id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_1301
(ඩී.ජී.සුගතපාල)ගාල්ල දඩල්ල කනත්ත ඉදිරිපිටදී අද (18) යතුරු පැදියක්  ලොරි රථයක සහ බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.මියගොස් ඇත්තේ බූස්ස කදුරුපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 63 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.මියගිය පුද්ගලයා කොළඹ සිට ගාල්ල දෙසට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එම දිසාවේ සිට පැමිණි බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී  බසයේ  ඉදිරිපස දකුණු  මුල්ලේ වැදී  යතුරු පැදිය විසිවී තිබේ.ඒ සමගම ඉදිරියෙන් පැමිණි ලොරියක් ඔහුගේ හිස මතින් ගොස් ඇති බව පොලිසිය පවසයි.අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා සහ ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
රිය අනතුරකින් අයෙක් මරුට
1
hp_train_1302
 (මොහොමඩ් බුහාර්ඩ්න්)ගලේවෙල-මාතලේ මාර්ගයේ හා දඹුල්ල-කුරුණෑගල මාර්ගයේ ස්ථාන දෙකකදී අද (06) සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල නගරය ආසන්නයේදී එකම දිශාවට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ පිටුපස අසුනේ ගමන් කළ 38 හැවිරිදි පුද්ගලයෙකු ටිපර් රථයට යටවී බරපතළ තුවාල ලබා ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්  ඇත.එම  යතුරු පැදිය පදවාගෙන ගිය අයද තුවාල ලබා  රෝහල් ගත කෙරිණ.මේ අතර ගලෙවෙල මාතලේ මාර්ගයේ වාසලකෝට්ටේ  ප්‍රදේශයේ දී යතුරුපැදියක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින්  යතුරුපැදිය  පදවාගෙන ගිය,  මිල්ලවන ප්‍රදේශයේ පදිංචි  17  හැවිරිදි අයෙකු  බරපතළ තුවාල  ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත. එම යතුරු පැදියේ සිටි අනෙක් අය ද තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර  ටිපර් රථ  දෙක හා යතුරු පැදි  පොලිස් භාරයට ගෙන ඇත.ගලේවෙල පොලිසිය  අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.
ලොරි-යතුරුපැදි අනතුරින් දෙදෙනෙක් මරුට
0
hp_train_1303
පලෙයිතිව් දුපතට නාවික සැතපුමක් නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු  නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.  එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැල් කිහිපයක්, ඩිංගි යාත්‍රාවක්, අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 19 ක් සහ මසුන් කිලෝග්‍රෑම් 25 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.   උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක්  කළ සෝදිසියකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන  තිබේ. ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල්, යාත්‍රාව, මුහුදු කුඩැල්ලන්, මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කර තිබේ.(36698)
නිතී විරෝධිව මසුන් ඇල්ලු දෙදෙනක් අත්අඩංගුවට
0
hp_train_1304
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වේ.හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 08/11/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32229060ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මඩකලපුව32239060ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.කොළඹ31239065ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.ගාල්ල30249065ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.යාපනය31219050ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මහනුවර28189060ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.නුවරඑළිය19089055ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.රත්නපුරය32239065ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.ත්‍රීකුණාමළය32229045ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මන්නාරම31249065ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.ප්‍රධාන වශයෙන් මුහුදු ප්‍රදේශ වල වැසි රහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තුවිය හැක.සුළං බටහිර හෝ වයඹ දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.යාපනයේ සිට ත්‍රීකුණාමළය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.   සෙසු මුහුදු ප්‍රදේශ රළු නොවේ.       කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
සඳු දා කාලගුණය
0
hp_train_1305
රංජිත් රාජපක්‍ෂ  හැටන් සිට නොර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි දහයක් පමණ ප‍්‍රපාතයට පෙරලිමෙන් එම මෝටර් රථයේ රියදුරා සුලූ තුවාල ලබා ඇති අතර ඔහු පොලිස් අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පවසයි.  අද (14) මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ ගැලැන්කන් කැන්දගොල්ල ප‍්‍රදේශයේදිය.  එම මෝටර් රථයේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර මෝටර් රථය ධාවනය කළ නිසා මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි.
ආගරපතනේ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට
0
hp_train_1306
ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1307
(ඩී.කේ.රත්න)ඇල්ල ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය දෙවනවර සම්මත කිරිමෙන් සභාවේ අද (19) උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරුන් පැමිණීමට පෙර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 7 දෙනා පමණක් අයවැය සම්මත කිරිමෙන් මෙලෙස සභාව උණුසුම් විය.එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ඇල්ල ප්‍රාදේශීය සභාව බලය පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂය ලෙස කටයුතු කරයි.සභා රැස්වීම පෙ.ව.9.00 ට පවත්වන බව දන්වමින් සියලූ මන්ත‍්‍රීවරුන්ට කැදවීම් ලිපි යවා තිබියදී අනෙකුත් මන්ත‍්‍රීවරුන් පෙ.ව.9.03 ට සභා රැස්වීම් ශාලාවට පැමිණෙන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 9.00 ට පැමිණ අයවැය සම්මත කර සභා රැස්වීම අවසන් කර සභාවෙන් පිටව ගොස් ඇත.මීට පෙර පැවති සභා වාරයේදී මෙම සභාවේ අයවැය වැඩි ඡන්ද 14 කින් පරාජයට පත්වීමෙන් දෙවන වර අයවැය සම්මත කර ගනීම සඳහා අද දින සභාව රැස්කර තිබිණි.මෙම තත්වය මත අනෙකුත් මන්ත‍්‍රීවරුන් සියලූ දෙනා එක්ව මේ පිළිබදව පළාත් පාලන කොමසාරිස්වරයා දැනුවත් කර තිබේ.ඇල්ල ප‍්‍රාදේශීය සභාව එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරු 7 දෙනෙකුගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරු ප5 දෙනෙකුගෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරු 7 දෙනෙකුගෙන් ජනතා විමුක්ති පෙරමුණ 1 මන්ත‍්‍රීවරයකුගෙන් හා ස්වාධීන කණ්ඩායම අංක එක එක් මන්ත‍්‍රීවරයකුගෙන් ඇතුළු මන්ත‍්‍රීවරු 21 කින් සමන්විතය.
පොහොට්ටුවට වැලිමඩ බලයත් ගිලිහෙයි
0
hp_train_1308
(ඩයනා උදයංගනී)ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා පසුගිය දශක කිහිපයේදී සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා නොසලකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ කරන ලද ඇතැම් සංවර්ධන කටයුතු ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ලබා දී ඇති බවත්, එබැවින් සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (4) පැවැසීය.රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව සඳහා දැනට පවතින ඉතා පැරැණි පරිපාලන හා මුදල් රෙගුලාසි කඩිනම් සංශෝධනයකට ලක් කළ යුතු බව කී ජනාධිපතිවරයා ගෙවීගිය දශක කිහිපයේ එවැනි සංශෝධන කොතෙක් කර තිබුණත් මීට අවුරුදු සියයකට එහා තිබූ ඇතැම් ආඥා පනත්, වගන්ති සහ රෙගුලාසි තවමත් පැවැතීම සංවර්ධනයේ ඉදිරි ගමනට බාධාවක් බව ද සඳහන් කළේය.ජාතියේ අනාගතය ශක්තිමත් වන්නේ උගතුන් වැඩිවූ විට බැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා අදට ඔබින අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කරමින්, අධිතාක්ෂණික ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවන් සමඟ ඉදිරියට යා යුතු බව ද ජනාධිපතිවරයා කීවේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ කොළඹ, ගාලු මුවදොර පිටියේදී ඊයේ (4) පැවැති 70 වැනි ජාතික නිදහස් දින උළෙලේදී ජාතිය අමතමිනි.නිදහස සමඟ සතුටින් ජීවත්වීමට නම් සෞභාග්‍යය අත්‍යාවශ්‍ය බව කී ජනාධිපතිවරයා ජනතාවට ආර්ථික සමෘද්ධිය, සෞභාග්‍යය උදාකර දීම සඳහා සැම විටම වගකීමෙන් කටයුතු කළ යුතු බව ද කීවේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.“පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් වශයෙන් අප විසින් මහා බ්‍රිතාන්‍යයට මෙන්ම ගෞරවනීය රජ පවුලට කරන ලද ආරාධනය අනුව අපට සුබ පතමින් මෙහි පැමිණි බි්‍රතාන්‍ය රාජකීය පවුලේ ගෞරවනීය නියෝජිතයා ඇතුළු විදේශ නියෝජිතයන් හා සියලු ආරාධිතයන් ගෞරවයෙන් මෙම අවස්ථාවට පිළිගනු ලබනවා.අප අද ඉතාමත් ගෞරවයෙන් මෙන්ම අභිමානයෙන් සිහිපත් කරන්නේ අපේ රටට යටත්විජිත යුගයෙන් නිදහස ලැබී වසර 70 ක් සපිරීමයි. මේ ගෙවී ගිය වසර 70 ක අත්දැකීම් අපේ රටේ අනාගතය ශක්තිමත් කර ගැනීම සඳහා මෙන්ම අනාගත ප්‍රගමනය සඳහා ඉතාමත් වැදගත් වෙනවා.විශේෂයෙන්ම 1948 නිදහස ලැබීමෙන් පසු තිබුණු අභියෝග ගණනාවක් අප විසින් ජය ගනු ලැබුවා. ඒ සඳහා එදා සිට මෙදා දක්වා බලයට පත්වූ සෑම රජයක්ම, රාජ්‍ය නායකත්වයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහ රටේ පොදු මහජනතාව සිය වගකීම් සහ යුතුකම් මනා ලෙස ඉටු කර තිබෙන බව මම විශ්වාස කරනවා.බලාපොරොත්තු නොවූ ආකාරයට අපේ රට බෙදීමට හා වෙන් කිරීමට ඇතිවූ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ව්‍යාපාරය නිසා අපට ඔවුන් පරාජයට පත්කිරීමට වසර 26ක පමණ දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණදීමට සිදුවුණා. එය අපේ රටේ ආර්ථික පසුබෑමක් මෙන්ම ජාතියේ ප්‍රගමනය සඳහා විවිධ ක්ෂේත්‍රවල ගෙන ගිය ප්‍රබුද්ධ වැඩපිළිවෙළවල් තුළ පසුගාමී තත්ත්වයන් ඇතිවීමට හේතු වුණා.එහෙත් අපේ ඉතිහාසයේ වසර ගණනක ශ්‍රේෂ්ඨත්වය, අභිමානය, පෙර දවස මහා අභිමානවත් මහා කතාවෙන් අපට ලැබී තිබෙන අත්දැකීම්, ජාතියට ලැබී තිබෙන ජීව ගුණය ආදී සියල්ල සමඟ අපේ අනාගතය සඳහා ඉදිරි වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීමට අපේ රට තුළ සිටින උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන් පඬිවරුන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සමඟ රටේ පොදු මහජනතාව සිය යුග මෙහෙවර ඉටු කරමින් සිටිනවා.අද අප මුහුණ දෙන්නා වූ ප්‍රධානතම අභියෝග මොනවා ද? ජාතියේ අනාගතය සඳහා අප විසින් කළයුතු මෙහෙවර කුමක් ද? හැත්තෑ වසරක අතීත අත්දැකීම් සමඟ අනාගතය ගොඩනඟා ගැනීම සඳහා අප ඒ අභියෝග තේරුම්ගත යුතු වෙනවා. ජාතියේ ප්‍රගමනය සඳහා ප්‍රබුද්ධ වූ වැඩපිළිවෙළකට අප සියලු දෙනා කැපවිය යුතු වෙනවා. එය අප වැළඳගත යුතු වෙනවා. එහි තිබෙන්නා වූ ජීව ගුණය අප විසින් ශක්තිමත් කළ යුතු වෙනවා. අපට ආර්ථික වශයෙන් පවතින අසීරුතාවයන් තිබෙන පසුබිම තුළ එම ආර්ථික ජයග්‍රහණ ළඟාකර ගැනීම සඳහා රජයක් විදියට අපි කැපවී සිටිනවා. අප මුහුණදෙන අභියෝග අතර දුගීභාවය, ප්‍රබල වූ අභියෝගයක්. මීට පෙර බලයට පත්වූ සෑම රජයක්ම දුප්පත්කමින් නිදහස් වීම සඳහා විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කර ඇති අතර ඒවායේ යම් යම් සුබදායී ප්‍රතිඵල තිබෙනවා.අපි ඒ අතීත අත්දැකීම් සමඟ නව වැඩපිළිවෙළක් තුළ දුගී බවින් නිදහස් වීම සඳහා දැනට කෙරෙන කාර්යයන් මීට වඩා ප්‍රබුද්ධ ලෙසත්, කාර්යක්ෂම ලෙසත් ඉටුකළ යුතු වෙනවා. එහිදී දුප්පත්කමින් නිදහස් වීමේ ඒ අභියෝගය ඉදිරියේදී අපට ජයගත හැකියි කියා මා විශ්වාස කරනවා. අප සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගැනීම අවශ්‍ය වෙනවා.අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා නොසලකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ කරන ලද සංවර්ධනය නිසා ඇතැම් වේලාවට ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ලබා දී තිබෙන බව කනගාටුවෙන් වුව ද කිවයුතු වෙනවා. ඒ නිසා දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්ගේ නායකත්වය, රාජ්‍ය පරිපාලනය, කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය සෑම විටම මෙහිදී පැහැදිලි ලෙස සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා.ඒ වගේම අපේ රට අදට වඩා උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, පඬිවරුන්ගෙන් ශක්තිමත් කළ යුතුයි. ජාතියේ අනාගතය සැමවිටම ශක්තිමත් වන්නේ උගතුන් වැඩි වූ රටකයි. එය අප විසින් කළ යුතු වෙනවා. ඒ සඳහා අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කාර්යක්ෂමතාවය, අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම්වල අදට ඔබින ආකාරයට සකස් කළ යුතු වෙනවා. මෙහිදී අධිතාක්ෂණික ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවයන් සමඟ අප මූලික වශයෙන්ම නවෝත්පාදන ආර්ථිකය, හරිත ආර්ථිකය සඳහා කැපවීම ඉතාමත් අවශ්‍ය වෙනවා.නවෝත්පාදන ආර්ථිකයේත්, හරිත ආර්ථිකයේත් මූලධර්ම සහ ප්‍රතිපත්ති තුළ මූලික වශයෙන් නිපුණතා සංවර්ධනයට වෘත්තීය අධ්‍යාපනයට ඉතාමත් වැදගත් ස්ථානයක් දීම අත්‍යවශ්‍යය යන්න මාගේ අදහසයි. අපේ රටේ රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව සඳහා ඉතා පැරණි පරිපාලන රෙගුලාසි මුදල් රෙගුලාසි කඩිනම් සංශෝධනයකට යටත් කළ යුතු වෙනවා. ගෙවී ගිය දශක කිහිපයේ එවැනි සංශෝධන කොතෙක් කර තිබුණත් තවමත් මීට අවුරුදු සියයකට එහා තිබූ ඇතැම් ආඥා පනත්, ඇතැම් වගන්ති ඒ වගේම රෙගුලාසි තිබෙන බව ඔබ අප දන්නවා. එය සංවර්ධනයේ ඉදිරි ගමනට බාධාවක් ලෙස අපි දකිනවා. කාර්යක්ෂම සංවර්ධනයක් හා විනයක් ඇති පරිපාලනයක් සඳහා ඒ දේ කළ යුතු වෙනවා.ඒ වගේම මේ රටේ ඉතා වැදගත් ක්ෂේත්‍ර ව්‍යවස්ථාපිත ආයතන ගණනාවක් සඳහා අප අවධානය යොමු කළ යුතුයි. පළාත් පාලන ආයතන, පළාත් සභාව, පාර්ලිමේන්තුව ව්‍යාවස්ථාදායකය, ජනාධිපති තනතුර මේ සියලු ආයතන සහ තනතුරු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිසංවිධානය කොට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.විශේෂයෙන්ම දූෂිත දේශපාලනය ජාතියේ ප්‍රගමනයට අනාගතයට අයහපත් බරපතළ ප්‍රශ්නයක් අභියෝගයක් සහ අවහිරයක් වී තිබෙන බැවින් අපි ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ජනාධිපති ධුරයේ සිට පළාත් පාලන ආයතන දක්වා, පළාත් පාලන ආයතනවල සිට ජනාධිපති ධුරය දක්වාත් ප්‍රතිසංවිධානය විය යුතුයි. සංවර්ධන සැලසුම්වල විධිමත්භාවය මෙන්ම විනයක් ඇති දේශපාලන පරපුරක් සමඟ මේ රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මා පැහැදිලිව දකිනවා.සංවර්ධනයේ හා ජාතියේ අනාගතය සඳහා තිබෙන්නා වූ අභියෝග ජය ගැනීමේදී දේශපාලනඥයා තුළ තිබිය යුතු අවංකභාවය පැහැදිලි ලෙසම ඉතා වැදගත් වෙනවා. ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමටත් රට ගොඩනැඟීමටත් හැක්කේ සහ මුළු මහත් පොදු ජනතාව රාජ්‍ය පාලනය සඳහා ඒකරාශී වන්නේ මේ අවංකභාවය තුළයි. මේ හැත්තෑවන නිදහස් සමරුව පවත්වන අවස්ථාවේ ඔබෙත්, මගේ ආදරණීය මාතෘ භූමිය ගොඩනගා ගැනීම සඳහා    දේශපාලනඥයන් තුළ තිබිය යුතු කැපවීම, අවංකභාවය, නොකිළිටිභාවය, පිරිසුදුභාවය ඉතාමත් වැදගත් යුගයේ අවශ්‍යතාවක් ලෙස මම දකිනවා. මිනිසුන්ට මෙන්ම ගස, කොළ ඇතුළු සියලු සතුන්ට නිදහසේ පැවැත්ම අවශ්‍ය බව ඔබ අප කවුරුත් දන්නවා. සතා සිවුපාවා ගහකොළ ඇළ දොළ ස්වභාවධර්මයාගේ අසීමිත වස්තූන්, ඊට තිබිය යුතු නිදහසත්, මිනිසාට තිබිය යුතු නිදහසත් කිසිදු වෙනසක් නොමැති බව නිදහස පිළිබඳ කථා කරන විට අප සෑම විටම සිතාගත යුතුයි.සැබෑ නිදහස යන්න මිනිසකුගේ නිදහස පමණක් නොවෙයි. ඒ සඳහා අපේ කැපවීම අධිෂ්ඨානය අවශ්‍යයි. එහි තිබෙන්නා වූ ඉතාමත් සංකීර්ණ ස්වභාවය, ව්‍යාප්ත තත්ත්වය, වගකීම් සහගත තත්ත්වය පාසල් දරුවාගේ සිට වඩ වඩාත් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මා දකිනවා. ඒ නිසා මේ සියලු කරුණු සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුයි.නිදහස පිළිබඳ අපට තිබෙන්නා වූ අවබෝධයත්, අත්දැකීමත් සමඟ සතුටින් ජීවත්වෙන්න නිදහස් සමාජයක සෞභාග්‍යය ඉතාමත් අත්‍යාවශ්‍යයි. ආර්ථික සමෘද්ධිය, සෞභාග්‍යය ජනතාවගේ ප්‍රාර්ථනාවක්. ඒ නිසා නිදහස සියලු අංශවල ශක්තිමත් කරන්නත් සෞභාග්‍යය උදාකර දීම සඳහා ස්වදේශික අපේම ජනතාවගේ අනන්‍යතාවයන් දේශීයත්වය අපේ කර්මාන්ත අපේ කෘෂිකර්මාන්තය අපේ කියන සියලු_ දේවල් සමඟ අපේ සංස්කෘතිය ජාතික අනන්‍යතාවන් සමඟ ඒ සෞභාග්‍යය උදාකරදීම සඳහා අප සැමවිටම වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා.විදේශීය රටවල්වල, දියුණු රටවල්වල තිබෙන තාක්ෂණික දියුණුව අපේ දැනුමට අවශ්‍යයි සේම ඒ දැනුම ලබාගැනීමත් සමඟ අප කිසිවිටෙකත් අපේ ස්වදේශික ප්‍රාර්ථනාවන්, ස්වදේශික ඓතිහාසික උරුමයන් බිඳ නොහළන ලෙස කටයුතු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. අපේ වසර දහස් ගණනක මහා ශ්‍රේෂ්ඨ ඉතිහාස කථාවේ මූලික වශයෙන්ම අපේ සංස්කෘතිය, අනන්‍යතාව, අපේ පෞරාණික වස්තු, අපේ උරුමයන් සියල්ල රැකගෙන පෝෂණය කරගෙන ආරක්ෂා කරගෙන අප මාතෘභූමිය ගොඩනැගිය යුතු වෙනවා.මේ සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලු කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ වගකීම් සැමවිටම ඉටුකළ යුතු වෙනවා. අපි මේ සියල්ලෙහි අවධානය යොමුකළ යුතු වෙනවා. මා පෙර කී පරිදි අපට තිබෙන අභියෝග අප කිසිවිටෙක අමතක නොකළ යුතුයි. දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව යන්න මා මෙහිදී සඳහන් කරනවා. රටේ සංවර්ධනය සඳහා රටේ අනාගතය සඳහා දූෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම, ඒ මතය ක්‍රියාත්මක කිරීම ජාතියේ ප්‍රගමනයේ ආත්මාරක්ෂාව ලෙසයි මා මෙහිදී දකින්නේ.එසේම අපේ ශ්‍රේෂ්ඨ මව්බිම අඅ!මත ආර්ථික නිදහස ගොඩනැගෙමින් තිබෙන විට ඒ ආර්ථික නිදහසට එරෙහිව දූෂණය අල්ලස හොරකම නාස්තිය අප විසින් පිටු දැකිය යුතු වෙනවා. හොරකම, දූෂණය, අල්ලස අපිට අපේ ජාතියේ අනාගතය සඳහා අද ඉතාමත් දැඩි ලෙස බලපා තිබෙන කාරණයක්. සෑම දේශපාලනඥයෙක්ම මේ රටේ තම තමාගේ වගකීම් ඉටු කිරීමේදී ඒ ආදර්ශය දීම අත්‍යවශ්‍ය යුග මෙහෙවරක් යුගයේ කාර්යයක් ලෙසයි මම මෙහිදී හඳුන්වන්නේ.අප කුසීතකමෙන්, අලසකමෙන්, පසුබෑමෙන් තොරව, කාර්යක්ෂමව, එඩිතරව, වීරත්වයෙන්, සටන්කාමීත්වයෙන් අපි සෑම කෙනෙක්ම අපේ ආර්ථිකය ගොඩනැංවීම සහ රාජ්‍ය ප්‍රබුද්ධත්වය තුළ මේ රට ඉදිරියට ගෙන යෑම සඳහා කැපවීම අත්‍යාවශ්‍ය බව මම මෙහිදී පැහැදිලිව දකිනවා.අපට පසුගිය දශක කිහිපයක තිබෙන අත්දැකීම් සමඟ මේ රට ගොඩනැගීම සඳහා මූලික වශයෙන් ජාතිවාදී අදහස්වලින් තොරව ජාතික සමගිය සංහිඳියාව ශක්තිමත් කළ යුතුයි. ජාතිවාදී ගැටුම්වලින් තොරව ජීවත් වීමේ නිදහස රටේ සියලු දෙනාට සහතික කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ සහතික කිරීම තුළ සියලු දෙනාගේ ක්‍රියාකාරීත්වය ප්‍රායෝගිකව අවශ්‍ය වෙනවා.සිංහල දමිළ මුස්ලිම් මැලේ බර්ගර් සියලු ජන කොටස්වල සහජීවනය, සමගිය, ආගමික සහජීවනය, භාෂාවේ ජාතික සහජීවනය මේ සියල්ල තුළ ජාතික සමගිය ශක්තිමත් කරමින් සියලු දෙනාට විශ්වාසයෙන්, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය අප සෑමවිටම සහතික කළ යුතු වෙනවා.ඒ නිසා අපි මේ සියලු කාර්යයන් සඳහා අපේ කැපවීම ඉතා අත්‍යවශ්‍ය බව මේ හැත්තෑවන නිදහස් ඓතිහාසික සමුළුවේදී මුළුමහත් ආදරණීය ජනතාව ප්‍රමුඛව සියලු වගකීම් දරන සෑම ක්ෂේත්‍රයකම ප්‍රධානීන්ගෙන්, වගකිවයුත්තන්ගෙන් මා ඉල්ලා සිටිනවා.අද මූලික වශයෙන්ම දේශප්‍රේමීත්වය යනු මුල්‍ය විනයක් ඇතිව සියලු දෙනා වැඩ කිරීමයි කියා මා මෙහිදී ඔබට අදහසක් ඉදිරිපත් කරනවා. දේශප්‍රේමීත්වය එක් එක් යුග තුළ, එක් එක් කාල පරිච්ඡේද තුළ, එක් එක් අවස්ථා තුළ එය අපට විග්‍රහ කරන්න පුළුවන්. ඊට අවශ්‍ය නිර්වචනයන් දෙන්න පුළුවන්. අද දේශප්‍රේමීත්වය යනු සෑම කෙනෙක්ම දේශපාලනඥයාගේ සිට රාජ්‍ය නිලධාරීන් ද රටේ අවසාන පුරවැසියා ද සිය කටයුතු කිරීමේදී මූල්‍ය විනයක් තුළ කටයුතු කිරීම බව මා මෙහිදී දැඩි ලෙස ගෞරවනීය ලෙස අවධාරණය කරනවා.දූෂණයට, හොරකමට විරුද්ධව මූල්‍ය විනයක් ඇති කිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය මා මෙහිදී දකිනවා. නිදහසේ අධිෂ්ඨානය පිරිසිදු, නොකිළිටි දේශපාලනයක් යන්නයි මාගේ අදහස. ඒ නිසා පිරිසුදු, නොකිළිටි දේශපාලනයක් සඳහා මූලික වශයෙන්ම අප සියලු දෙනාම කැපවෙමින් අපට අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන්, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් සාමූහික ප්‍රයත්නයක් තුළ අප සියලු දෙනා වගකීම් ඉටුකරමින්, රට ගොඩනඟා ගැනීමට තිබෙන ප්‍රධාන අභියෝගය වූ දූෂණය වළක්වා ගැනීම සඳහා, අල්ලස වළක්වා ගැනීම සඳහා අප සියලුදෙනාම පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි කියන පණිවිඩය මේ ගෞරවණීය, ආදරණීය ජනතාවට 70 වන නිදහස් සමුළුවේදී පැහැදිලි කිරීමට කාරුණිකව කැමතියි.අද මේ ඉතාමත් වැදගත්, ගෞරවනීය, ජාතියේ අභිමානවත් අවස්ථාවේදී අපේ රට බෙදන්නට එල්ටීටීඊ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් කටයුතු කළ අවස්ථාවේ අපේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සේවා කරන ලද ඉමහත් වූ කැප කිරීම මෙහිදී අප අමතක කළ යුතු නෑ. ඔවුන් ජීවිත පරිත්‍යාග කරමින්, අවයව අතපය අහිමි කරමින්, ඔවුන්ගේ දරුවන් පවුල් ජීවිත අහිමි කරගනිමින් ඉතාමත් වේදනාකාරී අත්දැකීම් සමඟ ජාතියේ අනාගතය, ජාතියේ නිදහස සහ රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය සඳහා සටන් කරනු ලැබුවා.ඒ නිසා මම මේ 70 වන නිදහස් දින සැමරුම් උළෙලේදී රජයේත්, ජනතාවගේත් ගෞවරණීය ප්‍රණාමය මේ රටේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සියලුදෙනා සඳහාත් ඒ යුද්ධය පැවැති කාලයේ ඉතාමත් කැපවීමකින් කටයුතු කළ මුළු මහත් රාජ්‍ය සේවයේත්, පොදු ජනතාව සියලුදෙනාටමත් පුදකරනවා.විශේෂයෙන් අද මේ 70 වන නිදහස් සැමරුම් උළෙලට එක්වූ ඔබ සියලු දෙනාටම මම මගේ ගෞවරණීය ස්තූතිය පුදකරනවා.අපේ ජාතියේ අනාගතය සඳහා දුගීභාවයෙන් නිදහස් වෙමින්, දූෂණයෙන් නිදහස් වෙමින් සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනඟමින් ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ඉදිරියට යන්නට අපේ ඓතිහාසික මතක සටහන්, අත්දැකීම් සමඟ කටයුතු කළ යුතුයි. නව අධිතාක්ෂණික ලෝකයේ නව පරපුරත් සමඟ උගත් තරුණ පරපුරත් සමඟ අප සියලු දෙනාම ඒ වෙනුවෙන් කැපවෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ පතමින් සමුගන්නවා.” යැයි ජනාධිපතිවරයා පැවැසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විශේෂ ආරාධිතයන් වශයෙන් බි්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ නියෝජිතයා ලෙස ඇයගේ පුත්, එක්සත් රාජධානියේ වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඞ්වඞ් කුමරු සහ ඔහුගේ බිරිඳ වන සොෆී රීස් ජෝන්ස් කුමරිය, කතානායක කරු ජයසූරිය, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන්, පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මැති ඇමතිවරුන්, විදේශ නියෝජිතයන්, තානාපතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
‘පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ‘
0
hp_train_1309
(බන්දු තඹවිට)‘අපේ ලංකාවේ පාසල් 10200 ක් තිබෙනවා. විද්‍යාව උගන්වන විද්‍යාගාර තිබෙන පාසල් තිබෙන්නේ පාසල් 700 යි. පාසල් 10200 න් 700 ක පමණයි  විද්‍යාව ඉගෙන ගන්න තිබෙන්නේ. ඉතින් කලාව ඉගෙන ගන්නවා. භූගෝලය ඉතිහාසය ,අරක මේක ඉගෙනගෙන විශ්ව විද්‍යාලේටත් ගිහින් කලාව කරනවා. කරලා රැකියාවල් හොයාගන්න බැරිව පාරවල් ගානේ රස්තියාදු වෙනවා බෝඩ් කෑලි අල්ලාගෙන.‘ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙසේ පැවසුවේ නව ලංකා නිදහස් පක්‍ෂයේ මතුගම පැවති රැස්වීමේදීය.මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පවතී මෙම රැස්වීම කළුතර දිස්ත්‍රික්කයේ නව ලංකා නිදහස් පක්‍ෂයේ මැතිවරණ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා එම පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා විසින් සංවිධානය කර තිබුණි.එහිදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙසේද පැවසීය.‘අද නවීන ලෝකෙට හරියන අධ්‍යාපනයක් දෙන්න ඕනේ.  හොද රැකියාවල් කරන්න පුළුවන් වෙන්න නවීන ලෝකේ අභියෝගයන්ට මුහුණ දෙන්න විද්‍යාව ,තාක්ෂණය, තොරතුරු තාක්ෂණය උගන්වන්න ඕනා. අපේ ලංකාවේ පාසල් 10200 ක් තිබෙනවා. විද්‍යාව උගන්වන විද්‍යාගාර තිබෙන පාසල් තිබෙන්නේ පාසල් 700 යි. පාසල් 10200 න් 700 ක පමණයි  විද්‍යාව ඉගෙන ගන්න තිබෙන්නේ.රට බංකොලොත් වුනු තත්වයකදී  රට හදන්නේ කොහොමද? ඉතින් කලාව ඉගෙන ගන්නවා. භූගෝලය ඉතිහාසය ,අරක මේක ඉගෙනගෙන විශ්ව විද්‍යාලේටත් ගිහින් කලාව කරනවා. කරලා රැකියාවල් හොයාගන්න බැරිව පාරවල් ගානේ රස්තියාදු වෙනවා බෝඩ් කෑලි අල්ලාගෙන. සම්පුර්ණයෙන් කඩාගෙන වැටුණු අධ්‍යාපනයක් තිබෙන්නේ.අද අපේ රටේ දේශපාලනය ඉතාමත් සංකීර්ණ සහ ඛේදජනක තත්වයකට පත්වී තිබෙන අවස්ථාවක්. අද මේ ආණ්ඩුවම කියනවා ඒගොල්ලෝ බංකොලොත් කියලා.ආණ්ඩුව බංකොලොත් කියන්නේ මුළු රටම බංකොලොත්.පඩි ගෙවන්න මුදල් නැහැ. මේ දවස්වල  මහා භාණ්ඩාගාරය ඊළඟ මාසේ පඩි ගෙවන්නේ කොහොමද කියලා සතෙන් සතේ ගණන් කරනවාලු. වෙන කිසි වැඩක් කරන්න මුදල් නැහැ. ප්‍රාදේශීය සභා , නගර සභා වේලෙනවා.ග්‍රාමීය සංවර්ධනයට මුදල් නැහැ.  රාජපක්ෂ ආණ්ඩුවලින් ණය අරගෙන අරගෙන ගෙවාගන්න බැරුව විලි ලැජ්ජාවන ආකාරයට ලෝකය හැමතැනම දණින් වැටීගෙන රටේ ජනාධිපතිලා,අගමැතිලා ,පොල්කට්ට අරන් හැමතැනම බඩගානවාලු. මහා උතුම් ඉතිහාසයක් තියාගෙන ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් තිබුන ලංකාවේ අපි,මටනම් විලිලජ්ජාවේ බෑ. අපි පුංචි වුණත් අපි ආණ්ඩු කරපු කාලේ ,මැතිනියගේ කාලේ ,ඩී.එස්.සේනානායක මැතිතුමාලගේ ආණ්ඩු කාලේ බොහොම ආඩම්බරයෙන් අපි ලෝකයා ඉදිරියේ නැගී සිටියේ. පුංචි රටක් වුනාට අපි ලෝකයේ ජාත්‍යන්තර සංවිධාන වල නායකත්වය ගත්තා. අපේ නායක නායිකාවන් ,අපේ රටේ වෙනත් නිලධාරීන් ,අද හිඟන්නෝ වෙලා. කොහොමට මේක වුනේ. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආණ්ඩුව බාරදෙනකොට රටේ භාණ්ඩාගාරයේ හොඳට මුදල් තිබුනා. රුපියල් තිබුනා හොඳට ,විදේශ විනිමය තිබුනා. ඒ යුද්ධයත් කර කර. ගමේ අවුරුදු එකොළහේම යුද්ධෙට මහා මුදලක් වය කරලා ප්‍රහාරක යානාවල්, ඈතට වෙඩි තියන්න පුළුවන් තුවක්කු, කාල තුවක්කු  වියදම් කරලා ගෙනල්ලා ,රටත් සංවර්ධනය කරලා ,රටේ මුළු රාජ්‍ය සේවයේ සියලු දෙනාගේම පඩි පස් ගුණයකින් වැඩි කෙරුවා. මුලින් තුන් ගුණයකින් වැඩිකෙරුවා. මම ගෙදර යන්න පෙර දෙගුණයකින් වැඩි කෙරුවා සියලුම රජයේ සේවකයන්ගේ. අලුතෙන් රැකියාවල් දුන්නා ලක්‍ෂ එකොළහකට. අධිවේගී මාර්ග ආරම්භ කෙරුවේ ,මුදල් දුන්නේ මගේ ආණ්ඩුවෙන්. මගේ නම තිබුන බෝඩ් ලෑලි රාජපක්ෂ ගලවලා විසිකරලා එයාගේ නම ගහලා උඩ පැනපැන මේවා මමයි කෙරුවේ කියලා විවෘත කළා. හැබැයි ඒ ඔක්කොම අපි හොයපු මුදල්. අපේ නිර්මාණ ,අපේ සැලසුම්. රටේ විශාල සංවර්ධනයක් ඇති කෙරුවා යුද්දේ කර කර. එහෙම දීලා ගිය රට අද කොහොමට මෙහෙම වෙලා තියෙන්නේ. හොරා කාලා. මංකොල්ල කාලා.මහා දවල් මංකොල්ල කාලා.රාජපක්ෂ පවුල මහ දවල් මංකොල්ල කාලා. ඉවරයක් නැතිව නිමාවක් නැතිව සොරකම් කළා. ටිකක් නෙමෙයි හැම ව්‍යාපෘතියකින්ම හොරකම් කෙරුවා. මගේ ආණ්ඩුව කාලේ පටන් ගත්ත ව්‍යාපෘතියක්  වන නොරිච්චෝලේ බලාගාරය අපි කරන්න හදපු විදිහට කෙරුවා නම් අද ලයිට් කපන්න ඕනා වෙන්නේ නැහැ. දකුණු අධිවේගී මාර්ගය ,කටුනායක අධිවේගී මාර්ගය ,නෙලුම් පොකුණ කියන එක ,ඒ ඔක්කොම මගේ ආණ්ඩුව කාලේ පටන් ගත්තේ. අපි දුන්න ටෙන්ඩර් කැන්සල් කරලා ,කොන්ත්‍රාත් කැන්සල් කරලා අපි දුන්න ගාන වගේ දෙගුණයකට ආපහු දුන්නා. වැඩිපුර දුන්න ගාන තමාගේ සාක්කුවේ. මම ගෙදර යන්න පෙර ආරම්භ කල ඔය ව්‍යාපෘති හයෙන් විතරක් රාජපක්ෂලා ගත්ත හොර මුදල රුපියල් බිලියන 15 ක් බවට අපි ගණන් බැලුවා. ඒ කියන්නේ කෝටි 1500 යි.බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කියන එකට ඉරිසියාවේ පැලෙනවා. ඒ නිසා රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හැදුවා අද වෙනතෙක් එක ප්ලේන් එකක්වත් ගිහින් නැහැ. ඊළඟට වරායක් හැදුවා. නැව් යන්න බැහැ. ගල් තිබෙනවා. මේ හැම එකකින්ම ඒගොල්ලෝ හොඳට පොහොසත් වුනා. අන්න එනිසයි අද රට නැත්තටම නැතිවෙලා බංකොලොත් වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ හිටපු ජනාධිපති තමාගේ කටින්ම කියනවා රජයේ සේවකයන්ට ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ,කැබිනට් ඇමතිවරුන්ට තමුසෙලා ඕනේ තරම් හොරකම් කරපල්ලා අහුවෙන්න විතරක් එපා කියලා. අර ගෑණි වගේ මම ඇඟිලි ගහන්න එන්නේ නැහැ. කවුද ගෑණි .මමයි. මම ඇඟිලි ගැහුවා තමයි. හොරකම් කරන්න ඉඩ නොදුන්න නිසා තමයි අපිට ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වුනේ.ඔය මහා ව්‍යාපෘති ගොඩක් කරන්න පුළුවන් වුනේ. යුද්දෙට අවි ආයුද ගෙන්න පුළුවන් වුනේ. මම ගෙදර යන්න ඉස්සෙල්ලා යුද්දෙන් තුන්කාලක් දිනලා දුන්නේ හොරකම නවත්තපු නිසා. එහෙම හොරකම් කලාම ආර්ථිකය බංකොලොත් වීම විතරක් නෙමෙයි මුලු සමාජයම සම්පුර්ණයෙන්ම මානසිකව කඩාගෙන වැටෙනවා. රට ගැන හිතන්න ඕනේ මහා අපි හැදුනොත් ඇති. මම විතරයි රට නෙමෙයි. මේ තරම් උතුම් ගතිගුණ තිබුන සමාජය ජරාජීර්ණ වෙලා. දෙමාපියන්ට සලකන ,නෑදෑ මිත්‍රයන්ට සලකන ,ගමේ අසල්වැසියන්ට සලකන ,උතුම් ගතිගුණ නැතිවෙලා අද මොකාට මොක උනත් කමක් නැහැ මම විතරක් හැදුනොත් ,අනිත් එකා මරාගෙන හැදුනත් කමක් නැහැ බොහොම හොඳයි. සමාජ සංස්ථාව සම්පුර්ණයෙන් ගරා වැටිලා. මේකට කරන්න තිබෙන්නේ එකම එක දෙයයි . දෙමාපියන්ගේ සහ දරුවන්ගේ හිත වෙනස් කරන්න ඕනේ. හොඳ හැදියාවක් දරුවන්ට පුරුදු කරන්න ඕනේ. එයාලා තමයි රට බාරගන්න ඉන්නේ. ඒ වගේම අද නවීන ලෝකෙට හරියන අධ්‍යාපනයක් දෙන්න ඕනේ. හොද රැකියාවල් කරන්න පුළුවන් වෙන්න නවීන ලෝකේ අභියෝගයන්ට මුහුණ දෙන්න විද්‍යාව ,තාක්ෂණය, තොරතුරු තාක්ෂණය උගන්වන්න ඕනා. අපේ ලංකාවේ පාසල් 10200 ක් තිබෙනවා. විද්‍යාව උගන්වන විද්‍යාගාර තිබෙන පාසල් තිබෙන්නේ පාසල් 700 යි. පාසල් 10200 න් 700 ක පමණයි  විද්‍යාව ඉගෙන ගන්න තිබෙන්නේ.රට බංකොලොත් වුනු තත්වයකදී  රට හදන්නේ කොහොමද. ඉතින් කලාව ඉගෙන ගන්නවා. භූගෝලය ඉතිහාසය ,අරක මේක ඉගෙනගෙන විශ්ව විද්‍යාලේටත් ගිහින් කලාව කරනවා. කරලා රැකියාවල් හොයාගන්න බැරිව පාරවල් ගානේ රස්තියාදු වෙනවා බෝඩ් කෑලි අල්ලාගෙන. සම්පුර්ණයෙන් කඩාගෙන වැටුණු අධ්‍යාපනයක් තිබෙන්නේ. මගේ ආණ්ඩුව කාලේ මම යුද්ධයක් කරකර ,ආර්ථික යුද්ධයක් කර කර ,මගේ වේලාවෙන් විශාල ප්‍රමාණයක් මම ගත කෙරුවා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට. අති සාර්ථක වැඩපිළිවෙලක් හදලා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළා. මුළු ලෝකයම අපිට ප්‍රසංශා කළා. තුන්වෙනි ලෝකේ රටක් විදිහට අපට ප්‍රශංසා ලැබුනා. තුන්වන ලෝකෙට අයත්ව තිබුණු රටවල් 150 න් සාර්ථකම අධ්‍යාපන වැඩපිළිවෙලක් හැදුවේ අපේ ආණ්ඩුව කාලෙයි. ඒකට අපිට ප්‍රශංසා ලැබුනා. මහින්ද ආපුගමන් ඒ ගෑණිට පිස්සු කියලා අපි හදපු ක්‍රම සහ විධි සියල්ලම නැවැත්තුවා. ගුරුවරුන්ට ඕනේ විදිහට ආයේ නටන්න දුන්නා. ඒ මදිවට අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන නියෝජය ඇමති කෙරුවේ ටියුෂන් කාරයෝ දෙන්නෙක්ව. මුළු මහත් අධ්‍යාපනයම ටියුෂන් මගඩියක් බවට පත්වුනා. අද ටියුෂන් මාෆියාව තමයි ලංකාවේ අධ්‍යාපනය කරන්නේ. පාසල් වල උගන්වන්නේ නැතිව ළමයින්ට කියනවා ටියුෂන් යන්න කියලා. අනේ ඉතින් දෙමව්පියෝ ණයවෙවී තිබෙන ඒවා උගස් කර කර ,පුලුවන්නම් හොරකම් කර කර ළමයින්ව ටියුෂන් පන්ති වලට යවනවා. රජය දස කෝටී ගණන් වැය කරනවා ගුරුවරුන්ට ,විදුහල්පති වරුන්ට ගෙවන්න අනිකුත් දේවල් අධ්‍යාපනයට ලබාදෙන්න. මේක මහා විහිළුවක්. දැන් මේක ගොඩගන්නේ කොහොමද. අපිට පැහැදිලි සැලැස්මක් අවශ්‍යයි රට හදන්න. අරගලය ආරම්භ කෙරුවේ හොඳ තරුණ පිරිසක්. ඒ ගොල්ලෝ බැරිම තැන ගිහිල්ලා අරගලයක් කරලා 225 ම ගෙදර යවන්න ඕනේ.අපිට රැඩිකල් වෙනසක් අවශ්‍යයි කියලා ඒ අය සටනක් කළා.ඒ කියන්නේ අද රටේ තිබෙන ක්‍රමය ඔලිව උඩින් සිටවලා අනිත් පැත්ත ගහන්න ඕනේ නැත්නම් රට හදන්න බැහැ කියලා. හරියටම හරි.මෙම මම මීට අවුරුදු 3 කට පෙර කියපු දෙයක්. එහෙම කරන්නේ කොහොමද. උද සිට පහලට අපේ සමාජය කුණු වෙලා. රාජ්‍ය සේවයේ හොරකම් නොකරන කෙනෙක් සොයා ගන්න බොහොම අමාරුයි.එහෙම ඉන්නවානම් ඒ අය ළඟදීම බුදු වේවි.මහා එවුන් හොරකම් කරන කොට ඒ අයත් හොරකම් නොකර ඉන්නේ නැහැ.අපට පැහැදිලි සැලැස්මක් අවශ්‍යයි රට හදන්න.හැබැයි අද වනතෙක් ජනතා විමුක්ති පෙරමුණ ගැන මම දන්නවා. ජනතා විමුක්ති පෙරමුණෙන් මමත් හොඳට බැට කාළා තියෙන්නේ. මගේ මහත්තයා විජයව මගේ ඇස් ඉදිරිපිට සහ මගේ දරුවන්ගේ ඇස් ඉදිරිපිට මැරුවේ ජනතා විමුක්ති පෙරමුණයි.මාවත් මරන්න හිටියා. මම යන්තන් දරුවෝ දෙන්නත් එක්ක එංගලන්තයට ගිහින් බේරුනා. ඒ නිසා ඒගොල්ලෝ ගැන මම හොඳට දන්නවා. මගේ යාලුවෝ වෙඩි තියලා මැරුවා සිය ගණනක්.බුදුන් වහන්සේ කියපු විදිහට ඕනෙම මනුස්සයෙකුට වෙනස් වෙන්න පුළුවන් .මේ ගොල්ලෝ එසේ හැදිලද කියලා මම හරියට දන්නේ නැහැ.මටනම් ඒ ගැන සහතිකයක් නැහැ. ඒ ගොල්ලෝ ඔක්කොටම බනිනවා.ඒ ගොල්ලෝ විතරලු හොඳ, අනිත් ඔක්කොම වැරදිලු.එයාලා දූෂණයට විරුද්ධව කතා කලාට කිසිම විටක ඒගොල්ලෝ බලයට ආවොත් දූෂණය නවත්වන්නේ කොහොමද කියලා කිසිම දෙයක් කියන්නේ නැහැ.කිසිම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. මම අභියෝග කරනවා ජනතා විමුක්ති පෙරමුණට කියන්න දූෂණය නවත්වන්නේ කොහොමද. අපේ නව ලංකා නිදහස් පක්ෂය නිකුත් කල පොතේ තිබෙනවා දුෂණය නවත්වන්නේ කොහොමද කියන වැඩපිළිවෙල.රාජ්‍ය සේවයේ දුෂණය නැති කරන්න.ඇමතිවරුන්ගේ ,පළාත් සභා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ දුෂණය නැතිකරන්නේ කොහොමද කියලා වැඩපිළිවෙලක් අපි ළඟ තියෙනවා.එහිදී අදහස් දැක්වූ නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා.මම මේ මගේ හිතවත් ජනතාවට කියන්න ඕනේ කුමාර මහත්තය මැයි 9 වෙනිදා දෙකයි දෙකේ පොලුවලින් හොඳටම ගුටි කෑවා. වාහනෙත් ගිනි තිබ්බා.මාව මැරෙන්න ඔන්න මෙන්න තියලා මගේ ජිවිතේ බේරුනා. ඒක නිසා මම නැවත වාරයක් ,තව චිරාත් කාලයක් මැරෙන්නේ නැහැ.දේශපාලනයේ ඉන්නවා කියන එක කියනවා.මාව මරන්නත් බැහැ. අපේ කාලේ දැන් ඉවරයි අපි මේ රට අපේ දු දරුවන්ට බාරදෙන්න ඕනා.එකයි අප කලයුත්තේ. 225 ම හොරු කියන රටක අපි ජීවත් වෙන්නේ.එයින් එකෙක් මම.මමත් දැන් අවුරුදු 30 කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ සිටියා.එහෙනම් මමත් උන්ගේ එකෙක්.ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා රට මේ තත්වෙට ගෙනාවා නම් අපේ යුතුකමක් තියෙනවා අපි ඔක්කොම එකතු වෙලා මේ රට නැවතත් ගොඩ ගැනීමට.දැන් ඡන්දයක් තිබෙනවා කියනවා. මේ ඡන්දේ තියනවා කියන කොටම මම මාධ්‍යයට ප්‍රකාශයක් දුන්නා රනිල් මහත්තය මේ ඡන්දේ තියන්නේ නැහැ කියලා. මොකද පොහොට්ටුවේ උන්ට ගමේ බැහැලා යන්න බැහැ. එක 10 ක් එක්කහුකරන්න බැහැ. එහෙම තියෙද්දී මේ ආණ්ඩුවට මැතිවරණයකට මුහුණ දෙන්න බැහැ. ඒ නිසා මේගොල්ලෝ ඡන්දය කල් දානවා.ඊලංගත මම කිව්වා රනිල් වික්‍රමසිංහ අපි ඔක්කොටම තරු විසිවෙන්න ටොක්කක් ඇන්නා කියලා.ඒ කිව්වේ ඡන්දේ කල් දානවා විතරක් නෙමෙයි රනිල් ලොක්කා අපි බැඳපු ඇප මුදල් වලටත් වැඩේ දුන්නා. දන් ලොක්කට සල්ලි නැහැ කියනවා. ගොටාභයට බැහැ දෙන්න එපා කියලාත් මමයි කිව්වේ.එදා මට ගොඩක් බැන්නා.නමුත් අවුරුද්දක් යනකොට ඔක්කොම පිළිගත්තා.දින 52 දී ආණ්ඩුව පිහිටුවන්න මහින්ද මහත්තයා අගමැති හැටියට යනකොට මම කිව්වා ඕක කරන්න එපා කියලා. චමල් මහත්තයත් කිව්වා.නෑ නෑ මට පුළුවන් කියලා ගිහිල්ලා අන්තිමට ඇනගත්තා.දැන් රට යන්නේ වැරදි පාරේ. මේගොල්ලන් රට ගැන හිතන්නේ නැහැ.මේ ඔක්කොම හිතන්නේ බලය ගැන විතරයි. දැන් අපේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයයි මාලිමාවයි දෙගොල්ලෝ ගහ ගන්නවා.මේ රට ගැන නෙමෙයිනේ කතා කරන්නේ.මේ ආර්ථිකය ගොඩගන්න නෙමෙයි කතා කරන්නේ.දරුවන්ට රටක් දෙන්නේ කොහොමද කියලා කතා කරන්නේ නැහැනේ. ප්‍රේමදාස මහත්තයා මාලිමාවට බනිනවා.අනුර දිසානායක මහත්තයා ටෙලිපෝන් එකට බනිනවා.මේකද රට බලාපොරොත්තු වෙන්නේ.මේ ඔක්කොම බලයට කෑදර කමට .මට ප්‍රේමදාස මහත්තයා උදව් කරලා තිබෙනවා. අද මම මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නේ එතුමා නිසයි.ඒක වෙනම දෙයක්.මම කියන්නේ අපි අපි ගහගන්න ඕනේ නැහැ.අපි රට හදන්න උත්සාහ කරන්න ඕනේ.මේකෙන් ප්‍රයෝජනය ගන්නේ කපටි රනිල් වික්‍රමසිංහ මහත්තයයි.මෙහිදී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ,ප්‍රියංගනී අබේධීර,සෙනාල් වෙල්ගම යාම මහත්ම මහත්මීන්ද සභාව ඇමතුහ.
