id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_1701
(විජේරත්න රත්නායක )               ඇල්ල දෙමෝදර වලස්බැද්ද කන්දේ අද (03) පස්වරුවේ හටගත් ගින්නක් මේ වන විටත් පැතිරෙමින් පවතී.දෙමෝදර ඇතුල්කන්ද ප්‍රදේශයේ ගල්වලට ඉහළ පතන් ප්‍රදේශයේ හටගත් ගින්න මේ වන විට විශාල ප්‍රදේශයක පැතිරී ඇති අතර මේ සම්බන්ධයෙන් ඇල්ල ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කළ බවත් ප්‍රාදේශීය ලේකම්වරියගේ දැනුම්දීම අනුව අවශ්‍ය වුවහොත් ගින්න මැඩලීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බවත් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදයකුමාර මහතා පැවසීය.දැනට දින කීපයකට පෙර ද මෙම පතන් භූමියේ කොටසක් ගින්නෙන් විනාශ වූ අතර එම ප්‍රදේශයේ ගවයින් ඇති කරන ඇතැම් පිරිස් ගවයින් සඳහා පතන් ප්‍රදේශයේ අලුත් තණකොළ ලියලෑම පිණිස හිතාමතා මෙසේ ගිනි තබන බවට සැකකරන බව අවට ජනතාව පවසති.
දෙමෝදර වලස්බැද්ද කන්දේ ගින්නක්
1
hp_train_1702
(අමරදාස සිල්වා) රජයේ තීරණයකට අනුව මැයි 07 වැනිදාට කල්දැමූ මැයි දිනය සැමරීම සඳහා ජ.වි. පෙරමුණ රජයට හිලෑවීම ගැන ලැජ්ජා විය යුතු බවත් ඒ කිසිම තීරණයකට යටත් නොවී ඉතා අභීතව පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දිනය දාම කොළඹදී දැවැන්ත රැලියක් පැවැත්වීමට එඩිතරවීම ගැන පක්ෂයට ආඩම්බර විය හැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවසීය. ගුණරත්නම් මහතා එසේ පැවසුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මැයි 1 දා සවස පැවැත්වූ මැයිදින රැලියේදීය. කොළඹ 10, මාළිගාවත්තේ පිහිටි පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් පාක්ෂිකයින් පෙළපාළියකින් පැමිණ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී මෙම රැලිය පැවැත්විණි. ‘ඇත්ත වෙනසකට වමේ බලයක්’ තේමාව කර ගනිමින් පැවැති එම රැලියේදී කුමාර් ගුණරත්නම් මහතා මෙසේද කීය. මැයි පළමුවැනිදා දවසේ ලෝක කම්කරු දිනය සැමරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පමණක් කොළඹ  කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මැයි රැලියක් පැවැත්වීමට අවසරදීම ගැන ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මා ප්‍රථමයෙන්ම ස්තුතිය  පළකර සිටිනවා. ලෝක කම්කරු දිනය සැමරීමේ දිනය මැයි මාසයේ  හත්වැනිදාට කල්දැමීමට රජය තීරණය කළා. වාම පක්ෂයක් යැයි කියා ගන්නා ජ.වි. පෙරමුණ ඒ දිනයට මැයි රැලිය පවත්වන්නට එකඟ වීමෙන්ම ජ.වි. පෙරමුණ රජයට මොනතරම් හීලෑවෙලාද කියා අපට හිතා ගන්නට පුළුවනි. ඒ නිසා ජ.වි. පෙරමුණ  අපි හඳුන්වන්නේ  ධනේෂ්වර රජය ඉදිරියේ දණ ගසාගෙන සිටින පැරැණි වමක් හැටියටයි. මේ රටේ වාමාංශික පක්ෂයක් තිබෙනවා නම් ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණයි ඒ නිසා අපි රජයට කියනවා අපට තර්ජනය කරලා බය වද්දන්න එපා කියලා. අපේ පෙරටුගාමී වාමාංශික පක්ෂයේ ගරුත්වය ආරක්ෂා කරන්නට ඕනෑම කැපවීමක් කරන්න සූදානම් බවත් අප රජයට දන්වා සිටිනවා. එදා 87දී ජේ.ආර්. පාලනය මැයි දිනය පැවැත්වීමට තහනම් කළා. එදා අපි හිටියේ ජ.වි. පෙරමුණට සම්බන්ධවයි. අපි එදා මැයි දිනය පවත්වන්නට ඒකරාශීව ඉදිරියට ගියත් ජේ.ආර්.ගේ පොලිස්  හමුදාව අපේ කිත්සිරි මෙවන් රණවක  සහ ලෙස්ලි ආනන්දලාල් සහෝදරවරු ඝාතනය කරලා දැම්මා. ඊට පසුව මහින්ද රාජපක්ෂ පාලනයේදී 2006දී යුද්ධයට මුවාවෙලා  නැවත වරක් මැයි දිනය තහනමට ලක් කළා. එදා හීලෑවෙච්ච ජ.වි. පෙරමුණ සමග සිටි නිසා මැයි දිනය සමරන්න හැකියාව ලැබුණේ නැහැ. මේ තමයි ජ.වි. පෙරමුණේ මැයි දින ඉතිහාසය. මේ විලිලැජ්ජා නැති හීලෑකමත් පිළිකුල් කරලා තමයි එයින් ඉවත්වෙලා අප පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවා ගත්තේ. අද රනිල්-මෛත්‍රී හවුල අනියම් ආකාරයෙන් මැයි දිනය තහනමට ලක් කර තිබෙනවා. මැයි දිනයේ නිවාඩුවක් අවලංගු  කළා විතරක් නොවෙයි මැයි දින රැලියක් පැවැත්වීමටත් කොළඹ නගරයේ පිට්ටනියක්වත් නොදෙන්න කටයුතු කරලා තියෙනවා. කොහොම වුණත් රජයේ තහනම නොතකා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ඉතා ගාම්භීරව කොළඹදී මැයි දින රැලියක් පවත්වන්නට තරම් එඩිතරව සිටින බව මහත් ආඩම්බරයෙන් කියා සිටිනවා. නමුත් රජයේ තීරණයකට අනුව මැයි 07 වැනිදාට ලෝක කම්කරු දිනය සැමරීමට ජ.වි. පෙරමුණ රජයට හීලෑවීම ගැන ලැජ්ජා විය යුතුයි. මැයිදිනය මැයි මාසේ 07 වැනිදාට කල් දැමුවේ බෞද්ධ  ජනතාවගේ වෙසක් උත්සවයට බාධාවක් වේවි කියලයි රජය මේ තීරණය අරගෙන තිබෙන්නේ. මේක නොවෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව තමයි ආණ්ඩුවේ විපක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ඇති අර්බුද සහ ජනාධිපති සහ අගමැති මුහුණදී සිටින අර්බුද. මේ නිසා තමයි බෞද්ධයා ගැන මහා පුදුම කැක්කුමකින් මැයි දිනය කල් දමල අර්බුදකාරී තත්ත්වය වසන් කරන්නට පියවර ගත්තේ. මේ සමගම අපි මහානායක හිමිවරුන්ගෙන් අහනවා ආර්යෂ්ඨාංගික මාර්ගය අනුව ප්‍රඥාවෙන් යුතුව ජීවත් විය හැකි රටක් අපේ බෞද්ධ ජනතාවට තියෙනවද කියලා. යහපත් කර්මාන්ත කරලා ජීවත් විය හැකි රටක් අපට ඉතිරිවෙලා තියෙනවද කියලා අපට අනුශාසනා කරන්න කියා ඉල්ලා සිටිනවා. රජයේ මේ සෙල්ලම ඇතුළේ තියෙන්නේ රජය කරගෙන යාමට ඇති නොහැකියාව නොවෙයිද?රනිල් වික්‍රමසිංහට නායකත්වය දිගටම තියා ගන්න හැකිවේවිද? සජිත් ප්‍රේමදාසට නියොජ්‍ය නායකත්වය දිගටම තියා ගන්නට හැකිවේවිද? මෛත්‍රීපාල සිරිසේනට දෙවැනි වරටත් ජනාධිපතිවීමේ සිහිනය සැබෑවේවිද? මහින්දට තවත් සැරයක් ජනාධිපතිවීමේ සිහිනය සැබෑ කර ගන්නට පුළුවන් වේවිද? මෙන්න මේ වගේ කතාවක් තමයි අද රට තුළ පවතින්නේ. මෙයට කියන්නේ දේශපාලන අර්බුදය හැර වෙන කුමක්ද? මේ වගේ දේශපාලන අර්බුදයක් ඇතිවීමට හේතුව තමයි පවතින ධනේෂ්වර පාලනය. පසුගිය රජයේ සිටි හොරු සමග ආණ්ඩුවක්  පිහිටුවාගත් මේ රජයෙන් කෙරෙන්නේ ධනේශ්වර පාලනයක්. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද රජපක්ෂට  වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ මහින්දගේ දක්ෂතාව නිසා නොවෙයි. මේක ජනතාවගේ පුරුද්දක්. මේ පුරද්ද නැති කර ගන්න අවශ්‍යයි. ජනතාව බලාපොරොත්තු වන ඇත්ත වෙනසක් දැකීමට නම් විඳීමට නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට බලය පැවරිය යුතුමයි. වමට බලයක් ලබාදිය හැක්කේ ජන බලය ශක්තිමත් කිරීමෙන් පමණයි. ඒ ක්‍රියාවලියට ඡන්දය ප්‍රකාශ කිරීමට පමණක් සීමා කළ යුතු නැහැ. ඒ සඳහා අවශ්‍ය දේශපාලන දැක්ම හා වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මේ සියල්ලෙන් පෙරටුගාමී  සමාජවාදී පක්ෂය ශක්තිමත්. කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්  දුමින්ද නාගමුව මහතා: ලෝක කම්කරු දිනය කියන්නේ නිකම්ම නිකන් දිනයක් නොවෙයි. එය ලෝකයේ කම්කරුවෝ ලේ හලලා දිනාගත්තු දිනයක්. ඒ නිසා එම දිනයේම සැමරීමට අපට හැකිවීම අපට ලොකු සතුටක්.විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය කියන යෝජනාව මේ වනවිට ජ.වි. පෙරමුණ කරළියට ගෙනැත්. ඉදිරියේ  පැවැත්වෙන ජනාධිපතිවරණයට ගෝඨාභය  රාජපක්ෂ  එන බවට කතාවක් තියෙනවා. එයා එනවට මහින්ද රාජපක්ෂ  කැමති නැහැ. එයාගේ බලාපොරොත්තුව එයාගේ නාමල් පුතාට රට බාරදෙන්නටයි. ඔය කවුරු විධායක ජනාධිපති තනතුරට ආවත් අපි බය නැහැ. අපි දේශපාලනය කරනවා. මේ වනවිට වර්ධනය වන ආර්ථික අර්බුදය ලෝකයේ ඉවර වෙන්නෙත් නැහැ. ලංකාවේ ඉවර වෙන්නෙත් නැහැ. මේ  වසරේ ලංකාව රුපියල් මිලියන 450ක් ණය ගෙවිය යුතුව තිබෙනවා. මේ අර්බුදය දැනගෙන තමයි මහින්ද වේලසනින්  ඡන්දය තිබ්බේ. මේ අර්බුදයට කර ගහන්න වෙන්නේ වැඩ කරන ජනතාවට ගොවියන්ට ශිෂ්‍යයන්ට සහ කාන්තාවන්ටයි. ඔය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන පක්ෂයට අයත් ලොරියේ ඉදිරියෙන් ගහලා තියෙන්නේ බුදු සරණයි කියලා. නමුත් ලොරිය ඇතුළේ තියෙන්නේ හොර හරක් බව අමතක කරන්න එපා. අද කම්කරු දිනය සමරන මේ වෙලාවේ අපි සිටින්නේ  දේශපාලන හැරවුම් ලක්ෂයක. මේ අර්බුද ගැන කතාකරන වෙලාවේ අපේ ගෙවල්වල තිබෙන තත්ත්වය කොහොමද? හාල්  පොල් සීනි ගණන්. දරුවන්ගේ  ටියුෂන් සල්ලි ගෙවන්න ඕනෑ. හැබැයි ගෙදරින් එළියට ආවම මේවා ගැන කතා කරන්නේ නැහැ. ඒ ප්‍රශ්න ගැන එළියේ පිට කතා කරන්න බැරි තරම් මහා දැවැන්ත මතයක් මාධ්‍ය මගින් හදලා තියෙනවා.  ඒ කියන්නේ ගෙදර ප්‍රශ්නය  රටේ ප්‍රශ්නයක්  නොවෙයි කියන විදියට. ඒ සඳහා දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. අපේ ජීවිතයේ දැවෙන ප්‍රශ්න වේදිකාවට ගෙනඑන ව්‍යාපෘතිය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය මුල පුරලා තිබෙන බව කියන්න කැමතියි. ජ.වි. පෙරමුණේ වංචා  දූෂණ  නැහැ කියන සටන් පාඨයම දූෂණයක්. මහා පරිමාන  ව්‍යාපෘති  ඇතුළේ වෘත්තීය සමිති හදලා තියෙන්නේ ජ.වි. පෙරමුණ විසින්. මේ අය ඒ සමාගම් ඇතුලේ වෘත්තිය සමිති කරන්නේ හාම්පුතා සමග රහසේ ඩීල් දමාගෙන. එහෙමනම් මේ රටේ මහා දූෂණ වංචාවන් සිදු කෙරෙන්නේ ජ.වි. පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති  ඇතුළේ බව අද අපි රටට හෙළිකර සිටිනවා. මේ ආණ්ඩුව සමෘද්ධිය දෙන හැටිත් අපි කියන්න අවශ්‍යයි. යම් පවුලක සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් අය සිටිනවා නම් සමෘද්ධිය දෙන්නේ නැහැ. සතියකට වරක් හෝ මස් හෝ මාළු කනවා නම් සමෘද්ධිය කපා දමන්නට රජය නියම කර තිබෙනවා. රාජපක්ෂලා ආවාට මෙම ක්‍රමය වෙනස් වේවි කියා හිතන්න එපා. ඒ අය බලයට ආවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කරන පරිප්පුව කන්න වෙන බව අප දන්නවා. ගොවි අරගල ව්‍යාපාරයේ සංවිධායක ලේකම් විමල් වත්තුහේවා, විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ  ජාතික කමිටු සාමාජික සංජීව බණ්ඩාර, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න, වෙනසක  තාරුණ්‍යය ජාතික සංවිධායක සුජිත් කුරුවිට, යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. 
සෑම රටක්ම ආර්ථික අර්බුදයකට ලක්වී ඇත්තේ නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති නිසයි
0
hp_train_1703
(ක.ග කරුණාරත්න)මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 ක  වෙසෙන පවුල් 3523 කට අයත් පුද්ගලයින් 11225 ක් පානීය ජල හිඟයකට මුහුණපා ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.වැලිකන්ද සහ දිඹුලාගල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල රජයේ පාසල් 08 කට අයත් සිසු දරුදැරියන් 2538 කටද පානීය ජල හිඟය බලපා තිබේ.මහජනතාව වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.එ හි ග‍්‍රාම නිලධාරී වසම් 08 ක පවුල් 2374 ක පුද්ගලයින් ගණන 7791 කි.ඊට අමතරව වැලිකන්දේ පාසල් 04 ක ඉගෙනුම ලබන ළමුන් 928 කටද පානීය ජල හිඟය බලපා ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 08ක පීඩාවට පත් පවුල් ගණන 1049 ක් වන අතර එහි සාමාජික සංඛ්‍යාව 3009 කි. දිඹුලාගල පාසැල් 4කටද පානීය ජල ගැටළුව බලපා තිබෙන අතර එහි ඉගෙනුම ලබන ළමුන් ගණන 1510කි.ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද එක් ග‍්‍රාම නිලධාරී වසමක පවුල් 100කට අයත් පුද්ගලයෝ 425ක්ද පානීය ජල හිඟයෙන් පීඩා විඳින බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂවරයා කීය.පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි පානීය ජල හිඟය බලපා තිබෙන ගම්මානවල ජනතාවට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් සපයා දීමට අදාල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පියවර ගෙන තිබෙන බව නානායක්කාර මහතා කීය.
