Title
stringlengths
7
238
content
stringclasses
970 values
පාන් මිල අඩු කිරීම ගැන අද ප්රකාශයක්
පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් අද 26 වැනිදා ප්රකාශයක් කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන් පෙරේදා 24 වැනිදා සාකච්ඡාවක් පැවැති බවත් එහිදී අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්කේ ජයවර්ධන මහතා පැවසීය ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
දේශබන්දුගේ පොලිස්පති ධූරයට උසාවියෙන් තහනමක් නීතිපතිට සහ කථානායකට එරෙහිවත් නඩු විභාගයක්
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි වළක්වමින් ශ්රේෂ්ඨාධිකරණය ඊයේ 24දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වූ සහ ඒ බවට ශ්රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කොට තීන්දු ලබාදී තිබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ඇතුළු පාර්ශ්ව නවයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාග කොට අවසන් කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු මෙම අතුරු තහනම් නියෝගය බල පැවැත්වේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විනිසුරු යසන්ත කෝදාගොඩ අචල වෙන්ගප්පුලි හා මහින්ද සමයවර්ධන යන ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි 20220509 වැනිදා සිදුවූ සිදුවීමත්ද ගාලුමුවදොර අරගලය සම්බන්ධයෙන් වන අපරාධ නඩුවේ සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව නම් කරන්නැයි විමර්ශන නිලධාරීන්ට දැනුම්දුන් නීතිපතිවරයා ඔහුව පොලිස්පති ධුරයේ තබාගන්නා ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීම පුදුම සහගත බව එම පෙත්සම් සලකා බැලීමේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පෙන්වා දී තිබිණි එසේම ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම ව්යවස්ථාවට අනුව සිදුවී නැති බවත් කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට අදාළ අනුමැතිය දැනුම් දී ඇත්තේ අනීතික මාර්ගයෙන් වන බැවින් අසම්භාව්ය ක්රියාවක් බවත් නීතිඥ තිශන් වේරගොඩ මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දී තිබිණි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම ව්යවස්ථාදායක සභාව විසින් නිසියාකාරව අනුමත කර නැති පසුබිමක ඔහු පොලිස්පතිවරයා ලෙස පත්කිරීම මගින් රටේ ජනාධිපතිවරයා මහජන විශ්වාසය කඩකර ඇති බව ජ්යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්රනාන්දු මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමයේ සභාපති ජනමාධ්යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු පාර්ශ්ව විසින් ගෙනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ව්යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දේශබන්දු තෙන්නකෝන් මහතා නීතිපතිවරයාත් නම්කර තිබූ අතර ව්යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පිරිසක් වෙනුවෙන් නීතිඥ අර්මිස ටීගල් මහත්මිය සමග නීතිඥ විනුර ගුණරත්න මහතා පෙනී සිටියේය සෙසු සාමාජිකයන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය සියලු පාර්ශවවල කරුණු දැක්වීම් පුරා දින හයක් තිස්සේ සලකා බැලීමෙන් පසුව පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම පමණක් ජනාධිපතිවරයා විසින් ව්යවස්ථාදායක සභාවට යෝජනා කර ගැනීම පවා නීතිවිරෝධී සහ අත්තනෝමතික ක්රියාවක් වන්නේ යැයි ද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා ජෙෆ්රි අර්ගරත්නම් ජනාධිපති නීතිඥ වීරාන් කොරයා ජ්යෙෂ්ඨ නීතිඥ ලක්සාන් ඩයස් යන මහත්වරුන් ශ්රේෂ්ඨාධිකරණයට පෙන්වාදී තිබිණි එබැවින් ඔහු පොලිස්පතිවරයා ලෙස තේරී පත්වූ බවට නිගමනය කිරීම පොලිස්පති ධුරයට පත්කිරීම ඇතුළු සම්පූර්ණ ක්රියාදාමයම අත්හිටුවන ලෙසට ද පෙත්සම්කරුවන්ගේ නීතිඥ අධිකරණයෙන් ඉල්ලා සිටියේය පෙත්සම් විභාගය නොවැම්බර් 11 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළ ශ්රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම බලතල ක්රියාවේ යෙදවීම රාජකාරි ඉටු කිරීම එම අතුරුතහනම් නියෝගය මගින් වළක්වනු ලැබීය සිය අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්රියාත්මක කාලය අතරතුර පොලිස්පති ධුරය සඳහා නීතියට අනුකූලව සුදුස්සෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙසට ද විනිසුරු මඬුල්ල ජනාධිපතිවරයාට නියෝග කළේය එකී පෙත්සම් තීන්දුව නිකුත් කරමින් විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ යසන්ත කෝදාගොඩ මහතා පෙන්වා දුන්නේ පෙත්සම්කරුවන් විසින් ප්රබල නඩු නිමිත්තක් තම අධිකරණය හමුවේ මතුකර ඇති බවයි එම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාත් කථානායකවරයාත් නම්කර තිබූ අතර එම වගඋත්තරකරුවන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට ද තම අධිකරණය තීරණය කළ බව විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය අදාළ විරෝධතා ඇත්නම් ඉදිරි සති හයක කාලය තුළ ගොනු කරනා ලෙසත් අධිකරණය දෙපාර්ශ්වයට නියෝග කළේය දේශබන්දු තෙන්නකෝන් මහතා 36 වැනි පොලිස්පතිවරයා ලෙස පසුගිය පෙබරවාරි 26 වැනිදා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීයඒජේඒ අබේනායක
විජයදාසගෙන් අද තීන්දුවක් සුබ ආරංචිය දෙන්නේ මමයි
සුබ ආරංචිය දෙන්නේ අද මමයි අද පැවැත්වෙන විශේෂ මාධ්ය හමුවේදී එය හෙළි කරනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඊයේ 24 දිවයින ට පැවැසීය ඉදිරි ජනාධිපතිවරණයට ඔහු තරග කරනවා ද යන්න පිළිබඳව අද ඔහු ප්රකාශ කිරීමට නියමිතය සැබෑ විය යුතු සුභ ආරංචියයි මම අද දෙන්නේ යැයිද ඔහු කීය ඔහුට ඇමැති පදවියෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇත්දැයි දිවයින විමසූ විට ඔහු කීවේ එවැන්නක් නොමැති බවත් අපිම රැකගත් ආණ්ඩුව තුළ කතා කිරීමට තමාට අයිතිය ඇති බවත්ය
රටේ පවුල් 22ක් එදා වේල කන්නේ ණයට
ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල් අතුරින් සියයට සියයට 22ක් ණයගැතිභාවයට පත්ව ඇති බැව් ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ගෘහඒකක සමීක්ෂණ 2023 වාර්තාවේ සඳහන් වෙයි ණයගැතිතාවයේ ඉහළම අනුපාතය වාර්තා වන්නේ උකස් කටයුතු සඳහා වන අතර උකස් කටයුතුවලින් සියයට 31 ණය ලබා ගෙන ඇත එමෙන්ම මෙරට පවුල් අතුරින් සියයට 223ක් ණය ලබාගෙන ඇත්තේ දෛනික ආහාර අවශ්යතා සපුරා ගැනීම සඳහා බව ද මෙකී වාර්තාවේ සඳහන් වෙයි රජයේ හා පෞද්ගලික බැංකුවලින් සියයට 219ක් සමෘද්ධි ප්රජාමුප බැංකු මගින් සියයට 71ක් මුදල් ණයට දෙන අයගෙන් සියයට 97ක් මූල්ය හා ලිසිං ආයතනවලින් සියයට 87ක් ණය ලබාගෙන තිබුණි එමෙන්ම පවුල් ඒකකවල ණයගැති භාවය ඉහළ මට්ටමක පැවැතීම නිසා ඇති වන ආතතිය හා මූල්ය පීඩනය මානසික යහපැවැත්මට ද බලපානු ලබන බව මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇතලලිත් චාමින්ද සහ එස්කේ කළුආරච්චි ගාල්ල
සමරිසි පනත් කෙටුම්පතෙන් සමාජය විකෘති වෙනවා සාරධර්ම පිරිහෙනවා
මෙරට චිරාගත සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ නොසලකා ඉතා සුළුතර පිරිසකගේ අවිචාරවත් අවශ්යතාවන් පූර්ණය කර ගැනීමේ පටු පර්මාර්ථ පෙරදැරිව පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස පසුගියදා පාර්ලිමේන්තුවට යොමු කළ සමරිසි පනත් කෙටුම්පත මෙරට සමස්ත සමාජ දේහය විකෘති කිරීමට මෙන්ම සාරධර්ම පරිහානියට හේතු වන්නක් බව ත්රෛනිකායික මහනායක ස්වාමින්ද්රයන් වහන්සේලා ජනපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටිති බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගේ විශිෂ්ටතාව හා එහි ප්රායෝගික භාවිතය තිරසර සමාජ සංවර්ධනයකට හේතු වන ආකාරය පිළිබඳ නිරන්තර අදහස් ප්රකාශ කරන ජනාධිපතිතුමන් මෙන්ම දේශයේ සංස්කෘතික උරුමය හා සමාජ හර පද්ධතීන් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන මහජන නියෝජිතයින් මෙම අප්රතිකාරී සදාචාර විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර අවශ්ය පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද උන්වහන්සේලා පවසති සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි කෙටුම්පත සම්බන්ධයෙන් මල්වතු මහනායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඤාණරතන ශ්රී ලංකා අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රීමූර්ති ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්රයන් වහන්සේලාගේ අත්සනින් ජනපතිවරයා වෙත නිකුත් කළ ලිපියේ මෙසේ ද සඳහන් වෙයි රටක සංස්කෘතික අනන්යතාවන් ඓතිහාසික උරුමය හා විරාගත සද්චාරිත්රයන් නොසලකා පටු අත්තනෝමතීන් මත පදනම්ව රාජ්ය පාලනයෙහිලා යමෙක් උත්සහ දරන්නේ නම් එය රාජ්ය අරාජික වීමට මෙන්ම සමාජ බිඳවැටීමට ද බලපාන බව චක්කවත්ති සීහනාද සූත්රයේ දී තථාගතයන් වහන්සේ පැහැදිලි කර ඇත ධර්මද්වීපය ලෙස පෙරාපර දෙදිග සම්භාවිත ශ්රී ලංකාව බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගෙන් පෝෂණය වූ විශිෂ්ට සංස්කෘතියකට උරුමකම් කියයි දානය ප්රිය වචනය අර්ථචරියාව හා සමානාත්මතාව යන සතර සංග්රහ වස්තූන් මත ගොඩනැගුණු එකී ලාංකේය සංස්කෘතියේ මෞලික හර පද්ධතිය ආරක්ෂා කර ගැනීම රාෂ්ටී්රය සමෘද්ධිය උදෙසා අත්යවශ්ය සාධකයකි මෙරට චිරාගත සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ නොසලකා ඉතාමත් සුළුතර පිරිසකගේ අවිචාරවත් අවශ්යතාවන් පූර්ණය කර ගැනීමේ පටු පර්මාර්ථ පෙරදැරි කරගෙන පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස පසුගිය දින පාර්ලිමේන්තුවට යොමු කළ සමරිසි පනත් කෙටුම්පත මෙරට සමස්ත සමාජ දේහය විකෘති කිරීමට මෙන් ම සාරධර්ම පරිහානියට හේතු වන්නක් බව අපි තරයේ අවධාරණය කර සිටිමු මෙවැනි පටු අරමුණු සහිත පනත් කෙටුම්පතක් සම්මත කිරීම පවුල් සංස්ථාවන් බිඳ දැමීමට මෙන්ම සමාජ සංස්ථාවන් තුළ අසමතුලිතාවක් නිර්මාණය වීමට හේතු වන අතරම එහි අතුරු ඵලයක් ලෙස සමාජ සුරක්ෂාව දැඩි තර්ජනයකට ලක් වේ මව පියා වැනි උත්තරිතර සමාජ සංකල්ප බිඳ වැටීමට තුඩු දෙන මෙවැනි නීති සම්මත කිරීම සමාජ පරිහානියට හේතු වන බව මහජන නියෝජිතයන් අවබෝධ කොට නොගැනීම වර්තමාන ශ්රී ලාංකේය දේශපාලන ප්රවාහයන්ගේ අන්ධානුකරණ ගති ලක්ෂණ හා මෙරට සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ පවතින අනවබෝධය මනාව ප්රදර්ශනය කරයි අධම්ම රාගය හෙවත් මව පියා සහෝදරයා සහෝදරිය ආදී බැඳීම් හා ඥාති සබඳතාවන් නොසලකා තිරිසන්ගත සතුන් මෙන් ලිංගික ප්රීණනය සඳහා පුද්ගලයා යොමුවීම මෙන්ම මිච්ඡා ධම්ම හෙවත් සමලිංගික හැසිරීම් හේතුවෙන් පුද්ගලයාගේ ආයුෂය හා වර්ණය පරිහානියට පත්වන ආකාරය සහ එය සමාජ බිඳ වැටීමට හේතුවන ආකාරය චක්කවත්ති සීහනාද සූත්රය තුළ තථාගතයන් වහන්සේ මනාව පැහැදිලි කොට ඇත එවන් පසුබිමක් තුළ පිනපව කුසලය අකුසලය පිළිබඳ සමාජය දැනුවත් කරමින් ආධ්යාත්මික මාර්ගෝපදේශකත්වය සැපයීම මහා සංඝරත්නය ලෙස අප වෙත පැවරී ඇති වගකීමයි විවිධ බාධක අර්බුද අභියෝග මධ්යයේ වුව ද ලාංකේය භික්ෂු පරපුර එම ඓතිහාසික වගකීම මනාව ඉටුකර ඇති බවට මෙරට ඉතිහාසය සාක්ෂි දරයි එසේම රටක ජන ජීවිත සුරක්ෂිත කොට සමාජ සංස්ථාවන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම රාජ්ය පාලකයාගේ වගකීම බව ද අවධාරණය කරනු කැමැත්තෙමු එහෙයින් සමස්ත සමාජය සදාචාරාත්මක පරිහානියකට ඇද දමන පුද්ගලයාගේ මානසික හා ශාරීරික සෞඛ්ය මෙන්ම ආධ්යාත්මික පරිහානියට ඍජු හේතුවෙන මෙවන් අගතිකාරී සමාජ පරිහානියට තුඩු දෙන කෙටුම්පතක් සම්මත කිරීමට මෙරට රජය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් උත්සහ දරන්නේ නම් ඒ පිළිබඳ ත්රෛනිකායික මහා සංඝරත්නය ලෙස අපගේ බලවත් අප්රසාදය හා විරෝධය පළ කර සිටින අතර ම එය මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් විසින් මෙරට සංස්කෘතික හර පද්ධතියට සිදු කරන බලවත්ම හානියක් බව සංවේගයෙන් යුතුව අවධාරණය කර සිටිමුසමන්තී වීරසේකර
වැබ පොලිස්පති ධුරයට නම් තුනක්
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා ජ්යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලධාරීන් තිදෙනකුගෙන් එක් අයකු පත් කිරීමට නියමිතය ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක ප්රියන්ත වීරසූරිය සහ සංජීව ධර්මරත්න යන නිලධාරීන් තිදෙනාගෙන් එක් නිලධාරියකු වැඩ බැලීම සඳහා පොලිස්පති ධුරයට පත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි වැඩ බලන පොලිස්පති ධුරය සඳහා සුදුසුම නිලධාරියා පත් කිරීමට නියමිතය පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨත්වයෙන් දෙවැනි ස්ථානයට පත්වූ නිලන්ත ජයවර්ධන මහතා පසුගියදා අනිවාර්ය නිවාඩු යවන ලදී ඒ අනුව මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින්නේ මධ්යම පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලිත් පතිනායක මහතාය ජ්යෙෂ්ඨත්වයෙන් දෙවැනි ස්ථානයේ පසුවන ප්රියන්ත වීරසූරිය මහතා උතුරු මැද පළාත භාරව කටයුතු කරන අතර තුන්වැනි ස්ථානයේ පසුවන සංජීව ධර්මරත්න මහතා සබරගමුව පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරයිහේමන්ත රන්දුණු
ආණ්ඩුවේ සංවර්ධන වැඩට ප්රජා කමිටු හදන්න ජනපති ලේකම්ගේ චක්රලේඛයට උසාවියෙන් තහනමක්
ආණ්ඩුවේ සංවර්ධන ව්යාපෘති සිදු කිරීම සඳහා ප්රජා උපදේශන කමිටු පිහිටුවීමට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්රලේඛය ක්රියාත්මක වීම වළක්වාලමින් ශ්රේෂ්ඨාධිකරණය ඊයේ 24 අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය පැෆරල් සංවිධානය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර දෙමින් ශ්රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය විජිත් මලල්ගොඩ යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්රමසිංහ යන ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවිණි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්රවර්ධනය කිරීම සඳහා රාජ්ය සම්පත් වෙන් නොකිරීමට වග බලා ගන්නා ලෙස රජයේ ආයතන හා එහි ප්රධානීන්ට උපදෙස් දෙන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යවා තිබෙන ලිපිය අනුව කටයුතු කරන ලෙස මුදල් අමාත්යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්රාමාත්යවරයා ඇතුළු අමාත්ය මණ්ඩලය ජනාධිපති ලේකම්වරයා මුදල් අමාත්යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයා ඇතුළු 41 දෙනකු නම් කර තිබේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට සංවර්ධන වැඩ කටයුතුවලට අදාළව රාජ්ය සම්පත් වෙන් නොකිරීමට වගබලා ගන්නා ලෙස රාජ්ය ආයතන සහ ඒවායේ ප්රධානීන්ට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බව පෙත්සම ගොනු කරමින් පෙත්සම්කරුවෝ කියා සිටිතිඒජේඒ අබේනායක
සැප්තැම්බරයේ සිට විශ්රාමිකයන්ට 3000ක දීමනාවක්
විශ්රාමිකයන්ට සැප්තැම්බර් සිට රුපියල් 3000ක දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ඊයේ 24දා ලැබී ඇත සෙසු වැටුප් විෂමතා සහ වැටුප් වර්ධක ගැන පත්කර ඇති කමිටුවේ නිර්දේශ මත ක්රියාකිරීමට ද තීරණය වී තිබේ
ආණ්ඩුවේ දේපළ විකිණීමේදී හිල්ටන් හෝටලයත් මකර කටටද
ජනාධිපතිවරණයට මුදල් සෙවීම සඳහා රජයේ දේපළ කුණුකොල්ලයට විකිණීමේ ජාවාරමක් ආණ්ඩුව ක්රියාත්මක කර ඇතැයි දූෂණ විරෝධී හඬ සන්ධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය මේ වනවිට කොළඹ හදවත වැනි ස්ථානයේ පවතින කාමර 300කින් සමන්විත අක්කර හතහමාරක භූමියක පවතින හිල්ටන් හෝටලය විකිණීමට කටයුතු කරමින් පවතින බවද කොළඹ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් සමරසිංහ මහතා පැවසීය ඇමරිකන් ඩොලර් මිලියන 15ක් වැයකර හිල්ටන් හෝටලය තරු හතේ හෝටලයක් ලෙස සංවර්ධනය කර ඇති බවත් පසුගිය වසරේදී ඩොලර් බිලියන 124කට විකිණීමට තක්සේරු කර තිබියදී මෑතකදී එය නැවත තක්සේරුකර ඩොලර් බිලියන පනස්පහයි දශම පහකට 555 නැවත තක්සේරු කර ඇති බවත් පවසන ඒ මහතා දැන් අලෙවි කිරීමට යන්නේ ඩොලර් බිලියන හතළිස් එකයි දශම පහකට 415 බවද කීය එය ශ්රී ලංකා මුදලින් රුපියල් මිලියන 12300ක් පමණ බවද ඔහු කීය මෙම හෝටලය මිලදී ගැනීම සඳහා රටට නිසි ලෙස බදු නොගෙවූ අයෙක්ට අවස්ථාව ලබාදීමට යන බවත් මේ ආකාරයෙන්ම මහනුවර බෝගම්බර බන්ධනාගාර භූමිය හිල්ටන් හෝටලයක් ඉදිකිරීම සඳහා විකිණීමට උත්සාහ කරන බවත් මෙම ගනුදෙනු හරහා මැතිවරණයට අවශ්ය මුදල් සොයාගැනීමට උත්සාහ දරන බවට පෙනී යන බවත් සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීයචමින්ද සිල්වා
වතු සේවක දෛනික වැටුප 1700ක් කළ ගැසට්ටුව හකුළා ගනී
තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1700ක් බව සඳහන් කරමින් නිකුත්කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශ ලේකම් ආර්පීඒ විමලවීර මහතාගේ අත්සනින් යුතුව වැටුප් වැඩිකිරීමේ 238514 දරන ගැසට් නිවේදනය ප්රකාශයට පත්කර තිබිණි වතු කම්කරු දෛනික වැටුප් 1700 වැඩි කිරීම පඩිපාලක සභාව හරහා ගෙවීමට උපදෙස් ලබා දී ඇතැයි කම්කරු අමාත්යාංශය පවසයි වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 කළ බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පසුගිය මැයි දිනයේදී ප්රකාශයට පත්කර තිබුණි වතු කම්කරු වැටුප් වැඩිකිරීමට එරෙහිව වතු හාම්පුතුන් විසින් ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමෙන් පසු වැටුප් වැඩි කිරීම අත්හිටුවමින් ශ්රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇතචමින්ද සිල්වා
තරුණ තරුණියන්ට අවශ්ය රැකියා රට තුළම නිර්මාණය කිරීමට ආර්ථිකය පරිවර්තනය කරනවා
මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ගම්පහ බණ්ඩාරනායක විද්යාලයේ 106 වන සංවත්සරය නිමිත්තෙන් ඊයේ 24දා පැවතිඋත්සවයට එක්වෙමිනි ගම්පහ බණ්ඩාරනායක විද්යාලයීය 106 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන Xban 2024 අධ්යාපන විද්යා තාක්ෂණ හා වෙළද ප්රදර්ශනය විවෘත කෙරුණේද ජනාධිපතිවරාය අතිනි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය ගෙවි ගිය වසර 30 තුළ මේ රට සීග්ර ලෙස වෙනස් වී තිබෙනවා නමුත් මීට වසර 04කට පෙර කොවිඩ් වසංගතය නිසා රටේ ආර්ථිකය කඩා වැටී ඉතා අසීරු තත්ත්වකට මුහුණ දීමට සිදු වුණා සියලු ජනතාව ඒ අසීරුතාවට මුහුණ දුන්නා ඉන්ධන ඖෂධ ආහාර ලබාගැනීමට පෝලිම්වල සිටීමට සිදු වුණා කිසාගෝතමිය අබ මිටක් සොයා ගියා වගේම අපට එවන් දුෂ්කරතාවට මුහුණ නොදුන් නිවසක් සොයාගැනීමට නොහැකි වුණා කෙසේ හෝ අප මේ වන විට එම දුෂ්කර තත්ත්වයෙන් මිදී තිබෙනවා බංකොලෝත් භාවය අවසන් වීමත් සමඟ ළඟදීම අපට විදේශ ආධාර මුදල් නැවත හිමි වෙනවා නමුත් තවත් අසීරුතා තිබෙනවා ඒ නිසා අප නිසි සැලැස්මක් ඔස්සේ ඉදිරියට යා යුතුයි ඒ අනුව ක්රමානුකූලව ඉදිරි වසර දෙක තුන තුළ මෙම ආර්ථික බර අඩු කරගෙන ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකි වෙනවා ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ජනතාවට වැඩි වැඩියෙන් සහන ලබාදීමට හැකි වෙනවා ඒ වගේම පසුගිය වසර 04ක් අප අධ්යාපනය සඳහා වියදම් සීමා කර තිබුණා ඒ නිසා අපට දැන් අධ්යපනය වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුව තිබෙන අතර නව තාක්ෂණය සමඟ පාසල් පද්ධතිය ගොඩනැඟිය යුතු වෙනවා අද අපි මෙම ප්රදර්ශනයේදී විද්යාලයේ සිසුන් පිරිසක් නිෂ්පාදනය කළ ඩ්රෝන යන්ත්ර දුටුවා ඒ වගේම පාසල්වල කෘත්රීම බුද්ධි AI සමාජය ඇති කරගෙන යනවා මෙම කටයුතු සඳහා මුදල් අවශ්යයි ඒ වගේම පාසල් සඳහා අවශ්ය ගුරුවරුන් බඳවා ගත යුතුයි අධ්යාපන ක්ෂේත්රයේ මෙම ගැටලු විසඳීමට කරන උපකාරයක් ලෙස දුෂ්කර පාසල්වලට ආධාර උපකාර කරන ලෙස මම ඊලොන් මස්ක් මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා මෙම මාසය අවසන් වන විට එතුමාට ලංකාවේ එම කටයුතු සිදු කිරීමට අවශ්ය බලපත්ර ලබාදීමට බලාපොරොත්තු වෙනවා ඒ වගේම පාසල් අධ්යාපනය නිම කරන තරුණ තරුණියන් පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි අපට වසර 04ක් රැකියා ලබාදීමට නොහැකි වුණා ඉදිරියේදී මෙම පිරිස තවත් වැඩි වෙනවා ඒ සඳහා අප විසඳුමක් සොයා දිය යුතුයි මෙම ප්රශ්න වැඩි වුණොත් නැවත රට තුළ විරෝධතා ඇති විය හැකියි එවිට ජාත්යන්තරය එය දකිනවා එසේ නම් රැකියා ආදායම් මාර්ග ඇති කිරීමට රට තුළ විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙනවා අද අපේ තරුණ තරුණියන් රැකියා සොයා ගෙන ඇමරිකාව ඩුබායි සිංගප්පූරුව වැනි රටවලට යනවා එම රටවල තිබෙන තත්ත්වය අප ලංකාවේ ඇති කරන්නේ නැත්තේ ඇයි කියා ඇසිය යුතුයි ඉදිරි වසර 10 තුළ අප කැපවිය යුත්තේ මෙම ප්රශ්නය විසඳීම සඳහායි රට දියුණු කර නව රැකියා අවස්ථා ඇති කළ යුතුයි නැත්නම් මෙම ලබාදෙන අධ්යාපනයෙන් ප්රතිලාභයක් රටට ලැබෙන්නේ නැහැ එසේ වූ විට අපට හැමදාමත් දුප්පත් රටක් ලෙස සිටීමට සිදු වෙනවා ඉදිරි වසර 10 තුළ අප සැලැස්මක් අනුව කටයුතු කළ යුතුයි එම ආර්ථික පරිවර්තනය වෙනුවෙන් අවශ්ය නීති ගෙන ඒමට රජය කටයුතු කර තිබෙනවා අපනයන ආර්ථිකය ශක්තිමත් කර ලෝක වෙළෙඳ පොළ ජයග්රහණය කළ යුතුයි ථෙරවාද බුදු දහම පවතින ප්රධාන රටවල් වන්නේ ලංකාව බුරුමය සහ තායිලන්තයයි පැරණි ක්රමය තුළ මියන්මාරය සිර වී සිටිනවා නමුත් නව ක්රමය අනුව ඉදිරියට යාම නිසා තායිලන්තය සීග්ර දියුණුවක් ලබා තිබෙනවා එසේ නම් ථෙරවාද බුදු දහම ආරක්ෂා කළ අප රට යා යුත්තේ කුමන මාර්ගයේද කියා තීරණය කළ යුතුයි අපත් තායිලන්තයේ වගේ බෞද්ධ පරිසරයක් යටතේ ලෝක වෙළෙඳපොළ ජයග්රහණය කළ යුතුයි අප සියලු දෙනා අනාගතය දෙස බලා වැඩ කරමු අලුත් ආර්ථිකයක් නිර්මාණය කළ විට රැකියා ප්රශ්නයට විසඳුම් ලැබී ලංකාවේ රැඳී සිටිය හැකි පරිසරයක් ඇති වෙනවා පාර්ලිමේන්තු මන්ත්රී මිලාන් ජයතිලක දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන හිටපු අමාත්ය පණ්ඩු බණ්ඩාරනායක ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ජනාධිපති මාධ්ය අධ්යක්ෂ වරුණ රාජපක්ෂ යන මහත්වරුන් සහ ආචාර්ය මණ්ඩලය සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහගම්පහ සුසිල් රණමුක
මහ බැංකුව පොලී අනුපාතික තවත් බස්සයි
මහ බැංකුවේ පොලී අනුපාතික සියයට 025 කින් තවදුරටත් අඩු කිරීමට මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලයේ පෙරේදා 23 පැවැති රැස්වීමේදී ප්රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමේ මෙම තීරණය ගෙන ඇත මේ අනුව මහ බැංකුවේ ප්රතිපත්ති පොලී අනුපාතික වන නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 825 සහ සියයට 925 දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට මුදල් ප්රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටම කරා ළඟාවීමට සහාය වෙමින් මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්රවණතා මෙන්ම දේශීය හා ගෝලීයව ඇති විය හැකි අවදානම් පිළිබඳව ද මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව මහ බැංකුව කියයි මෙම තීරණයට එළැඹීමේ දී අඩු උද්ධමන ඉදිරි දැක්මක් මධ්යයේ ආර්ථික ක්රියාකාරකම් සඳහා සහාය වීමට වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහළ යෑම අවශ්ය බවත් ඒ සඳහා ලිහිල් මුදල් ප්රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ ස්ථාවරය වෙළෙඳපොළ වෙත දැනුම් දීමේ අවශ්යතාවත් මුදල් ප්රතිපත්ති මණ්ඩලය විසින් සලකා බලන ලදි දැනට පවතින තොරතුරු අනුව උද්ධමනය මැදි කාලීනව ඉලක්කගත මට්ටම වෙත ළඟාවීමට පෙර ඉදිරි මාස කිහිපය තුළ දී සැලකිය යුතු ආන්තිකයකින් සියයට 5ක උද්ධමන ඉලක්කයට වඩා අඩු මට්ටමක පවතිනු ඇති බව මුදල් ප්රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කර ඇතශ්යාම් නුවන් ගනේවත්ත