“බය කරලා දරුවන් හදන්න බෑ“
0
hp_train_1310
ඉන්දිකා රාමනායක ජාතික පොලිස් කොමිසම් සභාව ලබාදුන් නියෝග 10 ක් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පති  පූජිත් ජයසුන්දර මහතා  හෙට  (7)  ව්‍යවස්ථාදායක සභාව හමුවට  කැඳවා ඇති බව   පොලිස් කොමිසම් ආරංචි මාර්ග කියයි. තම නියෝග පොලිස්පතිවරයා මෙතෙක් කි‍්‍රයාත්මක නොකිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ සභාපති ජී .එච් මනතුංග මහතා ඉකුත් අගෝස්තු 29 වැනි දින කථානායකවරයා වෙත  කළ  ලිඛිත දැනුම් දීමක් අනුව   පොලිස්පතිවරයා  මෙලෙස ව්‍යවස්ථාදායක  සභාව හමුවට කැ`දවා ඇති බවද  එම ආරංචි මාර්ග පවසයි.  හෙට  පස්වරු 2.30 ව්‍යවස්ථා දායක සභාව හමුවේ  පෙනී සිටින ලෙසට  පොලිස්පතිවරයාට හා  ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාට ද දැනුම් දී ඇති බවද  එම ආරංචි මාර්ග පවසයි. 
පොලිස්පතිත් කොමිසමත් ව්‍යවස්ථා සභාව හමුවට
0
hp_train_1311
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)අද දවසේ රට හමුවේ ඇති ප්‍රශ්නවලට සැබෑ විසඳුම සොයා ගැනීමට බෞද්ධ දර්ශනය ශක්තිමත් පදනමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.අපේ රටේ ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, ජනවාර්ගික ප්‍රශ්න, ජාතික සමගිය පිළිබඳ ප්‍රශ්න ආදී සියලුම ප්‍රශ්නවලට විසඳුම ලෙස අපි තේරුම් ගත යුත්තේ සෑම දෙනා තුළම තිබිය යුතු බැඳීම, සහෝදරත්වය, විශ්වාසය හා සැකයෙන් තොරව සමාජයේ  ජීවත් වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම බවද ජනාධිපතිවරයා කීවේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ ප්‍රකාශ කළේ මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානයේදීය.දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් නැදිමාල සංස්කෘතික බෞද්ධ මධ්‍යස්ථානාධිපති වෙහෙරහේන සිරි රේවත මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී කිරම විමලජෝති නාහිමියන් පිළිගැනීම සඳහා සංවිධානය කළ උත්සවයේදී ජනාධිපතිවරයා ඒ බව කීය.මාතර වෙහෙරහේන පූර්වාරම විහාරස්ථානයේදී ඉකුත් සිකුරාදා (11) මෙම උත්සවය පැවැත්විණි.කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව කිරම විමලජෝති නාහිමියන්ට සංඝ නායක පදවිය පිරිනමා තිබුණි.දර්ශනීය පෙරහරකින් උන්වහන්සේ උත්සව සභාවට වැඩම කළ අතර දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ කිරම විමලජෝති නාහිමියන්ට ධීවර අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් විජිනිපත පිළිගන්වන ලදී.රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රධාන විහාරස්ථ දායක සභාව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.ජනාධිපතිවරයා මෙසේද කීය.ගෞරවනීය කිරම විමලජෝති නාහිමියන්ගේ නම අද මේ රටේ සෑම දෙනා තුළම රැඳී තිබෙනවා. උන්වහන්සේගේ ථෙරවාදී බෞද්ධ දර්ශනයෙන් පෙන්නුම් කරන ලද සමාජ මෙහෙවර, ශාසනික මෙහෙවර දිගුකලක සිට රටේ ව්‍යාප්ත වී තිබෙනවා. මේ රටේ කිසිවකුට හෝ ඔබවහන්සේ මග තොටේදී මුණගැසුණ විට මේ කිරම විමලජෝති හිමියන් යයි හඳුනා නොගත්තත් ඔබ වහන්සේගේ නාමය රටේ පාසල් දරුවාගේ සිට සෑම කෙනෙකුගේම හදවත් තුළ නොමැකිව තිබෙනවා. මෙවැනි ධර්ම පුත්‍රයෙකු සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වන්නේ ඇයි? ලෝකයේ අනෙක් රටවල් උන්වහන්සේ පිළිගන්නේ ඇයි? උන්වහන්සේගේ විනය ධර, ධර්ම ධර, බහුශ්‍රැත භාවය ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. බෞද්ධාගමික සමාජය ප්‍රබුද්ධ ගුණවත් නැණවත් සමාජයක් බවට පත් කිරීමට කිරම විමලජෝති හිමියන් විශාල කාර්ය භාරයක නිරත වී සිටිනවා. ථෙරවාදී බෞද්ධ දර්ශනයේ මූලස්ථානය ශ්‍රී ලංකාවයි. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල් අපට ගෞරවය දක්වනවා. ඒ සඳහා ථෙරවාදී බෞද්ධ දර්ශනය ප්‍රචලිත කරන භික්ෂුන් වහන්සේලා පෙරමුණ ගෙන තිබෙනවා.බෞද්ධ සමාජය, ලාංකීය සමාජය, අපගේ දේශීය සංස්කෘතිය, අපේ කම, ආදී සියල්ල කැටිකර ගත් හොඳ සමාජයක් බිහි කරන්න අප සෑම කෙනෙක්ම කළ යුතු වගකීම් හා යුතුකම් තිබෙනවා. කිරම විමලජෝති නාහිමියන්ට මේ උතුම් පදවිය ලැබීම ගැන රජයක් ලෙස අපි සතුටට පත්වෙනවා. ශ්‍රී ලාංකිකයකු ලෙස ගෞරවය පුද කරනවා.උන්වහන්සේට ඇති සමාජ පිළිගැනීම ගොඩනැගුනේ උන්වහන්සේ සමාජයට දායාද කළ දේවල් නිසාය. ඒ දායාද කළ දේවල් ලෙස මා අදහස් කළේ භෞතික දේවල් නොව අධ්‍යාත්මික ගුණ වගාවන් තුළින් බෞද්ධ දර්ශනය ජනතාව තුළ ප්‍රචලිත කිරීමයි. දැනුම ලබා දීමයි. අද දවසේ රට හමුවේ තිබෙන ප්‍රශ්නවලට සැබෑ විසඳුම සොයා ගැනීමට බෞද්ධ දර්ශනය ශක්තිමත් පදනමක් බව කිව යුතුයි. අපේ රටේ ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්න, අපේ රටේ ජාතික සමගිය පිළිබඳ ප්‍රශ්න ආදී මේ සියලුම ප්‍රශ්නවලට විසඳුම ලෙස අපි තේරුම් ගත යුත්තේ සෑම කෙනා තුළම තිබිය යුතු බැඳීම, සහෝදරත්වය, විශ්වාසය, සැකයෙන් තොරව සෑම කෙනෙක් සමගම සමාජය තුළ ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. ඒ සඳහා බෞද්ධ දර්ශනය ප්‍රධාන වශයෙන් ඉවහල් වෙනවා. එසේ නොවන විට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා.අද අපේ රටේ හිරගෙවල්වලට ගියාම ඔවුන්ගේ පසුබිම සොයා බැලුවම එහි බොහෝ උගතුන්, බෙහෝ සමාජ නායකයින් ඉන්නවා. හිරගෙයක් කීවාම අපිට බොහෝ විට මතකයට එන්නේ අපරාධකාරයින් ඉන්න තැනක් ලෙසයි. අපරාධකරුවන් වගේම සමාජයේ උගත් දැනුවත් පිරිස පවා ඉන්නවා. ඇතැම් භික්ෂුන් වහන්සේලා පවා සිටිනවා. අපේ රට බෞද්ධ රටක් ලෙස අධ්‍යාත්මක සමාජයක් ගොඩනැගීමට  අප සෑම කෙනෙක්ම කොතෙක් දුරට සමාජ යුතුකම් හා වගකීම් ඉටු කරනවාද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. බොහෝ වෙලාවට අද තොරතුරු තාක්ෂණය සමඟ මාධ්‍ය දියුණුව තුළ නිදහස තුළ අපි සත්‍ය දේට වඩා බොහෝ විට දකින්නේ අසත්‍ය දෙයයි.යහපත් දෙයට වඩා අයහපත් දෙයයි. හොඳ දෙයට වඩා නරක දෙයයි. බොහෝ වෙලාවට සියලු කරුණු කාරණාවලදී අපි ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත රාජකාරියත් පෞද්ගලික ජීවිතයත් ගත කරනවා. සිංහල බෞද්ධ රටක් ලෙස අපි ගැන ලොව පුරා තිබෙන ගෞරවය අපි හැම විටම රැකිය යුතුයි. ඒ වගේම ගෞරවනීය භික්ෂු සමාජයද ඒ පිළිබඳව වගකීමකින් කටයුතු කළ යුතුයි. අද ඇතැම් විට කොළඹ විරෝධතා අරගලවලදී ඇතැම් තරුණ භික්ෂුන් වහන්සේ කටයුතු කරන ආකාරය මාධ්‍ය මගින් ප්‍රචාරය වෙද්දී ලෝකයේ වෙනත් රටවල පිරිස් අපේ භික්ෂූන් වහන්සේ දෙස වැරදි ආකාරයකින්  බලනවා. වැරදි මතයක් පතුරුවනවා. ඒ නිසා මේ සෑම සමාජ කරුණක් පිළිබඳවම තේරුම් අරගෙන වැඩ කිරීම වැදගත් වෙනවා.රජයක් ලෙස කටයුතු කිරීමේදී අපේ රට විතරක් නොවෙයි ලෝකයේ වෙනත් රටවල් පවා අද විවිධ ගැටලු හා ප්‍රශ්නවලට මුහුණ දෙනවා. අපේ රටේ එක පැත්තක ගංවතුර පැවතියා. අද රටේ ප්‍රදේශයක නියං තත්ත්වයක් පවතිනවා. අසල්වැසි ඉන්දියාවේ පවා අද කෝටි ගණනකට බොන්න වතුර නැතිව දැඩි නියඟයක් පවතිනවා. ඒ වගේම කලාපීය වශයෙන් ගත් විට අනෙක් රටවලත් එහෙමයි. එක් පැත්තක නියඟය, අනෙක් පැත්තෙන් ගංවතුර. මේ කාලගුණික හා දේශගුණික විපර්යාස එක්ක ජීවත්වීම පිළිබඳ අභියෝගයක් පවතිනවා. මිනිසා සෑම විටම දියුණුවට ගියේ ස්වභාවධර්මයාගේන් එන අභියෝගවලට මුහුණ දීලා ස්වභාවධර්මයා සමග සටන් කිරීම නිසයි. මිනිසාගේ පරිණාමය ගත් විට මිනිසා දියුණුව කරා ගියේ පාරිසරික වෙනස්කම්වලට මුහුණ දීම සඳහා ගන්නා ලද තීන්දු තීරණ නිසයි. තාක්‍ෂණය මිනිසා සොයා ගියතේ ඒ නිසයි. දෛනික ජීවිතයට අවශ්‍ය දේවල් සොයා ගත්තෙත් අභියෝගයට මුහුණ දීමේ ප්‍රතිඵලයක් ලෙසයි.ඒ නිසා වඩා හොඳ රටක් ලෙස ඉදිරියට යාමට භික්‍ෂූන් වහන්සේලාගේ අවශ්‍ය අවවාද අනුශාසනා අපි හැමවිටම අගය කරනවා. ඒ වගේම අප රටට  විශාල මෙහෙවරක් සිදුකරන කිරම විමලජෝති නාහිමියන්ට තව දුරටත් එම කටයුතු ලෝකය පුරා ගෙනයන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනය කරනවා.මූලාසනයේ සිටි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධම්ම මහ සංඝ සභාවේ රාජකීය පණ්ඩිත ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාමියෝ මෙසේ කීහ.“කිරම විමලජෝති නාහිමියන් පුරප්පාඩු වූ මේ ධුරයට අවශ්‍ය සියලුම සුදුසුකම් සම්පූර්ණ කරලයි සිටියේ. ඒ නිසා සංඝ සභාව ඒකමතිකව තීරණය කළා, උන්වහන්සේට මේ තනතුර දිය යුතුයි කියලා. විමලජෝති හිමියන් රටටත් ලෝකයටත් සිදුකළ සේවාව මෙපමණයි කියා කියන්න බැහැ. ත්‍රිපිටක ධර්මයට අයත් පොතපත සොයා ගැනීමට දුෂ්කර වූ යුගයක උන්වහන්සේ එම භාරදූර වගකීම කරට ගෙන එම කටයුත්ත මැනවින් ඉටු කළා. රටේ ධර්ම විනය සාහිත්‍යයට අවශ්‍ය පොතපත තිළිණ කළා. අද වන විට උන්වහන්සේගේ පොතක් නොමැති පුස්තකාලයක් සොයාගන්න අපහසුය. විදෙස් රටවල මෙරට භික්‍ෂූන් වහන්සේ පාලනය කරන බෞද්ධ ආයතනවල පවා විමලජෝති හිමියන් රචනා කළ ධර්ම ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් තිබෙනවා. උන්වහන්සේ දශක කිහිපයක සිට රටටත් ලෝකයටත් සිදු කළ මෙහෙවර අප අගය කරනවා.”දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක කිරම විමලජෝති නාහිමියෝ මෙසේ කීහ.“මම 1960 දී පැවිදි වුණේ වෙහෙරහේන මේ පින් බිමේදියි. 1966 උපසම්පදා වුණෙත් මෙහෙදීමයි. ඒක නිසා මම වෙහෙරහේනට හරි ආදරෙයි. මට මේ විහාරස්ථානයේ විහාරාධිපතිකම ගන්න තිබුණත් මම පරිත්‍යාග කරලා මැලේසියාවට ගියා. එහිදී මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අවුරුදු 13ක්ම මම මැලේසියාවේ ගත කළා. ඇමරිකන් පුරවැසිභාවය පවා මට තිබුණා. ඇමරිකාවෙදී මට ලොතරැයියක් පවා දිනන්න පුළුවන් වුණා. ඒ වන විට මා ළඟ කෝටි හැත්තෑපහක මුදලක් තිබුණා. මම කල්පනා කළා ඒ සල්ලි ටිකට මොකද කරන්නේ කියලා. 1989 මම යළි ලංකාවට වැඩම කළා. කොළඹ හැම පොත් සාප්පුවකම ඇවිද්දා ඉංග්‍රීසියෙන් ලියපු බෞද්ධ පොතක් සොයා ගන්න. ඒත් හමුවුණේ නැහැ. ඒ නිසා මම තීරණය කළා අර මුදල් සියල්ලම වියදම් කරලා ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කරන්න. පළමුව අටුවා ටිකා එකතු කර ගන්න විතරක් දස කෝටියක් වැය කළා. අද ඒ ග්‍රන්ථ කියවා ධර්මය අවබෝධ කරගත් මාර්ගඵලලාභීන් පවා මේ රටේ බිහිවී තිබෙනවා. ඉදිරි කාලයේ දී රහතුන්වහන්සේ දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන බව කියන්න ඕන. ඒ වගේම සංඝරාජ තනතුරක් මේ රටේ ඇති කළ යුතුයි. බුදු දහමේ අනාගත පැවැත්ම වෙනුවෙන් එය ගොඩක් වටිනවා.”රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා:-“අද වන විට කිරම විමලජෝති නාහිමියන් මේ රටට ලෝකයට වැදගත් ධර්ම ග්‍රන්ථ අටසීයකට වඩා මුද්‍රණය කර දී තිබෙනවා. උන්වහන්සේ ජාතික හැඟීමෙන් කටයුතු කළ හිමිනමක්. කිසිවිටෙක ජාතිවාදීව කටයුතු කළේ නැහැ. බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුව වැඩ කළා. මේ රටේ පුරවැසියන් ලෙස ජීවත් වන බොහෝ දෙනෙකු ජාතිවාදී නැහැ. එහෙත් සුළුතරයක් ජාතිවාදී ප්‍රශ්න ඔවුන්ගේ වාසිය වෙනුවෙන් ඇති කරන්න උත්සාහ කරනවා.මාතර මහ දිසාපතිතුමා කතෝලිකයෙක් නිසා බොහෝ අය ඔහුව ප්‍රතික්ෂේප කරන්න කීවා. නමුත් එතුමා මාතරට ඇවිත් පළමු වතාවට තොරණක් ඉදි කළා. ඒ ආකාරයට වැරදි මත පැතිරවීම එතරම් හොඳ දෙයක් නොවෙයි. අපේ රට ජාතිය ආගම ආරක්‍ෂා කර ගෙනයි අපි ඉදිරියට යන්නේ.”මෙම උත්සවයට සමගාමීව සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක අලව්වේ ගුණරතන නාහිමියන් විසින් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් එක්දහස් පන්සියයක් සඳහා රුපියල් කෝටියක් වටිනා ද්‍රව්‍යධාර ප්‍රදානය කිරීමද සිදු විය.ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ අනුනායක දෙවුන්දර රජ මහා විහාරාධිපති දෙවුන්දර සිරි සුනන්ද, වැලිගම අග්‍රබෝධි රාජ මහා විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත, වෙහෙරහේන පූර්වාරාම රජ මහා විහාරාධිපති කෑගල්ලේ රතනසාර, සිතුල්පව්ව රජ මහා විහාරාධිපති මැටරඹ හේමරතන යන නාහිමිවරුන් ඇතුළුව මහා සංඝරත්නය මෙම උත්සවයට වැඩම කර සිටියහ.නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර යන මහත්වරු ඇතුළු දෙස් විදෙස් ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූහ(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
තොරතුරු තාක්ෂණය දියුණුයි, මාධ්‍යත් දියුණුයි, නිදහසත් තියෙනවා - ජනපති
1
hp_train_1312
 රුපියල් කෝටි එක හමාරක් වටිනා රත්තරන් කිලෝග්‍රෑම් තුනක් අඩංගු පාර්සල් දෙකක් තම දණහිස් ආවරණයේ බැඳගෙන ගුවන්තොටුපොළෙන් පිටකිරීමට උත්සහ කළ  මෙරට ප්‍රසිද්ධ ගුවන් සේවා සමාගමක සේවයේ නියුතු පුද්ගලයෙකු  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  හුවමාරු පර්යන්තයේ වැසිකිලියක් තුළ සිටියදී අද  අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය. මෙම වසරේ  රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබු විශාලතම රන් තොගය මෙය බවත් ඔහු කීවේය.සැකකරු දෙහිවල ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටින මහනුවර පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.ඔහු  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ   රන් කැබලි 15 බැගින්  වූ  පාර්සල් දෙකක්  ඔහුගේ දණහිස් වල ගැට ගසා තිබු බව රේගුව කියයි.රේගු නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ සිංගප්පුරුවේ සිට පැමිණි ගුවන් මගියෙකි තමන්ට මෙම  පාර්සල් දෙක  ලබා දුන් බවයි. ගුවන් මගියා සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇති බව රේගුව අනාවරණය කරගෙන ඇත.ගුවන්තොටුපොළ ආරක්ක්ෂක අංශ විසින් ලබා දුන් තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර අදාල ගුවන් මගියා සහ මෙම රත්තරන් රැගෙන යාමට පැමිණි ඇති තැරැව්කරු අත්අඩංගුවට ගැනීම සඳහා රේගුව වැඩිදුර විමර්ශන සිදුකරයි.මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක රංජන් හේවාගම මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඩී.එම්.ජී නිමල්තිලක, අමිත් උදයපාල, ෙජ්.කේ ආරියදාස, පියතිස්ස පතිරණ සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන්ව අනුර කංකානම්ගේ, පී.එල් වනිගසිංහ, පී.එච්.යු.අයි විෙජ්පාල සහ සහකාර රේගු අධිකාරීවරුන්වන රුවන්වැල්ල අල්විස් සහ එල්.එන් ජයසුන්දර යන නිලධාරීහු සිදු කරති. 
කෝටි එක හමාරක රන් දණහිසේ බැඳගෙන ඇවිල්ලා
1
hp_train_1313
බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට, විශේෂයෙන් උදයකාලයේදී වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඌව සහ නැගෙනහිර පළාත් වල, විශේෂයෙන්ම සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටක සුළං වේගය පැයට කිලෝ මීටර් 70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.
‘ඉදිරි දිනවලත් තද වැසි‘
0
hp_train_1314
හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේනතෙල් පෝලිමට ගිය සැමියා ගැබිනි කාන්තාවක සමග ගොස් පැට්‍රල් ලබාගන්නා අයුරු රූපවාහිනී ප්‍රවෘත්තිවලින් දුටු බිරිය සැමියාට ලබාදුන් අපූරු දඬුවමක් පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය නගරයකින් වාර්තාවේ. බිරියත්, සැමියාත් දෙදෙනාම රජයේ සේවකයෝය.  ඔවුන් දෙදෙනා ප්‍රදේශ දෙකක ආයතනවල සේවය කළහ. බිරියට සහ සැමියාට රජය විසින් ලබදෙනු ලැබූ යතුරුපැදි දෙකක්ද විය. යතුරුපැදිවල අංකය අනුව සැමියා දින දෙකකට තුනකට වරක් පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමට යාම සිරිතක් කර ගත්තේය. තෙල් පෝලිමට යන සැමියා ඇතැම් දිනවල පැමිණියේ දින දෙකකට පසුව වුවද බිරිය ඒ පිළිබඳව නොසිතුවාය. සැමියා සෑම දිනකම යතුරුපැදිවලට තෙල් ලබාගෙන උදේ කාලයේ  පැමිණෙන අතර එවැනි දිනවලට ඔහුට විවේක ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටද බිරිඳ වගබලා ගත්තාය.රාත්‍රි ආහාර පිසිමින් සිටිද්දී දරුවන් දෙදෙනාගේ කෑ ගැසීම නිසා  බිරිය සාලයට දිව ආවාය. අම්මේ තාත්තා ඇන්ටි කෙනෙක් එක්ක බයිසිකලේට තෙල් ගහනවා දැන් පෙන්නුවා යැයි දරුවන් පැවසීම නිසා ඇයගේ දෙලොවම රත්වූවාය. දරුවන් දෙදෙනා නින්දට ගිය පසු අන්තර්ජාලයෙන් රාත්‍රි ප්‍රවෘත්ති වැඩසටහන යළි ඇය නැරඹුවාය. සැමියා ගැබිනි කතක් යතුරුපැදියේ පසුපසින් නංවාගෙන ගොස් ඉන්ධන ලබාගන්නා අයුරු පැහැදිලිව දර්ශනය වූ අතර ඇයට යක්ෂාරූඩ විය. එදින සවස ඉන්ධන පිරවුම් හලේ සිදුවීමක් සම්බන්ධ ප්‍රවෘත්තියක්  මෙලෙස ප්‍රචාරය වූ අතර ඇය සැමියාට කඩිනමින් ඇමතුමක් ලබා ගත්තාය. ඇමතුමට ප්‍රතිචාර දැක්වූ සැමියා තමන් තවම පෝලිමේ සිටින බව පැවසීම නිසා ඇයගේ කේන්තිය දෙගුණ තෙගුණ විය. බිරිය දරු දෙදෙනා සමග රාත්‍රියේම ඇයගේ මහගෙදර ගිය අතර ගේට්ටුවටද ඉබියතුරු දමා යන්නට අමතක නොකළාය. පසුදින උදේ ගෙදර පැමිණි සැමියා ගේට්ටුව වසා දැමීම ගැන විමසීමට ඇමතුම් ලබාගත්තද බිරියගේ දුරකතනය ක්‍රියා විරහිත කර තිබුණි.බිරිය ගෙදර යන්නට ඇතැයි සිතා එහි ගිය සැමියාට බිරිය සහ ඇගේ පවුලේ අය දැඩිලෙස දෝෂාරෝපණය කරන්නට වූහ. නිරුත්තර වූ සැමියාට බිරිය වීඩියෝ දර්ශනයද ප්‍රදර්ශනය කළාය. සැමියාගේ රියැදුරු බලපත්‍රය හා යතුරුපැදියේ බලපත්‍ර සියල්ල  බිරිය ලබාගත් අතර සැමියා ඇයගේ යතුරුපැදියේ නංවා ගෙන ගොස් නිවෙසේ සහ ගේට්ටුවේ යතුරු ඔහුට ලබාදී  නිවස අසලින් බස්සවා ඇය නැවත මහගෙදර ගියාය. බිරිය ඇයගේ මහගෙදර දරුවන් සමග නැවතුණු අතර පසු දින සිට කිලෝ මීටර් දෙකක් පමණ පා ගමනින් ප්‍රධාන මාර්ගයට පැමිණ බස් රථයක නැගී  දිනපතා රාජකාරියට යාමට සැමියාට සිදුවිය.  යතුරුපැදිවලට කුමක් වුවාදැයි කාර්යාල මිතුරන් විමසූ විට විවිධ බොරු කීවත් සිද්ධිය ඔවුන්ට ද ආරංචි වීමට වැඩි දිනක් ගත නොවීය. උසුළු විසුළු වලින් බේරීමට නොහැකිව දින දහයේ නිවාඩුව ලබාගෙන නිවෙසේ ගතකිරීමට ඔහුට සිදුවිය. 
සිල් ගන්න ගිය සැමියා කෙල්ලක් එක්ක දන්සලේ
0
hp_train_1315
(රංජිත් රාජපක්ෂ)                       හැටන් කුඩාගම සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන උඩරට දුම්රිය මාර්ගය ආසන්නයට පෙරලීමෙන් එම ත්‍රිරෝද  රථයේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා අද (18) දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පවසයි.හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී  අද දහවල් 12 ට පමණ මෙම අනතුර සිදු වී තිබේ.අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රිරෝද රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදී ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන් වූ කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය ආසන්නයට පෙරලී ඇත.අනතුරින් තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරාගේ තත්ත්වය තරමක් බරපතල බවයි. 
ත්‍රිරෝද රියක් පෙරැළී පාසල් ළමුන් 5 ක් රෝහලේ
0
hp_train_1316
(රංජිත් රාජපක්ෂ )බලපත්‍රයක් නොමැතිව හිංසාකාරි ලෙස ගවයන් දෙදෙනෙකු ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු කුඩා ලොරි රථයක් සමග අද  (06) අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලීසිය කියයි.සැකකරුවන් දෙදෙනා මස්කෙලිය අප්කට් ප්‍රදේශයේ සිට ගවයන් දෙදෙනා ඝාතනය කිරිමට රැගෙන යන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් දෙදෙනා ලොරි රථය සමග මස්කෙලිය නගරයේදි අත්අඩංගුවට ගත් බව  පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවත්,සැකකරුවන් දෙදෙනා මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදුකරගෙන පැමිණි සැකකරුවන් දෙදෙනෙකු බව පොලිසිය කියා සිටියේය.
හිංසාකාරි ලෙස ගවයින් රැගෙන ගිය දෙදෙනක් පොලිස් දැලේ
1
hp_train_1317
(රංජිත් රාජපක්ෂ)                                   බගවන්තලාවේ මීට පෙර ආසාදිත අයකුගේ  පවුලේ පස් දෙනෙකුට සහ ආසාදිතයා පිවිසි වෙලදසැලේ හිමිකරු ඇතුළු හය දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් එම ආසාදිතයන්ගේ ආශ්‍රිත පවුල් 32 ක් සහ පාසල් සිසු සිසුවියන් 11 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව බොගවාන වතුයායට අයත් ලින්ස්ටඩ් වතු යායේ පහල කොටසේ එකම පවුලේ පස් දෙනෙකුට සහ ව්‍යාපාරිකයෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද (01) දින පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ.ගනේෂ් මහතා පැවසිය.බම්බලපිටිය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට තම නිවසට පැමිණ සිටි 42 හැවිරිදි පෙර අසාදිතයාගේ එකම පවුලේ පියා (75) , මව (64) , බිරිද (34) , දුව (13) , පුතා (09) යන අයට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් , පෙර අසාදිතයා බගවන්තලාව නගරයේ වෙලදසැලකට පිවිස ආහාර ද්‍රව්‍යය මිල දි ගත් එම වතු යායේම පදිංචි 41 හැවිරිදි එම වෙලදසැලේ හිමිකරුටද කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.එම ව්‍යාපාරිකයාගේ පවුලේ 6 දෙනෙකු තවදුරටත් ස්වයං නිරෝධානයට යොමු කර ඇති අතර , බගවන්තලාව බස් නැවතුම්පොලේ පිහිටි එම වෙලදසැලද වසා දමා එම වෙලදසැලේ සේවකයින්ද ස්වයං නිරෝධානයට යොමු කිරිමටද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේය.බගවන්තලාව ලින්ස්ටඩ් වතු යායෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 6 දෙනෙකු (01) දින හමුවිමත් සමග එම වතු යායේ පහල කොටස් දෛනික කටයුතු (01) දින තාවකලිකව නතර කර එම කොටසේ වතු නිවාස සියල්ල විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු කර ඇති බව බොගවාන වතුයායේ වතු අධිකාරි නලින්ද අල්විස් මහතා පැවසිය.
බගවන්තලාවේ පවුල් 32 ක් - සිසුවියන් 11 ක් නිරෝධායනයට
1
hp_train_1318
 ඩබ්. ඒ. පියතිලක මැදිරිගිරිය අඹගස් වැව ජලය පවතින ප‍්‍රදේශය තුළ අනවසරයෙන්  පිරිසක් කුඹුරු කරන බවත් ඒ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් මෙතෙක්  කිසිදු පියවරක් නොගෙන ඇති බව අඹගස්වැව මහසෙන් ගොවි සංවිධානය සහ එක්සත් ගොවි සංවිධානය කියයි.මෙම වැවෙන්  කුඹුරු අක්කර 3000කට වැඩියෙන් ගොවිතැන් කටයුතු සිදු කරන අතර ගොවි පවුල් 3000කට වැඩි පිරිසක් යල මහ දෙකන්නයේ  ගොවිතැන් කරති. ගම්මාන වශයෙන් වඩිගවැව,කදුරුගස්වැව,මීගොල්ලෑව,පතොක්වැව,ගොඩපොත්ත, අඹගස්වැව,ජයතුගම,මහකන්දාරාව,පුපුදුගම,නිකහේන ආදි ගම්මානවල වැසින්  ගොවිතැනට අමතර තම දෛයිනික අවශ්‍යතා ඉටුකර ගනු ලබන්නේ ද මෙම අඹගස්වැවෙන් බව ප‍්‍රදේශයේ ගම්වැසියෝ කියති.මේ පිළිබද අදහස් දැක්වු අඹගස්වැව එක්සත් ගොවි සංවිධානයේ සභාපති  කේ ජි ජගත් මහතා මෙසේ පැවසීය. මේ වැව රජ කාලේ ඉදලා තමයි තියෙන්නේ. මේ වැවෙන් කුඹුරු අක්කර 3500ක් පමණ යල මහ දෙකන්නයේ ම වැඩ කරනවා. මේ වන විට  වැව ඉහළින් ව්‍යාපාරිකයෝ පිරිසක් වැවේ වතුර තියෙද්දීම නියරවල් දාලා කුඹුරු කරනවා. රජවරු වැව්  හැදුවේ වැවේ කුඹුරු කරන්න නෙවෙයි වැවට එකතු වෙන ජලයෙන් කුඹුරු කරන්න. නමුත් දැන් වෙන්නේ වැව ඇතුලේ  කුඹුරු කරන්න පටන් අරන්. අපි දන්න විදියට වැවක තණ කොළ පිඩල්ලක්වත් කපන්න අවසරයක් නෑ. නමුත් දෙයියනේ  ට‍්‍රැක්ටර් දාලා කුඹුරු කරන කල් කිසිදු නිළධාරියකු මැදිහත් නොවී සිටිම පුදුමයක්. සෑම නිලධාරියකුටම දැනුම් දිලා තියෙනවා. ඒ වගේම හැම ගොවි රැස්වීමක ම කියලා තියෙනවා මේ වෙනකං කිසිම නිලධාරියකු මේ පිළිබඳ බලන්නවත් ඇවිත් නෑ. අපි කියන්නේ මේ වැවට අයිති සීමාව මැනලා අනවසරයෙන් වැවේ කුඹුරු කරන  අයව ඉවත් කරන්න කියලා තමයි. එහෙම නැති වුණොත් තව කන්නයක් යනකොට අඹගස්වැව තිබුණ තැනවත් හොයන්න හමු වෙන්නේ නෑ.  
