id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_1001
ගනුදෙනුකරුවන් වෙත වඩාත් නව්‍යකරණ මූල්‍ය සේවාවක් ලබා දීමේ අරමුණ පෙරදැරි කරගනිමින් සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කිරීමට වැලිබල් ෆිනෑන්ස් පසුගියදා කටයුතු කළේය. ඒ බදුල්ල හා කඩුවෙල නව ශාඛා විවෘත කරමිනි. එම ශාඛා විවෘත කිරීමේ අවස්ථා වෙනුවෙන් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශාඛා කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවෝ එක්ව සිටියහ.   ශ්‍රී ලාංකීය ගනුදෙනුකරුවන්ගේ ගෞරවය හා විශ්වාසය හිමිකරගත් ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් ලෙස ස්ථාවර තැන්පතු, ලීසිං, ඔටෝ ඩ්‍රාෆ්ට්, රන් ණය, ක්ෂුද්‍ර මූල්‍ය සේවා ඇතුළු ඉහළ ඉල්ලුමක් සහිත පුළුල් පරාසයක විහිදුණු මූල්‍ය සේවා රැසක් බදුල්ල හා කඩුවෙල ජනතාවට මෙම නවතම ශාඛා වෙතින් සලසා ගැනීමේ හැකියාව වැලිබල් ෆිනෑන්ස් ලබා ඇත.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වැලිබල් ෆිනෑන්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා මෙසේ පැවැසීය. “වඩාත් විශ්වාසවන්ත හා ශීඝ්‍රයෙන් වර්ධනය වන මූල්‍ය සමාගමක් ලෙස අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ නම්‍යශීලී මූල්‍ය සේවා සලසා ගැනීම සඳහා ගනුදෙනුකරුවන් වෙත නිරන්තර සහයෝගය ලබා දෙමින් අපගේ වෘත්තීයභාවය හා ආර්ථික තත්ත්වය හමුවේ ශක්තිමත්ව කටයුතු කිරීමේ හැකියාව මනාව ප්‍රදර්ශනය කර තිබෙනවා.පසුගිය කාලය පුරා පැවති අභියෝග රැසක් මධ්‍යයේ 2021/22 මූල්‍ය වර්ෂය සඳහා විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමත් වූයේ අදාළ කාල පරිච්ඡේදය තුළ සිය ශක්තිමත් බව හා ක්ෂේත්‍රය තුළ සිය පුරෝගාමීත්වය යළි යළිත් තහවුරු කරමිනි. එහිදී 2020/21 මූල්‍ය වර්ෂයේ අදාළ කාල පරිච්ඡේදය තුළ වාර්තා කළ රුපියල් බිලියන 2.3 හා සැසඳීමේදී  2021/22 වර්ෂය සඳහා සියයට 67.1 ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 4.7ක පෙර බදු ලාභයක් වාර්තා කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමත් විය.  එසේම පැවති ආර්ථික අභියෝග හමුවේ වුවද සිය අක්‍රිය ණය අනුපාතය (NPL) පෙර වසරේ වාර්තා වූ සියයට 4.48 සිට මේ වසරේදී සියයට 2.73ක් දක්වා ශක්තිමත්ව හා ස්ථාවරව පවත්වාගෙන යාමෙන් වැලිබල් ෆිනෑන්ස් සමාගම තමන් සතු  සුවිශේෂී මූල්‍ය කළමනාකරණ හා ස්ථාවරත්ව හැකියාව මනාව ප්‍රදර්ශනය කර ඇත.සාර්ථක වර්ධනය, ස්ථාවර බව, ලාභය මෙන්ම කාර්යක්ෂම හා ඵළදායී ප්‍රතිඵල වාර්තා කිරීමට සමත්වූ අප ආයතනය ශාඛා ව්‍යාප්තිය ඇතුළු ප්‍රධාන කාර්ය සාධන දර්ශක තුළින් විශිෂ්ට සේවාවක් ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස The Global Economics UK විසින් පිරිනමනු ලබන "Best Finance Company 2022 සම්මානය අඛණ්ඩව දෙවන වරටත් තමන් සතු කර ගැනීමට සමත් වූයේ සිය විශ්වසනීය හා පුරෝගාමී සේවාව තව දුරටත් සහතික කරමිනි.595
වැලිබල් ෆිනෑන්ස් අම්බලන්ගොඩට
0
hp_train_1002
(මනෝප‍්‍රිය ගුණසේකර)මහරගම ප‍්‍රදේශයේ වෙළඳසැළකට කඩාපැන ගිනි අවි එල්ල කර එහි තිබූ රුපියල් ලක්‍ෂ 1 1/2කට ආසන්න මුදල් හා රන් ආභරණ කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වූ කොල්ලකරුවන් දෙදෙනකුට වසර 27 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා රුපියල් 90,000/- බැගින් දඩ මුදල් ද නියම කළේය.කොල්ලකරුවන්ගේ ක‍්‍රියා හේතුවෙන් සමාජය භීතියට පත් වන බවත් මෙම විත්තිකරුවන් මීට පෙර අවස්ථාවලදී කොල්ලකෑම් සිදුකිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වී ඇතැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළේය.විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළේය.චෝදනාවට වරදකරුවීමෙන් මෙලෙස දඬුවම් නියම වුයේ ජගත් සුරංග පෙරේරා සහ නිශාන්ත පෙරේරා නමැති විත්තිකරුවන්ටය.2007 දෙසැම්බර් 4 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මහරගමදී වෙළඳසැළකට කඩාවැදී ගිනි අවි පෙන්වා රුපියල් 148,000ක්  හා රන් අබරණ කොල්ල කෑ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් වෙන වෙනම නඩු පවරා තිබිණි.මේ සම්බන්දයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන් විසින් මහරගම ප‍්‍රදේශයේ වෙළඳසැළකට කඩාවැදී හිමිකරුට ගිනි අවි පෙන්වා එහි තිබූ රුපියල් 35,000 ක් හා රුපියල් 1,13,000 ක් වටිනා රන් අබරණ කොල්ල කෑ බවට සාක්කි අනාවරණය විය.නඩු විභාගය අවසානයේ දී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් කළේය.
කසළ තේ අලෙවි කළ අයෙක් අත්අඩංගුවට
0
hp_train_1003
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත්  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සුළු වශයෙන් වර්ෂාව ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/06/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36278045ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ30279075වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල29269585වැසි ස්වල්පයක්යාපනය31277565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28228575වැසි ස්වල්පයක්නුවරඑළිය18149580වැසි  ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය31249575වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය34267560ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31278575ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘පළාත් කීපයකට සුළු වැසි‘
0
hp_train_1004
(නිමල කොඩිතුවක්කු) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල ප‍්‍රධාන ආසන සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රී එම්. එම් අම්ජාන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්විය. කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් අද(16) ඒ මහතා  පිළිගනු ලැබීය. මෙම අවස්ථාව ස`දහා හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර්, එක්සත් ජාතික පක්ෂයේ බේරුවල ආසන සංවිධායක ඉෆ්තිකාර් ජෙමීල් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මෙසේ කීය. “අපේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධයෙන් වෛද්‍ය සහතිකයක්  ඉදිරිපත් කළ යුතුයි යනුවෙන් උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළා.  ඒ යෝජනාව ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බොහෝ රටවල එවැනි ප‍්‍රවණතාවයක් තියෙනවා. එවැනි නීතියක්  මෙරට මැතිවරණ නීතියට එකතු කරන්න කියලා අපි යෝජනා කරන්න කැමතියි. සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක්  අවශ්‍යනම් එය ඉදිරිපත් කරන්න අපි ලෑස්තියි. ඒත් එක්කම උදය ගම්මන්පිල මහතා  යෝජනා කරන ඒ වෛද්‍ය පරීක්ෂණය  ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සෑම අපේක්ෂකයෙකුටම කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. රටේ අනාගතය බාරගන්න ඉන්න නායකයන් හොඳ සෞඛ්‍ය මට්ටමකින් සහ සිහි කල්පනාවකින් සිටිය යුතුයි. සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් දිනෙන් දින අපිත් එක්ක විශාල පිරිසක් එක්ව සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උතුරු නැගෙනහිර පළාත් කණ්ඩායම් අද සෘජුවම අපිට සහයෝගය ලබා දෙන්න ඉදිරිපත් ව සිටිනවා” යැයිද ඔහු එහිදි පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල ප‍්‍රධාන ආසන සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රී එම්. එම් අම්ජාන් මහතා මෙසේ කීය.“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි මම මගේ දෙශපාලනය ආරම්භ කළේ. අද මම ආසන සංවිධායකවරයෙක්, පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන්නේ මේ පක්ෂයෙන්. අපි මේ පක්ෂයට ආදරෙයි.  මේ රටේ ආණ්ඩු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කොමා රෝගියෙක් බවට රාජපක්ෂවරුන් පත් කරලා තියෙනවා. මේ පක්ෂය ගොඩ ගැනීමට අපි රාජපක්ෂවරුන් පරාජය කළ යුතුයි. අපේ පක්ෂය විනාශ කළේ පොහොට්ටුවයි.  මවු පක්ෂය විනාශ කරපු මේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලාංඡනය පොහොට්ටුව වෙනුවට කෙසෙල් මුව බවට පත්විය යුතුයි.  තමන් හදා වඩාගෙන මව මරන් උපන් කුමාරයා තමයි කෙසෙල් මුව. ඒනිසා පොහොට්ටුව ලාංඡනය වෙනස් විය යුතුයි. පොහොට්ටුව ජයග‍්‍රහණය කරවීමට අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන නැහැ. මෙය පක්ෂයේ දෙතුන් දෙනෙකුගේ උවමනාවව මත සිදුවූ දෙයක් බවත් කිව යුතුයි. සජිත් පේ‍්‍රමදාස මහතා කියන්නේ කොළඹ ඉඳන් ගිරුවාපත්තුවට  ගිය ජන නායකයෙක්. ගෝඨාභය රාජපක්ෂ ගිරුවාපත්තුවෙන් අමෙරිකාවට ගිය අයෙක්. රට වෙනුවෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කරන්න කියලා අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. බේරුවල ප‍්‍රදේශීය  සභාවේ සහ නගර සභාවේ  අපේක්ෂකයන් 45 දෙනාගෙන් අපේක්ෂකයන් 30 දෙනෙක්ම මේ වනවිට සජිත් පේ‍්‍රමදාස මහතා දිනවන්න සූදානම් වෙලා සිටිනවා. අපි එක්සත් ජාතික පක්ෂයට බැදෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කරවීමට අපි කටයුතු කරනවා” යැයිද ඔහු එහිදී පැවැසීය. (ඡායාරූප : ශාන්ත රත්නායක)
කොබෙයියන් සමඟ සටනට වටු කුරුල්ලන් නොව රාජාලියකු දැමිය යුතුයි
0
hp_train_1005
(සිතුම් චතුරංග) නීතිවිරෝධීව ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද වියළි කහ කිලෝ 952 ක් සමඟ පුද්ගලයකු අද(28) මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව මන්නාරම පොලිසිය කියයි. නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය සඳහා සූදානම්කර තිබූ වියළි කහ තොගය අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙම කහ තොගය ධීවර බෝට්ටු ඔස්සේ මෙරටට රැගෙනවිත් ඇති බවද පොලිසිය සඳහන් කළේය. ජලය කාන්දු නොවන ලෙස සකස්කරන ලද ඇසුරුම් 27 ක් තුළ මෙම කහ තොගය අසුරා තිබූ බවද පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 ධීවරයෙකි. සැකකරු හා කහ තොගය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වියලි කහ සමඟ අයෙක් මන්නාරමෙන් අල්ලයි
0
hp_train_1006
(අනීෂා මානගේ)දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පනස් එක් වැනි ගුණසමරු උත්සවය අද (06) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේදී පැවැත්විණි.තංගල්ල මහවෙල මාර්ගයේ ඉදිකර ඇති ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුව අසළදී මෙම උත්සවය පැවැත්වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය , හිටපු කථානායක චමල් රාජපක්ෂ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමේධා ජී ජයසේන, ගාමිණි ලොකුගේ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජී.එල්.පීරිස් මහතා ඇතුලු මන්ත්‍රීවරුන් රැසක් හා ප්‍රදේශවාසීහු මෙන්ම පාසල් දරු දැරියෝ ද සහභාගී වූහ.(ඡායාරූප - අනීෂා මානගේ )(ඡායාරූප -සනත් ගමගේ)
ඩී.ඒ රාජපක්ෂ 51 වැනි ගුණ සමරුව
1
hp_train_1007
‘‘රණවිරුවන් ගැන කිඹුල් කඳුළු හෙළමින් සමහරුන් රජ පුටුවට යන්න සිහින මවනවා යැයි නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අනුරාධපුරයේදී පැවසීය.අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත, කුඩාවැව ඉදි වු ‘‘ශ්‍රී විභූතිගම’’ උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එසේ ප‍්‍රකාශ කළේය.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය.‘‘යහපාලන රජය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ආරම්භ කළ යළි පිබිදුනු උදා ගම්මාන’’ වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පත්වන 37 වැනි උදා ගම්මානය අනුරාධපුර, නැගෙනහිර නුවරගම් පළාතේ, කුඩාවැව ඉදි වූ ‘ශ‍්‍රී විභූතිගම’ ආදර්ශ ගම්මානයයි.  මෙම ගම්මානය නිවාස 29 කින් සමන්විත මධ්‍යම පාන්තික රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියකි. මේ මොහොත වනවිට දිවයිනේ උදා ගම්මාන 441 ක් ඉදිවනවා.  මේවායේ වැඩ ආරම්භ කරනු ලැබුවේ පසුගිය මහ මැතිවරණයෙන් පසුවයි. මේ වසර අවසන් වීමට පෙර උදා ගම්මාන 500 ක් ඉදි කිරීමටයි බලාපොරොත්තු වන්නේ.තව වසර තුනකින් ආණ්ඩුවේ ආයූ කාලය අවසන් වී නැවත මහ මැතිවරණයට, ජනාධිපතිවරණයට මුහුණ දෙන්න අප කටයුතු කරන්නේ තවත් උදා ගම්මාන 2,000 ක් ඉදිකරමිනුයි. මේ ආණ්ඩුවෙන් වැඩක් වන්නේ නැහැ, ආණ්ඩුවේ ඉන්නේ වැඩ බැරි කණ්ඩායමක්යි අද සමහරුන් පවසනවා. එසේ පවසන මහතැන ප‍්‍රමුඛ ප‍්‍රබලයින්ට රටේ ඉදිවන උදා ගම්මාන 441 නැරඹීමට මා සමඟ පැමිණෙන්නැයි ආරාධනා කළා. බොරුවට කෑ ගහන පිරිසට කොන්දක් තිබෙනවා නම් යහපාලන රජයේ ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් වෙන දැවැන්ත නිවාස ව්‍යාපෘති නැරඹීමට එන්නැයි මා ඔවුන්ට නැවත අභියෝග කරනවා.මේ අභියෝගය කරන්නේ 150 වැනි වතාවටයි. නමුත් කිසිවකු අභියෝගය භාර ගන්නේ නැහැ. ඔවුන් අභියෝගය භාර නොගෙන පුවත්පත් රැස්වීම් හරහාත් රජය කිසිදු වැඩක් නොකරන බව කියනවා. ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් ජනතාව වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් අද ඉටු කරනවා.කෑ කෝ ගහන පිරිස් කියා සිටින්නේ ඔවුන්ගේ කාලයේ දැවැන්ත වැඩ කොටසක් වුණා කියායි. ඒ කාලයේ දැවැන්ත වැඩ කොටසක් වූවා නම් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජීවත් වෙන පවුල් 281,000 න් පවුල් 168,000  කට නිවාස ගැටලූ_ පවතින්නේ කෙසේද? එහි අරුත නම් දිස්ත‍්‍රික්කයේ 59% කට නිවාස ගැටලූ_ පවතින බවයි.පසුගිය කාලයේ සංවර්ධනයක් වූවා කියා ඒ පිරිස පවසන්නේ කෙසේද? ජනතාවට සේවාවක් වනවා නම් වන්නේ අපේ රජයේ දැවැන්ත නිවාස සංවර්ධන හරහායි. අපගේ එකම ඉලක්කය 2025 දී සැමට සෙවණ දීමයි.මේ ගම්මානයේ සෑම පවුලකටම පර්චස් 15 ක ඉඩම් කොටසක් දෙනවා. මේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු දෙනවා. ඒ සඳහා කිසිදු මුදලක් අය කර ගන්නේ නැහැ. අද නිවාස ඉදිකළ ඉඩම් කොටස අවම වශයෙන් රුපියල් 750,000 ක් පමණ වටිනවා. නිවාස සංවර්ධන අධිකාරියේ ගණනයට අනුව ඉදිවූ සෑම නිවසකම වටිනාකම රුපියල් ලක්ෂ 14 ක් පමණ වනවා. මේ නිවසක වාණිජ වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් පමණ වනවා.යහපාලන රජයේ උදා ගම්මාන වැඩසටහනින් ජනතාව ලක්ෂපතියන් - කෝටිපතියන් බවට පත් වන්නේ නැද්ද? ලක්ෂපතියන් - කෝටිපතියන් බවට පත් වන්නේ පසුගිය කාලයේ මෙන් පාලකයින්ගේ පවුල් සංස්ථාවද? නැතිනම් ප‍්‍රදේශයේ ඉඩමක් නැති නිවසක් නැති අහිංසක අසරණ ජනතාවද? අප සෑම පවුලකමට දෙන්නේ ප‍්‍රාග්ධන ශක්තිය පමණයි. ප‍්‍රාග්ධන ශක්තිය මාසිකව දෙන සහන දීමනාවක් නොවෙයි. එය ඔබටම දෙන ඉඩම් හා නිවාස සම්පතයි.තමන්ට කියා ඉඩමක්, නිවසක් නැති කමින් ජන ජිවිතයේදී ඔබට දුකක් දැනෙන්න ඇති. ඉඩමක් නිවසක් නැති  අනු පවුල් වලට නිවාස තනා ගැනීමට උදව් කරනවා. ඒ නිවාස ගම්මාන වල ස්ථාපිත කර නව ගම්මාන ගොඩ නඟනවා.රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ සංකල්පය හා චින්තනයට අනුව ගම හදා රට හදන වැඩසටහන ඉදිරියටම ගෙන යනවා. යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ රටේ පුරවැසියන්ට දැවැන්ත ශක්තිය ලැබෙනවා.ඉඩමක් නැති පවුල්වලට අද රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ඉඩම් දෙනවා. නිවාස අධිකාරියෙන් සහන පොලී ණය මුදල දී ඒ ජනතාවට නිවාස ශක්තිය දෙනවා. දැන් පවතින්නේ නිවාස සංවර්ධන ක්ෂේත‍්‍රයේ ස්වර්ණමය යුගයයි. පසුගිය රජය කාලයේදී නිවාස ඉදිකිරීමේ වැඩසටහනට ලැබුණේ තුන් වැනි පංතියේ තැනයි. නිවාස අමාත්‍යාංශයට අවශ්‍ය ප‍්‍රතිපාදන දුන්නේ නැහැ. අද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය රාජ්‍ය අරමුදල් හා පෞද්ගලික දානපති අරමුදල් වලින් නිවාස ඉදිකරනවා. මාගේ මාසික වැටුප් සහ දීමනා  ජනතාවට නිවාස තැනීම සඳහා සෙවණ අරමුදලේ තැන්පත් කරනවා. පසුගිය කාලයේදී එවැනි දේ වූයේ නැහැ. මා මේ දේ සංසන්ධනාත්මකව පෙන්වා දෙන්නේ අතීතය සහ වර්තාමානය කුමක්ද කියා ජනතාවට මතක් කර දීමටයි. අතීතය වර්තමානය ගැන සිතා අනාගතය ගැන සුබවාදීව සිතන්න.ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කිසි දිනක උදා ගම්මාන වැඩසටහනට සීමා බන්ධන පනවා නැහැ. රට වටේම උදා ගම්මාන ඉදිකරන ලෙසටයි, එතුමන්ලා මට උපදෙස් දුන්නේ. ඒ නියෝගයි අද මා මේ ක‍්‍රියාත්මක කරන්නේ. මේ වැඩසටහන සමඟ ග‍්‍රාමීය ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එකතු වී තිබෙනවා.මේ හරහා ගමේ කම්කරුවාට, පෙදරේරුවාට, වඩු කාර්මිකයාට රැකියා ලැබෙනවා. රට පුරාම උදා ගම්මාන ඉදිවන විට අපට අසන්න ලැබෙන්නේ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ යුග පෙරළිය ක‍්‍රියාත්මක වන බවයි. අද ඔවුන්ගේ වෘත්තීය දක්ෂතාවට වේතනය ගන්න හැකියාවක් ලැබී තිබෙනවා.රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා රජරට පුරවරයට ආදරය කළා. සංවර්ධන ව්‍යාපෘතිවලදී බෙදන්න පුළුවන් ලොකුම හැන්දෙන් රජරට පුරවරයට බෙදුවා. ඒ කාලයේදී මේ ප‍්‍රදේශයේ බල සම්පන්න, ශක්ති සම්පන්න නායකයන් රැසක් සිටියා.1977 පෙරළියක් සමඟ ඔබට ශක්තිය ලබා දෙන්න චන්ද්‍ර බණ්ඩාර, ඒ.එම්.එස්. අධිකාරී, මහින්දසෝම, යසපාල හේරත්, ඊ.එල්.බී හුරුල්ල, මැදවච්චියේ ආරියදාස, දයා වලගම්බාහු වැනි දැවැන්ත චරිත හිටියා. ඒ සියලූ දෙනා ගමෙන් බිහිවූ නායකයන් වූවා. ඔවුන් ආදර්ශවත් ලෙස රටේ සංවර්ධනයට ශක්තිය දුන්නා. ඒ කාලයේදී කුඩා දරුවකු ලෙස මා ඔවුන්ගේ දස්කම් විස්කම් ඇස් දෙකෙන් දුටුවා. මේ අවස්ථාවේදී ඒ අතීත නායකයින් වෙත මාගේ උපහාරය පුද කරනවා.ජානක පෙරේරා මැතිතුමා උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී අපගේ පක්ෂය, රට ජාතිය වෙනුවෙන් කැපවීම් කළා. පසුගිය දිනක එතුමා සිහිවීම පිණිස මගේ දිස්ත‍්‍රික්කයේ උදා ගම්මානයක වැඩ ආරම්භ කළා. ජානක පෙරේරා මැතිතුමා ඇතුළු රටේ විරෝධාර රණවිරුවන් කිසි දිනක අමතක කරන්නේ නැහැ.‘‘රණවිරුවා අනතුරේ, රණවිරුවාට සහන නැහැ’’ යැයි පිරිසක් කෑ කෝ ගහනවා. අද රණවිරුවා ගැන කතා කරන පිරිසට ඔවුන්ගේ පාලන කාලයේදී සිවිල් ආරක්ෂක ක්ෂේත‍්‍රයේ 40,000 කගේ  රැකියා ස්ථිර කරන්නවත් බැරිවුණා. ඔවුන්ගේ රැකියා ස්ථිර කරනු ලැබුවේ යහපාලන රජයයි. රණවිරුවා සුරකිනවා කියා පවසන අයට සිවිල් ආරක්ෂක ක්ෂේත‍්‍රය. අමතක වුණා. සිවිල් ආරක්ෂක නිලධාරින් යුද සමයේදී කොටිකටේ ගම්මාන රැක ගත්තා. ඔවුන් කොටිකටේ ගම්මාන රැක ගෙන කමාන්ඩෝ භටයන්, ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය රණ බිමට යැවීමට අවස්ථාව උදා කර දුන්නා.සමහර පාලකයන් අද රණවිරුවාගේ දුක කියමින් අරලියගහ මැදුර, ජනාධිපති මැදුර වෙත යෑමට සිහින මවනවා. ඔවුන් අද උත්සාහ කරන්නේ රණවිරුවාගේ කර පිටින් නැවත රජ පුටුවට යන්නයි. රණවිරුවන් ගැන කතා කිරීමට ඔවුන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.සිවිල් ආරක්ෂක ක්ෂේත‍්‍රයේ නිලධාරින්ට පසුගිය කාලයේ ගෙව්වේ දවස් පඩියයි. හැම තැනින්ම වේතන හා පහසුකම් කපා හැරියා. මා සිවිල් ආරක්ෂක ක්ෂේත‍්‍රයේ අයිතීන් ගැන කතා කළා. ඔවුන්ට මසකට ලැබුණේ රුපියල් 18,000 ක, රුපියල් 20,000 ක පමණ මුදලයි. නමුත් අද ඔවුන්ගේ රැකියාව ස්ථිරයි. විශ‍්‍රාම වැටුප් වරප‍්‍රසාද අද ඔවුනට ලැබෙනවා.ආණ්ඩුවේ යහපාලන ක‍්‍රියාදාමය අඩපණ කිරීමට ඇතැම් කුහක පුද්ගලයන් ඉතා නින්දනීය ආකාරයෙන් හැසිරෙනවා. ඔවුන්ගේ පටු අරමුණු දැනටමත් ජනතාව අවබෝධ කරගෙන අවසානයි. ජනතාව කුපිත කරන්න ඔවුන් ගන්නා උත්සහාය අසාර්ථකයි. අර්ථවත් සේවාව ඉටු කරන වත්මන් රජයේ ක‍්‍රියාකාරකම් දෙස ජනතාව අවබෝධයෙන් යුතුව බලා සිටිනවා.
දුප්පත් පන්තියේ පවුල්වලට දැවැන්ත සංවර්ධනයක අරුණලු අත ළඟයි
0
hp_train_1008
දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අාපන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතාඅද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්.  බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි.ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා.  දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා.බිමල් රත්නායක  මහතාජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා.හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා.  විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ. ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා.  සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා.   අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා.   මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්.  ජෝන් අමරතුංග  මහතා ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්‍රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන  තිබෙන්නේ.මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා.  අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්‍රය විනාශ වෙමින් තිබෙනවා.  අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.සභාව - එකඟයි කතානායක - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය.  සභාව එකඟද?ඩී එම් ස්වාමිනාදන්  මහතා පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්‍රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  එඩ්වඩ් ගුණසේකර  මහතාඅපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි.  එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා. අඩෙයිකලනාදන්  මහතාඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්.  මුජිබර් රහුමාන්  මහතා කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.    ගයන්ත කරුණාතිලක  මහතා- මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා.   කතානායක - මම ඒ ගැන සොයා බලන්නම්.ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න.චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.ජේ සී අලවතුවල මහතාඅදට මාසයක් මේ රට අරාජිත වෙලා.  පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම  සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා.ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා.  ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා.  හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.අජිත් මාන්නපෙරුම  මහතාඅපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ  උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා.  අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මයන්ත දිසානායක මහතාඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා.  හර්ෂ ද සිල්වා මහතාබොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න.  රිෂාඩ් බදුයුදීන්  මහතාඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා.මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා.කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්.මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුලුවන් කියලා.මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ.  මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා. අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ  පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්නපුලුවන්. කතානායක - මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්.හේෂා විතාන‍ගේ මහතාඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න. චමින්ද විජේසිරි මහතාපහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා  ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න. කතානායක - මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.නවීන් දිසානායක  මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා.  පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන.  යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්.  ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා.    එරාන් වික්‍රමරත්න මහතා රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා.  බන්දුලාල් බණ්ඩාරිගොඩ  මහතාආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා.  කතානායක - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ.  රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න. අජිත් පී පෙරේරා මහතා නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්.  අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න.කතානායක කරු ජයසූරිය මහතා යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න.මරික්කාර්  මහතා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා.කරුණාරත්න පරණවිතාන මහතා මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.  විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ.නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා.රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා  මහතා පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ.ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න. කතානායක - දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා.ගාමිණී ජයවික්‍රම පෙරේරා   මහතා ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා.  මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි.  හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා.   මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘතිලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.   රවුෆ් හකීම්  මහතා -සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්.  අජිත් මාන්නප්පෙරුම  මහතා අද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා.  කතානායකවරයා ලෙස ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා.  මරික්කාර්  මහතා පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා(ලිපිය කියවයි)මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද?  රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න.කතානායක - මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්. මංගල සමරවීර  මහතා නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය  ගැටලු වලට  මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත්කරන්න කියලා.ජෝන් අමරතුංග මහතාමේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම.කතානායක - මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්.   වඩිවෙල් සුරේෂ්  මහතාඅපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා. කාවින්ද ජයවර්ධන - දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා. කතානායක - ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා.නලීන් බණ්ඩාර මහතා  - පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවාමන්ත්‍රීවරු - ආණ්ඩුවක් නෑලක්ෂ්මන් කිරිඇල්ල  මහතා  - යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ. ආශු මාරසිංහ මහතා රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්කතානායක කරු ජයසූරිය මහතා - ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා.    කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය.  (තරිඳු ජයවර්ධන) රටේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු කල් තැබූ පාර්ලිමේන්තුව අද (27) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය. අද දිනයේ ද විශේෂ කරුණු ඇතුළත් කරමින් න්‍යාය පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර අද දිනයේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 යටතේ සිදු කෙරන බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයා පක්ෂ නායකයන් හමුවනු ඇතැයි ද දැනගන්නට ඇත. ස්ථාවර නියෝග අංක 22හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අනුපිළිවෙළ පහත දැක්වේ.   ( ඡායාරූප ලහිරු හර්ෂණ)    
දැන් තියෙන්නෙ යූ.ඇන්.පී. ආණ්ඩුවක්
0
hp_train_1009
ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වලට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන මිලිමිටර්75 ට වැඩි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ගිනිකොණ වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද  වැසි ඇති වේ.  ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/04/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය36269050සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි ඇති විය හැක.මඩකලපුව33279060උදෑසන කාලයේ වැසි ස්වල්පයක්  සහ  සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි ඇති විය හැක.කොළඹ33269075සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල34269075සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.යාපනය35287560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි ඇති විය හැක.මහනුවර31229570සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය23129570සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය33249570සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය34269065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමන්නාරම33279070සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි ඇති විය හැක.
‘රට පුරාම තද වැසි‘
0
hp_train_1010
 (නිමල කොඩිතුවක්කු)ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර  ජනතාවාදී පාලනයක් ගෙන යන බවට පම්පෝරි ගසා බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට නිදහසට පයින් ගසා ජනතාවගේ බදු මුදල් සමග ක්‍රීඩා කිරීම ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  ජේ. සී අලවතුවල මහතා කොළඹදී අද(15) පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ නිදහස, පාර්ලිමේන්තුව පැත්තකට දමා ඒකාධිපති, මිලිටරි  පාලනයකට රට ගෙන යාමට වත්මන්  පාලකයන් උත්සාහ කරමින් සිටින බවද  අලවතුවල මහතා සඳහන් කළේය. කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජේ. සී අලවතුවල මහතා මෙසේද කීය.     “ මේ රටේ වංචාව දූෂණය විනිවිදභාවයෙන් යුතුව රාජ්‍යකරණය කළ යුතුයි කියලා වර්තමාන රජය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවති ජනාධිපතිවරණයට පෙරත් පාර්ලිමේන්තු මැතිවරණයට පෙරත් ජනතාවට ප්‍රකාශ කළා. විසි වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය විගණන කටයුතු වලින් ඉවත් කිරීමට මේ රජය දැන් කටයුතු කරලා තියෙනවා. දූෂණය නාස්තිය අවම කරන්න  කතා කරපු මේ  රජය කටයුතු කරන ආකාරය දිහා බලපුවාම අපිට පුදුම හිතෙනවා. රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන විගණනයට ලක් වනවා නම් ජනාධිපති කාර්යාලයත් අගමැති කාර්යාලයත් විගණනයෙන්  ඉවත් කිරීමේ අරමුණ මොකක්ද කියලා අපි අගමැතිතුමාගෙන් සහ ජනාධිපති තුමාගෙන් අහන්න කැමතියි. මේ ව්‍යවස්ථා කෙටුම්පත හදපු කෙනෙක් අද නැහැ. මාධ්‍යයෙන් මේ ගැන විමසුවාම හැමෝම ඇඟ බේරගන්න කටයුතු කරනවා. රටේ අගමැති දන්නෙත් නැහැ අධිකරණ ඇමති දන්නෙත් නැහැ මේ කෙටුම්පත හැදුවේ කවුද කියලා.  කවුරුත් මේකෙ වගකීම බාරගන්න ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් ඇයි මේ වගේ ව්‍යවස්ථා කෙටුම්පතක් රටට ඉදිරිපත් කරන්නේ කියලා අපි අහනවා. මේ ආණ්ඩුව අද රට විහිළුවට පත් කරමින් යනවා. ජේ ආර් ගේ ව්‍යවස්ථාවටත් එහා ගෙන යමින් විසි වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපති වියුරැවකට රට ගෙන යනවා. ප්‍රජාතන්ත්‍රවාදය,ජනතාවගේ නිදහස, පාර්ලිමේන්තුව පැත්තකට දාලා ඒකාධිපති, මිලිටරි  පාලනයකට රට ගෙන යාමට තමයි මේ අය අද උත්සාහ කරමින් ඉන්නේ. අපේ ආණ්ඩු සමයේ සමයේ දී කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන සුනිල් හඳුන්නෙත්ති මහතාට ලබා දුන්නා. ඒ මගින් අපේ රජයේ දූෂණ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවුණා. මේ ආණ්ඩුව පත් වෙලා කෝප් කෝපා  කමිටු වලට තමන්ගේ මන්ත්‍රීවරුන් පත් කරගෙන තියෙනවා. තමන්ගේ හොරකම් දූෂණ වංචා වසන් කර ගැනීමට අද ඔවුන් මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. එවැනි පාලන ක්‍රමයක් ගෙන යන්න ද ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ කියලා අපි මේ රජයෙන් අහනවා. විගණන කොමිසම ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරමින් මේ ආණ්ඩුව විගණනයට තිත තියලා තියෙනවා. ආණ්ඩුව මේ හදන්නේ ජනතාවගේ බදු මුදල් එක්ක සෙල්ලම් කරන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කෙරෙන 19 ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය තැනකට රට ගෙන යන්න ඕන කියන ස්ථාවරයේ අද සමගි ජනබලවේගය ඉන්නවා. රට විනාශය කරා ගෙන යන මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පරාජය කරන්නට අපි කටයුතු කරනවා. අද රටේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයකට පත්වෙලා තියෙනවා. ජනතාවගේ ආර්ථිකය කඩාවැටිල, ජීවන වියදම ඉහල ගිහින්. මේ සම්බන්ධයෙන් රජයේ කිසිම අවධානයක් යොමු කරලා නැහැ. ඖෂධ මිල විශාල ප්‍රමාණයකින් ඉහළ ගිහින්. තමන්ගේ බලය තහවුරු කර ගන්නවා වෙනුවට ජනතාවගේ මේ ප්‍රශ්න විසඳන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ජනතාවගේ බදු මුදල් සමග ක්‍රීඩාව පටන් අරන්
1
hp_train_1011
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රවේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට  දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ. 
බස්නාහිරට, සබරගමුවට වැස්ස
0
hp_train_1012
(නාලක සංජීව දහනායක) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ හා නොකළ සියලුම දෙනාට ඔහුගේ වැඩපිළිවෙළ සමග එකතුවී වැඩ කළ හැකි බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (20) පැවැසීය.ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුව ක්‍රියාකිරීමෙන් රටට අලුත් පරිවර්තන යුගයක් උදා කළ හැකි යැයි ද ඔහු කීය.බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.මන්ත්‍රීවරයා මෙසේ ද පැවැසීය.ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉතාම ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක් රටට හඳුන්වා දුන්නා. අනාගතය බාර ගැනීමට සිටින රාජ්‍ය නායකයා වශයෙන් ඔහු පුද්ගල විවේචන නොකර, පරිසර හිතකාමීව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම මැතිවරණ කොමිසමටත් ඉතාම පහසුවක් වුණා. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සමඟ ඡන්දය දුන් හා නොදුන් සියලුම දෙනාට එකතුවී වැඩ කළ හැකියි.   එමෙන්ම මෙම ජනවරමට හිස නමමින් අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ඉවත්වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. අගමැතිවරයා ඉවත්වීමත් සමගම මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති තනතුරට පත්කර අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනවා. නව ජනාධිපතිවරයාට රට තුළ අලුත් පරිවර්තනයක් සිදුකිරීමට ඉඩදෙන ලෙස අපි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා.මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවැසීය.ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ දී අපට එරෙහිව මඩ ප්‍රහාර, අවලාද, චරිත ඝාතන කිරීම් සිදු වුණා. අප මේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙය වූයේ බාධාවන් රාශියක් මැදයි. ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාවන් පවා පාවිච්චි කරන්න ආණ්ඩුව ක්‍රියා කළා. ජනතාව ඒ සියල්ලන්ටම උත්තර දුන්නේ ඒ මඩ ප්‍රහාර හා අවලාද එල්ල කළ දේශපාලන චරිත සියල්ලම දේශපාලන භූමියෙන් අතුගා දමන්නට ක්‍රියාකිරීමෙනුයි. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ මිලියන හතක ජනතාව පූජනීයයජනාධිපතිවරණයට නායකත්වය දුන්නේ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතායි. ඔහුගේ මගපෙන්වීම අප අගය කරනවා. එමෙන්ම ඉතිහාසයේ ශක්තිමත්ම මැතිවරණ ව්‍යාපාර යාන්ත්‍රණය නිර්මාණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාත් අප අගය කරනවා.  මෙම මැතිවරණයේ දී මැතිවරණ කොමිසම හා මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන කළ කාර්යභාරයත් අපගේ ඇගයීමට ලක් වෙනවා. ඉතිහාසයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම මැතිවරණය මෙයයි. මෙවැනි වෙනස්වීමක් සිදුවුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් හඳුන්වාදුන් නව මැතිවරණ ක්‍රමය නිසයි. පරාජිතයාට අපහාස නොකර මතවාදීව ඔහු ක්‍රියා කළා. මැතිවරණ ව්‍යාපාරය තුළ ජනාධිපතිවරයා කිසිම අවස්ථාවක දී රනිල්, සජිත්, එ.ජා.ප, ජ.වි.පෙ යන නම් ටිකවත් භාවිතා කළේ නැහැ. ලෝකයේ කිසිම රටක මෙවැනි පරමාදර්ශි මැතිවරණ ව්‍යාපාරයක් පවත්වා නැති බව අපි විශ්වාස කරනවා.ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාට වැඩිම ඡන්ද ප්‍රතිශතය සියයට 68.5ක් ලබාදුන්නේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවයි. මැතිවරණ කොට්ඨාස අතරින් සියයට 71.5 ප්‍රතිශතයක් ලැබුණේ කඹුරුපිටිය ආසනයෙනුයි. ඒනිසා මේ ජයග්‍රහණයෙ ගෞරවයෙන් විශේෂ තැනක් නිල්වලා නිම්නයේ ජනතාවට උරුම විය යුතුයි.ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ අපගේ ආධාරකරුවන් විසින් එක්සත් ජාතික පක්‍ෂයේ ආධාරකරුවන්ගේ නිවෙස්වලට රතිඤ්ඤා විසිකිරීම් වැනි පුංචි පුංචි සිදුවීම් කිහිපයක් සිදුවී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කැපවී සිටින්නේ නීතිගරුක රාජ්‍යයක් නිර්මාණය කිරීමටයි. ඒනිසා එවැනි සිදුවීම් සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. අපි ඉතිහාසය අලුතින් ලියමු. අනාගතයට අලුත් පරිච්ඡේද රාශියක් එකතු කරමු.මේ මැතිවරණ ව්‍යාපාරය තුළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හිටපු ජනාධිපතිවරුන්ට ලොකු අගෞරවයක් කළා. ඇය මේ මැතිවරණයේ දී විශ්‍රාමික ජනාධිපතිවරුන් සූරා ඉවත් කළ සංවර්ධන ලොතරැයියක් මට්ටමට පත්කළා. එය හොඳ කාර්යයක් නොවේ යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.සාමාන්‍යයෙන් මැතිවරණයක දී පාවිච්චි නොකරන අන්දමේ ආයුධ මේ මැතිවරණයේ දී ප්‍රතිවාදීන් අපිට එරෙහිව පාවිච්චි කළා. ව්‍යාජ වීඩියෝපට, කූඨ ලේඛන ඔවුන් පාවිච්චි කළා. ඒ සෑම කූඨ ලේඛනයක් සම්බන්ධයෙන්ම අපගේ රජය නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් දිවුරුම්දෙන විට මාර්ගය වසා දමනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩ බාරගන්න පැමිණ නිල රථයෙන් බැහැල කිව්වේ මාර්ගය වසන්න එපා කියලයි. එමෙන්ම එම ස්ථානයේ තිබූ ගිනිනිවන රථ ඉවත් කරන්නත් ඔහු කටයුතු කළා. තමන්ගේ ඡායාරූපය වෙනුවට රාජ්‍ය ආයතනවල රාජ්‍ය ලාංඡනය සවිකරන්නත්, ජනාධිපති ලේකම් කාර්යමණ්ඩල සංඛ්‍යාව 250 දක්වා අඩු කරන්නත් ක්‍රියා කරනවා. මේ රටට නව දේශපාලන පරිච්ඡේදයක් හඳුන්වා දෙන්න දැඩි උද්යෝගයෙන් යුතුව කටයුතු කරනවා. ඒ පරිවර්තනයන්ට ජනතාව වචනයකින් හෝ සහයෝගය පළකරමින් සිටිනවා.එමෙන්ම මෙම ආණ්ඩුව 2015 වසරට පෙර පැවැති අපගේ ආණ්ඩුවට නොයෙකුත් චෝදනා එල්ල කළා. අදටත් ඒ චෝදනා අධිකරණයක් හමුවේ ඔප්පු කරගන්න ඔවුන්ට බැරි වුණා. නීතිය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට චෝදනා එල්ල වුණා. ඒ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ රජයේ යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිෂන් සභා කිහිපයක් පත් කළා. ඒ අනුව සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම් යන ඇමතිවරුන්ට චෝදනා එල්ලවී තිබෙනවා. ඒ චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වනවා.එමෙන්ම රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයකු යටකර පළායාම සම්බන්ධයෙන් ඇමැතිවරයකුට චෝදනා එල්ලවුණා. එම අනතුර සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු සාක්‍ෂි දුන්නත් එල්ලවූ තර්ජන හමුවේ ඔවුන් විදේශගත වුණා. අනතුරටපත් තරුණයා සම්බන්ධයෙන් නැවත පරීක්‍ෂණයක් කරන ලෙසට මව්පියන් අපෙන් ඉල්ලා සිටිනවා. එම අනතුර සම්බන්ධයෙන් නැවත පරීක්‍ෂණයක් පැවැත්වීමටත්, බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.එමෙන්ම මෙම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටුව නම් කමිටුවක් තිබුණා. එම කමිටුවේ සියලුම සාමාජිකයන්ගේ වත්කම් අසීමාන්තිකව වර්ධනය වෙලා තියෙනවා. ඒ සම්බන්ධවත් අපි පරීක්‍ෂණයක් ආරම්භ කරනවා. අපි මේ පරීක්‍ෂණ පවත්වන්නේ මේ ආණ්ඩුවම පිහිටවූ එෆ්.සී.අයි.ඩී. ආයතනය ප්‍රතිසංවිධානය කරලයි. මේ ආණ්ඩුව ඒ ආයතනය හරහා නීතිය නැව්වා. අපි එහෙම ක්‍රියා කරන්නේ නැහැ.එමෙන්ම දේශපාලන රැකවරණය මත යුරෝපයේ ජීවත්වන මුස්ලිම් හා දෙමළ  ජනතාව අපේ රට සම්බන්ධයෙන් වැරදි මත ප්‍රචාරය කරනවා. ඔවුන්ට දේශපාලන රැකවරණය ලැබෙන්නේ අවුරුදු පහකටයි. ඒ කාලය දිගු කරගන්නයි ඔවුන් මෙලෙස ක්‍රියා කරන්නේ. එහිදී ඔවුන් ජාත්‍යන්තර මාධ්‍ය උපයෝගී කරගනිමින් මුදල් ගෙවා අපේ රට සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයන් කරනවා. මෙවැනි ව්‍යාජ මත ප්‍රචාරය නොකරන ලෙසට අපි බී.බී.සී. සේවය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යයන්ගෙන් ඉල්ලීමක් කරනවා.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙසේ පැවැසීය.  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි සියලුම දෙනා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන විට දී පක්‍ෂයේ අනුශාසිකාවක් වශයෙන් ක්‍රියා කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මහත්මිය එම තීරණයෙන් පිටගොස් ක්‍රියා කළා. අඩුම තරමින් ගම්පහ දිස්ත්‍රික්කයවත් ජයග්‍රහණය කරවන්න ඇයට බැරි වුණා.  ජනාධිපතිවරණයෙන් ඇය උදව් කළ පාර්ශ්වය පරාජය වුණා. දැන් ඇය වෙනත් රටකට යාවි. ඇය සමඟ සිටි පිරිස් අසරණ වෙනවා. අපි මේ බව මුල ඉඳලම ඔවුන්ට කිව්වා.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.ජනාධිපතිවරණයේ දී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුනොවූ බවට කෙරෙන ප්‍රකාශය වැරදියි. මේ ජනාධිපතිවරණයේ දී එ.ජා.ප.ය භෞතික ප්‍රචණ්ඩ ක්‍රියා වෙනුවට මානසික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුණා. බොරු නඩු 17ක් ගොනු කරලා ගෝඨාභය දූෂිතයකු කරන්න මුලින්ම උත්සාහ ගත්තා. එමෙන්ම ලංකාවේ පුරවැසියකු නොවේ, තවමත් ඇමරිකානු පුරවැසියෙක්, සුදු වෑන්වලින් තරුණයන් මිනී මෝරුන්ට කන්න දුන්නා, පාස්කු ප්‍රහාරය ගෝඨාගේ සැලැස්මක්, ගෝඨා රට පනින්න සූදානමක් තිබෙනවා ආදී වශයෙන් නොයෙකුත් බොරු කිව්වා. මේවා ඇත්තටම මානසික ප්‍රචණ්ඩ ක්‍රියා. එක්සත් ජාතික පක්‍ෂය මේ මැතිවරණය ජයගන්න උත්සාහ ගත්තේ එවැනි බොරු වැස්සකිනුයි.මීට පෙර ජනාධිපතිවරණවල දී මෙන්ම අන්තවාදීන් හා බෙදුම්වාදීන් රටට සතුරු කොන්දේසි දමමින් ජනාධිපති අපේක්‍ෂකයන් සමඟ කේවල් කළා. රට පාවා දී  ලැබෙන ජනාධිපතිකමට වඩා පරාජය උතුම් කියලා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ යෝජනා ප්‍රතික්‍ෂේප කළා. නමුත් ජනතාව ජනාධිපතිකම වෙනුවට මව්බිම තෝරාගත් ඒ උතුම් මිනිසා ජනාධිපති ධුරයට ඔසවා තැබුවා. දැන් උදාවී තිබෙන්නේ වලිගය විසින් සිංහයා නැටවූ යුගය වෙනුවට සිංහයා විසින් වලිගය නටවන යුගයක් යැයි ද ඔහු කීය.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්. වියාලේන්ද්‍රන් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.