හාම්පුතුන් උසාවි ගියත් රජයේ ස්ථාවරයේ වෙනසක් නෑ ඇමැති ප්රසන්න රණතුංග
වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුයි යන ස්ථාවරයේ රජය තවමත් සිටින බවත් ඒ සම්බන්ධයෙන් රජය තවමත් මැදිහත්ව කටයුතු කරන බවත් ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ 24දා සඳහන් කළේය ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේදී මහනුවර දිස්ත්රික් මන්ත්රී වේලු කුමාර් මහතා මතු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි මෙහිදී වේලු කුමාර් මන්ත්රීවරයා නැගූ ප්රශ්නය හා ඊට ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක ප්රසන්න රණතුංග මහතා ලබා දුන් පිළිතුර මෙසේය වේලු කුමාර් මහතා මැයි 01 වැනිදා වැවිලි ක්ෂේත්රයේ කම්කරුවන්ගේ වැටුප පිළිබඳව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා ජනාධිපතිතුමා කොටගල රැස්වීමකට සහභාගි වෙලා රුපියල් 1700කින් පඩි වැඩි කරනවා කිව්වා ඒ ගැසට් පත්රය මැයි මස 21 වැනිදා සංශෝධනය කර තවත් ගැසට් පත්රයක් නිකුත් කළා පසුගිය ජුනි 10 වැනිදා සියලු ගැසට් පත්ර අවලංගු කරලා තවත් ගැසට් පත්රයක් නිකුත් කර තියෙනවා මම අහන්නේ කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීම පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා පසුගිය සතියේදී අපේ රට ඉරානයට තිබුණ ඩොලර් ණයවලින් 60 පමණ තේ අපනයනය කිරීමෙන් ගෙවා ගන්නට පුළුවන් වෙලා තියෙනවා රටට ඩොලර් ගෙනෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉතාමත් පහළ මට්ටමකට වැටිලා ගැසට් පත්රය අවලංගු කරලා රජයේ ස්ථාවරත්වය මොකක්ද අමාත්ය ප්රසන්න රණතුංග මහතා රජයේ ස්ථාවරය වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුයි කියන එක ඒ නිසා තමයි රජය මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කළේ හාම්පුතුන් අධිකරණයට ගිහිල්ලා නඩුවක් තිබෙන නිසා මට මේ සම්බන්ධයෙන් ප්රකාශයක් කරන්න බෑ රජයේ ස්ථාවරයේ වෙනසක් නෑ අපි ඒ මතයේම ඉන්නවාඅකිත පෙරේරා රනිල් ධර්මසේන
සෞඛ්යයේ විමර්ශන නිලධාරීන් 27ක් මාරු කළේ විමර්ශන යට ගැසීමටද
සෞඛ්ය අමාත්යාංශ විමර්ශන අංශයේ විමර්ශන නිලධාරීන් හිටිහැටියේ මාරු කිරීමට කටයුතු කර ඇත්තේ වැරදි විමර්ශන යට ගැසීමේ අරමුණින් දැයි සෞඛ්ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ප්රශ්න කරයි සෞඛ්ය අමාත්යාංශයේ විමර්ශන අංශයේ සේවය කළ විමර්ශන නිලධාරීන් තිස්දෙනකු අතුරින් විසිහත් දෙනකු මෙලෙස හදිසියේ මාරුකර යැවීම විමර්ශන තොරතුරු යට ගැසීමේ අරමුණින් සිදුකළ යුත්තක් විය හැකි බැවින් අමාත්යාංශය ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළ යුතු බව එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි සෞඛ්ය අමාත්යාංශ විමර්ශන අංශය පසුගිය සමයේ කටයුතු කළ ආකාරය අනුව සෞඛ්ය සේවාවේ දූෂණ වංචා පිළිබඳව ලැබෙන තොරතුරු හෙළිකිරීමට වඩා එම තොරතුරු හෙළිකළ වෘත්තීය සමිති මර්දනය කිරීමට යොදාගත් බවත් එලෙස ඉදිරිපත් කළ තොරතුරු සත්ය තොරතුරු බවට මේ වනවිට රහස් පොලිසිය සහ අධිකරණය ද පිළිගන්නා බවත් ඒ මහතා පවසයිසුජීව තත්සර
ගැටලු විසඳා අක්ෂි රෝහලට එන රෝගීන්ට යහපත් සේවාවක් ලබාදෙනවා
කොළඹ ජාතික අක්ෂි රෝහලේ රෝගීන් මුහුණ දෙන සියලු ගැටලු විසඳමින් ඔවුන්ට යහපත් සෞඛ්ය සේවාවක් සපයන බව එම රෝහලේ නව වැඩබලන අධ්යක්ෂ ධුරයේ වැඩ භාරගත් වෛද්ය ජයරුවන් බණ්ඩාර මහතා දිවයිනට ඊයේ 24 වැනිදා පැවැසීය රෝහලේ හිටපු වැඩබලන අධ්යක්ෂවරයාගේ අකාර්යක්ෂම භාවය හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය පෙරේදා වැඩවර්ජනයක් ක්රියාත්මක කළ අතර වැඩ වර්ජනය අතරතුර අදාළ වැඩ බලමින් සිටි රෝහල් අධ්යක්ෂවරයා එම ධුරයෙන් ඉවත් කර වෛද්ය ජයරුවන් බණ්ඩාර මහතාව එම ධුරයට සෞඛ්ය අමාත්යාංශය මගින් පත්කරනු ලැබූහ තවදුරටත් කතා කළ නව වැඩබලන රෝහල් අධ්යක්ෂ වෛද්ය ජයරුවන් බණ්ඩාර මහතා මෙසේද කීය මේ රෝහලේ ගොඩනැඟිලි කීපයක්ම අබලන් තත්ත්වයේ තියෙනවා ඒවා ඉදිරියේදී නවීකරණය කරලා රෝගීන්ගේ වැඩකටයුතු සඳහා එක් කරන්නයි මගේ අරමුණ අනිත් එක මේ රෝහලට දිනකට දහස් ගණනින් රෝගීන් එනවා ප්රතිකාර සඳහා හුඟක් ගම්වලින් එනව ප්රතිකාර සඳහා ඒ එන අයට ගම්වල රෝහල්වල ඇස්වල ප්රතිකාර සඳහා පහසුකම් ඇති කරන්න බලාපොරොත්තු වෙනව එතකොට ඇස් සම්බන්ධයෙන් ගැටලු ඇති රෝගීන් කොළඹ අක්ෂි රෝහලටම එන්න ඕන නැහැ එතකොට මේ සේවාව විධිමත්ව කරගෙන යන්න පුළුවන් ඒ වගේම හුඟක් සෙනඟ එන එක කළමනාකරණය කරගන්න පුළුවන්ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ සුජීව තත්සර
දයාසිරිගේ පෙත්සමට මැදිහත් වීමට ලසන්තට අවසර නොලැබේ
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ තමාට එරෙහිව විනය ක්රියාමාර්ග ගැනීමට එම පක්ෂය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වීමට අවසර දෙන ලෙස අමාත්ය ලසන්ත අලගියවන්න මහතා විසින් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා තිබූ අතුරු ඉල්ලීම් ලබාදීම කොළඹ දිසා අධිකරණය ඊයේ 24 ප්රතික්ෂේප කළේය අතුරු තහනම් නියෝග ලබා දීමට නොහැකි වුව ද ලසන්ත අලගියවන්න මහතා හට නඩුකරයට මැදිහත්වීමට අයිතියක් තිබෙන බව නියෝගය දෙමින් විනිසුරුවරයා පැවසීය ඒ අනුව විනිසුරුවරයා නඩුකරයට අදාළව විරෝධතා ගොනු කිරීමට කාලය ලබා දුන් අතර දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කර තිබෙන පෙත්සමට අදාළ අතුරු තහනම් නියෝග පිළිබඳ තීන්දුව ලබන ජූලි 31 දා ප්රකාශයට පත් කිරීමට දින නියම කළේයඒජේඒ අබේනායක
ක්ලබ් වසන්තගේ ඝාතකයන් පැනගිය වාහන දෙකේ රියැදුරෝ රිමාන්ඩ්
අතුරුගිරිය ටැටූ මධ්යස්ථානයකදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කුලී ඝාතකයන් දෙදෙනාට පලායෑමට උපකාර කළ තවත් සැකකරුවන් දෙදෙනකු නුගේගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත ප්රහාරය එල්ල කළ කුලී ඝාතකයන් දෙදෙනා රැගෙන පලාගිය වෑන් රථයේ සහ බස් රථයේ රියැදුරන් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා කටයුතු කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ මෙම ප්රහාරය එල්ල කළ කුලී ඝාතකයන් දෙදෙනා වෑන් රථයේ නංවාගෙන කොරතොට ප්රදේශයේ සිට වැලිහිඳ දක්වා රැගෙන ගොස් එහිදී ඔවුන් බස් රථයකට නංවා පසුව එම වෑන් රථය බුලත්සිංහල ප්රදේශයේ පාළු ස්ථානයක අතහැර දමාගොස් ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටින එක් සැකකරුවකු විසිනි එම ක්රියාවලිය සඳහා ලොකු පැටී විසින් මොහුට රුපියල් ලක්ෂයක් ලබාදී ඇත මෙහිදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු කුලී ඝාතකයන් දෙදෙනා රැගෙන ගිය බස් රථයේ රියැදුරුය එම බස් රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දික්වැල්ල ප්රදේශය දක්වා රැගෙන ගොස් පසුව බස් රථය සෙල්ලකතරගම ප්රදේශයේ සඟවා තැබීමට කටයුතු කර ඇත මෙම සැකකරු ලොකු පැටී සමග වට්ස් ඇප් දුරකථන මාර්ගයෙන් දිගටම සම්බන්ධ වී ඇති අතර මෙම සැලසුම සඳහා ඔහුට රුපියල් ලක්ෂ එකහමාරක් ලබාදී ඇති බවද හෙළිවී තිබේ මෙම සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 36 වයස් සීමාවල පසුවන අතර වැලිපැන්න සහ වලස්මුල්ල ප්රදේශවල පදිංචිකරුවෝ වෙති අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරන් දෙදෙනාව ලබන මස 05 දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ හේමන්ත රන්දුණු
OIC ලා 22 කගේ පට්ටම ගැලවෙයි
පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනකු වහාම ක්රියාත්මක වන පරිදි මාරුකර යවා ඇති අතර ඉන් නිලධාරීන් 22 දෙනකු ස්ථානාධිපති තනතුරුවලින්ද ඉවත් කර ඇත මෙම නිලධාරීන් 22 දෙනාගේ තනතුරු අහිමි කර ඇත්තේ පිරිසකට එරෙහිව විනය ක්රියාමාර්ග ගැනීම මෙන්ම ස්ථානාධිපති ධුරය දැරීමට තරම් සුදුසු තත්ත්වයක නොමැතිවීම නිසා බවද වාර්තා වෙයි මේ අතර මෙසේ ස්ථානාධිපති ධුර අහිමි කළ නිලධාරීන් අතරින් කීපදෙනෙකු අයහපත් සෞඛ්ය තත්ත්වය නිසා ඉවත් කර ඇති අතර තවත් කීපදෙනකු ස්වේච්ඡාවෙන්ම සිය ස්ථානාධිපති ධුරවලින් ඉවත් වීමට ඉල්ලීම් කළ නිලධාරීන් බවද පොලිස් මූලස්ථානය පවසයි මෙසේ ස්ථානාධිපතිධුර අහිමිවී ඇත්තේ වරකාගොඩ මින්නේරිය සිවලාකුලම ඕපාත වාහල්කඩ අඟුලාන මහව උඩප්පුව අයගම කුච්චිවේලි මඩාටුගම කොස්වත්ත කොස්ගම හසලක හුරිගස්වැව ඔයාමඩුව නාගොල්ලාගම නොට්ටකරච්චාල් මැදවච්චිය දිවුල්වැව පදියතලාව නෙල්ලිඅඩි නෝර්වුඩ් පොලිස් ස්ථානවල ස්ථානාධිපති ධුරයන් දැරූ නිලධාරීන්ය මෙහි ඇතැම් නිලධාරීන්ට විෂමාචාර චෝදනාද එල්ල වී ඇත ඒ අතර තරුණයෙකුට වෘෂණ කෝෂ අහිමි වන පරිදි පහර දුන් සිද්ධියට සම්බන්ධ මැදවච්චිය පොලිසිය භාරව සිටි ස්ථානාධිපතිවරයා හා විෂමාචාර චෝදනා ලැබූ පදියතලාව ස්ථානාධිපතිවරයා ද වේ නෝමන් පලිහවඩන හේමන්ත රන්දුණු
ජනාධිපතිවරණය 2024 ගැසට්ටුව සූදානම්
ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය අද හෝ හෙට 24 25 නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි ගැසට් නිවේදනය මේ වනවිට සූදානම් කර අවසන්ව ඇති අතර කොමිෂන් සභාව රැස්වී අනුමත කිරීමෙන් අනතුරුව ප්රකාශයට පත් කිරීමට රජයේ මුද්රණාලයට යැවීමට නියමිතය ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පත්ර භාර ගැනීමේ දිනය හා වේලාවන් ජනපතිවරණ දිනයක් එම ගැසට් නිවේදනයට ඇතුළත් කර ඇත රනිල් ධර්මසේන ජනාධිපතිවරණය ප්රකාශයට පත්කළ පසු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ප්රකාශයට පත් කරන බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති එම පක්ෂයේ මන්ත්රී කණ්ඩායමේ රැස්වීමකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්ය වෙත ඊයේ 23දා එසේ පැවසීය ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවති එම හමුවෙන් අනතුරුව තවදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි සුදුසු අවස්ථාවේදී සිය පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය එරික් ගාමිණි ජිනප්රිය ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්රික්ක 12 ක නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි එම ආරංචි මාර්ග පවසන ආකාරයට කොළඹ මලලසේකර මාවතේ රාජ්ය අමාත්යවරයකුගේ නිවසේ 22 වැනිදා රාත්රියේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ මෙම සාකච්ඡාව සඳහා දිස්ත්රික්ක 12 ක පොහොට්ටු නායකයන් සහභාගි වී ඇත එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ බහුතර මතයට පිටින් යමින් පක්ෂය වෙනත් අපේක්ෂකයකු නම් කළහොත් ඊට එරෙහිව යමින් වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීමටය ඒ සඳහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පොහොට්ටු මන්ත්රීවරු 75 කට ආසන්න පිරිසකගේ සහාය ද ඔවුන්ට ලැබී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි දිස්ත්රික් මට්ටමින් එම මන්ත්රීවරුන් ද අදාළ දිස්ත්රික්කවල පළාත් පාලන ආයතන ප්රධානීන් හා මන්ත්රීවරුන් ද සම්බන්ධ කරගෙන රනිල් වික්රමසිංහ මහතාගේ මැතිවරණ ව්යාපාරය ක්රියාත්මක කිරීමට අවශ්ය සංවිධාන කටයුතු සිදු කිරීමට ද මෙහිදී තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි චමින්ද සිල්වා ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට රජය කිසිම බාධාවක් නොකරන බවත් නියත වශයෙන්ම එම මැතිවරණය බාධාවකින් තොරව නිසි කලට පවත්වන බවත් රාජ්ය ඇමැති ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ 23දා පැවසීය පත් කළ මන්ත්රී අතුරලියේ රතන හිමියන් විසින් ජනාධිපතිවරණය නිසි කලට පවත්වන්නේදැයි සහ පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින්නේ දැයි 272 යටතේ අසන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය ජානක වක්කුඹුර මහතා එහිදී වැඩිදුරටත් මෙසේද කීය ජනාධිපතිවරණය පවත්වන්න රජය කිසිම බාධාවක් කරන්නේ නෑ නියත වශයෙන්ම ජනාධිපතිවරණය පවත්වනවා මේ සතියේ ඊට අදාළ නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිසම කියා තිබෙනවා පසුගිය 17 දා සිට බලය ගිහින් තිබෙන්නේ මැතිවරණ කොමිසමටයි ඒක නවත්වන්න කාටවත් බෑ රජයත් එය නවත්වන්නේ නෑ මැතිවරණයට අවශ්ය මුදල් ලබා දී තිබෙනවා ඒ නිසා මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ඉතාම ආසන්න කෙටිම දිනකදී පවත්වනවා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න දැන්ම අවශ්යතාවක් නෑ ලබන වසරේ අගෝස්තු මස 20 වෙනතුරු පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න පුළුවන් ඊළඟට පවත්වන ජනාධිපතිවරණයෙන් පසුව කාට හරි පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් දැනට විසුරුවන්න බලාපොරොත්තුවක් නෑ පළාත් සභා මැතිවරණය පැරණි ක්රමයට පැවැත්විය යුතුයි කියා යෝජනාවක් තිබෙනවා අපිත් ඒකට කැමතියි පළාත් පාලන මැතිවරණය ගැන නඩු හතරක් තිබෙනවා ඉතා ඉක්මනින් ඒ ගැන තීරණයක් ලබා දෙයි තීන්දුව ලැබුණු පසුව ඒ තීන්දුවට ගරු කරලා කටයුතු කරනවා අකිත පෙරේරා රනිල් ධර්මසේන
කඩාවැටී ඇති රට ගොඩගන්න එන ශ්රී ලංකාවේ පුළුල්ම ජන සන්ධානය ලබන 08 දා එළිදක්වනවා පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර
සමගි ජන බලවේගය ප්රමුඛ ඉදිරි මැතිවරණය සඳහා ගොඩනඟන සමගි ජන සන්ධානය අගොස්තු මස 8 වැනිදා එළිදක්වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ 23 දා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙම සතිය තුළ ජනාධිපතිවරණය ප්රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම ප්රකාශ කරලා තිබෙනවා සැප්තැම්බර් මාසය අගදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙනවා ඒ වගේම සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ තිබෙන වැඩිම මන්ත්රී නියෝජනයක් තිබෙන පක්ෂ සමඟ සන්ධානගත වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි සජිත් ප්රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ සියලුම දෙනා ඒකරාශී කරගෙන දැවැන්ත සන්ධානයක් නිර්මාණය කරන්න කටයුතු සිදු කරගෙන යනවා ඒ අනුව අගොස්තු මස 8 වැනිදා සමගි ජන සන්ධානය එළිදක්වන්න කටයුතු කරනවා සජිත් ප්රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දුරකතනය ලකුණින් සමගි ජනබලවේගය ගොඩනගන සන්ධානය සඳහා දුෂණයෙන් තොර අද්දැකීම් තිබෙන විශාල නායකයන් පිරිසක් සහ දමිළ මුස්ලිම් පක්ෂ එකතුවීමට නියමිතයි මන්ත්රීවරු 30කට වැඩි ප්රමාණයක් සමගි ජන සන්ධානය සමඟ එකතු වීමට නියමිතයි ආර්ථික දේශපාලන පරිවර්තනයක් සිදු කරමින් කඩාවැටී ඇති රට ගොඩගැනීම සමගි ජන සන්ධානය හරහා සිදුකිරීමට නියමිතයි එමෙන්ම සමගි ජන සන්ධානය සියලු දෙනාටම එකට සිටගත හැකි සන්ධානයක් බවට පත් කර තිබෙනවා ශ්රී ලංකාවේ බිහිවුණ ශක්තිමත්ම පුළුල්ම සන්ධානය බවට සමගි ජන සන්ධානය පත්වෙනවා අකිත පෙරේරා
ආණ්ඩුවේ පනත් කෙටුම්පත් දෙකක් ව්යවස්ථාවට පටහැනියි ශ්රේෂ්ඨාධිකරණය මැති සබයට දන්වයි
ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබූ පනත් කෙටුම්පත් දෙකක් ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට ශ්රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි නියෝජ්ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ 23දා නිවේදනය කළේය නව ආගමන පනත් කෙටුම්පතේ සඳහන් කර ඇති වගන්ති කිහිපයක් ව්යවස්ථාවට අනනුකූල බැවින් ඒවා සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් විශේෂ බහුතරයක් අවශ්ය බවට ශ්රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි නියෝජ්ය කථානායකවරයා පැවසීය ශ්රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන අනුව පනත් කෙටුම්පත සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවන් මගහැරී යන බව ද ශ්රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි හෙතෙම පැවසීය ඊට අමතරව විශේෂ නඩු තීන්දු අන්යොන්යතාව පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ද ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනනුකූල බව ශ්රේෂ්ඨාධිකරණයේ මතය වී ඇත ඒ සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන අනුව කටයුතු කරන්නේ නම් එය සම්මත කිරීමට විශේෂ බහුතර බලයක් අවශ්ය නොවන බව ද සඳහන් කර තිබේ අකිත පෙරේරා රනිල් ධර්මසේන
බයිඩන් රෝද පුටුවේ යන වීඩියෝව ලොවම කලඹයි
ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් රෝද පුටුවේ යන කෘත්රිම බුද්ධිය විසින් නිර්මිත විලාසිතා දැක්ම ලොවම කලඹා තිබේ මෙය ඉදිරිපත් කර ඇත්තේ ප්රකෝටිපති එලෝන් මස්ක්ගේ එක්ස් ගිණුම හරහාද ඔහු මෙම වීඩියෝව සිය සමාජ මාධ්ය හරහා ජනගත කර තිබේ මෙම ආන්දෝලනාත්මක වීඩියෝවේ පාප් වහන්සේගේ සිට ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි දක්වා ලෝක නායකයෝ විවිධ ඇඳුම්වලින් සැරසී විලාසිතා දැක්මකට සහභාගි වන දර්ශන දැක්වේ ව්ලැඩිමීර් පුටින්ගේ මෙන්ම චීන ජනපතිගේ ඇඳුමද ඉතා සුවිශේෂය හිටපු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් මාංචු දෙකක්ද රැගෙන විලාසිතා සංදර්ශනයට සහභාගි වෙයි චතුර පමුණුව
සෙනසුරු චන්ද්රයාගෙන් මුවාවීම බලන්න මෙරට විශාලම දුරේක්ෂය අද සිට ජනතාවට විවෘතයි
නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්යා නිරීක්ෂණාගාරය සහ ශ්රී ලංකාවේ විශාලතම දුරේක්ෂය අද 24දා රාත්රි 1100 සිට මහජනතාව සඳහා විවෘත කරන බව එහි සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය ඒ ඉතා විරල තාරකා විද්යාත්මක සිදුවීමක් වන සෙනසුරු චන්ද්රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය අද 24දා මධ්යම රාත්රියෙන් පසුව හෙට 25දා පෙව 0050ට පමණ ආරම්භ වී පෙව 210 තෙක් වැසී යන දසුන ශ්රී ලංකිකයන්ට දැකබලා ගැනීමේ අවස්ථාව උදාකර දීම පිණිසය සෞරග්රහ මණ්ඩලයේ 2 වන විශාලතම ග්රහලෝකය වන සෙනසුරු ග්රහලෝකය චන්ද්රයා විසින් ආවරණය කිරීම මධ්යම රාත්රිය පසුවී මිනිත්තු 50ට පමණ පැය 1යි විනාඩි 20ක කාලයක් සඳහා ආරම්භ වන අතර සඳුගෙන් මුවාවූ සෙනසුරු නැවත දිස්වීමට පටන් ගන්නේ අලුයම 220ට පමණය මෙම වේලාවන් ශ්රී ලංකාවේ ස්ථානයෙන් ස්ථානයට මිනිත්තු කිහිපයකින් වෙනස් වන අතර නිශ්චිත වේලාවන් ACCIMT වෙබ් අඩවියේ දක්වා ඇත මෙම සිදුවීම නිවසේ සිට පියෙවි ඇසින් හෝ දෙනෙතියක් භාවිතයෙන් නිරීක්ෂණය කළ හැකි වුවද විශිෂ්ට දසුනක් සඳහා අද පව 1100 සිට හෙට අලුයම 300 දක්වා මහජනතාවට ආතර් සී ක්ලාක් ආයතනයට පැමිණ සෙනසුරු සඳු සහ අනෙකුත් ආකාශ වස්තූන් සහ මෙම සිදුවීම නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා ඇත කෙසේ වෙතත් අහස නොපැහැදිලි නම් සහ වලාකුළුවලින් වැසී ඇත්නම් නොපැමිණෙන ලෙසද මහාචාර්ය ජයරත්න මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
අරගල කර රැකියා අහිමි කරගත් ලංවිම සේවකයන් 62 කගේ නඩුවලට ජවිපෙ නීතිඥ ලක්ෂ 58 ක් අරන් ඇමැති කංචන මැති සබයේදී කියයි
වෘත්තීය අරගල වෙනුවෙන් ඉදිරිපත් වී රැකියාව අහිමි කර ගත් ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් 62 කගේ නඩු කටයුතු වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් වටගල නීතිඥ මහතා රුපියල් ලක්ෂ 58 ක් විදුලි සේවකයන්ගෙන් ලබා ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ 23දා පැවසීය උද්ඝෝෂණවලට සහභාගි වූ විදුලිබල මණ්ඩල සේවකයන් පිරිසක් සේවයෙන් ඉවත් කර තිබේදැයි කොළඹ දිස්ත්රික් මන්ත්රී ප්රේමනාත් සී දොලවත්ත මහතා විසින් අසන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීය පසුගිය ජනවාරි මාසයේ සිට ජනතා විමුක්ති පෙරමුණ මූලික කර ගත් වෘත්තීය සමිති කිහිපයක් මතයක් නිර්මාණය කර තිබුණා නව විදුලිබල පනත සම්මත වූ පසු විදුලි බල ක්ෂේත්රයේ සියලු දේවල් පෞද්ගලීකරණය කෙරෙනවා කියලා එහෙම කියලා තමන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කරගන්න උද්ඝෝෂණ සහ අරගල කළා අරගල කළාට කමක් නෑ හැබැයි අපි ඉල්ලීමක් කළා අත්යවශ්ය සේවා කඩාකප්පල් කරන්න එපා එහෙම කළොත් නීතිමය පියවර ගන්නවා කියා ඒ අවස්ථාවේ දින තුනක් ගෙවීම් කවුළු වහලා ජනතාව අපහසුතාවට පත් කරමින් සේවාවන් අඩපණ කළ සේවකයන් 62 ක් පාලනාධිකාරිය විසින් හඳුනා ගෙන තිබෙනවා දැන් ඔවුන්ගේ සේවය අත්හිටුවා තිබෙනවා අපි උපදෙස් දී තිබෙනවා පරීක්ෂණ කර සුදුසු පියවර ගන්න කියලා මේ වෙලාවේ වෘත්තීය සමිති කිහිපයක් මා දැනුවත් කළා මේ වෘත්තීය අරගල වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් මෙහෙයවපු දේශපාලන පක්ෂ දැන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න නඩු කටයුතු වෙනුවෙන් විදුලි බල මණ්ඩල වෘත්තීය සමිතිවලින් මුදල් එකතු කරන බවට සේවකයන් පාරට බස්සලා දැන් නීතිඥ ගාස්තු කියලා ජවිපෙ නීතිඥ සුනිල් වටගල වෘත්තීය සමිතිවලින් රුපියල් ලක්ෂ 58 ක් අරන් තිබෙන බව කියනවා අර අහිංසක සේවකයන් 62 ක් දැන් මාස 6ක් තිස්සේ ගෙදර ඒ අය වෙනුවෙන් මුදල් එකතු කර තිබෙන්නේ විදුලිබල මණ්ඩලයේ උද්ඝෝෂණය කළ සේවකයන්මයි අකිත පෙරේරා රනිල් ධර්මසේන
ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනය පවුලේ සාමාජිකයින්ට යළි දීමට හැකිද උසාවිය සීඅයිඩියෙන් වාර්තාවක් ඉල්ලයි
පවුලේ සාමාජිකයින්ට බැංකු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා ඝාතනයට ලක් වූ ව්යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථනය නැවත ලබා දීමට හැකියාවක් තිබේදැයි යන්න පිළිබඳව කඩිනමින් විමර්ශනය කර සැප්තැම්බර් 09 වැනිදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත් හර්ෂණ කැකුණවල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය තම සැමියාගේ ව්යාපාර කටයුතු ඉදිරියටත් කරගෙන යෑමට අදාළව එම අංකය ඇතුළත් සිම්පත අත්යවශ්යව ඇති බැවින් එය තමාට ලබාදීමට නියෝගයක් ලබා දෙන ලෙසට ෂාෆ්ටර් මහතාගේ බිරිඳ සිය නීතිඥවරුන් මගින් සිදුකළ ඉල්ලීමක් සලකා බලමින් මහෙස්ත්රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කියා සිටියේ දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන මෙහෙයවන බවත් ඔහු ඝාතනයට ලක්වීමට පෙර භාවිත කළ දුරකථන අංකය දැක්වෙන නව සිම්පතක් ඔහුගේ බිරිඳට ලබාදීමෙන් එම විමර්ශන කටයුතුවලට බාධාවක් සිදුවිය හැකි බවයි බොරැල්ල පොදු සුසාන භූමිය අසල සිදු වූ අභිරහස් සිද්ධියක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ෂාෆ්ටර් මහතා ඉකුත් වසරේ දෙසැම්බර් 16 වැනිදා මරණයට පත්විය මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් එම පවුලේ ඥාතීන් බොරැල්ල පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම මරණය පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත්රාත් රජින්ද්රා ජයසූරිය මහත්මිය විසින් පංච පුද්ගල විද්වත් වෛද්ය කමිටුවක් ද පත් කර තිබිණි ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බවට සැක කළ හැකි බව එම විද්වත් වෛද්ය කමිටුව පසුගියදා අධිකරණයට සිය වාර්තාව මගින් දැන්වීම හේතුවෙන් මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ අධිකරණයේ නියෝග අනුව නැවත ගොඩගෙන කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබූ ෂාෆ්ටර් මහතාගේ දේහය ඉකුත් නොවැම්බර් මස 4 දින ජාවත්ත පොදු සුසාන භූමියේදී නැවත මිහිදන් කෙරිණි ඒජේඒ අබේනායක
ඇස් රෝහලේ වැබ අධ්යක්ෂ ඉවතට වෛද්ය වර්ජනය අත්හිටුවයි