පොළොන්නරුවේ පවුල් 3523 කට පානීය ජල හිඟයෙන් පීඩා
1
hp_train_1704
(ගම්පහ තිලකරත්න දිසානායක සහ මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)“අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් නැහැ. නායකයොත් නැහැ. ජනප්‍රිය පුද්ගලයිනුත් නැහැ. පදනමක් ඇත්තෙත් නැති වෙලාවක එක්සත් ජාතික පක්ෂයට අප පක්ෂය පාවාදෙන වෙලාවක රටට නායකත්වය ලබා දෙන්නට දේශපාලන නායකත්වය ලබාදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදය මැද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි බිහි කළා” යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ, උඩුගම්පොළදී පැවැසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු ආසන බල මණ්ඩලය, මිනුවන්ගොඩ ආසනයේ පිහිටුවාලමින් සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කිරීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා විසින් සංවිධානයකොට තිබූ ආධාරකරුවන් දැනුවත් කිරීමේ හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා එසේ කීය.උඩුගම්පොළ රෙජී රණතුංග අනුස්මරණ ශාලාවේදී පෙරේදා (30) පැවැති මෙම හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.මම ඉතාමත් සතුටට පත්වෙනව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු ආසන බල මණ්ඩලය මිනුවන්ගොඩ ආසනයෙන් ඇරඹූ අවස්ථාවට සහභාගිවීමට ලැබීම ගැන. මෙය ලොකු ආඩම්බරයක්. මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ජනතාවට ස්තුතිය පුදකර සිටිනවා.නමුත් අද මේ රටේ ආර්ථිකය භාරව සිටි ඇමැතිවරයා විදියට ගිරුවායේ උපන් කෙනෙකු හැටියට සිහින මවල මේ රටට අත්කරදීපු ලොකුම වස්තුව ඒ හම්බන්තොට වරාය අද ලංකාවෙ විකුණන්න පුළුවන් එකම වස්තුව විදියට තිබුණු ඒ ජාතික වස්තුව ජාතියෙන් විකුණපු දවස ලෙස ඉතිහාස ගතවෙන නිසා ඇත්තටම අපි අද ශෝක වෙනවා. අද ජාතියේ ශෝක දිනයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.මේවාගේම දිනක 1987 ජුලි 29දා ඉන්දු ලංකා ගිවිසුම නැවත ආපසු හරවන්න බැරි විදියට ලොකු පාවාදීමක් ඇති කළා. අද මේ පාවාදීම මේ වරාය තමයි තිබුණු ලොකුම වස්තුව. එදා මැතිනිය පවරාගත් දේවල් එක්සත් ජාතික පක්ෂ රජය විසින් ආපසු විකුණුවා. ඒ වගේම අපේ රටට තෙල් හෝ වෙන සම්පත් නැහැ. අපිට තිබුණු ලොකුම වස්තුව වරාය. ලෝකයේ ඕනෑම රටකට ගුවන් තොටුපොළවල් හදන්න පුළුවන්. හැබැයි වරායක් හදන්න පුළුවන් රටවල් කිහිපයයි තිබෙන්නේ. ඒකෙනුත් අන්තර් ජාතික නාවික ගමන් මාර්ග සහිත වරායක් පිහිටුවන්නට පුළුවන්නම් ඒ හම්බන්තොට වරාය විතරයි. කොළඹත්, ත්‍රිකුණාමලයෙත් වරාය තියෙන්නෙ දුරින්.නමුත් හම්බන්තොට වරාය තියෙන්නේ ඒ නාවික ගමන් මාර්ගයේ.මේ වරාය බදු දුන්නා කියනවා. මේ බද්ද ඉවර වෙන්නේ අවුරුදු 99න් නම් 2116දී. මෙතැන ඉන්න කිසිකෙනෙක් ඒ වනවිට නැහැ. මේ වරායෙන් නැව්වලට ඉන්ධන සැපයීම කරන්නට පුළුවනි. නමුත් අවුරුදු 99කට පස්සේ අපිට වරාය අයිති වෙනවිට තෙල්වලින් දුවන නැව් ලෝකයේ නැති වෙන්න පුළුවනි. ඒ වනවිට නැව් දුවන්නේ න්‍යෂ්ටික බලයෙන් හෝ සූර්ය තාපයෙන්.අවුරුදු සීයකට පෙර හිටපු සුදු ජාතික දිසාපතිවරයාගේ සිහිනය සැබෑ කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හම්බන්තොට වරාය හැදුවා. එහෙම හදල ජාතියෙ සම්පත් විදියට එකතු කළා. ඒක අවුරුදු 99කට විකිණුව. මේක තමයි සිදුකළ ලොකුම පාවාදීම.මේ වරාය කවදහරි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අනිවාර්යයෙන්ම අපි ජනසතු කරනවා. සමහරවිට ඉන්දියාව, චීනය තරහ වෙයි. එදා ඉන්දු-ලංකා ගිවිසුම ගැන අපි වැරදි පෙන්නූ ආකාරයට මේ ගිවිසුමත් වැරදියි. මේ ගිවිසුමත් නිත්‍යානුකුල නැහැ. මෙය අත්සන් කර තිබෙන්නේ වැරදි කෙනෙක්. වැරදි විදියට. ඒක නිසා මේ ගිවිසුම අනිවාර්යෙන්ම අවලංගු වන බව අපි කියනවා.ඒ නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිය කල ගැනත් කියන්න ඕනෙ. ඇයි අලුත් පක්ෂයක් හදන්නේ කියල අහනව. 1948දී නිදහස ලැබුණු පසුව මේ රටේ පාලනය බි්‍රතාන්‍යයන්ගෙන් අයිති වුණා. කළු සුද්දන් අතට.1951 වනතුරුම බණ්ඩාරනායක මහත්තය ඇතුළු අය බලන් හිටිය. නමුත් මේ රටේ ස්වදේශකයින්ට නිසි තැන නොලැබෙන නිසා මේ රටේ පංච මහා බලවේගය බණ්ඩානායක, ඩී.ඒ. රාජපක්ෂ හා ටී.බී. තෙන්නකෝන්ල එකතුවෙලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුව. හදල ආණ්ඩුවක් පිහිටුවූ පසු මුලින්ම කළේ සිංහල භාෂාව පැය විසි හතරෙන් රාජ්‍ය භාෂාව කළා. දෙමළ භාෂාවට සමතැන දුන්නා.ඒ විතරක් නොව මේ රටේ තිබූ විදේශ හමුදා කඳවුරු පවරා ගත්තා. ඒ සියල්ලටම වඩා කළ වැදගත්ම දේ වරාය ජනසතු කරනු ලැබීමයි.ඒවාගේම පසු කලෙක බහු ජාතික සමාගම් ජනතාව සන්තක කළා. මේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය. මැතිනිය 1972දී ජනරජ ව්‍යවස්ථාවක් ගෙනත් ජන රජයක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව ලෙසයි.පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් යුද්ධය නිම කළා. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් දුන්නා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසයි. දැන් ඒක තියෙනවද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි කියා ගන්නා කෙනෙක් ජනාධිපති ධුරයේ ඉඳිමින් මොකක්ද කරන්නේ බණ්ඩාරනායක මහත්තය ජනසතු කරපු වරාය, මහින්ද රාජපක්ෂ මහත්තය ගොඩනගපු වරාය අද අවුරුදු 99කට බදු දෙනවා. මෙහෙම දෙයක් දන්නෙත් නැහැ කියනවා.මේ රටේ නීතිය අනුව රජයේ ඉඩමක්, රජය සන්තක ඉඩමක් බද්දකට දෙනවා නම් ඒ සඳහා පළාත් සභාවට ඉඩම් බලය නැහැ. එය අත්සන් කළ යුත්තේ ජනාධිපතියි.මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිද? පක්ෂයේ ප්‍රතිපත්ති අද නැහැ. ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කළාම අපේ ආර්ථිකයත් ඉවරයි. මේ විදියට ශ්‍රීලනි පක්ෂයේ සියලුම ප්‍රතිපත්ති උල්ලංඝනය කරල, ඒවගේම මැතිවරණවලදී වැඩි ඡන්ද ලැබූ පක්ෂයේ බල කණු ප්‍රසන්න රණතුංග වැනි අයගේ ආසන සංවිධායකකම නැති කරල පැරදුණු කෙනෙක් ආසන සංවිධායක කරනව. මේකද පක්ෂයේ ප්‍රතිපත්තිය. පක්ෂය නගා සිටුවන්නද මේවා කරන්නේ.අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් නැහැ. නායකයොත් නැහැ. ජනප්‍රිය අයත් නැහැ. පදනමක් ඇත්තෙත් නැති වෙලාවක එක්සත් ජාතික පක්ෂයට අප පක්ෂය පාවාදෙන වෙලාවක මේ රටට නායකත්වය ලබා දෙන්න දේශපාලන නායකත්වය ලබා දෙන්නට පක්ෂයක් අවශ්‍ය වෙලා තිබුණා. අන්න ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ ආශිර්වාදය මැද ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීරලා, ඉන්දික අනුරුද්ධලා සහ ඒකාබද්ධව සිටින අපේ නායකයන්ගේ ආශිර්වාද මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි බිහි කළා.මේ පක්ෂය 2016 නොවැම්බර් 1 වෙනිදා ලියාපදිංචි කළා. හරියට මාස හය පිරුණුදා මැයිදා දකුණු ආසියාවේ විශාලම ජන ගංගාව ගාලු මුවදොර රැස්වීමට ගෙන ඒමට හැකි වුණා. අපි අද එහෙම තැනකට ඇවිල්ල ලංකාව පුරා ග්‍රාම නිලධාරි වසම් 14,000න් දිවයින පුරාම ක්‍රියාකාරී කමිටු පිහිටුවා අද වනවිට පක්ෂය උරුමකර දෙන නිල අයිතිය දෙන වැඩපිළිවෙළට පැමිණ සිටිනවා. අපේ පක්ෂය දැවැන්ත පක්ෂයක් බවට පත් වෙනවා පමණක් නොවෙයි වැඩිම සාමාජිකයින් සිටින පක්ෂය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත් කරනවා. මෙය ඉතා ප්‍රජාතන්ත්‍රවාදීවයි කරන්නේ.ඒවගේම කියන්න කැමතියි අපි ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම්. අපි ඡන්ද කඩන්නේ නැහැ. බෙදන්නේ නැහැ. අපේ පක්ෂය ඡන්ද දිනන පක්ෂයක් බව කියනවා. සමහරු කියනවා අපි ආවම දෙකට කැඩිල වෙනත් අය දිනයි කියල. එහෙම දිනනව නම් අපි එන්නෙත් නැහැ. අපි එන්නේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නයි.අපිට අභියෝගයක්ව තිබෙන්නේ ඡන්ද ගන්න එකයි. එක් එක් කාලයකදී ඡන්ද කල් දැම්ම. කල් දැම්මට මන්ත්‍රීවරුන් නැතුව හිටියේ නැහැ. හිටපු කට්ටිය දික් කළා. නමුත් මේ විදියට ඡන්ද කල් දමා නැහැ. මෙය නීති විරෝධීයි. අපි අධිකරණය හමුවටත් ගිහින් ඉන්නවා. ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සටනක් කරනවා.මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා: මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවන්න නම් අපි ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් විය යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තය පැරැද්දුවේ බැසිල් රාජපක්ෂ මහත්තයි කියල ලොකු කතාවක් ගියා. රනිල්  වික්‍රමසිංහ විසි නව පාරක් පරදින විට ඔය එකෙක්වත් කිව්වේ නැහැ බැසිල් රාජපක්ෂ තමයි මේ විසි නව පාරම දිනෙව්වේ කියලා. හැබැයි එකක් පැරදුණුවිට කිව්ව බැසිල් තමයි පැරැද්දුවේ කියල. අද මුළු රටම දන්නව ආණ්ඩුවේ ඇමැතිකම් අරන් ඉන්න අපේ ඡන්දවලින් ගිහිල්ල වරප්‍රසාද නැතුව ජීවත් වෙන්නට බැරි අය තමයි අපේ පක්ෂයට වින කරන්නේ.බැසිල් රාජපක්ෂ මහත්තය රැස්වීමකදී කියල තිබුණ මම හැම වගකීමක්ම බාර ගන්නව එම පරාජයේ. මහින්දව පැරැද්දුවේ මම නම් මහින්දව  ඒ පුටුවෙ යළිත් වාඩි කරවන්නෙත් මමයි කියලා. ඒ කොන්දක් ඇතිව කළ ප්‍රකාශයම අපේ අලුත් පක්ෂයට ශක්තියක්. පක්ෂ හදන ඒක ලෙහෙසි නැහැ. මොකද ජනතාව හිටියේ නැහැ. හැබැයි මහින්ද මහත්තය වටේ ජනතාව රැස්වෙනවා. මෙහි නායකත්වය බැසිල් රාජපක්ෂ මහත්තය ගෙන මීළඟ පළාත් පාලන මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරන්න සූදානම්.මේ රජය හම්බන්තොට වරාය විකුණන්න අත්සන් කළා. මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපතිත් සම්බන්ධයි. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තිවල නැහැ. හිටපු නායකයින් රාජ්‍ය දේපළ විකිණීම නොකළත් වත්මන් නායකයා රාජ්‍ය දේපළ විකුණනවා.මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර යන මහත්වරුන් සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය ද අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, පළාත් සභා මන්ත්‍රීන් වන ලක්ෂ්මන් ගුණවර්ධන, සනත් ප්‍රදීප් විතාන, මෙරිල් පෙරේරා යන මහත්වරුන්ද හිටපු පළාත් පාලන නියෝජිතයින්ද එක්ව සිටි අතර මෙහිදී මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපති නීල් ජයසේකර මහතා පිළිගැනීමේ කතාවත්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා විසින් පොදුජන පෙරමුණ මිනුවන්ගොඩින් ජයග්‍රහණය කරවීමත් සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.
