id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_1201
( තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (6) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1125 දෙනෙකු හමුව ඇති අතර මින් 171 දෙනෙකු වන වැඩිම පිරිසක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ගම්පහ - 140 ක්, මහර -110 ක්, බියගම - 109 ක්, දොම්පෙ - 100 ක්, මීරිගම - 96 ක්, අත්තනගල්ල - 90 ක්, ජාඇල - 74 ක්, දිවුලපිටිය - 71 ක්, කැලණිය - 37 ක්, වත්තල - 36 ක්, මීගමුව - 35 ක්, කටාන - 21 ක්, සීදූව - 20 ක් සහ රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් - 15 දෙනෙකු වශයෙන් සිදුව ඇත.අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් - 61 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 52 ක් සහ බියගමින් - 9 දෙනෙකු වශයෙනි.දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 ක් තුල ආසාදිතයින් 435 දෙනෙකු සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත සැක සහිත රෝගීන් 17 දෙනෙකු ඇතුලත් කොට ඇති බවත් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි 462 දෙනෙකු ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.නිවාසවල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 35, 867 දෙනෙකු වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද උදෑසන වනවිට වාර්තාවී ඇති මුලු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව - 1,28,833 දෙනෙකි. 
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1,345 ක්
0
hp_train_1202
(රංජිත් රාජපක්ෂ)                       බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ තේ වත් පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු සැකපිට අද(18) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව  පොලිසිය පවසයි. කොටියාගල වතුයායේ තේ වත්ත මැද තේ ගස් ගලවා, විශාල වලවල් හාරා මෙම ජාවාරම්කරුවන් පිරිස මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසිය විසින් වැටලීමක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවෝ එම වතුයායේම පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
අනවසරෙන් මැණික් ගැරූ 8ක් අත්අඩංගුවට
0
hp_train_1203
(මොහොමඩ් ආසික්) මහනුවර දිස්ත්‍රික්කය තුල  පවතින  අධික වර්ෂාව සහිත කාල ගුණ තත්ත්වය හේතුවෙන් අද 24 සවස්   වන විට  දිස්ත්‍රික්කයේ පීඩාවට පත් වූ සංඛ්‍යාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස  14 ක පවුල් 346   කට අයත් පුද්ගලයින් 1530 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.  එයින්  ආරක්ෂිත ස්ථාන දෙකක පවුල් 20  කට අයත් පුද්ගලයින්  88  දෙනෙකු තව දුරටත්  රැඳී සිටන බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කීවේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත්  සඳහන් කළේ  ආපදා තත්ත්වයන් හේතුවෙන් නිවාස 109 කට  කට හානි වී ඇති බවයි.  එයින් නිවාස තුනකට පූර්ණ හානි සිදුව ඇති බවත් තවත් නිවාස 106  කට අර්ධ හානි සිදුව ඇති බවත් ඔහු කීවේය.
මහනුවර පීඩාවට පත් ගණන තවත් ඉහළට
1
hp_train_1204
(නාලක සංජීව දහනායක සහ දයාරත්න ඇඹෝගම)එක්සත් ජාතික පක්‍ෂ රජයේ විනාශකාරී ගමන් මග වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද පොදුජන පෙරමුණ සමග එකතු වූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුරයේදී ඊයේ (09) පැවැසීය.රට විකුණන වත්මන් ආණ්ඩුව ලැබෙන පළමු අවස්ථාවේදීම පළවා හැරිය යුතු යැයි ද විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.විපක්‍ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අමතමිනි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුව අනුව ශ්‍රීලනීපය නියෝජනය කරමින් ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජන රැලියට එක් වූහ.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රැලිය අමතමින් මෙසේ කීවේය.“අපට කතා කරන්න දෙයක් නැහැ. පොහොට්ටුව දිනනවා. අද පොහොට්ටුව දිනලා අවසන්. මේ ඓතිහාසික අනුරාධපුරයට විශාලම ජනතාවක් ආවේ අද දවසෙයි. අපි මේ ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් වූ මොරගහකන්ද ව්‍යාපාරය අපි කඩිනම් කරනවා. එදා අපි කිව්වා 2015 දී අපට බලය දෙන්න, ඔබේ හැම නිවසකටම අපි පානීය ජලය දෙන බව. ඒත් අපට බලය දුන්නේ නැහැ. ඉදිරියේදී නතර කළ තැනින් වැඩ ආරම්භ කර ඔබට බීමට ජලය ගෙදරට ගේන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඔබට පානීය ජලය ලබා දීම ආණ්ඩුවේ යුතුකමක් වුණත් මේ ආණ්ඩුව කිසිවක් කරන්නේ නැහැ. තමන්ගේ දේශපාලන හතුරාගෙන් පළිගැනීම හැර කිසිවක් මේ ආණ්ඩුව කළේ නැහැ. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රාහී ගමන්මග දැකපු නිසා ඔහු හිරේ දාන්න හැදුවා. අවසානයේ ගෝඨාභයට රටක් නැහැලු. අධිකරණය ඒකට බොහොම පැහැදිලිව පිළිතුරු දෙමින්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ගැන තීන්දුවක් දුන්නා.මේ ආණ්ඩුව මොනතරම් බංකොලොත් ද කියනවා නම් කරගන්න දෙයක් නැතිව රට විකිණීමේ පරමාර්ථයෙන් කටයුතු කරනවා. අපි වරායන්, ගුවන් තොටුපොළවල් හදලා රටට වටිනාකමක් දුන්නත් මේ ආණ්ඩුව ඒ දේවල් විකුණනවා. ජාතික සම්පත් විකුණාගෙන කන මේ ආණ්ඩුව පළවා හැරිය හැකි පළමු අවස්ථාවේම පළවා හැරීම අපේ යුතුකමක්. ගොවි ජනතාවගේ ණය අපි කපා හරිනවා. එය ස්ථිරයි. ඒවගේම පොහොර සහනාධාරය 350ට දෙන්නේ නැහැ. රට ස්වයංපෝෂිත වෙනතුරු පොහොර නිකන් දෙනවා. එදා බඩඉරිඟුවලින් පවා ස්වයංපෝෂිත වූ රට වෙනත් රටවලට අත පාන තැනකටයි මේ ආණ්ඩුව ඇද දැම්මේ.එජාප ආණ්ඩුව කළ සියලු වැරැදිවලට, බැංකු මංකොල්ලයේ සිට කරපු වැරැදිවලට නියෝජ්‍ය නායකයාගේ සිට වගකිවයුතුයි. ඒ අය රට විනාශ කිරීමේ වගකීම බාරගත යුතුයි. මේ තත්ත්වය වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද එකතු වෙලා. අනිකුත් වාමාංශික පක්ෂත් එක්ක එකතු වෙලා කරන මේ සටන විජයග්‍රහණය කරා ගෙනයන්න එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්.”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.“අපේ පියා බණ්ඩාරනායක මහතා සමග ඇරඹූ ශ්‍රීලනිපය රාජපක්ෂවරුන්ට කිසිදා විරුද්ධ වුණේ නැහැ. අද ශ්‍රීලනිපය මගේ ජය වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගැනීම ගැන ස්තූතියි. 2019 ජනාධිපතිවරණයේ අපේ මංගල රැලිය මේ ඓතිහාසික අනුරාධපුර පුදබිමේ සිට අමතන්න ලැබීම මගේ විශාල වාසනාවක් ලෙස මම සලකනවා. මෙතරම් විශාල ජනතාවක් අද මෙතැන එක්ව සිටීමෙන්ම මේ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අපට ලැබෙන අතිවිශිෂ්ට ජයග්‍රහණයක් බව පැහැදිලියි. අද අපට සහාය දෙන්නට මෙහි පැමිණ සිටින තමුන්නාසේලා සියලුම දෙනාට මම මගේ අවංක ස්තූතිය හා ප්‍රණාමය පුදකරනවා.මම දැක්කා ආණ්ඩුවේ ප්‍රචාරණ වැඩසටහනක කියනවා මිලිටරිකාරයා ආවම වැසිකිළි යන්න වෙන්නෙත් සීරුවෙන් කියලා. ඔව් මේ රටේ මිලිටරිකාරයන් ගැන කතා කරන යුගයක් තිබුණා. ආමිකාරයා, නේවිකාරයා වගේ වචන පාවිච්චි කරන යුගයක් තිබුණා. අපි ඒ යුගය අවසන් කළා. අපි රණවිරුවන්ගේ යුගය ඇති කළා. රණවිරුවන් දංගෙඩියට ගෙනියන්න, යුද අධිකරණවලට ගෙනියන්න, බුද්ධි අංශ හිරේ දාන්න ක්‍රියාකළ ආකාරය ඔබ දන්නවා. 2005 මහින්ද රාජපක්ෂ මහතා රට බාරගත් අවස්ථාවේ වව්නියාවෙන් එහාට යන්න බැහැ. නැගෙනහිරෙන් තුනෙන් දෙකක් අපට අහිමියි. ඒ භූමිය නිදහස් කරගත්තේ මේ මිලිටරිකාරයායි. ත්‍රස්තවාදය පරාජය කර දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහසේ ගමන් කිරීමේ හැකියාව අපි ඇති කළා. බෝම්බ බියක් නැතිව ජනතාවට ගමන් යන්න හැකියාව අපි ඇති කළා. මේ රජය අද ඒ නිදහස නැති කරලා.විලච්චිය, මැදවච්චිය, ඉරට්ටපෙරියකුලම්, කැබිතිගොල්ලෑව ගම්මාන ත්‍රස්තවාදීන්  විසින් විනාශ කළ යුගයක් තිබුණා. මායිම් ගම්මානවල ජනතාව රෑට නිදාගත්තේ මහ කැලේ. ඔය කියන මිලිටරිකාරයෝ රණවිරුවෝ වෙලා ඒ යුගය අවසන් කළා. රට ජාතිය බේරගත්තා. ඒ රණවිරුවෝ 17 වැනිදාට නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.අනුරාධපුරය අතීතයේ හැඳින්වුණේ වැව් බැඳි රාජ්‍යය කියලා.  වාරි කර්මාන්තයෙන් විශාල දියුණුවක් පෙන්නපු රටක් අපි. ගමයි, පන්සලයි, වැවයි සම්බන්ධ වුණ කෘෂිකාර්මික ආර්ථිකයක් හා ඒ හා බැඳුන දේශීය සංස්කෘතියක් අපිට තිබුණා. අදත් අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙන්.මේ ආණ්ඩුවේ උපදේශකයන්ට මේක තේරුම් ගන්න බැහැ. ඒකයි  ආණ්ඩුව  කෘෂිකර්මාන්තයට කුඩම්මගේ සැලකිල්ලක් දෙන්නේ. නිදහසෙන් පස්සෙ මේ රටේ ගොවියන්ට ඉහළම වටිනාකමක් හා ආදායමක් ලැබුණ යුගය වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයයි. එදා අපි ගොවියන්ට පොහොර සහනාධාරය දුන්නා, අඩු පොලියට වගා ණය දුන්නා, වීවලට සහතික මිලක් දුන්නා. එදා කෘෂිකර්මාන්තයට ලැබුණ රාජ්‍ය අනුග්‍රහය නිසා ලංකාවට සහල්, බඩඉරිඟු වැනි භෝග රාශියකින් ස්වයංපෝෂිත වෙන්නත් අවස්ථාව ලැබුණා.ඒත් අද වර්තමාන ආණ්ඩුව යටතේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා. පොහොර සහනාධාරය නැති වෙලා. මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති වුණාම ඒ පොහොර සහනාධාරය දුන්නා. ඔය ජනතාවගෙන් පොහොරවලට 350ක් ගන්නවා වෙනුවට පොහොර ටික නිකම් දෙන්න කියලයි මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ.වී, තේ, රබර්, ගම්මිරිස් ඇතුළු හැම භෝගයකින්ම ආදායම අඩුවෙලා. අස්වැන්න සාධාරණ මිලකට විකුණාන්න බැරිව නොහැකිව ගොවි ජනතාව ණයගැතියන් බවට පත්වෙලා. ක්ෂුද්‍ර මූල්‍ය ණය හා ගොවි ජනතාවගේ සියලුම ණය අපි කපා හරිනවා. මේ ගොවි ජනතාව යළි නගාසිටවන්නට අපට අවශ්‍යයි. රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍යයි. ආහාර සුරක්ෂිතතාවයක් නැතිව අනාගතය දෙස බලන්න බැහැ. රට ස්වයංපෝෂිත කිරීමට අපේ ඉදිරි රජයක් තුළ සෑම රාජ්‍ය අනුග්‍රහයක්ම අපි ලබා දෙනවා. රට සංවර්ධනය වෙනවා කියන්නේ සියලුම ජන කොටස් සංවර්ධනය වෙන එකයි. අපි දුෂ්කර පළාත්වල දිලිඳු ජනතාව ඉදිරියට ගෙන ආ යුතුයි.වගාව සඳහා අවශ්‍ය වෙලාවට වතුර නොලැබීම අද විශේෂයෙන්ම වියළි කලාපයේ ගොවීන්ට විශාල ප්‍රශ්නයක්. ඒ නිසා ජල හිඟයට පිළියමක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි වාරිමාර්ග හා ලොකු කුඩා වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වැඩපිළිවෙළත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. ගොවිතැන් කිරීම තරුණ පරපුරට ආඩම්බර විය හැකි වෘත්තියක් බවට අපි පත් කළ යුතුයි. ඒ සඳහා ඔවුන්ගේ ආදායම වැඩි කරන ක්‍රම හඳුන්වාදීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා. වත්මන් ආණ්ඩුව බලයට ආවාට පසු අපි ගොවියන්ට දුන් පොහොර සහනාධාරය නැවැත්වූවා. රජයේ අකාර්යක්ෂමතාව නිසා බොහෝ ගොවියන්ට ආපදා වන්දි නිසි කලට ලැබෙන්නේ නැහැ. නියඟය, ගංවතුර වැනි හේතු නිසා පාළු වූ වගාවට රජය විසින් මෙතෙක් නොගෙවා ඇති සියලුම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා නිම කරන්නට අපි කටයුතු කරනවා.ඒ වගේම ඉදිරියේදී නොපමාව වන්දි ලබාදීම සඳහා සෑම ගොවියකුගේම කෘෂි වගාවන් රක්ෂණය කිරීමේ පහසු ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා. වීවලට  අවම වශයෙන් රුපියල් 52ක සහතික මිලක් ලබා දෙන්නට අපි පොරොන්දු වෙනවා. අද ගොවීන්ට තිබෙන විශාලතම ගැටලුවක් තමයි තම අතිරික්ත නිෂ්පාදන කල් තබා ගන්නට ගබඩා පහසුකම් නැතිකම. ඒ නිසා අඩු මිලට තම අස්වැන්න අතරමැදියන්ට විකුණන්නට ඔවුන්ට සිදු වෙනවා. මේ ගැටලුව විසඳීම සඳහා රජයේ මැදිහත්වීමෙන් ගබඩා පහසුකම් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ලෝකයේ අපට වඩා කුඩා රටවල ගොවියන්  කෘෂිකර්මාන්තයෙන් විශාල ආදායමක් උපයනවා. නව තාක්ෂණය වගා වැඩවලට යොදා ගැනීමට විශාල වියදමක් යන්නේ නැහැ. පස සකස් කිරීම, ජලය කළමනාකරණය, වැඩි ඵලදාවක් දෙන බීජ භාවිතය, පොහොර භාවිතය,  අස්වනු නෙලීම, ගබඩා කිරීමේ හා ප්‍රවාහනයේදී නාස්තිය අඩු කරගැනීම වැනි බොහෝ ක්‍රියාකාරකම්වලට නව තාක්ෂණය භාවිතකොට වැඩි ආදායමක් උපයා ගැනීමට අපි අපේ ගොවි ජනතාවට උදව් කරනවා.පිරිසුදු පානීය ජලය නැතිකම මේ පළාතේ ජනතාවට තිබෙන තවත් බරපතළ ප්‍රශ්නයක් ලෙස මම හඳුනාගෙන තිබෙනවා. අනුරාධපුරය හා මේ අවට පළාත්වල වකුගඩු රෝගය වැඩිවීමටත් ජලයේ අපිරිසුදුකම හේතුවක් වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස මම දකිනවා. ඒ නිසා  තමුන්නාන්සේලාගේ සෑම නිවසකටම පිරිසුදු පානීය ජලය ලබා දීම සඳහා වැඩපිළිවෙළක් අපි බලයට පත් වූ වහාම ආරම්භ කරනවා.වසර ගණනාවක් තිස්සේ කතා කරමින් සිටින තවමත් නිසි පිළිතුරක් නැති ගැටලුවක් තමයි අලි මිනිස් ගැටුම. රජයක් වශයෙන් අපි මේ ප්‍රශ්නයට වැඩි උනන්දුවකින් මැදිහත් විය යුතුයි කියා මම විශ්වාස කරනවා. අලි වැටවල් සාදනවා වාගේම අලින්ගේ ස්වාභාවික ගමන්මඟ අවහිර නොවන ලෙස අලිමංකඩවල් ප්‍රතිසංස්කරණය කිරීමටත් අපි කටයුතු කළ යුතුයි. අවසාන විසඳුම සොයාගත යුත්තේ විද්‍යාත්මකව මේ ගැටලුව අධ්‍යයනය කළ අයගේ සහභාගීත්වයෙනුයි. ඒ වගේම අලින්ගෙන් සිදුවන හානිවලට ඉතා කඩිනමින් වන්දි ලබා දෙන රක්ෂණ ක්‍රමවේදයකුත් රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරවන්නට මම පොරොන්දු වෙනවා. කිසිම මිනිස් ජීවිතයක් සුළුකොට තකන්නට අපි සූදානම් නැහැ. ඒ නිසා ඔබේ ආරක්ෂාව අපි අපේ වගකීමක් කරගන්නවා.අද මේ රටේ ජනතාව අපෙන් ඉල්ලන්නේ වසර 5ක් තිස්සේ කඩා බිඳ දමනු ලැබූ රට යළි ගොඩගන්නා ලෙසයි. මේ සඳහා එදා කැපවුණු රණවිරුවන් අද අභූත නඩු චෝදනාවලට හිරගෙවල්වල. 17 වැනිදා උදේ වෙද්දි මේ සියලු දෙනා නිfදාස් කොට නිදහස් කරනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා වසර 22ක් සේවය කළානම් විශ්‍රාම වැටුප් දෙන බව කිව්වා. අපේ රජයක් යටතේ අපි ඒ දේ ක්‍රියාත්මක කරන බව සිවිල් ආරක්ෂක සේවයේ අයට මම මතක් කරනවා. අපට පැහැදිලි ආර්ථික සැලැස්මක් තිබෙනවා. අපේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කර කඩා වැටුණු ආර්ථිකය නගාසිටුවනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි සියලු දෙනාට තාක්ෂණික අධ්‍යාපනය ලබා දීම මගින් රැකියා සුරක්ෂිතභාවය සලසනවා. ඔබ සියලු දෙනාගේ සහාය ඇතිව අපි මේ මැතිවරණය අතිවිශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නවා. බිය සැක නැති රටක් - අතමිට සරු හෙටක් අපි සහතික කරනවා. ගුණගරුක, නීතිගරුක, විනයගරුක සමාජයක් අපි ගොඩනගනවා. අපේ අනාගත පරම්පරාවට ආඩම්බරවිය හැකි සෞභාග්‍යවත් දේශයක් අපි පොරොන්දු වෙනවා. ඒ සෞභාග්‍යවත් රට ගොඩනගන්න ඔබේ සහාය මට ලබා දෙන්න. මව්බිමට ජය වේවා.” පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා:අද මේ මංගල වේදිකාවට අපි ඇවිත් සිටින්නේ ශ්‍රීලනිපයේ සුබපැතුම් අරගෙනයි. අපි අතර බහින්බස්වීම් තිබුණත් ඒ සියලු බේද අමතක කරලා නොවැම්බර් 17 වෙනිදාට රටේ අපේක්ෂකයා වුණු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන්න අපි තීන්දු කළා. අපි දෙගොල්ලේ දෙපැත්තකට වෙලා සිටින අවස්ථාවේ වාමාංශික ජනතාව අපේ එකතුව බලාපොරොත්තු වුණා. ඒ එකතුවේ මංගල රැලියයි මේ. අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන්න අවශ්‍ය ඇයි කියන දේ ගැන හිතුවා. එතුමා රට හදන්න, අනාගතය වෙනුවෙන් කරන යෝජනා අපි දැක්කා. ශ්‍රීලනිප අපි බලාපොරොත්තු වෙන්නේ ජාතික ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය තහවුරු කිරීමයි. ශ්‍රීලනිපය රටට සේවය කරපු පක්ෂයක්. ජාති බේද නැති පක්ෂයක්. අපි මේ සමගියත් සමග නැවත වතාවක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ශ්‍රීලනිපය කෙරෙහි තැබූ විශ්වාසය තහවුරු කරන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි: “යුද්ධය අවසන් කිරීම සඳහා කැපී පෙනෙන නායකත්වයක් ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. සහරාන් වැනි බෝම්බකරුවන් රටින් තුරන් කර සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය අවසන් කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙනවා. ලෝකයේ පැරැණිම ශිෂ්ටාචාරයක් සහිත නගරයයි මේ. අනුරාධපුරයේ වකුගඩු රෝගීන් දහස් ගණනක් ඉන්නවා. ඒ අපි පාවිච්චි කරපු වස විසයි. වස විසෙන් තොර ආහාර නිෂ්පාදන යුගයක් කරා ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂයි.”ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:  ජය සමරන්න 16 වැනිදා වෙනතුරු ඉන්න අවශ්‍ය නැහැ. අපේ ජය තහවුරුයි. 11 වැනිදාට ඇල්පිටියේ ජනතාව 16 වැනිදා ජයේ පෙරවදන ලියනවා. මේ අපි ඉන්නේ රටට ආදරය කරන මිනිස්සු ආරක්ෂා කරන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින භූමියේ. කෘෂිකාර්මික රටකට පණ දුන්න රට රැක්ක මිනිස්සු රැක්ක භූමියකයි අපි ඉන්නේ. හැම අතින්ම අසරණ වූ රටට ප්‍රතාපවත් නායකයෙක් ඉල්ලා සිටිනවා. රටේ දුප්පත්බව අඩු කරලා පරිගණක සාක්ෂරතාව වැඩි කරලා මහින්ද රාජපක්ෂ මහතා රට දියුණු කළා. එදා මහින්ද-ගෝඨාභය සුසංයෝගය රටට තිබුණු ලොකුම ප්‍රශ්නයට විසඳුම් දුන්නා. දරුවන්ට නිදහසේ පාසල් යන්න පරිසරය හැදුවා. 2006න් පස්සේ රටේ විශාලම ප්‍රශ්නයට පිළිතුරු දුන්න විදියටම මේ සුසංයෝගයට අද රටේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නත් පුළුවන්. අන්තවාදයට එරෙහිව නායකත්වය දෙන්නෙත් මේ සුසංයෝගයයි. මහින්ද-ගෝඨා සුසංයෝගය අපේ රටේ අනාගතයයි.”ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරුමණේ නායක වාසුදේව නානායක්කාර මහතා:“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය අනුරාධපුර වැව්බැඳි රාජ්‍යයෙන් අරඹන දවසයි අද. ප්‍රේමදාස මහතා ක්‍රමානුකූලව විකාර රූපයක් බවට පත්වෙමින් තිබෙනවා. ගෝඨාභය මහතා රටේ තීන්දුකාරයා වෙමින් තිබෙනවා. ප්‍රේමදාස මහතා නොයෙකුත් දේ කියනවා. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදනවාලු. ආර්ථිකය 1.6 දක්වා පහළ දැමූ අයයි මේ කියන්නේ. අපි තේරුම් ගන්න ඕනෑ ප්‍රේමදාස මහතාගේ ජවනිකාව හුදු විකාර රූපයක් පමණයි කියන කාරණය.ඔබ ගෝලීයකරණය ගැන අහලා තියෙනවා. අපේ රටවල සම්පත් පැහැර ගන්න අධිරාජ්‍යවාදීන් තල්ලුකරලා එවපු දෙයක් මේ ගෝලීයකරණය කියන්නේ. මේ නිසා අපේ දේශීයත්වය පිළිකන්නට ගියා. දේශප්‍රේමී නායකත්වය පහළට වැටුණා. අපෙන් වුණු අඩු පාඩු හදාගෙන අලුත් මිනිසෙක් ඉදිරියට ගෙන එන අලුත් පරිච්ඡේදයක් ලියන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අපි මේ රටේ දේශීය ආර්ථිකය ගොඩනැගීම ගැන කතා කරනකොට මේ අය පිටරටින් සෞභාග්‍යය ගේන්න පුළුවන් කියලා හිතනවා. අපේ දේශීය සම්පත් රැකගනිමින් අපේ උරුමයන් රැකගැනීමට අපි සියලු දෙනාම කැපවෙමු.”මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා:“අනාගත ලංකාව වෙනුවෙන් කරන දේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන වගේම ගොවි ජනතාවගේ අනාගතය වෙනුවෙන් දුන් ඒ පොරොන්දු ඉෂ්ට කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙනවා. එජාපය අපේ රටේ නිදහස, ස්වාධීනත්වය වික්කා. ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා දේශපාලනයට පළිගැනීම ගෙනාවා. ජනතා විරෝධී අණපනත් 14ක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඔබේ ඉඩම් පවා අහිමි කරන ඒ පනත් වැළැක්වීමට කටයුතු නොකළ සජිත් පරාජය කිරීමේ යුතුකම ඔබට තිබෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ ඇරඹෙන්නේ නව යුගයකට, බලාපොරොත්තු සුන් වූ රටකට යෝධ සවියක් වෙමින් ජනතාවගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ගමනයි. මාතෘ භූමියට ජයවේවා.”පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. චන්ද්‍රසේන මහතා:“මේ වේදිකාව හදන අවස්ථාවේ කිව්වා සෙනඟ පුරවා ගන්න බැරි වෙයි කියලා වේදිකාව ඉදිරියට ගන්න කිව්වා. ඒත් මම විශ්වාස කළා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාසනාව නිසා මේ පිට්ටනිය ජනතාවගෙන් පිරෙන බව. මේ ටිකේම වැස්සා වුණත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාසනාවට අද වැස්ස නතර වුණා. වසර 5ක් විනාශ වුණ රට ගොඩනගන්න රජෙක් බිහි වෙනකොට පරිසරය පවා ආශිර්වාද කරනවා. මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය සැලසුම් අවසන් කරලයි ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා බාරදුන්නේ.”ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙයාන් සේමසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ, අනුරාධපුර නගරාධිපති එච්.සී. සෝමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.සී. මුතුකුමාරණ, වෘත්තීය සමිති නායක බන්දුල සමන්කුමාර, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චන්න ජයසුමන, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, විශේෂඥ වෛද්‍ය සීතා අඹේපොල, ඒ.එල්.එම්. අතාවුල්ලා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්ම, මහත්මීහු ද රැලිය ඇමතූහ.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ. 
‘යහපාලනයෙන් පලිගත්තා මිස කරපු දෙයක් නෑ‘
0
hp_train_1205
ප්‍රසාද් රුක්මාල් ඌව පළාතේ ගුරු විභාගය සමත් තරුණ තරුණියෝ රැකියා ඉල්ලා ඌව පළාත් සභාව ඉදිරිපිට දී අද (3) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වුහ.ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිව මොවුන් මෙසේ විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව උද්ඝෝෂණයේ නිරතවුහ.ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන්සභාව මගින් 2017 වසරේ පැවැත්වු ගුරු විභාගය අසාධාරණ යැයි පවසා ඌව පළාත් සභා මන්ත්‍රී රැකියා විරහිත උපාධිධාරි සංගමයේ අනුශාසක සමන්ත විද්‍යාරත්න මහතා විභාගයට පෙනී සිට අසාධාරණයට පත් තරුණ තරුණියන් පිරිසක් හා එක්වා මෙම ගුරු විභාගය අසාධාරණ යැයි පවසා අධිකරණයේ නඩුවක් ගොනු කර  ඇති බවත් එම නඩුව වහා ඉල්ලා අස්කර ගන්නා ලෙසට පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට බලකර ඔහුට විරුද්ධව මොවුන් මෙම උද්ඝෝෂණය කළහ.මෙම නඩුව ඉවත් කර තමන්ට රැකියා ලබා ගැනීමට උද්ඝෝෂණයේ නිරත පිරිස ඉල්ලා සිටියහ.
ඌව ගුරු විභාග සමත්හු විද්‍යාරත්නට විරෝධය පාති
0
hp_train_1206
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) විටින් විට හො ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද හෙතෙම පැවසීය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. 
දිවයින පුරා අද සහ හෙට වැස්ස වැඩිවන ලකුණු
0
hp_train_1207
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)ආවරණයක්  නොමැතිව   තේ  කුඩු  ප්‍රවාහනය  කළ  ලොරි රථ  රියැදුරකු  අද(07)  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගෙන ඇත්තේ බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි  අයෙකි. බලන්ගොඩ ප්‍රදේශයේ  තේ  කර්මාන්ත ශාලාවක  සිට  රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ  දක්වා ලොරි රථයකින්  එම  තේ  කුඩු ප්‍රවාහන  කරමින් සිටියදී  ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. රියැදුරු  හෙට (08)  බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අත්අඩංගුවට ගත් තේ  කුඩු  සාම්පල  ශ්‍රී ලංකා තේ  මණ්ඩලයට  යවා  තත්ත්ව සහතිකයක්  ලබා  ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
තේක්ක දැව ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
0
hp_train_1208
 ජුඩ් සමන්ත වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.තලවිල දේවස්ථානයේ පසුගිය මාර්තු මස පැවති මංගල්‍යයේ විශේෂ රාජකාරි  සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අතිකාල දීමානා නොගෙවීම සහ කප්පාදු කිරීමට එරෙහිව පසුගිය මස 30 වැනි දා මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ආරම්භ කරන ලදී.ඒ අනුව තලවිල දේවස්ථානයේ අගෝස්තු මංගල්‍යයේ විශේෂ රාජකාරි වලින් වැළකී සිටීමට පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන ලදි. පසුව එක් දිනක් ලෙඩ නිවාඩු වාර්තා කළ අතර,පසුව රාජකාරියට වාර්තා කරන නමුත් කේෂත්‍ර රාජකාරි වලින් බැහැර වීමට ඔවුන් තීරණය කළේය.මෙම තත්ත්වය නිසා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවති විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මර්දන දූමායන කටයුතුද ඇණ හිටින ලදි. හලාවත - මුන්නේෂ්වරම දේවාලයේ නිකිණි මංගල්‍යයේ විශේෂ රාජකාරි වලින්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වී සිටියේය.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්ෂේත්‍ර රාජකාරියෙන් ඉවත් වී සිටි කාලය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකින්ම ඩෙංගු රෝගීන් වාර්තා විය.පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට සහාය පල කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත් වී සිටියේය.කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන් අතර පැවති සාකච්ඡා වට කීපයකින් පසුව තලවිල දේවස්ථානයේ රාජකාරි කළ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හිඟ අතීකාල දීමනා ගෙවීමට එක් වී ඇත. 
වයඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩවර්ජනයක
0
hp_train_1209
(රංජිත් රාජපක්ෂ)බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (31) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය අසල පිහිටි චැපල්ටන් තේ වත්තේ තේ පදුරු ගලවා සැකකරුවන් මැණික් ගරමින් සිටින බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් ගොඩ දමා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් සහ මැණික් ගැරිමට උපයෝග කරගත් උපකරණ ද පොලිස් බාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23-30 ත් අතර වයස් කාණ්ඩල පසුවන චැපල්ටන් තේ වත්තේ පදිංචිකරුවෝ වෙති. 
බලපත් නැතිව මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට
0
hp_train_1210
(විනීතා එම් ගමගේ) මුදල් බලය හෝ ජාත්‍යන්තර බලය කොපමණ තිබුණත් ජනතා හදවත්වල නැති පක්ෂවලට පැවැත්මක් නැතැයි මහ මැතිවරණයේ ප‍්‍රතිඵල වලින් පෙනී යන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ප‍්‍රකාශ කළේය. එමෙන්ම බෙදුම්වාදි දේශපාලකයන්ට, අන්තවාදය කරපින්නාගෙන ගිය දේශපාලඥයින්ට හා වංචාව මුලාව දේශපාලනය කරගෙන ගිය දේශපාලඥයින්ට ද මෙවර මැතිවරණයෙන් ජනතාව හොඳ කණේ පාරක් දී ඇතැයි ද ඔහු කියා සිටියේය. මුසම්මිල් මහතා මේ අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා දේශපාලන පක්ෂවලට හා දේශපාලඥයින්ට ජනතාව බද්ධ වන්නේ මාලූවාට වතුර මෙන් යැයි ද දේශපාලඥයින් සිටිය යුත්තේ ජනතාව නමැති දියේ යැයි ද කීය. මහ මැතිවරණයේ දී අති විශාල පිරිසක් එනම් සියයට හැත්තෑවක් ජනතාව ඡන්දය පළ කර තිබු බවත් ඔවුන් සියලූ දෙනාට ස්තුති කරන අතර එයින් පොදුජන පෙරමුණ කෙරෙහි විශ්වාසය තබා පොහොට්ටුවට ඡන්දය දුන් අයට තම විශේෂ ස්තුතිය පළ කරන බවත් ඔහු පැවසීය. මෙරට පැරණි දේශපාලන පක්ෂවලින් එකක් වන එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ජනතාව අහිමි කරගත් මිය ගිය දේශපාලන පක්ෂවලින් එකක් බවට පත් කරගෙන ඇතැයි පැවසූ ඔහු ඉතිහාසයේ පළමු වතාවට 1977 න් පසු රනිල් වික‍්‍රමසිංහ මහතා නැති පාර්ලිමේන්තුවක් ඇති වී ඇතැයි ද පැවසීය. මැතිවරණයට පෙර පාඨලී, අනුර, සජිත් රාජිත වැනි අය විශාල උත්සාහයක් දරමින් මැතිවරණය කල් දමා ගැනීමට උත්සාහ දරමින් සිටි බවත් එසේ බැරි වූ තැන කොරෝනා දෙවැනි රැල්ලක් ගැන කියමින් ඡන්දය කල් දමාගැනීමට තැත් කළ බවත් කී මුසම්මිල් මහතා ඊට හේතුව මේ මැතිවරණ ප‍්‍රතිඵල වලින් පෙනී යන්නේ යැයි ද පැවසීය.සජිත් පේ‍්‍රමදාස මහතා මාස නමයක් තුළ ඡන්ද ලක්ෂ විස්සක් අහිමි කරගෙන ඇති බව කී ඔහු ජනාධිපතිවරණයේ දී ලක්ෂ 55 ක් ලබාගත් පේ‍්‍රමදාස මහතා මහ මැතිවරණයේ දී ඡන්ද ලක්ෂ 35ක් වත් ලබා නැතැයි ද කීය. මීළඟ පළාත් සභා මැතිවරණයේ දී ඔහු අතහැර දමන ඡන්ද දායකයින් සංඛ්‍යාව ලක්ෂ කොපමණක් වේ දැයි සිතා ගත නොහැකි බව ද හෙතෙම කියා සිටියේය. විද්වතුන් පමණක් දේශපාලනයේ සිටිය යුතු යැයි තමන් විශ්වාස නොකරන බවත් විවිධ සමාජ ස්ථර නියෝජනය කරන සමාජ ක‍්‍රියාකාරිකයින් දේශපාලනයේ සිටිය යුතු යැයි කී මුසම්මිල් මහතා විද්වතුන් දේශපාලනයේ සිටිය යුතු යැයි කියන අනුර දිසානායක මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නේ කවුරුන්දැයි ජනතාව දෑස් දල්වා බලා සිටින්නේ යැයි ද සදහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අනුර දිසානායක මහතා  ලබා ගත් දා සිට එහි පරාජයේ මාවත විවර වී යැයි කී මුසම්මිල් මහතා නිවැරදි දේශපාලන මාර්ගයක් තෝරා ගත් අවස්ථාවක ජනතාව ජනතා විමුක්ති පෙරමුණට ආසන 37 ක් දුන් බව අමතක කළ යුතු නැතැයි ද පැවැසීය. ඒ ජනතා විමුක්ති පෙරමුණ දැන් හොට පටළවාගෙන 3% අභිභවා ගොස් 225 ටම තුන බවට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. මේ පරාජයේ වගකීම අනුර මහතා භාරගනීද ටිල්වින් මහතා බාර ගනීද යන්න පැහැදිලි නැති බවත් එජාප පරාජයේ වගකීම බාරගෙන රනිල් වික‍්‍රමසිංහ මහතා නම් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින්නේ යැයි ද ඔහු සඳහන් කළේය.
’ජනතා හදවත්වල නැති පක්ෂවලට පැවැත්මක් නෑ’
1
hp_train_1211
ත්‍රිකුණාමලය, බැක්බේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.  මොවුන් සතුව තිබී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 05 ක්, පිටත දහන යන්ත්‍ර 05 ක්, මීටර් 225 දිගැති තහනම් ධීවර දැල් 05 ක් සහ නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 94 ක් ද  නාවික හමුදා භාරයට ගෙන ඇත.අත්අඩංගුවට පත් පුද්ගලයින් අවුරුදු 18 ත් 60 ත් අතර වයස්වල පසුවන ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කළ මුර සංචාරයක් අතරතුරදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් හා ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය) 
නීති විරෝධීව මසුන් ඇල්ලූ 09ක් අත්අඩංගුවට
0
hp_train_1212
 කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 765 දෙනෙකු සුවය ලබා අද (05) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 6623 කි.වැඩිම ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම ගණන 149 කි.තවදුරටත් 5540 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 12187 ක් වන අතර, 24 දෙනෙකු මිය ගොසිනි.