අඹගස්වැව පෙදෙසේ පිරිසක් අනවසරෙන් කුඹූරු කරතියැයි ගම්මුන්ගෙන් චෝදනා
0
hp_train_1319
 ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය ව්‍යාපාරික සමාගම් අතර ප්‍රමුඛතම සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම පසුගිය මාස හයක කාලයේ දී රුපියල් බිලියන 8.5 ක වාර්තාගත පෙර බදු ලාභයක් පෙන්වා තිබේ. මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස 6 ක කාලය වෙනුවෙන් වාර්තා කරන ලද මෙම පෙර බදු ලාභය, පසුගිය වසරේදී එම කාලය වෙනුවෙන් අත්පත් කරගත් පෙර බදු ලාභය වන රුපියල් මිලියන 266.7 හා සංසන්දනය කිරීමේ දී ඉලක්කම් හතරක, සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමක් බව එම සමාගම සඳහන් කරයි.මූල්‍ය වර්ෂයේ පළමු භාගය සඳහා, පොලී වියදම්, බදු, ක්ෂය වීම් සහ ක්ෂයවීම් වලට පෙර කොටස් ගිණුම්ගත ආයෝජකයන් ඇතුළු ඉපැයීම්වල එකතුව රුපියල් බිලියන 17.0 කි. පසුගිය වසරේ මෙම කාලසීමාව වෙනුවෙන් පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්ෂයවීම්වලට පෙර කොටස් ගිණුම්ගත ආයෝජකයන් ඇතුළු ඉපැයීම්වල එකතුව රුපියල් බිලියන 4.6 ක් විය. ඒ අනුව මේ වසරේදී එය සියයට 272 කැපී පෙනෙන වර්ධනයකි.මෙම සුවිශේෂී කාර්ය සාධනය සඳහා දායකත්වය සැපයූයේ එයිට්කන්ස් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ මෙහෙයුම් අංශ 16 කි. ඒවා රටවල් අටක විසිරී පැතිරී තිබේ.පසුගිය වසරේ පැවති අඩු පොලී අනුපාතයට සාපේක්ෂව මෙම කාලසීමාව තුළ, ශ්‍රී ලංකා රුපියල සහ ඇමරිකානු ඩොලරය වෙනුවෙන් වූ ඉහළ පොලී අනුපාත හේතුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ මූල්‍ය පිරිවැය සියයට 150 කට වඩා ඉහළ ගොස් තිබිණ. එවන් තත්ත්වයක් තිබියදීත් ගත වූ මාස හයක කාලය ඇතුළත මෙවන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම විශේෂත්වයකි.මූල්‍ය වර්ෂයේ පළමු භාගයේදී, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය සඳහා ආදායම රුපියල් බිලියන 43.3 කි. එය පෙර වසරේ එම කාලය තුළ වාර්තා කළ රුපියල් බිලියන 18.6 ක ආදායමට වඩා සියයට 133.3 ක වර්ධනයකි.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශය පසුගිය මාස හයක කාලයක් සඳහා, පෙර බදු ලාභයේ ඉහළම පංගුව ලෙසින්, රුපියල් බිලියන 5.1 ක් පෙන්නුම් කර තිබේ. එය සියයට 188.6 ක ආකර්ෂණීය වර්ධනයකි. වැඩි දියුණු කරන ලද විදේශීය වරාය කළමනාකරණ මෙහෙයුම්, කර්මාන්තය පුරා දක්නට ලැබුණු භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම සහ විදේශ මුදල් ප්‍රකාශිත ආදායමේ ප්‍රතිලාභ මෙම අංශයෙන් සුවිශේෂී කාර්ය සාධනයක් සඳහා ප්‍රධාන හේතු විය. මෙම අංශයේ සියලු‍ම සමාගම්වල වැඩි දියුණු වූ කාර්ය සාධනය ප්‍රශංසනීය මට්ටමක පැවතිණ.සමූහයේ උපායමාර්ගික ආයෝජන අංශයේ පෙර බදු ලාභය රුපියල් බිලියන 4.4 කි. එය 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා සියයට 703.3 ක වර්ධනයක් පෙන්නුම් කරයි. එයම වෙනත් ආකාරයකින් විග්‍රහ කරන්නේ නම්, පෙර බදු ලාභයේ දී පෙන්නුම් කරන්නේ ඉලක්කම් තුනක වර්ධනයකි.ව්‍යාපාර සමූහයේ වැඩි දියුණු කළ කාර්ය සාධනය සඳහා එයිට්කන් ස්පෙන්ස් කණ්ඩායමට අයත් වැවිලි, මුද්‍රණ සහ ඇසුරුම් මෙන්ම ඇඟලු‍ම් නිෂ්පාදන අංශ විසින් ද විශාල දායකත්වයක් සපයනු ලබයි. එමෙන්ම සමාගම තුළ රැඳුණු සැලකිය යුතු විනිමය සංචිතය, උපායමාර්ගික ආයෝජන අංශ ලාභයේ වැඩිවීම සඳහා සුවිශේෂී දායකත්වයක් ඉසිලීය.සමාලෝචනයට භාජන වන කාර්තුව තුළ සමූහයේ පුනර්ජනනීය බලශක්ති බලාගාර පුළුල් කරන ලදි. ඒ වෙනුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය විසින් සැලකිය යුතු ආයෝජනයක් කරමින්, දිවයිනේ විශාලතම සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක සියයට 100 ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගන්නා ලදී. ඒ වෙනුවෙන් කරන ලද සම්පූර්ණ ආයෝජනය රුපියල් බිලියන 1.4 කි.සංචාරක කර්මාන්තයට සෘජුවම බලපෑ බහුවිධ අර්බුද මධ්‍යයේ වුව ද, 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය සියයට 42.5 ක් වූ අලාභ අඩුවීමක් පෙන්නුම් කළේය. එමගින් සංචාරක ව්‍යාපාර අංශය සැලකිය යුතු ප්‍රගතියක් ප්‍රකාශිත වේ.ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමත් සමඟ එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයට අයත් විදේශීය හෝටල් අංශයේ දිරිගන්වන ආකාරයේ යළි නැඟී සිටීමක් පෙන්නුම් කළේය. එයම ව්‍යාපාර සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශයේ කැපී පෙනෙන වෙනසකට පාදක වූ අතර මෙම අංශයේ දියුණුව වෙනුවෙන් ධනාත්මක බලපෑමක් ද ඇති කළේය.2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා රක්ෂණ සහ දේපළ සංවර්ධන අංශ විසින් මෙහෙයවන ලද සමූහයේ සේවා අංශය, පෙර බදු ලාභයේ සියයට 7.9 වර්ධනයක් පෙන්නුම් කළේය.“අඛණ්ඩව පවතින කැලඹිලි සහගත ආර්ථික අභියෝග මැද්දේ වුණත්, මෙම මූල්‍ය වසරේ පළමු මාස හය තුළ පෙන්වනු ලබන කැපී පෙනෙන වර්ධනය, පවතින තත්ත්වයට අනුගතවීමේ සහ ඔරොත්තු දීම සම්බන්ධයෙන් අපේ ව්‍යාපාර සමූහයට තිබෙන හැකියාව පෙන්නුම් කරනවා”“තවමත් විශාල අවිනිශ්චිත තත්ත්වයක් තිබුණත්, අපේ ව්‍යාපාරික ආකෘතී තිරසාර වන අතරම අපගේ ප්‍රජාව සහ පරිසරය වෙනුවෙන් අප පෙනී සිටින බවත් අපි සහතික කරනවා” යැයි ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන්ම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ද වන ආචාර්ය පරාක්‍රම දිසානායක ප්‍රකාශ කළේය.කාබන් විමෝචනය සහතික වශයෙන්ම ශුන්‍ය (0.00) අගයක් සාක්ෂාත් කිරීම සඳහා විද්‍යාව පදනම් කරගත් ඉලක්ක කරා යමින්, මහජන කැපවීමක් කරන ශ්‍රී ලංකාවේ පළමුවැනි සමූහ ව්‍යාපාරය වන්නේ එයිට්කන් ස්පෙන්ස් සමාගමයි. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අවකාශයේ ප්‍රමුඛයා වෙමින්, පුනර්ජනනීය මූලාශ්‍ර හරහා රටේ උපරිම බලශක්ති ඉල්ලු‍මෙන් සියයට 1.2 ක් සැපයීමට ද එයිට්කන් ස්පෙන්ස් සමාගම සමත්ව සිටී.1983 වසරේ සිටම, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති එයිට්කන් ස්පෙන්ස්’ සමාගම වසර 150 කට වැඩි විශිෂ්ටත්වයේ උරුමයකට හිමිකම් කියයි. ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමාන්, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක, විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ආකෘති 16 ක් ඊට ඇතුළත් වෙයි. 12,500 කට අධික එයිට්කන් ස්පෙන්ස් පවුලේ සමස්ත සේවක සංඛ්‍යාව විසින් එහි කාර්ය සාධනය දිනෙන් දින වැඩි දියුණු කෙරෙනු ඇත.595දේශමාන්‍ය ඩී.එච්.එස්. ජයවර්ධන - සභාපති (එයිට්කන් ස්පෙන්ස් සමාගම)ආචාර්ය පරාක්‍රම දිසානායක - නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ (එයිට්කන් ස්පෙන්ස් සමාගම)
එයිට්කින් ස්පෙන්ස් සංචාරක නොවන අංශවල ඉහළ කාර්ය සාධනයක් වාර්තා කරයි
0
hp_train_1320
සබරගමුව, මධ්‍යම,  උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කීපයකට සවස 2.00 න් පසු  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර ,වයඹ සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද සිහින් වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘ පළාත් රැසකට හෙට වැසි‘
0
hp_train_1321
ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් හෝ විශේෂ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති නොවන්නේ යැයි කී උන්වහන්සේ විදෙස් කර්මාන්තශාලා හා ආයෝජන ගැන කියන කතා කිසිදු දිනෙක යථාර්ථයක් නොවන දේවල් යැයි අවධාරණය කර කීහ. ආණ්ඩු වෙනසකට තමා ඇතුළු සංවිධාන ගණනාවක්ම උරදුන්නේ ජනතාවට පොරොන්දු රැුසක්ම දෙමින් යැයි ද එම පොරොන්දු ඉටුනොකරන්නේ නම් ජීවත්වීමෙන් පලක් නැතැයි ද රතන හිමියෝ කීහ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් පිහිටු වූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප‍්‍රථම මහා සමුළුව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදීය. ‘‘තිරසාර යුගයට මඟ’’ මැයෙන් වූ එම සංවිධානයේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ට පිළිගැන්වීම ද එහිදී සිදුවිය. උත්සවයේ ප‍්‍රධාන දෙසුම කරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද කීහ. අපි මේ සමුළුව සංවිධානය කළේ මාසයකටත් අඩු කාලයක් තුළයි. මේ සා විශාල ජනකායක් මීට පැමිණීම ගැන අපිට සන්තෝෂයි. මේ සභාවේ අරමුණ මොකද්ද? මේක දේශපාලන පක්ෂයක්වත් රාජ්‍ය නොවන සංවිධානයක්වත් ආගමික සංවිධානයක්වත් නෙවෙයි. අපේ රට ගැන හිතන හැම දෙනාටම එක්විය හැකි පුළුල් ජාතික සභාවක්. ඉන්දියාවේ හා ලංකාවේ ජාතික සංගමයත් ඉතාලියානු ජාතික කොංග‍්‍රසයත් මට සිහියට එනවා. ජාතික මහා සභාව පිහිටුවූයේ අප රට මුහුණ දෙන සමකාලීන අර්බුදවලට විසඳුම් සෙවීමේදී මතවාදී අරගලයක් හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සහිත වැඩපිළිවෙළක් සඳහායි. විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සර්වෝදය ව්‍යාපාරය අගරදගුරුතුමන් මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විද්වතුන් රැුසකගේ අදහස් සාරසංග‍්‍රහ කිරීමෙන් මේ සභාවට පාර කැපුණා. මේ වගේ කෙටි කාලයක් ඇතුළත රට වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හැදීමට හැකිවීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා.ව්‍යවස්ථා හා ආර්ථික වෙනසක් ගැන කට්ටිය මේ දවස්වල කතා කරනවා. හැබැයි අපි කතාකරන්නේ රටට ජාතික සැලැස්මක් ගැනයි. රටට ආණ්ඩුක‍්‍රම හා ආර්ථික වෙනසක් අවශ්‍ය ඇයි කියන ප‍්‍රශ්නයට ව්‍යුහාත්මක පිළිතුරක් අපි දෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා සමඟ ප‍්‍රතිපත්තිමය තීරණයකට එනකොට ජාතික ප‍්‍රතිපත්ති සභාවක් හදන්න යැයි අපි ඔබට කිව්වා. ඒකට තුනෙන් දෙකක් අවශ්‍ය නෑ. ජනමත විචාරණ අවශ්‍ය නෑ. කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ. අද ඔබතුමා බලයට පත්වෙලා අවුරුදු දෙකයි. තාම සභාව හදලා නෑ. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුව හදන්න යනකොට අපි රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා එක්ක ගිවිසුමක් අස්සන් කළා. ජාතික සැලසුම් සභාවක් හදනවා යැයි ඒ ගිවිසුමෙන් කිව්වා. අද වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ. හැබැයි කියපු නැති දේවල්වලට මේ වනවිට කාලයත් මුදලූත් විශාල වශයෙන් නාස්ති කරමින් තිබෙනවා.ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියනවා. ජනාධිපතිතුමනි, ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නෑ කියලා අපි කිව්වේ ඇයි? විධායක ජනාධිපති ක‍්‍රමය එක්ක බැඳුණු කාරණා ගණනාවක් මේ රටේ තිබෙනවා. පළමු වැනි එක ඡුන්ද ක‍්‍රමයයි. ඔබතුමා නොහිටියා නම් මේ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් ද? මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ද? එක පක්ෂයකටවත් බලය නෑ. ජනාධිපති කෙනෙක් නොහිටියා නම් අර නේපාලයේ වගේ රට අරාජික වෙලා. ඒකාධිපති බලතල ඉවත්කරලා විධායක ජනාධිපති ධූරය රටට වගකියන තත්ත්වයට පත්කරමු යැයි කිව්වෙ ඒකයි. 19 වැනි සංශෝධනයට ඔබතුමා කොච්චර කැප වුණාද? කියන්න ලැජ්ජයි. විපක්ෂය වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාකරන සමහර වාමාංශික පක්ෂ ගුණාත්මකභාවය වැඩිකරනවා වෙනුවට ඒක ආපස්සට හැරෙව්වා. එහෙම වෙද්දිත් 19 සම්මත කරගැනීමට අපිට හැකිවුණා. ඒ ගැන ඔබතුමාට මුළු ජාතියේම ප‍්‍රණාමය හිමිවෙනවා. දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම්වලට මේ රටේ ආර්ථිකය මෙහෙයවන්න බෑ. අපි මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙනාවේ එක්තරා කල්ලියකට  ඕනෑ විදියට ආර්ථිකය මෙහෙයවන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ මම ඉන්නවද නැද්ද කියලා අහනවා. ඒක නෙවෙයි දැන් ප‍්‍රශ්නෙ. මේ ආණ්ඩුව හදන්න මුල්වෙච්ච මා ඇතුළුව සංවිධාන විශාල ගණනක් තිබෙනවා. අපි රටට කිව්ව දේ කරන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑ. මක්නිසාදයත් ඒ වරදට අපි වගඋත්තරකරුවන් වෙනවා. මේ රටට අද ජාතික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙනවා. එක පැත්තක මැණික් තිබෙනවා. තව පැත්තක ඛනිජ වැලි තිබෙනවා. රට වටේට මහ මුහුදක් තිබෙනවා. මේ මුළු රටම එකක් හැටියට ගෙන සංවර්ධන වැඩපිළිවෙළ හැදිය යුතුයි. දැන් සංවර්ධනේ කියලා කියන්නෙ මොකද්ද? එකම සිහිනය සිංගප්පූරුවයි. සිංගප්පූරුව කියන්නේ රටක් නෙවෙයි. කොළඹ නගර සභාව විතර පුංචි කෑල්ලක්. අරහෙන් මෙහෙන් ආපු මිනිසුන්ගෙන් හැදිච්ච ආර්ථිකයක් තිබෙන රටක්. ශ්‍රී ලංකාව කියන්නෙ කෝටි දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන රටක්. ඉතින් ජාතික ප‍්‍රතිපත්ති සභාව සැලැසුම් කළේ මේ රට හදන්නේ මොන සැලැසුමටද කියලා හොයන්නයි. එක්සත් ජාතින්ගේ පැරිස් සමුළුවේ දින දහයක් මාත් සිටියා. ප‍්‍රංශ ජනපතිත් කතෝලික සභාවත් පැරිස් සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමට විශාල මැදිහත්වීමක් කළා. අවුරුදු ගාණක් එක්සත් ජාතින්ගේ රටවල් එකසිය අනූ ගාණම එකතු වෙලා සම්මුති හදලා තිබෙනවා. මේ ලෝකය අද මුහුණ දී තිබෙන භයංකර තත්ත්වය එයින් කිව්වේ. මේ මානව වර්ගයාට තව අවුරුදු සීයක් ජීවත්විය හැකිදැයි යන ප‍්‍රශ්නයක් මතුව තිබෙනවා. මහපොළොව යට තිබුණු කාබන් ඩයොක්සයිඞ් වායුව මිහි මතට අරගත්තා. ඛනිජ තෙල් අවුරුදු ගාණක් තිස්සේ බලශක්තිය හැටියට පාවිච්චි කිරීමෙන් කාබන් ඩයොක්සයිඞ් වායුව නිපදවෙනවා. එය විශාල වශයෙන් නිපදවෙන්නේ දියුණුවට පත් කියන රටවලිනුයි. ඇමෙරිකාවේ ඒක පුද්ගල කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ටොන් 16යි. ලංකාවේ තාම අපි ටොන් එකක් නෑ. පහුගිය අවුරුදු විස්සේ මේ විෂ වායුව වැඩියෙන්ම පිටකළේ චීනයයි. තව ටිකක් මේක වැඩිවුණොත් මුහුදු මට්ටම වේගයෙන් උඩට ගිහින් ¥පත් විශාල සංඛ්‍යාවක් වැසී යනවා. අපේ අර යාපන අර්ධද්වීපයත් යට වේවි. හැබැයි දියුණු රටවල අය කාබන් නිකුත් කිරීම සීමාකරන්න කැමැති නෑ. කාබන්ඩයොක්සයිඞ් වායුව අඩු කරනවා කියන තීන්දුව ගන්න ඒ රටවල දේශපාලකයන්ට බෑ. යුරෝපය ගොඩක් කල් කළ නිසා අපිටත් තව අවුරුදු විස්සක්වත්  ඕනෑ යැයි චීනය කියනවා. මෙන්න මේ නිසා අපට අලූත් ඉඩක් ලැබිලා තිබෙනවා. ලෝකය පුරාම විද්‍යාඥයන් කියන්න පටන් අරන් තිබෙන්නේ අධිපරිභෝජනවාදයෙන් හා නාගරීකරණයෙන් මිදිලා සරල වෙන්න කියලයි. ජනාධිපතිතුමනි කාටවත් නැති වාසනාවක් අපට තිබෙනවා. දවසේ පැය දොළහක්ම හිරු එළිය වැටෙනවා. යුරෝපයේ එහෙම නෑ. ලෝකයේ අනාගත බලශක්තිය වන්නේ මේ සූර්යායි. සූර්ය බලශක්තිය මුල්කරගත් විප්ලවයකට අපි අපේ ප‍්‍රතිපත්ති හැදිය යුතුයි. අපේ බලශක්ති විප්ලවය රඳා පවතින්නේ පිට රටින් ගේන ගල් අඟුරු හා තෙල් නෙවෙයි. සූර්ය පැනල මගින් අපට අවශ්‍ය බලශක්තිය රට තුළම නිර්මාණය කරගතහැකියි. අපට මුහුදු තරංගත් සුළං බලයත් තිබෙනවා. මේ ටික හරියට පාවිච්චි කළොත් විදේශයන්ට ඇදී යන ඩොලර් බිලියන ගණනක් අපට මේ රටේ ඉතිරිකරගත හැකියි. පුනර්ජනනීය බලශක්තියට යන බව ඔබතුමා ඔබතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් කිව්වා. අපි ඒකට යමු. අපි චීනය ඇසුරු කළ යුත්තේ චීනෙට ඉඩම් දෙන්න නෙවෙයි. සූර්ය පැනල සවි කරලා බලශක්ති තාක්ෂණය ගන්නයි. ඔබතුමාට වගේම අගමැතිතුමාට මේවා කරන්න පුළුවන් දේවල්. මේවා පමාකරන්නේ ඇයි? ග්ලිරිසීඩියා පැළ බිලියනයක් වවන ව්‍යාපෘතිය ඔබතුමා ආරම්භ කළා. එය හරියට කළොත් ගල් අඟුරු බලාගාරයක බලශක්තියෙන් බාගයක් නිපදවන්න හැකියි. අක්කරයක පැළ 600 ක් වගා කළහැකියි. ග්ලිරිසීඩියා කොලවලට ගවයන් හරිම පෙරේතයි. මේ රටට අවශ්‍ය කිරි ටික හදන්න අවශ්‍ය ගවයන් මිලියනයයි. ඒ ගවයන් මිලියනයටම කෑමට මේ ග්ලිරිසීඩියා ප‍්‍රමාණවත් වෙනවා. බලශක්තියෙන් ඔබ්බට ස්වයංපෝෂිත ආර්ථික ක‍්‍රමයකටත් මේ වගාව හේතුවෙනවා. ජනාධිපතිතුමනි, වස විසෙන් තොර ගොවිතැනට ඔබතුමා සහාය දැක්වුවත් බොහෝ අය මට හිනාවුණා. මුලදි මට තිබුණෙත් පොතේ දැනුම පමණයි. හැබැයි අපි ජන මතයක් හැදුවා. අක්කර පනස්දාහක් වවන්න අපි දැඩි පරිශ‍්‍රමයක් දැරුවා. හැබැයි නියඟයක් ආවා. ඒත් සැළකිය යුතු ප‍්‍රමාණයක් වැව්වා. රතන හාමුදුරුවන්ගෙ වැඬේ හොඳ වුණත් ඒක පාඩු යැයි සමහරු කියන්න ගත්තා. ක්‍ෂුද්‍ර ජීවි ක‍්‍රියාකාරිත්වය පාවිච්චි කරලා මාස තුනක් දිරන්නට යන කොලරොඩු දින දහයෙන් දිරාපත් කළහැකි බව අපේ විද්‍යාඥයන් පෙන්නුවා. මාස දෙකක් ඇතුළත ටොන් පන්දාහක පොහොර හැදුවා. අපේ වගාව නියඟයට ඔරොත්තු දුන්නා. තේ අක්කර ලක්ෂ පහක් පමණ වගා කිරීමෙන් ඩොලර් බිලියන එකහාරමක පමණ ආදායමක් අපි ලබනවා. ඒ සියලූ වල්නාශක ගහලයි. හැබැයි කාබනික පොහොර භාවිතයෙන් ඒ ආදායම දෙගුණයක් කළහැකියි. මොකද වස විසෙන් තොර තේවලට ලෝකයේ ඉල්ලූම වැඩියි. වස මුසු තේ ප‍්‍රතික්ෂේප කරන්නට ලෝකය පෙළඹිලා තිබෙනවා. අවාසනාවකට අපේ සමහර ඇමැතිවරු හා මහ තේ වතු හිමියන් වස විසම ඉල්ලනවා. අපි බෑ කිව්වා. මහ වතු වගාකිරීමට බැරි නම් ඒවා ජනතාවට දෙන්න. අපි ඒකට සැලැසුමක් හදලා තිබෙනවා. දළු දෙක දළු තුන කරන්න අපේ විද්‍යාඥයන්ට පුළුවන්. වසර දෙකක් ඇතුළත මේ විප්ලවය කරලා අපි පෙන්වන්නම්. මේවාට උදවු කරන්න ලෝකේ රටවල්  ඕනෑ තරම් තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් අපි ආධාර අරගන්නම්. සාදික්කා, කරදමුංගු, අලිගැටපේර ආදී විවිධාංගීකරණයකට අපි යා යුතුයි. රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්න එයින් හැකියි. රුපියල් බිලියන ගණනක් මේ රටේම ඉතිරි කරගන්නවා වගේම මේ රටේ මිනිස්සුන්ට වසවිසෙන් හැදෙන පිළිකා රෝග නැතිකරගන්නත් පුළුවන්. 2005 දී මේ රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව පන්දාහයි. අද පහළොස්දාහයි. වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව දහ දාහේ සිට ලක්ෂය දක්වා වැඩිවෙලා. සමහරු කියන්නේ මේ ආණ්ඩුවෙන් මොකක්වත්ම වෙන්නේ නෑ කියලයි. වෙන්නේ නෑ නෙවෙයි. හැම දෙනාගේම අත් එකතු වෙන්නේ නෑ. ජනාධිපතිතුමාට සිහිනයක් තිබෙනවා. ඒ සිහිනයට පණ දෙන්න අපි විද්වතුන්ගේ මණ්ඩලයක් හැදුවේ ඒකයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රවුන්ඩප් තහනම් කරන්න යැයි අපි කිව්වා. කැබිනට් මණ්ඩලේ තීන්දුවක් ගත්තා. හැබැයි අරලියගහ මන්දිරේදි තීන්දුව වෙනස් වුණා. සල්ලි කුට්ටිවලට තීන්දු නැවැතුණා. හැබැයි ග්ලයිෆොසේට් තහනම් කරලා වස විසෙන් තොර ගොවිතැන වෙනුවෙන් අද අපිට ප‍්‍රතිපත්ති තීන්දු ගන්න හැකිවෙලා තිබෙනවා. මේවා රතන හාමුදුරුවන්ගෙ බොරු යැයි සමහරු බය කරනවා. හැබැයි රාජ්‍ය නිලධාරින්ම අද මේ ඇත්ත තේරුම්ගෙන තිබෙනවා. ඩොලර් බිලියන දෙකක් ණය ගෙවන්න  තිබෙනවා යැයි කියනවා. කොහොමද ණය ගෙවන්නේ කියලා අහනවා. ඒක කරන්නෙ වරාය විකුණලාද? චීනෙන් ගත්ත ණය ගෙවන්න බැරි නම් ඒක කරන්නේ වරාය දීලාද? රාජ්‍ය ආයතන පාඩු ලබනවා නම් ඒවාත් දීලා දාමුද? මිනිස්සු මත බදු පටවමුද? ජනාධිපතිතුමනි, මේ ඩොලර් බිලියන දෙක හොයන හැටි පෙන්වලා දෙන්න අපේ විද්‍යාඥයන් සූදානම්. මේක මහ ලොකු ගණිත ක‍්‍රමයක් නෙවෙයි. තිබෙන්නේ සරල උත්තරයක්. ආනයන අපනයන පාලනයක් කරමු. මහ බැංකු වාර්තාව අරගෙන බලන්න. මෙටි‍්‍රක් ටොන් 6 12,000 ක් අපි සීනි ගෙන්නනවා. කිරිපිටි 81,000 ක් ගේනවා. මිරිස් 409,000 ක් ගේනවා. ඉතින් මේක අපට නවත්තන්න පුළුවන්. සීනි ටික හදාගන්න බැරිද? ආරියශීල වික‍්‍රමනායක මහතා බටර් හදලා අතිරික්තයක් තිබෙනවා. හැබැයි එතුමන්ලා හදන කිරි ටික සතොසෙන් ගන්නෙ නෑ. මේ හැදිච්ච ලෙඬේ මොකද්ද? ප‍්‍රශ්න මේවායි. අපි මේ සභාව හැදුවෙ අපේ දේශීය ව්‍යාපාරිකයාට රැුකවරණයක් දෙන්නයි. දැන් විදේශිය සමාගම්වලට ඉඩම් දෙනවා. ඉඩම් දීමට කිසියම් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. හිතුමතේට ඉඩම් දීමට ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට හෝ කිසිම නායකයකුට අයිතියක් නෑ. පිටරටින් ආ පලියට කර්මාන්තවලට ඉඩම් දෙන්න බෑ. කර්මාන්තවලටත් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. අනිත් එක පිටරටින් එන්න ඔය කියන විදියේ කර්මාන්තශාලා නෑ. යුරෝපයේ කර්මාන්තශාලා වැහිලා මිනිස්සු දොට්ට දාලා තිබෙන්නෙ. විදේශයන්හි ආයෝජනය කළ ඇමෙරිකන්කාරයන්ටත් ට‍්‍රම්ප් මහත්තයා නැවත මව් රටට කතාකරනවා. ඉතින් යුරෝපෙ සුද්දා එනවාය කර්මාන්ත පටන්ගන්නවාය ආදී මේවා කෙරෙන්නැති දේවල්. රටේ ජාතික ප‍්‍රශ්නෙට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න  ඕනෑ යැයි කියනවා. මේ රටේ තිබෙන ජාතික ප‍්‍රශ්නය මොකද්ද? ඉඩම් ප‍්‍රශ්නයක් ගැන කියනවා. හැබැයි යාපනේ ඉඩම් කියන්නෙත් අපේ ගාල්ල මාතර වගේම තමයි. තියෙන මිනිහට අක්කර පනහ හැට තිබෙනවා. දුප්පතාට අක්කර කාලක්වත් නෑ. ඉඩම් බලතල දෙන්න  ඕනෑ දේශපාලකයන්ට නෙවෙයි. ජනතාවටයි. මේ රටේ ඉඩම් නැති ජනතාව වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හදමු යැයි අපි ජනාධිපතිතුමාට කියනවා. පාරිසරික වශයෙන් සංවේදී ඉඩම් රජයට තබාගෙන සෙසු ඉඩම් ජනතාවට බෙදන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. පොලිස් බලතල දෙන්න  ඕනෑ යැයි කියන කතාව ගැනත් අපි දීර්ඝ වශයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළා. අපේ පොලිසියෙ සීයට අනූවක් පමණ කරන්නේ රථ වාහන හැසිරවීමයි. ඉතින්  ඕකට දෙමළ මිනිස්සු ගන්නවට අපි විරුද්ධ ද? පොලිසියේ සන්නද්ධ අංශය මධ්‍යම ආණ්ඩුවට තබාගෙන සිවිල් පරිපාලනයට අදාළ පොලිස් බලය දෙන්න පුළුවන්. ආයුද අවශ්‍ය හොරු අල්ලන්නයි. අධිරාජ්‍යාවාදී යටත්විජිත කාකි ඇඳුම් ඇඳගෙන සිටින පොලිසිය වෙනුවට සුදු ඇඳුමක් ඇඳගත් පොලිසියක් හදමු. එහෙම නම් ලෝකය පෙරළන ජනමත විචාරණයක්  ඕනෑ ද? මේ රට හදද්දී උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්නත් අපිට පුළුවන්. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක්  ඕනෑ වගේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතාකරනවා. මේවා  ඕනෑ කාටද? දෙමළ ජනතාවට අවශ්‍ය ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීමටයි. ඡුන්ද ක‍්‍රමය ගැනත් අපි සාකච්ඡුා කළා. දැන් පළාත් පාලන ඡුන්දයක් තිබෙනවා. මුළු රටේම මාධ්‍ය ඇස ඇරගෙන එළිවෙනකන් නිදි මරාගෙන ඉන්නවා. මැති ඇමැතිවරු පණ බයේ ඉන්නෙ. අර පරණ විදියට මෙම්බර් ඡුන්දෙ තියමු. ඒක අපිට කරගන්න පුළුවන්. උතුරේ පළාත් සභාව කැමැති නම් දිස්ත‍්‍රික් සභාව ගෙනෙමු. පළාත් සභාවේ සිටින දිස්ත‍්‍රික් සංවර්ධන ඇමැතිවරයකු පත්කරලා ඔහුව කැබිනට්ටුවට ගෙනෙමු. එවිට බලය විමධ්‍යගත වෙනවා.අපිට තරුණ කාලයක් තිබුණා. 71 කැරැුල්ල අපිට යාන්තමින් වගේ මතකයි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් ලක්ෂයක් විතර ජීවිත අප රටට අහිමි වුණා. 88,89 වසර දෙක ඇතුළත 65 000 ක් මැරුණා. අපේ රට ආපස්සට ගියා. නැවතත් එවැනි කඳුළු සලන යුගයක් අප රටට අවශ්‍ය නෑ. අපේ රටේ දුප්පත්කම නැතිකරලා අභිමානවත් ජාතියක් නිර්මාණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. අද පොලොන්නරුවට ගියාම අපි දකින සත්‍ය මොකද්ද? ණය බරින් මිරිකුණු තමන්ගෙ කුඹුර අනුන්ට උකස් තියපු ජනතාවක්. මේක ඉතාම වැදගත් තැනක පිහිටපු ලෝකයේ සුන්දරම රටක්. ඒක නිසා අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය හැදෙන්න  ඕනෑ චීනයට හෝ ඉන්දියාවට  ඕනෑ හැටියට නෙවෙයි. ස්වයංපෝෂිතභාවයට මුල් තැන දෙන ආර්ථික වැඩපිළිවෙළකට අප යා යුතුයි. අද අප සමාජගත කරන්නේ නැවත මේ රටේ ලේ කඳුළු සැලෙන්නේ නැති අනාගතයක් සඳහා වූ වැඩපිළිවෙළයි. මේ ආණ්ඩුව මින්පසු ගමන්කරන්නේ තම තමන්ට හිතෙන හැටියට නෙවෙයි. රටේ ජාතික ප‍්‍රතිපත්තියට  ඕනෑ විදියටයි. සීතල කාමරවලට වෙලා හම්බන්තොට වරාය ගැන තීන්දු ගන්න යුගය නිමාකිරීමේ තීන්දුව මෙයින් ගන්නවා. ඒ වගේම අපේ ගොවියන්ගේ ඉඩම් හා සංවේදී පාරිසරික කලාපවලට අත තියන්න කිසි කෙනෙකුට ඉඩ නොදෙන බවට අධිෂ්ඨානය ඇතිකරගමු. මුඩුක්කු සංස්කෘතියේ හිරවෙලා කුඩු ගහන ජීවිත වෙනුවට නව නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරමු. ඒ වගේම ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වීමට ඉඩ නොතබා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙළකට යමු. අපි ජනාධිපතිතුමාට කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් පරාදයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් පරාදයි. මේ රටේ බලය ලැබිලා තිබෙන්නේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. ඔබතුමා රට පාලනය කළයුත්තේ එක්කෙනෙකුට දෙන්නෙකුට අවශ්‍ය විදියට නෙවෙයි. ජාතික ප‍්‍රතිපත්ති සභාව පිළිබඳව ඔබතුමාට තීන්දුවක් ගන්න පුළුවන්. ඇයි ඔබතුමා පමාවන්නේ? ඔබතුමා පමාවන හැම දිනයක් පාසා අපේ රට යන්නේ අඳුරු අගාධයකටයි. කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික‍්‍රමනායක, යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ මහලේකම් සුරේන් රාගවන්, සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. (සටහන - බිඟුන් මේනක ගමගේ)
ආර්ථිකය නංවන්න නම් සම්ප්‍රදායයෙන් පිටපනින්න ඕනෑ
0
hp_train_1322
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ අකුරැස්ස, තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඒ අසල පැවැති ජන රැලිය අමතමිනි.රැලිය අවසන්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාව නගරයේ වෙළෙඳසල්වලටද ගොස් ව්‍යාපාරිකයන් හමුවී සුහද කතාබහකද නිරත විය. ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨයක් නැති බව දයානන්ද වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹීමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. ඒත් අප මේ දියුණුව අගය කරනවා.අද අප ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා.අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. ඒ අනුව අප සියලුම දෙනා ඒ ආණ්ඩුවේ දිවුරුම් දුන්නා. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජාතික ආණ්ඩුවක් බිහි කරන බව මහ මැතිවරණයේදී මා පැවැසුවා. ඒ අනුව අප හැමදෙනාම එකට එකතු වී වැඩ කටයුතු කරනවා. වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කර යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10 ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි.දෙවැන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. බට්ටා වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගීන් ප්‍රවාහන කටයුතු සඳහා වාහන අවශ්‍යයි. 1977 වසරේ ත්‍රිරෝද රථ ගෙන්වීමෙන් කුඩා වාහන ගෙන්වීම ආරම්භ කළා.ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප එහි මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරුපැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි.තරුණයන් සඳහා යතුරුපැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරුපැදි මිලදීගත හැකියි. ඒත් පොඩි වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මානවල ආර්ථිකය දියුණුවට පත් වෙනවා. මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳසල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. ඒකාලේ බාබර් සාප්පුවක් පමණක් තිබුණා.අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි.රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා. අප රට බාරගනිද්දී ආදායම වැඩි කරන්න තවත් මාර්ග තිබුණා. එදා පැවැති පෙට්‍රල් ගාස්තුව මතකද? සියලුම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලුම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳපොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ මිල අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට ද වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි.ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩුවුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලුත් බදු පැනවීමට සිදුවුණා. අන්තර්ජාල බද්දක් පැනවූයේත් ඒ අනුවයි.තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල්දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදුවෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි.මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ද ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ද අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා.ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩුපාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩිවෙනවා.දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදිකළා.කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.ජේ.ආර්. ජයවර්ධන ජනපතිටත්, ප්‍රේමදාස ජනපතිටත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් මුහුණදීමට සිදුවී තිබෙනවා.ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා.  අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත්වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යනා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොළේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නන් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසිරුවෙනුයි.පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමු යැයි චීන ජනපති අපට පැවසුවා. දැන් අප වසර 70 ක් සඳහා එය දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. අපට ලැබී තිබෙන බද්ද ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා.මත්තල ගුවන් තොටුපොළ බාර ගැනීම සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන්වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල  ගුවන් තොටුපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන්තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වයකට පැමිණේවි.චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු.හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලීම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්.හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබෙනවා. ලබන වසරේ ආරම්භ කර ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදුකරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන්කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපාරය ආරම්භ කරනවා.එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ. වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි.සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලිව්වා. දැන් අපි දකුණේ පෙරළිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරළිය දැකගන්නට හැකිවේවි.මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1 ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් සීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යායුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි.දකුණේ දියුණුව මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි.මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම් ද ආරම්භ කර තිබෙනවා.ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන දී වැඩකටයුතු කළා.දැන් අප සංවර්ධන යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාබ ලබන දේවල් බවට පත්කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,මාතර දිස්ත්‍රික්කයේ සෑම බස් නැවතුම්පොළක්ම හැදුව. ඒත් අකුරැස්ස බස් නැවතුම්පොළ අලුත්වැඩියා කෙරුණේ නැහැ.ලංකා ඉතිහාසයේ හදිසි ආපදා වෙනුවෙන් ඉදිකෙරුණු පළමු බෝට්ටුව අද අපි අකුරැස්සට බාරගත්තා.අකුරැස්සේ ව්‍යාපාරිකයන් යන එන මං නැතිව නන්නත්තාර වූ යුගයක් තිබුණා. මෙහි ව්‍යාපාරිකයන් හැමදාම ගංවතුරෙන් බැට කනවා. ඔවුන් වෙනුවෙන් ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි. සංහිඳියා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ රටට මෙන්ම ලොවටත් ආදර්ශයක් ලබාදීමයි.මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාලපිරිසක් සහභාගී වී සිටියහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
’මුල් වසර දෙකේ අමාරු තීරණ ගෙන ආර්ථිකය ස්ථාවර කළා’
0
hp_train_1323
මනෝප‍්‍රිය ගුණසේකර අභියාචනාධිකරණයේ  විනිසුරුවරුන් දෙදෙනෙකුට උසස්වීම් ලබාදීම සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැති ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වේ. අභියාචනාධිකරණයේ  සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ එල්.ටී.බී. දෙහිදෙණිය මහතා ශේෂ්‍යඨාධිකරණ විනිසුරුවරයෙකු වශ්‍යයෙන් පත් කොට ඇති බවද එයින් හිස් වු අභියාචනාධිකරණයේ  සභාපති විනිසුරුධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරු පී‍්‍රතී පද්මන් සුරසේන මහතා පත් කොට ඇති බවද වාර්තා වේ. මෙම උසස්වීම් සඳහා එල්.ටී.බී. දෙහිදෙණිය මහතාගේ සහ පී‍්‍රතී පද්මන් සුරසේන මහතාගේ නම් යෝජනා කරමින් ව්‍යවස්ථා සභාව වෙත යොමු කොට තිබු අතර ව්‍යවස්ථා සභාව  ඒ සඳහා අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.
අධිකරණ දෙකකට විනිසුරුවරුන් තිදෙනෙක්
0
hp_train_1324
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් රට පුරා පිහිටි අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාව පුළුල් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහනේ තවත් පියවරක් ලෙස පසුගියදා අනුරාධපුරයේ ගෝනපතිරාව ප්‍රදේශයේ නව සන්නිවේදන කුලුනක් ඉදිකිරීමට කටයුතු කරන ලදී.‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ නව සන්නිවේදන කුලුනු ඉදිවීමත් සමඟම රටපුරාම වැඩිදියුණු වූ සබැඳියාවක් සමඟින් එහි ප්‍රතිඵලයක් ලෙස වඩා හොඳ සන්නිවේදන පහසුකම්, අධ්‍යාපනයට ප්‍රවේශවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සම්පත් සහ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය වඩා උසස් මට්ටමකට ගෙන ඒමට ද මහඟු පිටිවහලක් වූ බවට සමාගම කියයි. ගෝනපතිරාව ප්‍රදේශයේ ඉදිකළ සන්නිවේදන කුලුනට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංගත්තෑව සහ ලබුනොරුව ප්‍රදේශවල, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හබරණ - ගල්ඔය, හබරණ - මින්නේරිය සහ මගුල්පොකුණ ප්‍රදේශවල ද කුලුනු හා සන්නිවේදන කුලුනු ද ඉදිකර ඇත.මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන්වල දී සන්නිවේදන ආවරණය පුළුල් කරමින් පාරිභෝගිකයන්ට සහාය වීමට අඛණ්ඩව ගන්නා උත්සාහය යටතේ ඩයලොග් සමාගම 2022 අවසන් වන විට ඩයලොග් ජාලය රටපුරා ග්‍රාම නිලධාරී වසම් 180කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින්, 4G මොබයිල් කුලුනු 4,700 කට අධික සංඛ්‍යාවක් ඉදිකර ඇත. එය ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන වැඩිම සන්නිවේදන කුලුනු සංඛ්‍යාව ද වේ. එමෙන්ම සියයට 95 කට වැඩි ජනගහනයකට 4G ආවරණ පහසුකම් සලසාදීමට ද ඩයලොග් සමාගමට හැකිවී තිබේ. තවද අති දුෂ්කර ගම් ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩයලොග් සමාගම Green Field කුලුනු උපයෝගී කරගත් අතර, ජනාකීර්ණ ප්‍රදේශවල අවශ්‍යතාව වෙනුවෙන් Lamp Pole විසඳුම හරහා සේවාවන් ලබා දී ඇත.ඩයලොග් ජාලයේ ආවරණය ඉහළ නැංවීම, ජාල අධීක්ෂණය කිරීමෙහි නිරත අන්තර්ජාතික සමාගම්වල ප්‍රශංසාවට ලක්ව තිබෙන අතර Open Signal සමාගම විසින් ‘හොඳම 4G ආවරණය’ / වේගවත්ම Upload සහ Download අත්දැකීම් වෙනුවෙන් ඩයලොග් ආයතනය සම්මානයට පාත්‍ර කර තිබේ.595
‘සිව් දෙසටම ඩයලොග්’ මඩොල්සිමට නව කුලුනක්
0
hp_train_1325
(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක) ලිඳුල පොලිස් වසමට අයත්, බඹරගල තේ වතුයායේ, මැද කොටසේ වතු නිවාස පේළියක ඇතිවූ හදිසි ගින්නකින් නිවාස 24 ක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව ලිඳුල පොලීසිය පවසයි. ගිනිබත්ව ඇති වතු නිවාසවල පදිංචිව සිටි 70 දෙනෙක් එම වතුයායේ සංස්කෘතික ශාලාවේ, හින්දු කෝවිල් ශාලාවේ හා තවත් පිරිසක් ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස්වල තාවකාලිකව ලැගුම් ගෙන සිටිති. ගින්නට හසු වූ  නිවාසවල තිබූ   ගෘහ භාණ්ඩ හා එම නිවැසියන් සතු සියලු දේපළ විනාශයට පත්ව ඇති බව අවතැන්ව සිටින වතු කම්කරුවෝ පැවසූහ. ඊයේ රාත්‍රී 10.00 සිට අද (11) අලුයම දක්වා මෙම ගින්න නිවා දැමීමට පිරිස කටයුතු කර ඇත. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට වැඩිදුර පරීක්ෂණ බවත්වන ලිඳුල පොලීසිය සැක කරයි. ආගරපතන ප්‍රාදේශීය සභාව හා බඹරගල තේ වතුයායේ පාලනාධිකාරිය මගින් අවතැන්වූවන් සඳහා ආහාර සපයා ඇත.
ලිඳුල වතුයායක ගින්නකින් වතු නිවාස 24ක් ගිනිබත් වෙයි
1
hp_train_1326
(රංජිත් රාජපක්ෂ)තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(01) බඹරු ඇනීමෙන් කම්කරු කාන්තාවන් පස්දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව වත්තේ ඉහළ කොටස් තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට තේ පඳුර මත බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී බඹරු ඇන ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.පසුගිය දිනවල මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ තේ වතු ආශ්‍රිත ගස්වල සහ තේ පඳුරු මත බඹරුන් විශාල වශයෙන් කූඩු බැඳ තිබූ බව රෝහල් ගතකර සිටින වතු කම්කරු කාන්තාවෝ පවසති. 
බඹරු ඇනීමෙන් වතුකම්කරු කාන්තාවෝ 10 ක් රෝහලේ
0
hp_train_1327
( ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංක්‍රමණික ගුවන් මගීන් 289 ක් යොදා ගෙන අද (28) දින කටුනායක ගුවන් තොටුපළේ සිට  මාලේ , ලන්ඩන් සහ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත සීමිත ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.ඒ අනුව අද දින දහවල් 11.41 ට මාලදිවයින , මාලේ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානය , ගුවන් මගීන් 120 ක් කටුනායක ගුවන් තොටුපළ රැගෙන පැමිණියේය.මෙසේ රැගෙන පැමිණි සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ තොටුපළ තුළ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජහරණය කිරීමට ලක් කෙරුණි.ඉන් පසුව දහවල් 1.31 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන විශේෂ ගුවන් යානය මගින් ගුවන් මගීන් 107 දෙනෙකු එංගලන්තයේ , ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත රැගෙන ගියහ.මෙම ගුවන් මගීන් අතර මාලේ සිට පැමිණි ගුවන් මගීන් මෙන්ම , ශ්‍රී ලංකාවෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීහු ද වූහ .පසුව අද 28 දින රාත්‍රී 6.14 ට මාලේ සහ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීන් 62 ක් රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළ බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .මෙම ගුවන් යානා දෙක හෙට 29 දින එංගලන්තයේ ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළෙන් සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළෙන් එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිතය .මේ අතර අද 28 දින රාත්‍රී 11.05 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය  බෙලරෑස් රාජ්‍යයේ මින්ස්ක් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 278 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.
පකිස්තාන - ශ්‍රී ලංකා ගුවන් ගමන් දෙවැනි දිනටත් අත්හිටුවයි
0
hp_train_1328
(මනෝප‍්‍රිය ගුණසේකර) ව්‍යාජ ඔප්පුවක් මගින් අන්සතු ඉඩමක් හිමිකර ගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් වු කාන්තාවන් දෙදෙනෙකුට වසර 15 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම නඩු විභාගයේ දී විත්තිකාර කාන්තාවන් දෙදෙනා බේරා ගැනීමේ අරමුණින් බොරු සාක්කි දුන් පැමිණිල්ලේ සාක්කිකරුවකුට වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.විත්තිකාර කාන්තාවන් දෙදෙනාට නියම කළ සිරදඬුවම් වලට අමතරව රුපියල් ලක්‍ෂ 5 බැගින් දඩ නියම කළ විනිසුරුවරයා විත්තිකාර කාන්තාවන් දෙදෙනා බේරා ගැනීමේ අරමුණින් බොරු සාක්කි දුන් පැමිණිල්ලේ සාක්කිකරුට රුපියල් 2,000/- දඩයක් නියම කළේය.රාජගිරිය ප‍්‍රදේශයේ ඉඩමක් පිහිටි අන්සතු ඉඩමක් හිමිකර ගැනීමේ අරමුණින් මීට වසර 12කට ඉහතදී විත්තිකරුවන් ව්‍යාජ ඔප්පු සකස් කර ඇති බව පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී විත්තිකරුවන් බේරා ගැනීමේ අරමුණින් පැමිණිල්ලේ සාක්කිකරු බොරු සාක්කි දී ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකාරියන්ට හා පැමිණිල්ලේ සාක්කිකරුට මෙලෙස දඬුවම් නියම කළේය.අන්සතු ඉඩමක් හිමිකර ගැනීමේ අරමුණින් ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකාරියන් වු රාජගිරිය ප‍්‍රදේශයේ වටවලගේ යසවතී සහ පතිරගේ චන්ද්‍රලතා නමැත්තියන්ට ද බොරු සාක්කි දීමේ චෝදනාවන්ට වරදකරු වු සිනිල් සුමනවංශ අමරතුංග නමැත්තාටද මෙලෙස දඬුවම් නියම විය. 
කසළ තේ අලෙවි කළ අයෙක් අත්අඩංගුවට
1
hp_train_1329
(යොහාන් භාසුර)ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ.ඒ අනුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 6.5 දක්වා සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 7.5 දක්වා ඉහළ දැමීමට මහ බැංකුව පියවර ගෙන තිබේ
ණය පහසුකම් අනුපාතිකය පහළට
0
hp_train_1330
බිමල් ශ්‍යාමන් ජයසිංහගෙවුනු පැය 24 තුල අද පස්වරු 6.00 දක්වා ඇදිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1392 අත්අඩංගුවට ගෙන වාහන 381 පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. ඇඳිරි නීති ආරම්භ කල ඉකුත් මස විසි වෙනිදා සිට මේ දක්වා පුද්ගලයන් 31,680  දෙනෙක් අත්අඩංගුවට ගෙන වාහන 8157 පොලිස් බාරයට ගත් බව මාධ්‍ය කොට්ඨාස වැඩිදුරටත් සඳහන් කරයි. 