‘විජිතපුර ඩෝසර් කරද්දී සජිත්ලා කටවහගෙන හිටියා‘
0
hp_train_1705
(ඞී.කේ.රත්න)වැල්ලවාය ඇතිලිවැව ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු නිදන් හෑරීමට උපයෝගී කර ගනු ලැබූ උපකරණ රැසක් සමඟ අද (27) අත්අඩංගුවට ගත් බව කුඩාඔය පොලිසිය පවසයි.හාලිඇල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු, බදුල්ලේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු , බුත්තල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු සහ ඇතිලිවැව ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩමේ හිමිකරු මෙසේ කුඩාඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම පුද්ගලයින් නිදන් හෑරීමට උපයෝගී කර ගනු ලැබූ උදලූ දෙකක්, අලවංගු දෙකක් , තාච්චුවක් සහ ඔවුන් පැමිණි ත‍්‍රීරෝද රථයක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  
නිදන් හැරූ 7 ක් පොලිස් දැලේ
1
hp_train_1706
(පොළොන්නරුව ක.ග. කරුණාරත්න)දූෂණයල අල්ලස මුලිනුපුටා දැමීම සඳහා ගත හැකි සෑම පියවරක්ම රජය ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී  පැවැසීය.ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවැති ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උත්සවය අමතමිනි.ජනාධිපතිවරයා එහි දී මෙසේද පැවසීය.පවුල් සෞඛ්‍ය සේවය වගේම සෞඛ්‍ය සේවාවේ තිබෙන අනෙකුත් සේවාවන් වූ වෛද්‍ය හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා මේ සියල්ල පිළිබඳව අවුරුදු පහක ඇමැතිවරයෙක් වශයෙන් මේ එක් එක් ක්ෂේත්‍ර සහ වෘත්තීය සමිති සම්බන්ධයෙන් ද මට යම් අවබෝධයක් තිබෙනවාග අපේ රටේ සෞඛ්‍ය සේවාව වගේම අපේ රටේ වෘත්තීය සමිති අතරේ ජනතාවට හිරිහැර නොකරන වෘත්තීය සේවාවක් විදියට ඔබේ වෘත්තීය සංගමයටත් ඔබේ සේවාවටත් මගේ ගෞරවය ස්තුතිය පුදකරනවා.වෘත්තීය සමිති ආණ්ඩුවලට කරදර කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. වරදක් නැහැග නිලධාරීන්ට කරදර කළාට වැරැද්දක් නැහැ. නමුත් වෘත්තීය සමිති ජනතාවට හිරිහැර නොකළ යුතුයි. ජනතාවට හිරිහැර නොකරන වෘත්තීය සමිතියක් විදියට ඔබ ඒ ගෞරවය ලබා ගැනීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. අපේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සංරක්‍ෂණය පිළිබඳව එහි වැදගත් කාර්යභාරයක් උසුලන ඔබ ඉතාමත් කටුක දුෂ්කර සේවාවක ඔබ යෙදී සිටින්නේ. කාලගුණික තත්ත්වයන් අනෙකුත් යටිතල පහසුකම්වල තිබෙන බොහෝ අඩුපාඩුකම් අසීරුතා සේවාවට අවශ්‍ය ඇතැම් අත්‍යවශ්‍ය පහසුකම් සහ සම්පත් එවැනි ප්‍රශ්න රාශියක් මැද තුළ ඔබ විශිෂ්ට සේවයක් ඉෂ්ට කරනවා. අව්වල වැස්ස වෙනත් සමාජමය උවදුරු වෙනත් ගැටලු ඒ සියල්ල තුළ ඔබ කරන විශිෂ්ට සේවාව තුළ අපේ රටේත් අන්තර්ජාතික වශයෙනුත් අපේ ජාතික සෞඛ්‍ය දර්ශක පිළිබඳ කතා කරන විට අපේ රටට ඉමහත් ගෞරවය ලබා දීමේ ඔබ ප්‍රමුඛ කොටස්කරුවන් වීම අපට ඉතාමත් සතුටට කාරණයක්.අපේ රාජ්‍ය සේවයේ විවිධ සේවාවන් අතරේ සෞඛ්‍ය සේවය ජාත්‍යන්තර පිළිගැනීම අද ඇති කරගෙන තිබෙන්නේ සෞඛ්‍ය සේවාවේ සිටින වෛද්‍ය, හෙද අතුරු වෛද්‍ය සේවා පරිපූරක සේවා. මේ සියලු අංශවල අවුරුදු 60-70 ක සේවාවේ තිබෙන අත්දැකීම් සමග අවශ්‍ය සම්පත් ලබාදීම තුළ ගුණාත්මක සේවාව නිසයි. අපි ඒ ගෞරවය ලබා ගෙන තිබෙන්නේ. ඒ ලබාගත් ගෞරවය ඉදිරියට රැක ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය මිනිසාගේ නිරෝගී භාවයග මිනිසාගේ යහපැවැතුම් අනෙකුත් සියලු සත්ත්වයාට බලපානවා වගේම අනෙකුත් සියලු සත්ත්වයාගේ යහපැවතුම් මිනිසාට බලපානවා. සෞඛ්‍ය සේවාව මානවයාගේ සෞඛ්‍ය වගේම අනෙකුත් සමාජමය වටපිටාව සහ අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.අපේ සේවාවන්වල තිබෙන කාර්යක්ෂමතාවය ගුණාත්මකභාවය, කැපවීම, කණ්ඩායම් හැඟීම ඉතාමත් වැදගත් වෙනවාග සෞඛ්‍ය සේවාවට හොඳ නමක් තිබෙන්න තවත් වැදගත් දෙයක් වන්නේ අපේ රටේ සෞඛ්‍ය සේවාව අල්ලසින් තොර සේවාවක් වීමල අල්ලස් පිළිබඳ චෝදනාවක් අපේ සෞඛ්‍ය සේවාවේ නැහැ. දූෂණය පිළිබඳව නම් තිබෙනවා. ඒවා සමහර වෙලාවට අඩු වෙනවා. වැඩි වෙනවා. මම මේ කාරණාව සඳහන් කළේ රජය කරන ආයෝජන, රජය කරන කැපකිරීම් රජය ලබා දෙන භෞතික සම්පත් සෑම කෙනෙක් තුළම වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේ දී වඩාත් කාර්යක්ෂම ගුණාත්මක සේවාවක තිබිය යුතු මානුෂිකත්වය ඉතාමත් වැදගත් වෙනවා.අපේ රටේ රාජ්‍ය සේවයට හොඳ නම් වගේම ඇතැම් වෙලාවට නරක නම ලැබෙන ප්‍රශ්න තිබෙනවා. ඊයේ පෙරේදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත්තා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කියන්නේ අමාත්‍යාංශයක ලේකම්වරයකුගේ තනතුරට සමානයි. අපේ රටේ ජනාධිපතිවරු තුන් දෙනෙකුගේ මේ තනතුරේ හිටපු අය හිරේ ගොස් තිබෙනවා. පෙරේදා අත්අඩංගුවට ගත් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අමාත්‍යාංශයක ලේකම්වරයකු වශයෙන් සිටි විශ්‍රාමික රාජ්‍ය සේවා නිලධාරිකේග ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ කාර්යය මණ්ඩල ප්‍රධානීග දැනට මාස ගණනකට පෙර දූෂණ චෝදනා මත අත්අඩංගුවට අරගෙන අධිකරණයේ ඇප ලබාගෙන සිටිනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී පෙරේදා අත්අඩංගුවට ගත් මගේ කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානි සේවයට ඇවිත් මාසයක් නැහැග ජනාධිපතිවරු තුන් දෙනාගේම මේ තනතුරේ හිටපු තුන්දෙනාම සිරභාරයේග මෙයයි ඇත්ත තත්ත්වය ඇයි මෙහෙම වෙන්නේ.මහජනතාවට කරන සේවාවන්වල දී පවුල් සෞඛ්‍ය සේවාව ගැන සතුටුවෙන්නේ සම්මාන දෙන්නේ. රජයක් විදියට ඔබේ සැප දුක සොයා බලන්නේ ඔබ අවංකව කැපවීමෙන් ඔබේ සේවාව ඉටුකරන නිසයි. ජනතාවගේ වෛරයට පිළිකුලට ලක්වන ආකාරයට දේශපාලනඥයා සහ රාජ්‍ය නිලධාරියා කිසිවිටෙක වැඩ නොකළ යුතුයි. මම ඇමැතිවරයෙකුව සිටි කාලයේත් ජනාධිපතිවරයා ලෙස සිටින වත්මන් කාලයේත් මම ඉතා පැහැදිලිව අල්ලසල දූෂණයල වංචාව හොරකමල නාස්තිය රාජ්‍ය දේපළ අවභාවිතයට එරෙහිව කිසිදු භේදයකින් තොරව තීන්දු තීරණ අරගෙන තිබෙනවා. මේ රජය යටතේ සිදුවූ ඉහළම දේවල්වලට මම තීන්දු අරගත්තාග ඒ නිසා තමයි දේවිකා කොඩිතුවක්කු මැතිනිය කිව්වේ මහ බැංකු ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳව.මා තව කොමිෂන් සභාවක් පත් කළාග මේ දවස්වල ඒ අය වැඩ කරගෙන යනවාග ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ ගැන සෙවීමට ඒ කොමිසම හෙට අනිද්දා බොහෝ වැදගත් තොරතුරු රටට හෙළි කරාවි. රටට යහපතක් කරන්න සෑමවිටම දූෂණයෙන් තොර රාජ්‍ය සේවාවක් අවශ්‍යයි. කිසි කෙනෙකුට ඒ සඳහා බුරුලක් නොදිය යුතුයි. රාජ්‍ය සේවයක වේවාල දේශපාලනඥයෙක් වේවාල දූෂණය අල්ලස සම්බන්ධයෙන් අපේ රටේ ඇති වෙලා තිබෙන තත්ත්වයන් වළක්වන්න මුලිනුපුටා දමන්න ගත හැකි සෑම පියවරක්ම රජය විදියට ගන්නවා. කිසිදු භේදයකින් තොරව සමාවක් නැතිව නීතිය හරිහැටි ක්‍රියාත්මක කළ යුතුයි. මිනිසෙකුගේ උපතේ සිට මිය යන තෙක් මිනිසුන්ට සේවය කිරීම තරම් උතුම් දෙයක් නැහැ. එය බෞද්ධ ක්‍රිස්තියානි හින්දුල ඉස්ලාම් දර්ශන තුළ ද සඳහන් වෙනවා. යහපත්, ගුණවත්, නැණවත්, සීලාචාර සමාජයක් හදන්න මේ සියලුදෙනා එක්විය යුතුයි. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා රජයක් ලෙස කළ හැකි සෑම දෙයක්ම අපි ගන්නවා. රාජිත සේනාරත්න මැතිතුමා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පසුගිය වසර තුන හමාරක කාලය තුළ ගත්ත තීන්දු තීරණ පිළිබඳව මම සතුටු වෙනවා. එතුමා කිව්වා අපේ රජය යටතේ පිළිකා රෝගීන් සඳහා තම ජීවිත කාලය තුළම රජය වියදම් කරන ආකාරය. මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ මොනතරම් ගැටලුවලට මුහුණ දුන්න ද කියලා මට මතකයි. ලක්ෂ 15 වැඩිකරගන්න. ඒ කාලේ පිළිකා රෝගියෙක්ට දුන්න වැඩිම වියදම ලක්ෂ 15යි. මම  ඒ කාලේ ලොකු මහත්වරුන්ට කිව්වා මේ ලක්ෂ 15න් බැහැ පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කරන්න. ඒ නිසා ඒ මුදල වැඩි කරන්න කියලාග නමුත් ඒ මුදල අනුමත වුණේ නැහැ.ඇමැතිතුමා කිව්වා මධ්‍යසාර දුම්කොළ පිළිබඳව අපි කළ සටන සහ වර්තමාන රජය විදියට ඒ වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණ පිළිබඳව. 2020 දී අපේ රටේ දුම්කොළ වගාව සම්පූර්ණයෙන්ම නැවතිය යුතුයි කියලා. අපි දුම්කොළ වගාකරන ගොවීන්ට සහ දුම්කොළ සමාගමට දන්වලා තියෙනවා. මට මතකයි මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටි කාලයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එවකට සිටි අධ්‍යක්ෂ ජනරාල් මාග්‍රට් ජෙන් මැතිනිය සමග කළ සුහද සාකච්ඡාවල දී කිව්වා ලෝකයේ රටවල දේශාපාලනඥයින් සහ රාජ්‍යයන් මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ ප්‍රශ්නයේ දී මුහුණ දෙන බරපතළම ගැටලුව දුම්කොළ සමාගම්වලට විරුද්ධව සටන් කිරීමට තිබෙන අභියෝගය කියලා. අපි ඒ සියලුම සටන් ජයගෙන තිබෙනවා. ඒ නිසයි ලෝකයේ කිසිම රටක නැති ඉහළ නීති දුම්බීම සම්බන්ධයෙන් වගේම ඇල්කොහොල් පිළිබඳව පසුගිය වසර තුන හමාරක කාලය තුළ දී නීති සම්මත කරගන්න පුළුවන්කම ලැබුණේ. අද මත්ද්‍රව්‍ය පසුගිය වසර තුන හමාරක කාලය තුළ දී නීති සම්මත කරගන්න පුළුවන්කම ලැබුණේ. අද මත්ද්‍රව්‍ය උවදුර මොනතරම් ප්‍රබල ද කියන එක ඔබ දන්නවා. මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටි කාලයේ සම්මත කළ මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජාතික වැඩ සටහන වර්තමාන සෞඛ්‍ය ඇමැතිතුමා මට ලොකු ශක්තියක් වුණා. අපේ ඇමැති මණ්ඩලය මට ලොකු ශක්තියක් වුණා. අපි මේ වසර තුන හමාරේ දී ඒ ජාතික වැඩ සටහන ශක්තිමත් කළා. ඒ ශත්තිමක් කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේ වන විට සිගරට් අලෙවිය විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.ඔබට අයත්වන ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයේ දී මව සහ දරුවා පමණක් නොවෙයිග මව දරුවා පියා ඇතුළු මුළු පවුල් සංස්ථාවේම වගකීම ඔබ සතුයිග අද වන විට සිගරට් මධ්‍යසාර අලෙවිය පහත වැටී තිබුණට කනගාටුවෙනවාග මත්කුඩු මත්පෙති නීති විරෝධී මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තිබෙනවාග අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්විට එහි මත්ද්‍රව්‍යල මත්පෙති භාවිතය ඉතාම ඉහළයිග කියලා මට පෙරේදා ලැබුණු අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවාග මත්කුඩු මත්පෙති වලට විශ්වවිද්‍යාල සිසුන් අඛණ්ඩව ගොදුරු වෙමින් තිබෙනවාග විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වගේම විශ්වවිද්‍යාලයේ නම සඳහන් කමිස ඇඳගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නියෝජිතයන් විශ්වවිද්‍යාල තුළට ඇතුළු වෙනවාග නේවාසිකාගාරවලට එනවාග බොහෝ වේලාවට අලුත් ශිෂ්‍ය කණ්ඩායමක් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණාම ඒ නියෝජිතයන් ඔවුන්ට මත්කුඩු මත්පෙති දෙනවා තෑගි දෙනවා වගේග මේකේ රස බලන්න කියලාග අද නගරයේ පමණක් නෙවෙයි ඈත පිටිසර ගම්මානවලටත් මත්ද්‍රව්‍ය විශාල අභියෝගයක් වී තිබෙනවා.මම ඔබෙන් ඉල්ලනවා ඔබේ ගම තුළ ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් පුළුල් වැඩ පිළිවෙළක් ආරම්භ කරන්නග ගමේ ජනතාවගේ ද සහය ලබාගෙන ඔබේ කොට්ඨාසයට වෙනම වෙන්වූ මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ ඒකකයක් පිහිටුවා ගැනීම ඔබට ප්‍රශ්නයක් නොවේ. ග්‍රාම නිලධාරි සමෘද්ධි නිලධාරිල කෘෂි පර්යේෂණ නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂකල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි ඔබ සියලු දෙනා එක්වුණොත් අපට ජයගන්න පුළුවන් ඒ සඳහා වැඩ සටහනක් හදාගන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන්.මේ සියලු කටයුතු සඳහා ඔබ මෙතෙක් දැක්වූ දායකත්වය සහ මත්ද්‍රව්‍ය මර්දනය හා නිවාරණය සම්බන්ධයෙන් ද ඔබගේ දායකත්වය ලැබේ නම් අපේ අපේක්‍ෂා ඉටු කර ගැනීමට හැකි වන බව මා විශ්වාස කරනවා. මම ඉගෙන ගත් මගේ පාසලේ මේ උත්සවය පැවැත්වීම පිළිබඳව ද මා සතුටු වෙමින් මෙය සංවිධානය කිරීමට සහය දැක්වූ සියලු දෙනා වෙත ස්තුතිය පිරිනමමින් ඔබෙන් සමුගන්නවා” යැයි ජනාධිපතිවරයා කීය.සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා2017 ලෝක  බැංකු වාර්තාවට අනුව ලෝකයේ දුප්පතුන්ට හිතවාදී හොඳම සෞඛ්‍ය ප්‍රතිපත්තිය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සංවත්සරය පසුගිය මාසයේ අපේ රටේ දී පැවැත්වූවාග ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා එහි දී ප්‍රකාශ කළේ අද ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාවන්ගෙන් එකක් තමයි ලංකාව කියලා. මේ සියල්ල කරන්නට හැකියාවක් ලැබුණේ දේශපාලන ඍජු නායකත්වය නිසයිග අප දුම්වැටිවලට ලෝකයේ තිබෙන ලොකුම බද්ද ගැහුවාග ඔබලාගේ ජීවිත බේරගන්න පිළිකාවලින් හෘද රෝගවලින්. ඒ බදු ගහන කොට විශාල බලපෑම් ඇති වුණා.බි්‍රතාන්‍යයේ දුම්කොළ සමාගමේ සභාපතිවරයා වෙනම ගුවන් යානයක් අරගෙන ලංකාවට ආවාග මේක නවත්වා ගන්නටග අපි සැලුණේ නෑ. අප වෙනස් වුණේ නෑග ගිය වසරේ දුම්බීම බිලියනයකින් අඩුවෙලා තිබෙනවා. ඒ කියන්නේ සිගරට් කෝටි 100ක් බොන ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය ද මෙහි දී කතා කළාය. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගම් ප්‍රධාන ලේකම් ඒ.පී. ස්වර්ණලතා මහත්මිය උත්සවයේ පිළිගැනීමේ කතාව කළායඋතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්නල සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් වන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වාල වෛද්‍ය සුනිල් ද අල්විස්ල පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් මෙරින් ආරියරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