ආසාදිතයෝ 516ක් සුවය ලබති
0
hp_train_1213
(සුජිත් හේවා ජුලිගේ සහ ආරියරත්න රණබාහු)“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නොවේ” යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවැසීය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝළය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (10) පෙරවරු 10.30ට රැස්විය.අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. ජනපති ප්‍රකාශයෙන් ජනතා බලාපෙරොත්තු ඉටුවුණේ නැහැ. ජාතික ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට අපොහොසත්වී තිබෙනවා. රටේ පාලන තන්ත්‍රය කඩා වැටිලා ඉවරයි. එය වැළැක්වීමට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළේ නැහැ. පාර්ලිමේන්තුව අවශ්‍ය වන්නේ විශ්වාසයයි. අද රජය බිඳ වැටිලා. අරාජිකත්වයක් වගේම බංකොළොත් භාවයක් රට තුළ තියෙනවා. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. අපොහොසත් රජයක්. ඇමැතිවරුන් 16 දෙනකු ගැලවිලා ගියා. මේ ඇමැතිවරු නඩත්තු කරන්නේ මොන කෙංගෙඩියකට ද? ආණ්ඩුව ඩොලරය රුපියල් 158ට ගෙනල්ලා ඉවරයි. රුපියල දිනෙන් දිනම වැඩි වෙනවා. ආණ්ඩුව ලොකු මූල්‍ය අර්බුදයකට ලක්වෙලා. ගජ මිතුරන්ගේ හොඳම ගජ මිතුරෝ මහ බැංකුව කොල්ල කාපු අය. ජනපති ප්‍රකාශයේ ඒ ගැන වචනයක්වත් නැහැ. පළාත් තුනක ජන්දය නැහැ. ජනපති ඒ ගැන කතා කළේත් නැහැ. සැප්තැම්බර් වනවිට උතුරේ මධ්‍යම හා වයඹ පළාත් සභාවල කාලය ඉවර වෙනවා. යෝජනාව ස්ථිර කරමින් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස) මෙසේ කීය: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුලින් වසර 2025 දක්වා කෙසේ වෙතත් ඉදිරි මාස 17 දක්වාත් ගෙනයන වැඩ පිළිවෙළක් පෙන්වා නැහැ. පසුගිය වසර 3 1/2 තුළ රටට කිසිදු වැඩක් කර නැහැ. රටේ ජාතික සම්පත් විකුණා එදා වේල ටුවර්ස් බවට ආණ්ඩුව පත්ව තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ණය ගෙවනවා කිව්වත් ඒ කරපු දෙයකුත් නැහැ. අද ගොවියාට යන එන මං නැහැ ඔහු ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්වෙලා. මේ ආණ්ඩුව දුවන්නේ බදු දඩ සහ ණය මතයි. බලු මයිලක්වත් වටින්නේ නැති රටට නොගැළපෙන ඡන්ද ක්‍රමයක් හැදුවා. ඒ ඡන්ද ක්‍රමය වහාම අහෝසි කර රටට ගැළපෙන සර්ව ජන ඡන්ද ක්‍රමයක් හැදිය යුතුයි.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ගැන වැරැදි ප්‍රකාශ කරමින් රට නොමඟ යැවීමට හදනවා. එතුමා මේ කතාව කළේ රජකුගේ ලීලාවෙන් නොවෙයි. පොදු යහපත සඳහා කළ කතාවක්. නමුත් මේ ගැන කතා කරන එක්කෙනෙක්වත් ඒවා ගැන කියන්නේ නැහැ. මේ ආණ්ඩුව මොකක්වත් කළේ නැති ආණ්ඩුවක් ලෙසයි හඳුන්වන්නේ. තොරතුරු දැන ගැනීමේ පනත, ඖෂධ මිල පාලනය, 19 වැනි සංශෝධනය, සිසුන්ට සුරක්ෂා රක්ෂන ක්‍රමය ගැන කියන්නේ නැහැ. ජී.එස්.පී. සහනය ලබා ගැනීම, මත්ස්‍ය තහනම ඉවත් කිරීම ගැන ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපතිතුමා මේ රට භාර ගන්නා විට තිබුණු අඳුරු අතීතය කාටවත් මතක නැහැ. පසුගිය කාලයේ තරම් විශාල ඇමැති මණ්ඩලයක් අපි නඩත්තු කරන්නේ නැහැ. අද සුදු වෑන් එන්නේ නැහැ. මාධ්‍යවේදීන් ඝාතනය වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා වුණත් විවේචනය කරන්න පුළුවන්. මාධ්‍ය ආයතන ගිනි තියන්නෙ නැහැ. විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා: උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නය විසඳීමට කටයුතු නොකිරීම නිසා තමයි රටේ හැම ප්‍රශ්නයක්ම ඇතිවීමට හේතුව. මේ රටට කවදාවත් හොඳ කාලයක් එන්නේ නැහැ. මේ ප්‍රශ්නය විසඳුවේ නැත්නම් මේ ගැටලුව විසඳීමට සියලු දෙනාම එක්වන ලෙස මා ආයාචනා කරනවා. සමහරුන්ට මේ ප්‍රශ්නය නොවිසඳා තබා ගැනීමට අවශ්‍යයි. මේ රටේ සියලුම පුරවැසියන්ට එක හා සමානව සැළකිය යුතුයි. අපි මේ රට බෙදීමට ඉල්ලා සිටින්නේ නැහැ. එසේ ඉල්ලන අයට අපගේ පක්ෂයේ කිසිදු සහායක් නැහැ. අපගේ ස්ථාවරය එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීමයි. පාර්ලිමේන්තුවෙන් දූෂණය තුරන් කරන්න ඕනෑ,නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා:උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් තවමත් හමුදාව අතේ තියෙනවා. ඒවා ඒ ජනතාවට දිය යුතුයි. ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට යෝජනා ජනපතිගේ කතාවේ තිබුණේ නැහැ. අපේ ජනතාව රැවටිල්ලට ලක්වෙලා.නියෝජ්‍ය කාරක සභාපතිවරයා මුලසුනට පැමිණියේය.නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් විදියට සංශෝධනය කළ යුතුයි. කෑල්ලෙන් කෑල්ල කිරීමට යෑම හොඳ දෙයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනපති ක්‍රමය ඉවත් කරන්න යෝජනාවක් ගේන්න යනවා. ජනපතිගේ ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වචනයක්වත් නැහැ. ඒ ගැන කනගාටුදායකයි. උතුරේ ඉඩම්වලින් සියයට 85ක් ජනතාවට දුන්නා කියලා ජනපති ප්‍රකාශයේ සඳහන් වුණා. ඒක පිළිගන්න පුළුවන්ද ?. අපේ ජනතාවගේ ඉඩ කඩම් තවම ලැබී නැහැ.මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි විජිත බේරුගොඩ මහතා (එජනිස): පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව දෙදරුවා. අගමැති විශ්වාස භංගයෙන් දිනුවට ඔහුට ජනතා අධිකරණයෙන් නම් සහනයක් ලැබෙන එකක් නැහැ. මේ ආණ්ඩුවට තියෙන්නේ තව මාස 18 යි. මේ ආණ්ඩුවෙන් ජනතාවට මොනවාද වුණේ. අද ලොකු ජීවන අරගලයක් ඇතිවෙලා. දුක් විඳින ජනතාව ඉන්නේ බොහොම අතෘප්තියෙන්. ආණ්ඩුවට පොරොන්දු ඉටු කරන්න බැරි වුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් මහතා (එජාප):ත්‍රිකුණාමලයේ ජනතාව අද රැවටිල්ලට ලක්වෙලා. අපේ ජනතාව වැඩි පිරිසක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. එජාපයට ජයගත නොහැකි සේරුවිලත් දිනුවා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී):පළාත් සභාවල මුදල් ආපහු රජයට හරවලා යවනවා නම් වැඩක් නැහැ. පළාත් සභා සුදු අලියෙක් නොවෙයි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:- අධ්‍යාපනය සෞඛ්‍යය, ජනගහනය සඳහා වැඩිබර ප්‍රතිපත්තියක් යෙදවිය යුතුයි. සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වඩා අධිවේගී මාර්ග සඳහා වියදම් කර තිබෙනවා. කොට්ටාව මාර්ගයෙන් අපට ලැබෙන්නේ කළ වියදමෙන් හයෙන් එකයි. කවර ක්ෂේත්‍රවලට වියදම් කළ යුතු දැයි විද්‍යාත්මකව සෙවිය යුතුයි. ලංකාවේ නම් එය කළ යුත්තේ පර්යේෂණ සඳහායි. විද්‍යානුකූල ආණ්ඩු ක්‍රමයට හොඳම උදාහරණය මැලේසියාවයි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය හැරුණු විට කරන අනෙක් ආණ්ඩු ක්‍රමය යන්නන් වාලේ කරන බොරු ෂෝක් දේශපාලනය.අවස්ථා දෙකක් හැර පසුගිය අවුරුදු 70 තුළම අපේ රට එය කර තිබෙනවා. නමුත් 70 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජයත් 77 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයත් ප්‍රතිපත්ති දෙකක සිට රට ආණ්ඩු කිරීම තමයි වෙනස්වූ ආණ්ඩු ක්‍රම දෙක. සිරිමා මැතිනියගේ ක්‍රමය අසාර්ථක වුවත් වෙනත් රටවල් ඒ ක්‍රමය අනුගමනය කර දියුණු වී තිබෙනවා.අනුරාධපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා:මේ විවාදය පැවැත්වෙන අවස්ථාවේ දැන් සභාව තුළ ආණ්ඩුව නියෝජනය කිරීමට සිටින්නේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පමණයි රජයේ ප්‍රතිපත්තිය නියෝජනය නොකර මැති ඇමැතිවරු රැසක් මේ විවාදයට එන්නේ නැහැ වගෙයි. පළාත් සභා 7 ක් විසුරුවා තිබෙනවා. නමුත් ඡන්ද නැහැ. ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා පමණයි.යෞවන කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂණ් පෙරේරා මහතා:-අද අපි වාර්තාගත අපනයන මේ රටේ සිදුකර තිබෙනවා. දුප්පත්කම අපි සිතු පරිදි අඩු කරන්න බැරිව ගියා. එස්. බී. දිසානායක මහතා සමෘද්ධි ඇමැති ලෙස කළ හානිය හරි විශාලයි. සමෘද්ධි අමාත්‍යාංශය ජනතාව දුප්පත්කමින් මුදවා ගත යුතු වුවත් එය හරි හැටි ඉටු කළේ නැහැ. ෂෙහාන් සේමසිංහ මහතා (එජනිස) මුලසුනට පැමිණියේය.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා: තමුන්නාන්සේලා මේ රට ගොඩනඟන්න අපොහොසෙත්වී තිබෙනවා. ඔබලා ගත කළේ නිස්කාරණ අවුරුදු තුනක්. ජනපතිගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේද ඒකයි. ජනතාවගේ වැඩිම දෝෂාරෝපණයට ලක්වූ අසාර්ථකම පාලනය රනිල්-මෛත්‍රී පාලනයයි. තිබූ අර්බුදය පවා උත්සන්න කළා. සමෘද්ධි මුදල් වංචාවක් ගැන කියනවා. එස්.බී. එළියට නාව නම් ඕක කියන්නේ නැහැ. අදටත් තියෙන්නේ බල පොරය විතරයි. මේ කාලයම වැය කළේ පක්ෂ අර්බුද විසඳා ගැනීමටයි. මේ බල තරගයෙන් කිසිවකුට ජයග්‍රහණ ගෙන දුන්නේ නැහැ. අද පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අකර්මන්‍යයි. අද වංචා දූෂණ තියෙන්නේ රජ ගෙදර ඇතුළෙයි. මහානාම යකඩ විකිණීමටකට සම්බන්ධ වුණේ කොහොමද? කාර්ය මණ්ඩල ප්‍රධානී යකඩ වෙළෙන්ඳෙක් ද? දූෂණය අගමැතිවරයාටත් සම්බන්ධයි. රජවරුන්ගේ ආරක්ෂාව මත වංචාව, දූෂණය වෙනවා. අරටුවක් නැති බොල් පාලනයක්. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප): සැසිවාරය අවසන් කළාම විපක්ෂයට ලොකු ජොලියක් ආවා. ආණ්ඩුවේ වලියක් කියලා රට පුරා ප්‍රකාශ කළා. එයාලගේ සිහිනය සැබෑ වුණේ නැහැ. ආණ්ඩුව තවමත් ඉදිරියට යනවා. මහින්ද කවදාවත් සැසිවාර අලුත් කළේ නැහැ. ඒක දිගට ගෙන ගියා. ඒකාධිපති ගමනක් ගියා. ජනපති තමන්ගේ ධුර කාලය ගැන අධිකරණයෙන් ඇහුවා. අධිකරණයට හිස නැමුවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්ල ගුණවර්ධන මහතා: ඔබලා රට හිර කරලා ඉවරයි. ඛනිජ තෙල් සූත්‍රයක් හදන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට කිව්වා. තෙල් මිල වැඩි කරන්නම වෙනවා. මහින්ද හදපු රට මේ අය ඇවිල්ලා කඩා දැම්මා. මූල්‍ය අරමුදල මේ ආණ්ඩුව හිර කරලා ඉවරයි. කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. සුළු කර්මාන්තකරුවෝ ගණන් ගන්නේ නැහැ.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා (දෙජාසං):රට තුළ අද බිය සැක නැති වාතාවරණයක් තියෙනවා. මේ රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ජනපති ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වචනයක් හෝ සඳහන් නොවීම ගැන අපේක්ෂා භංගත්වයක් තියෙනවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප): අප නැවත අර්බුදයකට ලක්ව තියෙනවා. සමහර පනත් ගේන්න කටයුතු කරන්නේ නැහැ. අප විවිධ ජන කොටස්වල හැඟීම් තේරුම් ගත යුතුයි. අලුත් මාර්ගයක යන ගමන නැවතී තියෙනවා. ආණ්ඩුකාරවරු 9 ක් පත් කළා. එක මුස්ලිම් අයකු නැහැ. චිත්‍ර ඇඳලා, කවි ලියලා, නාට්‍ය පෙන්නලා ජාතික සමගිය හදන්න බැහැ. මුජිබර් රහුමාන් මහතා මුලසුනට පැමිණියේය. පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප):19 වැනි සංශෝධනයෙන් ලොකු දේවල් වුණා. ප්‍රමාද වෙලා හරි තොරතුරු පනත ගෙනාවා. අද ඕනෑම තොරතුරක් ඕනෑම පුරවැසියකුට ගන්න පුළුවන්. අද ස්වාධීන කොමිෂන් සභා ටික ක්‍රියාත්මකයි. ස්වාධීන කොමිෂන් සභා ගැන සතුටු වෙනවා. ලොකු බලධාරින් අල්ලා ගත්තේ අල්ලස් කොමිසම ස්වාධීන කරපු නිසයි. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනවාට අප පක්ෂයි. නමුත් ඒකෙන් පමණක් ජාතික සමගිය ආරක්ෂා වන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා (එජනිස):රජයේ අසාර්ථක බව ජනාධිපතිතුමාත් එතුමාගේ කතාවෙන් පිළිගත්තා. මහතීර් මොහොමඞ්ගේ වයස 92යි. ආපහු බලයට එනවා. අපේ මහින්ද මහත්තයාත් බලයට එන දිනය වැඩි ඈතක නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම පක්ෂයකට මුක්කු ගැහුවා.මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රි ශ්‍රී නේෂස් මහතා (දෙජාසං): රට බෙදන්න යනවා කියලා කාලයක් හඬ නැගුවා. නොබෙදුණු රටක් තුළ බලය බෙදා ගැනීමට එකතුවිය යුතුයි. සියලු ජාතින් සමව ජීවත්වීම වැදගත්. ගාලු දිස්ත්‍රික් මන්ති්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප): බන්දුල ගුණවර්ධනගේ අදහස් හොඳයි. නමුත් ප්‍රායෝගික නැහැ. ආණ්ඩුවක් කරන හැම දෙයක්ම සාර්ථක වන්නේ නැහැ. මහින්ද මේ රටට සියයක් කළා නම් මෛත්‍රීට පැරදුණේ මොක ද? රටේ තවමත් තෙල් මිල අඩුයි. එදා තෙල් මිල කොහොමද? අද කොහොමද? මේක පණ යන ආණ්ඩුවක් නොවෙයි.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජනිස):මේ ආණ්ඩුවට මේ ආර්ථික ක්‍රමයෙන් ඉදිරියට යන්න බැහැ. රවි කරුණානායක මහතා මුල් අයවැය වලින්ම ඒක කෑවා. මධ්‍යම අධිවේගී මාර්ගයට මම විරුද්ධ වුණා. ඒකට ඩොලර් මිලියන 900ක් වැය කළා. මහා ව්‍යාපෘතිවලට මුදල් වැය කළේ කොමිස් ගැනීම සඳහායි. 2020 දක්වා මේ ආණ්ඩුවට යන්න බැහැ. අනුරාධපුර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී චන්දිම ගමගේ මහතා:විවාදය ඉල්ලපු අය නැහැ. ආණ්ඩුවෙන් ගිය කිහිප දෙනෙකු පමණක් සිටිනවා ඒක ගැන සතුටුයි. යහපාලන ආණ්ඩුව ආවාට පස්සේ දුප්පත් පවුල් ලක්ෂ ගණනකට විදුලිය දී තිබෙනවා. පසුගිය රජය කාලේ වැඩිපුරම කළේ සංවර්ධනය නොවෙයි හොරකමයි. මහතීර් මොහොමඞ් වීමට රාජපක්ෂවරුන් කාටවත් බැහැ.එඞ්වඞ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය. දිගාමඩුල්ල දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී කවින්ධන් කොඬේස්වරම් මහතා:ජනාධිපතිතුමාගේ කතාව කෙරෙහි සුළු ජාතිකයන් විශාල බලාපොරොත්තු තබා ගෙන සිටියා. සුළු ජාතික ජන්දවලින් බලයට පත් මෙම ජනාධිපතිවරයාත් අපිව රවටනවා නේද කියල සුළු ජාතිකයන් සිතනවා. දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අවැසි බව ප්‍රධාන පක්ෂ දෙකම කිව්වා. නමුත් ඔවුන් ඒවා කතාවට පමණක් සීමා කළාද කියන සැකය තිබෙනවා.වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා:2015 ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවුණේ ජිනීවා කේන්ද්‍රය බලලා මිස ලංකාවේ කේන්ද්‍රය බලලා නොවෙයි. බලවත් රටවල් අපේ රටට ආර්ථික සම්බාධක දාන්න හැදුවා. ජනවාරි 8 වැනිදා සිදුවූ විප්ලවය සමඟ අපට රණවිරුවන් ආරක්ෂා කිරීමට හැකි වුණා. ජාත්‍යන්තරයේ ලකුණු ලැබෙන්නේ කතාවට හෝ කරට අත දාගෙන හිටියට නොවෙයි. කරපු වැඩ කොටස් අනුවයි. ඔවුන් ඒ අනුව වාර්තා සකස් කරනවා. අද අප ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව සිටිනවා. ලකී ජයවර්ධන මහතා (එජාප) මුලසුනට පැමිණියේය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප):“එකමුතු භාවය රැක ගැනීමේ වැඩ පිළිවෙළක් අවශ්‍යයි. අප අන්තවාදය පැත්තකට දාන්න ඕන. අප දින සියය තුළ කරපු දේවල් සමහරුන්ට අමතකයි. අප රජයේ සේවකයාගේ වැටුප් වැඩි කළා. 10,000 වැඩි කළා. හැමදේම නිකම් දීම නොවෙයි වැඬේ. කළ යුත්තේ දුප්පත්කම නැති කිරීමයි. අද වැඩියෙන් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ මේ ආණ්ඩුව හදපු අපටයි.පත්කළ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (එජනිස):දෙමළ ජාතික සන්ධානය පසුගිය කාලය තුළ දී ක්‍රියාත්මක කළේ දෙමළ ජනතාව වෙනුවෙන්ද? එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ආරක්ෂා කිරීමට ද යන ප්‍රශ්නය තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය ගොනාට ඇන්දුවේ ජයම්පති වික්‍රමරත්න මහතායි.වන්නි දිස්ත්‍රික් (දෙජාස) ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය:ඩිලාන් පෙරේරා මහතා දෙමළ ජාතික සන්ධානය ගැන බොරු කිව්වා. නමුත් ජනාධිපතිතුමා අපි ගැන මුකුත් නොකීම ගැන කනගාටුවක් තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:ජනාධිපතිතුමා වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර වේලක් ජනතාවට දෙන්න හදන විට ජනතාව ඒකට කැමැති නැහැ. දේශපාලනයේ දී පසුගිය කාලයේ දී සිදු වුණේත් එවැනි දෙයක්. යාපනය දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී ඊ. සරවනබවන් මහතා:නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අප බලාපොරොත්තු තබාගෙන සිටියා. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දෙයි කියන බලාපොරොත්තුවෙනුයි අපි ආණ්ඩුවට සහාය දුන්නේ. නමුත් අපි යහපාලන ආණ්ඩුවට රැවටුනා ද කියන කාරණය දැන් මතුව තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී එම්. තිලකරාජා මහතා:ජනාධිපතිතුමා මේ වනවිට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේ වෙනස්කම් තිබෙනවා. ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩා වෙනස් කාරණා ඇතුළත් කර පක්ෂයක සභාපති ලෙස දෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.පාර්ලිමේන්තුව අද (11) පෙරවරු 10.30 යළි රැස්වේ.  
රටේ සම්පත් විකුණනවා: රට අගාධයට යනවා
0
hp_train_1214
වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටියේයැයි සැකපිට අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.ඔහු අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු තාප්පයකින් පැන දුවන්නට උත්සාහ කළැයි පොලිසිය කියයි.වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබාසිටියේය. ඔහු ඕස්ට්‍රේලියා පුරවැසියෙකි. පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ප්‍රේමකුමාර් ගුණරත්නම් 2015 ජනවාරි පළමු වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි බවත්,  ඉන්පසුව ඔහු සොයාගැනීමට නොහැකිවූ බවත් ඕස්ට්‍රේලියා විදේශ ගමන් බලපත්‍රයකින් 2011 සැප්තැම්බරයේදී නොයෙල් මුදලිගේ නමින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයිද ශ්‍රී ලංකාවේ වීසා නීති උල්ලංඝනය කළැයි ඔහු ඕස්ට්‍රේලියාවට පිටුවහල් කළේය. ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ යෙදී සිටි ඔහුගේ බිරිය වෛද්‍යවරියකි. ඇය හා දරුවෝ ඕස්ට්‍රේලියාවේ පදිංචිවී සිටිති.  1980 දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඔහු දේශපාලනය ඇරඹීය. 
කුමාර් ගුණරත්නම් කෑගල්ල උසාවියට?
1
hp_train_1215
(ඩයනා උදයංගනී)“රටේ ව්‍යාපාර දියුණු කිරීමට නම් සෑම ව්‍යාපාරිකයකුටම බලපාන මේ සංකීර්ණ බදු ක්‍රමය සරල ක්‍රමයක් බවට පරිවර්තනය කළ යුතු” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.විවිධ වර්ගයේ බදු ඉවත් කර එක බදු ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගත යුතු බව කී රාජපක්‍ෂ මහතා දැනට පවතින වැට් බදු සියයට 8 පමණ දක්වා අඩු කළ හැකි යැයි ද සඳහන් කළේය.ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී ඉකුත්දා 15 වැනිදා තේ කර්මාන්ත ශාලාහිමියන් හමුවූ අවස්ථාවේදීය.එම අවස්ථාවේදී රාජපක්‍ෂ මහතා මෙසේද කීය.“තේ කර්මාන්තයේ නියැළී සිටින බොහෝ දෙනෙක් මට කියපු දෙයක් තමයි. මෙම කර්මාන්තය පහසුවෙන්ම ඩොලර් බිලියන පහක ආදායමක්, විදේශ විනිමයක් ලබා ගැනීමට හැකි ආකාරයට ගොඩ ගැනීමට පුළුවන් කියන එක. අපේ ඉලක්කය විය යුත්තේ එයයි. තේ, රබර්, පොල්, ඉතාමත් වැදගත් විදේශ විනිමය උපයන කර්මාන්ත.අපි ලෝකය දිහා බැලුවොත් ලෝකයේම තේවල අගය පහතට වැටී තියෙනවා. අපි මේ වෙලාවේ කල්පනා කර බැලිය යුත්තේ අපි මේ තත්ත්වයට වැටුණේ ඇයි කියලයි. වෙනත් රටවලින් අඩු ගුණාත්මක භාවයකින් යුතු තේ ගෙනල්ලා නැවත අපනයනය කිරීම නිසා අපේ වටිනා තේ කර්මාන්තය කඩා වැටුණා කියන එක මා විශ්වාස කරනවා.  සිලෝන් තේ ලෙස අපේ තේවලට එදා තිබුණු අගය නැවත යා යුතුයි.මම ඇමරිකාවේ සිටියදීත් ලංකාවෙන් තේ ගෙනගොස් විදේශිකයන්ට තෑගි දෙනවා. දවසක් මට මිත්‍රයෙක් එයාගෙ තේ ගෙනැවිත් දුන්නා. ඒක  ශත අනූ නවයේ කඩෙන් ගත්ත එකක්. ඇත්තටම ඒක තේ නෙවෙයි. එයාගෙ මනසේ  තේ කියලා හිතාගෙන ඉන්නේ  ඒ කඩෙන් ගත්ත තේ වර්ගයයි. එදා මට තේ එකක්  කියන්නේ කුමක්ද, ඒක රස විඳින්නේ කොහොමද විස්තර කර දෙන්න සිද්ධ වුණා.අපි මේ වෙලාවේ අලුත් වෙළඳ පොළක් ගැන සිතිය යුතුයි. බි්‍රතාන්‍ය අපේ  තේවලට හොඳටම හුරු වෙලා සිටින බව අපි දන්නවා. අපි අලුත් වෙළෙඳ පොළ ක්‍රමයට අවතීරණය වනවිට ‘සිලෝන් ටී’ ඔවුන්ට හඳුන්වා දිය යුතුයි. අපේ තේවලට වෙළඳ පොළක් හදා ගන්න ඕනේ. අපේ තේ කර්මාන්තයේ ආදායම ඉහළ නංවා ගත හැක්කේ මේ වගේ සන්නාමයක් හදලා ගුණාත්මක භාවයෙන් වැඩි තේ අලුත් වෙළඳපොළට ගෙනයාමේ හැකියාවක් තිබෙනවා නම් විතරයි.මෙය පෞද්ගලික අංශයට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිවාර්යෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න ඕනේ. ඩොලර් බිලියන පහක ඉලක්කය කරා යන්නට හැක්කේ මෙම ක්‍රමය අනුවයි. තේ කර්මාන්තය අපේ රටේ ප්‍රධාන අපනයනයක් වුණත් තේ වතුවලට එන ශ්‍රමිකයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙනවා. අප මේ ගැනත් කල්පනා කර බලන්න ඕනේ. වතුකරයේ තරුණ තරුණියන් හැමදාම වත්තට සීමා වෙනවා. ඒක මනුස්සකමක් නෙවෙයි. අපි ඒ අයටත් ඉදිරියට එන්න අත දිය යුතුයි. කුරුණෑගල ඉන්න හැමෝම පොල් කඩනවාද,? කොහු තලනවද? කියලා සමහරු අහනවා. ඒ ප්‍රදේශවලින් දොස්තරලා ඉංජිනේරුවෝ වගේ උගත් පිරිස බිහිවෙනවා. එහෙනම් මේ වතුකරේ ජනතාව තේ දළු කඩන්න විතරක් වෙන් වෙන්නේ ඇයි ? මෙම තත්ත්වයෙන්  මිදිලා වෙනත් රැකියාවලට යන්න, අධ්‍යාපනය ලබන්න දොස්තරවරු ඉංජිනේරුවරු වෙන්න ඒ අය කැමැතියි. රජයක් හැටියට අපි එය කළ යුතුයි.අපේ රටේ තේ වතුවලින් සියයට හැත්තෑවක් පමණ තිබෙන්නේ කුඩා තේ වතු ලෙසයි. අපි මේ කුඩා තේ වතු හිමියන් තවත් දියුණු කළ යුතුයි. ඒ අයට නැවත වගා කිරීමට පහසුකම් සැලැස්විය යුතුයි. විශාල තේ වතුවල යම්  බිම් ප්‍රමාණයක් එහි කම්කරුවන්ට ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. තවත් දෙයක් තමයි ලාබ බෙදීම සහ යාන්ත්‍රිකරණය මගින් කොහොමද අපේ කටයුතු කාර්යක්ෂම කරගන්නේ කියන එක. පලදාව වැඩිකර ගැනීමේ ක්‍රමවේද ගැන කතා කරනවා. මේවා මගින් තමයි තේ කර්මාන්තය ගොඩනැංවිමට සහ ඵලදායීතාවයන් ආදායමත් වැඩි කරගත හැක්කේ. තේ කම්කරුවන් ගැන කතා කරනකොට ඒ අයගේ  වැටුප් වැඩි කර ගැනීම පිළිබඳව කතා කළ යුතුමයි. වත්මන් රජය රුපියල් 1000 වැටුපක් ඔවුන්ට ලබා දීමට පොරොන්දු වුණා. නමුත් සිද්ධ වුණේ නැහැ. මම කියන්නේ එය සිදුවිය යුතුයි. තේ කර්මාන්ත හිමිකරුවන්ට ලොකු ප්‍රශ්න තිබෙනවා. මේ වෙනකොට විශාල කර්මාන්ත ශාලා රැසක් වැසී ගිහින්. මේ වැහුණු කර්මාන්ත ශාලා නැවත විවෘත කිරීමට හා නවීකරණය කිරීමටත් අවශ්‍ය පහසුකම් සැලසීමට රජය මැදිහත්විය යුතුයි. ඊට අවශ්‍ය කරන මූලික ප්‍රාග්ධනය ණය ලබා ගැනීමටත්, බදු සහන ලබා දීමටත් රජය කටයුතු කළ යුතුයි.සෑම ව්‍යාපාරිකයෙකුටම බලපාන ප්‍රශ්නයක් ගැන ජනාධිපතිතුමා කතා කළා. මේ සංකීර්ණ බදු ක්‍රමය සරල බදු ක්‍රමයක් බවට පත් කරන්නට අවශ්‍යයි. විවිධ වර්ගයේ බදු ඉවත් කර එක බදු ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගත යුතුයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැට් බද්ද සියයට 20 සිට 11 ක් දක්වා අඩු කළා. පසුව මේ රජය නැවත එය වැඩි කළා. මේ වැට් බදු සියයට 8 පමණ දක්වා අඩු කළ හැකියි.දුරකතන බද්ද වගේ නොයෙකුත් බදු, කම්කරුවන් සහ මධ්‍යම පාන්තික සේවකයන්ගේ වැටුප් මත අය කරන බද්ද වැනි බදු ඉවත් කිරීමට අවශ්‍යයි. මේ වගේ විශාල බාධක ව්‍යාපාරිකයන්ට හා ව්‍යවසායකයන්ට මේ රජය විසින් ඇති කර තිබෙනවා. අපි බලන්නට ඕනේ අපි කරන හැම දේකින්ම ගන්න පුළුවන් ප්‍රතිඵලය මොකක්ද කියලා. අපි පොහොර සහනාධාරය දෙනවා කියලා පොරොන්දු වූණා. එය ඡන්ද පොරොන්දුවක් නොවෙයි. එයින් ගොවියෝ දිරිමත් වෙනවා. මුඩු වෙලා තියන කුඹුරු නැවත වගා කරනවා. ඒ හරහා අස්වැන්න හා ගොවීන්ගේ ආදායම වැඩි කරන්නත් සහල්වලින් ස්වයංපෝෂිත වෙන්නත් අපට පුළුවන් වෙනවා.2007 යුද්ධය දරුණුවටම යන වෙලාවේ හාල්  පිළිබඳව ප්‍රශ්නයක් ආවා. ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිතුමා කතාකරලා හාල් ගෙන්නන්න ඇමතිවරු ලෝකෙ වටේටම යැව්වා. මිනිස්සු ඒ ගෙනාපු හාල් කන්න කැමති වුණේ නැහැ. එදා ජනාධිපතිතුමා කිව්වා මේක හරියන් නෑ අපි සහල් වලින් ස්වයංපෝෂිත වෙන්න පොහොර සහනාධාරය දෙමු කියලා. යුද්ධයට විශාල වියදමක් යන වෙලාවක පොහොර  සහනාධාරය දීලා අපි රට ස්වයංපෝෂිත කළා.මේ රජය ආවට පස්සෙ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කිසිම දෙයක් සිදු කළේ නැහැ. වියදම් අනුව බලනකොට ගොවියන්ට ලැබෙන්නේ පොඩි ගණනයි. වී බුසලක් නිෂ්පාදනය කරන්න බරපතළ වියදමක් යන නිසා ඊට වඩා හොඳයි පිටරටින් හාල් ගෙන්වන එක කියලා ඇතැම් උපදේශකයෝ කියනවා. මේ වගේ උපදේශකයෝ ගැන විශ්වාසය තියෙනකොට රජයත් ඒ විදිහට තමයි වැඩ කරන්නේ. වත්මන් රජය පිහිටුවලා මුල් කාර්තුවේම කුඹුරු ලක්ෂයක් වගා කරන්න එපා කීමෙන් රටේ සහල් හිඟයක් ඇති වුණා. අනාගතයේ දී මුළු ලෝකයේම ආහාර සුරක්ෂිතභාව ඉතාමත්ම වැදගත් අංගයක්. එතකොට සහල් විතරක් නෙමෙයි කිසිම දෙයක් පිටරටින් ගේන්නේ  නැතිව අපේ රට ස්වයංපෝෂිත වෙන්න ඕනෑ. අපි මේ හැම දෙයක්ම යෝජනා කළේ ඉලක්ක බලාගෙනයි.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.“වසර ගණනාවක් මුළුල්ලේ අපේ රටේ වැඩිම  විදේශ ආදායමක් ලැබෙන්නේ තේ කර්මාන්තයෙන්. එයින් සංචාරක කර්මාන්තය වඩා වැඩි විදේශ විනිමයක් උපයනවා. පසුගිය කාලයේදී තේ කර්මාන්තය ඇද වැටුණා. අපේ කාලයේ කැබිතිගොල්ලෑවේ දී ප්‍රහාරයක් සිදු වුණා. ඒ කාලයේ තමයි තමුන්නාන්සේලා මාව හමුවුණේ. එදා තමුන්නාන්සේලාට විවිධ සහන ලබාදීමට අපිට හැකිවුණා.තමුන්නාන්සේලා එදා ඇද වැටී තිබෙන තේ කර්මාන්තය හා වැසී යන තේ කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අද මේ තත්ත්වයේ වෙනසක් ඇති කිරීමට අවශ්‍යයි. එය රජයක වගකීමක්. අපි අනිවාර්යෙන්ම තේ කර්මාන්තය ගොඩනැංවිය යුතුයි. තේ කර්මාන්තය අද අපේ රටේ සංස්කෘතික අංගයක් බවට පත්වෙලා. එය නැවතත් ලෝකය ඉදිරියට ගෙනියන්න පුළුවන්. අද තේ කර්මාන්තයේ නොයෙක් ප්‍රශ්න තිබෙනවා. ඇතැම් බාල  කසළ තේ වර්ග නිසා ඇති වූ ගැටුම විසඳීමට අපිට රජයක් විදිහට මැදිහත් වෙන්න සිදුවුණා.තමුන්නාන්සේලාට තරඟ කරන්න සිදුවෙලා තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් සමඟයි.කෙසේ වෙතත් මේ කර්මාන්තය ගොඩනඟන්න අපිට වගකීමක් තිබෙනවා. ඔබේ ප්‍රශ්න පිළිබඳව අපට හොඳ අවබෝධයක් තිබෙනවා. අද රටේ තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා. අද රටේ මිනිස්සු ව්‍යාපාර කඩන් වැටීමෙන් ණය වෙලා. පදිංචි වෙලා ඉන්න ගෙවල් සින්න වෙන තත්ත්වයක් වාර්තා වෙනවා. හැම ව්‍යාපාරිකයෙක්ම මේක කියනවා. තමන් බැංකුවට වූ ණය මුදල ගෙවා ගන්න බැරුව ඇති වූ සිත් කම්පාවෙන් කොළඹ ව්‍යාපාරිකයෝ හතර දෙනෙක් දිවි නසා ගත්තා. ව්‍යාපාරිකයාට අද එවැනි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ රජයට හොඳ කළමනාකරණයක් හෝ ප්‍රතිපත්තියක් නැති නිසයි. අද රට අයාලේ යන්නට ඉඩ දීලා තිබෙනවා. අද අපි මුහුණ දී තිබෙන්නේ එවැනි තත්ත්වයකටයි. රටක ආරක්ෂාව හැමදේටම වඩා ඉතා වැදගත්. ඔබේ ව්‍යාපාරය හරි ගෙනියන්න පුළුවන් වන්නේ රටේ ආරක්ෂාව තිබුණොත් විතරයි. ඒ තත්ත්වය ඇති කරන්න මුලින්ම අපි පියවර ගන්නවා. රටේ ජාතික ආරක්ෂාව තිබෙනවා නම්  ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට සහ අනිකුත් සියලු දෙනාටම තමන්ගේ කර්මාන්ත කරගෙන යන්න හැකියාව ලැබෙනවා. එහෙම නැති වුණොත් හැම ව්‍යාපාරයක්ම  කඩා වැටෙනවා.තේ කර්මාන්තය ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙනියන්න අපි හැම අවස්ථාවකදීම ඔබ සමග සාකච්ඡා කර ප්‍රශ්නවලට උත්තර හොයන්න පියවර ගන්නවා. ණය පොලිය ගත්තත් බදු ක්‍රමය ගත්තත් අපට ප්‍රශ්නයක් තිබෙනවා. බදු ක්‍රමයේ කිසිම පිළිවෙළක් නැහැ. එක ඉලක්කමේ බදු ක්‍රමයකට මුළු රටම ගොනු කිරීම අපේ අරමුණයි. 
“තේ කම්හල් හිමියන්ට පොරොන්දු රැසක්“
1
hp_train_1216
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී හම්බන්තොට වරාය චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගම් දෙකක් යටතට අද පවරා දෙනු ලැබිණි. හම්බන්තොට වරායේ මෙහෙයුම් සහ සේවා කටයුතු හම්බන්තොට අන්තර්ජාතික වරාය සමාගමට (HIPG) සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමගම යන සමාගම් දෙක වෙත පැවරෙයි.මෙම ගිවිසුම අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමගම විසින්, ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරියේද සහයෝගය ඇතිව එහි තත්ත්වය වැඩිදියුණු කරමින් හම්බන්තොට වරාය වාණිජ වශයෙන් වැදගත්කමක් ඇති වරායක් බවට සංවර්ධනය කෙරෙනු ඇත.මෙම ව්‍යාපෘතිය ඩොලර් මිලියන 794 ක ආයෝජනයකි. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම විසින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී  රජයට ලබා ගෙවිය යුතු මුදලෙන් 30% ක් වන අමෙරිකානු ඩොලර් 292,097,400 ක චෙක්පත මහා භාණ්ඩාගරයට බාරදෙනු ලැබිණ. 
නෝර්වීජියානු උපාධි ශිෂ්‍යයන් හම්බන්තොට වරායේ චාරිකාවක
0
hp_train_1217
 ශ්‍රී ලංකා මැලේසියා තානාපති සබදතා අරඹා වසර 60 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු විශේෂ ආහාර සහ සංස්කෘතික උළෙලක් ක්වාලාලාම්පූර් නුවරදී පැවැත්විණි.මෛත්‍රීපාල සිරිසේන ජනපති එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්  විය.ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආහාර ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම ආහාර උළෙල සංවිධානය කර තිබිණි.ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලාංකික සූපවේදින්ගේ රසවත් ආහාර පාන වලින් ද මෙම ආහාර උළෙල සමන්විත විය.ශ්‍රී ලාංකික ආහාර පාන මැලේසියාව තුළ ප්‍රචලිත කිරීමේ අරමුණින් විශේෂාංග රැසක් ද මෙහිදී ඉදිරිපත් කැරිණි.
ලක් - මලයාසියා තානාපති සබදතාවට වසර 60 යි
0
hp_train_1218
(මනෝප‍්‍රිය ගුණසේකර) හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරි මස 19 වැනිදා කැඳවීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  අද(20 ) නියම කළේය. කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සදහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබිණි. කොරෝනා වසංගත තත්වය හේතූවෙන් පසුගිය කාලයේ කැදවීමට නොහැකිව තිබු මෙම නඩුව ලබන පෙබරවාරි මස 19 වැනිදා කැඳවන බව නඩුවේ විත්තිකරුවන් ඇතුළු පාර්ශවකරුවන්ට දැනුම් දෙන ලෙස විනිසුරු මඩුල්ල අධිකරණයේ ලේඛාධිකාරීවරයාට නියම කළේය. මහාධිකරණ විනිසුරුවරුන් වන චම්පා ජානකී රාජරත්න සභාපති අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එලෙස නියම කරන ලදී. කප්පම් ලබාගැනීම සදහා කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සදහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී. මෙම සිද්ධිය හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 :2 වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 4 වගන්තිය යටතේ නීතීපතිල ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සදහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, තී‍්‍රකුණාමලය, මඩකලපුව ඇතුලූ ස්ථාන කිහිපයකදී කස්තුරි ආරච්චිගේ ජෝ රීට්ල රජීව් නාගනාදන්ල ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඞීන් ඩිලාන්,  අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් නමැත්තන් 11 දෙනෙකු මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීමල ඒ අනුව ඔවුන් පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, මෙම තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ,  සංජිත් නිලංග සේනාරත්න, නලීන් ප‍්‍රසන්න වික‍්‍රමසුරිය,  ඇන්ටන් ප‍්‍රනාන්දු,  හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක, රාජපක්‍ෂ පතිරැහැන්ලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්ල කේ. ගාමිණිල චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි, උපුල් චමින්දල නන්දප‍්‍රිය හෙට්ටි, සම්පත් ජානක කුමාර සහ හිටපු නාවික හමුදාපති වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ මහත්වරුන්ය. 
වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනකුට සිතාසි
0
hp_train_1219
(නිශාන්ත කුමාර)මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අය අයවැය ලේඛනය අද (26) වැඩි ඡන්දයෙන් සම්මත විය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලනය යටතේ පවතින මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ලේඛනය එහි  සභාපති ලලිත් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ  අතර අයවැය ලේඛනයට පක්ෂව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 11 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පස් දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ප්‍රාදේශීය සභා භූමිය වෙත රැස් ව සිටි පොදුජන එක්සත් පෙරමුණ ආධාරකරුවෝ රතිඤ්ඤා දල්වමින් සතුට ප්‍රකාශ කරනු දක්නට ලැබිණි.
හේවාහැට අය වැය සම්මතයි
0
hp_train_1220
(ගම්පහ තිලකරත්න දිසානායක සහ මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)“අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් නැහැ. නායකයොත් නැහැ. ජනප්‍රිය පුද්ගලයිනුත් නැහැ. පදනමක් ඇත්තෙත් නැති වෙලාවක එක්සත් ජාතික පක්ෂයට අප පක්ෂය පාවාදෙන වෙලාවක රටට නායකත්වය ලබා දෙන්නට දේශපාලන නායකත්වය ලබාදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදය මැද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි බිහි කළා” යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ, උඩුගම්පොළදී පැවැසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු ආසන බල මණ්ඩලය, මිනුවන්ගොඩ ආසනයේ පිහිටුවාලමින් සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කිරීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා විසින් සංවිධානයකොට තිබූ ආධාරකරුවන් දැනුවත් කිරීමේ හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා එසේ කීය.උඩුගම්පොළ රෙජී රණතුංග අනුස්මරණ ශාලාවේදී පෙරේදා (30) පැවැති මෙම හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.මම ඉතාමත් සතුටට පත්වෙනව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු ආසන බල මණ්ඩලය මිනුවන්ගොඩ ආසනයෙන් ඇරඹූ අවස්ථාවට සහභාගිවීමට ලැබීම ගැන. මෙය ලොකු ආඩම්බරයක්. මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ජනතාවට ස්තුතිය පුදකර සිටිනවා.නමුත් අද මේ රටේ ආර්ථිකය භාරව සිටි ඇමැතිවරයා විදියට ගිරුවායේ උපන් කෙනෙකු හැටියට සිහින මවල මේ රටට අත්කරදීපු ලොකුම වස්තුව ඒ හම්බන්තොට වරාය අද ලංකාවෙ විකුණන්න පුළුවන් එකම වස්තුව විදියට තිබුණු ඒ ජාතික වස්තුව ජාතියෙන් විකුණපු දවස ලෙස ඉතිහාස ගතවෙන නිසා ඇත්තටම අපි අද ශෝක වෙනවා. අද ජාතියේ ශෝක දිනයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.මේවාගේම දිනක 1987 ජුලි 29දා ඉන්දු ලංකා ගිවිසුම නැවත ආපසු හරවන්න බැරි විදියට ලොකු පාවාදීමක් ඇති කළා. අද මේ පාවාදීම මේ වරාය තමයි තිබුණු ලොකුම වස්තුව. එදා මැතිනිය පවරාගත් දේවල් එක්සත් ජාතික පක්ෂ රජය විසින් ආපසු විකුණුවා. ඒ වගේම අපේ රටට තෙල් හෝ වෙන සම්පත් නැහැ. අපිට තිබුණු ලොකුම වස්තුව වරාය. ලෝකයේ ඕනෑම රටකට ගුවන් තොටුපොළවල් හදන්න පුළුවන්. හැබැයි වරායක් හදන්න පුළුවන් රටවල් කිහිපයයි තිබෙන්නේ. ඒකෙනුත් අන්තර් ජාතික නාවික ගමන් මාර්ග සහිත වරායක් පිහිටුවන්නට පුළුවන්නම් ඒ හම්බන්තොට වරාය විතරයි. කොළඹත්, ත්‍රිකුණාමලයෙත් වරාය තියෙන්නෙ දුරින්.නමුත් හම්බන්තොට වරාය තියෙන්නේ ඒ නාවික ගමන් මාර්ගයේ.මේ වරාය බදු දුන්නා කියනවා. මේ බද්ද ඉවර වෙන්නේ අවුරුදු 99න් නම් 2116දී. මෙතැන ඉන්න කිසිකෙනෙක් ඒ වනවිට නැහැ. මේ වරායෙන් නැව්වලට ඉන්ධන සැපයීම කරන්නට පුළුවනි. නමුත් අවුරුදු 99කට පස්සේ අපිට වරාය අයිති වෙනවිට තෙල්වලින් දුවන නැව් ලෝකයේ නැති වෙන්න පුළුවනි. ඒ වනවිට නැව් දුවන්නේ න්‍යෂ්ටික බලයෙන් හෝ සූර්ය තාපයෙන්.අවුරුදු සීයකට පෙර හිටපු සුදු ජාතික දිසාපතිවරයාගේ සිහිනය සැබෑ කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හම්බන්තොට වරාය හැදුවා. එහෙම හදල ජාතියෙ සම්පත් විදියට එකතු කළා. ඒක අවුරුදු 99කට විකිණුව. මේක තමයි සිදුකළ ලොකුම පාවාදීම.මේ වරාය කවදහරි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අනිවාර්යයෙන්ම අපි ජනසතු කරනවා. සමහරවිට ඉන්දියාව, චීනය තරහ වෙයි. එදා ඉන්දු-ලංකා ගිවිසුම ගැන අපි වැරදි පෙන්නූ ආකාරයට මේ ගිවිසුමත් වැරදියි. මේ ගිවිසුමත් නිත්‍යානුකුල නැහැ. මෙය අත්සන් කර තිබෙන්නේ වැරදි කෙනෙක්. වැරදි විදියට. ඒක නිසා මේ ගිවිසුම අනිවාර්යෙන්ම අවලංගු වන බව අපි කියනවා.ඒ නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිය කල ගැනත් කියන්න ඕනෙ. ඇයි අලුත් පක්ෂයක් හදන්නේ කියල අහනව. 1948දී නිදහස ලැබුණු පසුව මේ රටේ පාලනය බි්‍රතාන්‍යයන්ගෙන් අයිති වුණා. කළු සුද්දන් අතට.1951 වනතුරුම බණ්ඩාරනායක මහත්තය ඇතුළු අය බලන් හිටිය. නමුත් මේ රටේ ස්වදේශකයින්ට නිසි තැන නොලැබෙන නිසා මේ රටේ පංච මහා බලවේගය බණ්ඩානායක, ඩී.ඒ. රාජපක්ෂ හා ටී.බී. තෙන්නකෝන්ල එකතුවෙලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුව. හදල ආණ්ඩුවක් පිහිටුවූ පසු මුලින්ම කළේ සිංහල භාෂාව පැය විසි හතරෙන් රාජ්‍ය භාෂාව කළා. දෙමළ භාෂාවට සමතැන දුන්නා.ඒ විතරක් නොව මේ රටේ තිබූ විදේශ හමුදා කඳවුරු පවරා ගත්තා. ඒ සියල්ලටම වඩා කළ වැදගත්ම දේ වරාය ජනසතු කරනු ලැබීමයි.ඒවාගේම පසු කලෙක බහු ජාතික සමාගම් ජනතාව සන්තක කළා. මේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය. මැතිනිය 1972දී ජනරජ ව්‍යවස්ථාවක් ගෙනත් ජන රජයක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව ලෙසයි.පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් යුද්ධය නිම කළා. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් දුන්නා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසයි. දැන් ඒක තියෙනවද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි කියා ගන්නා කෙනෙක් ජනාධිපති ධුරයේ ඉඳිමින් මොකක්ද කරන්නේ බණ්ඩාරනායක මහත්තය ජනසතු කරපු වරාය, මහින්ද රාජපක්ෂ මහත්තය ගොඩනගපු වරාය අද අවුරුදු 99කට බදු දෙනවා. මෙහෙම දෙයක් දන්නෙත් නැහැ කියනවා.මේ රටේ නීතිය අනුව රජයේ ඉඩමක්, රජය සන්තක ඉඩමක් බද්දකට දෙනවා නම් ඒ සඳහා පළාත් සභාවට ඉඩම් බලය නැහැ. එය අත්සන් කළ යුත්තේ ජනාධිපතියි.මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිද? පක්ෂයේ ප්‍රතිපත්ති අද නැහැ. ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කළාම අපේ ආර්ථිකයත් ඉවරයි. මේ විදියට ශ්‍රීලනි පක්ෂයේ සියලුම ප්‍රතිපත්ති උල්ලංඝනය කරල, ඒවගේම මැතිවරණවලදී වැඩි ඡන්ද ලැබූ පක්ෂයේ බල කණු ප්‍රසන්න රණතුංග වැනි අයගේ ආසන සංවිධායකකම නැති කරල පැරදුණු කෙනෙක් ආසන සංවිධායක කරනව. මේකද පක්ෂයේ ප්‍රතිපත්තිය. පක්ෂය නගා සිටුවන්නද මේවා කරන්නේ.අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් නැහැ. නායකයොත් නැහැ. ජනප්‍රිය අයත් නැහැ. පදනමක් ඇත්තෙත් නැති වෙලාවක එක්සත් ජාතික පක්ෂයට අප පක්ෂය පාවාදෙන වෙලාවක මේ රටට නායකත්වය ලබා දෙන්න දේශපාලන නායකත්වය ලබා දෙන්නට පක්ෂයක් අවශ්‍ය වෙලා තිබුණා. අන්න ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ ආශිර්වාදය මැද ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීරලා, ඉන්දික අනුරුද්ධලා සහ ඒකාබද්ධව සිටින අපේ නායකයන්ගේ ආශිර්වාද මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි බිහි කළා.මේ පක්ෂය 2016 නොවැම්බර් 1 වෙනිදා ලියාපදිංචි කළා. හරියට මාස හය පිරුණුදා මැයිදා දකුණු ආසියාවේ විශාලම ජන ගංගාව ගාලු මුවදොර රැස්වීමට ගෙන ඒමට හැකි වුණා. අපි අද එහෙම තැනකට ඇවිල්ල ලංකාව පුරා ග්‍රාම නිලධාරි වසම් 14,000න් දිවයින පුරාම ක්‍රියාකාරී කමිටු පිහිටුවා අද වනවිට පක්ෂය උරුමකර දෙන නිල අයිතිය දෙන වැඩපිළිවෙළට පැමිණ සිටිනවා. අපේ පක්ෂය දැවැන්ත පක්ෂයක් බවට පත් වෙනවා පමණක් නොවෙයි වැඩිම සාමාජිකයින් සිටින පක්ෂය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත් කරනවා. මෙය ඉතා ප්‍රජාතන්ත්‍රවාදීවයි කරන්නේ.ඒවගේම කියන්න කැමතියි අපි ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම්. අපි ඡන්ද කඩන්නේ නැහැ. බෙදන්නේ නැහැ. අපේ පක්ෂය ඡන්ද දිනන පක්ෂයක් බව කියනවා. සමහරු කියනවා අපි ආවම දෙකට කැඩිල වෙනත් අය දිනයි කියල. එහෙම දිනනව නම් අපි එන්නෙත් නැහැ. අපි එන්නේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නයි.අපිට අභියෝගයක්ව තිබෙන්නේ ඡන්ද ගන්න එකයි. එක් එක් කාලයකදී ඡන්ද කල් දැම්ම. කල් දැම්මට මන්ත්‍රීවරුන් නැතුව හිටියේ නැහැ. හිටපු කට්ටිය දික් කළා. නමුත් මේ විදියට ඡන්ද කල් දමා නැහැ. මෙය නීති විරෝධීයි. අපි අධිකරණය හමුවටත් ගිහින් ඉන්නවා. ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සටනක් කරනවා.මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා: මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවන්න නම් අපි ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් විය යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තය පැරැද්දුවේ බැසිල් රාජපක්ෂ මහත්තයි කියල ලොකු කතාවක් ගියා. රනිල්  වික්‍රමසිංහ විසි නව පාරක් පරදින විට ඔය එකෙක්වත් කිව්වේ නැහැ බැසිල් රාජපක්ෂ තමයි මේ විසි නව පාරම දිනෙව්වේ කියලා. හැබැයි එකක් පැරදුණුවිට කිව්ව බැසිල් තමයි පැරැද්දුවේ කියල. අද මුළු රටම දන්නව ආණ්ඩුවේ ඇමැතිකම් අරන් ඉන්න අපේ ඡන්දවලින් ගිහිල්ල වරප්‍රසාද නැතුව ජීවත් වෙන්නට බැරි අය තමයි අපේ පක්ෂයට වින කරන්නේ.බැසිල් රාජපක්ෂ මහත්තය රැස්වීමකදී කියල තිබුණ මම හැම වගකීමක්ම බාර ගන්නව එම පරාජයේ. මහින්දව පැරැද්දුවේ මම නම් මහින්දව  ඒ පුටුවෙ යළිත් වාඩි කරවන්නෙත් මමයි කියලා. ඒ කොන්දක් ඇතිව කළ ප්‍රකාශයම අපේ අලුත් පක්ෂයට ශක්තියක්. පක්ෂ හදන ඒක ලෙහෙසි නැහැ. මොකද ජනතාව හිටියේ නැහැ. හැබැයි මහින්ද මහත්තය වටේ ජනතාව රැස්වෙනවා. මෙහි නායකත්වය බැසිල් රාජපක්ෂ මහත්තය ගෙන මීළඟ පළාත් පාලන මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරන්න සූදානම්.මේ රජය හම්බන්තොට වරාය විකුණන්න අත්සන් කළා. මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපතිත් සම්බන්ධයි. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තිවල නැහැ. හිටපු නායකයින් රාජ්‍ය දේපළ විකිණීම නොකළත් වත්මන් නායකයා රාජ්‍ය දේපළ විකුණනවා.මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර යන මහත්වරුන් සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය ද අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, පළාත් සභා මන්ත්‍රීන් වන ලක්ෂ්මන් ගුණවර්ධන, සනත් ප්‍රදීප් විතාන, මෙරිල් පෙරේරා යන මහත්වරුන්ද හිටපු පළාත් පාලන නියෝජිතයින්ද එක්ව සිටි අතර මෙහිදී මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපති නීල් ජයසේකර මහතා පිළිගැනීමේ කතාවත්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා විසින් පොදුජන පෙරමුණ මිනුවන්ගොඩින් ජයග්‍රහණය කරවීමත් සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.