’’ජනපති සමඟ රටට අලුත් පරිවර්තන යුගයක් බිහිවේවී’’
1
hp_train_1013
සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි 6  වැනිදා  උදෑසන 8 සිට සවස 2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් පරිශ්‍රයේදී පවත්වන බව රියාද් තානාපති කාර්යාලයේ නිලධාරි සිරිපාල ගම්ලත්ය් මහතා පවසයි රියාද් තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් මසක් පාසා ක්‍රියාත්මක කරන මෙම තානාපති ජංගම සේවාවෙන් ගමන් බලපත් වැඩ ,ලිපි ලේඛන සහතික කිරීම්,උප්පැන්න ලියාපදිංචි කිරීම් ඇතුළු අනෙකුත් කටයුතු මෙන්ම කම්කරු ගැටළු සොයා බැලීම සදහා නිලධාරින් කණ්ඩායමක් පැමිණීමට නියමිතය. වේලාසනින  පැමිණ ටෝකන් පතක් ලබා ගැනීමෙන් නිලධාරින්හට සහාය වන මෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති.පෝරම පිරවීම ඇතුළු අනිකුත් කටයුතු වලට සහාය වීම සදහා ස්වෙච්ඡා නිලධාරීන් පිරිසක් ඔබ සදහාම ඉදිරිපත්වී ඇති බව දන්වා සිටි. වැඩි විස්තර සුමිත් රෝහිත.0500998349 , පතිරාජ..0545214452  , දයා කහදවල   0507861163 
සෞදි නැගෙනහිර ජංගමේ සිකුරාදා
0
hp_train_1014
(තුසිත කුමාර ද සිල්වා)ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් පානීය නළ ජලය බෙදාහරින ප්‍රදේශ රැසකට හෙට (27) පෙරවරු 8.30 සිට රාත්‍රී 11.30 තෙක් ජල සැපයුම අත්හිටුවන බව කළුතර ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු එල්. ඩී සමරනායක මහතා අද (26)  පැවසීය.ජල පවිත්‍රාගාරය අවට විදුලිබල මණ්ඩලයේ හදිසි අලුත්වැඩියාවන් හා  නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි සඳහන් හෙතෙම සඳහන් කරයි.ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වනුයේ බෙන්තොට, අලුත්ගම, දර්ගානගරය, වරාපිටිය, මීරච්චිකන්ද, කළුවාමෝදර, මොරගල්ල, කන්දෙ විහාරය අවට, හෙට්ටිමුල්ල, බේරුවල, මග්ගොන, පයාගල උතුර හා දකුණ, ඈතගම, කටුකුරුන්ද, උතුරු කළුතර හා දකුණු කළුතර, දොඩංගොඩ, පිලමිනාවත්ත, නාගොඩ, වස්කඩුව, වාද්දුව  හා පානදුර යන ප්‍රදේශ වේ.මේ හේතුවෙන් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කර සිදු විය හැකි අපහසුතාවය වලක්වා ගන්නයි ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 
කළුතර ජල සැපයුම හෙට අත්හිටුවයි
0
hp_train_1015
(මනෝජ් හර්ෂික)මෙරට ප්‍රධාන ඇඟලුම් අපනයන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් සමාගම වසරේ අපනයනකරු ජනාධිපති සම්මානය නැවත වරක් හිමිකර ගෙන තිබේ.2018/2019 කාල සීමාව තුළ විශිෂ්ටතම අපනයනකරුවන් ඇගයීමට ලක්කළ මෙම සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානාත්වයෙන් පැවැත්විණි.බ්‍රැන්ඩික්ස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන රංගා මඩුගල මහත්මිය සහ ඩේව් රණසිංහ මහතා විසින් වසරේ අපනයනකරු ජනාධිපති සම්මානය පිළිගන්නා ලදී.(ඡායාරූප - ගයාන් අමරසේකර)  
වසරේ අපනයනකරු මාස් ඉන්ටිමේට්ස් පෞද්ගලික සමාගම
0
hp_train_1016
(මනෝප‍්‍රිය ගුණසේකර) වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූට ලෙස වෙනස් කර බලපත‍්‍ර නොමැති අලි ඇතුන් ලඟ තබාගත් බවට චෝදනා ලැබ සිටින අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව ලබන 28 වැනිදා කැඳවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද  (8) නියම කළේය.පැමිණිලි පාර්ශවය විසින් විත්ති පාර්ශවයට බාරදිය යුතු ලේඛන ආදිය නිසි අන්දමට බාරදී ඇද්ද යන්න දැනගැනීම සඳහා මෙම නඩුව කැඳවීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය එලෙස නියම කළේය.විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත‍්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතීපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා නීතීපතිවරයා මෙම නඩුව පවරන ලදී.2012 ජුනි මස 05 වැනිදාත් 2015 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ මහරගම, නාවල හා බත්තරමුල්ලේදී නීත්‍යාණුකූල බලපත‍්‍ර නොමැතිව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 24ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.වන සතත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ, දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ සහ  පොදු දේපළ පනත යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ. 
අලි රොෂාන් ඇතුළු 7 කගේ නඩුව 28 දා
1
hp_train_1017
(දියතලාව - ඩී.කේ.රත්න) වැල්ලවාය හම්බෙගමුව උණකන්ද ප්‍රදේශයේ හේන්යායක ගංජා පාර්සල් කරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු ගංජා කිලෝ ග්‍රෑම් 206 ක් සමග අද (27) පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ (නාකොටික්) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පැවසීය.ඇඹිලිපිටිය මිද්දෙනිය පදිංචි වයස අවුරුදු 36 , 37 , 32 වන තිදෙනෙකු සහ වැල්ලවාය කුඩාඔය පදංචි වයස අවුරුදු 50ක පුද්ගලයෙකු මෙම ගංජා තොගයත් සමග අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයේ (නාකොටික් ) නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හම්බෙගමුව පොලිසියට බාරදී තිබේ.හබ්බෙගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි හම්බෙගමුව පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
ව්‍යාජ නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
0
hp_train_1018
නිශාන්ත කුමාර රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ලේඛනය   වැඩි ඡන්ද 10 කින් සම්මත විය. රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ලේඛනය එහි  සභාපති නිශාන්ත ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අයවැය ලේඛනයට පක්ෂව   ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 12 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු දෙදෙනා විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පස්දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
කන්දකැටිය ප්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 5 කින් පරාජය වෙයි
0
hp_train_1019
(ඩී.කේ.රත්න)තණමල්විල නිකවැව ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (4)  අත්අඩංගුවට ගෙන ඇතයි තණමල්විල පොලීසිය පවසයි. තණමල්විල නිකවැව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු මෙම ගිනිඅවියත් සමඟ තණමල්විල පොලීසිය  අත්අඩංගුවට ගෙන ඇත. නිකවැව ප‍්‍රදේශයේ නිවසක ගිනි අවියක් සගවා ඇති බවට තණමල්විල පොලීසියට ලැබුණු තොරතුරක් මත තණමල්විල පොලීසියේ නිලධාරීන් පිරිසක් මෙම නිවසේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගිනි අවියත් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තණමල්විල පොලීසියේ නිලධාරීහු මේ පිළිබචව පරීක්ෂණ සිදුකරති. 
ගංජා ගස් 135ක් සමඟ අයෙක් අත්අඩංගුවට
0
hp_train_1020
(විමුක්ති එස් රුද්‍රිගු)ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 342.16 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල්  354.99 ක් විය.ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ  මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවල  සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 360-365 ලෙස  අද (28) සටහන් විය.
රුපියල තවත් බාල්දුවෙයි
0
hp_train_1021
(මනෝප‍්‍රිය ගුණසේකර)මට්ටක්කුලිය ප‍්‍රදේශයේදී තරුණයින් පස්දෙනකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම විත්තිකරුවන් නවදෙනාම නිදොස් කොට නිදහස් කළේය.මෙම නඩුවේ සාක්කි වල බරපතල ඌනතා සහ පරස්පරතා ඇති බවත් එම සාක්කි මත විත්තිකරුවන් වරදකරුවන් කිරීමට හැකියාවක් නැති බවත් ප‍්‍රකාශ කළ විනිසුරුවරයා විත්තිකරුවන් සියලු දෙනාම නිදොස් කොට නිදහස් කළේය.විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව තීරණය කරමින් මෙලෙස නිදොස් කර නිදහස් කරන ලද්දේ ප‍්‍රසාද් රුවන් හෙවත් රොෂාන්, චමිල කුමාර හෙවත් චානක, අලි මොහොමඩ් අෆිස්, ටී. රන්දෙව්, නිරෝෂන් සමින්ද කොස්තා, රවින්ද්‍ර නාගරාජා, තුෂාර මධුරංග පෙරේරා, ගෝවින්දන් නෙරන්ජන් සහ දිමිතු චතුරංග පෙරේරා, නමැත්තන්ය.2016 ඔක්තොබර් මස 23 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ දී තරුණයින් පස්දෙනකුට වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම නඩුවේ සාක්කිකරුවන්ගේ සාක්කිවල බරපතල ඌනතා සහ පරස්පරතා ඇති බවත් එම පරස්පරතා සහ ඌනතා නඩුවේ හරයටම බලපාන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.මෙවැනි සාක්කි මත විත්තිකරුවන් වරදකරුවන් කිරීමට හැකියාවක් නැති බවත් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවත් තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන් සියලු දෙනාම නිදොස් කර නිදහස් කළේය.විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, රවින්ද්‍ර සිල්වා සහ ගාමිණි අල්විස් ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.
කොල්ලකරුවන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත සිරදඬුවම්
0
hp_train_1022
(ශාන්ත චන්ද්‍රසිරි) ආගරපතන, හුට්වීල්  වත්තේ වතු කම්කරුවන් පිරිසකට බඹරුන් ඇනීම හේතුවෙන් කම්කරුවන්  9දෙනෙකු ප්‍රතිකාර සඳහා අද  (01)  ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූ පිරිස අතර, කාන්තාවෝ 8දෙනෙක් හා එක් පිරිමි පුද්ගලයෙක් වෙති. ඉන් පිරිමි පුද්ගලයාගේ  තත්ත්වය  තරමක් බරපතල බවත්, ඉතිරි පිරිස සාමාන්‍ය තත්ත්වයේ පසුවන බවත් ආගරපතන ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය හර්ෂ ජයරත්න  මහතා කීය. වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන්ට ගසක බැඳ  තිබු බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී ඇන ඇතැයි කම්කරුවෝ පවසති.
බඹරු ඇනීමෙන් වතු කම්කරු කාන්තාවන් 5දෙනෙකු රෝහලේ
0
hp_train_1023
සුමතිපාල දීයගහගේ  දකුණු පළාත් සභාවේ දැනට පුරප්පාඩු වි ඇති සභානායක ධුරය සඳහා දකුණු පළාත් සභාවේ හිටපු උප සභාපතිවරයකු හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයකු වන චම්ලි විතානාච්චි මහතා පත්කරණ ලෙස ඉල්ලා දකුණු පළාත් සභාවේ එකාබද්ධ විපක්ෂය නියෝජනය කරණ මන්ත්‍රිවරු දහඅට දෙනෙකුගේ  අත්සන් සහිත  ලිපියක් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා වෙත භාරදී   තිබේ. දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු දහ අට දෙනෙකුගේ අත්සනින් ප්‍රධාන ඇමතිවරයා වෙත භාරදි   ඇති මෙම යෝජනාව  මෙම මස 27 වැනි දින පැවැත්වීමට නියමිත  දකුණු පළාත් සභා රැස්විමේ න්‍යාය පත්‍රයටද ඇතුලුකර තිබේ.  මිට පෙර සභානායක ධුරය දරණු ලැබුවේ  මාතර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වු පළාත් සභා මන්ත්‍රි මනෝජ් සිරිසේන  මහතා විසිනි . පසුගිය ජනවාරි මාසයේදී  දකුණු පළාත් සභාවේ ක්‍රිඩා යෞවන කටයුතු සහ සංස්කෘතික ඇමතිවරයා ලෙස මනෝජ් සිරිසේන මහතා  පත්විම නිසා පළාත් සභාවේ සභානායක තනතුර පුරප්පාඩුව විය.
දකුණු පළාත් සභාවේ සභානායක ධුරයට චම්ලි යෝජනාවෙයි
1
hp_train_1024
(ඉන්දිකා රාමනායක)නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 124ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 52501 ක් අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් අතරින් 45000 ට අධික පිරිසකට නඩු පවරා ඇති බව 7000 පිරිසකට නඩු පැවරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය.
නිරෝධායන නීති කැඩූ තවත් 266ක් පොලිස් දැලේ
0
hp_train_1025
 මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (05) පස්වරු 6.45 වන විට තවත් ආසාදිතයන් 213 දෙනෙකු එකතු වී ඇත.අද හඳුනාගත් ආසාදිතයන් පෑලියගොඩ කොරෝනා ආසාතියන්ගේ ආශ්‍රිතයන් බව පැවසේ.මේ දක්වා එම කොරෝනා පොකුරෙන් වාර්තා වූ ගණන 8709 කි. අද හඳුනාගත් පිරිස සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 8922 ක් වේ. 
අද දිනයට කොරෝනා ආසාදිතයන් 633 ක්
0
hp_train_1026
(ඩී.ජී.සුගතපාල) රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ   සැකකාර පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුලු සැකකරුවන් 17 දෙනා  තව දුරටත් ජනවාරි 23 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(09) නියෝග කළේය .  මෙසේ තව දුරටත් රක්ෂිතබන්ධනාගාර ගතකරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ හිටපු ස්ථානාධිපති  පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ,  උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන්  දාහත් දෙනාවෙති. රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ  අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වනදින  පැහැරගෙන ගොස් ඝාතනය කොට පුළුස්සා දැමිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. එම පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගොස් මරා දැමිම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් පහළොස් දෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර එම මළ සිරුරු වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ පුළුස්සා දැමිමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත. පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ පරික්ෂණ තවමත් අවසන් නොමැති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිමට සිටින  බවය.ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය. මෙහිදි සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කියා සිටියේ ජාන පරික්ෂණ වාර්තා තවමත් ලැබි නොමැති බවය. එනිසා  රජයේ රස පරික්ෂකවරයාට සිහි කැඳවිමේ නියෝගයක් නිකුත්කරන ලෙසද නිතිඥවරු ඉල්ලා සිටියහ. ඒ අනුව රජයේ රස පරික්ෂකවරයා වෙත සිහි කැඳවිමේ නියෝගයක් නිකුත් කිරිමටද  නියෝග කළ මහේස්ත්‍රාත්වරයා කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් අමිල (86099) යන මහතා  විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.    
රත්ගම නඩුවේ ජංගම දුරකතන 6 ක් මුදාහරී
0
hp_train_1027
(*** අංජුල මහික වීරරත්න)මහ මැතිවරණයේදී බලය වෙනුවෙන් තරග කරන්නේ පක්ෂ දෙකක් පමණකැයි ඒ පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටු පක්ෂය පමණක්  යයිද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොතදී ඊයේ (8) පැවැසීය.එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණය තරග කරන්නේ විපක්ෂයේ බලය ගන්න නොව ආණ්ඩු බලය ගන්න බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂයේ  වෘත්තීය සමිති නියෝජිත හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද  පැවසීය.අද අප මෙහි රැස්වන්නේ 2020 මහ මැතිවරණය ගැන කතා කරන්නයි. ලංකා ඉතිහාසයේ සෑම පාර්ලිමේන්තු ඡන්දයකටම තරග කළ එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.අපට අභීත ඉතිහාසයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ හැමදාම සිටි එකම පක්ෂය වන්නේ අප පක්ෂයයි. මන්ත්‍රීධූර 80 සිට 140 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වර්ධනය කර ගන්න අපට හැකියාව ලැබුණා.අප කිසිවිටෙක පරාජය කියා පසුබැස්සේ නැහැ. සැමවිටම උත්සාහ කළේ ඉදිරියට එන්නයි. පක්ෂ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න. තරග කරන්න අපට යුතුකමක් තිබෙනවා. බලය අල්ලා ගන්න අපට යුතුකමක් තිබෙනවා.රටේ බලය අරන් ආණ්ඩුවක් නිර්මාණය කිරීම අපගේ එකම යුතුකමයි. ඒ වැඩ කටයුත්තට අපි සූදානම් වෙමු.මේ මැතිවරණයේදී බලය වෙනුවෙන් තරග කරන්නේ පක්ෂ දෙකක් පමණයි. ඒ පොහොට්ටු කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂයයි. ඒ කාර්යය සඳහා අපි සුදානම් වෙමු. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි.ආණ්ඩුවක් ලෙස පමණක් නොව විපක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට වගකීම් සහගතව ක්‍රියාකළ හැකිබව අප මේ කාලය තුළ පෙන්වා දුන්නා. වගකිව යුතු පක්ෂයක් ලෙස කොරෝනා වසංගතයේ දී ක්‍රියා කළ ආකාරය ගැන ජනතාව අපට ප්‍රශංසා  කරනවා. අප පමණක් නොව තවත් පක්ෂ කිහිපයක්ද මෙහිදී වගකීමෙන් කටයුතු කළ බව සඳහන් කළ යුතුයි.මහා බ්‍රිතාන්‍යයේ, කම්කරු පක්ෂයේ සිට සෙසු පක්ෂ ද සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව ආණ්ඩුවට සහාය දෙන්නත් වැරැදි අඩුපාඩු  තිබේ නම් ඒවා පෙන්වා දෙන්නත් තීරණය කළා. අපත් කළේ එයයි.කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, නෝර්වේ ආදී සෑම රටක්ම මේ ආකාරයට කටයුතු කළා.අපට ආණ්ඩුව හදන්න හැකියි. ඒ සඳහා යා යුත්තේ කුමන මාර්ගයේද?2015 වසරේ අගෝස්තු මාසයේ ආණ්ඩුවක් හදන්න මට වරම ලැබුණා. ඊට පසුව අප ජාතික මට්ටමේ මැතිවරණයක් පරාජයට පත්වී නැහැ. අප හංසයා ලකුණ යටතේ තරග කළේ ජනාධිපතිවරණයේදීයි. එක්සත් ජාතික පක්ෂය මෙවර අලියා ලකුණ යටතේ තරග කරනවා. ඩී.එස්. සේනානයක, ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ආදී නායකයන් කී ලෙස ඒ ඉතිහාසයට ගරු කරමින් අප ඉදිරියට එනවා.ජය ගැනීමට නම් අප පසුගිය ජනාධිපතිවරණයෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එකළ අපේ නියෝජ්‍ය  නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතායි. අපත් ඔහුට සහයෝගය දුන්නා. නමුත් සටන අවසන් වූයේ අපට වඩා ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ දාහතරකට වැඩි ඡන්ද ලැබීමෙනුයි. ඊට පෙර මෙවැනි දෙයක් සිදුවී නැහැ. අප මේ කාරණය ඉතා හොඳින් සිහියේ තබාගත යුතුයි.දෙමළ පක්ෂවල ඡන්ද අඩු කළොත් අපට ලැබුණු ඡන්ද ප්‍රමාණය තවත් අඩු වෙනවා.2019 වසරේ ගිය පරණ පාරේම ගියොත් නැවත දිනන්න ලැබෙන්නේ නැහැ. නැවත පරාජය කරා යනවා. ඒ නිසා අපට නැවත ඒ මාර්ගයේ යන්න බැහැ. ඒ ප්‍රතිපත්ති අනුව ඉදිරියට යන්න බැහැ.අපේ ප්‍රතිපත්තිවලට අනුව කාලයට ඔබින  අයුරින් ඉදිරියට යා යුතුයි. අප කිසි විටෙක ඉදිරියට යනවා මිස පසුපසට යන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයෙන් පසු අපට ජය ගන්න නොහැකි බවත්, විපක්ෂයේ බලය වෙනුවෙන් තරග කළ යුතු බවත් බොහෝ අය සිතනවා.විපක්ෂයේ බලය වෙනුවෙන් තරග කරන්න මා නම් එකඟ වුණේ නැහැ. මා තරග කරන්නේ ආණ්ඩු බලයටයි. පක්ෂය ඉදිරියට ගෙන යන්නේ ඒ අරමුණ ඇතිවයි. අලුතෙන් සිතා ඉදිරියට යා යුතුයි.එදා අපට දිනන්න බැහැ කී අය අද සිර වී ඉන්නවා. කොරෝනා අර්බුදයෙන් පසු මෙරට දේශපාලන තත්ත්වය ශීඝ්‍රයෙන් වෙනස්වී තිබෙන බව කිව යුතුයි. ගෝඨාභයට මෙන්ම පොහොට්ටුව ආණ්ඩුවටත් ජනතා ප්‍රශ්න විසඳන්න නොහැකි බව දැන් තහවුරුයි. අද වනවිට විශාල පිරිසකගේ රැකියා අහිමි කරලා. ආදායම් මාර්ග අහිමි වු ලක්ෂ ගණනක් ජනතාව ඉන්නවා.ආණ්ඩුවේ මෙන්ම පෞද්ගලික අංශයටත් වේතන ගෙවන්න අද නොහැකියි. සියයට 60ක් දක්වා වේතන කපා හැරලා. පෞද්ගලික අංශයේ ද රැකියා වේතන කපනවා. බොහෝ රටවල ජනතාව වෙනුවෙන් මුදල් සහන දුන්නා. ඉක්මනින් රට විවෘත කරන්න කටයුතු කළා. දැන් අප රට එක තැන හිරවෙලා. එයින්ම ආණ්ඩුවේ අසමත් බව ඔප්පු කෙරෙනවා. ජනතාව දැන් අලුතෙන් සිතන්න පෙළඹිලා. අප ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි. ඉදිරියට යා යුතුයි.රටේ ආර්ථිකය කඩා වැටෙන්න ඉඩ දෙනවා යැයි ජනතාව අහනවා. වෙළෙඳුන්ට කඩ සාප්පු විවෘත කර ගන්න නොහැකියි. මේ ජනතා ප්‍රශ්නවලට විසඳුම් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණයි.අලුතෙන් සිතුවේ නැත්නම් ජයග්‍රහණය කරන්න බැහැ. මේ මැතිවරණය ජයගත යුතුයි. ඒ වෙනුවෙන් අපි සියලුම දෙනා එක්ව කටයුතු කරමු.1977 වනවිට අපේ පක්ෂයෙන් අඩක් පමණ වෙනත් පක්ෂවලට ගොස් සිටියා. නමුත් 140ක මන්ත්‍රීධුර ප්‍රමාණයක් ගන්න අපට එදා හැකියාව ලැබුණා. එදා නොදන්නා අය පවා පාර්ලිමේන්තුවට ආවා.පොහොට්ටුව බලයට ආවේත් ඒ ආකාරයටමයි. ශක්තිය තිබෙන්නෙ කාටද කියා තාම ජනතාව සිතනවා. කාටවත් එවැනි ශක්තියක් නැතැයි හැඟී ගියහොත් ජනතාව පොහොට්ටුවට ඡන්දය දෙනවා.අද වනවිට තිබෙන්නේ මාර්තු මාසයට පෙර තිබූ තත්ත්වය නොවෙයි. අද තත්ත්වය වෙනස් වෙලා. ආර්ථික මට්ටම පහත බැහැලා. ඒ නිසා කරන්නේ කුමක්දැයි ජනතාව තීරණය කරාවි.එදා මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. නමුත් ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජය ගත්තේ පොහොට්ටු පක්ෂයයි. ජනතාවගේ හදගැස්ම තේරුම් ගෙන අප මැතිවරණයට ඉදිරිපත් වෙනවා යැයි ද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
සමගි ජනබලවේගයට එක්වන්න හරීන්ගෙන් එජාපයට ආරාධනා
0
hp_train_1028
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව කියයි.දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා පැයට කිලෝ මීටර්  60-70 පමණ දක්වා වූ නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 29/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258565වැසි ස්වල්පයක්.මඩකලපුව34278050අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30259570විටින් විට වැසි.ගාල්ල29249575විටින් විට වැසි.යාපනය33258565වැසි ස්වල්පයක්.මහනුවර27239580විටින් විට වැසි.නුවරඑළිය20149585විටින් විට වැසි.රත්නපුරය30249575විටින් විට වැසි.ත්‍රිකුණාමළය34278055අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570වැසි ස්වල්පයක්. 
හෙට දවසේ කාලගුණය
0
hp_train_1029
( රොමේෂ් මධුෂංඛ)වව්නියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේදී අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පලා ගිය සැකකරුගේ නිවස හා අවට කළ සෝදිසි මෙහෙයුමකදී තවත් බෝම්බ හා ගිනිඅවියක් සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.ප්‍රධාන සැකකරුගේ බෑගයේ තිබී හමු වූ ජංගම දුරකතන පරීක්ෂාවෙන් හෙළි කරගත් තොරතුරුවලට අනුව පළමුව කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පුලියන්කුලම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන  තිබේ.අනතුරුව අදාළ සැකකරුවන්ගෙන් ලැබුණු  තොරතුරුවලට අනුව ඊයේ (06) සවස් වනතුරු පුලියන්කුලම් පොලීසිය හා යුද හමුදාව ඒකාබද්දව කරන ලද සෝදිසි මෙහෙයුමකින් අනතුරුව පලාගිය ප්‍රධාන සැකකරු පදිංචිව සිටි බවට ද සැකකෙරෙන අත්අඩංගුවට ගත් සැකකාරියගේ නිවස හා අවට කරන ලද සෝදිසි මෙහෙයුමකදී තවත් ටී56 ගිනිඅවියක් හා මෝටාර් බෝම්බ දෙකක් හමුවී ඇත.පලාගිය ප්‍රධාන සැකකරුට අවශ්‍ය මුදල් හා දුරකතන පහසුකම් ලබා දුන් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකරුට නවාතැන් දුන් නිවසේ සිටි කාන්තාවක් මෙලෙස පුලියන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වව්නියාව අධිකරණයට ඉදිරිපත් කොට පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගය මත තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.මේ අතර පලා ගිය සැකකරුට සහය දුන් තවත් සැකකරුවෙකු පසුගිය 05 වනදා වවුනියාව පොලිස් කොට්ඨාශ නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.පසුගිය පළමුවනදා පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේදී අතුරුමාර්ගයක ප්‍රධාන සැකකරු විසින් දමා ගිය බෑගයේ තිබී අත්බෝම්බ හතරක්, නවීන පන්නයේ මයික්‍රෝ පිස්තෝලයක්, මැගසින් එකක්, මිලිමීටර් 9  ජීවි පිස්තෝල උණ්ඩ 18ක් , මාලිමා යන්ත්‍රයක්, ජංගම දුරකතන දෙකක්, සෝල යන්ත්‍රයක්, හා කැලේ ජීවිත් වීමට හැකි වේදනානාශක බෙහෙත්පෙති, දත් බුරුසුවක්,දත් බෙහෙත් හා සරම් කිහිපයක් විවිධ වූ කෑම හා ඇඳුම් තොගයක් හමු වී ඇත.පලාගිය ප්‍රධාන සැකකරු යුද සමයේදී කොටි සංවිධානයේ ප්‍රභල සාමාජිකයෙකු බව ද පොලීසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
බෝම්බ ඇතුළු ආයුධ ගෙන ආ සැකකරුට උදව් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
0
hp_train_1030
(පද්මා කුමාරී කංකානම්ගේ )වලංගු ධීවර මෙහෙයුම් බලපත්‍ර නොමැතිව පුත්තලම කළපුවේ තිරික්කපල්ලම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නියැලුණු ධීවරයින් 4 දෙනෙකු සංගිලි දැල් කට්ටල දෙකක් සමඟ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ  පුත්තලම කාර්‍යාලයේ නිලධාරීන් විසින් අද(31) අත්අඩංගුවට ගෙන තිබේ.මෙම වැටලීමට පුත්තලම තම්බපණ්ණී නාවික හමුදා නිලධාරීන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට සහාය ලබා දී ඇත.1996 අංක දෙක දරන ධීවර පනත අනුව සංගිලි දැල් භාවිතය තහනම් බවත් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි. විශේෂයෙන්ම කළපු පතුලට හාණි සිදුවන මෙම දැල් මගින් කුඩා මසුන් මෙන්ම මසුන්ගේ බිත්තර ද විනාශ වන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීයඅත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තංගුස් දැල් කට්ටල 7 ක් සමඟ ධීවරයින් 12 ක් අත්අඩංගුවට
0
hp_train_1031
(අංජුල මහික වීරරත්න, අතුල බණ්ඩාර, මඩුකන්ද - සිතුම් චතුරංග, ගලේවෙල - මොහොමඞ් බුහාරුඩීන් සහ නාඋල - ඉන්දික අරුණ කුමාර)“මේ අපේ ශ්‍රී ලංකාවයි” යන හැඟීම දකුණේ මෙන්ම උතුරේ සියලු ජනතාවට දැනෙන නිදහසේ ජීවත් විය හැකි ජාතික ආරක්ෂාව තහවුරු කරන ලද මාතෘභූමියක් ගොඩනගන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වවුනියාවේදී පැවසීය.“මාතෘභූමිය ලෝකයේ බබළවන ‘ශ්‍රී ලංකා ෆස්ට්’ දැක්ම සඳහා සියලු ජාතීන්ගේ ශක්තිය තමාට ලැබෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වවුනියාවේ ජන රැලියට අමතරව මැදවච්චිය, කින්නියා, දඹුල්ල සහ මිනුවන්ගොඩදී ද ජල රැලි මෙදිනම පැවැත්විණි.වවුනියාවේ ජන රැලිය ඇතුළු සෙසු ජන රැලි අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.“වවුනියාවේ ජීවත් වන ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව සියලු පුරවැසියන්ගේ සෞභාග්‍ය තහවුරු කිරීමට මා ඇපකැප වෙනවා. යුද්ධය නිසා විපතට පත් වූ ජනකොට්ඨාස රැසක් සිටිනවා. මමද යුද්ධය නිසා ඇති වූ ක්‍රියාදාමය තුළ විපතට පත්වූ පවුලක සාමාජිකයෙක් වෙනවා. යුද්ධය නිසා පොදු ජනතාව රණවිරුවන් වගේම සමස්ත රටම විපතට පත් වුණා. ඔබ සැම දෙනාගේම දුක කණගාටුව හොඳින් මට අවබෝධ වෙනවා. ඒ දුක කණගාටුව දැනෙන පෞද්ගලිකවම ඒ වේදනාව කණගාටුව අත්දැකපු පුද්ගලයෙකු ලෙස දුකට පීඩාවට අසහනයට පත්වූ සෑම පවුලකම හැම සාමාජිකයෙකුගේම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස  පෞද්ගලිකවම කැපවෙනවා.ලෝකයේ ඕනෑම රටක් යුද්ධයකින් පසු සාමය නිර්මාණය වීමෙන් අනතුරුව පළමුව කරන දේ ජාත්‍යන්තර ආධාරක සමුළු පැවැත්වීමයි. රුවන්ඩාව - බුරුන්ඩි වගේ රටවල් අභ්‍යන්තර යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළු පවත්වා යුද්ධය පැවැති ප්‍රදේශ වැඩි දියුණුවට පත්කරනවා. යුද්ධය අවසන් වුණේ 2009 මැයි මාසයේදීයි. දැනට වසර දහයකුත් මාස කිහිපයක් ඉක්ම වෙලා.ලබන 16 වැනිදා මා ජනාධිපති ලෙස පත් කළ පසු මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ගන්න පළමු පියවර වෙන්නේ උතුරු පළාත වෙනුවෙන් වෙනමම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන එකයි. ඉන් පසු නැගෙනහිර පළාත වෙනුවෙන් ද ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා. ලෝකයේ සිටින ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් මේ ප්‍රදේශවලට ගෙනල්ලා ජනතාවට සෙත සලසනවා. එය මගේ නායකත්වයෙන් පෞද්ගලික අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර දැවැන්ත සංවර්ධනයක් මේ ප්‍රදේශයේ ඇති කරනවා.රටේ ක්‍රියාත්මක වූ සුපුරුදු ක්‍රමය කුමක්ද? ජනාධිපති අපේක්ෂකයන් පැමිණ රැස්වීම් පවත්වා ජය ගෙන ජනාධිපති තනතුරට පත් වූ පසු ඡන්දය දුන් ජනතාව හා ජනාධිපතිවරයා අතර කිසිදු සම්බන්ධතාවක් නැති වෙනවා. නැවත ඒ සම්බන්ධය ඇති වන්නේ ජනාධිපතිවරණයකදීය.ඒ නිසා ජාතික සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය මා පිහිටුවනවා. කාර්ය සාධක බලකාය තුළ උතුර සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කරනවා. නැගෙනහිරත් පිහිටුවනවා.රටේ සියලු පළාත්වල එවැනි ජනාධිපති කාර්ය සාධක බලකා පිහිටුවා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිර්මාණය වන යාන්ත්‍රණයෙන් එය ක්‍රියාත්මක කරනවා. මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දළ වශයෙන් 332ක් තිබෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනාධිපති ඒකක පිහිටුවනවා.බල ප්‍රදේශවල ජීවත් වන විවිධ ජාතීන්වලට විවිධ ආගම්වලට ජාති ආගම් කුලමල පක්ෂ පන්ති බේදයෙන් තොරව ජනාධිපති කාර්ය සාධක බලකා හරහා ජනාධිපතිවරයා ඍජුව සම්බන්ධ කරගත හැකි අලුත් යාන්ත්‍රණයක් හදනවා.ජාතිය ආගම කුලය පන්තිය තරාතිරම නොතකා හැමදෙනාටම එක විදියට නීතිය ක්‍රියාත්මක කර, ආරක්ෂාව තහවුරු කරමින් ජීවත් වීමේ අයිතිය තහවුරු කරනවා.කෘෂි ක්ෂේත්‍රයේ සියලු වගාවලට නොමිලේ පොහොර දෙනවා. වී වගාව එළවළු පළතුරු වගාව හේන් ගොවිතැන සුළු අපනයන භෝග වගාව තේ, පොල්, රබර් වගාව ආදී සියලු වගාවන්ට අංගසම්පූර්ණ නොමිලේ පොහොර දෙනවා.නොමිලේ පොහොර දෙන්නේ රටේ ආහාර නිෂ්පාදනය ඉහළට ගන්නයි. ආහාර නිෂ්පාදනය ඉහළ යනවිට ජාතික නිෂ්පාදනය ඉහළට යනවා. ජාතික නිෂ්පාදනය ඉහළට යනවිට ජාතික ආදායම ඉහළ යනවා. ජාතික ආදායම ඉහළ යනවිට පොදු ජනතාවට එය බෙදී යනවා. ආදායම ඉහළ යනවිට පසුගිය ආණ්ඩු පටලවපු ණය මර උගුලෙන් මිදෙන්න හැකියාව ලැබෙනවා. එපමණක් ද නොවෙයි. රටේ ආහාර අවශ්‍යතාව අපටම සපුරා ගන්න හැකිවෙනවා. පිටරටින් රටට ආහාරපාන අවශ්‍ය නැහැ. ආනයනය වෙනුවට දේශීය ආහාර නිෂ්පාදනය තුළින් රට ලෙස අපේම ආහාර සපයාගෙන අපනයනය ද වර්ධනය කරගෙන අපනයන කේන්ද්‍ර කර ගත් ආර්ථික සංවර්ධනය ඇති කිරීමයි මගේ දැක්ම වන්නේ.එතැනින් නතර නොවී මුළු වාරි ක්ෂේත්‍රයම මා ගොඩගන්නවා. ගොඩ වූ වැව් ටික මා ප්‍රතිසංස්කරණය කරනවා. අලුත් වාරි ශිෂ්ඨාචාරය වාරි උදාව නමින් ආරම්භ කර රටේ වැව් පද්ධතිය වගේම වවුනියාව ප්‍රදේශයේ වැව් පද්ධතිය පිළිසකර කරනවා. සුළු වාරිමාර්ග මධ්‍ය වාරිමාර්ග මහාමාර්ග ප්‍රතිසංස්කරණය කොට වාරි උදාව තුළින් මෙරට කෘෂි කර්මාන්තය දියුණු කර ගොවිතැන් කරන ජනතාවගේ අනාගතය රැක ගන්නවා.මිරිදිය ධීවර කර්මාන්තය ගොඩනගමින් ස්වයං රැකියා ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් ග්‍රාමීය නාගරික ආර්ථිකය ශක්තිමත් කරනවා.කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින්ම ශක්තිමත් කර දිය යුතුයි. සියලු සහන දෙනවා. ඒ වැඩපිළිවෙළ තුළ ජනතාවගේ ග්‍රාමීය නාගරික ආර්ථිකය තුළ මුදල් සංසරණය වර්ධනය කර අතමිට සරු ජන සමාජයක් බිහිකරනවා.යොවුන් පරපුර වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන පන්නයේ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාල නිර්මාණය කරනවා. මේ ප්‍රදේශයටත් නවීන පන්නයේ තාක්ෂණ විද්‍යාල නිර්මාණය කර ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, රොබෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව යොවුන් පරපුරට නිදහසේ නොමිලේ නව තාක්ෂණය හැදෑරීමේ අවස්ථාව උදා කරනවා.ඊට අමතරව මේ ප්‍රදේශයට තාක්ෂණ උද්‍යාන හදා ජාත්‍යන්තර තාක්ෂණ විද්‍යාලවලින් සමත්වන දරුවන්ට තාක්ෂණ උද්‍යානයෙන් ඩිජිටල් විප්පලවයෙන් තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරන්න අවස්ථාව උදා කර දෙනවා. ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න මූලික ප්‍රාග්ධනයද ඩිජිටල් විප්ලවයකට වචනයට සීමා නොකර එය මහ පොලොවේ යථාර්ථය කරන්න අවශ්‍ය පහසුකම දෙනවා.පළාත් පාලන කොට්ඨාස මට්ටමෙන් කර්මාන්තපුර අරඹනවා. ඍජු විදේශ ආයෝජන ඒවාට රැගෙනවිත් යෞවන යෞවනියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් දෙනවා. කර්මාන්ත බිහිකරන්නේ කොහොමද කියා සජිත් ප්‍රේමදාසට පාඩම් අවශ්‍ය නැහැ. මොකද මගේ පියා තමයි කර්මාන්ත විප්ලවය හරහා ඇඟළුම් කර්මාන්ත 200 ආරම්භ කළේ.දුප්පත්කම තුරන් කිරීම සඳහා තිබෙන සමෘද්ධි වැඩසටහන මා තවදුරටත් ශක්තිමත් කරනවා. සමෘද්ධි වැඩපිළිවෙළ හරහා දුප්පත් ප්‍රජාවට වැඩි වැඩියෙන් ශක්තිය දෙනවා. හැමදාම දුප්පත්කම මෙහෙම තිබෙන්න බැහැ. දුප්පත්කමින් ඔබ මිදෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම සමෘද්ධි වැඩසටහනට අමතරව රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කළ ජනසවිය වැඩසටහන ද මීට සමානව ක්‍රියාත්මක කරනවා.මගේ පියා තමයි පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුමයි දිවා ආහාරයයි දුන්නේ. මගේ ප්‍රතිවාදි අපේක්ෂකයා නියෝජනය කරන දේශපාලන කණ්ඩායම තමයි පාසල් යන දුවා දරුවන්ගේ දිවා ආහාරය කපා හැරියේ. පාසල් දරුවන් වෙනුවෙන් මගේ පියාට අවසන් කරන්න බැරිවූ වැඩ කොටස තිබෙනවා. මා ඒ දේ ඊෂ්ට කරනවා.ලබන 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු පාසල් දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි දෙනවා.ඊට අමතරව රටේම තිබෙන පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයක් බවට පත් කොට ඒවායේ සිටින පාලිකාවන්ට ගුරුතුමියට සහාය පාලිකාවන්ට රජයේ අරමුදල්වලින් වේතන ගෙවා පෙර පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරනවා. පෙර පාසල් දරුවන්ටත් දිවා ආහාර දී මෙරට අධ්‍යාපනයට දැවැන්තම ශක්තිය දෙන්න කටයුතු කරනවා.විශේෂයෙන්ම පාසල් පද්ධතියට දිය යුතු යටිතල පහසුකම් දෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් පද්ධතිය ගොඩනගනවා. ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන ශක්තිමත් කරමින් පවුල් සෞඛ්‍ය සේවා වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරනවා. රටේ උතුම්ම සම්පත වන දරු පරපුර හා මව් පරපුර සුරකින්න මා කටයුතු කරනවා.කාන්තා ප්‍රඥප්තිය හරහා කාන්තා අයිතිය නීති ගත කරන්න කටයුතු කරනවා. කාන්තා අයිතිය රටේ නීතියක් බවට පත් කරනවා. කාන්තා මූලික පවුල්වලට දීමට තිබෙන ඉහළම සහයෝගය ඉහළම ශක්තිය දෙනවා. ග්‍රාමීය සංවර්ධනයට යටිතල පහසුකම් සංවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රටේ ජනාධිපතිවරයා ලෙස පෞද්ගලික අධීක්ෂණයෙන් හැම ග්‍රාමසේවා වසමකම වන හැම කුඩා ගම්මානයකම සිදුවන සංවර්ධනය නව තාක්ෂණය ඔස්සේ සොයා බලනවා.විවිධ ජාතීන්ගෙන් සමන්විත ජන සමාජය තුළ සංහිඳියාව, එකමුතුභාවය, මිත්‍රශීලිත්වය ගොඩ නගන්නට යුක්තිගරුක ගුණගරුක ශිෂ්ට සම්පන්න ජන සමාජයක් නිර්මාණය කරන්නට ඕනෑ. ඒ උදෙසා සියලුම ආගම්වල දහම් අධ්‍යාපනය මා ශක්තිමත් කරනවා.දහම් පාසල් ශාලා වැඩසටහන අද ජාතික වැඩසටහන ලෙස ක්‍රියාත්මක වෙනවා. 2025 වනවිට රටේ සියලුම දහම් පාසල් පද්ධතියට ඒ ශක්තිය දෙමින් දහම් අධ්‍යාපනය ප්‍රගුණ කරමින් යුක්ති ගරුක ගුණගරුක ශීලාචාර සුචරිත වූ දරු පරපුරක් පුරවැසි පරපුරක් නිර්මාණය කරනවා. මිත්‍රත්වයේ ගුණාංගය තුළින් රට සැබැවින්ම එක් සේසත් වූ රටක් බවට පත් කරන්නට මා කටයුතු කරනවා.අනිවාර්යයෙන්ම 2025 වනවිට මෙරට සියලු පුරවැසියන්ගේ නිවාස ප්‍රශ්නය විසඳනවා. සැම කොට්ඨාසයකටම නිවාස ව්‍යපෘති දෙනවා. 2025 වනවිට රටේ සෑම පවුලකටම තමන්ගේ කියා භූමියක් තුළ නිවසක් හිමිකර ගැනීමේ සිහිනය මා සැබෑ කරනවා.ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමේ ගමන මා ක්‍රියාත්මක කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රටේ සංවර්ධනය ගැන සොයා බලනවා. ඉතිහාසයේ කිසිම දවසක ක්‍රියාත්මක නොවුණු විප්ලවීය සංවර්ධන යුගය ක්‍රියාත්මක කිරීමට මට ශක්ති සම්පන්න සහ ජවසම්පන්න බව තිබෙනවා.ජනතාවගේ පපුවට මේ අපේ ලංකාවයි. මේ අපේ මෘත භූමියයි යන හැඟීම ඇතිවිය යුතුයි. ඒකීය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට නිදහසේ ජීවත් වෙන්න අභිමානයෙන් ජීවත් වෙන්න ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ජනතාවගේ ප්‍රාණය ශක්තිමත් කරන නව යුගයක් සඳහා ශ්‍රී ලංකා ෆස්ට් යන වැඩසටහන ක්‍රියාත්මක කරන්න ශක්තිය දෙන්න යයි ඉල්ලා සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා කීවේය”.කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතා:-“මේ මැතිවරණය උතුරු-නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව ඉතාමත්ම හොඳින් සිතා බැලිය යුතු මැතිවරණයකි. ඉස්ලාම් නායකයන් පිළිබඳව සිංහල ප්‍රදේශවලට ගොස් බොරු ප්‍රචාර ගෙන යනවා. අහිංසක සිංහල සමාජය අතරේ ජාතිබේදය වපුරා රටේ ආරවුල් ඇති කිරීමට උත්සාහ ගන්නවා. මේ අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කතාකරන ජනතාව මැතිවරණයේදී ඉතා සුපරීක්ෂාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍යයි.සුළු ජාතීන්ගේ ඡන්ද සියයට 90ක් සජිත් ප්‍රේමදාස මහතාට දෙනවිට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකියි. එනිසා මේ මැතිවරණයේදී අප වෙනත් මැතිවරණ වගේ බෙදී ඡන්දය ප්‍රකාශය කිරීමට බැහැ.සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට ඡන්ද වර්ජනයක් කරන බව කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් කියනවා. තවත් කණ්ඩායමක් මේ මැතිවරණයේ විකල්ප කණ්ඩායමකට ඡන්දය දිය යුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මැතිවරණයේදී සුළුජාතීන්ට ඡන්දය දිය යුතු බව කියා සිටිනවා.දඹුල්ල ජන රැලියේදී අදහස් දැක්වූ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා :-“ගෝඨාභයලා කළ දේ ලංකාව පමණක් නොව මුළු ලෝකයම දන්නවා. රට භීතියෙන් මුදවා වෙනස උදාකළේ කවුද?යුද්ධ කළේ ඔහු හෝ අයියා හෝ නොව යුද හමුදාපති බව දැන් ගෝඨාභය ප්‍රසිද්ධියේම පිළිගෙන සිටිනවා. රාජපක්ෂ යුගයේ ජනතාවගේ මරණය සහ ජීවත් විය යුතු ද කියා තීරණය කළේ ඒ පාලකයින් බව කිව යුතුයි.රාජපක්ෂ කල්ලිය නඩුවලින් බේරෙන්න ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටිනවා. සජිත් ආවොත් වැරැදිවලට සැබෑ දඬුවම ලැබෙන බව ඔවුන් දන්නවා”.කෘෂිකර්ම වාර්මාර්ග ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා, එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහත්වරුද කතා කළහ. 
“සමස්ත පුරවැසි පරපුරම ශක්තිමත් කරනවා“
0
hp_train_1032
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තද වැසි (මි.මී 100ට වැඩි) ද ඇති විය හැක.දිවයින වටා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 21/10/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32239570අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33259575උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.කොළඹ30249575උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249585උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.යාපනය30249585උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.මහනුවර29209575අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21139580අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.රත්නපුරය31239580අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය31249550උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.මන්නාරම30259580උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.කාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).   
අඟහරුවාදා කාලගුණය
1
hp_train_1033
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන  08, සහ 10 යන දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කළේය.අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය අද (03) යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි.මෙම පෙත්සම විභාගයට ගන්නා ලබන 10 වැනි දින නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා සිය දේශනය පැවැත්වීමට නියමිත බවද ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු ඉදිරිපත් විය.
යුගදනවි සලකා බැලීම කල් තියයි
0
hp_train_1034
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 180 දෙනකු අද(9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 718  කි.මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,46,453 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද ආසාදිතයන් 581ක්
0
hp_train_1035
(කටුනායක ටී.කේ.ජී.කපිල)                                              විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.මොහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකු වන අතර , මේ වනවිට කීපවරක් විදේශයන් වෙත ගොස් විවිධ භාණ්ඩ තොග මෙරටට ගෙනැවිත් ඇති පුද්ගලයෙකු බව රේගුව අනාවරණය කර ගෙන තිබේ .මොහු  ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .ඔහු විසින් ගෙන ආ ගමන් මලු දෙකක රුපියල් ලක්ෂ 06 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 10,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 50 ක් සගවා ගෙන සිටියදී , රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ආර්.බී.ගන්කේවෙල මහත්මියගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එම්.අයි.මොහොමඩ් සලීම්, රේගු අධිකාරී එච්.ඊ. ඩී.පෙරේරා, සහකාර රේගු අධිකාරීවරුන් වන උමංග ද සිල්වා, පසන් ගමගේ, මංජුල සූරියආරච්චි සහ ඕසද කටුවාවල යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එම්.අයි.මොහොමඩ් සලීම් මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි සියල්ල රාජසන්තක කර, මේවා නීතිවිරෝධී ලෙස මෙරටට  රැගෙන ආ මෙම ව්‍යාපාරිකයාට රුපියල් 15,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.
නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් ගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට
0
hp_train_1036
දිවයින පුරා  ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහින අපේක්ෂා කළ කරන බව කාර්‍යය නියුතු කාලගුණ විද්‍යා දෙපාර්තමේනතු නිලධාරීහු පවසති. 
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_1037
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)  ගනුදෙනුකරුවන්ගේ රුපියල් කෝටි 15කට ආසන්න  මුදලක්  වංචා  කළැයි  චෝදනා  ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බලන්ගොඩ මොරහැල  උඩවෙල සණස බැංකුවේ හිටපු කළමනාකාරිය සැප්තැම්බර් (10 )   දක්වා  නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද (27)  නියෝග කළේය.බලන්ගොඩ රත්මලවින්න  ප්‍රදේශයේ පදිංචි  අතුකෝරළලාගේ මංගලිකා චිත්‍රංගනි   නැමැති   48 හැවිරිදි  සැකකාරිය මෙලෙස  රක්ෂිත බන්ධනාගාර ගතකර  කර ඇත. ඇය සේවය  කළ  උඩවෙල සණස බැංකුව ශාඛාව  දැනට වසරකට ආසන්න  කාලයක්  සිට  වසා දමා   තිබේ.බන්ධනාගාර නිලධාරීන් සහ පින්නවල පොලිසියේ නිලධාරීන් විසින් එම සැකකාරියව අද (27) අධිකරනයට ඉදිරිපත් කිරීමට පෙර එම බැංකු ශාඛාවේ මුදල් සේප්පුව පරීක්ෂා කිරිම  සදහා ඇය සේවය කළ උඩවෙල සණස බැංකු ශාඛාවට රැගෙන එනු ලැබීය.  බැංකු ශාඛාවේ සේප්පුවෙහි පැරණි මුදල් නෝට්ටු කිහිපයක්  පමණක් තිබූ  අතර ප්‍රදේශයේ ඉඩම්  හිමියන්ගේ ඔප්පු කිහිපයක්  ද එම බැංකු ශාඛාවේ  තිබුණි. ගනුදෙනුකරුවන්ගේ මුදල් වංචාව  කිරීමක් සම්බන්ධයෙන් එම  නඩුව අද (27) දා බලන්ගොඩ අධිකරණයේදි  යළි කැඳවා තිබුණි.  සැකකාරිය  සැප්තැම්බර් 10 වැනිදා දක්වා මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  එහිදි නියෝග කෙරිණි.  සැකකාරිය මාස  නවයකට   පසු බලන්ගොඩ පොලිසිය  මගින්  ඉකුත්    (06)  වැනිදා  සවස   අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සදහා   පින්නවල පොලිසිය වෙත  භාර⁣ දී ඇත.   ඇගෙන්  ප්‍රකාශ සටහන්  කරගත්  පින්නවල පොලිසිය ඉකුත්  (07) වැනිදා  බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන්  පසු  මෙලෙස  අවස්ථා දෙකකදි  අද (27)  දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත  තිබුණි.
මුදල් වංචා කළැයි චෝදනා ලැබූ කළමනාකාරිනිය යළි රිමාන්ඩ්
1
hp_train_1038
 “ඒකාබද්ධ විපක්ෂය බොරු ව්‍යවස්ථා බිල්ලෙක් මවමින් ජාතිවාදය අවුස්සා බලයට ඒමට දඟලන බවට ආණ්ඩුවෙන් චෝදනාවකි. මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා සමග කළ සාකච්ඡාවකි. ප්‍රශ්නය:- මේ මොහොතේ ලංකාවේ දේශපාලනය ඔබ විග්‍රහ කරගන්නේ කොහොමද?පිළිතුර:- මේ මොහොතේ ලංකාවේ දේශපාලනය අපි දකින විදියට ඉතාම තීරණාත්මක තැනක තියෙන්නේ.ප්‍රශ්නය:- තීරණාත්මක තැනක කිව්වේ?පිළිතුර:- එකක් තමයි ඒකාබද්ධ විපක්ෂයට බරපතළ අභියෝගයක් වගේම වගකීමක් පැවරිලා තියෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න යට ගහන්න අවශ්‍ය කරන වාතාවරණය ගොඩ නගන්න. ඒක තමයි ආණ්ඩුවේ උපාය.ප්‍රශ්නය:- මොනවද ඒ ප්‍රධාන ප්‍රශ්න?පිළිතුර:- ඔව්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඔවුන්ට අවශ්‍ය පරිදි හා බෙදුම්වාදයට අවශ්‍ය පරිදි  ඔවුන්ගේ පැවැත්ම පිණිස හා බලයට ඒමට බෙදුම්වාදීන්ට දුන් පොරොන්දු වෙනුවෙන් ඒවා ඉටු කරන්න පරිසරයක් හදාගන්න. ඒ වගේම ආර්ථික වශයෙන් දැවැන්ත අභියෝගයක් රට ඉස්සරහා තියෙනවා. හාල් ඇටයක්වත් හොයාගන්න බැරි රටක්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක යට ගහන්න ඕනෑකම තියෙනවා. අනික් පැත්තෙන් වෛද්‍යවරුයි නීතියයි හප්පනවා. මේවා ආණ්ඩුවේ උපායන්. මේවාට අමතරව පුළුවන් නම් ජාතිවාදී ගැටුම් ටිකකුත් හදාගෙන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න බලනවා.ප්‍රශ්නය:- ඔබ කිව්වා ඒකාබද්ධ විපක්ෂයට බරපතළ අභියෝගයක් හා වගකීමක් තියෙනවා කියලා?පිළිතුර:- ඔව්. මම අර කියපු තත්ත්වය පරාජය කරන්න ඉන්න නායකයෝ සිරගත කරනවා. අපේ පක්ෂයේ නායක විමල් සහෝදරයව සිරගත කරලා තියෙන්නේ ඒ අර්ථයෙන්ම තමයි. තව තව නායකයන් හිරගෙදරට දක්කන්න, ඒ හරහා භය කරන්න, භය කරලා නිහඬ කරන්න, යටත් කරගන්න උත්සාහ ගන්නවා. මෙන්න මේ විදියට ආණ්ඩුව සැලසුම් සහගතව හා උපාය මාර්ගිකව මේ අවස්ථා පියමන් කරන්න උත්සාහ කරනවා. මේකට අභියෝගාත්මක වන දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ යුතුව තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයට ඒ වගකීම පැවරිලා තියෙනවා. වෙන විපක්ෂයක් නෑනේ මේ රටේ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයට ඒ වගකීම පැවරිලා තියෙනවා. අපි ඒ වගකීම කොතෙක් දුරට ඉටු කරනවාද නැද්ද කියන එක මත තමයි ඉදිරි දේශපාලනය තීරණය වෙන්නේ.ප්‍රශ්නය:- ඔබ ආණ්ඩුවට චෝදනා කළා ජාතිවාදය අවුස්සනවා කියලා. නමුත් ජාතිවාදය අවුස්සන්නේ ඒකාබද්ධ විපක්ෂය බවටයි චෝදනා කරන්නේ?පිළිතුර:- ඒකාබද්ධ විපක්ෂයට ජාතිවාදය ඇවිස්සීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. අපි ඉන්නේ බෙදුම්වාදයට එරෙහිවයි. විශේෂයෙන්ම ජාතික නිදහස් පෙරමුණේ අපි හිටියෙත් ඉන්නෙත් බෙදුම්වාදයට එරෙහිවයි. ඒකාබද්ධ විපක්ෂයෙ විවිධ මත තියෙන පක්ෂ හිටියත් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වෙනස් මත තිබුණත් පොදුවේ බෙදුම්වාදයට විරුද්ධයි. අපි විශ්වාස කරනවා මේක ජාතිවාදය අවුස්සල විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි කියලා. මේක මේ කිහිප දෙනෙකුගේ උවමනාවට දෙමළ දේශපාලනඥයන්ගේ හරි, සිංහල දේශපාලනඥයන්ගේ හරි ඕනෑ එපාකම් මත ආණ්ඩු බලය ගන්න එහාට මෙහාට කරගන්න හෝ බලය තබා ගැනීම සඳහා ජාතිවාදය පාවිච්චි කරන තත්ත්වයක් තියෙනවා. ඒක අපි වෙනම හඳුනා ගන්න ඕනෑ. ඒ නිසා අපි ජාතිවාදීන් නොවෙයි.ප්‍රශ්නය:- නමුත් ඔබලාගේ ප්‍රකාශ පැත්තෙන් ඒවා ඉතා පටු ජාතිවාදියි කියලා චෝදනා කරන්න පුළුවන්.පිළිතුර:- මට එහෙම එක ප්‍රකාශයක් පෙන්වන්න. මෙහෙමයි උතුර වෙන් කරනවාට විරුද්ධ වීම ජාතිවාදය නොවෙයි. උතුර වෙන් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා නම් මේ ආණ්ඩුවට එරෙහි වීම ජාතිවාදය නොවෙයි. ඒකට එරෙහි වීම තමයි මේ රටේ ජාතික සමගියට තියෙන හොඳම දේ. අපි යෝජනා කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ මේ සියලු දෙනා එකට සිටිය හැකි රටක්. හැබැයි ඒක ව්‍යවස්ථාවකින් හරි නීතියකින් හරි බෙදන්න ගියොත් නේද බෙදීම තියෙන්නේ? දැන් අපි එකට ඉන්නවා හැළ හැප්පිලි මැද්දේ හරි. තියෙන ප්‍රශ්න ටික මේසයකට අරන් ඇවිත් සාකච්ඡා කරලා විසඳ ගන්නනේ තියෙන්නේ. එහෙම නැතිව ඒක බෙදිලා විසඳන්න බෑ.ප්‍රශ්නය:- ජාතිවාදීන් නොදුටු ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් බොරු බිල්ලෙක් මවන බවට ජනාධිපති මෛත්‍රී චෝදනා කළා.පිළිතුර:- එතකොට කමිටු වාර්තාවල මොනවද තියෙන්නේ. ඒ කමිටු වාර්තාවල තියෙන ඒවා ඔබ බැලුවොත් එහෙම ඒ වායේ තියෙන්නේ බෙදීමට අවශ්‍ය නීති හැදීම, ඒ වගේම මනෝ විද්‍යාත්මකව කල්පනා කරනවා නම් යම් යම් දේවල්වලින්  ඈත් කරලා තිබ්බට පස්සේ ටික කාලයක් යනකොට මිනිසුන්ගේ චින්තනය හැදෙනවා, ඒ බෙදීම ඇතුළේ ජීවත් වෙන්න. ඊට පස්සෙ අවදියකදී තමයි බෙදීම නිසා ගැටුම්  හැදෙන්නේ. උදාහරණයක් ගත්තොත් ඔවුන් කල්පනා කරනවා කොහොමද ජල මූලාශ්‍ර ටික බෙදාගන්නේ. එතැනට පත් වෙනවා කියෙන්නෙම බෙදීමනේ. ඒ වෙනුවෙන් තමයි මේ නව ව්‍යවස්ථාව එන්නේ. ඒ නිසා ජාතිවාදීන් අපි නොවෙයි. නමුත් මේ වෙලාවේ අපිට ජාතිවාදීන් කියන ලේබලය අලවන්න ඕනෑ අපට ජාතිවාදීන්  කියලා කිව්වොත් තමයි ඔවුන්ට ඒ අරමුණට යන්න පුළුවන් වෙන්නේ. ජාතික සමගිය වෙනුවෙන් කතා කරන අපව ජාතිවාදීන් බවට  පත් කළ යුතුයි.ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු කියන දෙයක් තමයි විමල්ලා වැනි ජාතිවාදීන් සමඟ නම් සන්ධාන ගත වෙන්නේ නෑ කියලා?පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සමහරු එහෙම කියලා තිබුණා. හැබැයි ඔවුන් ජාතිවාදීන් කියලා අපට කියනවා නම් මම යෝජනා කරනවා අපිත් එක්ක ඇවිත් කතා කරන්න කියලා. අපි මොකක්ද කියන්නේ කියලා හරියට අහගන්න කියලා. විමල් වීරවංශ, රණවිරුවන් ගැන කතා කිරීම ජාතිවාදී නොවෙයි. විමල් වීරවංශ රණවිරුවන් කියලා කියන්නේ යුද්ධයට ගිය භටයන්ට, රටට සාමය ගේන්න ඇස් ඉස් මස් ලේ හා ජීවිත පූජා කළේ ඔවුන්. ඒ වගේම ඔවුන් යුද්ධ කළේ ප්‍රභාකරන්ට එරෙහිව මිසක් දෙමළ ජනතාවට එරෙහිව නොවෙයි. ප්‍රභාකරන්ට එරෙහිව ආණ්ඩුව යුද්ධ කළේ. ඒ මිනිසුන්ට විරුද්ධව දෙයක් වෙනකොට ඒකට එරෙහිව කතා කිරීම ජාතිවාදය නොවෙයි. ඒ වගේම විමල් වීරවංශ උතුරේ දරුවන් ගැන ඒ ජනතාව වෙනුවෙන් කතා කරනවා. කැබැතිගොල්ලෑවේ දරුවන් ගැන මම කතා කරන එක ජාතිවාදි නෑ. ඒ ළමයින්ව මැරුවෙ දෙමළ ජනතාව නොවෙයි. එල්ටීටීඊ එකයි. ඒකට ජාතිවාදය කියලා කියන්න පුළුවන් වෙන්නේ මෝඩයන්ට විතරයි. මේ රටේ රණවිරුවො, ත්‍රස්තවාදය පරාජය කළ අභිමානවත් පුරවැසින් ගැන කතා කිරීම ජාතිවාදය නොවෙයි. එහෙම නම් ඉතින් ඔක්කොම ජාතිවාදීන් විය යුතුයි. එහෙම නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයත් ජාතිවාදී විය යුතුයි. මොකද ඒ වෙලාවෙ එතුමත් ඒ ආණ්ඩුවේ හිටියේ. එහෙම නම් ඒ ආණ්ඩුවම ජාතිවාදියි. ත්‍රස්තවාදය පරාජයට පත් කළාට පස්සේ ඒ රණවිරුවාට සිද්ධ වෙන අසාධාරණය කතා කිරීම ජාතිවාදය නොවෙයි. ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා කියන එක ජාතිවාදය නොවෙයි. එල්ටීටීඊ එකට ත්‍රස්තවාදීන් නොකියා අපි මොකක්ද කියන්න ඕනෑ.? අපි දෙමළ ජනතාවට ත්‍රස්තවාදීන් කිව්වොත් ඒක වැරදියි. දෙමළ දේශපාලන නායකයන්ට අපි ත්‍රස්තවාදීන් කියලා කියන්නේ නැහැනේ. අපි කියන්නේ ඔවුන් රට බෙදන්න උඩගෙඩි දෙන පිරිසක් කියලයි. එදා එල්ටීටීඊ යට උඩගෙඩි දුන්න පිරිසක්. ඒ ගැන කීම ජාතිවාදය නොවෙයි. අපි කියන දේ හරිම සරලයිනේ. වෙනම ඉන්න ඉල්ලන එකනේ ජාතිවාදය. අපි කියන්නේ එකට ඉමු කියලා. ඉතින් අපි ජාතිවාදීන් වෙන්නේ කොහොමද?ප්‍රශ්නය:- ඔබ උතුරේ දෙමළ දේශපාලන නායකයන්ට ජාතිවාදීන් කියලා කියනවා. ඔබෙයි ඔවුන් අතර ඇති වෙනස?පිළිතුර:- මම ඒක පැහැදිලි කළානේ. ඔය උතුරේ ඉන්න නායකයෝ ජාතිවාදය වැපුරුවේ නැත්නම් පාර්ලිමේන්තුවට තියා ප්‍රාදේශීය සභාවකටවත් යන්න බෑ. ඔවුන් උතුරේ සංවර්ධනය බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මම මේ ගැන පාර්ලිමේන්තුවේදි කතා කළා. උතුර සංවර්ධනයට දීපු සල්ලි උතුරු පළාත් සභාව සතයක්වත් වියදම් කරලා තිබුණේ නෑ. ඒකට මොකක්ද කියන්නේ.ප්‍රශ්නය:- ඔබ රණවිරුවා ගැන කතා කළා. ඒ කාලේ බොහෝ අනීතික ක්‍රියා කළ බවට සැක කරන හමුදා නිලධාරින් සෙබළුන් අත්අඩංගුවට ගැනෙනවා. එවැන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැරදියි කියලද ඔබ කියන්නේ?පිළිතුර:- නෑ. නීතිය රටක ක්‍රියාත්මක කිරීම අපට ප්‍රතික්ෂේප කරන්න බෑ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනැනේ. නීතියක් නැත්නම් ඒක රටක් නොවෙයිනේ. හැබැයි නීතිය ක්‍රියාත්මක කරද්දී එය විනිවිදභාවයෙන් මෙන්ම අපක්ෂපාතීව විය යුතුයි. මොකද රණවිරුවන් සම්බන්ධ ප්‍රශ්නය තීරණාත්මක වෙන්නේ ත්‍රස්තවාදය පරාජය කරපු රටක්. සාමය ගොඩ නගපු රටක්. ඒ සාමය ගොඩ නගපු රට ඇතුළේ විශාල  කැප කිරීමක් කළේ රණවිරුවෝ. එතකොට රණවිරුවා කියන්නේ බලවේගයක් මේ රටේ. රණවිරුවා කියන්නේ නිකම් හුදකලා මිනිසෙක් නොවෙයි. ඔවුන් බලවේගයක්. රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් විරුවන්. එතකොට ඔවුන් සම්බන්ධයෙන් කවුරු හරි පැමිණිල්ලක් කරනවා නම් එසැණින් රිමාන්ඞ් කරලා පරික්ෂණ පටන් ගන්න බෑ. නිවැරැදි විමර්ශනයක් කළ යුතුයි. ඊට පස්සේ එපැයි ඊළඟ පියවරට යන්න. නමුත් මෙතැන වෙන්නේ ඒ දෙය නොවෙයි කියලා ඉතාම පැහැදිලියි. දේශපාලන කෝණයකින් මේක සිද්ධ වෙන්නේ.ප්‍රශ්නය:- ඔබ කොහොමද එහෙම කියන්නේ?පිළිතුර:- මේ ආණ්ඩුව හදන්න එකතු වුණු බලවේග මොනවාද? දෙමළ ඩයස්පෝරාව, දෙමළ ජාතික සන්ධානය, එතකොට ආණ්ඩුවේ දැන් ඉන්න අනෙකුත් පාර්ශ්වයන්. ඒ පාර්ශවයන්ගේ මූලික ඉල්ලීම් මොනවාද? ඒ ඉල්ලීම්වලට අනුවනේ අද මේ ආණ්ඩුව හැසිරෙන්නේ. හමුදා කඳවුරු ඉවත් කළ යුතුයි. උතුරේ තිබුණු පරිපාලනමය තත්ත්වය වෙනස් කරන්න ඕනෑ. එහෙම ඉල්ලීම් කරන අයගේ ප්‍රධාන ඉල්ලීම වෙලා තිබුණෙ රණවිරුවා දඩයම් කිරීම. මේ සිද්ධ වෙන්නේ ඒක තමයි.ප්‍රශ්නය:- අනීතික වැඩ කරපු සෙබළාට නීතිය ක්‍රියාත්මක කරන කොට ඒක රණවිරු දඩයම කියලා කියනවා. මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරපු දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනකොට ඒක දේශපාලන දඩයම කියලා කියනවා. මේක අවස්ථාවාදයෙන් වෙනස් වෙන්නේ කොහොමද?පිළිතුර:- රණවිරුවාට එරෙහි දරුණු මෙහෙයුමක් තියෙනවා. රටක් විදියට මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුව තියෙනවා. මේ රණවිරු දඩයමෙන් සතුටු වෙන්නේ වෙන කවුරුවත් නොවෙයි දෙමළ ඩයස්පෝරාව, දෙමළ ජාතික සන්ධානය අපට රටට එරෙහි බලවේග, විදේශීය බලවේග, මෙය අප තේරුම් ගත යුතුයි.ප්‍රශ්නය:- වැරදි කරපු දේශපාලනඥයන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කළ යුතු නෑ කියලා ඔබ කියනවද?පිළිතුර:- නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑනේ. හැබැයි දේශපාලන උවමනාවක් වෙනුවෙන්. දැන් බලන්න අපේ පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා අත්අඩංගුවට අරගෙන තියෙනවා.ප්‍රශ්නය:- ඔබ කියන්නේ ඒක දේශපාලන දඩයමක්?පිළිතුර:- ඒක දේශපාලන දඩයමක් වෙන්නේ. ඔහුට තියෙන චෝදනාව මොකක්ද? උපදෙස් දීම හා අනුබල දීම. මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මම කෝප් කමිටුවේ ඉන්නකොට අර්ජුන් මහේන්ද්‍රන් සාක්කි දුන්නේ “මට මේකට උපදෙස් දුන්නේ අගමැතිතුමා” කියලා. එතකොට මහ බැංකු බැඳුමකරය වංචාවක් නම් ඒකට උපදෙස් දුන්න අගමැති එළියෙ ඉන්නේ කොහොමද? දැන් අර්ජුන් මහේන්ද්‍රන් එළියෙ. රටක් සංවර්ධනය කරනකොට, අමාත්‍යාංශයක වැඩ කරනකොට ඇමැතිවරයකුට උපදෙස් දෙන්නත් බැරිනම් අනුබල දෙන්නත් බැරිනම්, ඒ සඳහා මැදිහත් වෙන්නත් බැරිනම් එහෙම නම් ඇමැති කෙනෙක් මොනවද කරන්නේ කියලා කියන්න. ඇමැතිට මොනවද කරන්න තියෙන්නේ? එහෙම නම් දැන් කැබිනට් එක ඉල්ලා අස්වෙන්න ඕනෑ. ඇයි හිටියට වැඩක් නෑනේ. පහුගිය ආණ්ඩුව වැඩ කළේත් මේ ආණ්ඩුව වැඩ කරන්නෙත් ඒ ඒ අමාත්‍යාංශවල ඇමැතිවරුන්ගේ අනුමැතියෙන් තමයි. ඇමැතිවරයාට ඒ බලය පවරලා තියෙන්නේ පනතෙන්. එහෙම තිබියදී කොහොමද මෙවැනි චෝදනා කරන්නේ. මේ චෝදනා තමන්ට අවශ්‍ය පරිදි හදපුවා. මේක දේශපාලන දඩයමක් කියලා කියන්නේ ඒකයි.ප්‍රශ්නය:- නමුත් මෙතැන නීතිය?පිළිතුර:- පොඞ්ඩක් ඉන්න. අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නේ පොලිසිය. පොලිසිය හසුරුවන්නේ ආණ්ඩුව. නීතිය නමනවා කියලා පොලිස්පතිතුමාම කියනවා. මේ ඒක තමයි කරළියට ඇවිත් තියෙන්නේ. මෙතැන නීතියක් නෑ. යහපාලනයක් නෑ.ප්‍රශ්නය:- 2017 දී ආණ්ඩුව පෙරළනවා කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වා. දැන් මාස දෙකක් ගෙවිලා.පිළිතුර:- තව මාස 10 ක් තියෙනවනේ. 2017 පටන් ගත්තා විතරයිනේ. දෙසැම්බර් වෙනකම් කල් තියෙනවනේ.ප්‍රශ්නය:- එහෙම වැඩපිළිවෙළකුත් නෑ. හැකියාවකුත් නෑ. නමුත් තමන් සමග ඉන්න කණ්ඩායම තියාගන්න කියන කතාවක් කියලා ආණ්ඩුව කියනවා.පිළිතුර:- එහෙම බෑනේ. එහෙම නම් එහෙම කියා ගැනීමේ හැකියාව මේ අවුරුද්දෙන් ඉවර වෙනවනේ. වැඩපිළිවෙළවල් ක්‍රියාමාර්ග කියන ඒවා එකවර එළියට දාන්නේ නෑනේ. එහෙම කරන්නත් බෑනේ. මතුවන දේශපාලන තත්ත්වයන් විසින් සියල්ල වේගවත් කරාවි. විශේෂයෙන්ම කිවයුතුව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යමක් ආවට ගියාට කියන්නේ නෑ කියලයි. 
ජාතික සමඟිය වෙනුවෙන් කතා කරන අපට ජාතිවාදී ලේබලය අලවනවා
1
hp_train_1039
(හර්ෂණ තුෂාර සිල්වා)ශ්‍රී ලංකාව පශ්චාත් යුද සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත කාල පරාසයක් සහිත සවිස්තර උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කරමින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අද (20) ප්‍රකාශ කළාය. ස්වාධීන සත්‍ය සහ සංහිඳියා (ප්‍රතිසන්ධාන) කොමිසමක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාව ඊට පසුව ගත යුතු වැදගත්ම පියවර විය යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය කීවාය.ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව නිල වශයෙන් ඉදිරිපත් කිරීමෙන් පසුව කවුන්සිලය අමතමින් ඇය එම කරුණු සඳහන් කළාය. ඇය එහිදි මෙසේ ද සඳහන් කළාය.“ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව (ප්‍රතිසන්ධානය) සහ වගවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනා සහ ඒවායේ නිර්දේශ සම්බන්ධයෙන් මගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියාගේ කාර්යාලය සමඟ සමීපව කටයුතු කිරීම අගය කළ යුතුයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ අරමුදල හරහා අඛණ්ඩව ශ්‍රී ලංකාව තාක්ෂණික සහයෝගය ලබා දී තිබෙනවා. හමුදාව අත්පත් කරගෙන තිබූ උතුරේ සහ නැගෙනහිර ඉඩම් නැවත ලබාදීමේදී යම් ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. එහෙත් එම ඉතා වැදගත් ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීම සඳහා තවත් පියවර ගත යුතුයි. ගෙන ඇති පියවරවලින් මීට වසර හතරකට පෙර පුළුල් ආයතනික සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් ශ්‍රී ලංකා ලබාදුන් පොරොන්දු සහ ඒවා ඉටු කිරීමේ ප්‍රගතිය පෙනී යනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 යෝජනාවේ නිර්දේශ කිරීමේදී ශ්‍රී ලංකාව මීට වඩා වේගවත් විය යුතු අතර එම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉටු කළ යුතුය. ශ්‍රී ලංකාවේ ඉහළම නායකත්වය තුළ ඒ සඳහා පොදු දැක්මක් නොමැතිකම ප්‍රමාදවීම්වලය හේතු වූ ප්‍රධාන සාධකයක් බව පෙනී යනවා. එහි ප්‍රතිඵලයක් ශ්‍රී ලංකාවේ සියලුම වාර්ගික කොටස් ආගමික කොටස් සමාජ කණ්ඩායම් යනාදී සියල්ලට අහිතකර බලපෑම් එල්ල කරනු ඇත. ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් නීතිය කඩ කළ බවට චෝදනා එල්ල වී තිබෙන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා හමුදාවේ ඉහළ තනතුරකට පත් කිරීම ද කනගාටුදායක කරුණක්.අතීතයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නැවත නොවීම වගබලා ගැනීමටත්, මානව හිමිකම් ආරක්ෂා කරන මානව හිමිකම්වලට ගරු කරන වගවීම සහිත සුරක්ෂිත අනාගතයක් උදෙසා සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනාව නිර්දේශ ක්‍රියාත්මක කිරීමත් ඉතා වැදගත්. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ අවධානය යොමු කළ යුතුයි”.නෝර්වේ, කැනඩාව, බෙල්ජියම, ක්‍රොඒෂියාව, අයිස්ලන්තය, මොන්ටෙනීග්‍රෝ, ඩෙන්මාර්කය යන රටවල සහ යුරෝපා සංගමයේ නියෝජිතයෝ ද මෙහිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.  
ප්‍රගතියේ වාචික වාර්තාවක් ලබන ජූනියේ
0
hp_train_1040
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
ජනවාරියේ රැකියා 54,000 ක් දෙනවා
0
hp_train_1041
(ක.ග.කරුණාරත්න)ගෝන මස් කිලෝ 50 ක් මාදුරුඔය ජලාශය හරහා ඔරුවකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (07) අත් අඩංගුවට ගත් බව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු කියති.වනෝද්‍යානයේ සූරිය පොකුණ ජලාශය කොටසේදී මෙම වැටලීම සිදුකර තිබේ.සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය කුඩාගල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවත් වන සතුන් දඩයම්කර මුදලට මස් විකිණීමේ ජාවාරමක නිරතවන පිරිසක් බවත් විමර්ශන වලදී හෙළි වූ බව ඒ නිලධාරීහු පැවැසූහ.වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අඩවි ආරක්‍ෂක නිලධාරී ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී.වීරසේන මහතා ඇතුලූ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගල කොටසේ වනජීවී නිලධාරීහු කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කර ඇත.අත්අඩංගුවට ගනුලැබූ ගෝන මස් තොගය සමඟ සැකකරුවන් අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 
ගෝන මස් කිලෝ 50 ක් සමඟ 3 ක් අත් අඩංගුවට
1
hp_train_1042
(ඩයනා උදයංගනී)දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයින පුරා අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
වියළි කාලගුණ‍ය වෙනස් කරමින් පළාත් කිහිපයකට වැසි
0
hp_train_1043
(අජිත්ලාල් ශාන්ත උදය සහ ආරියරත්න මාමුහේවා)නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ 2019 වසරට නියමිත අයවැය එක්සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සභිකයන්ගේ විරෝධතා මැද එක්සත් ජනතා නිදහස් සංධානයේ සභිකයන්ගේ ද සහාය ඇතිව වැඩි ඡන්ද අටකින් අද  (06)  සම්මත විය.සභාපති කුලතුංග ලියනගේ (ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ)  මහතාගේ ප‍්‍රධානත්වයෙන්  නිවිතිගල ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේ දී අද (06) පෙරවරුවේ පැවති රැස්වීමේ දී සභාපතිවරයා අයවැය සභාවට ඉදිරිපත් කරන ලදී.එහිදී බලය හිමි ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයන් 14 දෙනා  සමඟ  එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන සභිකයන් දෙදෙනා අයවැයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළේ ය.එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් 7 දෙනා  සමඟ ජනතා විමක්ති පෙරමුණේ  සභිකයාට විරුද්ධව ඡන්දය දුන්නේ. ඒ අනුව වැඩි ඡන්ද අටකින් අයවැය සම්මත වූ බව සභාපතිවරයා නිවේදනය කළේ ය.
නිවිතිගල ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්ද අටකින් සම්මතයි
1
hp_train_1044
(මනෝප‍්‍රිය ගුණසේකර)                              හෙරොයින් ග්‍රෑම්  හතක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වු කොළඹ ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද  (05) නියම කළේය.මීට වසර පහකට පෙර කොළඹ ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 7.21 ක් ළඟ තබාගත් බවට වු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලද්දේ කොළඹ 14 ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් රහුමාන් මොහොමඩ් ෆයිසර් නමැති 46 හැවිරිදි පුද්ගලයකුටය.විත්තිකරු ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ ආපන ශාලාවක් හා නවාතැන්පොළක් පවත්වාගෙන යන අතරතුර මෙම හෙරොයින් ජාවාරම ද කරගෙන ගොස් ඇතැයි නඩු විභාගයේ දී අනාවරණය විය.2013 මාර්තු මස 22 වැනි දා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 2.18 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.විත්තිකරුට එරෙහි හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහු චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළ අතර හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ ඔහුට ඒ සඳහා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 
හෙරොයින් ජාවාරම් කළ අයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
0
hp_train_1045
   (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 623  දෙනකු අද (11) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.විදේශයන්හි සිට පැමිණි 4 දෙනෙක් ද ඒ අතර වෙති.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,93,072 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
අද දින නව ආසාදිතයන් 690යි
0
hp_train_1046
(නාලක සංජීව දහනායක, මතුගම - බන්දු තඹවිට, තුසිත කුමාර ද සිල්වා)මහින්ද රාජපක්ෂ රජය කිසිවිටකත් මුස්ලිම් ජනතාවට හා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බේරුවලදී පැවසීය.එහෙත් පසුගිය කාලයේ ගෙනගිය එවැනි අසත්‍ය  ප්‍රචාර හේතුවෙන් අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳවැටී රට ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව තිබෙන බවද ඔහු කීය.බේරුවල, වෙරළ ක්‍රීඩාංගණයේ පෙරේදා (6 වැනිදා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතා:අපේ රජය කාලේ අලුත්ගම ඇතිවූ සිද්ධිය ක්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒත් එදා අපට විරුද්ධව ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. එදා අපට විරුද්ධව ගෙනගිය බොරු ප්‍රචාර නිසා අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා.රට නඟන සෞභාග්‍යයේ දැක්ම අපි ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය වසර ගණනාව තුළ රටේ විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් විසින් සකස් කළ වැඩසටහනක් ලෙස තමයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශය සැලසුම් කළේ. රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න, රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න ප්‍රතිඥා දී තිබෙනවා. අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා රටේ ආර්ථිකය ගොඩනගන්න. ජනතාව ජීවත් කරවන්න ජනතා කේන්ද්‍රීය වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. රටේ සෑම කෙනෙකුගේම ජීවන තත්ත්වය නඟා සිටුවීමට අපි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.වසර තිහක යුද්ධයක් එදා අපි කෙටි කාලයකින් අවසන් කර රටට සාමය උදා කළා. ඒවායින් දෙස් විදෙස් ආයෝජකයන් දිරි ගන්වා රටේ විශාල සංවර්ධනයක් ඇති කළා. අද කොළඹ නගරයේ දක්නට ලැබෙන සියලුම ව්‍යාපෘති ඇති කළේ මහින්ද රාජපක්ෂ රජයයි. ආසියාවේ සීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට කොළඹ නගරය පත් කරන්න අපට හැකියාව ලැබුණා. මේ දියුණුව නිසා ව්‍යවසායකයන්ට හොඳ අවස්ථාවක් ලැබුණා. රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළා. ඒත් මේ රජය බාර ගත්තට පසුව සංවර්ධන කටයුතු නතර වුණා. ව්‍යාපාර නැති වුණා. එම ව්‍යාපෘති නතර කිරීමෙන් රැකියා ලක්ෂ හතරක් අහිමි වුණා.යුද්ධය නිමවූ පසුවත් අපි රටේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කළා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර පළමු වතාවට උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වූවා. යුද්ධය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂය මිස අපි නෙවෙයි. ඒ යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධයක් තිබෙන කාලයකදී සෑම කෙනෙකුම අපහසුතාවකට පත් වුණා. රටට වටිනා ජීවිත ගණනක් අහිමි වුණා. යුද්ධය අවසන් කරන්න රණවිරුවන් කොපමණ පරිත්‍යාගයක් කළාද කියන අවබෝධය මට තිබෙනවා. දිනාගත් සාමය කඩවන කිසිදු ක්‍රියාවක් නැවැත මේ රටේ ඇති නොවිය යුතුයි.යුද්ධය නිමාවූ පසුවත් අප ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ එකතු කර සුවිශේෂී ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ විමර්ශන කොට්ඨාසය යොදාගෙන ත්‍රස්තවාදීන් ගැන හොයන්න කටයුතු කළා. ඒත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් නිතර සොයා බැලීමක් නොකළ නිසා පාස්කු ඉරුදින රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. රටේ නැවත බෝම්බ පුපුරන තත්ත්වයක් ඇති කළේ මෙම රජයයි. ජනතාව අතර අවිශ්වාසයක් ඇති වුණේ මේ රජයේ කටයුතු නිසයි.අපේ රජය කාලේ අලුත්ගම ඇතිවූ සිද්ධිය ක්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒත් එදා අපට විරුද්ධව ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. එදා අපට විරුද්ධව ගෙනගිය බොරු ප්‍රචාර නිසා අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා.දේශීය හා විදේශීය ආයෝජකයාට මෙරට ආරක්ෂාව ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා සංචාරක ව්‍යාපාරය ඇතුළු රටේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටිලා. ආයෝජකයන්ට හා සංචාරකයන්ට රටට එන්නට නම් රටේ ආරක්ෂාව සුරක්ෂිත විය යුතුයි. අපි සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න විශේෂ අවධානයක් යොමු කරනවා. රටේ යළිත් සියලු ජාතීන්ට සුරක්ෂිත ලෙස ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරනවා. යළිත් මේ රටේ ත්‍රස්තවාදයකට, අන්තවාදයකට ඉඩක් නොතබන බවට පොරොන්දු වෙනවා. පන්සලට, කෝවිලට, පල්ලියට බියෙන් යන තත්ත්වය නැති කරනවා.රටක ආරක්ෂාව තහවුරු වනවිට, නිවැරදි නායකයෙක් ඉන්න විට රට ස්ථාවර වෙනවා. අයෝජකයන් එනවා. සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන අතරම ඔවුන්ට ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම සංචාරකයන්ට වීසා ලබා ගැනීමට පහසුකම් සැලසිය යුතුයි. රජය මැදිහත් වෙලා මේ කාර්යයන් කළ යුතු වෙනවා. මිලියන හතක සංචාරකයන් පිරිසක් මේ රටට ගෙන්වන්න අවශ්‍යයි. එමගින් රටට ඩොලර් බිලියන දහයක් උපයා ගැනීමේ  හැකියාව තිබෙනවා. මැණික් කර්මාන්තය වැදගත් ක්ෂේත්‍රයක්. අනවශ්‍ය බදු පනවා තිබෙනවා. හොඳ රැකියා අවස්ථා බිහිකළ හැකි විදේශ විනිමයක් ගෙනෙන ක්ෂේත්‍රයක්. සංකීර්ණ බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. බොහෝ අයට බදු ගෙවන්න විදිහක් නැහැ. අපේ රජයක් යටතේ බදු ක්‍රමය සරල කරනවා. වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කරනවා. නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන්, දිරිගන්වන්න කටයුතු කරමින් ආර්ථිකය නගාසිටුවනවා. සරල බදු ක්‍රමයක් තිබෙන විට බදු ගෙවන්න පුළුවන්. දූෂණයක් නැහැ.ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව, චීනය අද ඉහළට ගිහින් තිබෙන්නේ තාක්ෂණය අතින් ඉහළ නිසයි. අපගේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්නේ සීමිත පිරිසක් පමණයි. මේ සියලුම තරුණ තරුණියන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා, ආචාර්ය මණ්ඩලය වැඩි කරලා සමත් වන සියලුම දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ට පාඨමාලා හඳුන්වා දීලා, වෘත්තීය පුහුණුවක් ලබාදීලා හොඳ වේතනයක් ලැබෙන රැකියා අවස්ථා උදාකරනවා. පෞද්ගලික අංශයේද සහාය මේ සඳහා ලබා ගන්නවා. බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැතිව අපේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.විපක්ෂනායක මහින්ද  රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.අපේ ගෙදර දානයක් තියෙනවා. හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කියනවා ඒ දානය දෙන්න එපා කියලා. මේ වෙලාවේ දානය දෙන එක මැතිවරණ නීතියට තහනම් බව ඔහු කියනවා. ඒ දානේ අද ඊයේ දෙන දානයක් නෙවෙයි. අවුරුදු හැට ගානක් තිස්සේ අපි ඒ දානය දෙනවා. මේ වැඬේ තේරුම මොකක්ද කියලා මම මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඇහුවා. මෙහෙම නීති ඇති කළේ කාගේ වාසියටද කියල අපි ආණ්ඩුවෙන් අහනවා.මේ ආණ්ඩුව මැතිවරණ කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා. මේ ආණ්ඩුවෙන් තිබ්බේ පළාත් පාලන මැතිවරණය විතරයි. එකෙන් අන්ත පරාජයක් ලැබුවා. ඊට පස්සේ මැතිවරණ තියන්න ආණ්ඩුව බය වුණා. ආණ්ඩුව මොන උප්පරවැට්ටි දැම්මත් මේ ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලබනවා.පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා රටේ සංචාරක කර්මාන්ත සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඒ කර්මාන්තය ආශ්‍රයෙන් බිහිවූ රැකියා බොහෝ ප්‍රමාණයක් අපට අහිමි වුණා. මේ තත්ත්වය ඉතාම ඉක්මනින් වෙනස් කළ යුතුයි. අපේ ආණ්ඩුව කාලේ බේරුවල යම් සිද්ධියක් සිදු වුණා. ඒ සිද්ධිය මුල් කරගෙන අපිට විරුද්ධව මුළු රටේම වැරදි ප්‍රචාරයක් ගෙනිච්චා. එකේ ප්‍රතිඵලයක් විදියට මේ කාලකන්ණි ආණ්ඩුව බිහිවුණා. ජාතීන් අතර අවිශ්වාසය ඇති කරලා මේ ආණ්ඩුව මුළු රටම විනාශ කළා. මේ අවසනාවන්ත තත්ත්වයෙන් රට බේරා ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පමණයි.ආණ්ඩුව තවමත් කතා කරන්නේ අපේ කාලේ බේරුවල සිද්ධ වුණ සිද්ධිය ගැනයි. හැබැයි තමන්ගේ කාලේ ගිංතොට, අම්පාර වැනි ප්‍රදේශවල සිද්ධ වුණ දේවල් ගැන ආණ්ඩුව කතා කරන්නේ නැහැ. එදා බේරුවල  යම් දේපළකට හානියක් සිද්ධ වුණා නම් අපි ඒ සියල්ලම නැවැත සකස් කර දුන් බවද අපි කියන්න ඕනෑ.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.මේ රටේ මුස්ලිම් ජන සමාජයෙන් කවදත් ත්‍රස්තවාදයක් නිර්මාණය වුණේ නැහැ. මේ පරගැති ආණ්ඩුව නොතිබ්බ ත්‍රස්තවාදයකට ඉඩ දෙන්න වාතාවරණය හැදුවා. සහරාන්ලා නිකම්ම බිහි වුණේ නැහැ. ආණ්ඩුව සුළුතර අන්තවාදීන්ව ආරක්ෂා කළා මිස සාමාන්‍ය සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව ආරක්ෂා කළේ නැහැ. ලේ තැවරිච්ච ආණ්ඩුව, සාමාන්‍ය ජනතාව අතර සැකය වපුරපු, භීතිය වපුරපු ආණ්ඩුව ගෙදර යවන දවස නොවැම්බර් 16 වැනිදායි. සියලු ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණයි. ආරක්ෂිත රටක් තිබ්බොත් රටට සංචාරකයන් එනවා. ව්‍යාපාර දියුණු වෙනවා.මේ අය බලයට ඇවිත් මොකද කළේ? ජීවන බර වැඩි වුණා. බදු වැඩි කළා. ගෑස් තෙල් ටික වෙලාවට දීගන්න බැරිවුණා. අද රට ඉල්ලන්නේ වගකිව යුතු නායකත්වයක්. මං පොර ජාතකයක් රටට වැඩක් නැහැ. කඩා වැටිච්ච ආර්ථිකයට, රටකට දැක්මක් ඇති නායකත්වයක් රටකට අවශ්‍යයිද ඔහු කීය.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.සජිත් කියනවා දූෂිතයන්ගෙන් තොර පාලනයක් හදනවලු. මහ බැංකු හොරු, ගල්අඟුරු, ෆුට්නෝට් කල්ලි වේදිකාවෙන් බැහැලා ගියොත් ඉතුරු වෙන්නේ සජිත් විතරයි. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය මුදල් ලක්ෂ ගණනක් අවභාවිතා කළා කියලා ජනාධිපති විමර්ශන කොමිසමෙන් සජිත්ට චෝදනා එල්ල වෙලා තිබෙනවා. අවසානයේ සජිත්ට සජිත්වත් නැහැ. ඒක නිසා සජිත් දැන්වත් වේදිකාවෙන් බැහැලා යන්න කියල අපි කියනවා යැයිද ඔහු කීය.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:වෙලාවට ගෑස් ටික දීගන්න බැරි සජිත් ජනාධිපති අපේක්ෂකයා කාන්තාවන්ගේ සනීපාරක්ෂාව ගැන කතා කරනවා. එහෙම අපේක්ෂකයෙක් මීට පෙර දැකලා තියෙනවද? මේ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ආර්ථිකය බිංදුවට වැටිලා. ජනතාව ආර්ථිකයෙන් හෙම්බත් වෙලා. මේ ආණ්ඩුවේ අවසන් මළගම යමින් සිටිනවා.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙසේ පැවසීය.අද වනවිට රට නන්නත්තාරයි. රට විනාශ කළේ රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමයි. දැන් සජිත් හරියට නින්දෙන් නැගිටලා වගේ විවිධ පොරොන්දු දෙනවා. අමු සොහොන් පිට්ටනියක් වෙලා තිබූ රට බේරා ගත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න කුමන්ත්‍රණය කළේ කවුදැයි  ජනතාව දැන් හොඳටම දන්නවා.සංචාරක, ධීවර කර්මාන්තය කඩා වැටිලා. මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මාන්තය නැති වෙලා. සංචාරක හෝටල් වැහිලා. ධීවර කර්මාන්තයට ස්වර්ණමය යුගය ඇති කළේ මහින්ද රාජපක්ෂ මහතා. අද බේරුවල වරාය අක්‍රීය වෙලා. මේ ප්‍රදේශයට වැවක් හැදුවොත් කෘෂිකර්මාන්තයට සෙතක් වෙයි කියලා විශ්වාස කරනවා.ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, බේරුවල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සුගත් මතුගමගේ, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයකු වන සුරේෂ් ප්‍රනාන්දු මහතා ඇතුළු එජාප පාක්ෂිකයෝ කිහිප දෙනෙක් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් එම ජන රැළියට එක්වූහ.
“ජාතික ආරක්ෂාව - ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය බාරගන්නවා“
0
hp_train_1047
මාමුනේ, චැම්පියන්පත්තු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 78.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.නාවික හමුදා නිලධාරීන් විසින් උතුරු මුහුදේ කළ මුර සංචාරයක් අතරතුරදී මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.කේරළ ගංජා තොගය ඩිංගි යාත්‍රාවක් මඟින් මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට සැක පළ කෙරේ.අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත. (ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය) 
කේරළ ගංජා කිලෝ 78 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
1
hp_train_1048
නිවාඩු දිනක ආයතනයට පැමිණි නිලධාරිනියක් ආරක්ෂක නිලධාරියාට පූසෙක් බාරදී ‘‘හෙට හවස මම එනකන් මෙයාව බලාගන්න. මේ කිරිපිටි පැකට් එක මෙයාට රටින්මයි ගෙනාවේ. මේවා හදලා දෙන්න” යැයි කීවාය. පැකට්ටුවේ පූසකුගේ මුහුණ යොදා කැට් මිල්ක් පවුඩර් යනුවෙන් සඳහන් විය. රාත‍්‍රියේ වෙනත් ස්ථාන භාර නිලධාරියෙක් පැමිණ ‘‘මේ ලස්සන පූසා කාගේදැයි” විමසීය. ‘‘ඔෆිස් එකේ මිස් කෙනෙක්ගේ” ආරක්ෂක නිලධාරියා කීය. රාත‍්‍රියේදී තේ සාදන විට ස්ථාන භාර නිලධාරි ‘‘කිරිපිටි නැද්දැයි” විමසීය. ‘‘අපි හැමදාම බොන්නේ ප්ලේන් ටී” ආරක්ෂක නිලධාරියා පැවසීය. පූසාට ගෙනා කිරිපිටි පැකට්ටුව දුටු නිලධාරියා, ‘‘ ඕකෙන් හැඳි දෙකක් තේ එකට දාන්න” යැයි පැවසූවිට ‘‘ ඕවා පූසන්ටම හදපු කිරි වර්ගයක්. මිනිස්සුන්ට හොඳ නැතිව ඇති” ආරක්ෂක නිලධාරියා කීය. කෙසේ හෝ ඔහුගේ පෙරැුත්තයට පිටි හැඳි දෙකක් තේ එකට දැමීමට ආරක්ෂක නිලධාරියාට සිදුවිය. ‘‘මෙයා නම් පෙරේතයෙක්. හොඳ වැඩක් කරන්නම්” තමාටම කියාගත් ආරක්ෂක නිලධාරියා ‘‘සර් පොඩි හාන්සියක් දාන්න. මම ඉන්නවානේ” යැයි කීය. පුටුවේ හාන්සි වූ නිලධාරියා මොහොතකින් ගොරවන්නට විය. පැයකින් ඔහුව අවදි කළ ආරක්ෂක නිලධාරියා. ‘‘සර් සර් මොකද ඤාව් ගාන්නේ” යැයි විමසීය. මොන පිස්සු ද වෙන්න බැහැ. ඔහු එසේ පැවසුවත් හිතට චකිතයක් දැනිණි. ‘‘මේවා පූසියන්ගෙන් දොවාගත් කිරි ද දන්නැහැ”යි සිතමින් නැවත නිදාගත්තත් ආරක්ෂක නිලධාරියා විටින්විට ඔහුව අවදි කළේ ‘‘ඔන්න සර් ආයෙත් ඤාව් ගෑවා” යි කියමිනි. එළිය වැටෙද්දී නිලධාරියා රෝහලේ පෝලිමේ දකින්නට ලැබිණි. 
