id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_0001
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (9) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 13,908 දක්වා ඉහළ ගොස් ඇත.වයස අවුරුදු 60 ට වැඩි 14 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර දෙදෙනකු මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 8 දෙනකු සහ කාන්තාවන් 8 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොරෝනා මරණ වැඩි වීමක්
0
hp_train_0002
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.  2015 මාර්තු  මස 28 වැනි දින දහවල්  12.00 ට නිකුත් කෙරිණි.
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_0003
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි ඇති විය හැකියි. නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද  වැසි ඇති විය හැකි බවත්  ශ්‍රී ලංකාව වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස 4.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.  
‘පළාත් රැසකට තද වැසි‘
0
hp_train_0004
(යොහාන් භාසුර)විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (19) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 45 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (18) පස්වරු පැවසීය. ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට හෙට පැය 3 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා දහවල් කාලයේ පැයයි විනාඩි 30 ක් ද, පස්වරු 4.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 30 ක් ද,විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය. 
හෙටත් පැය 3 යි විනාඩි 45 විදුලි කපයි
1
hp_train_0005
( රංජිත් රාජපක්ෂ)අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි නිවසක් අසලට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ එක් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා අද (12) දින අලුයම දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් බඹරගල වතු යායේ නිවසක තිබු උත්සවයක සහභාගි වි ආපසු නෝටන්බ්‍රිජ් බලා ත්‍රිරෝද රථය ධාවනය කරවන අවස්තාවේ අලුයම 1.30 ට පමණ ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේය.ත්‍රිරෝද රථය අනතුරට පත්වන අවස්තාවේ ත්‍රිරෝද රථයේ රියදුරා සමග මගින් තිදෙනෙකු ගමන් කර ඇති බවත්,ත්‍රිරෝද රථයේ රියදුරා නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවට පොලිසිය සැකකරයි.අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත. 
ත්‍රිරෝද රිය අඩි 50 ක් පහළට: දෙදෙනකුට තුවාල
1
hp_train_0006
යුද හමුදාවේ විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව පළමු වරට සංවිධානය කරන ‘වලව සුපර් ක්‍රොස් - 2011’ මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මේ මස 20 වැනිදා උඩවලව සෙවණගල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ. උඩවලව ජාතික වනෝද්‍යානයට සමීපව උඩවලව තණමල්විල මාර්ගයේ 17 වැනි කණුව අසළ විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු රෙජිමේන්තු යුද හමුදා කඳවුරට අයත් මෙම ධාවන පථයේ දුර ප‍්‍රමාණය කිලෝමීටර 1.5 කි. මෝටර් රථ ඉසව් 11 ක් සහ යතුරු පැදි ඉසව් 12 කින් සමන්විත මෙම තරගාවලියේදී දිවයිනේ නම ගිය මෝටර් රථ ධාවකයන් සහ යතුරු පැදි තරගකරුවෝ 150 කට ආසන්න පිරිසක් මෙම තරගාවලියට සහභාගිවෙති. කෙසේ වෙතත් ශ්‍රී ලංකා යතුරු පැදි මෝටර් ක්‍රොස් ශූරයා ගයාන් සඳරුවන් මෙම තරගාවලියට සහභාගි නොවීම කී‍්‍රඩා ලෝලීන්ට සුබ ආරංචියක් නොවනු ඇත. පසුගියදා පැවැති සීගිරිය රැළි ක්‍රොස් තරගාවලිය ඉලක්ක කරමින් පුහුණුවීම්වල නිරතවීමේදී සිය පිට කොන්දේ ඇති වු ආබාධය සම්පූර්ණයෙන්ම සුව නොවීම නිසා තමන් මෙම තරගාවලියට සහභාගි නොවන බව සඳරුවන් ‘ලංකාදීපයට’ පැවසීය.වෛද්‍ය උපදෙස්වලට අනුව මාස තුනක කාලයක් විවේකය අවශ්‍ය බවත්, ලබන වසරේ ජනවාරි මස සිට පුහුණුවීම්වලට යොමු වන බවත් ගයාන් පවසයි.කෙසේ වෙතත් ගයාන්ගේ අඩුව පුරවමින් ඔහුගේ සොහොයුරු ශානුක සඳරුවන් තරගාවලියේ 250 සී. සී. සහ 125 සී. සී. රේසිං ඉසව් සඳහා සහභාගි වෙයි. යතුරු පැදි ඉසව් අතරට කනිෂ්ඨ ධාවකයන් සඳහා ඉසව් සහ සුපර් මෝටාඞ් ඉසව් ද ඇතුළත්වේ. මෝටර් රථ ඉසව්වල වේගවත්ම ඉසව් වන සිලින්ඩර ධාරිතාව 1600 සී. සී. සහ එස්. එල්. ජී. ටී කාර් 3500 සී. සී. ඉසව් ද තරගාවලියට ඇතුළත්වේ. තරගාවලිය දැනුවත් කිරීම සඳහා කොළඹ පැවැති මධ්‍ය හමුවේදී යුද හමුදා මෝටර් රථ හා යතුරු පැදි ක‍්‍රීඩා කමිටුවේ සභාපති බි‍්‍රගේඩියර් රවී මායාදුන්නේ මහතා පැවසුවේ උඩවලව ප‍්‍රදේශයේදී පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය දැකගැනීමට එම ප‍්‍රදේශයේ ජනතාව උනන්දුවෙන් පසුවන බවයි.තරගාවලිය පැවැත්වීමෙන් උඩවලව ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කර ගැනීමේ අවස්ථා ද සැලසෙන බව බි‍්‍රගේඩියර් මායාදුන්නේ මහතා පැවසීය. තරගාවලියේ ජයග‍්‍රාහී ධාවකයන්ට කුසලාන සමග මුදල් ත්‍යාග පිරිනැමෙන අතර ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජය සහ යුද හමුදා මෝටර් රථ ධාවකයන්ගේ කමිටුව එක්ව මෙම තරගාවලිය සංවිධානය කරති.
‘වලව සුපර් ක්‍රොස්’ 20 දා සෙවණගලදී
1
hp_train_0007
(ටී.කේ.ජී.කපිල)විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (17) කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී  රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය.අත්අඩංගුවට පත් කාන්තාව කුඹුක්වැව , නිකගොල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි  කාන්තාවක් බව වීරකෝන් මහතා පැවසීය.ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලුවල රුපියල් 22,51,200 ක් වටිනා දුම්වැටි 37,520 ක් අඩංගු , දුම්වැටි කාටූන් 126 ක් සහ පැකට් 616 ක් සඟවාගෙන සිටිය දී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි. 
විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
1
hp_train_0008
ඉදිරි දිනවලදී නිරිත දිග ප්‍රදේශයට වැඩිපුර වැසි ඇති වීමට  සහ මෝසම් සුළං මදක් වැඩි වීමේ හැකියාවක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් අනෙක් පළාත්වල ස්ථාන කීහිපයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 25/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35259050සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33268570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269570උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි.ගාල්ල30269080උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි.යාපනය34278065ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර30219565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21139575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249570උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය35269055සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32269070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘පළාත් කීපයකට අද සවසත් වැසි‘
0
hp_train_0009
කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම අද (27) වර්ධනයක් පෙන්නුම් කළේය.සියලු කොටස් මිල දර්ශකය සියයට 0.41කින් ද එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 0.86කින් ද ඉහළ ගියේය.දිනයේ දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,800.01ක් ලෙස දැක්වුණු අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 2,014.36ක් ලෙස දැක්විණි.එම මිල දර්ශක දෙක පිළිවෙළින් ඒකක 19.79කින් සහ ඒකක 17.16කින් ඉහළ ගියේය.කොළඹ කොටස් වෙළෙඳපොළේ ඊයේ දිනයේ දෛනික ගනුදෙනු අවසන් වෙද්දි සියලු කොටස් මිල දර්ශකය සියයට 0.47කින් ද එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 1.83කින් ද පහළ ගියේය.කෙසේ නමුත් පසුගිය සතියේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය දින දෙකකදී ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළේය.මේ අතර දෛනික ගනුදෙනු කාලසීමාව පස්වරු 2.30 දක්වා දීර්ඝ කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගෙන ඇත. මාස දෙකකට පසු මැයි 11 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත කෙරුණු අතර එදින සිට පසුගිය සතිය දක්වා දෛනික කටයුතු උදෑසන 11 සිට පස්වරු 1 දක්වා පැය දෙකකට සීමා කෙරුණි.කෙසේ නමුත් ඊයේ (26) සිට බලපැවැත්වෙන පරිදි සියලු දිස්ත්‍රික්කවලට බලපවත්නා ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගැනීමත් සමඟ දෛනික ගනුදෙනු කාලසීමාව දීර්ඝ කරන බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කළේය.මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.30 සිට පෙරවරු 11.00 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 11.00 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙනු ඇත. ඒ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 1/2 ක් වේ.කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු කාලසීමාව පැය 5ක් වන අතර එය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වේ.055 
කොටස් වෙළෙඳපොළ දර්ශක දෙකම ඉහළට
1
hp_train_0010
(රංජිත් රාජපක්ෂ)                      තේ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් දෙදෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඉන් එක් වතු කම්කරුවෙක් මිය ගිය බව හැටන් පොලිසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ පොලොන් කොටසේ පදිංචි එස්.විජෙකුමාර් (49) නැමති දෙදරු පියෙකි.බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි වතු කම්කරුවා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන විට මිය ගිය බවත්, මිය ගිය වතු කම්කරුවන්ට බඹරුන් විශාල ප්‍රමාණයක් ප්‍රහාරය එල්ල කර තිබු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයා පැවසීය.තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කූඩුවක් එකවරම ඇවිස්සී වතු කම්කරුවන්ට පහර දී ඇති බව එම වතුයායේ පාලන අධිකාරිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
බඹර ප්‍රහාරයකින් 8ක් රෝහලේ
0
hp_train_0011
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි ඇති ‍වන බවත්  සෙසු  ප්‍රදේශවලට සවස 2.00න් පසු,  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 26/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259065සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව34258555සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිකොළඹ29258575විටින් විට වැසිගාල්ල28259080විටින් විට වැසියාපනය32268070සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිමහනුවර27229575විටින් විට වැසිනුවරඑළිය17139585විටින් විට වැසිරත්නපුරය29249575විටින් විට වැසිත්‍රීකුණාමලය33248055සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිමන්නාරම30269080සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
‘පළාත් කීපයකට අදත් වැසි‘
1
hp_train_0012
ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්තවය වැඩි වන බවත් වයඹ, මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල බොහෝ ස්ථානවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තද වැසි ද ඇති විය හැකියි. නැගෙනහිර පළාතේ තැනින් තැන උදය කාලයේදීද වැසි බලාපොරොත්තු විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වේ.  ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 18/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33239560දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31249070උදෑසන වැසි සහ දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31249575දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249075දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32238560දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක්.මහනුවර29219570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22129575දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32249565උදෑසන වැසි සහ දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32259070දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘ඉදිරි කාලයේත් ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_0013
(දයාරත්න ඇඹෝගම)මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවියන් පස් දෙනෙකු මී උණ රෝගයෙන් මිය ගොස් ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සෙෘඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.අනුරාධපුර දිස්ත්‍රික්කය තුල මී උණ රෝගය පැතිර යාමේ අවදානම සම්බන්ධයෙන් අප කළ විමසුමේදි වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද (21)දින මේ බව පැවසිය.අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින මී උණ රෝගය පිළිබදව අදහස් දැක්වු වෛද්‍ය තේජන සෝමතිලක මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසිය.ගිය වසරත් මෙම වසරත් සසදා බලන විට ගිය වසරට වඩා මී උණ පැතිර යාමේ අවධානම වැඩිවි තිබෙනවා.2019 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගින් වාර්තා වුනේ 160 දෙනෙක්.එහෙත් මේ වසරේ ජනවාරියේ සිට මේ දක්වා මී උණ රෝගින් 120 ක් වාර්තාවි තිබෙනවා.මින් මී උණ රෝගින් පස් දෙනෙක්ම මිය ගොස් තිබෙනවා.ඉපලෝගම,තලාව,තඹුත්තේගම,විලච්චිය හා තිරප්පනේ යන ප්‍රදේශ වලින් මේ ආකාරයට ගොවි මහත්වරු පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.පසුගිය කාලයේ වැඩ නොකරපු කුඹුරැ රැසක් මේ වසරේ වැඩ කර තිබෙනවා.පසුගිය කාලයේ වැඩ නොකරපු කුඹුරැවල මීයන් බෝවිම නිසා මේ වසරේ මී උණ රෝගින් වැඩි වෙලා.සමහර ගොවි මහත්වරැ කුඹුරැ වැඩ කරද්දි උණ රෝගය හැදුනත් එය නොසලකා එම කටයුතු අවසන් වන තෙක්ම ප්‍රතිකාර ලබා නොගැනිම මරණ වලට හේතුවි තිබෙනවා.එම නිසා දින දෙකකට වැඩි කාලයක් උණ තිබුන හොත් වහාම රජයේ රෝහලකට ගොස් රුධිරය පරික්ෂා කොට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක හා සසදා බලන විට මි උණ රෝගින් වාර්තා වන දිස්ත්‍රික වලින් අනුරාධපුර දිස්ත්‍රික්කය හත්වන ස්ථානයට පැමින ඇති බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙහිදි පැවසිය.
මී උණ රෝගයෙන් අපුරේ පහක් ජීවිතක්ෂයට
1
hp_train_0014
(මනෝප‍්‍රිය ගුණසේකර) වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත‍්‍ර නොමැති අලි ඇතුන් ළඟ තබාගත් බවට චෝදනා ලැබ සිටින අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු  හත්දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරී මස 13 වැනිදා සිට  දිනපතා විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය (05) තීරණය කළේය.පැමිණිලි පාර්ශවය විසින් විත්ති පාර්ශවයට බාරදිය යුතු ලේඛන ආදිය නිසි අන්දමට බාරදී ඇති බව මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී අනාවරණය වීමෙන් අනතුරුව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය එලෙස තීරණය කළේය.විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත‍්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා නීතීපතිවරයා මෙම නඩුව පවරන ලදී.2012 ජුනි මස 05 වැනිදාත් 2015 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ මහරගම, නාවල හා බත්තරමුල්ලේදී නීත්‍යණුකූල බලපත‍්‍ර නොමැතිව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 24ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.වන සතත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ, දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ සහ  පොදු දේපළ පනත යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.මෙලෙස චෝදනා ලැබ සිටින්නේ අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්, උචිත නිශාන් ධම්මික, කේ. චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, පී. ගමගේ ජයලත්, වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී ප‍්‍රියංගිකා සංජීවනී සහ වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ (නීතී) උපාලි පද්මසිරි නමැත්තන්ටය.මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නඩුව දිනපතා විභාග කිරීමට තීරණය කළ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩුව කැදවන ලබන වසරේ පෙබරවාරී මස 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්කිකරුවන්ට නියම කළේය.
අලි රොෂාන් ඇතුළු 7 කගේ නඩුව 28 දා
0
hp_train_0015
(ගම්පොල - සුරංංග රාජනායක)උපතින්ම කතා කිරීමේ අපහසුතාවෙන් පෙළුනු ඇය විවාහකය.විමසීමකින් තොරව වැඩ කරන ඇගේ සැමියාට වගකීම් සහිත වැඩක් පැවරිය නොහැකි තරම්ය. එබැවින් පවුලේ සියලූ බර ඇය විසින්ම මනාව සැලසුම් කොට පවත්වා ගෙන යයි.පසුගිය දිනක ඇගේ පියා මිය ගියේය. ඉතා සංවේදී ඇය ඒ පිළිබඳව දැඩි සේ දුක් වූවාය. මිය ගිය අයගේ අවසන් කටයුතු දින ඇය වඩාත් හැඬුවාය. මිය ගිය පියාගේ අවසන් කටයුතු සිදු කොට සොහොන ළඟ සිට ති‍්‍රරෝද රථයකින් ඇය හා ඇගේ සැමියා නිවෙසට එමින් සිටියහ. හඬමින් පැමිණි ඇය එක් වරම සිහිසුන් වූවාය.ති‍්‍රරෝද රථ රියැදුරු සිහිසුන් ඇයට වතුර ටිකක් ඉසීම සඳහා ජලය රැුගෙන ඒමට අසල නිවෙසක් කරා දිව ගියේය. ඔහු නැවත ජලය රැුගෙන එන විට සිහිසුන්ව සිටි ඇය දෑතින්ම මුහුණ බදාගෙන බිම පෙරළෙමින් විලාප දෙන අයුරු දැක ඒ පිළිබඳ ඇගේ සැමියාගෙන් විමසීය.”ත‍්‍රිරෝද රියේ තිබුණු වතුර බෝතලෙන් මම මෙයාගේ මුහුණ හේදුවා. ඊට පස්සේ තමයි මේ විදිහට කෑ ගහන්න ගත්තේ” යැයි පවසත්ම ති‍්‍රරෝද රථ හිමියාට දොලොව රත් වූයේ ති‍්‍රරෝද රථයේ තිබූ පැට‍්‍රල් බෝතලය ඇගේ මුහුණට හලා ඇති අයුරු දැකීමෙනි. වහාම ඇය රෝහලට ගෙන ගිය අතර එහි දින 3ක් නැවතී ඇයට ප‍්‍රතිකාර ගැනීමට සිදු විය.
ත‍්‍රිරෝද රියේ පැට‍්‍රල් බෝතලෙන් මගියාගේ මුහුණ සෝදලා
1
hp_train_0016
ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නව පාසල් පරිශ්‍රය  අනුරාධපුර, ඉසුරු පුර නව නුවර පාරේ, අංක 128 දරන ස්ථානයේදී විවෘත විය.අංග සම්පුර්ණ ප්‍රාථමික පාසල් අංශයයක්,නවීන පහසුකම්  සහිත පුස්තකාලයක්,පරිගණක විද්‍යාගාරයක් ඇතුළු සියලු පහසුකම් ද එහි ඇතැයි එහි පාලකයෝ කියති.ලයිසියම් ජාත්‍යන්තර පාසල් නිර්මාතෘ  අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු,ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සම්බන්ධිකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු මහත්මිය, අනුරාධපුර නගරාධිපති එච්.පී සෝමදාස, ප්‍රාදේශීය ලේකම් සමන් බන්දුලසේන මහත්වරු  ආචාර්ය මණ්ඩලය,කාර්ය මණ්ඩලය හා මව්පියෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.       
ලයිසියම් පානදුරේටත් යයි
0
hp_train_0017
 (ක.ග. කරුණාරත්න)නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මැදිරිගිරිය කවුඩුල්ල ජලාශයේ ජලය පිටාර මට්ටමට පිරෙමින් පවතින නිසා එහි  වාන් දොරටු 12න් 2ක් අඩි 01බැගින් විවෘත කිරීමට අද (11) සවස පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. කවුඩුල්ල ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 104,4000ක් වන අතර මේ වනවිට එහි ජල මට්ටම අක්කර අඩි 94,700කි. දැනට විවෘතකර තිබෙන එම වාන් දොරටු මගින් තත්පරයකට ඝන අඩි 600ක පමණ ජල කඳක් පිටතට යැවෙන  බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම මහතා  පැවැසීය. වර්ෂාව තවදුරටත් නොකඩවා පැවැතුණහොත් අතිරික්ත ජලය පිටතට මුදාහැරීමට ජලාශයේ වාන් දොරටු විවෘත කරන අඩි ප්‍රමාණය ඉහළ දැමීමට සිදුවනු ඇති බවද  කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේය.
කවුඩුල්ල ජලාශයේ වාන්දොරටු 2ක් අරී
1
hp_train_0018
ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ධීවර නියෝජිත කණ්ඩායමක් අද (31) ඉන්දියාවට පිටත්වීමට නියමිතය. උතුරේ ධීවරයන් නියෝජනය කරමින් ධීවර නියෝජිතයන් දස දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම සංචාරයට එක්වන අතර ධීවර අමාත්‍යාංශ නිලධාරියකු ඇතුළු පිරිසක්ද මෙම සංචාරයට එක්වෙති. ඔවුන් තමිල්නාඩුවේ ධීවර නියෝජිතයන් සමඟ නවදිල්ලි නුවරදී සාකච්ඡා පැවැත්වීමෙන් පසු වෙන වෙනම මාධ්‍ය හමු පැවැත්වීමට ද නියමිතය.ඉන්දීය ධීවරයන් නීතිවිරෝධි ලෙස උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් නොවැම්බර් මස 2 වැනිදා මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉන්දීය ධීවරයන් මෙරට මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම නිසා ඇති ව තිබෙන අර්බුදයට ස්ථීර පිළියමක් සෙවීමට එරට විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ඇතුළු අමාත්‍යවරු පිරිසක් එරට ධීවර නියෝජතයන් සමඟ මීට පෙර සාකච්ඡා පවත්වා තිබිණි.මෙම සාකච්ඡාවලින් අනතුරුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නොවැම්බර් 3 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත අතර එහිදි මධ්‍යම රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වෙනු ඇත. එම සාකච්ඡාවලට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ්, එරට කෘෂිකර්ම අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුළු දෙරටේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වෙති.
ධීවර ගැටළු ගැන ඉන්දු-ලංකා සාකච්ඡා
0
hp_train_0019
බස්නාහිර, සබරගමුව,  මධ්‍යම හා වයඹ පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
‘අදත් කඩින් කඩ වැසි‘
0
hp_train_0020
(මනෝප‍්‍රිය ගුණසේකර) ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නොමැතිව නඩුව විභාගය ආරම්භ කිරීමට සුදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතාට අද (17) දැනුම් දුන්නේය. ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදුකළ බවට  ඔහු චෝදනා ලැබ සිටී.  මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණයේ පෙනී නොසිටීම සැළකිල්ලට ගනිමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා එසේ පැවසීය.  ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සදහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමු බවට ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිවද රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස ලබාගත් බවට ‘‘රක්නා ලංකා’’ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.  මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාද අධිකරණයේ පෙනී සිටි අතර ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත. ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන ඔක්තෝම්බර් මස 22 වැනිදා කැදවීමට නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ තුෂාරී දයාරත්න මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.  විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන සහ නීතීඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතුළු නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.
ඇවන්ට්ගාඩ්-රක්නා ලංකා සභාපතිවරුන්ට එරෙහි නඩුව 4 වැනිදා සිට විභාගයට
0
hp_train_0021
(රංජිත් රාජපක්ෂ)                        බලපත්‍රයක් නොමැතිව පරිසරය විනාශ කරමින් එළවළු වගා භූමියක අවසරෙන් මැණික් ගැරු තිදෙනෙකු බගවන්තලාව පොලිසිය (28) අත්අඩංගුවට ගෙන ඇත. බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි තේ වත්තේ වතු නිවාස පේලියට පිටුපස එළවළු වගා භූමියක අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිසිය භාරයට ගෙන ඇත. සැකකරුවන් එම වත්තේම පදිංචිකරුවන් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර සැකකරුවන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව පොලිසිය පවසයි.
බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ තිදෙනෙකු අත්අඩංගුවට
1
hp_train_0022
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා බදු ගැනීම සඳහා වන “ප්‍රසම්පාදන දැන්වීම” පිළිබඳව මෙන්ම ගුවන් සමාගමේ වත්මන් ක්‍රියාකාරීත්වයට අදාළව මෑතකදී පළවූ වාර්තා සහ සමාජයේ ඇති වී තිබෙන සංවාද පිළිබඳ අපි සතුටු වෙමු.අදාළ සියලු‍ තොරතුරු මනාව සලකා බැලීමෙන් මෙම සංවාදය වඩාත් ඵලදායී වනු ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේත්, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේත් අදහසයි.ඒ අනුව, පහත ප්‍රශ්න සඳහා ලබා දී ඇති පිළිතුරු මගින්, ඉහත කාරණාව වඩා නිවැරදි හා දැනුවත්භාවයකින් යුතුව විශ්ලේෂණය කිරීමට හැකි වෙතැයි ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශ්වාස කරයි.ප්‍රශ්නය:- ගෝලීය වෙළෙඳපොළ හරහා ගුවන් යානා ලබාගැනීමට අදාළ විකල්ප තුළ බදු ක්‍රම සොයාබැලීම පිළිබඳ කළමනාකාරිත්ව යෝජනාවේ සහ ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියේ පදනම කුමක්ද?පිළිතුර:- කළමනාකාරිත්වය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ මූලික අවධානය යොමුව තිබුණේ, දැනට කල් ඉකුත්ව ඇති/කල් ඉකුත්වීමට අත්‍යාසන්න, බදු ක්‍රමයට ලබාගත් ගුවන් යානා දොළහක් (12) ප්‍රතිස්ථාපනය කිරීම කෙරෙහි ය. ඉන් ගුවන් යානා නවයක් (09), 2022/23 වර්ෂයේ අගභාගයේ සිට 2025 වසර අතරතුර කාලයේදී ගුවන් යානා ඇණියෙන් ඉවත් වන අතර, තවත් යානා තුනක් (03) වසංගත කාලසීමාව තුළ ගුවන් යානා ඇණියෙන් ඉවත්ව ගොස් තිබේ.නිසි වේලාවට ගුවන් යානා බදු ක්‍රමයට ලබාගැනීමට අපොහොසත් වුවහොත් ගමනාන්ත රැසක් අත්හැර දැමීමට ගුවන් සමාගමට සිදුවනු ඇති. ගුවන් සේවය වසා දැමීමට හෝ එහි පරිමාණය අඩු කිරීමට කොටස්හිමියා වන ශ්‍රී ලංකා රජය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති (රාජ්‍ය බැංකු ඇතුළු ණය හිමියන්ට එවැනි ක්‍රියාමාර්ගයකින් අනිටු ප්‍රතිවිපාක උදාවනු ඇත) වාතාවරණයක, අධ්‍යක්ෂ මණ්ඩලය ඒ පිළිබඳ තීරණයක් නොගැනීම ඔවුන්ගේ වගකීම් පැහැර හැරීමක් ලෙස සැලකෙනු ඇත.ශ්‍රී ලංකාවේ විදේශ මුදල් අර්බුදය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් උපායමාර්ග අතර සම්බන්ධතාව ද මෙහිදී සැලකිල්ලට ගතයුතු වැදගත් කරුණකි. මෙම කාරණාව පිළිබඳව පහත දැක්වෙන විශේෂිත ප්‍රශ්න සහ පිළිතුරු හරහා වඩාත් විස්තර කෙරෙනු ඇත. විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණ වන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි ඉපැයීම්වලින් සියයට 85 අමෙරිකානු ඩොලර්වලින් උපයන ශ්‍රී ලංකා ආර්ථිකයට විදේශ මුදල් සපයන්නෙකු (අපනයන ව්‍යාපාරයකට සමාන ලෙසින්) වීමත්, ගුවන් යානා අඩු වීම හරහා ගුවන් සේවයේ විදේශ මුදල් ඉපැයීමේ ධාරිතාව අඩු වීම මගින් රටේ විදේශ මුදල් තත්ත්වයට විය හැකි අහිතකර බලපෑමයි.දැනට ගුවන් යානා බදු වෙළෙඳපොළ අනුපාත ඉතා අඩු මට්ටමක පැවතීම ද කළමනාකාරීත්වයේ මෙම යෝජනාවට ප්‍රධාන හේතුවකි. (වත්මන් බලඇණියට සාපේක්ෂව 20-40% ක ඉතිරියක් ලබාගත හැකිවනු ඇති) වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇති සහ නඩත්තු කිරීමට පහසු, වියදම් අඩු ගුවන් යානා ලබාගැනීම හරහා මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට ගුවන් සමාගමට අවස්ථාව උදාවනු ඇත. මෙම සියලු‍ සාධක හරහා ගුවන් සමාගමේ ආදායම වර්ධනය කිරීමට හැකි වනු ඇති.එසේම මෙම අඩු බදු සහ මෙහෙයුම් පිරිවැයෙන් ඉදිරි වසරවල පුරෝකථනය කරන ලද සංචාරක ඉල්ලු‍මෙන් උපරිම ප්‍රයෝජන නෙළා ගැනීම සඳහා 2023-2025 කාලය තුළ තවත් ගුවන් යානා නවයකින් (09) ගුවන් යානා ඇණිය පුළුල් කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට ද කළමනාකාරිත්වය විසින් අනුමැතිය ඉල්ලා සිටින ලදී.ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සමාගම දියත් කර ඇති මෙම ක්‍රියාවලිය හරහා ගුවන් යානා බදු ගැනීමට මෙම අවස්ථාවෙහිදී බැඳී සිටී ද?පිළිතුර:- නැතප්‍රශ්නය:- මෙම ක්‍රියාවලියේ අනාගත අදියරකදී වුවද කුමන හෝ හේතුවකට ගුවන් යානා බදු පදනම මත ලබා නොගැනීමට ගුවන් සමාගම තීරණය කළ ද, මෙම යානා 21 අනිවාර්යයෙන් බදුගැනීම සඳහා සමාගම බැඳී සිටින්නේද?පිළිතුර:- නැත. අවශ්‍ය ගුවන් යානා ඕනෑම බදු ක්‍රමයට ලබාගැනීමට හෝ අවශ්‍ය නම් සම්පූර්ණ ක්‍රියාවලියම අත්හැර දැමීමේ නිදහස ගුවන් සමාගම සතු ය. සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම එවැනි බැඳීමකින් තොරව ක්‍රියාත්මක වනු ඇත.ප්‍රශ්නය:- ගුවන් සමාගමේ අරමුණ වන්නේ අලු‍ත් ගුවන් යානා බදු ක්‍රමයට ලබාගැනීම ද?පිළිතුර:- නැත. ගුවන් සමාගමේ  අවධානය ප්‍රධානව යොමුව ඇත්තේ, එහි මෙහෙයුම් පිරිවැය ව්‍යුහය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ අරමුණින්, පාවිච්චි කරන ලද ගුවන් යානා ලබාගැනීම සඳහා පවතින ගෝලීය වෙළෙඳපොළ තත්ත්වය ගවේෂණය කිරීම ය.ප්‍රශ්නය:- මෙම ගුවන් යානා බද්දට ගැනීම ශ්‍රී ලංකා රජයට අමතර බරක් වනු ඇත්ද?පිළිතුර:- නැත. සියලු‍ බදු ගෙවීම් සමාගම උපයාගත් විදෙස් විනිමය මගින් සිදු කෙරෙනු ඇත.ප්‍රශ්නය:- ගුවන්යානා කුලියට ලබාගන්නේද නැද්ද යන්න සහ ලබාගන්නේ නම්, අදාළ ප්‍රමාණය, ගුවන් යානා වර්ගය, ගුවන් යානා වයස යනාදිය ගැන කිනම් කාලයක් වනවිට තීරණයක් ගැනීමට ගුවන් සමාගමට සිදුවේද?පිළිතුර:- 2022 ඔක්තෝබර් වන විට ප්‍රසම්පාදන ක්‍රියාවලිය තීරණ ගැනීමේ මට්ටමට ප්‍රගතියක් ලබා ඇත්නම් එය වඩාත් සුදුසු වනු ඇත. එසේ කිරීමට අපොහොසත් වීම තුළ 2023 මාර්තු මාසයේ සිට ගුවන් ගමනාන්ත කිහිපයක් අවලංගු කිරීමට සිදුවන අතර මේ නිසා සමාගමේ ආදායම අඩුවීමට ඉඩ ඇත.ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකා ආර්ථිකය සතු විදේශ මුදල් සංචිත පරිභෝජනය කරන්නේද?පිළිතුර:- නැත,  සාමාන්‍ය මෙහෙයුම් තත්ත්ව යටතේ ශ්‍රී ලංකන් සමාගම එහි ආදායමෙන් සියයට 85ක් විදේශ මුදල් උපයන ආයතනයකි. එසේ වුව ද, වසංගත හෝ රට තුළ ඇතිවිය හැකි විශේෂිත තත්ත්ව නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමෙන් ගුවන් සේවා ව්‍යාපාරය යම් බිඳවැටීමකට ගොදුරු විය හැකි බව සඳහන් කළ යුතුය.ප්‍රශ්නය:- ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවකදී, කල් ඉකුත්වන බදු ගිවිසුම් වෙනුවෙන් ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීම හෝ අලු‍ත් ගුවන්යානා ලබාගැනීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිදුකළ යුතුද?පිළිතුර:- ගුවන් සේවයේ මෙහෙයුම් තුළින් රට තුළට විදේශ විනිමය ගලා එන පසුබිමක, ගුවන් යානා සංචිතය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ මුදල් ජනනය කිරීමේ හැකියාව අඩු වනු ඇත. එය, රටේ විදේශ විනිමය ශේෂයට අහිතකර ලෙස බලපානු ඇත. සමාගමේ විදේශ මුදල් ප්‍රවාහය වර්ධනය වීම රටේ ආර්ථිකයට ද ධනාත්මක බලපෑමක් ඇතිකරනු ඇති. එබැවින් සමාගමෙහි සහ කොටස් හිමියාගේ යහපත උදෙසා අඩු මුදලකට ගුවන් යානා ප්‍රතිස්ථාපන කිරීමටත්, නව මුදල් උත්පාදන මාර්ග සුපරික්ෂාකාරීව තෝරාගැනීමටත් නොකඩවා ව්‍යාපාරය ඇගයීම සිදුවිය යුතුය.ප්‍රශ්නය:- 2022 වසර අවසානය වන විට මෙම යෝජනාව පිළිබඳව කොටස් හිමියාට (ශ්‍රී ලංකා රජයට) නිර්දේශයක් කිරීමට නම්, අධ්‍යක්ෂ මණ්ඩලයට සම්පූර්ණ කළ යුතු පියවර මොනවාද?පිළිතුර:- විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා ගුවන් යානා බද්දට සැපයීම සඳහා විශ්වාසවන්ත ලංසුකරුවන් හඳුනා ගැනීම විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා සුදුසුකම් ලත් විශ්වාසවන්ත ලංසුකරුවන්ගෙන් බදු යෝජනා කැඳවීම ලංසු ඇගයීම කාලය, ප්‍රමාණය, ගුවන් යානා වර්ගය, වයස සහ පිරිවිතර අනුව නිර්දේශයක් සකස් කිරීම.ප්‍රශ්නය:- ගුවන් යානා බදු ගැනීමට අදහස් කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සාමාන්‍ය සිරිතද?පිළිතුර:- පූර්ණ විනිවිදභාවය සහ ඕනෑම බදුකරුවකුට ඉදිරිපත්වීමට අවස්ථාව ලබා දීම යහපාලන පිළිවෙතයි. එවැනි විනිවිදභාවයක් පවත්වාගැනීම, ගුවන් සමාගමේ බදු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සැලකිය යුතු දියුණුවක් වන අතර එය ඉදිරි සමස්ත පාලන රාමුව තුළ ස්ථාවර භාවිතයක් විය යුතුය.ප්‍රශ්නය:- මෙම ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය කුමක්ද?පිළිතුර:- 2022 දක්වා කාලසීමාව තුළ ගුවන් යානා සැපයීමට අදාළ විශ්වාසවන්ත ලංසුකරුවන් හඳුනාගැනීමට වත්මන් අදියර (ප්‍රසම්පාදන නිවේදනය) සීමා වී තිබේ. මෙම අදියරේදී මිල පිළිබඳ තොරතුරු කිසිවක් ඉල්ලා නැත. ඊළඟ අදියර වනුයේ සුදුසුකම් ලත් විශ්වාසවන්ත ලංසුකරුවන්ට යෝජනා කැඳවන ලේඛනයක් (RFP) නිකුත් කිරීමයි. කෝප් කමිටුවේ යෝජනාව මත මිල ගණන් සලකාබැලීමට අදාළ මීළඟ අදියර, මාස 3 කින් කල් දමා ඇත.ප්‍රශ්නය:- ගුවන් යානා කුලියට ගන්නේද නැද්ද යන්න තීරණය කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු මොනවාද සහ කුලියට ලබාගන්නේ නම්, යානා ප්‍රමාණය, මිල සහ ගුවන් යානා වර්ගය යනාදිය.a. සෑම ගුවන් යානා බදු ගැනීමක් සඳහාම ඇති ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම සහ ඇගයීම (කල් ඉකුත්වන බදු සඳහා ආදේශ කිරීම හෝ නව මාර්ග එකතු කිරීම සඳහා)b. විවිධ අවස්ථා යටතේ ඒ වන විට පවතින ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වයc. ඒ වන විට පවතින සාර්ව ආර්ථික තත්ත්ව සහ ප්‍රක්ෂේපිත අනාගතයd. ගුවන් යානා ප්‍රතිස්ථාපනය සහ/හෝ එකතු කිරීම සඳහා වන ව්‍යාපාරික සිද්ධි ඇගයීමේදී, ව්‍යතිරේක තත්ත්වයන් සහ ඒවා අවම කර ගැනීමේ අවදානම බලපානු ඇත.ප්‍රශ්නය:- ගෝලීය ගුවන් යානා බදු වෙළඳපොළ සමීක්ෂණය කිරීමේ තීරණයට අදාළ වන වෙනත් කරුණු මොනවාද?පිළිතුර:- දැනට ගෙවනු ලබන බදු ගාස්තුවලට සාපේක්ෂව සියයට 20-40 ක ඉතිරියක් කරගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හැකි වීමේ ඉහළ සම්භාවිතාවක් සමඟ ගුවන් යානා බදු වෙළෙඳපොළ දැනට ඉතා වාසිදායක තත්ත්වයක පවතියි. වඩාත් ඉන්ධන කාර්යක්ෂම සහ නඩත්තු කිරීමට ලාභදායී ගුවන් යානා ලබාගැනීම හරහා මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීමට අමතර අවස්ථාවක් උදාවෙයි.ප්‍රශ්නය:- ප්‍රසම්පාදන නිවේදනයට අනුව 2025 වසර දක්වා බදු ක්‍රමයට ලබාගැනීමට නියමිත ගුවන් යානා සංඛ්‍යාව 21 කි. මෙම සංඛ්‍යාව නිර්ණය කළේ කෙසේද?පිළිතුර:- ඊට ප්‍රතිස්ථාපන කළ යුතු ගුවන් යානා 12 ක් ඇතුළත් වේ. ඉන් ගුවන් යානා නවයක් (09) මෙම වසර ආරම්භයේ සිට 2025 දක්වා ගුවන් යානා ඇණියෙන් ඉවත් වන අතර, තුනක් (03) වසංගත කාලසීමාව තුළ ගුවන් යානා ඇණියෙන් ඉවත්ව ගොස් ඇත. IATA (ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය) වැනි කීර්තිමත් ජාත්‍යන්තර සංවිධාන විසින් ප්‍රකාශයට පත්කරන ලද ජාත්‍යන්තර සංචාරක පුරෝකථන අනුව යමින්, 2025 දක්වා කාලය තුළ තවත් ගුවන් යානා 9 ක් ලබාගැනීමට අදාළ වෙළඳපොළ තත්ත්වයන් විශ්ලේෂණයට ලක් කිරීමට කළමනාකාරීත්වය යෝජනා කර ඇත.ප්‍රශ්නය:- ඉකුත් අප්‍රේල් 12 වැනි දින සිට ශ්‍රී ලංකාව සිය විදේශ ණය වාරික ගෙවීම අත්හිටුවන බව නිවේදනය කරන ලදී. මෙය කුමන බලපෑමක් ඇති කරයිද?පිළිතුර:- ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් පෙරනිමි මට්ටම පහත හෙළීමේ ප්‍රතිඵලයක් ලෙස බදු දෙන්නන් වෙළඳපොළේ මිල මට්ටම්වලට අමතරව අවදානම් වාරිකයක් එක් කිරීමට ඉඩ ඇත. එසේ අමතර ගාස්තුවක් එක් වුවද, එම බදු වාරික, ගුවන් සමාගම වර්තමානයේදී ගෙවනු ලබන බදු වාරිකවලට වඩා වාසිදායක වනු ඇත.ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය කොතරම් දුරට දැනුවත්ව සිටියාද?පිළිතුර:- ශ්‍රී ලංකාවේ පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය සම්පූර්ණයෙන්ම දැන සිටි අතර, එය එදිනෙදා මෙහෙයුම්වලට බලපා ඇති ආකාරය ද අපගේ අවධානයට යොමුවිය. ගුවන් සමාගමේ මෙහෙයුම් කෙරෙහි අර්බුදය නිසා ඇතිවන බලපෑම අවම කිරීම සඳහා විවිධ උපායමාර්ගික පියවර ගනු ලැබිණි. අයහපත් ආර්ථික තත්ත්ව පැවතිය ද ගුවන් සමාගම විසින් අනුගමනය කරන ලද උපායමාර්ග තුළින් ජනවාරි-මාර්තු කාර්තුව සඳහා මෙහෙයුම් ලාභයක් ළඟාකරගැනීමට හැකිවිය.ගුවන් යානා බදුවලින් 50% ක් පමණ කල් ඉකුත් වෙමින් පවතින බැවින් ද, සෘජු පිරිවැය ඉතිරිකිරීම් සහ අඛණ්ඩව පවත්වාගෙන යාම ඉලක්ක කරගත් මුල පිරීම් වෙත යොමු වෙමින් පවතින බැවින් ද, ඉහත විස්තර කර ඇති හේතු මත පිහිටා ගුවන් යානා බදුගැනීමේ මිල ගණන් විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට හේතුවක් නැත. තව ද, විදේශ මුදල් ප්‍රවාහයේ වර්ධනය, සමාගමට සහ කොටස්හිමියාට (ශ්‍රී ලංකා රජයට) ඍජුවම ප්‍රතිලාභ ලබාදෙනු ඇත.ප්‍රසම්පාදන නිවේදනය අප්‍රේල් 10 වැනිදා නිකුත් කරන ලද අතර කෝප් කමිටුව ඉදිරියේදී ද ප්‍රකාශ කළ පරිදි, අප්‍රේල් 12 වැනි දින විදේශ ණය සේවා සිදුකිරීමට අදාළ අත්හිටුවීමක් ප්‍රකාශයට පත් කිරීමේ රජයේ අදහස පිළිබඳව සමාගමට පූර්ව දැනුමක් නොතිබුණි. ඉහත පැහැදිලි කළ පරිදි, මෙය බදු වාරික මිල කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති නමුත් වත්මන් බදු වාරික මිලට වඩා අඩු බදු වාරික මිලක් ගෙවා ප්‍රතිලාභ ලැබීමට ගුවන් සමාගමට අවස්ථාව ලැබෙනු ඇත.ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වය කෙබඳුද?පිළිතුර:- 2022 ජනවාරි-මාර්තු කාර්තුව සඳහා ගුවන් සමාගම අමෙරිකානු ඩොලර් මගින් සමූහ මෙහෙයුම් ලාභයක් (විගණනය නොකළ) වාර්තා කර ඇත. මෙය වසර 6කට පසු ලැබූ පළමු ලාභදායී කාර්තුව (අමෙරිකානු ඩොලර් මගින් ලද) විය. එය 2006 වසරෙන් පසු 4  වැනි කාර්තුවක් සඳහා මෙහෙයුම් ලාභ (අමෙරිකානු ඩොලර් මගින්) ලද පළමු අවස්ථාව වීම ද විශේෂත්වයකි.කෙසේ වෙතත්, ගුවන් සමාගම දිගු කලක් තිස්සේ දරාගත නොහැකි මට්ටමේ ණය ප්‍රමාණයක් රැස් කරගෙන ඇති අතර දැනට ඇති සම්පූර්ණ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 878 ක් වේ.සැලකිය යුතු විශේෂිත කරුණක් වන්නේ, අමෙරිකානු ඩොලර් මගින් මෙහෙයුම් ලාභයක් ලැබුව ද, මෑත කාලීනව රුපියල 50%කට වඩා අවප්‍රමාණය වීම හේතුවෙන් විගණනය කිරීමට පෙර (අමෙරිකානු ඩොලර්වලින් ගත් ණය නැවත තක්සේරු කිරීම හේතුවෙන්) ඉතා සැලකිය යුතු මුදල් නොවන විනිමය අලාභයක් වාර්තා කර ඇත.මෙම ණයවලින් බහුතරයක් රාජ්‍ය බැංකු සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දරනු ලබයි. අනෙකුත් සැලකිය යුතු ණය අතර 2019 දී නැවත නිකුත් කරන ලද රජයේ සහතික කළ ඩොලර් මිලියන 175ක බැඳුම්කරයක් ඇතුළත් වේ.පසුගිය මාසවල, වැඩිදියුණු කළ මෙහෙයුම් ලාභදායිතාවය සහ විදේශ මුදල් ප්‍රවාහ මත පදනම්ව, අනෙකුත් දිගුකාලීන ණය සඳහා නියමිත වේලාවට සේවා සැපයීම සහතික කිරීමටත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ණය ගෙවීමත් ආරම්භ කර ඇත. ප්‍රශ්නය:- මෙහෙයුම් කාර්යසාධනය වැඩිදියුණු කරගැනීමට බලපෑ ප්‍රධාන සාධක කවරේද?පිළිතුර:- නව ගුවන් මාර්ග මත පදනම් වූ පිරිවැය ප්‍රතිව්‍යුහගත කිරීම, අවස්ථානුකූල නව ආදායම් ග්‍රහණය කරගැනීම සහ මගී සහ භාණ්ඩ ප්‍රවාහනය යන දෙඅංශයේම ඉල්ලු‍මට අනුවර්තනය වීම යන ද්වීපාර්ශ්වික උපාය මාර්ගයක් හරහා, 2021 දෙසැම්බර් සහ ජනවාරි සිට 2022 මාර්තු දක්වා කාලය තුළ මෙහෙයුම් ලාභය ලබාගෙන ඇත.ශ්‍රී ලංකන් හි පිරිවැය ප්‍රතිව්‍යුහගත කිරීම අදියර කිහිපයක් මත පදනම් වන අතර බදු පිරිවැය වර්තමාන (හිතකර) මිලට නැවත සකස් කිරීම ද ඉදිරි ගමනේ තීරණාත්මක අදියරකි.ප්‍රශ්නය:- ගෝලීය ගුවන් සේවා කර්මාන්තයට සහ විශේෂයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට වසංගතයේ බලපෑම කෙබඳුද?පිළිතුර:- ගෝලීය වශයෙන්, වසංගතයේ විනාශකාරී බලපෑම හේතුවෙන් ගුවන් සමාගම් 26 ක් ප්‍රතිව්‍යුහගත කෙරුණු අතර, තවත් ගුවන් සේවා 37 ක් වසා දැමුණි. ගෝලීය කර්මාන්තයට සාපේක්ෂව, ලාභදායී මෙහෙයුම් සඳහා පදනමක් සපයන පශ්චාත් වසංගත මෙහෙයුම් ව්‍යුහයක් සමඟින් ශ්‍රී ලංකන් සමාගම යම් සාර්ථකත්වයක් ලබාගැනීමට සමත්විය. ඊට බලපෑ සාධක කිහිපයකි.ගුවන් සේවයේ සේවකයන් විසින් කරන ලද කැපකිරීම්. ඔවුන්ගෙන් බහුතරයක් දීර්ඝ කාලයක් තිස්සේ විශාල වැටුප් කප්පාදුවක් යටතේ සිය සේවා ඉටුකළහ.  2020 දී ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 45.7 ක නව කොටස් නිකුත් කිරීම.සාර්ථක පිරිවැය ප්‍රතිව්‍යුහගත කිරීම (වසංගතය අතරතුර මෙහෙයුම් පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 100කින් පහත හෙළා ඇත) සහ වෙළඳපොළ අවස්ථා දිනාගැනීම (භාණ්ඩ ප්‍රවාහන සේවා, නැවත ගෙන්වා ගැනීමේ සේවා, නව ඉල්ලු‍ම ග්‍රහණය කර ගැනීම - උදාහරණයක් ලෙස ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර).ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සේවය වසා දැමිය යුතු නොවේද? විකිණිය යුතු නොවේද? ඈවර කොට නැවත ආරම්භ කළ යුතු නොවේද?පිළිතුර:- මේ සියල්ල වැදගත් ප්‍රශ්න ලෙස අපි දකින්නෙමු. එහෙත් මෙම විකල්ප තෝරාගැනීමේ ගැටලු‍වක් තිබේ. එනම්, ශ්‍රී ලංකන් හි බංකොලොත්භාවය මගින් අතීතයේ සිට සමාගමට ණය ලබාදී ඇති රාජ්‍ය බැංකුවලට ඇති කරන විනාශකාරී බලපෑම යි.ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ප්‍රාග්ධනීකරණය සහ/හෝ ඈවර කිරීම සහ නැවත ආරම්භ කිරීම (සමහර ගුවන් සමාගම් කර ඇති පරිදි) කොටස් හිමියා (ශ්‍රී ලංකා රජය) විසින් ගත යුතු තීරණ වන අතර ඒවා අධ්‍යක්ෂ මණ්ඩලයේ විෂය පථයෙන් ඔබ්බට ගමන් කරයි. කෙසේ වෙතත් අපේක්ෂිත ප්‍රතිවිපාක ද පෙන්වාදෙමින් එවැනි විකල්ප කිහිපයක් කොටස් හිමියා වෙත ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාකර ඇත.කොටස්හිමියා වෙතින් එවැනි මඟපෙන්වීමක් නොමැති පසුබිමක, සමාගමේ මෙහෙයුම් කාර්ය සාධනය උපරිම කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ යුතුකම වේ. ඒ අනුව, ලාභදායී මෙහෙයුම් වර්ධනය කරගැනීමට සහ දිගුකාලීන හිඟ ණය ගෙවීම ආරම්භ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානය යොමු වී ඇත.ප්‍රශ්නය:- අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන ලද ආකාරය සහ ඔවුන්ට වේතන පිරිනමන ආකාරය කුමක්ද?පිළිතුර:- ගුවන් සමාගමේ කොටස්හිමියා වන මුදල් අමාත්‍යංශය මගින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කරනු ලැබේ.වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන ලද්දේ 2020 ජනවාරි මාසයේදී එනම්, ගෝලීය වසංගතය එළඹීමට කෙටි කාලයකට පෙරදී ය.පත්වීම් අවස්ථාවේදීම, වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිසිදු වේතනයක් හෝ ප්‍රතිලාභයක් නොගැනීමට තීරණය කළහ.අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ගුවන් සමාගමේ කළමනාකාරිත්වය සඳහා සිය කාලය සහ ශ්‍රමය හුදු ගෞරවනීය පදනමක් මත පිරිනමති.-සටහන- චමින්ද මුණසිංහ
ශ්‍රී ලංකන් ගුවන් යානා බදු ගන්නේ ඇයි?