ඇඳිරිය කැඩූ 1392ක් අත්අඩංගුවට
1
hp_train_1331
( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)බලන්ගොඩ රාස්සගල මාර්ගයේ  වැව  ප්‍රදේශයේ  ඇති  පත්තිනි  කෝවිලේ  තිබු  රන්  භාණ්ඩ සහ වෙනත් වටිනා  භාණ්ඩ  විකණු   කපුවෙකු  අද (20) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.ප්‍රදේශවාසින්  කළ  ඇති  පැමිණිල්ලක් අනුව  එම කපු  මහතා ලෙස කටයුතු කල පුද්ගලයා  සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.සැකකරු අද (20) බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි .  සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.
රන් බඩු සොරාගත් කපුවා අත්අඩංගුවට
1
hp_train_1332
 (ටී.කේ.ජී.කපිල) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද(19) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.           ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානය මෙසේ ගුවන් තොටුපළ වසා දැමීමට පෙර , අවසාන වශයෙන් පැමිණි  ගුවන් යානය ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.    මෙම ගුවන් යානයෙන් මගීන් 77 ක් පැමිණ තිබූ අතර , එයින් වැඩි පිරිසක් දඹදිව වන්දනාකරුවන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.            ඒ අතර සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා දිගටම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන අතර , ගුවන් තොටුපළෙන් පිටත්ව යන ගුවන් යානා ද පෙර සැළසුම් කර ඇති පරිදි සිදු කෙරේ .            මෙම සංක්‍රමණික ගුවන් මගීන් ,කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ වෙනත් රටක් කරා ගුවන් ගත වීම සදහා පැමිණෙන ගුවන් මගීන් පිරිසකි.
ඉන්දියාවේ සිටි සිසුන් සමඟ ගුවන් යානය කටුනායකට
0
hp_train_1333
ඔහු ආයතනයක සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකි. එහි රියැදුරා ඔහු සමඟ කුළුපගය. සවස පහට කාර්ය මණ්ඩලය පිට වූ පසු ආරක්ෂක නිලධාරියාට රාජකාරිය පහසු විය.මැදියම් රැයෙන් පසු ඔහු කළේ පුටු දෙකක් මත හාන්සි වීමය.  රියැදුරා ආරක්ෂක නිලධාරියගෙන් මුදල් ණයට ගැනීමට පුරුදුව සිටියේය.දිනක් ඔහු රුපියල් පන්සීයක් ඉල්ලූ අතර, ආරක්ෂක නිලධාරියා මුදල් නොමැති බව පැවසීය. උරණ වූ රියැදුරා ආරක්ෂක නිලධාරියාගේ රාත‍්‍රී විවේකයට තිත තැබීමට සිතා, ආයතන ප‍්‍රධානියාට කතා කොට ”සර් අපි පෝච්චිවල හිටවපු මාළු මිරිස් පැළ ටිකක් ගේමු.” යනුවෙන් පැවසීය.”ගොළු බල්ලෝ පැළ ටික කාලා දාවි” ප‍්‍රධානියා කීය.ඒකනේ සර් එස්. ඕ. ඉන්නේ. රියැදුරා පැවසීය. පසුදා පෝච්චිවල සිට වූ මාළු මිරිස් පැළ දහයක් ආරක්ෂක නිලධාරියාට භාර දුන් ප‍්‍රධානියා ”එස්. ඕ. ?ට ගොළු බෙල්ලන්ට මාළු මිරිස් පැළ කන්න දෙන්න එපා.” යැයි පැවසීය.මධ්‍යම රාත‍්‍රියේ මිදුල පුරා ගොළු බෙල්ලන් සිටිනු දුටු ආරක්ෂක නිලධාරියාට තරු පෙනුණි. අසල තිබූ මේසයක් මත මාළු මිරිස් පෝච්චි තිබූ ආරක්ෂක නිලධාරියා සැහැල්ලූවෙන් පුටුවේ දිගා විය. දිනපතා රාත‍්‍රියට මේසය මත පෝච්චි තබන ඔහු උදෑසනම ඒවා මුලින් තිබූ තැනම තබයි.ක‍්‍රිස්ටෝපර් සීපියන්
ආරක්ෂක නිලධාරිගෙන් අපූරු උපායක්
1
hp_train_1334
සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චිබලන්ගොඩ රජවක රක්ෂිතයේ ලියන්ගිරිය  කොටසේ   අද (03) දා  ඇඳිරිනීතිය  ක්‍රියාත්මක කෙරෙන  දිනයේ  අනවසරයෙන්  පතල් කපා මැණික්  ගරමින්  සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා පැවැසිය.රජවක ප්‍රදේශයේම  පදිංචි  පුද්ගලයෙකු මෙලෙස  අත්අඩංගුවට ගෙන තිබෙි.රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු විි රක්ෂිතයට  හාන  කරමින්  පතල්  කැපිම  යන චෝදනා යටතේ  මොහුට එරෙහිව නඩු පවරා  ලබන  (06)  වැනිදා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට  කටයුතු කරන බව විජයන්ත උපුල් මහතා වැඩිදුරටත් සදහන් කලේය.
ඇඳිරිය වේලාවේ රක්ෂිතයේ මැණික් ගැරූ අයෙකුට දඩ
0
hp_train_1335
( මොහොමඩ් බුහාර්ඩීන්) දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය ගලේවෙල තලකිරියාගමදී මාර්ගයේ එකම දිශාවට ධාවන එමින් තිබූ ලොරි රථයක පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි  ගලේවෙල පොලිසිය පවසයි. කොළඹ සිට ගලේවෙල අතාබදිවැව  ප්‍රදේශයේ  අංගනයකට භාණ්ඩ තොගයක් රැගෙන තිබූ ලොරි රථයක් ගලේවෙල තලකිරියාගමදී අතුරු පාරකට හැරවීමට උත්සාහ කළ විට දි ඊට පිටුපසින් පැමිණි යතුරු පැදියහි  රියදුරුට  වේගය පාලනය කර ගත නොහැකිව ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයි ගලේවෙල පොලිසිය කරන ලද මූලික විමර්ශන වලින් හෙළි වී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ සිටි පුද්ගලයින් දෙදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
ටිපර් රථවල ගැටී යතුරුපැදිකරුවෝ දෙදෙනෙක් මරුට
0
hp_train_1336
උතුරු, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු බොහෝ ප්‍රදේශවලට සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 06/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය31249075විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර30219565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21139575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249565විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33268565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32259075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘පළාත් කීපයකට අදත් වැසි‘
0
hp_train_1337
 චීනය  සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්  ශ්‍රී ලංකන් ගුවන් සමාගම  ජූලි  1 වෙනි දා සිට  කොළඹ සිට චොංකින් වෙත මෙහෙයුම් ඇරඹීමට සැලසුම් කර ඇත. කොළඹ සිට චොංකින් වෙත ගමන් ගන්නා ගුවන් යානා   නැවත පැමිණීමේ දී බැංකොක් හරහා කොළඹට ලඟාවීමට සැලසුම් කර තිබේ.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම  හා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නව ගිවිසුම  කොළඹ දී අත්සන් කළහ.මේ වන විට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම චීනයේ බීජිං, ශැන්හයි, කැන්ටන් සහ හොංකොං යන ගමනාන්ත සඳහා සතියක දී ගුවන් ගමන් 15 ක් සිදුකරන අතර මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමඟ නිරිත දිග චීනයට ශ්‍රීලංකන් ගුවන් යානා පියාසර කිරීමද මේ අනුව සනිටුහන් වනු ඇත.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ මේ වන විට චීනය මෙරට  ප්‍රධාන වෙළපොළක් ලෙස හඳුනා ගෙන ඇති ‍බැවින් නව ගමනාන්ත හඳුන්වා දෙමින් ගුවන් ගමන් වැඩි කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම  නිරන්තරයෙන් කටයුතු කරන බවයි.ඒ අනුව මෙම නව කුලී ගුවන් සේවා යෙදවීමත් සමඟ නව පාරිභෝගික කාණ්ඩවල සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවා භාවිත කරමින් සුව පහසු සහ ආරක්ෂාකාරී සංචාරයක යෙදීමේ අවස්ථාව සැලසෙන අතර ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරයද අත්වීඳීමට හැකි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අලෙවි නිළධාරී ජී.ටී ජෙයසීලන් මහතා ප්‍රකාශ කළේ බීජිං, ශැන්හයි සහ ගුවන්සූ   යන ගමනාන්ත වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ සිචුවාන් කලාපය වෙත  සාර්ථක ප්‍රතිලාභ ඉපයීමට හැකි වෙළඳපොළක් නිර්මාණය වූ බවයි.එසේම විවිධ ඇගයුම් සිදුකරමින් සංචාරක ප්‍රවර්ධන අභිවෘද්ධිය සඳහා වූ ක්‍රියාකාරකම් සිදුකරමින් ශ්‍රීලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවත්වනු ලැබූ විවිධ සංචාරක ක්‍රියාකාරකම් වලින්ද මෙම තේරීම තව දුරටත් තහවුරු වූ බවද හෙතෙම පැවසීය.තවද මේ ආකාරයට ප්‍රථමයෙන් විශේෂයෙන් වෙන්කරවා ගත් කුලීගුවන් සේවා මෙහෙයුම් සිදු කිරීමේ සාර්ථක පරීක්ෂාවලින් පසු  කාල සටහනක‍ට අනුකූලව විධිමත් ගුවන් සේවා  ආරම්භ කිරීමට කටයුතු යොදන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.ජාත්‍යන්තර දෙපාර්තමේන්තු කළමනාකාර අයිරිස් හුවං මහතා ප්‍රකාශ කළේ “ මගේ පළමු සංචාරයේදීම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන ඉතාමත් පැහැදුණා.මෙම නව ගිවිසුම තුළින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟින් චොංකින් සිට ශ්‍රීලංකාව දක්වාත්  ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම දේශීය සහකරු වන වෝකස් ට්‍රැවල්ස්   මෙම නව සබඳතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි  මම සිතනවා. චොංකින් වෙත සහ නිරිත දිග චීනයට ගුවන් ගමන් ශක්තිමත් කිරීමට හැකියාව මෙයින් ලැබෙන බවට මා විශ්වාස කරනවා” යැයි ද ඒ මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකාව තුළ චොංකින් හුවාපොන්ඩ් ජාත්‍යන්තර සංචාරක සමාග‍මේ නියෝජිත වශයෙන් කටයුතු කරනුයේ වෝකස් ට්‍රැවල්ස් ආයතනයයි.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම 2002 වසරේ ජූලි මාසයේ දී හුවාපොන්ට් නියුට්‍රිච්මි  සමාගම් හිමිකාරීත්වයෙන් සහ Shenzhen කොටස් වෙළඳපොළේ ලියාපදිංචියෙන් පිහිටුවන ලදී. සංචාරක කර්මාන්තය ආශිතව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සංචාරක ස්ථාන සංවර්ධනය හා කළමනාකාරීත්වය,හොටල් සහ රිසෝට්ස්, විදේශ සංචාර හා ර‍ට වෙත පැමිණීම් යනාදිය ඇතුළත්ය.ජෝන් කීල්ස් සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශ ප්‍රධානී   වසන්ත ලීලානන්ද මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ නිරිත දිගචීනය ප්‍රවර්ධනය කිරීම සඳහා  ශ්‍රීලංකන් ගුවන් සමාගමට සහ චොංකින් හුවාපොන්ට් සංචාරක සේවා සමාගමට සහයෝගය ලබා දීමට ලැබීම සතුටට කරුණක් බවයි.තවද චීනයේ චොංකින් වෙත ගුවන් ගමන් ව්‍යාප්ත කිරීම තුළින් නව ගුවන් කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීම සඳහා අවස්ථාව සැලසී ඇති අතර ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට අපගේ චීනයේ පාර්ශ්‍රවකරු සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ස්තූති කරන අතර මෙම නව ගමනාන්තය පිළිබඳව විශ්වාසයක් තැබීම සම්බන්ධයෙන් ද ස්තූතිවන්ත වන බවද හෙතෙම සඳහන් කළේය.කුලී පදනම මත පළමු වරට විධිමත් සතිපතා ගුවන් ගමන් සේවා දියත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා සත්කාරය මෙම ව්‍යාපෘතියට සහයෝගයක් වනු ඇති බවද හෙතෙම පැවසීය.ඒ අනුව මෙම ගුවන් ගමන් කොළඹ සිට දේශීය වේලාවෙන් පැය 0130 පිටත් වී චීනයේ චොංකින් වෙත පැය 0915 ලඟා වීමට නියමිතයි.එසේම  චොංකින් සිට පැය 1030 ට පිටත් වන ගුවන් යානය බැංකොක් හරහා පැය 1605 ට කොළඹට ලඟාවීමට ද සැලසුම් කර තිබේ.මෙම ගුවන් යානා ජූලි මස 1 වෙනි දා සිට 2014 නොවැම්බර් මස 25 වෙනි දින දක්වා සේවා සපයන අතර එය නැවතවරක් 2015 ජනවාරි මස 13 වෙනි දින  සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම ගුවන් ගමන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ A320 ගුවන් යානා යොදවා තිබේ.මේ වසරේ අප්‍රේල් මස සිට ශ්‍රීලංකන් ගුවන් සමාගම බීජිං හා ශැන්හයි දක්වා සතියකට ගුවන් ගමන් වාර 8 ක් ක්‍රියාත්මත කරන අතර එයින් ගුවන් යානා 4 ක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පිටත්ව යන ලදී. මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගම අතීතයේ සිට චීනයේ කුන්මින්  සහ චෙන්ඩු  යන ගමනාන්ත සඳහා මේ ආකාරයට ගුවන් ගමන් සිදුකර ඇති අතර මේ ගිවිසුමත් සමග චීනයට විශේෂයෙන් යෙදවූ කුලී ගුවන් සේවා සපයන තුන්වන අවස්ථාවද සනිටුහන්වේ. 
ගුවන් සමගම් 07ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් සේවා අරඹයි
0
hp_train_1338
රුපියල් ලක්ෂ තිස් එකක් වටිනා රන් බිස්කට් තුනක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළේදී   අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ  අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා  පැවසුවේය.සැකකරු මීගමුව ප‍්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි වියේ පසුවන රෙදිපිලි  ව්‍යාපාරිකයෙකි.අත්අඩංගුවට ගනු ලැබූ රත්තරන් වල බර ග‍්‍රෑම් හයසිය විසි එකකි.පසුගිය සතියේද මේ උපක‍්‍රමයම භාවිතා කරමින්  රන් කැබලි  ඉන්දියාවට ගෙනයාමට උත්සහ කළ පුද්ගලයෙකු   කටුනායකදී අත්අඩංගුවට ගත් බවත් මෙරට රන් මිළ  පහත වැටී ඇති නිසාත්,  ඉන්දියාවට රන් ගෙනයාමට  නොහැකි වන සේ යම් යම් නීති රීති සහ සීමා පනවා ඇති බැවින් මේ අයුරින් සගවාගෙන යාමේ ප‍්‍රවනතාවයක් ඇතිවී ඇති බවද ලෙස්ලි ගාමිණී මහතා කීවේය.සැකකරු   ඊයේ රාත‍්‍රී 11.45 ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 141 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමින ඇත.එහිදී සැකකරු පිළිබඳ ඇතිවූ සැකයක් මත සහකාර රේගු අධිකාරී චන්දන රත්නායක මහතා විසින් සැකකරු පරීක්ෂා කිරීමේදී මෙම රත්තරන් බිස්කට් සොයාගත් බව රේගුව කියයි.මේ පිළිබඳ රේගු පරීක්ෂනය පැවත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතා විසින් සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කොට රන් බිස්කට් රාජ සන්තක කළේය.මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී රංජිත් ද අල්විස්, සහකාර රේගු අදිකාරීවරුන් වන චන්දන රත්නායක, සී කොටැඹගේ, එස්.සී ලොකුගම, මාලක විජේසේකර, ටී.සී සමරවීර සහ එස්.ඞී දයානන්ද යන නිලධාරීන් විසින් සිදුකරනු ලැබූහ. 
පටි ගාංචුව ලක්ෂ දහ අටයි
0
hp_train_1339
(නවරත්න සමරතුංග)දමන ප‍්‍රාදේශීය සභාවේ 2020 වසර සඳහා අද (15) ඉදිරිපත් කළ අයවැය කෙටුම්පත එම සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ මන්ත‍්‍රීවරු ඒකමතිකව සම්මත කළහ.මෙදින අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කරන බව දමන ප‍්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතාවිසින් න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර තිබිණි.ඒ අනුව මාසික රැස්වීමට සහභාගිවීමට පැමිණි විපක්ෂ නායක පේ‍්‍රමලාල් ගුරුසිංහ සහ අසෝකා සන්ධ්‍යා කුමාරි යන දෙදෙනා උදෑසන සැසි වාරයට සහභාගි වුණ නමුත් තේ පානයෙන් පසුව පැවති දෙවැනි සැසි වාරයට සහභාගි නොවී සභා ගැබින් පිටව ගොස් තිබිණි.මෙහිදී  සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා විසින් 2020 අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කිරීමේදී කිසිදු විවාදයකින් තොරව අත් ඔසවා ඒකමතිකව සම්මත විය.මෙදින එම සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හේවා ගමගේ ලලිතා නදීකා සඳරුවන් බණ්ඩාර යන මන්ත‍්‍රීවරියෝ සහ ජනතා විමුක්ති පෙරමුණේ එකම මන්ත‍්‍රීවරයා වන කේ.කේ. මුණසිංහ මෙන්ම පොදුජන පෙරමුණු මන්ත‍්‍රී ලලිත් ලංකා ලියන ගමගේ මහතා ද සභා රැස්වීමට සහභාගී නොවූහ.විපුල රත්නායක සහ ඒ.ජී. දයාතිස්ස යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරු, පොදුජන පෙරමුණ නියෝජනය කරන එච්.ඇම්.නවරත්න මාග‍්‍රට් වික‍්‍රමසිංහ බිබිලේ පියදස්සී හිමි, රංජිත් බණ්ඩාර, ඞී.ඇම්.ගුණතිලක සහ සුසන්ත ගුණසේකර යන මන්ත‍්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළහ.
පූජාපිටිය ප්‍රා. සභාවේ අයවැය සම්මතයි
0
hp_train_1340
(හසිත රංග ගුණතිලක)ගමේ ජනතාව ගමේම තියමින් ගම හා නගරය එකිනෙකට සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ලේ දී ඊයේ (4) පැවසීය.තරුණ තරුණියන්ගේ සාම්ප්‍රදායික රැකියා ඉල්ලුම අවසන් කර ඔවුනගේ හැකියාවට දක්ෂතාවට මුල් තැන දෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා රටේ සමස්ත තරුණ්‍යය යොදා ගන්නා බව ද දිසානායක මහතා කියා සිටියේය.තම පාලනයක් යටතේ රටේ සමස්ත ජනතාව පාලන තන්ත්‍රයේ හවුල්කරුවන් කරගන්නා බව ද අනුර කුමාර දිසානායක මහතා කීය.බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ඊයේ (4) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී දිසානායක මහතා මේ බව සඳහන් කළේය.එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.අපේ රටේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය මෙවර ජනාධිපතිවරණයයි. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කර මේ වන විට මාස දෙකහමාරකට ආසන්න කාලයක් ගත වෙනවා. අපේ රටේ දේශපාලනය වෙනස් විය යුත්තේ ඇයි ද යන්න එම කාලය තුළ යමින් ගමට යමින් ජනතාව දැනුවත් කරනු ලැබුවා.අපේ රටේ දේශපාලනඥයින්ගෙන් බහුතරයක් බලය ලබා ගැනීමට දෙන පොරොන්දු බලය ලබා ගත් පසුව අමතක කර දමනවා. ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් ශක්තිමත්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජන බලවේගය වන අපියි.ආර්ථික අතින් ගතහොත් අපේ රට දුප්පත්භාවයට පත්වූ රටක් වනවා. වසර 71ක් පුරා අපේ රට පාලනය කළ පාලකයින් විසින් අපේ රට දුප්පත්භාවයට පත් කරනු ලැබුවා. දුප්පත්භාවයේ පතුලටම බැස තිබෙන අපේ රට පොහොසත් රටක් බවට පත් කිරීම අපේ ආර්ථික ප්‍රතිපත්තිය සතුයි.සමෘද්ධි දීමනාව ලබා ගන්නා පවුල් ලක්ෂ 20ක් පමණ අපේ රටේ සිටිනවා. ඔවුන්ට සමෘද්ධි සහනාධාරය ලබාදෙන ගමන් ක්‍රමවත් වූ ආර්ථික උපායමාර්ගයක් සාදා දීම අපේ ප්‍රතිපත්තියයි. අපේ පාලනය තුළ දුප්පත්කම මෙරටින් අනිවාර්යෙන්ම තුරන් කරනවා. බාල, තරුණ, මහලු යන සියලු දෙනාටම සම අයිතීන් ලැබෙන සමාජයක් නිර්මාණය කළ යුතුයි. ළමයාට හිමි ළමා කාලය ඔවුන්ට දිය යුතුයි. තරුණයින්ගේ හැකියාව දක්ෂතාව අනුව රට ගොඩනගන යාන්ත්‍රණයට ඔවුන් සම්බන්ධ කරගත යුතුයි.බොහෝවිට වැඩිහිටි පරපුර පවුල්වලට බරක් වෙලා. වැඩිහිටියන් ආරක්ෂා කිරීම සමාජ වගකීමක් වනවා.රටේ සමස්ත ජනතාවගෙන් සියයට 9ක් පමණ කුමක් හෝ ආබාධයකින් පෙළෙන ජනතාවක් සිටිනවා. නමුත් ඔවුන් සමාජයේ ජීවත් නොවිය යුතු පිරිසක් බවට වන වටපිටාවක් පාලකයින් රටේ නිර්මාණය කර තිබෙනවා. එම තත්ත්වය අප සම්පූර්ණයෙන්ම නැතිකර දමනවා.අන්ධ අයටත් ශ්‍රව්‍යාබාධිත අයටත් භාවිත කළ හැකි ලෙස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා.අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහනය ජනතාවගේ මූලික සේවාවන් වනවා. එහෙත් එම සියලු සේවාවන් ජනතාවගේ පොකට් එකේ තරමට ලබා ගන්න වී තිබෙනවා.රාජ්‍ය සේවයේ පරිවර්තන යුගයක් යළි අවශ්‍යයි. රාජ්‍ය සේවයේ නියැළුණු සියලු දෙනා සිටින්නේ අසතුටුදායක ලෙසයි. එමගින් සේවා ලබා ගන්නා ජනතාව සිටින්නේ ද එලෙසයි. මෙරට අධිකරණයක ගොනුවන නඩුවක් නිරාකරණය කර ගන්න වසර ගණනක් ගත වනවා. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව එයින් පෙන්නුම් කරනවා. එමනිසා රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ රැසක් කඩිනමින් කළ යුතුයි.රටක් සංවර්ධනය කිරීමට නම් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ඒවා කරන්න හමුදාවවත් යුද්ධය අවසන් කරන විට සිටි ආරක්ෂක ලේකම්ලාවත් අවශ්‍ය නැහැ. දේශපාලනයේ අන්තවාදීන්ව බැහැර කළ විට රටේ ජාතික සමගිය අපටත් නොදැනීම ඇති වනවා.ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. මෙතෙක් ගොඩනැගූ පාලනයන්ට වඩා අත්දැකීම් සහ නිපුණත්වයෙන් යුතු පිරිසක් අපට සිටිනවා. ජනතාව පත් කරන පාලකයින් වෙනස් කළ යුතුයි. නමුත් ජනතාව කොතරම් උත්සාහ කරත් පාලකයින් ඔවුන්ගේ චර්යාවන් වෙනස් කරගන්නේ නැහැ. වසර 71ක පාලන ක්‍රමය එය පෙන්වා තිබෙනවා.මෙම මස 16 වැනිදාට ජනතාව එය වෙනස් කළහොත් ආර්ථිකයෙන් පරිපූර්ණ සුරක්ෂිත රටක් අප ගොඩනගනවා. ජාතික ජන බලවේගයේ අපි පෙනී සිටින්නේ ආණ්ඩු වෙනස් කරන්න නොව සමාජ පරිවර්තනයක් සිදු කරන්නයි යැයි ද ඔහු පැවසීය.එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අනුර කුමාර දිසානායක මහතා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය - සමාජ ජාලා මාධ්‍ය මගින් පමණක් ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වැඩපිළිවෙළ ප්‍රචාරය කිරීම ප්‍රමාණවත් ද?පිළිතුර - අනෙකුත් අපේක්ෂකයින් සමග සැසඳීමේ දී සමාජ ජාලා මාධ්‍යවල සිටින බහුතරයක් අයගේ වැඩපිළිවෙළ අනුමත කර තිබෙනවා. සමහර දේශපාලන පත්ෂවලට නාළිකා තිබෙනවා. සමහර නාළිකාවලට දේශපාලන පක්ෂ තිබෙනවා. මාධ්‍යවලින් අපට ඉඩක් නොලැබුණත් අපේ වැඩපිළිවෙළ ප්‍රචාරය කළ හැකි සෑම අංශයකින්ම ජනතාව දැනුවත් කරනවා. අපේ අරමුණ සෑම නිවසකටම ගෙයින් ගෙට ගොස් රට හදන අපේ වැඩපිළිවෙළ දැනුවත් කිරීමයි.ප්‍රශ්නය - තම පාලනයක් යටතේ ඔබලා ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාව කෙබඳු ද?පිළිතුර - පසුගිය 1978 වසරේ ව්‍යවස්ථාව මගින් බොහෝ පැතිකඩයන් ආවරණය වන්නේ නැහැ. මේ දක්වා 19 වතාවක් එම ව්‍යවස්ථාව සංශෝධනය වූයේ ඒ නිසයි. මෙම සියලු සංශෝධනයන් ගෙන එනු ලැබුවේ පාලකයින්ගේ වුවමනා ඉටුකර ගැනීමටයි. එහෙත් සංශෝධන විය යුත්තේ ජනතා වුවමනාවන් ඉටුකර ලීමටයි. එමනිසා මහජන අදහස් ලබා ගනිමින් ජනතා වුවමනාවන් ඉටු කරලන නව ව්‍යවස්ථාවක් අප ගෙන එනවා.ප්‍රශ්නය - සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා ද?පිළිතුර - යම් වරදකට පුද්ගලයකු වරදකරුවකු වුවොත් ඔහුට ලබාදිය හැකි උපරිම දඬුවම් කාලය වසර 7යි. එහෙත් නඩු පැවරීම ප්‍රමාද වීම නිසා අධිකරණය මගින් වරදකරුවන් නොවුණු බොහෝ පුද්ගලයන් වසර 20කටත් වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටිනවා. එමනිසා වරදකරුවන් නොවුණු සියලු දේශපාලන සිරකරුවන් අප නිදහස් කරනවා.ප්‍රශ්නය - ඔබලා ජාත්‍යන්තර සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නවා ද?පිළිතුර - අතීත ලෝකය කෙසේ වෙතත් වර්තමානයේ දී විවිධ බලකේන්ද්‍ර ලෝකය තුළ ගොඩනැගී තිබෙනවා. ලෝකය දෙස බැලූ විට ලංකාව බලගතු රටක් නෙමෙයි. සමහර රාජ්‍යයන් අපේ රටට ළං වෙන්නෙත් දුරස් වෙන්නෙත් බලයේ සිටින පාලකයින් දෙන කොමිස්වලට අනුවයි. අප කොමිස්වලින් තොර ජාත්‍යන්තර සම්බන්ධතාවක් ලෝකය සමග ගොඩ නංවා ගන්නවා.ප්‍රශ්නය - අපේ රට ණය උගුලක හිරවී තිබෙනවා. එයින් මිදීමට ඔබට තිබෙන වැඩපිළිවෙළ කුමක් ද?පිළිතුර - රාජ්‍යයක පැවැත්මට මෙය විශාල ගැටලුවක්. රටේ ආදායමටත් වඩා වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ණය ගෙවීමට දරන්න වී තිබෙනවා. බොහෝ පාලකයින් ණය ගත්තට එම ණයවලින් වත්කම් නිර්මාණය කර නැහැ. අපි ණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. රටේ තාක්ෂණය සහ ප්‍රාග්ධනය වැඩි කිරීමට අප ණය ලබා ගන්නවා. එමගින් ලැබෙන ආදායමෙන් අප ණය ගෙවනවා.ප්‍රශ්නය - කෘෂිකර්මාන්තය නැංවීමට ඔබ සතුව වැඩපිළිවෙළක් පවතින්නේ ද?පිළිතුර - ගොවි ජනතාවට සාධාරණ මිලක් යටතේ තම අස්වැන්න විකිණීමටත් පාරිභෝගිකයින්ට ස්ථාවර මිලක් යටතේ එළවළු මිලට ගැනීමටත් හැකි පරිසරයක් ගොඩනගනවා. යල සහ මහ කන්නයට අමතරව මැද කන්නයක් වගා කිරීම සඳහා අප කටයුතු කරනවා.ප්‍රශ්නය - මාධ්‍ය නිදහස සහතික කරනවා ද?පිළිතුර - දේශපාලනඥයින්ට හා මාධ්‍යයට වගකීමක් තිබෙනවා.ජනතාවගේ අදහස් පෙට්ටගම්වල දාලා දොරගුලු දාන සමාජයක් අප ඇති කරන්නේ නැහැ. රටේ සිදුවන සිදුවීම් එලෙසින්ම වාර්තා කිරීමට අප ඉඩ ලබා දෙනවා.ප්‍රශ්නය - ඔබ ජනාධිපතිත්වයට පත්වූ පසු ගොඩනගන නව ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව කොපමණ ද?පිළිතුර - කැබිනට් මණ්ඩලය 25යි. නියෝජ්‍ය ඇමති ධුර 25යි. ඊට වඩා එකදු ඇමති ධුරයන් හෝ අප ලබා දෙන්නේ නැහැ.ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, අධිනීතිඥ ලාල් විජේනායක, රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය ජයන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
“ගම හා නගරය සම්බන්ධකරන ආර්ථිකයක් ගොඩනගනවා“
1
hp_train_1341
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (9) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 13,908 දක්වා ඉහළ ගොස් ඇත.වයස අවුරුදු 60 ට වැඩි 14 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර දෙදෙනකු මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 8 දෙනකු සහ කාන්තාවන් 8 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොවිඩ් මරණ 16 ක්
0
hp_train_1342
බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඌව සහ නැගෙනහිර පළාතේ තැනින් තැන, සවස 2.00න් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට  තරමක තද සුළං බලාපොරොත්තු වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 08/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32269065ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35269070සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.කොළඹ32279075වැසි වාර කිහිපයක්ගාල්ල31279075වැසි වාර කිහිපයක්යාපනය32278070වැසි ස්වල්පයක්.මහනුවර30219570වැසි වාර කිහිපයක්නුවරඑළිය21159580වැසි ස්වල්පයක්.රත්නපුරය32259570වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමළය35267560ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම32288575වැසි ස්වල්පයක්.           
‘ඉදිරි දිනවල සුළඟේ වේගය වැඩිවෙයි ‘
0
hp_train_1343
(ඩී.ජී.සුගතපාල) රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ   සැකකාර පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුලු සැකකරුවන් 17 දෙනා  තව දුරටත් ජනවාරි 23 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(09) නියෝග කළේය .  මෙසේ තව දුරටත් රක්ෂිතබන්ධනාගාර ගතකරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ හිටපු ස්ථානාධිපති  පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ,  උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන්  දාහත් දෙනාවෙති. රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ  අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වනදින  පැහැරගෙන ගොස් ඝාතනය කොට පුළුස්සා දැමිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. එම පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගොස් මරා දැමිම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් පහළොස් දෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර එම මළ සිරුරු වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ පුළුස්සා දැමිමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත. පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ පරික්ෂණ තවමත් අවසන් නොමැති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිමට සිටින  බවය.ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය. මෙහිදි සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කියා සිටියේ ජාන පරික්ෂණ වාර්තා තවමත් ලැබි නොමැති බවය. එනිසා  රජයේ රස පරික්ෂකවරයාට සිහි කැඳවිමේ නියෝගයක් නිකුත්කරන ලෙසද නිතිඥවරු ඉල්ලා සිටියහ. ඒ අනුව රජයේ රස පරික්ෂකවරයා වෙත සිහි කැඳවිමේ නියෝගයක් නිකුත් කිරිමටද  නියෝග කළ මහේස්ත්‍රාත්වරයා කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් අමිල (86099) යන මහතා  විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.    
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ තවදුරටත් රිමාන්ඩ්
1
hp_train_1344
(ජේ.කේ.එල් චාමින්ද)විදුලි කප්පාදුවට විරෝධය පලකරමින් අක්මීමන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අද (9) පැවති ප්‍රාදේශීය සභා රැස්වීමට ඉටිපන්දම් දල්වාගෙන පැමිණියහ.අද අක්මීමන ප්‍රාදේශීය සභා රැස්වීම ආරම්භ කරන අවස්ථාවේ විදුලිය ඇනහිට තිබිණි. පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ඉටිපන්දම් දල්වාගෙන  සභා ගර්භයට පැමිණ විදුලි කප්පාදුවට එරෙහිව සිය විරෝධය පළකරණු ලැබීය.සභාපතිවරයා ඇතුළු  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මේස මත ඉටිපන්දම් දැල්වෙමින් තිබිණි.ප්‍රාදේශීය සභාවේ  විදුලි ජනක යන්ත්‍රය මගින් විදුලිය ලබාගෙන ප්‍රාදේශීය සභා රැස්වීමේ කටයුතු කරගෙන යනු ලැබීය.මද වේලාවකට පසු විදුලි බලය ලැබුණු අතර අක්මිමන ප්‍රාදේශීය සභා රැස්වීම සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්  අක්මීමන ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
විදුලි කප්පාදුවට එරෙහිව අක්මීමන ප්‍රා.සභා මන්ත්‍රීවරු ඉටිපන්දම් දල්වති
1
hp_train_1345
සිය පක්ෂ සාමාජිකත්ව අහිමි කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු තිදෙනෙක් එම පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු පක්ෂ බලධාරීන්ට එරෙහිව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් අද (22) ගොනු කළහ.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක දයාරත්න, දකුණු පළාත් සභා පද්මසිරි ද සිල්වා සහ වයඹ පළාත් සභා මන්ත්‍රී මල්හාමි රත්නායක ඔවුහුය.
ෆොන්සේකාට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලති
1
hp_train_1346
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/08/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33268550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව36278045ප්‍රධාන වශයෙන් වැසි රහිත.කොළඹ32278570වැසි ස්වල්පයක්.ගාල්ල30268580වැසි වාර කිහිපයක්.යාපනය34287565ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29239070වැසි ස්වල්පයක්.නුවරඑළිය171310080වැසි ස්වල්පයක්. උදෑසන මීදුම් සහිත.රත්නපුරය31259070වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය37278050ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම31279075ප්‍රධාන වශයෙන් වැසි රහිත. 
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1347
(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)විස්ස ගෙනත් කරගන්න බැරිවුණු පළාත් සභා මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කාන්තා අයිතීන් යොදාගත්තා යැයි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.රාජපක්ෂ මහතා මේ බව පැවසූයේ පෙරේදා (20) කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් රචිත කෘති දෙකක් එළි දැක්වීමේ උත්සවයට සහභාගී වෙමිනි. රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මෙහිදී එළිදක්වනු ලැබුවේ යළි එතැන් සිට (පරාජයේ අපරාජිත කතා) හා හත්වන පාර්ලිමේන්තුවේදී තමන් විසින් කළ කතා ඇතුළත්ව ලියන ලද මැතිසබේ කළ කතා යන කෘතීන් දෙකය.මෙම කෘතින්හි පිටපත් දෙකක් අබේගුණවර්ධන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා සිය මෑණියන් වූ මහමතී අබේගුණවර්ධන මහත්මිය වෙත පිළිගන්වනු ලැබූ අතර උත්සවයට සහභාගී වූ සෑම අයකුටම පිටපත බැගින් පිරිනමනු ලැබිණ.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.රෝහිත අද පොතක් එළදැක්වීමට අලූත් ආකෘතියක් හඳුන්වාදුන්නා. මේක අලූත් ඇරඹුමක් හැටියටයි මම දකින්නේ. රෝහිත දේශපාලනයට ආවේ අනූහතේදී. එදා ඔහු ආපු ගමන්ම ප‍්‍රාදේශීය සභාවේ සභාපති වුණා. ඒ කාලේ ඉඳන්ම ඔහු මාත් එක්ක හිතවත්. මම යන හැම තැනකම ඔහු සිටියා. ඒ නිසා බොහෝ දෙනා හිතුවා ඔහු මගේ පෞද්ගලික ආරක්ෂකයෙක් කියලා. කොටින්ම ගෝඨාභය පවා එහෙම හිතලා තිබුණා.මම ජනාධිපති ලෙස පත්වූ පසු බොහෝ දෙනා ඇමතිකම්වලට පොරකද්දී රෝහිත කිසි දෙයක් ඉල්ලූවේ නැහැ. මම ඇහුවා ඔයාට මොනවද  ඕන කියලා. එතුමා කිව්වේ මට ඔබතුමාගේ නියෝජ්‍ය ඇමතිකම දෙන්න කරන්නම් කියලයි. ඇමතිකමක් නෙවෙයි නියෝජ්‍ය ඇමතිකමක් තමයි ඉල්ලූවේ. ටික කාලයක් වැඩකරගෙන යනකොට තමයි මටත් තේරුණේ ඒක සේරටම වඩා බලගතුයි කියලා. ඔහුට නිදහසේ වැඩ කරන්න මම ඉඩදී තිබුණා.මම පහුගිය ජනාධිපතිවරණයෙන් පැරදිලා මැදමුලනට ගියේ දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමේ අදහසින්. නමුත් එදා සිටම ජනතාව මගේ නිවසට එන්න පටන් ගත්තා. ඒ හැම අවස්ථාවකම රෝහිතත් ආවා. අන්තිමට ඔවුන් මාව නැවත දේශපාලනයට අරන් ආවා.මම ජනාධිපති ලෙස හිටිය කාලෙට වඩා ජයග‍්‍රහණ ලබමින් ඉදිරියට ගිය කාලයට වඩා විශාල අත්දැකීමක් පරාජයට පත්වී ගෙවී ගිය පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ලැබුවා. බලය තිබෙන කාලයේ සිටින යාලූ මිත‍්‍රාදීන්ගෙන් සැබෑ යාලූවෝ, පරාජයේදීත් ළග ඉන්න යාලූවෝ අඳුනගන්න ලැබුණා. පැරදුණාම, බලය නැති වුණාම අපිව දාලා යන අය හඳුනගන්න ලැබුණා. එදා මාව මහරජාණෝ කියලා හඳුන්වාදීපු අයම අද මාව ඒකාධිපතියා කියලා හඳුන්වා දෙනවා. ජයග‍්‍රහණයේදී වගේම පරාජයේදීත් මගේ ළඟින්ම හිටිය මිතුරෙක් තමයි රෝහිත.සදාකාලිකව බලයේ ඉන්න බැහැ. බලයේ ඉන්නකොට අපි පරෙස්සම් විය යුතු දේවල් තිබුණා. කළ යුතු දේ නොකළ යුතු දේ තිබුණා. අද මගේ පවුලේ අයට, මගේ වටේ ඉන්න අයට නොයෙකුත් නඩුහබවලට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා. යළි එතැන් සිට ඔබේ කෘතිය අද එළි දැක්වූවා. මෙහි ඊළග කොටස අද සිට ඔබට ලියන්න තිබෙන්නේ අඳුරු කතාවක්.මේ ආණ්ඩුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය උදුරගෙන මැතිවරණ කල්දානවා. පළාත් පාලන මැතිවරණ වසර ගණනාවක් තිස්සේ කල්දමමින් ඉන්නවා. දැන් පළාත් සභා මැතිවරණත් කල්දාන්න යනවා. විස්ස ගෙනත් මේක කල්දාන්න හැදුවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ නියෝග නිසා ඒක කරගන්න බැරි වුණා. දැන් කාන්තාවන්ට තැනක් දෙන්න කියලා නැවත කල්දාන්න අවශ්‍ය තත්ත්වයක් හදාගෙන. ඔවුන් කියන්නේ නම් ජනමතයට බයට මැතිවරණය කල්දානවා නෙවෙයි කාන්තාවන්ට වැඩි නියෝජනයක් ලැබෙන මැතිවරණ ක‍්‍රමයක් ඇති කරන්න මෙසේ කරන බවයි.මේ ආණ්ඩුව ජනතාවට කියන්නේ එකක්. කරන්නේ තවත් එකක්. පිණ්ඩපාතේ වැඩම කළ අපේ මහාසංඝරත්නයට කිසියම් පිරිසක් හොට් ඩෝග් දාලා තිබුණා. දානේ දීමේ අදහසින් කළා නම් ඇයි වෙන දෙයක් තිබුණෙම නැද්ද දානෙට දෙන්න. හොට් ඩෝග් කියන්නේ මොනවද කියලා ඔබ දන්නවා. මේවා දුන්නේ මේ දීපු අයගේ වුවමනාවට නෙවෙයි. ඒ අයව මෙහෙයවපු අයගේ වුවමනාවටයි. මේක මේ රටේ නායකයාගේ වුවමනාවයි. මේක අපේ භික්ෂූන් වහන්සේලාට කරපු අපහාසයක්. අපි කිසිම දවසක අපේ ආගමික නායකයින්ට නෙවෙයි අඩුම තරමින් අන්‍යාගමික පූජකවරයෙකුටවත් අපහාසයක් වන කිසිම දෙයක් කරලා නැහැ. එවැනි දේ වෙන කෙනෙක් කළත් මම අනුමත කරන්නෙත් නැහැ.හෙට රෝහිතගේ උපන් දිනය. ඔහු වයස කිව්වේ දිනවලින් නිසා මම දැනගත්තත් කියන්න යන්නේ නැහැ. මට නම් පේන්නේ ඔහු අපේ නාමල්ගේ වයසේ වගෙයි. ඔබ හැම විටම පක්ෂය සමග හිටපු අවංක දේශපාලකයෙක්. ජනතා විශ්වාසය දිනාගන ඉදිරි ගමනක් යන්න ඔබට වාසනාව ලැබේවා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවසීය.2015 ජනවාරි 09වැනිදා කියන්නේ මුළු රටම අඳුරු කළ දිනයයි. අද වන විට මේ අඳුරු කාලයට වසර දෙකකුත් මාස අටයි දින එකොළහක් ගත වෙලා. මේ පරාජිත කාලය තුළ ලැබු නොයෙක් අත්දැකීම් මම යළි එතැන් සිට කෘතියේ සඳහන්කර තිබෙනවා. මේක බොහොම තිත්ත කතාවක්. තිත්ත වුණත් මම කියලා තිබෙන්නේ ඇත්ත. මේ අත්දැකීම්වලින් ලද දැනුම ලෝකයේ කිසිම විශ්වවිද්‍යාලයකින් ලබන්න බැහැ. හතුරා කවුද? මිතුරා කවුද? බලය තිබෙන විට, මුදල් තිබෙන විට ළංවන අය කවුද? ඒවා නැතිවෙන කොට ඈත්වන අය කවුද කියලා හඳුනාගන්න මේ කාලය විශාල පාඩමක් වුණා.මම මහින්ද රාජපක්ෂ මහතා හඳුනාගත්තේ එතුමා කම්කරු ඇමති හැටියට හිටපු කාලයේදියි. ඊට පස්සේ එතුමා විපක්ෂ නායක වුණා. අගමැති වුණා. පස්සේ ජනාධිපති වුණා. අවුරුදු දහයක් ජනාධිපති හැටියට මේ රටට විශාල මෙහෙවරක් කළා. රට එක්සේසත් කළා. නමුත් ඒ හැම අවස්ථාවකම හිටපු මහින්ද රාජපක්ෂට වඩා පරාජයට පත්වූ පසු අද ඉන්න මහින්ද රාජපක්ෂ බලවත් කියලයි මට හිතෙන්නේ. බලය තිබෙනකොට සියලූ දේ කරන්න පුළුවන් කියලා හිතෙනවා. නමුත් බලය නැති කාලෙත් වැටෙන්නේ නැතිවෙන කොට, අභියෝග එනකොට ඒවාට ශක්තිමත්ව මුහුණ දෙන්නේ  කොහොමද කියලා එතුමා අපිට පෙන්වා දුන්නා.බලය තිබෙන කාලයේ අපේ ගෙදරට සෙනග අඩුවක් තිබුණේ නැහැ. ඒත් බලය නැති වුණාම ගෙදරට එන ප‍්‍රමාණය අඩුවුණා. අපි සමහරුන්ට කතා කරලා ඇහුවාම ගෙදරට ගොඩවෙලා යන්න එනවාද කියලා, ඔවුන් ගිහින් එන්නම් කියලා යනවා. එහෙම කියපු සමහරු දැන් නැවත අපේ ළගට කිට්ටු වෙමින් සිටිනවා. මේ ආණ්ඩුවේ තරම දැන් ඔවුන්ට වැටහී ඇති බවයි පේන්නේ.බුදුහාමුදුරුවොත් තමන්ට බුදු වෙන්න සෙවන දුන් බෝධියට කෙළෙහි ගුණ දක්වූවා කියලා මම අහලා තිබෙනවා. මේ රටේ ජනතාව වසර දෙහසකටත් පෙර මේ රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා ගැන සිහිපත් කරන, කවදාවත් දැකලාවක් නැති එතුමාට ගරු කරන අපේ රටේ මිනිසුන්ට අවුරුදු හත අටකට කලින් මේ රටේ යුද්ධය අවසන් කර රට එක්සේසත් කළ, අපිට දකින්න තවමත් ඉන්න, මහින්ද රාජපක්ෂ මහතාව අමතක වුණා. එවැනි රටකයි අපිට ජීවත් වෙන්න සිදුවී තිබෙන්නේ.මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.රෝහිත අබේගුණවර්ධන මහතා ගමේ පොදු කටයුතුවල හිටපු ගමේ නායකයෙක්. එදා මගේ පියා ජනාධිපති ලෙස පත්වූ පසු හැමෝම ඇමතිකම්වලට පොරකද්දී එතුමා ඇමතිකමක් වෙනුවට රටට සේවය කරන්න නියෝජ්‍ය ඇමතිකමක් විතරයි ඉල්ලා සිටියේ. තනතුරු බලාගෙනම වැඩ කළ කෙනෙක් නෙවෙයි. ඒ වගේම හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් ඔහු පසුබැස්සේ නැහැ. වර්තමාන රාජ්‍ය නායකයා තමන්ගේ රටත් ජාතියත් ජාත්‍යන්තරය හමුවේ පාවා දෙද්දී, මැතිවරණ සිතියම අකුලා දමමින් සිටියදී, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පසෙකලා වෙනම සංශෝධන ගෙනත් පළාත් සභා මැතිවරණය කල්දමන්න කටයුතු කළ දිනයක් හැටියට අද දවස ඉතිහාස ගත වෙනවා.මෙහිදී ආර්ථික විශ්ලේෂක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාද අදහස් දැක්වූ අතර රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය, පියාගේ ගුණ කථනයක් සිදුකළේය. මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරු රැසක්ද, කලාකරුවෝ හා පාක්ෂිකයෝ විශාල පිරිසක්ද එක්ව සිටියහ.
