Title
stringlengths
7
238
content
stringclasses
970 values
ජනාධිපතිවරණය නොතිබ්බොත් ව්යවස්ථාව උල්ලංඝනය වෙනවා තිස්ස අත්තනායක
පළමුවෙන්ම මහ මැතිවරණයක් පැවැත්වෙන බවට විවිධ පාර්ශ්ව යළිත් වරක් කරන ප්රකාශ ජනතාව නොමග යැවීම සඳහා කරන ප්රකාශ බවත් ව්යවස්ථානුකූලව අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය නියමිත දිනයන්වලට පැවැත්විය යුතු බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා දිවයිනට ඊයේ 19 දා පැවසීය ජනාධිපතිවරණය කැඳවීමට මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබී ඇති බවත් සඳහන් කළත් නියමිත දින වකවානුවලදී ජනාධිපතිවරණය නොපැවැත්වුවහොත් එය ව්යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන්නේ යැයි ද සඳහන් කළේය ඔහු මෙසේ ද කීවේය ජනාධිපතිවරණය කැඳවන්න මැතිවරණ කොමිසමට දැන් බලය ලැබිල තියෙන්නෙ මේ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් එහෙම ජනාධිපතිවරණයේ දින වෙනස් වෙනවා එතකොට ව්යවස්ථාව උල්ලංඝන වෙනවා ව්යවස්ථාව කඩන්න කාටවත් බෑ ඒ නිසා ඔය මහ මැතිවරණයක් මුලින්ම එනවා කියන්නේ බොරුවට ඕක ආණ්ඩුව එදා ඉඳන්ම යවන බොරුවක් ඒ බොරුව කියලා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ජනතාව ව්යාකූල තත්ත්වයට පත් කරන්න ජනපතිවරණයේ එන බව සිකුරුයි මොන මැතිවරණය තිබ්බත් ස්ථිර වශයෙන්ම ජයග්රහණය කරන්නේ සමගි ජන බලවේගයයි අනුරාධ හිරිපිටියගේ
රැස්වීම්වල සෙනග දැක මැතිවරණ ජයග්රහණය පැවසිය නොහැකියි එක්සත් ජාතික පක්ෂයේ උප නායක නීතිඥ අකිල විරාජ් කාරියවසම්
රැස්වීම්වල සෙනග දැක මැතිවරණ ජයග්රහණ ගැන පැසිය නොහැකි යැයි එක්සත් ජාතික පක්ෂයේ තරුණ කලාප නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් එම පක්ෂයේ උපනායක නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය සමහර දේශපාලන පක්ෂවල රැස්වීම්වලට කුලියාපිටියෙන් හැමදාම බස් එකක් යනවා මා දැක්කා ඒක නිසා සෙනඟ දැක්කහම කියන්න බෑ ජයග්රහණය කරනවා කියලා රටේ සත්ය මතය වන්නේ සමාජ මාධ්යය හෝ දේශපාලනඥයින්ගේ කතා නෙමෙයි ඒක විකෘති කරලා මිනිස්සුන් යොදවලා කරන කැම්පේන් එකක් කියලා අපි තේරුම් ගත යුතුයි මේ අපේක්ෂකයන් ඉදිරිපත් වෙලා ඉන්න අයගෙන් ඔබේ අනාගතය ගැන කතා කරන්නේ වර්තමාන ජනාධිපතිවරයා පමණයි එතුමාගේ දේශපාලන ජීවිතය තුළ ලත් අත්දැකීම් සහ එතුමාගේ සවර්ධන ව්යාපෘතිවලින් විෂය දැනුමත් එක්ක තරුණයාගේ අවශ්යතාවය වඩා හොඳින් එතුමාට අවබෝධ වෙනවා එතුමාගේ වැඩකරන ක්රමවේදය තරුණයි පරම්පරාව වෙනස කොහොමද සිද්ධ වෙන්නේ කියන එක හොඳින් එතුමා අත් දැකලා තිබෙනවා එතුමාගේ නියම නායකත්වය ජනාධිපතිවරයාගේ බලතලත් එක්ක මේ රටට හොඳින්ම එතුමා පෙන්නලා තියෙනවා රටට අවශ්ය තීන්දු තීරණ එතුමා නිවැරදි වෙලාවට නිවැරදි ආකාරයට ගන්නවා අපේ රටේ දූෂණය ගැන බොහෝ දෙනා කතා කරනවා කොමිස් ගන්නවා කියලා කතා කරනවා නමුත් එතුමා දූෂණ විරෝධී පනත ශ්රී ලංකාව තුළ සම්මත කරගත්තා බොහෝ දෙනා දැන් සූකිරි බටිල්ලන්ගේ කතා කියලා රටවල් ගොඩගන්න හදනවා ඔබේ ඉදිරි අනාගතය ඔබට මුහුණ දෙන්න තියෙන ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් එකක් මේ දැනුම කියන එක ඉක්මනින් යාවත්කාලීන වෙනවා දැනට තියෙන සම්ප්රදායික රැකියා සියයට හැටක් වෙනස් වෙලා අලුත් ලෝකයත් එක්ක අලුත් රැකියා අවස්ථා බිහි වෙමින් තිබෙනවා එවැනි අලුත් ලෝකයක් පිළිබඳ සිහිනයක් ඔබට තියනවනම් ඒක ඉටු කරගන්නට හැකියාව තිබෙන්නේ වර්තමාන මේ ජනාධිපතිතුමාගෙන් කියන එක ජනතාවට අපි පහදා දිය යුතුයි චමින්ද සිල්වා
රටේ වැඩිම බාධා තියෙන ඡන්දය මෙයයි අරගලය අංගසම්පූර්ණ කර ගැනීමට ජනතාව ජනාධිපතිවරණය අවස්ථාවක් කරගත යුතුයි ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා
සමාජ වෙනසක් වෙනුවෙන් කළ අරගලය සම්පූර්ණ කර ගැනීමට ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ මාධ්ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය 1982 සිට ජනාධිපතිවරණ කිහිපයක්ම පවත්වා තිබෙනවා ඒ සියලු ජනාධිපතිවරණවලට වඩා මේ මැතිවරණය විශේෂයක් ගන්නවා අපේ රටේ ජනාධිපතිවරයෙක් තනතුර දාලා ගිහින් ඒ හිස් තැන බාරගන්න වෙනත් කෙනෙක් පත්වෙලා මේක ඒකෙන් පසුව පවත්වන ජනාධිපතිවරණයක් පසුගිය කාලයේ විශාල මහජන අරගලයක් තිබුණා ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී රට අරාජික වී ජනතාව පෝලිම්වල මියැදෙමින් ජනතාව පීඩාවට පත්වූ මොහොතක ජනතාව මහපාරට බැහැලා දැවැන්ත අරගලයක් කළා අරගලය නිමා වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකමත් මහින්ද රාජපක්ෂ අගමැතිකමත් බැසිල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂ ඇමතිකමුත් අත්හැරීමෙනුයි ඒ ගොල්ලන් ඇමතිකම් අත්හැර ජනවරමක් නැති රනිල් වික්රමසිංහ ජනාධිපති කළා අරගලයේ නියැලුණ ශ්රී ලාංකේය ජනතාව බලාපොරොත්තු වුණේ රාජපක්ෂ පාලනය අහෝසි කරලා අලුත් වෙනසක් අරගලයේ සිටි ජනතාවගේ අරමුණු ඉටු වුණේ නැහැ ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා ලැබෙන පළමුවැනි අවස්ථාව තමයි මේ ජනාධිපතිවරණය අරගලයේ සිටි ජනතාවට තමන් කළ අරගලයේ අවසානය දකින්න වුවමනාව තිබෙනවා මේ ඉන්න දුෂ්ට පාලකයන් වෙනස් කරලා තමන්ට වඩා හොඳ පාලනයක් නිර්මාණය කර ගැනීමේ ඕනෑකම තිබෙනවා අපේ ජනතාව විශාල ප්රමාණයක් මහපාරට බැහැලා සාමකාමී දැවැන්ත අරගලයක් කරලා සමාජය වෙනසක් වෙනුවෙන් කළ අරගලය අංග සම්පූර්ණ කර ගන්න අලුත් පාලනයක් ගොඩනගා ගන්න ලැබෙන අවස්ථාවක් මේ ජනාධිපතිවරණය ඒ නිසා සෑම පැත්තකින්ම විශේෂ හා ඉතා වැදගත්කමක් තිබෙන ඡන්දයක් අනෙක් විශේෂත්වය තමයි මේ රටේ වැඩිම බාධාව තිබුණු ඡන්දය මීට පෙර ජනතාව ඡන්දවලට අකමැතිව තිබියදීත් පාලකයන් ඡන්ද ඉතා කැමැත්තෙන් පැවැත්වූවා නමුත් මෙවර ජනතාව ඡන්දෙ එනකම් කැමැත්තෙන් බලාගෙන ඉන්නවා නමුත් පාලකයන් ඡන්දෙට බයවෙලා තියෙනවා අද සිට ජනාධිපතිවරණය පැවැත්වීමේ වගකීම තිබෙන්නේ රනිල් වික්රමසිංහට හෝ ආණ්ඩුවට හෝ නොවෙයි මැතිවරණ කොමිසමටයි කොමිසමට පැවරෙනවා ජනාධිපතිවරණය සඳහා ප්රකාශයක් කරන සහ ඡන්දය පවත්වන වගකීම අප වැනි රටක ජනතාව මැතිවරණ කෙරෙහි විශ්වාස තබා ගන්න නම් ප්රජාතන්ත්රවාදී ලෙස පාලකයන් වෙනස් කළ හැකියි කියන අදහස සමාජය තුළ පවතින්න නම් මේ කරන කැත වැඩය නවත්වන්න ඕනෑ මේ දෙගෙඩියාව නවත්වන්න ඕනෑ ඡන්දය එන එකක් නැහැයි කියන අදහස නවත්වන්න ඕනෑ දැන් බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට අපි කොමිසමෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ බලය අනුව දින ප්රකාශයට පත්කරන්න කියලා මැතිවරණ කොමිසම පිළිබඳවත් සමාජයේ යම් දෙගෙඩියාවක් තිබෙනවා ඒ තමයි රනිල් වික්රමසිංහලා පළාත් පාලන ඡන්දය කල් දැම්මාම කොමිසමට බැරි වුණා ඒක පවත්වා ගන්න කොමිසම යම් උත්සාහයක් දැරුවා හැබැයි උපරිම උත්සාහය දැරුවේ නැහැ සමාජය තුළ කොමිසම පිළිබඳව තිබෙන මතය වෙනස් කර නැහැ කොමිසම පෙනී ඉන්නේ ජනතාව හා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මැතිවරණ කොමිසම ඡන්ද කල්දාන කොමිසමක් නොවෙයි ඡන්ද පවත්වන කොමිසමක් ඒ නිසා අපි සූදානම් ඡන්දය පවත්වන්න කිසිදු බලපෑමක් අපට නැහැ කියලා ස්වාධීනව කටයුතු කරන කොමිසමක් බව ඔප්පු කරමින් ඡන්දය සඳහා දින ප්රකාශයට පත්කරන්න ඕනෑ කියලා අපි හිතනවා මැතිවරණ කොමිසම වගකියන්න ඕනෙ ව්යවස්ථාවට රනිල් වික්රමසිංහ ගේමක් ගහලා මේ මැතිවරණය නොතියා ඉඳියි කියන විහිළුකාරී මතයක් දිගටම සමාජයේ පවත්වා ගෙන ආවා රනිල් නියම ගැටකාරයෙක් නම් ඡන්දය නවත්වන්න තිබුණේ මීට බොහෝ කලකට කලින් එයා ඡන්දෙ කල්දමා ගන්න කළ උප්පරවැට්ටි සියල්ලම අසමත් වෙලා තියෙන්නේ මේක යුග පරිවර්තනයක් අපි එක යුගයක ඉඳලා ඊට වඩා හොඳ යහපත් ක්රමයකට මාරු වෙන්න හදන අවස්ථාවක් පාලක කණ්ඩායම් හැමවිටම ඡන්ද නොතියා ඉන්න උත්සාහ කරනවා අනෙක් පැත්තෙන් බිය වැද්දීම කරනවා වහසිබස් දොඩනවා නිශ්ශංක සේනාධිපති අනුරව පරදවන්න කෝටි ගණනක් වියදම් කරන්න සූදානම් බව කිව්වා දැන් එයා සොයා ගන්නවත් නැහැ ලොහාන් රත්වත්තේ ජීවත්ව ඉන්නකම් අනුරට ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ කියනවා ජනතාවගේ කැමැත්තත් ජන බලයත් වෙනස් කරන්න එක එක කයිවාරුකාරයන්ට බැහැ මේ මෝදු වෙලා එන්නේ ජනතාවගේ කැමැත්ත වසර 76ක දුෂ්ට නරුම පාලනය එපා වෙලා දුක විඳලා ඇති වෙලා ජනතාව වෙනසක් අපේක්ෂා කරනවා ඒ වෙනස කර ගන්න හොඳම තැන ජාතික ජන බලවේගය කියලා ජනතාව හිතනවා
ජනපතිවරණය කල් දැමීමට මෙතරම් උප්පරවැට්ටි දැමූ ආණ්ඩුවක් ඉතිහාසෙත් නෑ මයන්ත දිසානායක සජබ
ඉතිහාසයේ ප්රථම වතාවට ජනාධිපතිවරණයක් කල් දැමීමට වර්තමාන ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක මහතා පැවැසීය කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා 18 දා පැවැති මාධ්ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක මහතා මේ බව සඳහන් කළේය වැඩි දුරටත් අදහස් දැක්වූ මයන්ත දිසානායක මහතා මෙසේද පැවැසීය ජනාධිපති මැතිවරණය පවත්වන දිනය තව කෙටි කාලයක් ඇතුළත මැතිවරණ කොමිසම ප්රකාශයට පත් කරයි කියලා සමගි ජනබලවේගය බලාපොරොත්තු වෙනවා ඒ වගේම ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ ජනාධිපති මැතිවරණයක් කල් දාන්න මෙතරම් දේශපාලන උප්පරවැට්ටි යොදපු ආණ්ඩුවක් තිබිලා නෑ ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණ නියමිත කාලයේදී පවත්වලා තිබෙනවා රටේ සිවිල් යුද්ධයක් පැවැති අවස්ථාවලදී පවා ප්රජාතන්ත්රවාදී රාමුව තුළ ජනතාවගේ අයිතියක් වන මැතිවරණ පවත්වන්න පැවැති ආණ්ඩු කටයුතු කරලා තිබුණා 82 දී ජනමත විචාරණයක් තිබුණා එය පැවැත්වූයේ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගැනීමට ඒ වගේම ආණ්ඩුවේ පාර්ශ්ව 2024 ජනාධිපතිවරණය කල් දැමීමට සඳහා ශ්රේෂ්ඨාධිකරණයට ගොස් තිබුණා
කංජිපානි රටින් පැන්න හැටි හෙළි වුණා
මත්ද්රව්ය ජාවාරම සහ පාතාල මර්දනයට ඇතැම් නීතිඥයන් බාධාවක් වී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ඊයේ 18දා පැවසීය පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමත් එහි එක් කොටසක් බවද හෙතෙම කීය මත්ද්රව්ය හා පාතාල චෝදනා එල්ල වී ඇති කංජිපානි ඉම්රාන් ගනේමුල්ල සංජීව වැනි අය අධිකරණයෙන් ඇප ලබාගෙන් බෝට්ටුවට නැංවූ හැටි අත්අඩංගුවට පත් අයගෙන් අනාවරණය කරගෙන තියෙන බවද ඇමැතිවරයා මහජන ආරක්ෂක අමාත්යාංශයේ ඊයේ 18දා පැවති යුක්තියේ මෙහෙයුම සම්බන්ධයෙන් මාධ්ය හමුවකට එක්වෙමින් පැවසීය මෙවැනි නීතිඥ පිරිස හතර පස්දෙනෙක් බවත් රුපියල් මිලියන ගණන් ලබාදුන්නත් මත්ද්රව්ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී නොසිටින අය සිටින බවත් ඇමැතිවරයා කීය රට හදන්න උත්සාහ දරන අයද මේවා පිටිපස සිටින බවද ඇමැතිවරයා කීය ක්ලබ් වසන්ත ඝාතනය මදුෂ්ගේ මුදල් නොදීම නිසා සිදුවූවක් බවට ප්රචාරය වුවත් ක්ලබ් වසන්ත මියයන විට රටවටේ ණය වී සිටි අයකු බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද කී ඇමැතිවරයා මධුෂ් මෙරටට එවීම සිදුවූ ආකාරය මීට පෙර වාර්තා වූ බවද කීය ක්ලබ් වසන්ත ඝාතනයෙන් පසු මධුෂ් සම්බන්ධ කරගෙන සමාජ මාධ්යවල විවිධ දේවල් ප්රකාශ වුවත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී එවැනි දේවල් තහවුරු වී නැතැයි ද හෙතෙම කීය මධුෂ්ගේ මුදල් මෙරට විවිධ පුද්ගලයන්ට ලබාදී ඇති බවට ප්රකාශ වුවත් එවැනි ප්රකාශ තහවුරු කර ගැනීම සඳහා සාධාරණ විමර්ශනයක් කිරීමට කිසිවකු නිවැරදි තොරතුරු ලබාදී නැතැයි ද හෙතෙම පැවසීය කවුරුන්ගාව හෝ මධුෂ්ගේ මුදල් තිබෙන බවට තහවුරු කර තොරතුරු ලබාදිය හැකිනම් ඕනෑම තරාතිරමක අයෙකුට එරෙහිව වුවද විමර්ශන සිදුකරන බවද කීය ක්ලබ් වසන්ත ඝාතනයේ ප්රධාන සැකකරුවන් දෙදෙනාට අමතරව අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ප්රධාන සැකකරුවන් දෙදෙනා තවම රට තුළ සිටින බවට විශ්වාස කරන බවත් ඇමැතිවරයා කීය ඇඹිලිපිටිය ඝාතනය සිද්ධිය අම්බලන්ගොඩ ඝාතන සිද්ධිය යන සිද්ධිවල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු කීය පාතාලය සහ මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට එරෙහිව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුම් තවත් වඩිකර ඇති බවත් අවශ්ය වුවහොත් ත්රිවිධ හමුදා සහාය ලබාගන්නා බවත් ඇමැතිවරයා පැවසීය එල්ටීටීඊ යුද්ධය අවසන් වීමෙන් පසු ගිනිඅවි රටපුරා තිබෙන බවත් ඒවා භාරදෙන ලෙස පොදු සමාව යටතේ අවස්ථා කිහිපයකදී ඉල්ලිම් කළ බවත් ඇමැතිවරයා කීය මේ වනවිට විදෙස් ගතවී සිටින පාතාල සමාජිකයන් ගෙන්වා ගැනීමට අවශ්ය පියවර ගෙන ඇති බවත් ඇතැම් පාතාල සාමාජිකයන් විවිධ රටවල ඉන්නා බවට ප්රකාශ වුවත් ඔවුන් සිටිනා රටවල් ගැන පොලිසිය දන්නා බවත් හෙතෙම කීය අතුරුගිරියේදී ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ ටැටූ ශිල්පියාගේ පාපෝච්චාරණය මාධ්යවලට ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන්ට තමා දෝෂාරෝපණය කළත් ඔවුන්ට එරෙහිව කිසිදු විනය ක්රියාමාර්ගයක් නොගන්නා බවත් ඇමැතිවරයා කීය සිද්ධිය සිදුවූ අවස්ථාවේ සිට විමර්ශන කණ්ඩායම් සමග මාධ්යවේදීන් ද රැඳී සිටි බවත් එහි ප්රතිඵලයක් ලෙස සැකකරුගේ පාපෝච්චාරණය මාධ්යයට ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට විදෙස් රටකට ගොස් සිටින පොලිස් පරීක්ෂකවරයකු කංජිපානි ගේනවා දියහැකි බවට සමාජ මාධ්යය ඔස්සේ ප්රකාශයක් කර ඇති බවත් එම ප්රකාශ පිටිපස්සේ ගියොත් අපිත් පිස්සෝ වන බවද ඇමැතිවරයා කීය සමාජ මාධ්යවල මේවා ප්රචාරණය කරන පිරිස් බොරු දදා මුදල් හම්බ කරගන්නා බවත් හැකිනම් කංජිපානි ගෙන්වා දෙන ලෙස පොලිස් පරීක්ෂකවරයාට පවසන බවත් ඇමැතිවරයා කීය යුක්තිය මෙහෙයුම පසුගිය වසරේ 2023 දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කළ බවත් මේ වනවිට රුපියල් බිලියන 19ක මත්ද්රව්ය අත්අඩංගුවට ගෙන ඇති බවත් ඇමැතිවරයා කීය එම කාලය තුළ ටී 56 පිස්තෝල රිවෝල්වර් බෝර 12 ගිනිඅවි 955ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද හෙතෙම කීයමෙම මාධ්ය හමුවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ද එක්ව සිටියහ චමින්ද සිල්වා සහ හේමන්ත රන්දුණු
පාස්කු ප්රහාර චෝදනාව විනය පරීක්ෂණ අවසන් වන තෙක් නිලන්ත නිවාඩු යවයි
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විමර්ශන කටයුතු අවසාන වන තෙක් අනිවාර්ය නිවාඩු යැවූ බව ජාතික පොලිස් කොමිසම ඊයේ නිවේදනය කළේය ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිසම නිකුත් කළ මාධ්ය නිවේදනය මෙසේය 20190421 පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් වින්දිත පාර්ශ්වයන් විසින් ගොනු කරන ලද ශ්රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක 1632019 1652019 1662019 1842019 1882019 1912019 1932019 1952019 1962019 1972019 1982019 සහ 2932019 මූලික අයිතිවාසිකම් නඩුවලට අදාළව ගරු ශ්රේෂ්ඨාධිකරණය විසින් 20230112 වන දින ප්රකාශයට පත් කරන ලද නඩු තීන්දුව මගින් එවකට රාජ්ය බුද්ධි සේවයේ අධ්යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විනය ක්රියාමාර්ග ගන්නා ලෙස ලබාදී ඇති තීන්දුව ප්රකාරව මූලික විමර්ශනයක් සිදුකර ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 20231117 දිනැතිව ඔහු වෙත චෝදනා පත්රයක් නිකුත් කර ඇත චමින්ද සිල්වා
දිගම පාලම ලෙස වරාය පිවිසුම් අධිවේගය අගෝස්තුවේ විවෘත වෙයි
ශ්රී ලංකාවේ දිගම පාලම ලෙස වරාය පිවිසුම් අධිවේගී මාර්ගය අගෝස්තු මාසය අවසන්වීමට පෙර විවෘත කරන බව මහාමාර්ග අමාත්යාංශයේ ලේකම් වරලත් ඉංජිනේරු රංජිත් රූපසිංහ මහතා පැවසීය එය ඉඟුරුකඩේ පිවිසුම සිට ගාලු මුවදොර පිවිසුම දක්වා කිලෝමීටර් 53කින් දිගය කුලුනු මත පමණක් ඉදිකර ඇති මෙම මාර්ගයේ මංතීරු 04ක් ඇති අතර මේ සඳහා රුපියල් බිලියන 28002ක් වැයකර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය පළමු පියවර යටතේ ප්රවාහන කටයුතු සඳහා විවෘත කරන බවත් ඉන්පසු මහජනතාව සඳහා විවෘත කරන බවත් කීවේය මෙම මාර්ගය විවෘත කිරීමත් සමග කොළඹ නගරය යාකරන පළමු අධිවේගී මාර්ගය බවට වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්යාපෘතිය පත්වන බවත් පැවසූ ලේකම්වරයා කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ වරාය නගරය වෙත විනාඩි 20 ක කාලයක් තුළ පැමිණිය හැකි බවත් කීවේය මෙම අධිවේගී මාර්ග පිවිසුමේදී ගාස්තු අය කරනු ලබන්නේ ස්වයංක්රීය ගාස්තු අය කිරීමේ යන්ත්රයක් මගින් බවත් ඒ අනුව අධිවේගී මාර්ගයට වාහනයක් ප්රවේශ වූ පසු එය ස්වයංක්රීයව හඳුනාගෙන ගාස්තු අය කිරීමේ ක්රමයට යටත් වන බවත් ලේකම්වරයා සඳහන් කළේය ඒ මහතා මෙම තොරතුරු සඳහන් කළේ කොළඹ වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්යාපෘතිය පිළිබඳව මාධ්ය දැනුවත් කිරීම සඳහා ඊයේ 18දා පැවති නිරීක්ෂණ චාරිකාවේදීය මෙම නිරීක්ෂණ චාරිකාවට ප්රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන සහ වරාය පිවිසුම් මාර්ග ව්යාපෘතිය භාර වරලත් ඉංජිනේරු විමල් කණ්ඩම්බි යන මහත්වරු ද සහභාගි වූහ උපාලි ද සේරම් ඡායාරූපය නිශාන් එස් ප්රියන්ත
කැබිනට්ටුව අනුමත කළ ව්යවස්ථා සංශෝධනය ගැසට් කරන්න එපා ඇමැති විජයදාස ලේකම්ට කියයි
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 83 වැනි වගන්තිය සංශෝධනය කර ජනාධිපති ධුර කාලය වසර 6 වෙනුවට වසර 5 ලෙසින් වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඊයේ 18දා අමාත්යාංශ ලේකම්වරයා වෙත දැනුම්දී තිබේ 83 වැනි වගන්ති සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර එයින් පසුව ගැසට් කිරීම සිදුවේ
ජනපති හා සාකච්ඡා අර්බුදයක පොහොට්ටුවේ පෙති ගලවන මෙහෙයුමක් දියත් වෙලා
