id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_0101
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි‘පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා  වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද මඳ වැසි ඇති විය හැකියි‘.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.‘සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර් 20-30 ක් පමණ වේ. කෙසේවෙතත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘.2015 අප්‍රේල්  මස 23 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0102
ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ධීවරයන්ගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් ඉන්දියාව බලා යෑමට නියමිත යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. ඉන්දියාවේ ධීවරයන් නීතිවිරෝධි ලෙස උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් මෙම පිරිස ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වනු ඇත.  
ධීවර කණ්ඩායමක් ඉන්දියාවට
0
hp_train_0103
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
පළාත් රැසකට සවස තද වැසි
0
hp_train_0104
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්. හේවා)රටේ කොපමණ උසස් අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය.නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු බවට පත්ව සිටි යුගය අවසන් කර ඇති බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී සිදුවීමට නියමිත පසුගිය වංචා දූෂණ පරීක්ෂණ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහාය පතන බවද සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.මගේ දේශපාලන ජීවිතයේ 40 වන සංවත්සරය වෙනුවෙන් හැටන් මඩකළපුව බස් සේවයක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව මා බොහෝ සතුටට පත්වෙනවා. එය ඉතා වැදගත් පියවරක් බව කිව යුතුයි. දැන් මඩකළපුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මේ ප්‍රදේශයේ සිසුන්ට ගමන් පහසුව සලසා ගත හැකියි. මේ පියවර නිසා ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා. මට ආශිර්වාද කරමින් මට පන්සලේත්, මුස්ලිම් පල්ලියේත්, හින්දු කෝවිලේත් පැවැත්වූ ආගමික උත්සව පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම මෙහි පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.ඔබ සියලුම දෙනා මෙහි පැමිණ නිදහසේ සිටීම මට ප්‍රීතියක් බව කිව යුතුයි. ඔබ සියලු දෙනාටම නිදහසේ හැසිරෙන්නට අවස්ථාව අද උදාවී තිබෙනවා. අප සියලු දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කළේ මේ අරමුණ ඉටුකර ගැනීම සඳහායි. මීට පෙර මෙවන් යුගයක් තිබුණේ නැහැ. මෙරට නිදහස ස්වල්ප දෙනෙකුට පමණක් සීමා වුණා. ඒ යුගය ගැන මා අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. දැන් බියක් සැකක් නොමැතිව ජනතාවට ජිවත්වීමට තිබෙනවා. නිදහසේ ජීවත්වෙන්න පුළුවන්.ජාතිවාදය, ආගම්වාදය නැහැ. අපේ ප්‍රශ්න විසඳාගෙන අප ඉදිරියට යා යුතුයි. අද වනවිට මෙරට සම්පූර්ණ නිදහස තහවුරු කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. පොලිසිය, රාජ්‍ය සේවය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභා තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා බලය ලබාදී තිබෙනවා. ඕනෑම නිලධාරියකු කැඳවා ඕනෑම සාක්කියක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.ඔබේ ප්‍රශ්න ඇමැතිවරයකු විසඳන්නේ නැතිනම් පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළ හැකියි. එමෙන්ම අපි තොරතුරු ලබාගැනීමේ නිදහස තහවුරු කර තිබෙනවා. මෙවැනි නිදහස් සමාජයක් මීට පෙර තිබුණාද?සිරස ආයතනය මට හැමදාම බනිනවා. නමුත් මා කිසිදිනක ගොස් සිරස ආයතනය ගිනි තබා නැහැ. දවසේ පැය 24 තවත් පැයකින් වැඩි කරන්නට හැකි දැයි ඔවුන් මගෙන් ලිපියක් ලියා විමසුවා. ඒ පැයත් මට බැණවැදීම සඳහායි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අසා නිර්දේශයක් ගෙන ඔවුන්ට පිළිතුරුදීමට මා බලාපොරොත්තු වෙනවා. අද ඒ ආකාරයේ නිදහසක් තිබෙනවා.එපමණක් නොව අප දැන් දූෂණ පිළිබඳව හොයාගෙන යනවා. කිසිවකුටත් දූෂණ සිදුකිරීමට ඉඩදීමට හැකියාවක් නැහැ. පසුගිය රජයේ දූෂණ ගණනාවක් අප දැන් සොයාගෙන තිබෙනවා. පොලිසිය විසින් ඇතැම් දූෂණවලට නඩු පවරා තිබෙනවා. අනෙක් දූෂණ පිළිබඳව පරීක්ෂා කරමින් සිටිනවා. ඇතැම් දූෂණ ක්‍රියා සම්බන්ධව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කර තිබෙනවා. චෝදනා තිබේ නම් සොයා බැලිය යුතුයි. මහා බැංකුවේ බැඳුම්කරයක් පිළිබඳව චෝදනාවක් තිබුණා. ඒ පිළිබඳව සෙවීමට අපගේ නීතිඥ මහත්වරුන් යටතේ මා පළමුවෙන්ම අභ්‍යන්තර කමිටුවක් පත් කළා. ඉන්පසුව ඒ පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවට භාරදුන්නා. අප මැතිවරණය ජයග්‍රහණය කළත්, පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පත් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව කිව යුතුයි. එම කාරක සභාවත් සියලු දෙනාට විවෘත කළා. ඉන්පසුව බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නට තීරණය කළා. ඊට කිසිවකුත් විරුද්ධ වුණේ නැහැ.අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවාද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණාද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැතිනම් සුදුවෑන්වලින් ඉස්සුවා. දැන් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. මා එකක් කියන්නම්. මේ ආණ්ඩුව හොරුන් ආරක්ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක් හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවෙයි. හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා. ප්‍රසිද්ධියේ විනිවිද භාවයෙන් පරීක්ෂණ කරන්න ඉඩදෙන්න. එපමණයි.අපි දැන් ඇමෙරිකාව වගේ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමාට පරීක්ෂණ කීයක් තිබෙනවාද? මාධ්‍යයෙන් කොංග්‍රස් සභාවෙන්, විවිධ අංශවලින් පරීක්ෂණ කරනවා. සමහර වාර්තා පැමිණි පසු ඔවුන් වැරදි කර තිබේ නම් ඉවත් කරනවා. විශේෂිත කරුණකදී පරීක්ෂණ සිදු කෙරෙද්දීම ඉල්ලා අස්වෙනවා. ඇමෙරිකාවේ වගේම එංගලන්තයෙත් එසේමයි. දැන් ලංකාවේ සිදුවන්නේ එයයි. මෙය අලුත් දෙයක් නොවේ.යම් යම් දේ සිදුවුණා යැයි කියන්න ලංකාවේ මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ ඇයි? පසුගිය රජයේ දූෂණ සියල්ලම ඔවුන් වහගත්තා. ඒගොල්ලෝ ඔක්කොම කඬේ ගියා. ලංකාදීපේ කඬේ ගියා. දිවයින කඬේ ගියා. අද පත්තරේ කඬේ ගියා. ලක්බිම කඬේ ගියා. දිනමිණ කඬේ ගියා. සිළුමිණ කඬේ ගියා. දෙරණ කඬේ ගියා. කඬේ ගිය නැති කෙනෙක් කියන්න මට. ඒ නිසා අපි කඬේ ගියා. අපි මේවා කළේ කියලා දැන් කියන්න බැහැ. දැන් මේවා බොරු යයි කෑගහනවා. ඕනේ නම් මට අරලියගහ මන්දිරයෙන් කෑව මාධ්‍යකරුවන් ගැනත් කියන්න පුළුවන්. මේ ගොල්ලෝ හදන්නේ ඒක වහගන්නයි.මේ දූෂණ හෙළි කරන්නට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩට කළේ මොකක්ද? ඔහුත් දූෂණ, වංචා හෙළි කළා. අන්තිමේදී උස්සලා මැරුවා. දැන් ඔවුන් කියන්නේ මොකක්ද? දූෂණ, වංචා හෙළි කරන්නට ගොස් මැරුම් කෑ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිද්ධි ගැන සොයන්න එපා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියනවා. ඒ අයගේ වංචා දූෂණ, වහගන්න අපිට ගහනවා. මෙවැනි විවෘත සමාජයක් ලංකාවේ තිබුණේ නැහැ. අපට ඡන්දය දුන්නේ ජනතාවට යහපාලනය අවශ්‍ය නිසයි. වෘත්තියවේදීන්, රජයේ සේවකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ සාධාරණ නිදහස් මෙන්ම දූෂණය නැති සමාජයක්. එම අරමුණු ඉටු කළේ නැතිනම් අපට ජනතාව ඊළඟ වාරයේ ඡන්දය දෙන්නේ නැහැ. එමෙන්ම අපට හොරුන්ගෙන් ඡන්ද ලබාගන්නත් බැහැ. අපට ලංකාදීප, දිවයින, අද පත්තරේ, ලක්බිම, දෙරණ වගේ දූෂණ වහගත් යුගයක් තිබුණේ නැහැ. අප කළ යුතුදේ සියල්ල කර තිබෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අප කරන දේ ගැන බෙරගහන්නෙත් නැහැ. අප කළ යුතු දේ වෙලාවට කරන්නම්. මාධ්‍ය නම් කළා වගේම මාධ්‍යයේ ඉන්න අයගේ නම් ද මට කියන්න පුළුවන්. නමුත් මෙවර මා එසේ කියන්නේ නැහැ.අප දැන් විවෘත සමාජයක් ඇති කර තිබෙනවා. හොරකම් කළොත් අහුවෙනවා. ඒ නිසා සොරකම් කරන්න යන්න එපා. දැන් බලන්න ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ පවුල ගැනත් හොයනවා. වැරැදි කළොත් දඬුවම් ලැබෙනවා.එමෙන්ම අප තවත් පරීක්‍ෂණ පවත්වන්නට තීරණය කර තිබෙනවා. උමා ඔය දූෂණ, වංචා ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි වඩිවෙල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් අපෙන් ඉල්ලා තිබෙනවා. උමා ඔයේ හම්බ කරගත්තේ කවුද? එයින් ජනතාවට විශාල පාඩුවක් ඇති වී තිබෙනවා.හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් රටට සිදුවුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදු වූ පාඩුව පිළිබඳව කබීර් හෂීම් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වනවිට ගුවන් සමාගම අලාභ ලබනවා. ඉතින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රාජපක්ෂ රෙජිමය විසින් ඒ 332 සුබෝපභෝගී ගුවන් යානා 8 ක් මිලදී ගෙන තිබෙනවා. එම ගුවන් යානාවලට ඇමරිකාවේ චිකාගෝ නුවර දක්වා නොනවත්වා ධාවනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් දැනට ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා පමණයි. නමුත් මොවුන් මිලදීගත් ගුවන් යානාවලට ලන්ඩන් නුවරට මෙන් දෙගුණයක දුරක් යාමට හැකියාව තිබෙනවා. මෙලෙස අවිධිමත් අයුරින් මිලදී ගත් ගුවන් යානාවලින් අප කරන්නේ මොනවාද? අප ගුවන් සමාගම අලාබ ලබන්නේ මේ ආකාරයේ තීරණ නිසයි. එම ගුවන් යානා නිසා ලැබූ අලාභය බිලියන 135 ක් බව කිව යුතුයි. හම්බන්තොට වරාය නිසා බිලියන 46 ක අලාභයක් රටට සිදුවුණා. මේ සියල්ලෙහිම එකතුව බිලියන 181 ක් වනවා. මේ පාඩු සිදුවන විට ලංකාදීපය කළේ කුමක්ද, දිවයින කළේ කුමක්ද, අද පත්තරේ කළේ කුමක්ද, ඬේලි මිරර් පුවත්පත කළේ කුමක්ද? මා මේ දේවල් කිව්වා යැයි ඬේලි මිරර් පුවත්පත මට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසත් පැවසුවා. අද ඔවුන් කතා කරන්නේ කොහොමද?දෙරණ කළේ කුමක්ද? බිලියන 181 ක් රටට සිදුවූ පාඩුව ගැන එක මාධ්‍යයක්වත් කියන්නේ නැහැ. රාජපක්ෂ සමයේ රටට මෙතරම් පාඩුවක් සිදුවී ඇතැයි හැකිනම් පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලයේ පළ කරන්නැයි මම අභියෝග කරනවා. මම ඔට්ටුවක් අල්ලනවා. එක් කෙනෙක්වත් එය කරන්නේ නැහැ. හැකි නම් අපේ වැරැදි මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සොරකම් සහ ඒවාට වගකිව යුතු අය මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව හෙළි කරන්නැයි මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. අප පළමුවෙන්ම කළේ අපේ ආණ්ඩුවට එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමයි. බැඳුම්කර සිද්ධිය පිළිබඳවත් අප පරීක්ෂණ පැවැත්වූවා. ඒ ආකාරයේ සිදුවීම් 2008 සිට 2015 දක්වා යුගයේදීත් සියගුණයකින් පමණ සිදුවී තිබෙනවා. ග්‍රීක් බැඳුම්කර මෙන්ම අනෙක් බැඳුම්කර සම්බන්ධයෙනුත් චෝදනා එල්ලවී තිබුණා. මේ සියලුම චෝදනා සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. එම චෝදනා පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යැයි මා බලාපොරොත්තු වනවා.මෙලෙස අහිමි වූ සල්ලි කන්දරාව තිබුණා නම් රටට මොනතරම් සේවයක් කරන්නට ඉඩ තිබුණාද? මෙම මුදල් රටට අහිමි වූ නිසා දුප්පත් ජනතාවට නිවාස ඉදිකර දීමේ කටයුතු අතපසු වුණා. වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකර දීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි මහතාට මා ස්තූතිවන්ත වනවා. ඉතිරි නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය වන මුදල් අප සොයා දෙන්නම්.ගිනිගත්හේන ප්‍රදේශයේ සිංහල ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ද මුදල් සොයා දෙන බවට, කේ.කේ. පියදාස ඇමැතිවරයාට පොරොන්දු වුණා. ද්‍රවිඩ භාෂා පාසල් සඳහා උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට පන්ති අරඹන්නැයි මා වසර දෙකහමාරකට පෙර දැනුම් දුන්නා. මෙහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ප්‍රගතියක් නොතිබුණා නම් අදාළ නිලධාරීන් ඊට වගකිව යුතුයි. අපට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රදේශය දියුණු කිරීමටයි. හම්බන්තොට වරාය නිසා සිදුවූ පාඩුව අප විසින් අවසන් කර තිබෙනවා. දැන් එම වරායෙන් ලැබෙන මුදල් මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ද යෙදවීමට හැකියාව තිබෙනවා. අපගේ තරුණ තරුණියන් සඳහා විශාල වශයෙන් රැකියා සොයා දිය යුතුයි. අලුතෙන් කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන හෝටල් ඉදිකරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලන රජයට ඔබේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා : - 1977 වසරේ විප්ලවීය වෙනසක් කළ ජේ.ආර්. ජයවර්ධන රජයේ කැපී පෙනෙන චරිතයක් බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටියා. එක්සත් ජාතික පක්‍ෂය වැනි දැවැන්ත පක්‍ෂයක සාමාජිකයන් බවට පත්වීමම අපට අභිමානයක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන  මහතා දැමූ අත්තිවාරම මත අද වනවිට ශක්තිමත් සමාජයක්  ගොඩනැඟී තිබෙනවා. අගමැතිතුමන් ගෙන යන වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කිරීමට අප කැපවී ක්‍රියා කරනවා. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා :-  රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන දිවියේ 40වසරට පා තැබීමෙන් පසුව පළමු දේශපාලන රැස්වීම පවත්වන්නේ හැටන් නගරයේදීයි. වතුකරයේ ජනතාව හැමදාම අගමැතිතුන් විශ්වාස කරනවා. සරත් ෆොන්සේකා මහතාට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදි ඡන්දය දෙන ලෙස එතුමා කළ ඉල්ලීමට වතුකරයේ ජනතාව ඇහුම්කන් දුන්නා. 1948 වසරේ දී ලංකාව නිදහස ලැබුවත් වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ පුළුල් අධ්‍යාපන සංකල්පය නිසා වතුකරයේ  ජනතාවට අධ්‍යාපනයේ දොර විවෘත වුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා මේ ප්‍රදේශවලින් බිහි වුණා. සියලුම ජාතීන් සම අයිතිවාසිකම් ලබාගෙන ජීවත්විය යුතු යැයි සිතන එකම නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කිව යුතුයි. වතුකරයේ ජනතාවට නිවාස අයිතිය ලබාදුන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.රනිල් වික්‍රමසිංහ මහතා තරම් අභියෝග මැද දේශපාලනයේ ඉහළට පැමිණි තවත් නායකයකු නැති බව මගේ හැඟීමයි. වතුකරයේ වත්මන් දේශපාලන ගමන ශක්තිමත් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසයි. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා :- මහ වැසි නොතකා අධික ජනකායක් මෙහි පැමිණ තිබෙනවා. අගමැතිතුමන් පාර්ලිමේන්තු දිවියේ 40 වන වසර සමරමින් සිටිනවා. එතුමන් මුලින්ම මස්කෙළියට පැමිණීම අප සැමට කළ ගෞරවයක් බව කිව යුතුයි. අප රජය යටතේ වැඩ කටයුතු රැසක් අරඹා තිබෙනවා. වසර ගණනාවක් නොසලකා හැර තිබූ මාර්ග රාශියක් දැන් ඉදිවෙමින් තිබෙනවා. ශීඝ්‍ර සංවර්ධනයත් සමග රැකි රක්‍ෂා රාශියක් ඉදිරියේදී බිහිවීමට නියමිතයි. එක්සත් ජාතික පක්‍ෂ රජයකින් හැර වෙනත් ආණ්ඩුවලින් වතුකරයට සේවයක් සිදුවී නැහැ. ඉතා හොඳ  චරිතයක් ඇති ජනතා නියෝජිතයන් පිරිසක්  අප සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත් කරමු. ඉදිරි මැතිවරණවලදීත් කුණුකන්දල් ඉවතලා හොඳ ජනතා නියෝජිතයන්  පත්කරගනිමු. සත පහක දෙයක් මා කිසිදු වංචාවක් කර තිබේ නම් ඔබ මට ඇඟිල්ල දිගු කරන්න. මා එසේ කරන්නේ සැබෑ ජනතා මෙහෙවරක් කිරීම සඳහායි යැයිද කීය.(ඡායාරූප - ශාන්ත රත්නායක)
ජාතිවාදි-ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්න විසඳන්න බෑ
0
hp_train_0105
(මනෝප‍්‍රිය ගුණසේකර) ‘ඇවන්ට්ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ ‘රක්නා ලංකා’ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට අවසර දෙන්නේද? නැද්ද? සම්බන්ධ තීන්දුව ලබන මාර්තු 13 වැනිදා ප‍්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (6) දැනුම් දුන්නාය.ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක් තුටු පඬුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නමැති වරද සිදුකළ බවට මොවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.අල්ලස් කොමිෂන් සභාවේ සියලු කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇති හෙයින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කළ ආකාරය වැරදි බවට විත්තියේ නීතීඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය අනුව නඩුව පවත්වාගෙන යෑමට අවසර දෙන්නේද? නැද්ද? සම්බන්ධ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන සහ නීතීඥ අජිත් පතිරණ මහත්වරුන් කරුණු ඉදිරිපත් කරමින් කළ දැනුම් දීමක් සැළකිල්ලට ගනිමින් විනිසුරුවරිය එලෙස නියම කළාය.ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක් තුටු පඩුරක් ලෙස පිරිනැමු බවට ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිව ද රුපියල් ලක්‍ෂ 355ක් තුටු පඩුරක් ලෙස ලබාගත් බවට ‘‘රක්නා ලංකා’’ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් පවරා ඇති මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස නියම කළේය.මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා සහ ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණයේ පෙනී සිටියහ.ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරිය මෙම නඩුව ලබන මාර්තු 13 වැනිදා යළි කැඳවීමට නියම කළාය.පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ තුෂාරී දයාරත්න මහත්මිය පෙනී සිටියාය.විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ නවීන් මාරපන සහ නීතීඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතුළු නීතීඥ මඬුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.
නිශ්ශංක සේනාධිපතිගේ ඇප අයැදුම ප‍්‍රතික්ෂේප වෙයි
0
hp_train_0106
කෝවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 05 දෙනෙකු අද (12 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 384 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මියගිය 05 දෙනාම පිරිමි අය වෙති.මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 408 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.10 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 936 කි.
අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 317 යි
0
hp_train_0107
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සේවයට වාර්තා නොකර අද (03) එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී වතු පාලනාධිකාරියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ. මෙම උද්ඝෝෂණය සඳහා ඕල්ටන් තේ වතුයායේ, ඕල්ටන්, කිංකෝරා, නිලාවත්ත හා ඕල්ටන් පහළ යන  කොටස්වල වතු කම්කරුවෝ 700 කට ආසන්න පිරිසක් එක්ව සිටියහ. හොරණ වැවිලි සමාගමට අයත් මෙම තේ වතුයායේ උද්ඝෝෂණයට එක්ව සිටි කම්කරුවන් කියා සිටියේ, අද දින සේවයට වාර්තා කිරීමට ප්‍රථම වතු පාලනාධිකාරිය තමන්ට විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කළ බවත්, එය සමග සේවයට වාර්තා කළ යුතු බවත්, මෙතෙක් කල් නොතිබුණු එම ක්‍රියාව නිසා වතු කම්කරුවන් වන තමන් අපහසුතාවට පත්ව සිටින බවත්ය. තේ වත්තට කාලයක් තිස්සේ වෛද්‍යවරයෙකු හා ගිලන් රථයක් නොමැතිවීම,  තේ වත්ත කැළෑ වැදීම හේතුවෙන් දිවියන්ගේ දැඩි තර්ජනයක් පැවතීම, දිනකට තේ දළු කිලෝ 14 ක් නෙළමින් තිබූ ක්‍රමය වෙනස් කර කිලෝ 18 ක් අනිවාර්යයෙන් නෙළිය යුතු බවට දන්වා තිබීම, රුපියල් ලක්ෂ 67 ක් වැය කර විද්‍යුත් තරාදියක් අමු තේ දලු කිරීම සඳහා මිලදී ගෙන තිබීම, තමන්ගේ හිඟ වැටුප වන රුපියල් 50 වැඩි කර දීමට නොහැකි මෙම වතු සමාගම වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම්  ක්‍රමයෙන් කප්පාදු කරමින් සිටීම ආදිය මෙම විරෝධයට හේතු වී ඇති බව ඔවුහු කියති. දැනට වත්තේ සිටින වතු පාලකවරයා මෙම වතුයායෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින මෙම කම්කරුවෝ, තම ඉල්ලීම් ඉටුවන තෙක් වැඩ වර්ජනයක හා උද්ඝෝෂණයක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඔවුහු කියා සිටිති. අප මේ සම්බන්ධව ඕල්ටන් තේ වතුයායේ පාලනාධිකාරියෙන් කළ විමසුමකදී එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ, මෙම නව හැඳුනුම්පත හා තරාදිය නිසා වතු කම්කරුවන්ට වාසි රැසක් අත්වන බවත් එය ඔවුන් නිවැරදිව තේරුම් ගෙන නොමැති බවත්ය.
පිපිරීමකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 3 ක් රෝහලේ
0
hp_train_0108
( සිතුම් චතුරංග)මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා පෞද්ගලික බස්රථයකින් රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බස්රථ රියදුරකු හා කොන්දොස්තරවරයකු තලෙයිමන්නාරම පොලිසිය ඉදිරිපිටදී අත්අඩංගුවටගත් බව තලෙයිමන්නාරම පොලිසිය කියයි.මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා සහ මත්ද්‍රව්‍ය රැගෙනයමින් සිටි බස්රථය අත්අඩංගුවටගෙන තිබේ.බස්රථයේ අසුනක් යට සූක්ෂම ලෙස අයිස් මත්ද්‍රව්‍ය  තොගය සඟවා තිබූ බවත් දීර්ඝ කාලයක සිට සැකකාර බස් රියදුරු හා කොන්දොස්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූවන් බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.ඉන්දියාවේ සිට මෙම මත්ද්‍රව්‍ය මන්නාරම ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවූ බවද කීය.අත්අඩංගුවටගත් සැකකරුවන් තලෙයිමන්නාරම හා කට්ටුක්කාරායන්කුඩිරිප්පු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ත් 39 අතර වයසේ පසුවන්නෝ වෙති.සැකකරුවන් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.අතර තලෙයිමන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ලක්ෂ 20 ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
0
hp_train_0109
 ( රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අද (19) අලුයම අඩි දෙක බැගින් විවෘත කල බව ජලාශය බාර ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.ඊයේ රාත්‍රියේ ජලාශය වාන් මට්ටමට පැමිණි අතර මේ වනවිට එහි ජල මට්ටම මීටර් 70.8 ක් ලෙස දැක්වෙයි.ජලාශයේ වාන් දොරටු අටෙන් හතරක් විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 7000 ක ජල ධාරිතාවක් දැදුරුඔයට මුදාහැරෙන බවත් මේ හේතුවෙන් කිසිසේත්ම පහල ප්‍රදේශවලට ගංවතුර තත්වයක් ඇති නොවන බවද ඉන්ජිනේරුවරයා කීය.ඉදිරියේ දී ලැබෙන වර්ෂා තත්වය අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. දැදුරුඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි හැට දහසකි. ජලාශයෙන් ගොඩ සහ මඩ වගාබිම් අක්කර 6000 කට ජලය සැපයේ   
දැදුරුඔයේ වාන්දොරටු 4ක් විවෘත කරයි
0
hp_train_0110