වාද බේද අමතකකර දුප්පත්කම තුරන් කිරීමේ ආහාර නිෂ්පාදන යුද්ධයට එක්වෙන්න
0
hp_train_1707
(අංජුල මහික වීරරත්න අකුරැස්සේ සිට)එකට එක්වී, එකට වැඩ කරන ජාතික ආණ්ඩුවේ සුබඵල වත්මන් සාමාජය මේ වනවිට ඉතා හොඳින් අත්දකිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්ස හුලංදාවේදී පැවසීය. බිම් අඟලක් නැති ජනතාව වෙනුවෙන් ඉඩමක - නිවසක අයිතිය දීමට හැකියාව ලැබුණේ යහපාලන රජයේ සංහිදියා වැඩපිළිවෙළ නිසා යයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ වතුකරයේ ජනතාව වෙනුවෙන් අකුරැස්ස හුලංදාව වතුකරයේ ඉදි කෙරුණු හරිත රන් නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.මහවැසි මැද විවෘත කිරීමේ උත්සවයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව නිවාසවලට ගොස් එහි ජනතාව ද හමුවිය.අනතුරුව පැවැති උත්සවයේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.2015 පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී දෙවසර සමරන අවස්ථාවට පැමිණ සිටිනවා. අප ජාතික ආණ්ඩුව පිහිටුවූයේ සැප්තැම්බර් 4 වැනිදායි. ජාතික ආණ්ඩුව බිහිකළේ ලංකාවේ ප්‍රථම වතාවටයි.ප්‍රධාන පක්ෂ දෙක එකට එක්වී යම් කාලයක් සඳහා ආණ්ඩු හැදීම ජාතික ආණ්ඩුවයි. එය ලෙහෙසි පහසු වැඩ කටයුත්තක් නොවෙයි. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසුව අප එක්වී එක් වරක්වත් එකට වැඩ කළ යුතුයැයි තීරණය කළා. එහි ප්‍රතිඵල අද පෙනෙන්න තිබෙනවා. මේ නිවාස යෝජනා ක්‍රම එහි එක් ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකියි.වැවිලි සමාගම් යටතේ සේවය කරන ජනතාවට නිවාස සහිත ඉඩම් දෙන බවට අප මැතිවරණයේදී ප්‍රකාශයට පත් කළා. ඒ අපේ පොරොන්දුවයි.වතුකරයේ විශේෂයෙන්ම ද්‍රවිඩ ජනතාවට තමන්ගේ නමට බිම් අඟලක් නැහැ. මුස්ලිම්, සිංහල ඇතැම් ජනතාවට නම් අල්ලපු ගමේ හෝ ඉඩම් තිබෙනවා. නමුත් ද්‍රවිඩ ජනතාව එක්කෙනෙකුටවත් ඉඩම් තිබුණේ නැහැ.ඔවුන් අපමණ සේවයක් කරනවා. ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය උපයා දෙනවා. නමුත් අවසානයේ ඔවුන් තමන්ගේ නමට බිම් අඟලක් නැති ජනතාවක් බවට පත්වී සිටිනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් ඉඩමක් - නිවෙසක් දිය යුතුයැයි මා තීරණය කළා.ඒ වැඩ කටයුත්ත මා බාරදුන්නේ දිගම්බරම් ඇමතිතුමාටයි. දැන් අප කඳුකරයේ මෙවැනි නිවාස ව්‍යාපෘති ආරම්භ කර ඉඩම් දීමේ කටයුතු අරඹා තිබෙනවා. කිසි දිනෙක ඉඩමක් නොතිබූ ජනතාවට අද පර්චස් 7 බැගින් ඉඩම් ලැබෙනවා.හිස් ඉඩමක් දී ඵලක් නැහැ. ඔවුන්ට නිවාස සෑදීමට දිගම්බරම් මහතාගේ අමාත්‍යාංශය බාරගත්තා. නුවරඑළිය - බදුල්ල ප්‍රදේශවලට මේ වැඩසටහන ආරම්භ කරලා. ඒ නිසා මෙතෙක් කල් නිවෙසක් නොතිබූ අයට නිවාස ලැබෙනවා.දැන් ඔවුන්ට ඉදිරියට යාමට හැකියි. හැමදාම වතුකරයේ සිරවී ඉන්න අවශ්‍ය වන්නෙත් නැහැ. එමෙන්ම උඩරට දෙමළ පාසල් 25ක උසස් පෙළ විද්‍යාව ඉගෙන ගැනීමේ වැඩසටහනක් ද සකස් කර තිබෙනවා.ඔබට අධ්‍යාපනයෙන් ඉහළටම යා හැකි මාර්ගය සකස් කර තිබෙනවා. ඒ වැඩසටහන දැන් පළමු වරට දකුණු පළාතට බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා විසින් දී තිබෙනවා. එතුමගේ හරිත රන් ගම්මානය පිළිබඳව විශේෂ ඇගයීමකට ලක් කළ යුතුයි.වතුකරයේ ජනතාවට මායිම් වන්නේ අකුරැස්සටයි. නුවරඑළිය, මාතලේ ප්‍රදේශයෙන් පටන් ගත් පසුව රත්නපුර, බලංගොඩ ප්‍රදේශවලින් රක්වාන - හිනිදුම - දෙනියාය - අකුරැස්ස ප්‍රදේශවල ඔවුන් ඉන්නවා. එසේ නම් මේ මායිමටත් ඒ නිවාස ලැබෙනවා.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා අකුරැස්ස දියුණු කරන්න විශේෂ උත්සාහයක් ගන්නවා.1997 වසරේදී දයානන්ද වික්‍රමසිංහ මහතා සමඟ මේ ප්‍රදේශයට මා පැමිණියා. ඒ එදා ලැබුණු මුදල් ප්‍රතිපාදනවලින් වැඩ කටයුතු කිරීමටයි. එවැනිම ශක්තියකින් බුද්ධික පතිරණ මහතා අද ප්‍රදේශයේ ව්‍යාපෘති ගණනාවක් අරඹා තිබෙනවා. එමෙන්ම අනාගත ව්‍යාපෘති සඳහාත් ආධාර උපකාර කරන බවට සඳහන් කළ යුතුයි.මේ වැඩසටහන ක්‍රියාත්මක කරන දිගම්බරම් ඇමැතිතුමාටත් ස්තූති කළ යුතුයි. 1993 වසරේ අගමැති ලෙස මේ වැඩසටහන මා ආරම්භ කළා. ඒ සංකල්පය මුලින්ම ඇති කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමායි.නමුත් ඒ වැඩසටහන ඉදිරියට ගෙනගියේ නැහැ. නිවාස ඉදිකර තිබුණේ ස්වල්පයක් පමණයි. දැන් අප නිවාස 15,000ක් ඉදි කළ යුතුයි. ආණ්ඩුවේ මුදල් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුන් මුදල් භාවිතා කර නිවාස පළමු වටය යටතේ ඉදිකරනවා.ඊට පසුව දෙවැනි වටයේ නිවාස ඉදිකිරීම් කටයුතු අරඹන්නම්. මේ වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය කරන බව ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළා. දැන් ඔබට නිවෙසක්, ඉඩම් ඔප්පුවක් තිබෙනවා. ඉඩම් ඔප්පු දීම ගැනත් ගයන්ත කරුණාතිලක මහතාට ප්‍රසංශා කළ යුතුයි.නිවාස ඉදිකිරීම් කටයුතු වතුකරයට සීමා වී නැහැ. ගංවතුර නිසා නිවාස ගණනාවක් නැති වුණා. කොටපොළදී මේ පිළිබඳව අප විශේෂයෙන් සාකච්ඡා කළා. නිවාස ඉදිකිරීමේ කටයුතු දෙනියාය, අකුරැස්ස, හක්මන ප්‍රදේශවල ඇරඹිය යුතුයැයි එහිදී සාකච්ඡා කෙරුණා.මාතර දිස්ත්‍රික්කයේ තක්සේරු කටයුතු සියල්ල මේ වනවිට අවසන් කරලා දැනට මුදල් දෙනවා. ඒවා ගෙන වැඩකටයුතු කරන්න.ගංවතුර අවසන්වී පළමු මාස තුන ඉක්ම යාමට පෙර පළමු නිවාස යෝජනා ක්‍රමය ඇරැඹීමට හැකියාව ලැබුණා. මොරවක ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතිය ඇරඹීම සඳහා උපකාර කළ ඩයලොග් සමාගමටත් ස්තූතිවන්ත වෙනවා.නිවාස සෑදීම, නිවාස කටයුතු කිරීමට අමාත්‍යවරයකු පවා පත් කළා.තමන්ටම අයිති ඉඩමක් නිවෙසක් මේ ජනතාව වෙනුවෙන් ලැබී තිබෙනවා. එමෙන්ම නීත්‍යානුකූල ඉඩම් අයිතිය සහිත ඔප්පුව ද අප විසින් දීමට පියවර ගත්තා.වතු කම්කරුවගේ දරුවා ද වතු කම්කරුවකු විය යුතුය යන මතය මා නතර කළා. හැම කෙනෙකුටම තමන්ට ඉහළටම යා හැකි මට්ටමේ වරප්‍රසාදය දී තිබෙනවා.” යයි ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.කඳුරට නව ගම්මාන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා,වතුකරයේ ජනතාවට මැතිවරණ සමයේ දුන් පොරොන්දුව අද ඉටු කිරීමට අපට හැකියාව ලැබුණා. වතුකරයේ ජනතාව ලැයින් කාමර ජීවිතයෙන් මුදා ගැනීමට අපට හැකිවුණා.අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා වතුකරයේ ජනතාවගේ දරු දැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීම සඳහා විවිධ වැදගත් තීරණ ගෙන තිබෙනවා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වතු ජනතාවට සුවිශේෂී සේවයක් කළ නායකයකු ලෙස හැඳින්විය හැකියි. ඒ නිසා එතුමාට අපේ ජනතාවගේ පූර්ණ සහයෝගය දෙනවා.”පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,යහපාලන රජයට වසර දෙකක් පිරෙන දා වතු නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න ලැබීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. ලැයින් කාමර සංස්කෘතිය අවසන් කර තනි නිවසක අයිතිය ඔවුන්ට දීමට අපට හැකියාව ලැබුණා.අද වතුකරයේ ජනතාව භුක්ති විඳින බොහෝ වරප්‍රසාද අතීතයේදී ඔවුන්ට විඳින්න හැකියාව ලැබුණේ නැහැ. නිවාස ව්‍යාපෘතිය ගොඩ නැගීමෙන් අප රටට පණිවිඩයක් දුන්නා.නිවාස විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නැයි මා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ කොරිඩෝවේදීය. එලෙස කළ ඉල්ලීමට ඇහුම්කන් දී එතුමා මෙහි පැමිණීම ගැන මා බොහෝ සතුටට පත් වෙනවා.” යයි බුද්ධික පතිරණ මහතා කීය.මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.(ඡායාරූපය - ඉෂාන් සංජීව)
වෙන රටවල් බෙදී වෙන් වෙන්න උණ්ඩ අතට ගන්නවා: සටන් කරනවා
0
hp_train_1708
සබරගමුව පළාත් කීපයකටත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් තැනින්තැන  සවස 4.00 න් පසුව සුළු වශයෙන් වැසි  ඇති වුවත්  ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි .ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 24/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය37259035ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව32249560ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ34269065ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල33268565සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය35278060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර34219550ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය24128025ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය36249560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය34249060ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම34269070ප්‍රධාන වශයෙන් වැසි රහිත                         
‘ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්‘
0
hp_train_1709
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)තව මාස හතරකින් බිහි කිරීමට සිටින බිලිඳා⁣ගේ පාවිච්චියට සීට්ටුවක් දමා එකතු කර ගත් මුදලකින් රුපියල් 18000 ක් ගෙවා ගෙනත් තිබූ ළදරු උපකරණ තොගයක් රුපියල්  2,000 ට උකසකට තබා ඇතැයි කියන තරුණ සැමියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 20 හැවිරිදි තරුණියක් ඇඟලුම් ආයතනයක රැකියාවකට ගොස් සිටියදී එම ආයතනයේ රැකියාවකට ගොස් සිටි 24 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගත්තාය. තරුණයා මාස ගණනාවකට පසුව දෙපාර්ශ්වයේම මව්පියන්ට නොදන්වා සිය පෙම්වතිය තරුණයාගේ ඥාති නිවෙසකට රැගෙන ගියාය.මාසයක් පමණ ඥාති නිවසේ කල් ගෙවන අවස්ථාවේ දී තරුණයාගේ මව්පියෝ ඔහුගේ සිය නිවෙසට නව යුවළ කැන්දා ගත්හ. තරුණිය සිය පෙම්වතාට ඇඟලුම් ආයතනයේ රැකියාවට යාමට කතා කළත් තරුණයා එය ප්‍රතික්ෂේප කළේය. පසුව තරුණිය පෙම්වතා නිවසේ දමා ඇඟලුම් ආයතනයේ රැකියාවට යමින් එමින් සිටියාය.මීට මාස පහකට පමණ ඉහතදී දිනක් තමා මවක වී ඇතැයි තරුණිය තරුණයාට කීවාය. ඒත් තරුණයා කිසිම දෙයක් ගණන් නොගෙන සුපුරුදු පරිදි ගමේ කරක්ගසමින් සිටියේය.  සිය තරුණ සැමියාගෙන් තමාගේ ජීවිතයට සත පහක උදව්වක් පදව්වක් නොමැති බව වටහා ගත් තරුණිය අනාගතයේදී බිහි කිරීමට සිටින දරුවාට අවශ්‍ය උපකරණ ටිකවත් ගන්නේ කෙසේදැයි කල්පනා කරන්නට වූවාය. ඔය අතරේ ඇඟලුම් ආයතනයේ තරුණියන් පිරිසක් මාසකට රුපියල් 2000 ක සීට්ටුවක් දැමීමට කතිකා කර ගන්නා අයුරු. දැක ඇයද ඊට එක් වූවාය. තරුණ ගැබිනිය ගිය මාසේ සීට්ටුව ගෙන තව මාස හතරකින් බිහි කිරීමට සිටින බිලිඳාට අවශ්‍ය බඩුමුට්ටු තරුණ සැමියා සමග නගරයට ගොස් නිවෙසට ගෙනාවාය.පසු ගිය දිනක තරුණ ගැබිනිය වැඩට ගොස් නිවෙසට පැමිණෙද්දී බිලිඳාට ගෙනත් තිබූ බඩුමුට්ටු ටික නොමැති බව දැනී ඒ පිළිබඳ තරුණ පෙම්වතාගෙන් විමසුවාය. එහිදී තරුණයා ප්‍රකාශ කර ඇත්තේ තමන් බඩුමුට්ටු ටික ගෙන අහවල් තැනට දී රුපියල් 2000 ක මුදලකට උකස් කළ බවය.  එයින් තමන් යහළුවන් සමග එක්වී හොඳ සාදයක් දැමූ බවද ඔහු පැවසුවේ කිසි ගණනකට නැතිවය.පසුව තරුණ ගැබිනිය උකස් තබා තිබුණු නිවෙසින් යළි රුපියල් 2,200 ක් දී නිවසට ගෙනා බඩු මුට්ටු ටික අල්ලපු නිවසේ පදිංචි ⁣තරුණයාගේ පුංචි අම්මාගේ නිවෙසේ ආරක්ෂාවට තබා ඇත්තේ අනේ මෙහෙමත් මිනිස්සු යැයි තම සැමියාට ද දොස් තබමිනි. 
