයක් සේවය කරති මෙම සබ්මැරීනයේ අණදෙන නිලධාරි කොමදෝරු රාහුල් පට්නයික් සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් ඊයේ එම විධාන මූලස්ථානයේදී පැවැත්විණි මෙම සබ්මැරීනය හෙට 04 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය
සජිත්ගේ විජයග්රහණයෙන් පසු වංචාව සහ දූෂණය නැති පාලනයක් රටේ ගොඩනඟනවා IMF නියෝජිතයන්ට කරුණු පැහැදිලි කරමින් සුජීව සේනසිංහ කියයි
ජනාධිපතිවරණයෙන් පසු රටේ ආර්ථිකය හසුරුවන ආකාරය පිළිබඳව ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ සාකච්ඡා කළා සජිත් ප්රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්රහණය කළාට පසුව රටේ ආර්ථිකය ගොඩ ගැනීමට තිබෙන වැඩපිළිවෙළ සහ සැලසුම් පිළිබඳව දිර්ඝ ලෙස සාකච්ඡා කළා රටේ ආර්ථිකය තිබෙන තත්ත්වයට වඩා උසස් තත්ත්වයට ගෙන ඒමට සහ ආයෝජන රටට ගෙන ඒමට හැකි දක්ෂ පිරිසක් සමගි ජනබලවේගය තුළ සිටින බවත් ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන්ට පැහැදිලි කළා වංචාව දූෂණය නැති විනිවිද පාලයක් රට තුළ නිර්මාණය කරන බවත් ඔවුන්ට පැහැදිලි කරලා දුන්නා සංචාරක කර්මාන්තය විදේශ ශ්රමිකයන්ගේ දායකත්වය අපනයනය ශක්තිමත් කිරීම තුළින් ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකියාව තිබෙන බව ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන්ට පෙන්වා දුන්නා යයි සමගි ජනබලවේගයේ ප්රධාන කාර්යාලයේ පැවැති මාධ්ය හමුවේදී සජබ ජනපතිවරණ මෙහෙයුම් ප්රධානි සුජීව සේනසිංහ මහතා පැවසීය ඒ වගේම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනතා ප්රසාදය ඉහළින්ම දිනාගත්ත නායකයෙක් බවට සමීක්ෂණ ආයතනයක් සඳහන් කරලා තිබුණා නමුත් ඒ සමීක්ෂණ ආයතනය පිළිගත් සමීක්ෂණ ආයතනයක් නෙවෙයි නමුත් දැන් ඒ සමීක්ෂණ වාර්තාවට අනුව අපට සියයට 38ක ජනතා ප්රසාදය දිනා ගැනීමට සමත්ව ඇති බව සඳහන් වෙනවා ජාතික ජනබලවේගය සියයට 26ක ජනතා ප්රසාදය දිනා ගැනීමට සමත්ව ඇති බව සඳහන් වෙනවා පොදුජන පෙරමුණ සියයට 16ක් සහ එක්සත් ජාතික පක්ෂය සියයට 7ක ජනතා ප්රසාදයක් ලබාගෙන තිබෙන බව එම වාර්තාවේ දැක් වෙනවා ඒ වගේම පිළිගත හැකි සමීක්ෂණ වාර්තාවල දැක්වෙන ආකාරයට සියයට 44ක ජනතා ප්රසාදය දිනා ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබෙනවා ජාතික ජනබලවේගය සියයට 15ක් පොදුජන පෙරමුණට සියයට 10ක් සහ එක්සත් ජාතික පක්ෂයට සියයට 6ක ජනතා ප්රසාදයක් තිබෙන බව සඳහන් වෙනවා කෙසේ නමුත් මේ සමීක්ෂණ වාර්තා සියයට සීයක් විශ්වාස කරන්න බෑ ඒ වගේම රනිල් වික්රමසිංහ මහත්තයා සමඟ එකතුවෙලා සිටින්නේ ආසියාවේ දුප්පත්ම රට බවට ශ්රී ලංකාව පත්කරපු පිරිස මේ පිරිස එලවා දමන්න ජනතාවට සැප්තැම්බර් මාසයේ වරමක් ලැබෙනවා රට බංකොළොත් කළ ඒ හොරු රැළට නැවත නැඟිටින්න බැරි වෙන්න ජන වරම ලබාදෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පොදුජන පෙරමුණේ සිටි දක්ෂ බුද්ධිමත් පිරිස මේ වනවිට සමගි ජනබලවේගය සමඟ එකතු වෙලා සිටිනවා සමගි ජනබලවේගයට එකතු වෙන්න පොදුජන පෙරමුණේ බොහෝ දෙනෙක් සූදානම්ව සිටියා නමුත් ඔවුන්ව පක්ෂයට එකතු කරගන්න කටයුතු කළේ නෑ
සීනි බදු වංචාවේ පෙත්සම විභාගයටත් අවසර
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1590ක මුදලක් අහිමි වී ඇතැයි චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ගොනුකර තිබෙන පෙත්සම සැප්තැම්බර් මස 12 වැනිදා කැඳවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය ඊයේ දින නියම කළේය පෙත්සම යසන්ත කෝදාගොඩ ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුණි එම අවස්ථාවේදී මෙම නඩුකරයට මැදිහත්වීම සඳහා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඉල්ලීමක් කළ නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙම පෙත්සම පෙත්සම්කරු විසින් අධිකරණ බලය අවභාවිතාවට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන බවත් ජනාධිපතිවරණයට පෙර පෙත්සම සලකා බැලීමට කැඳවන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය එහි දී වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා සහ නවීන් මාරපන යන මහත්වරු පෙත්සම සම්බන්ධව විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය අවශ්ය බව පැවසූහ දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 12 වැනිදා කැඳවන ලෙස නියෝග කළහ ආනයනික සීනි සඳහා පනවන ලද රුපියල් 50ක බද්ද ශත 25ක් දක්වා 2020 වසරේදී අඩුකිරීමෙන් රජයට රුපියල් කෝටි 1590ක පාඩුවක් සිදුව ඇති බවත් ඒ මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබේ ඒජේඒ අබේනායක
විනයානුකූල දරු පිරිසක් රටට දායාද කරන්න කැප වෙනවා පේරාදෙණිය සරසවියේ නව උප කුලපති ධුරයේ වැඩ භාර ගනිමින් මහාචාර්ය ටෙරන්ස් මදුජිත් කියයි
විශ්වවිද්යාලය තුළ අන්යොන්ය සුහදතාව වර්ධනය කරමින් විනයානුකූල බුද්ධිමත් දරු පිරිසක් රටට දායාද කිරීමට අවශ්ය පසුබිම සකස් කිරීමට තමා කැපවන්නේ යැයි පේරාදෙණිය නව උප කුලපති ධුරයේ වැඩ භාරගනිමින් මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවැසීය මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය මධ්යයේ පේරාදෙණිය විශ්වවිද්යාල සනාතන මන්දිරයේදී පෙරේදා 01දා නව උපකුලපති ධුරයේ වැඩ භාර ගනිමින් මහාචාර්ය මදුජිත් මහතා කියා සිටියේය විශ්වවිද්යාලය තුළ දැනට ක්රියාත්මක කසළ කළමනාකරණ වැඩසටහන යාවත්කාලීන කරමින් පිරිසිදු භූමියක් සුන්දර පරිසරයක් පවත්වාගෙන යමින් ඉතා හොඳ ස්වභාවික පරිසරයක් මත දරුවන්ට ඉගෙන ගැනීමේ පහසුකම් සැලසීමටද අපේක්ෂා කරන බව හෙතෙම කීය වර්තමානයේ පවතින සමාජ තත්ත්වයන් මත දරුවන්ගේ මානසික සෞඛ්ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බවත් මේ සම්බන්ධයෙන් තමන් වැඩි අවධානයක් යොමු කොට විශ්වවිද්යාල පද්ධතිය තුළ සිටින දරුවන්ගේ මානසික සෞඛ්ය තත්ත්වයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකොට ඊට අවශ්ය නිසි පියවර ගැනීමට තමා කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය මෙම අවස්ථාව සඳහා හිටපු උප කුලපති මහාචාර්ය එම් ඩී ළමාවංශ මහතා ඇතුළු විශ්වවිද්යාලයේ සියලුම පීඨ නියෝජනය කරමින් පීඨාධිපතිවරු කථිකාචාර්යවරු අධ්යයන අනධ්යයන කාර්ය මණ්ඩල ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ සමන්තී වීරසේකර
බිත්තරේ රු 36යි ගන්න කෙනෙක් නෑ සංගමය කියයි
දේශීය බිත්තරයක් රුපියල් 36කට වෙළෙඳපොළට සිය සංගමය විසින් ලබාදීමට කැමැත්ත පළ කළත් ඒවා ලබා ගැනීමට කිසිම ආයතනයක් හෝ රජයේ ආයතනයක් ඉදිරිපත් නොවන්නේ යැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා දිවයිනට ඊයේ පැවසීය දැනට සිය සංගමයේ සාමාජිකයන් 3000කට අධික කර්මාන්තයේ යෙදී සිටින බවත් සංගමයේ සාමාජික කැපවීම මත දෛනිකව නිෂ්පාදනය ඉතා දියුණු මට්ටමක පවතින බවත් ඒ නිසා මුළු දිවයිනටම බිත්තර සැපයීම ඉතා පහසුවෙන් කළ හැකි බවත් හෙතෙම පැවසීය සිය කර්මාන්තය ඉතා දුෂ්කර අන්දමින් කරගෙන යන බවද ඉන් පවුල් දහස් ගණනක් යැපෙන බවද එම නිසා සිය කර්මාන්තය කෙරෙහි රජයේ හා පෞද්ගලික අංශයේ වගකිවයුතු අයගේ අවධානය යොමු වෙතැයි සංගමය අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය ධර්මසේන වැලිපිටිය
අකුරට වැඩ ජනපතිවරණය තිබුණත් නැතත් දිගටම ක්රියාත්මකයි සමස්ත ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින්
දැනට සිය සංගමය විසින් සමස්ත දිවයිනේ සියලුම පාසල් වල අරඹා ඇති අකුරට වැඩ කිරීමේ ක්රියාවලිය ජනාධිපතිවරණය තිබුණද නොතිබුණද සමස්ත දිවයිනේම ක්රියාත්මක කරන බව සමස්ත ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා දිවයිනට පැවසීය පාසල් දරුවන්ගේ අධ්යාපනයට හානි නොවන අයුරින් සංගමයේ ක්රියාවලිය සිදු කරන අතරම පාසල් වේලාවන්ගෙන් පසුව සිදු කරන කිසිම ක්රියාවලියකට සංගමය ඉදිරිපත් නොවන බව සහ කිසිම රාජ්ය නිලධාරියකුගේ ක්රියාවලියකට සංගමයේ කිසිම සාමාජිකයෙක් සහභාගි නොවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය ධර්මසේන වැලිපිටිය
අපරාධ රැසකට සම්බන්ධ කංජිපානි ලොකු පැටී රොටඹ අමිල බෙලරූස් දැලේ පැටලෙති
බෙලරූස් රාජ්යයේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙරට ප්රධාන පෙළේ පාතාල කල්ලි නායකයන් බව කියන කංජිපානි ඉම්රාන් ලොකු පැටී සහ රොටඹේ අමිල කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්යතාන්ත්රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇත මේ අතර මෙම අපරාධකරුවන් ගෙන්වා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්යන්තර පොලිසිය ද මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකාරයන් ලෙස සැලකෙන මෙම පාතාල ප්රබලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලරූස් රාජ්යයේ සිට ප්රංශයට පලායෑමට සූදානමින් සිටියදීය ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියෙන් පසු මෙම පාතාල නායකයන් තිදෙනා පිළිබඳව ජාත්යන්තර පොලිසිය වෙත විශේෂ දැනුම්දීමක් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබිණි එමෙන්ම රාජ්යතාන්ත්රික මට්ටමින් ද මෙම අපරාධකාරයන් පිළිබඳව තානාපති කාර්යාල හරහා ද දැනුම් දීම් කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය ඒ අනුව බෙලරූස් පොලිසිය කළ වැටලීමකදී ලොකු පැටී නමැත්තා එරට ගුවන්තොටුපළකදී අත්අඩංගුවට ගැනීමට හැකි විය ලොකු පැටී ඩුබායි රාජ්යයේ සිට බෙලරූස් රාජ්යය වෙත ගොස් ඇත්තේ එහි සිටින කංජිපානි ඉම්රාන් සහ රොටඹේ අමිල හමුවීම සඳහාය ලොකු පැටී අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී කංජිපානි ඉම්රාන් සහ රොටඹේ අමිල නමැති අපරාධකාරයන් පිළිබඳ තොරතුරු හෙළිකරගත් බෙලරූස් පොලිසිය ඔවුන් පදිංචිව සිටි නිවස වටලා ඇත එහෙත් ඒ වනවිටත් මෙම පාතාල නායකයන් දෙදෙනා නිවස අතහැර ගොස් තිබිණි පසුව බෙලරූස් පොලිසිය කළ විමර්ශනයකදී කංජිපානි ඉම්රාන් සහ රොටඹේ අමිල අත්අඩංගුවට ගැනීමට හැකිව තිබිණ මේ වනවිට මෙම අපරාධකාරයන් තිදෙනා බෙලරූස් පොලිසියේ විශේෂ ඒකකයක රඳවාගෙන දීර්ඝ ලෙස ප්රශ්න කරගෙන යයි මෙම පාතාල නායකයන් තිදෙනා මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ඡා කර ඊට අවශ්ය පරිසරය සකස් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එහි යැවීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කීය මේ අතර තවත් ආරංචි මාර්ගයක් සඳහන් කළේ කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට පත්වීම තවම තහවුරු වී නැති බවයි එසේ වුවද ඔහු වෙනත් අන්වර්ථ නම්වලින් පෙනී සිට ඇත්ද යන්න ගැන ද දැන් පරීක්ෂණ අංශවල අවධානයට යොමු වී තිබේ හේමන්ත රන්දුණු
ඡන්දයේ පොලිස් වැඩ ලේකම් වියානිට පවරයි
ජනාධිපතිවරණයට අදාළව පොලිස්පතිවරයා ක්රියාත්මක කළ යුතු රාජකාරි කිරීමේ බලතල මහජන ආරක්ෂක අමාත්යාංශ ලේකම් වියානි ගුණවර්ධන මහතා වෙත පවරා ඇත ශ්රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට රාජකාරි කිරීමේ වාරණයක් පැනවීමත් සමගම මැතිවරණයට අදාළ රාජකාරි ක්රියාත්මක කිරීමේ බලතල මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාට මෙසේ පවරා ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටියේය ඒ අනුව ජනාධිපතිවරණයට අදාළව පොලිස්පතිවරයා විසින් ලබාදිය යුතු නියෝග උපදෙස් මහජන ආරක්ෂක අමාත්යාංශ ලේකම්වරයා විසින් මැතිවරණ කටයුතු භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා ඇතුළු එහි නිලධාරීන්ට ලබාදෙනු ඇත මේ වනවිට පොලිස්පතිවරයකු නොමැතිවීම නිසා මැතිවරණයට අදාළව පොලිස්පතිවරයාගේ රාජකාරි ක්රියාත්මක කරන ආකාරය දැනුම් දෙන ලෙස මැතිවරණ පොලිස් ප්රධාන කාර්යාලය මගින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමක් කර තිබිණි ඒ අනුව එහි නිලධාරීන් විසින් මේ පිළිබඳව ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති අතර ජනාධිපතිරයාගේ ද උපදෙස් මත මෙම බලතල අමාත්යාංශ ලේකම්වරයා වෙත දී තිබේ මැතිවරණ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් යෙදවීම ඇතුළු පොලිස්පතිවරයා විසින් මැතිවරණයට අදාළව කළ යුතු සියලු කටයුතු අමාත්යාංශ ලේකම්වරයා විසින් සිදු කරන බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය හේමන්ත රන්දුණු
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති පරිපාලන ධුරය නිලන්ත වෙනුවට ලලිත් පත් කරයි
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති පරිපාලන ධුරයේ කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පුරප්පාඩු වූ එම තනතුරට ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති තනතුරේ ජ්යෙෂ්ඨතා ලේඛනයේ ප්රමුඛතාව අනුව ලලිත් පතිනායක මහතා ඊයේ 01දා පත්කර තිබේ මේ පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාව නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද දැක්වේ 20240718 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේදී තීරණය කරන ලද පරිදි ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති පරිපාලන ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්ය නිවාඩු ගැන්වීමෙන් පසු ඒ මහතා රාජකාරි කළ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති පරිපාලන ධුරයේ තාවකාලිකව රාජකාරි ඉටුකිරීම සඳහා සුදුසු නිලධාරියකු නම් කර නිර්දේශ සහිතව ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස එදිනම පොලිස්පති දැනුවත් කරන ලදී නමුත් 20240729 දින වනතෙක් ඒ සඳහා පොලිස්පති නිර්දේශ ඉදිරිපත් නොවූ අතර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති පරිපාලන ධුරය සඳහා සුදුසුකම් ලත් නිලධාරියකු පත් කිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට පැවරී ඇති බලතල ප්රකාරව පොලිස්පති නිර්දේශ රහිතව ක්රියාකළ හැකිද යන්න සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසන ලදී ඒ අනුව නීතිපති විමසීමෙන් අනතුරුව දැනට පොලිස්පති නිලයේ කටයුතු කිරීම සඳහා නිලධරයකු නොමැති බැවින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 155උ1 අ වගන්තිය අනුව පොලිස්පති විමසා කටයුතු කිරීමේ අවශ්යතාවයන් පැනනොනඟින බව පෙන්වා දී ඇත ඒ අනුව දැනට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම සඳහා නිලධරයකු නොමැති බැවින් එකී කරුණු සැලකිල්ලට ගෙන ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නැවත දැනුම් දෙන තෙක් ලලිත් පතිනායක මහතා ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති මධ්යම පළාත ලෙස දැනට රාජකාරි කරනු ලබන තනතුරේ නිල කටයුතුවලට අමතරව ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති පරිපාලන තනතුරේ වැඩ බැලීම සඳහා වහාම ක්රියාත්මක වන පරිදි පත් කිරීමට 20240801 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභා සැසි වාරයේදී තීරණය කර ඇත මෙම පත් කිරීම යාවත්කාලීන කරන ලද ශ්රී ලංකා පොලිසියේ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති තනතුරේ ජ්යෙෂ්ඨතා ලේඛනයේ ප්රමුඛතාවය අනුව සිදුකර ඇත හේමන්ත රන්දුණු
දැන් දහයයි මම එන්නේ කාර් එකෙන්
ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් දස දෙනෙකු වෙනුවෙන් ඊයේ 01දා දිනය අවසන් වන විට ඇප මුදල් තැන්පත් කර ඇත ඊයේ දිනයේදී පමණක් හතර දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කර තිබේ ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් විජයදාස රාජපක්ෂ මහතා වෙනුනේද එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය මහතා වෙනුවෙන්ද රුහුණු ජනතා පෙරමුණෙන් අජන්ත ද සොයිසා මහතා වෙනුවෙන්ද ඊයේ දිනයේදී ඇප මුදල් තැන්පත් කර ඇත එමෙන්ම ඡන්ද හිමියෙකු විසින් නාම යෝජනා කළ අපේක්ෂකයකු වන කේ කේ පියදාස මහතා වෙනුවෙන් ද ඊයේ ඇප මුදල් තැන්පත් කර ඇත ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ හයකින් ද වෙනත් දේශපාලන පක්ෂයකින් හා ඡන්ද හිමියෙකු යෝජනා කළ අපේක්ෂකයකු නාම යෝජනා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත ඇප මුදල් තැන්පත් භාර ගැනීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදු කරනු ලබයි මේ අතර හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂය යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි තමන් ඉදිරිපත් වන පක්ෂයේ ලකුණ මෝටර් රථය බවත් ඊයේ 01දා දිනයේදී ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළ බවත් විජයදාස රාජපක්ෂ මහතා පැවසීය තම ජයග්රහණය සඳහා පක්ෂ සහ සිවිල් සංධාන කිහිපයක් සමග ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට නියමිත බවද ඒ මහතා කීය රනිල් ධර්මසේන සහ චමින්ද සිල්වා
ග්රාම නිලධාරී දීමනා නොදීම ඡන්ද වෙට්ටුවක සැලසුමක්ද සජිත්ට සැකයක්
ග්රාම නිලධාරීන්ට හිමි දීමනා නොගෙවා රජය ඡන්ද කඩාකප්පල් කිරීමේ සැලසුමක සිටිනවාද කියන සැකය තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය ඒකාබද්ධ ග්රාම නිලධාරි සංගමයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේ දී හෙතෙම මේ බව කියා සිටියේය බිම් මට්ටමේ විශාල සේවාවක් ඉටු කරන ග්රාම නිලධාරින්ගේ සේවය තමා අගය කරන බවත් පුද්ගලයකු සමාජයට බිහි වීමේ සිට උපත විවාහය මරණය ආදී සෑම දේකදීම මේ අය ජනතාවට සමීප බවත් කාලයක් පුරා මේ අයගේ අයිතිවාසිකම් කප්පාදු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය සේවා ව්යවස්ථාව නිසි පරිදි ස්ථාපිත කිරීම සහ සාධාරණ වැටුප් ක්රමයක් ඇති කිරීම ආදී ගැටලු රැසකින් ඔවුන් පෙළෙන බවත් පසුගිය වසර හතර කාලයේ තමා මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළ බවත් අද වන විට ඒවාට ලැබුණු පිළිතුරු සුරංගනා කතා බවට පත්වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය ඡන්දය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන ග්රාම නිලධාරීන්ට ඡන්ද නාම ලේඛන සඳහා ගෙවන රු 13ක දීමනාව රු 30 කරන ලෙස මැතිවරණ කොමිසම තීන්දු කළත් තවමත් එය ක්රියාත්මක නැති බවත් මේවා නොදීමෙන් ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමේ රජයේ වක්ර හැඟීමක් ඇත්ද කියා තමා සැක පළ කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කීය
දෙමළ පොදු අපේක්ෂකයෙක් ස්ථිරයි විග්නේශ්වරන් කියයි
ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනතාව නියෝජනය කරමින් දමිළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව උතුරු පළාතේ හිටපු ප්රධාන ඇමැති සීවී විග්නේශ්වරන් මහතා දිවයිනට ඊයේ 01දා පැවසීය උතුරු නැඟෙනහිර ජනතාවගේ හඬ නියෝජනය වනසේ මෙම අපේක්ෂකයා කටයුතු කරනු ඇතැයි සඳහන් කළ ඒ මහතා අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව ඉදිරියේ දී ප්රකාශයට පත්කරන බව ද කීය චමින්ද සිල්වා මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්ර කර ගනිමින් සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කීපයක් විසින් එක්ව එළැඹෙන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කිරීමට නියමිතව සිටින ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කිරීම මේ මස 06 වැනිදා පෙරවරු 700ට අනුරාධපුර මාතලේ හන්දිය ග්රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වෙන රැස්වීමක දී සිදු කිරීමට නියමිත බව එහි ප්රකාශකයෙක් පැවැසීය සශ්රීක ආර්ථිකයක සාරවත් විසඳුම සහ ණයෙන් නිදහස් ජාතියකට මිහින්තලෙන් නව ඇරඹුමක් යන මැයෙන් මෙම රැස්වීම සංවිධානය කර ඇත එහිදී දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන ඇතුළු සංවිධාන රැසක සුසංයෝගයෙන් එළැඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිත ජනාධිපති ධුර අපේක්ෂකයකු නම් කිරීම යෝජනා ස්ථිරත්වයෙන් සිදු කෙරෙන බවත් එම ප්රකාශකයා කීවේය මේ සඳහා මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතා මෙන්ම සර්ව ආගමික නායකයන් සිවිල් සංවිධාන නියෝජිතයන් සහ උගතුන් සහ බුද්ධිමතුන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර ඇතැයි ද එම ප්රකාශකයා වැඩිදුරටත් පැවැසීය අනුරාධපුර විශේෂ පර්සි කුරුනේරු සර්ව ජන බලය සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා අනිද්දා 04දා ප්රකාශයට පත් කරන බව නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දිවයිනට ඊයේ 01දා ප්රකාශ කළාය සිය සන්ධානයේ නායකත්ව මණ්ඩලය හෙට 03දා රැස්වී මේ පිළිබඳව අවසන් එකඟතාවන්ට පැමිණෙන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය සුජීව තත්සර
දිනේෂ්ගේ සහායත් රනිල්ට
ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දීමට මහජන එක්සත් පෙරමුණේ මධ්යම කාරක සභාව ඊයේ 01දා ඒකමතිකව තීරණය කළේය මධ්යම කාරක සභාව මහරගම පිහිටි පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් රැස්විය ශ්රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වැරදි බවට මෙහිදී සාකච්ඡාවට ලක් විය මහජන එක්සත් පෙරමුණ උප සභාපති රාජ්ය ඇමැති සිසිර ජයකොඩි නියෝජ්ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී යදාමිණී ගුණවර්ධන උප සභාපතිවරුන් වන විජය රත්නායක හා හිටපු නියෝජ්ය කථානායක ගීතාංජන ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සභිකයෝ ඊට සහභාගි වූහ රනිල් ධර්මසේන
පොලිස් මැතිවරණ මෙහෙයුම් කාර්යාල 670ක්
මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ කාර්යාල ඇතුළු පොලිස් මැතිවරණ මෙහෙයුම් කාර්යාල 670ක් රටපුරා ස්ථාපිත කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත මෙම පොලිස් මැතිවරණ මෙහෙයුම් කාර්යාල 602ක් පොලිස් ස්ථාන මට්ටමෙන් පිහිටු වීමට කටයුතු කර තිබේ ඊට අමතරව දිස්ත්රික්ක 22ක ප්රධාන පොලිස් මැතිවරණ මෙහෙයුම් කාර්යාල පිහිටුවා ඇති අතර පොලිස් කොට්ඨාස 45ක ද මැතිවරණ මෙහෙයුම් මැදිරි ක්රියාත්මක කර තිබේ ඊට අමතරව රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේ ද පොලිස් මැතිවරණ මෙහෙයුම් මැදිරියක් පිහිටු වීමට පියවර ගෙන තිබේ දිස්ත්රික් මට්ටමෙන් ක්රියාත්මක පොලිස් මැතිවරණ මෙහෙයුම් මැදිරිවල එක් මැදිරියකට පොලිස් නිලධාරීන් 11දෙනකු බැගින් අනුයුක්ත කර ඇත එම මෙහෙයුම් කාර්යාල මගින් මැතිවරණ පැමිණිලි විභාග කිරීම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම යන රාජකාරි සිදු කරනු ඇත පොලිස් ස්ථාන මට්ටමෙන් පිහිටුවා ඇති මැතිවරණ මෙහෙයුම් මැදිරිවල පොලිස් නිලධාරීන් තුන්දෙනා බැගින් රාජකාරි කරනු ඇත රටපුරාම පිහිටුවා ඇති පොලිස් මැතිවරණ මෙහෙයුම් මැදිරි පොලිස් මූලස්ථාන ප්රධාන මෙහෙයුම් මැදිරිය මගින් පාලනය කරන අතර මැතිවරණයට අදාළ උපදෙස් නියෝග ලබාදීම මැතිවරණ කටයුතු භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අසංක කරවිට මහතා විසින් සිදු කරනු ඇත හේමන්ත රන්දුණු
ආර්ථික ප්රතිසංස්කරණ ඡන්දයෙන් පසුවත් ක්රියාත්මක කළ යුතුයි ආසියානු සංවර්ධන බැංකුව කියයි
ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව ද දැනට ක්රියාත්මක ආර්ථික ප්රතිසංස්කරණ ක්රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු යැයි ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්යක්ෂ ටකෆුමි කඩොනො මහතා පැවසීය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින බව ද ඒ සඳහා රජය හොඳ කාර්යභාරයක් කරමින් සිටින බව ද ඔහු කීවේය ආසියානු සංවර්ධන බැංකුව දිගටම ශ්රී ලංකාවට ආධාර කරන බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය ඔහු මේ බව කීවේ ඊයේ 01 දා කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්රී ලංකා කාර්යාලයේ දී දිවයින ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි ශ්යාම් නුවන් ගනේවත්ත
පොලිස්පති නැතිව ඡන්ද කරන්න පොලිස් ලොක්කන් කොළඹට කැඳවයි
පොලිස්පතිවරයකු නොමැතිව ජනාධිපතිවරණයට අදාළ රාජකාරි ක්රියාත්මක කරන ආකාරය මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් අද 02දා කොළඹට කැඳවීමට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා කටයුතු කර ඇත ඒ අනුව ඇමැති ටිරාන් අලස් මහතාගේ සහ අමාත්යාංශ ලේකම් වියානි ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් සියලුම ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත හේමන්ත රන්දුණු
අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යෑමට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනපතිවරණයට ආවා ජනාධිපති රනිල් වික්රමසිංහ
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක් සහ මධ්යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් සමග 31 දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති හමුවේදීය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය විජයග්රහණයක් කිරීමට එක්විය යුතු බවට වන යෝජනාව මෙහිදී බස්නාහිර පළාත් හිටපු ප්රධාන ඇමැති ඉසුරු දේවප්රිය මහතා විසින් ඉදිරිපත් කළ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලේ ප්රධාන සංවිධායක ටී එම් ආර් සිරිපාල මහතා ඇතුළු පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙක් දෑත් ඔසවා එය ස්ථීර කළහ මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය මා වෙනුවෙන් කථා කළ සහ මට සහයෝගය ලබාදීමට මෙම ස්ථානයට පැමිණි ඔබ සියලුදෙනාට මාගේ ස්තුතිය පිරිනමනවා අපි සියලුදෙනා එකට එකතු වුණේ 2022 ජූලි මාසයේදීයි අපි සියලුදෙනාගේ නිවාස එදා අහිමි වුණා රටට අනාගතයක් නැහැ කියලා එදා ජනතාව සිතුවා රට ඉදිරියට ගෙන යාමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතුවා මේ ආණ්ඩුව භාරගත්තේ ඇයි කියලා ඇතැම් අය මගෙන් ඇහුවා මම කිව්වා මේ රට ගොඩගන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තිබෙනවා කියලා පොහොට්ටුවේ අයට මොකක්ද ඒ ගැන තිබෙන පළපුරුද්ද කියලා ඇතැම් අය ප්රශ්න කළා ඉන්න පිරිස සමඟ වැඩ කරනවා මිස අලුතෙන් පිරිස මවන්න නොහැකි බැවින් අපි මේ ගමන ඉදිරියට යමු කියා මම කිව්වා දැන් ඒ අය කියනවා ඔයාට හොඳ කණ්ඩායමක් ඉන්නවා කියලා ඇමතිවරුන් මන්ත්රීවරුන් පළාත් සභා හා ප්රාදේශීය සභා නියෝජිතයින් අප සියලුදෙනා එකතුවෙලා පළමුව මේ රට තුළ ස්ථාවරභාවයක් ඇති කළා එදා මේ රටේ විශාල බියක් ඇති වී තිබුණා මන්ත්රීවරු මහ මග ඝාතනය කරනවා නම් රටේ තත්ත්වය මොකක්ද අපි පසු කළේ එවන් තත්ත්වයක් අපි දැන් රට නැවත සාමාන්ය තත්ත්වයට ගෙනවිත් බංකොලොත් භාවයෙන් ද නිදහස් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා අපට මෙතැනින් මෙම කටයුතු අවසන් කරන්න බැහැ ජාත්යන්තර මූල්ය අරමුදලේ ගිවිසුම අනුව අප කටයුතු කළයුතුයි එය කඩ කළොත් අපි නැවත අගාධයකට වැටෙනවා ඔවුන් අපට මුදල් ලබා දෙන්නේ කොන්දේසි මතයි අපි ඊට එකඟතාවය පළ කර තිබෙනවා ඒ අනුව ඉදිරියට යා යුතුයි අපට දැන් මුදල් තිබෙන්නේ දෙසැම්බර් මාසය වන තෙක් පමණයි ජනවාරි මාසයේ දී ජාත්යන්තර මූල්ය අරමුදල සමග අනිත් ගිවිසුම අත්සන් තැබිය යුතුයි එවිට අපට ජනවාරි පෙබරවාරි වන විට මුදල් ලැබෙනවා නමුත් අපි මේවා අලුතින් සාකච්ඡා කරන්න ගියොත් කොච්චර කාලයක් ගත වෙනවද එවිට මෙය අවසන් කිරීමට වසරක් පමණ ගත වෙනවා අපිට මුදල් නැතිව ඉදිරියට යන්න බැහැ ඒ නිසා මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් මුදල් ලබාගෙන ඉදිරියට යනවද නැද්ද කියා අප තීරණය කළ යුතුයි ඒ වගේම අපි මේ තරුණ තරුණියන්ගේ ප්රශ්න විසදිය යුතුයි ඔවුන්ට රැකියා ලබා දිය යුතුයි ඒ වගේම දුප්පත්කම නැති කළ යුතුයි රට දියුණු කළ යුතුයි එම කටයුතු වෙනුවෙන් මම ආණ්ඩු 10ක් හදනවා පළාත් ආණ්ඩු 09ක් සහ මධ්යම ආණ්ඩුව යටතේ එම කටයුතු ඉදිරියට ගෙන යනවා එහිදී සියලුදෙනාට වගකීම් පැවරෙනවා ජනාධිපතිවරණයට මා ස්වාධීනව ඉදිරිපත් වුණේ මේ රට අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යා යුතු නිසයි පක්ෂග්රාහී නොවී අලුත් විය යුතු නිසයි අපි ඒ ගමන යමු ඒ නිසා අපි සියලුදෙනා එක්වී ඉදිරියට යමු 2022 වසරේ මට සහාය ලබාදීමට පොහොට්ටුවේ බහුතරයක් තීරණය කළා ඔවුන් එය සිදු නොකළා නම් අද රටේ මේ තත්ත්වය නැහැ ඒ නිසා විශේෂයෙන් එම තීරණය ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මා ස්තූති කරනවා එය රට බේරගත් තීන්දුවක් අපි දැන් ඉදිරියට යමු පක්ෂ කැඩීමට අවශ්ය නැහැ අපි ඒවා හැකිතරම් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඕන අද ලෝකයේ ප්රශ්න තිබෙනවා අද අළුයම ටෙහෙරාන් නගරයේ දී හමාස් සංවිධානයේ නායකයාව ඝාතනය කළා එම ක්රියාව මා හෙළා දකිනවා එය වැරදියි ගාසා යුද්ධයේ විසඳුමකට පැමිණිය යුතුව තිබුණා එවන් අවස්ථාවක මෙම ක්රියාව නිසා නැවත මැද පෙරදිග රටවල ප්රශ්න උග්ර වෙනවා ඒ නිසා ඊට මම එකඟ වෙන්නේ නැහැ රටක් සහ රාජ්යයක් ලෙස ජීවත්වීමේ අයිතිය සෑම විටම අපි ආරක්ෂා කළ යුතුයි රාජ්ය ඇමැති ඩී බී හේරත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ අනුර ප්රියදර්ශන යාපා මධුර විතානගේ බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුරු දේවප්රිය උතුර මැද හිටපු මහ ඇමැති එස් එම් රංජිත් නැගෙනහිර පළාත් හිටපු අමාත්ය ආරියවතී ගලප්පත්ති එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්ම මහත්මීන් සහ හිටපු ප්රධාන අමාත්යවරුන් හිටපු පළාත් සභා මන්ත්රීවරුන් හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
ඡන්ද කටේ සෞඛ්ය ස්ථාන මාරු නවත්වන්න මැකොසට පැමිණිලි
ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව සෞඛ්ය අමාත්යාංශය මගින් සිදු කළ හා සිදු කිරීමට නියමිත සියලු ස්ථාන මාරු තාවකාලික සහ ස්ථිර පත්වීම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අද 02දා මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කර ඇත මේ සම්බන්ධයෙන් මැදිහත්ව ක්රියාකර අදාළ සියලු ක්රියාවන් නතර කිරීම සඳහා සෞඛ්ය ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටින බවද එම සන්ධානයේ ප්රකාශයෙක් දිවයිනට සඳහන් කළේය මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ලබාදෙන නිර්දේශයන් කඩ කිරීමට සෞඛ්ය අමාත්යාංශය පියවර ගත හොත් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීති ක්රියාමාර්ග ගැනීමට ක්රියා කරන බව ද එම ප්රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය සුජීව තත්සර