මිතුරා ආයතනයේ සෙකියුරිටි වුණැයි ලොක්කාට ඩෝං ගිහින්
0
hp_train_1049
(ඩයනා උදයංගනී)කොරෝනා ආසාදිත තවත් රෝගීන් 3,223 දෙනකු අද (23) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,93,223ක් දක්වා ඉහළ ගොස් ඇත.කොරෝනා ආසාදිතව රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් 40,475 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා රෝගීන් 2,222 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,44,381 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 
කොරෝනා ආසාදිතයන් තවත් 3,223ක්
1
hp_train_1050
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයේද තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘‘විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු පළාත්වල බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය‘‘. ‘‘පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘‘.‘‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙයි‘‘‘‘සුළං නැගෙනහිර දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් 20-40 අතර  වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘‘.ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  2015පෙබරවාරි මස 25 වැනි දින දහවල්  12.00 ට නිකුත් කෙරිණි.
‘ප්‍රදේශ රැසකට කඩින් කඩ වැසි‘
0
hp_train_1051
( තිළිණි ද සිල්වා )මේ වසරේ මුල් මාස තුනේදී පමණක් විදෙස් සංචාරකයින් 474 540ක් දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එය ඉකුත් වසරේ මුල් මාස තුනේ පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසැඳීමේදී සියයට 13.8 ක වර්ධනයක් යැයි එම අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තා වල සඳහන් වේ.මේ අතර පසුගිය මාර්තු මස මුලදී මහනුවර ප්‍රදේශයේ වාර්ගික ගැටුම් පැවතියද එම මාසය තුළඳී සංචාරකයින් 233,382ක් පැමිණ ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී සියයට 24.1 ක වර්ධනයක් බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තා වල සඳහන් වේ.ජනවාරි මාසයේදී පමණක් විදෙස් සංචාරකයින් 238,924 ක්ද , පෙබරවාරී මාසය තුළ දි සංචාරකයින් 235,618 ක්ද හා මාර්තු මාසයේදී සංචාරකයින් 233,382 දෙනෙකුද වශයෙන් ගතවූ මාස තුනේදී විදේශිකයින් මෙරටට පැමිණ ඇතැයි සඳහන් වේ.2018 වසර සඳහා සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ඉකුත් ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන් වන අතර එම සංඛ්‍යාව 43,643 කි. මෙය ගිය වසරේ ජනවාරි මාසය හා සැසඳීමේ දී 40% ක තරම් විශාල වර්ධනයකි. මේ අතර චීන ජාතකයින් 24,819 ක් පැමිණ ඇති අතර එම පැමිණීම පසුගිය ජනවාරි මාසයේදී සියයට 22 කින් පහළ ගොස් ඇතැයි ද සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දේ.ජනවාරි මාසයේදී තෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ජර්මනියෙන් වන අතර එලෙස පැමිණි සංඛ්‍යාව 14,985 කි. එය 2017 ජනවාරි මාසයේදී පැමිණි ජර්මන් සංචාරකයින්ගේ සංඛ්‍යාවට වඩා සියයට 20 ක වැඩිවීමකි.මීට අමතරව ප්‍රංශ සංචාරකයින් 12,209 ක්ද ,රුසියානු සංචාරකයින් 11,634 ක්ද ,ඕස්ට්‍රේලියාවෙන් 9948 ක්ද , ඇමෙරිකාවෙන් 7277 ක්ද , යුක්රේනයෙන් 6544 ක්ද , මාලදිවයිනෙන් 6194 ක් ලෙසින් සංචාරකයින් ඉකුත් ජනවාරි මාසයේදී දිවයිනට පැමිණ තිබේ.ඉකුත් පෙබරවාරි මාසය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 36,000ක් පමණ වේ.ඉන්දීයානු සංචාරකයින් 32,000ක් ද බ්‍රිතාන්‍ය සංචාරකයින් 23,000ක් ද එම කාලය තුළ පැමිණ ඇත.මාර්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 30 ,583 ක් වේ.බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 30 ,366 ක්ද , ජර්මනියෙන් 24 ,423 ක්ද , චීනයෙන් 21,101 ක්ද , ප්‍රංශයෙන් 14,818 ක්ද , ඇමෙරිකාවෙන් 9701 ක්ද ,රුසියාවෙන් 9089 ක්ද ,ඕස්ට්‍රේලියාවෙන් 8932 ක්ද , මාලදිවයිනෙන් 7239 ක් සහ කැනඩාවෙන් 5113 ක් වශයෙන් සංචාරකයින් පැමිණ ඇත.
මුල් කාර්තුවේ විදෙස් සංචාරකයින් පැමිණිමේ වර්ධනයක්
1
hp_train_1052
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව ඇති පෙත්සම් 17 ක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20 )පැවැසී ය.ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් ඉදිරිපත් ව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව යයිද කතානායක වරයා කීය.මේ අතර ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව ඇති පෙත්සමක පිටපතක්ද තමාට ලැබී තිබෙන බව අබේවර්ධන මහතා පැවැසී ය.කතානායක වරයා මෙසේ පැවසූයේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි. 
කොවිඩ් පනත ගැන කතානායකගෙන් නිවේදනයක්
0
hp_train_1053
වර්තමාන මූල්‍ය වෙළෙඳපොළේ ඇති අවිනිශ්චිත වාතාවරණය මධ්‍යයේ වුවද මෙම මූල්‍ය වර්ෂයේ මාර්තු අවසානයේදී රුපියල් බිලියන 9.7ක ආදායමක් ලබන්නට වැලිබල් ෆිනෑන්ස් සමත්ව සිටී. එය පසුගිය මූල්‍ය වර්ෂයේ පැවති රුපියල් බිලියන 8.7 අගය ඉක්මවා යාමකි.පසුගිය වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය මෙන්ම වර්තමානයෙහි පැතිර පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටේ සමාජ-ආර්ථිකය තුළ යම් අභියෝගයක් ඇති වකවානුවකදී පවා මෙලෙස  සියයට 11.12ක වර්ධනයක් ලබන්නට සමත් වීම, ආයතනයෙහි දූරදර්ශී මෙහෙයුම් ක්‍රියාදාමය හා ජනතා විශ්වාසය මනා ලෙස පිළිබිඹු කරන සාධකයක් බව එම ආයතනය සඳහන් කරයි.මෙවැනි අභියෝගාත්මක කාල සීමාවක් තුළදී වුවද සමාගමෙහි අක්‍රීය ණය අනුපාතය සියයට 5ට වඩා පහළ අගයක් වීම, ඉහළ කළමනාකාරීත්වයෙන් ලද ප්‍රතිඵලයක් සේ දැක්විය හැකිය.රුපියල් බිලියන 38.9ක්ව පැවති ණය ධාරිතාව අදාළ කාලසීමාව තුළදී රුපියල් බිලියන 41.1 දක්වා, සියයට 5.4 ඉපයීමක් ලෙස ඉහළ ගොස් ඇත. එමෙන්ම පසුගිය මූල්‍ය වර්ෂයේ රුපියල් බිලියන 3.3ක වූ ශුද්ධ ණය පොලී ආදායම සියයට 20.64ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 4 දක්වා වර්ධනය වී ඇත.තම මෙහෙයුම් ක්‍රියාදාමයෙහි සවිමත්භාවය යළිත් වතාවක් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ වඩාත් කැපී පෙනෙන මූල්‍ය සමාගම් අතර කීර්ති නාමයක් ගොඩනගාගන්නට සමත්ව සිටින වැලිබල් ෆිනෑන්ස්, අභියෝගාත්මක කාලසීමාවන් තුළදී වුවද වත්කම් හා වගකීම් මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා සමාගමෙහි ඇති මෙහෙයුම් ශක්තිය සනාථ කරමින් අදාළ මූල්‍ය වසර තුළ රුපියල් බිලියන 2.4ක පෙර බදු ලාබයක් ලබන්නට සමත්ව ඇත. එය පසුගිය වසරේ පැවති රුපියල් බිලියන 2.2ට වඩා සියයට6.93ක වර්ධනයක් ලැබූ කැපී පෙනෙන සන්ධිස්ථානයකි.මහජන විශ්වාසයෙහි මිනුම් දණ්ඩ වන තැන්පතු ශේෂය මෙම කාලසීමාවේදී රුපියල් බිලියන 29ක් වූ අතර එය පෙර වකවානුවට වඩා සියයට14.97ක වර්ධනයකි. “ඉතා අභියෝගාත්මක මෙන්ම අවිනිශ්චිත කාල සීමාවන් තුළ පවා ගුණාත්මක බව හා ප්‍රමාණාත්මක බව යන අංශ දෙකෙහිම සාර්ථක වර්ධනයක් පෙන්නුම් කරන්නට අපට හැකිවී තිබෙනවා. මෙය අපගේ දක්ෂ කාර්ය මණ්ඩලයේ මනා හැකියාව, විනිවිදභාවය, ප්‍රබල වැලිබල් සමූහයේ ශක්තිය වගේම අපගේ උසස් කාර්යසාධන උපායමාර්ග වලින් ලැබූ ජයග්‍රහණයක්” යැයි කළමනාකාර අධ්‍යක්‍ෂක ජයන්ත රන්ගමුව මහතා පැවසීය.“අප පසුකරමින් සිටින්නේ අපේ රටේ පමණක් නොව මුළු ලෝකයේම ආර්ථිකයෙහි පසුබෑමක් ඇති අවධියක්. එහෙත් අප සියලු දෙනාම එයින් පසුබට නොවී සුපුරුදු මාවතට පිවිසීම හැකි ඉක්මනින් කළ යුතු දෙයක්. වැලිබල් ෆිනෑන්ස්හි දක්ෂ කළමනාකරණය නිසා සාර්ථකව ඉදිරියටම ගමන් කරන්නට හැකිවී තිබෙනවා. ඒ නිසාම තම ස්ථාවරය ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් රට පුරා සිටින ගනුදෙනුකරුවන් වෙනුවෙන් තම සේවා විනිවිදභාවයෙන් යුතුව මනා සේ ඉටුකරමින් සිටිනවා. ප්‍රබල වැලිබල් සමූහයෙහි පෙරගමන්කරුවා වන වැලිබල් ෆිනෑන්ස් මෙලෙස අඛණ්ඩවම සාර්ථකත්වයේ ඉහළට ගමන් කිරීම අපට නිහතමානී ආඩම්බරයක්” යනුවෙන් සභාපති, ප්‍රකට ආයෝජක ධම්මික පෙරේරා මහතා තම අදහස් දක්වමින් පැවසීය.ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මූල්‍ය සන්නාමය 2020 සම්මානයෙන් පිදුම් ලැබූ වැලිබල් ෆිනෑන්ස්,  සන්නාම වර්ගීකරණ ශ්‍රේණිගත  කිරීම (Brand Rating) 2019 වසරේදී A+ දක්වා ඉහළ නැංවීය. සාපේක්ෂව කෙටි කාලයක් තුළදී ශක්තිමත් හා ගෞරවණීය නාමයක් ලෙස එහි කීර්තිය පුළුල් ලෙස වර්ධනය කරගන්නට සමාගම සමත්ව සිටී.(***) 
වැලිබල් ෆිනෑන්ස් බදු පෙර ලාබය රුපියල් බිලියන 2.4ක්
1
hp_train_1054
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරය හරහාත් බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශවල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි විය හැකිය. 
ඉදිරි 24 පැයේ කාලගුණ
0
hp_train_1055
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මද වැසි ඇතිවන අතර බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වල  ස්ථාන කිහිපයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 08/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35249050ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව31268575ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ33269065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල33259055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය33228055ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර33219055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය23109565සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය36249555සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය33268060ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම33259065ප්‍රධාන වශයෙන් වැසි රහිත                   
‘හෙට දිනයේ පළාත් කීපයකට මද වැසි‘
0
hp_train_1056
(ඩයනා උදයංගනී)ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා පසුගිය දශක කිහිපයේදී සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා නොසලකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ කරන ලද ඇතැම් සංවර්ධන කටයුතු ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ලබා දී ඇති බවත්, එබැවින් සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (4) පැවැසීය.රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව සඳහා දැනට පවතින ඉතා පැරැණි පරිපාලන හා මුදල් රෙගුලාසි කඩිනම් සංශෝධනයකට ලක් කළ යුතු බව කී ජනාධිපතිවරයා ගෙවීගිය දශක කිහිපයේ එවැනි සංශෝධන කොතෙක් කර තිබුණත් මීට අවුරුදු සියයකට එහා තිබූ ඇතැම් ආඥා පනත්, වගන්ති සහ රෙගුලාසි තවමත් පැවැතීම සංවර්ධනයේ ඉදිරි ගමනට බාධාවක් බව ද සඳහන් කළේය.ජාතියේ අනාගතය ශක්තිමත් වන්නේ උගතුන් වැඩිවූ විට බැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා අදට ඔබින අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කරමින්, අධිතාක්ෂණික ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවන් සමඟ ඉදිරියට යා යුතු බව ද ජනාධිපතිවරයා කීවේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ කොළඹ, ගාලු මුවදොර පිටියේදී ඊයේ (4) පැවැති 70 වැනි ජාතික නිදහස් දින උළෙලේදී ජාතිය අමතමිනි.නිදහස සමඟ සතුටින් ජීවත්වීමට නම් සෞභාග්‍යය අත්‍යාවශ්‍ය බව කී ජනාධිපතිවරයා ජනතාවට ආර්ථික සමෘද්ධිය, සෞභාග්‍යය උදාකර දීම සඳහා සැම විටම වගකීමෙන් කටයුතු කළ යුතු බව ද කීවේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.“පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් වශයෙන් අප විසින් මහා බ්‍රිතාන්‍යයට මෙන්ම ගෞරවනීය රජ පවුලට කරන ලද ආරාධනය අනුව අපට සුබ පතමින් මෙහි පැමිණි බි්‍රතාන්‍ය රාජකීය පවුලේ ගෞරවනීය නියෝජිතයා ඇතුළු විදේශ නියෝජිතයන් හා සියලු ආරාධිතයන් ගෞරවයෙන් මෙම අවස්ථාවට පිළිගනු ලබනවා.අප අද ඉතාමත් ගෞරවයෙන් මෙන්ම අභිමානයෙන් සිහිපත් කරන්නේ අපේ රටට යටත්විජිත යුගයෙන් නිදහස ලැබී වසර 70 ක් සපිරීමයි. මේ ගෙවී ගිය වසර 70 ක අත්දැකීම් අපේ රටේ අනාගතය ශක්තිමත් කර ගැනීම සඳහා මෙන්ම අනාගත ප්‍රගමනය සඳහා ඉතාමත් වැදගත් වෙනවා.විශේෂයෙන්ම 1948 නිදහස ලැබීමෙන් පසු තිබුණු අභියෝග ගණනාවක් අප විසින් ජය ගනු ලැබුවා. ඒ සඳහා එදා සිට මෙදා දක්වා බලයට පත්වූ සෑම රජයක්ම, රාජ්‍ය නායකත්වයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහ රටේ පොදු මහජනතාව සිය වගකීම් සහ යුතුකම් මනා ලෙස ඉටු කර තිබෙන බව මම විශ්වාස කරනවා.බලාපොරොත්තු නොවූ ආකාරයට අපේ රට බෙදීමට හා වෙන් කිරීමට ඇතිවූ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ව්‍යාපාරය නිසා අපට ඔවුන් පරාජයට පත්කිරීමට වසර 26ක පමණ දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණදීමට සිදුවුණා. එය අපේ රටේ ආර්ථික පසුබෑමක් මෙන්ම ජාතියේ ප්‍රගමනය සඳහා විවිධ ක්ෂේත්‍රවල ගෙන ගිය ප්‍රබුද්ධ වැඩපිළිවෙළවල් තුළ පසුගාමී තත්ත්වයන් ඇතිවීමට හේතු වුණා.එහෙත් අපේ ඉතිහාසයේ වසර ගණනක ශ්‍රේෂ්ඨත්වය, අභිමානය, පෙර දවස මහා අභිමානවත් මහා කතාවෙන් අපට ලැබී තිබෙන අත්දැකීම්, ජාතියට ලැබී තිබෙන ජීව ගුණය ආදී සියල්ල සමඟ අපේ අනාගතය සඳහා ඉදිරි වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීමට අපේ රට තුළ සිටින උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන් පඬිවරුන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සමඟ රටේ පොදු මහජනතාව සිය යුග මෙහෙවර ඉටු කරමින් සිටිනවා.අද අප මුහුණ දෙන්නා වූ ප්‍රධානතම අභියෝග මොනවා ද? ජාතියේ අනාගතය සඳහා අප විසින් කළයුතු මෙහෙවර කුමක් ද? හැත්තෑ වසරක අතීත අත්දැකීම් සමඟ අනාගතය ගොඩනඟා ගැනීම සඳහා අප ඒ අභියෝග තේරුම්ගත යුතු වෙනවා. ජාතියේ ප්‍රගමනය සඳහා ප්‍රබුද්ධ වූ වැඩපිළිවෙළකට අප සියලු දෙනා කැපවිය යුතු වෙනවා. එය අප වැළඳගත යුතු වෙනවා. එහි තිබෙන්නා වූ ජීව ගුණය අප විසින් ශක්තිමත් කළ යුතු වෙනවා. අපට ආර්ථික වශයෙන් පවතින අසීරුතාවයන් තිබෙන පසුබිම තුළ එම ආර්ථික ජයග්‍රහණ ළඟාකර ගැනීම සඳහා රජයක් විදියට අපි කැපවී සිටිනවා. අප මුහුණදෙන අභියෝග අතර දුගීභාවය, ප්‍රබල වූ අභියෝගයක්. මීට පෙර බලයට පත්වූ සෑම රජයක්ම දුප්පත්කමින් නිදහස් වීම සඳහා විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කර ඇති අතර ඒවායේ යම් යම් සුබදායී ප්‍රතිඵල තිබෙනවා.අපි ඒ අතීත අත්දැකීම් සමඟ නව වැඩපිළිවෙළක් තුළ දුගී බවින් නිදහස් වීම සඳහා දැනට කෙරෙන කාර්යයන් මීට වඩා ප්‍රබුද්ධ ලෙසත්, කාර්යක්ෂම ලෙසත් ඉටුකළ යුතු වෙනවා. එහිදී දුප්පත්කමින් නිදහස් වීමේ ඒ අභියෝගය ඉදිරියේදී අපට ජයගත හැකියි කියා මා විශ්වාස කරනවා. අප සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගැනීම අවශ්‍ය වෙනවා.අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා නොසලකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ කරන ලද සංවර්ධනය නිසා ඇතැම් වේලාවට ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ලබා දී තිබෙන බව කනගාටුවෙන් වුව ද කිවයුතු වෙනවා. ඒ නිසා දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්ගේ නායකත්වය, රාජ්‍ය පරිපාලනය, කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය සෑම විටම මෙහිදී පැහැදිලි ලෙස සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා.ඒ වගේම අපේ රට අදට වඩා උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, පඬිවරුන්ගෙන් ශක්තිමත් කළ යුතුයි. ජාතියේ අනාගතය සැමවිටම ශක්තිමත් වන්නේ උගතුන් වැඩි වූ රටකයි. එය අප විසින් කළ යුතු වෙනවා. ඒ සඳහා අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කාර්යක්ෂමතාවය, අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම්වල අදට ඔබින ආකාරයට සකස් කළ යුතු වෙනවා. මෙහිදී අධිතාක්ෂණික ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවයන් සමඟ අප මූලික වශයෙන්ම නවෝත්පාදන ආර්ථිකය, හරිත ආර්ථිකය සඳහා කැපවීම ඉතාමත් අවශ්‍ය වෙනවා.නවෝත්පාදන ආර්ථිකයේත්, හරිත ආර්ථිකයේත් මූලධර්ම සහ ප්‍රතිපත්ති තුළ මූලික වශයෙන් නිපුණතා සංවර්ධනයට වෘත්තීය අධ්‍යාපනයට ඉතාමත් වැදගත් ස්ථානයක් දීම අත්‍යවශ්‍යය යන්න මාගේ අදහසයි. අපේ රටේ රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව සඳහා ඉතා පැරණි පරිපාලන රෙගුලාසි මුදල් රෙගුලාසි කඩිනම් සංශෝධනයකට යටත් කළ යුතු වෙනවා. ගෙවී ගිය දශක කිහිපයේ එවැනි සංශෝධන කොතෙක් කර තිබුණත් තවමත් මීට අවුරුදු සියයකට එහා තිබූ ඇතැම් ආඥා පනත්, ඇතැම් වගන්ති ඒ වගේම රෙගුලාසි තිබෙන බව ඔබ අප දන්නවා. එය සංවර්ධනයේ ඉදිරි ගමනට බාධාවක් ලෙස අපි දකිනවා. කාර්යක්ෂම සංවර්ධනයක් හා විනයක් ඇති පරිපාලනයක් සඳහා ඒ දේ කළ යුතු වෙනවා.ඒ වගේම මේ රටේ ඉතා වැදගත් ක්ෂේත්‍ර ව්‍යවස්ථාපිත ආයතන ගණනාවක් සඳහා අප අවධානය යොමු කළ යුතුයි. පළාත් පාලන ආයතන, පළාත් සභාව, පාර්ලිමේන්තුව ව්‍යාවස්ථාදායකය, ජනාධිපති තනතුර මේ සියලු ආයතන සහ තනතුරු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිසංවිධානය කොට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.විශේෂයෙන්ම දූෂිත දේශපාලනය ජාතියේ ප්‍රගමනයට අනාගතයට අයහපත් බරපතළ ප්‍රශ්නයක් අභියෝගයක් සහ අවහිරයක් වී තිබෙන බැවින් අපි ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ජනාධිපති ධුරයේ සිට පළාත් පාලන ආයතන දක්වා, පළාත් පාලන ආයතනවල සිට ජනාධිපති ධුරය දක්වාත් ප්‍රතිසංවිධානය විය යුතුයි. සංවර්ධන සැලසුම්වල විධිමත්භාවය මෙන්ම විනයක් ඇති දේශපාලන පරපුරක් සමඟ මේ රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මා පැහැදිලිව දකිනවා.සංවර්ධනයේ හා ජාතියේ අනාගතය සඳහා තිබෙන්නා වූ අභියෝග ජය ගැනීමේදී දේශපාලනඥයා තුළ තිබිය යුතු අවංකභාවය පැහැදිලි ලෙසම ඉතා වැදගත් වෙනවා. ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමටත් රට ගොඩනැඟීමටත් හැක්කේ සහ මුළු මහත් පොදු ජනතාව රාජ්‍ය පාලනය සඳහා ඒකරාශී වන්නේ මේ අවංකභාවය තුළයි. මේ හැත්තෑවන නිදහස් සමරුව පවත්වන අවස්ථාවේ ඔබෙත්, මගේ ආදරණීය මාතෘ භූමිය ගොඩනගා ගැනීම සඳහා    දේශපාලනඥයන් තුළ තිබිය යුතු කැපවීම, අවංකභාවය, නොකිළිටිභාවය, පිරිසුදුභාවය ඉතාමත් වැදගත් යුගයේ අවශ්‍යතාවක් ලෙස මම දකිනවා. මිනිසුන්ට මෙන්ම ගස, කොළ ඇතුළු සියලු සතුන්ට නිදහසේ පැවැත්ම අවශ්‍ය බව ඔබ අප කවුරුත් දන්නවා. සතා සිවුපාවා ගහකොළ ඇළ දොළ ස්වභාවධර්මයාගේ අසීමිත වස්තූන්, ඊට තිබිය යුතු නිදහසත්, මිනිසාට තිබිය යුතු නිදහසත් කිසිදු වෙනසක් නොමැති බව නිදහස පිළිබඳ කථා කරන විට අප සෑම විටම සිතාගත යුතුයි.සැබෑ නිදහස යන්න මිනිසකුගේ නිදහස පමණක් නොවෙයි. ඒ සඳහා අපේ කැපවීම අධිෂ්ඨානය අවශ්‍යයි. එහි තිබෙන්නා වූ ඉතාමත් සංකීර්ණ ස්වභාවය, ව්‍යාප්ත තත්ත්වය, වගකීම් සහගත තත්ත්වය පාසල් දරුවාගේ සිට වඩ වඩාත් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මා දකිනවා. ඒ නිසා මේ සියලු කරුණු සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුයි.නිදහස පිළිබඳ අපට තිබෙන්නා වූ අවබෝධයත්, අත්දැකීමත් සමඟ සතුටින් ජීවත්වෙන්න නිදහස් සමාජයක සෞභාග්‍යය ඉතාමත් අත්‍යාවශ්‍යයි. ආර්ථික සමෘද්ධිය, සෞභාග්‍යය ජනතාවගේ ප්‍රාර්ථනාවක්. ඒ නිසා නිදහස සියලු අංශවල ශක්තිමත් කරන්නත් සෞභාග්‍යය උදාකර දීම සඳහා ස්වදේශික අපේම ජනතාවගේ අනන්‍යතාවයන් දේශීයත්වය අපේ කර්මාන්ත අපේ කෘෂිකර්මාන්තය අපේ කියන සියලු_ දේවල් සමඟ අපේ සංස්කෘතිය ජාතික අනන්‍යතාවන් සමඟ ඒ සෞභාග්‍යය උදාකරදීම සඳහා අප සැමවිටම වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා.විදේශීය රටවල්වල, දියුණු රටවල්වල තිබෙන තාක්ෂණික දියුණුව අපේ දැනුමට අවශ්‍යයි සේම ඒ දැනුම ලබාගැනීමත් සමඟ අප කිසිවිටෙකත් අපේ ස්වදේශික ප්‍රාර්ථනාවන්, ස්වදේශික ඓතිහාසික උරුමයන් බිඳ නොහළන ලෙස කටයුතු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. අපේ වසර දහස් ගණනක මහා ශ්‍රේෂ්ඨ ඉතිහාස කථාවේ මූලික වශයෙන්ම අපේ සංස්කෘතිය, අනන්‍යතාව, අපේ පෞරාණික වස්තු, අපේ උරුමයන් සියල්ල රැකගෙන පෝෂණය කරගෙන ආරක්ෂා කරගෙන අප මාතෘභූමිය ගොඩනැගිය යුතු වෙනවා.මේ සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලු කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ වගකීම් සැමවිටම ඉටුකළ යුතු වෙනවා. අපි මේ සියල්ලෙහි අවධානය යොමුකළ යුතු වෙනවා. මා පෙර කී පරිදි අපට තිබෙන අභියෝග අප කිසිවිටෙක අමතක නොකළ යුතුයි. දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව යන්න මා මෙහිදී සඳහන් කරනවා. රටේ සංවර්ධනය සඳහා රටේ අනාගතය සඳහා දූෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම, ඒ මතය ක්‍රියාත්මක කිරීම ජාතියේ ප්‍රගමනයේ ආත්මාරක්ෂාව ලෙසයි මා මෙහිදී දකින්නේ.එසේම අපේ ශ්‍රේෂ්ඨ මව්බිම අඅ!මත ආර්ථික නිදහස ගොඩනැගෙමින් තිබෙන විට ඒ ආර්ථික නිදහසට එරෙහිව දූෂණය අල්ලස හොරකම නාස්තිය අප විසින් පිටු දැකිය යුතු වෙනවා. හොරකම, දූෂණය, අල්ලස අපිට අපේ ජාතියේ අනාගතය සඳහා අද ඉතාමත් දැඩි ලෙස බලපා තිබෙන කාරණයක්. සෑම දේශපාලනඥයෙක්ම මේ රටේ තම තමාගේ වගකීම් ඉටු කිරීමේදී ඒ ආදර්ශය දීම අත්‍යවශ්‍ය යුග මෙහෙවරක් යුගයේ කාර්යයක් ලෙසයි මම මෙහිදී හඳුන්වන්නේ.අප කුසීතකමෙන්, අලසකමෙන්, පසුබෑමෙන් තොරව, කාර්යක්ෂමව, එඩිතරව, වීරත්වයෙන්, සටන්කාමීත්වයෙන් අපි සෑම කෙනෙක්ම අපේ ආර්ථිකය ගොඩනැංවීම සහ රාජ්‍ය ප්‍රබුද්ධත්වය තුළ මේ රට ඉදිරියට ගෙන යෑම සඳහා කැපවීම අත්‍යාවශ්‍ය බව මම මෙහිදී පැහැදිලිව දකිනවා.අපට පසුගිය දශක කිහිපයක තිබෙන අත්දැකීම් සමඟ මේ රට ගොඩනැගීම සඳහා මූලික වශයෙන් ජාතිවාදී අදහස්වලින් තොරව ජාතික සමගිය සංහිඳියාව ශක්තිමත් කළ යුතුයි. ජාතිවාදී ගැටුම්වලින් තොරව ජීවත් වීමේ නිදහස රටේ සියලු දෙනාට සහතික කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ සහතික කිරීම තුළ සියලු දෙනාගේ ක්‍රියාකාරීත්වය ප්‍රායෝගිකව අවශ්‍ය වෙනවා.සිංහල දමිළ මුස්ලිම් මැලේ බර්ගර් සියලු ජන කොටස්වල සහජීවනය, සමගිය, ආගමික සහජීවනය, භාෂාවේ ජාතික සහජීවනය මේ සියල්ල තුළ ජාතික සමගිය ශක්තිමත් කරමින් සියලු දෙනාට විශ්වාසයෙන්, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය අප සෑමවිටම සහතික කළ යුතු වෙනවා.ඒ නිසා අපි මේ සියලු කාර්යයන් සඳහා අපේ කැපවීම ඉතා අත්‍යවශ්‍ය බව මේ හැත්තෑවන නිදහස් ඓතිහාසික සමුළුවේදී මුළුමහත් ආදරණීය ජනතාව ප්‍රමුඛව සියලු වගකීම් දරන සෑම ක්ෂේත්‍රයකම ප්‍රධානීන්ගෙන්, වගකිවයුත්තන්ගෙන් මා ඉල්ලා සිටිනවා.අද මූලික වශයෙන්ම දේශප්‍රේමීත්වය යනු මුල්‍ය විනයක් ඇතිව සියලු දෙනා වැඩ කිරීමයි කියා මා මෙහිදී ඔබට අදහසක් ඉදිරිපත් කරනවා. දේශප්‍රේමීත්වය එක් එක් යුග තුළ, එක් එක් කාල පරිච්ඡේද තුළ, එක් එක් අවස්ථා තුළ එය අපට විග්‍රහ කරන්න පුළුවන්. ඊට අවශ්‍ය නිර්වචනයන් දෙන්න පුළුවන්. අද දේශප්‍රේමීත්වය යනු සෑම කෙනෙක්ම දේශපාලනඥයාගේ සිට රාජ්‍ය නිලධාරීන් ද රටේ අවසාන පුරවැසියා ද සිය කටයුතු කිරීමේදී මූල්‍ය විනයක් තුළ කටයුතු කිරීම බව මා මෙහිදී දැඩි ලෙස ගෞරවනීය ලෙස අවධාරණය කරනවා.දූෂණයට, හොරකමට විරුද්ධව මූල්‍ය විනයක් ඇති කිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය මා මෙහිදී දකිනවා. නිදහසේ අධිෂ්ඨානය පිරිසිදු, නොකිළිටි දේශපාලනයක් යන්නයි මාගේ අදහස. ඒ නිසා පිරිසුදු, නොකිළිටි දේශපාලනයක් සඳහා මූලික වශයෙන්ම අප සියලු දෙනාම කැපවෙමින් අපට අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන්, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් සාමූහික ප්‍රයත්නයක් තුළ අප සියලු දෙනා වගකීම් ඉටුකරමින්, රට ගොඩනඟා ගැනීමට තිබෙන ප්‍රධාන අභියෝගය වූ දූෂණය වළක්වා ගැනීම සඳහා, අල්ලස වළක්වා ගැනීම සඳහා අප සියලුදෙනාම පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි කියන පණිවිඩය මේ ගෞරවණීය, ආදරණීය ජනතාවට 70 වන නිදහස් සමුළුවේදී පැහැදිලි කිරීමට කාරුණිකව කැමතියි.අද මේ ඉතාමත් වැදගත්, ගෞරවනීය, ජාතියේ අභිමානවත් අවස්ථාවේදී අපේ රට බෙදන්නට එල්ටීටීඊ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් කටයුතු කළ අවස්ථාවේ අපේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සේවා කරන ලද ඉමහත් වූ කැප කිරීම මෙහිදී අප අමතක කළ යුතු නෑ. ඔවුන් ජීවිත පරිත්‍යාග කරමින්, අවයව අතපය අහිමි කරමින්, ඔවුන්ගේ දරුවන් පවුල් ජීවිත අහිමි කරගනිමින් ඉතාමත් වේදනාකාරී අත්දැකීම් සමඟ ජාතියේ අනාගතය, ජාතියේ නිදහස සහ රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය සඳහා සටන් කරනු ලැබුවා.ඒ නිසා මම මේ 70 වන නිදහස් දින සැමරුම් උළෙලේදී රජයේත්, ජනතාවගේත් ගෞවරණීය ප්‍රණාමය මේ රටේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සියලුදෙනා සඳහාත් ඒ යුද්ධය පැවැති කාලයේ ඉතාමත් කැපවීමකින් කටයුතු කළ මුළු මහත් රාජ්‍ය සේවයේත්, පොදු ජනතාව සියලුදෙනාටමත් පුදකරනවා.විශේෂයෙන් අද මේ 70 වන නිදහස් සැමරුම් උළෙලට එක්වූ ඔබ සියලු දෙනාටම මම මගේ ගෞවරණීය ස්තූතිය පුදකරනවා.අපේ ජාතියේ අනාගතය සඳහා දුගීභාවයෙන් නිදහස් වෙමින්, දූෂණයෙන් නිදහස් වෙමින් සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනඟමින් ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ඉදිරියට යන්නට අපේ ඓතිහාසික මතක සටහන්, අත්දැකීම් සමඟ කටයුතු කළ යුතුයි. නව අධිතාක්ෂණික ලෝකයේ නව පරපුරත් සමඟ උගත් තරුණ පරපුරත් සමඟ අප සියලු දෙනාම ඒ වෙනුවෙන් කැපවෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ පතමින් සමුගන්නවා.” යැයි ජනාධිපතිවරයා පැවැසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විශේෂ ආරාධිතයන් වශයෙන් බි්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ නියෝජිතයා ලෙස ඇයගේ පුත්, එක්සත් රාජධානියේ වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඞ්වඞ් කුමරු සහ ඔහුගේ බිරිඳ වන සොෆී රීස් ජෝන්ස් කුමරිය, කතානායක කරු ජයසූරිය, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන්, පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මැති ඇමතිවරුන්, විදේශ නියෝජිතයන්, තානාපතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අපේ ප්‍රතිපත්තිය මධ්‍යස්ථයි
0
hp_train_1057
(යොහාන් භාසුර)විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (26) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට තව දුරටත් පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (25) පස්වරුවේ පැවසීය.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටේ විදුලි කප්පාදුව පැය 4 යි විනාඩි 40 ක් අඩුකර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 40 විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.
හෙටත් පැය 3 යි විනාඩි 45 විදුලි කපයි
0
hp_train_1058
(ඩී.කේ.රත්න) තණමල්විල මීගස්වැව ප‍්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයකු අද (7) අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල මීගස්වැව පදිංචි වයස අවුරුදු 34 හැවිරිදි පුද්ගලයෙකි.තණමල්විල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.මෙම පුද්ගලයා මෙම ගිනි අවිය කිසියම් අපරාධයක් සදහා රැගෙන එන්නට ඇතයි පොලීසිය සැක කරයි.අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
ගිනි අවියක් සමඟ තණමල්විලදී අයෙක් අත්අඩංගුවට
0
hp_train_1059
සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චිඇඳිරිනීතිය  පනවා ඇති   වෙලාවෙ  අලෙවි කිරිම සදහා සුදානමි  කර තිබු  ගංජා  කිලෝ  දෙකක්  සමග පුද්ගලයන් දෙදෙනකු   අද (25) අත්අඩංගුවට ගත් බව  කල්තොට  පොලිසිය පවසයි.කල්තොට පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සහ  ගංජා  කිලෝ ප්‍රමානය  අද (25) දා බලන්ගොඩ   මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතවය.කල්තොට පොලිසියේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදුකර ඇත.
ඇඳිරිය අස්සේ ගංජා සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට
1
hp_train_1060
( තිළිණි ද සිල්වා )මේ වසරේ ජනාවාරි සිට මාර්තු දක්වා  ගතවූ මුල් මාස 03 තුනේදී විදෙස් සංචාරකයින් හත් ලක්ෂ හතළිස් දහසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී. ඒ අනුව ඉකුත් වසරේ මුල් මාස තුනේදී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී එය සියයට 4.6ක වර්ධනයක් යැයි එම අධිකාරිය කියා සිටී.පසුගිය වසරේ මුල් මාස 3 දී විදෙස් සංචාරකයින්  707,924 කු පැමිණ ඇත. පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයින් 244,239 ක්ද , පෙබරවාරි මාසයේදී සංචාරකයින් 252,033 ක් හා  මාර්තු මාසයේ දී සංචාරකයින් 244,328දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටී.  ඉකුත් මාර්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.එරට වැසියන් 34,812 ක් ද , බි‍්‍රතාන්‍යයෙන් සංචාරකයින් 29,682 ක්ද , චීනයෙන් සංචාරයකයින්  23,759 ක්ද මේ වසරේ මුල් මාස තුනේදි දිවයිනට පැමිණ ඇත. තවද ජනවාරි මාසයේ දී සංචාරකයින් 9,581 ක්ද ,පෙබරවාරි මාසයේ දී 12,307 ක්ද මාර්තු මාසයේ දී සංචාරකයින් 16,642 ක්ද වශයෙන් විදෙස් සංචාරකයින් වසරේ මුල් මාස තුනේදී මගී නෞකාවලින් මෙරටට පැමිණ ඇත.
සංචාරක පැමිණිම ඉහළට
0
hp_train_1061
(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)විනාශකාරී කටුපොල් වගාවට මින් ඉදිරියට මේ රටේ එක් බිම් අඟලක් නොදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය.වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (24) පෙරවරු 10.30ට රැස් විය.වාර්තා හා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවැසීය.නව ක්‍රියාකාරී අධ්‍යක්ෂකරයෙකු පත්කර ප්‍රචාර කටයුතු විධිමත් කරනවා. තේ මණ්ඩලය වඩා විධිමත් කිරීම අරමුණයි.පත්කළ මන්ත්‍රී (ජවිපෙ) සුනිල් හඳුන්නෙත්ති මහතා:- ආයතනවල ප්‍රචාරණ කටයුතු කියා වැඩිපුර වෙන්නේ ඇමැතිවරයාගේ ප්‍රචාරණ කටයුතුයි. එමෙන්ම දේශපාලන ප්‍රචාරණ කටයුතුත් වෙනවා. තේ මණ්ඩලය ගතහොත් ප්‍රචාරණ කටයුතු එහි දියුණුව උදෙසා විය යුතුයි.කනක හේරත් මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.හඳුන්නෙත්ති මහතා:- තේ මණ්ඩලය මගින් තේ මංගල්‍යය කියලා කරන්නෙත් දේශපාලන මංගල්‍යයක්. එහි ප්‍රවර්ධන නොවෙන්නේම තේ පමණයි. තේ නැවත වගාව පහළ වැටිලා. ඒනිසා අලුත් පැළ ලබා ගැනීමේ ගැටලුවක් තිබෙනවා.එමෙන්ම තේ ප්‍රවර්ධන අරමුදල හැදූ දා සිට එය භාවිතයට ගත් ආකාරය ගැනත් සොයා බලන්නැයි මා ඉල්ලා සිටිනවා.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා:- ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කරන්නේ ඍණාත්මක කතා. ඔවුන් මොනවා කීවත් අද තේ මණ්ඩලයේ නිලධාරීන් සාමූහිකව කටයුතු කරනවා. 2015 දී අඩුවූ තේ නිෂ්පාදනය හා මිල මේ වන විට ඉහළ නංවා ගැනීමට අපට හැකිවී තිබෙනවා. එය සිදුකළේ පොහොර සහනාධාරයේ කප්පාදුවක් හා ග්ලයිෆොසෙට් තහනමක් තිබියදීයි.ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කිරීම නිසා වගාවට අහිතකර බලපෑමක් සිදුවුණා. මේ සම්බන්ධව ජපානය කීවේ ග්ලයිෆොසෙට් නිසා ඔවුන්ගේ ජනතාවට හානි නොවූ බවයි. එමෙන්ම ග්ලයිෆොසෙට්වලට විකල්ප ලෙස අප යොදාගත් එම්.ආර්.සී.පී. වල් නාශකයෙන් ජනතාවට හානියක් නොවන බව කීවා. ජනාධිපතිතුමා හමුවී එය පැහැදිලි කිරීමෙන් පසු තේ වගාවට පමණක් ග්ලයිෆොසෙට් භාවිතයට අවසර ලැබී තිබෙනවා. ඉදිරියේ දී එහි ගැසට් නිවේදනය නිකුත් කරනවා.නැවුම් තේ මංගල්‍යය අපි ඇරඹුවේ දේශපාලකයින් ප්‍රවර්ධනයට නොවන බවත් කිව යුතුයි.මහනුවර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී මහිදානන්ද අලුත්ගමගේ මහතා:-තේ කර්මාන්තය විශාල විදේශ විනිමයක් ගෙනෙන ශ්‍රමිකයන් විශාල පිරිසක් සිටින ක්ෂේත්‍රයක්. නමුත් අපේ රජය ඇතුළු මේ රට පාලනය කළ කිසිම රජයකට මේ ක්ෂේත්‍රය වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ රටේ තේ වගාව අඩුවෙමින් තිබෙනවා.ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.ගම්පහ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා:- අද අපේ රට ගොඩ නැගීමට ණය බර බාධාවක් වී තිබෙනවා. එම බර අඩු කරගැනීමට නම් විදේශ විනිමය ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා තේ නිෂ්පාදනය වෙළෙඳපොළ අපනයනය රැක ගැනීම අපේ ජාතික යුතුකමක්.ඇමැතිතුමා අද තේ කර්මාන්තයේ දියුණුවට තවත් එක් පියවරක් ගෙන තිබෙනවා. එය ඉතිහාසගත පියවරක් වේවි. එමෙන්ම එතුමා පක්ෂ ජාතික සංවිධායක ලෙස පක්ෂයත් ශක්තිමත් කරාවි යන විශ්වාසය අපට තිබෙනවා. වන්නි දිස්ත්‍රික් (දෙජාසං) මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා:- තේ මණ්ඩලයට වැඩ අධ්‍යක්ෂවරයෙක් පත්කිරීම ඉතා වැදගත්. තේ කර්මාන්තයේ නියුතු අයගේ ගැටලු විසඳිය යුතුයි. තනතුරු සඳහා පත් කිරීමේ දී රට වෙනුවෙන් කටයුතු කරන අය පත් කළ යුතුයි.කෑගල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී කනක හේරත් මහතා:- පොහොර සහනාධාරය කප්පාදුවෙන් තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා. ඒ වගේම වතු හිමියන් නියමිත ආකාරයෙන් පොහොර නොයෙදීමත් ගැටලුවක්. සමහරු ඒ සඳහා අජිනමොටෝත් යොදනවා.මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:- තේ කර්මාන්තය නැංවිය යුතුයි. දැනට විනාශ වී යන තේ වතු කොටස් කර කම්කරුවන්ට හෝ වගා කිරීම සඳහා ලබාදිය යුතුයි. එමෙන්ම වගා නොකළ ඉඩම් කම්කරුවන්ට නිවාස තනාදීම සඳහා පර්චස් 7 බැගින් ලබාදීමට තීන්දු කර තිබෙනවා.මඩකළපුව දිස්ත්‍රික් (දෙජාසං) මන්ත්‍රී ජී. ශ්‍රීනේෂන් මහතා:- මෙය රටේ කාන්තාවන් වැඩි වශයෙන් නියැලී සිටින ක්ෂේත්‍රයක්. ඒ කම්කරුවන්ගේ ජීවන තත්ත්වය වැඩිකිරීමත් තේ නිෂ්පාදනය වැඩිකිරීම සමගම සිදුවිය යුතුයි. ක්ෂේත්‍රය දියුණු වන්නේ කම්කරුවන් තෘප්තිමත් වූ විටයි.පත්කළ මන්ත්‍රී (එජාප) මහාචාර්ය ආශු මාරසිංහ මහතා:- තේ මණ්ඩලය නියෝජනය කරමින් පිටරට යන අපේ සමහර නිලධාරීන් ඒ රටවල දී බොන්නේ කෝපි. තේ බොන නිලධාරීන් යැව්වා නම් හොඳයි. ලංකා තේ ප්‍රචලිත කරන්න ලෝකය පුරා සිලෝන් ටී ඇම්බසිඩර්ස් පත් කරන්න.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- තේවල කළු පැහැය ඇති කිරීමට දාන සෝඩියම් නිසා දියවැඩියාව හැදෙනවා. බාල තේ වැටලීමට ක්‍රියා කළ යුතුයි. සීනි කළවම් කරන කම්හල් 82 ක් හඳුනා ගෙන තිබෙනවා. මේවාට ගත්තු ක්‍රියාමාර්ග මොනවා ද?රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (එජාප):-සමහර වතු සමාගම් තේ වවන්න ඉඩම් අරගෙන වෙනත් කටයුතුවලට ඒ ඉඩම් බදු දෙනවා. අද කවුරුත් තේ මිල කතා කරන්නේ නැහැ. අද තේ සීයයි. එකසිය පහයි.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස):- එදා තේ පර්යේෂණාගාරය හොඳ තේ පැළ හැදුවා. අද ඒක නැවතිලා. තේ කර්මාන්තය රැඳිලා තියෙන්නේ කිහිප දෙනෙකුගේ අතේයි. තවම දලු කඩන්නේ පරණ ක්‍රමයටමයි. නාය යෑම නිසා සමහරුන්ගේ තේ වතු අද තියෙන්නේ වෙනත් අයගේ තේ වතුවලයි.ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා:- තේ නාමය ආරක්ෂා කර ගැනීමට අපට අද සිදුවී තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල තේ, රබර් වගා ඉවත් කර කටුපොල් වගාව සිදු කරනවා. එයින් වගාවන්ට මෙන්ම ජන ජීවිතවලටත් අහිතකර බලපෑම් ඇතිවෙලා.රත්නපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:- පෞද්ගලික සමාගම්වලට දී ඇති රජයේ වතුවලට අත්වූ ඉරණම අප දන්නවා. ඒවායේ ලාභය ඔවුන් ආයෝජනය කළ ආකාරය සෙවිය යුතුයි. ඒනිසා රැකියා අවස්ථා අඩුවෙලා. වගා කරන්න බැරි සමාගම් කාරයින්ට මේවා දුන්නේ ඇයි? ඔවුන් රටේ ජාතික සම්පත් වංචා කරනවා.ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය. වාසුදේව නානායක්කාර මහතා:-කටුපොල් වගාකිරීම රටට සාපයක්. කටුපොල් වගාවට දී ඇති සීමාව තවත් අඩු කළ යුතුයි.නවීන් දිසානායක මහතා:- ඒ අනුමැතිය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේයි. එතැනින් එහා අඟලක්වත් දෙන්නේ නැහැ. දැනට අක්කර 20,000ක තිබෙනවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):- ග්ලයිෆොසෙට් තහනම තේවලට අහිතකර ලෙස බලපෑවා. එදා කටුපොල්වලට අත උස්සපු අය අද ඒවට විරුද්ධ වෙනවා.පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.වර්ෂාව සමග වසංගත රෝග පැතිර යාමේ අවදානමක් තිබුණත් දකුණු පළාතේ පවතින උණ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ජනතාව ඒ පිළිබඳ බියක් ඇති කරගත යුතු නැතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වැඩ බලන අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.වැඩබලන අමාත්‍යවරයා මේ බව පැවැසුවේ දකුණු පළාතේ ව්‍යාප්ත වී ඇති ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා මෙසේ පැවසීය.මෙවැනි රෝගයක් පැතිරෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශය එය මැඩපැවැත්විය යුතුයි. වසංගත රෝග අංශය හරහා නිසි ක්‍රියාමාර්ග ගත්තා නම් මෙතරම් විනාශයක් වෙන්නේ නැහැ. අපි දන්න විදියට අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් තිබෙනවා. වසංගත රෝග අංශයට එන අය ඉල්ලා අස්වෙනවා. ඇමැතිතුමා ජනාධිපති වගේ හැම අමාත්‍යාංශයකම දේවල් සොයමින් ඉන්නවා. ගං වතුර සමග තවත් වසංගත ඇතිවිය හැකියි.ගම්පහ දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය:- යෝජනාව ස්ථිර කරනවා. කරාපිටිය, කඹුරුගමුව දකුණු පළාතේ රෝහල් රැසක උණ රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. වසංගත රෝග අංශයේ ප්‍රධානියා වසංගත රෝග ගැන කිසිම පලපුරුද්දක් නැති කෙනෙක්. අපි සෞඛ්‍ය දර්ශකවලින් ලෝකයේ ඉදිරියට ගියේ විශේෂඥ වෛද්‍යවරු අවශ්‍ය සුදුසු තැන්වලට පත් කළ නිසයි.අද රෝග වැළැක්වීමේ අංශය කඩා වැටිලා. පවුල් සෞඛ්‍ය අංශයේ ප්‍රධානියාත් ඊට නොගැලපෙන පරිපාලන සේවයේ විශේෂඥ වෛද්‍යවරයෙක්.මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:-අපි ආසියාවේ ඉහළ සෞඛ්‍ය මට්ටමක් හිමි රටක්. මෙවැනි වසංගත පාලනයට රජය සියලු පහසුකම් ලබාදී තිබෙනවා.මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා (එජනිස):- මේ රෝගය ජාතික මට්ටමින් පැතිර යා හැකියි. බෝ වෙන රෝග මර්දනය කිරීමේ ජාත්‍යන්තර ක්‍රම හුවමාරු කර ගැනීමත් වැදගත් වෙනවා.ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි:-දරුවන් අට දෙනෙකු මිය ගොස් තිබෙනවා. නමුත් මේ වන විට රෝගීන් ප්‍රමාණය අඩුවෙලා.ගාල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී චන්දිම වීරක්කොඩි:-කුඩා දරුවන් අට දෙනෙකුට අත්වූ ඉරණම කනගාටුදායකයි. මෙම තත්ත්වය පාලනයට කටයුතු කිරීම ගැන කරාපිටිය ඇතුළු රෝහල්වල වෛද්‍යවරුන්ට ස්තුති වන්ත වෙනවා. රෝහල්වල ඖෂධ හිඟයක් තිබියදීයි ඔවුන් කටයුතු කළේ.වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා:- ඉන්ෆ්ලුවන්සා වෛරසය වසරකට දෙවරක් පැතිරෙනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 19 ක් පිහිටුවා ඒ ගැන අධ්‍යයනය කරනවා. රෝගය පැතිරීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගත් බවට සහතිකයක් දෙනවා.මෙය පාසල්වලින් පැතිරීමේ අවදානම වැඩියි. මහජනතාවගේ සහය නැතිව පාලනය කරන්න බැහැ. වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය වසංගත රෝග අංශයේ 2011 වසරේ සිට කටයුතු කළා. විදේශගතවී ඇය නැවත ආවත් රාජ්‍ය සේවා කොමිසම ඒ තනතුරට වෙනත් අයෙකු පත් කර තිබුණා. අපට එය අවලංගු කරන්න බැහැ. එය අමාත්‍යාංශයේ වරදක් නෙවෙයි.  