හොරුන්ට දඬුවම් දෙන්න පක්ෂ පාට මට කිසි ප්‍රශ්නයක් නෙමේ
0
hp_train_1221
(අංජුල මහික වීරරත්න, ඡායාරූප - ඉෂාන් සංජිව)බටහිර රටවල සංක‍්‍රමණික දොරටු වැසෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකාවේ ජීවත්වෙමින් මව්බිම දියුණු කිරීමේ වගකීම සියලූ ශ්‍රී ලාංකිකයන් වෙත පැවරී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (2) පැවැසීය.ආසියාව ලොව ජනප‍්‍රියම සංවර්ධන තීරුව බවට පත්වන යුගය වැඩි ඈතක නොවන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ මාලබේ තොරතුරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයේ වාර්ෂික උපාධි ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමිනි.මාලබේ තොරතුරු තාක්ෂණ ආයතන ශ‍්‍රවණාගාරයේදී මෙම උපාධි ප‍්‍රදානෝත්සවය පැවැත්විණි.මෙහීදි  වැඩිදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.මාලබේ තොරතුරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනය ඉංජිනේරු තාක්ෂණ විශ්වවිද්‍යාල අතුරින් දෙවැනි වන්නේ කටුබැද්ද විශ්වවිද්‍යාලයට පමණක් බව කිව යුතුයි. පළමුවෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලය මගින් මෙරට උපාධි ලබාදුන්නා. පසුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කෙරුණා. මොරටුව විශ්වවිද්‍යාලයෙන් පසුව වැඩිපුරම මෙරටට ඉංජිනේරු වෘත්තිකයන් බිහිවන්නේ මාලබේ උසස් අධ්‍යාපන ආයතනයෙන් බව කිව යුතුයි.උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගිවන්නට ලැබීම සතුටක්. මීට කලකට පෙර අප නවීකරණ යුගය ආරම්භ කළා. එකල ජේ.ආර්. ජයවර්ධන මහතා විපක්ෂයේ සිටින විට ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය බවට පත් කළ යුතු බව සඳහන් කළා. ඒ ප‍්‍රකාශයට ඇතැමුන් හිනාවුණා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා සාම්ප‍්‍රදායික සිතුවිලිවලින් බැහැර වී කළ යුතු දේ කළා. මමත් ඒ යුගයේ බියගම නවීකරණය සඳහා දායක වුණා.වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිට කොළඹට යනවිට විශාල රථවාහන තදබදයකට මුහුණදීමට සිදුවී තිබෙනවා. රාජගිරියේ ගුවන් පාලම ඉදිවීමෙන් පසුව ඒ ප‍්‍රශ්නයටත් විසඳුමක් ලැබේවි.සාම්ප‍්‍රදායික සිතුවිලිවලින් ඈත්ව නවීන සිතුවිලි ඇති කරගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නට කැමැතියි. අපට ඉදිරියට යාමට එම සිතුවිලි උපකාර වෙනවා.අද අප සැලසුම් කරන දේ ඇතැම්විට ඒ අයුරින්ම අනාගතයට වලංගු නොවිය හැකියි. මා සමග විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් බොහෝ දෙනෙකු නීතිඥයින් සහ ව්‍යාපාරිකයන් බවට පත්වුණා. මම දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසුණා. එක් අයෙකු අගවිනිසුරු බවට පත්වුණා.සමාජයේ ඉදිරියට යනවිට බාධක ජය ගැනීමට පුරුදු විය යුතුයි. හැම විටම සාර්ථකත්වය ගැන පමණක් සිතුවහොත් සාර්ථක නොවන විට කලකිරීමට පත්විය හැකියි. ආපස්සට සිතුවිලි මෙහෙයවා තමන් කළ දේ හරි දැයි ආවර්ජනය කරන්න. වැරදුණු තැන් මොනවාදැයි මෙනෙහි කරන්න. එවිට ජීවිතය ජය ගැනීම පහසුයි. හැමවිටම අනාගතය අවිනිශ්චිතයි. ඒ ගැන හොඳින් තේරුම් ගෙන සමාජයේ ජීවත්විය යුතුයි.මෙම ආයතනයෙන් උපාධිය ලබන සිසු සිසුවියන්ද අනාගතයේදී විදේශගතව රැුකියා කරන්නට සැලසුම් කරනවා ඇති. එම සිසුන් අධෛර්යමත් කරන්නට මා කැමැති නැහැ. බොහෝ පිරිස් උත්සාහ කරන්නේ බටහිර රටවලට යාමටයි. නමුත් බටහිර රටවල සංක‍්‍රමණික ප‍්‍රතිපත්ති ශීඝ‍්‍රයෙන් වෙනස් වී තිබෙනවා. ආගමන විගමන ගැටලූ හේතුවෙන් බොහෝ බටහිර රටවල් සංක‍්‍රමණිකයන් බාර ගැනීම නතර කර තිබෙනවා.මහා බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට හේතු වූයේත් මෙම සංක‍්‍රමණික ගැටලූ බව සඳහන් කළ යුතුයි. ඇමරිකාවත් මේ වනවිට සංක‍්‍රමණිකයන්ට ඉඩ නොදෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ අප ශ්‍රී ලංකාවේ ජීවත්වෙමින් දියුණුව කරා යා යුතුව තිබෙනවා.අතීතයේ විශ්වවිද්‍යාලවලින් සමත්වූ උගතුන් ගියේ බටහිර රටවලටයි. නමුත් වර්තමානයේදී ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. මේ යුගයේදී ශීඝ‍්‍රයෙන් දියුණුව කරා පා ඔසවන්නේ ආසියාවයි. තව වසර 20ක් ඇතුළත ඉන්දුනීසියාව ඇතුළු ආසියා තීරුව ලොව ජනප‍්‍රියම සංවර්ධන තීරුව බවට පත්වීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ සිට දියුණු වන්නට සිතන අයට මෙය වටිනා පණිවිඩයක් බව කිව යුතුයි. මා දේශපාලනයට පැමිණියේ මෙරට ආර්ථික පරිවර්තනයක් වූ යුගයේදීයි. එම යුගයේදී සමාජවාදී ආර්ථිකය අතහැර ශ්‍රී ලංකාව වෙළෙඳපොළ ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටියා. වත්මන් පරපුර අපේ පරපුරට වඩා තොරතුරු තාක්ෂණ අංශයෙන් බොහෝ ඉදිරියට පැමිණ තිබෙනවා. අප දැන් උණුසුම්කාරී යුගයකට පැමිණෙමින් තිබෙනවා. අඩු වේතන සමග තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට හැකියාවක් නැහැ.යහපාලන රජය පිහිටවූ පසුව හාවඞ්ස් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංගමයේ විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කිරීමට මෙරටට පැමිණියා. ඔවුන් වසරක් ඇතුළත එම අධ්‍යයනය කළා. ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් බවට පරිවර්තනය වෙමින් පවතින බව ඒ විමර්ශනයේදී අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණා. නමුත් අප වෙළෙඳපොළ ආර්ථිකයේ එක් තැනක සිරවී සිටින බව කිව යුතුයි. ඇඟලූම් කර්මාන්තය ගතහොත් ශ්‍රී ලංකාවට පසුව ඇඟලූම් කර්මාන්තයට පිවිසුණු රටවල් අපට වඩා ඉදිරියට ගොස් සිටින ආකාරය දැකගත හැකියි. බොහෝ රටවල් විවිධ නිෂ්පාදනවලට පෙළඹී සිටිනවා.1991 වසරේදී වියට්නාමයේ ආර්ථික අමාත්‍යවරයා මෙරට ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා. අපෙන් ඉගෙනගත් අය අද අපටත් වඩා ඉදිරියට ගොස් තිබෙනවා.අපට සිදුවී තිබෙන්නේ කුමක්ද? අද ශ්‍රී ලංකාවේ අඩු පඩි විශාල ප‍්‍රශ්නයක්. අපට අඩු පඩියක් සමග තරග කරන්නට සිදුවී තිබෙනවා. එමනිසා බොහෝ තරුණ තරුණියන් විදේශ රැුකියා සඳහා ඇදී යන්නට පෙළඹී තිබෙනවා. නැතිනම් ත‍්‍රිරෝද රථ එළවනවා. අප මේ තත්ත්වයෙන් මිදිය යුතුයි.අපනයන පවා විවිධාංගීකරණය කළ යුතුව තිබෙනවා. ලෝකය සමග තරග කිරීමට හැකි තත්ත්වයකට පැමිණිය යුතුව තිබෙනවා.අඩු පඩි සමග අපට දියුණුව කරා යන්නට බැහැ. තාක්ෂණය මෙන්ම දැනුම සමග ඉදිරියට ගමන් කළ යුතුයි. අපට නැත්තෙත් එයයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තාක්ෂණය පැත්තට ගමන් කළේ නැහැ.ජර්මන් අධ්‍යාපනය තාක්ෂණ අධ්‍යාපනයට සුවිශේෂී ස්ථානයක් දී තිබෙනවා. ජපානය, කොරියාව ආදී රටවල්ද කාර්මික අධ්‍යාපනය සඳහා ප‍්‍රමුඛත්වයක් දී තිබෙනවා. වර්තමානයේ ඇඟලූම් කර්මාන්තය පවා තාක්ෂණික අතින් ඉදිරියට යා යුතුයි. ජැකට් කෝට් මහනවාට අමතරව ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය සඳහාත් පෙළඹිය  යුතුයි.කෝටි දෙකක ජනගහනයක් සහිත වෙළෙඳපොළකින් අපට ඉදිරියට යන්නට බැහැ. අප ඉන්දියාව, යුරෝපය අල්ලාගත යුතුයි. විදේශ වෙළෙඳපොළ අල්ලා ගැනීමට නම් දේශීය කර්මාන්තද නගා සිටුවිය යුතුව තිබෙනවා. ඒ පාරම්පරික දැනුම අප නූතන සමාජයට ලබාදිය යුතුව තිබෙනවා.දේශීය කර්මාන්ත දියුණු නොවීමට බලපාන ප‍්‍රධාන හේතුවක් වන්නේ තාක්ෂණික හිඟකමයි. මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයේ පරිගණක තිබුණේ නැහැ. කැසට් රෙකෝඩර් නම් තිබුණා. මගේ පියා මටත් සහෝදරයාටත් කැසට් රෙකෝඩර් දෙකක් අරගෙන දුන් අයුරු මට මතකයි. අද ටේප් රෙකෝඩර් තිබෙන්නේ කොහේද? තාක්ෂණ පෙරලියත් සමග ඒ සියල්ල අතුරුදන් වී තිබෙනවා.1977 වසරේ ශ්‍රී ලංකාවටම පරිගණක තිබුණේ දෙක තුනක් පමණයි. පසුව මෙරටට රූපවාහිනිය පැමිණියා. ටිකෙන් ටික තාක්ෂණය සම්ප‍්‍රාප්ත වුණා.අද කුඩා දරුවන්ට පවා ජංගම දුරකතන තිබෙනවා. තව වසර 20කින් මොනවා වේවිද කියන්න දන්නේ නැහැ. වර්තමානයේ ගෙදර කාටත් ජංගම දුරකතන තිබෙනවා.මේ වගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ රැුකියා කරන අයට අගනා අවස්ථාවක් උදා වී තිබෙනවා. තොරතුරු තාක්ෂණය විසින් සෙසු ක්ෂේත‍්‍රයන් ද වෙනස් කරමින් සිටිනවා. නුදුරු අනාගතයේදී ලියාපදිංචි කිරීමේ කවුන්ටරවලින් තොරව කෙලින්ම හෝටලයේ කාමරයට යාහැකි යුගය උදාවේවි. එමෙන්ම තොරතුරු තාක්ෂණික දියුණුවත් සමග බැංකු ලිපිකරුවන් කීදෙනෙකු ඉතිරිවේදැයි කියන්න බැහැ.තාක්ෂණයේ හොඳ මෙන්ම නරක තිබෙනවා. අප හොඳ අධ්‍යයනයකින් යුතුව තාක්ෂණය පරිහරණය කළ යුතුයි. නවීකරණය කරා ගමන් කළ යුතුයි.තොරතුරු තාක්ෂණ උපාධිය ගත් අය රටේ ඉදිරි ගමනේ නියමුවන් බව කිව යුතුයි.  වර්තමානයේ දැනුම මූලික වූ සමාජයක් බිහිවී තිබෙනවා.අතීතයේ අපිට ඉතා දියුණු වාරි තාක්ෂණයක් තිබුණා. වැවක බිසෝ කොටුවේ සැලැස්ම සළකා බලන්න. කාශ්‍යප රජුගේ සීගිරිය, එහි ජල උද්‍යානය ගැන සිතන්න. ඒ තාක්ෂණය නව පරපුරත් ඉගෙන ගත යුතුයි.අපි අතීතයේදී තාක්ෂණය අතින් ලෝකයේ සෙසු රටවල්වලට වඩා ඉදිරියෙන් සිටි බවට මෙම නිර්මාණ සාක්ෂි දරනවා. අප නැවතත් ඒ තත්ත්වය ළඟාකරගත යුතුයි. නවීකරණය සඳහා අපේ ජනතාවට සහජ හැකියාවක් තිබෙනවා.රජය ණය උගුලෙන් රට ගොඩගැනීමට වෙහෙසෙමින් සිටිනවා. හොඳ කළමනාකරණයක් ඇතිව නවීකරණය කරා ගමන් කළ යුතුයි. ඔබේ අනාගතය යනු රටේ අනාගතය යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය. තොරතුරු තාක්ෂණ ඉංජිනේරු හා ව්‍යාපාර කළමනාකරණ පීඨවල ප‍්‍රථම උපාධි හා පශ්චාත් උපාධි මෙහිදී ප‍්‍රදානය කෙරිණි.
’ශ්‍රී ලංකාවේ ජීවත් වෙමින් මවුබිම දියුණු කිරීමේ වගකීම සියලූ ශ්‍රී ලාංකිකයන්ට පැවරිලා’ මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ කියයි
1
hp_train_1222
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකියි‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33269055ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව33269060අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269575වැසි වාර කිහිපයක්.ගාල්ල30269075වැසි වාර කිහිපයක්.යාපනය32278065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය22149575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32259575වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය34268560ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම32278065වැසි ස්වල්පයක්.  
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_1223
(ඩයනා උදයංගනී)බස්නාහිර සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට ඉදිරි දිනවලදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 
හෙට පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි
0
hp_train_1224
සමුදය යනු හටගැනීමයි පහළ වීමයි දුක්ඛ නිරෝධය යනු  එහි විරුද්ධ ආර්ථයයි. හටගැනීම පහළ වීම දුරුකිරීමයි. දුක්ඛ සමුදය නම් හේතුවක් නිසා එහි ප‍්‍රතිඵලය වශයෙන් දුක ඇතිවීමයි. දුක්ඛ නිරෝධය නම් දුක ඇතිවූ හේතුව දැන එයදුරු කිරීමයි. ඉවත් කිරීමයි.පින්වතුනි, ඔක්තෝබර් මස පොහෝ දිනයේදී මා පැහැදිලි කළේ දුක්ඛ සත්‍යය පිළිබඳවයි. සැප්තැම්බර් මස පොහෝ දිනයේදී ඉදිරිපත් කළේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ ලියූ ලිපියේ එක් කරුණක් පැහැදිලි කළ යුතුය. එයනම් සම්මා දිට්ඨිය සම්මා සංකප්ප අවසානයට යායුතු බවයි. නමුත් සම්මා දිට්ඨිය සම්මා සංකප්ප හෙවත් ප‍්‍රඥ්ඥාව මුල්වී ඇත්තේ පෘතග්ජන ලෞකික ලෝකයේදී මිථ්‍යා දුෂ්ඨිකයෙකුට මේ ගමන යානොහැකි නිසා ප‍්‍රඥ්ඥාව මුල් වී ඇත. මෙය කම්මස්සකථා සම්මා දිට්ඨියයි. නමුත් ලෝකෝත්තර අවස්ථාවේදී ශීල සමාධි ප‍්‍රඥ්ඥා හෙවත් ශීලයෙන් සමාධියත් සමාධියෙන් ප‍්‍රඥ්ඥාවත් ලැබිය යුතුබව දේශනා කර ඇති බව දැනගන්න. පෙර ලිපි කියවන්න එවිට පැහැදිලි වේවි.සමුදය යනු හේතුවක් නිසා හටගන්නා වූ සිතුවිල්ලක ක‍්‍රියාවලියයි. මෙය දුකක් බව වැටහෙන්නේ එහි ඇති සැප සතුට ප‍්‍රීතිය අනිත්‍ය වූ දවසටයි. සිතුවිල්ලේ ක‍්‍රියාවලිය ප‍්‍රීතියක්, සැපක් සතුටක් වන්නේ එයින් ලැබෙන ආශ්වාදයට කැමති නිසයි. ආශ්වාදයට කැමැත්ත ඇතිවන්නේ ආශාව නිසයි. ආශාව නිසා ඇලීම බැඳීම සිදුවීම තන්හාවයි. සංසාර ගමනේදී තන්හාව දුකක් මිස සැපක් වන්නේ නැත. එසේනම් දුකේ මැවුම් කරුවා තෘෂ්ණාව නොවේද ? මා දුක්ඛ සත්‍ය ලිපියේ සඳහන් කළ පරිදි කයෙහි හටගත් ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ගේ සිත මුල්කරගෙන හටගන්නා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වන පංචඋපාදානස්කන්දයෝම දුකක් බවය. මේ උපාදානස්කන්ධයේ ක‍්‍රියාවලිය හොද එකක් සැප එකක් මිස අප‍්‍රිය දුකක් ගෙනදෙන එකක් වනවාට කැමති නැත. දුකක් විදින අයෙකු දුකට හේතුව සොයා එයින් මිදීමට උත්සාහගන්නේ කලාතුරකිනි. සැප විදිනා අයෙකු දුකට කැමති වන්නේ නැත. ඔහුගේ හෝ ඇයගේ උත්සාහය වන්නේ තවත් සැප වැඩිකර ගැනීමය. මෙයට හේතුව නම් සැපෙහි ඇති ආශ්වාදයට ඇති කැමැත්ත, ආශාවය. ජීවත්වී සිටිනකම් උත්සාහ ගන්නේ කුමන හෝ ක‍්‍රමයකට මේ ඉන්ද්‍රියන් පහ පිනවීමටය. මෙසේ සිදුවන්නේද හේතුවක් මුල්කරගෙනය. එයනම් මම මගේ කියන සංකල්පය ශක්තිමත් කිරීමටය.මේ ආශ්වාදයේ ආදීනව හෙවත් විපාකය භුක්ති වීදීම සිදුවන්නේ සැපයි හොදයි මගෙයි කියූ දේ තමුන්ගෙන් තමුන්ටත් නොකියා වෙනස්වන ඈත්වන විටයි. මේ ආශ්වාදයේ ආදීනව යයි නැතහොත් දුක්ඛ සමූදයයි. මුලින් අපි බලමු මම කියන සිතුවිල්ල හටගත් විට එය දුකක් බව පරිවර්ථනය වන ආකාරය, සමහර අයෙක් තමන්ගේ රූපයට ආශාවී (ගැහැණු, පිරිමි) විවිධ ක‍්‍රම අනුගමනය කරමින් තමන්ගේ රුව රැකගැනීමට උත්සාහ ගන්නවා. තමන් වෙත අනෙක් අය ආකර්ෂණය කරගැනීමට කථාව, ගමන, අංගචලනය පවා විවිධාකාර විදිහට වෙනස් කරනවා. මේ ගන්නා උත්සාහයන්ට කොපමණ උත්සාහයක් ගන්නවාද කියා සිතෙනවාද මෙසේ සිටින්නාවූ කෙනෙකුට කපුටෙක් වසුරු පිඩක් ඇගට දැමුවොත් පාරේ තිබෙන වතුර ටිකක් ඇගට විසි වුනොත් කොපමණ මානසික පීඩාවකට පත්වේයැයි සිතිය හැකිද ? සාමාන්‍ය කෙනෙකු ඒ සිදුවීමේ සාමාන්‍ය විදිහට සිතුවාට තමන්ගේ රූපයට ආශාවී සිටින කෙනෙකු දුකකට කම්පාවකට පත්වනවාමය. එයට හේතුව නම් ගදගහන පණුවො ගහන හොටු ගලන කබ ගලන අශූචි වලක් වැනි ජරාවට පත්වෙන ශරීරයට ඇතිවූ බැදීම ආශාව නිසා නොවේද. තවත් සමහරෙක් හිතනවා (ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂයම) මම ගුරුවරයෙක්, මම උපදේශකයෙක්, අධ්‍යක්ෂක වරයෙක් මන්ත‍්‍රී වරයෙක්, ඇමැති වරයෙක්, අගමැති, ජනාධිපති වශයෙන් නොයෙක් තරාතිරම් වලින් ආරූඪ වෙනවා. ආරඪවෙනවා පමණක් නොව මංගල්‍ය අවස්ථා, අවමංගල්‍ය අවස්ථා, ආගමික සමාජීය පවුලේ අය එක්වන අවස්ථාවලදී මම කව්ද කියා කියනවා පෙන්වීමට රඟපානවා. මෙවැනි අය මෙසේ රඟපාන්නේ නිලය නිලය තියෙනකම් බවත්, බලය බලය තියෙනකම් පමණක් බවත්, ධනය ධනය තියෙනකම් පමණක් බවත්, රූපයේ ලස්සන යෞවනය තියෙන කම් බවත් නොදැනය. දැනගත්තත් එය පිළිනොගැනීමට දරණ උත්සාහය නිසාය. මෙසේ මාන්නයෙන් උඩගුකමෙන් වෙනස් වන දෙයට ආශාවෙන් තන්හාවෙන් සිටින අයෙකුට මේ බලය නැතිවූ දවසකට සැලකිලි නොසැලිකිලි බවට පත්වූ දවසකට වයසට ගොස් ඉන්න තැනම නොදැනී මලපහවන අවස්ථා වනකොට සිතට සතුටක් ඇති වේවිද මානසික ලෙඩෙක්වී අසිහියෙන් මිය ගොස් පේ‍්‍රතයෙක් වීමට පු`ඵවන. මමත්වය රජකරවන විට ලැබූ ආශ්වාදය සැප සතුටේ ආදීනවය මෙයයි. මෙය මම නිසා උදාකරගත් දුක්ඛ සමුදය සත්‍යයි. ඉහත ස`දහන් කලේ මම නිසා උදාකරගන්නා දුක්ය. දැන් බලමු මගේ කරගැනීම නිසා අප විසින් උදාකරගන්නා දුක්ඛ සමුදය මෙයද පේ‍්‍රත ආත්මයකට සුදුසුකම් සපුරා ගන්නා අවස්ථාවක් බව මුලින්ම කිය යුතුය. කව්ද මගේ ? මොනවද මගේ ? අම්මා, තාත්තා, බිරිද, ස්වාමියා, දරුවෝ, සහෝදරයෝ (ඥාතීන්, යහ`ඵවන්, ධනය වස්තුව, දේපල ප‍්‍රතජ්ජන මිථ්‍යා දාෂ්ඨිකයන්ට මගේය. මේ කිසි කෙනෙක් මා මැරුණ දිනකට මාත් සම`ග ඒවිද ? අඩුතරමේ අවුරුදු ගනනක් බදාගෙන තුරුළු කරගෙන රැකබලාගත් අය එක රැයක් මිනි පිටියේ මා සමග රැදෙනවාද මගේ කියූ දේවල් එකක් වත් පෙට්ටිය දෙපැත්තේ තියෙනවාද කාටත් වෙනස්නොවන සත්‍ය මෙසේ සිදුවනවානම් අප කර ඇත්තේ, කරන්නේ, කරන්න යන්නේ කුමක්ද ? උදාහරණයක් වශයෙන් මනුෂ්‍ය ලෝකයේ ලොකුම බොරුව මායාව වන අඹුසැමි සබදතාවයන් දරුවන් සමග ඇතිකරගන්නා බැදීම පමණක් විමසා බලමු.මා මුලින්ම පවසන්නේ මුළු මනුෂ්‍ය ප‍්‍රජාවම මෙසේ නොවීමට පුළුවන. නමුත් වර්තමානයේ සිදුවන දෙය අනුව සිතිය යුත්තේ කුමක්ද ? අඹුවක සැමියෙකු වීමට ප‍්‍රථම ඔවුන් දෙදෙනා නාදුනන තරුණයෙක් සහ තරුණියක් යැයි සිතමු. දැන හ`දුනාගත් පසු ඔවුන් දෙදෙනා හැසිරෙන්නේ එකබඩ වැලකින් ආපු දෙන්නෙක් විදිහටයි. අත අතරින්නේම නැත. දෙනෝ දාහක් මිනිසුන් පූජකවරු වැඩිහිටියෝ වයසක අය පාසල් ළමුන් පොඩි ළමුන් ඉදිරියේ සුනඛ ජෝඩුවක් හැසිරෙන ආකාරයට හැසිරෙන්නේ රාගයෙන් මත්වී සිටින නිසා නොවේද ? (සියල්ලම නොවේ) මෙසේ සිදුවන්නේ රාගය සංසිදවා ගැනීමේ තන්හාව නිසා නේද ? මේ තරුණයාගේ තරුණිය කුමන චරිතයක් පෙලපතක්, උගත්කමක්, ශීලාචාරකමක් තියෙනවාද කියා සිතනවාද ? සොයනවාද ? මේ කිසි දෙයක් සිතෙන්නේ නැත්තේ සත්‍ය රාගයෙන් ආශාවෙන් තන්හාවෙන් වැසුනු නිසා නොවේද ? මේවා සොයන්නේ නැතිව දෙමාපියන්ගේ අනුදැනුමක් ආශිර්වාදයක් නොමැතිව විවාහවී දරුවන් ලැබූකල ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා වන අදහස් පරස්පරවන විට ආර්ථික අපහසුතා ඇතිවන විට අඩුපාඩුකම් ඇතිවන විට අඩ දබර ඇතිවන්නේ විවාහවීමට ප‍්‍රථම අවශ්‍ය සුදුසුකම් නොසොයා ආශාවට රාගයට ප‍්‍රමුකත්වය දීපු නිසා නේද ? වෙනස් වන සැප සතුටේ ආශ්වාදයේ ආදීනව දැනෙන්නේ පිරිමියා හෝ ගැහැණිය අනියම් සම්බන්ධතා නිසා හෝ දරා ගැනීමට නොහැකිව හෝ ජීවිත වෙන්වීමක් හරි මරණයක් හරි වූ දාටය. මෙසේ වනවිට මගේ ස්වාමියා මගේ බිරිද සිටිනවාද ? මෙතන ඉන්නේ පෙර භවයක කර්මයක් සමග ගමනක් යන කෙනෙක් නිසා දෙදෙනාටම හෝ එක් අයෙකුට හෝ විපාක විදින්න සිදුවීම දුක්ඛ සමුදයයි. හේතුව රාගය නිසා සත්‍ය වැසූ තන්හාව නිසයි. එක් අඹුසැමි අවස්ථාවක් මෙසේ වනවිට යහපත් ගුණගරුක ජීවිත ගත කරන යුවලකගේ මගේ දරුවෝ නිසා දුක් විදීමට සිදුවන්නේ නැතිද ? දෙමාපියන් සැප සම්පත් ඇතිව හෝ නැතිව තමන් වැදූ හැදූ දරුවන් රැක බලාගන්නේ කොතෙක් බලාපොරොත්තු තියාගෙනද දරුවන් ශීලාචාරව හැදෙයි, උගතුන් වෙයි, මෙසේ ලොකු මහත්වී අපිව බලාගනියි. යන බලාපොරොත්තු නිසාත්, දරුවන්ගේ රූපය, උගත් කම, ධනය, ජීවත්වන රටාව නිසාත් ඇතිකරගන්නා මාන්නය උඩ`ගුකම නිසා දුක් විදීමට සිදුවන අවස්ථාවද (දරුවන්ගේ සැප තමන්ගේ කරගෙන සිට දරුවන් නොසලකා හැරිය විට) දරුවන්ට ඇති ලෙන්ගතුකම ආදරය බැදීම නිසා ඔවුන්ගේ දුකේද දුක්විදින දෙමාපියන් මේ සියලු දුක් විදීමට සිදුවන්නේ දරුවෝ මගේ පණ කියූ නිසානේද, දරුවෙක් මිය යනවිට ඒ මියයාම නවත්වා අම්මාගේ තාත්තාගේ පණ පූජා කර දරුවාගේ මිය යාම නැවැත්විය හැකිද, කරයිද, මගේ කියා ඇද බැද තබා ගැනීමට ස්ථීර දෙයක් මේ ලෝකයේ නැත. වෙනස්වන බව තේරුම් නොගෙන මගේ කියා ඇලීම බැදීමද ආශාවය, තන්හාවය. මේ දෙක ඇතිතැන හට ගන්නේ දුකක්මය. මෙය දුක්ඛ සමූදයයි. ධනයද වස්තුවද මගේ කර ගැනීම දුකක්ය. මේ දුක ඇතිවන්නේ මගේ කරගත් වස්තුව, දේපල, ධනය අතහැරීමට සිදුවන කාලය උදාවන විට ඇතිවන තන්හාව නිසාය.  ඕනෑම ධනවතෙක් බලවතෙක් දුගියෙක්, යාචකයෙක් මැරුණවිට මිනී පෙට්ටිය දෙපැත්තේ කිසිවක් රැගෙනයන වාද සිතින් බලන්න. මේ සියලු දුක් දුක්ඛ සමුදයට හේතුව වූයේ කැමැත්ත ආශාව නිසා සිදුවූ අනිත්‍ය වෙනස්වන දේට ඇලීම බැදීම වන තන්හාව බව අවබෝධයෙන් සිතන්න. මේ සිය`ඵදේ සිදුවන්නේ මම මාගේ කියන සක්කාය දිට්ඨියේ මිථ්‍යාවයි. මෙය නිවන් මග අහුරන ප‍්‍රබල සාධකයක් බව දැනගන්න.සංසාර ගමන නොනවත්වා රැගෙන යන දුක්ඛ සමුදය නැතිකිරීම දුක්ඛ නිරෝධ සත්‍යයයි. තෘෂ්ණාව නැති කිරීමට කරන්නාවූ යම්කිසි දුරුකිරීමක් මතු ඇතිනොවන්නාසේ ඒ තන්හාව සඳහා නොඇල්මක් නොබැදීමක් වේද මෙය දුක්ඛ නිරෝධ සත්‍යයයි. හටගත් දෙයක් හටගැනීමට ප‍්‍රථම ඥානවන්තයාට හොද නරක අනුව එය ඇතිකර ගැනීමට හෝ නැතිකර ගැනීමට පුළුවන. නමුත් ඇතිවූවාට පසු නැතිකිරීම පෙරසේ නොවේය. වෙහෙසීමට සිදුවනවාමය. මෙයට හොද උත්සාහයකුත් හොද අවබෝධයකින් යුත් සිහියක් තිබිය යුතුය. මේ උත්සාහය සහ අවබෝධය සමුදය වූ දුක, නිරෝධය කිරීමට යොදා ගනිමු. ඒ කෙසේද කුමන ක‍්‍රමයක් උපයෝගී කරගෙනද, අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක ඇතිකරන්නා තන්හාව බවයි, ලංකර ගැනීමයි. ලංකර ගැනීම වෙනුවට අප එය ඉවත් කල යුතුය. ළංකරගත් බදාගත් දෙයක් ඉවත් කරන්නේ අතහරින්නේ කෙසේද ? අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධය යනු ධම්මචක්කප්පවත්වන සූත‍්‍රයේදී දේශනා කරනවා ‘‘යෝතස්සා යේච තන්හාය අසේස විරාගනිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ’’ යන වග, මෙහි තේරුම යම්කිසි තන්හාවක් ආශාවක් පිලිබද සම්පූර්ණ (චාගෝ) නැතිකිරීමත් (පටිනිස්සග්ගෝ) දුරුලීමත් (මුත්ති) මිදීමත් (අනාලයෝ) නොඇලීමත් වේද එයයි දුක්ඛ නිරෝධය යන බවය.චාගෝ - නැතිකරන්නේ ඇතිකරගත් තන්හාවය එසේනම් ලංකරගත් බදාගත්දේ අත හැරිය යුතුය. එයනම් දාන පාරමිතාවයි. පටිනිස්සග්ග - දුරු කරන්නේ මුරන්ඩු සිත ආශාවන්වලට බැදුන සිත සංවර කිරීමෙනුයි. එය ශීල පාරමිතාවයි. මුත්ති - මිදීමක් වීමට නම් ශීලයෙන් සිත සමාධිය වෙත ගෙන ආ යුතුය. එයනම් සමථ භාවනාවයි. අනාලයෝ - නොඇලී සිටීමට නම් සත්‍ය දැකිය යුතුය. ඇත්ත ඇති සැටියෙන් වටහා ගැනීමට නම් විදර්ශනාව වැඩිය යුතුය. එය සතිපට්ඨානය වැඞීමයි. එයින් කියවෙන්නේ මේ දුක නැතිකරගැනීමට නම් ත‍්‍රිවිධ පුණ්‍යක් ක‍්‍රියාවන් වන දාන, ශීල, භාවනා කළ යුතු බව නේද ? පින්වතුනි අප සම්මා සම්බුදු රජාණන්වහන්සේ  ඕනෑම සත්වයෙකුගේ ඉපදීම දුකක් බවත්, එය ඇතිවන සැටිත්, නැතිවන සැටිත්, නැතිකරගන්නා මාර්ගය වන චතුරාර්ය සත්‍යය උන්වහන්සේදැන අවබෝධ කරගෙන පිළිපැද ප‍්‍රතිඵල ලබාගෙන දුකෙන් මීදී දුක් විදින අප වෙනුවෙන් සහම්පති බ‍්‍රහ්මයාගේ ඉල්ලීම පරිදි සියලු සත්වයාටම දුකෙන් මිදීමට කල සත්‍ය දේශනාවකි. නමුත් මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් මෙය තේරුම් නොගෙන සිදුකරන ක‍්‍රියාවන්ගෙන් මුදවා ගැනීමේ අදහසින් මාගේ දැනුමේ තරමින් චතුරාර්ය සත්‍ය පැහැදිලි කළේ, අප සම්මා සම්බුදු රාජනන් වහන්සේට කරන ගෞරවයක් ලෙසය. චතුරාර්ය සත්‍ය පිළිබඳ  මා ලියූ ලිපි පෙළ කියවන්න තවත් ධර්ම ග‍්‍රන්ථ කියවා සත්‍ය දැනගෙන පිළිපැද මේ සංසාර දුකින් එතෙරවීමට ශක්තිය ඥානය ලැබේවා යන්න මාගේ ප‍්‍රාර්ථනාවයි.                                     හඳුනාගන්න නිවනට යායුතු                   පාර                                    පහදා ගන්න සසරෙහි ඇති බිය               ඝෝර                                    වනසා ගන්න කෙලෙසුන් පිරි සං            සාර                                    සරසා ගන්නා සිතපින් දහමින්                 සාර                                               තෙරුවන් සරණයි !මෙයට,ශාසනා ලැදි, සෝමතිලක හෙට්ටිආරච්චි (ධම්ම ගවේෂි පදනම) -  071 2385967                                                                                                                                                                                                                                                                                                                                                                                                                           
‘දුක්ඛ සමුදය සත්‍යය හා දුක්ඛ නිරෝධ්‍ය සත්‍යය‘
1
hp_train_1225
(මනෝප‍්‍රිය ගුණසේකර)කුඹුරු ඉඩමක් පවරා දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා ගොවියකුගෙන් රුපියල් 8000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ අක්කරේපත්තු හිටපු ගොවිජන සංවර්ධන නිලධාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (19) නියම කළේය.මෙම අල්ලස ලබාගැනීම සඳහා ඔහුට ආධාර අනුබල ලබාදුන් එම කාර්යාලයේ හිටපු ලිපිකරුට ද වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 30000 ක දඩයකටද යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් ලබාගත් ගොවි මහතාට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශි‍්‍රකා චන්ද්‍රවංශ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬවම නියම කළේය.විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඬුවම නියම කළේය.චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අක්කරේපත්තු ගොවිජන සංවර්ධන නිලධාරීවරයා ලෙස කටයුතු කළ අබ්දුල් ලතීෆ් අබ්දුල් ගනී නමැත්තාට සහ මෙම අල්ලස ලබාගැනීම සඳහා ඔහුට ආධාර අනුබල ලබාදුන් එම කාර්යාලයේ ලිපිකරු ලෙස කටයුතු කළ සුලෙයිමාන් ලෙබ්බේ මුනාෆ් නමැත්තාටය.
අල්ලස් ගත් මාර්ග පරීක්ෂක වසර 20ක් හිරේට
0
hp_train_1226
පළාත් කීපයකට වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් වැඩිවෙමින්  පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘‘නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති වේ‘‘.‘‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ බස්නාහිර , මධ්‍යම සහ සබරගමුව පළාත් වල  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘‘.‘‘දිවයිනේ ගාල්ල සිට පොතුවිල් හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල වැසි  ස්වල්පයක් ඇති වේ‘‘.‘‘සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් . 20-40 අතර  වේ.‘‘මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැකියි‘‘.2015පෙබරවාරි මස 22 වැනි දින දහවල්  12.00 ට නිකුත් කෙරිණි.
‘වැසි සහිත කාලගුණයක්‘
1
hp_train_1227
(සුමිත් ප්‍රේමතිලක)මන්නා පිහි පෙන්වා කාන්තාවන් බියගන්වා ගෙල බැඳි රන්මාල කොල්ල කෑ " පානදුර මන්නයා" නමැති අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු සහ ඔහුගේ ගෝලයා  ජීව අත්බෝම්බයක් , කඩුවක්, මන්නාපිහි දෙකක් සමග අත්අඩංගුවට ගෙන  කොල්ල කෑ රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ  සහ යතුරුපැදියක් ද අද  (25) සොයාගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ පාණදුර, කලුදෑවල  සහ දිබ්බැද්ද ප්‍රදේශවල පදිංචි 29 සහ 43 හැවිරිදි   පුද්ගලයින් දෙදෙනෙකු බව පැවසේ.ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම පානදුර , මෝදරවිල ක්‍රීඩාංගණය අසලදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වලට අලෙවි කර තිබූ රන්මාල හයක්, පෙන්ඩන් දෙකක් සොයාගෙන ඇති අතර , ඔවුන් පැමිණි යතුරුපැදියද පිළියන්දල ප්‍රදේශයෙන් සොරකම් කල එකක් බැව් හදුනාගත් බව වැටලීමට එක්වූ පොලිස් නිලධාරීයෙක් කීය.මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගෙල මන්නයකින් කපා ඝාතනය කිරීමේ වරදට වසර 27 කට අච්චු විද එය වසර 17 කින් ගෙවීයාමෙන් පසු නිදහස්ව ඇති "මන්නයා" යන අන්වර්ත නාමයෙන් හදුන්වන  ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ සහායකයාට එරෙහිව  ගල්කිස්ස, පිලියන්දල, මොරොන්තුඩුව, පානදුර සහ හිරණ ඇතුළු පොලිස් බල ප්‍රදේශවල රන්මල් කොල්ලකෑම් සහ යතුරුපැදි සොරකම් සම්බන්ධ චෝදනා දහයකට ආසන්න ප්‍රමාණයක් පවතින  බැව් පොලිසිය කීය.ගල්කිස්ස ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙලබැදි රන්මාලය කොල්ලකන මොහොතේ එයට මැදිවූ ඇයගේ ස්වාමිපුරුෂයාගේ අත්දෙකට මන්නයකින් පහරදීම  සහ පින්වත්ත ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට මන්නයක් පෙන්වා බියගන්වා රුපියල් තිස්තුන් දහසක් කොල්ලකෑම ඇතුළු චෝදනා සැකකරුවන්ට එල්ලවී ඇතැයිද පොලිසිය කියයි . සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .පානදුර කොට්ඨාස පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ,පොලිස් අධිකාරී 1 උදය අමරතුංග සහ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.සී.එස්. අමරසිංහ  යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක එම්.එස්.පී. ලිවේරා , සැරයන් අබේසේකර (39811), කොස්තාපල්වරුන් වන තුෂාර (79335), මධුරංග (88245), ප්‍රියසමර (35145), ගුණරත්න (29631) වැටලීමට එක්වූහ .  
