id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_1501
(කටුනායක ටී.කේ.ජී.කපිල)විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.මොහු ගාල්ල, ඉමදුව  ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.ඔහු අද (03) අලුයම 5.40 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ මෙම ඩුබායි හි නිෂ්පාදිත රුපියල් 6,50,000 ක් වටිනා දුම්වැටි 13,000 ක් අසුරා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.මෙම අත් අඩංගුවට ගැනීම රේගු අධිකාරිවරුන් වන එච්.ඊ.ඩී. පෙරේරා, ජී.එස්.චන්ද්‍රසිරි, සහකාර රේගු අධිකාරිවරුන් වන උමංග ද සිල්වා, ඩබ්ලිව්.ඒ.ඩබ්ලිව්. සමීර, එස්. එච්.එල්. රණසිංහ සහ පී.ඩී.එන්. ගමගේ යන මහත්වරු මෙහෙයවූහ.මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ සමන් රණවන මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ රජිකා ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන පීටර් ගුණවර්ධන සහ තිලක් සුරවීර යන මහත්වරු සිදුකළහ.මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.ඒ.ටී.බී. සුරවීර මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර, මෙම ගුවන් මගියාට රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.
නිල් කැට 790 ක් සමග උගණ්ඩා ජාතිකයෙක් අත්අඩංගුවට
0
hp_train_1502
ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි   එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා පත් කර තිබේ.ඒ මහතා අද (13) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය(36698)
ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ධූරයට එරික් ප්‍රසන්න වීරවර්ධන
1
hp_train_1503
බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර වයඹ සහ දකුණු පළාත්වලවත් රත්නපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වේ. සවස 04.00 න් පමණ පසු මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සවස 2 න් පසු ශ්‍රි ලංකාව වටා සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.   පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර් 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.  
‘ඉදිරි දිනවලත් තද වැසි‘
0
hp_train_1504
(අංජුල මහික වීරරත්න)“ශීඝ්‍රයෙන් දියුණු වන ඉන්දියන් සාගර කලාපයේ තරගකාරී අගය වැඩිකිරීම සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් බවට පත් කරන්නේ” යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (4) හම්බන්තොට දී පැවැසීය.“ලෝකය සමග එක්ව ශ්‍රී ලංකාවට බොහෝ දුර ගමන යාමට තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා අතීතයේ නොදියුණු චීන නගර දියුණු වූ ආකාරය ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවේ නොදියුණු ප්‍රදේශ දියුණු කරන බවද” කීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ ශ්‍රී ලංකා-චීන මහා සංවිධාන හා කර්මාන්ත කලාප කාර්යාලය ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.“යහපත් ඇරැඹුමක සැමරුම” තේමාවෙන් කර්මාන්ත කලාප කාර්යාලය ක්‍රියාත්මක කෙරෙයි.රුහුණු-මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කාර්යාලය ස්ථාපිත කර පවතී. උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.“ශ්‍රී ලංකා චීන මහා සංවිධාන කලාප කාර්යාලය විවෘත කිරීමෙන් රුහුණු ආර්ථික සංවර්ධනය ආරම්භ කරනවා. මෙතෙක් කල් මේ කටයුතු සාකච්ඡා කළේ කොළඹ සහ බීජිං නගරයේයි. දැන් හම්බන්තොට සිටම වැඩට බහින කාලය පැමිණිලා. මහජන චීනයත්, ලංකාවත් අතර තානාපති සබඳතා ස්ථාපිත කර වසර 60 ක් පිරෙන අවස්ථාවේදී මේ වැඩසටහන ආරම්භ කරනවා. එමෙන්ම මහජන චීනයේත්, ලංකාවේත් සංවර්ධනය ආරම්භ කර වසර 40 ක් පිරෙනවා. 1977 ජූලි මාසයේදී ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට අගමැති වී නොවැම්බර් මාසයේදී විවෘත ආර්ථිකය ආරම්භ කළා. 1977 ජූලි මාසයේදී ඩෙන් ෂෙන් ජින් චීන නායකතුමා චීනයේ නියෝජ්‍ය අගමැති වී 1978 දී විවෘත ආර්ථිකයේ මූලික පියවර මහජන චීනයේ ක්‍රියාත්මක කළා.මේ කාර්යාලය ආරම්භ කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රමුඛ රජය වසර දෙකක් අවසන් කර ජාතික රජයේ 2025 දර්ශනය නිකුත් කිරීමත් සමගයි.අප රැස්වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 15 වැනි සම්මේලනයෙන් පසුව “එක් මාවතක්-එක් තීරයක්” වැඩසටහනට පක්ෂයේ දේශපාලන අනුමැතිය දීමෙන්ද පසුවයි. එසේ නම් අද කරන්නේ ඉතා වැදගත් කාර්යයක් බව කිව යුතුයි.වෙනත් කරුණු ගැන කීමට පෙර මෙහි අතීතය සිහිපත් කරන්න කැමැතියි. මා අග්‍රාමාත්‍ය ලෙස මීට පෙර කටයුතු කරන අවස්ථාවේදී එදා දකුණු සංවර්ධන අමාත්‍යාංශයෙන් ආනන්ද කුලරත්න මහතා රුහුණේ වරාය, ගුවන් තොටුපොළ ඉදිකිරීම පිළිබඳව යෝජනා කළා. වර්තමාන වරායත්, ගුවන් තොටුපොළත් ඉදිකළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේයි. නමුත් ඒ සමග විසඳුවේ නැති ආර්ථික ප්‍රශ්න ගණනාවක් තිබුණා. ව්‍යාපෘති සඳහා ණය ගෙන තිබුණත් ණය ගෙවීමට ක්‍රියාත්මක වන වරාය හෝ ගුවන් තොටුපොළ හෝ තිබුණේ නැහැ. එමෙන්ම ප්‍රදේශ එකතු කරන මාර්ග පද්ධතිය ඉදිවී තිබුණේද නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී මා අගමැති වී 2015 මාර්තු මාසයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයට ගියේ මේ ප්‍රශ්න මධ්‍යයේයි. එහිදී මූලික කාරණා පිළිබඳව චීන නායකත්වය සමග සාකච්ඡා කළා. ජාතික ආණ්ඩුවක් බිහි කළ පසුව පක්ෂ දෙකෙහිම නියෝජිතයින් සමග මාත් චීනයට ගියා. චීනයේදී හමුවී චීන නායකත්වය සමග මා සාකච්ඡා කළා.අපට තිබූ ප්‍රශ්න ගැන සාකච්ඡා කළා. මා පළමුවෙන්ම ඒ පිළිබඳව චීන ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. විශාල ණයක් ඇති බවත් ඒ ණය ගෙවීමට ශක්තිය නැති බවත් මා දැනුම් දුන්නා. රට විශාල අර්බුදයකට මැදිවී සිටින බැවින් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න හැකි වේවිදැයි නොදන්නා බවත් මා පැවසුවා.මේ පිළිබඳව චීන අග්‍රාමාත්‍යවරයා සමග මා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. කරුණු පැහැදිලි කළා. ඉන් පසුව චීන ජනපති සමග සාකච්ඡා කළා. අපගේ ප්‍රශ්න ඉදිරිපත් කළ චීන ජනපතිට යම් විසඳුමක් තිබුණා.චීනය සහ ලංකාව අතර හවුල් ව්‍යාපාරය ඇතිකර හවුල් ව්‍යාපාරය යටතේ වරාය කුලියට ගෙන ඒ සඳහා වන මුදල් සියල්ල වේලාසනින් ගන්නවා නම් අපට ණය ගෙවීමට ශක්තිය ලැබෙනු ඇතැයි ඔහු පැවැසුවා. එමෙන්ම වරායත් සමග මේ ප්‍රදේශවල කර්මාන්තකරණය ඇති කළ යුතු බවද චීන ජනපති මා සමග පැවැසුවා.මමත් කාලයක් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යුගයේ මෙරට කර්මාන්තකරණය ආරම්භ කළා. චීන ජනපතිවරයාගේ අදහස ඉතා හොඳ බව අපට වැටහුණා. ඒ කාරණයට අප එකඟ වුණා.ලංකාවේදී සහ චීනයේදී මේ පිළිබඳව සාකච්ඡා කර අවසානයේදී වරාය අධිකාරියත් චයිනා මාර්චන්ට් සමාගමත් සමග ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ අනුව හම්බන්තොට වරාය ලබන මාසයේදී ඒ සමාගම බාර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම ගෙවිය යුතු කුලී මුදල චීනය විසින් ගෙවා දමන නිසා අපේ ණය බර ප්‍රශ්නය විසැඳෙනවා. මේ සමාගම වරායේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා තවත් ඩොලර් කෝටි හැටක් ආයෝජනය කරනවා. මේ සඳහා ඔවුන් වියදම් කළ ඩොලර් 110 ට අමතරව තවත් ඩොලර් කෝටි 60 ක් ශ්‍රී ලංකාවට වියදම් කරනවා. වරායකින් පමණක් කර්මාන්තකරණය ළඟාකර ගැනීමට හැකියාව නැහැ. සමහර බලශක්ති පහසුකම් අවශ්‍යයි. ඒ නිසා තෙල් පිරිපහදුව, එල්.එන්.ජී. විදුලිය බලාගාරය ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කරනවා. අපට වානේ කර්මාන්ත ශාලාවක්, සිමෙන්ති කර්මාන්ත ශාලාවක් අවශ්‍යයි. නැව් තටාක පිළිබඳවත් සාකච්ඡා කරනවා. සාකච්ඡා පවත්වන්නේ මූලික අදියර හැටියටයි. මේ සාකච්ඡා එතැනින් නතර වන්නේ නැහැ.රුහුණු ආර්ථික කලාපය යනු විශාල කර්මාන්ත පුරයයි. හම්බන්තොට-මොනරාගල ප්‍රදේශ දෙකේම කර්මාන්ත ඉදිවෙනවා. කර්මාන්ත කලාප ගණනාවක් තිබෙනවා. කර්මාන්ත කලාපයෙන් කොටසක් හම්බන්තොටත් කොටසක් මොනරාගලත් තිබෙනවා.මේ ප්‍රදේශවල රජයේ ඉඩම් විටින් විට කර්මාන්ත කලාප සඳහා අදාළ සමාගම්වලට දීර්ඝ කාලීන පදනම යටතේ බදු දෙනවා. එලෙස බිහිවන කර්මාන්ත ශාලා තුළින් රැකියා උත්පාදනය වෙනවා. ඊට අදාළ නිවාස සංකීර්ණ, වෙළෙඳ සංකීර්ණ, රෝහල්, උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් මෙහි ඉදිකිරීම අපේ බලාපොරොත්තුවයි.චීන සමාගම් පමණක් නොව වෙනත් රටවල්වල සමාගම්ද මෙහි ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි. සියලුම කටයුතු මේ නව කාර්යාලයේ සිට මෙහෙයවීමට හැකියි. අප මෙතැන් සිට වැඩ ආරම්භ කරමු. මෙහි වැදගත්කම එයයි.අද තබන්නේ අප රටේ සංවර්ධනයට වැදගත් පියවරයි. ජාතික රජයේ වැඩසටහන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පක්ෂ ගණනාවක්  එක්ව මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ රටේ අනාගතය ගොඩනැගීම සඳහායි. සංවර්ධන කටයුතු මහවැලි ව්‍යාපාරය ලෙසින්ම හැමදාම තිබෙනවා. එහි වියදම මහවැලි ව්‍යාපාරටත් වඩා වැඩියි. විශාල ආර්ථිකයක් ඇති වෙනවා.ජාතික ආණ්ඩුව ලෙස පළමු වරට මහනුවර සිට හම්බන්තොට දක්වා විශාල දියුණු කලාපය ඇති කිරීමට ක්‍රියා කරනවා.මේ ප්‍රදේශවල රටේ ජනගහණයෙන් තුනෙන් දෙකක පිරිස ඉන්නවා. පැය - දෙක තුනකින් මහනුවර සිට හම්බන්තොටට එන්න හැකියාව ලැබේවි. කොළඹ සිට මහනුවරට යාමට පැය අටක් ගත වූ බව මට හමුවූ පුද්ගලයකු පැවැසුවා. අපගේ අලුත් වැඩසටහන ඇති කළ පසුව පැය අටකින් නුවර සිට හම්බන්තොට පැමිණ නැවත නුවරට යාමට හැකියාව ලැබෙන බව මා පැවැසුවා.මහනුවර කේන්ද්‍ර කරගනිමින් සංචාරක කලාප ඉදි කෙරෙනවා. කර්මාන්ත කලාප තිබෙනවා. තාක්ෂණ කලාප තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශය විශාල ආර්ථික කලාපයක් බවට පත් වෙනවා.එසේ නම් ලංකාවේ නොදියුණුම ප්‍රදේශයක විශාල දියුණුව ඇති කිරීමට අපට හැකිවූවා. කළ යුත්තේ ඒ දියුණුව ඉදිරියට ගෙන යාමයි.ශ්‍රී ලංකාවේ දියුණුව ලංකාවට පමණක් නොව ඉන්දියන් සාගර කලාපයට වැදගත් බව කිව යුතුයි. මහජන චීනයෙන් ඇරැඹූ “එක් මාවතක් එක් තීරයක්” වැඩසටහන යටතේ මුහුදු මාර්ග අතුරින් චීනයත්-යුරෝපයත් සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා.ඉන්දියන් සාගරය සමග ශ්‍රී ලංකාව මේ වැඩසටහනේ මධ්‍යස්ථානය බවට පත් කරනවා.එමෙන්ම අපට කොළඹ මුල්‍ය නගරය තිබෙනවා. මුල්‍ය වැඩකටයුතු එහි කර සෙසු කටයුතු මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි.මුදල් ශක්තිය මුල්‍ය නගරයෙන් ලැබෙනවා. කර්මාන්තකරණය මෙන්ම සේවා අංශයේ කටයුතු මෙහි වෙනවා. මේ කටයුතු නිසා සංචාරක කර්මාන්තය ඉබේම දියුණු වීමට නියමිතයි.උදාවන දියුණුවත් සමග මෙහි සිටින ජනතාවට ආහාර නිෂ්පාදනය කළ යුතුයි. හම්බන්තොට නොයෙක් වෙළෙඳ ව්‍යාපාර බිහිවේවි. මේ ප්‍රදේශවල ඉඩම් මිල දෙගුණයකින් සිව් ගුණයකින් ඇතැම් විට ඊට වඩා ඉහළින් යයි. ඒ දියුණුව මෙහි ගෙනැවිත් දැන් ආරම්භ කළ යුතුව ඇත්තේ මොනරාගල, හම්බන්තොට, මාතර, ඇඹිලිපිටිය තරුණ-තරුණියන් රැකියා සඳහා පුහුණු කිරීමයි.“එක මාවතක් - එක් තීරයක්” වැඩසටහන යටතේ වරාය දියුණු වීමට අමතරව එක් වෙළඳ ක්‍රමයක් ඇති වෙනවා. ඒ වෙළඳ ක්‍රමය ඉතා වැදගත් බව කිව යුතුයි. එය අපේ ප්‍රතිපත්තිවලටත් වැදගත් වෙනවා.තවත් වෙළෙඳ ක්‍රම ඇතිවේවි. ඕනෑම වෙළෙඳ ක්‍රමයකට ඇතුළු වී වැඩ කිරීමේ හැකියාව අපට තිබෙනවා. තරඟකාරී වාණිජ වැඩසටහන් සඳහා අප එක්විය යුතුයි.මගේ බලාපොරොත්තුව වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර ස්ථානය බවට පත් කිරීමයි. දැනට කොළඹ වරාය දියුණු කරගෙන යනවා. හම්බන්තොට වරාය දියුණු කරගෙන යනවා. ඉන් පසුව ත්‍රිකුණාමලය වරාය දියුණු කරනවා.ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂියැං ලියොං මහතා-“අද අප දෙරටටම සතුටුදායක දවසක් වනවා. රටවල් දෙක අතර කර්මාන්තකරණය ඉදිරියට ගෙනයාම සඳහා මෙහෙයුම් කමිටුව ඇරැඹීමට කාලය අවශ්‍යයි. කර්මාන්ත කලාපයේ ආයෝජන අවස්ථා ගැනීම සඳහා රටවල් ගණනාවක තානාපතිවරුන් අප සමග සාකච්ඡා කරනවා. නව කාර්යාලය විවෘත කිරීමත් සමග ආයෝජන ගැනීම සඳහා සාකච්ඡා කිරීම මේ කාර්යාලය මගින් ඍජුවම කිරීමට හැකියි.මෙහි කර්මාන්තකරණය පිළිබඳව අප ජනපති - අගමැති සමග සාකච්ඡා කළා.චීනය - ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා හැමවිටම ඉදිරිපත් වී සිටිනවා. මෙය රටවල් දෙක අතර මිත්‍රත්වය තහවුරු කෙරෙන තවත් සංකේතයක් බව කිව යුතුයි”මේ අවස්ථාව සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, දිලිප් වෙදආරච්චි යන මහත්වරු ප්‍රමුඛ මැති - ඇමැතිවරු රැසක්ද සහභාගි වූහ.
තරගකාරී අගය වැඩි කිරීමට ශ්‍රී ලංකාව වේදිකාවක් කරනවා
1
hp_train_1505
හර්ෂණ තුෂාර සිල්වා රුපියල තවදුරටත් අවප්‍රමාණය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (7) 160 ක් දක්වා පහළ ගියේය.ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂාව රුපියලේ විකුණුම් මිල 160.00ක් ලෙසත් ගැනුම් මිල 156.91ක් ලෙසත් සටහන්  වී තිබිණි. ඉකුත් පෙබරවාරි 10 වැනි දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය නිසා රුපියල් අඛණ්ඩව පහත වැටුණු අතර රුපියලේ අගය මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට ජූනි 1 වැනි දා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.3කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එම කාලයේදී ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියල සියයට 2.1කින් ද යුරෝවකට සාපේක්ෂව සියයට 1.3කින් ද අවප්‍රමාණය  වී තිබේ. රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මැයි (11) සඳහන් කළේය. පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.  මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 216.05ක් ලෙසත් යුරෝ එකකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 189.92ක් ලෙසත් දැක්විණි.
රුපියල පහළටම වැටෙයි
0
hp_train_1506
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද පස්වරු 1.20ට පමණ නවලෝක රෝහලෙන් පිටතට රැගෙනයනු ලැබීය.බන්ධනාගාර නිලධරයන් ඔහු වැලිකඩට ගෙන යන්නට ඇතැයි දැනගන්නට ඇත. ෆොන්සේකා රැගෙන යද්දී එහි රැස්ව සිටි ජනයා කෑකෝ ගැසූහ.සබැඳි පුවත්.......සුරතලාත් හාම්පුතා ළඟට දුවයිහිටපු හමුදාපති නිදොස් කොට නිදහස් කරන්නැයි එජාපය කියයි 150ක මාධ්‍ය බළ ඇණියක්කිරිබතුයි රතිඤ්ඤයි තැන තැන"එල්ලූවත් මගේ දිරිය එහෙමමයි"ඉදිරියට ආ සැමට ෆොන්සේකා තුති පුදයිමාස 27කට පසු ෆොන්සේකා ගෙදර යයිෆොන්සේකා හිරෙන් එළියටෆොන්සේකා පරණ නවාතැනට යයිසුදු කොඩි ඇපෑලත් අස්කර ගනීෆොන්සේකා දින 25ක් නවලෝකේහිටපු හමුදාපති අලුත්කඩේෆොන්සේකා නවලෝකෙන් රැගෙන යයිවැලිකඩ හිරගෙදර ළඟ මහ සෙනඟක්ජවිපෙ ෆොන්සේකාට පූර්ණ නිදහස ඉල්ලයිෆොන්සේකා ගෙදර යන්නේ මේ පාරෙන්ෆොන්සේකා නවලෝකෙන් බන්ධනාගාරයටසරත් ෆොන්සේකා 
ෆොන්සේකා නවලෝකෙන් රැගෙන යයි
1
hp_train_1507
(ඩයනා උදයංගනී)දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.හිමිදිරි උදෑසන සීතල කාලගුණයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. 
අද දවසේ අහස පැහැදිලි
1
hp_train_1508
 ජුඩ් සමන්ත වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.තලවිල දේවස්ථානයේ පසුගිය මාර්තු මස පැවති මංගල්‍යයේ විශේෂ රාජකාරි  සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අතිකාල දීමානා නොගෙවීම සහ කප්පාදු කිරීමට එරෙහිව පසුගිය මස 30 වැනි දා මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ආරම්භ කරන ලදී.ඒ අනුව තලවිල දේවස්ථානයේ අගෝස්තු මංගල්‍යයේ විශේෂ රාජකාරි වලින් වැළකී සිටීමට පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන ලදි. පසුව එක් දිනක් ලෙඩ නිවාඩු වාර්තා කළ අතර,පසුව රාජකාරියට වාර්තා කරන නමුත් කේෂත්‍ර රාජකාරි වලින් බැහැර වීමට ඔවුන් තීරණය කළේය.මෙම තත්ත්වය නිසා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවති විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මර්දන දූමායන කටයුතුද ඇණ හිටින ලදි. හලාවත - මුන්නේෂ්වරම දේවාලයේ නිකිණි මංගල්‍යයේ විශේෂ රාජකාරි වලින්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වී සිටියේය.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්ෂේත්‍ර රාජකාරියෙන් ඉවත් වී සිටි කාලය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකින්ම ඩෙංගු රෝගීන් වාර්තා විය.පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට සහාය පල කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත් වී සිටියේය.කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන් අතර පැවති සාකච්ඡා වට කීපයකින් පසුව තලවිල දේවස්ථානයේ රාජකාරි කළ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හිඟ අතීකාල දීමනා ගෙවීමට එක් වී ඇත. 
උසස් පෙළ විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මර්දනයෙන් පීඑච්අයිලා ඉවත් වෙති
0
hp_train_1509
( ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයන්ත ජයවර්ධන)රංගන ශිල්පී රයන් වැන්රොයන් මහතා ලබන 25 වැනිදා තෙක් තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ආරියසේන පනංගල මහතා අද  (11)  නියෝග කළේය.දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් සමග ඩුබායි හී දී අත්අඩංගුවට පත් ඔහු එරටින් පිටුවහල් කිරිමෙන් පසු පොලීසිය සැකපිටඅත්අඩංගුවට ගෙන තිබුණි.පසුව එම සැකකරු ඉකුත් 05 වැනි දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත්කළ අවස්ථාවේදී අද (11) වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලදි.ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු මාතර අධිකරණය වෙත කැදවා ගෙන විත් ඉදිරිපත් කළේය.සැකකරුට අයත් බව කියන මෝටර් රථය තුළ තිබී කේරල ගංජා මිලි ග්‍රෑම් 5750 ක  ප්‍රමාණයක් පොලීසිය සොයා ගෙන තිබුණි.එම මෝටර් රථය ඩුබායිහීදී අත් අඩංගුවට පත් අමිල ප්‍රසංග හෙට්ටිගේ නොහොත් සන්ෂයින් සුද්දා යන අයට අයත් මිරිස්සේ හෝටලයක දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගෙන තිබුණි.අදාල මෝටර් රථය ලියාපදිංචි කර තිබුණේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට බව පොලීසිය සදහන් කරයි.මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතාගේ උපදෙස් මත වැලිගම මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
‘රයන්‘ තව දුරටත් රිමාන්ඩ්
1
hp_train_1510
(පැතුම් දර්ශන) එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර  තියුණු තරඟයක් නිර්මාණය වී ඇති බවට  තොරතුරු අනාවරණය වෙයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු අතර මෙම තරඟය පවතින බවද ඒ වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ අනිකුත් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබා ගැනීමට ඔවුන් දැඩි උත්සාහයක නිරතවන බවද වැඩිදුරටත් අනාවරණය වෙයි. හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ වර්තමාන සභාපතිවරයා ලෙස චාරික උදයංග විජෙරත්න මහතා කටයුතු කරන අතර ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හොරොව්පොතාන මැතිවරණ කොට්ඨාසයෙන්  තේරී පත්විය.  2018 වසරේ අප්‍රේල් 8 වනදා සිට මේ දක්වා ඔහු සිය තනතුර හොබවනු ලබයි.ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කළ අතර එහිදී ඔවුන්ට මන්ත්‍රී ධූර 8ක් හිමිවිය. එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීධූර 7ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීධුර 4ක් සහ එක් ස්වාධීන මන්ත්‍රීධූරයක් හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවට හිමිවිය.පසුව  සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී වර්තමාන සභාපති චාරික උදයංග විජෙරත්න මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ සහ ස්වාධීන මන්ත්‍රී හිමිනමගේ ඡන්දය හිමිවීමෙන් ඔහු සභාපති ධුරයට පත්විය.මේ වන විට කෙසේ හො වර්තමාන සභාපතිවරයා ඉවත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ප්‍රධානතම අරමුණ වී ඇතිමුත්, පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සභාපතිධූරය ලබාගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ගැටලු පැන නැගී ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම තත්වය හමුවේ වත්මන් සභාපතිවරයා  2020 වසර වෙනුවෙන් වන  අයවැය කෙටුම්පත ලබන 28 වනදා සභාවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.මේ සම්බන්ධයෙන් හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ සභාපති චාරික උදයංග විජේරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීය. "ප්‍රාදේශීය සභා පනත අනුව ඉල්ලා අස්වීමකින් තොරව සභාපතිවරයෙකු වෙනස් කිරීමේ ක්‍රමවේදයක් නෑ. මම ඉදිරියේදී ක්‍රියා කරන්නේ ප්‍රාදේශීය සභා පනත අනුව. එයින් පිට කිසිදු ක්‍රියාමාර්ගයකට මම එකඟ වෙන්නෑ"යැයි සභාපතිවරයා කීය.
‘පලාගල ප්‍රා. සභා රැස්වීමට ජංගම දුරකතන තහනම් ‘
0
hp_train_1511
එයාර් ඉන්දියා ගුවන් සමාගමට අනුබද්ධිත, එයාර් එලයන්ස් ගුවන් සේවය මගින් යාපනය ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපළ දක්වා වාණිජ ගුවන් සේවා කටයුතු  නොවැම්බර් 11 දින සිට ආරම්භ කරන බව එයාර් එලයන්ස් ගුවන් සේවය පවසයි.මෙම ගුවන් ගමන් සඳුදා, බදාදා සහ සෙනසුරාදා යන දිනවලදී පැවැත්වේ.එයාර් එලයන්ස් සමාගමේ 9I 101 ගුවන්යානය චෙන්නායිහි සිට පෙරවරු 10.35ට පිටත් වන අතර, එය 12.00ට යාපනයට පැමිණීමට නියමිතය.එම ගුවන්යානය 9I 102 දරන අංකය ඔස්සේ යාපනයේ සිට පස්වරු 12.45ට පිටත්වන අතර, එය 2.10ට චෙන්නායි ගුවන් තොටුපළ වෙත ළඟාවනු ඇත.එයාර් එලයන්ස් සේවය ඉන්දියාවේ ගමනාන්ත 53ක් වෙත මේ වනවිට සම්බන්ධ වී සිටී. මේ අනුව එහි 54වන ගමනාන්තය ලෙස යාපනය තෝරාගනු ලැබ ඇත. එලායන්ස්හි පළමු ජාත්‍යන්තර ගුවන් සේවා සබඳතාවද මේ අනුව ඇරඹෙයි.මෙම ගුවන් ගමන් කටයුතු යාපනය සහ ඉන්දියාවේ චෙන්නායි නුවර අතර, මෙතෙක් පැවති වසර 41ක හිදැස පිරවීමක් ද වන්නේය.යාපනයේ සිට පියාසර කරන මගීන්ට ට්‍රිචි, මදුරායි, දිල්ලි, ත්‍රිවන්ද්‍රම්, ගෝවේ, හයිද්‍රබාද්, කුවේට්, මස්කට්, ඩුබායි, සාජා සමඟ සම්බන්ධ වී සුවපහසු ගුවන් සේවයක් ලබාගැනීමට හැකි වේ.එයාර් ඉන්දියා සමාගමේ ප්‍රධාන කළමනාකාර අධ්‍යක්ෂක ශ්‍රී අෂ්වානි ලොහානි මහතා පැවසුවේ මෙය ආඩම්බර විය හැකි මොහොතක් බවයි. “එයාර් ඉන්දියා සමාගමේ දෙවන ගුවන් සේවය වන එයාර් එලයන්ස් සේවය ජාත්‍යන්තරයට පිවිසීමක්” බවද ඒ මහතා කීය.“මෙය චෙන්නායි සහ යාපනය අතර, පළමු සෘජු ගුවන් ගමන් සේවය වේවි” යැයි එයාර් එලයන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී සී.එස්.සුබියාහ් මහතා පැවසීය.පලාලි ගුවන් තොටුපලේ තිබෙන කෙටි ධාවන පථය හේතුවෙන් මේ සඳහා යොදාගනු ලබන්නේ ආසන 70කින් යුතු කුඩා ප්‍රමාණයේ ගුවන් යානා වේ.යාපනයේ සිට චෙන්නායි දක්වා ගුවන් ගමන් සඳහා ආරම්භක ගාස්තුව වශයෙන් රුපියල් 8,180ක මුදලක් වැය වන අතර, බදු ඇතුළත්ව එම මුදල රුපියල් 9,630ක් පමණ වේ.එයාර් එලයන්ස් ගුවන් සේවයේ සියලු ගුවන් ගමන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා www.airindia.in වෙබ් අඩවියට පිවිසිය හැකිය.
යාපනය-චෙන්නායි ගුවන් ගමන් සඳුදා සිට
1
hp_train_1512
(එස්.ඩි.කොඩිකාර)වල්ලාපට්ටා කිලෝ 5 යි ග්‍රෑම් 400 ක් ත්‍රීරෝද රථයකින්  ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ඒවා කැපීමට යොදා ගත් කියත් දෙකක් සමඟ අද (04) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 24 ත් 27 ත් 34 ත් වයස් කාණ්ඩවල පසුවන කළුබෝවිටියන , අඹේවෙල ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.සැකකරුවන් අකුරැස්ස, විල්පිට රක්ෂිතයේ නවාතැන් ගෙන මෙම වල්ලාපට්ටා කපා ඉතා සූක්ෂමව බෑග් දෙකක සඟවා ත්‍රීරෝද රථයේ පිටුපස සඟවා රැගෙන එමින් තිබූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසීය.ත්‍රීරෝද රථය මොරවක පොලිස්ථානය මගහැර අතු ඇළ ප්‍රදේශයේ මාර්ගයකින් තලපෙ කුඹුර හරහා ගමන් කරන අතරතුර පොලිසියට ලද තොරතුරක් මත තලපෙ  කුඹුර ප්‍රදේශයේදී මාර්ග බාධකයක් යොදා ත්‍රීරෝද රථය  සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය පරීක්ෂණ පවත්වයි. 
වල්ලාපට්ටා කිලෝ 5 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
1
hp_train_1513
ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙන්නැයි තමන්ට ඇරැයුම් ලැබී ඇති නමුත්, රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් සමුළුවට සහභාගී වන්නේ නම්, තමන් ඊට සහභාගී නොවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.‘ජී20’ රාජ්‍ය නායක සමුළුව ලබන 15 සහ 16 දෙදින ඉන්දුනීසියාවේ පැවැත්වෙන්නේ ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝගේ ප්‍රධානත්වයෙනි.රුසියන් ජනාපධිති පුටින් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ගෙන්වා, මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට ඉඩ සලස්වා රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට උත්සාහගන්නා බව ජනාධිපති විඩෝඩෝ පවසා තිබේ.(රොයිටර්)
පුටින් එනවා නම් මං එන්නේ නෑ
1
hp_train_1514
ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ  සහ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සුළං වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.  මේ ගැන විපරමින් සිටින්නැයි ධිවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද  වැසි ස්වල්පයක් ඇති  වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව34278060ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31268575වැසි වාර කිහිපයක්ගාල්ල30268580වැසි වාර කිහිපයක්යාපනය31288070ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29229570වැසි වාර කිහිපයක්නුවරඑළිය19149580වැසි වාර කිහිපයක්රත්නපුරය31249570වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමළය35268055ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31279080වැසි ස්වල්පයක්.                 
‘ඉදිරි දින කීපයේ තද වැසි‘
0
hp_train_1515
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නැවත වරක් අද  200 සීමාව ඉක්මවා පහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (16) රුපියල් 200.06ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 198.25ක් ලෙසත් දැක්විණි.මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය. මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.2 කින් අවප්‍රමාණය වී ඇත.
රුපියල යළි පහළට
0
hp_train_1516
(ෂෙහාන් චාමික සිල්වා)හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය නිකුත් කළ නියෝගය අනුව ඔහු අද (19) අධිකරණයට පැමිණියේය.ඊයේ (18) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිමට නොහැකි වීම සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය.එය සළකා බැලු මහේස්ත්‍රාත්වරිය නැවත මාර්තු 6 වැනිදා වරෙන්තුව යළි කැඳවීමට නියමිතය.2014 දෙසැම්බර් මාසයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමඟ කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කෙරිණි.
මාලක සිල්වා අද උසාවියේ
1
hp_train_1517
 රොමේෂ් මධුෂංඛ පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාත තුළ පවුල් 436 කට අයත් පුද්ගලයින් 1508  දෙනෙකු ආපදාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙයි.මේ අනුව අද (09) වන විට ගංවතුර හේතුවෙන් වැඩිම පිරිසක් ආපදාවන්ට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වන අතර එය පවුල් 228 කට අයත් පුද්ගලයින් 836 දෙනෙකු වෙයි.ඊට අමතරව මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 202 කට අයත් පුද්ගලයින් 647 දෙනෙකු ද වව්නියාවේ පවුල් 5 කට අයත් පුද්ගලයින් 21 දෙනෙකු ද යාපනය දිස්ත්‍රික්කයේ පවුලකට අයත් පුද්ගලයින් සිව් දෙනෙකු ද විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පෙන්වා දෙයි.ගංවතුර ගැලීම හේතුවෙන් වැඩිම පිරිසක් විපතට පත්ව සිටින කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිරුවියාරු හා ආනන්දපුරම් ප්‍රදේශයන්හි ගංවතුරින් නිවාස 16 ක් යට වී ඇති අතර විපතට පත් 300 ක් පමණ දෙනා වෙනුවෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ අධීක්ෂණයන් පරිදි 7 වැනි පාබල රෙජිමේන්තුවෙන් යුද හමුදා සෙබලුන් විසින් වියළි ආහාර සහ වෛද්‍ය පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇත. 