මීළඟ ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ තම සහාය ප්රකාශ කරන්නේ කවර ආකාරයකින් ද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡා අසාර්ථක වී තිබේ මේ පිළිබඳව නිශ්චිතව යමක් ප්රකාශ කළ නොහැකි වී තිබෙන්නේ ජනාධිපතිවරයා මෙහිලා දක්වා ඇති ප්රතිචාරය ගැන තම පක්ෂය සෑහීමකට පත් නොවීම නිසා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රි සාගර කාරියවසම් මහතා පැවසීය පක්ෂයක් වශයෙන් ජනාධිපතිවරයාට සහාය ලබා දීමට නම් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව පැවසූ කාරියවසම් මහතා මීට පෙර ඔහු සමග පැවති සාකච්ඡාවේදී රටේ ඒකීයභාවය රැකීම ඇතුළු යෝජනා කිහිපයක් ජනාධිපතිවරයා හමුවේ තැබූව ද ඊට නිසි ප්රතිචාරය ජනාධිපතිවරයා දක්වා නැති බව ද කීය ජනාධිපතිවරයා ස්ථිරව මීළඟ ජනාධිපතිවරණයට තරග කරන බව නිල ප්රකාශයක් තම පක්ෂය වෙත දැනුම් දුන්නහොත් ඒ අනුව මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමග ද සාකච්ඡා කර තම පක්ෂය කවර කොන්දේසි මාලාවක් ජනාධිපතිවරයාට දෙන්නේ ද යන්න තීරණය කළ හැකි නමුත් ඒ වෙනුවට දැන් සිදුවන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් එකිනෙකා ජනපති හිතවාදී පිලට බා ගැනීමට පොහොට්ටුවේ පෙති ගලවන මෙහෙයුමක් දියත් කිරීම බව එම පොදුජන පෙරමුණේ තවත් ජ්යෙෂ්ඨයෙක් පැවසීය පවතින පසුබිම තවදුරටත් වෙනසක් නොවුණහොත් අවසානයේ සිදුවන්නේ පොහොට්ටුවේ පිරිසක් ජනපතිට එක්වීම හා ඉතිරි පොදුජන පෙරමුණේ පිරිස සමග වෙනම අපේක්ෂකයකු ජනපති සටනට දැමීම පමණකැයි ද හෙතෙම කීය ජනාධිපතිවරයා උතුරේ හා නැඟෙනහිර ඡන්ද පදනම ඉලක්ක කරගෙන ඒ මතම එල්බ සිටීම ද සාකච්ඡා සම්බන්ධයෙන් එතුමා තුළ කල් වැරීමේ හේතුවට බලපෑ හැකි බවද ඔහු කීය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සිටි ජ්යෙෂ්ඨ මන්ත්රීවරු වූ ප්රසන්න රණතුංග කංචන විජේසේකර මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් දැනටම ජනපතිට සහාය පළ කිරීම සිදු කර තිබේ අරුණ බෝගහවත්ත සහ එරික් ජිනප්රිය
මීට පෙර මෙහෙම ආණ්ඩුවක් තිබිලා නෑ රට දැන් ඉස්සරහටම යනවා ජනාධිපති රනිල් වික්රමසිංහ
බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේදී 17 දා පස්වරුවේ පැවැති කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 50000කට සින්නකර ඔප්පු ලබාදීමේ රන්දොර උරුමය වැඩසටහනට එක්වෙමිනි මෙහි පළමු අදියර යටතේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 50000කට සින්නකර ඔප්පු ලබාදීමට නියමිතය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 937 ක් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 180 ක් ඇතුළු හිමිකම් ඔප්පු 1117ක් ප්රදානය කිරීම මෙදින සංකේතවත්ව සිදු විය ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිඳු සෙත්පුර සිරිසර උයන මෙට්ට්රෝ නිවාස සංකීර්ණවල නිවැසියන්ට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 31 නිවැසියන්ට මෙම රන්දොර උරුමය හිමිකම් ඔප්පු ලබා දීමට නියමිතය මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය අද ඔබේ එක ප්රශ්නයක් විසඳී තිබෙනවා තමන්ගේ නිවසේ සින්නකර අයිතිය ඔබට ලැබී තිබෙනවා නිවසක අයිතිය නැති වීම ජනතාවට විශාල ගැටලුවක් බව අප දන්නවා කොළඹ දිස්ත්රික්කය නියෝජනය කළ මන්ත්රීවරයෙක් ලෙස එහි ජනතාවගේ ගැටලු පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා අපි ආණ්ඩුව භාරගත්තේ ඉතා අසීරු කාලයක පසුගිය ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙම ජනතාව විශාල පීඩාවකට පත් වුණා නමුත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බව ඔබ විශ්වාස කළා එම විශ්වාසය නිසාම එම වැඩකටයුතු සාර්ථක කර ගැනීමට අපට අවස්ථාව ලැබුණා අප කෙරෙහි විශ්වාසය තබමින් ඉවසීමෙන් කටයුතු කළ ඔබ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා අද රට ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙනවා මෙම ආණ්ඩුව එක පක්ෂයකින් ගොඩනැඟූවක් නොවෙයි ඇතැම් අය වගකීම් පැහැර හරින විට ඉතා හදිසියේ එක් එක් පක්ෂවලින් පිරිස එක් කරගෙන මෙම ආණ්ඩුව නිර්මාණය කළා මීට පෙර මේ රටේ මෙවැනි ආණ්ඩුවක් තිබුණේ නැහැ රටක් වශයෙන් අප අද ගොඩනැඟෙමින් සිටින අවස්ථාවේ එහි ප්රතිලාභය සාමාන්ය ජනතාවට ද හිමි විය යුතුයි මෙම මහල් නිවාසවල පූර්ණ අයිතිය ඔබට ලබාදීමට කටයුතු කර තිබෙන්නේ ඒ නිසයි අපි දැන් රටක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා නමුත් රටේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් තවත් ඉදිරියට යා යුතුයි ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් ඇති කර දිය යුතුයි මේ ආණ්ඩුව ඉටුකර තිබෙන්නේ වෙනත් කිසිදු ආණ්ඩුවක් ඉටු නොකළ වැඩකටයුත්තක් අපි සාමාන්ය ජනතාව වෙනුවෙන් අයිතිය ලබා දී තිබෙනවා අපි මේ රටේ අයිතිය පුළුල් කර තිබෙනවා අනෙකුත් ආණ්ඩු අයිතිය දෙස බැලුවේ කොටස් වෙළෙඳපොළේ පමණයි ඔවුන් බැලුවේ කී දෙනෙක් කොටස් ගන්නවද කොටස් වටිනාකම වැඩි වෙනවද අඩු වෙනවද කියලයි නමුත් අපි බැලුවේ සාමාන්ය ජනතාව දෙසයි මේ රටේ ගොවි ජනතාව පසුගිය කන්නවලදී අපට හොඳ අස්වැන්නක් ලබා දුන්නා එසේ නොමැති වූවානම් අපට මෙම ආර්ථික කඩාවැටීමෙන් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි ඔවුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කළ යුතුයි අප මෙතෙක් කාලයක් එම ජනතාවට ඉඩම් අයිතිය දුන්නේ නැහැ මෙතෙක් සිදු වුණේ බලපත්ර ලබාදීම පමණයි දැන් අප ඉඩම් අයිතිය ලබාදීම ආරම්භ කර තිබෙනවා මේ කාලය අවසන් වන විට ලක්ෂ 20කට වඩා ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට සහ තට්ටු නිවාසවල ජීවත්වන ජනතාවට එම නිවාසවල අයිතිය ලබාදීමට කටයුතු කරනවා එවිට මේ රටේ ඉඩම් සහ නිවාස අයිතිය තිබෙන ජනතාවගේ ප්රමාණය වැඩි වෙනවා අප සිදු කර තිබෙන එම විප්ලවය කිසිදු ආණ්ඩුවකට කිරීමට නොහැකි වූවක් බව කිවයුතුයි මෙම වැඩපිළිවෙළ ආරම්භ කළේ මේ රටේ ජනතාවට සහනයක් ලබාදීමටයි ඒ වගේම වතු ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන ඉදිරියේදී ක්රියාත්මක කරනවා මේ පිළිබඳ අදාළ මන්ත්රීවරුන් කැඳවා මම සාකච්ඡා කළා අලුත් නීතියක් සකස් කර සියලු දෙනා සමග සාකච්ඡා කරමින් එම වැඩකටයුතු ක්රියාත්ම කරන ලෙස මම එහිදී උපදෙස් දුන්නා ගමත් නගරයත් වැවිලි ප්රදේශ යන තුනේම සියලු ජනතාවගේ නිවාස හා ඉඩම් අයිතිය තහවුරු කිරීමට අප කටයුතු කරනවා එය මේ ආණ්ඩුවේ ප්රධාන වැඩසටහන වන බවද කිවයුතුයි රට තුළ වෙනසක් ඇති කිරීමේ වැඩපිළිවෙළ අප එතනින් ආරම්භ කරමු මේ මහල් නිවාස ඉදිකිරීම සඳහා හිටපු නායකයන් තුන් දෙනෙක් විශාල කැප කිරීම් කළා ශ්රීමත් ජෝන් කොතලාවල අග්රාමාත්යවරයා බම්බලපිටියේ පළමු මහල් නිවාස සංකීර්ණය ඉදි කළා ඉන් පසුව රණසිංහ ප්රේමදාස ජනාධිපතිවරයා කොළඹ විශාල මහල් නිවාස ව්යාපෘති ඇති කළා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා මහල් නිවාස වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට කටයුතු කළා මේ තිදෙනාට ඒ සම්බන්ධව ස්තුතිවන්ත විය යුතුයි අද මේ ඔබට ලබාදෙන සින්නක්කර නිවාස ඔප්පුවල වටිනාකම තව වසර දහයකින් දෙගුණයක් වෙනවා එම නිසා මෙම දේපළ නිසියාකාරයෙන් කළමනාකරණය කරගෙන ජීවිතය සාර්ථක කරගන්න කියා මම ඉල්ලා සිටිනවා අද ඔබට ලැබෙන ඔප්පුව උකස් කරන්න එපා තව අවුරුදු 10 කින් කොළඹ දියුණු වෙනවා බස්නාහිර පළාත ලක්ෂ 50ක් ජීවත් වන විශාල නගරයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා එහිදී රජයේ ඉඩම්වල තිබෙන පැරණි ගොඩනැඟිලි ඉවත් කරනවා ඒ වගේම මේ පළාතේ නව වරායක් ඉදිකළ හැකියි ප්රසන්න රණතුංග ඇමැතිතුමා ඇතුළු කණ්ඩායම දැනටමත් එම වැඩකටයුතු කරගෙන යනවා ඒ වගේම කොළොන්නාව ප්රදේශයේ අලුතින් පාසල් කිහිපයක් ඉදිකිරීමට අප තීරණය කළා අප එම වැඩපිළිවෙළ ඉදිරියට ක්රියාත්මක කිරීමට නියමිතයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා 2024 වසරේ අයවැය යෝජනාවට අනුව ජනතාවගේ ඉඩම් හා නිවාස අයිතිය ලබාදීම අද සිදු කරනවා අද ඔබ ඒ ආඩම්බර හිමිකරුවෙක් බවට පත් වෙනවා ආහාර ඇඳුම් හා නිවාස කියන්නේ මිනිසාගේ මූලික අවශ්යතාවයන් ඒ අනුව අද ඔබේ එම නිවස නම් මූලික අවශ්යතාවය ඉටු වෙනවා මෙමගින් ඔබගේ ජීවිතයේ පෙරැළියක් සිදු වෙනවා එය නියමාකාරයෙන් කළමනාකරණය කර ජීවිතය සාර්ථක කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා කොළඹ නගරයේ සෑම ප්රදේශයක්ම සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අමාත්යවරයා ගෙන යන වැඩපිළිවෙළ ප්රශංසනීයයි කොළඹ නාගරික මහල් නිවාස ව්යාපෘතිය මගින් අද විශාල පිරිසකට නිවාස හිමි වෙනවා ඒ සඳහා මූලික වශයෙන් කටයුතු කළේ වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා යි කථානායක මහින්ද යපා අබේවර්ධන නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්රසන්න රණතුංග මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් එයර් ෆෝස් රෝෂාන් ගුණතිලක රාජ්ය අමාත්යවරුන් වන තේනුක විදානගමගේ අරුන්දික ප්රනාන්දු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන වජිර අබේවර්ධන ඒඑච්එම් ෆවුසි යදාමිණි ගුණවර්ධන නීතිඥ ප්රේමනාත් සී දොළවත්ත විශ්රාමික මේජර් ප්රදීප් උඳුගොඩ නීතිඥ මධුර විතානගේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක හිටපු අමාත්ය රවී කරුණානායක ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්එච්එස් සමරතුංග ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශයේ ලේකම් ඩබ්ලිව් එස් සත්යානන්ද යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
තරගකාරී ලෝකය ජය ගත හැකි සුහුරු පුරවැසියන් බිහි කළ යුතුයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස දිඹුලාගලදී කියයි
සමාජය ලෝකය තරගකාරී බවත් සෑම අවස්ථාවකම තරගයක් ඇති බවත් ඉන් ජය ගත හැකි සුහුරු පුරවැසියන් බිහි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය පෞද්ගලිකව කරන්නා වූ සියලුම තරගකාරී ගනුදෙනුවලදී රටේ ජාතික අවශ්යතාව මුදුන්පත් වන ආකාරයට එම ගනුදෙනු ක්රියාත්මකකළයුතු බවද විපක්ෂ නායකවරයා පැවසීයසෑම ගනුදෙනුවකම තරගකාරිත්වය සටකපටකම් ක්රමෝපාය උගත්කම බුද්ධිය දැනුම උපයෝගී කර ගෙන එම ගනුදෙනු කළත් අද වන විට සටකපටකම් ක්රියාත්මක වන්නේ ජනතාවට සහ ජාතික අවශ්යතාවට විරුද්ධව බවත් ඒ තුළින් ජනතාව ඇන්දවීම රැවටීම බොරු තොරතුරු ස්ථිපිත කර රට විනාශ වුවත් තමන්ගේ පැවැත්ම උදෙසා කළ හැකි හැම දේම කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය රට තුළ සමාජය තුළ අවිනිශ්චිතතාවක් ව්යාකූලත්වයක් නිර්මාණය කර ඇති බවත් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ උත්තරීතර නීතිය අනුව සිදුවිය යුතු දේවල් වෙනවාද නැද්ද කියා අවිනිශ්චිතතාවක් ඇති බවත් එයට හේතුව විවිධ අය ප්රජාතන්ත්රවාදය ජාතික අවශ්යතාව අමතක කර තමන්ගේ සුඛවිහරණය තමන්ගේ තැන රැකගැනීමට කටයුතු කිරීම බවත් තමන්ගේ බඩගෝස්තරවාදී ජීවන රටාව නඩත්තු කිරීමට රටත් ප්රජාතන්ත්රවාදයත් ආණ්ඩුක්රම ව්යවස්ථාවත් විකුණන්න සූදානම් පාලකයන් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය මොවුන් ආණ්ඩුක්රම ව්යවස්ථාව විනාශ කරන්න උල්ලංඝනය කරන්න කටයුතු කරන බවත් බංකොලොත් රටෙත් ව්යාකූලත්වය තුළින් රටම අවුල් වෙන තැනට පත්කර ඇති බවත් ජනතාවගේ සිතුවිලි එක්ක සෙල්ලම් කර වැරදි අවබෝධ ලබාදී රටම අවුල් වෙන වැඩ කටයුතුවලට යොමු වන බවත් එම නිසා මේ බොරු හැඟීම්වලට කරුණුවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රටෙ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්රම ව්යවස්ථාව කුමන ජගතෙකුටවත් උල්ලංඝනය කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ වන්නි පොළොන්නරුව දිඹුලාගල අරලගංවිල විලේයාය ප්රාථමික විද්යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 326 වැනි අදියර යටතේ රුපියල් 1177000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි මෙහිදී පාසලේ පුස්තකාලට ඉංග්රීසි පොත් ලබා ගැනීමට පාසල් සංවර්ධන ගිණුමට රු ලක්ෂයක මුදලක් පරිත්යාග කළේය කවුරු ප්රබල වුවත් බලවත්වුවත් ආණ්ඩුක්රම ව්යවස්ථාව උත්තරීතර බවත් එම නිසා ඇන්දවීම් මංමුලා කිරීම් සිදු කරන්නේ රට වෙනුවෙන් නොවන බවත් මේ වන විට යුගයේ අවශ්යතාව වන්නේ රට මුල් තැනට ගෙන ඒම බවත් ශ්රීලංකාව අංක 1 කිරීමට සටකපටකම් කළත් අද සිදුවන්නේ පාලකයන්ගේ තැන රැකගන්නා නූල් සූත්තර ක්රියාත්මක කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය
අපකීර්තියට පත් වූ රට ලෝකයේ කීර්තිමත් රාජ්යයක් බවට පත් කරමු ජාජබ නායක අනුර කුමාර දිසානායක මහනුවරදී කියයි
අපකීර්තියට පත් වූ රට ලෝකයේ කීර්තිමත් රාජ්යයක් බවට පත්කිරීමේ වගකීම බාරගන්න ජාතික ජන බලවේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය මහනුවර නගරයේ පැවති ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් රැළිය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා මෙසේද කීය අද මේ රටට දේශපාලන පරිවර්තනයක් අවශ්යයි අපේ ආකල්පවල අධ්යාපනයේ සෑම ක්ෂේත්රයකම නව පරිවර්තනයක් අවශ්යයි මේ රට නව ජාතික පුනරුදයක් කරා ගෙන යා යුතුයි විසිවැනි සියවස ලෝකයට විශාල ජයග්රහණ ගෙනත් දීපු සියවසයි විසිවන සියවසට පෙර දේශපාලනඥයන් චින්තකයන් කලාකරුවන් විද්යාඥයන් අනාගතය මොන වගේ ලෝකයක්ද කියා පරිකල්පනය කරන්න පටන් ගත්තා සාහිත්ය ධරයන් ලිව්වේ මේ වගේ ලෝකයක් අපට ඕනැ කියලා විද්යාඥයන් පරීක්ෂණවල නියැලෙමින් අනාගතය මේ වගේ විය යුතු යැයි ඉදිරිපත් කළා දේශපාලන චින්තකයින් කිවුවා පවුල්වලට ලේ උරුමයෙන් එන පාලන බලය වෙනුවට ජනතාවගේ සහභාගිත්වයෙන් පාලන බලයක් නිර්මාණය වෙනවා කියලා 14 වන 18 වන සියවස්වල හිතපු දේවල් භෞතිකව ගොඩනැගෙන්න පටන් ගත්තේ 20වන සියවසේ විසිවන සියවසේ ජයග්රහණයන් උකහාගෙන අපේ රාජ්යය ගොඩනැගීම සඳහා දැක්මක් හෝ හැකියාවක් අපේ පාලකයන්ට තිබුණේ නැහැ අපි විසිවන සියවස අහිමි කර ගත්ත ජාතියක් ලෝකයේ ඇති වී තිබෙන දැනුමේ වර්ධනයන් තාක්ෂණයේ වර්ධනයන් කලාවේ සංගීතයේ සාහිත්යයේ ඇතිවී තිබෙන වර්ධනයන් උකහා ගත්ත නව ලාංකේය ජාතියක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගය තමයි ජාතික ජන බලවේගය බාර ගන්නේ මේ රට ලෝකය ඉදිරියේ අපකීර්තියට පත් වුණු රටක් මේ රට ලෝකයේ කීර්තිමත් රාජ්යයක් බවට පත්කිරීමේ අභියෝගය සහ වගකීම ජාතික ජන බලවේගය බාර ගන්න සූදානම් පුරවැසියාට නීතිය ඉදිරියේ තමන්ට යුක්තිය ඉටුවෙන බව හැඟෙන්නේ නැතිනම් ඒ සමාජය අශිෂ්ට සමාජයක් බවට පත්වෙනවා යළි නීතියේ විධානයේ ආධිපත්යය ශක්තිමත් ලෙස තහවුරු කරන රාජ්යයක් බවට ශ්රී ලංකාව පත්කළ යුතුයි එසේ කළ හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට පමණයි මේ සමාජයේ අපරාධ රැල්ලක් මත්කුඩු රැල්ලක් තිබෙනවා මේවායින් අපේ රට මුදා ගත යුතුයි මේ අපරාධ නිර්මාණය කළේ අපරාධ ආරක්ෂා කළේ දේශපාලකයන් මේ දේශපාලකයනුයි අපරාධකරුවනුයි ඉන්නේ එකට අපරාධ කරන්නේ පාතාලකයන් විතරක් නොවෙයි දේශපාලකයනුත් අපරාධ කරනවා කෙහෙලියයි මහින්දානන්දයි වෙඩි තියා ගත්තා උඩතලවින්නේ වෙඩි තිබ්බා රගර් ක්රීඩකයන් ඝාතනය කළා අද ව්යාපාරයක් කරන්න බස් එකක් දුවන්න කප්පම් දෙන්න ඕනෑ අපේ රට පාලනය කරන්නේ උඩින් පේන ආණ්ඩුවට වඩා යටින් තිබෙන ලෝකයක් තමයි අපේ රට පාලනය කරන්නේ
වැටුණු ව්යාපාරිකයන් නැගිට්ටවන්න අලුත් පැකේජයක් මුදල් අමාත්යාංශය කියයි
අසීරුතාවන්ට මුහුණපා සිටින ක්ෂුද්ර සුළු හා මධ්ය පරිමාණ ව්යවසායන් MSMEs නැවත සවිබල ගැන්වීමේ අරමුණින් ආයෝජන සහ කාරක ප්රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීමට පියවර ගත් බව මුදල් අමාත්යාංශය පවසයි එමගින් ආර්ථික අර්බුද සමයේ ඊට මුහුණ දුන් සහ මේ වන විටත් පවත්වාගෙන එන ක්ෂුද්ර සුළු හා මධ්ය පරිමාණ ව්යවසායන්ට සහාය ලබාදීම මෙන්ම අක්රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්ර සුළු හා මධ්ය පරිමාණ ව්යවසාය වෙනුවෙන් කාරක ප්රාග්ධනය සඳහා 8ක් ද ආයෝජනය සඳහා 7ක් ද වන සේ දැරිය හැකි සහන පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීමට හැකියාව ඇති බව ද එම අමාත්යාංශය කියයි
වසර 4ක් හිරේ ගිය ඥානසාර හිමිට ඇප ලැබෙයි
මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රුපියල් 50000ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අභියාචනාධිකරණය ඊයේ 18දා නියෝග කළේය විදේශගතවීම වළක්වන නියෝගයක් ද නිකුත් කළ සම්පත් වී අබේකෝන් හා පී කුමාරත්නම් යන විනිසුරු මඩුල්ල එම ඇප නියෝගය නිකුත් කළේය 2016116 වැනිදා හා 20161216 වැනිදා කාලය අතරතුරදී කිරුළපනදී පැවැති මාධ්ය සාකච්ඡාවකදී යම් පංතියකට අයත් තැනැත්තන් අතර ආගමික හැඟීම් නිග්රහයට පාත්ර කිරීමේ අරමුණින් හා ද්වේෂ සහගත චේතනාවෙන් එනම් ඉස්ලාම් භක්තිය ප්රජාවගේ පිළිගැනීම් සහ විශ්වාසවලට නින්දා කිරීමේ අරමුණින් කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් ප්රකාශ නිකුත් කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු කරනු ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබිණි එකී දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් ගොනු කර තිබූ අභියාචනාවක් කැඳවූ අවස්ථාවේදී අභියාචනාවට යටත්ව එම ඇප නියෝගය නිකුත් කළේය නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ සංජය ආරියදාස ඉරේෂ් සෙනෙවිරත්න සංජය මාරඹේ යන නීතිඥ මණ්ඩලය සමග ජනාධිපති නීතිඥ සුනිල් සිල්වා මහතා ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටියේය ඒජේඒ අබේනායක
ප්රමාණවත් ආරක්ෂාවක් නෑ චමල් සංජීව පත්වීම එපා කියයි
හම්බන්තොට දිස්ත්රික් මහ රෝහලේ නව නියෝජ්ය අධ්යක්ෂවරයා ලෙස පත්වීමට නියමිත විශේෂඥ වෛද්ය ජීජී චමල් සංජීව මහතා සිය පත්වීම අවලංගු කරන ලෙස ඉල්ලමින් සෞඛ්ය ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත එම තනතුර භාරගැනීමට තරම් තමන්ට ප්රමාණවත් ආරක්ෂාවක් සපයා නැතැයි ද ඒ මහතා සඳහන් කර ඇත ප්රශ්නගත බාල ඖෂධ ගනුදෙනු සිද්ධීන් සම්බන්ධයෙන් රටට කරුණු හෙළි කළ තමාට මේ වනවිට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ පාර්ශ්වයන්ගෙන් ජීවිත තර්ජන එල්ලවීමේ ඇති හැකියාව බැහැර කළ නොහැකි බවට රාජ්ය බුද්ධි අංශ මගින් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිසමේ පොලිස් කොට්ඨාසයට ප්රමාණවත් තොරතුරු හා ඊට අදාළ නිර්දේශ ලබාදී තිබියදී ඒවා ක්රියාත්මක නොකිරීම හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව ඇතැයි ද වෛද්යවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ මේ අතර විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතාගේ නිවසට සහ ඒ මහතාට ප්රමාණවත් ආරක්ෂාවක් ලබාදීම සම්බන්ධයෙන් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිසම හා අදාළ පොලිස් කොට්ඨාසයේ අවධානය යොමුව ඇතැයි ද වාර්තා වේ සුජීව තත්සර