‘පානදුර මන්නයා‘ සහ තවත් අයෙක් ආයුධ සමඟ පොලිස් දැලේ
1
hp_train_1228
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට සිට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේවෙතත් සවස 02.00 න් පමණ පසු  තැනින් තැන විශේෂයෙන් දකුණු, නැගෙනහිර සහ ඌව පළාත්වල, වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළ බඩ ප්‍රදේශවල උදය කාලයේද වැසි ඇතිවිය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 05/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35249550සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමඩකලපුව33269065සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිකොළඹ31269570උදය කාලයේද වැසි සහ  සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිගාල්ල30269580උදය කාලයේද වැසි සහ  සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසියාපනය34268555සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමහනුවර31229565සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිනුවරඑළිය22139565සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිරත්නපුරය33249575සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය35269065සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමන්නාරම32269575සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි 
‘වැසි තත්ත්වය හෙට සිට පහව යන ලකුණු‘
1
hp_train_1229
(කුෂාන් ජයවර්ධන) කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අද ( 20) උදෑසන සිට අඩි 15 බැගින් විවෘත කිරීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ. මේ වනවිට ඉන් කලාඔයට මුදා හැරෙන ජල ධාරිතාවය තත්පරයට ඝණ අඩි 14000ක් පමණ වන බව එම කාර්යාලය පවසයි. මේ වන විටත් ප‍්‍රදේශයේ පවතින අධික වර්ෂාවත් සමග දඹුලූ ඔය ඇතුලූ ජල මූලාශ‍්‍රවලින්  තත්පරයට ඝණ අඩි 25000කට ආසන්න ජල ප‍්‍රමාණයක් තවදුරටත් කලාවැවට එක්වන බවද එම කාර්යාලය පවසයි.  පවතින තත්ත්වය අනුව තවදුරටත් වාන්දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බැවින් කලාඔය දෙපස පදිංචිකරුවන්ට අවධානයේන් පසුවන ලෙස ද කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය දැනුම් දී සිටී. කලාවැව වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාවැව අවුකන හා ගල්නෑව හිරිපිටියාගම යන මාර්ග අවුකන හා හදුන්ගමුව ප‍්‍රදේශවලී ජලයෙන් යටවීම නිසා එම මාර්ගවල ගමනාගමන කටයුතු ද මේ වනවිට ඇනහිට තිබේ.
කලා වැව වාන් දොරටු අඩි 01 බැගින්  විවෘත කරයි
0
hp_train_1230
බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට, විශේෂයෙන් උදයකාලයේදී වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඌව සහ නැගෙනහිර පළාත් වල, විශේෂයෙන්ම සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටක සුළං වේගය පැයට කිලෝ මීටර් 70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.
පළාත් රැසකට තද වැසි: මුහුදත් රළු වේ
0
hp_train_1231
  (සමන් පාලිත නානායක්කාර) හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන අශෝක් කුමාර් සිංග මුත්තු මහතා අද (21) බහුතර ඡන්දයෙන් තේරීපත් විය. ඌව පළාත් පාලන කොමසාරිස් එම් මංගල විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පැවැත්විණි.  අශෝක් කුමාර සිංග මුත්තු මහතා ඡන්ද නවයක් ද අසංක සල්ගාදු මහතා ඡන්ද හතරක්ද ඉන්දික ශ්‍රී ගුණවර්ධන මහතා ඡන්ද තුනක්ද  ලබාගත් අතර සිව් දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂයේ අයවැය දෙවන වරටත් ඉදිරිපත් කිරීමේ දී පරාජයට පත් වූ බැවින් නවක සභාපතිවරයකු තෝරා පත් කර ගැනීම සිදු වී තිබුණි 
හල්දුම්මුල්ල ප්‍රා. සභා අයවැය ඡන්ද 14කින් සම්මතයි
0
hp_train_1232
(ඩයනා උදයංගනී)  බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, නැගෙනහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත්, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
ප්‍රදේශ රැසකට විටින් විට තද වැසි
0
hp_train_1233
 ( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)බණ්ඩාරගම ප්‍රාදේශීය  සභාවේ විපක්ෂ  මන්ත්‍රීවරුන් පිරිසක් අද (26) සභා වාරයට සහභාගිවීම සඳහා  විරෝධතා පුවරු රැගෙන සභා ගැබට පැමිණීමත් සමඟම සභාපති දේවේන්ද්‍ර  පෙරේරා මහතා සභාව අවසන් කර  අනෙකුත් මන්ත්‍රීවරු සමඟ සභා ගැබෙන් පිටවී ගියේය.විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස විරෝධතා පුවරු අතැතිව පැමිණ මද වේලාවක් සභා ගර්භය තුළ විරෝධතාවය යෙදීමින් සිටියදී  විපක්ෂ නායක  දර්ශන පීරිස් මහතා සභාපති පුටුවේ අසුන්ගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස සමග විනාඩි කීපයක් සභාව පැවැත්වීමට පියවර ගත්හ.විරෝධතාකරුවෝ ප්‍රාදේශීය සභාවේ තල් පිටි බද්ද උප කාර්යාලයට  පැමිණෙන මාර්ගය අවහිර කරමින් බිම වාඩිවී , විරෝධතාවක නියැලී සිටි අතර සභා වාරය ආරම්භ කිරීම සඳහා තල් පිටි  බද්ද උප කාර්යාලයට  සභාපතිවරයා සහ පාලක පක්ෂයේ මන්ත්‍රීවරු රැගත් කැබ් රථයට මෙන්ම ලේකම්වරයා සහ අනෙකුත් නිලධාරීන්ට පැමිණි වාහන වලට ද ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන ලදී .අනතුරුව සභාපතිවරයා ප්‍රමුඛ  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පැමිණි වාහන වලින් බැස  මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හූ හඬ නගමින් තල පිටි බද්ද උප කාර්යාලය වෙත පා ගමනින් ගොස් සභාව ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි.අනතුරුව විරෝධතාවේ යෙදුණු විපක්ෂයේ මන්ත්‍රීවරු විනාඩි 45කට පමණ පසු සභා ගැබට විරෝධතා පුවරු රැගෙන කඩාවදින අවස්ථාවේදී සභාපතිවරයා සභාව අවසන් කරන බව දැනුම් දීමත් සමගම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිය අසුන් වලින් නැගිට පිටවී ගියහමෙහිදී විපක්ෂයේ  විරෝධතාවයට සහභාගී නොවී සිටි  එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජනය කරන මහේෂ් කොතලාවල,චම්පා කන්නන්ගර ,හා දයා නන්දනි ,මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඒ ජේ එම් සිම්සාර් යන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්  සභා ගැබෙන් පිටවී පිට වී ගිය අතර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් සිටින රොෂාන් රාජිත මෙන්ම නව වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් සිටින බණ්ඩාරගම ප්‍රාදේශීය  සභාවේ උප සභාපති සරත් ආර් රණසිංහ මහත්වරු  ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිට අනතුරුව සභා ගැබෙන් පිටවී ගියහ.  
නොර්වුඩ් ප්‍රා.සභා මන්ත්‍රීවරු විරෝධතාවයක
0
hp_train_1234
( තිළිණි ද සිල්වා )ජාත්‍යන්තර ගුවන් සමගම් 07 ක් මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ පැවසීය.මේ අතුරින් ගුවන් සමාගම් 05 ක් දැනටමත් කටුනායක ගුවන් තොටුපළට සිය මෙහෙයුම් සිදු කිරිමට එකගත්වය පළ කර ඇති අතර ඒ අනුව රුසියානු ගුවන් සමාගමක් වන අසූර් එයාර් ගුවන් සමාගම ලබන 11 වන දා සිට ද, ඉතාලියේ නියෝස්  , බංග්ලාදේශයේ බංග්ලා එයාර්ලයින්ස් හා  ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස් යන ගුවන් සමාගම නොවැම්බර් 01 වැනිදා සිටිද ,   රුසියාවේ තවත් ඒරෝෆෝල්ට් ගුවන් සමාගම නොවැම්බර් 04 වන දා සිටත් , කටුනායක ගුවන්තොටුපළ වෙත   සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද සංචාරක අමාත්‍යවරයා කීය.මීට අමතරව ඊශ්‍රාලයේ අර්කියා  ගුවන් සමාගමත්, ස්විස්ටර්ලන්තයේ ස්විස් එයාර ගුවන් සමාගමත් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිම කෙරෙහි කැමැත්තෙන් පසු වන බවත් පෙන්වා දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරියේ දි ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබනු බවද කියා සිටියේය.මේ වන විට කටුනායක ගුවන් තොටුපළට ගුවන් සමාගම් 16 ක් ගුවන් මගී මෙහෙයුම් සිදු කරන අතර එම  ගුවන් තොටුපළට භාණ්ඩ මෙහෙයුම් සිදු කරන ගුවන් සමාගම් ගණන 08 ක් හා තවත් ගුවන් සමාගම් 04 ක් කටුනායක ගුවන් තොටුපළට මගීන් රැගත් විශේෂ ගුවන් ගමන් සිදු කරනු ලබන බවද හෙතෙම කීවේය.මේ අතර මත්තල ගුවන්තොටුපල සදහා ද ජාත්‍යන්තර ගුවන් ආයතන 04ක් නව මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබදව අවධානය යොමුව තිබේ. මේ පිළිබදව සාකච්ඡා කරමින් තිබෙන බවත්, ඇමතිවරයා පෙන්වා දුන්නේය.සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමත් සමග සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙනු ඇතැයි රජය අපේක්ෂා කරන අතර දැනටමත් සංචාරක සංවර්ධන අධිකාරිය යුරෝපා රටවල් ආශ්‍රිතව විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරන බවද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.එළඹෙන සීත සෘතුවේ දි යුරෝපා සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණෙන් එම රටවල් ආශ්‍රිතව සිදු කෙරෙන සංචාරක ප්‍රදර්ශන, ක්‍රියාකාරකම් මෙන්ම එම රටවල මාධ්‍ය හා සමාජ මාධ්‍ය වැඩසටහන් මගින් ශ්‍රී ලංකාව පිළිබද පුළුල් ප්‍රචාරයක් මේ දිනවල සිදු කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
දෙසැම්බරයේදී නව ගුවන් සමාගම් 4ක් ලංකාවට සාජු ගුවන් ගමන් අරඹයි
0
hp_train_1235
තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොළ  තමන්ට එරෙහිව  පවරා ඇති අල්ලස් නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය  මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය අද (05) නීතිපතිවරයාට නොතීසි නිකුත් කළේය. ඒ අනුව ලබන මැයි 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දක්වන ලෙසටද නීතිපතිවරයාට එහිදී  නියෝ කෙරිණි. මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (05) අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා සහ විනිසුරු කුමුදිනී වික‍්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳැවිණි. මීට පෙර පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා කියා සිටියේ අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පෙත්සම්කරුට එරෙහිව කොළඹ මහාධිකරණය යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පැවරූ නඩුව විභාගයට ගනු ලබන විනිසුරුවරයා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ කොමිසමේ සාමාජිකයෙකු හැටියට කටයුතු කරන බවයි. මෙම කොමිසම   නිකුත් කළ වාර්තාවේ පෙත්සම්කරුට එරෙහිව විමර්ශනයක් සිදු කළ යුතු බවට කරුණු සඳහන් කොට තිබෙන බවත් , එම විනසුරුවරයා ඉදිරියේ පෙත්සම්කරුගේ නඩු විභාගය සාධාරණ සහ යුක්තිසහගත විනිශ්චයක් බලාපොරොත්තු විය නොහැකි බවත් පෙත්සමෙන් කියා තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ පෙත්සම්කරුට එරෙහිව මහාධිකරණයේ පවතන නඩුකරය ඉතාම සාධාරණ ලෙසින් විභාගය වන බවයි. එසේම ඔහුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති චෝදනා නිසි ලෙස පරීක්ෂණ පවත්වා ඉදිරිපත් කළ බව  ඔහු  අභියාචනාධිකරණය හමුවේ පැවසීය.
මහින්දානන්දගේ අභියාචනයට කරුණු දක්වන්න නීතිපතිට නොතීසි
1
hp_train_1236
(මනෝප‍්‍රිය ගුණසේකර)පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් දුන් නියෝගයේ කිසිදු නෛතික දෝෂයක් නොමැති හෙයින් එම නියෝගය ප‍්‍රතිශෝධනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද (19) පැවසුහ.පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන ඇයැදුම්පත කැඳවනු ලැබු සම්බන්ධයෙන් විත්තිකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් එසේ පැවසීය.ඒ අනුව මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත සම්බන්ධයෙන් කැඳවනු ලැබු අවස්ථාවේදී මෙහි සැකකාර වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇති හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.මෙම ප‍්‍රතිශෝධන ඇයදුම්පත සම්බන්ධයෙන් නීතීපතිවරයා වෙනුවෙන් මීට පෙර දිනයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා සිය දේශන ඉදිරිපත් කළේය.හේමසිරි ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතාද පුජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා ද දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ඔවුන්ට ඇප නියම කළ බවත් ඇය එලෙස ඇප නියම කොට ඇත්තේ නීතීමය රාමුව යටතේ බවත් පැවසු නීතීඥවරු කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් තම සේවාදායකයින්ට ඇප ලබාදීමේ නියෝගයේ කිසිදු නෛතික දෝෂයක් නොමැති හෙයින් ඇගේ නියෝගය ප‍්‍රතිශෝධනය කිරීමට කිසිදු අවශතාවයක් නැතැයි ද පැවසුහ.තම සේවාදායකයින් රාජකාරී පැහැර හැරි බව පැවසුවත් ඔවුන් හිතාමතාම රාජකාරීය පැහැර හැරි බවට පැමිණිලි පාර්ශයෙන් කිසිදු කරුණක් අධිකරණයට ඉදිරිපත් කර නැතැයි පෙන්වා දුන් නීතීඥවරුන් ඒ තත්වය අනුව මහෙස්ත‍්‍රාත්වරිය තම සේවාදායකයින්ට ඇප නියම කර ඇතැයි ද සඳහන් කළේය.තම සේවාදායකයින්ගෙන් ප‍්‍රකාශ ලබාගැනීමකින් තොරව ඔවුන්ට මීනීමැරීම වැනි බරපතල චෝදනා එල්ල කිරීම සුදුසු නොවන බවත් ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලද සඳහන් වී ඇතැයි ද පෙන්වා දුන් නීතීඥවරු එම තත්වය අනුව මහෙස්ත‍්‍රාත්වරියගේ තීන්දුවේ කිසිදු නෛතික දෝෂයක් නැතැයි ද පෙන්වා දුන්හ.මේ තත්වය මත කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයේ කිසිදු නෛතික දෝෂයක් නොමැති හෙයින් එම නියෝගය ප‍්‍රතිශෝධනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි පැවසු හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු තම සේවාදායකයින් පෙර ඇප මතම මුදා හැරීමට නියම කරන්නැයි ඉල්ලා සිටියහ.හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් දීර්ඝ වශයෙන් ඉදිරිපත් කළ දේශන අවසන් වු අතර පැමිණිලේ දේශන ඉදිරිපත් කිරීම සඳහා මෙම ප‍්‍රතිශෝධන අයැදුම්පත හෙට (20) යළි කැඳවීමට නියම කළේය.
ඇප දුන්නාට එරෙහිව නීතිපතිගෙන් ඇපෑලක්
0
hp_train_1237
ස්පෙන්ස් සමාගම 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මාස නවයක කාලයේදී රුපියල් බිලියන 10.3 ක වාර්තාගත පෙර බදු ලාභයක් පෙන්වා තිබේ. එය ඊට කලින් වසරට (2021 වර්ෂයේ එම කාලසීමාවට) වඩා සියයට 213.7 ක සැලකිය යුතු වර්ධනයකි. එයිට්කන් ස්පෙන්ස් සමාගම විසින් වාර්තා කරන ලද මෙම පෙරබදු ලාභයට ඉහළම දායකත්වය සපයා ඇත්තේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශයයි. මෙම කොටස එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සම්පූර්ණ පෙරබදු ලාභයෙන් සියයට 68.4 කි.2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ අනෙකුත් ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමාගම් අතර ප්‍රමුඛතම සමාගමක් වන එයිට්කන් ක්‍රමානුකූල ක්‍ෂයවීම්වලට පෙර සමූහයේ ඉපැයීම් රුපියල් බිලියන 24.0 ක් විය. එය පැහැදිලිවම සියයට 144.9 ක වර්ධනයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, මෙම කාලය ඇතුළත පැවති ඉහළ පොලී අනුපාතවලට අනුගත වන පරිදි මූල්‍ය වියදම් රුපියල් බිලියන 8.3 ක් දක්වා වැඩිවීම හේතුවෙන් පෙරබදු ලාභාංශ ප්‍රතිශතය සියයට 182.2 ක් දක්වා පහළ බැස තිබිණ.වසර 2022 අවසන් මාස නවය සඳහා ආදායම් බදු සියයට 192.7 ක් දක්වා වැඩි වුවද, ව්‍යාපාර සමූහයේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 7.3 දක්වා වැඩි වූයේය. එය ද සියයට 223.1 ක වර්ධනයකි.ප්‍රධාන වශයෙන් 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වූ ආයතනික බදු අනුපාත සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා ආදායම් බදු වියදම රුපියල් බිලියන 2.9 දක්වා ඉහළ ගියේය.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන සේවා අංශයේ සමස්ත පෙරබදු ලාභය රුපියල් බිලියන 7.0 කි. සේවකයන්ගේ විශිෂ්ට කාර්ය සාධනය, සමුද්‍රීය භාණ්ඩ ප්‍රවාහනය, ගුවන් සේවා භාණ්ඩ ප්‍රවාහනය, ඒකාබද්ධ බහාලු‍ම් සහ නැව් නියෝජිතායතන අංශ විසින් පෙන්නුම් කරන ලද වර්ධනය එවන් ලාභයක් අත්පත් කරගැනීම සඳහා විශිෂ්ට දායකත්වයක් සපයන ලදී.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ උපාය මාර්ගික ආයෝජන අංශයෙන් ගෙනෙන ලද පෙර බදු ලාභය රුපියල් බිලියන 3.6 කි. එය සියයට 395.1 ක වර්ධනයක් පෙන්නුම් කරයි. සමූහයේ ඇඟලු‍ම් නිෂ්පාදන මෙන්ම මුද්‍රණ සහ ඇසුරුම් අංශවල වැඩිදියුණු වූ කාර්ය සාධනයත්, හිමිකාර සමාගම විසින් වාර්තා කරන ලද විදේශ විනිමය ලාභයත් ඒ සඳහා ප්‍රධාන වශයෙන් පාදක විය.කෙසේ වෙතත්, විදුලිබල උත්පාදන අංශය සඳහා රජයෙන් අයවිය යුතු මුදල් පියවීමේදී මුහුණ දුන් අධික ප්‍රමාදය හේතුවෙන් ව්‍යාපාර සමූහයේ මූල්‍ය කටයුතුවලට බාධා එල්ල විය. ඒ වෙනුවෙන් එම අංශයට  අනවශ්‍ය මූල්‍ය පිරිවැයක් දැරීමට ද සිදුවිය. එසේ තිබියදීත් එයිට්කන් ස්පෙන්ස් සමාගම, කෙරවලපිටිය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවා ඇති මෙගා වොට් 10 ක බලශක්ති නිෂ්පාදනාගාරයේ කටයුතු දිගින් දිගටම පවත්වාගෙන ගියේය.මෙම බලශක්ති නිෂ්පාදනාගාරයේදී, බලශක්තිය බවට පරිවර්තනය කෙරෙන්නේ එදිනෙදා මුදාහැරෙන අපද්‍රව්‍ය බැවින්, යම් හෙයකින් බලාගාරය ක්‍රියාත්මක නොවූයේ නම් හෝ එහි කටයුතු නවතා දැමුවේ නම්, කොළඹ දිස්ත්‍රික්කය යළිත් වරක් බරපතළ සමාජ හා පාරිසරික ගැටලු‍වලට තුඩු දිය හැකි උග්‍ර කසළ අර්බුදයකට මුහුණ දීමට ඉඩ තිබිණ.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සේවා අංශය රුපියල් මිලියන 566.9 ක සමස්ත පෙරබදු ලාභයක් පෙන්නුම් කළේය.එක් අංශයකින් ලාභ ලබන අතරේ තවත් අංශයක පාඩු සිදුවීම්ද ව්‍යාපාර ලෝකයේ සාමාන්‍ය සිද්ධාන්තයකි. වසර 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සංචාරක අංශය රුපියල් මිලියන 944.1 ක අලාභයක් අත්වින්දේය. ඊට ප්‍රධාන හේතුකාරකයක් වූයේ ශ්‍රී ලංකාවේ හෝටල් අංශය මුහුණ දෙන අභියෝගවල තිබූ තීව්‍ර භාවයයි.මේ අතර පසුගිය වසරේ තුන්වැනි කාර්තුවේදී පුනර්ජනනීය බලශක්තිය සහ හෝටල් අංශ මුහුණ දුන් බාධා හේතුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ ආදායම රුපියල් බිලියන 1.7 කින් පහත වැටුණි. එහෙත් ඒ සම්බන්ධයෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සභාපති සහ කළමණාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා දක්වන්නේ මහත් සුබවාදී ආකල්පයකි.“විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති අංශයේ බොහෝ පසුබෑම්වලට මුහුණ දී තිබියදීත් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය ධනාත්මක ප්‍රතිඵල අත්කර ගෙන තිබෙනවා. සත්තකින්ම, පළමු මාස නවයේදී අපගේ කාර්යසාධනය අපේ අපේක්ෂා ඉක්මවා ගොස් තිබෙනවා. ඒ නිසා අපගේ ජනතාවට, ප්‍රජාවට සහ අපගේ පරිසරයට අපගේ ව්‍යාපාර ආකෘතී වඩාත් තිරසාර අකාරයෙන් බද්ධ කිරීමට අපි අඛණ්ඩව කැපවී සිටිනවා..” යයි එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ, ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පැවසීය.මූල්‍යමය ලාභ නොවන සුවිශේෂතා සේවය කිරීමට වඩා හොඳ ස්ථානයක් බවට පත්කිරීම සඳහා එයිට්කන් ස්පෙන්ස් සමාගම නිරතව සිටින අඛණ්ඩ ගමනේ දී, සේවක අත්දැකීම්, චිත්ත ධෛර්යය සහ ප්‍රමුඛ පෙළේ සේවා යෝජකයකු වෙමින්, ඔවුන්ගේ සංජානනය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා සේවක සම්බන්ධීකරණ සමීක්ෂණයක් කරනු ලැබේ.විවිධත්වය, සමානාත්මතාව සහ සියලු‍ දෙනාටම තිබෙන සමාන අවසරය අරමුණු කරගනිමින්, ස්පෙන්සෝනියන් සම්මුතියේදී “මට මා වීමට තිබෙන නිදහස” යන තේමාව ආරම්භ කරන ලදී. ඒ වෙනුවෙන් ගන්නා ලද ප්‍රගතිශීලී පියවරක් ලෙස, මාතෘ නිවාඩු කාලය දින 100 දක්වා දීර්ඝ කිරීමටත් පීතෘ නිවාඩු හඳුන්වාදීමටත් පියවර ගන්නා ලදී. සමස්තයක් වශයෙන් මාපිය නිවාඩු වැඩි කරන ලදී.නව්‍ය මෙන්ම වඩාත් ක්‍රියාශීලී සේවා සංස්කෘතියක් පවත්වාගෙන යාම සඳහා පළමු වරට පරිගණක මෘදුකාංග ඔස්සේ විශාල සේවක කණ්ඩායමක් එකිනෙකා හා සම්බන්ධව අදහස් හුවමාරු කරගත්හ. එය “ස්පෙන්ස් හැකතන්” ලෙසින් හඳුන්වන ලද්දකි. එහිදී සමූහයේ කණ්ඩායම් හතක් - විදේශීය සමාගම් ද ඇතුළුව - හඳුනාගත් ව්‍යාපාරික ගැටළු සඳහා පරිවර්තනීය විසඳුම් නවයක් සංවර්ධනය කිරීමේ අභියෝගය භාර ගත්හ. ඒවා අදාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කරන ලදී.ඉතාම මෑතකදී “ස්පෙන්ස්ඉනෝවා” ව්‍යාපෘතිය හඳුන්වා දෙන ලදී. ඒ සඳහා පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා මෙන්ම නවෝත්පාදන අදහස්, අභ්‍යන්තර සහ බාහිර විශේෂඥයින් විසින් ඇගයීමට ලක් කරනු ඇත. එවන් ශක්තිමත් පරිවර්තන සංස්කෘතියක් මගින් මෙහෙයවනු ලබන එයිට්කන් ස්පෙන්ස් සමාගම, අනාගතය සඳහා ඔවුන්ගේ දක්ෂතා විදාරණය කිරීමට මූලික පියවරක් තබා තිබේ.තිරසාරත්වය සම්බන්ධයෙන්, එයිට්කන් ස්පෙන්ස් සමාගමට ඇත්තේ පතළ කීර්තියකි.විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාර අංශයේ වරක් ජයග්‍රාහකයා වූ එයිට්කන් ස්පෙන්ස් සමාගම, ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වසර 2022 හොඳම තිරසාර ව්‍යවසායකයට හිමි සම්මානයත් හිමිකරගත්තේය. කොවිඩ් -19 සඳහා ඔරෙත්තු දෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිරූපණය කිරීම සඳහා වූ සම්මානය ද හිමිකරගත් එයිට්කන් ස්පෙන්ස් සමාගම එම උත්සවයේදී ඉහළම සම්මාන සංඛ්‍යාවක් දිනාගනිමින් විශිෂ්ටතම ආයතන 10 අතරට ශ්‍රේණිගත විය.වසර 17ක් පුරා, අඛණ්ඩව මෙම කීර්තිමත් ශ්‍රේණිගත කිරීම්වල සිටි ශ්‍රී ලංකාවේ එකම සමාගම එයිට්කන් ස්පෙන්ස් සමාගමයි.1983 වසරේ සිටම, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති එයිට්කන් ස්පෙන්ස්’ සමාගම වසර 150 කට වැඩි විශිෂ්ටත්වයේ උරුමයකට හිමිකම් කියයි. ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමාන්, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක, විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ආකෘති 16 ක් ඊට ඇතුළත් වෙයි. 12,500 කට අධික එයිට්කන් ස්පෙන්ස් පවුලේ සමස්ත සේවක සංඛ්‍යාව විසින් එහි කාර්ය සාධනය දිනෙන් දින වැඩි දියුණු කෙරෙනු ඇත.595දේශමාන්‍ය ඩී.එච්.එස්. ජයවර්ධන - සභාපති (එයිට්කන් ස්පෙන්ස් සමාගම)ආචාර්ය පරාක්‍රම දිසානායක - නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ (එයිට්කන් ස්පෙන්ස් සමාගම)
එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් මිලියන 3,000 ක පෙර බදු ලාභයක්
0
hp_train_1238
(කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර, කුරුණෑගල අධිකරණ රවීන්ද්‍ර නෙත්තසිංහ)  රටක් දියුණු කිරීමට නම් විද්වතුන්, බුද්ධිමතුන් හා ව්‍යවසායකයන් මෙන්ම සම්පත් දායකයන් එක්ව නිවැරැදි තීන්දු තීරණ ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (28) පැවැසීය. එහෙත් මේ රජය දක්ෂයන් බිය වැද්දීම හා දක්ෂයින් නෙරපා හැරීම ආදි ක්‍රියා නිසා රාජ්‍ය පරිපාලනය කඩා වැටී රට එකතැන නතරවූ බවද ඔහු කීය. කුලියාපිටිය, සිරිමාලි ද නිකේතනයේදී පෙරේදා පැවැති වියත් මඟ කතිකාවට එක්වෙමින් හෙතෙම මේ බව කීය.හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේද කීය.  කාර්මික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම, දෙස් විදෙස් ආයෝජකයින්ට ඔවුන්ගේ ආයෝජනයන් සඳහා සුදුසු පරිසරයක් සැකසීම අපට රජයක් විදිහට කළ හැකියි. ලෝක ආර්ථික හැකියාව, බලය, යුධ ශක්තිය, ආදිය අද වනවිට ආසියා ප්‍රදේශයට ගලා එමින් තිබෙනවා. ආර්ථික දියුණුව ආදිය පාවිච්චි කරන්නට අපි සූදානම් නොවෙනවා නම් අපි හදන්නේ අපිට නිතැතින්ම ලැබෙන අවස්ථාව අහිමි කරගන්න එක. ඉදිරියේදී වත් එම අවස්ථා ගිලිහී යන්නට නොදී ජනතාවගේ ආර්ථිකය, ජීවන තත්වය වැනි දේ දියුණු කරන්නට නම් මෙවැනි විද්වත් කථිකා අවශ්‍යම වෙනවා.  රජයක් විසින් දියුණු කළයුතු කාර්මික ප්‍රතිපත්ති, මේ රජය විසින් ක්‍රියාත්මක කළේ නැහැ. පසුගිය වකවානුවේ රාජ්‍ය පරිපාලනය කඩා වැටුණා. දක්‍ෂයින් බියවැද්දුවා ඇතැම් දක්‍ෂයින් නෙරපා හැරියා. ඔවුන් ගන්නා තීන්දු තීරණ සීමා කළා. විදෙස් ප්‍රතිපත්ති පිළිබඳව තැකීමක් නෑ. බල අරගලයක් ඇති වුණොත් රටක් ඉදිරියට යන්නේ නැහැ. අද අපි ඉන්නෙත් අන්න එවන් තැනක. අන්න ඒ නිසයි අපේ විද්වතුන් බුද්ධිමතුන් ව්‍යවසායකයින් මෙන්ම සම්පත් දායකයින් එක්ව සාකච්ඡා කරලා නිවැරදිම තීන්දු ගත යුත්තේ. රට දියුණු කළ හැක්කේ සහ ජීවන තත්ත්වය ඉහළ දැමිය හැක්කේ ඒ විදියට පමණයි. හිටපු යුද හමුදා 53 සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ පැවැසීය. වසර 2500ක ඉතිහාසයේ අපේ රට අඳුරු යුග කිහිපයක් පසු කළා. ඉන් බරපතළම අඳුරු යුගය වෙන්නෙ 1983 ජූලි 23 සිට 2009 මැයි 19 දක්වා කාල වකවානුවයි. පෘතුගීසීන් ලන්දේසීන් සමයේදී පූර්ණ වශයෙන් රට යටත්කර ගැනීමට සමත් වුණේ නැහැ. එදා මහා පාවාදීම් කළේ අපේම මිනිසුන් කිහිපදෙනෙක්. ඒත් රටම වසාගත් රුදුරු කොටි ත්‍රස්තවාදය නම්වූ  අඳුරුතම යුගය ජාත්‍යන්තර බලවේගයන්ට කිසිසේත් යටත් නොවී වසර දෙක හමාරක් වැනි කෙටි කලකින් නිමාකරපු නායකයා එක රැයින් ගෙදර යැවීමේ මහා පාවාදීම සිදුකළේ 20ක් 30ක් නෙවෙයි ලක්‍ෂ 62ක් ජනතාව එකතුවෙලා.  අද වෙනකොට යුධ හමුදාවට අත්වෙලා තියන ඉරනම හරිම ඛේදනීයයි. මම වසර 35ක් සක්‍රීයව යුධ හමුදාවේ හිටියා විතරක් නෙවෙයි මගේ තරුණ දිවියම කැපකරලා යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වාම හිටියා. අවසන් අවස්ථාවෙ නන්දිකඩාල් කලපුවට 23 වෙනි සේනාංකයේ අණ දෙන නිලධාරියා හැටියම ප්‍රභාකරන්ගේ අවසන් අවස්ථාවට මම දායක වුණා මහත් අභිමානයෙන්. අද වෙනකොට ඒ රුදුරු කොටි ත්‍රස්තයින් මෙල්ල කරපු 53 වැනි සේනාංකය එවනවා නාරම්මල පැත්තේ රිළවු පන්නන්න. පුදුම වේදනාවක් එවැනි සිද්ධින්. අපි අද මේ සේරම කරන්නේ ත්‍රිවිධ හමුදා සිදුකළ අමිල සේවය නිසා. ඒ අය මියැදෙන තුරාවට ස්මරණය කරන්න. අද වෙන්නේ යුධ අපරාධ කළා කියලා හිරේ දාන එක.  අද වෙනකොට මහා පිරිසක් ඉන්නවා සිපිරි ගෙවල් ඇතුළේ. ඒ හැමෝම රටට සේවය කරන්න ගිහිල්ලා. අන්තර් ජාතික ප්‍රජාවගේ බලපෑම හා දෙමළ ඩයස් පෝරාවේ බලපෑමට තමයි ව්‍යවස්ථානුකූලව බලය දෙන්නත් රටේ හමුදාවට දඬුවම් කරන්නත් තීරණය කරලා තියෙන්නේ. අන්න ඒ නිසයි අපි මේ ව්‍යවස්ථාව ගෙන එනවාට විරුද්ධ. අද වෙනකොට ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න කියලා වැඩියෙන් කියන අය අතරට ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නවා. කලබල අස්සේ අතුරුදහන් වූවන් සම්බන්ධ පනතත් සම්මත කරගෙන. මේ අය දිගන සිද්ධිය දැම්මේ අන්න ඒවා සම්මත කරන්න තමයි. දැක්කනේ මම අණ දීපු 53 සේනාකයේ යුධ ටැංකි පවා ගෙනිහින් මහා භයානක පරිසරයක් මවා පාලා යුද්ධය කරන කාලෙවත් නැති හදිසි නීතිය පවා දාලා තමයි ඒ පනත් සම්මත කරලා තියෙන්නේ. බලහත්කාරයෙන්. අතුරුදන් පනත නම් අපේ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ගිහින් ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරලා තාවකාලිකව මැඩ පැවැත්වුවා. මා එක්ක එකට ඉගන ගත්ත වත්මන් යුධ හමුදාපතිවරයා හමුදා කඳවුරකින් වතුර උගුරක්වත් දෙන්න එපා කියලා නියෝග නිකුත් කරලා. ඒකට කමක් නැහැ.  මෙහිදී ආචාර්ය නාලක ගොඩහේවා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක, අද්මිරාල් මොහාන් විජේවික්‍රම යන මහත්වරුද සභාව ඇමතීය.මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය නීතිඥ, වෛද්‍ය, ගුරු, ක්‍ෂේත්‍ර ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කළ විශාල පිරිසක් සහභාගීවූහ. 
රටක් හදන්න කෙළින් තීරණ ගන්න ඕනෑ
1
hp_train_1239
බලංගොඩ, පඹහින්න, පුවක්ගහවෙල ප්‍රදේශයේ කන්දක ආරම්භ වී ඇති නාය යෑමේ තත්ත්වය පිළිබඳ සොයාබැලීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ පරීක්ෂණ කණ්ඩායමක් මේ වන විට එම ස්ථානය කරා ළඟාවෙමින් සිටින බව එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවධානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ආර්.එම්.එස් බණ්ඩාර මහතා පැවසීය.මේ වන විට එම කන්දේ සිට බොරවතුර පහළ පිහිටි ඇළ මාර්ගයක් කරා ගලා ඒම ආරම්භ වී ඇතැයි කී අධ්‍යක්ෂවරයා ඒ අවට ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි  එහි පදිංචිකරුවන්ට දැනුම්දීමක් කරන බව ද සඳහන් කළේය.මෙම නායයෑම හේතුවෙන් බලංගොඩ බදුල්ල මාර්ගයේ බෙරගල, පුවක්ගහවෙල ප්‍රදේශයේ මාර්ගයට පස් කඳු  කඩාවැටීම සිදුවිය හැකි බැවින් එම මාර්ගයේ ගමන් කිරීමේදී විමසිලිමත් වන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බව ද අධ්‍යක්ෂවරයා සදහන් කළේය.මෙය මීට වසර හතකට පමණ පෙර එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ පුවක්ගහවෙල නාය යෑම නැවත සක්‍රීයවීමක් වීමක් නොවන බව කී අධ්‍යක්ෂවරයා ඊට ඉහළින් ඇති මුත්තෙට්ටුවේගම ප්‍රදේශයේ අලූතින් සක්‍රීය වූ නායයෑම් තත්ත්වයක් බව ද පැවසීය. 
භූ විද්‍යාඥයෝ පුවක්ගහවෙල
1
hp_train_1240
(ප්‍රියානි මංගලිකා ) කොරෝනා වයිරස් ආසාදිතයෙකු  වාර්තා  වූ  කොබෙයිගනේ නගරයේ හෝටල් ව්‍යාපාරික ස්ථාන මේවන විට විවෘත කර ඇති අතර ,ආපන ශාලා තුල ආහාර ගැනීම මෙන්ම තේ පානය කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර  ඇති බව කොබෙයිගනේ   සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (19)පැවසීය. ආපනශාලා වලින් පිසූ  ආහාර පාර්සල් ලෙස පාරිභෝගිකයන්ට රැගෙන යාහැකි අතර සෙසු බේකරි නිශ්පාදන ද ඒ අයුරින් රැගෙන යාහැකි  අතර,ඒ සියල්ල ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව සිදුකල යුතු බවට ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දී.ඇති බවද එම කාර්යාලය පවසයි.  කොබෙයිගනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නෙලුම් එදිරිසිංහ  මහත්මිය ගේ උපදෙස් අනුව ,මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් විසින් පරීක්ෂණ සිදු කෙරේ.
කො⁣ටවෙහෙර ආපනශාලාවල ආහාර ගැනීම තහනම්
0
hp_train_1241
අගෝස්තු මාසය හා සැසඳීමේදී සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 0.9කින් පහළ ගියේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරනු ලබන මතුපිට ලක්ෂ්‍යමය පදනම මත මේ වසරේ අගෝස්තු මාසයේ පැවැති සියයට 2.5ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී සියයට 0.9කින් පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013-100) යන විචලනය මගින් ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය ගණනය කරනු ලබයි. ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම එසේ මතුපිට උද්ධමනය අඩු වීමට බලපෑම බව ද මහ බැංකුව පෙන්වා දෙයි. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස අගෝස්තු මාසයේදී වාර්තා වූ සියයට 4.7 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 4.0ක් දක්වා පහළ ගිය බව ද මහ බැංකුව කියයි.  මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගෝස්තු මාසයේ වාර්තා වූ දර්ශක අංක 125.4 සිට සැප්තැම්බර් මාසයේදී දර්ශක අංක 124.4 දක්වා පහළ ගිය බවත් ආහාර  මිල ගණන් පහළ යෑම ප්‍රධාන වශයෙන් ඊට හේතු වූ බවත් මහ බැංකුව සඳහන් කරයි.එහිදි විශේෂයෙන්ම එළවළු, පොල්, අමු මිරිස් සහ  මත්ස්‍ය හි මිල ගණන් පහළ යෑම හේතු වී තිබේ. ආහාර නොවන කාණ්ඩය තුළ මිල ඉහළ යෑම දක්නට ලැබුණු අතර විශේෂයෙන්ම මත්පැන් වර්ග, දුම්කොළ, ප්‍රවාහන හා ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩ ඊට දායක වී ඇත.  ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත අගෝස්තු මාසයේදී සියයට 2.7ක් වූ අතර එය සැප්තැම්බර් මාසයේදී සියයට 3.1ක් දක්වා ඉහළ ගොස් ඇත.  මේ අතර අගෝස්තු මාසයේදී සියයට 2.5ක් වූ වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී සියයට 2.4ක් දක්වා පහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.    (055)
නොවැම්බරයේදී මතුපිට උද්ධමනය සියයට 1.0 යි
0
hp_train_1242
බේරුවල, ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “වත්සලා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හදිසියේ  රෝගාතුර වීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් අද (01) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙනවිත් තිබේ. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කර තිබේ. ඒ අනුව, ගාල්ල, ප්‍රදීපාගරයේ සිට නාවික සැතපුම් 172 ක් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ඊයේ (31) රාත්‍රියේදි ලබා ගැනීමෙන් අනතුරුව රෝගියාට මූලික ප්‍රථමාධාර පහසුකම් ලබා දෙමින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. ගාල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා ධීවර යාත්‍රාවේ හිමිකරු වෙත භාර දීමට කටයුතු කරනු ලැබු අතර  ඔහු විසින් රෝගීයා වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු කළේය. (36698)
මහ මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට
0
hp_train_1243
(ඩී.ජී.සුගතපාල)රත්ගම පන්විල මොන්රෝවියා වත්තේ කසළ ප්‍රති චක්‍රියකරණ  මධ්‍යස්ථානයට කසළ ප්‍රවාහනය කිරිමත් එම මධ්‍යස්ථානයට කසළ බාර ගැනිමත් තහනම් කරමින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් නිකුත් කරනලද කොන්දේසි සහිත ආඥාව මාස හයක කාල සිමාවකට ඉවත් කිරිමට මහේස්ත්‍රාත්වරයා  අද  (21)නියෝග කළේය.රත්ගම පොලිසිය විසින් කරන ලද කරුණු දැක්විමක් අනුව දකුණු පළාත් පාලන කොමසාරිස්වරයාටත් කසළ ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථානයේ බාරකරුටත් ඉකුත්  (14) මෙම කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය.පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු මහතා අධිකරණයේ පෙනි සිට සාක්කිකුඩුවට නැග සාක්කි දෙමින් කියා සිටියේ මාස හයක් තුළ මෙම ප්‍රශ්ණයට විසඳුමක් ලබාදෙන බවය. අධික වැසි දිනවල කසළවලින් පිටවන  මිතෙයින් වායුව වාතය සමග මුසුවිම නිසා  දුර්ගන්ධය පැතිර යන බවටත් ඒ අනුව යම් මහජන පීඩාවක් ඇතිවන බවටත්   නිතිඥවරුන්ගේ ප්‍රශ්ණ කිරිමේදි පළාත් පාලන කොමසාරිස්වරයා පිළිගත්තේය. දුර්ගන්ධය වැළැක්විම සඳහා රසායනික ද්‍රව්‍ය යොදන බවද සාක්කිකරු කියා සිටියේය. දැනට ගාල්ල මහ නගර සභාව ,හික්කඩුව නගර සභාව, රත්ගම ප්‍රාදේශය සභාව ,සහ බෝපෙ පෝද්දල ප්‍රාදේශිය සභාව යන පළාත් පාලන ආයතන හතරේ කසළ මෙම රත්ගම කසළ මධ්‍යස්ථානයට ගෙනයනු ලබන බවත්  කෙසේ වෙතත් ගාල්ල නගර සභාවේ යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක කරන ලබන කොම්පෝස්ට් නිෂ්පාදනාගාරය පටන්ගත් පසු රත්ගම මෙම කසළ ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථානයට ලැබෙන කසළ ප්‍රමාණය අඩුවන බවත් එවිට මෙම ප්‍රශ්ණයට විසඳුමක් ලැබෙන බවත් පළාත් පාලන කොමසාරිස්වරයා වැඩි දුරටත් සාක්කි දෙමින් කියා සිටියේය.පැමිණිලිකාර පාර්ශවය සහ අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් ඉදිරිපත් කල කරුණු ද පළාත් පාලන කොමසාරිස්වරයා දිව්රුම්පිට දෙන ලද සාක්කියද සළකා බැලිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා තහනම් නියෝගය මාස හයකට ඉවත් කොට ප්‍රගතිය සළකා බැලිම සඳහා අප්‍රියල් 21 ට කල් තබන ලදී.  ඉකුත් 14වනදින රත්ගම පොලිසිය අධිකරණයට කරුණු  වාර්තා කරමින් කියා සිටියේ මෙම කසළ ප්‍රතිචක්‍රිය මධ්‍යස්ථානය නිසා අවට පදිංචිකරුවන්ට දෛනික කටුයුතු කරගෙන යාමට නොහැකිව ඇති අතර දැඩි දුර්ගන්ධයක් පැතිර යන බවත් ලිං ජලයට අපද්‍රව්‍ය මුසුවි ඇති බවත් කුඹුරු අස්වැද්දිමට නොහැකි බවත් මේ නිසා ජනතාව අපහසුවට පත්ව ඇති බැවින් එම මධ්‍යස්ථානයට ගෙන එනු ලබන සියලුම කසළ ගෙන ඒම වැළැක්විම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98(1) වගන්තිය යටතේ කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.ඉදිරිපත් කරන ලද සියලු කරුණු සළකා බලන ලද මහේස්ත්‍රාත්වරයා රත්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රභාත් විතානගේ මහතා විසින්  විසින් ඉදිරිපත් කරනලද දිව්රුම් ප්‍රකාශයෙහි අඩංගු කරුණුවලට අවධානය යොමු කිරිමේදි එම කසළ ප්‍රතිචක්‍රිය මධ්‍යස්ථානයට ගෙන එනු ලබන ඝණ අපද්‍රව්‍ය නිසා මහජනතාවගේ කායික සුවයට හානිකර බවට සෑහිමකට පත්විමෙන් පසු එම කසළ මධ්‍යස්ථානයට ගෙන එනු ලබන කසළ ප්‍රවාහනය කිරිම වළක්වාලමින් ජනවාරි 21වනදින දක්වා බල පැවැත්වෙන පරිදි දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු සහ කසළ මධස්ථානයේ බාරකරු බුද්ධික පතිරණ යන මහත්වරුන් වෙත මෙසේ කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කලේය.