ගංවතුරෙන් උතුරේ පවුල් 18,585 ක් අවතැන්
0
hp_train_1518
බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන ‘සෙල්කොන්’ කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව සුදුසුකම් ලැබූහ. සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.අවසන් මහ තරගය ටි‍්‍රනිඩෑඞ්හි ක්වින්ස් පාක්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී හෙට (11) ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.00 ට ආරම්භ වීමට නියමිතය.ටි‍්‍රනිඩෑඞ්හි ක්වින්ස් පාක්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (10) අඵයම අවසන් වූ පළමු වටයේ අවසන් තරගයෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව ලකුණු 81 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයක් ලැබූ ඉන්දීය පිල ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා පළමු ස්ථානය හිමිකර ගත්තේය.ශ‍්‍රී ලංකාව (0.348) සහ බටහිර ඉන්දීය කොදෙව් පිල (-0.383) ප‍්‍රසාද ලකුණු 9 ක් බැගින් ලබා සිටිය ද, ශුද්ධ ලකුණු වේගය අනුව ශ‍්‍රී ලංකාවට දෙවැනි ස්ථානය හිමිවිය.මෙම තරගයට වර්ෂාවෙන් බාධා පැමිණෙන විට පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල  ඕවර 29 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 119 ක් රැුස්කර සිටියේය. ඒ අනුව ශ‍්‍රී ලංකා පිලට ජයග‍්‍රහණය ස`දහා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව  ඕවර 26 කදී ලකුණු 178 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය.වේගපන්දු යවන බුවනේෂ්වර් කුමාර්ගේ (8/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ‍්‍රී ලංකා පිල  ඕවර 24.4 කදී ලකුණු 96 කට සීමා විය.ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය පිලට ආරාධනා කළේය.ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු යැවීම හමුවේ ශීකර් දාවන් (15) දැවී යෑමෙන් පසුව රෝහිත් ශර්මා සහ විරාට් කෝලි දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.වර්ෂාව හේතුවෙන් තරග තාවකාලිකව අත්හිටුවන විට රෝහිත් ශර්මා පන්දු 83 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 48 ක් ලබා සිටියේය.රංගන හේරත් දක්‍ෂ පන්දු යැවිමක නිරත වෙමින් ලකුණු 32 කට කඩුලූ 2 ක් දවා ගත්තේය. දිනේෂ් කාර්තික් දවා ගැනීමට රංගන හේරත් යැවූ පන්දුව මෙහිදී විශේෂයෙන් කැපී පෙනුණි. ඇන්ජලෝ මැතිව්ස් (5/1) සහ ලසිත් මාලිංග (7/0) පාලනයකින් යුතුව පන්දු යැවූහ.වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ 2005 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව එනම් වසර 8 කට ආසන්න කාලයකට පසුව මෙම තරගයේදී එක්දින අන්තර්ජාතික තරගයකට ක‍්‍රීඩා කළේය.ලකුණු පුවරුවඉන්දියාවරෝහිත් ශර්මා - නොදැවී  48ශිකර් දාවන් - ඇ. මහේල ජයවර්ධන ප. ඇන්ජලෝ මැතිව්ස් 15විරාට් කෝලි - ක. මූ. කළා ප. රංගන හේරත් 31දිනේෂ් කාර්තික් - ප. රංගන හේරත් 12සුරේෂ් රයිනා - නොදැවී  4 අතිරේක  9එකතුව  ඕවර 29 යේදී කඩුලූ 3 ක් දැවී  119පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ : මුරලි විජේ, රවින්ද්‍ර ජඬේජා, රවිචන්ද්‍රකුමාර් අෂ්වින්, බුවනේෂ්වර් කුමාර්, ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදේව්කඩුලූ වැටීම :1-27(ශීකර් දාවන්), 2-76(විරාට් කෝලි), 3-111(දිනේෂ් කාර්තික්)පන්දු යැවීම : ශාමින්ද එරංග: 6-0-27-0, දිල්හාර ලොකුහෙට්ටිගේ: 8-0-40-0, ඇන්ජලෝ මැතිව්ස්: 5-1-05-1, ලසිත් මාලිංග: 3-1-07-0, රංගන හේරත්: 6-0-32-2, ජීවන් මෙන්ඩිස්: 1-0-04-0ශ‍්‍රී ලංකා උපුල් තරංග - ඇ. රයිනා ප. කුමාර්    6මහේල ජයවර්ධන - ඇ. විජේ ප. කුමාර්    11    කුමාර් සංගක්කාර - ක.මු.කළා ප. කුමාර්    0    දිනේෂ් චන්දිමාල්- ස්ට. කාර්තික් ප. ජදේජා    26    ළහිරු තිරිමාන්න - ඇ. කෝලි ප. කුමාර්    0    ඇන්ජලෝ මැතිව්ස් - ඇ. කාර්තික් ප. ජදේජා    10ජීවන් මෙන්ඩිස් - ප. අශ්වින්    13දිල්හාර ලොකුහෙට්ටිගේ - ඇ. කාර්තික් ප. ඉෂාන්ත් ශර්මා    6රංගන හේරත් - ඇ. විජේ ප. ඉෂාන්ත් ශර්මා    4ශමින්ද එරංග - නොදැවී    2    ලසිත් මාලිංග - ඇ. ජදේජා ප. යාදව්    7අතිරේක             11එකතුව  ඕවර 24.4 කදී සියළු දෙනා දැවී    96කඩුලු වැටීම: 1-14, 2-14, 3-27, 4-31, 5-56, 6-63, 7-78, 8-84, 9-87, 10-96පන්දු යැවීම:බුවනේශ්වර් කුමාර් : 6-1-8-4, උමේෂ් යාදව් : 4.4-0-28-1, ඉෂාන්ත් ශර්මා : 4-0-17-2, රවින්ද්‍ර ජදේජා : 5-0-17-2, රවිචන්ද්‍රන් අශ්වින් : 5-0-20-1 
ශ්‍රී ලංකාව - ඉන්දියාව අවසන් මහ තරගයට
1
hp_train_1519
(අංජුල මහික වීරරත්න)“ශීඝ්‍රයෙන් දියුණු වන ඉන්දියන් සාගර කලාපයේ තරගකාරී අගය වැඩිකිරීම සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් බවට පත් කරන්නේ” යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (4) හම්බන්තොට දී පැවැසීය.“ලෝකය සමග එක්ව ශ්‍රී ලංකාවට බොහෝ දුර ගමන යාමට තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා අතීතයේ නොදියුණු චීන නගර දියුණු වූ ආකාරය ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවේ නොදියුණු ප්‍රදේශ දියුණු කරන බවද” කීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ ශ්‍රී ලංකා-චීන මහා සංවිධාන හා කර්මාන්ත කලාප කාර්යාලය ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.“යහපත් ඇරැඹුමක සැමරුම” තේමාවෙන් කර්මාන්ත කලාප කාර්යාලය ක්‍රියාත්මක කෙරෙයි.රුහුණු-මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කාර්යාලය ස්ථාපිත කර පවතී. උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.“ශ්‍රී ලංකා චීන මහා සංවිධාන කලාප කාර්යාලය විවෘත කිරීමෙන් රුහුණු ආර්ථික සංවර්ධනය ආරම්භ කරනවා. මෙතෙක් කල් මේ කටයුතු සාකච්ඡා කළේ කොළඹ සහ බීජිං නගරයේයි. දැන් හම්බන්තොට සිටම වැඩට බහින කාලය පැමිණිලා. මහජන චීනයත්, ලංකාවත් අතර තානාපති සබඳතා ස්ථාපිත කර වසර 60 ක් පිරෙන අවස්ථාවේදී මේ වැඩසටහන ආරම්භ කරනවා. එමෙන්ම මහජන චීනයේත්, ලංකාවේත් සංවර්ධනය ආරම්භ කර වසර 40 ක් පිරෙනවා. 1977 ජූලි මාසයේදී ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට අගමැති වී නොවැම්බර් මාසයේදී විවෘත ආර්ථිකය ආරම්භ කළා. 1977 ජූලි මාසයේදී ඩෙන් ෂෙන් ජින් චීන නායකතුමා චීනයේ නියෝජ්‍ය අගමැති වී 1978 දී විවෘත ආර්ථිකයේ මූලික පියවර මහජන චීනයේ ක්‍රියාත්මක කළා.මේ කාර්යාලය ආරම්භ කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රමුඛ රජය වසර දෙකක් අවසන් කර ජාතික රජයේ 2025 දර්ශනය නිකුත් කිරීමත් සමගයි.අප රැස්වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 15 වැනි සම්මේලනයෙන් පසුව “එක් මාවතක්-එක් තීරයක්” වැඩසටහනට පක්ෂයේ දේශපාලන අනුමැතිය දීමෙන්ද පසුවයි. එසේ නම් අද කරන්නේ ඉතා වැදගත් කාර්යයක් බව කිව යුතුයි.වෙනත් කරුණු ගැන කීමට පෙර මෙහි අතීතය සිහිපත් කරන්න කැමැතියි. මා අග්‍රාමාත්‍ය ලෙස මීට පෙර කටයුතු කරන අවස්ථාවේදී එදා දකුණු සංවර්ධන අමාත්‍යාංශයෙන් ආනන්ද කුලරත්න මහතා රුහුණේ වරාය, ගුවන් තොටුපොළ ඉදිකිරීම පිළිබඳව යෝජනා කළා. වර්තමාන වරායත්, ගුවන් තොටුපොළත් ඉදිකළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේයි. නමුත් ඒ සමග විසඳුවේ නැති ආර්ථික ප්‍රශ්න ගණනාවක් තිබුණා. ව්‍යාපෘති සඳහා ණය ගෙන තිබුණත් ණය ගෙවීමට ක්‍රියාත්මක වන වරාය හෝ ගුවන් තොටුපොළ හෝ තිබුණේ නැහැ. එමෙන්ම ප්‍රදේශ එකතු කරන මාර්ග පද්ධතිය ඉදිවී තිබුණේද නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී මා අගමැති වී 2015 මාර්තු මාසයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයට ගියේ මේ ප්‍රශ්න මධ්‍යයේයි. එහිදී මූලික කාරණා පිළිබඳව චීන නායකත්වය සමග සාකච්ඡා කළා. ජාතික ආණ්ඩුවක් බිහි කළ පසුව පක්ෂ දෙකෙහිම නියෝජිතයින් සමග මාත් චීනයට ගියා. චීනයේදී හමුවී චීන නායකත්වය සමග මා සාකච්ඡා කළා.අපට තිබූ ප්‍රශ්න ගැන සාකච්ඡා කළා. මා පළමුවෙන්ම ඒ පිළිබඳව චීන ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. විශාල ණයක් ඇති බවත් ඒ ණය ගෙවීමට ශක්තිය නැති බවත් මා දැනුම් දුන්නා. රට විශාල අර්බුදයකට මැදිවී සිටින බැවින් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න හැකි වේවිදැයි නොදන්නා බවත් මා පැවසුවා.මේ පිළිබඳව චීන අග්‍රාමාත්‍යවරයා සමග මා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. කරුණු පැහැදිලි කළා. ඉන් පසුව චීන ජනපති සමග සාකච්ඡා කළා. අපගේ ප්‍රශ්න ඉදිරිපත් කළ චීන ජනපතිට යම් විසඳුමක් තිබුණා.චීනය සහ ලංකාව අතර හවුල් ව්‍යාපාරය ඇතිකර හවුල් ව්‍යාපාරය යටතේ වරාය කුලියට ගෙන ඒ සඳහා වන මුදල් සියල්ල වේලාසනින් ගන්නවා නම් අපට ණය ගෙවීමට ශක්තිය ලැබෙනු ඇතැයි ඔහු පැවැසුවා. එමෙන්ම වරායත් සමග මේ ප්‍රදේශවල කර්මාන්තකරණය ඇති කළ යුතු බවද චීන ජනපති මා සමග පැවැසුවා.මමත් කාලයක් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යුගයේ මෙරට කර්මාන්තකරණය ආරම්භ කළා. චීන ජනපතිවරයාගේ අදහස ඉතා හොඳ බව අපට වැටහුණා. ඒ කාරණයට අප එකඟ වුණා.ලංකාවේදී සහ චීනයේදී මේ පිළිබඳව සාකච්ඡා කර අවසානයේදී වරාය අධිකාරියත් චයිනා මාර්චන්ට් සමාගමත් සමග ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ අනුව හම්බන්තොට වරාය ලබන මාසයේදී ඒ සමාගම බාර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම ගෙවිය යුතු කුලී මුදල චීනය විසින් ගෙවා දමන නිසා අපේ ණය බර ප්‍රශ්නය විසැඳෙනවා. මේ සමාගම වරායේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා තවත් ඩොලර් කෝටි හැටක් ආයෝජනය කරනවා. මේ සඳහා ඔවුන් වියදම් කළ ඩොලර් 110 ට අමතරව තවත් ඩොලර් කෝටි 60 ක් ශ්‍රී ලංකාවට වියදම් කරනවා. වරායකින් පමණක් කර්මාන්තකරණය ළඟාකර ගැනීමට හැකියාව නැහැ. සමහර බලශක්ති පහසුකම් අවශ්‍යයි. ඒ නිසා තෙල් පිරිපහදුව, එල්.එන්.ජී. විදුලිය බලාගාරය ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කරනවා. අපට වානේ කර්මාන්ත ශාලාවක්, සිමෙන්ති කර්මාන්ත ශාලාවක් අවශ්‍යයි. නැව් තටාක පිළිබඳවත් සාකච්ඡා කරනවා. සාකච්ඡා පවත්වන්නේ මූලික අදියර හැටියටයි. මේ සාකච්ඡා එතැනින් නතර වන්නේ නැහැ.රුහුණු ආර්ථික කලාපය යනු විශාල කර්මාන්ත පුරයයි. හම්බන්තොට-මොනරාගල ප්‍රදේශ දෙකේම කර්මාන්ත ඉදිවෙනවා. කර්මාන්ත කලාප ගණනාවක් තිබෙනවා. කර්මාන්ත කලාපයෙන් කොටසක් හම්බන්තොටත් කොටසක් මොනරාගලත් තිබෙනවා.මේ ප්‍රදේශවල රජයේ ඉඩම් විටින් විට කර්මාන්ත කලාප සඳහා අදාළ සමාගම්වලට දීර්ඝ කාලීන පදනම යටතේ බදු දෙනවා. එලෙස බිහිවන කර්මාන්ත ශාලා තුළින් රැකියා උත්පාදනය වෙනවා. ඊට අදාළ නිවාස සංකීර්ණ, වෙළෙඳ සංකීර්ණ, රෝහල්, උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් මෙහි ඉදිකිරීම අපේ බලාපොරොත්තුවයි.චීන සමාගම් පමණක් නොව වෙනත් රටවල්වල සමාගම්ද මෙහි ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි. සියලුම කටයුතු මේ නව කාර්යාලයේ සිට මෙහෙයවීමට හැකියි. අප මෙතැන් සිට වැඩ ආරම්භ කරමු. මෙහි වැදගත්කම එයයි.අද තබන්නේ අප රටේ සංවර්ධනයට වැදගත් පියවරයි. ජාතික රජයේ වැඩසටහන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පක්ෂ ගණනාවක්  එක්ව මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ රටේ අනාගතය ගොඩනැගීම සඳහායි. සංවර්ධන කටයුතු මහවැලි ව්‍යාපාරය ලෙසින්ම හැමදාම තිබෙනවා. එහි වියදම මහවැලි ව්‍යාපාරටත් වඩා වැඩියි. විශාල ආර්ථිකයක් ඇති වෙනවා.ජාතික ආණ්ඩුව ලෙස පළමු වරට මහනුවර සිට හම්බන්තොට දක්වා විශාල දියුණු කලාපය ඇති කිරීමට ක්‍රියා කරනවා.මේ ප්‍රදේශවල රටේ ජනගහණයෙන් තුනෙන් දෙකක පිරිස ඉන්නවා. පැය - දෙක තුනකින් මහනුවර සිට හම්බන්තොටට එන්න හැකියාව ලැබේවි. කොළඹ සිට මහනුවරට යාමට පැය අටක් ගත වූ බව මට හමුවූ පුද්ගලයකු පැවැසුවා. අපගේ අලුත් වැඩසටහන ඇති කළ පසුව පැය අටකින් නුවර සිට හම්බන්තොට පැමිණ නැවත නුවරට යාමට හැකියාව ලැබෙන බව මා පැවැසුවා.මහනුවර කේන්ද්‍ර කරගනිමින් සංචාරක කලාප ඉදි කෙරෙනවා. කර්මාන්ත කලාප තිබෙනවා. තාක්ෂණ කලාප තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශය විශාල ආර්ථික කලාපයක් බවට පත් වෙනවා.එසේ නම් ලංකාවේ නොදියුණුම ප්‍රදේශයක විශාල දියුණුව ඇති කිරීමට අපට හැකිවූවා. කළ යුත්තේ ඒ දියුණුව ඉදිරියට ගෙන යාමයි.ශ්‍රී ලංකාවේ දියුණුව ලංකාවට පමණක් නොව ඉන්දියන් සාගර කලාපයට වැදගත් බව කිව යුතුයි. මහජන චීනයෙන් ඇරැඹූ “එක් මාවතක් එක් තීරයක්” වැඩසටහන යටතේ මුහුදු මාර්ග අතුරින් චීනයත්-යුරෝපයත් සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා.ඉන්දියන් සාගරය සමග ශ්‍රී ලංකාව මේ වැඩසටහනේ මධ්‍යස්ථානය බවට පත් කරනවා.එමෙන්ම අපට කොළඹ මුල්‍ය නගරය තිබෙනවා. මුල්‍ය වැඩකටයුතු එහි කර සෙසු කටයුතු මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි.මුදල් ශක්තිය මුල්‍ය නගරයෙන් ලැබෙනවා. කර්මාන්තකරණය මෙන්ම සේවා අංශයේ කටයුතු මෙහි වෙනවා. මේ කටයුතු නිසා සංචාරක කර්මාන්තය ඉබේම දියුණු වීමට නියමිතයි.උදාවන දියුණුවත් සමග මෙහි සිටින ජනතාවට ආහාර නිෂ්පාදනය කළ යුතුයි. හම්බන්තොට නොයෙක් වෙළෙඳ ව්‍යාපාර බිහිවේවි. මේ ප්‍රදේශවල ඉඩම් මිල දෙගුණයකින් සිව් ගුණයකින් ඇතැම් විට ඊට වඩා ඉහළින් යයි. ඒ දියුණුව මෙහි ගෙනැවිත් දැන් ආරම්භ කළ යුතුව ඇත්තේ මොනරාගල, හම්බන්තොට, මාතර, ඇඹිලිපිටිය තරුණ-තරුණියන් රැකියා සඳහා පුහුණු කිරීමයි.“එක මාවතක් - එක් තීරයක්” වැඩසටහන යටතේ වරාය දියුණු වීමට අමතරව එක් වෙළඳ ක්‍රමයක් ඇති වෙනවා. ඒ වෙළඳ ක්‍රමය ඉතා වැදගත් බව කිව යුතුයි. එය අපේ ප්‍රතිපත්තිවලටත් වැදගත් වෙනවා.තවත් වෙළෙඳ ක්‍රම ඇතිවේවි. ඕනෑම වෙළෙඳ ක්‍රමයකට ඇතුළු වී වැඩ කිරීමේ හැකියාව අපට තිබෙනවා. තරඟකාරී වාණිජ වැඩසටහන් සඳහා අප එක්විය යුතුයි.මගේ බලාපොරොත්තුව වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර ස්ථානය බවට පත් කිරීමයි. දැනට කොළඹ වරාය දියුණු කරගෙන යනවා. හම්බන්තොට වරාය දියුණු කරගෙන යනවා. ඉන් පසුව ත්‍රිකුණාමලය වරාය දියුණු කරනවා.ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂියැං ලියොං මහතා-“අද අප දෙරටටම සතුටුදායක දවසක් වනවා. රටවල් දෙක අතර කර්මාන්තකරණය ඉදිරියට ගෙනයාම සඳහා මෙහෙයුම් කමිටුව ඇරැඹීමට කාලය අවශ්‍යයි. කර්මාන්ත කලාපයේ ආයෝජන අවස්ථා ගැනීම සඳහා රටවල් ගණනාවක තානාපතිවරුන් අප සමග සාකච්ඡා කරනවා. නව කාර්යාලය විවෘත කිරීමත් සමග ආයෝජන ගැනීම සඳහා සාකච්ඡා කිරීම මේ කාර්යාලය මගින් ඍජුවම කිරීමට හැකියි.මෙහි කර්මාන්තකරණය පිළිබඳව අප ජනපති - අගමැති සමග සාකච්ඡා කළා.චීනය - ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා හැමවිටම ඉදිරිපත් වී සිටිනවා. මෙය රටවල් දෙක අතර මිත්‍රත්වය තහවුරු කෙරෙන තවත් සංකේතයක් බව කිව යුතුයි”මේ අවස්ථාව සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, දිලිප් වෙදආරච්චි යන මහත්වරු ප්‍රමුඛ මැති - ඇමැතිවරු රැසක්ද සහභාගි වූහ.
රටටම බරක්වූ හම්බන්තොට වරායේ ණය ගෙවන්න මින්පසු මහජන මුදල් ගන්නේ නෑ
0
hp_train_1520
(නාලක සංජීව දහනායක)කම්කරුවන්ට හිමි මැයි පළමුවැනිදා නිවාඩුව අහෝසි කිරීම ආණ්ඩුව දැනුවත්වම කළ කම්කරු විරෝධී ක්‍රීයාවක් යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (23) පැවැසීය.ජාත්‍යන්තර වශයෙන් කම්කරු දිනය යෙදෙන මැයි පළමුවැනිදා හා මෙරට මැයි දිනය පවත්වන හත් වැනිදා යන දින දෙකම නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය ක්‍රියාකළ යුතුව තිබූ බවද මන්ත්‍රීවරයා කීය.බොරැල්ල, ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී සමාජවාදී ජනතා පෙරමුණ ඊයේ (23) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මෙසේද පැවසීය.වාමංශික පක්‍ෂ යනු කම්කරු පංතිය පදනම් කරගත් පක්‍ෂයි. එක්සත් ජාතික පක්‍ෂය අධිරාජ්‍යවාදයේ ඉත්තෙක් ලෙස කටයුතු කරනවා. ඒ විරෝධීන් එක්තැන් කරගනිමින් මැයි දිනය පවත්වන්නට තිබුණා නම් හොඳයි. නමුත් මෙවර මැයි දිනය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. මැයි පළමුවැනිදා හා මැයි හත් වැනිදා යන දවස් දෙකේම නිවාඩුව දිය යුතුව තිබුණා. එසේ නොකර කම්කරුවන්ට හිමි මැයි පළමු වැනිදා නිවාඩුව ආහෝසි කිරීම ආණ්ඩුව දැනුවත්වම කළ කම්කරු විරෝධී වැඩක්.කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය ආරම්භ කිරීමෙන් අප බලාපොරොත්තු වුණේ  ආරක්‍ෂක අංශවලට මුල්තැන දෙන පාඨමාලා පවත්වාගෙන යන විද්‍යාපීඨයක් වශයෙන් පවත්වා ගෙන යන්නයි. දැන් මෙය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට රජය උත්සාහ ගන්නවා. විශ්වවිද්‍යාලයක් බවට පත්කර සියලුම පාඨමාලා සඳහා මුදල් අයකිරීමට රජය උත්සාහ ගන්නවා. පාඨමාලා සඳහා මුදල් අයකිරීමෙන් නිදහස් අධ්‍යාපනය අහෝසි වෙනවා. සයිටම් ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමේ උත්සාහය වැළකී ගියාම ආණ්ඩුව ඒ සඳහා කොතලාවල විද්‍යාපීඨය යොදා ගන්නවා. කොතලාවල විද්‍යාපීඨය විශ්වවිද්‍යාලයක් බවට පත් කළාට කමක් නහැ. ඉසෙඞ්කෝ ලකුණු යටතේ සිසුන්ට එයට ඇතුළත් වෙන්න ඉඩ දෙන්න. එමෙන්ම ඒ ආයතනය නිදහස් අධ්‍යාපනයක් ලබාදෙන ආයතනයක් වශයෙන් තියන්නත් අවශ්‍යයි.එමෙන්ම සිංගප්පූරුවත් සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබීමට රජය සූදානම් වෙනවා. ඒ ගිවිසුම අත්සන් තැබීමෙන් අපේ රටට ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනක පාඩුවක් සිදුවෙන බව වෘත්තිකයන්ගේ ජාතික සභාව කරුණු  සහිතව පෙන්නුම් කර තිබෙනවා. නමුත් ඒ ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීම සඳහා නිලධාරීන් පිරිසක් සිංගප්පූරුවට ගොස් තිබෙන බව මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා. රටට අවාසිවන ආකාරයට ගිවිසුම් අත්සන් තැබීමට රජය සූදානම් වෙනවා.ඛනිජ තෙල් සංස්ථාව මැලේසියාව සමඟ ලිහිසිතෙල් නිෂ්පාදනය හා අලෙවි කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබුණා. ඒ ගිවිසුම පසුගිය කාලයේදි සංශෝධනය කර තිබුණා. ඒ සංශෝධිත ගිවිසුමෙන් රටට පාඩු සිදුවෙන බැවින් ගිවිසුමේ ක්‍රියාකාරීත්ව අහෝසි කිරීමට ක්‍රියාකළ බව ඛණිජතෙල් අමාත්‍යවරයාම සඳහන් කර තිබුණා. රටේ සම්පත් ජාත්‍යන්තර ධනපති පංතියේ උවමනාවන් වෙනුවෙන් පාවාදීමේ ක්‍රියාවලියක් එක්සත් ජාතික පක්‍ෂය හැමදාම ක්‍රියාත්මක කළා. රටේ ස්වෛරීබව ඇපයට තියා රජය පසුගිය කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ණයක් ගත්තා. රටේ ණයබර වැඩියි කියමින් රජය දිගින් දිගටම මේ ආකාරයට ණය ගන්නේ ඇයි? මේ ණය සියල්ලම රටේ ස්වෛරී බවට තර්ජනයක්. එමෙන්ම දැනට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය නිසා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මේ අතරට ඉන්ධන මිලත් ඉහළ දැමීම සම්බන්ධයෙනුත් ආණ්ඩුව කල්පනා කරනවා. ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟම ජීවන වියදමත් අධිකව ඉහළ යෑමට පටන් ගන්නවා. මේ සියල්ලම සිදුවෙන්නේ විධායක ජනාධිපති ධුරය තිබිය යුතුද නැද්ද කියන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාවට මුලාවෙලයි. අපිට පාර්ලිමේන්තු ක්‍රමය හොඳයි. එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීයි. ජේ.ආර්. විසින් නිර්මාණය කළ තනි පුද්ගල බලයට වඩා සාමූහික බලය හොඳයි. එහෙත් තමන්ට තනිබලයක් ලබාගැනීම සඳහා අගමැතිවරයා ජනතා විමුක්ති පෙරමුණ ඉත්තන් බවට පත්කරගෙන තිබෙනවා. ජනපති හා අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරයේදී අපිට අගමැතිවරයාගේ පැත්තේ සිටිමින් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වී විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ කටයුත්තට දායක වෙන්න බැහැ. පසුගිය කාලයේදී ජනපති හා අගමැතිවරයා අතර බල පොරයක් තිබුණා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත අගමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. අගමැතිවරයත් ඒ බව දන්නවා. නමුත් අවසන් මොහොතේ දී ජනාධිපතිවරයා අඩියක් පස්සට ගත්තා.දැන් අගමැතිවරයාගේ වාරයයි. ඔහු ජනාධිපතිවරයාට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණත් හවුල් කරගෙන මෙම යෝජනාව ගෙනත් තිබෙනවා. සිංහල ජාතිවාදි කොටස්වලට අවශ්‍යව තිබෙන්නේ තනි පුද්ගලයකුට බලය තිබෙන ආණ්ඩුවක්. ඒ ඉල්ලිමට අපි එකඟ නැහැ. නමුත් සිරිසේන - රනිල් බල පොරයේදී රනිල්ගේ පැත්තට වැටෙන්න අපිට සූදානමක් නැහැ. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාව නිසා ඒකාබද්ධ විපක්‍ෂය බෙදෙන්න දෙන්නත් බැහැ. ඒ නිසා ඒකාබද්ධ විපක්‍ෂය මේ ගැන කල්පනා කර බලාවි යැයි විශ්වාස කරන බවද කීය.ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේ පැවැසීය.වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිටම පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත හිතුවක්කාරී ලෙස ක්‍රියාකළා. මේ හිතුවක්කාරී වැඩ පිළිවෙළ නිසා ආර්ථික අර්බුදය මෙන්ම අධිරාජ්‍යවාදී අර්බුදයත් වැඩි වුණා. ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ 2/3 බලයක් තිබූ නිසා මේ හිතුවක්කාරී වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම පහසු වුණා. නමුත් අපි විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නිසා දැන් ආණ්ඩුවට හිමි 2/3 බහුතර බලය අහිමිවී තිබෙනවා.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා මෙසේ පැවසීය.ආණ්ඩුවේ ඉදිරිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර මත ගැටීමක් ඇතිවී තිබෙනවා. මේ මෙහොතේදී එක්සත් ජාතික පක්‍ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීම සුදුසු බව විජයදාස රාජපක්‍ෂ මහාත් ප්‍රකාශ කර තිබුණා. මේ මත ගැටීම් අනුව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම ඉතාම අසීරු තත්ත්වයක් වෙනවා. මේ අර්බුද මඟ හැරීමට නම් ඉතාම ඉක්මනින් මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි.  
රටේ සම්පත් විකුණනවා: රට අගාධයට යනවා
0
hp_train_1521
(හර්ෂණ තුෂාර සිල්වා)ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.ශ්‍රී ලංකා මහ බැංකුව සිය පොලී අනුපාත සියයට එකකින් එනම් පදනම් අංක 100කින් අඩු කිරීමට ඉකුත් ජූලි මාසයේදී පියවර ගත්තේ ය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 4.50ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 5.50ක් දක්වා අඩු කිරීමටත් එම අවස්ථාවේදී පියවර ගත්තේ ය.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19) රැස් වූ අතර බැංකු පොලී අනුපාත එම අගයවල පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ දී අවස්ථා හයකදී පොලී අනුපාතික අඩු කළ අතර පොලී අනුපාත අඩු කිරීමෙන් බැංකු ගනුදෙනුකරුවන්ට වේගයෙන් ප‍්‍රතිලාභ ලබා දීමට බැංකු වලට හැකි වනු ඇති බවත් මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ඉකුත් ජූලි මාසයේ දී පැවැසීය.එමඟින් වාණිජ බැංකු අතර කෙරෙන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාත පහළ වැටෙන අතර එම නිසා වඅඩු පොලියට ණය නිකුත් කිරීමට වාණිජ බැංකුවලට අවස්ථාව උදා වන බව ද ඔහු කීය .කෙසේ නමුත් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ලිහිල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සම්පූර්ණ බලපෑම වෙළෙඳපොළ ණය අනුපාතික මගින් තවමත් පෙන්නුම් කර නැති බැවින් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය ඉහත තීරණය ගෙන තිබේ. ඊට අමතරව ආන්තික ණය ලබාගන්නන්ට සහාය වීම සඳහා ඉහළ අගයක පවතින ඇතැම් පොලී අනුපාතික අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද ශ්‍රී ලංකා මහ තීරණය කර ඇත.මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 4.50, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 5.50, බැංකු අනුපාතිකය සියයට 8.50 සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 2.00 මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
කොරෝනා නිසා බැංකු අනුපාතිකය පහළ දමයි
0
hp_train_1522
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/08/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259055ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව33248570අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ33268065වැසි ස්වල්පයක්.ගාල්ල30268575වැසි ස්වල්පයක්.යාපනය32288065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30209560වැසි ස්වල්පයක්.නුවරඑළිය21088540අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය33249555වැසි ස්වල්පයක්.ත්‍රීකුණාමළය36258550වැසි ස්වල්පයක්.මන්නාරම34258570ප්‍රධාන වශයෙන් වැසි රහිත.   
‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘
0
hp_train_1523
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත්  ස්ථාන කිහිපයක අද රාත්‍රියේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් හෙට දිනයේදී සවස 4.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ  ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
අද දිනයේත් නැතින් තැනට වැසි
0
hp_train_1524
ඇතැමුන් දේශපාලන බලය ලබාගැනීම උදෙසා පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් සිටින බවත්, රටේ ප්‍රශ්න විසඳීම හෝ ජාතික සමගිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පැවැසීය.රට ගැන නොසිතා දේශපාලන බලය ගැන පමණක් සිතන මෙම පිරිස් ජනතාව විසින් හඳුනාගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ යාපනය, ශාන්ත පැටි්‍රක් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (19) පෙරවරුවේ එක්වෙමිනි.රටේ ජනතාව 2015 ජනවාරි 08 වැනිදා තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අවස්ථාවක කඩ නොකළ අතර, එම ප්‍රතිපත්ති ද වෙනස් කර නොමැති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.විරුද්ධ දේශපාලන බලවේග කෙතරම් පැමිණිය ද ඉදිරියේදී ද එම ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදු කිරීමට සූදානම් නොමැති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.රටේ ප්‍රශ්න විසඳමින් ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා අවංක දේශපාලනඥයන්ගේ එකතුවක් රටට අවශ්‍ය අතර, රටට ආදරයෙන් කටයුතු කරන්නැයි තමා සියලු දේශපාලන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවැසීය.යාපනය, ශාන්ත පැට්‍රික් පෞද්ගලික විද්‍යාලය වෙත ඊයේ (19) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා, එම සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික මධ්‍යස්ථානය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.ඉන් අනතුරුව පැවැති උත්සව සභාවේ දී උතුරු පළාතේ උපාධිධාරීන් 197 දෙනකුට ගුරු පත්වීම් ප්‍රදානය සංකේතවත් කරමින් 10 දෙනකුට පත්වීම් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.සිසු දරුවන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රටක ප්‍රශ්න විසඳා ගැනීමේදී ඉතා වැදගත් වන්නේ එම රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක් ලබාදීම බවයි.උගතුන් වැඩිවීමත් සමඟ රටක ප්‍රශ්න අඩුවන අතර එබැවින් රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවල ද ප්‍රධාන වගකීමක් වන්නේ ජනතාවට අවශ්‍ය දැනුම ලබාදීම බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා මිස එය කිසිදු අවස්ථාවක සීමා කිරීමට කටයුතු නොකරන අතර නව අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ ද කටයුතු කිරීමේ වගකීම ඉටුකරන බව පැවැසූ ජනාධිපතිවරයා වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති හා සැලසුම් තුළ උපාධිධාරීන්ට රැකියා නොමැතිව උද්ඝෝෂණය කිරීමට සිදුවන ක්‍රමය වෙනස් කර තිබෙන බව ද කියා සිටියේය.තාක්ෂණ විෂයයන් සහිත උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා රැසක් අද උදා වී තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලාංකික උපාධිධාරීන් යොමු කිරීම සඳහා තමා පසුගියදා සිදුකළ ජපාන සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතමෝ ද ජස්ටින් ඥානප්‍රගාසම් යාපනය රදගුරුතුමන් සහ විපක්ෂනායක ආර්. සම්පන්ධන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරු සහ විද්‍යාලයේ විදුහල්පති තිරුමහන් පියතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, මවුපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.මේ අතර උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක, යාපනය ශ්‍රී නාග විහාරාධිපති මීගහජදුරේ ඥානරතන හිමියන් අපවත්වීමෙන් තෙමසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා සහ දායක සභාව මෙන්ම යාපනය සර්ව ආගමික එකමුතුව සංවිධානය කළ දානමය පුණ්‍ය කර්මයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය. 