තනියට ආ තරුණයාට වහවැටී පෙම්වතා එපාවෙලා
0
hp_train_1710
(රන්න චන්ද්‍රසේන ගමගේ) පසුගිය මාස කිහිපයක් පුරා බෙලිඅත්ත පොලිස් වසම තුළ සිදුකරන ලද මංකොල්ලකෑම්  රැසකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු සමග මංකොල්ල කන ලද රන් ආභරණ රැසක් බෙලිඅත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින්  අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.බෙලිඅත්ත පොලිස් වසමේ වහරක්ගොඩ,  අරංවෙල,  බෙලිඅත්ත නගරය හා දික්වැල්ල පොලිස් වසමේ වලස්ගල යන ප්‍රදේශවල ගෙවල් බිදීම් 08 ක් සිදුවී ඇති බව පවසන පොලීසිය ඊට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගත් බව කියයි. අත්අඩංගුවට පත් සැකකරුවන් බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් වයස අවුරුදු 18ත් 25ත් අතර පසුවන්නන් බවද පොලීසිය කියයි.අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන්  කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරුවන් විසින් මංකොල්ල කන ලද රුපියල් ලක්ෂ 10ට වඩා අධික වටිනාකමකින් යුක්ත රන් ආභරණ රැසක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. බොහෝ රන් ආභරණ සැකකරුවන් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වලට උකස් කොට තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.අත්අඩංගුවට පත් සැකකරුවන් අද (14) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොල්ලකෑම් රැසකට සම්බන්ධ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට
0
hp_train_1711
 (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (14) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 14,677 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 13 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 5 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොවිඩ් මරණ 16 ක්
0
hp_train_1712
 (අශන්ති වරුණසූරිය)කාලයක් තමන්  නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත් කිරීමට කුහකකම් දුරලා සියලු දෙනාම එකට එකතු වී කටයුතු කළ යුතු බව ද ඔහු පැවසුවේය. මෙරට ආර්ථිකය ගොඩගැනීමට සහ හොරකම් නැති කිරීමට ඩිජිටල් කළ යුතු බව ද රවී කරුණානායක මහතා වැඩි දුරටත් පැවසුවේය. ඔබ නිහඬව සිටියේ ඇයි ?වැරදි වැටහීම් තියෙනකොට නිහඬතාවයක් තියෙන එක හොඳයි. කාලෙකට පස්සේ මම මාධ්‍යකට ආවේ, මේ අවස්ථාවේ රටට අපෙන් දිය යුතු අදහස් තියෙනවා ඒ ටික දීලා අපේ යුතුකම ඉටු කළ යුතු නිසා.අයවැය කතා බහක් යන වෙලාවක්. දැඩි ආර්ථික අර්බුදයක් සමඟ රට යන විදිය ගැන ඔබේ අදහස ?අමාරු තත්වයක්. නිදහස ලැබූ දා සිට නිකං කන්න ගිහින් තමයි මේ අමාරුවේ වැටුණේ. එය විඳින්න ගත්තම තමයි එහි උග්‍ර බව දැනෙන්නේ. මම හිතන්නේ මේක එවන් කාලයක්. අද දේශපාලඥ්යන්ට බයිනවා. ප්‍රශ්නේ 225න් ඉවර වෙන්නේ නැහැ. රජයේ නිලධාරීන්ගේ වැරදි ක්‍රියාත් මේකට ප්‍රධාන හේතුවක්.ඇයි එහෙම කියන්නේ ?හැම අමාත්‍යංශයකම  ප්‍රධාන නිලධාරී ඇමති නෙමෙයි එතන ඉන්න රජයේ ප්‍රධාන නිලධාරියා. ඒවගේම දෙගොල්ලෝ  හවුල්වෙලත් සිදුවිය හැකියි. දැන් මිනිස්සු ලෙස සියලු දෙනා කොහෙද ප්‍රශ්නේ තියෙන්න කියන එක පසුවිපරම් කර බැලිය යුතුයි.ලොකුම ප්‍රශ්නේ රාජ්‍ය නිලධාරී නම් ඔවුන්ව සහ රාජ්‍ය ආයතන  යාන්ත්‍රණය සැකසිය හැක්කේ කෙසේද ?ටෙන්ඩර් ක්‍රියා පටිපාටියේ සිට සිදුවන දේවල් නතර කර ගත යුතුයි. දේශපාලඥයන් රජයේ නිලධාරීන් දෙදෙනාගෙම වැරදි තියෙනවා. නමුත් සියයට 90ක් රජයේ නිලධාරීන් තමයි ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. වානිජකරණය කළ යුතුයි.තරුණ අරගලයක් ක්‍රියාත්මක වෙමින් සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව පැවසුවා. මේ ගැන ඔබේ අදහස ?මේ ප්‍රශ්න නිදහස ලැබුන දා සිට තිබුණා. නිකන් ලැබුණාම මෙහෙම ප්‍රශ්න වෙනවා. නිකං ලැබෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ එදා ඇහුවේ නැති නිසා අද පිපිරිලා. නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. මෙහෙ විශ්ව විද්‍යාලය වල අවුරුදු ගණන් ඉන්න අය ඉන්නවා. මෙහෙ බෝර්ඩ් ලෑලි අල්ලලා රට යනවා. රට ගිහිං බෝර්ඩ් ලෑලි අල්ලන්නේ නැහැනේ. රටට තියෙන ආදරේ මෙහෙ නැති එක පිට රට ගිහිං වෙනවා ද ? ඇයි රැග් කරන්න ඉඩ දෙන්නේ. වැරදියට වටහා ගන්න එපා. වැඩ කරන කෙනාට ගහලා නැති කරනවා. ප්‍රශ්න වලට උත්තර දෙනකොට හොරෙක් වංචනිකයෙක් කියනවා. වංචා කරන කරන අය ඒවා දිගටම කරගෙන යනවා. මේක තමයි තත්වේළඟම ඉන්න අය නෙමෙයි ද මෙහෙම ගැහුවේ ?ඔව් ඒක ඉතින් ලංකාවේ සිරිතක්.අයවැය IMF එකට අනුකූලව සැකසිලා කියලා විවේචනයක් තියෙනවා. මේ ගැන ඔබේ අදහස මොකද්ද ?අපි 2015 මේවට උත්තර දුන්නා යම් ක්‍රියාවලියක් ඒවා නැත්තට නැති කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ විශ්වාසය දිනා ගැනීම අවශ්‍යයි. නමුත් එයාලට ඕන දේවල් නෙමෙයි මේකෙන් කර ගන්න ඕන ඒවා අපි දැන ගන්න ඕන. බදු ගෙවීම් වැඩියි. ණය ගන්න ඕන ගෙවන්න බැරි ප්‍රමාණයෙන් ගැනීම වැරදියි.කඩ වැටුණු ආර්ථිකේ නිසා ජනතාවට පටිතද කර ගන්න වෙලා. ජනතාවටත් සහනත් දීලා ආර්ථිකයත් ගොඩනැගිය හැකි ක්‍රම වේදයක් නැත්ද ?මේ රටේ හැමදේම සහනාධාර වලට ගැනීම සිමා කළ යුතුයි. ආර්ථිකේ ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කල හැකියි.ඒවගේම බොරු ෂෝ වැඩියි. මේවා නතර කළා නම් රට දියුණු වෙනවා.මන්දපෝෂණය තත්වයට විසඳුමක් තියෙනවා ද ?මේක නිදහසේ සිට තිබෙන ප්‍රශ්නයක්. සමෘද්ධි වගේ දේවල් හරියට දියත් කළා නම් මේ දේවල් වෙනවා ද ? අවශ්‍ය කෙනාට නෙමෙයි මේ දේවල් ලැබෙන්නේ. ආර්ථිකේ ඩිජිටල් කළා නම් මේ දේවල් නතර වෙනවා. දුප්පත්කම ඇති කරන්නේ දේශපාලන අරමුණින්. ප්‍රශ්න නිවැරදි කරලා උත්තර හොයලා නැවත රට පුනර්ජීවනය කළ යුතු වෙලාවක් මේක. කරන්න බැරි නෙමෙයි කරන්න වුවමනාවක් නැහැ. මිනිස්සු විතරක් නෙමෙයි හැමකෙනාම කැප විය යුතුයි. අපි මේවා එදා කිවුවා. 2015 අපි හැදුවා නමුත් එකතු වෙලා අපිට ගැහුවේ. දෙවියෝ උඩ ඉන්නවා. මේවා පේනවා. කොහෙන්ද හදන්නේ කියන තැනේදී, ඇයි ඔබ එකතු නොවෙන්නේ ?අපිට නිවාඩුවක් ගන්න තිබ්බා. එය වැරදි මත නිවැරදි කරන්න අවස්ථාවක්. දැන් තේරෙනවා ඇති.වත්මන් ජනාධිපති සමඟ ඔබ තවම සමීපව කටයුතු කරනවා නේ ?මගේ පක්ෂයේ නායකතුමා. මෙතුමාට මේ තමයි මේ අවස්ථාවේ රට ඉදිරියට ගෙන යා හැකි එකම පුද්ගලයා. අපිටත් ප්‍රශ්න ඇති කරලා තියෙනවා. අපි කවුරුත් අංගසම්පුර්ණ නැහැ. පක්ෂ තුල යම් ගට්ඨන ඇති කරලා ප්‍රශ්න වුණා. ඒවාත් නිවැරදි කරලා, පක්ෂේට ආදරය කරන තත්වෙකට පක්ෂේ ගෙන යා යුතුයි.එජාපය සහ පොදුජන එක්ව වැඩ කිරීම ගැන එජාපයේ පාක්‍ෂිකයන් විවේචනයට ලක් කරනවා?මම හිතන්නේ මේක පාට කරන්න අවශ්‍ය නැහැ. මේ රට වැටිලා තියෙන වලෙන් ගොඩ එන්න හැමෝගෙම අදහස් යොමු කිරීම වැදගත්. හැමෝගෙම විශ්වාසය මත රට වෙනුවෙන් හැමෝම එකතු කිරීම වැදගත්. නමුත් කුහකකම් නිසා එවැනි තත්වයන් ඇති වෙන්නේ නැහැ.ඒ කියන්නේ කුහකකම් එජාපය තුල ද ?එජාපය තුලත් තියෙනවා. අනෙක් තැන වලත් තියෙනවා. මේක නැති කරනකල් අපේ රට හදන්න බැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ව්‍යවස්ථාව වෙනස් කිරීම කළ යුතුයි. මේ වගේ බොහෝ දේ තියෙනවා. ඉන්දියාව චීනය හැප්පීම කළ නොකලය යුතුයි. කරන්න පුළුවන් දේවල් නොකළ අනවශ්‍ය දේවල් වලට ඇගිලි ගහනවා.ඔබට එජාපයේ ඉහළ තනතුරක් ලැබෙන බවට වාර්තා පල වෙනවා ? එහි සත්‍යතාවයක් නැහැ. කණ්ඩායමේ අය තනතුරු දරමින් සිටිනවා. ඒකරාශිව කණ්ඩායමක් ඇති කළ යුතුයි. හැමදෙනාගෙම හිත් දිනාගෙන ජනතාවගේ විශ්වාසයක් ඇති කළ යුතු අවස්ථාවක් මේක. යම් පෙරළියක් ඇති කරන්න අපේ මුළු ශක්තියම ලබා දී එජාපය රකින්න අවශ්‍යයි. ඊට මට දශමෙකින් හෝ උදව් කළ හැකි නම් මම කැමැත්තෙන්ම එය කරනවා. ඒ වගේම හැකියාවත් තියෙනවා. නමුත් අපිටත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඊර්ශියා රෝගයෙන් පෙළෙන අය ඉන්නවා. මම මේකෙන් ජිවත් වෙන්නේ නැහැ. මේ සියල්ල මම දේශපාලනය එන්න ප්‍රථම ගත්ත දේවල්.නත්තල වගේම නව වසරත් එළෙඹෙනවා, ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද ?අවුරුදු 74ක් නිදහස ලැබුණට, අපිට ආර්ථික නිදහසක් ලැබී නැහැ. තරුණයෝ මුල් කරගෙන අපි සියලු දෙනාම ඒකරාශී වෙමු. වයෝවෘද්ධ අයටත් සතුටින් ජිවත් විය හැකි මාර්ගයක් ඇති කරමු. ආර්ථිකේ යම් අය වැට්ටුවට  අපිට ලෝකය තරණය කළ හැකි අවස්ථා තියෙනවා. "හැමදේම නිකන් ලැබෙන්නේ නැහැ" කියන සංකල්පයෙන් අපි හැමදෙනාම මහන්සියෙන්ඉදිරියට යන්න පුළුවන් ගමනක් ආරම්භ කරමු. කුහකකම් දුරුලා නව වසර අපි අලුත් ගමනක් යන්න ආරම්භයක් ඇති ගන්න අත්වැල් බැද ගමු. 