1
hp_train_0023
 ( රොමේෂ් මධුෂංඛ)මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනුකොට ඇති නඩුව අද (15)කැඳවු අවස්ථාවේදී නඩුව ලබන මාර්තු 22 වනදා දක්වා කල්දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කළේය. පවතින නඩුවේ තවත් එක් වාර්තාවක් පරිවර්තනය නොවීම හේතුවෙන් එම වාර්ථාවද පරිවර්තනය කිරීමෙන් අනතුරුව නඩු තීන්දුව 22 වනදා වන විට ලබා දිය හැකි බවට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා දැනුම් දුන් බවට මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේය. එමෙන්ම ලබන මාර්තු මස 22 වනදා දක්වා ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන ලෙසටද මුලතිව් මහේස්ත්‍රාත් වරයා විසින් විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ට දැනුම් දෙනු ලැබීය.
ගුරුකන්ද රජමහා විහාරයේ නඩුව කල් යයි
1
hp_train_0024
( රංජිත් රාජපක්ෂ)තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු රෝහලට ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා අද (01) පැවසිය.මෙසේ බඹර ප්‍රහාරයකට ලක් වි තුවාල ලබා ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකි.තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයකට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහරදුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියේය.
වතු කම්කරුවන් 15 දෙනෙකු බඹරු ඇනීමෙන් රෝහලේ
0
hp_train_0025
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකාවෙන් පකිස්තානයට පරිත්‍යාග කර එරට ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයෙහි පීඩාකාරී අන්දමින් ජීවත් වන ‘කාවන්’ හස්තියා කාම්බෝරයේ පිහිටි අභය භූමියක් වෙත රැගෙනයාමට එරට බලධාරීන් මේ වන විට පියවර ගනිමින් සිටී.‍‘ලෝකයේ හුදෙකලා අලියා’ ලෙස ද හැඳින්වුණු කාවන්ට මේ වන විට මිතුරකු හමුවී ඇති අතර ඒ ප්‍රතිකාර ලබාදීමට පැමිණි පශු වෛද්‍යවරයෙකි.දැඩි ප්‍රචණ්ඩ හස්තියකු වූ කාවන් සමීපයට යාමට අමීර් කලීල් නැමති එම වෛද්‍යවරයාට හැකිවී ඇතැයි ද වාර්තා වන අතර කාවන් හා එම වෛද්‍යවරයා ඉතා සමීපව සිටින ඡායාරූප ද සමාජ මාධ්‍යවල පළ වී තිබේ.කාවන් හස්තියා පිළිබඳව පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇතිවූයේ එම සත්වයා ඉස්ලාමාබාද් හි මාගසාර් සත්වෝද්‍යානයෙන් නිදහස් කර සුදුසු සත්වෝද්‍යානයකට රැගෙන යන ලෙස එරට මහාධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙනි.කාවන් වාසය කළ ඉස්ලාමාබාද් හි ‘මාගසාර්’ සත්වොද්‍යානයයෙහි ඇති අවිධිමත් පරිපාලය හේතුවෙන් එය වසා දමන ලෙස ද මේ වන විට අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.තම සහකාරිය වූ සහේලිගේ අභාවයෙන් පසු 2012 වසරේ සිට දිගු කාලයක් තනිව ජීවත් වන කාවන් දැඩි මානසික පීඩනය හේතුවෙන් ඇතිවූ කාංසා තත්ත්වයකින් මෙන්ම පාදයේ ආබාධයක් හා මන්දපෝෂණ තත්ත්වයක් ආදී රෝගයන්ගෙන් පීඩා විඳින බව ද වාර්තා වේ.මේ හේතුවෙන් කාවන් කාම්බෝජියාවට ගෙනයාම ප්‍රමාද වී ඇති අතර මේ වන විට ලැබෙන ප්‍රතිකාර හේතුවෙන් කාවන් සුව අතට හැරෙමින් සිටින බවද වාර්තා වී තිබේ.වෛද්‍ය අමීර් සමඟ ඉතා කුළුපග වී ඇති මෙම හස්තියා මේ වන විට උදෑසනම තමා සිටින මඩුවෙන් පිටතට පැමිණ වෛද්‍යවරයා එනතුරු මග බලා සිටින බව ද වාර්තා වේ.මානසික පීඩාවන්ගෙන් පෙලෙන කාවන් නිරන්තර හිස දෙපස වැනීම ආදී ලක්‍ෂණ පෙන්නුම් කරන බවත්, කාවන් වෙනත් සුදුසු ස්ථානයකට ගෙනයාමේ කටයුතු භාරව කටයුතු කරන නිලධාරියා වන ෆ්‍රෑන්ක් සිනාත්‍රා හා වෛද්‍ය අමීර් එක්ව සංගීත චිකිත්සාවක් මගින් එම සත්වයාට මානසික ප්‍රතිකාර ලබාදීමද ආරම්භ කර ඇති බවත් විදෙස් තොරතුරු වාර්තා කර තිබේ.මෙය අලි ඇතුන්ගේ බරපතල මානසික රෝගී ලක්ෂණයක් වන හිස ගසාගැනීමේ රෝගී තත්ත්වයෙන් පෙළෙන කාවන් වර්තමානයේ දී හිස ගසා නොගන්නා එකම අවස්ථාව වන්නේ වෛද්‍ය අමීර් හා ෆ්‍රෑන්ක් සිනාත්‍රාගීතයක් ගායනා කරන විට වන අතර කාවන් කලබලයට පත්වන ඕනෑම අවස්ථාවක වෛද්‍යවරයා කාවන් වඩා ප්‍රිය කරන ගීතයක් ගායනා කර එම සත්වයා සාමාන්‍ය තත්ත්වයට පත්කරන බව ද වාර්තා වේ.මීට පෙර සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි ප්‍රදේශවාසීන් කවාන්ගේ වෙනස ගැන බොහෝ විට මවිතයට පත් වන බව ද සඳහන් වේ.අභයභූමියකට යැවීමට පෙර කාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කිරීම ෆෝර් පව්ස් ඉන්ටර්නැෂනල් ආයතනය, ඉස්ලාමාබාද් වනජීවී මණ්ඩලය සහ පශු වෛද්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර සිටී.කාම්බෝජයට රැගෙනයාම සඳහ කාවන් අලින් රැගෙන යා හැකි විශේෂ කූඩුවක රැගෙනයාමට සිදුවන නිසා තවදුරටත් හීලෑ කර පුහුණු කිරීමට සිදුවන බවත් එම කණ්ඩායම සඳහන් කර තිබේ. එම පුහුණුවෙන් පසු කාවන්ට කාම්බෝජයේ අභය භූමියක නිදහස් දිවියක් උරුම වනු ඇත.ශ්‍රී ලංකාවෙන් පකිස්තාන රජයට 1985 වසරේදී ලබාදී ඇති කාවන් මේ වන විට 35 හැවිරිදි වියෙහි පසුවන අතර එම හස්තියා 2012 වසරේ සිට එම සත්වෝද්‍යානයේ ඉතා පීඩාකාරී අන්දමින් තනිව ජීවත්ව ඇත.කාවන්ගේ, සහාකාරිය ලෙස 1990 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයට යැවූ ”සහේලි” නම් ඇතින්න 2012 දී මියයාමෙන් පසු කාවන් හස්තියා මෙසේ 08 වසරක් පුරා තනිවම ඉස්ලාමාබාද් සත්ව උද්‍යානය තුල ජීවත්ව තිබෙන්නේ නිසි පහසුකම් හෝ නොමැතිව බව වාර්තා වේ.මෙම හස්තියට යහපත් ස්ථානයක් ලබා දීමේ අරමුණින් ඇමෙරිකානු ගායන ශිල්පිනියක් වන චේර් ඇතුළු ස්වේච්ජා සංවිධාන එකමුතුවක් දැවැන්ත විරෝධාතාවයක් ආරම්භ කර පාකිස්තාන් අධිකරණයට පෙත්සමක් ගොනුකර් තිබූ අතර එය විභාග කළ පාකිස්තාන මහාධිකරණය කාවන් සුදුසු ස්ථානයකට යොමු කිරීමට එරට වනජීවී නිලධාරීන්ට නියෝග කර තිබිණි. 
ලෝකයේ හුදෙකලා හස්තියා ‘‘කාවන්‘‘ට මිතුරෙක්
1
hp_train_0026
(සුනිල් ජයසිරි ලන්ඩන් නුවර සිට)ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැරැදි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ අසත්‍ය තොරතුරු ලෝකයට යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවරදී පෙරේදා (17) පැවසීය.ලබා දෙන නිදහස යහපත් මිනිසුන් විසින් යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිසුන් එය අයහපත් ලෙස භාවිත කිරීම සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.මහනුවර ඇතිවූ සිදුවීමේදී ඇඳිරි නීතිය, හදිසි නීතිය දමමින් රජය අවශ්‍ය පියවර ගනිද්දී මෙරට සිටින තානාපතිවරුන් ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් හා සීමාව ඉක්මවමින් කටයුතු කළ බවකී ජනාධිපතිවරයා ඒ කිසිවකට නොසැලී තීන්දු තීරණ ගත් නිසා සිදුවීමට ගිය විශාල විනාශයක්  වළක්වා ගැනීමට හැකිවූ බව ද කීවේය.ලන්ඩන් නුවර සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ අවස්ථාවේදීය.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය. “ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට පැමිණි අවස්ථාවේ එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකිකයන් වන ඔබව හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. වැඩබලන මහ කොමසාරිස්තුමා සඳහන් කළ ආකාරයට මෙහි සිටින ලක්ෂ හතරකට ආසන්න වූ ශ්‍රී ලාංකිකයන්ගේ නියෝජිත පිරිසක් වශයෙනුයි මම මේ සන්ධ්‍යාවේ ඔබව දකින්නේ. සියලු දෙනාටම එකම ස්ථානයක කතා කිරීමට, සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබුණත් ඒ සියලු දෙනා නියෝජනය කරන ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේ මේ හමුවීම මා ඉතාමත් වැදගත් කොට සලකනවා. ඔබ එක්සත් රාජධානිය තුළ වෘත්තිකයන් වශයෙන් වෘත්තීන්වල, ව්‍යාපාරිකයන් වශයෙන් විවිධ ක්ෂේත්‍රවල සේවය කරනවා. එයින් එක්සත් රාජධානියට ඔබ සේවයක් කරනවා වගේම ඔබේත් මගේත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් ඒ කරන සේවාවේ ගෞරවය ඔබ ලබා දෙනවා. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ලෝකයේ කුමන රටක කුමන ආකාරයේ යහපත් වූ සේවාවක සිටියත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය තවත් පැත්තකින් ඔවුන් සිටින රාජ්‍යයේ සාර්ථකත්වය එමෙන්ම ආදරණීය මවුබිම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන්ගේ සේවාව තුළ ඔවුන් පෙන්වන විවිධ හැකියාවන්, දක්ෂතාවන්, විශිෂ්ටත්වයන් පෙන්නුම් කිරීම අපි කවුරුත් දකින දෙයක්. ශ්‍රී ලාංකිකයන් ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම උගතුන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, විශේෂඥයන්, බහුශ්‍රැතයන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් වශයෙන් කටයුතු කරනවා. එසේ කටයුතු කිරීම මගින් අපේ ආදරණීය මාතෘභූමියට ඒ සියලු දෙනා ලබා දෙන්නාවූ ගෞරවය අපිට කිසිවිටකත් අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ විවිධ රටවල්වල විවිධ ජාතීන් අතරේ ශ්‍රී ලාංකිකයන් සැමවිටම කැපී පෙනෙන හැකියාවන් සහ දක්ෂතාවන් පෙන්නුම් කරනවා. දීර්ඝ කාලයක් සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා රජයේ ගෞරවය අපි පිරිනමනවා. ඔබ මෙහි ජීවත් වූවත් අපගේ මාතෘභූමිය පිළිබඳ තොරතුරු ඔබ දන්නවා. නමුත් කොතෙක් දුරට නිවැරැදි තොරතුරු ඔබ වෙත ගලා එනවා ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බව මම දකිනවා. අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මා හමුවීමට පැමිණ සිටියා. බොහෝ වේලාවට පෞද්ගලික සහ සංවිධාන වශයෙන් හමුවී කතා කරනවා. එම සාකච්ඡා මගින් මා අවබෝධ කරගත් කරුණක් වන්නේ, මොනතරම් වැරදි තොරතුරු ඔබ අහනවා ද දකිනවා ද කියන කාරණාව.අන්තර්ජාලයෙහි තිබෙන ප්‍රකාශන, ප්‍රවෘත්ති තුළ පැහැදිලි ලෙසම සියයට 75කට වඩා තිබෙන්නේ සත්‍යයෙන් තොරවූ දේවල්. අසත්‍ය වූ දේවල්. නිමල් සිරිපාල ඇමතිතුමාත් මමත් අද සාකච්ඡා කිහිපයකම එකට වාඩි වුණා. ඇමැතිතුමාත් ළඟ සිටි නිසා සමහර දේවල්වලට මට සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා. පසුගිය දිනවල අපේ රටේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිංහල - මුස්ලිම් ගැටුම්වලදී සිදුවූ සිද්ධීන් සහ එම පසුබිම් පිළිබඳව සත්‍යයට වඩා කොතරම් අසත්‍ය දේ පැතිර ගොස් තිබෙනවාද. එමෙන්ම රජය කළ කාර්යයන් පිළිබඳව නිවැරැදි තොරතුරු මොනතරම් අඩුවෙන් වාර්තාවී තිබෙනවාද. වැරැදි තොරතුරු මොනතරම් වේගයෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ලැබී තිබෙනවා ද කියන කාරණාව මම දැකපු දෙයක්. ඔබ සමහරවිට ඔබේ මවුපියන්ට, ඥාතීන්ට, මිත්‍රයන්ට දිනපතා දුරකතනයෙන් කතා කරනවා ඇති. අන්තර්ජාලය හරහා කතා කරනවා ඇති. නමුත් සත්‍යය යටපත්වී අසත්‍යය ඉස්මතුවී අසත්‍යය වේගයෙන් සමාජය තුළ ගලා යාමයි මම දකින්නේ. රටේ සිදුවන දේ පිළිබඳ නිවැරැදි තොරතුරු නොලැබීම සහ නොදැකීම. රජය සිදුකරන කටයුතු සම්බන්ධයෙන් හරිහැටි අවබෝධයක් නොතිබීම වැනි කරුණු ගණනාවක් මම දකිනවා. නව තාක්ෂණික මෙවලම් නිර්මාණය කළ සැබෑ මානවවාදී විශිෂ්ටයන් සහ විද්‍යාඥයන් යහපත් සමාජයක පැවැත්ම, ස්ථාවරත්වය සහ අනාගතය සඳහායි එම මෙවලම් නිර්මාණය කර තිබෙන්නේ. එහෙත් ඒවා මොනතරම් දුරට අයහපත් ලෙස භාවිත වනවාද කියන කාරණය අද අපේ රටට පමණක් නොවේ මුළු ලෝකයම දකින දෙයක්. සමාජ වෙබ් අඩවි ඇමෙරිකා එක්සත් ජනපදයට බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවකට එම තත්ත්වය ඇතිවී තිබෙනවා. මහනුවර ඇතිවූ සිදුවීමේදී පැය කිහිපයක් තුළ අපි රජය විදියට ඇඳිරි නීතිය දැම්මා. හදිසි නීතිය දැම්මා. ත්‍රිවිධ හමුදාව යෙදෙව්වා. සමාජ වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වසා දැම්මා. දැඩි විරෝධතාවන් මැද තානාපතිවරුන්ට අපේ රටේ සිටින සමහර අයට ලොකු අමාරුවක් හැදුණා මේවා අපි කරන කොට. සමහර අය චෝදනා ස්වරූපයෙන් කතා කරන්න ගත්තා. විදේශීය තානාපතිවරු සීමාවෙන් එහා කතා කරන්න ගත්තා. ඒ කිසිම දෙයකට අපි සැලුණේ නැහැ. බය වුණේ නැහැ. ගන්න තිබුණු තීන්දු තීරණ අපි නිසියාකාරව ගත්තා. රටක් විදියට සිදුවීමට ගිය විශාල විනාශයක් අපිට වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා.එක්සත් ජාතීන්ගේ අනු සංවිධානයක් ඒ දිනවල වාර්තා කළා ඇමෙරිකාවටත් බැරි වූ දේ ශ්‍රී ලංකා රජය සමාජ වෙබ් අඩවි වසා දැමීම ඉතා විශිෂ්ට විදියට සිදු කළා කියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් තවත් අනු සංවිධානයක් කියා සිටියා, මහනුවර සිදුවීමේදී ශ්‍රී ලංකා රජය කළ දේ මියන්මාරයේ පළමුවැනි සිදුවීම ඇතිවූ අවස්ථාවේදී මියන්මාරය කළා නම්, මියන්මාරයේ අද සිදුවන මහා ඛේදවාචකය ඒ රටේ අද සිදුවෙන්නේ නැහැ කියා. ජාත්‍යන්තර සංවිධාන සියල්ලම අපි කළ දේ නිවැරදියි කිව්වා. අපේ රටේ මවුපියන්, ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා කිව්වා. මගෙන් ඉල්ලා සිටියා පුළුවන්නම් හැමදාටම වෙබ් අඩවි වසා දමන්න කියා. ළමයි හදා ගන්න බැහැ කියා. අ.පො.ස සාමාන්‍ය/පෙළ හා අ.පො.ස උසස්/පෙළ ලියන ළමයින්ගේ මවුපියන් මට කතා කළා, ටෙලිග්‍රෑම් එව්වා, ලිපි එව්වා ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා. අපි යහපත් සමාජයක් ගොඩනගන්න ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් එහි තිබෙන අගයන් අපි සෑම කෙනෙක්ම දන්නවා. මේ සියලු දේවල්වලින් ලබා දෙන නිදහස යහපත් මිනිස්සු යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිස්සු ඒවා අයහපත් ලෙස භාවිත කරනවාද යන ප්‍රශ්නය මුළු සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක්වී තිබෙනවා. තාක්ෂණය සහ මිනිසාගේ නිදහස දියුණු සමාජයකට දීමේදී දියුණු මිනිසුන් යහපත් ලෙස සිය ඥානයෙන්, ප්‍රඥාවෙන් සහ නුවණින් ඒවා භුක්ති විඳිනවා වගේම අයහපත් ලෙස ඒවා භාවිත කරන අය කොතෙක්ද කියා අප දකින දෙයක්. මේ තත්ත්වය අද ඊයේ ඇතිවූ දෙයක් නොවන බවත් ඔබ දන්නවා. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ මහා භාරතයේ සමාජය තුළ තිබුණු සංකීර්ණ ස්වභාවය ඔබ හොඳින් කියවා ඇතැයි මා විශ්වාස කරනවා. එමෙන්ම මහම්මත්තුමා, ක්‍රිස්තුන්වහන්සේ උන්වහන්සේලා බිහිවූ සමාජ පසුබිම පිළිබඳ යම් අවබෝධයක් ඔබට තිබෙනවා. අනගාරික ධර්මපාලතුමා, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බුදු දහම රැක ගැනීම වෙනුවෙන් අතිමහත් වූ මෙහෙවරක් ඉටු කළා. අවසානයේ රට තුළ ඇතිවුණු විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිසා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇමරිකාවට ගියා. අනගාරික ධර්මපාලතුමත් රට දාලා ඉන්දියාවට ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් ඉන්න රටේ පැත්තටවත් ඔළුව දාගෙන නිදාගන්නේ නැහැ කියලා කිව්වා. ඒ මොකද එදා ඒ සමාජයේ තිබුණු පිරිහීම නිසා. අපේ රටේ ඇතැම් අය හිතනවා දේශපාලන ඝට්ඨන තිබෙන්නේ අපේ රටේ විතරයි කියලා. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යතුමිය තෙරේසා මේ මැතිණිය පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආපු රාජ්‍ය නායකයන් හමුවෙන්න නියමිතව තිබුණේ අද දහවල් 12.00 ට පමණ. නමුත් පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වයත් එක්ක හදිසියේම එම හමුව අවලංගු කළා.නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමයි මමයි පසුගිය මාසේ ජපානයේ ගිය අවස්ථාවේ ජපන් අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවසේ සාකච්ඡාවලට ගියා. ඒ යනකොට 2000 ක් විතර ජපන් අගමැතිතුමාගේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉස්සරහ ජපන් අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බෝඞ් උස්සගෙන ඉන්නවා. මම බැලුවා මේ ලංකාවේ කට්ටියක්වත් වැරදිලා එහේ ගිහිල්ලද කියලා. ඒ නිල සාකච්ඡා අවසන් වෙලා ආපසු එන විට 5000 ක් විතර බෝඞ් උස්සගෙන ඉන්නවා. වර්තමානයේ සෑම රටකම වගේ මෙවැනි දේශපාලන ගැටුම්, ආර්ථික ගැටුම් තිබෙනවා.රජයක් විදියට අපේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් කළ යුතු කළ හැකි වගකීම් නොපිරිහෙලා වගකීමකින් ඉෂ්ට කරනවා. සියලු ජාතීන්ගේ සමගිය ගොඩනගන්න, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ සැබෑ සහජීවනයක් ඇති කරන්න, සැබෑ සමගියක් ඇති කරන්න, ගැටුම්වලින් තොර සමාජයක් ගොඩනගන්න, නැවත යුද්ධයක් ඇති නොවන විදියට කටයුතු කරන්න අපි කටයුතු කරනවා.  අපේ රටේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ආයතන රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් වැරදි විදියට භාවිත කරනවද කියන ප්‍රශ්නය අපි දකිනවා. සත්‍යයෙන් තොර දේවල්. ගැටුම් සහගත දේවල් නිතරම ඒවායේ ප්‍රචාරය වෙනවා. මාධ්‍යයේ තිබිය යුතු ගුණාත්මකභාවය කොතෙක් දුරට ඔවුන් රකිනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසයි මම කියන්නේ අයහපත් දේ සමාජයට දීම නිසා රටේ ඇතිවෙන පසුබෑම් වෙනුවෙන් ඒ සෑම අංශයකම කෙනෙක් ඒ වගකීම ගත යුතු වෙනවා.අපේ මාතෘභූමියේ අනාගතය සඳහා දැනට අවසන් කර ඇති සහ කරගෙන යන ආර්ථික සැලසුම් පැහැදිලිවම ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා. රටේ සංවර්ධන කටයුතුත් ඉතාමත් වේගයෙන් කරගෙන යනවා. ඒවායේ කිසිදු අඩුපාඩුවක් නැහැ. ඒවගේම පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ අන්තර්ජාතික වශයෙන් අපි ලබා ඇති ජයග්‍රහණ රාශියක් තිබෙනවා. ඔබ දන්නවා මම 2015 එක්සත් රාජධානියට ආවා. 2015, 2016 වර්ෂවල සම්පූර්ණයෙන් කැප වුණේ ජාත්‍යන්තර වශයෙන් අපෙන් ඈත් වෙලා තිබුණු රටවල් වල හොඳ හිත දිනා ගැනීම සඳහායි. අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපි කිසිම කෙනෙක් අමනාප කරගෙන නැහැ. සෑම කෙනෙක්ම අපේ හිතවතුන්. මිත්‍රයන්. සෑම කෙනෙක්ම අපිට සලකනවා. යුරෝපය, අමරිකාව, මහ බි්‍රතාන්‍ය වගේම චීනය, ඉන්දියාව, රුසියාව, ජපානයත් මැද පෙරදිග රටවලුත් අපේ මිත්‍රයෝ. නිදහසින් පසු ලංකාවේ අන්තර්ජාතික සබඳතා මේ තරම් ශක්තිමත්ව තිබුණු කාලයක් මම දකින්නේ නැහැ. මෙය මම ජනාධිපති නිසා කියනවා නෙවෙයි. ඒ මොකද බොහෝ වෙලාවට ලෝකයේ තිබුණු දේශපාලන බලකඳවුරු දෙකෙන් එක් පාර්ශ්වයක හොඳ හිත දිනා ගැනීමත් අනික් පාර්ශ්වය ඈත් වීමක් තමයි අතීතයේ සිටම සිදුවුණේ. පනහේ දශකය හැටේ දශකය වගේ කාලය තුළ ලෝකයේ දේශපාලන බලකඳවුරුවාදය ඉතාමත්ම ප්‍රබලයි. ඇමරිකා එක්සත් ජනපදය සහ ධනවාදී රටවල් එක පැත්තකින් ඒවගේම සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව ඇතුළු කොමියුනිස්ට් රටවල් තවත් පැත්තකින්. ඒ කාලයේ බලකඳවුරුවාදය තුළ අපි වගේ පුංචි රටවල්වලට ලෝකයේ තැනක් තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ වුණත් අපේ පුංචි රටවල්වල ඡන්දයට වැඩි වටිනාකමක් තිබුණා. ලෝකය තනි බලයකට යටත් වීමත් සමග ඉරාකය, ලිබියාව වැනි රටවල් මුළුමනින්ම කඩාදමනු ලැබුවා. ඉරාකයේ අදත් මොනතරම් මිනිස්සු මැරෙනවද කියලා ඔබ දන්නවා. මේ වන විට ලක්ෂ විස්සකට වැඩිය ඉරාකයේ මිය ගිහින් තිබෙනවා. ලිබියාව රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඉරාකය රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල නිසා තමයි අද තිබෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදය කියන එක නිර්මාණය වුණේ කියලා අපි නම් විශ්වාස කරන්නේ. ඒක නිසා මේ බලවතුන්ගේ තිබෙන බලවත්කම් එක්ක ජනගහනය අඩු වුණාම භූමියෙන් පුංචි රටක් වුණාට ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ගෞරවාන්විත ජාතියක් විදියට අපි සෑම විටම ජාත්‍යන්තරය ඉදිරියේ අපේ ප්‍රතිපත්තීන් තුළ රැඳීසිටිය යුතු වෙනවා. ඒ තුළ අපිට ලෝකයේ සෑම කෙනෙක්ම දිනා ගන්න පුළුවන්. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ බලකඳවුරු වාදයෙන් බැහැරව විශේෂයෙන්ම නොබැඳි ප්‍රතිපත්තීන් තුළ. අපේ රජය මූලික වශයෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගෙන තිබෙනවා. අපිට සෑම කෙනෙක්ම සලකනවා. සෑම කෙනෙක්ම උදව් කරනවා. අපි සුබවාදී ලෙස අපේ රට දිහා බැලිය යුතුයි. මාධ්‍ය තුළ පළවෙන අයහපත් දේ සහ අසුබවාදී දේ ප්‍රතික්ෂේප කරමින් රටේ අනාගතය සඳහා අපේ මාතෘභූමියේ හෙට උපදින දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදන්න අපි සැමවිටම කැපවීම් කළ යුතු වෙනවා. යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වෛද්‍ය - හෙද - පරිපූරක වෛද්‍ය ක්‍ෂේත‍්‍රවල වෘත්තික හිඟය අපට ලොකු බලපෑමක්
0
hp_train_0027
(කටුනායක ටී.කේ.ජී.කපිල )යුරෝපා සංගමයට අයත් සයිප්‍රස් රාජ්‍යයේ බව අගවන ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට පලා යෑමට තැත් කළ ඉරාක ජාතික පවුලක සාමාජිකයන් තිදෙනෙකු අද (15)  දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම පවුලේ පියා  35 හැවිරිදි වන අතර , මව 33 හැවිරිදි වියේ පසුවන්නියකි . ඔවුන්ගේ දියණිය 07 හැවිරිදිය .             මොවුන් ඉරාකයේ සිට තුර්කියේ , ඉස්තාන්බුල් නුවරට පැමිණ , පසුව  ඩුබායි වෙත ගොස් , එතැන් සිට , ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 557 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .              ඉන්පසු දින කීපයක් ශ්‍රී ලංකාවේ ගත කළ මොවුන් , මෙම සයිප්‍රසයට අයත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් අද (15 )  දහවල් 1.05 ට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානයට , කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිස ,එම ගුවන් යානයට නැගීමේ අවසර පත්‍ර ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ලබා ගෙන තිබුණි එහෙත් වහාම ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපළ ආගමන - ව්ගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , මොවුන් සතුව තිබූ මෙම ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බව හදුනා ගෙන , ඔවුන් ගුවන් යානයට ගොඩ වීම වලක්වා , මොවුන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබේ . පසුව සිදු කරන ලද විමර්ශන වලදී , මොවුන් ශ්‍රී ලංකාවට පැමිණි ඉරාක ගුවන් ගමන් බලපත්‍ර , ඔවුන්ගේ ගමන් මලු වල සඟවා ගෙන තිබියදී මෙම ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි . මෙම පිරිස බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා ගැනීම සදහා මෙසේ පිටත්ව යෑමට පැමිණ තිබූ බව මෙම නිලධාරීන් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ . කෙසේ වෙතත් මොවුන් තිදෙනා මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය මගින් ලන්ඩන් නුවරට ගෙන ගියේ නම් , මොවුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 60 ක පමණ දඩ මුදලක් එරට ගුවන් තොටුපළ බලධාරීන් වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගෙවීමට සිදු වන බව ආගමන - විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකුව පැවසීය .
හොරෙන් යුක්‍රේනයට යාමට ගිය වියට්නාම ජාතිකයින් 5 ක් අත්අඩංගුවට
0
hp_train_0028
අපරභාගයේදී හා සවස් කාලයේ දී දිවයිනේ උතුරු පළාත හැර සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි‘.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0029
(අංජුල මහික වීරරත්න සහ නෙළුව - පියරත්න ජයවික්‍රම)නියඟ-ගංවතුර ආදී ස්වභාවික විපත් ද, ණය කඳු, කුණු කඳු ආදී රාජපක්ෂ රජයෙන් උරුම වූ විපත්වලට ද මුහුණ දෙමින් ආර්ථීකය කළමනාකරණය කර ගැනීමට හැකිවීම යහපාලන ජාතික රජයේ සැබෑම ආශ්චර්යය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෙළුවේ දී පැවැසීය.ණය පොලී ගෙවා දමන්න මේ වනවිටත් ආර්ථිකය ශක්තිමත් කර ඇති හෙයින් 2020 වනවිට සමබර ආර්ථීකය ගොඩ නගන බව කී අග්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණය ගෙවා දැමිය හැකි ශක්තිමත් ආර්ථිකය ඇතිකරන්නේ යයි ද ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ වර්ෂාපතනය හා ගංවතුර නිසා වූ ආපදා යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනේදීය.නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්විණි. ප්‍රදේශයේ උසස් රාජ්‍ය නිලධාරීහු දේශපාලන නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගී වූහ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.මීට මාසයකට පෙර නෙළුව ප්‍රදේශයට පැමිණීමට බලාපොරොත්තු වුණත් පැවැති කාලගුණය තත්ත්වය හේතුවෙන් පැමිණීමට නොහැකිවුණා. මාසයක් ගතවී තිබෙන මොහොතේ පැමිණීමට තීරණය කළේ ප්‍රදේශයේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමටයි.හානියක් වූ විට පළමු මාසයේ ඒ ප්‍රදේශවලට ගොස් යම් තරමකට සහනදායී වැඩ කටයුතු සිදුවුවත් දෙවැනි, තුන් වැනි, මාසවල ඒ කටයුතු වේගවත්වූයේ ජනාධිපතිතුමාත්, මමත් නිතරම පැමිණ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. ඉදිරි මාසය, දෙක, ඇතුළත ප්‍රදේශයේ ඇමැතිවරුන් හා නිලධාරීන් සමග සාකච්ඡා කර ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට මා අදහස් කරනවා.හානියට පත් වූ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මුදල් ලැබී ඇතත් ඇතැම් ස්ථානවල අඩු පාඩු වී තිබෙනවා. චක්‍රලේඛ ලැබී තිබුණත් මුදල් නොලැබී අඩුපාඩුකම් තිබෙනවා. අපේ මූලික අරමුණ වී ඇත්තේ ඉතා කෙටි කාලයක් තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමයි.ජන ජීවිතය යනු මාර්ග ප්‍රතිසංස්කරණය කර නිවාස හා පාසල් ඉදිකිරීම නොව විනාශ වූ ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත් කිරීමයි. විනාශ වූ ව්‍යාපාරික කටුයතු ඉදිරියට ගෙන යාම සඳහා මුදල් දෙනවා නම් ආර්ථිකය දියුණු වන අතර ජනතාවගේ අතට මුදල් ලැබෙන විට ආර්ථික වශයෙන් ඉදිරියට යා හැකියි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගතිය දෙස බලන විට සෑහීමකට පත්විය හැකියි. ඒ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම නිලධාරීන්ට මාගේ ස්තුතිය පුද කරනවා.ජන ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීමටත්, ආර්ථික ඉදිරියට ගෙන යාමටත් මේ වනවිට අපට හැකියාව ලැබී තිබෙනවා. 2003 වසරේ ගංවතුර හේතුවෙන් විනාශ වූ ප්‍රදේශවල ජනතාවගේ එදිනෙදා ජීවිත හැකිතාක් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට එවකට අමාත්‍ය කරු ජයසූරිය, මලික් සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියා කිරීමට හැකි වුණා. ඒ අත්දැකීමත් මේ ව්‍යසනයේ දී උපකාර කිරීමට අපට ඉවහල් වුණා.ප්‍රමුඛත්වය දිය යුත්තේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමටයි. කුඩා ව්‍යාපාරියකයන් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මුදල් ආධාර දී කුඩා තේවතු, කුරුඳු වගාව, සත්ත්ව පාලනය, කුඩා සංචාරක ව්‍යාපාර ආදි සියලු ව්‍යාපාර කටයුතු සඳහා මුදල් ආධාර දී ග්‍රාමීය ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි.ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නායකත්වය ගෙන ක්‍රියා කළ පරිපාලන ක්ෂේත්‍රයේ සියලුම නිලධාරීවරුන්ටත්, ආණ්ඩුවේ සියලුම නිලධාරීන්ටත් පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් මාගේ ප්‍රණාමය පුද කරනවා. මේ ව්‍යසනයේ දී රණවිරුවෙකුගේ ජීවිතය ද අහිමි වුණා.ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල ආපදා කටයුතුවල යෙදුණු සියලුම නිලධාරීන්ගේ ඉන්ධන, දුරකතන හා ගමන් වියදම් - දීමනා මාස තුනක කාලයක් සඳහා දෙගුණයකින් වැඩි කිරීමට ලේකම්වරුන් ඇතුළු කමිටුව තීරණය කළා. මේ ක්‍රමවේදය පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට බලනොපැවැත්වීම නිසා ඔවුන්ට ද දීමනා දෙන ලෙස ලේකම්වරුන්ගේ කමිටුවට මා දැනුම් දුන්නා.ප්‍රදේශයේ අනාගත දියුණූව දෙස බැලීය යුතුයි. නලීන් හේවගේ මන්ත්‍රීතුමා පැවැසූ පරිදි පරිසරය ආරක්ෂා කරගන්නේ නැතිව මේ ප්‍රදේශ ආරක්ෂා කර ගන්න බැහැ. ගංවතුර හා නාය යෑම් ඇතිවූ රක්වාන, දෙණියාය, හිනිඳුම, කලවාන, අගලවත්ත ප්‍රදේශවලින් රටේ ප්‍රධාන ජල මාර්ග කීපයක් ආරම්භ වෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ වනාන්තරය ආරක්ෂා කර ගත යුතුයි. සිංහල රජ සමයේ උඩරට රාජධානිය ආරක්ෂා වුණේ වනාන්තර නිසයි. එකල කිසි විටක වනාන්තර කඩාගෙන මඩුවන්වල පසුකර ගෙන කාටවත් යන්න හැකි වුණේ නැහැ.වර්තමානයේ දී මේ ප්‍රදේශයේ ඇතැම් තැන්වල තේ වගාව ව්‍යාප්තවී තිබෙනවා. එය අවශ්‍ය වුවත් සමහර තැන්වල පරිසරයට හානි කරලා. මේ ප්‍රදේශවල දියුණුව සඳහා වෙනම වැඩසටහන සකස් කළ යුතුයි.හැම දිස්ත්‍රික්කයකම වනාන්නර මායිම් තිබෙනවා. ගාල්ලේ හිනිඳුම ප්‍රදේශයට වනාන්තර මායිම් වෙනවා. මාතර, දෙණියාය, අගලවත්ත, රක්වාන, කලවාන ප්‍රදේශත් සිංහරාජයට මායිම් වනවා. මේ ප්‍රදේශ හැමදාම නොදියුණු මට්ටමේ තිබෙනවා. මේ මැතිවරණ කොට්ඨාස පහ ඇතුළත් කර ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළා. ඒ සඳහා මුලින් විධිමත් සැලසුම් සකස් කළ යුතුයි. මේ වැඩසටහනේ මූලික අරමුණ විය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමයි. ජල මාර්ග ආරක්ෂා කිරීමයි. පරිසරය සහ ජල මාර්ග ආරක්ෂා කරනවා නම් මේ ප්‍රදේශ ආරක්ෂා කළ හැකියි.එමෙන්ම තේ වගාවද දියුණු කළ යුතුව තිබෙනවා. කුරුඳු වගාව දියුණු කළ යුතුයි. ග්‍රාමීය මට්ටමේ පහසුකම් දිය යුතුව තිබෙනවා.මේ ප්‍රදේශවල අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හැකියාව තිබෙනවා. මත්තල ගුවන් තොටුපොළ ඊට උපකාර වෙනවා. මල් වගාව හෝ වෙනත් අංශ හෝ කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියි. මුදල් අමාත්‍යාංශ ලේකම් සමග සාකච්ඡා කර ඊට විධිමත් සැලැස්ම ඉදිරිපත් කරන්නම්.ගාල්ල, මාතර, දකුණු ප්‍රදේශවල ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන්, නිලධාරින් රැසක් සිටිනවා. ඒ නිසා ජනාධිපතිතුමාත්, මමත් මෙහි එන්න අවශ්‍ය ද කියලත් වෙලාවකට හිතෙනවා. ඒ අමාත්‍යවරුනුත් මූලික වී දියුණුවට උපකාර කරාවි. පරිසරය ආරක්ෂා කරමින් දියුණුවක් ඇති කිරීම අපේ අරමුණයි.මාතර ඇතුළු ප්‍රදේශ සංචාරක ව්‍යාපෘතිය අතින් ශීඝ්‍ර දියුණුව ලැබීමට නියමිතයි. ගුවන් තොටුපොළ දෙකක් මේ ආශ්‍රීතව තිබෙනවා. වරාය දෙකක් පිහිටා තිබෙනවා. ගාල්ල සහ තංගල්ල වැනි කුඩා බෝට්ටු ගෙන එන්න හැකියාව ඇති වරාය තිබෙනවා. සැබෑ දියුණුව ළඟා කර ගැනීමට හැකි වන්නේ පරිසරය ආරක්ෂා කරගත්තොත් පමණයි.මගේ අදහස දේදුවේ සිට මාතර පිටබැද්දර දක්වා විශේෂයෙන්ම වැඩි ගාස්තු ගෙවන සංචාරකයන් එන ප්‍රදේශ බවට පත් කිරීමටයි. ඒ ප්‍රදේශවල පරිසර ආරක්ෂණය සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබෙනවා.අක්කර තුන - හතරක නොව අක්කර 300-600 දක්වා වන විශාල වැඩසටහන් ඇති කිරීම මගේ අරමුණයි. සංචාරකයන් එන්නේ පරිසරය ආරක්ෂා කළ පසුවයි. සංචාරක ව්‍යාපාරයට යෙදවීම සඳහා ගාලු නගරයේ ගොඩනැගිලි ගණනාවක් තිබෙනවා. මාතර නගරයේත් ඉඩම් ගෙන විශාල වැඩ කොටසක් කළයුතුයි.විදේශ විනිමය ඉපැයීම මෙන්ම තරුණ-තරුණියන් සඳහා රැකියා දීමේ මූලික අවශ්‍යතාව තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කළ විට කුඩා නිවාස ඒකකවල ආදායම් වැඩි වෙනවා. ඔවුන්ටත් ආපනශාලා ආදියෙන් මුදල් ඉපැයිය හැකියි. එමෙන්ම සංගීත, නර්තන අංශවලට ද විශාල දියුණුවක් ඇති වෙනවා.හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ නැවත ලාභ ලබන ආයතන බවට පත් කර හම්බන්තොට - මොනරාගල ප්‍රදේශවල කර්මාන්ත දියුණුව ඇති කරනවා. ඒ තුළින් මාතර ගාල්ල ප්‍රදේශවල සංචාරක දියුණුව ඇති වෙනවා. මධ්‍යයේ ප්‍රදේශවල කෘෂිකර්මික දියුණුව තුළින් ජීවනෝපාය මාර්ග රැසක් විවෘත වෙනවා. මේ විශාල දියුණුවෙන් පසු ඕනෑ තරම් රැකියා අවස්ථා බිහි වේවි.අධ්‍යාපනය දියුණු කිරීමේ සැලසුම් අනුව සෑම සිසු - සිසුවියක් සඳහාම වසර 13ක අධ්‍යාපනය අනිවාර්්‍යය කෙරෙනවා. සාමාන්‍ය පෙළ විභාගය අසමත්වන සිසුන් 50%ක් පමණ පාසලෙන් පිට වෙනවා. ඔවුන්ට විශ්ව විද්‍යාලයට යන්න දක්ෂකම නැති වුණත් වෙනත් දක්ෂතා තිබෙනවා.ක්‍රීඩාව, කලාව, ආදී විවිධ විෂයන්ගෙන් දක්ෂයන් ඒ අතර ඉන්නවා. අප ඒ සියලුම දෙනා පාසලේ තබා ගන්නවා. මූලික පුහුණුව එහිදී දෙනවා. එතැන් සිට රැකියාවකට යවන්න හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි.මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් තත්ත්වයකට ජනපතිට, මට සහ ආණ්ඩුවට මුහුණ දීමට වුණා. මේ වසරේ ආර්ථ්ික වශයෙන් විඳින්න ඇති සෑම දුකක්ම වින්දා.පසුගිය දෙසැම්බරයේ අපේ සංවර්ධන වේගය 6% කින් වැඩිවේයැයි සිතුවා. පළමුවෙන්ම නියඟය පැමිණියා. ඒ සමගම කෘෂි කර්මාන්තය බිඳ වැටුණා. විදුලිය බලය වෙනුවෙන් ඉන්ධන සඳහා  වැඩිපුර මුදල් වියදම් කරන්න වුණා.ඉන්පසුව ගංවතුර ආවා. ගංවතුරේ හානිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.5 ක් වෙනවා. ඒ සමගම මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා. ඩෙංගු උවදුර ඇති වුණා. එය සමහර විට සංචාරක ව්‍යාපාරයටත් බලපාන්න ඉඩ තිබෙනවා. මේ හැම විපතකටම අප මුහුණ දුන්නා.ඒ අතර විදේශ ණය වශයෙන් අපට විශාල මුදලක් ගෙවන්න සිදුවී තිබෙනවා. සියලු විපත් ණය ගෙවීම් හමුවේ ආර්ථික වර්ධන වේගය සියයට 3 සිට 3.5 ක් ලෙස පවත්වාගෙන යන්න  හැකිවේවි යයි අප කල්පනා කළා. නමුත් මේ වනවිට ආර්ථික වර්ධන වේගය අඩු ගණනේ සියයට 4.7 ක් මට්ටමට පැමිණ තිබෙනවා. ඇතැම් විට සියයට 5ක මට්ටමකට ළඟා වීමට හැකිවේවි.සියල්ලට මුහුණ දී ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. ලබන වසර දෙක-තුන ඇතුළත ආර්ථීකය ඉහළ නැංවීය යුතුයි. අප රට බාර ගන්නා විට රජය ගත් ණයවල පොලිය ගෙවන්නවත් හැකියාව තිබුණේ නැහැ. පොලිය ගෙවන්න ණය ගත් විට ණය කන්ද තවත් වැඩි වෙනවා. එය විශාල ප්‍රශ්නයක් වූවා.ඔබේ දරුවන්ට ණය බර ඉතිරි කරනවාද? නැති නම් ඊළඟ දශකය තුළදී ණය ප්‍රශ්නය විසඳනවා ද? ඊළඟ වසර තුනෙහි අපට ගෙවීමට ඇති ණය සහ පොලී ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් වෙනවා. එනම් බිලියන 4600ක් ගෙවා දැමිය යුතුයි. එනම් ඩොලර් බිලියන 26 ක මුදල් ගෙවිය යුතුයි.ණය ගෙවීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වාර්ෂිකව සියයට 35 සියයට 36 ක් වෙන් කළ යුතුව තිබෙනවා. අපේ අරමුණ ආදායම වැඩි කිරීමයි. වැට් බද්ද වැඩි කළා. බැණුම් ඇහුවා. කරන්න දෙයක් නැහැ. අප වගකීම ගත යුතුයි.දැන් අපට ණය පොලිය ප්‍රශ්නයක් නැතිව ගෙවා දමන්න හැකියාව තිබෙනවා. ඊළඟ වසර තුනෙහි පොලිය ගෙවු පසු ණය ගෙවන්න තිබෙනවා. ඇතැම් විට නැවත ණය ගන්න වේවි. නමුත් දැවැන්ත සංවර්ධන වැඩ සටහන් ඇරැඹූ පසුව රටට ආයෝජන ලැබෙනවා.ඊළඟ වසර තුනෙහි අපට ඩොලර් බිලියන හතක් ගැනීමට හැකිවේවි. ඒ ප්‍රමාණය බිලියන අටක් හෝ නවයක් හෝ බවට පත් කිරීමට ද පුළුවනි. ඒ මුදල් නැවත අයෝජනය කළ විට ඉන් ලැබෙන ආදායමෙන් අපනයන ආදායම වැඩිවී ගෙවුම් ශේෂ ප්‍රශ්න විසඳා ගෙන ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා.2020 වනවිට සමබර තත්ත්වය ඇති කර 2025 වනවිට ආර්ථිකය ශක්තිමත් කර ණය ගෙවීමට හැකි තත්ත්වය උදා කරනවා.තරුණ-තරුණියන්ට පුහුණුව සහ රැකියා දීමේ වගකීම අපට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ශීඝ්‍ර සංවර්ධනයට ගමන් කළ යුතුයි.එහිදී දකුණට සුවිශේෂී ස්ථානය හිමි වෙනවා.ජේ.ආර්. ජයවර්ධන සමයේ මහවැලි ව්‍යාපාරයට ප්‍රධාන තැනක් ලැබුණා. එකල මහවැලිය අරඹා ඉදිරියට ගියා. යුද්ධය පැවැති නිසා ත්‍රිකුණාමලය දියුණු කරන්න නොහැකි වුවත්, මධ්‍යම, පොළොන්නරුව, අනුරාධපුර විශාල දියුණුව ඇති කළා. රජ කාලෙට වඩා අප වැව් හැදුවා. එවැනි විශාල සංවර්ධනය මෙවර දකුණු පළාතේ ක්‍රියාත්මක වීමට නියමිතයි. මහනුවරින් පටන් ගත්ත දියුණුව වැල්ලවාය දක්වා ව්‍යාප්ත වෙනවා.ඒ නිසා දකුණු පළාත දියුණු කිරීමට මධ්‍යම රජයටත්, පළාත් සභාවටත් විශේෂ වගකීමක් තිබෙනවා. එතැනින් පසු කළුතර කර්මාන්ත කලාපය බවට පත් වෙනවා.දකුණේ සංවර්ධන සම්බන්ධයෙන් පළාත් සභාව සහ මන්ත්‍රීවරුන් සමග කතා කරන්න මා බලාපොරොත්තු වෙනවා. ජාතික ආණ්ඩුව ඇති කිරීමේ වාසිය වන්නේ මේ කටයුතු ඉක්මනින් කළ හැකි වීමයි. දකුණේ නිලධාරින්ගේ මෙන්ම පළාත් සභාවේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යයි බලාපොරොත්තු වෙනවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා - රාජ්‍ය නිලධාරීන් ව්‍යසනයේදී කැපවීමකින් කටයුතු කළා. එහි ප්‍රතිඵල ලෙස සියලුම මහජනතාව සුරක්ෂිත කර ගැනීමට හැකියාව ලැබුණා.ඉහළ සිට පහළ මට්ටම දක්වා ඉතා හොඳ සම්බන්ධීකරණය ගොඩ නඟා ගැනීමටත් අපට හැකියාව ලැබුණා. සියලුම දෙනා ඒක කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵල දැන් ජනතාවට ලැබී තිබෙනවා.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා - ගංවතුර හා නාය යෑමේ විපතට හොඳින් මුහුණ දීමට අපට හැකි වුණා. අප රජය ලෙස ඉතා කාර්යක්ෂමව විපතට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළා. හානිවූ ජීවිත හැර අන් සියලුදේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය කටයුතු කළා.මගේ අමාත්‍යාංශයටත් බාර දුන් වගකීම ඉදිරියට පැවරී තිබෙනවා. ඉතා ඉක්මනින් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කරනවා.දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා - ගාල්ලේ ගංවතුරෙන් පසු ඉදිරි කටයුතු කරන්න අගමැතිතුමා නෙළුවට පැමිණීම අපට විශාල ශක්තියක් බව කිව යුතුයි. මෙවැනි ස්වභාවික විපත් වූ විට ටික දිනක් කතා කළත් ඉන් පසුව එය මතකයෙන් ගිලිහී යනවා.හානි කළමනාකරණය සඳහා ඉදිරි අනාගතයේදී ස්ථිර සාර විසඳුම සොයා ගත යුතුයි.අවතැන් වූ ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ රැස්වීම මහා රුකුලක් වන බව කිව යුතුයි.හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා - ගංවතුර උවදුර අපේ මතකයෙන් තවම ඉවත්වී නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම හානි වූයේ හිනිදුම ප්‍රදේශයටයි. සහන සැලසීම් දැන් වෙමින් තිබෙනවා. ඒ වැඩ කටයුතු කඩිනම් කිරීම අගමැතිතුමන්ගේ පැමිණීමේ අරමුණයි.ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු රජ්‍ය නිලධාරීන් සහන සැලසීමේ කටයුතු සඳහා ඉහළ දායකත්වය දැක්වුවා. බොහෝ නිලධාරින් රාජකාරිය අභිබවා ජනතාව වෙනුවෙන් කටයුතු කළා.හිනිදුම එජාප ප්‍රධාන සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක මහතා - අගමැතිතුමාගේ උපදෙස් පරිදි පෙර සූදානම නිසා මේ විපත කළමනාකරණය කරගැනීමට අපට හැකිවුණා.අප මෙවැනි ගංවතුර විපත් තුනකට මුහුණ දී තිබෙනවා. නමුත් ඉතා ඉක්මනින් ජනතා සහන සැලසුයේ මේ ආපදා අවස්ථාවේ දී බව කිව යුතුයි.අද කාටවත් අසාධාරණයක් වූවා යයි ඇඟිල්ල දිගු කරන්න බැහැ. දකුණු පළාත් සභාව ඉතා උනන්දුවෙන් කටයුතු කළා. රාජ්‍ය නිලධාරීන් විපතේදී කළ මෙහෙවර පිළිබඳව සුවිශේෂී ස්තුතියක් පළ කළ යුතුයි.පක්ෂ පාට බේද වලින් තොරව සැමට සමානව සහන දීමට අපට හැකිවූ බව මෙහිදී සඳහන් කළ යුතුයි.ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ඩී. කොඩිකාර මහතා - ආපදා තත්ත්වය ඇති වූ දිනට පසු දිනම සියලු රාජ්‍ය නිලධාරීන් රැස්වී අවශ්‍ය තීරණ කඩිනමින් ලනු ලැබුවා. පූර්ණ නිවාස හානි 364 ක් ද වාර්තා වෙනවා.ජනපති, අගමැති උපදෙස් යටතේ හානි තක්සේරු කිරීම් සියයට 80ක් පමණ කළා. හානියට පත්වූ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වලින් තක්සේරු කටයුතු සියයට 67 ක් අවසන් කර තිබෙනවා.
