id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_1401
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ  වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 29/06/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268555ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව27368545ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31269575වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල29249585වැසි ස්වල්පයක්යාපනය33288060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28238570වැසි ස්වල්පයක් ඇතිවිය හැක.නුවරඑළිය19149575වැසි  ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය31239570වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය34268050ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30278575වැසි ස්වල්පයක්                 
‘අද සහ හෙට මුහුදේ තද සුළං‘
0
hp_train_1402
(චමිල් රූපසිංහ)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි යටිනුවර ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා සභාපති නිශාන්ත රූපස්සර මහතා සභා රැස්වීමට ඉදිරිපත් කළ අයවැය අද (11) සභා සම්මත විය.සභාපතිවරයා මංගල අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී රුවන් මහතා ප්‍රකාශයක් කරමින් මෙම අයවැය සඳහා තමන් විරුද්ධවන බවත් එම නිසා ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.මේ අනුව ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 38ක්ද ජනාතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා ඡන්දය දීමෙන් වැළකි සිටියහ. 
කඩුගන්නාව නගර සබේ අයවැය දෙවැනි වරටත් සම්මතයි
0
hp_train_1403
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, චැපල් දූපත අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් 23, 26, 29, 30, 32, 35, 36, 37 සහ 38 වන වියෙහි පසුවන කින්නියා සහ ත්‍රිකුණාමලයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. අල්ලන ලද අලගුඩු වර්ගයේ මසුන් කිලෝග්‍රෑම් 50 ක්, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ මිටර් 250 ක් දිගැති නීති විරෝධී ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත.  අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රීකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ 41 ක් අත්අඩංගුවට
0
hp_train_1404
(චන්ද්‍රසිරි ගුණසේකර)ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්වීම අද (08) පැවැත්වෙමින් තිබියදී දහවල් 11.45 ට සභාපතිවරයා විසින් සභාව විනාඩි දහයකට කල්තබා උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රී වරුන් සමග සභාවෙන් පිටව යාමෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරෝධය පළකරමින් කෑ කෝ ගැසමින් සභාවේම රැදී සිටියහ.අද පෙරවරුවේ ඇල්පිටිය ප්‍රාදේශිය සභා රැස්වීම සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට ආරම්භ විණි.න්‍යාය පත්‍රයට අනුව සභාපතිවරයා විසින් 2021 වර්ෂයේ අය වැය ලේඛණය සභා සම්මත කිරීම සදහා සභාවට ඉදිරිපත් කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් අයවැය ලේඛනය සභා සම්මත කිරීමට විරෝධය පළකළේය.සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කර තිබුණේ අයවැය කෙටුම්පතකි.එය එසේ සම්මත කළ නොහැකි බවත් සභා සම්මත කිරීමට නම් මන්ත්‍රී වරුන් විසින් සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය ලේඛණයක් ඉදිරිපත් කළයුතු බවත් පවසමින් විපක්ෂනායක භාතිය ලියන ආරච්චි හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා යන මහත්වරු විරෝධය පළකළහ.අය වැය කෙටුම්පත පිළිබදව සාකාච්චා කිරීමෙන් පසු (රහසිගත ලෙස මන්ත්‍රීවරුන් සමග සාකච්චා කිරීමෙන් පසු) සභාපතිවරයා විසින් විනාඩි දහයකට සභාව කල්තබමින් මන්ත්‍රීවරු සමග සභාවෙන් පිටව ගියහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු හා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු ඇතුළු මන්ත්‍රීවරු විස්සම සභාවෙන් පිටව ගිය අතර විපක්ෂයේ මන්ත්‍රීවරු නවදෙනා විවිධ දේ පවසමින් කෑකෝ ගසමින් සභාවේ රැදීසිටියහ.විනාඩි දහයකට පසුව සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී වරු විසිදෙනා සභාරැස්වීමට පැමිණි අතර ඒ වනවිට මන්ත්‍රී වරුන් අතට 2021 අය වැය ලේඛණය රීතියට අනුව ලැබෙන්නට කටයුතු කර තිබුණි.මේ අවස්ථාවේ විපක්ෂනායක භාතිය ලියන ආරච්චි හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා ඊට විරෝධය පලකරමින් අදහස් පළකළහ.ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු 17 කි.පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු 03  කි.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරු  07 කි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරු දෙදෙනෙකි.සභාපතිවරයා ඇතුළු මුළු මන්ත්‍රීවරු ගණන 29 කි.
නාවුල ප්‍රාදේශිය සභාවේ අයවැය ඒකමතිකව සම්මතවෙයි
0
hp_train_1405
(ජුඩ් සමන්ත) හලාවත - කොළඹ මාර්ගයේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් ඇති බව හලාවත පොලීසිය කියයි.අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත - මල්වත්ත පදිංචිව සිටි අඛිල ශිරන්ත ප්‍රනාන්දු (අවු:33) නම්වූ අයෙකි. ඔහු හලාවත ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක ගායකයකු ලෙස කටයුතු කළ අයෙකි.තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කරන විට ඉදිරියෙන් පැමිණ ඇති ලොරියක යතුරු පැදිය ගැටී ඇති බව පොලීසිය කියයි.අනතුරින් තුවාල ලබා සිටි යතුරුපැදිකරු එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇත.අනතුරට සම්බන්ධ ලොරිය සහ එය පැදවූ රියදුරු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
යතුරුපැදි - බස් රථ අනතුරකින් යතුරුපැදිකරු මරුට
0
hp_train_1406
(පද්මා කුමාරී කංකානම්ගේ)කල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2019 සඳහා වන අය වැය වැඩි ඡන්ද නවයකින් සම්මත වූ බව කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක මහතා සඳහන් කළේය.කල්පිටිය ප්‍රාදේශීය සභාව අද (14) සභාපති ඒ.එම්.ඉන්ෆාස් සහ උප සභාපති විජිත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර බහුතරයේ එකගතාව අනුව විවෘත ඡන්ද විමසීමක් පැවැත්විණි.එහිදී අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 17 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද නවයක් ප්‍රකාශ කෙරිණි.එක්සත් ජනතා නිදහස් සන්ධානය,පොදු ජන පෙරමුණ,මුස්ලිම් කොන්ග්‍රසය සහ ස්වාධීන මන්ත්‍රීවරු දෙදෙනෙකු අය වැය යෝජනාවට පක්ෂ ඡන්දය ප්‍රකාශ කලහ.එක්සත් ජාතික පක්ෂය විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය පක්ෂයේ මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටියේය.
කල්පිටිය ප්‍රා.සභාවේ අය වැය සම්මතයි
1
hp_train_1407
 (හැටන් රංජිත් රාජපක්ෂ )                       බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ  සිට  කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අනවසරෙන්  මැණික්  ගරමින්  සිටි ජාවාරම්කරුවන් 6 දෙනෙක්  බගවන්තලාව පොලිසිය විසින් අද (21) දහවල් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. රත්නපුර ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් තෙරේසියා වත්ත ප්‍රදේශයේ කෙසෙල්ගමුඔය උණ බට යොදා හරස් කරමින් දිග උදලු යොදා ගනිමින් කෙසෙල්ගමුඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගනිමින් මෙම අනවසර මැණික් ගැරිම සිදු කරමින් සිටි බවයි  බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. කෙසෙලේගමුඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගැනිම හේතුවෙන් ගග දෙපස ඉවුරු කඩා වැටිමෙන් විශාල පරිසර හානියක් සිදු වෙමින් පැවති බව  වැටලිම සිදු කළ බගවන්තලාව පොලිසියේ නිලධාරින් පැවසීය. බගවන්තලාව ප්‍රදේශයේ මැණික් ජාවාරම්කරුවෙකු විසින් මෙම අනවසර මැණික් ගැරිමේ ජාවාරම කාලයක් තිස්සේ මෙහෙයවා ඇති බවත්,  මෙම වැටලිමේදි සැකකරුවන් සන්තකයේ තිබු මැණික් ඉල්ලම් ගොඩ ගැනිම සදහා උපයෝගි කර ගත් උදලු කිහිපයක් සහ මැණික් ගැරිම සදහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.  
කෙසෙල්ගමුව ඔයේ මැණික් ගැරූ 6 ක් අත්අඩංගුවට
1
hp_train_1408
(ඩයනා උදයංගනී)       නිරිත දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති වැසි තත්ත්වය මෙම මස අවසානය දක්වාම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දැනට පවතින වැසි තත්ත්වයේ සුළු අඩුවීමක් හෙට (22) දිනයේදී බලාපොරොත්තු විය හැකි නමුත් යළිත් 23 -  24 දිනවල තද වැසි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.  ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල ද පස්වරු 2. 00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු ස`දහන් කළේය.ඇතැම් ස්ථානවලට මිලි මීටර 150 පමණ වැසි ඇතිවිය හැකි බවද මෙරිල් මෙන්ඩිස් මහතා කීවේය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල ද තද වැසි හෝ සුළං ඇතිවන අතර  එම මුහුදු ප‍්‍රදේශයන්හි පැයට කිලෝමීටර 70 80 පමණ වේගවත් ඉතා තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එබැවින් එම මුහුදු ප‍්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි නිසා ධීවර හා නාවික කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එම ප‍්‍රකාශකයා පැවසීය. මේ අතර අද (21) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්ට මිලිමීටර 300 ඉක්මවා වැසි ලැබී තිබිණි. වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 353. 8 ක වර්ෂාපතනයක් පුත්තලම දිස්ත‍්‍රික්කයේ ආණමඩුව ප‍්‍රදේශයෙන් වාර්තා වී තිබිණි.
පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට
0
hp_train_1409
ප්‍රශ්නය:- මෑත කාලයේ එ.ජා.පය ප්‍රධාන මාතෘකාවක්. මැතිවරණය දොරකඩ  සිටින අවස්ථාවක ඔබලාගේ ස්ථාවරය කුමක්ද?පිළිතුර:- එ.ජා.පය මේ රටේ පැරැණිම පක්ෂය. ජනතාව තම ආගමට පසුව සිහිකරන එකම පක්ෂය එ.ජාපයයි. එ.ජා.යට දර්ශනයක්,වැඩ පිළිවෙළක් තිබෙනවා. අපි උරුමයක් වශයෙන් එය ආරක්ෂා කරනවා. මේ වෙලාවේ එ.ජා.ප.යට හැම දෙනාම අභියෝග කරනවා. එයින්ම පේනවා .එ.ජා.ප.යේ තිබෙන ශක්තිමත් භාවය. මේ රටට නිදහස ලබා දුන්නේ එ.ජා.ප.ය නිදහස් අධ්‍යපනය ඇති කළා. මහපොළ හඳුන්වා දුන්නා. කඩිනම් මහවැලිය හරහා මේ රටේ ගොවි ජනතාවට අපිරිමිත සේවයක් කර තිබෙනවා. මම මුදල් ඇමැති වශයෙන් සිටි කාලයේ පාසල් දරුවන්ට ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් ලබාදුන්නා.  ජල විදුලිය නිපදවුයේ කවුද? විවෘත  ආර්ථිකය ඇති කර මේ රටේ ආර්ථික පුනර්ජීවනයක් කළේ එ.ජා.පයයි. නව තකාෂණය මේ රටට හඳුන්වා දුන්නේ එ.ජා.පයයි.  මේ රට ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කළ හැකි එකම පක්ෂය එ.ජා.පය  බව පැහැදිලියි. ඒ නිසා හැමෝම අපට අභියෝග කරමින් චරිත ඝාතනය කරමින් සිටිනවා.ප්‍රශ්නය:- මැතිවරණ​යේ එල්ල වී ඇති අභියෝගය ජය ගන්න වැඩ පිළිවෙළක් ඔබලාට තිබෙනවාද?පිළිතුර:- අපේ පක්ෂයෙම යම් පිරිසක් පෝෂණය වුණා. එ.ජා.පයෙන්ම හැදී වැඩී එයටම  පහරදීම යම් අය කරනවා. මේක හරියට අම්මට  තාත්තට පහර දෙනව වගේ වැඩක්. හැබැයි අසල් වැසියන් ඇතුළු සියලු දෙනා දන්නවා මේ අය පක්ෂයට කළේ මොන වගේ අපරාධයක්ද කියලා. මේ අය කරන්නේ මොනව කියා ජනතාව අවබෝධ කරගෙන සිටිනවා. එ.ජා.පය යම් තරමකින් හෝ ජනතාවගෙන් ඈත් වුණා නම් ඒ වගේ සංවිධායකයන් සිටි නිසයි.  ජනාධිපතිවරණයේදී අන්ත පරාජයට පත්වුණේ පක්ෂ නියෝජිතයන් හැටියටයි. බොහෝ දෙනාට තම ආසනය ජය ගන්න බැරිවුණා. එසේ පරාජය  වූ අය ඒ පැත්තට ගිහින් සිටිනවා. ප්‍රශ්නය ඇතිව තිබෙන්නේ එවන් ක්‍රියා සම්බන්ධයෙන් ඊට වඩා  සූක්ෂම වැඩ පිළිවෙළක් මේ අය ක්‍රියාත්මක කරන බව පේනවා. ආණ්ඩුවට කරන්න බැරි වූ දේ මේ අය කොන්ත්‍රාත් ගෙන කරනවා. මේ අය අභ්‍යන්තරව කරන්න හදන දේ  දැන්  හෙළිවෙලා. මේ මොනව කළත් වැඩ කරන අලියා කයිවාරු ගසන පක්ෂවලට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටිනවා.  ප්‍රශ්නය:-හැබැයි එ.ජා.පයේ ඇති බහුතරය ඉන්නේ අනිත් පිරිස සමඟ බව ඔවුන් කියනවා නේද?පිළිතුර:- පරාජය වූ සියලු දෙනා එකතැනක ඉන්නවා.එහෙම නම් ඒ අය ප්‍රශ්නයක් ඇති  කරගෙන ගිය බව පැහැදිලියි. ආසනය ජයගත්  කවුරුවත් එළියට ගිහින් තිබෙනවද? එ.ජා.පය ලක්ෂ 15කින්  පැරදුනේ කවදද? මේ අය විවිධ ප්‍රශ්න හදන්න උත්සාහ කරනවා. බලය ගන්න කොට හොඳයි හැබැයි පැරදුනාම දෙතුන් දෙනකුගේ ගොඩට එය බැර කිරීම සාධාරණද?අපි රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා ජීවන වියදම  අඩු කළා. ලංකාව ලෝකය සමඟ සම්බන්ධ කළා. මේ සියල්ලෙන් පසුව එක් වරම පක්ෂය නරක් වුණේ කොහොමද?පරාජය වූ අය එය වසා ගැනීමට විවිධ කතා කියනවා. හැබැයි ජනතාව ඉන්නේ වැඩ කරන අලියා සමගයි.ප්‍රශ්නය:- මේ මැතිවරණයෙන් පසුව එ.ජා.පය ආණ්ඩුවට යනවද? එ.ජා.පය ඇත්තටම ඉන්නේ ඩීල් එකකද?පිළිතුර:- අපේ පක්ෂය කඩන අය ඔය කතාව කියනවා.සංස්කෘතික අරමුදලේ ප්‍රශ්නය බලන්න. අපි එදා මේවා ප්‍රශ්න කළාම නැහැ කිව්වා. වෙච්ච දේ දැන් අනාවරණය වී තිබෙනවා. මේවා  හෙළිවෙන්න කල්ගියේ ඇයි? හැබැයි එ.ජා.ප.ය ආරක්ෂා කර ගනිමින් වැඩ කළ අපට තමයි ගැහුව්වේ. එහෙත් ඇත්ත දැන් රටට හෙළිවී තිබෙනවා. අපි හදන ආණ්ඩුවකට වෙනත්  පක්ෂවලට මුක්කු  ගහන්න  ඕන නැහැ. බැරි පිරිස් හැම වෙලාවෙම වැඩ කරන අයගේ චරිත ඝාතනය කරන්න හදනවා. අපි ජනතාවගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. ගෙවුණ මාස අටේදී ආණ්ඩුව කළේ මොනවද? ජීවන වියදම සියයට හතළිහකින් වැඩි වෙලා. අපි අඩුකළ තෙල් මිල කිරිපිටි, ගෑස්, සැමන්, පරිප්පු මිල ශීඝ්‍රයෙන් වැඩි කරලා.සීනි මිල කීයද? කහ සොයාගන්නත් බැරි තරම්. ජීවන වියදමට උත්තරයක් නැහැ. ජනතාවගේ ආදායම් කඩා වැටිලා. එදිනෙදා ආදායම් සොයා ගත් අය ශත පහක් නැතිව සිටිනවා. සියලු දෙනා අස්ථාවර තත්ත්වයට පත්වෙලා. තරුණ තරුණියන්ට රැකියා නැහැ. සහජීවනය ප්‍රශ්නයකට ලක්වෙලා. එහෙම බැලුවාම ආණ්ඩුව ගෙනත් තිබෙන්නේ කොරෝනා විතරයි. එහෙම ආණ්ඩුවක් සමග අප මොන ඩීල්ද? එ.ජා.පය වැඩකර පෙන්වූ පක්ෂයක්. කුලී පක්ෂ ටිකක්  එක්වී අපට චෝදනා කරනවා. දෙමළ මුස්ලිම් පක්ෂ ඔතන තිබෙනවා. ඔතන සිංහල පක්ෂයක් තිබෙනවද? දැන් ඒ අය නන්නත්තාර වී ඇති බව වටහාගෙන සිටිනවා. ජනතාව මේ අයට නිසි පිළිතුරු දේවි.ප්‍රශ්නය:- එ.ජා.ය යේ සිටින්නේ චෝදනා එල්ලවන පිරිස බවත් මැතිවරණයෙන් ඔවුන් ප්‍රතික්ෂේප වනු ඇති බවක් කියනවා. ඇත්තටම එහෙමද?පිළිතුර:- සෑම වසර පහකට වරක් ඔබලා ඔය ප්‍රශ්නය අහනවා.ඕකට උත්තරද අපි පෙන්නා තිබෙනවා. සංස්කෘතික   අරමුදලේ ප්‍රශ්නයට ඉන්නේ කවුද? සජිත්  නේද? හම්බන්තොට තරුණ තරුණියන් 4500ක් අනාථ කර තිබෙන්නේ කවුද? ඒ අයට රැකියා දුන් ආකාරය වැටුප් ගෙවූ ආකාරය හෙළිවී තිබෙනවා. මේවා කළේ කවුද? නිවාස ලබාදීමේ අක්‍රමිකතා අනාවරණය වෙලා. විදේශ රැකියා ප්‍රශ්නවලට අදාළ අය ඉන්නෙත් ඒ  පැත්තේ. අපට චෝදනා කළ ෆුට්නෝට් කල්ලිය ඉන්නෙත් ඒ පැත්තේ. දැන් මේ අය කරපු දේවල් රටට හෙළිවෙමින් තිබෙනවා. ඒවාට අපි සම්බන්ධ නැහැ. හැබැයි   අපට චෝදනා කරනවා. අනෙක් අයට හොරා හොරා කියමින් දුවන කෙනා කවුද කියා ජනතාව දන්නවා. මේ රටේ සිරිත වැඩ කරන කෙනාට පහරදීමයි. දුෂණය කළ පිරිස එ.ජාපයෙන් එළියට ගිහින් තිබෙනවා. ඒ නිසා අපේ පක්ෂය සුද්ධ වෙලා. වාණිජ බැංකු බාරව සිටියේ කවුද? මහ බැංකුව බාර නියෝජ්‍ය ඇමැති වුණේ කවුද?විවාදයකට එන්න කියා ලොකුවට සද්ද කරන අයට  අපි අභියෝග කළා. ඒත් ආවෙ නැහැ. එහෙම මුහුණට මුහුණ සංවාදයකට එන්න තරම් ශක්තියක් ඔය අයට නැහැ. ඇත්තටම එ.ජා.ප.ය කඩා තිබෙන්නේ මාධ්‍ය​යෙන්. බැලුම් බෝලයක් පුම්බා එය පිපිරුණාම එය පිම්බුවේ කවුද කියා අහනවා. කළ ගුණ නොදත් අය පක්ෂයට ප්‍රශ්න ඇති කළා. අර උරුමය මේ උරුමය කියාගෙන ආපු අය මේ පක්ෂය විනාශ කළා. සංස්කෘතික අරමුදලේ මුදල් ජනාධිපතිවරණ කාලයේ වැය කරපු ආකාරය හෙළිවෙලා. වසර පහක් අපේ චරිත ඝාතනය කළේ ඔය අයයි. මම මුදල් ඇමැති හැටියට රටට ජනතාවට කළ වැඩ කොටස මේ අයට දරාගන්න බැරිවුණා. රැකියාවක් ව්‍යාපාරයක් නොකරන කෙනකු මේ තරම් මුදල් වියදම් කරන්නේ කොහොමද? මේ අය කළේ එ.ජා.පයට  හානි කිරීම පමණයි. පක්ෂයේ අසමගිය ඇති කළා. කොළඹ අයට එදා සිනාසුණා. හැබැයි අද ටයිකෝට් කාරයන් සමග ඉන්නවා.ප්‍රශ්නය:- ඔබ මේ මොහොතේ කොළඹ දිස්ත්‍රික් ජනතාවට දෙන පණිවිඩය කුමක්ද?පිළිතුර:- අපට අවශ්‍ය  රට හදන ගමනක් යන්න මිස අනෙක් අයට බැන බැන ඉන්න නෙමෙයි. එ.ජා.පයේ ඉන්නේ වැඩ කරන මිනිස්සු. අනික් කණ්ඩායමේ ඉන්නේ කතාකාරයෝ. අපට අවශ්‍ය මේ රටේ තරුණ තරුණියන්ට රැකීරක්ෂා ලැබෙන   මාර්ග ඇති කරන්න. ආර්ථිකය  ශක්තිමත් කරන්න. ජනතාවට පීඩනයක් නොවන ජීවන වියදමක් ඇති කරන්න අපට අවශ්‍යයි. මම මුදල් ඇමැති වශයෙන්  රජයේ සේවකයන්ට දස දහසක වැටුප් වැඩිවීම දෙනවිට අපට සිනාසුනා. ස්වභාවික  විපතකදී රක්ෂණයක් ඇති කළා. අපි කළ වැඩ ලංකාවේ අය අගය නොකළාට ලෝකයා අප දෙස බලා ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමැති ලෙස මා තෝරා ගත්තා. එවන් සම්මානයක් ලංකාවට ලැබුණේ මුල්වතාවටයි. සෑම වෙලාවකම මා  සමග සිටියේ කොළඹ දිස්ත්‍රික් ජනතාවයි. ඔවුන්ගේ දුකේදී සැපේදී මම ඉන්නවා.  එනිසා ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි රටේ ආර්ථිකය නැංවිය හැකි ජනතාවගේ අතට මුදල් දිය හැකි එ.ජා.පය මෙවර ඉදිරියෙන්ම තැබිය යුතුයි. බිංදුවට වැටී ඇති ආර්ථිකය පුනර්ජීවනය කළ හැක්කේ එ.ජාපයටයි. වසර විසි හයක් තිස්සේ දුකේදිත් සැපේදීත් කොළඹ ජනතාව  සමග මම ඉන්නවා. අපි කවුද කියා කොළඹ දිස්ත්‍රික් ජනතාව දන්නවා. රට ඉදිරියට ගෙනායටම එ.ජාපය ආරක්ෂා කරගත යුතුයි. අලියා නැති කිරීමට කාටවත් ඉඩ නොදිය යුතුයි.අපි තරුණයන් මූලිකකරගත් වැඩ සටහනක්  අරඹනවා. ජනාධිපතිවරණය පරාජය වුණේ ඒ අපේක්ෂකයාට තරුණ ඡන්දවලට  ආමන්ත්‍රණය කරන්න බැරි වූ නිසයි. සිංහල බෞද්ධ පදනම වෘත්තීය පදනම අපෙන් ඈත් වුණා. පාවෙන ඡන්ද එදා අපට ලැබුණේ නැහැ. එහෙත් අද සිටින තරුණ පරපුර මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළ නිසා අපේක්ෂාභංගත්වයට පත්වෙලා. තරුණ පරපුරේ ප්‍රශ්න විසඳන්න අපි සුදානම්. තරුණ පිරිස් මෙවර අප කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. මේ අයට රු. 10,000 දෙන්නේ රැකියාවක් ලැබෙන තුරු මවුපියන්ට බරක් නොවී සිටීමටයි. රටේ ආර්ථිකයට මේ අය සම්බන්ධ කර ඔවුන්ට දෙපයින් සිට ගැනීමට අවශ්‍ය පසුබිම හදන්න අපට පුළුවන්. අපදෙස  වපර ඇසින් බලන්න එපා. කළ හැකි දේ අපි කියා තිබෙනවා. විසිදහස දෙනවා කියන්නේ ගල් පැලෙන බොරුවක්. එක එක මැතිවරණයේදී  එක එක පක්ෂවලින් තරග කළ අය එ.ජා.පය කැඩුවා. ඒ අයට නිසි පිළිතුරු දිය යුතුයි. අපේම එ.ජා.පය වෙනුවෙන් මෙවර අපි වැඩ කළ යුතුයි.(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ) 
ආණ්ඩුවේ නොහැකියාව ඔප්පු කර අවසන්
1
hp_train_1410
ඇය විසි හතර හැවිරිදි තරුණියකි. ඉහළ අධ්‍යාපනයක් නොලැබුවත් ඇයටත් අනෙක් යෙහෙළියන්ට මෙන් රැකියාවක් කිරීමේ ආසාවක් ඇති විය. එහෙත් ඇඟලුම් කම්හලක රැකියාවට ඇයගේ එතරම් කැමැත්තක් නොවීය. මේ අතර අහම්බෙන් ඇයට රැකියාවකට මං පෑදිණි.රැකියාව පදිංචි දිස්ත්‍රික්කයෙන් පිට ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර පිහිටි තේ කම්හලකය. එම කම්හල පිහිටි ප්‍රදේශයේ සියයට අනූවකගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තේ කර්මාන්තයයි. දිනපතා නිවසේ සිට රැකියාවට යාම අපහසු නිසා ඇයට කම්හල ආශ්‍රිතව නේවාසිකාගාරයේ සුව පහසු කාමරයක් ද ලැබුණි.ඇය රැකියාවට ගොස් මාසයක් ගතවීමට පෙරම නොසිතූ ලෙස වාසනාව ඇය වටා කැරකෙන්නට විය. ඒ කම්හල් කළමනාකරුගේ පුතාය. ඔහු විසි එක්හැවිරිදි තරුණයෙකි. ඔහු සමග හෝටල් කාමරවල සිටින විට සුව පහසු යාන වාහන සුවිසල් නිවාස වතු නිලධාරීන්ගේ සුහද හමු ඇයට මැවී පෙනෙන්නට විය.ඉකුත් දිනක සවස දෙදෙනා ගාල්ල නගරාසන්නයේ හෝටලයකට පැමිණියහ. හෝරා කිහිපයක් එහි ගතකිරීමෙන් පසු ඔහු මෝටර් රථයෙන් ඇය බස් නැවතුම් පොළට කැඳවාගෙන ආවේය. දැන් කොහෙද යන්නේ ඔහු ඇසුවේය.මම ගෙදර ගිහිල්ල හෙට එන්නම් ඇය පිළිතුරු බැන්දාය.පසුව ඔහු මෝටර් රථයෙන් පිටත්ව ගිය අතර ඇය බස් නැවතුම් පොළේ නතර වූවාය. ටික වේලාවකට පසු ඔහු ඇයගේ ජංගම දුර කථනයට කතා කර ඉන්නේ කොහේ දැයි විමසීය. මම මේ මහ වීදියෙ කඬේකට ආවා. ඇය කීවාය. එහෙත් එසේ කියා වැඩි වේලාවක් යන්නට පෙර පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඇය අසල නතර කළේය.මෝටර් රථයෙන් බැස ගත්තේ මෙයට ටික වේලාවකට පෙර යහන්ගතව සිටි කම්හල් කළමනාකරුගේ පුතාය. අවාසනාවට මෙන් ඇය සිටියේ තවත් තරුණයෙකුගේ අත්අල්ලා ගෙනය. මෙයට පෙර දැන හැඳින ගෙන සිටි එම තරුණයා සමග ඇය ගාලු කොටුවට යමින් සිටියාය. මෝටර් රථයෙන් බැසගත් ඔහු ඇයි මට බොරු කිව්වේ කියමින් අත මිට මොළවා ඇයගේ මුහුණට වේගයෙන් පහරක් එල්ල කර මෝටර් රථයට නංවා ගත්තේය. ඇය සමග සිටි තරුණයා අන්දමන්ද වී බලා සිටියේය.මම ඔක්කොම බලාගෙන හිටියෙ. කවුද ඒ මිනිහ ඔහු ඇසුවේය.ඒ මම අඳුනන යාලුවෙක්. ඇය කීවාය. ඇයගේ මුහුණ රතුවී ඉදිමී තිබිණි. ඔහු ඖෂධ ශාලාවකට ගොස් අයිස් බෑගයක් ගෙනැවිත් මෝටර් රථය තුළදීම ප්‍රථමාධාර දුන්නේය. ඉන්පසු ඇය නිවසට යන බව පවසා මෝටර් රථයෙන් බැස ගියාය. එහෙත් ඇය ගියේ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයටය. පැමිණිල්ල සටහන් විය. ඇය රෝහල්ගත වූවාය.මේ අතර ඇයගේ නිවසේ ඥාතීන් දියණිය අතුරුදන්වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ද කර තිබිණි. ගාල්ල පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පැවැත්වූ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂිකා චෞද්රි මෙනෙවිය සහ සැරයන් සමරනායක 25312 මහතා සැකකරු අත්අඩංගුවට ගත්හ.(උණවටුන ඩී.ජී. සුගතපාල) 
ලොක්කගෙ පුතාගේ ‘ලව් එක’ ගමේ කොල්ලට මාරුවෙලා
0
hp_train_1411
සමන් විජය බණ්ඩාර මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද (29) ඡන්ද විමසන අවස්ථාවේ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ඡන්දය ලබා දීමෙන් වැළකී සභා ගර්භයෙන් පිට වී ගිය අතර ඒ අනුව 2019 අයවැය කෙටුම්පතට පක්ෂව ඡන්ද 21 හිමිකර ගනිමින් 2019 අයවැය කෙටුම්පත සම්මත කර ගැනීමට ආණ්ඩු බලයේ සිටින එජාපයට හැකි විය.මෙම ඡන්ද විමසීමේ  විශේෂත්වය වන්නේ ශ‍්‍රීලනිප නියෝජනය කරන මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් 5 දෙනාගෙන් තිදෙනෙක් පමණක් එජාපයේ මංගල අයවැය සඳහා පක්ෂව ඡන්දය ලබා දිමයි. ඒ අනුව මංගල අයවැය ඉදිරිපත් කිරිමේදි ඊට පක්ෂව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 16 දෙනා පක්ෂව ඡන්දය අයවැය කෙටුම්පතට ලබා දුන් අතර ශ‍්‍රීලනිප නියෝජනය කරන උප සභාපති කේ.එම්.සී. බණ්ඩාර, එම පක්ෂයේ කාන්තා මන්ත‍්‍රීවරියන් දෙදෙනා ද අයවැයට පක්ෂව ඡන්දය ලබා දෙන ලදී. මෙහිදි ජනතා පක්ෂය නියෝජනය කරන රුවන් කුමාර මන්ත‍්‍රීවරයාත් ස්වාධින කණ්ඩායමක් නියෝජනය කරන නෆිර්ඛාන් මන්ත‍්‍රීවරයා ද පක්ෂව ජන්දය භාවිතා කරන කළේය.මෙහිදි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී ජයන්ත කුමාර මහතා ඡන්දය ලබා දිමෙන් වැළකී සිටියේය. මෙම ඡන්ද විමසන අවස්ථාවේදී ඊට විරුද්ධ වෙමින් ඡන්දය ලබා දීමෙන් වැළකී පොදුජන පෙරමුණේ විපක්ෂ නායක කේ.ජි. පියතිස්ස මහතා ඇතුළු එම කණ්ඩායමේ 16 දෙනා සහ ශ‍්‍රීලනිප නියෝජනය කරන කාමිල් සහ අසාම් මන්ත‍්‍රීවරයා ද පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් ද සමගින්ම සභාවෙන් අයවැය ඡන්දය ලබා නොදි පිටව ගියාය.      