ඔච්චර සහය තියෙනවා නම් ඡන්දෙට තිරිංග ඇයි ජීඑල් කියයි
ජනාධිපති මැතිවරණ ජයග්රහණය ස්ථිර නම් ජනාධිපතිවරයා මැතිවරණය පැවැත්වීමේ ක්රියාවලියට තිරිංග දමන්නට උත්සාහ දරන්නේ ඇයි ද යන්න ප්රශ්න කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජීඑල් පීරිස් මහතා ඊයේ 01දා පැවසීය ආණ්ඩුවේ මන්ත්රීවරුන් විශාල පිරිසක් සහාය ලබාදීමට එකඟ වී ඇති බව පවසන බවත් එවැනි තත්ත්වයක් පවතී නම් මැතිවරණය පැවැත්වීමට සහාය ලබාදීම සිදු කළ යුතු බවත් පීරිස් මහතා කොළඹ ඊයේ 01දා පැවැති මාධ්ය හමුවේදී පැවැසීය ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් අනූදෙදෙනකු ජනාධිපතිවරයාට සහාය දැක්වූ බවට පසුගියදා ප්රකාශ වුවත් ඇතැම් මන්ත්රීවරුන් රැස්වීම අතර තුර නැඟිට ගිය බවට වාර්තා වූ බවද ඒ මහතා කීය මන්ත්රීවරුන් පැති මාරු කළ ද ඔවුන්ගේ ක්රියාකලාපය සහ ඔවුන් ජනතාව සමග කටයුතු කරන ආකාරය මත ජනතාව තීන්දු ගන්නා බවත් මහින්ද රාජපක්ෂ යනු පොහොට්ටුවේ සංකේතය බවත් ඔහු කීය ජනාධිපතිවරයා ජනාධිපතිවරණය පැවැත්වීමට සහාය ලබාදුන්නත් නැතත් මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පවත්වන බවද පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය චමින්ද සිල්වා
මේ ඇරැඹෙන්නේ පුනරුද යුගයයි උපාධිය ගත් දරුවා අටපාස් මන්ත්රී පිටුපස යන යුගය අවසන් කරනවා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හරිනී අමරසූරිය
අවුරුදු දහතුනක අධ්යාපනයකින් පසුව පාසලෙන් එළියට යන දරුවා උපාධිය අරගෙන අට පාස් මන්ත්රී පිටුපස රැකියාවක් ගන්න යන යුගය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හරිනී අමරසූරිය මහත්මිය පැවසුවාය මන්ත්රීවරියේ මෙසේ පැවසුවේ ජනාධිපතිවරණය වෙනුවෙන් යාපහුව අබකොලවැව මං සන්ධියේදී පැවති ජන හමුවට එක්වෙමිනි මන්ත්රීවරිය මෙසේද පැවසුවාය අධ්යාපනයේදී මෙරට සියලුම දරුවන්ට සමාන ගුණාත්මක වටිනාකමක් ලැබිය යුතුයි පාසල් අතර විෂමතා ගුරුවරු අතර විෂමතා සම්පත් අතර විෂමතා නොතිබිය යුතුයි ඒ නිසා මේ අධ්යාපන ක්රියාවලිය විධිමත් කිරීමට අධ්යාපන ප්රතිසංස්කරණ නව රජයක් යටතේ සිදුකර සැමට සම අධ්යාපන අවස්ථා ලබා දෙනවා පුනරුද යුගයයි මේ ඇරඹෙන්නේ අපි ඒකට සූදානම් වෙනකොට වසර හැත්තෑ හයක් මේ රට අධ්යාපනය විනාශ කළ නායකයෝ තවම මේ වෙනස පිළිගන්න සූදානම් නෑ ජනාධිපතිවරණයෙන් රනිල්ට පැනලා යන්න බෑ ඒකට මුහුණ දෙන්න වෙනවා ඔහු පරාජය වෙන්නත් නියමිතයි මැතිවරණය දිනන්න බැරි රනිල් ඒක අවුල් කරන්නයි මේ හදන්නේ අධිකරණ තීන්දු ක්රියාත්මක කළ යුතුමයි ඒ තීන්දු ප්රශ්න කිරීම අධිකරණයට කරන අපහාසයක් ව්යවස්තාදායකය විධායකය හා අධිකරණය අතර ගැටුමක් ඇති කරන්නයි මේ උත්සාහ කරන්නේ මේ කිසිවකින් ජනාධිපතිවරණයට බලපෑමක් වෙන්නේ නෑ වන අලි ප්රශ්න උග්ර වෙලා මිනිහෙකුට පාරට බහින්න බෑ දරුවකුට පාසලට යන්න බෑ ඒ තරමට අලි ගම් වැදිලා පාලකයෝ මේ කිසිවක් ගණන් ගන්නේ නෑ 2024 වර්ෂයේත් අලි ගමට ඇවිත් මිනිස්සු මරනවා කිව්වොත් අපි ලැජ්ජා විය යුතු නැද්ද ජන ජීවිත රැකගෙන පරිසර හානිය අවම කරගෙන ඉදිරියට යන්න දැනුම තාක්ෂණය අධ්යාපනය අවශ්යයි අනාගත ජාතික ජන බලවේග රජයක් යටතේ මිනිස් ජීවිත රකින බවට පොරොන්දු වෙනවා යාපහුව විජේරත්න
රනිල් සජිත් අනුර ළඟ අරගලය ඉල්ලූ වෙනස නෑ ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතීඥ නුවන් බෝපගේ
ගෝල්ෆේස් අරගලයෙන් ඉල්ලා සිටි ක්රම වෙනසකට අදාළ කිසිඳු ප්රතිපත්කියක් රනිල් සජිත් හෝ අනුර ඉදිරිපත් කර නෑ ජනතාවාදී ක්රම වෙනසක් ඉදිරිපත් කර ඇත්තේ ජනඅරගල සන්ධානය පමණයි යැයි එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතීඥ නුවන් බෝපගේ මහතා පැවසීය ඔහු මේ බව කියා සිටියේ එම සන්ධානයේ ප්රතිපත්ති ප්රකාශය එළි දැක්වීමේ උත්සවය 31 දා කොළඹ මහජන පුස්තකාලයේ පැවැති අවස්ථාවේදීය එහිදී ඔහු මෙසේ ද කීවේය අපි අභිමානයෙන් ප්රකාශ කරනවා මේ රටේ දේශපාලන තලය තුළ දේශපාලන ව්යාපාර තුළ දුක්විඳින ජනතාවගේ පීඩාවට පත් වූ ජනතාවගේ ඉරණම තීරණය කරන්නා වූ එකම වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නට පුළුවන් වූ එකම ව්යාපාරය ජන අරගල සන්ධානය පමණයි කියන කාරණය මේ සමස්ත වැඩපිළිවෙල ඇතුළේ අපි ඉදිරිපත් කරනවා සැබෑ ක්රම වෙනසක් ඇයි අපට ක්රම වෙනසක් අවශ්ය අපි දන්නවා මේ තියෙන කැපිටලිස්ට් සිස්ටම් එක ධනපති ක්රමය අඩුම තරමේ ධනපති පාලකයන්ටවත් තමන්ගේ ක්රමය ගැන කෙළින් කියන්න බැරිව තටමන යුගයක් අපි දැක්කේ අපි කලින් දැක්කා මානූෂීය ආර්ථිකයක් ධර්මිෂ්ඨ ආර්ථිකයක් සුබ අනාගතයක් යහ පාලනය වගේ වචන කියනව මිසක් ධනවාදය කියලා කියන්න ලැජ්ජයි බයයි අඩුම තරමේ මේ රටේ ධනපති පාලකයන්ට තමන්ගේ ක්රමය ගැනවත් කියන්න ලැජ්ජයි එවැනි අවස්ථාවක අපට ධෛර්යක් තිබුණා අභිමානයෙන් යුතුව කියන්න ඒ ක්රමයට විකල්ප ක්රමයක් තියෙනවා ඒක වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියලා මේ වැඩපිළිවෙල ඇතුළේ තියෙනවා කොහොමද යුක්ති සහගත ආර්ථිකයක් හදන්නේ ජන කේන්ද්රීය ආර්ථිකයක් හදන්නේ සැලසුම් සහගත ආර්ථිකනයක් හදන්නේ නිෂ්පාදනය මුල් වූ ආර්ථිකයක් හදන්නේ කියලා අපේ නොබැඳි රාජ ප්රතිපත්තිය තුළ ජනාතව නොගෙවිය යුතු අසාධාරණ ණය අපි ගෙවන්නේ නෑ මේ රටේ ජනතාවට පටවපු විලෝපිත ණය අපි ගෙවන්නේ නෑ ජනතාවගේ සම්මුතියෙන් අපි අභියෝග කරනවා පමණක් නෙවෙයි ජනතාවට බර පැටවෙන්නේ නැති විදියට ඒ ප්රශ්නය විසඳන්නේ කොහොමද කියන කාරණය අපි විස්තර කරලා තියෙනවා මේ රාජ්යතාන්ත්රිකයාට බැරි වෙලා තියෙනවා රටට විරුද්ධ ප්රකාශවලට අභියෝග කරන්න ඉන්දියාවේ මෝඩි දකුණේ ඡන්ද ගන්න කියනවා ලංකාවේ දූපත් නැවත පවරාගන්නවා කියා මේ රටේ මහා ලොකු තාන්ත්රිකයාට එක වචනයක් ඊට විරුද්ධව කියන්න පුළුවන් වුණාද චීනයේ පර්යේෂණ නෞකා එනකොට ඉන්දියාව කීවා ඇතුළුවෙන්න දෙන්න එපා කියලා මේ රාජ්යතාන්ත්රිකයාට කියන්න පුළුවන් වුණාද අපේ රටේ කටයුතුවලට සම්බන්ධ වෙන්න එපා කියලා කියන්න ඒ ධෛර්යයත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ මේ ජනාධිපතිවරණ පොර පිටියේ ඉන්න චරිත ගණනාවක් පැහැදිලියි මේ වෙනකොට රනිල් වික්රමසිංහ ඇප මුදල් තැන්පත් කරලාත් ඉවරයි අනෙකුත් සජිත් ප්රේමදාස අනුර කුමාර දිසානායක වගේ අයත් දැන් මැතිවරණ පොර පිටියේ තමන්ගේ කටයුතු කරමින් යනවා මේ සෑම අයගේම ප්රතිපත්ති එකිනෙකට සම්බන්ධයි එකිනෙකට සමානයි මේ රටේ ජනතාව ඉල්ලපු අරගලයෙන් ඉල්ලපු ක්රම වෙනසකට අදාළව කිසිදු ප්රතිපත්තියක් මේ ප්රකාශය තුළ තියෙන්න විදියක් නෑ
ඩයනාට නඩු හතක් මම නිවැරදියි ඇය කියයිඇප ලැබෙයි
ආගමන විගමන පාලකවරයා වෙත ව්යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්රයක් ලබා ගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්ය ඇමැති ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති චෝදනා 7කින් යුත් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇය එම චෝදනා 7ටම නිවැරැදිකරු බව ප්රකාශ කළ අතර සැකකාරිය පෙර ඇප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය මෙලෙස නඩු පවරනු ලැබුවේ අංක 53127 කන්ටි්රබෙල්ට් බංගලාව අමරාගොඩ පාර හෝකන්දර උතුර පදිංචි ඩයනා ගමගේ හෙවත් නයනා සමන්මලී හෙවත් ඩයනා නටාශා කැකනදුර නමැත්තියටය නීතිපතිවරයාගේ උපදෙස් ප්රකාරව මෙම සැකකාරියට එරෙහිව චෝදනා 07ක් යටතේ නඩු 07ක් අධිකරණය හමුවේ ගොනු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය විමර්ශන අංශය සැකකාරියට චෝදනා කියවා දුන් අතර එහි දී සැකකාරියගෙන් වැරදිකරු ද නිවැරැදිකරු ද යැයි කියා විමසන ලදි එහි දී සැකකාරිය නිවැරැදිකරු බවට ප්රකාශ කළ බැවින් මහෙස්ත්රාත්වරයා එකී චෝදනා 07 සම්බන්ධයෙන් පෙර ඇප මත සැකකාරිය මුදා හැරීමට නියෝග කළේ ය වර්ෂ 2016ක් වූ ජූලි මස 14 වැනි දින හා වර්ෂ 2017ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලයේ දී ශ්රී ලංකාව තුළ වලංගු වීසා බලපත්රයක් නැතිව රැඳී සිටීම සැකකාරියට එරෙහි පළමු චෝදනාව ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර ඇත වර්ෂ 2017ක් වූ ජූලි මස 07 වැනි දින සහ වර්ෂ 2018ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලයේ දී ද වර්ෂ 2018ක් වූ ජූලි මස 17 වැනි දින සහ වර්ෂ 2019ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලයේ දී ද වර්ෂ 2019ක් වූ ජූලි මස 17 වැනි දින හා වර්ෂ 2020ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලයේ දී ද 2020 ජූලි මස 17 වැනි දින සිට සහ වර්ෂ 2020ක් වූ නොවැම්බර් මස පළමුවැනි දින අතර කාලයේ දී ද වලංගු වීසා බලපත්රයක් නැතිව මෙරට රැඳී සිටීම යන චෝදනා යටතේ නඩු 06ක් ලෙස චෝදනා නඟා ඇත සැකකාරියට එරෙහිව නඟා ඇති හත් වැනි චෝදනාව වන්නේ වර්ෂ 2014ක් වූ ජනවාරි මස 20 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට අංක එන් 5091386 දරන විදේශ ගමන් බලපත්රය නිකුත් කිරීමට අදාළ අයැදුම් පත්රයක් ඉදිරිපත් කිරීමේ දී ආගමන විගමන පාලකවරයාට අසත්ය ප්රකාශ ඉදිරිපත් කර ආගමන විගමන පනත යටතේ වරදක් සිදු කර ඇති බවටය බි්රතාන්ය පුරවැසිකමක් හිමි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට සමාජ ක්රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්රේෂ්ඨාධිකරණය මගින් ඉකුත් මැයි මස 8 වැනිදා ඇය මන්ත්රීධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිගමනය කර තිබුණි එම නියෝගයෙන් අනතුරුව ඩයනා ගමගේ මහත්මිය නීතිඥවරයකු මගින් කොළඹ ප්රධාන මහෙස්ත්රාත්වරයා වෙත භාරවීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක මුදල් හා රුපියල් මිලියන 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබිණි ඒජේඒ අබේනායක
මෛත්රීට පැනවූ වාරණය දීර්ඝ කෙරේ
හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ඔක්තෝබර් 04 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ 01 නියෝගයක් නිකුත් කළේය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් අප්රේල් 04 වැනිදා එම වාරණ නියෝගය මුල්වරට නිකුත් කළේය හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියේය විනිසුරුවරයා දෙපාර්ශ්වයටම නියෝග කළේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ඔක්තෝබර් 4 දා ඉදිරිපත් කරන ලෙසය ඒජේඒ අබේනායක
පක්ෂය කියපු පලියට අපිට කියන දේවල්ම කරන්න බෑ ධීවර රාජ්ය ඇමැති පියල් නිශාන්ත
පොහොට්ටුවේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් රටට ආදරය කරන තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපය තුළ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා එක්වන බව ධීවර රාජ්ය ඇමැති පියල් නිශාන්ත මහතා පවසයි ඇමැතිවරයා මේ බව කියා සිටියේ එක්ව ජයගමු තේමාව යටතේ පවත්වන මාධ්ය සාකච්ඡාවට 31 දා සහභාගී වෙමිණි එය බම්බලපිටිය ලොරිස් මාවතේ පිහිටි රනිල් වික්රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මාධ්ය මධ්යස්ථානයේදී පැවැත්විණි මෙහිදී අදහස් දැක්වූ ධීවර රාජ්ය ඇමැති පියල් නිශාන්ත මහතා මෙසේද පැවසීය මේ අවස්ථාව ජයග්රහණය කළ යුතු අවස්ථාවක් ලෙසයි අපි දකින්නේ අපි ජයග්රහණය කර තිබූ අවස්ථාවකදී තමයි අපේ පාක්ෂිකයින්ට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණේ අපේ නිහතමානී අහිංසක පාර්ලිමේන්තු මන්ත්රීවරයකු පාරේ ඇදගෙන ගොස් අමු අමුවේ ඝාතනය කළා ඒ යුගය අපට අමතක වෙන්නේ නෑ ඒ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ ක්රියාත්මක කළ දේශපාලන පක්ෂ ඒ දේශපාලන නායකයන් නැවත මේ රටේ බලය ඉල්ලන්නට සුදානම් වෙනවා පක්ෂයේ සහයෝගයත් ලබාගෙන මේ වෙලාවේ වඩාත්ම සුදුසු රටටත් ජනතාවටත් වගකිව හැකි නායකත්වය වෙනුවෙන් තමයි අපි මේ තීන්දුව ගත්තේ මේ තීන්දු ගන්නේ අපට වුවමනාවකට නොවේ එහෙම නැත්තං වරදාන වරප්රසාද ලබාගැනීමේ වුවමනාවට නොවේ පහළ මට්ටමේ ඉන්න අපේ දේශපාලන නියෝජිතයන් වන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බලමණ්ඩල නායකයන් සමග දිස්ත්රික්ක නියෝජනය කරන සහ ආසන නියෝජනය කරන ඒ වගේම පළාත් පාලන ආයතන නියෝජිතයන් සමග සාකච්ඡා කරලා අපිට අනුබද්ධිත සංවිධාන වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා ගත්ත තීන්දුවක් වෙන වෙන තැන්වලට පනින්න ගත්ත තීන්දුවක් නොවේ දැනට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි ප්රතිපත්ති ඉදිරියට ගේන්නයි බලයට තියෙන කෑදරකමටයි එයාලා කටයුතු කරන්නේ වර්තමාන තත්ත්වය 100 ත්ම සාර්ථක නැතිවෙන්න පුළුවන් නමුත් අපි වැටිලා තිබුන රට අපි නැවත නිර්මාණය කළා කවුරු චෝදනා කළත් මේක සාමාන්ය ජනතාවත් කරපු ඉල්ලීමක් මහින්ද චින්තන වැඩපිළිවෙළක් එක්ක නව සංකල්පයන් එක්ක අපි ඉදිරියට යන්න ඕන පාර්ලිමේන්තු මන්ත්රීවරු විදියට අගමැති හා ජනාධිපති කරවන්න අපෙන් සහයෝගය ඉල්ලුවා හැබැයි පක්ෂය කියපු පලියට අපිට ඒ කියන දේවල්ම කරන්න බෑ අපිව නිර්මාණය කරපු ජනතාව ගැන හිතන්න ඕන ඒ නිසයි මේ තීරණ ගන්නේ සංඛ්යාත්මකව පොහොට්ටුවේ පමණක් සමාජිකයින් 70 කට අධික පිරිසක් ජනාධිපතිතුමාට සහය දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා මේවා තීරණය වෙන්නේ නායකත්වයේ තියෙන ගුණාංග එක්ක තවත් දින 02 ක් 03 ක් ඇතුළත තවත් බොහෝ පිරිසක් ජනාධිපතිතුමා වටා එකතුවෙනවා මේ ඉලක්කගත ප්රවේශය නිසා සිංහල දෙමළ මුස්ලිම් සියලුදෙනාම එකට එකතු වෙනවා පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ඉතාම සුළු පිරිසක් සියලුදෙනා එක්කම කතා කරානම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා මේක කිහිපදෙනෙක්ගේ කුමන්ත්රණකාරී වැඩපිලිවෙළක් ප්රජාතන්ත්රවාදී අවස්ථාවක් නිරූපණය වුනානම් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබ්බා දැනටත් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා බැසිල් සහ මහින්ද කියන්නේ බොහෝම ප්රජාතන්ත්රවාදීව හොඳ තීරණයක හිටියා හැබැයි එතනට කුමන හෝ විෂබීජයක් ඇතුළු වෙලා තත්ත්වය වෙනස් කළා අපිට පොදුජන පෙරමුණ හෝ අපේක්ෂකයෙක් එක්ක තරහක් හෝ තරගයක් නෑ අපි පහළ ජනතාව ගැන හිතලා අත්දැකීම් තියෙන දැක්මක් තියෙන කෙනෙක් තෝරගන්න ඕන ඒ නිසයි ජනාධිපතිතුමාට සහාය දෙන්නේ මෙහිදී අදහස් දැක්වූ කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනි රාජිකා වික්රමසිංහ මහත්මිය 2022 තිබුණ වාතාවරණය විසඳලා රටේ ජනතාවට නිදහසේ තමන්ගේ ආර්ථිකය සහ නිදහසේ ජීවත් වීම සදහා අවකාශය නිර්මාණය කළේ රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමයි ශ්රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂ සාමාජිකයන් විදියට අපි පක්ෂයට ආදරෙයි අපේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි හැමදාම ළෙන්ගතුයි හැබැයි එතුමාගේ ආශිර්වාදය යටතේ දේශපාලයට ආපු අපිට සිදුවුණා පාර්ලිමේන්තු මන්ත්රීවරු විදියට රට ගැන හිතලා ජනතාව ගැන හිතලා ජනතාව ඉල්ලන පරිදි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දීලා ජයග්රහණය කරවන්න මීට අවුරුදු 02 ට පෙර මේ රටේ ජනතාව කාන්තාවන් විදියට ගෑස් පෝලිමේ හිටියා ළමයින්ට කිරිපිටි නැතිව පෝලිම්වල හිටියා මේ යුගය නිමා කළේ ජනාධිපතිතුමා 74 වසරක් පුරාවට දේශපාලනය කළ අය මේකට වග කියන්න ඕන