ජනපති මෛත්‍රී රහස් හෙළිකරයි
0
hp_train_1525
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතයින් තව 1,208 ක් අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 641,786 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අලුත් ආසාදිතයෝ 1,208 ක්
1
hp_train_1526
අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ (2013) සිවුවැනි සති අන්තය වන මෙම සති අන්තයේ අද (24 වැනිදා) අවසන් වූ තරගවලදී බදුරලිය පිල කඩුලූ 7 කින් පරාජය කරමින් ද්‍රවිඩ සංගම පිල පිට පිටම සිවුවැනි පූර්ණ ජයත් වාර්තා කළේය.සිවුවැනි සතියේ එකම ද්විත්ව ශතක ලාභියා බවට පත්වෙමින් රාගම පිල නියෝජනය කරන ටෙස්ට් ක‍්‍රීඩක මයිකල් වැන්ඩොට් ලකුණු 251 ක් රැස්කිරීමට සමත්විය. මෙය මෙවර පළමු පෙළ තරගාවලියේදී වාර්තා වූ පස්වැනි ද්විත්ව ශතකය වන අතර පිතිකරුවකු විසින් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙයි.මුවර්ස් පිලේ පා දග පන්දු යවන ක‍්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර සතියේ පන්දුයවන්නා බවට පත්වෙමින් ලකුණු 94 කට කඩුලූ 12 ක් දවාගැනීමට සමත් විය.පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට කඩුලූ 7 ක ජයක්)බදුරලිය පිල පළමු ඉනිම 310 (මාලිංග මාලිගස්පේ 22, පබසර වඩුගේ 111, අලංකාර අසංක 81, රොෂාන් ලක්සිරි 35, ශාමින්ද එරංග 44/2, ජීවන් මෙන්ඩිස් 67/4) සහ දෙවැනි ඉනිම 153 (නිලූෂාන් නෝනිස් 75, චානක වෙළගෙදර 12/2, ජීවන් මෙන්ඩිස් 54/4, ශාමින්ද එරංග 23/3)ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 250 (ජීවන් මෙන්ඩිස් 56, රුමේෂ් බුද්ධික 23, කිත්රුවන් විතානගේ 52, තිලකරත්න සම්පත් 80, සාලිය සමන් 50/3, අලංකාර අසංක 92/2, රොෂාන් ලක්සිරි 39/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 214 (අෂේන් සිල්වා 40, මහේල උඩවත්ත නොදැවී 124, සචිත‍්‍ර සේරසිංහ නොදැවී 31)බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 92 ක ජයක්)බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 278 (ඩිල්ෂාන් මුරවීර 40, නදීර නාවල 37, මාධව වර්ණපුර 21, තරංග ලක්‍ෂිත 53, උපුල් ඉන්ද්‍රසිරි 54, සොහාන් බෝවල 63/3, මංජුල ද සිල්වා 60/2, අමිල අපෝන්සු 81/4) සහ දෙවැනි ඉනිම 183 (ඩිල්ෂාන් මුරණවීර 22, මාධව වර්ණපුර 33, දමින්ද රණවීර 57, සුරාජ් රන්දීව් 21, සොහාන් බෝවල 52/4, අමිල අපෝන්සු 68/4)ලන්කන් පිල පළමු ඉනිම 210 (තාරක වඩුගේ 22,  ඕෂධ ප‍්‍රනාන්දු 70, දේශාන් ඩයස් 21, තුෂිර මදනායක 21, සජීව සල්ගාදු 26, ඉම්රාන් ඛාන් 52/3, සුරාජ් රන්දීව් 39/2, උපුල් ඉන්ද්‍රසිරි 39/4) සහ දෙවැනි ඉනිම 159 (ග්‍රෙග් ස්මිත් 23, දිල්හාන් කුරේ 29, සජීව සල්ගාදු 81, සුරාජ් රන්දීව් 69/6, උපුල් ඉන්ද්‍රසිරි 52/4)බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට ඉනිමක සහ ලකුණු 172 ක ජයක්) මුවර්ස් පිල පළමු ඉනිම කඩුලූ 8 ට 519 (ෂෙහාන් ජයසූරිය 123, හර්ෂ කුරේ 44, ඉන්දික ද සේරම් 66, චතුරංග ද සිල්වා 113, ජනක ගුණරත්න 80, දිල්හාර ලොකුහෙට්ටිගේ 38, රොමේෂ් එරංග 100/2, මාලන් මධුසංඛ 133/2, නිමේෂ් පෙරේරා 70/4)බී. ආර්. සී. පිල පළමු ඉනිම 225 (නිමේෂ් පෙරේරා 26, රොස්කෝ තටිල් 87, ෂෙහාන් පෙරේරා 62, මාලින්ද පුෂ්පකුමාර 70/7) සහ දෙවැනි ඉනිම 61 (රොස්කෝ තටිල් නොදැවී 25, මාලින්ද පුෂ්පකුමාර 24/5, ජනක ගුණරත්න 27/4)ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී (ගාල්ල පිලට ලකුණු 104 ක ජයක්)ගාල්ල පිල පළමු ඉනිම 235 (චානක විතානගේ 49, රුමේෂ් රංගන 49, කෞෂල්‍ය ගජසිංහ 24, අනිල් රිදීගම්මනගෙදර 42, නන්දික අබේසිංහ 29/3, චාමිකර එදිරිසිංහ 42/3, දර්ශන මහවත්ත 12/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 226 (චමිදු ඉෂංක 56, රුමේෂ් රංගන 48, කෞෂල්‍ය ගජසිංහ නොදැවී 53, ඉරෝෂ් සමරසූරිය 42, අනුරුද්ධ රාජපක්‍ෂ 37/3, ප‍්‍රසාද් කැල්ලෙපත 66/2)කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම 130 (චාමිකර එදිරිසිංහ 43, චින්තක ජයබණ්ඩාර 29, උමේග චතුරංග 47/4, කෞෂල්‍ය ගජසිංහ 29/5) සහ දෙවැනි ඉනිම 227 (සමන් ප‍්‍රියන්තක 75, චින්තක ජයබණ්ඩාර 55, ප‍්‍රසාද් කැල්ලෙපත නොදැවී 27, උමේග චතුරංග 88/4, කෞෂල්‍ය ගජසිංහ 41/3, ෆෙෆ්රි වැන්ඩසේ 33/2)පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී (පානදුර පිලට ඉනිම සහ ලකුණු 75 ක ජයක්)පානදුර පිල පළමු ඉනිම 470 (ලසිත් ප‍්‍රනාන්දු 50, ප‍්‍රසන්න ජයවර්ධන 79, චතුර පීරිස් 25, ඩිල්රුවන් පෙරේරා 79, මලිත් චතුරංග 123, චරිත බුද්ධික 50, අමිල මෙන්ඩිස් 88/3, මොහොමඞ් අස්ලාම් 119/3)සැරසන්ස් පිල පළමු ඉනිම 174 (ලසිත් අබේරත්න 69, මොහොමඞ් අස්ලාම් 70, ඩිල්රුවන් පෙරේරා 30/5, චරිත බුද්ධික 30/2, චතුර පීරිස් 36/2) සහ දෙවැනි ඉනිම 221 (රුක්‍ෂාන් වීරසිංහ 109, ලක්‍ෂිත ද සිල්වා 29, ළහිරු ශ‍්‍රී ලක්මාල් 23, චතුර පීරිස් 34/3, ඩිල්රුවන් පෙරේරා 82/2, ගයාන් සිරිසෝම 25/3)එස්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (එස්. එස්. සී. පිලට ඉනිමක සහ ලකුණු 42 ක ජයක්)නාවික හමුදා පිල පළමු ඉනිම 163 (බුද්ධික හසරංග නොදැවී 79, සචිත‍්‍ර සේනානායක 51/5, කසුන් මධුසංඛ 41/2) සහ දෙවැනි ඉනිම 296 (සිතාර පෙරේරා 20, ඩිලාන් චන්දිම 22, චානක රුවන්සිරි 33, ලක්මාල් කීර්තිරත්න නොදැවී 71, රනිල් රසාංග 83, යොහාන් කුමාර 20, ධම්මික ප‍්‍රසාද් 54/3, කසුන් මධුසංඛ 35/2, තිළිණ කණ්ඩම්බි 47/2)එස්. එස්. සී. පිල කඩුලූ 7 ට 501 (කෞෂාල් සිල්වා 109, දිමුත් කරුණාරත්න 20, තිළිණ කණ්ඩම්බි 51, තිලාන් සමරවීර 118, භානුක රාජපක්‍ෂ 25, දසුන් ශානක 55, ධම්මික ප‍්‍රසාද් 34, සචිත‍්‍ර සේනානායක නොදැවී 50, දුලංජන මෙන්ඩිස් 140/3)කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී (රාගම පිලට ඉනිම සහ ලකුණු 27 ක ජයක්)ගුවන් හමුදා පිල පළමු ඉනිම 355 (සජිත් කැඵම්ප‍්‍රිය 81, රජිත රත්නායක 52, රාජු ගයාෂාන් 95, අචිර එරංග 48, අජිත් කුමාර 21, මාලිංග බණ්ඩාර 107/6, නිලංක පේ‍්‍රමරත්න 69/2) සහ දෙවැනි ඉනිම 209 (රජිත රත්නායක 29, යශෝධ ලංකා 82, අචිර එරංග 47, කෞෂල්‍ය වීරරත්න 23/2, මිලින්ද සිරිවර්ධන 44/5)රාගම පිල පළමු ඉනිම කඩුලූ 9 ට 591 (මයිකල් වැන්ඩොට් 251, ඉයන් ඩැනියල් 48, මිලින්ද සිරිවර්ධන 90, ශාලික කරුණානායක 79, කෞෂල්‍ය වීරරත්න 46, ප‍්‍රිෂාන් හේවගේ 139/3, අකිල ඉෂංක 165/4) කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (එන්. සී. සී. පිලට ලකුණු 101 ක ජයක්)එන්. සී. සී. පිල පළමු ඉනිම 287 (දිනේෂ් චන්දිමාල් 47, චාමර කපුගෙදර 79, කෝසල කුලසේකර 36, චමින්ද විදානපතිරණ 26, චානක කොමසාරු 77/6) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 178 (උපුල් තරංග 38, දිනේෂ් චන්දිමාල් 73, ඇන්ජලෝ පෙරේරා 31, මුතුමුදලිගේ පුෂ්පකුමාර 63/2, චානක කොමසාරු 69/2)වරාය අධිකාරි පිල පළමු ඉනිම 120 (යොහාන් ද සිල්වා 22, ගයාන් මනීෂාන් 37, චමින්ද විදානපතිරණ 28/2, තරිදු කෞෂාල් 30/5) සහ දෙවැනි ඉනිම 244 (යොහාන් ද සිල්වා 24, ශාන්ත කළවිටිගොඩ 24, අෂාන් ප‍්‍රියංජන් 89, ගයාන් මනීෂාන් 20, ඉසුරු උදාන 28, සොහාන් බෙරලැස්ස 50/2, ෆර්විස් මහරුෆ් 23/2, තරිදු කෞෂාල් 57/2, ජෙහාන් මුබාරක් 37/3)පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (තරගය විසදුමකින් තොරව අවසන්)කෝල්ට්ස් පිල පළමු ඉනිම 387 (ෂෙහාන් ප‍්‍රනාන්දු 47, කුසල් ජනිත් 31, ඇන්ජලෝ මැතිව්ස් 155, මලින්ද වර්ණපුර 34, තිසර පෙරේරා 26, අනුක් සිල්වා 43, කනිෂ්ක ඇල්විටිගල 22, ජනිත් සිල්වා 58/2, අජන්ත මෙන්ඩිස් 119/2, සීකුගේ ප‍්‍රසන්න 110/3, අසේල ගුණරත්න 34/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 69 (තිසර පෙරේරා 32, ෂෙහාන් ප‍්‍රනාන්දු නොදැවී 27)යුද හමුදා පිල පළමු ඉනිම 151 (රිෂාන් කාවිංග 33, ලක්‍ෂිත මධුෂාන් 20, අසේල ගුණරත්න 49, කනිෂ්ක ඇල්විටිගල 21/2, අකිල ධනංජය 53/2, සජීව වීරකෝන් 48/4) සහ දෙවැනි ඉනිම 469 (රිෂාන් කාවිංග 125, සුලින් ජයවර්ධන 21, අසේල ගුණරත්න 118, සීකුගේ ප‍්‍රසන්න 81, අජන්ත මෙන්ඩිස් 54, මලින්ද වර්ණපුර 52/2, සජීව වීරකෝන් 167/5) 
ද්‍රවිඩ සංගම් පිල පිට පිටම සිවුවැනි ජයත් ලබයි
1
hp_train_1527
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අපරභාගයේදී  සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 02/12/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය28239575විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව29249570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30239575අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල29249070අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය27249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර26219585අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.නුවරඑළිය19129575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.රත්නපුරය29229575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ත්‍රීකුණාමළය29239575විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම28239580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. පෙරවරු 5.30ටදිවයිනේ උතුර, උතුරු මැද සහ වයඹ ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද  තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.මාතර සිට ගාල්ල හා කොළඹ හරහා මීගමුව දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමළය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ.සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු තීරයේ සුළං ඊසාන දෙසින් හමන අතර වේගය විටෙක පැ. කි. මී. 60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
ඉදිරි 24 පැයේ කලගුණය
0
hp_train_1528
 (අංජුල මහික වීරරත්න)පරිසර අධිකාරියේ සභාපති ලෙස සුපුන් එස්.පතිරගේ මහතා පත් කර ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම කර ඇත.
පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්
1
hp_train_1529
 (විමුක්ති එස් රුද්‍රිගු)ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (18)  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 10 කින් පහළ ගියේය.ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල්  364.63 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.66 ලෙස සටහන් විය.
රුපියල ශත 10කින් ගණන් උස්සයි
1
hp_train_1530
( ටී.කේ.ජී.කපිල )ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 163 ක පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25) දිනකටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය.මෙම ගුවන් මගීන් 163 දෙනා සමඟ කුඩා දරුවන් තිදෙනෙකු ද පැමිණ තිබූ අතර ඒ අනුව මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 166 ක් පැමිණ තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා සඳහන් කළේය .ඔවුන් අතර ඉන්දියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙන්ම , ඉන්දියාවේ වැඩිදුර හමුදා පුහුණුව සඳහා ගොස් සිටි හමුදා නිලධාරීන් පිරිසක් ද , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට කොටු වී සිටි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ද ඒ අතර වූහ.මේ සියලු දෙනා අද පස්වරු 2.30 ට ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.මෙම පිරිස පැමිණි ගුවන් යානය මෙන්ම මෙම ගුවන් යානයේ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය ද  විශබීජ හරණයට ලක් කෙරුණි.එමෙන්ම මෙසේ පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම ගුවන් තොටුපළ තුළට පිවිසීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා භට  පිරිස විසින් විශබීජ හරණය කිරීම සිදු කෙරුණි.ඉන්පසුව මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් 100° ට වඩා වැඩි මට්ටමක පවතී ද යන්න ගුවන් තොටුපළ තුළ ඇති ස්වයංක්‍රීය උෂ්ණත්වමාන යන්ත්‍ර මගින් නිරීක්ෂණය කෙරුණි.ඊට අමතරව මොවුන් තුළ කොවිඩ් - 19 රෝග ලක්ෂණ තිබේදැයි පරීක්ෂා කර බැලීමක්ද සිදු කෙරුණි.මෙම ගුවන් මගීන් සියලු දෙනාම නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ බස් රථ මගින් රැගෙන යෑම සිදු කෙරුණි . 
ඉන්දියාවේ සිටින තවත් සිසුන් පිරිසක් රැගෙන ඒමට යානයක් පිටත්ව යයි
0
hp_train_1531
තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇතැයි කියන සිද්ධියක් ගැන   හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන්   මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ  විමර්ශනය මෙතෙක් අවසන් නැතැයි   නීතිපතිවරයා අද  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊවා වනසුන්දර , නලින් පෙරේරා ,ප්‍රසන්න ජයවර්ධන යන මහත්ම හමුවේ අද කැඳැවිණි. පෙත්සම පිළිබඳ  වැඩිදුරටත් සලකා බැලීම ලබන ඔක්තෝබර් 15 වැනි දිනට  කල් තැබීය. මොටර් රථ අමතර කොටස් ගෙන්වීමේදී අක්‍රමිකතාවයක් සිදු කළැයි සඳහන් කරමින්   තමන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  බී වාර්තා තුනක් අධිකරණයට ඉදිරිප්ත කර ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා තිබිණි.
කුමාර වෙල්ගම ගැන විමර්ශන තවම අවසන් නැතිලු
1
hp_train_1532
(නිමන්ති රණසිංහ)පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (01) නියෝග කළේය.එම සිද්ධියට අදාළ අනෙක් සැකකරුවන් වන නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇතුළු තවත් සැකකරුවන් හය දෙනක ද එදින තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට ද අධිකරණ නියෝග නිකුත් විණී.මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අද (01) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් හත් දෙනා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට පෙනී සිටියහ.මෙම සිද්ධියේ හත්වැනි සැකකාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් වන කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇති බැවින් ඒ සදහා දිනයක් ලබා දෙන ලෙසට සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥ එන්. එම්. සහීඩ් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් වන සැලකිරිම් ඉදිරිපත් කිරිම සදහා ලබන 15 වැනිදා අධිකරණය හමුවේ යළි නඩුව කැදවීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කරමින් සැකකරුවන් එදින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය. 
බදියුදීන් යළි රිමාන්ඩ්
1
hp_train_1533
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට සහ සෙසු බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේ සහ හෙට සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසිද ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වේ ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31259570වැසි වාර කිහිපයක්.කොළඹ31249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249080සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32258560වැසි ස්වල්පයක්.මහනුවර30219570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22129580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32259575වැසි වාර කිහිපයක්.මන්නාරම32259070සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘වායුගෝලයේ කැලැඹීම තවදුරටත්‘
0
hp_train_1534
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
’’මේ ආණ්ඩුව රණවිරුවන්ටත් රටටත් කොඩිවිනයක්’’
0
hp_train_1535
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශයෙ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට තද සුළං ඇතිවේ. 
බස්නාහිරට, සබරගමුවට වැස්ස
0
hp_train_1536
(සිතුම් චතුරංග) කොළඹට ප්‍රවාහනය කිරීමට සඳහා සූදානම් කරමින් තිබූ රුපියල් ලක්ෂ 30 වටිනා කේරළ ගංජා කිලෝ 18 සමඟ පුද්ගලයකු අද(19) යාපනය, මරදන්කේණි හීදි අත්අඩංගුවට ගත් බව යාපනය සුරාබදු කාර්යාලය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු යාපනයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයකු පිළිබඳ යාපනය සුරාබදු නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත කළ වැටලීමකදී යතුරු පැදියක් තුළ සඟවා කේරළ ගංජා රැගෙනයමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ධීවර බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මෙම කේරළ ගංජා රැගෙනවිත් ඇති බවත් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මෙහෙයවීම මත කේරළ ගංජා කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බවත් අනාවරණය වී ඇත. සැකකරු කේරළ ගංජා තොගය යතුරු පැදියෙන් කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව කොළඹට ප්‍රදේශයට රැගෙනයන බව පවසා තිබේ. සැකකරු පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
ලක්ෂ 30ක කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට
1
hp_train_1537
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි ඌව , උතුරු මැද  සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 11/10/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32249065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32259075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570වැසි ස්වල්පයක්.ගාල්ල30249075වැසි ස්වල්පයක්.යාපනය32258070වැසි ස්වල්පයක්.මහනුවර28209580වැසි ස්වල්පයක්.නුවරඑළිය20139570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30239580වැසි ස්වල්පයක්.ත්‍රීකුණාමළය33249065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570වැසි ස්වල්පයක්.  
‘අද රෑ මුළු රටටම වැසි‘
0
hp_train_1538
පුෂ්පකුමාර ජයරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ 2019 වසර සඳහා ප්‍රථම අයවැය වාර්තාව අද (29) ඉදිරිපත් කරන ලද අවස්ථාවට විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සහභාගී නොවූහ.මේ හේතුවෙන් ඔවුන් සඳහා අයවැයෙන් වෙන්කර තිබූ රුපියල් මිලියන 7 බැගින් වූ මුදල් ප්‍රතිපාදන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර බෙදාදීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා තීරණය කළේය.අයවැයට පක්ෂව ඡන්ද 13ක්ද විපක්ෂව එක් ඡන්දයක්ද ලැබීමෙන්, වැඩි ඡන්ද 12කින් අයවැය සභා සම්මත විය.විපක්ෂ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අටදෙනාම අයවැය අවස්ථාවට සහභාගී වූ අතර ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී රනුක සනංජය මහතා පමණක් සහභාගී විය. කුරුණෑගල මහ නගර සභා ඉතිහාසයේ අයවැයක් ඉදිරිපත් කරන ලද අවස්ථාවක් විපක්ෂයේ මන්ත්‍රීවරු වර්ජනය කළ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂ කරුණකි.
කුරුණෑගල ප්‍රා.සබේත් අයවැය සම්මතයි
1
hp_train_1539
බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249555සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය34268065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක්.මහනුවර30209570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20129575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය36259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32269075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
0
hp_train_1540
ලක්ෂ්‍යමත පදනම සැලකීමේදී අගෝස්තු මාසයේ දී සියයට 7.9ක් වූ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 8.6ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩයද දායක වී ඇත.  ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය පදනම් කර ගනිමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය ගණනය කරයි.  වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස මේ වසරේ අගෝස්තු මාසයේදී වාර්තා වූ සියයට 6.5ක් වූ අතර එය සැප්තැම්බර් මාසයේදී සියයට 6.8ක් දක්වා ඉහළ ගොස් තිබේ.  මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේදී වාර්තා වූ දර්ශක අංක 122.3 සිට සැප්තැම්බර් මාසයේදී දර්ශක අංශ 123.3ක් දක්වා ඉහළ ගොස් ඇත. ආහාර කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් ඉහළ යෑම මෙම මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.  ආහාර කාණ්ඩය තුළ පොල්, රතුළූණු, සහල්, දෙහි, ඇතැම් පළතුරු වර්ග, ලොකු ළූණු සහ සීන මිල ගණන් මාසය තුළ දී ඉහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.  එළවළු, මාළු, සුදුළූණු සහ මයිසූර් පරිප්පුවල මිල ගණන් සුළු පහළ යෑමක් වාර්තා කරන ලද අතර රෙදිපිළි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, අධ්‍යාපන, විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් තිබේ.  ඉකුත් සැප්තැම්බර් මාසයේදී සන්නිවේදන උපකාණ්ඩයේ මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙන අතර මධ්‍යසාර පාන හා දුම්කොළ උපකාණ්ඩයේ ඇතුළත් අයිතමවල මිල ගණන් ද මේ වසරේ සැප්තැම්බර් මාසය තුළ දී ඉහළ ගොස් තිබේ.සෞඛ්‍ය, ප්‍රවාහන, විනෝදාත්මක හා සංස්කෘතික සහ ආපනශාලා හෝ හෝටල් උපකාණ්ඩවල මිල ගණන් මාසය තුළ නොවෙනස්ව පැවැති ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි.  ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත මේ වසරේ අගෝස්තු මාසයේ පැවැති සියයට 4.8 ක අගය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 4.6ක් දක්වා පහළ ගොස් තිබේ.  වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය මේ වසරේ අගෝස්තු මාසයේදී වාර්තා වූ සියයට 5.8 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 5.7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව තවදුරටත් වාර්තා කරයි.  055
අප්‍රේල් මාසයේ උද්ධමනය පහළට
0
hp_train_1541
සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න ගාල්ල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා නගර සභාවේ සභිකයන්ගේ වැඩි ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්වූයේය.  පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභාවට පත්වූ සහබන්දු මහතා නගරාධිපතිවරයා තේරීමේ රහස් ඡන්දයේ දී ඡන්ද 20ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිධූරයට නාම යෝජනා වූ ජිලිත් නිශාන්ත මහතා ඡන්ද 11ක් ලබාගත්තේය.  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා හා ස්වාධීන කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.  එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව නගර සභාවේ බලය පිහිටුවන බව ඊයේ නිවේදනය කර තිබූ අතර අද නගරාධිපතිවරයා තෝරන අවස්ථාවේ නම් දෙකක් ඉදිරිපත් වූයෙන් ඡන්දයකට යාමට තීරණය කර තිබිණි.මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ෆවුසුල් නියාස් මහතා නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස නිතරගයෙන් පත්විය.ගාල්ල මහා නගර සභාවේ සංයුතිය මෙසේය.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රී වරුන් 13ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රී වරුන් 3 ජනතා විමුක්ති පෙරමුනෙන්  3එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් 1 ස්වාධීන  මන්ත්‍රීවරැන් 1
බදුල්ලෙත් පුරපති පුටුව පොහොට්ටුවට
0
hp_train_1542
සමූද්‍රීය ගෑස් ඉන්ධන (MGO) මෙට්‍රික් ටොන් 15,000ක් රැගත් ඉන්ධන නෞකාව වන ‘සනී බේ’ පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) සේන්දු විය. මෙය, වරායේ ඉන්ධන ගබඩා පර්යන්තයේ ගබඩා කිරීම සඳහා MGO රැගෙන ආ පළමු නෞකාව වේ.HIP තම ගෝලීය හවුල්කරු සයිනොපෙක් සමාගම සමඟ, අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් (VLSFO) තොග වශයෙන් සැපයීමේ මෙහෙයුම පසුගිය වසරේ ආරම්භ කළේය. ඉන්ධන ගබඩා පර්යන්තය සමඟ එහි තෙල් ජැටි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර, ලෝක ප්‍රකට ලොයිඩ්ස් රෙජිස්ටර් සමාගම විසින් FSS සුරක්ෂිත සහතිකය ද (Fitness for Service - සේවා සැපයීමට යෝග්‍යතාව) හිමි කර ගැනීමෙන් අනතුරුව, හම්බන්තොට වරාය දැන් MGO සහ  මැරීන් ඩීසල් තෙල්  (MGO) සැපයීමට සුදානම්ව සිටී. මෙම MGO සේවා ආරම්භයත් සමඟ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, පාරිභෝගිකයන්ගේ සියලු ඉන්ධන අවශ්‍යතා සපුරාලමින් කලාපයේ ප්‍රමුඛ ඉන්ධන තොග සැපයුම්කරුවකු ලෙස ස්ථානගත වනු ඇත.හම්බන්තොට වරාය, ජාත්‍යන්තර ප්‍රමිතීන්, මිණුම් දණ්ඩක් කරගනිමින්, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ අති නවීන ඛනිජ තෙල් පරීක්ෂණ රසායනාගාරයක් ද පිහිටුවා ඇත. ප්‍රමුඛ පෙළේ ගෝලීය පරීක්ෂණ සේවා සපයන්නකු වන ඉන්ටර්ටෙක් ලංකා පෞද්ගලික සමාගම සමඟ එක්ව පිහිටුවා ඇති රසායනාගාරය තුළින් නාවික ඉන්ධන, LPG ගෑස්, LNG ගෑස් සහ අනෙකුත් ඛනිජ රසායනික නිෂ්පාදන, සහතික කිරීම සහ පරීක්ෂා කිරීම ආදී සේවා සපයනු ඇත. වරාය පරිශ්‍රය තුළ පිහිටා ඇති රසායනාගාරය IMO 2020 හෙවත් ගෝලීය සල්ෆර් රෙගුලාසිය පරීක්ෂා කිරීමේ හැකියාව ඇති ජාත්‍යන්තර ලෙස වර්ගීකරණය වූවකි.හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ පවසන්නේ, ලොයිඩ්ස් රෙජිස්ටර් සමාගම මඟින් සහතික ලත් ඉන්ධන ගබඩා පර්යන්තය මෙන්ම, නවීනතම රසායනාගාර පහසුකම් වලින් ද සමන්විත හෙයින් HIP හට සේවාලාභීන්ට, විශාල වටිනාකමක් ලබාදීමට හැකි වන බවයි. “ලෝකයේ නාවික ඉන්ධන වලින් සියයට 50 ක වෙළඳාම් සිදු වන ඉන්දියානු සාගරයේ, උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති හම්බන්තොට වරාය, ඉන්ධන සැපයීම, LPG සහ අනාගත LNG මෙහෙයුම්, ආදී  සියලු සේවා සඳහා ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස නිසි තැන ගැනීමට සුදානම්ව සිටී.”
හම්බන්තොට වරාය නෞකා ඉන්ධන තොග වශයෙන් සැපයීම අරඹයි
0
hp_train_1543
 මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (23) පස්වරු 9.30 වනවිට එක්වූ ආසාදිතයන් 231 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 579 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 34,960 දක්වා ඉහළ ගොස් ඇත.අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනාම පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති.‍ 
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 622 ක්
0
hp_train_1544
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  (28) තහවුරු කරයි.ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1363 ක් දක්වා ඉහළ ගියේය.මෙම මරණ අතරින් 3 ක් ඊයේ (28) දිනයේත් සෙසු ඒවා අප්‍රේල් 29 සිට මැයි 27 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.මින් තිදෙනකු නිවසේදී මියගොස් ඇති අතර තවත් තිදෙනකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇත.හංදෙස්ස ප්‍රදේශයේ 32 හැවිරිදි කාන්තාවක්, වාද්දුව ප්‍රදේශයේ 69 හැවිරිදි පිරිමි අයෙක් සහ 34 හැවිරිදි කාන්තාවක්, පල්ලේවෙල ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්, දඹදෙණිය ප්‍රදේශයේ 46 හැවිරිදි පිරිමි අයෙක්, ගෝනාවල ප්‍රදේශයේ 53 හැවිරිදි පිරිමි අයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි අයෙක්, ගලහ ප්‍රදේශයේ 82 හැවිරිදි පිරිමි අයෙක්, රාජගිරිය ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි අයෙක්, කුරුණෑගල ප්‍රදේශයේ 75 හැවිරිදි කාන්තාවක්, කරදවෙල ප්‍රදේශයේ 61 හැවිරිදි පිරිමි අයෙක්, ගාල්ල ප්‍රදේශයේ 74 සහ 78 වියැති පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්, කල්එළිය ප්‍රදේශයේ 68 හැවිරිදි කාන්තාවක්, දිවුලපිටිය ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි අයෙක්, අත්තනගල්ල ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක්, පේරාදෙණියේ 87 හැවිරිදි කාන්තාවක්, පට්ටියවත්ත ප්‍රදේශයේ 57 හැවිරිදි කාන්තාවක්, මහනුවර 75 හැවිරිදි කාන්තාවක්, බලංගොඩ ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක්, දොඩංගොඩ ප්‍රදේශයේ 76 හැවිරිදි පිරිමි අයෙක්, කළුතර 61 හැවිරිදි පිරිමි අයෙක්, බඩල්ගම ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි අයෙක්, කොළඹ 13 ප්‍රදේශයේ 80 හැවිරිදි කාන්තාවක්, දෙදෙනෙක්, ඉමදූව ප්‍රදේශයේ 77 හැවිරිදි පිරිමි අයෙක්, දැරණියගල ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි අයෙක්, පේරිය පොරතිව් ප්‍රදේශයේ 73 හැවිරිදි පිරිමි අයෙක්, කළුගස්වැව ප්‍රදේශයේ 46 හැවිරිදි කාන්තාවක්, කඩුගන්නාව ප්‍රදේශයේ 78 හැවිරිදි කාන්තාවක්, තලාතුඔය ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක්, දොඩන්දූව ප්‍රදේශයේ 90 හැවිරිදි කාන්තාවක්, බටපොළ ප්‍රදේශයේ 86 හැවිරිදි පිරිමි අයෙක්, හපුගස්පිටිය ප්‍රදේශයේ 62 හැවිරිදි කාන්තාවක්, ගල්කිස්ස ප්‍රදේශයේ 72 හැවිරිදි පිරිමි අයෙක්, කොට්ටාව ප්‍රදේශයේ 57 හැවිරිදි පිරිමි අයෙක්, දීගල්ල් ප්‍රදේශයේ 61 හැවිරිදි කාන්තාවක්, මල්වාන ප්‍රදේශයේ 43 හැවිරිදි පිරිමි අයෙක්, ගම්පොල ප්‍රදේශයේ 64 හැවිරිදි පිරිමි අයෙක් සහ 52 හැවිරිදි කාන්තාවක් මියගිය අය අතර වෙති.මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි. 
කොරෝනා මරණ අද 43ක් වාර්තා වෙයි
0
hp_train_1545
(රංජිත් රාජපක්ෂ)තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරුවන් පස්දෙනෙකු අද (17) බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්ලාව පොලිසිය පැවසිය.බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ සහ කැම්පියන් ලින්ෆොඩ් වතු යායේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් මෙසේ බඹර ඇනීමෙන් ලක් වී තිබේ.තුවාල ලැබු වතු කම්කරුවන් සිව්දෙනෙකු සහ එක් වතු කම්කරු කාන්තාවක් රෝහල් ගත කර ඇත.තේ පදුරක් මත තිබු බඹර කුඩුවක් පයට පැගිමෙන් සහ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා ඇවිස්සුණු බඹරුන් මෙසේ ඇවිස්සි තමන්ට පහර දුන් බව බඹර ඇනීමෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ පවසති.