පළාත් අතර තරගකාරී සංවර්ධනයක් ඇති කරනවා
0
hp_train_0030
(සමන්  පාලිත නානායක්කාර) බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් අද (9)බණ්ඩාරවෙල ඩිපෝවේ ලංගම බස් රථ ධාවනයෙන්  ඉවත්වීමට රියැදුරන් හා කොන්දොස්තරවරුන්  තීරණය කර තිබේ. දියතලාව බණ්ඩාරවෙල අතරදී   ගමන් වාරයක් සම්බන්ධව ඇතිවූ බහින්බස්වීමක් දුරදිග  ගොස්  පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු මෙම තැනැත්තාට පෙරේදා (7) පහර දී ඇත. පහරකෑමට  ලක් වූ  කොන්දොස්තරවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා බණ්ඩාරවෙල පොලීසිය  අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත. 
බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ වර්ජනයක්
1
hp_train_0031
(අංජුල මහික වීරරත්න නාත්තණ්ඩිය සිට)‘‘පරම්පරා තුනක් උකසට තබා රාජපක්‍ෂ රජය ගත් ණය කන්දෙන් රුපියල් කෝටි ලක්‍ෂ තුනක් 2018-2019 වසරවලදී ගෙවා දමා ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට ඉදිරි අය-වැයෙන් පියවර ගන්නා බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නාත්තණ්ඩියේදී ඊයේ (18) පැවැසීය.‘‘යහපාලන ජාතික රජය කිසිවිටෙක ජනතාව ණය බරක අතරමං කර පලා යන්නේ නැතැයි’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ නාත්තණ්ඩිය, මානිංගල, අශෝකපුර ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය නව නිවාස 98කින් සමන්විතය.රුපියල් කෝටි 54 ක වියදමකින් අශෝකපුර නිවාස ව්‍යාපෘතිය ඉදි කෙරෙයි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.‘‘ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡා කර ඉඩම් ප‍්‍රශ්නය විසඳා දෙන ලෙස අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා මට පැවැසුවා. මා එහිදී සභාපතිවරයා සහ අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා කැඳවා ප‍්‍රශ්නයට විසඳුමක් දුන්නා.නමුත් ප‍්‍රශ්නය එතැනින් අවසන් වූයේ නැහැ. ඇතැම් අවස්ථාවලදී ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අදාළ නියෝග අනුව ක‍්‍රියා කළේ නැහැ.නිවාස ඉදිකිරීම සඳහා අශෝක මන්ත‍්‍රීතුමා විශාල සටනක් ගෙනගියා. මෙවැනි සටනක් ගෙන යන්නේ ඇයි දැයි මා ඇසුවා. මෙහි ජනතාවට ඉඩමක් නිවෙසක් නැති බවත්, කුලී ගෙවල්වල ජීවත්වන බවත් මන්ත‍්‍රීතුමා මට පැවැසුවා.දරුවන්ට හරියාකාර අධ්‍යාපනය ලබා ගැනීමට වාතාවරණය නැති නිසා ඔවුන් වෙනුවෙන් සටන් කරන බවත් පැවැසුවා. අශෝකපුර වැඩසටහන ආරම්භ කළේ එතුමාගේ ධෛර්යය ශක්තිය සමගයි. ඒ සමගම එතුමා නායකත්වය ගෙන ඉදිරියට ගියා.නිරෝෂන් පෙරේරා ඇමැතිතුමාත් මේ පිළිබඳව මට විටින් විට කරුණු වාර්තා කළා. එතුමා ගත් උත්සාහය නිසා අද මට මෙහි පැමිණ අශෝකපුර නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න හැකියාව ලැබුණා. හැරල්ඞ් හේරත් ඇමැතිතුමා ලෙසින්ම අශෝක මන්ත‍්‍රීතුමා ද මේ ප‍්‍රදේශ දියුණු කිරීමට කටයුතු කරනවා.නාත්තණ්ඩිය වැනි ප‍්‍රදේශ සංවර්ධනය කළ යුතුයි. බිංගිරිය, නාත්තණ්ඩිය, වෙන්නප්පුව ප‍්‍රදේශ ආශ‍්‍රිතව විශාල සංවර්ධන වැඩසටහන් තිබෙනවා. අශෝක මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවේදීත් නිරන්තරයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති පිළිබඳව අදහස් දක්වනවා. පක්‍ෂයේ අනාගතය තහවුරු කිරීම සඳහා අපට අවශ්‍ය වන්නේ තරුණ මන්ත‍්‍රීවරුන් බව කිව යුතුයි.නිවාස යෝජනා ක‍්‍රමයට විදුලි බලය සපයා ගැනීම සඳහා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමා මූලික වී ක‍්‍රියා කළා.වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා මෙහි මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා කටයුතු කළා.සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා පියාගේ අමාත්‍යාංශය බාරගෙන රට වටා නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. දැනට එතුමා නිවාස යෝජනා ක‍්‍රම 470 ක් ඉදිකරමින් සිටිනවා. එතුමා නිවාස ව්‍යාපෘති 2000 ඉලක්ක කර ගනිමින් වැඩ කරනවා.මේ වැඩසටහන යටතේ නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය පහසුකම් සියල්ල දෙනවා. පසුගිය වසරේදී මේ ආධාර ක‍්‍රමය යටතේ නිවාස ලක්‍ෂ දෙකකට වඩා ආරම්භ කළා. එය කළ හැකි වූයේ ඇයි? ශක්තිමත් ආර්ථිකය ඇති කිරීමට පියවර ගත් නිසයි.2015 ජනාධිපතිවරණය හදිසියේ පැවැත්වූයේ ඇයි? එවකට පැවැති රජයට මෙරට ආර්ථිකය පාලනය කරන්න නොහැකි වුණා. ණය බර වැඩි වුණා. රජයේ ආදායම ණය ගෙවීමට ප‍්‍රමාණවත් වූයේ නැහැ.2018x2019 වසර වනවිට ආපසු ගෙවීම සඳහා විශාල ණය ප‍්‍රමාණයක් තිබුණා. එය ගෙවන්න නොහැකි තත්ත්වය උදා වූවා. ඒ නිසා නියමිත කාලයට පෙර මැතිවරණය පැවැත්වීමට රාජපක්‍ෂ තීරණය කළා. ඒ වනවිට රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා. ආණ්ඩුව මුදල් සොයා ගත්තේ ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු පැනවීම මඟිනුයි.අපේ ප‍්‍රතිපත්තිය වන්නේ ලෝක වෙළෙඳ පොළෙහි මිල අඩුවන විට මෙහි මිල අඩු කිරීමත්, ලෝක වෙළෙඳ පොළෙහි මිල වැඩිවන විට වැඩි කිරීමත් බව සඳහන් කළ යුතුයි. නමුත් පසුගිය රජය මිල අඩුවන විට අඩු කිරීමට පෙළඹුණේ නැහැ. ඒ නිසා ජනතාවට ජීවත්වීම අසීරු වුණා.එවන් අවස්ථාවකදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක බවට පත්කර ජනපතිවරණය ජයගෙන මා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණා.ඒ අවස්ථාවේදී මැරෙන්න යන ලෙඩෙකු ඔබ විසින් බාරගෙන තිබෙන බව මට ආර්ථික විශේෂඥයින් දැනුම් දුන්නා. ලෙඩා මියයන බව පැවැසුවා. ලෙඩා මිය යන්නේ නැති බවත් ජීවත් කළ යුතු බවත් එහිදී මා දැනුම් දුන්නා. මා අභියෝගය බාරගත්තේ ඒ අනුවයි. ආණ්ඩුව හැදුවේ එවැනි වාතාවරණයකයි.2015 ජනවාරි මාසයේ අප ආණ්ඩුව ගත් පසුව ඊළඟ මාස තුන රට ගෙනයන්නවත් මුදල් තිබුණේ නැහැ. අයxවැයෙන් අප සහන ගණනාවක් දුන්නා. පඩි වැඩි කළා. අප කෙසේ හෝ රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා.අප කෙසේ හෝ ආර්ථිකය ගොඩගෙන ඉදිරියට යනවා. රට පෙර පරිදි යන්න දුන්නා නම් ණය ගෙවීම මේ පරපුරට පමණක් නොව ඊට පසු පරම්පරාවලටත් බලපානවා. ණය අපේ කාලයේදීම ගෙවා දමනවාද? නැතිනම් ඊළඟ පරපුරට බාර දෙනවාද කියා තීරණය කළා.අප ආර්ථිකය ගොඩනැගීම සඳහා අවතීර්ණ වූයේ මේ කරුණු තීරණය කිරීමෙන් පසුවයි. මෙරට ආදායම වැඩි කිරීමට අද අපට හැකිවෙලා.බදු පැහැරහැර ඇති අයගෙන් බදු අය කළා. වැට් බදු හඳුන්වාදීමේදී අපට දොස් කිව්වා. එහෙත් අද රටේ ආදායම් තත්ත්වය නිසා ණය ගෙවීම් කළමනාකරණය කර ගන්න හැකියි.2015 වසරේදී අපට ණය ගෙවීමට ආදායම තිබුණේ නැහැ. අපට දැන් තිබෙන ආදායමෙන් ණය ගෙවීමට හැකියි. අපේ ආදායම තවත් වැඩිකරගත යුතුයි.එදා අප රට බාරගන්නා විට රජයේ වියදම් ආදායමට වඩා වැඩියි. රජයේ වියදම් හා ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.7 ක වෙනසක් තිබුණා. 2020 වනවිට ඒ වෙනස 3.5% දක්වා අඩු කරනවා.මේ වසර දෙක තුළදී නිවාස ඉදිකිරීමට ආධාර කරන්න හැකිවුණා. එමෙන්ම උතුරු-නැගෙනහිර අලූතින් නිවාස ඉදි කරනවා. බිම් අඟලක් නැති වතුකරයේ ජනතාව සඳහා පර්චස් 7 බැගින් වන නිවාස ඉදිකරනවා.කොළඹ පැල්පත්වල ජීවත් වන අඩු ආදායම් ලබන අයට මහල් නිවාස දී ඔවුන් ජීවත් වූ ඉඩම් වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදවනවා.එමෙන්ම මධ්‍යම පාන්තිකයන්ට නිවාස ගැනීම සඳහා ණය දෙනවා. දැන් ඒ වෙනුවෙන් දෙන ණය ප‍්‍රමාණය වැඩි කරලා ඉදිකරන නිවාස ප‍්‍රමාණය ද වැඩි කරනවා.කොළඹ නගරයේ පැල්පත්වල ජීවත්වන අඩු ආදායම් ජනතාවට ඉදිකරන මහල් නිවාස ප‍්‍රමාණය වැඩි කරනවා. සියල්ල කරන්නේ අපට ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට හැකියාව ලැබුණු නිසයි.හොඳම පාසල - ළඟම පාසල වැඩසටහන යටතේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය දියුණු කරනවා. ශිෂ්‍ය රක්‍ෂණ ක‍්‍රමය ආරම්භ කළා.එමෙන්ම සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයට මුදල් දුන්නා. විදුලි බලය, නිවාස ඉදි කිරීම, වාරිමාර්ග ආදියට මුදල් දී තිබෙනවා.සියල්ල කළේ එදා ඉදිරියට ගෙනයාමට නොහැකිව කඩා වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම නිසයි.නමුත් අපට තවත් ණය ගෙවීමට තිබෙනවා. ඒ නිසා ඇතැම් ණය පාලනය කරන්න වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. ණය පාලනය කර ආදායම් වැඩි කරන්නේ කෙසේද? මෙරට උද්ධමනය පාලනය කරන්නේ කෙසේද?ජල ගැල්මට, නියඟයට, කුණු කඳු නායයෑම්, ඩෙංගු වසංගතවලට මුහුණ දෙන්න වුණා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙණු ඇතැයි ඇතැමුන් සිතුවා. නමුත් එලෙස ආර්ථිකය වැටුණේ නැහැ. මේ වනවිට 4% හෝ 4.5% ක හෝ වර්ධන වේගය බලාපොරොත්තු වෙනවා.ගංවතුර නිසා කෘෂිකර්මාන්තය, වී ගොවිතැන ආදියට හානි වුණා. පොල් වගාවට හානි වුණා. විදුලි ගාස්තු වැඩි වුණා. ශක්තිමත් ආර්ථිකය ගොඩනැගූ නිසා ඊට මුහුණ දී අදත් අපට ඉදිරියට යාමට හැකියාව තිබෙනවා.අපට තව දුර ගමනක් තිබෙනවා. ණය කන්දේ මුදුනට තවම පැමිණ නැහැ. ණය කන්දේ මුදුනට එන්න වන්නේ 2018x2019 වසරවලයි. රාජපක්ෂලා ණය ගත්තේ පරම්පරා තුනක් උකසට තැබීමෙනුයි.ලබන වසරේත්, ඊළඟ වසරේත් ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය රුපියල් කෝටි ලක්ෂ තුනක් වෙනවා. මේ ණය ගෙවන්නේ කෙසේද? මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 සහ 2019 අය වැයෙන් අවධානය යොමු කරන්නේ ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහායි.මේ මුදල ගෙවා දැමූ පසු අපට කන්ද උඩටම යන්න හැකියාව ලැබෙනවා.ණය ගෙවූ පසු ඊළඟ වටයේ ණය ගෙවීමට තවත් ශක්තිය තිබෙනවා. කෝටි ලක්ෂ තුන ගෙවීමටත් අපට හැකියි. අප වියදම් පාලනය කර ඉදිරියට යමු. මෙවැනි විශාල මුදලක් ගෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. නමුත් කෙසේ හෝ මේ මුදල ගෙවිය යුතුයි.ණය අපේ පරම්පරාව විසින්ම ගෙවා දැමිය යුතුයි. ඊළඟ පරපුරට ණය බාරදීමට මා සූදානම් නැහැ. ණය ගෙවීමට වසර 10ක් අවශ්‍ය නැහැ. අපේ ආණ්ඩු සමයේදී අප කන්ද උඩටම යමු.කෝටි ලක්‍ෂ තුනක ණයක් අනාගත පරපුරට උරුම කිරීමට මට අවශ්‍ය නැහැ.අප රජය කිසිවිටෙක වගකීම අතහැර පැන  යන්නේ නැහැ. ආර්ථිකය ගොඩනගා 2018x2019 කාලයේදී ගෙවීමට ඇති කෝටි ලක්ෂ තුනක විශාලතම ණය බර ගෙවා දමනවා. ඉදිරි අයවැයෙන් අවධානය යොමු කරන්නේ ඒ ඉලක්කය සඳහායි.ඒ සමගම අප නිවාසවලට මුදල් දෙනවා. අවුරුදු 13ක අධ්‍යාපනය  අනිවාර්ය කර වෘත්තීය අධ්‍යාපනය සඳහා මුදල් දෙනවා. කුඩා ව්‍යාපාර සඳහා ණය දෙනවා.ගමේ සංවර්ධනය මීට වඩා වේගවත් කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් ණය ගෙව්වත් අනෙක් පැත්තෙන් සංවර්ධනය ඇති කරන්නත් කටයුතු කරනවා.තුන්වැනි පියවර ලෙස අප ආයෝජන ගෙන රැුකියා බිහි කරනවා. ඒ පිළිබඳව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේ දී ආර්ථික ප‍්‍රතිපත්ති එළිදැක්වීමේදී ප‍්‍රකාශ කරන්නම්. නොවැම්බර් 9 වැනිදා මුදල් ඇමැතිතුමා අයවැයෙන් කෝටි ලක්‍ෂ තුනක ණය ගෙවා දමා රට සංවර්ධනය කර  සහන දෙන්නේ කෙසේදැයි ප‍්‍රකාශ කරාවි.ඇතැම්විට ජනතාවට බර වැඩිවන අවස්ථා තිබෙනවා. කළ යුත්තේ ණය මේ සමයේදී ගෙවා දමා ඉදිරි පරපුර ණයෙන් නිදහස් කිරීමයි. අපට ඇත්තේ ඒ ශක්තියයි. අපේ මූලික පරමාර්ථය එයයි.ණය ගත්තේ කව්දැයි සිතමින් සිටීමෙන් ඵලක් නැහැ. මේ අප ගත් ණය නොවෙයි. නමුත් කෙසේ හෝ ණය ගෙවා දැමිය යුතුයි.ඊළඟ වසර දෙකෙහි ණය ගෙවා රට සංවර්ධනය කර රැුකියා උත්පාදනය කරන්න හැකි ශක්තිමත් ආර්ථිකයක් අප ගොඩනගනවා.ඊළඟ වසර දෙකෙහි දී ණය නොගන්නා රටක් ලෙස, හොඳ ආදායම් ලබන රටක් ලෙස අඩිතාලම් දමමු යයිද? රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.නිවාස  හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා:‘‘අද විවෘත වන්නේ යහපාලන රජය ඇරැුඹූ උදාගම්මාන වැඩ සටහනේ 43 වැනි ගම්මානයයි. මේ වනවිට රට පුරා නිවාස ව්‍යාපෘති 400 ක් ඉදිවෙමින් තිබෙනවා. මේ වසර අවසන් වනවිට උදා ගම්මාන 500ක් ආරම්භ කරනවා.2020 වසර වනවිට තවත් උදා ගම්මාන 2000ක් ඉදිකර ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ උදාගම්මාන 2500 ක් ජනතාව අතට පත්කිරීමෙනුයි.අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා සමග අත්වැල් බැඳගෙන නිවාස ව්‍යාපෘතිය සාර්ථක අයුරින් නිමා කරන්න අපට හැකියාව ලැබුණා. නිවාස ව්‍යාපෘතියට නිවාස 98 ක් අයත්ව තිබෙනවා.සම්ප‍්‍රදායානුකූල රාමුවලට කොටු නොවී ජනතාවට සහන සැලසීම අගමැතිතුමාගේ දර්ශනයයි. නිවාස ඉදි කෙරුණු ඉඩම විවිධ සමාගම්වලට බෙදා දී තිබුණා. අශෝක මන්ත‍්‍රීතුමාගේ එඩිතර බව නිසා ඉඩම් නැවත ජනතාව අතට පත්වුණා.අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් සිටි ජනතාවට අද තමන්ගේම නිවෙසක අයිතිය ලැබිලා. අශෝකපුර නිවාස ව්‍යාපෘතියේ II පියවර ක‍්‍රියාත්මක කිරීමද අප ආරම්භ කළා. අපට ඉඩම් සොයා දෙනවා නම් හතු පිපෙනවා සේ උදාගම්මාන ඉදිකිරීමට සූදානමින් සිටිනවා.ඒකීය බව ගැන අද බොහෝ අය මන්තරේ වගේ ජප කරනවා. ශ්‍රී ලංකාවේ ඒකීය බව රකින බව පසුගිය හැම මැතිවරණයකදීම අප ප‍්‍රකාශ කළා. අපේ පුටු දෙස කෑදරකමින් බලා ඉන්න පිරිස පොහොට්ටුවක් තියාගෙන ඒකීය බව නැති කරනවා යැයි කෑ ගහනවා.රට ඒකීය වීමට නම් සෑම ජන කොටසක්ම සතුටින් ජීවත්විය යුතුයි. සැවොම එක මව්බිමක සහෝදරත්වයෙන් ජීවත්වෙනවා නම් ඒකීය බව තිබෙනවා. විරැුකියාව, දුප්පත්කම තිබෙනවා නම් ඒකීයබව තහවුරු වන්නේ නැහැ.2015 ට පෙර නමට ඒකීය බව ගැන කිවුවද සැබෑ ඒකීය බව තිබුණේ නැහැ. යුද  ජයයෙන් ජනතාවගේ සාක්කු පුරවනවා වෙනුවට තම පරපුරේ සාක්කු පුරවමින් සිටියා.අද රටතුළ ජාතීන් අතර එකමුතු බව නිර්මාණය වෙලා. නිවෙස් නැති පොඩි මිනිහාට ඉඩම් ලැබිලා. ගොවි, ධීවර, කම්කරු ජනතාව ආරක්ෂා වෙලා. ඒකීය බව තහවුරු වන්නේ එවිටයි.ඒකීය බව මුලට දමා ජනතා මුදල් කොල්ලකෑමේ පිළිවෙත අප අනුමත කරන්නේ නැහැ.යහපාලන රජය ජනතා සම්පත් කොල්ලකන රජයක් නොවෙයි. අප ලැබූ  තාවකාලිකබාරය  නැවත 2020 දී විභාගයකට මුහුණ දීමට සූදානම්.අප කිසිවිටෙක අපේ සාක්කු ගැන සිතන්නේ නැහැ. නිවාස ප‍්‍රශ්නයෙන් පීඩා විඳින පවුල් ලක්ෂ 25ක් සිටිනවා. රාජපක්‍ෂ යුගයේ දැවැන්ත සංවර්ධනය වුණා නම් මෙතරම් පිරිසක් නිවාස නැතිව ඉන්නේ කෙසේද?කාර්යය අකුරටම ඉටුකිරීම මගේ අරමුණයි. නිවාස ඉදිකිරීමේදී ඇතැම් නිලධාරීන්ගේ කටයුතු ගැන සතුටු  විය නොහැකියි. ඒ නිසා නිලධාරීන් ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.ජනපති x අගමැති ශක්තියෙන් 2025 වනවිට සැමට සෙවනදීම අපේ අරමුණයි.’’විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා:‘‘එක්සත් ජාතික පක්ෂය හැමවිටම බිම් මට්ටමේ නායකයන්ට අතදෙන පක්ෂයයි. නිවාස ව්‍යාපෘතියට විදුලියදීම සඳහා අප විශාල පිරිවැයක් දැරුවා.නිවාස ව්‍යාපෘතිය ඉතා ආදර්ශවත් අයුරින් ඉදිකර ඇති ආකාරය අපට දැක ගැනීමට හැකිවුණා.’’ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත මහතා:‘‘නිවාස ව්‍යාපෘතිය මගින් සිහිනය සැබෑවීම බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ දුරදක්නා නුවණ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.ගම අශෝකපුර ලෙස නම් කරන්න මට සිදුවුණා. එය අගමැතිතුමා අනුමත නොකරන බව මගේ හැඟීමයි. නමුත් වර්තමාන දේශපාලන තත්ත්වය මත මට එසේ කරන්න වුණා.එක්සත් ජාතික පක්‍ෂය රටට කළ සේවය අමතක කළ යුගය තිබුණා. පෙර අපේ නායකවරුන් මේ ප‍්‍රදේශවල නිවාස ව්‍යාපෘති ගණනාවක්, යටිතල පහසුකම් ගොඩනැගුවා. පසුගිය රජය පාරකට තාර දැමුවා හැර පවතින දෙයක් කළේ නැහැ.කැලෑවකින් වැසී තිබූ මේ ඉඩම අද නිවාස ව්‍යාපෘතියක් බවට පත්වෙලා.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් ඉදිකළ විශාලතම නිවාස ව්‍යාපෘතිය වන්නේ අශෝක පුරයයි. අපගේ අරමුණ වන්නේ ජනතාවට සැපවත් ජීවිතය දීමයි.’’මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
බඩු පිටරට යවා ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්
0
hp_train_0032
(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) සභාපතිවරයා තෝරා පත්කර ගැනීම හෙට (5)  සිදු කෙරෙන බව පාර් ලිමේන්තු ආරංචි මාර් ග පවසයි.එම කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(5) පෙරවරු 11.00  ට පැවැත්වීමට නියමිතය.නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාව සභාවාරයේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය තිස්ස විතාරණ මහතාය.මෙවර ඔහු එම කමිටුවේ සාමාජික මන්ත්‍රීවරයකු ලෙස වත් පත් කර නොමැතිවීම විශේෂත්වයකි.කෝප් සහ කෝපා  කමිටු සාමාජිකයන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  පෙරේදා (3) නිවේදනය කළේය.මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපතිවරයා තෝරා පත්කර ගැනීමද ඉදිරි දිනවල සිදු කිරීමට නියමිතය.
මුදල් කාරක සභාවේ සභාපති ධූරය අනුර ප්‍රියදර්ශන යාපාට
0
hp_train_0033
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් 'ජාතික ව්‍යවසාය සංසදය' එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (4) සිදුකෙරිණි.ව්‍යවසායකයන්ට ඇති ගැටලුවලට විසඳුම් ලබාදීම සහ ඔවුන් නගා සිටුවීම මෙම 'ජාතික ව්‍යවසාය සංසදය' පිහිටුවීමේ ප්‍රධාන අරමුණ විය. ව්‍යවසායකයින් මුහුණ දී ඇති ගැටලු විසදීමට මැදිහත්කරුවකු ලෙස ක්‍රියාකරමින් ඔවුන් දිරිමත් කිරීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම පිණිස මෙම සංසදය පිහිටුවීය.මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ, ව්‍යවසායකයින් සහ ඔවුන්ගේ ගැටලු සදහා පිළිතුරු ලබාදීමට අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන නිලධාරීන්, පෞද්ගලික ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.ව්‍යවසායකයන්ට ඒ මොහොතේම තමන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණු අතර ගැටළුවට අදාළ පාර්ශව විසින් ඒ මොහොතේම පිළිතුරු ලබාදීම ද සිදුවිය. ඉදිරියේදීත් මාස දෙකකට වරක් මුණගැසී ප්‍රගතිය සමාලෝචනය කිරීමට ද තීරණය කෙරිණි.ජාතික ව්‍යවසාය සංසදය නමින් වෙබ් අඩවියක් එළි දැක්වීම ද මෙහිදී ඇමතිවරයා අතින් සිදු කෙරිණි.මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂක ජෙනරාල් අනුෂ්ක ගුණසිංහ, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සහ ව්‍යවසායකයෝ රැසක් ද එක්වූහ.
ජාතික ව්‍යවසාය සංසදය පිහිටුවයි
1
hp_train_0034
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (08) සල්ලියම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ කළ මුර සංචාරයකදී වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් ධීවරයෝ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 43 සහ 28 වන වියෙහි පසුවන්නෝ වෙති.  අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ  අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දී ඇත. 
නීති විරෝධීව මසුන් ඇල්ලූ 09ක් අත්අඩංගුවට
0
hp_train_0035
(ඩී.කේ.රත්න සහ නිශාන්ත කුමාර)හාලිඇල නගරය ආසන්නයේම පිහිටි උඩදොම්පෙ රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර 50 ක් පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ඖෂධ පැළෑටි රැසක් සහ ශාක විශේෂ රැසක් විනාශ වී තිබේ.කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් සතුන් දඩයම් කිරීමට හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.ගින්න ඇතිවීමත් සමඟ හාලිඇල පොලීසිය හා ප‍්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න නිවා දැමීමට උත්සහ කළද පවතින දැඩි වියළි කාලගුණය හා සුළං තත්වය නිසා ගින්න නිවාදැමීමට නොහැකි වී තිබේ. හාලිඇල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.
උඩදොම්පෙ රක්ෂිතයේ ගින්නකින් අක්කර 50 ක් විනාශයි
1
hp_train_0036
 නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/04/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249055වැසි ස්වල්පයක්මඩකලපුව32259075මද වැසිකොළඹ32259560සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල32249060සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය34248565වැසි ස්වල්පයක්මහනුවර32219550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22108560අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය35239550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33259570මද වැසිමන්නාරම32259580මද වැසි  
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0037
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  කාන්තා පොලිස් පරීක්ෂක නිරෝෂණී හේවා පතිරණ , එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ,වැඩබලන පොලිස්පති සී.ඩී .වික්‍රමරත්න සහ නීතිපති  ඇතුළු හත්දෙනෙකු නම් කරනු  ලැබ සිටිති.නීතිඥ නිලංග පෙරේරා මහතා මාර්ග⁣යෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.පෙත්සම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා හිටපු අමාත්‍යවරයෙකි.පෙත්සම්කරු පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කලා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වා ගෙන යයි.දැනට පවතින මෙම තත්ත්වය තුළ කුමන හෝ තත්ත්වයක් මත පෙත්සම්කරු අත්අඩංගුවට ගැනමේ අවදානමක් පවතී.එබැවින් පෙත්සම්කරුගේ ආසන්නතම මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.එහෙයින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් , තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
රිෂාඩ් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි
0
hp_train_0038
(මොහොමඩ් ආසික්)හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය කෙටුම්පත අද( 26 )වනදා වැඩි ඡන්ද හතකින් පරාජයට  පත්විය.හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ  සභාපති ආනන්ද ජයවිලාල් මහතා විසින් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ  2021 වසර සඳහා වන  අයවැය අද 26 වනදා  ඉදිරිපත් කරනු ලැබීය.හාරිස්පත්තුව  බරිගම පිහිටි ප්‍රාදේශිය සභා රැස්වීම් ශාලාවේදී  පැවැති එහි මහ සභා රැස්වීමේදී මෙම අයවැය ඉදිරිපත් කරනු ලැබූ අතර අයවැය ඉදිරිපත් කරන අවස්ථාව්දීම එක්සත් ජාතික පක්ෂයේ සහ  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් බෙදීමක් ඉල්ලා සිටි බැවින් සභාව තුල උණුසුම් තතවයක් හට ගත්තේය.කෙසේ නමුත් දීර්ග වේලාවක් පැවැති වාද විවාදවලින් පසුව අයවැය කෙටුම්පත සම්බන්ධයෙන් ලේකම්වරිය විසින් විවෘත  ඡන්ද විමසීම සිදු කරනු ලැබීය. ඒ අනුව අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 14 ක් සහ විපක්ෂව ඡන්ද 21 ක් ලැබී  ඇති බව ලේකම්වරිය සභාව වෙත දැන්වූවාය. ඒ අනුව වැඩි ඡන්ද හතකින්  අයවැය පාජයට පත්විය.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්  දස දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්  තිදෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනෙකු, සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනෙකුද ඇතුළුව මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්  21 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබිණ.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරිය ඡන්දය විමසන අවස්ථාවේ සභාව තුල නොසිටියාය.අයවැයට පක්ෂව පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන්  දහ තුන් දෙනෙකු  සහ ප්‍රජාතාන්ත්‍රවාදී එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයාද ඇතුළුව මන්ත්‍රිවරුන් දහ හතර දෙනෙකු ඡන්දය  භාවිතා කර තිබිණ.
හාලිඇල ප්‍රා.සභාවේ අයවැය සම්මතයි
0
hp_train_0039
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16දෙනකු ඊයේ (25) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 15,346 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 12 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 4 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 8 දෙනකු සහ කාන්තාවන් 8 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොවිඩ් මරණ 16 ක්
1
hp_train_0040
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි ඇතිවන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 15/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව33269060අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31279570වැසි වාර කිහිපයක්.ගාල්ල30258575වැසි වාර කිහිපයක්.යාපනය32278070වැසි ස්වල්පයක්.මහනුවර30219560වැසි වාර කිහිපයක්.නුවරඑළිය21139565වැසි වාර කිහිපයක්.රත්නපුරය33249570වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35258560අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31278570වැසි ස්වල්පයක්.  
හෙට කාලගුණය
0
hp_train_0041
සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව දෙසැම්බර්  2  වැනි සිකුරාදා පෙරවරු 7.00 සිට පස්වරු  2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.ජංගම සේවාවන්, ගමන් බලපත් කටයුතු ඇතුළු අනිකුත් ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නියමිත අතර කම්කරු  ගැටළු සදහා කම්කරු නිලධාරින් කිහිප දෙනෙක් පැමිණීමට නියමිතය.සුමිත් 0500998349 සිවරාජා 0560445190 පතිරාජ  0562537669
සෞදි ජංගමේ සැප්තැම්බර් 2 වැනි දා
0
hp_train_0042
(දිනේෂ් උපේන්ද්‍ර)                                                  කුලියාපිටිය නගර සභාවේ 2021 සඳහා වූ අයවැය සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අද(12) සම්මත විය. නගර සභා අයවැය ඡන්ද විමසීම කුලියාපිටිය නගර සභා රැස්වීම් ශාලාවේ පැවති අතර එහිදී පක්‍ෂ ප්‍රතිපක්‍ෂ සියලුම මන්ත්‍රීවරු ඒ සඳහා සහභාගී වූහ. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ නරගසභා විපක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අය වැයට විපක්‍ෂව සිය ඡන්දය ප්‍රකාෂ කළ අතර විපක්‍ෂ නායක ගිහාන් ජීවන්ත, සෝභිත තේනුවර අනුරසිරි දිසානායක හා විද්‍යාසේකර භාණු යන මන්ත්‍රීවරු ඊට හේතු පහදා අදහස් දැක්වූහ. පාලන පක්‍ෂය වූ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ උපසභාපති ෂෙල්ටන් වනසිංහ මහතා සිය පක්‍ෂයේම සභාපතිවරයා ගෙන ආ අයවැය යෝජනාවට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්‍ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කුඩාබණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා එහිදී අයවැය යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. කෙසේවෙතත් මන්ත්‍රීවරුනගෙන් කළ ඡන්ද විමසීම අනුව පක්‍ෂව ඡන්ද 8කුත් විපක්‍ෂව ඡන්ද 8කුත් ලැබී තිබීම හේතුවෙන් සභාපතිවරයාගේ තීරක ඡන්දය අනුව අයවැය වැඩි ඡන්ද එකකින් ජයගෙන තිබිණ.
මාවනැල්ල ප්‍රා. සබේ අයවැය සම්මතයි
0
hp_train_0043
(සිතුම් චතුරංග)         රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින යාපනය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයා නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්වවිද්‍යාල සිසුහු අද(15) විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.         අධ්‍යාපනය ලබන සිසුන් විවිධ චෝදනා යටතේ සිරගතකර ඇති බවත්, බන්ධනාගාර ගතකර සිටින සිසුන් වෙත නිදහස ලබාදී ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය ලබාදෙන ලෙසත් ඉල්ලාසිටිමින් විශ්වවිද්‍යාල සිසුහු විරෝධය පළකළහ.         යාපනය විශ්වවිද්‍යාල මහ ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.දිවාකරන්(24) සහ ලේකම් එස්.බදිල්රාජ්(23) යන සිසුහු යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට(16) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිති.         විශ්වවිද්‍යාල සිසුන් අයිඑස් සංවිධානයේ ත‍්‍රස්තවාදීන් නොවන බවත් අත්අඩංගුවට ගත් සිසුන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් සඳහන් කරමින් ඔවුහු පෝස්ටර හා බැනර් ප‍්‍රදර්ශනය කළහ.         යාපනය විශ්වවිද්‍යාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර මහ ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේ තිබී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සහ ඇන්ටන් බාලසිංහම්ගේ රුවසහිත පෝස්ටර කිහිපයක් හමුවීමත් සමඟ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් අප්‍රේල් (03) වැනිදා  කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 
යාපනය සරසවියේ විරෝධතාවක්
0
hp_train_0044
(දිලීප් ජයසේකර)හම්බන්තොට ගොන්නොරුව පාරේ පහළ අන්දරවැවදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (03) අත්අඩංගුවට ගත් බව සුරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීයෙකු සඳහන් කළේය.මෙලෙස අත්අඩංගුවට පත් වූයේ පහළ අන්දරවැව ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.සැකකරු පහළ අන්දරවැව ප්‍රදේශයේ හේන් ගොවිතැන් කටයුතු වල නියැලෙමින් සිටින අතරවාරයේ රාත්‍රී කාලයේ දඩයමේ ගොස් ඇති බවයි මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.අත්අඩංගුවට පත් සැකකරු පහළ අන්දරවැව ඇතුළු අවට ප්‍රදේශ වලට දඩමස් සැපයු ප්‍රධාන ජාවාරම්කරුවෙකු බව පොලිසිය පැවසීය.සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවිය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පොලිසියට භාර දී ඇති අතර සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
0
hp_train_0045
(සුජිත් හේවාජුලිගේ)කොමිෂන් සභා, සංස්ථා සහ අධිකාරි සඳහා පත් කෙරුණු සභාපතිවරු  26 දෙනෙක් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ලැබ සිටිති.ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරනු ලැබීමත් සමඟ බොහෝ කමිටු අහෝසිවී ගොස් ඇතත් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව  පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අහෝසිවී නොයන්නේය.සුදුසුකම් පරීක්ෂාකර බැලීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට මෙසේ කැඳවනු ලැබ සිටින්නේ  ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සේනානායක, කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන,ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයේ සභාපති තිලක් දේවගිරි බණ්ඩාර, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන, ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ස්ටෙලා මාරපන, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල්  ධර්මදාස, සීමාසහිත ගුවන්තොටුපළ  හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය සභාපති අධිකාරියේ සභාපති ජී.කේ රාජදාස, රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ් සභාපති මේජර්(විශ්‍රාමික) දුලත් විජේතිලක, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එන් කේ සේනාධීර,මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ,රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සභාපති අරුණ  රත්නකුමාර, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමචන්ද්‍ර ඈපා, මිල්කෝ  ආයතනයේ සභාපති එල්බී වික්‍රමසිංහ,නෝර්ත් සී ලිමිටඩ් සභාපති තිස්ස වීරසිංහ, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස් මාගමගේ, සීමාසහිත ගල්ඔය වැවිලි සමාගමේ සභාපති ගයාන් දිසානායක, ලංකා ලුණු සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ, ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති සාරංගා රත්නායක, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය අධිකාරියේ සභාපති ජයන්ත  විජේරත්න මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස්,ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති රාසික් සාරුක්, සීමාසහිත  ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර, ජාතික පසු අස්වනු කළමනාකරණ  ආයතනයේ සභාපති මහාචාර්ය ඒ.පී වීරක්කොඩි, ලංකා බැංකුවේ සභාපති කේ රත්වත්තේ සහ  ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සභාපති ගාමිණී ඒකනායක  යන මහත්ම මහත්මීහු වෙති.මෙම පත්කිරීම් සම්බන්ධයෙන්  කරුණු දැක්වීමට කවර හෝ සංවිධානයක් හෝ පුද්ගලයකු කැමැත්තේ නම් ඒ සම්බන්ධයෙන්වූ ලිඛිත සන්දේශ ලේකම්, උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, කාරක සභා කාර්යාංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය හැක. මෙයට අමතරව 0112777300 යන ෆැක්ස් අංකය මගින් හෝ highposts_c@parliament .lk යන විද්‍යුත් ලිපිනය මගින් හෝ එම සංදේශ ඉදිරිපත් කළ හැකි බව පාර්ලිමේන්තු  මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
කෝපා සභාපති පත් කිරීම හෙට
0
hp_train_0046
(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ, “ලෙන්ගා” කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (02) පෙරවරුවේ  එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයක් නිසා කාන්තාවන් 13 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර තිබේ. තුවාල ලබා රොහල් ගත කළ කාන්තාවන් 05 දෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත්, කාන්තාවන් 08 දෙනෙක් දැනට නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බවත් මස්කෙළිය ප්‍රාදේශිය රොහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලියදිපිටිය මහතා පැවසීය. තේ ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිසී තමන්ට පහර දුන් බව රොහල් ගත කර සිටින වතු කම්කරු කාන්තාවන් පැවසූහ. මෙම වතුයායේම ඉකුත් මාසයේදී තෙවරක් වතු කම්කරුවන්ට බඹර ප්‍රහාර එල්ලවීමෙන් රෝහල් ගත කර ඇති බව පවසන එම කම්කරු ප්‍රජාව, කම්කරුවන් පීඩාවට පතක් කරන, තම වතුයායේ ඇති බඹර කූඩු ඉවත් කර දෙන ලෙස වතු පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින බවත් එම කම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා පැවසූහ. නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්වය බරපතල නොවන බව වෛද්‍යවරු පැවසූහ.  
බඹරු ඇන 13 ක් රෝහලේ
1
hp_train_0047
ආයතනයක සේවය කළ පුද්ගලික ආරක්ෂක නිලධාරියා තරුණයකි. හෙතෙම ආයතනයේ නිලධාරීන්ට හිතවත්ය. ඔහුට ආහාර සැපයූ සැපයුම්කරු එක් කෑම වේලක් සදහා රුපියල් හැටක් අය කළේය.කිසිම රසක් නොමැති එම ආහාර ආරක්ෂක නිලධාරියා අනුභව කළේ දෙස් දෙවොල් තබමිනි. ආරක්ෂක නිලධාරියා ආහාර ගත්තේ ආයතනයේ නිලධාරීන් ආහාර ගන්නා කාමරයේය. දිනක් ඔහු දිවා ආහාරය ගැනීමට ගිය විට හිතවත් තරුණ විධායක නිලධාරියෙක් ද තම කෑම පාර්සලය රැුගෙන පැමිණියේය. බත්පත දිගහල ආරක්ෂක නිලධාරියා, ‘අයියෝ අදත් තියෙන්නේ සැමනුයි පරිප්පුයි’ යැයි කීය. එවිට විධායක නිලධාරියා, ‘ඉතින් කොච්චර හොඳදැයි’ පැවසූ විට, ආරක්ෂක නිලධාරියා, ‘මෙලෝ රහක් නැහැ සර්.. හැමදාම එක්කෝ සෝයාමීට් නැත්නම් සැමන්’ යැයි පැවසීය. ‘මට දෙන්න එස්. ඕ.ගේ කෑම එක. මගේ කෑම එක ඔයා කන්නැයි’ නිලධාරියා පැවසීය. ආරක්ෂක නිලධාරියා පුදුමයෙන් බලා සිටිද්දී ඔහුගේ කෑම පාර්සලය නිලධාරියා අනුභව කරන්නට විය. ‘ෂා.. හරි රසයිනේ. මම ගෙදරින් ගේන කෑම හැමදාම කාලා එපා වෙලයි මට තිබුණේ. අපි හැමදාම කෑම මාරු කරගමු. හැබැයි එස්. ඕ. කාටවත් කියන්න එපා’ නිලධාරියා පැවසීය. දැන් දිවා ආහාරය කාටත් හොරා දෙදෙනා මාරුකර අනුභව කරන අතර නිලධාරි මහතාගේ දිවා ආහාරය කුකුළුමස්, මාළු, බිත්තරවලින් යුක්ත වුවත් ආරක්‍ෂක නිලධාරියාගේ දිවා ආහාරයේ ඇත්තේ සෝයාමීට් නැත්නම් කරවලය.
ආරක්ෂක නිලධාරියාගේ බත්පත විධායක නිලධාරියා කාලා
1
hp_train_0048
(මොහොමඩ් ආසික්) වර්ෂාව  හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  හතරක පවුල් 9කට අයත් පුද්ගලයින් 34 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මහනුවර  දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. මේ අනුව  මැදදුම්බර ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ පවුල් හතරකට අයත් පුද්ගලයින් 19 දෙනෙකුද, පාතදුම්බර  පවුල්  දෙකක පුද්ගලයින් නවදෙනෙකුද, උඩදුම්බර පවුල් දෙකක පුද්ගලයින්  පස්දෙනෙකුද, ගලගෙදර එක් පුද්ගලයෙකුද වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි මහ වැස්සෙන් එක් නිවසකට හානි  සිදුව ඇත.
මහ වැස්සෙන් මහනුවර 34 ක් පීඩාවට
1
hp_train_0049
කොළඹ මහානාම විද්‍යාලයයේ නව විදුහල්පති ලෙස ප්‍රසන්න උපශාන්ත මහතා පසුගිය දා රාජ කාරි ආරම්භ කළේය.මහා සංඝරත්නයේ සෙත් පරිත් දේශනා මැද උපශාන්ත මහතා වැඩ භාර ගත් අතර එම අවස්ථාවට කොළඹ ප්‍රධාන පෙළේ පාසල් රැසක විදුහල්පතිවරු ද සහභාගී වූහ.1988 අධ්‍යාපන පරිපාලන සේවයට එක්වූ ඒ මහතා පින්නවල මධ්‍ය මහා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද,  කොළඹ රාජකීය විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස ද, ගුරු විද්‍යාල අධ්‍යක්ෂ ලෙස ද, විභාග දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස ද කටයුතු කර තිබේ.