රත්ගම කසළ ප්‍රතිචක්‍රිය මධ්‍යස්ථානයට කසළ ප්‍රවාහනය තහනම් කරමින් අධිකරණ නියෝගයක්
0
hp_train_1244
(නිශාන්ත කුමාර)තම දරුවා නෑවීමට මව ගෙනා උණුවතුර බඳුන ඔහු විසින් ම ඉවතට අදිනු ලැබීම හේතුවෙන් එය ශරීරයට වැටී උණු වතුරට පිළිස්සී  වයස අවුරුදු තුනහමාරක දරුවෙකු තුවාල ලබා අද (21) මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස රෝහල්  ගතකර ඇත්තේ මීගහකිවුල කිවුල,  4 කනුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනහමාරක දරුවෙකි.
උණු වතුර බඳුනක් පෙරළී පිළිස්සුණු දරුවෙක් රෝහලේ
0
hp_train_1245
නැගෙනහිර සහ ඌවවේත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ තැනින් තැන වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ, ගාල්ල, මාතර  පුත්තලම දිස්ත්‍රීක්කවලත් සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන  වැසි ඇති වේ.පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස 4.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
‘තැනින් තැනට අද සවස වැසි‘
0
hp_train_1246
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇනිගත කිරීමේ වැඩසටහන යටතේ එයාර්බස්  330-300 පුළුල් බඳ සහිත දෙවැනි ගුවන් යානය ඊයේ(19)  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.‘සිටි ඔෆ් සිහගිරි‘ ලෙස නම් කර ඇති මේ යානය ඈත පෙරදිග ගමනාන්ත වන කැන්ටන්, ෂැන්හයි, බීජිං සහ හොංකොං වෙත මෙහෙයුම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.පසුගිය ඔක්තෝබර් මාසයේ දී මෙම වර්ගයේ පළමු  ගුවන් යානය මෙරටට ගෙන්වීමෙන් පසු  ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රතිඇනිගත කිරීමේ වැඩසටහන ආරම්භ විය. 2015 වසරේදී මෙම වර්ගයේ තවත් ගුවන් යානා පහක් මෙරටට ගෙන්වීමට නියමිතය.මීට අමතරව  A350-900 ගුවන් යානා 8ක් ක් ද ලබා ගැනීමට නියමිතය. මින්  ගුවන් යානා 3ක් 2016 ලබා ගැනීමට නියමිත අතර   2017 වන විට ඉතිරි යානා 4 ගෙන්වා ගැනීමට නියමිතය.  ‘වන්වර්ල්ඩ්‘ ගෝලීය ගුවන් සේවා සන්ධානයේ නවතම සාමාජිකයා වශයෙන් ශ්‍රී ලංකන් සිය ගුවන් සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.ගුවන් මගීන් 297 සඳහා  ව්‍යාපාර පංතියේ ආසන 28 ක් සහ පිරිමැසුම් පංතියේ ආසන 269  ක් ද මෙම යානයේ ඇත. නවීන අභ්‍යන්තර පහසුකම් සහ සුවපහසු  ගුවන් මැදිරි වලින් සමන්විත මෙහි  ‘තැලස් ඇවන්ට්‘ යන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති හදුන්වා දී ඇත. එමෙන්ම  උසස් තාක්ෂණික පහසුකම් සහ වැඩිදියුණු කළ ඉන්ධන කාර්යක්ෂමතාවයන් ඇතුළත්ය.    ව්‍යාපාර පංතියේ සැප පහසු හෙරින්බෝන් හැඩයේ අති සුඛෝපභෝගී නිදන ආසන, ස්වාභාවික අවස්ථා වන ඉර බැසීම, ඉර පෑයීම මෙන්ම රාත්‍රී අහස යනාදියේ ආලෝකනය  උද්දීපනය වන අයුරින් මේවා සකස් කර  ඇත.   සෑම ගුවන් මගියකුටම සෘජු ප්‍රවේශ මාර්ග, පුද්ගලයන් සඳහා  පී.සී විද්‍යුත් සොකට් භාවිතයට  හැකියාව,  වයි-ෆයි  සම්බන්ධතාව මගින් ව්‍යාපාර පංතියේ ගුවන් මගීන් සඳහා පුද්ගලිකත්වය සහ සුවපහසුව  එක් වූ  ගමනක ආශ්වාදය අත්විඳගැනීමේ අවස්ථා මෙමගින් උදා වෙනු ඇත.  පිරිමැසුම් පංතියේ  ගුවන් මගීන් සඳහා ද මේ හා සමාන සුවපහසුවක් අත්විඳමේ හැකියාව ඇත.ගුවන් යානයේ අභ්‍යන්තර  වයි-ෆයි  සහ ජංගම දුරකථන භාවිතය සඳහා පහසුකම් සපයා දෙන ඉන්දියා උප මහද්වීපයේ ප්‍රථම ගුවන් සේවාව බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙයින්ඉතිහාසයට එක්වනු ඇත. එමඟින් ගුවන් මගින්ට ඵලදායි ලෙස ගුවන්ගත වීමට සහ තම හිතවතුන් හා සම්බන්ධ වී ගුවනේ දී මෙම පහසුකම් අත්විදීමට අවස්ථා ලැබී ඇත.   ඈත පෙරදිග  ගමන් මාර්ග සඳහා ගුවන් මගීන් ප්‍රමාණය වැඩි කිරීම, පැටවුම් ධාරිතාව වැඩිකිරීම, කලාපයේ ප්‍රමුඛ වෙළෙඳපොලවල් සහ ශ්‍රී ලංකාවට ප්‍රධාන ලෙස සංචාරක ප්‍රතිලාභ අත්පත් කරදෙන වෙළෙඳපොලවල්  වෙත වෙළෙඳපොල කොටස් වැඩිකිරීමට මෙයින්  බලාපොරොත්තු  වේ.      ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ  මාස 2ක් වැනි කෙටි කාලයක දී තවත් නවතම ඒ330-300 ගුවන් යානාවක් ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට එකතු වීම තුළින් ශ්‍රී ලංකන් සතුව ඇති අනෙකුත්  ගුවන් යානා නවීකරණය කිරීමට හැකියාව ලැබුණු බවයි.මෙම නවතම ඒ330-300 ගුවන් යානා  තුළින් ගුවන් මෙහෙයුම් හි සාර්ථක කාලපරිච්ඡේදයක් ආරම්භ වනු ඇතැයි ගුවන් සමාගම තරයේ විශ්වාස කරන බවද ඔහු  සඳහන් කළේය.     
ගුවන් සේවා පුහුණු පැසැලක් එයි
0
hp_train_1247
(සුජිත් හේවාජුලිගේ)‘මොන ඡන්ද ක‍්‍රම ආවත් කමක් නැහැ. අපි දැන්  ඕන පිච් එකක බැට් කරන්න ලෑහැස්තියි. බැට් එකක් වෙනුවට පොල් පිත්තක් දුන්නත් ගහනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.සන්ධානගත වී  තරග වැදීමට පක්‍ෂ ගණනාවක් සමග සාකච්ඡා කරගෙන යන බව කී රාජපක්‍ෂ මහතා පළාත් පාලන ආයතන 200ක බලය ගැනීමට හැකියාව තිබෙන බවද ප‍්‍රකාශ කළේය.‘‘සමහර මාධ්‍ය අපිට ගහනවා. දඩාවතේ යන බල්ලකු හපා කෑවාට අපි ඌව හපා කන්න යන්නේ නැහැ. මම මාධ්‍යවලට ගරු කරන කෙනෙක්’’ බැසිල් රාජපක්‍ෂ මහතා කීය.බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේදී ඊයේ (12) දහවල් පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදීය.බැසිල් රාජපක්‍ෂ මහතා එහිදී මෙසේද කීය.අපේ පක්‍ෂය ළාබාල එකක් වුණාට අද වන විට හැම පැත්තකින්ම සංවිධාන වී සිටිනවා. ආගමික සංවිධාන පවා එකතු වෙලා ඉන්නවා. අපි මුහුණ දෙන පළමු මැතිවරණ මෙයයි. මේ මැතිවරණයේ අපි ජනමත විමසුමක් ලෙස යොදා ගන්නවා. ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි වැඩ ආර්ථික අර්බුදය, ජීවත වියදම, ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීම, සංවර්ධන ව්‍යාපෘති ඇන හිටීම, රැකියාවලට නොගැනීම යන ප‍්‍රශ්න මුල් කරගෙන මැතිවරණ ව්‍යාපාරය ගෙනයනවා.නව පක්‍ෂය නව වැඩ පිළිවෙළක් යටතේ ගෙන යනවා. අපට හොඳ සැලැස්මක් තියෙනවා. පළාත් පාලන ආයතනවල හිටපු අය වගේම අලූත් තරුණයෝ, උගත් අය, කාන්තා පිරිස් අපට අවශ්‍යයි. සියයට 25ක් තරුණයන් වෙනුවෙන් වෙන් කරන්න අපි තීරණයක් ගත්තා. ඉතාම සුදුස්සන් තෝරා ගන්නවා. මේක අලූත්ම ක‍්‍රමයක්. කොට්ඨාස ක‍්‍රමය මීට කලිනුත්  තිබුණා. කවුරු මොනවා කිව්වත් මනාප ක‍්‍රමයට මුල් වුණේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවයි. අපි ඒ අභියෝගය බාර ගත්තා.දැන් අපේ ක‍්‍රමයම වෙනත් විදියකට ගෙනල්ලා. අඩුපාඩු තියෙනවා. අඩුපාඩු තිබුණත් මේ වෙලාවේ ඡන්දය අවශ්‍යයි. අපේ මැතිවරණ ව්‍යාපාරයට එන්න කියලා කාන්තාවන්ට, තරුණයන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට ආරාධනා කරනවා. හුඟක් අය පක්‍ෂ අපිත් සමග තරග කරන්න කැමැත්ත පළ කරලා තියෙනවා.පොදු ජන පෙරමුණ තවත් පක්ෂ සමග මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා. ගොඩක් ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින පක්‍ෂ සමග. ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්‍ෂය යනාදී පක්ෂ ඒ අතර තියෙනවා. මීට අමතරව නැගෙනහිර පළාතේ පිල්ලෙයාන්ගේ ටී.එම්.ටී.පී. සමග සාකච්ඡා කළා. ජනතා සේවක පක්‍ෂය යනාදි පක්ෂ සමගත් කතා කරනවා. ද්‍රවිඩ ජාතික සන්ධානයට විරුද්ධ පක්‍ෂ සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. අපි උතුරටත් තරග කරනවා.අපිට මේ වනවිට සාමාජිකයන් වැඩි ප‍්‍රමාණයක් එකතු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙනුයි. ඊට අමතරව එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන්ද විශාල පිරිසක් එකතු වුණා. දේශපාලනය නොකරපු අය පවා එකතු වී සිටිනවා. සමහර ගම්වල සියයට 85 ක් දක්වා සාමාජිකයන් බැඳිලා තියෙනවා. ශ්‍රී ලනිප සාමාජිකයන්  සියයට සියයක්ම බැඳුණු ගම් ද තියෙනවා. පළාත් පාලනය වාර්තා තබමින් ජය ගන්නවා. ප‍්‍රාදේශීය සභා 335 න් 154 ක් එදත් ජයග‍්‍රහණ කළා. ඊට අමතරව තවත් 60ක් විතර අපට දිනන්න පුළුවන් වේවි. දෙසීය පන්නන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.අපි ගෙනාපු මැතිවරණ පනතට සියලූ පක්‍ෂ එකඟ වුණා. ඇමැති අද එක එක කතා කියනවා. ක‍්‍රමයක් හදපු එක වෙන්නැති අපි කරපු වැරැද්ද. මේ පනත හැදුවේ පක්‍ෂ එක්ක සාකච්ඡා කරලයි. පාර්ලිමේන්තු තුනක් තුළ සාකච්ඡා කළා. හැමෝම අත ඉස්සුවා. එහෙම එකක් හැදුවට වෙන්නැති බණින්නේ. බහු ආසන වැඬේ  ඕන කෙනෙක් කරනවා. දැනුත් වෙනවා. අපි දැන්  ඕන පිච් එකක බැට් කරන්න ලැහැස්තියි. බැට් එක වෙනුවට පොල් පිත්තක් දුන්නත් අපි ගහනවා. එක විකට් පොල්ලට බෝල් කරන්න කිව්වත් ඒකත් කරනවා. අපි  ඕන ක‍්‍රමයකට ඡන්දයට යන්න සූදානම්. අපි අඩුපාඩු කියන්නේ නැත්තේ ඒකයි.මහින්ද රාජපක්ෂ කියන්නේ දක්ෂ, පළපුරුදු රාජ්‍ය නායකයෙක්. මගෙන් උපදෙස් ගන්න එතුමාට වුවමනාවක් නැහැ. නමුත් සහෝදරයන් විදියට අපි ඔහු ළඟ හිටියා. ගත්තු හැම තීන්දුවක් පිටුපස්සේම අපි ඉන්නවා. වැරදිච්ච දේවල්වල වගකීම අප බාර ගන්නවා. මේ ආණ්ඩුවේ ගොඩක් අයගේ පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්න තියෙනවා. මේ ආණ්ඩුවෙන්ම දැන් ඒවා හෙළිවෙනවා. වංචාවකට සම්බන්ධ වන ලිට්රෝ ගෑස් සභාපති මේ රටේ ජනාධිපති නියෝජනය කරන පක්ෂයේ සභාපති. ඒක බරපතළ තත්ත්වයක්. බැඳුම්කර කොමිසම මේ ආණ්ඩුව පත් කරපු එකක්. ආණ්ඩුවේ අය ඒකට ස්වෙච්ඡාවෙන්ම ඇවිත් සාක්ෂි දෙන එක තමයි හොඳ. අපේ බන්දුල ගියේ කැමැත්තෙන්මයි. කවුරු හරි කොමිසම මඟ හරිනවා නම් ඒක හොඳ නැහැ.”සමහර මාධ්‍යය මොන චෝදනා කළත් මම උත්තර දෙන්නේ නැහැ. අපි දඩාවතේ යන බල්ලකු හැපුවට බල්ල හපන්න යන්නේ නැහැනේ. මම  ඕවාට උත්තර දෙන්නේ නැහැ. එයාල ඇයි මට ගහන්නේ. මම කියපු දේකට කලබල වෙලයි. කරන්න  ඕන මම කියපු දේ හොයන එකයි. හැම මාධ්‍යයකටම මම ගරු කරනවා.අපි වෛර දේශපාලනයක් කරන්නේ නැහැ. ඒකෙන් කියන්නේ වැරැුදි කරපු අයට නිදහස දෙනවා කියන එක නොවෙයි. දැන් මේ ආණ්ඩුව කරන්නේ දේශපාලන දඩයමක්. ටී.බී. ඒකනායක ඇමැතිතුමා ආණ්ඩුවෙන් යනවා කිව්ව විතරයි පරික්ෂණයක් පටන් ගත්තා. ඒ හොඳ දෙයක් නොවෙයි. නමුත් ජාතික සම්පත් කොල්ලකාලා තියෙනවා නම් ඒ ගැන පරික්ෂණ පැවැත්විය යුතුයි.ඡන්දයට ඉදිරිපත් වන ආකාරය පිළිබඳ ක‍්‍රම තුනක් අධ්‍යයනය කරගෙන යනවා. අපි තරග කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. එතුමාගේ ආශිර්වාදය ඇතිව. ඒක ප‍්‍රතිපත්ති මාලාවක්, එක මැතිවරණ වැඩපිළිවෙළක් යටතේ තරග වදිනවා. ගෝඨාභය මෙතෙක් මැතිවරණවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ජාතික ප‍්‍රශ්නයක් ආවොත් එතුමා මැදිහත් වේවි. එළිය සංවිධානය තුළින් දැනටමත් ඒ වැඬේ කරනවා. මේ මැතිවරණය අපි ජනමත විචාරණයකට සමාන කරලා කටයුතු කරනවා.ඒ වේදිකාවේ ඉඳල ගෝඨාභය සහාය දේවි. ඡන්ද වේදිකාවට නැග්ගේ නැති වුණාට එතුමා 2005 දී එහෙම අපේ වැඩපිළිවෙළේ ඉදිරියෙන්ම හිටියා. අපි සහෝදරයෝ මහින්ද එක්ක 1970 ඉඳල හිටියා. අපේ හැමදාම ලකුණ පොහොට්ටුව. පොහොට්ටුව කවදාකවත් පරවන්නේ නැහැ. කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම අපට කරගන්න බැරිවුණු දෙයක්. මේකෙදි අපේක්ෂත්වය අනිවාර්ය කරලා.අපි බලාපොරොත්තු වුණේ කාන්තා නියෝජනය අනිවාර්ය කරයි කියලයි. නමුත් ආණ්ඩුව කරපු දේ ජයග‍්‍රහණයක්. ඒ ගැන රජයට ස්තූතිවන්ත වෙනවා. නමුත් තරුණ නියෝජනය නැති කිරීමටත් රාජ්‍ය සේවයේ ක්ෂේත‍්‍ර නිලධාරින්ගේ ප‍්‍රජා අයිතිය නැති  කිරීමටත් කටයුතු කළා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් මෙය දරුණු පහරදීමක්. ක්ෂේත‍්‍ර නිලධාරින් ලක්ෂ ගණනකට තරග වැදීමට තිබූ අයිතිය නැති කළා. අපේ හිටපු මන්ත‍්‍රීවරුන් පන්සිය ගණනකගේ අපේක්ෂකත්වය මේ නිසා නැතිවුණා. අප ඒ ගැන නීති මගින් කටයුතු කරනවා. ඒක මහා අපරාධයක්. ඡන්දයේදී අපි ඒක ජනතා අධිකරණයට ගෙන යනවා.මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට බැසිල් රාජපක්ෂ මහතා දුන් පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය:-ආණ්ඩුවෙන් පිරිසක් ගන්න යනවා කියලා ආරංචියි.රාජපක්ෂ මහතා:-ඒවා ඉතින් වෙලාවට සිද්ධ වේවි.  ඕවා කිය කියා කරන දේවල් නොවෙයි. ආප්ප න්‍යාය වගේ. කලින් කිව්වොත් අසාර්ථක වෙනවා. නමුත් අපි ඊට වැඩියෙන් බලාපොරොත්තු වන්නේ ඡන්දයෙන් බලය ගන්නයි. ඔළු ගෙඩි මාරු කිරීම වෙනත් වැඩවලට යොදා ගත්තත් මැතිවරණ සඳහා ඒක වැඩිය බලාපොරොත්තු වන්නේ නැහැ.ප‍්‍රශ්නය:-අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන ස්ථාවරය.රාජපක්ෂ මහතා:-අපි මුළුමනින්ම මේ ව්‍යවස්ථාව ප‍්‍රතික්ෂේප කරනවා. මේක යටි අදහසකින් කරන වැඩක්. මේකෙන් රට දෙකට බෙදීම පමණක් නොවෙයි ජාතික සමගිය නැතිවීම පවා වෙනවා. 
‘මහින්දට පුළුවන්නම් ඇමැතිවරුන්ට බැරි ඇයි‘ - ජනපති
0
hp_train_1248
උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත්  වැසි වාර කිහිපයක්  ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 20/02/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32239060වැසි වාර  කීපයක්මඩකලපුව31269080වැසි වාර  කීපයක්කොළඹ33259060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල32259065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය32238065වැසි ස්වල්පයක්මහනුවර30219570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය19119575සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය32239570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය31268565වැසි වාර කීපයක්මන්නාරම32269060වැසි ස්වල්පයක්
‘හෙටත් පළාත් කීපයකට වැසි‘
0
hp_train_1249
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, කලවාන - උපේන්ද්‍ර ජාතුන්ගම, වේවැල්කඳුරේ - පත්ම බන්දු, අම්බලන්ගොඩ - හේමන්ත සිල්වා සහ ගෝනාපීනුවල - දයා සිරිල් ධම්මික)“දූෂණ-වංචා සහ ජාතික සම්පත් කොල්ලකෑම්වලට සම්බන්ධ කිසිවකුත් තම රජයට ඇතුළත් කරගන්නේ නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කලවානේදී පැවැසීය.“යල් පැනගිය ඇටුවන් බැහැපු අය සමඟ නොව අලුත් ජවය ශක්තිය සහිත සමස්ත පුරවැසි පරපුර ශක්තිමත් කරන රජයක් බිහිකරන බවද” ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.කලවාන ජන රැලියට අමතරව සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් මෙදින හිනිදුම, බෙන්තර, ඇල්පිටිය, රජ්ගම, බලපිටිය සහ බණ්ඩාරගමදී ද ජන රැලි පැවැත්විණි.කලවාන ජනරැලි අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය.“රත්නපුර දිස්ත්‍රික්කයේ දියුණුව ගැන සිතන සැමගේ සිහිනය වන්නේ ආපදා නොවන ආකාරයට, පරිසර හානියක් නොවන ආකාරයට රුවන්පුර අධිවේගී මාර්ගය නිර්මාණය කිරීමයි. 16 වැනිදායින් පසුව වැඩක් කරන, වැඩක් කළ හා දැවැන්ත වැඩක් කරන්න සිටින පුද්ගලයකු ලෙස රුවන්පුර අධිවේගී මාර්ග සිහිනය සැබෑ කරනවා.ගංවතුරෙන් යටවන අයගම හරහා දිවෙන ඉඩංගොඩ කලවාන මාර්ගය මංතීරු දෙකක් සහිතව සංවර්ධනය කරනවා. කුකුළේ ගඟ විදුලි යෝජනා ක්‍රමය ස්ථාපිත කිරීම තුළ පීඩාවට අසහනයට පත්වූ ජතතාවට සහන මා දෙනවා. කුකුළේ ගඟ ව්‍යාපෘතිය හරහා අසාධාරණයට ලක් වූ සැමට සුදුසු වන්දි ගෙවනවා.රබර්, තේ, කර්මාන්තය, පතල් කර්මාන්තය, සුළු අපනයන භෝග හා ගම්මිරිස් වගාව යන කර්මාන්තවල බොහෝ දෙනෙකු නිරතව සිටිනවා. මෙරට කෘෂි විප්ලවයක් මා අරඹනවා. මෙරට ජනතාවට අවශ්‍ය ආහාර ඉල්ලුම මෙරටින් සපුරනවා. පිටරටින් ආනයනය කරනවා වෙනුවට අපේ වගා විප්ලවය තුළ රටේ ඉල්ලුමට සැපයුම දෙනවා පමණක් නොව මෙරට කෘෂි නිෂ්පාදන අපනයනය කරන්න ද කටයුතු කරනවා.වී වගාව හෝ වේවා තේ-පොල්-රබර් වගාව වේවා එළවළු-පලතුරු ගොඩ භෝග වගාව ශක්තිමත් කරන්න නිෂ්පාදන වියදම පහත හෙළන්න සියලු පොහොර වර්ග නොමිලේ දෙනවා. ඊට අමතරව තේ සඳහා හොඳ සහතික මිලක් දෙනවා. ගම්මිරිස්වලට හොඳ මිලක් දෙනවාසේම ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කරනවා.තේ කර්මාන්තය නඟා සිටුවීම සඳහා විශේෂ අවධානය යොමු කරනවා. තේ කර්මාන්තය සශ්‍රික කරනවා. තේ කර්මාන්ත ශාලා නැවතත් ශක්තිමත් කර කුඩා තේ වතු හිමියන්ගේ නිෂ්පාදන කටයුතු ජව සම්පන්න කරනවා.පතල් කර්මාන්තයේ නිරත වෙන සියලු දෙනාට මා කියන්නේ 16 වැනිදා නිර්මාණය වන්නේ නව යුගයක්. ඒ නව යුගය තුළ පරිසරය ආරක්‍ෂා කරමින් පතල් කර්මාන්තය කරගෙන යන්න අවශ්‍ය ශක්තිය දෙනවා.මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පත් කිරීම මේ කර්මාන්තයේ නිරත සියලු දෙනාට දෙනවා. පතල් කර්මාන්තයේ නිරතවන අයට අවසරය ගන්න එක එක තැන්වලට යන්න වෙලා. එකම තැනක සිට ඒ අවසරය දෙන ක්‍රියාවලිය මා ක්‍රියාත්මක කරනවා. පතල්කරුවන් ව්‍යාපාරිකයන් රස්තියාදු වූ යුගයට මා තිත තබනවා.මේ බල ප්‍රදේශයේ නිවාස ප්‍රශ්නය විසඳන්න දිය හැකි උපරිම සහයෝගය මා දෙනවා. නිවාස ඉදි කරන්න, ඉඩම් ගන්න ගැටලුවක් තිබෙනවා. රටේ ජනාධිපතිවරයා ලෙස 2025 සියලු දෙනාට සෙවන දෙන අවස්ථාවේදී මේ ප්‍රදේශයටත් නිවාස දෙනවා.සංචාරක කර්මාන්තය හොඳින් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මකයි. එය තවදුරටත් ශක්තිමත් කර බලප්‍රදේශය ඍජු සංචාරක කලාපයක් බවට පත් කරනවා. ලෝක උරුමයක් වන සිංහරාජයට ඍජු සම්බන්ධතාවක් කලවානට තිබෙනවා. දේශීය විදේශීය සංචාරකයන් ආකර්ෂණය වන බලප්‍රදේශයක් ලෙස කලවාන දියුණු කිරීමේ වගකීම මා භාර ගන්නවා. මේ බල ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස පත් කොට ප්‍රදේශයේ ජනතාවගේ අතමිට සරු කරනවා.පතල් කර්මාන්තයේ නිරතව සිටින කම්කරුවන් ඉතා ලොකු අවදානමක් ගෙන තමයි පතල් කර්මාන්තයේ නිරත වන්නේ. පතල් කර්මාන්තයේ නිරත අය වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ඇතිකර පතල්කරුවන්ගේත් ඔවුන්ගේ පවුල්වලත් ආරක්ෂාව සුරක්ෂිත කරනවා.මෙරට දුගී - දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කර එය දිරි ගන්වනවා. එතැනින් නතර නොවී හැමදාම රටේ දුප්පත්කම තිබිය නොහැකියි. දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළ යටතේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා.පාසල් යන දුවා දරුවන්ට මගේ පියාණන් නිල ඇඳුම්, දිවා ආහාරය දුන්නා. නමුත් මගේ ප්‍රතිවාදියාගේ කණ්ඩායම පාසල් දූ දරුවන්ගේ දිවා ආහාරය කපා දැමුවා. මෙරට පාසල් දරුවන් වෙනුවෙන් කළ යුතු නොනිමි මෙහෙවරක් තිබෙනවා. මෙරට 44 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි, දිවා ආහාරයයි, සපප්තු කුට්ටමයි තුනම මා ජනාධිපති වූ පසු දෙනවා.කිසිවකු පෙර පාසල් අධ්‍යාපනයට අවධානය යොමු කරන්නේ නැහැ. දරුවෙකුගේ මොළය වර්ධනය වෙන්නේ ඉපදුනදා සිට අවුරුදු පහක් යන තුරුයි. එය වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා. සියයට 80ක මොළය වර්ධනය වන්නේ අවුරුදු පහක කාලය තුළයි. නමුත් මේ කාලය තුළ නොමිලේ අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ඒ දරුවන්ට වෙනම ශක්තිය දෙන්නේ නැහැ. ඒ නිසා පෙර පාසල් ගුරුවරුන්ගේ, සහාය පාලිකාවන්ගේ ගෞරවය රැක ඔවුන්ගේ වැටුප් - චේතන රාජ්‍ය අනුග්‍රහය යටතේ සෑම පෙර පාසල් අධ්‍යාපනය නිදහස් නිවහල් අධ්‍යාපන ක්‍රමය බවට පත් කරනවා.හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක කර්මාන්තපුර හදනවා. එවිට තරුණ - තරුණියන්ට ගමේ ඉඳගෙනම රැකියා කිරීමේ අවස්ථාව උදාවෙනවා.අපේ රටට එන්න තිබෙන ඍජු විදේශ ආයෝජන කාම්බෝජයට, ඉන්දියාවට, වියට්නාමයට, බංග්ලාදේශයට යනවා වෙනුවට මෙරටට ගෙන්වා ගන්නවා. එමගින් තරුණ-තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් දෙනවා.පොලිස් නිලධාරීන් ගැන වචනයක් කිව යුතුයි. කණගාටුවෙන් වුවද කිව යුත්තේ ඔවුන්ට ලැබිය යුතු රුපියල් 20,000 බටා එක දෙන්න යනකොට අපේ විරුද්ධවාදීන් මැතිවරණ කොමිසමට කියා එය නතර කළ බවයි. මා පොලිස් නිලධාරීන්ට කියනවා ජනාධිපති වී පැය 72ක් තුළ බටා එක පමණක් නොව ආහාර දීමනාව ද දෙන්න මා අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. උස් පහත් බේදයකින් තොරව ඒ ආහාර දීමනාව දෙනවා. තනතුරු අනුව එය වෙනස් විය නොහැකියි. ලබන 16 වැනිදා මා ආරම්භ කරන්නේ නව යුගයක නව ආරම්භයයි. අලුත් ගමනක් බොරු නොකියන ගමනක් මර්දනය නැති ගමනක් ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් පොදුජන අයිතිය ශක්තිමත් කරන ගමනක් පනස් දෙහැවිරිදි ජනාධිපතිවරයෙකු පත්කර ගෙන දිවා රෑ නොබලා ශීඝ්‍රගාමී සංවර්ධන යුගය නිර්මාණය කරන්න සියලු දෙනාම හයිය දෙන්න.මෙරටට අවශ්‍ය යල් පැන ගිය, ඇටුවන් බැහැපු අය නොව අලුත් ජවය අලුත් හයිය සමඟ තරුණ කාන්තා පරපුරට, සමස්ත පුරවැසි පරපුරටම ශක්ති දෙන නව රජයක් දූෂණය මර්දනය කළ කොල්ල කෑම කළ ජාතික සම්පත් විනාශ කළ කිසිවකු මගේ රජයට ඇතුළත් කර ගන්නේ නැහැ. පිරිසුදු ගමනක් පවිත්‍ර දර්ශනයක් ජනතාවාදී ජනහිතකාමී පිළිවෙතක් හරහා අනිවාර්යෙන්ම මා රට දියුණු කරනවා. එමෙන්ම පුරවැසි පරපුරම රැක ගන්නවා. අපේ මාතෘ භූමිය දිවි හිමියෙන් සුරකිනවා.මා ජනතාවට කියන්නේ ගෙයක් - ගෙයක් ගානේ ගොස් පක්ෂ පන්ති පාට බේදයකින් තොරව අලුත් - අවංක - පිරිසුදු ගමන, භීෂණයෙන් තොර ගමන, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් තොර ගමන, සුදු වෑන් වලින් තොර ගමන, මිනීමැරුම්වලින් තොර ගමන ජනතාව ජීවත් කරවන ගමනට ශක්තිය දෙන්න කියලයි.වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1500ක් කරමින් රටේ සියලු දෙනාට සෞභාග්‍ය සම්පන්න අනාගතය නිර්මාණය කරනවා යයි”ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය සමුළුව ඇමතූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා :-“මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි. මෙය ජනාධිපතිවරණයක් පමණක්ම නොවෙයි. ජනාධිපතිවරණයෙන් තේරී පත් වන ජනාධිපතිවරයා ලබන මාර්තු මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට තීරණයක් ගත යුතුයි. ඒ වගේම පළාත් පාලන මැතිවරණ පැවැත්වීමටත් අවශ්‍ය පියවර ගත යුතුයි.ඒ නිසා ජනාධිපතිවරණයේදී නිවැරදි හා බුද්ධිමත් තීරණය ගැනීම වෙනුවෙන් ජනතාව මෙහෙය වීමේ වගකීම මාධ්‍යවේදීන් සතුයි.රාජපක්‍ෂ යුගයේදී මිනිස් නිදහස හෙමින් - හෙමින් ඇකිලිගෙන යන ආකාරය අප දුටුවා. කතා කිරීමේ නිදහස පාලනය වෙන ආකාරය දැක්කා. එරෙහිව කටයුතු කරන මාධ්‍ය ආයතනවලට කළ කී දෑ අප දැක්කා. ඒ වගේම විරුද්ධවාදීන් මර්දනය කිරීමට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හිරගෙට දැම්මා”.නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග සහ හේෂා විතාන, එක්සත් ජාතික පක්‍ෂ කලවාන ආසන සංවිධායක සරත්චන්ද්‍ර රාමනායක යන මහත්වරු ද අදහස් දැක්වූහ.අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය ද ජන රැලියට සහභාගි වී සිටියාය.
“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“
0
hp_train_1250
(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)ජනාධිපති මැතිවරණය ප්‍රකාශ කළ දින සිට අද (03) සවස 4.30 දක්වා මැතිවරණ පැමිණිලි 116 ක් ලැබී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.මෙයින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 108 ක්ද, ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක්ද, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වෙනත් පැමිණිලි 7 ක්ද ලැබී තිබේ.මෙයින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වැඩි වශයෙන් පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගාල්ල පොලිස් බල ප්‍රදේශ‍යෙන් බවත් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් කීය.ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල ලැබී ඇත්තේ හික්කඩුව පොලිස් බල ප්‍රදේශයෙනි.නීති විරෝධී පෝස්ටර් ඇලවීම්, බැනර් කටවුට් ප්‍රදර්ශනය ආදිය සම්බන්ධයෙන් වැඩි වශයෙන් පැමිණිලි දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබේ.
ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 74 ක්
0
hp_train_1251
(රංජිත් රාජපක්ෂ) පුද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අද (4) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපොප මල්දෙණිය මහතා පැවසිය.මතුරට පොලිස් වසමට අයත් දඹේතැන්න ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පිරිසක් නිධන් හාරමින් සිටින බවට ලද තොරතුරක් මත නුවරඑළිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් වැටලීමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කට්ටඩියෙකු , පියෙක් සහ පුතෙකු ඇතුළු 08 දෙනෙකු වන බවත් , නිධන් හැරිමට උපයෝගී කරගත් උපකරණ රැසක් සහ පුජා උපකරණ රැසක් පොලිස් බාරයට ගැණිනි.අත්අඩංගුවට ගත් සැකකරුවන් 20 -40 අතර වයස් කාණ්ඩ වල පසුවන අය බවත් , සැකකරුවන් මතුරට ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
නිධන් හාරමින් සිටි කට්ටඩියා ඇතුළු 8 අල්ලති
1
hp_train_1252
(ඉන්දිකා රාමනායක)ගෝනාපීනුවල මංසන්ධියේ යතුරු පැදියක් සහ පාපැදියක් අනතුර ලක් වීමෙන් පසු ඇති බහින්බස් වීමක් අතරතුර ටී 56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තබා පලාගිය සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගාල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.ගෝනාපීනුවල හංදියේ දී ඉකුත් (27) දින යතුරු පැදියක් හා පාපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවත්, එම අනතුරින් පසු ඇති වු බහින් බස් වීමක් අතරතුර යතුරු පැදියේ සිටි පිටපසු සිටි පුද්ගලයා කරේ එල්ලා ගෙන සිටි ගමන් බෑගයේ තිබු ටී 56 ගිනි අවිය ක්‍රියාත්මක කර උණ්ඩ 3 න් පොළවට වෙඩි තබා යතුරු පැදිකර පලාගොස් ඇත.එම සිද්ධියෙන් පසු පලාගිය එම ප්‍රධාන සැකකරු සහ වෙඩික්කරු ඔවුන් පදිංචි ප්‍රදේශයවලින් පලාගොස් ඇති බවද හෙතෙම කීය.මෙම සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනකු ඉකුත් (2) දින ගාල්ල දඩල්ල හා දංගෙදර යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.එම සැකකරුවන්ගෙන් හෙළි වු තොරතු අනුව සිද්ධියට අදාල වෙඩි තැබු ටී 56 ගිනි අවිය, එම යතුරු පැදිය, ගිනි අවියේ පතරොම් 45 ක්, මැගසින් දෙකක් ව්‍යාජ වාහන අංක තහඩු දෙකක්, සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මාර්ග කියයි. 
ගෝනාපීනුවල සිද්ධිය ප්‍රධාන සැකකරු මාට්ටු
1
hp_train_1253
(මොහොමඩ්  ආසික්)මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද (09)  පෙරවරුව  දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින්  161  ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා  කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන්  2479  දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.අද 09 පෙරවරුව දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  1637ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 625ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  217ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තා වී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ගණන  අද වනවිට මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයෙන්  වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 346ක් වෙයි.නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම  ආසාදිතයින්  ප්‍රමාණය වාර්තා වී ඇත්තේ  අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණ 264  ක් වෙයි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ   උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එය 56 ක් වෙයි.අද (09) පෙරවරුව දක්වා වූ ගෙවුණු පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින්  161  දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් 140 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද, ආසාදිතයින් 06 දෙනෙකු   නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද, 15 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.මේ අතර මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් මරණ 14 ක්  සහ  මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 02ක්ද ඇතුළුව මධ්‍යම පළාතෙන් කෝවිඩ් මරණ 16ක් වාර්තා වී ඇති බවද සෙඛ්‍ය අංශ කියයි.මේ අතර මධ්‍යම පළාත තුල ස්ථාපිත කර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානවල කොව්ඩ 19 වයිරසය ආසාදිතයින් 871 දෙනෙකු ප්‍රතිකාර ගනිමින් සිටින බවද මධ්‍යම පළාත්  සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි
මධ්‍යම පළාතෙන් කෝවිඩ් ආසාධිතයින් 2479ක්
1
hp_train_1254
(ප්‍රියංක ගමගේ)සේපාල  රත්නායකගේ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල සහ  රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් කළුවා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු එළඹෙන ජුනි 04  වැනිදා  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිථුනආරච්ච්චි මෙනවිය නියෝග කළාය. පසුගිය ඔක්තෝබර් 27 වැනි දින මාතර රොටුඹ ප්‍රදේශයේ දී නාලක පුෂ්ප කුමාර යන ව්‍යාපාරිකයා සහ ජාසිංකන්දගේ නිලංග සඳරුවන් යන ඔහුගේ සහායකයා රොටුඹ ප්‍රදේශය වෙළඳසල තුළදී ටී-56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධිය ඩුබායි සිට මෙහෙයුම් බවට  දුරකතන විශ්ලේෂණ වාර්තා බුද්ධි තොරතුරු සහ විමර්ශනවලදී  අනාවරණය වීම මොවුන්ට විරුද්ධව ඇති චෝදනා වේ. කළුවා ඩුබායි සිට පිටුවහල් කිරීමේදී රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපල ඒකකය අත්අඩංගුවට ගෙන පසුව රොටුඹ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි. එලෙසම මෙම ඝාතනයට තැත් කිරීම සඳහා සහාය ලබා දුන් තවත් පුද්ගලයින් හය දෙනෙකු මේ වන විට ඉදිරිපත් කිරීමට රොටුඹ පොලිසිය කටයුතු කර ඇති අතර එම අපරාධය සඳහා භාවිතා කළ උණ්ඩ රස පරීක්ෂණ වාර්තාව ලබාගැනීම සඳහා අද (21) රොටුඹ පොලිසිය කටයුතු කර  තිබිණි. මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකය විසින් මොවුන් අත්අඩංගුවට ගැණිනි.
රොටුඹ අමිල-කළුවා තවදුරටත් රිමාන්ඩ්
0
hp_train_1255
දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි. ‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය‘. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/03/2015නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249060වැසි ස්වල්පයක්මඩකලපුව31249070මද වැසිකොළඹ31249565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල32249070අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32259065වැසි ස්වල්පයක්මහනුවර31219550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21129565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය34239560අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය31249070මද වැසිමන්නාරම32249575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_1256
(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ ) හැඹිලි දැල් භාවිතයෙන් රාත්‍රී කාලයේ මසුන් මරමින් සිටි ධීවරයන් 14 දෙනෙකු, ධීවර යාත්‍රා 2ක් සහ හැඹිලි දැල් කට්ටල 2ක් සමග අද (30) අලුයම කල්පිටිය දලුව මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්‍යාලයට භාර දී ඇත.මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින්, පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ, 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනතට අනුව, මෙම දැල් භාවිතය සපුරා තහනම් බවයි. අත්අඩංගුවට පත් සැකකරුවන් සින්නපාඩුව ප්‍රදේශයේ පදිංචි ධීවරයින් බව වාර්තා වේ.මෙම අත්අඩංගුවට පත් ධීවරයින් සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නීතිවිරෝධී තංගුස් දැල් සමඟ ධීවරයින් දෙදෙනෙක් අත්අඩංගුවට
0
hp_train_1257
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව සදහන් කරයි.විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවලින් විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කියයි.දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනී.2015 මැයි  මස 24 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
'අදත් පළාත් රැසකට විටින් විට වැසි'
1
hp_train_1258
(අනීෂා මානගේ) තරුණියකට ලිංගික අපයෝජනය කළැයි සැකපිට ව්‍යාපාරිකයකු අද (10) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි. අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි. මෙම තරුණිය සැකකරුගේ වෙළෙදසැලේ සේවිකාවක් ලෙස කටයුතු කර ඇතැයි පොලිසිය කියයි. ඇයගෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ. 
නීතිවිරෝධීව තේක්ක දැව ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට
0
hp_train_1259
(ඩයනා උදයංගනී) දකුණු සහ සබරගමුව පළාත්වලත්, කළුතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (14) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා  ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
අද දවස වැසි සහිත කාලකුණයක්
0
hp_train_1260
උතුරු  සහ නැගෙනහිර පළාත් හැර දිවයිනේ බොහෝ පළාත්වල  සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කෙසේ වෙතත්, උතුරු  සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.බස්නාහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල උදය  කාලයේදීත්  වැසි ඇතිවන බවත්  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
‘පළාත් කීපයකට විටින් විට වැසි‘
0
hp_train_1261
(ජේ.කේ.එල් චාමින්ද)ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් බැහැරවන කසළ එකතු කිරීම තාවකාලිකව නවතා දැමීමට සිදුවී ඇති බව ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි. රත්ගම, පන්විල මොන්රොවියාවත්ත කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට කසළ භාර නොගැනීම හේතුවෙන් කසළ රැස්කිරීම නැවතීමට සිදුව ඇතැයිද ඒ මහතා කීය. මොන්රෝවියාවත්ත කසළ මධ්‍යස්ථානයට අද (16)  කැළිකසළ රැගෙන ගිය නගරසභාවට අයත් වාහන අධිකරණ නියෝගයක් ඇති බැවින් නැවත හරවා එවා ඇති  බවද නගරාධිපතිවරයා පැවසීය. ගාල්ල මහනගර සභා බලප්‍රදේශය තුළ කැළිකසල බැහැරකිරීම සඳහා කිසිදු ස්ථානයක් නොමැති බවත්, මෙම තත්වය හේතුවෙන් කසළ එකතුකිරීම තාවකාලිකව නතරකිරීමට සිදුවන බවත් නගරාධිපති ප්‍රියන්නසහබන්දු මහතා සඳහන් කළේය. රත්ගමපන්විල මොන්රෝවියා වත්තේ කසළ ප්‍රතිචක්‍රීකරණ  මධ්‍යස්ථානයට කසළ ප්‍රවාහනය කිරීමත් එම මධ්‍යස්ථානයට කසළ බාර ගැනීමත් තහනම් කරමින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා දකුණු පළාත් පාලන කොමසාරිස්වරයාටත් කසළ ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථානයේ බාරකරුටත් ඉකුත්(14) කොන්දේසි සහිත ආඥාවක් ද නිකුත්  කර තිබුණි. මහ නගරාධිපතිවරයා මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේද කිවේය. “පළාත් පාලන කොමසාරිස්තුමාගෙන් මා  කළ විමසීමකදි ඔහු කීවා මේ ගැන  කරුණු කියන්න කියලා. 21 වැනිදාට ඔහු  අධිකරණයට  කරුණු කියන්න බලාපොරොත්තුවන බව කීවා. ඒවනතෙක් ගාල්ල නගර සීමාව තුළ බැහැරවන කසළ එකතුකරලා දමන්න තැනක් නැහැ. ඒ නිසා කුණු එකතුකිරීමේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා කසළ රැස්කිරීම තාවකාලිකව නතර කිරීමට  තීන්දු කළා. දිනකට කසළ ටොන් 50ක් විතර  නගරසභා බල ප්‍රදේශයෙන් එකතුවෙනවා. ග්‍රාම නිලධාරි වසම් 43ක නිවාස ඒකකවල කසළ එකතුකරනවා. කරාපිටිය රෝහල, ගාල්ල බන්ධනාගාරය, යුද හමුදා කඳවුර, නාවික හමුදා කඳවුරු, නිවාස සංකීර්ණවල කසළ එකතුකරන්නේ  නගර සභාව මගින්. අපිට කසළ දමන්න කිසිදු තැනක් නැහැ. ඒ නිසා එය නතර කිරීමට සිදුවෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.යැයිද නගරාධිපතිවරයා සඳහන් කළේය. 