(පොලොන්නරුව ක.ග. කරුණාරත්න)පොඩි තැනක සිට ලොකු තැනකට යනවා මිස එක පාරට ලොකු තැන්වලට යෑම හොඳ නැතැයිද ඊට හොඳම උදාහරණය තමා යැයි ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැලිකන්දේ දී පෙරේදා (31) පැවැසීය.ව්‍යාපෘති කී විට බොහෝ අය ලොකු ලොකු දේවල්වලින් පටන් ගැනීමට කැමැති බව පැවසූ ජනාධිපතිවරයා නමුත් කළ යුත්තේ එය කුඩාවට පටන් ගැනීම යැයි ද කීය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ වැලිකන්ද ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් පෙරේදා එහි පැවැති උත්සවය අමතමිනි.ජනාධිපතිවරයා මෙසේ ද කීය.අද වැලිකන්ද ප‍්‍රදේශයේ තමුන්නාන්සේලා සමඟ එක්වෙලා මේ ප‍්‍රදේශයේ සංවර්ධනයේ ප‍්‍රධාන පරිපාලන කේන්ද්‍රස්ථානයක් විදියට කටයුතු කරන පළාත් පාලන ආයතනයට නැත්නම් ප‍්‍රාදේශීය සභාවට මෙතෙක් තිබුණු ස්ථිර පහසුකම් ඇති ගොඩනැගිල්ලක අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් නව ගොඩනැගිල්ලක් විවෘත කරන අවස්ථාවට එක්වීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.මේ පළාත් පාලන ආයතනවල තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් පුළුල් ලෙස අවධානය යොමු කරමින්, දස ලක්ෂ හතළිස් හයක් වැය කරලා වැලිකන්දට තිබුණු ප‍්‍රාදේශීය සභා කාර්යාලයක අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම පිළිබඳව මම විශේෂයෙන්ම උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය ගරු පේෂල ජයරත්න මැතිතුමාට ස්තූතිවන්න වෙනවා.වැලිකන්ද ප‍්‍රදේශය, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඉතාමත් අඩු පහසුකම් තිබුණු ප‍්‍රදේශයක්. මම 1989 මුලින්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් විදියට පත් වනවිට වැලිකන්ද ප‍්‍රදේශය තිබුණු තත්ත්වයත් අසේලපුර, සිංහපුර, නවසේන පුර, සෙවනපිටිය, දිඹුලාගල, මාදුරුඔය වැනි මේ සෑම ගම්මානයකම ජන ජීවිතයේ බොහෝ අත්‍යවශ්‍ය සේවාවන්, අඩුපාඩු රාශියක් තිබුණා. මගේ මිත‍්‍ර අභාවප‍්‍රාප්ත ගාමිණී දිසානායක ඇමැතිතුමා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මාදුරුඔය ව්‍යාපෘතිය මහවැලි බී කලාපය ආරම්භ කරලා මේ ප‍්‍රදේශවල ජනතාව පදිංචි කිරීමේ කටයුතු කරලා තිබුණා. ගාමිණී දිසානායක ඇමැතිතුමාගෙන් පසුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අඩුපාඩු රාශියක් සම්පූර්ණ කරමින් එතුමා ඒ බලාපොරොත්තු වූ අරමුණු ඉදිරියට ගෙනයමින් ඒවගේම මගෙත් අලූත් අදහස් සමඟ මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ පරිවර්තනයන් රාශියක් 1994 සිට මා විසින් ඉටු කරනු ලැබුවා. මේ රටේ වැඩිම කාලයක් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ විෂය භාර ඇමැතිවරයා විදියට කටයුතු කරලා තියෙන්නේ මම. අදත් ඒ අමාත්‍යාංශය මගේ යටතේ තිබෙන්නේ.මම ජනාධිපති ධුරයට පත්වෙන්න කලින් පොදු අපේක්‍ෂකයා විදියට මාව තෝරා ගත්ත වෙලාවේදී මගේ ජයග‍්‍රහණයට වැඩ කරපු එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනිත් දේශපාලන පක්ෂ සංවිධාන 49 ක් ගිවිසුමට අත්සන් කළ වෙලාවේ මගෙන් ඇහුවා ජයග‍්‍රහණයෙන් පස්සේ ජනාධිපති ධුරය හැරුණුකොට ඔබතුමා භාරගන්න කැමැති අමාත්‍යාංශ මොනවද කියලා. ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය පැවරෙනවා. ඒ වෙලාවේ මම කිව්වා මම ඉතාමත් ප‍්‍රිය කරන ආසා කරන මේ රටට වැඩ කරන්න සේවයක් කරන්න මගේ කැමැත්ත තිබෙන අමාත්‍යාංශය තමයි මහවැලි සහ පරිසර අමාත්‍යාංශය කියලා. ඒ ගිවිසුම තුළ තමයි ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මහවැලි සහ පරිසර ඇමැතිවරයා විදියට ඒ අමාත්‍යාංශයත් මගේ යටතට පත් වුණේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 2015 දී කරන ලද 19 වෙනි සංශෝධනය තුළ ඇති වූ අමාත්‍යාංශයක් වූ ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා අමාත්‍යාංශය ව්‍යවස්ථාවෙන්ම තිබෙන්නේ ජනාධිපතිවරයා යටතට පත් විය යුතුයි කියලා.ඒ නිසා අද ඒ අමාත්‍යාංශ 03ක වගකීම මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ අපි කරන ලද, කරන පුනරුත්ථාපන, ප‍්‍රතිසංස්කරණ කටයුතු ඒවගේම නව සැලසුම්, ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කරනු ලබන නව ව්‍යාපෘති රාශියක් තිබෙනවා.මේ රටේ උතුරු මැද සහ වයඹ ප‍්‍රදේශයේ ජනතාවගේ සිහිනයක්ව තිබූ මොරගහකන්ද කළු ගඟ ජලාශයේ වැඩ පටන් අරගෙන නැවතිලා තිබුණ එම ව්‍යාපාරය මම මේ තනතුරට පත් වුණාට පසුව කඩිනම් කරලා මොරගහකන්ද ජලාශයේ වේල්ලේ බැම්මේ කටයුතු අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. අපිට තවත් තිබෙනවා කළු ගඟජලාශය සහ මොරගහකන්ද ජලාශය එකට එක් කිරීමට. ඒ සඳහා කිලෝ මීටර් හතහමාරක උමගක් සකස් කිරීමට තිබෙනවා. එයටත් ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලැබිලා තිබෙනවා.මහවැලි ව්‍යාපාර ජනපදිකයින්ගේ තිබෙන ප‍්‍රශ්න, ගැටලූ, ජීවන තත්ත්වය, ජීවන ප‍්‍රශ්න ඔවුන්ට අවශ්‍ය සුබසාධනයත් එක්ක කළ දේ මෙන්ම කළ යුතුදේ රාශියක් තිබෙනවා. නමුත් පේෂල ජයරත්න මහඇමැතිතුමා සඳහන් කළා වගේ පසුගිය ආණ්ඩු කාලය තුළ මේ ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සංවර්ධනයට අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. ආණ්ඩුව තුළ කොතෙක් කතා කළත්, කොතෙක් ඇවිටිලි කළත් ඒ කාලයේ නායකයින්ට මේ ජනතාවගේ ප‍්‍රශ්න මොනතරම් ඉදිරිපත් කළත්, ඒවාට ඒ අය සවන් දුන්නේ නැහැ. රටේ එක් ප‍්‍රදේශයක් විතරයි සංවර්ධනය වුණේ. එක් ප‍්‍රදේශයක පමණක් මහා යෝධ සංවර්ධන ව්‍යාපෘති ඉටු කරනු ලැබුවා.පේෂල ජයරත්න ඇමැතිතුමාගේ කතාවෙදි කිව්වා ප‍්‍රධාන වශයෙන් සංවර්ධන කටයුතුවලදී වැඩපිළිවෙළක් තිබුණේ නැහැයි කියන එක. වැඩපිළිවෙළක් තිබුණා. නැතුවා නොවෙයි. ඒ තිබුණු වැඩපිළිවෙළ අස්සේ තිබුණු වංචාව, දුෂණය, අක‍්‍රමිකතාවය සහ සොරකම ඒ සඳහා වැඩි පහසුකම් තිබෙන ව්‍යාපෘතිවලට තමයි මූලිකත්වය දුන්නේ. නමුත් මගේ රජයේ ප‍්‍රතිපත්තියක් විදියට මූලික සැලසුම්වලදි අපි ප‍්‍රමුඛත්වය දෙන්නේ ග‍්‍රාමීය සහ නගරවල ජීවත්වෙන සාමාන්‍ය පොදු ජනතාවගේ, අඩු ආදායම්ලාභීන්ගේ ගොවි ජනතාව ප‍්‍රමුඛ දරිද්‍රතාවයන්ට පීඩාවන්ට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ ව්‍යාපෘති සඳහායි. ඒ අනුව තමයි අපි මහවැලි බී කලාපය, දිඹුලාගල සහ වැලිකන්ද ප‍්‍රදේශවල අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් මේ වනවිට අංගසම්පූර්ණ කරමින් සිටින්නේ.පළාත් පාලන ආයතනයකට අවශ්‍ය ගොඩනැගිල්ලක් ඒ ප‍්‍රදේශයේ ජනතාවගේ අවශ්‍ය සේවාවන් සඳහා එහි පත්වෙන සභාපතිවරයාට සහ මන්ත‍්‍රී මණ්ඩලය සහ විශේෂයෙන්ම වැඩ කරන නිලධාරීන්ට, කාර්යය මණ්ඩලවලට පහසුකම් සහිත ස්ථානයක් අවශ්‍ය වෙනවා. ඒ තුළ තමයි පුළුවන්කම ලැබෙන්නේ යහපත්, නිදහස් තෘප්තිමත් මනසක් ඇතිව තමන්ගේ සේවාවන් ඉෂ්ට කරන්න.වැලිකන්ද, දිඹුලාගල වැනි ප‍්‍රදේශ ගත්විට මේ ප‍්‍රදේශයේ සේවය කරන රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන්, ඒවගේම ගුරු සේවයේ විදුහල්පතිතුමාලා ඇතුළු ගුරු මහත්මීන් ඒ සෑම කෙනෙකුටම ලංකාවේ පහසුකම් තිබෙන ප‍්‍රදේශවල තිබෙන ඒ පහසුකම් නැහැ. බොහෝ ගැටලූ සහ ප‍්‍රශ්න තිබෙනවා. ප‍්‍රවාහන ප‍්‍රශ්න තිබෙනවා. නේවාසික ප‍්‍රශ්න තිබෙනවා. ඒවගේම කාලගුණික දේශගුණික තත්ත්වයන් සමඟ ඇතිවෙන විවිධ සෞඛ්‍යමය ප‍්‍රශ්නන් තිබෙනවා. ඒ නිසා ඒ වැඩකරන පිරිස්වලට ජනතාවගේ සේවාවන් ඉෂ්ට කරන රාජ්‍ය සේවය වේවා අධ්‍යාපනය වේවා ඒ සෑම කෙනෙකුටම ඒ අවශ්‍ය පහසුකම් සැලසීම ඉතාමත් අත්‍යවශ්‍යයයි. දේශපාලනඥයින්ට ඡුන්දය ගත්ත  ඕනෑම කෙනෙකු ඒ අපහසුකම් මධ්‍යයේ වුවත් තමාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන්න බැඳී සිටිනවා.නමුත් රාජ්‍ය සේවයේ, අධ්‍යාපනය ක්ෂේත‍්‍රයේ, ගුරු සේවයේ ඒ ඉන්න සෑම කෙනෙකුටම ඒ ප‍්‍රදේශයේ ජනතාවට, දරුවන්ට ඒ සේවාවන් ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ ඒ අයට යහපත් පරිසරයක අවශ්‍ය පහසුකම් සමඟ කටයුතු කරන්න තිබෙනවා නම් පමණයි. ඒ නිසා තමයි මේ නව ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල. ඒ නිසා තමයි දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසයට අවශ්‍ය ප‍්‍රධාන කලාප අධ්‍යාපන කාර්යාලය අපි පසුගිය 10 වෙනිදා විවෘත කළේ. අපි අද උදේ හි`ගුරක්ගොඩ අධ්‍යාපන කාර්යාලය විවෘත කළා. ඒවගේම අද උදේ මැදිරිගිරිය ඈත කෙළවරේ මීගස්වැව ප‍්‍රදේශයේ ඉතාම දුෂ්කර ගම්මානයක සෞඛ්‍ය මධ්‍යස්ථානයක් විවෘත කළා. ඒ විදියට ඒ කටයුතු අපි ඉටු කරගෙන යනවා.දැන් මෙතැනින් අපි යන්නේ පොළොන්නරුව අලූත්වැව ගමට ලබාදුන්න අලූත් ගොඩනැගිල්ලක් විවෘත කරන්න. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ පාසල් 246න් මේ වනවිට පාසල් 150ක ට වැඩි සංඛ්‍යාවක ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙනවා පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ. ඒ වගේම උතුරු මැද පළාත් සභාව විදියට ගත්විට පේෂල ජයරත්න බණ්ඩාර මහඇමැතිතුමා අධ්‍යාපන ඇමැති විදියට තමන්ගේ ඇමැතිවරු හා මන්ත‍්‍රීවරු සමඟ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට පළාත් සභාව හරහාත් සේවාවන් ඉටුවෙනවා.ඒ වගේම පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ සෑම රෝහලකම පාහේ අලූත් ගොඩනැගිලි හැදෙනවා. ඒ වගේම තමයි විහාරස්ථාන රාශියක අලූත් ගොඩනැගිලි හැදෙනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ තියෙන්නේ පිරිවෙන් 15 යි. ඉන් හතක් අංගසම්පූර්ණ කරගෙන යනවා මේ දිනවල. පන්සල් රාශියකට අපි මේ වනවිට මුදල් දීලා තියෙනවා. තව දෙන්නත් තිබෙනවා. අපි වසර තුනක සැලැස්මක් මේ කරන්නේ. සියලූම පාසල්වල කටයුතුත් වසරකින් දෙකකින් කරලා ඉවර කරන්න බැහැ. රෝහල්වල අලූත් ගොඩනැගිලිත් මේ වනවිට ඉදිකරමින් පවතිනවා. විදේශ ආධාර යටතේ මුලූ වැලිකන්ද ප‍්‍රදේශයටම පානීය ජලය ලබාදෙන විශාල ව්‍යාපෘතියක වැඩ පටන්ගන්න පුළුවන්. මේ වසරේදී ප‍්‍රධාන ගිවිසුම් 5ක් පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව හා චීනය සමඟ අපි අත්සන් කරලා තියෙනවා. මේ වසරේ පටන්ගන්න මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය, ඒ වගේම කදුරුවෙල නගරයේ ආර්ථික මධ්‍යස්ථානය අංග සම්පූර්ණ කිරීමට විශාල ගොඩනැගිලි සහිතව ඉදිවෙනවා.ඒ වගේම ලංකාවේ පළමු වතාවට මම ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමකට අනුව පොළොන්නරුව, කදුරුවෙල පාසලක් හදන්නට මුදල් ලැබිලා තියෙනවා. ශ‍්‍රී ලංකා ඉන්දීය මිත‍්‍රත්ව පාසලක් ඉදිවෙනවා ඉදිරියේදි. ඒ පාසල සංහි`දියා පාසලක් ලෙසින් සිංහල, මුස්ලිම්, දෙමළ සියලූම ළමයින් සඳහා පවත්වාගෙන යනවා. ඒ වගේම මුළුලංකාවේම වකුගඩු රෝගීන් සඳහා චීන මිත‍්‍රත්වය යටතේ ලැබෙන ආධාර මත රෝහලක් ඉදිකිරීමට බිම් සකස්කරමින් පවතිනවා. අපි ලබන මාසයේ ඒ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සියලූම ඉදිකිරීම් කරලා දෙන්නේ චීනයමයි අප රටට. සෑම අංශයකම සංවර්ධනය පිළිබඳබැලූවොත් අපි පුළුල් සංවර්ධනයක් කරමින් පවතිනවා. ලංකාවේ සංවර්ධනම දිස්ත‍්‍රික්කය ලෙස ඉදිරි වසර කිහිපය තුළ ගොඩනගනවා.මම ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරන කාලේ අපි පටන්ගත්තා පුලතිසි දරුවෝ කියන වැඩසටහන. ලංකාවේ කිසිම දිස්ත‍්‍රික්කයක එවැනි වැඩසටහනක් තිබුණේ නැහැ. පුලතිසි කලා හවුල කියලා අපි වැඩසටහනක් කළා පාසල් දරුවන් එකතු කරගෙන. පුලතිසි රාවය කියලා ළමා ගුවන් විදුලි වැඩසටහනක් මම පටන් ගත්තා. 2001 එජාප ආණ්ඩුව ඇවිත් ඒක කඩලා කුඩු කරලා දාලා ගියා. මම ඒකට අත තිබ්බේ නැහැ ඊට පස්සේ. ඒ වගේම සුජාත දරුවෝ කියන වැඩසටහන අපි පටන් ගත්තා පාසල් දරුවන් සඳහා මේ දිස්ත‍්‍රික්කයේම. එදත් මම බලාපොරොත්තු වුණේ පොළොන්නරුවේ දරුවන් එගොඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි අද සූදානම් වන්නේ වැලිකන්දේ පාසල්වල ඉන්න දරුවෝ වැලිකන්දට සීමා කරන්න නෙමේ, ජාත්‍යන්තරය දක්වා ගෙන යන්නයි අපි සූදානම් වන්නේ.අපිට සංවර්ධන කාර්යයන්වලදි කිසිදු තරගකාරීත්වයක් නැහැ. අවශ්‍ය සියලූ අංශ සංවර්ධනය කරනවා. මේ වසරේ මම වෙන්කරලා තියෙනවා පොළොන්නරු දිස්ත‍්‍රික්කයට පමණක් තරුණ දරුවන්ට ස්වයං රැුකියා සඳහා රුපියල් කෝටි 100 ක් පමණ. තමන්ගේ දක්ෂතා, හැකියාවන්, නිර්මාණශීලීභාවයන් උපයෝගි කර ගනිමින් කටයුතු කරන්න පුළුවන්. මාස 7ක් ගිහින් තිබෙනවා. සුළුමුදලක් තමයි ගිහින් තියෙන්නේ ඒ ව්‍යාපෘති සඳහා. ඒ නිසා මම ඊයේ සවසත් කිව්වා, කොළඹටත් කතා කළා ඒ තිබෙන විශාල මුදල මේ දිස්ත‍්‍රික්කයේ තරුණ පිරිස් සඳහා ලබාදෙන්න කියලා.දැන් අද ව්‍යාපෘති කිව්වාම ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ ලොකු දේවල්වලින් පටන් ගන්න එක. නමුත් පටන්ගන්න  ඕන ලොකු තැනින් නෙමේ. ඒකට හොඳම උදාහරණය තමයි මම. පොඩි තැනේ ඉඳලා ලොකු තැනට යනවා මිසක් එකපාරට ලොකු තැන්වලට යන්න හොඳනැහැ. පිටරටින් ගෙන්වන කුළුබඩු මෙරට වගා කළොත් කොපමණ ආදායමක් ලබාගනීද කියල අපි අද උදෑසනත් කෘෂිකර්ම අමාත්‍යතුමාත් අපිත් කතා කළා. ඒවා වගා කළොත් ඉහළම මිලක් තිබෙනවා. ඒ වගේම අපනයනය කරන්නත් පුළුවන්. මුදල් මේ ආකාරයෙන් වෙන්කරලා තියෙන්නේ එකපාරටම ලොකු ලොකු ව්‍යාපෘතිවලට යන්න නෙමේ. පොඩිතැනේ ඉඳලා ව්‍යාපෘති පටන් ගන්නයි. මමත් රැුකියාවක් නොමැති කාලයේ ඒ වගේ දේවල් කරලා තියෙනවා. අද නව පරපුර ඒ අයගේ දක්ෂතා, කුසලතා, නිර්මාණශීලිභාවය, භාවිතා කරලා ලෝකය දකින්න අවශ්‍ය කරන මධ්‍යස්ථාන අද තිබෙනවා.වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඒ සෑම තැනම තියෙනවා. ඒ නිසා ඒ දැනුම ලබා ගැනීමට අවශ්‍ය සම්පත් ලබා ගැනීමටයි අපි විශාල මුදලක් වෙන් කරලා තිබෙන්නේ. පොළොන්නරුවට පමණක් කෝටි 100 ක් වෙන්කර තිබෙන්නේ මේ ප‍්‍රදේශවල තරුණ දරුවන්ට.අද නියඟතත්ත්වයක් තිබෙනවා. මම ඊයේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගම්මානවලට ගියා, නියඟය නිසා පීඩාවට පත්වී සිටින පිරිස් බලන්න. රටේ තුනෙන් දෙකක පමණ නියඟය තිබෙනවා. අපේ කලාපයේ අනෙක් රටවල්වලත් තත්ත්වය එයයි. දකුණු ඉන්දියාවේ කෝටි ගණනක් ඉන්නවා වතුර නැතිව, ඉතාමත් දැඩි පීඩාකාරී තත්ත්වයක. සති තුනකට පෙර මා බංග්ලාදේශයේ සංචාරයක නිරත වුණා. එහි පවතින්නේ වෙනස් තත්ත්වයක්. ගංවතුර නිසා එහි සියලූ දේ විනාශ වෙලා. ගංවතුරෙන් ගොවිතැන් විනාශවී ඇති නිසා වෙනත් රටවල් තුනකින් හාල් ගෙන්වන බවට එහි පුවත්පත් වාර්තා කර තිබුණා. පකිස්ථානයේ එක් පැත්තක ගංවතුර අනෙක් පැත්තේ නිය`ගය.ලෝකයේ සෑම රටක්ම මෙවැනි ස්වභාවික විපත්වලට මුහුණ දෙනවා. මෙය අපට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. ඒ නිසා ස්වභාව ධර්මයා සමඟ අපට සටන් කරන්න සිදුවී තිබෙනවා. මිනිසා දියුණු වුණේ ස්වභාව ධර්මයා සමඟ සටන් කරලා. නව සොයා ගැනීම් ඇතිවුණේ නව තාක්ෂණය බිහිවුණේ ඒ හේතුවෙන්. ඒ තුළිනුයි මානව සමාජයේ ඉහළම දියුණුව ඇතිවුණේ. මිනිසාගේ ආරම්භයේ සිට මේ දක්වා ස්වභාව ධර්මයා සමඟ සටන් කිරීම මිනිසාට උරුමයෙන් අයිති දෙයක්. නිය`ගයක් ගංවතුරක් ආ පමණින් අපි පසුබැසිය යුතු නැහැ. අපි ශක්තිමත්ව මේ ප‍්‍රශ්නවලට මුහුණ දීලා මේ රට යහපත් සුබවාදී ආර්ථිකයක් තිබෙන රටක් බවට පත් කළ යුතුයි.පළාත් සභාව සහයෝගය දෙයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙයි. අධ්‍යාපන, සෞඛ්‍ය අංශවල සහයෝගය ගන්න පුළුවන්. දරුවන්ගේ අනාගතයට අභියෝගයක් වන දේවල් අයහපත් තත්ත්වයන් වෙනස් කරන්න අපි යම් කැපකිරීමක් කළ යුතුයි. ගොඩනැගිල්ලේ සුන්දරත්වය මේ ප‍්‍රදේශයේ දරුවන්ගේ ජීවිතවලටත් තිබෙන්නට  ඕනෑ. ජනතාවගේ ජීවිතවලත් ඒ සුන්දරත්වය තියෙන්නට  ඕනෑ.සෑම ප‍්‍රශ්නයකටම විස`දුමක් තිබෙනවා. විස`දුමක් නැති ප‍්‍රශ්නයක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි දිනවලදී මේ ප‍්‍රදේශයේ ආයතන ප‍්‍රධානීන් සමඟ කතා කර ප‍්‍රදේශයේ කටයුතු සාර්ථක කර ගැනීමට පියවර ගන්න.මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා නැවතත් සතුටු වෙමින් ඔබෙන් සමුගන්නවා.උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න මහතා- වැලිකන්ද ප‍්‍රදේශය මහවැලි ජනපදකරණයෙන් පසුව සංවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබා දුන්න නායකයා තමයි අපේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා. තමුන්නාන්සේලාගේ ප‍්‍රදේශය හුදෙකලා වෙන්න දෙන්නේ නැතුව තනිවෙන්න දෙන්නේ නැතුව පරිපාලන වශයෙන් මේ ප‍්‍රදේශය ශක්තිමත් කිරීම සඳහා මේ ප‍්‍රදේශයට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වගේම ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයක් ලබා දුන්න නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ විතරක් නොවෙයි, එතුමා අමාත්‍යවරයෙක් හැටියට සිටින කාලය තුළදී මේ ප‍්‍රදේශයේ අධ්‍යාපනය පිළිබඳව හැඟීමකින් කටයුතු කළ නායකයෙක් කියන එක තමුන්නාන්සේලා, අපි ඉතාම හොඳින් දන්නවා.ඒ නිසා අද වැලිකන්ද ප‍්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා එතුමා විශේෂයෙන් අමාත්‍යවරයෙක් හැටියට වගේම අද මේ මහත් රටේම නායකතුමා හැටියට විශේෂ මහවැලි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් මේ ප‍්‍රදේශයේ ජන ජීවිතය ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. එම නිසා අපි කල්පනා කරලා බලන්න  ඕන තමුන්නාන්සේලාට මේ කාලය කියලා කියන්නේ ඉතාම වටිනා කාලයක්. ඒකට හේතුව තමයි අවුරුදු 732කට පස්සේ රාජාණ්ඩු සමයෙන් පසුව මේ රටේ රාජ්‍ය නායකත්වයට උතුරු මැද පළාතෙන් පොළොන්නරුවෙන් බිහිවෙන එකම ජන නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාණන්. ඒ නිසා මේ කාලය තුළ මේ ශක්තිය අරගෙන මේ ප‍්‍රදේශය මේ පළාතට අපිට දියුණු කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා සමහර අය පසුගිය ආණ්ඩුවේ කරපු දේවල් හැබැයි මේ ප‍්‍රදේශයට කරපු දේවල් නොවෙයි. මේ දිස්ත‍්‍රික්කයට කරපු දේවලූත් නොවෙයි. වෙනත් පළාතක වෙනත් ප‍්‍රදේශයක කරපු දේවල් තමයි අද සංවර්ධනය හැටියට ගෙනැල්ලා දක්වන්නේ.ඒ නිසා තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න පසුගිය කාලේ වැලිකන්ද ප‍්‍රදේශයට ආපුවහම අපිට දකින්න තියෙන ප‍්‍රධාන කාරණයක් තමයි අඩුපාඩුවක් තමයි අපිට චෝදනා කරන්නේ තමන්ගේ පාසලේ ඉගැන්වීම සඳහා ගුරුවරු නැතැයි කියන එක. ඒ නිසා අද අපිට අපේ ජනාධිපතිතුමාගේ අවුරුදු දෙකේ කාලය තුළදී එතුමාගේ ආණ්ඩු කාලය තුළදී අපට පුළුවන්කම ලැබුණා වැලිකන්දේ තිබෙන සියලූම පාසල්වලට අවශ්‍ය ගුරුවරු සැලකිය යුතු සංඛ්‍යාවක් ලබාදෙන්න.ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තව මාසයක් යන්න කලියෙන් තවත් ගුරුවරුන් 1500ක් බඳවාගෙන වැලිකන්ද ප‍්‍රදේශයේ පමණක් නොවෙයි මුළු මහත් උතුරුමැද පළාතේම ගුරු හිඟය සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න. ආයේ ගුරුවරු අපිට අඩුපාඩුවක් නැති වෙන්න. ඒ ශක්තිය ලබාදීපු නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාණන්.උතුරුමැද පළාත් සභා මන්ත‍්‍රී එන්.වී. සමන්ත මහතා ද මෙහිදී කතා කළේය.උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම හා ධීවර ඇමැති සම්පත් ශ්‍රී නිලන්ත, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන එච්.එම්. අන්සාර්, ජනක සමරසිංහ, පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, වැලිකන්ද ප‍්‍රාදේශීය මහලේකම් හර්ෂ බණ්ඩාර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
පරිසර වටිනාකම් රැකගෙන ජාතික වගකීම් ඉටුකළ යුතුයි
0
hp_train_0111
ජයන්ත සමරකෝන් රජයේ දීප ව්‍යාප්ත හා සමාන්තර සේවා විධායක නිලධාරීන් අප්‍රේල් 16 වැනි දා සිට රජයේ සියලුම සංවර්ධන කටයුතුවලින් මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි පවසයි.වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 5 කට විසඳුම් ලබානොදීමට එරෙහිව විධායක සේවා නිලධාරීන් මෙලෙස තීරණය ඇත.මේ සඳහා රජයේ විධායක සේවා නිලධාරීන් 35,000 ක් පමණ එක්වීමට නියමිතය.එසේ වුවද අත්‍යාවශ්‍ය මහජන සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක වන බවද රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල්.උදයසිරි මහතා පැවසීය.
රජයේ විධායක නිලධාරීහු 35,000 ක් සංවර්ධන කමිටු වලින් ඉවත් වෙති
1
hp_train_0112
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක) මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර, ජල  පෝෂක ප්‍රදේශ වලට මාසයකට වැඩි කාලයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග  මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවති. පවතින අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම අද (16) පෙ.ව.06.00 වන විට පිටාර මට්ටමට පැමිණීමට  පිළිවෙළින් අඩි 16 ක් හා 08 ක් වශයෙන් පැවති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පැවසූහ. ජාතික ජල විදුලි බල පද්ධතියට අයත්, ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයයටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියෝන්, විමලසුරේන්ද්‍ර හා පොල්පිටිය යන ජලවිදුලි බලාගාර 5 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.
මාවුස්සාකැලේ-කාසල්රී පිටාර මට්ටමට
1
hp_train_0113
ප්‍රතිපත්ති පොළී අනුපාත නොවෙනස්ව පවත්වා ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (05) නිවේදනය කළේය.ඊයේ (4) පැවැති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.50 අගයේත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 7.50ත් දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය එම තීරණය ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.මුදල් මණ්ඩලයේ මෙම තීරණය උද්ධමනය සියයට 4ත් 6ත් අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර මැදිකාලීන ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීමට සහාය වනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.055
ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට මහ බැංකුව තීරණය කරයි
0
hp_train_0114
(අජිත්ලාල් ශාන්තඋදය)රත්නපුර දිස්ත්‍රික්කයේ පවතින පුස්තකාල සහ ළමා උද්‍යාන නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට  රත්නපුර දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කළේය.රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් නිකුත් කරන උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් නැවත දැනුම් දෙන තුරු රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාවට පමණක් ලබාදීම සිදුකරනු ලැබේ.මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන ආශ්‍රිතව ඉදිරියේ පැවැත්වීමට නියමිත කඨින පිංකම් සහ කෝවිල්වල වේල් උත්සව අවම ජන සහභාගීත්වයක් ඇතිව, තරුණ පිරිස්වලට මුල්තැන දෙමින් පැවැත්වීමට කටයුතු කරන බව කමිටුව තීරණය කෙරිණි.සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසුවේරත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1506ක් නිරෝධායනයට ලක්කර ඇති බවයි.ඔවුන් අතරින් 1129ක් කොරෝනා අවදානම් සහිත ප්‍රදේශවලින් පැමිණි අය බවත් 137 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වන අය බවත් කීවේය. එසේම 240ක් කොරෝනා ආසාදනය වී ඇති බවට සැකකරන අයගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවද කෝනාර මහතා කීය. 
රත්නපුර පුස්තකාල-ළමා උද්‍යාන වහයි
1
hp_train_0115
(විනීතා එම් ගමගේ)කොරෝනා වයිරසය පාලනය කළේ යැයි සෞඛ්යය අංශවලින් තහවුරුව ලබාගත් වහාම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ හැකි පළමු තත්ත්පරයේ ම හැටනම ලක්ෂයක් ජනතාවගේ අභිලාෂය කරිහ  යාත්මක කිරීමට පාර්ලිමේන්තුවක් ඇතිකිරීම සදහා පාරලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය.මැතිවරණ්යික් පැවැත්වීමෙන් පසු අද ආසාදිතව සිටින එජාපයේ කල්ලි දෙකම පොළවේ වැළලෙන ආකාරයත් ජවිපෙ නැත්තට නැතිවී යන හැටිත් රටට බලාගත හැකි වනු ඇතැයි ද සමරවීර මහතා කීය.ලෝකයේ සියලූ රටවල් මෙවැනි ව්ය්සනයක දී පක්ෂ විපක්ෂ භේදයක් නොබලන්නේ යැයි ද මෙරට විපක්ෂය නොදියුණු සහගත කුහක හා පවිටු අන්දමින් කොවිඞ් 19 තමන්ගේ බඩජාරි පැවැත්මට යොදා ගන්නට උත්සාහ කළේයැයි ද ඔහු පැවැසීය.ජයන්ත සමරවීර මහතා මේ අදහස් පළ කලේ ජාතික නිදහස් පෙරමුණේ පරිපකධාන කාර්යාලයේ  අද(17) පැවති මාධ්ය  හමුවක් අමතමිනි.එහි දී තවදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා කියා සිටියේ වත්මන් රජය ලොවටම ආදර්ශයක් දෙමින් වසංගතයක් පාලනය කර සිටිය දී පවා විපක්ෂය තමන්ගේ පටු දේශපාලන වුවමනාවන් සදහා සැළසුම් කරමින් ආණ්ඩුවට වරදින්නේ කෙසේ දැයි බලමින් සිටින බවය.වරක් තිවිධ හමුදාව මේ සදහා යොදාගැනීම වැරදි යැයි කියමින් පපුවට ගහන්නට හැ¥ විපක්ෂය එයින් මානසික බාධාවක් පනවා හමුදා දුර්මුඛ කිරීමට උත්සාහ දැරුවේ යැයි ද හෙතෙම සදහන් කළේය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ තරි් කවිධ හමුදා විශේෂයෙන් බුද්ධි අංශවල පළපුරුද්ද යොදාගැනීම කොරෝනා පාලනය කිරීමේ සුවිශේෂී සාධකයක් යැයි මේ වනවිට මුළු ලෝකයම පිළිගන්නා බව ද හෙතෙම කියා සිටියේය.කොරෝනා වසංගතය මැනවින් පාලනය කළ ශ්රීර ලංකාව දියුණු  යැයි පවසන රටවල්වලට ආදර්ශයක් බවත් ජනාධිපතිවරයාගේ නිවැරදි මග පෙන්වීමත් සෞඛ්යං අංශය හා තරිවනවවිධ හමුදාවන්හි කැපවීමත් අනෙක් රාජ්ය් සේවාවන්හි සහයත් මෙන්ම මේ රටේ සබුද්ධික ජනතාවගේ කැපවීම හා පරිත්යාරගයත් නිසා වසංගතය පාලනය කළ  හැකි වූ බවත් ලෝකයටම ආදර්ශයක් ලෙස මේ වසංගතය පාලනය කළ හැකි වුණේ ඒ නිසා බවත් හෙතෙම කියා සිටියේය.එවැනි තත්ත්වයක් තිබිය දී ආණ්ඩුවට සල්ලි නැතැයි කියමින් අනියත බියක් ජනතාව අතර ඇති කරන්නට ද, තවත් විටෙක මේ ලබා දෙන්නේ ඇත්ත තොරතුරු නොවන අතර නිවැරදි සංඛයාලේඛන මීට වඩා වැඩි බව කියමින් ජනතාව රවටන්නට උත්සාහ කළ බව ද බවද සමරවීර මහතා කීය.එය ද අසාර්ථක වූ තැන විපක්ෂය පාර්ලිමේන්තුව කැදවන්නැයි ඉල්ලමින් දැඟලී යැයි ද ද ඔහු කියා සිටියේය.මේ සියල්ල කළෙ මැතිවරණ සමයක් ආසන්න අවස්ථාවේ පවතින නිසා  මෙන්ම විපක්ෂය අසරණ වී කුජීත වී සිටින නිසා යැයි ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.ඊනියා විපක්ෂයේ කල්ලි දෙකටම අද සටන්පාඨ අහිමිවී ඇතැයි කී සමරවීර මහතා ඉතිහාසයේ නරකම අත්දැකීමකට මුහුණ දෙමින් සිටින්නේ යැයි ද කීය.විපක්ෂය ගජබින්න දෙසා බාමින් සිටින්නේ කරන්නට දෙයක් නැති නිසා යැයි කී සමරවීර මහතා 2019 වසරේ හැටනමලක්ෂයක් ජනතාවගේ මහා පර සිගතිශීළී ජනවරමට නිදහස් ශ්රීව ලංකාවක් නිර්මාණය කිරීමේ අභිලාශය වෙනුවෙන් ගුණවත් නැණවත් පාර්ලිමේන්තුවක් අවශ්යර වන්නේ යැයි ද කියා සිටියේය.මේ නිසා ජනාධිපතිවරයාට ස්වකීිය සෞභාග්ය්යේ දැක්ම දිගේලි කරන්නට ද පරසිටජාතන්තරාණයවාදය නැවත වතාවක් අරුත් ගන්වන්ට යහපත් පාර්ලිමේන්තුවක් අවශ්යශ වන්නේ යැයි ද ඔහු  කියාසිටියේය.පළාත් පාලන මැතිවරණය වසර තුනකින් ද, පළාත් සභා ඡුන්දය දින නියමයක් නැතිව ද කල් දමා ඇති පැවැති ආණ්ඩුව සමුපකාර ඡන්ද පවා කල් දමන්නට කටයුතු කළේ යැයි ද හෙතෙම සදහන් කළේය.රටේ පර ස ජාතන්තරදමනවාදය වැනසූ, හඩින් ඡන්ද විමසා පාර්ලිමේන්තු අභ්යරන්තරයේ පවා පරවක ජාතන්තරලක්වාදය වැනසූ රටක පරේ  ජාතන්තරන්තවාදය යලි ස්ථාපිත කිරීම අවශ්යඩම මොහොතක් උදාවී ඇතැයි ද ඔහු පැවැසීය. 
‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි‘‘
1
hp_train_0116
(නිමල කොඩිතුවක්කු) ප්‍රජාතන්ත්‍රවාදයට, නිදහසට, විගණනයට දොර වැසී ඇති 20 වැනි සංශෝධනය අකුලා ගැනීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද(11) පැවසීය. රටේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංශෝධන කිරීමට 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරන බවට ආණ්ඩුව පැවසුවත් රෑ වැටුණු වළේ  දවල් වැටීමේ අවශ්‍යතාවයක් ජනතාවට නැතැයිද මන්ත්‍රීවරයා පැවසීය. 19 සම්පූර්ණයෙන්ම ඉවත දැමීම බබාත් බේසමත් දෙකම විසි කිරීමට සමාන බව ද කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙසේද කීය.  “රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළට 19න් බාධාවක් වෙනවා කියලා ආණ්ඩුව කතාවක් නිර්මාණය කරගෙන යනවා. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අවස්තාවන්හීදී ජනාධිපතිවරයාට අධිකරණයට යාමට සිදුවන බවත් එය ජනාධිපතිවරයා සෞභාග්‍ය කරා රට ගෙන යන වැඩපිළිවෙළට බාධාවක් බවත් ජී. එල් පීරිස් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.  මම බැලුවා අප්‍රේල් පළවෙනිදා කියලා හිතලා එතුමා විහිලුවක්වත් කළාද කියලා. තේ කෝප්පයක් බීලා නැවත මේ ගැන හිතලා ප්‍රකාශ නිකුත් කරන්න කියලා අපි ජී. එල්. පීරිස් මහත්තයට කියනවා.දැන් මේ අය දහනමය තිබුනු ප්‍රසම්පාදන කොමිසම අයින් කරලා තියෙනවා. කොමිසමේ යම් අඩුපාඩු තිබේ නම් ඒවා නිවැරදි කර කොමිසම ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි. එහෙම නැතුව එකට පිළියම කොමිසම අහෝසි කිරීම නෙමෙයි.එක පැත්තකින් ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරන ගමන් අනිත් පැත්තෙන් විගණන කොමිසම අහෝසි කරලා තියෙනවා. මේ කොමිසම අහෝසි  කළා ම විගණනයට අවස්ථාවක් නැහැ. දැන් ව්‍යවස්ථාදායක සභාව අහෝසි කරලා කර පාර්ලිමේන්තු සභාවක් පත්කිරීමට යෝජනා කරලා තියෙනවා. ව්‍යවස්ථා සභාවට තිබුණු නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය පාර්ලිමේන්තු සභාවට නැහැ. ඒ වෙනුවට තිබෙන්නේ නිරීක්ෂණය කිරීමේ හැකියාව පමණයි. මේ දෙක අතර අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනවා. විගණකාධිපති ඇතුළු ඒ දෙපාර්තමේන්තු නිලධාරීන් පත් පත්කිරීම ඉවත් කිරීම මාරු කිරීම සහ උසස් කිරීම සිදුවන්නේ  ජනාධිපතිවරයාගේ අනුමැතිය මතයි. විගණකාධිපති එක්ක තමයි පාර්ලිමේන්තු කමිටු ක්‍රියාත්මක වුණේ. අපේ ආණ්ඩු කාලේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති ධුරය දැරුවා. මේ මගින් ආණ්ඩුවේ වැරදි, දූෂණ විශාල ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට හැකි වුණා. විගණකාධිපති ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ බය නැතුව කතා කළා.  ජනාධිපති අගමැති  වංචා දූෂණ අනාවරණය කිරීමට පවා ඔවුන්ට කොන්දක් තිබුණා. දැන් මේ පත්කිරීම් ජනාධිපතිවරයා යටතට පත්වීමත් සමඟ මෙහි තිබෙන ස්වාධීන බවට විශාල හානියක් සිදුවනවා.කෝප්, කෝපා  සභාපති තනතුරට තනතුරු වලටත් මේ ආන්ඩුවේ අයම පත්කර ගන්න සැලසුමක් තියෙනවා. මේ සියලු බාධක ඉවත් කරලා ආණ්ඩුව තමන්ට ඕන ගමන යනවා.මෙය ප්‍රජාතන්ත්‍රවාදීද, මේකෙන්  සීග්‍ර සංවර්ධනයක් වෙනනවද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. ශීඝ්‍ර සංවර්ධනයක් වෙනුවට සෘණාත්මක සංවර්ධනයක් තමයි මෙයින් සිදුවන්නේ.තොරතුරු දැනගැනීමේ පනත තිබුනට මෙහි සාමාජිකයන් පත්කරන්නේ ජනාධිපතිවරයා. පනත තිබුනට මාධ්‍යවේදීන්ට ජනතාවට ඒ අවස්ථාව තියෙයිද කියන ගැටලුවක් දැන් ඇතිවෙලා තියෙනවා.විගණනයට අද දොරටු වැහිලා තියෙනවා. මේ ගැන අපි මීට පෙර පාඩම් ඉගෙනගෙන නැද්ද කියලා ජනතාව ගෙන් අහනවා. රෑ වැටිච්ච  වලේ දවල් වැටෙන්න අපිට බැහැ. කරුණාකරලා තමන් ඉදිරිපත් කරපු 20 අකුලගන්න කියලා ආණ්ඩුවට අපි බල කරනවා'' යැයි ද කීය.