මහානාම විදුහල්පති වැඩ බාර ගනී
1
hp_train_0050
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වන මුහුදේ අඩු පීඩන තත්වයක් වර්ධනය වී ඇති බැවින් එහි බලපෑම නිසා  දකුණින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට තද වැසි ද බලාපොරොත්තු වේ.ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පවතින  ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල  ක්ෂණිකව සුළං වේගය පැයට කිලෝ මීටර් 70-80 පමණ  යාමට ඉඩ  ඇති  නිසා  එම මුහුදු ප්‍රදේශ ඉතා  රළු වීමට වැඩි හැකි බැවින් ධිවර සහ නාවික ප්‍රජාවගෙන්  විමසිලිමත් වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
‘පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි‘
1
hp_train_0051
  (ජේ.කේ.එල් චාමින්ද)පසුගිය මාසය තුලදි වෛරස් උණ වැළදිමෙන්  කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි කුඩා දරුවන් හත් දෙනෙකු මියගොස් ඇති බවත් ඉන් දරුවන් පස්දෙනෙකු මියගොස් ඇත්තේ ඉන්ෆලුවෙන්සා හා ඇඩිනෝ වෛරස්  මෙන්ම වෙනත් වෛරස් කිහිපයක් වැළදිමෙන් බවට පරික්ෂණ වලදි අනාවරණය වි ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. මියගිය අනික් දරුවන් දෙදෙනාගේ රුධිර සාම්පල් පරික්ෂණ කටයුතු සදහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකොට ඇති බවත්  මෙම දරුවන් දෙදෙනාද ඉන්ෆලුවෙන්සා හා ඇඩිනෝ වෛරසය ඇතුළු වෛරස් කිහිපයක් වැළදිමෙන් මියගිය  බවට සැකකරන බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය. මෙකි වෛරස් තත්වය නිසා මියගිය දරුවන් පිළිබද  විවිධ සංඛ්‍යා මාධ්‍ය වල පළවන බවත්  ඒ නිසා ඉදිරියේ දි  ළමා රෝග පිළිබද  විශේෂඥ වෛද්‍යවරුන් හා වසංගත රෝග විද්‍යාඥයින්ගේ සහභාගිත්වයෙන් මේ ගැන දැනුවත් කිරිම සදහා කරාපිටිය රෝහලේ දි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය. මේගැන ජනතාව අනියත භියක් ඇතිකරගතයුතු නොවන අතර  මේ වනවිට වෛරස් උණ වැළදිමෙන් ඇතුල්වන රෝගින් සංඛ්‍යාව අඩුවි ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානි වංසගත රෝග විද්‍යාඥ අනිල් දිසානායක මහතාගෙන්කළ විමසුමකදි  හෙතෙම මේසේ කිවේය. දැනට මෙම රෝගි තත්වය පාලනය වෙමින් තියෙනවා. රෝහලට ඇතුල්වන රෝගින් සංඛ්‍යාවේ අඩුවිමක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රෝහල්වලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදිලා තියෙනවා. පහසුකම් වැඩිකරලා තියෙනවා. පසුගිය මාසය තුල මියගිය දරුවන් හත්දෙනා මියගොස් ඇත්තේ ඉන්ෆලුවෙන්සා වෛරසය වැළදිමෙන් පමණක් නෙවෙයි.  ඇඩිනෝ වෛරසය ඇතුළ වෛරස් වර්ග කිහිපයක් වැළදිමෙන් බවට කොළඹ වෛද්‍ය  පර්යේෂණ ආයතනය මගින් කළ පර්යේෂණයේ දි අනාවරණය වි තියෙනවා ඇත්තටම වෛරස් වර්ග දෙක තුනක් වැළදිමෙන් තමයි  මෙම දරුවන් මියගිහින් තියෙන්නේ. මාතර රෝහලේ දි මියගිය ගැබිනි මව මෙකි වෛරස්වලට ලක්විමෙන් මියගියාද කියලා තවම හරියට කියන්න බැහැ. වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් එම වාර්තාව අපට තවම ලැබිලා නැහැ කරාපිටිය ශික්ෂණ රෝහලේ දරුවන් ඇතුළු රෝගින්  32ක් විතර  වෛරස් උණ වැළදිමෙන් රොහල් ගතව සිටිනවා. ගිය වසරේදි බස්නාහිර පළාතේ මෙම වෛරස් තත්වය මිට වඩා දරුණු ලෙස තිබුණා.මේ කාලයට මේ වගේ දේවල් එනවා.  නමුත් ගිය වසරේදි දකුණු පළාතේ මෙම තත්වය තිබුණේ නැහැ බස්නාහිර  .  බෝවිම පාලනය කිරිමට අවශ්‍ය කටයුතු සිදුකොට ඇති බවද වසංගත රෝග විද්‍යාඥවරයා කිවේය. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ජ් විජේසුරිය මහතාගෙන් මේ ගැන  කළ විමසුමකදි මේසේ කිවේය.  දකුණු පළාතේ පළාත් සභාවලට අයත් රෝහල්වලට ගිහින් මේ ගැන මා  පරික්ෂාකළා. වලස්මුල්ල රෝහලේ  උණ රෝගින් 36ක් විතර නේවාසික ප්‍රථිකර ලබනවා.   ඉන් දරුවන් 19 දෙනෙකු ඉන්නවා.කරාපිටිය මාතර යන රෝහල් මෙන්ම දකුණු පළාත් සභාවට අයත් රෝහල් ගතහොත් උණ රෝගින් 250ක් විතර දැනට ඉන්නවා. කියන තරම් භයානක තත්වයෙක් නෙවෙයි. ලොකු ගැටළුවක් නැහැ.දැනට රෝහල්ගත වන රෝගින් සංඛ්‍යාව අඩුවෙලා තියෙනවා. අසාධ්‍ය රොගින් නැහැ.පලාත් සභා රෝහල් වලින්  මෙකි වෛරස් තත්වයෙන් කිසිදු මරණයක් වර්තා වෙලා නැහැ. බලපිටිය, ඇල්පිටිය කඹුරුපිටිය වලස්මුල්ල හා තංගල්ල රෝහල්වල උණ රෝගින් ප්‍රථිකාර ලබනවා. ලේඛන හා වාට්ටු පරික්ෂාකළා   ඒ අනුව අපට පෙනි යන්නවා.  ලබන සතිය වනවිට මෙම රොගි තත්වය පාලනය වේවි කියලා සදහා මහජනතාවගේ ලොකු කැපවිමක් තිබිය යුතු බවද  දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය’
ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් තවත් දරුවෙකු මරුට
0
hp_train_0052
(හර්ෂණ තුෂාර සිල්වා)(ඡායාරූප - ශාන්ත රත්නායක)අපනයන කර්මාන්තයේ කඩා වැටීමට පැවැති සෑම ආණ්ඩුවක්ම වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (8) කොළඹදී පැවැසීය.    ශ්‍රී ලංකාවේ අපනයන සම්බන්ධයෙන් ලොව රටවලට ඇත්තේ අවම දැනුමක් බවත් අපි අපගේ වගකීම් ඉටු කර තිබෙන්නේ ද යන්න අපගෙන්ම විමසා බැලිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදි කීය.රටේ ජාතික ආර්ථිකය නගා සිටුවීමේදී අපනයන කර්මාන්තය ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ජාතික ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන බව ද කීය.   ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් සැපිරීම නිමිත්තෙන් කොළඹ නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික තේ සම්මාන උළලේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.“තේ කර්මාන්තයේ නියැළී සිටින සියලුදෙනා ඇගයීමට ලක්වන මෙම උත්සව සභාව ඇමතීමට ලැබීම මට මහත් සතුටක්. අපට වසර 150කට වැඩි ඉතිහාසයක් සහිත තේ කර්මාන්තයක් තිබෙනවා. වැවිලි කර්මාන්තය වරෙක සුබවාදී ලෙසත් විටෙක අසුබවාදී ලෙසත් අපට බලපෑවා. දීර්ඝ ඉතිහාසයක් සහිත අපේ වැවිලි කර්මාන්තයේ දී අප මුහුණ දුන් ගැටලු, අභියෝගවලට අප මුහුණ දුන් ආකාරය පිළිබඳ මතක සටහන් ඔබ සතුවත් මා සතුවත් තිබෙනවා.වැවිලි ක්ෂේත්‍රය තුළ ඇතිවන පරිවර්තන, වෙනස්කම් වගේම පර්යේෂණ, නව සොයා ගැනීම් සහ ඇගයීම් ඉතා අවශ්‍ය දෙයක්. එය කෘෂි ආර්ථිකය ප්‍රවර්ධනයට ඒ සියල්ල ඉතා වැදගත් සහ අත්‍යාවශ්‍ය වෙනවා. වැවිලි ක්ෂේත්‍රයේ පමණක් නොව, වෙනත් ව්‍යාපාරික අංශ, අධ්‍යාපන අංශ පමණක් නොව අද මුළු මහත් මානව සමාජය තුළ පුළුල් තරගකාරීත්වයක් තිබෙනවා. මෙම තරගකාරීත්වය තුළ තමාගේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමේ අභියෝගයට අපි සැවොම මුහුණ දී තිබෙනවා.යම් ක්ෂේත්‍රයකින් ඉදිරියට යෑමේදී ප්‍රමිතිය, ගුණාත්මකභාවය, ඊට ලැබෙන සමාජ පිළිගැනීම, සමාජ ආකර්ෂණය, ඒ වගේම විවිධ නිෂ්පාදනවලට සමාජයෙන් ලැබෙන ගෞරවය තුළ ක්ෂේත්‍රයට ඉදිරියට යෑම අප දකිනවා.විශේෂයෙන් තේ කර්මාන්තය සම්බන්ධයෙන් බැලීමේදී අද වනවිට තේවලට හොඳ මිලක් ලැබී තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මා සමඟ කියා සිටියා. එහෙත් මීට වසරකට පෙර අපේ තේවලට නිසි මිලක් නොමැතිකම නිසා ඔබ පත්වුණු දුෂ්කරතාවත්, රජයක් විදියට අපි මුහුණ දුන් අභියෝග, රටේ ජාතික ආර්ථිකයට ඇති වූ පුළුල් බලපෑම් සහ එහි දුෂ්කරතා අපට මතකයි. අපි අසීරු තත්ත්වයකට පත් වුණා.ජාත්‍යන්තර වෙළෙඳපොළේ සිදුවන වෙනස්කම් නිසා අපේ අපනයන කර්මාන්තයේ ඇතිවන වර්ධන සහ පසුබෑම් ගැන ඔබ කවුරුත් දන්නවා. අපේ අපනයන කර්මාන්තය ජාතික ආර්ථිකයෙන් ඉතා සීමිත ප්‍රමාණයක් බව ඔබ දන්නවා. ඒ නිසා අපි රජයක් විදියට ජාතික ආර්ථිකය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිවලදී අපනයන කර්මාන්තයට ප්‍රමුඛත්වය දෙමින් අවශ්‍ය සම්පත් දෙමින් සෑම සහයෝගයක්ම ලබා දීමට අපි බැඳී සිටිනවා.වාර්ෂික අයවැයවලින් වැවිලි කර්මාන්තයේ දියුණුවට අපි යෝජනා රැසක් ඉදිරිපත් කළා. එම යෝජනා දැනටමත් ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ නිසා අද තේ කර්මාන්තය සුබදායක තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ නිසා යහපත් තැනක තිබෙන තේ කර්මාන්තයේ ඉදිරි සුබසිද්ධිය සඳහා ගත හැකි සෑම පියවරක්ම අපි ඉදිරියේදී ගන්නවා.අපේ තේ කර්මාන්තයේ කඩා වැටීමට හේතු රැසක් බලපෑවා. ඒ හේතු මොනවාදැයි අපි දන්නවා. අපනයන තේවල මිල පහත වැටීම, තේවල ගුණාත්මකභාවය පහළ වැටීම, අපනයනයට සුදුසු තේ සකස් කිරීම් නිසි පරිදි සිදු නොවීම එම කරුණු බව කිව යුතුයි. ඒ වගේම ඇතැම් ජාවාරම්කරුවන්ගේ කටයුතු නිසා තේ කර්මාන්තය, දේශීය වැවිලි කර්මාන්තයට ජාතික ආර්ථිකයට අහිතකර ලෙස බලපෑවා.ඒ වගේම ප්‍රතිඅපනයනය අපට කොතරම් සුදුසු ද යන්න ගැන විමසා බැලිය යුතුයි. තේ ප්‍රතිඅපනයනයේදී මෙන්ම අනෙක් නිෂ්පාදන ප්‍රතිඅපනයනයේදී විවිධ අක්‍රමිකතා සිදු වෙනවා. ඒ නිසා එය කොතරම් සුදුසුද යන්න සොයා බැලිය යුතුයි. ප්‍රතිඅපනයනයේදී ගුණාත්මකභාවය අඩු වෙන බව ඔබ සැවොම දන්නවා.    තේ අපනයනය, තේ කර්මාන්තය කඩා වැටීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම එම අර්බුදවලට කෙටිකාලීනව සහ දීර්ඝ කාලීනව විසඳුම් සෙවිය යුතුයි.තේ සඳහා තිබෙන තරගකාරීත්වය සලකා බැලීමේදී තේ නිෂ්පාදනය කරන අනෙකුත් රටවල් හා සැසඳීමේදී අපේ තේවල ගුණාත්මකභාවය පහත වැටුණා. ඊට ප්‍රධානතම හේතුව අපේ අංශවල ඇති වූ දුර්වලතා බව කිව යුතුයි. ඒ නිසා අපේ තේ කර්මාන්තය ජාත්‍යන්තර වෙළෙඳපොළේ පිළිගන්නා නිෂ්පාදනයක් බවට පත් කිරීමේ කාර්යය මට වඩා හොඳින් ඔබ දන්නවා.මම තේ කර්මාන්තය ගැන දන්නේ නැහැ. මම වැවිලි කර්මාන්තය ගැන දන්නේ නැහැ. මම සාමාන්‍ය ගොවි පවුලක කෙනෙක්. ඒ නිසා තේ කර්මාන්තයේ නියැළෙන පිරිස්, කෘෂි විශේෂඥයන් ආදී කර්මාන්තයේ සියලු දෙනා ඒ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කළා. ඒ වගේම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයත් තේ කර්මාන්තයේ වර්ධනයට ඉතා වැදගත් වෙනවා.මම මීට සති දෙකකට කලින් දකුණු කොරියාවට ගියා. එහිදි කොරියානු වාණිජ මණ්ඩල හමුවට ගියා. ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලය මෙන්ම ව්‍යාපාරිකයන් ද ඊට සහභාගි වුණා. මෙතැන ඉන්න අයත් යන්න ඇති. එහිදි මා සමඟ දකුණු කොරියාවේ අමාත්‍යවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් මා සමඟ සිටියා. ඔවුන් සමඟ මා කතා කළා. විවිධ දේ සම්බන්ධයෙන් කතා කළා. ඔවුන් දෙදෙනා ලංකාවේ තේ සහ රබර් කර්මාන්තය ගැන දන්නේ නැහැ.ලංකාවේ තේ, රබර් නිෂ්පාදනය කරන බව ඔවුන් දන්නේ නැහැ. මම පුදුමයට පත් වුණා. ලංකාවේ අපනයන භාණ්ඩ, අපනයන භෝග බොහෝ දෙනා දන්නේ නැහැ. මම ඔවුන්ට දන්න තරමින් තේ සහ රබර් ගැන කිව්වා.අපේ තානාපති සේවාවල දුර්වලතා රැසක් තිබෙන බව මා හඳුනා ගත්තා. අපේ අපනයන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට පත් කරන පිරිස්වල දුර්වලතා මා හඳුනා ගත්තා.ඉන් අනතුරුව මා එදින රාත්‍රියේ නිල රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වුණා. මා දකුණු පැත්තේ දකුණු කොරියානු ජනාධිපතිවරයා. වම් අත පැත්තේ ජනාධිපති ආර්යාව. එදින දහවල් සිදුවීම සම්බන්ධයෙන් මා ජනාධිපතිවරයාට කරුණු කිව්වා. අමාත්‍යවරයා ඇතුළු පිරිස ලංකාවේ තේ කර්මාන්තය ගැන නොදන්නා බව මා ඔහුට කිව්වා.ඉන් අනතුරුව දකුණු කොරියාවේ තේවලට ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙන බව මූන් ජායි ඉන් ජනාධිපතිවරයා මා සමඟ කියා සිටියා. දකුණු කොරියානු ජනාධිපති ආර්යාව අපේ තේවලට වැඩි කැමැත්තක් දක්වනවා. ඇය ලංකාවේ තේ සන්නාම කිහිපයක නම් කිව්වා. ඒ නම් මම මෙතැන කියන්නේ නැහැ, මොකද එතකොට මම එම සමාගම්වල ප්‍රචාරක නිලධාරියෙක් වෙනවා. දකුණු කොරියාව තුළ ලංකාවේ තේවලට ඉතා විශාල වටිනාකමක් තිබෙනවා.දකුණු කොරියාවට අපනයනය කිරීම ශක්තිමත් කිරීමට එම සංචාරයේදී මම එරට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා. මම මේ එක රටක් ගැන කියන්නේ මෑතකදී ගිය රට නිසා. අපේ රට සහ අනෙක් රටවල් සබඳතා පවතින්නේත් එවැනි මට්ටමක. දකුණු කොරියාවට අපේ කුළු බඩු යැවීම නිසි පරිදි සිදුවන්නේ නැහැ. දකුණු කොරියාව සමඟ අපි සමීප සබඳතා පැවැත්වුවත් අපි රටක් විදියට දකුණු කොරියාවට අපේ අපනයන යවලා නැහැ. අපේ තරුණ පිරිස් 30,000කට වැඩිය දකුණු කොරියාවේ ඉන්නවා.අපි රටක් විදියට අපි ගැන කොතරම් දුරකට අපේ වගකීම් ඉටු කරලාද කියන ගැටලුව පැන නගිනවා. මා ඒ ගැන කනගාටු වෙනවා. පැවැති සෑම රජයක්ම ඊට වගකිව යුතුයි. තානාපති කාර්යාල, තානාපති නිලධාරීන්, තානාපති අංශවල ඉන්න වෙළෙඳ කොමසාරිස්වරු ආදී පිරිස් මේවාට වගකිව යුතුයි.ලංකාවේ හොඳම තේ වර්ග දකුණු කොරියානු ජනාධිපතිවරයාට එවන බවට මා පොරොන්දු වුණා. දැනුත් මම නවීන් අමාත්‍යවරයාගෙන් ඇහුවා මගේ තේ පාර්සලය හරිද කියලා. මා මේ කතා කළේ අපි අපේ දුර්වලතා, ශක්තීන් මොනවාදැයි හඳුනාගත යුතුයි. අපේ වැවිලි කර්මාන්තයේ අර්බුද මොනවාදැයි තේරුම්ගත යුතුයි. ඒ නිසා අපි සිටින තැන මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ වගේම නවීන් දිසානායක මහතා මේ අමාත්‍යාංශය හොඳින් කරගෙන යනවා. මා මුලින්ම හඳුනාගත්තේ නවීන් අමාත්‍යවරයාගේ පියා ගාමිණි දිසානායක මහතායි. පක්ෂ දෙකක සිටියත් ඔහුත් මාත් සහයෝගයෙන් කටයුතු කළා. නවීන් දිසානායක මහතාට වැවිලි කර්මාන්තයට හොඳ අවබෝධයක් තිබෙනවා. ලක්ෂ්මන් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාත් නවීන් අමාත්‍යවරයාට සහාය දක්වමින් ඉතා හොඳ වැඩ කොටසක් කරනවා. මා ඔබ සැමට අපේ වැවිලි කර්මාන්තය තවත් ඉහළ තැනකට එසවීමට සුබ පතනවා” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.මෙහිදි තේ කර්මාන්තයේ වතු කම්කරුවන්ගේ සිට සෑම අංශයක්ම නියෝජනය වන අයුරින් සම්මාන පිරිනැමිණි.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් වසන්ත පෙරේරා යන මහත්වරු ද තේ කර්මාන්තයේ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.  
අපනයන කර්මාන්තයේ කඩාවැටීමට සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි
1
hp_train_0053
ශ්‍රී ලංකාවේ නැගෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උදය කාලයේදී මීදුම ඇති වීමේ හැකියාව පවතී.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.  
'දිස්ත්‍රික්ක කීපයකට වැසි'
0
hp_train_0054
(හර්ෂණ තුෂාර සිල්වා)පොහොට්ටුව ලාංඡනය යටතේ රැස්වීම් පවත්වන අතරවාරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කියමින් යන බව සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (19) පැවැසීය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අනුමැතිය යටතේ විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් වෙනම පක්ෂයක් පිහිටුවීම දක්වා මෙහෙයවූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන දෙදෙනා යැයි ද හෙතෙම කීය.බත්තරමුල්ල, සෙත්සිරිපාය සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම ඒ බව පැවැසීය.පොහොට්ටුව ලාංඡනය යටතේ රැස්වීම් පවත්වන අතරවාරයේදී තමන් තවමත් පක්ෂයේ සභාපති කියමින් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනන්‍යතාව රැකගැනීමේ සටනක නිරත වී සිටින බව අමාත්‍ය දිසානායක මහතා එහිදී කීය. අමාත්‍ය එස්.බී. දිසානායක මහතා එහිදී මෙසේ ද අදහස් දැක්වීය.‘‘අද මධ්‍යම රාතී‍්‍රයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතනවා. එය ශ්‍රී ලංකාව ලද ගෞරවයක්. සැසිය අමතන්න ලැබීම ශ්‍රී ලංකාවට කරන විශේෂ සැලකිල්ලක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමේදී ජනාධිපතිවරයා ආණ්ඩුවේ සංහිඳියා වැඩපිළිවෙළ, සම්මුතිවාදී දේශපාලනය, ශ්‍රී ලංකාවේ තිරසර සමාජ ආර්ථික සංවර්ධනය, හරිත සංවර්ධනය කෙරෙහි කරුණු කියන්න බලාපොරොත්තු වෙනවා. මහ සැසිය අතරවාරයේදී ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, බි‍්‍රතාන්‍යය, රුසියාව ආදී ලොව ප‍්‍රමුඛ පෙළේ රටවල නායකයන් සමඟ ද්විපාර්ශවීක සබඳතා පැවැත්වීමට සූදානමින් සිටිනවා. ආර්ථික සබඳතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය, එක්සත් ජනපදය, යුරෝපය මෙන්ම ඉන්දියාවත් අපට එරෙහිව අවි අමෝරාගෙන සිටියා. එදා අපට එරෙහිව යෝජනාවක් ගෙනාවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී අදාළ යෝජනාවට මුහුණ දීමේ වගකීම බාර දුන්නේ අපේ ආණ්ඩුවේද අමාත්‍යවරයකු වන මහින්ද සමරසිංහ මහතාටයි. අපි එම යෝජනාව පරාජයට පත් කළා. දෙවැනි වතාවටත් අපට එරෙහිව යුද අපරාධ හා මානව හිමිකම් කඩකළ බවට චෝදනාවක් එල්ල වුණා. අපි එම යෝජනාව පරාජයට පත්වුණා. එම අවස්ථාවේදීත් ඉන්දියාව මෙන්ම කලාපයේ රටවල් අපට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළා.ඉන් අනතුරුව ජනවාරි 23 අපට එරෙහිව කොමිසමක් පත් කරලා කොමිසමේ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. එවකට පක්ෂ නායක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට තීරණය කළා. සම සමාජ, කොමියුනිස්ට් පක්ෂ සහ පක්ෂ ලේකම් මෛතී‍්‍රපාල සිරිසේන මහතා ආදි පක්ෂයේ විවිධ කණ්ඩායම් හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවදානම ගැන එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතාට කරුණු කීවා. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එම අවස්ථාවේදී විකල්පයක් තිබුණේ නැහැ. මැතිවරණයක් නොතියා මානව හිමිකම් කොමිසමට ගියා නම් අපට එරෙහිව තහංචි වැටෙන්න තිබුණා. වාර්තාව ඉදිරිපත් වෙලා වාර්තාව සම්මත වෙන්න තිබුණා. අපට එකවර ආර්ථික සම්බාධක පනවන්න බැහැ. එහෙත් අපට යුරෝපීය ආර්ථික තහනමක් පැනවෙන්න ඉඩ තිබුණා.එහෙම වුණානම් අපේ තේ අපනයනවලින් සියයට 40කට වෙළෙඳපොළක් හොයාගන්න වෙන්න ඉඩ තිබුණා. අපේ ඇඟලූම්වලින් සියයට සියයක් යන්නේ ඇමෙරිකාවට සහ යුරෝපයට. කුළු බඩු ආදී බොහෝ දේ යන්නේ යුරෝපයට. එදා එහෙම තහනමක් පැනවුණා නම් අපි ලොකු ආර්ථික අවුලකට වැටෙන්න තිබුණා. තෙල් ටික පවා නැතිවෙන්න තිබුණා.මැතිවරණය පවත්වා ඉන්දියාවේ සහාය ලබාගැනීම මහින්ද රාජපක්ෂ මහතාගේ උපාය වුණා. ඉන්දියාවෙන් අපට අවස්ථා කිහිපයක් ලැබුණා. එක් අවස්ථාවකදී මගේ හරහා ඉන්දියාවෙන් යෝජනාවක් ආවා. ඊළඟ ආණ්ඩුකාරවරු දෙදෙනා ලෙස හමුදා නිලධාරීන් වෙනුවට සිවිල් නිලධාරීන් පත් කිරීම, උතුරු නැගෙනහිර ඉඩම් පොලිස් බලතල සම්බන්ධයෙන් කොමිසමක් පවත්වා නැවත සලකා බැලීම සහ උතුරේ පළාත් සභා ඡන්දය කඩිනම් කරන්නැයි යනුවෙන් ඉන්දියාවෙන් යෝජනා තුනක් ඉදිරිපත් වුණා. අපි එයත් ප‍්‍රතික්ෂේප කළා. අපට ඒ අවස්ථාවත් මඟ හැරුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපාය වුණේ එය වුවත්, ඔහු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණා.ජනාධිපතිවරණයෙන් අපේ පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජයගත්තා. ඔහු ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කර පක්ෂ දෙකේම සහාය ලබාගෙන එක්සත් ජාතීන් හමුවට ගියා. යෝජනාව ඉවත් කරගන්න, චෝදනා සම්බන්ධයෙන් දේශීය වශයෙන් කටයුතු කරන්න ඉඩ දෙන්නැයි කියා සිටියා. එය ජාත්‍යන්තරය පිළිගත්තා. ජාත්‍යන්තරය අප සමඟ නැවත මිතුරු වුණා. පසුගිය මහ මැතිවරණය වනවිට අපේ පක්ෂය එකතු කරගැනීමට හැකියාව ලැබුණත් පැහැදිලිව කොටස් දෙකක් තිබුණා.මහින්ද රාජපක්ෂ පිල සහ මෛති‍්‍ර පිල වශයෙන් කණ්ඩායම් දෙකක් නිර්මාණය වුණා. එම බෙදීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හිටපු ජනාධිපතිවරයා සමඟ හිටගත්තා. ඡන්ද ප‍්‍රතිඵලවලින් එය පැහැදිලිව පෙනුණා. එහෙත් පසුව පක්ෂය නැවත එකතුවෙන බව පේනවා.තිස් අවුරුදු යුද්ධයක් අවසන් කළ රාජ්‍ය නායකයා පක්ෂයෙන් එළියට ගිහින් වෙනම කණ්ඩායමක් නිර්මාණය කරද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මහා අභියෝගයකට මුහුණ දෙන්න වුණා.වත්මන් ජනාධිපති, පක්ෂ නායක මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පක්ෂය බාරදෙන්න තීරණය කළේ හිටපු ජනාධිපති හිටපු පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බව සිහිපත් කළ යුතුයි. ඔහු එම තීරණය ගෙන තිබුණේ තනියමයි. එහෙත් පක්ෂය ඊට පෙර වෙනත් තීරණයක් ගෙන තිබුණා. දුමින්ද දිසානායක, එම්.කේ.ඞී.එස් ගුණවර්ධන, රාජිත සේනාරත්න, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ආදි සියලූ දෙනා පක්ෂයෙන් ඉවත් කරන්න තීරණයක් ගෙන තිබුණා. ඒ අවස්ථාවේදී පක්ෂයේ අනුශාසක වුණු මහින්ද රාජපක්ෂ පක්ෂ සභාපති කරන්න පක්ෂය විසින් තීන්දුවක් ගෙන තිබුණා. එහෙත් එම තීන්දුව නැවත වෙනස් කළා. මධ්‍යම කාරක සභාව රැස්වෙලා ඔවුන්ට නැවත පක්ෂ සාමාජිකත්වය දුන්නා. මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාව පරිදි මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පක්ෂ සභාපතිකම දුන්නා. ඉන් අනතුරුව පැවැති පළමු පක්ෂ සම්මේලනය පොලොන්නරුවේ දී පැවැත්වුණා. ඊට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගි වුණා. ඉන් අනතුරුව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ආශීර්වාදය යටතේ අපේ පක්ෂයේ පිරිසක් විපක්ෂයේ අසුන් ගත්තා. ඉන් අනතුරුව ඒ පිරිස වෙනම පක්ෂයක් දක්වා දුරදිග ගියා. ඒ තත්ත්වය ඇති කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතායි.එහෙත් ඒ අයට අදටත් බයක් තිබෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා තවමත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කියලා කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම කාටවත් දුන්නේ නැහැ කියනවා. ඒ දේවල් කියන අතර පොහොට්ටුව ලාංඡනය යටතේ රැස්වීම් තියනවා. පක්ෂයේ සභාපතිකම මහින්ද රාජපක්ෂ මහතාට දිය යුතුයි කියලා ඔවුන්ම නඩුවක් දාලා තියෙනවා. ඔය දේවල් කරන ගමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනන්‍යතාව රැකගැනීමේ සටනක නිරතවෙනවා.සිරිමාවෝ මැතිනියගේ පුත් අනුර බණ්ඩාරනායක, මෛති‍්‍රපාල සේනානායක, පක්ෂයේ උපනායක ස්ටැන්ලි තිලකරත්න, පක්ෂයේ මහලේකම් ඇතුළු බහුතරයක් පක්ෂයෙන් ගියා. ඔවුන්ට මොකද වුණේ? ඔවුන් විසිරිලා ගියා. ඉන් වසර පහකට පසු මැතිනියගේ දියණිය ඇතුළු කණ්ඩායමක් පක්ෂයෙන් ගියා. අවසානයේ මොකද වුණේ. මහජන පක්ෂයට මොකද වුණේ. අතීත අත්දැකීම් තිබෙනවා. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිය අයට මොකද වුණේ? ඒවා දියවෙලා යනවා. අද පක්ෂයේ තියෙන්නේ එකපිලයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිලයි. ඒ බව පසුගියදා පැවැත්වුණ පක්ෂ සම්මේලනයෙන් හොඳින් අනාවරණය වුණා. අප මෙවර පක්ෂ සම්මේලනයට වියදම් කළ මුදල සහ පැමිණි සංඛ්‍යාවෙන් එය හොඳින් පෙනී යනවා. අපි මෙවර වියදම් කළේ පසුගිය අවස්ථාවලට වඩා අඩු මුදලක්. එහෙත් වෙනදාටත් වඩා පාක්ෂිකයන් පිරිසක් මෙවර සම්මේලනයට සහභාගි වුණා. සම්මේලනය අවසන් වන තුරු විශාල පිරිසක් සිටියා. විශාල පිරිසක් ජනාධිපතිවරයාගේ කතාවට සවන් දුන්නා. සාර්ථකම පක්ෂ සම්මේලනය  ලෙස මෙවර සම්මේලනය පෙන්වා දෙන්න පුළුවන්.නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද කතාවක් යනවා. ආඥාදායක, පරාජිත වියරුව, ඒකාධිපතිත්වය ආදි විදියට ඒ ගැන කතා කරලා තිබුණා. විනය කි‍්‍රයාමාර්ග ගන්නේ නැද්ද කියලා මාධ්‍ය වගේම මිනිස්සු අහනවා. එවැනි පියවරක් ගත්තා. අපි අදටත් උත්සාහ කරන්නේ ඔහු තියාගන්න. නියෝජ්‍ය අමාත්‍යවරයා පසු දිනම ජනාධිපතිවරයා හමුවුණා. සුහද සාකච්ඡාවක් පැවැත්වුණා.    එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකට කටයුතු කරන්න බැහැ කියන අය තමයි එවැනි චෝදනා කරන්නේ. එහෙත් එහෙම දෙයක් නැහැ. අපි පක්ෂය ශක්තිමත් කරන්න සෑම විටම කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම්වරුන්ගේ ඡන්ද අඩුවුණා. එය කවදාවත් වුණ දෙයක් නොවෙයි. එම ජනාධිපතිවරණයේ දී සියයට 40ක තිබූ ඡන්ද සියයට 15ක් දක්වා අඩු වුණා. මුස්ලිම් ජාතිකයන් සාමාන්‍යයෙන් ඡන්දය භාවිත කරන්නේ සියයට 60ක් වගේ. එහෙත් එම ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතය සියයට 80ත් 90ත් දක්වා වැඩි වුණා. මුස්ලිම් ඡන්ද අඩුවුණේ අපි විහින් කරගත්තු දේවල් නිසා.ඒ වගේම දෙමළ ඡන්ද අපට අඩුවුණා. අපිට හැමදාම දෙමළ ඡන්ද වැඩියෙන් ලැබුණා. චන්ද්‍රිකා මැතිනියට පැහැදිලිවම දමිළ ඡන්ද ලැබුණා. යුද්ධය අවසන් වෙලාවත් අපට එතරම් ප‍්‍රමාණයක් ලැබුණේ නැහැ. යුද්ධයෙන් පසු අපිට දෙමළ ඡුන්දවලින් සියයට 34ක් ලැබුණා. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී එය සියයට 15ක් දක්වා අඩුවුණා.එදා චමල් රාජපක්ෂ වගේ චෝදනා නැති කෙනෙක් ගේන්න අපට වුවමනා වුණා. එහෙත් එය කරගන්න බැරි වුණා. අන්තිමේදී 58 ලක්ෂයක ඡුන්ද ප‍්‍රමාණය 48 ලක්ෂයෙනුත් පහළට ඇවිත් ලක්ෂ 47ක් දක්වා අඩුවුණා. අද කෙසේ වෙතත් වැඩි ගොඩ ඉන්නේ මෛති‍්‍ර පිලේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිලේ. මේ වෙද්දි අපේ සියලූ අපේක්ෂකයන් තෝරාගෙන ඉවරයි. චෝදනා තිබෙන පිරිස් ඉවත් කිරීමට අපි කටයුතු කළා. අපිට අලූත් අපේක්ෂකයන් රැුසක් ඉන්නවා. එහෙම වුණත් අපි අන්තිම මොහොත වෙනකන් බලන්නේ අපෙන් ගිය අය නැවත ගෙන්වා ගන්න. මැතිවරණයේ දී ජනාධිපතිවරයා එක් පැත්තකටත් අගමැතිවරයා එක පැත්තකටත් නායකත්වය දෙනවා. එය ගැටලූවක් නෙවෙයි. මැතිවරණයේදී අපේ සන්ධානය ශක්තිමත්ව මුහුණ දෙන්න  ඕනේ. අපි ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. පසුගිය දිනයකදීත්  දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා මුණගැසුණා. සරලව කිව්වොත්, මනාප ඡුන්ද ක‍්‍රමයක් නැහැ. ඉදිරියේදී තිබෙන්නේ කොට්ඨාස ක‍්‍රමයට පැවැත්වෙන මැතිවරණයක්.හැබැයි ප‍්‍රාදේශීය සභා, නගර සභාවලට තේරෙන අයගෙන් සියයට 60ක් කොට්ඨාසවලින් තරග කරලා ජයග‍්‍රහණය කළ යුතුයි. එහිදී ඒ ඒ පක්ෂවලට ලැබෙන ඡන්ද අනුව තමයි මන්තී‍්‍ර ආසන බෙදන්නේ. මේ නිසා බොහෝ කලාතුරකින් කොට්ඨාස 20ක් දිනලා තියෙද්දි මන්තී‍්‍ර ආසන වෙන් කරද්දි මන්තී‍්‍ර ආසන 19ක් ලැබෙන්න පුළුවන්. එහෙත් 20ටම මන්තී‍්‍ර ආසන දෙනවා. එක් කෙනෙක් අඩු වෙන්න හෝ වැඩි වෙන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ සහ පුංචි පක්ෂවලට කොට්ඨාස දිනන්න බැරිවෙයි.එහෙත් බෙදනකොට ඔවුන්ටත් මන්තී‍්‍ර ආසන ලැබෙනවා. හැමෝටම නියෝජනයක් ලැබෙනවා. ලැබෙන ඡන්ද අනුපාතය අනුව හැමෝටම මන්තී‍්‍ර ආසන ලැබෙනවා. ඒ ක‍්‍රමවේදයම පළාත් සහාවලට සහ මහ මැතිවරණවලට යොදවන්න තමයි අපේ බලාපොරොත්තුව. දුෂණ - කොට්ඨාසවලට මන්තී‍්‍රවරයෙක් නැතිවීම, ආදරය දිනාගත්තු පිරිස්වලට අවස්ථාවක් නැතිවීම, මුදල්වලට යටත්වීම ආදී ප‍්‍රශ්න රැසක් නිරාකරණය කරගන්න කොට්ඨාස ක‍්‍රමයෙන් අපට අවස්ථාව ලැබෙනවා. පළාත් සභා සහ මහ මැතිවරණත් එම ක‍්‍රමයට පැවැත්වීමට අපි කටයුතු කරනවා. 
ශ්‍රීලනිපයට නායකයොත් නෑ. ප්‍රතිපත්තිත් නෑ
0
hp_train_0055
 ( ක.ග.කරුණාරත්න) හබරණ, පුවක්පිටිය ප්‍රදේශයේදී මෙරට සාදන ලද වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ එක් සැකකරුවෙකු අද(08) අත් අඩංගුවට ගත් බව හබරණ පොලීසිය කියයි. සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව අනාවරණයවී ඇත. පොලීසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ. මේ ගිනි අවිය වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගෙන ඇත්ද යන්න විමර්ශනය කරන බව  පොලීසිය සඳහන් කළේය . හබරණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි. 
බෝර 12 ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට
0
hp_train_0056
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)විදුලිය විසන්ධිකර තිබූ රාත්‍රියේ දිය නෑමට ගිය සැමියාට සිරුරේ ගාන සබන් කෑල්ල වෙනුවට වැරදීමකින් වෙනත් සබන් කැටයක් ගෑමෙන් සිරුර පුරා කැසීමට ලක්වී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුවීමේ පුවතක් මීරිගමට නුදුරු ගමකින් අසන්නට ලැබිණි. රජයේ ආයතනයක විධායක නිලයක් දරන සැමියා නිවෙසට එද්දී රෑ බෝවී තිබිණි. රජයේ රැකියාවක නිරත බිරිය සිටියේ කුස්සියේ වැඩ කරමිනි. විදුලිය නැති නිසා ඇය ආලෝකය ලබාගත්තේ ඉටි පහනක ආධාරයෙනි. නිවසේ වූයේද එක් ඉටි පහනක් පමණි. දැන් ලයිට් එයිනේ ඒ හින්දා මම ඉටිපන්දමක් ගේන්න කඩේට ගියේ නෑ බිරිය සැමියාට කීවාය. නිවසට ආ සැමියා දරු දෙපළ සමඟ කාලය ගත කර දිය නාගැනීමට වත්ත පහළ ළිඳට යාමට සැරසුණේ කළුවරේමය. අනේ මට සබන් කෑල්ල දෙන්නකෝ සැමියා ඉල්ලුවේය. බිරිය සබන් කෑල්ල ගෙනවිත් අතට දුන්නාය. වත්ත පහළ ළිඳට ගිය සැමියා දිය නෑවේය. සබන් ගාද්දී වෙනසක් දැනිණි. කළුවර නිසා කිසිත් පැහැදිලි නැත. ඉක්මන් ගමනින් දිය නා නිවසට ආ ඔහු සබන් කෑල්ල බාල්දිය සමඟම තැබීය. ටික වේලාවක් ගත වෙද්දී සිරුර පුරා කසන්නට වූයේය. ඔහු ඒ බව බිරියටද කීවේය. පණුවෙක්වත් ගෑවෙන්න ඇති කී ඇය බෙහෙත් පෙත්තක්ද දුන්නාය. එහෙත් කැසිල්ල අඩුවක් නැත. මෙසේ කල් ගත වෙද්දී විදුලිය ලැබිණි. රෑ කෑමෙන් පසු බිරිය කුස්සියේ කටයුතුවල යෙදුණාය. වළං පිඟන් සෝදන්නට ගිය ඇය ඒ සඳහා ගන්නා සබන් කැටය දක්නට නොවූයෙන් විමසිලිමත් වූවාය. අනේ ඔයා සබන් කෑල්ල තිබ්බේ කොහේද ඇය ඇසුවාය. බාල්දියේ බලන්න සැමියා කීවේය. බාල්දිය පිරික්සූ ඇයට සැමියාගේ කැසිල්ලට හේතුව තේරුම් ගියේය. වහා දිවගෙන ආ ඇය කිසිත් නොකියා සැමියා සමඟ වෛද්‍යවරයකු ළඟට කැඳවා ගියාය. සැමියාගේ කැසිල්ල ගැන වෛද්‍යවරයාට කී ඇය ඊට හේතු වන්නට ඇත්තේ තමන්ට වූ වැරදීම නිසා වෙන්නට ඇතැයිද කියද්දී සැමියාට සිදුවූ සියල්ල තේරුම් ගන්නට ලැබිණි.කෙසේ හෝ බිරියට සිදුවූ අත්වැරැද්ද නිසා සැමියා පුරා සතියක් තිස්සේ වෛද්‍ය ප්‍රතිකාර ලැබීය. දින දෙක තුනක් රාජකාරියට යාමෙන්ද වැළකී සිටියේය.  
සබන් ගා නාලා සතියක් ගෙදර නැවතිලා
1
hp_train_0057
මනෝප‍්‍රිය ගුණසේකර  ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ලංකාවට ගෙන්වන හෙරොයින් කොළඹ පුරා බේදාහැරි කුඩු ජාවාරම් කරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද මරණ දඬුවම  නියම කළේය. හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්ත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුට දැඩි දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුට   විනිසුරවරයා සඳහන් කළේය. චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ වාලච්චේන ප‍්‍රදේශයේ පදිංචි සෙයික් ස්මයිල් අක්බාර් හෙවත් මාස්ටර් නමැත්තාටය. 2014 ජුලි මස 03 වැනිදා මෝදර රජමල්වත්ත ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 51.88 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරනු ලැබ තිබිණි.