ශානිගේ පෙත්සම කමල් ගුණරත්නට දේශබන්දුට පොලිස් කොමිසමට නොතීසි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ විශ්රාමික ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා තමන් ඝාතනය කිරීමේ කුමන්ත්රණයක් පවතින බවත් එබැවින් ආරක්ෂාව වැඩි කරන ලෙසත් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධව අගෝස්තු 9 අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරන ලෙස නියෝග කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතාට ජාතික පොලිස් කොමිසමට සහ ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් විශ්රාමික කමල් ගුණරත්න මහතාට පෞද්ගලික නොතීසි නිකුත් කිරීමට ශ්රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේය ඒ අනුව වගඋත්තරකාර පාර්ශ්වයන්ට නොතීසි භාර දීම සිදු කරන ලෙස විනිසුරු මඬුල්ල පෙත්සම්කරුවන්ට දැනුම් දුන්හ මෙම පෙත්සම ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ මුර්දු ප්රනාන්දු යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන් හමුවේ කැඳවිණි මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස දේශබන්දු තෙන්නකෝන් ජාතික පොලිස් කොමිසම සහ ආරක්ෂක ලේකම්වරයා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ ඒජේඒ අබේනායක
පොහොට්ටුවේ සියලු දෙනාට ශ්රීලනිප මහ ගෙදර පැමිණීමට දොරවල් විවෘත කළා මහින්ද අමරවීර
සියලු පොහොට්ටු මන්ත්රීවරුන්ගේ මහ ගෙදර ශ්රී ලංකා නිදහස් පක්ෂයයි දරුවෝ පොඩි පොඩි දේවල්වලට තරහ වුණාට අම්මලා තාත්තලා මහගෙදර දොරවල් වහන්නේ නැහැනේ ඒ වගේ පොහොට්ටුවේ සියලු දෙනාට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහගෙදරට පැමිණීමට අපි දොරවල් විවෘත කර තිබෙනවා යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ 01දා කෘෂිකර්ම අමාත්යාංශයේ දී පැවැති මාධ්ය හමුවක් අමතමිනි එහිදී මාධ්යවේදීන් ඇසු ප්රශ්නවලට ඇමැතිවරයා පිළිතුරු දෙමින් මෙසේද පැවසීය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව කිහිපයක් නෑ නිල වශයෙන්ම අධිකරණ තීන්දු සියල්ලම අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තිබෙන්නේ එක පාර්ශවයයි ඒ අපේ පාර්ශ්වය පමණයි වෙනත් පාර්ශව තියෙනවා නම් ඒ අය අඩු ගානේ සම්මේලනයක් හෝ විධායක සභාවක් කැඳවන්න කියන්න එහෙම නැත්නම් මධ්යම කාරක සභාවක් කැඳවන්න කියන්න එහෙම නැත්නම් දේශපාලන මණ්ඩලය ඒ මොකක්වත් කැඳවන්න පුළුවන්කමක් නෑ අඩුගානේ පක්ෂ මුලස්ථානයේ සාකච්ඡාවක් තියන්න කියන්න කියලා මා අභියෝග කරනවා මේ බොරුවට හදාගත්ත කණ්ඩායම් කියලා පුද්ගලයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා නමුත් මන්ත්රීවරුන්ගෙන් අති බහුතරය ඉන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අපිත් එක්ක සංවිධායකවරු අතිබහුතරය ඉන්නේ අපිත් එක්ක ඒ වගේම ප්රාදේශීය සභා පළාත් සභා නියෝජිතයන් අති බහුතරය ඉන්නේ අපිත් එක්ක අපිට ඔය චෝදනාව කළේ අද නෙමෙයි අවුරුදු ගානකට ඉස්සෙල්ලා කිව්වා අපි එක්සත් ජාතික පක්ෂෙට යනවා කියලා තව කට්ටියක් කිව්වා අපි ගිහින් පොහොට්ටුවේ නවතිනවා කියලා අපි කිසිම පක්ෂෙකට ගියෙ නෑ අපි ශ්රී ලංකා නිදහස් පක්ෂය විදියට තමයි කටයුතු කරන්නේ අපි මේ වතාවේ සහයෝගය පළ කරන්නේ ස්වාධීනව ඉල්ලන අපේක්ෂකයෙක් වෙනුවෙන් ඒ කියන්නේ රනිල් වික්රමසිංහ මැතිතුමාට එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් විදිහටයි ඉදිරිපත් වෙන්නේ අපි ශ්රී ලංකා නිදහස් පක්ෂය විදිහට ඊයේ අපේ දේශපාලන මණ්ඩලය මධ්යම කාරක සභාව සහ විධායක සභාව කියන තුනම ඒකමතිකව තීන්දු කළා රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න එතුමා මේ රට මේ තිබුණු අගාධයෙන් ගොඩ ගත්තු නායකයා විදියට තව අවුරුදු කීපයක් එතුමට ජන වරම ලබා දිය යුතුයි කියන අදහසේ ඉඳගෙන තමයි අපි සහයෝගය ලබා දෙන්නේ හැබැයි අපිට චෝදනා කරන කට්ටිය ගිහින් නවතින්නේ කොතනද බලන්න ඒ අය ගිහින් නවතින්නේ කාගේ දෙපතුළ ළඟද කියලා ළඟදීම බලන්න පුලුවන් අපි එහෙම වෙන පක්ෂයක සංවිධායකයෝ වෙන්නෙත් නෑ සාමාජිකයෝ වෙන්නෙත් නෑ අපි සහයෝගය දෙන කෙනා මේ රටේ ජනාධිපති බවට පත් කරන්න අපි කැප වෙලා වැඩ කරනවා ඒ වගේම ඊළඟට හදන ආණ්ඩුවේ ප්රධාන පක්ෂය වෙන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂයයි ඔළුගෙඩි තියෙන්නේ කොහෙද කියලා සමහරු අහනවා අම්බලන්තොට තිබුණ රැස්වීම දැක්කනම් වැල්ලවායේ තිබුණ රැස්වීම දැක්කනම් බදුල්ලේ තිබුණ රැස්වීම දැක්කනම් ඔළුගෙඩි තියෙන්නේ කොහෙද කියලා පෙනේවි එගොල්ලන්ටත් අපි කියන්නේ ඔළුගෙඩි ගෙනල්ලා පෙන්වන්න කියලයි අපි අපේ පක්ෂය යූඑන්පියට හේත්තු කරන්නේ නැහැ යූඑන්පී එකේ ඉන්නේ වෙනම කට්ටියක්නේ අපි යූඑන්පී එකට කිසිම ආකාරෙක උදව්වක් කළේ නෑ අපි යූඑන්පී එකේ සාමාජිකත්වය ගන්නෙත් නෑ යූඑන්පී එකට අපි එකතු වෙන්නෙත් නෑ අපි ස්වාධීනව ඉන්න අපේක්ෂකයෙක් වෙනුවෙන් වැඩ කරන්නේ ශ්රීලංකා නිදහස් පක්ෂය පසුගිය කාලයේ තිබුනේ බිමට සමතලා කරළා බිංදුවෙ ඉඳල දැන් අපි පටන් අරගෙන යනවා ශ්රී ලංකා නිදහස් පක්ෂය කියල නමට තිබුණ එක අපි අද ශක්තිමත් පක්ෂයක් බවට පත්වෙමින් යනවා අපේ හිටපු සභාපතිතුමාට මන්ත්රීවරු 142 ක් එක්ක තමයි මේ පක්ෂෙ භාර දුන්නේ එතුමත් දෙයියනේ කියල මන්ත්රීවරු දෙන්නට ඒක බස්සගත්තා සියලු වෘත්තීය සමිති නැතිකරගත්තා සියලු සංවිධාන නැතිකරගත්තා ගම් මට්ටමේ තිබුණ බලය නැති කරලා වට්ටපු පක්ෂයක් තමයි අපි භාරගත්තේ අපේ පක්ෂය දාලා පොහොට්ටුවට ගිය සියලුදෙනාට අපේ පක්ෂයට එන්න පුලුවන් මේක මහ ගෙදර ඒ අයගේ ශ්රීලංකා නිදහස් පක්ෂය ඔය ඉන්න ඔක්කොටම වගේ හුරු තැනක් අපේ දොරවල් විවෘතව තියෙන්නේ ඉතින් ඒක තීන්දු කරන්න ඕන ඒ ඉන්න කට්ටිය
ජනපති සමග හමුවට මන්ත්රීන් කැඳවූවේ ආණ්ඩු පක්ෂ රැස්වීමක් බව කියලා
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ස්ථිරවම ඉදිරි දින කිහිපය තුළ ප්රකාශයට පත්කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා දිවයිනට ඊයේ 31 දා පැවසීය ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පෙරේදා 30 දා පැවැති රැස්වීමට සහභාගි වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 92 දෙදෙනාගෙන් හරි අඩකටත් වැඩි ප්රමාණයක් තවමත් තම පක්ෂය ගන්නා තීරණය සමග කටයුතු කරන බව සහතිකව කිව හැකි බව ද ඔහු කීය ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැති රැස්වීමට මන්ත්රීවරුන්ට ආරාධනා කර තිබුණේ ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ප්රසන්න රණතුංග මහතාගේ දැනුම් දීමකට අනුව ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් ලෙස බව ද ඔහු පැවසීය එහිදී ආණ්ඩුවේ ඇමැති පදවි දරන හා නොදරන මන්ත්රීවරු කිහිපදෙනෙක්ම ජනාධිපතිවරයාට සහය දෙන බව ප්රකාශ කළ නමුත් බහුතරයක් නිහඬව සිටියේ වෙන්නේ මොකක් දැයි සිතා ගැනීමට නොහැකිව බව ද ඔහු කීය කලින් ගත් තීරණය මතම කටයුතු කරමින් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්රකාශ කිරීමට කටයුතු කරන බව ද මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙන පරිදි ලබන 14වැනිදා මධ්යාහ්න 1200ට පෙර තම පක්ෂයේ අපේක්ෂකයාගේ ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කරන බව ද මහ ලේකම්වරයා පැවසීය පක්ෂයේ අපේක්ෂකයාට විරුද්ධව වෙනත් අපේක්ෂකයකුට සහය දෙන අයට විනය පියවර ගැනීමට ද පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය ඉදිරියට ඒ අයුරින්ම බලාත්මක බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේයඑරික් ගාමිණී ජිනප්රිය
හදවත දෙන්නේ නෑ මැකො කියයි
හාට් එක නමැති සලකුණ මැතිවරණ කොමිසමේ ලියාපදිංචි සලකුණු අතර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නයක මහතා පැවසීය ස්වාධීන අපේක්ෂකයන්ට ලාංඡන කලින් වෙන් කරවාගත නොහැකි බවද නාමයෝජනා භාරදීමෙන් පසුව සියලු ස්වාධීන අපේක්ෂකයන් කැඳවා ලියාපදිංචි ලාංඡන ප්රමාණය ලබා දෙන බවද ඒ අතරින් තමන් කැමැති ලාංඡන අපේක්ෂකයන්ට ලබාගත හැකි බවද හෙතෙම කියා සිටියේය
සජිත් ඇප බඳී
ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඊයේ 31දා පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළේය සජිත් ප්රේමදාස මහතා වෙනුවෙන් සජබ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයෝ විසින් මැතිවරණ කොමිසමට ගොස් ඇප තැන්පත් කරනු ලැබූහ මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රිවරුන් වන හර්ෂණ රාජකරුණා මුජිබර් රහුමාන් නාලක ගොඩහේවා චරිත හේරත් චන්දිම වීරක්කොඩි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහඅකිත පෙරේරා අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 21 දා රටේ ජනාධිපතිවරයා බවට සජිත් ප්රේමදාස පත්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ 31 දා රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලය අසලදී මාධ්ය හමුවේ පැවසීය සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ඇප තැන්පත් කර මැතිවරණ කාර්යාලයෙන් පිටතට පැමිණි අවස්ථාවේ මහ ලේකම්වරයා එසේ කියා සිටියේය තවදුරටත් කතාකළ හෙතෙම මෙසේ ද පැවසීය මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සජිත් ප්රේමදාස මහත්තයාගේ ඇපමුදල් තැන්පත් කිරීම අද අපි සිදු කළා වැටිලා තියෙන රට බංකොලොත් වෙලා තියෙන රට ලක්ෂ 220 ක් දුක්විඳින රට ගොඩගන්න පුළුවන් අලුත් නායකයෙක් පත් කරන්න රටම සූදානමින් ඉන්නවා එතුමාගේ ජයග්රහණය නියතයි වැටිලා තියෙන රට ගොඩනගලා තරුණයින්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරනවා ඒ සඳහා සජිත් ප්රේමදාස මහත්තයත් එක්ක අද මේ රටේ සියලුම දෙනා එකතුවෙලා මේ සටනට ශක්තිය දෙනවා රට පාලනය කරන්න පුළුවන් නායකයින් පිරිසක් එතුමා වටා එකතුවෙලා ඉන්නවා අනිවාර්යයෙන්ම ලබන සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ජනාධිපති පදවියට සජිත් ප්රේමදාස මහත්තයා පත්වෙනවා එතුමාගේ පුද්ගලික හිතවතුන්ගේ දායකත්වය ලැබෙන ව්යාපෘති කරන්න දෙන්නේ නැහැ නමුත් රජය එවැනි නීති දාගෙන මහජන මුදල්වලින් අද ජනාධිපතිවරයාත් රජයත් මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකරනවා ඒ සම්බන්ධයෙන් අපි මැතිවරණ කොමිසමට පැමිණිලි කරනවාප්රදීප් ප්රසන්න සමරකෝන්
රට විනාශ කළ වැරැදි තීන්දුවලට අත ඉස්සූ කිසිවකු මාලිමාවට ගන්නේ නෑ
රට විනාශ කරන්න සහය වූ වැරදි තීන්දුවලට අත ඉස්සූ පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙකු ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ කර නොගන්නා බවට සහතික කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය ජාතික ජන බලවේගය විසින් රටපුරා පවත්වන ගොවි රැලි මාලාවේ බුල්නෑව රැලිය පවත්වනු ලැබුවේ බුල්නෑව නගරයේ දීය ජාතික පුනරුදයක් වෙනුවෙන් ගොවිජන බලය ගොඩනඟන මාලිමාවේ බුල්නෑව ගොවි රැලිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්රික් නායක වසන්ත සමරසිංහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න යන මහත්වරු එක්ව සිටියහ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා අපි මාරුවෙන් මාරුවට ඡන්දය දුන්නාට මාරුවෙන් මාරුවට නායකයෝ ගෙන ආවට මාරුවෙන් මාරුවට ආණ්ඩු හැදුවාට ඒ හදලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු අපි එකවතාවක් හදමු ජනතාවගේ ආණ්ඩුවක් ඒ තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි නීති හදන්නේ පොදු ජනතාව වෙනුවෙන් සල්ලි වියදම් කරන්නේ පොදු ජනතාව වෙනුවෙන් ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගන්න ඕන යම් ණය ප්රමාණයක් කපා හරින්න ඕන ඒක කපනවා ඒ ගොල්ල කපන්නේ දයා ගමගේගේ ණය අපි කපන්නේ ගොවි ජනතාවගේ ණය අපි 2004 චන්ද්රිකා එක්ක පරිවාස ආණ්ඩුවට ගියා දාපු එක කොන්දේසියක් තමයි රුපියල් 25000 ක් දක්වා සියලු ගොවි ණය කපන්න ඕන කියලා අපේ කොන්දේසිය වුණේ ගොවි ජනතාවගේ ණය කපන්න ඒ ගොල්ලන්ගේ කොන්දේසිය දයා ගමගේගේ ණය කපන්න ඒ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු අපි හදන්න ඕන ජනතාවගේ ආණ්ඩුවක් ඒ නිසා තමයි කියන්නේ සැප්තැම්බර් මාසේ 21 වැනිදා කියන්නේ වැදගත් දිනයක් මෙච්චර කල් හැදුවේ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු මෙවර අපි පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් හදමු කට්ටිය කියනවා රනිල් මොකක් හරි ගැටයක් ගහයිද දන් නෑ කියලා කිසි ගැටයක් ගහන්න වෙන්නෙ නෑ එක සැරයක් ලේනව කියලා මහත්තයෙක් ශ්රේෂ්ඨාධිකරණයට ඇරියා ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 යි නෙමෙයි 06 යි කියලා තීන්දුවක් දෙන්න කියලා ශ්රේෂ්ඨාධිකරණය නඩුව ගෙනාව මහත්තයාට කිව්වා තීන්දුව 05 යි මේ වගේ නඩු ගේන්න එපා කියලා ලක්ෂයයි ඒ ඇහුවෙත් නෑ රනිල් වික්රමසිංහ ආයේ කෙනෙක් ඇරියා ඇරලා කිව්වා මේ 19 වැනි සංශෝධනය හොඳට සම්මත වෙලා නෑ ඒ ගැන විභාගය ඉවර වෙනකල් ඡන්දය වළක්වන්න කිව්වා ශ්රේෂ්ඨාධිකරණය නඩුව ඇහුවා අහලා මේ වගේ නඩු ගේන්න එපා දඩය ලක්ෂ 05 යි එතනින් නතර කර ගත්තා ඊට පස්සේ 22 වැනි සංශෝධනය ගේනවාලු පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමටවත් රනිල් වික්රමසිංහට ඔය 22 වැනි සංශෝධනය ගන්න හම්බවෙන්නේ නෑ ඊළඟට ගම්වල හැදුවා ප්රජා සංවර්ධන කමිටු කියලා එකක් හදලා ආණ්ඩුවේ සල්ලි ඒ කමිටුවලට දෙන්න කියලා ජනාධිපති ලේකම් චක්රෙල්ඛණයක් ගැහුවා ඒක ගියා ශ්රේෂ්ඨාධිකරණයට ශ්රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නා ජනතාවගේ සල්ලි එහෙම වියදම් කරන්න බලයක් නෑ ඒ කමිටුවලට සල්ලි දෙන්න බෑ කියලා රනිල්ගේ ඒ ගැටෙත් ඉවරයි ඊළඟට ගැටයක් ගැහුවා ආණ්ඩුකාරවරු හරහා කට්ටිය පත් කරලා ප්රාදේශීය සභා සභාපතිවරු ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරු හැටියට පත් කරනවා ඒ අයට සල්ලි දෙනවා බඩු බෙදන්න මැතිවරණ කොමිසම කිව්වා ඒක සම්පූර්ණ නීතී විරෝධියි නතර කරන්න කිව්වා එතකොට ලක්ෂ්මන් යාපා ලියුම් ගහලා ගහපු ලියුම් ආපහු ගෙන ආවා රනිල්ගේ ගැට මොන ගැටද මතකද සරත් එන් සිල්වා මහතා සී ජේ ඉන්න කාලේ නඩු තීන්දුවක් දුන්නා තෙල් අඩු කරන්න කිව්වා රුපියල් සීයට ආණ්ඩුව කිව්වා අපි තීන්දුව පිළිගන්නේ නෑ කියලා ඊට පස්සේ ශ්රේෂ්ඨාධිකරණය විසින්ම නඩු තීන්දුව වෙනස් කළා එතකොට ක්රියාත්මක වුණේ මොන නඩු තීන්දුවද ක්රියාත්මක වුණේ ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව අර 100 කියපු එක වෙනස් කරපු තීන්දුව පී බී ජයසුන්දරට රාජ්යය සේවයේ වැඩ කරන්න බෑ කියලා තීන්දුවක් දුන්නා ඊට පස්සේ පී බී ජයසුන්දර නැවත ශ්රේෂ්ඨාධිකරණයට ගිහින් විනිසුරු මණ්ඩලය වැඩි කරලා තීන්දුවක් ගත්තා අර තීන්දුව වෙනස් කර ගත්තා ඊට පස්සේ ඒ තීන්දුව තමයි තීන්දුව ලංකාවේ කවදාවත් තීන්දුව ක්රියාවට නගලා නැතිව නෑ මෙතන තීන්දුව දේශබන්දුට පොලිස්පති හැටියට වැඩ කරන්න බෑ කියලා ක්රියාවට නගන්න ඕන ඒ තීන්දුව ඕනෑම දෙපාර්තමේන්තුවක ප්රශ්නයක් මතු වෙන්න පුලුවන්නේ කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් වැඩ තහනම් කරනවා ඊළඟට ඉන්න ජ්යෙෂ්ඨ නිලධාරියා දාලා දුවනවා රේගු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් වැඩ තහනම් කරනවා ඊළඟ ජ්යෙෂ්ඨ නිලධාරියා දාලා දුවනවා පොලිස්පතිගේ වැඩ තහනම් කළාම කරන්න ඕන ඊළඟට ජ්යෙෂ්ඨ නිලධාරියාව වැඩ බලන පොලිස්පති කළා දිව්වා පොලිසිය තියෙන්නේ එක්කෙනෙක් අතේද දේශබන්දු අතේ විතරද ලංකාවේ පොලිසිය තියෙන්නේ මං මේ ප්රාර්ථනා කරනවා නෙමෙයි බැරි වෙලාවත් දේශබන්දු මහත්තයා අසනීප වුණොත් රනිල් වික්රමසිංහට කුඩු අල්ලන්න විදිහක් නෑ පාතාලය මර්දනය කරන්න විදිහක් නෑ දේශබන්දු ලෙඩින් පොලිසිය හදලා තියෙන්නේ දෙපාර්තමේන්තුවක් ඒකට එන්නේ මොන ප්රධානියාද ඒ ප්රධානියා තමයි වගකීමට අනුව මෙහෙයවන්න ඕන හැබැයි දේශබන්දුම ඕන කියලා කියන්නේ ඇයි රනිල් වික්රමසිංහ පොලිසියේ වැඩ කරන්න නෙමෙයි රනිල්ගේ වැඩ කරන්න අන්න එතකොට ඕන දේශබන්දු පහුගියදා ඡන්ද රැස්වීමක් කළා වැල්ලවායේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කළා ප්රජා ආරක්ෂක කමිටු කැඳවන්න කියලා ඔක්කොම ගේනවා වැල්ලවායට බස් රථවලට සල්ලි හොයා ගන්න ඕන ස්ථානාධිපතිවරු කෑම පාර්සල් හදන්න ඕන ස්ථානාධිපතිවරු සමහර ඒවාට පුටු අරගෙන එන්නත් ඕන ස්ථානාධිපතිවරු වැල්ලවායේ එච්චර පුටු නෑ පුටු අරගෙනත් ආවා ලොරිවලින් මම එදා වැල්ලවායේ මුළු වැල්ලවාය පිරෙන්නම පොලිසියේ ට්රක් රථ මුළු වැල්ලවාය පිරෙන්නම පොලීසියේ ජීප් රථ ප්රජා ආරක්ෂක කමිටු කැඳවලා රනිල් ඡන්ද රැස්වීමක් කරනවා අන්න ඒ වැඩේ කරන්න දේශබන්දු ඕන ඊට පස්සේ ඒ වැඩේට රැස්වීමක් දාලා තිබුණා ගාල්ලේ ඒ වැඩේම කරන්න රැස්වීමක් තිබුණා කෑගල්ලේ දේශබන්දුගේ වැඩ තහනම් රැස්වීම් දෙකත් නතර වුණා මෙහෙම නායකයන්ට සෙල්ලම් කරන්න දෙන්න පුලුවන්ද මේ දවස්වල සිදු වුණ සිදුවීම් ඇති මේ පාලකයන් පළවා හරින්න ඒ නිසා මා ඉල්ලන්නේ අපි ඔක්කොම එකතු වෙලා අලුත් ආණ්ඩුවක් හදමු අපේ රටේ ප්රශ්න විසඳීම සඳහා අපි ආණ්ඩුවක් හදමු මේක පැටලුනු නූල් බෝලයක් වගේ හැබැයි අපි ඉතා සංයමයෙන් වැඩපිළිවෙලක් සහිතව ක්රමාණුකූලව මේ නූල් බෝලයක් බවට පැටලිලා තියෙන මේ රට ක්රමාණුකූලව පියවරෙන් පියවර එකිනෙක ප්රශ්න විසඳලා ලෝකයේ සාර්ථකම රාජ්යයක් බවට පත් කරමුඑප්පාවල තිසර සමල් තඹුත්තේගම සී ඇම් ආරියපාල