20 ආවොත් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් වනවා
0
hp_train_0117
(ආරියරත්න රණබාහු, හෙට්ටිපොල ධම්මිකා බාලසූරිය, බිංගිරිය වික්ටර් සෝමසිරි, නන්ද එස්. ඒකනායක සහ කටුපොත මුදියන්සේ අමරසිංහ) මහා සංඝරත්නයේ අනුශාසනා සහ මගපෙන්වීම්වලින් තොරව කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බිංගිරියේ  පැවැති රාජ්‍ය වෙසක් මහෝත්සවයේ දී පැවැසීය.මෙතෙක් පැවති රජයන් විසින් වරින්වර ප්‍රකාශයට පත් කරන ලද බෞද්ධ කොමිෂන් වාර්තා පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන බව කී ජනාධිපතිවරයා ස්වභාව ධර්මය විසින් ඇති කරන සෑම තත්ත්වයක්ම අපේ රටේ පමණක් නොව වෙනත් රටවල ද තිබෙන බවත් එහෙත් මෙරට මාධ්‍ය එය මේ රටට පමණක් ඇති දෙයක් ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කරන බව ද කීය.ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේ දී පෙරේදා (28) පස්වරුවේ පැවැති රාජ්‍ය වෙසක් මහෝත්සවය අමතමිනි.විහාරාධිපති සත්කෝරළ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක මලඟනේ අත්ථදස්සි නාහිමියන් පිරිස පංචශීලයේ පිහිට වූ අතර ජයපිරිත සජ්ජායනයෙන් අනතුරුව උත්සවයේ කටයුතු ඇරඹිණි.දැමුණු සිත සුව ගෙනදේ (චිත්තං දන්තං සුඛාවහං) යන තේමාව යටතේ මෙවර වෙසක් මහෝත්සවයේ කටයුතු සංවිධානය කර තිබිණි.ජනාධිපතිවරයා මෙසේ ද කීය.මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මෙම විහාරස්ථානයේ පැවැත්වීමට ලැබීම ගැන අප සතුටට පත්වනවා. පසුගිය වසරේ ලෝක වෙසක් උත්සවය පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද රට වශයෙන් අපගේ රටේ එය පැවැත්වීමට ලැබුණා. ඒ සඳහා බෞද්ධ රටවල රාජ්‍ය නායකයන් ගෙන්වා එම උළෙල උසස් ලෙස පැවැත්වීමට හැකි වුණා.මේ උතුම් පූජනීය ස්ථානයේ ඓතිහාසික වශයෙන් වැදගත්කමක් තිබෙනවා. මෙහි පිහිටි ටැම්පිටි විහාර පිළිබඳව මහා සංඝරත්නය අනුශාසනා පවත්වනවිට සඳහන් කළා. ගෞරවණීය සීලක්ඛන්ධ ස්වාමීන් වහන්සේ සිය අනුශාසනාවේ දී ඒ පිළිබඳව මගේ අවධානය යොමු කළා.ටැම්පිට විහාර ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් මා වැඩපිළිවෙළක් ආරම්භ කළේ මීට අවුරුදු දෙකකට කලින් ලංකාවේ සියලුම ටැම්පිට විහාර සම්බන්ධයෙන් මා 2016 වසරේ දී වාර්තාවක් ලබා ගත්තා.බුද්ධ ශාසන අමාත්‍යාංශය සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව එම වැඩසටහන් කළා. මෙම ටැම්පිට විහාර ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය වන්නේ මොනවාදැයි මා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසූ අවස්ථාවේ දී ඔවුන් කිව්වේ මුදල් සහ සියලු සම්පත් තිබෙන බවයි. ඒ අනුව ඔවුන් එම කටයුතු කිරීමට බාර ගත්තා. මේ වනවිට ඔවුන් කොතෙක් දුරට එම කටයුතු කර තිබේදැයි මා දන්නේ නැහැ. නාවින්න ඇමැතිතුමා මට කිව්වා දැනට එම කටයුතු කෙරෙනවා කියලා. කෙසේ වෙතත් මෙම කටයුතු එකවර කිරීමේ අපහසුවක් ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු කොහොමටත් යන්නේ අඩු වේගයකින්.තථාගත බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් අපේ බෞද්ධ ජනතාව වගේම ලෝක බෞද්ධ ජනතාවත් ඒ වගේම බෞද්ධ නොවන ජනතාවත් මේ උතුම් පිංකමට සෑම වසරකම එක්වෙනවා.මිනිසුන් අතර සමාජය තුළ හදන නීති රීති පෙන්වන මග පෙන්වීම් ඇතුළත් ව්‍යවස්ථාපිත තත්ත්වයක් හරියට ඒ වෙලාවට කළ යුතු වෙනවා. බෞද්ධ ජනතාව සිය වගකීම් සහ කාර්යයන් ලෙස වෙසක් පොහෝ දින කටයුතු සලකනවා.වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අනුශාසනා මත බෞද්ධ ජනතාව සෑම ආගමික වතාවක්ම නිසි පරිදි කරන බව අපි දන්නවා. රජයක් විසින් කළත් නොකළත් බෞද්ධ ජනතාව එම කටයුතු ඉටුකරනවා.බෞද්ධාගමික රටක් වශයෙන් මේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම රජයේ වගකීමක්. ථෙරවාදී බෞද්ධ දර්ශනය පවතින රටක් ලෙස එදා දවස වගේම අද දවසේත් හෙට දවසේත් මානව සමාජය තුළ ඇතිවිය හැකි විවිධ ක්ෂේත්‍රවල ගැටලුවලදීත් බෞද්ධ දර්ශනයෙන් ලැබෙන විසඳුම් ඉතා පැහැදිළි සහ ස්ථිරසාර විසඳුම් බව අපි දන්නවා.ඒ නිසා අපි කාගේත් යුතුකම වන්නේ මේ සඳහා අප සියලු දෙනාගේ කැපවීමයි. අප සෑම කෙනෙක්ම අපේ වගකීම් පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කරනවා නම් තිබෙන ප්‍රශ්න දෙස සැබෑ වුවමනාවකින් බලනවා නම් නිවැරදිව බලනවා නම් බෞද්ධ දර්ශනය තරම් මගපෙන්වීමක් වෙනත් කිසිදු දර්ශනයක නොමැති බව අපි සෑම කෙනෙක්ම දන්නවා.මල්වතු පාර්ශ්වයේ නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ අනුශාසනාව පවත්වන විට ප්‍රධාන වශයෙන්ම සමාජයේ යහපත්කම සදාචාර බව බෞද්ධාගමික කටයුතු සහ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් බොහෝ කරුණු සඳහන් කළා.රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ සිට පත්කරන ලද කොමිෂන් සභා වාර්තා පිළිබඳවත් උන්වහන්සේ සිහිපත් කළා. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තිබෙන තත්ත්වයන් පැහැදිලි කළා.මා ඊයේ දඹුලු රජමහා විහාරයේ පැවැති ආගමික උත්සවයට සහභාගි වූ අවස්ථාවේදීත් උන්වහන්සේත් මේ කරුණු සඳහන් කළා.කොමිෂන් සභා වාර්තා සම්බන්ධව කරුණු මා සොයා බලා රජයක් විදියට ගත හැකි ගත යුතු ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව මෙහි දී ගෞරව පූර්වකව සඳහන් කරනවා.අපට තිබෙන දේශපාලන ආර්ථික සමාජයීය ප්‍රශ්න බොහෝ වෙලාවට අපේ රටේ මාධ්‍ය සමාජ වෙබ් අඩවි මේ රටේ ජනතාවට පෙන්නුම් කරන්නේ මේ රටේ තිබෙන ප්‍රශ්න විදියට විතරයි.නමුත් මේ තිබෙන ප්‍රශ්න ලෝකයේ බොහෝ රටවල්වල මේ ආකාරයටම තිබෙනවා. දැන් අපේ රටේ අවුරුදු ගණනාවක් නියඟය තිබෙනවා. මේ පැත්තට දැන් හොඳට වැස්සට  අනුරාධපුරයට වැස්ස නැහැ. ඒ ප්‍රදේශයේ සමහර තැන්වලට බොන්න වතුරත් නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේත් එක් ප්‍රදේශයක මේ දවස්වල බොන්න වතුර නැහැ.මේ තත්ත්වය අපේ රටේ විතරක් නොවෙයි. මා ගිය මාසයේ පාකිස්තානයට ගිය වේලාවේ. ඉන්දියාවට ගිය වේලාවේ දැක්කා කාන්තාර වගේ තත්ත්වයට ඒ රටවල්වල ඇතැම් ප්‍රදේශ පත්වී තිබෙන අයුරු.ඒ නිසා මේ සියලු අභියෝග මිනිසුන් විදියට ජයගන්න අප සියලු දෙනාට ආත්ම ධෛර්යයක් සහ ආත්ම ශක්තියක් තිබිය යුතුයි.ස්වභාව ධර්මයාගෙන් වේවා අනෙකුත් ආර්ථික වාණිජ කරුණු වශයෙන් වේවා අප රජයක් විදියට කුමන ආකාරයේ විවේචන එල්ල වුණත් රටේ මහජනතාව වෙනුවෙන් ගත හැකි සුබවාදී පියවර ගැනීමට කටයුතු කරන බව ඔබ වහන්සේලාට ගෞරව පූර්වකව කියන්නට ඕන.සෑමවිටම රජයක් විදියට කටයුතු කිරීමේ දී මා අද දවසේ නොවෙයි පසුගිය අවුරුදු තුන හමාරේම ඔබ වහන්සේලා බැහැ දැක්කා. ඒ හමුවුණු සෑම වාරයකම මහා සංඝරත්නයේ අනුශාසනා මගපෙන්වීම් විනා උන්වහන්සේලා දෙන උපදෙස්වලින් පිටස්තරව කිසිදු වෙලාවක කටයුතු නොකරන දේශපාලනඥයෙක් කියන එක මා බොහොම පැහැදිලිව සඳහන් කර තිබෙනවා.ඒ ප්‍රතිපත්තියේ මා බොහොම පැහැදිලිව පිහිටා සිටිනවා. අපි අපේ රට වශයෙන් යහපත්, සදාචාර සම්පන්න විනය ගරුක රටක් හදන්න කැපවෙමු. ගමේ පන්සල විහාරස්ථානය ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා ලබා ගනිමු. එහි දී අවශ්‍ය සම්පත් පූජා කරමින් කිසිදු අඩුවකින් තොරව ක්‍රියාකරන බව ද සඳහන් කරනවා.ආචාර්ය නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි:- බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ශ්‍රී ලංකාව නිදහස් වී වසර 70ක් දිග ගමන් මගක් ඉදිරියට ගමන් කරන විට සම්ප්‍රදාය බෞද්ධ ක්ෂේත්‍රය විහාරස්ථාන සහ භික්ෂුන් වහන්සේ බෞද්ධ ජනතාව පිළිබඳ සාකච්ඡා වුණ වාර්තා ලිඛිත වශයෙන් කිහිපයක්ම පවතින බව අමතක නොකළ යුතුයි. විශේෂයෙන්ම මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමන් 1957 පමණ කාල වකවානුව පරීක්ෂා කර බෞද්ධ කොමිෂන් වාර්තාවක් ඉදිරිපත් කළා. ඉන් අනතුරුව කිහිප අවස්ථාවක ඒ පිළිබඳව සාකච්ඡා කළා. ඒවා සමාජගත කළා.මේ කොමිෂන් වාර්තා පිළිබඳව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් විද්වත් සාකච්ඡා පැවැත් වුණා. එමගින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, භික්ෂු විශ්වවිද්‍යාලය සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන බිහි වුණා.රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා මගින් ඉතා වටිනා වාර්තා ඉදිරිපත් වුණා. මේ සෑම ලියකියවිල්ලක්ම ඉතා වටිනවා. මේවා මගින් ලංකා සම්බුද්ධ ශාසනය ගමන් කළ යුතු දිශානතිය සහ මුහුණ දෙන ගැටලුව පිළිබඳවත් ඒවා විසඳා ගැනීම සඳහා කළ හැකි කළ යුතු කාර්ය සමුදායන් පෙන්වා තිබෙනවා.මෙම කොමිෂන් සභා වාර්තා හැදෑරීම සඳහා ඒකකයක් පිහිටුවන ලෙස ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් අප ඉල්ලා සිටිනවා. ඒ මගින් ඒවා ඉටුකරන ලෙසද ඉල්ලීමට කැමැතියි.පසුගිය දිනවල මහනුවර දිගන ප්‍රදේශයේ ඇතිවුණ තත්ත්වයන් පිළිබඳව ඉතාම ස්වාධීනව ඉතාම ගැඹුරින් නිරීක්ෂණය කරන ලෙස ජනාධිපතිතුමාට ආයාචනා කරන අතර දැනට කොටුවී සිටින අතර බෞද්ධ දරුවන්ට අනාගත යහපත සඳහා කටයුතු කිරීම මැනවයි ද කරුණාධ්‍යාංශයෙන් ආයාචනා කරමි.බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා:- මෙම රාජ්‍ය වෙසක් මහෝත්ස්වය පවත්වන හත් කෝරළය මහා පුණ්‍යභූමියක් අන්තර් රාජධානි පහක ඉතිහාසයක් මීට තිබෙනවා. ජනාධිපතිතුමා ඉතාම නම්‍යශීලිව මිත්‍රශීලීව අප හා කටයුතු කරනවා. කවදාවත් නැහැ බැහැ කියන්නේ නැහැ. අපේ වැඩවලට සෑහෙන්න උදව් කරනවා.පසුගිය කාලයේ ඡන්දය පැවැති නිසා අපට කිසි දෙයක් කිරීම මැතිවරණ කොමසාරිස්තුමා තහනම් කර තිබුණා. මෙම විහාරස්ථානයේ දී මෙම උත්සවය පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කිරීමේ දී ඇතැම් ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාව බාර ගන්නේ නැත්නම් අප විශාල අපහසුතාවකට පත් වෙනවා.මෙය අක්කර දහසක ඉඩමක්. පරිසර හිතකාමී සතුන් මෙහි සිටිනවා. අද පවත්වන උත්සවයෙන් පසුවත් මෙම ස්ථානයේ දියුණුව සඳහා අප කටයුතු කරනවා.මෙහිදී සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති වැලමිටියාවේ කුසලධම්ම, මහාචාර්ය තුඹුල්ලේ සීලකණ්ධ පඬිබල සෝරත යන හිමිවරු සමග බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුද අදහස් දැක්වූහ.මුද්දර කාර්යාංශයේ මෙහෙයවීමෙන් වෙසක් සමරු මුද්දරය නිකුත් කිරීම සත්කෝරළයේ විහාරවංශය ඇතුළු ධර්ම ශාස්ත්‍රීය පොත් එළිදැක්වීම ද මෙහි දී සිදුවිය. රාජ්‍ය නැටුම් කණ්ඩායම ඉදිරිපත් කළ නර්තන අංගයන්ගෙන් උළෙල විචිත්‍රවත් කෙරිණි.  
’නිදහස් දේශපේ‍්‍රමි අරගලය මහා පරිත්‍යාගය කිසිවිටෙකත් අමතක කළ යුතු නෑ’
0
hp_train_0118
(විමුක්ති එස් රුද්‍රිගු)ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් පහළ දැමීමට තීරණය කර තිබේ.ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 10 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් අඩු වී ඇත.2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ පැවැත්වූ ප්‍රථම මුදල් මණ්ඩල රැස්වීම මෙය විය.ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුවී වී තිබෙන සහ සිදුවිය හැකි වර්ධනයන් ඉතාමත් සැලකිල්ලෙන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ. 
ස්ථාවර තැන්පත්-ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමයි
0
hp_train_0119
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
රාජපක්ෂලාගේ අරමුණ බලය ඇල්ලීමයි
0
hp_train_0120
 ගිනිකෙළි කර්මාන්තය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල මැතකදි පැනවු වැට් බද්ද සමග ඉහළ යාම හා ජීවන වියදම ඉහළ යාම නිසා ගිනිකෙළි කර්මාන්තයටද විශාල ගැටලුවක් වී ඇති බවත්  ගිනිකෙළි ආශ්‍රිත නිපැයුම් වල මිල වැඩි කිරිමට සිදුවි ඇති බවත් එම කර්මාන්තකරුවෝ කියති.මේ සම්බන්ධව අදහස් දැක්වු මහනුවර ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සේන දයානන්ද මහතා පැවැසුයේ මැතකදි පැනවු වැට් බදු හා ඩොලරයේ අගයට සාපේක්ෂිව  රුපියලේ අගය අවම වීම  සමග ගිනිකෙළි කර්මාන්තය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල සියයට 20 කින් පමණ වැඩි වීමත් සේවකයින්ගේ වැටුප් ප්‍රමාණය රජය විසින් 2500 කින් පමණ ඉහළ දැමිම නිසා  ගිනිකෙළි  නිෂ්පාදනයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවයි.ඉදිරියේදි ළගාවන උත්සව සමයට අවශ්‍ය විසිතුරු ගිනිකෙළි නිෂ්පාදනය අමුද්‍රව්‍ය හිගකම නිසා සියයට 40 කින් පමණ අඩු වි ඇති බවද දයානන්ද මහතා පැවැසිය.
ගිනි කෙළිවලටත් ගිනි කෙළියක්
0
hp_train_0121
අනීෂා මානගේහිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(10) උදෑසන වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහ විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය.මහින්ද රාජපක්ෂ මහතා සමග ශිරන්ති රාජපක්ෂ මැතිණිය, හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා හා  හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද එක්විය. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඩී.ඒ.රාජපක්ෂ මහතා හා ඩී.ඒ.රාජපක්ෂ මැතිණියගේ ස්මාරකය වෙත පැමිණ පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියහ. 
ඩී.ඒ රාජපක්ෂ 51 වැනි ගුණ සමරුව
0
hp_train_0122
(රංජිත් රාජපක්ෂ)පැවති පළාත් පාලන ආයතන මැතිවරණය පසු  ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කවුරුන්දැයි තීරණය කිරීම සඳහා පැවැති විවෘත ඡන්දයකින් අනතුරුව සභාපතිවරයා ලෙස ලංකා කම්කරු කොංග‍්‍රසයේ සුප්පිරමණියමි කදිර්සෙල්වන් මහතා තේරීපත්විය.උප සභාපතිවරයා ලෙස තේරී පත් වුයේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වි.එමි ජයලත් විජේතුංග මහතාය.පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (27)  ලිදුල නාගසේන මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදි මෙම  සභාපතිවරයා තේරීමේ ජන්දය පැවැත්විණි. පාලන කොමසාරිස්වරයා විසින් විවෘත ජන්දයක්ද රහස් ජන්දයක්ද යන්න පිළිබදව සභිකයින්ගෙන් විවෘතව අදහස්  ලබාගැනිමෙන් පසු මෙම ඡන්ද පැවැත් විය.ආගරපතන ප‍්‍රාදේශිය සභාව මන්ති‍්‍රධුර පහළොවකින් සමන්විත වන අතර ඒ සදහා ලංකා කමිකරු කොංග‍්‍රසයෙන් සභිකයන් 7ක් එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 6ක් ස්වාධින 1ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක් මන්ත්‍රීධුරයකින් සමන්විත වේ.
කොටගල සභාපති උප සභාපති කම්කරු කොංග්‍රසයෙන්
0
hp_train_0123
(ඩයනා උදයංගනී)දිවයිනේ පළාත් කිහිපයකට අද (10) රාත්‍රී හෝ සවස් කාලයේදී තරමක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.නගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
දවසේ කාලගුණය
0
hp_train_0124
(සමන් විජය බණ්ඩාර)මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද (02 ) මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ජනවාරි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා  නියෝග කළේය. බුදු පිළිම වලට හානි කිරිම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් පසුගිය 26 වැනි දින අත්අඩංගුවට ගෙන තිබුණු අතර සිද්ධියට සම්බන්ධ තවත් ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට මෙ වන විට පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබළුන් ඇතුළු බුද්ධි අංශවල කටයුතු මෙ වන විට සිදු  වෙමින් පවතින  බව පොලීසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගැනිමට නියමිත සැකකරුවන් මෙහි ප‍්‍රධාන පෙළේ සමාජිකයන් වන මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි එකම පවුලේ අයියා සහ මල්ලි   මෙලෙස  රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.නඩුව අද දිනයේ විභාගයට ගත් මොහොතේ මාවනැල්ල බුදු පිළිම කැඩිමට අමතරව අදාල සැකකරුවන් ගම්පොල, පොල්ගහවෙල, ඇතුලූ තවත් ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම කැඩිමේ සිද්ධින් වලට සම්බන්ධ බව පොලිසිය මගින් මහෙස්ත‍්‍රාත්වරයා දැනුවත් කර අතර ඉදිරි දින වල එම ප‍්‍රදේශවල අධිකරණයන් වලට ඉදිරිපත් කිරිමට අවසරය ඉල්ලා සිටි අතර එහිදි පොල්ගහවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට පමණක් ජනවාරි 9 වැනිදා ඉදිරිපත් කිරිමට අවශ්‍ය නියෝගය ලබා දිම එහිදි සිදු විය.දැනට වැරදි කරුවන් බවට පත් වි අද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හත් දෙනා අවුරුදු 25 ට අඩු වයස් සිමාවන් වල පසුවෙන අය වන බවද පොලිසිය කියයි. මෙ වන විට අත්අඩංගුවට ගැනිමට සිටින සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 26 ක් සහ අනිත් සැකකරු වයස අවුරුදු 29 ක් වන බවද පොලිසිය පවසයි. මෙලෙස මෙම චෝදනාවේ වැරදි කරුවන් වන සියලූ දෙනා මාවනැල්ල දෙල්ගහගොඩ, දානාගම, හිගුල වැනි මාවනැල්ල අවට ප‍්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති. 
මිනුවන්ගොඩ සිද්ධියේ 15 කට ඇප - 4 ක් නිදහස්
0
hp_train_0125
(ටී.කේ.ජී.කපිල ) ව්‍යාජ ලෙස   දකුණු කොරියානු  ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් යූක්‍රේනය වෙත පලා යෑමට තැත් කළ වියට්නාම් ජාතිකයන් පස් දෙනෙකු  අද(20)  දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .  මෙම වියට්නාම් ජාතිකයන් පස් දෙනා 30 හැවිරිදි වියේ පසු වන තරුණයන් සිව් දෙනෙකු සහ එක් තරුණියකගෙන් සමන්විත වේ . ඔවුන් මෙම දකුණු කොරියානු ව්‍යාජ  ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉකුත් 18 දින අලුයම 12.40 ට මැලේසියාවේ සිට පැමිණි මලින්දෝ ගුවන් සේවයේ ඕ.බී.- 185 දරන ගුවන් යානයෙන්  60 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු සමග  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .  ඉන් පසුව මෙම පිරිස අද 20 දින දහවල් 11.05 ට  යූක්‍රේනය බලා පිටත්ව යන යූක්‍රේන ගුවන් සේවයේ පී.එස්.- 388 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .  ගුවන් තොටුපළට පැමිණි මොවුන් අදාළ ගුවන් යානය වෙත ඇතුළු වීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඇතුළු වීමේ අවසර පත්‍ර ද ලබා ගෙන ඇති අතර , මෙම පිරිස අතර සිටි එක් වියට්නාම් ජාතිකයෙකු මෙම ගුවන් යානය තුළට ඇතුළු වී අසුන් ගෙන ද තිබේ .   කටුනායක ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලේ පිටත්වීමේ පර්යන්තය වෙත ඒ වනවිට පැමිණ සිටි ඉතිරි වියට්නාම් ජාතිකයන් සිව් දෙනා සතුව තිබූ  ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සමග අත් අඩංගුවට ගැනීමෙන් පසුව , ගුවන් යානය තුළ අසුන් ගෙන සිටි ඉතිරි ගුවන් මගියා ද යානයෙන් බස්සවා අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .
හොරෙන් යුක්‍රේනයට යාමට ගිය වියට්නාම ජාතිකයින් 5 ක් අත්අඩංගුවට
1
hp_train_0126
(සම්පත් ප්‍රියනන්දන - නාලක ජේ හෙට්ටිආරච්චි)තේ  පදුරු  කප්පාදු  කිරිම  සදහා  භාවිතා කරන  පිහියකින්  පුතාට සහ බෑනාට පහර දි  බරපතල කැපිමි  තුවාල  සිදුකළ  පියෙකු  අද (27) දා අත්අඩංගුවට ගත් බව  බලන්ගොඩ පොලිසිය පවසයි.බලන්ගොඩ  කරදියමුල්ල ප්‍රදේශයේ පදිංචි  50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පහර කැමෙන්  කැපුම් තුවාල සිදු වි ඇති   30  හැවිරිදි  බෑනා සහ 27 හැවිරිදි   පුතා  බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින්  පසුවෙති. අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (27) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශය සිද්ධිය සමිබන්දයෙන් පරික්ෂණ පවත්වයි. 
බෑනාට - පුතාට පිහියකින් පහර දුන් පියා අත්අඩංගුවට
1
hp_train_0127
( රංජිත් රාජපක්ෂ  )                     තම දෛනික මුලික වැටුප රු දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් මස්කෙලිය ස්තැස්පි වතු යායේ කොටස් හයක වතු කම්කරුවෝ මස්කෙලිය සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ගවරවිල මංසන්ධියේ අද  (11) උද්ඝෝෂණයක නිරත වුහ.වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර වසර දෙකක් බල පැවැත්වෙන සේ මීට ප්‍රථම අත්සන් කළ අවබෝධතා ගිවිසුම කල් ඉකුත් වි මාස දෙකක පමණ කාලයක් ගත වි ඇත. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර යළි සාකච්ඡා වට කිහිපයක් පවත්වා එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වි ඇත.වෘත්තිය සමිති භේදයකින්  තොරව අද උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් පැවසුයේ  වතු යායෙන්  මාසිකව ලබාදෙන වැඩ දින ගණනට අනුව වැඩට පැමිණෙන අයට සහ වතු යාය මගින් දිනක වැටුප සදහා අනුමත කරන තේ දළු ප්‍රමාණය පමණක් නෙළන අයට රු 730  ක දිනක වැටුප ලැබෙන බවත්, එසේ නොකරන අයට දිනක වැටුප වශයෙන් රු 530 වැටුපක් ලැබෙන බවයි. දැනට තමන්ට ගෙවන රු 530 මුලික වැටුප කොන්දේසි විරහිතව දෛනික මුලික වැටුප රු 1000 දක්වා ඉහළ දමන ලෙස උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවෝ ඉල්ලා සිටිති. 
වතුකම්කරු වැටුප වැඩිකරන්නැයි උද්ඝෝෂණයක්
0
hp_train_0128
(උණවටුන – ඩී.ජී. සුගතපාල)මැදි වයස ඉක්ම වූ රාජ්‍ය සේවකයකු වන ඔහු විනෝදකාමියෙකි. ඉඩ ලද සෑම අවස්ථාවකම මිතුරන් සමග සෙට් වීම ඔහුගේ සිරිතය. එසේ වූ සමහර දිනවල ඔහුට නිවසේදී අමුතු අමුතු සිදුවීම්වලට ද මුහුණ පෑමට ද සිදුවිය.පඩි ගත් දිනයට පසු දින ඔහු සිරිත් පරිදි මිතුරකු සමග අවහන්ලකට ගොඩවිය. මිතුරා ද රාජ්‍ය සේවකයකු නිසා දෙදෙනාම පාවිච්චි කළේ එකම වර්ගයේ බෑග් දෙකකි. එදා වැසි දිනයක් ද වූ නිසා අවහන්හලේ සිටි කාලය දැනුණේ ද නැත. දෙදෙනොගේම බෑග් තබා තිබුණේ එකම තැනය. මේ අතර මිතුරා සාක්කුවේ තිබූ යමක් ගෙන එය බෑගයේ දැමුවේය. වැස්ස තුරල් කර පසු දෙදෙනාම විසිර ගියේ බෙල්ල සාක්කුවේ වැටෙන තරටම රත්වීමෙන් පසුවය.ඔහු නිවසට ගොස් කෙළින්ම ගියේ කාමරයේ ඇඳ සොයා ගෙනය. ප්‍රමාදයට හේතුව දැනගෙන සිටි බිරිය ද ඇඳ සූදානම් කර තිබුණාය. පසු දින උදෑසන අවදි වී කාර්යාලයට යාමට සූදානම් වූ ඔහුට බිරියගේ වෙනසක් දැනිණ. වෙනදා මෙන් නොව දැඩි කෝපයකින් සිටින බවක් පෙනිණ. “ඇයි මොකද අද ඔයාට වෙලා තියෙන්නේ” ඔහු ඇසුවේය.“වෙලා තියෙන්නේ ද? කොහේද ඊයේ ගියේ? මේ මොනවා ද?” අසමින් ඇය ඔහුගේ බෑගයේ තිබූ උපත් පාලන කොපු පැකැට්ටුවක් ගෙන ඔහුගේ ළඟට විසි කළාය. ඔහුට තරු විසිවිය. මෙය තමාගේ බෑග් එකට ආවේ කෙසේදැයි ඔහුට ද ගැටලු‍වක් විය. එහෙත් බිරියගෙන් ඔහුට කිසිම ගැලවීමක් නැත. මිතුරා වැරැදීමකින් මෙය තමාගේ බෑග් එකට දමන්නට ඇතැයි ඔහු සිතුවේය. එනිසා ඔහු වහාම දුරකතනයෙන් මිතුරා ඇමතුවේය.“හරි මචං මම ඊයේ රෑ ක්ලබ් එකේදි මගේ බෑග් එක කියල හිතාගෙන ඕක දාලා තියෙන්නේ උඹගේ බෑග් එකට. සොරි මචං.. එනකොට ඕක අරගෙන වරෙන්” මිතුරා පිළිතුරු බැන්දේය. එහෙත් එම පිළිතුර බිරියගෙන් බේරීමට තරම් නිදහසට කාරණයක් නොවීය.“හරි යනවකෝ අද මමත් එන්නම් ඔය යාළුවා හම්බ වෙන්න” බිරියගේ සිත සන්සුන් නැත. එදින උදේ සහ දහවල් ආහාරය ද නැතිවම ඔහු කාර්යාලයට ගියේය. එහෙත් බිරිය දහවල් කෑම පාර්සලයක් ද රැගෙන කාර්යාලයට ආවාය. එහිදී මිතුරා ද කැටුව ඇය වෙත පැමිණි ඔහු සිද්ධිය යළිත් මිතුරාගේ අත් වැරැදීමකින් සිදු වූ බවට කියා සිටියේය.මිතුරා ද ඇය ඉදිරියේ වැඳ වැටෙමින් තමාගේ අතින් සිදුවූ වරද පිළිබඳ සමාව ඉල්ලා මෙය පවුලේ ආරවුලක් කර නොගන්නා ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ඇයගේ සැකය වූයේ දෙදෙනාම එකට හොර ගමනක් ගොස් ඇති බවය. පසුව ඇය නිවසට ආවත් දින ගණනක් යනතුරු ඔහු සමග කතාබස් කළේ නැත.