කුඩු ජාවාරම්කරුවකුට මරණ දඬුවම
1
hp_train_0058
(වියලුව නිශාන්ත කුමාර)කන්දකැටිය  පොලිස් වසමට අයත් මහකැලේ, දෙකේ කණුව කොටසේ පුද්ගලික කුඹුරු යායක නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් 11දෙනෙකු ඔවුන් සතුව තිබූ මල් බුලත් තට්ටු, පිරිත් නූල්, උදලු, අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක් ද සමග අද (25) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි  අවුරුදු   25ත්  40ත් අතර වයසේ පසුවන  පුද්ගලයින් පිරිසකි.අත්අඩංගුවට ගත් පිරිස් අතර රජයේ සේවකයෙකු ද වන බව පොලිසිය පවසයි .පොලිසිය වෙත ලද  තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.අත්අඩංගුවට ගත් පිරිස හෙට (25)  දින බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.කන්දකැටිය  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. සිරිවර්ධන මහතාගේ උපදෙස් මත කන්දකැටිය පොලිස්  නිලධාරිහු මෙම වැටලීම සිදුකළහ. කන්දකැටිය පොලිසිය   වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
නිධන් හෑරූ 11ක් අත්අඩංගුවට
1
hp_train_0059
(නාලක සංජීව දහනායක පන්නල සිට)තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම පොරොන්දු තම ධුර කාලය ඇතුළතදීම ඉටු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (1) පන්නලදී පැවැසීය.එම අභියෝගය ජයගත හැකි කණ්ඩායමක් තමන් සමග සිටින බවද ඔහු සඳහන් කළේය.පන්නල ප්‍රජා ශාලා භුමියේ සිකුරාදා (1) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද පැවැසීය.අප පසුගියදා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූවා. එය සකස් කිරීමේදී ගමන් මග පිළිසඳරක් වැඩසටහනේදී ඔබලාගෙන් ලබාගත් අදහස් හා විද්වතුන් හා වෘත්තිකයන්ගේ අදහස් ලබා ගත්තා. එහි ඇතුළත් වන්නේ ප්‍රායෝගික විසඳුම්. මාගේ ධුර කාලය ඇතුළතදී එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියල්ලම ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.අපගේ රජය යුද්ධය අවසන් කළා. නමුත් ඉන් පසුවත් රටේ ආරක්ෂාව වෙනුවෙන් අප සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ නිසා අපගේ පාලන කාලයේදී කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.නමුත් මෙම රජය බලයට පත් වීමත් සමග ජාතික ආරක්ෂාව ගැන එතරම් තැකීමක් කළේ නැහැ. අප යොදා තිබූ ආරක්ෂක සැළසුම් ඉවත් කළා. ඒ නිසා රටත්, ජනතාවත් අනාරක්ෂිත වුණා.නමුත් අපගේ රජයක් යටතේ මේ රට සුරක්ෂිත කරනවා. නැවත මේ රටේ අන්තවාදී ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තියන්නේ නැහැ. අන්තවාදීන් සමග එකතුවිය නොහැකි නිසා දෙමළ පක්ෂවල ඉල්ලීම් අප ප්‍රතික්ෂේප කළා.අප බලයට පත්වී රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් නොමිලයේ පොහොර සහනාධාරය ලබාදෙනවා. ගොවි ණය කපා හරිනවා. ගොවි විශ්‍රාම වැටුප, ලබා දෙනවා. ගුණාත්මක බීජ, උසස් බීජ ගොවීන්ට ලබාදෙනවා. ගොවි ජනතාව දුප්පත් කමින් මුදවාගත යුතුයි.එමෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. ඒ නිසා සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරනවා. මේ හරහා රටට වැඩියෙන් ආයෝජන ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.එමෙන්ම අපගේ රජය පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් දීර්ඝකාලීන හා කෙටි කාලීන සැලසුම් සකස් කරනවා.උසස් පෙළ විභාගයෙන් ලක්ෂ දෙකක සිසුන් පිරිසක් සමත් වුවත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නේ 35000ක සිසුන් පිරිසක් පමණයි. ඒ නිසා සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට හැකි වන පරිදි විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. නව පාඨමාලා හඳුන්වා දෙනවා. උපාධිධාරියාට රස්තියාදු නොවී රැකියාවක් ලබාගැනීමට හැකි වන පරිදි නව ක්‍රමවේදයන් සකස් කරනවා.තොරතුරු තාක්ෂණය අංශයෙන් රැකියා ලබා ගැනීමට උපාධියක් අවශ්‍ය වන්නේ නැහැ. අද තොරතුරු තාක්ෂණය අංශයෙන් රටට රුපියල් බිලියන දෙකක පමණ ආදායමක් ලැබෙනවා. මෙය රුපියල් බිලියන තුනක පමණ ආදායමක් ලබා ගැනීමට පුහුණු ප්‍රජාවක් අවශ්‍යයි. ඒ නිසා තරුණ පරපුරට අතරමංවීමට ඉඩ නොදී අවශ්‍ය පුහුණුව ලබාදීමට මා කටයුතු කරනවා.තේ, කුරුඳු, ගම්මිරිස් වැනි අපනයන බෝග හරහා රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකියි. නමුත් වත්මන් රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා ඒ කර්මාන්ත කඩා වැටිලා.අප අභියෝග බාර ගත් කණ්ඩායමක්. බාරගත් සෑම අභියෝගයක්ම සාර්ථකව ජයගත් කණ්ඩායමක්. ඒ නිසා ඔබ මා ගැන විශ්වාසය තබන්න. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මම ඔබට සුරක්ෂිත රටක් බිහිකර දෙනවා යැයිද ඔහු සඳහන් කළේය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.රට සංවර්ධනය කරන්න තමන් ආරම්භ කරන වැඩපිළිවෙළ ගැන අපේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කතා කළා. ඔහුට පැහැදිලි සැලැස්මක් තිබෙනවා.විශේෂයෙන්ම රටේ ආර්ථිකය ගොඩ නැගීමේදී අප කෘෂිකර්මාන්තය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. කෘෂිකර්මාන්තයට වැඩියෙන්ම පහසුකම් සැලසුවේ අපගේ රජයයි. රුපියල් 350ට පොහොර සහනාධාරය දුන්නා. රට සහලින් ස්වයංපෝෂිත කළා. ගුවන් තොටුපොළක වී ගබඩා කරන්න වෙන තරමටම රට සහලින් ස්වයංපෝෂිත වුණා.නමුත් මේ රජය බලයට පත්වී කෘෂිකර්මාන්තයට මොනවද කළේ. අපි දීපු පොහොර සහනාධාරය නතර කළා. කුඹුරු ඉඩම් ලක්ෂයක් වගාකිරීම නතර කළා. ඒ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා අද පිටරටින් සහල් ගෙන්වනවා.සංවර්ධන කාර්යයන්වලදී කර්මාන්ත සංවර්ධනය කිරීම ගැනත් අපි අවධානය යොමු කරනවා. එහිදී විශාල වශයෙන් රටට විදේශ විනිමය ගෙන ඒමට හැකි කර්මාන්ත රටට ගෙනඑනවා. ඇඟලුම් කර්මාන්තය අද ගමට ඇවිල්ලා තියෙනවා. ඒ සේවක සේවිකාවන්ට අභිමානයෙන් ජීවත් විය හැකි වටපිටාවක් අප ඇති කරනවා. එමෙන්ම තරුණ පරපුර එයට ආකර්ෂණය වන රැකියාවක් බවට අපි එය පත් කරනවා.වත්මන් රජය මේ ප්‍රදේශයේ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආරම්භ කළා. නමුත් තවම වාහන නිෂ්පාදනය වෙන්නේ නැහැ. මාස 6ක් ඇතුළත ඉන් වාහනයක් නිපදවුණේ නැත්නම් අප ඒ ඉඩම නැවත රජයට පවරා ගන්නවා. රටේ ඉඩම් නිකරුණේ පිට අයට දෙන්න බැහැ.ජනතාව බලාපොරොත්තු වුණ දේවල් මේ ආණ්ඩුවෙන් ලැබුණේ නැහැ. ජනතාවට නොලැබුණ දේවල් හුඟාක් තියෙනවා. රටේ සම්පත් විකුණුවා. මහ බැංකුව මංකොල්ලකෑවා. රටට මුකුත් කළේ නැහැ.සජිත් ප්‍රේමදාස අද රටට විහිළු සපයනවා. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව, තමන්ගේ ආසනය දිස්ත්‍රික්කය දිනාගන්න බැරි කෙනාට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන්දැයි ප්‍රශ්නයක් තිබෙන බවද විපක්ෂනායකවරයා කීය. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.මේ ආණ්ඩුවට ආයුෂ තියෙන්නේ තවත් මාස 6යි. ඊට පස්සේ රට බාර ගන්නේ ගෝඨාභය රාජපක්‍ෂයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණය දිනන බව ඇමරිකාවත් දන්නවා. ඒ නිසා ඡන්දයට කලින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ලෙසට ඔවුන් රජයට බලකරනවා.මේ පණ අදින ආණ්ඩුව එක්ක අත්සන් කරන ගිවිසුම් ඔට්ටු නැහැ. ඒ නිසා ඕනෑම ගිවිසුමක් ගැන 17 වැනිදායින් පසුව ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් එක්ක සාකච්ඡා කරන ලෙසට අප ඇමරිකාවට කියනවා.පසුගියදා සජිත් ප්‍රේමදාස තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. ඒකේ සිංහල පිටපතේ තියෙන එක නෙවෙයි ඉංග්‍රීසි පිටපතේ තියෙන්නේ. ඉංග්‍රීසි පිට පතේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ඕන දේයි. ඒ කියන්නේ සජිත් දින්නොත් ක්‍රියාත්මක වෙන්නේ ඉංග්‍රීසි පිටපතේ තියෙන දෙයයි.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස වෙලා රටේ ජනාධිපති නොවුණ නම් අඩුම තරමේ සජිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නෙවත් නැහැ. නමුත් ඔහු අද රාජපක්‍ෂලාගේ පවුල් දේශපාලනය ගැන කතා කරනවා. මේ රටේ පවුල් දේශපාලනය හැමදාම තිබුණා.මුළු රටම  මහින්දට - ගෝඨාට ආදරය කරන්නේ ඔවුන් රටට වැඩක් කළ නිසයි. ඒ ආදරයට ඊර්ෂියා කරලා වැඩක් නැහැ. වෛර කරලා වැඩක් නැහැ.එදා සජිත්ගේ පියා බලයෙන් වියරු වැටුණා. අන්තිමට මිනිස්සුන්ට ප්‍රේමදාස එපා වුණා.අද සජිත් යන්නෙත් තමන්ගේ පියා ගිය මාර්ගයේමයි. ඔහුගේ රැස්වීමකදී ආධාරකරුවන් පිරිසක් තරුණයකුට පහරදුන්නා. ඒ වෙලාවේ සජිත් වේදිකාවේ හිටියත් ඒ පහරදීම නවත්වන්න කටයුතු කළේ නැහැ. ඔහුගේ මානසිකත්වය ඉන් තේරුම් ගත හැකියැයිද ඔහු කීය.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ පැවැසීය.මේ රටේ ජාතිභේද ඇති වුණේ ඉකුත් රජය කාලේ බවට මතයක් පැතිරෙනවා. ඒක බොරුවක්. මේ රටේ ජාති භේදය ඇති වුණේ ජේ.ආර්. ජයවර්ධන රජය කාලයේදීයි. යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ ඒ රජය සමයේදීයි.එක්සත් ජාතික පක්‍ෂය පාලනය කළ හැම කාලයකදීම මේ රටේ මුස්ලිම් ප්‍රශ්න ඇති වුණා. අපි ජාතිවාදය වපුරන රටේ සමගිය නැතිකරන පක්‍ෂයක් නෙමෙයි. ජාතීන් අතර සමගිය ඇති කළ පක්‍ෂයක්.ආසියාවේ වේගවත්ම ආර්ථික සංවර්ධනය තිබූ මේ රට එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ ලොව දුප්පත්ම රට බවට පත්වුණා. අද මේ රටේ මිනිස්සු  ජීවත් වෙන්නේ මාර අවුලක. රටේ මිනිස්සු අනාගතය ගැන හිතන්නත් බයයැයිද ඔහු සඳහන් කළේය.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා මෙසේ පැවැසීය.යහපාලන ආණ්ඩුව බලයට පත් වී සති දෙකක් යනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්න අගමැතිවරයා උත්සාහ කළා. මම එයට විරුද්ධ වුණා.එමෙන්ම ආයෝජන මණ්ඩලයේ හිටපු දූෂිතම නිලධාරියා නැවත රටට ගෙනත් මහ බැංකු අධිපති ධුරයට පත් කළා. ඒ  පත්කිරීම කළේ මහ බැංකුව කොල්ල කන්නයි. ලොව කිසිම රටක අගමැතිවරයෙක් තමන්ගේ රටේ මහ බැංකුව කොල්ල කෑවේ නැහැ. නමුත් අගමැතිවරයා ඒ දේ කළා.එමෙන්ම යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු සියලුම රණවිරුවන්ට විරුද්ධව ජිනීවා නුවරදී ගිවිසුම් අත්සන් කළා. ඇමතිකම් පැත්තකට දාලා මම ඒවාට විරුද්ධව සටන් කළා.තමන් බලයට පත්වුවහොත් පිටරට පදයට නටන්නේ නැති බව සජිත් ප්‍රේමදාස කියනවා. නමුත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම හරහා මේ රට ඇමරිකාවට පාවාදෙන්න රජය උත්සාහ ගන්නවා.එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 15,000ක් විදේශිකයන්ට විකුණනකොට ඇමතිකම පැත්තකට දාලා මම ආණ්ඩුවෙන් එළියට ආවා. නමුත් රට ගැන මහා කැක්කුමකින් කතා කරන සජිත් ප්‍රේමදාස මහතා ඒවාට විරුද්ධව වචනයක්වත් කතා කළේ නැහැ. ඔහු රටට එරෙහි හැම යෝජනාවටම අත ඉස්සුවා.මේ ආණ්ඩුව බලයට පත් වූ දවසේ සිටම රටත් ජනතාවත් අනාරක්ෂිත වුණා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර එල්ල වීමට මාස ගණනකට කලින් එවැනි ප්‍රහාරයක් එල්ලවීමට ඇති අවදානම ගැන මම පාර්ලිමේන්තුවේදී කතා කළා. නමුත් ආණ්ඩුව තමන් ජාතිවාදියෙක් කළා මිස ප්‍රශ්නය විසඳන්න ක්‍රියා කළේ නැහැ.ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.අපි කුඩා කාලේ ආච්චිලා සීයලාගෙන් රස කතා ඇසුවා. අද අපි රස කතා අහන්නේ සජිත් ප්‍රේමදාස මහතා ගෙනුයි. රටට විශාල අනතුරක් එල්ල වී තිබෙන මොහොතකදී රට සුරක්ෂිත කිරීම ගැන කතා කරනවා වෙනුවට ඔහු කාන්තාවන්ගේ සනීපාරක්‍ෂක තුවා ගැන කතා කරනවා.නමුත් ගෝඨානය රාජපක්‍ෂ මහතා රට හදන ආකාරය, අධ්‍යාපනය, ආර්ථිකය සංවර්ධනය කිරීම ගැන කතා කරනවා. ඔහු වේදිකාවල හිස් වචන කතා කරන්නේ නැහැ. ගෙම්බෝ සජිත්, සජිත් කියල කෑගැහුවට මිනිස්සු කෑගහන්නේ ගෝඨා... ගෝඨා කියලා යැයිද ඔහු කීය.පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසකාර මහතා මෙසේ පැවැසීයරට විකුණපු, රණවිරුවන් මහා සංඝරත්නයට අපහාස කළ මේ වගේ කාලකන්නි ආණ්ඩුවක් රටට අවශ්‍ය නැහැ. මේ රට ගොඩගන්න අලුත් නායකත්වයක් අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ නිකරුණේ කතා කරන කෙනෙක් නෙවෙයි. ඔහු කතා කරන හැම වචනයකම වටිනාකමක් තිබෙනවා යැයිද හෙතෙම සඳහන් කළේය.එක්සත් ජාතික පක්‍ෂ රජයේ හිටපු අමාත්‍යවරයකු වූ උපාලි දසනායක මහතා මෙහිදී ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දක්වමින් වේදිකාවට එක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක අසංක නවරත්න මහතාද ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.
“අපේ රජය කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණන්නේ නෑ“
0
hp_train_0060
(*** නාලක සංජීව දහනායක සහ *** සූරියවැව - දිලිප් ජයසේකර)ඉකුත් රජය සමයේ විජිතපුර පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරන විට නිහඬව සිටි එවකට සංස්කෘතික අමාත්‍යවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම සම්බන්ධයෙන් තමන්ට මඩගැසීමට උත්සාහ ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බඩල්කුඹුරේදී පැවසීය.පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට තම රජය ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය විනාශ කිරීම සම්බන්ධයෙන් වරදක් කර ඇත්නම් ඊට සම්බන්ධ අයට දඬුවම් කිරීමට පසුබට නොවන බවද සඳහන් කළේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට සහාය පළකරමින් මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බඩල්කුඹුර, සෙවනගල ප්‍රදේශවල සංවිධානය කර තිබූ ජනහමු කිහිපයකට එක්වෙමින් හෙතම මේ බව පෙරේදා (19) සඳහන් කළේය.අගමැතිවරයා මෙසේද පැවසීයමොනරාගල කියන්නේ විශාල දිස්ත්‍රික්කයක්. වන වගාව විතරක් සියට 50 වැඩියි නිල්ගල රක්ෂිතය පිහිටා තිබෙන්නේ මොනරාගලයි. අපේ ජනතාවගෙන් සියයට 75ක් යැපෙන්නේ කෘෂිකර්මාන්තය මඟින්. මොනරාගලට පානීය ජලය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නයට විසඳුම් දෙන්න අපේ කාලයේ උමාඔය ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒත් කට්ටිය කිව්වේ මැදමුලනට වතුර ගෙනියන්න උමාඔය ව්‍යාපෘතිය කරනවා කියලා.ජනතාව වකුගඩු රෝගයෙන් පෙළෙන්න ප්‍රධාන හේතුවක් ලෙස පිරිසිදු පානීය ජලය නොමැතිකම හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා පිරිසිදු පානීය නළ ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවා. අපි කටයුතු කරන්නේ රටේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ඇතිවයි.සෙවණගල කිව්වම අපිට මතක් වෙනේනේ උක් වගාව. මේ වනවිට සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ උක් ටොන් 1200ක් ඇඹරීමකට ලක්කර සීනි නිෂ්පාදනය කරනවා. වහාම දෙවැනි පියවර ගැනීම අපේ වගකීමක්. උක් ටොන් 2400ක් ඇඹරීමේ පහසුකම් සහිතව සීනි කර්මාන්තය දේශීය කර්මාන්තයක් විදියට ගොඩනගනවා. අපි දේශීය කර්මාන්තයට ප්‍රමුඛතාවය දෙනවා. පිටරටින් හැම දෙයක්ම ගේනකල් බලන් ඉන්න බැහැ. හම්බන්තොට ලුණූ තියාගෙන ඉන්දියාවෙන් ලුණු ගේනවා. මේවා වෙනස් විය යුතුයි. හැම දෙයක්ම පිටරටින් ගේනකල් බලන් හිටපු යුගය අවසන් කරන්න ඕනෑ.මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් අපි ආරම්භ කළා. අපි අපේ ආර්ථිකය ගොඩනඟලා, ඒක පුද්ගල ආදායම වැඩිකළා. ජනතාව අතේ මුදල් ගැවසෙන්න පටන් ගත්තා. අලුත් මධ්‍යම පන්තියක් බිහිවුණා. අපි අලුතෙන් වරායක්, ගුවන්තොටුපොළක් හැදුවා. අධිවේගී මාර්ගය බිහිකළා. වරාය විකුණූවා. ගුවන්තොටුපොළ බේරගන්න පුළුවන් වූණේ අපි බලයට ආපු නිසයි. වරාය විකුණන වෙලාවේ හම්බන්තොට ජනතාවගේ ඡන්දයෙන් පත්වූණූ ඇමැතිවරු කැබිනට් මණ්ඩලයේ හිටියත්, එක ඇමැති කෙනෙකුට පණ තිබුණේ නැහැ වරාය විකුණන්න එපා, මේක ජනතාවගේ වස්තුවක් කියන්න. ඒ වුණාට කිසිදෙයක් විකුණන්න දෙන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස දැන් කියනවා. අපි මේ රටේ දේපළ කිසිකෙනකුට විකුණන්න ඉඩ තියන්නේ නැහැ. ඒ දේපළ ඔබට, ඔබේ දරුවාට සහ ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් රැකගන්න ඕනෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගන්න කියලා මට ආරාධනා කරනවා කියලා පත්තරේ තිබුණා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදපු අය බණ්ඩාරනායක මහත්තයා, ඩී.ඒ. රාජපක්ෂ මහත්තයා වගේ අය තමයි එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ඇවිත් පක්ෂය හැදුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකරලා, පක්ෂය ශක්තිමත් කරලා, පක්ෂය බලයට ගේන්නත් අපිට හැකි වුණා.2015 ජනාධිපතිවරණය පරාජය වුණාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට පලා බෙදන්න ගත්තා. ඊට පස්සේ තමයි අපි නෙළුම් පොහොට්ටුව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරලා, ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කළේ. අපිට දැන් පක්ෂයක් තියෙනවා. දැන් ඒ පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියට යනවා.මෛත්‍රීපාල සිරිසෙන මහතා මට කතා කරලා අගමැතිකම දුන්නා. ඊට කලින් ආසන 54ක් තිබුණත්, අපිට විපක්ෂ නායකකම දුන්නේ නැහැ. ආසන දහසයක් තිබුණු දෙමළ ජාතික සංවිධානයට විපක්ෂ නායකකම දීලා ආසන හයක් තිබුණු ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම දුන්නා. අපිත් උපක්‍රම පාවිච්චියට ගත්තා. අගමැතිකම භාර අරගෙන දවස් 51ට පස්සේ අගමැතිකමෙන් ඉවත්වෙලා විපක්ෂ නායකකම ගත්තා. දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දෙනවා. අපි බලයට ඇවිත් කෙටි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට හරි පවත්වන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා.අද අපි නැවත එකතුවෙලා පෙරමුණකට ඇවිත් ඉන්නවා. ඡන්දෙ දෙන්නේ කාටද කියන එක හදවතේ තියාගන්න. අපේ අය අතර ගැටුම් ඇතිවෙන ආකාරයට කටයුතු කරන්න එපා. වසර පනස් ගණනක දේශපාලන ඉතිහාසයක් තිබෙන මම උපදේශයක් විදියට ඔබට කියනවා මනාප පොරයකට යන්න එපා. අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. ප්‍රේමදාස පිල සහ රනිල් පිල කියලා බෙදුණු ඒ දෙගොල්ලෝ සූදානම් වෙන්නේ සිරිකොත අල්ලන්න. මේ රටේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් ඡන්දේ දෙන්න ඕනේ සිරිකොත අල්ලන එකටද ඒක ඉඩම් නඩුවක් දාලා බේරගන්න පුළුවන්. පහුගිය දවස්වල මම රට වටේම ඇවිද්දා. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් මාත් එක්ක කියන්නේ ඒ අයට ඡන්දේ දෙන්න කෙනෙක් නැහැ කියලයි. එක්සත් ජාතික පක්ෂය රට අල්ලන්න සූදානමක් නැහැ. පක්ෂය අල්ලන්න විතරයි සූදානම්.අද එජාප පාක්ෂිකයනුත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ හොඳයි. පැහැදිලියි. ශක්තිමත් කියලා. ඒ අය සියලු දෙනා එකතු කරගෙන තුනෙන් දෙකක බලයක් මේ මැතිවරණයේදී ලබාගැනීමට අවශ්‍යයි. ව්‍යවස්ථාව වෙනස් කරන්න. රටට ගැළපෙන, දේශයට ගැළපෙන, ඒකීයභාවය සුරකින නව ව්‍යවස්ථාවක් ගෙන්න අපි සූදානම්.ප්‍රභාකරන් තුවක්කුවෙන් ගන්න හදපු රට පෑනෙන් දෙන්න අපි සූදානම් නැතැයිද ඔහු සඳහන් කළේය.ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත බේරුගොඩ, පද්ම උදයශාන්ත, ජගත් පුෂ්ප කුමාර යන මහත්වරුද, සුමේධා ජී. ජයසේන මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
‘විජිතපුර ඩෝසර් කරද්දී සජිත්ලා කටවහගෙන හිටියා‘
1
hp_train_0061
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ඈතක නොවන්නේ යයිද” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පැවසුයේ එක්සත් ජාතික පක්ෂ බද්දේගම කොට්ඨාස බලමණ්ඩල රැස්වීමේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා රැස්වීම සංවිධානය කර තිබිණ.මෙහිදී පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර ප‍්‍රසාදය ගනිමින් මාධ්‍ය නිදහස තහවුරු කර මෙතෙක් කළ සංවර්ධන කටයුතු සහ ජනාධිපතිට සහ අගමැතිට ස්තූතිය පුද කිරීමේ යෝජනා දෙකක් ද සම්මත කරගනු ලැබිණ.රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.‘‘කලකට පසුව බද්දේගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය කැඳවූවා. ශාඛා සමිති විටින්විට පවත්වා පක්ෂයේ වැඩ කටයුතු විග‍්‍රහ කළ යුතුයි. එය බලමණ්ඩල නිලධාරීන්ගේ වගකීමයි.බියගම මන්ත‍්‍රීවරයා ලෙස කටයුතු කරද්දී මා සෑම ශාඛා සමිතියක්ම වසරකට වරක් මුණ ගැසුණා. විටින්විට පැමිණ ශාඛා සමිති මුණ ගැසී අලූත් නිලධාරීන් හමුවී ජනතාවගේ ප‍්‍රශ්න හඳුනාගත යුතුයි. එමෙන්ම ජනතාවට ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ගැන පවසා දැනුම්වත් කිරීමත් ශාඛා සමිතිවල වගකීමයි.බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට ප‍්‍රදේශය බාර දී ඉතා කෙටි කළක් ඇතුළත සංවිධානය ඇති කිරීම පිළිබඳව ස්තූතිය පළ කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉතා දක්ෂ මන්ත‍්‍රීවරයෙකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ  ඕනෑම කටයුත්තකට එතුමා ඉදිරිපත් වෙනවා. බය නැතුව කටයුතු කරනවා. එමෙන්ම මන්ත‍්‍රීවරයෙකු ලෙස පැය 24 ම ප‍්‍රදේශයට වැඩ කටයුතු කරනවා.එතුමාගේ දක්ෂකම් හඳුනාගෙන මේ වගකීමද බාර දුන්නා. ශාඛා සමිති ඇතිකර ඉදිරි මැතිවරණයේදී යක්කලමුල්ල සහ බද්දේගම ප‍්‍රාදේශීය සභා දෙකම ජයග‍්‍රහණය කරවීමට හැකියාව ලැබේ යයි මා විශ්වාස කරනවා.මා මෙහි පැමිණෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී වසර දෙකක් ගත වූ පසුවයි. අප බාර ගත්තේ විශාල ප‍්‍රශ්න ගොඩ ගැසී ඇති රටයි.2014 වසරේ දී රටේ ණය ප‍්‍රශ්නය විසඳීමට නොහැකිව ණය ගෙවීමට මුදල් නැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර පළා ගියා. ණය ගෙවන්න හැකිනම් ඔහු වේලාසනින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.බලයගත් සැණින් සියලූ දේ කරන්න හැකියාව නැති බව දැන ගෙන හිටියා. මුළින්ම කළේ ණය ගෙවීමට පදනම සකසා ගැනීමයි.ඉන් පසුව වසර 10ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ගේ ප‍්‍රශ්න විසඳීමට කාලය යොදවා නිවාස, රැකියා ප‍්‍රශ්න විසඳිය යුතුව තිබුණා. ඒ සැමටම පෙර බලය ගත යුතුයි. ඒ නිසා සියලූ දෙනා එක්වී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය දුන්නා. අප එක්ව මේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීම එහි අරමුණයි.මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුව බිහි කර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කර ගත්තා. පළමු වසර දෙක අතුළත ආර්ථිකයේ ස්ථාවර බව ඇති කළා. ණය ගෙවීමට නොහැකි වූ ලංකාව අසීරුවෙන් හෝ අද ණය ගෙවනවා.තරුණ පරපුරට ණය ඉතිරි කරන්න මට අවශ්‍ය නැහැ. ණය ගෙවීමට පදනම දැමුවත් ගම අමතක කළේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. සියලූම වැඩ කටයුතු ගැන ලැයිස්තුව ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැහැ.එමෙන්ම ගම්මානවල වැඩ කිරීම සඳහා ආධාර උපකාර දුන්නා. හොඳම පාසල ළඟම පාසල වැඩ සටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කළා.වසර දෙක ඇතුළත මේ ප‍්‍රදේශයට පමණක් රුපියල් ලක්ෂ 2400ක සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය පොඩි මුදලක් නොවෙයි. අපට තවත් ණය ගෙවීමට තිබෙනවා.2018 - 2019 වසරවල ගෙවීමට ඇති ණය මුදල් ගැන පැවසුවහොත් ජනතාවට ක්ලාන්තය හැදේවි. ඒ නිසා ඒ මුදල ගැන මා කියන්නේ නැහැ.  ණය ගෙවීමටත් මුදල් සොයා ගත යුතුයි. ණය ගෙවන අතරතුර සංවර්ධන කාර්යය ද සපුරා ගත යුතුයි.මගේ සීයාගේ පරපුර පැමිණියේ මේ ප‍්‍රදේශයෙනුයි. ගාල්ල, කළහේ, බද්දේගම ප‍්‍රදේශවල ඔවුන් ජීවත් වුණා. ඒ 19 වැනි ශත වර්ෂයේදීයි. 19 වැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන වරාය පැවැතියේ ගාල්ලේයි. සියලූම දෙනා පැමිණියේ ගාල්ලටයි.19 වැනි ශත වර්ෂය අවසන් වන විට ගාල්ල වෙනුවට කොළඹ වරයා දියුණුවට පත් වුණා. ගාල්ල පිරිහෙන්න පටන් ගත්තා. ගාල්ලේ ජීවත් වූ අය කොළඹට ගියා. ඒ අනුව මගේ සීයාගේ පවුලේ බොහෝ අයද කොළඹට පැමිණියා. අනෙකුත් අය මෙහිම පදිංචිවී සිටියා.ගාල්ලේ පිරිහීමත් සමඟ එහි පදංචි වී සිටි බොහෝ දෙනා රැකියා සහ ආදායම් මාර්ග සොයාගෙන වෙනත් ප‍්‍රදේශවල පදිංචියට ගියා. දැන් යළිත් දකුණේ විශාල සංවර්ධනය ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිඳව සැලසුම් සකස්කරනවා. බස්නාහිර පළාත තරටමටම ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි.ගාල්ල දියුණු කරනවා නම් යළිත් දියුණු ආර්ථිකයක් ඇති කළ යුතුයි. අප මුලින්ම ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකිරීමට කල්පනා කළේ ඒ සඳහායි. මෙවර අප බලය ගන්නා විට ගාල්ල පමණක් නොව, හම්බන්තොටත් විශාල ප‍්‍රශ්නයකට මුහුණ දී සිටියා.මහින්ද රාජපක්ෂ හම්බන්තොට නැව් නොඑන වරායක් ඉදිකර තිබුණා. එමෙන්ම සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයත්, මත්තල ගුවන් තොටුපළත් ඉදිකර තිබුණා. මේ ඉදිකිරීම් කර තිබුණේ ණය ගෙනයි. නමත් කිසිදු ව්‍යාපෘතියකින් ආදායමක් ලැබුණේ නැහැ.හම්බන්තොට සාර්ථක වරාය ඉදිකිරීමට හැකියාව තිබුණා නම්, සාර්ථක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට හැකියාව තිබුණා නම් මේ ප‍්‍රදේශයේ වඩා ශීඝ‍්‍ර දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබුණා.අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. සූරිය වැව ක‍්‍රීඩාංගණය නම් ගොඩනැගීමට හැකියාව නැහැ. ඒ සඳහා වැය කළ මුදල් ගෙවන්න වෙනවා.මේ අර්බුද පිළිබඳව චීන රජය සමඟ මා නැවත වරක් කතා කළා. ඩොලර් බිලියන 130ක මුදල් චීන රජය හම්බන්තොට වරයාට වියදම් කරලා ඒ මුදලෙන් බිලියන සියයක් නැවත ලංකාවට දීමට ඔවුන් එකඟතාව පළ කළා. එමගින් ණය බර අඩුකර ගැනීමට හැකියි. ඒ මුදල දෙන්නේ ඒකාබද්ධ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාවන එකඟතාව මතයි.අපේ කොටස වශයෙන් රුපියල් බිලියන 30ක් යෙදවීමට එකඟ වුණා. ඒ අනුව වරාය අලූතින් පටන් ගන්නවා. මේ වසර අවසන්වීමට පෙර වරාය බාර ගෙන අලූතින් තවත් ඩොලර් කෝටි 60ක යන්ත‍්‍ර ගෙනැවිත් 2018-2019 වර්ෂ එළැඹෙන විට සම්පූර්ණ වරායක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතුවී මත්තල ගුවන් තොටුපොළ ක‍්‍රියාත්මක කරවීමට සාකච්ඡා කරනවා. ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියි. ඒ ආශ‍්‍රිතව කර්මාන්ත බිහිකිරීම අපේ අරමුණයි.මේ ක‍්‍රියාවලිය නිසා ගාල්ලේ දියුණුවත් තහවුරු වෙනවා. හම්බන්තොට දියුණුවන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප‍්‍රශ්න කරාවි.ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරාය දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත‍්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත‍්‍රික්කය සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩටහන් ක‍්‍රියාත්මක කරනවා.ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප‍්‍රදේශ ආශ‍්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මණින් රැකියා උත්පාදනය කිරීමට හැකියි. ඊළඟ වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.එමෙන්ම වෙළඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප‍්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත්වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත්වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරාය දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතිය තිබෙන නිසයි.කටුනායක සහ බියගම ප‍්‍රදේශවල වෙළඳ කලාප ආරම්භ කිරීම නිසා වසර 10ක් තුළ විශාල දියුණුව ඇති වුණා. වැඩිපුර රැකියා බිහි වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍රකර ගෙනයි. පෞද්ගලික ආයෝජන වැඩිවීමත් සමඟ රැකියා අවස්ථා ද වැඩි වෙනවා.ආණ්ඩුවේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩිවීමට නියමිතයි. නමුත් ඒ රැකියා සඳහා විධිමත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ආයතන දකුණු පළාත කේන්ද්‍රකර ගනිමන් ආරම්භ කරනවා. පුහුණු ආයතන සමඟ එක්ව වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.ගාල්ලේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය යන අංශ දෙකම දියුණු වෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂි කර්මික ආර්ථික රටාවක් ද තිබෙනවා. කෘෂි කර්මාන්ය දියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විදේශයන්ගෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා කුරුඳු වගාව ව්‍යාප්ත කළ යුතුයි. ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි. ඕලන්ද සමයේ මේ ප‍්‍රදේශයේ තේ වගාව තිබුණේ නැහැ. මොරවක ප‍්‍රදේශය දක්වා පැවැතියේ කුරුඳු වගාවයි. තේ වගාව අතහරින්නැයි කියන්නේ නැහැ. තේ වගාවට සුදුසු ප‍්‍රදේශ පිළිබඳව සලකා බලා ඒ වගාව දියුණුකළ යුතුයි. ඒ නිසා නැවත තේ වගා කරන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට අදහස් කරනවා.  තම තේ ඉඩමෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් හෝ අලූතෙන් තේ වගා කිරීම සඳහා වෙන් කරන්නැයි මා යෝජනා කරනවා. ඒ අනුව තේවල තත්ත්වය දියුණු කරන්න හැකියි.තේ නැවත වගාව සහ කුරුඳු වගාව කෙටි කාලීනව ඉදිරිපත් කළ හැකි යෝජනා තිබෙනවා. දැනට මෙතැනින් ආරම්භ කරමු. තවත් අලූත් භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන්, කර්මාන්තවලින්, කෘෂි කර්මාන්තයෙන් දියුණුව ඇතිකර ඉදිරියට යමු. ඒ අනුව ගාල්ල නැවතත් දියුණු යුගයකට පරිවර්තනය කරමු.එදා එක් වරායකින් පමණක් දියුණු වූ ගාල්ල අද අප වරායන් දෙකකින් දියුණුවට පත් කරනවා. එදා ගුවන් තොටුපොළ නොතිබූ ගාල්ල අද ගුවන් තොටුපොළ දෙකකින්  දියුණුවට පත් කරනවා.ගාලූ නරගය පමණක් නොව, මුලූ ගාල්ල දිස්ත‍්‍රික්කයම එලෙස දියුණුවට පත්කිරීමට නියමිතයි. සියල්ලම කර අවසානයේ සංචාරක ව්‍යාපාරය මෙහි ගෙන ඒමට පියවර ලෙස සිංහරාජ සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්ම කරනවා.හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප‍්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් දියුණුව ඇතිකර සිංහරාජ වනාන්තරය ද ආරක්ෂාකර ගනිමින් සංචාරක මාර්ගය බිහි කරනවා.ඒ සමඟම අධ්‍යාපනය දියුණු කිරීමටත්, අලූත් වැඩසටහන් තිබෙනවා. එසේ නම් අප ගාල්ලට අනාගතයක් අතිකරනවා. ගාල්ලේ අනාගතය 19 වැනි ශත වර්ෂය අවසානයේ නැති වුවත්, 21වැනි ශත වර්ෂයේ ජාතික ආණ්ඩුව යටතේ නැවත ඒ අනාගතය දීමට කටයුතු කරනවා.ඊට දායක වීම සඳහා මටත් අවස්ථාව ලැබීම ගැන සතුටට පත් වෙනවා. ගාල්ලේ ඇමැතිවරුනුත් මේ වැඩ කටයුතු සඳහා විශාල සහයෝගයක් දෙනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා එකම සංවර්ධන තීරුව ක‍්‍රියාත්මකයි. මහනුවර නගරය දියුණු කිරීම පිළිබඳව ජපානය සමඟ සාකච්ඡා කරනවා. අනාගතයේ දී කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා.මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල, හලාවත ප‍්‍රදේශ දියුණුවට පත්වෙනවා. කළුතර වෙළෙඳ කලාපය ඇරැඹීම සඳහා අක්කර 800ක් වෙන් කළා. ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මකයි. ඊළඟ වසර දහයේ දී ගාල්ලට විශේෂ තැනක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.විශාලතම අඩුපාඩුවක් වී ඇත්තේ වසර දෙකක් තිස්සේ කළ සංවර්න වැඩ කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් නොකිරීමයි. ඒ නිසා කළ සංවර්ධන කටයුතු පිළිබඳ පණිවුඩයද ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන්නැයිද” රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් ඉල්ලීය.එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධානයේ සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා : ”ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කළ යුතු දේ වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ආණ්ඩුව පිහිටුවීම සඳහා කළ හැකි සියල්ල කළා. ගාල්ලෙන් ඡුන්ද දෙලක්ෂ අසූ දහසක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රීවරුන් හතර දෙනෙකු පත්කර ගත්තා.ඉදිරි පළාත් පාලන ඡුන්දයේදී වාද භේද දුරලා ජයග‍්‍රහණය සඳහා කටයුතු කළ යුතුයි. සෑම ගමකටම ලක්ෂ 10 බැගින් වන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වුණා. ලක්ෂ 2400ක වැඩ සෑම ග‍්‍රාම සේවා වසමකම වී තිබෙනවා. අප කළ සංවර්ධන වැඩ පෙන්වන්න නම් වෙනම රූපවාහිනී නාළිකාවක් අරඹන්න සිදු වේවි.ගාල්ල දිස්ත‍්‍රික්කයේ මාර්ග 181ක වැඩ දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරනවා. මෙවැනි වැඩ කොටසක් කළ තවත් රජයක් නැහැ. ඒ අනුව ගාල්ලේ පළාත් පාලන ආයතන සියල්ලම අප ජයග‍්‍රහණය කරනවා. නායකයා පෙන්වූ මාර්ගයේ යමු. අපට හොඳ තැනකට යන්න අවස්ථාව ලැබෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා : ”දිගු කළකට පසුව ජවසම්පන්න බලමණ්ඩලය බද්දේගමට ලැබිලා. 2020 දක්වා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න නොහැකි බව බොහෝ අය පුරසාම් දෙඩුවා. ඉන් පසුව නාමල් යුගය අරඹනවා යයි 2014 වසරේ දී ඇතැම් මාධ්‍ය ප‍්‍රචාර ගෙන ගියා. එවිට අපේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුයේ කුමක්ද? එතුමා කියා සිටියේ 2015 වන විට ආණ්ඩුව ගන්නා බවයි. එය සැබෑවක් බවට පත් කිරීමට එතුමා ක‍්‍රියා කළා.ජනප‍්‍රිය දේ නොව, ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අගමැතිවරයාගේ පිළිවෙතයි. ඉදිරියේදී ගමේ පාලනයද එක්සත් ජාතික පක්ෂය සතුකර ගන්නවා. පිපෙන්නේ නැති පොහොට්ටුවලට බලය දී කතා පවත්වමින් ඉන්නවා ද, ආණ්ඩු බලය ඇති පක්ෂයට ඡුන්දය  දී ගමට වැඩක් ගන්නවාද කියා ජනතාව නිවැරදි තීරණයක් ගන්නවා.”එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත‍්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, බද්දේගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.මේ අවස්ථාවට ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සහ කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත‍්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුනිල් සේනානයක යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නියෝජතයෝ රැසක් සහභාගී වූහ.
ආපදා ප්‍රදේශ ගොඩනගන්න මුදල් සොයා අවසන්
0
hp_train_0062
(නිමල කොඩිතුවක්කු)“වත්මන් රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයා බැලූ කිසිදු ආණ්ඩුවක් නැති බවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා වැඩිකරමින් රාජ්‍ය සේවකයාට අභිමානයෙන් තම වෘත්තීය කරගෙන යාමට අවස්ථාව වත්මන් රජය උදා කළ බවත්” එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.රාජපක්ෂ පවුල අවුරුදු 10ක් තිස්සේ රාජ්‍ය සේවකයන්ට කළ දෙයක් නැතැයි පැවසූ අග්‍රාමාත්‍යවරයා, නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කිරීමෙන් වත්මන් රජයේ වැඩපිළිවෙළ ඉදිරියටම ගෙනයා හැකි වෙතැයි සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹ පදනම් ආයතනයේ පැවති ‘අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානය’ කැඳවා තිබූ හමුවේ ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමිනි. අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානය සකස් කළ යෝජනාවලිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එහිදී භාර දෙනු ලැබිණි.වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.“පසුගිය වසර පහ තුළ අපේ ආණ්ඩුව සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ මුදල තරම් මුදලක් මෙයට පෙර කිසිම ආණ්ඩුවක් වියදම් කර නැහැ.ළඟම පාසැල-හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් 9000කට පහසුකම් සපයලා. අද පාසැල් ගුරුවරුන් සම්පූර්ණයෙන්ම පුහුණුව ලැබූ අයයි. ඒ වගේම පාසල්වලට අවශ්‍ය විද්‍යා ගුරුවරුන් දීමට අප පියවර ගත්තා. සුරක්ෂා රක්ෂණය සිසුන්ට දුන්නා. ගුරුවරුන්, විදුහල්පතිවරුන් පත්කිරීම, උසස් කිරීම අද දේශපාලනයකින් තොරව විධිමත් ක්‍රමවේදයක් යටතේ කරගෙන යනවා.දැන් අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනය පවත්වා ගෙන යනවා. සමහර පාසල්වල උසස් පෙළ සඳහා තිබෙන්නේ කලා විෂය පමණයි. ඒ පාසල්වලට විද්‍යා ගුරුවරුන් දෙමින් යනවා. දැනටමත් පාසල්වලට පරිගණක, ටැබ් යන්ත්‍ර දෙමින් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා.ඒ වගේම විශ්වවිද්‍යාල සඳහා වෛද්‍ය පීඨ ආදී පීඨ අලුතින් ආරම්භ කරගෙන යනවා. 44,000කට අලුතින් හොස්ටල් පහසුකම් දීලා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, දීමනා වැඩි කර තිබෙනවා. විශ්‍රාම වැටුප් වැඩි කළා.අප මේවා කළේ ඉතාම අසීරු යුගයකයි. අප රට භාර ගත්තේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබියදීයි. ණය බරින් රට මිරිකී හිටියා. ණය වාරික ගෙවන්නවත් රටට ණය දෙන්න කවුරුත් එදා ඉදිරිපත් වුණේ නැහැ. ණයක් ගන්න බැරි ව්‍යාපාරයක් කියන්නේ බංකොළොත් ව්‍යාපාරයක්. අපට පළමුවෙන්ම තිබුණේ මේ ප්‍රශ්න විසඳා ගන්නයි. ණය ප්‍රශ්නය විසඟ ගන්න ගමන් වැටුප් වැඩි කරන එක, සහන දෙන එක, සමෘද්ධිය ලබා දෙන එක අප නැවැත්තුවේ නැහැ. අවුරුදු දෙක තුනක් අමාරුවෙන් ආර්ථිකය ගෙන ගියා.ආර්ථිකය කඩා වැටිලා. මේකට වගකියන්න ඕනෑ රාජපක්ෂ රෙජීමය නිසා මේකට මුකුත් කරන්න බැහැ කියන වචනය මා රටට කිව්වේ නැහැ. අප කිව්වේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ආධාර උපකාර දෙනවා කියලයි. අද රට විදියට වැඩක් කරගෙන යන්න පුළුවන්, ණයක් ගන්න පුළුවන් විශ්වාසය මා තහවුරු කළා. මේ තත්ත්වය මදියි. මේ කටයුතු කරන ගමන් ණය ගෙවන්න ඕනෑ. තව පරම්පරාවකට ඒ ණය ගෙවන්න ඉඩ දෙන්න මට බැහැ.විශාල සංවර්ධන ආර්ථිකයට අප සූදානම් වෙමින් සිටිනවා. අප රට භාර ගනිද්දී නැව් නැති වරායක් හම්බන්තොට තිබුණා. දැන් වරාය අධිකාරියයි චයිනා මර්චන්ට් සමාගමයි එකතුවෙලා අලුත් වරාය ඇති කරලා. ඒ කුලියෙන් ණය වාරික ගෙවනවා.වරායෙන් ලාබ ලබන්න වසර 10ක් යනවා. අන්න එහෙම සුදු අලියෙකුයි අපට භාර දුන්නේ. දකුණු අධිවේගී මාර්ගය මාතර ඉඳන් හම්බන්තොටට ඉදිකරගෙන යනවා.මත්තල ගුවන්තොටුපළෙහි මොනරුන් විතරයි හිටියේ. තවමත් ගුවන් යානා එන්නේ නැනැ. අපේ ගුවන් සේවා අධිකාරියත්, ඉන්දියන් අධිකාරියත් එකට එකතු වෙලා ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. එතන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තිබෙනවා. අප කොච්චර උත්සාහ කළද ක්‍රිකට් ක්‍රීඩකයන් එතෙන්ට එන්නේ නැහැ. එන්නේ වල් අලි විතරයි. එතන සම්මන්ත්‍රණ ශාලාවක් ද තිබෙනවා. සම්මන්ත්‍රණ පවත්වන්න කොච්චර උත්සාහ කළද ඒක වහලාමයි තියෙන්නේ.  මේ වගේ සුදු අලි භාර දීල ගියාද මා බැලුවේ රටේ දියුණුව ඇති කරන්නයි. මහනුවර ඉඳන් කොළඹට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිවෙනවා.කොළඹ වරාය තවත් දියුණු කරමින් දකුණු වරායෙන් පසු උතුරු වරායට යන්න දැන් සැලසුම් හදාගෙන යනවා. මත්තල ක්‍රියාත්මක කරගෙන යනවා. එහෙම නම් ගුවන්තොටුපළ දෙකක් සහ වරාය දෙකක් සහිතව විශාල දියුණුවක් රටේ ඇති වෙනවා. ඒ දියුණුව මහනුවර වෙනකම් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි අදියර ලෙස එතන ඉඳන් දඹුල්ලටත්, දඹුල්ල සිට ත්‍රිකුණාමලයටත් සැලසුම් හදා අවසානයි. ඒ වගේම කර්මාන්ත කලාප කිහිපය හදන්න අප සැලසුම් කළා.  දැනටමත් බිංගිරියෙන් අක්කර දාහක් ගෙන තිබෙනවා. හම්බන්තොටින් අක්කර දහදාහක් ගත්තා. දකුණු ආසියාවේ විශාලතම ආර්ථික කලාපය ඒ අනුව බිහි වෙනවා.මෙයට අමතරව කළුතර, අවිස්සාවේල්ල කලාපයෙන් තව ඉඩම් ගන්න යනවා. සංචාරක කලාප හයක් නම් කරලා. මේ සැලසුම් ඉදිරියට ගෙනයනවද? නැද්ද කියා ඔබ තීරණය කරනවා.රාජපක්ෂවරුන් එදා කළේ හමුදා මූලස්ථානය ෂැංග්‍රිලා එකට දීපු එක විතරයි. අද රට මුදල් උපයා ගන්නවා, කර්මාන්ත උපයාගන්නවා. සංචාරක ව්‍යාපාරය ඇති කරලා. ඒ වගේම තොරතුරු තාක්ෂණය දියුණු කරන්න විශාල ව්‍යාපාරයක් ගෙන යනවා. අලුත් ආදායම් මාර්ග ඇති කර තිබෙනවා. මූල්‍ය නගරය ද ඇති කළා.මේ කටයුතු තව ඉදිරියට ගෙන යන්න නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්න කියා මා ඉල්ලා සිටිනවා. මේ දේවල් කරන්න රාජපක්ෂ පවුලට අවුරුදු 10ක්ම තිබුණා. ඔවුන් කළ දෙයක් නැහැ. ණය නම් ගත්තා. අධ්‍යාපනයට සෞඛ්‍යට වැය කරන මුදල් පවා එදා අඩු කළා. අපි මේක වෙනස් කළා. ආර්ථික, සමාජ අංශය දියුණු කළා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. දැන් මේ ත්තත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න හංසයා ළඟින් කතිරය ගහලා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න කියා ඉල්ලීමක් කරනවා.” යයිද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා :“පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින්, මාධ්‍යවේදීන් මර්දනය කරමින් කටයුතු කළා. ඒ යුගයේදී මාධ්‍යවේදීන් කී දෙනකුට ජීවිත අහිමි වූවාද? මාධ්‍යවේදීන් කී දෙනකුගේ අතපය අහිමි වූවාද. මහින්ද රාජපක්ෂ පාලනය කළ මාධ්‍ය මර්දනයද අප ජයග්‍රහණයට බලපෑවා.2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහස දුන්නා. අප දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. අද මාධ්‍යයට අප දුන් නිදහස පාරාවලලක් බවට පත්වෙලා. අපේ රජය රාජ්‍ය සේවකයන්ගේ, විශ්‍රාමිකයන්ගේ වැටුප් දීමනා වැඩි කළා. ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කළා. රණවිරු සුබසාධනය වැටුප් වැඩිකර තිබෙනවා. හෙද පීඨ ඇති කරමින්, රෝහල් පහසුකම් වැඩි කරමින්, සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපනයටත් විශාල සේවයක් කිරීමට අපේ රජයට හැකි වුණා”යයිද ඔහු එහිදී පැවැසීය.අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා :“රට වෙනුවෙන්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අප දිගින් දිගටම පෙනී සිටියා. වෘත්තීය සමිති නියෝජිතයන් ලෙසත් පුරවැසියන් ලෙසත්, පැවති දුර්දාන්ත පාලනය පලවා හැර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට අපට හැකි වුණා.සමහරුන් වෙනස සැපද අහනවා. අපට වෙනස සැපයි. ඒ වෙනස නිසා අද ජනතාවට මර බියෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමට හැකිවුණා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරමින් ඒ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් තහවුරු කිරීමේ අවස්ථාව දැන් හිමිවී තිබෙනවා” යයිද ඔහු එහිදී පැවැසීය.මේ අවස්ථාව සඳහා අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානයේ නියෝජිතයන් ඇතුළු පිරිස එක්ව සිටියහ. 
“අපේ රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයාබැලූ කිසිදු ආණ්ඩුවක් නෑ“
1
hp_train_0063
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 13 ක් යළි එරටට භාර දුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.  මෙම ට්‍රෝලර් යාත්‍රා කරෛයිනගර්, ශ්‍රී ලංකා නාවික නෞකා එළාර සහ නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික ‍නෞකා බුවනෙක ආයතනයෙහි කිරන්චි අනුඛණ්ඩයට අයත් ජැටියන්හි නැංගුරම් ලා තිබූ අතර, එම ධීවර යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දි  ඉංජිනේරුවන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ එම කටයුතු සිදු කිරීමෙන් පසු එම යාත්‍රා ගමන් ඇරැඹිය.එම ට්‍රෝලර් ධීවර යාත්‍රා භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් එක් විය.කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අමේයා’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි. (36698)
අත්අඩංගුවේ තිබූ තවත් ට්‍රෝලර් යාත්‍රා 13 ක් ඉන්දියාවට
1
hp_train_0064
2011 දී ගෘහ සේවිකාවක ලෙස සිංගප්පූරුවට ගිය ශ්‍රී ලංකා තරුණියක් ඉන් වසර පහළොවකට පමණ පසුව සාර්ථක ව්‍යාපාරිකාවක් බවට පත්වී ඇතැයි  සිංගප්පූරුවේ පළවන ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත කියයි.සිය දෙමාපියන්ගේ වියෝවෙන් පසු අනාථ නිවාසයක වාසය කළ නිලූෂිකා ජයවීර (36) දිරිය තරුණිය මුලින්ම සිංගප්පූරුවට පිවිසෙන්නේ සිය ජීවිකාව පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහායි.නමුත් ඇය සිය දිවිය නව මානයකට යොමු කරමින් සිංගප්පූරුවේ ව්‍යාපාරිකාවක බවට පත්වූවාය. එසේම ඇය සිංගප්පූරුවේ විවිධ අවස්ථාවලදී  ධනාත්මක චින්තනය පිළිබඳ හා ව්‍යවසායික ක්ෂේත්‍රයන් හි දේශනද පැවැත්වූවාය. නිලූෂිකා ශ්‍රී ලංකාවේ තේ වතුවලින් ලබාගන්නා තේ ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නීය. එසේම ඇයට ඒ සඳහා 500ට අධික ජාත්‍යන්තර ගැනුම්කරුවෝ සංඛ්‍යාවක් සිටිති.සිංගප්පූරුවේ පැවැති ටී.ඊ.ඩී නම් වැඩසහටනකදී ඇය සිය ජීවිත කතාව පිළිබඳව දැක්වූ අදහස් සිංගප්පූරු මාධ්‍ය ඉහළ වටිනාකමකින් වාර්තා කළේය.මෙම වැඩසටහනේ දේශකයන් ලෙස නිලූෂිකාට අමතරව ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් වන බිල් ගේට්ස්, හිටපු ඇමෙරිකා උප ජනපති අල් ගෝ හා පර්යේෂක ජේන් ගුඩාල් සහභාගිවී සිටියහ.දෙමාපියන්ගේ වියෝවෙන් පසුව තම කුඩා සහෝදර සහෝදරියන් සිවු දෙනකු ජීවත් කරවීමට ඇය තෝරා ගන්නේ සිංගප්පූරු ගෘහ සේවයයි. සිංගප්පූරුවේ ගත කළ කාලයේදී ඇය අයිඩා නම් රාජ්‍ය නොවන සංවිධානයකට එක්ව තම මුදල් කළමනාකරණය කරගන්නා අයුරු හා ව්‍යාපාරයක් ආරම්භ කරන අයුරු ඉගෙන ගත්තාය.සිය දැනුම වර්ධනය කරගැනීමට ඇය මූල්‍ය සාක්ෂරතාව, ව්‍යාපාර  හා නායකත්ව ගුණාංග පිළිබඳව හැදෑරීම් කළාය. ඉන් අනතුරුව ඇය සිය සැමියා සමග එක්ව ක්‍රමයෙන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කළාය.ඇය ශ්‍රී ලංකාවේ සිටින ගැමි කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ද කටයුතු කළාය. ඒ සඳහා ඇය රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ඇති අතර ඒ හරහා ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය පිළිබඳව කාන්තාවන්ට උගන්වන්නීය. එසේම දුප්පත් දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමට ද උදව් කරයි.