නීති විරෝධීව ගනුදෙනු කළ ගිණුම් 46ක රුකෝටි 5000ක්
අන්තර්ජාලය ඔස්සේ මෙරටදී නීති විරෝධීව සංවිධානාත්මකව මූල්ය ගනුදෙනු කළ ගිණුම් 46ක රුපියල් කෝටි 5000ක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක උපුල් ගල්වල මහතා කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට ඊයේ පැවසීය නීතිවිරෝධී මූල්ය ගනුදෙනු සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්රී ලාංකිකයින් පස්දෙනා සහ විදේශිකයන් 35 දෙනෙකු කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට ඊයේ 18 ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිස් පරීක්ෂකවරයා විවෘත අධිකරණයේදී මේ බව සඳහන් කළේ ය එහිදී සැකකරුවන් 40 දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ 2024 ජුනි 22 වැනිදා පමණක් උදේ 1030 සිට රාත්රී 1030 වන තුරු කාලයේදී මෙම කණ්ඩායම ලක්ෂ 880ක් ඉක්මවා උපයා ඇති බවය මෙහි පළමු සැකකරු වන ප්රවීන් බණ්ඩාර නමැත්තා මහමොළකරු වශයෙන් කටයුතු කර ඇති බවත් ඔහු ඩුබායි රටේදී මේ සඳහා මනා පුහුණුවක් ලබා ඇති බවත් ඔහු අධිකරණයට පැවසීය මෙම ජාවාරම කිරීම සඳහා මිගමුව ප්රදේශයෙන් කාමර 30කින් යුත් හෝටලයක් සම්පූර්ණයෙන් වෙන් කරගෙන ඇති බව ද ඒ සඳහා මාසිකව රුපියල් ලක්ෂ 80ක් ගෙවා ඇති බව ද පොලිස් පරික්ෂකවරයා කීවේය එමෙන්ම පෙර නඩු වාරයේදී නියෝග කළ පරිදි ශ්රී ලංකාවේ මුදල් රුපියල් ලක්ෂ 22ක් අධිකරණයේ තැන්පත් කළ අතර විදේශීය මුදල් මහ බැංකුවේ තැන්පත් කිරිමට කටයුතු කළ බවත් සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට ගත් නෝට්ටු වශයෙන් රුපියල් කෝටි එකහමාරක් ඒ අනුව රජය භාරයේ තබා ඇති බවත් ඒ මහතා සඳහන් කළේ ය ඉදිරියේ දී පරීක්ෂණ කටයුතු සඳහා සිංගප්පූරු සහ චීන ජාතික කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා ඔහු සිටියේය සැකකරුවන් බොහෝ අවස්ථාවලදී කට උත්තර ගැනීමේ දී සාවද්ය ප්රකාශ කරන බැවින් විමර්ශන කටයුතු නිසි ලෙස අවසන් කරන තුරු ඇප ලබා නොදෙන ලෙස ද ඉල්ලා සිටියේ ය සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරු 40ක් පමණ පෙනී සිටියහ සැකකරුවන් වෙනුවෙන් වෙන වෙනම කරුණු දක්වමින් ඔවුහු ඇප ඉල්ලා සිටියහ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසයි එමෙන්ම සැකකරුවන් 4 දෙනකුට ඇප නියම කළ අතර අනෙක් සැකකරුවන් 36දෙනා ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය ඒජේඒ අබේනායක
රසායනාගාර පරීක්ෂණ 50ක් ඇනහිටලා රවි කුමුදේශ්
ප්රතික්රීයක සහ අවශ්ය රසායනික ද්රව්ය සපයා නොදීම හේතුවෙන් වෛද්ය පර්යේෂණ ආයතනය මගින් සිදුකළ යුතු විවිධ රෝගයන්ට අයත් රසායනාගාර පරීක්ෂණ 50ක් පමණ දීර්ඝ කාලයක සිට ඇනසිටීම නිසා රෝගී ජීවිත දැඩි අවදානමට ලක්ව ඇතැයි සෞඛ්ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි සෞඛ්ය අමාත්යාංශයේ සහ අදාළ ආයතනික අධ්යක්ෂවරුන් ඇතුළු නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙන් මේ තත්ත්වය උද්ගතව ඇති බවද එම සංගමය කියයි මෙම තත්ත්වය හමුවේ අවදානමට ලක්ව ඇති රෝගීන්ගේ මරණය පවා සිදුවිය හැකි බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි පුරස්ථි ග්රන්ථි පිළිකා පරීක්ෂා කිරීම සහ එම ග්රන්ථියේ සෞඛ්ය පරීක්ෂණ හෙපටයිටිස් ඒ ආසාදන හඳුනාගැනිම හෙපටයිට්ස් බී අක්මා සිරෝසිස් සහ අක්මා පිළිකා හෙපටයිට්ස් සී නිදන්ගත සෙම රෝග සිරෝසියස් සහ හෙපටොපෙලියුලර් පිළිකා පරීක්ෂණ හර්පීස් සිම්ප්ලෙන්ක් වෛරස් වර්ග මෑතකාලීන ආසාදන හඳුනාගැනීම ප්රතිශක්තීයකරණය අඩු රෝගීන්ගේ සංකූලතා හඳුනාගැනීම ලිම්ෆොසයිඩ් උපකුලක එච්අයිවී රෝග තත්ත්වයන් නිරීක්ෂණය ජලාභීතිකා ප්රතිදේහ ජලභීතිකා වෛරසයට එරෙහි ප්රතිශක්තිකරණය ඇති කිරීම විටමින් සී ඌනතා ළමුන්ගේ රිකේට් සහ වැඩිහිටියන්ගේ ඔස්පයෝමලෝෂියා වැනි අස්ථි ආබාධ ආසාධන හා නිදන්ගත රෝගයන්ට ගොදුරුවීමේ හැකියාව පීඑස්ඒ පුරස්ථි ග්රන්ථයේ පිළිකා පරීක්ෂා කිරිම සහ පුරස්ථි ග්රන්ථියේ සෞඛ්ය නිරීක්ෂණය ඇතුළු රෝග 27කට වැඩි සංඛ්යාවකගේ සිදුකළ යුතු අත්යවශ්ය රසායනාගාර පරීක්ෂණ මේ වනවිට පූර්ණ ලෙස ඇනහිට ඇතැයි ද එම සංගමය පවසයි සුජීව තත්සර
පන්සල් නොයන අය සැබෑ බෞද්ධයන් නොවන බව ආසියාතික බෞද්ධයාගේ මතයයි ඇමරිකානු සමීක්ෂණ ආයතනයක් කියයි
ආසියානු රටවල බහුතරයක් බෞද්ධයන් යම් පුද්ගලයකු නිසි ලෙස වත්පිළිවෙත්වල නොයෙදෙන්නේ නම් හෝ පන්සල් නොයන්නේ නම් සැබෑ බෞද්ධයකු විය නොහැකි බව සඳහන් කරන බව ඇමරිකානු සමීක්ෂණ ආයතනයක් සිදු කළ සමීක්ෂණයකදී හෙළිව තිබේ Pew Research Center විසින් කාම්බෝජය ජපානය හොංකොං මැලේසියාව සිංගප්පූරුව දකුණු කොරියාව ශ්රී ලංකාව තායිවානය තායිලන්තය වියට්නාමය යන රටවල බෞද්ධයින් යොදාගෙන මේ සමීක්ෂණය සිදු කර තිබේ සමස්තයක් වශයෙන් සමීක්ෂණයට ලක් වූ බොහෝ ස්ථානවල බෞද්ධයන් බහුතරයක් පවසන්නේ ඔබ වැඩිහිටියන්ට ගරු නොකරන්නේ නම් ඔබට සැබෑ බෞද්ධයකු විය නොහැකි බවයි කාම්බෝජයේ මැලේසියාවේ සහ වියට්නාමයේ බෞද්ධයන් දස දෙනෙකුගෙන් අටදෙනෙක් මෙම මතය දරති මිනිසුන් සැබෑ බෞද්ධයන් ලෙස සැලකීම සඳහා තම මව්බිමට ගරු කළ යුතු බහුතරයේ මතය වී තිබේ ශ්රී ලංකාවේ සහ තායිලන්තයේ බහුතර බෞද්ධයන් පවසන්නේ තම රටට ගරු නොකරන පුද්ගලයකුට සැබෑ බෞද්ධයකු විය නොහැකි බවයි චතුර පමුණුව
වාර්ගික ගැටලු නැති ලංකාවේ ආයෝජන සඳහා ඇමැති මනුෂගෙන් ඩයස්පෝරාවට ආරාධනා
අපේ ඩයස්පෝරාව උනන්දුවෙන් බලාගෙන ඉන්නේ ශ්රී ලංකාවට ඇවිත් ආයෝජනය කරලා ශ්රී ලංකාව දියුණු කරන්න කිලිනොච්චියේ ව්යාපාර බොහොමයක් ඩයස්පෝරාවේ අයගෙ ඒ ඩයස්පෝරාවට අපි ආරාධනා ආයාචනා කරනවා මෙහෙට එන්න කියා මෙහෙ ඉඩම් ප්රශ්න දැන් විසඳිලා තියෙන්නේ රටේ වාර්ගික ප්රශ්න නැතිවෙන විදිහට දැන් රනිල් වික්රමසිංහ මැතිතුමා පරිසරය හදලා තියෙනවා දැන් අපි රට වෙනුවෙන් එකට එකතු වෙන්න ඕන වෙලාව ජාති ආගම් කුල පක්ෂ පැත්තකට දාන්න ඕන වෙලාව අපි රට ගොඩනගන්න ඕන වෙලාව ඒ නිසා ශ්රී ලංකාවත් එක්ක එකතුවෙලා එකට අපි රට ගොඩනගන්න හැමදෙනාටම අපි ආරාධනා කරනවා කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා මෙසේ ප්රකාශ කළේ කිලිනොච්චිය ජයගමු ශ්රී ලංකා දිස්ත්රික් ජංගම වැඩසටහනේ දෙවැනි දින වැඩසටහනක් වන ස්මාට් යූත් ක්ලබ් සභාව ආමන්ත්රණය කරමිනි රට ආර්ථික වශයෙන් වැටුණු මොහොතේ ඒ සඳහා දායකත්වය දැක්වූයේ රටට ඩොලර් බිලියන 12ක් එවූ විදේශ ගත ශ්රමිකයන් බව කී අමාත්යවරයා එහිදී වැඩිදුරටත් පැවැසුවේ ජාත්යන්තර ව්යාපාරික ඉලෝන් මස්ක්ට ශ්රී ලංකාවේ ව්යාපාර පටන් ගැනීම සඳහා ජනාධිපතිවරයා මූලික අවසරය ලබාදී ඇති බවය මේ රටේ අය රට ගිහිල්ලා සල්ලි හොයාගෙන දැනුමත් එක්ක අත්දැකීම් අරගෙන ඇවිල්ලා ශ්රී ලංකාවේ හොඳ ව්යාවසායකයන් වෙන්න ඕනේ හැමදාම රට ඉන්න ඕනේ නෑ අද අපි සුභාරංචියක් ගෙනාවා රට යන්න ඉන්න අයට අවශ්ය සියලු දේවල් එක්ක ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළාත් කාර්යාලය අද විවෘත කිරීම ගැන අපි ලෝකේ කොයි රටක පදිංචි වුණත් අපේ රටේ තියෙන නිදහස පිළිගැනීම ගරුත්වය අපිට නෑ ඕනම තැනක ගිහින් වැඩ කරන්න රස්සාව කරන්න නමුත් අපේ ලස්සන රට කියන හැඟීම තියෙන්නේ මීට කලින් තෙල් ලයිට් කෑම බීම නැතිව ඔබේ අයියලා අක්කලා අම්මලා තාත්තලා ගොඩාක් දුක්වින්දා ඔවුන් ඉගෙන ගත්තේ බෝම්බ සද්දේ ඇහි ඇහී බැරල් ඇතුළේ ඔබව දමාගෙන ඔබේ අම්මලා ආරක්ෂා කළා දකුණේ කිවිඳියක් කවියක් ලියනවා ඔබලා බැරල් ඇතුළේ පාඩම් කරලා ඔබේ ජීවිත අමාරුවෙන් ගොඩනගා ගත් බවට ඒ වුණාට අපේ පළාත්වල අයට තෙල් කරන්ට් බෙහෙත් නැතිව මාස කීපයක් ඉන්න බැරි වුණා ඒ වෙලාවේ අපේ ප්රධාන ප්රශ්නය ඩොලර් ප්රශ්නය ඒ වෙලාවේ ඩොලර් එවන්න කියා අපේ විදේශගත ශ්රමිකයන්ට ඩයස්පෝරාවට ආරාධනා කරලා ඒ වෙලාවේ සහන ලබා දුන්නා ඒකට ඇහුම්කන් දීපු අපේ විදේශ ගත ශ්රමිකයෝ අපිට ඩොලර් බිලියන 12ක් සල්ලි එව්වා රට දියුණු කරන්න තරුණ පරපුර ආයෝජකයෝ වෙන්න ඕන හැම වෙලේම නෙගටිව්ව හිතන ඇතැම් දේශපාලන නායකයන්ගේ දේවලට අහුවෙන්නේ නැතිව හැම තිස්සේම ධනාත්මකව හිතන තරුණ පරපුරක් අපිට ඕනේ පළවෙනියෙන් රනිල් වික්රමසිංහ මහතා අභියෝග භාර අරගත්තම හා දැන් මටත් දෙන්න කියලා හැමෝම කියනවා ස්මාට් යූත් ක්ලබ් වැඩසටහනට කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ ලේකම් ආර් පී ඒ විමලවීර අමාත්යාංශයේ අතිරේක ලේකම් එස් එම් පියතිස්ස කිලිනොච්චි දිස්ත්රික් ලේකම් එස් මුරලිදරන් මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ ජී එච් එන් ආර් කිරිඇල්ල ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක ලේකම් අනුර ලියන්වල කාර්යාංශයේ අධ්යක්ෂක මණ්ඩල සාමාජිකයන් වන ජෙෆ් ගුණවර්ධන ඒ එල් ඒ හසාම් දොන් බොස්කෝ කාර්මික පාසලේ නදීප් සංජීව කිලිනොච්චි එක්සත් ජාතික පක්ෂ සංවිධායක වෛi විජයනාදන් යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්යාංශයට අනුබද්ධ ආයතනවලට අනුබද්ධ නිලධාරීන් දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම්වරුන් පොලිස් නිලධාරීන් රජයේ සේවකයන් සහ විගමනික ශ්රමික පවුල්වල සාමාජිකයෝ සහභාගි වූහ
ඔස්ට්රේලියාවේ 30 වැනි අගමැති ගංගාරාමය වැඳපුදා ගනී
ලංකාවේදී ඊයේ 18දා ආරම්භ වූ ශ්රී ලංකා මානව ප්රාග්ධන සමුළුව 2024 සඳහා සහභාගිවීමට පැමිණි ඔස්ට්රේලියාවේ 30 වැනි අගමැතිවරයා වන ස්කොට් මොරිසන් මහතා කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය ද ඊයේ 18දා වැඳපුදා ගත්තේය 20182020 දක්වා කාලයේ කම්කරු පක්ෂයේ නායකයා මෙන්ම අගමැතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගෙන් විශේෂ ආශිර්වාදයක් ලබා ගත්තේය
ගෝඨාභයගේ කොටේ ඉතිරි ටික අදින්න ආව ජනපති අද අන්දමන්ද වෙලා මහරගම සජබ ප්රධාන සංවිධායක ගාමිණී තිලකසිරි
ගෝඨාභයගේ කොටේ ඇදගෙන පැමිණි ජනාධිපතිවරයා දෙවැනිවරටත් ජනාධිපතිවරණය කල් දාන්න ගත් උත්සාහය අසාර්ථකවී ඇතැයි මහරගම ආසනයේ සමගි ජන බලවේගයේ ප්රධාන සංවිධායක බස්නාහිර පළාත් සභා හිටපු ඇමැති ගාමිණී තිලකසිරි මහතා සඳහන් කළේය ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරණයක් කල්දාන්න විවිධ උපක්රම යෙදූ ආණ්ඩුව මේ ආණ්ඩුව බවද කී තිලකසිරි මහතා මහරගම පැවති ජන හමුවකට සහභාගි වෙමින් මේ බව සඳහන් කළේය එහිදී වැඩිදුරටත් කතා කළ ගාමිණී තිලකසිරි මහතා මෙසේද කීය ජනාධිපතිවරණය නියත වශයෙන් දිනනවා කියල ආණ්ඩුව කියනවා එහෙම විශ්වාසයක් තියෙනවා නම් ඇයි දෙපාරක්ම ජනාධිපතිවරණය කල් දාන්න උත්සාහ කළේ ඒකින්ම පේනවා මේ ආණ්ඩුව ජනාධිපතිවරණයෙදි අන්ත පරාජයට ලක්වන බව ඒ නිසයි කෙසේ හෝ බලයට එන්න හදන්නෙරනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියල නැහැ ඒ වගේම පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලත් ප්රකාශ කර නැහැ ඔය දෙගොල්ල කවුරු ඉදිරිපත් කළත් සජිත් ප්රේමදාස මහතා ජනාධිපතිවීම වළක්වන්න කාටවත් බැහැ එදා මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ නියමිත වෙලාවට කලින් තිබ්බා ඒ ජයග්රහණය ෂුවර් නිසා වර්තමාන ජනපතිවරයාට එහෙම කරන්න පුළුවන්කමක් නැහැ ආණ්ඩුවට ජනතා ප්රසාදය නැති බව දන්නවා සියයට තුන්සියයකින් විදුලි බිල ඉහළ දාල සියයට විසිදෙකකින් විදුලි බිල අඩු කළාට ජනතාවට දැනෙන්නෙ නැහැ අඩුවුණ ප්රමාණයටවත් විදුලියට සම්බන්ධ භාණ්ඩවල මිල අඩු වෙලා නැහැ මැතිවරණ ඉලක්ක කරගෙන හිතුමතේට අඩු කිරිල්ලෙන් ජනතාවට ඉන් වාසියක් වෙන්නෙ නැහැ සමගි ජන බලවේගයේ ජයග්රහණය වළක්වන්න කාටවත් බැහැ ඒ නිසාම ආණ්ඩු පක්ෂයේ මෙන්ම උතුරු නැඟෙනහිර දෙමළ මුස්ලිම් දේශපාලන නායකයන් අපිත් සමග එකතුවෙලා තියෙනවා ඉදිරියටත් සමගි ජන බලවේගය සමග එක්වීමට මැති ඇමැතිවරු මෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂයෙත් පොහොට්ටුවේ මන්ත්රිවරු ද සාකච්ඡා පවත්වමින් සිටිනවා කවුරු ආවත් දූෂිතයන් වංචනිකයන් හොරුන් අපේ පක්ෂයට බඳවා නොගැනීමට තීරණය කර තිබෙනවා යැයි තිලකසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය
25කට ආඝාතය හැදෙන්න පුළුවන් විශේෂඥ වෛද්ය ගාමිණී පතිරණ
පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයකුට ජීවිත කාලයේ දී ආඝාතය රෝගය වැලඳීමේ ප්රවණතාවක් පවතින බව ශ්රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය ගාමිණී පතිරණ මහතා ප්රකාශ කළේය ලබන 22දාට යෙදී ඇති ලෝක මස්තිස්ක දිනය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවට එක්වෙමින් ඊයේ 18දා සෞඛ්ය ප්රවර්ධන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී වෛද්යවරයා මේ බව සඳහන් කළේය ආඝාත රෝගී තත්ත්වයන් නිවසේදීම හඳුනා ගැනීම වැදගත් වනු ඇතැයි ද කියා සිටි වෛද්යවරයා රුධිර පීඩනය දියවැඩියාව කොලෙස්ටරෝල් අධිකවීම ස්ථුලතාවය දුම්පානය ඇතුළු කරුණු මෙම රෝගී තත්ත්වයට බලපා හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද කියා සිටියේය ආඝාත තත්ත්වය ඇති පුද්ගලයන් රෝහල් ගතවී පරීක්ෂණයන්ට මුහුණදීමෙන් අනතුරුව ප්රතිකාර සඳහා යොමු විය යුතු බවත් මෙහි ප්රධාන රෝග ලක්ෂණ ලෙස මුඛය පැත්තකට යෑම අත හෝ පාදය පණ නැතිවීම භාෂාව හැසිරවීමේ අපහසුතා සහ දෑස් පෙනීම නැතිවීම වැනි ලක්ෂණ හැඳින්විය හැකි බවත් වෛද්යවරයා පැවසීය අදාළ ආඝාත රෝගී ලක්ෂණ පුද්ගලයන් හට ක්ෂණිකව සිදුවිය හැකි බවත් එහි දුබලතාවන් අවම කර ගැනීම සඳහා භෞතික චිකිත්සක ක්රම වෘත්තීය චිකිත්සක ක්රම සහ කථන චිකිත්සක ක්රම ඔස්සේ ප්රතිකාර කළ හැකිව පවතින බවත් විශේෂඥ වෛද්ය ගාමිණී පතිරණ මහතා මේ මාධ්ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේය සුජීව තත්සර
විදෙස් සංචාරක පැමිණීම ලක්ෂ 11ක් පැනලා
මේ වසරේ 2024 මේ දක්වා ශ්රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන් ගණන ලක්ෂ 11 සීමාව ඉක්මවා ගොස් ඇත මේ අනුව ඉකුත් ජූලි 16 වැනිදා වන විට මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයන් ගණන එකොළාස් ලක්ෂ හත්දහස් අටදෙනෙකි ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ මෙම සංචාරකයන්ගෙන් දෙලක්ෂ නව දහස් දෙසිය දොළොස් දෙනකු ඉන්දියාවෙන් ද එක්ලක්ෂ දාසය දහස් හාරසිය පනස් හය දෙනකු රුසියාවෙන් ද අනූඅට දහස් තුන්සිය පනස් අටදෙනකු එක්සත් රාජධානියෙන් ද හැත්තෑපන් දහස් දෙසිය විසිපස් දෙනකු ජර්මනියෙන් ද හැටනව දහස් අටසිය හැත්තෑ දෙදෙනකු චීනයෙන් ද පැමිණ ඇත මේ මාසයේ 16 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන අනූහය දහස් හත්සිය පනස් නව දෙනෙකි ශ්යාම් නුවන් ගනේවත්ත
කුකුළු මස් මිලට පාලන මිලක් ඕනෑ අසේල සම්පත්
කුකුළු ගොවිපළහිමියන් කිසිම හේතුවක් නැතිව හිතෙන හිතෙන ලෙස කුකුළු මස් මිල වැඩි කරන බවත් ඒ නිසා වහාම ඊට පාලන මිලක් නියම කිරීමට වෙළෙඳ ඇමැතිවරයා වහා ක්රියා කළ යුතු බවත් පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා කියයි පසුගිය කාලයේ කුකුළු කෑම දියව් දියව් කියමින් උද්ඝෝෂණ කළ මෙම කුකුළු මස් ව්යාපාරිකයෝ කුකුළු කෑම වර්ග ලැබීමෙන් පසු පැටව් ලොකු වෙනතුරු මිල පහත හෙළිය නොහැකි යැයි අඳෝනා නැඟූ බවත් අද විදුලිය ඉන්ධන මිල පවා ක්රමයෙන් අඩු වී තිබියදී කුකුළු මස් මිල සොච්චමින් අඩුකර ඇතත් ඇතැම් දිනවල එහි මිල තවත් වැඩි කරන බවද අසේල සම්පත් මහතා පැවසීය මෙම තත්ත්වය මත කුකුළු මස් සඳහා පාලන මිලක් නියම කළ යුතු බවද වෙළෙඳ ඇමැතිවරයා වහාම ඒ පිළිබඳව ක්රියාශීලී විය යුතු බවද ඔහු කීවේය නෝමන් පලිහවඩන
හිටපු ක්රිකට් ක්රීඩක ඝාතනය පිටුපස පාතාලය
ඉකුත් 2002 වර්ෂයේ ශ්රී ලංකා 19 න් පහළ ක්රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි වෙඩි තබා ඝාතනය කර ඇත්තේ දකුණු පළාත කේන්ද්ර කර ගෙන ක්රියාත්මක වන කොස්ගොඩ සුජීගේ සහ බලපිටිය දිල්ශාන්ගේ පාතාල කල්ලි දෙක අතර කාලයක පටන් පවතින ආරවුලක ප්රතිඵලයක් ලෙස බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත ඝාතනයට ලක්වූ ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය සමග සබඳතා පවත්වාගෙන ගොස් ඇති අතර එහි ප්රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවී ඇති බව පොලිසිය පවසයි ධම්මික නිරෝෂන්ට එල්ලවී තිබූ ජීවිත තර්ජන නිසා ඔහු කලක් ඩුබායි රාජ්යය වෙත ගොස් එහි රැකියාවක් කරමින් සිට ඇත මීට මාස දෙකකට පමණ උඩදී ඔහු ශ්රී ලංකාවට පැමිණ ඇත්තේ ඩුබායි හි වීසා බලපත්රය දීර්ඝ කරගැනීම සඳහාය තවත් සතියකින් ඔහු ආපසු ඩුබායි රාජ්යය බලා යෑමට සූදානමින් සිට ඇති අතර ඊට ප්රථම බලපිටියේ දිල්ශාන්ගේ පාතාල කල්ලිය විසින් ඔහු ඝාතනය කරන්නට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි 41 හැවිරිදි ධම්මික නිරෝෂන් අම්බලන්ගොඩ දේවානන්ද විiාලයේ සිටි අතිදක්ෂ ක්රිකට් ක්රීඩකයෙකි විදුහල් කණ්ඩායමේ නායකත්වය දැරූ ඔහු පසුව 2002 වර්ෂයේ ශ්රී ලංකා 19න් පහළ ක්රිකට් කණ්ඩායමේ ද නායකත්වය දැරුවේය දකුණු අප්රිකා කණ්ඩායමේ දක්ෂ පන්දු රැකීමේ ක්රීඩකයකු වූ ජොන්ටි රෝඩ්ස් ලෙස ක්රීඩා කරන නිසා ධම්මික නිරෝෂන් ජොන්ටි යන සුරතල් නාමයෙන් ක්රිකට් ක්රීඩාවේ ප්රසිද්ධව සිටියේය ක්රිකට් ක්රීඩාවට සමුදීමෙන් පසු ධම්මික නිරෝෂන් විවිධ ව්යාපාරවලට සම්බන්ධ වූ අතර කොස්ගොඩ සුජීගේ කල්ලියේ ප්රබලයකු වන දසුන් මානවඩු නැමැත්තා සමග සමීප සබඳතා පවත්වා ඇති බව පොලිසිය පවසයි විමර්ශන කණ්ඩායම් පවසන අන්දමට දසුන් මානවඩු සහ බලපිටියේ දිල්ශාන් අතර කාලයක පටන් දැඩි ආරවුල් තිබී ඇත මොවුන් දෙදෙනාම ඩුබායි රාජ්යයේ සැඟවී සිටින අතර මත්ද්රව්ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධවල නිරතවී ඇත බලපිටියේ දිල්ශාන් කොස්ගොඩ සුජී මෙන්ම කොස්ගොඩ තාරක සමග ද සමීප සබඳතා පවත්වා ඇත ඝාතනයට ලක්වූ ධම්මික නිරෝෂන් අම්බලන්ගොඩ ප්රදේශයේ හෝටලයක් ද පවත්වාගෙන ගොස් ඇති අතර මීට ටික කලකට උඩදී එය විකුණා දමා ඇති බව ද පොලිසිය පවසයි මෙම හෝටලය විකිණීමෙන් පසු ප්රතිවිරුද්ධ පාතාල කල්ලියක් ඔහුගෙන් කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කළ සිද්ධියක් පිළිබඳව ද පොලිසියේ අවධානය යොමුවී ඇත මීට ටික කලකට උඩදී අම්බලන්ගොඩ මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයා ධම්මික නිරෝෂන් කැඳවා ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී තිබෙන බවට තොරතුරු ලැබී ඇති බැවින් ආරක්ෂා වෙන ලෙස දැනුම්දී තිබිණි ධම්මික නිරෝෂන් රට හැර ඩුබායි රාජ්යය වෙත ගොස් තිබුණේ එම සිද්ධීන්වලින් පසුවය කෙසේ වෙතත් ඊයේ රාත්රී 930ට පමණ ධම්මික නිරෝෂන් සිය නිවසේ සිට යතුරුපැදියෙන් පිටතට යෑමට පැමිණි අවස්ථාවේ පැමිණි පාතාල සාමාජිකයකු ගල්කටස් අවියක් යොදාගෙන ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇත ඝාතනයට ලක්වූ ධම්මික නිරෝෂන් එක්දරු පියෙකි පොලිස් කණ්ඩායම් තුනක් මෙම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇතහේමන්ත රන්දුණු