ඔන්ලයින් ඔස්සේ මුදල් වංචා කළ චීන්නු 86ක් අල්ලයි
අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධී මුදල් ගනුදෙනු කරමින් මහා පරිමාණ වංචාවල නිරත වූ චීන ජාතිකයන් 86 දෙනකු කළුතර සහ කල්පිටිය ප්රදේශවලදී පොලිසිය මඟින් ඊයේ 31දා අත්අඩංගුවට ගෙන ඇත මෙම චීන ජාතිකයන් සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ කාලයක සිට මෙම මහාපරිමාණ මූල්ය වංචාවල නිරතවෙමින් සිටින බව විමර්ශනවලින් හෙළි වී තිබේ මෙහිදී එක් වැටලීමක් කර ඇත්තේ කල්පිටිය ප්රදේශයේදීය පුත්තලම කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් කල්පිටිය ප්රදේශයේ හෝටලයක් වටලා කළ පරීක්ෂාවකදී එහි සිටි චීන කාන්තාවන් 9 දෙනකු ඇතුළු චීන ජාතිකයන් 56 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය ඔවුන් සතුව තිබී රුපියල් කෝටියකට අධික මුදලක් පරිගණක 44ක් සිම්පත් 99ක් ඇතුළු තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත අනෙක් වැටලීම කර ඇත්තේ කළුතර ප්රදේශයේදීය කළුතර කොට්ඨාස අපරාධ ඒකකය මගින් නවාතැන්පළවල් දෙකක් වටලා කළ පරීක්ෂාවකදී චීන ජාතිකයන් 30 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත මොවුන් සතුව තිබී පරිගණක ජංගම දුරකථන ඇතුළු තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ මෙම චීන ජාතිකයන් දේශීය මෙන්ම විදේශිකයන් රවටමින් අන්තර්ජාලය ඔස්සේ මහාපරිමාණ මූල්ය වංචාවල නිරත වී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇතහේමන්ත රන්දුණු
පොහොට්ටුවේ එජාපයේ හිටපු පළාත් සභා මන්ත්රීන් 116 ක් රනිල් සමගයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් සභා මන්ත්රීවරු 116 දෙනෙක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් කැපවන බවට ඊයේ 31 දා සහතික වූහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ පැවැති මෙම හමුවේදී ජනාධිපතිවරයා පැවසුවේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්රාහීත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යෑමට බවයි ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කිරීමත් සමග එම පක්ෂයේ පළාත් සභා මන්ත්රීවරුන් මෙසේ ජනාධිපතිවරයා හමුවී සහය පළ කිරීම විශේෂත්වයකිකමල් බෝගොඩ
චීනයෙන් රු බිලියන අටක සන්නිවේදන සහ ත්රස්ත මර්දන උපකරණ ප්රදානයක්
චීනය මෙරට ආරක්ෂක හමුදා වෙත රුපියල් බිලියන අටක් වටිනා සන්නිවේදන සහ ත්රස්ත මර්දන උපකරණ ලබා දී තිබෙන බව මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා පවසයි චීන තානාපති කී සෙන්හොංග් මහතා මේ කරුණු ප්රකාශ කළේ චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 97 වැනි සංවත්සරය සැමරීම සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් පෙරේදා කොළඹ ෂැංග්රිලා හෝටලයේදී පැවති සැමරුම් උත්සවයක් අමතමිනි මහජන චීන සමූහාණ්ඩුවේ ශ්රී ලංකා තානාපති කී සෙන්හොංග් මහතා සහ එම තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්යෙෂ්ඨ කර්නල් සෝ බෝ විසින් සිදු කරනු ලැබූ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා මෙම උත්සවයේ ප්රධාන ආරාධිතයෝ ලෙස සහභාගි වූහ මෙහිදී උත්සව සභාව ඇමතූ ජෙනරල් ගුණරත්න ශ්රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන ශක්තිමත් ආරක්ෂක සබඳතාවය සහ වසර ගණනාවක් පුරා චීන රජය විසින් මෙරටට ලබා දුන් සහයෝගය වෙනුවෙන් අතිගරු තානාපතිතුමා සහ චීන රජය වෙත සිය කෘතඥතාව පළ කරන බවය තවද මෙම උත්කර්ෂවත් සැමරුම් අවස්ථාවට සහ චීන මහජන විමුක්ති හමුදාවේ සාමාජිකයින් වෙත සිය උණුසුම් සුබ පැතුම් ද එක් කරන ලදී චීනය සහ ශ්රී ලංකාව අනාධිමත් කලක පටන් සාම්ප්රදායික මිත්ර අසල්වැසියන් වන අතර දෙරට අතර රාජ්යතාන්ත්රික සබඳතා පිහිටුවීමේ 67 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් වන බවත් දෙපාර්ශ්වයේම ඒකාබද්ධ ප්රයත්නයන් ඔස්සේ තවදුරටත් ද්විපාර්ශ්වික හමුදා සබඳතා ඉහළ මට්ටමකට ප්රවර්ධනය කිරීමට හැකි වනු ඇති බවත් චීන තානාපති කී සෙන්හොංග් මහතා ප්රකාශ කළේය එහිදී චීන තානාපතිවරයා මෙසේද පැවසීය අද වන විට චීන හමුදාව කලාපීය සහ ගෝලීය සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වැදගත් බලවේගයක් බවට පත්ව තිබෙනවා ශ්රී ලංකාව සාම්ප්රදායික හා සාම්ප්රදායික නොවන තර්ජනවලට මුහුණ දී සිටින බැවින් චීන ජනතාව සහ හමුදාව ශ්රී ලංකාවේ ජනතාව සහ හමුදාව සමග ස්ථිරව එකට ඉන්නවා චීනය ශ්රී ලංකාවේ ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා සැමවිටම පෙනී සිටිනවා පසුගිය වසර දෙක තුළ අපගේ සන්නද්ධ හමුදා දෙක අතර ඉහළ මට්ටමේ සංචාර උපකරණ සහයෝගීතාව පිරිස් පුහුණුව සහ සමුද්රීය ආරක්ෂාව වැනි ක්ෂේත්රවල හුවමාරු සහ සහයෝගීතාව තවත් තහවුරු වෙලා තියනවා රුපියල් බිලියන 8 කට වැඩි වටිනාකමකින් යුත් විවිධ වර්ගයේ සන්නිවේදන සහ ත්රස්ත මර්දන උපකරණ ශ්රී ලංකාව වෙත චීන හමුදාව විසින් ලබා දී තියනවා සෑම වසරකම සියලුම තරාතිරම්වල නිලධාරීන්ට සහ විවිධ වර්ගයේ භට පිරිස් සඳහා චීන හමුදාව මගින් පුහුණුවක් ලබා දෙනවා ශ්රී ලංකා සන්නද්ධ හමුදාවන්ට සිය ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීම සඳහා ඉදිරියටත් අඛණ්ඩව සහාය ලබා දෙන බව කියන්න අවශ්යයිචතුර පමුණුව
මේ වනවිට 6 දෙනෙක් ඇප බැඳලා
ජනාධිපතිවරණයට ඊයේ 31දා අවසන් වනවිට අපේක්ෂකයන් හයදෙනකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත සමගි ජන බලවේගයේ සජිත් ප්රේමදාස මහතා වෙනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතාත් ජාතික සංවර්ධන පෙරමුණේ පීඩබ්ලිව්එස්කේ බණ්ඩාරනායක මහතා වෙනුවෙන් ආනන්ද ස්ටීවන් මහතාත් ඇප මුදල් තැන්පත් කර තිබේ මීට පෙර ඉකුත් 26 වැනිදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු අපේක්ෂකයන් හතර දෙනකු වෙනුවෙන් ඇප තැන්පත් කර ඇතරනිල් ධර්මසේන
රනිල්ගේ ජයග්රහණයට කැප වෙනවා ප්රසන්නගෙන් මහින්දට ලිපියක්
හෘද සාක්ෂිය ඇති මිනිසකු ලෙසින් තමාට පක්ෂයේ තීරණයට එකඟ විය නොහැකි බව කනගාටුවෙන් දැනුම් දෙන බවත් රට වෙනුවෙන් සිතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නැවත රටේ ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා තමන් කැපවන බවත් ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ඇමැති ප්රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටී එම ලිපියේ මෙසේ සඳහන් කර ඇත අපගේ මාතෘ භූමිය අද ඉතා තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇත මේ මොහොතේ රටට ආදරය කරන පුරවැසියකු ලෙස අපගේ යුතුකම හා වගකීම වන්නේ රට ගැනත් අප සමග හැමදා සිටි අපේ පාක්ෂිකයන් ගැනත් සිතා කටයුතු කිරීම ය මගේ දේශපාලන ගුරුවරයා වන්නේ මගේ තාත්තා ය ඉන්පසු මගේ පරමාදර්ශී දේශපාලන චරිතය වන්නේ අන් කවරෙකුවත් නොව ඔබය 2015 වසරේ දී යහපාලනය පෙන්වා ඔබව පරාජය කළ විට නැවත ඔබතුමා බලයට ගෙන ඒම සඳහා එවකට බස්නාහිර පළාත් ප්රධාන අමාත්ය ධුරය ද කැපකරමින් ඔබ වෙනුවෙන් පෙනී සිටියේ මගේ හෘද සාක්ෂියට එකඟවය දශක 03 ක කුරිරු ත්රස්තවාදී යුද්ධයෙන් රට ගලවාගෙන රට එක්සේසත් කළ ඔබතුමා කෙරෙහි තිබූ ගෞරවයත් ඔබ තුළ රටට හා ජනතාවට තිබූ ආදරයත් මා ඒ සඳහා පෙළඹවූ බව අදත් සිහිපත් කරමි එදා මෙන් අදද අද මෙන් හෙට ද ඔබ කෙරෙහි වන ගෞරවය හෝ ආදරයේ කිසිදු වෙනසක් නැත 2015 දී ඔබ වෙනුවෙන් මහින්ද සුළඟ වේදිකාව තැනුනේ මගේ ද මූලිකත්වයෙනි ඔබතුමා නැවත දේශපාලනයට ගෙනඒමට මූලිකත්වය ගැනීම නිසාම අපටත් අපගේ පාක්ෂිකයන්ටත් විවිධ තාඩන පීඩනවලට ලක්වීමට සිදු වූ බව ඔබතුමාට ද රහසක් නොවේ 2019 දී අප විසින් 69 ලක්ෂයේ ජනතාවගේ ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කර ගත්තද එතුමාට සිය ධුරය අතහැර යෑමට සිදු වූයේ ඇයි දැයි මා අලුතින් පැහැදිලි කළ යුතු නැත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්වීමෙන් පසුව ඒ සඳහා අනුප්රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා පත්කර ගැනීම සිදුවූයේ ඔබතුමාගේ ද පක්ෂයේ ද ආශිර්වාදය ඇතිවය ඒ මොහොතේ ගත යුතු නිවැරදි තීන්දුව අප ගත්තේ කරුණු 02 ක් මත පදනම්වය එකක් රට තුළ තිබූ ආර්ථික අර්බුදයයි දෙවැන්න දේශපාලන අස්ථාවරත්වයයි රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට තීරණය කළේ ඔබ ඇතුළු පක්ෂ නායකත්වයයි අප කළේ ඔබ ගත් නිවැරදි තීන්දුවට සහාය පළ කිරීමයි එදා ඔබ ගත් තීරණය හේතුවෙන් අපගේ පාක්ෂිකයන්ගේ ජීවිත හා දේපළ සුරක්ෂිත වූ බව ද සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙනි ඒ තීරණය ක්රියාත්මක කිරීමෙන් රට තුළ පැවැති ආර්ථික අර්බුදය විසඳී රට ආර්ථිකමය වශයෙන් යථා තත්ත්වයට පත්වූ බවද සිහිපත් කරමි ගෙවී ගිය වසර දෙක තුළ රට නැවත යථා තත්ත්වයට පත් කර ගත හැකි වූයේ ඔබ අප ප්රමුඛ පොහොට්ටුව ජනාධිපතිතුමාට ලබා දුන් සහාය නිසා බව අවිවාදිතය මා හැමවිටම ජනතාව අතර සිට ජනතාව සමග දේශපාලනයේ නිරතවන්නෙකි මට හැමවිටම වැදගත් වන්නේ ජනතාවයි රටත් ජනතාවත් ආරක්ෂා කිරීමට නම් වත්මන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුය යන්න මගේ විශ්වාසයයි ඔබතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා හා නාමල් රාජපක්ෂ මැතිතුමා හමු වූ සෑම අවස්ථාවකදීම අපේ පාක්ෂිකයන් ද ඇතුළු රටවැසියන් රැක ගැනීම සඳහා වත්මන් ජනාධිපතිවරයාට තවත් කාලයක් ලබා දිය යුතු බව යෝජනා කළේ ඒ නිසාය පාර්ලිමේන්තුවේදී මා ඇතුළු 30 කට අධික පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටියේද ඒ නිසාය මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීමකට හෝ අවදානමක් ගැනීමට සුදුසු තත්ත්වයක නොවේ එවැනි අත්හදා බැලීමකින් රටටත් ජනතාවටත් කිසිදු ප්රගතියක් අත් නොවනු ඇත ඒ නිසා අපේ යුතුකම හා වගකීම වන්නේ රට වෙනුවෙන් සිතා රනිල් වික්රමසිංහ මහතා නැවත රටේ ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීම බව මගේ විශ්වාසයයි මගේ ආදරණීය ගම්පහ දිස්ත්රික්කයේ ජනතාවගේ අපේක්ෂාව ද එයයි පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය පොහොට්ටු පාක්ෂිකයින් බහුතරයකගේ අපේක්ෂාව හෝ එය අපේ පක්ෂය ගැන සිතා ගත් තීරණයක් නොවේ එම තීරණයට මා එකඟ නොවන්නේ මාගේ හෘද සාක්ෂියට එකඟවය එම තීරණය සඳහා ඔබතුමා පෙළඹවූ බොහෝ දෙනකු ඔබතුමා ඒ සඳහා පෙළඹවූයේ ඔබතුමාට හෝ පක්ෂයට ඇති ආදරය නිසා නොවේ හෘද සාක්ෂිය ඇති මිනිසකු ලෙසින් මට පක්ෂයේ තීරණයට එකඟ විය නොහැකි බව කනගාටුවෙන් දැනුම් දෙමි ඒ නිසා මම රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්රහණයට කැප වෙමි මා එදා නුගේගොඩ පැවැති මහින්ද සුළඟ වේදිකාවට ඔබතුමා වෙනුවෙන් ගොඩවූයේද ඒ හෘද සාක්ෂියට අනුවමය රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා නැවත පත් කිරීමෙන් මිස අපගේ පාක්ෂිකයන් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ මට පෙනෙන්නේ නැත රනිල් වික්රමසිංහ මහතා නැවත පත් කර ගැනීමෙන් මිස රට මේ පවතින තත්ත්වයෙන් ඉදිරියට යාමක්ද මට මේ මොහොතේ පෙනෙන්නේ නැත ඒ නිසා එදා ඔබ වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව ඉදිරිපත් වූ ලෙසම රට ගැන සිතා අද රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් ඉදිරිපත් වෙමි මා පොහොට්ටුව අත්හැර යන බව හෝ මා එජාපය සරණ යන බව එමඟින් ගම්ය නොවන බව අවධාරණය කරමි මම තවමත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයෙකි ඔබතුමා තවමත් මාගේ පරමාදර්ශී නායකයාය ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි
බාලදක්ෂ ව්යාපාරය ශිෂ්ය භට බළකාය සහ යොවුන් සේනාංකය ශක්තිමත් කර රටේ ඉදිරිගමනට දායක කර ගන්නවා