මාවනැල්ල ප්‍රා. සබේ අයවැය සම්මතයි
1
hp_train_1412
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත් වල උදය කාලයේදීද වැසි ඇති විය හැකියි. සමහර ස්ථාන වලට මිලී මීටර් 100 ට වඩා වැසි  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 29/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259060සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33258565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල28239585විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය33268565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර29219570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20129580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30239580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය34259560සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32268575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘ප්‍රදේශ රැසකට තද වැසි‘
1
hp_train_1413
(*** අංජුල මහික වීරරත්න)එක්සත් ජාතික පක්ෂයට නැවත ජේ. ආර්. ජයවර්ධන ස්වර්ණමය යුගය ගෙන එන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (17) පැවැසීය.ආසන අටකට පසු බැස තිබූ එක්සත් ජාතික පක්ෂය නැවත හයෙන් පහක බලයක් ගැනීමට තරම් ශක්තිමක් කිරිමට ජිවය දීමට ජයවර්ධන මහතා සමත් වු බව කී රුවන් විජයවර්ධන මහතා සිදුවු වැරදි හදාගෙන පාක්ෂිකයා සමග ශක්තිමත් ගමනක් යන්නේ යැයිද සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 114 වැනි ජන්ම දින සමරු උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශය කරමිනි.පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවැති ජයවර්ධන පිළිරුව පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසීය.ප්‍රශ්නය: කරූ ජයසූරිය මහතා සමග සහයෝගයෙන් කටයුතු කරනවාද?පිළිතුර: කරු ජයසූරිය මහතාත් පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කර තිබෙනවා. පක්ෂය ගොඩනැගීම සඳහා එතුමාගේ උපදෙස් ද අවශ්‍යයි. ගමන යා යුත්තේ සියලුම දෙනා එකතු කරගත යුතුයි.ප්‍රශ්නය: නියෝජ්‍ය නායක තෝරා  පත්කර ගැනීම සඳහා තැබූ ඡන්දයේදී නැවත පක්ෂය දෙකඩ වුයේ නැද්ද?පිළිතුර: පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. ඒ අනුව නොයෙක් මතවාද ද තිබිය හැකියි. ඡන්දය තිබුණා  යැයි පක්ෂය බෙදිය යුතු නැහැ. පක්ෂය ගොඩනගා ගැනීමට නම් සියලුම දෙනා එකමුතු විය යුතුයි.ප්‍රශ්නය: ප්‍රතිසංවිධාන මැතිවරණයට පෙර කළා නම් ප්‍රතිඵලය මීට වඩා යහපත් වන්නේ නැද්ද?පිළිතුර: මහ මැතිවරණ ප්‍රතිඵලය පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා අවස්ථා කරගත යුතුයි. දැන් බිම් මට්ටමට ගොස් යට ඉඳන් උඩට පක්ෂය ගොඩනැගිය යුතු වෙනවා. ඉදිරියේදී අතීතයේ මෙන් පක්ෂය ශක්තිමත් තත්ත්වයට ගෙන එන්න හැකිවේ යැයි මා විශ්වාස කරනවා.ප්‍රශ්නය: 19 වැනි සංශෝධනය විසි වැනි සංශෝධනයත් සමග විසි වෙන්න යනවා නේද?පිළිතුර: එක්සත් ජාතික පක්ෂය අනිවාර් යයෙන්ම විසි වැනි සංශෝධනයට විරුද්ධයි. මේ ගෙනෙන්න හදන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානිය වන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයයි.ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලා. පාර්ලිමේන්තුවට තිබූ බලය නැවත ජනපතිට දීම සඳහා සංශෝධනය ගෙනැවිත් තිබෙනවා. එය රටේ අනාගතයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා අහිතකරයි.ප්‍රශ්නය: විසිවැනි සංශෝධනයට එරෙහිව සටන් කරද්දී සියලු දෙනා එක වේදිකාවකට එනවද?පිළිතුර: ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය පමණක් නොව සෙසු සියලු පක්ෂ එක්විය යුතුයි. සටන් බිමට යාමට පෙර අප සැම එක් මේසයකට පැමිණිය යුතුව තිබෙනවා. එය සිදුවනු ඇතැයි මා සිතනවා.ප්‍රශ්නය: එසේ වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කරනවාද?පිළිතුර: සජිත් ප්‍රේමදාස මහතා සමග පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ සමගත් සාකච්ඡා කරන්න මා ලැහැස්තියි. මා ඊයේ දිනයේදී සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත්, තලතා අතුකෝරල මහත්මියටත් දුරකතනයෙන් කතා කළා. එතනත් ඉන්නේ අපේ සහෝදර මන්ත්‍රීවරුයි.එහි සිටින ගොඩක් අය මට දුරකතනයෙන් කතා කර සුබ පැතුවා. ඉදිරියේදී එකට වැඩ කරන්නට අපට හැකියි.ප්‍රශ්නය: ජේ. ආර්. ජයවර්ධන අද ජීවතුන් අතර සිටියා නම් එජාපය සිටින තැන ගැන මොනවා සිතේවිද?පිළිතුර: එතුමා අපේ පක්ෂයට විශාල ශක්තිය වූ  චරිතයයි. කම්කරු පන්තිය වෙනුවෙන් එතුමා විශාල සේවයක් කළා. ජාතික සේවක සංගමය එක් උදාහරණයක් පමණයි.ජේ. ආර්. ජයවර්ධන මහතා අද සිටියා නම් පක්ෂය වඩාත් ශක්තිමත් කරන්න හැකි වේවි. එතුමා සිටියා නම් එක්සත් ජාතික පක්ෂය තවමත් ඉතා ප්‍රබල පක්ෂය ලෙස තිබේවි.එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේදීත් මෙවැනි පසුබෑම්වලට ලක්ව තිබෙනවා. එක් අවස්ථාවකදී ආසන අටකට පසු බැස්සා. පසුව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය ගැනීමට හැකියාව ලැබුණා.එක්සත් ජාතික පක්ෂය පරාජයට මෙන්ම ජයග්‍රහණයන්ටත් මුහුණදී තිබෙනවා. අප පක්ෂය නැවත  දැවැන්ත සේවය රටට කළා. එක්සත් ජාතික පක්ෂය පසු බැසීම යනු ජාතික අපරාධයයි. මගේ එකම අරමුණ ජේ. ආර්. ජයවර්ධන යුගය නැවත එක්සත් ජාතික පක්ෂයට ගෙන ඒමයි.ප්‍රශ්නය: අප සියලු පසු බැසීමට වගකිවයුත්තා කවුද?පිළිතුර: අප සියලු දෙනාම පොදුවේ ඒ වගකීම බාරගත යුතුයි. එක පුද්ගලයකුට පමණක් ඇඟිල්ල දිගු කළ යුතු නැහැ. ජයග්‍රහණයේ අභිමානය බාර ගන්නවා වගේම පරාජයත් සියලුම දෙනා එක්ව බාරගත යුතුයි.අප ආණ්ඩුවේ සිටින විට මගේ අතිනුත් වැරදි වුණා. පාක්ෂිකයන්ගෙන් දුරස් වුණා. කළ වැරදි හදාගෙන තවත් ශක්තිමත්ව ඉදිරියට පැමිණිය යුතුයි.මෙහිදී අදහස් දක්වමින් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය අරඹා තිබෙනවා. එහි මූලික පියවර පසුගිය දිනවලදී සිදුවුණා. ඉදිරි කාලයේදී සෙසු ප්‍රතිසංවිධාන කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.ප්‍රශ්නය: පක්ෂ නායකයා පත්කර ගන්නවා යැයි කිව්වත් අවසානයේ පත් කළේ නියෝජ්‍ය නායකයා නේද?කාරියවසම් මහතා : ඉතිරි තනතුරු තෝරා පත්කර ගන්නා බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පැහැදිලිවම ප්‍රකාශ වුණා. නායකත්වයේ සිට සියලු තනතුරු පූර්ණ වෙනස වේවි.ප්‍රශ්නය: ප්‍රතිසංවිධාන කලින් කළානම්  හොඳ යයි සිතන්නේ නැද්ද?කාරියවසම් මහතා: සමහර කණ්ඩායම් ඒ තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. එකතුවී යා යුතු යැයි යන පදනමේ සිටියද ඒ අය වෙනම ගියානේ. අප එකතු වී ගියා නම් මීට වඩා ශක්තිමත් වෙනවා. කිසිවෙකුත් ජයග්‍රහණය කර නැහැ. ඡන්ද පදනම අඩු වූවා.මහ ලේකම්ධුරයත් ප්‍රතිසංවිධානයට ලක්කර අලුත් අය පත් කර ගන්නා ලෙසට තමා ඉල්ලීමක් කර තිබෙනවා යැයිද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
පාක්ෂිකයන්ගේ විශ්වාසයක් ඇත්නම් එජාප නායකත්වය ගන්න සූදානම්
0
hp_train_1414
දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අාපන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතාඅද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්.  බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි.ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා.  දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා.බිමල් රත්නායක  මහතාජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා.හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා.  විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ. ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා.  සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා.   අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා.   මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්.  ජෝන් අමරතුංග  මහතා ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්‍රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන  තිබෙන්නේ.මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා.  අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්‍රය විනාශ වෙමින් තිබෙනවා.  අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.සභාව - එකඟයි කතානායක - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය.  සභාව එකඟද?ඩී එම් ස්වාමිනාදන්  මහතා පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්‍රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  එඩ්වඩ් ගුණසේකර  මහතාඅපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි.  එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා. අඩෙයිකලනාදන්  මහතාඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්.  මුජිබර් රහුමාන්  මහතා කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.    ගයන්ත කරුණාතිලක  මහතා- මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා.   කතානායක - මම ඒ ගැන සොයා බලන්නම්.ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න.චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.ජේ සී අලවතුවල මහතාඅදට මාසයක් මේ රට අරාජිත වෙලා.  පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම  සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා.ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා.  ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා.  හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.අජිත් මාන්නපෙරුම  මහතාඅපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ  උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා.  අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මයන්ත දිසානායක මහතාඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා.  හර්ෂ ද සිල්වා මහතාබොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න.  රිෂාඩ් බදුයුදීන්  මහතාඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා.මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා.කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්.මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුලුවන් කියලා.මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ.  මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා. අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ  පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්නපුලුවන්. කතානායක - මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්.හේෂා විතාන‍ගේ මහතාඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න. චමින්ද විජේසිරි මහතාපහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා  ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න. කතානායක - මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.නවීන් දිසානායක  මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා.  පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන.  යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්.  ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා.    එරාන් වික්‍රමරත්න මහතා රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා.  බන්දුලාල් බණ්ඩාරිගොඩ  මහතාආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා.  කතානායක - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ.  රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න. අජිත් පී පෙරේරා මහතා නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්.  අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න.කතානායක කරු ජයසූරිය මහතා යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න.මරික්කාර්  මහතා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා.කරුණාරත්න පරණවිතාන මහතා මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.  විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ.නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා.රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා  මහතා පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ.ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න. කතානායක - දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා.ගාමිණී ජයවික්‍රම පෙරේරා   මහතා ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා.  මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි.  හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා.   මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘතිලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.   රවුෆ් හකීම්  මහතා -සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්.  අජිත් මාන්නප්පෙරුම  මහතා අද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා.  කතානායකවරයා ලෙස ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා.  මරික්කාර්  මහතා පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා(ලිපිය කියවයි)මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද?  රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න.කතානායක - මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්. මංගල සමරවීර  මහතා නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය  ගැටලු වලට  මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත්කරන්න කියලා.ජෝන් අමරතුංග මහතාමේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම.කතානායක - මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්.   වඩිවෙල් සුරේෂ්  මහතාඅපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා. කාවින්ද ජයවර්ධන - දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා. කතානායක - ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා.නලීන් බණ්ඩාර මහතා  - පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවාමන්ත්‍රීවරු - ආණ්ඩුවක් නෑලක්ෂ්මන් කිරිඇල්ල  මහතා  - යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ. ආශු මාරසිංහ මහතා රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්කතානායක කරු ජයසූරිය මහතා - ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා.    කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය.  (තරිඳු ජයවර්ධන) රටේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු කල් තැබූ පාර්ලිමේන්තුව අද (27) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය. අද දිනයේ ද විශේෂ කරුණු ඇතුළත් කරමින් න්‍යාය පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර අද දිනයේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 යටතේ සිදු කෙරන බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයා පක්ෂ නායකයන් හමුවනු ඇතැයි ද දැනගන්නට ඇත. ස්ථාවර නියෝග අංක 22හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අනුපිළිවෙළ පහත දැක්වේ.   ( ඡායාරූප ලහිරු හර්ෂණ)    
පාර්ලිමේන්තුව 29 වැනි දා තෙක් කල් තබයි
1
hp_train_1415
(අංජුල මහික වීරරත්න)නොදියුණු බවේ පතුලේ සිටි බියගම ශීඝ්‍ර ආර්ථික දියුණුවක් කරා රැගෙන ගිය අයුරින්ම මුළු රටම දියුණුව කරා රැගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පෙරේදා (22) පැවැසීය.එදා බියගම දියුණු කිරීමේ සැලසුම් ඉදිරිපත් කරන විට “හීන දකින බව” කියමින් සිනාසුණු අයටත් දියුණුවේ ඵල නෙළා ගැනීමට හැකි වූ බව කී අග්‍රාමාත්‍යවරයා යහපාලන රජය යටතේ ලබන දියුණුවේ ප්‍රතිඵල ද සැමට නෙළා ගැනීමට හැකියාව ඇති බව කීය.අතීතයේ බියගමින් ලද අත්දැකීම් අද අනාගතය ගොඩ නගන්නට මහෝපකාරී වන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසූයේ බියගමින් දේශපාලන ගමන අරඹා වසර 40ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට උරදුන් බියගම එජාප බලමණ්ඩල සාමාජික සාමාජිකාවන් සමග අරලියගහ මන්දිරයේ පැවැති සහෘද සම්භාෂණය අමතමිනි.“77ට හතළියයි. වසර 40 කට පෙර බියගම සටනට එක් වූ ඔබට ස්තූතියි” යන තේමාවෙන් මෙම සහෘද සම්භාෂණය සංවිධානය කර තිබිණි. 1977 වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශපාලනය කළ බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔවුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි. අතීත මිතුරු මිතුරියන් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා“1977 වසරේ ජුලි 22 දා අලුයම වැඩි ඡන්ද 6700ක් ලැබූ මා බියගම පළමුවෙනි මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වී මගේ දේශපාලන ගමන ආරම්භ කළා. එදා තේරී පත්වූ අය අතර වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්නේ මා හැර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මැතිතුමාත්, ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමාත් පමණයි. මා පමණක් අඛණ්ඩව පාර්ලිමේන්තුව වසර 40ක් නියෝජනය කර තිබෙනවා. එම නිසා පළමුවෙන්ම මගේ දේශපාලන ගමන ඇරැඹීමට උපකාර කළ අද ජීවතුන් අතර සිටින ඔබ සියලු දෙනා මුණ ගැසෙන්නට මට අවස්ථාවක් ලැබී තිබෙනවා. මට මහත් සේ උපකාර කළ ඔබ සැමට ස්තූතිවන්ත වීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.මාගේ මෙම ගමන සඳහා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ට දෙයාකාරයකින් ණය ගැතියි.පළමුවැන්න නම් මා තරගකාරී දේශපාලනයට ඇදගැනීමයි. දෙවැන්න නම් ජේ.ආර්. ජයවර්ධන මහතා කළ විප්ලවයේ කොටස්කරුවකු වීමට මට අවස්ථාව දීමයි. එමෙන්ම මා මෙහිදී ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමන්ට ස්තූතිය පුද කරනවා. එතුමාත්, මට විප්ලවය ඉදිරියට ගෙන යාම සඳහා අවස්ථාව ලබා දුන්නා. මට ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා සමග කටයුතු කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විජේතුංග මැතිතුමන්ටත් ස්තූතිය පුද කරනවා.මගේ ගමනට උදව් කළ එහෙත් වර්තමානයේ ජීවතුන් අතර නැති බොහෝ පිරිසක් සිටිනවා. මගේ මව්පියන්, පෝල් පෙරේරා මැතිතුමා, පක්ෂයේ හිටපු සභාපති එන්.ජී.පී. පණ්ඩිතරත්න මැතිතුමා, එමෙන්ම මට උදව් උපකාර කොට මා බියගමට ගිය විට කැලණිය ආසනය භාරගෙන තරග කළ සිරිල් මැතිතුමා මෙහිදී සිහිපත් වෙනවා. එමෙන්ම සුරනිමල රාජපක්ෂ මැතිතුමා මිය යන තුරුම මා සමග සිටියා. සීමන් බාලසිංහ, මට කාර්යාලය ලබා දුන් ලයනල් විජේසිංහ, ඊට පෙර මට කාර්යාලය ලබා දී මෙහි පැමිණීමට උපකාර කළ එස්.ඒ. පෙරේරා, කේ.ඩී. ඩැනියල් මහත්වරුන් ප්‍රමුඛ විශාල සංඛ්‍යාවක් මට සිහිපත් වනවා. ඒ සියලුම දෙනාගේ නම් මෙහිදී සඳහන් කිරීමට අපහසුයි. නමුත් නම් කී නොකී සියලුම දෙනාට මා ස්තූතිවන්ත වෙනවා.මගේ ගමනේ ඇරැඹුමේ සිට මා සමග වැඩ කළ බොහෝ පිරිසක් අද මෙතැන සිටිනවා.ඇන්ඩෲ සිල්වා, ජගත් කරුණාරත්න, හෙන්ද්‍රි ගුණසේකර, සුනිල් ගුණසේකර, ෂෙල්ටන් සෙබෙස්තියන් ආදී විශාල පිරිසක් සිටිනවා. මා කැලණියේ සංවිධායක වූ දා පටන් ඔවුන් මා සමග මේ ගමනට එක් වුණා. වල්ගම, මල්වාන, උඩුපිල, කඳුබොඩ, දෙල්ගොඩ ආදී ප්‍රදේශවල සියලුම දෙනා එක කණ්ඩායමක් ලෙස සිතා ඉදිරියට ගියා. එකල ඡන්ද සමයේ මට උපකාර කළ අය අද මෙහි සිටිනවා. ඒ සියලුම දෙනාට මම යළිත් ස්තූතිය පළ කරනවා.මා බියගම සංවිධායකවරයා ලෙස කටයුතු කළ සමයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලයේ ලේකම් වන ඇන්ඩෲ සමරතුංග මැතිතුමා මට කතා කොට මම උත්සවයට පැමිණීමට බොහෝ සතුටින් සිටින බවත්, අසනීප තත්ත්වය නිසා පැමිණිය නොහැකි බවත් දැනුම් දුන්නා. මා සමග එකට ඡන්ද වැඩ කළ ටියුඩර් ගුණසේකර මැතිතුමාත්, සරත් චන්ද්‍ර රාජකරුණා මැතිතුමාත් මා මෙහිදී සිහිපත් කරනවා. ගම්පහ චන්ද්‍රා ජයකොඩි මැතිතුමාත් මට මතක් වෙනවා. ඔවුන් පිළිබඳව සඳහන් කොට මට විරුද්ධව මැතිවරණයට ඉදිරිපත් වූ ඬේවිඞ් හපන්ගම සභාපතිතුමා ගැනත් සඳහන් කළ යුතුම වෙනවා.කෙසේ හෝ අපි අපේ ගමන ආරම්භ කළා. බියගම ආසනය ජයග්‍රහණය කරා මෙහෙයවූවා. වසර 40ක් දේශපාලනයේ ඉඳීවියැයි මා සිතුවේ නැහැ. ඔබ සමග එක්ව බියගම විශාල සංවර්ධනයකට ගෙන යාමට මට අවස්ථාව ලැබුණා. එයින් මට විශාල අත්දැකීමක් ලැබුණා. පළමු වසර දෙකේදී මා බැණුම් ඇහුව්වා. කරන්නේ මොනවා දැයි ඇසුවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. කටුනායක වෙළෙඳ කලාපය ආරම්භ කළා. ඔබ කරන්නේ මොනවා දැයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මගෙන් ඇසුවා. අපි සියලු දෙනා එක්ව බියගම දියුණු කිරීමට සැලැස්මක් හැදුවේ ඒ යුගයේදීයි. එය මට අදත් හොඳ අත්දැකීමක්. දැනුත් මට ඇතැමුන් බණිනවා. වසර දෙකක් කළේ මොනවා ද? පොරොන්දු ඉටු නොකළේ ඇයි දැයි අහනවා.එදා අපට විශාල අභියෝගයකට මුහුණ දීමට තිබුණා. එදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් නොදියුණුම පළාතක් ලෙස බියගම ප්‍රදේශය පැවතුණා. යන්න පාරක් නැහැ. මේ පළාතේ දියුණුව වෙනුවෙන් කරන්නේ කුමක් දැයි අප ඇන්ඩෲ සිල්වා, ඩැනියල්, සීමන්, ලයනල් ආදී කණ්ඩායමක් සමග සාකච්ඡා කළා.බියගම විවෘත ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කොට වෙළෙඳ කලාපයක් ඇති කර ඉදිරියට යාමට සූදානම් බව මා එහිදී පැවැසුවා. එම අභියෝගය භාර ගැනීමට මා කැමැති වුණා. මා හීන දකිනවා යැයි එදා බොහෝ අය සිතුවා. නමුත් අපි සිතූ පරිදි ඒ වැඩ කටයුතු කළා. අප වෙළෙඳ කලාපය ඉදි කිරීමට ස්ථානයක් සොයා ගත්තා.වෙළෙඳ කලාප ඉදි කරන්නට පෙර බියගම පැවැතියේ කෙසේ දැයි මට මතක් වෙනවා. ගෝනි සේදීමේ කර්මාන්තයක් එහි තිබුණා. තවත් සමහරුන් බීඩි එතුවා. කසිප්පු පෙරුවා. ඒ සමගම තෙල් පිරිපහදුවක් පමණක් තිබුණා. ඒ තත්ත්ත්වය වෙනස් කිරීමට මට අවශ්‍ය වුණා. වර්තමානයේදී කර්මාන්තශාලා සියයකට වඩා තිබෙනවා. කොකාකෝලා කම්හල තිබෙනවා. බීජ නිෂ්පාදනය කරනවා. නොයෙක් ආකාරයේ කර්මාන්තශාලා තිබෙනවා. අපගේ දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස බියගම තත්ත්වය මෙලෙස නවීකරණයට පත් වී තිබෙන බව කිව යුතුයි.වෙළෙඳ කලාප සමග එදා මාර්ගයක් තිබුණේ සපුගස්කන්ද වනතුරු පමණයි. එතැන් සිට සමෘද්ධි මාවත ඉදි කළා. කඩුවෙලින් පාලම ඉදි කළා. බැලුම්මහර දක්වා මාර්ගය හැදුවා. මහවැලියේ විදුලි බලය බෙදෙන කේන්ද්‍රස්ථානය හෙයියන්තුඩුවේ ඉදිකර, ඩීසල් විදුලි බලාගාරය සපුගස්කන්දේ ඉදි කළා. බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කළා. එමෙන්ම බියගම වෙළෙඳ කලාපය ආරම්භ කළා. ඒ අනුව එම ප්‍රදේශයේ දියුණුව ආරම්භ වුණා. පසුගස්කන්ද අලුත් නගරයක් බවට පත් කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සපුගස්කන්දට ගෙනාවා. සපුගස්කන්ද පොලිස් ස්ථානයක් ඉදි කළා. බියගම වෙනුවෙන් වල්ගම අලුත් පොලිස් ස්ථානයක් ඉදි කළා. හැම ගමකටම, හැම පාරකටම විදුලි බලය ලබා දුන්නා. මාබිම කන්දේ සිට ජල නළ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළා. දුරකථන පහසුකම් දීමට පටන් ගත්තත් එය අවසන් කර ගැනීමට බැරි වුණා. ඒ මගේ වරදක් නිසා නොවේ. ඊට පෙර මෙරටට ජංගම දුරකථන පැමිණියා. ඊට පසු කාගෙත් අතේ ජංගම දුරකථන තිබුණා. ඉන් අනතුරුව සපුගස්කන්දේ ලින්ඩන් වෙළෙඳ කලාපය ආරම්භ කළා. බියගම කර්මාන්ත සඳහා වෙන් කළා. සමෘද්ධි මාවතේ සියඹලාපේ ප්‍රදේශයේ කර්මාන්ත සඳහා වෙන් කළා.සංවර්ධනය කිරීමට නොහැකි යැයි බොහෝ දෙනා පැවැසූ කඩවත නගරය සංවර්ධනය කළා. ගම්පහට නව වෙළඳපොළක් ලබා දුන්නා. මම කඩවත නගරය අලුතින් සංවර්ධනය කළහොත් දිවි නසා ගන්නවා යැයි ඇතැමකු ප්‍රකාශ කළා මට මතකයි. නමුත් ඔවුන් දිවි නසා ගත්තේ නම් නැහැ. සංවර්ධනය වූ කඩවත නගරයෙන්ම ඔවුන් මුදල් උපයා ගත්තා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා ලෙස ඊළඟ පියවරත් ආරම්භ කරමින් මධ්‍යම අධිවේගී මාර්ගය කඩවතින් ආරම්භ කිරීමට මට හැකියාව ලැබුණා.එම කඩවත අධිවේගී මාර්ගයේ පළමු අදියර චීන සමාගමක් හරහාත්, දෙවන අදියර ශ්‍රී ලංකාවේ සමාගමක් හරහාත් තුන්වන අදියර ජපන් සමාගමක් හරහාත් 2020 වනවිට සාදා නිම කරනවා. එවිට කඩවත ඉඩකඩම් හිමි අයට පරම්පරා ගණනක් රැක බලා ගැනීමට හැකි වන මට්ටමකට නගරය දියුණු වනවා.එකල රු. 50ක් රු. 100ක් වටිනා ඉඩම් අද කොතරම් මුදලකට අලෙවි වනවා ද? අපි පාසල් දියුණු කිරීමට කටයුතු කළා. එවකට සුරනිමල රාජපක්ෂ ඇමැතිතුමා විශාකා විද්‍යාලය ඇති කළා. රෝහල් ක්ෂේත්‍රය දියුණු කළා. තරුණ සේවා සභාව හෙයියන්තුඩුවට රැගෙන ගියා. බියගම ආර්ථිකය ආරක්ෂා කිරීමට රන්මුතුගල කමල් ජයකොඩි මැතිතුමාගේ පියාගේ ඉඩමේ එස්.ටී.එෆ්. මූලස්ථානය ඇති කළා. පොලිස් ස්ථාන දෙකක් ද මෙම ප්‍රදේශයට ලබා දුන්නා. නිවාස ඉදි කර දුන්නා. ගම්පහ දියුණු කිරීමට අප නොකළ දෙයක් නැහැ. තවමත් ඉතිරිව තිබෙන්නේ රෝහල සාදා දීම පමණයි. අප එයත් සාදා දීමට කටයුතු කරනවා.මේ ප්‍රදේශය දියුණු කිරීම සඳහා කළ වැඩ කොටසේදී මට විශාල අත්දැකීමක් ලැබුණා. එම අත්දැකීම් හරහා කර්මාන්ත ඇමැතිවරයා ලෙස සීතාවක, කොග්ගල, පල්ලේකැලේ ආදී වෙළෙඳ කලාප ඇති කිරීමට හැකියාව ලැබුණා. නමුත් 1994 මහ මැතිවරණයෙන් පසුව ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඝාතනයෙන් පසුව ඉන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ බලකොටුව වන මා පදිංචිව සිටි කොළඹ දිස්ත්‍රික්කයට පැමිණ තරග කිරීමට මට සිදු වුණා. සුරනිමල රාජපක්ෂ මැතිතුමාට බියගම ආසනය භාර දී මම කොළඹ දිස්ත්‍රික්කයට පැමිණියා. එතුමාගෙන් අනතුරුව බියගම ආසනය රුවන් විජයවර්ධන මහතා භාර ගෙන තිබෙනවා. කැලණිය ආසනයට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කර තිබෙනවා.මට උදව් උපකාර කළ කැලණිය විජිත මහානායක ස්වාමීන් වහන්සේ, බොල්ලැගල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු බොහෝ දෙනෙක් ද මම මේ අවස්ථාවේදී සිහි කළ යුතුයි. එදා මාත් සමග කටයුතු කළ ස්වාමීන් වහන්සේලා අතුරින් අද ජීවත්ව සිටින්නේ ගොළු මහර නායක ස්වාමීන් වහන්සේ සහ ගංගාරාමයේ නායක ස්වාමීන් වහන්සේයි පමණයි. අපි දීර්ඝ ගමනක් පැමිණියා. අද මම මෙතැනට පැමිණියේ එම ගමනට දායක වූ ඔබට ස්තූති කිරීමටයි.ඒ වාගේම මට විශාල අත්දැකීමක් ලැබුණා. ඒ හරහායි අද මම රටේ අගමැතිවරයා ලෙස ක්‍රියා කරන්නේ. පළමු වසර දෙක තුළ මට පැවරී තිබෙන්නේ රටට හානි වූ සියලු දේ ගොඩ නැගීමටයි. අපට ලැබුණේ ණය බරින් මිරිකුණු ආර්ථිකයක්. එදා ණය ගෙවීමට හැකියාවක් ලැබුණේ නැහැ. අද කෙසේ හෝ ණය ගෙවමින් අප ඉදිරියට යනවා. 2020, 2025 වනවිට අප සම්පූර්ණයෙන්ම ණය ගෙවා අවසන් කර ණය ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නැති කරන බව මම මේ අවස්ථාවේදී කියන්න කැමැතියි. පවතින ගැටලුවලට මූලික විසඳුම් ලබා දී පසුව සංවර්ධන කටයුතු සිදුකිරීමටයි අප බලාපොරොත්තු වන්නේ.ඒ වගේම අප මේ වනවිට කුණු කන්දේ අර්බුදයත් විසඳා අවසන්. නව ව්‍යස්ථාවක් සම්බන්ධයෙන් ද අප මේ වනවිට සාකච්ඡා කරමින් සිටිනවා. නොදියුණු බියගම ප්‍රදේශය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානම නගරයක් කිරීමට අපට හැකි වුණා. ඒ වගේම දළුගම, මාකොළ, සපුගස්කන්ද, කඩවත ආදියත් විශාල නගර බවට පත් කළ හැකියි. එදා මෙම ප්‍රදේශයේ දියුණු කරමින් කාර්මාන්ත කලාපයක් ද අප ඇති කර තිබෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ එහා කෙළවරේ පිහිටා තිබෙන මහනුවර නගරය සංවර්ධනය කිරීමේ සැලසුම් සහිතව අප ඉදිරියට යනවා. මහා මාර්ග සෑදීම සඳහා අවශ්‍ය නව තාක්ෂණය අප ගෙන එනවා.කුරුණෑගල, බිංගිරිය, ඉරණවිල ප්‍රදේශයන්හි සංචාරක හා කර්මාන්ත කලාප ඇති කිරීම සම්බන්ධව ද මේ වනවිට අප සාකච්ඡා සිදු කරමින් පවතිනවා. බස්නාහිර සංවර්ධන හා මහා නගර අමාත්‍යාංශය හරහා කොළඹ ඇති කරන දියුණුව තවත් අවුරුදු දෙකකින් පමණ අපට දැක බලා ගැනීමට හැකි වනවා. ඒ වගේම කළුතර තවත් කර්මාන්ත කලාපයක් ඇති කිරීම සඳහා මලික් සමරවික්‍රම ඇමැතිතුමාගේ අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් සිටිනවා.හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුමට අගෝස්තු මාසය වනවිට අත්සන් කරමින් මත්තල ගුවන් තොටුපොළත් මේ වසර අවසන් වීමට පෙර නව ක්‍රමවේදයකට අනුව ක්‍රියාක්මක කිරීමට කටයුතු සූදානම් කරන බවත්, මම මේ අවස්ථාවේදී කියන්න කැමැතියි. ඒ සම්බන්ධව ඇති විවිධ ගැටලු විසඳා ගැනීමට මහින්ද සමරසිංහ, නිමල් සිරිපාල ඇමැතිවරුන් කටයුතු කරනවා. ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළුව සමස්ත දකුණු ප්‍රදේශයේම අක්කර 3000ක් පමණ භූමි ප්‍රදේශ අප සංචාරක කර්මාන්තයට වෙන් කර තිබෙනවා. එය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා යටතේ ක්‍රියාත්මක වෙනවා. මෙම සංවර්ධන වැඩ කටයුතු අප ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. මෙම පදනම සකස් කිරීමට වසර දෙකක් පමණ ගත වුණා. එම පදනම ගොඩ නගා ගත් විට රට දියුණු කිරීමට අපට හැකියාව තිබෙනවා.නැගෙනහිර සංවර්ධනයේ විශාල වැඩ කොටසක් සිදු කිරීමට තිබෙනවා. පිබිදුණු පොළොන්නරුව, රජරට සංවර්ධන වැඩසටහන ආදිය ජනාධිපතිතුමා යටතේ ක්‍රියාත්මක වනවා.මොරගහකන්ද, මල්වතු ඔය ආදී වැඩ සටහන් රාශියක් ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා. අපට ඉතා හොඳින් සහයෝගය ලබා දෙන බදුල්ල දිස්ත්‍රික්කයේ උමාඔය ව්‍යාපෘති හේතුවෙන් ඇති වී ඇති අර්බුදය විසඳා දෙමින් එම ප්‍රදේශයත් සංවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වනවා. බදුල්ල ප්‍රදේශත් අපි අමතක කර නැහැ.යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර ප්‍රදේශත් දියුණු කිරීම සඳහා සංචාරක ව්‍යාපාරය ඇතුළු වැඩසටහන් රාශියක් අප සතුයි. ත්‍රිකුණාමල නගරය ද දියුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් සැලසුම් කර තිබෙනවා. මේ සියලු දේ සඳහා අවශ්‍ය අත්දැකීම් ලැබුණේ බියගමින් ලද පදනම නිසායි.1977 විප්ලවය වැනි තවත් විප්ලවයක් අපි සිදු කළා. එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පළමු වතාවට අපි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමයි.1977 දී අපට හයෙන් පහක බලයක් ලැබී තිබුණා. අද රටේ සංවර්ධනයට අපි සියලු දෙනාම එකතු වී එක මතයක් නිර්මාණය කරමින් සිටිනවා. මැතිවරණ සඳහා අපට තනිව ඉදිරිපත් විය නොහැකියි. නමුත් ජාතික ආණ්ඩුවක් ඇති කිරීම හරහා අප සිදු කළේ විශාල විප්ලවයක්. ජාතික ආණ්ඩුවේ වැදගත්කම තිබෙන්නේ එතැනයි.එසේ නම් මේ වසර දෙක තුළ ආර්ථිකය ගොඩනගන අතරම, අපි මාධ්‍යයට සම්පූර්ණ නිදහස ද ලබා දී තිබෙනවා. දේශපාලන නිදහස ද සම්පූර්ණයෙන්ම ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර සහයෝගය මේ වනවිට අපට ලැබෙනවා. නව ව්‍යවස්ථාවක් පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනවා. මේ සියලු කාර්යයන් සඳහා ශක්තිය මට ලැබුණේ බියගමින් ලද පන්නරය මතයි. අධ්‍යාපන ඇමැතිවරයා වීමෙන් මට ඉතා විශාල පළපුරුද්දක් ලැබුණා. අද අපේ රජයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා යටතේ අපි අවුරුදු 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්යය කර තිබෙනවා. අප මෙවැනි කටයුතු දැන් ආරම්භ කර අවසන්.මේ ආකාරයට රටේ සංවර්ධනයට අවශ්‍ය මූලික අඩිතාලම සැකසීමට වසර දෙකක් ගත වුණා. දැන් අපට ඉදිරියට යා හැකියි. එම ගමනට එකතු වන ලෙස සියලු දෙනාගෙන්ම මා ඉල්ලා සිටිනවා. මගේ දේශපාලන ගමන තුළ මට උදව් උපකාර කළ සියලු දෙනාටම මම ස්තූතිවන්ත වනවා.එදා දේශපාලන වැඩ කටයුතුවලදී මා සමග සිටි මිත්‍රයන් බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ. ගාමිණී අතුකෝරළ, ගාමිණී දිසානාක මාත් සමග එකට වැඩ කටයුතු කරමින් පසුව පක්ෂයෙන් ඈත් වී ගිය ලලිත් ඇතුලත්මුදලි, වීරසිංහ මල්ලිමාරච්චි ආදී බොහෝ දෙනා දැන් ජීවතුන් අතර නැහැ.අපි මේ රට සංවර්ධනය කරන්නේ තරුණ පරම්පරාව වෙනුවෙන්. එදා අපි බියගම සංවර්ධනය කළේ තරුණ පරම්පරාව වෙනුවෙන්. දැන් අපට ආර්ථිකය සංවර්ධනය කරමින් ඉදිරියට යාමට හැකි වී තිබෙනවා. එසේ නම් තරුණ පරපුරට ජීවත් විය හැකි රටක් නිර්මාණය කරමු.” මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායක ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය බියගම ආසන සංවිධායක රුවන් විජයවර්ධන මහත්වරු ද සහභාගී වූහ. 
මෙදා මුළු රටම දියුණු කරනවා
1
hp_train_1416
සබරගමුව, මධ්‍යම සහ දකුණ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්  බස්නාහිර සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259055ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36278545ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ30269080වැසි වාර කීපයක්ගාල්ල29269085වැසි වාර කීපයක්යාපනය33278070ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28219080විටින් විට වැසිනුවරඑළිය17139590විටින් විට වැසිරත්නපුරය30249075විටින් විට වැසිත්‍රිකුණාමළය34258560ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30278570වැසි ස්වල්පයක්                        
‘පළාත් රැසකට අදත් තද වැසි‘
0
hp_train_1417
ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමත් ඉන්දීය කණ්ඩායමත් අතර බර්මින්හැම්හි එජ්බැස්ටන් කී‍්‍රඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති පෙරහුරු තරගයේදී කඩුලූ 5 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දීය පිල සමත් විය.ලකුණු 334 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම  ඕවර 49 ක් අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 337 ලබාගනිමින් පන්දු 6 ක් ඉතිරිව තිබියදීම තරගයෙන් ජයගත්තේය.පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත  ඕවර 50 අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 333 ක් ලබා ගැනීමට සමත් විය.පන්දු 120 කදී ලකුණු 144 ක් ලබාගත් විරාට් කෝලි සහ පන්දු 81 නොදැවී ලකුණු 106 ක් ලබාගත් දිනේෂ් කාර්තික් ඉන්දීය ජයග‍්‍රහණයේ නියමුවෝ වූහ.ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු ෂිකාර් ධාවන් දුවද්දී දැවී යාමෙන් පසුව මුරලි විජේ (18) සහ රෝහිත් ෂර්මා (5) දවාගැනීමට සමින්ද එරංග සහ තිසර පෙරේරා සමත් වූ හෙයින් ලකුණු 62 කට ඉන්දීය පිලේ කඩුලූ 3 ක් බිඳ වැටී තිබිණ. එහෙත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 186 ක් එක්කළ විරාට් කෝලි සහ දිනේෂ් කාර්තික් ඉන්දීය පිලට ජය මාවත විවර කර දුන්හ.ශී‍්‍ර ලංකා ඉනිමේදී පළමු වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 160 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් ජනිත් පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන් දෙදෙනාම ඉන්දීය පන්දු යවන්නන් විසින් තමන් දවාගනු ලැබීමට පෙරම කී‍්‍රඩා පිටියෙන් ඉවත්ව ගියහ.වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 94 කට මුහුණ දෙමින් ලකුණු 82 ක් ලබා සිටියේ හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. පන්දු 78 කට මුහුණ දුන් තිලකරත්න ඩිල්ෂාන් හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 84 ක් ලබා සිටියේය.පෙරහුර තරගයක් වූ හෙයින් කුසල් ජනිත් පෙරේරා (82) සහ තිලකරත්න ඩිල්ෂාන් පිටියෙන් ඉවත්ව ගියේ සෙසු පිතිකරුවන්ටත් පන්දුවට පහර දීමේ අවස්ථාවක් සලසා දෙනු අටියෙනි. පසුගිය 30 වැනිදා පාකිස්තනු පිලට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකා පිලේ පුහුණු තරගයද වර්ෂාව නිසා පැවැත්විය නොහැකි විය.මෙම තත්ත්වයෙන් අනගි ප‍්‍රයෝජන ගත් ශී‍්‍ර ලංකා පිතිකරුවෝ අයි. පී. එල්. තරගාවලියෙන් වෙහෙසට පත්ව සිටින ඉන්දීය පන්දු යවන්නන් හමුවේ සාර්ථක ලකුණු රැස්කිරීමක නිරත වූහ. කාසියේ වාසිය දිනාගනීමෙන් අනතුරුව පන්දු යැවීම තෝරා ගත් නමුත් ශී‍්‍ර ලංකා පිතිකරුවන් පාලනය කිරීමට ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි අසමත් විය.ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ 5 ක් බිඳ වැටුණ ලෙස ලකුණු පුවරුවේ සටහන් වුවද ඉන්දීය පන්දු යවන්නන් විසින් දවාගන්නා ලද්දේ පන්දු 31 කදී ලකුණු 33 ක් ලබාගත් මහේල ජයවර්ධනගේ කඩුල්ලත්, පන්දු 32 කදී ලකුණු 45 ක් ලබාගත් කුමාර් සංගක්කාර සහ දිනේෂ් චන්දිමාල් (පන්දු 48 කින් ලකුණු 46) පමණි. තිසර පෙරේරා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ පන්දු 19 කදී ලකුණු 32 ක් ලබාගත්හ.  ලකුණු පුවරුවශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායමශී‍්‍ර ලංකා කණ්ඩායම ඉනිමකුසල් ජනිත්    - තරගයෙන් ඉවත්වුනා   82            තිලකරත්න දිල්ශාන්    - තරගයෙන් ඉවත්වුනා             84මහේල ජයවර්ධන    - ඇ. පතන් ප. ඉෂාන්ත් ශර්මා   30කුමාර් සංගක්කාර    - ඇ. අශ්වින් ප. මිෂ්රා     45        දිනේෂ් චන්දිමාල්    - ඇ. දෝනි ප. බුවනේශ්වර් කුමාර්    46තිසර පෙරේරා    - නොදැවී    26දිල්හාර ලොකුහෙට්ටිගේ- නොදැවී     6අතිරේක            14එකතුව  ඕවර 50 කදී කඩුලූ 3ක් දැවී        333කඩුලු වැටීම:1-209, 2-279, 3-325පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:ඇන්ජලෝ මැතිව්ස්, ශමින්ද එරංග, රංගන හේරත්, ජීවන් මෙන්ඩිස්, සචිත‍්‍ර සේනානායක, ළහිරු තිරිමාන්න, නුවන් කුලසේකර, ලසිත් මාලිංගපන්දු යැවීම:ඉර්ෆාන් පතන්: 5-0-45-0, බුවනේශ්වර් කුමාර්: 8-0-58-1, ඉෂාන්ත් ශර්මා: 6-0-41-1, විනේ කුමාර්: 7-0-42-0, රවිචන්ද්‍රන් අශ්වින්: 8-0-45-0, රවින්ද්‍ර ජදේජා: 8-0-41-0, අමිත් මිෂ්රා: 8-0-53-1 ඉන්දීය කණ්ඩායම් ඉනිමශීකාර් ධාවන්    - දුවද්දී දැවී ගියා        1    මුරලි විජේ    - ඇ. තිරිමාන්න ප. එරංග    18විරාට් කෝලි    - ඇ. චන්දිමාල්පග එරංග       144    රෝහිත් ශර්මා    - ඇ. කුලසේකර ප. පෙරේරා    5    සුරේෂ් රයිනා    - ප. සේනානායක    34        දිනේශ් කාර්තික්    - නොදැවී                            106    මහේන්ද්‍ර සිං දෝනි    - නොදැවී    18අතිරේක            11එකතුව  ඕවර 49 කදී කඩුලූ 5ක් දැවී                            337කඩුලු වැටීම:1-5, 2-52, 3-62, 4-110, 5-296පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා, බුවනේශ්වර් කුමාර්, අමිත් මිෂ්රා, ඉර්ෆාන් පතන්, ඉෂාන්ත් ශර්මා, විනේ කුමාර්, උමේෂ් යාදව්පන්දු යැවීම:නුවන් කුලසේකර: 9-0-56-0, ඇන්ජලෝ මැතිව්ස්: 5-0-26-0, ශමින්ද එරංග:9-0-60-2, තිසර පෙරේරා: 6-0-34-1, සචිත‍්‍ර සේනානායක: 6-0-42-1, රංගන හේරත්: 7-0-44-0, ජීවන් මෙන්ඩිස්: 3-0-31-0, තිලකරත්න දිල්ශාන්: 3-0-20-0, දිල්හාර ලොකුහෙට්ටිගේ: 1-0-18-0 
ඉන්දියාවට කඩුලූ 5 ක ජයක්
1
hp_train_1418
(ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(25) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.මෙම ශ්‍රී ලන්කන්  ගුවන් සේවයේ යූ.එල්.- 708 දරන විශේෂ ගුවන්  යානය සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා නුවර ගුවන් තොටුපළේ සිට  දහවල් 1.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.මෙම ශ්‍රී ලාංකිකයන්  සීෂෙල්ස් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි පිරිසකි.මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලක් කෙරුණි.
සීෂෙල්ස්හි සිටි ලාංකිකයන් 254දෙනෙකු කටුනායකට
1
hp_train_1419
 රංජිත් රාජපක්‍ෂ   බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල්ඩ් වතුයායේ එල්බොඩ කොටසේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ලවු බඹර ප‍්‍රහාරයෙන් තුවාල ලැබු වතුකම්කරුවන් 10 දෙනෙක් බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලට කළ බව බගවන්තලාව පොලිසිය කියයි.අද (28) උදෑසන  තේ  දළු නෙලමින් සිටියදි තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි තමන්ට පහරදුන් බවයි බඹර ප‍්‍රහාරයෙන් තුවාල ලබා නේවාසිකව ප‍්‍රතිකාර ලබන වතුකම්කරුවෝ පවසති.
වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
1
hp_train_1420
රට අභ්‍යන්තරයේ ප්‍රදේශ රැසකට  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි යාපනය අර්ධද්වීපයට  ගිගිරුම් සහිත වැසි ඇති වීමේ අඩු  හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 12/04/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය36259550සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව34259065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.කොළඹ34269070සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල33258570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය36277060ප්‍රධාන වශයෙන් වැසි  රහිතමහනුවර33209565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය23129565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය34249560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය34259060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.මන්නාරම34269065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.                           
‘ප්‍රදේශ රැසකට අදත් තද වැසි‘
0
hp_train_1421
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය.  මධ්‍යම කඳුකරය, වයඹ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශවලට නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි වීමට ඉඩ ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇතිවේ.
‘පළාත් කීපයක ගිගුරු සහිත වැසි‘
0
hp_train_1422
(නොර්වුඞ් - රංජිත් රාජපක්ෂ)“මේ රට දුප්පත්. ඒත් මේ රට පාලනය කරන පාලකයන් පෝසත්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ හගුරන්කෙත, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දිසානායක මහතා මෙසේද කීය.“අපේ රටට නව පාලකයෙක්, නව පාලනයක් අවශ්‍යයයි, වසර 71ක් අපේ රටේ ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න, නව පාලනයක් බිහි කරන්න, ඒ වගේම නැවතත් ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා නව පාලනයක් බිහිකරන්න.අපේ රට සියලුම විනාශයන්වලට මුහුණ දීලා තියෙන්නේ, දැන් අපි මොකක්ද කළ යුත්තේ? අපේ රට වෙනස් කළ යුතුයි.මේ විනාශවෙමින් යන රට බේරාගැනීමට නම් නොවැම්බර් මස 16 වෙනිදා ජනතාවට අලුත් තීන්දුවක් ගන්න වෙනවා.පැරදිච්ච, යටගිය ඒ දේශපාලන කඳවුරු දෙක ප්‍රතික්ෂේප කර නව දේශපාලනයක් මේ රටේ ස්ථාපනය කළ යුතුයි. අපි ඔබට සහතිකයක් දෙනවා මේ විනාශ වෙමින් පවතින රට අපි හදනවා, අපේ රට දුප්පත් රටක් බවට පත් වෙලා ඉවරයි.ඒ වුණාට රට පාලනය කරන පාලකයෝ දුප්පත්ද? රට දුප්පත් පාලකයෝ පෝසත්, රට දුප්පත් ජනාධිපති අගමැති පෝසත්, රට දුප්පත් නම් පාලකයොත් දුප්පත් වෙන්න එපැයි?ඒ විතරක් නෙවෙයි රට ණය වෙලා තියෙන්නේ. ණය ගෙවා ගන්නත් බැරි ආර්ථිකයක් අපිට දැන් තියෙන්නේ. ණය ගෙවන්නත් ණය ගන්න වෙලා තියෙනවා.රජයේ භාණ්ඩාගාරයේ ගිණුම හිස්. හැබැයි පාලකයන්ගේ ගිණුම් පිරිලා. පාලකයන්ගේ වත්කම් වැඩිවෙලා.රටත් පෝසත් වෙලා, පාලකයත් පෝසත් වුණාට කමක් නැ. ඒ වුණාට අපේ රටේ වෙලා තියෙන්නේ රට දුප්පත් පාලකයා පෝසත්. රටේ ගිණුම හිස් පාලකයන්ගේ ගිණුම් පිරිලා. රටේ වත්කම් තමයි පාලකයන්ගේ ගිණුම්වල තියෙන්නේ.ඒ නිසා පාලකයන්ගේ ගතිගුණ වෙනස් වෙන්නේ නැතිනම් දඬුවම් ලබා දෙන්න ඕනි. එනිසා නව දේශපාලනයක් මේ රටට අවශ්‍යයි. ඒ සඳහා මම තමුන්නාන්සේලාට ආරාධනා කරනවා මේ රට වෙනස් කිරීමට එකතු වෙන්න කියලා.ඕනෑම රටක් හදන්න අත්තිවාරමක් තියෙනවා. ඒ අත්තිවාරමට කරුණු තුනක් තියෙනවා. එකක් තමයි නීතියේ විධානයේ අධිපත්‍යය. සාධාරණ නීතියක් තියෙන රටක් ගොඩනැගිය යුතුයි.අපේ රටේ ඉතාමත් හොඳ පොලිසියක් තියෙනවා. ඕනෑම අපරාධයක් ඉක්මනින් අල්ල ගැනීමේ හැකියාවක් තියෙන පොලිසියක් තියෙනවා අපිට. නමුත් අපේ රටේ සොයා ගන්න බැරි වුණ අපරාධ තියෙනවා.තාජුඩීන්ගේ ඝාතනය, ලසන්තගේ ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් වීම, අනිත් එක තමයි වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් තියෙන්න ඕනි. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට පුළුවන්ද මම හොරකම් නතර කරනවා, හොරුන්ට දඬුවම් දෙනවා කියලා පොරොන්දු වෙන්න. පුළුවන්ද? මේ රටේ හොරකම වංචාව නැති පාලනයක් හදන්නේ ජාතික ජන බලවේගයෙන් පමණයි කියලා මම සහතිකයක් දෙනවා.අපි මේ රටේ ජනතාවගේ සල්ලි සොරකම් කරලා නෑ. අපි මේ රටේ සිදුවන සියලුම නාස්තීන් නතර කරනවා.මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් හිටියම විශ්‍රාම වැටුපක් හම්බෙනවා, අපි මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් කපලා දානවා.අපේ රටේ ඉන්න පුළුවන් ඇමැතිවරු 25යි නියෝජ්‍යය ඇමැතිවරු 25යි. ඊට වඩා කිසිදු රාජ්‍ය, කැබිනට් නොවන අමාත්‍ය ධුර අපි දෙන්නේ නෑ.තුන්වැනි කරුණ තමයි මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව තියෙන්න ඕනි. අපි මේ රටේ ජනතාවගේ ආරක්ෂාවත් ජාතීන්ගේ එකමුතුවක් ආරක්ෂා කරනවා. මේක තමයි රටක් හදන්න පුළුවන් අත්තිවාරම. මේ අත්තිවාරම තමයි අපි හදන්න ඕනි.මේ පාලකයෝ ජනතාවගේ දුක විකුණනවා. දශක ගණනාවක් තිස්සේ ජනතාවගේ දුක විකුණගෙන කාලා තියෙනවා. අපි මේ රටේ දුප්පත්කම තුරන් කරනවා” යයිද කීහ.මෙම රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවීර ආරච්චි සහ ජනාධිපති නීතිඥ ලාල් විජේනායක යන මහත්වරු සහභාගී වූහ.