පොලිස්පතිට අතුරු නියෝග දැම්මොත් ජනාධිපතිවරණයේ ගැටලු ඇති වේවි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
ඒජේඒ අබේනායකදේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කළහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත විය හැකි යැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පැවසුවේයඒ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු පාර්ශ්ව අටක් විසින් ගොනු කර තිබෙන පෙත්සම් ඊයේ 17දා යළි විභාගයට ගත් අවස්ථාවේදී හෙතෙම එසේ කීවේයමෙම පෙත්සම් යසන්ත කෝදාගොඩ මහින්ද සමයවර්ධන සහ අචල වෙංගප්පුලි යන ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳවනු ලැබිණිපොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කරුණු දක්වමින් යම් හෙයකින් පෙත්සම්කරුවන් පෙත්සම මගින් ඉල්ලා ඇති අතුරු නියෝග ප්රදානය කළහොත් වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට සිදුවන බවත් ඒ තුළින් ඉදිරි මැතිවරණ කටයුතුවල දී අර්බුදකාරී තත්ත්වයන් උද්ගත විය හැකි බවත් කීවේයඑමෙන්ම ව්යවස්ථා දායක සභාව පොලිස්පතිවරයා පත් කිරීමේ දී නිවැරදිව කටයුතු කර ඇති බව පැවසූ ජනාධිපති නීතිඥවරයා පවසා සිටියේ ව්යවස්ථා දායක සභාවට කිසිදු ආකාරයක විධායක බලපෑමක් සිදු කළ නොහැකි බැවින් මෙහිදී කිසිදු ආකාරයක පරිපාලන හෝ විධායක ක්රියාවක් මගින් කිසිම අයකුගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නොමැති බවයිඑමෙන්ම ව්යවස්ථා දායක සභාව විධායකයට හෝ ව්යවස්ථා දායකයට පරිබාහිර වූ ස්වාධීන සභාවක් බැවින් එහි තීරණ නිවැරදි බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේයඑබැවින් මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේයඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ පෙත්සම්කරුවන් අධිකරණ කරුණු වසං කර ඇති බවයිඑමෙන්ම ව්යවස්ථාදායක සභාවට සිදුකළ හැක්කේ ජනාධිපතිවරයාගේ තීරණ අනුමත කිරීම හා නොකිරීම බවත් ඒ අනුව පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය ව්යවස්ථා දායක සභාව විධිමත් ක්රියාපටිපාටියට යටත්ව අනුමත කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේයඒ අනුව මෙම පෙත්සම් විභාගයට නොගෙන ඉවත් දමන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේයපෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් කියා සිටින්නේ පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්රම ව්යවස්ථා දායක සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවයිඑවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවෝ කියතිඑබැවින් අදාළ පත් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා තිබේමෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්රම ව්යවස්ථා දායක සභාවේ සාමාජිකයින් දේශබන්දු තෙන්නකෝන් මහතා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේපෙත්සම් විභාගය යළි හෙට සිදු කිරීමට නියමිතයි
ඡන්දෙට සල්ලි හරි මුදල් ලේකම් මැකොසට සහතික වෙයි
ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමේ හැකියාව පවතින බව ඊයේ 17දා මුදල් අමාත්යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්රමුඛ එම අමාත්යාංශ නිලධාරීන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත මුදල් අමාත්යාංශ ලේකම්වරයා ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් ඊයේ මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීම ඇතුළු මැතිවරණයේ මූල්ය කටයුතු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත මුදල් අමාත්යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයට මුදල් වෙන් කිරීමේ හැකියාව ඇති බවට දැනුම් දී ඇත්තේ මේ සාකච්ඡාවේදීය 2024 අයවැය මගින් රු බිලියන 10ක මුදලක් ඕනෑම මැතිවරණයක් පැවැත්වීම සඳහා වෙන්කර ඇත රජය දැඩි මූල්ය කළමනාකරණයකින් යුතුව කටයුතු කරමින් සිටියත් ඉදිරි ජනාධිපතිවරණයට මුදල් ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බවද මුදල් අමාත්යාංශයේ ස්ථාවරය බව මුදල් අමාත්යාංශ ලේකම්වරයා කියා තිබේ මූලික වශයෙන් තැපැල් මුද්රණ සහ ආරක්ෂාව සඳහා වන වියදම් ලබාදීමට සූදානම් බවටත් මැතිවරණ අවශ්යතා පරිදි අදාළ මුදල් වරින්වර නිදහස් කිරීමට මුදල් අමාත්යාංශයට හැකි බවටත් මුදල් අමාත්යාංශයේ අදාළ නිලධාරීන් මැතිවරණ කොමිසමට වැඩිදුරටත් කියා තිබේශ්යාම් නුවන් ගනේවත්ත
තෙල් නැව පෙරළී 16ක් අතුරුදන් 3ක් ලාංකිකයෝ
ශ්රී ලාංකිකයින් 03 දෙනකු සහ ඉන්දියානුවන් 13 දෙනකුගෙන් සමන්විත 16 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත ප්රෙස්ටීජ් ෆෝල්කන් නමැති තෙල් නැව ඕමානයේ වෙරළට ඔබ්බෙන් පෙරළී ඇතැයි ඕමානයේ සමුද්ර ආරක්ෂක මධ්යස්ථානය සඳහන් කරයි ඉකුත් 16 වැනිදා සවස ඕමානයේ වෙරළට ඔබ්බෙන් කොමරෝස් ධජය සහිතව මෙම තෙල් නැව යාත්රා කර ඇත මෙම අනතුරින් ඉන්දීය ජාතිකයින් 13 දෙනකු අතුරුදන් වී ඇතැයි වාර්තා වේ ඕමානයේ නාවික බලධාරීන් සිද්ධිය තහවුරු කර ඇති අතර අතුරුදන් වූ නැවියන් සොයා ගැනීම සඳහා මෙහෙයුම් ක්රියාත්මක බව ද ප්රකාශ කළේය ඕමානයේ සමුද්ර ආරක්ෂක මධ්යස්ථානය කියා සිටියේ රාස් මද්රකාහි සිට නාවික සැතපුම් 25ක් පමණ දුරකදී තෙල් නැව පෙරළුණු බවය අදාළ බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්රියාත්මක කළ බව ද ඕමානයේ සමුද්ර ආරක්ෂක මධ්යස්ථානය සඳහන් කරයි ප්රෙස්ටීජ් ෆෝල්කන් සිය ගමන ආරම්භ කර ඇත්තේ ඩුබායි හි හම්රියා වරායෙනි එහි ගමනාන්තය යේමනයේ ඒඩන් වරාය විය අනතුරට පත් නැවෙහි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට ඉන්දීය නාවික හමුදාව ද මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටින බව විදෙස් මාධ්ය වාර්තා පවසයි ඒ සඳහා යුද නෞකාවක් සහ දිගු දුර සමුද්රීය ඔත්තු බැලීමේ ගුවන් යානයක් ද යොදා ඇතැයි ද විදෙස් මාධ්ය වැඩිදුරටත් සඳහන් කරයි
පොලිස්පතිට අතුරු නියෝග දැම්මොත් ජනාධිපතිවරණයේ ගැටලු ඇති වේවි
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කළහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත විය හැකි යැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පැවසුවේය ඒ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු පාර්ශ්ව අටක් විසින් ගොනු කර තිබෙන පෙත්සම් ඊයේ 17දා යළි විභාගයට ගත් අවස්ථාවේදී හෙතෙම එසේ කීවේය මෙම පෙත්සම් යසන්ත කෝදාගොඩ මහින්ද සමයවර්ධන සහ අචල වෙංගප්පුලි යන ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳවනු ලැබිණි පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කරුණු දක්වමින් යම් හෙයකින් පෙත්සම්කරුවන් පෙත්සම මගින් ඉල්ලා ඇති අතුරු නියෝග ප්රදානය කළහොත් වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට සිදුවන බවත් ඒ තුළින් ඉදිරි මැතිවරණ කටයුතුවල දී අර්බුදකාරී තත්ත්වයන් උද්ගත විය හැකි බවත් කීවේය එමෙන්ම ව්යවස්ථා දායක සභාව පොලිස්පතිවරයා පත් කිරීමේ දී නිවැරදිව කටයුතු කර ඇති බව පැවසූ ජනාධිපති නීතිඥවරයා පවසා සිටියේ ව්යවස්ථා දායක සභාවට කිසිදු ආකාරයක විධායක බලපෑමක් සිදු කළ නොහැකි බැවින් මෙහිදී කිසිදු ආකාරයක පරිපාලන හෝ විධායක ක්රියාවක් මගින් කිසිම අයකුගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නොමැති බවයි එමෙන්ම ව්යවස්ථා දායක සභාව විධායකයට හෝ ව්යවස්ථා දායකයට පරිබාහිර වූ ස්වාධීන සභාවක් බැවින් එහි තීරණ නිවැරදි බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය එබැවින් මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ පෙත්සම්කරුවන් අධිකරණ කරුණු වසං කර ඇති බවයි එමෙන්ම ව්යවස්ථාදායක සභාවට සිදුකළ හැක්කේ ජනාධිපතිවරයාගේ තීරණ අනුමත කිරීම හා නොකිරීම බවත් ඒ අනුව පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය ව්යවස්ථා දායක සභාව විධිමත් ක්රියාපටිපාටියට යටත්ව අනුමත කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය ඒ අනුව මෙම පෙත්සම් විභාගයට නොගෙන ඉවත් දමන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් කියා සිටින්නේ පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්රම ව්යවස්ථා දායක සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවයි එවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවෝ කියති එබැවින් අදාළ පත් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා තිබේ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්රම ව්යවස්ථා දායක සභාවේ සාමාජිකයින් දේශබන්දු තෙන්නකෝන් මහතා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ පෙත්සම් විභාගය යළි හෙට සිදු කිරීමට නියමිතයිඒජේඒ අබේනායක
රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්ද අයිතිය ඉල්ලා පෙත්සමක්
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ට ඉදිරි මැතිවරණවලදී ඡන්දය ප්රකාශ කිරීමට අවශ්ය කරන පහසුකම් සලසාදීමට අවශ්ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයට ඊයේ 17දා පෙත්සමක් ඉදිරිපත් කෙරිණි සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා විසින් පෙත්සම ගොනු කර තිබේ මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත පෙත්සම්කරු සිය පෙත්සම මගින් පවසනුයේ එක්සත් ජාතීන්ගේ මානව ප්රඥප්තියේ පැහැදිලිව සියලු සිරකරුවන් මනුෂ්යයන් වශයෙන් සලකන බවත් ඔවුන්ට හිමිවිය යුතු වරප්රසාද ලබා දිය යුතු බවත් දක්වා ඇති බවයි යම් පුද්ගලයකු අධිකරණයෙන් වරදකරුවකු කරන තුරු ඔහු නිර්දෝෂි පුද්ගලයකු වශයෙන් සලකන බවද ඒ අනුව ඔහුට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන් සියලු මූලික අයිතිවාසිකම්වලට හිමිකම් ලැබෙන බවද පෙත්සමේ සඳහන් වෙයි එමෙන්ම ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 89 වැනි ව්යවස්ථාව අනුව ඡන්දය භාවිතයට සුදුසු හා නුසුදුසු සිරකරුවන් වර්ගීකරණය කරමින් සිරකරුවන්ට ද ඡන්දය ප්රකාශ කිරීමේ වරප්රසාදය ලබා දී ඇති බවද පෙත්සමේ සඳහන් ය නමුත් මේ වනතුරු මැතිවරණයකදී සිරකරුවන්ට ඡන්දය ප්රකාශ කිරීම සඳහා යාන්ත්රණයක් ස්ථාපිත කර නොමැති බව පෙත්සමෙන් කියයි එබැවින් සුදුසුකම් ලත් සිරකරුවන්ට ඡන්දය ප්රකාශ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට නියෝග කරමින් මැතිවරණ කොමිසමට රිට් ආඥාවන් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇතඒජේඒ අබේනායක
ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කමිටුවක්
ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කර ඇත ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන තක්සේරු කිරීමට සහ ඔවුන්ට අවශ්ය ආරක්ෂාව සහතික කිරීමට කමිටුවක් පත් කිරීමට ඉන් යෝජනා කර තිබේ මෙම ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා නියෝජ්ය පොලිස්පතිවරයකු පත් කිරීමට ද අදාළ කැබිනට් පත්රිකාවෙන් වැඩිදුරටත් යෝජනා කර ඇත
සජබට එරෙහි ඩයනාගේ නඩුව ඩයනාම අස්කර ගනී
සිය පාර්ලිමේන්තු මන්ත්රි ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු රාජ්ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ පෙත්සම ඇය ඊයේ 17දා ශ්රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තාය මෙම පෙත්සම ඊයේ 17දා කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ දන්වා සිටියේ අදාළ පෙත්සම පවත්වාගෙන යෑමට අවශ්යතාවක් නොමැති බවය ඒ අනුව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය
රටේ ආර්ථිකය තිබෙන්නේ පිහියේ දාරයේණය ප්රතිව්යුහගතකරණය ගැන ආරංචියක් තවම ලැබිලා නැහැ
ණය ප්රතිව්යුහගතකරණය සම්බන්ධයෙන් වන ආරංචිය තවම ලැබිලා නැති බවත් ආරංචිය සුබයි කියලා කිව්වට රටේ ආර්ථිකය තිබෙන්නේ පිහියේ දාරයේ යැයි සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ 17දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්ය හමුවට එක්වෙමිනි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය ණය ප්රතිව්යුහගතකරණය ඉක්මනින් අවසන් කරගැනීමට රජයට සිදුවෙනවා එසේ ණය ප්රතිව්යුහගතකරණය සිදුකර ගැනීමට නොහැකි වුවහොත් ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ තිබෙන ගිවිසුමේ ගැටලු ඇතිවෙන්න හැකියාවක් තිබෙනවා ශ්රී ලංකාවේ ජනතාවගේ ජීවින තත්ත්වය පිළිබඳව දත්ත ආශ්රිතව පර්යේෂණ ආයතන 5 ක වාර්තාවක් සකස් කරලා තිබෙනවා ඒ අනුව සමස්ත ජනතාවගෙන් සියයට 91 කට ආදායමට වඩා වියදම අධික බව ච්චැර ජමඉැ ආයතනය පවසනවා මෙය බරපතල ප්රකාශයක් ඒ වගේම සමාජයේ පහළ පෙළේ සිටින පිරිසගෙන් සියයට 79 කට ඔවුන්ගේ එදිනෙදා ජිවිතය ගෙවාගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව කොන්ටම් කියන පර්යේෂණ ආයතනය පවසනවා පිටි කිරි ගත්ත ප්රමාණයෙන් සියයට 25 ක ප්රමාණයක් එය නවතා දමා ඇති බව කැන්ටර් පර්යේෂණ ආයතනය පවසනවා ඒ වගේම පාසල් යන දරුවන් සියයට 50 කට පාසල් යෑම සඳහා අවශ්ය වන දේවල් ගැනීමට හැකියාවක් නැති බව රජයේ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පවසවා ඒ වගේම ආර්ථික අර්බුදයෙන් පසු සියයට 92 කින් ජිවන මිල වැඩි වී තිබෙනවා ලක්ෂ 30 ක් වුණ දරිද්රතාවය අද වන විට ලක්ෂ 70 දක්වා වැඩි වී ඇති බව ලර්න් ඒෂියා ආයතනය පවසනවා නගර ආසන්න දුප්පත්කම සියයට 18 ක් සහ ග්රාමීය දුප්පත්භාවය සියයට 36 ක් සහ වතු ආශ්රිත දුප්පත්කම සියයට 51 කින් ඉහළ ගොස් ඇති බවත් සඳහන් වෙනවා ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවගෙන් සියයට 56 ක් මානසික ආතතියෙන් පෙළෙන බවත් පර්යේෂණ ආයතන සඳහන් කරනවා ඒ වගේම 2021 වසරේ රුපියල් සියයක් වියදම් කර ලබාගත් පාරිභෝගික භාණ්ඩයක වර්තමාන මිල රුපියල් 246 ක් බවට පත් වී තිබෙනවා යම් යම් භාණ්ඩවල මිල වැඩි වෙලා නැති වුණත් ඒ භාණ්ඩවල ශුද්ධ බර අඩුවෙලා තිබෙන බව මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැනගන්න ලැබුණා ඒ අනුව මූලික කාරණය වන්නේ ජනතාවට දැනෙන ආකාරයට භාණ්ඩවල මිල පහත දැමීම මේ අතර මැද පන්තිය සහ ඉහළ මැද පන්තියේ ජිවත් වන ජනතාවට තිබෙන ලොකුම ගැටලුව වන්නේ ඔවුන්ට මාසිකව ලැබෙන වැටුපට සියයට 36 ක බදු මුදලක් අය කිරීම එලෙස විශාල බද්දක් තමන්ගේ වැටුපට අය කළ පසු ඔවුන්ට නිවසේ අයවැය නිසියාකාරව කළමනාකරණය කරගන්න නොහැකි වෙනවා ඒ නිසා මැද පන්තියට අද ජිවිත්වීම ගැටලුවක් බවට පත්වෙලා තිබෙනවා මේ තත්ත්වය ජාත්යන්තර මුල්ය අරමුදලට අනුව වෙනස් කරන්න පුලුවන්ද බැරිද කියලා බැලිය යුතුයි ඒ වගේම ජනාධිපතිවරයා අත්සන් කළ ජාත්යන්තර මුල්ය අරමුදලේ රාමුව තුළ සිට වැඩ කිරිමට සිදුවෙලා තිබෙනවා එසේ සිදු නොකළහොත් ණය ප්රතිව්යුහගතකරණය සිදුකිරිමට නොහැකි වෙනවා ඒ සඳහා විකල්ප ප්රතිපත්තියත් තවම ඉදිරිපත් කරලා නෑ නමුත් ව්යුහාත්මක වෙනස්කම් ජාත්යන්තර මුල්ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම ඇතුළේ සිදුකරන්න සමගි ජනබලවේගය කටයුතු කරවා ජනතාව විඳින දුකිනේ ගොඩනගන්න කෙටි කාලින සහ මධ්ය කාලීන වැඩපිළිවෙළක් සමගි ජනබලවේගයට තිබෙනවා ජාත්යන්තර මුල්ය අරමුදලේ වැඩපිළිවෙළ සහ ණය ප්රතිව්යුහගතකරණය එකට යා යුතු බව ජාත්යන්තර මුල්ය අරමුදල රජය සහ ණය හිමියන් එකඟවෙලා තිබෙන්නේ නමුත් ජාත්යන්තර ණය ප්රතිව්යුහගතකරණය අවසන් වෙලා නෑ ද්විපාර්ශ්වික ණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව ආණ්ඩුව කිව්වත් ඒ සම්බන්ධයෙක් අත්සන් කරපු ලියවිලි පාර්ලිමේන්ත්වට ඉදිරිපත් කරලා නෑ ණය ප්රතිව්යුහගතකරණය සම්බන්ධයෙන් වන ආරංචිය තවම ලැබිලා නෑ ලැබුණට පස්සේ ඒ ගැන පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට තිබෙනවා ණය ප්රතිව්යුහගතකරණය ඉක්මනින් අවසන් කරගැනීමට සිදුවෙනවා එසේ ණය ප්රතිව්යුහගතකරණය සිදුකර ගැනීමට නොහැකි වුණොත් ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ තිබෙන ගිවිසුමේ ගැටලු ඇතිවෙන්න පුලුවන් ආරංචිය සුබයි කියලා කිව්වට රටේ ආර්ථිකය තිබෙන්නේ පිහියෙ දාරයේ රට බංකොලොත් භාවයෙන් මිදුනා කියලා කවුරුන් හෝ කියනවා නම් එවැනි දෙයක් තවම සිදුවෙලා නෑ ඊළඟට ආණ්ඩුව ගන්න පිරිසට අතිශයින් දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙනවා ඒ අභියෝගය භාර ගන්න සමගි ජනබලවේගය සූදානම් කතිරය ගහලා සමගි ජනබලවේගට සහාය දුන්නොත් සමගි ජනබලවේගයට හැකියාව තිබෙනවා රටේ ඉදිරියට අරගෙන යන්න
නීතිය ඉදිරියේ සැවොම සමානයි යථාර්ථයක් කරනවා