කොළඹ ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්යක්ෂවරයා ඉවත් කිරීමට සෞඛ්ය අමාත්යාංශය පියවර ගැනීමත් සමග ඊයේ 23දා එම රෝහලේ වෛද්යවරුන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි වැඩබලන අධ්යක්ෂවරයාගේ නොමනා හැසිරීම සහ වෛද්යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම මෙන්ම මෙම ගැටලුව විසඳීම සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යාංශයේ ඇතැම් නිලධාරීන් අනුගමනය කළ පසුගාමී පිළිවෙතට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්යවරු ඊයේ උදෑසන වැඩවර්ජනයක නිරත වූහ ඊයේ උදෑසන 800ට ආරම්භ කර තිබූ වෛද්ය වැඩවර්ජනය හේතුවෙන් අක්ෂි රෝහලේ හදිසි ප්රතිකාර සේවා පමණක් ක්රියාත්මක වූ අතර අනෙකුත් සියලු ප්රතිකාර සේවාවන් පැය කීපයක් අඩාළ විය කොළඹ ජාතික අක්ෂි රෝහලේ වැඩ බලන අධ්යක්ෂවරයා ඉවත් කරන බවට සඳහන් ලිපිය සෞඛ්ය අමාත්යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් වීමත් සමග සිය සංගමය මෙහෙයවූ වැඩවර්ජන ක්රියාමාර්ගය අත්හිටුවීමට පියවර ගත් බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ප්රධාන ලේකම් වෛද්ය ප්රභාත් සුගතදාස මහතා දිවයින ට පැවැසීය සුජීව තත්සර සහ ප්රදීප් ප්රසන්න සමරකෝන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ ධුරයේ රාජකාරි ආවරණය සඳහා වෛද්ය ජයරුවන් බණ්ඩාර මහතා පත්කර තිබේ වෛද්ය ජයරුවන් බණ්ඩාර මහතා මීට පෙර කොළඹ ජාතික අක්ෂි රෝහලේ නියෝජ්ය අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේය සුජීව තත්සර
අධිකරණ කටයුතුවලට විද්යුත් තාක්ෂණය යොදා ගැනීමෙන් නඩු ගොඩගැසීම වළක්වා ගත හැකියි ඇමැති විජයදාස රාජපක්ෂ
නඩු කටයුතු පහසුකර ගැනීම සඳහා විද්යුත් තාක්ෂණය යොදාගැනීම තුළින් අධිකරණයේ ගොඩගැසී ඇති දස දහස් ගණන් නඩු ප්රමාණය ඉක්මනින් අවසන් කර ගත හැකි වන බව අධිකරණ හා බන්ධනාගාර ප්රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ 23දා පාර්ලිමේන්තුවේදී පැවසීය සිවිල් නඩු විධාන සංග්රහය සංශෝධන පනත් කෙටුම්පත හා අධිකරණ සංවිධාන පනත යටතේ වන නියෝග පිළිබඳව ඊයේ පැවති විවාදයට එක් වෙමින් වැඩිදුරටත් කතා කළ අධිකරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ යුක්තිය පසිඳලීමේ අණ පනත් 45කට ආසන්න ප්රමාණයක් මේ වනවිට අපි පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා වර්තමානයේ දියුණු තාක්ෂණයත් සමග අපි නඩු ඇසීමට තාක්ෂණය යොදාගන්නවා නමුත් විද්යුත් ක්රමය යටතේ තවම සන්නිවේදන ක්රමයක් පිළිගෙන නෑ බැංකු ගනුදෙනු ඇතුළු නොයෙක් ගනුදෙනුවලදී ඉලෙක්ට්රොනික ක්රමය පිළිගෙන තියෙනවා 2006 අංක 19 දරන ඉලෙක්ට්රොනික ගනුදෙනු පනත සම්මත කරගත්තා ඒ ක්රමය අධිකරණයට ඍජු ලෙස හඳුන්වාදී නෑ ඉලෙක්ට්රොනික් ගනුදෙනු ක්රමය සිවිල් නඩුවලටත් යොදාගැනීම සඳහා පනත් සංශෝධනය කරනවා විද්යුත් තැපැල් මගින් නඩු නියෝග යැවීමට යොදාගන්න පුළුවන් සිතාසි භාර දීගන්න බැරිව නඩු දහස් ගණනක් හිරවී තියෙනවා මේවා බොහෝ ප්රමාණයක් දික්කසාද නඩු පිළිබඳවයි දික්කසාද වූ පසුව එක් පාර්ශ්වයක් විදේශගත වුවහොත් නඩුවට සිතාසි භාරදිය නොහැකි වෙනවා මේවා අවුරුදු පහ දහය කල් යනවා නඩු පවරන්න විදිහක් නෑ අවුරුදු ගණන් නඩු පවත්වන්නේ නැතිව කසාදය බිඳ වැටිලා කියා තහවුරු වී ඇත්නම් දික්කසාදය ලබාදීමේ ක්රියාවලියකට ඉදිරියේදී සංශෝධන ගේනවා ගාල්ල දිස්ත්රික් මන්ත්රී චන්දිම වීරක්කොඩි ශ්රීලපොපෙ ගාලු අධිකරණ සංකීර්ණයේ අනවසර තාප්පයක් ඉදිකරලා ඒ ගැන නඩුවක් දැම්මාම ඒ නඩුව අහන්නේ තාප්පය ගහපු ගොඩනැඟිල්ලේ අධිකරණ සංකීර්ණයේ වයර් එල්ලෙනවා සම්පූර්ණ නෑ එත් විදුලි සම්බන්ධතාව දීලා හොරට විදුලිය දීලා මම විවෘත කරපු දවසෙම ගිහින් බැලුවා මහ රෑ කතා කරලා කියලා තියෙන්නේ මේ ජනාධිපති යටතේ කවුද ඊට වග කියන්නේ කාටහරි කරදරයක් වුණොත් කවුද වගකියන්නේ අධිකරණ ඇමති මේකට වගකිව යුත්තේ ඔබ තුමාලා මඩ වගුරක මුල්ගල තිබ්බේ මන්ත්රී චන්දිම වීරක්කොඩි මැතිවරණ නීතිය ගැන නියෝග පිළිගන්නේ නෑ මේ ගොඩනැඟිල්ල තව මාස හතකින් විතර හදලා හරියට විවෘත කරන්න තිබුණා මැතිවරණ නීතිය දිගින් දිගටම අවභාවිතා කරලා රාජ්ය සම්පත් උපයෝගී කරගෙන ජනපති තම ප්රවර්ධනය ඇතිකර ගැනීමට එරෙහිව අපි පාරට බහිනවා විදේශ ඇමැති අලි සබ්රි ගොඩගැසී ඇති නඩු ප්රමාණය නැති කිරීමට නඩු අහන්නත් නීති වැඩවලටත් ඩිජිටල්කරණය හඳුන්වාදිය යුතුයි ඒ වගේම ගොඩනැඟිලි වැඩි කිරීමත් විනිසුරුවරුන් වැඩි කිරීමත් කළ යුතුයි සිවිල් නඩුවල නීතියෙහි විශාල වෙනස්කම් සිදු විය යුතුයි සිතාසි පිළිබඳව තාක්ෂණය හඳුන්වා දිය යුතු නිසා කමිටුවක් පත්කළා සිවිල් නඩු විධාන සංග්රහයට යෝජනා ගෙන ආවේ ඒ මගිනුයි ඊමේල් එකකින් සිතාසි භාරදෙන්න බැරි වුණොත් නැවත ගිහින් සිතාසි භාරදිය යුතුයි නීතිය තාක්ෂණයත් සමග ඉදිරියට යා යුතුයි ලොව රටවල්වල එය ක්රියාත්මකයි නීතිය යාවත්කාලීන කිරීමට විශාල කැපකිරීමක් කළ යුතුයි ඊට විශාල වැයක් දැරීමට සිදුවෙනවා ගම්පහ දිස්ත්රික් මන්ත්රී විජිත හේරත් ජාජබ අද වනවිට විධායකයේ යම් යම් ක්රියාමාර්ග හරහා අධිකරණයට බලපෑම් කරනවා අධිකරණයේ ස්වධීනත්වය ගැන කතා කර කර බලපෑම් කරනවා ඔප්පු බෙදන්න ගියත් අධිකරණයට බලපෑම් කරන්න කතා කරනවා අධිකරණයේ බලය පාර්ලිමේන්තුවට තියෙන්නේ ඒ හරහා බලය ක්රියාත්මක කරන බවට ජනපති කීම තුළින් අධිකරණ බලය හෑල්ලු කිරීමක් සිදුකරනවා දින 52 ආණ්ඩුව කාලයේදී විධායක ජනාධිති ධුරය පිළිබඳව අධිකරණය ශ්රේෂ්ඨ තීන්දුවක් දුන්නා ඒ වනවිට අගමැතිව සිටි රනිල් වික්රමසිංහට අධිකරණය හොඳ වුණා තීන්දුව පිළිගත්තා ජනතාවගේ පරමාධිපත්ය උල්ලංඝනය කරමින් අධිකරණයට අනියම් බලපෑම් කරනවා ඒවාට ඉඩදිය යුතු නෑ 22 සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගත හොත් ජනමත විචාරණයකට යා යුතුයි ඊට රුපියල් කෝටි 1000ක් වැය වෙනවා බංකොලොත් රටේ කෝටි 1000ක් වැයකළ හැකිද ගාල්ල දිස්ත්රික් මන්ත්රී ගයන්ත කරුණාතිලක සජබ අධිකරණයට මීට පෙර සංශෝධන ගෙනාවා නම් හොඳයි තාක්ෂණය භාවිතා කිරීම අවශ්ය දෙයක් සිතාසි නිකුත් කිරීම නිසි පරිදි කරගන්න බැරි වුණා නඩු ප්රමාද වුණා ඊට වන බලපෑම් අවම කරගැනීමට තාක්ෂණය අවශ්යයි පත්කළ මන්ත්රී මහාචාර්ය ජීඑල් පීරිස් ශ්රීලපොපෙ පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරන විට එය ව්යවස්ථාවට අනුකූල ද බලනවා ඊට ශ්රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබිය යුතුයි ශ්රේෂ්ඨාධිකරණ නිර්දේශවලට පටහැනිව පනත සම්මත වුවහොත් නීත්යානුකූල නෑ ඔන්ලයින් පනතටත් මේ තත්ත්වය ඇති වුණා අධිකරණ බලය ක්රියාත්මක වන්නේ අධිකරණය හරහායි එහි ස්වාධීනත්වයට අපි ගරු කළ යුතුයි පත් කළ මන්ත්රී මුජිබර් රහුමාන් සජබ ජනපතිවරයාගෙන් අධිකරණයට බලපෑම් එල්ල වෙනවා මෙවැනි ප්රකාශ අපි මීට පෙර කිසිම ජනපතිවරයෙකුගෙන් දැක්කේ නෑ පළාත් පාලන මැතිවරණයට මුදල් නෑ කියලා ජනපති කල් දැම්මා දැන් 22 සංශෝධනය ගෙනල්ලා ජනපතිවරණය කල් දාන්නත් උපක්රම යොදනවා ව්යවස්ථාවේ පුංචි හිල්වලින් රිංගන්න පුළුවන්ද කියලා බැලුවා අවස්ථා දෙකම අසාර්ථක වුණා කවුරුවත් ඉල්ලපු නැති 22 සංශෝධනය හදිසියේම ගේන්නෙ ඇයි යම් අරමුණක් එහි තියෙනවා රට තුළ අරාජික බවක් ඇති කරලා ජනපතිවරයා වැඩ අවුල් කරන්නයි මේවා කරන්නේ මාතලේ දිස්ත්රික් මන්ත්රිනි රෝහිනී කුමාරි විජේරත්න සජබ අපයෝජනයට ලක්වූ දරුවන් මාධ්යයට නිරාවරණය කිරීමට එරෙහිව නීති ගේන්න දිගින් දිගටම ඒවා කතා කළා ඒවා සමාජ මාධ්යවල පළ වෙනවා පෝෂණය නැති ආහාර ප්රචාරණය වැළැක්වීමට නීති ගෙනාවා ඒත් ක්රියාත්මක නෑ මේවා ප්රචාරණය තුළින් දරුවන් මන්දපෝෂණයට ගොදුරු වෙනවා ඒ නිසා වහාම නීතිය ක්රියාත්මක කරන්න බන්ධනාගාරයේ කාන්තා රැඳවුම් මධ්යස්ථානවල පරීක්ෂා කිරීම් කරන්නේ නිරුවත් කරලා තාක්ෂණය ඇති ලෝකයේ ඇයි එහෙම කරන්නේ මේවා ගැන සොයාබලන්න වැසිකිළි උතුරා යනවා පුංචි දරුවනුත් ඉන්නවා ඉඩකඩ ප්රමාණවත් නෑ නිදාගන්නේ කොහොමද කියලා හිතන්නවත් බැහැ දරුවෝ 22ක් එහි ඉන්නවා ඔවුන්ට සාධාරණයක් ඉටු කරන්න කාන්තා දිනයේදී කාන්තාවන්ට පොදු සමාවදීමටත් ක්රියා කරන්න විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සමහර ආණ්ඩුකාරවරු ද මැතිවරණ නීති නොසලකා නාගරික මන්ත්රීවරු ද කමිටුවලට පත් කරනවා සමහර ආණ්ඩුකාරවරු ද මැතිවරණ කොමිසමේ ලිපිය නීතිපතිට යවලා උපදෙස් ගන්න මැතිවරණ කොමිසම උපදෙස් පිළිනොගන්න ආණ්ඩුකාරවරුන්ට එරෙහිව ක්රියාකරන්න කොමිසමට බලය තිබෙනවා කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී දයාසිරි ජයසේකර ශ්රීලපොපෙ අපේ පක්ෂයට හොරෙන් පත්වූ සභාපති කෙනෙක් ඉන්නවා ඔහුට සිතාසිවත් භාර දෙන්න විදිහක් අපිට නෑ එයා හැමතැනම යනවා පිළිගැනීම් කරනවා සිතාසි භාර ගන්න විදිහක් නෑ මේ සංශෝධනය ඉතා වටිනවා අපිට හෙට සිට මේ පනත අනුව ඊමේල් එකකින් හරි එවන්න පුළුවන් වේවි ගම්පහ දිස්ත්රික් මන්ත්රී අජිත් මාන්නප්පෙරුම සජබ එක්ස්ප්රස් පර්ල් නැව විනාශ වී වසර 3ක් පමණ ගතවෙනවා ඩොලර් බිලියන 19ක් අවශ්ය බව විද්වත් කමිටුවත් කිව්වා රටට වූ හානිය ඩොබි 64ක් කියලා තිබෙනවා විද්වත් කමිටුව දැන්නෑ පාර්ලිමේන්තුව අද 24දා පෙරවරු 930ට රැස්වෙයි අකිත පෙරේරා රනිල් ධර්මසේන
ලාභ ලබන ආයතන කුණුකොල්ලෙට ගජමිතුරන්ට දෙන්න හදනවා සජිත් ප්රේමදාස
ලාභ ලබන ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය ගජ මිතුරන්ට කුණු කොල්ලයට විකුණා දැමීමට රජය ක්රියා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ 23දා පැවසීය එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය විකුණා දැමීමට ගජමිතුරු ධනවාදී කුමන්ත්රණයක් සිදු වන බව පෙනෙනවා එහි වත්කම් ගණනය කිරීමේදී කිසිම වගකීමක් නැතිව කටයුතු කර තිබෙනවා මේ ගැන විශාල සැකයක් තිබෙනවා මෙය ධනවාදී ගජමිතුරු දේශපාලන ගනුදෙනුවක් ද කියා අපි අහනවා දිවයින පුරා පවතින ටෙලිකොම් උපකරණ ගොඩනැඟිලි ජාල පද්ධති ටෙලිකොම් කුලුනු ආදියේ විශාල වත්කම් ප්රමාණයක් තිබෙනවා ඒත් ඒ ගණනය කිරීම් ඉතා දෝෂ සහිතව කර තිබෙන බව පෙනෙනවා ඒ වටිනාකම් අවතක්සේරු කරලා කුණු කොල්ලයට ටෙලිකොම් විකුණන්න ගන්නා උත්සාහය හෙළා දකිනවා ටෙලිකොම් වසර ගණනාවක් පුරා අධික ලාභ ලැබූ ආයතනයක් බදු සහ ලාභාංශ ලෙස රුපියල් මිලියන 25000ක් මහා භාණ්ඩාගාරයට දී තිබෙනවා මෙහෙම ලාභ ලබන ආයතන කොහොමද කුණු කොල්ලයට විකුණන්නේ කොවිඩ් සමයේත් බිලියන 12 ක ශුද්ධ ලාභයක් ලබා තිබෙනවා ඊට පසු එහි සභාපති පන්නා දමා එක් වසරකදී පමණක් මේ ආයතනය පාඩු ලබා තිබෙනවා දැන් එය අලාභ ලබන ආයතනයක් බවට පත් කරලා මේ ආයතනයට මොනවත් කරන්න කලින් වෝහාරික විගණනයක් කරන්න ලාභ ලබන ආයතන මෙහෙම කුණු කොල්ලයට විකුණන්න එපා අකිත පෙරේරා රනිල් ධර්මසේන
රාජ්ය සේවක වැටුප් විෂමතා සංශෝධනයට යෝජනා ඉල්ලයි
රාජ්ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ ඊට අදාළ අයදුම් පත්රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන wwwpresidentsofficegovlk මගින් බාගත කරගත හැකි අතර සියලු යෝජනාවල ඡෘත් ආකෘතියෙහි මෘදු පිටපතක් පමණක් email protected යන විද්යුත් තැපැල් ලිපිනයට 20240809 දිනට හෝ එදිනට පෙර යොමු කළ යුතු වේ
ජනාධිපති අරමුදල පාසල් සහ සරසවි සිසුන්ගේ උන්නතිය වෙනුවෙනුත් යොමුකර තිබෙනවා ගාල්ල උපනන්ද විදුහලේ ශිෂ්යත්ව ප්රදානයේදී එජාප සභාපති කියයි
පාසල් ළමයි වෙත අධ්යාපන ශිෂ්යත්ව ලබාදීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා මෙරට අනාගත දරු පරපුර වෙනුවෙන් සිදුකරන මහා මෙහෙවරක් බවත් දරුවන්ට ඉන් නිසි ප්රයෝජන ලබාගැනීම සඳහා දෙමව්පියන් සිය උපරිම දායකත්වය දැක්විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පැවසීය වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළකළේ 22දා ගාල්ල මානවිල උපනන්ද විද්යාලයේදී පැවැති ජනාධිපති ශිෂ්යත්ව ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරය භාරගත්තට පසු ඉතිහාසයේ කවරදාකවත් කිසිදු ජනාධිපති කෙනෙක් නොකළ කර්තව්යයක් සිදුකළා ඒ තමයි ජනාධිපති අරමුදල මේ රටේ පාසල් සිසුන් සහ විශ්වවිද්යාල සිසුන්ගේ උන්නතිය වෙනුවෙන් ක්රියා කිරීමට සැලැස්සවීම ඒකට විශේෂ හේතුවක් තිබෙනවා එය පාසල් ළමයි දැනගත යුතුයි කියලා මම විශ්වාස කරනවා මට මතකයි මම මගේ පාසලේ ශිෂ්ය නායකයෙක් හැටියට ඉන්න කාලේ මගේ පාසලට ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා පැමිණෙනවා ඒ වෙලාවේ ලංකාවේ අධ්යාපන ඇමැති ලෙස කටයුතු කළේ රනිල් වික්රමසිංහ මැතිතුමා මට මතකයි එදා රනිල් වික්රමසිංහ මැතිතුමා පාසල් ළමුන්ට කියපු කතාව එතුමා එදා දේශපාලන කතා මොනවත් කිව්වේ නැහැ හැමදාම කිව්වේ රටට අනාගතයක් ඕන කියලා රටේ දරුවන්ට හොඳ අනාගතයක් ඕන කියලා ඒ නිසා තමයි අද දවසේ ගාල්ල දිස්ත්රික්කයේ ළමයි 5000කට ආසන්න පිරිසකට මෙම ශිෂ්යත්ව ලබාදීම සිදු කරන්නේ මේ ලබාදෙන ශිෂ්යත්වය හරහා හෙට උදේ වනවිට උසස් පෙළ ළමයින්ගේ බැංකු ගිණුම්වලට රුපියල් 36000කුත් 1 වසරේ සිට 11 වසර දක්වා වයස් කාණ්ඩවල ඉන්න දරුවෙකුට නම් රුපියල් 18000කුත් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට ලැබේවි මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්රී සම්පත් අතුකෝරළ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන ගාල්ල දිස්ත්රික් ලේකම් ධර්මසිරි යන මහත්වරු සහ පාසල් ශිෂ්ය ශිෂ්යාවන් ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටියහ හිනිදුම රවින්ද්ර චන්ද්රලාල් සහ ගාල්ල ලලිත් චාමින්ද එස් කේ කළුආරච්චි
අනුර කුමාර දිසානායක සහ ජපාන විදේශ කටයුතු රාජ්ය ඇමැති අතර සුහද හමුවක්
මේ වනවිට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්ය අමාත්ය TSUGE Yoshifumi මහතා අතර හමුවක් එම අමාත්යාංශයේදී පෙරේදා 22 දා සිදු විය මේ වනවිට ශ්රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳවත් දෙරට අතර දිගුකාලීන මිත්රත්වය පිළිබඳවත් රාජ්යතාන්ත්රික සහ ආර්ථික සබඳතාවන්හි ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලද අතර එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය විදේශ කටයුතු රාජ්ය අමාත්යවරයා විසින් අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජපාන සංචාරය පිළිබඳව සුබ පැතුම් එක් කිරීමටද මෙහිදී කටයුතු කර තිබිණි මෙම සාකච්ඡාව සඳහා අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අංශයේ අධ්යක්ෂ Tsutsumi Taro මහතා සහ එම අංශයේ නියෝජ්ය අධ්යක්ෂ IWASE Kiichiro මහතා ඇතුළු නිලධාරි පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජපාන කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ
පාපැදි සම්මේලනයේ නිලවරණයට අතුරු තහනම් නියෝගයක්
ශ්රී ලංකා පාපැදි සම්මේලන නිලවරණය තහනම් කරමින් ඊයේ අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය ශ්රී ලංකා පාපැදි සම්මේලනය ක්රීඩා අධ්යක්ෂ ජෙනරාල් වෙත පවරාගැනීමෙන් පසු ඔහු විසින් පත්කරනු ලැබූ පාපැදි නිලවරණ කමිටුව පාපැදි නිලවරණය මෙම මස 25 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබිණි සමස්ත ක්රියාවලියේම සිදුවූ පක්ෂපාතී හා අත්තනෝමතිකව ගත් ක්රියාමාර්ගවලට එරෙහිව ඊයේ 23දා කොළඹ අභියාචනාධිකරණය රිට් අතුරු තහනම් නියෝග තුනක් නිකුත් කර එම නිලවරණය අත්හිටුවන ලදි රිට් පෙත්සම් අංක 4622024 4722024 4732024 යන අයදුම්පත් ජුලි 18 බ්රහස්පතින්දා ගොනුකර අදාළ පාර්ශ්වයන් නිසිලෙස දැනුවත් කර නොතීසි භාරදීම සිදුකර ඇත ඉහත අයදුම්පත් කැඳවන අවස්ථාවේ පාපැදි නිලවරණ කමිටුව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති බවත් ඉදිරි ජුලි 25 වැනි දින පැවැත්වීමට නියමිත පාපැදි නිලවරණය තහනම් කෙරෙන රිට් අතුරු තහනම් නියෝග තුනක් ඊයේ අභියාචනාධිකරණය මගින් නිකුත් කර ඇත
ප්රාථමික සෞඛ්ය නංවන්න ජපානයෙන් ලොරි 10ක් සහ කැබ්රථ 21ක්
මෙරට ප්රාථමික සෞඛ්ය සේවාව සහ ප්රතිශක්තිකරණ වැඩපිළිවෙළ වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ජපන් රජය සහ Gavi CDS ව්යාපෘතිය විසින් UNICEF සංවිධානයේ සම්බන්ධීකරණයෙන් රුපියල් මිලියන 383 කට අධික වටිනාකමකින් යුත් නවීන අධිශීතකරණ පහසුකම්වලින් සමන්විත ලොරි රථ 10ක් සහ කැබ් රථ 21ක් නිල වශයෙන් සෞඛ්ය අමාත්යාංශය වෙත භාරදීම පෙරේදා 22 දා පෙරවරුවේ සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සැපයීම් අංශ පරිශ්රයේ දී සිදු කෙරිණි සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා වෙත මෙම පරිත්යාගයන් නිල වශයෙන් බාරදෙන ලද්දේ ශ්රී ලංකාවේ ජපන් තානාපති Mizukoshi Hideaki මහතා සහ මෙරට වැඩබලන UNICEF නියෝජිත Begona Arellano මහත්මිය විසිනි මෙම ලොරි රථවල වටිනාකම රුපියල් මිලියන 228 කට අධික වන අතර මෙම ප්රදානයට අදාළ සම්බන්ධීකරණ කටයුතු UNICEF සංවිධානය විසින් සිදු කර ඇත
අගනා ප්රතිලාභ රැසක් සමග ජයගමු ශ්රී ලංකා ගාල්ලට
කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්රී ලංකා මහජන ජංගම සේවය අද සහ හෙට 24 සහ 25 යන දෙදින තුළ ගාල්ල සමනළ ක්රීඩාංගණයේදී පැවැත්වේ මේ සමග ඩිජිටල් යුගයට සූදානම් වන බුද්ධිමත් ශ්රී ලාංකික ශ්රමික පරපුරක් බිහිකිරීම මෙම වැඩසටහනේ අරමුණයි අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ජයගමු ශ්රී ලංකා වැඩසටහන රටපුරා දිස්ත්රික්ක කිහිපයක් වෙත නන් අයුරින් ව්යාප්ත වී ඇති අතර එය දිනෙන් දින වැඩිවන රැකියා අපේක්ෂකයන් සහ රැකියා නියුක්තිකයන් සංඛ්යාවකට උපකාර කිරීම සිදුවෙයි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ ශ්රම වාසනා අරමුදල ගරුසරු ස්මාර්ට් යෞවන සමාජය සහ සංක්රමණික සේවක හරසර වැනි අනුබද්ධ කණ්ඩායම්වල මඟපෙන්වීම යටතේ මහජන සුබසාධනය සඳහා ප්රදානයන් සිදුවෙයි වෘත්තීය අපේක්ෂාවන් පිළිබඳ දැනුම වර්ධනය කිරීමත් සමගම ජයගමු ශ්රී ලංකා අඩු ආදායම්ලාභී සහ සංක්රමණික කම්කරු පවුල් අතර ව්යවසායකත්ව ප්රයත්නයන් සඳහා ද සහාය වෙයි මෙම වැඩසටහන මගින් සියලුම කම්කරු අමාත්යාංශ සහ විදේශ රැකියා ආයතන සමග මහජන සහභාගිත්වය සඳහා පහසුකම් සැලසෙන අතර කොළඹ කාර්යාලයට යෑමට අවශ්ය වන රාජකාරි දේශීය වශයෙන් සම්පූර්ණ කිරීමට හැකිවෙයි
තනතුරු රැසක් දරන අය රෝහල් පරිපාලනයට පත් කිරීමෙන් ගැටලු වැඩිවෙලා සෞඛ්ය වෘත්තීය සමිතිවලින් චෝදනා
සෞඛ්ය අමාත්යාංශය යටතේ පවතින ප්රධාන රෝහල් සහ වෛද්ය ආයතන සඳහා ස්ථාන කීපයක සේවය කරන රෝහල් අධ්යක්ෂවරුන් හෝ වැඩබලන අධ්යක්ෂවරුන් පත් කිරීම හේතුවෙන් ගැටලු ගණනාවක් උද්ගතව ඇතැයි සෞඛ්ය වෘත්තීය සමිති චෝදනා කරයි වෛද්ය සැපයුම් ඒකකය බොරැල්ල වෛද්ය පර්යේෂණ ආයතනය සහ ප්රධාන පෙළේ රෝහල් රැසකට වගකීම් භාරගෙන කටයුතු කළ හැකි දක්ෂ රෝහල් පරිපාලකයන්ට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මෙලෙස රෝහල් පද්ධතියම අකර්මණ්ය තත්ත්වයට පත් වෙමින් තිබෙන බව විශේෂඥ වෛද්ය ජීජී චමල් සංජීව මහතා පවසයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ පූර්ණකාලීනව සේවය කළ යුතු රෝහල් අධ්යක්ෂවරයා මෙරට වෛද්ය සැපයුම් ඒකකයේ නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කිරීමත් බොරැල්ල වෛද්ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ධුරය දරන විශේෂඥ වෛද්යවරයා සෞඛ්ය අමාත්යාංශයේ ද තනතුරු කීපයක් දැරීමත් සෞඛ්ය අමා්යාංශයේ තෘතීක සේවා අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන වෛද්යවරයා සෞඛ්ය අමාත්යාංශයේ ද වෙනස් තනතුරු කීපයක් දැරීමත් මෙලෙස රෝහල්වලට බලපා ඇති ගැටලු රැසකට හේතු වී ඇතැයි සෞඛ්ය වෘත්තීය සමිති පෙන්වා දෙයි මෙම තත්ත්වයට වර්තමාන සෞඛ්ය ලේකම්වරයා සෘජුවම වගකිව යුතු බව ද එම වෘත්තීය සමිති අවධාරණය කරයි සුජීව තත්සර
ඇමැති තොණ්ඩමන් අත්අඩංගුවට ගෙන උසාවි ගේන්න
ලංකා කම්කරු කොංග්රසයේ මහ ලේකම් වතු යටිතල පහසුකම් හා ජලාපවහන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුවරඑළිය වැඩබලන මහෙස්ත්රාත් ජයමිණි අඹගහවත්ත මහතා ඊයේ 22දා නුවරඑළිය පොලිසියට නියෝග කළේය ඉකුත් මැයි 30 වැනිදා කැලණිවැලි වතු සමාගමට අයත් පීඩෘ කර්මාන්තශාලාවට බලහත්කාරයෙන් ඇතුළුවී දණ්ඩ නීති සංග්රහයට පටහැනිව කටයුතු කළ ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිළිබඳව නුවරඑළිය පොලිසිය මගින් ඊයේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහෙස්ත්රාත්වරයා මෙම නියෝගය කළේය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඊයේ නුවරඑළිය මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඇමැතිවරයා ඇතුළු ඔහුගේ ආධාකරුවන්ට ලිඛිතව දැනුම් දුන් නමුත් ඔවුන් කිසිවකු ඊයේ අධිකරණයට පැමිණ නැති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය ඒ අනුව ඇමැතිවරයා ඇතුළු සෙසු සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ලබන 26දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්රාත්වරයා නුවරඑළිය පොලිසියට නියෝග කළේය කැලණි වතු සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා සමග ජ්යෙෂ්ඨ නීතිඥ පාලිත සුබසිංහ නීතිඥ සුරේෂ් ගයාන් යන මහත්වරු පෙනී සිටියහකමල් බෝගොඩ නාලක රත්නායක නුවරඑළිය
මහමෝල්ලු කුඹුරටම ගොස් යල අස්වනු ඩැහැ ගනිති වී මිලදී ගන්න මණ්ඩලයට සල්ලි නැහැ
රට පුරා යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ කර ඇතත් රජය මගින් වී මිලදී ගැනීම සඳහා ක්රමවත් වැඩසටහනක් ක්රියාත්මක නොකිරීම නිසා ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති වී මිලදී ගැනීම සඳහා රජය මීට පෙර වසරවලදී වී අලෙවි මණ්ඩලයට මුදල් ලබාදී වී මිලදී ගැනීම් සිදු කළත් මෙවර එවැනි වැඩසටහනක් ක්රියාත්මක නොකිරීම නිසා අසරණ මහා පරිමාණ මෝල් හිමියන් විසින් ගොවීන්ගේ වී තොග අඩු මිලට ලබාගෙන සහල් බවට පත් කර අධික ලාභයක් ලබන බව අනුරාධපුර දිස්ත්රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක මහතා පවසයි අනුරාධපුර පොළොන්නරුව අම්පාර සහ වව්නියාව ඇතුළු දිවයින පුරා දිස්ත්රික්කවල වී අස්වනු නෙළීම ආරම්භ කර ඇති බවත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 110ක්ටත් නාඩු වී කිලෝවක් රුපියල් 105කටත් සම්බා කිලෝවක් රුපියල් 110කටත් මිල පහළ බැස ඇති බවත් ඔහු කියා සිටී පසුගිය මහ කන්නයේදී වී මිලදී ගැනීම සඳහා රජය මැදිහත්වීම නිසා කීරි සම්බා කිලෝව රුපියල් 150කට මිලදී ගෙන කීරිසම්බා හාල් කිලෝවක් රුපියල් 350ට අලෙවි කළ බවත් අද කීරි සම්බා වී කිලෝවක් රුපියල් 110ට මිලදී ගෙන කීරි සම්බා සහල් කිලෝවක් රු 350ට අලෙවි කර වෙළෙඳුන් අධික ලාභයක් ලබන බවත් ඒ මහතා පැවැසීය රජය මේ වනවිට සුළු හා මධ්ය පරිමාණ වී මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා අඩු පොලියට ණය ලබාදීමේ ක්රමවේදයක් සකස් කර ඇතත් එය ප්රායෝගික නොවන නිසා මහ මෝල් හිමියන් ගොවීන් ළඟට ගොස් වී කිලෝවක් රුපියල් 80ක් 90ක් වැනි මිලකට ගන්නා බවද රත්නායක මහතා කීය මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ නිලධාරියකුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ වී මිලදී ගැනීම සඳහා මුදල් අමාත්යාංශයෙන් මුදල් ඉල්ලා ඇතත් මෙතෙක් මුදල් ලැබී නොමැති බවයි දැනට දකුණු පළාතේ කීරි සම්බා කිලෝවක් රුපියල් 130 බැගින් මිලදී ගැනීමට රජය මුදල් දී තිබෙන බවත් එය ද වී අලෙවි මණ්ඩලය විසින් අක්කර 500ක වගා කර තිබෙන කීරි සම්බා වී මිලදී ගැනීම සඳහා පමණක් බවත් ඔහු පැවැසීය මුදල් අමාත්යාංශයෙන් මුදල් ලබා දෙන්නේ නම් වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය මැදිහත්වී ආරම්භ කළ හැකි බවත් එය ප්රමාදවීම නිසා මහ මෝල් හිමියන් ගොවීන්ගේ වී තොග කුණුකොල්ලයට මිලදී ගැනීම පාලනය කළ නොහැකි බවත් ඔහු කීය මුල් අදියර ලෙස වී මෙටි්රක් ටොන් 50000ක් මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 05ක් මුදල් අමාත්යාංශයෙන් ඉල්ලා ඇතැයි ද පුංචිරාල රත්නායක මහතා පැවැසීය මේ අතර සුළු වාරි සහ ගොඩ වී අස්වනු නෙළීම ආරම්භ කර ඇතත් රජයට වී මිලදී ගැනීමේ නිසි යාන්ත්රණයක් නොමැතිකමින් මෙවරත් අතරමැදි වෙළෙඳුන් ගොවියාගේ වී මංකොල්ල කමින් සිටින බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි සාධාරණ මිලකට මෙම කන්නයේ වී මිලදී ගන්නා බවට රජය දුන් පොරොන්දු බයිලා බවට පත්ව ඇති බැවින් රට පුරා වී ගොවීන් නිසි මිලක් නොමැතිව අසරණ වී සිටින බව එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දිවයිනට ඊයේ 22දා පැවැසීය ගියවර කීරි සම්බා වී කිලෝවට රුපියල් 130ත් සම්බා වී කිලෝවට රුපියල් 125ක් සහ නාඩු වී කිලෝවට රුපියල් 120ක් ලබාදෙන බව කීවත් නිසි ලෙස මිලදී ගැනීම් සිදු කළේ නැහැ ආණ්ඩුව වී ගන්න ගබඩා ඇරලා සූදානම් වෙනකොට අතරමැදි වෙළෙන්ඳා වී ටික තුට්ටු දෙකට මංකොල්ල කාල යැයිද කීයචමින්ද සිල්වා සුජීව තත්සර පර්සි කුරුනේරු අනුරාධපුරය