එදා මට මහරජාණෝ කියූ අය අද ඒකාධිපතියා කියනවා
1
hp_train_1348
(මනෝප්‍රිය ගුණසේකර)හෙරොයින් ග්‍රෑම් 3.47 ක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (21) නියම කළේය.විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අරුණ ශාන්ත පතිනායක නමැත්තාටය.2012 අගොස්තු  21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 3.47 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම්කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂ  ඒ. මධුර මහතාට ලැබුණු තොරතුරකට අනුව බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ යෙදී සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.විත්තිකරුට එරෙහිව නඟා ඇති සියළු චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති හෙයින් එම චෝදනාවන්ට ඔහු වරදකරු බව තීරණය කළ විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවමක්  නියම කළේය. 
හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට ජිවිතාන්තය දක්වා සිරදඬුවම්
0
hp_train_1349
(දිලීප් ජයසේකර) කතරගම නාගහවිදියේ රක්ෂිත ප්‍රදේශයේ දඩයමේ ගිය පුද්ගලයන් පස්දෙනෙකු ගිනි අවි සමඟ අද(08) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීහු පවසති. අත්අඩංගුවට ගෙන  ඇති පිරිස කතරගම නාගහවිදිය හා ගෝතමීගම පදිංචි 55, 30, 35, 35 හා 24 වයස්වල පසුවන්නෝය. තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ලක්සිරි ගිතාල් මහතා ලද තොරතුරකට මෙම වැටලීම කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී කතරගම අවට පවතින හෝටල්වලින් මේ දිනවල දඩමස් සඳහා දැඩි ඉල්ලුමක් පවතින බැවින් දඩයමේ යෙදුණු බව පවසා ඇත. මෙම සැකකරුවන් පස්දෙනා මීට පෙරද දඩයමේ යමින් සිටියදී අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගෙන ඇති පුද්ගලයින් බවද පොලිසිය පවසයි. සැකකරුවන් කතරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කතරගම වැටලීමකින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
0
hp_train_1350
(ඩී.කේ.රත්න)හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14)  සභා සම්මත විය.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක්  ද විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් අරුණ රංජන මහතා සභා ගැබේ නොසිටියේය.හපුතලේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු හතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පහක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හතකගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතය.
ත්‍රිකුණාමලය නගර සභාවේ අයවැය සම්මතයි
0
hp_train_1351
(ඉන්දිකා රාමනායක)ගෝනාපීනුවල මංසන්ධියේ යතුරු පැදියක් සහ පාපැදියක් අනතුර ලක් වීමෙන් පසු ඇති වු සිද්ධියකදී ටී 56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තබා යතුරුපැදියෙන් පළා ගිය සැකකරුවන් තිදෙනකු ගාල්ල දඩල්ල හා දංගෙදර යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (2) අත්අඩංගුවට ගනු ලැබීය.සැකකරුවන්ගෙන් හෙළි වු තොරතු අනුව සිද්ධියට අදාල ටී 56 ගිනි අවිය, යතුරු පැදිය, පතරොම් 45 ක්, මැගසින් දෙකක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මාර්ග කියයි.මෙම ගිනි අවිය සමග යතුරු පැදියෙන් ගමන් ගත් ප්‍රධාන සැකකරු දැනට ප්‍රදේශයේ පලාගොස් ඇති බවත්, මෙම සැකකරුවන් සියලු දෙනා දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සමාජිකයන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.දැනට සැඟව සිටින ප්‍රධාන සැකකරු කිසියම් පුද්ගලයකු ඝාතනය කිරීම සදහා ටී 56 ගිනි අවිය බෑගයක දමාගෙන මෙලෙස ගමන් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරයි.   
ගෝනාපීනුවල වෙඩි තැබීමේ සිද්ධියට තුනක් මාට්ටු
1
hp_train_1352
(ජේ.කේ.එල්. චාමින්ද)අක්මීමන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් විවිධ වැකි ලියු පොස්ටර් ප්‍රදර්ශනය කරමින්  අද (17) පැවති  අක්මිමන ප්‍රාදේශීය සභා රැස්වීමට පැමිණියහ.මහා සංඝරත්නයට අපහාස වන අයුරින් රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා කළ ප්‍රකාශයට හා සමෘද්ධි සහනාධාර ලබාදීමේ  ක්‍රමවේදයේ අක්‍රමිකතා ඇති බව පවසමින් මන්ත්‍රීවරු මෙලෙස සභා ගැබට පැමිණ සිටියහ.ප්‍රාදේශීය සභා රැස්වීම සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
විදුලි කප්පාදුවට එරෙහිව අක්මීමන ප්‍රා.සභා මන්ත්‍රීවරු ඉටිපන්දම් දල්වති
0
hp_train_1353
‘‘විවේචනය කිරීමෙන්, අවලාද කිරීමෙන් තමන් ජනතාව වෙනුවෙන් කරන සටන නතර කිරීමට දේශපාලන කුහකයන්ට සහ ඩීල් කාරයන්ට හැකියාව නැතැයි සමගි ජන බලවේගය නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දඹුල්ලේදී පැවසීය.රාජපක්ෂ ආණ්ඩුව යටතේ ජනතාව අසරණකාරී, පීඩාකාරී තත්ත්වයට ගොදුරුව ඇති බවත්, අගෝස්තු පස්වැනිදායින් පසු මේ තත්වය වෙනස් කිරීමට තමන් ඇතුළු සමගි ජන බලවේගය කැපවන බව ද  සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය දඹුල්ලේදී සංවිධානය කළ ජන හමුවට එක්වෙමිනිවැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.   “ අපි මැතිවරණය ජයග්‍රහණය කරනවා. දුරකථනයට විශිෂ්ට ජයක් ලැබෙනවා. ඒ එක්කම ඊළඟට පළාත් සභා මැතිවරණයත් එනවා.   අප වෙනුවෙන් කැපවෙන සියලුදෙනා ජයග්‍රහණය කරවීමට අපේ උපරිම දායකත්වය දෙන්නත් කටයුතු කරනවා.   කැප කිරීම් කරන නියෝජිතයන් බලාගන්නවා වගේම, ඉදිරියේදී අපේ ප්‍රමුඛස්ථානය ලැබෙන්නෙත් අද දුක් විඳිමින් අපත් එක්ක එකට එකතුවෙලා කැපවෙන අයට කියා මා කියන්න කැමැතියි. ඒ නිසා දැනටමත් එකතු වුණේ නැති අයගෙන් මා ඉල්ලීමක් කරනවා. දැන්ම අපත් එක්ක එකතු වෙන්න කියා. මොකද, පස් වැනිදායින් පසුව එකතු වෙන අයට වඩා දැන් එකතුවෙන අය විශේෂයි.රටක් හැටියට අද අපි සියලු දෙනාම ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකට මුහුණදීලා අද වෙනවිට රටේ ආර්ථිකය මට්ටම ඉතාම පහළට ඇද වැටිලා. රටේ සාමාන්‍ය ජනතාව ඉතාමත්ම අසරණකාරී - පීඩාකාරී තත්ත්වයකට ගොදුරුවෙලා.වර්තමාන ආණ්ඩුව කොරෝනා ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳුවායි සමහරුන් හිතාගෙන හිටියා. කොරෝනා දිනූ අපේ ආණ්ඩුවට සුබ පැතුම් කියා සමහර තැන්වල පොහොට්ටු අපේක්ෂකයෝ පෝස්ටර් ගැහුවා.  කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් විනාශ වුණානම් කොහොමද  දෙවැනි රැල්ලක් ආවේ? දෙවැනි රැල්ල ආවම තුන්වැනි හතරවැනි රැල්ලකුත් එන්න පුළුවනි.  කොරෝනා වසංගතය විනාශ කළා කියන්නේ දෙවැනි, තුන්වැනි  රැලිත්  එක්ක ද කියා මා පොහොට්ටුවේ සාමාජිකයන්ගෙන් අහන්න කැමැතියි. පහුගිය දවස්වල කොරෝනා ව්‍යසනය උග්‍ර වෙනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙච්ච දේ මතක ඇති.එක පැත්තකින් ගොවියන් අනාථ වෙනවිට තව පැත්තකින් සුළු වෙළෙන්දන් පාඩු පිට පාඩු ලබනවිට මේ ප්‍රදේශවල පොහොට්ටු දේශපාලන හෙංචයියන් ගජරාමෙට තමන්ගේ බිස්නස් කරගෙන ගියා.රට පුරා සමහර පොහොට්ටු අය කළුකඩ කළා. අප බලයට පත්වූ වහාම ඒවා පිළිබඳ පරීක්ෂණ කරනවා. වැඩ බැරි ආණ්ඩුව රටත් නන්නත්තාර කරලා. ජනතාවත් නන්නත්තාර කරලා. අප ජයග්‍රහණය කළාට පසු ජනතාවට කඩිනමින් සහන රැසක් දෙන්න සූදානම්.පළමු සහනය තෙල් මිල අඩු කිරීමයි. අද වෙනවිට බොරතෙල් මිල පතුළටම වැටිලා. නමුත් මේ ආණ්ඩුව ඒ සහනය ජනතාවට දෙන්නෙ නෑ.  තෙල්වලින් ලාභ පිට ලාභ ලබනවා.අප පැය විසි හතරක් තුළ වහාම තෙල් මිල පහළ දානවා. ලෝකයම පිළිගත්ත ක්‍රමවේදය ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් ජනතාව අතට මුදල් දීමයි. එහෙම මුදල් දුන්නම ඒ ජනතාව පරිභෝජනය කරනවා, ආයෝජනය කරනවා. ඉතිරි කරනවා. ඒ තුළින් ආර්ථිකය ඉහළට එනවා. මේක තමයි, ලෝකයම පිළිගත් ක්‍රමවේදය වන්නේ.  ජන සමාජය තුළ ජීවත්වෙන අන්ත අසරණ ජනතාව, එදිනෙදා කුලී වැඩකරන ජනතාව, සාමාන්‍ය ස්වයං රැකියා කරන ජනතාව මේ වගේ සමාජයේ පහළ පීඩිත ජනතාව අගාධයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් අප බලයට පත් වූ වහාම රුපියල් විසි දහස බැගින් මාසෙකට දෙන බවට සහතික වෙන්න කැමැතියි.එහෙම දෙන්න සල්ලි කෝ කියා දේශපාලන කුහකයන් අහනවා. දෙපැත්ත පත්තුවෙන විලක්කුවක් වගේ තිබිච්ච රට භාර ගත්ත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා පාසල් දරුවන් හතළිස් තුන් ලක්ෂයකට නොමිලේ දිවා ආහාරය දුන්නා. නොමිලේ නිල ඇඳුම් දුන්නා. රට පුරා ඇඟලුම් ශාලා ආරම්භ කර දහස් ගණන් රැකියා අවස්ථා උදාකර දුන්නා.ගම්උදාව නිර්මාණය කර ආර්ථික නවෝදයක් ගෙනත් දුන්නා. ජනාධිපති ජංගම සේවය රට පුරා තියා විශාල වැඩ කොටසක් කළා. මුළු රට පුරාම ගෙවල් හැදුවා. එහෙම කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දෙපැත්ත ගිනි ගත්ත රටකයි. ඒ තරම් විශාල වැඩ කොටසක් කරන්න එතුමාට පුළුවන් වුණා නම් එතුමාගේ පුතා වෙච්ච සජිත් ප්‍රේමදාසට රටේ පීඩිත ජනතාව වෙනුවෙන් රුපියල් විසි දාහක් දෙන්න බැරිද කියා මා අහනවා.අනිවාර් යෙන්ම දිනා මා ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවනවා. එහෙම පිහිටුවන ආණ්ඩුව යටතේ ඔබව හමුවෙන්න එනවාපහුගිය දවස්වල පොල් ගෙඩි අකුරෙන් පත්තරවල හෙඩ්ලයින් ගැහුවා සියයට 4 සහන ණය ජනතාවට දෙනවා කියලා. මුළු රටම  ජනතාවට ඒ සහනය ලැබෙයි කියා සිතුවා.  ඔය කියන සහනය ලැබුණු අය ඉන්නවද? ඒ වගේම මාර්තු, අප්‍රේල් විදුලි බිල කපනවා කීවා. එහෙම කපලද?. අප මේවා කියනවිට ආණ්ඩුව අවලාද නඟනවා. චෝදනා කරනවා. ආණ්ඩුවේ ඩීල්කාරයන් කලබල වෙනවා. අවලාද - චෝදනා මොනතරම් නැඟුවත් ජනතාව වෙනුවෙන් කරන මෙහෙවර නතර කරන්නේ නැතැයිද ඔහු පැවසීය.මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත අලුවිහාරේ සහ රංජිත් අලුවිහාරේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.(*** නිමල කොඩිතුවක්කු සහ *** දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
‘මා කරන සටන නවත්වන්න දේශපාලන කුහකයන්ට බෑ‘
1
hp_train_1354
(උණවටුන ඩී.ජී. සුගතපාල)රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීම බවත්, ගමේ පාසලට සියලූ සම්පත් ලබා දීම සඳහා අධ්‍යාපනයට විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බද්දේගමදී සෙනසුරාදා (01) ප‍්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ සිවයස් සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි. සියවස් සැමරුමවට සමගාමීව ඉදි කරන ලද නව තාක්ෂණ පීඨය හා ප‍්‍රදර්ශනය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි. එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.”නගරයේ තියෙන හොඳම පාසල කියන දෙමව්පියන් තුළ මිථ්‍යාව මේ තරගකාරීත්වයට හේතු වෙලා තියෙනවා. පාසල් පිළිබඳ තරගකාරීත්වයේ මිථ්‍යාව අපි ඉවත් කරගත යුතු වෙනවා. ඇතැම් වෙලාවට ජනප‍්‍රිය යැයි කියන පාසලට වඩා ගමේ පාසලෙ හොඳින් අධ්‍යාපන කටයුතු කරන බව නම් අපි දන්නවා.බොහෝ වේලාවට ලොකු නමක් තියෙන ජනප‍්‍රියයැයි කියන පාසල්වලට වඩා ග‍්‍රාමීය පාසල්වල අධ්‍යාපන කටයුතු වඩා විධිමත්ව කරන බව අපට ලැබෙන තොරතුරු වාර්තා අනුව කියන්න පුළුවන්. ඇයි මේ තරගකාරීත්වය අපි තේරුම් නොගන්නේ. අපේ රටේ පාර්ලිමේන්තුවට පත් වෙන්න මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් වූ ගමන්ම ගොඩක් අය කරන්නේ ගමේ පාසලට ගිය තමන්ගේ දරුවන් කොළඹ පාසලකට දාගන්න එක තමයි. එය සාමාන්‍ය දෙයක් හා සම්ප‍්‍රදායක් බවට පත් වෙලා තියෙනවා.අසූනවය වර්ෂයේ මුල් වරට පාර්ලිමේන්තුවට පත් වනවිට මට දියණියන් දෙදෙනකු හිටියා. මගේ දුවලා දෙන්නා ඒ වනවිට අධ්‍යාපනය ලැබුවේ මගේ දෙමවුපියන්ගේ ගම් ප‍්‍රදේශය වන ගම්පහ ප‍්‍රදේශයේ ජනප‍්‍රිය යැයි කියන පාසලක. අසූනවයේ පාර්ලිමේන්තුවට පත් වූ වහාම මා දරුවන් දෙදෙනා ඒ පාසලෙන් අස් කරගෙන විත් පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට දැම්මා. ඒක තමයි මගේ ප‍්‍රතිපත්තිය. ඒ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබුණා. මා ඒ අයට කීවේ මම පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට ඒ කාලයේ ගිහින් මන්ත‍්‍රීවරයකු වූවා නම් ඇයි දරුවනේ අධ්‍යාපනය වඩාත් හොඳ තත්ත්වයක් ඇති කර ගන්න මා ගිය පාසලට යන්න බැරි කියලා.බද්දේගමට පැමිණන හැම අවස්ථාවකදීම මට මතක් වෙන්නේ මීට වසර තිස් තුනකට පෙර ඉතිහාසයක්. අමරසිරි දොඩංගොඩ මහතාගේ අතුරු මැතිවරණයේදී මා බද්දේගමට ඇවිත් ගෙයින් ගෙට ගියා. ඒ විතරක් නෙමෙයි, අක්මීමන අතුරු මැතිවරණයේදීත් මා රිචඞ් පතිරණ මහතා වෙනුවෙන් ඇවිත් මාස එක හමාරක් පමණ බද්දේගම අකමීමන මැතිවරණ කොට්ඨාසවල නතර වී ගෙයින් ගෙට ගියා. සියවසක් පිරෙන ඔබ පාසලේ ගමන් මඟ හා කීර්තිමත් ඉතිහාසය පිළිබඳ විදුහල්පතිතුමා කරුණු පැහැදිලි කළා. මීට වසර සියයකට පෙර මේ පාසල් භූමිය කෙසේ තිබෙන්නට ඇත්ද? එදා හා අද දවසේ බද්දේගමත් මේ ගමත් ගාලූ දිස්ත‍්‍රික්කයත් මේ රටත්, ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික හා සමාජීය වශයෙන් හා දේශපාලන වශයෙන් මොන තරම් වෙනස්වීම්වලට භාජනය වී ඇත්ද?එක් දහස් නවසිය දාහත කියලා කියන්නේ යටත් විජිතයක් වශයෙන් ඉංග‍්‍රීසීන් විසින් මේ රට පාලනය කරපු කාලය. වසර සියයක් ගත වනවිට මේ රටේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් හා නිදහස් අධ්‍යාපනයක් සමග අපේ රටේ විවිධ වෙනස්කම් රාශියක් ඇති වෙලා තියෙනවා. යටත් විජිත යුගයේ පිරිවෙන් අධ්‍යාපනය මුල් කර ගත් දේශීය පාසල්වල තිබුණු තත්ත්වය ඒ දුන්නු තරගකාරීත්වය, මිෂනාරි අධ්‍යාපනය තුළ වඩාත් මේ රටේ උගතුන් බිහි කරන්න ශක්තියක් ඇති වුණා. ඒ ඉතිහාසය තුළ අධ්‍යාපනයේ එදා මෙදා වෙනස්කම් ගත් විට අපට අද නව ලෝකයත් සමග අධිතාක්ෂණික යුගයේ මේ දරුවන්ට වඩා යහපත් අනාගතයක් සඳහා අභියෝගාත්මක අනාගතයක් සඳහා අපේ දරුවන් සූදානම් කළ යුතු වෙනවා.ගෙවුණු සියවසට වඩා එළඹෙණ සියවස සෑම අයුරින්ම ඔබටත් මටත් සියලූ දෙනාටම අභියෝගාත්මකයි. ඒ අභියෝගාත්මක වූ නව තාක්ෂණික ලෝකය ජයග‍්‍රහණය කරන්නට ගුරු මෑණිවරුන්, පියවරුන්, දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්, දෙමවුපියන්, ආගමික පූජකතුමන්ලා ඇතුළු සියලූ දෙනාම කැප වී සිටිනවා. දරුවන්ගේ සුන්දර ලෝකය දරුවන්ගේ අභිමානය, දරුවන්ගේ බලාපොරාත්තු ඒ ප‍්‍රාර්ථනා ඉෂ්ට කිරීමට ඇප කැප වී සිටිනවා. දරුවා පාසල් අධ්‍යාපනය ලබා වඩා හොඳ සහතික ලබාගෙන විභාග ප‍්‍රතිඵල පෙන්වලා විභාගයෙන් හොඳ සමතුන් වෙනවා වගේම මම හැමවිටම හැම තැනම කියන දේ තමයි අද අපේ රටේ දරුවන්ට සුරක්ෂිත ස්ථානය තමයි පාසල කියලා.පාසල තුළ දරුවන්ට යම් යම් කරදර පිළිබඳ වාර්තා වන්නේ ඉතාමත් කලාතුරකින්. මේ රටේ ලක්ෂ හතළිහකට අධික දරු පිරිසක් පාසල්වල ඉගෙන ගන්නවා. ඊයේ සන්ධ්‍යාවේ දකින්නට ඇති සිඟිත්තෙක් සරුංගල් අරින්න ගිහින් ළිඳකට වැටිලා මිය ගියා. පසුගිය කාලයේ මාධ්‍යවල වාර්තා වුණා තරුණ වයසේ දරුවන් මෙන්ම කුඩා වයසේ දරුවන් ජංගම දුරකතනයත් එක්ක කර ගන්නා වූ බොහෝ විනාශකාරී දේවල්. සෙල්ෆි ඡායාරූප ගන්න ගිහින් පසුගිය සති කිහිපය තුළ ජීවිත කීයක් විනාශ වූවා ද කියන කාරණාව දන්නවා. අපේ රටේ දරුවන්ට පාසල්වල පැය පහේ තියන ආරක්ෂාව දෙමවුපියන් සමග සිටින කාලය තුළ නොමැති බව ඉතා පැහැදිලිව පේන කාරණයක්.බොහෝ දරුවන් පිළිබඳ ඇති වන ප‍්‍රශ්න හා ගැටලූවලදී දරුවන් අපචාරයට ලක්වීම, හදිසි අනතුරුවලින් සිදුවන කරදර විපත්තිදායක තත්ත්වයන් සමාජයේ අනවශ්‍ය පුද්ගලයන් සමග එකතු වීම මෙවැනි කරුණු සියල්ලම සිදු වන්නේ දරුවා පිළිබඳ ආරක්ෂාව හා වගකීම දෙමව්පියන් සතුව තියෙන කාල සීමාව තුළයි කියන එක ආදරණීය දෙමව්පියන් අමතක කරන්න එපා.අද දරුවන්ගේ අධ්‍යාපනයට තියෙන තරගකාරීත්වය වගේම, ජීවත් වීම සඳහා ජනතාවට තරගකාරීත්වයක් තියෙනවා. ජීවත් වීම පිළිබඳ සටන නිසා එහිදී ප‍්‍රධාන වශයෙන් දෙමව්පියන්ට දරුවන්ව අමතක වන වෙලාවල් තියෙනවා. එක් පැත්තකින් එය සාධාරණ වෙන්න පුළුවන්. තිබෙන ජීවන සටන හා ජීවන අමාරුකම් නිසා ඒ අමාරුකම් තිබෙන පිරිස වගේම ජීවත් වීම පිළිබඳ දැඩි ආර්ථික ප‍්‍රශ්න නොමැති දෙමවුපියන් අවශ්‍ය සම්පත්, ධනය හා ඒ පිළිබඳ තියෙන තරගකාරීත්වය තුළ මනස වැඩ කරන්නේ එකම දිශාවකටයි. මේ නිසා දරුවන් පිළිබඳ තියෙන අවධානය අඩු වෙනවා. ඒ නිසා දරුවන් පිළිබඳ දෙමවුපියන්ගේ වගකීම මීට වඩා අත්‍යවශ්‍ය බව කිව යුතු වෙනවා.අපි රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමට වගේම, තරගකාරීත්වයට තියෙන හොඳම විසඳුම ලෙස ගමේ තියෙන පාසල සියලූ සම්පත්වලින් සම්පූර්ණ කිරීමට අධ්‍යාපනයට විශාල වශයෙන් මුදල් වෙන් කළේ. චන්දිමා රාසපුත‍්‍ර ඇමැතිතුමා කීවා මුදල් ප‍්‍රතිපාදන අඩුවෙන් ලැබීම ගැන. නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමැතිතුමා හා බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත‍්‍රීතුමා මේ පාසලේ තියෙන අඩුපාඩුකම් ගැන හා ප‍්‍රදේශයේ තියෙන අඩු පාඩු ගැන සඳහන් කළා. ඒ අයට මා කීවේ පාසලේ ගොඩනැගිල්ල හා පිට්ටනිය ගැන අවශ්‍ය සැලසුම් හදලා දෙන්න මුදල් ප‍්‍රතිපාදන වෙන් කරලා දෙන්න පුළුවන් කියලා.බද්දේගම නගරයේ විධිමත් භාවය අලංකාර පිළිබඳ පරිසර සංරක්ෂණය මීට වඩා සැලසුම් සහගත අවශ්‍යතාව ගැන මා මතක් කළා. අධ්‍යාපනයට තියෙන තරගකාරීත්වය වගේම ප‍්‍රාදේශීය සංවර්ධනයට තියෙන තරගාරීත්වය අපි හැම විටම තේරුම් ගන්න  ඕන.සෑම පාසලකම විදුලහල්පතිවරුන් වගේම ගුරුවරු ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ආචාර්ය මණඩලය කැප වෙනවා. දරුවන්ට අධ්‍යාපනය දීමේදී රාජකාරි සීමාවෙන් එහාට ගිහින් තමයි ඒ අය කැපවෙන්නේ. එය වැටුපට කරන දෙයක් නෙවෙයි. වැටුපට නම් බොහේ සීමාවන් තියෙනවා. යහපත් පුරවැසියන් බිහි කරන්න, හොඳ රටක් හදන්න  ඕන නිසා තමයි ඒ අය මේ විදිහට තම වගකීමක් හා යුතුකමක් කියලා හිතාගෙන වැඩ කරන්නේ. රජයක් විදියට මේ රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරිමට අප කටයුතු කරන්වා.”වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා”මාසයක් තිස්සේ මෙම උත්සවයට සූදානම් වුණා. නමුත් පසුගියදා ඇති වූ ගංවතුර නිසා ප‍්‍රමාද වුණා. බද්දේගම ළමයි ජාතික පාසල්වලට දාගන්න මගේ ළඟට එන්නේ නැහැ. මහජන හමුවීම් දිනවල ළමයි දාගන්න පෝලිමේ එනවා අඩුයි. විදුහල්පතිතුමා ඒ තත්ත්වයට වැඩ කරලා.අද කුම්මේ පිට්ටනිය ළඟට ජනතාව ඇවිල්ල හිටිය ජනාධිපතිතුමාට ආචාර කරන්න. මහින්ද මහත්තයටත් එහෙමයි. හැබැයි අද ඊට වඩා ජනතාව ඇවිල්ලා හිටියා ජනධිපතිතුමාට ආචාර කරන්න. බද්දේගමට නගර සැලසුමක් හදලා දීර්ඝ කාලයක් වෙනවා කරන්න බැරි වුණා. ආණ්ඩු මාරු වුණා. නමුත් ජනාධිපතිතුමා කිව්ව හදමු කියලා.”ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා”මේ පාසල මිෂනාරි යුගයේ ආරම්භ කරපු පාසලක්. අද වනවිට විදුහලේ චෙස්, කබඩි, කරාටේ ආදිය තිබෙනවා. විදුහලට ප‍්‍රමාණවත් රැස්වීම් ශාලාවක් නැහැ. ඒ නිසා ප‍්‍රමාණවත් රැස්වීම් ශාලාවක් ලබා දෙන්න. ඒ වගේම බද්දේගම ක‍්‍රීඩාංගණයට ගෘහස්ථ ක‍්‍රීඩාංගණයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. ”දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිමා රාසපුත‍්‍ර මහතා ද කතා කළේය.  විදුහල්පති ඉන්ද්‍රිජිත් ප‍්‍රීයන්ත මහතා පිළිගැනීමේ කතාව කළේය.(ජායාරූප  - ජනාධිපති මාධ්‍ය අංශය)
’රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමයි’
1
hp_train_1355
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )මිල පහත වැටිමෙන් කල්පිටිය අර්ධද්විපයේ රතු ළුණු  වගාකරුවන් තමන් වගාවට වැය කල මුදල පවා උපයා ගැනිමට නොහැකි තත්වයක් මතුව ඇති බව කියයි.මෙවර කල්පිටිය අර්ධද්විපයේ තලවිල ,පුලච්චේන, දළුව ,මාම්පුරිය , කන්දකුලිය , ඒත්තාල, පනිඅඩිය , ඇතුළු ප්‍රදේශ රැසක අක්කර 6000 ක් පමන රතු ළුණු වගා කර ඇති බව වගාකරුවන් කියයි. මෙම කාලය කල්පිටියේ රතු ළුණු අස්වැන්න නෙළන කාලය වන බවත්  එසේ අස්වැන්න වෙළද පොලට එමින් සිටියදී මේ වන විට කිලෝව රුපියල් 120 සිට 140 දක්වා පහත මිලකට වැටිමත් සමග තමන් වගාවට වැය කල ලක්ෂ ගනනක් මුදල පියවා ගැනිමට පවා නොහැකි තත්වයක් මතුව ඇති බව කියයි. කල්පිටිය පුත්තලම දිස්ත්‍රික්කයේ සුවිශේෂ භු විෂමතාවයකට මැදිවු ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයක් වන අතර ග්‍රාම නිළධාරි බල ප්‍රදේශ 31 කින් සමන්විත වෙයි .ගොවි පවුල් 7500 කින් සමන්විත මෙම කලාපයේ ගොවින් 22048 ක් වගා කටයුතු වන නිරත අතර වියළි දේශගුණයකට හිමිකම් කියන කලාපයකි. ශ්‍රී ලංකාවේ එළවළු අවශ්‍යතාවයෙන් 30%  කට වඩා වැඩි දායකත්වයක් දක්වන පසුබිමක රතු ළුණු ද එහි ප්‍රමුඛත්වයක් ගනි.මේ නොරෝච්චෝල  ප්‍රදේශයේ වගාකරුවකු වන ජේ.  ඒ . අජීත් නිශාන්ත  මහතා පවසන්නේ මෙවැන්නකී .“අපි රතු ළුණු අක්කරයක රතු ළුණු වගාවක් වගාකර  අස්වැන්න නෙළා වෙළද පොලට යනු තුරු ලක්ෂ ගනනක් වැය කරනවා . ඒ නිසා අපි  ජීවත් වන වගාව තුළ තවත් බොහෝ පිරිසකට රැකියාව දිලා තමයි මේ වගාව කරන්නේ . ඒ නිසා  දිගින් දිගටම පවත්වාගෙන පවත්වාගෙන  යාමට නම් වගාකරුවන්ට අතර අඩුම තරමින් රතු ළුණු කිලෝවක් සදහා රුපියල් 200 ක මිලක් වත් ලැබිය යුතු බවයි. ඔහු පවසයි .නොරෝච්චෝල ආර් ථීක මධ්‍යස්ථානය තුළ රතු ළුණු මිළදි ගැනිම වල නිරත වන ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ආසිර් මහතා මෙසේ පවසන්නට විය .“කල්පිටියේ වගා කිරිමට බිජ සපයා ගැනිම සිදුවන්නේ යාපනයෙන් බිජ රතු ළුණු වල අධික  මිළ හමුවේ අපේ වගාකරුවන් අසරණ වෙනවා .නමුත් කොහොම හරි වගාව කරලා වෙළද පොලට අරන් එද්දි මිළ පහලට වැටිලා .ඒ වෙනකොට වගාකරුවා නොවෙයි අපිත් අසරණයි .මොකද වැඩි මිලක් තිබුනොත් අපිටත් හොද කොමිස් මුදලක් ලැබෙන්වා නමුත් මේ මිළ හමුවේ අපිට තිබේන්නේත් සුලු ලාභයක් .ඒ  නිසා සාධාරණ මිලක් කල්පිටියේ රතු ළුණු වලට ලැබිය යුතුයි කියන එකයි අපි කියන්නේ ,,මේ පිළිබදව අදහස් දැක්වු රතු ළුණු වගාකරුවකු වන තලවිල ඉෂාර මධුවන්ත මහතා මෙසේ පවසන්නට විය .“ කල්පිටියේ රතු ළුණු වගාවට බිජ රැගෙන එන්නේ යාපනයෙන් .නමුත් මේ ළුණු වල විශේෂත්වය තමා තද රතු පැහැයට තිබිම .එය යාපනයේ ළුණු වල නැහැ .ඒ වාගේම අපි අවුරුද්දේ 365 ම එළවළු පළතුරු හා රතුළුණු හා මිරිස් වගා කරන ගොවින් මේ නිසා කල්පිටිය ගොවියා වසර පුරාම ගොවිතැන තුළයි ඉන්නේ .එය අනිත් ප්‍රදේශ තුලින් දැක ගන්න අමාරුයි .මේ නිසා අපි ඒ කාල අනුව වගාවන් තොරා ගෙන වගාකරනවා .අපි ඉල්ලා සිටින්නේ අපේ රතු ළුණු වලට සාධාරණ මිලක් දෙන්න කියලා යැයි ඔහු පවසයි .මෙහිදි අදහස් දැක්වු ඔවුන් පවසන්නේ යාපනය හා කල්පිටියේ රතු ළුණු අස්වැන්න වෙළද පොලට ලැබෙන සමයන් වලදි විදේශ රතු ළුණු රැගෙන එම නවතා දැමිම සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.         
‘මිල පහත වැටිමෙන් කල්පිටිය රතු ළුණු වගාකරුවෝ අසරණ වෙති‘
1
hp_train_1356
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)ඇමරිකාවේ නිෂ්පාදිත ගිනි අවියක් , මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක්  සහ ඇමෙරිකාවේ නිෂ්පාදිත ගිනි අවියට යොදා ගන්නා  උණ්ඩ  7 ක්  සමඟ පුද්ගලයෙකු  අද (20) අත්අඩංගුවට ගත්බව බලංගොඩ පොලිසිය පැවසීය.පින්නවල මෙගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතමෙරට නිෂ්පාදිත ගිනි අවි දෙක සතුන් දඩයම් කිරීම සඳහා  භාවිතා  කරන  ඒවා  බව  පොලිසිය පැවැසීය .අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හෙට  (21) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.  
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
0
hp_train_1357
 ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේ දී  ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදාළ වාර්තාවේ නිර්දේශ 253ක් අතරින් නිර්දේශ 177ක් පිළිගත් අතර ඒ සදහා ශ‍්‍රී ලංකාව ස්වෙච්ඡාවෙන් ප‍්‍රතිඥා 12ක් ද ලබාදෙනු ලැබීය.අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාවේ විශ්ව කලාන්තර සමාලෝචන පිළිබඳ තුන්වන චක‍්‍රය සම්මත කරගෙන තිබෙන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය කියා සිටියේය.විශ්ව කාලාන්තර සමාලෝචනයේ තුන්වැනි චක්‍රය යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරනු ලැබූ සමාලෝචනයේ අවසන් වාර්තාව සම්මත කර ගැනීමෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලයේ තිස් හත් වන සැසිවාරය අමතමින් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සදහන් කළේ ශ‍්‍රී  ලංකාව විශ්ව කාලාන්තර සමාලෝචන ක‍්‍රියාවලියට ප‍්‍රබල ලෙස සහය දක්වන රටක් බවයි.පසුගිය නොවැම්බර් මාසයේ සිට ගෙවුණු මාස හතර ඇතුළත අදාළ වාර්තාවේ අඩංගු නිර්දේශ රැසක් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද රවිනාථ ආරියසිංහ මහතා මෙහිදි පෙන්වා දුන්නේය.අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම, නව ත‍්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ක‍්‍රියාත්මක කිරීම, ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතිය ක‍්‍රියාත්මක කිරීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා වන ක‍්‍රියාවලියට ශ‍්‍රී ලංකාව ලබා දී ඇති දායකත්වය පිළිබදව රවිනාථ ආරියසිංහ මහතා දීර්ඝ වශයෙන් මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කර තිබේ.විශේෂයෙන්ම පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ සිද්ධීන් පිළිබඳව මෙන්ම ඊට හේතු වූ කරුණු පිළිබදව ද රවිනාථ ආරියසිංහ මහතා විසින් සිය ප‍්‍රකාශයේ දී අදහස් පල කළ අතර ශ‍්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබාදෙන සහයෝගය ද අගය කරනු ලැබීය.එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වැඩිදුරටත් කියා සිටියේ ජගත් සංවිධාන පද්ධතිය සහ එහි සියලුම නියෝජිත ආයතන සමඟ ශ්‍රී ලංකාව සක්‍රීය සහයෝගීතාවකින් කටයුතු කරන බවයි.තවද නව ත්‍රස්ත මර්දන පනත මානව හිමිකම් සුරක්ෂිත වන අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන බවත් ල එම පනත සකස් කිරීමේ ප්‍රගතියක් ලබා ඇති අතරල නුදුරේදීම ඒ සඳහා වූ නීති කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බවද හෙතෙම වැඩිදුරටත් කවුන්සිලය හමුවේ සදහන් කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා ඇති වූ සිද්ධීන් පිළිබඳවද එහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා කියා සිටියේ එම සිද්ධීන්  ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් සහ පුද්ගලයන් සිදුකළ බියසුළු ක්‍රියාවන් ලෙසයි. මුස්ලිම් ජන කොටස මෙරට බහුවිධ සමාජයේ වෙන් කළ නොහැකි කොටසක් ලෙස හැදින්වූ ඔහු සියලු ජන කොටස්වලට සමාන අන්දමින් නීතිය ක්‍රියාත්මක කරලීමට රජය කටයුතු කරන බව අවධාරණය කළා. එම සිද්ධීන් සමඟ පැනවුණු සමාජමාධ්‍ය තහනම ඉවත් කිරීමට ද රජය පියවර ගත් බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත දැනුම් දුන්නා.මේ අතර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් හෙට දිනයේ දී ලිඛිත යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එම සැසිවාරයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපනල විශේෂ කාර්යය භාර අමාත්‍ය සරත් අමුණුගම සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහභාගී වීමට නියමිතව තිබේ. (125) 
ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්
1
hp_train_1358
(හැටන් රංජිත් රාජපක්ෂ)                        මත්ද්‍රව්‍ය රැගෙන අද (06) නුවරඑලිය සංචාරයේ පැමිණි තරුණයන් 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.මෙම තරුණයන් හැටන් මාර්ගය ඔස්සේ නුවැරඑලිය සංචාරය සදහා පැමිණෙමින් සිටි අවස්තාවේ හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළාරින් විසින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදි සිදු කල හදිසි පරික්ෂාවකදි මෙම මත්ද්‍රව්‍ය්‍ය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වි තිබේ.මෙම සැකකරුවන් සන්තකයේ කේරල ගංජා තිබි අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරුවන් අවු 20-25 වයස් කාණ්ඩ වල පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි මෙම වැටලිම සිදු කල නිලධාරීහු කියා සිටියහ.අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (07) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 6 දෙනෙකු අත්අඩංගුවට
1
hp_train_1359
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි ඌව , උතුරු මැද  සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 11/10/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32249065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32259075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570වැසි ස්වල්පයක්.ගාල්ල30249075වැසි ස්වල්පයක්.යාපනය32258070වැසි ස්වල්පයක්.මහනුවර28209580වැසි ස්වල්පයක්.නුවරඑළිය20139570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30239580වැසි ස්වල්පයක්.ත්‍රීකුණාමළය33249065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570වැසි ස්වල්පයක්.  
‘වෙරළබඩ ප්‍රදේශවලට වැසි ස්වල්පයක්‘
0
hp_train_1360
( ටෝනි කරුණානායක)  බිමත්ව රිය ධාවනය කිරිමේ වරද පැහැදිලි කර  එම රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් ට පහරදිමට තැත් කර පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ සැකකරු 27 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය අද ( 23)  නියම කළාය. කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ යට ඉදිරිපත් කරන ලද මිගමුව තිබිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි එන්.ජි.සම්පත් කුමාර නැමැති සැකකාර යතුරු පැදිකරු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි . කටුනායක පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අද (23)අලුයම කටුනායක කෝවින්න ප්‍රදේශයේ පිහිටි පාලම අසළ මාර්ග බාධක යොදා වාහන පරික්සා කරන අවස්ථාවේ සැකකරු යතුරු පැදි යකින් පැමිණ ඇති බවත් සැකකරු සන්තකයේ රියදුරු බලපත්‍රය හෝ යතුරු පැදි යට අදාළ බලපත්‍ර කිසිවක් නොතිබු බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය .  සැකකරු බිමත්ව සිටින හෙයින් සැකකරු ට වරද කියාදිඅත්අඩංගුවට ගැනීම ට සුදානම් වු අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින් ට පරුෂ වචනයෙන් බැනවැදි පහරදී මටතැත් කර පොලිස් නිලධාරීන් ව තල්ලුකර පලායාමට තැත්කරමින් එම පොලිස් නිලධාරීන් ගේ රාජකාරියට බාදා කර ඇති බව පොලිසිය අධිකරණ ය හමුවේ වැඩිදුරටත් පැවසිය .
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අයෙක් රිමාන්ඩ්
1
hp_train_1361
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(8)දැනුම් දුන්නේය.ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ  12 වැනි වගන්තියෙන් ඔහුට  පැවරී ඇති බලතල ප්‍රකාරවය.  
සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
0
hp_train_1362
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කවලත්   තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලහේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 50 වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.පුත්තලමේ සිට කොළඹ,ගාල්ල සහ මාතර දක්වා මුහුදු සීමාවේ ද තරමක් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  
පළාත් රැසකට අදත් තද වැසි
0
hp_train_1363
අනගාරික ධර්මපාල තුමන් විසින් විශාල පරිශ්‍රමයක් දරා 1926 දී ආරම්භ කොට අද වනවිට යුරෝපයේ ප්‍රමුඛතම ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මඟින් එදා මෙදාතුර පිවිතුරු බුදුදහම යුරෝපයේ ප්‍රචලිත කරවීම උදෙසා සිදුකළ උදාර සේවාව පිළිබිඹු කරන ඡායාරුප ප්‍රදර්ශනයක් සෙනසුරාදා සවස විහාරස්ථ ධර්ම ශාලාවේදී විවෘත කෙරුණි. බ්‍රිතාන්‍ය රජයේ පළාත් සභා සහ ප්‍රජා කටයුතු පිළිබඳ ඇමැති නිකලස් බොර්න් සාමිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘර්ත කෙරුණ මෙම ප්‍රදර්ශනය ලබන 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලිකත්වයෙන්, විහාරවාසී මහා සංඝරත්නය විහාර පාලන මඬුල්ල, දහම් පාසල් ගුරු දෙමාපියන්, සිසු සිසුවියන්, දායක කාරකාදීන්, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවේ ආනන්ද, නාලන්ද, ධර්මරාජ, මිලාගිරිය ශාන්ත පාවුළු, ගාල්ල මහින්ද සහ දෙවි බාලිකා යන පාසල්වල ආදි ශිෂ්‍ය ශාඛා ඇතුළු අනෙකුත් සැදැහැවතුන්ගේ සහයෝගිතාවයෙන් මෙම ප්‍රදර්ශනය සහ ලබන සෙනසුරාදා පැවැත්වෙන ප්‍රධාන දේශනයත්, පිරිත් පින්කමත් ඉරිදා හිල්දානමය පිංකමත් සංවිධානය කර ඇත.ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා බොර්න් සාමිවරයා සමඟ බ්‍රිතාන්‍යයේ බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය ඩෙස්මන්ඩ් බිඩල්ෆ් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුහ.ලබන 17 වැනි සෙනසුරාදා සවස 5ට ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මඟින් පසුගිය වසර 90 ක දීර්ඝ කාලය තුළ සිදුවූ සාශනික සේවාව අලලා විශේෂ දේශනය පවත්වන්නේ බ්‍රිතාන්‍යයේ සහකාර ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුගීශ්වර ගුණරත්න විසිනි. එදින රාත්‍රී 7.30 සිට පරිත්‍රාණ ධර්ම දේශනයක්ද පසුවදා උදෑසන 7 ට පිංකම සඳහා වැඩම කරවනු ලබන මහා සංඝ රත්නය උදෙසා පිරිනැමෙන දානමය පින්කමක් ද පැවැත්වෙයි.ඡායාරුප ප්‍රදර්ශනය දිනපතා සවස 7 සිට රාත්‍රී 9 දක්වා විවෘත වනු ඇත.මේ පිළිබඳව අදහස් දැක්වූ සීලවිමල නාහිමියෝ මෙසේ පැවසුහ. "ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය වසර 90 ක් වැනි දීර්ඝ කාලයක් තුල නොනවත්වා පවත්වාගෙන යාම තුලින් යුරෝපයේ ථෙරවාදී බුදුදහම ප්‍රචලිත කරවීම උදෙසා සිදුකල උදාර මෙහෙය සිහිපත් කිරීම ඉතාම වැදගත් වෙයි. අනගාරික ධර්මපාල තුමන් විසින් බුදු දහමේ චිරස්ථිතිය උදෙසා ඉටුකළ අනුපමේය සේවාවන් අතර ලන්ඩන් නුවර ථෙරවාද බෞද්ධ විහාරස්ථානයක් ආරම්භ කරමින් ධර්මදුත සේවාවක් හඳුන්වාදීමද ඉතාම වැදගත් පියවරක් බව මේ අවස්ථාවේදී එතුමන්ට පින්දෙමින් සිහිපත් කලයුතු වෙයි.වර්ෂ 1926 දී බටහිර රටවල බුදුදහම පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබුන කාලයක විශාල උත්සාහයක් දරා එතුමන් විසින් ආරම්භකළ මෙම විහාරස්ථානය අදවනවිට යුරෝපයේ ප්‍රමුඛතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව තිබීම තුලින් එතුමන්ගේ සැදැහැවත් අභිප්‍රාය මල්ඵල ගැන්වී ඇතිබව පෙනීයයි.ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ ඉතිහාසය පෙන්වා දෙන මෙම ප්‍රදර්ශනය ඇතුළු පින්කම් සියල්ල සංවිධානය කිරීමෙහිදී නන් අයුරින් වෙහෙස මහන්සිවී කටයුතු කළ අත හිතදුන් සියලුම දෙනාටත් කොළඹ අනගාරික ධර්මපාල පදනමටත් පුණ්‍යාමෝදනා කරන්නෙමු" 
දම්පල් මෙහෙවර ලන්ඩන් සිනමා පටයේ
0
hp_train_1364
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,742දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,95,851 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 11,605 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,27,254 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 
කොරෝනා ආසාදිතයන් 3555ක් අද දින වාර්තා වෙයි
0
hp_train_1365
(ඩී.කේ.රත්න)ඇල්ල වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි මායිමේ පිහිටි කරදගොල්ල රක්ඛිත්තා කන්ද ආරණ්‍ය සේනාසන රක්ෂිතයේ අද (28) සවස ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතයි ඇල්ල පොලිසිය පවසයි.කිසියම් පුද්ගලයෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය කියයි.මෙම ගින්න ඇතිවීමත් සමඟ ඇල්ල පොලිසිය , වැල්ලවාය පොලිසිය , යුද හමුදාව සහ ප‍්‍රදේශවාසීන් එක්ව මේ වන විටත් ගින්න නිවා දැමීමේ යෙදී සිටිති.වැල්ලවාය පොලිසියේ හා ඇල්ල පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
හාලිඇල රක්ෂිතයේ ගින්නක්
0
hp_train_1366
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සැකකරුවන්ට ඇප නියමකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරවා ගැනීම සඳහා එම නියෝගයට එරෙහිව මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවද නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවියගෙන් කළ විමසීමකදී හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියමකරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දුන් නියෝගයේ පිටපතක් ඉල්ලා ඇතත් මේ දක්වා එම පිටපත නොලැබුණු බවත් පිටපත ලද වහාම ඒ පිළිබඳව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් නොපමාව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන්නේ යැයි කීවාය.බොහෝ විට ඉදිරි දින කිහිපය තුළ එම අභියාචනය කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් පැවසුවාය.
හේමසිරිට - පූජිත්ට ඇප දුන් තීන්දුවේ දෝෂයක් නෑ
0
hp_train_1367
(ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර් හි රැදී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් 122 ක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී ගියේය.ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1193 දරන මෙම ගුවන් යානය උදෑසන 9.05 ට ඉන්දියාවේ කොයිම්බතූර් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් විය.ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු  මෙම ගුවන් යානයේ ගමන් කළහ.ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෙම ගුවන් ගමන සඳහා ඒ.- 321- 251 එන් වර්ගයේ එයා බස් ගුවන් යානාවක් යොදවා තිබුණි.මෙම ගුවන් යානය මගීන් පිරිස ද රැගෙන  යළි දහවල් 12.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය. 
සිරවී සිටි 319ක් අදත් ලංකාවට රැගෙන එති
0
hp_train_1368
”සුදු නංගි” චරිතය හරහා මට ලැබුණු පේ‍්‍රක්ෂක ආදරය අද දක්වාම නොවෙනස්ව පැවතීම තමයි මගේ ජීවිතේට ලැබුණු ලොකුම වටිනාකම. ඒ විදියට තමා රඟපෑ පළමු නාට්‍යය ”ජීවිතය ලස්සනයි” පිළිබඳ අභිමානයෙන් යුතුව කතා කරන්නෙ ඒ ”සුදු නංගි” නම් විශේෂ චරිතයට පණ පෙවූ අයෝමි ශානිකා.ඇය තුළ සාර්ථක රංගන ශිල්පිනියක් සිටිනවා යැයි ඇය හඳුනා ගන්නෙත් මේ චරිතය හරහා කියලයි අයෝමි සඳැල්ලට පැවසුවේත්.ඒ පිළිබඳ වැඩිදුරටත් කතා කරන්නට මෙවර ”සිත්ගත් රංගනය” වෙන්වන්නේ ඒ සොඳුරු රංගන ශිල්පිනිය අයෝමි ශානිකා වෙනුවෙන්. අයෝමිගේ ජීවිතේ ලස්සන වුණු ”ජීවිතේ ලස්සනයි” ටෙලිනාට්‍යයට කොහොමද සම්බන්ධ වෙන්නෙ?මම මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ පුබුදු චතුරංග හරහා. ඔහු ගාල්ලෙ ඉගෙන ගන්න කාලෙ ඉඳන් අපි එකට පන්ති එහෙම ගියේ. ඉතින් ඔහු දන්නවා ඒ කාලේ ඉඳන්ම මට රඟපාන්න පුළුවන් කියලා. ඒ නිසාම තමයි මගෙන් ඇහුවෙ රඟපාන්න කැමැතිද කියලා. එතනින් පසුව තමයි පුබුදුම මේ කතාවෙ අධ්‍යක්ෂවරයාට මාත් එක්ක කතා කරන්න දෙන්නෙ.ඒ අනුව තමයි සුසිල නිෂ්පාදන ආයතනයට ගිහින් ඔවුන්ව හමුවුණේ. එතනින් පසුව ඔවුන් විශේෂ වැඩමුළු කළා ඒ කතාවෙ චරිතවලට කට්ටිය ගන්න. ප‍්‍රවීණ පිරිස සහ නවකයන් හැමෝම දාලා වැඩමුළුවක් කළා. ඒ විදියට තමයි ටෙලිනාට්‍යයට අවශ්‍ය පිරිස තෝරාගත්තෙ. මේක හරි අමුතු ටෙලිනාට්‍යයක්නෙ? එක පවුලක කතාවක්. ඉතින් කතාව ගැන මොකද හිතෙන්නේ?එදා මෙදා තුර බිහිවුණු ටෙලිනාට්‍ය අතර විශිෂ්ටම ටෙලිනාට්‍යයක් විදියට මම අදටත් සලකන නාට්‍යයක් තමයි මේ.ඒ මගෙ චරිතය සහ නාට්‍යය ජනපි‍්‍රය වීම නිසාම නෙමෙයි. මොකද මේ සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් හොඳ ප‍්‍රශංසා ලැබුණා. මම මේ නාට්‍යය රඟපාන කාලෙදී ස්වාධීන රූපවාහිනී සේවයේ නිවේදිකාවක් ලෙස සේවය කළා. එහිදී මට විවිධ තරාතිරම්වල පිරිස් සමඟ ගැටෙන්නට ඉඩක් ලැබුණා. ඒ දවස්වල ඒ හැමෝම කතා කළේ මේ නාට්‍යය ගැන. ඒ සඳහා සම්මාන උළෙලවල සම්මාන නොලැබුණත් බය නැතිව කියන්න පුළුවන් එය පුදුමාකාර ජනපි‍්‍රයත්වයක් ලැබුවා කියලා. අදටත් ඒ සඳහා ප‍්‍රතිචාර ලැබෙනවද?අනිවාර්යයෙන්ම, අදටත් ඒ නාට්‍යය ගැන ගොඩක් පිරිසක් කතා කරනවා. තවමත් මට ”සුදු නංගි” කියලා බොහෝ දෙනෙක් කතා කරන්නෙ. අනිත් එක ඒක පවුලේ කතාවක්නෙ. වැඩිහිටියො දරුවො කාටත් එකට ඉඳන් බලන්න පුළුවන්. ඒ වගේම එහි තිබුණු චරිතවලින් එක්කෙනෙක් හෝ පවුලක ඉන්නවා. ඒ නිසා ඒක අදටත් මිනිසුන්ට සමීපයි. මිනිසුන්ට රසවින්දනයක් වගේ පණිවිඩයකුත් මෙමඟින් ලබා දුන්නනේ. ඒකත් ලොකු විශේෂත්වයක්. අයෝමිට තිබුණෙ අනිත් අයට වඩා විශේෂ චරිතයක් කරන්නනේ? කොහොමද ඒ අද්දැකීම.ඇත්තටම මුලදී බය හිතුණා. මොකද මම රඟපාන්න ආසාවෙන් හිටපු කෙනෙක්. ඉස්කෝලෙ යන කාලෙත් රංගනය කළා. ඇත්තටම පුබුදු චතුරංග කතා කරලා මේ සඳහා සම්බන්ධ නොකරන්න මම සමහරවිට අදටත් නිළියක් නෙමෙයි. ඉතින් මට හිතුණා මම රඟපාන පළවෙනි චරිතයම අසාමාන්‍ය වුණාම මේ රඟපෑම මට කොහොම වෙයිද කියලා. පළවෙනි රඟපෑමම අසමත් වුණොත් මට නැවත රඟපාන්නත් හිතෙන්නෙ නැතිවෙයි කියලා හිතුණා. ඒ නිසා හරිම අභියෝගයක් වුණා. මේ චරිතෙ කොහොමද කරන්නෙ කියලා. සාමාන්‍ය චරිතයක් නම් දෙබස් කියන එක පහසුයි. නමුත් අපි පාසල් යන කාලෙවත් අසාමාන්‍ය චරිත කරලා නෑනේ. ඉතින් කොහොමද ඒ අභියෝගය භාරගත්තේ.මම කරපු එකම දේ තමයි අධ්‍යක්ෂවරයා එක්ක දීර්ඝව ඒ චරිතය ගැන කතා කරපු එක. ඔහු මට කිව්වෙ මේ අවුරුදු 18ක ගෑනු ළමයෙක් සතුටෙදි උපරිම සතුටවෙන, දුකේදි උපරිම දුක්වෙන හැඟීම්බර ළමයෙක්. නමුත් ඇයගෙ මොලේ වැඩිලා නෑ. පොඩි ළමයෙක් වගේ තමයි හැසිරෙන්නෙ. එච්චරම තමයි මගෙ ඔළුවට දාලා තිබුණෙ.නමුත් රූගත කිරීම් පටන් ගත්තම අපේ රංගනයන් කරගෙන ගියා.ඒ රංගනයන් කරගෙන යද්දී තුන්වෙන් දවසෙ තිබුණු දර්ශනයක තිබුණා මගේ අයියා කෙනෙක් විදේශ ගතවෙනවා කියලා අඬන සිදුවීමක්. ඉතින් ඒ දර්ශනය කරලා අවසන් වුණාම මෙහි අධ්‍යක්ෂවරයා මට කියපු එකම දේ තමයි හොඳට මතක තියාගන්න මේ නාට්‍යය යම්කිසි දවසක විකාශය වෙද්දී ”සුදු නංගි” චරිතය තමයි කතාවෙ චරිත සියල්ල අභිබවා ජනපි‍්‍රය වෙන්නෙ කියලා සහ රඟපැමෙන් දිගු ගමනක් යන්නට හැකි වෙනවා කියලත් කිව්වා. ඔහු ඒ කරපු දිරිමත් කිරීම මට ලොකු ශක්තියක් වුණා. ඉතින් ඒ කතාව සැබෑවක් වුණාද?මට ලැබුණු ප‍්‍රතිචාර අනුව අනිවාර්යයෙන්ම ඒ කතාව සැබෑවක්. මොකද මේ කතාවෙම තිර පිටපත් රචකයෝ 5 දෙනෙක් හිටියා.ඒ අතර අනෝමා විජයවර්ධන, ඉන්දික ෆර්නිනැන්ඩු, අසංක සායක්කාර වගේ අය හිටියා. එහිදී අනෝමා විජයවර්ධන කියපු දෙයක් තමයි ඇයගේ බෝඩිම අසල සුදු නංගි වගේ ළමයෙක් ඉන්නවා කියලා. නමුත් මම අද වෙනකම් ඒ ළමයව දැකලා නැ. ඒ ළමයව දැකපු ඒ හැමෝම කිව්වෙ මගෙ ඇතුළත ඒ බලාපොරොත්තු වුණු කෙනා ඉන්නවා. චරිතෙ මොනවත් හදන්න දෙයකුත් නෑ කියලා. එතනින් එහාට ඒ විශ්වාසය මත මම අවුරුද්දයි මාස හතක් රඟපෑවා. කතාවක් ජනපි‍්‍රය වෙන්නේ සාමාන්‍යයෙන් තරුණ පෙම්වතා, පෙම්වතියගෙ චරිත වගේ වුණත් සුදු නංගිගෙ චරිතය මෙතරම් ජනපි‍්‍රය වීම ගැන මොකද හිතෙන්නේ?ඇත්තටම හරි සතුටුයි. එදත් අදත් මඟතොටේ ගියත් ඒ ප‍්‍රතිචාර ඒ විදියටම තියෙනවා. ඒක හරි වාසනාවක්. හැම රංගන ශිල්පිනියටම ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ. මිනිසුන්ට එපා වෙන්නෙ නැති වෙන්න ආදරේ දිනාගෙන පවුලෙම සමීප චරිතයක් බවට මේ චරිතය පත්වුණා. ඒ තරමට පේ‍්‍රක්ෂකයන් ආදරේ කළා?ඔව්. ගොඩක්ම ආදරෙයි. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනෑ. මේ කතාවෙ එක තැනක සුදු නංගි මැරුණා කියලා අතුරුදන් කළා. ඉතින් ඒ මොහොතේදී ගොඩක් දෙනෙකුට දරාගන්න බැරි දුකක් ඇතිවෙලා තියෙනවා. එක අම්මා කෙනෙක් මගේ දුරකථන අංකය කොහොම හරි හොයාගෙන කතා කරලා කියනවා සුදු නංගි මැරුණා කියලා ඒ දුකට එක පෙරපාසල් යන දරුවෙකුට උණ අරන් දවස් තුනක් පෙර පාසල් ගියෙ නෑ කියලා. ඉතින් ඒ අම්මා මට කියනාව ඒ දරුවත් එක්ක කතා කරන්න කියලා සුදු නංගිගෙ කටහඬින්. ඉතින් මම කතා කළා. ඒ තරමට පොඩි ළමයාගේ ඉඳන් වැඩිහිටියා දක්වාම මේ චරිතෙට ආදරේ කළා. ඒ චරිතය අයෝමිටම ලැබීම ගැන මොකද හිතෙන්නේ?ඒක ලොකු වාසනාවක් දෛවයෙන් ලැබුණු.මොකද මම හිතන්නෙ නෑ වෙන චරිතයක් කළා නම් මේ තරම් ප‍්‍රතිචාරයක් ජනපි‍්‍රයත්වයක් ලැබෙයි කියලා. හැකියාව, දක්ෂතාවය ඇරුණම ඒක දෛවයෙන් ලැබුණු දෙයක්. ඒකට මම ස්තූතිවන්ත වෙනවා සුසිල නිෂ්පාදන ආයතනයේ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියට. ඒ වගේම රවින්ද්‍ර විජේරත්න, තරංග දිසානායක ඒ හැම දෙනාම නිසා තමයි මම මේ තැනට ආවේ. ධනු විජේරත්න 
කවුරුත් හඳුනන 'සුදු නංගි'
1
hp_train_1369
(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී) දූෂණ මුලිනුපුටු දමා සියලු දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ ඒකායන අරමුණ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අටවන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ඊයේ (08) පැවැසීය. අටවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ආරම්භ විය.එහිදී ආරම්භක දේශනය පවත්වමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය සමාරම්භ කෙරන මේ මොහොතේ ඊට සහභාගී වී සිටින ඔබ සැමට ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් ද මාගේ  ශුභාශිංසන පිරිනමමි. මා විසින් වර්ෂ 2018ක් වූ අප්‍රේල් මස 13 වන දින නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, අටවන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරන ලද බව ඔබ දන්නා කරුණකි. එකී අටවන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, ඉහත කී 70 වන වගන්තිය සහ, 32 සහ 33 වන වගන්ති ප්‍රකාරව අද දින මෙලෙස සමාරම්භ කෙරෙන බව දැනුම් දෙනු කැමැත්තෙමි. මෙම අවස්ථාවේදී සිදු වන්නේ, අප රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව, එක් පාර්ලිමේන්තු සැසිවාරයක් වාරාවසාන කොට නව පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කිරීමයි. වර්ෂ 2015 සැප්තැම්බර් මස පළමු වන දින, අට වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් මා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයේම දිගුවක් ලෙස මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි. විශේෂයෙන්ම, වර්තමාන ආණ්ඩුවට වරමක් ලබා දුන් ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම බවට පත්ව තිබූ, ශ්‍රී ලාංකික සමාජය යළි ප්‍රජාතන්ත්‍රවාදී, මානවවාදී, සහ වගවීමෙන් යුතු සමාජයක් බවට පත් කරලීමේ කාර්යය පසුගිය වසර තුනක කාලය තුළ සාර්ථකව ඉටු වී ඇති බව, විවේචන මධ්‍යයේ වුවද, ඔබ සැම පිළිගනු ඇතැයි මම විශ්වාස කරමි.2015 ජනවාරි 08 වැනි දින, මෙරට ජනතාව විසින් ජනාධිපතිවරයා වශයෙන් මා පත් කර ගැනීමෙන් අනතුරුව, ඉහත කී ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා, එවකට පැවති 7 වැනි පාර්ලිමේන්තුව සහ මෙම සභාව නියෝජනය කරන 8 වන පාර්ලිමේන්තුව විසින් ලබා දුන් සහයෝගය මම කෘතඥතාපූර්වකව සිහිපත් කරමි.   2015 ජනවාරි 08 දින මාගේ නායකත්වය යටතේ පිහිටුවනු ලැබූ ආණ්ඩුවේ ධුර කාලය තුළ, ක්‍රියාත්මක වූ 7 වැනි පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත් ජනතාවාදී අණ පනත් කිහිපයක් තිබේ.  ■ 2015 මාර්තු මස සම්මත කරගනු ලැබූ දුම්කොළ හා මද්‍යසාර ජාතික අධිකාරිය පිහිටුවීම පිළිබඳ සංශෝධන පනත,■ 2015 මාර්තු මස සම්මත කරගනු ලැබූ ජාතික ඖෂධ පනත,■ 2015 මැයි මස සම්මත කරගනු ලැබූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලැබූ 19 වන සංශෝධනය, මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. විශේෂයෙන්ම, ඉහත සඳහන් කළ අණ පනත් සම්මත කර ගැනීම, ශ්‍රී ලංකා පාර්ලිමේත්තු ඉතිහාසය තුළ අද්විතීය සිදුවීමකි. මේ සඳහා පාදක වන සුවිශේෂී කරුණු දෙකක් වෙත මෙහිදී මාගේ අවධානය යොමු වේ.         රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ කිසිදු අගතියකින් තොරව ජාතික සම්මුතියකට ඒකරාශී වීම සුවිශේෂී වේ. 2015 ජනවාරි මස සිට ජූනි මස දක්වා පැවති,  7 වන පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස බැලීමේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 142 ක් හිමිව තිබූ අතර පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබුණේ ආසන 47 කි. කෙසේ වුවත්, සාම්ප්‍රදායික වශයෙන් පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබෙන එදිරිවාදී දේශපාලනය පසෙකලා, ජාතික අවශ්‍යතාවයන් සාක්ෂාත් කරලනු වස් අප රටේ දේශපාලන පක්ෂවලට සාමූහිකව කටයුතු කළ හැකි බව සනාථ කළේය.  ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා පටන්, රට තුළ ගොඩ ගැසුණු සහ නොවිසඳුණු ජාතික මට්ටමේ ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව, සාකච්ඡාව සහ සම්මුතිය තුළ ගැබ්ව ඇති බව මෙයින් මනාව තහවුරු කෙරිණි. ඒ අනුව,1. දශක තුනකට අධික කාලයක් පුරා යථාර්ථයක් බවට පත් කර ගැනීමට නොහැකිව තිබූ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය අද යථාර්ථයකි. 2. දුම්වැටි පිළිබඳ සියයට අසූවේ රූපමය අවවාදය, නව දුම්කොළ සහ මද්‍යසාර පනත මගින් ක්‍රියාවට නැගී තිබේ. 3. ශ්‍රී ලංකාවේ මෑතකාලීන ඉතිහාසය තුළ, එක් දේශපාලන කරුණකට එරෙහිව ගොනු වූ වැඩිම විරෝධය එල්ල වූයේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවය. එහෙත්, එදා මෙදා තුර විධායක ක්‍රමයට එරෙහි වූ කිසිවකුට එහි බලය සිඳීමට හැකි වූයේ නැත. සැබවින්ම, සිදු වූයේ එහි බලය අත්තනෝමතික අන්දමින් වර්ධනය වීමයි. එහෙත්, 2015 මැයි මස 15 දින, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය අනුව ජනමත විචාරණයකින් තොරව සිදු කළ හැකි උපරිම බල කප්පාදුව සිදු කිරීමට හැකි වීම සම්මුතිවාදී දේශපාලනයේ සැබෑ ශක්‍යතාවයි.  ජනවාරි 08 වන දා ඇරඹූ දේශපාලන පෙරළිය තවදුරටත් යථාර්ථයක් වීම පිණිස 2015 අගෝස්තුවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව 08 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ බහුතර මන්ත්‍රීවරුන් පසුගිය වසර තුන පුරා කටයුතු කර ඇති බව සඳහන් කරන්නේ ගෞරව පූර්වක ස්තූතිය පෙරදැරි කරගනිමිනි. එම කාල වකවානුව තුළ ඔබ විසින් සම්මත කරගනු ලැබූ අණ පනත් බොහෝමයක් රටේ ආර්ථික කළමනාකරණයට අදාළ ඒවාය. ඒ අනුව පසුගිය වසර තුන තුළ ඉදිරිපත් කළ විසර්ජන පනත් දෙකට අමතරව ආර්ථික ක්ෂේත්‍රයට අදාළ පනත් 18 ක් ඔබ විසින් සම්මත කොට ගෙන තිබේ. ඒ සියලු අණ පනත් සම්මත කොට ගත්තේ අද අප ඉදිරියේ පවතින රුපියල් ටි්‍රලියන 10.3 ක් වන (රු. කෝටි දශලක්ෂයකට අධික) මහා ණය කන්ද කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිවය. එසේම රටේ ආදායම ඉහළ නැංවීමට ඉවහල් වන තවත් පනත් ගණනාවක් හඳුන්වාදී තිබේ.  භාෂණයේ නිදහස ශක්තිමත් කරමින්, 2016 අගෝස්තු මාසයේදී විවාද කොට සම්මත කරගනු ලැබූ තොරතුරු දැනගැනීමේ පනත අද ආසියාවේ ශක්තිමත්ම, පුරවැසියන් බලසතු කරන්නා වූ නීතියක් ලෙස සැලකෙයි.සර්වජන ඡන්ද බලය යථාර්ථයක් කරලීම උදෙසා 2017 නොවැම්බරයේදී, අප පළාත් පාලන ඡන්ද විමසීමේ පනත සංශෝධය කොට සම්මත කර ගැනිණි.  එසේම, තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගනු පිණිස, 2017 ඔක්තෝබරයේදී තිරසර සංවර්ධන පනත සම්මත කර ගැනීමට හැකි විය.  සංක්‍රාන්තික යුක්තිය සහ සහජීවනය ඇති කරලීම සඳහා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සහ වින්දිතයින් හා අපරාධ නඩුවක සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා හඳුන්වාදුන් පනත ද මෙහිලා සඳහන් කළ යුතුමය.  මේ ආණ්ඩුව විසින් සිය ධුර කාලය තුළ ජනතාවට ලබා දී ඇති ජයග්‍රහණ සමහරක් ගැන අවධානය යොමු කළ යුතු යැයි මම විශ්වාස කරමි. 2010 වර්ෂයේ සිට රටට අහිමි වූ ජී.එස්.පී. බදු සහනය නැවත ලබාගැනීමට අපට හැකි විය. එමගින් භාණ්ඩ 6600 ක් සඳහා වාසිය රටට අත්කර දීමට සමත් වූ අතර, සමස්ත ආදායම ඉහළ නංවා ගැනීමට හැකි විය. ඇඟලුම් හා මත්ස්‍ය අපනයනය ඉන් ප්‍රමුඛ වේ. මහනගර සංවර්ධනය හා වරාය සංවර්ධන ව්‍යාපෘති යළි ශක්තිමත් ලෙස ආරම්භ විය.  අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කොට තිබේ. නීතිය සහ විධානය කිසිදු බලපෑමකින් තොරව රට තුළ ක්‍රියාත්මක වෙයි. රටේ නීතියේ බලය ස්ථාවරව තිබේ. අනීතික අත්අඩංගුවට ගැනීම් සඳහා කිසිදු ඉඩක් නැත.  නීතිය හා සාමය පිළිබඳ අවධානය යොමු කිරීමේදී 2014 වර්ෂයේ සිට 2018 දක්වා බරපතළ ගණයේ අපරාධ 30% කින් අඩුකර ගැනීමට හැකි විය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2017 වසරේදී රුපියල් මිලියන 13,200 ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලැබූ අතර, 2016 වසරේ ශුද්ධ ලාභය වූ මිලියන 1100 ක් සමග සසඳන විට මෙය 100% ක වර්ධනයකි. වරාය ක්ෂේත්‍රයේ දී ආර්ථික සහ සංවර්ධන ජයග්‍රහණ රාශියක් අප ලබා ඇත. ඇ.ඩො. බිලියන 15.1 ක් වූ 2017 වසරේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම මෑත වාර්තා වූ ඉහළම අගය වේ. නව තාක්ෂණය ප්‍රචලිත කිරිම සඳහා, පාසල් පද්ධතිය තුළ සහ රාජ්‍ය අංශය තුළ බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී. විදේශ රැකියා, විගමණික ශ්‍රමිකයින් යන අංශ වෙනුවෙන්ද අප ඉතා වැදගත් මෙහෙවර රාශියක් ඉටු කර තිබේ.2015 වසරින් පසු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයේදී “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය, ශිෂ්‍ය සුබසාධනය සඳහා වූ “සුරක්ෂා”, සිසු රක්ෂණාවරණය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සෑම දරුවෙකුටම පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ අඛණ්ඩ සහ අනිවාර්ය පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ වැඩසටහන, ජාතික අධ්‍යාපන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, ත්‍රෛභාෂා අධ්‍යාපන ප්‍රවර්ධනය යන අංශ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතියක් පෙන් වූ විශේෂ අංශ වේ. “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන, පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල මානව සම්පත් හා යටිතල පහසුකම් සංවර්ධනය, අඩු බර උපත් අවම කිරීමේ හා මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම, දුෂ්කර ප්‍රදේශවල මන්දපෝෂණය අවම කිීරීම පිණිස, තෝරාගත් ප්‍රදේශවල දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබාදීම ද අපි ආරම්භ කළෙමු. ස්ත්‍රී/පුරුෂ සමාජභාවීය හිංසනය අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම දැනට අප විසින් ක්‍රියාත්මක කර තිබේ.ග්‍රාමීය ආර්ථික සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපෘති ආයෝජනයන් 25% ක් කාන්තාවන් උදෙසාය.ජාතික නිවාස සංවර්ධන වැඩසටහනේදී, විධිමත් නිවාස සංවර්ධන වැඩසටහන අප රජයේ ඉතාමත් වේගවත් සහ විශාල ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. එමගින්, 2015 වසරේ සිට මේ දක්වා පවුල් තුන්ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට නිවාස සැපයීමට සමත්ව ඇත. ආර්ථික අපහසුතා දැඩි ලෙස බලපාන පවුල් වෙනුවෙන් අප රජයේ නිවාස වැඩසටහන ඉතා සාර්ථක වී තිබේ. තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීමේදී 2030 වන විට දිළිඳු බවින් තොර වැඩිහිටි සහ ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ මෙහෙවර තුළ, 2015- 2017 සේවා සම්පාදනයේදී ඉලක්කගත කණ්ඩායම් වූයේ ආබාධ සහිත පුද්ගලයින් 9%, ක් වයස 60 ට වැඩි 12.5% ක් තනි මාපිය පවුල් මු`ථ ජනගහනයෙන් 12% ක් සහ සමෘද්ධි ප්‍රතිලාභීන් මු`ථ ජනගහනයෙන් 25% ක් වේ. විදුලිබල ක්ෂේත්‍රයේ කරන ලද සංවර්ධනයේදී සූර්යබල සංග්‍රාමය වැඩසටහන මගින් මෙගාවොට් 150 ක් අලුතින් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට හැකි විය. අනාගත විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මිශ්‍ර ජනන සැලැස්මක් අප විසින් ඉදිරිපත් කර ඇත. එමෙන්ම, දිවයිනේ කිසිදු රජයක අවධානයට යොමු නොවූ ඉතාමත් දුගී පවුල් 275,000 කට වැඩි පිරිසකට විදුලිය ගත නොහැකිව සිය කුඩා දරුවන් කුප්පි ලාම්පුවෙන් පොත පත පාඩම් කළ යුගය අවසන් කරමින් ඔවුන් සඳහා රජයේ වියදමින් එම නිවාසවලට විදුලිය ලබාදෙන ලදී.  පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබාදීම විශේෂත්වයකි. අපේ රටේ මෙන්ම කලාපය තුළ පිහිටි අසල්වාසී රටවල් මුහුණ දෙන කාලගුණික හා දේශගුණික කටුක වූ අභියෝගයට අප ද මුහුණ දී ඇත. පසුගිය වසර ගණනාව තුළ ඇති වූ නියඟය හේතුවෙන් කෘෂිකර්ම නිෂ්පාදනයේ පහත වැටීමක් සිදුවී ඇති අතර, පෙර රජයන් මෙන්ම අපට ද විදේශයෙන් සහල් ආනයනය කිරීමට සිදුවිය. වාර්ෂික වර්ෂාපතනය අවම වීම නිසා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිෂ්පාදන හා ආදායම් පහළ වැටීමක් 30% කින් පමණ සිදුවී ඇති අතර ජල විදුලි උත්පාදනයට එය දැඩි ලෙස බලපා ඇත. ලක් සතොස අලෙවිසැල් 300 සිට 400 දක්වා ඉහළ නැංවූ අතර ඒවායින් ඉතා තරගකාරී සහ සහනදායී මිලට භාණ්ඩ අලෙවි කෙරෙයි. තවද, පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා පාරිභෝගික සමිති නව මුහුණුවරකින් හදුන්වා දී තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් අප විසින් ඓතිහාසික කාර්යභාරයක් සිදුකර තිබේ. විවිධ බාධාවන් හා ගැටුම් ඔස්සේ වසර 50 කට වැඩි කාලයක් ජනතාවගේ බලාපොරොත්තුවක්ව තිබූ නව ඖෂධ පනත අප සම්මත කළෙමු. ඒ තුළ අත්‍යවශ්‍ය ඖෂධ 48 ක මිල කැපීිපෙනෙන ලෙස අඩු කිරීමට හැකි විය. පිළිකා රෝගියෙකුගේ මු`ථ ජීවිත කාලය පුරා සීමා රහිතව ප්‍රතිකාර වියදම් රජය මගින් දැරීමේ ප්‍රතිපත්තියකට අපේ රජය අවතීර්ණ විය. අප රජය අනුමත කළ ජාතික මද්‍යසාර ප්‍රතිපත්තිය පිළිබඳව වඩාත් සතුටු විය හැකිය. වසර 10 කට පසු රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් දස දහසකින් වැඩි කරන ලදී. අධිකරණ සේවයේ වැටුප් හා දීමනා විශේෂ පදනමකින් වැඩි විය.  මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 2,500 සිට රුපියල් 5,000 ක් දක්වාද වැඩි විය. වකුගඩු රෝගීන්ගේ දීමනාව රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ දමන ලදී. කටුනායක ගුවන් තොටුපළ ධාවන පථය ඉතා කෙටි කාලයකින් නවීකරණය කළ අතර, ලෝකයේ විශාලතම ගුවන් යානා ගොඩ බැස්සවීම සඳහා එයින් අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ. සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන 03 වන අංශය බවට පත්ව ඇත. සමස්ත විදේශ ඉපයීම්වලින් 15% ක් අද සංචාරක ව්‍යාපාරයෙන් ලැබේ.රණවිරුවන් සඳහා වූ “සත්විරු සංහිඳ” රණවිරු නිවාස ව්‍යාපෘතිය 2017 දී ආරම්භ කළ අතර, එය අද 90% ක භෞතික ප්‍රගතියක් පෙන්වයි. ආබාධිත රණවිරුවන් සඳහා විශේෂ වැටුප් හා දීමනා අප විසින් ලබාදුන් අතර, ආබාධිත ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා වැන්දඹුවන් හට රණවිරු සුරැකීම් දීමනාව යටතේ ආබාධිත රණවිරුවන්ටත්, බිරින්දෑවරුන්ට සහ මියගිය විවාහක රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට, ඔවුන් ජීවත්ව සිටින තාක්කාල් දීමනා ලබාදීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අපගේ උපදෙස් අනුව මේ වන විට ඉටු කරමින් පවතී. හිඟ විශ්‍රාම වැටුප් ගෙවීම විධිමත් කර තිබේ. එමෙන් ම, 2015 වසරේ සිට 2018 දක්වා කාලය තුළ පමණක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල රජයේ හා පුද්ගලික ඉඩම් අක්කර 40,475 ක් ත්‍රිවිධ හමුදා පරිහරණයෙන් නිදහස් කර ඇත. ඒ අනුව, උතුරු නැගෙනහිර ජනතාවට අහිමිව තිබූ යුද සමයේ හමුදා පරිහරණයට ගත් ඉඩම්වලින් 85% ක් මේ වනවිට නිදහස් කර ඇත. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළෙහි මේ වන විට 90% ක ප්‍රගතියක් අත්කරගෙන තිබේ.  බොහෝ බාධාවන් මත ආරම්භ කරමින් මන්දගාමීව ක්‍රියාත්මක වූ මොරගහකන්ද ක`ථගඟ යෝධ වාරි ව්‍යාපෘතියේ විශාල ප්‍රගතියක් පෙන්වීමට අපට හැකි විය. 2015 සිට නව කඩිනම් ඉදිකිරීම් වැඩසටහනක් හඳුන්වාදීමටත් සුදුසු කාර්ය මණ්ඩල පත්කිරීමත් තුළ පරාක්‍රම සමුද්‍රය මෙන් 06 ගුණයක් වූ මොරගහකන්ද මහා ජලාශයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ගොවි ජනතාවට ජලය නිකුත් කළ අතර, ක`ථගඟ ව්‍යාපෘතියේ කටයුතු මේ වනවිට සාර්ථකව සිදුවෙමින් පවතී. කාලගුණ විපර්යාස මත ඇති වූ අයහපත් පාරිසර තත්ත්වයන්ට මුහුණදීම පිණිස නියඟයෙන් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ද ජාතික කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ද, උතුරු මැද පළාතේ වාරි පද්ධතීන් වැඩිදියුණු කරමින් කුඩා වැව් 800 ක් ද උතුරු පළාතේ කුඩා වැව් 1,400 ක් ද ඌව පළාතේ කුඩා වැව් 350 ක් ද ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇත.  කුඩා වැව් 2500 කට වැඩි සංඛ්‍යාවක් එකවර ප්‍රතිසංස්කරණය කිරීමේ යෝධ ව්‍යාපෘතිය යටත් විජිත යුගයෙන් නිදහස් වූ පසු රජයක් මගින් ආරම්භ කරනු ලබන පළමු දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස මම මෙහිදී හඳුන්වමි. වයඹ සහ වියළි කලාපයේ ජල ගැටලුවට ස්ථිර විසඳුම් ලබාදීම සඳහා වයඹ මහ ඇළ, උතුරු මැද මහ ඇළ, මිනිපේ මහ ඇළ යන යෝධ ව්‍යාපෘති ලක්වාසී ජනතාවගේ ඉදිරි ශත වර්ෂය වෙනුවෙන් දැවැන්ත වාරි යෝජනා අප විසින් ආරම්භ කරන ලදී. මා මෙතෙක් සඳහන් කරනු ලැබුයේ ඔබතුමන්ගේ නායකත්වය යටතේ, 08 වන පාර්ලිමේන්තුවේ, පළමු සභා වාරය තුළ වර්තමාන රජය විසින් අත් පත් කරගත්, රටේ දේශපාලනික, ආර්ථීක, සමාජයීය හා සංස්කෘතික සංවර්ධනයටත් පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ජනතාව වෙත අත්පත් කරදුන් නෛතික සහ සංවර්ධනාත්මක ජයග්‍රහණයන් පිළිබඳවය.  රජයේ නව ගමන් මග තෝරා ගැනීමේදී අත්‍යාවශ්‍ය කරුණු ගැන මූලික අවධානය යොමුකර රට හමුවේ ඇති රුපියල් කෝටි දශලක්ෂයක් වන ණය බර ජනතාව මත පැටවීමෙන් තොරව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ.   තවද, දුගී බවෙන් හා දරිද්‍රතාවයෙන් පීඩා විඳින ජනතාව එයින් මුදවා ගැනීම, රාජ්‍ය සේවයේ විධිමත් බව සහ කාර්යක්ෂමභාවයත් සමග පොදු ජනතාවට නම්‍යශීලී වූ ජනතාවාදී සේවාවක් ලෙස ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රමෝපාය හඳුනාගැනීම සහ කළමනාකරණ තීන්දු ගැනීම මෙහිදී මූලික වේ. වේගවත් ආර්ථික සංවර්ධනය උදෙසා, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යක්ෂම සහයෝගීත්වයක් අත්කරගැනීම, ඵලදායකත්වය හා තරගකාරීත්වය ඉහළ දැමීම, ඍජු විදේශ ආයෝජන සහ අපනයන ආදායම් වර්ධනය අරමුණු කරගත් සම්පත් කළමනාකරණය, රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කොට ගැනීම ඒ අතර ප්‍රමුඛ වෙයි.  එකී සියලු අභියෝග ජයගැනීමට කටයුතු කිරීම යනු ශ්‍රී ලංකාව සියලුම සංවර්ධන පැතිකඩ අතරින් පරාජය කළ නොහැකි දේශයක් ලෙස ගොඩනැගීම යන අපගේ පළමු ඉලක්කය ජය ගැනීමයි. දෙවැනි ඉලක්කය නම්, ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය සඳහා ජාතික සහ ආගමික සහජීවනය සාක්ෂාත් කර ගැනීමයි. දූෂණයෙන් හා අක්‍රමිකතාවයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනැගීම තෙවැනි ඉලක්කයයි. මාගේ පාලන කාලය තුළ එකී අරමුණු ජයගැනීම අපගේ එකම අභිප්‍රාය වන්නේය. සමස්ත ශ්‍රී ලංකාව අද දිනයේ ඉල්ලා සිටින්නේ සෞභාග්‍යයේ නිදහස අත් පත් කර ගැනීමයි. අල්ලසට, දූෂණයට, නාස්තියට එරෙහිවීමේ ජාතියක අනාගතය සඳහා වූ ආත්මාරක්‍ෂාවයි. අදින් ඇරඹෙන මෙම නව සැසිවාරය උක්ත අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට ලැබෙන නව අවස්ථාවක් ලෙස සැලකිය යුතුය. ශ්‍රී ලංකාවේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව දළවශයෙන් තුන්ලක්ෂ තිස් එක්දාහසකි. වාර්ෂික මරණ සංඛ්‍යාව එක්ලක්ෂ තිස් එක්දාහසකි.  ඒ අනුව වාර්ෂික ව අපේ රටේ ජනගහණයට ලක්ෂ දෙකක් එක්වෙති.  අපේ රටේ නව පරපුරට ඉලක්ක තිබෙනවා. උගතුන්ට ඉලක්ක තිබෙනවා. බුද්ධිමතුන්ට ඉලක්ක තිබෙනවා. රටකට ඉලක්ක තිබෙනවා. මම එදා රජයෙන් ඉවත් වී ජනතාවගේ ආශිර්වාදයෙන් වර්තමාන රජය බිහිකළේ ජාතියේ අනාගතය වෙනුවෙන් සහ ඔබේත්, මගෙත් මාතෘභූමිය වෙනුවෙන් උතුම් වූ පරමාර්ථ පෙරදැරි කරගත් ප්‍රබුද්ධ වූත් ප්‍රඥාවන්ත වූත් ඉලක්ක සපුරා ගැනීමේ අධිෂ්ඨානයෙනි. අප රට දැන් මුහුණදී සිටින්නේ, විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල දේශපාලන බලය උරගා බැලීමට සුදුසු මොහොතක නොව, රට හමුවේ ඇති අභියෝග සාමූහිකව ජය ගත යුතු අවධියක බව මම අවධාරණය කරමි. මෙහිදී, එම ප්‍රමුඛතාව යථාර්ථයක් කර ගැනීමට නම්, පළමුව ජාතික ආණ්ඩුවේ පක්ෂ අතර පවතින බල අරගලය මෙන්ම දෙවනුව, ආණ්ඩුව හා විපක්ෂය අතර පවතින්නා බල තරගය සමනය කර ගත යුතු වේ. දැනට පවතින සෑම ආකාරයකම බල තරගයකින්ම අපේක්ෂාභංගත්වයට පත්වන්නේ රටේ ජනතාවයි.  ජනතා අපේක්ෂාවන් මල්පල ගන්වන, සැබෑ ලෙසම ජනතාවාදී වැඩපිළිවෙළක නිර්නායක ලෙස හඳුනා ගත හැකි ප්‍රවිෂ්ඨයන් කිහිපයක් මම පහත හඳුන්වා දෙන්නෙමි.1. ජනතාවගේ ආර්ථික සමෘද්ධිය තහවුරු වීම, දුගීභාවය දුරලීම, තරුණයින්ට නව රැකියා අවස්ථා උත්පාදනය, රාජ්‍ය සේවකයන්ට තෘප්තිමත් වීමට හැකිවීම, පොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ගේ ආත්ම විශ්වාසය හා අභිප්‍රේරණය තහවුරු කිරීම, සමාජය තුළ නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා භාෂණයේ නිදහස තවදුරටත් සහතික කිරීම, දෙමළ ජනතාවගේ සම-අයිතිවාසිකම් පදනම් කරගත් අභිලාෂයන් පිළිගැනීම, මුස්ලිම් ජනතාවගේ සුභසිද්ධිය සහ සමාජ-සංස්කෘතික අවශ්‍යතා තහවුරු කිරීම, කඳුකරයේ දෙමළ ජනතාවට ආර්ථික හා සමාජ ශක්තියක් එකතු කිරීම, සමස්තයක් ලෙස රටේ බහුතර ජනතාව වන සිංහල ජනතාවගේ සංස්කෘතික උරුමයන් ශක්තිමත් ලෙස තහවුරු කරමින් දේශීය අන්‍යන්‍යතාව ශක්තිමත් කිරීම, කාන්තාව තවදුරටත් බලසතු කිරීම සඳහා ඍජුව මැදිහත්වීම, සමාජය තුළ ජීවත්වන විශේෂ අවශ්‍යතා සහිත ජනතාව පිළිබඳ සංවේදී වීම, රටේ පරිසරය සුරකින, දේශීය සම්පත් අනාගතයට උරුම කරදෙන්නා වු තිරසර සංවර්ධනයක් තහවුරු කිරීම, ආගමික විශ්වාස, ජාතික සාරධර්ම සුරකින සියලුම ආගම්වල පූජ්‍ය පක්ෂය ද බෞද්ධ භික්ෂු සංස්ථාව ද තිරසර ලෙස සුපෝෂණය කිරීම, දේශපාලන බල තරගයෙන් ඔබ්බට ගිය, රට සංවර්ධන කිරීම සඳහා සියලු ජාතීන් ආගම්, දේශපාලන පක්ෂ එක්තැන් කොට ගොඩනැගෙන ජාතික තිරසර සංවර්ධන දැක්මක් ගොඩනැගීම,  යනු එම නිර්ණායක වේ.  එකී නිර්නායක මත ක්‍රියාත්මක වීමේදී, සාර්ව සහ ක්ෂුද්‍ර සංවර්ධන ක්‍රමෝපායක් මත පිහිටා කටයුතු කළ යුතු වන අතර, ඒවායේ සාර්ථකත්වය සඳහා ව්‍යුහාත්මක වෙනස්කම් අත්‍යවශ්‍ය බව සඳහන් කළ යුතු වේ.  නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන්ගේ ස්වාධීනත්වය දැනටමත් අප තහවුරු කර ඇත. එහෙත්, තවමත් නිදැල්ලේ සිටින මහා පරිමාණ වංචනිකයින්ට එරෙහිව නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් විවේචන ඇත. දූෂණය මුලිනුපුටා දමා සියලු දූෂිතයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම අපේ ඒකාන්ත අරමුණයි. එය මේ රටේ පොදු මහජනතාවගේ ප්‍රාර්ථනයකි. අපට එරෙහිව එල්ල වන තවත්  චෝදනාවක් වන්නේ, රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳයි. රට හමුවේ ඇති අභියෝග සැලකූ විට සියලු පක්ෂ එකාවන්ව රට වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුතු වෙනවා. මහා ණය බරක් අප හමුවේ තිබෙනවා, නාස්තිකාර වියදම් කළ යුගයක සුන්බුන් අප ඉවත් කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාවට නැගී සිටීමට ඇති අවසන් අවස්ථාව මෙය යැයි සලකා සැම එකාවන්ව කටයුතු කළ යුතු වෙනවා.  වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරුණු රටක ආණ්ඩු මාරුවීම්වලදී සිදුවන මහා පරිමාණ දේශපාලන පළිගැනීම් නැති කොට පරාජිතයාටත්, ජයග්‍රාහකයාටත් අභිමානයෙන් ජීවත් වීමට හැකි වන වටපිටාවක් සැදීම අද දවසේ දේශපාලන වගකීමක් ලෙස මම සලකමි.  උතුම් මාතෘභූමියට අවංක සේවයක් කළාය යන හැඟීම හෘද සාක්ෂිය මියන තුරු හඬගා කියන වැඩකොටසක් ඉටු කිරීම අපේ අපේක්ෂාව විය යුතුයි. ඒ වෙනුවෙන්, අපි අපගේ අනාගතය වෙනුවෙන් කැප වෙමු. මෙම රජය පිහිටුවීමේදී, අප හමුවේ ජාතික අභියෝග ගණනාවක් තිබුණි. පළමුවැන්න වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කිරීමයි. දෙවැන්න නම් ජාතීන් අතර විශ්වාසය හා සමගිය තහවුරු කිරීමයි.  තෙවැන්න වූයේ, දැවැන්ත ණය උගුලකට හිර වූ රටේ ආර්ථිකය යළි නගාසිටුවීමයි. සිව් වැන්න වූයේ, අපට අහිමිව තිබූ ජාත්‍යන්තරය දිනා ගැනීමයි. කුමන චෝදනා විවේචන එල්ල වුව ද මේ සෑම අංශයකින්ම සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගන්නට පසුගිය වසර තුන ඇතුළත අපේ රජයට හැකියාව ලැබී තිබේ. එසේම, මේ සෑම අංශයකම තවත් කළ යුතු වැඩ බොහෝය. ශක්තිමත් සහ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිණිස අත්‍යාවශ්‍ය වන ව්‍යවසායකත්ව කළමනාකරණයක් සඳහා රට යොමු කිරීම හා දේශීය ව්‍යාපාරික ප්‍රජාවට සහ දේශීය හා විදේශීය ආයෝජිකයින්ට ආකර්ෂනීය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අවශ්‍යයි. එමෙන් ම, අප දැක පුරුදු ගජ මිතුරු ආර්ථිකය පරදවා, සමාජ-මිතුරු ජනතා හිතවාදී ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු වෙයි. සෑම පුරවැසියකුටම සාර්ථක විය හැකි ආර්ථිකයක් අත්‍යාවශ්‍යව තිබේ. මෙහිදී, විශේෂයෙන් ම අපේ රටේ කෘෂිකාර්මික ජනතාව ගැන සඳහන් කළ යුතුයි. වසර තුනක් තිස්සේ නිසි පරිදි වැසි නොලැබීම නිසා රටේ දළ ජාතික නිෂ්පාදනය සඳහාත් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ දායකත්වය පහළ ගොස් තිබේ. අධික වැසි සහ දීර්ඝ කාලීන නියඟය ගෝලීය වශයෙන් බලපාන්නා වූ කාලගුණ විපර්යාසයන් හි ප්‍රතිඵලයක් වී තිබේ. නියඟය පැවති එම ප්‍රදේශවල ජනතාවට ආහාර ලබාදීම ඇතුළත් සහනාධාර වැඩසටහන මේ වන විට මිලියන 38,000 ක් අප වැය කර තිබේ.  ස්වභාධර්මයේ අනිටු බලපෑමින් මිදී සාර්ථකව කෘෂිකර්මාන්තයේ නියැලීමට අවශ්‍ය මාර්ගය නිර්මාණය කළ යුතුව තිබේ. කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය මුසු කිරීම සම්බන්ධයෙන් අප තවමත් ප්‍රමාණවත් තරම් සාර්ථකත්වයක් අත් කරගෙන ඇතැයි සතුටු විය නොහැකිය. කෘෂි නිෂ්පාදනය ද පසු නිෂ්පාදන ක්‍රියාවලිය ද බෙදාහැරීම ද නවීකරණය කළ යුතුව තිබේ.  එමෙන්ම, මැදි ආදායම් රටක් ලෙස, නව තාක්ෂණය පදනම් කරගත් අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයක් පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය පැමිණි තිබේ. ස්ථාවර රටක පදනම ජාතික සංහිඳියාවයි. සැබෑ ජාතික සංහිඳියාව ඇති කරලීම සඳහා සමානාත්මතාව පදනම් කරගත් දේශපාලනික තීන්දු තීරණ ගැනීමේ ව්‍යුහයන් හඳුන්වාදීම වැදගත් වන්නේය. එම අරමුණු ජයගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක පළාත් සභා ක්‍රමය ශක්තිමත් කිරීම අද දවසේ අවශ්‍යතාවක් යැයි මම විශ්වාස කරමි. පශ්චාත් යුද කළමනාකරණය ඉතා අභියෝගාත්මක බව අප පිළිගත යුතු කරුණකි.  අප ආණ්ඩුව භාර ගන්නා විට මේ අභියෝගයට පිළිතුරු සැපයීම අවුරුදු හතකින් පමා වී තිබුණු අතර එබැවින්ම එම අභියෝගය වඩාත් අසීරු වී තිබුණි. දශක තුනක් පුරා සමාජයේ මුල්බැසගෙන තිබුණු යුද මානසිකත්වය ඉවත් කර සහජීවනය ස්ථාපිත කරන්නට තවදුරටත් අප විසින් කළ යුතු වැඩ බොහෝ වේ. ආණ්ඩුවකට පමණක් එය තනිව ඉටු කිරීම අසීරුය.  ඒ සඳහා සමාජයේ සෑම පාර්ශ්වයකම සෘජු මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. එකී අරමුණ වෙනුවෙන්, සියලු දෙනා එකමුතු වී කටයුතු කරන මෙන් මා සෑම පාර්ශ්වයකටම ආරාධනා කරනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ අපගේ අවධානය ද මෙහිලා වැදගත් වන්නේය. අපගේ භෞමික ආරක්ෂාව, මානව ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව ද මෙහිලා වැදගත් ක්ෂේත්‍රයන් වෙයි.  භෞමික ආරක්ෂාව යටතට අපගේ මුහුදු කලාපය පිළිබඳ අවධානය ද මානව ආරක්ෂාව යටතේ ආහාර සහ ජල සුරක්ෂිතතාව ද වැදගත් වේ. විශේෂයෙන් ඉන්දියානු සාගර කලාපයේ කේන්ද්‍රීය ස්ථානයක ශ්‍රී ලංකාව ස්ථාපිත වීම නිසා මේ වන විට අපට අද්විතීය වැදගත්කමක් හිමිව  තිබේ.  එපරිදිම, අප විසින් අනාගතවාදී ලෙස සංවේදී වෙමින් සලකා බැලිය යුතු ආරක්ෂක අභියෝගයන්  ඇති බව සිහි තබා ගත යුතු වේ. එමනිසා ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාමේදී මැදමාවතේ මිත්‍රශීලී පිළිවෙතක වැදගත්කම අවධාරණය කරන්නෙමි. අපගේ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය සැබවින්ම ඵලදරා තිබේ. ලෝකයේ සෑම රටක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන සමග අප දැඩි මිත්‍රශීලී බවක් සහ සුහදතාවක් ගොඩනගා ගත් වෙනත් අවස්ථාවක් නොමැති තරම්ය.  වර්තමාන දේශපාලනය දෙස බලන විට, විපක්ෂයේ කාර්යභාරය වෙනස් මගක් ගත යුතුවා සේම ජාතික ආණ්ඩුවක් තුළ සහෝදර පක්ෂයන් හි ක්‍රියාමාර්ගයන් ද වෙනස් ස්වරූපයක් ගත යුතුව තිබේ. ජාතික ආණ්ඩුව සැදුම්ලත් වන්නේ එකිනෙකින් වෙනස් දෘෂ්ටීන්ගෙන් යුතු දේශපාලන පක්ෂවලිනි. එම පක්ෂ ක්‍රියාත්මක විය යුත්තේ බුදුන් වහන්සේ පෙන්වා දුන් පරිදි, වජ්ජීන් මෙන් සමගිය සහ සාකච්ඡාව පෙරදැරිව නම්, වජ්ජීන් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයන් සැබෑ ලෙසම අප ද අනුගමනය කළ යුතු වෙමු. ජනාධිපතිවරයා ලෙස පසුගිය තෙවසර තුළ මා ක්‍රියාත්මක වුයේ එකී ධර්මතා පදනම් කොට ගෙනය. එය රටේ ද සමස්ත ජනතාවගේ ද ජයග්‍රහණයට හේතුවන බව මම තරයේ විශ්වාස කරමි. අවසන් වශයෙන්, අප රාජ්‍යයක් ලෙස නැගී සිටිමින්, ආර්ථික සමෘද්ධිය සාක්ෂාත් කිරීමේදී, අපගේ උරුමයන් මෙන්ම, දේශීයත්වය, අපේ මහා සංස්කෘතිය, අපේ ඌරුව, ආදී සියල්ල ශක්තිමත්ව ඉස්මතු වූ දේශපාලන චින්තනයක් තුළ කටයුතු කළ යුතු බව මම දැඩි ලෙස අවධාරණය කරමි. පොදු ජනතාවගේ දේශපාලන හෘද ස්පන්දනය හඳුනාගත් දැක්මක් තුළ අප කටයුතු කිරීම මූලික සිද්ධාන්තය ලෙස සිහි තබා ගනිමින්, ශ්‍රී ලංකාව අපරාජිත දේශයක් ලෙස නගා සිටුවීමට පෙරට එන ලෙස ආරාධනා කරන අතර, රටටත් ජනතාවටත් ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමි යැයිද ජනාධිපතිවරයා කීවේය. කෙසේවෙතත් හිටපු ඇමැතිවරුන් ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එද්දී ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඔවුනට යම් යම් දේ කියමින් ඝෝෂා කරනු දක්නට ලැබිණි.මේ පැති මාරුව සිදුවූයේ ඊයේ පස්වරු 2.20ට පමණය. ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂය පැත්තට මුලින්ම පැමිණියේ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාය. ඊට පසුව අනුර ප්‍රියදර්ශන යාපා, සුසන්ත පුංචි නිලමේ, එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ටී.බී. ඒකනායක, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර, තාරානාත් බස්නායක, අනුරාධ ජයරත්න, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, සුමේධා ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන හිටපු ඇමැතිවරු පැමිණ විපක්ෂයේ අසුන් ගත්හ. විපක්ෂයට පැමිණි හිටපු ඇමැතිවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ඒ වනවිටත් ආසන පිළියෙළ කර තිබිණි. එස්.බී. දිසානායක, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්
ශ්‍රීලංකාවේ ගෝලීය පිහිටීමේ වාසිය ආයෝජකයන්ට
0
hp_train_1370
බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇති විය හැකි වැසි ස්වල්පයක් හැර, ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට  වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකර ප්‍රදේශවල විටින් විට  තද සුළං බලාපොරොත්තු වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 07/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව38268550ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31278565වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල30269075වැසි ස්වල්පයක්යාපනය33288565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29229065ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය19149060ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය33238560වැසි ස්වල්පයක් ඇති විය හැකත්‍රීකුණාමළය35268550ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම32279070ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘ඉදිරි 24 පැයේ වැසි රහිත කාලගුණයක්‘
1
hp_train_1371
 ( තිළිණි ද සිල්වා සහ රංජන්  කටුගම්පොළ)මහරගම නගර සභාව සඳහා යතුරුපැදිය ලකුණින් තේරී පත්වූ නාගරික මන්ත‍්‍රීවරු විසිතුන් දෙනෙකුගේ පත්කිරීම බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන අගෝස්තු 01 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය  අද (26)  තීන්දු කළේය.පෙත්සමේ වග උත්තරකාර පාර්ශවයට නිසි පරිදී නොතීසි ලැබී නොමැති බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට කළ දැනුම් දීමට අනුව මෙම පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.මහරගම පදිංචි ඡන්දදායකයෙකු වන එල්. චන්ද්‍රසේන පෙරේරා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස යතුරුපැදිය ලකුණෙන් ස්වාධීන කණ්ඩායම් අංක දෙක යටතේ මහරගම නගර සභාව සඳහා තේරී පත් වූ නාගරික මන්ත‍්‍රීවරුන් 23 දෙනා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ එහි සාමාජිකයින් තිදෙනා මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.මෙම පෙත්සමේ සදහන් වන්නේ පෙත්සම්කරු මහරගම නගර සභා බල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවය. පසුගිය පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන ඡන්ද විමසීමේ දී මහරගම නගර සභාව සඳහා යතුරුපැදිය ලකුණෙන් තරග කොට තේරී පත් වූ මන්ත‍්‍රීවරු විසිතුන්දෙනා එම නගර සභා බල ප‍්‍රදේශයෙන්  බැහැර වෙනත් ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි.එය 2017 වසරේ ඡන්ද නාමලේඛණය පරීක්ෂා බැලීමේදී ඔවුන්  දිවුලපිටිය, බඩල්ගම හා කොළඹ ආදී ප‍්‍රදේශවල පදිංචිකරුවන් තහවුරු වූ බව පෙත්සමේ සඳහන් වේ. එම මන්ත‍්‍රීවරුන්ගේ එම ක‍්‍රියාව පළාත් පාලන මැතිවරණ පනතේ පනතේ 8 වැනි වගන්තිය විධි විධාන වලට අනුව පටහැනි බවය.ඒසේම ඔවුන්ට මහරගම නගර සභාවේ මන්ත‍්‍රී ධූර දැරීම සඳහා කිසිදු සුදුසු කමක් නොමැති බවද පෙත්සම්කරු කියා සිටී.මෙසේ තේරී පත් වූ මන්ත‍්‍රීවරු නගර සභාවේ රැස්වීම් සඳහාද නිසි ලෙස සහභාගී නොවන බවත් මේ නිසා නගර සභාවේ පරිපාලන කටයුතු අකර්මන්‍ය වීමේ අවධානමක් මතුව තිබෙන හෙයින් නීතියට ප‍්‍රකාරව අදාළ මන්ත‍්‍රී ධුර දැරීමට වග උත්තරකාර මන්ත‍්‍රීවරුන්ට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙසත් , ඔවුන්ගේ මන්ත‍්‍රීධූර අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මහරගම මන්ත‍්‍රීවරුන්ගේ පත්කිරීමට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී
0
hp_train_1372
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි  වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. කන්කසන්තුරේ  සිට පුත්තලම  සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන අතර  සෙසු මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවේ.‘
‘ප්‍රදේශ රැසකට කඩින් කඩ වැසි‘
1
hp_train_1373
(සුමිත් ප්‍රේමතිලක)පානදුර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය කාන්තා බූරු පිටියක් වටලා කාන්තාවන් 06 දෙනකු සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.මොරවින්න මාදුපිටිය ගොළු කොටුව වත්ත සහ දිබ්බැද්ද ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 සග 48 අතර වයසේ පසුවන බව ද පොලිසිය පවසයි .පොලිස් කණ්ඩායම නිවස වටලන විට සැකකාරියන් පැනයාමට උත්සාහ දරා ඇති අතර , කාන්තා පොලිස් කොස්තාපල්වරියන් ලවා සැකකාරියන් හයදෙනා සහ සුදු ක්‍රීඩා වේ නියැලී සිටි පුද්ගලයකු පොලිස් නිලධාරීන් අත්තඩංගුවට ගෙන ඇත.ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන හයක් සහ බූරු ගැසීම සඳහා භාවිතා කළ බූරු කුට්ටමක් සම මුදල් පොලිස් භාරයට ගෙන තිබේ . 
කාන්තා බූරු පිටියක් වටලා හයක් අල්ලයි
0
hp_train_1374
කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම සැලකිල්ලට ගනිමින් බැංකු අනුපාතික පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (15) රැස්වී මෙම තීරණ ගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 2019 මැයි මස 31 වන දින සිට සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300 ක ආන්තිකයක් සහිත ව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා අනුකූල ව ස්වයංක්‍රීය ව ගැළපීම සඳහා ඉඩ හැරීමට තීරණය කර ඇත.ඒ අනුව එම අනුපාතික සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300 ක ආන්තිකයන් සහිතව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා අනුකූලව ස්වයංක්‍රීයව ගැලපීම සඳහා ඉඩ හැරීමට ද මහ බැංකුව තීරණය කර ඇත.අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි, හදිසි අවස්ථාවලදී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීරණය කරන අනුපාතිකයක් වන බැංකු අනුපාතිකය සියයට 15 සිට සියයට 10 දක්වා පදනම් අංක 500කින් අඩු කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තවදුරටත් තීරණය කර ඇත.   055
කොරෝනා නිසා බැංකු අනුපාතිකය පහළ දමයි
1
hp_train_1375
අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දී සිටින අර්බුදය තවත් උග්‍ර කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් අද (19) ඉවත් විය.සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ ඇයගේ පුද්ගලික විද්‍යුත් තැපෑල මගින් පණිවිඩයක්  යැවීමෙන් ප්‍රොටොකෝල කඩ කළ බව පිළිගනිමින් සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.ඉල්ලා අස්වීමේ ලිපිය යවමින් ඇය වත්මන් බ්‍රිතාන්‍ය රජය පොරොන්දු කඩකර ඇති බවත් මිනිසුන් අතින් අත් වැරද්දක් සිදු වූ විට කළයුතු සුදුසුම දේ ඉල්ලා අස්වීම බවත් ඇය පැවසුවාය.පසුගිය දා අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් තමන් අතින් අත් වැරද්දක් සිදු වූ බව පිළිගත්තාය.සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ සැණින් ග්‍රාන්ට් ශැප්ස් නව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කිරීමට අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් කටයුතු කර ඇත.ඒ අනුව දින 5 ක් ඇතුළත මුදල් අමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය සිය ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ඇත.එසේම බ්‍රිතාන්‍යයේ ඉහළ යන ආහාර ද්‍රව්‍ය මිල හේතුවෙන් වසර හතළිහකට පසු වාර්තා වූ ඉහලම උද්ධමනය වූ 10.1 සැප්තැම්බර් මස වාර්තා විය.විමුක්ති එස්. රුද්‍රිගු
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ඇමැති අස්වෙයි
1
hp_train_1376
නැගෙනහිර සහ ඌවවේත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ තැනින් තැන වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ, ගාල්ල, මාතර  පුත්තලම දිස්ත්‍රීක්කවලත් සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන  වැසි ඇති වේ.පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස 4.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
‘මුහුදු ප්‍රදේශවලට තද වැසි‘
0
hp_train_1377
  ( මොහොමඩ් ආසික්)අදට (01)  යෙදී තිබෙන ලෝක කම්කරු දිනය ලබන 07 වැනිදාට සැමරීමට  රජය  තීරණය කර තිබුණද වෘත්තීය සමිති තුනක සහභාගීත්වයෙන් මහනුවර දුම්රිය පොළ ඉදිරිපිටදී අද  (01)  මැයි දින  සැමරුමක් පැවැත්විණි. ලංකා කම්කරු රතු කොඩි සංගමය,  ගෘහස්ත කම්කරු සංගමය  සහ  ලංකා වෘත්තීය සමිති සම්මේලනය  මීට එක් වුවෝ වෙති.මෙහිදී අදහස් දැක්වූ ලංකා කම්කරු රතු කොඩි සංගමයේ  මේනකා කන්දසාමි මහත්මිය මෙහිදී සඳහන් කළේ,   ලෝක කම්කරු දිනය ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් කම්කරුවන්ගේ දිනයක් බවත් මේ වන විට කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගිලිහෙමින් තිබෙන බවත්ය.  එමෙන්ම ධනපති රජයන් කම්කරු අයිතින් උදුරා ගනිමින් සිටින බවත් කම්කරු දිනය වෙනස් කිරීම කිසිසේත් තමන් අනුමත නොකරන බවත් ඇය සඳහන් කළාය.
වෘත්තීය සමිති තුනක් මැයි දිනය මහනුවරදී සමරති
1
hp_train_1378
(සුජිත් හේවාජුලිගේ)කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින් හැකි ඉක්මනින් එන්නත් ලබා ගැනීමට කටයුතු කරන්නැයි තමා ජනතාව ගෙන් නැවත වරක් ඉල්ලා සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.පවතින තත්වය යටතේ නිරෝධායන නීති ආරක්ෂා කිරීමද අතිශයින්ම වැදගත් බව හෙතෙම පෙන්වා දුන්නේය.කොරෝනා ආසාදිතව මියගොස් ඇති බහුතරය කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් අය බවත් රටට තියෙන වැදගත්ම රැකවරණය කොරෝනා එන්නත බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.ආසාදිත වූ වැඩි පිරිසක්ද එන්නත නොලැබූ අය බව හෙතෙම කීවේයජනතාවට එන්නත ලබා ගැනීමේ පහසුව සඳහා රට පුරා මධ්‍යස්ථාන ස්ථාපනය කර ඇතැයි පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදීද එන්නත ලබාදීම සිදුකරන බව පැවසුවේය . 
යුද හමුදාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක්
0
hp_train_1379
 (යොහාන් භාසුර)‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 129 දෙනකු අද (15) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු ‘කොවිඩ්’ රෝගීන් සංඛ්‍යාව 668,141 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
අද ‘කොවිඩ්’ ආසාදිතයන් 180 ක්
0
hp_train_1380
උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සිවුවතාවක් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කර ඇත.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (6) රැස්වූ අතර එම විශේෂ රැස්වීමේදී වාර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.50ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6.50 දක්වාත් පදනම් අංක 50කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.මෙම තීරණයත් සමඟ මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා ගන්නා ලද අනෙකුත් ක්‍රියාමාර්ගවලට අමතරව මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත පදනම් අංක 150කින් අඩු කර ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.වසර තුළ මේ දක්වා කාලය තුළ මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුකූලව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ ගොස් ඇති බව මුදල් මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්වී ඇති බවත් ඒ මණ්ඩලය කනස්සල්ලට පත්වන බවත් මහ බැංකු පෙන්වාදෙයි.එම නිසා තවදුරටත් ප්‍රමාදයකින් තොරව ණය අනුපාතික අඩු කරන ලෙස මූල්‍ය ආයතනවලින් දැඩිව ඉල්ලා සිටින අතර එසේ නොවුණහොත් වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ දැමීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇති බව ද එම බැංකුව සඳහන් කරයි.055 
ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩුකරයි
0
hp_train_1381
පසුගිය රජය සමයේ සිදුවූ අයථා මුදල් ගනුදෙනු ගැන චෝදනා නැගුණේ වරක් දෙවරක් නොවේ. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදුවූයේ නැත. එම මුදල් ගනුදෙනු වලට සම්බන්ධව සිටියෝ සියල්ල මනාව යටගැසූහ.නමුත් 2014 වසරේ සන්ඩේ ටයිම්ස් ජූලි හා අගෝස්තු කලාපයන්ගෙන් එක්තරා හෙළිදරව්වක් සිදුකෙරිණ. පාර්ලිමෙන්තුවට රහසේ ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකාවේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් හා මහජන සම්බන්ධතා උපදේශකවරුන් පිරිසක් සමග මුදල් ගනුදෙනු වල යෙදී ඇති බවට පැහැදිලි සාක්ෂි අනාවරණය කෙරිණ. මෙම ගනුදෙනු සිදුව තිබෙන්නේ ඉමාඩ් සුබේරි නම් තැනැත්තෙකු හරහා බවද කියැවිණ. ලැබී තිබෙන නවතම වාර්තා වලින් තවත් දුරකට යෑමේ හැකියාව අපට දැන් ඇත. මෙසේ ගනුදෙනු කෙරුනු මුදල් ඉමාඩ් සුබේරි පවත්වාගෙන ගිය බව කියන සමාගමකටත්, ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමකටත් බැර කර තිබෙන බවට පැහැදිලි සාක්ෂි දැන් අප සතුය.2014 වසරේ මැයි මස 9 සිට සැප්තැම්බර් 10 අතර කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් ලක්ෂ 65 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් 872,806,569) නිදහස් කර ඇත. මුදල් නිදහස් කර තිබෙන්නේ විදේශ කටයුතු සදහා යැයි පවසමින්ය. නමුත් මෙම මුදල් විදේශ කටයුතු අමාත්‍යංශය භාරයේ හෝ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය භාරයේ ගනුදෙනු කර ඇති බවක් සොයාගැනීමට නැත.මහ බැංකුව මෙම මුදල නිදහස් කර තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ උපදේශක ලිලිත් වීරතුංග යන තිදෙනාගේ ලිඛිත උපදෙස් අනුවය. මේ සදහා යෙදාගත් ඊමේල් ලිපි සියැසින්ම දැකගැනීමට සන්ඩේ ටයිම්ස් අපට හැකිවිය. තම පෞද්ගලික විද්‍යුත් ලිපිනයන්ම ලිපි ගනුදෙනු සදහා යොදාගැනීමට ගුණවර්ධන හා කබ්රාල් දෙදෙන කටයුතු කර තිබේ.මෙම තොරතුරු අපි ඇමරිකා සගරාවක් වන ෆොරින් පොලිසි සමග හුවමාරු කරගත්තෙමු.ගෙවුනු සිකුරාදා සුබේරිගේ කටයුතු පිළිඹද සම්පූර්ණ වාර්තාවක් එහි පළව තිබිණ. කෘතගුණ දැක්වීමක් ලෙස ඇමරිකාවේ තිබෙන රාජපක්ෂවරුන්ගේ දේපළ සම්බන්ධව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමෙන්තුව සිදුකරගෙන යන පරීක්ෂණ වල තොරතුරු අප වෙත ලබාදීමට ෆොරින් පොලිසි සගරාවේ ජ්‍යේෂ්ඨ රචකයෙක් වන බිල් ඇලිසන් මහතා කාරුණික විය.අපට ලැබී තිබෙන තොරතුරු වලින් අනාවරණය කරගැනීමට හැකියාව ඇත්තේ පසුගිය රජය තම ප්‍රතිරූපය ඔප්නංවාගැනීමට විවිධ විදෙස් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් හා මහජන සම්බන්ධතා ආයතනයන් බිලීබා ගැනීමට යෙදවූ අති විශාල මුදලින් ඉතාම සුලූ කොටසක් ගනුදෙනු වී ඇති ආකාරය පමණකි.බොහෝ ගනුදෙනු සිදුව ඇත්තේ ඇමරිකාවේය.නමුත් බ්‍රිතාන්‍යයේ මෙන්ම ඉන්දියාවේ පවා වෙළද ප්‍රචාරක ආයතනයන් පසුගිය රජයේ ප්‍රතිරූපය නංවා ගැනීමේ කටයුතු වලට යොදවාගෙන ඇති බවට පැහැදිලි සාක්ෂි ඇත. 2014 දී සන්ඩේ ටයිම්ස් අනාවරණය කළ ආකාරයට ඩොලර් ලක්ෂ ගණනක මුදල් විවිධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වලට බැර කර ඇත.මුදල් වෙන්කිරීම් පිළිඹඳ සියලූ කටයුතු සිදුව ඇත්තේ හොර රහසේය. එසේ වුවත් ගුණවර්ධන,කබ්රාල්,වීරතුංග ත්‍රිත්වයගේ නම් මේ ගනුදෙනු වල නොයෙක් තැන්හි සදහන්ව තිඛෙනු හදුනාගත හැකිය.ඇමරිකාවේ ක්‍රියාත්මක විදේශ නියෝජිතයින් ලියාපදිංචි කිරීමේ පණත අනුව 2008 - 2014 කාලයේදී ඇමරිකා සමාගම් රැසක් ශ්‍රී ලංකාව සමග ගිවිසුම් වලට එළැඹ ඇත.ලිබර්ටි ජාත්‍යන්තරය, මැජෝරිටි සමාගම් සමූහය, තොම්සන් ඇඩ්වයිසරි සමාගම් සමූහය, බෙල්ට්වේ ගවර්න්මන්ට් ස්ට්‍රැටජීස්,ලෙවික් ස්ට්‍රැටෙජික් කමියුනිකේෂන්ස්,ක්‍රැන්ෆර්ඩ් ජොන්සන් රොබින්සන්,විජිලන්ට් වර්ල්ඩ්වයිඩ් වැනි සමාගම් ඒ අතර වේ.මේ සා විදෙස් ප්‍රචාරක හා උපදේශක ආයතනයන් ප්‍රමාණයක සේවය ලබාගත්තද රාජපක්ෂ රජය සමයේ බටහිර හා අප රට අතර පැවති සබදතා තිබූයේ විනාශය කරා යමින්ය. ලබාදුන් මුදලට සරිලන සේවයක් මෙම ආයතනයන් සිදුකර ඇත්දැයි විමර්ෂණයක් සිදුව නොමැත. සුබේරි හා ඔහුගේ ඩබ්ලියු.ආර් සමාගම් සමූහයද ලබාගත් මුදලට සරිලන ලෙස ශී්‍රලංකාවේ ප්‍රතිරූපය ඇමරිකාවේ ඔප්නැංවීමට කුමක් කළේදැයි පැහැදිලි නැත.මෙසේ නාස්ති කර ඇත්තේ මහජන මුදල්ය.විගණනයක් සිදුව ඇත්දැයි විමසීම පවා විහිළුවකි.මුදල් වලට සිදුවන්නට ඇත්තේ කුමක්ද? වියදම් පිළිබඳ ඇති තොරතුරු සීමිතය. සිකුරාදා ෆොරින් පොලිසි සගරාවේ පළව තිබූ ලිපියෙන් මුදල් වියදම් කළේ මොනවාටදැයි සුබේරිගෙන් විමසා තිබිණ,‘ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ ව්‍යාපෘතියේ ගොඩක් දේවල් තිබුණා.ගොඩක් දෙනා ඒකට එක්වුණා.ඒ හින්දා කාටද මුදල් දිය යුත්තේ,කොපමණ මුදල් ප්‍රමාණයක්ද දිය යුත්තේ කියන එක අන්තිමට බොහොම සංකීර්ණ වුණා අපට. නමුත් වැරදුනු අවස්ථා තිබුණානම් ඒවා වහාම නිවැරදි කරන්නත් අපි කටයුතු කළා.’ ඔහු දී තිබූ පිළිතුර විය.හිටපු රජයේ වගකිවයුතු පාර්ශවයන්ද, හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු ද සදහන් කළේ මේ සියල්ල දැන සිටියේ අතලොස්සක් බවයි. ගනුදෙනු නම් සියල්ලක්ම පාහේ සිදුවූයේ සජින් වාස් ගුණවර්ධනගේ යටතේ බව ඔවුහු පවසා සිටියහ.මේ සම්බන්ධයෙන් විමසීමට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධ කරගත් අවස්ථාවේ ඔහු සන්ඩේ ටයිම්ස් වෙත පවසා සිටියේ අසන ප්‍රශ්න කෙටි පණිවුඩයකින් දන්වන ලෙසය.ඒ අනුව දුන් පොරොන්දු ඉටුකිරීමට සුබේරි කටයුතු කළේදැයි විමසා ඔහු වෙත කෙටි පණිවුඩයක් යැවීමට අපි කටයුතු කළෙමු.නමුත් ඔහු ඊට පිළිතුරක් එවූයේ නැත.මුහුණට මුහුණ හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියද එයටද ප්‍රතිචාරයක් ලැබුණේ නැත.ඉහත නම් සදහන් කළ හිටපු ඇමැතිවරයා තම නම හෙළිනොකිරීමේ පොරොන්දුව මත තවත් තොරතුරු හෙළි කළේය.‘මට දැනගන්න හැකිවුනු විදිහට නම් ඔවුන් සුබේරිගේ වැඩ ගැන පැහැදීමකින් නෙවෙයි ඉදලා තියෙන්නේ.මොකද එයා පොරොන්දු වුනු දේවල් ඉටු කරලා තිබුණේ නැහැ.ඉතින් එයාලා කළේ වෙන කෙනෙක් ගාවට ගිය එක.’ ඔහු පැවසීය.සුබේරි සමග පැවති ගිවිසුම 2014 සැප්තැම්බර් මාසයේදී හදිසියේ අවලංගු කෙරිණ.ඒ දෙපාර්ශවය අතර ගිවිසුම ඇතිවී මාස 4 ක් වැනි කෙටි කාලයක් ගතවූ තැනය.නමුත් මේ වන විට සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ගොස් තිබිණ.කැබිනට් මණ්ඩලයවත්,පාර්ලිමෙන්තුවවත් මෙසේ රටින් පිටතට මුදල් ගලායමින් තිඛෙන බව දැන සිටියේ නැත.පළමු ගෙවීම බැර කර තිඛෙන්නේ 2014 මැයි මස 9 වැනිදා සුබේරිගේ බෑන්ක් ඔෆ් ඇමරිකා බැංකු ගිණුමටය.ඩොලර් 3,500,000 ක මුදලක් (රුපියල් 469,972,768) එසේ බැර කර ඇත. ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිළිඹද ගිවිසුම ප්‍රකාරව ලබාදෙන්නක් ලෙස මෙම මුදල හදුන්වාදී තිබේ.නමුත් ගනුදෙනුව සිදුව ඇති ආකාරයේ කිසිදු විනිවිදභාවයක් නැත.ඉහත සදහන් කළ ඩොලර් ලක්ෂ 35 ක මුදල තමන් වෙත අයවිය යුතුයැයි සදහන් කර බිල්පතක්ඉදිරිපත් කර තිඛෙන්නේ සුබේරිගේ බිරිද රෙනී වූ ය.ඇවෙනියු වෙන්චර්ස් යැයි සමාගම් නාමයක්ද මෙම බිල්පෙතේ් මුද්‍රණය කර තිබේ.සොයාබැලූූ විට ඇවෙනියු වෙන්චර්ස් යනු දේශපාලන කටයුතු වලට හවුල්ව සිටින හෝ වෙළද ප්‍රචාරණයේ යෙදී සිටින හෝ සමාගමක් නොවන බව අනාවරණය විය.ඇවෙනියු වෙන්චර්ස් යනු මුදල් හා දේපළ කටයුතු හා පෞද්ගලීකරණය, විදේශයන් සමග සිදුවන හවුල් ව්‍යාපාර,දේශසීමා අතර සිදුවන මුදල් ගනුදෙනු ආදී කටයුතු ගැන උපදේශනය සපයන කුඩා පරිමාන පෞද්ගලික සමාගමක් බව සුබේරිගේ ලින්ක්ඩ්ඉන් පිටුවේ සදහන්ව ඇත.අමතරව ඔහු එම සමාගම සමග ඩොලර් බිලියන 15 ක ගනුදෙනුවක යෙදී තිඛෙන බවටද තොරතුරු ඇත.ඇවෙනියු වෙන්චර්ස් බිල්පත ඉදිරිපත් කළ දිනය ලෙස සදහන් වන්නේ 2014 මැයි මස 5 වැනිදාය.දින 4 ක ඇවෑමෙන් ශී්‍රලංකා මහ බැංකුව අදාළ මුදල නිදහස් කිරීමට කටයුතු කර තිබේ.කෙසේවුවත් මුදල් භාරගත් බවට කුවින්තාන්සියක් නිකුත් කර තිඛෙන්නේ සුබේරි හෝ ඇවෙනියු වෙන්චර්ස් හෝ නොව ඩබ්ලියු.ආර්.ගෘෘප් නම් තෙවන පාර්ශවයකි.එහි අධ්‍යක්ෂක යැයි නම් සදහන් මාර්ක් ස්කරුලිස් නැමැත්තෙක් කුවින්තාන්සියට අත්සන් තබා ඇත.ඩබ්ලියු.ආර් ගෘෘප් යනු විදෙස් රටවල් හා සබදතා පවත්වාගන්නා සමාගම් වෙනම ලියාපදිංචි කළ යුතුවීමේ පණත ප්‍රකාරව ඇමරිකාවේ ලියාපංදිචි කර තිඛෙන්නක් නොවේ.මේ අනුව සැළකූ විට එම සමාගම ශී්‍රලංකා රජය සමග මුදල් ගනුදෙනු වල යෙදී තිඛෙන්නේ ඇමරිකා රජයේ ඇස්වසාය.2014 මැයි මාසයේදී සුබේරිට ඩබ්ලියු.ආර් ගෘෘප් හරහා මුදල් ලැබිණ.එම මුදල් එවා තිබුණේ ශී්‍රලංකා මහ බැංකුවය.විදෙස් රටක් සම්බන්ධ හෙයින් මෙම ගනුදෙනුවට අදාළ ඇමරිකාවේ කි්‍රයාත්මක පණත් හා නීති අනුව ඔහු කටයුතු නොකළේය.වාර්තාවී ඇති ආකාරයට සුබේරි හා ගිවිසුම අත්සන් කළ සමයේ ඩබ්ලියු.ආර් ගෘෘප් යැයි සමාගමක් තිබීද නැත.පරීක්ෂණ කටයුතු වලින් හෙළිව ඇති ආකාරයට එම සමාගම පිහිටුවා තිඛෙන්නේ 2014 ජූලි මස 14 වැනිදා වොෂින්ග්ටන් නුවරදීය.(දින 3 ක ඇවෑමෙන් ශී්‍රලංකා මහ බැංකුව මෙම සමාගමේ බැංකු ගිණුමට මුදල් බැරකිරීම අරඹා ඇත).සුබේරිගේ බැංකු ගිණුමට අවස්ථා දෙකකදී මුදල් බැරකිරීමට ශී්‍රලංකා මහ බැංකුව කටයුතු කරන්නට ඇත්තේ ගිවිසුම අත්සන් කළ සමයේ ඩබ්ලියු.ආර් ගෘෘප් යැයි සමාගමක් පවා නොතිබුණු නිසා යැයි සිතිය හැකිය.එනම් මහ බැංකුව අනාගතයේ පිහිටුවන්නට නියමිතව තිබූ සමාගමක් සමග අවබෝධතාවයකට එළැඹ ගිවිසුමක් අත්සන් තබා ඇත.එම සමාගමට අදාළ බැංකු ගිණුමට මහ බැංකුව මුදල් බැරකරන්නට ගෙන ඇත්තේ සමාගම ආරම්භ කළායින් පසුවය.දෙවන ගෙවීම ලෙස ඩොලර් ලක්ෂ 10 ක මුදලක් (රුපියල් 1,34,315,000) 2014 ජූනි මස 18 වැනිදා නිදහස් කිරීමට මහබැංකුව කටයුතු කර ඇත.මුදල බැර කර ඇත්තේ ඉමාඩ් සුබේරිගේ බැංකු ගිණුමටය.වාස්,කබ්රාල්,වීරතුංග ත්‍රිත්වය අතර මේ ගනුදෙනුව සම්බන්ධයෙන් හුවමාරුවී ඇති විද්‍යුත් ලිපි මෙවැනිය.සජින් වාස් - නිවාඩ්,කරුණාකර 2014 ජූනි මාසය සදහා වන ගෙවීම් සිදුකරන්නවීරතුංග - මම මේ ගෙවීම් අනුමත කරනවාකබ්රාල් - ස්තූතියි.ගනුදෙනුවට එකගයි.තෙවැනි ගෙවීම තවත් ඩොලර් ලක්ෂ 10 ක මුදලකි.දිනය 2014 ජූලි මස 17 වැනිදාය.මෙවර නම් මුදල බැර කර තිඛෙන්නේ ඩබ්ලියු.ආර්.ගෘෘප් හි බැංකු ගිණුමටමය.සමාගම ආරම්භ කර ගතවන්නට ඇත්තේ දින කිහිපයක් යැයි අනුමාන කළ හැකිය.අවසාන ගෙවීම ලෙස සදහන් වන්නේ 2014 සැප්තැම්බර් මස 14 වැනිදා ඩබ්ලියු.ආර්.ගෘෘප් බැංකු ගිණුමට බැර කර ඇති ඩොලර් ලක්ෂ 10 කි.මෙම ගෙවීම් සියල්ලක් ජනපති ලේකම් කාර්යාලයේ අනුමැතිය මත සිදුවන බව සදහන් කෙරෙන ලිපි තම අත්සනින් යුතුව මහබැංකු අධිපතිවරයා වෙත යොමුකිරීමට හිටපු ජනපති උපදේශක ලලිත් වීරතුංග කටයුතු කර ඇත.ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර සන්නිවේදන කටයුතු පිළිඹද වැඩසටහන යැයි එම ලිිපිවල ශීර්ෂයේ සදහන්ව තිබේ.ඉහත කුවින්තාන්සිය ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර සන්නිවේදන වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඩබ්ලියු.ආර්.ගෘෘප් අතර ඇතිව තිඛෙන ගිවිසුම ප්‍රකාරව ඉදිරිපත් කර තිඛෙන්නක් බව මම මෙයින් සහතික කරමි. යැයි එම ලිපි වල දැක්වේ.වීරතුංග මේ අයුරින් සුබේරිට අවස්ථා දෙකකදීද,ඩබ්ලියු.ආර්.ගෘෘප් වෙත අවස්ථා දෙකකදීද ගෙවීම් සිදුකිරීම සහතික කර ඇත.මෙසේ ගෙවීම් සිදුකරන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඩබ්ලියු.ආර් ගෘෘප් ලබාදෙන සේවය සදහා යැයිද ඔහු තම ලිපිවල සදහන් කර තිබේ.නමුත් ඇයි සුබේරිගේ පෞද්ගලික බැංකු ගිණුමට අවස්ථා දෙකකදීම මුදල් බැර කෙරුණේ? හේතුවක් ලෙස ඉහත සදහන් කළ අයුරින් එම සමයේ ඩබ්ලියු.ආර්.ගෘෘප් සමාගම නොතිබීම දැක්විය හැකිය.නමුත් ඩොලර් ලක්ෂ ගණන් මුදල් ලබාදීමට තරම් සුබේරි හා ශී්‍රලංකා මහ බැංකුව අතර තිබූ බැදීම කුමක්ද? සුබේරි යනු කෘතහස්ථ දේශපාලඥයෙක්ද නොවේ.ඔහුට ඇත්තේ ප්‍රමුඛ පෙලේ ඇමරිකා දේශපාලඥයින් හා සම්බන්ධතා පමණකි.නමුත් ඔහුට ඩොලර් ලක්ෂ ගණනින් මුදල් ලබාදීමට මහබැංකුව පසුබටව නැත.මෙම ලබාදුන් මුදලින් ශී්‍රලංකාවට,එහි ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ මොනවාද?ෆොරින් පොලිසි සගරාව මේ පිළිඹදව සුබේරිගෙන් විමසා ඇත.‘ප්‍රතිපත්ති නිසා අපට හැකියාවක් නැහැ කරන ගනුදෙනු ගැන ඔක්කොම විස්තර හෙළි කරන්න.’ ඔහු ඊට පිළිතුරු දී තිඛෙන්නේ ඇග බේරාගෙනය.රටේ මූල්‍ය කටයුතු පිළිඹද ඉහළම නිලධාරියා වන මහ බැංකු අධිපතිවරයාට ඩොලර් ලක්ෂ ගණන් වලින් ගෙවීම් සිදුකරන්න ලෙස නියෝග ලබාදෙන්නට සජින් වාස් ගුණවර්ධනට හැකියාවක් ලැබුණේ කෙසේද? පැවතුනු රජයේ බොහෝමයක් පරිපාලන කටයුතු විනිවිදභාවයකින් තොරව සිදුවූ බවට චෝදනා ඇතත් මේ අවස්ථාව නම් සැබෑවටම පමණ ඉක්මවා යාමකි.මුදල් ගෙවිය යුතු පුද්ගලයින් තෝරාගත්තේත්.එසේ ගෙවිය යුත්තේ කොපමණ මුදලක්දැයි තීරණය කළේත්  කවුරුන්ද? මේ කටයුතු පාර්ලිමෙන්තුවට හා කැබිනට් මණ්ඩලයට නොදන්වා සිදුකිරීමට තීරණය කළේ කවුරුන්ද?යුධ අපරාධ සම්බන්ධයෙන් ප්‍රබල මතයක් ගොඩනැගෙමින් තිබීම නිසා බටහිර දිනාගෙන එයට මුහුණදීමට පසුගිය රජය සීමාව ඉක්මවා කටයුතු කරන්නට ඇතැයි සිතිය හැකිය.කෙතරම් විවේචනය කළද බටහිර දිනාගැනීමට ඔවුන්ට කොපමණ වුවමනාවක් තිබුණාදැයි 2014 පෙබරවාරියේ කොළඹදී ලලිත් වීරතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පළකළ අදහස් වලින් පෙනුනි.‘දේශපාලන හයියක් නැතිව ඇමරිකාවේ මොකවත් කරන්න බැහැ.ඔවුන් ඔබට ඇහුම්කන් දෙන්නෙත් නැහැ.ඉතින් කරන්න දෙයක් නැහැ ඔබට සිදුවෙනවා ඒ දේශපාලඥයින් සමග හොද සම්බන්ධතා තියෙන පුද්ගලයෙක් එක්කවත් ගනුදෙනු කරන්න.ඔක්කොම තීරණය වෙන්නේ ප්‍රතිරූපය හදාගන්න කොච්චර උත්සාහයක් දරනවාද,ඒ වෙනුවෙන් අප යොදාගන්නා පුද්ගලයාට හරි සමාගමට හරි කොපමණ දක්ෂතාවයක් තිඛෙනවාද යන්න මත තමයි.’ ඔහු කීය.පසුව එළැඹුණු මාර්තු මසදී රැස්වුනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට නැගී ඇති යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික විමර්ෂණයක් සිදුකිරීමට තීරණය කළේය.වහාම අප්‍රෙල් මාසයේදී සුබේරි හා ස්කරුලිස් ශ්‍රී ලංකාවට පැමිණියෝය.රාජපක්ෂ රජයේ ඉහළ නිලධාරීන් හමුවූ ඔවුහු අප්‍රෙල් මස අවසානය වන විට උපදේශන කටයුතු මැයෙන් ගිවිසුමකට එළැඹියහ.දෛනම එකම පාසැලේ උගත්තෝ වෙති.සුබේරි දැනට සේවය කරන්නේ ස්කරුලිස්ගේ සිර්කා මොබයිල් නම් ජංගම දුරකතන මෘදුකාංග නිශ්පාදන සමාගමක විධායක නිළධාරියා ලෙසය.සුබේරි ශ්‍රී ලංකා රජය හා ගිවිසුමකට එළැඹියායින් පසු ස්කරුලිස් ඛෙල්ට්වේ ගවර්න්මන්ට් ස්ට්‍රැටෙජීස් නම් සමාගමක් පිහිටුවා ගත්තේය.මෙම සමාගමට මහ බැංකුවෙන් සෘජුව මුදල් ලැබී නැත.නමුත් ඩොලර් 850,000 (රුපියල් 114,167,750) ක මුදලක් ලැබී තිඛෙන අතර එම මුදල සමාගම් කිහිපයක් අතර ඛෙදා හැරීමට ඛෙල්ට්වේ පාලනාධිකාරිය කටයුතු කර තිබේ.ඩබ්ලියු.ආර් ගෘෘප් හා ඛෙල්ට්වේ සමාගම් ද්විත්වය සමගම 2014 සැප්තැම්බර් මස 30 වැනිදා සිට ශ්‍රී ලංකාව ගනුදෙනු නැවැත්වීය.‘ඔවුන් පොරොන්දුවූ විදිහට ගෙවීම් සිදුකළේ නැහැ.හිග මුදල් තිඛෙනවා.හිතපු විදිහට අපි පටන්ගත්තු වැඩසටහන කි්‍රයාත්මක වුනේ නැති නිසා අපි අපේ කටයුතු සීමා කළා.එතකොට ශ්‍රී ලංකා රජය අපට මුදල් ගෙවන එක සම්පූර්ණයෙන්ම නතර කරලා දැම්මා.’ ෆොරින් පොලිසි සගරාවේ ලිපියේ සුබේරි අදහස් දක්වා ඇත්තේ මෙලෙසය.සියල්ල එක් කළ විට ශී්‍රලංකා මහ බැංකුව සුබේරිට හා ඩබ්ලියු.ආර් ගෘෘප් වෙත ගෙවා ඇති මුදල ඩොලර් ලක්ෂ 65 ( රුපියල් 873,047,500) ඉක්මවයි.මේ සා මුදලක් වැයකළේ කුමක් වෙනුවෙන් වන්නට හැකිද?සුබේරි හා ඔහුගේ සගයින්ගෙන් ඇමරිකාවේ ඇති රාජපක්ෂවරුන් සතු දේපළ පිළිඹද විමසීම සදහා පැමිණෙන ලෙස සිතාසි නිකුත් කර ඇත.ඔවුන්ට පමණක් නොව ඇමරිකා පුරවැසියන් වන බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, දුමින්ද මනෝජ් රාජපක්ෂ, පුෂ්පා රාජපක්ෂ, තේජානි රාජපක්ෂ, බිමල්කා රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ, යතේන්ද්‍ර රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ටද මෙලෙස සිතාසි නිකුත් කිරීමට ඇමරිකා අධිකරණය කටයුතු කර තිබේ.මෙම කටයුතු හා සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරන්නේ මොවුන් මෙසේ අධිකරණයට කැදවෙන්නේ ඇමරිකාවේ රාජපක්ෂවරුන් සතුව කොපමණ දේපළ ප්‍රමාණවයක් තිඛෙනවාද යන්න සොයාබැලීමට බවයි. ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපය නැංවීමට යැයි කියමින් ඇමරිකාවට එවූ මුදල් නියමිත පුද්ගලයින්ට නොව වෙනත් පුද්ගලයින් අතට ගොස් ඇතිදැයි විමර්ශනය කිරීමද මේ සමගම සිදුවන එම ආරංචි මාර්ග කියයි.