මාලිමා ආණ්ඩුවකදී නීතිය ඉදිරියේ සැවොම සමානයි සංකල්පය යථාර්ථයක් බවට වෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය මිනුවන්ගොඩදී පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් තරුණ රැලිය අමතමින් වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 54ක් වෙනවා රනිල් වික්රමසිංහ අවුරුද 47ක් වෙනවා දිනේෂ් 41ක් පාර්ලිමේන්තුවේ හිටියා මේ අය ජනාධිපති ධුර අගමැති ධුර අමාත්ය ධුර දැරවා රට විනාශයෙන් විනාශයට පත් කළා ඒ අසාර්ථක නායක කණ්ඩායම්වලින් බලය අලුත් පරම්පරාවක් අතට මාරුකර ගන්න ඕනැකම තිබෙනවා ඒගොල්ලන් හිතුවේ නැහැ මෙවැනි අලුත් දේශපාලන ව්යාපාරයක නැගීමක් පිබිදීමක් ඇති වේවි කියලා මෙතෙක් කලක් ඒ ගොල්ලන් ආණ්ඩුව කරගෙන ආවා ඒ අය හොරකම් නාස්ති කරන කොට අපි කියනවා හොරකම් කරනවා නාස්ති කරනවා කියලා කියනවා ඒත් එයාලා පාඩුවේ ඒවම කරගෙන යනවා අද ඒ අය විපක්ෂයට තල්ලු කරලා ජාතික ජන බලවේගයට බලය ලබාගැනීමේ අවස්ථාක් උදාවෙලා තිබෙනවා මේ සිදුවීමට යන වෙනස ලෙහෙසියෙන් සිදුවෙන්න දෙන්නේ නැහැ දශක ගණනාවකට පස්සේ දේශපාලන පරිවර්තනයක් සඳහා අවස්ථාව උදාවෙලා තිබෙනවා පැරණි අසාර්ථක දේශපාලන නායකයන් වෙනුවට අසාර්ථක දේශපාලන ව්යාපාර වෙනුවට නව දේශපාලන නායකයන් නව දේශපාලන ව්යාපාරයකට අපේ රට ප්රවිෂ්ට කිරීම සඳහා මහඟු අවස්ථාවක් උදාවෙලා තිබෙනවා තව මාස දෙකහමාරයි මේ මාස දෙකහමාර පොර බදන්න ඕනෑ මහන්සි වෙන්න ඕනෑ මේ ජයග්රහණය ශක්තිමත් ජයග්රහණයක් බවට පත් කරන්න ඒ වෙනුවෙන් වැඩකරන්න යහළුවන් එක්ක හිතවතුන් එක්ක කතා කරන්න කතා කරලා විශාල ජයග්රහණයක් අරගෙන දෙන්න මේ මැතිවරණයේ නිමාවත් සමග ලංකාවේ දේශපාලනය අලුතින් ලියන්න අපි පටන් ගනිමු මේ රට ගොඩනඟන්න මොකක්ද අපි කළ යුත්තේ නීතිය ඉදිරියේ සැවොම සමාන විය යුතුයි දියුණු සෑම රටකම දියුණුවේ ප්රධාන ලක්ෂණය තමයි නීතිය ඉදිරියේ සැවොම සමාන වීම අපේ රටේ නීතිය සැමට සමාන නම් ප්රසන්න රණතුංග ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තුවේ ඉන්න බැහැ රනිල් වික්රමසිංහට ජනාධිපති ධුරය දරන්න බැහැ ඒගොල්ලන් නීතියේ රැකවරණය ලබන නීතියට වඩා උඩින් ඉන්න අය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදි නීතිය ඉදිරියේ සැවොම සමානයි සංකල්පය යථාර්ථයක් බවට පත්කරනවා නීතිය ඉදිරියේ සැවොම සමාන නොවී අපේ රටේ අපරාධ ඝාතන නවත්වන්න බැහැ මේ පාතාල හැදුණේ ඒගොල්ලන් ළඟයි ගෝනවල සුනිල් කාන්තාවක් දූෂණය කර හිරේට ගියාට පස්සේ ජේආර් ජයවර්ධන ජනාධිපති සමාව දීලා සාමදාන විනිශ්චයකාර තනතුරක් දෙනවා පාතාලය ආරක්ෂා කරනවා වර්ධනය කරනවා සොත්ති උපාලි ප්රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්යාධිකාරී මණ්ඩලය නියෝජනය කරනවා පාතාලය ආරක්ෂා කරලා වර්ධනය කරලා අවි ආයුධ දීලා අපේ රට අපරාධ රාජ්යයක් බවට පත් කළේ මේ දේශපාලකයන් කඩුවෙල වසන්තලා හැදුනේ රත්නපුරේ ඇමැතිලාගේ තුරුල්ලේ අපරාධවලින් තොර මත්ද්රව්යවලින් තොර සෑම දෙනාටම ජීවිතය පිළිබඳ අවිශ්වාසයකින් තොරව ගත කළ හැකි තත්වයක් අපි නිර්මාණය කරනවා ලෝකයේ විශාල පර්යේෂණාගාරවල වැඩ කරන අපේ විද්යාඥයෙක් ලංකාවේ විශාල වෙහෙසක් දරලා පර්යේෂණ කරලා බාස්මතී වී සොයාගෙන තිබෙනවා එයා අපේ කෘෂිකර්ම කමිටුවේ විද්යාඥයෙක් ලෝකයේ පිළිකා රෝගය නිට්ටාවටම සුව කිරීම සඳහා පරීක්ෂණ පවත්වනවා පසුගියදා ප්රවෘත්තියක් පළ වුණා නිට්ටාවටම බෙහෙතක් සොයා ගත්තා කියලා ඒ පර්යේෂණ කරන්නේ අපේ පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ වැඩකටයුතු කරන අපේ විද්යාඥයෙක් අපේ කෝලිකුට්ටු ගෙඩියේ පොත්ත ශක්තිමත් නැහැ ඒ පොත්ත ශක්තිමත් කරන්නේ කොහොමද කියා පර්යේෂණ කරන අය අද ජාතික ජන බලවේගයත් සමග ඉන්නවා අලුත් පර්යේෂකයන් අපේ රටට ඕනෑ ලෝකය ඉදිරියට යන්නේ නව තාක්ෂණය නව දැනුම එක්කයි ලෝකය එක යුගයක් පාලනය කළා වැඩිම නාවික බලයයි වෙඩි බලයයි තිබුණු අය ඊළඟට ලෝකය පාලනය කළේ වැඩිම මූල්ය බලය තිබෙන කෙනා ක්රමානුකූලව වර්තමාන ලෝකය පාලනය කරන්නේ වැඩිම තාක්ෂණික හිමිකාරිත්වය තිබෙන වැඩිම නව නිමැවුම් තිබෙන කෙනා අපේ පරිපූරක වෛද්ය සංගමයේදි ලංකාවේ වෛද්ය උපකරණ නිර්මාණය වෙනුවෙන් පේටන් අයිතිය තිබෙන කණ්ඩායම් අපට හමුවුණා රටකට ඉස්සරහට යන්න නම් අලුත් දැනුම අලුත් නිෂ්පාදන කරන්න ඕනෑ 2030 වෙනකොට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්ය වෙනවා තව අවුරුදු හයකින් ලෝකයට කෝටි දෙකක මෘදුකාංග ඉංජිනේරුවන් ඕන වෙනවා අපි ඒ මාර්කට් එක අල්ල ගෙන නැහැ ලෝක වෙළඳපොළෙන් වැඩිම මෘදුකාංග වෙළඳපොළ අල්ලාගෙන තිබෙන්නේ ඉන්දියාව අපි අලුත් තරුණ පරම්පරාවට ලෝකයේ ඇතිවෙන නව තාක්ෂණ වෙනස්කම් ශ්රම වෙළඳපොළ වෙනස්කම්වලට අනුරූප වන පරිදි භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කරන රාජ්යයක් බවට ශ්රී ලංකාව පරිවර්තනය කරනවා මේ වෙනස නිර්මාණය කරන්න අපට පටන් ගන්න වෙන්නේ දේශපාලන පරිවර්තනයකින් තව මාස දෙකහමාරයි මේ වෙනසේ ආරම්භය ගන්න වෙන්නේ බලය අතට අරගෙන පැරණි අසාර්ථක දේශපාලන ගමනෙන් සහ පැරණි අසාර්ථක නායකත්වයෙන් මේ රට මුදාගෙන නව දිසාවකට පරිවර්තනය කරමු ඒ සඳහා එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මක හැරවුම බවට පත්කර ගනිමු
යුද්ධ තිබූ රටවල් දියුණු වෙද්දී යුද්ධය අවසන් අපි තවමත් එකතැන
No Data
ඖෂධ සැපයුම්කරුවන්ට මිලියන 8152ක පොල්ලක්
No Data
දුම්රිය ස්ථානාධිපතිලාට ආණ්ඩුව පොලු තිබ්බා සභාපති සුමේධ කියයි
No Data
ජනාධිපතිවරණය 2024 කවුද සටනට එන්නේ
No Data
පොල් පොහොර මිල රු2000කින් බසී
No Data
ප්රජාතන්ත්ර විරෝධී බලවේගවලට තටු දෙන්න එපා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක
No Data
පොල්තෙල් මිල නගී
No Data
ඡන්දයට නිරීක්ෂකයෝ 8000ක් පැෆරල් කියයි
No Data
ජනපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබාදෙන දීමනාව 50කින් වැඩිකළා
No Data
මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ කැණීම් තාවකාලිකව නතර කෙරේ
මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ කැණීම් කටයුතු මුලතිව් මහෙස්ත්රාත්වරයාගේ නියෝගයක් මත 16 දා සවස තාවකාලිකව නවතා දමා එම මිනී වළේ අර්ධයක්ද පස්වලින් වසා දමා තිබේ එම සමූහ මිනී වලේ තුන් වන අදියරයේ කැණීම් කටයුතු සඳහා මූල්ය ප්රතිපාදන වෙන් වීමෙන් පසුව කැණීම් කටයුතු ආරම්භ වූ අතර එම අදියරයේ දී මිනිස් ඇට සැකිලි 12 ක් හමු වී තිබුණි ඒ අනුව එම සමූහ මිනී වළෙන් මෙතෙක් ගොඩ ගන්නා ලද මිනිස් ඇට සැකිලි සංඛ්යාව 52 කි මුලතිව් මහෙස්ත්රාත් ධර්මලිංගම් ප්රදීපන් මහතාගේ නියෝගයකට අනුව එම සමූහ මිනී වළේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්කෑන් යන්ත්ර හා වෙනත් උපකරණ භාවිතයට ගත් අතර කැණීම් භාරව සිටි නිලධාරීන් අධිකරණයට වාර්තා කොට ඇත්තේ තවදුරටත් එම ස්ථානයේ කැණීම් දිගටම සිදු කරගෙන යෑමෙන් පලක් නොමැති බවය ඒ අනුව සමූහ මිනී වළේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසත් මෙතෙක් කැණීම් සිදු කළ සමූහ මිනීවළ ආරක්ෂිතව අර්ධයක් වසා දමන ලෙසත් මහෙස්ත්රාත්වරයා නියෝග කොට තිබේ ඒ අනුව බැකෝ යන්ත්රයක ආධාරයෙන් කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ අර්ධයක් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගන්නා ලදී මෙතෙක් එම සමූහ මිනී වළෙන් ගොඩ ගෙන ඇති මිනිස් ඇට සැකිලි 52 ඉතා සුරක්ෂිතව මුලතිව් අධිකරණයේ ගබඩා කොට තිබේ මෙම සමූහ මිනී වළ නිරීක්ෂණය කීරීම පිණිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ නියෝජිතවරුන්ද ජාත්යන්තර ක්ෂමා සංවිධානයේ නියෝජිතයින්ද පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ද ඇතුලුව විශාල පිරිසක් ගත වූ කාලය තුළ පැමිණ සිටියහදිනසේන රතුගමගේ
අධ්යාපන අවස්ථා අහිමි ළමුන් සහ තරුණයන් වෙනුවෙන් යුනෙස්කෝව ප්රධාන කාර්යභාරයක් තිබෙනවා
ප්රචණ්ඩකාරී ප්රහාර පාසල් සහ විශ්වවිiාල දක්වා ද ව්යාප්ත වී ඇති බවත් යුද්ධයෙන් ස්වාභාවික විපත්වලින් සහ වසංගතවලට ගොදුරු වූවන් ඊටත් වඩා වැඩි සංඛ්යාවක් සිටින බවත් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති යුනෙස්කෝ 75 වැනි සංවත්සරයට එක්වෙමිනි මිලියන සංඛ්යාත ළමුන් සහ තරුණ තරුණියන් පාසල්වලින් බැහැරව අවස්ථා නොමැතිව සිටින බව මෙහිදී අග්රාමාත්යවරයා අවධාරණය කළේය යුනෙස්කෝ සංවිධානය ආරම්භ කරන ලද්දේ ලෝක යුද්ධයක් සමගින් මිලියන ගණනක් විනාශ වුණා මිලියන ගණනකට මරණයෙන් සහ බලාපොරොත්තු සුන්වීමෙන් පලායෑමට සිදුවුණා මිලියන ගණනකට තම නිවාස අහිමි වූ අතර යහපත් අනාගතයක් සොයමින් සියල්ල අතහැර දමා තිබෙනවා යි පැවසූ අග්රාමාත්යවරයා වින්දිත දරුවන් රැකබලා ගැනීම සඳහා යුනෙස්කෝවට ප්රධාන වගකීමක් පවතින බවද පෙන්වා දුන්නේය මෙරට පැමිණ සිටින යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඕඩී අසුලි මහත්මිය මහනුවරට පැමිණි අවස්ථාවේදී ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පිළිගත් අවස්ථාව මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරයා 1945 වසරේ එහි ආරම්භයේ සිටම ශිෂ්ටාචාරයන් අතර සංවාදය පෝෂණය කිරීම සංස්කෘතීන් සහ ජනතාව පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම පොදු වටිනාකම් ප්රවර්ධනය කිරීම සහ තිරසර සංවර්ධනය සඳහා දායක වීම සඳහා අධ්යාපන සංස්කෘතික සහ විiා ක්ෂේත්රයන්හි යුනෙස්කෝව මහත් සේවයක් සිදුකර තිබෙනවා වසර ගණනාවක් පුරා යුනෙස්කෝ සංවිධානය ලබාදුන් දායකත්වය ශ්රී ලංකාව ඉතා ඉහළින් අගය කරනවා විශේෂයෙන් බුදුන්ගේ ඉගැන්වීම් අනුස්මරණය කරමින් ජාත්යන්තර වෙසක් දිනය සැමරීම බුදු දහම හින්දු ආගම ක්රිස්තියානි ආගම හා ඉස්ලාම් ආගම සමග අන්තර් සංවාදයක් සඳහා විශේෂිත වේදිකාවක් නිර්මාණය කරයි යුනෙස්කෝහි ක්රියාකාරි සාමාජිකයකු ලෙස අපි විවිධ අවස්ථාවල සාමාජිකයන් 58 දෙනකුගෙන් යුත් විධායක මණ්ඩලයේ තීරණ ගැනීම සඳහා දායක වී තිබෙනවා අපගේ අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත අධ්යාපන අමාත්යවරයා වශයෙන් පත් වූ පසු මණ්ඩලයේ කටයුතු කරනවා ශ්රී ලංකාව එහි විධායක මණ්ඩලයේ වසර 27ක සාමාජිකත්වය තුළ කේන්ද්රීය තීරණ ගැනීමේ ක්රියාවලියට දායක වී ඇති අතර සංවිධානයේ පැවැත්මේ වඩාත්ම දුෂ්කර කාලවලදී එහි මෙහෙයවීමට සහාය වීමට සමත් වී තිබෙනවා යුනෙස්කෝහි විශාලතම කලාපීය කණ්ඩායම වන ආසියා පැසිෆික් කණ්ඩායමේ සාමාජික රාජ්යයක් ලෙස තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ශ්රී ලංකාව සමත් වී තිබෙනවා යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් ඕඩි්ර අසුලි ජනපති ආර්යා මහාචාර්ය මෛත්රි වික්රමසිංහ අමාත්ය සුසිල් ප්රේමජයන්ත ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ
අදත් වැසි හෙට සිට අඩු වෙයි
බස්නාහිර සබරගමුව වයඹ යන පළාත් වලටත් මහනුවර නුවරඑළිය ගාල්ල මාතර යන දිස්ත්රික්කවලටත් අද 18 දා දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ ජනක කුමාර මහතා දිවයිනට පැවැසීය අද දිනයෙන් පසු වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවද හෙතෙම කීය ගතවූ පැය 24 තූළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල මොරලිය ප්රදේශයෙන් වාර්තාවූ බවත් එය මිලිමීටර් 412 ක් බවත් හේ කියා සිටියේය කෙසේ වෙතත් අගෝස්තු මාසය පුරා කඩින් කඩ වැසි ඇති වන බවද හෙතෙම කීයප්රදීප් ප්රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
මැදියම් රැයේ බලය ලැබුණා ශ්රේෂ්ඨාධිකරණයෙන් තහනම් නාවොත් 31ට පෙර දිනය කියන්නම් මැකොස සභාපති ආර්එම්ඒඑල් රත්නායක කියයි
ශ්රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් පැනවුවහොත් හැර ජනාධිපතිවරණය නැවැත්වීමට මේ මොහොතේ කිසිදු හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්එම්ඒඑල් රත්නායක මහතා පැවැසීය ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මූලික පියවරයන් සියල්ල මේ වනවිට ගෙන ඇති බව ද ලබන 31 වැනිදාට පෙර ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමට සියලු ක්රියාමාර්ග ගෙන ඇති බව ද ඊයේ 16දා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති මාධ්ය හමුවේදී ඒ මහතා කියා සිටියේය ජනාධිපතිවරණ දැන්වීම නිකුත් කරන දිනයේ සිට දින 16ත් 21ත් අතර දිනයකදී නාමයෝජනා පත්ර භාරගැනීම සිදුවන බවත් එදින සිට සති හතරක් හයක් අතර දිනයකදී ඡන්ද විමසීම සිදු කරන බවත් කී සභාපතිවරයා නාමයෝජනා කැඳවන දිනය හා ඡන්ද විමසීම සිදුකරන දිනය මුලින් නිකුත් කරන ජනාධිපතිවරණ දැන්වීම් දිනයට ඇතුළත් කරන බව ද සඳහන් කළේය ඒ අනුව සැප්තැම්බර් 17 වැනිදායින් පසු සුදුසුම දිනයකදී ඡන්ද විමසීම සිදු කරන බවද රත්නායක මහතා කීය 2024 ඡන්ද හිමි නව නාමලේඛනය යටතේ ජනාධිපතිවණය පවත්වන බවත් ඒ අනුව ඡන්දදායකයන් එක්කෝටි හැත්තෑඑක් ලක්ෂ හතළිස් දහසකට ආසන්න පිරිසක් ඡන්ද සලකුණු කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ ඡන්දදායකයන් හැත්තෑහය දහසක් පමණ එහි ඇතුළත් බවත් සඳහන් කළේය ඊයේ මධ්යම රාත්රී 12න් පසු මැතිවරණ දිනය ප්රකාශයට පත් කිරීමට කොමිසමට බලය ලැබුණු බවද රත්නායක මහතා කීය ජනාධිපතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති බව ද ඉන් අවශ්ය වන අවස්ථාවලදී වියදම් මුදල් මේ වනවිට ලබාගෙන ඇති බව ද ඉදිරි වියදම් කටයුතු පිළිබඳව අද 17 දා මුදල් අමාත්යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කරන බව ද සඳහන් කළේය ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට වියදම් නියාමනය සඳහා විගණන කොමසාරිස් ඇතුළු රාජ්ය ආයතන රැසක් සමග සාකච්ඡා කර ඇති බවද කී සභාපතිවරයා නාමයෝජනා පත්ර භාරගෙන දින 5ක් ඇතුළත අපේක්ෂකයන්ට උපරිම වියදම් සීමාවක් ලබාදෙන බව ද කීය රනිල් ධර්මසේන ඡායාරූපය ජූඩ් ඩෙන්සිල් පතිරාජ
කවුද සටනට එන්නේ
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස අලුත් ලකුණකින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු අධ්යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා දිවයිනට ඊයේ 16දා පැවසීය රටේ පවතින්නේ දේශපාලන ප්රශ්නයක් නොව ආර්ථික ප්රශ්නයක් බවත් දේශපාලන ප්රශ්නවලට විසඳුම් ලබාදීමට ඇතැම් අයට හැකියාව ලැබුණත් ආර්ථික ප්රශ්නවලට විසඳුම්දීමට රටේ සිටින එකම නායකයා රනිල් වික්රමසිංහ මහතා බවත් ඔහු කීය වැටී තිබූ රට යම් මට්ටමකට ගොඩගෙන ඉදිරියට ගෙනයෑමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් ජනතාව එය තේරුම් ගෙන ජනාධිපතිවරයා නැවත ජනාධිපති ධුරයට පත්කර ගැනීමට වගබලාගත යුතු බවත් කී ඒ මහතා ජනතාව වැරදි තීරණයක් ගෙන රට නැවත ආර්ථිකමය වශයෙන් කඩා වැටුණහොත් පසුතැවී පලක් නැතැයි ද කීය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට කිහිපදෙනකු සිටිය ද රට ඉදිරියට ගෙනයන ආකාරය හෝ ඒ සඳහා ආර්ථික දැක්මක් ඉදිරිපත් කරන්නේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පමණක් බවද කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය චමින්ද සිල්වා එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා නිසැකවම ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්රී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා දිවයිනට ඊයේ 16දා ප්රකාශ කළේය සජිත් ප්රේමදාස මහතා විශාල ඡන්ද ප්රතිශතයකින් ජයග්රහණය කරනු ලබන බවත් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය ජයග්රහණය කළ හැකි ජනතා නායකයා සිය පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය සුජීව තත්සර එළැඹෙන ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්වීම ස්ථිර බව එම බලවේගයේ විධායක සභික වෛද්ය නලින්ද ජයතිස්ස මහතා දිවයිනට ඊයේ 15දා සඳහන් කළේය ඔහු මාලිමාව ලකුණින් තරග කරන බවත් ඔහුට ජයග්රහණය ස්ථිර බවත් හෙතෙම කියා සිටියේය ජාතික ජන බලවේගයේ ජයග්රහණය පිණිස ජනතාව රොද බැඳ සිටින බවත් ජනතාවට දැන් අවශ්යව ඇත්තේ මැතිවරණය බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය සිරිමන්ත රත්නසේකර ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේම කෙනෙක් තරග කළ යුතු බව බහුතර මතයයි ඒත් තවම තීන්දුවක් ගෙන නැහැ යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය මේ වනවිට ආසන සමුළු පවත්වා පක්ෂය ශක්තිමත් කරලීමේ මූලික පියවරයන් ගෙන ඇති බවත් සඳහන් කළ ලේකම්වරයා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජයග්රහණය කරවීමට කටයුතු කරන බවත් පැවසීය මෙරට ජනතාවගෙන් බහුතරයක් ශ්රී ලංකා පොදුජන පෙරමුණ වටා සිටින බවත් ප්රකාශ කළ ලේකම්වරයා එම ජනතාවගේ බලාපොරොත්තු සහ අනාගත අපේක්ෂාවන් ජයග්රහණය කිරීම සඳහා කටයුතු කරන බවත් තවදුරටත් අදහස් දක්වමින් පැවසීය එරික් ගාමිණී ජිනප්රිය උතුරේ ජනතාවගේ ඉල්ලීම මත එළැඹෙන ජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්ෂකයකු අප ඉදිරිපත් කරනවා යැයි දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්රි සී වී විග්නේශ්වරන් පැවසීය දේශපාලන හා සිවිල් සංවිධාන 89ක් පමණ මේ සඳහා අපට පෙරැත්ත කර තිබෙනවා අපේ ජනතාවගේ අයිතීන් නිසි ලෙස රැකදීමට මෙතෙක් ක්රියාකර නැහැ අපේ උපන් බිමේ සුළු ජාතීන් ලෙස තවමත් අපේ ද්රවිඩ ජනතාව උරුමය භුක්ති විඳින්නේ තවත් කාරණා ගණනාවක් ගැන අපි දිගින් දිගටම කීවත් පලක් වී නැහැ දීර්ඝ විස්තරයක් පසුව කියන්නම් යැයි ද විග්නේශ්වරන් මහතා කීය
ඉබි යතුරු දැමීම සිරිපාලට සිතාසි
කොළඹ 10 ටීබී ජායා මාවතේ පිහිටි ශ්රී ලංකා නිදහස් ජනතා සන්ධානයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාර්යාල පිහිටි ගොඩනැඟිල්ල පසුගිය 5 වැනිදා ඉබි යතුරු දමා වසා දැමීම සම්බන්ධයෙන් ලබන 19 වැනිදා අධිකරණයට කරුණු දක්වන්නැයි දන්වා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට සිතාසි යැවීමට මාලිගාකන්ද මහෙස්ත්රාත් ලෝචනී අබේවික්රම වීරසිංහ මහත්මිය ඊයේ 16දා නියෝග කළාය එදින එහි ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එම කාර්යාල ගොඩනැඟිල්ල පිහිටි භූමිය තුළ සිටියදීම කිසිදු පාර්ශ්වයකට එම පරිශ්රයට ඇතුළුවීම වැළැක්වීමේ අරමුණින් එලෙස ඉබි යතුරු දමා වසා දැමීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ නිදහස් ජනතා සන්ධානයේ ප්රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා ගොනු කරන ලද පෞද්ගලික නඩුවක් සලකා බැලූ මහෙස්ත්රාත්වරිය එම නියෝගය කළාය එකී ක්රියාව මගින් සැකකාර නිමල් සිරිපාල ද සිල්වා අමාත්යවරයා අයුතු අවහිරය සාපරාධි බලහත්කාරය පෑම හා අනර්ථය යන වරදවල් සිදුකර ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවසූහ ඒජේඒ අබේනායක