ගාල්ලේ පළාත් පාලන ආයතන හතරක කසළ එකතුකිරීම නවතී
0
hp_train_1262
 අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගමේ සුබසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා ඉතා සාර්ථකව පැවැත්විණි.අංක 75 කඳවල පාර රත්මලාන පිහිටි අයිඩියල් මෝටර්ස් ප්‍රධාන වැඩ බිමේදී පවත්වන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන ඉකුත් 03වැනිදා පවත්වනු ලැබූයේ අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගමේ සමාරම්භක දිනය වන සැප්තැම්බර් පස්වැනිදා මූලික කරගනිමින් හා අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය නිමිති කරගෙනය.අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සුබසාධක සංගමය හා කාර්ය මණ්ඩලය මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කර තිබූ අතර එය මෙවර පැවැත්වූයේ හත් වැනි වරටය. අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් රටට අවැසි මොහොතක අයිඩියල් මෝටර්ස් විසින් මෙවැනි සත්කාරයක් සංවිධානය කිරීම කාගේත් පැසසුමට ලක් වූ කරුණක් වූ බව එම සමාගම සඳහන් කරයි.සිය ආයතනික සමාජ සේවා මැනවින් හඳුනාගෙන ඇති අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම මීට පෙරද කෝඩිඩ් 19 වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ 2020 වර්ෂයේදී ද සමාජ සුබසාධන සේවා කීපයක්ම ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව පසුගිය වසරේ මාර්තු මාසයේ කෝවිඩ් 19 වෛරසයේ ආරම්භක අදියරේ දී මුල්ලේරියාව මූලික රෝහලට කඩිනමින් අවශ්‍ය කර තිබූ රෙදි සෝදන යන්ත්‍ර හා කසළ බදුන් පරිත්‍යාගයක් ව්‍යාපාරසමූහයේ සභාපති නලීන් වෙල්ගම මහතාගේ මුලිකත්වයෙන් සිදු කෙරිණි.ඊට අමතරව එම වසරේම ජූනි මාසයේ දී කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට අත්‍යවශ්‍යව තිබූ හෘද රෝගීන්ගේ දත්ත ගබඩා කිරීමට අවශ්‍ය ලැප්ටොප් පරිගණක 6 ක පරිත්‍යාගයක් ද සිදු කෙරිණි.එමෙන්ම සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පෞද්ගලික ආරක්ෂණ ඇඳුම් හා උපාංග තොගයක්ද ගංගාරාම විහාරස්ථානයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය පරිත්‍යාග කිරීම හා අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම විසින් මහින්ද්‍රා ගිලන් රථයක් මධුර විතාන පදනම වෙත පරිත්‍යා කිරීම ඒ අතර වේ.මීට අමතරව අයිඩියල් මෝටර්ස් විසින් ක්‍රියාත්මක කළ සමාජ සුබසාධන ව්‍යාපෘති අතර පානීය ජල අවස්ථාවෙන් පීඩා විඳි නාමල්පුර ප්‍රදේශයේ පවුල් 1500ක් සඳහා පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම, නොච්චියාගම, තල්ගස්වල, විද්‍යාරවින්ද විදුහලේ පාසල් දරුවන්ට අවශ්‍ය සියලු‍ම පොත් පත්, බෑග්, පාවහන් හා පාසලට පානීය ජලය ලබාදීම, කෙවිටියාගල, දියපත්තුගම විහාරස්ථානයේ බෝමළුව ඉදිකර බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීම, දියපත්තුගම එස්.ඒ. වෙල්ගම ප්‍රාථමික විදුහලට අවශ්‍ය පරිගණක ලබාදීම, කතරගම දේවාලයට හා අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන්ට මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ පරිත්‍යාග කිරීම ඒ අතර වේ.595
අයිඩියල් මෝටර්ස් සමාරම්භක දිනය සමරා ලේ දන්දීමක්
1
hp_train_1263
(අමරදාස සිල්වා) රජයේ තීරණයකට අනුව මැයි 07 වැනිදාට කල්දැමූ මැයි දිනය සැමරීම සඳහා ජ.වි. පෙරමුණ රජයට හිලෑවීම ගැන ලැජ්ජා විය යුතු බවත් ඒ කිසිම තීරණයකට යටත් නොවී ඉතා අභීතව පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දිනය දාම කොළඹදී දැවැන්ත රැලියක් පැවැත්වීමට එඩිතරවීම ගැන පක්ෂයට ආඩම්බර විය හැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවසීය. ගුණරත්නම් මහතා එසේ පැවසුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මැයි 1 දා සවස පැවැත්වූ මැයිදින රැලියේදීය. කොළඹ 10, මාළිගාවත්තේ පිහිටි පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් පාක්ෂිකයින් පෙළපාළියකින් පැමිණ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී මෙම රැලිය පැවැත්විණි. ‘ඇත්ත වෙනසකට වමේ බලයක්’ තේමාව කර ගනිමින් පැවැති එම රැලියේදී කුමාර් ගුණරත්නම් මහතා මෙසේද කීය. මැයි පළමුවැනිදා දවසේ ලෝක කම්කරු දිනය සැමරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පමණක් කොළඹ  කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මැයි රැලියක් පැවැත්වීමට අවසරදීම ගැන ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මා ප්‍රථමයෙන්ම ස්තුතිය  පළකර සිටිනවා. ලෝක කම්කරු දිනය සැමරීමේ දිනය මැයි මාසයේ  හත්වැනිදාට කල්දැමීමට රජය තීරණය කළා. වාම පක්ෂයක් යැයි කියා ගන්නා ජ.වි. පෙරමුණ ඒ දිනයට මැයි රැලිය පවත්වන්නට එකඟ වීමෙන්ම ජ.වි. පෙරමුණ රජයට මොනතරම් හීලෑවෙලාද කියා අපට හිතා ගන්නට පුළුවනි. ඒ නිසා ජ.වි. පෙරමුණ  අපි හඳුන්වන්නේ  ධනේෂ්වර රජය ඉදිරියේ දණ ගසාගෙන සිටින පැරැණි වමක් හැටියටයි. මේ රටේ වාමාංශික පක්ෂයක් තිබෙනවා නම් ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණයි ඒ නිසා අපි රජයට කියනවා අපට තර්ජනය කරලා බය වද්දන්න එපා කියලා. අපේ පෙරටුගාමී වාමාංශික පක්ෂයේ ගරුත්වය ආරක්ෂා කරන්නට ඕනෑම කැපවීමක් කරන්න සූදානම් බවත් අප රජයට දන්වා සිටිනවා. එදා 87දී ජේ.ආර්. පාලනය මැයි දිනය පැවැත්වීමට තහනම් කළා. එදා අපි හිටියේ ජ.වි. පෙරමුණට සම්බන්ධවයි. අපි එදා මැයි දිනය පවත්වන්නට ඒකරාශීව ඉදිරියට ගියත් ජේ.ආර්.ගේ පොලිස්  හමුදාව අපේ කිත්සිරි මෙවන් රණවක  සහ ලෙස්ලි ආනන්දලාල් සහෝදරවරු ඝාතනය කරලා දැම්මා. ඊට පසුව මහින්ද රාජපක්ෂ පාලනයේදී 2006දී යුද්ධයට මුවාවෙලා  නැවත වරක් මැයි දිනය තහනමට ලක් කළා. එදා හීලෑවෙච්ච ජ.වි. පෙරමුණ සමග සිටි නිසා මැයි දිනය සමරන්න හැකියාව ලැබුණේ නැහැ. මේ තමයි ජ.වි. පෙරමුණේ මැයි දින ඉතිහාසය. මේ විලිලැජ්ජා නැති හීලෑකමත් පිළිකුල් කරලා තමයි එයින් ඉවත්වෙලා අප පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවා ගත්තේ. අද රනිල්-මෛත්‍රී හවුල අනියම් ආකාරයෙන් මැයි දිනය තහනමට ලක් කර තිබෙනවා. මැයි දිනයේ නිවාඩුවක් අවලංගු  කළා විතරක් නොවෙයි මැයි දින රැලියක් පැවැත්වීමටත් කොළඹ නගරයේ පිට්ටනියක්වත් නොදෙන්න කටයුතු කරලා තියෙනවා. කොහොම වුණත් රජයේ තහනම නොතකා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ඉතා ගාම්භීරව කොළඹදී මැයි දින රැලියක් පවත්වන්නට තරම් එඩිතරව සිටින බව මහත් ආඩම්බරයෙන් කියා සිටිනවා. නමුත් රජයේ තීරණයකට අනුව මැයි 07 වැනිදාට ලෝක කම්කරු දිනය සැමරීමට ජ.වි. පෙරමුණ රජයට හීලෑවීම ගැන ලැජ්ජා විය යුතුයි. මැයිදිනය මැයි මාසේ 07 වැනිදාට කල් දැමුවේ බෞද්ධ  ජනතාවගේ වෙසක් උත්සවයට බාධාවක් වේවි කියලයි රජය මේ තීරණය අරගෙන තිබෙන්නේ. මේක නොවෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව තමයි ආණ්ඩුවේ විපක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ඇති අර්බුද සහ ජනාධිපති සහ අගමැති මුහුණදී සිටින අර්බුද. මේ නිසා තමයි බෞද්ධයා ගැන මහා පුදුම කැක්කුමකින් මැයි දිනය කල් දමල අර්බුදකාරී තත්ත්වය වසන් කරන්නට පියවර ගත්තේ. මේ සමගම අපි මහානායක හිමිවරුන්ගෙන් අහනවා ආර්යෂ්ඨාංගික මාර්ගය අනුව ප්‍රඥාවෙන් යුතුව ජීවත් විය හැකි රටක් අපේ බෞද්ධ ජනතාවට තියෙනවද කියලා. යහපත් කර්මාන්ත කරලා ජීවත් විය හැකි රටක් අපට ඉතිරිවෙලා තියෙනවද කියලා අපට අනුශාසනා කරන්න කියා ඉල්ලා සිටිනවා. රජයේ මේ සෙල්ලම ඇතුළේ තියෙන්නේ රජය කරගෙන යාමට ඇති නොහැකියාව නොවෙයිද?රනිල් වික්‍රමසිංහට නායකත්වය දිගටම තියා ගන්න හැකිවේවිද? සජිත් ප්‍රේමදාසට නියොජ්‍ය නායකත්වය දිගටම තියා ගන්නට හැකිවේවිද? මෛත්‍රීපාල සිරිසේනට දෙවැනි වරටත් ජනාධිපතිවීමේ සිහිනය සැබෑවේවිද? මහින්දට තවත් සැරයක් ජනාධිපතිවීමේ සිහිනය සැබෑ කර ගන්නට පුළුවන් වේවිද? මෙන්න මේ වගේ කතාවක් තමයි අද රට තුළ පවතින්නේ. මෙයට කියන්නේ දේශපාලන අර්බුදය හැර වෙන කුමක්ද? මේ වගේ දේශපාලන අර්බුදයක් ඇතිවීමට හේතුව තමයි පවතින ධනේෂ්වර පාලනය. පසුගිය රජයේ සිටි හොරු සමග ආණ්ඩුවක්  පිහිටුවාගත් මේ රජයෙන් කෙරෙන්නේ ධනේශ්වර පාලනයක්. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද රජපක්ෂට  වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ මහින්දගේ දක්ෂතාව නිසා නොවෙයි. මේක ජනතාවගේ පුරුද්දක්. මේ පුරද්ද නැති කර ගන්න අවශ්‍යයි. ජනතාව බලාපොරොත්තු වන ඇත්ත වෙනසක් දැකීමට නම් විඳීමට නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට බලය පැවරිය යුතුමයි. වමට බලයක් ලබාදිය හැක්කේ ජන බලය ශක්තිමත් කිරීමෙන් පමණයි. ඒ ක්‍රියාවලියට ඡන්දය ප්‍රකාශ කිරීමට පමණක් සීමා කළ යුතු නැහැ. ඒ සඳහා අවශ්‍ය දේශපාලන දැක්ම හා වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මේ සියල්ලෙන් පෙරටුගාමී  සමාජවාදී පක්ෂය ශක්තිමත්. කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්  දුමින්ද නාගමුව මහතා: ලෝක කම්කරු දිනය කියන්නේ නිකම්ම නිකන් දිනයක් නොවෙයි. එය ලෝකයේ කම්කරුවෝ ලේ හලලා දිනාගත්තු දිනයක්. ඒ නිසා එම දිනයේම සැමරීමට අපට හැකිවීම අපට ලොකු සතුටක්.විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය කියන යෝජනාව මේ වනවිට ජ.වි. පෙරමුණ කරළියට ගෙනැත්. ඉදිරියේ  පැවැත්වෙන ජනාධිපතිවරණයට ගෝඨාභය  රාජපක්ෂ  එන බවට කතාවක් තියෙනවා. එයා එනවට මහින්ද රාජපක්ෂ  කැමති නැහැ. එයාගේ බලාපොරොත්තුව එයාගේ නාමල් පුතාට රට බාරදෙන්නටයි. ඔය කවුරු විධායක ජනාධිපති තනතුරට ආවත් අපි බය නැහැ. අපි දේශපාලනය කරනවා. මේ වනවිට වර්ධනය වන ආර්ථික අර්බුදය ලෝකයේ ඉවර වෙන්නෙත් නැහැ. ලංකාවේ ඉවර වෙන්නෙත් නැහැ. මේ  වසරේ ලංකාව රුපියල් මිලියන 450ක් ණය ගෙවිය යුතුව තිබෙනවා. මේ අර්බුදය දැනගෙන තමයි මහින්ද වේලසනින්  ඡන්දය තිබ්බේ. මේ අර්බුදයට කර ගහන්න වෙන්නේ වැඩ කරන ජනතාවට ගොවියන්ට ශිෂ්‍යයන්ට සහ කාන්තාවන්ටයි. ඔය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන පක්ෂයට අයත් ලොරියේ ඉදිරියෙන් ගහලා තියෙන්නේ බුදු සරණයි කියලා. නමුත් ලොරිය ඇතුළේ තියෙන්නේ හොර හරක් බව අමතක කරන්න එපා. අද කම්කරු දිනය සමරන මේ වෙලාවේ අපි සිටින්නේ  දේශපාලන හැරවුම් ලක්ෂයක. මේ අර්බුද ගැන කතාකරන වෙලාවේ අපේ ගෙවල්වල තිබෙන තත්ත්වය කොහොමද? හාල්  පොල් සීනි ගණන්. දරුවන්ගේ  ටියුෂන් සල්ලි ගෙවන්න ඕනෑ. හැබැයි ගෙදරින් එළියට ආවම මේවා ගැන කතා කරන්නේ නැහැ. ඒ ප්‍රශ්න ගැන එළියේ පිට කතා කරන්න බැරි තරම් මහා දැවැන්ත මතයක් මාධ්‍ය මගින් හදලා තියෙනවා.  ඒ කියන්නේ ගෙදර ප්‍රශ්නය  රටේ ප්‍රශ්නයක්  නොවෙයි කියන විදියට. ඒ සඳහා දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. අපේ ජීවිතයේ දැවෙන ප්‍රශ්න වේදිකාවට ගෙනඑන ව්‍යාපෘතිය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය මුල පුරලා තිබෙන බව කියන්න කැමතියි. ජ.වි. පෙරමුණේ වංචා  දූෂණ  නැහැ කියන සටන් පාඨයම දූෂණයක්. මහා පරිමාන  ව්‍යාපෘති  ඇතුළේ වෘත්තීය සමිති හදලා තියෙන්නේ ජ.වි. පෙරමුණ විසින්. මේ අය ඒ සමාගම් ඇතුලේ වෘත්තිය සමිති කරන්නේ හාම්පුතා සමග රහසේ ඩීල් දමාගෙන. එහෙමනම් මේ රටේ මහා දූෂණ වංචාවන් සිදු කෙරෙන්නේ ජ.වි. පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති  ඇතුළේ බව අද අපි රටට හෙළිකර සිටිනවා. මේ ආණ්ඩුව සමෘද්ධිය දෙන හැටිත් අපි කියන්න අවශ්‍යයි. යම් පවුලක සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් අය සිටිනවා නම් සමෘද්ධිය දෙන්නේ නැහැ. සතියකට වරක් හෝ මස් හෝ මාළු කනවා නම් සමෘද්ධිය කපා දමන්නට රජය නියම කර තිබෙනවා. රාජපක්ෂලා ආවාට මෙම ක්‍රමය වෙනස් වේවි කියා හිතන්න එපා. ඒ අය බලයට ආවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කරන පරිප්පුව කන්න වෙන බව අප දන්නවා. ගොවි අරගල ව්‍යාපාරයේ සංවිධායක ලේකම් විමල් වත්තුහේවා, විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ  ජාතික කමිටු සාමාජික සංජීව බණ්ඩාර, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න, වෙනසක  තාරුණ්‍යය ජාතික සංවිධායක සුජිත් කුරුවිට, යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. 
මැයි දිනය 7දා සමරන්න රජයට හීලෑ වුණාට ජවිපෙ ලජ්ජා විය යුතුය
1
hp_train_1264
(ඩයනා උදයංගනී)දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය අදින් (19) පසු තරමක් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බව ඔහු පැවසීය.ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය අද දිනයේදී දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ඇතුළුවීමට නියමිත අතර මේ හේතුවෙන්  දිවයිනට උතුරු සහ ඊසාන දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදෙන්නන්ද අවදානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැස්ස අඩුවෙන ලකුණු
1
hp_train_1265
(මනෝප‍්‍රිය ගුණසේකර)සේවක අර්ථ සාදක අරමුදල් නොගෙවූ ගරාජ් හිමියකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ගරාජ් හිමියාගෙන් රුපියල් ලක්‍ෂ 1 1/2ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ මාතලේ දිස්ත‍්‍රික් හිටපු කම්කරු නිලධාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වසර 14 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 1 1/2ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ තුෂාරී දයාරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය.චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ මාතලේ දිස්ත‍්‍රික් කම්කරු නිලධාරීවරයා ලෙස කටයුතු කළ බිම්සර ලීල් කොඩිතුවක්කු නමැත්තාටය.2013 සැප්තැම්බර් මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාතලේ දිස්ත‍්‍රික් කම්කරු නිලධාරීවරයා ලෙස කටයුතු කරමින් සේවක අර්ථ සාදක අරමුදල් නොගෙවු සචින් නිරාජ් කුලතුංග නමැත්තාට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 1 1/2ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් මත අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.මේ සම්බන්දයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම සියළුම චෝදනාවන්ට ඔහු වරදකරු කළේය.පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ තුෂාරී දයාරත්න මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් රාජ්‍ය සේවකයින් අල්ලස් ලබා ගැනීම හේතූවෙන් රාජ්‍ය සේවකයින් මහජනතාව අතර පිළිකුල ලක් වනවා මෙන්ම රටේ ආර්ථිකයටද දැඩි හානි සිදුවන බව පෙන්වා දුන්නාය.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ උපරීම දඩුවමක් විත්තිකරුට නියම කරන්නැයි තුෂාරී දයාරත්න මහත්මිය ඉල්ලා සිටියාය.ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට වසර 14ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කොට එය වසර 04ක කාලයකින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට නියම කළේය.ඊට අමතරව විත්තිකරුට නියම කළ දඩ මුදල් හා දණ්ඩන මුදල නොගෙවුවහොත් අමතර මාස 10ක සිරදඬුවමකටද ඔහු යටත් කළේය.පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ තුෂාරී දයාරත්න මහත්මිය පෙනී සිටියාය.    
අල්ලස් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 14 ක සිරදඬුවමක්
1
hp_train_1266
(උණවටුන ඩී.ජී. සුගතපාල)එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මවුපිය දෙදෙනාම නැත. වැඩිමල් සහෝදරයා දුක්  මහන්සියෙන් බාල සෙහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් අහිමි විය. මේ අතර අයියා මහන්සියෙන් දියුණුවට පත්ව සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත්විය.එහෙත් අයියාගේ අවාසනාවට මෙන් මල්ලි පදිංචි වූයේද අයියාගේ නිවස අසලමය. මේ අතර. මල්ලි බීමත්ව පැමිණ නිතර නිතර අයියාගේ දියුණුව ඉවසාගත නොහැකිව බැණ වදින්නට විය. මේ නිසා ගමේ අය ඔහු හැඳින්වූයේ කචල් මල්ලි කියාය. අවස්ථා කිහිපයක්ම කචල් මල්ලී  පොලිසියට කැඳවා උපදෙස් දුන්නත් වැඩක් නොවීය.මේ අතර අයියාගේ දියණිය බැලීමට මනමාලයෙකු පැමිණි අවස්ථාවේ කචල් මල්ලි බීමත්ව පැමිණ නොයෙක් දේ කියමින් අයියාගේ පවුල ලැජ්ජාවට පත් කළේය. එහෙත් පැමිණි පිරිසට අයියා කරුණු පැහැදිලි කළ අවස්ථාවේ ඔවුන් පැවසුවේ ඕවා සාමාන්‍ය දේවල් බවය.අයියාගේ දියණියගේ මංගල උත්සව දිනය ළංවිය. මල්ලි පැමිණ නෑදෑ පිරිස අපහසුවට පත්කරන බව දැනගෙන සිටි අයියා තමාගේ මිතුරෙකුට කතාකොට උපදෙසක් පැතීය. “හරි මම බලා ගන්නම් “කියූ මිතුරා කචල් මල්ලිගේ ජංගම දුරකතන අංකය ඉල්ලා ගත්තේය.මංගල උත්සවයට පෙර දිනයේ කචල් මල්ලිගේ දුරකතනයට ඇමතුමක් ලැබුණේය. “ආයුබෝවන් මහත්මයා අපි මේ කතා කරන්නේ දුප්පත්කම නැති කිරිමේ  සංවිධානයෙන්, අපගේ සංවිධානය විසින් අඩු ආදායම්ලාභි පවුල් සඳහා ලබාදෙන රුපියල් දස ලක්ෂය මෙවර දීමට තීරණය කර තිබෙන්නේ ඔබටයි. ඔබේ නම  නිර්දේශකර අපට එවා තිබෙන්නේ ග්‍රාම නිලධාරි මහතායි. ඔබ හෙට උදේ දහයත් එකොළහත් අතර කාලයේ හැඳුනුම්පත පමණක් රැගෙන අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.’ යනුවෙන් පැවසූ කාන්තාවක් ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු සියලු‍ විස්තරද කීවාය.මෙවැනි මුදලක් තමාට ලැබේ යයි ඔහු කිසි දිනෙක සිතුවේ නැත. දස ලක්ෂයෙන් කරන වැඩ ගැන එළිවෙනතුරුම බිරිය සමග කතා කළේය.  ‘‘දැන් ඉතින් මටත් අයියාට වැඩ පෙන්වන්න පුළුවන්’’ ඔහු සිතුවේය. දුරකතන ඇමතුමෙන් කියූ විස්තර අනුව කිසිම සැකයක් නැත. ගමේ සිට කොළඹට යාමට අඩු තරමින් පැය හතරක්වත් ගතවේ. එනිසා උදේ රැයින්ම අලු‍ත් සරමක් සහ කමිසයක් ඇඳගෙන ඔහු කොළඹ බලා පිටත් විය.උදේ දහය වන විට කොළඹට පැමිණි ඔහු දුරකතනයෙන් කියූ මං සලකුණු ඔස්සේ ප්‍රධාන කාර්යාලය සොයාගෙන යන්නට විය. එහෙත් එවැනි තැනක් සොයා ගැනීමට නොහැකිවූ නිසා තමාට ඇමතුම දුන් දුරකතනයට කතා කළේය.“මහත්මයා පාර වරද්දාගෙන. දැන් ආපස්සට එන්න. ඇවිල්ල දකුණට හැරෙන්න. එතැන තියෙනව විශාල ගොඩනැගිල්ලක්. ඒකේ දෙවැනි තට්ටුවට  එන්න.’’ ඒ අනුව ආපස්සට පැමිණි ඔහු එම ගොඩනැගිල්ල අසල නැවතී එයට ඇතුළුවීමට තැනක් සොයමින් සිටින විට ආරක්ෂක නිලධාරියෙක් පැමිණ ඔහු එලවා දැම්මේය. ඉන්පසු ඇමතුම දුන් දුරකතනයට කොතෙක් කතා කළත් පිළිතුරු නැත. එය ක්‍රියා විරහිතය.දැන් හොඳටම දවල් වෙලාය. කචල් මල්ලිට තද බඩගින්නක් දැනෙන්ට විය. තමා උගුලකට හසුවී ඇති බව ඔහුට දැනිණ. ඒ අසල සිටි ආරක්ෂක නිලධාරියාගෙන් පිටකොටුව බස් නැවතුම් පොළට එන පාර අසාගත් කචල් මල්ලි පයින්ම පිටකොටුවට ආවේය. ගමට එනවිට හොඳටම රෑ බෝවෙලාය. සුපුරුදු පරිදි කසිප්පු පොළට ගිය ඔහු වෙනදා මෙන්ම බීගෙන ආවේ අයියාගේ දියණියගේ උත්සවයට පැමිණෙන පිරිසට ලැජ්ජා කරන්නට සිතාගෙනය. එහෙත් ඒ වනවිට උත්සවයේ සියලු‍ කටයුතු ඉතා හොඳින් අවසන්ව තිබිණ.
අයියගෙ දුවගේ මඟුල බේරාගන්න කචල් මල්ලීට ලණුවක් අඹරලා
1
hp_train_1267
කප්පල්තුරෛ , මදට්ටන් වෙරළ ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.එහිදී ඔවුන් සතුව තිබූ මිටර් 250 දිගැති තහනම් දැලක්, කැනොයි වර්ගයේ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.   ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා චීන වරාය, පොලිසිය වෙත භාර දීමට කටයුතු  කර ඇත.නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් චීන වරාය පොලිස් නිලධාරීන් සමඟ සිදුකළ මෙහෙයුමකින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.(36698)
පලෙයි දූපත ආසන්නයේ නීතී විරෝධීව මසුන් ඇල්ලූ දෙදෙනකු අත්අඩංගුවට
0
hp_train_1268
(අංජුල මහික වීරරත්න)ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කාන්තා ළමා  කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත සංශෝධනයට
1
hp_train_1269
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 12/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව34269065අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32259075වැසි වාර කිහිපයක්.ගාල්ල31259075වැසි වාර කිහිපයක්.යාපනය33279070වැසි ස්වල්පයක්.මහනුවර31229560වැසි වාර කිහිපයක්.නුවරඑළිය22119560වැසි වාර කිහිපයක්.රත්නපුරය34249560වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35269055අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570වැසි ස්වල්පයක්.   
‘අපරභාගයේ ගිගුරම් සහිත වැසි‘
1
hp_train_1270
(ඩී. කේ. රත්න සහ සමන් පාලිත) හල්දුම්මුල්ල වෑඑළිය මීගස්තලාව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට ඇද තිබූ විදුලි රැහැනක පැටලී අද (05) වන අලියෙකු මියගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය පවසයි. ගම්මිරිස් සහ කුරුදු වගා කර ඇති ඉඩමකට ඇද තිබූ විදුලි රැහනක පැටලී මෙම වන අලියා මියගොස් තිබේ. වැල්ලවාය කොස්ලන්ද ප්‍රදේශයේ වන රක්ෂිතවල ජීවත්වන වයස අවුරුදු 20ක පමණ වන අලියෙකු මෙම විදුලිසැර වැදීම නිසා මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.  මෙම වන අලියා කාලයක සිට වෑඑළිය ප්‍රදේශයේ වගාබිම්වලට පැමිණ වගාබිම් විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.(ඡායාරූප - සමන් පාලිත)  
විදුලි සැර වැදී අලියෙක් මරුට
0
hp_train_1271
ජුනි මාසය වන විට සියැට් ට්‍රක් බස් රේඩියල් (TBR) ටයර් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කටයුතු කර තිබෙන බව එම සමාගම සඳහන් කරයි.ට්‍රක්රථ, ප්‍රයිම් මූවර්ස් සහ බස් රථ සඳහා යොදාගන්නා සියැට් Winmile AW 10.00 R 20 ප්‍රමාණයෙන් යුතු ටයර් නිෂ්පාදනය අදියර දෙකක් යටතේ ඉහළ දමමින් වසරකට ටයර් 18,000 ක නිෂ්පාදන ධාරිතාව ටයර් 40,200 ක් දක්වා වැඩි කරන බව සමාගම සඳහන් කරයි. මෙම නිෂ්පාදනය ඉහළ දැමීමත් සමග මෙම අංශයේ මෙරට ටයර් අවශ්‍යතාවෙන් සියයට42 ක ප්‍රමාණයක් සැපයීමට සියැට් සමත්වනු ඇත.සියැට් Winmile AW ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන ට්‍රක් බස් රේඩියල් ටයරය වන අතර නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට, නිෂ්පාදන පරාසය සහ ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීමට, සමාගම විසින් මීට වසර තුනකට පෙර රුපියල් බිලියන 03 ක මුදලක් ආයෝජනය කර තිබේ. සියැට් සමාගමේ ට්‍රක් බස් රේඩියල් ටයර් නිෂ්පාදනය 2019 අප්‍රේල් මාසයේ සිට ආරම්භ කළ අතර තවත් ටයර් නිෂ්පාදන යන්ත්‍ර තුනක් සවි කිරීමට සමාගම කටයුතු කර ඇත.මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැලණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඩ්ලානි මහතා මෙසේ පැවසීය.‘අපගේ මුල්ම ආයෝජන සැලැස්ම දියත් කරනු ලැබුවේ රජය විසින් තෝරාගත් භාණ්ඩ සඳහා තාවකාලික ආනයන සීමා පැනවීමට පෙරයි. එහෙත් මෙම ආනයන සීමා නිසා වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා එසේ සීමාකර ඇති ටයර් වර්ගවල සහ ප්‍රමාණවල නිෂ්පාදනය ද වැඩි කිරීමට අප අඛණ්ඩව කටයුතු කර තිබෙනවා,’ ‘ට්‍රක් සහ බස්රථ ටයර් ආනයන සීමා මේ වනවිට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එහෙත්, පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට bias-ply සහ TBR ටයර් නිෂ්පාදනය වැඩි කරමින් මෙම අංශයේ ටයර් අවශ්‍යතාව සියයට 100 ක්ම සැපයීමේ හැකියාව සමාගම ලබාගෙන තිබෙනවා. මෙමගින් රටට රුපියල් බිලියන 11 ක පමණ විදේශ විනිමයක් ඉතිරිකර ගත හැකියි. මෙම අංශයේ ටයර් නිෂ්පාදනය තවදුරටත් වර්ධනය කිරීම මගින් තවත් විදේශ විනිමය ඉතිරිකර ගැනීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි.’සියැට් සමාගම විසින් මේ ආකාරයෙන් ට්‍රක් බස්රථ රේඩියල් ටයර් නිෂ්පාදනය වැඩි කිරීමට සමගාමීව මෝටර් රථවල 12” සිට 14” දක්වා රිම් ප්‍රමාණ සඳහා වන රේඩියල් ටයර් නිෂ්පාදනය ද වැඩි කිරීමට කටයුතු යොදා ඇත. 
ට්‍රක් බස් රේඩියල් ටයර් නිෂ්පාදනය සියයට125 කින් නංවයි.
1
hp_train_1272
(ඩයනා උදයංගනී)වැසි තත්වය තවදුරටත් පවතින අතර, බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.​
හෙට පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි
0
hp_train_1273
( ශාන්ත චන්ද්‍රසිරි)රජය විසින් වැඩිකරන ලද රුපියල් 1000 දෛනික වැටුප නිසි ලෙස තමන්ට ලබා දෙන ලෙස වතු  සමාගමට  බල කරමින් තලවකැලේ, ලිඳුල, මටේකැලේ වතුයායේ    වතු කම්කරුවන්  අද   (14) උද්ඝෝෂණයක නිරතවුහ.රජයේ හා වැටුප් පරිපාලක සභාවේ චක්‍රලේඛණවලට පටහැගිව යමින් වැවිලි සමාගම්  විසින් පැය අටක දිනක සේවයට ලබා දෙන රුපියල් 1000 ක දෛනික වැටුප නොගෙවා විවිධ කොන්දේසි දමමින් ඉන් අඩක් ගෙවීමට පියවර ගෙන ඇතැයි උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවෝ පවසා සිටියහ.වතු සමාගම විසින් මීට පෙර වතු කම්කරුවන්ට ලබාදුන් සුභසාධන කටයුතු කිසිවක් මේ වනවිට ලබා නොදී සිටින බවත්, අසාධාරණ ලෙස දිනකට තේ දළු කිලෝ 20 ක් කැඩිය යුතු බවට වතු පාලන අධිකාරිය විසින් පවසා  සිටින බවද ඔවුහු පවසා සිටියහ. මටේකැලේ වතුයායේ වතු කම්කරුවන් 300 ක පමණ පිරිසක් කලු කොඩි ඔසවමින් හා පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එක්රැස්ව මෙසේ උද්ඝෝෂණයේ නියලිණි. 
ආගරපතනේ වතු 8 ක කම්කරුවෝ පාරට බසිති
0
hp_train_1274
(අජන්ත කුමාර අගලකඩ)වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස දෙකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පැවැසීය. ඒවා කළ අය මෙන්ම ඊට සහාය දුන් සහ එය දැක දැකත් බලා සිටි අය සම්බන්ධයෙන් රටක් ලෙස කෙසේ සිතිය යුතු ද යන්න කල්පනා කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.තමාගේ හෙට දවස ගැන නොසිතා මේවාට විරුද්ධවීමට සිදුවී තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.තමා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේද නැද්ද යන්න මෙතෙක් පැහැදිලි තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපතිවරයා කීවේය.තමා දේශපාලන ජීවියකු බවත්, තමාගේ පණ තිබෙන තෙක් දේශපාලනයේ සිටින බවත් කී ජනාධිපතිවරයා, තමාට තනතුරු තිබුණත් නැතත් නිල කාලයෙන් පසුව ද දේශපාලනය කරන බව සඳහන් කළේය. තමාගේ පණ සහ ලේ හැදී තිබෙන්නේ දේශපාලනයත් සමග යැයි ද ජනාධිපතිවරයා පැවැසීය.පසුගිය වසර තුනේ රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් පුද්ගලික සමාගම්වලට ගොස් ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.රජයට සම්බන්ධව සිටි සහ හිටපු සමහර අයගේ ඡන්ද ව්‍යාපාරවලට මෙම මුදල් ගොස් ඇති බවත්, අවුරුදු තුන තුළ මෙම මුදල් ඉතා සූක්ෂ්ම ලෙස ගොස් ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.රවි කරුණානායක මහතා මහබැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් කරන්නට තිබූ ප්‍රකාශය කළේ නම් එය ඔහුගේ සියදිවි හානිකර ගැනීමක් වන බව ද ජනාධිපතිවරයා පැවසීය. මහ බැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවට ඉදිරිපත් වූ සාක්ෂි ඇතුළත් ලිපි ගොනු ලොරි දෙකක් ගබඩා කර ඇතැයිද ජනාධිපති සිරිසේන මහතා කියා සිටියේය.පසුගිය වසර දහයේ විදේශ ණය ලෙස ලැබෙන ටි්‍රලියන 10 ක ණයවලින් වත්කම් ලෙස පෙන්වන්නට ඇත්තේ ටි්‍රලියනයක් පමණක් බව කී ජනාධිපතිවරයා ඉතිරි මුදල්වලට සිදුවූ දේ පෙන්වීමට ලිපි ලේඛන නැති බවද පැවසීය.ඉදිරියේදී එන නඩුවලින් බේරීම සඳහා ප්‍රභූ-චෞර-අශුද්ධ සන්ධානයක් දේශපාලන බේදයෙන් තොරව බිහිවී ඇති බව ද ජනාධිපතිවරයා කීය.මහ බැංකු බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසුව එහි පිටු අඩු බවට කරන ප්‍රකාශ තමා ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.බැඳුම්කර වාර්තාව ලැබී සති දෙකකින් පමණ ප්‍රකාශයක් කිරීමට තමා සිතා සිටියද, එය වහා ඉදිරිපත් කළ යුතු බවට කළ ඉල්ලීම් නිසා තමා කල් ඇතිව ප්‍රකාශයක් කළ බව කී ජනාධිපතිවරයා, සමහරුන්ට අවශ්‍ය වූයේ එය දේශපාලන වශයෙන් පමණක් යොදා ගැනීමට බව කීවේය.තමා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන්ගේ අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ හා නීතිඥයින්ගේ අදහස් විමසීමෙන් පසුව බව කී ජනාධිපතිවරයා, තවත් පිරිසකගේ අදහස් ලබාගැනීමෙන් පසුව තමා මෙවැනි ප්‍රකාශයක් කළේ ජීවිතයේ පළමු වතාවට බව පැවැසීය. මෙම වාර්තාවේ කිසිම අඩුවක් නැති බව තමා වගකීමෙන් කියන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.වාර්තාව පාර්ලිමේන්තුවට යැවීමෙන් පසුව ඊට පසුබිම් වූ වාර්තා ලිපි ලේඛන ලොරි දෙකකට වැඩිය ගබඩා කර තිබෙන බව කී ජනාධිපති සිරිසේන මහතා, ඉදිරියේදී නඩු පැවරීමට අවශ්‍ය සහ රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු ලිපි ලේඛන රැසක් එහි තිබෙන බව ද පැවසීය. පාඩු වූ මුදල් අයකර ගැනීමටත්, නඩු පැවරීමටත් අවශ්‍ය ලිපි ලේඛන රැසක් එහි තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.මෙම වාර්තාව නිවැරැදිව තේරුම් ගැනීමට නම් ගබඩාවල තිබෙන එම ලිපි ලේඛන ද යම් ප්‍රමාණයකට පරිශීලනය කළ යුතු යැයි කී ජනාධිපති සිරිසේන මහතා, වාර්තාවේ පිටු අඩුවී ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන්නේ යැයි සඳහන් කළේය.බැඳුම්කර කොමිසමේ වාර්තාවත් බරපතළ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාවත් එකට ඉදිරිපත් කළේ සැලසුම්සහගතව නොවන බව කී ජනාධිපතිවරයා, අහඹු ලෙස ලැබුණු වාර්තා දෙකම එකවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව කීවේය.තමා වාර්තා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, වාර්තාව ඉදිරිපත් කළ යුතු බවට පසුව හඬ නැගූ  අය වාර්තාව දුන් පසු පුදුම ආකාරයට නිහඬ වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.වාර්තාව ඉල්ලා කෑ ගැසූ අය වාර්තා දෙකම ඡන්දයට පෙර පාර්ලිමේන්තුවේ දින දෙක තුනක් විවාද කළේ නම් ඒ පිළිබඳව රටට දැනගන්නට හැකිව තිබූ බව කී ජනාධිපතිවරයා දෙගොල්ලන්ම එකතු වී පොත වසා දැමූ බව කීවේය.තමාගේ ප්‍රතිපත්ති හේතුවෙන් හිටපු අය මෙන්ම ආණ්ඩුවේ දැන් සිටින අය ද තමා දෝෂදර්ශනයට ලක් කරන බව කී ජනාධිපතිවරයා කොමිසමේ වාර්තාවක් බොරුවක් බව රවි කරුණානායක හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බව කීවේය.රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ කරන්නට ගිය පළමු ප්‍රකාශය අගමැතිවරයා වැළැක්වූයේ එම ප්‍රකාශය කළොත් ලොකු අමාරුවක වැටෙන බව ප්‍රකාශ කරමින් යැයි කී ජනාධිපතිවරයා රවි කරුණානායක මහතා දෙවැනියට කරන්නට ගිය ප්‍රකාශය නතර කළේ කතානායකවරයා විසින් බව සඳහන් කළේය.ඔහු එම ප්‍රකාශය කළේ නම් එය සිය දිවි නසා ගැනීමක් වනු ඇතැයි ද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කළේය.තමා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය බොරු යැයි රවි කරුණානායක මහතා ප්‍රකාශ කළ ද, තමා එම ප්‍රකාශය කළේ නීතිඥයන්ගේ ද අදහස් විමසීමෙන් පසුව බව කී ජනාධිපතිවරයා රට යහපත් පැත්තට ගෙනයෑමේ බරපතළ අභියෝගයක් මතුව තිබෙන බව කීවේය.මෙහි කෙළවර කොතැක දැයි තමා නොදන්නා බව කී ජනාධිපතිවරයා එසේ වුවද තමා කරන්නට ඕන දේ කරන බව පැවැසීය.කොමිෂන් සභා දෙකේ වාර්තා අනුව වගකිවයුතු අයට නඩු පැවරීමේදී ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් වළක්වා ගැනීමට කළ හැකි සෑම දෙයක්ම තමා කරන බව ජනාධිපතිවරයා කීවේය.පසුගිය ආණ්ඩුවේ බලවත් අයට එරෙහිව නඩු පැවැරුවේ දැයි ජනතාව අසන බව කී ජනාධිපතිවරයා තාජුඩීන් ඝාතන සිද්ධිය, ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සහ ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය ආදිය පිළිබඳ වාර්තා කටයුතු 2016 වන විට අවසන් කර ඇති බව නීති අංශ ප්‍රකාශ කර තිබූ බව ද ජනාධිපතිවරයා කීය.බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු කරද්දී පරීක්ෂණ කළ නිලධාරීන්ට කරදර සිදුවූ බව කී ජනාධිපතිවරයා ඇලෝසියස් ගේ දුරකථනයේ තොරතුරු සොයා බැලුවේ යැයි මැති ඇමැතිවරුන් කලබලවූ බවද සඳහන් කළේය.ඔවුන් පරීක්ෂා කළේ ඇලෝසියස්ගේ දුරකථනයට ආ සහ එමගින් ගත් ඇමතුම් පිළිබඳ තොරතුරු මිස මැති ඇමැතිවරුන්ගේ දුරකථන තොරතුරු පරීක්ෂා නොකළ බවද ජනාධිපතිවරයා පැවැසීය.එසේ වුවද එම තොරතුරු පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට අවසානයේ ඒ පිළිබඳව කරුණු කියන්නට සිදුවූ බවද ජනාධිපති සිරිසේන මහතා කීය.එවැනි ක්‍රියාවලින් ඇතැම් නිලධාරීන් බිය වුවද සියලුම නිලධාරීන් බිය නොවූ බව කී ජනාධිපතිවරයා එසේ වුවද එමගින් පරීක්ෂණවලට බාධා එල්ලවූ බව කීවේය.චෞර ප්‍රභූ සන්ධානයක් දේශපාලන බේදයෙන් තොරව බිහිවී ඇති බව තමා මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළේ යැයි කී ජනාධිපති සිරිසේන මහතා එයට පක්ෂයක් පාටක් නැතැයි සඳහන් කළේය.ඉදිරියේදී එන නඩු ටිකෙන් බේරීමට අශුද්ධ සන්ධානයක් බිහිවී අවසන් බවත් මෙම පරීක්ෂණ කරන නිලධාරීන් බිය ගැන්වීමට ඉඩ නොදෙන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා කීය.ආර්ථිකය හැසිරවීමේ බලය තමා යටතට මේ වසරේ සිට ගන්නා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති සිරිසේන මහතා තමා එමගින් අදහස් කළේ ආර්ථිකය කඩාවැටීමක් නොව ආර්ථිකය කඩාවැටීමට හේතුවන කාරණා ගැන යැයි කීවේය.පසුගිය අවුරුදු තුනේදී ආර්ථිකය ගොඩනැගීමට රජයක් ලෙස කටයුතු කළද ඇතැම් පාර්ශ්වයන් ඊට වෙනස්ව කටයුතු කළේ යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ දැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපති සිරිසේන මහතා තමා මන්ත්‍රීවරයෙකු වූයෙත්, ජනාධිපති වූයෙත් බලාපොරොත්තු නොවූ ආකාරයට බවත් තමා නැවත ජනාධිපතිධුරයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න මෙතෙක් පැහැදිලිව තීන්දුවක් ගෙන නැති බවත් කීවේය.තමාට තිබෙන්නේ අද තිබෙන දේ කිරීම බව කී ජනාධිපතිවරයා අභියෝග රැසක් තිබෙන බව සඳහන් කළේය.තව අවුරුදු දෙකකින් එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි තීන්දුවක නැති බව කී ජනාධිපතිවරයා දැනට එන තත්ත්වයන් කොතනින් කෙළවරවේද යන්න ගැටලුවක් බවත් කීවේය.තමා ආණ්ඩුව තුළ සටන් කරන නමුත් ඒවා විස්තරාත්මකව කිව නොහැකි බව ජනාධිපතිවරයා කීවේය.ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වැළැක්වූයේ ජනාධිපතිවරයා නොවේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවෙන් එවන ලිපි ගොනු නැවත පරීක්ෂා කර තහවුරු කර ගැනීමෙන් පසුව නඩු පවරන ලෙස තමා අගමැතිවරයාට උපදෙස් දී තිබෙන බව පැවැසීය.පර්පෙචුවල් ටේ‍රෂරිස් සමාගමට බැඳුම්කර ගනුදෙනුවෙන් ලැබුන ලාභය එහි වෙනත් සමාගමකට මුදල් වශයෙන් ලබාදී ඇති බවත් අල්ලස් හා සන්තෝෂම් වශයෙන් එක් එක් අයට ලබාදී ඇත්තේ එම මුදල් බවත් ජනාධිපතිවරයා පැවැසීය.මේ අතර බැඳුම්කර වාර්තාව ගැන තවදුරටත් යමක් දැනගත යුතුයි පක්ෂ නායකයින් ලබන සඳුදා (29) ජනාධිපති කාර්යාලයට කැඳවා ඇතැයි කී ජනාධිපතිවරයා කාට හෝ ගැටලුවක් ඇත්නම් එය විසඳාගත හැකි යැයි පැවසීය.ලංකාවේ තේ, කරුංකා, ගම්මිරිස් සහ අන්නාසි ප්‍රති අපනයනයේදී බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුව ඇතැයි කී ජනාධිපතිවරයා තමා කැබිනට් මණ්ඩලයේදීද මේ ගැන නිතර පවසා ඇතැයි කීවේය.අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලද අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතුව ආණ්ඩුවේ සිටින සමහරුන්ගේ ක්‍රියා කලාපය බව කී ජනාධිපතිවරයා තමා ඒ ගැනද නිතර පවසා ඇති බව සඳහන් කළේය.මේ අතර පළාත් පාලන මැතිවරණය ඡන්ද කොට්ඨාස මට්ටමේ ඡන්ද පොළවලදී ගණන් කිරීමට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව කී ජනාධිපතිවරයා පළාත් පාලන ආයතන මට්ටමින් ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමේ වැදගත්කම තමා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇතැයි සඳහන් කළේය.තමා පැවැති ආණ්ඩුවෙන් එළියට බැස්සේ දූෂණයට හා වංචාවට විරුද්ධව බව කී ජනාධිපතිවරයා කොතරම් අභියෝග ආවද දූෂණයට එරෙහි ගමන නතර නොකරන බව කීවේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පියවරක් ගන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා ඡන්දයෙන් පසුව මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව කීවේය.  