“අපි මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප කපලා දානවා“
1
hp_train_1423
(රංජිත් රාජපක්ෂ)                     නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය  ටැප්ලෝගම ප්‍රදේශයේ ගල් පර්වතයක් කඩා නිධානයක් ගැනීමට උත්සහ කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සැකපිට ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.     ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (28) රාත්‍රි එම ගල් පර්වතය පුපුරුවා හැර නිධානයක් ගොඩ ගැනීමට උත්සාහ දරන බවට ප්‍රදේශවාසින් ලබා දුන් තොරතුරක් මත සැකකරුවන්  අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ නිධානය ගොඩ ගැනීමට උපයෝගි කරගත් උපකරණ රැසක් සහ පූජා භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (29) ඉදිරිපත් කෙරේ.
පූජාපිටියේ නිදන් හාරමින් සිටි හතක් අත්අඩංගුවට
0
hp_train_1424
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට (26) සයවැනි දිනයටත්  වැඩිදුර සලකා බැලීමට නියමිතය.ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත  පංච පුද්ගල  මඩුල්ල හමුවේ හෙට (26) පෙරවරු 10.00ට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 අධිකරණ ශාලාවේදී  පෙත්සම් සලකා බැලේ.අද දින  මැතිවරණය දිනයට එරෙහිව ගොනු කර ඇති එම පෙත්සම් වෙනුවෙන් නීතිපතිවරයා සිය මූලික විරෝධතා සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම සිදු කෙරේ.නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ,  ජනාධිපති නීතීඥ  ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කරුණු දැක්වීමට නියමිතය . ඉකුත් 18 වැනිදා සිට අඛණ්ඩව පංච පුද්ගල  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලෙන මෙම පෙත්සම් හි පලමු පෙත්සම්කාර නීතීඥ චරිත ගුණරත්න මහතා සිය පෙත්සම මේවන විට ඉල්ලා අස් කර ගෙන ඇති අතර  වගඋත්තරකාර මැතිවරණ  කොමිසම  විසින් ලබන ජුනි 20 වැනිදා ඡන්ද පැවත්විය නොහැකි බව පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දැක්වීම සමග තම පෙත්සම ඉල්ලා සිටි සහන ලැබුණු හෙයින් එම පෙත්සම අධිකරණයේ අවසරය ඇතිව ඉල්ලා අස් කර ගන්නා ලදී. ඒ අනුව රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන්  , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු , සමගි ජන බලවේගයේ මහ ලේකම් සහ හිටපු අමාත්‍යා රංජිත් මද්දුම බණ්ඩාර , ජාතික හෙළ උරුමයේ නායක සහ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක , හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම  , ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නායක ආරියවංශ දිසානායක , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් 7 ක් තවදුරටත් සලකා බැලේ.  මෙම පෙත්සම් හී  වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු  එහි සාමාජිකයින් වන  ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති  ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , එසේම ජුනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ  කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන  ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති. රටේ පවතින වත්මන් තත්ත්වය  මත ලබන ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසම ඉකුත් 20 වැනිදා මෙම පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී අධිකරණයට කරුණු දැක්වීය. මූලික අයිතිවාසිකම් පෙත්සම් වල  වගඋත්තරකරුවන් ලෙසනම් කර සිටින මැතිවරණ  කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව පංච පුද්ගල විනිසුරු මඩුල්ලට දෙනු ලැබීය . පවතින තත්ත්වය කුළ මැතිවරණය පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රධාන සෞඛ්‍ය  අංශ වලින් කොළ එළියක් ප්‍රකාශයට පත්වන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බවද  මැතිවරණ කොමිසමේ සභාපති හා සාමජිකයෙකු  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍ය වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස හා ඒ වෙනුවෙන් මාර්ගෝපදේශන මාලාවක් එම බලධාරීන් ගෙන් ලැබූ වහාම සති 10 ඇතුලත මැතිවරණයක් පැවැත්වීමට  තම සේවාදායකයින් අවශ්‍ය පියවර ගන්නා බවද ජනාධිපති නීතීඥවරයා  අධිකරණයට දන්වා සිටියේය. මේ අතර මෙම පෙත්සම් වල වගඋත්තරකරුවකු වන ජනාධිපති  ලේකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති  නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ඉකුත් (22) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණ දක්වමින් කියා සිටියේ කොවිඩ් 19 රෝගය සමාජයේ පැතිරීයාම බොහෝ දුරට පාලනය වී ඇති හෙයින්   පවතින වත්මන් තත්ත්වය  හමුවේ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින්  ජනාධිපති ලේකම්වරයාට ලිපියක් එවමින් දැනුම් දී තිබෙන බවය.සමාජ දුරථභාවය හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම මත පදනම්ව මැතිවරණ  ක්‍රියාදාමය පවත්වාගෙන යා හැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තම සේවාදායකයා වෙත ඉකුත් 21 වැනිදා ලිපියක් එවමින් දන්වා ඇති බවද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.   
ඊ.ටී.අයි සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන්නැයි ඉල්ලීමක්
0
hp_train_1425
උදෑසන කාලයේදී නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘‘.‘‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලද විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි‘‘.‘‘සුළං නැගෙනහිර දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් 20-30 අතර වේ‘‘.2015 මාර්තු මස 05 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කෙරිණි.
‘පළාත් කීපයකට අදත් වැසි‘
0
hp_train_1426
මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඔඩෙල් පී.එල්.සී සමාගම කොට්න් කලෙක්ෂන් සමාගමේ සම්පූර්ණ කොටස් මිලදී ගෙන ඇත.ඔඩෙල් පී.එල්.සී  (ODEL PLC ) සමාගම යනු සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් පී.එල්.සී   ( SOFTLOGIC Holdings PLC ) සමාගමේ අනුබද්ධිත සමාගමකි.ඉකුත් 28 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් තම සමාගමේ සියලු කොටස් ඔඩෙල් පී.එල්.සී සමාගම වෙත අලෙවි කළ බව කොට්න් කලෙක්ෂන් පෞද්ගලික සමාගම (  Cotton Collection Private Limited) සඳහන් කළේය.සොෆ්ට්ලොජික් සමූහය කරන ලද මෙම මිලදී ගැනීම ඔවුන්ගේ හොඳින් ස්ථාපිත විවිධත්වයකින් යුතු වෙළෙඳ ජාලයට වඩාත් සුදුසු වන අතර පුළුල් කිරීමේ සැලැස්ම ද වේගවත් කරනු ඇත.කොට්න් කලෙක්ෂන් සන්නාම නාමයේ නිර්මාතෘ වන නිලූෆර් එසුෆාලි අන්වර්අලි ඉදිරියටත් ඇයගේ අනෙක් සන්නාම නාමය වනිලෙදර් කලෙක්ෂන්’ හි හිමිකාරීත්වය පවත්වාගෙන යනු ඇත. සමාගම් දෙකේ මූලික ශක්තීන් හඳුනාගැනීම මඟින් මෙම මිලදී ගැනීම සමූහයේ වෙළෙඳපොළ කොටස තවදුරටත් විශාල කරනු ඇතැයි සොෆ්ට්ලොජික් සමූහය විශ්වාස කරයි. සොෆ්ට්ලොජික් සමූහයේ වෙළෙඳ අංශයට මෙරට වෙළෙඳ අංශයේ ස්ථාවරල ශක්තිමත් හා පුළුල් පදනමක් තිබෙන අතර ඔවුන්ගේ වෙළෙඳ අංශය විලාසිතා පාරිභෝගික විද්‍යුත් උපකරණ සහ ගෘහ උපකරණ යනාදියෙන් සමන්විතය.ඔඩෙල් පී.එල්.සී සමාගම හා එක්වෙමින් සොෆ්ට්ලොජික් සමූහයට මෙරට විලාසිතා සහ ජීවන රටා වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තේරීම බවට පත්වීමට අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව ශක්තිමත් හා වර්ධනය වෙමින් තිබෙන පදනමකට හිමිකම් කියන සොෆ්ට්ලොජික් සමූහයට කොට්න් කලේක්ෂන් එක්වීම ඉතා වටිනා සංකලනයකි. කොට්න් කලෙක්ෂන් කියන්නේ සන්නාම නාමයක් විතරක් නෙවෙයිග ඒක ජීවන රටාවක්” කොට්න් කලේක්ෂන් හි නිර්මාතෘවරිය හා එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය වන නිලූෆර් එසුෆාලි අන්වර්අලි පැවැසුවාය.ඇය තවදුරටත් මෙසේ සඳහන් කරන්නීය.‘මගේ ගමන අවුරුදු 27ක් දක්වා දිව යනවා. ඒ ගමනේදී මමත් මගේ කණ්ඩායමත් ලංකාවේ විලාසිතා වෙළෙඳ ක්ෂේත්‍රයේ හැඩය වෙනස් කරමින් අලුත් සන්නාම නාමයක් ගොඩනැගුවා. කොට්න් කලෙක්ෂන් කියන්නේ විශේෂිත හඳුනා ගැනීමක් තිබෙන සුවිශේෂී සන්නාම නාමයක්. එය කරදර නැති. සාමාන්‍ය ඇඳුම් විලාසිතා ඇති ඇඳුම් සන්නාම නාමයක්. එහි අක්මුල් ශ්‍රී ලංකා සමාජය තුළ පැතිර තිබෙනවා. බොහෝ කරුණු සැලකිල්ලට ගනිමින් තමයි මම මෙම තීරණය ගත්තේ. මගේ පවුල සමඟ වැඩි කාලයක් ගත කරන්න ඕනේ. ඒ වගේම අදිලෙදර්’ වෙළෙඳපොළ තුළ දැඩි තරගකාරීත්වයක් තිබෙනවා. ඒ නිසා මගේ අනෙක් සන්නාම නාමය වනිලෙදර් කලෙක්ෂන්’ සන්නාම නාමය තවදුරටත් වර්ධනය කළ යුතුයි. ඒ සඳහා කාලය අවශ්‍ය වෙනවා. එම කරුණු දෙක මගේ මේ තීරණයට මූලික වශයෙන් හේතු වුණා. සොෆ්ට්ලොජික් සමූහය යනු මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයේ ඉතා ශක්තිමත් පදනමක් තිබෙන ඉතා හොඳ වාර්තාවක් තිබෙන සමාගමක්. ඔවුන් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්. ඒ වගේම සොෆ්ට්ලොජික් සමූහයේ නිර්මාතෘ සහ සභාපති අශෝක් පතිරගේ මහතා ක්‍රියාශීලි සහ උනන්දු සභාපතිවරයෙක්. එවැනි තැනකට මගේ සමාගමේ පාලනය පැවැරීම මට ඉමහත් සතුටක් ඔවුන් කොට්න් කලේක්ෂන් සන්නාම නාමය තවදුරටත් සංවර්ධනය කරමින් එය තවදුරටත් ඉහළට ඔසවනු ඇතැයි ආරක්ෂාකාරී හැඟීමක් හා විශ්වාසයක් තිබෙනවා” ඇය තවදුරටත් සඳහන් කළාය.ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සහ ජීවන රටා සමාගම බවට පත්වීමේ අපේ ගමනේ අද සුවිශේෂී ස්ථානයක් සටහන් කරන්නේ යැයි සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පී.එල්.සී සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා කීය.කොට්න් කලෙක්ෂන් කියන්නේ ලංකාවේ විශිෂ්ට සන්නාමයක්. වසර ගණනාවක් තිස්සේ එය ඉදිරියට යන ආකාරය අපි දැක්කා. ඔවුන්ට ඔවුන්ටම ආවේණික පාරිභෝගික පිරිසක් සිටිනවා. එම සමාගම මිලදී ගැනීම අපේ ව්‍යාප්තිය සහ පදනම තවදුරටත් ශක්තිමත් කරනවා. ඔඩෙල් සමාගමත් අප සතුව තිබෙනවා. ජාත්‍යන්තර මට්ටමේ ඇඟළුම් සන්නාමයක් වන ඔඩෙල් සන්නාම නාමයත් අප සතුයි.ඊට කොට්න් කලෙක්ෂන් එකතු වීමත් සමඟ කළින් නොවූ ආකාරයක් සේවාවක් පාරිභෝගිකයන්ට ලබාදීමට අපට හැකියාව ලැබෙනු ඇතැයි මට විශ්වාසයි.සංචාරක කර්මාන්තය සහ නාගරීකරණය වර්ධනය වෙමින් තිබෙනවා. ෂැංග්‍රිලා සාප්පූ සංකීර්ණය 2019 දී විවෘත වෙනවා. ඔඩෙල් සාප්පු සංකීර්ණය 2019 දී විවෘත වෙනවා. මේ තුළින් ජීවන රටා විලාසිතා ක්ෂේත්‍රවල නව පිබිදුමක් සිදු වේවි. ඒ ගැන අපට විශ්වාසයි. එම වර්ධනය අපි සූදානම් වෙනවා. අපි ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. ක්ෂේත්‍රය තුළ අපි අපේ පැවැත්ම තහවුරු කරමින් ඉන්නවා”නිලූෆර් එසුෆාලි අන්වර්අලි කොට්න් කලෙක්ෂන් ආරම්භ කරන ලද්දේ 1991 වසරේදීයග එම කාලයේදී ශ්‍රී ලංකාවේ විලාසිත ක්ෂේත්‍රයේ පැවැතියේ මුල් අවධිය අද වනවිට එම සමාගම් වර්ග අඩි 15ල000ක් හා ශාඛා පහක් දක්වා ව්‍යාප්ත වී ඇත. එහි සේවක පිරිස 200කට ආසන්න වේග කොටන් කලෙක්ෂන් සමාගම 2017/2018 මූල්‍ය වර්ෂයේදී ඊට පෙර වසර හා සැසඳීමේදී සියයට 20ක වර්ධනයක් ද වාර්තා කළේය.(055)
සොෆ්ට්ලොජික් සමාගම කොට්න් කලෙක්ෂන් මිලදී ගනී
1
hp_train_1427
(ශාන්ත චන්ද්‍රසිරි) හෝර්ටන්තැන්න රක්ෂිත වනෝද්‍යානයට ගිනි දැල්විය හැකි උපකරණ රහසේ රැගෙනයාමේ චෝදනාවට   වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (31) නියෝග කළේය.එක් අයෙකුට රුපියල් 25,000 බැගින් දඩ මුදලක් ගෙවන  ලෙස මෙසේ මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද්දේ  මහරගම ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයන්  දෙනෙකුටය. අනවසර ලෙස හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ගිනි දැල්වීමේ උපකරණ රැගෙන ගොස් වනෝද්‍යානය තුළ තබාගෙන සිටියදී වනෝද්‍යාන නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි. හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ සහකාර භාරකරු පී. ටී. දයාරත්න, අඩවි සහකාර පී. එම්. පිත පනාවලගේ, වන සත්ව නියාමකධාරක ලක්මාල් සමරකෝන්, කේෂ්ත්‍ර සහායකවරුන්වන රවීන් ලක්මාල්, උදය කුමාර යන නිලධාරී මහත්වරුන් මෙම වැටලීම සිදුකර එම පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙනතිබිණි.    
හෝර්ටන්තැන්නට ගිනි දැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ
1
hp_train_1428
(ටී.කේ.ජී.කපිල )තම රටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු අද17 දින අලුයම , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .මෙම ගුවන් මගීන් පිරිස ඉන්දියාවේ චෙන්නායි සිට අද 17 දින අලුයම 4.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.- 1026 දරන විශේෂ ගුවන් යානයෙන් පැමිණ තිබේ .වැඩිහිටි ගුවන් මගීන් 51 දෙනෙකු සහ කුඩා ළමුන් 02 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් මගීන් පිරිස , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , කොරෝනා වසංගත රෝග තත්වය අනාවරණය කර ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ වලට ද භාජනය කෙරුණි . එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබුණි .
ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට
1
hp_train_1429
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 980 දෙනෙක් අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 2,83,040ක් දක්වා ඉහල ගොස් ඇත.කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 962දෙනකු සුවය ලබා අද (17) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,55,833කි. 
කොවිඩ් ආසාදිතයන් තවත් 1,720ක්
0
hp_train_1430
(යොහාන් භාසුර)ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (17) පෙරවරුවේ පියවර ගත්තේය.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40 කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කිරීමට තීරණය කළ බවත් එම මිල සංශෝධනය අද රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.  එම මිල සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370 ක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 415 ක් දක්වා පහත වැටුණි.  
තෙල් වර්ග තුනක් ගණන් උස්සයි
0
hp_train_1431
බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කයට කඩින් කඩ  ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි ද ඇති විය හැකියි. ඌව සහ නැගෙනහිර පළාත්වලට, සවස 2.00න් පසු  ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 02/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269060වැසි ස්වල්පයක් ඇතිවිය හැකමඩකලපුව35278565සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.කොළඹ31269580විටින් විට වැසිගාල්ල30269080විටින් විට වැසියාපනය33298070ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29239580විටින් විට වැසිනුවරඑළිය19159585විටින් විට වැසිරත්නපුරය31249580විටින් විට වැසිත්‍රීකුණාමළය36268555සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.මන්නාරම32289575වැසි වාර කිහිපයක්                        
‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘
0
hp_train_1432
(අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ පාතදුම්බර යූ.එස්. නිමල්)රට පුරා සංවර්ධනයේ නව පෙරළියක් ඇති කිරීම සඳහා මේ වසරේදී සහ ලබන වසරේදී රුපියල් බිලියන 160 - 200 අතර මුදලක් වියදම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පන්විල කැලෑබොක්කේදී ඊයේ (1) පැවැසීය.ඉඩම් නැති ජනතාවට ඉඩමක අයිතිය ලබාදීම ඩී.එස්. සේනානායක යුගයේ සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව කී අග්‍රාමාත්‍යවරයා හිට්ලර්ගේ සහෝදරයාට මෙවැනි දේ කරන්නට නොහැකි වූවාට තමා කරන්නේ කුමක්දැයි  ප්‍රශ්න කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය ඇරඹු හරිත භූමි වැඩසටහනට සහභාගී වෙමිනි.කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩා පිටියේදී මෙම උත්සවය පැවැත්විණි. වතු කම්කරු ජනතාව සඳහා පර්චස් 7 බැගින් ඉඩම් කැබලි 500ක් මෙහිදී පවරා දෙනු ලැබීය.මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.අද මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වල ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන අපි ආරම්භ කළා. මෙය ආරම්භයක් පමණයි. මෙම වැඩසටහන යටතේ සියලුම වතුකම්කරුවන්ට පර්චස් හතක භූමියක අයිතිය ලබාදෙනවා. ඒ වගේම ග්‍රාමීය ජනතාවටත් සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ භේදයකින් තොරව අපි ඉඩම් අයිතිය ලබාදෙනවා. මෙය අප ආණ්ඩුව සිදුකරන විශාලතම වැඩසටහනක්. අද වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමෙන් පසු ගම්මානවල ජනතාවටත් ඉඩම් අයිතිය ලබාදීම අප ආරම්භ කරනවා. දිගම්බරම් ඇමැතිතුමා යටතේ වතුකරයේ ජනතාවට අපි ලබාදෙන්නේ නිවසක් පමණක් නොවෙයි. අපි ඔබට අංග සම්පූර්ණ ගම්මානයක්ම ලබාදෙනවා. ඔබේ ආදායම් මාර්ග ඇති කරගනිමින් දියුණු වෙමින් ඔබේ ප්‍රජාවට එහි ජීවත් විය හැකියි. ගම්මාන වල ජීවත්වන ජනතාවට අතීතයේ තමන්ට උරුමව තිබූ ඉඩකඩම්වලින් කොටසක් නැවත වගාකිරීම සඳහාත් ලබා දෙනවා. ඒ සඳහා අප ජනතාවට උදව් උපකාර කරනවා. දයා ගමගේ අමාත්‍යවරයා විසින් කුරුඳු වගාව කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අපි කොකෝවා වගාව පිළිබඳවත් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ අනුව මාතලේ, නුවර පමණක් නොවෙයි දොඩම්ගස්ලන්ද ප්‍රදේශය අවටත් කොකෝවා වගා කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ශ්‍රී ලංකාවේ කොකෝවා මිලදී ගන්නා ආයතන සියල්ලම මෙම අස්වනු මිලදී ගැනීමට සූදානම් බව පැවසුවා. ඔවුන්ට අද කොකෝවා ආනයනය කිරීමට සිදුව තිබෙනවා. එම නිසා තමන්ගේම ඉඩම්වල කොකෝවා, කුරුඳු, කෝපි ආදිය වගාකිරීමේ වැඩසටහන් අපි ආරම්භ කරනවා. ඒ අනුව අප ජනතාව ශක්තිමත් කරමින් ජනතාව ජීවත් කරවනවා. මේ ආකාරයට ගම්මාන ඇති කිරීම බදුල්ල, නුවරඑළිය ප්‍රදේශවලත් සිදු කරනවා. ඒ හරහා නව ආර්ථික ක්‍රමයක් ඇති කිරීම අපේ අරමුණයි. නමුත් අප මෙවැනි වැඩකටයුතු සිදු කරද්දි ඇතැම් මාධ්‍ය අපට දෝෂාරෝපණය කරනවා. අදත් මව්බිම පුවත්පතේ මාව විවේචනය කර තිබෙන බව මම දුටුවා. හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට ජනතාව වෙනුවෙන් මෙවැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නොහැකිවීමට මම පළි නැහැ. මට දෝෂාරෝපණය කිරීමේ පලක් නැහැ. දෝෂාරෝපණය කළ යුත්තේ මෙවැනි සංවර්ධනයක් ඔබට ලබා නොදුන් හිට්ලර්ට සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාටයි. 1994 දී වතුකරයේ ජනතාවට නිවාස ලබාදීමට තීරණය කර සිටියදී අප පරාජයට පත්වුණා. නිවාස ලබාදීම ඉන් පසුව හීනයක් බවට පත් වුණා. නමුත් 2015 දී අප ලබාගත් ජයග්‍රහණයත් සමග එම වැඩකටයුත්ත අප දැන් නැවත වතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම දැන් අප ඔබට ලබා දෙන්නේ නිවාස පමණක් නොවෙයි, අංග සම්පූර්ණ ගම්මානත් ඔබට ලබා දෙනවා. වතුකරයේ ගම්මාන සඳහා පාසැල් 25 ක දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ විද්‍යාව විෂය ධාරාව හැදෑරීමට අවශ්‍ය වැඩ කටයුතු අප ආරම්භ කර තිබෙනවා. ඔබේ දරුවන්ට ඉදිරියට යාමට අවශ්‍ය මාර්ගය අප සකසා දී තිබෙනවා.  ඒ වගේම ජල ගැලීම සහ නියඟයක් රටේ ඇති වුණා. එවිට මිනිස්සුන්ට ආදායම් මාර්ග ඇති වන්නේ නැහැ. වියළි කලාපයේ ජනතාව ණය බරින් මිරිකෙමින් සිටියා. රටේ ආර්ථිකය බිඳ වැටෙනු ඇතැයි එවිට ජනතාව කල්පනා කළා. නමුත් අපේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අප අපහසුවෙන් හෝ රට ඉදිරියට ගෙන ගියා. පොල් මිල රු. 100 දක්වා වැඩි වුණා. අප ඒ අවස්ථාවේ පළාත් පාලන ආයතන මැතිවරණයත් පරාජයට පත් වුණා. නමුත් අප අනුගමනය කළ පියවරයන් සාර්ථක නිසා රටේ ආර්ථික තත්ත්වය නැවතත් පාලනය වී තිබෙනවා. ඇතැම් අවස්ථාවල ජීවන වියදම ඉහළ යනවා. නමුත් ඉදිරි වසර දෙකක කාලය තුළ මීටත් වඩා හොඳින් ජීවන වියදම පාලනය කරමින් ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වෙනවා. අපට රටක් ලෙස තව බොහෝ දුර යා යුතුයි. නමුත් අප සියලු දේවල් සිදු කළේ යම් සැලැස්මකට අනුවයි. අපි රටේ ජනතාවට බොරු කිව්වේ නැහැ. ජනතාවගෙන් බැණුම් ඇසුවා. විවේචන එල්ල වුණා. නමුත් දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. “ගම් පෙරළිය”, “එන්ටර්ප්‍රයිස් ලංකා”, ශ්‍රවශක්ති”, විමධ්‍යගත අයවැය ආදිය හරහා රුපියල් බිලියන 160 - 200 ක් පමණ මුදලක් මේ වසරේත් එන වසරේත් රටේ සංවර්ධනය වෙනුවෙන් අප වියදම් කරනවා. මාර්ග සංවර්ධනය, වැව් ප්‍රතිසංස්කරණය මේ සියලු වැඩකටයුතු අප දැන් ආරම්භ කරනවා. කුඩා ව්‍යාපාර ආරම්භ කරනවා. “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ තම තමන්ගේ ව්‍යාපාර සඳහා අපි තවත් මුදල් ලබා දෙනවා. මේ වැඩකටයුතු ආරම්භ කිරීම ඉතා අපහසුයි. පළමු වසර 3 අප බඩගාගෙන හෝ බැණුම් අසමින් හෝ ඉදිරියට පැමිණියේ ඒ නිසයි. දැන් අපට එහි ප්‍රතිඵල ලබා දිය හැකියි. තවත් වසර 3 ක් 4 ක් මේ ආකාරයට රට ඉදිරියට යනවා නම් කිසිම ගැටලුවකින් තොරව අපට ජනතාවට මීටත් වඩා සහන ලබා දිය හැකියි. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. පාසල් වලට පුටු මේස ලබාදීමටත් අප කටයුතු කරනවා. ඉදිරි වසර පහ තුළ එම හිඟයත් අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් බිලියන 100 ක පමණ මුදලක් වැය වෙනවා. සෞඛ්‍ය අංශයට අවධානය යොමු කිරීමේදී බෙහෙත් මිල විශාල ලෙස අඩුවී තිබෙනවා. ඒ වගේම අපි නව රෝහල් ඉදිකරනවා. රටේ තවත් ගැටලු ඇති බව අප දන්නවා. ප්‍රවාහන ගැටලු ආදිය පිළිබඳව අප හොඳින් දැනුවත්. නමුත් සිංහලයා බේරා ගැනීමට, සිංහලයා අනතුරේ යැයි ආදී බොරු සටන් පාඨ නොකියා අප වැඩකටයුතු කළ යුතුයි. මාතර සිට හම්බන්තොට දක්වා මාර්ගය ඉදිකිරීමට එදා සිටි පාලකයින් කටයුතු කර තිබෙන්නේ පරංගියා කෝට්ටේ ගිය ආකාරයකටයි. මාතර සිට හම්බන්තොට දක්වා මාර්ගය සැලසුම් කර තිබෙන්නේ බෙලිඅත්ත හරහායි. ඒ ඉදිකිරීම් සඳහා වැය වන සියලු මුදල් අපට ගෙවීමට සිදුව තිබෙනවා. එම මාර්ගය අතරමැද කැලෑවක් ද තිබෙනවා. නමුත් මාධ්‍ය මේවා විකාශය කරන්නේ නැහැ.  අප හොරු බව නම් මාධ්‍ය සැමවිටම විකාශය කරනවා. මේ සියලු ගැටලුවලට විසඳුම් සොයා ගනිමින් අප ඉදිරියට ගමන් කරනවා. කොළඹ විශාල මහ නගරයක් බවට පත් වෙනවා. කොළඹ සිට හම්බන්තොට දක්වා නාගරික තීරුවක් ඇති කර තිබෙනවා. කොළඹ සිට නුවර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය ඇති කරනවා. එම අධිවේගී මාර්ගය ඔබට ලබා දුන්නේ මහා මාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂමන් කිරිඇල්ල මහතා බව මම ඔබට පවසනවා. නුවර සංවර්ධනය භාර ගන්නා ලෙස අප එතුමාට පැවසුවා. තවත් වසර 02 ක් තුළ නුවර සංවර්ධනය වෙනස් වෙනවා. ඉදිරියේදී නුවර නගරයෙන් පිටත සහ නගරය තුළ පර්චසයක මිල රුපියල් ලක්ෂ 100ට පමණ ආසන්න වෙයි. නමුත් හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයා ඉල්ලුවොත් ඔබ ඒ ඉඩම් විකුණන්නේ කීයටද? දැන් වැව රවුමේ ඉඩමක මිල රුපියල් ලක්ෂ 50ක් පමණ වෙනවා. නමුත් අධිවේගී මාර්ගය ඉදි වූ පසු එය තවත් වැඩි වෙනවා. එවිට මේ ප්‍රදේශයේ ඉඩකඩම් වල මිලත් වැඩිවෙනවා. අද ඔබට ලබාදෙන පර්චස් 07ක ඉඩමේත් මිල ඉදිරියේදී වැඩිවෙනවා. නව නිවාස සංචාරකයින් සඳහා කුලී පදනම මත ලබාදීම දැන් විශාල වශයෙන් සිදුකරනවා. ඒවා දියුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් අප ඉදිරියේදී සිදුකරනවා. නමුත් තවත් අපට රැකියා ප්‍රශ්නය 100%කින් විසඳීමට නොහැකි වුණා. අප එයත් ඉටුකරනවා. අප මේ රටේ ජනතාවට බලාපොරොත්තු දිය යුතුයි. ඉඩම් අයිතිය, රැකියා අයිතිය ලබාදිය යුතුයි. බෝගම්බර ඉදිරියේදී විශාල සංචාරක නගරයක් බවට පත් වෙනවා. ගාල්ල, මහනුවර සංචාරක කලාප බවට පත්වෙනවා. මේ වැඩකටයුතු අප ඉදිරියට ගෙන ගියත් මහනුවර නයිට් රේස් පැවැත්වීමට නම් මම ඉඩ තියන්නේ නැහැ. මේ දියුණුව අප ඉදිරියට ගෙන යා යුතුයි. මෙම වැඩකටයුතු පිළිබඳව රටේ විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය පළ කරන්නේ නැහැ. දෙරණ, හිරු ආදියේ මේවා ගැන පුවත් විකාශය වන්නේ නැහැ. සිරස ගැන කතා කිරීමෙන්ම පලක් නැහැ. ලංකාදීප, දිවයින ආදී පුවත්පත්වල මේ ව්‍යාපෘති පිළිබඳව පළ වෙනවාද? මම අද සිදු කරන මේ කතාව ලංකාදීප පුවත්පතේ පළ වන්නේ පාපන්දු ලෝක කුසලානය පිළිබඳව පුවත් පළ කරන පිටුවේ කොනක සඟවා බවට මට ඔට්ටුවක් ඇල්ලීමට හැකියි. දිවයිනේ නම් මේ කථාව පළ කරන්නේ මොන පිටුවේදැයි මට සිතාගැනීමටත් නොහැකියි. අද අප සිදු කරන මෙම වැඩසටහන රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති වල විකාශය වේදැයි අප දන්නේ නැහැ. නමුත් අප මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. මෙම වැඩසටහනට විශාල උනන්දුවක් දක්වමින් කටයුතු කළ ලක්ෂමන කිරිඇල්ල ඇමැතිවරයාට මම ස්තුතිවන්ත වනවා. ඒ වගේම වතුකරය නියෝජනය කරන දිගම්බරම් ඇමැතිවරයාටත්, අනෙක් මහජන නියෝජිතයින්ටත් මම ස්තුතිවන්ත වෙනවා. අප ලබාගත් නිදහස, එකමුතුව සහ සංවර්ධනය ආරක්ෂාකර ගනිමු යැයි මම අවසන් වශයෙන් ප්‍රකාශ කරනවා. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:පසුගිය ජනාධිපතිවරණයට පෙර අප කන්ද උඩරට ද්‍රවිඩ නායකයන් මුණ ගැසුණා. අපේ මැතිවරණ ප්‍රකාශනයේ සෑම වතුකම්කරු පවුලකටම පර්චස් 7 ක් දෙන බව අප පොරොන්දු වුණා.ජනපති මෙන්ම අගමැති එම කැබිනට් පත්‍රිකාවට සහයෝගය දුන්නා. ඒ කටයුත්ත පමා වුවත් දැන් නැවතත් එය පවත්වාගෙන තිබෙනවා. වතු කම්කරුවන්ගේ භූමියේ අයිතිය පිළිගන්නේ එක්සත් ජාතික පක්ෂ රජයයි.ඔබට අයිතියෙන් 99%ක් භුක්තියට ලැබෙනවා. වතු කම්කරුවන්ට හිරිහැරයක් නොවන ලෙස මේ ඉඩම් ලබාදෙන ලෙස නිලධාරීන්ට පවසනවා.කඳුරට නව ගම්මාන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා:2015 ජනාධිපතිවරණයේදී අගමැතිතුමාගෙන් පළමු ඉල්ලීම කළේ වතු ජනතාවට පර්චස් 7 බැගින් ලබාදෙන ලෙසයි. අද අගමැතිතුමා ඒ පොරොන්දු ඉටු කළා. අගමැති යමක් කිව්වොත් කරන කෙනෙක් බව වතු ජනතාව දන්නවා. වතුකරයේ ජනතාව හැමදාම එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන්නේ ඒ නිසයි.සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා:දෙමළ නායකයන් මෙන්ම ජනතාව සියලුම දෙනා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය සමගයි. සමහර පක්ෂවලට දෙමළ ජනතාව අවශ්‍ය වන්නේ ඡන්දය ගැනීමට පමණයි.එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසය තැබූ දෙමළ ජනතාවගේ ජීවිත නගා සිටුවීම අපේ අරමුණයි. 2020 වන විට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වී සියලුම ජනතාවට සමාන අයිතිය දීම අපේ අරමුණයි.ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා:අපට ඉඩම්, රැකියා ලැබෙනවා. මේ සියල්ල අලියා නිසයි. අලියා රැකගත්තොත් අපට හොඳින් ජීවත්විය හැකියි.ජාතික වතු කම්කරු සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වේලුකුමාර්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්. රාජරත්නම් මහත්වරුද කතා කළහ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ, රෝහිණි කවිරත්න මහත්ම මහත්මීන් ප්‍රමුඛ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝද සහභාගි වූහ.
වෙන රටවල් බෙදී වෙන් වෙන්න උණ්ඩ අතට ගන්නවා: සටන් කරනවා
0
hp_train_1433
අන්තර් පාසල් 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ III වැනි කොටසේ දෙවන වටයේ තරග 2 කින් ජය ලබාගැනීමට කළුතර මුස්ලිම් මැදි විදුහල සමත්වී තිබේ.කළුතර වේලාපුර විදුහල ලකුණු 105 කින් පරාජය කළ කළුතර මුස්ලිම් මැදි විදුහල් පිල කළුතර ඥානෝදය විදුහල කඩුලූ 6 කින් පරාජය කිරීමට සමත් විය.වේලාපුර විදුහලට එරෙහි තරගයකළුතර මුස්ලිම් මැදි විදුහල -196(පස්මිල් අහමඞ් 53, ෂෙයික් අහමඞ් 32, මොහොමඞ් අර්ෆත් 20, ශෂික නදීෂාන් 49/3)කළුතර වේලාපුර විදුහල - 91(සුපුන් සිතාර 16, ෂාලූක ලක්ෂාන් 15, මොහොමඞ් ෆහාඞ් 21/5, ෂෙයික් අහමඞ් 01/3)ඥානෝදය විදුහලට එරෙහි තරගයකළුතර ඥානෝදය විදුහල - 67(නිර්මල විමුක්ති 14, අෆ්සල් අහමඞ් 21/4)කළුතර මුස්ලිම් මැදි විදුහල - 71/4සසිඳු ශෙහාන් නොදැවී 45 
කළුතර මුස්ලිම් මැදි විදුහලට ජයග‍්‍රහණ දෙකක්
0
hp_train_1434
(මනෝප‍්‍රිය ගුණසේකර)හෙරොයින් ග්‍රෑම් අටක් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (05) ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.මීට වසර 07 කට පෙර කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 8.09 ක් ජාවාරම් කළ බවට වු චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ කොළඹ 14 ෆර්ගියුෂන් පාර ප‍්‍රදේශයේ පදිංචි සංගර් කදීෂ්වරන් නමැත්තෙකුටය.2011 සැප්තැම්බර් මස 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ කොළඹ 14 ෆර්ගියුෂන් පාර ප‍්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 8.09 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් කොළඹ  ෆර්ගියුෂන් පාර ප‍්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇති බව නඩු විභාගයේදී හෙළි විය.විත්තිකරුට එරෙහි හෙරොයින් ළඟ  තබාගැනීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් එම චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කොට ඔහුට ඒ සඳහා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරඳඩුවම් නියම කළේය.