බඹරු ඇන කම්කරුවෝ 5ක් රෝහලේ
0
hp_train_1546
ආර්ථිකය නගා සිටුවීමට ගෙන ඇති පියවර ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට රජය පසුගිය සතියේ කටයුතු කළේය.එවන් අවස්ථාවක් පසුගිය සිකුරාදා දිනයේදී දැකගත හැකිවූ අතර , මින් පෙර අවස්ථා කිහිපයකදීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් සමග මෙරටට පැමිණ අත්දැකීම් ඇති ටොඩ් ෂ්නයිඩර් ප්‍රමුඛ අන්තර්ජාතික මූල්‍ය අරමුදල් නියෝජිත කණ්ඩායමක් අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා,සංවර්ධන මූලෝපාය සහ අන්තර්ජාතික වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා,මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රරන් මහතා,අගමැති උපදේශක ආර්.පස්කාරලිංගම් මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා පැවැත්වූයේය. රජයේ ආරංචි මාර්ගයක් සඳහන් කළ පරිදි මෙහිදී සාකච්ඡාවී ඇත්තේ අවශ්‍ය වුවහොත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට නියමිතව ඇති ණය මුදලක් පිළිඹදවය.එය ඩොලර් බිලියන 1.5 ක් හෝ ඩොලර් බිලියන 2ක් විය හැකි බව එම ආරංචි මාර්ගය කීවේය.ගෙවුණු සෙනසුරාදා දින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දූත පිරිස රජයේ නිලධරයින් කිහිපදෙනෙක් සමග විශේෂ හමුවක් පැවැත්වූ බවද එහිදී මෙම ණය ලබාදීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කෙරුණු බවද සන්ඩේ ටයිම්ස් සම්බන්ධ කරගත් මෙම ආරංචි මාර්ගය පැවසුවේය.මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙම මස 10 වැනිදා වන විට ගත හැකිවනු ඇතැයි එම ආරංචි මාර්ගය වැඩිදුරටත් කීවේය අනවශ්‍ය වියදම් කපා හැරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ලබා දෙන ලෙස කළ ඉල්ලීමකටද අන්තර්ජාතික මූල්‍ය අරමුදල එකඟතාවය පළකර ඇතැයි අගමැති වික්‍රමසිංහ කීවේය.‘රාජපක්ෂ පාලන සමයේ රජයේ ආයතන ඉතාම විශාල වශයෙන් පාඩු ලබා තිබීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.’ අගමැතිවරයා පැවසුවේය.මෙවන් අලාභ ලැබීමට හේතුව අවිධිමත් අයුරින් සිදුව තිබෙන කලමණාකරණ කටයුතු බව කියා සිටි අගමැතිවරයා එය කිසිසේත්ම නොසළකා හැරිය නොහැකි බව අවධාරණය කළේය.අවශ්‍ය වේලාවකදී ණය ගැනීමට නම් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන න්‍යාය පත්‍රයේ අන්තර්ගතව ඇති ප්‍රධාන කරුණක් වන්නේ රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරීමට පියවර ගත යුතු බවයි. ශ්‍රීලන්කන් ගුවන්නියමුවෝ පෙරට එතිපසුගිය ඉරිදා රාජගිරිය දියවන්නා පෙදෙසේ පිහිටි කාර්යාලයේදී රැස්වුණු ශ්‍රීලන්කන් ගුවන්සේවයේ ගුවන් නියමුවෝ එදින සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවේ ශ්‍රීලන්කන් ගුවන්සේවයේ අලාභ සම්බන්ධයෙන් පළව තිබූ වාර්තාව පිළිඹඳව සාකච්ඡා කළහ.නමුත් ගුවන් නියමුවන්ගේ මෙම හමුව කැඳවා තිබුණේ වෙනත් කරුණක් අරබයාය.මෙම වසර සඳහා වැටුප් වර්ධක ලබා නොගෙන සේවය ලබාදිය හැකිදැයි ගුවන්සේවා කලමණාකාරීත්වය ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ.ශ්‍රීලන්කන් හි සිටින 300 ක් පමණ වන ගුවන් නියමුවන්ගෙන් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මෙම හමුවට සහභාගීව සිටියහ.රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සතියකට ඉහතදී පාර්ලිමෙන්තුව හමුවේ කියා සිටියේ ශ්‍රීලන්කන් හි අධික ණය බර දැරීමට සිදුව තිබෙන නිසා රාජ්‍ය බැංකු වලට කෘෂිකර්මාන්තය හා කුඩා හා මධ්‍යම පරිමාන කර්මාන්තයන්ට අවැසි වන ණය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවය. ශ්‍රීලන්කන් මුහුණදී සිටින අර්බුදයට සම්පූර්ණයේම වගකිව යුතු වන්නේ එහි කලමණාකාරීත්වය බවට ගුවන්නියමුවෝ චෝදනා කළහ.නව සභාපතිවරයකු , අධ්‍යක්ෂකවරයකු හා අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්ව මාස 15 කට ආසන්න කාලයක් ගතව ඇතත් කිසිඳු ආකාරයක ප්‍රගතියක් වාර්තා කිරීමට ඔවුන්ට හැකිව නොමැති බව ඔවුහු පැවසූහ.එයට ප්‍රධානම හේතුව වන්නේ කලමණාකාරීත්වයේ අකාර්යක්ෂමභාවය බව ගුවන්නියමුවන්ගේ අදහස විය.මෙම අවස්ථාවේදී වැටුප් වර්ධක නොලබා සේවයේ යෙදීමට කර ඇති ඉල්ලීම නොසළකා හැරීම සුදුසු නොවන බව එක් ගුවන් නියමුවකුගේ අදහස විය.එසේ නොකළහොත් ගුවන්සේවයේ අලාභ වලට ගුවන් නියමුවන්ද වගකිව යුතුව ඇතැයි රජය චෝදනා කරනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය. අගමැති වික්‍රමසිංහ ඉදිරිපත්ව ගුවන්සේවයේ වත්මන් අධ්‍යක්ෂක මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන්නේ නම් ගුවන් නියමුවන් පමණක් නොව, ගුවන් යානා සේවක පිරිස්ද, ඇතැම් විට ඉංජිනේරුවන්ද පවා මෙම වසර සඳහා අර්ධ වැටුප් ලබා සේවය ලබාදීමට කැමැත්ත පළකරනු ඇති බව තවත් ගුවන් නියමුවෙක් පැවසුවේය.ගුවන්සේවය නගා සිටුවීමට සුළු හෝ දෙයක් කර නොමැති වත්මන් අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කළහොත් මිස මෙවන් කැපකිරීමක් කිරීමට ශ්‍රීලන්කන් සේවක මඩුල්ල කිසිසේත්ම එකගතාවය පළනොකරනු ඇති බවද ඔහු කිවේය.මේ සම්බන්ධයෙන් ශ්‍රීලන්කන්හි ක්‍රියාත්මක වෙනත් වෘත්තිය සමිති හා සාකච්ඡා කිරීමට කමිටුවක් පිහිටුවීමට එකඟතාවය පළවිය.නමුත් ගුවන්සේවයේ ඉංජිනේරුවන්ගේ සංගමය වැටුප් කප්පාදුවකට කිසිසේත්ම එකඟ නොවන බවට දැනටමත් තීරණය කර ඇත. කලමණාකාරීත්වයේ වගකීම් දරන ඇතැම් සාමාජිකයින් සියලු සුඛ විහරණයන්ගෙන් සපිරි ජීවිත ගතකරමින් සිටීමද ගුවන් නියමුවෝ දැඩිව විවේචනය කළහ.ගුවන්සේවය නගා සිටුවීමට කිසිදු කැපකිරීමක් නොකරන ඔවුන් ගුවන්සේවය නගා සිටුවීමට යැයි කියමින් රජයෙන් තවත් මුදල් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ මෙම ජීවිත එළෙසම පවත්වාගැනීමට බවද ගුවන් නියමුවෝ පැවසූහ.මැයි මස පළමුවැනිදා සිට රෝමයේ ශ්‍රීලන්කක් ගුවන්සේවා කාර්යාලය වසාදමා තිබෙන බවද මෙහිදී සඳහන් විය.පැරිස් හා ෆ්‍රැන්ක්ෆර්ට් නුවර වල ඇති ශ්‍රීලන්කන් කාර්යාල වසා දැමීමටද අවධානය යොමුව තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.කල්බදු පදනම යටතේ මිලයට ගෙන ඇති එයාර්බස් ඒ 350 යානා හතරක් එම බදු පදනම යටතේම තුරකි ගුවන්සේවය වෙත ලබාදීමට එම යානා නිශ්පාදනය කරන එයාර්බස් සමාගම සමග සාකච්ඡා පැවැත්වන බවද නිල නොවන ආරංචි මාර්ගයන්ගෙන් දැනගැනීමට හැකිවිය. අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ ආර්ථික කලමණාකරන කටයුතු පිළිඹඳ කැබිනට් උප කමිටුව පසුගිය අගහරුවාදා ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සභාපති අජිත් ඩයස් හා එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙක් හමුවිය.ඇගලුම් අපනයනකරුවකු වන අජිත් ඩයස්ට කොළඹ පිහිටි කෝපි අවන්හල් ජාලයක්ද අයත්ය.හමුවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අජිත් ඩයස් ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයට දැඩිව දෝෂාරෝපණය කළෝය.මෙම අවස්ථාවේදී අවධානය යොමුකළ යුතුව තිබෙන්නේ වහාම පියවිය යුතු ණය වලට බව කරුණානායක කීවේය.හෂීම් අදහස් දක්වමින් ගුවන් සේවය නගාසිටුවීමට මූලෝපායික වශයෙන් වැදගත් ක්‍රියාමාර්ග කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටියද දැනට ඇති තත්ත්වය සැළකීමේදී එය කිසිසේත්ම පහසු දෙයක් නොවන බව පැවසුවේය.ශ්‍රීලන්කන් කලාපීය වශයෙන් පමණක් ක්‍රියාත්මක වන ගුවන්සේවයක් ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව තිබේ.ශ්‍රීලන්කන් ගුවන් මෙහෙයුම් කටයුතු භාරගැනීමට විදෙස් ගුවන් සේවයක හෝ වෙනත් පාර්ශවයක සහය ලබාගැනීමට රජයට හැකිවනු ඇතිදැයි යන්න ගැටලුවකි. අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදාට ශ්‍රීලන්කන් ගුවන්සේවය ලබා ඇති මුළු අලාභය රුපියල් ලක්ෂ 2119.64 කි.එය රටේ රාජ්‍ය ආයතන එම දිනය වන විට ලබාඇති මුළු ණය ප්‍රමාණයෙන් සියයට 20.33 ක ප්‍රමාණයකි.අලාභ ලැබීම අතින් පළමු ස්ථානයේ සිටින්නේ ශ්‍රීලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි.එහි අලාභය රුපියල් ලක්ෂ 3650.47 කි.දෙවැනි ස්ථානයේ සිටින්නේ ශ්‍රීලංකා වරාය අධිකාරියයි.එහි අලාභය රුපියල් ලක්ෂ 2602.21 කි.ශ්‍රීලන්කන් ගුවන්සේවය සිටින්නේ තෙවැනි තැනය. බදු අකුලාගනී2016 අයවැය යෝජනාවලිය සකස් කිරීමෙන් පසු ඊට පෙර අනාවණය නොවූ ණය විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවූ බව පැවසූ අගමැතිවරයා එම ණය ගැනීම් පිළිඹද වාර්තා හෝ ක්‍රමවේද හෝ නොමැති බවද කීවේය.වානිජ බැංකු,ආර්ථික කලමණාකරණ පණත ප්‍රකාරව රජය දී ඇති වගකීම්,රාජ්‍ය ආයතන විදේශයන්ගෙන් ලබාගෙන ඇති මුදල්, ආදී ලෙස මෙම ණය ලබාගෙන තිබෙන බව අගමැතිවරයා අනාවරණය කළේය. මේ හමුවේ පසුගියදා දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් කල්‍යාණි දහනායක නිකුත් කළ චක්‍රෙල්ඛයක් අරබයා රට පුරා කලබලයක් ඇතිවිය.2016 අයවැය යෝජනාවලට අගමැතිවරයා සිදුකරන බව පවසා තිබූ සංශෝධන චක්‍රලේඛයේ සඳහන්ව තිබිණ. ‘ 2016 මාර්තු මස 4 වැනිදා පැවැත්වුණු කැබිනට් මණ්ඩල හමුවේදී ගත් තීරණ ප්‍රකාරව මුදල් අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2016 අයවැය යෝජනාවලියේ සඳහන්වූ ආදායම් බදු යෝජනා සංශෝධනය කෙරෙනු ඇත.එම සංශෝධිත යෝජනා 2016 අප්‍රේල් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.’‘සමාගම් වලට අදාළ වන ආදායම් බද්ද 2015 නොවැම්බර් මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වන අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත.බැංකු හා මූල්‍ය කටයුතු පිළිඹඳ සමාගම් සඳහා වන ආදායම් බද්ද සියයට 28 කි.මත්පැන්,දුම්කොළ,ලොතරැයි,රේස් ඔට්ටු හා සූදු යන ක්ෂේත්‍ර මත බලපැවැත්වෙන ආදායම් බද්ද සියයට 40 කි.’ ‘සමාගම් ආදායම් බද්දට යටත් නොවන ක්ෂේත්‍ර මත බලපැවැත්වෙන ආදායම් බද්ද සියයට 17.5 කි.’ සමාගම් නොවන ආදායම් බද්ද 2015 නොවැම්බර් මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වූ අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා නිකුත් කළ චක්‍රෙල්ඛයේ සඳහන් විය. ‘ආදායම් බදු අනුපාතික ප්‍රගමණය වීම, බදු වලින් නිදහස් වීමේ අවසරය,වෘත්තියේ නියැළීමෙන් ලැබෙන ලාභය මත තීරණය වන බදු කප්පාදු කිරීම් හෝ බදු වලින් නිදහස් කිරීම්, බදු අයකරගෙන මාසික වේතනය ලබාදීමේ ක්‍රමවේදය ආදිය දිගටම ක්‍රියාත්මක වනු ඇත.මාසික වේතනයෙන් බදු ලෙස අයකරගැනෙන ප්‍රතිශතය සොයාගැනීම සඳහා දැනට සිදුකර තිබෙන ගණනය කිරීම් ඒ අයුරින්ම 2016 අප්‍රේල් මස 1 වැනිදා සිට යොදාගැනීමේ හැකියාව ඇත.’දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරියගේ චක්‍රෙල්ඛයට අනුව මාසික වේතනයෙන් අයකරගත යුතු බදු ප්‍රතිශතය තීරණය වනු ඇත්තේ කිසියම් පුද්ගලයකු මසකට උපයන මුදල මතය.මාසික වේතනයෙන් බදු නොගෙවා සාමාන්‍ය පරිදි මුදල ලබාගැනීම සඳහා රැකියා නියුක්තිකයන්ට අවස්ථාව ලබාගත හැකි මාර්ගයන්ද තීරණය කිරීමට නියමිතය.මත්පැන්,දුම්කොළ,ලොතරැයි,ඔට්ටු දැමීම් හා සූදු යන ක්ෂේත්‍ර වල ආදායම් අවස්ථා ඇති තනි පුද්ගලයින් හෝ හවුල්කරුවන් උපයන ලාභය මත ක්‍රියාත්මක වන සියයට 40 ක බදු ප්‍රතිශතය එළෙසම ක්‍රියාත්මක වුවද වෙනත් ක්ෂේත්‍ර වල තනි පුද්ගලයකු උපයන ලාභය මත ක්‍රියාත්මක වන බද්ද සියයට 17.5 ක උපරිමයකට යටත් කෙරෙනු ඇති බවද එහි දැක්විණ.බැංකු හා වෙනත් මූල්‍ය ආයතන වල ඇති තැන්පතු වලින් මේ දක්වා අයකර ගත් සියයට 2.5 ක බද්ද ඒ අයුරින්ම අයකර ගැනෙන බවද කොමසාරිස්වරියගේ චක්‍රෙල්ඛයේ වැඩිදුරටත් සඳහන් විය. නමුත් පසුගිය සිකුරාදා මුදල් අමාත්‍යංශය දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරියට නියෝග කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම චක්‍රෙල්ඛය බල රහිත කරන ලෙසය.එය දෙපාර්තමෙන්තුවේ වෙබ් අඩවියෙන්ද ඉවත් කරන ලෙස ඇයට උපදෙස් ලැබිණ.ඒ අනුව චක්‍රෙල්ඛයේ සඳහන්වූ පරිද්දෙන් එහි යෝජනා අප්‍රෙල් 1 වැනිදා සිට ක්‍රියාත්මක නොවුණි.එය කිසිසේත්ම මෝඩයාගේ දිනයේ විහිලුවක් නොවීය.මේ හමුවේ මහත් අපහසුතාවට පත්ව සිටි බදු නිලධරයෝ කිහිපදෙනෙක් පසු අවස්ථාවක කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගැනුණද එම තීරණ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනෙන තෙක් ඒවා බලාත්මක කළ නොහැකි බවය.මෙම ක්‍රියාවලිය ගැන දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ හෝ මුදල් අමාත්‍යංශයේ හෝ නිලධරයෝ දැන නොසිටින්ට කිසිසේත්ම ඉඩක් නැත.එවැනි තත්ත්වයක මෙවැනි තත්ත්වයක් උද්ගතවූයේ කෙසේදැයි යන්න ගැටලුවකි. වැට් බද්ද සියයට 11 ක අගයේ තැබීමට දැනට තීරණයක් ගෙන තිබේ.2016 අයවැය යෝජනාවලියෙන් නිර්දේශ කර තිබුණේ සියයට 8 ක හා සියයට 12.5 ක වැට් බදු වර්ග දෙකක් පවත්වාගැනීමටය.නමුත් මාර්තු හතරවැනිදා පැවැත්වුණු විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවකදී අගමැතිවරයා පැවසුවේ මෙළෙස වැට් බදු වර්ග දෙකක් පවත්වාගැනීම සංකීර්ණ හා ගැටලුකාරී බවය.සියයට 15 ක වැට් බදු අගයක් පවත්වාගැනීම සුදුසු බව ඔහුගේ යෝජනාව විය.ජනසන්නිවේදන,පෞද්ගලික අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා වලට ලබාදී තිබූ බදු නිදහස අහෝසි වන බවද ඔහු කියා සිටියේය.මෙලෙස සියයට 15 ක වැට් බදු අගයක් ගැන නොයෙක් අවස්ථා වලදී සඳහන් වුවද එය ක්‍රියාත්මක වන දිනය ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැත.සන්ඩේ ටයිම්ස් හට සම්බන්ධකරගත හැකිවූ රජයේ ආරංචි මාර්ගයක් කියා සිටියේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා සාකච්ඡා අවසන් කිරීමෙන් පසු මෙම බදු සංශෝධන පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කෙරෙනු ඇති බවය.තවත් බදු සංශෝධන සිදුවනු ඇතිදැයි සන්ඩේ ටයිම්ස් ප්‍රශ්න කළ විට පිළිතුරු ලබාදීම එම ආරංචි මාර්ගය ප්‍රතික්ෂේප කළේය. චීන සංචාරයවිශේෂ දූත පිරිසක් සමග අගමැති වික්‍රමසිංහ ලබන 6 වැනිදා චීනයේ සංචාරයක යෙදීමට නියමිතය.මලික් සමරවික්‍රම,සජිත් ප්‍රේමදාස,නිමල් සිරිපාල ද සිල්වා,සරත් අමුණුගම,රවුෆ් හකීම්,මංගල සමරවීර යන අමාත්‍යවරුද මෙම සංචාරයට එක්වනු ඇත. රටවල් දෙක අතර අත්සන් තැබීමට නියමිත ගිවිසුම් කිහිපයකි.පිටුවහල් කිරීම සම්බන්ධ එකගතාවක්ද ඇතුළුව ආයෝජන ප්‍රවර්ධනය හා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා වැඩිදියුණු කිරීම පිළිඹද ගිවිසුම්,ජංගම වකුගඩු සේවා රථ ව්‍යාපෘතියක්,ක්‍රීඩා කටයුතු ආශ්‍රීත සහයෝගීතාව වර්ධනය කෙරෙන ව්‍යාපෘතියක්,සංචාරක කටයුතු ප්‍රවර්ධනය,දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර,චීනයේ හා ශ්‍රීලංකාවේ මහ බැංකු අතර සහයෝගීතාවක් ඇති කිරීම සදහා වන ව්‍යාපෘති,ගම්පහ,අත්තනගල්ල,මිනුවන්ගොඩ ආදී ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත ජල ව්‍යාපෘතියක් සදහා ණය, දෙරටේ ජාතික විද්‍යා පදනම් අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන වැඩපිළිවෙලක් ,හම්බන්තොට අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා වන ගිවිසුමක් ආදී ලෙස දෙරට අතර නව සබදතා රැසක් ඇතිකරගැනීමට සැළසුම් කර ඇත.චීනය හා ශ්‍රීලංකාව අතර නිදහස් වෙළද ගිවිසුමක් ඇතිකගැනීම සදහා මූලික අදියරේ සාකච්ඡා පැවැත්වීමද එරට බලා යන ශ්‍රීලංකා දූත පිරිසේ අපේක්ෂාවයි. චීනය මෙරටට ලබාදී ඇති ඇතැම් ණය කපා හරින ලෙසද දූත පිරිස එරට බලධරයින්ගෙන් ඉල්ලා සිටිනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවේය.මෙම ඉල්ලීම සිදුකිරීමට යන්නේ චීනය වරක් නේපාලයට ලබාදී තිබූ ණය කපාහැරීමට පියවර ගැනීම සැළකිල්ලට ගෙන බවද එම ආරංචි මාර්ග කියා සිටියේය. ගෙවුණු සති කිහිපය මුළුල්ලේම මුදල් ඇමැති රවී කරුණානායක රටේ වත්මන් බදු තත්ත්වය පිළිඹඳව කැබිනට් මණ්ඩලය දැනුම්වත් කළේය.පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනුණු අවස්ථාවේදී ඛනිජ තෙල් සංස්ථාවේ බොරතෙල් මිලදී ගැනීම් පිළිඹඳ සොයාබැලීමට එකඟත්වය පළවිය.ඉන්දියාවෙන් හුවමාරු ණයක් ලබාගැනීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු අතර උතුරේ අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දීමට ඉන්දියාව ඉදිරිපත් කර තිබෙන යෝජනාවක් ආර්ථික කටයුතු පිළිඹඳ කැබිනට් උප කමිටුව හමුවට යොමුකිරීමටද තීරණය විය. තම තමන්ගේ මැතිවරණ කොට්ටාශ වල ජනතාවගේ අදහස් විමසීමට හා ඔවුන්ගේ අදහස් හඳුනාගැනීමට පහසුවන පරිදි කැබිනට් මණ්ඩල හමුව පැවැත්වෙන දිනය වෙනස්කරන ලෙස අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලා සිටියේය.ඒ අනුව ඉදිරියේදී කැබිනට් මණ්ඩල හමුව සුපුරුදු බදාදා දිනයේ නොව අගහරුවාදා දින උදෑසන පැවැත්වීමට එකගත්වය පළවිය.තමන් යෙදීමට නියමිත චීන සංචාරය සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ අමාත්‍යවරුන්ව දැනුම්වත් කළේය.මෙහිදී සාකච්ඡාවට එක්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන විජයදාස රාජපක්ෂ සහ ෂීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දෙපළ ඔවුනොවුන්ගේ ගැටලු විසඳාගත යුතුව ඇතැයි පැවසුවේය.එක් අයකු පවසන දෙය අනෙකාට නොතේරෙන බවක් පෙනී යන හෙයින් හොඳම දෙය වන්නේ රාත්‍රී ආහාර වේලක් වැනි අවස්ථාවක් සැළසුම් කර දෙදෙන එක්වී සාකච්ඡා කිරීම බව ජනපතිවරයා යෝජනා කළේය.එවන් අවස්ථාවකට අනෙක් අමාත්‍යවරුන්ටද සහභාගීවිය හැකි බව ඔහු පැවසුවේය.ඊට සියලුදෙනාගේ එකගතාවය පළවිය. ව්‍යවස්ථාව සකස් කිරීමේ වැඩපිළිවෙලනව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීමේ මුල් පියවර ලබන අගහරුවාදා දිනයේදී තැබීමටද රජය සූදානම්ය.එම පියවර වන්නේ 21 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුව පත්කිරීමය.මෙම මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින් විය යුත්තේ කවුරුන්දැයි තීරණය කිරීමේ අයිතිය හිමි ව්‍යවස්ථා සභාවටය.එක්සත් ජාතික පක්ෂය ජනපතිවරණ සමයේ මෙන්ම පාර්ලිමෙන්තු මැතිවරණ සමයේදීද විධායක ජනපතිධූරය අහෝසි කිරීමක් ගැන සඳහන් කළද ව්‍යවස්ථා සභාව පත්කිරීමටත්,ව්‍යවස්ථාවක් සකස් කිරීමටත් ඉදිරිපත් කෙරුණු යෝජනාවලියේ විධායක ජනපතිධූරය අහෝසි කිරීමක් ගැන සදහන් නොවීම විශේෂය. ව්‍යවස්ථා කවුන්සිලයට තම කණ්ඩායමේ සාමාජිකයින්ගේ නම්ද යෝජනා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සන්ඩේ ටයිම්ස් හා පැවසුවේය.මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගයද කතානායක කරූ ජයසූරිය මහතාට භාරදී තිබෙන බවද ඔහු කීවේය.අගහරුවාදා පක්ෂ නායකයින් හා සාකච්ඡා කිරීමෙන් පසු විශ්වාසභංගය විවාදයට ගත හැකි දිනය කතානායකවරයා දැනුම්දෙනු ඇත.එක පිටුවකට සීමාවී ඇති මෙම විශ්වාසභංගයෙන් මුදල් අමාත්‍යවරයා වන කරුණානායක 2016 අයවැය යෝජනාවලියෙන් පාර්ලිමෙන්තුවත් ජනතාවත් හමුවේ රට ගැන වැරදි චිත්‍රයක් මවා ඇතැයි චෝදනා නගා තිබේ.රටේ ආර්ථික කටයුතු සම්බන්ධ අවසන් තීරණය ගන්නේ පාර්ලිමෙන්තුවෙන් බවත් ඒ හමුවේ මුදල් ඇමතිවරයා හිටපු ජනපති සමයේ ගත් රුපියල් කෝටි ගණනක ණයක් සම්බන්ධව කිසිදු වාර්තාවක් නැතැයි කියා තිබීමෙන් පාර්ලිමෙන්තුව හෑල්ලුවට ලක්කර ඇති බවටත් විශ්වාසභංගයෙන් චෝදනා නගා ඇත.තමන් මේ හමුවේ කිසිදු ආකාරයකින් කලබලයට පත්ව නොමැති බවත් චෝදනා නගන්නවුන්ට ඉදිරියේදී නිසි පිළිතුරු දෙන බවත් කරුණානායක පැවසුවේය. කරුණානායකට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේද ඇතුළු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 34 දෙනෙක් අත්සන් තබාඇති බව ගුණවර්ධන පැවසුවේය.අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි විශ්වාසභංගයකටද මේ වන විට අත්සන් එකතුකරගැනෙමින් පවතින බවද ඔහු කීවේය.මෙය තමන්ට මඩ ගැසීමට ගන්නා උත්සාහයක් බවත් පළා නොගොස් ඊට මුහුණදෙන බවත් මේ සම්බන්ධයෙන් විමසූ විට රණවක පැවසුවේය. බලමණ්ඩලය නොසන්සුන්මහින්ද කඳවරු හා මෛත්‍රී කඳවුර ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතිව තිබෙන බෙදීම පක්ෂයේ පහළ මට්ටම් දක්වාද ව්‍යාප්තව ඇති බව පසුගිය සතියේ වූ සිදුවීමකින් පැහැදිලිව පෙනී ගියේය.නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ති මුතුහෙට්ටිගම අක්මීමනදී සංවිධානය කර තිබූ පක්ෂ බලමණ්ඩල රැස්වීමකට සහභාගීවීවූ එක්සත් ජනතා නිදහස් සනධානයේ අභිනව මහ ලේකම් මහින්ද අමරවීර මහතාට ඔහුගේ දේශනය අවසන් කිරීමට පැමිණ සිටියෝ අවස්ථාවක් නොදුන්හ.ආහාර ලෙස ලබාදී තිබූ මාළු පාන් ඔවුහු අමරවීර වෙත විසිකළහ.මේ හමුවේ ආරක්ෂකයින්ගේ පිහිටෙන් එතැනින් එවත්ව යෑමට ඔහුට සිදුවිය. එදිනම අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන් අරණායක හා මාවනැල්ල ප්‍රෙද්ශවල පැවති පක්ෂ බලමණ්ඩල රැස්වීම් වලට සහභාගීවිය.පක්ෂයේ බෙදීම් ඇතිකිරීමට කැසකවන පුද්ගලයින්ට අසුනොවන ලෙස සාමාජිකයින්ව දැනුම්වත් කරන ලෙස ජනපති සිරිසේන ඔවුනට උපදෙස් දී තිබිණ. මෙම සියලු හමුවන්ලදී එක් දෙයක් පැහැදිලි විය.එනම් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බිම් මට්ටමෙහි කැමැත්ත තවමත් ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවය.මෙය නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේද වත්මන් නායකයා වන මෛත්‍රීපාල සිරිසේන හමුවේ දැල්වෙමින් තිබෙන රතු එළියකි.පක්ෂයේ හා සන්ධානයේ නායකත්වය තමන් වෙත දිනාගැනීමට ඔහු දියත්කර තිබෙන මෙහෙයුම් අසාර්ථකව ඇති බව මේ හමුවේ පැහැදිලිය.ඔහු නායකත්වය දිනාගැනීමට වෙහෙසවෙමින් සිටින අතර රාජපක්ෂ පක්ෂයේ හා සන්ධානයේ බිම් මට්ටමේ ශක්තිය තමන් වෙත නතුකරගනිමින් සිටී.බලමණ්ඩල රැස්වීම් වලදී මෙය මනාව සනාථ විය. ළග එන අවුරුදු සමය පිළිගැනීමට රට සූදානම්ද යන්න ගැටලුවකි.පසෙකින් විදුලිය කප්පාදු කිරීම්ය.අනෙක් පසින් දිනෙන් දින ඉහළ යමින් තිබෙන භාණ්ඩ මිලය.පිටි මිල ඉහළ ගිය නිසා ඒ ආශ්‍රීත නිශ්පාදනය මිලද මේ වන විට ඉහළ ගොස්ය.ඒ අතර නව බදු පැනවීම් ගැන කතාබහය.ශ්‍රීලාංකිකයන් වන අපට විනෝද වීමට ඇති කාලය තවත් දුරය. තදව ඇති පටි තවත් තද කරගන්නවා හැරෙන්නට වෙන කළයුතු දෙයක් දැනට පෙනෙන්නට නැත.
ආර්ථීක වළෙන් ගොඩ එන්න අයිඑම්එෆ් අත්වැල
1
hp_train_1547
(ඩයනා උදයංගනී) බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රදේශවලද සවස්   කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.  ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා පැවසීය.  ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පළාත් කිපයකට ගිගුරුම් සහිත වැසි
0
hp_train_1548
(ඩී.කේ.රත්න)තණමල්විල බලහරුව ඌරුහෙල ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයකු අද (8) මොණරාගල දිසා දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.තණමල්විල බලහරුව ඌරුහෙළ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 36 පුද්ගලයකු මෙම ගිනිඅවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.මොණරාගල දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් තණමල්විල බලහරුව ප්‍රදේශයේ සිදුකළ ගංජා වැටලීමකදී මෙම ගිනි අවිය සමඟ මෙම පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුව ගනු ලැබූ සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
1
hp_train_1549
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 5 දෙනකු ඊයේ (22) දිනයේත් මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 16,445 දක්වා ඉහළ ගොස් ඇත.මියගිය අය අතර වයස අවුරුදු 60 ඉක්මවූ 4 දෙනෙක් සහ වයස අවුරුදු 30ත් 59ත් අතර එක් අයෙක් ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවේ දැක්වේ.මියගිය අය අතර පිරිමි පුද්ගලයන් තිදෙනකු සහ කාන්තාවන් දෙදෙනෙක් ද වන බව එහි සඳහන්ය.
කොවිඩ් මරණ 4ක්
1
hp_train_1550
(එම්. සුසිල් ප්‍රියන්ත) සභා වාර්තාව හඬ පටයකින් නොව ලිඛිතව ලබාදෙන ලෙස ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙනා යෝජනාවට සභාපති අරුණ ප්‍රදීප් මහතා පමණක් විරුද්ධවීම නිසා අද (10) පස්වරුවේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික සභා රැස්වීම උණුසුම්විය. සභා වාර් යෝජනාව පිළිබදව පාලක පක්ෂයේ උප සභාපති කමල් වැල්ලගේ, එම පක්ෂයේම සරත් ශ්‍රීලාල් මහත්වරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රාහුල ලලිතවික්‍රම මහතා ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාපති අරුණ ප්‍රදීප් මහතා සමග දැඩි උණුසුම් වචන හුවමාරුවකද පැටලී සිටිනු දක්නට ලැබිණ. මේ වචන හුවමාරුව මධ්‍යයේ සභාපති අරුණ ප්‍රදීප් මහතා සභාව උප සභාපති කමල් වැල්ලගේ මහතාට භාරදී යාමට සූදානම්වූ අවස්ථාවේදි ප්‍රශ්නය මග හැර යන්න එපා යයි කියමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඝෝෂා කළහ. අවසානයේදි සභා වාර්තාව හඬ පටයකින් නොව ලිඛිතව ලබාදිය යුතු බව පවසමින්  උප සභාපති කමල් වැල්ලගේ මහතා  යෝජනාවක් ගෙන ආ අතර එම යෝජනාව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි රාහුල ලලිතවික්‍රම මහතා ස්ථීර කළේය. මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදි පාලක පක්ෂයේ උප සභාපති කමල් වැල්ලගේ මහතා ගෙන ආ යෝජනාවට පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු හැර අනෙක් මන්ත්‍රීවරුන් සමග එක්සත් ජාතික පක්ෂය,එකසත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුදෙනාම පක්ෂව ඡන්දය ලබාදුන් අතර සභාපති අරුණ ප්‍රදීප් මහතා පමණක් එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. සභා වාර්ථාව හඬ පටයකින් ලබාදීමේ සිද්ධිය නිසා ඇතිවූ උණුසුම් තත්ත්වය නිසා මීට සතියකට පෙර පැවති සභා රැස්වීම එය පවත්වා විනාඩි 26කින් පසුව කල් තැබුණු අතර එයට විරෝධය පා විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගර්භය තුල උද්ඝෝෂණයකද නිරතවූහ.එම කල් තැබුණු සභා රැස්වීම අද (10) පස්වරු 2.30ට අම්බලන්ගොඩ නගර සභා මහජන පුස්ථකාලයීය දෙමහල් රැස්වීම් ශාලාවේදි පැවැත්විණි.
අම්බලන්ගොඩ නගරසභා රැස්වීම උණුසුම් වෙයි
0
hp_train_1551
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතවූ තවත් 63දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,571 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 36 දෙනෙක් සහ කාන්තාවෝ 27 දෙනෙක් වෙති.මියගිය අයගෙන් 46 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 17 දෙනෙක් ද වෙති. 
කොරෝනා මරණ 37ක් වාර්තා වෙයි
0
hp_train_1552
 චීනය  සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්  ශ්‍රී ලංකන් ගුවන් සමාගම  ජූලි  1 වෙනි දා සිට  කොළඹ සිට චොංකින් වෙත මෙහෙයුම් ඇරඹීමට සැලසුම් කර ඇත. කොළඹ සිට චොංකින් වෙත ගමන් ගන්නා ගුවන් යානා   නැවත පැමිණීමේ දී බැංකොක් හරහා කොළඹට ලඟාවීමට සැලසුම් කර තිබේ.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම  හා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නව ගිවිසුම  කොළඹ දී අත්සන් කළහ.මේ වන විට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම චීනයේ බීජිං, ශැන්හයි, කැන්ටන් සහ හොංකොං යන ගමනාන්ත සඳහා සතියක දී ගුවන් ගමන් 15 ක් සිදුකරන අතර මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමඟ නිරිත දිග චීනයට ශ්‍රීලංකන් ගුවන් යානා පියාසර කිරීමද මේ අනුව සනිටුහන් වනු ඇත.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ මේ වන විට චීනය මෙරට  ප්‍රධාන වෙළපොළක් ලෙස හඳුනා ගෙන ඇති ‍බැවින් නව ගමනාන්ත හඳුන්වා දෙමින් ගුවන් ගමන් වැඩි කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම  නිරන්තරයෙන් කටයුතු කරන බවයි.ඒ අනුව මෙම නව කුලී ගුවන් සේවා යෙදවීමත් සමඟ නව පාරිභෝගික කාණ්ඩවල සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවා භාවිත කරමින් සුව පහසු සහ ආරක්ෂාකාරී සංචාරයක යෙදීමේ අවස්ථාව සැලසෙන අතර ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරයද අත්වීඳීමට හැකි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අලෙවි නිළධාරී ජී.ටී ජෙයසීලන් මහතා ප්‍රකාශ කළේ බීජිං, ශැන්හයි සහ ගුවන්සූ   යන ගමනාන්ත වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ සිචුවාන් කලාපය වෙත  සාර්ථක ප්‍රතිලාභ ඉපයීමට හැකි වෙළඳපොළක් නිර්මාණය වූ බවයි.එසේම විවිධ ඇගයුම් සිදුකරමින් සංචාරක ප්‍රවර්ධන අභිවෘද්ධිය සඳහා වූ ක්‍රියාකාරකම් සිදුකරමින් ශ්‍රීලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවත්වනු ලැබූ විවිධ සංචාරක ක්‍රියාකාරකම් වලින්ද මෙම තේරීම තව දුරටත් තහවුරු වූ බවද හෙතෙම පැවසීය.තවද මේ ආකාරයට ප්‍රථමයෙන් විශේෂයෙන් වෙන්කරවා ගත් කුලීගුවන් සේවා මෙහෙයුම් සිදු කිරීමේ සාර්ථක පරීක්ෂාවලින් පසු  කාල සටහනක‍ට අනුකූලව විධිමත් ගුවන් සේවා  ආරම්භ කිරීමට කටයුතු යොදන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.ජාත්‍යන්තර දෙපාර්තමේන්තු කළමනාකාර අයිරිස් හුවං මහතා ප්‍රකාශ කළේ “ මගේ පළමු සංචාරයේදීම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන ඉතාමත් පැහැදුණා.මෙම නව ගිවිසුම තුළින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟින් චොංකින් සිට ශ්‍රීලංකාව දක්වාත්  ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම දේශීය සහකරු වන වෝකස් ට්‍රැවල්ස්   මෙම නව සබඳතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි  මම සිතනවා. චොංකින් වෙත සහ නිරිත දිග චීනයට ගුවන් ගමන් ශක්තිමත් කිරීමට හැකියාව මෙයින් ලැබෙන බවට මා විශ්වාස කරනවා” යැයි ද ඒ මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකාව තුළ චොංකින් හුවාපොන්ඩ් ජාත්‍යන්තර සංචාරක සමාග‍මේ නියෝජිත වශයෙන් කටයුතු කරනුයේ වෝකස් ට්‍රැවල්ස් ආයතනයයි.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම 2002 වසරේ ජූලි මාසයේ දී හුවාපොන්ට් නියුට්‍රිච්මි  සමාගම් හිමිකාරීත්වයෙන් සහ Shenzhen කොටස් වෙළඳපොළේ ලියාපදිංචියෙන් පිහිටුවන ලදී. සංචාරක කර්මාන්තය ආශිතව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සංචාරක ස්ථාන සංවර්ධනය හා කළමනාකාරීත්වය,හොටල් සහ රිසෝට්ස්, විදේශ සංචාර හා ර‍ට වෙත පැමිණීම් යනාදිය ඇතුළත්ය.ජෝන් කීල්ස් සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශ ප්‍රධානී   වසන්ත ලීලානන්ද මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ නිරිත දිගචීනය ප්‍රවර්ධනය කිරීම සඳහා  ශ්‍රීලංකන් ගුවන් සමාගමට සහ චොංකින් හුවාපොන්ට් සංචාරක සේවා සමාගමට සහයෝගය ලබා දීමට ලැබීම සතුටට කරුණක් බවයි.තවද චීනයේ චොංකින් වෙත ගුවන් ගමන් ව්‍යාප්ත කිරීම තුළින් නව ගුවන් කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීම සඳහා අවස්ථාව සැලසී ඇති අතර ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට අපගේ චීනයේ පාර්ශ්‍රවකරු සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ස්තූති කරන අතර මෙම නව ගමනාන්තය පිළිබඳව විශ්වාසයක් තැබීම සම්බන්ධයෙන් ද ස්තූතිවන්ත වන බවද හෙතෙම සඳහන් කළේය.කුලී පදනම මත පළමු වරට විධිමත් සතිපතා ගුවන් ගමන් සේවා දියත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා සත්කාරය මෙම ව්‍යාපෘතියට සහයෝගයක් වනු ඇති බවද හෙතෙම පැවසීය.ඒ අනුව මෙම ගුවන් ගමන් කොළඹ සිට දේශීය වේලාවෙන් පැය 0130 පිටත් වී චීනයේ චොංකින් වෙත පැය 0915 ලඟා වීමට නියමිතයි.එසේම  චොංකින් සිට පැය 1030 ට පිටත් වන ගුවන් යානය බැංකොක් හරහා පැය 1605 ට කොළඹට ලඟාවීමට ද සැලසුම් කර තිබේ.මෙම ගුවන් යානා ජූලි මස 1 වෙනි දා සිට 2014 නොවැම්බර් මස 25 වෙනි දින දක්වා සේවා සපයන අතර එය නැවතවරක් 2015 ජනවාරි මස 13 වෙනි දින  සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම ගුවන් ගමන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ A320 ගුවන් යානා යොදවා තිබේ.මේ වසරේ අප්‍රේල් මස සිට ශ්‍රීලංකන් ගුවන් සමාගම බීජිං හා ශැන්හයි දක්වා සතියකට ගුවන් ගමන් වාර 8 ක් ක්‍රියාත්මත කරන අතර එයින් ගුවන් යානා 4 ක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පිටත්ව යන ලදී. මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගම අතීතයේ සිට චීනයේ කුන්මින්  සහ චෙන්ඩු  යන ගමනාන්ත සඳහා මේ ආකාරයට ගුවන් ගමන් සිදුකර ඇති අතර මේ ගිවිසුමත් සමග චීනයට විශේෂයෙන් යෙදවූ කුලී ගුවන් සේවා සපයන තුන්වන අවස්ථාවද සනිටුහන්වේ. 
ගුවන් මගීන්ගෙන් මුදල් අයකෙරෙන්නේ වියදමට අනුරූපවයි
0
hp_train_1553
දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අාපන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතාඅද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්.  බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි.ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා.  දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා.බිමල් රත්නායක  මහතාජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා.හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා.  විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ. ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා.  සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා.   අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා.   මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්.  ජෝන් අමරතුංග  මහතා ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්‍රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන  තිබෙන්නේ.මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා.  අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්‍රය විනාශ වෙමින් තිබෙනවා.  අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.සභාව - එකඟයි කතානායක - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය.  සභාව එකඟද?ඩී එම් ස්වාමිනාදන්  මහතා පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්‍රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  එඩ්වඩ් ගුණසේකර  මහතාඅපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි.  එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා. අඩෙයිකලනාදන්  මහතාඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්.  මුජිබර් රහුමාන්  මහතා කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.    ගයන්ත කරුණාතිලක  මහතා- මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා.   කතානායක - මම ඒ ගැන සොයා බලන්නම්.ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න.චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.ජේ සී අලවතුවල මහතාඅදට මාසයක් මේ රට අරාජිත වෙලා.  පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම  සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා.ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා.  ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා.  හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.අජිත් මාන්නපෙරුම  මහතාඅපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ  උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා.  අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මයන්ත දිසානායක මහතාඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා.  හර්ෂ ද සිල්වා මහතාබොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න.  රිෂාඩ් බදුයුදීන්  මහතාඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා.මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා.කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්.මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුලුවන් කියලා.මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ.  මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා. අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ  පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්නපුලුවන්. කතානායක - මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්.හේෂා විතාන‍ගේ මහතාඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න. චමින්ද විජේසිරි මහතාපහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා  ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න. කතානායක - මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.නවීන් දිසානායක  මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා.  පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන.  යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්.  ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා.    එරාන් වික්‍රමරත්න මහතා රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා.  බන්දුලාල් බණ්ඩාරිගොඩ  මහතාආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා.  කතානායක - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ.  රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න. අජිත් පී පෙරේරා මහතා නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්.  අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න.කතානායක කරු ජයසූරිය මහතා යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න.මරික්කාර්  මහතා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා.කරුණාරත්න පරණවිතාන මහතා මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.  විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ.නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා.රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා  මහතා පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ.ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න. කතානායක - දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා.ගාමිණී ජයවික්‍රම පෙරේරා   මහතා ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා.  මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි.  හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා.   මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘතිලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.   රවුෆ් හකීම්  මහතා -සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්.  අජිත් මාන්නප්පෙරුම  මහතා අද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා.  කතානායකවරයා ලෙස ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා.  මරික්කාර්  මහතා පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා(ලිපිය කියවයි)මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද?  රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න.කතානායක - මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්. මංගල සමරවීර  මහතා නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය  ගැටලු වලට  මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත්කරන්න කියලා.ජෝන් අමරතුංග මහතාමේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම.කතානායක - මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්.   වඩිවෙල් සුරේෂ්  මහතාඅපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා. කාවින්ද ජයවර්ධන - දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා. කතානායක - ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා.නලීන් බණ්ඩාර මහතා  - පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවාමන්ත්‍රීවරු - ආණ්ඩුවක් නෑලක්ෂ්මන් කිරිඇල්ල  මහතා  - යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ. ආශු මාරසිංහ මහතා රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්කතානායක කරු ජයසූරිය මහතා - ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා.    කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය.  (තරිඳු ජයවර්ධන) රටේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු කල් තැබූ පාර්ලිමේන්තුව අද (27) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය. අද දිනයේ ද විශේෂ කරුණු ඇතුළත් කරමින් න්‍යාය පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර අද දිනයේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 යටතේ සිදු කෙරන බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයා පක්ෂ නායකයන් හමුවනු ඇතැයි ද දැනගන්නට ඇත. ස්ථාවර නියෝග අංක 22හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අනුපිළිවෙළ පහත දැක්වේ.   ( ඡායාරූප ලහිරු හර්ෂණ)    
“හොරකම් කළ මහජන දේපළ යළි රජයට පවරාගන්නවා“
0
hp_train_1554
(ටී.කේ.ජී.කපිල )විදේශීය නිෂ්පාධිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද (26)  කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.  මොවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සහ 48 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයින් දෙදෙනෙකි . ඔවුන් විසින් රැගෙන ආ  ගමන් මලුවල රුපියල් 17,16,000 ක් වටිනා විදේශීය නිෂ්පාධිත දුම්වැටි 28,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 143 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ . ඔවුන් අද ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් .- 5127 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . 
නීතී විරෝධි දුම්වැටි සමඟ සිව් දෙනකු අත්අඩංගුවට
0
hp_train_1555
 (යොහාන් භාසුර)පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (6 සහ 7) දින දෙකේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා කීය.