මෙහෙකාරකමට ගිහින් ලොවම දිනයි
1
hp_train_0065
(නිශාන්ත කුමාර) ගංජා හා අබිං මිශ්‍ර  මත් ගුලි  රැගෙන බිබිල මහියංගණ මාර්ගයේ ත්‍රි රෝද රථයකින්  යමින් සිටි තරුණයින් සිව්දෙනකු අද (11) උදෑසන එම මාර්ගයේ ගුරුමඩ ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට  ගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසයි. අත්අඩංගුවට පත්ව ඇත්තේ මොනරාගල ප්‍රදේශයේ  අවුරුදු  22-28  වයස්වල පසුවන තරුණයින් සිව්දෙනෙකි. මොනරාගල සිට මහියංගණය බලා ගමන් ගනිමින් සිටියදී මොවුන් අත් අඩංගුවට ගෙන ඇත. තරුණයින් සිව් දෙනා අද (11) මහියංගන මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමට නියමිතය.  රිදිමාලියද්ද පොලිසිය   වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මත්ගුලි සමඟ 4ක් අත්අඩංගුවට
1
hp_train_0066
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)සිය මවට අසනීපයක් සැදී ඇතැයි පවසා පෙම්වතියගේ කරේ පැලඳගෙන සිටි රන් මාලය ඉල්ලාගෙන ගොස් උකස් කර හෙරොයින් පානය කර ඇතැයි කියන තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 23 හැවිරිදි තරුණයෙක් පදිංචිව සිටියි. මෙම තරුණයාගේ මව්පියන් කුලී වැඩ කරන අතර තරුණයා උසස් පෙළ විභාගයෙන් අනතුරුව හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව වාර්තා වෙයි. දැනට මෙම තරුණයා රැකියාවක් නොකරන අතර මව්පියන් හරි හම්බ කරන වැටුපෙන් මුදල් බලහත්කාරයෙන් හෝ සොරකම් කරගෙන ගොස් හෙරොයින් පානය කරයි.මෙම තරුණයා අල්ලපු ගමේ තරුණියක සමග වසරක පමණ කාලයක සිට සම්බන්ධතාවක් ද මව්පියන්ට හොර රහසේ පවත්වාගෙන ද යයි. තරුණියගේ මව්පියන් සිය දියණිය කුඩු කාරයෙක් සමග සම්බන්ධතාවක් පවත්වන බව දැනගෙන ඇති අතර අවස්ථා ගණනාවකදීම එය නතර කරන ලෙස දැන්වුවද තරුණිය සම්බන්ධතාව අතහැරියේ නැත.තරුණයාට හෙරොයින් පානය කිරීමට මුදල් සොයා ගැනීමට නොහැකි වූ අවස්ථාවක පෙම්වතිය මුණ ගැසීමට ගොස් තිබුණි. එහිදී තරුණයා පවසා ඇත්තේ තම මව හදිසියේ අසනීප වූ බවත් පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාදීමට මුදල් නැති බවත් ප්‍රකාශ කළේය. සිය මව අසනීපයෙන් සිටින අයුරු තමාට බලාසිටිය නොහැකි බවත් පුළුවන්කමක් තියෙනවා නම් කරේ දාගෙන ඉන්න මාලය තමාට දෙන ලෙසත් අම්මා පඩි ගත්තහම ඉක්මනට බේරා දියහැකි බව තරුණයා පැවසීය.පෙම්වතාගේ බැගෑපත් ඉල්ලීම ඉවත නොදැමූ තරුණිය වහාම කරේ දමාගෙන සිටි මාලය ගලවා දී ඇති බව ද වාර්තා වෙයි. පසුව තරුණයා විදුලි වේගයෙන් දිවගොස් ගමේ තරුණයන් තිදෙනකු සමග ත්‍රිරෝද රථයකින් කෑගල්ල නගරයට ගොස් මාලය රුපියල් 55 000 ට උකස් කර හෙරොයින් ද ගෙන පානය කර රාත්‍රියට රයිස් කොත්තු කා ඇති බව ද වාර්තා වෙයි.පසුව තරුණිය රන් මාලය පිළිබඳ පෙම්වතාගෙන් ඉකුත් දිනක දී විමසා සිටි අවස්ථාවක තරුණයා සම්පූර්ණ සිද්ධිය තරුණිය හමුවේ දිග හැර ඇති බව වාර්තා වෙයි.  
මනාලිය උස වැඩිවී පෙම්වතා මාරු වෙලා
0
hp_train_0067
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27 වැනිදා) තහවුරු කරයි.ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මියගිය පිරිස අතර කාන්තාවක් සහ පිරිමි හය දෙනෙක් වෙති.මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 146 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.50 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 350 කි.  
තවත් කොරෝනා මරණ 4 ක්
0
hp_train_0068
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, සාමිමලේ, ඕල්ටන් තේවතුයායේ  තේදළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (6) බඹරු ඇනීමෙන් සිව් දෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.රෝහල් ගත කරන ලද තුවාලකරුවන්ගෙන් තිදෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.බඹරු ඇනීමෙන් බරපතල තත්වයේ සිටි අයෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මස්කෙළිය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.තමන් තේ වතුයායේ, දෛනික වැඩ මුරයේ තේ දළු නෙළමින් සිටියදී තේ පඳුරක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා සිටින වතුකම්කරුවන් පවසයි.
බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් පිරිසකට තුවාල
0
hp_train_0069
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.ගිගුරුම් සහිත වැසි සේම ඇතිවිය හැකි තාවකාලික තද සුළං ද ඇති වේ. 
‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘
0
hp_train_0070
(ඩී.කේ.රත්න)හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14)  සභා සම්මත විය.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක්  ද විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් අරුණ රංජන මහතා සභා ගැබේ නොසිටියේය.හපුතලේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු හතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පහක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හතකගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතය.
අ’පුර මහ නගර සබේ අයවැයත් සම්මතයි
0
hp_train_0071
(අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ හාරිස්පත්තුව මොහොමඞ් ආසික්)“නායකත්වය යනු ජනතාවට බලපාන ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දීම මිස ප්‍රශ්න අනුන්ගේ කර මත පටවමින් පැන යෑම නොවේ” යයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හාරිස්පත්තුවේදී පැවැසීය.ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට තමා ජනතා ප්‍රශ්න හඳුනා ගනිමින් ඊට විසඳුම් දීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර තිබෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා ඒ ප්‍රතිපත්ති මාලාව කියවා තීරණය ගන්නා ලෙස මුළු රටටම ආරාධනා කරන්නේ යයි ද සඳහන් කළේය.හාරිස්පත්තුව ජන රැලියට අමතරව මෙදින සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් කුණ්ඩසාලේ, තෙල්දෙණිය, තලාතුඔය, හඟුරන්කෙත සහ වලපනේදී ජනරැලි පැවැත්විණි.ජන රැලි අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීිවේය.සුළු අපනයන භෝග වන සාදික්කා, කරාඹු නැටි, ගම්මිරිස් වගාවලින් ප්‍රදේශයේ බොහෝ දෙනෙකු ජීවිකාව කරගෙන යනවා. රටේ හැම භෝගයකටම ආයතන දෙපාර්තමේන්තු තිබුණද සුළු අපනයන භෝග සඳහා අපේ රටේ එකම රාජ්‍ය ආයතනයක්වත් නැහැ.ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ලංකාවේ සුළු අපනයන භෝග වගාකරුවන් වෙනුවෙන් වෙනමම අධිකාරියක් පිහිටුවනවා. ගම්මිරිස්, සාදික්කා, කරාඹු නැටි වැනි භෝගවලට සහතික මිල දීලා මේ කර්මාන්ත කරගෙන යන සියලු දෙනාගේ ජන ජීවිතය ශක්තිමත් කරනවා.රටේ ආහාර අවශ්‍යතාව ගොවි පරපුරෙන් පමණක් සපයා ගන්නට අපි සැලසුම් සකස් කරනවා. පිටරටින් රටට භව බෝග ආනයනය කරන්න අවශ්‍ය නැහැ. රට තුළින්ම දේශීය ඉල්ලුමට සැපයුම සකසන්න පුළුවනි. ඉන් නතර නොවී අතිරික්තය අපට පිටරට යවන්න පුළුවනි.මෙරට නිපදවිය හැකි දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු පවා පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු මෙරට වගා කරන්න බැරිද? රටක් ලෙස අපට බැරිද, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය කටුවැල්බටු මෙරට හදන්න. අපට ඇත්තටම පුළුවනි.කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ හැම වගාවක්ම ඉහළට ගේනවා. ඒ සැලැස්ම තුළ වී වගාව, එළවළු පලතුරු වගාව, ගොඩ භෝග වගාව, සුළු අපනයන භෝග වගාව, තේ- පොල්-රබර් වගාව යනාදී හැම වගාවකටම 16 වැනිදා ජයග්‍රහණයත් සමඟ නොමිලේ පොහොර දෙනවා.මෙරට ඉතිහාසයේ කිසිම දවසක මහා වගා ව්‍යාපෘතිය වෙනුවෙන් නොමිලේ පොහොර දී නැහැ. නමුත් මා ඒ යුතුකම ඉටු කරනවා. යුතුකම ඉටු කරන්නේ රටේ ජාතික ආහාර විප්ලවය ක්‍රියාත්මක කරන්නයි.මේ ප්‍රදේශයේ පවතින ජල ප්‍රශ්නයට විසඳුම් දෙන්න වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. රටේ ජනාධිපති ලෙස ජල ව්‍යාපෘතිය විවෘත කරන්න මා එනවා.කළුගල් කර්මාන්තය, රතිඤ්ඤා ආශ්‍රිත ව්‍යාපාර විවිධ ප්‍රශ්න නිසා චක්‍ර ලේඛ හරහා පැනවූ නීතිරීති රෙගුලාසි තුළ මේ කර්මාන්තවලට අගතියක් වූවා.ජනාධිපති ලෙස මා වගකීම් බාර ගත්තාට පසු තිබෙන්නා වූ සීමා ලිහිල් කර පරිසරයට අහිතක් හානියක් නොවන ලෙස කළුගල් කර්මාන්තයත්, රතිඤ්ඤා කර්මාන්තයත් නඟාසිටුවන්න කටයුතු කරනවා.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවහම ජනතාවට මා ඉදිරිපත් කළ වැඩසටහන ගැන අවබෝධය ලැබෙනවා. දුප්පත්කම නැති කරන සමෘද්ධි ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර ඊට වැඩි වැඩියෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. සැමදා අප දුප්පත්කම ගැන කතා කරකර ඉඳලා වැඩක් නැහැ. දුප්පත්කමින් මිදෙන්න ශක්තිමත් කෙටි කාලීන විසඳුමක් අවශ්‍යයි.මෙරට පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුම් දිවා ආහාර දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතායි. මගේ ප්‍රතිවාදී දේශපාලන කල්ලිය පාසල් දරුවන්ගේ දිවා ආහාරය අහෝසි කළා. තුන් ආකාරයකින් පාසල් දූ දරුවන් 44 ලක්ෂයකට දැවැන්ත වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා.දැනුම මත කේන්ද්‍ර වූ ආර්ථිකය බිහිකරන අතර ජන සමාජයේ උගතුන්-බුද්ධිමතුන් බිහිකරන්න මා කටයුතු කරනවා. මෙරට ජනතාව 16 වැනිදාට පොඩි මිනිහගේ යුගය බිහි කරනවිට පාසල් දරුවන් 44 ලක්ෂයටම නිල ඇඳුම් දෙකයි, දිවා ආහාරයයි, සපත්තු කුට්ටමයි දෙනවා.රටේ යොවුන් පරපුරට හොඳ අනාගතය අවශ්‍යයි. ඒ වෙනුවෙන් විශේෂිත වූ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි කර්මාන්තපුර ආරම්භ කරනවා.මේ හාරිස්පත්තුව ආසනයට කර්මාන්ත පුර 3 ක් දෙනවා. එමගින් රැකියා නැති තරුණ තරුණියන්ට ගමේම නගරයේම ඉඳගෙන රැකියා කිරීමේ අවස්ථාව උදා වෙනවා.ඩිජිටල් විප්ලවය ක්‍රියාත්මක කරන්න යෞවන-යෞවනියන් කැමැත්ත දක්වනවා. තමන්ගේ අයි ෆෝන්වලින් වට්ස් ඇප්, පණිවුඩවලින්, වයිබර් ට්විටර් පණිවුඩවලින් මුළු ලෝකයම ඉදිරියට යන ආකාරය ඔබ දකිනවා. අපේ තරුණ තරුණියන්ටත් ලෝකයේ ක්‍රියාත්මක වන ඩිජිටල් විප්ලවය අපේ රටේ මහපෙළොවේ ක්‍රියාත්මක කරන්න තරුණ ඔබට අවශ්‍යයි. ඒ නිසා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නව තාක්ෂණ විද්‍යාලයක් හදන්න මා කටයුතු කරනවා.මෙරට 25%ක් වූ යොවුන් සම්පත වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන්නේ හංසයාගෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාසයි.කාන්තාවන් වෙනුවෙනුත් මා වැඩපිළිවෙළක් දියත් කළා. මෙරට සීයට 51.8 ක් වන කාන්තාවන් වෙනුවෙන් කාන්තා ප්‍රඥප්තියක් අපි ආරම්භ කළා. තරුණයන් වෙනුවෙන් තරුණ ප්‍රඥප්තිය මා ඇති කළා.කාන්තා ප්‍රඥප්තිය තුළ කාන්තා පරපුරේ ආර්ථික-සමාජීය-දේශපාලන අයිතිවාසිකම් මෙන්ම කාන්තාවට දියයුතු සැලකිල්ල ශක්තිය සියල්ලක්ම ඇතුළත් කළා. මෙරට දරු පරපුර රැක ගන්නේ කාන්තාවයි. කාන්තාව අරපිරිමැස්මෙන් ගෘහයේ ආර්ථිකය කළමනාකරණය කරගෙන මෙරට ජීවය- ප්‍රාණය බවට පත්ව සිටිනවා.ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා කරන කාන්තාවන්ගේ නිෂ්පාදන පිටරට යවලා විදේශ විනිමය අතිවිශාල ප්‍රමාණය මෙරටට ගේනවා. මැදපෙරදිග හා අනෙක් රටවල විදේශ සේවයට යන සහෝදරියන්-මව්වරුන් රටට වැඩිම විදේශ විනිමයක් රැගෙන එනවා. ඒ නිසා මා කාන්තා පරපුර වෙනුවෙන් වෙනම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරනවා.මට ඕනෑම විවේචනයක් දරා ගන්න ශක්තිය ජවය-තියෙනවා. නමුත් මට දුක මගේ ප්‍රතිවාදියාට මෙරට කාන්තාවන් මුහුණ දෙන ගැටලු ගැන අබමල් රේණුවක දැනුමක්, අවබෝධයක් නොතිබීම ගැනයි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ මගේම සංකල්ප විතරයි. එයින් ටිකක් මා මෙතන කිව්වෙ. ඉතින් මේ කාරණා ගැන වාදයට එන්න කියා මා ප්‍රතිවාදියාට ආරාධනා කළා. මොකද, මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන දේ මා දන්නවා. මේවා මට වෙන කව්රුත් ලියා දුන්නු ඒවා නොවෙයි.රටට වින කරන, රට විනාශ කරන පරදේසක්කාර බලවේගවලට දේශීය සංස්කෘතිය ගැන නොදන්න දූෂිත කම්බහොරුන්ට තනතුරු දෙන පත්වීම් ලිපියට අත්සන් කරන්නේ නැතැයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-ආණ්ඩුව කරන්න නොහැකිව 2015 වසරේදී පැනගිය කල්ලිය නැවත බලය ඉල්ලාගෙන ඇවිත් ඉන්නවා. ඒ යුගයේදී ආර්ථික සම්බාධක පවා පැනවීමට ජාත්‍යන්තරය සූදානමින් සිටියා. රාජපක්ෂ වසර දෙකකට පෙර එදා මැතිවරණය පැවැත්වූයේ ඒ නිසයි.ඇමරිකා පුරවැසියන් වූ අය මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන කතා කරනවා. බිය විය යුත්තේ රටට ආධාර ලැබෙන ගිවිසුම් ගැන නොව ඇමරිකන් පුරවැසියන් මැතිවරණයට ඉදිරිපත්වීම ගැනයි.එක්සත් ජාතික පක්ෂ හාරිස්පත්තුව ප්‍රධාන සංවිධායක තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා:-වාද භේද ඉවතලා මේ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජනපති බවට පත් කළ යුතුයි. සජිත් ප්‍රේමදාස මෙන්ම එතුමාගේ පියාණන් කළ මෙහෙවර ගැන ජනතාව හොඳින් දන්නවා.තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ, නගර සැලසුම් සහ ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුද අදහස් දැක්වූහ.විශාල ජන ගංගාවක්  රැලිවලට සහභාගිවී සිටියහ.
“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“
1
hp_train_0072
(හර්ෂණ තුෂාර සිල්වා, ගෝනාපීනුවල දයාසිරිල් ධම්මික සහ ගාල්ල සිරංගිකා ලොකුකරවිට)“ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩු වූ වහාම එහි සහනය කෙලින්ම ශ්‍රී ලාංකේය ජනතාවට දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හික්කඩුවේදී පැවසීය.“ජාතික ආණ්ඩුව පසුගිය වසර දෙක-තුනක කාලයේදී අති විශාල ණය කන්දක් නැති කිරීමට උත්සාහ ගත් බව කී අග්‍රාමාත්‍යවරයා, ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර කරගත් සැණින් තවත් අර්බුද රැසකට මුහුණ දීමට සිදුවිණැයි” ද කීවේය.හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ කරුණු කීය. “රට සංවර්ධනය නොවන්නේ නම් තරුණයන්ගේ ද දියුණුව නැතිවන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සංචාරක ක්ෂේත්‍රය මුල් කර ගනිමින් තරුණ-තරුණියන්ට රැකියා නිර්මාණය කරන සංවර්ධන ව්‍යාපෘති රැසක් ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය. “රටටත් රටේ ආර්ථිකයටත් එදා විශාල ප්‍රශ්න තිබුණා. වසර 2013 දීත්, 2014 දීත් රාජ්‍ය ආදායම් ණය පොළිය ගෙවීමට පවා මදි වුණා. අපට විශාල ණය කන්දරාවක් තිබුණා. ඒ නිසා 2015 බලයට පත්වූ විගස ණය ගෙවීමට හැකියාව ඇති කර ගැනීමට අවශ්‍ය වුණා. අප මුලින්ම අවධානය යොමු කළේ ඒ දෙසයි. අය-වැයෙන් මොනවද කරන්න පුළුවන් කියන දේ අප බැලුවා. ණය ගෙවන්න පුළුවන් ආර්ථිකය මා හැදුවා. ආර්ථිකයේ ස්ථාවරය ඇති කර ගත්තා විතරයි, 2017 දී තවත් ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න වුණා. කොළඹ කුණු කන්ද කඩා වැටුණා. ඊට පසු ගංවතුර ආවා. ඊටත් පසු නියඟය ද ආවා. හතරවැනි කන්නයේ දී ඇති වූ නියඟය නිසා කෘෂිකර්මය කඩා වැටුණා. අස්වැන්න අඩු වුණා. ග්‍රාමීය ආර්ථිකය කඩා වැටුණා. වී වගාව සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. ගංවතුර නිසා ද එවැනිම හානිය වුණා. අපට තවමත් මුදල් දෙන්න තිබෙනවා. ගාල්ලටත්, මාතරටත් තවමත් මුදල් දෙන්න තිබෙනවා. ඒවායේ ද යම් හිරවීම් වුණා. මේ කරුණුත් ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි තෙල් මිල වැඩි වීමත් නිසා තෙල් මිල වැඩි කරන්න වුණා. රජයක් විදියට ඉහත ප්‍රශ්න නිසා තෙල් සංස්ථාවට සහනාධාරය දෙන්න බැරි වුණා. ඒ වගේම තෙල් සංස්ථාවට, ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු ආයතන මුදල් ගෙවා නැහැ. ඛනිජ තෙල් සංස්ථාවට ඒ බරත්, වියදමත් දරන්න වෙලා. මේ කරුණු නිසා රටේ ආර්ථිකයෙන්වත් රජයේ අය-වැයෙන්වත් ඛනිජ තෙල් සංස්ථාවට යම් සහනයක් දෙන්න බැරි වුණා. අමාරුවෙන් හරි ඛනිජ තෙල් සංස්ථාවට සහන දෙන්න ගියා නම් බැංකු පොළී වැඩි වෙනවා. දැනටත් අපට බැණුම් අහන්න වෙලා. ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් බැංකු පොළිය වැඩියි කියා දොස් කියනවා. උදව් කරන්න ගිහින් බැංකු පොළිය තවත් සියයට 5කින්, 7කින් වැඩි වුණා නම් මොකද කරන්නේ සියලු විකල්ප දිහා බලා තෙල් මිල වැඩි කළා. බොරතෙල් මිල අඩුවූ ගමන් අප ජනතාවට ඒ සහනය දෙනවා. ලෝකයේ තෙල් මිල නැවත වැඩි වෙන්න පටන් ගෙන තිබෙනවා. ලබන වසර වෙද්දි තෙල් මිල අඩු වේවි කියා බලාපාරොත්තු වෙනවා. තෙල් මිල අඩු වූ ගමන් අප ජනතාවට එහි සහනය දෙනවා. මෙතැනට මුදල් යෙදෙව්වා නම් රටේ සංවර්ධනයට මුදල් නැති වෙනවා. අද ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කරල. කොග්ගල වෙළෙඳ කලාපය ආරම්භ කළාට පසු කිසිම වෙළෙඳ කලාපයක් ගාල්ලේ ඇති කර නැහැ. ගාල්ලට යාබද ශාලින්දවත්ත හඳුනාගෙන ආණ්ඩුවට ඒ ඉඩම් අත්පත් කරගෙන යනවා. එහි සම්පූර්ණ වෙළෙඳ කලාපය ආරම්භ කරනවා. නිෂ්පාදන කර්මාන්තවලට අමතරව එහි තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.දෙද්දූවේ විශාල සංචාරක කලාපය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉඩම් අක්කර 1800ක් අත්පත් කර ගැනීමට මුදල් දුන්නා. සංචාරක කලාප තුනක් සහ වෙළෙඳ කලාපයක් ආරම්භ කිරීමට බලාපොරාත්තු වෙනවා. අකුරණ, කොග්ගල වගේම හම්බන්තොට දියුණු කිරීමටත් අප මුදල් යොදවනවා.සංවර්ධනයට මුදල් යොදවන්නේ නැතිනම් රට දියුණු කරන්න බැහැ. පසුගිය වසර දෙකෙහිදී අප විශාල ණය බරක් නැති කරන්න උත්සාහ ගත්තා. කොහොම හරි ආණ්ඩුවේ වියදම් සීමා කළා. ජල ගැලීම්, නියඟය යන අභියෝග හා දුෂ්කරතාවලට අප මුහුණ දුන්නා. අප කොහොමින් කොහොම හරි මුදල් සොයා ගත්තා. අද අප සතුව මුදල් තිබෙනවා. දැන් සංවර්ධනය කරන්න ඕනෑ. සංවර්ධනය කරන්නේ නැතිනම් තරුණයන්ට අනාගතය උදාවන්නේ නැහැ.ගුවන් තොටුපොළවල් දෙකක් අතරේ තිබෙන සංවර්ධිතම නගරය බවට ගාල්ල පත් කරනවා. කටුනායකත්, මත්තලත් අතර තිබෙන ගාල්ල සංවර්ධනය කරන අතරවාරයේදී හික්කඩුව, හබරාදූව, කොග්ගල යන ප්‍රදේශ දියුණු කරන්න ඕනෑ. හික්කඩුව, උණවටුනේ තිබෙන ප්‍රශ්න විසඳන්න ඕනෑ. අපේ තිබෙන සංචාරක කලාප දියුණු කරන ගමන් අලුත් සංචාර කලාප පිහිටුවන්න ඕනෑ.තරුණ තරුණියන්ට රැකියා දෙන්න ඕනෑ. සංචාරක කර්මාන්තයේ රැකියා අවස්ථා බිහි කරන්න ඕනෑ. ස්වයං රැකියා ආරම්භ කරන්න ඕනෑ. ඒවාට ණය මුදල් දෙන්න ඕනෑ. ඒ වැඩසටහන් අප ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ගාල්ලේ සංවර්ධනය ඉදිරියට ගෙන යන ගමන් අවට ප්‍රදේශ දියුණු කළ යුතුයි. ඒ සංවර්ධනය සඳහා මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන පියවර රැසක් ගෙන තිබෙනවා. ඉදිරියටත් තවත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.මෙහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ කීය.“හික්කඩුවේ ප්‍රශ්න ගොඩයි. හැබැයි වැරැද්ද මහජනතාවගෙයි. හික්කඩුවේ අර්බුද රැසක් තිබෙනවා. එහි වැරැද්ද ජනතාව බාර ගන්න ඕනෑ. එහෙම කිව්වා කියා තරහා වෙන්න එපා. අපේ ආණ්ඩුව 2001 දී මිනිස්සුන්ට වතුර දෙන්න ජලාශ හතර ඉදි කළා. මේ ජලාශවලින් වතුර දෙන්න පුළුවන් සීමාවක් තිබුණා. බිලියන 30ක් වියදම් කළා. කිලෝමීටර 800ක් දෙන්න පුළුවන් විදියට අපි හැදුවාම දැන් කිලෝමීටර 3000ක් දක්වා ඒවා වැඩි කරලා. එකකින් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. උත්සව සභාව ඇමතූ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවැසීය. “අප අණ බෙර ගසා කිව්වේ නැති වුණාට බොහෝ දේවල් කර තිබෙනවා. කොග්ගල හා හික්කඩුව අධි සංචාරක කලාපය බවට පත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. හික්කඩුවේ හෝටල් හිමියන් නිරන්තරයෙන් පැමිණිල්ලක් කළා. හෝටල් තිබෙන මාර්ගයේ අනතුරු වැඩි බව ඔවුන් කීවා. සංචාරකයන්ට ශබ්දයෙන් වන හිරිහැර ගැන කිව්වා. ඒ නිසා අලුත් මාර්ගයක අවශ්‍යතාව මතුවෙලා. ඒ වෙනුවෙන් කඩිනම් පියවර ගන්නවා. හැමදාමත් සංචාරක කර්මාන්තය ඉදිරියට ගියේ, හෝටල් ආරම්භ කළේ අපේ ආණ්ඩු තිබූ කාලයේදියි.ප්‍රාදේශීය ලේකම් කාර්යාල දියුණු කරන ගමන් “සේවා පියස” ආරම්භ කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ග්‍රාම රාජ්‍ය සංකල්පයට සමගාමීව යන ගමන් සේවා පියස ඇති කරනවා. මිනිස්සුන්ට අද එක තැනකින් වැඩක් කරගන්න බැහැ. ග්‍රාම සේවක එක තැනයි. සමෘද්ධි නිලධාරී වෙනත් තැනකයි. කෘෂිකර්ම නිලධාරියා තවත් කොහේ හරියි. ආණ්ඩුවේ නිලධාරීන් හොයා ගෙන තැන් තැන්වල යන්න වෙලා. ඒ නිසා ගමේ, ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ නිලධාරීන් එක තැනකට ගේන්න අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් සේවා පියස ඇති කරනවා. අප බෝඞ් ගහලා නැහැ. ටී වී පැය 24 පුරා පම්පෝරි ගහලා නැහැ. හැම තැනම කිය කිය ගිහින් නැහැ. එහෙත් අප නිහඬව වැඩ රැසක් කරනවා. අප සුරක්ෂා රක්ෂණාවරය දුන්නා. 1990 ගිලන් රථ සේවය ආරම්භ කළා. එදා විරුද්ධ වුණා. අද මේ ගිලන් රථ සේවය ජීවිත රැසක් බේරා දෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුව රට සංවර්ධනය කරන බව නැවත නැවතත් කිව යුතු”යි. නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන බන්දුලාල් බණ්ඩාරීගොඩ සහ විජයපාල හෙට්ටිආරච්චි, දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ. 
යහපාලන රජයේ වසර දෙකක ප‍්‍රගතියෙන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි ගත්තා
0
hp_train_0073
(ඩයනා උදයංගනී)සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ වයඹ පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට පැයට කිලෝමීටර 50 ක පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බව ද ඔහු කීය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
පළාත් කීපයකට අදත් ටික ටික වැසි
1
hp_train_0074
(චමින්ද මුණසිංහ)දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමෙන් මගින් විදේශ විනිමය පිරිමසා ගැනීමේ රජයේ උත්සාහය සඳහා සහයෝගය ලබාදීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම සිය මෝටර් රථ ටයර් නිෂ්පාදන වාර්ෂික ධාරිතාවය සියයට 16 කින් ඉහළ නංවමින් සමාගමේ නිෂ්පාදනය පුළුල් කිරීමේ සැලසුම යටතේ වාර්ෂිකව නිෂ්පාදනය කරන මෝටර් රථ රේඩියල් (PCR/Van) ටයර් සංඛ්‍යාව 72,000 කින් ඉහළ නංවා තිබේ.මෝටර් රථ ටයර් නිෂ්පාදනය පුළුල් කිරීමේ සමාගමේ 2021 සැලසුමෙහි පළමු අදියර මේ ආකාරයෙන් ක්‍රියාත්මක කර තිබෙන අතර මේ සඳහා කැලණියේ පිහිටි සියැට් නිෂ්පාදන සංකීර්ණයේ අලුතෙන් ටයර් ප්‍රෙස් යන්ත්‍ර දෙකක් සවිකර තිබේ. මෙම නව ප්‍රෙස් යන්ත්‍ර දෙක ශ්‍රී ලංකාවේ සියැට් නිෂ්පාදන සංකීර්ණයේ සවිකර තිබෙන පළමු හයිඩ්‍රොලික් වර්ගයේ ප්‍රෙස් යන්ත්‍ර වන අතර මේ ආකාරයෙන් තාක්ෂණය ඉහළ නැංවීම නිසා සියැට් නිපදවන ටයර වල ගුණාත්මක තත්ත්වය තවත් ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි එම සමාගම සඳහන් කරයි.මෙම පුළුල් කිරීම හේතුවෙන් සියැට් විසින් වාර්ෂිකව නිෂ්පාදනය කරන මෝටර් රථ සහ වෑන් ටයර් සංඛ්‍යාව 500,000 ක් ඉක්මවන අතර වඩාත් ප්‍රචලිත අඟල් 12 සිට අඟල් 14 ප්‍රමාණයේ ටයර් මෙම නව යන්ත්‍ර වලින් නිපදවනු ලබයි. මෙම ටයර් Maruti 800, Suzuki Alto, Estilo, Wagon R, Omni, Swift සහ Liana, Mahindra Maximo, Nissan Sunny FB 15, FB 14, N 16, March, Bluebird සහ AD Wagon, Toyota 110, 121, Vios, Soluna, Starlet සහ Carina, Honda Civic, Hyundai Accent, Perodua (VIVA Elite) සහ Cherry QQ රථ වලට ගැළපෙන බව සමාගම සඳහන් කරයි. මෙම ටයර් සඳහා දේශීයව ඉහළ ඉල්ලුමක් තිබෙන අතර විශේෂයෙන්ම රජය විසින් තාවකාලිකව ටයර් ආනයනය කිරීම සඳහා පනවා තිබෙන තහනම හේතුවෙන් ඉල්ලුම තවදුරටත් ඉහළ ගොස් තිබේ.නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමේ වැඩසටහනෙහි දෙවන අදියර ද ඉතාමත් ඉක්මනින් සිදුකරන බවත් ඒ යටතේ තවත් ටයර් ප්‍රෙස් යන්ත්‍ර දෙකක් සහ ටයර් ගොඩනැගීමේ යන්ත්‍රයක් සවිකරන බවත් සමාගම සඳහන් කරයි. මෙම පුළුල් කිරීම මගින් වසරකට නිපදවන රේඩියල් ටයර් සංඛ්‍යාව තවත් ටයර් 100,000 කින් වැඩි කිරීමට සැලසුම් කර තිබෙන බවද සමාගම අනාවරණය කරයි.මෙම පුළුල් කිරීමේ කටයුතු පිළිබඳව සියැට් කැලණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා මෙසේ පැවැසීය. ‘පසුගිය වසර පුරාම අපගේ දැක්ම වී තිබුණේ ආනයන අඩුකිරීම සඳහා ජාතික වශයෙන් ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය ලබාදීමට වෙළෙඳපොළ අවශ්‍යතාව තිබෙන ටයර් වර්ග සහ ප්‍රමාණවල නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටයි. මෙම අරමුණ වෙනුවෙන් ගෙන්වූ සමහර යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒම කොරෝනා වසංගතය නිසා පනවා තිබෙන සංචරන සීමා නිසා ප්‍රමාද වුණා. එහෙත් රේඩියල් ටයර් අමතර නිෂ්පාදනය දැන් සිදුවන අතර එම නිෂ්පාදන වෙළෙඳපොළට එකතුවනවා.’ටයර් ආනයන සීමාවන් නිසා ට්‍රක් රථ, බස්, ත්‍රි රෝද රථ, මෝටර් රථ වෑන් ටයර් සඳහා දේශීයව ඇති වෙමින් තිබෙන ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා සියැට් කැලණි හෝල්ඩින්ග්ස් විසින් පසුගිය වසරේදී සමාගමේ සියලුම නිෂ්පාදන කම්හල්වල ධාරිතාව පුළුල් කරන ලදී. ශ්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් හරි අඩක් පමණ සපයන සියැට් සමාගම පසුගිය අගෝස්තු මාසයේදී පැවසුවේ මගී බස්රථ සහ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දේශීය ටයර් අවශ්‍යතාව සියයට 100 කින් සපුරාලීමට දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන බවයි. මේ තුළින් වසරකට ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 11 ක විදේශ විනිමයක් ඉතිරකර ගත හැකියැයි ගණන් බලා තිබේ. 
සියැට් ටයර් නිෂ්පාදනය 72,000කින් වැඩිකරයි
1
hp_train_0075
(අංජුල මහික වීරරත්න)එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ලෝක උරුමයක් බවට පත් කරමින් ආරක්ෂා කළ සිංහරාජ වනාන්තරය වත්මන් පාලනය යටතේ ජාවාරම්කරුවන්ගේ උරුමයක් බවට පත්වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා දෙනියායේ දී පැවසීය.ඉතිහාසයේ අන් කවරදාකවත් නොවූ ආකාරයට දැන් සිංහරාජ වනාන්තරය විනාශ වෙමින් පවතින බව කී එජාප සභාපතිවරයා වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ දී ජාතික හා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග රැසකට යොමු වෙතැයිද සඳහන් කළේය.වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ මොරවක, දෙනියාය සහ සිංහරාජ ප්‍රදේශයේ කළ සංචාරයෙන් අනතුරුව එජාප පාක්ෂිකයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය.වජිර අබේවර්ධන මහතා මෙසේද කීවේය.“ඉතිහාසයේ කවරදාකවත් අසන්න දකින්න නොලැබුණු ආකාරයට වනාන්තර විනාශ වෙමින් තිබෙනවා. දැව ජාවාරම්, වැලි ගොඩදැමීම් හා පස් කැපීම් වැනි ජාවාරම් විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා. මෙම ජාවාරම් නතර කර වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නැහැ.සිංහරාජ වනාන්තරය මේ වනවිට දැඩි තර්ජනයට ලක්ව තිබෙනවා. වනාන්තරයේ අද හෝටල් ඉදිවෙනවා. මහා මාර්ග ඉදි කරනවා. වැව් ඉදි කිරීමට යෝජනා වී තිබෙනවා. ජාවාරම්කරුවන් විශාල වශයෙන් ගස් කපා අලෙවි කරනවා. මෙවැනි ක්‍රියාවලින් සනාථ වන්නේ ආණ්ඩුවේ අනු දැනුම හා රැකවරණය ඇතිව සිංහරාජ වනාන්තරය විනාශ කරන බවයි.1970 යුගයේදී ද සිංහරාජ වනාන්තරය මෙවැනිම තර්ජනයකට ලක්ව තිබුණා. ඒ විනාශයෙන් සිංහරාජය ආරක්ෂා කර ගැනීම සඳහා එදා එක්සත් ජාතික පක්ෂය මැදිහත් වුණා සේම අදත් ඒ සඳහා මැදිහත් වීමට එක්සත් ජාතික පක්ෂයට සිදුව තිබෙනවා.එක්සත් ජාතික පක්ෂ පාලන කාලවල සෑමවිටම වනාන්තර ආරක්ෂා කළා. වන වගා ඇති කළා. 1988 වසරේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සිංහරාජ වනාන්තරය යුනෙස්කෝ සංවිධානය සමග සාකච්ඡා කර ලෝක උරුමය බවට පත් කිරීමට ක්‍රියා කළා.එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ දී විවිධ අණපනත් ගෙන එමින් සිංහරාජ වනාන්තරයට අයත්ව තිබූ හෙක්ටෙයාර් 7682 ක භූමිය ආරක්ෂා කළා. පසුව 1992 වසරේදී ඒ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 11,992 ක් දක්වා වැඩි කිරීමට අප රජය පියවර ගත්තා.සිංහරාජ වනාන්තරයේ පැළෑටියක් ගැලවීම පවා දඬුවම් ලැබිය හැකි වරද බව නීතියේ සඳහන්ව තිබුණත් වනාන්තරය විනාශ කරමින් හෝටල් හා වෙනත් ඉදිකිරීම් කරන අයට එරෙහිව නීතිය අද ක්‍රියාත්මක නොකිරීම ඉතා ඛේදනීය තත්ත්වයක් බව කිව යුතුයි.පරිසරය ආරක්ෂා කර මිනිසුන්ට සහ සතා සිවුපාවන්ට ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කර එය ආරක්ෂා කරදීම පාලකයන්ගේ වගකීම වුවත්, වත්මන් පාලකයන් ඉන් බැහැරව වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා වර්තමානය වනවිට වනාන්තර විනාශය වේගවත් වී තිබෙනවා.ස්වභාවධර්මය මිනිසාට ඔක්සිජන්, ආහාර, ජීවත් වීමට පරිසරය මෙන්ම කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීමට ශාක දී තිබුණත් අද වනවිට සිදු වන පරිසර විනාශය නිසා සියල්ල විනාශ වී කලට වේලාවට වැසි පවා නොලැබෙන තත්ත්වයකට රට පත්ව තිබෙනවා.සිංහරාජය ඇතුළු වනාන්තර විනාශ කිරීමට එරෙහිව ජනතාව පාට පක්ෂ භේදයෙන් තොරව නැගී සිටිය යුතු කාලය දැන් එළැඹිලා.මේ මහා පරිසර විනාශයට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර සංවිධාන මෙන්ම අනෙකුත් බලවේග සමග ද එක්ව එක්සත් ජාතික පක්ෂය පුළුල් වැඩපිළිවෙළක් දියත් කිරීමට මේ වනවිට සැලසුම් කර තිබෙනවා. ඒ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවා මතු පරපුරට පරිසරය ආරක්ෂා කරදීම සඳහා එක්වන ලෙස සියලු‍ පාර්ශ්වවලින් අප ඉල්ලා සිටිනවා.” 
‘‘වන විනාශය නවත්වන බලය ජනතාව අතේ‘‘
0
hp_train_0076
(දිලීප් ජයසේකර) විද්‍යුත් ක්‍රමයට මුදල් ගෙවා  හෙරොයින් මත් කුඩු ලබාගෙන ඒවා හම්බන්තොට ධීවරයින්ට විකිණීමේ ජාවාරමක නිතර වු සැකකරුවෙකු හම්බන්තොට ගබඩා හංදිය අසලදී තංගල්ල කොට්ඨාස  සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (28) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.  මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට පරණ තංගල්ල පාර, සමගිපුර පදිංචි 32 හැවිරිදි තිදෙරු පියෙකි. සැකකරු අධික ලෙස හෙරොයින් මත් කුඩු සදහා ඇබ්බැහි වී සිටින අයෙකු බවත් ඒ හේතුව නිසාම දරුවන්ද පියාගෙන් වෙන්ව ළමා නිවාසයක සිටින බවත් පොලිසීය පවසයි.  සැකකරු අද (28) පෙරවරුවේ හම්බන්තොට ධීවර වරායට අලෙවි කිරීම සදහා හෙරොයින් මත් කුඩු රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.  එහිදී සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහුගේ යට අඳුමක සගවාගෙන සිටි හෙරොයින් මත් කුඩු මිළි ග්‍රෑම් 495ක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු හෙරොයින් ජවාරම සම්බන්ධයෙන් හම්බන්තොට මහාධිකරණයේ පවතින නඩුවකට හා මංකොල්ල කැමක් සම්බන්ධයෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට වරෙන්තු ලබා සිටින අයෙකු බවද පොලිසිය පවසයි.  සැකකරු පොලීසියට කට්ටි පනිමින් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර හෙරොයින් මිළදි ගැනිමට මුදල් නොමැති අවස්ථාවල දේපළ මංකොල්ලකැම් වලද නිරත වි තිබේ. සැකකරු වැඩිදුර විමර්ෂණ සදහා හම්බන්තොට පොලීසියට බාර දි ඇති අතර සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
විද්‍යුත් ක්‍රමයට මුදල් ගෙවා හෙරොයින් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට
1
hp_train_0077
(දියතලාව - ඩී.කේ.රත්න)රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 6ක් තබාගෙන සිටි පුද්ගලයෙකු අද (8) තණමල්විල සූරියආර කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි.තණමල්විල සූරියආර කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙකු මෙසේ ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගෙන ඇත.හම්බෙගමුව පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හම්බෙගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.කේ.බී.සිලෝගම මහතාගේ උපදෙස් පරිදි හම්බෙගමුව පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට
0
hp_train_0078
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 16/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36278050ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ32278570වැසි වාර කිහිපයක්ගාල්ල30278580වැසි වාර කිහිපයක්යාපනය32287065ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29239070වැසි වාර කිහිපයක්නුවරඑළිය19149580වැසි වාර කිහිපයක්රත්නපුරය31259070වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමළය35278050ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම32278570ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘පළාත් කීපයකට මද වැසි‘
1
hp_train_0079
(හර්ෂණ තුෂාර සිල්වා)කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 20.68කින් පහත වැටිණි.ඒ අනුව කොළඹ සියලු කොටස් මිල දර්ශකය 0.34%කින් පහත වැටුණු අතර එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 7.87කින් එනම්  0.27%කින් පහත වැටිණි.ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,108.53ක් දක්වාත් එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 2,929.09 දක්වා පහත වැටිණි.ඊයේ (01)දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ පිරිවැටුම රුපියල් මිලියන 505.5ක් විය. කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු ඊයේ දිනය වෙනුවෙන් අවසන් කරද්දි දේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 497.1ක් ලෙසත් දේශීය විකුණුම් රුපියල් මිලියන 460.4ක් ලෙසත් සටහන්ව තිබූ අතර දේශීය මිලදී ගැනීම් මිලියන 8.3ක් ලෙසත් සටහන්ව තිබිණි. එහි විදේශීය විකුණුම් රුපියල් මිලියන 45.0ක් ලෙසද සටහන්ව තිබිණි.       
කොළඹ කොටස් වෙළෙඳපොළේ පසුබැසීමක්
1
hp_train_0080
(අජිත්ලාල් ශාන්තඋදය)සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ළමයින් 200ට අඩු ප්‍රාථමික පාසල් 625ක් මේ මස (21)  සිට විවෘත කිරිමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේය.පාසල් විවෘත කිරිම සම්බන්‍ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව ද  පැවති සාකච්ඡාවකින් පසු සෞඛ්‍ය නීති අනුගමනය කරමින් දරුවන් වෙනුවෙන් මෙම පාසල් විවෘත කිරීමට තීරණය බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ දින 122ක් පමණක් පාසල් පැවැත්වූ බව ආණ්ඩුකාරවරයා කීවේය. එහෙත් 2021 වසර තුල පාසල් පැවැත්වීමට හැකිවූයේ දින 56ක් පමණක් බව ද සඳහන් කළේය.දරුවන් ගැන හිතලා පාසල් යළි විවෘත කිරිමට විදුහල්පතිවරුනගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ආණ්ඩුකාරවරයා පැවසුවේය. ගුරු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් සම්බන්‍ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සාධාරණ පියවරක් ගනු ඇතැයි ද පළාත් ආණ්ඩුකාරවයා කීවේය.සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා පැවසුවේ අදියර තුනක් යටතේ සබරගමු පළාතේ පාසල් විවෘත කිරිම 21 දා ආරම්භ කරන බවයි. මුල් අදියර යටතේ පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා වු ප්‍රාථමික පාසල් දරුවන් සඳහා විවෘත කරන බව ඔහු කීවේය.සබරගමු පළාතේ බොහෝ පාසල්වල ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ පළාත් පාලන ආයතනවල සේවකයින් එක්ව එම පාසල් පවිත්‍රතා කටයුතු සිදුකර අවසන් බව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා කීවේය. ඒ අනුව 21 දින සබරගමු පළාතේ ප්‍රාථමික පාසල්වලට දරුවන් 30000ක් පමණ පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවද සඳහන් කළේය.සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 18, 19 සහ 20 වන දින එම පාසල් විවෘත කිරිම සම්බන්‍ධයෙන් පූර්ණ අධීක්‍ෂණය කිරීමට වගකිවයුතු නිලධාරියෙක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පත්කර ඇති ව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා එම සාකච්ඡාවේ දී පැවසුවේය.ගුරු විදුහල්පතිවරුන් නොපැමිණි නිසා ළමයින් 200ට අඩු පාසල් සුද්ද පවිත්‍ර කිරිම 18දා වන විටත් බව ඇතැම් පාසල්වල දරුවන්ගේ මව්පියෝ කීහ. ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සංවිධානවල ශාඛා නියෝජිතයන්ගෙන් විමසුවිට ඔවුන් පැවසුවේ ආණ්ඩුවට හිතවත් ගුරු විදුහල්පතිවරු කිහිප දෙනෙක් හැර සෙසු ගුරු විදුහල්පතිවරු 21දා පාසල් විවෘතකිරීමේ කාර්යයට සහාය නොදෙන බවයි.     
සබරගමුවේ ගුරු පුරුප්පාඩු 1500ක්
0
hp_train_0081
(ප්‍රසන්න පත්මසිරි)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබෙන බදුල්ල මහ නගර සභාවේ 2020 අයවැය ලේඛනය වැඩි ඡන්ද එකකින් අද (16) පරාජයට පත්විය.මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා අද  2020 අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු පැවති ඡන්දයේදී විපක්ෂව ඡන්ද 13 ක් හා පක්ෂව ඡන්ද 12ක් ප්‍රකාශ කළහ.ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හත්දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර අයවැයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දසදෙනා  සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනා ඡන්දය ප්‍රකාශ කළහ.බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රිවරුන් 25 දෙනෙකු නියෝජනය කරන අතර අයවැයට සියලුම දෙනා පැමිණ සිටියහ.ජන්ද විමසිමෙන් අනතුරුව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා කියා සිටියේ පසු දිනක තවත් වරක් ඡන්දයක් පවත්වන බවයි. 
අ’පුර මහ නගර සබේ අයවැයත් සම්මතයි
0
hp_train_0082
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි) බලන්ගොඩ රාස්සගල මාර්ගයේ බුලත්ගම ප්‍රදේශයේ පදිංචි  විශ්‍රාමික විදුහල්පතිවරයෙකුගේ ගෙල කපා  බරපතල තුවාල   සිදුකළ    සැකකරුවෙකු අගෝස්තු 8 වැනිදා දක්වා බන්ධනාගාර ගත  කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද (24) දා නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බලන්ගොඩ බුලත්ගම ප්‍රදේශයේ පදිංචි 33හැවිරිදි පුද්ගලයෙකි.
විශ්‍රාමික විදුහල්පති මැරූ සැකකරු රිමාන්ඩ්
0
hp_train_0083
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ‍ෙ බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි ඇති වීමේ හැකියාව වැඩි මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්   බස්නාහිර පළාතේ උදය කාලයේදී ද වැසි  ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.‘මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.
‘උදය කාලයේ බස්නාහිරට වැසි‘
1
hp_train_0084
බොහෝ පළාත්වල  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල උදය  කාලයේදීත්  වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  කියයි.  ඇතැම් ස්ථාන වලට මිලි මීටර් ‍50 ට වඩා වැඩි විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ. 