හදිසි නීතිය ඉවත් කිරීම ජනපති ලංකාවට පැමිණි පසු
0
hp_train_1275
(අංජුල මහික වීරරත්න, අතුල බණ්ඩාර, මඩුකන්ද - සිතුම් චතුරංග, ගලේවෙල - මොහොමඞ් බුහාරුඩීන් සහ නාඋල - ඉන්දික අරුණ කුමාර)“මේ අපේ ශ්‍රී ලංකාවයි” යන හැඟීම දකුණේ මෙන්ම උතුරේ සියලු ජනතාවට දැනෙන නිදහසේ ජීවත් විය හැකි ජාතික ආරක්ෂාව තහවුරු කරන ලද මාතෘභූමියක් ගොඩනගන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වවුනියාවේදී පැවසීය.“මාතෘභූමිය ලෝකයේ බබළවන ‘ශ්‍රී ලංකා ෆස්ට්’ දැක්ම සඳහා සියලු ජාතීන්ගේ ශක්තිය තමාට ලැබෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වවුනියාවේ ජන රැලියට අමතරව මැදවච්චිය, කින්නියා, දඹුල්ල සහ මිනුවන්ගොඩදී ද ජල රැලි මෙදිනම පැවැත්විණි.වවුනියාවේ ජන රැලිය ඇතුළු සෙසු ජන රැලි අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.“වවුනියාවේ ජීවත් වන ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව සියලු පුරවැසියන්ගේ සෞභාග්‍ය තහවුරු කිරීමට මා ඇපකැප වෙනවා. යුද්ධය නිසා විපතට පත් වූ ජනකොට්ඨාස රැසක් සිටිනවා. මමද යුද්ධය නිසා ඇති වූ ක්‍රියාදාමය තුළ විපතට පත්වූ පවුලක සාමාජිකයෙක් වෙනවා. යුද්ධය නිසා පොදු ජනතාව රණවිරුවන් වගේම සමස්ත රටම විපතට පත් වුණා. ඔබ සැම දෙනාගේම දුක කණගාටුව හොඳින් මට අවබෝධ වෙනවා. ඒ දුක කණගාටුව දැනෙන පෞද්ගලිකවම ඒ වේදනාව කණගාටුව අත්දැකපු පුද්ගලයෙකු ලෙස දුකට පීඩාවට අසහනයට පත්වූ සෑම පවුලකම හැම සාමාජිකයෙකුගේම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස  පෞද්ගලිකවම කැපවෙනවා.ලෝකයේ ඕනෑම රටක් යුද්ධයකින් පසු සාමය නිර්මාණය වීමෙන් අනතුරුව පළමුව කරන දේ ජාත්‍යන්තර ආධාරක සමුළු පැවැත්වීමයි. රුවන්ඩාව - බුරුන්ඩි වගේ රටවල් අභ්‍යන්තර යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළු පවත්වා යුද්ධය පැවැති ප්‍රදේශ වැඩි දියුණුවට පත්කරනවා. යුද්ධය අවසන් වුණේ 2009 මැයි මාසයේදීයි. දැනට වසර දහයකුත් මාස කිහිපයක් ඉක්ම වෙලා.ලබන 16 වැනිදා මා ජනාධිපති ලෙස පත් කළ පසු මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ගන්න පළමු පියවර වෙන්නේ උතුරු පළාත වෙනුවෙන් වෙනමම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන එකයි. ඉන් පසු නැගෙනහිර පළාත වෙනුවෙන් ද ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා. ලෝකයේ සිටින ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් මේ ප්‍රදේශවලට ගෙනල්ලා ජනතාවට සෙත සලසනවා. එය මගේ නායකත්වයෙන් පෞද්ගලික අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර දැවැන්ත සංවර්ධනයක් මේ ප්‍රදේශයේ ඇති කරනවා.රටේ ක්‍රියාත්මක වූ සුපුරුදු ක්‍රමය කුමක්ද? ජනාධිපති අපේක්ෂකයන් පැමිණ රැස්වීම් පවත්වා ජය ගෙන ජනාධිපති තනතුරට පත් වූ පසු ඡන්දය දුන් ජනතාව හා ජනාධිපතිවරයා අතර කිසිදු සම්බන්ධතාවක් නැති වෙනවා. නැවත ඒ සම්බන්ධය ඇති වන්නේ ජනාධිපතිවරණයකදීය.ඒ නිසා ජාතික සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය මා පිහිටුවනවා. කාර්ය සාධක බලකාය තුළ උතුර සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කරනවා. නැගෙනහිරත් පිහිටුවනවා.රටේ සියලු පළාත්වල එවැනි ජනාධිපති කාර්ය සාධක බලකා පිහිටුවා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිර්මාණය වන යාන්ත්‍රණයෙන් එය ක්‍රියාත්මක කරනවා. මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දළ වශයෙන් 332ක් තිබෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනාධිපති ඒකක පිහිටුවනවා.බල ප්‍රදේශවල ජීවත් වන විවිධ ජාතීන්වලට විවිධ ආගම්වලට ජාති ආගම් කුලමල පක්ෂ පන්ති බේදයෙන් තොරව ජනාධිපති කාර්ය සාධක බලකා හරහා ජනාධිපතිවරයා ඍජුව සම්බන්ධ කරගත හැකි අලුත් යාන්ත්‍රණයක් හදනවා.ජාතිය ආගම කුලය පන්තිය තරාතිරම නොතකා හැමදෙනාටම එක විදියට නීතිය ක්‍රියාත්මක කර, ආරක්ෂාව තහවුරු කරමින් ජීවත් වීමේ අයිතිය තහවුරු කරනවා.කෘෂි ක්ෂේත්‍රයේ සියලු වගාවලට නොමිලේ පොහොර දෙනවා. වී වගාව එළවළු පළතුරු වගාව හේන් ගොවිතැන සුළු අපනයන භෝග වගාව තේ, පොල්, රබර් වගාව ආදී සියලු වගාවන්ට අංගසම්පූර්ණ නොමිලේ පොහොර දෙනවා.නොමිලේ පොහොර දෙන්නේ රටේ ආහාර නිෂ්පාදනය ඉහළට ගන්නයි. ආහාර නිෂ්පාදනය ඉහළ යනවිට ජාතික නිෂ්පාදනය ඉහළට යනවා. ජාතික නිෂ්පාදනය ඉහළට යනවිට ජාතික ආදායම ඉහළ යනවා. ජාතික ආදායම ඉහළ යනවිට පොදු ජනතාවට එය බෙදී යනවා. ආදායම ඉහළ යනවිට පසුගිය ආණ්ඩු පටලවපු ණය මර උගුලෙන් මිදෙන්න හැකියාව ලැබෙනවා. එපමණක් ද නොවෙයි. රටේ ආහාර අවශ්‍යතාව අපටම සපුරා ගන්න හැකිවෙනවා. පිටරටින් රටට ආහාරපාන අවශ්‍ය නැහැ. ආනයනය වෙනුවට දේශීය ආහාර නිෂ්පාදනය තුළින් රට ලෙස අපේම ආහාර සපයාගෙන අපනයනය ද වර්ධනය කරගෙන අපනයන කේන්ද්‍ර කර ගත් ආර්ථික සංවර්ධනය ඇති කිරීමයි මගේ දැක්ම වන්නේ.එතැනින් නතර නොවී මුළු වාරි ක්ෂේත්‍රයම මා ගොඩගන්නවා. ගොඩ වූ වැව් ටික මා ප්‍රතිසංස්කරණය කරනවා. අලුත් වාරි ශිෂ්ඨාචාරය වාරි උදාව නමින් ආරම්භ කර රටේ වැව් පද්ධතිය වගේම වවුනියාව ප්‍රදේශයේ වැව් පද්ධතිය පිළිසකර කරනවා. සුළු වාරිමාර්ග මධ්‍ය වාරිමාර්ග මහාමාර්ග ප්‍රතිසංස්කරණය කොට වාරි උදාව තුළින් මෙරට කෘෂි කර්මාන්තය දියුණු කර ගොවිතැන් කරන ජනතාවගේ අනාගතය රැක ගන්නවා.මිරිදිය ධීවර කර්මාන්තය ගොඩනගමින් ස්වයං රැකියා ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් ග්‍රාමීය නාගරික ආර්ථිකය ශක්තිමත් කරනවා.කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින්ම ශක්තිමත් කර දිය යුතුයි. සියලු සහන දෙනවා. ඒ වැඩපිළිවෙළ තුළ ජනතාවගේ ග්‍රාමීය නාගරික ආර්ථිකය තුළ මුදල් සංසරණය වර්ධනය කර අතමිට සරු ජන සමාජයක් බිහිකරනවා.යොවුන් පරපුර වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන පන්නයේ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාල නිර්මාණය කරනවා. මේ ප්‍රදේශයටත් නවීන පන්නයේ තාක්ෂණ විද්‍යාල නිර්මාණය කර ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, රොබෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව යොවුන් පරපුරට නිදහසේ නොමිලේ නව තාක්ෂණය හැදෑරීමේ අවස්ථාව උදා කරනවා.ඊට අමතරව මේ ප්‍රදේශයට තාක්ෂණ උද්‍යාන හදා ජාත්‍යන්තර තාක්ෂණ විද්‍යාලවලින් සමත්වන දරුවන්ට තාක්ෂණ උද්‍යානයෙන් ඩිජිටල් විප්පලවයෙන් තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරන්න අවස්ථාව උදා කර දෙනවා. ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න මූලික ප්‍රාග්ධනයද ඩිජිටල් විප්ලවයකට වචනයට සීමා නොකර එය මහ පොලොවේ යථාර්ථය කරන්න අවශ්‍ය පහසුකම දෙනවා.පළාත් පාලන කොට්ඨාස මට්ටමෙන් කර්මාන්තපුර අරඹනවා. ඍජු විදේශ ආයෝජන ඒවාට රැගෙනවිත් යෞවන යෞවනියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් දෙනවා. කර්මාන්ත බිහිකරන්නේ කොහොමද කියා සජිත් ප්‍රේමදාසට පාඩම් අවශ්‍ය නැහැ. මොකද මගේ පියා තමයි කර්මාන්ත විප්ලවය හරහා ඇඟළුම් කර්මාන්ත 200 ආරම්භ කළේ.දුප්පත්කම තුරන් කිරීම සඳහා තිබෙන සමෘද්ධි වැඩසටහන මා තවදුරටත් ශක්තිමත් කරනවා. සමෘද්ධි වැඩපිළිවෙළ හරහා දුප්පත් ප්‍රජාවට වැඩි වැඩියෙන් ශක්තිය දෙනවා. හැමදාම දුප්පත්කම මෙහෙම තිබෙන්න බැහැ. දුප්පත්කමින් ඔබ මිදෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම සමෘද්ධි වැඩසටහනට අමතරව රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කළ ජනසවිය වැඩසටහන ද මීට සමානව ක්‍රියාත්මක කරනවා.මගේ පියා තමයි පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුමයි දිවා ආහාරයයි දුන්නේ. මගේ ප්‍රතිවාදි අපේක්ෂකයා නියෝජනය කරන දේශපාලන කණ්ඩායම තමයි පාසල් යන දුවා දරුවන්ගේ දිවා ආහාරය කපා හැරියේ. පාසල් දරුවන් වෙනුවෙන් මගේ පියාට අවසන් කරන්න බැරිවූ වැඩ කොටස තිබෙනවා. මා ඒ දේ ඊෂ්ට කරනවා.ලබන 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු පාසල් දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි දෙනවා.ඊට අමතරව රටේම තිබෙන පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයක් බවට පත් කොට ඒවායේ සිටින පාලිකාවන්ට ගුරුතුමියට සහාය පාලිකාවන්ට රජයේ අරමුදල්වලින් වේතන ගෙවා පෙර පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරනවා. පෙර පාසල් දරුවන්ටත් දිවා ආහාර දී මෙරට අධ්‍යාපනයට දැවැන්තම ශක්තිය දෙන්න කටයුතු කරනවා.විශේෂයෙන්ම පාසල් පද්ධතියට දිය යුතු යටිතල පහසුකම් දෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් පද්ධතිය ගොඩනගනවා. ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන ශක්තිමත් කරමින් පවුල් සෞඛ්‍ය සේවා වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරනවා. රටේ උතුම්ම සම්පත වන දරු පරපුර හා මව් පරපුර සුරකින්න මා කටයුතු කරනවා.කාන්තා ප්‍රඥප්තිය හරහා කාන්තා අයිතිය නීති ගත කරන්න කටයුතු කරනවා. කාන්තා අයිතිය රටේ නීතියක් බවට පත් කරනවා. කාන්තා මූලික පවුල්වලට දීමට තිබෙන ඉහළම සහයෝගය ඉහළම ශක්තිය දෙනවා. ග්‍රාමීය සංවර්ධනයට යටිතල පහසුකම් සංවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රටේ ජනාධිපතිවරයා ලෙස පෞද්ගලික අධීක්ෂණයෙන් හැම ග්‍රාමසේවා වසමකම වන හැම කුඩා ගම්මානයකම සිදුවන සංවර්ධනය නව තාක්ෂණය ඔස්සේ සොයා බලනවා.විවිධ ජාතීන්ගෙන් සමන්විත ජන සමාජය තුළ සංහිඳියාව, එකමුතුභාවය, මිත්‍රශීලිත්වය ගොඩ නගන්නට යුක්තිගරුක ගුණගරුක ශිෂ්ට සම්පන්න ජන සමාජයක් නිර්මාණය කරන්නට ඕනෑ. ඒ උදෙසා සියලුම ආගම්වල දහම් අධ්‍යාපනය මා ශක්තිමත් කරනවා.දහම් පාසල් ශාලා වැඩසටහන අද ජාතික වැඩසටහන ලෙස ක්‍රියාත්මක වෙනවා. 2025 වනවිට රටේ සියලුම දහම් පාසල් පද්ධතියට ඒ ශක්තිය දෙමින් දහම් අධ්‍යාපනය ප්‍රගුණ කරමින් යුක්ති ගරුක ගුණගරුක ශීලාචාර සුචරිත වූ දරු පරපුරක් පුරවැසි පරපුරක් නිර්මාණය කරනවා. මිත්‍රත්වයේ ගුණාංගය තුළින් රට සැබැවින්ම එක් සේසත් වූ රටක් බවට පත් කරන්නට මා කටයුතු කරනවා.අනිවාර්යයෙන්ම 2025 වනවිට මෙරට සියලු පුරවැසියන්ගේ නිවාස ප්‍රශ්නය විසඳනවා. සැම කොට්ඨාසයකටම නිවාස ව්‍යපෘති දෙනවා. 2025 වනවිට රටේ සෑම පවුලකටම තමන්ගේ කියා භූමියක් තුළ නිවසක් හිමිකර ගැනීමේ සිහිනය මා සැබෑ කරනවා.ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමේ ගමන මා ක්‍රියාත්මක කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රටේ සංවර්ධනය ගැන සොයා බලනවා. ඉතිහාසයේ කිසිම දවසක ක්‍රියාත්මක නොවුණු විප්ලවීය සංවර්ධන යුගය ක්‍රියාත්මක කිරීමට මට ශක්ති සම්පන්න සහ ජවසම්පන්න බව තිබෙනවා.ජනතාවගේ පපුවට මේ අපේ ලංකාවයි. මේ අපේ මෘත භූමියයි යන හැඟීම ඇතිවිය යුතුයි. ඒකීය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට නිදහසේ ජීවත් වෙන්න අභිමානයෙන් ජීවත් වෙන්න ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ජනතාවගේ ප්‍රාණය ශක්තිමත් කරන නව යුගයක් සඳහා ශ්‍රී ලංකා ෆස්ට් යන වැඩසටහන ක්‍රියාත්මක කරන්න ශක්තිය දෙන්න යයි ඉල්ලා සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා කීවේය”.කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතා:-“මේ මැතිවරණය උතුරු-නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව ඉතාමත්ම හොඳින් සිතා බැලිය යුතු මැතිවරණයකි. ඉස්ලාම් නායකයන් පිළිබඳව සිංහල ප්‍රදේශවලට ගොස් බොරු ප්‍රචාර ගෙන යනවා. අහිංසක සිංහල සමාජය අතරේ ජාතිබේදය වපුරා රටේ ආරවුල් ඇති කිරීමට උත්සාහ ගන්නවා. මේ අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කතාකරන ජනතාව මැතිවරණයේදී ඉතා සුපරීක්ෂාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍යයි.සුළු ජාතීන්ගේ ඡන්ද සියයට 90ක් සජිත් ප්‍රේමදාස මහතාට දෙනවිට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකියි. එනිසා මේ මැතිවරණයේදී අප වෙනත් මැතිවරණ වගේ බෙදී ඡන්දය ප්‍රකාශය කිරීමට බැහැ.සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට ඡන්ද වර්ජනයක් කරන බව කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් කියනවා. තවත් කණ්ඩායමක් මේ මැතිවරණයේ විකල්ප කණ්ඩායමකට ඡන්දය දිය යුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මැතිවරණයේදී සුළුජාතීන්ට ඡන්දය දිය යුතු බව කියා සිටිනවා.දඹුල්ල ජන රැලියේදී අදහස් දැක්වූ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා :-“ගෝඨාභයලා කළ දේ ලංකාව පමණක් නොව මුළු ලෝකයම දන්නවා. රට භීතියෙන් මුදවා වෙනස උදාකළේ කවුද?යුද්ධ කළේ ඔහු හෝ අයියා හෝ නොව යුද හමුදාපති බව දැන් ගෝඨාභය ප්‍රසිද්ධියේම පිළිගෙන සිටිනවා. රාජපක්ෂ යුගයේ ජනතාවගේ මරණය සහ ජීවත් විය යුතු ද කියා තීරණය කළේ ඒ පාලකයින් බව කිව යුතුයි.රාජපක්ෂ කල්ලිය නඩුවලින් බේරෙන්න ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටිනවා. සජිත් ආවොත් වැරැදිවලට සැබෑ දඬුවම ලැබෙන බව ඔවුන් දන්නවා”.කෘෂිකර්ම වාර්මාර්ග ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා, එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහත්වරුද කතා කළහ. 
“16 වැනිදා උදාවෙන්නේ මානව හිතවාදී යුගයයි“
0
hp_train_1276
(ශාන්ත චන්ද්‍රසිරි)මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට පවතින වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලා ජලාශයේ  වාන් දොරටු තුනක්  අද (17) තව දුරටත් විවෘත කර තැබීමට ජලාශය භාර ඉංජිනේරුවරුන් විසින් පියවර ගෙන තිබිණි.ඉහළ කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා  ජලාශයේ වාන් දොරටු තුනක් පෙරේදා (15) විවෘත කර තිබු අතර එයින් එකක් ඊයේ (16) වසා දමා තිබු අතර, යළිත් වර්ෂාව තවදුරටත් පැවැතීම නිසා මෙසේ වාන් දොරටු විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබිණි.ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ජලාශයට පහළ ප්‍රදේශයේ කොත්මලා ඔයේ ජලය පරිහරණය කිරීමේදි ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස නුවරඑළිය දිසාපති එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා මහජනතාවගෙන්  ඉල්ලා සිටී.
කොත්මලේ වාන් දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වෙයි
0
hp_train_1277
බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලටත් මන්නාරම් දිස්ත්‍රික්කයටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259060ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35278560සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.කොළඹ31279080විටින් විට වැසිගාල්ල26309580විටින් විට වැසියාපනය32298070ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29239580විටින් විට වැසිනුවරඑළිය20159580වැසි ස්වල්පයක්රත්නපුරය32249575විටින් විට වැසිත්‍රීකුණාමළය36248555සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.මන්නාරම32299075වැසි ස්වල්පයක්
‘පළාත් කීපයකට හෙටත් තද වැසි‘
0
hp_train_1278
(ඞී.කේ.රත්න) බිබිල මැදගම කින්නරාබෝව ප‍්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද (8) අත්අඩංගුවට ගත් බව මැදගම පොලීසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදගම කින්නරාබෝව පියාවින්න පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. කින්නරාබෝව පියාවින්න ප‍්‍රදේශයේ පුද්ගලයෙකු නීතිවිරෝධී ගිනි අවියක් භාවිත කරන බවට මැදගම පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගිනි අවියත් සමග අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බිබිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මැදගම පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ පවත්වති.
ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
0
hp_train_1279
(රංජිත් රාජපක්ෂ)යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක අද (17) පස්වරුවේ හටගත් ගින්නකින් එම වන වගා රක්ෂිතයේ අක්කර 5ක පමණ කොටසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත. හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වත්තට අයත් යුකෙලේප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්න හටගෙන ඇත. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග එම වන වගා රක්ෂිතයේ සැරිසරන සතුන් දඩයම් කිරීම සදහා ආ කිසියම් පිරිසක් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව ප්‍රදේශවාසීහු කියති. රජයේ රක්ෂිතවලට සහ තේ වතු ආශ්‍රිත වන වගා රක්ෂිත වලට ගිනි තබන අය පිළිබදව තොරතුරු ලබාදෙන ලෙස හැටන්  පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවැනි ගිනි තැබීම් නිසා විශාල පරිසර හානියක් මෙන්ම එම රක්ෂිත හරහා ගලා බසින ජල උල්පත්ද සිඳී යාමේ අවධානමට ලක් වී ඇත.
තලවකැලේ වන වගා රක්ෂිතයක ගින්නෙන් අක්කර 5 ක් විනාශයි
0
hp_train_1280
නැගෙනහිර සහ ඌව පළාත් වලත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රීක්කවලත් සවස 4.00 න් පසුවවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 16/02/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31249560වැසිවාර කිහිපයක්මඩකලපුව29259570විටින් විට වැසිකොළඹ31259570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ගාල්ල30259570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි .යාපනය29239060වැසි ස්වල්පයක්මහනුවර29219550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය21119550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය32249560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය29239570වැසිවාර කිහිපයක්.මන්නාරම31259065වැසි ස්වල්පයක්
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
0
hp_train_1281
(ජේ.ඒ.එල්. ජයසිංහ සහ මැණික්හින්න ඒ.ජී. වික්‍රමසිංහ)වත්මන් වාණිජ සමාජය තුළ තරගකාරිත්වයට යොමු වී ඇති මවුපියන්ට දරුවන් අමතකවීම හේතුවෙන් නිවෙස් තුළම දරුවන් අනාරක්ෂිත වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ඒ හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික වශයෙන් දැනුවත් කළ යුත්තේ මවුපියන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී ඉකුත් 8 වැනිදා පැවැති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩ සටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.මේ සුන්දර උදෑසන භාග්‍යවන්ත වූ, පින්වන්ත වූ ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ‘දරුවන් රකිමු’ ජාතික වැඩසටහනේ අවුරුදු තුනක සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමයි මේ උත්සවයේ ප්‍රධාන අරමුණ. මේ වැඩසටහනට සහයෝගය දක්වන සියලුම මැති ඇමැතිවරුන් අමාත්‍යාංශ, රාජ්‍ය නිලධාරීන්, විශේෂඥ කමිටු, අනුග්‍රහය දක්වන සෑම කෙනකුටම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.දරුවන් රකිමු ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මූලික වශයෙන් හේතු වූ කරුණු මොනවාද? යන්න මා ඔබට නොකීවාට ඒ පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. දරුවන් රැකීමට ජාතික වැඩසටහනක අවශ්‍යතාව කුමක් ද? විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජයෙන් එන විවිධ තොරතුරු සමග මෙවැනි වැඩසටහනක අවශ්‍යතාව ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. මූලික වශයෙන් දරුවාට, දරුවා ජීවත්වන නිවසෙහි සුරක්ෂිතතාව තිබෙනවා ද? ඔබත් මමත් දන්නා පරිදි දරුවා මව්පියන් සමග ජීවත්වන නිවසෙහි ප්‍රශ්නයක් තිබෙන බව අද බොහෝ වාර්තා මගින් අපිට පෙන්නුම් කරනවා. මෙහි සිටිනවා පොලිසියේ නිලධාරී මහත්ම මහත්මීන් රාශියක්. පොලිසිවලට ලැබෙන පැමිණිලි වලින්, අවුරුද්දේ දවස් 365න් වැඩිපුරම ලැබෙන පැමිණිලි මොනවාද? මම පසුගිය දිනක උත්සවයක අවසානයේ දී ළඟම තිබෙන පොලිසියකට ගියා.පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් මම ඇහුවා වැඩිපුර එන පැමිණිලි මොනවා ද? කියලා. පොලිස් ස්ථානාධිපතිතුමා මා සමග කිව්වා අපිට වැඩිපුරම එන්නේ පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලි බව. පවුලේ ආරවුල් ඇති වෙනවානම් ඒ පවුලේ දරුවන්ට නිවස කොතෙක් දුරට අනාරක්ෂිත ද කියන කාරණය ඔබ සෑම කෙනෙක්ම දන්නවා.සමාජ සමීක්ෂණ ආයතනයක් විසින් පසුගිය වසර දහයක අපේ රටේ විවාහ ජීවිත පිළිබඳව සමීක්ෂණයක් කර වාර්තාවක් රජයට ලබා දුන්නා. අඩු වයසින් විවාහ වන තරුණ පවුල්වලින් 70%ක ගේ පවුල් ජීවිත අසාර්ථක බව එම වාර්තාවේ සඳහන් වෙනවා. පවුලේ මව්පියන්ගේ හැසිරීම් පිළිබඳව ප්‍රශ්න මතුවූ විට එම නිවසේ තත්ත්වය සහ එම නිවසේ ජීවත් වන දරුවන්ගේ මානසික තත්ත්වය කෙසේද යන්න ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එපමණක් නොවේ. අද තිබෙන වාණිජ සමාජයේ තරගකාරිත්වය තුළ මව්පියන් ඒ තරගකාරිත්වයට යොමු වෙලා තිබෙනවා.ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සම්පත් වැඩිපුර ලබා ගැනීමට සමාජය තුළ ගෞරවයට ලක්වීමට එම තරගකාරිත්වයට යොමුවී තිබෙනවා. ඒ අනුව ඇතැම් මව්පියන්ට දරුවන් අමතක වෙනවා. නිවෙස තුළ දරුවාගේ ආරක්ෂිතභාවය සහ සුරක්ෂිතභාවය අඩුවීම පිළිබඳව තවත් බොහෝ කරුණු සඳහන් කළ හැකියි. ඒ නිසා දරුවාට පාසල සුරක්ෂිත ස්ථානයක් බවට විශේෂයෙන්ම පත්විය යුතුයි. සමාජයෙන් ලැබෙන තොරතුරු අනුව දරුවාට ආරක්ෂිත සහ සුරක්ෂිත ස්ථානය පාසල බවයි අපිට පෙනී යන්නේ. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව පාසල්වලින් ලැබෙන වාර්තා ඉතාමත් අවමයි. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව වැඩිපුර වාර්තා වන්නේ දරුවා පාසලේ සිටින කාලය තුළ නොව, මව්පියන්ගේ භාරකාරත්වයේ සහ ඇසුරේ සිටින කාල සීමාව තුළයි. පාසල් වලින් දරුවන්ට එරෙහි සිදුවීම් පිළිබඳව වන පැමිණිලි සහ ප්‍රශ්න ලක්ෂයකට එකක් පමණ තමයි ලැබෙන්නේ. එවැනි දේ නැතුවාම නොවේ.දරුවාට මහා මාර්ගය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා යන බස් රථය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා පාසල් යන පාසල් වෑන් රථය ආරක්ෂිත ස්ථානයක් ද? විශේෂයෙන්ම දරුවා යන පෞද්ගලික පන්ති, උපකාරක පන්ති ආරක්ෂිත ස්ථානයක්ද? මේ පිළිබඳව ඔබටත් මටත් බොහෝ දේ කතා කළ හැකියි. මෙහි සිටින දරුවන් ප්‍රමුඛ ඔබ සියලු දෙනාට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන බව මා විශ්වාස කරනවා. ඒ බොහෝ ස්ථානවල අපි දකින්නේ අනාරක්ෂිතභාවයක්.ඔබට මතක ඇති පසුගිය වසරේ යාපනයේ, විද්‍යා දරුවා පිළිබඳ සිදුවීම. ඒ තරුණ ගැහැනු දරුවා දූෂණයට සහ ඝාතනයට ලක්වූ කාරණාවත් ඔබ දන්නවා ඇති. මොනතරම් සමාජය විෂම ද මොනතරම් සමාජය අකාරුණික ද අපේ රටේ සිටින ජාවාරම්කාර පිරිසක් තරුණ ගැහැනු ළමයෙක් බලහත්කාරයෙන් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් චිත්‍රපටයකට නැගීම සඳහායි එම කාර්යය කර තිබෙන්නේ. එසේ සකස්කර ගන්නාවූ සීඩීපට ජාත්‍යන්තර ජාවාරම්කාරයන්ට මේ රටින් පිට විකුණා මුදල් ලබා ගන්නවා. ඒ දරුවා ඝාතනය කළ ආකාරයත් එම අවස්ථාවේදී සිදුවූ දේ මෙවැනි අවස්ථාවක කීමට හැකියාවක් නැහැ.ඔබ දකින්නට ඇති, සති දෙකකට පමණ පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවු. 17ක ගැහැනු දරුවෙක් විභාගය ලියා නිවසට පැමිණ සිටින අවස්ථාවේදී සිදු වූ සිද්ධිය. ඒ වයස අවුරුදු 17ක තරුණ ගැහැනු දරුවා මොනතරම් සිහින මවාගෙන විභාගය අවසන් කර නිවසට එන්නට ඇතිද?. ඒ දරුවා නිවසෙහි සිටියදී ඇගේ මව වෙනත් කාර්යයක් සඳහා නිවසින් ගොස්ව තිබුණා. ඒ කෙටි කාලය තුළ දරුවා දූෂණය කරලා මරලා දැම්මා. මීට මාස කිහිපයකට පෙර අවුරුදු නවයක ළමයෙක් නිවසේ සිටියදී අතුරුදන් වෙලා හදිසියේ මව්පියන් සොයන්න පටන් ගත්තා. මව්පියන් දරුවා නිවසේ සෑම තැනකම සෙව්වා. වත්තේ හැම තැනම හෙව්වා. දරුවා යන එන තැන්වලට ගොස් බැලුවා. ඒත් සොයාගන්න බැරි වුණා. මේ පිළිබඳව සොයන්නට යන්න දරුවාගේ තාත්තා නිවසේ තිබෙන කාර් එකේ දොරවල් විවෘත කළා. අවුරුදු නවයක දරුවා කාර් එක ඇතුළේ මැරිලා සිටියා. මේ දරුවා කාර් එකේ ඇතුළට ගොස් දොර වහගත්තා. දොර අරින්න බැරුව ගියා. උදේ කාර් එක ඇතුළට ගිය දරුවා හවස් වන විට මිය ගොස් තිබුණා. පසුගිය අවුරුද්දේ ඔබ දකින්නට ඇති එක්තරා අපරාධකරුවකු නිවසකට ගොස් සිදුවූ සිද්ධියක් පිළිබඳව. ඒ නිවසේ සිටි අම්මා තාත්තා දෙන්නාම අපරාධකරු විසින් ඝාතනය කළා.දරුවාගේ අම්මාත්, තාත්තාත් ඝාතනය කළාට පස්සේ අවුරුදු දහයක පමණ ඒ දරුවා නිවසේ සිටියා. ඒ අපරාධකරුවා ඒ දරුවාව අරගෙන ගියා. දවස් කිහිපයක් හංගලා තියාගෙන හිටියා. ඒ අපරාධකරුවාට දරුවා සඟවා ගෙන තැබීම ප්‍රශ්නයක් වුණා. මේ අපරාධකරුවා දරුවා උස්සාගෙන ගිහින් ළිඳකට දැම්මා. ඒ අපරාධකරුවා පොලිසියට අහුවුණා. පසුව පොලිස් පරීක්ෂණවල දී කිව්වා “මාමේ මාමේ මාව ළිඳට දාන්න එපා” කිව්වා. ඒත් ඒ දරුවාගේ හඬට කන් දුන්නේ නෑ. අපරාධකරුවා දරුවා ළිඳට අතහැරියා දරුවා මිය ගියා. මෙවැනි සිදුවීම් අපිට කොතෙකුත් කියන්න පුළුවන්.“දරුවන් සුරකිමු” යන ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔබට පෙනී යනවා ඇති කියා මා විශ්වාස කරනවා. ඒ වගේම ඔබ දකින්න ඇති 2015 වසරේ පහේ ශිෂ්‍යත්වය අසමත් වූ දියණියක් නිවසට ආවිට ඒ දරුවාගේ පියා ඒ දියණියට එළියට විසි වෙන්න ගැහුවා. ඒ වසරේ දී ශිෂ්‍යත්වය අසමත් වු දියණියක් අම්මාත් තාත්තාත් දෙන්නාම දරුවා නිවසට ගන්නේ නැතුව ගෙදර දොරවල් වහගෙන හිටියා. පහුවදා එළිවෙනකල් ඒ ගැහුනු දරුවා හිටියේ එළියේ. පහේ ශිෂ්‍යත්ව ලියු දරුවෙක් කියලා කියන්නේ අවුරුදු 10 ක 11ක දරුවෙක්. තමාගේ දරුවා වුණත් ඒ දරුවාට පයින් ගහලා එළියට දාන්න මව්පියන්ට අයිතියක් තියෙනවා ද? දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව මව්පියන්ගේ වගකීම කුමක්ද?අපේ විශේෂඥ වෛද්‍යතුමන්ලා දේශන කරන විට මේ පිළිබඳව බොහෝ දේ පැහැදිලි කළා. මේ අසාමාන්‍ය විභාග තරගයක් සමග දරුවන් පත්ව තිබෙන ඉතාමත් දුක්ඛදායක තත්ත්වය පිළිබඳව කතා කළා. ඒ නිසා අපි රජයක් විදියට අදහස් කරනවා විශේෂඥ උපදෙස් අනුව පහේ ශිෂ්‍යත්වය විභාගයත් දරුවන්ගේ අධ්‍යාපනයත් පිළිබඳව ජාතික අධ්‍යපන ප්‍රතිපත්තිය සහ සැලැසුම් පිළිබඳව යම් ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අවශ්‍යයි කියලා. “දරුවන් සුරකිමු” කියන ජාතික වැඩසටහනේ අපි අද මෙතනට ඇවිත් ඉන්නේ දරුවෝ. මම හිතන්නේ මේ දරුවන්ගේ මව්පියෝ නම් මෙතන නැහැ. මෙතන ඉදිරියේ ඉන්න විවිධ ක්ෂේත්‍රවල විද්වත් ප්‍රධානීන්. ඒත් මව්පියෝ. අපට අද ප්‍රධාන වශයෙන් දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කරන්න වෙලා තියෙන්නේ මූලික වශයෙන් මව්පියන්. ඒ නිසා “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ ඉදිරි වැඩපිළිවෙළේ දී අපි දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මව්පියන් දැනුවත් කිරීම සඳහා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ විශේෂඥ වෛද්‍යතුමන් දේශනවල දී නව තාක්ෂණයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කළා. ජංගම දුරකථනය, පරිගණකය මානව සමාජයට නිෂ්පාදන කළේ, දයාද කළේ ඉතාමත් වැදගත් අරමුණකිනුයි. ඒත් ඒ නිසා අද යහපත් දේ වගේම අයහපත් දේ කොතරම් සිදුවෙනවා ද? පාරේ යන විට, ඒ වගේම දුම්රිය මාර්ගවල දරුවන්, තරුණ පිරිස් ජංගම දුරකථනයත් සමග වයර් කනේ ගහගෙන යන එක ඔබ දැකලා ඇති. ඒ තුළ කොතරම් ජීවිත විනාශ වෙනවාද කියලා ඔබ අහලා ඇති ?  මෙතන සිටිනවා කැබිනට් මණ්ඩල නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න මැතිතුමා. එතුමා දන්නවා ඇති මීට පෙර කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකථන භාවිතය තහනම් කළා. සමහර ඇමැතිවරුන් කැබිනට් සාකච්ජාවේ නෑ. වයර් කනේ ගහගෙන ෆෝන් එකට ඇන ඇන ඉන්න එක තමා කරන්නේ. ඒ ගොල්ලෝන්ට මම කියන දේ ඇහෙන්නෙත් නෑ, කැබිනට් මණ්ඩලේ සාකච්ඡා ඇහෙන්නෙත් නෑ. ඒ නිසා මම කිව්වා කැබ්නට් මණ්ඩලයේදී ජංගම දුරකථනය පාවිච්චි කිරීම තහනම් කියලා. රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන් රාශීයක් මෙතන ඉන්නවා.මම පසුගිය අවුරුද්දේ ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සියලුදෙනාම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගෙන්වලා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කරන වැඩසටහන් කළා. ඒ රැස්වීමට සහභාගි වුණේ අමාත්‍යාංශ ලේකම්වරුන්, කොමසාරිස් ජනරාල්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, දිසාපතිවරුන්, සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් යන අය සහභාගි වුණා. ඒ අවස්ථාවලදීත් මම දැක්කා. ඒ වගේම පසුව මගේ මාධ්‍ය අංශයෙන් ද මට වාර්තා කළා.ආයතන ප්‍රධානීන් තුන් දෙනෙක් ඒ අවස්ථාවේදීත් මොබයිල් ෆෝන් තියාගෙන වයර් කනේ ගහගෙන ඇන ඇන හිටිය බවට. ඒ අය මම කියන දේ ඇහුවෙත් නෑ. අනෙක් දේශකයන් කියන දේ ඇහුවෙත් නෑ. කනේ ගහගෙන හිටපු වයර් වලින් ආපු දේ ගැන තමා ඒ අය ඇහුවේ. ඒ නිසා මම අහනවා දරුවන් ගැන කුමන කතා ද කියලා.ඒ නිසා දරුවන් හැදෙන්න කලින් මම ඔය කියපු දේ ගැන වැඩිහිටියන් හැදෙන්න කියලා මම මතක් කරනවා. මේ දරුවන් රැකීමේ ජාතික වැඩසටහනේ අරමුණ රාශියක් ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා සියදිවි නසා ගැනීම පිළිබඳව ලෝකයේ ලංකාව ඉහළ තැනක තියෙන්නේ කියලා. ලංකාවේ සියදිවි නසා ගැනීම පිළිබඳව වැඩි පිරිසක් වාර්තා වෙන්නේ තරුණ දරුවන්.ඒ නිසා අපි රටක් විදියට, ජාතියක් විදියට දරුවන් රැකගැනීම සඳහා සෑම කෙනෙක්ම සාමුහික වගකීමක සාමුහික ප්‍රයත්නයක් යෙදිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. මේ වැඩසටහන ජාතික වශයෙන් සෑම ප්‍රදේශයක ක්‍රියාත්මක කිරීමට අපේ රජය බලාපොරොත්තු වෙනවා. සියලු මැති ඇමැතිවරුන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ මව්පියන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.මෙවැනි කටයුතුවල දී ගෞරවනීය මහා සංඝරත්නයේත් අන්‍යආගමික පුජකතුමන්ලාගේත් ඒ සියලුම ආගමික අංශවල සහයෝගය ගෞරවයෙන් අපි බලාපොරොත්තු වෙනවා.ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමදාම ධර්ම දේශනා කළේ අපි මේ කියන කාරණාව ගැන පල්ලියේ කෝවිලේ පියතුමා, ස්වාමීතුමා මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ගෞතම බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ ඒ වගේම මුහම්මද්තුමාත් මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ඒ නිසා අපි සෑම කෙනෙක්ම උන්වහන්සේලාගේ අනුශාසනා තුළ මෙවැනි කටයුතු කිරීම අවශ්‍යයි. අපි මේ “දරුවන් රකිමු” ජාතික වැඩසටහන මේ විදියට සාර්ථකව කරන්න සියලු දෙනාම කටයුතු කරමු. මේ සඳහා සහයෝගය දුන් සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.මේ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන විශේෂඥ කමිටුවලට මම ස්තුතිවන්න වෙනවා. ඒ සඳහා දායකත්වය ලබාදෙන ඇමතිතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට මධ්‍යම පළාත් මහ ඇමතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලාට ඒ වගේම අනෙකුත් නිලධාරීන්, අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලාටත්, විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, මව්පියන්, දූ දරුවන්ට සියලු දෙනාගේ සහයෝගය මා ඉතා අගය කරනවා. අපි දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වගේම හොඳ රටක් වෙනුවෙන් හොඳ දරුවන් හදමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.මෙහිදී කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා: ශ්‍රී ලංකා ළමා ශ්‍රමය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. දරුවන් සුරැකීමේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා විසින් සිදු කරනු ලැබීය.දරුවන් සුරැකීමේ විද්වත් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරි වර්ධන විශේෂඥ වෛද්‍ය නවාස් ජෙෆ්රි යන මහත්වරු  මහනුවර උසස් බාලිකා විදුහලේ ඒ.එන්.කේ. අමුණූගම, ශාන්ත සිල්වෙස්තර විදුහලේ එස්. ෂෙවාන් ප්‍රණීත් යන සිසු සිසුවියෝද මෙහිදී කතා කළහ.මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ සිසු දැරියෝ ‘අපි’ නාට්‍ය රඟ දක්වා උත්සව අවස්ථාව වර්ණවත් කළහ.මෙම අවස්ථාවට අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීහු පළාත් සභාවේ අමාත්‍යවරුද, පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, විදුහල්පතිවරුන්, පාසල් සිසු සිසුවියන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැසක් සහභා වූහ.ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හා නිලධාරිනියන් ද උත්සව අවස්ථාවට සහභාගි වූහ. 
නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට මුල් තැනදී තිබෙනවා
0
hp_train_1282
                                                                                                                          (ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)නල්ලතන්නිය පොලිස් වසමට අයත්, මරේ තේ වතුයායේ වලදල කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (30) පස්වරුවේ එල්ල වූ බඹරු ඇනීමෙන් තුවාල ලැබූ  වතු කම්කරුවන් 12 දෙනෙකු මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇති පිරිස අතර කාන්තාවන් 11 දෙනෙකු හා පිරිමි කම්කරුවෙක් සිටින බව මස්කෙළිය රෝහලේ වෛද්‍යවරු පවසති.මාර ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින කම්කරුවෝ පැවසූහ.මීට අමතරව මස්කෙළිය පොලිස් වසමට අයත්, ස්ට්‍රැත්සිපී තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (30)  පස්වරු 01.00 ට පමණ එල්ලවූ බඹර ඇනීමෙන් කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතලත් කරනු ලැබූ බව මස්කෙළිය පොලීසිය පවසයි. එම වතුයායේ තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මෙම පහර දීම සිදු කළ බව තුවාල ලබා සිටින කම්කරු කාන්තාවෝ කියති.
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 15 ක් රෝහලේ
1
hp_train_1283
(හර්ෂණ තුෂාර සිල්වා)ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මේ වසරේ අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (27) ප්‍රකාශ කළේය.ඒ අනුව ප්‍රතිපත්ති පොළී අනුපාත දැනට පවතින මට්ටමේ පවත්වා ගනිමින් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ඉදිරියටත් පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව දෙනුම් දෙන ලද අතර එය මහාචාර්ය ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා පැවැති පළමු මාධ්‍ය හමුවද විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය දෙසැම්බර්  26 වැනිදා රැස්වී මේ බව තීරණය කර තිබෙන අතර ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය  7% ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8% ක් ලෙසත් පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.එමෙන්ම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 5%ක අගයක පවත්වාගෙන යෑමට ද මුදල් මණ්ඩලය තීරණය කර ඇත. දේශීය ආර්ථිකයේ පවතින තත්ත්වය සහ අපේක්ෂිත තත්ත්වය, මූල්‍ය වෙළෙඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැළකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. මුදල් මණ්ඩලයේ ඉහත තීරණය උද්ධමනය 4%ත් 6%ත් අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන බවත් මධ්‍යකාලීන ආර්ථිකයට එහි විභව වර්ධන මට්ටමට ළඟා වීමට සහාය වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කළේය. 
මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වාගනි
0
hp_train_1284
(මනෝප‍්‍රිය ගුණසේකර)හෙරොයින් ග්‍රෑම් 11 ක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ අයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (08) නියම කළේය. විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළේය. චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචි ලක්‍ෂමන් ප‍්‍රනාන්දු හෙවත් චන්ද්‍රා නමැත්තාටය. 2000 ජුනි මස 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල ප‍්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 11.25 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි. මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂ දයානන්ද මහතාට ලැබුණු තොරතුරකට අනුව බොරැල්ල ප‍්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන, ජාවාරම් කිරීමේ යෙදී සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව හෙළි විය.  
හෙරොයින් ළඟ තබා ගත් මවක් දිවි ඇති තෙක් සිරගෙට
0
hp_train_1285
(මනෝප්‍රිය ගුණසේකර) අඩු වටිනාකමක් යෙදු තක්සේරු වාර්තාවක් ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 10,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකට ද යටත් කළ විනිසුරුවරයා මෙම සිද්ධියේ පැමිණිලිකරුට රුපියල් 25,000/-ක වන්දියක් ගෙවීමටද නියම කළේය. විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 10,000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ නියම කළ දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසර 6 ක සිරදඬුවමක්ද නියම කළේය. සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට දඩුවම් නියම කළේය. විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය. චෝදනාවට වරදකරුවීමෙන් මෙලෙස දඬුවම් නියම වුයේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු වශයෙන් සේවය කළ එච්.බී. ජගත් නමැත්තාටය. ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට නියම කළ වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 10ක කාලයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය. අල්ලස් කොමිසමේ පොලිස් පරීක්‍ෂක සී.ඒ. ගුණවර්ධන මහතා මෙහි විමර්ශන නිලධාරීවරයා ලෙස කටයුතු කළ අතර පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය පෙනී සිටියාය.
අල්ලස් ගත් මාර්ග පරීක්ෂක වසර 20ක් හිරේට
0
hp_train_1286
(අංජුල මහික වීරරත්න)1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.අදාළ පනත සංශෝධනය කිරීම සඳහා 2023.1.2 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබෙන බව රජය පවසයි.එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත සංශෝධනයට
0
hp_train_1287
හිරාන් ප්‍රියංකර ජයසිංහ ආණමඩුව සියඹලාගස්වැව වෙම්බුවැව ප්‍රදේශයේ දී තිත් මුවකු මැරූ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් නිළධාරින් විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙම්බුවැව පදිංචි ව්‍යාපාරිකයකු සහ නිතිවිරෝධි කසිප්පු ජාවාරමට සම්බන්ධකම් ඇති සැකකරුවන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙම්බුව කැළෑබද ප්‍රදේශයේදී බදින කදන් උපයෝගී කර ගනිමින් තිත් මුවා මරා හිස හා සම කැළැවේ සඟවා දමා මුවාගේ මස් අලෙවි කර තිබේ.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකරුවන් සන්තකයේ තවත් මස් කිලෝ 6 කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (17) ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
දියර කිරි ගෙන යන මුවාවෙන් මුව මස් ජාවාරමක්
0
hp_train_1288
ඇමරිකාවට අපනයනය කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංකේතාත්මකව බාර දෙන ලදි.බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමරන්, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම-මහත්මීහු ද සහභාගී වූහ.ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ සමස්ත ලෝකය ම වසංගත තත්ත්වයට එරෙහිව සටන් වදිමින් සිටින මෙවන් මොහොතක, මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන බවයි“කොවිඩ් - 19 වෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සිදු කිරීමට හැකි වී තිබෙනවා. මෙම මුහුණු ආවරණ සඳහා භාවිත කෙරුණු රෙදි ශ්‍රී ලංකාවේ ම නිෂ්පාදනය කිරීමත්, විෂබීජවලට ප්‍රතිරෝධී නිමාව සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය එක්සත් ජනපදයෙන් ලබා ගැනීමත් සහයෝගිතාව හරහා සැමට ප්‍රතිලාභ හිමිවන බව තවදුරටත් තහවුරු කරනවා. ඉදිරියේදී පුද්ගල ආරක්ෂණ මෙවලම් කට්ටල සඳහාවන ගෝලීය සැපයුම තිරසර අන්දමින් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයත්, බ්‍රැන්ඩික්ස් සමාගමත් සමග අඛණ්ඩව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා." යයිද ඇමරිකානු තානාපතිනිය වැඩිදුරටත් කීවාය.ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් පළ කළේය.“ ශ්‍රී ලංකාවත්, ඇමරිකා එක්සත් ජනපදයත් අතර ඇති සහයෝගීතාව හේතුවෙන් ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන අප රටින් ලබා ගැනීම සඳහා ගෝලීය පාරිභෝගිකයන් හට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනවා. එම ගමනේදී තම සම්පත් යොදා ගනිමින් බ්‍රැන්ඩික්ස් වැනි ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් පෙරට පැමිණීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා““වත්මන් සහ අනාගත වෙළඳපොල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය දියුණු යටිතල පහසුකම් හා ක්ෂණිකව අනුගත වීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ ඇතිබව ගෝලීය වෙළඳපොලට ඇඟවීමට එමගින් හැකිවී තිබෙනවා." යයිද බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.බ්‍රැන්ඩික්ස් සමාගමේ සාමාජික සාමාජිකාවන් 15,000 කගේ ශ්‍රම දායකත්වයෙන් හා විවිධ සැපයුම්දාම පර්ශවකරුවන්ගේ සහයෝගයෙන් මෙම මුහුණු ආවරණ මිලියන 200 නිෂ්පාදනය කෙරිණි. ස්ථර 3කින් යුක්තව කපු අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම මුහුණු ආවරණ විෂබීජවලට ප්‍රතිරෝධී නිමාවකින් යුතුවන අතර වඩාත් හොඳින් මුහුණට සවි වීම සඳහා ඇදෙන සුළු ලෙස ඉහළම ගුණාත්මක ප්‍රමිති සහ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති බව බ්‍රැන්ඩික්ස් සමාගම පවසයි."ඇඟළුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම අපනයන ආදායම් උත්පාදකයෙකු වනවා. පසුගිය මුල්‍ය වර්ෂය තුළ පමණක් උත්පාදනය කළ අපනයන ආදායම ඇ. ඩොලර්. බිලියන 5.6 ක් වනවා. කෙසේවෙතත්, COVID-19 වසංගතයේ බලපෑමෙන් වෙළෙඳ සහ නිෂ්පාදන කටයුතුවල ඇති වූ නොවැලැක්විය හැකි පසුබෑම හේතුවෙන්, අපනයන වෙළඳපොල තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන සිටි හිමිකාරිත්වයට බලපෑමක් ඇති වුණා. එවැනි අතිශය අභියෝගාත්මක වාතාවරණයක් මධ්‍යයේ වුව ද, එක්සත් ජනපදය වෙත අපනයනය කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන 200 ක් නිෂ්පාදනය කිරීමට හැකි වීම ඉතාම සතුටට කරුණක්. මන්ද, එමගින් මෙම රාජ්‍යයන් දෙක අතර පවතින අඛණ්ඩව විශ්වාසය සහ සහයෝගිතාව මනාව පිළිබිඹු වනවා. අභියෝග හමුවේ වුව ද දීර්ඝ කාලීනව ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දෙමින් ජාතික ආර්ථිකය නගා සිටුවීම සඳහා ඇඟළුම් ක්ෂේත්‍රය ඉදිරියටත් කටයුතු කරනවා. නිෂ්පාදන අඛණ්ඩව සිදු කිරීම හරහා ජීවනෝපාය තහවුරු කිරීමට හැකි වීම පිළිබඳව ද අප සතුටු වනවා. මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම සමාගමක් ලෙස අප, මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන සඳහා හැකි උපරිමයෙන් සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකා රජයට සහතික වනවා," යනුවෙන් බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල මහත්මිය සඳහන් කළාය.
බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය අරඹයි
0
hp_train_1289
( විජේරත්න රත්නායක) සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය අද(12) වැඩි ඡන්ද 08 කින් සභා  සම්මත විය. එම ප්‍රාදේශීය සභාවේ සභාපති නදීකා ප්‍රිශාන්ති දිසානායක (එ.ජ.නි.ස.) මහත්මිය විසින් අදාල අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් සෙසු මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරිණි.එහිදී අයවැයට පක්ෂව ඡන්ද 12ක් සහ    අයවැයට විරුද්ධව ඡන්ද 04 ක් ලැබිණි. එහිදී එම සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නීල් ප්‍රේමතිලක, කුමාරසේකර බණ්ඩා, චිත්‍රමානෙල් රාජපක්ෂ හා ජ.වි.පෙ. නියෝජනය කරන අසෝක කීර්ති ජයලත් යන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය පාව්ච්චි කළහ.එ.ජ.නි.සන්ධානය හා එ.ජා.ප.ය  එක්ව පාලනය කරන සභිකයින් 16 දෙනෙකුගෙන් යුතු සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ඒ අනුව එම සභාවේ 2020 වසර සඳහා වූ අයවැය වැඩි ඡන්ද 08 කින් සභා සම්මත විය
රත්නපුර ප්‍රා. සභාවේ අයවැය සම්මතයි
0
hp_train_1290
(ඩබ්. ඒ. පියතිලක) මැදිරිගිරිය අඹගස් වැව ජලය පවතින ප‍්‍රදේශය තුළ අනවසරයෙන්  පිරිසක් කුඹුරු කරන බවත් ඒ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් මෙතෙක්  කිසිදු පියවරක් නොගෙන ඇති බව අඹගස්වැව මහසෙන් ගොවි සංවිධානය සහ එක්සත් ගොවි සංවිධානය කියයි.මෙම වැවෙන්  කුඹුරු අක්කර 3000කට වැඩියෙන් ගොවිතැන් කටයුතු සිදු කරන අතර ගොවි පවුල් 3000කට වැඩි පිරිසක් යල මහ දෙකන්නයේ  ගොවිතැන් කරති. වඩිගවැව,කදුරුගස්වැව,මීගොල්ලෑව,පතොක්වැව,ගොඩපොත්ත,අඹගස්වැව,ජයතුගම,මහකන්දාරාව,පුපුදුගම,නිකහේන ආදි ගම්මානවල වැසින්  ගොවිතැනට අමතර තම දෛයිනික අවශ්‍යතා ඉටුකර ගනු ලබන්නේ ද මෙම අඹගස්වැවෙන් බව ප‍්‍රදේශයේ ගම්වැසියෝ කියති.මේ පිළිබද අදහස් දැක්වු අඹගස්වැව එක්සත් ගොවි සංවිධානයේ සභාපති  කේ ජි ජගත් මහතා මෙසේ පැවසීය.‘මේ වැව රජ කාලේ ඉදලා තමයි තියෙන්නේ. මේ වැවෙන් කුඹුරු අක්කර 3500ක් පමණ යල මහ දෙකන්නයේ ම වැඩ කරනවා. මේ වන විට  වැව ඉහළින් ව්‍යාපාරිකයෝ පිරිසක් වැවේ වතුර තියෙද්දීම නියරවල් දාලා කුඹුරු කරනවා. රජවරු වැව්  හැදුවේ වැවේ කුඹුරු කරන්න නෙවෙයි වැවට එකතු වෙන ජලයෙන් කුඹුරු කරන්න.නමුත් දැන් වෙන්නේ වැව ඇතුලේ  කුඹුරු කරන්න පටන් අරන්. අපි දන්න විදියට වැවක තණ කොළ පිඩල්ලක්වත් කපන්න අවසරයක් නෑ. නමුත් දෙයියනේ  ට‍්‍රැක්ටර් දාලා කුඹුරු කරන කල් කිසිදු නිළධාරියකු මැදිහත් නොවී සිටිම පුදුමයක්. සෑම නිලධාරියකුටම දැනුම් දිලා තියෙනවා. ඒ වගේම හැම ගොවි රැස්වීමක ම කියලා තියෙනවා .මේ වෙනකං කිසිම නිලධාරියකු මේ පිළිබඳ බලන්නවත් ඇවිත් නෑ. අපි කියන්නේ මේ වැවට අයිති සීමාව මැනලා අනවසරයෙන් වැවේ කුඹුරු කරන  අයව ඉවත් කරන්න කියලා තමයි. එහෙම නැති වුණොත් තව කන්නයක් යනකොට අඹගස්වැව තිබුණ තැනවත් හොයන්න හමු වෙන්නේ නෑ.
අඹගස්වැව පෙදෙසේ පිරිසක් අනවසරෙන් කුඹූරු කරතියැයි ගම්මුන්ගෙන් චෝදනා
1
hp_train_1291
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශයේ අගනුවර වන පැරිස් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) සහ ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපල (CDG) අතර නියමිත ගුවන් ගමන් 2021 නොවැම්බර් මස1 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.පිරිමැසුම් පංතියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්ති ආසන 28 කින් සමන්විත එයාර් බස් A 330-300 ගුවන් යානා බල ඇණියක් උපයෝගී කරගනිමින් සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාද දිනකම ශ්‍රී ලංකන් ප්‍රංශය වෙත පියාසර කරනු ඇත. මෙහෙයුම් වාර ගණන සතියකට තුන් වරක් වන අතර ගුවන් ගමන් කාලය පැය 11 විනාඩි 25 ක් පමණ වේ. යූ.එල්. 563 දරන ගුවන් යානය කොළඹ සිට පැය 00:35 ට පිටත්ව පැරිස් චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපළේ පැය 07:30 ට ගොඩබැසීමට නියමිතයි. නැවත යූ.එල්. 564 පැරීසියේ සිට  එදිනම පැය 14:30 ට පිටත්ව පසුදින පස්වරු 05:20 ට පමණ කොළඹට ළඟාවීමට සැලසුම් කර තිබේ.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ  කොළඹ සහ පැරීසිය අතර ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම ගැන සතුටට පත්වන බවයි. “ප්‍රංශය සහ ලොව පුරා සිටින අපගේ මගීන්ගේ  සංචාරක අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරන නව මාර්ගය මෙයයි. නව ගමනාන්තයක නිවාඩු ගතකිරීමට සොයන අයට සහ ව්‍යාපාරික සංචාරකයින්ට පැය කිහිපයක් ඇතුළත ඍජු ගුවන් ගමන් ලබාගැනීමේ අවස්ථා මෙමගින් විවර වනු ඇතැයි මට දැඩි විශ්වාසයක් තියෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක සංචාරක ව්‍යාපාරය නව ආරක්‍ෂක පියවරයන් ගෙන ඒමට උත්සාහ කරනවා. ලොව පුරා සම්මත වූ නව  සංචාරක ව්‍යාපාර යටතේ ලංකාව කදිම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙය විශාල අවස්ථාවක් ලෙස අපි සලකනවා.” යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. ‘‘බොහෝ ජාත්‍යන්තර ගමනාන්ත ගමන් සීමා ලිහිල් කරන හෙයින්, මගීන් සඳහා වැඩි තෝරා ගැනීමක් සහ පහසුවක් සැලසීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය සේවා ඉහළ නංවමින් සිටිනවා. පැරීසිය යුරෝපයේ කේන්ද්‍රස්ථානයක් වන අතර ශීත ඍතුවේදී ඍජු ගුවන් ගමන් හරහා සංචාරකයින්ගේ පැමිණීම ඉහළ නංවනු ඇත.”‍ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා   ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා
ශ්‍රී ලංකන් කෙන්යාවේ නයිරෝබි වෙත මෙහෙයුම් අරඹයි
0
hp_train_1292
රංජිත් රාජපක්ෂ                       ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු අද(25) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසීය.බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ වත්තේ තෙත්බිම් කලාපයක සැකකරුවන් පිරිස විශාල වලවල් හරා අනවසරෙන් මැණික් ගරන බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුන් සන්තකයේ මැණික් ගැරිම සදහා උපයෝගි කරගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වතුයායේම පදිංචිකරුවන් බවයි පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇදිරි නිති රෙගුලාසි උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ සහ බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගැරීම යන චෝදනා යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇඳිරි නීතිය තිබියදී අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයි
1
hp_train_1293
නිමන්ති රණසිංහබැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ පැවැරීය.මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රවී කරුණානායක මහතාට එරෙහිව නැගු චෝදනා සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 28 වැනි දා නැවත සැකසු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ නියෝග කළේය.
රහස් පොලිසියේ පෙනී සිටින්නැයි රවීට-බිරියට නියෝග
0
hp_train_1294
(සිරංගිකා ලොකුකරවිට)බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ 2021 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය අද (17) වැඩි ඡන්ද 11 කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 15ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 04ක් ලැබිණි. එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර මන්ත්‍රීවරු දෙදෙනකු අද දින ප්‍රාදේශීය සභා රැස්වීමට පැමිණ සිටියේ නැත.අයවැය ලේඛණය බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබෙන බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11දෙනාට අමතරව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු වන ඩඩ්ලි ඩන්ස්ටන් මහතා සහ හුසේන් කියාස් මහතා ද  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනා ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. අයවැයට පක්ෂ වූ හුසේන් කියාස් මහතා පසුගිය මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ අපේක්ෂකයෙකි.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන ප්‍රේමලාල් අබේසේකර මහතා, රංගනී කුමාරි මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ඉන්දික විජේවික්‍රම මහතා සහ අනිල් බන්දුතිලක මහතා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේ.යූ.ජී.යසරන්ත මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. එක්සත් ජාතික පක්ෂයේ, ශාමිකා අතුකෝරල සහ ටෙක්ලා ශ්‍යාමලී ගීගනගේ යන මන්ත්‍රීවරියන් සභාවට පැමිණ සිටියේ නැත.
බදුල්ල ප්‍රා. සභාවේ අයවැය සම්මතයි
0
hp_train_1295
(ඩයනා උදයංගනී) දිවයිනේ දිස්ත‍්‍රික්ක 13 කට බල පා ඇති තද වැසි, ගං වතුර, නායයෑම් අවදානම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 9,962 කට අයත් 34,842 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. බදුල්ල, මොණරාගල, මඩකලපුව, අම්පාර, මහනුවර, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.  මින් වැඩිම පීඩාවකට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජනතාව වන අතර එහි පවුල් 1,777කට අයත් 6,218 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය)  ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.මේ අතරින් අවතැන් වූ පවුල් 4,904 කට අයත් 16,892 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 120 ක රදවා සිටින බව ද කොඩිප්පිලි මහතා සදහන් කළේය. මෙම තත්ත්වය හේතුවෙන් නිවාස 49 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 1,017 කට අර්ධ හානි සිදුව ඇතැයිද ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කීවේය.පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ඉදිරි අවදානම අවම කර ගැනීම සදහා විමසිලිමත්ව කටයුතු කරන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දීමක් කර තිබේ.• අම්පාර දිස්ත‍්‍රික්කයේ පවුල් 1,633 කට අයත් 5,690ක් • අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පවුල් 1,272 කට අයත් 4,341ක් • හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පවුල් 829 කට අයත් 3,362 ක් • මොණරාගල දිස්ත‍්‍රික්කයේ පවුල් 973කට අයත් 3,350 ක් • මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල් 1,043 කට අයත් 3,293 ක් • බදුල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 650 කට අයත් 2,565 ක් • පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවුල් 776 කට අයත් 2,371ක්  • මාතලේ දිස්ත‍්‍රික්කයේ පවුල් 484 කට 1,592 ක්  • කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පවුල් 311 කට අයත් 939 ක් • නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පවුල් 115 කට අයත් 389 ක් • මහනුවර දිස්ත‍්‍රික්කයේ පවුල් 93කට අයත් 347 ක්  • කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 6කට අයත් 25 ක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.  
ගං වතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 9,962 ක් අවතැන්
1
hp_train_1296
සබරගමුව පළාතේ ද ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ද  බස්නාහිර සහ වයඹ  පළාත්වල ද තැනින් තැන වැසි ඇතිවේ. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ද ස්ථාන කීපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම කඳුකරය, වයඹ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශවලින් හා නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර්. 50 පමණ දක්වා වැඩි විය හැකියි.පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි ඇති වන බවත්, සවස 2 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී සෙසු මුහුදු ප්‍රදේශවල  ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_1297
(නිමන්ති රණසිංහ)  බැඳුම්කර කොමිසම හමුවේ බොරු සාක්කි ලබාදීම සම්බන්ධයෙන් ජූලි මස හත් වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්වේ මූල්‍ය විමර්ශන ඒකක දෙක හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඇමැති රවී කරුණානායක මහතාට සහ ඔහුගේ බිරිය මෙලරින් හිරන්ති කරුණානායක මහත්මියට අද (20) නියෝග කළාය. මීට අමතරව ලබන 26 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස  මහේස්ත්‍රාත්වරිය රවී කරුණානායක මහතාගේ දියණිය  ඔනෙලා කරුණානායකට නියෝග කළාය.  ග්ලෝබල් ටාන්ස්පොටේෂන් සමාගමට අදාල අනෙකුත් ලියැකියැවිලි ලබන 25 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස එහි විධායක අධ්‍යක්ෂිකා ඔනෙලා කරුණානායක මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ බැඳුම්කර වංචාව ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ බොරු සාක්කි ලබා දුන්නේ යැයි අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඇති පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීය.
රවීට එරෙහිව සීඅයිඩිය නඩු පවරයි
0
hp_train_1298
(ඩයනා උදයංගනී) සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (12) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානයන්හි සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේයමධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු  පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද හෙතෙම පැවසීය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. 
පළාත් කීපයකට අද වැස්ස
0
hp_train_1299
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිනැගෙනහිර සහ ඌව තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තව දුරටත් පවතී.
‘ඉදිරි 24 පැයේ වැස්ස නෑ‘
0
hp_train_1300
(අංජුල මහික වීරරත්න)‘‘එක් පැත්තකින් ආගම් අතර සංහිඳියාව ඇති කරන අතරම අනෙක් අතින් අපගේ බෞද්ධ උරුමය තව තවත් ආරක්ෂාකර දියුණුවට පත්කිරීම යහපාලන රජයේ ප‍්‍රතිපත්තිය බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.‘‘ආදායම් මාර්ග නොමැති ඈත ගම්දනව්වල විහාරස්ථාන හඳුනාගෙන අතීත ශ්‍රී විභූතිය රැුකෙන පරිදි සංරක්ෂණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යොදවන බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, ථෙරවාදී බුදු දහම ආරක්ෂා කර ලෝකයට දුන් ශ්‍රී ලංකාවේ තව බොහෝ කලක් බුදු දහම සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය වන සෑම ක‍්‍රියා මාර්ගයක්ම ගන්නේ යයිද?” අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය හා සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.මෙහි පළමු අදියර යටතේ වෙහෙර විහාරස්ථාන 150ක් සංරක්ෂණය සඳහා ආධාරදීම සිදු කෙරිණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.‘‘පුරාණ විහාරස්ථානත්, රජමහා විහාරස්ථානත් සිංහල බෞද්ධ උරුමයේ වැදගත් ස්ථාන බව සඳහන් කළ යුතුයි. අපේ උරුමය ඒ හා සම්බන්ධයි. අපේ උරුමය ලියනවා නම් ලංකාවේ ඉතිහාසය ලියනවා නම් ලංකාවේ සංස්කෘතිය ගැන ලියනවා නම් මේ කරුණු සඳහන් නොකර ඉන්න හැකියාවක් නැහැ.පුරාණ විහාරස්ථාන යනු අතීතයේදී ප‍්‍රදේශයේ ජනතාව සඳහා ඇති කළ ප‍්‍රධාන විහාරස්ථාන බව කිව යුතුයි. සෑම ගමකම, සෑම ප‍්‍රදේශයකම විහාරස්ථාන තිබුණා. අනුරාධපුර යුගයේ සිට මහනුවර, කෝට්ටේ යුගය වනතෙක් ගම්මානවල ආරම්භ කෙරුණු ප‍්‍රධාන විහාරස්ථාන තිබෙනවා.අද මෙරට ජනගහනය මිලියන 22ක් වුවත් අතීත යුගයේදී ලක්ෂ 22ක ජනගහනයක්වත් සිටියා යයි මා සිතන්නේ නැහැ. එකල ආරම්භ කෙරුණු විහාරස්ථාන මෙරට ජනගහනය වැඩිවීමත් සමඟ තවත් සංඛ්‍යාවෙන් වර්ධනය වුණා. වැඩිපුරම විහාරස්ථාන ඉදි කෙරුණේ පසුගිය වසර 50 ඇතුළතයි. මේ විහාරස්ථාන සම්බන්ධව ප‍්‍රදේශයට අදාළව විවිධ කතා තිබෙනවා. ඒ කතා ඇතැම්විට එක් කාලයකට  අයත් වෙනවා. රජවරුන්ගේ අනුග‍්‍රහය මත දියුණුවූ විහාරස්ථාන ද තිබෙනවා.මධ්‍යම සංස්කෘතික අරමුදල මුල්කරගෙන කටයුතු කරන්නේ මේ උරුමය ආරක්ෂාකර ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශාල උත්සායක් ගන්නවා. අපගේ පුරාවිද්‍යා උරුමය, රටේ සංස්කෘතිය ආරක්ෂාකර ගැනීම සඳහා ක‍්‍රියාත්මක විය යුතුයි.මෙලෙස අප ආධාර උපකාර කරන විහාරස්ථාන ගණනාවකට වෙනත් ආදායම් මාර්ග නැහැ. එසේ නම් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පවතින මුදල් ඒ විහාරස්ථාන ආරක්ෂා කිරීම වෙනුවෙන් යොදවනවා.අප ආධාර දෙන විහාරස්ථාන පිළිබඳව වැදගත් ග‍්‍රන්ථයක් කියවීමට මට අවස්ථාව ලැබුණා. ඒ විහාරස්ථානවල අවශ්‍ය සංරක්ෂණ කටයුතු කිරීමට මුදල් නැහැ. ඒ මුදල්දීම අපේ යුතුකමයි. අතීත විහාරස්ථාන ආරක්ෂා කර ගත යුතුයි. ඒ වෙනුවෙන් කැපවී සිටින අකිල විරාජ් කාරියවසම් මහතාටත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්ටත් නිලධාරී මහත්වරුන්ටත් ප‍්‍රශංසා කළ යුතුයි.රටේ උරුමය ආරක්ෂා කරනවා නම් පුරා විද්‍යා සහ සංස්කෘතික අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුයි. මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කළ මහාචාර්ය රෝලන්ඞ් ද සිල්වා මහතාත්, හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ශිරාන් දැරණියගල මහතාත් මෙහි සිටීම සතුටක්. අතීතයේ සිට විද්වතුන් සමඟ කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත්, ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිතුමාත් අපේ ඉතිහාස මතුකර ගැනීමට උනන්දුවෙන් කටයුතු කළා.අප රජය බදුදහටම ප‍්‍රමුඛස්ථානය දෙන අතර, සෑම ආගමක්ම ආරක්ෂා කිරීමට ක‍්‍රියා කරනවා. ඒ නිසා ජෝන් අමරතුංග, ඞී.එම්. ස්වාමිනාදන් ඇමැතිවරුන් මේ අවස්ථාවට පැමිණීම පිළිබඳව මා විශේෂයෙන් සතුටට පත්වෙනවා. එස්.බී. නාවින්න සංස්කෘතික ඇමැතිතුමාත් එක් කරගෙන ඉතා සුහදව මේ කටයුතු ඉදිරියට ගෙන යනවා. සෑම ආගමක්ම එකමුතුව වැඩකරන විට අන්තවාදය තුරන් වෙනවා.බුදුන් වහන්සේගේ ධර්මය අනුව සෑම ධර්මයකටම ගරු කරන්නැයි අශෝක අධිරාජයා සෙල් ලිපිවල සඳහන් කළා. ඒ අනුව අපට ආඩම්බරයෙන් මේ පිළිබඳව සඳහන් කිරීමට හැකියාව තිබෙනවා.මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අප ජාතික ආණ්ඩුව බිහි කළේ මේ වැඩකටයුතු ඉදිරියට ගෙනයාම සඳහායි. එක් අතකින් ආගම් අතර සංහිඳියාව ඇති කරනවා. අනෙක් අතින් අපගේ බෞද්ධ උරුමය තවත් ආරක්ෂාකර දියුණුවට පත් කරනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් විශාල උන්නදුවකින් කටයුතු කරනවා. එමෙන්ම අමාත්‍යවරුන්, මන්ත‍්‍රීවරුන් උනන්දු වෙනවා. මේ වැඩ කටයුත්ත අපේ යුතුකම ලෙස සලකා ඉටු කරමින් ඉදිරියට යාම අරමුණයි.වර්තමානය වන විට ශ්‍රී ලංකාවට විශේෂිත තැනක් හිමිවී තිබෙනවා. ථෙරවාදී බුදු දහම ආරක්ෂා කළේ ශ්‍රී ලංකාවයි. එලෙස ආරක්ෂා කර ගත් බුදු දහම අග්නිදිග ආසියාවට පතුරුවා හැරීමට අපට හැකියාව ලැබුණා. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලා ඕසය, දකුණු වියට්නාමය ආදී රටවලට බුදු දහම ව්‍යාප්ත කිරීමට හැකි වුණා. බුදු දහම ශ්‍රී ලංකාවේ ආරක්ෂා නොවුණා නම් ඒ රටවලට වන්නේ කුමක්ද? අද ඒ ප‍්‍රශ්නය විමසිය යුතුයි.ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා රජය වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක කරනවා. සංස්කෘතික අමාත්‍යංශය ඒ ආකාරයෙන්ම වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා. අපේ අවධානය යොමු වූ විශේෂ කාරණා ගැන මා සඳහන් කරන්නම්. එවැනි ක‍්‍රියා මීට පෙර වූයේ නැහැ. මෙරට පුරාණ රජ මහා විහාරස්ථාන ආරක්ෂා කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ වැඩසටහන පළමු වැන්නයි. එහි පළමු අදියර යටතේ විහාරස්ථාන 150ක් සංරක්ෂණය කිරීම සඳහා ආධාර දෙනවා. ඒ වැඩ කටයුත්ත මෙතැනින් අවසන් වන්නේ නැහැ. තවත් ඉදිරියට ගමන් කරනවා. ක‍්‍රමානුකූලව ඉතිහාසයේ කොටසක් වන විහාරස්ථාන ආරක්ෂා කර ගත යුතුයි.ඈත ගම්මානවල තිබෙන විහාරස්ථානවල විවිධ උත්සව සඳහා මා ගොස් තිබෙනවා. ඒවායේ පවතින දුෂ්කරතා පිළිබඳ හිතාගන්නවත් බැහැ. ඒවාට ආධාර කළේ නැති නම් ඉදිරියට පවත්වා ගෙන යාමට හැකියාව නැහැ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එදා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමියන් යටතේ බෞද්ධ පුනරුත්ථාපන වැඩපිළිවෙළ ඇති කළ අවස්ථාවේදීත් බොහෝ අය මුදලින් ඊට උපකාර කළා. කැලණිය විහාරස්ථානය පිළිබඳව මා දන්නවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එලෙස ආධාර උපකාර නොකළා නම් අද ඒ විහාරස්ථාන නැහැ. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු රජය ඒ සඳහා කැපවී සිටිනවා.දෙවැනි කාරණය නම් පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව සඳහා රන් වියන ලබා දුන්නා. එල්.ටී.ටී.ඊ. බෝම්බයෙන් පසුව රන්වියන අලූත්වැඩිය කිරීම සඳහා එදා මා උපකාර කළා. නැවත වරක් රන් වියන අලූත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වන සම්පූර්ණ මුදල රජය විසින් භාර ගත්තා. මෙරට බෞද්ධයන් පමණක් නොව වෙනත් රටවල බෞද්ධයන් ද ථෙරවාද, මහායාන, වජ‍්‍රයාන ආදී සම්ප‍්‍රදායන්හි බෞද්ධයන් ද ශ්‍රී දළදා මාලිගාවට පැමිණ වැඳුම් පිදුම් කරනවා. වෙනත් ආගම්වල පුද්ගලයන් ද පැමිණෙනවා. එසේ නම් දන්ත ධාතූන් වහන්සේ අපේ උපරිම ශක්තිය යොදවා ආරක්ෂා කර ගත යුතුයි. දෙවැනි කටයුත්ත ලෙස මා ඒ කාර්යය ඉටු කරනවා.ආර්ථික ප‍්‍රශ්න පැවැතිය හැකියි. නමුත් වාර්තමානය වන විට ආර්ථිකය සම්බන්ධව යම් පාලනයක් ඇති කර තිබෙන නිසා රට සංවර්ධනය කරන අතරතුර එයින් කොටසක් මේ වැඩ කටයුතු සඳහා ද යෙදවිය යුතුයි.මෙරට බුදු දහම ආරක්ෂා වී අග්නි දිග ආසියාව දක්වා ගමන් කළේ මහා විහාරයෙනුයි. ඒ නිසා මහා විහාරයේ සංරක්ෂණ කටයුතු කළ යුතුව තිබෙනවා. මෙතෙක් කල් මහා විහාරයේ කැණීම් කටයුතු වූයේ නැහැ. මා 2002x2003 වසරවල අග‍්‍රාමාත්‍යවරයාව සිටියදී එහි කැණීම් ඇරැඹූ පසු නැවත කිසිදු වැඩකටයුත්තක් වී නැහැ.ඒ නිසා මහා විහාරයේ කැණීම් ඇරැුඹීමට මා විශේෂයෙන්ම කල්පනා කළා.වර්තමානයේ ඉස්ලාම් භක්තිකයන් මක්කම බලා යනවා. කතෝලික බැතිමතුන් වතිකානුවට යනවා. එමෙන්ම කි‍්‍රස්තුස් වහන්සේ උපන් ස්ථානය දැක ගැනීමට ජෙරුසලමට යනවා. ඒ ආකාරයට අපත් ථේරවාදී බුදු දහම ආරක්ෂා වූ මහා විහාරය සොයාගත යුතුයි. සීගිරියේ කැණීම් කටයුතු නම් අප විසින් ආරම්භ කර තිබෙනවා. මහා විහාරයේ වැඩ කිරීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටත්, මධ්‍යම සංස්කෘතික අරමුදලටත් භාර දුන්නා. නායක ස්වාමීන් වහන්සේ තම සංඝාවාසය එතැනින් ඉවත් කර කැණීම් සඳහා ඉඩ දුන්නා. උන්වහන්සේලාට වැඩ විසීමට වෙනත් ස්ථානයක් දෙනවා.ථේරවාදී බුදු දහමේ ආරම්භක ස්ථානය වන මහා විහාරයේ වැඩ ඊළඟ වසර 10 ඇතුළතදී ඉටු කරනවා. එවිට අපට අතීත ශ්‍රී විභූතිය ගැන ආඩම්බර විය හැකියි. අප මෙතැනින් නතර කර නැහැ. බුදුන් වහන්සේ උපත ලැබූ මෙන්ම ජීවත් වූ ලූම්බිණිය, කපිලවස්තුපුරය ප‍්‍රදේශවල සංරක්ෂණ කටයුතු සඳහා ආධාර උපකාර කරනවා.නේපාලයට උදව් උපකාර කළේ ජපානයෙන් පමණයි. ජපාන ආධාරවලට අනුව අපත් ආධාර දීමට තීරණය කළා. 2018 හා 2019 වර්ෂ වෙනුවෙන් ඩොලර් දසලක්‍ෂයක් හෙවත් රුපියල් කෝටි 15ක් ඒ වෙනුවෙන් දෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලත් ඒ වෙනුවෙන් දායක වෙනවා. බුදුන් වහන්සේ උපත ලැබූ, ජීවත් වූ කපිල වස්තු පුරය, ලූම්බිණිය සංරක්ෂණය කරනවා යනු අපේ බෞද්ධ ප‍්‍රබෝදයක් ඇති වන කටයුත්තයි. බුදු දහම ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා නම් ඒ වැඩ කටයුතු කළ යුතුයි. බුදු දහම ආරක්ෂා කරන බව කියමින් බෙර ගැසීමෙන් පමණක් පලක් වන්නේ නැහැ. නේපාල රජය සමඟ සාකච්ඡා කර මුදල් දීමට අප තීරණය කළා.2015 වසරේ නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් විහාරස්ථාන ගණනාවක් විනාශයට පත් වුණා. ඉන් එක් විහාරස්ථානයක් සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා අප කැපවී සිටිනවා. බෞද්ධ වැඩසටහන් සඳහා රජය නව අදහස් දෙනවා. පුරාණ විහාර සහ මහාවිහාර සංරක්ෂණය ද එවැන්නක් බව කිව යුතුයි. ශ්‍රී දළදා මාලිගාවේ රන්වියන අලූත්වැඩියා කිරීම මෙන්ම මහා විහාරයේ සංරක්ෂණ කටයුතු, කපිල වස්තු, ලූම්බිණිය සංරක්ෂණය සඳහා ආධාර උපකාර කිරීම තුළින් බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට පියවර ගන්නවා යයි’’ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නාහිමියෝ:”අද අරඹන්නේ ඉතා වැදගත් පරිත්‍යාගයයි. කහ සිවුරු නැතිනම් සසුන රැක ගන්න බැහැ. ඒ බව අතීත රජවරුන් නම් ඉතා හොඳින් තේරුම් ගෙන තිබුණා. අගමැතිතුමාගේ මිත්තනිය වන හෙලේනා විජයවර්ධන මැතිනිය වෙහෙර විහාර ආරක්ෂා කිරීම සඳහා මූලික වී ක‍්‍රියා කළා. අන්තවාදී අදහස් ඇති අය ලොව සෑම රටකම ඉන්නවා. අපේ බාල පරපුරට යහපත් මඟ පෙන්වා දෙමින් කටුයතු කළ යුතුයි.රටේ කුඩා දරුවන්ගේ සිට යහ මඟට ගැනීමේ වගකීම පැවරී තිබුනේ භික්ෂූන් වහන්සේලාටයි. අගමැතිතුමාගේ පාර්ලිමේන්තු දේශපාලනයට 40 වසරක් පිරෙන අවස්ථාවේ වෙහෙර විහාරස්ථාන දියුණු කිරීම ගැන අප කෘතඥතාව පළ කරනවා.’’අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:කිසිදු ආධාර උපකාර නොලැබෙන විහාරස්ථාන තිබෙනවා. අප රටේ විහාරස්ථාන 13,000කට වඩා තිබෙනවා. විදේශිකයන්ට දෙන පුරා විද්‍යා ටිකට්පත් මඟින් ලැබෙන ආදායමින් මේ උපකාරය කරනවා. විහාර 13,000න් සංරක්ෂණය කළ යුතු සියලූම විහාර රැකීම අපේ අරමුණයි.පසුගිය දිනවල මේ අරමුදල ගැන දේශපාලන කතා පැතිරී ගියා. පිං පෙට්ටිවලට රජය අත තබන බව කියමින් ඇතැමුන් විවිධ කට කතා ගෙන ගියා. එය අලූත් දෙයක් නොවෙයි. මුදල් ගණනය කර නැවත විහාරස්ථානවලට බාරදීම සිරිතක් වශයෙන් කෙරෙනවා. බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය කිරීමට අප කැපවී ක‍්‍රියා කරනවා.දඹුල්ල සිද්ධිය දැන් විසඳෙමින් තිබෙනවා. දඹුල්ලේ ආදායමෙන් 15% විහාරයට දෙන්නත් ඉතිරි 85% වෙහෙර විහාරස්ථානවලට පැවරීමටත් අප ගිවිසුම අත්සන් කළා. ඒ කටුයතු කරන්නේ මහා නායක හිමිවරුන්ගේ අනුදැනුම ඇතිවයි.ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුනේ සුමංගල නාහිමියෝ:‘‘ආණ්ඩුව පාතබා ඇත්තේ උත්තරීතර අවස්ථාවකටයි. අතීතයේ සිටි රජ දරුවන් බුදු දහම සුරැකි ආකාරය පිළිබඳව වංශ කතාවල සඳහන්ව තිබෙනවා. දළදා වහන්සේගේ රන් වියන නැවත සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අගමැතිතුමන් විසින් බාරගත්තා. ඞී.එස් සේනානායක මහතා ඇරඹූ ගොවි ජනපද ව්‍යාපෘතිය නිසා කැලෑවෙන් වැසුණු පුරාණ වෙහෙර විහාරස්ථාන රැසක් යළි මතු කර ගැනීමට හැකියාව ලැබුණා. සෝමාවතී විහාරය වත්මන් තත්ත්වයට පත් කිරීමේ පුරෝගාමියා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළ යුතුයි. අගමැතිතුමන් කරන මෙහෙවර නිසා රටට ශාසනයට වන මෙහෙවර පිළිබඳව තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් මා සමඟ සිහිපත් කළා.’’මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිය ශාන්ත ගුණවර්ධන මහතා ද අදහස් දැක්වීය.මේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද සහභාගී වූහ.
’පුරාණ පන්සල් සියල්ල සංරක්ෂණය කරනවා’
0