ආණ්ඩුවේ නොහැකියාව ඔප්පු කර අවසන්
0
hp_train_1713
බස්නාහිර, දකුණු, සබරගමුව සහ වයඹ පළාත්වල  වැසි වාර කීපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  සවස 04.00 න් පමණ පසු මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 10/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249060සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමඩකලපුව33249070සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිකොළඹ31249070වැසි වාර කීපයක්  ගාල්ල30259080වැසි වාර කීපයක්  යාපනය32268065සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමහනුවර29209565සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිනුවරඑළිය20129560සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිරත්නපුරය31249570වැසි වාර කීපයක්  ත්‍රීකුණාමළය34249055සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමන්නාරම31268575වැසි ස්වල්පයක්   
'වැස්ස අඩුවන ලකුණු'
0
hp_train_1714
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 180 දෙනකු අද(9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 718  කි.මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,46,453 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා ආසාදිතයන් අද 3333යි
0
hp_train_1715
(රංජිත් රාජපක්ෂ)    රජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 50 ක දෛනික වැටුප සහ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවෝ පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (24)  උද්ඝෝෂණයක නිරතවුහ.අමාත්‍යය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරණ කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ සමාජිකයන්  විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කෙරිණි.වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය  සහ වතු ඒකාබද්ධ වෘත්තීය  සමිති අතර වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 750 දක්වා වැඩි කිරීමට දෙපාර්ශවයම විසින් අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අමතරව රජය මගින් රුපියල් 50 ක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වූ බව උද්ඝෝෂණයේ නියැලී සිටි වතුකම්කරුවෝ පවසති.වතු කම්කරුවන්ට වතු හාම්පුතුන්ගේ සංගමය විසින් වැඩි කළ වැටුප ප්‍රමාණවත් නොවන නිසා වතු කම්කරුවන්ට රජයේ මැදිහත් වීමකින් යම් සාධාරණ මුදලක් වැඩි කළ යුතු බවට අමාත්‍යය මනෝ ගනේෂන්, අමාත්‍යය පලනි දිගම්බරම්, රාජ්‍යය අමාතත්‍යය වී රාධාක්‍රිෂ්ණන් ඇතුළු දමිළ ප්‍රගතශීලි සන්ධානයේ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහතුන් සමඟ දිර්ඝ වශයෙන් කළ සාකච්ඡාවේදී තේ මණ්ඩලය සංචිතයේ තිබෙන මුදල් වලින් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 50 ක අමතර වැටුපක් හිඟ මුදල් සමඟ ලබාදෙන බවට එහිදී රජය පාර්ශවයෙන් එකඟතාවය පළ කර තිබිණි.‍එම රුපියල් 50 ලබාදීමට අමාත්‍යය නවීන් දිසානායක මහතා විරුද්ධ වන නිසා ඔහුව අමාත්‍යය ධුරයෙන් ඉවත් විය යුතු බවට ද උද්ඝෝෂණයේ නියැලී සිටි වතුකම්කරුවෝ කීහ.රජය මගින් ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 50 වැටුප ලබා නොදෙන්නේ නම් වතුකරය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත්, උද්ඝෝෂණයේ නියැලී සිටි එම වෘත්තීය සමිතිවල  සාමාජිකයෝ පැවසුහ.
වතුකම්කරු වැටුප වැඩි කරන්නයි උද්ඝෝෂණයක්
0
hp_train_1716
ශ්‍රී ලංකාවේ තැනින් තැන  සවස 04.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්  බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල උදෑසන කාලයේදී ද  වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 18/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30249570සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31249575සවස4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30249575උදැසන  වැසි සහ සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249575උදැසන  වැසි සහ සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය28249580උදැසන තැනින් තැන වැසි සහ සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර27219575සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19139585සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30239570සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30239575සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම27239575උදැසන තැනින් තැන වැසි සහ සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
0
hp_train_1717
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තර ප්‍රදේශ වල තැනින් තැන ගිගූරුම් සහිත වැසි වර්ධනය වේ. පසුව මෙම වැසි බටහිර ප්‍රදේශ කරා පැතිර යනු ඇත. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 27/10/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34239560අපරභාගයේදී සහ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32259565උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.කොළඹ31259565සවස් කාලයේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249570අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.යාපනය32249560උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.මහනුවර30219565අපරභාගයේදී සහ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21119570අපරභාගයේදී සහ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.රත්නපුරය33239570අපරභාගයේදී සහ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32249075උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.මන්නාරම31259070උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමළය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල  තැනින් තැන වැසි ඇති වේ. මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 10-30 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.  කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
අද කාලගුණය
1
hp_train_1718
(අංජුල මහික වීරරත්න, මාතලේ විශේෂ - මහේෂ් කීර්තිරත්න, දඹුල්ල - කාංචන කුමාර ආරියදාස, රවින්ද්‍ර විරාජ් සහ නාවුල - ඉන්දික අරුණ කුමාර)“දුක, කඳුළ, වේදනාව මැද වද හිංසා විඳිමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන කාන්තාවන් සේවය කරන රාජ්‍ය සමඟ ගිවිසුම් අත්සන් කර හිංසනයෙන්, පීඩාවෙන් තොරව කාන්තාවට එතෙර රැකියා කිරීමේ නිදහස දෙන සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලග්ගලදී පැවැසීය.ශ්‍රී ලංකාවේ කාන්තා පරපුරේ දේශපාලන, සමාජ, සුබසාධන, සිවිල්, මානව ඇතුළු සියලු අයිතිවාසිකම් තහවුරු කරමින් කාන්තා ප්‍රඥප්තියක් තව දින කිහිපයකින් අත්සන් කරන බවද” අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.ජනාධිපතිධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මෙදින සංවිධානය කළ පළමු ජන රැලිය ලග්ගල නව නගරයේදී පැවැත්වුණු අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරු රැසක් රැලියට සහභාගී වී සිටියහ.රත්තොට - හතරලියද්ද, අකුරණ හා වත්තේගමද මෙදින ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැලි පැවැත්විණි.ජන රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය.“අමාරුවෙන් ජීවිතය ගොඩනගා ගන්නා ලග්ගල ජනතාව ඇතුළු රටේ සමස්ත ජනතාවට වැදගත් පණිවුඩයක් ඉදිරිපත් කරන්න තිබෙනවා. දුෂ්කර ජීවිතයක් ගත කරන ජනතාවගේ ජන ජීවිතය 16 වැනිදා ජයග්‍රහණයත් සමඟ මගේ බලාපොරොත්තුව, මගේ පැතුම ඔවුන්ට උසස් ජන ජීවිතයක්, සෞභාග්‍යමත් ජීවිත උදා කර දීමයි.මේ ප්‍රදේශයේ බහුතර ගොවි ජනතාව ජීවත් වෙන්නේත් ගොවිතැනේ නියැලෙන්නේත් අමාරුවෙනුයි. ජන ජීවිතය ගැටගහ ගන්නා ගොවි පරපුරේ දුක, කඳුළ, වේදනාව දන්නා එකම අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ.ජනතාව රටේ ජනාධිපති තනතුරට කවුද පත් කරන්නේ කියන එක ගැන තීරණ ගන්න විට හෘද සාක්‍ෂියට එකඟව ඒ තීරණය ගන්නවා. මොකද, රටේ අති බහුතරයගේ ප්‍රාර්ථනය වන්නේ පොදු ජනතාවගේ හඬ ජනාධිපති ලෙස නියෝජනය කිරීමය. මුළු මහත් ශ්‍රී ලංකා ද්වීපයේම පුංචි මනුස්සයා නියෝජනය කරන ගොවි, කම්කරු, ධීවරයා රැක ගනිමින් සාමාන්‍ය ජනතාවගේ එකම බලාපොරොත්තුව බවට මා පත්වූ පසු ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරනවා.මා ප්‍රභූ දේශපාලනය කරන්නේ නැහැ. වී.අයි.පී. පොලිටික්ස් මා කරන්නේ නැහැ. 16 වැනිදායින් පසුවත් මා මේ විදියට පොඩි මිනිහාගේ දෙපතුල ළඟට එනවා. මේ බල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු බොහෝමයක් තිබෙනවා. මැණික් කර්මාන්තයේ නිරතව සිටින පොඩි මනුස්සයන්ගේ ගැටලු අපමණයි. ඒ ගැටලු විසඳන්න මා අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. අවතැන් වූ පවුල්වලට වන්දි දීමේදී, ඉඩම් ලබාදීමේදී, අඩුපාඩුකම් රැසක් ඇතිවෙලා.හුදකලා වූ ගම්මානවල ජීවනෝපායට මා අත - හිත දෙනවා. ඉඩම් තිබෙන අයගේ ඉඩම් ගැටලු ටික විසඳලා දෙනවා. අලි - මිනිස් ගැටලු නිසා අවතැන් වූ ජනතාවට කාර්යක්ෂම වැඩසටහනක් ක්‍රියාත්මක කර අලි මිනිස් - ගැටලුව අවසන් කරනවා.පුරන් කුඹුරු ජල සම්පතින් පෝෂණය කිරීම සඳහා “වැව් උදාව” වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. වැව් උදාව වැඩසටහන යටතේ වසර දෙකක් තුළ මුළු රටේම තිබෙන වැව් පද්ධති ප්‍රතිසංස්කරණය කර අවසන් කර රටේ ආහාර සම්පත නිර්මාණය කරන, රටට බත සපයන ගොවි පරපුර සුරක්ෂා කරනවා.ග්‍රාමීය රෝහල් වැඩිදියුණු කරන්න මා කටයුතු කරනවා. ස්වයං රැකියා කිරීමේදී පෞද්ගලික කටයුතු සඳහා වැලි කැණීමේදී වන අපහසුතාව සොයා බලා, පොඩි මනුස්සයට යම්කිසි දෙයක් කරන්න යනවිට ඇතිවෙන දුෂ්කරතා මඟ හරවනවා. පොඩි මනුස්සයට සතුටින් ජීවත් විය හැකි කාලයක් මා ඇති කරනවා. රැකියා විරහිතභාවයෙන් පෙළෙන තරුණ පරපුර වෙනුවෙන් සෑම උප දිසාපති කොට්ඨාසයකටම කර්මාන්තපුර ඇති කරනවා. රණසිංහ ප්‍රේමදාස මහතා නගරයෙන් ගමට කර්මාන්තශාලා ගෙනාවා වගේ කර්මාන්තපුර හදනවා. ඉන් තරුණ පරපුරේ ජීවිත සුඛිත මුදිත වෙනවා.සංවර්ධන ක්ෂේත්‍රයේ අලුත් පිම්ම පනින්න අද කාලය ඇවිල්ලා. රට හැටියට උසස් දියුණුව ලබන්න කාලය ඇවිල්ලා. ඩිජිටල් නවීන තාක්ෂණය, තොරතුරු තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් නව ආර්ථීකයක් රටට ගෙනෙන්නයි මා කටයුතු කරන්නේ. එතැනදී ඉංග්‍රීසි භාෂා සාක්‍ෂරතාව වැඩි කිරීම උදෙසා සෑම උප දිසාපති කොට්ඨාසයකටම ජාත්‍යන්තර මට්මේ නව තාක්‍ෂණ විද්‍යාව මා බිහි කරනවා.එවිට ගමේ ඉන්න තරුණ පරපුරට නොමිලේ ජාත්‍යන්තර මට්ටමේ නව තාක්‍ෂණය, නව නිපැයුම් නවෝත්පාදන වැඩපිළිවෙළට සහභාගී වෙන්න පුළුවනි. අගනුවර සුළු ජන කොටසට සීමා වූ අධ්‍යාපනික වරප්‍රසාද අනිවාර්යෙන්ම මා ගමට ගෙනෙනවා. සුළු කොටසකට පමණක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළට යන්න තිබෙන මහා ඉනිමඟ නොමිලේ අධ්‍යාපන ක්‍රමවේද තුළින් ගමට දෙනවා.රටේ තරුණ පරපුර, කාන්තා පරපුර ජන සමාජයේ අති වැදගත් කොට්ඨාස දෙකයි. තරුණ පරපුර සමඟ සමාජ ගිවිසුමට මා එළැඹෙනවා. තරුණ ප්‍රඥප්තිය මා නිර්මාණය කරනවා. තරුණ ප්‍රඥප්තිය තුළ තරුණ අයිතිවාසිකම්, තරුණ ඉල්ලීම්, තරුණයන්ගේ පැතුම, තාරුණ්‍යයේ බලාපොරොත්තුව ඇතුළු කර ජයග්‍රහණයෙන් මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ නෛතික බලය රටේ තාරුණ්‍යයට නිදහස් - නිවහල් සංවර්ධිත ජන ජීවිතයක් මා උදා කරනවා.කාන්තා පරපුර වෙනුවෙන් තව දින කිහිපයක් තුළ කාන්තා ප්‍රඥප්තියට අත්සන් තබනවා. රටේ කාන්තා පරපුර වෙනුවෙන් කාන්තාවන්ගේ අයිතිය, දේශපාලන, සමාජයීය, සුබසාධන, ආර්ථික අයිතිය, සිවිල් මානව අයිති්ය කියන හැම අයිතියක්ම ප්‍රඥප්තියට ඇතුළත් කරනවා. කාන්තාවන්ගේ ඕනෑ එපාකම්වලට ගැලපෙන ලෙස සියලු අපේක්‍ෂා ඒ ප්‍රඥප්තියේ වගන්තිවලට ඇතුළත් කර සියයට 51 ක් වූ කාන්තා ජනගහනයත් සමඟ මා සමාජ ගිවිසුමට එළැඹෙනවා.