බෑග් දෙකක් පවුලක් අවුල් කරලා
1
hp_train_0129
මේ මොහොතේ රටේ සිටිය හැක්කේ එකම එක හතුරකු පමණක් බවත්ල ඒ කොරෝනා නමැති සතුරා පමණක් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (07) වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.මේ ආගමික වශයෙන්, ජාති වශයෙන් බෙදී වෙන්වී සිතන මොහොතක් නොවන බව කී අගමැතිවරයා සියලුම දේශපාලන පක්ෂ නායකයන් ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්නට මේ මොහොතේ ඉදිරිපත්ව සිටින බවද සඳහන් කළේය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ රටේ වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.අගමැතිවරයා මෙසේ ද කීවේය.මම ඔබ අමතන්නේ කොරෝනා වසංගතයට එරෙහිව අපේ රජයත්, ජනතාවත් දැවැන්ත යුද්ධයක යෙදිලා ඉන්න මොහොතක. මුළු ලෝකයේම රටවල් 200කට අධික ප්‍රමාණයක් මේ වසංගතයට එරෙහිව සටන් කරන ආකාරයත්, ඒ රටවල දහස් ගණන් ජනතාවගේ දේහයන් සුසාන භූමියට ගෙනියන ආකාරයත් ඔබ ප්‍රවෘත්තිවලින් දකිනවා.අපි ජීවත් වෙනවාද නැද්ද කියන දේ තීරණය වෙන්නේ මේ වසංගතය මර්දනය කරන්න කටයුතු කරන ආකාරය අනුවයි. අපේ අවධානය, අපේ කැපවීම, විනය කියන දේවල් අනුව තමයි මේවගේ වසංගතයකදී අපි ජීවත් වෙනවාද, මැරෙනවාද කියන දේ තීරණය වෙන්නේ.ඒ නිසා මේ වසංගතය ලෝකයෙන් වාර්තා වුණ මොහොතේ ඉඳන්ම ජනාධිපතිතුමත්, රජයත් ජනතාවගේ ජීවිත ගැන දැඩි අවධානයකින් කටයුතු කළා.මේ තත්ත්වය තේරුම් ගත්ත නිසා තමයි චීනයේ වූහාන් නගරයේ හිර වුණු ලාංකික පිරිස ලෝකයේ බොහෝ දෙනකුට කලින් ගුවන් යානාවක් යවලා මේ රටට ගෙන්න ගන්න කටයුතු කළේ. ඒ පිරිස අරගෙන එන කොටත් අපි අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවලා ඉවරයි.එතැන් සිට ලංකාවට එන සිය ගණන් පිරිස් නිරෝධායනය කරන්න පුළුවන් මධ්‍යස්ථාන රාශියක් ඉතාම කෙටි කාලකදී අපි මේ රටේ පිහිටෙව්වා. දැන් වරකට දහස් ගණනක් නිරෝධායනය කරන්න වුවමනා නිරෝධායන මධ්‍යස්ථාන 40 කට ආසන්න ප්‍රමාණයක් අපි පිහිටුවා තියෙනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන නිකම්ම නවාතැන් පොළවල් නෙවෙයි. හොඳ මට්ටමේ ගොඩනැගිලි, ඇඳන්, වෛද්‍යවරුන් උපස්ථායකයන්, බෙහෙත්-හේත්, උපකරණල වැසිකිළි කැසිකිළි, සෞඛ්‍ය සම්පන්න කෑම බීම විතරක් නොවෙයි කොත්තමල්ලි කෝප්පය පවා මේ දහස් ගණනකට දින 14 ක් පුරා අඩුවක් නැතිව ලබා දෙනවා.මූණ ඇඹුල් කරගෙන නිරෝධායනයට යන අය අද හිනාවෙවී එළියට එන්නේ ඒවා අඩුවක් නැතිව සපයන්න පුළුවන් වෙලා තියෙන නිසයි. ඒ වාගේම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න විශේෂ රෝහලක් අපි දින හයකින්, වැලිකන්දේ ඉක්මනින් ඉදිකළා.ඒ විතරක් නෙවෙයි, ලංකාවට එන අය පරීක්ෂා කරලා රෝගය ගැන සැක අය ඉන්නවා නම්, ඒ අය ඇසුරු කළ දහස් ගණනක් හඳුනා ගෙන ඒ අයත් ගෙවල්වලම තියලා නිරෝධායනය කරවන්න අපි කටයුතු කළා. නිරෝධායනය මගහරින දහස්ගණන් හඳුනාගෙන ඔවුන්ගෙන් සමාජය මුදවා ගන්න රාජ්‍ය බුද්ධි අංශ පවා යොදවා ගන්න ජනාධිපතිවරයාට සිදුවෙලා තියෙනවා.අපි පළමුවැනි කොරෝනා රෝගියා වාර්තා වුණ වහාම සියලු‍ පාසල්ල විශ්වවිද්‍යාල නිවාඩු දීලා දරුවන් රෝගයෙන් මුදවා ගන්න කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් ආසියාතික රටවල් අතරින් මුලින්ම ස්ථාපිත කළේ අපි. ගුවන්තොටුපොළෙන් ලංකාවට පැමිණීම නතර කළා. නිරන්තරයෙන් අපේ ප්‍රතිපත්තිය වුණේ ජනතාව අපහසුතාවට පත් නොකර ජනතාවගේ වුවමනාකම් සම්පූර්ණ කරන්න. ඒ නිසා අපි යුද්ධ කාලෙවත් ඇඳිරි නීතිය පැනෙව්වේ නෑ. මේ තත්ත්වයේදී සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස්වලට අවධානය යොමුකරලයි අපි ඇඳිරි නීතිය පැනෙව්වේ.ඇඳිරි නීතිය පැනවීමත් එක්කම අපේ දහස් ගණන් කර්මාන්තශාලාල ව්‍යාපාර වගේම රජයේ කාර්යාල වහන්න වුණ බව තමුන්නාන්සේලා දන්නවා. එහෙම වුණත් එදිනෙදා ජන ජීවිතය අඩුවක් නැතිව පවත්වාගෙන යාමේ ඉතාම භාරධූර වගකීමත් රජය ඉටුකරමින් ඉන්නවා. විදුලිය, ජලය, ගෑස් අඩුපාඩුවක් නැතිව සැපයීමේ වගකීම රජය දැන් බාරගෙන තියනවා. කෑම බීම, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය දේ රටටම බෙදා හැරීමේ වගකීම ජනාධිපතිවරයාගේත් මගේත් මගපෙන්වීම යටතේ අරලියගහ මන්දිරයේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරන අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය ඉටු කරනවා. ඒවගේම එම කටයුතු නිසි ආකාරව සිදුවනවාද යන්න සොයා බලන්නත් අපි වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා.ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කරන්න කළ හැකි හැම දෙයක්ම කළා. වැඩිහිටි ආධාර ලබන පිරිස 416,000 ක්ග ඒත් අපි වැඩිහිටියෝ හාරලක්ෂ හතළිස් දෙදාහකට රුපියල් පන්දාහ ගණනේ ඉක්මනින් ලබා දුන්නා.ඊළඟට අපට ආබාධිත ජනතාවගේ යැපීම ගැන බලන්න වුණා. ආබාධිත දීමනාව ලබන 22,000 යි හිටියේ. තවත් 38,000කටත් එක්කම රුපියල් 5000 දුන්නා. ගොවියන් 160,000 අපට මේ දීමනාව දෙන්න වුණා. ධීවරයන් 4600 කට ඒ දීමනාව දුන්නා. වකුගඩු රෝගීන් හිටියේ 25,000යි. පොරොත්තු ලේඛනයේ ඉන්න 13,850 කටත් ඒ දීමනාව ගෙව්වා. ගර්භණී මව්වරුන්ට, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට රාජ්‍ය සේවකයන් මගින් ත්‍රිපෝෂ ඇතුළු දේ ගෙවල්වලට යවලා ඉවරයි. පසුගිය දවස්වල විශ්‍රාමිකයෝ 645ල000 විශ්‍රාම වැටුප වෙලාවට ගෙව්වා.දැන් රජයේ ආයතන වසා දමා තිබෙන නිසා රාජ්‍ය සේවකයන් පහළොස් ලක්ෂයක් ඉන්නේ ගෙදර.ඒත් මේ පහළොස් ලක්ෂයකටම අප්‍රේල් මාසයේත් වැටුප දැනටමත් ගෙවන්න කටයුතු කරලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි රැකියා විරහිත උපාධිධාරීන් 40ල000 ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න අපි සූදානම් වෙලා හිටියේ. ඒ අය මෙම නිරෝධායන කටයුතුවලට යොදා ගෙන ආර්ථික ශක්තියක් දෙන්න අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි සමෘද්ධිලාභීන් මේ රටේ ලක්ෂ 17 ක් ඉන්නවා. පොරොත්තු ලේඛනයේ තවත් හයලක්ෂයක්. ඒ විසිතුන් ලක්ෂයටම අපි රුපියල් පන්දාහෙ දීමනාවත් දීලයි මේ තත්ත්වයට මුහුණ දෙමින් අපි කටයුතු කරන්නෙ.අපි මෙහෙම කරගෙන යනකොට මේ රටේ නතර වුණ ව්‍යාපාර ගැනත් හිතන්න වුණා. මේ රටේ ත්‍රිරෝද රථ, පාසල් බස්ල, වෑන් වාගේ දේවල්වලින් රස්සාව කරන ලක්ෂ පහළොවක් හිටියා. මේ සියලු‍ දෙනාට අපි කල්බදු වාරික සහනය දුන්නා. ඇඳිරි නීතිය නිසා ව්‍යාපාර කටයුතු කරගන්න බැරි අයට සහනයක් දෙන්නත් රජයට සිදු වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහන දෙන්න පටන් අරන්.අපි මෙපමණ මුදලක් වෙන් කරලා ජනතාවට සහන දුන්නේ පාර්ලිමේන්තුවෙන් අයවැයක් සම්මත කරගෙන නෙවෙයි. මේ දේවල් එකක්වත් කරන්න ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ සහාය ගන්න ඉඩ ලැබුණේ නෑ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් රජයේ කටයුතු පවත්වාගෙන යන්න අතුරු අයවැයක් සම්මත කරගන්න ගිය අවස්ථාවේ අපට පාර්ලිමේන්තුවේ සහාය දුන්නේ නෑ. එබඳු තත්ත්වයක් යටතේ නැවතත් පාර්ලිමේන්තුව රැස් කිරීමේ කවර ප්‍රයෝජනයක්ද කියලා පරමාධිපත්‍ය බලය තියෙන ජනතාව දැන් අපි කාගෙනුත් අහනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා ජනාධිපතිතුමාට කතා කරලා මේ අපේ වැඩපිළිවෙළට ප්‍රශංසා කර අගය කළ බව මුළු ලෝකයම දන්නවා. මේ මොහොතේ ලක්ෂ පනහකට වඩා ජනතාවට රජය ඍජු සහනාධාර ලබා දීලා ඉවරයි. මේ ප්‍රශ්නවලට මුහුණ දෙන අතරේ අපට වාද විවාදවල යෙදිලා ඉන්න වුවමනා නෑ. රටේ ජනතාවගේ හතරෙන් එකකට අපි ආධාර දුන්නේ රටේ ආදායම යහපත් තත්ත්වයක පැවතිලා නෙවෙයි. මේ මොහොත වෙනකොට රජයට ආදායම් ලැබෙන සියලු‍ මාර්ග අකර්මණ්‍යයි.මේ වයිරසය පැතිරෙන නිසා අපේ ඇඟලුම් යුරෝපා රටවලට යැවීම නතර වෙලා. ඒ නතර වුණේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඉතාලිය, මැදපෙරදිග රටවල ශ්‍රමිකයෝ එවන මුදල අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටසක්. ඒ ආදායමත් කොරෝනා වසංගතය පැතිරෙන නිසා ලංකාවට ලැබෙන්නේ නෑ.මුළු ලෝකයේම සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම්වල ඉඳන් අපේ මුහුදු වෙරළේ සිප්පි කටුවටත් මේක බලපානවා. දැනටමත් ලෝකයේ වාගේම අපේ රටේ සංචාරක හෝටල්වල කෑමබීම, ප්‍රවාහන ක්ෂේත්‍ර ඇනහිටලා. මේ වාගේ තත්ත්වයක් යටතේ තමයි අපට මේ වසංගතයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙත් අපි නැහැයි කියන්නේ නෑ. ජනතාවට බැහැයි කියන්නෙත් නෑ. මේ සටන අතහරින්නෙත් නෑ.කිසිම මොහොතක අපි දේශපාලන, ජාතික, ආගමික වශයෙන් හිතලා තීන්දු ගත්තේ නෑ. ගන්නෙත් නෑ. සියලු‍ම දේශපාලන පක්ෂ නායකයන් ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්න ඉදිරිපත් වුණ මොහොතක් මේ. මේ ආගමික ජාතික වශයෙන් බෙදී වෙන් වී හිතන වෙලාවක් නොවේ.අපට මේ මොහොතෙ ඉන්න පුළුවන් එක හතුරෙක් විතරයි. ඒ කොරෝනා කියන සතුරා විතරයි. අපි මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් මෙන්න මේ සත්‍ය අපි සියලු‍ දෙනාම තේරුම් ගන්න ඕ‌නෑ.දැන් බලන්න මහානායක හාමුදුරුවරු ඉල්ලීමක් කළා, මේ බක් පොහොයට පන්සල් එන්න එපා කියල. මොනතරම් මිනිස්සු ගැන තියෙන ආදරයක් ද හැගීමක් ද මේ ප්‍රකාශ වෙන්නෙ. ඒ නිසා අපි හිතන්න ඕනෑ ජීවත්වෙන අය ගැනයි. මේක ආගමකට, ජාතියකට විශේෂ වුවමනා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන වෙලාවක් නෙවෙයි. මේක රට ගැන හිතන වෙලාවක්ග පොදුවේ මනුෂ්‍යයන් හැටියට හිතුවොත් විතරයි අපට මේ මිනී වළෙන් එහාට පනින්න පුළුවන් වෙන්නේ කියන එක මතක තියා ගන්න ඕනෑ.මතක තියා ගන්න දරුවෝ, බිරිඳ, ගෙදර ඉඳිද්දී තමන්ට රෝගයට මූණ දෙන්න වෙන බව දැන දැන ඇවිත් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් අපට ඉන්නේ.ඇතැම් වෛද්‍යවරුන් තමන්ගේ ඇඟේ කොරෝනා පොසිටිව් වෙනතුරු තමන් රෝහලෙන් යන්නේ නෑ කියලා වැඩ කරනවා. වෙනත් රටවල මුහුණු වැස්මක් දුන්නේ නෑ කියලා සේවය අතහැර ගිය හෙදියොත් ඉන්නවා. ඒත් අපි ආඩම්බරව කියන්නේල, අපේ රටේ ඉන්නේ තමන්ගේ මුහුණ වැස්ම තමන්ම මහගෙන ඇවිත් තම වගකීම ඉටු කරන හෙද පරපුරක්. රෝහල් උපස්ථායකයෝ, ගිලන් රථ රියැදුරෝ කිසිම රෝගියෙක් අතහැරලා නෑ. ඒ වගේම මරණ තර්ජන නිසා ඇතිව තිබෙන ජීවිත අවදානම පවා නොතකා ගෙයින් ගෙට ගිහින් සේවය කරන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපට ඉන්නවා. ඔබත් මාත් ජීවත් වෙන්නේ එබඳු සෞඛ්‍ය සේවාවක් තියෙන රටක. ඒ වගේම අනෙකුත් අවශ්‍ය සේවාවල වගකීම් ඉටුකරන රාජ්‍ය සේවකයනුත් සිහි කරන්න ඕනෑ. ඒවගේම අපේ පළාත් පාලන ආයතනවල කැපවීම අපි කවුරුත් අගය කළ යුතුයි.එදා තමන්ට මරණය තියෙන බව පෙනි පෙනී වැල නොකැඩී ඇවිත් ත්‍රිවිධ හමුදාවටල පොලිසියට බැඳුණු තරුණයෝ අද වයිරසය තිබෙන්නේ කොතැනද, එතැන හොයාගෙන යනවා. තමන් ඉන්න බැරැක්කය රෝගියාට දීලා ඒ අය සිමෙන්ති පොළොවේ නිදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ලක්ෂ ගණනක් අපේ දූ දරුවෝ මේ කොරෝනා වසංගතයට එරෙහිව කරන මෙහෙයුමට ආධාර කරන්න, අපි ආරාධනා කරන තෙක් ගෙවල්වල සූදානමින් ඉන්නවා. එබඳු රටක ඔබ තනි වෙන්නේ නෑ.අපි දිගු කාලයක් ගත කරන්නේ නැතිව ඉක්මනින් මේ වසංගතය ජය ගන්න ඕනෑ. ඒ වගේම ඔබ ආරක්ෂා කිරීමට රජය ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයකටම සහය ලබා දෙන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලනවා.මේ ව්‍යසනය පරාජය කළාට පසුව ජීවත් වෙන හැටි ගැන අපට දැන්ම තියා හිතන්න වෙනවා. රටේ නිෂ්පාදනයටල බෙදා හැරීමට, වෙළෙඳාමට රජයේ මැදිහත්වීම අහෝසි කිරීමේ අදහසින් පසුගිය කාලේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණා. අද අපට සමුපකාරය සිහි වෙනවා. කෑම බීම වාගේම සරුංගලයත් විදේශයකින් ගෙන්වීම ලාබයි කියන මතය අනුව තමයි ඒ ආණ්ඩුව වැඩ කළේ.ස්වයංපෝෂිත ගෙදරක් සඳහා අපි ඇති කළ ගෙවතු වගාව වාගේම කුඹුරු වගාවත් පසුගිය යුගයේ කඩා වැටුණා. දැන් නැවත මේ රටේ ජනතාව හිතන්න පටන් අරන්. කොළඹ නගරයේ ඉඳන් ඈත ගම් බිම් දක්වා සෑම ගෙවත්තක්ම වගා කරන්න සුදානම් වෙන හඬ අපට ඇහෙනවා. අපේ ආහාර අපිම හදාගන්න ජනතාව සූදානම් වෙන බව අපට දැනෙනවාග අපි ඒ සෑම දෙයකටම දිරි දෙනවා.අපේ දැඩි සත්කාර ඒකකවලට වුවමනා ඇඳන් අපේම තරුණයෝ හදනවා. සමහර තරුණයෝ රෝගීන් වෙනුවෙන් රොබෝ යන්ත්‍ර පවා දැනටමත් හදනවා. මේ කියන්නේ අපට පුළුවන්ග රට ගැන හිතන මේ සියලු‍ දෙනා ගැන මම ආඩම්බර වෙනවා. ඒ නිසා අපි කොරෝනා වසංගතය පරාද කරලා අපේම ආහාර, අපිම වගා කරන, අපේම කර්මාන්ත දියුණු කරනල අපේ ශක්තිය ලෝකෙට පෙන්වන ශක්තිමත් රටක් වශයෙන් නැගිටින්න වෙනවා.ඉතිහාසයේ අපි මීට වඩා දුෂ්කරතාවලට මුහුණදීලා තියෙනවා. ත්‍රස්තවාදය තිබුණ කාලේ අවුරුදු විස්ස තිහ අනාථ කඳවුරුවල ජීවත් වෙලා තියෙනවා. දරු පැටව් එක්ක මහ රෑ හබරල ගාල්වල නිදාගෙන තියෙනවා. එබඳු පරිත්‍යාගයක් කරපු ඔබට රට වෙනුවෙන් මේ ටික කාලය ගෙදරට වෙලා ඉන්න එක කරන්න බැරි දෙයක් නෙමෙයි කියලා මම හිතනවා. රට වෙනුවෙන් ඒ පරිත්‍යාගය කරන්න කියලා මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙනත් රටවල් මුහුණ දීපු ඛේදවාචකයට මුහුණ දෙන්නේ නැතිව නැගිටින්න අපට පුළුවන් බව මට විශ්වාසයි. අපි දියුණු ජාතියක් විදියට විතරක් නෙවෙයි නිරෝගී ජාතියක් විදියටත් නැගිටින්න ඕනෑ.
මේ මොහොතේ අපට ඉන්නා එකම සතුරා කොරෝනා පමණයි
1
hp_train_0130
රටේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ  තත්ත්වයක් පවතී. කෙසේ වෙතත් බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර  දිස්ත්‍රීක්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි .දිවයින හරහා විටින් විට හමන තරමක් තද සුළං තවදුරටත් බලාපොරොත්තු වේ. ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 10/09/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34238545ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව33248055ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ30268070ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල28259080වැසි ස්වල්පයක් ඇති විය හැකයාපනය31277565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර30189055ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය19138550ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය31239555වැසි ස්වල්පයක් ඇති විය හැකත්‍රීකුණාමලය3624     8040ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30268070ප්‍රධාන වශයෙන් වැසි රහිත                
‘හෙට වියළි කාලගුණයක්‘
1
hp_train_0131
                                                                                                                          (ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)නල්ලතන්නිය පොලිස් වසමට අයත්, මරේ තේ වතුයායේ වලදල කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (30) පස්වරුවේ එල්ල වූ බඹරු ඇනීමෙන් තුවාල ලැබූ  වතු කම්කරුවන් 12 දෙනෙකු මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇති පිරිස අතර කාන්තාවන් 11 දෙනෙකු හා පිරිමි කම්කරුවෙක් සිටින බව මස්කෙළිය රෝහලේ වෛද්‍යවරු පවසති.මාර ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින කම්කරුවෝ පැවසූහ.මීට අමතරව මස්කෙළිය පොලිස් වසමට අයත්, ස්ට්‍රැත්සිපී තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (30)  පස්වරු 01.00 ට පමණ එල්ලවූ බඹර ඇනීමෙන් කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතලත් කරනු ලැබූ බව මස්කෙළිය පොලීසිය පවසයි. එම වතුයායේ තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මෙම පහර දීම සිදු කළ බව තුවාල ලබා සිටින කම්කරු කාන්තාවෝ කියති.
බඹරු ඇනීමෙන් කාන්තාවන් 6 ක් රෝහලේ
0
hp_train_0132
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 12/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව34269065අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32259075වැසි වාර කිහිපයක්.ගාල්ල31259075වැසි වාර කිහිපයක්.යාපනය33279070වැසි ස්වල්පයක්.මහනුවර31229560වැසි වාර කිහිපයක්.නුවරඑළිය22119560වැසි වාර කිහිපයක්.රත්නපුරය34249560වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35269055අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570වැසි ස්වල්පයක්.   
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0133
ජූනි හය වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට  රටවලින්  වාර්තා වූ කෝවිඩ් -  19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ  පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා  වාර්තාවක් සකසා ඇත.මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ 6 වැනි දාය.නිශ්චිත මරණ හා  සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.
රට රටවල කොරේනා වාර්තා
0
hp_train_0134
(ඩයනා උදයංගනී) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් අද (5) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලි  බරව පවතින අතර බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම  ප්‍රකාශකයා සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය. 
ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු
0
hp_train_0135
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්  වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය සුළු අඩු පීඩන ප්‍රදේශයක් බවට පත්වීම නිසා හෙට දිනයේදී, රට තුළ සහ අවට මුහුදේ වැඩි පුර වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වෙතත්, හෙටින් පසුව මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමක් අපෙක්ෂා කරන අතර, ඒ හේතුවෙන් වැසි සහිත කාලගුණික තත්වය අඩුවීමක් සිදු වේ. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට මිලී මීටර් 100 ට වඩා තද වැසි  ඇතිවීමට ඉඩ ඇත. සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය29249585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව30249585විටින් විට වැසි.කොළඹ31259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය29249580විටින් විට වැසි.මහනුවර28219585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19139585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය31239580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30249580විටින් විට වැසිමන්නාරම30259080සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘මුහුදටත් ගොඩබිමටත් හෙට තද වැසි‘
1
hp_train_0136
නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 3.2කින් පහළ  යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කරයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම පුරෝකථන ඇතුළත් මධ්‍ය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් එම සංවිධානය ඒ බව සඳහන් කර ඇත. මෙම ආර්ථික පසුබැසීම, 1930 වසරේ ඇති වූ මහා ආර්ථික අවපාතයෙන් පසු ලෝකය මුහුණ දෙන ‘‘සියුම් ම ආර්ථික හැකිළීම’’ මෙය යැයි ද පැවසේ. ලෝක ආර්ථිකය මෙලෙස කඩා වැටීමෙන් ලොවපුරා මිලියන 34.3කට ආසන්න ජනතාවක් දැඩි දරිද්‍රතාවයට පත්වනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. එම පිරිසගෙන් වැඩිදෙනකු ජීවත් වන්නේ අප්‍රිකානු මහද්වීපයේ බව ද පැවසේ. ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මේ වසරේ දී හා ලබන වසරේ දී ගෝලීය ආර්ථිකයේ නිමැවුම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 8.5කින් කපාහරිනු ඇතැයි ද පැවසේ. එම මුදල ලෝක ආර්ථිකය වසර හතරක් මුළුල්ලේ එක්රැස් කරගත ආර්ථික ප්‍රතිලාභවලට සමාන වේ. මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 2.5ක සාමාන්‍ය අගයකින් වර්ධනය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වසරේ ජනවාරි මාසයේදී පුරෝකථනය කළේය. අල්ජසීරා (055)
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලෝක ආර්ථිකය සියයට 3.2 කින් පහළට
0
hp_train_0137
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වසා දමා තිබී සඳුඳා (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ අද (13) සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය.කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික කටයුතු මැයි (11) වැනිදා සිට පැය 2කට සීමා කර ඇත. ඒ අනුව දෛනික ගනුදෙනු සිදුවන්නේ උදෑසන 11 සිට පස්වරු 1 දක්වා පමණි.සියලු කොටස් මිල දර්ශකය අද (13) දිනය අවසානයේදී ඒකක 119.30කින් එනම් සියයට 2.81කින් ඉහළ ගියේය. ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා’ මිල දර්ශකය ඒකක 43.70කින් ඉහළ ගියේය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 2.59ක වැඩි වීමකි. ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා’ මිල දර්ශකය ඊයේ දිනය අවසානයේදී ඒකක 1,729.15ක් ලෙස දැක්විණි.මාස එකහාමාරකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මැයි 11 වැනිදා විවෘත කළ අතර එදින සහ පෙරේදා එනම් මැයි (12) වැනිදා ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා’ මිල දර්ශකය කඩා වැටිණි. ඒ හේතුවෙන් දෛනික ගනුදෙනු අත්හිටුවීමට ද සිදුවිය.  ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කාලයේදී සියලු කොටස් මිල දර්ශකය සියයට 28.75කින් ද එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 41.12කින් ද පහත වැටී ඇත.  සඳුඳා (11) විවෘත කිරීමට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළේ අවසන් වරට දෛනික ගනුදෙනු සිදුවූයේ මාර්තු 20 වැනිදා ය. ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටපුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අප්‍රේල් මස 1 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දමා තිබිණි.  මේ අතර ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් පසුගිය කාලයේදී ලොවපුරා කොටස් වෙළෙඳපොළ කඩා වැටිණි.- 055 
මිනිත්තුවක් යාමටත් මත්තෙන් කොටස් වෙළෙඳපොල කඩාවැටෙයි
0
hp_train_0138
(ඩයනා උදයංගනී)සබරගමුව පළාතේත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන අතර සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.(ඩයනා උදයංගනී) සබරගමුව පළාතේත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන අතර සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද වැස්ස නෑ
0
hp_train_0139
(නිමන්ති රණසිංහ)මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනකු නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව නිදහස් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මින් ඉදිරියට නිති මගින් කටයුතු කිරීමට අදහසක් නොමැති බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවට නිතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ ප්‍රියන්ත නාවන  මහතාගේ අත්සනින් යුත් උපදෙස් ප්‍රකාරව මෙම සැකකරුවන් 14 දෙනා නිදහස් කිරීමට අධිකරණය එලෙස නියෝග කළේය.මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 46 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන තෙක් ඔවුන් රක්ෂිත භාරයේ රදවා සිටි බවත්, මෙම සැකකරුවන් අතරින් ප්‍රධාන සැකකරුවන් 16 දෙනකු සම්බන්ධයෙන් නිතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇති අතර තවත් සැකකරුවන් 10 දෙනකු සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.ඒ අනුව විමර්ශන අවසන් නොවුණු සැකකරුවන් මහාධිකරණ ලද ඇප නියෝගයට අනුව එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් 07 දෙනකුට ඇප නියම කිරීම ද අධිකරණය මගින් සිදුවිණී. තවත් සැකකරුවන් තිදෙනකු තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.
මිනුවන්ගොඩ සිද්ධියේ 15 කට ඇප - 4 ක් නිදහස්
0
hp_train_0140
(ජුඩ් සමන්ත)පවතින දැඩි නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 66,448 ක පුද්ගලයින් 2,16,670 ක් සහ මුහුද රළු වීම නිසා පවුල් 25 ක පුද්ගලයින් 78 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ හලාවත සහ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7769 ක පුද්ගලයින් 29,252 කු පීඩාවට පත්ව සිටී.ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 10,174 ක පුද්ගලයින් 26,715 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7162 ක පවුල් 22497 කුද,පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7013 ක පුද්ගලයින් 22446 කුද,නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6170 ක පුද්ගලයින් 22694 දෙනෙකුද පීඩාවට පත්ව සිටී.මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 22694 කුද,වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3181 ක පුද්ගලයින් 12796 ක්ද,මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3379 ක පුද්ගලයින් 10113 කුද පීඩාවට පත්ව සිටින අතර මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4194 ක පුද්ගලයින් 14206 දෙනෙකුද පීඩාවට පත්ව සිටී.පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3458 ක පවුල් 12257 ක් සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6591 ක පුද්ගලයින් 25628 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මහවැව,නාත්තන්ඩිය,දංකොටුව,වෙන්නප්පුව,සහ කල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට නියඟය හේතුවෙන් එල්ලවී ඇති පීඩාව සම්බන්ධයෙන් තොරතුරු එම සටහනේ දක්වා නැත.මීට අමතර පසුගිය දිනවල මුහුද රළු වීම නිසා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 25 ක පුද්ගලයින් 78 දෙනෙකුද පීඩාවට පත්ව සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
නියඟයෙන් පුත්තලමේ පුද්ගලයින් 62,528 ක් පීඩාවට
0
hp_train_0141
(කාංචන කුමාර ආරියදාස) මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අධික වීමත් සමග  එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී ඇතැයි ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.  මේ දිනවල වැඩි වශයෙන්  ආර්ථික  මධ්‍යස්ථානයට  ලැබෙනුයේ පහතරට  එළවළු වර්ගය. ඊට අමතරව බෝංචි විශාල වශයෙන් ලැබෙන බව ගොවීන් පෙන්වා දෙති. පසුගිය දින තුනක කාලයක සිට රුපියල් විස්සේ සිට රුපියල්  40 දක්වා මිලකට  බෝංචි මිල පහත වැටීමත් සමග සමස්ත එළවළු මිල පහත වැටීම සිදුවන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.අනෙකුත් එළවළු වර්ග විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන ලැබුණද ගොවීන් ඉහළ මිලක් ප්‍රකාශ කර සිටියත් ඒවා අලෙවි නොවීම නිසා ඇතැම් අවස්ථාවන්හි නැවත නිවෙස් වලට එළවළු රැගෙන යෑමට පවා සිදුව ඇතැයි ගොවීහු කියති.  කැරට් ලීක්ස් බීට් යන එළවළු වර්ග කිහිපය හැරෙන්නට අනෙකුත් සෑම එළවළුවක්ම රුපියල් 10 සිට රුපියල් 50 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වීම සිදු කෙරෙන බවත් බොහෝ එළවළු අලෙවි නොවන තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති. විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු තොග ලැබීම නිසා එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් ගේ අඩු වීමක් පෙනෙන්නට තිබීම එළවලු මිල පහත යෑමට තවත් හේතුවක් බව වෙළෙඳුන් පෙන්වා දෙති.කෙසේ වෙතත් තවත් දින ගණනාවක් යන තුරු එළවළු මිල මෙයාකාරයෙන් පහත වැටෙනු ඇති බව ව්‍යාපාරිකයෝ විශ්වාසය පළ කරති. කැකිරි, පිපිඤ්ඤා, වැටකොලු, වම්බටු, පතෝල, කරවිල, බණ්ඩක්කා  තක්කාලි ආදී එළවළු වර්ගවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 22 දින අලුයම සිට ම පිරී ඉතිරී ගොස් ඇති අයුරු ද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථිකයේ එළවලු තොග මිල සියයට 40 කින් පහළට
0
hp_train_0142
(මනෝප්‍රිය ගුණසේකර)අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 08 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊනියම කළේය.2012 ඔක්තෝම්බර් මස 30 වැනිදාත් 2013 අප්‍රේල් මස 20 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය ධුරයක කටයුතු කරමින් සිටියදී අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට දණ්ඩ නීතී සංග්‍රහය යටතේ හා මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත. 
මහින්දානන්දට එරෙහි නඩුව ලබන 07 වැනිදා විභාගයට
0
hp_train_0143
ඇය විසි හතර හැවිරිදි තරුණියකි. ඉහළ අධ්‍යාපනයක් නොලැබුවත් ඇයටත් අනෙක් යෙහෙළියන්ට මෙන් රැකියාවක් කිරීමේ ආසාවක් ඇති විය. එහෙත් ඇඟලුම් කම්හලක රැකියාවට ඇයගේ එතරම් කැමැත්තක් නොවීය. මේ අතර අහම්බෙන් ඇයට රැකියාවකට මං පෑදිණි.රැකියාව පදිංචි දිස්ත්‍රික්කයෙන් පිට ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර පිහිටි තේ කම්හලකය. එම කම්හල පිහිටි ප්‍රදේශයේ සියයට අනූවකගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තේ කර්මාන්තයයි. දිනපතා නිවසේ සිට රැකියාවට යාම අපහසු නිසා ඇයට කම්හල ආශ්‍රිතව නේවාසිකාගාරයේ සුව පහසු කාමරයක් ද ලැබුණි.ඇය රැකියාවට ගොස් මාසයක් ගතවීමට පෙරම නොසිතූ ලෙස වාසනාව ඇය වටා කැරකෙන්නට විය. ඒ කම්හල් කළමනාකරුගේ පුතාය. ඔහු විසි එක්හැවිරිදි තරුණයෙකි. ඔහු සමග හෝටල් කාමරවල සිටින විට සුව පහසු යාන වාහන සුවිසල් නිවාස වතු නිලධාරීන්ගේ සුහද හමු ඇයට මැවී පෙනෙන්නට විය.ඉකුත් දිනක සවස දෙදෙනා ගාල්ල නගරාසන්නයේ හෝටලයකට පැමිණියහ. හෝරා කිහිපයක් එහි ගතකිරීමෙන් පසු ඔහු මෝටර් රථයෙන් ඇය බස් නැවතුම් පොළට කැඳවාගෙන ආවේය. දැන් කොහෙද යන්නේ ඔහු ඇසුවේය.මම ගෙදර ගිහිල්ල හෙට එන්නම් ඇය පිළිතුරු බැන්දාය.පසුව ඔහු මෝටර් රථයෙන් පිටත්ව ගිය අතර ඇය බස් නැවතුම් පොළේ නතර වූවාය. ටික වේලාවකට පසු ඔහු ඇයගේ ජංගම දුර කථනයට කතා කර ඉන්නේ කොහේ දැයි විමසීය. මම මේ මහ වීදියෙ කඬේකට ආවා. ඇය කීවාය. එහෙත් එසේ කියා වැඩි වේලාවක් යන්නට පෙර පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඇය අසල නතර කළේය.මෝටර් රථයෙන් බැස ගත්තේ මෙයට ටික වේලාවකට පෙර යහන්ගතව සිටි කම්හල් කළමනාකරුගේ පුතාය. අවාසනාවට මෙන් ඇය සිටියේ තවත් තරුණයෙකුගේ අත්අල්ලා ගෙනය. මෙයට පෙර දැන හැඳින ගෙන සිටි එම තරුණයා සමග ඇය ගාලු කොටුවට යමින් සිටියාය. මෝටර් රථයෙන් බැසගත් ඔහු ඇයි මට බොරු කිව්වේ කියමින් අත මිට මොළවා ඇයගේ මුහුණට වේගයෙන් පහරක් එල්ල කර මෝටර් රථයට නංවා ගත්තේය. ඇය සමග සිටි තරුණයා අන්දමන්ද වී බලා සිටියේය.මම ඔක්කොම බලාගෙන හිටියෙ. කවුද ඒ මිනිහ ඔහු ඇසුවේය.ඒ මම අඳුනන යාලුවෙක්. ඇය කීවාය. ඇයගේ මුහුණ රතුවී ඉදිමී තිබිණි. ඔහු ඖෂධ ශාලාවකට ගොස් අයිස් බෑගයක් ගෙනැවිත් මෝටර් රථය තුළදීම ප්‍රථමාධාර දුන්නේය. ඉන්පසු ඇය නිවසට යන බව පවසා මෝටර් රථයෙන් බැස ගියාය. එහෙත් ඇය ගියේ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයටය. පැමිණිල්ල සටහන් විය. ඇය රෝහල්ගත වූවාය.මේ අතර ඇයගේ නිවසේ ඥාතීන් දියණිය අතුරුදන්වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ද කර තිබිණි. ගාල්ල පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පැවැත්වූ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂිකා චෞද්රි මෙනෙවිය සහ සැරයන් සමරනායක 25312 මහතා සැකකරු අත්අඩංගුවට ගත්හ.(උණවටුන ඩී.ජී. සුගතපාල) 
‘ඩබල් ලව්’ මාට්ටුවී මූණ රතුවෙන්න නෙළලා​
0
hp_train_0144
රංජිත් රාජපක්‍ෂතලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ඇතුළු  පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තලවාකැලේ ලිඳුල නගර සභාවට ස්වාධීනව තරග කිරීමට ඇප මුදල් තැම්පත් කළහ.ඒකාබද්ධ විපක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රධානියකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන්  පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් තරග නොකර ස්වාධිනව තරග කිරිමට තීරණය කළ බව  හිටපු සභාපති අශෝක සේපාල මහතා පැවසීය. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් තමන් ඇතුළු තලවාකැලේ ලිඳුල නගර සීමාවේ විශාල පිරිසක් කැපවීමෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ නුවර එළිය ප්‍රධානියා තමන් ඇතුළු පිරිසට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කළ බව ද ඔහු කීවේය.