අභියාචනාධිකරණ නියෝගයෙන් ඥානසාර හිමියෝ ඇප මත මුදා හැරෙති
වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් ඇප නියෝග අනුව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා ඊයේ 22දා නියෝග කළේය ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඥානසාර හිමියන් ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර ඒ අවස්ථාවේදී උන්වහන්සේට මහාධිකරණය හමුවේ ඇප නියෝග කියවා දීම සිදු කෙරිණි ඥානසාර හිමියන් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක් සලකා බලා අවසානයේ සම්පත් අබේකෝන් හා පී කුමාරත්නම් යන විනිසුරු මඬුල්ල විසින් පසුගිය සිකුරාදා 19දා උන්වහන්සේට රුපියල් 50000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරන ලදි 2016 වසරේ කොළඹ පැවති මාධ්ය සාකච්ඡාවක දී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්රකාශයක් මඟින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදු කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් පසුගිය මාර්තු 28 වැනිදා ලබා දුන්නේය එම දඬුවම් නියෝගය සම්බන්ධයෙන් ඥානසාර හිමියන් විසින් මහහාධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් සිදුකළ අතර එම ඉල්ලීම පසුගිය අප්රේල් 2 වැනිදා ප්රතික්ෂේප කෙරිණි ඒ අනුව සිය දණ්ඩනයට එරෙහිව ඥානසාර හිමියන් විසින් අභියාචනාධිකරණය හමුවට අභියාචනා පෙත්සමක් යොමු කළ අතර එම පෙත්සම විභාගය අවසන් කළ අභියාචනාධිකරණය උන්වහන්සේ ඇප මත මුදා හැරීමට නියෝග කළේයඒ ජේ ඒ අබේනායක
මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි
මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීම යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය ජපානයේ Tsukuba ශ්රී ලාංකික ජනහමුව අමතමින් වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය දැනුම අත්දැකීම් නිපුණතා සහිත පිරිසක් මෙන්ම විශාල තරුණ ප්රජාවක් ජපානයේ සිටිනවා ඔබගේ ඒ ජවය සහ ශක්තිය අපේ රටේ පරිවර්තනය සඳහා ශක්තිමත්ව එක්කර ගැනීමේ අරමුණෙන් අවසන් විදෙස්ගත ශ්රී ලාංකිකයන්ගේ හමුව ජපානයට යොදා ගත්තා මගේ විදෙස් සංචාර සඳහා ලක්ෂ 700ක් වැය වූ බව අයෙක් ප්රකාශ කර තිබුණා ආපසු ශ්රී ලංකාවට ගොස් දවස් කිහිපයකින් සියලු විදේශ සංචාර සඳහා වියදම් ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම රනිල් වික්රමසිංහ ජනාධිපති ධුරය දරන කාලය තුළ විදෙස් සංචාර සඳහා දැරූ වියදම් සංචාරක ඇමැති හරින් ප්රනාන්දු විදේශ රැකියාඇමැති මනුෂ නානායක්කාරත් ඒ වියදම් කළ මුදල් පෙන්වා දිය යුතු බව කල්පනා කරනවා අපි වැයකර තිබෙන්නේ රජයේ මුදල් නොවන බවටත් සහතිකයක් දෙනවා විදෙස්ගත ශ්රී ලාංකිකයන්ට සමහර අය විශාල චෝදනාවක් කරමින් මෙවර ඡන්දය දීමට නොයන ලෙස කතා කියනවා බොහෝ දෙනාට රට අත්හැර ඒමට සිදුවී තිබෙන්නේ අපේ රටේ දේශපාලනය සහ ආර්ථිකය හේතුකොට ගෙනයි ඒ වගේම අපේ රටේ දේශපාලන පරිවර්තනයක් සඳහා විදෙස්ගත ශ්රී ලාංකිකයන්ට විශේෂ අයිතියක් තිබෙනවා මන්ද අදත් අපේ රට දුවන්නේ විදේශ රැකියා කරන ශ්රී ලාංකිකයන් එවන මුදල්වලින් ගිය අවුරුද්දේ ආසන්න වශයෙන් ඩොලර් මිලියන 5900ක් එවා තිබෙනවා ගිය වසරේ මේ වන විට ඩොලර් මිලියන 3000 ඉක්මවා තිබුණා මේ අවුරුදු දෙක තුළ එවූ මුදල මිලියන 10000 ඉක්මවනවා රජය සතු විදෙස් සංචිත ප්රමාණය එයින් බාගයයි අපේ රටේ දේශපාලනය විසින් පිටස්තරයින් වීමට බලකර සිටින ඔබට අපේ රටේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මැදිහත් වීමේ ශුද්ධ වූ අයිතියත් තිබෙනවා ඒ අයිතිය පිළිගන්නේ ජාතික ජන බලවේගය පමණයි එස්බී දිසානායක මහනුවරදී කියා තිබුණේ හැටේ දශකයේ කොරියාව සිංගප්පූරුව වියට්නාමය අපට වඩා යටින් තිබුණත් අද වෙනකොට ඒ රාජ්යයන් අපට වඩා විශාල වශයෙන් ඉහළින් සිටින බවයි මේ කාලය තුළදී රට පාලනය කළේ කවුද 1970දී පාර්ලිමේන්තුවට ආ මහින්ද රාජපක්ෂ දැන් අවුරුදු 54ක් කල්ගත කර තිබෙනවා මෙතනට රැස්වී සිටන බොහෝ දෙනාගේ වයසත් 54ටත් වඩා අඩුයි මන්ත්රී ධුරය අමාත්ය ධුරය විපක්ෂ නායක ධුරය අගමැති ධුරය සහ අවුරුදු 10ක් ජනාධිපති ධුරය දරලා නැවත මන්ත්රී ධුරයක් ලබාගෙන ඉන්නවා රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තුවට ආව 1977 ඉඳලා දැන් අවුරුදු 47ක් ඉන්නවා දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට ආවේ 1983 දී දැන් අවුරුදු 41ක් වෙනවා මම මේ කීවේ ප්රධාන තුන්දෙනාගේ විස්තරය ඔවුන් පාලනය කළ දශක පහකට ආසන්න කාලය තුළ වියට්නාමය දකුණු කොරියාව සිංගප්පූරුව අපට වඩා උඩට ඇවිත් අපි තිබුණු තැනිනුත් බංකොලොත්භාවයට පත්වී සිටිනවා 1950දී ශ්රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 316යි දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25යි අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි දකුණු කොරියාවේ ඩොලර් බිලියන 688යි වියට්නාමය 1980දී අපනයන ආදායම ඩොලර් මිලියන 400යි එදා ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි රනිල් වික්රමසිංහලා ආණ්ඩුව පිහිටුවා ආසන්න කාලයේදී ඒ තත්වයේ තිබුණු ලංකාව දැන් අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් වන විට වියට්නාමයේ ඩොලර් බිලියන 452යි ලෝකයේ ඇති වූ නව වෙනස්කම්වලට අනුරූපී වන පරිදි අපේ රටේ ආර්ථිකය වෙනස් කර ගනිමින් ඉදිරියට ගියේ නැහැ ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක විනයක් ඇති වෙන්නේ නැහැ ඒ වගේම අපරාධවලින් තොර රටක් නිර්මාණය වෙන්නේත් නැහැ යහපත් සමාජයක් නිර්මාණය වෙන්නේත් නැහැ අනෙකාට ගරු කරන සමාජයක් නිර්මාණය වෙන්නේත් නැහැ යහපත් පරිසර පද්ධතියක් පවතින්නේත් නැහැ ඔබ ජපානයේ බොහෝ ගුණාංග ගැන කතා කරන අතර ලංකාව ව්යසනයකට පත්වී තිබෙන්නේ මේ දේශපාලනය නිසයි පරණ පන්නයේ දේශපාලන සංස්කෘතිය නිසා පොදු ජනතාව රෑ වැටුණු වලේ දවල් වැටී නැවත දවල් වැටුණු වලේ රෑත් වැටෙන මට්ටමකට අවුරුදු 76ක් පුරා ගමන්කර තිබෙනවා අපි ඔබව හමුවෙන්න ආවේ අවුරුදු 76ක මේ ගමන් මාර්ගය අපි සියලු දෙනාම එක්වී වෙනස් කරමු කියන පණිවිඩය දෙන්නයි ජනාධිපතිවරණය 1982 සිට පවත්වා තිබෙනවා නමුත් ඒ කිසි අවස්ථාවක පවත්වයිද නැද්ද කියලා සැකයක් තිබුණේ නැහැ නමුත් තවමත් 19 ව්යවස්ථා සංශෝධනය මුල්කරගෙන දෙගිඩියාවක් ඇති කරමින් තිබෙනවා මේ ඡන්දය එතරම්ම සුවිශේෂී නිසයි දෙගිඩියාවක් පවත්වාගෙන යන්නේ මේ ඡන්දයට රාජ්ය බලය විශාල වශයෙන් මෙහෙයවීමට රනිල් වික්රමසිංහ අමතරව රුපියල් කෝටි 875ක් වෙන්කර ගත්තා උරුමය ව්යාපෘතිය මුළුමනින්ම ඔහුගේ ඡන්ද ව්යාපාරයක් රාජ්ය සේවක වැටුපත් රුපියල් 5000කින් වැඩිකරන්න යනවා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ධනය රට පුරා නාස්ති කරමින් මනුෂ නානායක්කාරලා ක්රියාකරනවා තරුණ සේවා සභාවට අමතර මිලියන 400ක් ළඟදි ඡන්ද වැඩ සඳහා වෙන් කළා ලංකා ඉතිහාසයේ කවදාවත් නැතිව ආණ්ඩුකාරවරුන් සම්බන්ධීකරණ නිලධාරීන් පත්කරනවා ලක්ෂමන් යාපාගේ සියලු පත්කිරීම් අවලංගු කිරීමට ක්රියාකළ මැතිවරණ කොමිසමට අපි ස්තුතිවන්ත වෙනවා ඒ විතරක් නොවෙයි පුළුල් මාධ්ය මෙහෙයුමක් යනවා සමහර මාධ්ය අපිව ඉලක්ක කර ගනිමින් ප්රහාර එල්ල කරන්න පටන්ගෙන තිබෙනවා සියල්ලට උඩින් ඉන්න බව කීවාට බොහෝ අයට යටින් ඉඳන් ක්රියාකරන බව පේනවා මේ පරිවර්තනය වැළැක්වීම සඳහා ඔවුන්ගේ පැත්තෙන් ගත හැකි හැම ක්රියාමාර්ගයක්ම ගැනීමට නියමිතව තිබෙනවා ජාතික ජන බලවේගය සතු එකම ශක්තිය සහ අපේක්ෂාව මහජනතාව අපට ලබාදෙන ධෛර්යය සහ විශ්වාසයයි ඒ මත ජයග්රහණය කරා අපට මෙහෙය විය හැකියි සහතික වශයෙන්ම අපට දිනන්න පුළුවන්
අපරාධකරුවන් 164කට ඉන්ටපෝල් රතු වරෙන්තු
මෙරට අපරාධවල නිරත වෙමින් විවිධ රටවල සැඟවී සිටින පාතාල නායකයන් මත්ද්රව්ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් 164 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට ජාත්යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි මෙසේ රතු වරෙන්තු ලබාගෙන ඇති අපරාධකරුවන් අතර කාන්තාවන් සිව් දෙනකු ද සිටින බව එම ආරංචි මාර්ග කියා සිටියි මෙම අපරාධකරුවන්ගෙන් වැඩි දෙනකු ඩුබායි රාජ්යයේ සැඟවී සිටින අතර සෙසු අපරාධකරුවන් ඉන්දියාව ප්රංශය ඉතාලිය එංගලන්තය ඇතුළු තවත් රටවල් කීපයක සැඟවී සිටින බව වාර්තා වෙයි ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් ප්රංශයේ සැඟවී සිටින අතර රත්මලානේ කුඩු අංජු ද ඔහු සමග සිටින බව හෙළිවී ඇත මොවුන් දෙදෙනාටම එරෙහිව ද මේ වනවිට ජාත්යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබාගෙන තිබේ මේ අතර මෙරට ප්රධාන පෙළේ කුඩු ජාවාරම්කරුවන් බව කියන අන්නාසි මොරිල් සිද්ධික් සහ ප්රධාන පෙළේ පාතාල නායකයන් බව කියන කොස්ගොඩ සුජී කරන්දෙණියේ සුද්දා ලොකු පැටී පොඩි පැටී අහුංගල්ලේ සංජීව ඌරගුණේ වික්ටර් ඇතුළු තවත් අපරාධකරුවන් රැසක් සිටින බව පොලිස් මූලස්ථානය පවසයි මේ අතර ඉන්දියාවේ සැඟවී සිටින කිඹුලා ඇලේ ගුණා පුකූුඩුකන්නා බුම්මා ඇතුළු තවත් අපරාධකරුවන් රැසකට එරෙහිව ද රතු වරෙන්තු නිකුත් කර ඇත රතු වරෙන්තු ලබා සිටින මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම කඩිනමින් ක්රියාත්මක කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්යන්තර පොලිසියේ නියෝජිතයන් සමග සාකච්ඡා කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය මේ අතර විදේශ රටවල සැඟවී සිටින තවත් අපරාධකරුවන් පිරිසකට එරෙහිව ජාත්යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබා ගැනීමට නියමිතව ඇති බවද පොලිස් මූලස්ථානය පවසයිනෝමන් පලිහවඩන හේමන්ත රන්දුණු
මෙරට දරුවන්ගෙන් සියයට 25 ක් ළමා දරිද්රතාවෙන් පෙළෙනවා විපක්ෂ නායක සජිත් ප්රේමදාස
ළමා දරිද්රතාව සමාජයේ කොන් වූ මාතෘකාවක් වී ඇති බවත් ජාත්යන්තර සංඛ්යා ලේඛන අනුව අප රටේ දරුවන්ගෙන් 25ක් ළමා දරිද්රතාවෙන් පෙළෙන විට බලා සිටිය නොහැකි බවත් සංඛ්යාලේඛන අනුව බහුමාන දුගී භාවයට 42ක් දරුවන් ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය ජාත්යන්තර සංගණන හා සමීක්ෂණ හරහා මෙය අනාවරණය වී ඇති බවත් වහාම ක්රියාත්මක වන පරිදි ළමා දුගී භාවය තුරන් කිරීමට ජාතික වැඩපිළිවෙළක් අවශ්ය බවත් ළමා දුගී භාවය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බළකායක් ඇති කර දිස්ත්රික්ක 25ම එම වැඩසටහන ප්රාදේශීය ලේකම් කාර්යාලය හරහා ක්රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ ගම්පහ දොම්පේ රදාවාන මහගමසේකර මහා විද්යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 357 වැනි අදියර යටතේ රුපියල් 1177000ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි මෙහිදී හෙතෙම පාසල් සංවර්ධන ගිණුමට රු ලක්ෂයක මුදලක් ද පරිත්යාග කළේය
දිස්ත්රික්ක 24ට විවෘත ප්රජා විශ්වවිද්යාල 24ක් දැනුම කේන්ද්රීය ආර්ථිකයට බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය කළ යුතුයි
දැනුම කේන්ද්රීය ආර්ථිකය ගොඩනැගීම සඳහා බුද්ධිමතුන්ගෙන් සපිරි ජන සමාජයක් නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා විවෘත ප්රජා විශ්වවිද්යාල 24ක් දිස්ත්රික්ක 24 තුළ නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය උගතුන්ගේ බුද්ධිමතුන්ගේ අවස්ථාව මේ නිසා වැඩි වන බවත් වැඩි වැඩියෙන් උගතුන් බුද්ධිමතුන් හා විද්වතුන් බිහි වන බවත් මේ තුළින් උසස් අධ්යාපනයට බොහෝ අයට ප්රවේශය ලැබෙනවා මෙන්ම ඉහළ නිපුණතාව සහිත රැකියාවකට යා හැකි පරපුරක් නිර්මාණය වන බවත් ඊට අමතරව ජීවිත කාලය පුරාම ඉගෙනීමේ ක්රියාවලිය ප්රවර්ධනය කළ හැකි බවත් මේ ප්රජා විවෘත විශ්වවිද්යාල සංකල්පය නාගරික හා ග්රාමීය සංවර්ධනයට ඉවහල් වන බවත් මේ තුළින් නම්යශීලී උපාධි වැඩසටහන් නම්යශීලී ඉගෙනුම් විකල්ප හා ප්රජා සහභාගීත්ව වැඩපිළිවෙළ ක්රියාත්මක බවත් විපක්ෂ නායකවරයා පැවසීය ඒ අනුව සමගි ජන බලවේග රජයක් තුළ විවෘත ප්රජා විශ්වවිද්යාල සංකල්පය රාජ්ය හා පෞද්ගලික හවුල්කාරීත්වය තුළ ආරම්භ කර උගතුන් බුද්ධිමතුන් ජන සමාජයේ බිහි කරන දැවැන්ත අධ්යාපනික සංවර්ධන වැඩසටහනට යොමුවන බවත් මේ සඳහා අපේ රටේ දූදරුන්ගේ හා තාරුණ්යයේ ප්රවේශය වැඩිවන විට නිපුණතාවෙන් ඉහළ රැකී රක්ෂා කළ හැකි ශ්රම බලකායක් නිර්මාණය වන විට වයස් භේදයකින් තොරව වැඩිහිටි ප්රජාවට අධ්යාපනයට යොමුව උපාධි ලබාගත හැකි මාර්ගය සකස් වන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ මහනුවර උඩුනුවර දවුල්ගල වැලිගල්ල උඩුඅළුදෙණිය මහ විද්යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 351 වැනි අදියර යටතේ රුපියල් 1177000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි මෙහිදී පාසල් සංවර්ධන ගිණුමටද රු ලක්ෂයක මුදලක් පරිත්යාග කළේය මේ තුළින් ප්රශස්ත ශ්රම බලකායක් නිර්මාණය වන බවත් ඊට අමතරව ඉහළ සාක්ෂාරතාවක් ඇති කරගත හැකි බවත් එවිට කිසිම දේශපාලනඥයකුට රටේ ජනතාව දූදරුවන් රැවටිය නොහැකි බවත් රටේ බහුතරයක් රටේ නීති සම්පාදන ක්රමය ගැන අවබෝධයක් නොමැති නිසා ප්රභූන් කියන දේ අසා රැවටෙන වහල් සංකල්පයෙන් අප මිදිය යුතු බවත් රටේ ප්රභූන් කියනවාට වඩා ජනතාවට සත්ය තේරුම් ගත හැකි පරපුරක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය ඉංජිනේරු වෛද්ය නීතිය තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්ර හැරුණු කොට විශේෂයෙන් කලා ක්ෂේත්රයේ සියලු උපාධි විභාග සමත්ව රැකියාවක් නොමැතිව සිටින බවත් අවසානයේ ඔවුන්ට හිමිවන්නේ මහපාර බවත් මහපාරේ උද්ඝෝෂණය කර කර රැකියා ඉල්ලා සිටින බවත් අප රටේ එසේ වුවත් ලෝකයේ බොහෝ රටවල දක්ෂ උපාධිධාරීන් සොයා ගෙන විශ්වවිද්යාලයේ අවසන් වසරේම රැකියා ලබාදීමට විවිධ සමාගම් ඉදිරිපත් වන බවත් එම නිසා අධ්යාපන ක්රමයේ පැහැදිලි සාධනීය වෙනසක් සිදුකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය
ජුනි මාසයේ උද්ධමනය ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජුනි මාසයේ උද්ධමනය සියයට 24ක් දක්වා වැඩිවී ඇත පසුගිය මැයි මාසයේ වාර්තා වූ උද්ධමනය සියයට 16ක් විය මැයි මාසයේ සියයට 05ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉකුත් ජුනි මාසයේ දී සියයට 19ක් දක්වා වැඩිවී ඇති අතර මැයි මාසයේ සියයට 24ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය ඉකුත් ජුනි මාසයේදී සියයට 27ක් දක්වා වැඩි වී තිබේ ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ 22දා නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේශ්යාම් නුවන් ගනේවත්ත
ශ්රී දළදා වහන්සේ දෛනික තේවා කටයුතු මල්වත්තෙන් අස්ගිරි මහා විහාර පාර්ශ්වයට
මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවේ වැඩසිටින ශ්රී දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන දෛනික තේවා කටයුතු පෞරාණික චාරිත්රානුකූලව මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙත පැවරීමේ කටයුතු 21දින මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්ය මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනමගේ වැඩම කිරීමෙන් සිදු කෙරිණි සෑම වසරකම තේවා මාරුව ඇසළ පොහෝ දිනට පසුදින සිදුවන අතර එම අවස්ථාවට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල හා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්රී ඥානරතන යන මහානායක ස්වාමින් වහන්සේ දෙනමගේ ප්රධානත්වයෙන් සිදු කරනු ලැබූ මෙම අවස්ථාවට තේවා කටයුතු භාර මහා සංඝරත්නය දියවඩන නිලමේතුමා ඇතුළු තේවා කටයුතුවලට සම්බන්ධ කාර්ය මණ්ඩලය සමාජිකයන් සහභාගි වූහ පසුගිය වසරක කාලය තුළ තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වය මගින් සිදු කරනු ලැබූ අතර තේවා මාරුව සිදු වීමෙන් අනතුරුව පුරා වසරක කාලයක් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය විසින් දළදා සමිඳුන් උදෙසා තේවා කටයුතු සිදු කරනු ලබයිජානක සම්පත් බණ්ඩාර ගුන්නෑපාන
සර්වජන බලය ජනපති අපේක්ෂක 4දා කරළියට ගම්මන්පිල කියයි
ඉදිරි ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා අගෝස්තු 04 වැනිදා තෝරාගෙන රටට ප්රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ 22දා පැවසීය අගෝස්තු 04 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී රැස්වන සර්වජන බලය පක්ෂයේ නාමයෝජනා සමුළුවකදී එම තීරණය ගන්නා බවත් මාධ්ය වෙත අදහස් දක්වමින් ගම්මන්පිල මන්ත්රීවරයා කියා සිටියේය එරික් ගාමිණි ජිනප්රිය
ආනයනික පාවහන් සම්භාණ්ඩ නිසා දේශීය නිෂ්පාදන වළපල්ලට
ආනයනික පාවහන් හා සම්භාණ්ඩ මෙරට වෙළෙඳපොළට අසීමිත ලෙස පැමිණීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගතහොත් දේශීය පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලා වසා දමන බවත් ඒ හරහා මෙරට කර්මාන්තශාලාවල සේවය කරන ශ්රමිකයන්ගේ රැකියා අහිමි වුවහොත් එහි වගකීම බලධාරීන් භාරගත යුතු බවත් ශ්රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ උපදේශක කමිටු සභාපති නෙවිල් පෙරේරා මහතා ඊයේ 22දා පැවසීය පිටකොටුවේ සිටින ජාවාරම්කරුවන් කිහිපදෙනකු දූෂිත රේගු නිලධාරීන්ගේ සහායෙන් නියමිත ආකාරයට බදු ගෙවීමකින් තොරව ආනයනික පාවහන් රට තුළට ගෙන්වා අලෙවි කිරීමේ ජාවාරමක් හරහා මෙය සිදුවන බව ද ඒ මහතා කීය ආනයනික පාවහන් යුගලක් රේගුවෙන් නිදහස් කර ගැනීමේදී රුපියල් 2000ක පමණ බද්දක් නීත්යනුකූලව අය කළ යුතු බවත් එවැනි තත්ත්වයක් තිබියදී එවැනි පාවහන් යුගලක් වෙළෙඳපොළේ රුපියල් 1500ත් 1800ත් අතර මිලකට අලෙවි කරන්නේ කෙසේදැයි පාරිභෝගික අධිකාරියට සොයාබැලිය හැකි බවත් ඒ මහතා කීය ආනයනික පාවහන්වල සෞඛ්යාරක්ෂිත හා ගුණාත්මකභාවයක් නොමැති බව පැවසූ ඒ මහතා මෙම භාණ්ඩ චීනය ඉන්දියාව පාකිස්තානය වැනි රටවලින් ගෙන්වන බව ද පැවසීය මෙරට පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන් සියයට 70ක බද්දක් ගෙවා අමුද්රව්ය ගෙන්වා භාණ්ඩ නිෂ්පාදනය කර සියයට 18ක වැට් බද්ද හා තවත් සියයට දෙකයි දශම පහක 25 බදු ගෙවා මෙරට තුළ ඒවා අලෙවි කරන බවත් ඒ මහතා කීය තම නිෂ්පාදකයන් කිසිම අවස්ථාවක බැංකු පොලී අඩු කිරීම බදු අඩු කිරීම වැනි ඉල්ලීම් නොකර රජයට වාර්ෂිකව රුපියල් බිලියන 150ක පමණ බදු ගෙවමින් ආයතන පවත්වාගෙන යන බව පැවසූ ඒ මහතා මීට අමතරව සේවක වැටුප් ඊපීඑෆ් ඊටීඑෆ් ජල විදුලි ආදී බිල් ගෙවා කර්මාන්ත පවත්වාගෙන යන බව ද කීය පාසල් දරුවන්ට ත්රිවිධ හමුදාව ඇතුළු රටේ අවශ්යතාවට පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනය කිරීමට දේශීය නිෂ්පාදකයන් කටයුතු කරද්දී නිසි ලෙස වැට් නොගෙවා පාවහන් හා සම්භාණ්ඩ ගෙන්වා අඩු මිලට අලෙවි කිරීම නිසා තම කර්මාන්තශාලා පවත්වාගෙන යෑම ගැටලුවක් වී ඇතැයි ද ඔහු කීය මෙහිදී අදහස් දක්වමින් කමිටු සාමාජික දමින්ද අහංගමුව මහතා කියාසිටියේ තවදුරටත් රජයට දේශීය කර්මාන්තශාලා රැකගැනීමට අවශ්යතාවක් නැතිනම් තම කර්මාන්තශාලා වසා දමා තමනුත් පාවහන් හා සම්භාණ්ඩ ගෙන්වා අලෙවි කරන බවයි එහිදී කර්මාන්තශාලා ගබඩා සේවක ප්රශ්න පැනනොනඟින බවත් තුන් හතර දෙනකු යොදාගෙන එම කාර්යයන් කළ හැකි බවත් ඒ මහතා පැවසීය මෙහිදී සංගමයේ තවත් සාමාජිකයෝ කිහිපදෙනකු ද අදහස් දැක්වූහචමින්ද සිල්වාපින්තූරය නිශාන් එස් ප්රියන්ත
22 ට පාර්ලිමේන්තුවේ 23 ලැබෙන්නේ නෑ ජනාධිපතිවරණය අනිවාර්යයි
22 වන ව්යවස්ථා සංශෝධනය ගැන කිසිදු දෙගිඩියාවක් තියාගත යුතු නොමැති බවත් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වෙන්නේ නැති බවත් ඒ අනුව ජනමත විචාරණයක් නොඑන බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා මස්කෙළියේදී පැවැසීය පුනරුදයට රටම එකට යන තේමාව යටතේ මස්කෙළිය වතු ජනතාව දැනුවත් කරමින් මලෛයගම් ජනතා සභා ජන හමුව මස්කෙළිය පී එම් ඩී උත්සව ශාලාවේදී පැවැති අවස්ථාවේදී මාධ්ය වෙත අදහස් දක්වමින් විජිත හේරත් මහතා එසේ පැවැසීය එහිදී මන්ත්රීවරයා වැඩිදුරටත් මෙසේද කීවේය අද වෙනකොට ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නෑ 22 පාර්ලිමේන්තුවට දැම්මට සම්මත කර ගන්න බෑ ඒ කියන්නේ ජනමත විචාරණයක් එන්නේ නෑ ඒ අයගේ උත්සාහයෙන් වැඩක් වෙන්නේ නෑ ඒ නිසා කිසිදු දෙගිඩියාවක් තියාගත යුතු නෑ ලබන සතිය වෙනකොට මැතිවරණ කොමිසම ජනාධිපති ඡන්දය තියෙන දිනය හා නාම යෝජනා භාරදිය යුතු දිනය ප්රකාශයට පත් කරනවා අනිවාර්යෙන් නියමිතපරිදි ජනාධිපති ඡන්දය එනවා මේ අය දාන වෙට්ටු එකක්වත් හරියන්නේ නෑ මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් විධායක සභික ආචාර්ය පී පී සිවප්රකාසම් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මංජුල සුරවීරආරච්චි ජාතික විධාය සභික ක්රිෂ්ණන් කලෛයි චෙල්වි යන මහත්ම මහත්මීන් ඇතුළු වතු කම්කරුවන් ව්යාපාරික ප්රජාව ඇතුළු පිරිසක් සහභාගි වූහමස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක
වෙඩිතලතිව් රක්ෂිතය මුදාහරින පවිත්රාගේ ගැසට්ටුවට එරෙහි පෙත්සම විභාගයට අවසර
මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයෙන් මුදාහරිමින් වනජීවී අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්රේෂ්ඨාධිකරණය ඊයේ 22දා අවසර දුන්නේය පරිසර යුක්ති කේන්ද්රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත ප්රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම ඊයේ කැඳවනු ලැබිණි පෙත්සම්කරුවන් සිය පෙත්සම මඟින් මධ්යම ආසියානු පියාසර මාර්ගයේ දකුණු දෙසින් පිහිටි ගමනාන්තය වන ශ්රී ලංකාව වාර්ෂිකව සංක්රමණික පක්ෂීන් සඳහා වැදගත් ගෝලීය කේන්ද්රස්ථානයක් ලෙස ක්රියා කරන බව පෙන්වා දී තිබේ මිලියනයක පමණ පක්ෂීන් ශීත සෘතුව ගෙවීමට මෙම භූමියට පැමිණෙන බව ද පෙත්සමේ සඳහන් වේ මෙම මාර්ගයට කිසියම් බාධාවක් ඇති වුවහොත් මෙම පක්ෂීන්ගේ සංක්රමණික රටාවට සැලකිය යුතු බාධාවක් ඇති වන බව පෙත්සම මඟින් අවධාරණය කර ඇත මෙම සුළං බලාගාර ව්යාපෘතිය සඳහා මන්නාරම් දූපත තෝරාගෙන ඇත්තේ දේශපාලනික හා බාහිර කරුණු මත පදනම්ව බවත් ව්යාපෘතිය සඳහා එම දූපත තෝරා ගැනීමට වෙනත් විද්යාත්මක හෝ වෙනත් සුවිශේෂී හේතුවක් නොමැති බවත් එම භූමි කලාපය ඉතා සංවේදී පරිසර කලාපයක් බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් පවසති එම ගැසට් නිවේදනය වනජීවී හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ක්රියාව නිසා අදාළ වනාන්තර කලාපයට පිවිසෙන සංක්රමණික පක්ෂීන්ට මෙන්ම ජල ජීවීන්ට ද විශාල අගතියක් සිදුවන බවත් සඳහන් කර ඇත මේ හරහා ප්රදේශයේ ජෛව විවිධත්වයට ද දැඩි බලපෑමක් සිදුවන හෙයින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත පෙත්සම් විභාගය නොවැම්බර් මස 12 වැනිදා සිදු කිරීමට නියමිතයඒ ජේ ඒ අබේනායක
ජනපතිවරණයට දෙමළ පොදු අපේක්ෂකයෙක් යාපනයේදී ගිවිසුමක්