ව්යවස්ථා සංශෝධන ගැසට් කරන්න කැබිනට් අනුමැතිය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සංශෝධන ගැසට් මගින් ප්රකාශයට පත්කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත 83 වැනි ව්යවස්ථාවේ ආ ඡේදයෙහි සඳහන් සාවුරුද්දක් ඉක්මවා යන වචන වෙනුවට වසර පහක් ඉක්මවා යන වචනය ආදේශ කරමින් ව්යවස්ථාවේ ආ ඡේදය සංශෝධනය සඳහා 20240709 දින පැවැති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි එම සංශෝධන නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබීමෙන් පසු නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත එකී කෙටුම්පත ගැසට් පත්රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපති රනිල් වික්රමසිංහ සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරු විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි උපාලි ද සේරම්
ඡන්ද අපේක්ෂකයන්ට බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලයෙන් යෝජනා 7ක්
ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් ඉටුකළ යුතු බව සඳහන් කරුණු 7කින් යුත් යෝජනාවලියක් බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය විසින් ඊයේ 16දා ප්රකාශයට පත් කරනු ලැබීය එහි සම ලේකම්වරුන් වූ ත්රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමියන් දිවියගහ විපස්සී නාහිමියන් ඇතුළු එම කාර්යසාධක මණ්ඩලයේ සාමාජික ගිහි පැවිදි පිරිස ඊට අත්සන් තබා ඇත එහි පහත යෝජනා ද ඇතුළත්වේ ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 2 වන පරිච්ඡේදයේ සඳහන් පරිදි ශ්රී ලංකා ජනරජය බුද්ධාගමට ප්රමුඛස්ථානය පිරිනමන්නේය එහෙයින් 10 වන ව්යවස්ථාවෙන් සහ 14 වන ව්යවස්ථාවේ 1 වන අනු ව්යවස්ථාවේ ඉ ජේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය යන්න අර්ථානුරූපව ක්රියාත්මක කිරීමට වගකීම දැරීම වසර 2500කට අධික කාලයක අභිමානවත් ඉතිහාසය පිළිබිඹු කරන රට පුරා ඇති පුරාවස්තු ආරක්ෂා කිරීම හා අනාගත පරපුරට සංරක්ෂණය කිරීම ක්රියාත්මක කිරීමට වගකීම දැරීම ශ්රී ලංකා භූමිය හා භෞමික සමුද්ර තීරය තුළ ඇති සියලු භූගත හා ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම හා එම සම්පත් ජනතාවගේ සුබසිද්ධිය සඳහා යෙදවීමත් කිසි විටක ඒවායේ උපයෝජනය විදේශීය රජයකට හෝ ව්යවසායකට හෝ නොදීමට වගකීම දැරීම හා දැනට ජනතාව සතු වූ ද රටේ සුරක්ෂිත භාවයට හා ආරක්ෂාවට බලපාන්නාවූ ද ව්යවසායන් විදේශීය සමාගම් සතු නොකිරීමට වගකීම දැරීම 2022 වසරේ දී රජයට පිළිගන්වන ලද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පිහිටුවන ලද කමිටුවේ නිර්දේශ පදනම් කර ගනිමින් රටේ ඒකීය භාවය තහවුරු වන පරිදි නව ව්යවස්ථාවක් වසරක් ඇතුළත ස්ථාපිත කිරීමට වගකීම දැරීම හා ලොව පිළිගත් අධ්යාපනඥයන්ගේ හා මනෝවිද්යාඥයන්ගේ මතයට සැලකිලිමත් වෙමින් ප්රාථමික අධ්යාපනය අනිවාර්යයෙන්ම මවුබසින් විය යුතු බවට වගකීම දැරීම
ආණමඩුව ජයසූරිය පාසලේ ඉල්ලීම ඉටුකර දෙනවා ජනපති
ආණමඩුව ජයසූරිය මහා විද්යාලයේ සිසු දරු දැරියෝ පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී සුහද කතාබහකට එක් වූහ ඉතා කාර්ය බහුල තත්ත්වයක වුවද එම දරුවන් මඟහැර නොගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ අධ්යාපන කටයුතු පිළිබඳ විමසා බැලූ අතර තම විද්යාලයේ අඩු පාඩු කිහිපයක් පිළිබඳව සිසුහු එහිදී ජනාධිපතිවරයාව දැනුවත් කළහ පාසල සඳහා පානීය ජල පහසුකම් සපයන ජල මූලය දැඩි කිවුලෙන් යුත් බැවින් දැනට නාවික හමුදාව විසින් ඉදිකරනු ලබන RO Plant පද්ධතිය කඩිනමින් ඉදිකර දෙන ලෙස මෙහිදී සිසුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමුකළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඒ සඳහා අවශ්ය කටයුතු කඩිනමින් ඉටුකර දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය එසේම විද්යාලය සඳහා පහසුකම් සහිත සුහුරු පංති කාමරයක් ලබා ගැනීම පරිගණක ලබා ගැනීම සහ සෞන්දර්ය අංශය සඳහා ගොඩනැඟිල්ලක අවශ්යතාව පිළිබඳවද සිසුන් කළ ඉල්ලීම් ඉටු කරදෙන බවට ජනාධිපතිවරයා සහතික විය වනඅලි තර්ජන හා දුෂ්කරතා මැද තම අධ්යාපන කටයුතු කරගෙන යන ආණමඩුව ජයසූරිය මහා විද්යාලයේ සිසු දරුවන්ගේ විශිෂ්ටතා අගය කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි අධ්යාපන කටයුතු වෙනුවෙන්ද සිය ආශිර්වාදය පළ කළේය මේ අතර සිසු දරුවන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා මෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද හමු වී සුහද කතාබහක නිරත විය ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව පාසලේ ඉදිරි සංවර්ධන කටයුතු ක්රියාත්මක කිරීම මෙන්ම සිසුගේ ක්රීඩා සහ කලා හැකියාවන් ඔප් නංවාගැනීම වෙනුවෙන් ක්රියාත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳව ද එහිදී අවධානය යොමුවිය ආණමඩුව ජයසූරිය මහා විද්යාලයේ විදුහල්පති ලක්ෂ්මන් අබේසිංහ මහතා සහ ගුරුවරුන් හා දෙමාපියන් කිහිප දෙනකුද මෙම අවස්ථාවට එක්ව සිටියහ
ණය ආපසු නොගෙවූ ඔන්ක්රෙඩිට් 100කට නඩු
ජංගම දුරකථන ඔස්සේ අයැදුම් කර මාර්ගගත ක්රමය යටතේ ලබාගත් රුපියල් කෝටි ගණනක ණය ආපසු නොගෙවූ දිවයින පුරා පදිංචි ණය ගැනුම්කරුවන් සියයකට අධික පිරිසකට එරෙහිව ඔන්ක්රෙඩිට් නමැති සුළු පරිමාණ ණය ලබාදීමේ ව්යාපාරය ඊයේ 16දා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පැවැරීය එම ණය ගැනුම්කරුවන්ට ලබන සැප්තැම්බර් 13 වැනිදා තම අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්රමසිංහ මහතා නියෝග කළේය කොළඹ 7 පිහිටි සීමාසහිත ඔන්ක්රෙඩිට් පුද්ගලික සමාගම 2022 2023 හා 2024 යන වසරවලදී ඔන්ලයින් ඔස්සේ ණය අයැදුම් කළ රට පුරා පදිංචි සියයකට අධික පිරිසකට රුපියල් 90000 හා ඊට අඩු ප්රමාණයේ ණය ලබාදීම සිදුකළ බවත් ණය ගැනුම්කරුවන්ගෙන් කිසිදු සුරැකුමක් ලබානොගෙන ඔවුන් යොමු කළ බැංකු ගිණුම්වලට යොමු කළ එකී ණය මුදල් ගෙවීම හිතාමතාම පැහැර ඇති බවත් පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩිල්ෂාන් වීරසේකර මහතා අධිකරණයට පැවැසීය එකී ණය මුදල් ගෙවීම හිතාමතාම පැහැර හැර තිබූ කොළඹ ගම්පහ කළුතර හම්බන්තොට ගාල්ල මාතර මන්නාරම පුත්තලම ඇතුළු රට පුරා පදිංචිකරුවන් පිරිසකට එලෙස නඩු පවරනු ලැබීය ඒ ජේ ඒ අබේනායක
වාසුගේ පුටුව නිරෝෂන්ට
ප්රජාතන්ත්රවාදී නව වාමාංශික පෙරමුණේ නායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රි නිරෝෂන් ප්රේමරත්න මහතා ඊයේ පත්විය එම පක්ෂයේ ප්රධාන ලේකම් හා නායකත්වය පාර්ලිමේන්තු මන්ත්රි වාසුදේව නානායක්කාර මහතා විසින් මෙතෙක් දරනු ලැබීය බත්තරමුල්ල අපේගම පරිශ්රයේදී ඊයේ මෙම පක්ෂ නායකත්වය පැවරීමේ උත්සවය පැවැත්විණි 1981 උපත ලැබූ නිරෝෂන් ප්රේමරත්න මහතා 2015දී ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එජනිසයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය අරුණ බෝගහවත්ත
ජල සූත්තරේ එන වසරේ සිට
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව ගාස්තු ප්රතිපත්තිය හා සූත්රය 2025 වසරේ සිට ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත ඊට අදාළ කැබිනට් යෝජනාව ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්ය ජීවන් තොණ්ඩමාන් මහතා විසින් ඉදිරිපත් කර තිබුණි නව ගාස්තු ප්රතිපත්තිය සහ සූත්රය අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර අවශ්ය සංශෝධන ද ඇතුළත් කර සකස් කර තිබේ උපාලි ද සේරම්
සෞන්දර්ය විෂය අත්යවශ්යයි අධ්යාපන අමාත්යාංශය
යෝජිත අධ්යාපන ප්රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයන් අත්යවශ්ය විෂයක් බව අධ්යාපන අමාත්යාංශය පවසයි කනිෂ්ඨ ද්විතීයික අධ්යාපනයේ හා ජ්යෙෂ්ඨ ද්විතීයික අධ්යාපනයේදී සෞන්දර්ය විෂයන් වැඩිදුරටත් අධ්යනය කළ හැකි අතර අපොස සාමාන්ය පෙළ හා උසස් පෙළ සඳහා ද සෞන්දර්ය විෂයන් සඳහා ද සිසුන්ට පෙනීසිටිය හැකිය තවද උසස් අධ්යාපනයේ සෞන්දර්ය විෂයන් එලෙසම පවතින බවද එම අමාත්යාංශය පවසයි මේ සම්බන්ධයෙන් විවිධ මාධ්ය උපයෝගී කරගෙන සාවධ්ය ප්රකාශ ඇතැමුන් නිකුත් කරන බවත් එම ප්රකාශ අධ්යාපන අමාත්යාංශය බැහැර කරන බවත් එම අමාත්යාංශය පවසයි චමින්ද සිල්වා
එක මවකගේ දූදරුවන් ලෙස ඉදිරියට යෑමට අප සමග එක්වන්න විපක්ෂ නායක සජිත් ප්රේමදාස මන්නාරමේදී කියයි
සමගි ජන බලවේගයේ ප්රතිපත්තිය වී ඇත්තේ සංහිඳියාව සහෝරත්වය මිත්රශීලීත්වය එකමුතුභාවය බවත් ජාති ආගම් භේද පසෙකලා ශ්රීලාංකිකත්වය පෙරටු කරගෙන ඉදිරියට යායුතු බවත් ජනතාවක් ලෙස එක මවකගේ දූදරුවන් ලෙස ඉදිරියට යෑමට එක්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඉල්ලා සිටියේය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේබව කියා සිටියේ මන්නාරම කරුන්දකන්ඩාල් රෝමානු කතෝලික දමිළ මහ විද්යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 316 වැනි අදියර යටතේ රුපියල් 1177000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි මෙහිදී ඉංග්රීසි පොත්පත් ලබාගැනීමට පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්යාග කළේය විදේශ යාත්ර මෙරටට පැමිණ අපේ මත්ස්ය සම්පත සොරා ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් රාජ්යතාන්ත්රිකව මැදිහත් වී තිරසර විසඳුම් ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය එසේම සහෝරත්වය සංහිඳියාව රටේ දියුණුවට අත්යාවශ්ය බවත් එහිදී ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සංශෝධනයක් ලෙස ඇති 13 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට දේශපාලනික ප්රජාතන්ත්රවාදී සවිබල ගැන්වීමේ ක්රියාවලියට තවදුරටත් ශක්තියක් ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය මෙය උතුරු නැගෙනහිර පළාත්වලට පමණක් නොව රටේම ජනතාවට බලපාන බවත් පළාත් සභා පිහිටුවනවා සේම 13 වැනි සංශෝධනය ගැන කතා කරනවා සේම ඒ නියමිත බලතල සමග සංවර්ධන වැඩකටයුතු නිසි පරිදි ක්රියාත්මක කිරීමට අවශ්ය ප්රතිපාදන දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය මේවන විට රජයබොරුවට 13 වැනි සංශෝධනය ගැන කතා කළත් එය අර්ථවත් කිරීමට ලබා දුන් බලතල හරහා සංවර්ධන වැඩකටයුතු ක්රියාත්මක කිරීමට අවශ්ය ප්රතිපාදන ලබාදෙන්න හිටපු රජයන් අසමත් වුවත් එම වරද නිවැරදි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය
වෘත්තිකයාත් පුරවැසියාත් තෘප්තිමත් රාජ්ය සේවයක් ස්ථාපිත කරනවා ජාජබ නායක අනුර කුමාර දිසානායක පරිපූරක වෛද්ය වෘත්තියවේදී සාමූහිකයේ ජාතික සමුළුවේදී කියයි
වෘත්තිකයාත් ප්රතිලාභ ලබන පුරවැසියාත් තෘප්තිමත් වන රාජ්ය සේවයක් ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය පරිපූරක වෛද්ය වෘත්තියවේදී සාමූහිකයේ ජාතික සමුළුව අමතමින් පසුගියදා වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය 1917 රුසියන් විප්ලවය සිදුවුණාට පස්සේ ලෙනින් කියනවා පරණ ඇඳුම් ගලවා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබේ කියලා අපටත් එය අදාළයි දේශපාලන පක්ෂ බෙදීම් වෘත්තිය සමිති බෙදීම් වෘත්තිමය බෙදීම් තියෙන්න ඇති ඒ සියල්ල පසෙක තබා අපි එකට එකතු විය යුතුයි මේ ජයග්රහණය අත්පත් කර ගැනීම සඳහා වෙහෙස වෙමු මැදිහත් වෙමු ඡන්දය පැවැත්වේවිද නැද්ද කියා කිසිදු දෙගිඩියාවක් තබා ගන්න එපා මේ 17 වැනිදා මැතිවරණ කොමිසමට බලය පැවරෙනවා මේ මාසය අග වෙනකොට මැතිවරණ කොමිසම විසින් මැතිවරණය පැවැත්වෙන දින ප්රකාශයට පත්කරනවා අනිවාර්යයෙන් මැතිවරණය පැවැත්වෙනවා ඊළඟට අපි මේ රට හදන්න ඕනෑ නිදහස ලබා වසර 76ක් ගෙවුණත් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර සමගිය ගොඩනගන්න බැරිවෙලා තිබෙනවා සැකය අවිශ්වාසය ක්රෝධයෙන් පිරුණු රාජ්යයක් බවට පත්වෙලා තිබෙනවා ජාතීන් අතර සමගිය ගොඩනැගිය යුතුයි අපේ රටේ නීතිය තෝරු මෝරු ගැලවෙන හාල්මැස්සන් අහුවෙන නීතියක් නීතිය ඉදිරියේ හැමෝම සමානයි කියන එක සංකල්පයක් නොවී එය ප්රායෝගිකව ක්රියාවට නගන පාලනයක් අපි නිර්මාණය කළ යුතුයි අපට ශක්තිමත් රාජ්ය සේවයක් අවශ්යයි එහි නියැලෙන වෘත්තිකයාත් ප්රතිලාභ ලබා ගන්නා පුරවැසියාත් තෘප්තිමත් වන රාජ්ය සේවයක් අපි ස්ථාපිත කරනවා ඒ වගේම ශක්තිමත් විදෙස් ප්රතිපත්තියක් අපට අවශ්යයි ලෝකය සන්නිවේදනයෙන් වෙළඳපොළෙන් ගමනාගමනයෙන් ගැටගැසී තිබෙනවා කුඩා වී තිබෙන ලෝකයේ හුදකලා වී නොසිට අන්තර් සම්බන්ධතාවයන් ගොඩනඟා ගනිමින් ලෝකයත් සමග ඉදිරියට යා යුතුව තිබෙනවා සමහර රාජ්යවල සමාගම් සල්ලි දීලා අපේ නායකයන්ව ගත්තා සමහර ව්යාපෘති සිදුවුණේ සමහර දේශපාලන තීන්දු තීරණ ගනු ලැබුවේ සමාගම්වල සල්ලිවලට මිසක් විදෙස් ප්රතිපත්ති අනුව නොවෙයි හැබැයි ලෝකයේ කිසිදු සමාගමකට අපිව මිලදී ගන්න බැහැ ජාතික සමගිය නීතියේ විධානයේ ආධිපත්යය ශක්තිමත් රාජ්ය සේවය ශක්තිමත් විදෙස් ප්රතිපත්තිය වංචාදූෂණයනාස්තියෙන් තොර පාලනය නැතිව මේ රට හදන්න බැහැ ලෝකය වේගයෙන් ඉස්සරහට යන්නේ අලුත් තාක්ෂණයත් එක්ක විසිවන සියවසේ සෑම ක්ෂේත්රයකම විශාල පරිවර්තනයන් සිදුවුණා ලෝකයට අවශ්ය ආහාර මිනිසුන්ගේ ආයු කාලය වැඩිකිරීම විසිවන සියවසට පෙර කරන ලද පර්යේෂණයන් නිසා අත්පත් කරගත ජයග්රහණයන්ගේ ප්රතිඵලයන් ඒ ජයග්රහණයන් අපේ ආර්ථිකයත් එක්ක ගැටගහගෙන ඉස්සරහට ගෙනියන්න අපි අසමත් වුණා නවීන තාක්ෂණයේ වර්ධනයන් අපේ ආර්ථිකයට යොදා ගන්නේ කෙසේද යන්න හිතන්න ඕනෑ අපි පර්යේෂණ හා සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොදන්න ඕනෑ වෘත්තියවේදීන් රට අත්හැර යාම නවත්වන්න නම් අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් සහ ස්ථිරත්වයක් ගොඩනඟන්න ඕනෑ ඒ වගේම වෘත්තියට සරිලන වැටුපක් අනුග්රහයක් ලබාදිය යුතුයි ඔබගේ වෘත්තියේ ආරක්ෂාවත් අනන්යතාවත් රැකෙන ආකාරයේ සේවා ව්යවස්ථාවක් අපි හදනවා ලෝකයේ ඉදිරියට යාමට පශ්චාත් උපාධි අවශ්යයි දියුණු රටවල් වැඩි වශයෙන් අවධානය යොමුකොට තිබෙන්නේ පශ්චාත් උපාධි ආයතනවලටයි අපිට පූර්ණකාලීන පශ්චාත් උපාධි ආයතන නැහැ ලෝකයේ ප්රාථමික අධ්යාපනයෙන් උඩ තමයි පර්යේෂණ සිදුවෙන්නේ අපි අධ්යාපනයේ ඊළඟ පියවර ලෙස වෘත්තිමය ක්ෂේත්රය උඩට ගන්න නම් පර්යේෂණ ක්ෂේත්ර ගේන්න නම් පශ්චාත් උපාධි විධිමත්භාවයට පත් කළ යුතුයි විසිරී තිබෙන දුර්වලභාවයට පත්වී තිබෙන අක්රමවත්ව තිබෙන අපේ ආර්ථිකයත් අධ්යාපනයත් නිපුණතාවයනුත් ඉදිරියට ගැනීමේදී වැදගත් වන පශ්චාත් උපාධිය කෙරෙහි අවධානය යොමුකරනවා අපිට හොඳ අදහස් සංකල්ප තිබෙනවා මේ පාදඩ කැත දේශපාලනය වෙනස් කළේ නැත්නම් අපේ රටට අඟලක් හෝ ඉදිරියට යන්න බැහැ ඒ සඳහා මේ ජනාධිපතිවරණය වැදගත් වෙනවා ඒ සඳහා අපි මැදිහත් වෙමු ජනතාවට කතා කරන්න මේ පරිවර්තනයේ කොටස්කරුවන් බවට පත්වෙන්න
සීටී 7 ක් ලෙඩ නිසා ලක්ෂ 120ක ප්රවාහන වියදමක්
රජයේ රෝහල්වල පවතින සීටී ස්කෑන් යන්ත්ර 07ක් පූර්ණ ලෙස සේවා බිඳීවැටීමට ලක්වීමෙන් රෝගීන් වෙනත් රෝහල් කරා යොමු කිරීමට සිදුවීමෙන් ප්රවාහන වියදම් ලෙස මසකට රුපියල් ලක්ෂ 120කට අධික මුදලක් නිරපරාදේ වැය කිරීමට සෞඛ්ය අමාත්යාංශයට සිදුව ඇතැයි රජයේ විකිරණ විද්යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි රජයේ රෝහල් පද්ධතියේ පවතින සීටී ස්කෑන් යන්ත්ර 44න් 07ක් මෙලෙස සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇතැයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්රම මහතා සඳහන් කරයි රත්නපුර මහ රෝහල කරවනැල්ල මූලික රෝහල ඇඹිලිපිටිය දිස්ත්රික් මහ රෝහල හම්බන්තොට මහ රෝහලේ පිළිකා ප්රතිකාර ඒකකය කල්මුණේ මූලික රෝහල කළුතර මහ රෝහල සහ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට අයත් සීටී ස්කෑන් යන්ත්ර මෙලෙස සේවා බිඳවැටීමට ලක්ව ඇත මෙම යන්ත්ර බිඳවැටීම හේතුවෙන් රෝග හඳුනා ගැනීම ප්රමාද වීම සහ එමඟින් රෝගීන්ට ප්රතිකාර කිරීම ප්රමාදවීම මගින් රෝගී ජීවිත අවදානම ද ඉහළ ගොස් ඇති බව පවසන චානක ධර්මවික්රම මහතා බිඳවැටී ඇති ඇතැම් යන්ත්ර වාර්ෂික සේවා ගිවිසුම් යටතේ යාවත්කාලීන නොවීමත් ඇතැම් යන්ත්ර යථා තත්ත්වයට පත් කිරීම ප්රමාද වීමත් හේතුවෙන් ගැටලු මතුව ඇති බවද සඳහන් කරයි සුජීව තත්සර
අලුත් බදුවලට කලින් නොගෙවූ හා කල් ගිය බදු අය කර ගැනීම කළ යුතුයි රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය
නව බදු පැනවීමට පෙර ගෙවීම් පැහැර හැර ඇති හා කල් ගිය බදු මුදල් අයකර ගැනීම පිළිබඳව අවධානය යොමු කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි ඒ සඳහා දැනට පවත්නා නීතී යාවත්කාලීන කර එසේ පැහැර හරින බදු අයකර ගැනීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් දියත් කරන බවද ඇමැතිවරයා කීවේය මාධ්ය අමතමින් ඊයේ 16 මේ බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ යම් ආකාරයකින් තමන් හට බදු ගෙවීමේ අසීරුතාවක් ඇතිනම් ඒ පිළිබඳව අභියචනා කිරීමට මෙන්ම ඒ පිළිබඳව උසාවි යෑමට ඔවුන්ට අයිතියක් තිබෙන බවයි එහෙත් එවැනි ඇතැම් උසාවි ක්රියාමාර්ග වසර 30කට පමණ වැඩි කාලයක් දිගින් දිගට දිග්ගැසෙමින් පැවතීම හේතුවෙන් අධිකරණ ක්රියාමාර්ගය අවසන් වනවිට ඇතැමුන් මියගොසින් ඇති බවද ඇමැතිවරයා පෙන්වා දෙයි මෙම බදු මුදල් අයකර ගැනීමේදී ප්රායෝගික ගැටළු රාශියකට මුහුණ දෙන බවත් මෙම හිඟ බදු ගෙවීම් පැහැර හැරිය හා බදු නොගෙවන්නන් ගෙන් එකී අදාළ බදු අයකර ගැනීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් දියත් කළ වෙනත් යුගයක් ඉතිහාසයේ නොමැති බවත් මැතිවරයා සදහන් කළේය ශ්යාම් නුවන් ගනේවත්ත
දේවන්පිට්ටිය රෝමානු කතෝලික දෙමළ විද්යාලයේ සක්වළ වැඩසටහනට ඇමැති රිෂාඩ් සහ සෙල්වම් අඩකලයිනාදනුත් එක්වෙයි
සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 321 වැනි පියවර විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් වන්නි මන්නාරම දේවන්පිට්ටිය රෝමානු කතෝලික දෙමළ මහා විද්යාලයේ දී ඊයේ 16 දා පැවැත්විණි ඊට හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන් සහ සෙල්වම් අඩකලයිනාදන් මහතා ද එක්ව සිටි අයුරු
රෝගී ආරක්ෂාව තහවුරු කිරීමේ ප්රඥප්තියට ආංශික කාරක සභාවේ අනුමැතිය
No Data
ජනාධිපති නීතිඥයකු ලෙස දිවුරුම් දී වසර 50ක් පිරුණු රියෙන්සි අර්සකුලරත්නට නීතිඥ ප්රජාවගෙන් උපහාර