‘මහින්ද පුම්බන්න ඇමෙරිකාවට දුන් 87 කෝටිය වතුරේ‘
1
hp_train_1382
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වියලි කාලගුණ තත්වයක් පවතී. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහීන ඇති විය හැක.ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වයක් පවතී. සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැයට කිලෝමීටර් . 20-30ත් අතර වේ.මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැයට කිලෝමීටර් 40 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/01/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31219055ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව29259070ප්‍රධාන වශයෙන් වැසි රහිත.කොළඹ33238550ප්‍රධාන වශයෙන් වැසි රහිත.ගාල්ල29239580වැසි ස්වල්පයක්.යාපනය29209555ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30179555ප්‍රධාන වශයෙන් වැසි රහිත.නුවරඑළිය21069055ප්‍රධාන වශයෙන් වැසි රහිත.රත්නපුරය33219050ප්‍රධාන වශයෙන් වැසි රහිත.ත්‍රීකුණාමළය29239565 ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම29248060ප්‍රධාන වශයෙන් වැසි රහිත.  21 වැනි දා දහවල් 12.00ට නිකුත් කැරිණි. 
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_1383
(ඩයනා උදයංගනී)දිවයිනේ ප්‍රදේශ රැසකට අද (10) සහ හෙට (11) දිනයන්හි විටින් විට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 80 පමණ වේගවත් තද සුළං ඇතිවන අතර උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 60 - 70 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.මීට අමතරව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (10) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. උතුරු පළාතේ මද වැසි ඇතිවන අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයෙදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් හෙට (11) පෙරවරුව තෙක් ධීවර කටයුතුවල නිරතවීම අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 -- 70 පමණ දක්වා ඉහළ යා හැකි බව එම ප්‍රකාශකයා පැවසීය.මන්නාරම සිට පුත්තලම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව ඔහු සඳහන් කළේය.මෙම මුහුදු ප්‍රදේශවල නාවුක කටයුතුවල යෙදීමේදී ද අවධානයෙන් කටයුතු කළ යුතු බව ඔහු කීවේය. 
හෙට - අනිද්දා මුහුද රළු වෙන ලකුණු
0
hp_train_1384
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)බලන්ගොඩ කිංචිගුනේ මහ තැන්න රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී එළිපෙහෙළි කළ දෙදෙනෙකු සහ රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයෙකු  අද (14) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා පැවැසීය.ඉඔුල්පේ කිංචිගුනේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.ඉන් දෙදෙනකු  රක්ෂිතයට ඇතුළු වී මෙරටට ආවෙිණික ගස් කපා  කම්බි වැටවල් වලින් රක්ෂිතය වටකර  ගම්මිරිස් ඇතුළු වගාවන් සිදු කර තිබෙන බවත් අනෙක්  පුද්ගලයා එම රක්ෂිතයට  ගිනි  තබා රක්ෂිතයට හානි සිදු  කර ඇති බවත් විජයන්ත උපුල් මහතා කීය.අත් අඩංගුවට ගත් තිදෙනාට එරෙහිව නඩු පවරා  පසුව ලබන (19) වැනිදා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට  කටයුතු කරන බව   ඒ මහතා  වැඩිදුරටත් සඳහන් කළේය.  
රජවක රක්ෂිතයට බැකෝ යන්ත්‍රයක් ඇතුළු කළ අයෙක් අත්අඩංගුවට
0
hp_train_1385
කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 428 දෙනෙකු අද (17) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.30 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදි හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 749 කි.එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 49,274 ක් වාර්තා වී තිබේ.   
අද කොරෝනා ආසාදිතයන් 501 යි
0
hp_train_1386
මිලානෝ ලංකාරාම බෞද්ධ විහාරයේ වෙසක් උත්සවය ඉරිදා (10) වැනි දා විහාරස්ථානයේ දී පැවැත්වේ. සර්වඥ ධාතු ප්‍රදර්ශනය, සම්බුද්ධ පූජාව, සංඝගත දක්ෂිණාව, බත් දන්සල සහ වෙසක් පෙරහර මෙම උත්සවයට ඇතුළත් වේ.
ලංකාරාමයේ වෙසක් ඉරිදා
0
hp_train_1387
(  සිතුම් චතුරංග)  මන්නාරම ,පේසාලේ ප්‍රදේශයේ නිවසක හා පාළු ඉඩමක්තුල වළදමා තිබූ රුපියල් ලක්ෂ අසූවක් වටිනා කේරළ ගංජා 50යි ග්‍රෑම් 780 ක් සමඟ පුද්ගලයකු අද (03) අලුයම ගොඩගත්  බව මන්නාරම පොලිසිය කියයි.මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ දහයයි ග්‍රෑම් 780ක් සැකකරු පදිංචිව සිටි නිවසෙහි සඟවා තිබියදී සොයාගත් බව පැවසීය. අනෙක් කේරළ ගංජා කිලෝ 40 ප්‍රමාණය පේසාලේ ප්‍රදේශයේ සුසාන භූමියක් අසල වලදමා තිබියදී සොයාගත් බවද පැවසීය.අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් කිසියම් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කොට තිබියදී සොයාගත් බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.සැකකරු මන්නරම පේසාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක පුද්ගලයකු වේ.අත්අඩංගුවටගත් සැකකරු හා කේරළ ගංජා තොගය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලිසිය හා පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ලක්ෂ 20 ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
0
hp_train_1388
(රංජිත් රාජපක්ෂ)                        බගවන්තලාව පොලිස් වමට අයත් ලින්ස්ටඩ් වතුයායේ කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන්, තුවාල ලැබූ වතු කම්කරුවන් 15 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද (21) ඇතුළත් කර ඇත. තුවාල ලැබු වතු කම්කරුවන් සිව්දෙනෙකු සහ වතු කම්කරු කාන්තාවන් 11 දෙනෙකු රෝහල වෙත ඇතුළත් කර ඇත. උකුස්සෙකු තේ වත්තේ විශාල ගසක බැඳ තිබූ  බඹර කූඩුවක බඹර  වදයක් කඩා ගැනීම හේතුවෙන් ඇවිස්සුණු බඹරු ඇන ඇතැයි කම්කරුවෝ කීහ. තේ වතුයායේ වැඩ කරන වතු කම්කරුවන්ට දිගින් දිගටම බඹරු ඇනීම වැඩි බැවින් බැඳ තිබෙන බඹර කූඩු විනාශ නොකර බඹරුන් එම ස්ථානවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් බිඟු සම්පත සුරකීමේ සංවිධානය සමග සාකච්ඡා කර  විසඳුමක් ලබා ගන්නා ලෙස වතු අධිකාරීවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද බගවන්තලාව පොලිසිය පැවසීය. මේ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.
බඹරු ඇනීමෙන් වතු කම්කරුවන් 15 ක් රෝහල්
1
hp_train_1389
(  තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ   )  මැදමුලන,ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ  විභාගය අත්හිටුවමින්   නිකුත් කළ අතුරු නියෝගය ලබන 14 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය  අද (01) තීන්දු කළේය. මෙම පෙත්සම ලබන 11 වැනිදා විභාගයට ගැනීමටද නියෝග කෙරිණි. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම එල්.ටී.බී.දෙහිදෙණිය ,  එස්.තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය    විනිසුරු මඩුල්ලක් හමුවේ අද  (01)  සලකා බැලූ අතර එහිදී මෙම නියෝග ලබා දෙන ලදී.  ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු  විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විරෝධතා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම අභියාචනා පෙත්සම ගොනු කර තිබිණි.මෙහි වගඋත්තරකරුවන් ලෙස ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් වන  සම්පත් විජේරත් ( සභාපති ) , සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු , නීතිපති ඇතුළු පිරිසක් යන යන නම් කරනු ලැබ සිටිති.  මෙම අභියාචන පෙත්සම් ශේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහත්වරුන් ඉදිරිපත් කළ කරුණු සලකමින්  ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීමටද  අවසර ලබාදුන්නේය.  අභියාචන පෙත්සමේ මෙසේද සඳහන් වේ. මැදමුලන, ඞී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනකොට එරෙහිව නීතිපතිවරයා විසින් ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.  එම නඩුව විභාග කිරීමට ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණ මගින් ප‍්‍රතික්ෂේප කර තිබුණි.   එම ප‍්‍රතික්ෂේප කිරීමේ තීරණය නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  අභියාචනාධිකරණය වෙත ප‍්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණය පසුව එය විභාගයට නොගෙන ම  ප‍්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.  එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට  ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි. පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ සනත් ⁣විජේවර්ධන මහතා ගේ උපදෙස් මත ජනාධිපති  නීතීඥ රොමේෂ්  ද සිල්වා , නීතීඥ සුගත් කල්දේරා යන මහත්වරුන් ද නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.
ගෝඨාගේ අභියාචනයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
0
hp_train_1390
 (අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)“රටේ වැඩකාරයන් සියලුම දෙනා එකතු කර ගනිමින් රට ගොඩනගන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවැසීය.“රණබිමේ සිට යුද්ධය ජයගත් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට රටේ ආරක්‍ෂාවේ ඉහළම වගකීම පවරන බව” ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ ජනපතිවරණ ප්‍රචාරක මංගල රැලිය අමතමිනි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැලිය සඳහා ගාලු මුවදොර පිටිය, ඒ අවට මහා මාර්ග අති විශාල ජනතාවකගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි.එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් වන රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, නවීන් දිසානායක යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, මනෝ ගනේෂන්, පී. දිගම්බරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.පැමිණ සිටි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ ජයඝෝෂා මැද එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගාලු මුවදොර පිටියට පැමිණි අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගෙන් එතුමන්ට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි.වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.“රට දිනවන, ජනතාව දිනවන එක්ව ඉදිරියට යන රැළියට එක් වූ සැමට ප්‍රණාමය පුද කරනවා.ඇරැඹුමේදීම සමාව ඉල්ලනවා. මගේ කතාවක දී ඇත්වැරැද්දකින් ශ්‍රී මුඛය යැයි කිව්වා. ඒ වචනයට මා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මගේ අතින් අතපසුවීම වුණා.මා කිසි විටක සමාව ඉල්ලන්න පැකිළෙන්නේ නැහැ. අද ලක්‍ෂ ගණනකින් ජනතාව මෙහි එක්ව සිටිනවා. කැප කිරීම් කර පරිත්‍යාග කර අප සමග එක්ව ඉන්නවා.එළැඹෙන ජනාධිපතිවරණයේ දී මව්බිමේ ජනතාව නව ගමනක ඇරැඹුම තබන විට ජාති, ආගම් බේදවලින් තොරව මා පෞද්ගලිකව කළගුණ දක්වනවා.දවසින් දවස අප ජනතා තීන්දුව කරා ළංවෙනවා. ජනතා බලාපොරොත්තුව ජනතා අනාගතය ද? පවුලක අනාගතය ද? අද රට ඉල්ලන්නේ රට නගන නායකයන් ද? විනාශය කරා ගෙනයන නායකත්වයක් ද?පවුල්වාදය, අන්තවාදය, මිලිටරිවාදය කරපින්නාගත් නායකත්වය අපට එපා, වහල් නීතියක් අවශ්‍ය නැහැ. එළැඹෙන ජනාධිපතිවරණයේ දී රටේ පොදුජන හඬ දිනවනවා.අලුත් දශකයේ, අලුතින් හිතන දශකය කර ගනිමු. දක්‍ෂ හපන්කම් මතු කර ලෝකය දිනමු. ලෝකයේම අංක එක රට ලංකාව බවට පත් කරමු.අලුත් සිතුවිලි, ප්‍රවනතා, තාක්‍ෂණය තුළින් ඉදිරියට යන රට ගොඩනගමු. මානව හිතවාදී රට, නිදහසේ හුස්මගත හැකි රට, නිෂ්පාදන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ ආක්‍රමණය කරන රට, අපනයන වෙළෙඳපොළ සහිත රට, සැමට සෞභාග්‍ය උදාකරන රට ගොඩනගමු.නිහඬ බහුතරයට කන්දෙන රට, කම්කරු, ධීවර, ගොවි ප්‍රජාව, රාජ්‍ය සේවකයින් දිනවන රට ගොඩනගමු.අපගේ මාතෘ භූමියේ අනාගතය තීරණය කළ යුත්තේ වලව්ව ඇතුළේ නොවෙයි. ගම් නියම්ගම් පුරා දහඩිය කඳුළ වගුරන ජනතාව. කාන්තා පරපුර, පංච මහා බලවේග සමග අප තීරණ ගන්නවා. වලව්වක් ඇතුළේ පවුලකට රටේ න්‍යාය පත්‍රය තීන්දු කරන්න ඉඩ දෙන්නේ නැහැ.මව්බිමේ මෙතෙක් නොවූ පරිවර්තන යුගය අප නිර්මාණය කරනවා. අපට අවශ්‍ය මව්බිම අභිමානයෙන් යුක්ත දේශය කරන්නයි.අපට ඉතිහාසයක් තිබෙනවා. සංස්කෘතිය තිබෙනවා. අපේකම රකින සංවර්ධන රට අපි නිර්මාණය කරමු.අප නිර්මාණය කරන අලුත් ලංකාවේ සොරකමට ඉඩ නැහැ. දූෂණයට, වංචාවට ඉඩ නැහැ. රාජ්‍ය දේපළවලට අත තබන්නේ නැහැ. ඉතිහාසයේ පිරිසිදුම ආණ්ඩුව මා හදනවා.ඒ අරමුණට පරස්පරව වැඩ කරන්න කවුරුන් හෝ බලාපොරොත්තු වනවා නම් ආණ්ඩු හදනවා වෙනුවට ඇත්තටම ගෙදර යන්න.අප කැපකිරීම් කළ යුතුයි. වරප්‍රසාද ගැන හිතන්නේ නැහැ. නැහැ බැහැ කියන වචන මගේ ශබ්ද කෝෂයේ නැහැ. ජනතා ප්‍රශ්නවලට විසඳුම් දීම මගේ එකම අරමුණයි.ජනතා ප්‍රශ්න සඳහා විසඳුම් දෙන රටේ නායකයා ලෙස ඔබේ කරපිටින් පත්වෙන්න මා සූදානම්.මා අයිතිකරුවා නොව තාවකාලික  භාරකරුවා ලෙස කටයුතු කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකිමින් රට රකින්න මා සැදීපැහැදී ඉන්නවා.රටේ ජවසම්පන්න තරුණ පිරිසක් ඉන්නවා. රටේ තරුණ පරපුරේ ජනතා සේවකයා වෙන්න මා සූදානම්. අපේ තරුණ පරපුර දේශපාලන ගොදුරක් නොකර දැනුමෙන් ශක්තිමත්, බුද්ධිමත් තරුණ පරපුර ඉදිරියට ගෙනයන මාවත අප නිර්මානය කරනවා. නව නිර්මාණවලට තැන දෙන ගමන හදනවා.තරුණ පරපුර සමඟ මා තරුණ ප්‍රඥප්තියක් අත්සන් කරනවා. ඒ පනත් පාර්ලිමේන්තුවේ සම්මත වන විට තරුණ පරපුර කාටවත් වහල් විය යුතු නැහැ. ඔවුන් සංවර්ධනයේ කොටස්කරුවන් වෙනවා.මා රටේ මාතෘත්වය දේවත්වයෙන් සලකනවා. මව්වරුන් විදේශ විනිමය උපයා දෙන ශක්තිය අපට අමතක කරන්න බැහැ.කාන්තා ප්‍රඥප්තියක් ද නිර්මාණය කර රටේ කාන්තාවන්ට දිය යුතු ශක්තිය දෙනවා.රටට බත සපයන ගොවි ජනතාව සඳහා ගොවි ප්‍රඥප්තියක් හදනවා. මා ගොවීන්ට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. ගොවීන් සඳහා ජනාධිපති කාර්ය සාධන බළකායක් හදා ගොවි පරපුරේ නිෂ්පාදන සඳහා සහතික මිලක්ද දීමට කටයුතු කරනවා.පෞද්ගලික ව්‍යවසායකයන්ට හානියක් නොවන ආකාරයට මා කම්කරු ප්‍රඥප්තියක් ඉදිරිපත් කරනවා. එය සැබෑ කම්කරු ප්‍රඥප්තියක් බව කිව යුතුයි.ජාතික ආරක්ෂාව ගැන අද වැඩිපුර කතා වෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් එහි වගකීම සෝබනකාරයන්ට දිය යුතු නැහැ.යුද්ධය ජයගෙන ඔප්පු කර පෙන්වපු අයට ඒ වගකීම දිය යුතුයි. රණබිමේ සිට ඒ ශක්තිය දුන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාවේ ඉහළම වගකීම මා දෙනවා. එතුමා කාඞ්බෝඞ් වීරයෙකු නොවෙයි. මහ පොළොවේ සැබෑ වීරයෙකු බව කිව යුතුයි.අනාගත රජයක් තුළ වාද බේද පෞද්ගලික රුචි අරුචිකම් අවශ්‍ය නැහැ. වැඩකාරයන් එකතුකොට රට ගොඩනැගීම මගේ අරමුණයි.සරත් ෆොන්සේකා රට දැය වෙනුවෙන් ඉටුකළ කාර්යයට කළගුණ  දැක්වූයේ ජම්පර ඇන්දවීමෙනුයි. මගේ රජය තුළ දේශපාලකයන්ට ජම්පර අන්දවන්නේ නැහැ. එය තීරණය කරන්නේ අධිකරණයයි.ඒ නිසා සරත් ෆොන්සේකාට විශාල වගකීමක් තිබෙනවා. නූතන ත්‍රස්තවාදයට මුහුණ දෙන සැලසුම් හදා ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න එතුමාට ශක්තිය තියෙනවා. මා කිසිම ත්‍රස්තවාදයකට ඉඩ තබන්නේ නැහැ.සරත් ෆොන්සේකා මහතාට කුඩු ජාවාරම් විනාශ කිරීමේ වගකීම තිබෙනවා. මම මිනිස් ජීවිත සුරකින පුද්ගලයෙකු වනවා. රටේ දරු පරපුර කුඩු ජාවාරම්කරුවන්ට කළ යුත්තේ ඔවුන් වෙනුවෙන් ඉහළම දඬුවම දිය යුතු බවයි.ජනතාවට අධික ජීවන බරක් බදු බරක් තිබෙනවා. රට ගොඩනගන කාර්යය විෂය පිළිබඳ ප්‍රවීනයන්ට බාරදෙනවා. ආර්ථික මර්මස්ථාන කළමනාකරණය කරන ආයතනයන්ට හැකියාව මත පත්වීම් දෙනවා. ඒ තුළින් විශේෂඥ දැනුම අනුව රටට නව ආර්ථීක චින්තනයක් උදා කිරීමට අවස්ථාව ලැබෙනවා.සමෘද්ධි ව්‍යාපාරය මා තවදුරටත් ශක්තිමත් කරනවා. ඊට අමතරව දුප්පත්කම තුරන් කිරීමට සමෘද්ධිලාභීන් සඳහා නව සහන පැකේජයක් දෙනවා.මා අලුත් නායකත්ව පරපුරක් සමග ගමන යනවා. අනාගත රජයේ සාමාජිකයින් පඩි ලබන පුද්ගලයන් ලෙස නොව ජනතා සේවකයින් බවට පත් විය යුතුයි.අපගේ අනාගත ගමන දසරාජ ධර්මවලට අනුකූලව ක්‍රියාත්මක කිරීම අරමුණයි. බුදු දහම අනුගමනය කරන බෞද්ධයකු ලෙස මා එය කියනවා. දැහැමි සංවර්ධිත ශිෂ්ටසම්පන්න ජාතික ආරක්ෂාව රකින නව ශ්‍රී ලංකාවක් අප නිර්මාණය කරනවා.සෑම උපදිසාපති කොට්ඨාසයකම කර්මාන්ත පුර ඉදි කරනවා.බුද්ධශාසන අමාත්‍යාංශය පිහිටවූයේ මගේ පියායි. සෑම විහාරස්ථානයකම දහම් පාසල් ගොඩනැගීම සඳහා මා රාජ්‍ය අනුග්‍රහය දෙනවා.අප අලුත් ගමන වැඩ පිළිවෙළ සමග ඉදිරියට එනවා. ශිෂ්ටසම්පන්න ගමනක් යනවා.නැවත වරක් එක්නැලිගොඩ අතුරුදන් කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ යුගය අවශ්‍යද? රතුපස්වල ඝාතකයන් අවශ්‍යද. ජනතාවට වෙඩි වරුසා එල්ල කළ අය නැවත අවශ්‍යද? ඒ යුගය අවශ්‍යද?ඔබට අවශ්‍ය භීතියද? සතුටද? නීතියද? අවනීතියද? අයුක්තියද? යුක්තියද? පවුල් සංවර්ධනයද? රට සංවර්ධනයද? කියා තීරණය කරන්න.මා කම්මැලි දේශපාලනය කරන්නේ නැහැ. මා හැම ආසනයකටම එනවා. පක්ෂ බේදයකින් තොරව සංවිධානය කරනවා.මට ශක්තිය තිබෙනවාදැයි ප්‍රතිවාදීන් අහනවා. කාමරයක් ඇතුළේ කළ තීන්දු තීරණවලට වඩා මගේ ශක්තියෙන් අපේක්ෂකත්වය ගත්තා. මට අපේක්ෂකත්වය දුන් අගමැතිතුමාටත් ඉහළම ප්‍රශංසාව පුදකරනවා.අපගේ මව්බිම ජීවිතයටත් වඩා රැකගෙන පාලනය ගෙන යනවා යැයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා-අද අපේ රට ගොඩනගන්න ඇමෙරිකානු දේශපේ්්‍රමියකු ඉදිරිපත් වී තිබෙනවා. මේ රට ගොඩනගන්න පුළුවන් ඇමෙරිකානු පුරවැසියකුට ද දේශයේ උපන් ජනනායකයකුට ද කියලා ජනතාව තීරණය කළ යුතුයි.ගෝඨාභය රාජපක්ෂ එන්නේ විනයගරුක රටක් හදන්නයි. හොරට ජාතික හැඳුනුම්පත්, පාස්පෝට් හදාගෙන ෆයිල් හංගපු පිරිස කොහොමද විනයගරුක රටක් හදන්නේ කියා අපි අහනවා යැයි ඔහු එහිදී පැවැසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා -එජාපය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ මතවාද තිබුණා. අද අප සියලු දෙනා එකට එකතුවෙලා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න කැප වී සිටිනවා.සජිත් ප්‍රේමදාස මහතා රටේ අනාගත ආරක්ෂාව මට භාර දුන්නා. යුද්ධය තවත් හමුදාපතිවරයෙකුට තියන්නේ නැහැ කියා එදා මම පොරොන්දුවක් දුන්නා. අද මම කියනවා සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සුරක්ෂිත ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවෙනවා කියලා යැයි ද ඔහු පැවැසීය.එජාප මාධ්‍ය ප්‍රකාශක සහ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා-අප “එක්ව ඉදිරියට” යන තේමාවෙන් මේ වැඩපිළිවෙළ ගෙනියනවා. එක්ව ඉදිරියට කියන්නේ සිංහල - දෙමළ - මුස්ලිම් පාට පක්ෂ භේදයකින් තොරව රටේ සියලු ජනතාව සජිත් එක්ක එක්ව ඉදිරියට යන නිසයි.ගෝඨාභය මේ වන විටත් ඉන්නේ සිංගප්පූරුවෙයි. පුරවැසිභාවය තියෙන්නේ ඇමෙරිකාවෙයි. හැබැයි කතාව කරන්නේ ජාතික ආරක්ෂාව, දේශ හිතෛෂිභාවය ගැනයි. මේ අයගේ බොරු බේගල්වලින් තවදුරටත් ජනතාව අන්දන්න බැහැ යැයි’ ඔහු එහිදී පැවැසීය.ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි-“ලංකාවේ සියලුම පුරවැසි බලවේග අද සජිත් ප්‍රේමදාස මහතා වටා රොක්වී සිටිනවා. අප ඒකාධිපතියන් බිහි වන්නට ඉඩ දෙන්නේ නැහැ. නීතියේ ආධිපත්‍යයට අත තියන්න අප ගෝඨාට ඉඩ දෙන්නේ නැහැ.අද ගෝඨා බලාගෙන කියවීම කරනවා. අප එය කළේ හෝඩියේ පන්තියේදීයි. ශ්‍රී ලංකාවේ හිට්ලර්ලාට අප ඉඩ දෙන්නේ නැහැ. එදා ගෝඨා එනවිට මාධ්‍යවේදීන් දිව්වා. අද මාධ්‍යවේදීන් එනවිට ගෝඨාභය දුවනවා. වෙනස එයයි.” එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-“ගාලුමුවදොර පමණක් නොව බම්බලපිටිය, බොරැල්ල, ටවුන්හෝල් ප්‍රදේශ පවා ජනකායෙන් පිරී ගිහිල්ලා. සමගියේ බලය මෙයයි. මේ එකමුතු බව ගොඩනැගූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රණාමය පුද කරනවා.අද ඇරැඹූ සටන අප ඉදිරියට ගෙනයනවා. අපට චෝදනා නැති නිසා පොඩි පොඩි වචන අල්ලාගෙන දඟලනවා. මේ මැච් එකත් පවුල ද? රට ද? යනුවෙන් ජනතාව තීරණය කළ යුතුයි.පවුල්වාදය අවශ්‍ය නම් පොහොට්ටුවටත්, රට අවශ්‍ය නම් හංසයාටත් ඡන්දය දිය හැකියි. යුක්තිය අවශ්‍ය නම් හංසයාටත් අයුක්තිය අවශ්‍ය නම් පොහොට්ටුවටත් ඡන්දය දිය හැකියි.”එක්සත් ජාතික පක්ෂ උපනායක විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා- “අප එක පවුලක් සේ මේ සටන ඉදිරියට ගෙන ගොස් ජය ගන්නවා. අප ප්‍රතිවාදීන් මෙන් උතුරට එක කතාවක් කියා දකුණට තවත් කතාවක් කියමින් ජනතාව රටවන්නේ නැහැ.සියලුම ජාතීන් එක ධජයක් යටතට ගෙන රට ශක්තිමත් කිරීම අපගේ එකම අරමුණයි. එක්සත් ජාතික පක්ෂ ජනපති කෙනෙකු අගමැති කෙනෙකු යටතේ අප රටට යෝධ සංවර්ධනයක් උදා කරනවා.” එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-“ලබන 16 වැනිදා මෙරට ජනපති සජිත් ප්‍රේමදාස බව මේ ජනකාය දුටු විට අපට පැහැදිලිවම කිව හැකියි. විශාල ජන පවුර එක් කරගෙන අප ශක්තිමත් ඉදිරි ගමනක් යනවා. සජිත් මෙන්ම මමත් වසර 19ක දේශපාලන ගමනක් පැමිණ තිබෙනවා. සජිත් ගම් මට්ටමෙන් දේශපාලනය පටන් ගත්තා. ගෝඨාභය ගම් සභාවකවත් ඉඳලා තිබෙනවාද? මිනිසුන්ගේ දහඩිය සුවඳ දන්නවාද? බැලුම් බෝල වගේ උඩින් එන නායකයන් ජනතාවට අවශ්‍ය නැහැ. සජිත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වනවා. හිංසාවාදී නායකයෙකු නොවෙයි. සුදු වෑන් එවන නායකයකු නොවෙයි. අත්වල ලේ තවරාගත් නායකයන් රටට අවශ්‍ය නැහැ.” කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර  මහත්මිය- “මේ දවස එනතුරු අප දිගු කාලයක් බලා සිටියා. වසර 25ක් තිස්සේ අපේම කියා ජනාධිපතිවරයකු බිහිකර ගැනීමට නොහැකි වුණා. ජාති ආගම් බේදවලින් තොරව සියලුම පාර්ශ්ව සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහා ඒකරාශිවී සිටිනවා.”විශාල ජන ගංගාවක් රැලියට සහභාගි වී සිටියහ. 
“ජනදුක ගැන මට කාගෙවත් ටියුෂන් ඕනෑ නෑ“
0
hp_train_1391
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 538 දෙනකු අද(17) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,78,262 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 341 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,46,839 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොවිඩ් ආසාදිතයන් තව 538ක්
1
hp_train_1392
රටපුරා  තව දුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 23/03/2015නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34239050ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව31249070ප්‍රධාන වශයෙන් වැසි රහිත.කොළඹ32249060උදෑසන මිහිදුම, ප්‍රධාන වශයෙන් වැසි රහිත.ගාල්ල31248570උදෑසන මිහිදුම, ප්‍රධාන වශයෙන් වැසි රහිත.යාපනය33229535ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර33189535ප්‍රධාන වශයෙන් වැසි රහිත.නුවරඑළිය23108530උදෑසන මිහිදුම, ප්‍රධාන වශයෙන් වැසි රහිත.රත්නපුරය34239545උදෑසන මිහිදුම, ප්‍රධාන වශයෙන් වැසි රහිත.ත්‍රීකුණාමළය32249560ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම31249065ප්‍රධාන වශයෙන් වැසි රහිත.     
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_1393
(වියලුව නිශාන්ත කුමාර)කන්දකැටිය  පොලිස් වසමට අයත් මහකැලේ, දෙකේ කණුව කොටසේ පුද්ගලික කුඹුරු යායක නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් 11දෙනෙකු ඔවුන් සතුව තිබූ මල් බුලත් තට්ටු, පිරිත් නූල්, උදලු, අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක් ද සමග අද (25) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි  අවුරුදු   25ත්  40ත් අතර වයසේ පසුවන  පුද්ගලයින් පිරිසකි.අත්අඩංගුවට ගත් පිරිස් අතර රජයේ සේවකයෙකු ද වන බව පොලිසිය පවසයි .පොලිසිය වෙත ලද  තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.අත්අඩංගුවට ගත් පිරිස හෙට (25)  දින බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.කන්දකැටිය  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. සිරිවර්ධන මහතාගේ උපදෙස් මත කන්දකැටිය පොලිස්  නිලධාරිහු මෙම වැටලීම සිදුකළහ. කන්දකැටිය පොලිසිය   වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වරෙන්තු පිට සැඟවී සිටි දෙදෙනෙක් ඇතුළු 4ක් දැලේ
0
hp_train_1394
(නයිනමඩමචන්දන ප්‍රනාන්දු)                        අධිකරණය මගහැර මාස ගණනාවක් සැඟව සිටි වරෙන්තුකරුවන් 17 දෙනෙකු සෙනසුරාදා (11) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි.  බොරලැස්ස ලුණුවිල සිරිගම්පල හා වෙන්නප්පුව යන ප්‍රදේශවල සිටි නීතිවිරෝධි ජාවාරම් කළ හා සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පිරිසක් මෙලෙස නැවත අධිකරණයට ඉදිරිපත් නොවි සිටීම නිසා මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ 
අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් පිරිසක් අත්අඩංගුවට
1
hp_train_1395
(රංජිත් රාජපක්ෂ)තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙකු අද (20) බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කළ බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධරින් එ.එස්.කේ ජයසුරිය මහතා පැවසීය.බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ පහල කොටසේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනීමට උකුස්සකු පහරදීමෙන් ඇවිස්සී පහර දුන් බව වතුකම්කරු කාන්තාවන් පවසයි.
බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් 7 දෙනෙකු රෝහලේ
1
hp_train_1396
සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලංකන් ලයන්ස් ක්‍රිකට් සමාජය දෙවන වරටත් සංවිධානය කරන සය සාමාජික “ශ්‍රී ලංකන් ලයන්ස්” ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 12 වැනි සිකුරාදා උදැසන 7.00 සිට දමාම් රාකා සාබ්සා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. හජ්ජි උත්සවය හේතුවෙන් 12 වෙනි දින තරගාවලිය නොපැවැත්වෙන අතර තරගය 13 වැනි දින දක්වා කල් දමා ඇති බව සංවිධායක මණ්ඩලය කියයි.ශ්‍රී ලාංකකයින්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා සමාජ වලට පමණක් සහභාගී වියහැකි මෙම තරගාවලිය සදහා ක්‍රීඩා සමාජ 30 කට පමණක් සිමා කර ඇති අතර ඉල්ලුම් පත් භාර ගැනීම දැන් සිදු කෙරේ.වැඩි විස්තර සදහා පහත ජංගම දුරකථන අංක වලින් විමසන ලෙස දන්වා සිටි.නවා 0501675049,  දීබන් 0502815851 , රමේෂ්,0554938949 , ඉන්දික ;0591332264 සහ තෝමස්  ;0550345920 
සෞදි ක්‍රිකට් තරගය කල් යයි
1
hp_train_1397
මෙවර අන්තර් පාසල් රග්බි තරගවායේදී ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් රග්බි ක‍්‍රීඩාවට ඇතිවිය හැකි හානිකර තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන වසරේ (2014) සිට ඒකාබද්ධ කළමණාකරණ කමිටුවක අධීක්‍ෂණයෙන් පාසල් රග්බි තරගාවලිය පැවැත්වීමට ක‍්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.ක‍්‍රීඩා අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා රග්බි සංගමය, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟ වී තිබේ.එහිදී දැඩි විනයක් පවත්වා ගනිමින් තරග සංවිධායකයන්ගේ සහ පේ‍්‍රක්‍ෂකයන්ගේ ගෞරවය ආරක්‍ෂා වන පරිදි කටයුතු කිරීමටත් එසේ නොවන අවස්ථාවලදී ජාත්‍යන්තර රග්බි නීති රීතිවලට අනුව දැඩි විනය පියවර ගැනීමටත් නියමිතය.මෙවර පාසල් රග්බි තරග අතරතුරදී විනය විරෝධි ලෙස හැසිරුණේ යැයි කියන නිලධාරීන් සහ පුහුණුකරුවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති රීති අනුව පරීක්‍ෂණ පවත්වා විනය පියවර ගැනීමටත් විනිසුරුවන්ගේ තීන්දු වඩාත් ගුණාත්මක ඒවා බවට පත්කිරීමටත් ජාතික රග්බි සංගමයේ සහ විනිසුරු සංගමයේ විශේෂ අවධානය යොමු වී තිබේ.පාසල් රග්බි තරග සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ උපදෙස් අනුව කටයුතු කළ යුතු බවටත් ශ්‍රී ලංකා රග්බි සංගමය සහ පාසල් රග්බි සංගමය එකම අරමුණක සිට ක‍්‍රියාත්මක විය යුතු බවටත් ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා උපදෙස් දී තිබේ.ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ඉකුත්දා පැවැති මෙම විශේෂ සාකාච්ඡුාවට ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න, හිටපු ජාත්‍යන්තර රග්බි විනිසුරු ඩිල්රෝයි ප‍්‍රනාන්දු සහ රග්බි විනිසුරුවන්ගේ සංගමයේ සභාපති  ඕවිල් ප‍්‍රනාන්දු යන මහත්වරු සහභාගි වූහ.
2014 පාසල් රග්බි තරග පැවැත්වීම ඒකාබද්ධ කමිටුවක අධීක්‍ෂණයෙන්
1
hp_train_1398
(කටුනායක ටී.කේ.ජී.කපිල )විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (14) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.ඔහු 37 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .ඔහු අද (14) ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.ඔහු රැගෙන විත් තිබූ ගමන් මලු කීපයක සිය පෞද්ගලික ඇඳුම් අතර මෙම දුම්වැටි තොගය සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.එහි රුපියල් 14,70,000 ක් වටිනා දුම්වැටි 29,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 147 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතය.
නීතිවිරෝධීව ගෙන ආ දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට
0
hp_train_1399
රංජිත් රාජපක්ෂ                        ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2019 අයවැය සමාලෝචන කෙටුම්පත සාකච්ඡාව අද (04) එම සභාවේ සභාපතිවරයා සහ පාලන පක්ෂය හොබවන ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සභාවට නොපැමිණීම නිසා එම සභාවේ  උණුසුම් තත්ත්වයක් ඇතිවිය.2019 වර්ෂය සඳහා එම ප්‍රාදේශීය සභාවේ අයවැය සමාලෝචන කෙටුම්පත සාකච්ඡා කිරිම සඳහා එම සභාවේ සභාපති එස්.කදිර්සෙල්වම් මහතා විසින් සියළුම මන්ත්‍රීවරුන්ට අද සභාපති පැමිණෙන ලෙස ලිඛිතව දැනුම් දී ඇත.පාලන පක්ෂයේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සභාවට නොපැමිණි බව එම සභාවේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂය වි.සිවනාදන් මහතා පැවසීය.සභාපතිවරයා නොපැමිණිම නිසා විපක්ෂයේ මන්ත්‍රිවරුන් 8 දෙනෙකු එක් වී යෝජනාවක් සම්මත කරගනිමින් එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ඩබ්ලිව්.ජි.ජයලත් විජේතුංග මහතා එම සභාවේ ස්ථිර සභාපතිවරයා වශයෙන් පත් කරගනිමින් ඒ සඳහා වු අත්සන් සහිත ලිපියක් පළාත් පාලන කොමසාරිවරයා වෙත යොමු කිරිම සඳහා එම සභාවේ ලේකම් සි.ජයප්‍රකාශ් මහතාට සභා රැස්විම් ශාලාවේදී බාරදෙනු ලැබීය.
පුත්තලමේ හිටපු සභාපතිට ජල බෝතල් ප්‍රහාරයක් එල්ල කිරිම ගැන විමර්ශනයක් ඉල්ලයි
0
hp_train_1400
(ඩී. කේ. රත්න)තණමල්විල හම්බෙගමුව දලුග්ගල ප‍්‍රදේශයේ ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු හම්බේගමුව අලුත්වැව ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.සැකකරු වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.හම්බෙගමුව පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.
ව්‍යාජ නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
0