හෙරොයින් ජාවාරම්කරුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්
1
hp_train_1435
(තිලකරත්න දිසානායක)සැබෑ දේශප්‍රේමියකු ලෙස දේශප්‍රේමී හැගීමෙන් යුතුව සියලු ජාතීන්ට ආදරය කරමින් යුද බිමෙහි කැප කළ පිරිසක් එම මානව හිතවාදී උතුම් ගුණාංගය යළි වැඩි දියුණු කරමින් අප රට නිදහස් නිවහල් යුක්තිගරුක රටක් බවට පත් කිරීම පිනිස අධිෂ්ඨානයෙන් යුතුව රට ගොඩනැගීමට එක්ව සිටින බව ජාතික ජනබලවේගය ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ගම්පහදී පැවසීය.විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ගම්පහ දිස්ත්‍රික් හමුව ගම්පහ , මිරිස්වත්ත උත්සව ශාලාවක පැවති අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.ජාතික ජනබලවේගයට සහාය පළ කිරීම පිනිස " අදිටන " යන්න තේමා කරගනිමින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සාමාජිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්විණි.මෙහිදී විජිත හේරත් මහතා තව දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය."විවිධ මත නිසා විවිධ දේශපාලන පක්ෂවලට බෙදී සිටි අපි එකට එක්ව රට ගොඩගෙන අනාගත දරු පරපුරට හොඳින් ජීවත්විය හැකි රටක් ගොඩ නැගීම පිනිස එක්ව සිටිනව. මේ වෙනුවෙන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ස්වාධීනව කටයුතු කිරීම පහසුයි. එම ස්වාධීනත්වය කිසිවකුටත් උදුරා ගැනීමට දිය නොහැකියි. දැනට ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සිට පහළ නිලය දක්වා වන අය කොහේ රාජකාරියෙහි නිරතව සිටියද හදවතින් මාලිමාවේ රට ගොඩ නගන ජාතික ජනබලවේගය සමග සිටිනවා. පවතින ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ගේ හිත්වල තිබෙනව.විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය සියලු දිස්ත්‍රික්වල සාර්ථකව ක්‍රියාත්මක වෙනව.අපිට අද මෙතනට එන්න ආසන්නතම සිද්ධිය ලෙස පත් වුණා , ඉදිරි පළාත් පාලන මැතිවරණය. ඔබ දන්නවා මේ මැතිවරණය පාලකයන් කැමැත්තෙන් තියන්න යන මැතිවරණයක් නොවෙයි. මැතිවරණ කොමිෂමෙන් දින නියම කළාට පස්සෙ කරන්න දෙයක් නැති කමට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච මැතිවරණයක් තමයි පාලකයන් අද මේ මුහුණ දීල තියෙන්නෙ. මේ මැතිවරණය ගමේ පුංචි මැතිවරණයක් නෙවෙයි. මේක තමයි රනිල් වික්‍රමසිංහට තව දුරටත් ඔය පුටුවෙ ඉන්න සිද්ධ වෙනවද නැද්ද කියන ඡන්දය. රාජපක්ෂලට ඔය පුටුවල තව දුරටත් රැදෙන්න හැකිද නැද්ද යන්න තීන්දු කරන ඡන්දෙ. ඒ නිසා ඒ අයට මාරාන්තික ඡන්දයක්. මාරාන්තික නිසාම ආරම්භයේ සිටම මේ ඡන්දය වළක්වන්න විවිධ බාල්දි පෙරලන්න ගත්ත. එකම බාල්දියක්වත් හරියට පෙරලගන්න බැරිවුණා. පෙරලපු හැම බාල්දියක්ම අනෙක් පැත්තට පෙරලුනා. රනිල් වික්‍රමසිංහ රටේම බුද්ධි අංශ වාර්තා කැඳෙව්ව. බුද්ධි අංශ වාර්තා පහක් කැදවා තිබුණ. ඒ සියල්ලෙම පැහැදිලිවම සදහන් කරල තිබුනෙ ලංකාවෙ හතර දිග් භාගයකම වාර්තාවලින් කියා තිබුණේ මෙදා සැරේ ජනතාව වැඩිපුරම එකතු වෙලා ඉන්නෙ මාලිමාව සමග බවයි. ඒ බුද්ධි අංශ වාර්තාව දැක්කම තමයි රනිල්ට හීන් දාඩිය දැම්මේ ,වෙව්ලන්න පටන් ගත්තෙ. ඊට පස්සෙ තමයි රනිල් සල්ලි නොදී ඉන්න තීන්දුව ගත්තෙ. ලේකම්ට කිව්ව සල්ලි දෙන්න එපා , මුද්‍රණාලයාධිපති කැදවල කිව්ව සල්ලි දුන්නෙ නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න එපා කියල. අවසාන බාල්දියත් පෙරළලා , ඒකට උසාවි ගියා. ඊට උසාවිය පැහැදිලි තීන්දුවක් දුන්න. දැන් ඇත්තේ මැතිවරණ කොමිෂම මගින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ යුතුයි. ලබන සතියේ තීන්දුව ගන්නා බව කියා තිබෙනව. ජනතා පරමාධිපත්‍යයට අනුව මැතිවරණ කොමිෂම කටයුතු කළ යුතුයි. කොමිෂමේ වගකීම දැන් ඉටුකළ යුතුයි. අපි කියනව දැන් ඡන්දය පවත්වන්න.මේ රට පත්ව ඇති තත්ත්වය වෙනස් කළ යුතුයි. රට ගොඩනැගීමට හොරකම , නාස්තිය හා දුෂණය නතර කළ යුතුයි. රටේ ඉහළම පුටුවෙ සිට පහළම කණිෂ්ඨ සේවකයා දක්වා, දේශපාලන අධිකාරීන්වල පවතින හොරකම දූෂණය නතර කළ යුතුයි. මෙය සිදු කරමින් අපි නිෂ්පාදන ආර්ථිකයට යායුතුයි.අද වනවිට ඉදිකට්ට , අල්පෙනෙත්තේ සිට සෑම දෙයක්ම පාහේ ගේන්නේ චීනයෙන්. අපේ රටට වසරකට ඩොලර් මිලියන විසිදාහක භාණ්ඩ ආනයනය කරනව. මින් ඩොලර් මිලියන හාර දහස් හත්සීයක බඩු ගේන්නෙ චීනයෙන්. චීනා අපිට බෝනික්කා, ඉදිකට්ට ,අල්පෙනෙත්ත විකුණලා අපේ ඩොලර් ටික එහාට අරගෙන ගිනි පොලියට අපිට ණය දීල අපිට හදල දෙනව නෙළුම් කුළුණ. පුලුවන්නම් එල්ලිල මැරියන්. නැත්නම් තව්තිසා දිව්‍ය ලෝකෙ බලපන් කියල. අපි ගිහිල්ල තව්තිසා දිව්‍ය ලෝකෙ බලනව. ඒකට ටිකට් එක රුපියල් පන්සීයයි. කාගෙද වැරැද්ද ? චීනගෙද ? නැහැ. අපේ පාලකයින්ගෙ වැරැද්ද. අපේ නිෂ්පාදනය අපි වට්ටලා චීන දිහා කට ඇරන් බලන් ඉන්නව , රටක් විදියට රුපියලුත් නැහැ. ඩොලරැත් නැහැ. අනෙක් පැත්තට උයන්න ගන්න අල ගෙඩිය පවා පිට රටින් ගේනව. සීනි , පිටි ,හාල් ටිකත් රටින්.හෙට අනිද්දා බිත්තරෙත් ඉන්දියාවෙන්. බිත්තර ගෙඩියක්වත් මේ රටේ හදා ගන්න බැරි මේ පාලකයෝ අපෙන් අහනව රට හදන විදිය.මෙහිදී විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, විශ්‍රාමික රියර් අද්මිරාල් ෆෙඩ් සෙනෙවිරත්න, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත , විශ්‍රාමික කර්නල් සමීර ප්‍රියන්කර, කැලණිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය විජිත රොහාන් යන මහත්වරුන්ද අදහස් දැක්වූ අතර මෙම අවස්ථාවට ජාතික ජනබල වේගය ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහතා සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලුතිතන් කමාන්ඩර් ප්‍රගීත් මධුරංග මහතා ඇතුලු විවිධ නිලයන් දැරූ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
‘‘බුද්ධි අංශ වාර්තා දැකලා රනිල් බය වුණා‘‘
1
hp_train_1436
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 11/12/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30249575විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව29249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31249575අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල30239580අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය29239580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර28219575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.නුවරඑළිය21139580අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.රත්නපුරය32239570අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ත්‍රීකුණාමළය29249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29259585අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.     දහවල් 12.10දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමළය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ.  සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.පෙරවරු 5.30දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.ත්‍රීකුණාමළය සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ.  සුළං නැගෙනහිර දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
ඉදිරි 24 පැයේ කලගුණය
0
hp_train_1437
(කාංචන කුමාර ආරියදාස)ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද(04)  දීන  විශාල එළවළු තොග ප්‍රමාණයක් ලැබී තිබිණි . දඹුල්ල ප්‍රධාන මාර්ග රැසකම  එළවළු රැගත් වාහන දිගු පෝලිම් දැකගැනීමට හැකි විය. එළවළු කිලෝ ලක්ෂ 50කට අධික ප්‍රමාණයක් අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී ඇති බව ද ව්‍යාපාරිකයෝ පවසති. ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ද මධ්‍යස්ත මිල ගණන් පැවති බව වෙළෙන්දෝ කියති . ඇඳිරිනීතිය අවසන්වීමත් සමඟ  වීවිධ ගමන් බිමන් යෑම සඳහා පැමිණි ජනතාව පොදු ප්‍රවාහන සේවාවන් නොමැති නිසා නගරයේ තැන තැන විශාල වශයෙන් රැස්ව සිටින අයුරුද දැක ගැනීමට හැකි විය. දඹුල්ල නගරයේ සෑම කෘෂි රසායන අලෙවි සැලකම දේශීය ලොකු ලූනු බීජ මිලදී ගැනීම සහ පොහොර මිලදී ගැනීම සඳහා දිගු පෝළිම් දැකගැනීමට හැකිවිය . බොහෝ දෙනා කියා සිටියේ දේශීය ලොකු ලූනු බීජ සහ පොහොර නොමැති බවයි. මීට අමතරව දඹුල්ල නගරයේ වෙසක් කූඩු වෙසක් සැරසිලි අලෙවි කිරීම සඳහා තබා තිබෙන අයුරු ද දැක ගැනීමට හැකි විය.  
ඇදිරිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථිකයට එළවළු කිලෝ ලක්ෂ 50 ක්
0
hp_train_1438
(රංජිත් රාජපක්ෂ)                       තේ ගස් ගලවා විශාල වලවල් හාරා අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසීය.බගවන්තලාව බ්‍රිඩ්වෙල් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩ ගන්නා බවට ලද තොරතුරක් මත අද අලුයම බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් සිදුකර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවෙකු පලා ගිය බවත් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බවත් පොලිසිය පැවසීය.මෙම වැටලීමේදී ජාවාරම්කරුවන් විසින් ගොඩගෙන තිබූ පස් සහිත මැණික් ඉල්ලම් තොගයක් සහ මැණික් ගැරීමට උපයෝගි කර ගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව බගවන්තලාව පොලිසිය පැවසීය. 
හොරෙන් මැණික් ඉල්ලම් කැපු තිදෙනෙක් අත්අඩංගුවට
0
hp_train_1439
(ඩී.කේ.රත්න)හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14)  සභා සම්මත විය.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක්  ද විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් අරුණ රංජන මහතා සභා ගැබේ නොසිටියේය.හපුතලේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු හතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පහක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හතකගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතය.
තංගල්ල නගර සභාවේ අයවැය පරාදයි
0
hp_train_1440
(නාලක සංජීව දහනායක)එක්සත් ජාතික පක්ෂය  තම දේශපාලන බංකොළොත් බව වසා ගැනීම සඳහා බණ්ඩාරනායක මහතාගේ ලේ තැවරුණු සාටකයත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නිල් ඔසරියත්  දිගින් දිගටම භාවිතා කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (3) පැවසීය. එබැවින් එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයින් පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙන බවද කීය.බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ දී ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (3) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.අපේ ආත්මීය දේශපාලන වුවමනාව එක්සත් ජාතික පක්‍ෂයේ න්‍යාය පත්‍රය පරාජයට පත් කිරීමයි. ඒ නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකළ සියලුම දේශපාලන පක්‍ෂ මෙවර ඒකාබද්ධ පොදුජන පෙරමුණින් තරග කරනවා. ඒ නිසා කොන්දේසි විරහිතව පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් අපි කැපවෙනවා. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ දේශපාලන බංකොලොත් බව වසාගැනීම සඳහා  බණ්ඩාරණායක මහතාගේ රුධිරය තැවරුණ සාටකයත්, සිරිමා මැතිණියගේ නිල් පැහැති සාරියත් පිරුවටයක් ලෙස යොදා ගන්නවා. මේ රටේ ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරයේ මහගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. නමුත් අවසානාවට මේ මහගෙදර එක්සත් ජාතික පක්‍ෂය විසින් බදු අරගෙන තිබෙනවා. ඒ නිසා ප්‍රගතිශීලි කඳවුරට රැඳෙන්න තැනක් නැතිවෙලා තිබෙනවා.                 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.» (අ) වගන්තිය යටතේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමා කළා. කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව 46.» (ආ) වගන්තිය යටතේ කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව 40 සීමා කළා. නමුත් පසුව ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකතුවෙලා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කරන්නේ නම් පාර්ලිමේන්තුව රැස්වී පළමු සති දෙකක් ඇතුළතදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පාර්ලිමේන්තුව තුළ තහවුරු කරගත්තොත් කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30 සිට 45 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 සිට 55 දක්වාත් වැඩි කළ හැකි බවට ව්‍යතිරේකයක් ගෙනාවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් සඳහා ගිවිසුම් අත්සන් කළේ වසර දෙකක කාලයක් සඳහා පමණයි. ඒ අනුව 2017 අගෝස්තු මාසේ 21 වැනිදයින් ජාතික ආණ්ඩුවේ නිල කාලය අවසන් වෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසය වනවිට අපි මේ ගැන ශ්‍රී.ල.නි.ප යෙන් විමසුවා. පසුගිය දෙසැම්බර් 31 වැනිදා දක්වා ගිවිසුම දික්කළ බව ශ්‍රී.ල.නි.ප.ය කිව්වා. දෙසැම්බර් 31 වැනිදයින් පසුව ශ්‍රී.ල.නි.පයේ තනි ආණ්ඩුවක් පිහිටුවන බවට මොරදුන්න අපේ බොහෝ මිත්‍රයින් අද නිහඬයි. නමුත් මේ කැබිනට් මණ්ඩලය නීත්‍යානුකූල දැයි අපිට ගැටලුවක් තිබෙනවා. මේ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධියි. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය වශයෙන් අපිට කළ හැකි සෑමදේම කරනවා.මේ ආණ්ඩුවට තවත් දවස් හයකින් අවුරුදු තුන සම්පූර්ණ වෙනවා. බහුතර බලයක් තිබුණ ශ්‍රී.ල.නි.ප අගමැතිවරයා ඉවත් කරලා මන්ත්‍රීධූර 47ක් තිබූ එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තු බලය දීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලනිකව ඝාතනය වුණා. ඊටත් පසුව බැඳුම්කර වංචාවෙන් අගමැතිවරයා බේරාගැනීම සඳහා නියමිත කාලයට වසරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පළාත් පාලන මැතිවරණය ගමේ නගරයේ බලය තීන්දු කරන මැතිවරණයක් මිස මේ මැතිවරණයෙන් ආණ්ඩු පෙරලිය නොහැකි බව අගමැතිවරයා කියනවා. 1993 දකුණු පළාත් සභා මැතිවරණය වෙලාවෙත්  එක්සත් ජාතික පක්‍ෂය මේ වගේ කතා කිව්වා. නමුත් අපි එදා පළාත් සභාව ජයගෙන ආණ්ඩු වෙනසක් කිරීමේ මූලික අඩිතාලම එදා දැම්මා. පෙබරවාරි 10 වැනිදා ඡන්දය දෙන්න යන ඔබ ඡන්දය දෙන්නේ රනිල්ටද - මහින්දටද කියල ඔබෙන්ම අහන්න. ඒ උත්තරය කතිරයක් විදියට සටහන් කරන්න යැයිද කීය. ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙස් පැවසීය.ජනාධිපතිවරණයෙන් හා මහාමැතිවරණයෙන් පසුව රටම එකට ඡන්දය දෙන මැතිවරණය මේ පළාත් පාලන මැතිවරණයයි. ආණ්ඩුව මේ මැතිවරණය කල් දැම්මා. අපි පළාත් පලන මැතිවරණය ලබාගැනීම සඳහා වසර තුනක් සටන් කළා. මේ මැතිවරණයෙන් ආණ්ඩුවේ හිතුවක්කාරී පාලනය අවසන් කළ යතුයි. ඒ නිසා මෙය ජාතික මැතිවරණයක් ලෙස අපි සළකනවා. ඒ නිසා රටවනසන ආණ්ඩුව ගෙදර යවමු - යළිත් රට ගොඩනඟමු තේමාව යටගේ අපි පළාත් පාලන මැතිවරණයට තරග කරනවා.මේ ආණ්ඩුව අපේ රටේ මෙතෙක් තිබූ අසාර්ථකම ආණ්ඩුවයි. මහකන්නය සඳහා පොහොර ටිකවත් දී ගන්නට නොහැකි වීමෙන් ආණ්ඩුවේ අකාර්්‍යක්‍ෂමතාව හොඳටම පේනවා. දේශීයව හා ජාත්‍යන්තරව මේ ආණ්ඩුව දවසින් දවස කඩාගනෙ වැටෙනවා. ඒ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙනවා. අද රටේ ආර්ථික සංවර්ධන වේගය ඉතා බරපතළ ලෙස අඩාල වෙලා. විරකියාව වැඩිවෙලා රටේ උද්ධමනය වේගයෙන් ඉහළ යන බව මහබැංකු වාර්තාවේ සඳහන් වෙනවා. ඒ නිසා රටතුළ අසහනකාරී වාතාවරණයක් ඇති වෙමින් තිබෙනවා. මේ ආර්ථික අර්බුදය මහබැංකුවටවත් පාලනය කරගන්න බැහැ. ඉදිරියේදී රට දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙනවා. මේ අර්බුදවලින් ගොඩ ඒමට නම් ආණ්ඩුව පළවාහැරිය යුතුමයි.නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය උපරිම සහය ලබාදෙනවා. නමුත් කොළඹ මහනගර සභාව සඳහා වෙනම තරගකර ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් වූ මනෝ ගනේෂන් මහතාට ආරක්‍ෂාව දීමට සිදුවී තිබෙනවා. ඔහු වෙනම තරග කිරීමේන් ආණ්ඩුවේ ඡන්ද කැඩෙනවා. ඔහුට මරණ තර්ජන එල්ල වෙන්නේ ඒ නිසයි. මනෝ ගනේෂන් මහතාට නිදහසේ මැතිවරණ කටයුතුවල නිරත වීමට අවශ්‍ය වටපිටාව සළසා දෙන මෙන් අපි මැතිවරණ කොමිසමින් ඉල්ලීමක් කරනවා.එමෙන්ම මේ වනවිට බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට ලැබී තිබෙනවා. මෙම පරීක්‍ෂණ වාර්තාව ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. මේ වනතුරුත් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට භාරදී නැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කතානායකවරයා දැනුම් දුන්නා. එමෙන්ම ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳව විවාද කිරීමට හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට අපි ඉල්ලීමක් කළා. ජී.එස්.පී සහනය කපා හැරීමෙන් ඇමරිකාවත් මේ ආණ්ඩුවට කනට පහරක් එල්ල කළා. එමෙන්ම මැදපෙරදිග ඇතිවී තිබෙන ආර්ථික අර්බුද නිසා ලංකාවට ලැබෙන විදේශ විනිමය අඩුවන බවට මහ බැංකුව අනතුරු අඟවනවා. ඒ අතරදී අපේ රටේ පුද්ගලික මූල්‍ය ආයතන කඩා වැටෙනවා. ඒවායේ මුදල් තැන්පත් කළ මිනිස්සුන්ට නැවත ඒ මුදල ගැනීමට නොහැකි වී තිබෙන බව මහ බැංකුව අනතුරු හඟවනවා.  මේ අර්බුධවලින් රට බේරා ගැනීමට නම් මේ දුර්දාන්ත ආණ්ඩුව පළවාහැරිය යුතුමයි. එහි පළමු පියවර ලෙස මෙවර පළාත් පාලන මැතිවරණයෙන් නෙළුම් පොහොට්ටුව ජයග්‍රහණය කරවිය යුතු යැයිද පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේ පැවසීය.රට විනාශ කරන ආණ්ඩුවේ ප්‍රෝඩාකාරී වැඩ පිළිවෙලට ජනතාව නැවතත් රැවටෙන එකක් නෑයි කියලා අපි විශ්වාස කරනවා. ඉතිහාසයේ පළමු වතාවට හාල් කිලෝවේ, පොල් ගෙඩියේ මිල ඇමරිකානු ඩොලරයේ මිලට වඩා වැඩිවුණා. මේ මැතිවරණයේ දී ආණ්ඩුවට නිසි පණිවිඩයක් නොදුන්නොත් රටේ ජාතික සම්පත් විකුණා දමා චෙක් එක අරගෙන ආණ්ඩුවේ ලොක්කො බයිල නටාවි. සමහරු මගෙන් අහනවා ආණ්ඩුවට යන්නේ කවදද කියලා. රෙදි ඇඳගෙන නම් මට මේ ආණ්ඩුවට යන්න බැරිය යැයිද කීය.
මහ පක්ෂ දෙක බෝලය පාස්කරගන්නේ නැතිව පළාත් පාලන ඡන්දය පවත්වන්න
0
hp_train_1441
(හර්ෂණ තුෂාර සිල්වා)මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට මැයි 4 දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව වසරේ මුල් මාස තුන අවසානයේදී සියයට 3කින් අවප්‍රමාණය වී තිබූ රුපියල මුල් මාස හතර අවසන් වනවිට සියයට 3.2කින් අවප්‍රමාණය වී තිබේ. අප්‍රේල් මස 25 වැනි දා රුපියල මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළ අතර රුපියල තවදුරටත් අවප්‍රමාණය විය. එදින ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.04ක් දක්වා ඉහළ ගියේය. ඉහත කාලයේදී ස්ටලින් පවුමකට සාපේක්ෂව රුපියල සියයට 4.1කින් ද, යූරෝවකට සාපේක්ෂව රුපියල සියයට 3.6කින් ද අවප්‍රමාණය වී තිබේ. පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.99ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
රුපියල තවදුරටත් අවප්‍රමාණය වේ
0
hp_train_1442
(දීලීප් ජයසේකර) ගංජා කිලෝ 2යි ග්‍රෑම් 500ක්  සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ වරදට වැරදිකරු වූ සැකකරුවෙකුට වසර දෙකක අත්හිටවූ සිර දඬුවමක් හා රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද(22) නියෝග කළේය. මෙලෙස සිර දඬුවම් හා දඩ නියම වුයේ රිකිල්ලපාන, ගගුලන්දෙණිය, කටුවන පදිංචි වීරසිංහගේ ප්‍රියශාන්ත නැමති පුද්ගලයෙකුටය. සැකකරු 2015.11.07 වන දින යතුරු පැදියකින් ගංජා රැගෙන ජාවාරමේ යමින් සිටියදී මිද්දෙණිය පොලීසියට ලද ඔත්තුවකට අනුව මිද්දෙණිය නගරයේදි අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහු සන්තකයේ තිබී ගංජා කිලෝ 2යි ග්‍රෑම් 500ක්  පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුට  එරෙහිව පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පැවරීය. අදාළ නඩුවේ විභාගය අවසන් කරමින් සැකකරු චෝදනා දෙකටම වැරදිකරු බවට ඔප්පු වීම හේතුවෙන් මහාධිකරණ විනිසුරුවරයා අද (22) සැකකරුට දඬුවම් නියම කෙරුණි. ඒ අනුව සැකකරුට පළමු චෝදනාවට වසර 2ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිරණ විනිසුරුවරයා එය වසර 15ක කාලයක් සඳහා අත්හිටවන ලදී. දෙවන චෝදනාව සඳහා රුපියල් 25,000ක දඩ මුදලක් නියම කළ අතර එය නොගෙවන්නේ නම් වසර 2ක බර වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි.මීට අමතරව සැකකරුට දඩුවම් පමුණුවන අවස්ථාව වන විට තවත් සමාන පෙර වැරැද්දක්ද පැවතීම හේතුවෙන් ඉහත දඬුවම්වලට අමතරව තවත් රුපියල් 25,000ක දඩ මුදලක්ද නියම කෙරුණි. සැකකරු එය නොගෙවන්නේ නම් තවත් වසර 2ක බර වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි.පැමිණිල්ල වෙනුවෙන් මිද්දෙණිය පොලිසිය සමගරජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරන්න මහතා පෙනීසිටියේය.
ගංජා ජාවාරම්කරුට අවුරුදු 2ක අත්හිටවූ සිර දඬුවමක්
1
hp_train_1443
(මහේෂ් කිර්තිරත්න) යටවත්ත ප්‍රාදේශිය සභාවේ 2019 අය වැය ලේඛනය වැඩි ඡන්ද 13කින් සභා සම්මත විය.ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට බලය හිමි යටවත්ත ප්‍රාදේශිය සභාවේ සභාපති ලාල් අත්තනායක මහතා විසින් 2019 වසරට අදාළ රුපියල් 74,853,901 යුත් අය වැය ඇස්තමේන්තුව මහ සභා රැස්විමට ඉදිරිපත් කරනු ලැබිය.යෝජනාවට පක්ෂව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් නවදෙනා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් දෙදෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් සිවිදෙනෙක් ඇතුළු මන්ත්‍රිවරුන් 15 දෙනෙක් ඡන්දය ලබා දුන්හ.යෝජනාවට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රිවරයෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයා ඡන්දය ලබා දුන්හ.මෙම අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කරන අවස්ථාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ද එක් වි සිටියේය.
යටවත්ත ප්‍රා.සබේ අයවැය සම්මතයි
1
hp_train_1444
(නාලක සංජීව දහනායක)විමර්ශන පැවැත්වෙන අතරතුරදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ නිලධාරීන් සමඟ දුරකතන සම්බන්ධතා පැවැත්වූ කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන අමාත්‍යවරුන් එම තනතුරුවලින් ඉවත් කර රටට යහපාලන ආදර්ශය දීමට ජනාධිපතිවරයා ක‍්‍රියා කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (21) පැවසීය.එසේ නොකරන්නේනම් ජනාධිපතිවරයා ද එම ක‍්‍රියාවන් අනුමත කරන බවට ජනතාව තුළ විශ්වාසයක් ඇති වන බව ද කීය.පුංචි බොරැුල්ල, වජිරාස‍්‍රම බෞද්ධ විහාරයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් ඊයේ (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ ද පැවසීය.  රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගන්නා මෙම යහපාලන ආණ්ඩුව මහබැංකුව ශුද්ද කළ කම්බ හොරුන්ට නිදැල්ලේ සිටීමට අවස්ථාව සලසා දී තිබෙනවා. පාර්ලිමේන්තු කෝප් කමිටුව යනු ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් සම්බන්ධ මුරදේවතාවයි. නමුත් මේ වනවිට කෝප් කමිටුව සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවෙමින් පවතිනවා.විමර්ශන පැවැත්වෙන අතරතුරදී කෝප් කමිටු සාමාජිකයන් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සමඟ සම්බන්ධකම් පැවැත්වූ බව මේ වනවිට හෙළි වී තිබෙනවා. සමහර කෝප් කමිටු සාමාජිකයන් අර්ජුන් ඇලෝෂියස් සමඟ රහසිගත සාකච්ඡා පවත්වා තිබෙන බවත් මේ වනවිට හෙළි වී තිබෙනවා. ඒක මිනී මැරුම් නඩුවක් අහන විනිසුරුවෙක් චූදිතයත් සමඟ හොරාට හමුවෙලා ?ට ?ට ඩි‍්‍රන්ක් එකක් දානව වගේ වැඩක්.       මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගත යුතු බව කථානායකවරයා පවසනවා. මේ ගැන ක‍්‍රියාකරන්න නීති උපදෙස් අවශ්‍යද. විමර්ශන පවත්වන සමාගමක නිලධාරියෙක් සමඟ ඉතාම හදිසි අවස්ථාවකදී හෝ කෝප් කමිටු සාමාජිකයෙක් සම්බන්ධකම් පැවැත්වූයේ නම් එම සාමාජිකයා විසින් කතානායකවරයා දැනුම්වත් කළ යුතුයි. මෙතන එහෙම දැනුම්වත් වීමක් සිදුවී නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව එඩිතරව කටයුතු නොකළානම් මේ කිසිවක් හෙළිවන්නේ නැහැ.දුරකතන ඇමතුම් ගැන කොමිසම හමුවේ ඉදිරිපත් කිරීමේදී විශාල විරෝධයක් මතුවුණා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ නීතිඥවරයාගෙන්. එදා ඒ විරෝධයට ඉඩ ලැබුණා නම් කෝප් කමිටුවේ සාමාජිකයින්ගේ හැසිරීම අදත් ජනතාවට හෙළි වෙන්නේ නැහැ.දුරකතන ඇමතුම් දුන් පුද්ගලයන් තමන්ගේ හැසිරීම යටපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට මුවාවීමට උත්සාහ ගන්නවා. පාර්ලිමේන්තු වරප‍්‍රසාද තිබෙන්නේ ජනතාවට සේවය කිරීම සඳහා මිස හොරකම්, දුෂණ හා වංචාවන් වසන් කිරීමට නෙමෙයි. මේ ක‍්‍රියාව සඳහා කතානායකවරයා අවසර නොදිය යුතුයි. තවත් මන්ත‍්‍රීවරුන් 45 දෙනෙක් සමඟ සම්බන්ධකම් පවත්වා තිබියදී ඇයි අපි විතරක් අල්ල ගත්තේ කියා මෙම චෝදනාවට ලක්වන සමහර කෝප් කමිටු සාමාජිකයන් විමසනවා.ඒක වෙනම කතාවක්. මේ විශේෂ වගකීමට බැඳිලා ඉන්නේ කෝප් කමිටු සාමාජිකයින්. මෙයින් රටේ ජනතාවට වුණු පාඩුව ඉතා විශාලයි. මෙම මගඩිය වසන් කිරීම සඳහා දැන් රංගනයක් පටන්ගෙන තිබෙනවා. කෝප් කමිටු සාමාජිකයින් ඊට ඍජුව සහභාගි වෙනවා. මේ ලෙස ඔවුන් දුරකතන සබඳතා පැවැත්වීමට හා මුහුණට මුහුණ රහසිගතව හමුවීමේ සාධාරණ හේතුවක් නැහැ.මේ ගැන අවසාන වගකීම භාරවන්නේ ජනාධිපතිතුමාට. කෝප් කමිටුවේ මේ ලෙස හැසිරුණේ ජනාධිපතිවරයාගේ රජයේ ඇමැතිවරුයි. මේ ඇමැතිවරුන්ගේ හැසිරීම අනුමත කරනවාද, නැතිද යන්න ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ යුතුයි. සෑහීමකට පත් නොවන්නේ නම් ඒ ගැන එඩිතර ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී යහපාලන ආදර්ශය දෙමින් මේ ඇමැතිවරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට එතුමා වහාම ක‍්‍රියාත්මක විය යුතුයි. එසේ නොකරන්නේ නම් එතුමන් ද මේවා අනුමත කරන බව ජනතාව තුළ විශ්වාසයක් ඇති වන බව ද පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.2015 පෙබරවාරී මාසයේදී බැඳුම්කර වංචාව සිදු වූ දිනයේ සිට ඒකාබද්ධ විපක්‍ෂයේ අපි මෙම වංචාව හෙළි කිරීමට උපරිමයෙන්ම කටයුතු කළා. මේ ගැන පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී පළමුවෙන්ම ප‍්‍රශ්න කළේ අපියි. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ වංචාව සම්බන්ධයෙන් විදේශීය තානාපතිවරුන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි සංවිධාන දැනුම්වත් කළා.මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට පත් කළ කෝප් කමිටුවලින් වැඩි විස්තර හෙළිදරව් නොවන බව අවබෝධ වීම නිසා මෙම වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් අපි ඉල්ලා සිටියා. එම කොමිසම පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අපි ස්තූතිවන්ත වෙනවා.මේ වනවිට අගමැතිවරයාගේ සාක්‍ෂි විමසීමත් සමඟම බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම් අවසන්ව තිබෙනවා. ඒ සාක්‍ෂි මත පදනම්ව සකස් කළ වාර්තාව ඉදිරියේදී ජනාධිපතිවරයාට බාරදීමට නියමිතව තිබෙනවා. මෙම වංචාව සිදුවන්නේ හිටපු මුදල් ඇමැතිවරයාගේ අනුදැනුම මතයි.රටේ මූල්‍ය බලය සම්බන්ධයෙන් වගකීමක් තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට බාරදුන් වහාම ඉන් එක් පිටපතක් කතානායකවරයා හරහා පාර්ලිමේන්තුවට බාරදෙන ලෙස අපි ඉල්ලීමක් කරනවා. එමෙන්ම මෙය ඉතාම කඩිනමින් විභාග කර නඩු පැවරීම සඳහා වහාම ක‍්‍රියාත්මක වන ලෙසත් අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.වසර 2045 වනතුරු බැඳුම්කර වංචාවේ බර දැරීමට ජනතාවට සිදුවෙනවා. ඒ වසර වනතුරු පොලී අනුපාතය හා විනිමය අනුපාතය කෙරෙහි බලපෑම් කරනවා. මේ වංචාව නිසා විශ්වාසය පළුදුවීම නිසා අපේ රටේ තැන්පත්කර තිබූ මුදල් ආයෝජකයන් විසින් නැවත අරගෙන ගියා. රටට ආයෝජකයන් එන්නේ නැති තත්ත්වයක් ඇති වුණා. ඒ අලාභය කොතෙක්ද කියන්න අපි දන්නේ නැහැ. අපේ රටේ මුදල් ආයෝජනයට සුදුසු රටක් නොවන බවට බ්ලූම්බර්ග් දර්ශකය සඳහන් කරනවා.පසුගිය රජයේ රහසිගත ණය අගමැතිවරයා විසින් හෙළි කළ බව මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා. මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සෙවීමට වෙනමම කොමිසමක් පත්කළ යුතුයි. කිසිම රජයක් ණය සඟවාගෙන හිටියේ නැහැ. කාගේ ආණ්ඩුවක් තිබුණත් ණය වාරික හිඟ තියා නැහැ. ඒ විශ්වාසය උපරිමයෙන්ම ආරක්‍ෂා කර තිබෙනවා.මේ කතාව නිසා ඉදිරියේදී ණය ගැනීමේදී ආණ්ඩුවට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනවා. පසුගිය රජය විසින් ලබාගත් රහසිගත ණය ප‍්‍රමාණයන් පිළිබඳව සංඛ්‍යා දත්ත සහිතව පාර්ලිමේන්තුවට සියලූම තොරතුරු හෙළිකරන මෙන් ඉල්ලමින් රාජ්‍ය ගිණුම් කාරක සභාවට ලිපියක් ඉදිරිපත් කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.බැඳුම්කර කියන වචනය ඇහුණ ගමන්ම එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන් දඟලනවා. දැන් බය නැති අගමැති කියලා රට පුරාම පෝස්ටරයකුත් අලවලා. බැඳුම්කර වංචාව නිසා යහපාලන රජය මඩ ගාගත්තා. ජනතා අවධානය එතනින් වෙනතකට යොමු කිරීම සඳහා ඉතාම ඉක්මනින් රාජපක්‍ෂ පවුලේ ප‍්‍රබලයෙක් අත්අඩංගුවට ගත යුතු බවට ආණ්ඩුවට උපදෙස් ලැබී තිබෙන බවට අපට තොරතුරු ලැබෙමින් පවතිනවා.මේ වංචාවට සම්බන්ධවූවන්ට නීතිය අනුව දඬුවම් දෙනමෙන් අපි ඉල්ලීමක් කරනවා. කාගෙන්වත් පළිගන්න කියලා අපි කියන්නේ නැහැ. හිටපු මුදල් ඇමැතිවරයා සමඟ අපිට වෛරයක් නැහැ. වෙන අයගේ පවුසමා කර ගැනීමට රාජපක්‍ෂවරුන් අත්අඩංගුවට ගැනීම යහපාලන ආදර්ශය නොවන බව ද පැවසීය.
මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ අයිතියත් උදුරාගෙන
0
hp_train_1445
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක වල උදය කාලයේදී ද වැසි ඇති වේ.‘‘මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි‘.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1446
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතවූ තවත් 71 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,751 ක් දක්වා ඉහළ ගොස් ඇත.මියගිය අයගෙන් 56 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 14දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු අයෙක් ද ඒ අතර වෙති.මියගිය අය අතරින් 32 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 39 දෙනෙක් ද වෙති 
කොරෝනා මරණ 71ක් වාර්තා වෙයි
1
hp_train_1447
(උණවටුන -- ඩී.ජී. සුගතපාල)එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මව්පියන් දෙදෙනාම නැත. වැඩිමහල් සහෝදරයා දුක් මහන්සියෙන් බාල සහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් අහිමිවිය. මේ අතර අයියා මහන්සියෙන් දියුණුවට පත්ව සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත්විය. එහෙත් අයියාගේ අවාසනාවට මෙන් මල්ලි පදිංචි වූයේ ඒ අසලමය. මල්ලි බීමත්ව පැමිණ නිතර නිතර අයියාගේ දියුණුව ඉවසාගත නොහැකිව බැණ වදින්නට විය. මේ නිසා ගමේ අය ඔහු හැඳින්වූයේ කචල් මල්ලි කියාය. අවස්ථා කිහිපයක්ම කචල් මල්ලී පොලිසියට කැඳවා උපදෙස් දුන්නත් වැඩක් නොවීය.මේ අතර අයියාගේ දියණිය බැලීමට මනමාලයකු පැමිණි අවස්ථාවේ කචල් මල්ලි බීමත්ව පැමිණ නොයෙක් දේ කියමින් අයියාගේ පවුල ලැජ්ජාවට පත් කළේය. එහෙත් පැමිණි පිරිසට අයියා කරුණු පැහැදිලි කළ අවස්ථාවේ ඔවුන් පැවසුවේ ඕවා සාමාන්‍ය දේවල් බවය. අයියාගේ දියණියගේ මංගල උත්සව දිනය ළංවිය. මල්ලි පැමිණ නෑදෑ පිරිස අපහසුවට පත් කරන බව දැනගෙන සිටි අයියා තමාගේ මිතුරෙකුට කතාකොට උපදෙසක් පැතීය. ‘හරි මම බලා ගන්නම්’ කී මිතුරා කචල් මල්ලිගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගත්තේය.මංගල උත්සවයට පෙර දිනයේ කචල් මල්ලිගේ දුරකතනයට ඇමතුමක් ලැබුණි. ‘ආයුබෝවන් මහත්මයා අපි මේ කතා කරන්නේ දුප්පත්කම නැති කිරීමේ සංවිධානයෙන්, අපගේ සංවිධානය විසින් අඩු ආදායම් ලබන පවුල් සඳහා ලබාදෙන රුපියල් දස ලක්ෂය මෙවර දීමට තීරණය කර තිබෙන්නේ ඔබටයි. ඔබේ නම නිර්දේශකර අපට එවා තිබෙන්නේ ග්‍රාම නිලධාරි මහතායි. ඔබ හෙට උදේ දහයත් එකොළහත් අතර කාලයේ හැඳුනුම්පත පමණක් රැගෙන අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න’ යනුවෙන් පැවැසූ කාන්තාවක් ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු සියලු විස්තර කීවාය.මෙවැනි මුදලක් තමාට ලැබේ යයි ඔහු කිසි දිනෙක සිතුවේ නැත. දස ලක්ෂයෙන් කරන වැඩ ගැන එළිවෙනතුරුම බිරිඳ සමග කතා කළේය. ‘දැන් ඉතින් මටත් අයියාට වැඩ පෙන්වන්න පුළුවන්’ ඔහු සිතුවේය. දුරකථන ඇමතුමෙන් කී විස්තර අනුව කිසිම සැකයක් නැත. ගමේ සිට කොළඹට යාමට අඩු තරමින් පැය හතරක්වත් ගතවේ. එනිසා උදේ රැයින්ම අලුත් සරමක් සහ කමිසයක් ඇඳගෙන ඔහු කොළඹ බලා පිටත්විය.උදේ දහයවන විට කොළඹට පැමිණි ඔහු දුරකතනයෙන් කී මං සලකුණු ඔස්සේ ප්‍රධාන කාර්යාලය සොයාගෙන යන්නට විය. එහෙත් එවැනි තැනක් සොයා ගැනීමට නොහැකි වූ නිසා තමාට ඇමතුම දුන් දුරකතනයට කතා කළේය. ‘මහත්මයා පාර වරද්දාගෙන දැන් ආපස්සට එන්න. ඇවිල්ල දකුණට හැරෙන්න. එතැන තියෙනවා විශාල ගොඩනැගිල්ලක් ඒකේ දෙවැනි තට්ටුවට එන්න’. ඒ අනුව ආපස්සට පැමිණි ඔහු එම ගොඩනැගිල්ල අසල නැවතී එයට ඇතුළුවීමට තැනක් සොයමින් සිටින විට ආරක්ෂක නිලධාරියකු පැමිණ ඔහු එළවා දැම්මේය. ඉන්පසු ඇමතුම දුන් දුරකතනයට කොතෙක් කතා කළත් පිළිතුරු නැත. එය ක්‍රියාවිරහිතය.දැන් හොඳටම දවල් වෙලාය. කචල් මල්ලිට තද බඩගින්නක් දැනෙන්නට විය. තමා උගුලකට හසුවී ඇති බව ඔහුට දැනුණි. ඒ අසල සිටි ආරක්ෂක නිලධාරියාගෙන් පිටකොටුව බස් නැවතුම් පොළට එන පාර අසාගත් කචල් මල්ලි පයින්ම පිටකොටුවට ආවේය. ගමට එනවිට හොඳටම රෑ බෝ වෙලාය. සුපුරුදු පරිදි කසිප්පු පොළට ගිය ඔහු වෙනදා මෙන්ම බීගෙන ආවේ අයියාගේ දියණියගේ උත්සවයට පැමිණෙන පිරිසට ලැජ්ජා කරන්නට සිතාගෙනය. එහෙත් ඒ වනවිට උත්සවයේ සියලු කටයුතු ඉතා හොඳින් අවසන්ව තිබිණි.  