දෙමළ විමුක්ති සන්ධානය ඇප තියයි
1
hp_train_0145
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර සහ ඌව  පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදය කාලයේදී ද මද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය36259060සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව32269570වැසි ස්වල්පයක්කොළඹ33249565සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල33268570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය35258060වැසි ස්වල්පයක්මහනුවර32219560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය23129580සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය35239555සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය33268575වැසි ස්වල්පයක්මන්නාරම34259580වැසි ස්වල්පයක්
‘පළාත් රැසකට සවස කාලයේ තද වැසි‘
1
hp_train_0146
 මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (05) පස්වරු 6.45 වන විට තවත් ආසාදිතයන් 213 දෙනෙකු එකතු වී ඇත.අද හඳුනාගත් ආසාදිතයන් පෑලියගොඩ කොරෝනා ආසාතියන්ගේ ආශ්‍රිතයන් බව පැවසේ.මේ දක්වා එම කොරෝනා පොකුරෙන් වාර්තා වූ ගණන 8709 කි. අද හඳුනාගත් පිරිස සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 8922 ක් වේ. 
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 305 ක්
0
hp_train_0147
අවට මුහුදු ප්‍රදේශවල සහ රට අභ්‍යන්තරයේ  විටින් විට තද සුළං තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සිහින් වැසි ඇතිවේ. ඌව සහ  නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි  ඇති විය හැකියි.  ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/09/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35259050ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව33259060සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.කොළඹ31268070වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29259080ප්‍රධාන වශයෙන් වැසි රහිතයාපනය32268070ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර30219570වැසි ස්වල්පයක් ඇති විය හැකනුවරඑළිය19149580වැසි ස්වල්පයක් ඇති විය හැකරත්නපුරය33249570වැසි ස්වල්පයක් ඇති විය හැකත්‍රීකුණාමලය3626     7540සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මන්නාරම31268575ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘පළාත් කීපයකට හෙට මද වැසි‘
0
hp_train_0148
අවශ්‍ය වන්නේ පහසු දේට වඩා අපහසු දේ තමයි ජය ගැනීම බවත්, මිනිසුන් අවශ්‍ය පහසු දේ කිරීමට නොව අපහසු දේ කිරීමට බවත්, එබැවින් සැම විටම අවදානම් බාර ගතයුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.සෑමවිටම අභියෝගයට ආදරය කරමින් හා අවදානම ඉතා සුහදශීලීිව බාරගෙන ඇතිවන ප්‍රශ්න නිවැරැදිව විසඳාගැනීමට කටයුතු කළහොත් රට ජයග්‍රහණය කරන්න පුළුවන්. රට ජයග්‍රහණය කරවිය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් 25 වැනිදා පැවති ‘පුරවැසි අත්වැල’ ප්‍රාදේශීය සන්නිවේදකයන්ගේ හමුව අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.“පුරවැසි අත්වැල වැඩසටහන රට දිනවන වැඩසටහනක් බව මම ප්‍රථමයෙන්ම සඳහන් කරන්න ඕනෑ. අපේ රට දිනවීම පිළිබද අපට අභියෝගයක් තියෙනවා. ඒ නිසා මේ පුළුල් වැඩපිළිවෙළ ජාතියේ යහපත සඳහා, අපේ රටේ අද ජීවත්වන ජනතාව වගේම හෙට උපදින දරුවන් සඳහා පිරිසුදු චේතනාවෙන් ක්‍රියාත්මක වන්නා වූ පාරිශුද්ධ වැඩපිළිවෙළක් විදියටයි මා හඳුන්වන්නේ.මීට වසර දහස් ගණනකට පෙර අපේ රට තිබුණු තැන අද නැති බව ඔබ අපි කවුරුත් දන්නවා. අපේ රටේ මීට වසර 5000 කට එහා තිබුණු දියුණු සංස්කෘතිය පිළිබඳව ඉතිහාස සාක්ෂි සාධක රාශියක් තියෙනවා. ඒත් දීර්ඝ ඉතිහාසයක් නැති රටවල්වල මිනිසුන් අද අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනවා. තාක්ෂණික ජයග්‍රහණ සමග ඔවුන් විශිෂ්ට මිනිසුන් බවට පත්වී තිබෙනවා. ඒත් අපි අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගැන පුරසාරම් දොඩමින් සිටිනවා. එසේ නොසිතා අපි ඒ ශ්‍රේෂ්ඨ  ඉතිහාසය නැවත ළඟා කරගන්නේ කෙසේද. ඒ නිසා තමයි ඊට සුදුසු වැඩපිළිවෙළක් සමග ඊට සුදුසු මිනිසුන් ඒකරාශී කිරීම සඳහා පුරවැසි අත්වැල ක්‍රියාත්මක කිරීමට මූලිකවුණේ.අපේ රටට තිබෙන අභියෝග මොනවාද? සංවර්ධනය පිළිබඳ අනාගත අපේක්ෂාවන් සමග අපි සාමූහිකත්වයෙන් යුතුව අනුන් ගැන සිතන මිනිසුන් ඒකරාශී කර ගනිමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි බලාපොරොත්තු වුණේ. අපි සොයන නිවැරැදි ගමන් මාර්ගයේ යාමේදී ඇතිවන ගැටලු සහ අභියෝගවලදී සැබෑ කැපවීමෙන් වැඩකරන, රට ගැන හිතන මිනිසුන් වශයෙන් මානවවාදී සමාජයක් ගොඩනැගීමේ සාමූහික වගකීම පෙරදැරිව කටයුතු කළ යුතුයි.අපේ රටේ පළාත් 9 ගත් විට ඒවායේ වෙනස. පරිපාලන දිස්ත්‍රික් 25 ගත් විට ඒවායේ වෙනස්කම්. අපේ රටේ සිංහල, මුස්ලිම්, දෙමළ ජනකොටස් පිළිබඳව කතා කළහොත් ඒ අය අතරේ තිබෙන වෙනස. ආගම් වශයෙන් ගත්විට බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි ආදී ඒ අතරේ තිබෙන වෙනස්කම්. මේ කවර ජාතික, ආගමික හෝ ප්‍රාදේශීය වෙනස්කම්වලට අනුව සංවර්ධනයේ වෙනසක් නොතිබිය යුතුයි.  ඒ නිසා පුරවැසි අත්වැල සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332 ක් නියෝජනය වන අයුරින් ද ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ සාර්ථක කරන ආකාරයට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වන්නේ ඔබ කෙරෙහි ඇති විශ්වාසය නිසාවෙනි. ඒ කැපවීම ඔබ සෑම කෙනෙක් ළඟම තියෙන බව මා විශ්වාස කරනවා. යම් කාර්යයක් කිරීමට තිබිය යුතු අධිෂ්ඨානශීලී බව ආත්ම ශක්තිය, කැපවීම ඉතා අවශ්‍යයි.ලෝකයේ වෙනස්කම් කර තිබෙන්නේ මානව සමාජයේ අවශ්‍ය විප්ලවකාරී කාර්යයන් ඉටුකර තිබෙන්නේ සමාජයේ ගොඩනැගුණු ඔබ වැනි පුංචි මිනිස්සුයි කියන එක අමතක කරන්නට එපා. යම් කිසි පාරම්පරික අයිතියක් සහ උරුමයක් නැති, ප්‍රභූ පන්තීන්ගෙන් ගොඩ නොනැගුණු, ධනවත් පවුල් වලින් පැවත එන්නේ නැති ඔබ වැනි පිරිස් තමයි සමාජය වෙනස් කර තිබෙන්නේ. ඒ වෙනස කරන්න අවශ්‍ය නායකත්වය දී තිබෙන්නේ ඔබ වැනි පිරිස්.අපි රජය විදියට ක්‍රියාත්මක කරන පරිසර සංරක්ෂණය, මත්ද්‍රව්‍ය නිවාරණය, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන්, වකුගඩු රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන විශේෂිත වැඩපිළිවෙළ, දේශීය කෘෂිකර්මය ශක්තිමත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ වගේම දෛනිකව ජීවිතයේ බොහෝ දේට සම්බන්ධ විෂය ක්ෂේත්‍ර හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එය ක්‍රියාත්මක කිරීමේදී අපි පැහැදිලි ලෙස සත්‍යගරුක ලෙස සමාජ සාධාරණත්වය තුළ කටයුතු කිරීම අවශ්‍යයි.යම් කාර්යයක ආරම්භය ගැටලුකාරීයි. අභියෝගාත්මකයි. ඒ වෙනස කිරීමට මිනිසුන් විදියට මැලිකමක් දක්වනවා. සිටින තැනින් වෙනස්වීමට මිනිසුන් අකමැතියි. අද මිනිසුන් තාක්ෂණය සමග සටන් කරනවා. දේශපාලනය සමග සටන් කරනවා. අද මිනිසුන් භාෂාව මුල්කරගෙන සටන් කරනවා. අද මිනිසුන් ආගම් මුල්කරගෙන සටන් කරනවා. භූමිය මුල්කරගෙන සටන් කරනවා. ඒත් මිනිසුන් හැමවිටම ගොඩනැගුණේ සොබාදහම සමග සටන් කරලා. සටන් ජයග්‍රහණය කරලා. මෙවැනි වැඩසටහනකදී අපි තුළ විශ්වාසය, සහෝදරත්වය, එකමුතු බව අත්‍යවශ්‍යයි.අපි ආරම්භ කළ “ජනපතිට කියන්න” වැඩසටහනට සමාජයේ විවිධ ක්ෂේත්‍රවල අය තොරතුරු දීමට පටන්ගෙන තිබෙනවා. තමාගේ දුක් ගැනවිලි කියනවා. ඒ තුළින් අපට හමු නොවන දේ, හසුනොවන දේ පෙන්වා දෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයට දවසකට ලිපි 700 ක් විතර ලැබෙනවා. ඒ ලිපි වලින් 500 ක් විතර මට යොමු කරනවා. ඒත් මට තියා මේ ලෝකේ කිසි කෙනෙකුට තමන්ගේ වැඩත් එක්ක දවසකට ලිපි 500 ක් බලන්න සහ ඊට පිළිතුරු ලියන්න පුඑවන්ද කියලා  ඔබ සිතා බලන්න. අනෙක් රාජ්‍ය නායකයොත් ගත්විට එවැනි කටයුතු වලදී බොහෝ විට සිදුකරන්නේ තමන්ගේ කාර්ය මණ්ඩලයට ඉදිරි කටයුතු කිරීමට යොමු කිරීමයි.මම අපේ මහජන සම්බන්ධතා අංශයට ගිහින් මට එවා තිබූ ලිපි වලින් කීපයක් තෝරා ගත්තා. එක් ලිපියක් එවා තිබුණේ අනුරාධපුර මහින්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා. මම ඊයේ එහි නොගියා නම් ඒ ලිපිය මගේ අතට එන්නේ නැහැ. එය මා වෙත ලැබිය යුතු ලිපියක්. එහි තිබුණේ ජනාධිපතිතුමනි, ඔබතුමා අගෝස්තු 04 වැනි දා අනුරාධපුරයට ආවා. අපිට දැනුම් දී තිබුණා උදේ ඔබතුමා අපේ පාසලට එනවා කියලා. ඔබතුමා එන නිසා අපේ පාසලේ දරුවෝ සති ගානක් ඔබතුමා පිළිගන්න පුහුණුවීම් කළා. එදා පාන්දර හතරේ ඉඳන් දරුවෝ නැගිටලා විවිධ විශේෂාංග වලට තෝරා ගෙන සිටි දරුවන් අදාළ ඇඳුමෙන් සැරසී සිටියා. ඒ වගේම පාසලේ අපියි දෙමව්පියොයි ඔබතුමා එනකම් බලාගෙන සිටියා. අපි දවසම බලාගෙන හිටියා ඔබතුමා ආවේ නැහැ. ඇයි අපිට එහෙම වුණේ. එහෙමයි ලිපියේ තිබුණේ.ඒ ලිපිය ඊයේ තමයි මගේ අතට ලැබුණේ. එවිටයි මම දන්නේ එදා දවසේ මහින්ද විද්‍යාලයට මම එනවා කියලා කවුරුන් හෝ එහි විදුහල්පතිතුමාට කලින් කියලා තියෙන බව. ඒත් මගේ වැඩසටහන්වල එවැන්නක් සටහන්ව තිබුණේ නැහැ. පුංචි දරුවෝ මොනතරම් බලාපොරොත්තු සහගතව ඉන්න ඇතිද? ඒ දරුවො බලාපොරොත්තු සුන්වී කෙසේ යන්න ඇතිද? දරුවන්ගේ දෙමව්පියන් මට මොන විදියේ චෝදනා කරන්න ඇතිද?විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මාව මොන තරම් විවේචනය කරන්න ඇත්ද? කවුරුන් වැරැද්ද කළත් අවසානයේ වැරැද්ද බැර වෙන්නේ මගේ ගිණුමටයි. එය මම නොදැන සිදුවූ දෙයක්. මම ඒ කිව්වේ ඉතාමත් පුංචි උදාහරණයක්.ඒ නිසා අපි සැමවිටම අපි කරන කාර්යය පිළිබඳව වගකීමකින් කටයුතු කළ යුතුයි. තවත් කෙනෙක් සමග කටයුතු කිරීමේදී ඔහුගේ යෝජනා, අදහස් සැලකිල්ලට ගත යුතුයි. ඒත් බොහෝ විට අපි කතා කිරීමේදී අනෙක් කෙනාගේ අදහස්වලට ඇහුම්කම් දෙනවා අඩුයි. අනෙක් අයගේ අදහස්වලට ගරු කරනවා මදි. ඒකයි ඇත්ත තත්ත්වය.සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්ම ගිය හැටි ඔබ දන්නවා වසර 06 ක් දුෂ්කර ක්‍රියා කරලා දුක්විඳ බුද්ධත්වයට පත්වුණා. උන් වහන්සේ බුද්ධත්වය ලබලා තමන්ගේ පියා සිටින ප්‍රදේශයට වැඩියා. එහිදී රාහුල කුමාරයා මුණගැසුණා. රාහුල කුමාරයා ගෙන යනවා කියලා කිසිවෙකුට නොකියා රැගෙන ගියා. සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්මී ගිය පසු සුද්ධෝදන රජතුමා ඉතාම සිතේ වේදනාවෙන් සිටියේ.එහෙම සිටින අතරෙයි සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වය ලබලා සීයට කියන්නේ නැතිව රාහුල කුමාරයා රැගෙන ගියේ. සුද්ධෝදන රජතුමා තම මුණුබුරා නැතිව දැඩි වේදනාවට පත්වුණා. දරුවාගේ අම්මාට කිව්වෙත් නැහැ. දරුවාගේ සීයාට කිව්වෙත්  නැහැ. ඔබ දන්නවා දරු මුණුපුරන් ඉන්න අය දන්නවා තාත්තලා, අම්මලා තමන්ගේ දරුවන්ට ආදරය කරනවා වගේම ඊළඟට ආදරය කරන්නේ මුණුපුරු මිණිපිරියන්ට තමයි. සුද්ධෝදන රජතුමා  හිතේ  උහුලන්න බැරි වේදනාවකින් හිටියේ,  තමන්ගේ එකම කුමාරයා රජ පවුල දාලා ගිහින් ජීවත් වෙච්ච විදිය. ගෙයින් ගෙට ගිහින් පිඩු සිඟා වඩිනවා. ඉල්ලගෙන කනවා. එහෙම වේදනාවෙන් ඉන්න අතරේ තමයි ඊළඟට බුද්ධත්වය ලබලා සීයාට කියන්නේ නැතුව රාහුල කුමාරයා අරන් ගියේ. ඊට පස්සේ තමන්ගේ පුතා නැතුව ගියාට වඩා සුද්ධෝදන රජතුමා තමන්ගේ මුණුපුරා  නැතුව ගිය එක ගැන දැඩි වේදනාවට පත්වුණා. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ ඒ ඇති වුණ සිදුවීමත් එක්ක ශාසනයට කෙනෙක්  ගන්නවා නම් අනිවාර්යෙන්ම දෙමව්පියන්ගෙන්, භාරකරුවන්ගෙන් අහලා අවසරයක් අරගෙන ඒ දේ කරන්නේ කියලා තීරණයක් ගත්තේ.අපි යම් කිසි කාර්යයක් කරන විට සැම විටම අනෙක් අයගේ අදහස්  විමසන්න අවශ්‍යයි. ඒ අයගේ අදහස්වලට ගරු කරන්න අවශ්‍යයි. ඒවා සැලකිල්ලට ගන්න අවශ්‍යයි. ඒවා පිළිගන්න අවශ්‍යයි. ඒවාට ප්‍රමුඛත්වයක් දෙන්න අවශ්‍යයි. නිවැරැදි දේ  සැම විටම තමන් සිතන දේ නොවෙයි. එය ඇතැම් වෙලාවට නිවැරැදි වෙන්න පුළුවන්. බොහෝ වේලාවට එය සියයට සියයක් නිවරැදි දේ නොවෙයි. මෙම වැඩසටහන් තුළ මූලික වශයෙන් ඔබේ හැකියාව, දක්ෂතාව, නිර්මාණශිලීභාව, නිපුණතාවයන්, ඒ සියල්ල පිළිගන්නා අතරේ බාහිර සමාජයට ගරු කරන්න, බාහිර සමාජයට ආදරය කරන්න, ඒ අය ඉදිරිපත් කරන ගැටලු හිතට ගන්න. ඒ පිළිබඳව අවංක හැඟීමෙන් කටයුතු කරන්න ඔබ පුහුණු විය යුතුයි.පරිසර සංරක්ෂණ විෂය යම් කිසි කාර්යයක් බාරදුන්නම ඊළඟට වැලි පර්මිට් ඉල්ලාගෙන එනවා නම් ඒ වැඩය කොතෙක් දුරට යන්න පුළුවන් ද කියලා හිතන්න අවශ්‍යයි. මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳව වගකීම බාරදුන්නහම මට බාර් එකක් දාන්න මට ලිකර් පර්මිට් ගන්න ඕනෑ කියලා කෙනෙක් එනවා නම් ඒ තනතුරට තමන් කෙතෙක් දුරට ගැළපෙනවද කියලා හිතන්න අවශ්‍යයි. ඒවගේම තමයි සෑම ක්ෂේත්‍රයක්ම. අපි සමාජය විදියට ගත් විට මුළු සමාජ සංස්ථාවම අද ඉතාමත්ම අපිරිසුදු වෙලා තියෙන්නේ. ඒ අපිරිසුදු වෙච්ච මුළු සමාජ සංස්ථාව අපි කොහොම ද පිරිසුදු තත්ත්වයට ගන්නේ.අපි කොයි ආකාරයට ද නිවැරැදි දේ කරන්නේ. ඒ නිසා අපි සෑම කෙනෙකුටම ඒ අධිෂ්ඨානශීලීභාවයත් සමග කළ හැකි කළ යුතු කැප කිරීම් රාශියක් තිබෙනවා. අතීතයේ මහා ශ්‍රී  විභූතිය  පිළිබඳව කතා කරන අපි, ආඩම්බර වන අපිට හෙට දවස වෙනුවෙන් ඒ ශ්‍රී විභූතිය ළඟා කරගන්නට නම් මේ රටේ සමස්ත පොදු ජනතාවත් සමග පුළුල් අවංක වු පිරිසුදු වැඩ සටහනක් ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා.ඒ තුළ අවවාදයට වඩා ආදර්ශය ඉතා වැදගත් වෙනවා. අපිට බොහෝ දේ කතා කරන්න පුළුවන්. ඒත් අපි ක්‍රියාත්මක වනවිට අපි කතා කරන අපේ ආදර්ශය  තිබෙනවාද කියන කාරණාව අපිම විමසිය යුතු වෙනවා.ඒ වුණත් සමාජයේ අද තිබෙන  විවිධ අංශවල මාධ්‍ය තුළින් එන දේ මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය ද, ෆේස් බුක්, වෙබි සයිට් මේ සියල්ල ගත් විට සමාජය විකෘති කරන්න තමයි එහි වැඩි පැත්තක් නැඹුරුවෙලා තියෙන්නේ. සත්‍ය ඉතාමත් අඩුයි. අසත්‍ය ඒ වගේම වැරැදි දේ නින්දා අපහාස මේවා තමයි බොහෝ වෙලාවට තියෙන්නේ. අපි රටක් විදියට වැඩ කරන කොට අපේ රට ශක්තිමත් කරන්න, ඉදිරියට යන්න අද මාධ්‍ය විදියට මාධ්‍ය ආයතනවලින් නිවැරැදි දේ ඉටු කරනවා. මිනිසුන්ට සන්නිවේදන තාක්ෂණයෙන් ලැබෙන  නිදහස  පාව්චිචි කරමින් අන්තර් ජාලය, ෆෙස්බුක්, වෙබ් සයිට්  කොතෙක් දුරට සමාජ සාධාරණත්වය වෙනුවෙන් නිවැරැදිව අවංකව කටයුතු කරනවාද? මේ තිබෙන ප්‍රශ්න සමග තමයි අපි මේ ගමන යා යුතු වෙන්නේ.ලෝකයේ පහසු දේට වඩා අපහසු දේ තමයි ජය ගැනීම අවශ්‍ය වෙන්නේ.  පහසු දේ කරන්න මිනිස්සු අවශ්‍ය වෙන්නේ නැහැ. අපහසු දේ තමයි මිනිස්සු විසින් කළ යුතු වෙන්නේ. අපි සැම විටම අවදානම භාර ගතයුතු වෙනවා. යම් කිසි කාර්යයක් කරන විට මෙය කළ හැකි ද, කරන්න පුළුවන් ද, මෙයින් ජයක් ලබන්න පුළුවන් ද, මෙයින් ප්‍රතිඵලයක් තිබෙයි ද, මේ අරමුණ ඉෂ්ට කර ගන්න පුළුවන් ද, ඒ ඉලක්කය කරා යා හැකි ද, ඒ කියන සැකය තුළ ඇති වෙන පසුගාමී තත්ත්වයන් දියුණු වෙන මිනිස්සුන්ට, දියුණු වෙන සමාජයට ගොඩ නැගෙන කෙනෙකුට අදාළ වන්නේ නැහැ. සැම විටම අවදානම භාර ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි මිනිසෙක් විදියට ඉදිරියට යන්න.අපි සෑමවිටම අභියෝගයට වඩාත් ආදරය කරමින් අවදානම ඉතා සුහදශීලීව භාරගෙන ඒ වගේම ඇතිවන ප්‍රශ්න නිවැරැදිව විසඳාගන්න තිබෙන උත්සාහයත් සමග කැපවීම, ආත්ම ධෛර්යය, ආත්ම අධිෂ්ඨානයත් සමග අපි සෑම කෙනෙක්ම වැඩ කළොත් ඔබෙත් මගේ රට ජයග්‍රහණය කරන්න පුළුවන්. රට ජයග්‍රහණය කළහොත් ඔබ ජයග්‍රහණය කරනවා.ඒ අභියෝගාත්මක වූ ගමන යන්නට පුරවැසි අත්වැල සමග අත්වැල් බැඳගෙන ඒ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ගොඩනගන්න දැනුමේ ශක්තිය, බුද්ධියේ ශක්තිය, පරිණතභාවය, අත්දැකීම්, සුහදශීලීත්වය, මිත්‍රශීලීත්වය එක්තැන් කර ග්‍රාම ශක්ති විදියට මේ රට ගොඩනගන්න පු`ළුවන්කම තිබෙනවා.ඒ නිසා ඔබ සෑම කෙනෙක්ම මේ වැදගත් කාර්යයට ඉතා ඉහළම කැපවීමකින් එක්වීම ගැන මා ඉතාමත් සතුටුවෙමින් ඉදිරි කාලය තුළ මේ වැඩසටහන ක්‍රියාත්මකවීමේදී ඔබ නියෝජනය කරන ප්‍රදේශවලට ඇවිල්ලා ඔබේ හිතුවතුන්, ප්‍රාදේශවාසීන්, ගම්වාසීන් මේ සෑම කෙනෙක් සමගම සුහදශීලි ලෙස එක්වෙලා මේ පුළුල් ජාතික වැඩසටහන ගෙන යන්න අප සෑම කෙනෙක්ම ධෛර්මත්ව කටයුතු කරමු කියන ඉල්ලීම කරමින් නිහඬ වෙනවා.ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. 
අභියෝගයට ආදරය කර අවදානම බාරගත්තොත් රට දිනවන්න පුළුවන්
1
hp_train_0149
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,742දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,95,851 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 11,605 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,27,254 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 
කොවිඩ් ආසාදිතයන් තව 1,742ක්
1
hp_train_0150
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේයඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානයන්හි සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම ප්‍රකාශකයා පැවසීය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු කීවේය.දිවයින හරහා සහ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ, දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද හෙතෙම පැවසීය. 
පළාත් රැසකට ගිගුරුම් සහිත තද වැසි
0
hp_train_0151
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල අඩංගු බහාලූම් ( කන්ටේනර් ) දිවයිනේ අභ්‍යන්තර ප‍්‍රදේශ වලට රැගෙන යාම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය මෙම මස 18 දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණ නියෝග කෙරිණි. මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ  අද  (12)  කැඳවිණි.මේ පිළිබඳ රස පරීක්ෂක වාර්තා ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් කරුණු සහිත වාර්තාවක ඵදිනට අධිකරණයට ලබා දෙන  බව නීතිපති වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා දැනුම් දුන්නේය.ඒ අනුව මෙම රිට් පෙත්සම දෙසැම්බර් 18 වැනි දින යළි කැඳවන ලෙසද නියෝග කෙරිණි.පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ,  රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකි.ජීව විද්‍යා උපාධිධරයෙකි.සායනික අපද්‍රව්‍ය , ඉවතලන ප්ලාස්ටික් , මෙට්ට‍්‍රස් ආදි අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇත.මෙම විදෙස් කැළි කසල මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය.මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම , ජනතාවගේ සෞඛ්‍යයටද හානි සිදුවේ.මෙම විදෙස් අපද්‍රව්‍ය මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ.මෙවැනි ක‍්‍රියාවන් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත.මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත් , මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැත.එැබිවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , ජාතික පරිසර පනතෙහි විධි විධනා උල්ලංඝනය කරමින් මෙරටට විදේශයන් හි සිට කැළි කසල ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , මෙවැනි විදෙස් කැළි කසල ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.පෙත්සම්කාර පරිසර සංවිධානය වෙනුවෙන් නීතීඥ නිල්මල් වික‍්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.
කසල ආනයනය වැළැක්වීමට ගොනු කළ රිට් පෙත්සම විභාගය සැප්තැම්බරයට
0
hp_train_0152
රංජිත් රාජපක්‍ෂ              අඹගමුව  ප‍්‍රාදේශීය සභාවේ  සභාපති ලෙස  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයසංඛ පෙරේරා මහතාත් උප සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ අජන්ත නෙළුම් කුමාර මහතාත් අද තේරී පත්විය. අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ  සභාපති   හා උප සභාපති තේරිම අද පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන්  පවැත්විණි. සභාපතිවරයා ලෙස  ජයසංඛ පෙරේරා මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කළ අතර අජන්ත නෙළුම් කුමාර මහතාගේ නම  එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා විය. ඒ අනුව පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 11ක් ලබා ගත් ජයසංඛ පෙරේරා මහතා සභාපති ලෙස තේරී පත් විය. උප සභාපති ධුරයට එජාපයෙන් නෙළුම් කුමාර මහතාගේ නමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රුක්ෂාන් රණසිංහ මහතාගේ නමත් යෝජනා විය.  ඒ අනුව පැවැත්වූ රහස් ඡන්දයෙන් උප සභාපති ලෙස නෙළුම් කුමාර මහතා තේරී පත් විය.
කැකිරාව සභාපති පුටුවට පොහොට්ටුව ඇතුළේ තරගයක්
0
hp_train_0153
වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවෙමින්  පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘‘එහෙත්   නැගෙනහිර සහ ඌව පළාත්වල  වැසි ස්වල්පයක් ඇති වේ‘‘.‘‘අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේ දි මධ්‍යම හා සබරගමුව පළාත් වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය‘‘. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/02/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32239570ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව30249575වැසි ස්වල්පයක්..කොළඹ31259070ප්‍රධාන වශයෙන් වැසි රහිත.ගාල්ල31259070ප්‍රධාන වශයෙන් වැසි රහිත.යාපනය31239570ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30219565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි.නුවරඑළිය20129570උදෑසන මීදුම සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි.රත්නපුරය34249550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30249570 වැසි ස්වල්පයක්.මන්නාරම30249075ප්‍රධාන වශයෙන් වැසි රහිත. 
‘පළාත් කිහිපයකට මඳ වැසි‘
0
hp_train_0154
ඩි.ජී.සුගතපාලපසුගිය (09) දහවල් කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලද හිනිදුම රෝහලේ ගිලන්රථ රියදුරුට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇතැයි කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු පැවසිය.මෙම ගිලන් රථ රියදුරු පසුගිය 5 වනදින සිට රෝහල් පරිශ්‍රයේ නිල නිවාසයේ සිට නිරෝධායනය වෙමින් සිටියදි වැඩිදුර පරික්ෂණ පැවැත්විම සඳහා (09)දින දහවල් සුව සැරිය ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇත.එහිදි කරන ලද පරීක්ෂණයේදි අනාවරණය වි ඇත්තේ ඔහුට කොරෝනා වයිරසය ආසාදනයවි නොමැති බවය.මෙම ගිලන් රථ රියදුරුගේ මිතුරෙකු කොරෝනා ආසාදනයවු මතුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ඇසුරු කිරිම නිසා මෙසේ සැකපිට වැඩිදුර පරික්ෂණ සඳහා කරාපිටිය රෝහල වෙත එවා තිබිණි. 
හිනිදුම රෝහලේ ගිලන් රථ රියදුරුට කොරෝනා ආසාදනය වී නෑ
1
hp_train_0155
රුපියල්  හාරලක්ෂ අසූ දහසක්  වටිනා රත්තරන් කැබැල්ලක්  තම කටෙහි  සගවාගෙන බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී   ලාංකිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින්  අද අත් අඩංගුවට ගනු ලැබීය.සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 49  හැවිරිදි පුද්ගලයෙකි.අත්අඩංගුවට ගනු ලැබු රන් කැබැල්ලෙහි බර ග්‍රෑම් 98 කි.ඔහුගේ ගුවන් බලපත්‍රයේ සඳහන්ව ඇත්තේ ඔහු  වෘත්තියෙන් රියදුරෙක් බවයි.  නමුත් ඔහු  නිතර,  නිතර ඉන්දියාවට යන එන පුද්ගලයෙකු බව රේගුව කියයි.සැකකරු ඊයේ  ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන් යානයෙන් බැංගගෝරය බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.මේ පිළිබඳ රේගු පරික්ෂණය  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා  විසින් සිදු කර සැකකරුට රුපියල්  විසිදහසක දඩයක් නියම කොට  එම රන් කැබල්ල රාජසන්තක කළේය.මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩග්ලස් සිල්වා, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, එස්. මහේෂ්, චින්තක ශ්‍යාමාල්, මංජුල කුමාර, නුවන් ජයසුන්දර, නිරෝෂා විජේතුංග යන නිලධාරීහු සිදු කරති.  