ජ්යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයකු වන රියෙන්සි අර්සකුලරත්න මහතා නීතිඥවරයකු ලෙස දිවුරුම් දී වසර 50ක් පිරීම නිමිත්තෙන් ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරුන් සංවිධානය කළ උත්සවයක් පසුගිය 13 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි එම උත්සව අවස්ථාවට අගරදගුරු හිමිපාණන් වහන්සේලා වර්තමාන අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ හිටපු අගවිනිසුරුවරුන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්රමුඛ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මහාධිකරණ විනිසුරුවරුන් දිසා අධිකරණ විනිසුරුවරුන් හා මහෙස්ත්රාත්වරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එතුමන්ගේ දේශපාලන හිතවතුන් ජනාධිපති නීතිඥවරුන් හා ජ්යෙෂ්ඨ නීතිඥවරුන් ඇතුළු ගිහි පැවිදි ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ නීතිඥවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රජයේ අධිනීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්වූ රියෙන්සි අර්සකුලරත්න මහතා නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයකු අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු හා අපරාධ නඩු පැවරුම් අංශයේ ප්රධානියා ලෙස ද කටයුතු කර 2003 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතුවලින් ඉවත් විය 1998 වසරේ දී ජනාධිපති නීතිඥවරයකු ලෙස පත්වූ එතුමා අපරාධ නීතිය පිළිබඳ ප්රවීණතම ජනාධිපති නීතිඥවරයකු වන අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසත් වසර තුනක පමණ කාලයක් හැටන් නැෂනල් බැංකුවේ සභාපතිවරයා ලෙසත් හෙතෙම කටයුතු කර ඇත සටහන ඒජේඒ අබේනායක
රන්දොර උරුමය ජනපති ප්රධානත්වයෙන් අද පස්වරු 300 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේදී
No Data
නැවත දැනුම්දෙන තුරු මුහුදු යන්න එපා
No Data
16 වැනිදා තෙක් මාදම්පේ සිලිකන් කැණීම් එපා
හලාවත මාදම්පේ ප්රදේශයේ පිහිටි ග්රාම නිලධාරි වසම් නවයක අක්කර 200ක පමණ සිදුකරන සිලිකා වැලි කැණීම් නොකරන ලෙස හා එකී කැණීම් ප්රදේශ කැළිකසළ යොදා පිරවීම සිදු නොකර පෙර පැවැති තත්ත්වයෙන්ම ලබන නොවැම්බර් 11 වැනිදා දක්වා පවත්වාගෙන යෑමට වගබලා ගන්නා ලෙසට ශ්රේෂ්ඨාධීකරණය ඊයේ 16දා භූවිද්යා හා පතල් කැණීම් කාර්යාංශය ඇතුළු පාර්ශ්ව කිහිපයකට නියෝග කළේය සිලිකා වැලි කැණීම් මහා පරිමාණයෙන් සිදු කිරීම හා එකී වැලි කැණීම් සිදු කරන වළවල් කැළිකසළවලින් පුරවා දැමීම නිසා විශාල පාරිසරික හානියක් සිදුවන බව කියමින් පරිසර යුක්ති කේන්ද්රය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන නොවැම්බර් 11 වැනිදා කැඳවීමට දින නියම කළ ශ්රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේය එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ 16දා එස් තුරෙයිරාජා කුමුදුනී වික්රමසිංහ හා ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි එකී වැලි කැණීම් නිසා විශාල ප්රමාණයේ වළවල් 40ක් පමණ නිර්මාණය වී ඇති බවත් ඒවා පිරවීම සඳහා ප්රදේශයේ එකතු වන කැළිකසළ ගෙනැවිත් දැමීම නිසා දැඩි පාරිසරික හානියක් සිදුවී ඇති බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්රනාත් දාබරේ මහතා විනිසුරු මඬුල්ලට පැවැසීය ඒ ජේ ඒ අබේනායක
කංචනගේ දත්ත වැරදි බව යළි ඔප්පු වුණා විදුලි බිල තවමත් 50ක් වැඩියි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික
මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී සියයට විසි දෙකයි දශම පහකින් විදුලි ගාස්තු අඩු කළත් 2022 වර්ෂය හා සාපේක්ෂව බැලීමේදී තවමත් විදුලි බිල සියයට පනහකින් වැඩි යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ 16 දා පැවසීය ඒකක 130 අතර පාවිච්චි කරන අයට පසුගිය 2022 වර්ෂයේදී රුපියල් දෙකයි පනහත් තුනත් අතර මිලකට දුන් විදුලි ඒකකයක මිල දැනටත් රුපියල් හයේ සීමාවේ පවතින්නේ යැයිද හෙතෙම කීවේය කොළඹ විනයාලංකාර මාවතේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය ඔහු මෙසේ ද කීවේය විදුලි බිල අඩුකළ යුත්තේ සියයට දහයකින් බවට ඇමැති කංචන විජේසේකර විදුලිබල මණ්ඩලය හරහා මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර තිබුණා ඔහුගේ ගණන් හැදීම් වැරැදි බව සියයට විසි දෙකයි දශම පහකින් විදුලි ගාස්තු අඩු කිරීම හරහා රටටම පෙනුණා මේ කංචන විජේසේකර ඇමැතිවරයා තුන්වෙනි වතාවටත් වැරදි දත්ත ඉදිරිපත් කළ අවස්ථාවක් හැටියට පෙන්වලා දෙන්න පුළුවන් ගිය වතාවේ ඔහු සියයට තුනයි දශම තුනකින් විදුලි ගාස්තු අඩුකළ යුතු බවට යෝජනා කරද්දී මහජන උපයෝගිතා කොමිසම සියයට විසි එකකින් ගාස්තු අඩු කළා මීට පෙර අවස්ථාවකදීත් එහෙම වුණා අනුරාධ හිරිපිටියගේ
උද්දික රංගනය සංජීව මහානාමගේ අපේක්ෂිත ඇපයට විරෝධතා ඇත්නම් 22 දා ගොනු කරන්න
තමන් අත්අඩංගුවට නොගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී 1 සංජීව මහානාම මහතා අධිකරණයට ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයැදුම්පතට අදාළව මේ මස 22 දා විවෘත අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දක්වා විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්රාත් එම් හේවාවසම් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්ය පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කළාය අනුරාධපුර අතිරේක මහෙස්ත්රාත්වරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා වෙනුවෙන් ජ්යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා අපේක්ෂිත ඇප අයැදුම් පතක් අධිකරණයට ඉදිරිපත් කරමින් දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමිනි අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය උද්දික ප්රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම යන මහත්වරුන් විසින් සැලසුම් සහගතව සිදු කළ එකක් බවට චෝදනා එල්ලවී ඇත මිහින්තලේ රංග චතූ
රංගන ශිල්පිනී මානෙල්ගේ අවසන් කටයුතු හෙට
ජනප්රිය ටෙලි නාට්යය හා චිත්රපට රංගන ශිල්පිනියක වූ මානෙල් චන්ද්රලතා මහත්මිය ඊයේ 16 වැනිදා සිය දිවිසැරිය නිමා කළාය මොරටුව රාවතාවත්ත නිවසේ සිටියදී හුස්ම ගැනීමේ අපහසුතාවයක් මත ඇයව ඊයේ 16 දා අලුයම කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ඇයගේ එකම පුතණුවන් වන සංජීව ආරියරත්න මහතා දිවයිනට පැවසීය වසර 15 ක පමණ කාලයක සිට පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටි ඇය මියයන විට 65 හැවිරිදි වියේ පසුවූවාය මානෙල් චන්ද්රලතා මහත්මියගේ දේහය මේ වනවිට ගල්කිස්ස නගරයේ ඇති මහින්ද මල්ශාලාවේ තැන්පත් කර ඇත දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බ්රහස්පතින්දා 18 වැනිදා ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරේ සිනමා ලොවේ විකට රජු ලෙස සැලකුණු දිවංගත ප්රවීණ රංගන ශිල්පී ෆ්රෙඩී සිල්වා මහතා සමඟ ඇය චිත්රපට 35 කට අධික සංඛ්යාවකට සිය රංගන දායකත්වය සැපයූවාය ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ සුජීව තත්සර
ගුරුවරු අකුරට වැඩ ලංකා ගුරු සංගමය කියයි
ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා නොදෙමින් කල් ඇරීම නිසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයකට යොමු වූ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්රියන්ත ප්රනාන්දු මහතා දිවයිනට පැවැසීය ඒ අනුව කලාප ක්රීඩා තරගවලට සිසුන් තෝරා දීමට සහය නොදෙන බවත් ජනාධිපති ශිෂ්යත්ව වැඩසටහනට සහය නොදෙන බවත් සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් හදා දීමේ කටයුතුවලට සහය නොදෙන බවත් හෙතෙම කීවේය එමෙන්ම පාසල්වල සෞඛ්ය වැඩසටහන්වලට ද සහය නොදෙන බව ද ඔහු කීවේය පාසල් වේලාවේදී ඉගැන්වීම් කටයුතු පමණක් කරන බව ද හෙතෙම පැවසීය වැඩ වර්ජනය පැවැති මොහොතේ රාජකාරියට වාර්තා කළ අයට රුපියල් දසදහසක් ලබාදෙන බවට ආණ්ඩුව පවසන කාරණාව නීති විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව චක්රලේඛයක් නිකුත් කළ වහාම අධිකරණ ක්රියාමාර්ගයකට යොමු වන බවත් හෙතෙම කියා සිටියේය ගුරු විදුහල්පතිවරුන්ට නැවතත් වැඩ වර්ජනයකට යෑමට සිදුවුවහොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද හේ කීය තවදුරටත් කතාකළ හෙතෙම මෙසේ ද කීය විවිධ තර්ජන දාලා වෘත්තීය ක්රියාමාර්ග කඩාකප්පල් කරන්න ජනාධිපතිවරයා උත්සාහ දරනවා එහෙම කටයුතු කරනවා නම් දැවැන්ත වැඩ වර්ජන උද්ඝෝෂණ විරෝධතාවලට යන්න සිදුවෙනවා අපි පසුගියදා කරපු දැවැන්ත වෘත්තීය ක්රියාමාර්ගය ගැන ආණ්ඩුවට දැනෙන්නේ නැත්නම් අපේ සටන දිගටම අරගෙන යනවා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයට ලංකා ගුරු සේවා සංගමය ද සහය වෙනවා ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
ඇමැති දිලුම් අමුණුගම උතුරේ සංචාරයක
උතුරු පළාතේ ක්රියාත්මක සංවර්ධන ව්යාපෘති 04ක් පිළිබඳ සොයාබැලීම සඳහා රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා පෙරේදා 15දා උතුරේ සංචාරයක නිරත විය එහිදී ඒ මහතා විසින් පරන්තන් ප්රදේශයේ මීට කලකට ඉහත ක්රියාත්මක වූ රසායනික කම්හල පිහිටි ප්රදේශයේ සංචාරයක නිරත විය එහිදී ඉකුත් යුද සමයේ විනාශ වූ අක්කර 230ක භූමි ප්රදේශයක් සහිත මෙම කම්හල යළි සංවර්ධනය කිරීම අරමුණු කරගෙන අමාත්යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවේ නිරත විය ඒ අනුව මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්යවරයා හා රාජ්ය නිලධාරීන් පිරිසක් සහභාගි වූ අතර ඉකුත් යුද සමයේ වල් වැදී ඇති ජාතික සම්පත් යළිත් ස්ථාපිත කොට මෙරට ජනතාවට ඉන් ප්රතිලාභ ලබාදීම මෙහි අරමුණ වී තිබේ මුලතිව් ප්රසන්න ප්රදීප්
ජනපතිවරණයට එරෙහි දෙවැනි පෙත්සමත් විසිවෙයි පෙත්සම්කරුට ලක්ෂ 5ක් ගෙවන්නත් නියම වෙයි
ජනමත විචාරණයක් පවත්වා 19 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය නිසි පරිදි සම්මත කරගන්නා තුරු ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප්රතික්ෂේප කළ ශ්රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ පහක නඩු ගාස්තුවක් රජයට ගෙවන ලෙසට ද පෙත්සම්කරුට ඊයේ 15දා නියෝග කළේය 2015 වසරේදී එකී 19 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයේ අඩංගු කිසියම් හෝ වගන්තියක් නීතියක් බවට පත් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ශ්රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කර නොමැති බවත් නීතිඥවරයකු වූ පමණින් අධිකරණයේ වටිනා කාලය අනවශ්ය ලෙස මිඩංගු කිරීමට පෙත්සම්කරුට අයිතියක් නොමැති බවත් පෙන්වා දෙමින් එම නියෝගය නිකුත් කළ ශ්රේෂ්ඨාධිකරණය එම නඩු ගාස්තු මෙම මස 31 වැනි දිනට පෙර ගෙවා අවසන් කළ යුතු බවට ද පෙත්සම්කරුට නියෝග කළේය එම පනත් කෙටුම්පත 20150315 වැනිදා පාර්ලිමේන්තු න්යාය පුස්තකයට ඇතුළත් කර නීතියක් බවට පත්කර තිබියදී එයට යළි මැදිහත්වීමේ අවශ්යතාවක් තම අධිකරණයට නොපෙනේනේ යැයි සිය නියෝගය මගින් පෙන්වා දුන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය අර්ජුන් ඔබේසේකර හා කේ ප්රියන්ත ප්රනාන්දු යන විනිසුරු මඬුල්ල කාලය ඉක්මවා ගොස් තිබියදී එකී පෙත්සම් ගොනුකර ඇති බවට නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාව තම අධිකරණය ද පිළිගන්නා බව ද විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය 19 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දු කියවා තේරුම් ගැනීමට පෙත්සම්කරුට හැකියාවක් නැති ද නැතහොත් ඔහුට ඇස් නොපෙනෙන්නේ දැයි පෙත්සම්කරුගෙන් විමසූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නීතිඥවරයකු මෙයට වඩා වගකීමකින් යුතුව හා අවබෝධයකින් යුතුව ක්රියාකළ යුතු බවට ද ප්රකාශ කළේය එම පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්රි මුජිබර් රහුමාන් නිරෝෂන් පාදුක්ක හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ද පෙත්සම් ගොනුකර තිබූ නමුත් එකී පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට කරුණු දැක්වීමට අවසර දීමකින් තොරවම නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් කවිෂ්කා ද සිල්වා මහත්මිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පමණක් සලකා බලමින් එම නියෝගය කළේය අතරමැදි පාර්ශ්වකරුවන් වෙනුවෙන් නීතිඥ වෙනුර කුලරත්න පාදිමා තාසිම් ජනාධිපති නීතිඥ පර්මාන් කාසිම් යන මහත්ම මහත්මීන් පෙනී සිටි අතර නීතිඥ සේනාලි ඩයස් මහත්මිය නීතිඥ නිමාෂි ප්රනාන්දු මෙනවිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්යෙෂ්ඨ නීතිඥ නිෂාන් සිඩ්නි ප්රේමරත්න මහතා අතරමැදි පෙත්සම්කාර හර්ෂණ රාජකරුණා මහතා වෙනුවෙන් පෙනී සිටියේයඒජේඒ අබේනායක
පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුයි ජනපති
අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ බව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලින්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බව සඳහන් කළේය හෙතෙම එසේ කියා සිටියේ මහියංගනය මහජන ක්රීඩාංගණයේදී ඉකුත් 14 දා පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි මහවැලි ව්යාපාරය ආරම්භ කරන විට අප මෙම වැඩසටහන ක්රියාත්මක කළා නමුත් වසර 1015ක් ගතවීමෙන් පසු එය අවශ්ය වුණේ නැහැ ඒ ජනතාව ඉඩම් ටික ආරක්ෂා කරගත්තා එම ජනතාව ඉඩම් විකුණන්නේ නැහැ කියලා මම විශ්වාස කළා නමුත් ජනතාව මෙම ඉඩම් අයිතිය අපේක්ෂා කළා ඉඩම් සංවර්ධන පනත යටතේ මෙම ඉඩම් ලබාදීමට අලුත් නීතියක් අවශ්ය වුණා එම නීති කෙටුම්පත මම ඉදිරිපත් කළා නමුත් ශ්රේෂ්ඨාධිකරණය එවන් නීතියක් සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්ය බව ප්රකාශ කළා එදා අපට එම වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම් මීට වසර 20කට පෙර ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය තහවුරු කිරීමට අවස්ථාව ලැබෙනවා ඊට පසු විදේශ ආයෝජකයන්ට සින්නක්කර ඉඩම් ලබා දුන්නා ඉඩම් ආඥා පනත යටතේ ෂැංග්රිලා හෝටලයට රජයේ ඉඩම් දෙන්න පුළුවන් වුණා නම් ජනාධිපතිවරයා ලෙස ලක්ෂ 20ක ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන්න ඇයි මට බැරි කියා අහන්න කැමතියි ඇතැම් අය කිව්වා මීට විරුද්ධව අධිකරණයට යයි කියලා නමුත් අධිකරණ බලය තිබෙන්නේ උසාවියේ නෙවෙයි පාර්ලිමේන්තුවේ බව සිහිපත් කළ යුතුයි පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ මම සෑමවිටම සිටිනවා යැයි ද පැවසීය
විදුලි බිල අද සිට සියයට 225 කින් පහළට
විදුලි ගාස්තු අද 16දා සිට ක්රියාත්මක වන පරිදි සියයට 225 කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත මේ වසරේ 2024 දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්යයනය කිරීමෙන් අනතුරුව එම කොමිසම මේ තීරණය ගෙන ඇත ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම ඊයේ සිය තීරණය මෙලෙස ප්රකාශයට පත් කළේය ඒ අනුව ගෘහස්ථ ආගමික ස්ථාන හෝටල් කර්මාන්ත පොදු කාර්ය හා රාජ්ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු අද සිට අඩු කෙරේ ලංකා විදුලිබල මණ්ඩලය සිය යෝජනාව මගින් සමස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 10කට සීමා කර තිබුණ ද කොමිෂන් සභාව විසින් සමස්ත ගාස්තු අඩුකිරීම සියයට 225 ක් දක්වා ඉහළ දමා තිබේ ගෘහස්ථ පාරිභෝගික කාණ්ඩයේ විදුලි බිල සමස්තයක් ලෙස සියයට 268 කින් අඩු වී ඇත ගෘහස්ථ පාරිභෝගික කාණ්ඩයේ ඒකක 30 ට අඩු ඒකකයක මිල රු8 සිට 6 දක්වා ද 31 සිට ඒකක 60 දක්වා ඒකකයක මිල රු20 සිට 9 දක්වා ද ඒකක 60 ට වැඩි කාණ්ඩයේ ඒකක 0 සිට ඒකක 60 දක්වා ඒකකයක මිල රු25 සිට 15 දක්වා ද ඒකක 61 සිට ඒකක 90 දක්වා ඒකකයක මිල රු30 සිට 18 දක්වා ද ඒකක 91 සිට ඒකක 120 දක්වා ඒකකයක මිල රු50 සිට රු30 දක්වා ද ඒකක 121 සිට ඒකක 180 දක්වා ඒකකයක මිල රු50 සිට 42 දක්වා සහ ඒකක 180 ට වැඩි පරිභෝජනය සඳහා ඒකකයක මිල රු75 සිට 65 දක්වා ද අඩු වේ එසේම මාසික ගාස්තු ද අඩු වී ඇත ආගමික ස්ථානවල අඩු විදුලි පරිභෝජනයක් සහිත කාණ්ඩ සඳහා මෙතෙක් අය කළ රුපියල් 8 සහ 9 බැගින් වූ ඒකක මිල රුපියල් 6 දක්වා ද රුපියල් 18ක් වූ ඒකක මිල රුපියල් 10 දක්වා ද රුපියල් 32ක් වූ ඒකක මිල රුපියල් 20 දක්වා ද රුපියල් 43ක් වූ ඒකක මිල රුපියල් 30 දක්වා ද අද සිට අඩු කර තිබේ ආගමික ස්ථානවලින් අය කළ මාසික ස්ථාවර ගාස්තු ද සියලු කාණ්ඩ සඳහා අඩුකර තිබේ කර්මාන්තශාලා සහ හෝටල් කාණ්ඩයේ කිලෝ වොට් 42ට අඩු කොන්ත්රාත් ඉල්ලුමක් ඇති උප කාණ්ඩය සඳහා මෙතෙක් පැවති රුපියල් 37 රුපියල් 3050ක් දක්වා සහ රුපියල් 2550ක් වූ ඒකක මිල පිළිවෙළින් රුපියල් 3050 රුපියල් 18ක් දක්වා අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත එම පාරිභෝගික කාණ්ඩ දෙක සඳහා අදාළ වන මාසික ගාස්තු සංශෝධනය කර නැත නව ගාස්තු සංශෝධනයේ දී රාජ්ය ආයතන හා පොදු කාර්ය අංශ සඳහා මෙතෙක් පැවති රුපියල් 55 රුපියල් 45 සහ රුපියල් 37 බැගින් වූ ඒකක මිල පිළිවෙළින් රුපියල් 4675ක් රුපියල් 3825ක් සහ රුපියල් 3145ක් දක්වා අඩුකර තිබේ එම පාරිභෝගික කාණ්ඩ දෙක සඳහා අදාළ වන මාසික ගාස්තු සංශෝධනය කර නැත නව ගාස්තු සංශෝධනය සමග ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට කොන්දේසි පනවා ඇති අතර ඒ අනුව විදුලි පාරිභෝගිකයින් ඉල්ලා සිටින විට දී විදුලි බිල්පත් නිකුත් කළ යුතු බව ද එමෙන්ම විදුලි ජනනය සඳහා ඉන්ධන මිලදී ගැනීමේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම්වලට එළැඹීමට පියවර ගන්නා ලෙස ද කොන්දේසි පනවා ඇතශ්යාම් නුවන් ගනේවත්ත
මිලියන ගාණක් දෙන්න තිබියදීත් දොස්තරලා 800ක් රට හැර ගිහින්