කචල් මල්ලී ‘කචල් එකක’ පැටලී කොළඹ වටේ මං මුලාවේ
1
hp_train_1448
(අංජුල මහික වීරරත්න)”යෞවන-යෞවනියන්ට දේශපාලන බලපෑම්වලින් තොරව තම දක්ෂකම් පෙන්වා ඉදිරියට එන්න හැකි වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම ජාතික රජයේ අරමුණ බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී පැවැසීය.”තාරුණ්‍යය සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කර ගන්නා බවද” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි. කොළඹ-අරලියගහ මන්දිරයේදී උත්සවය පැවැත්විණි.ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව යෞවන තිළිණ ප‍්‍රධාන අංශය එක්ව ”තාරුණ්‍යයේ කැපවීමට ජාත්‍යන්තර තිළිණයක්” යන තේමාවෙන් උත්සවය සංවිධාන කර තිබිණ.උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.ශී‍්‍ර ලංකාවේ තරුණxතරුණියන්ට හැකියා සහ දක්ෂතා රැුසක් තිබෙනවා. මා නොයෙක් උත්සව සඳහා ගම්මානවලට ගිය විට ඒ බව දකින්න ලැබෙනවා. වෙසක් උත්සවයේදී, නත්තල් උත්සවවලදී, අවුරුදු සමයේ මෙන්ම ගම්මානවල වෙනත් උත්සව අවස්ථාවලදී තරුණ තරුණියන්ගේ දක්ෂතා දකින්න ලැබෙනවා. සමහර විට මාධ්‍ය ඔස්සේ දකින්න ලැබෙනවා. තරුණ ශක්ති ව්‍යාපාරයට වෙන් කළ මුදල්වලින් තරුණයන් කළ ව්‍යාපෘති අපට දකින්න ලැබෙනවා. මාධ්‍ය ඔස්සේ රියලිටි වැඩසටහන් මගින්ද දක්ෂතා දකිනවා. යොවුන් පාර්ලිමේන්තුවේ, ජාතික පාර්ලිමේන්තුවේ කතා කිරීමට තරම් දක්ෂ අය සිටිනවා. මේ ආකාරයේ වැඩසටහන් ගණනාවකින් තරුණ දක්ෂතා අත්දකින්න හැකියි.මා අධ්‍යාපන ඇමැතිතුමා සමග කෑගල්ලxශාන්ත මරියා විදුහලේ උත්සවයට සහභාගි වුණා. එහිදී රොබොටික් නිර්මාණ කළ වෙනත් විවිධ නව නිපැයුම් කළ දක්ෂ සිසුන් දකින්න ලැබුණා. මේ ආකාරයේ දක්ෂතා ඇති සිසුන් රට පුරා සිටිනවා. හැම දක්ෂතාවයක්ම ඉස්මතු කර ඉදිරියට ගෙන ඒමට යාන්ත‍්‍රණයක් නොතිබීම ගැන කණගාටු විය යුතුයි. දක්ෂ යෞවනයන්ට දේශපාලන බලපෑම්වලින් තොරව තම දක්ෂකම් පෙන්වා ඉදිරියට එන්න හැකි වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලෙස ජාතික තරුණ සේවා සභාවටත්, නිරෝෂන් පෙරේරා ඇමැතිතුමාටත් උපදෙස් දුන්නා. එඩින්බරෝ ආදිපාද තිළිණ ප‍්‍රදානය පවත්වන්නෙත් ඒ අනුවයි. ලෝකය වටේම පවත්වන මේ උත්සවය ශ්‍රී ලංකාවේත් පවත්වනවා. මේ සම්මාන උත්සවය ලංකාවේ පැවැත්වූ මුල් යුගයේ එවකට සිටි හමුදාපති ජනරාල් ඇන්ටන් මුතුකුමාරු මහතා මූලිකවී කි‍්‍රයා කළා. සම්මාන ප‍්‍රදානය හරහා තරුණ තරුණියන්ට නොයෙක් අභියෝගවලට මුහුණ දීමට හැකියාව ලැබෙනවා. විවිධ කි‍්‍රයාකාරකම් පෙන්වනවා. ජල කී‍්‍රඩා කිරීම, කඳු නැගීම, ගම්මානවල සමාජීය වැඩ කිරීම, සැළසුම් ශක්තිය, නායකත්ව ගුණාංග වර්ධනය, පසුබෑමට මුහුණ දීම, ජයග‍්‍රහණය ආදී හැම ලක්ෂණයක්ම මේ සම්මාන ප‍්‍රදානය හරහා ලබාගත හැකියි.මේ වැඩසටහනෙන් නායකයන් බිහි වෙනවා. ගමේ නායකයන්, ආයතනයේ නායකයන්, සාමජ නායකයින් මේ හරහා බිහිවෙනවා. අනාගතයේ රට ඉදිරියට ගෙන යාමට නම් තරුණ නායකයන් අවශ්‍යයි. තරුණ නායකත්වය සඳහා අප ප‍්‍රමුඛත්වය දී තිබෙන්නේ ඒ නිසයි. තරුණයන්ට විවිධ දක්ෂතා මෙන්ම විවිධ අදහස් ද තිබෙනවා. දක්ෂතා ක‍්‍රමානුකූලව දියුණු කරගන්න ඒ සදහා අවශ්‍ය මුදල් දෙන්නම් යයි මා තරුණ සේවා සභාවටත්, ඇමැතිතුමාටත් පැවැසුවා.සමාජය තම දක්ෂතාවලට තැනක් දෙන බව තරුණxතරුණියන්ට අවබෝධ විය යුතුයි. ඒ සමගම අපේ අදහස වන්නේ තරුණ තරුණියන් සංවර්ධනයට එකතු කර ගැනීමයි. සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කර ගැනීමයි.ජාතික රජයේ වෑයම රටට විශාල සංවර්ධනය ඇති කිරීමයි. නැවත ලංකාව ලෝකයේ ඉදිරියට ගැනීමයි. බලගතු ශ්‍රී ලංකාව ඇති කිරීමේ කාර්යභාරය සඳහා හැකි අයුරින් දායක විය යුතුයි. අපගේ ජීවිත කාලය තුළදී ඉදිරියට යන ආකාරය තවත් පිම්මකින් රට දියුණුවට පත්වන ආකාරය ගැන කල්පනා කළ යුතුයි. මුළු රටම ආවරණය වන පරිදි දියුණුව ඇති කරනවා. අපගේ හැකියාවන් ජාතික ධනය, විදේශ ආයෝජන, විදේශ තාක්ෂණය ආදී සියල්ලම එකතු කරගෙන ඉදිරියට යා යුතුයි.එඩින්බරෝ ආදිපාද තිළිණ ප‍්‍රදාන වැඩසටහන ආරම්භ කෙරුණේ 1985 වසරේදීයි. නමුත්  ඇතැම් කාලවල මේ වැඩසටහන අමතක වුණා. වැඩසටහන නැවත ඇරැුඹුයේ ජාතික තරුණ සේවා අධිකාරිය යටතේයි. අන්තිමට මේ වැඩසටහන මුදල් නොමැතිකමින් දිස්ති‍්‍රක්ක හතරකට සීමා වූවා. වැඩසටහන දියුණු කිරීමේ වගකීම ජාතික ප‍්‍රතිපත්ති රාජ්‍ය ඇමැතිතුමාට පැවරුවා. ඒ අනුව වැඩසටහන ලංකාවේ සෑම දිස්ති‍්‍රක්කයකම ව්‍යාප්ත වේවි. හැම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ව්‍යාප්ත වේවි. ජාතික තරුණ සේවා සභාව තරුණයින් වෙනුවෙන් විශාල වැඩසටහන් ප‍්‍රමාණයක් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. මේ මස අවසානයේ ති‍්‍රකුණාමලයේදී ජාතික යොවුන් පුරය පැවැත්වෙනවා.පාසල් අතර රොබොටික් තරග පවත්වන ලෙස මා අධ්‍යාපන ඇමැතිතුමාට දැනුම් දුන්නා.මෘදුකාංග සැළසුම්කරණ තරග තරුණයන් අතර සංවිධාන කරන ලෙස මා තරණ සේවා සභාවටත් ජාතික ප‍්‍රතිපත්ති රාජ්‍ය ඇමැතිතුමාට අද උපදෙස් දුන්නා. අපට නම් එවැනි දේවල් කරන්න දක්ෂකමක් නැහැ. නමුත් පාසල්වල දක්ෂ අය ඉන්නවා. එමෙන්ම ජංගම දුරකථනයෙන් ගන්නා ඡුායාරූප තරගයක් පවත්වන ලෙසත් මා උපදෙස් දුන්නා.අවශ්‍ය නම් හොඳම සෙල්ෆි ඡුායාරූපයත් තෝරන්න හැකියාව තිබෙනවා. තරුණයන්ට ඒ හැකියාවක්ද තිබෙනවා. ඉදිරියට යන්න යෞවනයන්ට අවස්ථාව දිය යුතුයි. එඩින්බරෝ ආදිපාද ත්‍යාගලාභීන් මුණගැසෙන්න අවස්ථාව ලැබීම ගැන මා ඉතා සතුටට පත්වන බව කිව යුතු යැයිද” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලෝරා ඬේවිස් මහත්මිය”එඩින්බරෝ ආදිපාද ත්‍යාගලාභීන් සඳාහ විශ්වවිද්‍යාලවලට පිවිසීමේදී වැඩිපුර ලකුණු දෙන ක‍්‍රමයක් තිබෙනවා. මේ ත්‍යාගදීම තාරුණ්‍යයේ නිපුණතා වර්ධනය සඳහාද  ඉවහල් වන බව කිව යුතුයි.රටවල් 140ක සම්මාන ප‍්‍රදානය සිදුවන බව කිව යුතුයි. තාරුණ්‍යයය සංවර්ධනය වීම යනු රට සංවර්ධනය වීමයි. ජයග‍්‍රහණ ලැබූ තරුණ තරුණියන්ට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා.”ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා”ලංකාවේ තාරුණ්‍යයට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත්කමක් තිබෙනවා. එඩින්බරෝ ආදිපාද තිළිණ ගන්නා සැමට සුබ පතනවා.අද රැුල්ලට වැඩ කිරීම පූර්ණතාවයක් වෙලා.  සංස්කෘතියට හානි කරන දේ ව්‍යාප්ත වන යුගයක තාරුණ්‍ය ශක්තිමත් කරන වැඩසටහන් පැවැත්වීම උචිතයි. අනාගතය බාර ගන්න සූදානම් වන ලෙස තාරුණ්‍යයට හැම විටම ආරාධනා කළා. ඒ සඳහා ඉහළ ප‍්‍රමිතියකින් යුතු තාරුණ්‍යයක් බිහි කළ යුතුව තිබෙනවා. ජාතික තරුණ සේවා සභාව වැනි ආයතන පිහිටුවා තාරුණ්‍යයාගේ ජවය ඉදිරියට ගෙන යෑමට රනිල් වික‍්‍රමසිංහ මහතා හැම විටම කටයුතු කළා. ජාත්‍යන්තර තරුණ දර්ශකයේ 31 වැනි ස්ථානය ලබා ගන්න අපට හැකියාව ලැබුණා. නූතන ලෝකයේ නව තාක්ෂණය සමග ඉදිරියට යා යුතුයි. ලංකාවම ආවරණය වන පරිදි තිළිණ ප‍්‍රදානය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංග මහතාද අදහස් දැක්වීය.ස්වර්ණ, රජත සහ ලෝකඩ යන අංශ යටතේ උත්සවයේදී පදක්කම් ප‍්‍රදානය කෙරිණි. සම්මාන ලාභීන් අවුරුදු 14-24 අතර විය යුතුය. පරාජිත සේවය දිරි ගැන්වීමේ වැඩසටහන් සඳහා සහභාගිවීම, කී‍්‍රඩා හා විනෝදාංශයන්හි නිරතවීම, කුසලතා වර්ධනය අභියෝගාත්මක චාරිකා ආදිය පදක්කම් ලැබීමට සුදුසුකම් වේ.සම්මානලාභීන් සඳහා අත්වන ප‍්‍රතිලාභ අතර විශ්වවිද්‍යාල හා අධ්‍යාපන විද්‍යාපීඨ ප‍්‍රවේශයේදී ප‍්‍රසාද ලකුණු හිමිවීම, ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීම, සාමාජික රටවලට වීසා ගැනීමේදී සුදුසුකමක් වීම, විදේශීය පුහුණු අවස්ථා විශේෂිතය. මේ වැඩසටහන සඳහා සම්බන්ධ විය හැකි වැඩිදුර තොරතුරු 011-2896563 දුරකතන අංකයෙන් දැනගත හැකිය.සම්මාන ප‍්‍රදානෝත්සවය සඳහා මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මියද අමාත්‍ය මනෝ ගනේෂන් මහතාද විදේශීය නියෝජිතයෝ ඇතුළු පිරිසක්ද සහභාගි වූහ. 
තරුණ තරුණියන්ට දේශපාලන බලපෑම්වලින් තොරව ඉදිරියට යන්න ඉඩ සලසා තිබෙනවා එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප‍්‍රදානෝත්සවයේදී අගමැති කියයි
1
hp_train_1449
 (රංජිත් රාජපක්ෂ)                     හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි තේ වතු යායට අයත් බ්‍රොඩොක් කොටසේ ගසක බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට  බඹරු ඇනීමෙන් 8 දෙනෙකු දික්ඔය මුලික රෝහලට අද (7) ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය සමඟ තේ වත්තේ ගසක බැද තිබූ බඹර කුඩුවක් එකවරම කඩා වැටී තිබේ.තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ වතු කම්කරුවන් තිදෙනෙකුට මෙලෙස බඹරු ඇන ඇතැයි වතුයායේ පාලන අධිකාරිය කියා සිටී.තේ වත්තේ බැද තිබූ බඹර කුඩුව දුමාරයක් ඇති කර ඉවත් කිරිමට ගිය වතු කම්කරුවන් දෙදෙනෙකුට ද පසුව බඹරුන් ඇන තුවාල සිදුකර තිබේ.එම වතු යායේ  විශාල  ගස් වල බඹරුන් විශාල වශයෙන් කුඩු බැද තිබිමෙන් වතු කම්කරුවන් අද (7) එම වතු යායේ දෛනික වැඩ කටයුතු වලින් වැළකී සිටිමට පියවර ගනු ලැබුහ.
බඹරු ඇන 11 ක් රෝහලේ
0
hp_train_1450
(ටී.කේ.ජී.කපිල )විදේශීය නිෂ්පාධිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද (26)  කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.  මොවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සහ 48 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයින් දෙදෙනෙකි . ඔවුන් විසින් රැගෙන ආ  ගමන් මලුවල රුපියල් 17,16,000 ක් වටිනා විදේශීය නිෂ්පාධිත දුම්වැටි 28,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 143 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ . ඔවුන් අද ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් .- 5127 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . 
නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකින් අල්ලයි
0
hp_train_1451
ඉන්දිය නාවික හමුදාපති අද්මිරාල් ඞී’.කේ ජෝශි  සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහත්වරුන්  අතර හමුවක්  අද  සවස  ගුවන් හමුදා මුලස්ථාන පරිශ‍්‍රයේදී සිදු විය.ඉන්දිය නාවික හමුදාපතිවරයා පිළිගැනිම සදහා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින්  ආචාර පෙළපාලියක් ද පැවැත්වු අතර මෙම හමුවේදී  දෙරටේ  ආරක්‍ෂක තත්වය පිළිබඳ කරුණු රැසක්  සාකච්ඡා කරන ලදි. ඉන්දිය නාවික හමුදාපති හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපතිවරුන්  හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද එහිදී  සිදු විය.. 
ඉන්දු ලංකා ආරක්ෂාවට සාකච්ඡා
0
hp_train_1452
වැල්වැටිතුරෛයි ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.  මෙම ගංජා තොගය අලෙවි කිරීම සඳහා ඔවුන් පැමිණි  යතුරු පැදියද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැල්වැටිතුරෛයි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්හී පදිංචි වයස අවුරුදු 38 සහ 27 වන වියෙහි  පසුවන දෙදෙනකි. අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරෛයි පොලිසිය වෙත භාර දීමට  නියමිතය. නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව යාපනය, පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින්  මොවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.(36698) 
නීතී විරෝධිව මසුන් ඇල්ලු දෙදෙනකු අත්අඩංගුවට
0
hp_train_1453
(ටී.කේ.ජී.කපිල )විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු සහ පාකිස්තානු ජාතික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.මොවුන් අතරින් පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙකි.මෙම තිදෙනාගේම ගමන් මලුවල රුපියල් 40,15,000 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 73,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 358 ක් සහ තවත් පැකට් 78 ක් සඟවා ගෙන සිටි බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .මෙම දුම්වැටි තොගය රාජසන්තක කර මෙම පකිස්තානු ජාතිකයාට රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරිණි.මොවුන් දෙදෙනා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි සියල්ල රාජසන්තක කර මහනුවර පදිංචි ව්‍යාපාරිකයාට රුපියල් 25,000 ක දඩයක් ද කොළඹ, මෝදර පදිංචි ව්‍යාපාරිකයාට රුපියල් 10,000 ක දඩයක් ද ගෙවන ලෙසද නියෝග කළේය . 
නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට
0
hp_train_1454
(ඩයනා උදයංගනී)කොරෝනා ආසාදිත තවත් රෝගීන් 506 දෙනෙක් අද (11) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.මෙරටින් අද දින වාර්තාවූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,492කි.ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,74,523 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 
අද කොවිඩ් ආසාදිතයන් 1488ක්
0
hp_train_1455
(අජිත්ලාල් ශාන්ත උදය සහ ආරියරත්න මාමුහේවා)නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ 2019 වසරට නියමිත අයවැය එක්සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සභිකයන්ගේ විරෝධතා මැද එක්සත් ජනතා නිදහස් සංධානයේ සභිකයන්ගේ ද සහාය ඇතිව වැඩි ඡන්ද අටකින් අද  (06)  සම්මත විය.සභාපති කුලතුංග ලියනගේ (ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ)  මහතාගේ ප‍්‍රධානත්වයෙන්  නිවිතිගල ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේ දී අද (06) පෙරවරුවේ පැවති රැස්වීමේ දී සභාපතිවරයා අයවැය සභාවට ඉදිරිපත් කරන ලදී.එහිදී බලය හිමි ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයන් 14 දෙනා  සමඟ  එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන සභිකයන් දෙදෙනා අයවැයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළේ ය.එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් 7 දෙනා  සමඟ ජනතා විමක්ති පෙරමුණේ  සභිකයාට විරුද්ධව ඡන්දය දුන්නේ. ඒ අනුව වැඩි ඡන්ද අටකින් අයවැය සම්මත වූ බව සභාපතිවරයා නිවේදනය කළේ ය.
බලන්ගොඩ නගර සබේ අයවැය සම්මතයි
0
hp_train_1456
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කරන්නැයි නියෝගයක් ඉල්ලා ගොනු කළ නඩුවක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව බලරහිත කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන 20 වැනි දා අධිකරණය හමුවේ උත්තර බදින්නැයි බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද (05) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මහ ලේකම්වරයා ඇතුළු වග උත්තරකරුවන්ට  මහසේත්‍රාත්වරයා මෙලෙස නියෝග කෙරිණි. පෙත්සම සළකා බැලූ මනිලාල් වෛද්‍යතිලක සහ ඩී.එම් සමරකෝන් යන සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබේ. බොරලැස්ගමුව නගර සභාවේ නගරාධිපති අරුණ ප්‍රියශාන්ත සහ හෝමාගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන අසංක ශ්‍රීනාත් විසින් මෙම අභියාචන පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. පෙත්සම්කරුවන් මහාධිකරණ හමුවේ කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පත්වීම සඳහා එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය ලැබී නොමැති බැවින් ඔහුට එම ධුරය දැරීමට නීතියෙන් හැකියාවක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ තමන් නඩු පැවරූ බවය. එම පෙත්සම සළකා බැලූ බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු පිරිසකට මේ සම්බන්ධයෙන් ලබන 20 වැනි දා කරුණු දක්වන්නැයි නියෝග කර තිබේ.
කොළඹ මහ නගර සභා ඡන්දයට පෙත්සමක්
0
hp_train_1457
ශ්‍රී ලංකාවේ නැගෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උදය කාලයේදී මීදුම ඇති වීමේ හැකියාව පවතී.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.  
‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_1458
(ක.ග. කරුණාරත්න)මීට වසර 25කට, 30කට පෙර ආණ්ඩු හැදූ ආකාරයෙන් ඉදිරියේදී ආණ්ඩු හැදිය නොහැකි බවත්, මැතිවරණ ප‍්‍රතිඵල ලැබෙන්නේ රටේ ජනවාර්ගික සංයුතිය, සමාජ තත්ත්වයන්, ආර්ථික, සමාජ හා දේශපාලන පසුබිම් ආදී සියල්ල අනුව බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.ජාතිවාදී ලෙස වෙන් වී කිසිම කෙනෙකුට ආණ්ඩුවක් හැදීමට නොහැකි බව කී ජනාධිපතිවරයා ඉදිරියේදී මේ රටේ ආණ්ඩු හැදිය හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස්වලට සාධාරණත්වය ඉටුකරන දේශපාලන ව්‍යාපාරයකට පමණක් යැයි ද සඳහන් කළේය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවය සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.‘‘කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. 2015-10-18 වනදා තමයි මෙම ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබුවේ. එදා මුල් ගල් තැබුවේ මේ ගොඩනැගිල්ල සඳහා පමණක් නොවෙයි. එදා මුල් ගල් තැබුවේ මේ පාසලේ ගොඩනැගිලි සංකීර්ණයක ව්‍යාපෘතියක් සඳහායි. අද මම මේ උත්සවයට එන්න දිනයක් ලබා දුන්නාම ලේකම්වරු මගෙන් ඇහුවා පටන් ගන්න අනිත් ගොඩනැගිල්ලට මුල්ගල් තියන්න අද යොදාගන්න කියලා. මම කිව්වා ව්‍යාපෘතියකට තියන්නේ එක මුල්ගලයි. එක ගොඩනැගිල්ලකට එක මුල්ගල ගානේ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම මුල්ගල් තියන්න උත්සව වුවමනාවකුත් නැහැ කියලා.මම 2015 මේ ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ පසුගිය වසරේත් අපේ නිලධාරි මහත්වරුන්ගෙන් මම ඇහුවා මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ ඇයි මේ තරම් ප‍්‍රමාද කියලා. මට ලැබුණු උත්තරය තමයි ගොඩනැගිලි හදන්න අවශ්‍ය බඩු භාණ්ඩ කලට වෙලාවට ලැබෙන්නේ නැහැ කියලා. මම බලාපොරොත්තු වුණේ මේ එක ගොඩනැගිල්ලක් නෙවේ අවශ්‍ය සියලූ ගොඩනැගිලිවල වැඩ 2015, 2016 කෙරෙයි කියලයි.නමුත් මම අදත් ඇහුවා ඇයි අනිත් ගොඩනැගිලි පටන් ගන්නේ නැත්තේ කියලා. මට ලැබුණු පිළිතුර තමයි, ඒක සාධරණ පිළිතුරක්, මේ පාසලේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාවත් එක්ක මේ ගොඩනැගිලි ඔක්කොගේම වැඩ පටන් අරගෙන වැඩ කරන්න පුළුවන්කමක් නැහැ කියලා. එක ගොඩනැගිල්ලක වැඩ ඉවරවෙලා ඊට පස්සේ තමයි අනිත් ගොඩනැගිලි පටන් ගන්න පුළුවන්. මෙහි තිබෙන ඉඩ කඩත් සමග පාසල් වේලාවේ දරුවන් හැම තැනම දුවනවා, පනිනවා. ඒ නිසා ගොඩනැගිලි කිහිපයක වැඩ එකවර පටන්ගන්න පුළුවන්කමක් නැහැයි කියන එක විදුහල්පතිතුමා, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ වගේම ඉංජිනේරු මහත්තුරු මට ඒ පිළිබ`දව දැනුම් දුන්නා.මම හිතනවා ඒකේ සත්‍යයක් තිබෙනවා. ඊළඟට කරන්න තිබෙන්නේ මේ ඉදිරියේ තිබෙන ගොඩනැගිල්ල කඩා නව ගොඩනැගිල්ල හැදීමයි. එයයි ප‍්‍රශ්නය. මම කිව්වේ පුළුවන් තරම් ඉක්මණින් මේ සියලූ ගොඩනැගිලි හදන්නයි කියා. මේ පැත්තේ කවුද කෙනෙක් කිව්වලූ ඔය විවෘත කරපු ගොඩනැගිල්ල විතරයි. බලමු අනෙක් ඒවා හදනවාද කියලා. එවැනි අසත්‍ය ප‍්‍රචාර කරන අයගෙන් අපි ප‍්‍රවේශම් වෙන්න  ඕනෑ. අප විසින් සිදුකරන මේ කඩිනම් සංවර්ධන වැඩකටයුතු ඉතා විධිමත්ව ක‍්‍රමවේදයකට කරගෙන යාමයි අවශ්‍ය වන්නේ. මුදල්වල කිසිදු ගැටලූවක් නැහැ. සියලූම පාසල්වල සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කරගෙන කටයුතු කරනවා. උදේ මම විලයාය මධ්‍ය මහා විද්‍යාලයට ගියා. එහිත් සංවර්ධන කටයුතු කරනවා.පන්සල්වල වගේම මුස්ලිම් පල්ලිවලත් මුදල් ඉල්ලපු හැම කටයුත්තකටම මම සල්ලි දීලා තිබෙනවා. කතෝලික පල්ලිවලටත් දීලා තිබෙනවා. හින්දු කෝවිල්වලටත් දීලා තිබෙනවා. ඒ නිසා සෑම පූජනීය ස්ථානයකම සංවර්ධන කටයුතු කරගෙන යනවා. හැම ගමකම පාසල්වල අලූත් ගොඩනැගිලි හැදෙනවා. හැම රෝහලකම අලූත් ගොඩනැගිලි හැදෙනවා. ඒ වගේම පානීය ජලය, අවශ්‍ය අනෙකුත් සංවර්ධන කටයුතු විශාල වශයෙන් කරගෙන යනවා.මේ වසරේ අපි අලූත් ව්‍යාපෘතියක් පටන් ගත්තා, මම කිව්වා ගොඩනැගිලි විතරක් හදලා හරියන්නේ නෑ විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා නිෂ්පාදන කි‍්‍රයාවලියට මුදල් වෙන් කරන්න  ඕන, ගොඩනැගිලි සඳහා වෙන්කරන මුදල් අපතේ යනවා නොවෙයි. නමුත් ඒ කරන ආයෝජනයේ ප‍්‍රතිඵල දීර්ඝකාලීනයි. නමුත් කෙටි කාලීන ආයෝජන විදියට නිෂ්පාදන කි‍්‍රයාවලියට, කෘෂිකාර්මික, කාර්මික නිෂ්පාදන මේ සඳහා දිස්ති‍්‍රක්කයේ හැකියාවන්, දක්ෂතාවන්, නිපුණතාවයන් තිබෙන තරුණ පිරිස් බලලා ඒ අයට මුදල් දෙමු ව්‍යාපෘති කරන්න කියලා.දැන් අද උදේ ඒ වැඩෙත් පටන් ගත්තා. දිස්ති‍්‍රක්කයේ තෝරාගත් පිරිසකට ඒ සඳහා මුදල් ලබා දුන්නා, මේ අවුරුද්දේ ඒ සඳහා මේ දිස්ති‍්‍රක්කයට මිලියන දාහක් වෙන්කර තිබෙනවා. ඒ වගේම ලංකාවේ අනෙකුත් දිස්ති‍්‍රක්ක සඳහා ඒ විදියට මුදල් වෙන් කරලා තිබෙනවා.ඒ වගේම අපි අලූත් වැඩසටහනක් පටන් ගත්තා මීට සති දෙකකට කලින්. රටේ ග‍්‍රාමීය සංවර්ධනය, ආර්ථිකය ගොඩනැගීම සඳහා ග‍්‍රාම ශක්ති කියලා. දැනට කි‍්‍රයාත්මක දිවි නැගුම සංවර්ධන වැඩසටහන සමග ඒකාබද්ධ ග‍්‍රාම ශක්ති වැඩසටහන කි‍්‍රයාත්මක වෙනවා, අඩු ආදායම්ලාභි පවුල්වල ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා.ඒ වගේම තමයි පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම දිස්ති‍්‍රක්කවල වැව් 600 කට වැඩිය ප‍්‍රතිසංස්කරණය කරන්න සහ අලූතින් වැව් අමුණු ඉදිකරන්න කටයුතු කරනවා. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සල්ලි දීලා තියෙනවා. ක්වේට් රජය සල්ලි දීලා තිබෙනව. විදේශ ආධාර මුදල් විශාල වශයෙන් අපට ලැබෙනවා. ලෝක බැංකුවෙන් මුදල් ලැබෙනවා. මේ ආකාරයෙන් රජය සංවර්ධන කටයුතු රාශියක් කරගෙන යනවා. එහිදී අධ්‍යාපනය ඉතා ප‍්‍රමුඛයි.රටේ සංවර්ධනය සඳහා නැණවත්, ගුණවත් ඒ වගේම ප‍්‍රඥාවන්ත දැනුමෙන් පිරි ජනතාවක් බිහි කරන්න රටේ අධ්‍යාපනය වර්ධනය කරන්න  ඕනෑ. ඒ සඳහා කිසිදු පසුබෑමක් නැතිව රජය අවශ්‍ය මුදල් වෙන් කරනවා භෞතික සම්පත් හා මානව සම්පත් සංවර්ධනය ස`දහා.පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගුරු පුරප්පාඩු පුරවන්න තියෙන්නේ ඉතා සුළු පිරිසකි. ඒක සම්පූර්ණ වුණහම පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගුරු පුරප්පාඩු පිරෙනවා. නමුත් ලංකාවේ සෑම තැනම ප‍්‍රශ්නයක් තිබෙනවා. දෙමළ ගුරුවරුන්ගේ විශාල හිඟයක් තිබෙනවා. මම ගිය සතියේ නුවරඑළියේ ගිය වෙලාවෙත් ඒ ප‍්‍රදේශයේ තිබෙන ගැටලූ සොයා බැලීමේදී දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිඟයක් පවතින බව කිව්වා.මීට මාස තුනකට පෙර අපි පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ තරුණ දරුවන් එකතු කරලා පවත්වපු තරුණ කඳවුරේ අවසන් දිනයේ මුස්ලිම් සහ දමිළ දරුවන් සමග මම සාකච්ඡා කළා. මම ඔවුන්ගෙන් ඇහුවා මොනවාද තිබෙන අඩුපාඩු කියා. ඔවුන් කියා සිටියේ ගුරුවරුන්ගේ තිබෙන හිඟය සහ උසස් අධ්‍යාපනය සඳහා අදාළ ආයතන මේ දිස්ත‍්‍රික්කයේ නොමැති කමයි. මේ ප‍්‍රශ්න අප විසින් විසඳිය යුතු වෙනවා. එහිදී ගුරුවරුන් අපිට සොයා ගතයුතු වෙන්නේ පාසලෙන්ම තමයි. වැඩි අධ්‍යාපනය ලබන පිරිස්වලිනුයි අපිට ගුරුවන් තෝරා ගත හැකි වන්නේ.උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පසුගිය කාලයේ රැකියා නොමැති උපාධිධාරීන් විරෝධතා ආරම්භ කළා. පසුගිය මාසයේ රජය තීරණය කළා සමෘද්ධි අමාත්‍යාංශය යටතේ, දිවි නැගුම අමාත්‍යාංශය යටතේ, සමෘද්ධි කළමනාකරුවන්, සමෘද්ධි නිලධාරීන් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට උපාධිධාරීන්ගෙන් බඳවා ගන්න. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දීර්ඝ කාලයක් නොකරපු වැඩ, අතපසු වූ වැඩයි අපි මේ ඉටුකරන්නේ.පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ තිබෙන සිංහල, දෙමළ, මුස්ලිම් පාසල්වල අධ්‍යාපන කටයුතු පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. සිංහල පාසල්වල අඩුපාඩුකම් බොහෝ දුරට සම්පූර්ණ වී තිබුණත් මුස්ලිම් සහ දෙමළ පාසල්වල අඩුපාඩුකම් රාශියක් තිබුණා. මම ජනාධිපති ධුරයට පත්වුණාට පසු සිංහල පාසල්වල වගේම මුස්ලිම් සහ දෙමළ පාසල්වලට අවශ්‍ය මානව සම්පත්, භෞතික සම්පත් ලබා දෙන්න අවශ්‍ය මුදල් වෙන්කර මේ වැඩපිළිවෙළ ගෙනයනවා.පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වගේම රටේ අනෙක් ප‍්‍රදේශවලත් මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙනවා. අන්සර් මන්ත‍්‍රීතුමා කතා කරන විට සඳහන් කළා මුස්ලිම් පාසලකට තට්ටු තුනේ ගොඩනැගිල්ලක් තිබුණේ නැහැ, එසේ වුණු පළවන වතාවයි කියා. මම ඒ පිළිබඳව ඉතාමත් සතුටු වෙන්නේ, මේ පාසලට අවශ්‍ය අනෙක් සියලූ ගොඩනැගිලි සම්පූර්ණ වූ දවසටයි කියා. පැහැදිලිව සඳහන් කරන්නට  ඕනෑ දරුවන්ගේ අධ්‍යාපනයේදී සිංහල ද දමිළ ද මුස්ලිම් ද කියා ප‍්‍රශ්නයක් අපිට නැහැ. සෑම දරුවෙක් දිහාම අපි බලන්නේ එකම දරු පිරිසක් විදියටයි.ඊළඟට මම බලාපොරොත්තු වන්නේ ඉන්දීය රජයේ ආධාර යටතේ මගේ ඉල්ලීමකට අනුව පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ අංග සම්පූර්ණ පාසලක් හදන්න. සිංහල, දමිළ, මුස්ලිම් සියලූ දෙනාටම එකට අධ්‍යාපනය ලැබිය හැකි සංහිඳියා පාසලක් ලෙස. මේ දිස්ත‍්‍රික්කයේ අඩුපාඩුකම් තිබෙන පාසල්වල තත්ත්වයත් සැලකිල්ලට ගෙන ප‍්‍රධාන පාසලක් ලෙස සියලූ දරුවන්ට සහෝදරත්වයෙන් එකම පිරිසක් විදියට අධ්‍යාපනය ලබන්නත්, ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමටත් අපි ඒ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන්නේ. මේ සියලූ අංශ සම්බන්ධයෙන් අධ්‍යාපනය ද සෞඛ්‍ය ද කෘෂිකර්මය ද  මේ පිළිබඳ දැන් රට වශයෙන් සංවර්ධන කටයුතු රාශියක් අපි කරගෙන යනවා.මම අද උදේ වරුවේ අරලගංවිලදීත් කිව්වා මේ විදියට වැඩ කරගෙන යනකොට සමහර අය කියනවා මේ ආණ්ඩුව ගෙන යන්න බැහැ. මේක කඩා වැටෙනවා. සමහර අය කියනවා මේ මැයි දිනයට ගොල්ෆේස්වලට සෙනග හුඟක් හිටියා, ඒ නිසා ඒගොල්ලෝ ඉක්මනට ආණ්ඩුවක් හදනවා. ඒ ඔක්කොම සිහින තමයි. සාමාන්‍යයෙන් පිට්ටනියකට එක්වෙලා හිටපු ඔලූ ගෙඩි ගාන බලලා ආණ්ඩුවක් හදන්න පුළුවන්කමක් නැහැ.මේ රටේ ජනතාව මැතිවරණවලදී ඡුන්දය පාවිච්චි කරනකොට ඡන්දය පාවිච්චි කරන ක‍්‍රමයක් තිබෙනවා මේ රටේ. රටේ ජනවාර්ගික සංයුතිය, සමාජ තත්ත්වයන්, ආර්ථික, සමාජ හා දේශපාලන පසුබිම් මේ සියල්ලත් එක්ක තමයි මැතිවරණ ප‍්‍රතිඵල එන්නේ. මීට අවුරුදු 25, 30, 40 කට ඉස්සෙල්ලා ආණ්ඩු හදපු විදියට ඉදිරියට ආණ්ඩු හදන්න පුළුවන්කමක් නැහැ.ජාතිවාදී ලෙස වෙන්වෙලා මේ රටේ කිසිම කෙනෙකුට ආණ්ඩුවක් හදන්න පුළුවන්කමක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස්වලට සාධාරණත්වය ඉටුකරන දේශපාලන ව්‍යාපාරයකට පමණයි ඉදිරියේදී මේ රටේ ආණ්ඩු හදන්න පුළුවන් කියන එක මම ඉතාමත් පැහැදිළිව කියන්න  ඕන.මේ රටේ සෑම කෙනෙක්ම සමගියෙන්, සහෝදරත්වයෙන් ජීවත් වෙන්න  ඕන. මේ සෑම පැත්තකම අන්තවාදී පිරිස් ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජන කොටසකම අන්තවාදී ලෙස කටයුතු කරන පිරිස් ඉන්නවා. ඔවුන් සාමය කඩ කරන දේවල් කරනවා, අසමගිය ඇති කරන දේවල් කරනවා. ගැටුම් ඇතිකරන දේවල් කරනවා. නමුත් අපි හැම කෙනෙක්ම බුද්ධියෙන්, ප‍්‍රඥාවෙන්, දැනුමෙන්, ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කරන්න  ඕනෑ රටක් ලෙස අපි සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් ඉදිරියට යන්න.සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියලා බලන්නේ නැතිව අපේ දරුවන් කියන හැඟීමෙන් අපි හැම දරුවෙක් දිහාම බලන්න  ඕනෑ. රටේ සෑම පුරවැසියෙක් දෙසම එක විදියට බලන්න  ඕන. එතකොට තමයි සමාජ සාධාරණත්වය ඉෂ්ට කරන්න පුළුවන්කම තියෙන්නේ.සංවර්ධනය සඳහා මුදල් වෙන් කරන විට මොන පාට ද මොන පක්ෂයේ ද මොන ජාතියේ ද මොන ආගමේ ද මොන භාෂාවේ ද කියන කාරණා බලලා නොවෙයි, අවශ්‍යතාවය අනුවයි එය කළයුතු වන්නේ. ඒ නිසා මූලික විය යුත්තේ මනුෂ්‍යත්වයයි, මිනිස්කමයි, මානව වාදයයි. අපි සෑමවිටම කල්පනා කරන්න  ඕනෑ තමන්ගේ ප‍්‍රශ්නය වගේම අන් අයගේ ප‍්‍රශ්න, තවත් කෙනෙකුට අපි පිහිට වන්නේ කෙසේද කියන කාරණාව. මමත්වයෙන් තමන් ගැන හිතලා, තමන්ගේ ප‍්‍රශ්නයට පමණක් මූලිකත්වය දීලා කවදාවත් සමාජය යහපත් කරන්න බෑ. ඒ විදියට රටක් ගොඩනගන්න පුළුවන්කමක් නැහැ.ඒ නිසා ආණ්ඩුවක් විදියට අපි වැඩකරගෙන යනකොට මොන විදිහේ විවේචන, අභියෝග, චෝදනා, අපහාස, උපහාස මේව කොතෙක් ආවත් ඒ සියල්ල යටපත් කරගෙන අපි බලාපොරොත්තු වන යහපත් අරමුණු සඳහා මේ රට අපි ඉදිරියට ගෙනයනවා. ඒ නිසා අද විශේෂයෙන්ම පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට පැමිණිලා මවුපියන්, දරුවන්, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සෑම කෙනෙක්ම හමුවීමට ලැබීම ගැන නැවත වාරයක් සතුටු වෙමින් ඔබෙන් සමුගන්නවා. ස්තූතියි. තෙරුවන් සරණයි.’’උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැති පේෂල ජයරත්න, පළාත් සභා මන්ත‍්‍රී එස්.එච්.එම්. අන්සාර් යන මහත්වරුද කතා කළහ.කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඒ. ඉක්බාල් මහතා පිළිගැනීමේ කතාව කළේය.පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිඞ්නි ජයරත්න මහතා ඇතුළු දිස්ත‍්‍රික්කයේ මැති ඇමැතිවරුන් රැුසක් ද දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු විශාල  පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
’සිංහලද දෙමළද මුස්ලිම්ද බෞද්ධද හින්දුද ඉස්ලාම්ද කතෝලිකද මට වෙනසක් නෑ’
0
hp_train_1459
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව කියයි. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 26/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269055වැසි ස්වල්පයක්.මඩකලපුව35269050අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570වැසි වාර කිහිපයක්.ගාල්ල31269570වැසි වාර කිහිපයක්.යාපනය33288065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය20149570වැසි වාර කිහිපයක්.රත්නපුරය33249560වැසි වාර කිහිපයක්.ත්‍රිකුණාමළය35269050අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570ප්‍රධාන වශයෙන් වැසි රහිත. 
'කඩින් කඩ වැසි'
0
hp_train_1460
( තිලකරත්න දිසානායක)පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම සූදානම්ව සිටිය යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. ගම්පහ දිස්ත්‍රික්කයට අධික වර්ෂාවක් ඇද නොහැලුනද ඉහළ ප්‍රදේශයන්හි පවතින වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් අද පෙරවරු 8 වනවිට අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 3 දශම 52 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර මෙය සූදානමින් සිටිය යුතු මට්ටමක් බැවින් පහළ ප්‍රදේශයන්හි අමුණු විවෘත කිරීමට පියවර ගනු ලැබූ බවත් ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා පැවසීය. මෙම ජල මට්ටම මීටර් 4 දශම 3 ක් දක්වා ඉහළ ගියහොත් එය සුලු ගංවතුර තත්ත්වයක් බවත් ම්ටර් 5 දශම 5 ක් දක්වා ඉහළ ගියහොත් එය මහ ගංවතුර තත්ත්වයක් බවත් ඉංජිනේරු වරයා පෙන්වා දෙනු ලැබූ අතර වැසි තත්ත්වය වර්ධනය වුවහොත් අත්තනගලු ඔය ආශ්‍රිතව සහ පහල ප්‍රදේශයන්හි පදිංචි කරුවන් විමසිල්ලෙන් සිටිය යුතු බවද සඳහන් කළේය.  
අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට
1
hp_train_1461
(ශාන්ත චන්ද්‍රසිරි)හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම, හවුලේ පතල්  හැරීම ,  කැළෑව එළි කිරීම සහ ගිනි දැල්වීම යන චෝදනා සඳහා වරද පිළිගත් පුද්ගලයන් පස් දෙනෙකුට රුපියල් ලක්ෂ 10 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය.එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ මුදලක් ගෙවන  ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද්දේ ඉඹුල්පේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්  පස් දෙනෙකුටය .මීට අමතරව බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීමටද මහේත්‍රාත්වරයා නියෝග කරන ලදී.එක් චෝදනාවකට රුපියල් 40,000 බැගින් වූ චෝදනාවන් පහක් සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින්  මෙසේ මහේස්ත්‍රාත්වරයා දඩ නියම කරන ලදී.හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් අනුව නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වන සත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ, වන සත්ත්ව නියාමක එස්. එම්.ඩී. එල්. සමරකෝන්, කේෂ්ත්‍ර සහායකවරුන්වන රංජිත් ලක්මාල්, සම්පත් රවීන්ද්‍ර, කේ. යෝගචන්ද්‍රන් යන නිලධාරී මෙම වැටලීම සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.