කෝටි එක හමාරක රන් දණහිසේ බැඳගෙන ඇවිල්ලා
0
hp_train_0156
නිශාන්ත කුමාර                                            කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ   2019 වාර්ෂික අයවැය ලේඛනය අද (18) වැඩි ජන්දයකින් සම්මත විය.                               කන්දකැටිය ප්‍රාදේශීය   සභාවේ   අයවැය ලේඛනය     අද (18) එහි සභාපති කමල්  රාජපක්ෂ   මහතා විසින් සභාව වෙත ඉදිරිපත් කළ අතර එයට පක්ෂව එක්සත්  ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනා ඡන්දය ප්‍රකාශ කළහ.          ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් හත් දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.                                                 ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව අනුව අයවැයට පක්ෂව සහ විපක්ෂවව  සමාන ඡන්ද සංඛ්‍යාවක් ලැබීම නිසා   ප්‍රාදේශීය  සභා  පනතින්   සභාපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව තීරක ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාවිය.                                  ඒ  අනුව සභාපතිවරයා අයවැය ලේඛනයට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ අයවැයට පක්ෂව ඡන්ද නමයක් (09) හා විපක්ෂව ඡන්ද අටක් (08) වශයෙන් එක් වැඩි ඡන්දයකින්  සභාවේ අයවැය එහි පාලන බලය හිමි එක්සත් ජාතික පක්ෂය විසින් දිනා ගනු ලැබීය.
රිදීමාලියද්ද ප්‍රා සබේ අයවැය සම්මතයි
0
hp_train_0157
කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) තෙවැනි දිනයටත් වර්ධනයක් පෙන්නුම් කළේය.සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දෛනික ගනුදෙනු අවසානයේදී ඒකක 45.50ක එනම් සියයට 1.04ක වර්ධනයක් පෙන්නුම් කළේය. දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,439.04ක් ලෙස දැක්විණි.‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය අද දින ඉහළ යෑමක් පෙන්නුම් කළේය. දිනය අවසානයේදී ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඒකක 1,755.51ක් ලෙස දැක්වුණු අතර සියයට 2.84ක වර්ධනයක් පෙන්නුම් කළේය . එය ඒකක 48.49ක වර්ධනයකි.දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.27ක් ලෙස දැක්විණි. 055 
සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක්
1
hp_train_0158
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩකර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සහ අනෙකුත් සියලු පෙත්සම් අනිද්දා (6) සළකා බැලීමට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ අද (4) නියෝග කළේය.ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ මෙම සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පෙත්සම් 3ක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ නීතිපතිවරයාද මෙම සියලු පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන ලෙස ඉල්ලීමක් කර ඇත.මෙම සියලූ පෙත්සම් ප‍්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී දෙහිදෙණිය, ප‍්‍රීතී පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශව 5ක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.මෙම පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති, හිටපු ආරක්ෂක ලේකම් , නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇත.ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා සිදුවූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව බුද්ධි අංශය විසින් පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට කලින්ම දැනුවත් කර තිබූ බවත්, වගඋත්තරකරුවන් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණේ නම් මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට ඉඩ තිබූ බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් කියා සිටිති.එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වගඋත්තරකරුවන් දණ්ඩ නීති සංග‍්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග‍්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා සිදුකර ඇති බවද පෙත්සම්හි සඳහන් වේ.වගඋත්තරකරුවන්ගේ ක‍්‍රියාකලාපය තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මුලික අයිතීන් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.එසේම වගඋත්තරකරුවන්ගේ නොසැලිකිලිමත් ක‍්‍රියාකලාපය හේතුවෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා තුවාල කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුතු පොලිස්පතිවරයාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපති වෙත නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
පොලිස්පති -ආරක්ෂක ලේකම්ට එරෙහි පෙත්සම අනිද්දා කැඳවයි
1
hp_train_0159
කැස්බෑව නගර සභා අයවැය  ඡන්දයකින් පරාජයට පත් විය. විපක්ෂව ඡන්ද හතක් ද  පක්ෂව ඡන්ද  හයක් ද ලැබිණි. උප සභාපති ඇතුළු හතර දෙනෙක් විපක්ෂව  ඡන්දය දුන්හ.  
මාතර සභාපතිත් ඉවතට
0
hp_train_0160
උපාලි ආනන්ද අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් සොරකම් කළ බව   සොරකම් කරන ලද  එම අඔ ගෙඩි    සන්තකයේ  තබා ගත් බවට    කාන්තාවකට එරෙහිව පවරා ඇති නඩුව ලබන ඔක්තෝබර්  මස දෙවැනිදා    විභාගයට ගැනීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්   හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. අඔ ගෙඩි 19 ක් සොකරම් කළ බවටත් සොරකම් කරන ලද එම අඔ ගෙඩි 19 සන්තකයේ තබා ගත් බවටත් පැමිණිල්ල විසින්  තමන්ට එල්ල කර ඇති   චෝදනා   තරයේ ප‍්‍රතික්ෂේප කරන බව අධිකරණයට දැනුම් දුන් සැකකාර කාන්තාව තමන් නිවැරදිකරු බවද අධිකරණයට කීවාය. තම ගෙවත්තේ  ඇති අඔ ගසකින් අඔ ගෙඩි 19 ක් මෙම සැකකාර කාන්තාව   සොරකම් කළ බවට අනුරාධපුර සාලියපුර ජයන්ති ග‍්‍රාමයේ  අංක 46 ලිපිනයේ පදිංචි  වෙරළදෙණියේ  විදානලාගේ උදේණී පෙරේරා නැමැත්තිය අනුරාධපුර මූලස්ථාන පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව මීට පෙර අනුරාධපුර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවාය. මෙම පැමිණිල්ල පොලිසිය තුලදීම සමතයකට පත් කර ගන්නා ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරික්ෂක වාස් ගුනවර්ධණ මහතා පැමිණිලිකාර උදේනි පෙරේරා නැමැති  කාන්තාවට   මුල අවස්ථාවේ කරුනු පහදා දෙමින් යෝජනා කලද පැමිණිල්ල සමත කර ගැනීමට ඇය දැඩි ලෙස විරුද්ධත්වය  පල කළ බව පොලිසිය කියයි. පසුව සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිසියට සිදු විය . සැකකාර කාන්තාව අනවසරයෙන් අසල ගෙවත්තකින් කඩා ගත් බවට සැක කෙරෙන අඔ ගෙඩි 19 ක් ද පොලිස් බාරයට ගෙන නඩු භාන්ඩ ලෙස ලේඛන ගත කර තිබිණි. තමන් අනවසරයෙන් අඔ ගෙඩි 19ක් නොකැඩූ බවත් අඹ ව්‍යංජනයක් සඳහා තමන් අනවසරයෙන් කඩා ගනු ලැබුවේ අඹ ගෙඩි  තුනක් පමණක් බවත් සැකකාර  කාන්තාව සිය මුල් කටඋත්තරය මගින් පොලිසියට ප‍්‍රකාශ කරනු ලැබුවාය.
අඹ සොරකම් කළ සිද්ධියේ නඩුව ඔක්තෝබර් 2 විභාගයට
0
hp_train_0161
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (8) වාර්තා වූ අතර එම ගණන 9,983ක් ලෙස දැක්විණි.ඒ අනුව ඉන්දියාවෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,56,611ක් ලෙස දැක්වුණු අතර ඉන්දියාව ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර පස්වැනි තැනට පත්ව ඇත.ඉන්දියාව මේ වනවිට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.ඉතාලියෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,34,998ක් වූ අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 2,41,550ක් ලෙස දැක්විණි.ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,25,381ක් වන අතර සුව වූ ගණන 1,24,095කි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 7,135කි.එරට වැඩිම බලපෑමක් වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 85,975කි. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 31,667කු, දිල්ලියෙන් ආසාදිතයන් 27,654 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 20,070 කු වාර්තා වී තිබිණි.අසල්වැසි පාකිස්තානයෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 98,943ක් වූ අතර බංග්ලාදේශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 65,769ක් ලෙස දැක්විණිඑන්.ඩී.ටීවී.055 ඉන්දියාවෙන් අදත් කොරෝනා ආසාදිතයන් 9,000ක්ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (8) වාර්තා වූ අතර එම ගණන 9,983ක් ලෙස දැක්විණි.ඒ අනුව ඉන්දියාවෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,56,611ක් ලෙස දැක්වුණු අතර ඉන්දියාව ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර පස්වැනි තැනට පත්ව ඇත.ඉන්දියාව මේ වනවිට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.ඉතාලියෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,34,998ක් වූ අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 2,41,550ක් ලෙස දැක්විණි.ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,25,381ක් වන අතර සුව වූ ගණන 1,24,095කි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 7,135කි.එරට වැඩිම බලපෑමක් වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 85,975කි. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 31,667කු, දිල්ලියෙන් ආසාදිතයන් 27,654 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 20,070 කු වාර්තා වී තිබිණි.අසල්වැසි පාකිස්තානයෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 98,943ක් වූ අතර බංග්ලාදේශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 65,769ක් ලෙස දැක්විණි. එන්.ඩී.ටීවී.055  
ඉන්දියාවෙන් අදත් කොරෝනා ආසාදිතයන් 9,000ක්
1
hp_train_0162
(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)                             බලපත්‍ර රහිතව ඇටියාවල මාඔය අසල රක්ෂිතයේ මැටි කපා ප්‍රවාහනයට  සුදානම් කර තිබු ටිපර් රථයක් හා එහි රියදුරෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇටියාවල පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.පොලිසියට  ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එම ස්ථාන්යේ මැටි කපමින් සිටි පිරිස පලාගොස් ඇත.දන්කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දැව ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට
1
hp_train_0163
මාතර මොරවක් කෝරළයේ ඈත ගම්මානයක් වූ දියදාව ගම්මානය අර්ධ නාගරීකරණයට පත්වෙමින් තිබෙන සුන්දර ගම්මානයකි. තේ ආර්ථිකය සමග ජීවිත ගෙන යන මෙම ගම්මානයේ වැසියෝ සිරිත් විරිත් අකුරට ඉටුකරන චාරිත්‍ර වාරිත්‍ර නිසි ලෙස පවත්වාගෙන යන පිරිසක් වූහ.නව වසර සමරමින් කැවුම් කිරිබත් සකස් කිරීම නොකඩවා සිදුකරන ගම්වැසි නිවෙස්වල මෙම වසරේ උදාව සැමරීමට කිරිබතක් සකසා ගැනීමට අවශ්‍ය පොල් කිරි ලබා ගැනීමට පොල් හිඟවීම සහ මිල අධික වීම කාටත් ප්‍රශ්නයක් වී තිබිණි.මවක් දියණියක් සහ රෝගී වැඩිහිටි ඥාතියකු ජීවත් වන නිවසක් මේ ගමේ වූ අතර එම නිවසට අහල පහල නිවෙස් හිමියෝ අලුත් අවුරුද්දට හිතවත්කම් අලුත් කර ගැනීමට යන එන අවස්ථාද විය.එදා අලුත් අවුරුදු දිනය වූ නිසා එම නිවසේ උදේ ආහාරයට කිරිබත් සකස් කිරීමට දියණියට සිදුවිය. ඇය සහල් සකස් කර ඉතා හොඳින් කිරිබත පිසීමට පොල් සෙවුවද නිවසේ පොල් බෑයක්වත් සොයා ගැනීවට නොහැකි විය. පොල් සොයා ගැනීම අසීරු කරුණක් බව දැනගෙන සිටි දියණිය පොල් කිරි වෙනුවට යෙදිය හැකි කිරි දියරයක් ගැන කල්පනා කළාය.‘අම්මේ කිරිබත් හදන්න පොල් නෑ. දියණිය මවට කීවාය.‘පොල් නැතුවට මොකද කරන්නේ? ඉස්සර අපේ ආච්චිල පොල් වෙනුවට කැකුණ ඇට මද අඹරල කෑවලු. අද කැකුණ ගස් නෑ. ඇටත් නෑ.ඉන්පසුව ඇයට අදහසක් පහල විය. ඇය කිරිබතට පෝෂ්‍යදායි කිරි දියරක් එක් කර කිරිබත සැකසුවාය. උදේ ආහාරය ගැනීමට පැමිණි මවත් ඥාතියාත්, දුව සකස් කර ඇති කිරිබත කෙසේ සෑදුවේද? විමසුවද ඇය පිළිතුරක් නොදුන්නාය. තිදෙනාම කිරිබත් කා සුපුරුදු ලෙස නිවසේ තම තමන්ගේ කටයුතුවල නිරත වූහ.දහවල් කාලයේ අසල නිවසක වැඩිහිටියෙක් අලුත් අවුරුදු තෑගි ද රැගෙන එම නිවසට ආවේය. වැඩහිටි ඥාතියාගේ හිතවතෙකු වූ ඔහු සෑම අලුත් අවුරද්දකටම මෙම නිවසට පැමිණීම සිරිතක් විය.අසල්වැසියාට සංග්‍රහ කිරීම සඳහා සූදානම් වූ නිවසේ මව බිස්කට් කෙසෙල් ගෙඩි ආදිය ගෙනවිත් තබා බීමට කටහද කිරිකහටදැයි අසල්වැසියාගෙන් විමසීය. කිරි කහට එකක් හොඳයි ඔහු කීය.මව  කුස්සියට ගොස් තේ සෑදීමට සූදානම්ව කිරිපිටි ටින් එක කොහේදැයි සොයා බැලුවාය. ඇයට එය සොයා ගැනීමට නොහැකි තැන දුවට කතා කර ඒ ගැව විමසුවාය.‘කිරිපිටි ඉවරයි. මම උදේ කිරිබත හදන්න ටින් එකේ තිබුණ කිරිපිටි ටික ඔක්හොම ගත්ත. අන්න ටින් එක හෝදල එළියෙ වළං මැස්ස උඩ යයි කීවාය.අම්මට යකා නැග්ගාය. ‘කොහොමද යෝදියේ මම අර මනුස්සයාට කිරි කහට එකක් දෙන්නෙ. වස ලැජ්ජාවක් නේ අලුත් අවුරද්දේ ගෙදරට ආපු මනුස්සයට කිරි කහට එකක් දෙන්න බැරි වුණාම? මව තරහින් පුපුරමින් කහට තේ එකක් හදාගෙන අසල්වැසියාට දීමට ගෙන ගියාය.
දුවගේ අවුරුදු කිරිබතෙන් වැඩිහිටියාට වස ලැජ්ජාවක්
1
hp_train_0164
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)  ගනුදෙනුකරුවන්ගේ රුපියල් කෝටි 15කට ආසන්න  මුදලක්  වංචා  කළැයි  චෝදනා  ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බලන්ගොඩ මොරහැල  උඩවෙල සණස බැංකුවේ හිටපු කළමනාකාරිය සැප්තැම්බර් (10 )   දක්වා  නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද (27)  නියෝග කළේය.බලන්ගොඩ රත්මලවින්න  ප්‍රදේශයේ පදිංචි  අතුකෝරළලාගේ මංගලිකා චිත්‍රංගනි   නැමැති   48 හැවිරිදි  සැකකාරිය මෙලෙස  රක්ෂිත බන්ධනාගාර ගතකර  කර ඇත. ඇය සේවය  කළ  උඩවෙල සණස බැංකුව ශාඛාව  දැනට වසරකට ආසන්න  කාලයක්  සිට  වසා දමා   තිබේ.බන්ධනාගාර නිලධාරීන් සහ පින්නවල පොලිසියේ නිලධාරීන් විසින් එම සැකකාරියව අද (27) අධිකරනයට ඉදිරිපත් කිරීමට පෙර එම බැංකු ශාඛාවේ මුදල් සේප්පුව පරීක්ෂා කිරිම  සදහා ඇය සේවය කළ උඩවෙල සණස බැංකු ශාඛාවට රැගෙන එනු ලැබීය.  බැංකු ශාඛාවේ සේප්පුවෙහි පැරණි මුදල් නෝට්ටු කිහිපයක්  පමණක් තිබූ  අතර ප්‍රදේශයේ ඉඩම්  හිමියන්ගේ ඔප්පු කිහිපයක්  ද එම බැංකු ශාඛාවේ  තිබුණි. ගනුදෙනුකරුවන්ගේ මුදල් වංචාව  කිරීමක් සම්බන්ධයෙන් එම  නඩුව අද (27) දා බලන්ගොඩ අධිකරණයේදි  යළි කැඳවා තිබුණි.  සැකකාරිය  සැප්තැම්බර් 10 වැනිදා දක්වා මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  එහිදි නියෝග කෙරිණි.  සැකකාරිය මාස  නවයකට   පසු බලන්ගොඩ පොලිසිය  මගින්  ඉකුත්    (06)  වැනිදා  සවස   අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සදහා   පින්නවල පොලිසිය වෙත  භාර⁣ දී ඇත.   ඇගෙන්  ප්‍රකාශ සටහන්  කරගත්  පින්නවල පොලිසිය ඉකුත්  (07) වැනිදා  බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන්  පසු  මෙලෙස  අවස්ථා දෙකකදි  අද (27)  දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත  තිබුණි.
මොරහැල සණස කළමනාකාරිය යළි රිමාන්ඩ්
0
hp_train_0165
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 25/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31259575වැසි වාර කිහිපයක්.  මඩකලපුව30259580වැසි වාර කිහිපයක්.  කොළඹ32249570වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ගාල්ල32249070වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )යාපනය31248575වැසි වාර කිහිපයක්.  මහනුවර30219570වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )නුවරඑළිය19129585වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )රත්නපුරය34239560වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ත්‍රීකුණාමළය31249575වැසි වාර කිහිපයක්.  මන්නාරම30249085වැසි වාර කිහිපයක්.    
‘ඉදිරි දිනවල උතුරු නැගෙනහිරට වැසි‘
0
hp_train_0166
හෙට සිට  වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අද රාත්‍රී : දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතී.හෙට දිනයේ: අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී  බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.නැගෙනහිර පළාතේ මද වැසි ඇතිවීමටද ඉඩ  ඇත.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 26/03/2015නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34229045ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව31249060වැසි ස්වල්පයක්.කොළඹ32249065අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල32248560අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය33249055ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර32179040ප්‍රධාන වශයෙන් වැසි රහිත.නුවරඑළිය23108035ප්‍රධාන වශයෙන් වැසි රහිත.රත්නපුරය34239545අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33239560වැසි ස්වල්පයක්.මන්නාරම32249060ප්‍රධාන වශයෙන් වැසි රහිත. 
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_0167
(උපාලි ආනන්ද)අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරයාගේ  නිවසට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30 ට අධික දේපොළ අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවක්  සම්බන්ධයෙන්  සැකපිට අත් අඩංගුවට ගෙන මාසයකට ආසන්න කාලයක් රිමාන්ඩ් කර සිටි අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා   අද  (22) නියෝග කළේය. ඒ අනුව  සියලු  සැකකරුවන්ට රුපියල් 110000 බැගින් වෙන් වෙන් වශයෙන් මුදල් ඇප නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට අමතරව  රුපියල් 5 ක් පමණ වටිනා ශරීර ඇප දෙක බැගින් වෙන් වෙන් වශයෙන් සියලු සැකකරුවන්ට නියම කෙරිණි. ඇපකරුවන් පදිංචි සහතික සමග අධිකරණයට ඉදිරිපත් කළ  යුතු බවටද නියෝග කළ   මහාධිකරණ විනිසුරුවරයා සතියේ සෑම ඉරිදා  දිනයකම තඹුත්තේගම පොලිසියට වාර්තා කරන ලෙසටද සැකකරුවන්ට නියෝග කරනු ලැබීය. සාක්ෂිකරුවන්ට  බලපෑම් කිරීමෙන් වළකින  ලෙසටත් සැකකරවැන්ට බලපෑම් කල බවට වාර්තා වුවහොත් නියම කළ ඇප අවලංගු කර යළි බන්ධනාගාර ගත කරන බවටද සැකකරුවන්ට තරයේ දැන්වීය. සියලු  සැකකරුවන්ට  විදේශ ගතවීම තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා විදෙස් ගමන් බලපත‍්‍ර අධිකරණයට බාර දෙන ලෙසටද සැකකරුවන්ට  නියෝග කළේය. රිමාන්ඩ් කර සිටි අනුරාධපුර නගරාධිපතිවරයා ඇතුළු  සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින්නැයි ඉල්ලමින් අනුරාධපුර මහ නගර  සභාවේ  ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුනේ  ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රී නලීන් සිරිවර්ධන මහතා නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා මගින් මහාධිකරණයට ඉදිරිපත් කළ  ඇප අයදුම්පත  සළකා  බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කරනු ලැබීය.
අ’පුර නගර සබේ නගරාධිපතිගේ නඩුව මැයි 26 කැඳවයි
0
hp_train_0168
(යොහාන් භාසුර)විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (26) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට තව දුරටත් පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (25) පස්වරුවේ පැවසීය.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටේ විදුලි කප්පාදුව පැය 4 යි විනාඩි 40 ක් අඩුකර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 40 විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.
හෙට පැය 5 ක් ලයිට් නෑ
0
hp_train_0169
( තිලකරත්න දිසානායක)ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයින්  263 දෙනෙකු හමුවෙද්දී දිස්ත්‍රික්කයෙන්  1,345 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. එම වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස  14 ආශ්‍රිතව ඊයේ උදෑසන වනවිට ආසාදිතයින් හමුවීම  මිනුවන්ගොඩ  - 113 ක්,  කටාන  - 110 ක්,  දොම්පෙ  - 109 ක්,  වත්තල  - 103 ක්,  මහර  - 88 ක්,  බියගම  - 81 ක්,  අත්තනගල්ල සහ මීරිගම කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 80 දෙනෙකු බැගින් , ජාඇල  - 76 ක්,  සීදූව - 63 ක්,  කැලණිය  - 61 ක්,  මීගමුව  - 53 ක්, දිවුලපිටිය  - 40 ක් සහ රාගම  - 25 දෙනෙකු වශයෙන් සිදුව ඇත.දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින්  46 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 31 ක්,   බියගමින්  - 12 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව  තිදෙනෙකු වශයෙනි. අද උදෑසන වනවිට පැය  24 ක් තුල දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ආසාදිතයින් - 342 දෙනෙකු සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට සැක සහිත රෝගීන් 14 දෙනෙකු  ඇතුලත් කොට ඇති අතර රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 452 දෙනෙකි.   දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්  35, 129 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ය.          
පැය 24 කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1726 ක්
0
hp_train_0170
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව යන ගමනේදී පක්‍ෂ දෙකේ කිසිවකුටත් අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (10) පැවසීය.ජනාධිපතිවරණය වැනි ඡන්දයේදී ජයග්‍රහණය ලැබීමට නම් දෙපාර්ශවය එකතු විය යුතුය යන පණිවුඩය දුන්නේ පසුගිය පළාත් පාලන ඡන්දයේදී ඡන්දය දුන් ජනතාව විසින් යැයි ද බැසිල් රාජපක්‍ෂ මහතා කීවේය.සියල්ලට වඩා වැදගත් වන්නේ රටත්, ජනතාවත් බැවින් ඒ වෙනුවෙන් කළ නොහැක්කක් නැතැයි ද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙම ගිවිසුමට අත්සන් තැබීම කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (10) පෙරවරු 10.42ට පමණ යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි.එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේ ද කියා සිටියේය.“මා මෙහිදී ප්‍රථමයෙන් ස්තුති කළ යුතු දෙදෙනෙක් ඉන්නවා. ඒ මෙම අවස්ථාව උදා කළ පුද්ගලයන් දෙදෙනාටයි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. ඒ දෙපල නැත්නම් අද මෙය සිදුවන්නේ නැහැ. ඒ දෙපලම මෙම පක්‍ෂ දෙක එකතුකර රට හා ජනතාව දිනවිය යුතුය යන එක මතයක සිටියා. ඒ නිසා මගේ ප්‍රථම යුතුකම ඒ දෙපලට ස්තුති කිරීමයි.මහාචාර්ය හෝ ආචාර්යවරයෙක් නොවුණත් අපේ පක්‍ෂයේ ඉන්න ශබ්ද කෝෂය හා විශ්ව කෝෂය යන දෙක ගැනම දන්නා අයෙක් මගෙන් අද උදේ ප්‍රශ්නයක් ඇහුවා. සිංහල භාෂාවේ ඇලපිලි, පාපිලි, කොම්බු දැමිය නොහැකි අකුර කුමක්ද කියලයි. ඒ මම දන්නේ නැහැ කී විට ඔහු ඒ ‘ඉ’ යන්න බව කීවා. ඔහු ඉන්පසු ඇහුවේ ‘ඉ’ යන්න වගේ සිටි කිසි කෙනෙකුත් සමඟ එකතු වන්නේ නැහැ කී ඔබ කොහොමද අද මේ එකතුවන්නේ කියලයි.එවිට මම කීවේ ඒ හැමදේටම වඩා රටත්, ජනතාවත් අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ කියලයි. මේ පක්‍ෂ දෙකේම ඉන්නේ රටට, ජාතියට, ජනතාවට ආදරය කරන පිරිසක්. ඒ වගේම අවංකව කීවොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලධර්මයක් උඩයි. ඒ වෙලාවේ එය අපි බිහිකළා නෙවෙයි ජනතාවගේ ඉල්ලුමක් තිබුණා. බණ්ඩාරනායක මහතා 1951 දී ශ්‍රී.ල.නි.පය බිහි කළ වෙලාවේ කීවේ මම කරන්නේ වින්නඹු කාර්යය විතරයි කියලයි. අපිත් කළේ ඒ වින්නඹු කාර්යය. අපි පොදුජන පෙරමුණ හදන වෙලාවේ රටේ අවශ්‍යතාවක් තිබුණා. රටේ ජනතාවට සිටි අය හදවතින් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් වූ අයට නව ගමන් මාර්ගයක් අවශ්‍ය වුණා. එය ඒ අනුව බිහි වූ පක්‍ෂයක්.අපි ඒ පක්‍ෂය පිහිටුවා ජයග්‍රහණ ලැබුවා. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරම් සංවිධානාත්මක පක්‍ෂයක් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම නැහැ. අපි එතරම් ශක්තිමත්. නමුත් පළාත් පාලන ඡන්දයේදී පනස් ලක්‍ෂයක් ඡන්ද ලබාදී දිනවපු ජනතාව අපිට පණිවුඩයක් දුන්නා. ඒ යම් විදියකින් ඉදිරියට යනවා නම් ඔය දෙගොල්ල එකතු විය යුතුයි කියලයි. ජනාධිපතිවරණය වැනි මැතිවරණයකට එනවා නම් තනියම දිනන්න දෙන්නේ නැති බවටත් දිනවන්නේ එකතු වී ආවොත් පමණක් බවටත් ජනතාව එහිදී පැහැදිලි තීන්දුවක් දුන්නා. මේ එකතුවට අපිට මගපෙන්වූයේ ජනතාවයි.අද අපි අවංකව මේ ගැන සතුටු වෙනවා. මේ දෙපැත්තේම විශාල කැප කිරීම් කළ අය ඉන්නවා. ඔවුනුත් අපිත් සිටි මූලධර්මය මේ කැපවූ කිසිම කෙනෙක් වින්දිතයෙක් හෝ අසරණ නොවිය යුතු බවයි. මේ පක්‍ෂ දෙකේ අය ආරක්‍ෂා කිරීම අපේ යුතුකමක්. අපි මෙතෙක් කල් ගතකළේ පහළ මට්ටමේ සාමාජිකයාගේ සිට ඉහළ තනතුරු දක්වාම කිසිම කෙනෙක් වින්දිතයෙක් නොකරන බවට එකඟතාවකට ආ නිසයි. ඒ නිසා අපේ අය හෝ ශ්‍රී.ල.නි.පයේ අය බිය විය යුතු නැහැ. අපි අත්සන් කළේ ඒ සඳහා වන ගිවිසුමකුයි.අපි මෙම තීරණය ගත්තේ ඔබේ දරුවන්ට ජීවත්වීම සඳහා සුරක්‍ෂිත සමෘද්ධිමත් රටක් ඇතිකිරීමේ එකම පරමාර්ථයෙන්. ඒ නිසා වින්දිතයෝ හෝ කිසිම කෙනෙක් අසරණ කිරීමක් සිදුවන්නේ නැහැ. අපේ පළවැනි ආදරය එහෙමත් නැත්නම් ෆස්ට් ලව් එක වගේ අපේ පක්‍ෂයේ නායකයගේ ෆස්ට් ලව් එක මේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. හැම තිස්සෙම මට කියන්නේ මේ ශ්‍රී ලංකා එකේ හැමෝම මට ඡන්දය දුන් අය නිසා ඒ අය අමතක කරන්න එපා කියලයි. හැබැයි මම නම් ටිකක් අපේ පක්‍ෂයට වැඩිපුර ළැදියි. ඒත් අපේ නායකයා මේ කාටත් එක වගේ සලකනවා.මෙහිදී අපි දෙගොල්ලන්ගේම අනන්‍යතාව ආරක්‍ෂා විය යුතුයි. අපි මෙතැන පක්‍ෂ දෙක එකතුවීමක් වුණේ නැහැ. ලංකා සම සමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්‍ෂය සමාන අදහස් ඇති පක්‍ෂ දෙකක් වුවත් අදටත් එකතු වී නැහැ. වෙන්වුණාම එක්වෙන්න අමාරුයි. නමුත් අපේ පක්‍ෂ දෙකටම රටේ තැනක් තිබෙනවා. අපි පක්‍ෂ දෙකම රට වෙනුවෙන් එකතු විය යුතු තැන එකතු වී යමු. අපේ පක්‍ෂ දෙකේ ශක්තිය එකතු කර රට දිනවීම සඳහා කරන පළමු කාර්යය ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනපතිවරයා බවට පත්කිරීමයි.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.“අද මේ රටේ ඓතිහාසික දිනයක්. අපේ පක්‍ෂය 1956 විප්ලවයත් සමඟ මේ රටේ විශාල වෙනසක් කළ පක්‍ෂයක්. ඉන්පසු වමේ ප්‍රගතිශීලී, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය ආරක්‍ෂා කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් මේ පක්‍ෂය ඉදිරියට ගෙන ගියා. මහින්ද රාජපක්‍ෂ මහතා රටට නිදහස අරන් දුන්නා. පක්‍ෂයේ වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන මහතා රටට නැවත ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස ලබාදුන්නා.අපි අතර ඇතිවූ ප්‍රශ්න ගැටලු නිසා වෙන්වී පක්‍ෂ දෙකක් විදියට ඉදිරියට ගියා. අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාස කිහිපයක් ඇතුළත ශක්තිමත් වී අපේ පක්‍ෂය තුන්වන බලවේගය බවට පත්වුණා. නමුත් අපි සියලු දෙනා පෙනී සිටියේ එක් මතයක් වෙනුවෙන්. අපි දේශමාමක බලවේගවලට ගරුකළා. මව්බිමට තිබූ ආදරය පාවා දුන්නේ නැහැ. ඒ නිසා අපට එකතු වෙන්න ලේසියි. මේ වෙන්වීම තුළ ගම්වල එකම පවුලේ අය දෙකට බෙදුණා. සමහරු තවමත් ඉන්නේ බෙදුණු මනසින්.මේ එකතුවීමට ශක්තිය දුන්නේ මහා සංඝරත්නය ඇතුළු ජාතික බලවේගයි. ඒ නිසා පසුගිය කාලයේ අපි අපේ පක්‍ෂය ශක්තිමත් කරන්න ආරක්‍ෂා කරගන්න විශාල වෙහෙසක් දැරුවා. ඒ වෙනුවෙන් මටත් විවිධ ප්‍රකාශ කරන්න සිදුවුණා. ඒ සියල්ල කළේ මේ පක්‍ෂය රැක ගන්නයි. සමහරු හිතුවේ මම මෙය එ.ජා.පයට ඇදගෙන යන්න හදනවා කියලයි. ඒත් මම කලබල නොවුණේ මා කරන දේ දැන සිටි නිසයි. පක්‍ෂය ආරක්‍ෂා කිරීමත්, ලද පළමු අවස්ථාවේ එ.ජා.පය පරාජ කිරීමත් කළ යුතු බව මා දැන සිටියා. ඒ සඳහා කටයුතු කළා. ඒ සියල්ල කළේ රටටත්, ජාතියටත් ඇති ආදරය නිසයි. ඒ ක්‍රියාදාමය තුළ සමහරු අපිව ද්‍රෝහීන් ලෙස හැඳින්වූවා. නමුත් අපි අදත් මේ මහපොළවේ සිටගෙන ඉන්නේ මෙයට ඇති ආදරය නිසයි. අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් ඉදිරි ජනාධිපතිවරණයට ජාතික බලවේග විසින් ඉදිරිපත් කළ නායකයාට සහය දීමට තීරණය කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජපක්‍ෂවරුන්ගේ පවුලේ වුවත් ඔහු දේශපාලනය අතින් ගත් කෙනෙක් නෙවෙයි. විද්වතුන්, දේශමාමක බලවේග අතරින් බිහිවූ අයෙක්. මේ සටනේදී ශ්‍රී.ල.නි.පය සිටගත යුත්තේ කොහේදැයි සිතන්න වුණා. සමහරු තනිව තරඟ කළ යුතු බව කීවා. සමහරු පොදුජන පෙරමුණ සමඟ එකතු වෙමු කියද්දී තවත් අය එ.ජා.පයට එකතු විය යුතු බවත්, ඇතැමුන් නිහඬව සිටිය යුතු බවත් කීවා. නමුත් අපිට නිහඬව ඉන්න බැහැ.ඒ නිසා අපි ජනාධිපතිතුමාගේ ආශීර්වාදයත් සමඟ මධ්‍යම කාරක සභාවේත් දේශපාලන මණ්ඩලයේත් ආශීර්වාදය ඇතිව දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ කළා. ප්‍රතිපත්ති 27ක් සහිත හොඳ ප්‍රතිපත්ති මාලාවක් හැදුවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුවක් හදාගැනීමේ අපේ ආණ්ඩුවකට අපි මුලින් එකඟ වුණා. සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූවා. මේ ගමන ලේසි වුණේ නැහැ. අපේ පාක්‍ෂිකයින් අපි පක්‍ෂය පාවාදුන් බව කල්පනා කිරීම හොඳ නැහැ. අපේ පක්‍ෂය අපි පාවා දෙන්නේත් නැහැ. පක්‍ෂයත්, රටත් රැකගෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමේ ගමනයි අපි මේ යන්නේ.මෙය ඉතා අමාරු ගමනක්. නමුත් පක්‍ෂය දියවෙන්න දෙන්නේ නැහැ. අපි පක්‍ෂය ශක්තිමත් කිරීමේ වගකීමත් දැරිය යුතුයි. වුණත් ඒවාට සවන් දුන්නා. ජනාධිපතිවරණයෙන් පසු අපි ඉදිරි මැතිවරණවලට එන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයෙන් පුටුව ලකුණ යටතේයි. දැන් අපි අපේ පාක්‍ෂිකයින් සාමකාමී කර එක්ව ගමනක් යා යුතුයි. අපි බෙදුණොත් පරදින්නේ අපි නොව රටයි. ඒ නිසා කිසිම අවස්ථාවක එ.ජා.පයට ඕනෑ විදියට මේ ගමන නැවැත්වීම නොකළ යුතු බව අපි අපේ පාක්‍ෂිකයන්ට අවබෝධ කර දිය යුතුයි. අපි පක්‍ෂ දෙකම එකතු කර දිස්ත්‍රික් සංවිධාන, ආසන සංවිධාන සහ ජාතික කමිටුවක් ඇතිකරනවා. අපේ ජනපතිවරණ ප්‍රතිඵලය ලෙස ලක්‍ෂ 50ත් ලක්‍ෂ 15ත් එකතු වී ලක්‍ෂ 65ක් ලැබේවි. නොවැම්බර් 16 වැනිදා අපේ අපේක්‍ෂකයා මේ රටේ ජනපති කරලයි මේ සටන අවසන් කරන්නේ.නැදගමුවේ විජයමෛත්‍රී නා හිමියෝ ද මෙහිදී අනුශාසනාවක් කළහ.ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්,  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පොදුජන පෙරමුණේ පක්‍ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, නිමල් ලන්සා, පවිත්‍රා වන්නිආරච්චි, තිලංග සුමතිපාල, නිශාන්ත මුතුහෙට්ටිගම, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු දෙපාර්ශ්වයේ ජනතා නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