බාලදක්ෂ ව්යාපාරය ශිෂ්ය භට බළකාය සහ යොවුන් සේනාංකය වැනි තරුණ සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්යය පුළුල් ලෙස දායක කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය ඒ වෙනුවෙන් අවශ්ය ප්රතිපාදන රජය දැනටමත් වෙන් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරියේ දී ද ඊට අවශ්ය ප්රතිපාදන වෙන් කරන බව කියා සිටියේය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ශ්රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඊයේ 31 දා පැවති උත්සවයට එක් වෙමිනි 75000ක් වූ බාලදක්ෂ ව්යාපාරයේ සාමාජිකත්වය 150000 දක්වා ඉහළ නැංවීමට අවශ්ය සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය බාලදක්ෂ ව්යාපාරය ශිෂ්ය භට බළකාය සහ යොවුන් සේනාංක වැනි තරුණ සංවිධාන හරහා මත්ද්රව්ය නිවාරණ වැඩපිළිවෙළටද පුළුල් දායකත්වයක් ලබාගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය බාල දක්ෂිකාවන් 2000ක් සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමීම මෙහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි ශ්රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනි ශාන්ති විල්සන් මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූවාය මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය බාලදක්ෂ ව්යාපාරය පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා මගේ පවුලේ කිහිප දෙනෙකුම මෙම සංවිධානයේ ක්රියාකාරීව කටයුතු කළා බාලදක්ෂ ව්යාපාරය අප තවදුරටත් දියුණු කළ යුතුයි බාලදක්ෂිකා සංගමය සඳහා අවශ්ය ගොඩනැඟිල්ලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා එම ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ යුතුයි බාලදක්ෂ ව්යාපාරය ශිෂ්ය භට බළකාය මෙන්ම යොවුන් සේනානාංක සඳහා අවශ්ය මුදල් රජය වෙන් කර තිබෙනවා අනෙක් සංවිධාන ක්රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම මුදල් ප්රමාණයක් ආණ්ඩුවෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා මෙලෙස මුදල් වෙන් කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ ආණ්ඩුවට දැන් මුදල් ප්රමාණයක් තිබෙන නිසයි මම මේ රට භාර ගනිද්දී ආණ්ඩුවට මුදල් තිබුණේ නැහැ අපි දැන් අසීරු කාලය පසු කර තිබෙනවා පාඩු ලබන රාජ්ය සංස්ථාවලට මුදල් යොදවන එක අපි දැන් නතර කරලා තිබෙනවා ඒ වගේම විදේශ ණය ලබා ගැනීමද නතර කර තිබෙනවා අපිට ගෙවීමට තිබෙන ණය ප්රමාණයත් අඩු වී තිබෙනවා ඒ නිසා දැන් ආණ්ඩුවට යම් මුදල් ප්රමාණයක් තිබෙනවා එම මුදල් තරුණ පරපුර වෙනුවෙන් යෙදවීමට මා බලාපොරොත්තු වෙනවා මේ වන විට අධ්යාපනය වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙනවා ඉදිරි අවුරුදු කිහිපයේ දී ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට අපට සිදු වෙනවා සෞඛ්ය ක්ෂේත්රය සඳහා ද අවශ්ය මුදල් අප වෙන් කිරීමට සැලසුම්සහගතව අප කටයුතු කරමින් සිටිනවා මෙවන් සංවිධානය හරහා අපට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි මත්ද්රව්ය මර්දන කමිටුව සමග සාකච්ඡා කළ විට ඔවුන් සඳහන් කළේ පාසල්වල වැඩි වශයෙන් බාලදක්ෂ සංවිධාන සහ ශිෂ්ය භට බළකායන් ඇති කළ යුතුයි කියලා මත්ද්රව්ය මර්දන වැඩපිළිවෙළට එමගින් විශාල දායකත්වයක් ලබා ගත හැකියි ඒ වගේම දිස්ත්රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් බාලදක්ෂ කඳවුරු ඇති කිරීමට යම් කිසි කාලයකට රජයේ ගොඩනැඟිලි ලබාදීමට හැකියාව තිබෙනවා අධ්යාපන අමාත්යාංශය සමග එක්වී එම වැඩසටහන් ක්රියාත්මක කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලමින් ඔබ සියලුදෙනාට මා සුබ පතනවා අධ්යාපන අමාත්යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ශ්රී ලංකා බාල දක්ෂ සංගමයේ කොමසාරිස් ජනප්රිත් ප්රනාන්දු යන මහත්ම මහත්මීන් සහ බාල දක්ෂිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් සිටියහ
ජූලියේ උද්ධමනය සියයට 24ට නගී
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජූලි මස උද්ධමනය සියයට 24ක් දක්වා ඉහළ ගොස් ඇත කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජුනි මස උද්ධමනය සියයට 17ක් විය එසේම ඉකුත් ජුනි මස සියයට 14ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය ජූලි මාසයේදී සියයට 15ක් දක්වා සුළු වශයෙන් වැඩිවී ඇත එමෙන්ම සියයට 18ක් වූ ජුනි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 28ක් දක්වා වර්ධනය වී ඇතශ්යාම් නුවන් ගනේවත්ත
ඇමැති ටිරාන්ට ජීවිත තර්ජන ආරක්ෂාව තර කිරීමට බුද්ධි අංශ උපදෙස්
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට සන්නද්ධ කණ්ඩායම්වලින් ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ආරක්ෂාව තර කර ගන්නා ලෙස බුද්ධි අංශ මගින් ඒ මහතාට අනතුරු ඇඟවීම් කර ඇත පාතාලය සහ මත්ද්රව්ය ජාවාරම් මර්දනය කිරීම සඳහා පසුගිය මාස කිහිපය තිස්සේ දිගින් දිගටම සිදුකළ මෙහෙයුම්වලට ඇමැතිවරයා විසින් පූර්ණ සහාය ලබාදීම මෙම ජීවිත තර්ජන එල්ලවීමට හේතු වී ඇති බව බුද්ධි අංශ පවසයි මේ සම්බන්ධයෙන් ඇමැති ටිරාන් අලස් මහතාට බුද්ධි අංශ මගින් වාර්තාවක් ද මේ වන විට ලබාදී ඇති බව ආරංචි මාර්ග පවසයි ඒ අනුව ටිරාන් අලස් මහතාගේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ඉදිරියේදී ගනු ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයිහේමන්ත රන්දුණු
ශ්රීලනිප ආසන සංවිධායකලා රැසක් සජිත්ට සහාය දෙන්න එක පයින්
ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්රේමදාස මහතාට සහයෝගය ලබාදිය යුතු බවට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් බහුතර පිරිසක් ඉහළ දේශපාලන නායකයන්ට දැනුම් දී ඇතැයි නිදහස් පක්ෂ අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි පසුගියදා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනූවකට ආසන්න ආසන සංවිධායකවරුන් සමග මෛත්රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය නියෝජනය කරන ඉහළ නායකයන් පැවැත්වූ සාකච්ඡාවකදී එම සංවිධායකයන් මේ බව සඳහන් කර ඇත එම සංවිධායකවරුන් විසින් ඉහළට දැනුම් දී ඇත්තේ නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම හෝ දැනට ජනතා හිතවාදී ලෙස ගොඩනඟා ඇති සමගි ජන බලවේගය සමග සන්ධානගත වීම සුදුසු බවයි මේ වනවිට මෛත්රි පාර්ශ්වය නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින විජයදාස රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දිය යුතුය යන ස්ථාවරයේ හිටියේ ඉතා සුළු පිරිසක් බව එම පක්ෂයේ අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා මේ වනවිටත් තමා ගොඩනඟන සන්ධානය හෝ ජනාධිපතිවරණ වැඩපිළිවෙළ පිළිබඳව සංවිධායකවරුන් දැනුවත් කර නොමැති බව එම සංවිධායකවරුන් ඉහළ දේශපාලන අධිකාරියට දැනුම් දී ඇත මේ පිළිබඳව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාට ද සංවිධායකවරුන් මේ බව දැනුම් දී ඇති බවත් පක්ෂයේ අනෙක් ඉහළ නායකයන් සමග සාකච්ඡා කර පක්ෂයට අවාසි නොවන සුදුසු ජනතා හිතවාදී සන්ධානයකට සහයෝගය දීම පිළිබඳව සාකච්ඡා කරන බවත්ය ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට දස දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේයඅරුණ බෝගහවත්ත
දේවානන්දාගේ පක්ෂයේ සහායත් රනිල්ට
ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය EPDP මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කොට ඇතැයි එම පක්ෂයේ මාධ්ය ප්රකාශක අයියතුරෙයි සිරිරංගේෂ්වරන් මහතා 31 දා යාපනයේදී පැවසීය යාපනය මාධ්ය සංගම් ශාලාවේදී විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය ජනතා ඡන්දයෙන් සෑම අවස්ථාවකම තේරී පත් වූ EPDP පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා වසර තිහක්ම මේ රටේ අමාත්යවරයකු වශයෙන් නොකඩවා සේවය කළේ EPDP පක්ෂය නිරන්තරයෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ජනතව සමග සිටින නිසා බවද හෙතෙම පැවසීය ෆෙඩරල් රාජ්යයේ ස්වාධීනත්වය යන දේශපාලන ඉලක්කයට අනුකූලව දේශපාලනය තුළින් ඩග්ලස් දේවානන්දා මහතා අමාත්යවරයකු ලෙස ජනතාවට සේවය කරමින් සිටින බවත් ඔහුගේ එකම අවිය හා ශක්තිය දෙමළ ජනතාව හා ඔවුන්ගේ අයිතිවාසිකම් බවත් මාධ්ය ප්රකාශකවරයා මෙහිදී අවධාරණය කළේය මෙවර ජනාධිපතිවරණයට දකුණේ අපේක්ෂකයින් ගණනාවක්ම ඉදිරිපත් වන බවට පෙරලකුණු පහළ වී ඇති බව සඳහන් කළ ඔහු ඒ කිසිම පක්ෂයක අපේක්ෂකයකුගේ අතකොලුවක් වීමට හෝ ඔවුන් වෙනුවෙන් පෙනීසිටීමට EPDP පක්ෂයට කිසිදු වුවමනාවක් නොමැති බවද ප්රකාශ කළේය එමෙන්ම EPDP පක්ෂය වැනි ඉතා හොඳ පක්ෂයක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඇති නිසා ඔවුන් තවත් පක්ෂයක නියෝජිතයින් වීමේ අවශ්යතාවක් නොමැති බව සඳහන් කළ මාධ්ය ප්රකාශකවරයා EPDP පක්ෂය කවර අවස්ථාවකදීවත් වෙනත් පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ නියෝජිතයකු නොවන බවද පැවසීය වර්තමානයේදී රටේ තත්ත්වය හා රටේ අනාගතය දෙස බලන විට රට ගොඩගැනීමට සිටින එකම නායකයා රනිල් වික්රමසිංහ මහතා පමණක් බැවින් EPDP පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා අමාත්යවරයා රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබා දිය යුතු බව මීට බොහෝ කලකට පෙර තීරණය කළ කාරණයක් බවද පක්ෂයේ මාධ්ය ප්රකාශක අයියතුරෙයි සිරිරංගේෂ්වරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේයදිනසේන රතුගමගේ
ආණ්ඩුව කල් මරනවා ග්රාම නිලධාරීන් දිගටම අකුරට වැඩ
තම ඉල්ලීම්වලට රජය විසඳුම් ලබා නොදීම නිසා තවදුරටත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයේ නිරත වන බවත් කෙසේ වුවත් මැතිවරණ රාජකාරි කටයුතු සඳහා මුල් තැන දෙන බවත් ශ්රී ලංකා එක්සත් ග්රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා දිවයිනට ඊයේ 31 වැනිදා පැවසීය තම ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදී රජය කල්මැරීම නිසා ග්රාම නිලධාරීන් 14022 කගේ දැඩි අප්රසාදය එල්ලවෙමින් තිබෙන බව ද හෙතෙම කීය මේ හේතුවෙන් ග්රාම නිලධාරීන් සියලුදෙනා ජීවිත අවදානමක පසු වන බවද හෙතෙම කියා සිටියේය තවදුරටත් කතා කළ නන්දන රණසිංහ මහතා මෙසේද කියා සිටියේය අපි අකුරට වැඩ කරන්න පටන් අරන් දින ගණනාවක් ගතවෙලා ඒත් තාම රජයෙන් ප්රතිචාරයක් නැහැ අපි දැනට අඟහරුවාදා සහ බ්රහස්පතින්දා දවස් දෙකේ විතරයි කාර්යාලයේ රාජකාරි කරන්නේ සෙනසුරාදා ඉරිදා පෝය දිනවල රාජකාරි කරන්නෙ නැහැ නිල ඇඳුමින් ඉවත්වෙලා වැඩ කරන්නේ සතියකට සැරයක් ප්රාදේශීය ලේකම් කාර්යාලවලට ගිය එක දැන් සති දෙකකට සැරයකුයි යන්නේ මරණ කටයුතු හා ආපදා කටයුතුවලට අපි පැය 24 ම උදව් කරනවා රජය අපිව අපහසුතාවට පත්කරන්න පත්කරන්න ග්රාම නිලධාරීන්ට ජනතාවගෙන් එල්ල වන තර්ජනත් වැඩි වෙලා අපිට පාරක බැහැලා යන්නත් බැහැ මිනිස්සු බනිනවා කොයි මොහොතක හෝ ජනතාව ග්රාම නිලධාරීන්ට පහර දෙනවා මේ ජීවිත අවදානම කව්ද ගන්නේප්රදීප් ප්රසන්න සමරකෝන්
වනජීවී සංරක්ෂණයට දැක්වූ මාධ්ය දායකත්වය වෙනුවෙන් දිවයින ජගත් තරංග ගමගේ සම්මාන ලබති
ජූලි මස 31 වැනිදාට ඊයේ යෙදී තිබුණු ලෝක වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයන්ගේ දිනය World Ranger day නිමිත්තෙන් සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ ඇගයීම් උළෙලක් ඊයේ 31දා කොළඹ ප්රදර්ශන සහ සම්මේලන මධ්යස්ථානයේදී පැවැත්විණි එහිදී වනජීවී සංරක්ෂණය සඳහා වනජීවී ක්ෂේත්ර නිලධාරීන්ට සහාය වූ අංශ කිහිපයක පුද්ගලයෝ රැසක් ඇගයීමට ලක්වූහ මෙහිදී ඇගයීමට ලක්වූ මාධ්යවේදීන් අතර විශේෂ සම්මාන තුනක් දිවයින පුවත්පතේ මාධ්යවේදීන්ට හිමිවිය වනජීවී සංරක්ෂණය සඳහා මෙතෙක් දක්වන ලද දායකත්වය වෙනුවෙන් දිවයින විශේෂාංග කර්තෘ ජගත් කණහැරආරච්චි ඉරිදා දිවයින මාධ්යවේදී තරංග රත්නවීර සහ දිවයින පොළොන්නරුව මාධ්යවේදී කරුණාරත්න ගමගේ මෙහිදී ඇගයීම් සම්මාන ලැබූහ ජගත් කණහැරආරච්චි සහ තරංග රත්නවීර යන මහත්වරු ප්රවීණ සත්ත්වවේදී ආචාර්ය තාරක කුසුමින්ද මහතා අතින් සම්මාන ලබන අයුරු ඡායාරූපයේ දැක්වේ
වැබ පොලිස්පතිවරයකු පත් නොකිරීම ජනපතිවරණයට බාධාවක් විමල් වීරවංශ
ව්යවස්ථාදායකයත් අධිකරණයත් විධායකයත් මැදිහත් වී වැඩ බලන පොලිස්පතිවරයකු පත්කිරීමේ ගැටලුව වහාම විසඳිය යුතු බවත් එසේ නොවුණහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට බාධාවක් විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි ජනාධිපතිවරයා ඉතා කඩිමුඩියේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඇප මුදල් තැන්පත් කළේ ඔහු අපේක්ෂකයකු නිසා වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීම නුසුදුසු බව පෙන්වීමට බවද ඒ හේතුවෙන් මේ වනවිට පොලිස්පතිවරයකු පත් කිරීමේ ගැටලුව දුරදිග ගොස් ඇති බවද මන්ත්රීවරයා සඳහන් කරයිධර්මසේන වැලිපිටිය
සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලියට ගෙවන ගාස්තු සංශෝධනයෙන් දේශීය ආයෝජකයන් අනතුරේ
වහල මත සවි කරන සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලිය සඳහා ගෙවන ගාස්තු ජූලි 1 දින සිට ක්රියාත්මක වන පරිදි අඩු කිරීමට විදුලි බල මණ්ඩලයේ සාමාන්යධිකාරිවරයා අත්තනෝමතිකව ගත් තීරණයට පුනර්ජනනීය බලශක්ති සුරකින්නන්ගේ සංගමය විරෝධය පළ කරයි එම සංගමය සඳහන් කළේ මෙම තීරණය හේතුවෙන් දේශීය ආයෝජකයන් අධෛර්යවත් වී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය බිඳ වැටෙනු ඇති බවයි සංගමයේ සභාපති දර්ශන ලියනසේකර සඳහන් කළේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ භාවිතය තුළින් ගෝලීය ඉලක්ක ළඟා කර ගත හැකි බවයි ශ්රී ලංකාවට වසර පුරාම හිරු එළිය ලැබීම සහ අවශ්ය තරම් ඉඩ පහසුකම් තිබීම නිසා සූර්ය පැනල සවි කිරීම ඉතා පහසුයි මහා පරිමාණ මුදල් ආයෝජන අවශ්ය නොවීම අවම නඩත්තු වියදම් රටේ මුදල් විදේශ රටවලට ගලා නොයාම සහ පරිසර හිතකාමී බව වැනි වාසි රැසක් ඒ හරහා ලැබෙනවා ඔහු වැඩි දුරටත් සඳහන් කළේ 2050 වන විට කාබන් බලශක්ති භාවිතය සම්පූර්ණයෙන් පිටුදැකීම සඳහා සහ 2030 වන විට සම්පූර්ණ බලශක්ති අවශ්යතාවෙන් 30ක් පුනර්ජනනීය බලශක්ති ප්රභවවලින් සපුරා ගැනීම සඳහා වන ගෝලීය ඉලක්කය ජය ගැනීමටත් පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඉවහල් වන බවයි මාධ්ය හමුවේදී අදහස් දක්වමින් සංගමයේ ලේකම් අමල් සරත්චන්ද්ර මහතා සඳහන් කළේ මේ වන විටත් මෙරට සූර්ය බලශක්ති ක්ෂේත්රය අභියෝග රැසකට මුහුණ දෙන බවයි නව ව්යාපෘති අත්හිටුවීම සහ දැනටමත් ක්රියාත්මක වන ව්යාපෘති සඳහා අනුග්රහයක් නොලැබීම නිසා ආයෝජකයන් තව තවත් අධෛර්යවත් වෙනවා කිසිම මූල්ය සහනයක් ලැබෙන්නේ නැහැ ඒ වගේම පැනල සහ ඉන්වර්ටර් වැනි උපාංග මත අහස උසට බදු පනවලා තිබෙනවා ඔහු සඳහන් කළේය දේශීය ආයෝජකයන් දිරිමත් කිරීම වැදගත් බව අවධාරණය කළ සංගමයේ උප සභාපති සුරේෂ් ගලංග පැවැසුවේ විදේශීය ආයෝජන හරහා ලැබෙන්නේ තාවකාලික ප්රාග්ධනයක් පමණක් බවයි විදේශීය ආයෝජකයන්ගේ ව්යාපෘතිවලට ගෙවන මුදල් රට තුළ රැfඳන්නේ නැහැ ඒ නිසා අවශ්ය අනුග්රහය දෙමින් දේශීය ආයෝජකයන් දිරිමත් කිරීම ඉතා වැදගත් සංගමයේ භාණ්ඩාගාරික චානක ජයවර්ධන මහතා සඳහන් කළේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඉහළ නැංවීම තුළින් රටට විශාල ආර්ථික වාසියක් සැළසෙන බවයි 2022 සහ 2023 වසරවල ඉන්දන පදනම් කර ගත් බලශක්ති උත්පාදනයට පිළිවෙලින් රුපියල් බිලියන 2037ක් සහ රුපියල් බිලියන 2789ක් වැය වෙලා තිබෙනවා එය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් රටට විශාල අවාසියක් මෙගාවොට් 1000ක ධාරිතාවකින් යුතු සූර්ය බලශක්ති ව්යාපෘති ක්රියාත්මක කිරීම තුළින් ජාතික විදුලි බල පද්ධතියට ගිගාවොට් පැය 1320ක් එකතු කරන්න පුලුවන් ඒ සඳහා වැය වෙන්නේ රුපියල් බිලියන 488ක් පමණයි ඒ විදුලි ධාරිතාව ඩීසල් යොදා ගෙන උත්පාදනය කරන්න රුපියල් බිලියන 924ක් වැය වෙනවා විදුලි පාරිභෝගික සංගමය නියෝජනය කරමින් එහි සභාපති එම් ඩී ආර් අතුල සහ මහ ලේකම් සංජීව ධම්මික යන මහත්වරුද මාධ්ය සාකච්ඡාවට සහභාගී වූහ ඔවුන් සඳහන් කළේ කැබිනට් තීරණය අනුව මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය මත මිල සංශෝධනය කළ යුතු වුවත් මහජන උපයෝගිතා කොමිසම මිළ සංශෝධනය කිරීමට අනුමැතිය දී නොමැති අවස්ථාවක විදුලි බල මණ්ඩලයේ සාමාන්යධිකාරිවරයා මිළ සංශෝධනය කිරීමට පහළ නිලධාරීන්ට ලිපි මඟින් දැන්වීම අත්තනෝමතික තීරණයක් බවයි
හමාස් නායකයාගේ ඝාතනයෙන් එල්ල විය හැකි බලපෑම්වලට මුහුණදීමට කමිටු 3ක්
ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමග ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කර තිබේ ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුවක් ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමේ කමිටුවක් සහ එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන ඇත ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුව මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් විදේශ කටයුතු අමාත්ය ජනාධිපති නීතිඥ අලි සබි්ර විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතුව පත් කර තිබේ එසේම ආර්ථිකයට වන බලපෑම පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සාමාජිකයෝ ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්එච්එස් සමරතුංග මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන හා විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරු කටයුතු කරති මෙම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම වෙනුවෙන් පත් කර ඇති ඉහළ මට්ටමේ කමිටුව ජනාධිපති රනිල් වික්රමසිංහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන විදේශ කටයුතු අමාත්ය ජනාධිපති නීතිඥ අලි සබි්ර විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ අග්රාමාත්ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විතය මෙම සිදුවීමත් සමග ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ මතුවන තත්ත්වයන් හේතුවෙන් ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට යම් සෘජු හෝ වක්ර බලපෑමක් එල්ල විය හැකි නම් ඊට ගතයුතු පූර්වගාමී පියවර පිළිබඳ සොයා බලා ඉහළ මට්ටමේ කමිටුවට කරුණු වාර්තා කිරීම අනෙකුත් කමිටු දෙකට පැවරේ ඉන්ධන සහ අනෙකුත් අත්යවශ්ය පාරිභෝජන ද්රව්ය ලබා ගැනීමේදී යම් බාධාවක් මතුවිය හැකි නම් රටේ මහජනතාවට ඉන් බලපෑමක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම ද ජනාධිපතිවරයා විසින් අදාළ කමිටු දෙක වෙත පවරා ඇත එම කමිටු දෙක විසින් අදාළ වාර්තා ඉහළ පෙළේ කමිටුවට ලබා දිය යුතු අතර ඒ අනුව ගතයුතු කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමට නියමිතය
ප්රදේශ රැසකට අද කඩින් කඩ වැසි සහ තද සුළං
බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර නුවරඑළිය දිස්ත්රික්කවලත් අද 1 වැනිදා කඩින් කඩ වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි ඇතැම් ස්ථානවලට මිමී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ බදුල්ල අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවල සවස් කාලයේ හෝ රාත්රි කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකප්රදීප් ප්රසන්න සමරකෝන්
අපේ සහාය දෙනවා මන්ත්රීවරු 92ක් ජනපතිට කියති
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් 92 දෙනකු ඒකමතිකව තීරණය කර තිබේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් හා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ 30 පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී මෙම එකඟතාවය පළව තිබේ ඒ සම්බන්ධයෙන් වන යෝජනාව මන්ත්රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා විසිනි පාර්ලිමේන්තු මන්ත්රී එස්බී දිසානායක මහතා එය ස්ථීර කර තිබේ මේ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්රික් නායකයන්ද ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්රහණය වෙනුවෙන් කැපවී ක්රියා කරන බවට ද ප්රතිඥා දී තිබේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේදී පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පක්ෂව ඡන්දය ප්රකාශ කළ මන්ත්රීවරුන් මෙයට සහභාගි වී නොමැති අතර තමන්ට අද පැවැත්වෙන මන්ත්රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබුණි චමින්ද සිල්වා
පොලිස්පති ගැටලුව කඩිනමින් විසඳන්න මැකො ජනපති ලේකම්ට දන්වයි
පොලිස්පති ගැටලුව පිළිබඳව කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඊයේ 30දා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ලිඛිතව දැනුම්දී ඇත මැතිවරණ කොමිෂන් සභාව ඊයේ දහවල් මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී රැස්වූ අතර පොලිස්පති ගැටලුව පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ ජනාධිපතිවරයා ජනපති අපේක්ෂකයෙක් බවට පත්වුවද වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට ජනපතිට කිසිදු නීතිමය බලපෑමක් නොමැති බව ද අදාළ නිල රාජකාරි ඉටු කළ හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ විමල් රත්නායක මහතා මේ පිළිබඳව කළ විමසීමකදී පැවැසීය ජනාධිපතිවරණයට අදාළ තවත් කරුණු කිහිපයක්ම මෙහිදී කොමිෂන් සභාවේ අවධානයට යොමුවූ බව ද සභාපතිවරයා කියා සිටියේය ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව රැස්වූ ප්රථම අවස්ථාව මෙය වෙයි රනිල් ධර්මසේන
මන්ත්රීලා 100ක් හිටියත් පොහොට්ටුවේ රැස්වීමට ආවේ 18යි ආරක්ෂක රාජ්ය ඇමැති ප්රමිත බණ්ඩාර
ශ්රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා 29දා කැඳවූ දේශපාලන මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සියයක් ඉන්න පක්ෂයෙන් සහභාගි වූයේ දහඅටදෙනකු පමණක් බව ආරක්ෂක රාජ්ය ඇමැති ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ 30දා පැවැසීය පළාත් සභා මන්ත්රීවරුන් සියයකට අධික පිරිසක් සිටින නමුත් පැමිණ ඇත්තේ පස්දෙනකු යැයි ද එවැනි රැස්වීමකදී වෙනම ජනපති අපේක්ෂකයකු තරග බිමට ප්රවේශ කිරීමට ගත් තීන්දුව දේශපාලන නාට්යයක් බව ද ඔහු කීය එම තීන්දුව පුද්ගලික ආත්මාර්ථකාමී ව්යසනකාරී තීන්දුවක් බවත් එය නිවැරදි කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු කීය මේ වෙලාවේ පොහොට්ටුවේ බහුතරය රනිල් වික්රමසිංහ මහතාට සහාය දීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුවී නැති බව කී රාජ්ය ඇමැතිවරයා එස් එම් චන්ද්රසේන හා ෂෙහාන් සේමසිංහ යන මන්ත්රීවරු ජනාධිපතිවරයාට සහාය දීමට ගත් තීන්දුව මෙන් සෙසු බහුතරයත් ඉදිරියේදී ජනාධිපතිවරයා දිනවීමට ක්රියා කරනු ඇතැයි ද පැවැසීය රාජ්ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ද එහිදී අදහස් දැක්වීය චමින්ද සිල්වා
ජනාධිපතිගේ නීතිය හා ව්යවස්ථාව උල්ලංඝනය කිරීමේ කතාවලින් ප්රජාතන්ත්රවාදී ව්යූහය විනාශයට ලක් වෙලා විපක්ෂ නායක සජිත් ප්රේමදාස පොළොන්නරුවේ භික්ෂු උපදේශන සභාවේදී කියයි
රටේ ජනාධිපතිවරයා ප්රසිද්ධියේ රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීම අභියෝගයට ලක් කිරීම හා ප්රජාතන්ත්රවාදයේ කුළුණු තුනේ තිබිය යුතු සංවරණ සහ තුලන ක්රියාදාමය ඇතුළු මුළු මහත් ප්රජාතන්ත්රවාදී ව්යූහයම සමූල විනාශයකට ලක් කරන බවත් තවත් පැත්තකින් දැවැන්ත අපරාධ රැල්ලක් ක්රියාත්මක නිසා සමස්ත සමාජයම බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය අනාදිමත් කාලයක සිට අප රටේ සමාජය සකස් වූයේ බෞද්ධ ප්රතිපත්ති හා වටිනාකම් මත බවත් එය තනි පුද්ගලයාගෙන් පටන් ගෙන සමස්ත සමාජයේම උපරිම ව්යුහය දක්වා දිවෙන බවත් එකිනෙකාට බැඳුණු අන්යෝන්ය යුතුකම් පද්ධතියක් ඇති බවත් දෙමාපියන් දරුවන් බිරිඳ ව්යාපාරිකයන් සේවකයන් යහලුවන් මෙන්ම ගිහියන් සහ පැවිද්දන් අතර සමස්ත සමාජ ව්යුහය අන්යෝන්ය යුතුකම් වගකීම්වලින් බැඳී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය නමුත් අද මේ සමාජ හර පද්ධති අන්යෝන්ය යුතුකම් සමාජ වියමන් ආදිය දරුණු ලෙස අභියෝගයට ලක්ව ඇති බවත් ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් අභියෝගයට ලක්ව ඇති බවත් අද වන විට රටේ ප්රධානියා වන ජනාධිපතිවරයා ප්රසිද්ධියේම උත්තරීතර නීතියට පිටුපා රට බංකොලොත් කළ ආර්ථිකත්රස්තවාදීන්ට රැකවරණය ලබාදෙමින් ඔවුන්ගේ පිහිටෙන් බලයට පත් වීමට උත්සාහ කරන බවත් රටේ පාලකයා අධර්මිෂ්ඨ වූ විට නීතියට ගරු නොකරන විට සොරුන් ආරක්ෂා කරන විට පාලකයාගෙන් ඉහළ සිට පහළට ලැබෙන්නේ නරක ආදර්ශයක් බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ පොළොන්නරුවේ පැවැති භික්ෂු උපදේශන සභාව අමතමිනි දූෂණය වංචාව සොරකම ඇතුළු අවනීතිය ආදී සියලු දුරාචාර බෝවන්නේ ඉහළ සිට පහළට බැවින් මේ සියල්ල පිරිසුදු කරනවා නම් එය සිදු කළ හැක්කේ ඉහළ සිට පහළට බැවින් තමා විසින් ඒ යුතුකම ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය අමන පොහොර ප්රතිපත්තිය ක්රියාත්මක කළ සියලු නායකයන් සිටින්නේ වත්මන් පාලකයාගේ සුවච කීකරු ගෝලයන් ලෙස බවත් මෙරට අභිමානවත් ජීවිතයක් ගත කළ ගොවි ජනතාව විනාශ මුඛයට ඇද දැමූ මේ දූෂිතයන් හොරුන් කාබනික පොහොර වංචාව ආනයනය කරන ලද පොහොර වංචා හරහා මේ රටට කළ විනාශය විශාල බවත් සමාජයේ තැනුම් ඒකකය වන පවුල හා ගෘහය ඉතිහාසයේ කිසිදු දිනකට වඩා අතිශය පීඩනයකට ලක්ව දරිද්රතාවෙන් මිරිකී ඇති බවත් පීඩනයට අසහනයට දුක්ඛිතභාවයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය අද සමාජයේ සුළු කොටසක් අපරාධ කිරීමට යොමුව ඇති බවත් ආර්ථික අර්බුදය හා සමාජ පරිහානිය දඩමීමා කරගෙන මුළු සමාජය පුරාවට ගැටුම්කාරී තත්ත්වයක් ඊර්ෂයාව වෛරය ක්රෝධය නිර්මාණය කර එය සමාජ න්යාය පත්රයේ ඉහළට ගේන්න උත්සාහ කරන බවත් වෛරී ප්රකාශ තුළින් උද්දාමයට පත්ව පහත් ආකාරයෙන් ක්රියාත්මක කරන ක්රියාදාම සුළුතරයක් සිදු කරන බවත් බුද්ධ ධර්මය පවා ලේ වැගිරීම හිංසනය ප්රතික්ෂේප කර ඇති නිසා අපිත් එය ප්රතික්ෂේප කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය මේ පිරිස ඉතිහාසයේ සිටම ඊර්ෂයාව වෛරය ක්රෝධය මංකොල්ලකෑම අපරාධ හා මිනීමැරුම් කළ බවත් ඒ ලේ වැගුරුණු අතීතය නැවත වරක් ක්රියාත්මක නොකළ යුතු බවත් ගමට අධිකරණය මීට දශක කිහිපයකට පෙර ගෙනවිත් සිදුවූ අපරාධ හා ජීවිත හානි දන්නා බවත් මිනිස් ජීවිතයක් මුදලින් තක්සේරු කළ නොහැකි බවත් දුටු දුටු තැන භයංකාර මිනීමැරුම් සංස්කෘතියක් අප රටේ සිදුවූ බවත් ආගම දහමට අපහාස කරමින් මේ අය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය ආගමට අපහාස කරන නින්දිත ප්රකාශ සිදු කරන බවත් අප රට තුළ සෑම ආගමකටම ගරු කිරීම ශිෂ්ටසම්පන්න සමාජයේ ලක්ෂණයක් බවත් රට ගොඩනගන්න හැකි දක්ෂ කණ්ඩායම සිටින්නේ තමා සතුව බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය ප්රදීප් ප්රසන්න සමරකෝන් කරුණාරත්න ගමගේ
චන්ද්රසේනගේ නිවසේදී රනිල්ට සහාය දෙන්න තීන්දුවක්
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්එම් චන්ද්රසේන මහතාගේ නිවසට ඊයේ 30 රැස්වූ අනුරාධපුර දිස්ත්රික්කය නියෝජනය කරන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයෝ බහුතරයක් මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස තරග කරන වත්මන් ජනපති රනිල් වික්රමසිංහ මහතා වෙත සහාය ලබා දිය යුතු බව තීරණය කළහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා 29 සවස රැස්වී ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්රික්කයේ හිටපු පළාත් පාලන ආයතනවල නියෝජිතයන් කැඳවා මත විමසුමක් කළ අවස්ථාවේ ඔවුන් මෙම තීරණය ගෙන ඇත ඊයේ පෙරවරු 1000 ට අනුරාධපුර කුරුන්දන්කුලමේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්රී හිටපු කැබිනට් අමාත්ය එස්එම් චන්ද්රසේන මහතාගේ නිවසට මෙලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයන් කැඳවා තිබිණි එහිදී චන්ද්රසේන මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී එම පිරිස සහාය ලබා දෙන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජිත ජනාධිපති අපේක්ෂකයාටද ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්රමසිංහ මහතාට ද යන්න සම්බන්ධයෙන් මත විමසුමක් සිදු කළ අවස්ථාවේ පැමිණ සිටි පළාත් පාලන ආයතන නියෝජිතයෝ සියලු දෙනා සිය අත් ඔසවා රනිල් වික්රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහාය ලබා දිය යුතු බවට කියා සිටියහ එහිදී ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කිරීමට යෝජිත ජනාධිපති අපේක්ෂකයා වෙත පළාත් පාලන ආයතන නියෝජිතයන් තිස් දෙදෙනෙක් පමණක් සහය ලබා දිය යුතු බවට සිය අත් ඔසවා කියා සිටියහ එම අවස්ථාවේ රැස්ව සිටි පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇමතූ එස් එම් චන්ද්රසේන මන්ත්රීවරයා ඔවුන්ගේ මතය ගැන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව පැවසීය ඊට ප්රතිචාර දැක්වූ පළාත් පාලන ආයතන නියෝජිතයින් කියා සිටියේ පොදුජන පෙරමුණේ නායකයින් සිය මතය වෙනස් කළත් මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතාට සහාය ලබාදීමට තමන් ගත් තීරණය වෙනස් නොකරන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතාට සහයෝගය පළ කොට මහ මැතිවරණය ඇතුළු අනිකුත් සියලු මැතිවරණවලදී දේශපාලන පක්ෂයක් ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ යුතු බවයි මෙම රැස්වීමට අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්සී මුතුකුමාරණ උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්රධාන අමාත්ය එස්එම් රංජිත් හිටපු සභාපති ටීඑම්ආර් සිරිපාල හිටපු පළාත් සභා මන්ත්රීවරුන් වන කල්යාණි කරල්ලියද්ද සුසිල් ගුණරත්න යන මහත්ම මහත්මීන් සහභාගි වූ අතර අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වීරසේන ගමගේ මහතා සහභාගි නොවීය අනුරාධපුර විශේෂ පර්සි කුරුනේරු
නිල ඇඳුමෙන් ඒම රෙගුලාසිවලට යටත් නීත්යනුකූලයි අනුර කුමාර දිසානායක
පසුගියදා පැවති ජාතික හෙද සමුළුවට තම පක්ෂයට අනුබද්ධ සමස්ත ලංකා හෙද වෘත්තීය සමිතිය නියෝජනය කරමින් හෙද හෙදියන් නිල ඇඳුමින් සහභාගි වීම රජයේ රෙගුලාසි සහ චක්රලේඛවලට යටත්ව නීත්යනුකූලව සිදුවූවක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි එම ක්රියාව සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සිය අප්රසාදය පළ කිරීම සහ පැමිණිලි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරේදා 29දා මාධ්ය වෙත ඒ මහතා එසේ කියා සිටියේය එම ජාතික හෙද සමුළුවේදී කිසිදු ආකාරයක නීති විරෝධී කටයුත්තක් හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදු නොවූ බවද අනුර කුමාර දිසානායක මහතා කියයි සුජීව තත්සර
පාලකයා විසින්ම ශ්රී ලංකාව විදෙස් ආධිපත්යයට නතු කරන සැලසුම පැරදවීමට මැදිහත් වන්න විමල් මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි
පාලකයා විසින්ම ශ්රී ලංකා රාජ්යය විදේශ ආධිපත්යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ත්රෛනිකායික මහනාහිමිවරුන් වෙත ඊයේ 30දා දීර්ඝ ලිපියක් යොමු කර ඇත වත්මන් වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් න්යාය පත්ර 05ක් යටතේ සිදුකරමින් සිටින ශ්රී ලංකා රාජ්යය විදේශ ආධිපත්යයට යටත් කිරීමේ මහා සැලැස්ම පරාජය කිරීම සඳහා මැදිහත් වන ලෙස ගෞරව පූර්වකව ඉල්ලා සිටින බව එම ලිපිය මගින් ඔහු මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියි එම දීර්ඝ ලිපිය ශ්යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල මහනාහිමි ශ්යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන මහනාහිමි ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රී මූර්ති මහනාහිමි ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්ය මකුලෑවේ ශ්රී විමල මහනාහිමි යන ත්රෛනිකායික මහා නාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබීය එම දීර්ඝ ලිපියෙහි මෙසේද සඳහන් කර ඇත ඔබ වහන්සේලා ඉතා හොඳින්ම දන්නා පරිදි වසර 2000කට අධික කාලයක් තුළ අපගේ මාතෘභූමිය යටත් කර ඈඳා ගැනීම සඳහා ඉන්දියානු ආක්රමණිකයින් අවස්ථා 17 කදී සහ බටහිර ආක්රමණිකයන් අවස්ථා 3කදී උත්සාහ කළ ද දීර්ඝකාලීනව සටන් වැදී එම උත්සාහයන් පරාජය කිරීමට ජාතියක් ලෙස අපි සමත් වූවෙමු ජාතියට එම ශක්තිය ලැබෙන්නේ මහා සංඝරත්නය විසින් ඉටු කරනු ලබන ඓතිහාසික භූමිකාව නිසා බව ඉතා පැහැදිලි කරුණකි එසේම ඓතිහාසික සාක්ෂි අනුව එදා බි්රතාන්ය ආක්රමණිකයා විසින් ශ්රී වික්රම රාජසිංහ රජු සිහසුනෙන් පලවා හැර රාජ්යය යටත් කර ගැනීම සඳහා දියත් කළ කුමන්ත්රණයට බුද්ධිමය නායකත්වය ලබාදුන් ජෝන් ඩොයිලිගේ සැලසුම සහ යටත්විජිත ලේකම්ගේ මතය අතර උපායමාර්ගිකව වැදගත් පරස්පරයක් තිබී ඇත ඩොයිලිගේ සැලසුමට අනුව පළමු වටයේදී සෘජුව බ්රිතාන්ය පාලකයකු විසින් යටත්විජිතය පාලනය කිරීම වෙනුවට රූකඩ පාලකයකු ලෙස ඇහැලේපොළ නිලමේ රජු ලෙස පත් කර බි්රතාන්යයන් තිරය පිටුපස සිට ඔහු මෙහෙයවිය යුතුය නමුත් යටත්විජිත ලේකම්ගේ මතය ජයග්රහණය කිරීම නිසා ආක්රමණිකයාට වසර 3ක් ඇතුළත ප්රබල කැරැල්ලකට මුහුණ දීමට සිදු වූ අතර එතැන් සිට බි්රතාන්ය විරෝධය දළුලා වැඩීමට එය හේතුවක් වූ බව ඓතිහාසික සත්යයකි ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරීමත් සමග රනිල් වික්රමසිංහ මහතාට වැඩ බලන ජනාධිපති ධුරය හිමි වන්නේ එදා යටත් විජිත ලේකම්වරයා විසින් සිදු කළ වරද නිවැරදි කිරීමට ද යන ප්රශ්නය මතුවේ එදා රාජසිංහ රජු බි්රතාන්යයන්ගේ අත්අඩංගුවට පත්වීමේදී රටවැසියාට හඬ නඟා පවසන්නේ මට නැති වන්නේ කිරුළ පමණයි නමුත් තොපිට තොපගේ රට නැති වෙනවා යනුවෙනි නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එවැනි වැටහීමක් තිබුණා ද යන්න සැක සහිතය එසේ වූවා නම් අද මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් වැඩබලන ජනාධිපතිවරයා විසින් යටත් විජිත ලේකම්වරුන්ගේ වුවමනාවන් ඉටු කිරීම සඳහා ඉදිරිපත් කරන සියලුම යෝජනා සහ අණපනත්වලට අත ඔසවන සිග්නල් කණු බවට පත්විය නොහැක වත්මන් සමාජ දේශපාලන අර්බුදයට මුල් වූ ආර්ථික අර්බුදයේ නිධන්ගත රෝග ලක්ෂණ ත්රිත්වය වන රාජ්ය ආදායම් අර්බුදය ණය අර්බුදය හා ගෙවුම් ශේෂ අර්බුදය ඇත්ත වශයෙන්ම ආරම්භ වන්නේ 1977 දී වත්මන් වැඩබලන ජනාධිපතිතුමා ප්රබල අමාත්යවරයකු ලෙස කටයුතු කළ ආණ්ඩුව විසින් ක්රියාත්මක කළ විවෘත ආර්ථික ප්රතිපත්තිය තුළ බව ඔබ වහන්සේලා පිළිගන්නවා ඇත ඉන්පසුව විවිධ ආණ්ඩු යටතේ ක්රම ක්රමයෙන් වර්ධනය වූ එම තත්ත්වය උත්සන්න වීම ආරම්භ වන්නේ 2015 2019 කාලයේදී ඉතා ඉහළ පොලියට කෙටිකාලීන වාණිජ ණය ඇමරිකන් ඩොලර් බිලියන 12 කට අධික ප්රමාණයක් ලබා ගැනීම සහ 2017 දී නව විදේශ විනිමය පනත මගින් විදේශ විනිමය කළු වෙළෙඳපොළ දිරිමත් කිරීම නිසා බව දැන් ඉතා පැහැදිලිව ඔප්පු වී ඇත වත්මන් වැඩබලන ජනාධිපතිතුමාට තමා විසින් නිර්මාණය කළ අර්බුදය විසඳීම කෙසේ වෙතත් අඩු තරමින් සමනය කිරීමට දැක්මක් හෝ වැඩපිළිවෙළක් නොමැති බව දැන් ඉතා පැහැදිලිව දැක ගත හැක මේ වනතුරු ඉහත සඳහන් අර්බුද ත්රිත්වය සමනය කිරීම සඳහා නිශ්චිත තර්කානුකුල විසඳුම් කිසිවක් ඔහු විසින් රටට ඉදිරිපත් කර නැත ඒ වෙනුවට එතුමා විසින් තෝරාගෙන ඇති ක්රමවේදය බව පෙනෙන්නේ ලාභ ලබන උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්ය ආයතන පවා විකුණා දැමීම මහජනයා මත බදු බර පැටවීම සහ තවදුරටත් ණය ගැනීම ය ඒ අතර එතුමා විසින් රැවටිලිකාර බස් දොඩමින් සහ වැල් පාලමෙන් එතෙර වන බවට ප්රතිඥා දෙමින් නැවත ගොඩඒමට නොහැකි මහා අර්බුදයක් දක්වා රට රැගෙන යන බව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ ඊට අමතරව රට බංකොලොත් භාවයෙන් මුදා ගත් බවට සුබ ආරංචියක් නමින් ව්යාජ සුබවාදී මතයක් ගොඩනැගීමට උත්සාහ කිරීම දැනුම්වත් පිරිස් අතර හාස්යජනක ක්රියාවක් ලෙස පෙනුණ ද බහුතර මහජනයාට ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැත ඒ සියල්ලටම වඩා වැල්පාලමින් එගොඩ වන බව පවසමින් එය කඩාගෙන වැටෙන ආකාරයට තවදුරටත් විශාල වශයෙන් දේශීය ණය ලබා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා කිසිදු ප්රකාශයක් කරන්නේ නැත එතුමා බලය ලබා ගන්නා අවස්ථාවේදී ඩොලර් බිලියන 83 ක් පමණ වූ සමස්ත ණය තොගය මේ වන විට ඩොලර් බිලියන 100ක් දක්වා වර්ධනය වී ඇත ඊට හේතුව ආණ්ඩුවේ වියදම් පියවා ගැනීම සඳහා දේශීය බැංකු මගින් බැඳුම්කර නිකුත් කිරීම හරහා අසීමිතව ණය ලබා ගැනීමය එසේ ලබා ගෙන ඇති නව ණය ප්රමාණය රුපියල්වලින් ගණනය කළහොත් දළ වශයෙන් රුපියල් බිලියන 5000ක් ඉක්මවා යයි ඊට අමතරව දේශීය කර්මාන්තකරුවාට සහ පොදු මහජනයාට වැට් බදු බර පැටවුවද ආදායම් බදු සහ සුරාබදු පැහැර හැරීම මෙන්ම අයුතු ලෙස ආනයනකරුවන්ට බදු සහන ලබාදීම නිසා රජයට අහිමිව ඇති ආදායම රුපියල් බිලියන 3000 කට ආසන්න වේ ඊට අමතරව ආණ්ඩුවට හිතවාදී මහා පරිමාණ ව්යාපාරිකයින් රාජ්ය බැංකුවලට නොගෙවා ඇති ණය ප්රමාණය රුපියල් බිලියන 650 ඉක්මවා යන බව වාර්තා විය එහෙත් ඒවා අයකර ගැනීම සඳහා හෝ අර්බුදයේ මූල හේතුවක් වූ විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට කිසිදු උත්සාහයක් නොගැනීම මගින් පෙන්වන්නේ කුමක්ද ඒ මගින් පැහැදිලි වන්නේ ඉහත සඳහන් කළ ආකාරයට එතුමා බලයට පත්කළ බලවේග විසින් ඉදිරිපත් කරන විසඳුම් හැර වෙනත් විසඳුම් නැත යන තත්ත්වය පිළිගැනීම සඳහා අර්බුදය සූක්ෂ්ම ලෙස වර්ධනය වීමට ඉඩ හරින බව නොවේද
දේශබන්දුගේ සේවය ඉල්ලා මහ සඟරුවන මහ පාරට
පාතාලය හා මත්ද්රව්ය මර්දනයට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කළ මෙහෙවර ඔහුගෙන් තවදුරටත් ලබාදීමට කටයුතු කරන ලෙසත් පොලිස්පති ලෙස සේවය කිරීමට ඉඩ දෙන ලෙසත් මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි හක්මන නන්දාලෝක හිමි ඇඹිලිපිටියේ රතනජෝති හිමි මාලිගාවිල අස්සජී හිමි ඇතුළු මහා සංඝරත්නය ඊයේ 30දා කොළඹ කොටුවේදී එකට රැස්ව ඉල්ලා සිටි අවස්ථාව අන්ය ආගමික නායකයෝ කිහිපදෙනෙක්ම එහිදී පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාම පත් කරන ලෙසත් අදහස් දැක්වූහ පිංතූර තුෂාර අතපත්තු
පුරවැසියන්ට නව ජීවිතයක් ලබාදෙන ජාතික පුනරුද යුගයක් ගොඩනගනවා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක
පුරවැසියන්ට නව ජීවිතයක් ලබාදෙන ජාතික පුනරුද යුගයක් ගොඩනගමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය පසුගියදා පැවැත්වූජාතික ජන බලවේගයේ හලාවත ජන රැලිය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය පසුගිය අවුරුදු 50ක 60ක කාලය තුළ මේ රටේ ජනතාවට රනිල් වික්රමසිංහ මහින්ද රාජපක්ෂලා පෙනුණේ එකිනෙකාට එරෙහිව කඩු අමෝරාගෙන සටන් කරන අය ලෙසටයි කොළපාට නිල් පාට දෙපසට බෙදිලා ඔවුන් බොරු කාඩ්බෝඩ් කඩු අරගෙන සටන් කළා නමුත් ජනතාව ගමේ ඇත්තටම බෙදිලා සටන් කර ගත්තා ආණමඩුවේ රංගේ බණ්ඩාරලා මැරුණු මන්ත්රීතුමන්ලා මහපාරේ වෙඩි තියාගත්තේ නැද්ද හැබැයි මහින්ද රාජපක්ෂ රනිල් වික්රමසිංහ කඩදාසි කඩුවලින් සටන් කළා ඒගොල්ලෝ බොරුවට රණ්ඩු කරලා දශක ගණනාවක් රට ප්රපාතයට අරගෙන ආවා ඔවුන්ට තවදුරටත් සතුරන් වගේ බෙදිලා සටන් කරන්න බැහැ ඒ නිසා ඒ අයට එක වේදිකාවට නගින්න සිදුවී තිබෙනවා කළුතර තිබුණු රැස්වීමට එක පුටුවක රනිල් වික්රමසිංහ අනිත් පුටුවේ මහින්ද රාජපක්ෂ අනික් පුටුවේ රවි කරුණානායක ඊළඟ පුටුවේ බැසිල් රාජපක්ෂ ඊළඟ පුටුවේ වජිර අබේවර්ධන ඊළඟ පුටුවේ රෝහත අබේගුණවර්ධන ඒ වේදිකාව අලියාද පොහොට්ටුවද රනිල් දැක්කාම අලියා වගේ පේනවා අනිත් පුටුවේ මහින්ද දැක්කාම පොහොට්ටුව වගේ පේනවා ඇත්තටම දැන් ඒක අලියත් නොවෙයි පොහොට්ටුවත් නොවෙයි පූට්ටුවක් මෙතෙක් කල් රටේ බලය තිබුණේ එක්කෝ කොළ පාට ළඟ නැත්නම් නිල් පාට ළඟ කවදාවත් ඔවුන්ට සැකයක් තිබුණේ නැහැ නිල්පාට දූෂිතයන්ට කොළ පාට ආණ්ඩුවෙනුත් කොළ පාට දූෂිතයන්ට නිල් පාට ආණ්ඩුවෙනුත් ආරක්ෂාව සහ රැකවරණය තිබුණා උඩ ඉන්න අය මහාපරිමාණ හොරකම්වලට අපරාධවලට හවුල් වුණත් කවදාවත් ඔවුන්ට විරුද්ධව පරීක්ෂණයක් කළේ නැහැ නීතිය ක්රියාත්මක කළේ නැහැ දෙපැත්තෙන්ම ආරක්ෂාව ලැබුණා තවත් දශක ගණනාවක් මේ ගමන යන්න කල්පනා කළත් මේ වන විට පොදු ජනයාගේ නව දේශපාලන ව්යාපාරයක් ගොඩනැගී බලය ලබා ගැනීමට සූදානමින් සිටිනවා නියත වශයෙන්ම සැප්තැම්බර් 21දා ජයග්රහණය කරනවා ඒ ජයග්රහණය වැළැක්වීම සඳහා ඔවුන්ට කළ හැකි හැමදෙයක්ම කරනවා සීනි බදුවලින් හොරකම් කරන්න ඉඩ දීලා බැඳුම්කර වංචාවලින් කොල්ලකෑම් අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ බදු නොගෙවා මුදල් එකතු කිරීමෙන් ආදී වශයෙන් මහා ධනස්කන්ධයක් මේ මැතිවරණ ව්යාපාරයට පොම්ප කරනවා මහජනතාවගේ සල්ලි රුපියල් කෝටි 875ක් රනිල් වික්රමසිංහ වෙන්කරගෙන ඡන්දය වෙනුවෙන් විවිධ බෙදාහැරීම් කරනවා අතාරින්න එපා බෙදන හැම එකක්ම ගන්න හොරකම් කරලා එකතු කර ගත්ත ඒවායෙන් ටිකක් හරි මේ වගේ කාලයක ගන්න එක හොඳයි නොබෙදා ඉතිරි කර ගන්න ටික ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදලා නියත වශයෙන්ම අත්පත් කර ගන්නවා ඒ වගේම අසත්ය තොරතුරු අවලාද විශාල වශයෙන් බෙදා හරින ඡන්ද ව්යාපාරයක් බවට පත්කරගෙන තිබෙනවා අපි වෙනුවෙන් උත්තර දෙන්න මාධ්ය නාලිකා නැහැ සමහර අයව තෝරාගෙන ඒ වෙනුවෙන් වැඩකරන නාලිකා තිබෙනවා ප්රධාන මාධ්ය වගේම සමාජ මාධ්ය ඇතුලේ විශාල බලපෑමක් සිදුකරමින් ඉන්න කවදාවත් අපිව හමුනොවුණු ලක්ෂ සංඛ්යාත ජනතාවක් ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටිනවා ඔවුන් රාජ්ය බලය උපයෝගී කර ගනිමින් ඇතැම් රාජ්ය නිලධාරීන් සම්බන්ධ කරගෙන මැතිවරණ කටයුතු කරනවා ගම්වල පිහිටුවා තිබෙන ප්රජා ආරක්ෂක කමිටු රනිල් වික්රමසිංහ මහත්තයාගේ ප්රචාරක කටයුතු වෙනුවෙන් යොදවන්න ප්රදේශයේ පොලිසියේ ඕඅයිසී මහත්තයාට බාර දුන්නා වැල්ලවායේ පැවැත්වූ රැස්වීමකට ප්රජා ආරක්ෂක කමිටු කැඳවීමට නියෝග කර තිබුණා කෑම සපයන්නත් ඕනෑ පුටු අරගෙන එන්නත් ඕනෑ මේ ආකාරයෙන් කෑගල්ල ගාල්ල දිස්ත්රික්කවල රැස්වීම් ලැහැස්ති කර තිබුණත් දේශබන්දු මහතාගේ පුටුව අහිමි වුණා රනිල් වික්රමසිංහට ඔච්චර කේන්ති ඒකයි මහජනයාගේ බදු මුදල්වලින් යැපෙන මහජනයා වෙනුවෙන් කාර්යභාරයක් කරන පොලීසිය තමන්ගේ මැතිවරණ ව්යාපාරයේ ශාඛා බවට පත්කර ගන්න ඔහු උත්සාහ කළා ශ්රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිගන්නේ නෑ කියන්නේ ඒකයි ශ්රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් රනිල් පිළිගන්නවා කියලා සීල් එකක් ගහන්න ඕනෑද එහෙම වෙන්නේ නැහැ ශ්රේෂ්ඨාධිකරණයේ තීන්දුව දිනේෂ් ගුණවර්ධන පිළිගන්නේ නැහැ කියලා පුළුවන් නම් එළියේ කියන්න දේශබන්දු තවමත් පොලිස්පති කියලා හිතනවා නම් එක අත්සනක් ගහලා පෙන්වන්නකෝ අපිට රාජ්ය බලය නෑ මාධ්ය බලය නැහැ මහා ධනස්කන්ධයක බලය නැහැ අපට ඉන්නේ හලාවත නගරයටත් ගඟක් වගේ ගලා ඇවිත් සිටින මහා ජන බලයයි අපිත් එක්ක මෙතෙක් වැඩ නොකරපු අය කාර්යාලයේ බස් එකේ මහපාරේ කතා කරමින් ජාතික ජන බලවේගය පොදු ජනයාගේ අයිතියක් බවට පත්කරගෙන තිබෙනවා ඉදිරි මාස දෙක තුළ මෙතෙක් කරගෙන ගිය වැඩ ප්රමාණය තවත් හත් අට ගුණයකින් වැඩිකර ඔබේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්රමාණය මාලිමාවේ ඡන්දවලින් පුරවන්න ඊට පස්සේ පාර්ලිමේන්තුව සුද්ද කරන ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ ජනතාවට දරා ගන්න බැරි පීඩනයක් එල්ල කරමින් පාර්ලිමේන්තු මන්ත්රීවරු සහ ඇමතිවරුන්ට විශේෂ දීමනා ලබාදෙමින් කටයුතු කළ ආකාරය අපි දැක්කා තෙල් මිල වැඩිවීමත් සමග පාර්ලිමේන්තු මන්ත්රිවරුන්ට ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂයකින් වැඩිකර දෙන්න තීරණයක් ගත්තා මමත් අපේ හරිනි සහෝදරියත් විජිත සහෝදරයාත් වැඩ කළ ලක්ෂය අපට ලබා නොදෙන ලෙස ලිඛිතව කතථානායකවරයාට දැන්වූවා ඩොලර් විදේශයන්ට ඇදී යන නිසා වාහන ආනයනය නතර කර තිබුණත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ලිඛිතව වාහන පර්මිට් ලබාදෙන ලෙස කථානායකගෙන් ඉල්ලා තිබෙනවා ඒ වගේම සමගි ජන බලවේගයේ මන්ත්රීවරු පිරිසකුත් ආණ්ඩුවේ මන්ත්රීවරුන් බාර් ලයිසන් ලබාගෙන රුපියල් කෝටි දෙකට තුනට විකුණනවා කෑගල්ලේ රාජ්ය ඇමති බාර් පර්මිට් තුනක් අරගෙන කෝටි නවයකට වික්කා සජිත් ප්රේමදාස බලයට ආවාම බාර් පර්මිට් අහෝසි කරන බව කීවා එයා ළඟ ඉන්න මන්ත්රීවරු පිරිසක් බාර් පර්මිට් අරගෙන නැති බව කීවොත් අරගත් බව මම ඔප්පු කරනවා පෙට්රල් ෂෙඩ් බෙදාගෙන විකුණනවා සැප්තැම්බර් 21දා ජයග්රහණයෙන් පසුව මේ මජර පාර්ලිමේන්තුව විසුරුවා හැර හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර ගන්න අවස්ථාව ලබාදෙනවා පිරිසිදු පාර්ලිමේන්තුවක් වෙනුවෙන් අවස්ථාව ලබාදී මේ රටේ ජනතාවගේ මූලික ප්රශ්න විසඳා ගැනීමේ දිගු කාලීන ක්රියාමාර්ග ජයග්රහණය කරන තෙක් අපි විශේෂ කාර්යභාරයක් ඉටුකරනවා ආහාර සෞඛ්යය අධ්යාපනය සියලුම ජනතාවට ලබාදීමේ ක්රමයක් තහවුරු කරනවා රෝහල්වලට බෙහෙත් පරීක්ෂණ පහසුකම් ඖෂධ ලබාදී හෙදියන් සහ වෛද්යවරුන් ඇතුළු අත්යවශ්ය කාර්ය මණ්ඩල වෙනුවෙන් ප්රමාණවත් මුදල් වෙන්කරනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ජයග්රහණය සඳහා අවශ්ය සාධක සියල්ල පෙළගැසී තිබෙනවා ඔබ අපි කවුරුත් එක්වී සිටින්නේ තවත් ජනාධිපති කෙනෙක් පත්කර ගන්න නොවෙයි අපි අපේ තේමා පාඨය කරගෙන තිබෙන්නේ නව ජාතික පුනරුදය යන්නයි නැවත නැගී සිටීමක් අවශ්යයි පසුගිය අවුරුදු 50 60 තුළ කිසිම ජයග්රහණයක් අත්කර නොගෙන ණයට කාලා ණය කන්දක් ගොඩගසා තිබෙනවා රනිල් වික්රමසිංහ බලය ගන්නකොට සමස්ත ණය ඩොලර් බිලියන 83යි දැන් 100ත් පැනලා ජනතාව මත වැට් බදු ගසා මාසික වැටුප් ගන්න අය මත 36 දක්වා බදු ගහලා තව තවත් බර පටවා තිබෙනවා එයා රට ගොඩගත්තේ නැහැ වැටුණු මහින්ද රාජපක්ෂලාව ගොඩගත්තා අපට පැවරී තිබෙන්නේ මෙන්න මේ වට්ටපු තැනින් රට ගොඩගන්නයි අපේ රටේ වැඩියෙන්ම ඉන්නේ තමන්ගෙ දෑතින් කුමන හෝ කටයුත්තක් සිදුකරමින් ආදායම් මාර්ග උපයා ගන්නා ජනතාවක් ඔවුන්ගේ ඒ ඒ ක්ෂේත්රවලට අදාළව බාධා පමුණුවා තිබෙනවා මිස ආධාර සපයා දී නැහැ ඒ නිසා පුත්තලම දිස්ත්රික්කයේ උළු ගඩොල් කර්මාන්ත ශාලා පමණක් කීයක් වසා තිබෙනවාද මේ වසා තිබෙන ව්යපාරවලට අත දී නඟා සිටුවමින් ක්රියාකිරීම මාලිමාවේ ප්රතිපත්තියයි දේශපාලනඥයන් ව්යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න එක නැවැත්වීම අපේ කාර්යභාරයයි නමුත් සමගි ජන බලවේගය ඇතුළු සතුරන්ගේ ෆේස් බුක් මඩ බළකා ප්රචාරය කරන්නේ මාලිමා ආණ්ඩුවකින් ව්යාපාර පවරා ගන්නා බවයි අපි එන්නේ ජාතික අරමුණක් වෙනුවෙන් නිවැරදි ව්යවසායකයන් පෙළගස්වන්නයි ඒ වගේම රට ඇදදමා තිබෙන තැනින් ගොඩගන්න නම් වංචා දූෂණ අනිවාර්යයෙන්ම නවත්වන්න ඕනෑ අපරාධ කළ අය නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබාදෙන්න ඕනෑ ශානි අබේසේකර මහත්තයලා ඇවිත් ඉන්නේ ඒකට අයිතිකාරයෙක් නැති මිනීමැරුම් ගණනාවක් තිබෙනවා ඒවා ගැන සොයන්න ඕනෑ නැද්ද මාධ්යවේදීන්ට පහර දීපු ඒවා සොයන්න ඕනෑ පාස්කු ප්රහාරය එල්ල කළ අපරාධකරුවන් සොයන්න ඕනෑ