විනාශකාරී කටුපොල් වගාවට මින්පසු රටේ එක බිම් අඟලක් දෙන්නේ නෑ
1
hp_train_1062
( තිළිණි ද සිල්වා )ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම පසුගිය මාසයේ දී සියයට 19.3 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.ඒ අනුව පෙබරවාරි  මාසය තුළ දි සංචාරකයින් ලක්ෂ දෙකක් පමණ මෙරටට පැමිණ ඇති අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී මෙම වර්ධනය පෙන්නුම් කරන බවද එම අධිකාරිය විසින් මාසිකව නිකුත් කරන නවතම දත්ත වාර්තාවක සඳහන් වේ.ඉකුත් පෙබරවාරි මාසය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 36,000ක් පමණ වේ. ඉන්දීයානු සංචාරකයින් 32,000ක් ද බි‍්‍රතාන්‍ය සංචාරකයින් 23,000ක් ද එම කාලය තුළ පැමිණ ඇත.මේ අතර ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් හාර ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ දිවයිනට පැමිණ තිබේ.
සංචාරක පැමිණිම ඉහළට
1
hp_train_1063
උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්. සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 02/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31259575වැසි වාර කිහිපයක්.කොළඹ30259070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249580වැසි වාර කිහිපයක්.යාපනය29248575වැසි වාර කිහිපයක්.මහනුවර28219575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19149575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30249575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259580වැසි වාර කිහිපයක්.මන්නාරම29259075සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘උතුරු සහ නැගෙනහිරට තද වැසි‘
1
hp_train_1064
මෙලොව උපදින  ඕනෑම මිනිසෙකුට බලාපොරොත්තුවක් ඇත. විටෙක නැගිටීමට හේතුවක් වනු ඇත. බලාපොරොත්තු පෙණ පිටක් සේ වුවත් පිරිසිදු අරමුණක් වී බලාපොරොත්තුව අධිෂ්ඨානය කර ගැනීමට සිත ශක්තිමත් කරගත යුතුය. මාගේ එකම අරමුණ නොනැවතී ගමන් ගන්නා වූ සංසාර ගමනින් මිඳීමයි. එය නම් නිර්වානයයි. බෞද්ධයන් වන අපගේ එකම අරමුණ විය යුතු යුත්තේ නිවන මඟ මඟ පසක් කර ගැනීමයි. ඒ සඳහා දැනගත යුතු දෙය කළ යුතු මෙය බොහෝය. මරණ දැන්වීමක ”නිවන් සැප ලැබේවා.” කියා තිබූ පමණින් නිවන් මඟ යා නොහැකිය. බෞද්ධ යනු බුද්ධිමත් (දැනගත්) යන්නයි. දැනගත් පමණින් බුද්ධිමතකු වන්නේ නැත. දැනගත් දේ අවබෝධ කරගත යුතුය. පිළිපැදිය යුතුය. ඔහු හෝ ඇය බෞද්ධයෙකි. උගතෙක් වූ පමණින් බුද්ධමතකු වන්නේ නැත. බෞද්ධයෙකු වීමට අපට වාසනාව පෑදුනේ කොහොමද? පෙර ආත්මයක කල කුසල් බලයක් හේතුවෙන් නිරෝගි කයක් (ශරීරයක්) ඇතිව ඉපදීමත් නිවැරදි දේ දැනගෙන අවබෝධ කර ගැනීමට හැකි සිතක් ලැබීමත්, සාර්ථක ජීවිතයක් ගත කිරීමට උදව් උපකාර කළ හැකි පින්බර මවක් සහ පියෙක් ලැබීමත් නිවැරදි ගමන් මඟක යාමට බුදුවරයෙකු පහළ වූ කාලයක උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනා සේ ශ්‍රී සද්ධර්මය පවතින රටක ඉපදීම බෞද්ධයකු වීමට හේතුවයි. බෞද්ධයකු වූ අපගේ අරමුණ නිර්වාණය කරා යාම නම්, නිර්වාණය යනු ඉපදීම නැවත්වීමයි. දුකට හේතුව ඉපදීම නිසා වූ හෙයින් එය නැතිකර ගැනීමේ මාර්ගය සොයා 2014 මාර්තු 28 වන දින මාගේ 55 වන උපන් දිනයේදී ගිහි ජීවිතයෙන් මිදී පැවිදි වූයේ ස්වාමි පුරුෂයකු සතු පියෙකු සතු සියලූ වගකීම් යුතුකම් ඉටුකර අවසන් නිසා නමට බෞද්ධයෙකු වී පලක් නැති බව සිතුන නිසාය. ගිහිව සිටි කාලයේත් දහම් කටයුතුවල නිරත වු මාගේ අරමුණ වූයේ පැවිදිව මා කළ යුත්තේ ද මා නිවන් මඟ දැන ගන්න ගමන් මාගේ දැනුම අන් අයටද කියා දි අන් අයවද මේ සසර දුකින් අත්මුදවා ගැනීමය. දින සති මාස ගණන් වලට මාගේ පැවිදි ගමන ඉදිරියට යද්දි මා හට සිතුනේ දුශ්ශීලව ගත කරන චීවරධාරියෙකුට කලින් මස්කඩ මුදලාලි කෙනෙකුට නිවන් දැකිය හැකි බවයි. අහිංසක සතෙකුගේ ජීවිතයක් නැතිකර එය විකුණාගෙන ජීවත්වන මිනිසෙකුට වඩා අප ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ශ්‍රී නාමයටත් නිර්මල අකාලික ශ්‍රී සද්ධර්මයටත් මුළු සතය පරපුරටමත් නිගා කරමින් අපහාස කරමින් තමන්ගේ කායික මානසික පහත් ආශාවන් ඉටුකර ගනිමින් වංචනිකව අහිංසක මිනිසුන් මුලාවේ දමමින් කරන අපරාධය, පාපය පෙර කි සත්ව ඝාතකයාට වඩා කල්ප ගණනාවක් නරකාදියේ ඉපදීමට  කර ගන්නා පාප කර්මයක් බව සිතුනි. නිරයේ කල්ප ගණනාවක් දුක් විඳ මිනිස් ආත්මයක් ලැබුවත් එය ලැබෙන්නේ කල පාපකර්මය විඳවා මරණය සිදුවීමය. (මා මේ කියන දෙය සියලූම ආගම්වල දුශ්ශීල පූජ්‍ය යැයි කියන අය සඳහාය) මාස 07 ක් වැනි කාලයක් තුළ චීවරදාරියෙකුට නුසුදුස කි‍්‍රයාවන් දකිමින් අපායකින් මිදීමට තවත් අපායකට ආ බව සිතුන වාර අනන්තය. රටේ රජවරු පවා වැඳ නමස්කාර කරන වැරදි චීවරධාරින් විටෙක පියවරුන්ය. සීනි තේ කොළ පිරිකර වෙළෙඳුන්ය. ඉඩම් හිමියන්ය. වාහන වෙළඳුන්ය. ආදරවන්තයින්ය. වංචාකාර සම්මාදන්කරුවන්ය. වශී ගුරුකම් පැන්නුම් කරන අයය. මංකොල්ලකරුවන්ය. ස්තී‍්‍ර දූෂකයින්ය. ළමා අපචාරකයින්ය. මාධ්‍යයෙන් ලොවම දකින ආකාරයට පූජනීය කියූ වැදගත් උසස් යැයි කියූ හිමිවරු පාතාලයින් වගේය. සිවුරෙන් ඇඳලා අරගෙන බෙල්ල මිරිකන අවස්ථාද, පොලූ ගල් අරගෙන දේපල කුඩු කරන අවස්ථාද රජයේ වැදගත් ස්තානවලට ගොස් එම උසස් නිලධාරින් ගරු බුහුමන් කරද්දි අශෝබල ලෙස හැසිරෙමින්ද, පාතාල සංවිධාන මෙන් රටට ජාතියට ආගමට ලෙන්ගතුකමක් නැති දේශපාලූවන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට වංචනික ලෙස බොදු නම සඳහන් කරගෙන පෙනී සිටීමෙන්ද ආරක්ෂාවට ගස් උඩ නගිමින්, නුසුදුසු ආකාරයට උද්ඝෝෂණවලට සහභාගි වෙමින් පොලිස් බැටන් පොලූ පහරවලට ලක් වෙමින් සිදු කරන්නේ අනුගමනය කරන්නේ බුදු දහමේ න්‍යායට අනුවද මෙවැනි පාපකාරී දුශ්ශීල කි‍්‍රයාවල යෙදෙන්නේ හොඳ නරක කියා දීමට සිටිනා මිනිසුන් වන්දනීයැයි පූජනීයැයි කියන අය නොවේද? දුක නැතිකර ගැනීමේ මාර්ගය කියා දෙන්නේ. අනුකම්පාව, කරුණාව, දයාව පෙර දැඩි වූ බුදු දහම තුළින් අසරණ බෞද්ධයින්ගේ දුක නිවන්නේ මේ ආකාරයටද? අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැමට සෙත සැලසෙන ධර්ම දේශනාවක්, පිරිත් දේශනාවක් කළේ ගමන් වියදම් යැයි කියා බිල්පතක් කඩලාද?මා හිතන විදිහට මෙවැනි දේ සිදු වීමටද  ඉඩදී අප නායක ස්වාමීන් වහන්සේලා නිහඬව සිටීමට හේතු කීපයක් ඇත. මේ පළමු එකනම් ධම්ම පදයේ මුල් ගාථාවේ තේරුම සත්‍ය නිසාද,දෙවෙනි යකඩය නැතිවීමට හේතුව යකඩයෙන්ම ඇතිවන මළකඩ නිසාද, තෙවැනුව නායක ස්වාමින් වහන්සේලාට වඩා බල පුළුවන්කාර කමක් දේශපාලූවන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරන දුශ්ශීල චීවරධාරින්ට ඇති නිසා කළුගලේ ඔළුව ගසා ගන්නේ නැතිව ලැබෙන දේ වළඳා වෙන දේ නොදැක්කා සේ සිටීමද, මාගේ මේ අදහස් ශීලවන්ත හිමිවරුන්ගේ කෝපයට  හේතුවක් නොවන බව සිතමි. එයට හේතුව නම් වැරදි දේ වැරදි ලෙසත් නිවැරදි දේ නිවැරදි ලෙසත් තේරුම් ගැනීමට හැකි බුද්ධිමත් ශීලවන්තකම නිසාය.මේ හේතූන් නිසා, පැවිදි දී බුදු දහම වෙනුවෙන් විශාල දෙයක් කිරීමට හැකියාව ලැබේ යැයි සිතුවත් පැවිදි ජීවිතය පටන් ගත් තැන සිටම ඇතිවූ කලකිරීම මාද මේ පාප කි‍්‍රයාවලට සුළුවෙන් හෝ සම්මාදන් වෙන බව දැනිණි. රැකියාව වශයෙන් හමුදා ජීවිතයක් අවුරුදු 22 ක් ගත කළ මා හට පැවිදිව සිටි කාලයේදි වැරදි දේ දැකීමෙන් ඉවසීම සීමාවන අවස්ථා උදා විය. නිවන් මඟ සොයා පැමිණි මා වැරදි මාර්ගයකට අවතීර්ණ වන බව දැනුණු අතර නිවන් මඟ යාමට ගිහි පැවිදි භේදයක් නොමැති  බවත් මහණකමහෝ උපාසකකම ඇත්තේ කහ සිවුරේවත් සුදු ඇඳුමේවත් නොව පිරිසිදු යහපත් ගුණගරුක නම්‍යශීලි බුද්ධිමත් හදවතක් තුළ බවය. නිවන් යාමටවත් බුදු දහම දන්නා තරමින් කියා දීමටවත් උපවැදි වීම බාධාවක් නොවන නිසා 2014 ඔක්තෝබර් මස පැවිදි ජීවිතයෙන් ඉවත් විය.”ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි” හිරු සඳු නොනැවතී බැබලෙනවා සේම මේ වචන විශ්වයේ බැබලෙමින් ප‍්‍රතාහාර්ය පාන බව නමස්කාර පූර්වකව සිහිපත් කළ යුතුය. මීට වසර 2600 ගානට ප‍්‍රථම අප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකය විනාශ වන අවසාන කාලය වන විට බුදු දහම බැබළෙමින් පවතින්නේ ලංකාද්වීපයේ බවයි. ඒ බව ශ්‍රී ලංකා වාසින්ට සනාත වූයේ මීට වසර ගණනාවකට පෙර සිදුවූ සුනාමියයි. එක බුදුපිළිම වහන්සේ නමක්වත් නොසෙල්වී තිබුණ බව බෞද්ධයින් වන අප ගෞරවයෙන් මතක් කළයුතුය. වනවාසි භික්ෂුන් වහන්සේලා බුදු දහමට අනුකූලව ජීවත් වන බවද සඳහන් කරන්නේ  බුදු දහමේ වටිනාකම ගෞරවයෙන් පිළිබදින ගරුතර යැයි කිව හැකි පිරිසක් සිටින බවද ශාසනා ලැදිව සඳහන් කරමින් අනාගතයේදී රහතන් වහන්සේලා ශ්‍රී ලංකා භූමියේදී ලොවටම දකින්නට හැකි වේවි.මාගේ උපවැදි වීමේ ලිපිය බාර දීමට ගිය අවස්ථාවේදී බුද්ද ශාසන අමාත්‍යාංශයේ සිටි හිමිනම මාගෙන් ඇසුවේ උපවැදි වීමට හේතුව කුමක්ද කියාය. මා පැවිදි වූයේ බුදු දහම තුළින් නිවරදි දෙයක් කිරීමට මිස රැකියාව නැති අඩුපාඩුව සම්පූර්ණ කරගැනීමට නොවන බව මාගේ පිළිතුර විය. පිළිතුර එසේ වන විට උන්වහන්සේ පැවසුවේ හැම තැනම එක වගේ නැති බවය. නමුත්, මා හට නිසි තැනක් හමුවූයේ නැත. දුටුවේ නැත. අවසානයේදි පෙර කී වචනය සනාථ කරමින් ගෞරවණීය හිමිනමක් දුටුවේය. උන්වහන්සේ මාව පිළිගත් ආකාරය, කතා කළ ආකාරය, හැසිරුණ ආකාරය ඉතාම විනීතය. ශීලවන්තය, ඒ රාමඤ්ඤ නිකායේ මහානායක හිමිවන ගෞරවණීය නාපාන පේමසර හිමිපාණන්ය. වන සිවුපාවුන් මැද දේවි දේවතාවන් සිටින බව දැනුණි.සියලූ දේ අතහැර නිර්වාණය ශාක්සාත් කර ගැනීමට කසාවත් ඉල් පාවිදි වන අය දුශ්ශීල වන්නේ මා මාතෘකාවෙන් කියූ පරිදි තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා සිත මහණ නොකොට ගත පමණක් මහණ කිරීම නිසාය. වර්තමානයේ වැඩි පිරිසක් මේ ගමනට අවතීරණ වන්නේ දුගි දුප්පත්කම මඟ හරවා ගැනීමට සුදුසුකම් අවශ්‍ය නැති ලාභ ලැබිය හැකි රැකියාවක් ලෙසය. උසස් අධ්‍යාපනයක් කරා යාමට සිතාය. (උපාධිය ගත් පසු සිවුර බණ මඩුවේ මුල්ලකය.) ඥාති සම්බන්ධතාවය අනුව දේපල හිමිකම් බාර ගැනීමටය. වයසට ගොස් අසරණ වූවාට පසුවය. තවත් අභිමතාර්ථයන් මත පැවිදි වන අය ඇත. ”සබ්බ දුක්ක නිස්සරණ නිබ්බාන සච්ජිකරනන්තාය” යන පාඨයේ තේරුම පිළිපැදීමට පැවිදි වන අය නැතුවාම නොව දුර්ලභය. පැවිද වූවාට පසු මහණකමේ පිළිවෙත් ආරක්ෂා කළ යුතුය. එයට ලොකු කුඩා භේදයක් නොකොට ගත යුතුය. රාහුල පොඩි හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් සමඟ කාලය ගත කරන වේලාවක වැසිකිළි  වලක නිදා ගත්තේ පැවිදි වූවාට පස් සාමනේර නමක් මිස ඥාති සම්බන්ධතාවයක් නොදැනුන නිසාය. එයයි අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සසුනේ ආරක්ෂාව ගෞරවය විනීත බව කියාදුන් ආකාරය. වර්තමානයේ පොඩි හාමුදුරුවෝ (සැම ම නොවේ) ලොකු හාමුදුරුවන්ගේ හුරතලාය. නොතේරෙන මේ පොඩි අය සිවුර බිම දමා ගස් නගිති. හැංගි මුත්තං කරති. කි‍්‍රකට් ගසති. ප‍්‍රශ්නයක් වූ විට ඔළු පලා ගනිති. දානය ගන්නා විට මාළු කෑල්ලේ කටු ඇරදීමට ලොකු හාමුදුරුවන්ට සිදුවන අවස්ථා ඇත. රාති‍්‍රයේදී සැතපෙන විට ටෙඩිබෙයා අවශ්‍යය. නොතේරෙන වයසකදී කියා දුන්නත් තේරුම් ගැනීමට නොහැකි පොඩි ළමයෙකු මහණ කිරීම හාස්‍යයට ලක්ව අවස්ථා ඇත. සුදුසු කාලය පැමිණෙන තුරු පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සසුනේ පිළිවෙත් දැන ගනිමින් ගුරු ගෞරවය රැුක ගැනීමට හැකි ස්වාමීන් වහන්සේ නමක් යටතේ ගිහියෙකු වශයෙන් විහාරස්ථානයේ සිට පසුව මහණ කළ යුතුය. හාමුදුරුවන්ගේ  අඩුව පිරිමැසීමට අන්ධයෝ ගොළුවෝ කොරු අබ්බගාතයෝ මෝඩයෝ පැවිදි නොකළ යුතුය. නිසි පිලිවෙත බුදු දහමේ පැහිදිලිව කියා ඇත. එසේ නොවන විට සිදුවන්නේ ”පෑදි දියට බොර දිය එක්කළා සේ” ය. අප බුදු රජාණන් වහන්සේගේ කාලයේත්  මීට අවුරුදු 75 කට පමණ පෙර කාලයේත් පැවිදි අයෙකුගේ ශාන්ත බව සංවර බව නිහතමානී බව ගෞරවයක් ලැබිය යුතු හිමි නමක් බව ඇසින් දැක ගැනීමට හැකි වූ නිසා කුඩා භේදයක් නොවීය. වර්තමානයේ පිරිසක් බුදු දහමේ ගෞරවය කෙලෙසන නිසා කල්පනාකාරි විය යුතුය. නැතහොත් සිදුවන්නේ තවත් අසංවර දුශ්ශීලයින් පිරිසක් බිහි වීමය.මේ සියල්ලටම විසඳුම මා උපවැදි වීමද මා මාගෙන්ම ඇසුවෙමි. නැත. මෙම කි‍්‍රයාවලිය නිවැරදි කිරීමට උත්සාහ කළ යුතුය. මෙම නිවැරදි කිරීමට බැරි වුවත් අපවත් නිවැරදි වීමට උත්සාහ ගත යුතුය. එයට අවශ්‍ය වන්නේ බුදු දහම පිළිබඳ විශ්වාසයයි. මෙතෙක් මා සමඟ සිටි සියලූම දෙනාට මම ආරාධනා කරන්නේ ඇති හැකි අය එකතු වුවොත් නැති බැරි අසරණයින්ට පිහිට වීමට හැකි නිසා අඩුම තරමේ පන්සිල් පද පහේ තේරුම දැනගෙන ජීවත් වීමට මිනිසුන් පිරිසක් බිහි කළ යුතු බවයි. මෙයට අවශ්‍ය වන්නේ මුදලට වඩා දැනුමයි. කීප දෙනෙකුගේ දැනුම තව පිරිසක් දැනුවත් කිරිමට හැකිවනු ඇත. ගිහියෙකුව සිටි කාලයේත් පැවිදිව සිටි කාලයේත් මා සමඟ එකතු වී සිදුකළ ශාසනික හා සමාජීය කටයුතු මින් ඉදිරියටත් කරගෙන යාම මාගේ බලාපොරොත්තුවයි. ඒ නිසා මගේ ධර්ම සාකච්ඡා වලට, ධර්ම දේශනාවලට, දවස පුරා කළ භාවනා වැඩසටහන්වලට, දන්දීම්, පොදු සමාජ සේවාවන් වලට උදව් උපකාර වුත්. අන්තර්ජාලය ඔස්සේ මාගේ දහම් පති‍්‍රකා කියවූ සියලූම පිංවතුන්ට මා සමඟ එකතු වී මේ අප ලබාපු දුර්ලභ මිනිස් ආත්මය තුළින්ම අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ පරිදි දුක නැතිකර ගැනීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන, නිර්වානය සාක්සාත් කරගැනීමට තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා යන්න මාගේ මතු ප‍්‍රාර්ථනාව බව ශාසනාලැදිව ප‍්‍රකාශ කර සිටිමි.මා මේ ලිපිය ඉදිරිපත් කරන්නේ මා පිළිබඳව දැන සිටින ශ‍්‍රාවකයින්ට මා උපවැදි වූ බවත් එයට හේතුවත් දැනුම් දීමත් පිරිසිදු නිර්මල බුදු දහම වෙනුවෙන් ඉදිරියටත් ඇපකැප වී සිටින බව ශාසන ළැදිව දැනුම් දීමටයි.සෝමතිලක හෙට්ටිආරච්චි(පැවිදිව සිටි කුලියාපිටියේ ධම්ම ගවේෂි හිමි)
‘‘තණ්හා පච්චයා භවෝ’’
0
hp_train_1065
මාමේ මේ හරියේ මොකක් හරි පර්ස් එකක් එහෙම වැටිලා තිබුණාද?පවනට බඳු වේගයෙන් ඉදිරියට ගිය තමා ගමන් ගත් ත්‍රිරෝද රථයේ පැති කවුළුවෙන් බිමට වැටෙන්නට ඇතැයි සැකයෙන් ආපසු හැරී පැමිණි ඇය ඒ මොහොතේ මාර්ගයේ ගමන්ගත් මගියෙකුගෙන් එසේ ඇසුවේය.න්.. න්.. දැක්කේ නෑ”මගියා මදක් තිගැස්සුණු ස්වරයෙන් දුන් පිළිතුර සැක සහිත විය. එහෙත් එකවර ඔහු සැක කළ නොහැකි නිසා තවත් වරක් ඇය මෙසේ ඇසුවාය.‘අනේ මාමේ මම මේ මගුල් ගෙදරකට යන ගමන්. සල්ලිත් රුපියල් 5000 ක් තිබුණා.’ ඇය මදක් ශෝකී ස්වරූපයෙන් එසේ කීවද මගියාට ඒ පිළිබඳ නිනව්වක් නොවීය.‘නෑ ළමයෝ මගේ ළඟ නෑ. ඇරත් මට මොකද ඔහේගෙන් සල්ලි. මේ තියෙන්නේ මගේ ආයුධ ටික විතරයි.එසේ කියමින් පෙදරේරුවකු වූ තමාගේ ආයුධ මල්ල ඇය ඉදිරියේ දිග හැරියේය.ඔහු නිවැරදිය. මල්ලේ තිබුණේ ආයුධ පමණි. එහෙත් මල්ල තුළින් ඉහවහා ගිය සුවඳක් හැමුවේය.ඒත් සමග ඇය මෙසේ ඇසුවේය. ‘මාමේ මේ දවස්වල වැඩ කරන්නේ අහවල් ඕඩිකොලොන් සමාගමේද?’ඔහු මුවින් යමක් අල්ලා ගනු අටියෙන් එසේ අසද්දී මගියා තුෂ්ණිම්භූත විය.‘න්.. න්.. නෑ.. ඒ ඇයි’ නෑ මගේ පර්ස් එකේ තිබුණු ජාතියේම සුවඳක් මාමාගේ ආයුධ මල්ලෙන් එනවා. ඒකයි ඇහුවේ.ඒ වන විට තවත් පිරිමි පුද්ගලයෙකු ඇයගේ ඇඳුනුම්කමකට මේ සංවාදයට හවුල් වී සිටියේය. මදවේලාවකින් ඒ සංවාදය මගියාගේ ගමන් මල්ල ලිහා බැලීම දක්වා දීර්ඝ විය.මද වේලාවකින් මුදල් පසුම්බිය ලඹ කැටය අස්සෙන් මතුවිය.එහෙත් මුදල් නැත.සුවඳ පුරා පැතිරෙද්දී ඔහු මගියාගේ ඇඳිවත පිරික්සා කිරීමට තරම් දැඩි පියවරක් ගත්තේය.සුළු මොහොතකින් සුවඳ දෙගුණ විය. ඒ මගියාගේ සරම යටින් තිබූ යට ඇඳුමේය.හතරට පහට නැවූ රුපියල් දහසේ සහ පන්සීයේ නෝට්ටු යට ඇඳුමෙන් එළියට ගත් ඔහු සුවඳ අතරින් දුර්ගන්ධය පැතිරීමට පෙර දෑත් සෝදාගෙන පිටව ගියේය.(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)
බිම වැටුණු මුදල් පසුම්බිය පෙදරේරුවාගේ යට ඇඳුමෙන් මතුවෙලා
0
hp_train_1066
වැලිබල් ෆිනෑන්ස් සිය අඛණ්ඩ සාර්ථකත්වය හා ක්ෂේත්‍රය තුළ දිනා සිටින ප්‍රමුඛත්වය විඳහා දක්වමින් ස්ථාවර තැන්පතු, ණය පහසුකම් හා ලාභදායීත්වය තුළ 2020/21 මූල්‍ය වර්ෂය සඳහා කැපී පෙනෙන ප්‍රබල වර්ධනයක් ලබන්නට සමත්ව සිටී.රුපියල් බිලියන 2.3ක බදු පෙර ලාභයක් උපයාගන්නට ආයතනයට හැකි වී ඇති අතර එය සියයට 28.3ක වර්ධනයකි. එමෙන්ම පසුගිය වසරේ දී රුපියල් බිලියන 1.2ක් වූ බදු පසු ලාභය මේ වසරේදී රුපියල් බිලියන1.7ක් දක්වා වර්ධනයක් ලබා ඇත. වියදම් අවම කර ගැනීමේ උපාය මාර්ගික ක්‍රමවේද අනුගමනය කිරීම, සංචිත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම හා නව උපායශීලී ව්‍යාපාරික මාර්ග වෙත පිවිසීම වැනි ක්‍රියාමාර්ග තුළින් මෙම සාර්ථකත්වය අත්කර ගත්තේ පවතින අභියෝගාත්මක පසුබිම තුළ ගනුදෙනුකරුවන් අපහසුතාවට පත්නොවන සේ ඔවුනට උපරිම සහයෝගය ලබා දෙමින්ය.මෙම මූල්‍ය වර්ෂයේ දී මූල්‍ය ක්ෂේත්‍රයෙහිම සාමාන්‍ය අක්‍රිය ණය අනුපාතය සියයට 13.9ක් වන විට ආයතනයෙහි අක්‍රිය ණය අනුපාතය (NPL) සියයට 4.48කි. මෙලෙස පහළ අගයක පවත්වා ගැනීම ආයතන කළමනාකාරීත්වයෙහි විධිමත් බවට නිදසුනකි.සංචාරක අංශය හා වාහන ආනයනය කිරීම වැනි අංශයන්හි බොහෝ ගනුදෙනුකරුවන් ආයතනය සමග කෙරෙන ගනුදෙනු අවම මට්ටමක පැවති වර්ෂයක් තුළ දී පවා අත්කරගෙන ඇති විශිෂ්ට ප්‍රතිඵලවලින් පිළිබඹු වන්නේ ආයතන කළමනාකාරීත්වයෙහි උපායශීලී මූල්‍ය මෙහෙයුම්වල සාර්ථකත්වයයි.මෙම කාල සීමාව තුළ ආයතනයෙහි දළ ණය ප්‍රමාණය රුපියල් බිලියන 50 ක් වන අතර පසුගිය මූල්‍ය වසරේ දී රුපියල් බිලියන 42ක් වූ එය සියයට 19ක වර්ධනයක් ලබා ඇත. වැලිබල් ෆිනෑන්ස් මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ දී තම ගනුදෙනුකරුවන් කෙරෙහි වඩාත් සුහඳශීලී වූ සහයෝගයක් ලබාදෙමින් ඔවුන් යථාතත්වයට පත්වන තුරු, රජය විසින් ක්‍රියාත්මක කළ ණය සහන සීමාවට අනුව ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කරනු ලැබූ අතර විශේෂයෙන්ම දැඩි ලෙස පීඩාවට පත්ව ඇති කර්මාන්තවල නියුතු ගනුදෙනුකරුවන්ට එම සීමාවන් ද ඉක්මවා යමින් සහන ලබා දීමට කටයුතු කළේය.මෙම මූල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන2.8ක් බවට පත්වෙමින් සියයට 17.1ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන ආයතනයෙහි පෙර බදු ලාභය පසුගිය මූල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන2.4ක් විය. මෙය අභියෝගකාරී කාල සීමාවන් කළමනාකරණය කිරීමට ආයතනයට ඇති හැකියාව මනාව නිරූපණය කරන්නකි.මහජන තැන්පතු සීමාව වඩාත් ඉහළ අගයක් ගැනීම ආයතනය කෙරෙහි ඇති ජනතා විශ්වාසය පෙන්නුම් කෙරෙන හොඳම දර්ශකයකි. ආයතනයෙහි තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 32ක් වන අතර එය පසුගිය මූල්‍ය වර්ෂයේ දී පැවති රුපියල් බිලියන 29 සිට සියයට 10ක වර්ධනයකි. එමෙන්ම පසුගිය මූල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන51ක් වූ මුළු වත්කම් ප්‍රමාණය මෙම වසරේ දී සියයට 7.4ක වර්ධනයක් ලබමින් රුපියල් බිලියන 55 දක්වා වැඩි වී ඇත.“අභියෝගකාරී තත්ත්වය මෙන්ම මූල්‍ය සේවා අංශයට දැඩි බලපෑමක් එල්ල වන රථවාහන ආනයන සීමාවන් මධ්‍යයේ වුවද වැලිබල් ෆිනෑන්ස් ලබා ඇති මූල්‍ය සාර්ථකත්වය කෙරෙහි අපි නිහතමානීව ආඩම්බර විය යුතුයි. මෙලෙස සියලු අංශයන්ගේම ප්‍රබල වර්ධනයට හේතු වූයේ වෘත්තීය නිපුණත්වයෙන් පිරි කණ්ඩායමක කැපවීමයි. මෙම ඉලක්ක සපුරා ගැනීම වැලිබල් ෆිනෑන්ස් සමස්ත කාර්යය මණ්ඩලයම ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක්” බව වැලිබල් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්‍ෂක ජයන්ත රන්ගමුව තම අදහස් දක්වමින් පැවසීය.“වසරින් වසර නොයෙකුත් අභියෝගාත්මක මෙහෙයුම් වාතාවරණයන්ට මෙන්ම ගෝලීය වසංගතයකට සාර්ථකව මුහුණ දෙමින් වැලිබල් ෆිනෑන්ස් තම සියලු පාර්ශ්වකරුවන් හා කොටස් හිමියන් සුරක්ෂිත කරගැනීමට මෙන්ම ඔවුනට යහපත් ආර්ථික පසුබිමක් උදාකර දීම සඳහා ඇති කැපවීම ඉදිරියටම ගෙනයමින් ප්‍රබල වැලිබල් සමූහයේ පෙරමුණෙහිම ඇති සමාගමක් ලෙස දායකත්වයක් ලබා දෙන” බව වැලිබල් සමූහයේ සභාපති ධම්මික පෙරේරා පැවසීය.මූල්‍ය සාර්ථකත්වය මෙන්ම ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගත් වැලිබල් ෆිනෑන්ස් ජාත්‍යන්තරව අගැයීමට ලක්වෙමින් Global Economics හා Global Baning and Finance වෙතින් “වසරේ විශිෂ්ටතම මූල්‍ය සමාගම 2021” හා “වසරේ හොඳම රථවාහන මූල්‍ය සමාගම 2021” ලෙස, වසර තුළ දී දෙවරක්ම සම්මානයට පාත්‍ර වී සවිමත් හා ගෞරවණීය මූල්‍ය සමාගමක් ලෙස, තම නාමය ක්ෂේත්‍රය තුළ තවදුරටත් තහවුරු කරගෙන ඇත. 
වැලිබල් ෆිනෑන්ස් බදු පෙර ලාබය රුපියල් බිලියන 2.4ක්
0
hp_train_1067
(ඩී.කේ.රත්න)හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14)  සභා සම්මත විය.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක්  ද විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් අරුණ රංජන මහතා සභා ගැබේ නොසිටියේය.හපුතලේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු හතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පහක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හතකගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතය.
හිඟුරක්ගොඩ ප්‍රා. සභාවේ අයවැය සම්මතයි
0
hp_train_1068
(නිමන්ති රණසිංහ)පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (05) නියෝග කළේය’මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (05) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නිතීඥ මාධන්‍ තෙන්නකොන් මහතා අධිකරණයේ පෙනී සිටිමට ඉදිරි දිනයේදී කටයුතු කරනු ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා සදහන් කර සිටියේ නිතිපතිවරයාගේ නියෝජනය සමග සැකකරුගේ ඇප සම්බන්ධයෙන් ඉදිරි දිනයේදී අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සුදානම් බවය’ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.සැකකාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය මෙම සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද ඉකුත් නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරයා නියම කළේය.මාස පහකට අධික කාලයක් රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (02) වගන්ති ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු මෙම සිද්ධියට අදාළව පළමු වරට අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ ඉකුත් සැප්තැම්බර් මස 10 වැනිදාය.පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදාය.
බදියුදීන් යළි රිමාන්ඩ්
1
hp_train_1069
මධ්‍යම සහ සබරගමුව පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයටත් වැසි  ස්වල්පයක් ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 04/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35278570සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.කොළඹ32288570වැසි වාර ස්වල්පයක්ගාල්ල30279080වැසි වාර ස්වල්පයක්යාපනය33298065ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29229565වැසි වාර කිහිපයක්නුවරඑළිය20159575වැසි වාර කිහිපයක්රත්නපුරය32259570වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමළය35278050සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.මන්නාරම32288070වැසි ස්වල්පයක්
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
1
hp_train_1070
(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි සහ පුත්තලම එච්.චන්දන)විල්පත්තුව ජාතික උද්‍යානයේ පොම්පරිප්පු පල්ලිවාසල්කුලම් (උත්තුමඩාරු) ප්‍රදේශයේ ඓතිහාසික නටඹුන් පිහිටි ස්ථානයක නිදන් හෑරීයැයි සැකපිට අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු ලබන 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බුවනෙක රාජකරුණා මහතා නියෝග කළේය.  පුත්තලම එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසෙන ප්‍රසන්න ප්‍රදීප් කුමාර සහ ඒ.එච්.එම්. ගයාන් කෝසල යන සැකකරුවන් දෙදෙනා මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු පිරිසක් අදාළ ස්ථානයේ කැණීම් කරමින් සිටියදී එළුන්කුලම වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 18 දින එම ස්ථානය වටලා ඇත. ඒ වන විට සැකකරුවන් පිරිස එම ස්ථානයේ අඩි 10 ක පමණ විශ්කම්භයකින් යුතු ගැඹුරු වළක් හාරා තිබී ඇත. මෙම මෙහිදී සැකකරුවන් දෙදෙනෙකු සමග ජල මෝටරයක් ඇතුළුව පොළොව කැණීමට යොදා ගන්නා උපකරණ තොගයක් අත් අඩංගුවට ගෙන තිබුණි.සෙසු සැකකරුවන් පළා ගොස් තිබූ අතර එම පිරිස 15 ක් පමණ වියහැකි බවට වනජීවී නිලධාරීහු සැකපළ කරති. එසේ පළාගිය සැකකරුවන් අතර වනාතවිල්ලුව ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය දේශපාලඥයෙකුද සිටින බවට මෙහිදී අනාවරණය වූ අතර, එම සැකකරුවන්ද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය. වනසත්ව අඩවි ආරක්ෂක පී.එම්.ඩී. ටී. දිසානායක මහතා විසින් සැකකරුවන් දෙදෙනා සමග අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කළේය.කැණීම සිදුකර තිබූ අයුරු...
වාලම්පුරියක් විකිණිමට ගිය දෙන්නෙක් අත්අඩංගුවට
0
hp_train_1071
සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය සංවිධානය කරන ‘ඉන්කෝ 2017‘ කර්මාන්ත ප්‍රදර්ශනය ජූනි 23, 24 හා 25 දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.ජූනි 23 වැනිදා ප්‍රදර්ශනය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ අතින් විවෘත කෙරෙන අතර ජූනි 24 වැනිදා කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අතින් ද ජුනි 25 වැනිදා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අතින් ද ප්‍රදර්ශනය විවෘත කෙරේ.එම දිනවල පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත. 
‘ඉන්කෝ 2017‘ කර්මාන්ත ප්‍රදර්ශනය කොළඹදී
1
hp_train_1072
(විජේරත්න රත්නායක ) උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විසින් පවරන ලද නඩුව අද (30) ඌව පළාත්බද මහාධිකරණයේදී යළි විභාගයට ගැනීමට  නියමිතය. මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා ඉදිරියේ ඌව පළාත්බද මහාධිකරණයේදී මීට පෙර අට වතාවක් විභාගයට ගෙන තිබේ. එම නඩුව නවවන වරටත් අද විභාග කෙරෙන අතර ඉකුත් නඩු දින අවසානයේ ප්‍රකාශයන් අනුව අද දින මෙම නඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම නඩුවේ ප්‍රධාන පැමිණිළිකරු වන උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවූ නිවාස, දේපළ හා වගා හානි තුළින් අගතියට පත් ජනතාවට ප්‍ර‍මාණවත් ලෙස හා කාර්යක්ෂම ලෙස අවශ්‍ය සහන ලබානොදීම පිළිබඳව විරෝධය පළකරමින් එම ජනතාවට කඩිනමින් හා සාධාරණ ලෙස සහන ලබාදෙන ලෙස ඉල්ලා මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්, උමාඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ, උමාඔය සහන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සහ ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ යන අය වග උත්තරකරුවන් කරමින් උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, එම පෙරමුණේ ලේකම් වසන්ත සංජීව සෝමසිරි, එහි සම සභාපති එච්.ඒ.බෝධිපාල යන පිරිස විසින් ඌව පළාත්බද මහාධිකරණයේ අදාළ නඩුව පවරා ඇත.            