සුපුරුදු විදුලි කප්පාදුව හෙට සහ අනිද්දාත්
0
hp_train_1556
කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංගකොමර්ෂල් බැංකු සමූහය 2022 මූල්‍ය වසර ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයකින් අවසන් කිරීමට සමත්වී තිබෙන අතර අනාගතය සුරක්ෂිත කරන උපාය මාර්ගික තීරණ ගණනාවක්ම බැංකු සමූහය විසින් මෙහිදී ක්‍රියාත්මක කර ඇතැයි එම බැංකුව සඳහන් කරයි.සාර්ව ආර්ථිකය තුළ අවිනිශ්චිතතා රැසක් මතුවූ මූල්‍ය වසරක් වූ මෙම කාලයේ දී ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහයේ වත්කම් රුපියල් බිලියන 516.063 කින් හෙවත් සියයට 26.02 කින් වර්ධනය වී රුපියල් ට්‍රිලියන 2.5කට ළඟාවී තිබෙන අතර සමූහයේ දළ ආදායම සියයට 71.31 කින් රුපියල් බිලියන 280.387 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අතර, පොලී ආදායම සියයට 67.44 කින් රුපියල් බිලියන 222.393 ක් දක්වා වර්ධනය වී තිබේ.    කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබෙන්නේ සමූහයේ ණය පොතේ වටිනාකම රුපියල් බිලියන 151.239 කින් හෙවත් සියයට 13.81 කින් 2022 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12ක කාලය තුළ දී වර්ධනය වී තිබෙන බවයි. මෙම වසර තුළ දී විදේශ මුදල් ණය සහ අත්තිකාරම් මත රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම මෙයට ප්‍රධානතම හේතුව වී තිබේ. රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම වට්ටම් කළ පසුව මේ වසර තුළ පෞද්ගලික අංශය ලබාගත් ණය විශාල වශයෙන් අඩුවීම හමුවේ බැංකු සමූහයේ ණය පොතේ සුළු වර්ධනයක් දැකගත හැකිවේ. මේ අතර, සලකා බලන මූල්‍ය වසර තුළ දී රුපියලේ අවප්‍රමාණය සමඟ තැන්පතු රුපියල් බිලියන 505.103 කින් හෙවත් සියයට  34.30 කින් වර්ධනය වී තිබේ.      මෙම මූල්‍ය වසර තුළ දී බැංකු සමූහය විසින් හානි පූරණ ගාස්තු සහ අනිකුත් අලාභ වෙනුවෙන් රුපියල් බිලියන 71.924 ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය රුපියල් බිලියන 46.784 කින් හෙවත් සියයට 186.10 කින් ඉහළ යාමකි. 2021 වසරේ දී මේ වෙනුවෙන් රුපියල් බිලියන 25.140 ක් වෙන්කර තිබුණි. මේ හේතුවෙන් සලකා බලන වසර තුළ දී බැංකු සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම සියයට 5.47 කින් රුපියල් බිලියන 64.712 ක් දක්වා පහළ ගිය අතර 2022 හතර වන කාර්තුවේ දී සියයට  24.90 කින් රුපියල් බිලියන 13.147 ක් දක්වා පහළ ගොස් තිබේ. කෙසේවෙතත්, සලකා බලන වසර තුළ දී බැංකු සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 43.038 කින් හෙවත් සියයට 45.98 කින් රුපියල් බිලියන 136.637 ක් දක්වා වර්ධනය වී ඇත.        බැංකු සමූහයේ මූල්‍ය වාර්තාවලට බලපා තිබෙන බාහිර සාධක පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා මෙසේ පැවසීය. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය නිසා දේශීය සාර්ව ආර්ථිකය පීඩනයට පත්ව තිබෙනවා. මේ තුළ ශ්‍රී ලංකාවේ විදේශීය මුදල් ද්‍රවශීලතාව සහ බැංකුවල ප්‍රාග්ධන ප්‍රමාණත්වය විශාල පීඩනයකට ලක්වූ නිසා සලකා බලන වසරේ දී ද්‍රවශීලතාව කළමනාකරණය කර ගැනීම ප්‍රමුඛ කාර්ය භාරයක්. අරමුදල්වල පිරිවැය වැඩිවීම වළක්වාලීමට නොහැකි වුවත් මූල්‍ය වත්කම් යළි මිලකරණයට සහ යළි තුලනයට ගත හැකි සෑම පියවරක්ම ගත්තා. මෙහිදී, ගාස්තු පදනම් කරගත් ආදායම් වර්ධනය වූ බවත් පොලී නොවන පිරිවැය පිළිගත හැකි මට්ටමක පවත්වා ගෙන යාමට හැකිවූවා.  සලකා බලන වසරේ දී බැංකු සමූහයේ මෙහෙයුම් වියදම් සියයට 22.34 කින් රුපියල් බිලියන 36.282 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එයට පුද්ගල වියදම් වර්ධනය වීම, රුපියල අවප්‍රමාණය වීම, අනිකුත් මෙහෙයුම් වියදම් වර්ධනය වීම, වත්කම් නඩත්තු කිරීම සඳහා යන විදේශ මුදල් ගෙවීම් වැඩිවීම, අගය එකතු කිරීමේ බදු අනුපාත වර්ධනය වීම හේතුවී තිබේ. මේ අතර, සලකා බලන කාල සීමාව තුළ දී බැංකු සමූහයේ මූල්‍ය සේවා මත බදුවලට පෙර මෙහෙයුම් ලාභය සියයට 26.73 කින් අඩුවී රුපියල් බිලියන 28.430 ක්වී තිබෙන අතර 2022 හතර වන කාර්තුවේදී සියයට 68.43 කින් අඩුවී රුපියල් බිලියන 2.881 ක්වී ඇත.මේ අනුව, සලකා බලන මූල්‍ය වසර තුළදී බැංකු සමූහයේ බදුවලට පෙර ලාභය රුපියල් බිලියන 24.505 ක්වී තිබෙන අතර එය 2021 වසරට සාපේක්ෂව සියයට 25.65 ක පහළ යාමකි. සලකා බලන වසරේ දී ශුද්ධ ලාභය සියයට 0.45 කින් රුපියල් බිලියන 24.399 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර 2022 හතරවන කාර්තුවේදී ශුද්ධ ලාභය සියයට 69.53 කින් වර්ධනය වී රුපියල් බිලියන 8.939 ක්වී තිබේ. කොමර්ෂල් බැංකුව වෙනම ගත්විට සලකා බලන වසරේ දී බදුවලට පෙර ලාභය සියයට 29.38 කින් පහළ ගොස් රුපියල් බිලියන 22.598 ක්වී තිබෙන අතර බදුවලට පසු ලාභය සියයට 2.7 කින් වර්ධනය වී රුපියල් බිලියන 22.970 ක්වී ඇත. 2021 වසරේ දී කොමර්ෂල් බැංකුව බදුවලට පසුව රුපියල් බිලියන 23.606 ක ලාභයක් වාර්තා කිරීමට සමත්විය.      මේ අතර, බැංකුවේ අනිකුත් ප්‍රධාන මූල්‍ය දර්ශක බැලීමේ දී පෙනී යන්නේ බැංකුවේ කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම සියයට 18.99 කින් වර්ධනය වී රුපියල් 164.30 ක්වී තිබෙන බවයි. එය 2021 වසරේ දී රුපියල් 138.08 ක් විය. මේ අතර, 2022 දෙසැම්බර් 31 වනදා වනවිට බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය පිළිවෙළින් සියයට 11.389 ක් සහ සියයට 14.657 ක්වී තිබෙන අතර මෙම අනුපාත දෙකම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතා වන සියයට 10 සහ සියයට 14 ප්‍රමාණයන්ට වඩා ඉහළින් ඇත. එසේම, සලකා බලන මූල්‍ය වසර තුළ දී බැංකුවේ පොලී අන්තරය සියයට 3.74 කින් වර්ධනය වී තිබෙන අතර එය 2021 වසරේ දී සියයට 3.51 ක් විය. මෙම වසර තුළ දී බැංකුවේ වත්කම් සඳහා ප්‍රතිලාභ (බදු වලට පෙර) අනුපාතය සියයට 1.03 ක්වී තිබෙන අතර කොටසකට අදාළ ලාභය සියයට 12.46 ක්වී ඇත. 
කොමර්ෂල් බැංකු සමූහයේ තිරසාර වර්ධනයක්
1
hp_train_1557
කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සහ කළමනාකාර අධ්‍යක්ෂවරු ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංගකොමර්ෂල් බැංකු සමූහය 2022 පළමු වැනි කාර්තුව තුළදී සමබර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර තිබෙන අතර ඉතාමත් වේගයෙන් රුපියල අවප්‍රමාණය වීම ප්‍රධාන කාර්ය සාධන දර්ශකවලට ධනාත්මක සහ ඍණාත්මක ලෙස දැඩිව බලපා ඇතැයි එම බැංකුව කියයි.එම බැංකුව වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි.කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය 2022 මාර්තු 31 වනදායින් අවසන් වන මෙම කාර්තුව තුළදී රුපියල් බිලියන 54.573 ක දළ ආදායමක්, රුපියල් බිලියන 34.244 ක සමස්ත මෙහෙයුම් ආදායමක් සහ රුපියල් බිලියන 28.284 ක ශුද්ධ මෙහෙයුම් ආදායමක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව පිළිවෙළින් සියයට 33.41 කින්, සියයට 41.74 කින් සහ සියයට 66.33 කින් වර්ධනය වීමකි.පසුගිය වසරට සාපේක්ෂව ණය පොත වර්ධනය වීමට අමතරව 2022 මාර්තු මාසයේදී අනපේක්ෂිත ලෙස රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වීම නිසා විදේශ මුදල් වලින් තිබෙන වත්කම් කළඹෙන් ලැබූ පොලී ආදායමේ දායකත්වයෙන් සමස්ත පොලී ආදායම් සියයට 19.41 කින් රුපියල් බිලියන 37.847 ක් දක්වා අදාළ මාස තුනක කාලය සඳහා වර්ධනය වී ඇත. මේ අතර, මෙම කාලය තුළදී පොලී වියදමද සියයට 17.30 කින් රුපියල් බිලියන 19.024 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ඒ සඳහා හේතුවී තිබෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව තැන්පතු කළඹේ ඇතිවූ වර්ධනය සහ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා විදේශ විනිමය ණය සහ තැන්පතුවල පොලී වියදම වැඩිවීම හේතුවෙනි. මෙම තත්ත්වය තුළ කොමර්ෂල් බැංකු සමූහය 2022 පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 18.823 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කළ අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 21.62 ක වර්ධනයකි.    මෙම කාර්තුව තුළදී බැංකු සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 28.284 ක් දක්වා සියයට 66.33 කින් වර්ධනය වී තිබෙන අතර 2021 පළමු කාර්තුවේදී එම ආදායම වාර්තා වූයේ රුපියල් බිලියන 17.005 ක් ලෙසිනි. එසේම, මෙම කාර්තුව තුළදී මෙහෙයුම් වියදම රුපියල් බිලියන 8.721 ක් වූ අතර එය වර්ධනය වී තිබෙන්නේ සියයට 23.66 ක සාපේක්ෂකව  අඩු අනුපාතයකිනි. මේ අනුව, මෙම කාර්තුව තුළදී බැංකු සමූහය විසින් මූල්‍ය සේවා මත බදුවලට පෙර රුපියල් බිලියන 19.563 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 96.56 ක දැවැන්ත වර්ධනයක් වේ.    මේ අතර, සලකා බලන කාර්තුව තුළදී මූල්‍ය සේවා මත ගෙවූ අගය එකතු කිරීමේ බදු දෙගුණයකට වඩා වැඩිවෙමින් රුපියල් බිලියන 3.155 ක් වූ අතර එම වර්ධනයට හේතු වූයේ අගය එකතු කිරීමේ බද්දට යටත් වූ ලාභ වර්ධනය වීම සහ 2022 ජනවාරි 01 වැනිදා සිට අගය එකතු කිරීමේ බදු අනුපාතය සියයට 15 ක සිට සියයට 18 ක් දක්වා වැඩි කිරීමයි. මේ නිසා, ආදායම් බදු වලට පෙර බැංකු සමූහයේ ලාභය සලකා බලන කාර්තුවේදී සියයට 95.21 කින් වර්ධනය වී රුපියල් බිලියන 16.406 ක් වී තිබෙන අතර සමූහය බදු වලට පසුව රුපියල් බිලියන 11.775 ක ලාභයක් වාර්තා කර ඇත. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 73.23 ක වර්ධනයකි.      කොමර්ෂල් බැංකුව වෙනම ම ගත්විට මෙම කාර්තුව තුළදී බදු වලට පෙර රුපියල් බිලියන 16.089 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය සියයට 96.61 ක වර්ධනයක් වේ. එසේම, කොමර්ෂල් බැංකුව සලකා බලන මෙම කාර්තුව තුළදී බදු වලට පසුව රුපියල් බිලියන 11.548 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 73.44 ක වර්ධනයකි.මෙම කාර්තුව තුළදී බැංකු සමූහයේ සහ බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 02 ක සංධිස්ථානය පසුකළ අතර මෙවැනි සංධිස්ථානයක් ශ්‍රී ලංකාව තුළ පසුකළ පළමු පෞද්ගලික අංශයේ බැංකුව කොමර්ෂල් බැංකුවයි. 2022 මාර්තු 31 වනදා වනවිට කොමර්ෂල් බැංකු සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.287 ක් බවට පත්වී තිබේ.-සටහන- චමින්ද මුණසිංහ
කොමර්ෂල් බැංකු සමූහයෙන් සංකීර්ණ කාර්යසාධනයක්
1
hp_train_1558
(නිමල කොඩිතුවක්කු)ජාතික ගුවන් සේවය වන ශ‍්‍රි ලංකන් ගුවන් සමාගම  අපේ‍්‍රල්(01) වැනිදා සිට  එයාර් සීෂෙල්ස් ගුවන් සමාගම සමග විශේෂ ගුවන් සබඳතා ගිවිසුමක් වෙත එළැඹ ඇත. මෙම නව ගිවිසුම මගින් ගුවන් මාර්ග ජාලය වැඩිදියුණුකර ගුවන් සමාගම් දෙකෙහිම ගුවන් මගීන්ට සංචාරක අවස්ථා රැසක් සුව පහසු ආකාරයෙන් ලබාදීමට ගුවන් සමාගම අපේක්ෂා කරනු ලබයි.මේ සමඟ ශ‍්‍රි ලංකන් ගුවන් මගීන්ට සීෂෙල්ස් හරහා දකුණු අප‍්‍රිකාව, මොරිෂස් සහ මැඩගස්කරය ඇතුළු නව ගමනාන්ත තුනක් සඳහා ගුවන් පහසුකම් සැලසෙනු ඇති බව ශ‍්‍රි ලංකන් ගුවන් සමාගමේ   ප‍්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේය.ඊට සමගාමීව එයාර් සීෂෙල්ස්හි පාරිභෝගිකයින්ට ශ‍්‍රි ලංකන් ගුවන් සේවය   හරහා ඉන්දියාව සහ ඈත පෙරදිග ගමනාන්ත වෙත ගමන් කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.ශ‍්‍රි ලංකන් ගුවන් සමාගම  රටවල්  47 ක ගමනාන්ත  105 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි. මෙයට අමතරව වන්වර්ල්ඞ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඞ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමනාන්ත1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම ශ‍්‍රි ලංකන් ගුවන් මගීන්ට  හිමිවේ.
ශ්‍රී ලන්කන් ලොකු ගමනක් යයි
0
hp_train_1559
(එස්. ඩි. කොඩිකාර ) ඇඳිරි නීතිය  කාලය තුළදී  හොර රහසේ නීති විරෝධී අයුරින් වල්ලපට්ටා කිලෝ 09 ක්  යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කළුබෝවිටියන ,රුවන්කන්ද ප්‍රදේශයේ දී  යතුරුපැදිය සමග අද (27) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරු (33) හැවිරිදි දංගල ,අලපාලාදෙනිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කියයි . මොරවක පොලිසියේ  බුද්ධි අංශයට ලද තොරතුරක් මත රුවන් කන්ද ප්‍රදේශයේ සිට කළුබෝවිටියන ප්‍රදේශය දක්වා වල්ලාපට්ටා  ප්‍රවාහනය කරමින් සිටින අතරතුර රුවන් කන්ද පන්සල ආසන්නයේ දී සැකකරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත . සැකකරු මෙම වල්ලපට්ටා රුවන්කන්ද කැළෑවෙන් කපා පෝර උරයක  බහා යතුරු පැදිය පිටුපස ගැටගසා ප්‍රවාහනය කරමින් තිබූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි දිනයකදී මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .(ඡායාරූප - ප්‍රියංකර ගමගේ)
ඇඳීරිනීතියේදී වල්ලපට්ටා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට
1
hp_train_1560
( සම්පත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි)ඇඳිරිනීතිය   පනවා  තිබුණ  අද (20)  කාලයේදි  මුදල් ඔට්ටුවට බුරුවා  ගසමින් සිටි  පුද්ගලයන් 6 දෙනෙකු  අත්අඩංගුවට  අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.බලන්ගොඩ  පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හය දෙනෙකු  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද (20)දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව බලන්ගොඩ පොලිසිය  පැවැසිය.
ඇඳිරියේ මුදල් ඔට්ටුවට බුරුවා ගැසු 8ක් අත්අඩංගුවට
0
hp_train_1561
නාලක සංජීව දහනායක මෙරට පසු අස්වනු හානියෙන් වාර්ෂිකව රුපියල් මිලියන 18000ක පුඩුවක් සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි. චීන විශේෂඥයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකින් මේ බව අණාවරණය වී ඇතිබවද අමාත්‍යංශය කියයි.  සතුන්ගෙන් සිදුවන හානි, අස්වනු නෙලා ගැනීමේදී සිදුවන හානි මෙන්ම නිසි මිළක් නොමැතිකම නිසාවෙන් ඇතැම්විට වගාවන් අත්හැර දැමීම වැනි කරුණු ඊට බලපාන බවද හෙළිවී ඇත. මෙරට වගාකරන බෝගවර්ග වලින් වාර්ෂිකව සියයට 30ක් රිළවා, වඳුරා, වල් ඌරා, ඉත්තෑවා, මොනරා හා අලියා වැනි වනසතුන් විසින් විනාශකරන බව එම පර්යේෂණයෙන් හෙළිවී තිබේ. එමෙන්ම පසු අස්වනු නාස්තිය හා නියඟය නිසා වගාකරන බෝගවලින් තවත් සියයට 30 ක් පමණ විනාශවේ. ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් සියයට 40 පමණ යොදාගන්නා බවද එම පර්යේෂණයෙන් අනාවරනවී ඇත. මෙම හානිය අවම කර ගැනිම සඳහා නවීන තාක්‍ෂණය යොදාගැනීම, අස්වනු නෙලා ගැනීමේදී භාවිතාකළ යුතු දියුණු ක‍්‍රම හා ඒ පිළිබඳව ප‍්‍රමාණවත් දැනුමක් ගොවීන්ට ලබාදීම මගින් පසුඅස්වනු හානිය අවමකර ගත හැකිබවද චීන පර්යේෂණ කණ්ඩායම පෙන්වාදී තිබේ.
වගාවන්ගෙන් සියයට හැටක් නාස්ති වෙයි
0
hp_train_1562
( පාලිත ආරියවංශ)බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ නඩුකාරකන්ද හන්දියේදී අද (17) ලෙරියක්, මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ සිව් දෙනකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි හාලිඇල පොලිසිය පවසයි. ඌව පරණගම ලූනුවත්තේ සිට බදුල්ල දෙසට  ධාවනය වී තිබූ ලොරි රථය ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටී මෝටර් රථයේ පිටුපසින් පැමිණි යතුරු පැදියේද ගැටී මෙසේ අනතුරට ලක්ව ඇතැයි හාලිඇල පොලිසිය පවසයි. තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ පැමිණි බදුල්ල තොලොගොගස් වත්තේ පදිංචි අඹුසැමි යුවළක්, යතුරුපැදිකරු හා ලොරි රථයේ රියදුරා බව පොලිසිය සදහන් කරයි. ලොරි රථ‍යේ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බව විමර්ශනවලදී අනාවරණය වි ඇත.  
වාහන තුනක් එකට ගැටී සිව් දෙනෙක් රෝහලේ
1
hp_train_1563
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිඅපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.විශේෂයෙන් මධ්‍යම කඳුකරය, බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශවලට නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විටපැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/07/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259055වැසි ස්වල්පයක්.මඩකලපුව35268540සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32259570වැසි වාර කිහිපයක්ගාල්ල29249585වැසි වාර කිහිපයක්යාපනය32268565වැසි ස්වල්පයක්.මහනුවර29228565වැසි වාර කිහිපයක්නුවරඑළිය18139585වැසි වාර කිහිපයක්රත්නපුරය31239575වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමළය34258050සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31278575වැසි ස්වල්පයක්.    
‘පළාත් කීපයකට මද වැසි‘
1
hp_train_1564
(දයාරත්න අඹෝගම) කුසපත් ඇදීමෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී එච්.එම්.සේනාරත්න මහතා අද (26) තේරී පත්විය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභාවට පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු 09 දෙනෙකුද එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු 06 දෙනෙකුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු 03 දෙනෙක්ද මුස්ලිම් කොංග්‍රස් පක්ෂයෙන් 01 මන්ත්‍රීවරයෙකුද ජනතා විමුක්ති පෙරමුණෙන් 01 මන්ත්‍රීවරයෙකු සහ එක් ස්වාධීන මන්ත්‍රීවරයෙකු තේරි පත්ව සිටියහ. ඒ අනුව අද (26) දින මැදවච්චිය ප්‍රාදේශිය සභාව සඳහා සභාපතිවරයෙකු පත්කිරිම සඳහා ඡන්දය පැවැත්වුණි. මෙහිදි සභාපතිධුරය සඳහා පොදුජන පෙරමුනෙන් එච්.එම්.සේනාරත්න මහතාද එක්සත් ජාතික පක්ෂයෙන් වසන්ත රණතුංග මහතාද ඉදිරිපත්ව සිටියහ.ඡන්දය විමසිමේදි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකි සිටිම නිසා මෙම සභාපතිධුර අපේක්ෂයන් දෙදෙනාම ඡන්ද 10 බැගින් ලබාගැනීම නිසා ඔවුන් දෙදෙනා අතර කුසපත් ඇදීමට සිදුවිය. කුසපත් ඇදීමෙන් ජයග්‍රහණය කරනු ලැබුවේ එච්.එම්.සේනාරත්න මහතා වන අතර ඒ අනුව ඔහු සභාපති ධුරයට පත්විය.උප සභාපති ධුරය සඳහා රහස් ඡන්දයක් පැවැති අතර ඉන් පොදුජන පෙමුණේ මන්ත්‍රී චානක පුෂ්පකුමාර විජේසුරිය මහතා වැඩි ඡන්දයෙන් උප සභාපතිධුරයට පත්විය.
මිනුවන්ගොඩ නගර සභාවේ සභාපතිත් පොහොට්ටුවෙන්
0
hp_train_1565
(දිලීප් ජයසේකර)කතරගම ප්‍රදේශයේ  හෝටල් සඳහා දඩමස් සැපයූ සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිශ්පාදිත ගිණිඅවි දෙකක් සමඟ තිස්සමහාරාම සාමගුලිය රක්ෂිතයේදී අද (20) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකය පැවැසීය.මෙලෙස අත්අඩංගුවට පත් වුයේ සෙල්ලකතරගම ධීවර ගම්මානයේ පදිංචි 26 හැවිරිදි එක් දරු පියෙකු සහ තිස්සමහාරාම බෙරළිහෙල පදිංචි 33 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම සාමගුලිය රක්ෂිතයේ දඩයමේ යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්විය.තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත්,කතරගමට පැමිණෙන බැතිමතුන් සඳහා දඩමස් සැපයීමද මෙම සැකකරුවන් දෙදෙනා විසින් සිදුකරගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා තිස්සමහාරාම පොලිසියට බාරදී ඇති අතර සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගිනි අවි දෙකක් - සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
0
hp_train_1566
(විමුක්ති එස් රුද්‍රිගු)ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මසට සාපේක්ෂව ඔක්තෝම්බර් මස උද්ධමනය සියයට 3.1 කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි.ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාවලට අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේ සියයට 73.7 ක් වූ උද්ධමනය ඔක්තෝම්බර් මස සියයට 70.6 දක්වා පහත වැටී ඇත.සැප්තැම්බර් මස සියයට 85.8 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝම්බර් මස සියයට 80.9 ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවේ සඳහන් වේ.එසේම සැප්තැම්බර් මස සියයට 62.8 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද ඔක්තෝම්බර් මස සියයට 61.3 ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.ඔක්තෝම්බර් මස සියයට 70.6 ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 38.5 ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 32.1 ක දායකත්වයක් ලබා දී ඇත. 
උද්ධමනය පහළට
0
hp_train_1567
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 11/12/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30249575විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව29249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31249575අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල30239580අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය29239580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර28219575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.නුවරඑළිය21139580අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.රත්නපුරය32239570අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ත්‍රීකුණාමළය29249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29259585අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.     දහවල් 12.10දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමළය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ.  සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.පෙරවරු 5.30දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.ත්‍රීකුණාමළය සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ.  සුළං නැගෙනහිර දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
පළාත් කිහිපයකට අදත් වැසි
0
hp_train_1568
(අජන්ත කුමාර අගලකඩ)පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට හෙට (23) ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22) රාත්‍රීයේ රැස්වූ අතර එහිදී ජනාධිපතිවරයා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇත.පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රීයේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.මෙම වාර්තාව කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අව්‍යශ වූයේ එහි සිංහල පිටපත සකස්කර නොතිබූ නිසා බවත්, එම වාර්තාවේ කිසිවක් සැඟවීමට අවශ්‍යතාවයක් නැති බවත් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මස 21 වැනිදා 5 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කොමිසන් සභාවක් පත්කරනු ලැබීය.අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ෂංක බන්දුල කරුණාරත්න, විශ්‍රාම අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරි මහත්මිය කටයුතු කළහ.එම කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉකුත් පළමු වැනිදා භාර දෙනු ලැබීය.
අමාත‍්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව ජනපතිට
0
hp_train_1569
(රංජිත් රාජපක්ෂ)                       බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරූ සැකකරුවන් සිව්දෙනෙකු අද (20) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ වත්තේ තේ පදුරු මැද විශාල වලවල් හාරා පරිසර හානියක් සිදු කරමින් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් සමඟ මැණික් ගැරිමට යොදාගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් හරා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ලොයිනොන් වතුයායේම පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 30 - 35 වයස් කාණ්ඩවල පසුවන්නෝ වෙති.
බලපත් නැතිව මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට
0
hp_train_1570
(මනෝප‍්‍රිය ගුණසේකර) වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූට ලෙස වෙනස් කර බලපත‍්‍ර නොමැති අලි ඇතුන් ලඟ තබාගත් බවට චෝදනා ලැබ සිටින අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව ලබන 28 වැනිදා කැඳවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද  (8) නියම කළේය.පැමිණිලි පාර්ශවය විසින් විත්ති පාර්ශවයට බාරදිය යුතු ලේඛන ආදිය නිසි අන්දමට බාරදී ඇද්ද යන්න දැනගැනීම සඳහා මෙම නඩුව කැඳවීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය එලෙස නියම කළේය.විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත‍්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතීපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා නීතීපතිවරයා මෙම නඩුව පවරන ලදී.2012 ජුනි මස 05 වැනිදාත් 2015 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ මහරගම, නාවල හා බත්තරමුල්ලේදී නීත්‍යාණුකූල බලපත‍්‍ර නොමැතිව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 24ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.වන සතත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ, දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ සහ  පොදු දේපළ පනත යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ. 
අලි රොෂාන්ගේ නඩුව පෙබරවාරි 13 දා සිට විභාගයට
0
hp_train_1571
(රංජිත් රාජපක්ෂ) බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් තේ වත්තේ විශාල වළක් හාරා අනවසරෙන් මැණික් ඉල්ලම් සහිත පස් ගොඩ දමමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු අද (5) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රසෝ තේ වත්තේ සැකකරුවන් පිරිස අනවසරෙන් මැණික් ඉල්ලම් පස් ගොඩ දමමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ රැසක්, ගොඩ දමා තිබූ ඉල්ලම් පස් තොගයක් ද පොලිස් බාරයට ගැණිනි.සැකකරුවන් අවුරුදු 50ත් 55ත් වයස් කාණ්ඩවල පසුවන එම වතුයායේම පදිංචිකරුවන් බවත්, ඔවුන් පෙට්රසෝ තේ වත්තේ ස්ථාන කිහිපයකම අනවසරෙන් මැණික් ගැරීමේ ජාවාරමේ නිරතව සිටි අය බවත් පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇත.සැකකරුවන්ට එරෙහිව පෙබරවාරි 11 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව බගවන්තලාව පොලිසිය සඳහන් කළේය. 
බලපත් නැතිව මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට
1
hp_train_1572
(ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 193 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඩුබායි සිට අද (30) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් අතුරින් වැඩි පිරිසක් එරට රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන්ය.ඩුබායි සිට ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන මෙම ගුවන් යානය අද  සවස 6.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කෙරුණි. 
පිලිපීනයේ රැඳී සිටි ලාංකිකයෝ 41ක් එති
0
hp_train_1573
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (8) වාර්තා වූ අතර එම ගණන 9,983ක් ලෙස දැක්විණි.ඒ අනුව ඉන්දියාවෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,56,611ක් ලෙස දැක්වුණු අතර ඉන්දියාව ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර පස්වැනි තැනට පත්ව ඇත.ඉන්දියාව මේ වනවිට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.ඉතාලියෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,34,998ක් වූ අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 2,41,550ක් ලෙස දැක්විණි.ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,25,381ක් වන අතර සුව වූ ගණන 1,24,095කි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 7,135කි.එරට වැඩිම බලපෑමක් වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 85,975කි. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 31,667කු, දිල්ලියෙන් ආසාදිතයන් 27,654 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 20,070 කු වාර්තා වී තිබිණි.අසල්වැසි පාකිස්තානයෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 98,943ක් වූ අතර බංග්ලාදේශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 65,769ක් ලෙස දැක්විණිඑන්.ඩී.ටීවී.055 ඉන්දියාවෙන් අදත් කොරෝනා ආසාදිතයන් 9,000ක්ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (8) වාර්තා වූ අතර එම ගණන 9,983ක් ලෙස දැක්විණි.ඒ අනුව ඉන්දියාවෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,56,611ක් ලෙස දැක්වුණු අතර ඉන්දියාව ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර පස්වැනි තැනට පත්ව ඇත.ඉන්දියාව මේ වනවිට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.ඉතාලියෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,34,998ක් වූ අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 2,41,550ක් ලෙස දැක්විණි.ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,25,381ක් වන අතර සුව වූ ගණන 1,24,095කි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 7,135කි.එරට වැඩිම බලපෑමක් වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 85,975කි. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 31,667කු, දිල්ලියෙන් ආසාදිතයන් 27,654 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 20,070 කු වාර්තා වී තිබිණි.අසල්වැසි පාකිස්තානයෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 98,943ක් වූ අතර බංග්ලාදේශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 65,769ක් ලෙස දැක්විණි. එන්.ඩී.ටීවී.055  
රටවල් 5 ක කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි
0
hp_train_1574
 (මාතලේ මහේෂ් කිර්තිරත්න)මාතලේ මහ නගර සභාවේ පුරප්පාඩු වි තිබු  නගරාධිපති ධුරය සදහා  උප  නගරාධිපති  ලෙස කටයුතු කළ (එ.ජ.නි.ස) සන්දනම් ප්‍රකාශ් මහතා  අද (6)  තේරි පත් විය.එහිදි  සන්දනම් ප්‍රකාශ් මහතා ඡන්ද 10ක් ලබා ගත් අතර පාලිත ජයසේකර මහතා ඡන්ද 09ක් ලබා ගත්හ.මාතලේ මහ නගර සභවේ නගරාධිපති තෝරා පත් කර ගැනිම සදහා මධ්‍යම පළාත් පාලන දෙපාර්තමෙන්තුවේ පළාත් පාලන කොමසාරිස් එම්.එම්.යු බි හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06)දා මාතලේ මහ නගර සභා රැස්විම් ශාලාවේදි  ඡන්ද විමසිම පැවැත්විණි.නගරාධිපති ධුරය සදහා නම් යෝජනා කරන ලෙස සභාවට දැන්වු අවස්ථාවේදි නව නගරාධිපති ධුරය සදහා වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතාගේ නම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි  ටි.ඇස් මොහන් මහතා යෝජනා කළ අතර එකමුතු ප්‍රගතිශිලා සන්ධානයේ මන්ත්‍රි අයියාවු මාණික්කම් මහතා ස්ථිර කළ අතර සහ නාගරික මන්ත්‍රි පාලිත ජයසේකර මහතාගේ නම මන්ත්‍රි ජයරත්න ලියනගොඩ සහ මන්ත්‍රි තුෂාර ප්‍රනාන්දු මහත්වරුන්ගේ යෝජනා ස්ථිර කළ යෝජනා වු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි අනාස් රියාල් මහතාගේ නම මන්ත්‍රි  කේ.ජි.ආර්.එම්  සෆරුල්ලා මහතා යෝජනා කළ අතර මන්ත්‍රි එම්.සෆරුල්ලා  මහතා ස්ථිර කළ අතර අනාස් රියාල් මහතා විසින් එම නම ඉල්ලා අස්කර ගත්හ.ඉන්පසුව පාලිත ජයසේකර මහතා සහ සන්දනම් ප්‍රකාශ් මහත්වරුන් නගරාධිපති ධුරය සදහා ඡන්ද විමසිම පැවැත්විණ.පසුව ඡන්ද විමසිම රහස් ද විවෘත ඡන්ද විමසිමක්ද  යන්න සභාවෙන් විමසු අතර විවෘත ඡන්දය සදහා මන්ත්‍රි ජයරත්න ලියනගොඩ සහ මන්ත්‍රි තුෂාර ප්‍රනාන්දු මහත්වරුන්ගේ යෝජනා ස්ථිර කළ අතර රහස් ඡන්දයක් අවශ්‍ය බව වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා යෝජනා කළ අතර ටි.එස් මොහන් මහතා ස්ථිර ක‍ළේය.එහිදි නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනිම රහස් ඡන්දයනේ පැවැත්විණි.එහිදි රහස් ඡන්ද ක්‍රමයට මන්ත්‍රිවරුන් දසදෙනෙකු පක්ෂවද විපක්ෂව ඡන්ද 09 ක්ද ලැබුණි.එහිදි නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනිම රහස් ඡන්දයනේ පැවැත්විණි.මාතලේ මහ නගරාධිපති ලෙස කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා ධුරයෙන්  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා විසින් පසුගියදා පහකරනු  ලැබු අතර ඒ මාස තුනක කාලයක් තිස්සේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි විරවර්ධන මහත්මියගේ මුලිකත්වයෙන් සිදු කළ විමර්ශන වාර්තාව පදනම් කරගෙන ධුරයෙන් පහ කිරිම නිසානිසා මෙම නව නගරාධිපතිතනතුර පුරප්පාඩු විය.මෙම ඡන්දය විමසිමේ අවස්ථාවේ නිලධාරින් රැසක් එක්වි සිටියහ.
මාතලේට නව නගරාධිපති වරයෙක්
1
hp_train_1575
තුසිත කුමාර ද සිල්වාකොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස තත්වය හේතුවෙන් බේරුවල ධීවර වරායේ මත්ස්‍ය වෙළෙඳ පොළ ජංගම සිල්ලර වෙළඳුන් වූ කුඩා වෑන් රථ, යතුරුපැදි හා පාපැදිකරුවන් ට මාස දෙකක කාලයක් විවෘත නොවූ අතර එම වෙළඳුන් ගේ ජීවන තත්වය සලකා රට යළි විවෘත වීමත් සමග හෙට (23)දා සිට අලුයම 5.00ත් උදෑසන 9.00ත් අතර කාලය තුළදී එම වෙළදුන්ට වරාය පරිශ්‍රයට ඇතුළු වී මසුන් මිලදී ගෙන ජංගම වෙළදාම සිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කර ඇතැයි බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා අද (22) දහවල් පැවසීය .ජංගම මත්ස්‍ය වෙළඳුන් ධීවර වරාය පරිශ්‍රයට ඇතුළු කර ගනු ලබන්නේ ශරීර උෂ්ණත්වය පරීක්ෂාකර, සියලු සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුගතව බවත් ,ධීවර වරාය සංවර්ධන කමිටුව ,බේරුවල පොලිසිය හා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යන අංශ වලින් සැදුම්ලත් කමිටුවක් ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බව වරාය කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසීය.එක් එක් පුද්ගලයන් වශයෙන් වරායට පැමිණ මසුන් කිලෝව දෙක මිලදී ගැනීමට පැමිණෙන අයට පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක බවත් වරාය කළමනාකාරීත්වය සඳහන් කළහ.