ඉදිරි ජනාධිපතිවරණය සඳහා දමිළ ජනතාව නියෝජනය කරමින් දමිළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා දමිළ දේශපාලන පක්ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ඊයේ 22දා යාපනයේදී ගිවිසුමකට එළැඹ තිබේ මේ අනුව කමිටුවක් පත් කර ඒ හරහා ජනාධිපති පොදු අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කරන බව දෙමළ ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී සීවී විග්නේශ්වරන් මහතා දිවයිනට පැවසීය පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතාගේ නායකත්වයෙන් යුත් ටෙලෝ පාර්ලිමේන්තු මන්ත්රී ධර්මලිංගම් සිද්ධාර්ථන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් පාර්ලිමේන්තු මන්ත්රී සීවී විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දමිළ ජනතා සන්ධානය නීතිඥ ශ්රී කාන්ත් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික පක්ෂය සුරේෂ් ප්රේමචන්ද්රන් මහතාගේ නායකත්වයෙන් යුත් ඊපීආර්එල්එෆ් යන පක්ෂ ඇතුළු පක්ෂ 7ක් සහ දමිළ සිවිල් සංවිධාන කීපයකින් සමන්විත දෙමළ ජනතා පොදු සභාව ද මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්තිරන් මහතා ඇතුළත් ඉලංකෙයි තමිල් අරසු කච්චි සහ පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ මෙම ගිවිසුමට අත්සන් තබා නොමැති බවද වාර්තා වේසුජීව තත්සර
බංග්ලාදේශයේ ශිෂ්ය මර්දනයට අන්තරේ විරෝධය
බංග්ලාදේශයේ ශිෂ්ය මර්දනයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බල මණ්ඩලයේ සාමාජිකයන් කොළඹ පිහිටි බංග්ලාදේශ තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ 22දා විරෝධතාවක නිරත වූ අයුරු ඡායාරූප තුෂාර අතපත්තු
වොක්ස්වැගන් රැකියා පොරොන්දුවක් විතරයි අපේ කැමැත්තක් නැති රටේ සිදුවන අකටයුතුකම්වලට අපි විරුද්ධයි
වොක්ස්වැගන් සමාගම් දැවැන්ත කර්මාන්ත ශාලාවල දහස් ගණන් රැකියා පොරොන්දු පමණක් නොව දේශීය සම්පත් කුණු කොල්ලයටවිකිණීම කම්කරුවාට ධීවරයාට ගොවියාටත් බදු පිට බදු අපේ කැමැත්තෙන් තොරව මෙරටේ සිදුවන අකටයුතුකම් අපි මේවාට විරුද්ධ යැයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය බිංගිරිය ආසන බල මණ්ඩල සමුළුවට සහභාගීවෙමින් ඒ මහතා මේ බව පැවසීය බිංගිරිය පොදු පෙරමුණු සංවිධායක ජනමාධ්ය හා තැපැල් රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතාගේ ප්රධානත්වයෙන් බිංගිරිය ප්රධාන බස් නැවතුම් පොළ භූමියේ පැවති මෙම මහජන සමුළුව ඇමතූ රාජපක්ෂ මහතා මෙසේද පැවසීය නැව හදල නැංගුරම් දමල පැත්තක තිබෙනතාක් කල් නැවට අනතුරක් නොවේවි නමුත් නව යාත්රා කරන විටදී චණ්ඩ කුණාටු දියරැළිවලට මුහුණ දෙන්න සිදුවේවි අපේ පක්ෂයටත් එසේමයි අපිත් මේ අභියෝගයන්ට මුහුණ දියයුතුයි මේ දේශපාලනයේදී තීන්දු තීරණ ගැනීම පහසු නෑ දුෂ්කරයි නමුත් ඒ ගන්නා හැම තීන්දු තීරණයක්ම නිවැරදි තීන්දු තීරණ විය යුතුයි බොහෝ රජයන් දුවන්නේ ණය මතයි නමුත් මේ ණය ගැන කයිවාරු හෝ පම්පෝරි ගසා පලක් නෑ ඒවා නිසි ලෙස රටට ජනතාවට පලදායි ලෙස ආයෝජනය කලයුතුයි අපේ කාලයේ අපි ගත් හැම ඩොලරයකටම අපි වටිනාමක් ලබාදී තිබෙනවා ඒවා මහපොළොවට දැනෙන ලෙසට ආයෝජනය කර තිබෙනවා අපි අතිනුත් අඩුපාඩු සිදුවන්නට ඇති නමුත් අපි මේ රටට ජනතාවට ආගමට ජාතියට කිසිදු හානියක් සිදුකොට නෑ අපි තීන්දු තීරණ ගත්තේ රට ගොඩනැගීමට මිස පුද්ගලයින් ගොඩනැගීමට නොවේ රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතාද කතා කළ අතර ජොන්ස්ටන් ප්රනාන්දු ඉන්දික අනුරුද්ධ සමන්ප්රිය හේරත් තිස්ස කුට්ටිආරච්චි සුමිත් උඩුකුඹුරචමරි පෙරේරා ඇතුළු මැති ඇමැතිවරු රැසක් මෙහිදී අදහස් දැක්වූහ
දේශපාලන සාක්ෂරතාවයේ අඩු පාඩු නිසා ඡන්දදායකයින් පාරිභෝගිකයින් බවට පත් වෙලා
ඡන්ද අපේක්ෂකයින් මැතිවරණ කාලයේදී දන්සල් පවත්වමින් භාණ්ඩ බෙදා දෙමින් විවිධ වරප්රසාද ලබාදීම නිසා මේ වනවිට ඡන්දදායකයින් පාරිභෝගිකයින් බවට පත්ව ඇති බවත් දේශපාලන සාක්ෂරතාවයේ අඩු පාඩු නිසා ඡන්දදායකයා මේවාට හසුවන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසිය ඒ මහතා මෙසේ කියා සිටියේ අංක 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පණත පිළිබඳව දකුණු පළාතේ රාජ්ය නිලධාරීන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහ මාධ්යවේදීන් දැනුවත් කිරීම සඳහා ගාල්ලේ පැවති වැඩ සටහනකදීය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා මෙසේද කීය ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා මේ පනත අනිවාර්යෙන්ම භාවිතා කරනවා ඉස්සර අතුරු මැතිවරණ පැවැත් වුණත් දැන් අතුරු මැතිවරණ නැහැ පක්ෂවලින් දාන අපේක්ෂකයින්ට තමයි ඡන්දය දෙන්නේ සල්ලි නැතිව දේශලපාලනය කරන්න බැහැ හැබැයි සීමාවක් තිබිය යුතුයි අද ඡන්ද දායකයින් මිලදී ගැනීම සඳහා තමයි මුදල් වියදම් කරන්නේ එනිසා මේ පනත ගෙනාවේ එසේ වියදම් සීමා කිරීම සඳහා පමණයි මනාප පොරයත් සමග වින්දිතයින් වන්නේ මැතිවරණ දෙපාරතමේන්තුවයි මැතිවරණයෙන් පසු ඒ අය යාලුවෝ එනිසා අප යෝජනා කළේ සෑම අපේක්ෂකයෙකුම වෙනම ගිණුමක් ආරම්භ කරන්න කියලා ඡන්ද දායකයා හිතනව මොනවහරි දුන්නොත් තමයි ඡන්දය දෙන්නේ කියලා නිදහසේ ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ සැලසිය යුතුයි ඡන්දදායකයා ඡන්ද දායකයෙක් මිස පාරිභෝගිකයෙක් නොවිය යුතුයි ඒවගේම රාජ්ය නොවන සංවිධානවලින් ලැබෙන මුදල් විදෙස් රටවල සිට එවන මුදල් පිළිබඳ වාර්තාවක් ලබාගැනීම මෙන්ම රාජ්ය දේපල අවභාවිතය වළක්වා ගැනීමටත් මේ පනතින් පුලුවනි සියලුම මාධ්ය ආයතනවල දැන්වීම් ගාස්තු අඩු වුණත් ඡන්ද කාලෙට වැඩි කිරීමට පුලුවනි එනිසා දැන්වීම දුන්නේ කව්ද එයට අය කරගත් මුදල කොපමණද කියන්න කියල මාධ්ය ආයතනවලටත් උපදෙස් දුන්නා ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන සියලුම මැතිවරණ සඳහා මෙම පනත භාවිතා කරනවා අතිරේක මැතිවරණ කොමසාරිස් නීති විමර්ශන චින්තක කුලරත්න චන්න ඩීසිල්වාඅධ්යක්ෂ සැළසුම් යන මහත්වරුද නව පනත පිළිබඳව දැනුවත් කළ අතර මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්රික් ලේකම් ඩබ්ලිව්ඒ ධර්මසිරි මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ් අමරසිංහ හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්පී සුමණසේකර යන මහත්වරු ඇතුලු දිස්ත්රික්ක තුනේ රාජ්ය නිලධාරිහුද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයෝද සහභාගිවී සිටියහ ගාල්ල දිස්ත්රික් මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව් එච්ආර් විජය කුමාර මහතා ප්රධාන ගාල්ල මැතිවරණ කාර්යාලය විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබිණිඅහංගම සුගතපාල දීයගහගේ වංචාවල ගැමුණු චන්ද්රලාල්
හෙපටයිටිස් බී එන්නත කිසිම රෝහලක නෑ සැත්කම් කල්යෑමේ අවදානමක්
කහ උණ රෝගීන් සඳහා ලබාදෙන හෙපටයිටිස් බී එන්නත රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල ද නොමැති වීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ මෙම වසර මුල සිටම හෙපටයිටිස් බී එන්නත වෛද්ය සැපයුම් අංශයේ නොමැති වීම නිසා රෝහල් වෙත බෙදාහැරීම නතර වී තිබූ බව සෞඛ්ය අමාත්යාංශ අභ්යන්තර ආරංචි මාර්ග පවසයි ඇතැම් ශල්යකර්ම සිදු කිරීමට පෙර හෙපටයිටිස් බී එන්නත ලබාගත යුතු වන අතර එම එන්නත් හිඟය හේතුවෙන් සැත්කම් සිදු කිරීම කල් යෑමේ අවදානමක් පවතින බවට සෞඛ්ය අංශ අනතුරු අඟවයි ඇස් කහ පැහැවීම උදරයේ ආබාධ වමනය කෑම අරුචිය සහ උණ රෝගය වැලඳීම හෙපටයිටිස් රෝග ලක්ෂණ බව වෛද්යවරු පවසති හෙපටයිටිස් බී එන්නත මෙරටට සපයන ඉන්දියාවේ ඖෂධ සමාගමේ නිෂ්පාදන ක්රියාවලියේ බිඳවැටීමක් මෙම එන්නත් හිඟයට බලපා ඇතැයි සෞඛ්ය අමාත්යාංශය පවසයි එම සමාගම සැප්තැම්බර් මාසයේ සිට යළි මෙරටට හෙපටයිටිස් බී එන්නත ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයිසුජීව තත්සර
මුළු රටම බලා ඉන්නේ ජනාධිපතිවරණයක් පාර්ලිමේන්තු මන්ත්රි ජීඑල් පීරිස්
මුළු රටම බලා සිටින මැතිවරණය වන්නේ ජනාධිපතිවරණය බවත් ජනමත විචාරණයක් කිසිදු පුද්ගලයකු මේ මොහොතේ ඉල්ලා නොසිටින බවත් නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්රි මහාචාර්ය ජීඑල් පීරිස් මහතා ඊයේ 22දා පැවසීය ජනාධිපතිවරණය කල්දැමීමට රජය මුල සිටම උපක්රම යොදා ගනිමින් සිටින බවත් යෝජිත 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත එහි අවසාන තුරුම්පුව බවත් කොළඹ දී ඊයේ 22දා පැවැති මාධ්ය හමුවට එක්වෙමින් පීරිස් මහතා මෙම අදහස් පළ කළේය යෝජිත 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා පනත ගැසට් ගත කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්රකාශ කර තිබියදී එයට පටහැනිව ගොස් ජනාධිපතිවරයා එය ගැසට් කිරීම තුළින් කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වයට එය මරු පහරක් වූ බවද ඒ මහතා කීය මැතිවරණ කොමිෂන් සභාව සතු සීමිත සම්පත්වලින් ජනමත විචාරණයක් හා ජනාධිපතිවරණයක් එකම කාලපරිච්ඡේදයක් තුළ සිදුකිරීම ප්රායෝගික නොවන බවත් පුද්ගලයකුගේ පටු දේශපාලන න්යාය පත්රයක් සඳහා මහජන මුදල් නාස්ති කිරීම පාප කර්මයක් බවත් පීරිස් මහතා කීය චමින්ද සිල්වා
ජනාධිපතිවරණය 2024 සිකුරාදාට පෙර කියනවා මැ කො ස සභාපති
ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා ඡන්ද විමසීමේ දැන්වීම කැඳවීම මේ සතියේ සිකුරාදාට 26දාට පෙර ප්රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් එල් ඒ රත්නායක මහතා දිවයිනට ඊයේ 21දා පැවැසීය ඡන්ද විමසීමේ දැන්වීම තුළ නාමයෝජනා කැඳවන දිනය සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්රකාශයට පත් කරන බවත් ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කර දින 16ත් 21ත් අතර නාමයෝජනා කැඳවා සති 04ත් 06ත් අතර දිනයක ඡන්ද දිනය ප්රකාශයට පත් කරන බවත් ඒ මහතා කීය මේ වනවිට ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ මුදල් ලබාගැනීම සඳහා මුදල් අමාත්යාංශ නිලධාරීන් ආරක්ෂාව සැපයීම වෙනුවෙන් පොලිස්පතිවරයා සහ රජයේ මුද්රණාලයේ මුද්රණාලාධිපතිනිය සමග සාකච්ඡා කළ බවත් ඔවුන් සියලු දෙනා මැතිවරණය පැවැත්වීමට කොමිසමට සහයෝගය ලබාදීමට එකඟ වී ඇති බවත් රත්නායක මහතා පැවැසීයචමින්ද සිල්වා
අත්අඩංගුවට ගත් ඔසීගේ පුතා ඇපමත මුදාහරී
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවරා තිබූ නඩුවකට අදාළව නිකුත් කළ විවෘත වරෙන්තුවකට අනුව ජාතික ආරක්ෂක විද්යායතනයේ හිටපු අධ්යක්ෂ අසංක අබේගුණසේකර මහතා ශ්රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ 21දා අලුයම අත්අඩංගුවට ගෙන ඇත හිටපු ප්රකට දේශපාලනඥයකු වූ ඔෂී අබේගුණසේකර මහතාගේ පුත්රයා වන අසංග අබේගුණසේකර මහතා පාස්කු ඉරුදින එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ද කර තිබිණි එම හෙළිදරව්වෙන් පසු ඒ මහතා ඇමරිකාව බලා පිටව ගිය අතර එහිදී ඒ මහතා ආසියා පැසිපික් කලාපයේ දේශපාලන අංශය භාර ප්රධානියා ලෙස කටයුතු කළේය අසංග අබේගුණසේකර මහතා යහපාලන රජය සමයේ ජාතික ආරක්ෂක විද්යායතනයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේය ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු අසංග අබේගුණසේකර මහතා ජාතික ආරක්ෂක විද්යායතනයේ අධ්යක්ෂ ධුරයෙන් ඉවත් කර තිබිණි ප්රවීණ මාධ්යවේදී චමුදිත සමරවික්රම මහතා සමග යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අසංග අබේගුණසේකර මහතා පාස්කු ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් රට කළඹවන ආකාරයේ හෙළිදරව්වක් කළේය එම හෙළිදරව්ව කිරීමෙන් පසුදිනම ඒ මහතා ඇමරිකාව බලා පිටත්ව ගියේය සිය මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් අසංග අබේගුණසේකර මහතා ඇය බැලීමට ශ්රී ලංකාවට පැමිණෙද්දී කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ අළුයම 330ට පමණ අත්අඩංගුවට ගෙන ඇත සැකකාර අබේගුණසේකර මහතා කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ රඳවාගෙන ප්රකාශ ලබා ගැනීමෙන් පසු මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයහේමන්ත රන්දුණු හා ටී කේ ජී කපිල ගුවන්තොටුපොළ
මගේ පමණක් නොවේ 19 න් සියලු ජනපතිවරුන්ගේ ධුර කාලය 5ට බැස්සුවා
තමන් ජනාධිපති සමයේ ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින්ම ජනාධිපති ධුරයේ කාලසීමාව අවුරුදු 6 සිට 5 දක්වා නීත්යානුකූලවම අඩු කළ බව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ 21දා පොළොන්නරුව නව නගරයේ පැවති විශේෂ මාධ්ය හමුවකදීය එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මෙසේද පැවසීය 19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාව සංශෝධනය පිළිබඳව නිවැරදිව දන්නේ මා පමණයි 18 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් මහින්ද රාජපක්ෂ මහතා විසින් අසීමිත බලතල පවරාගෙන තිබූ අවස්ථාවක ඒ සියලු බලතල මා විසින් අඩු කර ගත්තා මේ අවස්ථාවේ 19 වැනි ආණ්ඩු ක්රම ව්යවස්ථාව පිළිබඳව පමණක් කතා කළ යුතු නැහැ රාජාණ්ඩුවක බලය සහිත 18 වැනි ව්යවස්ථාව මගින් ජනාධිපතිට හිමිව තිබූ බලයක් 19 වැනි ව්යවස්ථා සංශෝධනය හරහා අහෝසි වුණා ජනාධිපති නීතීඥ ජයම්පති වික්රමරත්න මහතා මා ජනාධිපතිව සිටි සමයේ ශ්රේෂ්ඨාධිකරණයට ගොස් ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු 6 සිට 5 දක්වා නීත්යානුකූලව අඩු කළා එය මෛත්රිපාල සිරිසේනට පමණක් නොව මේ රටේ සියලු ජනාධිපතිවරුන්ට බලපවත්නා ලෙස වෙනස් කළා ලෝකයේ කිසිදු රාජ්ය නායකයකු නොකළ අන්දමින් තමාට හිමි බලතල අත්හැරීමට මා කටයුතු කළා අරලගංවිලරොෂාන් තුෂාර තෙන්නකෝන් සහ කරුණාරත්න ගමගේ
වීඑෆ්එස් වීසා ගනුදෙනුව හර්ෂගේ වාර්තාවට මුදල් කාරක සභාවේ 16 කගේ විරෝධය
වීසා නිකුත් කිරීම සඳහා වීඑෆ්එස් ආයතනයට අවසර දීම සම්බන්ධයෙන් රාජ්ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මුදල් කාරක සභාවේ බහුතර මන්ත්රීන් විසින් ප්රතික්ෂේප කරන බව දන්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට ලිපියක් භාර දී ඇතැයි වාර්තා වේ බෙහෙවින් ආන්දෝලනයට ලක්වූ මෙම වීඑෆ්එස් වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කොට ඒ ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් කාරක සභාවට නියම කර තිබිණි ඒ අනුව අදාළ විමර්ශනය එම කාරක සභාව විසින් සිදු කර ඇත එකී වාර්තාව මුදල් කාරක සභාවේ ඒකමතික තීන්දුවක් අනුව සැකසූ වාර්තාවක් ලෙස සඳහන් වුවද කාරක සභාවේ සාමාජික මන්ත්රීන් 27 දෙනාගෙන් 16 දෙනකුම එය ප්රතික්ෂේප කරන බව කථානායකවරයාට භාරදුන් ලිපියේ සඳහන්ව ඇති බව ද පැවසේශ්යාම් නුවන් ගනේවත්ත
රටේ ආර්ථිකය නංවන්න වත්මන් ජනපති නිර්භීත තීරණ ගෙන තිබෙනවා
No Data
මොන දේ වුණත් ජනපතිවරණය තිතට සිදුවේවි ඇමැති විජයදාස කියයි
කවර දේ සිදුවුවත් ජනාධිපතිවරණය නියමිත ආකාරයෙන් තීන්දුවී සියල්ල නිමාවනු ඇති බව අධිකරණ බන්ධනාගාර හා නීති ප්රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා දිවයින ට ඊයේ 21දා පැවැසීය 22 වැනි ව්යවස්ථා සංශෝධනය ජනාධිපතිවරයා විසින් ගැසට් කර ඇතත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ජූලි 26න් පසුව සිදුකළ යුතු බවද ඒ මහතා කීය පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කිරීම තමා විසින් සිදු කළ යුතු නමුත් තමා හැර අගමැතිවරයාට හෝ සභානායකවරයාට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවද ඇමැතිවරයා පැවැසීය ඊට එරෙහිව යම් අයකු හෝ කණ්ඩායමක් ශ්රේෂ්ඨාධිකරණය හමුවට ගොස් තීන්දුවක් ලබා ගැනීමට අගෝස්තු 31 පමණ වනතෙක් කල් ගතවන බවත් ඒ වනවිට මැතිවරණ කොමිසම විසින් නාමයෝජනා කැඳවා තියෙනු ඇති බවත් ඒ මහතා කීය එම නිසා 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට දැමීම තුළ ජනාධිපතිවරණයට බලපෑමක් නොවන බවත් එය පැවැත්වෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීයචමින්ද සිල්වා
ගුරු විදුහල්පතිවරු අද සිට සති 2 ක් අකුරට වැඩ
දෙලක්ෂ හැටදහසකට ආසන්න විදුහල්පතිවරුන් ගුරුවරුන් හා ගුරු උපදේශකවරුන් අද 22 දා සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියා මාර්ගයක නිරත වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි ගුරු විදුහල්පති වැටුප් විෂමතාවේ ඉතිරි තුනෙන් දෙක ලබාදීම දෙමාපියන්ට පටවා තිබෙන අධ්යාපන බර ඉවත් කිරීම විදුහල්පතිවරුන්ගේ ආයතනික ගැටලු විසඳීම ඇතුළු ගැටලුවලට අදාළ සති දෙක ඇතුළත රජය විසඳුම් ලබා නොදෙන්නේ නම් දැඩි වෘත්තීය ක්රියාමාර්ගයකට එළැඹෙන බව ද හෙතෙම කීය කලාප අධ්යාපන කාර්යාල සහ පළාත් අධ්යාපන කාර්යාලවල පවත්වාගෙන යන සියලු වට්ස්ඇප් සමූහවලින් ඉවත් වන බවද ඒ මහතා කියා සිටියේය තවදුරටත් කතා කළ හෙතෙම මෙසේ ද කීය අපි දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරනවා හැබැයි බාහිර වැඩ කිසිදෙයක් කරන්නේ නැහැ කලාප තරගවලට හෝ වෙනත් කිසිදු වැඩකට අපේ දායකත්වයක් නැහැ දේශපාලකයින් පාසල්වලට එන උත්සවලට පවා අපේ දායකත්වයක් නැහැ අපේ ගැටලු විසඳන්න ආණ්ඩුවට සති දෙකක් කල් දෙනවා එතකන් අපි අකුරට වැඩ කරනවාප්රදීප් ප්රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
රටේ අනාගතයට දේශපාලනය ගාව ගන්න එපා
රටේ අනාගතය දේශපාලන න්යාය පත්ර අනුව සකස් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත් රටේ න්යාය පත්රය අනුව එය සකස් විය යුතු බවත් එම ගමනට එක්වන ලෙස සජිත් ප්රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට තමා ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ 21දා පැවැසීය ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වූ යෝජනාවක් ඊයේ 21දා පස්වරුවේ කඩවත පැවැති එක්ව ජයගමු අපි ගම්පහ ජන හමුවේදී ගම්පහ දිස්ත්රික් ජනතාව වෙනුවෙන් ඇමැති ප්රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර පොහොට්ටුවේ මැති ඇමැතිවරු 28ක් හිටපු පළාත් පාලන මන්ත්රීවරු 380ක් සහ රැස්වීමට සහභාගි වූ 15000කට අධික ජනතාවක් අත් ඔසවා ඒකමතිකව සම්මත් කළහ එම රැළියට එක්වූ මැති ඇමැතිවරු පිරිසක් ද මෙහි වෙති රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති මෙම ජන හමුවට ගම්පහ දිස්ත්රික්කයේ අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර රජයේ වැඩපිළිවෙළට එම ජනතාවගේ සහාය පළ කරමින් ඔවුන් මෙහිදී උණුසුම් ලෙස ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 2022 වසරේ ජූලි 21 දින තමා භාරගත්තේ ආර්ථිකයක් සහ ආණ්ඩුවක් නැති රටක් බවයි තමා වෙත භාරදුන් එම වගකීම තමා නිසි ලෙසම ඉටු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා තමා සෑම විටම කටයුතු කළේ තමන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව ද පැවසීය ජන රැළිය ඇමතූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය අද මම කඩවත පැවැත්වෙන මෙම ජන හමුව අමතන්නේ ජනාධිපති ධුරයට පත්ව වසර දෙකක් සම්පූර්ණ වන අවස්ථාවෙයි එදා මට භාර දුන් මූලික වගකීම මම ඉෂ්ට කළ බව ඔබට වාර්තා කරනවා මම භාර ගනු ලැබුවේ ආර්ථිකයක් හා ආණ්ඩුවක් නොතිබූ රටක් වැඩබලන ජනාධිපතිවරයා ලෙස මට දිවුරුම් දීමට රජයේ කාර්යාලයක් ලබා දීමටත් බිය වුණා අවසානයේ උදේ පාන්දර ගොස් මගේ නිවස ආසන්නයේ පිහිටි වාළුකාරාම විහාරස්ථානයේ දී මම දිවුරුම් දුන්නා එදා රට පැවතියේ එවන් තත්ත්වයකයි මගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස මම විතරයි හිටියේ පාර්ලිමේන්තුවේ සිටින විවිධ ඇමැතිවරු සහ මන්ත්රීවරු සියලු දෙනා එක් කර ගනිමින් අපි කණ්ඩායමක් ගොඩනඟා ගත්තා මම මුලින්ම සහයෝගය ඉල්ලා සිටියේ සමගි ජන බලවේගයෙන් එහි සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ අය කියා මම සිතුවා නමුත් ඔවුන් මට සහයෝගය නොදී ඩලස් අලහප්පෙරුම මන්ත්රීවරයාට සහාය ලබා දුන්නා මම ජනතා විමුක්ති පෙරමුණෙන් සහාය ඉල්ලා සිටියා නමුත් ඔවුන් වෙනම අනුර කුමාර දිසානායක මන්ත්රීවරයාව ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණා වගකීමක් ගැනීමට අකමැති නිසා ඔවුන්ට ඊට වැඩිය පහසු දෙයක් තිබුණේ නැහැ ඉන් පසුව මම පොදුජන පෙරමුණේ සහාය ඉල්ලා සිටියා මම මහින්ද රාජපක්ෂ මහත්මයා සමග කථා කරන්න ගියේ නැහැ සභාපතිවරයෙක් සිටි නිසා එතුමාට කථා කර හමුවීමට අවශ්ය බව දැන්වූවා නමුත් එතුමා තමාට කිසිවක් කතා කිරීමට නොහැකි බව සඳහන් කළා ඉන් පසුව මම ගිහින් මහින්ද රාජපක්ෂ මහත්මයාව හමුවී අපි එකතුවෙලා මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යමුද කියලා විමසුවා එතුමා කිව්වා එය වැදගත් පියවරක් මම පක්ෂය සමග සාකච්ඡා කර ඔබතුමාට දැනුම් දෙන්නම් කියලා ඉන් පසුව එතුමා දැනුම් දුන්නා අපි ඔබතුමාට සහයෝගය ලබාදීමට සූදානම් කියලා ඒ අවස්ථාවේ පක්ෂයේ සභාපතිවරයා කඩාගෙන අනිත් පැත්තට ගියා මේ ආණඩුවේ ගමන ආරම්භ වූයේ ඒ අන්දමිනුයි මෙම කටයුතු ආරම්භ කරන විට ජනාධිපතිවරයා ලෙස මට ඉන්න තැනක් තිබුණේ නැහැ විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය අත්පත්කරගෙන සිටියා මගේ නිවස ගිනි තබා තිබුණා ඒ වගේම ජනාධිපති කාර්යාලය අත්පත් කරගෙන සිටියා අවසානයේ මම අගමැතිවරයාට කථා කරලා කිව්වා ඔබතුමා අගමැති කාර්යාලයේ පහළ තට්ටුව ගන්න මම උඩ තට්ටුව ගන්නම් අපි සාකච්ඡා කාමරය බෙදාගෙන වැඩ කරමු කියලා සති දෙක තුනක් මෙම තට්ටු මාරු ක්රමයට අපි ජාත්යන්තර මූල්ය අරමුදල සමග සාකච්ඡා කරමින් ආණ්ඩුවේ වැඩ කටයුතු කරගෙන ගියා මම සිතුවා සියලු දෙනා එක් කර ගනිමින් මෙම ගමන යා යුතුයි කියලා දේශපාලනය කිරීම නිසා අපේ රට විනාශ වෙලයි තිබුණේ ලංකාව කියන්නේ අභිමානයෙන් ජීවත්විය හැකි රටක් අප ඉදිරියට යා යුතුයි ඇයි අපි බංකොළොත් රටක් වෙන්නේ අසීරු තීරණ ගනිමින් අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක නොකළා නම් අපි රටක් ලෙස යළිත් කඩා වැටෙනවා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යද්දි මම වරින් වර විපක්ෂයෙන් සහාය ඉල්ලා සිටියා ඔවුන් සහාය ලබා දුන්නේ නැහැ ඒ වෙනුවට සෑම දෙයකටම විරුද්ධ වුණා මම වැඩ කළේ මම වෙනුවෙන් නොවේ රට වෙනුවෙන් නමුත් සමගි ජනබලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ ජනතාව වෙනුවෙන් එම සහාය ලබා දුන්නේ නැහැ ලෝකේ වටේ යමින් අපට උදව් කරන්න එපා කිව්වා එදා මේ ගම්පහ දිස්ත්රික්කයේ බියගම ඉතා නොදියුණු පළාතක්ව තිබුණා මම අධ්යාපන අමාත්යවරයා ලෙස එහි විශාල විප්ලවයක් සිදු කළා වෙළෙඳ කලාප දෙකක් සහිත ලංකාවේ විශාලම කර්මාන්තපුරයක් ලෙස මෙම ප්රදේශය ගොඩනැඟුවා මේ රටේ අනාගතය දේශපාලනඥයන්ගේ න්යාය පත්රය අනුව සකස් කරන්න බැහැ ඊට මම ඉඩ දෙන්නේ නැහැ රටේ න්යාය පත්රය අනුව දේශපාලනය සකස් විය යුතුයි නැත්නම් මේ රටට අනාගතයක් නැහැ ආඩම්බර ජාතියක් ලෙස අප ඉදිරියට යා යුතුයි ඒ සඳහා අප රට තුළ වෙනසක් කළ යුතුයි බොරු පොරොන්දු දී ඵලක් නැහැ දේශපාලනඥයන්ගේ න්යාය පත්රයට රට හදන්නේ නැහැ රටේ න්යාය පත්රයට දේශපාලනඥයන් කටයුතු කළයුතුයි ඒ නිසා අප සමග එක් වී ඉදිරියට යමු කියා මම සජිත් ප්රේමදාස මහත්මයාට මෙන්ම අනුර දිසානායක මහත්මයාට ආරාධනා කරනවා අපි සියලු දෙනා එකතුවෙලා ඒ ගමන යමු නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ප්රසන්න රණතුංග මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වී අදට වසර දෙකක් වෙනවා මීට වසර දෙකකට පෙර කොළඹ මහල් නිවාස වල ජීවත් වුණ ජනතාවට මෙන්ම රටේ සමස්ත ජනතාවට ජීවත්වීමේ අයිතිය අහිමි වෙමින් තිබුණා ඉන්ධන ගෑස් ඖෂධ නොමැති කාලයක් පසුකරමින් තිබුණේ එදා එම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්රමසිංහ මහතාට ජනාධිපති ධුරය භාරගන්නා ලෙස ආරාධනා කළා ගම්පහ දිස්ත්රික්කය කියන්නේ එසේ මෙසේ දිස්ත්රික්කයක් නොවෙයි එදා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ගම්පහ දිස්ත්රික්කයෙන් ජයග්රහණය කළේ වැඩි ඡන්ද 365000කින් මෙදා සියලු දේශපාලන පක්ෂ එකතු වී ඒ හා සමාන වැඩි ඡන්ද සංඛ්යාවකින් ඔබතුමා ජයග්රහණය කරවා ඔබතුමාට කළගුණ සලකන්න ගම්පහ ජනතාව කටයුතු කරනවා පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එක්ව ජයගමු ජන රැළි මාලාවේ තුන්වන දැවැන්ත ජන රැළියයි අද මේ පවත්වනු ලබන්නේ පළමු ජන රැළිය මාතර දී දෙවන ජන රැළිය මහනුවර දී අද තුන්වෙනි ජන රැළිය ලෙස ගම්පහදී පවත්වනු ලබනවා අද මේ වේදිකාවට ගොඩවුණේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජනතාවට ජීවත්වෙන්න රටක් බිහිකරපු නිසයි රනිල් වික්රමසිංහ මහතා කිසිදු කොන්දේසියක් නොදමා ජනතාව පීඩාවෙන් මුදා ගැනීමට ඉදිරිපත් වුණා ඔබතුමාට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය ලබා දුන්නා රට ගොඩනඟන කොන්දේසිය ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන කොන්දේසිය විතරයි ඔබතුමාට තිබුණේ ඒ නිසා තමයි අපි ඔබට කොන්දේසි වීරහිතව සහයෝගය දක්වන්න එකතු වුණේ මේ රට ගොඩනගන්න සජිත් ප්රේමදාස මහත්තයා අනුර කුමාර මහත්තයාලා කතා කරනවා එයාලා වේදිකාව උඩ නැගලා ආර්ථිකය ගැන කතා කළාට ආර්ථික අර්බුදය පැමිණි වෙලාවේ එම අභියෝගය බාරගන්න කවුරුත් හිටියේ නෑ එහෙම නායකයන්ට රට භාර දුන්නොත් මොකද වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අද ගම්පහ දිස්ත්රික්කයටම සුවිශේෂී දිනයක් රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්ව අදට වසර දෙකක් වෙනවා එතුමාගේ දෙවර්ෂ පූර්ණ සැමරීම අද ගම්පහදී සිදු වෙනවා රනිල් වික්රමසිංහ මහතා ලංකාවට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දී තිබෙනවා අද මේ වේදිකා දිහා බැලු විට සෑම පක්ෂයකටම අයත් දේශපාලන නායකයන් රැඳී ඉන්නවා ඔවුන් රැඳී ඉන්නේ මේ රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙනුයි මීට වසර දෙකහමාරකට පෙර පැවැති දරුණු ආර්ථික අර්බුදය හමුවේ රට භාර ගැනීමට කිසිදු නායකයෙක් සිටියේ නැහැ රනිල් වික්රමසිංහ මහතා එදා රට භාර නොගත්තා නම් අද ශ්රී ලංකාව තිබෙන තැන ජනතාව වශයෙන් ඔබ සිතිය යුතුයි එතුමා රට භාර අරගෙන ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ජීවත්වීමේ හැකියාව සහිත පරිසරයක් නිර්මාණය කළා එතුමාගේ නිවසත් ගිනි තබා අරගලකරුවන් විනාශ කළා අරගලේ දේශපාලන කණ්ඩායම් බලාපොරොත්තු වුණේ රටම ගිනි තබා බලයට පැමිණීමයි නමුත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තමන්ගේ නිවස ගිනි තබද්දී ජනතාව වෙනුවෙන් ඉදිරියට පැමිණ තීන්දු තීරණ අරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළා නව දේශපාලන සංස්කෘතිය සමඟ ඉදිරියට යමින් ඉදිරි දශකය තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අප කැපවීමෙන් කටයුතු කරනවා රනිල් වික්රමසිංහ මහතා ඊළඟ ජනාධිපතිවරණයේදී ස්ථීර ලෙස ජයග්රහණය කරවීමට කැපවීමෙන් කටයුතු කරමු සමගි ජනබලවේගයේ අයටත් රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් එක්වන ලෙස ද ආරාධනා කරනවා සංචාරක ඉඩම් ක්රීඩා හා තරුණ කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා සමහරු කියනවා රනිල් වික්රමසිංහ යූඑන්පී පාක්ෂිකයෙක් කියලා සමහරු කියනවා රනිල් වික්රමසිංහ ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් කියලා සමහරු කියනවා රනිල් වික්රමසිංහ පොහොට්ටුවේ කියලා සමහරු කියනවා රනිල් වික්රමසිංහ සජබේ කියලා නමුත් අද රනිල් වික්රමසිංහ මැතිතුමා ඉන්නේ මේ කිසිම පක්ෂයක නොව රටේ මහජනතාවගේ පක්ෂයේ බව කිව යුතුයි එතුමාට පක්ෂයක් නැහැ රටේ ඉන්න සියලුම පක්ෂවල පාක්ෂිකයන්ට කියන්න තියෙන්නේ අත්හදාබැලීම් සිදුකර නැවත වරක් වරද්දා ගන්න එපා මේක අත්හදාබැලීම් සිදුකරන වේලාවක් නොවෙයි බොහෝම අමාරුවෙන් අද රට තිබෙන තත්ත්වයට ජනාධිපතිතුමා රට ගෙනැවිත් තිබෙනවා ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය ආපසු හැරවිය නොහැකියි නියත වශයෙන්ම එතුමා මේ සටන ජය ගන්නවා සෞඛ්යය හා කර්මාන්ත අමාත්ය රමේෂ් පතිරණ මහතා අද ගම්පහට පැමිණ සිටින ජන ගඟ දැක්කම අපට දෙපාරක් හිතන්න දෙයක් නැහැ මීළඟ ජනාධිපතිවරණයේදී නැවත මේ රටේ ජනාධිපති ධුරයට පත්වන්නේ රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා බව කිසිදු සැකයක් නැහැ කඩවත නගරය සිසාරා මෑත ඉතිහාසයේ අපි දුටු විශාලතම ජන ගඟ අද කඩවත නගරයට පැමිණ තිබෙනවා අද රටේ මූල්ය පද්ධතිය ස්ථාවර වී තිබෙනවා බැංකු පොලී අනුපාත ක්රමානුකූළව පහත වැටෙනවා විදේශ සංචිත ඩොලර් බිලියන 6 ඉක්මවා තිබෙනවා ආර්ථිකය ස්ථාවර වී ජනතාවගේ විශ්වාසය ඇති වී තිබෙනවා ඒ මතින් මේ රට කඩිනම් දැවැන්ත සංවර්ධනයක් කරා ගෙන යන නියමවුවකු අපට හිමි වී තිබෙනවා මේ අවස්ථාවේ රටේ ආර්ථිකය ස්ථාවර කරමින් අනාගතයක පෙර දැක්මක් සහිත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ මේ ගමන තවදුරටක් ඉදිරියට යමු කියා මම ඔබට කියනවා වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මහතා මේ රට ගැන සිතන රටේ ඉදිරි ගමන සිතන පිරිසක් අද අප සමග එක්ව සිටිනවා බණ්ඩාරනායක ශ්රීමතාණන් මගේ මාමණ්ඩිය වෙනවා ලෝකේ පළමු අගමැතිනිය සිරිමාවෝ මැතිනිය මගේ නැන්දා වෙනවා දේශපාලන පවුලකින් පැවත එන මම ඉතා දුෂ්කර තීන්දුවක් ගත්තේ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා රට වෙනුවෙන් ආර්ථිකය ගොඩනැගීම සඳහා කළ සේවාව නිසයි පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා තෝරන ඡන්ද විමසීමේදී මම ඡන්දය ප්රකාශ කළේ අත වෙවුලද්දීයි නමුත් මෙවර මා අත දිගහැර රනිල් වික්රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහයෝගය දක්වනවා මම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දකුණු අත එහෙම තියෙද්දි මම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහයෝගය දක්වන්නේ මේ රටේ ඉදිරි දශකය තුළ ආර්ථිකය ගොඩනැගීමට හැක්කේ එතුමට පමණක් බව දන්න නිසයි ඔබලාට හොඳ අනාගතයක් නිර්මාණය කරන්න ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න එකතු වෙන්න අපි නැවත ගම්පහට එන්නේ රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය තහවුරු කරලා බව මම මේ අවස්ථාවේ ප්රකාශ කරනවා පාර්ලිමේන්තු මන්ත්රී සහන් ප්රදීප් මහතා අනෙක් ජනාධිපති අපේක්ෂකවරු ගම්පහට රැස් කළ ජනතාවට වඩා එක් අයකු හෝ වැඩියෙන් ගෙන එන බවට කළ අභියෝගය ජයගනිමින් අද මේ භූමියට 15000කට වැඩිය ජන ගංගාවක් පැමිණ තිබෙනවා ඒ වෙනුවෙන් හැමදාමත් සවියක් වූ අමාත්ය ප්රසන්න රණතුංග මහතා මෙහිදී මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවාචමින්ද සිල්වා
එදා හය අවුරුද්දේ උපරිමය වෙනස් නොකළේ ජනමත විමසුමක් ඕනෑ නිසායි
19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සකස් කිරීමේදී කිසිදු ජනමත විචාරණයකට බඳුන් නොවන ලෙස එම ක්රියාවලිය සිදු කිරීමට එවක මෛත්රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව තීරණය කර තිබූ බව ජනාධිපති නීතිඥ ජයම්පති වික්රමරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි එම ව්යවස්ථා සංශෝධනය සකස් කරන විට තමා අතින් අතපසුවීමක් සිදුව ඇති බවට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඒ මහතා මෙම නිවේදනය නිකුත් කර ඇත මුළු කෙටුම්පත් සියල්ලම සිදු කරන ලද්දේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්රකාශයට අනුකූලව බවත් පවසන ඒ මහතා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්දක් දක්වා අඩු කළ මුත් එම ධුර කාලය වැඩි කළ හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට ආණ්ඩුව යෝජනා නොකළේ එවැන්නකට ජනමත විචාරණයක් අවශ්ය බැවින් යැයිද සිය නිවේදනය මගින් සඳහන් කරයි ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 83 වැනි වගන්තිය හෝ එහි කිසිදු යෝජනාවක් සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්ය බව මතක තබා ගතයුතු බවද ඔහු පවසයි තමා සකස් කළ ව්යවස්ථා සංශෝධනය එවකට අග්රාමාත්යවරයා ලෙස සිටි රනිල් වික්රමසිංහ මහතා නීතිපතිවරයා ගෙන්වා අවස්ථා කිහිපයකදී සංශෝධන සිදු කළ බවත් ඉන්පසු අවසන් වාර්තාව ඒ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජයම්පති වික්රමරත්න මහතා පවසයි පාර්ලිමේන්තුවේ සම්මත වූ එම වාර්තාව ඉන්පසු ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ බව පවසන ජයම්පති වික්රමරත්න මහතා එහිදී නීතිපතිවරයා කිසිදු සංශෝධනයක් අවශ්ය බව ප්රකාශ නොකළ බවද සඳහන් කරයි එවැනි පසුබිමක ජනාධිපතිවරයා තමාගෙන් අතපසු වීමක් සිදුවූ බව පැවසීම කනගාටුවට කරුණක් බව ද සිය නිවේදනය මගින් ජයම්පති වික්රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි
ජනමත විමසුමට වැයවන මුදලින් පුංචි ඡන්දය තියන්න
ජනමත විචාරණයක් පැවැත්වීමට රුපියල් බිලියන 10ක් පමණ වැය වන බවත් එම මුදල යොදා මැතිවරණ කොමිසම දැනට ප්රකාශයට පත්කර ඇති පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටී මේ වනවිට ජනාධිපතිවරණය පැවැත්වීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවත් ජනමත විචාරණය කරළියට ගෙන එය වැළැක්වීමට යම් අයකු උත්සාහ දරනවා නම් එය නිෂ්ඵල ක්රියාවක් බවත් ඒ මහතා කීය ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මේ වනවිට මැතිවරණ කොමිසමට බලය හිමිවී තිබෙන බවත් එම මැතිවරණය පවත්වා ජනමත විචාරණයක් පැවැත්වීමට ද රජයට මුදල් තිබේ නම් එම මුදල් යොදවා පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය පළාත් සභා මැතිවරණය කොට්ඨාස නීර්ණ ගැටලු නිසාද පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව කීම නිසා එම මැතිවරණ දෙක ද වසර කිහිපයක සිට පැවැත්වීම ප්රමාද වී ඇති බවද හෙට්ටිආරච්චි මහතා පැවසීයචමින්ද සිල්වා
මාලිමා රජයක් යටතේ කිසිම සහනාධාරයක් කපන්නේ නැහැ
1948දී ඉඳලා අවුරුදු හැත්තෑ හයක් සහනාධාර බෙදුවා තාම රටේ බහුතරයක් දුප්පත් යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු අමාත්ය සමන්ත විද්යාරත්න මහතා බදුල්ලේදී පැවැසීය හෙතෙම එලෙස පවසා සිටියේ බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්රවණාගාරයේ පැවැති ජාතික ජන බලවේගය බදුල්ල දිස්ත්රික් සමෘද්ධි සාමූහිකය අමතමින්ය හැබැයි මේ සමෘද්ධි ව්යාපාරයෙන් ජනතාව සමෘද්ධිමත් නොවුණාට පොහොසත් වෙච්ච පිරිසක් රටේ ඉන්නවා ඒ අය තමයි බහුතරයක් දේශපාලකයෝ සහ ඔවුන් වටේ ඉන්න කණ්ඩායම සමෘද්ධියෙන් ජනතාව සමෘද්ධිමත් වෙලා ඉන්නවා යැයි පැවැසූ සමන්ත විද්යාරත්න මහතා තවදුරටත් මෙසේද පැවැසීය සමෘද්ධි ව්යාපාරය හොඳ අරමුණක් සහ හොඳ සැලසුමක් තිබුණ යහපත් ව්යාපාරයක් වුණත් ස්වභාවිකව මරණයට පත්වෙන්න අතහැරලා තියෙන්නේ සමෘද්ධි ව්යාපාරයේ අරමුණ නිලධාරීන්ට දිලිඳුකම පිටුදකින්න වෙන්න පුළුවන් ජනතාවට තියෙන අරමුණ පාලකයන්ට නැහැ බදුල්ල දිස්ත්රික්කයේ පවුල් දෙලක්ෂ දහහතර දහස් නවසියයක් 214900 ඉන්නවා ඉන් එක් ලක්ෂ පහළොස් දහස් හයසිය අසූපහක් 115685 අස්වැසුම සහනාධාර ලබනවා මේ දිලිඳුකම නැති කරන්න ඇමැතිවරු කීයක් හිටියාද කීයක් බිල්ඩින් නඩත්තු කළාද කොච්චර වාහන තිබුණද කොච්චර නිලධාරීන් පත් කළාද කොච්චර සල්ලි වෙන් කළාද ඔබට සහතික කරලා කියනවා අපි මේ සමෘද්ධි ව්යාපාරය ආරක්ෂා කරනවා ප්රවර්ධනය කරනවා මේ රටේ ඇති දුප්පත්කම සහමුලින්ම තුරන් කරලා ඇත්ත සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීම සඳහා පාවිච්චි කරනවා කියන පණිවුඩය අපි ඔබට දෙන්න සූදානම් කිසිදු සහනාධාරයක් කපන්නේ නැහැ මීට වැඩිය දෙයක් දෙන්නයි කල්පනා කරමින් ඉන්නේ සමෘද්ධි ව්යාපාරය තනිකරලා දිලිඳුකම නැති කරන්න බැහැ ඊට රාජ්ය යාන්ත්රණය සම්මිශ්රණය කරන්න ඕනෑ ඒකාබද්ධ කරන්ඩ ඕනෑ අස්වැසුම ආවත් එක්ක සහනාධාර ක්රියාවලිය සමෘද්ධි බැංකුවෙන් වාණිජ බැංකුවලට ගියා කිලෝමීටර් දෙකකින් සමෘද්ධි බැංකුවට ආපු අය දැන් කිලෝමීටර් දහය විස්ස සල්ලි ගෙවාගෙන වාණිජ බැංකුවලට යනවා වාණිජ බැංකුවල ඇප කොන්දේසි බරපතළයි එතන වාණිජ අරමුණක් තියෙන්නේ සමෘද්ධි බැංකු පද්ධතිය ඇති කළේ ක්ෂුද්ර මූල්ය ණය උගුලට වැටෙන්නෙ නැතුව ජනතාව රැකගන්න විවිධ සමාගම් කොම්පැනි වැඩි පොලියට ගමට ඇවිල්ලා ගෙදරට ණය දීලා යනවා මන්ත්රීවරුන්ට තීරු බදු රහිත වාහන අවුරුදු හැත්ත හයක් දුන්නා දැන් මන්ත්රීවරු 106ට කැබිනට් තීන්දු අරන් තියෙනවා අපේ කට්ටිය නැහැ මටත් ජීවිත කාලයටම බලපත්ර තුන්නක් හම්බ වී තිබෙනවා එක වාහනයයි ගත්තෙ බලපත්ර මන්ත්රීවරු විකුණනවා අපි බලපත්ර වික්කේ නැහැ බලපත්රය යටින් ගහලා තියෙනවා මන්ත්රීවරයාට පමණයි අන්සතු කිරීම තහනම් කියලා මං පාර්ලිමේන්තුවේ ඉන්න දවසක පුස්තකාලේ පත්තරයක් බලමින් හිටියා එහා පැත්තේ මන්ත්රී හාමුදුරු නමක් හිටියා උන්වහන්සේට දුරකථන පණිවුඩයක් ආවා අනිත් අය වික්කේ ලක්ෂ එකසිය විස්සකට මාත් ඉතින් ඒ ගානට තමයි දෙන්න බලාපොරොත්තුව කිව්වා මුදල් ටික ලෑස්ති කරගෙන පන්සල පැත්තෙ එන්න කිව්වා අපි දන්නේ පන්සිල් උන්වහන්සේ දන්නේ මොන සිල්ද පාර්ලිමේන්තුවට ගියාම හාමුදුරු කෙනෙක්වත් ඉතුරු වෙන්නේ නැහැබදුල්ල එච් එම් සමරකෝන් බණ්ඩාර
ක්ලබ් වසන්තගේ ඝාතකයන්ට පලා යෑමට බසයක් දුන් කතට දින දෙකක රැඳවුම් නියෝග
සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනාට පලායෑම සඳහා බස් රථයක් ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති 21 හැවිරිදි කාන්තාවක බස්නාහිර පළාත් දකුණු කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා 20දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්රදේශයේ ටැටූ මධ්යස්ථානයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගොස් ගායන ශිල්පිනී කේ සුජීවා ඇතුළු සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටිති වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් මෝටර් රථයකින් හා වෑන් රථයකින් පලාගොස් අනතුරුව බස් රථයකින් ගොස් ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිකරගෙන තිබිණි සැකකරුවන්ට පලායෑම සඳහා මෙම කාන්තාව බස් රථයක් ලබාදීම සහ නවාතැන් සැපයූ බවට චෝදනා එල්ල වී ඇති අතර එම බස් රථය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්යස්ථානයේ හිමිකරු ඇතුළු හයදෙනෙක් මීට පෙර අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටිති අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ 21දා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අතුරුගිරිය පොලිසියට භාරදීමට කටයුතු කර ඇත මෙම සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනා පොලිසිය මගින් හඳුනාගෙන ඇති අතර ඔවුන් තවමත් මෙරට තුළ රැඳී සිටින බවට සැක කෙරේහේමන්ත රන්දුණු චමින්ද සිල්වා
ගෘහ සේවයට ගිය කත ලක්ෂ 23ක විදෙස් දුම්වැටි සමග මාට්ටු
රුපියල් ලක්ෂ විසිතුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස ශ්රී ලංකාවට රැගෙන ආ ගුවන් මගී කාන්තාවක් පෙරේදා 20 දා අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ ඇය හලාවත මාරවිල ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි එක්සත් අරාබි එමීර් රාජ්යයේ ගෘහ සේවයේ නිරත වූ කාන්තාවකි ඇය පෙරේදා අලුයම 0315ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊවයි 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය සඟවා ගෙන සිටියදී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 23000ක් ඇතුළත් දුම්වැටි කාටුන් 115ක් පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ එළැඹෙන 24 දා මෙසේ නීති විරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය ආනයනය කිරීම ජාවාරම් කිරීම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ මීගමුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයකටුනායක ටී කේ ජී කපිල
පැය 24 ක් තුළ රිය අනතුරුවලින් මරණ 4ක්
පැය 24 ක් තුළ දිවයිනේ ප්රදේශ කීපයක සිදුවූ රිය අනතුරුවලින් 11 හැවිරිදි දැරියක ඇතුළු සිව්දෙනකු මරුමුවට පත්ව ඇතැයි පොලිස් මාධ්ය කොට්ඨාසය පවසයි මෙම අනතුරු පෙරේදා 20 දා මැදවච්චිය කැකිරාව අනුරාධපුරය සහ පයාගල යන පොලිස්වසම්වලින් වාර්තා වී තිබිණි මැදවච්චිය පොලිස් වසමේ ඒ09 මාර්ගයේ 144 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී ත්රිරෝද රථයක් සහ ඉන්ධන පිරවූ බවුසර් රථයක් මුහුණුට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 11 හැවිරිදි දැරියක් මරුමුවට පත්වූවාය මෙලෙස මියගොස් ඇත්තේ මහමල්ගොල්ලෑව පදිංචිව සිටි දැරියක බව පොලිසිය කියයි අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත කැකිරාව ගනේවල්පොළ මාර්ගයේ උසාවි හන්දිය ප්රදේශයේදී ට්රැක්ටරයක් මාර්ගය අයිනේ තිබූ බෝක්කු කණුවක ගැටී පෙරළීමෙන් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ ට්රැක්ටර් රියැදුරු කැකිරාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලිසිය කියයි මේ අතර අනුරාධපුර රඹෑව මාර්ගයේ පුලියන්කුලම ප්රදේශයේදී ලොරි රථයක් පාර මාරුවීමට ගිය පුද්ගලයකුගේ සිරුරේ ගැටී සිදුවූ අනතුරකින් එම පදිකයා මරුමුවට පත්වී තිබේ මෙසේ මියගොස් ඇත්තේ පුලියන්කුලම ප්රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙකි ගාල්ල කොළඹ මාර්ගයේ පයාගල දුම්රිය ස්ථානයට හැරෙන හන්දියේදී යතුරුපැදියක් පාර මාරුවීමට ගිය පුද්ගලයකුගේ ගැටී ඇති අතර එම පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරුමුවට තිබේ එම අනතුරින් මියගොස් ඇත්තේ පයාගල ප්රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකිප්රදීප් ප්රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය
බස් හිමියන් එකඟ නම් නැනෝ තාක්ෂණයෙන් හැදූ විදුලි බස් දෙන්න චීනය ලෑස්තියි
ඉන්ධන භාවිතය හා පරිසර දූෂණය අවම කෙරෙන නව නැනෝ තාක්ෂණය අනුව නිෂ්පාදිත විදුලි බස් රථවලට මෙරට මගී ප්රවාහන බස්රථ හිමියන් එකඟ වන්නේ නම් ඒවා සැපයීමට චීන රාජ්යයේ GREE බස්රථ නිෂ්පාදන සමාගම සූදානම් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති ඕ ඩබ් ප්රසන්න සංජීව මහතා පැවසීය මේ පිළිබඳව බස්රථ හිමියන් දැනුවත් කිරීම සඳහා චීන සමාගමේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා මගී ප්රවාහන අධිකාරියේ බත්තරමුල්ල ප්රධාන කාර්යාලයේ පැවති රැස්වීමේදී සභාපතිවරයා එසේ සඳහන් කළේය චීන බස්රථ සමාගමේ නිලධාරීන් පිරිසක් සභාපතිවරයා සමග කළ සාකච්ඡාවකින් පසු ප්රථමයෙන්ම බස්නාහිර පළාතෙන් එය ආරම්භ කිරීමට නියමිතය මෙම රැස්වීමේදී චීන රාජ්යයේ GREE සමාගමේ සාමාන්යාධිකාරිණී සුසන් ලින් Susan Lin මහත්මිය මෙසේ කීවාය මේ රටේ බස්රථ ධාවන මාර්ග හා නතර කරන ස්ථාන අපි දුටුවා එයින් ස්වභාවධර්මයට සිදුවන හානිය ගැනත් අපි අවබෝධයක් ලැබුවා බස්රථවලින් නිකුත් කෙරෙන කාබන් ප්රමාණය අධික බවත් තේරුණා අපි බලාපොරොත්තු වෙනවා නඩත්තුව අඩු සුවිශේෂී තත්ත්වයෙන් යුතුව නිෂ්පාදනය කරන බස්රථ පහසු මිලට මේ රටට දෙන්න ඒවායින් කාබන් මුදාහැරීම 30 දක්වා අඩුවෙනවා බැටරි චාර්ජ් කරන ස්ථාන පිළිබඳව හොඳ අවධානයකිනුයි අපි සේවාව ලබා දෙන්නේ ඒ ගැන විශේෂ දැනුමක් ඇති පුහුණු සේවකයින් අප සතුව සිටිනවා ධාවනයේ යෙදෙන බස්රථයේ යම් ආපදාවක් වුවහොත් බැටරි චාර්ජ් කරන ස්ථානයේදීම එය යථා තත්ත්වයට පත් කරනවා බස් රථවලට අවශ්ය අමතර කොටස් ඇණවුම් කරලා ලැබෙන තුරු බලා සිටිය යුතු නෑ ඒවා ශ්රී ලංකා නියෝජිත ආයතනවලින් ලබාගත හැකියි තිබෙන ස්ථාන වෙබ් සයිඩ් හරහා දැනගත හැකියි බස්රථ අලෙවියෙන් පසු සේවාව ඉතා හොඳින් අපේ ආයතනයෙන් ලබා දෙනවා මෙම අවස්ථාවට චීනයේ GREE බස්රථ නිෂ්පාදන සමාගමේ නිලධාරීහු බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සහ සෙසු පළාත් ප්රවාහන අධිකාරී කාර්යාලවල නිලධාරීහු ද සහභාගී වූහප්රදීප් ප්රසන්න සමරකෝන් ඥානතිස්ස ජයවර්ධන බොරලැස්ගමුව ඇන්ටන් ප්රනාන්දු ඡායාරූප ධර්මසේන වැලිපිටිය
නොතිබුණු ඡන්දෙට වියදම කෝටි 65 යි
පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට මැතිවරණ කොමිසමට නොහැකි වුවද මැතිවරණ වියදම් ලෙස රුපියල් හැටපන්කෝටි පනස්ලක්ෂ අනූහයදහස් දෙසිය විසිහයක මුදලක් 655096226 වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ 2023 සැප්තැම්බර් 30 වනවිට රුපියල් එක්කෝටි පනස්නවලක්ෂ තිස්තුන්දහස් හාරසිය හැත්තෑදෙකක මුදලක් 15933472 තවදුරටත් ගෙවිය යුතු වියදම් ලෙස පැවති බව විගණන වාර්තාවේ දැක්වේ මැතිවරණ වියදමින් සියයට 15ක් අතිකාල හා නිවාඩු දින වැටුප් සඳහා ද සියයට 23ක් ලිපිද්රව්ය මිලදී ගැනීමට ද සියයට හතක් ඉන්ධන සඳහා ද සියයට 31ක් මුද්රණ කටයුතු සඳහා ද සියයට හතක් සංග්රහ කටයුතු සහ සියයට හතරක් පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා ද වියදම් කොට තිබුණි අනිකුත් වියදම් සඳහා සියයට 13ක මුදලක් වැයකොට ඇත පළාත් පාලන ආයතනවල ධුර කාලය 2023 මාර්තු මස 19 දායින් අවසන් වූ අතර අදාළ නාමයෝජනා දැන්වීම 2023 ජනවාරි මස 04 වැනිදා ප්රදර්ශනය කර තිබුණි ඡන්ද විමසීම පැවැත්වෙන දිනයන් හා ඒවා අවලංගු වීමට අදාළව ගැසට්පත්ර තුනක් නිකුත් කර තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්ව ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත් වේගාල්ල ලලිත් චාමින්ද සහ එස් කේ කළුආරච්චි
රටේ සෑම පාසලක්ම රාජකීය විද්යාලයක් කිරීම මගේ සිහිනයයි
සුහුරු පන්ති කාමර ලබානොදී දේශපාලන ප්රචාරණය සඳහා එම මුදල් යොදා ගත හැකි බව බොහෝ අය කිව්වත් තමාගේ ආසාව කැමැත්ත වන්නේ නිදහස් අධ්යාපනයෙන් පාසල් 10096 ඉගෙනුම ලබන 41 ලක්ෂයක් දූදරුවන් ඉහළටම ගෙනවිත් ගුණාත්මක අධ්යාපනයක් ලබාදීම බවත් රටේ සෑම පාසලක්ම රාජකීය විද්යාලයක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල නිකවැරටිය කොබෙයිගනේ බොරලුවැව අයිඑම්ආර්ඒ ඊරියගොල්ල ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 345 වැනි අදියර යටතේ රුපියල් 1177000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි මෙහිදී පාසල් සංවර්ධන ගිණුමට රු ලක්ෂයක මුදලක්ද පරිත්යාග කළේය නව තාක්ෂණය උපයෝගී කරගැනීම තුළ සීමාසහිත භූමියෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකි බවත් එසේම සුහුරු තාක්ෂණ ක්රමවේද හරහා ගොවි බිම්වලට වන අලින්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීමට නව තාක්ෂණය යොදා ගැනීමේ නව වැඩපිළිවෙළ ඇති බවත් සුහුරු ක්රමවේද හරහා වන අලි මිනිස් ගැටුම අවම කිරීම වැනි ක්රමවේදවලට යෑමට සුහුරු අධ්යාපනය වැදගත් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය එසේම නිදහස් අධ්යාපනය ගැන කුමන කතා කිව්වත් අද අධ්යාපනයේ බෙදීමක් ඇති බවත් කොළඹ පාසල් මෙන්ම ගමේ පාසල් අතර විශාල වෙනසක් බෙදීමක් ඇති බවත් අගනුවර පාසල්වලට ප්රභූන්ගේ අවධානය පවා තිබුණත් ගම්වල පාසල්වලට එවැනි දෙයක් නොමැති බවත් මේ බෙදීම නැති කර දැමිය යුතු බවත් මේ සඳහා රජයේ ප්රතිපාදන ප්රමාණවත් නොවන බැවින් නව ක්රමවේද හරහා සම්පත් ලබා දිය යුතු බවත් අධ්යාපනයට මුදල් වැඩි කිරීමෙන් මේ දෙවල් සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය ළඟම පාසල හොඳම පාසල ඉසුරු පාසල් නවෝද්යා පාසල් යනුවෙන් විවිධ ව්යාපෘති ඉතිහාසය පුරා පාසල් සංවර්ධන ව්යාපෘති ලෙස ක්රියාත්මක වුවත් ආණ්ඩු වෙනස් වෙද්දි ඒවා වෙනස්වූ බවත් විවිධ නම්වලින් මේවාහැඳින්වුවත් මෙහිදී තේරීමක් වන නමුත් සුහුරු පන්ති කාමර සංකල්පය තුළ එවැනි දෙයක් සිදු නොවන බවත් සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය සමගි ජන බලවේගය විසින් ක්රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත් සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 345ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3827ක් වැය කර තිබේ