හෝර්ටන්තැන්නට ගිනි දැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ
0
hp_train_1462
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය.  මධ්‍යම කඳුකරය, වයඹ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශවලට නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි වීමට ඉඩ ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇතිවේ.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1463
 මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (1) පස්වරු 8.25 වනවිට එක්වූ ආසාදිතයන් 235 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 555 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 40,126 දක්වා ඉහළ ගොස් ඇත.අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනාම පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති.‍
අද දිනයේදී ආසාදිතයන් 555 ක්
1
hp_train_1464
දුප්පත් පංතියේ පවුල්වලට දැවැන්ත සංවර්ධනයක අරුණලූ වැටෙන කාලය අත ළඟ යයි නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ලූණුගම්වෙහෙරදී පැවසීය.39 වැනි උදා ගම්මානය වන ලූණුගම්වෙහෙර-පහළ මත්තල, -සිරිබරගම” ජනතා අයිතියට පත් කිරීම සඳහා පැවැති උත්සවයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එසේ ප‍්‍රකාශ කළේය.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය.වසර 2015 මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව යළි පිබිදෙන ‘උදා ගම්මාන’ වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරෙන්නේ 39 වැනි ආදර්ශ ගම්මානයයි. දුෂ්කර ලූණුගම්වෙහෙර කොට්ඨාසයේ පහළ මත්තල ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකළ -සිරිබරගම” විදුලිබල පහසුකම්, පානීය ජලය, මාර්ග ඇතුළු සියලූ පහසුකම් සහිතව ජනතා අයිතියට පත් කෙරෙනවා.‘‘සිරිබරගම” අවට තවත් උදා ගම්මාන 2ක් ඉදිවෙමින් පවතිනවා. ඉන් පළමුවැන්න නම් නිදහස් දිනය සමරමින් ආරම්භ කළ -සියත්ලංකාගම”යි. දෙවැන්න නම් රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යතුමාගේ උපන් දිනය දා ආරම්භ කළ -ඇත්රජගම” ගම්මානයයි. මේ ගම්මාන 3 එක් වන මාර්ග පද්ධතිය ලබන වසර වන විට කාපට් ඇතිරූ අංග සම්පූර්ණ එකක් බවට පත් කරන ලෙස මා උපදෙස් දුන්නා.ජනාධිපති කාර්ය සාධක බලකා සතරකින් ගම්මානවලට අලූත් ශක්තිය ලැබෙනවා. ඒනම්, පරිසර සංරක්‍ෂණය උදෙසා රුක් රෝපණය, පවුලේ ආහාර සුරක්‍ෂිතභාවය තහවුරු වන ගෙවතු වගාව, මත් ද්‍රව්‍ය නිවාරණය සහ භයංකාර වකුගඩු රෝග නිවාරණයයි.ඇතැමුන් අපේ උදා ගම්මාන වැඩපිළිවෙළ විවේචනය කරනවා. උදා ගම්මාන වැඩපිළිවෙළ වෙනුවෙන් කැලෑ කපා පරිසර විනාශයක් ගෙන යන බවට සාවද්‍ය චෝදනා නැගෙනවා. අප සියලූ ගම්මාමාන හරිත ගම්මාන’ බවට පත් කරන බව ඉතා වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරනවා. සියලූ ගම්මාන තිරසර සංවර්ධනය වෙත අප යොමු කරනවා.හැම ගම්මානයක්ම වන සංරක්ෂණ, වනජීවී ආරක්ෂණ හා ජනතා සෞඛ්‍ය තහවුරු වන පරිපූර්ණ ජීවිත නිර්මාණය වන කේන්ද්‍රස්ථාන බවට පත් කරනු ලබනවා. මේ වැඩපිළිවෙළ විවේචනය කරන්නේ පවතින සංවර්ධනය බලා සිටීමට බැරි පුද්ගලයන් විසිනුයි. ඔවුන් කියන්නේ යහපාලන රජය බලයට පත්වූ පසු සංවර්ධනය නොවන බවයි.නිවාස සංවර්ධනය මැනවින් වන විට පුහු විවේචනයන් කියන්නේ මේ වැඩපිළිවෙළ නිසා පරිසර විනාශය වන බවයි.පසුගිය ආණ්ඩු කාලයේ මේ ප‍්‍රදේශයෙන්ම බිහිවූ රාජ්‍ය නායකයා සිය බලතල ක‍්‍රියාත්මක කරමින් සිය ගැත්තන්ට, හිතවතුන්ට, සුවච කීකරු ගෝල බාලයන්ට අක්කර 100-200 බෙදා දෙන විට පරිසර විනාශය, කැළෑ එළි කිිරීම ගැන කවුරුන් හෝ කතා කළේ නැහැ. එසේ කතා කළා නම් කට කපා දැමීමට හෝ සුදු වෑන් එකෙන් ගොස් හෝ දඬුවම් විඳීමට වෙනවා.උදා ගම්මාන වැඩපිළිවෙල හරහා ක‍්‍රියාත්මක කරන්නේ දිවංගත රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ ‘මිනාසා ජීවත් කරවීමේ සංකල්පය’ යි. ගම්මානවල නිවාස ලැබී තිබෙන්නේ නමට රටේ පුරවැසියන් වුවත් එක බිම් අඟලක් හෝ නැති පවුල්වලටයි. ඔවුන්ට සර්වජන ඡුන්දයත් තිබෙනවා. එහෙත් තමන්ටම යයි කිව හැකි බිම් කොටසක අයිතියක් නැහැ.ගම්මානයට නුදුරින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තනා තිබෙනවා. එයට ගුවන් යානා පැමිණෙන්නේ නැහැ. ඒ ගුවන් තොටුපළ වෙනුවෙන් කැලෑ අක්කර දහස් ගණන් විනාශ කළා.ගුවන් තොටුපොළක් ඉදි කිරීමට මා විරුද්ධ වන්නේ නැහැ. එහෙත් එය තිරසර සංවර්ධන ක‍්‍රියාදාමයකට යොමු නොවන සේ සැලසුම් විරහිතව ඉදි කළ එකක් වනවා. මේ අකර්මණ්‍ය ව්‍යාපෘතියේ අයිතිය අපේ රටට තබා ගනිමින් එය විදේශීය රටවල වානිජ ආයතන සමඟ බද්ධ ව්‍යාපාරය හැටියට නැවත සක‍්‍රීය කිරීමට අප බලාපොරොත්තු වනවා. එසේ කළහොත් ඒ සංවර්ධන ක‍්‍රියාදාමයක් සමඟ තවත් රැුකියා විශාල ප‍්‍රමාණයක් බිහිවනවා.ගම්මානයේ ප‍්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ජාති, ආගම්, පංති, පක්ෂ, කුල-මල භේදයෙන් තොරව වගකීම් නිසිලෙස ඉටු කර තිබෙනවා. සමෘද්ධියෙන් හිමි වන්නේ මසකට වරක් මූල්‍ය ආධාරය පමණයි. මාසිකව සමෘද්ධි මුද්දරය ලැබෙන විට යම් පවුල් ප‍්‍රමාණයක් සෑම මසකම රජයේ දීමනාව බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ ඔවුන්ගේ නැති - බැරිකම හා අග - හිඟකම නිසායි.පසුගිය රජය සමයේ මැතිවරණයක් එළඹෙන විට සමෘද්ධිලාභියාට ‘සෙනසුරු ඒරාෂ්ඨකය’ එළඹුණා වගේ ඡන්දය නොදුන්නොත් සමෘද්ධිය කැපෙන බවට දුප්පත් ජනතාව බය කරමින් දොරින් - දොරට යන රජයේ පඩි ලබන පුද්ගලයන් පත්කර තිබුණා. සමෘද්ධි ප‍්‍රතිලාභීන් තමන්ගේ දීමනාව කැපේදෝ යි හූල්ල හූල්ලා බියෙන් ජීවත් වුණේ.උදා ගම්මාන වැඩපිළිවෙළ යනු මාසික දීමනා වෙනුවෙන් දුප්පත් ජනතාව වහලූන් බවට පත් කරන එකක් නොවෙයි. අපට ඉඩම් නොමැති පවුල්වලට රාජ්‍ය අනුග‍්‍රහයෙන් ඉඩම් කොටස දෙන්නේ නොමිලයේයි. ඒ අනුව බිම් අඟලක්වත් නැති පවුලකට හිමි වන්නේ ප‍්‍රාග්ධන සම්පතක අයිතියයි. එයින් ඒ පවුලේ වටිනාකම ඉහළ නැංවෙනවා.ඉඩම පමණක් නොව එහි නිවස ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා මූල්‍ය ආධාරත් දෙනවා. නිවාස ඉදිකළ පසුව බිම් කොටසේ වටිනාකම දෙතුන් ගුණයකින් ඉහළ යනවා. සමෘද්ධිය  ඕනෑම මොහොතක නතර කළ හැකියි. එනමුත් තමන් ඉදිකරගත් නිවස කිසි කෙනෙකුට ආපසු උදුරා ගත නොහැකියි. අපේ නිවාස සංවර්ධන වැඩසටහන සහ සමෘද්ධිය අතර වෙනස එයයි.හැම නිවසක් වෙනුවෙන්ම ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කරනවා. ඒ අනුව හැම ප‍්‍රතිලාභියකුටම ඉඩමක් නමැති ප‍්‍රාග්ධන සම්පත, නිවස, ගමට විදුලිය, ජලය ලැබෙනවා, මාර්ග පද්ධතිය සකස් වනවා. තිරසර පරිසර සංවර්ධනය වනවා.ගෙවතු වගා වැඩපිළිවෙළ නිසා පවුලේ ආහාර සුරක්‍ෂිතභාවය තහවුරු වනවා. මත්ද්‍රව්‍ය නිවාරණයත්, වකුගඩු රෝග නිවාරණයත් වනවා. සියල්ල නිසා ගම්මානවල ජීවත්වන පුද්ගලයන්ට දෙපයින් නැඟී සිටීමට හැකි වටපිටාවක් නිර්මාණය වනවා.අප මෙසේ සවිබල ගන්වන්නේ මොන බලවතකුට හෝ කෙරුමකුට හෝ ඒ හිමිකම් නැවත ඔබෙන් උදුරා ගන්න නොහැකි වන ලෙසයි. භූමියකට, නිවසකට අයිතිය ඇති විට ඔබට ජන සමාජය පිළිගැනීම ඇති වනවා. එසේ තමන්ගේම යයි කිව හැකි නිවසක ජීවත් වීමේ මානව අයිතිය තහවුරු කර තිබෙනවා.ජනාධිපතිතුමාත්, අග‍්‍රාමාත්‍යතුමාත් ඉදිරි වසර තුන තුළ ක‍්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන මහා සංවර්ධන සැලැස්ම ප‍්‍රකාශයට පත් කළා. මහා සංවර්ධන පිම්මකට අදාළ සැලසුම් සහ වැඩපිළිවෙළ එහි ගැබ් වී තිබෙනවා.ඉකුත් මහ මැතිවරණයෙන් පසුව නව උදා ගම්මාන 454ක වැඩ අප ආරම්භ කළා මේ වසර අවසාන වන විට ඒ සංඛ්‍යාව 500බවට පත් වනවා.එපමණක්ද නොව අද වන විට දිවයින පුරා පවුල් 222,000 කගේ නිවාස ගැටලූවලට විසඳුම් දෙමින් ඒ යටතේ නිවාස, නිවාස ණය, සිමෙන්ති ආධාර දී තිබෙනවා. ඉදිරි වසර 3 තුළදී තවත් උදා ගම්මාන 2,000ක් ඉදිකර ජනතා අයිතියට පත් කරනවා. මීළඟ ජන වරම සඳහා ජනතාව අතරට අප යන්නේ ඉන් පසුවයි.මේ උත්සවයට සමගාමීව රුපියල් ලක්ෂ 950ක සහන පවුල් 700 කට ආසන්න ප‍්‍රමාණයක් අතර බෙදී යන වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක වනවා.සියල්ල අනුව අපට පෙනී යන්නේ ඉදිරියේදී වීමට නියමිත දැවැන්ත සංවර්ධනයේ අරුණලූ ගමේ ගොවියාගේ, ධීවරයාගේ, කම්කරුවාගේ, මධ්‍යම පාන්තිකයාගේ, රාජ්‍ය සේවකයාගේ දරු පවුල්වලට ලැබෙන කාලය ඉතා ආසන්න බවයි.
රණවිරුවන් ගැන කිඹුල් කඳුළු හෙළමින් සමහරු රජ පුටුවට යන්න සිහින මවනවා
0
hp_train_1465
 දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක්  ඇති විය හැකියි.මධයම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණමාලය,හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලට තරමක තද සුළං ඇති වේ.
අදත් මහ වැස්සක් නෑ
1
hp_train_1466
( පැතුම් දර්ශන)හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අයවැය අද(26) ඉදිරිපත් කළ අවස්ථාවේ සභා රැස්වීමෙ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. සභාපති චාරුක උදයංග විජයරත්න මහතා විසින් අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කොට මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් පසු සංශෝධන වලට යටත්ව අයවැය සම්මත වූ බව පවසා හෙට(27) උදෑසන 10 වන තෙක් සභාව කල්තබා රැස්වීම් භූමියෙන් පිටව යාමත්, ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධයත් හේතුවෙන් මෙම උණුසුම්කාරී තත්වය ඇති විය. හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අය වැය පළමුවරට සභාපතිවරයා විසින් අද (26)දහවල් සභාවට ඉදිරිපත් කළේය.  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධය හමුවේ සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයෙ සියලු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටි.එම්.ඩිල්ෂාන්, ස්වාධින මන්ත්‍රි බණ්ඩාරවෙල සංඝානන්ද, සහ ප්‍රාදේශීය සභා ලේකම් වරයා සමග කාර්ය මණ්ඩලය ද එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර ඒ හේතුවෙන් තත්ත්වය තවත් උණුසුම් විය. සභාපති වරයා සභාවෙන් ඉවත් වුවද ලේකම්වරයා සිටිය යුතු බව  විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ ද එහිදී ප්‍රාදේශීය සභා ලේකම්වරයා පැවසුවේ සභාපති වරයා නොමැතිව සභාව පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ හේතුවෙන් තමන් ඇතුළු කාර්ය මණ්ඩලයට රැඳී සිටිය නොහැකි බවත් ය. අනතුරුව විපක්ෂ නායක සනත් කත්‍රිආරච්චි මහතා විසින් උප සභාපති ආර්. ජයතිස්ස මහතා වැඩබලන සභාපති වරයා ලෙස නම් කොට එතෙක් සභාපති චාරුක උදයංග විජයරත්න මහතා වාඩි වී සිටී සභාපති පුටුවේ වාඩි කිරීමට කටයුතු කල අතර පසුව ඔවුහු අදහස් දැක්වීම් ද සිදු කළහ. එහිදී අදහස් දැක්වූ උප සභාපති ජයතිස්ස මහතා මෙසේ කීය. " සභාපතිවරයා අයවැය ඉදිරිපත් කරලා ඉතාම නිර්ලජ්ජිත ලෙස සභාවෙ  න්‍යාය පත්‍රය අවසන් නොකර අයවැය සම්මත වූ බව කියමින් නැගිටලා ගියා. මේක නීතියානුකූලව අනුමත වුණේ නෑ. සභාවේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙක් මේ සඳහා සම්පූර්ණ විරුද්ධයි. සභාපතිවරයාගේ කූට වැඩවළට අපි ඉඩ තියන්නේ නෑ." විපක්ෂ නායක සනත් කත්‍රිආරච්චි මහතා ද මෙසේ කීය. " මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් අයවැයට විරුද්ධයි. අපි ඡන්දයක් ඉල්ලද්දී ඡන්දෙ නොදී පිළිකුල් සහගත විදිහට නැගිටලා ගියා සභාපතිවරයා. ඒත් එක්කම සභාවේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයත් නැගිටලා ගියා. පිළිකුල් සහගත ලෙස අපි මේක හෙළා දකිනවා. සභාපති වරයා මේ පුටුවෙන් ඉවත් කරන තුරු සටන අත හරින්නෙ නෑ අපි නීතියානුකුල ක්‍රියාමාර්ග ගන්නවා. මෙම චෝදනා සම්බන්ධයෙන් හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවෙ සභාපති චාරුක උදයංග විජයරත්න මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු මෙසේ කීය. " මම අයවැය ඉදිරිපත් කරලා ඒ   සඳහා සියලු මන්ත්‍රීවරුන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව ගරු උප සභාපති තුමා ගරු විපක්ෂ නායක තුමා ඇතුළු සියලු මන්ත්‍රීවරු ලිඛිතව හා වාචිකව මට අදහස් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව අදහස් ප්‍රකාශ කිරීමෙන් අවසානයේ 2012 අංක 21 දරණ පළාත් පාලන විශේෂ විධිවිධාන පනතට අනුව මා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය මන්ත්‍රීවරුන්ගේ යෝජනා හා අදහස් වලට එකගව සම්මත වූ අයවැයක් සේ නිවේදනය කොට සභාවේ වැඩ කටයුතු හෙට (27) උදෑසන 10 වනතුරු අඩාලව කල් තැබුවා. සභා රැස්වීම අඩාළව කල් තැබුවාට පස්සේ ලේකම්වරයා සභාවෙන් ඉවත් වුණාට පස්සේ ක්‍රියාත්මක වන රැස්වීම් නීතියානුකූල වන්නේ නෑ.
හොරොව්පොතාන ප්‍රා. සභාවේ මහ පුටුවට පොරයක්
0
hp_train_1467
(ඩයනා උදයංගනී)දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපෑ මහ වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්වය හේතුවෙන් මරණ 4 ක්ද වාර්තා වී ඇත.මේ අතරින් අවතැන් වූ පවුල් 64කට අයත් 264 දෙනකු ආරක්ෂිත ස්ථාන 4ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.මෙම ආපදා තත්වයෙන් නිවාස 117කට අර්ධ හානි සිදුව, තවත් නිවාස 2ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.මින් වැඩිම පීඩාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 4,608කට අයත් 19,585 දෙනකු පීඩාවට පත්ව ඇතැයි කොඩිප්පිලි මහතා කීවේය. 
වැස්සෙන් හතරක් මරුට 21 දහසක් අවතැන්
1
hp_train_1468
(ජේ.කේ.එල් චාමින්ද)මහ මුහුදේදී හදිසියේ රෝගි වූ ධීවර කාර්මිකයකු ගොඩබිම වෙත රැගෙන විත් වෛද්‍ය ප්‍රථිකාර සඳහා අද (15) කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව නාවික හමුදාව පවසයි.මෙම ධීවර කාර්මිකයා  ඇතුළු ධීවරයින් පිරිසක් මීගමුව, ධීවර වරායෙන්  ජූලි මස 26 වන දින‘චතුමිණි 1’ නැමති බහුදින ධීවර යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි.ධීවරයෙකු රෝගිව සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව රෝගියා රැගෙන ඒම සඳහා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නෞකාව පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 155 ක් පමණ වූ දුරකදි රෝගියා නිරුපද්‍රිතව නෞකාව වෙත ලබා ගෙන රෝගියා හට මූලික වෛද්‍ය ප්‍රථිකාර ලබා දීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා එම රෝගියා ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා ‍වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වෙත ලබා දෙන ලදී.ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කළ බව නාවික හමුදාව පවසයි.
මහ මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට
1
hp_train_1469
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මද වැසි ඇතිවන අතර බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වල  ස්ථාන කිහිපයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 08/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35249050ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව31268575ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ33269065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල33259055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය33228055ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර33219055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය23109565සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය36249555සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය33268060ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම33259065ප්‍රධාන වශයෙන් වැසි රහිත                   
‘ඉදිරියටත් වැස්ස නෑ‘
0
hp_train_1470
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)දිවා කාලයේ නිවස්  වලට ඇතුළු වී  ස්වර්ණාභරණ සහ මුදල් සොරකම් කළ සැකකරුවෙකු බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඒ.එම්. එස්  මැණිකේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු  ඔක්තෝබර්  31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (20) දා නියෝග කළාය.බලන්ගොඩ ඇල්ලෙඅරාව නාකැටිය ප්‍රදේශයේ පදිංචි  22 හැවිරිදි සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ස්වර්ණාභරණ සොරකම් කළ අයෙක් රිමාන්ඩ්
1
hp_train_1471
(එම්.සුසිල් ප්‍රියන්ත)       තෙවැනි වරටත් අයවැයට ඡන්දයක් ඉල්ලා පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීමත් සමගම අද(19 ) පැවති අම්බලන්ගොඩ මාසික සභා රැස්වීම උණුසුම් විය.             මීට පෙර පැවති සභා රැස්වීම් දෙකේදී මෙන්ම මෙවර සභා රැස්වීමද අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතාට සභාව කල් දැමීමට සිදුවිය. ගිය අවස්ථා දෙකේදී සති දෙකකින් කල් දැමුණු සභා රැස්වීම අද (19) පස්වරු 2.00 දක්වා කල් දැමීය.      මාසික සභා රැස්වීම නීතී විරෝධී සභා රැස්වීමක් යයි කියමින් පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු 12දෙනෙක් කෑකෝ ගැසූහ. සභා රැස්වීම නීත්‍යනුකූලනම් අය වැය සභා සම්මතකර ගත යුතු යැයි  පාලක පක්ෂයේ මන්ත්‍රී සරත් ශ්‍රී ලාල් මහතා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 12ක් කෑකෝ ගසමින් කියා සිටියහ. දිගින් දිගටම සභාවේ වැඩකටයුතුවලට බාධා කරමින් සිටි මේ මන්ත්‍රීවරුන්ගේ පිරිසට මාසයක් සභා රැස්වීම තහනම් කරන ලෙස සභාපති අරුණ ප්‍රදීප්  මහතා  විසින් යෝජනා කෙරුණත් එය ක්‍රියාත්මක නොකෙරුණි.    සභාපති අරුණ ප්‍රදීප් මහතා ඇතුළු පාලක පක්ෂයේ මන්ත්‍රීවරු 10දෙනා අය වැය සදහා ඡන්දයක් අනවශ්‍ය බව කීහ. අය වැය සදහා ඡන්දයක් නොවිමසා සභාවේ ගෙවීම් ඇතුළු අනෙක් යෝජනා සදහා සභාපතිවරයා ඡන්ද විමසීම හාස්‍යට කරුණක් බව කී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීනි ඩබ්ලිව්.එම් .නිලානි මෙනවිය කීවාය.මේ සමගම සභාපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ ගෙවීම් ඇතුලු අනෙක් යෝජනාවලට බහුතරයක් වූ මන්ත්‍රීවරු විරුද්ධවෙමින් ඒ සදහා ඡන්දවිමසීමේදී එම යෝජනා වැඩි ඡන්දයෙන්  පරාජය කිරීමට සමත්වූහ.       මේ අනුව සභාවේ අනියම් සේවකයින්ට රුපියල් 4000ක අත්තිකාරම් මුදලක් ලබාදීමේ යෝජනාව ද වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි උණුසුම් වාග් ප්‍රහාරයන් මධ්‍යයේ සභාව රැස්වීම අද (19) පැවති මාසික සභා රැස්වීම පස්වරු 2.00 දක්වා සභාපති අරුණ ප්‍රදීප් මහතා මහතා කල් දැම්මේය.
ප්‍රතිපාදන කතාවකින් බෝපෙ ප්‍රා සභාව උණුසුම් වෙයි
0
hp_train_1472
(නිමල කොඩිතුවක්කු)බිම් මට්ටමේ සිට පක්ෂ නායකත්වය දක්වා සියලු නායකයන් මරා දැමූ අවස්ථාවක පක්ෂ නායකත්වය බාරගත් තමා ඊළඟ ජාතික මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.එළැඹෙන ජාතික මැතිවරණයෙන් තමා හදන්නේ වසර 20ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඊට අදාළ දෙවැනි පෙළ නායක කණ්ඩායම මේ වනවිටත් හදා ඇතැයි ද කියා සිටියේය.ශ්‍රී ලංකාවේ ඊළඟ වසර 20ම බලයේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යයි ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.“එක්සත් අපේ මැයි දිනය - පරිණත නායකත්වයට නව ජවයක්” තේමාව යටතේ එත්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය පැවැත්විණි.දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත් වූ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ හැම ගමකම ‘පුංචි සිරිකොත’ බැගින් පිහිටුවීමේ වැඩ කටයුතු ඉදිරි මාස 18 තුළ සම්පූර්ණ කරන බවය.එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.බලාපොරොත්තු වූවාටත් වඩා විශාල ජනතාවක් අද දින එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට පැමිණීම පිළිබඳව මා සතුටට පත් වෙනවා. ඒ වගේම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩකඩ නැතිකම නිසා පිටත රැඳී සිටින ජනතාවට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේතරම් විශාල ජනතාවක් අපේ මැයි රැලිය සඳහා සහභාගි වන බව දැන සිටියා නම් අප තෝරා ගන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය නොව, සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයයි. එක්සත් ජාතික පක්ෂයත්, යහ පාලන ආණ්ඩුවත් ගැන පූර්ණ විශ්වාසය සහ බලාපොරොත්තු තබා සිටින ඔබ සියලු දෙනාට මා ස්තූතිවන්ත වෙනවා. ශාලාවෙන් පිටත රැඳී සිටින හතර ගුණයක් පමණ වන ජනතාවගෙන්, වෘත්තිය සමිති සහ පක්ෂය වෙනුවෙන් මා නැවතත් සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ ඔබේ පැමිණීම පිළිබඳව මගේ ස්තූතිය පිරිනමනවා. ඒ වෙනුවට අපට අවශ්‍ය වුණේ කම්කරුවාට උපහාරයක් වන ආකාරයේ මැයි දින රැලිය පැවැත්වීමටයි. විශිෂ්ට සංවිධානයකින් යුතුව මැයි රැලිය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට ස්තූතිවන්ත වෙනවා. අද දිනයේ නියමාකාරයෙන් කම්කරුවාට ප්‍රණාමය පුද කළා. කිසිවකුත් ඒ පිළිබඳව ගැටලුවක් ඇති කර ගත යුතු නැහැ. අප මෙවැනි මැයි දිනයක් සංවිධානය කළේ ඇයිදැයි බොහෝ දෙනා විමසනවා. ඒ සඳහා වන පිළිතුර ඉතා සරලයි. එනම්, ශ්‍රී ලාංකේය දේශපාලනයේ අලුතෙන් සිතන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය වීම ඊට පිළිතුරයි. ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට දෝෂාරෝපණය කළ නොහැකියි. දොස් පවරනවා නම් දොස් පැවරිය හැක්කේ, මේ ස්ථානයට ඇතුළු වීමට නොහැකිව පිටත රැඳී සිටින ජනතාවට පමණයි. රටේ කම්කරු දිනය සැමරීමේ සැබෑ අයිතිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ආදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරුන් යටතේ කම්කරු ප්‍රජාව විශාල ප්‍රමාණයකින් වර්ධනය වුණා. ඩී.එස්. සේනානායක මැතිතුමා අපේ රටට නිදහස ලබා දුන් පළමු නායකයායි. එතුමා නිදහස දිනා ගන්නා කාලයේ ශ්‍රී ලංකාවේ තිබුණේ කෘෂිකාර්මික ආර්ථිකයි. ජනතාවගෙන් බහුතරය ජීවත් වුණේ ග්‍රාමීය ප්‍රදේශවලයි. නමුත් පසු කාලීනව නිදහස් අධ්‍යාපනය ඔස්සේ තරුණ තරුණියන් අධ්‍යාපනය ලබා ගැනීමට යොමු වුණා. ඉන් පසුව ඔවුන් රැකියා අවස්ථා බලාපොරොත්තු වුණා. 1956 සිට පැවැති ආණ්ඩුවලට රටේ කර්මාන්ත ඇති කිරීමට නොහැකි වුණා. ශ්‍රී ලංකාවේ පළමු කර්මාන්ත ශාලා කිහිපය ඇති කළේ එක්සත් ජාතික පක්ෂ රජය යටතේයි. ඉන් පසුව බලයට පැමිණි අනෙකුත් ආණ්ඩු කම්කරුවන් පිළිබඳව කෙතරම් කතා කළත් 1956 ත්, 1977 ත් අතර කාලය තුළ රටේ කම්කරු ප්‍රජාවේ වර්ධනයක් වුණේ නැහැ. රටේ ආර්ථිකය විවෘත කරමින් අපනයන කර්මාන්ත ඇති කිරීමටත්, දේශීය කර්මාන්ත ආරම්භ කිරීමට ඇති සීමා ඉවත් කිරීමටත් අප තීරණය කළේ ඉන් පසුවයි. ඒ වගේම නව කර්මාන්ත සඳහා බදු සහන දීමටත් අප කටයුතු කළා. ඉන් පසුව රට තුළ විශාල වශයෙන් කර්මාන්ත ශාලා ඇති වුණා. කර්මාන්ත ශාලා පමණක් නොව, වෙළෙඳ අංශය, සංචාරක කර්මාන්තය ආදියත් දියුණුවට පත් වුණා. ඒ හරහා රටේ සේවා අංශ දියුණු වුණා. අනතුරුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ධුර කාලයේත්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළත් ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය ගෙන ඒමට හැකි වුණා. ඒ වගේම වරාය දියුණු කිරීමේ කටයුතු ද කළා. ඒ අනුව වැටුප් ලබන සේවක සංඛ්‍යාවේ වර්ධනය ඇති වුණේ එක්සත් ජාතික පක්ෂ යුගවල දී බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දළ දේශීය නිෂ්පාදනය තුළ කෘෂිකර්මාන්තයට වඩා වෙනත් අංශවලට ඉඩක් ලැබුණා. කර්මාන්ත, සේවා සහ වෙළෙඳ අංශ තුළ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය වුණා. ඒ වගේම අපනයන කර්මාන්තය ඇති කිරීමටත් අපට හැකියාව ලැබුණා. පුද්ගලික අංශයේ සේවකයන් ශක්තිමත් කිරීමට අපට හැකි වුණා. සේවානියුක්තිකයන්ගේ භාර අරමුදල ඇති කළා. නව කම්කරු නීති සම්පාදනය කළා. මේ සියලු දේ කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා වෙන කාටවත් වඩා කම්කරු දිනය සැමරීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂය සතු බව කිව යුතුයි. අද බොහෝ දෙනා පෙළපාළි, උද්ඝෝෂණ කරන්නේ අප කර්මාන්ත ශාලා ඇති කර තිබෙන නිසයි. ඒ වගේම ගම්මානවල ඇඟළුම් කර්මාන්ත ශාලා 200ක් ඇති කර තිබෙන නිසයි. රට පුරා හෝටල් ව්‍යාපෘති ආරම්භ කළ නිසයි. වර්තමානයේ සෑම කම්කරුවකුගේම නිවසේ රූපවාහිනී යන්ත්‍රයක්, ශීතකරණයක් ආදී අවශ්‍ය උපකරණ බොහෝ දෑ තිබෙනවා. එසේ නම් අප කම්කරුවාගේ අතට මුදල් ලැබෙන ආකාරයට කටයුතු කළා. ඔවුන්ට ආදායම් මාර්ග ඇති කර දුන්නා. ඒ අනුව පළමු වතාවට කම්කරු ජනතාවට මධ්‍යම පන්තියට පිවිසීමේ දොරටු විවෘත කරදීමට අපට හැකි වුණා. අද කම්කරුවාට පහසුකම් අප දී තිබෙනවා. කම්කරුවාගේ දරුවාට අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසුවා. ඔවුන් අද වෛද්‍ය පීඨ හෝ නීති පීඨවල හෝ අධ්‍යාපනය ලබනවා. සියලු දේ ඉටු කළේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් නොව, එක්සත් ජාතික පක්ෂය බව කිව යුතුයි. 1994 වසරේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු පැවැතියා. ඒ ආණ්ඩු හරහා රටේ ඇති වූ දියුණුව කුමක්ද? රටේ කර්මාන්තකරණය ඇති වුණා ද? ඔවුන් යටතේ ඇති වූ එක් විශාල කර්මාන්ත කලාපයක් පෙන්විය හැකි ද? අප ඇති කළ සීතාවක වෙළෙඳ කලාපයෙන් පසුව එක් වෙළෙඳ කලාපයක් හෝ ඇති කිරීමට ඔවුන් කටයුතු කළේ නැහැ. ඔවුන්ගේ පාලනය කාලය තුළ රට වෙනුවෙන් කළේ කුමක්ද? අවසානයේ ඔවුන් රටේ විශාල ඒකාධිපති පාලනය ඇති කළ බව නම් අප දන්නවා. ඒ මහින්ද රාජපක්ෂ රෙජීමයයි. සියලු දෙනා එකතු වී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ රෙජීමයට බිය වුණේ නැහැ. රාජපක්ෂ රෙජීමයට විරුද්ධ, ප්‍රජාතන්ත්‍රවාදයට කැමති සියලුම දෙනා සමග කටයුතු කිරීම සඳහා ඔබ මට අනුමැතිය එදා දුන්නා. ඒ අනුව සියලු දෙනා එකතු වුණා. ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් අප ඉදිරියට ගියා. ඉන් පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවශ්‍ය බහුතරය ගැනීමට අපට නොහැකි වුණා. ඒ නිසා අප ජාතික ආණ්ඩුව ඇතිකර ගත්තා. ඒ තුළ විවිධ අදහස් ඇති අය සිටිය ද අප ඉදිරියටම යනවා. ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක වෙනුවෙන් විවිධ මත පළ වී තිබුණා. එක් අන්තයක ජනතා විමුක්ති පෙරමුණත්, තවත් අන්තයක ද්‍රවිඩ ජාතික සංධානය සහ වෘත්තීය සමිතිත් සිටියා. නමුත් එක්සත් ජාතික පක්ෂය සියලු දෙනා එකතු කර ගනිමින් පොදු අපේක්ෂක ඉදිරිපත් කළා. ඉන් පසුව අප ආණ්ඩුව පිහිටුවා ගත්තා. ඒ ආණ්ඩුව තුළ විවිධ අදහස් ඇති බව අප පිළිගන්නවා. අප පළමුවෙන් ක්‍රියා කළේ රාජපක්ෂ බිය තුරන් කිරීම සඳහායි. සුදු වෑන් තර්ජන ඉවත් කරමින් මාධ්‍ය නිදහස දීමට මා කටයුතු කළා. අද මට මාධ්‍යයෙන් පහර ගසන ආකාරයට එදා මහින්ද රාජපක්ෂට පහර ගැසුවා නම් ඔවුන් සියලු දෙනා අද සිටින්නේ කනත්තේ බව කිව යුතුයි. කෙසේ වුවත් මාධ්‍ය මගින් සෑම දිනකම පහර ගැසීමත් මා ශුභවාදීව දකිනවා. එවිට වස් දොස් පහව යනවා. නමුත් ප්‍රමාණය ඉක්මවා මට පහර ගැසුවොත් ඒ මාධ්‍ය ආයතනය සතු ජනතා ආකර්ෂණය දිනෙන් දින අඩු වන බවත් මතක තබා ගැනීම හොඳයි.අද ජනතාවට බියක් සැකක් නැතිව ජීවත් වීමට හැකියාව ලැබිලා. අපේ ජනාධිපතිතුමා අද ලොව පුරා සංචාරය කරනවා. ලෝකයේ රටවල් අද අපව පිළිගන්නා තත්ත්වයට පැමිණ තිබෙනවා. කිසිදු ජාත්‍යන්තර රටක් අපට විරෝධය පළ කරන්නේ නැහැ. ඔවුන් ශ්‍රී ලංකාව විශේෂ කර සලකනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පිළිගන්නවා යයි පැවසීමට අධික වියදමක් දැරීමට වන  “චෝගම්” වැනි උත්සව පැවැත්වීමේ අවශ්‍යතාවය අද නැහැ. එය ඔප්පු විය යුත්තේ අප ජාත්‍යන්තරයට යන විටයි. අප එය ඉටු කළා. අද අපට ලෝක සහයෝගය ලැබෙනවා. ශ්‍රී ලංකාව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය විට කිසිදු රටක් විරෝධය දක්වන්නේ නැහැ. අද ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නගන්නේ සරත් වීරසේකර සහ ලන්ඩනයේ සිටින ද්‍රවිඩ සංවිධානය පමණයි. වෙන කිසිවකුත් ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ නැහැ. ලෝකයේ කොන් වී තිබු ශ්‍රී ලංකාව අප අද ඒ තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. රට තුළ නිසි පාලනය ඇති කළා. නීතිය අකුරට අද ක්‍රියාත්මක කරනවා. අපේ රට මුහුණ පා සිටින විශාලතම ගැටලුව නම් රාජපක්ෂ පාලන සමයේ ලබාගත් අති විශාල ණය කන්දරාවයි. ලබාගත් ණය සඳහා පොලිය ගෙවීමටවත් එදා මුදල් තිබුණේ නැහැ. 