බේරුවල ධීවර වරාය ජංගම සිල්ලර වෙළදුන්ට හෙට සිට මසුන් මිලටගන්න ඉඩ සලස්වයි
1
hp_train_1576
( සනත් ගමගේ / ක්‍රිෂාන් ජීවක ජයරුක්/ එස්.ඩී කොඩිකාර)සමෘද්ධි සහනාධාරය කප්පාදු නොකරන්නැයි ඉල්ලා සමෘද්ධිලාභීහූ පිරිසක් අද(16) මාතර නගරයට පැමිණ පැවැත්වු උද්ඝෝෂණයක් හේතුවෙන් අම්බලන්තොට නගරයේ දැඩි උණුසුම් තත්වයක් හට ගැනිණි.මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියසට රැස් වු ඔවුහු විරෝධතා පා ගමනකින් මාතර ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණි අතර එහිදී විරෝධතාකරුවෝ මාතර - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිරකොට උද්ඝෝෂණයේ නිරත වූහ.පසුව විරෝධතාකරුවෝ පා ගමනින් මාතර කොටුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දොරටුව ඉදිරිපිටට ගොස් කෑ කෝ ගසමින් විරෝධතාවය පෑහ. ඔවුහු බලහත්කාරයෙන් එම කාර්යාලයට ඇතුළුවීම වළක්වා ගැනීම සදහා ආරක්ෂක අංශය හා පොලීසිය එහි ගේට්ටු වසා දැමීය.ඉන් අනතුරුව විරෝධතාකරුවන්ගේ නියෝජිතයින් පස් දෙනෙකුට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළු වීමට ඉඩ ලබා දුන් අතර ඔවුනට බලධාරින් සමග සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.මේ අතර කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ලාභීහු පිරිසක් ද කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් කළහ.(ඡායාරූප-ක්‍රිෂාන් ජීවක ජයරුක්)(ඡායාරූපය-එස්.ඩී කොඩිකාර)
සමෘද්ධි උද්ඝෝෂණයෙන් මාතර උණුසුම් වෙයි
1
hp_train_1577
(අංජුල මහික වීරරත්න, මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි, බියගම සේනක නිර්මාණ, මල්වාන කේ.ඩී.එම්. විතානගේ දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති සහ මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)“ත්‍රස්තවාදය, කුඩු, කප්පම්, මිනීමැරුම්, අපචාර නැති විනය ගරුක ශ්‍රී ලංකාවක් බිහි කරන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බියගමදී පෙරේදා (29) පැවසීය. ජාතික ආරක්ෂාවට මුල්තැන සහ සුදුස්සාට සුදුසු තැන දීම තම මූලික ප්‍රතිපත්තිය බව කී සජිත් ප්‍රේමදාස මහතා එමගින් ලෝකය ඉදිරියේ දණ නොනමන තේජවන්ත ශ්‍රී ලංකාවක් ගොඩ නගතැයිද අවධාරණය කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බියගම ජනරැලිය බියගම - වෙළෙඳ කලාපය අසළ භූමියේදී පැවැත්විණි.එක්සත් ජාතික පක්ෂ බියගම සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සංවිධාන කළ ජන රැලියට අතිවිශාල ජනකායක් සහභාගිවී සිටියහ.බියගම ජන රැලියට අමතරව මෙදින දිවුලපිටිය, වත්තල මහරගම සහ කිරුළපන දී ද ජනරැලිය පැවැත්විණි.ජන රැලිවලදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.බියගම ප්‍රදේශයට මූලික වූ අවශ්‍යතා රැසක් තිබෙනවා. අපගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළ ක්‍රියාත්මක වූ නිදහස් වෙළෙඳ කලාපය නිසා ප්‍රදේශයට නේවාසිකාගාරවල වැඩි ඉල්ලුමක් දකින්නට ලැබෙනවා. ලබන 16 වැනිදාට මා ජනාධිපති ධුරයට පත් වූ පසු නිදහස් වෙළෙඳ කලාපයේ නේවාසිකාගාර ප්‍රශ්නය පිළිබඳ පූර්ණ අවධානය යොමුකර ඒ පහසුකම් වර්ධනය කරන්න කටයුතු කරනවා.එමෙන්ම ප්‍රදේශයට ජාතික පාසලක දැඩි අවශ්‍යතාව තිබෙනවා. රෝහලක අවශ්‍යතාවද තිබෙනවා. මා ඒ පිළිබඳව රුවන් විජයවර්ධන ඇමැතිතුමා සමඟද සාකච්ඡා කළා.බලයට පත්වී මාස තුනක් ඇතුළත ප්‍රදේශයේ රෝහලේ වැඩ ආරම්භ කරන්න  මෙන්ම ජාතික පාසලේ වැඩ කටයුතු ආරම්භ කරන්න අනිවාර්යෙන්ම මා කටයුතු කරන බවට මෙහිදී පොරොන්දු වෙනවා.ප්‍රදේශය ගංවතුර උවදුරෙන් පීඩාවට පත් වෙනවා. ගං වතුර පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ප්‍රදේශයේ බහුතරය ජනතාව වැලි ගොඩදැමීම ජීවනෝපාය කරගෙන තිබෙනවා. වැලි ගොඩ දැමීමේ ව්‍යාපාරයේ නිරත වූවන් විවිධ නීති රීති නිසා තම සුපුරුදු ව්‍යාපාර කරගෙන යාමට නොහැකිව විශාල අසරණ  භාවයකට පත්වී සිටිනවා.මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ අසරණ බවට පත්වූ සැමට සරණ වීමටයි. ඒ නිසා පරිසරය ගංගා නිම්න ආරක්ෂා කර ගනිමින් මිනිසාගේ ජන ජීවිතයට ප්‍රමුඛතාව දෙමින් පරිසරයට අගතියක් නොවන ආකාරයට වැලිගොඩ දැමීමට මා අවසර දෙනවා.ප්‍රදේශයේ ව්‍යාපාර ගොඩ නැංවීමටත් මා ශක්තිය දෙනවා. කොළඹ - මල්වාන මාර්ගය ඉදිකර යටිතල පහසුකම් නැංවීම තුළින් ජන ජීවිතය උසස් තලයකට ගෙන ඒමට කටයුතු කරනවා.අපේ රටේ කාන්තා ගෘහ මූලික පවුල් ලක්ෂ ගණනක් තිබෙනවා. මේ පවුල් ඒකකවල ජන ජීවිතය ඉතාම දුක්ඛිතයි. කාන්තාවන් ඉතා අමාරුවෙන් පවුල් සංස්ථාව රැක ගනිමින් දුවා - දරුවන් රැක ගන්නවා. ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර කාන්තා පරපුර සවිබල ගන්වනවා.සහල් මෝල් හිමියන්ට විශේෂ දිරි ගැන්වීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරනවා. සහල් කර්මාන්තය වැඩි දියුණු කිරීමට නවීන තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කර ගනිමින් සහල් කර්මාන්තයේ නිෂ්පාදකයින්ට විශේෂ මූල්‍ය ශක්තිය දී සහල් කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළ තැනකට ගේනවා.සියලු වගාවනට වී, තේ, පොල්, රබර්, සුළු අපනයන බෝග එළවළු පලතුරු හේන් වගාවට නොමිලේ පොහොර දෙනවා. එය එසේ කරන්නේ ජාතික වශයෙන් කෘෂි නිෂ්පාදනය ඉතා ඉහළට ගෙනැවිත් පිටරටින් මෙරටට බවභෝග ආනයනය කරනවා වෙනුවට භෝගවලින් ස්වයංපෝෂිත මාතෘ භූමියක් නිර්මාණය කරන්නයි.ආර්ථික වශයෙන් ඉහළට එනවා වගේම ජාතික නිෂ්පාදනයටත් එයින් දැවැන්ත රුකුලක් ලැබෙනවා. එවිට රටේ ආදායමත් ඉහළ යනවා. සියලු ක්‍රියා නිසා රට ලෙස සිරවී සිටින ණය උගුලෙන් එළියට එන්න උදව් වෙනවා.පැහැදිලි ආර්ථික ගමනක් තුළ ඉලක්ක ගත වැඩ පිළිවෙළ යටතේ පොහොර නොමිලයේ දී ජාතික නිෂ්පාදනය ඉහළ දමා රට ණය බරින් මිරිකුණු යුගය අවසන් කරනවා. එමගින් ජනතාවට සෞභාග්‍යමත් රටක් බිහි කරනවා.වර්තමානයේ මාතෘ භූමියේ දුගී - දුප්පත්කම නැති කිරීමේ වැඩ සටහන සමෘද්ධි වැඩසටහනයි. අදටත් විශාල ජන කොට්ඨාසයක් දුප්පත් කමින් පෙළෙනවා. දුප්පත්කම නැති කිරීම සඳහා සමෘද්ධි දීමනා වැඩිකර සමෘද්ධියට තවත් වැඩ සටහන් එකතු කරමින් දුප්පත් කමින් මිදීමේ අවස්ථාව උදා කරනවා. සමෘද්ධිය ශක්තිමත් කරනවා සේම ජනසවිය ද නැවත අරඹා මෙරට දුගී දුප්පත් ජනතාව ඉන් මුදවා ගැනීමට කළ හැකි සියලු දේ කරනවා.කාන්තාව මා ඉතා උතුම් ලෙස සලකනවා. කාන්තාව මුහුණ දෙන කව්රුත් කතා නොකරන සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබෙනවා. කාන්තාවනගේ වටිනාම සම්පත මාතෘත්වයයි. බොහොම සංවේදී හිතට වදදෙන කාරණයක් ගැන මා කල්පනාකොට විසඳුමක් දුන්නා. කාන්තාවගේ ප්‍රශ්නය ගැන මා කතාකර විසඳුම දුන්නාම පොහොට්ටු කණ්ඩායම් මට පහර පිට පහර ගහනවා.ලෝකයට ජීවය දෙන උතුම් කාන්තාවන් අද බරපතළ ගැටලුවට මුහුණ දෙනවා. මාසික ශුද්ධිය කාලයේදී නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා භයානක බලපෑම් ගණනාවක් නිර්මාණයවෙලා.විශේෂයෙන්ම ගැබ් ගෙළ පිළිකාව, මුත්‍රා ආසාධනය, වකුගඩු ඉන්ද්‍රීය නරක්වීම, ප්‍රජනන අවයවවල ආසාධනය වැනි බරපතළ රෝගී තත්ත්ව නිර්මාණය වෙන්නේ නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා බව කිව යුතුයි. මෙය දියුණු වෛද්‍ය පරීක්ෂණ මගින්ද තහවුරු කරලා.කව්රුත් කතා නොකරන සියයට 51.8ක් වන කාන්තා පරපුරට බලපාන ගැටලුව ගැන රජය ලෙස මා අනාගතයේදී විසඳුමක් දෙනවා. මාස 10ක කාලයක් දරුවකු කුසේ තබා ගෙන උහුලා ගන්න බැරි වේදනාවක් දරාගෙන මිහිපිට දෙවියෙකු ලෙස සලකන්න පුළුවන් කාන්තාවට බලපාන ගැටලුවට මගේ රජය මගින් අනිවාර්යයෙන්ම විසඳුම් දෙනවා.මෙවැනි ප්‍රශ්න තිබෙනවිට රටක පාලකයන් ලෙස මට නිහඬව බලා සිටින්න බැහැ. මව් කැක්කුම සහෝදර කැක්කුම දන්න කාන්තාවගේ දුක තේරෙන මා මේ ප්‍රශ්නවලට තිරසර විසඳුමක් දෙන්න කටයුතු කරනවා.රටේ කාන්තා පරපුර මැද පෙරදිග ගොස් නොයෙක් වද - හිංසා විඳ මෙරටට විදේශ විනිමය ගේනවා. මධ්‍යම කඳුකරයේ තේ වතුවල කාන්තා පරපුර සේවය කර දැවැන්ත ආර්ථික ශක්තියක් දෙනවා. ඇඟලුම් කම්හල්වල සේවය කරන තරුණ කාන්තා පරපුර අපේ රටට ඓතිහාසික හයියක් දෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩිම දායකත්වය දෙන්නේ කාන්තා පරපුරයි.මෙවැනි තත්ත්වය තුළ කවුරු කොහොම විහිළු කළ ද කවුරු කොච්චර ප්‍රශ්නය අවලාදයට ලක් කළ ද කාන්තාවන්ගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධය සැලකිල්ලක් තිබෙන අම්මාගේ දුක දන්න, සහෝදරියන්ගේ- කාන්තාවන්ගේ දරු පරම්පරාව ගැන කැක්කුම තිබෙන පුද්ගලයා ලෙස ප්‍රශ්නයට ජාතික වශයෙන් විසඳුම් දී සනීපාරක්ෂක පහසුකම් නැති සියලු කාන්තාවනට ඒ පහසුකම් දෙන්න මා කටයුතු කරනවා. එපමණක් ද නොව පාසල් අධ්‍යාපනය තුළ දැරියන් මුහුණ දෙන ප්‍රශ්නයට සාධනීය විසඳුම් දෙන වෛද්‍ය ඒකක නිර්මාණය කරනවා.පොදු ජනතාව, සාමාන්‍ය ජනතාව රජ කරවන යුගය 16 වැනිදා නිර්මාණය කරන විට අපේකම - ගමේකම - නගරේකම, අපේ සංස්කෘතිය - සභ්‍යත්වය, රටේ ඒකීයභාවය - ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගෙන කශේරුකාව කෙළින් තබා ගෙන මාතෘ භූමිය මා දිවි හිමියෙන් රකිනවා.රට ආරක්‍ෂා කරන්නේ කෙසේ ද රට ගොඩ නගන්නේ කෙසේ ද යන කරුණු පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. මා කළේ විවෘත ආරාධනයක්. මගේ ආරාධනාවට එතුමා පිළිතුරු දුන්නේ නැහැ. නමුත් අහල පහළ ඉන්න කුක්කෝ ටික උත්තර දෙනවා. මට කුක්කන්ගේ උත්තර හරියන්නේ නැහැ. මට අවශ්‍ය මගේ ප්‍රතිවාදී අපේක්‍ෂකයාගේ උත්තරය මොකක්ද කියා දැන ගන්නයි.රණවිරුවන් ගැන මගේ ප්‍රතිවාදියාගෙන් මාධ්‍ය ප්‍රශ්නයක් ඇසූ විට හමුදාව බාරව ඔහුවත් ඔහුගේ අයියාවත් හිටියේ නැතැයි පැවසුවා. අවුරුදු 10කට පෙර ඔවුන් කළ බොරුව එයින් හෙළි වුණා. යුද්ධයෙන් පසු මේ අය පොළොව ඉඹ කිව්වේ මොකක්ද? යුද්ධය කළේ ඔවුන් බවයි.මගේ පියා අවසන් වරට කිව්වේ සත්‍ය ජයගනී යන ප්‍රකාශයයි. ඒ ප්‍රකාශය තහවුරු කරමින් යුද්ධය කළේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව ඔවුන්ම අද ප්‍රකාශ කළා. දේශප්‍රේමින්ගේ හැටි පේනවා නේද?යුද්ධය දිනා දින 10ක් තුළ මහා පාවාදීම කළා. මානව හිමිකම් කඩ වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් සමග ගිවිසුම අත්සන් කළා. එදා වගේම අදත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රණවිරුවන් පාවා දෙනවා. මා නම් එසේ කරන්නේ නැහැ. රණවිරුවන් වෙනුවෙන් ඕනෑම තොණ්ඩුවකට බෙල්ල දෙන්න මා සූදානම් යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂ බියගම ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා:තරුණ නායකත්වයක් අවශ්‍ය බවට වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම තිබුණා. ඒ අනුව අපගේ නායකයන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා. ජනතාව අතර විශාල උද්යෝගය අද ඇති වෙලා.රට ඉදිරියට ගෙන යන්න තරුණ නායකත්වය අවශ්‍යයි. අනාගතය ආර්ථිකය පිළිබඳව සජිත් පේ්්‍රමදාස මහතාට හොඳ දැක්මක් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා තම පියා කළ සේවය ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් ඉන්නවා. එතුමා එක්සත් ජාතික පක්‍ෂ බලකොටුවක් වූ කොළඹ අතහැර හම්බන්තොට ගියේ දිළිඳු ජනතාවට සේවය කරන්නයි. ඔහු හම්බන්තොටට රාජපක්ෂලාට වඩා සේවය කරන්නයි. ඔහු හම්බන්තොටට රාජපක්‍ෂලාට වඩා සේවය කර තිබෙන බව කිව යුතුයි. රට පුරා දිළිඳු ජනතාව වෙනුවෙන් එතුමා නිවාස ඉදි කළා.ශ්‍රී ලංකාව ඇමරිකාවට විකුණන්න හදන බවට විමල් වීරවංශ වැනි දේශපාලකයන් කෑගැසුවා. ඔවුන් ඇමරිකන් පුරවැසියෙකු ජනාධිපති කරන්න රට පුරා කෑගසමින් යනවා. ගුරුවරුන් දණගස්වන කාන්තාවන් කෙලෙසන දේශපාලකයින් අපට අවශ්‍ය නැහැ.නැවතත් රට පවුල් පාලනයට ගෙන යන්න අප ඉඩ තබන්නේ නැහැ. අද අප මාධ්‍ය නිදහස ස්ථාපිත කරලා එයින් වැඩිපුරම බැට කන්න වූයේ වත්මන් රජයට බව කිව යුතුයි.ජනරැල්ල නතර කරන්න කිසිවකුටත් බැහැ. පසුගිය සමයේ දී රුපියල් මිලියන 300ක සංවර්ධනය මේ ප්‍රදේශයට පමණක් කර තිබෙන බව කිව යුතුයි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ සැණින් බියගමට රෝහලක් දීමට මා කටයුතු කරනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:අපේ පක්ෂය සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවා. ජනතා ඉල්ලීම අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළේ ඒ අනුවයි.සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව මා බාර ගන්නවා. ආරක්‍ෂාව බාරගෙන වසර දෙකක් ඇතුළත මෙරටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන බවට මා ප්‍රතිඥා දෙනවා.තෙරිපැහැ සිරිනන්ද හිමියෝ ද මහා මාර්ග මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, පුරවැසි සංවිධාන එක්මුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, බියගම ප්‍රාදේශීය සභාවේ විෂක්ෂ නායක සුසන්ත සම්පත් යන මහත්වරු ද අදහස් දැක්වූහ.මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලන නියෝජිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.ඡායාරූප-චතුර එස්.කොඩිකාර 
“කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි රටක් හදනවා“
0
hp_train_1578
  දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්වය නිසා  එම  ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන්  අගෝස්තු මස 18 වැනිදා වන තෙක්  සිය ගුවන් ගමන් අත්හිටුවීමට  ශ්‍රී ලංකන්  ගුවන් සමාගම  කටයුතු  කර තිබේ.   අද (15) සිට කොචින්  ගුවන්  තොටුපළෙහි පවතින ගංවතුර ආපදා තත්වය හේතුවෙන්  අගෝස්තු මස 18  වැනිදා  ප.ව 2.00 දක්වා  කොචින් ගුවන් තොටුපළ වසා දැමීමට කටයුතු කර ඇත. මෙම තත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු කොචින් ගුවන් තොටුපළ බලධාරීන්ගෙන් ලබාගැනීමට නියමිතය. මේ අනුව කොචින්  නගරය වෙත සහ එහි සිට පැමිණීමට ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා ගත්  ගුවන් මගීන්ට ශ්‍රීලංකන් මෙහෙයුම් සිදුකරන දකුණු ඉන්දියාවේ වෙනත්  නගරයක් හරහා තම ගුවන් සංචාරය කිසිදු අමතර අයකිරීමක් නොමැතිව සිදුකිරීමට අවස්ථාවක් සලසා දී ඇති බවද  ගුවන් සමාගම කාරුණිකව දැනුම් දී තිබේ.  ගුවන්  සමාගමේ  පාලනයෙන්  තොර මෙම තත්වය හේතුවෙන් ගුවන් මගීන්ට යම් අපහසුතාවයකට මුහුණදීමට සිදුවූවේ නම් ඒ පිළිබඳව ගුවන් සමාගමේ බලවත් කණගාටුව  ප්‍රකාශ කර සිටින අතර  කොචින් සිට කොළඹ දක්වා අද දින උදෑසන  ගුවන් ගත වීමට නියමිතව සිටි  මගීන්  සඳහා ගුවන් ගමන අත්හිටුවීම හේතුවෙන් හෝටල්  නවාතැන් පහසුකම් ඇතුළුව කොළඹ වෙත  පැමිණීමට අමතර විධිවිධාන ගුවන් සමාගම විසින්  සපයනු  ලැබීය.කොචින් සහ කොළඹ අතර ගුවන් ගමන් සිදුකරන ගුවන් මගීන්, පහත දැක්වෙන දුරකථන අංක මගින්  ශ්‍රී ලංකන්  ගුවන් සමාගම හා සම්බන්ධ විය හැක.  ශ්‍රී ලංකාව– 1979, ඉන්දියාව - කොචින් ගුවන් තොටුපළ  ශ්‍රීලංකන්  කාර්යාලය (91)4842611313 කොචින් ශ්‍රීලංකන්  කාර්යාලය -          (91)4842362042  වැඩිදුර තොරතුරු  සඳහා  www.srilankan.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.  (36698) 
‘නියමිත වේලාවට පිටත් වෙන්න ගුවන් තොටට කළින් එන්න‘
0
hp_train_1579
(ඩයනා උදයංගනී)සබරගමුව පළාතේත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතිනු ඇත.සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම මෙම මස 14 වැනිදා දක්වා සිදු වන අතර ඒ අනුව අද (6) දහවල් 12.13 ට දොඩංගොඩ, ඉද්දගොඩ, අගලවත්ත, අක්වෙල්තොට, රන්වල, ගොඩවැලිපොකුණ හෙළ සහ කුමන යන ප්‍රදේශයන්ට ඍජුවම හිරු මුදුන්වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 
ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද සිට
0
hp_train_1580
(ක.ග.කරුණාරත්න) හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අද(14) පැවති මාසික රැස්වීමේදී 2020 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 21කින් සභාසම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 2ක් ලැබිණි. ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විපක්ෂව ඡන්දය දුන්හ.හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්.උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී රැස්වීම ආරම්භ විය. ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය කෙටුම්පත සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය. ප්‍රාද්ශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 8දෙනා අයවැය කෙටුම්පත සඳහා ජන්දය විමසීමට පෙර රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ. අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවේදී  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 10 දෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13දෙනා එක්ව අයවැයට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කළහ. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය 33 කින් සමන්විතය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර 13 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙයේ මන්ත්‍රී ධූර 10 ක්, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී ධූර 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධූර 2ක් වශයෙනි.
ඉමදූව ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්ද 11 කින් සම්මතයි
0
hp_train_1581
(අංජුල මහික වීරරත්න)(ඡායාරූප - ගයාන් අමරසේකර)“කොළඹ අලංකාර කළා යැයි කියමින් කෑ ගසන අය ඇරඹූ කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන් කර තිබුණේ නැතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හැව්ලොක් සිටිහි දී පැවැසීය.“කොළඹ අලංකාර කෙරුණේ යයි කෑගසන ව්‍යාපෘති වෙනුවෙන් වසර තුනක් ගතවන විටත් වත්මන් ජාතික රජය මුදල් ගෙවමින් සිටින බව කී අග්‍රාමාත්‍යවරයා, රටේ ආර්ථිකය දැන් ස්ථාවර කර තිබෙන හෙයින් එක්සත් ජාතික පක්ෂ නගර සභාව යටතේ කොළඹ නගරය සංවර්ධනය පහසුවෙන්ම කළ හැකි යැයි” ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නැගෙනහිර හා බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.කොළඹ-හැව්ලොක් සිටි සම්මන්ත්‍රණ ශාලාවේ දී රැස්වීම පැවැත්විණි.කොළඹ-හැව්ලොක් සිටි සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ නැගෙනහිර හා බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.මගේ දේශපාලනය ආරම්භ වූයේ මේ ස්ථානයෙන් බව ශාලාවට පැමිණිමේ දී මතක් වුණා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1972 දකුණු කොළඹ මැතිවරණ කොට්ඨාසය ඇති කිරීමෙන් පසුව වැල්ලවත්ත උතුර නාගරික කොට්ඨාසය මට බාර දුන්නා.ඒ කාලයේ මේ ස්ථානයේ පැවැතුණේ වැල්ලවත්ත රෙදි මෝලයි. ප්‍රදේශයේ පිහිටා තිබූ තට්ටු නිවාසයේ වාසය කළ ප්‍රේමදාස මහතා අපට මෙහි සංවිධායක කටයුතු සඳහා සහයෝගය දුන්නා.එතැනින් ඉදිරියට ගිය මම බියගමට, කොළඹට තරග කරමින් අගමැතිවීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව කොළඹ සිට රටේ වගකීම බාර ගැනීමට මට හැකියාව ලැබුණා.කොළඹ නගරයේ වගකීම බාර ගැනීමට බටහිර කොළඹ පුරපතිවරයකු පත් කිරීමටයි, දැන් අප බලාපොරොත්තු වන්නේ. ඒ ඔබේ සංවිධායිකා රෝසි සේනානායක මහත්මියයි.රට දියුණු කරමින් කොළඹ දියුණු කළ යුතුයි. රෝසි සේනානායක මහත්මිය මන්ත්‍රීවරියක ලෙස, පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස, ඇමැතිවරියක ලෙස මගේ කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානි ලෙස ආදි වශයෙන් විශාල වැඩ කොටසක් කරනවා. ඇය බටහිර කොළඹ සංවිධායක ලෙසත්, පුරපති අපේක්ෂිකාව ලෙසත් ඉදිරිපත් කර තිබෙන්නේ ඇගේ ඇති විශාල අත්දැකීම් ප්‍රමාණය නිසයි. එතුමියගේ කාර්ය භාරය නැවත අමුතුවෙන් කළ යුතු නැහැ. සියලුම දෙනා ඒ සම්බන්ධව හොඳින් දන්නවා.අප කොළඹට ණය ගැතියි. අපේ පක්ෂය හැදුනෙත්, ආරක්ෂා වුණෙත් කොළඹ නිසයි. 1960 දශකයේ සිට අපේ බලකොටුව ලෙස පැවතුණේ කොළඹයි. ඒ නිසා නගර සභා ඡන්දයක දී කොළඹ ජනතාව වෙනුවෙන් සාමාන්‍ය වැඩ කොටසකට වඩා වැඩ කොටසක් කළ යුතුයි.2015 දී අප ආණ්ඩු බලය ගන්නා විට නගර සභාවේ බලය තිබුණේ ඊට පෙර වතාවේ අපට නගර සභා බලය තිබුණ ද ආණඩු බලය තිබුණේ නැහැ. එවිට එදා කොළඹ නගරයේ වැඩ වුණේ අපට ප්‍රතිවිරුද්ධවයි.ඔවුන් එදා කොළඹ නගරයේ අලංකාරත්වය පිළිබඳව කතා කළා. නමුත් ඇත්ත වශයෙන්ම අලංකරණය පිළිබඳව දැන ගැනීමට හැකි වුණේ මා අගමැතිවූ පසුයි. අලංකාරය වෙනුවෙන් ඔවුන් ආරම්භ කළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් ගෙවා අවසන් කර නැහැ.ඔවුන් අලංකාරය වෙනුවෙන් ආරම්භ කළ ව්‍යපෘති වෙනුවෙන් වසර 03 ක් ගත වන විටත් අපේ ආණ්ඩුවට ගෙවීමට සිදුව තිබෙනවා.පසුගිය ආණ්ඩුව කොළඹ අලංකරණය කළ බවට කෑ ගහනවා. විශාල වශයෙන් මුදල් විනාශ කළා. භාණ්ඩාගාරය හිස් කළා. ඔවුන් ඉදි කළ තට්ටු නිවාස සඳහා මුදල් ගෙවන්න සිදුව තිබෙන්නේද අපටයි.ආණ්ඩුව බලයට පත්වීමත් සමග නගර සභාවේ නිල කාලය අවසන් වුණා. ඒ නිසා දැන් ඔබෙන් ඉල්ලන්නේ ආණ්ඩුවේ බලයත්, නගරසභාවේ බලයත් යන දෙකම අපට දෙන ලෙසයි.අපට බාර දුන්නේ ණය බරින් මිරිකී සිටි රටයි. 2015 දී රටේ ආදායම ණය පියවීමටත් ප්‍රමාණවත් නොවන මට්ටමක තිබුණා. රට මුහුණ පා සිටි මූල්‍ය අර්බුදය කොතරම් විශාල ද කියනවා නම් හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිධුරය ද අතහැර පලා ගියා.අප ඒ රට බාර ගත්තා. අද වනවිට කෙසේ හෝ ණය ගෙවන මට්ටමට රට පත් කර ගැනීමට අපට හැකියාව ලැබුණා. හිටපු ජනාධිපතිවරයා ගේ පව් පවා අපට ගෙවීමට වෙලා.අද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. කොළඹ නගරය වෙනුවෙන් හොඳ ආර්ථිකයක් අප නිර්මාණය කළ යුතුයි.ජී.එස්.පී. ප්ලස් සහනය මා ශ්‍රී ලංකාවට නැවත ගෙන දුන්නා. සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තා. ඒ හරහා විශාල සැලසුමක් නිර්මාණය කළා. නුවර සිට හම්බන්තොට දක්වා දියුණු යටිතල පහසුකම් සහිත ආර්ථික කලාපය ඇති කරනවා.වරාය 02ක්, ගුවන් තොටුපළ 02ක්, කර්මාන්ත කලාප, සංචාරක කලාප, වාණිජ කලාප ඇති වෙනවා. ඒ අනුව මහනුවර-හම්බන්තොට අතර ඇතිවන ආර්ථික කලාපයේ කේන්ද්‍රය කොළඹ නගරය බව මා කියන්න කැමැතියි.එම කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරයට 21 වැනි ශත වර්ෂයට මුහුණ දී ජයගත හැකි ආකාරයට ඇති කළ යුතුයි. මෙය තනි නගරය නොවෙයි. මෙය විශාල නගරයයි. කොළඹ තුළ කර්මාන්ත ශාලා ආදිය අවශ්‍ය නැහැ.ඒවා කොළඹින් බැහැර ප්‍රදේශවල ස්ථාපිත කළ හැකියි. නිවාස ආදී පහසුකම් කොළඹ නගරය තුළ ඇතිකළ යුතුයි. එවැනි විශාල දියුණුවක් සහිත කොළඹ නගරයක් ඇති කරනවා. රටේ ආර්ථිකය ස්ථාවර කර තිබෙන නිසා කොළඹ නගරය සංවර්ධනය කිරීමේ වැඩ කටයුත්ත දැන් පහසුවෙන් කළ හැකියි.මහනුවර සිට හම්බන්තොට දක්වා පැය 04 කින් ගමන් කළ හැකි අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරනවා. අප  පැමිණෙන විට බාගෙට ඉදි කළ මහා මාර්ග තිබුණා. හම්බන්තොට වරාය තිබුණා. නමුත් නැව් පැමිණෙන්නේ නැහැ. මත්තල ගුවන්තොටුපොළෙහි සිටියේ මොනරුන් පමණයි.අප ආණ්ඩුව බාරගත් පසු මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කරමින් අනෙක් සංවර්ධන වැඩ ද කරන්නේ ආර්ථිකය දියුණු කිරීමටයි. සුදු ජාතිකයන්ගේ පාලන සමය තුළ කොළඹ නගරය දියුණු වුණේ කෙසේද? කොළඹ සිට ඈත ප්‍රදේශ දක්වා දුම්රිය මාර්ගය සහ මහා මාර්ග ඇති කළා. කොළඹ කේන්ද්‍රස්ථානය බවට පත් කළා. අලුතින් ආරම්භ කළ යුත්තේ ද එයයි. කොළඹ දියුණු කරන ශක්තිය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මා කිව යුතුයි.වරාය දියුණු කිරීමට ජපානය කැමැත්ත පල කළා. ඒ ආකාරයට සියලුම දෙනා ආයෝජන සඳහා මෙරටට පැමිණෙනවා.දියුණු වන කොළඹ නගරයේ වගකීම කාන්තාවන්ට බාරදීමට මා සූදානම්. රෝසි සේනානායක මැතිනිය අමාත්‍යතුමිය ලෙස කටයුතු කරන කාලයේ කාන්තාවට අවම දේශපාලන නියෝජනය දීමට අව්‍යශ්‍ය පියවර ගැනීමට මා සමග කටයුතු කළා. ඒ පනතින් ඕනෑම පළාත් පාලන ආයතනයක දී කාන්තාවන් සියයට 25ක කාන්තා නියෝජනය ලැබෙනවා. ඒ අනුව බලගතු කොළඹ නිර්මාණය කිරීම සඳහා රෝසි සේනානායක කොළඹ පුරපතිනිය කරන්න යයි ඔබට ප්‍රකාශ කරනවා.රටේ ආර්ථික ගොඩ නගන අතරම කොළඹ ආර්ථිකය අමතක කළේ නැහැ. අවුරුදු 10ක් තුළ නොවිසඳුණු ගැටලු සහ ඉදිරි අවුරුදු 10 තුළ පැමිණීමට නියමිත ගැටලුවලට පිළිතුරු සෙවීමට අපට හැකි වුණා.ඔවුන් අපට මීතොටමුල්ල කුණු කන්ද ඉතිරි කර ගියා. අවාසනාවකට මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා. ඉන් පසුව නැවතත් මිතොටමුල්ලට කුණු බැහැර කරනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළා. නමුත් දැන් කුණු බැහැර කරන්නේ අරුවක්කාරු ප්‍රදේශයටයි.කොළඹ නගරය සංවර්ධනයේ සාර්ථකත්වය සඳහා බලශක්තිය අවශ්‍යයි. විදුලිබලය අවශ්‍යයි. ඒ සඳහා ජපන් සහ ඉන්දියානු ආධාර යටතේ එල්.එන්.ජී. විදුලි බලාගාර 02ක් ඇති කිරීමට පියවර ගත්තා. තුන් වැනි විදුලි බලාගාරය සඳහා දැන් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. එසේ නම් කොළඹට බලශක්තිය දීම සඳහා කෙරවලපිටියේ දී එල්.එන්.ජී. විදුලි බලාගාර තුනක්ම ඇති කිරීමට පියවර ගන්නවා.ඒ වගේම වේගවත් මාර්ග ප්‍රවාහන වැඩසටහන ආරම්භ කිරීමට අප පියවර ගනිමින් සිටිනවා. අද ශ්‍රී ලංකාවේ ලොකුම ප්‍රශ්න මාර්ග තදබදයයි. එය අද හෙට අවසන් නොවුණ ද එය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. පසුගිය අටවැනිදා අපි ගුවන් පාළම විවෘත කළා. ඉදිරියේදී තවත් ප්‍රධාන ගුවන් පාලම් මාර්ගයක් විවෘත කිරීමට කටයුතු කරනවා.ඒ වගේම නගර සභා මගින් පාලනය කෙරෙන ඩෙංගු මර්දන ව්‍යාපාරය ද ඉදිරියට ගෙන යා යුතුයි. සියලු වැඩ කටයුතු පාලනයට දක්ෂ ප්‍රධානියෙකු අවශ්‍යයි.උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල ආදී ප්‍රදේශවල ලොකුම ප්‍රශ්නය කුමක්ද? මත්ද්‍රව්‍යයි. මේ ප්‍රදේශවල සෑම කොනකම මත්ද්‍රව්‍ය විකුණනවා. ඒවා මර්දනයට මා තදින් ක්‍රියා කරමින් සිටිනවා.කරුණාකරල කුඩුකාරයන් නම් නගර සභාවට පත් කරන්න එපා. කුඩු විකුණන, බෙදන පුද්ගලයන්, ඔවුන් සමඟ වැඩ කරන අය පත්කරන්න එපා.මත් උවදුර නැති කළ යුතුයි. ඒ සඳහා හොඳ නගර සභාවක් ඇති කර ගත යුතුයි. අපේ එක්මන්ත්‍රීවරයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවොත් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කිරීමේ ශක්තිය අපට තිබෙනවා.මෙහි සිටින සියලු අපේක්ෂක අපේක්ෂිකාවන් ඊට සහයෝගය දිය යුතුයි. මේ කිසිවෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරම්වලටසම්බන්ධ නැති බව මා හොඳින්ම දන්නවා. පොලිසිය ද මේ වැඩ සඳහා සම්බන්ධ කර ගන්නවා. පොලිසියේ වැඩ කටයුතු සම්බන්ධව යම් ගැටලු තිබෙනවා නම් ඒ පිළිබඳව අප දැනුවත් කරන්න. නගර සභාව ප්‍රධානත්වයෙන් මේ වැඩකටයුතු පාලනය කළ යුතුයි.එසේ නොමැතිව නගර සංවර්ධනය කිරීමෙන් පළක් නැහැ. නගරය බාර ගැනීමට අනාගත පරපුර නැතිවීමේ අවදානම මත්ද්‍රව්‍ය නිසා ඇති වෙලා. ඒ නිසා එය පාලනය කළ යුතුමය.බේරේ වැව වටා ප්‍රදේශයේ අලංකාර වාණිජ ප්‍රදේශය බවට පත් කිරීමට කටයුතු කරනවා. නාගරික යළි පදිංචි කිරීමේ වැඩසටහන යටතේ එහි ඊළඟ අදියරේ දී තට්ටු නිවාස පණස් දහසක් ඉදි කිරීම අප ආරම්භ කරනවා. එවිට පවුල් පනස් දහසකට තමාගේ කුඩා නිවසින් ඉවත්ව තට්ටු නිවසක ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා.මධ්‍යම පාන්තිකයන් සඳහා රුපියල් මිලියන 75000 ක මුදල වෙන් කළා. ඒ අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා පළමු අවුරුදු පහට සහනදායී පොලියට ණය ගැනීමට හැකියි.නිවාස අමාත්‍යාංශය හෝ පෞද්ගලික ආයතන හෝ හරහා ඉදි වන මධ්‍යම පාංතික නිවාස තමන්ටම මිලදී ගැනීමට ජනතාවට හැකියි.කොළඹ නගරය තුළ කාන්තාවන් වැඩි වශයෙන් රැකියා සඳහා පිටත්ව යනවා. ඒ නිසා  කොළඹ නගරය තුළ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීමට පියවර ගන්නවා.සියල්ල පවසන්නේ අප දැනට ඉටුකළ කාර්ය බාරය ගැන පමණයි. ඉදිරියේ දී ජනතාවට පානීය ජල පහසුකම්, වැඩි වශයෙන් නිවාස ආදිය අප දෙනවා.උතුරු කොළඹ මැද කොළඹ ආදී ප්‍රදේශවල තරුණ-තරුණියන්ට ස්වයං රැකියා ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා. කළේ කුමක්දැයි ජනතාව අසනවිට මේ වැඩ කටයුතු පිළිබඳව ඔබ ඔවුන් දැනුම්වත් කළ යුතුයි. කුණු කන්දට ස්ථීර විසඳුම දීම පමණක්ම ප්‍රමාණවත් වෙනවා.අවශ්‍ය වන්නේ බලගතු  ශ්‍රී ලංකාව ඇති කරන විට බලගතු කොළඹ ගොඩ නැංවීමයි.එක්සත් ජාතික පක්ෂයට කොළඹ නගරය බාර දෙන්න. එවිට රටේ අගමැතිවරයාගේ සිට පහළ සියලු දෙනාටම නගරය පිළිබඳව අවධානය යොමු කළ හැකියි. ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඔබට හොඳ නගරාධිපතිනියක් දුන්නා.තවත් වසර 04ක් යනවිට මීටත් වඩා දියුණු නගරයක් අප ඔබට දෙනවා. කොළඹ නගරය සංවර්ධනය ඉදිරියටම රැගෙන යන බවට මා අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා යැයි ද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.හිටපු අමාත්‍ය සහ ජාතික තොරතුරු මධ්‍යස්ථානයේ සභාපති ඉමිටියාස් බාකිර් මාකර් මහතා:  “රෝසි සේනානායක මහත්මිය පැරෂුට් එකකින් දේශපාලනයට ආව කෙනෙකු නොවෙයි. ඒ වගේම ඇය පවුල් උරුමයකින් දේශපාලනයට ආපු කෙනෙකු ද නොවෙයි.එක්සත් ජාතික පක්ෂයේ බලය අඩු වු අවස්ථාවල දී රෝසි සේනානායක මහත්මිය පක්ෂය ශක්තිමත් කරන්න දැඩි කැපවීමෙන් ක්‍රියා කළ අන්දම අපට මතකයි”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා: “කොළඹ නගර සභාව සහ එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන්නේ එෛතිහාසික බැඳීමයි. මේ මහ නගර සභාවෙන් අපේ පක්ෂයට සහ රටට දැවැන්ත නායකයන් බිහි වුණා.කොළඹ මහ නගර සභාවට කුමන පක්ෂ විවිධ සළකුණු රැගෙන විත් ඡන්දය ඉල්ලුවත් ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය බව මා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මුළු රටෙන්ම එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණය කරන විට කොළඹ ජනතාවත් දැවැන්ත ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට අනිවාර්යෙන්ම දෙනවා.විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා:   පළාත් පාලන මැතිවරණයේ තිබෙන වැදගත්කම එක්සත් ජාතික පාක්ෂිකයා අවබෝධ කර ගත යුතුයි. අපට ඇතැමුන් විවිධ චෝදනා එල්ල කරනවා. මැතිවරණයෙන් එක්සත් ජාතිකි පක්ෂයට රටේ තිබෙන ස්ථානය පෙන්නුම් කරනවා.වැරදිච්ච තැන් නිවැරදි කර ගත යුතුයි. ගමේ බලය වැදගත් වෙනවා. ගම සංවර්ධනය කරන්න එක්සත් ජාතික පක්ෂයට බලය දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.අප නිසා පෙරට පැමිණි ඇතැම් දේශපාලනඥයන් වර්තමානයේ කරන-කියන දේ පිළිබඳ එකඟ වන්න බැහැ. පොදු අපේක්ෂකයෙකු ගෙනල්ලා රටට වෙනසක් කරන්නයි, අප එදා උත්සාහ කළේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණේ අප නිසයි. අද සිටින්නේ අප ගෙනාපු ජනාධිපතිවරයායි. අද තිබෙන්නේ අප ගෙනාපු යහපාලනයයි”මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා:  “රෝසි සේනානායක මහත්මිය අගනුවර පුරපති කිරීමට එක්සත් ජාතික පක්ෂ තීරණය කිරීම පිළිබඳව සංතෝෂ විය යුතුයි. රටේ කාන්තාවන් විශාල ලෙස විවිධ තනතුරුවල සිටිනවා. කාන්තාවන් මේ රටේ ඉදිරියෙන් සිටිනවා. නමුත් දේශපාලනයේ දී කාන්තාවන් සිටින්නේ පසුපසිනුයි.මෙය වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂය විශාල අරගලය ගෙන ගියා. ඒ නිසයි, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල කාන්තා නියෝජනය වැඩි කරන්න තීරණය කළේ.ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමැති නීතිඥ සුජීව සේනසිංහ මහතා:  “එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ සේවය කළේ රටටයි. මහවැලිය, ගම්උදාව, ඇඟලුම් කර්මාන්ත ඔවුන් ඇති කළා. රටට විශාලප සංවර්ධන යෝජනා ක්‍රම එක්සත් ජාතික පක්ෂ නායකයන් ක්‍රියාත්මක කළා.2001දී ඍණ එයි, දශම පහේ තිබූ ආර්ථිකය ධන හයයි දශම දෙකට එදා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා රැගෙන ආවා. ඒ නිසයි, මහින්ද රාජපක්ෂ දන්සල් දෙනවා වගේ රැකියා දුන්නේ. රාජපක්ෂ ආණ්ඩුව රට විශාල ලෙස ණය කරලයි, අපට බාර දුන්නේ. අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ඇති කළා”පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා: “කොළඹ අනාගත පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියට මේ අවස්ථාවේ සුබ පතනවා. කොළඹ නගරය පිළිබඳව කතා කිරීමට එහි ජීවත් වන්නන් ලෙස අපට විශාල වගකීම තිබෙනවා.අතීතයේ සිට කොළඹ ගොඩනැගුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයනුයි. පසුගිය කාලයේ ගෝඨාභය කොළඹ නගරයේ ඉඩම් විදේශිකයන්ට දුන්නා. මේ නිසා කොළඹ පදිංචි ජනතාවට විවිධ ගැටලුවලට මුහුණ දීමට වුණා.නගරයේ ජීවත්වන ජනතාව නගරයෙන් එළියට දමන්න එදා කටයුතු කළා. අප ඒවාට විරුද්ධ වුණා. 2015න් පසු කොළඹ නගරයේ ජනතාවට නිදහසේ ජීවත් විය හැකි පරිසරය අප නිර්මාණය කළා.කොළඹ වතු ජනතාවට නගරයේ සුපිරි පාසල් ලැබෙන්නේ නැහැ. අඩු පහසුකම් සහිත පාසල් ඔවුන්ට ලැබෙනවා. මේ පිළිබඳව අප අගමැතිතුමා සමඟ සාකච්ඡා කළා. අධ්‍යාපන ඇමැතිවරයා සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කර සාර්ථක පිළිතුරක් ගෙන තිබෙනවා. නගරයේ තිබෙන සැප සම්පත් නගරයේ ජනතාවට දිය යුතුයි.එක්සත් ජාතික පක්ෂ කොළඹ මහ නගර සභා නගරාධිපතිනී අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය:“එක්සත් ජාතික පක්ෂයේ නැගෙනහිර සහ බටහිර කොළඹ ආසන බල මණ්ඩලවල ජනතාව ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් දීමට සූදානමින් සිටිනවා. කොළඹ නගර සභාව තුළ එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණය ලබාදීමට ඔවුන් කැපවී ක්‍රියා කරනවා.බටහිර කොළඹ ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබල නායකයන් ක්‍රියා කළා. එවන් ආසනයක සංවිධායකධුරයේ කටයුතු කිරීමට අවස්ථාව දීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මගේ කෘතවේදීත්වය පිරිනමනවා.මා දේශපාලනයේ අයන්න ආ යන්න ඉගෙන ගත්තේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා නිසයි. ඒ මීට අවුරුදු විස්සකට පෙරයි. එදා අපේ තරුණ කාලයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා.මට දේශපාලනයේ ඍජුවම ජනතාව වෙනුවෙන් සේවය කරන්න ආරාධනාව ලැබුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගෙනුයි. ඒ පිළිබඳව නැවතත් අග්‍රාමාත්‍යතුමාට අනේක වාරයක් ස්තුතිය පුද කරනවා.මේ අවස්ථාවට කොළඹ නගර සභාව වෙනුවෙන් තරග කරන අපේක්ෂකයන් ඇතුළු පක්ෂ සාමාජිකයෝ විශලා පිරිසක් සහභාගී වූහ. 