‘විජිතපුර ඩෝසර් කරද්දී සජිත්ලා කටවහගෙන හිටියා‘
0
hp_train_0171
 (ශාන්ත ප්‍රදීප් කුමාර  කුලරත්න)ගල්කිස්ස ද සේරම් මාවත මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවී  මුහුදේ අතුරුදන් ව ගිය තරුණයින් දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ මළසිරුරක් (24) උදෑසන සොයා ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි .මෙසේ මියගොස් ඇත්තේ නුවරඑළිය කුඩලිඔය ප්‍රදේශයේ පදිංචි සුරේෂ් කුමාර  ඩිලක්ෂණ  18 හැවිරිදි තරුණයකු තරුණයකු බව පොලිසිය කියයි.පිළියන්දල ප්‍රදේශයේ සබන් කර්මාන්ත ශාලාවක සේවය කරමින්  සිටින මෙම තරුණයා ඇතුළු දහතුන් දෙනෙකු නිවාඩු දිනයක් වූ 23 දා  ,ගල්කිස්ස මුහුදු තීරයට   ගොස් දිය නාමින් සිටියදී  එකවරම දිය වැලකට හසු වී තරුණයන් හත් දෙනෙකු ගසාගෙන ගොස් ඇති  බව පොලිසිය කියයි .එම අවස්ථාවේදී  ගල්කිස්ස  පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී දිය වලට හසුවී ගසාගෙන යමින් සිටි තරුණයින් පස්දෙනෙකු බේරා බේරාගෙන ඇති අතර ඉන් තරුණයන් දෙදෙනකු දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන් ව තිබූ බව පොලීසිය පවසයි .පසුව ජීවිත ආරක්ෂක නිලධාරීන් හා  ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ තරුණයන් සෙවීමට වෙහෙසුන ද ඉන් ඵලක් නොවූ බව පැවසේ.මේ අතර 24 උදෑසන දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ මළසිරුරක් දෙහිවල දුම්රිය ස්ථානය පිටුපස මුහුදු තීරයට ගොඩ ගසා තිබූ බව පොලිසිය පවසයි .ඒ අනුව කළුබෝවිල හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා එම ස්ථානයට පැමිණ ස්ථානය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය  කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.ඒ අනුව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි  මරණ පරීක්ෂණ  අධිකරණයේ දී හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ  මහතා විසින්  සිදු කිරීමට නියමිතව තිබුණි .අතුරුදන් වු අනෙක් තරුණයා  සොයා ජීවිත ආරක්ෂක නිලධාරීන්  දිගින් දිගටම විමර්ශන ක්‍රියාත්මක බව ද බවද පොලිසිය කියයි . සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
ගල්කිස්ස මුහුදේ නාන්න ගිය තරුණයකුගේ සිරුරක් ගොඩ ගසයි
0
hp_train_0172
ප්‍රමුඛතම ස්ථාවර ව්‍යාපාර අතරේ පෙරමුණ ගත් ව්‍යාපාරයක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම මේ වසරේ දෙවැනි කාර්තුව ඇතුළත රුපියල් බිලියන 2.9ක වාර්තාගත ආදායමක් ලබා තිබේ. එය සමාගමේ පොලී ගෙවීම්, ආදායම් බදු ගෙවීම්, ක්‍ෂයවීම් සහ කාලානුරූපීව සිදුවන වත්කම් අවප්‍රමාණ කිරීම් ඇතුළු සියලු‍ම අංශ සම්බන්ධයෙන් කරන ලද ගණනය කිරීම්වලින් පසුව පෙන්වනු ලබන ආදායමකි.එමෙන්ම එය පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී ලද රුපියල් මිලියන 595 ක ආදායම මෙන් සියයට 388ක වර්ධනයකි.වසරේ දෙවැනි කාර්තුව ඇතුළත සංචාරක නොවන අංශ වෙතින් සියයට  35ක වර්ධනයක් සටහන්වී තිබේ. එය රුපියල් බිලියන 2ක් හෙවත් රුපියල් මිලියන 2000ක ආදායමක් වන අතර පසුගිය වසරේ දෙවැනි කාර්තුවේ දී ලද ආදායම රුපියල් බිලියන 1.5කි.සමූහයේ සංචාරක අංශය ඉලක්කම් 3 කින් කියැවෙන පරිදි සියයට 188ක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම ආදායම රුපියල් මිලියන 824 ක් වන අතර එය පසුගිය වසරේ දෙවැනි කාර්තුවේ දී ලද රුපියල් මිලියන 940 ක අලාභයට එදිරිව ලැබූ ලාභයකි.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය ඉහළම ලාභදායිත්වයට දායක වූයේ භාණ්ඩ ප්‍රවාහනය සහ විදේශීය වරාය කළමනාකරණ මෙහෙයුම්වල වැඩිදියුණු වූ කාර්ය සාධනය සමඟිනි. මෙම අංශය 2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් හය මාසය සඳහා බදු-පූර්ව ලාභයේ සියයට 57 ක වැඩිවීමක් වාර්තා කළේය.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ උපායමාර්ගික ආයෝජන අංශය 2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා බදු-පෙර ලාභයේ ඉලක්කම් තුනකින් පෙන්වන ප්‍රතිශතයක් වන සියයට 107ක වර්ධනයක් වාර්තා කළේ ආකර්ෂණීය කාර්ය සාධනයක් පෙන්නුම් කරමිනි.සමූහයේ උපායමාර්ගික ආයෝජන අංශයට සැලකිය යුතු ප්‍රබෝධයක් ගෙන දුන්නේ වැවිලි අංශය ද සමගින් අලු‍තින් ආරම්භ කරන ලද අපද්‍රව්‍ය-බලශක්ති බලාගාරය සහ මෑතක දී අත්පත් කරගත් වෝල්ට්‍රි‍ම් කුඩා ජල විදුලි බලාගාරයයි. ඒවායින් ලාභ ඉපයීම් තව තවත් වර්ධනය විය.  මිල අධික නමුත් ඉතාමත් පෝෂ්‍යදායී පලතුරු වන බෙරි වර්ග තුනක් සමඟ “Berry Much” යන සන්නාමය යටතේ දියත් කිරීමට නියමිත ස්ට්‍රෝබෙරි නිෂ්පාදනය වාණිජ මට්ටමින් ආරම්භ කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ දී සම්පූර්ණ පරාසයක බෙරි වර්ග වගා කර අලෙවි කරන තවත් පුරෝගාමී පියවරකි.සමූහයේ සේවා අංශය 2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා බදු-පෙර ලාභයේ සියයට 83 ක වර්ධනයක් පෙන්නුම් කළේය. ඒ මුදල් හුවමාරු කිරීමේ සහ විදුලි සෝපාන නියෝජිතායතන මෙහෙයුම් මගිනි.කොරෝනා වසංගතය හේතුවෙන් පවතින සංචාරක සීමා කිරීම් මධ්‍යයේ වුවත්, 2021 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස හය සඳහා වූ අලාභයේ සියයට 54 ක අඩුවීමක් වාර්තා විය. මේ තත්ත්වය එයිට්කන් ස්පෙන්ස් සංචාරක අංශයේ සැලකිය යුතු දියුණුවක් ලෙස සටහන් කළ හැකිය. මාලදිවයිනේ හෝටල ජාලය වැඩි සංචාරකයන් පිරිසක් ආකර්ශනය කරගෙන ඇත.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය 2021 දෙවන කාර්තුව තුළ අලාභයට සාපේක්ෂව බදු-පෙර ලාභයේ සියයට 156 ක වර්ධනයක් වාර්තා කර තිබේ. එය රුපියල් මිලියන 734කි. පසුගිය වසරේ දෙවැනි කාර්තුවේ අලාභය පමණක් රුපියල් බිලියන 1.3 කි. සංචාරක ව්‍යාපාරයේ පසුබෑම සලකා බැලීමේ දී මෙය කැපී පෙනෙන වර්ධනයකි.සංචාරක නොවන අංශ විසින් රුපියල් බිලියන 1.4 ක බදු-පෙර ලාභයක් වාර්තා කළ අතර සැප්තැම්බර් 30 න් අවසන් මාස හය සඳහා එය රුපියල් බිලියන 2.7 ක් වී තිබේ.“වසංගතය නොතකා ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගමේ කාර්ය සාධනය සෑම කාර්තුවකම වැඩිදියුණු වෙමින් පවතිනවා. එහි ගාමක සාධකය වන්නේ ඉහළ කළමනාකාරිත්වය විසින් මෙහෙයවනු ලබන සමූහයේ ඒකාබද්ධ උපාය මාර්ගයි. අරමුණු සහිත නායකත්වයක් පෙන්නුම් කරමින් ඒවා හොඳින් ක්‍රියාත්මක කරමින් සිටින, වෙහෙස මහන්සියෙන් සහ කැපවීමෙන් වැඩ කරන කණ්ඩායම් ද අප සමග වේ.“ඊට අමතරව, අපගේ ව්‍යාපාරවල විවිධාංගීකරණය සහ රටවල් අටක පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර මාලාව, විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයට බලපාන බොහෝ පසුබෑම් මධ්‍යයේත්, ගෙවී ගිය දෙවැනි කාර්තුව තුළ ප්‍රබල කාර්ය සාධනයක් ලබා ගැනීමට ප්‍රධාන සාධක වී තිබේ. මෙම තත්ත්වය, ශක්තිමත් මෙන්ම ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කරන බැවින් එය දිරිගන්වන සුළු ප්‍රවණතාවකි. අපි මෙම කැළඹිලි සහිත කාලය පසුකරමින් ඉදිරියටම යමු” යයි එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන්ම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ද වන ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පැවසීය.1983 වසරේ සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගම, වසර 150 ඉක්මවූ, ප්‍රෞඪ උරුමයකට හිමිකම් කියයි. එය ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමානය, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක පිහිටි ආයතන 16ක සේවක සේවිකාවන් 12,000 කට අධික පිරිසකගේ ජීවනාලියයි.දේශමාන්‍ය ඩී.එච්.එස්. ජයවර්ධන - සභාපති (එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය)ආචාර්ය පරාක්‍රම දිසානායක - එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂක
එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් බිලියන 8.5 ක පෙරබදු ලාභයක්
0
hp_train_0173
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249060සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව32259570වැසි වාර කිහිපයක්කොළඹ33249060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල34258560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය33258065වැසි ස්වල්පයක්මහනුවර32209560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය23119545සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය36239555සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය32248575වැසි වාර කිහිපයක්මන්නාරම33259575සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි
‘පළාත් රැසකට අද තද වැසි‘
0
hp_train_0174
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.ගිගුරුම් සහිත වැසි සේම ඇතිවිය හැකි තාවකාලික තද සුළං ද ඇති වේ. 
‘‘අදත් ලොකු වැස්සක් නෑ‘‘
0
hp_train_0175
උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්. සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 02/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31259575වැසි වාර කිහිපයක්.කොළඹ30259070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249580වැසි වාර කිහිපයක්.යාපනය29248575වැසි වාර කිහිපයක්.මහනුවර28219575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19149575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30249575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259580වැසි වාර කිහිපයක්.මන්නාරම29259075සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘හෙට සිට වැස්ස අඩුවන ලකුණු‘
0
hp_train_0176
(ඩී.කේ.රත්න)හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14)  සභා සම්මත විය.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක්  ද විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් අරුණ රංජන මහතා සභා ගැබේ නොසිටියේය.හපුතලේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු හතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පහක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හතකගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතය.
ඉමදූව ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
0
hp_train_0177
 විදේශ රැකියා සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම  සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහය පතයි.   කටාර් හි ගෘහ සේවය සඳහා  2016 වසරේදී පිටත්ව ගිය  පොලොන්නරුව,කුමුදුපුර  අංක 15 දරණ නිවසේ පදිංචිව සිටි ඩබ්ලිව් ජී සන්ධ්‍යා කුමාරි මහත්මිය පිළිබඳව මේ වනතුරු කිසිදු තොරතුරක් දැනගැනීමට ලැබී  නොමැති බව කාර්යාංශය පවසයි. එමෙන්ම  2011 වසරේදී ජෝර්දාන් බලා  බලා පිටත්ව ගිය වනාලුවාව ,පැලැන, අංක 02/19 ඒ නිවසේ පදිංචි  කිරිබත්ගොඩ ලාලානි මහත්මිය පිළිබඳවද   මේ වන තුරු කිසිදු තොරතුරක් ලැබී නැතැයි කාර්යාංශය ස ඳහන් කරයි. මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112-864136 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස  කාර්යාංශය ඉල්ලා සිටි.(36698)
තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න
0
hp_train_0178
( විජේරත්න රත්නායක) සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය අද(12) වැඩි ඡන්ද 08 කින් සභා  සම්මත විය. එම ප්‍රාදේශීය සභාවේ සභාපති නදීකා ප්‍රිශාන්ති දිසානායක (එ.ජ.නි.ස.) මහත්මිය විසින් අදාල අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් සෙසු මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරිණි.එහිදී අයවැයට පක්ෂව ඡන්ද 12ක් සහ    අයවැයට විරුද්ධව ඡන්ද 04 ක් ලැබිණි. එහිදී එම සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නීල් ප්‍රේමතිලක, කුමාරසේකර බණ්ඩා, චිත්‍රමානෙල් රාජපක්ෂ හා ජ.වි.පෙ. නියෝජනය කරන අසෝක කීර්ති ජයලත් යන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය පාව්ච්චි කළහ.එ.ජ.නි.සන්ධානය හා එ.ජා.ප.ය  එක්ව පාලනය කරන සභිකයින් 16 දෙනෙකුගෙන් යුතු සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ඒ අනුව එම සභාවේ 2020 වසර සඳහා වූ අයවැය වැඩි ඡන්ද 08 කින් සභා සම්මත විය
හල්දුම්මුල්ල ප්‍රා. සභා අයවැය ඡන්ද 14කින් සම්මතයි
0
hp_train_0179
(ශාන්ත චන්ද්‍රසිරි)තලවකැලේ, වටගොඩ වත්තේ පහළ කොටසේ වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබු පුද්ගලයන් 10 දෙදෙනකු ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට අද (23) ඇතුළත් කරනු ලැබීය.උකුස්සෙකු බඹර කූඩුවකට ඇණිමෙන් එම බඹර කූඩුව වත්තේ තේ දළු නෙලමින් සිටි පිරිසක් මතට කඩා වැටීමෙන් මෙසේ බඹරුන් වතු කම්කරුවන්ට ඇන ඇතැයි වතු කම්කරුවෝ කියති.තුවාල ලැබුවන්ගෙන්හත් දෙනෙකු කාන්තාවන් වන අතර තිදෙනෙකු පිරිමි පුද්ගලයන් වේ.බඹරුන් ඇනීමෙන් තුවාල ලැබු පිරිමි පුද්ගලයන්ගෙන් දෙදෙනෙකු බඹර ප්‍රහාරට ලක්වූ පිරිස බේරා ගැනීමට ගිය දෙදෙනෙකු බව තලවකැලේ පොලීසිය කියයි.
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 8ක් රෝහලේ
0
hp_train_0180
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතයින් තව 1,208 ක් අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 641,786 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අලුත් ආසාදිතයෝ 428 ක්
0
hp_train_0181
(අංජුල මහික වීරරත්න)ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කාන්තා ළමා  කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
වරාය අධිකාරිය පනත සංශෝධනය කරයි
0
hp_train_0182
(ඩයනා උදයංගනී)කොවිඩ් වයිරස ආසාදනය වූ තවත් 585 දෙනකු අද (15) දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව අද දින වාර්තා වූ මුළු ආසාදිතයන් ගණන 2371කි. මෙම ආසාදිතයන් අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වී ඇත.ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 140,456 කි. 
අදත් ආසාදිතයෝ 2000 පනිති
1
hp_train_0183
( සිතුම් චතුරංග)මුලතිව් ආලම්පිල් ප්‍රදේශයේ  නිවසකට ඇතුළුවූ පිරිසක් ව්‍යාපාරිකයකුට පහරදී ඝාතනය කොට ඇතැයි මුලතිව් පොලිසිය පවසයි.තියුණු ආයුධ හා පොලු රැගෙන පැමිණි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකොට ඇති බවත් පහරදීමෙන් බරපතල තුවාල ලබා සිටි ව්‍යාපාරිකයා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයිද පොලිසිය පැවසීය.එලෙස මියගොස් ඇත්තේ මුලතිව් , චෙම්මනි පදිංචි එස්. සුදන් නැමති වයස අවුරුදු 38ක පුද්ගලයකි.ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ නිවසෙහි රැදී සිටියදී පුද්ගලික ආරවුලක් මත ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් උරණවූ පිරිසක් පැමිණ මෙම පහරදීම සිදුකොට ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණයවූ බවද සඳහන් කළේය.පහරදීමට පැමිණි සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් හදුනාගෙන ඇති අතර අත්අඩංගුවටගැනීම සඳහා විශේෂ විමර්ශනයක් සිදුකරන  බවද පොලිසිය පැවසීය.මුලතිව් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මුලතිව් ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා
1
hp_train_0184
(දිනේෂ් උපේන්ද්‍ර)                                                  කුලියාපිටිය නගර සභාවේ 2021 සඳහා වූ අයවැය සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අද(12) සම්මත විය. නගර සභා අයවැය ඡන්ද විමසීම කුලියාපිටිය නගර සභා රැස්වීම් ශාලාවේ පැවති අතර එහිදී පක්‍ෂ ප්‍රතිපක්‍ෂ සියලුම මන්ත්‍රීවරු ඒ සඳහා සහභාගී වූහ. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ නරගසභා විපක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අය වැයට විපක්‍ෂව සිය ඡන්දය ප්‍රකාෂ කළ අතර විපක්‍ෂ නායක ගිහාන් ජීවන්ත, සෝභිත තේනුවර අනුරසිරි දිසානායක හා විද්‍යාසේකර භාණු යන මන්ත්‍රීවරු ඊට හේතු පහදා අදහස් දැක්වූහ. පාලන පක්‍ෂය වූ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ උපසභාපති ෂෙල්ටන් වනසිංහ මහතා සිය පක්‍ෂයේම සභාපතිවරයා ගෙන ආ අයවැය යෝජනාවට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්‍ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කුඩාබණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා එහිදී අයවැය යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. කෙසේවෙතත් මන්ත්‍රීවරුනගෙන් කළ ඡන්ද විමසීම අනුව පක්‍ෂව ඡන්ද 8කුත් විපක්‍ෂව ඡන්ද 8කුත් ලැබී තිබීම හේතුවෙන් සභාපතිවරයාගේ තීරක ඡන්දය අනුව අයවැය වැඩි ඡන්ද එකකින් ජයගෙන තිබිණ.
මහරගම නගර සභාවේ අය වැය සම්මතයි
0
hp_train_0185
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 28/01/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31229050ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව30239070ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ34248555ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල33239070වැසි ස්වල්පයක්   ඇතිවිය හැක.යාපනය30238560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර31199050ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය21069560ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය33249560වැසි ස්වල්පයක්   ඇතිවිය හැක.ත්‍රීකුණාමළය30248070ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31248565ප්‍රධාන වශයෙන් වැසි රහිත                 
‘හෙට වැස්ස නෑ‘
1
hp_train_0186
(සුමතිපාල දීයගහගේ)කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ  ජනතාවට සහන සැලසීමට සහ කොරෝනා වයිරසය මර්දනය සඳහා එම ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ පහක මුදලක් වෙන්කර ඇතැයි අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව් ජී නිහාල් ද සිල්වා මහතා පවසයි.මීට අමතරව අවශ්‍යතා මත සභා අරමුදලින් තවත් මුදල් ලබා ගැනිමට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය තමාට ලැබිඇතැයිද ඒ මහතා පැවසීය.සතොස සහ සමුපකාර සමිතියෙන් අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන සහන මිලකට ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදිමට කටයුතු යොදා තිබේ.පානීය ජල ප්‍රශ්නය අතුරලිය ප්‍රදේශයේ ජනතාවට තදින් බලපා ඇති නිසා සභා භූමියේ පිහිටි ළිදකින් ලබා ගන්නා ජලය බවුසර් මගින් ජනතාවට සැපයීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බව සභාපතිවරයා පැවසීය.තිබ්බොටුවාව නගරය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, විහාරස්ථාන, ගොඩපිටිය මුස්ලිම් දේවස්ථානය ඇතුලු පොදු ස්ථාන රැසක් විෂබීජහරණය කිරිමට පියවර ගෙන ඇති බවද නිහාල් ද සිල්වා මහතා සඳහන් කළේය.
කොරෝනා මඬින්න අතුරලිය ප්‍රා. සභාවෙන් ලක්ෂ 5 ක්
1
hp_train_0187
(උපාලි ආනන්ද)හොරෙව්පොතාන ශ‍්‍රී ස්වර්ණතිලකාරාම මහ පිරිවෙන්වාසි වයස  අවුරුදු 10 සහ 14 වියෙහි පසුවන සාමනේර හිමිවරුන්  දෙදෙනකුට අමානුෂික ලෙස පහරදී මහජන කැඔීමක් ඇති වන ආකාරයට අසංවර ලෙස  ක‍්‍රියා කිරීෙමි  සිද්ධියක්  සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් වෙළෙදසැල් හිමියෙකු  ෙමි මස 25 වන දින දක්වා රිමාන්ඩ්  කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (11) නියෝග කළේය.මෙසේ රිමාන්ඩ් කළේ  හොරොව්පොතන මැදගම පදිංචි චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැත්තෙකි  මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන  වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතාට නියෝග  කළ මහේස්ත‍්‍රාත්වරයා පහර කෑමට ලක්ව සිටින සාමනේර දෙනම අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් දකර ඊට අදාල වෛද්‍ය වාර්තාද අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද තවුදරටත් නියෝග  කරනු ලැබීය.මෙම සැකකරු කැබිතිගොල්ලෑව මූලස්ථාන  ප‍්‍රධාන  පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා විසින් පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කළ අවස්ථාෙවි මෙලෙස නියෝග කෙරිණි.සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කැබිතිගොල්ලෑව  මූලස්ථාන ප‍්‍රධාන  පොලිස් පරික්ෂක කීර්ති ජයන්ත මහතා සදහන් කළේ සැකකරුට  අයත් කුඩා වෙළෙදසැලක් හොරොව්පොතාන  මැදගම ප‍්‍රදේශයේ පිහිටා ඇති බවයි. එම වෙළදසැලෙන්  දියර කිරි පැකට් මිලදී ගැනීමට මෙම සාමනේර හිමිවරුන් දෙපළ ඉකුත් 10 වන දින පැමිණි අවස්ථාෙවි සැකකරු  මෙම පහරදීම සිදු කර ඇති බවද ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය රුපියල් 10 ක් වටිනා චොක්ලට් දෙකක් මුදල් නොගෙවා හොරෙන් ලබා ගත් බවට චෝදනා කරමින් සැකකරු  සාමනේර දෙනමට මෙලෙස අමානුෂික ලෙස  පහරදී ඇති බව දැනට සිදු කර ඇති මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වූ බව පොලීසිය අධිකරණය දැනුම් දුන්නේය.
සාමනේර හිමිවරුන්ට පහරදුන් සිද්ධියේ සැකකරුට අත්හිටවූ සිර දඬුවම්
0
hp_train_0188
(සුජිත් හේවාජුලිගේ)මෙරට වෘත්තීය සමිති හා කම්කරු සටන් ව්‍යාපාරයන්හි දීර්ඝකාලීනව කැපවී කටයුතු කළ කම්කරු නායකයන් දස දෙනකුට උපහාර පිදීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර ඇත.කම්කරු අමාත්‍යවරයාගේ උපදෙස් මත ජාතික සම්පත ලොතරැයි ශ්‍රම වාසනා අරමුදල හා කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම උපහාර උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අනිද්දා (15 ) පැවැත්වේ.මෙම උපහාර උත්සවයේදි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලෙස්ලි දේවේන්ද්‍ර,සමස්ත ලංකා එක්සත් මෝටර් කම්කරු සංගමයේ දයාරත්න මුනිදාස ප්‍රනාන්දු,ඒකාබද්ධ වැවිලි වෙළෙඳ සංගමයේ සුප්පයියා සුබ්‍රමනියම් රාමනාදන්,සමස්ත ලංකා වෙළඳ හා කර්මාන්ත කම්කරු සංගමයේ එච්.ඒ.මුනිදාස,ලංකා වතු සේවක සංගමයේ පද්මසිරි අමරසිංහ,කෘෂිකාර්මික සහ වතු කම්කරු සංගමයේ රෙංගප්පා මරුදමුත්තු ක්‍රිෂ්ණසාමි,ලංකා කම්කරු කොංග්‍රසයේ ආර් පලනිමුත්තු,එක්සත් වැවිලි සේවක සංගමයේ ආරුමුගම් මුත්තුසාමි,ලංකා කම්කරු සම්මේලනයේ ටී.එම්.රහීම් රෂීඩින් සහ නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සංගමයේ ඇන්ටන් මාකස් යන කම්කරු හා වෘත්තීය සමිති නායකයන්ට උපහාර පුද කිරීමට නියමිතය .මීට අමතරව හිටපු කම්කරු කොමසාරිස් ජෙනරාල් වරුන් වූ මහින්ද මඩිහේවා සහ ජී. වීරකෝන් යන මහත්වරුද මෙහිදී විශේෂ ඇගැයීම් සම්මානයෙන් පිදුම් ලබති.උපහාර ලබන මෙම කම්කරු නායකයන්ට මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක (150,000) මූල්‍ය ප්‍රදානයක් සමගින් උපහාර තිළිණ ප්‍රදානය කෙරෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.මෙම කම්කරු නායක උපහාර ප්‍රදානෝත්සවයට හිටපු කම්කරු අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ ගාමිණී ලොකුගේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් සහභාගිවීමට නියමිතය. 
වමේ 10කට උපහාර
1
hp_train_0189
(මනෝප‍්‍රිය ගුණසේකර)හෙරොයින් ග්‍රෑම් 11 ක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ අයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (08) නියම කළේය. විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළේය. චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචි ලක්‍ෂමන් ප‍්‍රනාන්දු හෙවත් චන්ද්‍රා නමැත්තාටය. 2000 ජුනි මස 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල ප‍්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 11.25 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි. මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂ දයානන්ද මහතාට ලැබුණු තොරතුරකට අනුව බොරැල්ල ප‍්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන, ජාවාරම් කිරීමේ යෙදී සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව හෙළි විය.  
හෙරොයින් ජාවාරම්කරුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්
0
hp_train_0190
නැගෙනහිර සහ ඌව පළාත් වලත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විටින් විට වැසි ඇති වන අතර උතුරුමැද පළාතේ වැසි වාර කිහිපයක්  ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් සවස 4.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 18/02/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32239055වැසි වාර  කීපයක්මඩකලපුව29269070විටින් විට වැසිකොළඹ33259055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල29239075සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක..යාපනය32247560වැසි ස්වල්පයක්මහනුවර27219060සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.නුවරඑළිය17129580සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.රත්නපුරය32239570සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය31268570විටින් විට වැසිමන්නාරම32268565වැසි ස්වල්පයක්
‘හෙටත් පළාත් කීපයකට වැසි‘
0
hp_train_0191
 (සේනක  බණ්ඩාර සහ දයාරත්න ඇඹෝගම) තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිටඅඛණ්ඩව දින 19 කට වැඩිකාළයක් උපවාසයේ යෙදුණ ගොවීහු  උපවාසය අත් හැරීමට අද (12) දහවල් කටයුතු කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී  දුමින්ද  දිසානායක මහතා  හමු වී ජනාධිපතිතුමන්ට යොමු කිරීම සඳහා   සන්දේශයක්  බාර  දීමෙන් අනතුරුව ඔවුහු උපවාසය අත්හැරියහ. මහවැලි එච් කලාපයේ තඹුත්තේගම කොට්ඨාශයේගොවි ජනතාවට බලපා ඇති ගැටලු කීපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් තඹුත්තේගම මහවැලි එච්.කලාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිට පසුගිය 24වැනි දින ගොවි ගෙවිලියන් පිරිසක් උපවාසයක් ආරම්භකළ අතර, තමන්ගේ යල්කනනයේ හානි වූ වගාවන් සදහා අක්කරයකට රුපියල් 50000 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසට හා තම වගාවන්ට නිසිපරිදි ජලය ලබා නොදීමට විරෝධය පළ කරමින් ඒ ඇතුළු ඉල්ලීම් 10 ක් සම්බන්ධයෙන් ගොවි සංවිධාන 22 ක ගොවි ගෙවිළියෝ උපවාසයක් ආරම්භ කළහ.ඡායාරූපය- සේනක  බණ්ඩාරඡායාරූපය - දයාරත්න ඇඹෝගම
තඹුත්තේගම ගොවීහු දින 19 ක උපවාසය අත්හරිති
1
hp_train_0192
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත්  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 09/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259055ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35268555ප්‍රධාන  වශයෙන් වැසි රහිතකොළඹ31268570වැසි ස්වල්පයක්ගාල්ල30269075වැසි ස්වල්පයක්යාපනය33278565ප්‍රධාන  වශයෙන් වැසි රහිතමහනුවර29209060වැසි ස්වල්පයක්නුවරඑළිය18149065ප්‍රධාන  වශයෙන් වැසි රහිතරත්නපුරය31249060වැසි ස්වල්පයක්ත්‍රිකුණාමලය35268050ප්‍රධාන  වශයෙන් වැසි රහිතමන්නාරම31279075ප්‍රධාන  වශයෙන් වැසි රහිත                
‘ඉදිරි 24 පැයේ වැසි රහිත කාලගුණයක්‘
0
hp_train_0193
(විනීතා එම් ගමගේ)අධිකරණයට මේ තරම් ඇඟිලි ගැසූ යුගයක් ලංකා ඉතිහාසයේ මීට පෙර තිබුණේ නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.රජතුන් කට්ටුවක් ඉදිරියේ රාජපක්ෂවරුන්ගේ නඩු අහන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළ  බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප‍්‍රකාශයෙන්ම ආණ්ඩුව අධිකරණයට කරන බලපෑම පෙනී යන්නේ යැයි ද ගම්මන්පිල මහතා කීය. අගවිනිසුරුවරයා විසින් නීතිපතිගේ ඉල්ලීම මත ගතයුතු තීරණයක් වන ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු  ලබන්නේ නම් එය සෘජුව අධිකරණයට අතපෙවීමක් යැයි ද හෙතෙම සඳහන් කළේය.යම් පුද්ගලයකුට හෝ පවුලකට දඩුවම් කිරීම සඳහා වෙනමම අධිකරණයක් පිහිටුවන්නට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති බව වත්මන් ආණ්ඩුවේ නායකයින් නොදන්නා බව ඔවුන්ගේ ප‍්‍රකාශවලින් පෙනී යන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය. පිවිතුරු හෙළ උරුමය නායකයා මේ අදහස් පළ කළේ පිට කෝට්ටේ පිහිටි එම පක්ෂයේ මුලස්ථානයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.  එහි දී තව දුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද කීය. ‘‘එජාපයේ ඉන්නා මන්ත‍්‍රිවරුන් සියළු දෙනා එක හඬින් කිව්වේ රාජපක්ෂවරුන්ට දඬුවම් කරන්න විශේෂ අධිකරණ පිහිටුවන්න කියා.  ඒක කලේ නැති වුණාම රාජපක්ෂවරු රකිනවා කියලා විජයදාස ඇමැතිතුමාට දොස් කියනවා. ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඩීල් දාල කියල චෝදනා කරනවා. නමුත් විශේෂ අධිකරණ පිහිටුවීමට ව්‍යවස්ථාවේ ඉඩක් නැහැ. එසේ ඉඩක් නැති නම් විජයදාස ඇමැතිතුමා මොනවා කරන්න ද? දැන් විශේෂ අධිකරණ පිහිටුවන්න බෑ කියන්නේ කවුද? හිටපු නීතිපති තිලක් මාරපන සහ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ වගේ නීතිය මෙලෝ හසරක් නොදන්න අය.  විශේෂ උසාවි පිහිටුවිය යුතුයි කියන්නේ කවුද?  හිටපු අගවිනිසුරු රාජිත සේනාරත්න.  ජනාධිපති නීතිඥ රන්ජන් රාමනායක.  නීතිය පිළිබඳ මහචාර්ය පාඨලී චම්පික රණවක.  දැන් ඉතින් කාරණය පැහැදිලියිනෙ.අවසානයේ දී රාජිත ඇමැතිතුමා තමන්ගේ ගැලවුණු රෙද්ද යළි ඇඳ ගැනීමේ අරමුණින් කියනවා විශේෂ අධිකරණයක් වෙනුවට ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ රාජපක්ෂවරුන්ගේ නඩු ඇසීමට ඇමැති මඩුල්ල තීරණය කළාලූ.  මුළු ඇමැති මණ්ඩලයටම නීතිය දන්න එක් කෙනෙකුවත් හිටියේ නැද්ද? අපේ රටේ නීතියේ හැටියට නම් ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් නැතිනම් රජතුන්කට්ටුවක් නඩුවක් ඇසීමට පත් කරන්නේ නීතිපතිගේ ඉල්ලීම මත අගවිනිසුරුයි.  ඒ මිස ඇමැති මණ්ඩලයට නඩු ඇසීම් පිළිබඳ තීන්දු ගන්න බෑ.  