2016 - 17 කාලය තුළ දී ණය ගෙවීමට හැකි පරිදි රටේ ආර්ථිකය සකස් කළා. දැන් අපට අඩුම වශයෙන් රටේ ආදායමින් ණය ගෙවීමටවත් හැකි තත්ත්වය ලැබීලා. රටේ ආර්ථිකය කඩා වැටුණා නම් ඔබ ජීවත් වන්නේ කෙසේ ද? රට තුළට කිසිඳු භාණ්ඩයක් ආනයනය කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ජංගම දුරකථන, ගෘහ භාණ්ඩ, ආහාර මේ කිසිඳු නිෂ්පාදනයක් රටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එවිට ඔබ ජීවත් වන්නේ කෙසේද? නමුත් ඉතා අපහසුවෙන් රටේ ආර්ථිකය මා නැවත ගොඩ නැගුවා. ඇතැම් අවස්ථාවල ආදායම් ඉහළ දැමීම සඳහා බදු වැඩි කිරීමට වුණා. ණය ගෙවීම, ලෝකයේ පිළිගැනීම ලැබීම, අනාගත පරම්පරාව ණය බරින් නිදහස් කිරීම යන අරමුණු ඇතිව මා ආර්ථිකයත්, රටත් සංවර්ධනය කළා. ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ගත්තා. ඒ හරහා ඇඟලූම් කර්මාන්තයත්, ධීවර කර්මාන්තයත් නැවත දියුණු කිරීමේ හැකියාව ලැබුණා. ලෝකයේ අපනයන වෙළෙඳපොළට පිවිසීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙය ආරම්භය පමණයි. මේතරම් වැඩ කොටසක් කර තිබිය දී ඇතැමුන් අපේ ආණ්ඩුව රට වෙනුවෙන් කරන්නේ මොනවාදැයි විමසනවා. අප රට වෙනුවෙන් කර ඇති විශාල කාර්ය භාරය ගොඩනැගිල්ලක් ඉදි කරනවා මෙන් ජනතාවට නොපෙනන බව මා දන්නවා. එය රාජපක්ෂ ආණ්ඩුව සමයේ අඩක් නිම කළ ගොඩනැගිලි මෙන් පෙනෙන්නේ නැහැ. තවමත් වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල මෙන් ජනතාවට නොපෙනෙන බව දන්නවා. නමුත් අපේ කාර්ය භාරය වූයේ විශාල ණය උගුලෙන් රට බේරා ගෙන ඉදිරියට යාමයි. ආයෝජකයන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය මා ගොඩ නැගුවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජන ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා වුණා. ඒ වගේම වැඩිම අපනයන ප්‍රමාණයත් පසුගිය වසරේ වාර්තා වුණා. මේ වසරේ දී එය තවත් වර්ධනය කර ගත හැකියි. අපට දෝෂාරෝපණ එල්ල වන බව දන්නවා. නමුත් මේ ස්ථානයට පැමිණියේ රටේ අහිංසක තරුණ තරුණියන්ට අනාගතය නිර්මාණය කර දීමටයි. ඔවුන්ට අනාගතය ඇති කර දිය යුතුයි. ඔවුන්ව රැවටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. හම්බන්තොට වරාය ඔවුන් ඉදි කළද එහි ණය පියවා ගැනීමට ක්‍රමවේදය තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ ණය ගෙවූ පසු දැන් බොරුවට දෝෂාරෝපණය කරනවා. ඔවුන්ට හම්බ කිරීමට හැකියාව නැති නිසා ඔවුන්ම ඉදි කළ හම්බන්තොට වරායට දැන් චෝදනා කරනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දී ඔවුන් සියලුම ඉඩම් චීනයට සින්නක්කරව විකුණා දැම්මා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ඒ ඉඩම් 99 අවුරුද්දකට බදු පදනම යටතේ පමණක් දීමට මා කටයුතු කළා. වරාය නගරයට අනාගතය ඇතිවී තිබෙන්නේ අපේ ආණ්ඩුව යටතේ බව වරාය නගර ව්‍යාපෘතිය බාර සමාගම දැන් පවසනවා. අමාරු කාලවල දී ඒ ප්‍රශ්නවලට මුහුණ දීමටත්, ඒ වෙනුවෙන් ජනතාවගෙන් දෝෂාරෝපණයට ලක්වීමටත් වෙනවා. 2017 වසරේ ඉහළ ආර්ථික වර්ධනය අප බලාපොරොත්තු වුණා. නමුත්, ඒ වසරේ දී විශාල ගං වතුරකට, නියඟයකට සහ කුණු කන්ද නාය යාමේ ඛේදවාචකයටත් මුහුණ දීමට සිදුවුණා. බොහෝ අය සිතුවේ මේ ස්වභාවික ව්‍යවසන හේතුවෙන් රටේ ආර්ථිකය අඩපණ වන බවයි. නමුත් අපහසු අවස්ථාවල අපේ රජය අනුගමනය කළ පියවර නිසා ආර්ථිකය බිඳ වැටීමකට ලක් නොවී පවත්වා ගැනීමට හැකි වුණා. ගංවතුර, නියඟය හේතුවෙන් රටේ කෘෂි නිෂ්පාදන පහත වැටුණා. බඩු මිල ඉහළ ගියා. ඒ වගේම පොහොර හිඟය ද ඇති වුණා. මේ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවෙන් මා කණගාටුව ප්‍රකාශ කරනවා. මේ ගැටලු නිසා එක්සත් ජාතික පාක්ෂිකයාට ගම් මට්ටමේ දී චෝදනා එල්ල වූ බවත් අප දන්නවා. ඒ සම්බන්ධයෙන් මා සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ අවසානයේ දී සියල්ලට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණියා. අපට ඒ ශක්තිය හා විශ්වාසය තිබෙනවා. මහින්ද රාජපක්ෂට 2014 වසරේ තමා ගත් ණයවල පොලිය ගෙවීමටවත් මුදල් තිබුණේ නැහැ. ඔහු ගත් ණයවලට වැඩිම පොලී ප්‍රමාණය ගෙවීමට තිබෙන්නේ 2018 - 2019 කාලවලදීයි. ඒ සඳහා අප සූදානම් බවත් පැවසිය යුතුයි. හම්බන්තොට වරායේ සියලු ගෙවීම් ගෙවා අවසානයි. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවතුණේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. ඒ කාලය වන විට බඩු මිළ ඉහළ යෑම, පොහොර හිඟය ඇති වීම ආදී කාරණා නිසා අපට පසුබෑමකට ලක්වීමට සිදු වුණා. නමුත් ඒ මැතිවරණය පසුගිය මැයි මාසයේ දී පමණ පැවැත් වුණා නම් එක්සත් ජාතික පක්ෂය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරනවා. එය අපට අවාසනාවන්ත කාලය වුණා. සියලුම පළාත් පාලන ආයතනවල මැතිවරණ එක් දිනක දී පැවැත් වීමට අවශ්‍ය වුණා. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඇතැම් බලාපොරොත්තු ඉටු කර තිබුණේ නැහැ. දේශපාලන පළිගැනීම්, රැකියා දීමේ ගැටලු ආදිය තවමත් තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනවල අපේ මන්ත්‍රීවරුන් දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීමට අපට වනවා. තවත් මාස 18ක් ඉදිරියට යාම සඳහා අපට ඉතිරිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම මා සැකසුවා. දැන් ඉතිරිව තිබෙන්නේ ඉදිරියට යාමයි. පසුගිය 70 වැනි සංවත්සරයේ දී මා දුන් පොරොන්දුව ඉටු කළා. ඒ එක්සත් ජාතික පක්ෂයට නව නායක පරපුර ඇති කිරීමේ පොරොන්දුවයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පක්ෂය වෙනුවෙන් නායකයන් තිදෙනෙකු පුහුණු කළා. ඒ සියලු දෙනා රටට අහිමි වුණා. ඒ නායකයන් තිදෙනාට අමතරව මමත් කටයුතු කරමින් සිටියා. එය සරළව කියනවා නම් වාහනයක අමතර රෝදය වැනියි. නමුත් අවසානයේ මා පක්ෂ නායකත්වයට පත් වුණා. එදා මා පිටුපසින් කිසිවෙකුත් සිටියේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට වන්නේ කුමක්දැයි 1994 දී ඇතැම් අය විමසුවා. මගෙන් පසුව පක්ෂය ඉදිරියට යාමක් නැති බව කියා සිටියා. පක්ෂයේ ප්‍රධාන පෙළෙහි නායකයන් පමණක් නොව, දිස්ත්‍රික් සහ ග්‍රාමීය මට්ටමේ නායකයන් ද පක්ෂයට අහිමි වුණා. බිම් මට්ටමේ නායකයාගේ සිට පක්ෂ නායකයා දක්වා සියලුදෙනා ඝාතනය වුණා. මේ ස්ථානයේ සිටින බොහෝ පිරිසකගේ ඥාතීන් ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා. ඔවුන් වෙනුවෙන් අවුරුදු 20 ක් තුළ ඉටු කිරීමට නොහැකි වූ සේවා තිබෙනවා. හවුල් ආණ්ඩුව යටතේ කඩා වැටුණු ආර්ථිකය නැවත නගා සිටුවීමට අපට හැකි වුණා. කෙසේ නමුත් 2002 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ඉටු කිරීමට නොහැකි වූ සියලු දේ ඔබ වෙනුවෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍ය වන්නේ වසර 5 ක් පමණ බලයේ පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නොවෙයි. මට අවශ්‍ය වන්නේ වසර 20 - 30 ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ නායකත්වය මට ඉදිරියටත් දැරීමට නොහැකියි. එක්සත් ජාතික පක්ෂය සඳහා නව නායකත්ව මණ්ඩලය ඇති කළේ ඒ නිසයි. 2017 දී පළාත් පාලන මැතිවරණයෙන් පසු මේ වෙනස ඇති කිරීමට මා බලාපොරොත්තු වුණත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබුණේ 2018 වසරේදීයි. මේ වන විට නව නායකයන් පිරිස තෝරා ගෙන තිබෙනවා. ඉදිරියේ දී තවත් පිරිසක් තෝරා ගැනීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ ප්‍රතිසංවිධානයට ලක්කර ඉදිරි වසර 20 පුරාම බලයේ සිටීමට හැකි එක්සත් ජාතික පක්ෂය මා නිර්මාණය කරනවා. ඒ විශාල වැඩ කටයුත්ත මා ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපති මලික් සමරවික්‍රම මැතිතුමාටත්, හිටපු මහ ලේකම් කබීර් හෂීම් මැතිතුමාටත් ඔවුන්ගේ සේවාව වෙනුවෙන් ප්‍රණාමය පුද කරනවා. අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් කබීර් හෂීම් මැතිතුමාට මැයි රැලියට සහභාගි නොවන ලෙස ඊයේ එතුමාට උපදෙස් දුන්නා. සියලූ දෙනා එක්වී වැඩ කළ යුතුයි. කණ්ඩායම ලෙස වැඩ කිරීමට දක්ෂ විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය එසේ කණ්ඩායම ලෙස වැඩ කරනවා නම් වසර 20 ක් බලයේ සිටීම අපහසු කටයුත්ත නොවෙයි. නමුත් තනි තනිව කටයුතු කරනවා නම් පක්ෂයට ඒ ගමන යාමට නොහැකියි. ඒ නිසා පළමුවෙන්ම කණ්ඩායම ලෙස වැඩ කිරීම තේරුම් ගත යුතුයි. පක්ෂය ජයග්‍රහණය කරවීම මේ ශාලාවේ සිටින ඔබ සියලු දෙනාටම බාරයි. මීට පෙර පැවැති ආකාරයට සෑම ගමකම පුංචි සිරිකොත බිහි කිරීම මගේ අරමුණයි. 1976 දී මා කැලණිය ආසනයේ සංවිධායකවරයා ලෙස ආසනය පුරා යද්දී ගමේ ඇතැම් ගෙවල් හැඳින් වූයේ පුංචි සිරිකොත ලෙසයි. වර්තමානය වන විට නවීන තාක්ෂණය සහ ජංගම දුරකථන නිසා එය තවත් පහසුයි. ජංගම දුරකථනය හරහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත කාර්යාලය සමගින් සම්බන්ධ වීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ කාලයේ පක්ෂ සංවිධාන වැඩ සදහා තිබුණේ  “සියරට” පුවත් පත පමණයි. එසේ නම් අද සිට  “පුංචි සිරිකොත” නිර්මාණය කිරීමේ වැඩ කටයුත්ත ආරම්භ කිරීමට කැප වෙමු. සමෘද්ධි අමාත්‍යාංශය බාර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ අමාත්‍යාංශයේ මීට පෙර පැවැති වැරදි නිවැරදි කිරීමට සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් නව ක්‍රමවේදය වුවත් ඇති කළ හැකියි. සමෘද්ධි අමාත්‍යාංශයේ සම්පූර්ණ සංඛ්‍යා ලේඛන ඊයේ දිනයේ දී මට ලැබුණා. මාස 12 ක කාලයක් සඳහා සමෘද්ධි අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 25 ක මුදලක් වෙන් කර තිබෙනවා. නමුත් පළමු මාස තුන තුළ දී ඔවුන් බිලියන 13 ක් වියදම් කරලා. ඒ අනුව මාස තුනක් ඇතුළත දී මුළු මුදලින් සියයට 53ක් වියදම් කර තිබෙනවා. මාස තුනක් ගත වන විට වියදම් කළ යුත්තේ 25% ක් පමණයි. එසේ නම් අනෙක් මුදල්වලට වූයේ කුමක්ද? ඒ නිසා මුදල් අමාත්‍යාංශයටත්, මගේ කාර්යාලයටත්  මා එහි කටයුතු බාර දුන්නා. සමෘද්ධි බැංකු කිසිවෙකුගේත් අධීක්ෂණයට ලක් නොවූ ආයතනයයි. සේවක අර්ථ සාධක අරමුදල, මහා භාරකාර අරමුදල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි යටතේ පාලනය වෙනවා. නමුත් සමෘද්ධි බැංකුව පාලනය කිරීම සඳහා කිසිදු රෙගුලාසියක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව සොයා බලා එය මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට ගන්නා ලෙස මා උපදෙස් දුන්නා. රටේ අනෙකුත් සියලුම බැංකු මහ බැංකුව යටතේ පාලනය වුණත් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතේ පාලනය නොවීම විශාල ගැටලුවයි. ඉදිරියේදී සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නා බව මා මේ අවස්ථාවේ පවසනවා. ඉදිරියේ දී මේ වැඩ කටයුතු සාධාරණ ලෙස කරන බවත් පැවසිය යුතුයි. උපාධිධාරීන්ට රැකියා දීම ආරම්භ කරනවා. ඒ සම්බන්ධයෙන් මා අමාත්‍යාංශවලට උපදෙස් දෙනවා. ඒ වගේම උපාධිධාරී නොවන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් පිරිසටත් රැකියා දීමට කටයුතු කරනවා. සියලු දේ කරන්නේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහායි. අපට ජයග්‍රහණය කළ හැකියි. පොහොට්ටුව යනු දේශපාලන පක්ෂයක් නොවන බව ඔබ අවබෝධ කර ගත යුතුයි. ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ලැබූ පරාජය පිළිගෙන ඒ සඳහා හේතු සොයා ගනිමින් ඉදිරියට යා යුතුයි. 2014 වසරේ දී අප්‍රේල් මාසයේ දී එක්සත් ජාතික පක්ෂය සිටියේ මීටත් වඩා පහළ මට්ටමකයි. 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් එක්සත් ජාතික පක්ෂයට රටේ අග්‍රාමාත්‍යධුරය ලබා ගැනීමට හැකි වෙතැයි කිසිවකුත් සිතුවේ නැහැ. අප ඒ වෙනුවෙන් වෙහෙස වී වැඩ කළා. ආණ්ඩුවට ඉදිරියට මාස 18 කාලය ඉතිරි වී තිබෙනවා. රටේ දේශපාලනික වශයෙන් අනාගතය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. අනාගත නායකයන් නම් කර තිබෙන වෙනත් කිසිම දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ නැහැ. වසර 20 - 25 ක් ඉදිරියට යා හැකි නායකත්ව මණ්ඩලය අපට සිටිනවා. රට ස්ථාවර භාවය කරා ගෙන යාමේ හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒ නිසා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සියලු දෙනාගේ එකමුතුවෙන් කරමු යයි මා අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා යැයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා:-  “යහපාලන රජයේ අප රාජ්‍ය බලය අතට ගෙන විශාල වැඩ කොටස මේ වනවිට කර තිබෙනවා. වැටුප් වැඩි කර රාජ්‍ය සේවකයන්ට දුන් මේ අගය ඓතිහාසිකයි.අප බලයට පත්වෙලා ජීවන බර පහත හෙලුවා. ඉන්ධනවලට පනවා තිබූ දුෂිත බදු ඉවත් කර කම්කරුවන්ටත්, ජනතාවටත් සහන දුන්නා. රාජ්‍ය භීෂණය, රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කර 2015 ජනවාරි 08 වැනිදා අප ලැබුවේ උතුම් ජයග්‍රහණයයි. අප එය පණටත් වඩා රැක ගත යුතුයි.අගමැතිතුමාට තිබෙන්නේ අපට කොළ එළියක් පෙන්වන්න විතරයි. ජනතාවගේ බඩට කටට දැනෙන සේවාවක් කරන්න එක්සත් ජාතික පක්ෂයේ අප ලෑස්තියි. මෙතැනට ඇවිත් තිබෙන්නේ කොළ පාට ලේ තිබෙන එක්සත් ජාතික පාක්ෂිකයිනුයි. අපට තවදුරටත් බල බල ඉන්න බැහැ. අපට තැන ලැබුණේ ජනතාව නිසයි. පාලකයන් දැන් ජනතාව දෙස බැලිය යුතුයි. සහන, සංවර්ධනය, රැකී රක්ෂා දෙමින් පොඩි මිනිසා සුරැකීම සඳහා බඩ කට පිරෙන්න බෙදීම තමයි අද දවසේ අප කළ යුත්තේ.වර්තමාන ආණ්ඩුවේ ආයුෂ තියෙන්නේ මාස 18ක් පමණයි. එක්කෝ අප හැරෙන්න ඕනෑ. නැතිනම් භාර ගන්න ඕනෑ. අවුරුදු ගණනක් විපක්ෂයේ හිටපු අපට හැරෙන්න බැහැ. අගමැතිතුමා කිව්වා වගේ තව අවුරුදු 20ක් 30ක් ආණ්ඩු බලය ගෙන යන තැනට අප හැදෙන්න ඕනෑ.ඊළඟ අයවැයෙන් පොහොර නොමිලේ දීමට පුළුවන් ද කියා බැලිය යුතුයි. ප්‍රේමදාස මහත්තයා දුන්න විදිහටම නිල ඇඳුම දෙන්න ඕනෑ කියා මා යෝජනා කරනවා.2020දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී එක නිල ඇඳුම් කට්ටලයක් වෙනුවට නිල ඇඳුම් කට්ටල දෙකක් සහ සපත්තු කුට්ටමක් දිය යුතුයි.අපේ පාක්ෂිකයන් ගුටි කෑවා. බැට කෑවා. ඉවසුවා ඇති. අපේම ජනාධිපතිවරයකු බිහි කර ගත යුතුයි. අපේ පාක්ෂිකයන් තෘප්තිමත් වුණේ නැතිනම් ඔළු ගෙඩි මාරු වුණාට, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වුණාට වැඩක් නැහැ. අපේ පාක්ෂිකයන් වෙනුවෙන් උපරිම තැනට වැඩ කිරීමට කැප වෙන තැනට අප මෙහිදී ප්‍රතිඥා දෙනවා.එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්‍ෂ වෘත්තීය කමිටු සමිති සභාපති සහ රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරාත්න  සහ  කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මිහු ද මෙහිදි කතා කළහ.විශාල පිරිසක් මැයි රැලියට සහභාගි වී සිටියහ.
ආණ්ඩුවට එරෙහිව ජනමතය පෙළගැස්මට කාලය ඇවිත්
0
hp_train_1473
කෝවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 05 දෙනෙකු අද (12 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 384 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මියගිය 05 දෙනාම පිරිමි අය වෙති.මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 408 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.10 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 936 කි.
කො‍රෝනා මරණ 450 ට නගී
0
hp_train_1474
(දිල්රුක්ෂි ග්‍රේරු ) ශ්‍රී ලන්කන් ගුවන් සේවය  ජුනි 01 වැනිදා සිට පාකිස්ථානයේ කරච්චි දක්වා යළි ගුවන් ගමන් අරැඹිමට  තීරණය කර ඇත. අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන  දිනයන්හිදි ගුවන් ගමන් සිදු  කරෙන අතරකරච්චි නුවරට පැමිණීම පස්වරු 3.10 ට  සිදුවන අතර  කරච්චි නුවරින් පිටත්වීම  පස්වරු 4.10 ට සිදුකෙරේ.පාකිස්තානයට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන් සමහරක් පාකිස්තානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පෙබරවාරි 27 වැනිදා අත්හිටුවා  තිබිණි. පකිස්ථාන ගුවන් සීමාවට සම්බන්ධ ඇතැම් සීමා කිරීම් දිගටම සිදු කෙරන අතර  ශ්‍රී ලන්කන්  ගුවන් සේවය යළි ආරම්භ කිරීම සඳහා සියලු සීමාවන් ඉවත් කරනු ඇතැයි  අපේක්ෂා කෙරේ.
කොළඹ සිට කරච්චියට ගමන්වාර යළි ඇරඹෙයි
1
hp_train_1475
(ඉන්දිකා රාමනායක) ජල බිල්පතේ අදාල මාසයට අදාල මුදල අඩුකර දීම සදහා කාන්තාවක ගෙන් රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් විශ්‍රාමික මනු කියන්නෙකු අද (6) කැලණිය නාතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් දුෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජල සම්පාදන මණ්ඩලයේ කඩවත උප ඒකකයේ මනුකියන්නෙකු වශයෙන් සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයකු බවද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණි   පද්මිණි වීරසුරිය මහත්මිය පැවසුවාය.පැමිණිලිකාරිණියේ නිවසට ලැබී ඇති සැත්තැම්බර් මසට අදාල බිල් පතේ අයවිය යුතු මුදල ජල මීටර් ඒකක 77 කින් අඩුකර කිරිම සදහා සැකකරු මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවද     අධ්‍යක්ෂවරිය පැවසුවාය.මේ සම්බන්ධයෙන් අදාල කාන්තාව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබිණි.සැකකරු පැමිණිලිකාරියගේ නිවසට පැමිණ මෙම අල්ලස් මුදල ලබාගත් අවස්ථාවේ    අල්ලස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු හෙට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජල බිල්පත අඩුකරන්න 5000 ක අල්ලසක් ඉල්ලයි
1
hp_train_1476
ප්‍රධාන වශයෙන් රට පුරා වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවන නමුත්  සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් අ‍‍පේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 06/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258050ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35258040ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ30268570වැසි ස්වල්පයක්ගාල්ල29268575වැසි ස්වල්පයක් ඇති විය හැකයාපනය32288060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29228065ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය18139075ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය31258060වැසි ස්වල්පයක් ඇති විය හැකත්‍රීකුණාමලය34258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31278575ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘වියළි කාලගුණය දිගටම‘
0
hp_train_1477
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල  වැසි ස්වල්පයක් ඇති වන බවත් නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක,  සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32258560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව32258570සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකකොළඹ30269570වැසි ස්වල්පයක්ගාල්ල28269080වැසි ස්වල්පයක්යාපනය32278570ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28219065වැසි ස්වල්පයක්නුවරඑළිය20139575වැසි ස්වල්පයක්රත්නපුරය31239075වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය33258060සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිමන්නාරම30278575වැසි ස්වල්පයක්
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
0
hp_train_1478
(ප්‍රසාද් රුක්මල් )ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් ඌව පළාත්  කෘෂිකර්ම උපදේශකවරු අද (8) ඌව පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ .ඌව පළාත් කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි .සුදුසුකම් ඇති කෘෂිකර්ම අධ්‍යක්ෂවරයකු නිසි ක්‍රමවේදයට පත් කරන ලෙස ඉල්ලන බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ පරිපාලනය හෙළා දකින බවත් විරෝධතාකරුවෝ කීහ.අනතුරුව විරෝධතාකරුවෝ ඌව පළාත් ආණ්ඩුකාරවරයාට,ප්‍රධාන අමාත්‍යවරයාට සහ පළාත් ප්‍රධාන ලේකම්වරයාට සංදේශ බාරදුන්හ.
ඌව කෘෂි අධ්‍යක්ෂකට එරෙහි උද්ඝෝෂණයක්
0
hp_train_1479
(යොහාන් භාසුර)රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් යාපනය කරෙයිනගර් දූපතේ පූමට්ටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 33 කට අධික බව ද නාවික හමුදාව කීය.    උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය රාත්‍රී කාලයේ යාපනය කරෙයිනගර් දූපතේ, පූම්මාටෙයි වෙරළ ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම වෙරළ ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂා කළ බවත් එම ඩිංගි යාත්‍රාවේ උර තුනක් තුළ පාර්සල් 49 ක කේරළ ගංජා කිලෝ 100 යි ග්‍රෑම් 85 ක පමණ තොගය සමඟ එම ඩිංගි යාත්‍රාව භාරයට ගත් බවත් නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.   
කෝටි 13ක කේරළ ගංජා මීගමුවෙන් අල්ලයි
0
hp_train_1480
  (රොමේෂ් මධුෂංඛ) උතුරු මුහුදු සීමාවට නීතිවිරෝධීව ඇතුළු වී යාපනය කෝවිලම් තුඩුව මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.උතුරු නාවික විධානයට අනියුක්ත වේග ප්‍රහාරක ‍මුර යාත්‍රාවක් මඟින් කෝවිලම් තුඩුවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුර මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව , ධීවර ආම්පන්න හා සන්නිවේදන උපකරණ ද  නාවික හමුදා බාරයට ගනු ලැබීය.අත්අඩංගුවට ගත් ධීවරයින් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් පසුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත බාරදීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
නීතිවිරෝධීව ආ ඉන්දීය ධීවරයන් 10 ක් අත්අඩංගුවට
0
hp_train_1481
ඩී.‍කේ.රත්නඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් දෝව රක්ෂිතයේ අද (21) අලූයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි පරබූ දේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.පවතින දැඩි සුළං තත්වය නිසා මෙම ගින්න සීගර‍වේයෙන් පරන් දේශය පුරා පැතිර ගොස් තිබෙන අතර මෙම ගින්න හටගැනීමත් සමඟ ඇල්ල පොලීසිය දියතලාව යුද හමුදා කඳවුරේ නිළධාරීන්ගේ සහ පරන් දේශවාසීන්ගේ සහයෝගය මත මෙම ගින්න නිවා දමා තිබේ.මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාක සහ ඖෂධ පැළෑටි රැසක් සහ වන සතුන් හා කෘමි වර්ග රැසක් විනාශ වෙන්නට ඇතැයි පරිසරවේදීහු කියති.කිසියම් පුද්ගලයකු විසින් සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 
දෙමටත්ආර රක්ෂිතයේ ගින්නකින් අක්කර 20 ක් විනාශයි
0
hp_train_1482
කොල්ලුපිටිය මහානාම විද්‍යාලයයේ නව විදුහල්පති ලෙස අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධරයකු වන ප්‍රසන්න උපශාන්ත මහතා පත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.මහානාම විද්‍යාලයයේ හිටපු විදුහල්පති විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව 2012 අප්‍රේල් මස සිට විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති සෙනරත් බණ්ඩාර මහතා වැඩ ආවරණය කළේය.රාජ්‍ය සේවා කොමිසම මගින් විදුහල්පතිවරයකු පත් කිරීම සඳහා සමූඛ පරීක්ෂණ පවත්වා පසුගිය ජූලි මාසයේ බස්නාහිර පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා  විදුහල්පති ලෙස පත් කළත් ඒ මහතා වැඩ බාර නොගැනීම නිසා සමූඛ පරීක්ෂණයේ දෙවැනි තැනට   ලකුණු ලබා සිටින ප්‍රසන්න උපශාන්ත මහතා පත් කර ඇත.මරදාන අශෝක විද්‍යාලයයේ විදුහල්පති ලෙස කටයුතු කරන උපශාන්ත මහතා බ්‍රහස්පතින්දා (24) පෙරවරු 10.30ට මහානාම විද්‍යාලයයේ වැඩ භාර ගැනීමට නියමිතය.1988 අධ්‍යාපන පරිපාලන සේවයට එක්වූ ඒ මහතා පින්නවල මධ්‍ය මහා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද,  කොළඹ රාජකීය විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස ද, ගුරු විද්‍යාල අධ්‍යක්ෂ ලෙස ද, විභාග දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස ද කටයුතු කර තිබේ. 
වසර එකහමාරකට පසු මහානාමයට විදුහල්පතිවරයෙක්
1
hp_train_1483
(රංජිත් රාජපක්ෂ)    රජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 50 ක දෛනික වැටුප සහ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවෝ පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (24)  උද්ඝෝෂණයක නිරතවුහ.අමාත්‍යය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරණ කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ සමාජිකයන්  විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කෙරිණි.වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය  සහ වතු ඒකාබද්ධ වෘත්තීය  සමිති අතර වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 750 දක්වා වැඩි කිරීමට දෙපාර්ශවයම විසින් අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අමතරව රජය මගින් රුපියල් 50 ක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වූ බව උද්ඝෝෂණයේ නියැලී සිටි වතුකම්කරුවෝ පවසති.වතු කම්කරුවන්ට වතු හාම්පුතුන්ගේ සංගමය විසින් වැඩි කළ වැටුප ප්‍රමාණවත් නොවන නිසා වතු කම්කරුවන්ට රජයේ මැදිහත් වීමකින් යම් සාධාරණ මුදලක් වැඩි කළ යුතු බවට අමාත්‍යය මනෝ ගනේෂන්, අමාත්‍යය පලනි දිගම්බරම්, රාජ්‍යය අමාතත්‍යය වී රාධාක්‍රිෂ්ණන් ඇතුළු දමිළ ප්‍රගතශීලි සන්ධානයේ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහතුන් සමඟ දිර්ඝ වශයෙන් කළ සාකච්ඡාවේදී තේ මණ්ඩලය සංචිතයේ තිබෙන මුදල් වලින් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 50 ක අමතර වැටුපක් හිඟ මුදල් සමඟ ලබාදෙන බවට එහිදී රජය පාර්ශවයෙන් එකඟතාවය පළ කර තිබිණි.‍එම රුපියල් 50 ලබාදීමට අමාත්‍යය නවීන් දිසානායක මහතා විරුද්ධ වන නිසා ඔහුව අමාත්‍යය ධුරයෙන් ඉවත් විය යුතු බවට ද උද්ඝෝෂණයේ නියැලී සිටි වතුකම්කරුවෝ කීහ.රජය මගින් ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 50 වැටුප ලබා නොදෙන්නේ නම් වතුකරය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත්, උද්ඝෝෂණයේ නියැලී සිටි එම වෘත්තීය සමිතිවල  සාමාජිකයෝ පැවසුහ.
වතුකම්කරුවෝ හැටන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක
1
hp_train_1484
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි) රට පුරා විදුලිය ඇනහිට තිබූ රාත්‍රියේ දිය නෑමට ගිය සැමියාට සිරුරේ ගාන සබන් කෑල්ල යැයි වැරදී තෙල් ඉඳුල් ඉවත් කිරීමට ගන්නා සබන් කැටයක් දුන් බිරියක් නිසා සිරුර පුරා කැසීමකට ලක්වූ සැමියා තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබන පුවතක් මීරිගමට නුදුරු ගම් පියසකින් වාර්තා වේ.නොරොච්චෝලේ බලාගාරයේ හදිසි බිඳවැටීම නිසා රට පුරා විදුලිය නැතිවූ දිනයයි. දිවයිනේ පෙදෙස් කිහිපයකට හැන්දෑවේ විදුලිය ලැබුණත් බොහෝ පෙදෙස්වලට විදුලිය ලැබුණේ රාත්‍රී දහයයි තිහත් පසුවීමෙන් අනතුරුවය.රජයේ ආයතනයක විධායක නිලයක් දරන සැමියා නිවසට එද්දී රෑ බෝ වී තිබිණි. රජයේ රැකියාවක නිරත බිරිය සිටියේ කුස්සියේ වැඩ කරමිනි. විදුලිය නැති නිසා ඇය ආලෝකය ලබාගත්තේ ඉටි පහනක ආධාරයෙනි. නිවසේ වූයේද එක් ඉටි පහනක් පමණි. ‘දැන් ලයිට් එයිනේ ඒ හින්දා මම ඉටිපන්දමක් ගේන්න කඩේට ගියේ නෑ’ බිරිය සැමියාට කීවාය. නිවසට ආ සැමියා දරු දෙපළ සමග කාලය ගත කර දිය නා ගැනීමට වත්ත පහළ ළිඳට යාමට සැරසුණේ කළුවරේමය. ‘අනේ මට සබන් කෑල්ල දෙන්නකෝ’ සැමියා ආයාචනා කළාය. බිරිය සබන් කෑල්ල ගෙනැවිත් අතට දුන්නාය. වත්ත පහළ ළිඳට ගිය සැමියා දිය නෑවේය. සබන් ගාද්දී වෙනසක් දැනුණි. කළුවර නිසා කිසිත් පැහැදිලි නැත. ඉක්මන් ගමනින් දිය නා නිවසට ආ ඔහු සබන් කෑල්ල බාල්දිය සමගම තැබීය. ටික වේලාවක් ගත වෙද්දී සිරුර පුරා කසන්නට වූයේය. ඔහු ඒ බව බිරියටද කීවේය. ‘පණුවෙක්වත් ගෑවෙන්න ඇති. අසාත්මිකතාවක් වගේ’යි කී ඇය බෙහෙත් පෙත්තක්ද  දුන්නාය. එහෙත් කැසිල්ල අඩුවක් නැත. මෙසේ කල් ගතවෙද්දී රාත්‍රී දහය හමාරට පමණ විදුලිය ලැබිණි. රෑ කෑමෙන් පසු බිරිය කුස්සියේ කටයුතුවල යෙදුනාය. වළං පිඟන් සෝදන්නට ගිය ඇය ඒ සඳහා ගන්නා සබන් කැටය දක්නට නොවූයෙන් විමසිලිමත් වූවාය. ‘අනේ ඔයා සබන් කෑල්ල තිබ්බේ කොහේද’ ඇය ඇසුවාය. ‘බාල්දියේ බලන්න’ සැමියා කීවේය. බාල්දිය පිරික්සූ ඇයට සැමියාගේ කැසිල්ලට හේතුව තේරැම් ගියේය. වහා දිවගෙන ආ ඇය කිසිත් නොකියා සැමියා සමග වෛද්‍යවරයකු ළගට ගියාය. සැමියාගේ කැසිල්ල ගැන වෛද්‍යවරයාට කී ඇය ඊට හේතුවන්නට ඇත්තේ තමන්ට වූ වැරදීම නිසා වෙන්නට ඇතැයිද කියද්දී සැමියාට සිදුවූ සියල්ල තේරුම් ගන්නට ලැබිණි. කෙසේ හෝ බිරියට සිදුවූ අත්වැරැද්ද නිසා සැමියා පුරා සතියක් තිස්සේ වෛද්‍ය ප්‍රතිකාර ලැබීය. දින දෙක තුනක් රාජකාරියට යාමෙන්ද වැළකී සිටියේය. සැමියා මිතුරකුට මේ අකරතැබ්බය ගැන කියා ‘හැබැයි ඒකෙන් මගේ ඇඟේ කුණු ගිහින් පිරිසුදු වුණා’ යැයි කියනු කටවාචාල මිතුරකුට ඇසුණු හෙයින් මේ කතාව දැන් බොහෝ දෙනාගේ කනට ගොස් ඇත.