වන්දනාවේ ගොස් එද්දී වෑන් රිය විදුලි කණුවක ගැටී 7ක් රෝහලේ
වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් පිළිමතලාව නගරයට ආසන්න ප්රදේශයකදී ඊයේ 21 වැනිදා අලුයම අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් 7 දෙනකු තුවාල ලබා පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර තිබේ නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෙම වෑන් රථය අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වන්දනා ගමනක් ගොස් ආපසු පැමිණෙමින් සිටි කඩවත ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව ද අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නැතැයි ද පොලිසිය කියයි කඩුගන්නාව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයිප්රදීප් ප්රසන්න සමරකෝන් සහ සමන්ති වීරසේකර
වරලත් ගණකාධිකාරි ආයතනය 65 වැනි සංවත්සර සමරයි
ශ්රී ලංකා වරලත් ගණකාධිකාරි වෘත්තීය ආලෝකවත් කරමින් 65 වසරක් ප්රගතිශීලි පරිවර්තනයක් ඔස්සේ වෘත්තීය ප්රබෝධය ඉහළ දමා ක්ෂේත්රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බව වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සභාපති හේෂණ කුරුප්පු මහතා පැවසීය ඒ මහතා එසේ පැවසුවේ එම ආයතනයට වසර 65ක් පිරීම නිමිත්තෙන් එම ආයතන ශ්රවණාගාරයේදී පැවති උත්සවයකදීය වැඩිදුරටත් අදහස් දැක්වූ හේෂණ කුරුප්පු මහතා ආයතනයේ සශ්රීක ඉතිහාසය සහ විශිෂ්ටත්වය උදෙසා සිය නොසැලෙන කැපවීමත් නව්යකරණය තුළින් ආත්මයත් සංකේතවත් කරවන 65 වැනි සංවත්සර උත්සවය සමරන්නට ලැබීම ඉතා ආඩම්බරයක් බවද පැවසීය එම ආයතනයේ උප සභාපති ටිෂාන් සුබසිංහ මහතා අදහස් දක්වමින් 65 වෙනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් සටහනේ පෙළගැස්ම ආයතනයට ඉතා ආඩම්බරයක් බවද ගණකාධිකාරි වෘත්තියට නායකත්වය ලබාදීමට දශක ගණනාවක් තිස්සේ දැඩි කැපවීමක් හා උත්සාහයක් ගත් බවද පැවසීය 1959 වසරේ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කරන ලද ශ්රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය ගණකාධිකාරි වෘත්තියේ අභිවෘද්ධියට ස්ථාපිත කළ එකම ජාතික ආයතනය බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීයධර්මසේන වැලිපිටිය ශ්රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ 65 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ නිල ලාංඡනයක් එළිදැක්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ එම ආයතනයේ සභාපති හේෂණ කුරුප්පු සහ ටිෂාන් සුබසිංහ අශෝක පියදිගම ලක්මාලි ප්රියංගිකා යන මහත්ම මහත්මීහුද ඡායාරූපයේ වෙති ඡායාරූපය ධර්මසේන වැලිපිටිය
විදෙස්ගත ශ්රමිකයන් නැවත පැමිණි පසු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනඟනවා
විදේශගත ශ්රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටට විදේශ විනිමය උපයා දෙමින් ඔවුන් ලබාදුන් දායකත්වයට ස්තුතිය පිරිනැමූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට එය මහත් ශක්තියක් වූ බව ද ප්රකාශ කළේය කුරුණෑගල සත්යවාදී පිටියේදී පැවැත්වුණු විගමනික හරසර වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි විගමනික ශ්රමිකයන් ශ්රී ලංකා ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඇගයීම සඳහා දීපව්යාප්තව සංවිධානය කර ඇති විගමනික හරසර වැඩසටහන මෙලෙස වයඹ පළාතින් ආරම්භ කෙරුණු අතර කුරුණෑගල පුත්තලම අනුරාධපුරය මාතලේ හා කෑගල්ල දිස්ත්රික්කවල විගමනික ශ්රමිකයෝ 5000ක් පමණ ඊට එක්ව සිටියහ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදු කරනු ලබන සුබසාධන ප්රතිලාභ වැඩසටහන යටතේ ව්යවසායකයන් නිර්මාණය කිරීම සඳහා විගමනික ශ්රමිකයන් යෝජනා කරන ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්ය මූල්ය ප්රාග්ධනය ලෙස රුපියල් 50000 බැගින් ප්රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි විගමනික ප්රජාව ආර්ථික හා සමාජය වශයෙන් සවි බල ගැන්වීම විගමනික ශ්රමිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම අවශ්ය ප්රතිපත්ති සම්පාදනය කිරීම සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම ද සිදුවූ අතර විගමනික ශ්රමිකයන් අතරට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසමින් සුහද පිළිසඳරක නිරත වීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් කම්කරු හා විදේශ රැකියා රාජ්ය ඇමැති ජගත් පුෂ්පකුමාර වයඹ ආණ්ඩුකාර නසීර් අහමඩ් පශු සම්පත් රාජ්ය ඇමැති සීබී හේරත් යන මහත්වරු ද මෙහිදී කතා කළහ
22 ගැසට්ටුවෙන් ආණ්ඩුව කැළඹෙයි
ජනාධිපතිවරයාගේ නිල කාලසීමාව ඇතුළත් 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්රකාශයට පත් කිරීමත් සමග ආණ්ඩුව අභ්යන්තරයේ සීතල යුද්ධයක් ආරම්භ වී ඇත මෙම සංශෝධනය ජනපතිවරයා හා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඒකාබද්ධ යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබුණි මෙම යෝජනාව ගැසට් මගින් ප්රකාශයට පත් කිරීම ජනාධිපතිවරණයෙන් පසුව සිදු කරන ලෙස අධිකරණ ඇමැතිවරයා අමාත්යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබුණි එහෙත් ජනාධිපතිවරයාගේ නියෝගයෙන් මෙම ගැසට් නිවේදනය පසුගිය දා ප්රකාශයට පත් කර තිබුණි මෙම සංශෝධනයේ වැරැද්ද නිවැරදි කිරීමට සද්භාවයෙන් තමා ඉදිරිපත් කළ බවද මැතිවරණය කල් දැමීමට පනත ගෙන ආ බවට සමහරු ගෙන යන පුහු මත වැළැක්වීමට ගැසට් කිරීම තමා කල්දැමූ බවද ඇමැති විජේදාස රාජපක්ෂ මහතා දිවයින ඉරිදා සංග්රහයට පැවැසීය අධිකරණ ඇමැතිවරයාගේ තීරණය නොතකා ජනපතිවරයා ගැසට් පත්රය නිකුත් කිරීම නිසා ආණ්ඩුව අභ්යන්තරයේ ගැටලු උත්සන්නවී ඇතැයි වාර්තා වෙයි ගැසට් නිවේදනය ප්රකාශයට පත්කර සතියක් යනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය රනිල් ධර්මසේන
අපි ලෑස්තියි
ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට ලැබීම පිළිබඳව මාධ්ය දැනුවත් කිරීමට පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපති ආර්එම්ඒඑල් රත්නායක මහතා ඇතුළු නිලධාරීන් පිටව ගිය අයුරු ඡායාරූප ජූඩ් ඩෙන්සිල් පතිරාජ
ජනපති සටනේ වියදමට අල්ලස් දැලක්
ජනපති අපේක්ෂකයන්ගේ වියදම් නියාමනය කිරීම දැඩිව සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපති අපේක්ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය යුතු වියදම කොමිසම විසින් තීරණය කිරීමට නියමිතය මේ පිළිබඳව මැතිවරණ කොමිසම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු අංශ රැසක් සමග මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර එකඟතාවකට පැමිණ තිබේ මැතිවරණ වියදම් නියාමනය පිළිබඳ මැතිවරණ කොමිසම සියලු රාජ්ය නිලධාරීන්ද දැනුවත් කර ඇති අතර වියදම් සීමාව ඉක්මවා කටයුතු කරන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය ඒ අනුව ඔවුන්ට අල්ලස් කොමිසම මගින් නඩු පැවරීමට නියමිතය අපේක්ෂකයකු දැරිය හැකි වියදම කොපමණද යන්න නාමයෝජනා පත්ර භාරදී දින 5ක් ඇතුළත මැතිවරණ කොමිසම විසින් ප්රකාශයට පත් කිරීමට නියමිතය මැතිවරණ නියාමන පනත පළමු වරට ක්රියාත්මක වන්නේ මෙම ජනාධිපතිවරණයේ සිටය රනිල් ධර්මසේන
රනිල් එනවා අද කියනවා
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමැතිවරුන් සහ එක්සත් ජාතික පක්ෂය එක්ව දිස්ත්රික්ක මට්ටමින් සංවිධානය කරන එක්ව ජයගමු තේමාව යටතේ වූ රැස්වීම් මාලාවේ ගම්පහ දිස්ත්රික් රැස්වීම අද 21දා සවස 200ට කඩවත නගරයේ දී පැවැත්වේ නාගරික සංවර්ධන අමාත්ය ප්රසන්න රණතුංග මහතා සංවිධානය කරන මෙම රැස්වීමේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග වදින බවට ප්රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තාවේ ජනාධිපති ධුරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත්වීමෙන් පසු හිස්වූ එම ධුරයට රනිල් වික්රමසිංහ මහතා පත්වී වසර දෙකක් සම්පූර්ණ වන්නේ ද ජූලි 21 වැනිදාටය ජනාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම පැවැත්වුණේ 2022 වසරේ ජූලි 20 වැනිදාය එහිදී රනිල් වික්රමසිංහ සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඉදිරිපත්වූ අතර ඡන්ද 134ක් ලබා රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්විය ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රිවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්රමසිංහ මහතා ශ්රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2022 ජූලි 21 වැනිදා දිවුරුම් දුන්නේය උපාලි ද සේරම්
අත හලාගෙන විජයදාස එයි
අත නොවන වෙනත් ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මේ වනවිට පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා පවත්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි මේ වනවිට ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ උද්ගතව තිබෙන අර්බුදය හේතුවෙන් එම පක්ෂයෙන් බැහැර වෙනත් පක්ෂයක් යටතේ තරග කිරීමට ඔහු තීරණය කර ඇතැයි ද ඒ අනුව මෙම පියවර ගෙන ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි ඒ අනුව පක්ෂ කිහිපයක් සමග පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව එක් පක්ෂයක් තෝරාගෙන ඇතැයි ද ජනාධිපතිවරණය ප්රකාශ කිරීමෙන් පසු පක්ෂය කුමක්ද ලකුණ කුමක්ද යන්න ප්රකාශයට පත් කරන බව ද එම ආරංචිමාර්ග සඳහන් කළේය විජයදාස රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්රචාරක මෙහෙයුම් කාර්යාලයක් අතුරුගිරියේදී ස්ථාපිත කර තිබේ ඉතිරි සතිය වනවිට කොළඹදී එවැනි කාර්යාලයක් පිහිටුවීමට නියමිත බවද ආරංචිමාර්ග සඳහන් කරයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව විජයදාස රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරු දැනුවත් කළ බවත් ඊට අමතරව ආණ්ඩුව නියෝජනය කරනු ලබන පොහොට්ටු මන්ත්රීවරුන් සමග සහ පාර්ලිමේන්තු ස්වාධීනවූ මන්ත්රීවරුන් සමග සාකච්ඡා පැවැත්වූ බව ද එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කළේය අරුණ බෝගහවත්ත
ජනාධිපතිවරණය සැප්28 හෝ ඔක්5 දා
ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමේ නිවේදනය නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි ඒ අනුව ලබන මස 15 වැනිදාත් 20 වැනිදාත් අතර දිනකදී නාමයෝජනා පළ කිරීමට නියමිත බව ද වාර්තා වෙයි ඒ අනුව බොහෝවිට සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 5 වැනිදා ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය මැතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව පක්ෂ ලේකම්වරු හා දිස්ත්රික් මැතිවරණ නිලධාරීන් කොළඹට කැඳවා ජනාධිපතිවරණය ක්රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් කිරීමට මැතිවරණ කොමිසම සැලසුම් කර තිබේ ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනයට නාම යෝජනා පත්ර භාර ගන්නා දිනය හා ඡන්ද විමසීමේ දිනය ද ඇතුළත් කරනු ඇත රනිල් ධර්මසේන
කංජිපානි අල්ලන්න ප්ලෑනක්
දේශපාලන රැකවරණ ලබමින් ප්රංශයේ සැඟවී සිටින බව කියන පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට ශ්රී ලංකාවේ ප්රංශ තානාපතිවරයා දැනුවත් කර ප්රංශ රජයේ සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පැවසීය පාතාල නායක කංජිපානි ඉම්රාන්ට එරෙහිව මේ වනවිටත් ජාත්යන්තර පොලිසියේ රතුවරෙන්තු නිකුත් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි කංජිපානි ඉම්රාන්ට අමතරව ප්රංශයේ සැඟවී සිටින කුඩු අංජු රොටඹේ අමිල ඇතුළු තවත් පාතාල ප්රබලයන් කීපදෙනෙකුම මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් මේ වනවිටත් ක්රියාත්මක කර ඇත මෙම වැඩපිළිවෙළ යටතේ විදේශ කටයුතු අමාත්යාංශය නීතිය හා සාමය පිළිබඳ අමාත්යාංශය මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවද මැදිහත්වී ශ්රී ලංකාවේ ප්රංශ තානාපතිවරයා සමග පුළුල් සාකච්ඡාවක් කර ඒ හරහා ප්රංශ රජය දැනුවත් කිරීමට නියමිතය ක්ලබ් වසන්ත නමැත්තා ඉතාම මිලේච්ඡ ආකාරයට වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ හේමන්ත රන්දුණු
ලොව ප්රථම අගමැතිනිය බිහිවී වසර 64යි
ලොව ප්රථම අගමැතිනිය ලෙස ඉතිහාසයට එක්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එම තනතුරට පත්වී අදට 21දා වසර 64ක් සම්පූර්ණ වෙයි බණ්ඩාරනායක මැතිනිය සිය ස්වාමිපුරුෂයා වූ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා 1960 සැප්තැම්බර් 26 ඝාතනයට ලක්වීමෙන් අනතුරුව බණ්ඩාරනායක මහතා නායකත්වය දැරූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව බවට පත්වූවාය 1960 ජූලි 20 වැනිදා පැවති ශ්රී ලංකා පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් මුළු ඡන්ද 1022171ක් දස ලක්ෂ විසිදෙදහස් එකසිය හැත්තෑ එකක් ලබාගත් ශ්රී ලංකා නිදහස් පක්ෂය මන්ත්රී ආසන 75ක් ලබාගනිමින් පැහැදිලි ජයග්රහණයක් වාර්තා කිරීමත් සමගින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්රථම අග්රාමාත්යවරිය ලෙස පත්වූවාය ශ්රී ලංකාව නොබැඳි පිළිවෙතක අභිමානවත් දේශයක් බවට පත් කිරීමේ කටයුත්තට ඇය නායකත්වය දුන්නාය ප්රගතිශීලී ආර්ථික තීන්දු රැසක් ඇය අග්රාමාත්ය ධුරය දැරූ කාලවකවානුවලදී ගත් අතර 1960 1965 1970 1977 හා 1994 2000 යන වකවානුවලදී බණ්ඩාරනායක මැතිනිය තෙවරක් මෙරට අග්රාමාත්ය ධුරය හෙබවූවාය බ්රිතාන්ය යටත් විජිතයෙන් මිදී 1972දී ඉදිරිපත් කළ ජනරජ ව්යවස්ථාව තුළින් ස්වෛරීය රාජ්යක් බවට ශ්රී ලංකාව පත් කිරීමට ඇය කටයුතු කළාය මහජන බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව ප්රමුඛ දේශීය කර්මාන්ත සංස්ථා ගණනාවක්ම ආරම්භ කරමින් එවැනි ක්ෂේත්ර නගාසිටුවීමටත් ආනයන සීමා ප්රතිපත්තිය හරහා කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂණය කිරීමේ ක්රියාවලියටත් ඇය විශාල කාර්ය භාරයක් ඉටු කළාය 2000 ඔක්තෝබර් 10 වැනිදා පැවැති ශ්රී ලංකා පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී සිය ඡන්දය ප්රකාශ කර නිට්ටඹුව ශ්රී සංඝබෝධි විදුහලේ සිට කොළඹට එන අතරමගදී හදිසියේ රෝගාතුරව ඒ මහත්මිය අභාවප්රාප්ත වූවාය ජූඩ් ඩෙන්සිල් පතිරාජ
තෙල් ලාභය පල්ලම් බහී
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය ඉකුත් වර්ෂයේ 2023 මුල් මාස හතරට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස හතරේදී රුපියල් බිලියන 136 දක්වා සියයට 687කින් විශාල වශයෙන් පහත වැටී ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්රතිපත්ති අමාත්යාංශය මගින් නිකුත් කර ඇති වසර මැද රාජ්ය මූල්ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2023 වර්ෂයේ මුල් මාස හතරේ දී රුපියල් බිලියන 434ක ලාභයක් ලබා තිබුණි නව තරගකරුවන් වෙළෙඳපොළට ඇතුළු වීම හේතුවෙන් ඛනිජතෙල් ආනයන ප්රමාණය පහත වැටීම මත ආනයන වියදම අඩු වී තිබුණි 2024 වර්ෂයේ මුල් මාස හතරේදී ඛනිජ තෙල් හා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 64871 දක්වා පහත වැටී තිබූ අතර මෙම තත්ත්වය නිසා මෙම වර්ෂයේ මුල් මාස හතරේ දී විකුණුම් පිරිවැය රුපියල් බිලියන 3374 දක්වා සියයට 135කින් අඩු වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි මේ හේතුවෙන් තෙල් සංස්ථාවේ ආදායම මෙම වර්ෂයේ පළමු මාස හතරේ දී රුපියල් බිලියන 3891 දක්වා සියයට 166කින් සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණි ලලිත් චාමින්ද
කෝටි 23ක් ප්රමාද පොලී ගෙවයි
ධීවර අමාත්යාංශය විසින් ධීවර වරාය ඉදිකිරීම් ව්යාපෘති 05ක් සඳහා කොන්ත්රාත්කරුවන් දෙදෙනකුට ප්රමාද පොලී මුදල් ලෙස රුපියල් විසිතුන් කෝටි එක්ලක්ෂ අසූහත්දහස් පන්සිය විසිතුනක මුදලක් 230187523 ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ ධීවර අමාත්යාංශය විසින් මෙකී ඉදිකිරීම් ව්යාපෘති පහේ නිම කිරීමේ කාලය දීර්ඝ කර තිබුණි එහෙත් ඉදිකිරීම් කොන්ත්රාත්කරුවන් විසින් ගෙවීම් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ බිල්පත් සඳහා මුදල් ගෙවීම ප්රමාද වීම මත මෙකී ප්රමාද පොලී මුදල ගෙවා ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත මේ අයුරින් විශාල වශයෙන් ප්රමාද පොලී මුදල් ගෙවීම සඳහා රජයේ ප්රතිපාදන මුදල් යෙදවීමට සිදුවීමෙන් රජයට විශාල මූල්ය අලාභයක් සිදුවී ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත මෙම තොරතුරු ඇතුළත් වන්නේ ධීවර අමාත්යාංශය විසින් නිකුත් කර ඇති 2023 කාර්යසාධන වාර්තාව ඇතුළත්ව ඇති විගණන වාර්තාවේය ලලිත් චාමින්ද
මහ ඡන්දයට දොස්තර ලැයිස්තුවක්
ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයක් සඳහා දේශපාලන පක්ෂ රැසකින්ම වෛද්යවරුන් කිහිපදෙනකු ඉදිරිපත් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි ජාතික රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙස පසුගියදා පත් කරනු ලැබීය ජාතික ජන බලවේගය වෙනුවෙන්ද වෛද්යවරුන් රැසක්ම මෙවර දිස්ත්රික්ක කිහිපයකින් තරග කිරීමට නියමිත බව වාර්තා වෙයි හම්බන්තොට දිස්ත්රික්කය නියෝජනය කරමින් තමන් සමග මැතිවරණයට සම්බන්ධ වන ලෙසට සමගි ජන බලවේගය වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතා වෙත ආරාධනා කර ඇති බව ද වාර්තා වේ ලලිත් චාමින්ද
අස්වැසුමට තවත් බාල්දියක්
තම සංගමයේ ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුමක් 20240731 දිනට පෙර නොලැබුණොත් අස්වැසුම සමාජ සුභසාධන ප්රතිලාභ වැඩසටහනේ සියලුම රාජකාරි කටයුතුවලින් 20240801 දින සිට තම සාමාජිකයන් ඉවත් වන බව ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය සුභසාධන ප්රතිලාභ මණ්ඩලයට ලිඛිතව දැනුම් දී ඇත සුභසාධන ප්රතිලාභ මණ්ඩලයේ ක්රියාකලාපය හමුවේ ප්රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු පරිපාලන නිලධාරීන් දැඩි අසාධාරණයට ලක්ව කලකිරීමට පත්ව සිටින බව එම සංගමය විසින් සුභසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට දන්වා තිබේ මේ අනුව සුභසාධන ප්රතිලාභ වැඩසටහනට අදාළව ප්රාදේශීය ලේකම් කාර්යාලවල පරිපාලන නිලධාරීන්ට තම තනතුරේ වගකීම හා කාර්යභාරය සලකා අදාළ ලිපි ලේඛනවල සංශෝධනයන් සිදුකිරීමට කටයුතු කරන ලෙස ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය සුභසාධක ප්රතිලාභ මණ්ඩලයෙන් ඉල්ලා ඇත අදාළ සංශෝධන ගැන ලිඛිතව එම සංගමය විසින් සුභසාධන ප්රතිලාභ මණ්ඩලයට දන්වා තිබේ මේ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට තම සංගමය සූදානම් බවත් තම ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුම් ලැබෙන තෙක් සමාජ සුභසාධක වැඩසටහනේ සියලුම රාජකාරි කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය ක්රියාමාර්ගයට 20240801 දින සිට එළැඹෙන බවත් ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය කියා සිටී ශ්යාම් නුවන් ගනේවත්ත
පොලිස් රෝහලට දොස්තර ලෙඩක්
පොලිස් රෝහලේ කලක් තිස්සේ පවතින වෛද්යවරුන්ගේ හිඟය නිසා එම රෝහලට ප්රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීවූ පොලිස් නිලධාරීන් ඉතා අසීරු තත්ත්වයකට පත්වී ඇත මෙම පොලිස් රෝහලේ වෛද්යවරුන් 73 දෙනකු සේවය කළ යුතු වුවත් දැනට එහි සේවය කරන්නේ 48 දෙනෙකු පමණි ඔවුන්ගෙන් ද ඇතැම් වෛද්යවරුන් වව්නියාව අම්පාර කළුතර කුන්ඩසාලේ පිහිටා ඇති පොලිසියට අයත් වෙනත් ආයතනවල සේවය කිරීමට යොදවා ඇතැයි පොලිස් රෝහලේ වෛද්ය අංශයේ අධ්යක්ෂක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂමේද්ර රණසිංහ මහතා දිවයින ඉරිදා සංග්රහයට පැවසීය පොලිස් රෝහලට අවශ්ය වෛද්යවරුන් ඉල්ලා ඇතත් සෞඛ්ය අමාත්යාංශය මගින් ලබාදී ඇත්තේ වෛද්යවරුන් හතර දෙනකු යැයි ද ඉන් දෙදෙනකු සේවයට වාර්තා කර ඇතැයි ද හෙතෙම පැවසීය මෙම තත්ත්වය මත පොලිස් රෝහලෙන් ප්රතිකාර ලබා ගැනීමට පැමිණෙන පොලිස් නිලධාරීන් බොහොමයක් මෙම රෝහල පිළිබඳව වැරදි වැටහීමක් ඇති කරගෙන ඇති බවද ඔවුන් එසේ සිතීම සාධාරණ යැයි ද පොලිසිය කියයි නෝමන් පලිහවඩන
පෑලියගොඩට කෝටි ගණන් පොලු
පෑලියගොඩ මත්ස්ය වෙළෙඳ සැලෙන් ධීවර සංස්ථාව මගින් මිලදී ගනු ලැබූ මාළු සඳහා එම වෙළෙඳුන්ට නොගෙවූ බව කියන කෝටි ගණනක මුදල් සම්බන්ධයෙන් විගණන වාර්තාවක් කැඳවා ඇතැයි ධීවර අමාත්යාංශය සඳහන් කරයි මුදල් නොගෙවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම කළමනාකරුව ඉවත් කර වෙනත් කළමනාකරුවකු පත් කර ඇති බවත් ඔහු යටතේ මෙම විගණන වාර්තාවක් කැඳවා මාළු වෙළෙඳුන්ට ගෙවිය යුතු මුදල් ගෙවීම් සිදු කරන බවත් ධීවර සංස්ථාවේ සභාපති තුෂාර මහතා දිවයින ඉරිදා සංග්රහය ට පැවැසීය එහෙත් තම ව්යාපාරිකයන්ට ලැබිය යුතු රුපියල් කෝටි ගණනක මුදල් ධීවර සංස්ථාව මගින් නතර කරනු ලැබුවේ අදාළ මුදල් භාර උසස් නිලධාරියා මාරු කළාට පසු යැයි පෑලියගොඩ මත්ස්ය වෙළෙඳ ව්යාපාරිකයෝ කියති අදාළ නිලධාරියා තමන් සමග සිදු කළ ව්යාපාර වෙනුවෙන් ගෙවීම් නිසි ආකාරයට කරගෙන ගිය බවද හිටි හැටියේ ගෙවීම් නතරවුණේ අදාළ මුදල් සංස්ථාවේ වෙනත් කාර්යයන් සඳහා යොදවා ඇති බවට සැකකරන බවද මත්ස්ය ව්යාපාරිකයෝ පැවැසූහ නෝමන් පලිහවඩන
බිලියන 796ක් ණය අරන්
රජය විසින් මෙම වර්ෂයේ 2024 මුල් මාස හතරේ දී රුපියල් බිලියන 7965ක ණය මුදලක් ලබා ගෙන ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්රතිපත්ති අමාත්යාංශය මගින් නිකුත් කර ඇති වසර මැද රාජ්ය මූල්ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි මෙම කාලසීමාවේ දී ණය සේවාකරණය සහ සංවර්ධන ව්යාපෘති සඳහා දේශීය ණය ගැනීම් වශයෙන් රුපියල් බිලියන 7342ක මුදලක් ලබාගෙන ඇත විදේශීය ව්යාපෘති ණය වශයෙන් ලබාගෙන ඇති මුදල රුපියල් බිලියන 623කි එමෙන්ම 2024 පළමු මාස හතරේ දී දේශීය ණය පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 6921 මුදලක් වැයකොට ඇති අතර විදේශීය ණය සඳහා පොලී ගෙවීමට වැය කර ඇති මුදල රුපියල් බිලියන 34කි මෙම වර්ෂයේ මුල් මාස හතරේ දී ආසන්න වශයෙන් සියයට 922ක් දේශීය ණය ගැනීම්වලින් සමන්විත වන බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලින් මෙම දේශීය ණය ලබා ගෙන ඇත ලලිත් චාමින්ද
22 සංශෝධනය විජයදාස කල් දැමූ ගැසට්ටුව පැය 48ක් යන්නට පෙර ජනපති නියමයෙන් ගසයි
අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ නියමයෙන් පෙරේදා 18දා සවස කල් දමන ලද 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ඇතුළත් ගැසට් පත්රය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නියමයෙන් ඊයේ 19දා ප්රකාශයට පත් කෙරුණි මෙම සංශෝධනයට විවිධ පාර්ශ්ව නගන ලද සැක සංකා නිසා එය ජනාධිපතිවරණය අවසන් වන තෙක් කල් දැමීම සුදුසු බව තම මතය යැයි විජයදාස රාජපක්ෂ මහතා පෙරේදා දිවයින කළ විමසීමකදී පැවසීය කෙසේ වෙතත් ජනපති නියමයෙන් එම ගැසට් පත්රය ප්රකාශයට පත් කිරීම දේශපාලන අංශවල මහත් කුතුහලයට හේතු වී තිබේ මේ පිළිබඳව අප විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ එම ගැසට් පත්රය ප්රකාශයට පත් කිරීමට ජනපතිවරයාට බලය ඇති බවයි රනිල් ධර්මසේන
අවිද්යාවෙන් අන්ධ වූ ලෝකයට අමා දහම් බෙරය වැයූ ඇසළ පුන් පොහොය