අධිකරණයට මේ වගේ ඇඟිලි ගැසු යුගයක් නෑ - ගම්මන්පිල
1
hp_train_0194
නැගෙනහිර හා ඌව පළාත්වල තැනින් තැන මද වැසි ඇති වන බවත්  සවස 4.00 න් පසුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වල  ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 05/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33239055ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව30258075වැසි ස්වල්පයක්.කොළඹ34268555සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල31269065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය32237560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර32229050සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය21129560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය36249545සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය32268565ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31278560ප්‍රධාන වශයෙන් වැසි රහිත                   
‘හෙට දිනයේ පළාත් කීපයකට මද වැසි‘
1
hp_train_0195
වැසි සඳහා කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘‘උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වල  සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇති වේ‘‘.‘‘සෙසු ප්‍රදේශවල අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘‘.‘‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘‘.‘සුළං නැගෙනහිර දෙසින් හමන අතර  වේගය පැයට කිලෝ මීටර්. 20-30 ත් අතර වෙයි‘. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.2015 මාර්තු  මස 02 වැනි දින දහවල්  12.00 ට නිකුත් කැරණි.  
‘වෙරළබඩට මඳ වැසි‘
0
hp_train_0196
(***නිමල කොඩිතුවක්කු)රටට හිතැති සියලු බලවේග ඒකරාශී කරගනිමින් දැවැන්ත ජන බලවේගයක් බිහිකර මෙවර මැතිවරණය ජයග්‍රහණය කර රට දිනවීමට කැපවන බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ (6) පැවැසීය.ප්‍රජාතන්ත්‍ර විරෝධී සියලු බාධක පරාජය කරමින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් රටම දිනවන වැඩපිළිවෙළක් දියත් කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.ආර්ථික,  දේශපාලන, සමාජීය බලවේග  එකට ඒකරාශී කර ජාතික අවශ්‍යතා සපුරාලමින්  රටම බලගන්වා සද්දන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ද ඔහු පැවැසීය.සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුවේ පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැති සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භය සනිටුහන්  කිරීම සහ සමගි ජන බලවේගයේ නිල ජංගම දුරකතන යෙදවුම ජනගත කිරීමේ  උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස  එක්වෙමිණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.“සමගි ජන බලවේගයේ  අපි හරීන් ප්‍රනාන්දු මහතාගේ නිර්මාණයක් තුළ අපගේ මැතිවරණ ව්‍යාපාරය  නව මානයකින් ආරම්භ කරලා තියෙනවා.  දුරකතනයෙන් තරග කරන සමගි ජන බලවේගය  මේ රටේ සම්ප්‍රදායානුකූල, යල්පැනගිය දේශපාලන රාමුවෙන් පිට පැනලා රට මුහුණ දෙන නව අභියෝගවලට  විසඳුම් සෙවීමට අලුත් ගමනක් ආරම්භ  කර තියෙනවා.දුරකතනයෙන් තරග කරන අපි අපේ ගමනේ ප්‍රධානතම තේමා පාඨය විදියට සද්ජාතිකත්වය විදියට හඳුන්වා දෙනවා. මේ රටේ  සුවහසක් ජනතාවට සද්ජාතිකත්වය හරහා සියලු දෙනාම ජයග්‍රහණය කරන ජාතික ගමනක් අපි ආරම්භ කරලා තියෙනවා.අපේ රට සිංහල බෞද්ධ  බහුතරයක් ඉන්න  රටක්. බුද්ධාගමට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුවිශේෂී  ස්ථානයක් ලබාදී තිබෙනවා. එය ආරක්ෂා කරමින් සෙසු ආගම් සෙසු ජාතින් සඳහා නිවැරැදි  ආරක්ෂාවක් ලබාදීමේ ජාතික වගකීමක් තිබෙනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා  තියෙනවා. මේ වැඩපිළිවෙළ  තුළ අපි පැහැදිලිවම ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය, ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම  හෙළා දකිනවා විතරක් නෙමෙයි අපේ මාතෘ භූමිය තුළ  එවන් ක්‍රියා සිදු නොකරන තැනට අපි වගබලාගන්නවා.සද්ජාතිකත්වය තුළ  සද්භාවයෙන් නිවැරැදි චින්තනයක් ඔස්සේ අපේ රට තුළ දේශාභිමානය  ආරක්ෂා කරමින් වෙනත් කිසිම ජාතියකට, ආගමකට එදිරිවාදිකම් නොකර සැබෑ ඒකීය මාතෘ භූමියක් තුළ  ජාතික ආරක්ෂාව සුරකිමින් සහෝදරත්වය සංහිඳියාව තුළින් ස්වෛරී මාතෘ භූමිය සුරකින නව ගමනක් ආරම්භ කරනවා.  මේ  සද්ජාතිකත්වය තුළ ආර්ථික සෞභාග්‍යය, සමාජීය ශක්තිය, දේශපාලන-සිවිල් අයිතිවාසිකම්,  සංස්කාතික-ආගමික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න අපි බැඳී සිටිනවා.සද්ජාතිකත්වය තුළ වෛරී දේශපාලනය, වෛරී ප්‍රකාශන අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එම වෛරී දේශපාලනය, වෛරී ප්‍රකාශන නීති විරෝධී ක්‍රියා හැටියට හඳුන්වල එවන් ක්‍රියාවල යෙදෙන අය අපි නීතිය හමුවට ගෙනයාමට කටයුතු කරනවා.අපේ  රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනවිට එහි ප්‍රමුඛතම කාරණාව වන්නේ මිලිටරි ආරක්ෂාවයි. මිලිටරි ආරක්ෂාව ශක්තිමත් කිරීම උදෙසා රට  සුරකින ආරක්ෂක අංශ ධනාත්මක මානසිකත්වයකින් නවීන උපාංග හා නවීන පුහුණු රටාවන් තුළින් ශක්තිමත් ආරක්ෂක යාන්ත්‍රණයක් අපි නිර්මාණය කරනවා.ජාතික ආරක්ෂාව   අප විග්‍රහ කරන ආකාරයට එය මිලිටරි ආරක්ෂාවට පමණක් සීමා වෙන්නේ නැහැ. අපි  රටක් විදියට ආර්ථික ආරක්ෂාව, දේශපාලන ආරක්ෂාව, සමාජීය ආරක්ෂාව  දෙස බැලිය යුතුයි.  අපි හඳුන්වන සද්ජාතිකත්වය තුළ ජාතික ආරක්ෂාවේ  පැතිකඩ ගණනාවක් තිබෙනවා. අප නිර්මාණය කරන සද්ජාතිකත්වය  තුළ සැබැවින්ම  ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා.අද  වනවිට අපේ රටේ ආර්ථික ආරක්ෂාව පළුදුවෙලා තියෙනවා. ආර්ථිකය කඩාවැටීම තුළ සමාජ ආරක්ෂාවත් හීන වෙලා තියෙනවා. මේ නිසා දේශපාලන ආරක්ෂාවත් අද රට තුළ ක්ෂය වෙමින් පවතිනවා. ආර්ථික ආරක්ෂාව තහවුරු කරන්න නම් අපේ රටේ කඩා වැටුණු ආර්ථිකය අපි ගොඩනැගිය යුතුයි. ඒ සඳහා රටේ ජනතාවගේ  ජන ජීවිතය සුඛිත මුදිත කළ යුතුයි.අක්‍රිය  වූ ආර්ථික චක්‍රය  නැවතත් සක්‍රිය කිරීම සඳහා ජනතාව අතට මුදල් ලබාදිය යුතුයි. නිර්මාණය වන ඉතිරි කිරීම,  පාරිභෝජනය, ආයෝජනය  යන ආර්ථික ක්‍රියා තුළ ගරා වැටුණු  ආර්ථිකය නැවත වරක්  ශක්තිමත් ස්ථාවරයට ගෙන ඒමට අපට හැකිවෙනවා. ඒ සඳහා නව ආර්ථික ක්‍රමෝපායන් අනුගමනය කිරීමට අපි අදහස් කරනවා.  මෙම ක්‍රමවේදයන් අනුගමනය  කරමින් වෙනත් රටවලට වඩා ඉදිරියෙන් සිටින්නට අපි අදහස් කරනවා.අපේ උපායමාර්ගික සැලැසුම්වල ප්‍රධානතම  අරමුණ වන්නේ ජාතික අවශ්‍යතා සපුරාලීමයි. මේ මගින්  මුළු රටම බලගන්වලා සියලුම ආර්ථික,  දේශපාලන, සමාජීය බලවේග  එකට ඒකරාශි කරලා සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා.  සැමට සෞභාග්‍යය හිමිවන සමාජ සාධාරණත්වය  උදාකරන මාතෘ භූමියක්  නිර්මාණය කිරීම සද්ජාතිකත්වය පෙරදැරි කරගෙන  ඉදිරියට යන අපගේ ඒකායන ගමන් මාර්ගයයි.මහජන හමු දහසක් තුළින් අපි මේ වැඩසටහන රට පුරා ගෙනයනවා. මේ මගින් අපි  අසමසම  ජන බලවේගයක් නිර්මාණය කරනවා.  ජන සවියෙන් අපි විශිෂ්ට ජයග්‍රහණයක් කරා අපි මේ ගමන මෙහෙයවනවා.සාම්ප්‍රදායික මාධ්‍ය තුළ අපට නොලැබෙන ඉඩ නවීන තාක්ෂණය ඔස්සේ ලබාගෙන නව තාක්ෂණය ඔස්සේ ජනතාව දැනුවත් කරමින් අපි කටයුතු කරනවා. ඒ සඳහා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පිරිසක් කටයුතු කරනවා.එක කණ්ඩායමක් කෘත්‍රිමව ඔක්සිජන් ලබාදීලා ඉහළට  ඔසවන්නට යන යුගයක ජන ප්‍රජාව ඒකාබද්ධ කරගත්  නවීන ක්‍රමවේද  මගින්  ජනතාව සමග අත්වැල් බැඳගෙන   ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින්  සමගි ජන බලවේගය රටම දිනවන  ගමන් මාර්ගය බවට අපි පත්කර ගන්නවා” යැයි ද ඔහු එහිදී සඳහන් කළේය.සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා:“මේ රටේ ප්‍රධානතම පක්ෂය විදිහට සමගි ජන බලවේගය තව මාසයකින් රටේ ආණ්ඩු බලය ලබා ගන්නවා. දිනමු කියන තේමාවෙන් අපි අපේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළා. අපේ අරමුණ රට, ජනතාව, පක්ෂය සහ මැතිවරණය ජයග්‍රහණය කිරීමයි.විද්‍යුත් සහ සමාජ මාධ්‍ය අද මැතිවරණයේ ප්‍රධාන ප්‍රචාරක අංගයක් බවට පත්ව තිබෙනවා. සමහර මාධ්‍ය බොරුව රජ  කරලා බොරුවෙන් පාලකයන් පත් කරගත්තා. මීට එරෙහිව විශාල මාධ්‍ය මෙහෙයුමක් අපට අවශ්‍යව තිබෙනවා.  එහි වගකීම හරීන් ප්‍රනාන්දු මහතාට බාර දීලා අගෝස්තු 6 වැනිදා රටේ අගමැති විදිහට සජිත් ප්‍රේමදාස මහතා පත්කරගැනීමේ කාර්ය භාර්ය අපි මේ විදිහට අද ආරම්භ කළා” යැයි ද ඔහු පැවැසීය.සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා:“තව මාසයකින් රටට නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත් කරගන්නවා.  අවුරුදු විස්සකට දැක්මක් තියෙන නායකයෙක් ඒ සඳහා අප තෝරාගත යුතුයි. මේ තරගයට තරගකරුවන් දෙදෙනයි.  අවුරුදු 76ක සාම්ප්‍රදායක නායකයෙක් තෝරගන්නවා ද 52ක තරුණ දක්ෂ නායකයෙක් තෝරගන්නවා ද කියන තීරණය අපි  ගත යුතුයි.මාධ්‍යයෙන් පිපුණු පොහොට්ටුව අද කෙහෙල්මලක් බවට පත්වෙලා තියෙනවා. හදවතට කතා  කරන්න පුළුවන් දක්ෂ තරුණ සුදුසුම නායකයා තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ.මහින්ද රාජපක්ෂ අමාත්‍යාංශ ගාණක් පාලනය කරනවා. එතුමා මේ මාස අටටම මුදල් අමාත්‍යාංශයට ගිහින් තියෙන්නේ දෙවතාවක් විතරයි.දිනමු කියන තේමාවෙන් අපි මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, ආර්ථිකය දිනවමු කියලා රටේ සියලුම ජනතාවට ආරාධනා කරනවා.”මෙම අවස්ථාවට සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
රටම දිනවන වැඩපිළිවෙළක් ගේනවා
1
hp_train_0197
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට සිට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේවෙතත් සවස 02.00 න් පමණ පසු  තැනින් තැන විශේෂයෙන් දකුණු, නැගෙනහිර සහ ඌව පළාත්වල, වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළ බඩ ප්‍රදේශවල උදය කාලයේද වැසි ඇතිවිය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 05/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35249550සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමඩකලපුව33269065සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිකොළඹ31269570උදය කාලයේද වැසි සහ  සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිගාල්ල30269580උදය කාලයේද වැසි සහ  සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසියාපනය34268555සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමහනුවර31229565සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිනුවරඑළිය22139565සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිරත්නපුරය33249575සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය35269065සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමන්නාරම32269575සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි 
‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_0198
(ඩයනා උදයංගනී)කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 736 දෙනකු අද (11) පස්වරුවේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,890 කි.මේ වන මෙරටදී හඳුනාගත් සමස්ත ’කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව 3,41,964 ක් දක්වා ඉහළ ගියේය. 
අද කොවිඩ් ආසාදිතයන් 1,447ක්
0
hp_train_0199
(මුදිතා දයානන්ද සමග මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවිතයක්, සියලු දෙනාට සම අයිතීන් හිමිවන සමාජයක් අත්කර දීමෙන් මෙහා අපේ ගමන නවතින්නේ නෑ. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම දහසය වැනිදාට ඉටු කරන්න යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) පැවසීය.ඔහු මෙසේ පැවසුවේ මහරගම නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය අමතමිනි.එහිදී වැඩිදුරටත් දිසානායක මහතා මෙසේද පැවැසීය.“මේ මැතිවරණයට ප්‍රධාන කඳවුරු තුනයි. ඒත් අපි දකින්නේ ප්‍රධාන කඳවුරු දෙකක් ලෙසයි. අපි එක පැත්තක. අනෙක් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ඉන්නේ එක කඳවුරක. ජනතාවට තෝරගන්න තිබෙන්නේ රට හදන එකට වැඩපිළිවෙළක් තිබෙන කඳවුර තෝරාගන්නවාද, වසර 71ක් තිස්සේ රට විනාශ කළ කඳවුර තෝරා ගන්නවා ද කියලයි. හොරුන්, දූෂිතයන්, මංකොල්ලකාරයන් ඉන්න කඳවුර තෝරගන්නවාද. හොරුන් සහ දූෂිතයන්ගෙන් තොර රට වෙනුවෙන් කැපවූවන්ගේ කඳවුර තෝරාගන්නවාද කියලයි.ඒත් කාලයකදී මේ රට තිබුණේ එක පවුලක් අතේ. සියලු ආයතන තිබුණේ ඒ පවුල අතේ. ආර්ථික මර්මස්ථාන තිබුණේ ඒ පවුල අතේ. අඩුම තරමින් දේවාල ටිකවත් ඉතුරු කළේ නැහැ. ඒවායේ බස්නායක නිලමේවරුන් කළෙත් ඒ පවුලෙන්මයි. ඒ වෙනුවෙන් පනත් පවා සංශෝධනය කළා. ඒ පාලනයට එරෙහිව ගිය අයට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්න.බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු රතුපස්වල ජනතාවට වෙඩි තිබ්බා. දෙන්නෙක් ඝාතනයට ලක්වුණා. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනාපු වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කළ වැඩ කරන ජනතාවට වෙඩි තියලා රොෂේන් චානක කියන තරුණයා ඝාතනය කළා. එවන් පාලනයක් යළි මේ රටේ ස්ථාපිත වීමට අපි ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අපි කියන්න ඕනෑ එදත් ඒ ජනාධිපති පාලනයට බයේ අපි හැංගුණේ නැහැ. අදත් බය නැහැ. හෙට බයවෙන්නෙත් නැහැ. සමහරු ඒවාට මුහුණ දෙන්න බැරිව ජනතාව බියවද්දමින් ඉන්නවා. ඒත් මේ වේදිකාව ඔය කොයි දේටත් මුහුණ දෙන්න පුළුවන් වේදිකාවක්.හොරුන්ට, දූෂිතයනට දඬුවම් දෙන්න බලයට පත්වුණ ඊළඟ ආණ්ඩුව බලයට පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මහබැංකුව කොල්ලකෑවා. ඔවුන්ට පුළුවන්ද ඊට පස්සේ හොරුන්ට දඬුවම් දෙන්න. ආණ්ඩුවේ සල්ලිවලින් ඇමැතිවරු බිස්නස් කරන්න පටන් ගත්තා. අධිවේගී මාර්ගවලින් හොරකම් කළා. වරායෙන් හොරකම් කළා. ඩොලර් කෝටි 3500ක් වටිනා වරායේ සතු ඉඩම් ටික ඩොලර් කෝටි දෙදහාටත් අඩු ගාණකට දුන්නා. ඇයි ඒ? කොමිස් කුට්ටියට.රටටම තෙල් බෙදන්න පුළුවන් තෙල් ගබඩා කර තැබිය හැකි තෙල් ටැංකි අපි සතුව තිබෙනවා. මේ ආණ්ඩුව ඒ ටික ඉන්දියාවට විකුණන්න සැලසුම් ගැහුවා.මේ කඳවුරු දෙකම හොරුන්ගෙන් පිරිලා. දූෂිතයන්ගෙන් පිරිලා. සදාචාරාත්මකව ඔවුන්ට ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න බැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී හේතු ගැන කියලා තමයි ඡන්දේ ගත්තේ. ඒත් මෙදා පාර දෙගොල්ලෝම හොරු ගැන කතා කරන්නේ නෑ. මොකද එහෙම කරන්න නම් තමන් ළඟ ඉන්න හොරු හිරේ දාලා ඉන්න වෙනවා.හොරකමෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර පාලනයක් බිහි කළ හැක්කේ ජාතික ජන බලවේගයකට පමණයි. මේ හොරු, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ පිරුණු කඳවුරු දෙකම එකට තියලා පරද්දන්න අපට පුළුවන්.තවමත් ඔබ අපට ඡන්දෙ දෙන්න හිතාගෙන නැතිනම් ඔබෙන් අහන්න ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ හැක්කේ කාටද? නීතිය තමන්ට ඕනෑ හැටියට හැසිර වූ තමන්ට ඕනෑ හැටියට නීතිය නවාපු තමන්ට ඕනෑ අය එළියේ තියලා තමන්ට විරුද්ධ අය හිරේ දාපු පාලනයක් ඔබ නැවත බලයට ගේන්න සූදානම්ද?මේ අයට ගැටුම් නැතිව පාලනය අරන් යන්න බැහැ. එකම ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් සහරාන්ලටත් පඩි ගෙවනවා. සිංහල ජාතිවාදීන්ටත් පඩි ගෙවනවා. ඒ අය ඒ මුදල්වලින් ජාතිවාදය අවුස්සනවා. පසුගිය අප්‍රේල් මාසයේදී පල්ලි තුනකට, සංචාරක හෝටල් තුනකට පහර දුන්නා. බෝම්බ ගැහුවා. සිය ගණනක් මිය ගියා. එය ම්ලේච්ඡ ප්‍රහාරයක්. අපි කවුරුත් ඒ සිදුවීමෙන් කම්පනයට පත්වුණා. ඒත් සමහර කෙනෙක් උණුසුමේම ඇවිත් කිව්වේ මම හිටියා නම් මේක වෙන්නේ නෑ කියලා. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා, ජනාධිපති වෙලා ජාතිවාදය නැති කරනවා කියලා. අන්තවාදී ගැටුම් තමන්ට ඕනෑ විදියට ප්‍රයෝජනයට ගත්තා.අනෙක් කණ්ඩායම මොනවාද කළේ. කිසිදාක පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රශ්නයක් ගැන කතා නොකර ගම් මට්ටමයි, බිම් මට්ටමයි, තම්මැට්ටමයි ගැන කතා කරමින් හිටියා. දැන් සජින් වාස්ලා ඉන්නෙත් ඒ කඳවුරේ. ඉතින් මොනවද එයාලට ඡන්දෙ දීලා.අපේ රටේ පොලිසිය ඉතාමත් දක්ෂයි. ඔවුන්ට පුළුවන් මූණ දිහා බලලා හොරා හඳුනාගන්න. ඔවුන්ට අල්ලන්න බැරිවුණේ දේශපාලනඥයන් මැදිහත්වූ හොරකම් වංචා අපරාධ පමණයි. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍යය සුරකින පාලනයක් ඇති කළ යුතුයි.අද සමහරු උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ කරේ නැගලා උතුරට යද්දි තව කෙනෙක් උතුරේ වෙනම පාලනයක් ගැන හීන දකින දෙමළ ජාතික සන්ධානයේ කරේ නැගලා උතුරට යනකොට අපි ඒ කවුරුවත් නැතිව උතුරට ගියා. තනියම නොවෙයි. මේ වේදිකාව නියෝජනය කරන ජාතික ජන බලවේගය සමග. උතුරේ ජනතාව බොහොම හරසරින් අප පිළිගත්තා.අපි සෑම ආකාරයෙන්ම හිංසනය හෙළාදකිනවා. කිසිම පුද්ගලයකු තවත් කෙනකුගේ හිංසාවට ලක්විය යුතු නැහැ. අඩුම තරමින් ගුරුවරයකු දරුවකුට ගැසීමත් අපි ප්‍රතික්ෂේප කරනවා. දරුවෝ හදන්න, ගහන්න අවශ්‍ය නැහැ. ආදරයෙන් ඔවුන් නිවැරදි ලෙස හදන්න පුළුවන්.සමහර දරුවෝ මාපියන්ට සලකන්නේ නෑ. සමහර දරුවෝ තාත්තා බලු කූඩුවේ දාලා හිංසනයට ලක්කළ හැටි අපි දැක්කා. අම්මලා පාරේ දාලා අතරමං කරලා යන හැටි අපි දැකලා තියෙනවා. අපි මාපියන් සුරක්ෂිතව රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.ආබාධිතයන්ගේ ජීවිතය අද සුරක්ෂිත නැහැ. ඔවුන්ට තමාගේ කටයුතු තනිවම කරගන්න බැරුව අසරණ වෙනවා. ඒ අයත් සම අයිතිවාසිකම් සහිතව රැක බලා ගන්නා සමාජයක් අපි ඇති කරනවා.කාන්තාවන් හා පිරිමින් අතර තිබෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පමණයි. එහෙත් අද මේ වෙනස නිසාම බරපතළ ලෙස හිංසනයට ලක්වෙනවා. ඔවුන්ටද සම අයිතීන් ලබාදී ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා.රෝගීන්ගේ අයිතීන් ආරක්ෂා කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි නායකත්වයක් තමයි අද මේ වේදිකාව නියෝජනය කරන්නේ. හැමදාමත් ජනතාවගේ සිට නිර්මාණ සිදුකළ කලාකරුවන් මේ වේදිකාවේ ඉන්නවා. නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ආචාර්ය, මහාචාර්යවරුන් මෙතන ඉන්නවා. මෙතන කිසිවෙක් නැහැ මහජන දේපල කොල්ලකාපු අය. කුඩා කුඩා හේතු මත මේ දේශපාලනය අත්හැරීමට අපි කිසිවෙක් සූදානම් නැහැ.අපි මරණය පෙනි පෙනී දේශපාලනය කළ අය. ජයග්‍රහණයන් පරාජයන් ද පසුබෑම් සියල්ල හමුවේ මේ රටේ ජනතාවට නව ජීවිතයක් උදාකර දීමේ වගකීම අත්හැරියේ නැහැ. එක් මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා ගත වූ වසර තිහ ගැන දුකක් හිතෙන්නේ නැද්ද කියලා. නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් මට කළ හැකි උපරිමය කළා කියන සතුට මට තිබෙනවා. ජනතාවට සතුටෙන් සමාදානයෙන් ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ සටන ජය ගැනීමෙන් මෙහා අපි නවතින්නේ නැහැ” යැයි ද දිසානායක මහතා කීය.ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාඅපි දැනටමත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. රට ගැන කැක්කුමක් ඇති, අවංක, හොරු, දූෂිතයන් නොවන විද්වතුන් කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගෙන් මේ වේදිකාව පුරවන්න අපට හැකිවීම අපේ ජයග්‍රහණයක්. ඔවුන් සමඟ එක්ව එක් පෙරමුණක් හදන්න හැකිවීම අපි ලැබූ ජයග්‍රහණයක්.අපි දේශපාලනයේ දිශානතිය වෙනස් කළා. මේ රටේ ජනතාවට කැත නැතුව ඡන්දෙ දෙන්න තැනක් අපි හැදුවා. ඒ නිසා දෙන්නෙක් අතර තිබූ ජනපතිවරණය සටන අපි තුන්කොන් සටනක් කළා.ඒ නිසා දැන් දෙවැනි මනාපයත් හිඟා කන තැනට සමහර අපේක්ෂකයන් පත්වෙලා. ඒ වෙනුවෙන් අපි කිව්වා කියලා බොරු ප්‍රචාරයන් යවනවා.අද ඉන්න හිතෙන රටක් ගැන ප්‍රචාර යැව්වට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉන්න හිතෙන්නේ නැති රටක්. ඒ නිසා අපේ කාන්තාවන් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන මැද පෙරදිග යනවා. තරුණයන් ජපානයට, ඕස්ටේ්‍රලියාවට, කොරියාවට හොරෙන් පැනගන්න හදනවා.අන්තිමේදී හිරේ විලංගුවේ වැටෙනවා. වීසා හදා ගන්න, රස්සාවක් හොයාගන්න පුළුවන් වුණ තරුණ තරුණියන් කොහේ හෝ වෙන රටකට පැනගන්නවා.දුප්පත් ජනතාව විතරක් නෙවෙයි බලය ගන්න එන සමහරුන් මේ රට ජීවත් වෙන්න සුදුසු රටක් ලෙස දැක්කේ නැහැ. බලය ගන්න හොඳ වුණාට ජීවත්වෙන්න මේ රට හොඳ නැහැ. ඒකයි එයාලත් පෙන්වන්නේ.අද අපේ රට බිමට වට්ටලා තිබෙන්නේ. අපේ රට ඉතිහාසයේ ගෞරවනීය තැනක තිබුණේ. මහා දැවැන්ත වාරිමාර්ග කළේ ලෝකෙට ණයවෙලා නෙවෙයි. අද පාරට කාපට් දාන්න බැහැ චීනෙන් සල්ලි දුන්නේ නැත්නම්, චීන සමාගම් ආවේ නැත්නම්. මොකක්ද මේ අපි වැටිලා තියෙන තැන.අපේ සමාජ ජීවිතය බිඳ වැට්ටුවා. හැමෝම ඡන්ද ගන්න ජාතිවාදය භාවිත කරනවා. එක පැත්තක් ජාතිවාදය අවුස්සනකොට තව පැත්තක් ජාතිවාදීන්ට කප්පම් දෙනවා.සමහරු කියනවා දුන්නට වැඩක් නැහැනේ, අනුරට දිනන්න බැහැනේ කියලා. ඔය කියන හැමෝම අනුරට දීලා බලන්නකෝ, දන්නෙම නැතුව දිනලා තියේවි. මේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අන්තිම දවස හෙට අනිද්දා. මේ දවස් දෙකේ බොරු ප්‍රචාර යාවි. දැනටමත් දෙවැනි මනාපයක් ගැන බොරු ප්‍රචාර යවනවා. අරයා මෙයා කිව්වා කියලා බොරු කියනවා. අපි දෙවැනි මනාපය ගැන කතා කරන්නෙත් නෑ. දෙවැනි මනාපයක් ඉල්ලන්නෙත් නෑ. එකම මනාපයයි. එකම ඡන්දයයි අපි ඉල්ලන්නේ. ජනතාවගේ කැමැත්ත අනුව දෙවැනි තුන් වැනි මනාප භාවිත කළාට අපේ අමනාපයක් නෑ.  පාර වැරදුණ රටකට මගපෙන්වන ලකුණ මාලිමාව අරන් අපි ආවා. අපි හරි පාර පෙන්නුවාට ඒ පාරට ජනතාව හරවාගන්න ඕනෑ. අපි ඔබට කියනවා මේ රටත් ජනතාවත් හරි මගට ගන්න ඔබ සියලු දෙනා මාලිමාවක් වන්න.නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,අපි හැමෝටම හීනයක් තිබෙනවා අපේ රටේ සතුටින් ජීවත්වීමට. අපි ප්‍රශ්නවලට උත්තර හැටියට පෞද්ගලිකව නොයෙක් දේ කළා. ළමයින්ට පොත් අරන් දුන්නා. බෑග් අරන් දුන්නා. ඔය වගේ නොයෙක් දේවල් කළා. ඒත් දුප්පත්කම එහෙමමයි. ඊට පස්සේ තමයි මම කල්පනා කළේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා. ඉතිං මම ඒකට ජේ.වී.පී. එකත් සමග එකතුවුණා. මේ වේදිකාවේ ඉන්න ලැබීම ගැන මම සතුටුවෙනවා.ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා,මෙතැන රටම හොරකම් කරගෙන කාපු බොරු දේශප්‍රේමීන් නැහැ. මෙතැන දූෂිතයන් නැහැ. වංචාකාරයන් නැහැ. ජාතිවාදින් නැහැ. මෙතන ඉන්නේ එකම ජාතියයි. ඒ තමයි මනුෂ්‍ය ජාතිය. අපි හැමෝම එකම තලයකට අයත් එකම ජාතියකට ඒ කියන්නේ මනුස්ස කුලයට අයත්වූවන්. මේ රට තියෙන්නේ වළක වැටිලා. ඒ වළෙන් ගොඩ අරන් මේ රටේ ජනතාවත් සමග රට හදන්න ජාතික ජන බලවේගයට විතරයි වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ නිසා ඒ වටා එකතුවෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක මහතා,මේ රට අද පත්වෙලා තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න දන්දීලා බැහැ. එකට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩ පිළිවෙළ තියෙන්නේ ජනතා ජන බලවේගයට පමණයි. රට හදන්න හොඳ දැක්මක් අවශ්‍යයි.ජාතික ජන බලවේගය ගොඩනැගුවේ ජනාධිපතිවරණයෙන් අවසන් කරන්න නෙවෙයි. මේ රටට හොඳ දේශපාලන නායකත්වයන් අවශ්‍යයි. ඒ නායකත්වය ලබාදෙන්න අනුර සහෝදරයාට පුළුවන්. ඔහුට පාර්ලිමේන්තුව තුළ වසර විස්සක අත්දැකීම් තිබෙනවා. ඒ වසර විස්ස පුරා කවුරු විපක්ෂයේ හිටියත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළේ ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුයි. මහාචාර්ය චන්දන අබේරත්න මහතා,මෙහිදී අලුත් පියාපත් සංවිධානය වෙනුවෙන් නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මහත්මියත් මෙහිදි අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය ප්‍රභා මනුරත්න, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා, රංගන ශිල්පිනි දීපානි සිල්වා,  ජාතික ජනබලවේගයේ නියමුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 
’දේශපාලකයන්ට විතරක්ම රට පාලනය කරන්න ඉඩදෙන්න එපා’ දේශපාලකයන් හිරේ ගියාට කමක් නෑ: ඒත් රජයේ සේවකයන්ට එහෙම වෙන්න දෙන්න බෑ
0
hp_train_0200
වයඹ, උතුරු මැද, බස්නාහිර සහ දකුණු පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි හෙට: බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි  ඇතිවේ. සවස 04.00 න් පමණ පසු නැගෙනහිර, වයඹ, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 06/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණය උපරිමඅවමඋපරිමඅවම අනුරාධපුරය34249560සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි මඩකලපුව33269065සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි කොළඹ31269570උදය කාලයේද වැසි සහ  සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි ගාල්ල30269580උදය කාලයේද වැසි සහ  සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි යාපනය33268575සස්ථාන ස්වල්පයක වස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි මහනුවර31229565සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි නුවරඑළිය22139570සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි රත්නපුරය32249575සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි ත්‍රීකුණාමළය35259565සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි මන්නාරම32269580සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි   
‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘
1