ලයිට් ගියදා අමුතු ලෙඩක් හැදිලා
1
hp_train_1485
අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාගැනීමට නියමිත ණය මුදල සම්බන්ධ සාකච්ඡා වල අවසන් අදියර සඳුදා (11)  දිනයේ ආරම්භ වීමට නියමිතය. ණය මුදල සම්බන්ධයෙන් මෙන්ම රටට අනාගතයේදී වැදගත් වන ප‍්‍රතිපත්ති සම්පාදන කටයුතු පිළිබඳවද මෙම සාකච්ඡාවලදී අවධානය යොමුකරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.රජයේ අධික වියදම අවම කිරීමට ගතහැකි පියවර,ආදායම නිසි පරිදි කළමනාකරණය කරගැනීමට ගත හැකි කි‍්‍රයාමාර්ග,එක් එක් අවස්ථාවලදී සිදුකරන සංශෝධන වලින් නොව ක‍්‍රමවත් පද්දතියක් මාර්ගයෙන් බදු අය කරගැනෙන ක‍්‍රමවේදයක් ඇතිකිරීම ආදිය  ප‍්‍රතිපත්ති සම්පාදනයන් අරබයා පැවැත්වෙන මෙම සාකච්ඡුාවේදී සැළකිල්ලට ගැනීමට නියමිතය.දැනගැනීමට හැකිවූ ආකාරයට රජය හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර දැනට කරුණු 11 ක් සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිව තිබේ.අවසන් අදියරේ සාකච්ඡුාවෙන් පසු ණය මුදල ලබාගැනීම සදහා ශී‍්‍රලංකාව ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම ඇමරිකාවේ වොෂින්ටන් නුවර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත.මෙසේ ලබාගැනීමට නියමිත ණය මුදලේ වටිනාකම ඩොලර් කෝටි 150 - 200 අතර වේ.අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා පැවැත්වුණු සාකච්ඡා නිසාවෙන් අපේ‍්‍රල් මස පළමුවැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ බදු කිහිපයක්ම අත්හිටවනු ලැබිණ.අලූත් අවුරුදු සමයේ ජනතාව මත තවත් බර පැටවීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන අකමැති වීමද බදු කි‍්‍රයාත්මක කිරීම අත්හිටුවීමට තවත් හේතුවකි.නමුත් මෙම මස අවසානයේ සිට මෙසේ අත්හිටැවුණු බදු නැවත කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සදහා නිර්දේශ කර ඇති නව බදු කිහිපයක්ද මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක කිරීමට රජය සැළසුම් කර ඇත.ඉතා අධික ණය බරකින් පීඩා විදින ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ අනාගතය සම්බන්ධයෙන්ද සාකච්ඡුාවලදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසගේ අවධානය යොමුවිය.ගුවන්සේවය යළි නගා සිටුවීමට දැනටමත් පියවර ගෙන තිබෙන බව රජය ඔවුන්ට සහතික කළේය.ශී‍්‍රලන්කන් වෙත භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙනුයේ මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා පමණක් බව එහි අධ්‍යක්ෂක මණ්ඩලයට රජය දැනටමත් දැනුම්දී තිබේ.ශී‍්‍රලන්කන් ගුවන්සේවා කලමණාකාරීත්වයේ වෙනසක් සිදුවිය හැකි බව පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හෙළි කළේය.පෞද්ගලික අංශයේ අත්දැකීම් බහුල වෘත්තියකයන් පිළිගත් කි‍්‍රයාපටිපාටියක් යටතේ ශී‍්‍රලන්කන් කලමණාකාර ව්‍යුහයට එක්කරගැනීමේ උත්සාහයක රජය නිරතව සිටින බවද දැනගැනීමට හැකිවිය.මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සමග සාකච්ඡුාද පවත්වා ඇත.2009 වසරේදී එමිරේට්ස් ආයතනයේ කලමණාකාරීත්වය යටතේ පැවති ශී‍්‍රලන්කන් ගුවන්සේවය ඉතා හොදින් ලාභ ඉපැයූ බවත් දැන් තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් බවත් මාධ්‍ය හමුවේදී අබේවර්ධන සඳහන් කළේය.අද දිනයේ ශී‍්‍රලන්කන් මත පැටවී තිබෙන මුළු ණය බර රුපියල් ලක්ෂ 9980 කට ආසන්න බව පැවසූ ඔහු ගුවන්සේවය නගා සිටුවීම අරබයා එහි කලමණාකාරීත්ව ව්‍යුහයට සහ ප‍්‍රතිපත්ති වලට වෙනස්කම් සිදුකළ යුතුව තිබෙන බව කීවේය. ‘ ඉදිරියේදී ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ කලමණාකාර මණ්ඩලයේ තනතුරු වල වෙනසක් සිදුවීමේ ඉඩක් තිබෙනවා.මේ ආයතනය මෙහෙම පවත්වාගෙන යන්නට බැහැ.2009 වසරේදී හොඳ ලාභයක් ඉපැයූ ශී‍්‍රලන්කන් ගුවන්සේවය අද අධික වශයෙන් පාඩු ලබනවා.මේක අපරාධයක්.අද වගා ක්ෂේත‍්‍රය ගත්තොත් ගොඩක් පාලන කටයුතු සිදුවන්නේ පෞද්ගලික අංශය යටතේ.මේ ක්ෂේත‍්‍රයත් රජය යටතේ තිබුණානම් මොනවා වෙන්න තිබුණාද කියලා හිතාගන්නවත් බැහැ.ඒ නිසා ශී‍්‍රලන්කන් ගුවන්සේවය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කළ යුතු වෙනවා.ආයතනයක් මේ වගේ පාඩු ලබන තත්ත්වයක තියාගෙන ජනතාවට සහන ලබාදෙන්න අපට හැකියාවක් නැහැ.’’ අබේගුණවර්ධන පැවසුවේය.සන්ඬේ ටයිම්ස් ලිපියට ගුවන් නියමුවන්ගේ එකඟතාව - නමුත් කැප්ටන් නැහැමාර්තු මස 27 වැනිදා සහ පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාන තීරුවලින් කළ අනාවරණයන් සැබෑ බව අමාත්‍ය අබේගුණවර්ධන මේ ආකාරයට සහතික කළේය.එම තීරුවල ශී‍්‍රලංකා ගුවන් නියමුවන්ගේ සංගමය පැවැත්වූ හමුවක් ගැනද සඳහන් විය.මේ සම්බන්ධයෙන් එහි ප‍්‍රධානී කැප්ටන් රනුක සේනානායක මහතා අප වෙත ඊමේල් ලිපිනයක් එවා ඇත.අප්‍රෙල් මස තුන්වැනිදා පළවු ලිපියේ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන බව එහි මාතෘකාව ලෙස සඳහන් කර තිබේ.ඔහු එවා ඇති පණිවුඩය මෙළෙසය. ‘ඔබ පුවත්පතේ පළවූ කරුණු සම්බන්ධයෙන් මම හෝ මගේ සංගමයේ සාමාජිකයින් හෝ මෙතෙක් නිල ප‍්‍රකාශයක් සිදුකර නැත.’ ‘එනිසා එම ලිපියේ පළව තිබූ කරුණු සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිදුකිරීමට මට තිබෙන අයිතිය පිළිගෙන ඒ සදහා අවස්ථාව ඔබ ලබාදෙනු ඇතැයි මම සිතමි.’ පහත කරුණු සම්බන්ධයෙන් අප සාකච්ඡා කර එකඟතාවන් ඇතිකරගත් බව මුලින්ම සඳහන් කරන්නට මම කැමැත්තෙමි. x              වාර්ෂිකව සිදුවන වැටුප් වර්ධක ලබානොගෙන සිටීමට සාමාජිකයෝ එකඟවූහ.මෙය සිදුවන්නේ අප පනවන කොන්දේසි ප‍්‍රකාරවය. x              මේ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමේ අරමුණින් පමණක් විශේෂ කමිටුවක් පත්කිරීමට තීරණය විය. x              ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ ප‍්‍රධානියාට,විධායක අධ්‍යක්ෂකවරයාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට වර්තමානයේ ලැබී තිබෙන බලතල හා වරප‍්‍රසාදයන් සංගමේ සාමාජිකයින් අතර දැඩි විවේචනයට ලක්විය. ‘ මේ කරුණු හැරෙන්නට ඔබ ලිපියේ අනෙක් සියලූ කරුණු සාවධ්‍ය හා අසත්‍ය බව සඳහන් කිරීමට මම කැමැත්තෙමි.ඇත්ත වශයෙන්ම කිවහොත් ශී‍්‍ර ලංකා ගුවන් නියමුවන්ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට අවසරයක් නැත.එය කලමණාකාරීත්වය අනුගමනය කරන ප‍්‍රතිපත්තියක් වන අතර එයට එරෙහිව කටයුතු කිරීමට ගුවන් නියමුවන්ගේ සංගමයේ ප‍්‍රධානියාට හෝ කමිටු සාමාජිකයින්ට හෝ හැකියාවක් නොමැත.’’ කැප්ටන් සේනානායකගේ පවසා සිටින මෙම කරුණු සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පත්‍රය, ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් කිහිපදෙනෙකුගෙන්ම විමසුවේය.මාර්තු 27 වැනිදා පැවැත්වුනු සංගම් හමුවේදී වැටුප් වර්ධක ලබානොගෙන සිටීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගැණුනු බව ඔවුහු පැවසූහ.කමිටුවක් පත් කෙරුණේ මේ පිළිඹදව වැඩිදුරටත් සොයාබැලීමට බව ඔවුහු කීහ.කෙසේවුවත් ශී‍්‍රලන්කන් ප‍්‍රධානියා,විධායක නිලධරයා සහ එහි අධ්‍යක්ෂක මණ්ඩලය සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයෝ ඉතාම දැඩි විවේචන එල්ල කළ බව නම් මෙම ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෝ සහතික කළහ. ඔවුහු මෙම තොරතුරු අප වෙත ලබාදුන්නේ නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මතය. මේ අනුව සැළකීමේදී ඔබ ලිපියේ පළව ඇති අනෙක් සියලූ කරුණු සාවද්‍ය හා අසත්‍ය යැයි කැප්ටන් සේනානායක ඔහුගේ ඊමේල් ලිපියේ සඳහන් කර ඇත්තේ ඇයිදැයි ගැටලූවක් නැගේ.පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් නියමු සංගමයේ රැුස්වීම පැවැත්වූ අවස්ථාවේදී එහි සාමාජිකයන් කිහිපදෙනෙක් වෙන් වෙන්ව දැක්වූ අදහස්ද අපි සඳහන් කළෙමු.ඒවා අසත්‍ය හා සාවද්‍ය යැයි කැප්ටන් සේනානායක පවසා සිටින්නේ කවර පදනමක් මතද යන්න පැහැදිලි නැත.වැටුප් වර්ධක ලබානොගෙන සිටීමට කොන්දේසි යටතේ සංගමේ සාමාජිකයින් තීරණය කළ බව ඔහු සඳහන් කර ඇතත් එම සංගමයේම සාමාජිකයින් අපට කියා සිටියේ එවැනි තීරණයක් නොගත් බවය.කැප්ටන් සේනානායක පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද? යැයි පැනයක් මේ සියල්ල සැළකිල්ලට ගැනීමේදී අපට නැගේ.ඔහු ගුවන් නියමුවන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටිනවාද, නැතහොත් වෙනත් කෙනෙකුගේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරනවාද? යන්න ගැටලූවකි. මෙම ඊමේල් ලිපිය අප වෙත ලැබුණු දිනවලම තමන්ගේ අනාගතය සම්න්ධයෙන් අවදානම් සහගත තත්ත්වයක සිටින ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ එක්තරා ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ගුවන්සේවයේ සියලූම සාමාජිකයින්ගේ රැස්වීමක් කැඳවූයේය.එකිනෙකා අතර සබඳතා වැඩිදියුණු කිරීම මෙහි අරමුණ විය.පුටු 600 ක් පමණ තිබුණු මුත් පැමිණ සිටියේ 90 ක පමණ පිරිසකි.ඔවුන් අමතමින් අදහස් පළකළ ඔහු මම  ඕපාදුප කියවන්නේ නැහැ’’ කියමින් ශී‍්‍රලන්කන් වෙත නැගෙන චෝදනා බැහැර කළේය.නමුත් භාණ්ඩාගාරයෙන් ශී‍්‍රලන්කන් වෙත මුදල් ලැබීම නතර වුවහොත් ගුවන්සේවයේ අනාගතය පිිළිඹද විශ්වාසයක් තැබිය නොහැකි තත්ත්වයක් ඇතිවන බව ඔහු පිළිගත්තේය. රනිල්ගේ චීන සංචාරය සාර්ථක චීන සංචාරයකින් පසු දිවයිනට පැමිණ සිටින අගමැතිවරයා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා පැවැත්වෙන අවසන් වටයේ සාකච්ඡුාවලට එක්වීමට නියමිතය.ශී‍්‍රලන්කන් ගුවන්සේවය ඇතුලූ රාජ්‍ය කර්මාන්ත නගා සිටුවීම සදහා රජය ගන්නා පියවර සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ දැනුම්වත් කිරීමට ඔහු කටයුතු කරනු ඇත. ශී‍්‍රලංකාව හා චීනය අතර පැවැත්වුනු සාකච්ඡුා වලදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ හම්බන්තොට වරාය සදහා ලබාදුන් ණය මුදල් සදහා සහන ලබාගැනීමට ඇති හැකියාව පිළිඹද වැඩි අවධානයක් යොමුවිය.රට මත පැටවී තිබෙන අති විශාල ණය බර මෙයට හේතුව විය.චීනයට පැමිණි විගස ශී‍්‍රලංකාව වෙනුවෙන් යුවාන් ලක්ෂ 5000 ක මුදල් අධාරයක් ලබාදීමට චීන පාලකයෝ කටයුතු කළහ.එරට අගමැති ලී කේකුයින්ග්, ශී‍්‍රලංකා අගමැති වික‍්‍රමසිංහව හැදින්වූයේ චීනය හා ශී‍්‍රලංකාව අතර යහපත් සම්බන්ධතාවක් පවත්වාගැනීමට සෑම අවස්ථාවකදීම කැපවී කටයුතු කරනා ජේ්‍යෂ්ඨ රාජ්‍ය තාන්ති‍්‍රකයෙක් ලෙසය. චීන රජයේ ආධාර මත ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ඩොලර් ලක්ෂ 2100 ක මුදලක් වැයව ඇතැයි ඇස්තමෙන්තු ගතකර ඇත.එහි පළමු අදියරේ ඉදිකිරීමේ 2007 වසරේදී ආරම්භ වූ අතර එම ඉදිකිරීම් අවසානයේ ගුවන්තොටුපල 2011 මාර්තු මස 22 වැනිදා විවෘත කැරිණ.2009 දී චීනයේ එක්සිම් බැංකුව ගුවන්තොටුපලේ දෙවැනි හා තෙවැනි අදියර වල ඉදිකිරීම් වෙනුවෙන් ඩොලර් 8910 ක ණයක් ලබාදුන්නේය.මෙය සහන පදනම යටතේ ලබාදුන් ණයක් වූ අතර පස් අවුරුද්දක් යන තෙක් ණය ගෙවීමෙන් නිදහස් සහන කාලසීමාවක් සහ සියයට දෙකක පොළී අනුපාතිකයක් එයට විය. මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ඉදිකිරීමට වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 13080 කි.මෙම මුදල ලබාදී ඇත්තේද චීනයේ එක්සිම් බැංකුවයි.මුදල ලබාදී ඇත්තේ අදියර දෙකක් යටතේ වන අතර පළමු අදියරේ ඉදිකිරීම් සදහා ලබාදී ඇති මුදල ඩොලර් ලක්ෂ 3060 කි.එම මුදල සදහා පොළී අනුපාතිකය සියයට 6.3 ක් වැනි ඉහළ අගයකි.දෙවැනි අදියර සදහා වියදම් වී ඇති මුදල ඩොලර් ලක්ෂ 8000 කි.එම මුදල ලබාදී ඇත්තේද පෙර සඳහන් කළ පොළී අනුපාතිකය යටතේමය.මුහුදේ තිබූ කළුගල් පිපිරවීම සදහා වියදම් වී ඇති මුදල ඩොලර් ලක්ෂ 2020 කි.ශී‍්‍රලංකා වරාය අධිකාරියට අනුව මේ අනුව වරාය සදහා වියදම්වී ඇති මුලූ මුදල ඩොලර් ලක්ෂ 13080 කි.වසර 20 ක් ඇතුළත මෙම මුදල ගෙවිය යුතුය.ණය නොගෙවා සිටිය හැකි පස් අවුරුදු සහන කාලසීමාවක් චීනය මෙම මුදලටද ලබාදී ඇත. නිතර අලූත්වැඩියා කිරීම් සිදුකළ යුතු නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම් සදහා වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 13460 කි.එහි පළමු අදියර සදහා ඩොලර් ලක්ෂ 4550 ක මුදලක් වැයව තිබෙන අතර දෙවැනි හා තෙවැනි අදියරයන් සඳහා ඩොලර් ලක්ෂ 891 ක මුදලක් වැයව ඇත.චීනයේ එක්සිම් බැංකුව මෙම මුදල ලබාදී තිබෙන්නේ වසර 20 ක සහන ණය පදනමක් යටතේය.සියයට දෙකක පොළී අනුපාතියක් හා පෙර අවස්ථාවලදී මෙන්ම වසර පහක සහන කාලසීමාවක් එයට ඇතුළත්ය.මෙම ව්‍යාපෘතිය සදහා ශී‍්‍රලංකා රජයද රුපියල් ලක්ෂ 110000 මුදලක් යෙදවූයේය.බලාගාරයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් 2010 වසරේදී ආරම්භවූ අතර 2013 වසරේදී අවසන් විය.තෙවැනි අදියරේ ඉදිකිරීම් 2014 සැප්තැම්බර් මාසයේ නිල වශයෙන් ආරම්භ විය.ඇතැම් අවස්ථාවලදී මෙම බලාගාරය ලක්විජය විදුලි බලාගාරය ලෙසද හැඳීන්වේ.2012 සිට මෙහි සියයට 85 ක් පමණ කොටස් අයිතිය ඇත්තේ චයිනා මර්චන්ට්ස් ගෲප් සමාගමටය.  චීන සංචාරයට පෙර වික‍්‍රමසිංහ - රාජපක්ෂ හමුවක් චීනයෙන් ලබාදී ඇති ණය සදහා සහන ලබාගත හැකි ක‍්‍රමවේදයන් පිළිඹද සොයාබැලීමට අගමැති වික‍්‍රමසිංහ ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර ඇත.සංවර්ධන මූලෝපායන් සහ අන්තර්ජාතික වෙළද කටයුතු පිළිඹද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා, විශේෂ ඇගයීම් කටයුතු අමාත්‍ය සරත් අමුණුගම මහතා එහි සාමාජිකයින් ලෙස දැනටමත් නම් කර අවසන්ය.තෙවැනි සාමාජිකයා ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා නම් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.චීනය හා සමග නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකරගැනීම සම්බන්ධ කටයුතුද මෙම වසර අවසානය වන විට නිමා කරන ලෙසට අගමැති වික‍්‍රමසිංහ අදාළ නිලධරයින් වෙත උපදෙස් ලබාදී තිබේ. චීන සංචාරයට පෙර අගමැතිවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවීම සුවිශේෂී සිදුවීමක් විය.හිටපු ජනපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට සහභාගීව සිටියේය.අගමැතිවරයා සමග පැමිණ සිටියේ අමාත්‍ය සමරවික‍්‍රමය. හමුව පැයකට ආසන්න කාලයක් පැවැත්වුණි.හම්බන්තොට ඉදිකෙරෙන අපනයන සැකසුම් කලාපයක්,ගුවන්තොටුපල හා වරාය සම්බන්ධව තම සංචාරයේදී වැඩි අවධානය යොමුකිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව අගමැතිවරයා කීවේය.හිටපු ජනපතිවරයාද එම අදහස් පිළිගත්තේය. ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද දෙදෙන සාකච්ඡුා කළෝය.විධායක අගමැතිධූරය අහෝසි කිරීම,පාර්ලිමෙන්තු පද්දතිය ශක්තිමත් කිරීම හරහා බලය බෙදී යාමේ විධිමත් ක‍්‍රමවේදයක් ඇතිකිරීම, ආදී කරුණු සම්බන්ධයෙන් රජයේ සැළකිල්ල යොමුව තිබෙන බව අගමැතිවරයා කීවේය.කාලය ගතවුවද මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමටද රජය ක‍්‍රමයෙන් පියවර ගන්නා බවද ඔහු පැවසුවේය. රාජපක්ෂගේ ආරක්ෂාවට සපයා සිටි හමුදා සාමාජිකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී ගුණවර්ධන විරෝධය පළකළේය.එලෙස ආරක්ෂාව ඉවත් කර ඇත්තේ හිටපු ජනපතිවරයාට වෙන කවරදාටත් වඩා වැඩියෙන් ජීවිත තර්ජන එල්ල වෙමින් තිබෙන කාලයක බව ඔහු පැවසුවේය.මෙය අගමැති වික‍්‍රමසිංහ පිළිගත්තේය.මේ පිළිඹදව ජනපතිවරයා සහ ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද ඔහු කීවේය.රාජපක්ෂට සැපයිය යුතු ආරක්ෂාව පිළිඹද විශේෂ වාර්තාවක් තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද එම වාර්තාව ලැබුණු පසු ගතයුතු පියවර තීරණය කළ හැකිවනු ඇති බවද අගමැතිවරයා පැවසුවේය.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු අරබයා අගමැති වික‍්‍රමසිංහ හා එකාබද්ධ විපක්ෂය අතර එකගතාවක් ඇතිව තිබෙන ආකාරයක් දැකගත හැකිය.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වලට සම්පූර්ණ සහයට ලබාදෙන බව ගුණවර්ධන සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.ඇතැම් කමිටු වල ප‍්‍රධානීත්වය පවා එකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින්ට ලබාදීමේ සූදානමක් පවතින බවද ගුණවර්ධන කීවේය.පාර්ලිමෙන්තුවේ පිළිගත් විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය මේ දිනවල අනුගමනය කරමින් සිටින්නේ නිහඩ පිළිවෙතකි.මුල් අවස්ථාවලදී දෙමළ සන්ධානය උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලූ පිළිඹද අවධානය යොමුකර සිටිනු දැකගත හැකිවුවත් දැන් එවැන්නක් හඳුනාගැනීම පවා අපහසුය.ගැටලූවලට පිළියම් යෙදීමට රජයේ සම්පූර්ණ සහය ලබාගැනීමේ අවස්ථාව පවා තිබියදී දෙමළ ජාතික සන්ධානය අනුගමනය කරමින් සිටින මෙම නිහඩ පිළිවෙත බොහෝ දෙනාගේ දෝශදර්ශනයට ලක්ව ඇත.වත්මන් නායක ආර්.සම්බන්ධන් හා සංසන්දනය කිරීමේදී අප්පාපිල්ලේ අමිර්තලිංගම් වැනි දෙමළ සන්ධානයේ හිටපු නායකයෝ කටයුතු කළේ මෙයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය. ජනපතිගේ වැඩකටයුතුජනපති සිරිසේන ගෙවුණු සතියද ගතකළේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හිමි තම නායකත්වය තහවුරු කරගැනීමේ කටයුතු වල නිතරවය.ඔහු තවත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරු දෙදෙනෙක් අමාත්‍ය මණ්ඩලයට එක්කර ගත්තේය.බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විද්‍යාව හා තාක්ෂණවේදය පිළිඹද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් අතර ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මහතා විදේශ රැුකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය.මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂ කලූතර දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සංවර්ධන සහ සංස්කෘතික කටයුතු පිළිඹද අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා හමුවේ දිව්රුම් දුන්නේය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අමාත්‍යධූර බෙදී යාම තුලනය කිරීම සදහා මෙසේ තෙවරප්පෙරුමටද අමාත්‍යධූරයක් ලබාදුන් බව සැක නැත.නිදහස් පක්ෂ සාමාජිකයින් දෙදෙනකුට අමාත්‍යධූර ලබාගැනීමට කටයුතු කිරීම මගින් ජනපති සිරිසේන පක්ෂයේ තම නායකත්වය තහවුරු කරගැනීමට තවමත් කටයුතු කරමින් සිටින බව පැහැදිලිය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා හමුවේදී ඔහු මේ බව තවදුරටත් සනාථ කරමින් අදහස් පළකළේය.රාජපක්ෂගේ ප‍්‍රබල ආධාරකාරිනියක වන පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට ශී‍්‍රලංකා නිදහස් පක්ෂ ගාල්ල මැයි දින රැුලිය සංවිධානය කිරීමේ වගකීම ලබාදෙන ලෙසට ඔහු උපදෙස් දුන්නේය.නව අමාත්‍යවරුන් තිදෙනාටද අනෙක් අමාත්‍යවරුන් හා සමව ආරක්ෂකයින්,වාහන සහ දීමනා ලැබෙනු ඇත.රජය ඔවුන්ට මෙසේ සළකන්නේ රට ආර්ථික අර්බුදයකට සිරවී සිටින අවදියකදීය.පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා කි‍්‍රයා - ධර්ම පද්දතියක් පසුගිය සතියේ පාර්ලිමෙන්තුවේදී කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා කි‍්‍රයා - ධර්ම පද්දතියක් සදහන් වූ පිටු 11 ක ලියැවිල්ලක් සභාගත කළේය.පහත දැක්වෙන්නේ එහි අන්තර්ගතවූ කරුණු කිහිපයකි. x              තමන්ට හිමි ව්‍යාපාර හා වෙනත් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු සාමාජිකයින් තොරතුරු හෙළි කරනු ඇත.ළගම පවුලේ සාමාජිකයෙක් හෝ මෙම කටයුතු වල නිතරව සිටින්නේ නම් ඔවුන්ගේ තොරතුරු හෙළි කිරීමද පාර්ලිමෙන්තු සාමාජිකයින්ගේ වගකීම වන්නේය.මේ හරහා ජනතා විශ්වාසය ගොඩගාගැනීමට ඔවුනට හැකිවනු ඇත.පෞද්ගලික වුවමනා එපාකම් සපුරාගැනීමට නොව රට වෙනුවෙන් සේවය ලබාදීමට පාර්ලිමෙන්තුවට පැමිණ සිටින බව ජනතාවට ඒත්තු ගැන්වීම සදහා මෙය හොඳ අවස්ථාවකි. x              ඇතැම් අවස්ථාවලදී පාර්ලිමෙන්තු සාමාජිකයින්ගේ වත්කම්,හිමිකම්,ඔවුන්ගේ කි‍්‍රයාකලාපයන් වැනි දේ අරබයා ඔවුන් තමන්ගේ වුවමනාකම් පිරිමසා ගැනීමට මිස රට වෙනුවෙන් පාර්ලිමෙන්තුවට පැමිණ නොමැති බවට වැරදි වැටහීමක් ජනතාව අතරට යෑමේ අවස්ථාව ඇත.මෙනිසා එවැනි වැරදි වැටහීමක් ඇතිවීමට ඉඩ තිබෙන සෑම කරුණක්ම සගවා නොගෙන ප‍්‍රසිද්ධියේ අනාවරණය කිරීම සෑම පාර්ලිමෙන්තු සාමාජිකයකුගේම වගකීම වන්නේය.මෙවන් කරුණු සදහා උදාහරණ ලෙස ඉඩම් හා දේපල හිමිකම්,වත්කම්,කොටස් හිමිකම්,ත්‍යාග,විදෙස් සංචාරයන්,සේවය සදහා පිදෙන බව කියන සම්මාන,ආදායම් මාර්ග, වැනි දේ දැක්විය හැකිය.මෙම කරුණු මැතිවරණයක් අවසානයේදී හෙළි කළ යුතු අතර පසුව පාර්ලිමෙන්තුව නිර්දේශ කරන කාලාන්තර වලදීද හෙළි කළ යුතුය. x              ඡුන්දය ප‍්‍රකාශ කිරීමේදී රාජ්‍ය ප‍්‍රතිපත්ති අරබයා මිස පුද්ගලගැතියකු ලෙස පක්ෂපාතීව හෝ විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතියක් පාර්ලිමෙන්තු සාමාජිකයින්ට නැත. x              එක් එක් සාමාජිකයා වෙත වෙන්කෙරෙන රාජ්‍ය මුදල් හා ඔහු හෝ ඇය එම මුදල් වියදම් කර ඇති ආකාරය එම තොරතුරු ලැබුණු විගසම ප‍්‍රසිද්ධ කෙරෙනු ඇත. x              තමන්ට ලැබී ඇති දීමනා හා වරප‍්‍රසාදයන් වෙනුවෙන් පාර්ලිමෙන්තු සාමාජිකයින් වගවිය යුතුය.මෙම දීමනා හා වරප‍්‍රසාදයන් ලැබී ඇත්තේ ඔබගේ සුභ විහරණය වෙනුවෙන් නොවේ.ඒවා යෙදවිය යුත්තේ ජනතා සේවය වෙනුවෙන්ය. x              පාර්ලිමෙන්තු සාමාජිකයෙක් ලෙස ලබාදෙන සේවය ප‍්‍රශ්න කිරීමට ලක්කළ හැකි දීමනා පිළිගැනීම,ආධාර ලබාගැනීම, පාර්ලිමෙන්තුවට හෝ වෙනත් කමිටුවකට ඉදිරිපත් කෙරෙන කෙටුම්පතකට තම වාසිය පමණක් සළකා කැමැත්ත ලබාදීම හෝ අකමැත්ත පළකිරීම ආදී දේවලින් වැළකී සිටිය යුතුය. x              පාර්ලිමෙන්තු සාමාජිකයකු ලෙස ගතකරන සමය අවසානයේ සුරක්ෂිත අනාගතයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් තමන්ට දැන් ලැබී තිබෙන බලතල අවභාවිතා කිරීම නොකළ යුතුය. පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ වරප‍්‍රසාද වෙනුවෙන් වන කමිටුව වරප‍්‍රසාද සහ ආචාර ධර්ම පිළිඹද කමිටුව ලෙස වෙනස් කිරීමට නියමිතය.කිසියම් පාර්ලිමෙන්තු සාමාජිකයෙක් මෙම කි‍්‍රයා - ධර්මයන් උල්ලංඝණය වන අයුරින් කටයුතු කරන්නේදැයි සොයාබැලීමේ වගකීම පැවරෙන්නේ මෙම කමිටුවටය.කමිටු නිර්දේශ මත කිසියම් සාමාජිකයකුට ලබාදිය යුතු දඩුවම් පාර්ලිමෙන්තුව තීරණය කරනු ඇත. අවවාද කිරීම,දැඩිව අවවාද කිරීම,පාර්ලිමෙන්තු වරප‍්‍රසාද පණත උල්ලංඝණය නොවන අයුරින් කිසියම් කාලසීමාවකට පාර්ලිමෙන්තු සාමාජිකත්වය අත්හිටුවීම, ශ්‍රෙෂ්ඨාධිකරණයේ අවධානයට ගැටලූව යොමුකිරීම, ආදී ලෙස මෙම දඩුවම් ලබාදීමට නියමිතය. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමෙන්තු සංසදය සකස් කර තිබෙන ප‍්‍රතිපත්ති හා වෙනත් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම මත පදනම්ව මෙම කි‍්‍රයා - ධර්ම පද්දතිය සකස් කළ බව කතානායකවරයා පැවසුවේය. මෙවර අවුරුදු සමය උදාවන්නේ ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන්ද බරපතල ගැටලූ වලට රට මුහුණදී සිටින සමයකදීය.මෙම ගැටලූ කොයි ආකාරයෙන් නිරාකරණය කරගැනීමට හැකිවේදැයි යන්න පැවසීමට තවමත් කල් වැඩිය.එසේවුවත් රටේ ජනතාවට ඉදිරියේ පැමිණෙන කාලයේදීත් තවත් පටි තදකරගැනීමට සිදුවනු ඇති බව නම් සහතික ලෙසම කිව හැකිය. 
‘ශ්‍රීලනිපය කැඩෙන්න ළඟයි‘
0
hp_train_1486
(ටී. එල්. ජව්ෆර්කාන්)           නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ රියැදුරෙකු මඩකලපුව පාලමුනේදී අද (22) අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි.ටිපර් රථ පොලිසිය බාරයට ගත් බව පොලිසිය කියයි.බලපත්‍රයේ සඳහන් ස්ථානය වෙනස් කර පාලමුනේ ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කිරීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත්  පුද්ගලයා හා මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණයට ඉදිපත් කිරීමට නියමිතය.කාන්තන්කුඩි පොලිසිය පරීක්ෂණ පවත්වයි. 
නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
0
hp_train_1487
ගෙවුණු පැය 12 ක කාලය තුලදී  බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 104 ක  නිලධාරීන් කළ විශේෂ වරෙන්තු මෙහෙයුමකදී  වරෙන්තු කරුවන්  515 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.මොවුන් අතර විවෘත වරෙන්තුකරුවන් 286 දින වරෙන්තුකරුවන් 229 ක්  අත්අඩ්ගුවට ගෙන ඇත. මෙම වරෙන්තුකරුවන් විවිධ  වැරදි සඳහා පොලිසියට හා අධිකරණයට අවශ්‍ය වූවත්  පොලීසිය හා අධිකරණය මගහරිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය  පොලිස්පති  දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම සිදු කර තිබිණි. සැකකරුවෝ අදාල ප්‍රදේශන්හි අධිකරණ සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
අධිකරණය මඟ හරිමින් සිටි වරෙන්තුකරුවන් 6 ක් අත්අඩංගුවට
0
hp_train_1488
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 579 දෙනකු අද (14) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 2259 කි.මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,25,897 කි.
කොවිඩ් ආසාදිත තවත් 579ක්
1
hp_train_1489
(මනෝප‍්‍රිය ගුණසේකර) සුදු බීඩී ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට රුපියල් 5,000/-ක අල්ලසක් ගැනීමේ චෝදනාවට වරදකරු වු තංගල්ල සුරාබදු නියාමකවරයාට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම සිරදඬුවම වසර 8ක කාලයකින් ගෙවී යන අන්දමට ක‍්‍රියාත්මක කරන්නැයි නියම කළේය.විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 24,000/-ක දඩයකට ද  ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 5,000/-ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ නීතීඥ රුවනි වික‍්‍රමසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ තංගල්ල සුරාබදු නියාමක කාර්යාලයට අනුයුක්තව සුරාබදු නියාමකවරයා ලෙස රාජකාරි කළ නිලන්ත සිසිරකුමාර මද්දුම පටබැඳි නමැත්තාටය.ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එක් චෝදනාවකට වසර 03 බැගින් චෝදනා 08 සඳහා වසර 24ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම් කාලය වසර 08කින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට නියම කළේය.
අල්ලස් ගත් හිටපු ආදායම් බදු තක්සේරුකරුවකුට වසර 20 ක සිරදඬුවමක්
0
hp_train_1490
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට සහ සෙසු බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේ සහ හෙට සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසිද ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වේ ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31259570වැසි වාර කිහිපයක්.කොළඹ31249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249080සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32258560වැසි ස්වල්පයක්.මහනුවර30219570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22129580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32259575වැසි වාර කිහිපයක්.මන්නාරම32259070සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘වැස්ස දිගටම‘
1
hp_train_1491
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් වැසි ස්වල්පයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි‘අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.‘පොතුවිල් සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විවින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර්. 30-  40 අතර ගනී''කන්කසන්තුරේ සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර්. 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැකියි'. 
පළාත් රැසකට අද තද වැස්ස
0
hp_train_1492
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ  දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිඋතුර සහ නැගෙනහිර දෙසින් වන වෙරළබඩ ප්‍රදේශ වල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැකගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 15/11/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33239565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.මඩකලපුව31259070උදෑසන වැසි සහ අපරභාගයේදී / සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසිකොළඹ32249565සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල31249070සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය31249570උදෑසන වැසි සහ අපරභාගයේදී / සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසිමහනුවර29219570අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.නුවරඑළිය21129565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.රත්නපුරය34229565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ත්‍රීකුණාමළය31239575උදෑසන වැසි සහ අපරභාගයේදී / සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසි.මන්නාරම30259075සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේපෙරවරු 5.ටඅපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ  දී දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.නැගෙනහිර සහ උතුරු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ  වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සුළං  ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.  කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1493
නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. ත්‍රිකුණාමලය සහ  බැක්බේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.  නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින්  කළ සෝදිසියකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වු බව නාවික හමුදාව සඳහන් කළේය.  ඔවුන් සතුව තිබී තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් සහ අල්ලන ලද මසුන් කිලෝ ග්‍රෑම් 43 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.    අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල, යාත්‍රාව, මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කර ඇත.(36698)
නිතී විරෝධිව මසුන් ඇල්ලු දෙදෙනක් අත්අඩංගුවට
0
hp_train_1494
(ඩී.ජී.සුගතපාල) ගාල්ල දඩල්ල කනත්ත ඉදිරිපිටදි අද (18) සවස යතුරු පැදිකරුවෙකු ලොරි රථයකට යටවී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ බූස්ස කදුරුපේ පදිංචිකරුවෙකු වන  දඩල්ලගේ ආරියරත්න(63) සිල්වා නමැති අයෙකි. ඔහු කොළඹ සිට ගාල්ල දෙසට යතුරු පැදියෙන් එමින් සිටියදි එම දිසාවේ සිටම පැමිණි ලංගම බස් රථයකට ඉස්සර කිරීමට යාමේදි  බසයේ  ගැටී යතුරුපැදිකරු පාරට විසිවී ඇත. ඒ සමගම ඉදිරියෙන් වැලි  ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් ඔහුගේ හිස මතින් ගොස් ඇති බව අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි. අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරාද ලොරියේ රියදුරාද වාහන දෙකද අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල පොලිසියේ රථ වාහන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ  පවත්වයි.
වැලි ලොරියට යටවී යතුරුපැදිකරු මරුට
1
hp_train_1495
මහජන බැංකුව 2023 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුවේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින්, සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම සහ බදු පෙර ලාභය පිළිවෙළින් රුපියල් බිලියන 24.0ක් සහ රුපියල් බිලියන 7.2ක් ලෙස වාර්තා කළේය.පැවැති ආර්ථික අභියෝගවලට සමගාමීව පොලී ප්‍රතිශත අඛණ්ඩව ඉහළ යාමත් සමග 2022 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ අදාළ කාල සීමාව තුළ මහජන බැංකුවේ ඒකාබද්ධ ශුද්ධ ආදායම රුපියල් බිලියන 15.3 දක්වා එනම්, සියයට 49.7කින් පහත වැටී ඇත. වඩාත් සංවේදී ගනුදෙනුකාර කොටස් වෙත පිරිනමන ලද අනුපාතිකයන් ප්‍රතිමිලකරණය ප්‍රමාද වීම ද මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත. මෙම කාල සීමාව තුළ ඒකාබද්ධ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 4.5ක් ලෙස වාර්තා වූ අතර, එහිදී එක් අයිතමයක් හැර, අනෙක් සියලු‍ම අයිතමවල සියයට 40.0කට වැඩි වර්ධනයක් වාර්තා විය.වර්ධනය වූ උද්ධමනය මගින් පිරිවැය ආශ්‍රිත පීඩන තත්ත්වය නිර්මාණය වූ අතර, ඒවායින් බොහොමයක් 2022 වසරේ පළමු කාර්තුවෙන් පසු ආරම්භ වූ ඒවා ලෙස දැක්විය හැකිය. සියයට 10.1කින් ඉහළ ගිය බැංකුවේ ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 14.4ක් (2022 වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 13.1ක්) ලෙස වාර්තා විය. මෙය සමස්ත මූල්‍ය ක්ෂේත්‍රය හා සසඳන විට පිරිවැය පාලනය වෙනුවෙන් මහජන බැංකුවේ කැපවීම පිළිබිඹු කරයි.සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු රුපියල් බිලියන 2,513.1 දක්වා වර්ධනය වූ අතර, ඒකාබද්ධ ශුද්ධ ණය රුපියල් බිලියන 1,835.1 දක්වා අඩු විය. ප්‍රතිශතයක් ලෙස සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සියයට 2.6කින් වර්ධනය වූ අතර, ඒකාබද්ධ ශුද්ධ ණය සියයට 4.2කින් පහළ යාමක් පිළිබිඹු කරයි. තවමත් හැකිලෙමින් පවතින සාර්ව-ආර්ථික තත්ත්වය තුළ ණය ලබා දීම පාලනය කිරීමට මහජන බැංකුව සහ සමූහය දැරූ උත්සාහය ශුද්ධ ණයවල පහත වැටීම මගින් පිළිබිඹු කරයි. වසර අවසානයේ වාර්තා වූ සමස්ත ඒකාබද්ධ වත්කම් රුපියල් බිලියන 3,072.2ක් (2022 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 3,133.1ට සාපේක්ෂව) විය.2023 මාර්තු 31 දින වන විට මහජන බැංකුවේ පළමු ස්ථරය සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණකතා අනුපාතය පිළිවෙළින් සියයට 11.8 සහ සියයට 16.2ක් (2022 අවසානයේ වාර්තා වූ සියයට 11.9 සහ සියයට 16.3ට සාපේක්ෂව) වූ අතර, ඒකාබද්ධ පදනම මත එම ප්‍රතිශතයන් පිළිවෙළින් සියයට 13.0 සහ සියයට 16.9ක් (2022 අවසානයේ වාර්තා වූ සියයට 13.3 සහ සියයට 17.2 සාපේක්ෂව) ලෙස වාර්තා විය. 2017 ජුලි 1 වැනි දින බාසල් iii නීති ප්‍රකාරව ඇරැඹූ ප්‍රයත්නයන් පිළිබිඹු කරමින් මහජන බැංකුවේ වගකීම් තත්ත්වය ප්‍රශස්ත මට්ටමක පැවැතුණු අතර, අතිරේක හදිසි අවස්ථා ඇතුළුව එහි නියාමන ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ ක්‍රමවේද වර්තමානය වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මීට අමතරව, එම කාල සීමාව තුළ බැංකුව සිය සියලු‍ම ප්‍රධාන නියාමන ක්‍රියාමාර්ග සාර්ථකව සපුරා ඇති බව ද සඳහන් කළ යුතුමය.මේ ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.“2023 වසරේ පළමු කාර්තුව අවසානයේ අප වාර්තා කළ ප්‍රතිඵල අපගේ අඛණ්ඩ ශක්තිය සහ දරාගැනීමේ හැකියාව වගේම ඕනෑම තත්ත්වයකට සරිලන අයුරින් අනුවර්තනය වීමේ හැකියාව පෙන්නුම් කරනවා. පසුගිය වසර කිහිපය තුළ, මහජන බැංකුව සිය විවිධ පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සාර්ථකව සපුරාලීමට සමත් වුණා. ඒ වගේම සෑම අවස්ථාවකදීම රට ප්‍රමුඛස්ථානයේ තබා කටයුතු කිරීමට අපි නිරන්තරයෙන් කටයුතු කළා. රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහයෝගය ලබා දෙන අතර, වාණිජ අවශ්‍යතා ද සපුරා ගැනීමට කටයුතු කළ අප 2023 වසරේ පළමු කාර්තුව තුළ ලබාගත් ඉහළ වර්ධනයට මූලික බැංකුකරණ මෙහෙයුම්වල සාර්ථකත්වය බෙහෙවින් ඉවහල් වුණා. අඛණ්ඩව ඉහළ ගිය පොලී අනුපාත මූල්‍ය ක්ෂේත්‍රය තුළ යම් පීඩනකාරී තත්ත්වයක් නිර්මාණය කළ බවත් පැවැසිය යුතුමයි. කෙසේ වෙතත්, අප ප්‍රමාණාත්මක හා ගුණාත්මක ආයතනික දෘෂ්ටි කෝණයකින් යුක්තව කටයුතු කිරීම ජයග්‍රහණ කිහිපයකටම හේතු වුණා කිව්වොත් මා නිවැරැදියි.”මෙම ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් මහජන බැංකුවේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ ප්‍රකාශ කළේය.“රජයට අයත් ආයතනයකට අනන්‍ය වූ විවිධ බලපෑම් ඇතුළුව බොහෝ බලපෑම් මධ්‍යයේ වුවත් අපට අංශ ගණනාවකින් ඉතා සුවිශේෂී ප්‍රගතියක් ලබාගැනීමට හැකි වී තිබෙනවා. අපගේ ද්‍රවශීලතාව තවදුරටත් ශක්තිමත් කිරීම, උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනාගනිමින් ක්‍රියාත්මක වීම සහ අපගේ වත්කම්වල ගුණාත්මකභාවය කළමනාකරණය කරමින් පාරිභෝගික ජනතාව වෙත මෙම අභියෝගාත්මක කාලවලදී සහයෝගය ලබා දීම ආදී කරුණු කෙරෙහි අපි අපගේ මූලික අවධානය යොමු කළා.”595
මහජන බැංකුවට රු.බි. 9.4 ඒකාබද්ධ බදු පෙර ලාබයක්
0
hp_train_1496
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇනිගත කිරීමේ වැඩසටහන යටතේ එයාර්බස්  330-300 පුළුල් බඳ සහිත දෙවැනි ගුවන් යානය ඊයේ(19)  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.‘සිටි ඔෆ් සිහගිරි‘ ලෙස නම් කර ඇති මේ යානය ඈත පෙරදිග ගමනාන්ත වන කැන්ටන්, ෂැන්හයි, බීජිං සහ හොංකොං වෙත මෙහෙයුම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.පසුගිය ඔක්තෝබර් මාසයේ දී මෙම වර්ගයේ පළමු  ගුවන් යානය මෙරටට ගෙන්වීමෙන් පසු  ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රතිඇනිගත කිරීමේ වැඩසටහන ආරම්භ විය. 2015 වසරේදී මෙම වර්ගයේ තවත් ගුවන් යානා පහක් මෙරටට ගෙන්වීමට නියමිතය.මීට අමතරව  A350-900 ගුවන් යානා 8ක් ක් ද ලබා ගැනීමට නියමිතය. මින්  ගුවන් යානා 3ක් 2016 ලබා ගැනීමට නියමිත අතර   2017 වන විට ඉතිරි යානා 4 ගෙන්වා ගැනීමට නියමිතය.  ‘වන්වර්ල්ඩ්‘ ගෝලීය ගුවන් සේවා සන්ධානයේ නවතම සාමාජිකයා වශයෙන් ශ්‍රී ලංකන් සිය ගුවන් සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.ගුවන් මගීන් 297 සඳහා  ව්‍යාපාර පංතියේ ආසන 28 ක් සහ පිරිමැසුම් පංතියේ ආසන 269  ක් ද මෙම යානයේ ඇත. නවීන අභ්‍යන්තර පහසුකම් සහ සුවපහසු  ගුවන් මැදිරි වලින් සමන්විත මෙහි  ‘තැලස් ඇවන්ට්‘ යන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති හදුන්වා දී ඇත. එමෙන්ම  උසස් තාක්ෂණික පහසුකම් සහ වැඩිදියුණු කළ ඉන්ධන කාර්යක්ෂමතාවයන් ඇතුළත්ය.    ව්‍යාපාර පංතියේ සැප පහසු හෙරින්බෝන් හැඩයේ අති සුඛෝපභෝගී නිදන ආසන, ස්වාභාවික අවස්ථා වන ඉර බැසීම, ඉර පෑයීම මෙන්ම රාත්‍රී අහස යනාදියේ ආලෝකනය  උද්දීපනය වන අයුරින් මේවා සකස් කර  ඇත.   සෑම ගුවන් මගියකුටම සෘජු ප්‍රවේශ මාර්ග, පුද්ගලයන් සඳහා  පී.සී විද්‍යුත් සොකට් භාවිතයට  හැකියාව,  වයි-ෆයි  සම්බන්ධතාව මගින් ව්‍යාපාර පංතියේ ගුවන් මගීන් සඳහා පුද්ගලිකත්වය සහ සුවපහසුව  එක් වූ  ගමනක ආශ්වාදය අත්විඳගැනීමේ අවස්ථා මෙමගින් උදා වෙනු ඇත.  පිරිමැසුම් පංතියේ  ගුවන් මගීන් සඳහා ද මේ හා සමාන සුවපහසුවක් අත්විඳමේ හැකියාව ඇත.ගුවන් යානයේ අභ්‍යන්තර  වයි-ෆයි  සහ ජංගම දුරකථන භාවිතය සඳහා පහසුකම් සපයා දෙන ඉන්දියා උප මහද්වීපයේ ප්‍රථම ගුවන් සේවාව බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙයින්ඉතිහාසයට එක්වනු ඇත. එමඟින් ගුවන් මගින්ට ඵලදායි ලෙස ගුවන්ගත වීමට සහ තම හිතවතුන් හා සම්බන්ධ වී ගුවනේ දී මෙම පහසුකම් අත්විදීමට අවස්ථා ලැබී ඇත.   ඈත පෙරදිග  ගමන් මාර්ග සඳහා ගුවන් මගීන් ප්‍රමාණය වැඩි කිරීම, පැටවුම් ධාරිතාව වැඩිකිරීම, කලාපයේ ප්‍රමුඛ වෙළෙඳපොලවල් සහ ශ්‍රී ලංකාවට ප්‍රධාන ලෙස සංචාරක ප්‍රතිලාභ අත්පත් කරදෙන වෙළෙඳපොලවල්  වෙත වෙළෙඳපොල කොටස් වැඩිකිරීමට මෙයින්  බලාපොරොත්තු  වේ.      ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ  මාස 2ක් වැනි කෙටි කාලයක දී තවත් නවතම ඒ330-300 ගුවන් යානාවක් ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට එකතු වීම තුළින් ශ්‍රී ලංකන් සතුව ඇති අනෙකුත්  ගුවන් යානා නවීකරණය කිරීමට හැකියාව ලැබුණු බවයි.මෙම නවතම ඒ330-300 ගුවන් යානා  තුළින් ගුවන් මෙහෙයුම් හි සාර්ථක කාලපරිච්ඡේදයක් ආරම්භ වනු ඇතැයි ගුවන් සමාගම තරයේ විශ්වාස කරන බවද ඔහු  සඳහන් කළේය.     
යූඑල් 880 යානය පැය 11 ක් ප්‍රමාදයි
0
hp_train_1497
පැවතුන වැසි රහිත කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකයේත්  සවස 4.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.  
‘වැසි රහිත කාලගුණයේ වෙනසක්‘
1
hp_train_1498
සබරගමුව පළාතේ ද ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ද  බස්නාහිර සහ වයඹ  පළාත්වල ද තැනින් තැන වැසි ඇතිවේ. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ද ස්ථාන කීපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම කඳුකරය, වයඹ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශවලින් හා නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර්. 50 පමණ දක්වා වැඩි විය හැකියි.පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි ඇති වන බවත්, සවස 2 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී සෙසු මුහුදු ප්‍රදේශවල  ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
‘දිස්ත්‍රික්ක කීපයක වැසි‘
0
hp_train_1499
මධ්‍යම සහ සබරගමුව පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයටත් වැසි  ස්වල්පයක් ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 04/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35278570සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.කොළඹ32288570වැසි වාර ස්වල්පයක්ගාල්ල30279080වැසි වාර ස්වල්පයක්යාපනය33298065ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29229565වැසි වාර කිහිපයක්නුවරඑළිය20159575වැසි වාර කිහිපයක්රත්නපුරය32259570වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමළය35278050සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.මන්නාරම32288070වැසි ස්වල්පයක්
හෙට දවසේ කාලගුණය
0
hp_train_1500
( සම්පත් ප්‍රියනන්දන)වර්ෂාවත් සමග  රත්නපුර  දිස්ත්‍රික්කයේ නාය යාමේ  අවදානමක්  ඇතිවිය හැකි     ප්‍රදේශිය ලේකම්  කොටිඨාස හතරකට   විමසිලිමත්විමේ  කහ  නිවේදන  නිකුත්  කර  ඇතැයි  ජාතික ගොඩනැගිල්ල පර්යේෂණ සංවර්ධනය  පවසයි.රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ,කුරුවිට ,රත්නපුර සහ ඇලපාත  යන ප්‍රදේශිය ලේකම් කොටිඨාශවල නාය  යාමේ අවදානම්  කලාපවල ජිවත්වෙන ජනතාව විමසිල්ලෙන්  සිටින්නැයි ජාතික ගොඩනැගිල්ල පර්යේෂණ සංවිධානය  ජනතාවට දැනුමි  දෙයි.මේ දිනවල  පස්වරුවේ  ඇති වන ගිගුම් සහිත වර්ෂාවත්  සමග  නාය  යාමේ අවදානම් ඇතිවිය හැකි  බව ද  සඳහන් කර තිබේ.
රත්නපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 7 කට නාය අවදානම්
0