‘බස්නාහිර ඇතුළු පළාත් කීපයකට සවස වැසි‘
0
hp_train_0085
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 572 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,69,743 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.කොවිඩ් ආසාදිත 11,743 දෙනකු මේ වන විට රෝහල් සහ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ද එහි සඳහන් වේ.කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 356 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,43,467 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොරෝනා ආසාදිතයන් අදත් 300 සීමාවේ
0
hp_train_0086
(අංජුල මහික වීරරත්න සහ අතුල බණ්ඩාර)මහ පොළොව කොතනදැයි නොදැන වළාකුළුවල ජීවත්වන ඇත්තන්ට දුප්පත් ජනතාවට සේවය කරන්න තේරෙන්නේ නැතැයි, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හොරොව්පොතාන කහටගස්දිගිලිය ජන රැලියේදී පැවැසීය.ප්‍රභූ දේශපාලනය වෙනුවට තමා පොඩි මිනිහාගේ දේශපාලනය කරන බව කී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙඩි නොවදින වාහන යකඩ කූඩු අතර සිරවූ ජනාධිපතිවරයෙකු වන්න තමා කිසි කලෙක සූදානම් නැතැයිද අවධාරණය කළේය.ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී එම්. ඩිල්ශාන් සහ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී එච්.ජී. පියරත්න මහත්වරුන් ඇතුළු ශ්‍රීලනිප ක්‍රියාකාරීහු පනස්දෙනෙක් එක්වූහ.හොරොව්පොතාන ජන රැලියට අමතරව මෙදින සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් මුලතිව්, සේරුවිල, මැදිරිගිරිය, මින්නේරිය සහ මහියංගනයේදීද ජන රැලි පැවැත්විණි.ජන රැලිවලදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසීය.රටේ දියුණුව වගේම හොරොව්පොතානේත් දියුණුව මා අතට ගන්නවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යම් යම් ක්‍රියාමාර්ග නිසා ප්‍රදේශයේ ජනතාවට වගා කිරීමට මෙන්ම ඉන්න හිටින්න තැනුත් නැති වෙලා. පරිසරයට හානියක් නොවන ආකාරයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් සමග කතා කර වගා බිම් හා පදිංචියට සුදුසු තැන් ජනතාවට දෙනවා.පරිසරයත්, වන වගාවත්, රටේ වන ගහනයත් වැඩි කරන්න ජනතාව උනන්දු කරවන වැඩසටහනක්ද මා ක්‍රියාත්මක කරනවා. දිවංගත මගේ පියාගේ වැඩපිළිවෙළ තමයි, අගනුවරින් ගමට කර්මාන්ත රැගෙන එන්නේ. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම කර්මාන්තපුර ගෙන එනවා. මේ ප්‍රදේශයට කර්මාන්තපුර තුනක් දෙනවා. ගමේ තරුණයාට - තරුණියට ගමේම සිට රැකියාව කරන අවස්ථාව මා උදා කර දෙනවා.මගේ පියා එදා හදපු කර්මාන්තශාලාව අද වෙනත් කෙනෙකුට බදුදීලාලු. ලබන 16 වැනිදායින් පසු එය යළි විවෘත කර තරුණ තරුණියන් 500 - 800 කට රැකියා දෙනවා.මොරගහකන්දෙන් හුරුළු වැවට ජලය ගෙනල්ලා යාංඔය හරහා සුදුසු පරිදි ඇනිකට් දමා කුඹුරු අක්කර 5000 ක් අස්වද්දන්න යෝජනාව පැමිණ තිබෙනවා. මේ වාරි යෝජනා ක්‍රමයේ පීතෘවරයා ලෙස සජිත් ප්‍රේමදාස මේ කටයුත්ත කරනවා.මගේ ප්‍රතිවාදියා රුපියල් 350 ට තිබෙන පොහොර නොමිලේ දෙනවා කියනවා. රක්ෂණයත් සමග එය රුපියල් 500 යි කියාවත් ඔහු දන්නේ නැහැ. පොහොර ගැන දන්නේ නැති කෙනා කොහොමද පොහොර ගැන දැනගන්නේ? මා වී ගොවියට පමණක් නොව හැම වගාවකටම නොමිලේ පොහොර දෙනවා. කෘෂිකාර්මික විප්ලවය ඇති කර පිටරටින් ආහාර ගෙන එන වැඩපිළිවෙළ නතර කර මෙරට ආහාර නිෂ්පාදනය වර්ධනය කරනවා. රටේ ගොවියාට රටේ ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න හැකියි.මහපොළව කොතනද කියා නොදන්න, කැටි වළාකුළුවල, කෙඳි වළාකුළුවල ඉන්න ඇත්තන්ට දුප්පත් ජනතාවට සේවය කරන්න තේරෙන්නේ නැහැ. ඒ ඇත්තෝ කරන්නේ ප්‍රභූ දේශපාලනයයි. මා කරන්නේ පොඩි මිනිහාගේ සමාජ සේවයයි.සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ විශාල රණවිරුවන් ප්‍රමාණයක් ඉන්නවා. අපේ ආණ්ඩුව තමයි, මේ අයගේ රැකියා ස්ථිර කර විශ්‍රාම වැටුප් හිමිකම දුන්නේ. සිවිල් ආරක්ෂක රණවිරුවන් මගෙන් ඔවුන්ගේ විශ්‍රාම යන සේවා කාලය අවුරුදු 22 ක් කරන්න කියා ඉල්ලනවා. ඒ යුතුකමත් මා ඉටු කරනවා.ප්‍රදේශයේ වකුගඩු රෝගීන් බහුලව සිටිනවා. වකුගඩු රෝගීන් ඇතිවීමට හේතුව පසුගිය ආණ්ඩු කාලේ බාල පොහොර, බාල කෘෂි රසායන මෙරටට ගෙන ඒමයි. සජිත්ගේ ආණ්ඩුව යටතේ බාල පොහොර ගෙන්වීම සිද්ධ වෙන්නේ නැහැ. කාබනික පොහොර භාවිතය රට පුරාවටම ප්‍රචලිත කරනවා.වකුගඩු රෝගයෙන් විපතට පත්වූ මේ ප්‍රදේශවල රෝහල් සඳහා අලුතින් වකුගඩු ඒකක ස්ථාපනය කරනවා. ඒවායේ රුධිර කාන්දු කරන යන්ත්‍ර වැඩි කර හැම පුරවැසියකුම රැකගන්න මා කටයුතු කරනවා. රටේ පළමු වතාවට වකුගඩු රෝගීන් වෙනුවෙන් නිවාස ආධාර ඒකකයක් පටන් ගත්තේ අපයි.හොරොව්පොතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය නවීකරණය කර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරනවා. එමගින් මේ ප්‍රදේශය සංචාරක පාරාදීසයක් කර ජනතාවගේ අත මිට සරු කරනවා.ලබන 16 වැනිදා මා රටේ ජනාධිපතිවරයා වූ පසු පැය 72 ක් ඇතුළත හොරොව්පොතාන කොට්ඨාස තුනට ජාතික පාසල් 3 ක් දෙනවා. මා අනෙක් අය වගේ බල බල ඉන්නේ නැහැ. මහ පොළොවට බැස අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා.අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස විදුලි වැටවල් සේම නවීන ක්‍රමෝපායන් මගින් ස්ථිර විසඳුමක් දෙනවා. වැව් ප්‍රතිසංස්කරණය කර කෙත්වතු සරුසාර කරන යුගය ඇරඹෙනවා.2025 දී රටේ සැමට සෙවන දෙද්දී හොරොව්පොතාන නිවාස ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව ඇති සියලුදෙනාට ජාති, ආගම්, පන්ති, පක්ෂ බේදයකින් තොරව ගෙවල් ටික හදා දෙනවා.කිරි ගොවි ප්‍රශ්නයට විසඳුමක් දෙනවා. කිරි ගොවීන්ට අවශ්‍ය තෘණ භූමි ටික වගේම ගුණාත්මක සතුන්දී බහු ජාතික සමාගම්වලට යට නොවී මෙරට කිරි වලින් ස්වයංපෝෂිත රටක් බවට පත් කරනවා. මට කොම්පැණිකාරයන්ට වඩා මහපොළොවේ පය ගහලා ජීවත් වන මිනිසා වටිනවා.යොවුන් පරපුර වෙනුවෙන් අලුත් යුගයක් නිර්මාණය කරන්න අලුත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව හා ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව වැඩි කිරීම මේ විද්‍යාලවල අරමුණයි.පෙර පාසල් ගුරුතුමියන්ට, සහාය පාලිකාවන්ට අගතියක් නොවන ආකාරයට ඒ අයගේ වැටුප් දීමනා රජයෙන්දී අනිවාර්යෙන්ම පෙර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් වෙනමම ශාලා සංකීර්ණ සහිතව මානව භෞතික සම්පත් සමග දිවා ආහාරයද දෙනවා. මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට පෙර පාසල් නිදහස් නිවහල් පෙර පාසල් බවට පත්කරනවා.අපේ ප්‍රතිවාදීන් මේවා කරන්න කොහෙන්ද සල්ලි කියලා අසාවි. සල්ලි ඕනෑ තරම් තිබෙනවා. සල්ලි එදා ගියේ අනවශ්‍ය දේවල්වලටයි. ලබන 16 වැනිදායින් පසු ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් පාර්ලිමේන්තුවේ 225 ටවත් ඩියුටි ෆ්‍රී වාහන නෑ. ඒ ඔක්කොම මුදල් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ආයෝජනය කරනවා.අලුත් ආණ්ඩුවක් බිහිවුණාම මැති ඇමතිවරුන් ඇතුළු සෑමදෙනාටම වාහන ගෙන්වන්න පුරුදු වෙලා. ඒ පුරුද්ද නවතා මුදල් ජනතාවට දෙනවා. මගෙන් ඒ ආදර්ශය දෙනවා. මගේ කාලවකවානුව තුළ වෙඩි නොවදින වාහන හෝ වෙඩි වදින වාහන හෝ මා ගෙන්වා ගන්නේ නැහැ. මගේ බලාපොරොත්තුවක් නැහැ, වෙඩි නොවදින වාහනවල යන්න. එහෙම ගියොත් මමත් ජනතාවත් අතර දුරස්ථභාවය ඇති වෙනවා. වාහනයේ ගමන් යන අතරතුර කණ්නාඩිය පහත දමා ජනතාවට අත වැනීමේ නිදහස මට තිබිය යුතුයි. යකඩ කූඩුවල ජනාධිපති ලෙස හිරවෙන්න මා යන්නේ නැහැ.මගේ පියා පුරුදු කළ දෙයක් තිබෙනවා. එනම්, උපදින්නේත් ජනතාව අතර, ජීවත් වෙන්නේත් මහජනතාව අතර, මිය යන්නේත් මහජනතාව අතර කියලයි. මා බියගුල්ලකු නොවෙයි. මෙදා පාර බිහිවන ආණ්ඩුවේ නියෝජිතයන්ට සුර සැප විඳින්න ලැබෙන්නේ නැහැ. දුෂ්කර ක්‍රියාව පටන් ගන්නේ මගෙනුයි. උදේ හතරට මා පටන් ගෙන රාත්‍රිය වන තෙක් ජනතාවටත්, රටටත් විප්ලවීය සංවර්ධනය මා ගෙන එනවා.මට දැන් අවුරුදු 52 යි. මට හොඳ හයියක් ජවයක් තිබෙනවා. මා සතු ප්‍රතිපත්ති තුළ පවුල්වාදයට ඉඩක් නැහැ. මෙදා පාර රජයක් පිහිටුවන විට පාලකයෝ දුක් විඳ මහන්සි වෙලා කඩිසර වෙලා පොදු ජනතාව අතර ඉඳගෙන සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ලෑස්තිවිය යුතුයි.ජාතික ආරක්ෂාව ස්ථාපිත කරන්න, නීතිය හා සාමය සුරකින්න සරත් ෆොන්සේකා සෙන්පතිතුමාට වගකීම බාර දෙනවා. යාළු හිතවත්කම මත මා තනතුරු දෙන්නේ නැහැ. කුසලතාව දක්ෂතාවට නිපුණත්වයට හා හොඳ වැඩකාරයින්ට මා තනතුරු දෙන්නේ ගසා කාපු හොරාකාපු, අල්ලස් ගත්තු කිසි කෙනෙකුට මගේ අලුත් ආණ්ඩුව තුළ ඉඩක් නැහැ.ප්‍රතිවාදී අපේක්ෂකතුමාට දර්ශනය - ප්‍රතිපත්ති ගැන කතා කරන්න විවාදයකට එන්න කිව්වා. සති දෙකකට පසුවත් තවම උත්තරයක් නැහැ. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද? කියා.විවාදය සජීවීව යන විට මාධ්‍යයට පුළුල් තිරය පෙන්නන්න වෙනවා. මොකද දැන් පෙන්නන්නේ අඩු කළ තිරයක් පමණයි. දෙපැත්තේ තිබෙන වීදුරු කෑලි පෙන්නන්නේ නැහැ. ඒවා එනම් ටෙලිෆොන්ටර් හංගන පචවාහිනී මොනවද කියා ජනතාව දන්නවා.මුළු රටේම හැම පවුලක්ම හැම පුරවැසියකුම ශක්තිමත් කර තේජවන්ත ශක්තිවන්ත ශ්‍රී ලංකාවක් බිහි කරන්න 16 වැනිදාට මට හයිය දෙන්න කියා ඉල්ලා සිටිනවා යයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, හොරොව්පොතාන ආසන සංවිධායක එම්. සහිඳු යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.
“දුක-කඳුල වේදනාව යළි විඳින්න ඉඩක් තබන්නේ නෑ“
0
hp_train_0087
(හර්ෂණ තුෂාර සිල්වා)ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.මේ වසරේ 6 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව නිවේදනය කළේය.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඔක්තෝබර් 10 වැනිදා රැස්වී එම තීරණය ගෙන තිබේ.ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 7 සහ සියයට 8 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඊට අමතරව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ද පවතින සියයට 5 මට්ටමේ පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ මූල්‍ය වෙළෙඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.මුදල් මණ්ඩලයේ මෙම තීරණය උද්ධමනය සියයට 4ත් 6ත් අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන බවත් මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටම ළඟාවීම සඳහා සහාය වනු ඇතැයි ද හෙතෙම කීය. 
ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට මහ බැංකුව තීරණය කරයි
1
hp_train_0088
(පැතුම් දර්ශන) එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර  තියුණු තරඟයක් නිර්මාණය වී ඇති බවට  තොරතුරු අනාවරණය වෙයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු අතර මෙම තරඟය පවතින බවද ඒ වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ අනිකුත් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබා ගැනීමට ඔවුන් දැඩි උත්සාහයක නිරතවන බවද වැඩිදුරටත් අනාවරණය වෙයි. හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ වර්තමාන සභාපතිවරයා ලෙස චාරික උදයංග විජෙරත්න මහතා කටයුතු කරන අතර ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හොරොව්පොතාන මැතිවරණ කොට්ඨාසයෙන්  තේරී පත්විය.  2018 වසරේ අප්‍රේල් 8 වනදා සිට මේ දක්වා ඔහු සිය තනතුර හොබවනු ලබයි.ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කළ අතර එහිදී ඔවුන්ට මන්ත්‍රී ධූර 8ක් හිමිවිය. එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීධූර 7ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීධුර 4ක් සහ එක් ස්වාධීන මන්ත්‍රීධූරයක් හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවට හිමිවිය.පසුව  සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී වර්තමාන සභාපති චාරික උදයංග විජෙරත්න මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ සහ ස්වාධීන මන්ත්‍රී හිමිනමගේ ඡන්දය හිමිවීමෙන් ඔහු සභාපති ධුරයට පත්විය.මේ වන විට කෙසේ හො වර්තමාන සභාපතිවරයා ඉවත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ප්‍රධානතම අරමුණ වී ඇතිමුත්, පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සභාපතිධූරය ලබාගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ගැටලු පැන නැගී ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම තත්වය හමුවේ වත්මන් සභාපතිවරයා  2020 වසර වෙනුවෙන් වන  අයවැය කෙටුම්පත ලබන 28 වනදා සභාවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.මේ සම්බන්ධයෙන් හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ සභාපති චාරික උදයංග විජේරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීය. "ප්‍රාදේශීය සභා පනත අනුව ඉල්ලා අස්වීමකින් තොරව සභාපතිවරයෙකු වෙනස් කිරීමේ ක්‍රමවේදයක් නෑ. මම ඉදිරියේදී ක්‍රියා කරන්නේ ප්‍රාදේශීය සභා පනත අනුව. එයින් පිට කිසිදු ක්‍රියාමාර්ගයකට මම එකඟ වෙන්නෑ"යැයි සභාපතිවරයා කීය.
මැදවච්චිය ප්‍රා.සභාවේ සභාපතිධුරය කුසපත් ඇදීමෙන් පොහොට්ටුවට
0
hp_train_0089
(උණවටුන ඩී.ජී. සුගතපාල) ගාල්ල නගරය ආසන්නයේ උපනගරයක පදිංචිකරුවකු වන ඔහු රැකියාව කළේ අගනුවරය. සෑම සති අන්තයේම බිරිඳ සහ දරුවන් දෙදෙනා බැලීමට නිවසට එන ඔහු පැණි රස කෑමක් ගෙන එන්නට අමතක නොකළේය. ඒ බිරිඳ පැණි රස කෑමට ආසා නිසාය. සැමියා පැමිණි වහාම ඔහුගේ ගමන් මල්ල අවුස්සා ගෙනා පැණි රස කෑම සෙවීමද බිරිඳගේ සිරිතය. කොවිඩ් 19 හේතුවෙන් පසුගිය දිනවල බස්නාහිර පළාතට පනවා තිබූ ඇඳිරි නීතිය නිසා ඔහුට මසක පමණ කාලයක් නිවසට ඒමට නොහැකි විය. ඇඳිරි නීතිය ඉවත් කළ වහාම ඔහු නිවසට පැමිණයේය. ඔහු එන බව දැන ගත් බිරිඳ සහ දරුවෝ මහත් සොම්නසට පත්වූහ. කොළඹ සිට බසයෙන් පැමිණි ඔහු හන්දියෙන් බැස  ත්‍රිරෝද රථයක නැගී ගෙදර ගියේය. ඔහු එනතුරු බිරිඳ සහ දරුවන් උළුවස්ස උඩය. ගත වූ මාසය සැමියාටත් බිරිඳටත් දරුවන්ටත් කල්පයක් තරම් විය. නිවසට පැමිණෙන විටම දෑත් සෝදා ගැනීමට බිරිඳ සියලු කටයුතු සූදානම් කර තිබිණි. කොළඹ සිට පැමිණෙන නිසා විශේෂයෙන් ඇය ඒ ගැන සැලකිලිමත් වූවාය. දෑත් සෝදාගෙන නිවසට පැමිණීමෙන් පසු සියල්ලෝම එකි නෙකා බදාගනිමින් සතුටු වූහ. ඔහුට පළමුවෙන්ම අවශ්‍ය වූයේ ඇඟසෝදා ගැනීමටය. ඒ නිසා ඔහු නාන කාමරයට වැදුණේය. මේ අතර බිරිඳ ඔහුගේ ගමන් මල්ල අවුස්සන්න වූවාය. එහි එක සාක්කුවක තිබී ඇයට හමුවූයේ පැණි රස කෑමක් නොව ඇය කිසි දිනෙක බලාපොරොත්තු නොවූ දෙයකි. එහි තිබුණේ කාන්තාවකගේ යට සායකි. එය අතට ගත් ඇයට ඉවසුම් නැති විය. ඒ සමගම යාබද නිවසේ පදිංචි ඥාති සොහොයුරිය දිව ආවාය. අක්කේ අයියා ආවද? ඥාති සොහොයුරිය ඇසුවාය. ආව තමයි ඇයි නංගි මොකද? බිරිඳගේ කට හඬේ තිබුණේ ශෝකය හා කෝපය මුසු ස්වරයකි. අක්කේ අයියා එදා ඉල්ලගෙන ගිය බෑග් එකේ මගේ යට සායක් ඇති බලන්න ඒක තියෙනවද කියලා. ඥාති සොහොයුරියගේ කීම සැබෑවක් බව ඇයට වැටහුණේ එවිටය. ඔහුගේ ගමන් මල්ල අබලන් වීම නිසා එදා කොළඹ යද්දී යාබද නිවසේ ඥාති සොහොයුරියගේ ගමන් මල්ල ඉල්ලා ගෙන ගිය බව ඇයට මතක් විය. හා තිබුණ තමයි ඇය කීවාය. ඒ සමගම ඇඟ පිස දමමින් සැමියා එනු දුටු ඇයගේ සැකය හා කෝපය පහව ගොස් මුවට නැගුණේ සිනාවකි. මාර වැඩේ තමයි. ඔය සාය දැකල වැඩ පලේ යාලුවොත් මට හිනා වුණා. ඔහු සිනාසෙමින් කීවේය. මේ තව පොඩ්ඩෙන් මාර වැඩේ තමයි වෙන්නේ. කියමින් ඇය සැමියාට උණු තේ එකක් ගෙනැවිත් දුන්නාය. පවුල් ආරවුලක් වැලකී ගියේ නූලෙනි.
සැමියාගේ බෑගයෙන් අමුතු කෑමක් අහුවෙලා
0
hp_train_0090
මනාලියට රැග් එකක් දෙන්නට ගොස් මංගල සාරියට වූ අලාභය රැග් කණ්ඩායමට ගෙවීමට සිදුවීමේ පුවතක් මොරගොල්ලාගම හා පොල්පිතිගම අතර පිහිටි පිටිසර ගම්මානයකින් අසන්නට ලැබුණි.සිද්ධිය මෙසේය.ඇය සබරගමුව පළාතේ කාන්තාවකි. ඔහු වයඹ පළාතේය. දෙපාර්ශවය එක්ව සංවිධානය කළ මංගල උත්සවය හෝටලයේ ජයට පැවැත්විණි. පසුදින ඇය මනාලයාගේ නිවසට කැඳවාගෙන ඒමේ උත්සවයකි.මනාලයාගේ හිත මිතුරෝ නිවසට කැඳවාගෙන එන මනාලිය පිළිගැනීමට සූදානම් වූහ.ඔවුන් ඒ සඳහා විල්බැරෝවක් සරසා තිබුණි. නිවසට ළඟාවන නැකත් වේලාවට ටික වේලාවකට පෙර මනාල යුවළ ඇයගේ පාර්ශවයේ අය කැටුව නිවෙස් සීමාවට පැමිණියහ.හිත මිතුරෝ අතරමගින් මංගල යුවළ මෝටර් රථයෙන් බස්සවා ඔවුන් සැරසූ විල්බැරෝවේ ඇය හිඳුවා මනාලයාට තල්ලු කරගෙන යාමට කටයුතු සැලසුම් කළේය.මනාලයා ඇය එහි හිඳුවා තල්ලු කරගෙන යන අතරවාරයේ දී ඇය හැඳ සිටි සාරිය විල් බැරෝවේ රෝදයේ පැටලුණි. පිරිස එක්ව දැඩි අසීරුවෙන් පැටලුණු සාරිය ගලවාගෙන ඇතත් සාරියට ඉන් පලුදු වී ඇත.එය කුලී පදනමට ගෙන එන ලද සාරියකි. එහි වටිනාකම අධිකය. එම පාඩුව දරන්නට මනාලියගේ පාර්ශ්වයට නොහැකි බව ඔවුහු කීහ.කෙසේ වෙතත් විනෝදයක් තකා රැග් එකක් දෙන්නට ගිය කණ්ඩායම එම මුදල ගෙවිය යුතු බවට මනාලියගේ පාර්ශවයෙන් චෝදනා පිට චෝදනා එල්ල විය.එම අපවාදවලින් මිදෙන්නට මනාලයාගේ පාර්ශ්වය සාරියේ වටිනාකමෙන් කොටසක් ගෙවීමට එකඟ විය. ඉතිරිය රැග් කණ්ඩායම මත පැටවීමට තීරණය විය. ඇඳගෙන ආ සාරිය මනාලියටම සින්නයට දී ඒ වෙනුවෙන් අලුත්ම සාරියක් මිල දී ගෙන එය මනාලියගේ ඥාතීන් අතේ සාරිය බාරදුන් ආයතනය වෙත යැවීමට රැග් කණ්ඩායම පියවර ගත්තේය.(මොරගොල්ලාගම සිසිර කැලේගම) 
රැග් එක දෙන්න ගිය අය රැග් වී හූ වරුෂාවක්...
0
hp_train_0091
(අනීෂා මානගේ) වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14දෙනකු ඇතුළත් නොකරගත් බව කියමින් මව්පියවරු පිරිසක් අද(3) සිය දරුවන්ද සමඟ වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය අසළ ප්‍රධාන මාර්ගයේදී විරෝධතාවක නිරත වූහ. තම දරුවන්ව පාසලට ඇතුළත් කර නොගැනීම හේතුවෙන් අසාධාරණයක් සිදුව ඇතැයි කී මව්පියවරු මේ වන තෙක් දරුවන්ට විද්‍යාලයක් නොමැති බවද පැවැසූහ. වසර පහළොවකට පමණ ඉහතදී වසා දැමුණු කුඩාබැඳිවැව පාසල අයත් කුඩාබැඳිවැව ගම්මානයේ සිසුදරුවෝ 8දෙනක්ද මෙම විරෝධතාවට එක්ව සිටියහ. ඔවුන්ගේ මවුපියවරුන් පැවසුවේ තමන්ට ආසන්නයේ ඇති වාඩියසිල්වා විද්‍යලය හේතුවෙන් ලකුණු පහක් අඩු කර ඇති බවයි. වාඩියසිල්වා විද්‍යාලයට යාමට නිසිආකාර මාර්ගයක් නොමැති බවද පාගමනින් පමණක් එම විද්‍යාලයට යාමට හැකි බවද, ගුවන් මාර්ගය ඔස්සේ සිතියම්ගත කිරීමෙන් එම පාසල තම දරුවන්ට ළඟම පාසල ලෙස තෝරාගෙන තිබීම තමන්ට අසාධාරණ බව මවුපියවරු කීහ. කුඩාබැඳිවැව ගම්මානයේ දරුවන් 2019 වසර වන තෙක් වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයට ගත්තද මෙම වසරේදී තම දරුවන් එම විද්‍යාලයට නොගන්නා බවද ඔවුහු කීහ. විද්‍යාලය ආසන්නයේ පදිංචි වී සිටියද ඔප්පු නොමැති වීම හේතුවෙන්ද ඇතැම් දරුවන් විද්‍යාලයට ඇතුළත් කර ගෙන නොමැති බව ඇතැම් මවුවරු පැවැසූහ. දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සහ වලස්මුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ට කිහිපවාරයක් තම ගැටළු ඉදිරිපත් කළද මේවන තෙක් තමන්ට නිසි විසඳුමක් නොලැබුණු බව මව්පියවරු සඳහන් කළහ. වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට උත්සාහ කළද නිසි පිළිතුරක් ලබා දීමට කිසිවෙකුත් නොමැති බව කියමින් විද්‍යාලය තුළට ඇතුළු වීමට මාධ්‍යවේදීන්ට අවසර නොලැබිණි. වලස්මුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න වීරසේකර මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ, වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු කමිටුව රැස්කිරීමෙන් මෙම දරුවන් විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන්  තීරණයක් ගැනීමට කටයුතු කරන බවය.
පාසලට දරුවන් ඇතුළු කර නොගත්තැයි මව්පියෝ මාරාන්තික උපවාසයක් අරඹති
0
hp_train_0092
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශවල,දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තරමක් තද සුළං  තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35258545ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35268555සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.කොළඹ31278565ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල29268580වැසි ස්වල්පයක් ඇති විය හැකයාපනය34277060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29219060ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය20139065ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය31249070වැසි ස්වල්පයක් ඇති විය හැකත්‍රීකුණාමලය35258550සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මන්නාරම31268570ප්‍රධාන වශයෙන් වැසි රහිත            
‘පළාත් කීපයකට සුළු වැසි තත්ත්වයක්‘
0
hp_train_0093
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 28/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය29239585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව27239580විටින් විට වැසි.කොළඹ29259570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249080විටින් විට වැසි.යාපනය30258565විටින් විට වැසි.මහනුවර27219575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය18129575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30239570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259580විටින් විට වැසිමන්නාරම30269075සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘ඉදිරි දින කීපයේ ශ්‍රී ලංකාවට තද වැසි‘
0
hp_train_0094
බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් ‍100ක් පමණ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරු මැද පළාත්වලද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.ඌව සහ නැගෙනහිර පළාත්වලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වේ.පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල (විශේෂයෙන් මන්නාරම් බොක්ක ප්‍රදේශයේ) සහ මඩකලපුව සිට පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටක පැ.කි.මී. 60 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.
‘ඉදිරි දිනවලත් තද වැසි‘
0
hp_train_0095
(නාලක සංජීව දහනායක,ඡායාරූප ගයාන් අමරසේකර)දේශපාලනඥයන්ට පමණක් රට පාලනය කිරීමට ඉඩනොදී රාජ්‍ය පාලනයට විද්වතුන් සක‍්‍රීයව මැදිහත් විය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (4) පැවසීය.රාජ්‍ය සේවකයන් බියවැද්දීම නිසා සංවර්ධනය සම්පූර්ණයෙන්ම නතරවී තිබෙන බවත්, රාජ්‍ය සේවකයන් හිරේ යෑම ගැටලූවක් බවත් කී රාජපක්ෂ මහතා තම පාලන කාලය තුළදී රාජ්‍ය සේවකයන්ට නිදහසේ වැඩ කිරීමට ඉඩ දුන් බවත් සෑම විටම ඔවුන් ආරක්ෂා කළ බවත් සඳහන් කළේය.බොරලැස්ගමුව, ගෝල්ඩන් රෝස් හෝටලයේ පෙරේදා (4) පැවැති වියත්මඟ සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙස්ද කීය.සමහරු හිතාගෙන ඉන්නේ පොලීසියත් හිරගෙයත් තිබුණම රටක් පාලනය කළ හැකියි කියලයි. එහෙම රටක් පාලනය කරන්න බැහැ. ඒ නිසා ඇමැතිගේ අනුමැතියක් නැතුව තීන්දු ගන්න අද රජයේ සේවකයන් බයයි. රාජ්‍ය සේවය බියවැද්දුවාම රට සංවර්ධනය වෙන එක එහෙමපිටින්ම නතර වෙනවා. මේ වන විට රජයේ සේවකයෝ දෙදහසකට වැඩි පිරිසකගෙන් එෆ්.සී.අයි.ඞී. එක ප‍්‍රශ්න කරල. රාජ්‍ය සේවකයන් හිරේ යෑම ගැටලූවක්. දේශපාලනඥයන් හිරේ ගියාට කමක් නැහැ. රටේ වෙන දේවල් ගැන පාලකයන් දැනගෙන ඉන්න  ඕන. ජනතාවට පොරොන්දු දීලා සමයංටයි, ලොක්කෙටයි එකතුවෙලත් ආණ්ඩුකරන්න පුළුවන්. රටේ වෙන සිදුවීම් පත්තරවලින් දැනගන්න පාලකයන් වැඩක් නැහැ. රාජ්‍ය සේවකයන් කරන දේවල් වැරදි දේවල් නොවෙයි. අපි එදා රාජ්‍ය සේවකයන්ට වැඩ කරන්න නිදහස දුන්නා. අපේ කාලේ අපි රාජ්‍ය සේවකයන් ආරක්ෂා කළා.මට මතකයි තරුණයන් හමුදාවට බෙදන්න අදිමදි කළ යුගයක් තිබුණා. ඒ නිසා රට රකින්න හමුදා සේවයට බැඳෙන්න කියලා මම තරුණයන්ට ආයාචනය කළා. ඒ අනුව යෝෂිත කිව්වා එයාටත් හමුදාවට බෙදන්න  ඕන කියලා. රටවෙනුවෙන් හමුදාවට බැඳෙන්න කියලා  රටේ දරුවන්ගෙන් ඉල්ලීම් කරල මට මගේ දරුවව ගෙදර තියාගෙන ආරක්ෂා කරගන්න බැහැ. ඒ නිසා මම යෝෂිතට හමුදාවට බෙදන්න ඉඩ දුන්නා. මැරෙන්න මොන සුදුසුකම් ද? ඒත් එදා සමහරු යෝෂිතගේ සුදුසුකම් ගැන ඇහුවා.අපි එදා යුද්ධය මෙහෙයවද්දී මේ රටෙන් වගේම විදේශයන්ගෙනුත් නොයෙකුත් බලපෑම් ආවා. ඒත් අපි එදා ඒවාට මුහුණ දුන්නා. රට ලබාගත් ජයග‍්‍රහණ ආපසු හරවන්න දෙන්න බැහැ. රට කෑලිවලට කඩන්න අපි ඉඩ දෙන්නේ නැහැ.දේශපාලනඥයන්ට විතරක් මේ රට පාලනය කරන්න දෙන්න බැහැ. රාජ්‍ය පාලනයට විද්වතුන්  සක‍්‍රීයව මැදිහත් වෙන්න  ඕන. එවිට දියුණු රටක් ගොඩනැඟීමට හැකියාව ලැබෙනවා යැයි පැවසීය.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.අපේ රටේ උගත් බුද්ධිමත් සියලූම දෙනාම රාජ්‍ය පාලනයට සම්බන්ධ විය යුතුයි. රාජ්‍ය පාලනයට සම්බන්ධ වන සියලූම දෙනා දේශපාලනයට සම්බන්ධ විය යුතු බව අපි විශ්වාසකරන්නේ නැහැ. පසුගිය වසර නවයේදී අපි යම් ප‍්‍රමාණයකට මේ දේවල් ක‍්‍රියාත්මක කළා. මගේ අමාත්‍යාංශය තුළ වැඩකිරීමේදී විද්වතුන්ගේ අදහස්වලට ඉඩ දුන්නා. ඒ නිසා රටේ විශාල වෙනසක් කරීමට අපිට හැකියාව ලැබුණා. විද්වතුන්ගේ අදහස්වලට ඉඩනොදෙනවා නම් අපිට කවදාවත් දියුණු වෙන්න බැහැ. මේ රටේ රාජ්‍ය අංශය නොදකින දේවල් පුද්ගලික අංශය දකිනවා. ඇවන්ගාඞ් ව්‍යාපාරය ආරම්භ වුණේ එහෙමයි. ඒ ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමඟම විදේශ විනිමය විශාල වශයෙන් අපේ රටේ ඉතුරුවුණා. අද ඔවුන්ගෙනුත් එෆ්.සී.අයි.ඞී. එක ප‍්‍රශ්න කරනවා.අපේ රටේ තිබෙන නීති රීති අනුව තීරණ ගත්තත් නොගත්තත් හිරේ යනවා. මේ වගේ රාජ්‍ය තන්ත‍්‍රයක් තුළ රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. නිලධාරීන්ට තීරණ ගැනීමේ ශක්තිය දිය යුතුයි. විද්වතුන්ගේ, වෘත්තීයවේදීන්ගේ දැනුම ලබාගත්තේ නැත්නම් කවදාවත් අපිට නිර්මාණශීලී ගමනක් යන්න බැහැ. අද නිලධාරීන් තීරණ ගන්න බයයි. තීරණ ගන්න පුද්ගලයන්ට එරෙහිව විවිධ බාධාවන් ක‍්‍රියාත්මක වෙනවා. ඒ කාලේ මට හිතුණා දියත උයනේ මාර්ගවල ත‍්‍රීඞී චිත‍්‍ර අඳින්න  ඕන කියලා. ඒ වැඬේ කරන්න නිලධාරීන් මට තරුණයකු හොයල දුන්නා. අපි තීන්ත අරන් දුන්නා. ඔහු ගාස්තු අයකිරීමකින් තොරව ඉතාම හොඳට මට ඒ වැඬේ කරලා දුන්නා. ඒ තරුණයාගෙන් පවා එෆ්.සී.අයි.ඞී. ය ප‍්‍රශ්න කරලා.යමක් කිරීමේදී තමන් කරන වැඬේ ඉහළ ප‍්‍රමිතියෙන් කරන්නත්  ඕන. විශේෂයෙන්ම නාගරික සංවර්ධනයේදී නිලධාරීන්ට නිර්මාණශීලීව වැඩ කරන්න ඉඩ දෙන්න  ඕන. අලූතෙන් හිතන්න දෙන්න  ඕන. නීති රීතිවලින් ඔවුන්ව බැඳ තැබීම සුදුසු නැහැ. හොඳම උදාහරණය තමයි ෂැංග‍්‍රිලා හෝටල් ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අයෝජකයන් ඉල්ලා සිටියේ කොළඹ යුද හමුදා මූලස්ථානය පිහිටි භූමියයි. නමුත් ඒ භූමිය ලබාදීම මට ප‍්‍රශ්නයක් වුණා. යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේගොඩ ප‍්‍රදේශයේ ඉදිකරන්න වසර ගණනාවකට පෙර ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා සැලසුමක් හදල තිබුණත් මුදල් නොමැති කමින් වසර ගණනාවක් ඒ ව්‍යාපෘතිය නතරවෙලා තිබුණා. ෂැංග‍්‍රිලා ව්‍යාපෘතියෙන් ලැබුණ මුදල් යොදවා අකුරේගොඩ ප‍්‍රදේශයේ යුද හමුදා මූලස්ථානය ඉදිකිරීම ආරම්භ කළා. මේ වැඩ ටික කරන්න අපිට ගතවුණේ හරියටම සතියයි. ඒ නිසා ආයෝජනයට ඉතාම සුදුසු රට ලංකාව බව ෂැංග‍්‍රිලා ව්‍යාපාරයේ සභාපතිවරයා නිතරම කිව්වා.යුද්ධයේදී රණවිරුවන්ගේ ඉදිරි ගමන නවත්වන්න නොයෙකුත් බාධකයන් ඉදිකර තිබුණා. ඒ කාලෙදි නිතරම අහන්න ලැබුණේ අගලක් හා බැම්මක් කියන වචන දෙකයි. මේ බාධක කඩාගෙන තමයි රණවිරුවන් ඉදිරියට ගමන් කළේ. තමන් තුවාල වෙන බව හෝ තමන් මැරෙන බව ඒ බාධක කඩාගෙන ඉදිරියට යන සෙබළා දන්නවා. ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපේ රට යහපත් මාර්ගයකට ගෙන ඒමට ඔහු තමන්ගේ ජීවිතය පූජා කළා. යුද්ධයෙන් අතපය අහිමිවූ සෙබළුන් තවමත් මේ සමාජයේ ජීවත් වෙනවා.අපේ රටේ ඉන්න විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන විද්වතුන්ට එකට එකතු වෙලා තමන්ගේ අදහස් බෙදා හදාගන්න තිබෙන අවස්ථා අඩුයි. අපි වියත්මඟ සංවිධානය බිහි කළේ ජීවත් වීමට සුදුසු රටක් සකස් කිරීමටයි. ඉදිරියේ බිහිවන රජයක තනතුරු ගන්න බලාපොරොත්තුවක් නැතැයිද පැවසීය.විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ පැවසීය.අපිට උදේ ඉඳන් ? වෙනකම් ඇහෙන්නේ සංහිඳියාව කියන වචනයයි. අද මේ වචනය ගැන කතා කරන නායකයන්ට වඩා අපි ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. මේ රටේ විසිහත් වසරක් දරුණු යුද්ධයක් තිබුණා. අපි නිවැරැදි නායකත්වයක් යටතේ මේ යුද්ධය අවසන් කළා. ඒකට දැන් අයිතිකාරයන් ගොඩක් ඉන්නවා. අපි සටන්බිමේ ගහ ගත්තා. සිවිල් සංවිධාන, ආගමික නායකයන් ඇතුළු මේ රටේ ජනතාව නිරන්තරයෙන්ම අපිට ආශීර්වාද කළා. මේ ජයග‍්‍රහණය ඒ සියල්ලන්ටම අයිතියි.යුද්ධය පටන් ගත්ත කාලේ හමුදාවට බොහෝ පරාජයන් අත් වුණා. මම  ජයග‍්‍රාහී යුද හමුදාව වගේම ඒ පරාජිත හමුදාවත් නියෝජනය කළා. නමුත් මේ රටේ ක‍්‍රියාත්මක වූ සිවුවන ඊළාම් යුද්ධය තමයි රටේ මහා පෙරළියක් කළේ. අපිට පතුරමේ සිට මිසයිලය දක්වා සියලූම දේවල් ලැබුණා. සෙබළුන්ගේ චිත්ත ශක්තිය වැඩි කළා. මාවිල්ආරු සිට නන්දිකඩාල් කළපුවේදී ප‍්‍රභාකරන් අවසන් කරන තුරු යුද්ධයට ලැබුණ නායකත්වය ගැන මට කියන්න වචන නැහැ. ළ`ගදී එක නායකයෙක් කියලා තිබුණා එයා යුද්ධයෙන් සියයට අසූවක් ඉවර කළා කියලා. නමුත් ඒ කාලේදි හමුදාවට සියයට අසූවකට වඩා වැඩි දේවල් නැති වුණා.යුද්ධයේදී රණවිරුවන් කළ කැපකිරීම අනන්තයි අප‍්‍රමාණයි. අප ලැබූ අපහාස හා උපහාසත් ඒ වගේමයි. යුද්ධය පැවැති අවසන් අවුරුදු දෙකයි මාස දහයක කාලයේදී නිලධාරීන් හා සෙබළුන් 5900ක් මිය ගියා. අවසන් වසර තුනේදී සෙබළුන් හා නිලධාරීන් 2900ක් තුවාල ලැබුවා. ඉන් 1000ක් පමණ බරපතළ තුවාල ලැබුවා. පොඞ්ඩක් හිතන්න වයස අවුරුදු 18දී යුද හමුදාවට බැඳුණ තරුණයෙක් අවුරුදු 20 දී අබාධිත තත්ත්වයට පත් වුණොත් ඉතිරි මුළු ජීවිත කාලයම ඔහු ඉන්නේ ඇඳක් උඩ. ඒ දරුවාව දකින වාරයක් වාරයක් පාසා ඔහුගේ දෙමාපියන් මැරි මැරී උපදිනවා. එහෙම කැප කිරීමක් කරල ලබාගත් ජයක් මේක.2009 මැයි 19 වැනිදා උදේ 10.30 ට නන්දිකඩාල් කළපුවේදී ප‍්‍රභාකරන් හා ඔහුගේ ත‍්‍රස්තවාදී සඟයන් මෙලොවින් තුරන් කිරීමත් සමඟම ත‍්‍රස්තවාදය මේ භූමියෙන් සියයට සියයක්ම තුරන් කරලා දැම්මා. අපි ත‍්‍රස්තවාදීන් 6000ක් අත්අඩංගුවට ගත්තා. තවත් ත‍්‍රස්තවාදීන් හයදහසක් සිවිල් වැසියන් අතර සැඟවී සිටියදී අත්අඩංගුවට ගත්තා. මට මතක විදියට ත‍්‍රස්තවාදීන් 12,200ක් පුනරුත්ථාපනය කළා. ඔවුන් අද සිවිල් සමාජයේ අනෙකුත් සිවිල් වැසියන් සමඟ උරෙනුර ගැටෙමින් ජීවත් වෙනවා. ප‍්‍රභාකරන් මරාදාපු දවසේ ඉඳලා මේ රටේ බෝම්බ පිපුරුණේ නැහැ. ත‍්‍රස්තවාදී ක‍්‍රියා වාර්තා වුණේ නැහැ. පාතාලය හා එක එක්කෙනාගේ හෙංචයියන් තමයි බෝම්බ පිපිරුවේ, තුවක්කු පත්තු කළේ.මම අත්දැකීම් සහිත නිලධාරියෙක්. බුද්ධි අංශය තමයි හමුදාවක විශාලතම සම්පත. අද බුද්ධි අංශ අකර්මණ්‍ය කරලා. දැන් රට යන තත්ත්වය එතරම් සුබ නැහැ. 2010 වසරේ සිට 2014 වසර දක්වා මහාවීර දිනයට පහනක් පත්තු කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. රට බෙදන්න ක‍්‍රියාකළ ත‍්‍රස්තවාදීන් මහා වීරයන් වෙන්නේ කොහොමද?. නමුත් කියන්න කනගාටුයි 51 වැනි සේනාංකය ඉදිරිපිට මහාවීර දිනය සමරනකොට ඒ නිලධාරීන් ඔහේ බලාගෙන හිටියා. සාම්පූර් නාවික හමුදා කඳවුරේදී නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධාරියකුට බැණ වැදුණා. ඒ නාවික හමුදා නිලධාරියා එතැනදී කටයුතු කළේ සංහිඳියාව අනුවයි. සිලාවතුර නාවුක හමුදා කඳවුරට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනව කියන ප‍්‍රවෘත්තිය තමයි  මම මගේ ජීවිතයේදී අහපු අමිහිරිම ප‍්‍රවෘත්තිය. එමෙන්ම අබාධිත සෙබළුන්ට කොළඹදී පහර දීම තමයි මම දැකපු හිරිකිතම දර්ශනය. අපි නිල ඇඳුම් ඇඳපු සොල්දාදුවෝ. තවමත් ඒ නිල ඇඳුමේ උණුසුම අපිට දැනෙනවා. මේව දකින කොට අපිට හරි කළකිරීමක් දැනෙනවා. අපි හදවතින් හඬාවැටෙනව.ඊනියා සංහි`දියාවක් හදලා රට බෙදන්න සූදානම් වන විට ඒකට එරෙහිව නැඟී සිටීම අපේ යුතුකමක්. ඒක නූපන් පරපුරට අපි කරන ලොකුම මෙහෙවරක්. අපි ලබාගත් ජයග‍්‍රහණය පාවාදෙනවා නම් අපේ නම් දේශද්‍රෝහී ලැයිස්තුවේ ඉහළින්ම සඳහන් කරන්න  ඕන. ඒ නිසා බලය බෙදීමෙන් රටට හානියක් වෙනවා නම් අපි නැඟී සිටිය යුතුයි. අද වන විට ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවෝ ජීවත්වෙලා හිටිය නම් උන්වහන්සේත් අද ජාතිවාදී ලැයිස්තුවට ඇතුළත් වනවා යැයි පැවසීය.ප‍්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා මෙසේ පැවසීය.වෙනස්වන ලෝකයේ අද වනවිට ලංකාව ස්ථානගතවී තිබෙන්නේ කොතැනද?. ලංකාව අසාර්ථක රාජ්‍යයක් බව විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලය අමතමින් ප‍්‍රකාශ කළා. මගේ ජීවිත කාලයේදී නම් ලංකාව එවැනි අවනම්බුවක් විඳ නැහැ. ලංකාවට ලෝකයේ ගෞරවනීය ස්ථාන හිමිවූ යුග තුනක් තිබුණා. පළමු යුගය තමයි 1956 සිට 1979 දක්වා වූ කාලය. දෙවැනි යුගය තමයි චන්ද්‍රිකා මැතිනිය යටතේ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වූ යුගය. අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලයේදී ජාතික අවශ්‍යතාවන් අනුව අපේ විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වූ යුගයයි.ලංකාවට ලෝකයේ නම්බුකාර තත්ත්වයක් ස්ථාවරව පවත්වාගෙන යන්නේ කෙසේද. ලංකාව කුඩා දුපතක්. මේ භූගෝලීය පිහිටීම නිසාම අපේ දෛවය හුදු දේශීය සාධකවලින් නිර්මාණය වූවක් නොවෙයි. ජාතික හා ජාත්‍යන්තරය කියන සම්බන්ධතා අතර තිබෙන්නේ ඉතාම සියුම් පටලයක්. ජාත්‍යන්තරයට ජාතික වශයෙන් පිළිතුරු දෙන්න බැහැ. අපේ ජාතික අවශ්‍යතාවන්වලට ලෝකය යටකරන්න දෙන්න බැහැ. ලෝකයට අපිව යටකරන්න දෙන්නත් බැහැ.මේ සමාජය ප‍්‍රබුද්ධ යැයි කියා සිතන පුද්ගලයන්ගේ දේශපේ‍්‍රමයක් නැහැ. ඔවුන් ජාත්‍යන්තර දැනුමට පිටුපාල, දුපත් මානසිකත්වයෙන් ඉන්නේ. අපි මේක වෙනස් කරන්න  ඕන. මේ දේශපේ‍්‍රමය දියුණු දේශපේ‍්‍රමයක් වෙන්න  ඕන. අපේ සංස්කෘතිය ලෝක සංස්කෘතියේ කොටසක් කරගන්න  ඕන. අපේ ජාතිකත්වය ජාත්‍යන්තරයට පහදා දෙන්න අපිට පුළුවන් වෙන්න  ඕන. ඒක තමයි ප‍්‍රබුද්ධ දේශපේ‍්‍රමය කියන්නේ. එහෙම ප‍්‍රබුද්ධ දේශපේ‍්‍රමීන් ලංකාවේ ඉඳලා තියෙන බවද පැවසීය.ආචාර්ය නාලක ගොඩහේවා, අරූන් තම්බි මුත්තු, නීතිඥ පේ‍්‍රමනාත් දොළවත්ත, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, නීතිඥ ශ්‍රීමාල් විජේසේකර, වෛද්‍ය සීතා අරඹේපොළ, ප‍්‍රවීණ කලාකරු සුදත් රෝහණ යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, රමේෂ් පතිරණ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ මහත්වරුද, ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ගලගම ධම්මරංසි හිමිවරුද කලාකරුවන් ඇතුළු වෘත්තිකයෝ විශාල පිරිසක්ද සහභාගී වූහ.