උමාඔය නඩුවේ තීන්දුව කල් යයි
0
hp_train_1073
ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් හෝ විශේෂ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති නොවන්නේ යැයි කී උන්වහන්සේ විදෙස් කර්මාන්තශාලා හා ආයෝජන ගැන කියන කතා කිසිදු දිනෙක යථාර්ථයක් නොවන දේවල් යැයි අවධාරණය කර කීහ. ආණ්ඩු වෙනසකට තමා ඇතුළු සංවිධාන ගණනාවක්ම උරදුන්නේ ජනතාවට පොරොන්දු රැුසක්ම දෙමින් යැයි ද එම පොරොන්දු ඉටුනොකරන්නේ නම් ජීවත්වීමෙන් පලක් නැතැයි ද රතන හිමියෝ කීහ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් පිහිටු වූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප‍්‍රථම මහා සමුළුව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදීය. ‘‘තිරසාර යුගයට මඟ’’ මැයෙන් වූ එම සංවිධානයේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ට පිළිගැන්වීම ද එහිදී සිදුවිය. උත්සවයේ ප‍්‍රධාන දෙසුම කරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද කීහ. අපි මේ සමුළුව සංවිධානය කළේ මාසයකටත් අඩු කාලයක් තුළයි. මේ සා විශාල ජනකායක් මීට පැමිණීම ගැන අපිට සන්තෝෂයි. මේ සභාවේ අරමුණ මොකද්ද? මේක දේශපාලන පක්ෂයක්වත් රාජ්‍ය නොවන සංවිධානයක්වත් ආගමික සංවිධානයක්වත් නෙවෙයි. අපේ රට ගැන හිතන හැම දෙනාටම එක්විය හැකි පුළුල් ජාතික සභාවක්. ඉන්දියාවේ හා ලංකාවේ ජාතික සංගමයත් ඉතාලියානු ජාතික කොංග‍්‍රසයත් මට සිහියට එනවා. ජාතික මහා සභාව පිහිටුවූයේ අප රට මුහුණ දෙන සමකාලීන අර්බුදවලට විසඳුම් සෙවීමේදී මතවාදී අරගලයක් හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සහිත වැඩපිළිවෙළක් සඳහායි. විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සර්වෝදය ව්‍යාපාරය අගරදගුරුතුමන් මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විද්වතුන් රැුසකගේ අදහස් සාරසංග‍්‍රහ කිරීමෙන් මේ සභාවට පාර කැපුණා. මේ වගේ කෙටි කාලයක් ඇතුළත රට වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හැදීමට හැකිවීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා.ව්‍යවස්ථා හා ආර්ථික වෙනසක් ගැන කට්ටිය මේ දවස්වල කතා කරනවා. හැබැයි අපි කතාකරන්නේ රටට ජාතික සැලැස්මක් ගැනයි. රටට ආණ්ඩුක‍්‍රම හා ආර්ථික වෙනසක් අවශ්‍ය ඇයි කියන ප‍්‍රශ්නයට ව්‍යුහාත්මක පිළිතුරක් අපි දෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා සමඟ ප‍්‍රතිපත්තිමය තීරණයකට එනකොට ජාතික ප‍්‍රතිපත්ති සභාවක් හදන්න යැයි අපි ඔබට කිව්වා. ඒකට තුනෙන් දෙකක් අවශ්‍ය නෑ. ජනමත විචාරණ අවශ්‍ය නෑ. කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ. අද ඔබතුමා බලයට පත්වෙලා අවුරුදු දෙකයි. තාම සභාව හදලා නෑ. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුව හදන්න යනකොට අපි රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා එක්ක ගිවිසුමක් අස්සන් කළා. ජාතික සැලසුම් සභාවක් හදනවා යැයි ඒ ගිවිසුමෙන් කිව්වා. අද වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ. හැබැයි කියපු නැති දේවල්වලට මේ වනවිට කාලයත් මුදලූත් විශාල වශයෙන් නාස්ති කරමින් තිබෙනවා.ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියනවා. ජනාධිපතිතුමනි, ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නෑ කියලා අපි කිව්වේ ඇයි? විධායක ජනාධිපති ක‍්‍රමය එක්ක බැඳුණු කාරණා ගණනාවක් මේ රටේ තිබෙනවා. පළමු වැනි එක ඡුන්ද ක‍්‍රමයයි. ඔබතුමා නොහිටියා නම් මේ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් ද? මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ද? එක පක්ෂයකටවත් බලය නෑ. ජනාධිපති කෙනෙක් නොහිටියා නම් අර නේපාලයේ වගේ රට අරාජික වෙලා. ඒකාධිපති බලතල ඉවත්කරලා විධායක ජනාධිපති ධූරය රටට වගකියන තත්ත්වයට පත්කරමු යැයි කිව්වෙ ඒකයි. 19 වැනි සංශෝධනයට ඔබතුමා කොච්චර කැප වුණාද? කියන්න ලැජ්ජයි. විපක්ෂය වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාකරන සමහර වාමාංශික පක්ෂ ගුණාත්මකභාවය වැඩිකරනවා වෙනුවට ඒක ආපස්සට හැරෙව්වා. එහෙම වෙද්දිත් 19 සම්මත කරගැනීමට අපිට හැකිවුණා. ඒ ගැන ඔබතුමාට මුළු ජාතියේම ප‍්‍රණාමය හිමිවෙනවා. දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම්වලට මේ රටේ ආර්ථිකය මෙහෙයවන්න බෑ. අපි මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙනාවේ එක්තරා කල්ලියකට  ඕනෑ විදියට ආර්ථිකය මෙහෙයවන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ මම ඉන්නවද නැද්ද කියලා අහනවා. ඒක නෙවෙයි දැන් ප‍්‍රශ්නෙ. මේ ආණ්ඩුව හදන්න මුල්වෙච්ච මා ඇතුළුව සංවිධාන විශාල ගණනක් තිබෙනවා. අපි රටට කිව්ව දේ කරන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑ. මක්නිසාදයත් ඒ වරදට අපි වගඋත්තරකරුවන් වෙනවා. මේ රටට අද ජාතික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙනවා. එක පැත්තක මැණික් තිබෙනවා. තව පැත්තක ඛනිජ වැලි තිබෙනවා. රට වටේට මහ මුහුදක් තිබෙනවා. මේ මුළු රටම එකක් හැටියට ගෙන සංවර්ධන වැඩපිළිවෙළ හැදිය යුතුයි. දැන් සංවර්ධනේ කියලා කියන්නෙ මොකද්ද? එකම සිහිනය සිංගප්පූරුවයි. සිංගප්පූරුව කියන්නේ රටක් නෙවෙයි. කොළඹ නගර සභාව විතර පුංචි කෑල්ලක්. අරහෙන් මෙහෙන් ආපු මිනිසුන්ගෙන් හැදිච්ච ආර්ථිකයක් තිබෙන රටක්. ශ්‍රී ලංකාව කියන්නෙ කෝටි දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන රටක්. ඉතින් ජාතික ප‍්‍රතිපත්ති සභාව සැලැසුම් කළේ මේ රට හදන්නේ මොන සැලැසුමටද කියලා හොයන්නයි. එක්සත් ජාතින්ගේ පැරිස් සමුළුවේ දින දහයක් මාත් සිටියා. ප‍්‍රංශ ජනපතිත් කතෝලික සභාවත් පැරිස් සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමට විශාල මැදිහත්වීමක් කළා. අවුරුදු ගාණක් එක්සත් ජාතින්ගේ රටවල් එකසිය අනූ ගාණම එකතු වෙලා සම්මුති හදලා තිබෙනවා. මේ ලෝකය අද මුහුණ දී තිබෙන භයංකර තත්ත්වය එයින් කිව්වේ. මේ මානව වර්ගයාට තව අවුරුදු සීයක් ජීවත්විය හැකිදැයි යන ප‍්‍රශ්නයක් මතුව තිබෙනවා. මහපොළොව යට තිබුණු කාබන් ඩයොක්සයිඞ් වායුව මිහි මතට අරගත්තා. ඛනිජ තෙල් අවුරුදු ගාණක් තිස්සේ බලශක්තිය හැටියට පාවිච්චි කිරීමෙන් කාබන් ඩයොක්සයිඞ් වායුව නිපදවෙනවා. එය විශාල වශයෙන් නිපදවෙන්නේ දියුණුවට පත් කියන රටවලිනුයි. ඇමෙරිකාවේ ඒක පුද්ගල කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ටොන් 16යි. ලංකාවේ තාම අපි ටොන් එකක් නෑ. පහුගිය අවුරුදු විස්සේ මේ විෂ වායුව වැඩියෙන්ම පිටකළේ චීනයයි. තව ටිකක් මේක වැඩිවුණොත් මුහුදු මට්ටම වේගයෙන් උඩට ගිහින් ¥පත් විශාල සංඛ්‍යාවක් වැසී යනවා. අපේ අර යාපන අර්ධද්වීපයත් යට වේවි. හැබැයි දියුණු රටවල අය කාබන් නිකුත් කිරීම සීමාකරන්න කැමැති නෑ. කාබන්ඩයොක්සයිඞ් වායුව අඩු කරනවා කියන තීන්දුව ගන්න ඒ රටවල දේශපාලකයන්ට බෑ. යුරෝපය ගොඩක් කල් කළ නිසා අපිටත් තව අවුරුදු විස්සක්වත්  ඕනෑ යැයි චීනය කියනවා. මෙන්න මේ නිසා අපට අලූත් ඉඩක් ලැබිලා තිබෙනවා. ලෝකය පුරාම විද්‍යාඥයන් කියන්න පටන් අරන් තිබෙන්නේ අධිපරිභෝජනවාදයෙන් හා නාගරීකරණයෙන් මිදිලා සරල වෙන්න කියලයි. ජනාධිපතිතුමනි කාටවත් නැති වාසනාවක් අපට තිබෙනවා. දවසේ පැය දොළහක්ම හිරු එළිය වැටෙනවා. යුරෝපයේ එහෙම නෑ. ලෝකයේ අනාගත බලශක්තිය වන්නේ මේ සූර්යායි. සූර්ය බලශක්තිය මුල්කරගත් විප්ලවයකට අපි අපේ ප‍්‍රතිපත්ති හැදිය යුතුයි. අපේ බලශක්ති විප්ලවය රඳා පවතින්නේ පිට රටින් ගේන ගල් අඟුරු හා තෙල් නෙවෙයි. සූර්ය පැනල මගින් අපට අවශ්‍ය බලශක්තිය රට තුළම නිර්මාණය කරගතහැකියි. අපට මුහුදු තරංගත් සුළං බලයත් තිබෙනවා. මේ ටික හරියට පාවිච්චි කළොත් විදේශයන්ට ඇදී යන ඩොලර් බිලියන ගණනක් අපට මේ රටේ ඉතිරිකරගත හැකියි. පුනර්ජනනීය බලශක්තියට යන බව ඔබතුමා ඔබතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් කිව්වා. අපි ඒකට යමු. අපි චීනය ඇසුරු කළ යුත්තේ චීනෙට ඉඩම් දෙන්න නෙවෙයි. සූර්ය පැනල සවි කරලා බලශක්ති තාක්ෂණය ගන්නයි. ඔබතුමාට වගේම අගමැතිතුමාට මේවා කරන්න පුළුවන් දේවල්. මේවා පමාකරන්නේ ඇයි? ග්ලිරිසීඩියා පැළ බිලියනයක් වවන ව්‍යාපෘතිය ඔබතුමා ආරම්භ කළා. එය හරියට කළොත් ගල් අඟුරු බලාගාරයක බලශක්තියෙන් බාගයක් නිපදවන්න හැකියි. අක්කරයක පැළ 600 ක් වගා කළහැකියි. ග්ලිරිසීඩියා කොලවලට ගවයන් හරිම පෙරේතයි. මේ රටට අවශ්‍ය කිරි ටික හදන්න අවශ්‍ය ගවයන් මිලියනයයි. ඒ ගවයන් මිලියනයටම කෑමට මේ ග්ලිරිසීඩියා ප‍්‍රමාණවත් වෙනවා. බලශක්තියෙන් ඔබ්බට ස්වයංපෝෂිත ආර්ථික ක‍්‍රමයකටත් මේ වගාව හේතුවෙනවා. ජනාධිපතිතුමනි, වස විසෙන් තොර ගොවිතැනට ඔබතුමා සහාය දැක්වුවත් බොහෝ අය මට හිනාවුණා. මුලදි මට තිබුණෙත් පොතේ දැනුම පමණයි. හැබැයි අපි ජන මතයක් හැදුවා. අක්කර පනස්දාහක් වවන්න අපි දැඩි පරිශ‍්‍රමයක් දැරුවා. හැබැයි නියඟයක් ආවා. ඒත් සැළකිය යුතු ප‍්‍රමාණයක් වැව්වා. රතන හාමුදුරුවන්ගෙ වැඬේ හොඳ වුණත් ඒක පාඩු යැයි සමහරු කියන්න ගත්තා. ක්‍ෂුද්‍ර ජීවි ක‍්‍රියාකාරිත්වය පාවිච්චි කරලා මාස තුනක් දිරන්නට යන කොලරොඩු දින දහයෙන් දිරාපත් කළහැකි බව අපේ විද්‍යාඥයන් පෙන්නුවා. මාස දෙකක් ඇතුළත ටොන් පන්දාහක පොහොර හැදුවා. අපේ වගාව නියඟයට ඔරොත්තු දුන්නා. තේ අක්කර ලක්ෂ පහක් පමණ වගා කිරීමෙන් ඩොලර් බිලියන එකහාරමක පමණ ආදායමක් අපි ලබනවා. ඒ සියලූ වල්නාශක ගහලයි. හැබැයි කාබනික පොහොර භාවිතයෙන් ඒ ආදායම දෙගුණයක් කළහැකියි. මොකද වස විසෙන් තොර තේවලට ලෝකයේ ඉල්ලූම වැඩියි. වස මුසු තේ ප‍්‍රතික්ෂේප කරන්නට ලෝකය පෙළඹිලා තිබෙනවා. අවාසනාවකට අපේ සමහර ඇමැතිවරු හා මහ තේ වතු හිමියන් වස විසම ඉල්ලනවා. අපි බෑ කිව්වා. මහ වතු වගාකිරීමට බැරි නම් ඒවා ජනතාවට දෙන්න. අපි ඒකට සැලැසුමක් හදලා තිබෙනවා. දළු දෙක දළු තුන කරන්න අපේ විද්‍යාඥයන්ට පුළුවන්. වසර දෙකක් ඇතුළත මේ විප්ලවය කරලා අපි පෙන්වන්නම්. මේවාට උදවු කරන්න ලෝකේ රටවල්  ඕනෑ තරම් තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් අපි ආධාර අරගන්නම්. සාදික්කා, කරදමුංගු, අලිගැටපේර ආදී විවිධාංගීකරණයකට අපි යා යුතුයි. රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්න එයින් හැකියි. රුපියල් බිලියන ගණනක් මේ රටේම ඉතිරි කරගන්නවා වගේම මේ රටේ මිනිස්සුන්ට වසවිසෙන් හැදෙන පිළිකා රෝග නැතිකරගන්නත් පුළුවන්. 2005 දී මේ රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව පන්දාහයි. අද පහළොස්දාහයි. වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව දහ දාහේ සිට ලක්ෂය දක්වා වැඩිවෙලා. සමහරු කියන්නේ මේ ආණ්ඩුවෙන් මොකක්වත්ම වෙන්නේ නෑ කියලයි. වෙන්නේ නෑ නෙවෙයි. හැම දෙනාගේම අත් එකතු වෙන්නේ නෑ. ජනාධිපතිතුමාට සිහිනයක් තිබෙනවා. ඒ සිහිනයට පණ දෙන්න අපි විද්වතුන්ගේ මණ්ඩලයක් හැදුවේ ඒකයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රවුන්ඩප් තහනම් කරන්න යැයි අපි කිව්වා. කැබිනට් මණ්ඩලේ තීන්දුවක් ගත්තා. හැබැයි අරලියගහ මන්දිරේදි තීන්දුව වෙනස් වුණා. සල්ලි කුට්ටිවලට තීන්දු නැවැතුණා. හැබැයි ග්ලයිෆොසේට් තහනම් කරලා වස විසෙන් තොර ගොවිතැන වෙනුවෙන් අද අපිට ප‍්‍රතිපත්ති තීන්දු ගන්න හැකිවෙලා තිබෙනවා. මේවා රතන හාමුදුරුවන්ගෙ බොරු යැයි සමහරු බය කරනවා. හැබැයි රාජ්‍ය නිලධාරින්ම අද මේ ඇත්ත තේරුම්ගෙන තිබෙනවා. ඩොලර් බිලියන දෙකක් ණය ගෙවන්න  තිබෙනවා යැයි කියනවා. කොහොමද ණය ගෙවන්නේ කියලා අහනවා. ඒක කරන්නෙ වරාය විකුණලාද? චීනෙන් ගත්ත ණය ගෙවන්න බැරි නම් ඒක කරන්නේ වරාය දීලාද? රාජ්‍ය ආයතන පාඩු ලබනවා නම් ඒවාත් දීලා දාමුද? මිනිස්සු මත බදු පටවමුද? ජනාධිපතිතුමනි, මේ ඩොලර් බිලියන දෙක හොයන හැටි පෙන්වලා දෙන්න අපේ විද්‍යාඥයන් සූදානම්. මේක මහ ලොකු ගණිත ක‍්‍රමයක් නෙවෙයි. තිබෙන්නේ සරල උත්තරයක්. ආනයන අපනයන පාලනයක් කරමු. මහ බැංකු වාර්තාව අරගෙන බලන්න. මෙටි‍්‍රක් ටොන් 6 12,000 ක් අපි සීනි ගෙන්නනවා. කිරිපිටි 81,000 ක් ගේනවා. මිරිස් 409,000 ක් ගේනවා. ඉතින් මේක අපට නවත්තන්න පුළුවන්. සීනි ටික හදාගන්න බැරිද? ආරියශීල වික‍්‍රමනායක මහතා බටර් හදලා අතිරික්තයක් තිබෙනවා. හැබැයි එතුමන්ලා හදන කිරි ටික සතොසෙන් ගන්නෙ නෑ. මේ හැදිච්ච ලෙඬේ මොකද්ද? ප‍්‍රශ්න මේවායි. අපි මේ සභාව හැදුවෙ අපේ දේශීය ව්‍යාපාරිකයාට රැුකවරණයක් දෙන්නයි. දැන් විදේශිය සමාගම්වලට ඉඩම් දෙනවා. ඉඩම් දීමට කිසියම් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. හිතුමතේට ඉඩම් දීමට ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට හෝ කිසිම නායකයකුට අයිතියක් නෑ. පිටරටින් ආ පලියට කර්මාන්තවලට ඉඩම් දෙන්න බෑ. කර්මාන්තවලටත් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. අනිත් එක පිටරටින් එන්න ඔය කියන විදියේ කර්මාන්තශාලා නෑ. යුරෝපයේ කර්මාන්තශාලා වැහිලා මිනිස්සු දොට්ට දාලා තිබෙන්නෙ. විදේශයන්හි ආයෝජනය කළ ඇමෙරිකන්කාරයන්ටත් ට‍්‍රම්ප් මහත්තයා නැවත මව් රටට කතාකරනවා. ඉතින් යුරෝපෙ සුද්දා එනවාය කර්මාන්ත පටන්ගන්නවාය ආදී මේවා කෙරෙන්නැති දේවල්. රටේ ජාතික ප‍්‍රශ්නෙට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න  ඕනෑ යැයි කියනවා. මේ රටේ තිබෙන ජාතික ප‍්‍රශ්නය මොකද්ද? ඉඩම් ප‍්‍රශ්නයක් ගැන කියනවා. හැබැයි යාපනේ ඉඩම් කියන්නෙත් අපේ ගාල්ල මාතර වගේම තමයි. තියෙන මිනිහට අක්කර පනහ හැට තිබෙනවා. දුප්පතාට අක්කර කාලක්වත් නෑ. ඉඩම් බලතල දෙන්න  ඕනෑ දේශපාලකයන්ට නෙවෙයි. ජනතාවටයි. මේ රටේ ඉඩම් නැති ජනතාව වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හදමු යැයි අපි ජනාධිපතිතුමාට කියනවා. පාරිසරික වශයෙන් සංවේදී ඉඩම් රජයට තබාගෙන සෙසු ඉඩම් ජනතාවට බෙදන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. පොලිස් බලතල දෙන්න  ඕනෑ යැයි කියන කතාව ගැනත් අපි දීර්ඝ වශයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළා. අපේ පොලිසියෙ සීයට අනූවක් පමණ කරන්නේ රථ වාහන හැසිරවීමයි. ඉතින්  ඕකට දෙමළ මිනිස්සු ගන්නවට අපි විරුද්ධ ද? පොලිසියේ සන්නද්ධ අංශය මධ්‍යම ආණ්ඩුවට තබාගෙන සිවිල් පරිපාලනයට අදාළ පොලිස් බලය දෙන්න පුළුවන්. ආයුද අවශ්‍ය හොරු අල්ලන්නයි. අධිරාජ්‍යාවාදී යටත්විජිත කාකි ඇඳුම් ඇඳගෙන සිටින පොලිසිය වෙනුවට සුදු ඇඳුමක් ඇඳගත් පොලිසියක් හදමු. එහෙම නම් ලෝකය පෙරළන ජනමත විචාරණයක්  ඕනෑ ද? මේ රට හදද්දී උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්නත් අපිට පුළුවන්. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක්  ඕනෑ වගේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතාකරනවා. මේවා  ඕනෑ කාටද? දෙමළ ජනතාවට අවශ්‍ය ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීමටයි. ඡුන්ද ක‍්‍රමය ගැනත් අපි සාකච්ඡුා කළා. දැන් පළාත් පාලන ඡුන්දයක් තිබෙනවා. මුළු රටේම මාධ්‍ය ඇස ඇරගෙන එළිවෙනකන් නිදි මරාගෙන ඉන්නවා. මැති ඇමැතිවරු පණ බයේ ඉන්නෙ. අර පරණ විදියට මෙම්බර් ඡුන්දෙ තියමු. ඒක අපිට කරගන්න පුළුවන්. උතුරේ පළාත් සභාව කැමැති නම් දිස්ත‍්‍රික් සභාව ගෙනෙමු. පළාත් සභාවේ සිටින දිස්ත‍්‍රික් සංවර්ධන ඇමැතිවරයකු පත්කරලා ඔහුව කැබිනට්ටුවට ගෙනෙමු. එවිට බලය විමධ්‍යගත වෙනවා.අපිට තරුණ කාලයක් තිබුණා. 71 කැරැුල්ල අපිට යාන්තමින් වගේ මතකයි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් ලක්ෂයක් විතර ජීවිත අප රටට අහිමි වුණා. 88,89 වසර දෙක ඇතුළත 65 000 ක් මැරුණා. අපේ රට ආපස්සට ගියා. නැවතත් එවැනි කඳුළු සලන යුගයක් අප රටට අවශ්‍ය නෑ. අපේ රටේ දුප්පත්කම නැතිකරලා අභිමානවත් ජාතියක් නිර්මාණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. අද පොලොන්නරුවට ගියාම අපි දකින සත්‍ය මොකද්ද? ණය බරින් මිරිකුණු තමන්ගෙ කුඹුර අනුන්ට උකස් තියපු ජනතාවක්. මේක ඉතාම වැදගත් තැනක පිහිටපු ලෝකයේ සුන්දරම රටක්. ඒක නිසා අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය හැදෙන්න  ඕනෑ චීනයට හෝ ඉන්දියාවට  ඕනෑ හැටියට නෙවෙයි. ස්වයංපෝෂිතභාවයට මුල් තැන දෙන ආර්ථික වැඩපිළිවෙළකට අප යා යුතුයි. අද අප සමාජගත කරන්නේ නැවත මේ රටේ ලේ කඳුළු සැලෙන්නේ නැති අනාගතයක් සඳහා වූ වැඩපිළිවෙළයි. මේ ආණ්ඩුව මින්පසු ගමන්කරන්නේ තම තමන්ට හිතෙන හැටියට නෙවෙයි. රටේ ජාතික ප‍්‍රතිපත්තියට  ඕනෑ විදියටයි. සීතල කාමරවලට වෙලා හම්බන්තොට වරාය ගැන තීන්දු ගන්න යුගය නිමාකිරීමේ තීන්දුව මෙයින් ගන්නවා. ඒ වගේම අපේ ගොවියන්ගේ ඉඩම් හා සංවේදී පාරිසරික කලාපවලට අත තියන්න කිසි කෙනෙකුට ඉඩ නොදෙන බවට අධිෂ්ඨානය ඇතිකරගමු. මුඩුක්කු සංස්කෘතියේ හිරවෙලා කුඩු ගහන ජීවිත වෙනුවට නව නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරමු. ඒ වගේම ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වීමට ඉඩ නොතබා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙළකට යමු. අපි ජනාධිපතිතුමාට කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් පරාදයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් පරාදයි. මේ රටේ බලය ලැබිලා තිබෙන්නේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. ඔබතුමා රට පාලනය කළයුත්තේ එක්කෙනෙකුට දෙන්නෙකුට අවශ්‍ය විදියට නෙවෙයි. ජාතික ප‍්‍රතිපත්ති සභාව පිළිබඳව ඔබතුමාට තීන්දුවක් ගන්න පුළුවන්. ඇයි ඔබතුමා පමාවන්නේ? ඔබතුමා පමාවන හැම දිනයක් පාසා අපේ රට යන්නේ අඳුරු අගාධයකටයි. කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික‍්‍රමනායක, යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ මහලේකම් සුරේන් රාගවන්, සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. (සටහන - බිඟුන් මේනක ගමගේ)
රටක නායකයකු විය හැක්කේ රට ආර්ථික වශයෙන් ගොඩනගන කෙනකුට පමණයි
0
hp_train_1074
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 26/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31259570වැසි ස්වල්පයක්.මඩකලපුව30269575වැසි වාර කිහිපයක්.  කොළඹ30249565වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ගාල්ල31259075වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )යාපනය30248575ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30219565වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )නුවරඑළිය20129585වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )රත්නපුරය33249565වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ත්‍රීකුණාමළය30249075වැසි ස්වල්පයක්.මන්නාරම31259075වැසි ස්වල්පයක්.             
‘පළාත් කීපයකට අදත් තද වැසි‘
0
hp_train_1075
 (එස්. ඩි .කොඩිකාර)කන්නෙලිය රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී වෙනිවැල්ගැට කපා ඒවා පොහොර උරවල බහා කර මතින් ගෙනයමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වෙනිවැල්ගැට කිලෝ 150 ට අධික ප්‍රමාණයක් සමග අද (04) අත්අඩංගුවට ගත් බව තවලම අඩවිවන කාර්යාලය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් වීරපාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22- 30 අතර වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් බව අඩවිවන කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.මොවුන් කාලාන්තරයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.කොරෝනා වසංගතයක් සමඟ වෙනිවැල්ගැට වලට පවතින අධික ඉල්ලුම හේතුවෙන් මේවා ඉහළ  මිළ ගණන් වලට කොළඹ  ඇතුළු  තදාසන්න ප්‍රදේශවලට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව අඩවි වන කාර්යාලය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනිවැල්ගැට සමඟ උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තවලම අඩවිවන කාර්යාලය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කන්නෙලිය රක්ෂිතයෙන් වෙනිවැල්ගැට කැපූ දෙදෙනකු දැලේ
1
hp_train_1076
(පාලිත ආරියවංශ) යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකට සහභාගිවූ ආරක්ෂක අංශ වලට අයත් පිරිසක් ගමන් කළ කැබ් රිය  බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිද,තිඹිරිගස්පිටිය දී අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබු හත් දෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.තුවාලකරුවන් අතර යුද හමුදා පොලිසියේ  තිදෙනෙක්,  යුද හමුදාවේ දෙදෙනක් , පොලිස් නිලධාරියෙක් හා  හමුදාවෙන් පලාගිය සෙබළාද  වන බව පොලිසිය සඳහන් කරයි.යුදහමුදා වෙන් පලාගිය සෙබළෙකු  සොරණාතොට , මීගහවෙල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ  . 
යුද හමුදා කැබ් රිය පෙරැළි හතක් රෝහලේ
0
hp_train_1077
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල විටින් විට ඇති ‍වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු  ප්‍රදේශ වල සවස 2.00න් පසු, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 25/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258560සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව35267545සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකකොළඹ30268570වැසි වාර කිහිපයක්ගාල්ල28269080විටින් විට වැසියාපනය32278055වැසි ස්වල්පයක්  ඇතිවිය හැකමහනුවර29238565වැසි වාර කිහිපයක්නුවරඑළිය17139580වැසි වාර කිහිපයක්රත්නපුරය30259060විටින් විට වැසිත්‍රීකුණාමලය34258055සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමන්නාරම32268575වැසි ස්වල්පයක්
‘පළාත් කීපයකට අදත් වැසි‘
0
hp_train_1078
(මඩුකන්ද -- සිතුම් චතුරංග)“මහින්ද රාජපක්‍ෂ පැවසූ කරුණු නිකුත් කළ වාර්තා උපයෝගී කර ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන කණ්ඩායම දේශද්‍රෝහීන් නම් මෙරට ලොකුම දේශද්‍රෝහියා හිටපු ජනාධිපතිවරයා විය යුතු යයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චිය සහ යාපනයේදී ප්‍රකාශ කළේය.“ජනපති ඡන්ද ව්‍යාපාරය මඬේ ඔබාගෙන සිටින ගෝඨාභය රාජපක්‍ෂට ‘දේශද්‍රෝහීන්’ හැර වෙනත් කියන්න කිසිවක් දැන් ඉතිරිව නැතැයිද” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.“සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කර ගැනීමෙන් පසුව නව ව්‍යවස්ථාවක් සකස් කර රටේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කර ගනිමින්, ඒකීය රාජ්‍යයක් යටතේ බලය බෙදා හරින බව ද” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.“ඒ තුළින් විධායක ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් එකඟත්වයෙන් රට පාලනය කරන ක්‍රමවේදයක් ඇති කර නව ඡන්ද ක්‍රමයක් ද හඳුන්වාදෙමින් ඒකීය රාජ්‍යය තුළ බලය බෙදාහැරීම තවදුරටත් ස්ථාපිත කරන්නැයිද” රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කිලිනොච්චිය හා යාපනයේ පැවති ජන හමු කිහිපයකට එක්වෙමිනි.කිලිනොච්චිය පොදු වෙළඳපොළ අසල, යාපනය-කයිට්ස් වේලානෙයි උද්‍යානයේ, චාවකච්චේරි බස්නැවතුම්පොළ අසල හා මනිපායි- සෙල්වමුත්තු ක්‍රීඩාංගනයේදී ජන හමු පැවැත්විණ.වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,“2015 වසරේදී ඔබ සැම හංසයා ඉදිරියේ කතිරය ගැසූ නිසා අද මේ ප්‍රදේශයේ නිදහසත්, ප්‍රජාතන්ත්‍රවාදයත් තිබෙනවා. අනෙක් පුරවැසියන් සේ එක සමාන අයිතිවාසිකම් ලබනවා. අද සුදු වෑන් එන්නෙ නැහැ. ඒත් ඇමතුමක් දුන්නොත් සුව සැරිය ගිලන් රථය නම් ඔබ අසලට පැමිණෙනවා.අන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදය තියාගන්න අවශ්‍යයි. ඕනෑ වෙලාවක අපට කතා කරන්න පුළුවනි. බනින්න පුළුවනි. පෙළපාලි යන්න පුළුවනි. නිදහසේ ජීවත් වෙන්න පුළුවනි. මේ නිදහස දිගටම ආරක්‍ෂා කර ගත යුතුයි නේද?ජනතාවගේ නිදහස ආරක්‍ෂා කරන්න රටේ ව්‍යවස්ථාව තුළම ස්වාධීන කොමිෂන් මා ඇති කළා. අධිකරණය ස්වාධීන කළා. ඒ වගේම මේ  අවස්ථාවේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයත්, හානි පූර්ණ කාර්යාලයත් මා විවෘත කළා.අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නත් කටයුතු කළා. එහෙත් අපට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකෙහි බලයක් නැති නිසා වාර්තාවලින් එය නැවතුණා මේ අයිතිය තහවුරු කර ගන්නවාද? නැති කර ගන්නවාද. නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවමින් මේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරගන්නැයි මහජනතාවට කියනවා.පොහොට්ටුවට ඡන්දය දුන්නොත් සියල්ල නැති වී යනවා. සුදු වෑන් ආපසු එනවා. හංසයාට ඡන්දය දුන්නොත් ගෝඨා ඉල්ළෙයි, වයිට් වෑන් ඉල්ළෙයි. කොයි එකද තෝරන්නේ කියා ඔබට භාරයි.අප උතුරේ ඉඩම් ගණනාවක් නිදහස් කළා. තවත් ඉඩම් නිදහස් කර ආපසු භාර දෙන්න තිබෙනවා. ඒ වගේම අතුරුදන් වූවන් පිළිබඳ සොයා ගෙන යනවා ඒවා ගැන තවත් කටයුතු කරනවා. ස්වාධීන කාර්යාල ආරම්භ කළ පසු, නඩු දාලා සිටින අය, දඬුවම් කර තිබෙන අය, දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටිනවා. ඒ අය පිළිබඳ සලකා බැලෙනවා.ඒ වගේම මේ අලුත් ව්‍යවස්ථා ගෙන එන්නත්, බලය බෙදාහැරීම ඉදිරියට ගෙන යන්නත් ක්‍රියා කරනවා. ඒ සඳහා ප්‍රේමදාස ජනාධිපතිවරයා, කුමාරතුංග ජනාධිපතිවරිය යටතේ හා රාජපක්‍ෂ ජනාධිපතිවරයා යටතේ ද පැමිණි වාර්තා සියල්ල සලකා බලා යෝජනා සම්මත කර ගන්නවා.ව්‍යවස්ථාව අලුතෙන් ඉදිරිපත් කරන්න පියවර දෙකක් ගන්න තිබෙනවා. එකක් හංසයා ලකුණ ඉදිරියෙන් කතිරය ගසා සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීමයි. දෙවැනි පියවර ව්‍යවස්ථා සංශෝධනයට කැමති පක්‍ෂවලට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් දීමයි. මන්ත්‍රීවරුන් 125 අපට ලබා දෙන්න. නිදහස් සමාජය අවශ්‍යද නැතිද කියා ඔබම තීරණය කරන්න.අපේ ජනාධිපතිවරයා ප්‍රථමයෙන් පත් කරගෙන අලුත් ව්‍යවස්ථාව සම්මත කර ගන්න කැමති පක්‍ෂවලින් තුනෙන් දෙකක මන්ත්‍රීවරුන් තෝරාදෙන්න, ඒ සඳහා පළමුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කළ යුතුයි. අලුත් ව්‍යවස්ථාව සකස් කිරීම තුළින් රටේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරනවා. විධායක ජනාධිපති, අගමැති එකඟත්වයෙන් ක්‍රියාකරන ක්‍රමය ඇති කරනවා. අලුත් ඡන්ද ක්‍රමය ඇතිකර ඒකීය රාජ්‍ය යටතේ බලය බෙදා හැරීම තවත් ස්ථාපනය කරනවා.ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බව ප්‍රකාශ කළා. මා අනෙක් පක්‍ෂවලිනුත් සහාය ඉල්ලා සිටිනවා. එසේම ඒ පක්‍ෂයට මා ස්තුති කරනවා.වෙන එකක් නැති නිසා රහස් ගිවිසුම් තිබුණා කියා. ඇතැම් මාධ්‍ය ප්‍රචාරය කරාවි. ඒක ඔප්පු කරන්න බැරි නිසා රට පාවලා දෙනවා කියාවි. දේශද්‍රෝහීන් යයි කියයි.අප මහින්ද රාජපක්‍ෂගේ යෝජනා අනුව ක්‍රියාකරනවා නම් ලොකුම ද්‍රෝහියා මහින්ද රාජපක්‍ෂයි.දැන් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය මහින්දගේ යෝජනා ද එකතු කර ගෙන සිටී. ඉතුරු වී තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂගේ යෝජනාවලට මහින්ද රාජපක්‍ෂ එකඟ කරවා ගැනීම පමණයි.මහින්ද රාජපක්‍ෂට මෙතනදී පැන යන්න බැරි වෙනවා. ඔහු පැවසූ වචනවලින් හා ඔහු දුන්න වාර්තාවලින් තමයි, අප නව ව්‍යවස්ථාව සකස් කරන්නේ.ගෝඨාභය රාජපක්‍ෂගේ ඡන්ද ව්‍යාපාරය මඬේ එරී තිබෙන නිසා අප දේශද්‍රෝහි කියා විශාල ව්‍යාපාරය ගෙන යන්න බලනවා. මහින්ද රාජපක්‍ෂගේ යෝජනා අනුව ක්‍රියාකරන අප දේශද්‍රෝහි නම් මහින්ද රාජපක්‍ෂ පොහොට්ටුවෙන් අයින් කරන්න කියා මා අභියෝග කරනවා. මේ ප්‍රශ්න විසඳිය යුතුයි. මේවා තවත් ඉදිරියට ඇදගෙන යන්න බැහැ.ජනතාවට විසඳුම් දෙන්න දේශපාලනිකයින් ඉඩ දෙන්නේ නැතැයි ඔබ කියනවා. ගෝඨාභය රාජපක්‍ෂට මෙය ඉදිරිපත් කරන්න නොහැකි වූවාට අපට දොස් කියන්න එපා. අප ඉන්නේ රට නවීකරණය කරන්නයි.පෙර පාසල් පිළිබඳව මෙහි සඳහන් වුණා. සජිත් ප්‍රේමදාස මහතා පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන නිදහස් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරනවා කිව්වා. ඉතින්, කාන්තාවන්ට ඉදිරියට යන්න අවස්ථාව උදාවනවා. ඒ වගේම කිලිනොච්චිය සංවර්ධනය කරනවා. දැනට කිලිනොච්චිවල යාපනය විශ්වවිද්‍යාලයේ එක මණ්ඩපයක් ආරම්භ කරලා.ඉංජිනේරු විෂය සියල්ලම තිබෙන්නේ ඒ මණ්ඩපයේයි. ජර්මන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයද ආරම්භ කළා.ත්‍රිකුණාමලය විශේෂයෙන් දියුණු කරන වැඩසටහන තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගෙන කර්මාන්ත ඇති කර එහෙනුත් රැකියා ලබා ගන්නට පුළුවනි.සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුනරින්හි සංචාරක ස්ථාන සොයා ගෙන තිබෙනවා. පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළ කළ නිසා එතැන් සිට සංචාරකයින් මෙහි පැමිණෙනවා. කිලිනොච්චියද සංචාරක මධ්‍යස්ථානයක් බවට මෙහි පත් කළ යුතුයි.පුනරින් නගරයට ළඟ නව නගරය ඇති කරන්න උසස් අධ්‍යාපන විශේෂයෙන් අයි.ටී. ආයතන එතැනට ගෙන යන්න අවශ්‍යයි. පරිගණක සේවා මධ්‍යස්ථාන තවත් ඇති කර පුනරින් සේවා මධ්‍යස්ථානය බවට පත් කළ යුතුයි.කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍ය පී. හැරිසන්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහත්වරුද කතා කළහ.
“මෙරට ලොකුම දේශද්‍රෝහියා හිටපු ජනපතියි“
1
hp_train_1079
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බවත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කඳුකරයෙන් මුහුදු ප්‍රදේශෙවලින් විටින් විට  තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද සඳහන් කරයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව33269065අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32279070වැසි වාර කිහිපයක්.ගාල්ල31258575වැසි වාර කිහිපයක්.යාපනය32278075ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර31229560වැසි ස්වල්පයක්.නුවරඑළිය22129065වැසි ස්වල්පයක්.රත්නපුරය33259565වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35268060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම32288575ප්‍රධාන වශයෙන් වැසි රහිත.   
‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘
0
hp_train_1080
(නාඋල - ඉන්දික අරුණ කුමාර)මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය සඳහා අක්කර 8000ක් වූ  ජලාශයේ පතුල සුද්ද කිරීම හේතුවෙන් වන අලින් ගම් වැදීමේ අවදානමක් පවතින බව ගම්මාන රැසක ජනතාව පවසති.වාරි ව්‍යාපෘතියේ ජල පෝෂක කලාපය වන ඇලගමුවල තලාගොඩල කඹරව සහ කොන්ගහවෙල ආදී ප්‍රදේශ රැසක සියළුම ගස් ඉවත් කරමින් ජලාශයේ පතුල සුද්ද කිරීම මහවැලි අධිකාරීය විසින් ආරම්භ කර තිබේ.ප්‍රදේශයේ මෙතෙක් ජීවත් වූ වන අලි ඇතුළු අනෙක් සතුන්ට ආහාර සොයා ගැනීම අභියෝගයක් වී ඇති නිසා වන අලි ආහාර සොයා ගම් වැදීම හේතුවෙන් ප්‍රදේශ රැසක වන අලි බිය ඇති වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට අලිමංකඩ ඔස්සේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ආහාර සොයා පැමිණෙන වන අලින්ගෙන් මිනිස් ජීවිත මෙන්ම තම බෝග වගාවන් රැක ගැනීම ප්‍රදේශවාසීන්ට අභියෝගයක් වී ඇත.මේ තත්ත්වය හේතුවෙන් ජලාශයට එපිටින් පිහිටි ගම්මාන වන ඕපල්ගලල ගල්බොඩල අඹන සහ නාඋල ආදි ප්‍රදේශවලට ද ඉදිරියේදී දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදුවන බව ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන් වෙත දන්වා ඇත. මේ සම්බන්ධයෙන් මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ  එළඹෙන වැසි සමය ඉලක්ක කරගනිමින් ජලාශයේ පතුළ සුද්ද කිරීම සිදුවන බවයි. එසේම ජලාශය අවට ජීවිත් වු වන අලින් හා සෙසු සතුන් සඳහා වෙනම වනජීවි කලාප ඉදිකිරීම, ගම්මානය හා ජලාශය වෙන්කරමින් ස්ථිර අලි වැටක් ඉදිකිරීම, වන අලින් සඳහා වානාන්තර තුළ වැව් ඇති කිරීම, වන වගා නැවත ඇතිකිරීම ආදී ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් පවුල් සඳහා මෙන්ම අවට ප්‍රදේශවාසීන්ගේ සුභ සිද්ධිය සඳහා විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමද මෙහිදී සිදුවේ.
අලි ගම් වැදී නාඋල ගම් රැසක ජනතාව අමාරුවේ
0
hp_train_1081
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවලන් විටින් විට  තද සුළං බලාපොරොත්තු විය හැකිය.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 10/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව33269065අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269570වැසි වාර කිහිපයක්.ගාල්ල31278575වැසි වාර කිහිපයක්.යාපනය33288075ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය21139065වැසි ස්වල්පයක්.රත්නපුරය33249570වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35259055අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278070ප්‍රධාන වශයෙන් වැසි රහිත.  
‘පළාත් කිහිපයක සුළු වැසි‘
0
hp_train_1082
(අංජුල මහික වීරරත්න, ඡායාරූප - ඉෂාන් සංජිව)බටහිර රටවල සංක‍්‍රමණික දොරටු වැසෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකාවේ ජීවත්වෙමින් මව්බිම දියුණු කිරීමේ වගකීම සියලූ ශ්‍රී ලාංකිකයන් වෙත පැවරී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (2) පැවැසීය.ආසියාව ලොව ජනප‍්‍රියම සංවර්ධන තීරුව බවට පත්වන යුගය වැඩි ඈතක නොවන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ මාලබේ තොරතුරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයේ වාර්ෂික උපාධි ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමිනි.මාලබේ තොරතුරු තාක්ෂණ ආයතන ශ‍්‍රවණාගාරයේදී මෙම උපාධි ප‍්‍රදානෝත්සවය පැවැත්විණි.මෙහීදි  වැඩිදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.මාලබේ තොරතුරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනය ඉංජිනේරු තාක්ෂණ විශ්වවිද්‍යාල අතුරින් දෙවැනි වන්නේ කටුබැද්ද විශ්වවිද්‍යාලයට පමණක් බව කිව යුතුයි. පළමුවෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලය මගින් මෙරට උපාධි ලබාදුන්නා. පසුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කෙරුණා. මොරටුව විශ්වවිද්‍යාලයෙන් පසුව වැඩිපුරම මෙරටට ඉංජිනේරු වෘත්තිකයන් බිහිවන්නේ මාලබේ උසස් අධ්‍යාපන ආයතනයෙන් බව කිව යුතුයි.උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගිවන්නට ලැබීම සතුටක්. මීට කලකට පෙර අප නවීකරණ යුගය ආරම්භ කළා. එකල ජේ.ආර්. ජයවර්ධන මහතා විපක්ෂයේ සිටින විට ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය බවට පත් කළ යුතු බව සඳහන් කළා. ඒ ප‍්‍රකාශයට ඇතැමුන් හිනාවුණා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා සාම්ප‍්‍රදායික සිතුවිලිවලින් බැහැර වී කළ යුතු දේ කළා. මමත් ඒ යුගයේ බියගම නවීකරණය සඳහා දායක වුණා.වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිට කොළඹට යනවිට විශාල රථවාහන තදබදයකට මුහුණදීමට සිදුවී තිබෙනවා. රාජගිරියේ ගුවන් පාලම ඉදිවීමෙන් පසුව ඒ ප‍්‍රශ්නයටත් විසඳුමක් ලැබේවි.සාම්ප‍්‍රදායික සිතුවිලිවලින් ඈත්ව නවීන සිතුවිලි ඇති කරගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නට කැමැතියි. අපට ඉදිරියට යාමට එම සිතුවිලි උපකාර වෙනවා.අද අප සැලසුම් කරන දේ ඇතැම්විට ඒ අයුරින්ම අනාගතයට වලංගු නොවිය හැකියි. මා සමග විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් බොහෝ දෙනෙකු නීතිඥයින් සහ ව්‍යාපාරිකයන් බවට පත්වුණා. මම දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසුණා. එක් අයෙකු අගවිනිසුරු බවට පත්වුණා.සමාජයේ ඉදිරියට යනවිට බාධක ජය ගැනීමට පුරුදු විය යුතුයි. හැම විටම සාර්ථකත්වය ගැන පමණක් සිතුවහොත් සාර්ථක නොවන විට කලකිරීමට පත්විය හැකියි. ආපස්සට සිතුවිලි මෙහෙයවා තමන් කළ දේ හරි දැයි ආවර්ජනය කරන්න. වැරදුණු තැන් මොනවාදැයි මෙනෙහි කරන්න. එවිට ජීවිතය ජය ගැනීම පහසුයි. හැමවිටම අනාගතය අවිනිශ්චිතයි. ඒ ගැන හොඳින් තේරුම් ගෙන සමාජයේ ජීවත්විය යුතුයි.මෙම ආයතනයෙන් උපාධිය ලබන සිසු සිසුවියන්ද අනාගතයේදී විදේශගතව රැුකියා කරන්නට සැලසුම් කරනවා ඇති. එම සිසුන් අධෛර්යමත් කරන්නට මා කැමැති නැහැ. බොහෝ පිරිස් උත්සාහ කරන්නේ බටහිර රටවලට යාමටයි. නමුත් බටහිර රටවල සංක‍්‍රමණික ප‍්‍රතිපත්ති ශීඝ‍්‍රයෙන් වෙනස් වී තිබෙනවා. ආගමන විගමන ගැටලූ හේතුවෙන් බොහෝ බටහිර රටවල් සංක‍්‍රමණිකයන් බාර ගැනීම නතර කර තිබෙනවා.මහා බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට හේතු වූයේත් මෙම සංක‍්‍රමණික ගැටලූ බව සඳහන් කළ යුතුයි. ඇමරිකාවත් මේ වනවිට සංක‍්‍රමණිකයන්ට ඉඩ නොදෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ අප ශ්‍රී ලංකාවේ ජීවත්වෙමින් දියුණුව කරා යා යුතුව තිබෙනවා.අතීතයේ විශ්වවිද්‍යාලවලින් සමත්වූ උගතුන් ගියේ බටහිර රටවලටයි. නමුත් වර්තමානයේදී ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. මේ යුගයේදී ශීඝ‍්‍රයෙන් දියුණුව කරා පා ඔසවන්නේ ආසියාවයි. තව වසර 20ක් ඇතුළත ඉන්දුනීසියාව ඇතුළු ආසියා තීරුව ලොව ජනප‍්‍රියම සංවර්ධන තීරුව බවට පත්වීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ සිට දියුණු වන්නට සිතන අයට මෙය වටිනා පණිවිඩයක් බව කිව යුතුයි. මා දේශපාලනයට පැමිණියේ මෙරට ආර්ථික පරිවර්තනයක් වූ යුගයේදීයි. එම යුගයේදී සමාජවාදී ආර්ථිකය අතහැර ශ්‍රී ලංකාව වෙළෙඳපොළ ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටියා. වත්මන් පරපුර අපේ පරපුරට වඩා තොරතුරු තාක්ෂණ අංශයෙන් බොහෝ ඉදිරියට පැමිණ තිබෙනවා. අප දැන් උණුසුම්කාරී යුගයකට පැමිණෙමින් තිබෙනවා. අඩු වේතන සමග තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට හැකියාවක් නැහැ.යහපාලන රජය පිහිටවූ පසුව හාවඞ්ස් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංගමයේ විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කිරීමට මෙරටට පැමිණියා. ඔවුන් වසරක් ඇතුළත එම අධ්‍යයනය කළා. ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් බවට පරිවර්තනය වෙමින් පවතින බව ඒ විමර්ශනයේදී අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණා. නමුත් අප වෙළෙඳපොළ ආර්ථිකයේ එක් තැනක සිරවී සිටින බව කිව යුතුයි. ඇඟලූම් කර්මාන්තය ගතහොත් ශ්‍රී ලංකාවට පසුව ඇඟලූම් කර්මාන්තයට පිවිසුණු රටවල් අපට වඩා ඉදිරියට ගොස් සිටින ආකාරය දැකගත හැකියි. බොහෝ රටවල් විවිධ නිෂ්පාදනවලට පෙළඹී සිටිනවා.1991 වසරේදී වියට්නාමයේ ආර්ථික අමාත්‍යවරයා මෙරට ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා. අපෙන් ඉගෙනගත් අය අද අපටත් වඩා ඉදිරියට ගොස් තිබෙනවා.අපට සිදුවී තිබෙන්නේ කුමක්ද? අද ශ්‍රී ලංකාවේ අඩු පඩි විශාල ප‍්‍රශ්නයක්. අපට අඩු පඩියක් සමග තරග කරන්නට සිදුවී තිබෙනවා. එමනිසා බොහෝ තරුණ තරුණියන් විදේශ රැුකියා සඳහා ඇදී යන්නට පෙළඹී තිබෙනවා. නැතිනම් ත‍්‍රිරෝද රථ එළවනවා. අප මේ තත්ත්වයෙන් මිදිය යුතුයි.අපනයන පවා විවිධාංගීකරණය කළ යුතුව තිබෙනවා. ලෝකය සමග තරග කිරීමට හැකි තත්ත්වයකට පැමිණිය යුතුව තිබෙනවා.අඩු පඩි සමග අපට දියුණුව කරා යන්නට බැහැ. තාක්ෂණය මෙන්ම දැනුම සමග ඉදිරියට ගමන් කළ යුතුයි. අපට නැත්තෙත් එයයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තාක්ෂණය පැත්තට ගමන් කළේ නැහැ.ජර්මන් අධ්‍යාපනය තාක්ෂණ අධ්‍යාපනයට සුවිශේෂී ස්ථානයක් දී තිබෙනවා. ජපානය, කොරියාව ආදී රටවල්ද කාර්මික අධ්‍යාපනය සඳහා ප‍්‍රමුඛත්වයක් දී තිබෙනවා. වර්තමානයේ ඇඟලූම් කර්මාන්තය පවා තාක්ෂණික අතින් ඉදිරියට යා යුතුයි. ජැකට් කෝට් මහනවාට අමතරව ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය සඳහාත් පෙළඹිය  යුතුයි.කෝටි දෙකක ජනගහනයක් සහිත වෙළෙඳපොළකින් අපට ඉදිරියට යන්නට බැහැ. අප ඉන්දියාව, යුරෝපය අල්ලාගත යුතුයි. විදේශ වෙළෙඳපොළ අල්ලා ගැනීමට නම් දේශීය කර්මාන්තද නගා සිටුවිය යුතුව තිබෙනවා. ඒ පාරම්පරික දැනුම අප නූතන සමාජයට ලබාදිය යුතුව තිබෙනවා.දේශීය කර්මාන්ත දියුණු නොවීමට බලපාන ප‍්‍රධාන හේතුවක් වන්නේ තාක්ෂණික හිඟකමයි. මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයේ පරිගණක තිබුණේ නැහැ. කැසට් රෙකෝඩර් නම් තිබුණා. මගේ පියා මටත් සහෝදරයාටත් කැසට් රෙකෝඩර් දෙකක් අරගෙන දුන් අයුරු මට මතකයි. අද ටේප් රෙකෝඩර් තිබෙන්නේ කොහේද? තාක්ෂණ පෙරලියත් සමග ඒ සියල්ල අතුරුදන් වී තිබෙනවා.1977 වසරේ ශ්‍රී ලංකාවටම පරිගණක තිබුණේ දෙක තුනක් පමණයි. පසුව මෙරටට රූපවාහිනිය පැමිණියා. ටිකෙන් ටික තාක්ෂණය සම්ප‍්‍රාප්ත වුණා.අද කුඩා දරුවන්ට පවා ජංගම දුරකතන තිබෙනවා. තව වසර 20කින් මොනවා වේවිද කියන්න දන්නේ නැහැ. වර්තමානයේ ගෙදර කාටත් ජංගම දුරකතන තිබෙනවා.මේ වගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ රැුකියා කරන අයට අගනා අවස්ථාවක් උදා වී තිබෙනවා. තොරතුරු තාක්ෂණය විසින් සෙසු ක්ෂේත‍්‍රයන් ද වෙනස් කරමින් සිටිනවා. නුදුරු අනාගතයේදී ලියාපදිංචි කිරීමේ කවුන්ටරවලින් තොරව කෙලින්ම හෝටලයේ කාමරයට යාහැකි යුගය උදාවේවි. එමෙන්ම තොරතුරු තාක්ෂණික දියුණුවත් සමග බැංකු ලිපිකරුවන් කීදෙනෙකු ඉතිරිවේදැයි කියන්න බැහැ.තාක්ෂණයේ හොඳ මෙන්ම නරක තිබෙනවා. අප හොඳ අධ්‍යයනයකින් යුතුව තාක්ෂණය පරිහරණය කළ යුතුයි. නවීකරණය කරා ගමන් කළ යුතුයි.තොරතුරු තාක්ෂණ උපාධිය ගත් අය රටේ ඉදිරි ගමනේ නියමුවන් බව කිව යුතුයි.  වර්තමානයේ දැනුම මූලික වූ සමාජයක් බිහිවී තිබෙනවා.අතීතයේ අපිට ඉතා දියුණු වාරි තාක්ෂණයක් තිබුණා. වැවක බිසෝ කොටුවේ සැලැස්ම සළකා බලන්න. කාශ්‍යප රජුගේ සීගිරිය, එහි ජල උද්‍යානය ගැන සිතන්න. ඒ තාක්ෂණය නව පරපුරත් ඉගෙන ගත යුතුයි.අපි අතීතයේදී තාක්ෂණය අතින් ලෝකයේ සෙසු රටවල්වලට වඩා ඉදිරියෙන් සිටි බවට මෙම නිර්මාණ සාක්ෂි දරනවා. අප නැවතත් ඒ තත්ත්වය ළඟාකරගත යුතුයි. නවීකරණය සඳහා අපේ ජනතාවට සහජ හැකියාවක් තිබෙනවා.රජය ණය උගුලෙන් රට ගොඩගැනීමට වෙහෙසෙමින් සිටිනවා. හොඳ කළමනාකරණයක් ඇතිව නවීකරණය කරා ගමන් කළ යුතුයි. ඔබේ අනාගතය යනු රටේ අනාගතය යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය. තොරතුරු තාක්ෂණ ඉංජිනේරු හා ව්‍යාපාර කළමනාකරණ පීඨවල ප‍්‍රථම උපාධි හා පශ්චාත් උපාධි මෙහිදී ප‍්‍රදානය කෙරිණි.