වෙසක් පුන් පොහෝ දා බෝසතුන් බුද්ධත්වයට පත් වුවද එම දහම ලොවට දේශනා කළේ අසිරිමත් ඇසළ මාසයේ පුන් පොහෝදාය ඇසළ පොහොය වඩාත් අසිරිමත් වන්නේ ඒ හේතුව නිසාය කසාවතින් බැබළෙන ඇසළ මල්වලින් පිරි ගස් අපගේ නෙතට චමත්කාරය ගෙනදෙයි කොළ නැති කසා මල් සමූහය පරම සත්යය සංකේතවත් කරන්නකි හුදු ආත්මාර්ථය උදෙසා නොව පරාර්ථය පතා අභිනිෂ්ක්රමණය කෙළේ සත්ත්වයා දුකෙන් මුදාගැනීමටය සත් සති ගෙවා බුදුරදුන් අටවන සතියේ උදෑසන තපස්සුභල්ලුක යන වෙළෙඳ දෙබෑයන් දුන් මී පිඬු වළඳා ඔවුන් ද්වේවාචික සරණාගත උපාසකයන් කොට ඔවුනට කේශධාතු දී අජපල් නුගරුක මුල වැඩ හිඳ ධර්මගාම්භීරතා මෙනෙහි කොට විනෙයජනයන් බලා පස්වග තවුසන්ට පළමු කොට දම් දෙසනු උදෙසා ඇසළ පුන් පොහෝ දා බරණැස ඉසිපතනයේ මිගදායට වැඩි සේක බුදුරදුන් තමන් වහන්සේ ස්වයංභූඥානයෙන් පසක්කොටගත් සර්වඥ වූ බුදුරදුන් පස්වග තවුසන් අමතා ද්වෙමෙ භික්ඛවෙ අනන්ත පබ්බජිතෙන නසෙව තබ්බා කාමසුඛල්ලිකානුයෝගයත් අත්තකිලමතානුයෝගයත් යන අන්ත දෙක බැහැර කොට මැදුම් පිළිවෙත හෙවත් මධ්යම ප්රතිපදාවට හුරුවිය යුතුය එය අනුගමනය කළ යුතුය යනුවෙන් සඳහන් කළහ චතුස්සත්ය ධර්ම චක්රය පවත්වා අවසන කොණ්ඩඤ්ඤ වප්ප භද්දිය මහානාම අස්සජි සෝවාන් ඵලයට පත් වූහ පස්වැනිදා පස්දෙනාම අනාත්ම ලක්ෂණ දේශනාවෙන් අර්හත් ඵලයට පමුණුවා නාලක පැවිද්දා හට මොනෙය්ය පටිපදාව දේශනා කොට ඉසිපතනයෙහිම හිඳිමින් යසකුල පුත් ආදි පනස් දෙනා රහත් කිරීමෙන් පසු චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සයා නං දෙසෙථ භික්ඛවෙ ධම්ම පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ යනුවෙන් සඳහන් කොට අනුගාමිකයන් පිරිසක් බුදුන් වහන්සේ ඇති කළහ ඇසළ පුන් පොහෝදා බුදුරදුන් දෙසූ ධම්මචක්කප්පවත්තන සූත්රයට අමතරව සිද්ධි සමුදායක් සිදු වූ බව බෞද්ධ සාහිත්යයෙන් අනාවරණය වේ සිදුහත් කුමාරයා මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝදාකය මලින් පලින් බර වී සොබාදහමේ විපර්යාසයක් සිදු වූ මොහොතක මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීමත් අසිරියක් නොවන්නේද අභිධර්මය හෙවත් විජම් බණ දෙසුවේත් ඇසළ පුන් පොහෝදාකය අභිධර්මය දේශනා කරන ලද්දේ ද සාමාන්ය ජනතාවට නොව දෙවියන්ටය ගැඹුරු බණක් දෙවියන්ට දේශනා කිරීමට යොදාගත්තේත් ඇසළ පෝ දිනකි සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකින් පසු මහා කාශ්යප මහ රහතන් වහන්සේ ප්රධාන පන්සියයක් මහරහතන් වහන්සේ විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂක සංවිධාන සහිතව රජගහනුවර වෝහාර පර්වතයෙහි ප්රථම සංගායනාව පවත්වන ලද්දේත් ඇසළ පුන් පෝදාය ඇසළ පුන් පොහෝදා සිදු වූ තවත් සුවිශේෂිත සිද්ධියක් වූයේ මිහිඳු මහ රහතන් වහන්සේ මහා සංඝරත්නය විසින් සම්මත කළ සීමාවේ ප්රථම කණ්ඩ සීමාව සම්මත කිරීමය බුව 236 අරිට්ඨ කුමරු ප්රධාන සිංහලයන් සපණස් දෙනාගේ මහණ උපසම්පදාව තම්බුරු සීමා මාලකයේ සිදු වූයේත් ඇසළ පුන් පෝදාකය මිහින්තලේ කණ්ඨක චෛත්ය වූ කලී වාස්තු විද්යාවේ ඉහළම ගණයට ගැනෙන නිර්මාණයකි දැනට නොකැඩී ඇති උසස්ම වාහල්කඩ ඇත්තේත් කණ්ඨක චෛත්යයේය මේ චෛත්ය වටා කැරුණු අටසැට ලෙන් පූජාව හා දෙසැටක් රහතන් වහන්සේගේ ලංකාවේ ප්රථම වස්සුපගමනය පළමුව වස් එළඹීම සිදු වූයේත් ඇසළ පුන් පොහෝදාකය තවත් සුවිශේෂිත සිද්ධියක් වන්නේ රුවන්මැලි මහ සෑයට මුල්ගල් තැබීමයි එමෙන්ම උත්රසල නැකතින් මහ සෑයේ ධාතු නිධන් කිරීමත් සිදු වූයේ ඇසළ පුන් පෝදාකය කිත්සිරිමෙවන් රජු දවස හේමමාලා හා දන්ත කුමරු ගෙනෙන ලද දළදා වහන්සේ උදෙසා වර්ෂයක් පාසා පෙරහැර පැවැත්වීමට මුල පුරන ලද්දේත් ඇසළ පුන් පෝදාකය ඇසළ මාසය පෙරහැර මාසයක් ලෙසද හැඳින්වේ මහනුවර දළදා පෙරහැර රුහුණු කතරගම මහා දේවාල පෙරහැර ගඩලාදෙණි පෙරහැර මැදවල පෙරහැර ගල්ගමුව පෙරහැර බෙල්ලන්විල පෙරහැර ආදී පෙරහැර පවත්වනු ලබන්නේත් ඇසළ පුන් පොහෝදාය ජනකාය කෙරෙහි බුද්ධ භක්තිය දේව භක්තිය වඩන්නට ද දෙනෝදාහක් පිරිසගේ දෙඇස් එක් අරමුණකට යොමු වී එක ඉරියව්වකට නැඹුරු කිරීමට ද ඇසළ පෙරහැර සමත් වේ අපට අවශ්ය වන්නේ සංසාරයෙන් එතෙර වීමටය සියල්ල දුකක්ය සැපතක් කියා දෙයක් ලොව නැත එසේ සැපතක් ඇතැයි යමකු සිතුවොත් එය තාවකාලික වූ සැපයකි එයද මායාවකි මිථ්යාවකි මේ යථාර්ථය අපට ඇසළ පොහොයෙන් බුදුරදුන් හෙළි කෙළේය ලක්දිව පිරිසුදු උපසම්පදාව ඇති භික්ෂුන් වහන්සේ නැති බව දුටු කීර්ති ශ්රී රාජසිංහ රජතුමා සියම් රටේ අයෝධ්යා පුරයේ ධාර්මික නම් රජතුමා වෙත පඬුරු හා සන්දේශයක් දී පිරිසක් යවන ලදි එහි ප්රතිඵලයක් වශයෙන් උපාලි හිමියන් ප්රධාන භික්ෂුන් වහන්සේ සියම් දේශයෙන් මහනුවර මල්වතු මහා විහාර පුෂ්පාරාමයට වැඩම කොට සාමණේර භික්ෂූන්ට උපසම්පදාව ලබාදෙන ලද්දේත් ඇසළ පුන් පෝදාකය අරම ධම්මතිලක නාහිමි
දන්නෙ නැතිව ආ අයට යන්න කියයි පාස්පෝට් කන්තෝරුව ළඟ නොසන්සුන් වෙයි
විදෙස් ගමන් බලපත්ර ලබාගැනීම සඳහා ඊයේ 19දා සිට ක්රියාත්මක වන්නේ ඔන්ලයින් ක්රමවේදය බව නොදැන බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලයට ඊයේ පැමිණ සිටි විශාල පිරිසක් ආපසු හරවා යැවීමට උත්සාහ කිරීමත් සමග එම කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හට ගත්තේය නව ක්රමවේදය අනුව අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් බලපත්රයක් ලබා ගැනීමට හෝ අලුත් කර ගැනීමට wwwimmigrationgovlk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වී අනිවාර්යයෙන්ම දිනයක් හා වේලාවක් වෙන් කර ගත යුතුය මෙම ක්රමවේදය එක්දින හා සාමාන්ය යන දෙවර්ගයටම අදාළ වේ මෙම ක්රමවේදය ඊයේ 19දා සිට ක්රියාත්මකය කෙසේ වෙතත් මෙම නව ක්රමවේදය පිළිබඳව නිවේදනය කර තිබුණේ ඉකුත් 17වැනිදා වන අතර ඒ හේතුවෙන් මෙම නව ක්රමවේදය පිළිබඳව දැනුවත් නොවූ විශාල පිරිසක් ඊයේ 19දා අලුයම සිට දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම්වල රැඳී සිටියහ එවැනි තත්ත්වයක් තුළ උදෑසන පැමිණි ආරක්ෂක නිලධාරීහු විද්යුත් ක්රමයෙන් ලියාපදිංචි වී වේලාව වෙන් කරගත් පිරිස හැර සෙසු අයගේ ඉල්ලුම්පත්ර භාර නොගන්නා බව දැනුම් දුන්නේය එහිදී නොසන්සුන් වූ පිරිස් නිසි පරිදි දැනුවත් නොකර එකවරම නව ක්රමවේදය ක්රියාත්මක කිරීම තුළින් දුර බැහැර සිට පැමිණි තමන්ට විශාල අසාධාරණයක් සිදුවන බවට චෝදනා කළහ නොසන්සුන්කාරීව හැසුරුණු පිරිස පාලනයට පොලිස් කැරලි මර්දන ඒකකය හා ජල ප්රහාරක රථ ද කැඳවා තිබුණු අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තර කර තිබුණි මෙම ගැටලුව පිළිබඳ අදහස් දැක්වූ ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ ගමන් බලපත්ර ලබා ගැනීමේදී වංචනික ක්රියා සිදුවන බවට යම් යම් පාර්ශ්ව විසින් දිගින් දිගටම එල්ල වූ චෝදනා සැලකිල්ලට ගෙන ඔන්ලයින් ක්රමය සකස් කළ බවයි දීර්ඝ අධ්යයනයකින් පසුව සකස් කළ මෙම නව ක්රමවේදය ක්රියාත්මක කිරීමට යෑමේදී මෙවැනි අභියෝග පැමිණිය හැකි නමුත් මහජනතාවගේ යහපත වෙනුවෙන් මෙම ක්රියාමාර්ගය ගත් බවද ඒ මහතා කීවේය කමල් බෝගොඩ ඡායාරූප තුෂාර අතපත්තු
ලොව පුරා පරිගණක ජාලය බිඳ වැටේ
ගෝලීය ව්යාපාර කටයුතු වේගවත්ව සිදු කිරීම සඳහා පරිගණක සේවාවන් සපයන මයික්රොසොෆ්ට් සමාගමේ ක්ලවුඩ් සර්විස් සේවාවන් හි ඊයේ 19දා සිදු වූ ප්රධාන පෙළේ බිඳ වැටීමක් හේතුවෙන් ලොව පුරා ගුවන් තොටුපළවල මෙහෙයුම් කටයුතු ජනමාධ්ය ආයතන බැංකුවල කටයුතු ටෙලිකොම් සේවාවන් ඇතුළු ප්රධාන පෙළේ ව්යාපාර කටයුතු රැසක් බිඳ වැටී තිබූ බව විදෙස් මාධ්ය පවසයි මේ හේතුවෙන් ලොව පුරා ගුවන් මගීහු හා පාරිභෝගිකයෝ මිලියන ගණනක් දැඩි අපහසුතාවයකට පත්ව සිටියහ ක්ලවුඩ් සර්විස් සේවාවන් බිඳ වැටීම හේතුවෙන් ලොව පුරා රටවල ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු බිඳ වැටීම හේතුවෙන් ගුවන් ගමන් විශාල සංඛ්යාවක් අවලංගු කිරීම හා ප්රමාද වීම සිදුව ඇති අතර ගුවන් තොටුපළවල විශාල මගී පෝලිම් සැදී තිබූ බව ද වාර්තා වෙයි මෙම තත්ත්වය හේතුවෙන් ලුෆ්තන්සා ස්කැන්ඩිනේවියන් එයාර් ලයින්ස් ඉන්ඩි ගෝ ඇතුළු ලොව පුරා විශාල ගුවන් සේවා සමාගම් රැසක ගුවන් සේවා කටයුතු ඇනහිට තිබේ ඇමෙරිකා එක්සත් ජනපදය ඉන්දියාව ඇතුළු ලොව පුරා කාර්ය බහුල ගුවන් තොටුපළවල් විශාල සංඛ්යාවකට මෙම තත්ත්වය අහිතකර අයුරින් බලපා තිබූ අතර ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවාවට අනුව ඊයේ දිනයේ ඔවුන්ගේ කිසිදු ගුවන් ගමනක් සිදු නොවූ අතර එංගලන්ත දුම්රිය සේවාවේ දුම්රිය ගමන් වාර ඇරඹීම විශාල වශයෙන් ප්රමාද වී තිබිණි මෙම ක්ලවුඩ් සර්විස් පරිගණක සේවාවන් බිඳ වැටීම හේතුවෙන් වෙලාවක් වෙන් කරගැනීමේ කටයුතු ඇන හිටීම නිසා එංගලන්තයේ සාමාන්ය සැත්කම් කටයුතුවලටද බාධා පැමිණ තිබූ බව විදෙස් මාධ්ය පවසයි මෙම ගෝලීය පරිගණක සේවාවන්හි සිදු වූ බිඳ වැටීමට මුල් වූ හේතුව ඊයේ දහවල් වන විටද නිශ්චිතව හඳුනාගෙන නොතිබූ අතර මයික්රොසොෆ්ට් සමාගම විසින් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇතිව තිබෙන අපහසුතාවය අවම කිරීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ගන්නා බව පවසා තිබුණද එම තත්ත්වය මුල් වූ හේතුව අනාවරණය කර නොතිබිණි මෙම පරිගණක සේවා බිඳ වැටීම යුරෝපය පුරා පිහිටි ගුවන් තොටුපළවලටද බලපා තිබූ අතර එංගලනත්යේ ස්කයි රුපවාහිනි සේවාව සිය සජීවී විකාශනයන් සිදු කිරීමද නවතා දමා තිබිණි මේ අතර ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමට අනුව ඊයේ දිනයේ හටගත් පරිගණක ජාලය බිඳ වැටීමේ සිද්ධියට හේතු වී ඇත්තේ ක්රවුඩ්ස්ට්රයික් සයිබර් ආරක්ෂණ මෘදුකාංගයේ හටගත් දෝෂයකි මේ අතර ඊයේ ලොව පුරා හටගත් ක්ලවුඩ් සර්විස් පරිගණක ජාලය බිඳ වැටීමට මුල් වූ හේතුව වශයෙන් සයිබර් ආරක්ෂණ ආයතනයක් වන ක්රවුඩ්ස්ට්රයික් ආයතනය විසින් දක්වා ඇත්තේ සිය මෘදුකාංගයක් යවත්කාලීන අප්ඩේට් කිරීමේදී හටගත් දෝෂයක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට බලපෑම් කිරීම නිසා හටගත් තත්ත්වයක් බවයි මේ අතර ඊයේ හටගත් ගෝලීය පරිගණක ජාලය බිඳ වැටීම හේතුවෙන් දැවැන්ත සාප්පු සංකීර්ණ හා ඔසුසල්වලට ද දැඩි බලපෑම් එල්ල වී තිබූ බව වාර්තා වෙයි ඒමන්ති මාරඹේ රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වහාම වාර්තාවක් කැඳවා ඇතැයි ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ උසස් නිලධාරියෙක් දිවයිනට පැවසීය ඇමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක මෘදුකාංගක හටගත් තාක්ෂණික දෝෂයන්ගෙන් මෙරටට යම්කිසි බලපෑමක් සිදුව ඇතිද යන්න සොයා බැලීම සඳහා මේ වාර්තා කැඳවා ඇත මේ ගැන දැඩි විමර්ශනයක් සිදුකරන බවත් පෞද්ගලික ආයතන 4කට සහ බැංකු දෙකකටද මින් යම් බලපෑමක් සිදුව ඇති බවත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත ශ්යාම් නුවන් ගනේවත්ත
ශ්රී ලංකන් ලන්සු කැඳවීම නවත්වයි
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්රී ලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් දැනට ක්රියාත්මක වන ලංසු කැඳවීමේ ක්රියාවලිය අවසන් කිරීමට අමාත්ය මණ්ඩලය තීරණය කර ඇත ඉකුත් ජූලි 09 දින පැවැති අමාත්ය මණ්ඩල රැස්වීමේදී මේ තීරණය ගෙන ඇත ඒ වෙනුවට නුදුරු දිනකදීම ශ්රී ලංකන් ගුවන් සේවය ප්රතිව්යුහගතකරණය කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය මත විකල්ප උපායමාර්ගයක් රජය විසින් අනුගමනය කිරීමට නියමිතය මේ සම්බන්ධයෙන් රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණ ඒකකය විසින් ප්රකාශයක් නිකුත් කර ඇත ශ්යාමි නුවන් ගනේවත්ත
ජනතාව දිගුකාලීන ණයකාරයන් වෙලා කාදිනල්තුමා
රටේ නිදහස මෙන්ම ස්වෛරීභාවය නැතිකර ජනතාව දීර්ඝකාලීන ණයකරුවන් බවට අද පත්වෙමින් තිබෙනවා යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මීගමුවේ කොච්චිකඩේදී ප්රකාශ කළේය කොච්චිකඩේ ශුද්ධ වූ ත්රිත්ව දෙව්මැඳුරේ සියවස් ජයන්ති මංගල්ය අමතා කාදිනල්තුමා එසේ කීවේය මේ අනුව විදේශීය ණය ගෙවන්න පමණක් වසර විස්සක කාලයක් ගතවෙන බවද එය කුමන සුබ ආරංචියක් දැයි කියා ප්රශ්න කරන බවද කාදිනල්තුමා පැවසීය අපේ රටේ නායකයින් ක්රමානුකූලව රටේ සම්පත් දේපළ විකුණන බවද මේ තුළින් රටේ නිදහස ස්වෛරීභාවය නැති වී යන බවද කාදිනල්තුමා සඳහන් කළේය නෝමන් පලිහවඩන
ආර්ථික අර්බුදයෙන් පසු රට නැවත ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් අසාමාන්ය කර්තව්යයක් ඉටු කළා ඔස්ට්රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන්
ශ්රී ලංකාව මානව ප්රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්රස්ථානය බවට පත් කරනවා යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී පෙරේදා 18 දා පැවති 2024 ශ්රී ලංකා මානව ප්රාග්ධන සමුළුව අමතමින් ප්රකාශ කළේය ශ්රී ලංකාව මුහුණ දෙන කුසලතා අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සියලු පාර්ශ්වකරුවන් වෙනුවෙන් එක් වේදිකාවක් පිහිටුවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කළ 2016 වසරේ දී ඔහුගේ සංකල්පයකට අනුව ශ්රී ලංකා මානව ප්රාග්ධන සමුළුව ආරම්භ විය අනාගතයට සූදානම් ශ්රම බළකායක් ගොඩනැඟීම මගින් ශ්රී ලංකාවේ ආර්ථික විභවයේ දොරගුළු විවර කිරීම යන තේමාව යටතේ පැවැත්වුණ මෙවර සමුළුව මගින් මානව ප්රාග්ධනය පෝෂණය කිරීම උපයෝගී කර ගැනීම සහ පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරිණි ආයෝජන මණ්ඩලයේ සභාපති සහ මානව ප්රාග්ධන සමුළුවේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහ ඔස්ට්රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතාට මෙහිදී සමරු තිළිණ ප්රදානය කරන ලදී මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද පැවසීය 2022 වසරේ දී ශ්රී ලාංකිකයන් ලක්ෂ හතරකට ආසන්න පිරිසක් මේ රට හැර ගිය බව සඳහන් වෙනවා 2023 වසරේදී ද රට හැර ගිය සංඛ්යාව ඒ හා සමානයි මෙම සංඛ්යාව පහළ යාමට වගේම අඛණ්ඩව එකම මට්ටමක පවතින්නත් ඉඩ තිබෙනවා නමුත් අවශ්ය මූලික ආර්ථික ප්රතිසංස්කරණ අප විසින් සිදු කරනවා නම් වර්ෂ 2026 2027 පමණ වන විට මෙම තත්ත්වය නවත්වා ගත හැකියි අපේ රටේ පැවති බංකොලොත්භාවය නිසා ඔවුන්ගේ ජීවිත වඩාත් දුෂ්කර වුණා ඔවුන්ගේ දරුවන්ගේ අධ්යාපන කටයුතු පිළිබඳ අවධානය යොමු කරන්න සිදු වුණා ඔවුන් ලබා ගෙන තිබූ ණය ගෙවීමට මුදල් ප්රමාණවත් වුණේ නෑ ඒ නිසා ඔවුන් රටින් පිටවීමට තීරණය කළා අප වැටුප් සකස් කළේ ඩොලරයක මිල රුපියල් 185ක් ව තිබියදීයි නමුත් අප මිල නියම කරන්නේ ඩොලරයේ මිල රුපියල් 300ක් ව තිබියදීයි ඉතින් මධ්යම පාන්තික විධායක නිලධාරියකුගේ පැවැත්ම කෙසේ විය හැකිද කියා ඔබට හිතා ගත හැකියි අප මෙතෙක් සිදු කර ගෙන තිබෙන්නේ ස්වෛරී රාජ්යයන් සහ පෞද්ගලික ආයතන යන දෙඅංශයේම ණයහිමියන් විසින් අපට ලබා දී ඇති සහනවලින් පසු ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව තිබෙන බව සහතික කිරීම පමණයි නමුත් අප ණය ගෙවන්නේ කෙසේද ඊට මුදල් සොයා ගන්නේ කොහෙන්ද විදේශ විනිමය සපයා ගන්නේ කෙසේද යන්න කෙරෙහිද අවධානය යොමු කළ යුතුයි මා ආර්ථික පරිවර්තන පනත ගෙන ආ විට පාර්ලිමේන්තුවේ එක් පාර්ශ්වයක් ආනයන ආදේශක ආර්ථිකයක් අවශ්ය නිසා එය ප්රතික්ෂේප කළ යුතු බව අධිකරණයට ගොස් ප්රකාශ කළා ආනයන ආදේශක ආර්ථිකයක් යනුවෙන් දෙයක් තිබෙන බවට වන අදහස අප මුලින්ම ඔළුවෙන් ඉවත් කළ යුතුයි ඉහළ තරගකාරී නවීන අපනයන ආර්ථිකයක් සඳහා අප මුලින්ම කැපවිය යුතුයි මා සිතන ආකාරයට ඔබට දැන් ඒ සඳහා අවස්ථාව ලැබී තියෙනවා ආර්ථිකයේ මූලික වෙනසක් සිදු විය යුතු බව අපේ රටේ බොහෝ දෙනකු වටහා ගනිමින් සිටිනවා ඒ නිසා ඔවුන්ට අවශ්ය ක්ෂේත්ර පිළිබඳව අවබෝධයක් අපට ලබා දිය හැකියි අපට නවීන ක්රම මගින් වගා කිරීමට ඉඩම් අක්කර ලක්ෂ තුන හතරක් පමණ තිබෙනවා කෘෂිකර්මාන්තය නවීකරණය කළ හැකි ග්රාමීය ජනතාව සතු ඉඩම්ද අපට තිබෙනවා ඒ වගේම සංචාරක ව්යාපාරයට මෙන්ම තොරතුරු තාක්ෂණය සහ ඒ ආශ්රිත කර්මාන්ත වලටත් ස්වයංක්රීයකරණය යොදා ගැනීම සඳහා මිනිසුන් පුහුණු කළ යුතුයි ඒ සඳහා අවස්ථාව තිබෙනවා මෙහිදී කතා කිරීමට බොහෝ ක්ෂේත්ර තිබුණත් ඉන්දියාව සමග ඇති ආර්ථික සහයෝගීතාව පිළිබඳව පමණක් මා මෙහිදී කතා කිරීමට කැමතියි ඉන්දියාව සමග ඒකාබද්ධ විදුලි සම්බන්ධතා පද්ධතියක් ගැන අප තීරණයකට එළඹ තිබෙනවා නමුත් සියලුම අංශ අතරින් වඩාත් වැදගත් වන්නේ ගොඩබිම් සම්බන්ධතාවයි අන්ද්රා සහ තෙලඟනා ප්රාන්ත සමග එක්ව මහාරාෂ්ට්ර හා ගුජරාට ප්රාන්ත සමග තරග කරන තමිල්නාඩු ශ්රී ලංකාවේ ත්රිකුණාමලය සහ කොළඹ වරායන් භාවිතා කළ හැකි වෙනවා එය ඔවුන්ටත් අපටත් විශාල වෙනසක් වනු ඇතියි මේ ආකාරයට පුළුල් කළ යුතු බොහෝ ක්ෂේත්ර අප හඳුනා ගෙන තිබෙනවා ඒ වගේම අප විදේශ ආයෝජනවලටත් ඊට වඩා දේශීය ආයෝජනවලටත් හිතකාමී විය යුතු වෙනවා ඔස්ට්රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා මීට වසර දෙකකට පෙර ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු රට නැවත ස්ථාවරත්වය කරා ගෙන ඒම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අසාමාන්ය කර්තව්යයක් ඉටු කර තිබෙන බව මා විශ්වාස කරනවා ශ්රී ලංකා ආර්ථිකයේ සහ එහි ප්රජාවේ අනාගතය පිළිබඳව විශ්වාසයක් ඇති කිරීම ඉතා වැදගත් එමගින් මිනිසුන් රැඳී සිටීම ආයෝජනය කිරීම සහ අවස්ථා ලබා ගැනීමට ආදී නොයෙකුත් දේ සඳහා දිරි ගැන්වීමක් සිදු වෙනවා
ආණ්ඩුවේ වරදින් අද ගොවියන් මහපාරට වැටිලා විපක්ෂ නායක සජිත් ප්රේමදාස
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ පොළොන්නරුව මැදිරිගිරිය කොහොඹදබන කණිෂ්ඨ විද්යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 331 වැනි අදියර යටතේ රුපියල් 1177000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි මෙහි දී පාසලේ පුස්තකාලයට පොත් ලබා ගැනීමට පාසල් සංවර්ධන ගිණුමට රු ලක්ෂයක මුදලක් පරිත්යාග කළේය වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය අබලන් වී ඇති වාරි පද්ධතිය පුනරුත්ථාපනය කළහැකි වැඩපිළිවෙළක් ක්රියාත්මක විය යුතු බවත් මෑත කාලයේ නම් එවැනි දෙයක් සිදු වී නැහැ රටේ එක් පසක ගංවතුර ඇති විට තවත් පසෙක වැස්ස ජලය නොමැතිව ගොවියා දුක් විදිනවා තෙත් කලාපයෙන් වියළි කලාපයට ජලය ගෙන යා හැකි සැලසුමක් සකස් කළ හැකයි ජාතික සංවර්ධනයේ නාමයෙන් රටට ඵලදායී ව්යාපෘති දේශපාලනඥයන්ගේ සාක්කු පුරවන බඩගෝස්තරවාදී ව්යාපෘති බවට පත්ව තිබෙනවා මේ ක්රමය වෙනස් විය යුතුයි බංකොලොත් රටේවත් අප වෙනස් විය යුතුයි බංකොලොත් රටක විපතට පත් ලක්ෂ 220ක් ජනතාව ගොඩගන්න අගයක් එකතු කිරීම මේ යටතේ සිදුවෙනවා මේ හැමදේම කරන්නෙ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමටය කෘෂිකර්මාන්තයත් සුහුරු විය යුතුයි ගතානුගතික ක්රමවේදවලට වඩා නවීන ක්රමවේද අනුගමනය කර තාක්ෂණය උපයෝගී කරන ගෙන අවම ඉඩකින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි ලෙස දියුණු කළ යුතයි මේ සඳහා දරාගත හැකි මුදලකට ගුණාත්මක යෙදවුම් ලබා දී කෘෂි නිෂ්පාදනය ඉහළටම වර්ධනය කර දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළටත් අප රටේ කෘෂි අස්වැන්න යොමු කළ හැකි ක්රමවේදයක් සකස් කරනවා වර්තමානයේ අස්වැන්න විකුණා ගත නොහැකි නිසා ගොවියන් මහපාරේ උද්ඝෝෂණ පවා සිදු කරනවා ස්ථාවර මිලක් නොමැතිව ගොවියා අනාථ වී ඇතමේ ක්රමයේ වෙනසක් ඇතිව පැහැදිලි වගා සැලසුමක් රටට තිබිය යුතුයි ඒ සඳහා ජාතික කෘෂිකර්මික සැලසුමක් අවශ්යයි
රට විකුණන්නේ නැති අපේක්ෂකයෙක් පොහොට්ටුවෙන් නාමල් රාජපක්ෂ
රටේ දේපළ විකුණ විකුණා රට පාලනය කරවීම වෙනුවට රටේ ආර්ථිකය ගොඩදාගන්න පුළුවන් අයකු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කරනවා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා දිවයිනට පැවසීය ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්වී ජනාධිපති අපේක්ෂකයකු පත් නොකරන බවද ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් සුදුසු දක්ෂයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය රාජපක්ෂ මහතා මෙසේද පැවසීය අපට ඕනෑ රටේ ආර්ථිකය ශක්තිමත් කරන අපේක්ෂකයෙක් එහෙම නැතිව රටේ දේපළ විකුණ විකුණා රට ගෙනියන කෙනෙකු නෙමෙයි නෝමන් පලිහවඩන
රුහුණ විශ්වවිද්යාලයේ සම සෞඛ්ය විද්යාපීඨය ජනතා අයිතියට
රුහුණ විශ්වවිද්යාලයේ සම සෞඛ්ය විද්යා පීඨයේ Faculty of Allied Health Science FAHS නව ගොඩනැගිලි සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සහ සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ සිදු කෙරිණි ගාල්ල වලහන්දුව ප්රදේශයේ මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉතා අලංකාරවත් අන්දමින් ඉදිකර ඇත මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කියා සිටියේ මෙම සම සෞඛ්ය විද්යාපීඨය ස්ථාපිත කිරීම සඳහා සෞඛ්ය හා කර්මාන්ත ඇමති වෛද්ය රමේෂ් පතිරණ මහතා මුල්තැන ගත් බවයි මෙම පීඨය තුළින් උපරිම ප්රයෝජනය ලබාගත යුතු බවත් පැය 24 පුරා අධ්යයන කටයුතු සිදුකළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය වසරකට භෞත චිකිත්සක වෛද්ය රසායනාගාර විද්යාව ඖෂධවේදී විකිරණ ශිල්පී සහ හෙද පාඨමාලා ලෙස පාඨමාලා රැසක් හදාරන ශිෂ්ය ශිෂ්යාවන් 2000කට අධ්යාපන පහසුකම් සැලසෙන මෙම සම සෞඛ්ය විද්යාපීඨය මෙරට උසස් අධ්යාපන ක්ෂේත්රයටත් ඒ ඔස්සේ බිහිවෙන වෘත්තීයවේදීන් තුළින් සෞඛ්ය ක්ෂේත්රයටත් අනාගතවාදී ආලෝකයක් එක්කරනු ඇතැයි ජනාධිපතිවරයා කීය මෙම අවස්ථාවට රුහුණු විශ්වවිද්යාලයේ කුලපති අකුරටියේ නන්ද ස්වාමීන් වහන්සේ සෞඛ්ය ඇමති වෛද්ය රමේෂ් පතිරණ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන එජාප සභාපති වජිර අබේවර්ධන සෞඛ්ය අමාත්යාංශයේ නිලධාරීහු සහ රුහුණු විද්යාපීඨයේ සිසු සිසුවියෝ රැසක් එක්ව සිටියහ
හිඟුරක්ගොඩ ජාත්යන්තරයට ගෙනියන නවීකරණ ඇරැඹෙයි
ශ්රී ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපළක් වන හිඟුරක්ගොඩ අභ්යන්තර ගුවන්තොටුපළ ජාත්යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට අවශ්ය ඉදිකිරීම් කටයුතු ඊයේ 19දා වරාය නාවික හා ගුවන්සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ආරම්භ කරන ලදි මෙම ගුවන්තොටුපළ දෙවැනි ලෝක යුද සමයේ එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදි කරන ලද අතර එකල මින්නේරිය ගුවන් හමුදා මධ්යස්ථානය ලෙස හඳුන්වා ඇත රට මධ්යයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපළ මගින් රටේ ආර්ථිකයට ශක්තියක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ජාත්යන්තර ගුවන් තොටුපළක් බවට පරිවර්තනය කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු වත්මන් රජය තීරණය කරන තිබේ ඒ අනුව 2024 අයවැයෙන් මෙහි මූලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රුපියල් බිලියන 02 ක මූල්ය ප්රතිපාදන වෙන් කරන ලදි මෙම මූල්ය ප්රතිපාදන භාවිතා කරමින් ප්රථම අදියර යටතේ දැනට තිබෙන මීටර් 2287 ක දිගින් සහ මීටර් 46 ක පළලින් යුතු ධාවන පථය මීටර් 2500 ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනු ලබයි මෙම සැලසුම් සහගත ධාවන පථයේ සංවර්ධන කටයුතු මාස 06 කදී නිම කිරීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව එයාර් බස් 320 බෝයිං ඊ737 යන මාදිලිවල ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි වේ මෙම සමස්ත සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 17 ක් පමණ වැය වන බවත් සියලු ඉදිකිරීම් කටයුතු ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන බවත් අධීක්ෂණ කටයුතු ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගම විසින් සිදු කරනු ලබන බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්යාංශය සඳහන් කරයි මෙම ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට රාජ්ය අමාත්ය සිරිපාල ගම්ලත් අමාත්යාංශයේ ලේකම් කේඩීඑස් රුවන්චන්ද්ර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජීඑස් විතානගේ ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