’තිස් වසරක යුද්ධයෙන් වත් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරිවූ දේ නව ව්‍යවස්ථාවෙන් දෙන්න යනවා’
0
hp_train_0096
( ටී.කේ.ජී.කපිල )  රුපියල් ලක්ෂ 47 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු   අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.  මොහු කන්කසන්තුරෙයි , මයිලඩි උතුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි . අද  අලුයම 1.57 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .   ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්රෑම් 320 ක් , මෙතැම්පටමයින් (අයිස්) ග්රෑම් 52 ක් සහ හෂීස් ග්රෑම් 230 ක් සගවා ගෙන පැමිණ සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .   මෙම පුද්ගලයා  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , දින 07 ක කාළයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කටයුතු කරමින් සිටිති .(ඡායාරූපය - ප්‍රසාද් මුතුකුඩ)
ලක්ෂ 47 ක මත්ද්‍රව්‍ය සමඟ ලාංකිකයෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට
1
hp_train_0097
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්. හේවා)රටේ කොපමණ උසස් අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය.නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු බවට පත්ව සිටි යුගය අවසන් කර ඇති බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී සිදුවීමට නියමිත පසුගිය වංචා දූෂණ පරීක්ෂණ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහාය පතන බවද සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.මගේ දේශපාලන ජීවිතයේ 40 වන සංවත්සරය වෙනුවෙන් හැටන් මඩකළපුව බස් සේවයක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව මා බොහෝ සතුටට පත්වෙනවා. එය ඉතා වැදගත් පියවරක් බව කිව යුතුයි. දැන් මඩකළපුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මේ ප්‍රදේශයේ සිසුන්ට ගමන් පහසුව සලසා ගත හැකියි. මේ පියවර නිසා ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා. මට ආශිර්වාද කරමින් මට පන්සලේත්, මුස්ලිම් පල්ලියේත්, හින්දු කෝවිලේත් පැවැත්වූ ආගමික උත්සව පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම මෙහි පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.ඔබ සියලුම දෙනා මෙහි පැමිණ නිදහසේ සිටීම මට ප්‍රීතියක් බව කිව යුතුයි. ඔබ සියලු දෙනාටම නිදහසේ හැසිරෙන්නට අවස්ථාව අද උදාවී තිබෙනවා. අප සියලු දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කළේ මේ අරමුණ ඉටුකර ගැනීම සඳහායි. මීට පෙර මෙවන් යුගයක් තිබුණේ නැහැ. මෙරට නිදහස ස්වල්ප දෙනෙකුට පමණක් සීමා වුණා. ඒ යුගය ගැන මා අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. දැන් බියක් සැකක් නොමැතිව ජනතාවට ජිවත්වීමට තිබෙනවා. නිදහසේ ජීවත්වෙන්න පුළුවන්.ජාතිවාදය, ආගම්වාදය නැහැ. අපේ ප්‍රශ්න විසඳාගෙන අප ඉදිරියට යා යුතුයි. අද වනවිට මෙරට සම්පූර්ණ නිදහස තහවුරු කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. පොලිසිය, රාජ්‍ය සේවය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභා තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා බලය ලබාදී තිබෙනවා. ඕනෑම නිලධාරියකු කැඳවා ඕනෑම සාක්කියක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.ඔබේ ප්‍රශ්න ඇමැතිවරයකු විසඳන්නේ නැතිනම් පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළ හැකියි. එමෙන්ම අපි තොරතුරු ලබාගැනීමේ නිදහස තහවුරු කර තිබෙනවා. මෙවැනි නිදහස් සමාජයක් මීට පෙර තිබුණාද?සිරස ආයතනය මට හැමදාම බනිනවා. නමුත් මා කිසිදිනක ගොස් සිරස ආයතනය ගිනි තබා නැහැ. දවසේ පැය 24 තවත් පැයකින් වැඩි කරන්නට හැකි දැයි ඔවුන් මගෙන් ලිපියක් ලියා විමසුවා. ඒ පැයත් මට බැණවැදීම සඳහායි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අසා නිර්දේශයක් ගෙන ඔවුන්ට පිළිතුරුදීමට මා බලාපොරොත්තු වෙනවා. අද ඒ ආකාරයේ නිදහසක් තිබෙනවා.එපමණක් නොව අප දැන් දූෂණ පිළිබඳව හොයාගෙන යනවා. කිසිවකුටත් දූෂණ සිදුකිරීමට ඉඩදීමට හැකියාවක් නැහැ. පසුගිය රජයේ දූෂණ ගණනාවක් අප දැන් සොයාගෙන තිබෙනවා. පොලිසිය විසින් ඇතැම් දූෂණවලට නඩු පවරා තිබෙනවා. අනෙක් දූෂණ පිළිබඳව පරීක්ෂා කරමින් සිටිනවා. ඇතැම් දූෂණ ක්‍රියා සම්බන්ධව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කර තිබෙනවා. චෝදනා තිබේ නම් සොයා බැලිය යුතුයි. මහා බැංකුවේ බැඳුම්කරයක් පිළිබඳව චෝදනාවක් තිබුණා. ඒ පිළිබඳව සෙවීමට අපගේ නීතිඥ මහත්වරුන් යටතේ මා පළමුවෙන්ම අභ්‍යන්තර කමිටුවක් පත් කළා. ඉන්පසුව ඒ පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවට භාරදුන්නා. අප මැතිවරණය ජයග්‍රහණය කළත්, පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පත් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව කිව යුතුයි. එම කාරක සභාවත් සියලු දෙනාට විවෘත කළා. ඉන්පසුව බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නට තීරණය කළා. ඊට කිසිවකුත් විරුද්ධ වුණේ නැහැ.අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවාද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණාද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැතිනම් සුදුවෑන්වලින් ඉස්සුවා. දැන් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. මා එකක් කියන්නම්. මේ ආණ්ඩුව හොරුන් ආරක්ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක් හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවෙයි. හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා. ප්‍රසිද්ධියේ විනිවිද භාවයෙන් පරීක්ෂණ කරන්න ඉඩදෙන්න. එපමණයි.අපි දැන් ඇමෙරිකාව වගේ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමාට පරීක්ෂණ කීයක් තිබෙනවාද? මාධ්‍යයෙන් කොංග්‍රස් සභාවෙන්, විවිධ අංශවලින් පරීක්ෂණ කරනවා. සමහර වාර්තා පැමිණි පසු ඔවුන් වැරදි කර තිබේ නම් ඉවත් කරනවා. විශේෂිත කරුණකදී පරීක්ෂණ සිදු කෙරෙද්දීම ඉල්ලා අස්වෙනවා. ඇමෙරිකාවේ වගේම එංගලන්තයෙත් එසේමයි. දැන් ලංකාවේ සිදුවන්නේ එයයි. මෙය අලුත් දෙයක් නොවේ.යම් යම් දේ සිදුවුණා යැයි කියන්න ලංකාවේ මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ ඇයි? පසුගිය රජයේ දූෂණ සියල්ලම ඔවුන් වහගත්තා. ඒගොල්ලෝ ඔක්කොම කඬේ ගියා. ලංකාදීපේ කඬේ ගියා. දිවයින කඬේ ගියා. අද පත්තරේ කඬේ ගියා. ලක්බිම කඬේ ගියා. දිනමිණ කඬේ ගියා. සිළුමිණ කඬේ ගියා. දෙරණ කඬේ ගියා. කඬේ ගිය නැති කෙනෙක් කියන්න මට. ඒ නිසා අපි කඬේ ගියා. අපි මේවා කළේ කියලා දැන් කියන්න බැහැ. දැන් මේවා බොරු යයි කෑගහනවා. ඕනේ නම් මට අරලියගහ මන්දිරයෙන් කෑව මාධ්‍යකරුවන් ගැනත් කියන්න පුළුවන්. මේ ගොල්ලෝ හදන්නේ ඒක වහගන්නයි.මේ දූෂණ හෙළි කරන්නට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩට කළේ මොකක්ද? ඔහුත් දූෂණ, වංචා හෙළි කළා. අන්තිමේදී උස්සලා මැරුවා. දැන් ඔවුන් කියන්නේ මොකක්ද? දූෂණ, වංචා හෙළි කරන්නට ගොස් මැරුම් කෑ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිද්ධි ගැන සොයන්න එපා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියනවා. ඒ අයගේ වංචා දූෂණ, වහගන්න අපිට ගහනවා. මෙවැනි විවෘත සමාජයක් ලංකාවේ තිබුණේ නැහැ. අපට ඡන්දය දුන්නේ ජනතාවට යහපාලනය අවශ්‍ය නිසයි. වෘත්තියවේදීන්, රජයේ සේවකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ සාධාරණ නිදහස් මෙන්ම දූෂණය නැති සමාජයක්. එම අරමුණු ඉටු කළේ නැතිනම් අපට ජනතාව ඊළඟ වාරයේ ඡන්දය දෙන්නේ නැහැ. එමෙන්ම අපට හොරුන්ගෙන් ඡන්ද ලබාගන්නත් බැහැ. අපට ලංකාදීප, දිවයින, අද පත්තරේ, ලක්බිම, දෙරණ වගේ දූෂණ වහගත් යුගයක් තිබුණේ නැහැ. අප කළ යුතුදේ සියල්ල කර තිබෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අප කරන දේ ගැන බෙරගහන්නෙත් නැහැ. අප කළ යුතු දේ වෙලාවට කරන්නම්. මාධ්‍ය නම් කළා වගේම මාධ්‍යයේ ඉන්න අයගේ නම් ද මට කියන්න පුළුවන්. නමුත් මෙවර මා එසේ කියන්නේ නැහැ.අප දැන් විවෘත සමාජයක් ඇති කර තිබෙනවා. හොරකම් කළොත් අහුවෙනවා. ඒ නිසා සොරකම් කරන්න යන්න එපා. දැන් බලන්න ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ පවුල ගැනත් හොයනවා. වැරැදි කළොත් දඬුවම් ලැබෙනවා.එමෙන්ම අප තවත් පරීක්‍ෂණ පවත්වන්නට තීරණය කර තිබෙනවා. උමා ඔය දූෂණ, වංචා ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි වඩිවෙල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් අපෙන් ඉල්ලා තිබෙනවා. උමා ඔයේ හම්බ කරගත්තේ කවුද? එයින් ජනතාවට විශාල පාඩුවක් ඇති වී තිබෙනවා.හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් රටට සිදුවුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදු වූ පාඩුව පිළිබඳව කබීර් හෂීම් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වනවිට ගුවන් සමාගම අලාභ ලබනවා. ඉතින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රාජපක්ෂ රෙජිමය විසින් ඒ 332 සුබෝපභෝගී ගුවන් යානා 8 ක් මිලදී ගෙන තිබෙනවා. එම ගුවන් යානාවලට ඇමරිකාවේ චිකාගෝ නුවර දක්වා නොනවත්වා ධාවනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් දැනට ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා පමණයි. නමුත් මොවුන් මිලදීගත් ගුවන් යානාවලට ලන්ඩන් නුවරට මෙන් දෙගුණයක දුරක් යාමට හැකියාව තිබෙනවා. මෙලෙස අවිධිමත් අයුරින් මිලදී ගත් ගුවන් යානාවලින් අප කරන්නේ මොනවාද? අප ගුවන් සමාගම අලාබ ලබන්නේ මේ ආකාරයේ තීරණ නිසයි. එම ගුවන් යානා නිසා ලැබූ අලාභය බිලියන 135 ක් බව කිව යුතුයි. හම්බන්තොට වරාය නිසා බිලියන 46 ක අලාභයක් රටට සිදුවුණා. මේ සියල්ලෙහිම එකතුව බිලියන 181 ක් වනවා. මේ පාඩු සිදුවන විට ලංකාදීපය කළේ කුමක්ද, දිවයින කළේ කුමක්ද, අද පත්තරේ කළේ කුමක්ද, ඬේලි මිරර් පුවත්පත කළේ කුමක්ද? මා මේ දේවල් කිව්වා යැයි ඬේලි මිරර් පුවත්පත මට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසත් පැවසුවා. අද ඔවුන් කතා කරන්නේ කොහොමද?දෙරණ කළේ කුමක්ද? බිලියන 181 ක් රටට සිදුවූ පාඩුව ගැන එක මාධ්‍යයක්වත් කියන්නේ නැහැ. රාජපක්ෂ සමයේ රටට මෙතරම් පාඩුවක් සිදුවී ඇතැයි හැකිනම් පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලයේ පළ කරන්නැයි මම අභියෝග කරනවා. මම ඔට්ටුවක් අල්ලනවා. එක් කෙනෙක්වත් එය කරන්නේ නැහැ. හැකි නම් අපේ වැරැදි මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සොරකම් සහ ඒවාට වගකිව යුතු අය මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව හෙළි කරන්නැයි මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. අප පළමුවෙන්ම කළේ අපේ ආණ්ඩුවට එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමයි. බැඳුම්කර සිද්ධිය පිළිබඳවත් අප පරීක්ෂණ පැවැත්වූවා. ඒ ආකාරයේ සිදුවීම් 2008 සිට 2015 දක්වා යුගයේදීත් සියගුණයකින් පමණ සිදුවී තිබෙනවා. ග්‍රීක් බැඳුම්කර මෙන්ම අනෙක් බැඳුම්කර සම්බන්ධයෙනුත් චෝදනා එල්ලවී තිබුණා. මේ සියලුම චෝදනා සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. එම චෝදනා පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යැයි මා බලාපොරොත්තු වනවා.මෙලෙස අහිමි වූ සල්ලි කන්දරාව තිබුණා නම් රටට මොනතරම් සේවයක් කරන්නට ඉඩ තිබුණාද? මෙම මුදල් රටට අහිමි වූ නිසා දුප්පත් ජනතාවට නිවාස ඉදිකර දීමේ කටයුතු අතපසු වුණා. වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකර දීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි මහතාට මා ස්තූතිවන්ත වනවා. ඉතිරි නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය වන මුදල් අප සොයා දෙන්නම්.ගිනිගත්හේන ප්‍රදේශයේ සිංහල ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ද මුදල් සොයා දෙන බවට, කේ.කේ. පියදාස ඇමැතිවරයාට පොරොන්දු වුණා. ද්‍රවිඩ භාෂා පාසල් සඳහා උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට පන්ති අරඹන්නැයි මා වසර දෙකහමාරකට පෙර දැනුම් දුන්නා. මෙහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ප්‍රගතියක් නොතිබුණා නම් අදාළ නිලධාරීන් ඊට වගකිව යුතුයි. අපට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රදේශය දියුණු කිරීමටයි. හම්බන්තොට වරාය නිසා සිදුවූ පාඩුව අප විසින් අවසන් කර තිබෙනවා. දැන් එම වරායෙන් ලැබෙන මුදල් මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ද යෙදවීමට හැකියාව තිබෙනවා. අපගේ තරුණ තරුණියන් සඳහා විශාල වශයෙන් රැකියා සොයා දිය යුතුයි. අලුතෙන් කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන හෝටල් ඉදිකරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලන රජයට ඔබේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා : - 1977 වසරේ විප්ලවීය වෙනසක් කළ ජේ.ආර්. ජයවර්ධන රජයේ කැපී පෙනෙන චරිතයක් බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටියා. එක්සත් ජාතික පක්‍ෂය වැනි දැවැන්ත පක්‍ෂයක සාමාජිකයන් බවට පත්වීමම අපට අභිමානයක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන  මහතා දැමූ අත්තිවාරම මත අද වනවිට ශක්තිමත් සමාජයක්  ගොඩනැඟී තිබෙනවා. අගමැතිතුමන් ගෙන යන වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කිරීමට අප කැපවී ක්‍රියා කරනවා. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා :-  රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන දිවියේ 40වසරට පා තැබීමෙන් පසුව පළමු දේශපාලන රැස්වීම පවත්වන්නේ හැටන් නගරයේදීයි. වතුකරයේ ජනතාව හැමදාම අගමැතිතුන් විශ්වාස කරනවා. සරත් ෆොන්සේකා මහතාට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදි ඡන්දය දෙන ලෙස එතුමා කළ ඉල්ලීමට වතුකරයේ ජනතාව ඇහුම්කන් දුන්නා. 1948 වසරේ දී ලංකාව නිදහස ලැබුවත් වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ පුළුල් අධ්‍යාපන සංකල්පය නිසා වතුකරයේ  ජනතාවට අධ්‍යාපනයේ දොර විවෘත වුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා මේ ප්‍රදේශවලින් බිහි වුණා. සියලුම ජාතීන් සම අයිතිවාසිකම් ලබාගෙන ජීවත්විය යුතු යැයි සිතන එකම නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කිව යුතුයි. වතුකරයේ ජනතාවට නිවාස අයිතිය ලබාදුන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.රනිල් වික්‍රමසිංහ මහතා තරම් අභියෝග මැද දේශපාලනයේ ඉහළට පැමිණි තවත් නායකයකු නැති බව මගේ හැඟීමයි. වතුකරයේ වත්මන් දේශපාලන ගමන ශක්තිමත් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසයි. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා :- මහ වැසි නොතකා අධික ජනකායක් මෙහි පැමිණ තිබෙනවා. අගමැතිතුමන් පාර්ලිමේන්තු දිවියේ 40 වන වසර සමරමින් සිටිනවා. එතුමන් මුලින්ම මස්කෙළියට පැමිණීම අප සැමට කළ ගෞරවයක් බව කිව යුතුයි. අප රජය යටතේ වැඩ කටයුතු රැසක් අරඹා තිබෙනවා. වසර ගණනාවක් නොසලකා හැර තිබූ මාර්ග රාශියක් දැන් ඉදිවෙමින් තිබෙනවා. ශීඝ්‍ර සංවර්ධනයත් සමග රැකි රක්‍ෂා රාශියක් ඉදිරියේදී බිහිවීමට නියමිතයි. එක්සත් ජාතික පක්‍ෂ රජයකින් හැර වෙනත් ආණ්ඩුවලින් වතුකරයට සේවයක් සිදුවී නැහැ. ඉතා හොඳ  චරිතයක් ඇති ජනතා නියෝජිතයන් පිරිසක්  අප සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත් කරමු. ඉදිරි මැතිවරණවලදීත් කුණුකන්දල් ඉවතලා හොඳ ජනතා නියෝජිතයන්  පත්කරගනිමු. සත පහක දෙයක් මා කිසිදු වංචාවක් කර තිබේ නම් ඔබ මට ඇඟිල්ල දිගු කරන්න. මා එසේ කරන්නේ සැබෑ ජනතා මෙහෙවරක් කිරීම සඳහායි යැයිද කීය.(ඡායාරූප - ශාන්ත රත්නායක)
මෙදා මුළු රටම දියුණු කරනවා
0
hp_train_0098
(ක.ග.කරුණාරත්න)මෙරට සාදන ලද බෝර 12 පතරොම් තුවක්කුවක් සහ හිස් පතරොම් කොපු 07 ක් සමඟ පුද්ගලයෙකු අද (16) මින්නේරිය ගිරිතලේ විජයරාජගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.සැකකරු ගිරිතලේ විජයරාජගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව බව පොලිසිය පැවසීය.පොලොන්නරුව කොට්ඨාස විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ගිනි අවිය වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගෙන ඇත්ද යන්න විමර්ශනය කරන බව පොලිසිය සඳහන් කළේය.
බෝර 12 ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට
1
hp_train_0099
(පොලොන්නරුව ක.ග. කරුණාරත්න)පොඩි තැනක සිට ලොකු තැනකට යනවා මිස එක පාරට ලොකු තැන්වලට යෑම හොඳ නැතැයිද ඊට හොඳම උදාහරණය තමා යැයි ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැලිකන්දේ දී පෙරේදා (31) පැවැසීය.ව්‍යාපෘති කී විට බොහෝ අය ලොකු ලොකු දේවල්වලින් පටන් ගැනීමට කැමැති බව පැවසූ ජනාධිපතිවරයා නමුත් කළ යුත්තේ එය කුඩාවට පටන් ගැනීම යැයි ද කීය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ වැලිකන්ද ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් පෙරේදා එහි පැවැති උත්සවය අමතමිනි.ජනාධිපතිවරයා මෙසේ ද කීය.අද වැලිකන්ද ප‍්‍රදේශයේ තමුන්නාන්සේලා සමඟ එක්වෙලා මේ ප‍්‍රදේශයේ සංවර්ධනයේ ප‍්‍රධාන පරිපාලන කේන්ද්‍රස්ථානයක් විදියට කටයුතු කරන පළාත් පාලන ආයතනයට නැත්නම් ප‍්‍රාදේශීය සභාවට මෙතෙක් තිබුණු ස්ථිර පහසුකම් ඇති ගොඩනැගිල්ලක අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් නව ගොඩනැගිල්ලක් විවෘත කරන අවස්ථාවට එක්වීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.මේ පළාත් පාලන ආයතනවල තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් පුළුල් ලෙස අවධානය යොමු කරමින්, දස ලක්ෂ හතළිස් හයක් වැය කරලා වැලිකන්දට තිබුණු ප‍්‍රාදේශීය සභා කාර්යාලයක අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම පිළිබඳව මම විශේෂයෙන්ම උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය ගරු පේෂල ජයරත්න මැතිතුමාට ස්තූතිවන්න වෙනවා.වැලිකන්ද ප‍්‍රදේශය, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඉතාමත් අඩු පහසුකම් තිබුණු ප‍්‍රදේශයක්. මම 1989 මුලින්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් විදියට පත් වනවිට වැලිකන්ද ප‍්‍රදේශය තිබුණු තත්ත්වයත් අසේලපුර, සිංහපුර, නවසේන පුර, සෙවනපිටිය, දිඹුලාගල, මාදුරුඔය වැනි මේ සෑම ගම්මානයකම ජන ජීවිතයේ බොහෝ අත්‍යවශ්‍ය සේවාවන්, අඩුපාඩු රාශියක් තිබුණා. මගේ මිත‍්‍ර අභාවප‍්‍රාප්ත ගාමිණී දිසානායක ඇමැතිතුමා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මාදුරුඔය ව්‍යාපෘතිය මහවැලි බී කලාපය ආරම්භ කරලා මේ ප‍්‍රදේශවල ජනතාව පදිංචි කිරීමේ කටයුතු කරලා තිබුණා. ගාමිණී දිසානායක ඇමැතිතුමාගෙන් පසුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අඩුපාඩු රාශියක් සම්පූර්ණ කරමින් එතුමා ඒ බලාපොරොත්තු වූ අරමුණු ඉදිරියට ගෙනයමින් ඒවගේම මගෙත් අලූත් අදහස් සමඟ මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ පරිවර්තනයන් රාශියක් 1994 සිට මා විසින් ඉටු කරනු ලැබුවා. මේ රටේ වැඩිම කාලයක් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ විෂය භාර ඇමැතිවරයා විදියට කටයුතු කරලා තියෙන්නේ මම. අදත් ඒ අමාත්‍යාංශය මගේ යටතේ තිබෙන්නේ.මම ජනාධිපති ධුරයට පත්වෙන්න කලින් පොදු අපේක්‍ෂකයා විදියට මාව තෝරා ගත්ත වෙලාවේදී මගේ ජයග‍්‍රහණයට වැඩ කරපු එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනිත් දේශපාලන පක්ෂ සංවිධාන 49 ක් ගිවිසුමට අත්සන් කළ වෙලාවේ මගෙන් ඇහුවා ජයග‍්‍රහණයෙන් පස්සේ ජනාධිපති ධුරය හැරුණුකොට ඔබතුමා භාරගන්න කැමැති අමාත්‍යාංශ මොනවද කියලා. ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය පැවරෙනවා. ඒ වෙලාවේ මම කිව්වා මම ඉතාමත් ප‍්‍රිය කරන ආසා කරන මේ රටට වැඩ කරන්න සේවයක් කරන්න මගේ කැමැත්ත තිබෙන අමාත්‍යාංශය තමයි මහවැලි සහ පරිසර අමාත්‍යාංශය කියලා. ඒ ගිවිසුම තුළ තමයි ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මහවැලි සහ පරිසර ඇමැතිවරයා විදියට ඒ අමාත්‍යාංශයත් මගේ යටතට පත් වුණේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 2015 දී කරන ලද 19 වෙනි සංශෝධනය තුළ ඇති වූ අමාත්‍යාංශයක් වූ ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා අමාත්‍යාංශය ව්‍යවස්ථාවෙන්ම තිබෙන්නේ ජනාධිපතිවරයා යටතට පත් විය යුතුයි කියලා.ඒ නිසා අද ඒ අමාත්‍යාංශ 03ක වගකීම මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ අපි කරන ලද, කරන පුනරුත්ථාපන, ප‍්‍රතිසංස්කරණ කටයුතු ඒවගේම නව සැලසුම්, ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කරනු ලබන නව ව්‍යාපෘති රාශියක් තිබෙනවා.මේ රටේ උතුරු මැද සහ වයඹ ප‍්‍රදේශයේ ජනතාවගේ සිහිනයක්ව තිබූ මොරගහකන්ද කළු ගඟ ජලාශයේ වැඩ පටන් අරගෙන නැවතිලා තිබුණ එම ව්‍යාපාරය මම මේ තනතුරට පත් වුණාට පසුව කඩිනම් කරලා මොරගහකන්ද ජලාශයේ වේල්ලේ බැම්මේ කටයුතු අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. අපිට තවත් තිබෙනවා කළු ගඟජලාශය සහ මොරගහකන්ද ජලාශය එකට එක් කිරීමට. ඒ සඳහා කිලෝ මීටර් හතහමාරක උමගක් සකස් කිරීමට තිබෙනවා. එයටත් ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලැබිලා තිබෙනවා.මහවැලි ව්‍යාපාර ජනපදිකයින්ගේ තිබෙන ප‍්‍රශ්න, ගැටලූ, ජීවන තත්ත්වය, ජීවන ප‍්‍රශ්න ඔවුන්ට අවශ්‍ය සුබසාධනයත් එක්ක කළ දේ මෙන්ම කළ යුතුදේ රාශියක් තිබෙනවා. නමුත් පේෂල ජයරත්න මහඇමැතිතුමා සඳහන් කළා වගේ පසුගිය ආණ්ඩු කාලය තුළ මේ ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සංවර්ධනයට අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. ආණ්ඩුව තුළ කොතෙක් කතා කළත්, කොතෙක් ඇවිටිලි කළත් ඒ කාලයේ නායකයින්ට මේ ජනතාවගේ ප‍්‍රශ්න මොනතරම් ඉදිරිපත් කළත්, ඒවාට ඒ අය සවන් දුන්නේ නැහැ. රටේ එක් ප‍්‍රදේශයක් විතරයි සංවර්ධනය වුණේ. එක් ප‍්‍රදේශයක පමණක් මහා යෝධ සංවර්ධන ව්‍යාපෘති ඉටු කරනු ලැබුවා.පේෂල ජයරත්න ඇමැතිතුමාගේ කතාවෙදි කිව්වා ප‍්‍රධාන වශයෙන් සංවර්ධන කටයුතුවලදී වැඩපිළිවෙළක් තිබුණේ නැහැයි කියන එක. වැඩපිළිවෙළක් තිබුණා. නැතුවා නොවෙයි. ඒ තිබුණු වැඩපිළිවෙළ අස්සේ තිබුණු වංචාව, දුෂණය, අක‍්‍රමිකතාවය සහ සොරකම ඒ සඳහා වැඩි පහසුකම් තිබෙන ව්‍යාපෘතිවලට තමයි මූලිකත්වය දුන්නේ. නමුත් මගේ රජයේ ප‍්‍රතිපත්තියක් විදියට මූලික සැලසුම්වලදි අපි ප‍්‍රමුඛත්වය දෙන්නේ ග‍්‍රාමීය සහ නගරවල ජීවත්වෙන සාමාන්‍ය පොදු ජනතාවගේ, අඩු ආදායම්ලාභීන්ගේ ගොවි ජනතාව ප‍්‍රමුඛ දරිද්‍රතාවයන්ට පීඩාවන්ට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ ව්‍යාපෘති සඳහායි. ඒ අනුව තමයි අපි මහවැලි බී කලාපය, දිඹුලාගල සහ වැලිකන්ද ප‍්‍රදේශවල අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් මේ වනවිට අංගසම්පූර්ණ කරමින් සිටින්නේ.පළාත් පාලන ආයතනයකට අවශ්‍ය ගොඩනැගිල්ලක් ඒ ප‍්‍රදේශයේ ජනතාවගේ අවශ්‍ය සේවාවන් සඳහා එහි පත්වෙන සභාපතිවරයාට සහ මන්ත‍්‍රී මණ්ඩලය සහ විශේෂයෙන්ම වැඩ කරන නිලධාරීන්ට, කාර්යය මණ්ඩලවලට පහසුකම් සහිත ස්ථානයක් අවශ්‍ය වෙනවා. ඒ තුළ තමයි පුළුවන්කම ලැබෙන්නේ යහපත්, නිදහස් තෘප්තිමත් මනසක් ඇතිව තමන්ගේ සේවාවන් ඉෂ්ට කරන්න.වැලිකන්ද, දිඹුලාගල වැනි ප‍්‍රදේශ ගත්විට මේ ප‍්‍රදේශයේ සේවය කරන රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන්, ඒවගේම ගුරු සේවයේ විදුහල්පතිතුමාලා ඇතුළු ගුරු මහත්මීන් ඒ සෑම කෙනෙකුටම ලංකාවේ පහසුකම් තිබෙන ප‍්‍රදේශවල තිබෙන ඒ පහසුකම් නැහැ. බොහෝ ගැටලූ සහ ප‍්‍රශ්න තිබෙනවා. ප‍්‍රවාහන ප‍්‍රශ්න තිබෙනවා. නේවාසික ප‍්‍රශ්න තිබෙනවා. ඒවගේම කාලගුණික දේශගුණික තත්ත්වයන් සමඟ ඇතිවෙන විවිධ සෞඛ්‍යමය ප‍්‍රශ්නන් තිබෙනවා. ඒ නිසා ඒ වැඩකරන පිරිස්වලට ජනතාවගේ සේවාවන් ඉෂ්ට කරන රාජ්‍ය සේවය වේවා අධ්‍යාපනය වේවා ඒ සෑම කෙනෙකුටම ඒ අවශ්‍ය පහසුකම් සැලසීම ඉතාමත් අත්‍යවශ්‍යයයි. දේශපාලනඥයින්ට ඡුන්දය ගත්ත  ඕනෑම කෙනෙකු ඒ අපහසුකම් මධ්‍යයේ වුවත් තමාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන්න බැඳී සිටිනවා.නමුත් රාජ්‍ය සේවයේ, අධ්‍යාපනය ක්ෂේත‍්‍රයේ, ගුරු සේවයේ ඒ ඉන්න සෑම කෙනෙකුටම ඒ ප‍්‍රදේශයේ ජනතාවට, දරුවන්ට ඒ සේවාවන් ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ ඒ අයට යහපත් පරිසරයක අවශ්‍ය පහසුකම් සමඟ කටයුතු කරන්න තිබෙනවා නම් පමණයි. ඒ නිසා තමයි මේ නව ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල. ඒ නිසා තමයි දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසයට අවශ්‍ය ප‍්‍රධාන කලාප අධ්‍යාපන කාර්යාලය අපි පසුගිය 10 වෙනිදා විවෘත කළේ. අපි අද උදේ හි`ගුරක්ගොඩ අධ්‍යාපන කාර්යාලය විවෘත කළා. ඒවගේම අද උදේ මැදිරිගිරිය ඈත කෙළවරේ මීගස්වැව ප‍්‍රදේශයේ ඉතාම දුෂ්කර ගම්මානයක සෞඛ්‍ය මධ්‍යස්ථානයක් විවෘත කළා. ඒ විදියට ඒ කටයුතු අපි ඉටු කරගෙන යනවා.දැන් මෙතැනින් අපි යන්නේ පොළොන්නරුව අලූත්වැව ගමට ලබාදුන්න අලූත් ගොඩනැගිල්ලක් විවෘත කරන්න. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ පාසල් 246න් මේ වනවිට පාසල් 150ක ට වැඩි සංඛ්‍යාවක ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙනවා පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ. ඒ වගේම උතුරු මැද පළාත් සභාව විදියට ගත්විට පේෂල ජයරත්න බණ්ඩාර මහඇමැතිතුමා අධ්‍යාපන ඇමැති විදියට තමන්ගේ ඇමැතිවරු හා මන්ත‍්‍රීවරු සමඟ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට පළාත් සභාව හරහාත් සේවාවන් ඉටුවෙනවා.ඒ වගේම පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ සෑම රෝහලකම පාහේ අලූත් ගොඩනැගිලි හැදෙනවා. ඒ වගේම තමයි විහාරස්ථාන රාශියක අලූත් ගොඩනැගිලි හැදෙනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ තියෙන්නේ පිරිවෙන් 15 යි. ඉන් හතක් අංගසම්පූර්ණ කරගෙන යනවා මේ දිනවල. පන්සල් රාශියකට අපි මේ වනවිට මුදල් දීලා තියෙනවා. තව දෙන්නත් තිබෙනවා. අපි වසර තුනක සැලැස්මක් මේ කරන්නේ. සියලූම පාසල්වල කටයුතුත් වසරකින් දෙකකින් කරලා ඉවර කරන්න බැහැ. රෝහල්වල අලූත් ගොඩනැගිලිත් මේ වනවිට ඉදිකරමින් පවතිනවා. විදේශ ආධාර යටතේ මුලූ වැලිකන්ද ප‍්‍රදේශයටම පානීය ජලය ලබාදෙන විශාල ව්‍යාපෘතියක වැඩ පටන්ගන්න පුළුවන්. මේ වසරේදී ප‍්‍රධාන ගිවිසුම් 5ක් පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව හා චීනය සමඟ අපි අත්සන් කරලා තියෙනවා. මේ වසරේ පටන්ගන්න මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය, ඒ වගේම කදුරුවෙල නගරයේ ආර්ථික මධ්‍යස්ථානය අංග සම්පූර්ණ කිරීමට විශාල ගොඩනැගිලි සහිතව ඉදිවෙනවා.ඒ වගේම ලංකාවේ පළමු වතාවට මම ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමකට අනුව පොළොන්නරුව, කදුරුවෙල පාසලක් හදන්නට මුදල් ලැබිලා තියෙනවා. ශ‍්‍රී ලංකා ඉන්දීය මිත‍්‍රත්ව පාසලක් ඉදිවෙනවා ඉදිරියේදි. ඒ පාසල සංහි`දියා පාසලක් ලෙසින් සිංහල, මුස්ලිම්, දෙමළ සියලූම ළමයින් සඳහා පවත්වාගෙන යනවා. ඒ වගේම මුළුලංකාවේම වකුගඩු රෝගීන් සඳහා චීන මිත‍්‍රත්වය යටතේ ලැබෙන ආධාර මත රෝහලක් ඉදිකිරීමට බිම් සකස්කරමින් පවතිනවා. අපි ලබන මාසයේ ඒ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සියලූම ඉදිකිරීම් කරලා දෙන්නේ චීනයමයි අප රටට. සෑම අංශයකම සංවර්ධනය පිළිබඳබැලූවොත් අපි පුළුල් සංවර්ධනයක් කරමින් පවතිනවා. ලංකාවේ සංවර්ධනම දිස්ත‍්‍රික්කය ලෙස ඉදිරි වසර කිහිපය තුළ ගොඩනගනවා.මම ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරන කාලේ අපි පටන්ගත්තා පුලතිසි දරුවෝ කියන වැඩසටහන. ලංකාවේ කිසිම දිස්ත‍්‍රික්කයක එවැනි වැඩසටහනක් තිබුණේ නැහැ. පුලතිසි කලා හවුල කියලා අපි වැඩසටහනක් කළා පාසල් දරුවන් එකතු කරගෙන. පුලතිසි රාවය කියලා ළමා ගුවන් විදුලි වැඩසටහනක් මම පටන් ගත්තා. 2001 එජාප ආණ්ඩුව ඇවිත් ඒක කඩලා කුඩු කරලා දාලා ගියා. මම ඒකට අත තිබ්බේ නැහැ ඊට පස්සේ. ඒ වගේම සුජාත දරුවෝ කියන වැඩසටහන අපි පටන් ගත්තා පාසල් දරුවන් සඳහා මේ දිස්ත‍්‍රික්කයේම. එදත් මම බලාපොරොත්තු වුණේ පොළොන්නරුවේ දරුවන් එගොඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි අද සූදානම් වන්නේ වැලිකන්දේ පාසල්වල ඉන්න දරුවෝ වැලිකන්දට සීමා කරන්න නෙමේ, ජාත්‍යන්තරය දක්වා ගෙන යන්නයි අපි සූදානම් වන්නේ.අපිට සංවර්ධන කාර්යයන්වලදි කිසිදු තරගකාරීත්වයක් නැහැ. අවශ්‍ය සියලූ අංශ සංවර්ධනය කරනවා. මේ වසරේ මම වෙන්කරලා තියෙනවා පොළොන්නරු දිස්ත‍්‍රික්කයට පමණක් තරුණ දරුවන්ට ස්වයං රැුකියා සඳහා රුපියල් කෝටි 100 ක් පමණ. තමන්ගේ දක්ෂතා, හැකියාවන්, නිර්මාණශීලීභාවයන් උපයෝගි කර ගනිමින් කටයුතු කරන්න පුළුවන්. මාස 7ක් ගිහින් තිබෙනවා. සුළුමුදලක් තමයි ගිහින් තියෙන්නේ ඒ ව්‍යාපෘති සඳහා. ඒ නිසා මම ඊයේ සවසත් කිව්වා, කොළඹටත් කතා කළා ඒ තිබෙන විශාල මුදල මේ දිස්ත‍්‍රික්කයේ තරුණ පිරිස් සඳහා ලබාදෙන්න කියලා.දැන් අද ව්‍යාපෘති කිව්වාම ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ ලොකු දේවල්වලින් පටන් ගන්න එක. නමුත් පටන්ගන්න  ඕන ලොකු තැනින් නෙමේ. ඒකට හොඳම උදාහරණය තමයි මම. පොඩි තැනේ ඉඳලා ලොකු තැනට යනවා මිසක් එකපාරට ලොකු තැන්වලට යන්න හොඳනැහැ. පිටරටින් ගෙන්වන කුළුබඩු මෙරට වගා කළොත් කොපමණ ආදායමක් ලබාගනීද කියල අපි අද උදෑසනත් කෘෂිකර්ම අමාත්‍යතුමාත් අපිත් කතා කළා. ඒවා වගා කළොත් ඉහළම මිලක් තිබෙනවා. ඒ වගේම අපනයනය කරන්නත් පුළුවන්. මුදල් මේ ආකාරයෙන් වෙන්කරලා තියෙන්නේ එකපාරටම ලොකු ලොකු ව්‍යාපෘතිවලට යන්න නෙමේ. පොඩිතැනේ ඉඳලා ව්‍යාපෘති පටන් ගන්නයි. මමත් රැුකියාවක් නොමැති කාලයේ ඒ වගේ දේවල් කරලා තියෙනවා. අද නව පරපුර ඒ අයගේ දක්ෂතා, කුසලතා, නිර්මාණශීලිභාවය, භාවිතා කරලා ලෝකය දකින්න අවශ්‍ය කරන මධ්‍යස්ථාන අද තිබෙනවා.වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඒ සෑම තැනම තියෙනවා. ඒ නිසා ඒ දැනුම ලබා ගැනීමට අවශ්‍ය සම්පත් ලබා ගැනීමටයි අපි විශාල මුදලක් වෙන් කරලා තිබෙන්නේ. පොළොන්නරුවට පමණක් කෝටි 100 ක් වෙන්කර තිබෙන්නේ මේ ප‍්‍රදේශවල තරුණ දරුවන්ට.අද නියඟතත්ත්වයක් තිබෙනවා. මම ඊයේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගම්මානවලට ගියා, නියඟය නිසා පීඩාවට පත්වී සිටින පිරිස් බලන්න. රටේ තුනෙන් දෙකක පමණ නියඟය තිබෙනවා. අපේ කලාපයේ අනෙක් රටවල්වලත් තත්ත්වය එයයි. දකුණු ඉන්දියාවේ කෝටි ගණනක් ඉන්නවා වතුර නැතිව, ඉතාමත් දැඩි පීඩාකාරී තත්ත්වයක. සති තුනකට පෙර මා බංග්ලාදේශයේ සංචාරයක නිරත වුණා. එහි පවතින්නේ වෙනස් තත්ත්වයක්. ගංවතුර නිසා එහි සියලූ දේ විනාශ වෙලා. ගංවතුරෙන් ගොවිතැන් විනාශවී ඇති නිසා වෙනත් රටවල් තුනකින් හාල් ගෙන්වන බවට එහි පුවත්පත් වාර්තා කර තිබුණා. පකිස්ථානයේ එක් පැත්තක ගංවතුර අනෙක් පැත්තේ නිය`ගය.ලෝකයේ සෑම රටක්ම මෙවැනි ස්වභාවික විපත්වලට මුහුණ දෙනවා. මෙය අපට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. ඒ නිසා ස්වභාව ධර්මයා සමඟ අපට සටන් කරන්න සිදුවී තිබෙනවා. මිනිසා දියුණු වුණේ ස්වභාව ධර්මයා සමඟ සටන් කරලා. නව සොයා ගැනීම් ඇතිවුණේ නව තාක්ෂණය බිහිවුණේ ඒ හේතුවෙන්. ඒ තුළිනුයි මානව සමාජයේ ඉහළම දියුණුව ඇතිවුණේ. මිනිසාගේ ආරම්භයේ සිට මේ දක්වා ස්වභාව ධර්මයා සමඟ සටන් කිරීම මිනිසාට උරුමයෙන් අයිති දෙයක්. නිය`ගයක් ගංවතුරක් ආ පමණින් අපි පසුබැසිය යුතු නැහැ. අපි ශක්තිමත්ව මේ ප‍්‍රශ්නවලට මුහුණ දීලා මේ රට යහපත් සුබවාදී ආර්ථිකයක් තිබෙන රටක් බවට පත් කළ යුතුයි.පළාත් සභාව සහයෝගය දෙයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙයි. අධ්‍යාපන, සෞඛ්‍ය අංශවල සහයෝගය ගන්න පුළුවන්. දරුවන්ගේ අනාගතයට අභියෝගයක් වන දේවල් අයහපත් තත්ත්වයන් වෙනස් කරන්න අපි යම් කැපකිරීමක් කළ යුතුයි. ගොඩනැගිල්ලේ සුන්දරත්වය මේ ප‍්‍රදේශයේ දරුවන්ගේ ජීවිතවලටත් තිබෙන්නට  ඕනෑ. ජනතාවගේ ජීවිතවලත් ඒ සුන්දරත්වය තියෙන්නට  ඕනෑ.සෑම ප‍්‍රශ්නයකටම විස`දුමක් තිබෙනවා. විස`දුමක් නැති ප‍්‍රශ්නයක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි දිනවලදී මේ ප‍්‍රදේශයේ ආයතන ප‍්‍රධානීන් සමඟ කතා කර ප‍්‍රදේශයේ කටයුතු සාර්ථක කර ගැනීමට පියවර ගන්න.මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා නැවතත් සතුටු වෙමින් ඔබෙන් සමුගන්නවා.උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න මහතා- වැලිකන්ද ප‍්‍රදේශය මහවැලි ජනපදකරණයෙන් පසුව සංවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබා දුන්න නායකයා තමයි අපේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා. තමුන්නාන්සේලාගේ ප‍්‍රදේශය හුදෙකලා වෙන්න දෙන්නේ නැතුව තනිවෙන්න දෙන්නේ නැතුව පරිපාලන වශයෙන් මේ ප‍්‍රදේශය ශක්තිමත් කිරීම සඳහා මේ ප‍්‍රදේශයට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වගේම ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයක් ලබා දුන්න නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ විතරක් නොවෙයි, එතුමා අමාත්‍යවරයෙක් හැටියට සිටින කාලය තුළදී මේ ප‍්‍රදේශයේ අධ්‍යාපනය පිළිබඳව හැඟීමකින් කටයුතු කළ නායකයෙක් කියන එක තමුන්නාන්සේලා, අපි ඉතාම හොඳින් දන්නවා.ඒ නිසා අද වැලිකන්ද ප‍්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා එතුමා විශේෂයෙන් අමාත්‍යවරයෙක් හැටියට වගේම අද මේ මහත් රටේම නායකතුමා හැටියට විශේෂ මහවැලි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් මේ ප‍්‍රදේශයේ ජන ජීවිතය ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. එම නිසා අපි කල්පනා කරලා බලන්න  ඕන තමුන්නාන්සේලාට මේ කාලය කියලා කියන්නේ ඉතාම වටිනා කාලයක්. ඒකට හේතුව තමයි අවුරුදු 732කට පස්සේ රාජාණ්ඩු සමයෙන් පසුව මේ රටේ රාජ්‍ය නායකත්වයට උතුරු මැද පළාතෙන් පොළොන්නරුවෙන් බිහිවෙන එකම ජන නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාණන්. ඒ නිසා මේ කාලය තුළ මේ ශක්තිය අරගෙන මේ ප‍්‍රදේශය මේ පළාතට අපිට දියුණු කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා සමහර අය පසුගිය ආණ්ඩුවේ කරපු දේවල් හැබැයි මේ ප‍්‍රදේශයට කරපු දේවල් නොවෙයි. මේ දිස්ත‍්‍රික්කයට කරපු දේවලූත් නොවෙයි. වෙනත් පළාතක වෙනත් ප‍්‍රදේශයක කරපු දේවල් තමයි අද සංවර්ධනය හැටියට ගෙනැල්ලා දක්වන්නේ.ඒ නිසා තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න පසුගිය කාලේ වැලිකන්ද ප‍්‍රදේශයට ආපුවහම අපිට දකින්න තියෙන ප‍්‍රධාන කාරණයක් තමයි අඩුපාඩුවක් තමයි අපිට චෝදනා කරන්නේ තමන්ගේ පාසලේ ඉගැන්වීම සඳහා ගුරුවරු නැතැයි කියන එක. ඒ නිසා අද අපිට අපේ ජනාධිපතිතුමාගේ අවුරුදු දෙකේ කාලය තුළදී එතුමාගේ ආණ්ඩු කාලය තුළදී අපට පුළුවන්කම ලැබුණා වැලිකන්දේ තිබෙන සියලූම පාසල්වලට අවශ්‍ය ගුරුවරු සැලකිය යුතු සංඛ්‍යාවක් ලබාදෙන්න.ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තව මාසයක් යන්න කලියෙන් තවත් ගුරුවරුන් 1500ක් බඳවාගෙන වැලිකන්ද ප‍්‍රදේශයේ පමණක් නොවෙයි මුළු මහත් උතුරුමැද පළාතේම ගුරු හිඟය සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න. ආයේ ගුරුවරු අපිට අඩුපාඩුවක් නැති වෙන්න. ඒ ශක්තිය ලබාදීපු නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාණන්.උතුරුමැද පළාත් සභා මන්ත‍්‍රී එන්.වී. සමන්ත මහතා ද මෙහිදී කතා කළේය.උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම හා ධීවර ඇමැති සම්පත් ශ්‍රී නිලන්ත, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන එච්.එම්. අන්සාර්, ජනක සමරසිංහ, පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, වැලිකන්ද ප‍්‍රාදේශීය මහලේකම් හර්ෂ බණ්ඩාර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
’සිංහලද දෙමළද මුස්ලිම්ද බෞද්ධද හින්දුද ඉස්ලාම්ද කතෝලිකද මට වෙනසක් නෑ’
0
hp_train_0100
(සිතුම් චතුරංග)රිමාන්ඩ් බන්ධනාගාර ගතකර  සිටින යාපනය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයා නිදහස් කරන ලෙසත් එම සිසුන් වෙත අධිකරණයෙන් ඇප නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාලයයේ අද (12)  බැනර් හා පෝස්ටර ප‍්‍රදර්ශනය කරනු ලැබීය.අධ්‍යාපනය ලබන සිසුන් සිරගතකර ඇති බවත්,  අධිකරණයෙන් රිමාණ්ඞ් බන්ධනාගාර ගතකර සිටින සිසුන් වෙත නිදහස ලබාදෙන ලෙසටද සදහන් කරමින් යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළුවන ස්ථානයේ බැනර් ප‍්‍රදර්ශනය කර  තිබිණ.යාපනය විශ්ව විද්‍යාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර මහ ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේ තිබී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුවසහිත පෝස්ටර කිහිපයක් සමග මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් පසුගිය (03)  වැනිදා  කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.යාපනය විශ්වවිද්‍යාල මහ ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.දිවාකරන්  (24)  හා ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්. බදිල්රාජ් (23) යන සිසුන් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටිති.
යාපනය සරසවියේ විරෝධතාවක්
1