’තාක්ෂණය යෙදවූ කිසිම රටක් ආපස්සට ගියේ නෑ’ රට දියුණු කරන්න නම් නූතන තාක්ෂණය සමඟ එකතු විය යුතුයි
0
hp_train_1083
(මනෝජ් හර්ෂික) එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයන් 715 දෙනෙකු සඳහා රුපියල් මිලියන 294ක ණය ප්‍රමාණයක් යටතේ අප්‍රේල් මාසය වනවිට ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. වැඩිම ව්‍යවසායක ණය ප්‍රමාණයක් සබරගමුව,  බස්නාහිර, උතුර, දකුණ පළාත් සඳහා ද රත්නපුර දිස්ත්‍රික්කයට ද නිකුත් කර ඇති බවත් ණයලාභීන්ගෙන් 61%ක් කාන්තා ව්‍යවසායකයින් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. මේ අනුව වැඩිම ණයලාභීන් පිරිසක් නියෝජනය කරන වෘත්තීය ක්ෂේත්‍රය රූපලාවන්‍ය කේෂේත්‍රය ලෙස හඳුනාගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි. උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත වසර 03කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැළී සිටින සහ වසර 40කට නොවැඩි තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම් ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා ගත හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාල සඳහන් කරයි. ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇතුළු දිවයිනේ සියලු ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලන්හි මැදිහත්වීම මත මෙම ණය යෝජනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
තුරුණු දිරියෙන් ණයලාභීන්ට මිලියන 275ක්
0
hp_train_1084
(රංජිත් රාජපක්ෂ)          තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 19 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද (19) ඇතුළත් කළ බව බගවන්තලාව පොලීසිය පැවසීය.බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් එන්.සී. කොටසේ විශාල ගසක් මත බැඳ තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහරදීමෙන් ඇවිස්සුණු බඹරුන් පහර දුන් බව ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ කියා සිටියහ.ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 10ක් රෝහලේ
0
hp_train_1085
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අපරභාගයේදී  සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 02/12/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය28239575විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව29249570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30239575අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල29249070අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය27249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර26219585අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.නුවරඑළිය19129575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.රත්නපුරය29229575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ත්‍රීකුණාමළය29239575විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම28239580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. පෙරවරු 5.30ටදිවයිනේ උතුර, උතුරු මැද සහ වයඹ ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද  තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.මාතර සිට ගාල්ල හා කොළඹ හරහා මීගමුව දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමළය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ.සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු තීරයේ සුළං ඊසාන දෙසින් හමන අතර වේගය විටෙක පැ. කි. මී. 60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
‘තැනින් තැන ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_1086
(නිමල කොඩිතුවක්කු)දේශපාලන  ආර්ථික පොදු න්‍යාය පත‍්‍රයේ  සිටින විරුද්ධවාදීන් පරාජය කිරීම වෙනුවට, පක්ෂයට පිටින් පැමිණි කණ්ඩායම සහ පක්ෂයේ දීර්ඝ කාලීනව  නොසිටි පිරිස්  අවබෝධයකින් තොරව පක්ෂයේ නායකයාට පහරදීම පසුගිය වසර 20 තුළ  පක්ෂයේ සිදුවූ ප‍්‍රධානතම දුර්වලකම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. පක්ෂය ආරක්ෂා කර බෙදිමකින් තොරව එකමුතුව  ඉදිරියට ගෙනයාමට පක්ෂ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට වගකීමක්  සහ යුතුකමක් ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන කතා කිරීම නතර කර සියලූ බලවේග ඒකරාශී කරගනිමින් ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කිරීමට සැලසුම් කළ යුතු බවත් සඳහන් කළේය.සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද(15) එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.‘‘කුමන ආකාරයටද  අපේ පක්ෂයේ තියෙන යම් යම් මතවාද විසඳගන්නේ කියලා වර්තමානයේ සියලූ දෙනා අවදියෙන් සිටිනවා. පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ  නායකත්වය පත් කිරීම  පක්ෂ මහා සම්මේලනයෙන් සිදුකරලා තියෙනවා.  අපේ පක්ෂයේ කුමන මතවාද අදහස් තිබුණත් අපි අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. සියලූ දෙනාගේ ඒකමතික තීරණය අනුව වර්ථමානයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට  රනිල් වික‍්‍රමසිංහ මහතා  පත් කරගෙන තිබෙනවා. මේ ගැන බෙදීමක් ඇතිකර නොගත යුතුයි කියලා  මම විශ්වාස කරනවා.  බෙදීම් ඇති වූ අවස්ථා ඉතිහාසයේ  ඕනෑතරම් තිබෙනවා.  ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි එක්සත් ජාතික පක්ෂ  ප‍්‍රධානීන්,  පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන්  පක්ෂ සාමාජිකයන්  ලක්ෂ 10ක් මේ පක්ෂයෙන් ඉවත් කිරීමට දිවංගත රණසිංහ  පේ‍්‍රමදාස මහතා ක‍්‍රියාකර තිබෙනවා. ඒ ක‍්‍රියාකළේ  පක්ෂයට විනයක් අවශ්‍ය නිසයි.පක්ෂයෙන් ලක්ෂ 10ක් ඉවත් කලාට පසු  1994 දී  රජයක් පිහිටුවීමට එක පාර්ලිමේන්තු අසුනයි අහිමි වෙන්නේ. පසුකාලීනව  අපේ පක්ෂයේ හිටපු නායක ඞී.  බී විජේතුංග ජනාධිපතිතුමා සියලූ දෙනා එකට එකතු  කරගෙන නැවත එක්සත්  ජාතික පක්ෂය ඉදිරියට ගෙනත් තියෙනවා.මේ පක්ෂය ආරක්ෂා කරලා  බෙදිමකින් තොරව එකමුතුව  ඉදිරියට ගෙනයාමේ වගකීම  පක්ෂ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට වගකීමක්  යුතුකමක් තියෙනවා. එතුමන්ට  මේ පක්ෂය විනාශ කරන  නායකයා හැටියට සනිටුහන් වෙන්න බැහැ.  පක්ෂයක නායකත්වය කියන එක  අපේ පක්ෂයේත් අනෙක් දේශපාලන පක්ෂවලත් ලෝක දේශපාලන පක්ෂවලත් ව්‍යවස්තාවට  අනුව එකවගේම ක‍්‍රියා කරලා තියෙනවා.  උදාහරණයක්  විදියට බණ්ඩාරනායක මහතා මියගියාට පස්සේ  බණ්ඩාරනායක මැතිනිය වසර 60කට ආසන්න කාළයක්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරුවා.  එතුමියගේ ප‍්‍රජා  අයිතිය අහෝසි කරලා තිබියදීත්  ලේනුසුවක් කටේ බැදගෙන පක්ෂ  නායිකාව විදියට වේදිකාවේ අසුන් ගත්තා. එතුමිය  පක්ෂ නායකත්වය දැරීම  චන්දු‍්‍රිකා මැතිනියට ජනාධිපතිවීම සදහා නුසුදුසුකමක් වුණේ නැහැ. අනික් පක්ෂ ගත්තත් දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් මහතා  අවුරුදු 89ක් වෙලත් ඒ පක්ෂයට නායකත්වය දෙනවා. සියලූ දෙනා  මී මැසි පොදිය වගේ එකට එකතුවෙලා කියනවා  අපේ නායකයා සම්බන්ධන් කියළා. වාසුදේව නානායක්කාර වෙන්න පුලූවන් විජේවීර වෙන්න පුලූවන්  අනුර කුමාර වෙන්න පුලූවන් පිලිගත්තත් නැතත්  ඒ පක්ෂවලට ආවේනික වූ නායකත්වය කියන එක වෙනම කාරණයක්.  උදාහරණයක් විදියට ගත්තොත් මහින්ද  රාජපක්ෂ මහතා පොහොට්ටුවේ නායකයා. හැබැයි  ගෝඨාභය රාජපක්ෂ මහතාට  රටේ ජනාධිපතිවෙන්න ඒක නුසුදුසු කමක් වුනේ නැහැ.  ඒ නිසා ගෝඨාභය  රාජපක්ෂ මහතාට පොහොට්ටුවේ නායකත්වය ඉල්ල ඉල්ල  පොර කකා කෑ ගැසීමේ අවශ්‍යතාවයක් පැන නැගුනේ නැහැ.අපේ සියලූ බලවේග එකට එකතුවෙලා අපේ දේශපාලන  ආර්ථික පොදු නයාය පත‍්‍රයේ  සිටින විරුද්ධවාදීන් පරාජය කිරීම වෙනුවට පක්ෂ නායකයාට පහරදුන්නා. එය  පහුගිය අවුරුදු 20 කට ආසන්න කාළයක් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානතම දුර්වලකමක් විදියට අපි දකිනවා. විශේෂයෙන් අපේ පක්ෂයට පිටින් පැමිණි කණ්ඩායම සහ අපේ පක්ෂයේ දීර්ඝ කාලීනව  නොහිටපු මේ පිළිබද  අවබෝධය අඩු කණ්ඩායම ඉන්න නායකයන්ට  පහරදීම තමයි මේ කාළය තුළ සිදුකලේ.රනිල් වික‍්‍රමසිංහ  මහතා පැන්නිය යුතුයි කියලා 2012 දීත් ඔය කියන කණාඩායම  ක‍්‍රියා කළා. 2014 සිංහල අවුරුද්දටත්  පක්ෂයේ නායකයා පන්නනවා කිව්වා. සිංහල අවුරුද්දට  කලින් මහින්ද රාජපක්ෂ මහතා පන්නන්න  පෙලගැහෙමු කියලා මේ කණ්ඩායම කියනවා මම කිසිම අවස්ථාවක දැකලා නැහැ.2014 ඔක්තොම්බර් මාසයේදී මේ පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක  මහතාත් පැනලා යනකොට රනිල් වික‍්‍රමසිංහ  මහතා ඒ අභියෝගය බාරගෙන රාජපක්ෂ දේශපාලනය සම්පූර්ණයෙන්ම පරාජයට පත්කළා. එතනදි මාදුලූවාවේ සොභිත හිමියන් ප‍්‍රමුඛ බෞද්ධ බලවේග එක්ක එතුමා කටයුතු කළා.එතනදි රනිල් වික‍්‍රමසිංහ මහතා  පරාජයට පත්කරලා  එලවනවා කියපු කන්ඩායමට  මැති ඇමතිකම් දුන්නට පස්සේ ඔවුන් ඒ බලය පාවිච්චි කරලා රාජපක්ෂ පරාජය කිරීම වෙනුවට  රනිල් වික‍්‍රමසිංහ මහතා  පරාජය කරන්න නැවත උත්සාහ කළා. පක්ෂ නායකයාට පහරදීමෙන් සිදුවන්නේ  පක්ෂ නායකයා සහ අනික් කණ්ඩායම දුක්විදිම පමණයි’’  යැයිද ඔහු එහිදී පැවැසීය.එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ වලට පිලිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  වජිර අබේවර්ධන  මහතා :ප‍්‍රශ්නය : පක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට  නොලැබුනොත් වෙනම පක්ෂයකින් තරඟ කරනවා කියලා කියනවා.පිළිතුර : එහෙම හදන්නත් තහනම්. එහෙම ක‍්‍රියා කරන්නත් තහනම්.ප‍්‍රශ්නය : රනිල් වික‍්‍රමසිංහ මහතා අවුරුදු විසිගණනක් නායකයා ලෙස  කටයුතු කළා. ජයග‍්‍රහණ වලට වඩා පරාජයන් එහිදි  අතිවිදින්න වුණා. වෙනසක්  වෙන්න  ඕන කියලා ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද?පිළිතුර : මම කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. එවැනි තින්දුවක් ගත්තොත් එක්සත්  ජාතික පක්ෂයට  තව අවුරුදු විස්සකටවත් බලයට එන්න ලැබෙන්නේ නැහැ.ප‍්‍රශ්නය : රනිල්  වික‍්‍රමසිංහ මහතා දිගටම නායකත්වයේ  හිටියොත් ඊළඟ මහමැතිවරණයටතරඟ කරන්නේ නැහැ කියලා  ඇතැම් මන්ත‍්‍රීවරු ප‍්‍රකාශ කර තිබෙනවා?පිළිතුර : ඒක ඒ අයගේ පෞද්ගලික  අදහස්. ඒක නරක නැහැ ඒකත් හොදයි. ( ඡායාරූප-  ජයමාල් චන්ද්‍රසිරි) 
2030 දක්වා එජාපයට නායකයන් සිටිනවා
0
hp_train_1087
(රංජිත් රාජපක්ෂ)                       තේ දලු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් 10 දෙනෙකු අද (30) බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව  රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසීය.බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ ඉහළ කොටසේ විශාල ගලක බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී බඹරු ඇන ඇති බව නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියාය.මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ තේ වතු ආශ්‍රිත බඹර කුඩු විශාල සංඛ්‍යාවක් බැද ඇති බවත්, සුළු ශබ්දයකදී පවා බඹරුන් ඇවිස්සී බඹරු ඇනින බව කාන්තාවෝ පවසති. 
බඹරු ඇනීමෙන් වතුකම්කරු කාන්තාවෝ 10 ක් රෝහලේ
1
hp_train_1088
ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. කොරෝනා එන්නත්කරණ වැඩසටහනෙන් ද ඊට සහාය හිමි වී තිබේ. බොහෝ රටවලට එය සතුටට කරුණක් වුව ද සෑම රටකටම එය එසේ නොවේ. මෙය පූර්ව අනතුරු ඇඟවීමක් ලෙස පෙන්වාදිය හැකිය. තරමක දුර්වල ආර්ථික ව්‍යුහයක් තිබූ රටවලට ගෝලීය ආර්ථික පසුබැසීම හේතුවෙන් යම් ආකාරයක “පහසු/ සැනසිලිදායක කාලයක්” ලැබුණු නමුත් ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමත් සමඟ එම රටවලට නව අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත.මෙම විෂය ක්ෂේත්‍රය තරමක් බැරෑරුම් වුවත් අප ගමන් කරන්නේ කුමන දිසාවකට දැයි දැනගැනීම ඉතා වැදගත් වේ. අඩුම තරමේ මේ වනවිට කලින් පැවැති ආර්ථික අවිනිශ්චිත තත්ත්වය පහව යමින් තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රතිපත්ති රෙජීමයේ යල් පැන ගිය තත්ත්වය හේතුවෙන් අපට නව අභියෝග නිර්මාණය වෙමින් තිබේ.යථා තත්ත්වයට පත්වීමේ ගමනලෝක දළ දේශීය නිෂ්පාදිත වර්ධනය පසුගිය වසරේ දී සියයට 3.5කින් සංකෝචනය වූ බවත් මේ වසරේ දී සියයට 5.5කින් පුළුල් වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට පුරෝකථනය කර ඇත. වසර 45කට පසු එය ලෝක ආර්ථිකය වාර්තා කරන ඉහළ වර්ධන අනුපාතිකයකි. කෙසේ නමුත් ගැඹුරු ආර්ථික සංකෝචනයකින් පසු එවැනි ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ඉහළ වර්ධනයකින් කියැවේ.ලෝක ආර්ථිකයේ මෙම ඉහළ වර්ධනයට දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.3ට වඩා වැඩි ආර්ථික වර්ධනයක් ඇති දියුණු ආර්ථික හිමි රටවලින් ද සැලකිය යුතු දායකත්වයක් ලැබේ. ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා කලාපය, එක්සත් රාජධානිය සහ ජපානය යන රටවල් හතර ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට වඩා වැඩි අගයකට දායකත්වය සපයයි. එම රටවල් ද මේ වසරේ දී ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගනු ඇත. ආසියාවේ ආර්ථික දැවැන්තයන් වන චීනය සහ ඉන්දියාව මේ වසරේ දී දැවැන්ත ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇත. චීනය සියයට 8.1ක ආර්ථික වර්ධනයක් ද ඉන්දියාව සියයට 11.5ක ආර්ථික වර්ධනයක් ද වාර්තා කරනු ඇතැයි පැවැසේ. ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය යනු ලොව පළමු හා දෙවැනි විශාලතම ආර්ථික දෙකට හිමිකම් කියන රටවල්ය. ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 40කට වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන්නේ මෙම රටවල් දෙක වන අතර එම රටවල් දෙකේ ආර්ථික වර්ධනය ලෝක ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ දී ඉතා වැදගත්ය.ඉහත කී කරුණු කාරණා සැලකිල්ලට ගැනීමේ දී ගෝලීය ආර්ථිකය තුළ අහිතකර හෝ පෙර නොවූ විරූ ආකාරයේ සිදුවීම් ඇති නොවූවත් ඉදිරි වසර දෙක තුනේ දී ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පිවිසෙනු ඇත. යථා තත්ත්වයට පත්වීමේ ගමනේ දී අනෙකුත් වර්ධනය වීම් ද සිදුවනු ඇත. මේ වනවිට දක්නට තිබෙන ප්‍රධානම ගෝලීය ප්‍රවණතාව වනුයේ ගෝලීය මට්ටමින් උද්ධමන පීඩනය ගොඩනැගෙමින් තිබීමයි.වෙළෙඳ භාණ්ඩවල මිල ගණන්ලෝක ආර්ථිකය තුළ වෙ‍ළෙඳ භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑමේ ලක්ෂණ දැනටමත් පහළ වී තිබේ. පසුගිය වසරේ මැද භාගයේ දී බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 20ටත් වඩා අඩු අගයක් ගත් අතර මේ වසරේ දී එම අගය ඉහළ යන ලක්ෂණ මේ වනවිටත් පහළ වී තිබේ. දැනටමත් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 60ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලෝක ආර්ථිකය ද යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බැවින් ඉන්ධන සඳහා තිබෙන ඉල්ලු‍ම ද ඉහළය. මේ හේතුවෙන් දීර්ඝ කාලීන ලෝක මිල ගණන් ඉහළ යෑමේ තත්ත්වයක් ද පෙනෙන්නට තිබේ. වේගයෙන් වර්ධනය වන විශාල ආර්ථික හිමි රටවල ඉන්ධන ඉල්ලු‍ම ඉහළ යන විට දී ගෝලීය වෙළෙඳ භාණ්ඩවල මිල ගණන් ද ඒ සමඟම ඉහළ යෑමේ ප්‍රවණතාවක් දක්නට තිබේ.ලෝක ආහාර මිල ගණන් ද ඉහළ යමින් තිබේ. එක්සත් ආහාර හා කෘෂිකාර්මික (එෆ්.ඒ.ඕ.) සංවිධානයේ ගෝලීය ආහාර මිල ගණන් දර්ශකය පසුගිය වසර පහක කාලයේ දී 100ට අඩු අගයක පැවැතුණි. කෙසේ නමුත් පසුගිය වසරේ (2020) මැද භාගයේ සිට එය ඉහළ යමින් තිබෙන අතර පසුගිය වසරේ අවසන් මාසයේ දී එය 116ක් දක්වා ඉහළ ගියේය. ලෝකයේ ව්‍යාපාරික චක්‍රය තුළ වෙ‍ළෙඳ භාණ්ඩවල මිල ගණන් සහ ආර්ථික වර්ධනය සමීපව ගමන් කිරීම අසාමාන්‍ය දෙයක් නොවේ. පසුගිය දශක කිහිපයේ දී ලෝක ආර්ථිකය වේගයෙන් පහත වැටුණු අතර උද්ධමන ප්‍රවණතාව ද පහළ යමින් තිබේ. ලෝක ආර්ථිකය මේ වනවිට වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙන අතර ඉදිරි වසර කිහිපයේ දී ලෝක උද්ධමනය නැවත වරක් ඉහළ යනු ඇත.ලෝක උද්ධමනයේ ඉහළ යන ප්‍රවණතාවත් සමඟ තවත් වැදගත් සාර්ව විචල්‍යයක් තිබේ. එමඟින් එහි ප්‍රතිලාභ ඉදිරියට ගෙනෙනු ඇත. පොලී අනුපාත එම සාර්ව විචල්‍යයි. මේ දක්වා ලෝක ආර්ථිකය දීර්ඝ කාලීන පොලී අනුපාතිකවල පහළ යෑමේ ප්‍රවණතාවකට මුහුණ දෙමින් සිටියි. අපට කඩිනමින් අත්දකින්නට නොලැබුණ ද ඉදිරි වසර කිහිපය තුළ පොලී අනුපාතික ඉහළ යනු ඇත.ආර්ථිකය පුළුල් වීම හෝ සංකෝචනය වීම හෝ යන්න සමඟ උද්ධමන අනුපාතිකත් පොලී අනුපාතිකත් සමීපව ගමන් කිරීම සාමාන්‍ය ව්‍යාපාරික චක්‍රයකි. අසාමාන්‍ය තත්ත්වයකදී හැරෙන්නට මෙය සාමාන්‍ය ව්‍යාපාරික චක්‍රයකි.අර්බුදයට එරෙහි ප්‍රතිපත්තිසෑම තැනකම මෙන්ම ශ්‍රී ලංකාවේ ද ආර්ථික අර්බුදයට එරෙහිව යමින් ප්‍රතිපත්ති ගෙන තිබේ. කෙසේ නමුත් අපේ රටේ ආර්ථික තත්ත්වය අන් සියල්ලට වඩා දරුණුය. අපේ රටේ ආර්ථික අර්බුදය කොවිඩ්-19ට පමණක් සීමා වූවක් නොවේ. කොරෝනා වසංගතයට පෙර අපට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ අහිතකර ආර්ථික ප්‍රතිවිපාක දරාගැනීමට සිදුවිය. එපමණක් නොවේ, ඊට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය අහිතකර ලක්ෂණ පෙන්නුම් කළේය. යුද්ධයෙන් පසුව ද මෙරට ආර්ථිකය වර්ධනය වන තත්ත්වයක් පෙන්නුම් නොකළේය. අර්බුද එතැකින් අවසන් වන්නේ ද නැත. මේ සියවස ආරම්භයේ සිටම මෙරට ආර්ථිකය නරක අතට හැරෙන ලක්ෂණ දිගින් දිගටම පෙන්නුම් කළ අතර ඒවා මීට පෙර දිගින් දිගටම සාකච්ඡා කර තිබේ.මේ සියල්ල අවසානයේ දී සිදුව ඇත්තේ අර්බුදවලින් පිරුණු ආර්ථිකයක ප්‍රතිපත්ති රැසකි. ආදායම් වර්ධනය නරක අතට හැරීම හේතුවෙන් රජයට වියදම් වැඩි කිරීමට සිදුවිය. ඊට මූල්‍ය සපයනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. ශ්‍රී ලංකා මහ බැංකුව සතුව 2019 වසර අවසානය වනවිට රුපියල් බිලියන 75ක රාජ්‍ය සුරැකුම්පත් තිබිණි. ආණ්ඩුවේ ණය දීම් හේතුවෙන් මේ වනවිට එය රුපියල් බිලියන 800 ඉක්මවා වර්ධනය වී තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට දෙන ණය ද වැඩි කර තිබේ. ඒ හේතුවෙන් ආණ්ඩුවට දෙන ණය ද වැඩි වී තිබෙන අතර ආණ්ඩුවේ වියදම් ද වැඩි වී තිබේ.පෞද්ගලික වියදම්වල පාඩුව හේතුවෙන් ඇති වූ අහිතකර ආර්ථික ප්‍රතිවිපාකවල බලපෑම අඩු කිරීමට ආණ්ඩුව උත්සාහ කිරීම නිසා අපේ ඇතැම්හු එය කේන්සියානු ප්‍රතිපත්ති යැයි කීහ. ඇතැම් අය එය නූතන මූල්‍ය/ මුදල් න්‍යායට අදාළ අදහස්වල අලු‍ත් උද්යෝගයක් යැයි ඇතැම්හු පවසති. මහ බැංකුව ආණ්ඩු වියදම්වලට මූල්‍ය සපයන බැවින් ඔවුහු එම අදහස් පළ කරති.දියාරු ප්‍රතිපත්තිස්වභාවිකව ආර්ථික පසුබැසීම මැඩපැවැත්විය හැකි උද්ධමන පීඩනය නොවන්නට අර්බුදවලින් පිරි ආර්ථිකයකට ඉහත ප්‍රතිපත්ති ගැනීම පහසු නොවේ. ආර්ථිකය පුළුල් වනවිට උද්ධමනය ඉහළ යන අතර පසුබැසීමක දී උද්ධමනය පහළ යයි. එම නිසා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ඉදිරි වසර කිහිපය තුළ උද්ධමන පීඩනය ඉහළ යන අයුරු අපට දැකගන්නට හැකියාව ලැබෙනු ඇත.එම නිසා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමත් සමඟ එළැඹෙන කාලය තවදුරටත් මූල්‍ය සහ අයවැය ප්‍රතිපත්ති උත්තේජනවලට සුදුසු කාලයක් නොවේ. මූල්‍ය තත්ත්වය පුළුල් කිරීමේදීත් ආණ්ඩුවේ වියදම්වලදීත් මේ සමයේ දී වඩාත් පරෙස්සම් විය යුතුය. අනවශ්‍ය ලෙස ඉල්ලු‍ම් වැඩි වීම නිසා මේ සමයේ දී උද්ධමන පීඩනය සම්බන්ධයෙන් ද අවධානයෙන් සහ පරෙස්සමෙන් කටයුතු කළ යුතුය. ඒ සමඟම ක්‍රමයෙන් මූල්‍ය විනය දෙසටත් මූල්‍ය ඒකග්‍රතාව දෙසටත් ගමන් කළ යුතුය.මූල්‍ය විනය ඇති කරගැනීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුවේ වියදම් දැරීමෙන් ඉවත් විය යුතුය. මූල්‍ය ඒකාග්‍රතාව ඇති කරගැනීමේ දී බදු ආදායම් වැඩි කළ යුතු අතර වියදම් සීමා කළ යුතුය. අයවැය හිඟය සීමා කිරීම මඟින් එය කළ යුතුය. අපේ ඇතැම් අය එය මූල්‍යවාදී න්‍යායක් ලෙස හඳුන්වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව අමතර මුදල් වර්ධනය කපා හැරීම ඊට හේතුවයි. පෞද්ගලික අංශයට ඉඩ සැලසීම හේතුවෙන් ඇතැම් අය මෙය නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට නැවත අවස්ථාවක් දීමක් යැයි ද කියනු ඇත. මේ අවස්ථාවේ දී අවශ්‍ය වී ඇත්තේ විකල්ප ප්‍රතිපත්තිය. ඒවාට ලේබල් ගැසීම මේ අවස්ථාවේ සුදුසු නොවේ.අනෙක් අතට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පොලී අනුපාත මත උඩුකුරු තෙරපුමක් එල්ල වීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබේ. අනවශ්‍ය ඉල්ලු‍ම සීමා කිරීමට ඉහළ පොලී අනුපාත ඉතා හොඳ උපකරණයකි. එමගින් උද්ධමන පීඩනය ද පාලනය කරගත හැකිය.යථා තත්ත්වයට පත්වීමට සූදානම් වීමආර්ථිකවලට බලා සිටිනවාට වඩා යථා තත්ත්වයට පත්වීමට සූදානම් විය හැකිය. එය අර්බුද තුළ ලැබෙන අවස්ථා ලෙස පෙන්වාදිය හැකිය. ඉල්ලු‍ම අනවශ්‍ය/ අසාධාරණ ලෙස වැඩිවීම සම්බන්ධයෙන් අපි ඉහත දී සාකච්ඡා කළෙමු. ඒ තුළින් අනවශ්‍ය උද්ධමන පීඩනයක් ඇති වේ. ප්‍රතිසංස්කරණ සිදු නොවීම නිසා දළ දේශීය නිෂ්පාදිතය නියමිත පරිදි සිදු නොවීම නිසා එය අනවශ්‍ය/ අසාධාරණ ඉල්ලු‍ම ලෙස හැඳින්විය හැකිය.මෙය ශ්‍රී ලංකාව හමුවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාව තුළ 1989 වසරෙන් පසු අර්ථවත් ආකාරයෙන් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සිදු කර නොමැත. කෙසේ නමුත් මෙරට තුළ ටිකෙන් ටික ප්‍රගතිශීලී ප්‍රතිපත්ති වෙනස්කම් සිදු කර තිබේ. ඒ අතරම තැනින් තැන ඒවායේ වෙනස්කම් ද සිදු කර තිබේ. මේ අර්බුදකාරී තත්ත්වය ආර්ථික වර්ධනය සීමා කරන රටේ ව්‍යුහාත්මක සීමා අඩුපාඩු නිවැරැදි කිරීමට සුදුසුම තත්ත්වයකි.  අවස්ථාවලින් ප්‍රයෝජන නොගෙන අප ආර්ථිකය යථා තත්ත්වයට පත්වන කාලයට සූදානම් නොවූවහොත් කුමක් සිදු වේවි ද? එසේ වුවහොත් කොරෝනා වසංගතයට පෙර පැවැති මධ්‍යම ආර්ථික වර්ධන තත්ත්වයට අප නැවත වරක් වැටෙනු ඇත.(***)සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියේ  පරිවර්තනයහර්ෂණ තුෂාර සිල්වා 
ලෝකයට ගැළපෙන්න ආර්ථිකය නැගිටුවීම
0
hp_train_1089
(ඩයනා උදයංගනී)“රටේ ව්‍යාපාර දියුණු කිරීමට නම් සෑම ව්‍යාපාරිකයකුටම බලපාන මේ සංකීර්ණ බදු ක්‍රමය සරල ක්‍රමයක් බවට පරිවර්තනය කළ යුතු” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.විවිධ වර්ගයේ බදු ඉවත් කර එක බදු ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගත යුතු බව කී රාජපක්‍ෂ මහතා දැනට පවතින වැට් බදු සියයට 8 පමණ දක්වා අඩු කළ හැකි යැයි ද සඳහන් කළේය.ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී ඉකුත්දා 15 වැනිදා තේ කර්මාන්ත ශාලාහිමියන් හමුවූ අවස්ථාවේදීය.එම අවස්ථාවේදී රාජපක්‍ෂ මහතා මෙසේද කීය.“තේ කර්මාන්තයේ නියැළී සිටින බොහෝ දෙනෙක් මට කියපු දෙයක් තමයි. මෙම කර්මාන්තය පහසුවෙන්ම ඩොලර් බිලියන පහක ආදායමක්, විදේශ විනිමයක් ලබා ගැනීමට හැකි ආකාරයට ගොඩ ගැනීමට පුළුවන් කියන එක. අපේ ඉලක්කය විය යුත්තේ එයයි. තේ, රබර්, පොල්, ඉතාමත් වැදගත් විදේශ විනිමය උපයන කර්මාන්ත.අපි ලෝකය දිහා බැලුවොත් ලෝකයේම තේවල අගය පහතට වැටී තියෙනවා. අපි මේ වෙලාවේ කල්පනා කර බැලිය යුත්තේ අපි මේ තත්ත්වයට වැටුණේ ඇයි කියලයි. වෙනත් රටවලින් අඩු ගුණාත්මක භාවයකින් යුතු තේ ගෙනල්ලා නැවත අපනයනය කිරීම නිසා අපේ වටිනා තේ කර්මාන්තය කඩා වැටුණා කියන එක මා විශ්වාස කරනවා.  සිලෝන් තේ ලෙස අපේ තේවලට එදා තිබුණු අගය නැවත යා යුතුයි.මම ඇමරිකාවේ සිටියදීත් ලංකාවෙන් තේ ගෙනගොස් විදේශිකයන්ට තෑගි දෙනවා. දවසක් මට මිත්‍රයෙක් එයාගෙ තේ ගෙනැවිත් දුන්නා. ඒක  ශත අනූ නවයේ කඩෙන් ගත්ත එකක්. ඇත්තටම ඒක තේ නෙවෙයි. එයාගෙ මනසේ  තේ කියලා හිතාගෙන ඉන්නේ  ඒ කඩෙන් ගත්ත තේ වර්ගයයි. එදා මට තේ එකක්  කියන්නේ කුමක්ද, ඒක රස විඳින්නේ කොහොමද විස්තර කර දෙන්න සිද්ධ වුණා.අපි මේ වෙලාවේ අලුත් වෙළඳ පොළක් ගැන සිතිය යුතුයි. බි්‍රතාන්‍ය අපේ  තේවලට හොඳටම හුරු වෙලා සිටින බව අපි දන්නවා. අපි අලුත් වෙළෙඳ පොළ ක්‍රමයට අවතීරණය වනවිට ‘සිලෝන් ටී’ ඔවුන්ට හඳුන්වා දිය යුතුයි. අපේ තේවලට වෙළඳ පොළක් හදා ගන්න ඕනේ. අපේ තේ කර්මාන්තයේ ආදායම ඉහළ නංවා ගත හැක්කේ මේ වගේ සන්නාමයක් හදලා ගුණාත්මක භාවයෙන් වැඩි තේ අලුත් වෙළඳපොළට ගෙනයාමේ හැකියාවක් තිබෙනවා නම් විතරයි.මෙය පෞද්ගලික අංශයට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිවාර්යෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න ඕනේ. ඩොලර් බිලියන පහක ඉලක්කය කරා යන්නට හැක්කේ මෙම ක්‍රමය අනුවයි. තේ කර්මාන්තය අපේ රටේ ප්‍රධාන අපනයනයක් වුණත් තේ වතුවලට එන ශ්‍රමිකයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙනවා. අප මේ ගැනත් කල්පනා කර බලන්න ඕනේ. වතුකරයේ තරුණ තරුණියන් හැමදාම වත්තට සීමා වෙනවා. ඒක මනුස්සකමක් නෙවෙයි. අපි ඒ අයටත් ඉදිරියට එන්න අත දිය යුතුයි. කුරුණෑගල ඉන්න හැමෝම පොල් කඩනවාද,? කොහු තලනවද? කියලා සමහරු අහනවා. ඒ ප්‍රදේශවලින් දොස්තරලා ඉංජිනේරුවෝ වගේ උගත් පිරිස බිහිවෙනවා. එහෙනම් මේ වතුකරේ ජනතාව තේ දළු කඩන්න විතරක් වෙන් වෙන්නේ ඇයි ? මෙම තත්ත්වයෙන්  මිදිලා වෙනත් රැකියාවලට යන්න, අධ්‍යාපනය ලබන්න දොස්තරවරු ඉංජිනේරුවරු වෙන්න ඒ අය කැමැතියි. රජයක් හැටියට අපි එය කළ යුතුයි.අපේ රටේ තේ වතුවලින් සියයට හැත්තෑවක් පමණ තිබෙන්නේ කුඩා තේ වතු ලෙසයි. අපි මේ කුඩා තේ වතු හිමියන් තවත් දියුණු කළ යුතුයි. ඒ අයට නැවත වගා කිරීමට පහසුකම් සැලැස්විය යුතුයි. විශාල තේ වතුවල යම්  බිම් ප්‍රමාණයක් එහි කම්කරුවන්ට ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. තවත් දෙයක් තමයි ලාබ බෙදීම සහ යාන්ත්‍රිකරණය මගින් කොහොමද අපේ කටයුතු කාර්යක්ෂම කරගන්නේ කියන එක. පලදාව වැඩිකර ගැනීමේ ක්‍රමවේද ගැන කතා කරනවා. මේවා මගින් තමයි තේ කර්මාන්තය ගොඩනැංවිමට සහ ඵලදායීතාවයන් ආදායමත් වැඩි කරගත හැක්කේ. තේ කම්කරුවන් ගැන කතා කරනකොට ඒ අයගේ  වැටුප් වැඩි කර ගැනීම පිළිබඳව කතා කළ යුතුමයි. වත්මන් රජය රුපියල් 1000 වැටුපක් ඔවුන්ට ලබා දීමට පොරොන්දු වුණා. නමුත් සිද්ධ වුණේ නැහැ. මම කියන්නේ එය සිදුවිය යුතුයි. තේ කර්මාන්ත හිමිකරුවන්ට ලොකු ප්‍රශ්න තිබෙනවා. මේ වෙනකොට විශාල කර්මාන්ත ශාලා රැසක් වැසී ගිහින්. මේ වැහුණු කර්මාන්ත ශාලා නැවත විවෘත කිරීමට හා නවීකරණය කිරීමටත් අවශ්‍ය පහසුකම් සැලසීමට රජය මැදිහත්විය යුතුයි. ඊට අවශ්‍ය කරන මූලික ප්‍රාග්ධනය ණය ලබා ගැනීමටත්, බදු සහන ලබා දීමටත් රජය කටයුතු කළ යුතුයි.සෑම ව්‍යාපාරිකයෙකුටම බලපාන ප්‍රශ්නයක් ගැන ජනාධිපතිතුමා කතා කළා. මේ සංකීර්ණ බදු ක්‍රමය සරල බදු ක්‍රමයක් බවට පත් කරන්නට අවශ්‍යයි. විවිධ වර්ගයේ බදු ඉවත් කර එක බදු ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගත යුතුයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැට් බද්ද සියයට 20 සිට 11 ක් දක්වා අඩු කළා. පසුව මේ රජය නැවත එය වැඩි කළා. මේ වැට් බදු සියයට 8 පමණ දක්වා අඩු කළ හැකියි.දුරකතන බද්ද වගේ නොයෙකුත් බදු, කම්කරුවන් සහ මධ්‍යම පාන්තික සේවකයන්ගේ වැටුප් මත අය කරන බද්ද වැනි බදු ඉවත් කිරීමට අවශ්‍යයි. මේ වගේ විශාල බාධක ව්‍යාපාරිකයන්ට හා ව්‍යවසායකයන්ට මේ රජය විසින් ඇති කර තිබෙනවා. අපි බලන්නට ඕනේ අපි කරන හැම දේකින්ම ගන්න පුළුවන් ප්‍රතිඵලය මොකක්ද කියලා. අපි පොහොර සහනාධාරය දෙනවා කියලා පොරොන්දු වූණා. එය ඡන්ද පොරොන්දුවක් නොවෙයි. එයින් ගොවියෝ දිරිමත් වෙනවා. මුඩු වෙලා තියන කුඹුරු නැවත වගා කරනවා. ඒ හරහා අස්වැන්න හා ගොවීන්ගේ ආදායම වැඩි කරන්නත් සහල්වලින් ස්වයංපෝෂිත වෙන්නත් අපට පුළුවන් වෙනවා.2007 යුද්ධය දරුණුවටම යන වෙලාවේ හාල්  පිළිබඳව ප්‍රශ්නයක් ආවා. ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිතුමා කතාකරලා හාල් ගෙන්නන්න ඇමතිවරු ලෝකෙ වටේටම යැව්වා. මිනිස්සු ඒ ගෙනාපු හාල් කන්න කැමති වුණේ නැහැ. එදා ජනාධිපතිතුමා කිව්වා මේක හරියන් නෑ අපි සහල් වලින් ස්වයංපෝෂිත වෙන්න පොහොර සහනාධාරය දෙමු කියලා. යුද්ධයට විශාල වියදමක් යන වෙලාවක පොහොර  සහනාධාරය දීලා අපි රට ස්වයංපෝෂිත කළා.මේ රජය ආවට පස්සෙ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කිසිම දෙයක් සිදු කළේ නැහැ. වියදම් අනුව බලනකොට ගොවියන්ට ලැබෙන්නේ පොඩි ගණනයි. වී බුසලක් නිෂ්පාදනය කරන්න බරපතළ වියදමක් යන නිසා ඊට වඩා හොඳයි පිටරටින් හාල් ගෙන්වන එක කියලා ඇතැම් උපදේශකයෝ කියනවා. මේ වගේ උපදේශකයෝ ගැන විශ්වාසය තියෙනකොට රජයත් ඒ විදිහට තමයි වැඩ කරන්නේ. වත්මන් රජය පිහිටුවලා මුල් කාර්තුවේම කුඹුරු ලක්ෂයක් වගා කරන්න එපා කීමෙන් රටේ සහල් හිඟයක් ඇති වුණා. අනාගතයේ දී මුළු ලෝකයේම ආහාර සුරක්ෂිතභාව ඉතාමත්ම වැදගත් අංගයක්. එතකොට සහල් විතරක් නෙමෙයි කිසිම දෙයක් පිටරටින් ගේන්නේ  නැතිව අපේ රට ස්වයංපෝෂිත වෙන්න ඕනෑ. අපි මේ හැම දෙයක්ම යෝජනා කළේ ඉලක්ක බලාගෙනයි.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.“වසර ගණනාවක් මුළුල්ලේ අපේ රටේ වැඩිම  විදේශ ආදායමක් ලැබෙන්නේ තේ කර්මාන්තයෙන්. එයින් සංචාරක කර්මාන්තය වඩා වැඩි විදේශ විනිමයක් උපයනවා. පසුගිය කාලයේදී තේ කර්මාන්තය ඇද වැටුණා. අපේ කාලයේ කැබිතිගොල්ලෑවේ දී ප්‍රහාරයක් සිදු වුණා. ඒ කාලයේ තමයි තමුන්නාන්සේලා මාව හමුවුණේ. එදා තමුන්නාන්සේලාට විවිධ සහන ලබාදීමට අපිට හැකිවුණා.තමුන්නාන්සේලා එදා ඇද වැටී තිබෙන තේ කර්මාන්තය හා වැසී යන තේ කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අද මේ තත්ත්වයේ වෙනසක් ඇති කිරීමට අවශ්‍යයි. එය රජයක වගකීමක්. අපි අනිවාර්යෙන්ම තේ කර්මාන්තය ගොඩනැංවිය යුතුයි. තේ කර්මාන්තය අද අපේ රටේ සංස්කෘතික අංගයක් බවට පත්වෙලා. එය නැවතත් ලෝකය ඉදිරියට ගෙනියන්න පුළුවන්. අද තේ කර්මාන්තයේ නොයෙක් ප්‍රශ්න තිබෙනවා. ඇතැම් බාල  කසළ තේ වර්ග නිසා ඇති වූ ගැටුම විසඳීමට අපිට රජයක් විදිහට මැදිහත් වෙන්න සිදුවුණා.තමුන්නාන්සේලාට තරඟ කරන්න සිදුවෙලා තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් සමඟයි.කෙසේ වෙතත් මේ කර්මාන්තය ගොඩනඟන්න අපිට වගකීමක් තිබෙනවා. ඔබේ ප්‍රශ්න පිළිබඳව අපට හොඳ අවබෝධයක් තිබෙනවා. අද රටේ තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා. අද රටේ මිනිස්සු ව්‍යාපාර කඩන් වැටීමෙන් ණය වෙලා. පදිංචි වෙලා ඉන්න ගෙවල් සින්න වෙන තත්ත්වයක් වාර්තා වෙනවා. හැම ව්‍යාපාරිකයෙක්ම මේක කියනවා. තමන් බැංකුවට වූ ණය මුදල ගෙවා ගන්න බැරුව ඇති වූ සිත් කම්පාවෙන් කොළඹ ව්‍යාපාරිකයෝ හතර දෙනෙක් දිවි නසා ගත්තා. ව්‍යාපාරිකයාට අද එවැනි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ රජයට හොඳ කළමනාකරණයක් හෝ ප්‍රතිපත්තියක් නැති නිසයි. අද රට අයාලේ යන්නට ඉඩ දීලා තිබෙනවා. අද අපි මුහුණ දී තිබෙන්නේ එවැනි තත්ත්වයකටයි. රටක ආරක්ෂාව හැමදේටම වඩා ඉතා වැදගත්. ඔබේ ව්‍යාපාරය හරි ගෙනියන්න පුළුවන් වන්නේ රටේ ආරක්ෂාව තිබුණොත් විතරයි. ඒ තත්ත්වය ඇති කරන්න මුලින්ම අපි පියවර ගන්නවා. රටේ ජාතික ආරක්ෂාව තිබෙනවා නම්  ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට සහ අනිකුත් සියලු දෙනාටම තමන්ගේ කර්මාන්ත කරගෙන යන්න හැකියාව ලැබෙනවා. එහෙම නැති වුණොත් හැම ව්‍යාපාරයක්ම  කඩා වැටෙනවා.තේ කර්මාන්තය ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙනියන්න අපි හැම අවස්ථාවකදීම ඔබ සමග සාකච්ඡා කර ප්‍රශ්නවලට උත්තර හොයන්න පියවර ගන්නවා. ණය පොලිය ගත්තත් බදු ක්‍රමය ගත්තත් අපට ප්‍රශ්නයක් තිබෙනවා. බදු ක්‍රමයේ කිසිම පිළිවෙළක් නැහැ. එක ඉලක්කමේ බදු ක්‍රමයකට මුළු රටම ගොනු කිරීම අපේ අරමුණයි. 