සියලු නායකයන් මරා දැමූ විටෙක පක්ෂ නායකත්වය බාරගත් මා ඊළඟ ජාතික මැතිවරණයෙන් තනි ආණ්ඩුවක් හදනවා
0
hp_train_1582
ශ්‍රී ලංකාව පුරාම වැසි ඇති වීමේ හැකියාව තාවකාලිකව අඩු වුවත්  මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. 
‘පළාත් කීපයකට අදත් වැසි‘
0
hp_train_1583
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර මහතා ට මෙන්ම රියදුරුට තලංගම කොස්වත්ත හන්දිය අසලදී  පහර දී පිස්තෝලය  පැහැරගත් බව කියන ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.කොල්ල කන ලද පිස්තෝලය සැකකරු පදිංචි දකුණු තලංගම නිවසේ උඩු මහලේ සඟවා තිබී සොයාගෙන ඇත.ඉකුත් මැයි නම වැනි දින නගරාධිපතිවරයා කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී කැබ් රථය නවතා එයට මෙන්ම නගරාධිපතිවරයාට සහ රියදුරුට පහර දී ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහක මුදලක් සහ ගිනි අවිය කොල්ලකෑම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව සැකකරු අත්අඩංගුවට  ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක දකුණු තලංගම පදිංචි පුද්ගලයෙකිඅත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයතලංගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතාගේ උපදෙස් මත පර්යේෂණ පැවැත්වේ 
නාවලපිටිය නගරාධිපතිගේ පිස්තෝලය පැහැගත් ත්‍රිවිල් රියැදුරා මාට්ටු
1
hp_train_1584
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැර,  ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 08/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259055ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35269055ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ32278070වැසි ස්වල්පයක්ගාල්ල30279075වැසි ස්වල්පයක්යාපනය33288570ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29209560වැසි ස්වල්පයක්නුවරඑළිය19148060ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය31249060වැසි ස්වල්පයක්ත්‍රීකුණාමළය35268050ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම32279080ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘රටපුරාම පැහැපත් කාලගුණයක්‘
0
hp_train_1585
(ක.ග. කරුණාරත්න)මීට වසර 25කට, 30කට පෙර ආණ්ඩු හැදූ ආකාරයෙන් ඉදිරියේදී ආණ්ඩු හැදිය නොහැකි බවත්, මැතිවරණ ප‍්‍රතිඵල ලැබෙන්නේ රටේ ජනවාර්ගික සංයුතිය, සමාජ තත්ත්වයන්, ආර්ථික, සමාජ හා දේශපාලන පසුබිම් ආදී සියල්ල අනුව බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.ජාතිවාදී ලෙස වෙන් වී කිසිම කෙනෙකුට ආණ්ඩුවක් හැදීමට නොහැකි බව කී ජනාධිපතිවරයා ඉදිරියේදී මේ රටේ ආණ්ඩු හැදිය හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස්වලට සාධාරණත්වය ඉටුකරන දේශපාලන ව්‍යාපාරයකට පමණක් යැයි ද සඳහන් කළේය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවය සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.‘‘කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. 2015-10-18 වනදා තමයි මෙම ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබුවේ. එදා මුල් ගල් තැබුවේ මේ ගොඩනැගිල්ල සඳහා පමණක් නොවෙයි. එදා මුල් ගල් තැබුවේ මේ පාසලේ ගොඩනැගිලි සංකීර්ණයක ව්‍යාපෘතියක් සඳහායි. අද මම මේ උත්සවයට එන්න දිනයක් ලබා දුන්නාම ලේකම්වරු මගෙන් ඇහුවා පටන් ගන්න අනිත් ගොඩනැගිල්ලට මුල්ගල් තියන්න අද යොදාගන්න කියලා. මම කිව්වා ව්‍යාපෘතියකට තියන්නේ එක මුල්ගලයි. එක ගොඩනැගිල්ලකට එක මුල්ගල ගානේ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම මුල්ගල් තියන්න උත්සව වුවමනාවකුත් නැහැ කියලා.මම 2015 මේ ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ පසුගිය වසරේත් අපේ නිලධාරි මහත්වරුන්ගෙන් මම ඇහුවා මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ ඇයි මේ තරම් ප‍්‍රමාද කියලා. මට ලැබුණු උත්තරය තමයි ගොඩනැගිලි හදන්න අවශ්‍ය බඩු භාණ්ඩ කලට වෙලාවට ලැබෙන්නේ නැහැ කියලා. මම බලාපොරොත්තු වුණේ මේ එක ගොඩනැගිල්ලක් නෙවේ අවශ්‍ය සියලූ ගොඩනැගිලිවල වැඩ 2015, 2016 කෙරෙයි කියලයි.නමුත් මම අදත් ඇහුවා ඇයි අනිත් ගොඩනැගිලි පටන් ගන්නේ නැත්තේ කියලා. මට ලැබුණු පිළිතුර තමයි, ඒක සාධරණ පිළිතුරක්, මේ පාසලේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාවත් එක්ක මේ ගොඩනැගිලි ඔක්කොගේම වැඩ පටන් අරගෙන වැඩ කරන්න පුළුවන්කමක් නැහැ කියලා. එක ගොඩනැගිල්ලක වැඩ ඉවරවෙලා ඊට පස්සේ තමයි අනිත් ගොඩනැගිලි පටන් ගන්න පුළුවන්. මෙහි තිබෙන ඉඩ කඩත් සමග පාසල් වේලාවේ දරුවන් හැම තැනම දුවනවා, පනිනවා. ඒ නිසා ගොඩනැගිලි කිහිපයක වැඩ එකවර පටන්ගන්න පුළුවන්කමක් නැහැයි කියන එක විදුහල්පතිතුමා, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ වගේම ඉංජිනේරු මහත්තුරු මට ඒ පිළිබ`දව දැනුම් දුන්නා.මම හිතනවා ඒකේ සත්‍යයක් තිබෙනවා. ඊළඟට කරන්න තිබෙන්නේ මේ ඉදිරියේ තිබෙන ගොඩනැගිල්ල කඩා නව ගොඩනැගිල්ල හැදීමයි. එයයි ප‍්‍රශ්නය. මම කිව්වේ පුළුවන් තරම් ඉක්මණින් මේ සියලූ ගොඩනැගිලි හදන්නයි කියා. මේ පැත්තේ කවුද කෙනෙක් කිව්වලූ ඔය විවෘත කරපු ගොඩනැගිල්ල විතරයි. බලමු අනෙක් ඒවා හදනවාද කියලා. එවැනි අසත්‍ය ප‍්‍රචාර කරන අයගෙන් අපි ප‍්‍රවේශම් වෙන්න  ඕනෑ. අප විසින් සිදුකරන මේ කඩිනම් සංවර්ධන වැඩකටයුතු ඉතා විධිමත්ව ක‍්‍රමවේදයකට කරගෙන යාමයි අවශ්‍ය වන්නේ. මුදල්වල කිසිදු ගැටලූවක් නැහැ. සියලූම පාසල්වල සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කරගෙන කටයුතු කරනවා. උදේ මම විලයාය මධ්‍ය මහා විද්‍යාලයට ගියා. එහිත් සංවර්ධන කටයුතු කරනවා.පන්සල්වල වගේම මුස්ලිම් පල්ලිවලත් මුදල් ඉල්ලපු හැම කටයුත්තකටම මම සල්ලි දීලා තිබෙනවා. කතෝලික පල්ලිවලටත් දීලා තිබෙනවා. හින්දු කෝවිල්වලටත් දීලා තිබෙනවා. ඒ නිසා සෑම පූජනීය ස්ථානයකම සංවර්ධන කටයුතු කරගෙන යනවා. හැම ගමකම පාසල්වල අලූත් ගොඩනැගිලි හැදෙනවා. හැම රෝහලකම අලූත් ගොඩනැගිලි හැදෙනවා. ඒ වගේම පානීය ජලය, අවශ්‍ය අනෙකුත් සංවර්ධන කටයුතු විශාල වශයෙන් කරගෙන යනවා.මේ වසරේ අපි අලූත් ව්‍යාපෘතියක් පටන් ගත්තා, මම කිව්වා ගොඩනැගිලි විතරක් හදලා හරියන්නේ නෑ විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා නිෂ්පාදන කි‍්‍රයාවලියට මුදල් වෙන් කරන්න  ඕන, ගොඩනැගිලි සඳහා වෙන්කරන මුදල් අපතේ යනවා නොවෙයි. නමුත් ඒ කරන ආයෝජනයේ ප‍්‍රතිඵල දීර්ඝකාලීනයි. නමුත් කෙටි කාලීන ආයෝජන විදියට නිෂ්පාදන කි‍්‍රයාවලියට, කෘෂිකාර්මික, කාර්මික නිෂ්පාදන මේ සඳහා දිස්ති‍්‍රක්කයේ හැකියාවන්, දක්ෂතාවන්, නිපුණතාවයන් තිබෙන තරුණ පිරිස් බලලා ඒ අයට මුදල් දෙමු ව්‍යාපෘති කරන්න කියලා.දැන් අද උදේ ඒ වැඩෙත් පටන් ගත්තා. දිස්ති‍්‍රක්කයේ තෝරාගත් පිරිසකට ඒ සඳහා මුදල් ලබා දුන්නා, මේ අවුරුද්දේ ඒ සඳහා මේ දිස්ති‍්‍රක්කයට මිලියන දාහක් වෙන්කර තිබෙනවා. ඒ වගේම ලංකාවේ අනෙකුත් දිස්ති‍්‍රක්ක සඳහා ඒ විදියට මුදල් වෙන් කරලා තිබෙනවා.ඒ වගේම අපි අලූත් වැඩසටහනක් පටන් ගත්තා මීට සති දෙකකට කලින්. රටේ ග‍්‍රාමීය සංවර්ධනය, ආර්ථිකය ගොඩනැගීම සඳහා ග‍්‍රාම ශක්ති කියලා. දැනට කි‍්‍රයාත්මක දිවි නැගුම සංවර්ධන වැඩසටහන සමග ඒකාබද්ධ ග‍්‍රාම ශක්ති වැඩසටහන කි‍්‍රයාත්මක වෙනවා, අඩු ආදායම්ලාභි පවුල්වල ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා.ඒ වගේම තමයි පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම දිස්ති‍්‍රක්කවල වැව් 600 කට වැඩිය ප‍්‍රතිසංස්කරණය කරන්න සහ අලූතින් වැව් අමුණු ඉදිකරන්න කටයුතු කරනවා. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සල්ලි දීලා තියෙනවා. ක්වේට් රජය සල්ලි දීලා තිබෙනව. විදේශ ආධාර මුදල් විශාල වශයෙන් අපට ලැබෙනවා. ලෝක බැංකුවෙන් මුදල් ලැබෙනවා. මේ ආකාරයෙන් රජය සංවර්ධන කටයුතු රාශියක් කරගෙන යනවා. එහිදී අධ්‍යාපනය ඉතා ප‍්‍රමුඛයි.රටේ සංවර්ධනය සඳහා නැණවත්, ගුණවත් ඒ වගේම ප‍්‍රඥාවන්ත දැනුමෙන් පිරි ජනතාවක් බිහි කරන්න රටේ අධ්‍යාපනය වර්ධනය කරන්න  ඕනෑ. ඒ සඳහා කිසිදු පසුබෑමක් නැතිව රජය අවශ්‍ය මුදල් වෙන් කරනවා භෞතික සම්පත් හා මානව සම්පත් සංවර්ධනය ස`දහා.පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගුරු පුරප්පාඩු පුරවන්න තියෙන්නේ ඉතා සුළු පිරිසකි. ඒක සම්පූර්ණ වුණහම පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගුරු පුරප්පාඩු පිරෙනවා. නමුත් ලංකාවේ සෑම තැනම ප‍්‍රශ්නයක් තිබෙනවා. දෙමළ ගුරුවරුන්ගේ විශාල හිඟයක් තිබෙනවා. මම ගිය සතියේ නුවරඑළියේ ගිය වෙලාවෙත් ඒ ප‍්‍රදේශයේ තිබෙන ගැටලූ සොයා බැලීමේදී දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිඟයක් පවතින බව කිව්වා.මීට මාස තුනකට පෙර අපි පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ තරුණ දරුවන් එකතු කරලා පවත්වපු තරුණ කඳවුරේ අවසන් දිනයේ මුස්ලිම් සහ දමිළ දරුවන් සමග මම සාකච්ඡා කළා. මම ඔවුන්ගෙන් ඇහුවා මොනවාද තිබෙන අඩුපාඩු කියා. ඔවුන් කියා සිටියේ ගුරුවරුන්ගේ තිබෙන හිඟය සහ උසස් අධ්‍යාපනය සඳහා අදාළ ආයතන මේ දිස්ත‍්‍රික්කයේ නොමැති කමයි. මේ ප‍්‍රශ්න අප විසින් විසඳිය යුතු වෙනවා. එහිදී ගුරුවරුන් අපිට සොයා ගතයුතු වෙන්නේ පාසලෙන්ම තමයි. වැඩි අධ්‍යාපනය ලබන පිරිස්වලිනුයි අපිට ගුරුවන් තෝරා ගත හැකි වන්නේ.උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පසුගිය කාලයේ රැකියා නොමැති උපාධිධාරීන් විරෝධතා ආරම්භ කළා. පසුගිය මාසයේ රජය තීරණය කළා සමෘද්ධි අමාත්‍යාංශය යටතේ, දිවි නැගුම අමාත්‍යාංශය යටතේ, සමෘද්ධි කළමනාකරුවන්, සමෘද්ධි නිලධාරීන් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට උපාධිධාරීන්ගෙන් බඳවා ගන්න. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දීර්ඝ කාලයක් නොකරපු වැඩ, අතපසු වූ වැඩයි අපි මේ ඉටුකරන්නේ.පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ තිබෙන සිංහල, දෙමළ, මුස්ලිම් පාසල්වල අධ්‍යාපන කටයුතු පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. සිංහල පාසල්වල අඩුපාඩුකම් බොහෝ දුරට සම්පූර්ණ වී තිබුණත් මුස්ලිම් සහ දෙමළ පාසල්වල අඩුපාඩුකම් රාශියක් තිබුණා. මම ජනාධිපති ධුරයට පත්වුණාට පසු සිංහල පාසල්වල වගේම මුස්ලිම් සහ දෙමළ පාසල්වලට අවශ්‍ය මානව සම්පත්, භෞතික සම්පත් ලබා දෙන්න අවශ්‍ය මුදල් වෙන්කර මේ වැඩපිළිවෙළ ගෙනයනවා.පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වගේම රටේ අනෙක් ප‍්‍රදේශවලත් මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙනවා. අන්සර් මන්ත‍්‍රීතුමා කතා කරන විට සඳහන් කළා මුස්ලිම් පාසලකට තට්ටු තුනේ ගොඩනැගිල්ලක් තිබුණේ නැහැ, එසේ වුණු පළවන වතාවයි කියා. මම ඒ පිළිබඳව ඉතාමත් සතුටු වෙන්නේ, මේ පාසලට අවශ්‍ය අනෙක් සියලූ ගොඩනැගිලි සම්පූර්ණ වූ දවසටයි කියා. පැහැදිලිව සඳහන් කරන්නට  ඕනෑ දරුවන්ගේ අධ්‍යාපනයේදී සිංහල ද දමිළ ද මුස්ලිම් ද කියා ප‍්‍රශ්නයක් අපිට නැහැ. සෑම දරුවෙක් දිහාම අපි බලන්නේ එකම දරු පිරිසක් විදියටයි.ඊළඟට මම බලාපොරොත්තු වන්නේ ඉන්දීය රජයේ ආධාර යටතේ මගේ ඉල්ලීමකට අනුව පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ අංග සම්පූර්ණ පාසලක් හදන්න. සිංහල, දමිළ, මුස්ලිම් සියලූ දෙනාටම එකට අධ්‍යාපනය ලැබිය හැකි සංහිඳියා පාසලක් ලෙස. මේ දිස්ත‍්‍රික්කයේ අඩුපාඩුකම් තිබෙන පාසල්වල තත්ත්වයත් සැලකිල්ලට ගෙන ප‍්‍රධාන පාසලක් ලෙස සියලූ දරුවන්ට සහෝදරත්වයෙන් එකම පිරිසක් විදියට අධ්‍යාපනය ලබන්නත්, ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමටත් අපි ඒ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන්නේ. මේ සියලූ අංශ සම්බන්ධයෙන් අධ්‍යාපනය ද සෞඛ්‍ය ද කෘෂිකර්මය ද  මේ පිළිබඳ දැන් රට වශයෙන් සංවර්ධන කටයුතු රාශියක් අපි කරගෙන යනවා.මම අද උදේ වරුවේ අරලගංවිලදීත් කිව්වා මේ විදියට වැඩ කරගෙන යනකොට සමහර අය කියනවා මේ ආණ්ඩුව ගෙන යන්න බැහැ. මේක කඩා වැටෙනවා. සමහර අය කියනවා මේ මැයි දිනයට ගොල්ෆේස්වලට සෙනග හුඟක් හිටියා, ඒ නිසා ඒගොල්ලෝ ඉක්මනට ආණ්ඩුවක් හදනවා. ඒ ඔක්කොම සිහින තමයි. සාමාන්‍යයෙන් පිට්ටනියකට එක්වෙලා හිටපු ඔලූ ගෙඩි ගාන බලලා ආණ්ඩුවක් හදන්න පුළුවන්කමක් නැහැ.මේ රටේ ජනතාව මැතිවරණවලදී ඡුන්දය පාවිච්චි කරනකොට ඡන්දය පාවිච්චි කරන ක‍්‍රමයක් තිබෙනවා මේ රටේ. රටේ ජනවාර්ගික සංයුතිය, සමාජ තත්ත්වයන්, ආර්ථික, සමාජ හා දේශපාලන පසුබිම් මේ සියල්ලත් එක්ක තමයි මැතිවරණ ප‍්‍රතිඵල එන්නේ. මීට අවුරුදු 25, 30, 40 කට ඉස්සෙල්ලා ආණ්ඩු හදපු විදියට ඉදිරියට ආණ්ඩු හදන්න පුළුවන්කමක් නැහැ.ජාතිවාදී ලෙස වෙන්වෙලා මේ රටේ කිසිම කෙනෙකුට ආණ්ඩුවක් හදන්න පුළුවන්කමක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස්වලට සාධාරණත්වය ඉටුකරන දේශපාලන ව්‍යාපාරයකට පමණයි ඉදිරියේදී මේ රටේ ආණ්ඩු හදන්න පුළුවන් කියන එක මම ඉතාමත් පැහැදිළිව කියන්න  ඕන.මේ රටේ සෑම කෙනෙක්ම සමගියෙන්, සහෝදරත්වයෙන් ජීවත් වෙන්න  ඕන. මේ සෑම පැත්තකම අන්තවාදී පිරිස් ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජන කොටසකම අන්තවාදී ලෙස කටයුතු කරන පිරිස් ඉන්නවා. ඔවුන් සාමය කඩ කරන දේවල් කරනවා, අසමගිය ඇති කරන දේවල් කරනවා. ගැටුම් ඇතිකරන දේවල් කරනවා. නමුත් අපි හැම කෙනෙක්ම බුද්ධියෙන්, ප‍්‍රඥාවෙන්, දැනුමෙන්, ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කරන්න  ඕනෑ රටක් ලෙස අපි සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් ඉදිරියට යන්න.සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියලා බලන්නේ නැතිව අපේ දරුවන් කියන හැඟීමෙන් අපි හැම දරුවෙක් දිහාම බලන්න  ඕනෑ. රටේ සෑම පුරවැසියෙක් දෙසම එක විදියට බලන්න  ඕන. එතකොට තමයි සමාජ සාධාරණත්වය ඉෂ්ට කරන්න පුළුවන්කම තියෙන්නේ.සංවර්ධනය සඳහා මුදල් වෙන් කරන විට මොන පාට ද මොන පක්ෂයේ ද මොන ජාතියේ ද මොන ආගමේ ද මොන භාෂාවේ ද කියන කාරණා බලලා නොවෙයි, අවශ්‍යතාවය අනුවයි එය කළයුතු වන්නේ. ඒ නිසා මූලික විය යුත්තේ මනුෂ්‍යත්වයයි, මිනිස්කමයි, මානව වාදයයි. අපි සෑමවිටම කල්පනා කරන්න  ඕනෑ තමන්ගේ ප‍්‍රශ්නය වගේම අන් අයගේ ප‍්‍රශ්න, තවත් කෙනෙකුට අපි පිහිට වන්නේ කෙසේද කියන කාරණාව. මමත්වයෙන් තමන් ගැන හිතලා, තමන්ගේ ප‍්‍රශ්නයට පමණක් මූලිකත්වය දීලා කවදාවත් සමාජය යහපත් කරන්න බෑ. ඒ විදියට රටක් ගොඩනගන්න පුළුවන්කමක් නැහැ.ඒ නිසා ආණ්ඩුවක් විදියට අපි වැඩකරගෙන යනකොට මොන විදිහේ විවේචන, අභියෝග, චෝදනා, අපහාස, උපහාස මේව කොතෙක් ආවත් ඒ සියල්ල යටපත් කරගෙන අපි බලාපොරොත්තු වන යහපත් අරමුණු සඳහා මේ රට අපි ඉදිරියට ගෙනයනවා. ඒ නිසා අද විශේෂයෙන්ම පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට පැමිණිලා මවුපියන්, දරුවන්, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සෑම කෙනෙක්ම හමුවීමට ලැබීම ගැන නැවත වාරයක් සතුටු වෙමින් ඔබෙන් සමුගන්නවා. ස්තූතියි. තෙරුවන් සරණයි.’’උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැති පේෂල ජයරත්න, පළාත් සභා මන්ත‍්‍රී එස්.එච්.එම්. අන්සාර් යන මහත්වරුද කතා කළහ.කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඒ. ඉක්බාල් මහතා පිළිගැනීමේ කතාව කළේය.පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිඞ්නි ජයරත්න මහතා ඇතුළු දිස්ත‍්‍රික්කයේ මැති ඇමැතිවරුන් රැුසක් ද දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු විශාල  පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පොඩි තැනක සිට ලොකු තැනකට යනවා මිස එකපාරම ලොකු තැනට යාම හොඳ නෑ
0
hp_train_1586
(හර්ෂණ තුෂාර සිල්වා) මේ වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.7% ක් වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරයි. සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ඒ බව වාර්තා කර තිබේ.  පසුගිය වසරේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයත් මේ වසරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ අභියෝග මධ්‍යයේ වුවත් ආයෝජන සහ අපනයන ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම නිසා මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2.7% ක අගයකින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවෙන් ඇස්තමේන්තු කර තිබේ.   කෙසේ නමුත් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී ඇස්තමේන්තු ගත ආර්ථික වර්ධන වේගය අඩුව තිබේ. පසුගිය වසරේදී මෙරට ආර්ථිකය 3.2% කින් වේගයකින් වර්ධනය වූ බව ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ. මේ අතර ලබන වසරේදී මෙරට ආර්ථිකය 3.3% කින් ද 2021 දී 3.7% කින් ද වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කරයි. ලෝක බැංකුවේ ඇස්තමේන්තු කිරීම්වලට අනුව දකුණු ආසියානු කලාපයේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් ඇති රට බවට පත්ව ඇත්තේ බංග්ලාදේශයයි. මේ වසරේදී එරට ආර්ථිකය 8.1% කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත. ඊට අමතරව ඇෆ්ගනිස්තානයේ 2.5% කින්, භූතානයේ 5කි% න්, ඉන්දියාවේ 6 % කින්, මාලදිවයිනේ 5.2% කින්, නේපාලයේ 7.1% කින්, පාකිස්තානයේ ආර්ථිකය 3.3% කින් ද වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත
මේ වසරේදී ආර්ථිකය සියයට 1.5 කින් වර්ධනය වේවි
0
hp_train_1587
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (9) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය,මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 
අද දවසේ කාලගුණය
0
hp_train_1588
(එම් .සුසිල් ප්‍රියන්ත)කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ පාලක පොදු ජන පෙරමුණ උප සභාපති ඇතුළු එම පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවාගෙන කලු පටි පැලද අද (9 ) පැවති මාසික සභා රැස්වීමට පැමීණීමත් සමගම සභා රැස්වීම දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.ස්වාධීන මැතිවරන කොමිසමේ සාමාජික මහාචාර්‍ය රත්නජීවන් හූල් මහතා කරන ලදැයි කියන ප්‍රකාශයකට විරෝදය පා ඔවුහු විරෝධතා පුවරු ඔසවාගෙන කලු පටි පැලද සභා රැස්වීමට සහභාගීවූහ.කරන්දෙණිය මහඒදණ්ඩ ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී උප සභාපති නිමල් බන්දු මහතා විසින් අද (9) සභා රැස්වීම මෙහෙයවූ අතර මේ විරෝධතාවට ඒ මහතා ඇතුලු පොදු ජන පෙරමුණ සියලුම මන්ත්‍රීවරු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහභාගීවූහ.එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු මේ විරෝධතා ව්‍යාපාරයට සහභාගී නොවූහ .
බලපිටිය ප්‍රා සභාව උණුසුම් වෙයි
0
hp_train_1589
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)හිස් පතුරොම් 15 ක් සහ ටී.56 ගිනි අවියක්  සඳහා  භාවිතා කරන  පතුරොම්  තුනක්  සමඟ පුද්ගලයෙකු අද   (08) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.බලන්ගොඩ පස්සරමුල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු මෙලෙස  අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.සැකකරු  බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලිසිය පැවසීය.
ටී 56 ජීව පතුරොම් සමඟ අයෙකු අත්අඩංගුවට
1
hp_train_1590
 ( රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අද (19) අලුයම අඩි දෙක බැගින් විවෘත කල බව ජලාශය බාර ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.ඊයේ රාත්‍රියේ ජලාශය වාන් මට්ටමට පැමිණි අතර මේ වනවිට එහි ජල මට්ටම මීටර් 70.8 ක් ලෙස දැක්වෙයි.ජලාශයේ වාන් දොරටු අටෙන් හතරක් විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 7000 ක ජල ධාරිතාවක් දැදුරුඔයට මුදාහැරෙන බවත් මේ හේතුවෙන් කිසිසේත්ම පහල ප්‍රදේශවලට ගංවතුර තත්වයක් ඇති නොවන බවද ඉන්ජිනේරුවරයා කීය.ඉදිරියේ දී ලැබෙන වර්ෂා තත්වය අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. දැදුරුඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි හැට දහසකි. ජලාශයෙන් ගොඩ සහ මඩ වගාබිම් අක්කර 6000 කට ජලය සැපයේ   
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කෙරේ
1
hp_train_1591
ශ්‍රී ලංකාව පුරාම වැසි ඇති වීමේ හැකියාව තාවකාලිකව අඩු වුවත්  මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. 
'ගිගුරුම් සහිත වැසි අඩුවන ලකුණු'
0
hp_train_1592
(චමිල් රූපසිංහ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සදහා අද (18) ඉදිරිපත් කළ අය වැය පරාජයට පත්විය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක් මන්ත්‍රිවරයෙක් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයා අයවැය සදහා විරුද්ධව ඡන්දය ප්‍රකාශයට පත් කළහ.එහිදි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු ද අයවැයේ සංශෝධන ඇති බවත් එම නිසා අයවැය පිළිගත නොහැකි බවත් එම නිසා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ලබන බවත්  පැවසූහ.සභාපතිවරයා අයවැය සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝඡනය කරන සිසිර අබේවික්‍රම මහතා කතා කරමින් නගර සභාව සදහා ඉදිරිපත් කළ අයවැයේ යම් යම් අඩුපාඩු ඇති බවත් පසුගිය කාලයේ යම් යම් සේවාවන්වලදි තමා හට මනාපය ලබා දුන් ජනතාවට සේවයක් කිරිමට තමන්ට වර්තමාන සභාපතිවරයා විසින් අවස්ථාව නොදුන් බවත් එම නිසා මෙම අයවැයට විරුද්වධ ඡන්දය ප්‍රකාශ කරන බව එහිදි කීය.අමිල වේරගොඩ මහතා විසින්  ඉදිරිපත් කළ අයවැය සම්මත කර ගැනිම සදහා වීවෘත ඡන්දයක් නගර සභාවේ උප සභාපතිවරයා විසින් යෝජනා කළ අතර එය නගර සභාවේ විපක්ෂ නායිකාව (එක්සත් ජාතික පක්ෂය)  විසින් ස්ථිර කළ පසු විතෘත ඡන්ද විමසීමේදි අයවැයට පක්ෂව ඡන්ද 7 ක්ද, විපක්ෂව ඡන්ද 8 ක්ද ලැබීය. ඒ අනුව  කඩුගන්නාව නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ ප්‍රථම අයවැය පරාජයට පත්විය. එහිදී සභාව ඇමැතූ කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා සභාව අමතමින් තම පාලන කාලය තුළ කිසිදු මන්ත්‍රිවරයෙකුට අසාධාරණයක් නොවන අයුරින් රාජකාරි කළ බවත් සිසිර අබේවික්‍රම මහතාගේ බල ප්‍රදේශයට අදාළව සංවර්ධන කටයුතු තමා මැදිහත්ව  කළ බවත් අයවැයේ අඩුපාඩු සකසා නැවත මෙම මස 31 වනදාට ප්‍රථම නැවත සභාවට ඉදිරිපත් කරනු ලබන බවද පැවැසීය. 
කඩුගන්නාව නගර සබේ අයවැය දෙවැනි වරටත් සම්මතයි
0
hp_train_1593
නැගෙනහිර,  ඌව සහ උතුරුමැද පළාත්වල තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්ය.ම පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රී ක්ක වල තැනින් තැනට සවස 2.00 න් පසුව  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව අනතුරු අඟවයි.
පළාත් කීපයකට කඩින් කඩ වැසි
1
hp_train_1594
ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල අද (11) සහ හෙට (12) විටින් විට පැයට කිලෝ මීටර් 50 -60 අතර තද සුළං හමන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මේ සම්බන්ධයෙන් නාවික හමුදාව සහ ධීවර ප්‍රජාව ප්‍රවේසමෙන් සිටින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.ගාල්ල සිට හම්බන්‍‍‍තොට හරහා පොතුවිල්  දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60 -70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ‍රට අභ්‍යන්තර ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ  තත්ත්වයක් පවතී.කෙසේ වෙතත් බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රීක්ක වලත් ස්ථාන ස්වල්පයක මද වැසි ඇති විය හැක.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 12/09/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33248545ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව33258065ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31268060වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල28259080වැසි ස්වල්පයක් ඇති විය හැකයාපනය31287570ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර30199060වැසි ස්වල්පයක්නුවරඑළිය21129080වැසි ස්වල්පයක් ඇති විය හැකරත්නපුරය32239560වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය3626     8055ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30268570ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘රටපුරාම පැහැපත් කාලගුණයක්‘
0
hp_train_1595
(ප්‍රසන්න පත්මසිරි) ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු පහක් ඊයේ(30) දින සිට විවෘත කර ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණමධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ  ඊ.එම්.එල් උදය කුමාර මහතා පැවසීය.වැසි පවතින අවස්ථාවලදී ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ මාර්ගය ජලයෙන් යට විය හැකි නිසා පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි එම මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.පවතින අධික වර්ෂාව නිසාඋල්හිටිය ජලාශයේ වාන් දොරටුවලින් තත්පරයකට ඝන මීටර් 26ක ජල ධාරිතාවක් නිකුත් වන බවද උදය කුමාර මහතා පැවසීය.
රත්කිඳ ජලාශයේ වාන් දොරටු 5ක් විවර කරයි
1
hp_train_1596
( උපාලි ආනන්ද)අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් සැකපිට  අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටින  අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරිනිය ආදායම් පාලක ඇගේ සැමියා ඇගේ සහෝදරයා සහ ඇගේ මිතුරියක ඇප මත මුදා හරින්නැයි නීතිඥයින් කළ ඉල්ලීමක්   අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා  අද (7) තරයේ ප‍්‍රතික්ෂේප  කළේය.ඒ අනුව සැකකාරියන් දෙදෙනා සහ සැකකරුවන් දෙදෙනා තවදුරටත්  මේ  මස 21 වන දින දක්වා  රිමාන්ඩ් කිරීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ  මූල්‍ය ප‍්‍රධාන සැකකාරිය වන අනුරාධපුර තිසාවැව  ගෙවල් 60 අංක 4 ලිපිනයේ පදිංචි අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරිනිය වන ඒ ඩබ් ශාලිකා එරන්දි අමරසිංහ සැමියා වන අනුරාධපුර මහ නගර සභාවේ  ආදායම් පාලක ඩී එම් ආර් සම්පත් අනුරාධ කුමාරසිංහ ඇගේ සහෝදරයෙකු වන අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අසංක ප‍්‍රසාද් අමරසිංහ සහ අනුරාධපුර මහ නගර සභාවේ සේවය කරන ඇගේ මිතුරියක වන  අනුරාධපුර අභයගිරිය පාර කුට්ටම්පොකුන  අංක 212/2 ලිපිනයේ උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි යන සැකකරුවන් සහ  සැකකාරියන් සිව් දෙනාය. පළමු සැකකාරිය වෙනුවෙන් නීතිඥ රෝහණ පේ‍්‍රමලාල් මහතා පෙනී සිටි අතර දෙවන  සහ තුන් වන සැකකරුවන්  වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටියේය සිව් වන සැකකාරිය වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී සිටියේ නැත.මෙම මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින එම මහ නගර සභාවේ  වැටුප් විෂය බාර නිලධාරිනි ඒ ඩබ් ශාලිකා එරන්දි නැමැත්තිය  විසින් නගර සභාවට අයත් මුදල් වලින් රුපියල් හැත්තෑ දෙලක්ෂයක් (7200000)  ඇගේ සැමියා වන නගර සභාවේ  ආදායම් පාලක සම්පත් අනුරාධ නැමැත්තාගේ නමින් ඇති බැංකු ගිණුම් කිහිපයකටත් තවත් රුපියල්  විසි ලක්ෂ හැත්තෑ හතර දහස් තුන්සිය දෙකක (2074302) මුදලක් ඇගේ සහෝදරයෙකු වන අසංක ප‍්‍රසාද් අමරසිංහ  නැමැතතාගේ  නමින් ඇති බැංකු ගිණුමකටත්  බැර කර ඇති බව රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේය. 
අ‘පුර නගර සභාවේ මුල්‍ය වංචා සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ්
0
hp_train_1597
( රංජිත් රාජපක්ෂ)රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1000 දෙනික වැටුප ලබාදෙන ලෙස ආගරපතන වැවිලි සමාගමට බල කරමින් එම වතු සමාගමට අයත් වතු 08 ක වතු කම්කරුවන් තලවකැලේ ලිදුල නගර මධ්‍යයේ (12) දින උද්ඝෝෂණයක නිරත විය.වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවෙකු පැය 08 ක කාලයක් සේවය කිරිම වෙනුවෙන් රු 1000 දෛනික වැටුපක් ගෙවන ලෙස කම්කරු අමාත්‍යංශය විසින් චක්‍රලේඛනයක්ද නිකුත් කර තිබුණි.එම චක්‍රලේඛනයට පටහැනිව කටයුතු කරමින් ආගරපතන වැවිලි සමාගම එම වැටුප ගෙවිමට දැනට දිනකට තේ නෙලන තේ දළු ප්‍රමාණය වැඩි කර නෙලන ලෙසටත්,එසේ තේ දළු නෙලන්නේ නැති වතු කම්කරුවන් වෙනුවෙන් වැටුපෙන් අඩක් ගෙවිමට වතු සමාගම කටයුතු කරමින් සිටින බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.තවද වතු සමාගම විසින් මෙතෙක් තමන්ට ලබාදුන් සුබසාධන කටයුතු කිසිවක් ලබානොදෙන බවත්, පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තයේ රැකියා වලින් තමන්ට ඉවත් විමට පවා සිති ඇති බව උද්ඝෝෂණයේ නියැලෙන  වතු කම්කරුවෝ පැවසූහ.තවද තේ වතු වලට රසායනික පොහොර කාලයක් තිස්සේ යොදා නොමැති නිසා තේ ඵලදාව අඩුවිම හමුවේ වතු පාලන අධිකාරිය ඉල්ලන තේ දළු ප්‍රමාණය නෙලා දිය නොහැකි බවද වතු කම්කරුවන් කියා සිටිහ.ආගරපතන වැවිලි සමාගමට අයත් ඇල්බියන් , ටොරිංටන් ,ග්ලාස්ගෝ , ඩයගම ඇතුළු වතු 08 වතු කම්කරුවන් මෙම උද්ඝෝෂණයට සහභාගි වි සිටිහ.මෙම උද්ඝෝෂණයට එක් වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති පි.සත්‍යවේල් මහතා කියා සිටියේ රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1000 වැටුප ලබාදෙන තෙක් (13) දින සිට ආගරපතන වැවිලි සමාගමට අයත් සියළුම වතු වල වතු කම්කරුවන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.  
බෘවුන්ස්වික් වතුකම්කරුවෝ වතු සමාගමට එරෙහිව උද්ඝෝෂණයක්
0
hp_train_1598
(නාලක සංජීව දහනායක)දිගින් දිගටම අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතුයැයි ඒකාබද්ධ විපක්‍ෂ විශ්වාස කරන බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (1) පැවසීය.ඒ සඳහා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් යැයිද මන්ත‍්‍රීවරයා කීය.ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (1) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේද පැවසීය.යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක අතර මත ගැටීමක් ඇතිව තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, බලය බෙදීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය නව ව්‍යවස්ථාවේ හරය ලෙස සලකන්න පුළුවන්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය එකඟයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට විරුද්ධයි.නව මැතිවරණ ක‍්‍රමයකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකඟයි. නමුත් එක්සත් ජාතික පක්‍ෂය හා ආණ්ඩුවේ අනෙක් දේශපාලන පක්‍ෂ නව මැතිවරණ ක‍්‍රමයකට විරුද්ධයි. මේ ආකාරයට ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක කඹ ඇදීම නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වීම හෝ මැතිවරණ ක‍්‍රමය වෙනස් වීමක් සිදුවෙන්නේ නැහැ. මෙම විවාදයේදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හෝ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ නැහැ. බලය බෙදීම සම්බන්ධයෙන් පමණක් විවාදයට සහභාගීවන සියලූම දෙනා අදහස් දක්වනවා.පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අතුරු කමිටු වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට රටේ මහා ආන්දෝලනයක් ඇතිව තිබෙනවා. මහා සංඝරත්නය ඇතුළු උගතුන්, බුද්ධිමතුන් සියලූම දෙනා මෙයට තමන්ගේ විරෝධය පළකර තිබෙනවා. මෙම අතුරුවාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස අපිටත් බරපතළ සැකයක් මතුව තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන මෙම අතුරු වාර්තාවේ සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි පිටපත්වල ඒකීය වචනය සඳහන්කර තිබෙන්නේ වෙනස් විදියටයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය, ඒකාබද්ධ විපක්‍ෂයේ මතය මේ අතුරු කමිටු වාර්තාවට ඇතුළත් කර නැහැ. මේ විවාද කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ මතය ඇතුළත් ව්‍යවස්ථා කෙටුම්පතක් පිළිබඳවයි. කෙටුම්පත හදපු ප‍්‍රධාන කමිටුවල තනතුරු දැරුවේ සුමන්තිරන් මහතායි. ඔවුන්ගේ අතීත  ක‍්‍රියාකාරකම් පිළිබඳව රටවැසියන් දන්නවා. ඒ නිසා මේ කෙටුම්පත සකස් කළ පුද්ගලයන්ගේ චරිත සම්බන්ධයෙන් රට වැසියන්ට විශාල බියක් තිබෙනවා. උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතු බව අපි ඉතාම පැහැදිලිවම පිළිගන්නවා. උතුරේ ජනතාවට සිදුවූ අසාධාරණය නිසා ඔවුන් වෙනුවෙන් යමක් සිදුවිය යුතුයි. 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියෙන් උතුරේ ප‍්‍රශ්න සඳහා යම් විසඳුමක් ලබාදුන්නා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා සියලූම බලතල දුන්නේ නැහැ. ඒ නිසා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිට සාකච්ඡා කරන්න අපි සූදානම්. අපි බලය බෙදීමට විරුද්ධ නැහැ. නමුත් අගමැතිවරයා හා සුමන්තිරන් මහතා මූලාසනයේ තියාගෙන හදන මෙවැනි අතුරු වාර්තාවලින් බලය බෙදීම සම්බන්ධව සාකච්ඡා කිරීම ගැන අපිට සැකයක් තිබෙනවා.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලූම දේශපාලන පක්‍ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්‍ෂික සමුළුවක් කැඳවන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශකර තිබෙනවා. එහෙම සමුළු කැඳවනවා නම් මේවා ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම අනවශ්‍ය දෙයක්. ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අගමැතිවරයාට ජනවරමක් ලැබුණේ නැහැ. හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාත් මේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය වැරදි බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත්කර තිබුණා. ඒකීය වචනය ඉංග‍්‍රීසි භෂාවෙන් යුනිටරි යනුවෙන් සඳහන් වෙන්නේ නැත්නම් තමන් අත උස්සන්නේ නැති බව අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා ප‍්‍රකාශකර තිබුණා. ආණ්ඩුව හදපු මිනිස්සුත් ආණ්ඩුවේ ප‍්‍රධානියා වන ජනාධිපතිවරයාත් මේ ව්‍යවස්ථා කෙටුම්පතට එකඟ නැහැ. ඒ නිසා නිසි ආකාරයෙන් සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවා මහානායක හිමිවරුන්ගේ හා සියලූම දෙනාගෙන් අදහස් ලබාගෙන උතුරේ ජනතාවටත් සාධාරණයක් වන ආකාරයෙන් ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සිදුවෙනවා නම් ඒ සඳහා ඒකාබද්ධ විපක්‍ෂය සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. මේක 2020 ජනාධිපතිවරණයේදී තමන්ට ඡන්දගන්න බලාගෙන කරන සෙල්ලමක්. මේක උතුරේ ජනතාවට දෙන අයිසින් කේක් කෑල්ලක්. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීමක් සිදුවෙන්නේ නැතැයි පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවසීය.තවත් මාස දෙකකින් මේ ආණ්ඩුවට අවුරුදු තුන සම්පූර්ණ වෙනවා. මේ කාලය ඇතුළතදී රටේ කොයිතරම් උද්ඝෝෂණ, වර්ජන, මිනිස්සුන්ට පහරදීම් සිද්ධ වුණාද. ආයෝජකයන් රටට ආවේ නැහැ. ව්‍යාපාර කඩාගෙන වැටිලා. රට අවුල්වෙලා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් රටේ ඇතිවී තිබෙන සියලූම ප‍්‍රශ්න විසඳිය හැකියැයි ආණ්ඩුව කල්පනා කරනවා.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ යෝජනා තවමත් ඉදිරිපත් වෙලා නැහැ. මේ ලෑස්ති වෙන්නේ කොලේ වහල ගහන්නයි. තවත් නොබෝ දිනකින් හදිසියේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න ආණ්ඩුව ක‍්‍රියාකරනවා. ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය තනිකරම නංගි පෙන්නලා අක්ක දීමක්. මේකට විරුද්ධ එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරු දැනටමත් අපිත් එක්ක ඉන්නවා. මෙය බහුතර ඡන්දයෙන් සම්මතවීමට අපි ඉඩ දෙන්නේ නැහැ.අපේ රටේ මෙච්චර කල් වික්කේ පොල් ගෙඩි. දැන් විකුණන්නේ පොල් බෑ. ලූනු කිලෝව රුපියල් 260යි. මිනිස්සු කනව නෙවෙයි ලෙව කනවා. අනිත් පැත්තෙන් පාතාලය හිස ඔසවනවා. ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ මහනායක හිමිවරුන්ට පහර දෙන්න එන්.ජී. ඕ. කාරයින් දානවා. රටේ නීතිය වල් වැදිලා. පොලිසිය පන්නන්නේ ඒකාබද්ධ විපක්‍ෂය පස්සෙයි. අපිව කොයි වෙලේ ඇතුළට දායිද දන්නේ නැතැයි පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා මෙසේ පැවසීය. මේ වනවිට රට ඉතාම තීරණාත්මක මෙහොතකට මුහුණ දී සිටිනවා. සංහිඳියාව ඇති කරන්න ගේන ව්‍යවස්ථාවෙන් රට නැවැත අමු සොහොනක් බවට පත්වෙනවා. සංහිඳියාව වචනය ඉස්සරහට දාගෙන ආණ්ඩුව දැවැන්ත කුමන්ත‍්‍රණයක යෙදෙනවා යැයි පැවසීය.
උතුරට බලය බෙදීමක් ඕනෑ
1
hp_train_1599
පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර එක හමාරක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින අතර  එය ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසීය.අද (04)  කොළඹ ගාලු මුවදොරදී පැවැති ජාතික නිදහස් දින උත්සවය අමතා අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.වර්තමානයේ වාර්ෂික අය වැය යෝජනාවලින් පළාත් සභාවලට වෙන්කරන මුදලින් සංවර්ධනයට, ප්‍රාග්ධනයට වෙන් වන්නේ 15% ක් පමණක් බවත් .පුනරාවර්තන වියදම්, නඩත්තු වියදම් 85% ක් වන බවත් පැවසු ජනාධිපතිවරයා  මේව උඩු යටිකුරු කිරීමට  වහා කටයුතු කළයුතු බවත් සඳහන් කළේය.‘‘වසර එක හමාරකට ආසන්න කාලය තුළ පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙසයි මා දකින්නේ. මේවා කතා කිරීමට අද රාජ්‍ය නොවන සංවිධාන ඉදිරිපත් වන්නේ නැහැ.” යනුවෙන්ද පැවසු  ජනාධිපතිවරයා  මේ රටේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 16 ක් ඉන්නවා. නව සමීක්ෂණ වාර්තා අනුව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය 30% යි. එහෙත් විය එය සියයට 70% ක් වීමයි. වැරැද්ද රාජ්‍ය සේවකයන් අත නොව, ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් හා නායකත්වයක් නොදීම යි” යයිද පැවසීය. 71 වන ජාතික දින සැමරුම් උලෙළ අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ සම්පූර්ණ කතාව  පහත දැක්වේ. ‘‘1948 පෙබරවාරි මස 04 වන දා අප දේශයට නිදහස ලැබුණේ අප දේශ හිතෛෂී විරෝධාර නායකයන් දිගුකලක් තිස්සේ විදේශ පාලනයට එරෙහි ව දියත් කළ ජාතික නිදහස ලබා ගැනීමේ සටනේ ප්‍රතිඵලයක් වශයෙනි.1815 දී අපට නිදහස අහිමි වන අවස්ථාවේ දී ම යටත් විජිත පාලනයට එරෙහි ස්වාධීන නැගිටීම් ආරම්භ වූයේ වාරියපොළ ගෞරවණීය සුමංගල ස්වාමින් වහන්සේ විසින් ඉංග්‍රිසි ධජය පහත හෙලූ අවස්ථාවේ පටන් ය. 1818 විමුක්ති සටන ද, 1848 විමුක්ති සටන තුළින් ද, ආයුධ සන්නද්ධ සටන්වලින් විදේශීය හමුදා පරාජය කිරීමට දැරු උත්සහය ව්‍යර්ථ විය.පෙබරවාරි 04 වනදා යනු අප රටට නිදහස ලැබුණු දිනයයි. ඊට අමතරව එම දිනය සැමරීම  නිදහස වෙනුවෙන් කැපවූ සහ දිවි පිදු සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිතවල ආත්මීය ගුණ සුවඳ නැවත මතකයට නංවන දිනයයි. ඒ 1505 සිට 1948 දක්වාත්, ඒ වගේම වසර 30 කට ආසන්න මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කළ සියලු රණවිරුවන් ද එම වීරයන් අතරට අයත් වේ. අප හමුවේ ඇති අභියෝග අතර විදේශ බලපෑම් සහ අතපෙවීම්වලට ද මුහුණදීම ප්‍රධානය. 1948 ට පෙර තිබු ආක්‍රමණශිලි විදේශ බලවේගවලට වඩා වෙනත් මුහුණුවරකින් ඒවා දැන් පැමිණ තිබේ. තවදුරටත් නිදහස් දිනය සැමරුම යනු අප රටට ලෝක දේශපාලන සිතියම තුළ නිදහස් ස්වෛරි සහ ස්වාධිපත්‍ය සහිත රාජ්‍යයක් ලෙස නැගී සිටීම සංකේතවත් කරන දිනය පමණක් ම නොවේ. එනම් නිදහස් දිනය සැමරීමේ මූලික අරමුණු අතරට රටේ නිදහස වෙනුවෙන් කැප වු වෙහෙස වූ දිවිපිදු ජාතික විරුවන් සහ යුද බිමේ දී දිවිපිදු අතුරදන් වූ සහ අභීතව සටන් කළ යුද විරුවන් සිහි කිරීම ඔවුන්ට ජාතියේ කෘතවේදිත්වය සහ ගෞරවය පිරිනැමීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි. ආරක්ෂක අමාතයාංශය යටතේ පවතින යුද, නාවික, ගුවන් හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ මිය ගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට හා ආබාධිත රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා වැටුප් සහ දීමනා ගෙවීමට මේ වන විටත් අවශ්‍ය තීරණ ගෙන ඇත. විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට මෑතකදී එක්වූ පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරුවන්, ආබාධිත රණවිරුවන් හට ද එසේම එය ක්‍රියාත්මක වේ. නිදහස යන සංකල්පයේ පරාසය සීමා මායිම් ඉක්ම වූ අවකාශය දක්වාම දිවයන්නකි. එනම් භූමියේ නිදහසේ සිට මානව නිදහස ඔස්සේ නූතන යුගයේ මුහුණු පොත භාවිතා කිරිමට ඇති නිදහස දක්වාම එය විහිදේ. 21 වන සියවසේ දෙවන දශකයේ අගභාගයේ සිටින අප, රටේ නිදහස හා ජාතික නිදහස සමරන අද වැනි දිනක, නව මානයකින් හා විවෘත මනසකින් නිදහස තුළ අන්තර් ගතවන පුළුල් වූ සංකල්පය හොදින් අවබෝධ කර ගනිමු යැයි සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.නිදහස යන සංකල්පය කිසිදු මිම්මකින් හෝ නිර්නායකයකින් මැනිය නොහැකි අතර වර්තමානය වන විට නිදහස යන සංකල්පයට බද්ධ වන කිසිදු ක්‍රියාවලියක් පැහැදිළි නිර්වචනයකට ලක් කර විග්‍රහ කළ නොහැකි තරමට එය සංකීර්ණ වී ඇත.ජාතික මට්ටමේ ප්‍රශ්න නැතහොත් ජාතික අභියෝග එකින් එක මේවා යැයි විස්තර කිරීමට මෙය අවස්ථාවක් නොවේ. එහෙත් අප ද ඇතු`ථව අප රටේ අතීතයේ සිටි සියලු නායකයින් එක ලෙස වගකිව යුතු 30 අවුරුදු යුද්ධය අවසන් වී දශකයක් ගෙවී ගිය තැන ද රටේ සියලු දෙනාට එකඟ විය හැකි පුර්ණ දේශපාලන විසඳුමකට පැමිණිමට අපට නොහැකි වීම කනගාටුවට කරුණකි.හේතු කුමන ආකාරයේ වුවත්, වගකිව යුත්තන් කවුරුන් වුවත් අප රට සහ ජනතාව මීට දශක ගණනාවක සිටම අපේක්ෂා කළ ආර්ථික සංවර්ධනය රටට ළගාකර දීමට දේශපාලන නායකයන් ලෙස අප සියලුදෙනා අසමත් වී ඇත.ආර්ථික සංවර්ධනය යන මාතෘකාව යටතේ අත්හදා බැලීම් කරමින් ඒ තුළින් වැරදි නිවැරදි කර ගනිමින් මන්දගාමී ආර්ථික ක්‍රියාවලියක නිරතවීමට තවදුරටත් රටේ ජනතාව සූදානම් නැත. රටට නායකත්වය දෙන දේශපාලන නායකයන් මෙය ඉතා හොඳින් අවබෝධ කරගත යුතුය. ඒ තුළින් රටේ ආර්ථික සංවර්ධනයට රුකුලක් වන ආකාරයට පාසල් අධ්‍යාපනයේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ, වෘත්තීය හා කාර්මික අධ්‍යාපනයේ මූලික ප්‍රතිසංස්කරණ හා වෙනස්කම් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව හා 21 වන සියවසේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි සිදු කිරීම ඉතා අත්‍යාවශ්‍ය කාර්යයකි. විශේෂයෙන්ම 21 වන සියවසේ නූතන ආර්ථික සංකල්පය වන දැනුමේ ආර්ථිකය, නවෝත්පාදන ආර්ථිකය, නීල හරිත ආර්ථිකය, සමුද්‍රීය ආර්ථිකය හා ඩිජිටල් ආර්ථිකය වැනි නව ආර්ථික සංකල්ප එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන්ට සමගාමීව ක්‍රියාවට නැංවීමට අප ක්‍රියා කළ යුතුය. ලෝකයේ බොහෝ ආර්ථික විද්‍යාඥයන් 21 වන සියවසට ලබා දෙන අන්වර්ථ නාමය වන්නේ ආසියාවේ සියවස යන්නයි. ඒ අනුව ආසියානු කලාපයේ ආර්ථික සංවර්ධනය ඉතා වේගයෙන් සිදුවන මෙම වකවානුව එහි නිසර්ග වාසිදායක තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් අනාගත ආසියාවේ නිපුණ ශ්‍රම වෙළෙඳපොළ වෙත නිපුණ ශ්‍රමිකයන් හා වෘත්තිකයන් සපයන ප්‍රධාන රට ශ්‍රී ලංකාව බවට පත් කිරීමට අප සියලුදෙනා කටයුතු කළයුතුව ඇත. 2015 වසරේ අප ප්‍රධාන දේශපාලන පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිට වූ බව ඔබ අප කවුරුත් දන්නා කාරණයක්. එයින් අප රටට විශාල සේවයක් සිදුවූවා. එහෙත් කළ යුතුව තිබු බොහෝ දේ අප නොසලකා හැර තිබෙනවා. එමෙන් ම නොකළ යුතු දේ ද කළා. 2015 වසරේ සිට මා උත්සාහ කළේ නැවුම් සංවර්ධන අත්දැකීම් සමග නැවුම් දේශපාලන ගමනකට අවතීර්ණ වීමට යි. සෑමවිටම ජනතාව තම වගකීම ඉටු කර තිබෙනවා. එහෙත් බලයට පත් වූ බොහෝ ආණ්ඩු කළේ ජනතා අපේක්ෂා බිඳීමයි. ජනතා පරමාධිපත්‍යයේ සැබෑ උත්තරීතර ආයතනය වූ පාර්ලිමේන්තුව අද පිරිහී තිබෙන බව අපි දන්නවා. පාර්ලිමේන්තු සභා ගැබ තුළදී පොලිස් නිලධාරින්ට මිරිස් කුඩු ප්‍රහාර එල්ලවන්නටත්, සඟවා ගත් පිහි කැබිලි එළියට එන විටත්, ජනතාවගේ මුදලින් නඩත්තු වන මන්ත්‍රීවරු පරිහරණය කරන සම්පත් විනාශ කිරීමටත් පෙළඹී ඇත්තේ මොනතරම් සහසික ලෙස ද, අද සමාජයේ පිරිහීම පෙන්නුම් කරන ප්‍රධාන කැඩපතක් ලෙස ජනතාව පාර්ලිමේන්තුව දකිනවා. රටක නායකත්වය යමෙකුට ලැබෙන්නේ එම රටේ ජීවත්වන සියලු පුරවැසියන්ට විශේෂයෙන් දුගී, දුප්පත් අසරණයන්, වැන්දඹුවන්, සරණාගතයන්, ආබාධිතයන් ළමයින්  හා කාන්තාවන්, ගොවීන්, ධීවරයන්, කම්කරුවන් යන සුවිශේෂිත කොටස් පීඩනයෙන්, සූරා කෑමෙන් හා වෙනත් බන්ධනයන්ගෙන් මුදවා සමාජ ආර්ථික, අධ්‍යාත්මික හා බුද්ධිමය නිදහස ලබා දීමටයි. දශක කිහිපයක්ම වාර්ගික අර්බුදයට විසදුම් සෙවීමට සෑම ආණ්ඩුවක් ම කාලය ගත කළා. එයට ප්‍රමුඛතාවය දුන්නා. විසඳුම් සෙව්වා. ඒ නිසා රටේ ආර්ථිකයට විසඳුම් දීම යට ගියා. ප්‍රමුඛව කවුරුත් සාකච්ඡා කළේ ජනවාර්ගික අර්බුදය පිළිබදව යි. ආර්ථිකය මූලික වශයෙන් ගෙන සාකච්ඡා කර එයට ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ණය බර හා විරැකියාව යන දෙකටම අද අපට විසඳුම් නැහැ. ප්‍රශ්න දෙකම උග්‍රයි.ජනවාර්ගික ප්‍රශ්නය හෝ ආර්ථික ජයග්‍රහණ යන දෙකම අප ලබා නැහැ. ලෝකයේ සියලු රටවල් කතා කරන භාෂාවන් 6,000 කට වැඩි බව ඔබ දන්නවා. ඒයින් අපේ රටේ භාවිතා ව්නනේ භාෂා තුනයි.  ඒ සියලු දෙනාම එකම මනුෂ්‍යයින් බව අප අමතක නොකළ යුතුයි. උතුරේ ජනතාව වඩාත්ම නිදහස්ව ජීවත් වුයේ ගෙවී ගිය සිව් වසරේ දී වන බව මාගේ විශ්වාසයයි. අප නිදහස ලබා ගෙවුණු කාලයේ අඩකට වැඩි කාලයක් තුළ  එම නිදහස සැබෑ ලෙසම භූක්ති විඳීමට ඔවුන්ට නොහැකි වුණා.ජාතික සමඟිය සහ සංහිඳියාවට උපහාස, අපහාස නොකොට එහි බැරූරුම් තත්ත්වය අප හඳුනාගත යුතුයි. අප සිටින්නේ අළු වලින් වැසුණු ගිනිගොඩක බව අප අමතක නොකළ යුතුයි.අපි පළාත් සභා පිහිටුවා වසර 30 කට වැඩියි. අද වාර්ෂික අය වැය යෝජනාවලින් පළාත් සභාවලට වෙන්කරන මුදලින් සංවර්ධනයට, ප්‍රාග්ධනයට වෙන් වන්නේ සියයට 15 ක් පමණයි. පුනරාවර්තන වියදම්, නඩත්තු වියදම් සියයට 85 ක්. මේව උඩු යටිකුරු කිරීමට අප වහා කටයුතු කළයුතුයි. වසර එක හමාරකට ආසන්න කාලය තුළ පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙසයි මා දකින්නේ. මේවා කතා කිරීමට අද එන්ජීඕ ඉදිරිපත් වන්නේ නැහැ. මේ රටේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 16 ක් ඉන්නවා. නව සමීක්ෂණ වාර්තා අනුව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සියයට 30 යි. එහෙත් විය යුත්තේ එය සියයට 70 ක් වීමයි. වැරුද්ද රාජ්‍ය සේවකයන් අත නොව, ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් හා නායකත්වයක් නොදීම යි.යෝජිත ජාතික ආණ්ඩුවක් පිළිබඳ මා මාධ්‍ය තුළ දැක්කා. එක් මන්ත්‍රිවරයෙක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කොතරම් දුරට සදාචාරාත්මක ද කියන කාරණය මෙහිදී විමසිය යුතු වෙනවා. ඇමතිකම් වැඩිකිරීමේ අරමුණ සහ මන්ත්‍රී ඇමතිකම්වලට වැඩි පහසුකම් දීම පමණක් එයින් සිදුවන බවකුයි මා දකින්නේ. මාධ්‍ය තුළ දුටු ආකාරයට නම් යෝජිත ජාතික ආණ්ඩු අදහසට මා තරයේ ම විරුද්ධ වෙන බව මෙහිදී කිව යුතුයි.අද තනි පක්ෂයක් ආණ්ඩුවක් කිරීමෙන්  ඇමති මණ්ඩලය තිහකට සීමා වෙනවා නම් එය ජනතාවගේ ප්‍රාර්ථනයක් ලෙසයි මා විශ්වාස කරන්නේ. රටෙන් ඔබට සිදුවිය යුතු වගකීම් සහ යුතුකම් ගැන ප්‍රශ්න කිරීමට පෙර ඔබෙන් රටට සිදුවිය යුතු යුතුකම් ඉටුකිරීමට අදිටන් කර ගත යුතුයි. අපට මොනවද දෙන්නේ, අපට මොනවාද ලැබෙන්නේ යන එක බොහෝ අය අහන ප්‍රශ්නයක්. එහෙත් රට වෙනුවෙන් වගකීම් සහ යුතුකම් කිරීම අත්‍යවශ්‍ය බව කවුරුත් පිළිගත යුතුයි.70 වසරක් තිස්සේ ශ්‍රී ලංකාව ගමන්ගත් මග අත්කොට දී ඇත්තේ නිසි තිරසර භෞතික හා මානව සංවර්ධනයක් නොවන බව දැන් අප පසක් කර ගනිමින් සිටිනවා. රටේ නිරපේක්ෂ දුගී භාවය සියයට 6.7 ක් ලෙස වාර්තා කෙරුණත් ජනගහනයෙන් සියයට 50 කට වැඩි ප්‍රතිශතයක් සාපේක්ෂ දිළිඳු බවෙන් පෙළෙනවා. මෙම ජන කොටසේ දෛනික ආදායම රුපියල් 1000 ට අඩු බවක් පේනවා. කුඩා ළමුන් සිව් දෙනෙකුගෙන් එක් අයෙක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. පහත වැටුණු අපගේ අපනයන ආදායම් වහා වැඩි කිරීමේ අවශ්‍යතාවය ඔබ අප දන්නවා. ලෝකය ඩිජිටල් ආර්ථිකයට ගමන් කරමින් සිටින අවධියක අප තවම රටට අවැසි ඥානය ළඟා කර ගැනීමේ අරගලයේ එළිපත්තේ සිටින්නේ. ආර්ථික ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලංකාව මේ වනවිට මත්කුඩු ජාවාරමේ ප්‍රධාන මෙහෙයුම්  මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන තිබෙනවා. මා විශ්වාස කරන ආකාරයට රටක පවතින සංවර්ධනය මැනිය යුත්තේ පවතින මහේශාක්‍ය ගොඩනැගිලි, අධිවේගී මාර්ග හෝ අනේක විධි පාරිභෝගික භාණ්ඩ විකුණනු ලබන වෙළෙඳපොළක පැවැත්ම මත නොවේ.පරිසර සංරක්ෂණය ප්‍රමුඛ තිරසර සංවර්ධනය අපේ අත් පොත විය යුතුයි. දශක 7 ක් තිස්සේ අප දේශපාලනය ලෙස හඳුනාගෙන ඇත්තේ මෙවන් දැක්මකින් යුතු රට පාලනය කිරීමක් නොව ඥාති සංග්‍රහය පරම චේතනාව කොට ගත් බඩ වඩා ගැනීම හෝ ගොඩවඩා ගැනීමේ දේශපාලනයයි. ඒ නිසාම අද වනවිට දුෂණය මැඩලීම වේවා, මත් උවදුර මැඩලීම ප්‍රධාන අභියෝගයක් බවට පත්ව තිබෙනවා. නමුත් අද අපට අවැසි ව ඇත්තේ බොරු ජනතාවාදය නොව අවංක හා දුර දක්නා නුවණින් කෙරෙන පැහැදිලි රාජ්‍ය පාලනයක්. එලෙස ම ගොඩනංවන පොදු දැක්ම තුළ අපි ස්වදේශීකත්වය සුරැකීමට මෙන් ම වර්තමානයේ අප හමුවේ යථාර්ථයක් ව පවතින ගෝලීයකරණ අභියෝග ජය ගැනීමට හැකිවිය යුතුව තිබෙනවා. ඒ වගේ ම 2015 සිට පැහැදිලි ලෙස ම සම්පූර්ණයෙන් ම භිෂණය අපි ඉවත් කළා. එය අපි ජයග්‍රහණය කළා. දූෂණය ඉවත්කිරීම නම් කොතරම් දුරට සිදුවූවාද යන්න ගැටලුවක්. අවංක දේශපාලනඥයින්ගේ හිඟයක් මා දකිනවා. ඒ අනුව අදින් අරඹෙන 71 ක් වන නිදහස් ජාතික සැමරුම තුළ අපි අධිෂ්ඨාන කළ යුත්තේ ශ්‍රී ලංකාව ආසියාවේ යටපත් කළ නොහැකි බලවත් සමෘද්ධිමත් ජාතික රාජ්‍යයක් බවට පත් කිරීමයි. ශ්‍රී ලාංකික සමාජය යහපත් සහජීවනයෙන් හෙබි ශ්‍රී ලාංකික ජාතියක් බවට පත් කිරීමයි. ශ්‍රී ලංකාව සුහුරු ආර්ථිකයක් වෙත ගෙනයාමයි.ඒ තුළ දුගී භාවය පිටුදකින සියල්ලන් එකතු කරගත්තා වූ හරිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීමයි. දේශපාලනික අරාජික භාවය පිටුදැකීම සඳහා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නා වූ තුලන හා සංවරණ ක්‍රමයක්ද ඡන්ද ක්‍රමයක් ද හඳුන්වා දීමයි.රාජ්‍ය පාලනය සඳහා කුසලතාවාදය හඳුන්වාදීම අත්‍යවශ්‍ය දෙයක්. රට තුළ දුෂණය අක්‍රමිතතාවය හා නාස්තිය සහමුලින් පිටුදැකීමට ප්‍රමුඛත්වය දිය යුතුයි.ඒ සඳහා අපි සියලු දෙනා කැපවිය යුතුයි. මත්කුඩු ජාවාරම, පාතාලය ඇතුළු රට තුළ මුල් බැසගත් කළු ආර්ථිිකයට පණපොවන සියලු ජාවාරම් අනීතික කටයුතු අප විසින් පරාජය කළ යුතුයි. රටේ අනාගතයේ හිමිකරුවන් වන තරුණ පරපුර නවොත්පාදනයට පොළඹවනු වස් ඒ සඳහා සානුබල සපයන පරිසරයක් ගොඩනැගීමෙහිලා තාක්ෂණික අධ්‍යාපනය, ප්‍රාග්ධනය, යටිතල පහසුකම් ලබාදීම අපි වහ වහා කළ යුතුයි. උගතුන් පිරි ජාතියක් බවට පත් කරන්න අපේ  අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ කඩිනම්ව කළ යුතුයි. මා 2016 දී කී පරිදි සංස්කෘතික දරුවා සහ තාක්ෂණික දරුවා රැකගැනීම හා පෝෂණය කිරීම අප කාගේත් යුතුකමක් හා වගකීමක් වෙනවා. කිසි දා බෙදෙන්නේ නැති කිසිම දවසක බිඳින්න බැරි රටක් තුළ එකම ධජයක් යටතේ එකම දේශයක් හැටියට සියලුදෙනාම එක හා සමානව ජීවත්වන්නට අවශ්‍ය පසුබිම අප සැකසිය යුතුයි. අප එකට සිටිය යුතුයි.30 වසරකට ආසන්න යුද්ධයෙන් මියගිය රණවිරුවන්, ආබාධිතයන් හා ඒ අයගේ පවුල්වල අය, විශිෂ්ට ශ්‍රේෂ්ට සෑම රණවිරුවෙක්ම මා නැවත නැවතත් සිහිපත් කරනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කළ ශ්‍රී ලාංකික රණවිරුවන් දෙදෙනෙක් පසුගිය සතියේ මියගියා. ඔවුන්ගේ අභාවය පිළිබඳව මාගේ කනගාටුව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා වගේම ඔවුන්ට මුළු මහත් ජාතියේ ප්‍රණාමය පුදකරනවා. හෙළ මියැසියට කුමාරතුංග මුනිදාසයන් ලියූ නිසඳැසේ අරුත අපගේ මෙම ගමන් මඟට ආලෝකයක් ලබාදෙනවා. එනම්  මා දෙස හෙළ දෙස.., මා රැස හෙළ රැස..., මා බස හෙළ බස..., මෙය මගෙ හිස මත. අප විසින් ගොඩනගා ගත යුතු අනාගත දැක්මේ හරය එය විය යුතුයැයි මා විශ්වාස කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ 71 ක් වන නිදහස් උලෙළ  ඉතාමත් සාර්ථක ව සංවිධානය කළ ස්වදේශ කටයුතු ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක ප්‍රධානීන්, සියලු රාජ්‍ය නිලධාරීන් ද මීට අනුග්‍රහය දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතනවලට මගෙ ස්තූතිය පිරිනමමින් ජාතිය හමුවේ ඇති සියලු අභියෝග ජය ගැනීමට අපි සියලු දෙනා එකට සිටිමු.ස්තූතියි (36698)
දූෂණය මුලිනුපුටා දමා සියලු දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ ඒකාන්ත අරමුණයි
0
hp_train_1600
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (20) වාර්තා වූ අතර එම ගණන 40,425ලෙස දැක්විණි.ඒ අනුව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 11,18,043ක් දක්වා ඉහළ ගියේය.මේ වනවිට ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන වයිරස ආසාදිතයන්ගේ ගණන 3,90,459ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වූ පිරිසගේ ගණන 7,00,087කි.ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 27,497කි.නව කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,10,455කි. දෙවැනියට තමිල්නාඩුවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 1,70,693කි. දිල්ලියෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 1,22,793ක් වන අතර කර්නාටක ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 63,772කි.එන්.ඩී.ටීවී.055
ඉන්දියාවෙන් ආසාදිතයන් 40,400ක්
1