රට හැර ගොස් සිටින වෛiවරුන් අටසියයකට ආසන්න ප්රමාණයක් සෞඛ්ය අමාත්යාංශයට ගෙවිය යුතු නියමිත ගාස්තු ගෙවීම පැහැර හැරීම නිසා රජයට රුපියල් මිලියන ගණනක අලාභයක් සිදුව ඇතැයි පසුගියදා කෝප් කමිටුවේදී හෙළිව ඇත එම වෛiවරුන් සම්බන්ධයෙන් මේ වන විට නීති අංශ දැනුවත් කර ඇතැයි සෞඛ්ය අමාත්යාංශ ලේකම් විශේෂඥ වෛi පාලිත මහීපාල මහතා කමිටුව හමුවේ පැවසීය එමෙන්ම රුපියල් මිලියන 31ක් වැයකර ගෙන්වා ඇති ඇඟිලි සලකුණු යන්ත්ර 213ක් මේ දක්වා භාවිත නොකිරීම පිළිබඳව කෝප් කමිටුව විසින් කරන ලද විමසීමේදී අමාත්යාංශ නිලධාරීන් සඳහන් කළේ වෛiවරුන් ඇතුළු ඇතැම් වෘත්තීය සමිති මෙම යන්ත්ර භාවිත කිරීමට විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන් මේ දක්වා ඇඟිලි සලකුණු යන්ත්ර ක්රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවයි වෙනත් අමාත්යාංශවලට සාපේක්ෂව විශාල අතිකාල මුදලක් ගෙවන සෞඛ්ය අමාත්යාංශයේ දුර්වල පාරිපාලනය හේතුවෙන් රටට විශාල බරක් පැටවී තිබෙන බව ද කෝප් කමිටුව එහිදී අවධාරණය කළේයසුජීව තත්සර
වාසුගේ පක්ෂය අද තරුණ නායකයකුගේ අතට
ප්රජාතන්තවාදී නව වාමාංශික පෙරමුණට නව නායකයකු පත්කිරීම අද 16දා ජනකලා කේන්ද්රයේ අපේ ගම පරිශ්රයේදී සිදුකෙරේ නව නායකත්වය සඳහා පාර්ලිමේන්තුවේ හිටපු තරුණ දේශපාලනඥයකු පත් කිරීමට නියමිත බව පක්ෂ අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි දැනට එහි නායකත්වය දරන වාසුදේව නානායක්කාර මහතා නායකත්වයෙන් ඉවත් වී නව නායකයකු පත් කිරීමට නියමිතය වාසුදේව නානායක්කාර මහතා 1970දී කිරිඇල්ල ආසනයෙන් තරග කර පාර්ලිමේන්තුවට පත්විය ලංකා සම සමාජ පක්ෂයෙන් ස්වකීය දේශපාලන ගමන ආරම්භ කළ ඒ මහතා ඉන් ඉක්බිතිව නව දේශපාලන බලවේගයක් ලෙස ප්රජාතන්ත්රවාදී නව වාමාංශික පෙරමුණ බිහි කළේය වෘත්තීය සමිති අරගලවලදී නායකත්වය ගෙන කම්කරු පන්තිය වෙනුවෙන් ක්රියාකාරි දායකත්වය ලබාදුන් වාසුදේව නානායක්කාර මහතා ආණ්ඩු කිහිපයකම අමාත්ය ධුර දැරීයඅරුණ බෝගහවත්ත
මියගිය පාතාල නායකයන්ට පණ දෙන්න හදන අයට පොලිසියෙන් පිළිතුරු ලැබෙයි පොලිස්පති
මිනිස් ඝාතන දරුණු අපරාධ කරලා මියගිය පාතාල නායකයන්ට පණ දෙන්න හදන අය ගැන අපි හොයනවා මේක මේ පාතාල මැරයන්ගෙ අවසාන රංගනය අහිංසක මිනිස් ජීවිතත් එක්ක සෙල්ලං කරන මේ පාතාල මැරයන්ට පොලිසියෙන් පිළිතුරු ලැබෙයි යැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ 15දා කියා සිටියේය ක්ලබ් වසන්ත ඝාතනයත් සමග රටේ ඇතිවී තිබෙන පාතාල භීෂණය සම්බන්ධයෙන් මාධ්ය කළ විමසීමකදී පොලිස්පතිවරයා මේ බව කියා සිටියේය මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා මෙසේද කීය පාතාල කල්ලි අතර එකිනෙකා මරාගන්න සටනක් මේ ඇතිවෙලා තියෙන්නේ මේක මේ අයගෙ අවසානය අපරාධ කරලා මේ රට අතහැරලා වෙනත් රටවලට ගිහින් ඉන්න පාතාලයො මිනිස්සුන්ට කෝල් දීලා තර්ජනය කරනවා විවිධ අපරාධ කරනවා ඒවට මම ඉඩ තියන්නෙ නැහැ මේවා නතර වෙන්න ඕනෙ රටේ මිනිස්සුන්ට බියෙන් සැකයෙන් තොරව පාරේ බැහැලා යන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න ඕනේ ඒ නිසා මේ දඟලන පාතාල මැරයන්ට වැඩි ආයුෂ නැහැ කියන එකයි කියන්න තියෙන්නෙ යැයි පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේයහේමන්ත රන්දුණු
ඔන්ලයින් ණය ගැනීමේදී රහස් තොරතුරු ඉල්ලනවා නම් ප්රවේශමෙන්
ඔන්ලයින් ක්රමයට ණයක් ලබාගැනීමේදී එම ණය දෙන ආයතනය ණය ගැනුම්කරුගෙන් රහස්ය තොරතුරු ඉල්ලා සිටින්නේ නම් ඒ ගැන ප්රවේශම් වන ලෙස මහ බැංකුව ජනතාවට දන්වයි අන්තර්ජාලය හරහා ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගැනීම මගින් ඉතා පහසුවෙන් ණයක් ලබාගත හැකි බවට වන සමාජ මාධ්ය ප්රවර්ධනයන් විශාල වශයෙන් සිදු කෙරෙමින් තිබෙන අතර එහිදී ඔබගේ ගිණුම් අංකය සහ ඕටීපී හෙවත් එක්වරක් පමණක් ලබාදෙන මුරපදය පාස් වර්ඩ් යනාදිය ද ඔවුන් ඉල්ලා සිටිනු ඇත එහෙත් ඉතා පහසුවෙන් ණයක් ලබාගත හැකි බවට කරන ප්රචාරය නිසා එසේ ඔබේ රහස් තොරතුරු ඉල්ලා සිටින විට ඒ සියලු තොරතුරු ලබාදෙනවා ද යන්න ගැන ජනයා ප්රවේශම් විය යුතු බවද මහ බැංකුව කියා සිටීශ්යාම් නුවන් ගනේවත්ත
යල් පැන ගිය දේශපාලනයේ පැත්තකින් තියලා රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් ඇති කරමු
සාම්ප්රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අත්යවශ්ය බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ නීතිඥවරුන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්රමසිංහ මහතා මෙසේද පැවසීය පසුගිය වසර දෙක තුළ මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා එහිදී රට ගැන සිතා වැඩ කරන කණ්ඩායමක් බිහි වුණා ඔවුන් සම්ප්රදායික දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කළා ඒ නිසා අද විවිධ පක්ෂවලට අයත් අය වගේම කිසිදු පක්ෂයකට අයත් නැති අයත් මෙම ස්ථානයේ සිටිනවා 2022 මැයි 09දා සිදුවීම පිළිබඳ මම අලුතින් සඳහන් කළ යුතු නැහැ රටේ ජනතාව පීඩාවට පත්වීම නිසා උද්ඝෝෂණ ඇති වුණා ඇතැම් අය එම උද්ඝෝෂණවලින් ප්රයෝජන ගැනීමට උත්සාහ කළා අවසානයේ සිදු වුණේ සාම්ප්රදායික පක්ෂවලට රටේ නායකත්වයට පැමිණීමට නොහැකි වීමයි 2021 දෙසැම්බර් මාසයේ ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂවරිය සමඟ සාකච්ඡා කිරීමට මට අවස්ථාව ලැබුණා රට තුළ ඉදිරියේදී ආර්ථික ගැටලුවක් ඇති විය හැකි බවත් ඒ පිළිබඳ කඩිනමින් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමාට දැනුම් දෙන ලෙසත් එතුමිය මා සමඟ ප්රකාශ කළා මම ඒ බව හිටපු ජනාධිපතිතුමාට දැනුම් දුන්නා ඒ වගේම ලෝක බැංකුවේ නියෝජිතයන් පැමිණි අවස්ථාවේදීත් අප මේ පිළිබඳ සාකච්ඡා කළා ඒ සමඟම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළා එහිදී හැම පක්ෂයක්ම විවිධ අදහස් ඉදිරිපත් කර තිබුණා ඒ සඳහා විපක්ෂයෙන් සහභාගී වුණේ ද්රවිඩ සන්ධානයේ ආර් සම්බන්ධන් මහතා සහ එම්ඒ සුමන්තිරන් මහතා පමණයි එක්සත් ජාතික පක්ෂයෙන් සම්බන්ධ වුණේ මා පමණයි විපක්ෂයේ අනෙකුත් පක්ෂ ඒ සඳහා සහභාගී වුණේ නැහැ එය වැරදි ක්රියාවක් බව කිව යුතුයි එම අවස්ථාවේ රට ඉදිරියේ අර්බුදයක් තිබුණා ඒ සඳහා ගතයුතු පියවර කුමක්ද කියා සොයා බැලීම අප සියලුදෙනාගේ වගකීම වුණා එම වගකීමෙන් කිසිවෙකුට ඈත් වෙන්න බැහැ විපක්ෂ නායකයා කියන්නේ විකල්ප අගමැතිවරයායි ඔහු බස් රියැදුරෙකු නොවෙයි ඒ නිසා මේ සඳහා සහභාගිවීමට ඔහුට වගකීමක් තිබුණා නමුත් ඒ පිළිබඳ එක් දේශපාලන පක්ෂයක්වත් කිසිදු පියවරක් ගත්තේ නැහැ අප විටින් විට මෙවන් අභියෝගවලට මුහුණ දී තිබෙනවා 1971 කැරැල්ල තිබූ අවස්ථාවේ ජේආර් ජයවර්ධන මැතිතුමා විපක්ෂ නායක ලෙස සිටිමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට සහාය ලබා දුන්නා එතුමාගේ පුතත් එක් අවස්ථාවක අත්අඩංගුවට ගත්තා නමුත් ස්ථාවරය වෙනස් කළේ නැහැ 1989 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ රත්වත්තේ මහතා පැමිණ රටේ නීතිය හා සාමය ඇති කිරීමට සහයෝගය ලබාදෙන බව ප්රේමදාස ජනාධිපතිවරයාට ප්රකාශ කළා එවිට එම දෙදෙනාගෙන්ම හමුදාපතිවරයා ඇහුවා අපි මේ වැඩේ කරන්නම් පස්සේ අපට දොස් කියන්න එපා කියලා දෙදෙනාම එකඟතාව පළ කළා මේ ආකාරයට විවිධ අවස්ථාවල අප සාකච්ඡා කර කටයුතු කර තිබෙනවා ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ ඩඩ්ලි සේනානායක මැතිතුමා එකට කටයුතු කළා අනෙකුත් වෙලාවට ගැටුම් තිබෙනවා නමුත් එය ප්රශ්නයක් නොවෙයි කොච්චර ගැටුණත් ඡන්ද ප්රතිඵල අනුව බලය ජයග්රාහකයාට ලබාදී ඉවත්ව යන ආසියාවේ එකම රට ශ්රී ලංකාව පමණයි අධිකරණ නිදහස ගැන කොච්චර කතා කළත් අධිකරණය ක්රියාත්මක වන්නේ ලංකාවේ පමණයි ඉන්දිරා ගාන්ධි මැතිණිය යටතේ ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණයේ ඇති වූ ප්රශ්න අප දන්නවා මම ජනාධිපති ධූරය භාර ගන්නා විට සෑම පක්ෂයකින්ම මට සහාය ලබා දුන්නා ඒ වගේම සෑම පක්ෂයකින්ම මට විරුද්ධවත් ඡන්දය ලබා දුන්නා පොහොට්ටුවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් විරුද්ධ පක්ෂයට ගියා සජබෙ කණ්ඩායමක් මට ඡන්දය දුන්නා අපි ආණ්ඩුවක් හැදුවා හිටපු ඇමැතිවරු සමඟ මම වැඩ ආරම්භ කළා මම ඒ කිසිවෙක් මාරු කිරීමට ගියේ නැහැ ඇතැම් අය අයින් වුණා ඒක වෙනම කාරණයක් නමුත් මම කිසි කෙනෙක් මාරු කරන්න ගියේ නැහැදේශපාලන පක්ෂ ගණනාවකට අයත් පිරිස එකතු වී රට වෙනුවෙන් වැඩ කළා පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් පක්ෂ බේදයෙන් තොරව තමන්ගේ සහාය ලබා දුන්නා ඒ වගේම පිටිනුත් සහයෝගය ලැබුණා එදා ඉඳලා අරුම පුදුම ආණ්ඩුවක් විදියට මේ ආණ්ඩුව ඉදිරියට පැමිණියා අද අප පක්ෂ බේදයෙන් තොරව එකට වැඩ කර මෙම ජයග්රහණ ලබාගෙන තිබෙනවා මේ වන විට අපි බංකොලොත් භාවයෙන් ඉවත් වුණා විතරයි දැන් ණය ගෙවීමට හැකි හැකි රටක් ලෙස අපව ලෝකය පිළිගෙන තිබෙනවා අපිට විවිධ පොරොන්දු දෙන්න බැහැ තවදුරටත් පැරණි දේශපාලනයේ නිරතවීමට අවස්ථාවක් නැහැ අප එය වටහාගෙන තිබෙනවා ඒ වගේම රට ඉදිරියට ගෙන යනවා නම් රට තුළ ආර්ථික පරිවර්තනයක් ඇති කළ යුතුයි එහිදී අපනයන ඉලක්ක කරගත් නවීන ආර්ථික රටාවකට ගමන් කළ යුතුයි ඩොලර් බිලියන 85ක් වූ දළ දේශීය නිෂ්පාදනය 2048 වන විට ඩොලර් බිලියන 350ක් දක්වා ඉහළ නංවාගත යුතුයි හරියට වැඩ කළොත් අපට එම ඉලක්කයට යන්න පුළුවන් දැන් අපට තිබෙන්නේ රට ලබාගත් ජයග්රහණය තහවුරු කරගෙන රට අලුත් මාර්ගයක ගෙන යනවාද නැත්නම් පැරණි ක්රමය අනුව කටයුතු කරනවාද කියා තීරණය කිරීමයි මෙම අවස්ථාවට ඔබ සියලුදෙනාගේ පැමිණීම විශාල ශක්තියක් බව ප්රකාශ කළ යුතුයි අපි සියලුදෙනා එකතුවෙලා රට ඉදිරියට ගෙන යමු ඉන්පසු නැවතත් වසර 05කින් පසු පක්ෂ දේශපාලනයේ නිරත වෙමු රටට ස්ථාවර ආර්ථික ක්රමයක් අවශ්යයි අපි රට තුළ සිදු කළ දේශපාලන පෙරළිය තහවුරු කරගෙන ඉදිරියට ගොස් රටේ අනාගතය ගොඩනඟමු අපට හැමදාම සිඟමන් යදින ජාතියක් වෙන්න බැහැ ආර්ථික වශයෙන් පහළට යන්නත් බැහැ රට ශක්තිමත් ආර්ථිකයක් තුළ ඉහළට ඔසවා තැබිය යුතුයි එම වගකීම ඉටුකිරීමට සියලුදෙනා එක්වෙමු කියා ආරාධනා කරනවා විදේශ කටයුතු අමාත්ය ජනාධිපති නීතිඥ අලි සබි්ර අධ්යාපන අමාත්ය නීතිඥ ආචාර්ය සුසිල් ප්රේමජයන්ත වරාය හා ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමනාත් සී දොලවත්ත ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරු සහ දිවයිනේ සියලු දිස්ත්රික්ක නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරුන් සහ ජ්යෙෂ්ඨ නීතිඥවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
කුවේටයේ නීති විරෝධීව රැඳී සිටි 10615ක් මෙරටට
No Data
හමාගිය සුළගින් කූඩාරම ගැලවී ගාල්ලේ ජනාධිපති ශිෂ්යත්ව ප්රදානය අවලංගු කෙරේ
No Data
අමරපුර මහා නිකායේ උපසම්පදා පින්කම
No Data
මේ වසරේ මෙතෙක් ඩෙංගු රෝගීන් තිස්දහසක් මරණ 12ක්
No Data
බාල බෙහෙතෙන් දෑස් අඳ වූ අයට තාමත් වන්දි නෑ
No Data
බාල ඖෂධ සහ සංකූලතා ගැන විමර්ශන වාර්තා යටගැසීමේ සූදානමක්
No Data
කුකුළු ගොවිපළ හිමියන් සමග සාකච්ඡා කර මස් මිල පහත දමනවා වෙළෙඳ ඇමැති
No Data
ට්රම්ප් නූලෙන් බේරෙයි
No Data
විනිසුරු අත්සන හොරෙන් ගසා බොරු නඩු තීන්දුවක් හදලා
No Data
ඉදිරි ජනපතිවරණයේ ඉරණම අද පෙත්සමේ තීන්දුව මත
No Data
ඓතිහාසික දීඝවාපිය චෛත්ය ගර්භයේ සර්වඥ ධාතු සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනපති අතින්
No Data
ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු කළ දා මාකඳුරේ මධුෂ් සිහිකර බැනරයක්
No Data
හිඟ බදු මිලියන 1040න් අරක්කු සමාගම් මිලියන 611ක් ගෙවා අවසන් සුරාබදු කොමසාරිස් ජනරාල්
No Data
ට්රම්ප් ඝාතන ප්රයත්නය අසා කම්පනයට පත් වුණා ජනපති රනිල් කියයි
No Data
අතීතයේ ප්රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්යස්ථානයක්වූ අනුරාධපුරය නැවත ලෝක ප්රසිද්ධ නගරයක් බවට පත් කිරීමට පියවර ගන්නවා
අතීතයේ ප්රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්ය වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය තන්ජෝර් මදුරාසි සහ සාංචිපුරම් නගර ගැන අද ලෝකයම කථා කළද එහි සිව් වන නගරය වූ අනුරාධපුරයේ එම දියුණුව ඇති කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අනුරාධපුර නගරයේ සංස්කෘතික අධ්යාපන වෙළෙඳ සහ ආර්ථික වටිනාකම් ලෝකයට ගෙන යමින් එහි පුරාවිද්යාත්මක පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට ඉදිරි සතියේදී මෙරටට පැමිණෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරිය සමඟ සාකච්ඡා කරන බවත් එම කටයුතු සඳහා සහාය දැක්වීමට ලොව විශ්වවිද්යාල ගණනාවක් මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවත් පැවසීය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ LTL සමූහ ව්යාපාරය විසින් අනුරාධපුර ඓතිහාසික ජයශ්රී මහා බෝධි පරිශ්රයේ ස්ථාපිත කරන ලද කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීමේ උත්සවයට 13දා එක් වෙමිනි ජය ශ්රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින පරිශ්රය මෙන්ම අටමස්ථානයම සූර්ය බලයෙන් බල ගැන්වීමට රජයේ සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය අනුරාධපුර පුදබිම වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ නුවර කලාවියේ ප්රධාන සංඝනායක අටමස්ථානාධිපති අතිපූජ්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය අනතුරුව ඓතිහාසික ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා සූර්යබල විදුලි පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක් විය LTL හෝල්ඩින්ග්ස් සමාගම දියත්කර ඇති ශුද්ධ ශූන්ය කාබන් විමෝචන සැලැස්මේ ප්රථම අදියර ලෙස කිලෝ වොට් 150 ක සූර්ය බල පද්ධතිය ජය ශ්රී මහා බෝධීන් වහන්සේට පූජා කර ඇත ශ්රී මහා බෝධි පරිශ්රයේ සම්පූර්ණ විදුලිබල අවශ්යතාවය මෙම සූර්ය බල පද්ධතිය මඟින් සපයනු ලබයි මේ අනුව ඉතිහාසයේ ප්රථම වරට ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටිනා එම පරිශ්රය ශුද්ධ ශූන්ය කාබන් විමෝචන කලාපයක් බවට පත්ව තිබේ මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය සූර්ය බලය ඇතුළු පුනර්ජනනීය බලශක්තිය ලංකාවට හඳුන්වාදීමට සූදානම් වන අවස්ථාවේ එම වගකීම භාරගැනීම පිළිබඳ LTL හෝල්ඩින්ග්ස් සමාගමට ස්තුතිවන්ත වෙනවා LTL සමාගම අද ලෝක ප්රකට සමාගමක් බවට පත්වුවද එහි ආරම්භය ලංකාවේ සිදුවූ බව ඔවුන් අමතක කර නැහැ අනුරාධපුර නගරයේ ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කරන විට වසර දහසකට වඩා පැරණි ඉතිහාසයක් එහි තිබෙනවා ඒ වගේම අනුරාධපුරය පැරණි වෙළඳ සහ ආර්ථික නගරයක් ලෙස ප්රසිද්ධියට පත්ව තිබුණා මෙවැනි වටිනා පැරණි නගරයක සිදු කළ යුතු පුරාවිද්යා කටයුතු ගණනාවක් තිබෙනවා ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදී යුනෙස්කෝ ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කර සංස්කෘතික ත්රිකෝණය ආරම්භ කළා පොළොන්නරුව සීගිරිය දඹුල්ල මහනුවර අනුරාධපුර වැනි අපේ නගරවලට එමඟින් මහත් ප්රසිද්ධියක් ලැබුණා එම ව්යාපෘතිය අවසන් වීමෙන් පසු අප තවම අලුත් ව්යාපෘතියක් ආරම්භ කර නැහැ අප දැන් අනුරාධපුර දිස්ත්රික්කයේ පුරාවිද්යා කටයුතු ආරම්භ කළ යුතුව තිබෙනවා ඒ වගේම මහාවිහාරයේ කැණීම් කටයුතු සිදු කිරීමට ඩර්හැම් විශ්වවිද්යාල සමඟ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා නායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ඡා කර එම කටයුතු කඩිනමින් කරගෙන යාමට උපදෙස් දී තිබෙනවා එම කටයුතු සඳහා ආචාර්ය ප්රශන්ත ගුණවර්ධන මැතිතුමා සම්බන්ධ කර තිබෙනවා මහා විහාරය කියන්නේ අනුරාධපුර ඓතිහාසිකත්වයේ කොටසක් පමණයි ඒ නිසා මෙම අනුරාධපුර නගරයේ කටයුතු ගැන සාකච්ඡා කිරීමට යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්තුමියට ලංකාවට පැමිණීමට මම ආරාධනා කර තිබෙනවා දීර්ඝ කාලීනව මෙම අනුරාධපුර නගරයේ පුරාවිද්යා කටයුතු කරගෙන යාමට මම එහිදී එතුමියට යෝජනා කරනවා මෙම කටයුතු සඳහා අපට සහාය ලබාදීමට වෙනත් රටවල විශ්විවිද්යාල ගණනාවක් කැමැත්ත පළ කර තිබෙනවා මේ සියලුදෙනා එක් කරගෙන ඉදිරියට යාමට අප තීරණය කර තිබෙනවා මෙම කටයුතු සමඟ අනුරාධපුරය ලෝක ප්රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්ය වැඩපිළිවෙළ සකස් කරනවා අද සීගිරියට එම ප්රසිද්ධිය ලැබී තිබෙනවා අතීතයේ ප්රධාන වෙළෙඳ ආර්ථික මධ්යස්ථානයක් වූ අනුරාධපුරයේ ප්රසිද්ධිය ගැන අප තවම කථා කර නැහැ අප තන්ජෝර් ගැන කථා කරනවා මදුරායි සාංචිපුරම් ගැන කථා කරනවා නමුත් ඒ සමඟ තිබු හතරවන නගරය වන අනුරාධපුරය අමතක කර තිබෙනවා ඒ අනිසා අනුරාධපුර නගරයේ දියුණුව වෙනුවෙන් එම වැඩකටයුතු කළ යුතුයි එම කටයුතු අතරතුර අනුරාධපුර නගරයේ නව හෝටල් ඇති කිරීම වෙනුවෙන් අප අවශ්ය කටයුතු කරගෙන යනවා ඒ සමඟ මෙම නගරය විශාල දියුණුවකට ලක්වනු ඇතියි සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ නුවර කලාවියේ ප්රධාන සංඝනායක අටමස්ථානාධිපති අතිපූජ්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ මීට වසර දෙකකට පෙර විදුලිය සම්බන්ධව අර්බුදකාරී තත්ත්වයක් පැවතුණා එය සමනය කිරීමට වත්මන් ජනාධිපතිවරයාට හැකි වී තිබෙනවා ආගමික ස්ථානවල විදුලි බිල සම්බන්ධව ගැටලු පැන නැගුණු අවස්ථාවන් කිහිපයක් තිබුණා ඊට පිළියමක් වශයෙන් ආගමික ස්ථානවලට පුනර්ජනනීය බල ශක්තියෙන් විදුලිය ලබාදීමට රජය ගෙන යන වැඩපිළිවෙළ අද සාර්ථක වී තිබෙනවා අද මේ ජය ශ්රී මහා බෝධි පරිශ්රය සූර්ය බල ශක්තියෙන් ආලෝකමත් වෙනවා ධර්මයේ හැටියට මෙය නුවණ ලැබෙන මහඟු පින්කමක් එම නිසා ඔබගේ සිතෙහි සියලු බලාපොරොත්තු ඉටු වේවායි මහා සංඝරත්නය හැටියට අපි ප්රාර්ථනා කරනවා මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක LTL ව්යාපාරයේ ප්රධාන විධායක නිලධාරී නුහුමාන් මරික්කාර් යන මහත්වරුද සභාව ඇමතූ අතර පළාතේ මහා සංඝරත්නයද පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන එස්එම් චන්ද්රසේන දුමින්ද දිසානායක හිටපු අමාත්ය පී හැරිසන් හිටපු ප්රධාන අමාත්ය එස්එම් රංජිත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
ටැටූ සාප්පුවේ හිමිකරු වෙනම රඳවයි
No Data
හිරුණිකා හිරගෙදර වැඩ අංශයට
No Data
ව්යවස්ථා විරෝධී මොන සෙල්ලම් දැම්මත් ජනාධිපතිවරණය වැළැක්වීමේ හැකියාවක් නැහැ
No Data
ශ්රීලනිප නිමල්ලා නව සන්ධාන ලාන්සලා එකම වේදිකාවක සිට බදුල්ල ජන බලය ගොඩනඟති
No Data
පිනට පත් වූ ජනාධිපති ඡන්ද නොතියා බලයේ ඉන්න විවිධ උප්පරවැට්ටි දානවා
No Data
ගාල්ලේ මහින්ද විදුහලින් රටට බුද්ධිමත් පිරිසක් දායාද කර තිබෙනවා
No Data