අපනයන කර්මාන්තයේ කඩාවැටීමට සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි
0
hp_train_1090
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්තසිය සහෝදර සේවකයාට ඇටවූ උගුලේ එම කාර්යාලයේම සේවිකාවක පැටළුණ අපූරු පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබේ.ඔහු කාර්යාලයක අයකැමිය. නිල කාමරයක් තිබුණේ ආරක්ෂාකාරීව ගනුදෙනු කිරීමටය. ඔහු ගැහැනු පරානවලට ඇලු‍ම් කළ අයෙක්ද විය. සේවිකාවන්ට අනවශ්‍ය  විහිළුතහළු කර ඇස් රතු කරගත් අවස්ථාද ඇති තරම්ය. ඒ එකකින්වත් ඔහු පාඩමක් ඉගෙන නොගත්තේය.වෙනදා  ඔහුගේ භාර්යාව අවශ්‍යතා සඳහා නගරයට යාම්ඊම් කළේ මගී ප්‍රවාහන බස් රථයෙනි. පවතින ඉන්ධන අර්බුදය හමුවේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය නොකරන නිසා නගරයට එන ඇය සිය සැමියාගේ යතුරුපැදියෙන් නිවෙසට යාමට කාර්යාලයට ඒමට පුරුදුව සිටියාය.      එදා  ඇය නගරයේ  ගැවසෙනු දුටු සේවිකාවන් පිරිසක් ඔහුට හොඳ පාඩමක් ඉගැන්වීමට කතිකා කර ගත්හ. ඒ අනුව පිරිසේ සිටි රූමත්ම කාන්තාව ඔහුගේ භාර්යාව ඔහු සිටින කාමරයට එනතෙක් රැකසිට ඊට කලින් එම කාමරයට රිංගා ඔහු ළඟට කිට්ටුවී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියාය. කිසිත් නොදත් ඔහු මේ රූමතිය සමග කතා බහ කළේ දැඩි ආශාවකිනි.මේ රූමතිය ඔහුගේ ඇඟට තට්ටු දමමින් කතාකරනවාත් සමග ඔහුගේ භාර්යාවද එතැනට කඩපාත්වූවාය. මේ දර්ශනයෙන් ඇයට ආරූඩයක් වැසුනාක් මෙන් වූවාය. ඒ දෙස හොරෙන් බලා සිටි ඇත්තන්  සිතුවේ භාර්යාව පැනපු ගමන්ම සැමියාට කුඩය කැඩෙන තෙක්ම පහර දෙනු ඇතැයි සිතාය. එහෙත් සිදුවූයේ අනෙකකි. භාර්යාව රූමතියට කුඩය කැඩෙන තෙක්ම පහරදුන්නේ බැඳපු මිනිහකුටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැතිරියක් කියමිනි.කාමරයෙන් දුවන තෙක්ම රූමතියට ඇය පහර දුන්නේ සැඟවී ඒ දෙස බලා සිටි පිරිසද හොල්මන් කරමිනි. 
බිරිඳ ලවා සේවකයාට පාඩමක් උගන්වන්න ගිය රූමතියට කුඩ පූජාවක්
0
hp_train_1091
මිලානෝ ලංකාරාම බෞද්ධ විහාරයේ වෙසක් උත්සවය ඉරිදා (10) වැනි දා විහාරස්ථානයේ දී පැවැත්වේ. සර්වඥ ධාතු ප්‍රදර්ශනය, සම්බුද්ධ පූජාව, සංඝගත දක්ෂිණාව, බත් දන්සල සහ වෙසක් පෙරහර මෙම උත්සවයට ඇතුළත් වේ.
ලංකාරාමයේ වෙසක් උත්සවය හෙට
1
hp_train_1092
( ඩී. කේ. රත්න ) බණ්ඩාරවෙල මාතැටිල්ල වනාන්තර රක්ෂිතයක අද (10) අලුයම ඇති වූ ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශවී ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. කිසියම් කණ්ඩායමක් විසින් මෙම රක්ෂිතයේ ජීවත් වන මුවන්, වල් ඌරන්, ඉත්තතෑවන්, මීමින්නන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි  පොලීසිය සැක කරයි. ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය මෙම ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ. බණ්ඩාරවෙල පොලීස් නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
දික්අරාව රක්ෂිතයේ ගින්නක්
0
hp_train_1093
(සමන් විජය බණ්ඩාර)  බුදු පිළිමේ කැඩිමේ සිද්ධියේ සැකකරුවන් මාර්තු 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 27 නියෝග කළේය.  මෙම සිද්ධියට අදාලව කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ සැකකරුවන් 13 දෙනෙකු රඳවා පොලිසිය සහ කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ සිදු කරයි. මෙම සැකකරුවන් 13 දෙනා හැරුණු විට තවත් සැකකරුවන් 4 වනාතවිල්ලූව ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඔවුන් කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂණ මෙ වන විට ක‍්‍රීයාත්මක වෙයි. 5 වැනි සැකකරු රෝගාතුරු වි ඇති බව බන්ධනාගාර නිලධාරියෙකු විසින් මහෙස්ත‍්‍රාත්වරයාට දැන්විය. එහිදි පොලිසිය මගින් ජනවාරි 20 වැනි දින අත්අඩංගුවට ගනු ලැබු පුත්තලම ප‍්‍රදේශයේදි අවි ආයුධ සමග කොටු වු තරුණයන් සිව් දෙනාගේ කටයුතු වලට යොදා ගත් බව කියන 2855 වෑන් රථයක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. පොලිසිය පැවසුයේ අදාල වෑන් රථය සැකකරුවන් විසින් වෙනත් පුද්ගලයෙකුට විකුණා තිබියදි කුරුනෑගල කැකුලගොල්ල ප‍්‍රදේශයේදි සොයා ගත් බවයි. පසුගිය පෙබරවාරි 13 වැනි දිනයේ මෙම සිද්ධියේ නඩු විභාගයේදි අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව මගින් මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ සිව් දෙනෙකුගේ බන්ධනාගාරයේදි ප‍්‍රකාශ සටහන් කර ගැනිමට අවශ්‍ය අවසරය අධිකරණය මගින් ලබා දෙන ලෙසයි.  එම නඩු දිනයේදි මහෙස්ත‍්‍රාත්වරයාගෙන් කොන්දෙසි හරහා එම අවසරය ලැබුණු අතර සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් දෙදෙනා විසින් අද 27 අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අදාල අවසරය ලැබිමෙන් පසුව සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරිමේදි බැන තර්ජනය කර සිර ගත වි ඇති අයගෙන් ප‍්‍රශ්න කිරිම වැරදි සහගත වන ලෙස ඔවුන්ගේ මිනිස් අයිතින් වලට හානියක් වන ලෙස සිදු කර ඇති බවටයි.  මෙම අවස්ථාවේ මෙ සිද්ධියට අදාලව මාවනැල්ල නිතීඥ මණ්ඩලයම නැගිට සැකකරුවන්ට විරුද්ධව පෙනි සිටි අතර එහිදි අධිකරණයේදි නිතිඥයන් දෙපිරිස විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදි. ඒ අතර පොලිසිය, බන්ධනාගාරය කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණි නිලධාරින්ද විය.   
මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්
0
hp_train_1094
 කොළඹ එතෙර (කළම්ඹු ඕවසීස්) විද්‍යාලයේ, කොළඹ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 23 සැසිවාරයේ ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොල්තෙල් පහන දල්වමින් හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මිය ඒ අසල වෙයි. (ඡායාරූප ඉෂාන් සංජීව)  (හර්ෂණ තුෂාර සිල්වා)බලාපොරොත්තු රහිතව එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටිනවාට වඩා එකට එක්වී සෙමෙන් සෙමෙන් ඉදිරියට යෑම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3) ප්‍රකාශ කළේය. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතීන් බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි ආගම් අදහන පුද්ගලයන් ඇතුළු සියලු පාර්ශව එක් ශ්‍රී ලංකාවක් යටතට ගනිමින් රට ඉදිරියට ගෙන යෑම සඳහා කටයුතු කරන්නේ යැයි සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා අනෙකාගේ අයිතිවාසිකම්වලට ගෞරව කළ යුතු යැයි ද අනෙකාගේ සාධාරණ ඉල්ලීම් පිළිගත යුතු යැයි ද කීවේය. කොළඹ එතෙර (කළම්ඹු ඕවසීස්) විද්‍යාලයේ පැවැති කොළඹ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 23 සැසිවාරයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවැසීය.සෑම අවස්ථාවකදීම තම ආගම ජාතිය සම්බන්ධයෙන් ආඩම්බර වෙමින් ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කරන අතරේම අන් ආගම්, අන් ජාතීන්ට ගෞරව කළ යුතු බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. කිසිදු අවස්ථාවකදී කිසිවකුටත් වෛරය ආයුධයක් කර ගනිමින් තවත් අයෙක් පහත හෙළන්නට ඉඩ නොදෙන්නැයි ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිසුන් හමුවේ කීය.    එහිදී සිසුන් ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. “වසර ගණනාවක් තිස්සේ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයක් සහ එක්සත් ජාතීන්ගේ ආදර්ශ සැසිවාර පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පාසලටත්, විදුහල්පතිවරයාටත්, ගුරුවරුන්, කාර්යමණ්ඩලය ඇතුළු සියලු පාර්ශවවලටත් මම කෘතඥ වෙනවා. එය පහසු කටයුත්තක් නෙමෙයි. එම නිසා එය ඇගයිය යුතුයි.අද ඔබ දන්නා පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවිධ චෝදනා එල්ලවී තිබෙනවා. ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙන් දේශපාලනය තුළ සිදුව ඇති වර්ධනය නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩි වැඩියෙන් චෝදනා එල්ල වෙනවා. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකය තුළ සාමය පවත්වාගෙන යෑමට සමත්වූ බව අප සැවොම පිළිගත යුතුය. එයයි ප්‍රධාන කරුණ. වසර 1945 සිට ප්‍රධාන යුද්ධයක් නොමැතිව ලෝකය තුළ සාමය පවත්වාගෙන යෑමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත් වූ බව අප පිළිගත යුතුයි. පසුගිය කාලයේදී ලෝක බලවතුන්ගේ සටන්, නිරවි යුද්ධය, න්‍යෂ්ටික ආයුධ ආදිය මධ්‍යයේ ලෝකයේ සාමය පවත්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත් වුණා. කොළඹ එතෙර (කළම්ඹු ඕවසීස්) විද්‍යාලයේ ප්‍රධානි ෆිල් ජොස්ලින් මහතා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක්  පිරිනමමින්.අද අපි මුහුණ දෙන ලෝකයත් 1945 තිබූ ලෝකයත් යනු දෙකක්. ජපානය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට විරුද්ධව යමින් සටන් කළා. ජර්මනිය, ඉතාලිය සහ ජපානයේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාකාරකම් නිසා දෙවැනි ලෝකය යුද්ධය ඇති වුණා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ නායකයන් පවා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රම අනුගමනය කළා. පැසිට්ස්වාදීන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සටන් කළා. ඊට එරෙහිව ලොව රටවල් එක්වුණා. එවකට ලොව බලවත්ම ආර්ථිකය හිමිව තිබූ ඇමෙරිකා එක්සත් ජනපදය, එවකට විශාලම රාජධානිය හිමි බි්‍රතාන්‍යය අධිරාජ්‍යය, සෝවියට් සමූහාණ්ඩුව, චීනය එක්ව සටන් කළා. සෝවියට් සමූහාණ්ඩුව එවකට පැවැති විශාලතම සහ ප්‍රධානතම කොමියුනිස්ට් රාජ්‍යය වූවා පමණක් නොව විශාල බලයක් අධිරාජ්‍යයක් පවත්වාගෙන යෑමට ද සමත් වුණා. එවකට කඩා වැටෙමින් පැවැතිය ද චීනය ද ඇමෙරිකාව, රුසියාව හා බි්‍රතාන්‍යය සමඟ එක්ව සටන් කළා. එවකට අපේ රට බි්‍රතාන්‍යය අධිරාජ්‍යය කොලනියක්ව පැවැතියා. එසේ වුවත් 1942 වන විට අපට සර්වජන ඡන්ද බලය හිමිව තිබුණා. මේ වන විට මැලේසියාව, සිංගප්පූරුව කඩා වැටෙද්දී මියන්මාරය පැසිස්ට් කඳවුරට සහාය දුන්නා. ඒ වන විට සර්වජන ඡන්ද බලයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ රාජ්‍ය සභාවක් පත්ව තිබුණු අතර ඇමෙරිකාව, සෝවියට් සමූහාණ්ඩුව සහ බි්‍රතාන්‍යයට සහාය දීමට රාජ්‍ය මන්ත්‍රණ සභාව තීරණය කළා. එවකට ආසියාවේ පාර්ලිමේන්තුවක් හිමි පළමු රට අප වූවා පමණක් නෙවෙයි දෙවැනි ලෝක යුද්ධයේදී පාර්ලිමේන්තුව ඔස්සේ එවැනි තීරණයක් ගත් පළමු රට වූයේත් අපියි. ලංකා සම සමාජ පක්ෂයේ සාමාජිකයන් සියලු යුද්ධවලට විරුද්ධ බව පවසමින් එම තීරණයට සම්බන්ධ වුණේ නැහැ.කෙසේ වෙතත් නිදහස ලැබුවායින් පසුව අපි අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා. අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වෙන්න බැරි වුණා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වීම නවතාලීමට සෝවියට් සමූහාණ්ඩුව කටයුතු කළා. අපි දෙවැනි ලෝක යුද්ධය සමයේ ඇමෙරිකාව සහ බි්‍රතාන්‍ය සමඟ සම්බන්ධව කටයුතු කළ බව පවසා සෝවියට් සමූහාණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපේ ඇතුළත්වීම නවතා දැමුවා. ඊට ප්‍රතිචාරයක් ලෙස ඇමෙරිකාව සහ බි්‍රතාන්‍ය මොංගෝලියාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දීම නවතා දැමුවා. ඒ කාලයේදී සර් ජොන් කොතලාවල මහතා මගේ තාත්තා යැව්වා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මගේ තාත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කළා. සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සෝවියට් සමූහාණ්ඩුව ඔවුන්ගේ විරෝධතා ඉවත් කර ගත්තා. ඒ වගේම ඇමෙරිකාව සහ බි්‍රතාන්‍ය ඔවුන්ගේ විරෝධතා ඉවත් කර ගත්තා. ඒ අනුව අපටත් මෝංගෝලියාවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය හිමි වුණා. මොන දේ වුණත් එදා සිට අප එක්සත් ජාතීන්ගේ සමීපතම සාමාජිකයෙක් සහ සෑමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහාය දුන් රටක්. අද වන විට අපිට හිට්ලර්, මුසලෝනි වැනි නායකයෝ දකින්න නැහැ. සදාම් හුසේන් කුවේට් රාජ්‍යය ආක්‍රමණය කිරීම වැනි අවස්ථා කිහිපයක් තිබෙනවා. එහෙත් අපි අද මුහුණ දෙන යුද වැදීම් ඊට හාත්පසින්ම වෙනස්. අද දකින්න තිබෙන්නේ ත්‍රස්තවාදීන් සමඟ කෙරෙන යුද වැදීම්. ත්‍රස්තවාදී සංවිධාන ඇති වීමට හේතුවී තිබෙන්නේ වැරැදි ආගමික හෝ ජාතික හෝ අර්ථකතන. අපිත් එවැනි අත්දැකීමකට මුහුණ දුන්නා. ජාතිකත්වය ජාතිය ගැන වැරැදි අර්ථකතන නිසා අපි වසර තිහක යුද්ධයකට මුහුණ දුන්නා.සම්මුතිවාදයෙන් එය විසඳාගන්න කිසිවකුත් උත්සාහ කළේ නැහැ. එවැනි තත්ත්ව තුළ ගැටුම් ඇතිවීම වැඩි වෙනවා. අපේ ප්‍රශ්නය ජාත්‍යන්තරයටත් ගියා. ජාතික ප්‍රශ්න ජාත්‍යන්තරයට ගියාම ප්‍රශ්න තවත් පුළුල් වෙනවා. එහිදී ප්‍රශ්නවලට විසඳුම් සෙවීම තව තවත් දුෂ්කර වෙනවා. එවැනි අවස්ථාවලදීත් ප්‍රශ්න තව තවත් වැඩි වෙනවා. රාජ්‍ය නොවන පාර්ශව මේ ප්‍රශ්නවලට සම්බන්ධ වෙනවා. රාජ්‍ය නොවන පාර්ශවයේ වපසරිය වැඩිය. ඔවුන් පුළුල් පරාසයක පැතිර තිබෙනවා. සමහර අවස්ථාවලදී හඳුනාගැනීම අපහසුයි. රාජ්‍ය නොවන පාර්ශව සමඟ කටයුතු කිරීම රටක් සමඟ කටයුතු කිරීමට වඩා දුෂ්කරයි. එවැනි අවස්ථාවලදී රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන පාර්ශව ලෙස ඔබ සැම නුවණක්කාරී ලෙස කටයුතු කළ යුතුයි. මෙවැනි අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් විශාල අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. රාජ්‍යය සමඟත් රාජ්‍ය නොවන පාර්ශව සමඟත් කටයුතු කරන්න වෙනවා. එහිදී දෙපාර්ශවය පාලනය කර ගන්න, කළමනාකරණය කර ගන්න අපි දක්ෂ විය යුතුයි.  එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙස ඔබ ජාතික නායකයන්, දේශපාලන නායකයන් මෙන්ම රාජ්‍ය නොවන පාර්ශව සමඟ කටයුතු කරන්න වෙනවා. එක්සත් ජාතීන්ගේ මුහුණ දෙන අභියෝගය එයයි. මූලික වශයෙන් ඔබට මිනිස්සු සමඟ කටයුතු කරන්න.එවැනි අවස්ථාවලදී ජාතිකවාදීන් ආදී විවිධ පාර්ශවවල මිනිස්සු විවිධාකාර ආගම්වල, ජාතීන්වල මිනිස්සු සමඟ කටයුතු කරන්න ඔබට සිදුවෙනවා. අප රටට අත තබන්න දෙන්නේ නැහැ කියන පාර්ශව ඉන්නවා. අපේ ආගම අපේ ජාතිය අන් සියල්ලටම වඩා ඉහළින් තිබෙන බව කියන පාර්ශව සිටිනවා. මගේ රට තම උසස්ම රට, මේ භූමිය අපෙන් ගන්න බැහැ කියන පාර්ශව සිටිනවා. අද වන විට ඕනෑම රටකට ගියාම මේ දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන විවිධතා තිබෙන රටවලදී ඔබට විවිධ පාර්ශව සමඟ කටයුතු කරන්න වෙනවා. වෛරය ගැන කතා කරන්න මිනිස්සු, අනෙක් අය නොසලකා හරින වෛරය පතුරුවන සමාජ කොටස් සමඟ කටයුතු කරන්න වෙනවා. වෛරය මත ආගමික, ජාතික, වෛරය පදනම් කර ගෙන කටයුතු කරන දේශපාලකයන් සමඟ කටයුතු කරන්න වෙනවා. මේ තත්ත්වය අපේ රටේ විතරක් නෙමෙයි අනෙක් රටවලත් දකින්නට ලැබෙනවා. දැන් මේ තත්ත්වය මෙය අපේ කලාපයේ පමණක් නෙමෙයි ඇමෙරිකාවේත්, යුරෝපයේ රටවලත් දකින්නට තිබෙනවා.අපි මේ තත්ත්වය නැවැත්විය යුතුයි. පුද්ගලයකුගේ ජාතිය, ආගම, සමාජ තත්ත්වය හෝ අන් යමක් යොදාගෙන වෛරය පතුරුවමින් ඔවුන් පහත් කිරීමට ඔබ ඉඩ නොදිය යුතුයි. කිසිවකුත් වෛරය යොදා ගනිමින් පහත් කිරීමට ඔබ ඉඩ නොදිය යුතුයි. ඔබේ දෛනික කටයුතුවලදී, ලංකාවේ හෝ වෙනත් රටක හෝ සිටියදී වෛරය ආයුදයක් කර ගන්න කිසිවකුටත් ඉඩ දෙන්න එපා. අපි ලංකාවේදී මේ තත්ත්වයට මුහුණ දුන්නා. කැරලි ගැසීම් ඇතිවෙයි කියලා අපි හිතුවේ නැහැ. අපේ රටේ කැරලි ගැසීම්, ආගමික, ජාතික බෙදුම්වාදය ඇති වුණා. ආගම්වලට ජාතීන්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය දියත් වුණා. රටේ විවිධ පැතිවල ආගමික සහ ජාතික ප්‍රචණ්ඩත්වය, ජාතිකත්වය, ජාතිවාදී ගැටුම් ඇති වුණා. යුද්ධයෙන් පසු අපේ රටේ මිනිස්සු එකතු වේවි කියලා අපි හිතුවා. එහෙත් එය සාර්ථක වුණේ නැහැ. අපි 2015 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය දිනා ගනිමින් අපි රට එක්සත් කරන්න, සියලු පාර්ශව එක ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි කටයුතු කරමින් සිටිනවා. එය පහසු නැහැ. අද අපේ සමහර දේශපාලකයන් තමන්ගේ වාසිය උදෙසා මිනිසුන් කෝප ගන්වනවා. ලේ වැගිරීම් සිදු කිරීමට උත්සාහ කරනවා. ඔවුන් දිනපතා එය සිදු කරනවා.  අපි අපේ ආගම, ජාතිය ගැන ආඩම්බර විය යුතුයි. තවත් අයෙකුට දෙවැනි විය යුතු නැහැ. එහෙත් අපි අනෙකාගේ ආගමට, අනෙකාගේ ජාතියට ගෞරව කළ යුතුයි. ඔවුන්ගේ අයිතිය පිළිගත යුතුයි. එය සිදු විය යුත්තේ ජාතික එකමුතුකම, ජාතික සංහිඳියාව තුළයි. අද මෙතැන විවිධ රටවල්වල, විවිධ ආගම්වල, විවිධ ජාතීන්වල සිසුන් ඉන්නවා. ඔබ අද මෙතැන ඉගෙන ගන්නා දේවල් ඉතා වැදගත්.අසල්වැසියන්, ඔබේ මිතුරන් සමඟ කටයුතු කිරීමේදී, ඔබේ ප්‍රජාව සමඟ කටයුතු කරද්දි අනෙකාගේ භාෂාව පිළිගත හැකි නම් අනෙකාගේ සාධාරණ ඉල්ලීම් අනුමත කළ හැකි නම් එය ඉතා වැදගත්. ඔබ කොතැනක කටයුතු කළත් පිරිස අතරේ පොදු එකඟතාවක් ඇති කර ගැනීමට හැකි නම් එයින් ප්‍රශ්න රැසක් විසඳෙනවා. පොදු එකඟතාවක් සොයාගැනීමට හැකි නම් ඔබට ඉදිරියට යා හැකියි. එය ඉතා වැදගත්. පුද්ගල වර්ධනයට, ප්‍රජාවේ වර්ධනයට, ජනතාවගේ වර්ධනයට හේතු වෙනවා. ජනාධිපති  සිංහල, බෞද්ධ, මුස්ලිම්, ඉස්ලාම්, ක්‍රිස්තියානි, දෙමළ ආදී අපේ රටේ ආගම් සහ ජාති එකතු කර ගැනීම ඉතා දුෂ්කර කාර්යයක්. සියලු පාර්ශව එක් කර ගත් ප්‍රශ්නවලින් අඩක් විසඳෙනවා. ඒ අතින් බලද්දි එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කර ගැනීම ඊටත් වඩා දුෂ්කර කාර්යයක්. එහෙත් පක්ෂ දෙක එකතු කර ගැනීමට අප සමත් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ අපේ ආණ්ඩුව ඉදිරියට ගමන් කරමින් සිටිනවා. අද අපි සෙමෙන් ඉදිරියට යනවා. සමහර අවස්ථාවලදී ඉක්මන් තීරණ ගැනීමටත් අවස්ථාව ලැබෙනවා වගේම සමහර අවස්ථාවලදී තීරණ ගැනීම ප්‍රමාද වෙනවා. ඒ කෙසේ වුවත් අපි ඉදිරියට යනවා. කිසිවක් නොකර, දෙපැත්තකට බෙදී චෝදනා කර ගනිමින් බලාපොරොත්තු රහිතව සිටිනවාට වඩා මෙම ක්‍රමය හොඳයි.එම නිසා ඔබ සැමට කාර්යයක් තිබෙන බව අමතක නොකළ යුතුයි. එක්සත් ජාතීන්ගේ මේ ආදර්ශ ක්‍රමය ඉතා වැදගත්. මෙහිදී සාකච්ඡා කෙරෙන පරිසර, ආර්ථික, දේශපාලන, සෞඛ්‍ය ක්ෂේත්‍ර ආදිය ඉතා වැදගත්. ඔබ ඉගෙනා ගන්නා සමාජ අගනාකම් මේ ප්‍රශ්නවලට අභියෝගවලට ඔබටත් අප සැමටත් ඉදිරි වසර විස්සක කාලයේදී මුහුණ දීමට සිදුවෙනවා. ඒ වන විට මේ අර්බුද සම්බන්ධයෙන් ඔබ අධ්‍යාපනය ලබා තිබෙනවා. ප්‍රශ්න ගැන දැනුමක් තිබෙනවා. ඒ නිසා මේ කාර්යය සම්බන්ධ වූ සියලු පාසල්වලට, සියලු සිසු සිසුවියන්ට මම සුබ පැතුම් එක් කරනවා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීය. මෙහිදී ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා, ආදර්ශ එක්සත් ජාතීන්ගේ සැසිවාරයේ සභාපතිවරයා, අනෙකුත් ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානවල තනතුරු සඳහා සිසුන් පත් කිරීම සිදු කළ අතර සැසිවාරද පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතර ඔහු ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සැසිවාරය ආරම්භ කරමින් සභාව ඇමැතීමද සිදු කෙරිණි. කොළඹ එතෙර (කළම්ඹු ඕවසීස්) විද්‍යාලයේ ප්‍රධානි ෆිල් ජොස්ලින් මහතා විසින් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබිණි.  මෙම අවස්ථාවට කොළඹ එතෙර (කළම්බු ඕවසීස්) විද්‍යාලයේ ගුරුවරුන්, සිසුවියන්, ඇතුළු පිරිසක් එක්වූහ.  
පුද්ගලයකුගේ ජාතිය-ආගම සමාජ තත්වය යොදාගෙන වෛරය පතුරවන්න ඉඩ නොදිය යුතුයි
1
hp_train_1095
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)මහරගම නගර සභාවේ 2021 වසර සඳහා වන අයවැය ඇස්තමේන්තුව නගරාධිපති ටිරාජ්  ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) එම නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී ඉදිරිපත් කෙරිණි.මෙදින මහා සභා රැස්වීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 46 දෙනෙක් සහභාගි වී සිටියහ. ඡන්ද විමසීමේ දී අය වැය වාර්තාවට පක්ෂව ඡන්ද 41 ද  විපක්ෂව ඡන්ද  05 ද ලැබු අතර වැඩි ඡන්ද 41කින් මෙවර ඉදිරිපත් වූ අයවැය වාර්තාව සම්මත වූහ.මෙදින පැවති ඡන්ද විමසීමේ දී බයිසිකලේ සලකුණ යටතේ ස්වාධීන අංක 2 පාලක පක්ෂය ද ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය මෙන්ම,  ස්වාධීන කණ්ඩායම  අංක 1 මන්ත්‍රී රුවන් සේනාරත්න මන්ත්‍රීවරයා ද අයවැය වාර්තාවට පක්ෂව  ඡන්දය භාවිතා කළ අතර ,ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව  ඡන්දය භාවිතා කළහ.
මහරගම නගර සබේත් අයවැය සම්මතයි
0
hp_train_1096
( රංජිත් රාජපක්ෂ)තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු රෝහලට ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා අද (01) පැවසිය.මෙසේ බඹර ප්‍රහාරයකට ලක් වි තුවාල ලබා ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකි.තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයකට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහරදුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියේය.
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ අටක් රෝහලට
0
hp_train_1097
කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 501 දෙනෙකු අද (28) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 10.25 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 852  කි.එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 57,630 ක් වාර්තා වී තිබේ.  
අද කොරෝනා ආසාදිතයන් 852 ක්
1
hp_train_1098
අහිතකර ගෝලීය ආර්ථික තත්ත්ව මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අපනයන, සේවක ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් මත යැපිය හැකි ද ? මෙරට ආර්ථිකය ගෝලීයව පවතින අවිනිශ්චිත කරුණු සහ තත්ත්ව මත යැපෙන බැවින් එම ප්‍රශ්නයට විශ්වාසනීය පිළිතුරක් දිය නොහැක. ගෝලීය වසංගතය අවසන් වන්නේ කවදාද ගෝලීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වන්නේ කවදාද යන්න තවමත් අවිනිශ්චිත ය.අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමවෙනස්වන ගෝලීය ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට හැකියාව හා ධාරිතාව යන කරුණ මත ද මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම මත රඳා පවතී. ජාත්‍යන්තර ඉල්ලුමේ වෙනස් වන රටා සැලකිල්ලට ගැනීමේදී අපනයන කර්මාන්තවල පිබිදීමක් දක්නට ලැබීම යහපත් ලක්ෂණයකි.ගෝලීය අවිනිශ්චිතතා  නව කොරෝනා වයිරස ගෝලීය වසංගතය පාලනය කිරීමට කොතරම් කාලයක් ගතවේවිද ? ආර්ථික පසුබැසීමේ තත්ත්ව වෙනස් වීමට කොතරම් කාලයක් යාවි ද සහ නව ජාත්‍යන්තර ආර්ථිකයේ ස්වභාවය කෙසේ වේවිද යන්න තවමත් අවිනිශ්චිත ය. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ වේගය සහ එහි ලක්ෂණ කෙසේ වේවිද යන්න සම්බන්ධයෙන් මේ වනවිට විවිධ මත සහ අනුමාන ඉදිරිපත් වී තිබේ.ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ වේගය සහ එහි ස්වභාවය සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයෝ විවිධ මත පළ කරති. ගෝලීය ආර්ථිකය ක්‍රමික ආර්ථික වර්ධනයක් සමඟ ‘යූ’ (U) හැඩයේ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගනු ඇතැයි ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ අපේක්ෂා කරති. ආර්ථිකය පතුළටම කඩා වැටීම ඉන්පසු වේගයෙන් වර්ධනය වෙමින් ‘වී’ (V) හැඩයේ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගනු ඇතැයි ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ මත පළ කරති. ගෝලීය ආර්ථිකය, ‘ඩබ්ලිව්’ (W) හැඩයේ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගනු ඇතැයි තවත් පිරිසක් මත පළ කරති. එනම් ආර්ථිකය වේගය වර්ධනය වී, කඩා වැටීමකට ලක්ව නැවත ඉහළ යෑම ඉන් අදහස් කෙරේ. ආර්ථිකය වී හැඩයේ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන ඉන්පසු ස්ථාවර මට්ටමක පවතිනු ඇතැයි ඇතැම් අය අපේක්ෂා කරති.අනුමානමේ වනවිට ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් සෑම ආකාරයකම අනුමාන ඉදිරිපත් වී තිබේ. ඕනෑම ආකාරයක සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත හැක්කේ ගෝලීය වසංගතය පාලනය කිරීමෙන් පසුවය. එමෙන්ම ගෝලීය වයිරස වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පැනවූ ‘ලොක්ඩවුන්’ සීමාවලින් සිදු වූ ආර්ථික සහ සමාජ ප්‍රතිවිපාක පාලනය කිරීම සඳහා ගන්නා ලද මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල බලපෑම හේතුවෙන් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වේ.යථා තත්ත්වයටසංවර්ධිත බටහිර රටවල් ද ඇතුළුව තවමත් ලොව බොහෝ ප්‍රදේශවල වේගයෙන් පැතිර යමින් තිබෙන කොරෝනා ගෝලීය වසංගතය සැලකිය යුතු ආකාරයකින් පාලනය කිරීමකින් තොරව ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට නොහැක. මෙරට නිෂ්පාදිත අපනයනවල ප්‍රධාන වෙළෙඳපොළවල් වන්නේ ඉහත කී සංවර්ධිත බටහිර රටවල් ය. එමෙන්ම මෙරටට සංචාරකයන් බොහෝ වශයෙන් පැමිණෙන්නේ ද එම රටවල්වලිනි.වසංගතයෙන් නිදහස් වීමලෝකය ගෝලීය වසංගතයෙන් නිදහස් වන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත අදහසක් හෝ අවබෝධයක් නොමැත. ඉදිරි වසර දෙකක කාලය තුළදී හෝ වසංගතය ලොවෙන් තුරෙන් වීමක් හෝ සැලකිය යුතු ලෙස පාලනය වීමක් හෝ නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මත පළ කරයි. නැගෙනහිර ආසියාව හැර ලොව අන් පෙදෙස්වල වයිසරය තවමත් පැතිර යමින් තිබේ. ගෝලීයව වයිරසය පැතිර යෑම පාලනය වනු ඇතැයි තවමත් නිශ්චිතව කිව නොහැක.අනෙක් අතට වයිරසය පාලනය කළැයි කී රටවල ද නැවත වයිරසය පැතිර යෑමට පටන් ගෙන තිබේ. ඇතැම් රටවල වයිරසයේ දෙවැනි රැල්ලක් මෙන්ම තෙවැනි රැල්ලක් ද ඇති වී තිබේ.ඇඟවීම්මෙයින් අපට කෙරෙන ආර්ථික ඇඟවීම නම්, ජාත්‍යන්තර වෙළෙඳාමට දරුණු ලෙස බලපෑම් එල්ල වනු ඇත යන්නයි. ඒ හේතුවෙන් අප අපනයනය කරන ජාත්‍යන්තර ඉල්ලුමක් ඇති ඇගලුම්, සෙරමික්, ටයර් සහ ඒ හා සමාන අනෙකුත් අපනයන විශාල වශයෙන් අඩු වනු ඇත. එහි අනෙක් පැත්ත පෞද්ගලික ආරක්ෂණ උපකරණ, මුහුදු ආහාර සහ ඩිටර්ජන්ට් (පිරිසුදු කාරක) යනාදියට තිබෙන ඉල්ලුම වැඩි වීම ය. එමෙන්ම කොරෝනා ගෝලීය වසංගතයෙන් බලපෑමට ලක්වූ රටවල සිට වසංගතය පාලනය කරන ලද රටවල් දක්වා එම ඉල්ලුම වෙනස් වනු ඇත.ප්‍රතිචාරයඑවැනි වෙනස් වන ජාත්‍යන්තර ආර්ථික පරිසරයක් තුළ, වෙනස්වන ගෝලීය ඉල්ලුමට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති හැකියාව සහ ධාරිතාව මෙන්ම ගෝලීය ආර්ථිකය පහත වැටෙමින් තිබෙන කාලයක එය දරාගැනීමට මෙරට ආර්ථිකයට ඇති හැකියාව තීරණය වේ, මැන බැලේ. නව නිෂ්පාදනය සඳහා ඇති ඉහළ ඉල්ලුම සහ නැගී එන නව වෙළෙඳපොළ සොයා යමින් ඒවට අපනයන යැවීමට අපනයනකරුවන්ට ඇති හැකියාව මත රටේ අපනයන ආදායම තීරණය වේ.අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමඅහිතකර ගෝලීය තත්ත්වලට පෞද්ගලික අංශයේ අපනයන කර්මාන්තවලින් දිරිගැන්වෙන සුළු ප්‍රතිචාරයක් ලැබිණි. භාණ්ඩ සඳහා වෙනස්වන ජාත්‍යන්තර ඉල්ලුමට සරිලන පරිදි ඔවුහු නව ක්‍රමවේද අනුගමනය කළහ. ඇගලුම්, සෙරමික්, රබර් සහ ඒ හා සමාන අපනයන සඳහා ඇති ඉල්ලුම පහළ වැටිණි. කෙසේ නමුත් නිෂ්පාදිත අපනයන සඳහා ඇති ඉල්ලුම පහළ නොවැටිණි. කර්මාන්තකරුවන් නව නිෂ්පාදන, නිෂ්පාදනය සඳහා යොමු වීම ඊට හේතු විය.එම කර්මාන්ත ටයර් නිෂ්පාදනයේ සිට සායනික සහ අනෙකුත් අත්වැසුම් නිෂ්පාදනයට යොමු වීම, ඇගලුම් කර්මාන්තයේ පිරිස් ඇගලුම් වෙනුවට පෞද්ගලික ආරක්ෂණ උපකරණ නිෂ්පාදනයට යොමුවීම හේතුවෙන් නිෂ්පාදිත අපනයන සඳහා ඇති ඉල්ලුම වැඩි විය.ජූනි මාසයේ සිට අගෝස්තු දක්වා අපනයනවසරේ ඉදිරි කාලය හා සැසඳීමේදී ජූනි, ජූලි සහ අගෝස්තු මාසවල නිෂ්පාදිත භාණ්ඩ අපනයනය ඉහළ ගියේය. මේ මාස තුනේ අපනයන ආදායමේ එකතුවේ සාමාන්‍ය ඇමෙරිකානු ඩොලර් බිලියනයකට (ඇමෙරිකානු ඩොලර් මිලියන 960කට) ආසන්න විය. ජූනි මාසයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 906ක් විය. ජූලි මාසයේ අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.09ක් වූ අතර අගෝස්තු මාසයේ අපනයන ආදායම් ඇමෙරිකානු ඩොලර් මිලියන 969ක් විය. ජාත්‍යන්තර ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදනය කෙරුණු වෙනස්කම් හේතුවෙන් එලෙස ඉහළ අපනයන ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබිණි.මුහුදු ආහාරමස් පරිභෝජනය කිරීමේ සිට මුහුදු ආහාර අපනයන වෙත මාරු වීමට අපනයනකරුවන් සාර්ථකව ප්‍රතිචාර දක්වා ඇත. මුහුදු ආහාර අපනයනකරුවන්ගේ ද ඉහළ යෑමක් දක්නට ලැබිණි. අපනයනවල අවධානය හා ඉලක්කය වෙනස්වීම සහ නව අපනයන වෙළෙඳපොළවල් පුළුල් වීම යනාදිය දිගටම පවත්වාගෙන යෑම ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ඉතා වැදගත් වේ. නැගෙනහිර ආසියාවේ වෙළෙඳපොළ අපනයන සඳහා සුදුසු වන අතර එය විපරම් කිරීම ද ඉතා හොඳ ය.බාධා දෙකක්වෙළෙඳ භාණ්ඩවලට සාපේක්ෂව මේ වසරේ දී ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සංචාරක කර්මාන්තයෙන් සහ විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ප්‍රේෂණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. එම අංශ යථා තත්ත්වයට පත්වනු ඇතැයි අවිනිශ්චිත ය.මේ වසරේ දී සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් සහ සේවක ප්‍රේෂණ විශාල වශයෙන් අඩුවනු ඇත. එම අංශ දෙකෙන් 2018 වසරේදී ගෙවුම් ශේෂයට ලැබුණු දායකත්වය ඇමෙරිකානු ඩොලර් බිලියන 11.4කි. එම අංශ දෙකෙන් ආදායම් නොලැබී යෑම ඉතා විශාල ආර්ථිකමය පසුබැසීමකි. එම අංශ දෙකෙන් ලැබෙන ආදායම් නොලැබී යෑම රටේ විදේශ මූල්‍ය අංශයේ අවදානම් සහගත බව ඉහළ දමයි.සාරාංශය සහ නිගමනයගෝලීය ආර්ථික පසුබැසීම පවතින්නේ කොතරම් කාලයක් ද ඒ කාලය තුළ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර ලෙස බලපෑම් එල්ල වේ. කොරෝනා වසංගතය සැලකිය යුතු ලෙස පාලනය කරන තෙක් ගෝලීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. අවාසනාවකට වයිරස ව්‍යාප්තියේ අඩුවීමක් දක්නට නැත. විශේෂයෙන්ම මෙරට ආර්ථිකයට වැදගත් බටහිර සහ ඉන්දියාව තුළ වයිරසය පැතිර යෑමේ අඩුවක් දක්නට නැත.වයිරසය තුරන් කිරීමට හෝ පාලනය කිරීම වසර තුනක් පමණ ගතවනු ඇතැයි මේ වනවිට අනාවැකි පළ කර ඇත. චීනය, වියට්නාමය සහ දකුණු කොරියාව යන රටවල කොරෝනා වසංගතය පාලනය කර ඇති අතර එම රටවල ආර්ථික නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.කොරෝනා වසංගතයෙන් රටට සිදුවන ආර්ථික බලපෑම, ආකාර තුනකි. අපට සුපුරුදු පරිදි වෙනදා මෙන් බටහිර රටවලට වෙළෙඳ භාණ්ඩ අපනයනය කළ නොහැක. එබැවින් නව අවශ්‍යතා සපුරන පරිදි අපගේ වෙළෙඳ භාණ්ඩ අපනයන කිරීමට නවා දිශානති කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. දෙවැන්න, පෙරදිග නව අපනයන වෙළෙඳපොළවල් සොයා යෑම ය. ඒ තුළින් නව අපනයන​ වෙළෙඳපොළවල් සොයාගනිමින් අපනයන ආදායම් ඉහළ නංවා ගත හැකි ය. ඉදිරි වසර කිහිපය සඳහා සංචාරක කර්මාන්තයෙන් ලැබෙනු ඇතැයි සහ විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන්, සේවක ප්‍රේෂණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි වීම තෙවැන්නයි.ආචාර්ය නිමල් සඳරත්න විසිනිසන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියේ(*** පරිවර්තනය - හර්ෂණ තුෂාර සිල්වා) 
පෙර අනතුරු ඇඟවීම
0
hp_train_1099
ථෙරවාද බුදුදහම යුරෝපයේ ප්‍රචලිත කිරීමේ වැදගත්කම පිළිබඳව දුරදක්නා නුවනින් යුතුව සිතාබලා 1926 දී අනගාරික ධර්මපාල තුමන් විසින් ආරම්භකළ ලන්ඩන් බෞද්ධ විහාරයේ වසර 88 ක දීර්ඝ ඉතිහාසය සහ අද වනවිට ධර්මපාල තුමාගේ අභිප්‍රාය මල්පල ගන්වමින් යුරෝපයේ ප්‍රමුඛතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්වී ඇති මෙම උත්තම සිද්ධස්ථානය මඟින් නිර්මල බුදුදහම ප්‍රචලිත කිරීම උදෙසා සිදු කෙරෙනා අනුපමේය සේවය විදහා දැක්වෙන  වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඇත.ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක  බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම චිත්‍රපටය නිපදවා ඇත්තේ ධර්මපාල තුමන්ගේ 150 වැනි ජන්ම දිනය වෙනුවෙන් සතියක් පුරා ලන්ඩන් බෞද්ධ විහාරය මඟින් පවත්වන ප්‍රදර්ශනයට සහ සමරු උත්සවයට සමගාමිවය. ධර්මපාල තුමන් අතින් බුදුසමයේ උන්නතිය උදෙසා සිදුවූ සේවාව සහ ලන්ඩන් බෞද්ධ විහාරයෙන් ඉටුවන සේවය පිළිබඳව එම චිත්‍ර පටයේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක  අග්ග මහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්කිත මහනා හිමියන්, අනගාරික ධර්මපාල පදනමේ සභාපති නොඑල් විජේනායක, බ්‍රිතාන්‍යයේ බෞද්ධ සංගමයේ සභාපති අචාර්ය ඩෙස්මන්ඩ් බිඩල්ෆ් සමඟ පසුගියදා අභාවප්‍රප්තවූ ආචාර්ය ආනන්ද ගුරුගේ විද්වතානන්ද අදහස් දක්වා ඇත.ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මඟින් සංවිධානය කර මෙම මස 13 වන සෙනසුරාදා සිට 21 වන ඉරිදා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වෙන "අනගාරික ධර්මපාල 150 වෙනි ජන්මදින සමරු වැඩසටහන" ට ධර්මපාලතුමන් සිහිපත් කර පිරිත් දේශනයක්, චායාරුප ප්‍රදර්ශනයක්, දහම් පාසල් දරුදැරියන් අතර රචනා තරඟයක්, ප්‍රසිද්ධ දේශනා සහ චිත්‍රපට ප්‍රදර්ශන වාරයක් සහ සමරු උත්සවයක් ඇතුළත්වෙයි.මෙම මස 13 වැනි සෙනසුරාදා ලන්ඩන් බෞද්ධ විහාරයේදී සවස 7 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පිරිත් දේශනයක් පැවැත්වෙන අතර පසුදින මහා සංඝයාවහන්සේ උදෙසා හීල් දානය පිරිනැමෙයි.14 වැනි ඉරිදා සිට 20 වන සෙනසුරාදා දක්වා සෑම දිනයකම  සවස 6 සිට රාත්‍රී 9 දක්වා ධර්මපාල තුමන්ගේ ජිවිත තොරතුරු ඇතුලත් දුර්ලභ ගණයේ ඡායරූප ඇතුලත් ප්‍රදර්ශනයක් ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්මපාල ශාලාවේදී පැවැත්වෙනු ඇත.මෙම ප්‍රදර්ශනයේ පුර්ණ අනුග්‍රාහකත්වය ලබාදී ඇත්තේ ධර්මපාල තුමන්ගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කැරුණු ආනන්ද, නාලන්ද, විශාකා, දෙවි බාලිකා, ධර්මරාජ, මහින්ද,සහ මියුසියස් යන ප්‍රධානපෙළේ බෞද්ධ පාසල්වල ලන්ඩන් ආදී ශිෂ්‍ය සංගම්ශාඛා, ලන්ඩනයේ ශ්‍රී ලාංකික නීතිඥ සංගමය  සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ ගුරුමණ්ඩලය සහ සිසු සිසුවියන්ගේ දෙමාපියන් විසිනි.ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම ධර්මපාල තුමන් පිළිබඳව නිෂ්පාදනය කෙරුණු වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමටත් එතුමන් පිලිබඳ විශේෂ දේශනා පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.විශේෂ දේශනා පවත්වන ආරාධිත අමුත්තන් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස්, බ්‍රිතාන්‍යයේ බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය ඩෙස්මන් බිඩල්ෆ් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශයේ මහාචාර්ය අසංග තිලකරත්න වෙති.ලන්ඩන් බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසලේ දරුදැරියන් සහභාගිවන ධර්මපාල තුමන් පිලිබඳ රචනා සහ මාධ්‍ය සන්නිවේදන ඉදිරිපත් කිරීම් වැඩසටහනක්ද පැවැත්වෙයි.ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්, විහාරවාසී මහා සංඝරත්නය, විහාර පාලන කමිටුව සහ ධර්මපාල සමරු උත්සව සංවිධායක කමිටුව දිගුකාලයක් තිස්සේ ඉමහත් වෙහෙසක් දරා සංවිධානය කැරුණු මෙම උතුම් සමරු උළෙලේ පරිසමාප්තිය වන්නේ මෙම මස 21 වන ඉරිදා දහවල් 2 සිට ලන්ඩන් නුවර හැමර්ස්මිත් නගර සභා ශාලාවේදී පැවැත්වෙන අනගාරික ධර්මපාල සමරු උළෙලයි.   
ලන්ඩන් විහාරයේ 90 වසරක ශාසනික සේවාව පෙන්වයි
0
hp_train_1100
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බවත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කඳුකරයෙන් මුහුදු ප්‍රදේශෙවලින් විටින් විට  තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද සඳහන් කරයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව33269065අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32279070වැසි වාර කිහිපයක්.ගාල්ල31258575වැසි වාර කිහිපයක්.යාපනය32278075ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර31229560වැසි ස්වල්පයක්.නුවරඑළිය22129065වැසි ස්වල්පයක්.රත්නපුරය33259565වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35268060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම32288575ප්‍රධාන වශයෙන් වැසි රහිත.   
ඉදිරි 24 පැයේ කාලගුණය
0