ඒ සමාජ ගිවිසුමත් ජයග්‍රහණයෙන් මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නෛතික බලය කාන්තාවගේ හදවතේ කැකෑරෙන දුක, කඳුළ, බලාපොරොත්තුව, සිහිනය අවබෝධ කරගෙන කාන්තාවන්ට දිය යුතු සමාජ රැකවරණය ඇති කරනවා. ඒ ඓතිහාසික ශක්තිය දීමෙන් රටේ සංවර්ධන ගමනේ පෙරමඟ ගමන්කරුවන් බවට පත් කරන්න කාන්තාවට අයෝමය දායකත්වය මා දෙනවා.විදේශ රැකියා ක්ෂේත්‍රයේ අපේ ජනතාව දුක - කඳුළ - වේදනාව මැද වද හිංසා විඳිමින් උපයා දෙන විදේශ විනිමය තමයි, අපේ රටේ ජීවනාලිය වෙන්නේ. එයයි, අපේ රටේ හදගැස්ම. කාන්තාවන් පිටරට රැකියා කරන්නේ දුෂ්කරතා රැසක් මැද්දෙයි. ඒ නිසා ඒ රටවල් කෙතරම් බලවත් වුවද 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු ඒ රටවල්වල රාජ්‍ය නායකයන් හමුවෙලා ද්විපාර්ශික ගිවිසුම් අත්සන් කර අපේ රටේ කොඳුනාරටිය වන විදේශ සේවාවේ නිරතවී සිටින කාන්තාවන්ට හිංසනයෙන් හිරිහැරවලින් තොරව අඩංතේට්ටම්වලින් තොරව සුරක්ෂිත රැකියාවක් කිරීමේ අයිතිය ඇති කරනවා.ඒ රටවල් සමඟ ගිවිසුම් අත්සන් කර මෙරටට විදේශ විනිමය එවන කාන්තාවන් රැක ගන්න, සුරකින්න විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.මගේ ප්‍රතිවාදියා රුපියල් 350 පොහොර නිකන් දෙනවා කිව්වා. පොහොර මිල රුපියල් 500 යි කියලාවත් ඔහු දැනගෙන හිටියේ නැහැ. පොහොරවල නියම මිලවත් නොදැන වී ගොවියාට පොහොර නිකම් දෙනවා කී මෙයා ගොඩ බෝග වගාකරුවාව අමතක කළා.  හේන් ගොවියා - පලතුරු ගොවියා - තේ - පොල් - රබර් ගොවියා අමතක කළා. මා ජනතාවට කියනවා මා නිර්මාණය කරන ආණ්ඩුවෙන් හැම ගොවි පරපුරකටම නොමිලේ පොහොර දෙනවා. එය එක කොටසකට සීමා කරන්නේ නැහැ.ගොවි ජනතාව ගැන කතා කරන විට සමස්ත ගොවියාටම සහන දෙන්න ඕනෑ. ගොවි ජනතාව අතර භේද - බින්නවීම් කර ගැටුම් ඇතිකර කොටස් කර එක් එක් පුද්ගලයන් රජ වන්නට හදපු උත්සාහය පරාජය කර සමස්ත ගොවි ජනතාව දිනවන්න 16 වැනිදාට පොඩි මිනිහගේ නියෝජිතට බලය දෙන්න.අනාගතය සුබයි. අනාගතය ආලෝකමත්, අනාගතය ශක්තිමත් කරන්න මට හයිය දෙන විට සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා යැයිද” සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.ගලගෙදර රැලියේදී මහනුවර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීවේය.“2015 දී හිටපු ජනාධිපතිතුමා තවත් වසර දෙකක් තමාටත් තම නඩයටත් රට පාලනය කරන්න තිබියදී රට නැවත ජනාධිපතිවරණයකට ගෙන ගියේ රටේ අභ්‍යන්තරයේ කරගෙන ගිය නීති විරෝධී - අශිෂ්ට පාලනයට විරුද්ධව ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් වර්ධනය වෙමින් පැවතුණු විරෝධතා නිසයි.අද රටට ඕනෑ අලුත් පරම්පරාවට උචිත තීන්දු තීරණ ගන්න පුළුවන් විශ්වවිද්‍යාල දැනුම තිබෙන අලුත් පිම්මකින් රට ඉදිරියට ගෙන යන්න පුළුවන් නායකයන්. ඒ අවශ්‍යතාවට ඉතා හොඳින් ගැලපෙන්නේ අපේ සජිත් ප්‍රේමදාස මහතායි. එතුමාට අලුත් පරම්පරාවේ නියෝජිතයෙකු හැටියට රටේ පොඩි මනුස්සයා ගැන අංගසම්පූර්ණ දැනුම තිබෙනවා.”රත්තොට ජන රැලියේදී අදහස් දැක්වූ සංචාරක සංවර්ධන වනජීවී ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා:-“මේ ආණ්ඩුව තරම් වැඩ කළ රජයක් රටේ ඉතිහාසයෙම තිබී නැහැ. නමුත් අප කළ වැඩ ගැන මාධ්‍ය කතා කරන්නේ නැහැ. වංචා දූෂණය නැති අපේක්ෂකයකු අප ගෙනත් සිටිනවා. ලබන 16 වැනිදාට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කර රට සංවර්ධනය කරා රැගෙන යන යුගය ආරම්භ කරනවා.”එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධායිකා රෝහිණී කවිරත්න මහත්මිය:-“අද සුවිශේෂී මංසන්ධියකට පැමිණ ඉන්නවා. අප රජය ලෙස විශාල වැඩ කොටසක් කළා. වසර 20ක් නිදා සිටි ලග්ගල වසර 4ක් ඇතුළත ඇහැරවූ බව කිව යුතුයි.අපට මෙතෙක් කර ගන්න බැරි වූ වැඩ ටික කර ගන්න හැකි මිනිසෙකු ජනපති පුටුවෙහි වාඩිකර ගනිමු. වගා කරන්න ඉඩම් තිබෙනවා නම් සමෘද්ධි අවශ්‍ය නැති බව අපේ ජනතාව කියනවා. ඔබ ඉල්ලූ අපේක්ෂක අප ඉදිරිපත් කළා. ඔහු ජයග්‍රහණය කරවමු”රත්තොට ජන රැලියේදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාද අදහස් දැක්වීය. ජනරැලි සඳහා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, දඹුල්ල එජාප ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න, හිටපු අමාත්‍ය වී. පුත්‍රසිගාමනි, හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ. 
“මෙරට ලොකුම දේශද්‍රෝහියා හිටපු ජනපතියි“
0
hp_train_1719
(ටී.කේ.ජී.කපිල)ශ්‍රී ලංකාවේ එන්නත්කරණයේ දී වැඩි අවධානයක් දිනා ගෙන ඇති , ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , ඇමෙරිකාවේ "ෆයිසර් " එන්නත් මාත්‍රා 76,000 ක් , අද අලුයම කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .මෙම එන්නත් තොගය කිලෝ ග්රැම් 445 ක් බරැති පෙට්ටි තුළ අසුරා , නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .ඉන්පසුව , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් , අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .එසේම ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් රුසියාවේ "ස්පුට්නික් - V" එන්නත් මාත්‍රා 120,000 ක් සහ චීනයේ " සයිනොෆාම් " එන්නත් මාත්‍රා 40 ලක්ෂයක් ද මෙම සතිය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා මේ පිළිබඳව සිදු කළ විමසීමකදී පැවසීය . 
ස්පුට්නික් මාත්‍රා 1 20, 000ක් කටුනායකට
0
hp_train_1720
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලනයේ පිරිසිදු චරිත ඒකරාශී කරගනිමින් ඉදිරියට යද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම සාමාජිකයන් ලෙස බඳවාගනු ලබන්නේ හොරකම්, මැරකම් හා වංචාවලට සම්බන්ධ අය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (31) පැවසීය.එහි පළමු සාමාජිකයා අයිතිකරුවන් නැති ගෙවල් හිමිකරුවෙක් වන අතර දෙවැනි හා තුන්වැනි සාමාජිකයන් වන්නේ ස්ත‍්‍රී දුෂණවලට හා ලක්‍ෂ 30ක අල්ලසක් ගැනීමට සම්බන්ධ සභාපතිවරුන් දෙදෙනෙක් බව කී මහ ලේකම්වරයා එවැනි පක්‍ෂයක් සමඟ සන්ධානගතවීමේ බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.පිරිසිදු චරිත ලෙස අනාගතයේදී කටයුතු කිරීමට කැමති අය සිටී නම් ඔවුන්ට වැරදි හදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමේ අවස්ථාවක් ඇති බවද සන්ධාන මහලේකම්වරයා කීවේය.සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.‘‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධූරයට පත්වීමෙන් අනතුරුව පැවැත්වූ 64 සහ 65 වැනි සම්මේලනයන්ද ඉතා සාර්ථකව පැවැත්වීමට අපට හැකිවුණා. අපි කුරුණෑගල දී පැවැත්වූ 65 වැනි සම්මේලනය පක්‍ෂ ඉතිහාසයේ සාර්ථකම හා වැඩිම ජනසහභාගීත්වයක් සහිත සම්මේලනය බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. මෙවර අපිට තිබෙන්නේ අපේම ඒ වාර්තාව බි`දහෙළමින් ඊටත් වඩා සාර්ථක සම්මේලනයක් පවත්වන්නයි. මෙවර අපි මෙරට  ඕනෑම පක්‍ෂයක් පැවැත්වූ වැඩිම ජන සහභාගීත්වයක් සහිත පක්‍ෂ සම්මේලනය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.මේ වන විට අපිට එක`ග වූ ප‍්‍රමාණයටත් වඩා බස් රථ ලබාගන්න සිදුවෙලා. ඒ බස් රථ ඇතුළු කිසිම දේපළක් අපි නොමිලයේ ලබාගන්නේ නැහැ. මේ සියල්ලට අපි අදාළ ගෙවීම් කරනවා. නමුත් අතීතයේ ආණ්ඩු පක්‍ෂ පක්‍ෂ සම්මේලන, සංවත්සර හා මැයි දිනය කළේ ආණ්ඩුවේ මුදල්වලින්. නමුත් අපේ පක්‍ෂයේ උත්සව කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අනිසි ලෙස යොදා නොගත යුතු බවටත්, රාජ්‍ය දේපළවලට හානි නොවන ලෙස කටයුතු කළ යුතු බවටත් ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දී තිබෙනවා.අපි අපේ සංවත්සරයේදී ජනතාවට ඇති ප‍්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. අපේ යෝජනා සකස් වෙන්නේ ඒ අනුවයි. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට ආසන්න මේ මොහොතේ අපි තරුණ නියෝජනය, කාන්තා නියෝජනය ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා මත්පැන් පානය කර සම්බන්ධ නොවන ලෙස සංවිධායකවරුන්ට උපදෙස් දෙන්නැයි ජනාධිපතිතුමා මධ්‍යම කාරක සභාවේදී පැවසුවා. මත්පැන්වලින් තොරව පැමිණෙන ලෙස අපි සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ස`දහා ලංකාවේ සිව්දෙසින් සියලූම ජන කොට්ඨාස නිවේදනය වන ලෙස ජනතාව සහභාගී කරවාගන්න අපි බලාපොරොත්තු වෙනවා.අපේ කාන්තා සංවිධානය ගිය සම්මේලනවලදී ඉදිරිපත් කළ කාන්තා නියෝජනය පිළිබ`ද යෝජනාව මේ වන විට මල්ඵල ගැන්වී තිබෙනවා. ඒ වගේම තරුණ නියෝජනය වැඩි කරන්න මේ වන විටත් අපේ තරුණ පෙරමුණ යෝජනා කර තිබෙනවා. නීති රීති කෙසේ වෙතත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තරුණ අපේක්‍ෂකත්වය වැඩි කිරීමට අපි පක්‍ෂයක් ලෙස තීන්දු කර තිබෙනවා.අපි මේ ජාතික ආණ්ඩුවට එකතුවීමේ ප‍්‍රධාන කරුණු දැන් ඉටුවෙමින් යනවා. ජිනීවා අවධානම මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. දැන් විදුලි පුටු ජාත්‍යන්තර පරීක්‍ෂණ නැති මට්ටමට පැමිණ තිබෙනවා. ජී.එස්.පී තහනම, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර තිබෙනවා. ඒ වගේම මනාප ක‍්‍රමය වෙනුවට කොට්ඨාස මැතිවරණ ක‍්‍රමයක් ඇතිකරන්න ජනාධිපතිතුමාත්, ෆයසිර් මුස්තාපා මහතාත් දැරූ උත්සාහය දැන් සාර්ථක වී තිබෙනවා. එය රජයක් ලෙස මෙන්ම පක්‍ෂයක් ලෙස අප ලැබූ ජයග‍්‍රහණයක්. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මූලිකත්වය ගන්නා මනාප ක‍්‍රමය ඉදිරි සියලූ මැතිවරණවලට හඳුන්වා දිය යුතුය යන මතයේ අපි ඉන්නවා.එවිට සල්ලිකාරයින්ට නොව ගමේ හොඳ, අවංක අයට දේශපාලනයට එන්න පුළුවන් වේවි. පිරිසිදු  රාජ්‍ය පාලනයක් මෙන්ම පිරිසිදු පක්‍ෂයක් ගොඩනගන්න ජනාධිපතිතුමා කැපවී සිටිනවා. පිරිසිදු දේශපාලකයන් බිහිවනු දැකීම රටේ බහුතරයකගේ බලාපොරොත්තුවයි. දුෂණයට පක්‍ෂය තුළ ඉඩක් නැති බව නොපෙන්නුවොත් ‘අපේ හොරා අපිට හොඳ’ යනුවෙන් සටන් පාඨයක් හදාගෙන පරණ වැරදි කරපු අය යළිත් එන්න බැරි නැහැ. මනාප ඡුන්ද ක‍්‍රමය තුළ හා රාජ්‍ය නායකයින් වංචාව දුෂණය සම්බන්ධව නිහඬව සිටීම තුළ එවැනි දේ වී තිබෙනවා. ඒ වගේම අපි සම්මේලනයෙන් පසු ඊ ළඟ සතියේ සිටම පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරනවා.පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.‘‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොයෙක් අවස්ථාවල අභියෝග පැමිණ තිබෙනවා. පංච මහා බලවේගයෙන් ආරම්භ වූ අපේ පක්‍ෂයේ නායකයන් පක්‍ෂයේ කකුළෙන් නොඇද එය ශක්තිමත් කරන වැඩපිළිවෙලට සහය විය යුතුයි. අපේ පක්‍ෂයේ නායකයන් රාජ්‍ය නායකයන් වුණේ පක්‍ෂය නිසා බැවින් හිටපු පක්‍ෂ නායකයන්ට පක්‍ෂය ආරක්‍ෂා කරන යුතුකමක් තිබෙනවා. ජනාධිපතිතුමා පක්‍ෂය භාරගන්නා විට සුළු ජාතීන් පක්‍ෂයෙන් ඈත් වී සිටියත් ජනාධිපතිතුමාට පක්‍ෂය හරි මගට ගන්න හැකිවුණා. ඒ නිසා වෙනදාට වඩා මෙවර සම්මේලනයට මුස්ලිම් දෙමළ ජනතාව සහභාගී වේ යැයි අපි විශ්වාස කරනවා. සුළු ජාතීන් පක්‍ෂයක් වටා ඒකරාශී වෙන්නේ ඒ පක්‍ෂ නායකයාගේ ප‍්‍රතිපත්ති අනුවයි.සමහර පක්‍ෂවලට තිබෙන්නේ අරක්කු බෝතලයට, බත් පැකට් එකට සීමා වූ දේශපාලනයක්. ඒත් ශ්‍රී.ල.නි.පයේ අපට යම් ප‍්‍රතිපත්ති මාලාවක් තුළ පදනම් වූ ගමනක් තිබෙනවා. අපි මේ ආණ්ඩුවේ සිටියේ නැත්නම් නව මැතිවරණ ක‍්‍රමයක් ඇතිවෙයි ද කියා මම ප‍්‍රශ්න කරනවා. නව ක‍්‍රමය වෙනුවෙන් වැඩි වශයෙන් කතා කළේ ජනාධිපතිතුමායි. 70 දශකයෙන් පසු පළමු වතාවට කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණයක් පැවැත්වීම සඳහා දැන් අපි සූදානම් වෙනවා.අපි ඉදිරි මැතිවරණ සඳහා සුපිරිසිදු චරිත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මනාප ක‍්‍රමය යටතේ ඡුන්දයක් කළ හැක්කේ මුදල් ඇති අයට පමණයි. ඒ ක‍්‍රමයෙන් ඈත්වීමේ ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී.ල.නි.පයටයි. අපි මෙවර පවත්වන්නේ සංඛ්‍යාත්මක සහ ගුණාත්මක වශයෙන් උසස් සම්මේලනයක්. වෙන වෙන බලවේග ඇතිකර ශ්‍රී.ල.නි.පයට අභියෝග කළ හැකි බව කවුරුන් හෝ සිතනවා නම් එය දවල් හීනයක් බව කිව යුතුයි. පක්‍ෂයෙන් එළියට යන අයට ආයෙ ආවොත් ලැබෙන්නේ පසුපස පුටුවක් බව ඒ කවුරුත් මතක ලබාගත යුතුයි. එවැනි උදාහරණ අපේ පක්‍ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේත්  තිබෙනවා. මෙය නායකයන්ගේ පක්‍ෂයක් නොව පාක්‍ෂිකයින්ගේ පක්‍ෂයක්. ඒ නිසා ඔවුන් පක්‍ෂය සමඟ සිටිය යුතුයි’’ යැයි ද ඇමතිවරයා කීවේය.පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා මෙසේ අදහස් දැක්වීය.‘‘මෙවර පක්‍ෂ සම්මේලනයට උතුරු නැගෙනහිර පළාත්වලින් මුස්ලිම් හා දෙමළ ජනතාව විශාල වශයෙන් පැමිණීමට නියමිතයි. හජ් දිනය 2 වැනිදාට යෙදීම නිසා සම්මේලනය කල්දමන්නැයි ජනාධිපතිතුමාගෙන් අප කළ ඉල්ලීම එතුමා පිළිගැනීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න හා මහින්ද අමරවීර මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය: පනත සම්මත වුණත් පළාත් පාලන ඡුන්දය කල්යාමක් සිදුවන බව කියනවා නේද?පිළිතුර: එවැනි අදහසක් නැහැ. අපිට අවශ්‍ය ඉතා කඩිනමින් ඡන්දයකට යන්නයි. ලබන මාසේ වුණත් කමක් නැහැ. කොමසාරිස්වරයාට බාධා තිබෙනවා නම් ඒවා සකසා දිය යුතුයි.ප‍්‍රශ්නය: සම්මේලනය කල් ගියේ විභාගය නිසාද? හජ් උත්සවය නිසාද?පිළිතුර: මුලින්ම මේ අදහස ආවේ අවට පාසල්වල සිසුන් උසස් පෙළ විභාගය ලියන නිසයි. නමුත් පසුව හජ් උත්සවයත් එදිනට යෙදී ඇති බව දැනගත්තා. මෙතෙක් කල් නම් ආණ්ඩු මෙවැනි තීන්දු වෙනස් කළේ නැහැ. ඒත් අපි දරුවන්ගේ විභාගයට මුල් තැන දුන්නා.ප‍්‍රශ්නය: ජාත්‍යන්තර මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් සහනයක් ලැබී ඇති බව කීවත් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයක් යුද අපරාධ චෝදනා ගොණු කර තිබෙනවා නේද?පිළිතුර: පුද්ගලයින්ට එවැනි දේ කළ හැකියි. නමුත් අපිට මෙවැනි නඩු පවරන්න තිබුණේ එක්සත් ජාතීන්ගේ රටවල් හා ප‍්‍රබල සංවිධාන විසිනුයි. රාජ්‍ය නොවන සංවිධාන කරන මේ කටයුතු උතුරේ ශිවාජිලංගම් මහතා ඉඳහිට කරන ප‍්‍රකාශ වගේයි.ප‍්‍රශ්නය: මේ සමුළුවට තවමත් ආරාධනා ලැබී නැති බව මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කියනවා.පිළිතුර: අපි සියලූම පක්‍ෂවලට ආරාධනා කර තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්‍ෂය ඇතුළු සියලූ පක්‍ෂවලට, අපේ පක්‍ෂයේ සියලූ මන්ත‍්‍රීන්ට ආරාධනා කර තිබෙනවා. කාට හෝ ආරාධනා ලැබී නැත්නම් මම මේ අවස්ථාවේ විවෘත ආරාධනයක් කරනවා. මටත් තවම ආරාධනයක් ලැබී නැහැ. පක්‍ෂයේ අයට එහෙම ආරාධනා දෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා නොඑන්න, වෙන්වෙන්න හේතු සාදානොගෙන පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්වන ලෙස අපි සියලූ දෙනාට ආරාධනා කරනවා. සමහර මන්ත‍්‍රීන් සම්මේලනයට සූදානම් වෙද්දීම අපි එන්නේ නැහැ කීවා.ප‍්‍රශ්නය: පක්‍ෂ සභාපතිවරයා ගැන ගැටලූවක් තිබෙනවාද?පිළිතුර: වත්මන් ජනාධිපතිතුමාට පක්‍ෂ සභාපතීත්වය භාරදුන් හමුවේ සම්බන්ධීකරණ කටයුතු කළෙත් මම. ඒ වගේම පොළොන්නරුවේ පැවති අපේ සම්මේලනයේදී සභාපති පුටුවේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාත්, අනුශාසක පුටුවක මහින්ද රාජපක්‍ෂ මහතාත් අසුන් ගත්තා. ඉදිරියේදීත් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන්නවා.ප‍්‍රශ්නය: මෙවරත් ඒ අනුශාසක පුටුව වෙන්කර තිබෙනවාද?පිළිතුර: ඔව්. ඒ සියලූ දෙනාට ආසන වෙන් කරනවා. නමුත් ආවෙ නැත්නම් ඒවායේ වෙන අය අසුන්ගනීවි. හිස් ඉඩ තියන්න බැහැ.ප‍්‍රශ්නය: සභාපතිකම තවමත් අයිති හිටපු ජනාධිපතිවරයාට බවට නඩුවක් ගොණු කර තිබෙනවා නේද?පිළිතුර: එයත් රාජ්‍ය නොවන සංවිධානයක් ගොණු කර ඇති යුද අපරාධ චෝදනා වගේ. එදා හිටපු ජනාධිපතිවරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සභාපතිකම භාරදුන් බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. අද එය අමතක වී ඇති අය වෙනුවෙන් මාධ්‍ය මේවා පෙන්විය යුතුයි. නමුත් බොහෝ පෞද්ගලික නාලිකා ඒ දේ කරන්නේ නැහැ. තවමත් ඒ මාධ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට බයද කියන්න මම දන්නේ නැහැ. දැන් බය වෙන්න එපා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාධ්‍යවලට බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසා දැන්වත් ඒකාධිපති මානසිකත්වයෙන් මිදී ඒවා විකාශය කරන්න.ප‍්‍රශ්නය: පක්‍ෂයේ සමහරු වෙනත් පක්‍ෂවල කටයුතු කරන බව පේනවා. ඒ අය ගැන තීන්දු ගන්නේ නැද්ද?පිළිතුර: මේ විනය පියවර කල්යාම ගැන පක්‍ෂයේ අය අපෙනුත් අහනවා. ජනාධිපතිතුමාත් අපත් කාලයක් නිහඬව සිටියේ මේ අයත් එකතු කරගැනීමේ අවශ්‍යතාවය තිබූ නිසයි. ඒ උත්සාහය අප තවමත් අත්හැර නැහැ. ඒ අපට අනාගත ජයග‍්‍රහණ විජයග‍්‍රහණයක් කරන්න අවශ්‍ය නිසයි. ඒ නිසා විනය ක‍්‍රියාමාර්ග කල්යාමේ වගකීම මමත් ජනාධිපතිතුමාත් භාරගන්නවා. නමුත් දැන් රතු කට්ට පැනලා. දැන් අපට වහාම ක‍්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා.ප‍්‍රශ්නය: සන්ධානයේ කොටසක් කැඞීයාම පාඩුවක් නෙවෙයිද?පිළිතුර: සියලූ පිරිසිදු දේශපාලනඥයින්ට අපේ ඉල්ලූමක් තිබෙනවා. අපට පිරිසුදු දේශපාලනඥයන් උවමනා කර තිබේ. මෙතෙක් කලක් පිරිසිදු නැත්නම් පිරිසුදු වෙන්න කැමති අයට වැරදිවලින් මිදී අප ළඟට එන්න පුළුවන්. බුදු හාමුදුරුවෝත් එවැන් අවස්ථා දී තිබෙනවා. ජනාධිපතිතුමා අපට කියා තිබෙන්නේ කිසිම වංචාවක, දුෂණයක, මැර ක‍්‍රියාවක යෙදෙන්න එපා. එහෙම වුණොත් මම මොන ඉරණම ආවත් ගන්න තියෙන තීන්දුව ගන්නවා කියලයි.ප‍්‍රශ්නය: එවැනි අය පුනරුත්ථාපනය කරලද ගන්නේ?පිළිතුර: ඔව්.ප‍්‍රශ්නය: එ.ජා.පය හැර  ඕනෑම පක්‍ෂයක් සමඟ ඒකාබද්ධ වෙන්න සූදානම් බව බැසිල් රාජපක්‍ෂ මහතා කියනවා. ඒ ඇරයුම පිළිගන්න සූදානම්ද?පිළිතුර: අපිට එවැනි අවශ්‍යතාවක් නැහැ. එක එක පක්‍ෂවල අය එයට යන්න සූදානම් ඇති. මේ පක්‍ෂයේ පළමු, දෙවැනි, තුන්වැනි සාමාජිකයින් ගැන බැලූවොත් එක් අයෙක්ට අයිතිකාරයින් නැති ගෙවල් තිබෙනවා. තව කෙනෙක් ලක්‍ෂ 30ක් පගා අරන් අහුවුණ සභාපතිවරයෙක්. තව කෙනෙක් ස්ත‍්‍රී දුෂණවලට හසු වූ කෙනෙක්. එතෙන්ට  ඕනෑ කරන්නේ හොරකම්, මැරකම්, වංචාවලට ඉහළින් සම්බන්ධ අයයි.ප‍්‍රශ්නය: පළාත් පාලන මැතිවරණය මේ වසරේ පවත්වනවාද?පිළිතුර: විභාග නිසා ගැටලූවක් ඇති බව මැතිවරණ කොමසාරිස්තුමා කියනවා. දිනය තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ එතුමාටයි.ප‍්‍රශ්නය: 20 වැනි සංශෝධනයට පළාත් සභා විරුද්ධ වුණේ ඇයි?පිළිතුර: එහි ගැටලූ තිබූ බව අපිත් පිළිගන්නවා. ඒ ගැන අපි කටයුතු කළ යුතුයි. කෙසේ වුණත් මේ පනත පැරදවීමෙන් පේන්නේ අපේ පක්‍ෂයේම අයට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එදා  ඕන එකකට අත උස්සා සම්මත කළා. සංශෝධනවලින් පසු මෙය සම්මත වේවි.  ඕනෑ නම් මෙය පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකියි. නමුත් අපිට එසේ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඊට මෙහා මේ ප‍්‍රශ්නය විසඳාගත හැකියි.
’ශ්‍රීලනිපයට ගන්නේ පිරිසිදු චරිත විතරයි’
1
hp_train_1721
(ඩී.ජී.සුගතපාල)ඇප නියම කරන ලෙස ඉල්ලා රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ   සැකකරුවන් 17 දෙනාගෙන් 15 දෙනෙකු ඉදිරිපත් කර තිබූ ඇප අයදුම් පත් සලකා බැලු දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසරු ඩබිලිව්. පී. එස්. නිස්සංක මහතා  ඇප ලබාදීම අද (15) ප්‍රතික්ෂේප කළේය.දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා, දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.සමන් රෝහණ,  උප පොලිස් පරීක්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් උපුල් රංජිත්, උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.විමලසිරි, උප පොලිස් පරීක්ෂක ජී.කේ.විමලරත්න, සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම, කොස්තාපල් බී.ඒ.ආර්.අසංක, පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න , වලස්මුල්ල අඩවි වන නිලධාරී ආර්.එස්.සුවාරිස්, වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ බීට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද කොස්තාපල් අනිල් කුමාර, කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන් පහළොස් දෙනා මෙසෙ ඇප අයදුම් පත් ඉදිරිපත් කර තිබිණ.රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි අසේල මංජුල කුමාර සහ රසික චින්තක නැමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනි දින  පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරඇත.ඇප ඉල්ලිම් ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ මෙහිදී සියලු දෙනා එකම කණ්ඩායමක් ලෙස ක්‍රියා කළ ඇති අතර ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩ තිබෙන බවය.අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලීමට හැකි බවත් ඒ සඳහා අවශ්‍ය නම් නියෝගයේ පිටපත් පෙත්සම්කරුවන්ට ලබාදෙන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේය.සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ ඒ.පි.ජී.සරත්චන්ද්‍ර,පේමරත්න තිරාණගම,ඇතුලු නීතිඥවරු පිරිසක් පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධි නීතිඥ පත්මාල් වීරසිංහද සිල්වා මහතා සහ ලක්මිණි ගිරිහාගම මහත්මිය පෙනී සිටියහ.
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට
1
hp_train_1722
පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා නව පොලිස්පතිවරයා වශයෙන් පත්වීමෙන් පසු ප්‍රථම වතාවට අද (22) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. 
වයිස් අද්මිරාල් විජේගුණරත්න නව නාවික හමුදාපති
0
hp_train_1723
(උපාලි ආනන්ද)අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා  අද (03)   පස්වරුවේ  හදිසියේ අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයට පැමිණියේය. අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයට පැමිණි අගවිනිසුරුවරයා අනුරාධපුර මහාධිකරණ විනිසුරු නිළ මැදිරියේදී උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු ගියාන් රණවක අනුරාධපුර දිසා විනිසුරු චමරී දනන්සූරිය අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රත් හර්ෂණ කැකුණවෙල අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර සහ අනුරාධපුර කම්කරු විනිශ්චය සභාවේ   සභාපති සහ අතිරේක මහෙස්ත‍්‍රාත් කේ සී අතුකෝරල යන මහත්ම මහත්මීන් සමග විශේෂ සාකච්ඡාවක නියැලුණේය. එහිදි  අනුරාධපුර මහාධිකරණ සංකීර්ණය තුළ ක‍්‍රියාත්මකව පවතින  උතුරු මැද පළාත් බද මහාධිකරණයේ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ උතුරු මැද පළාත් බද සිවිල්  අභියාචානා මහාධිකරණයේ අනුරාධපුර දිසා අධිකරණයේ අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ අනුරාධපුර අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණයේ  සහ කම්කරු විනිශ්චය  සභාවේ  කැකිරාව සහ කැබිතිගොල්ලෑව දිසා මහේස්ත‍්‍රාත් අධිකරණ  වල මෙන්ම තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් අධිකරණයෙත්   මැදවච්චිය සහ නොච්චියාගම සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණ වලත්  නඩු විභාග කිරීමේ දෛනික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ.
අගවිනිසුරු හදිසියේ අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයට පැමිණෙයි
1
hp_train_1724
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(8)දැනුම් දුන්නේය.ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ  12 වැනි වගන්තියෙන් ඔහුට  පැවරී ඇති බලතල ප්‍රකාරවය.  
රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක්
1
hp_train_1725
(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි )                                                                          වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් පුස්සැල්ලාව ප්‍රදේශයේ තරුණයන් සහ තරුණියන් අද (25) පුස්සැල්ලාව නගරයේදී උද්ඝෝෂණයක් කළහ.  වතුකරයේ ජනතාවට ඔවුන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් නොලැබෙන බවත්, රටේ දැනට පවතින ජිවන වියදම අනුව වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට වතු සමාගම් සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට රජය මැදිහත් විය යුතු බවට ඔවුහු   පැවසුහ.වතු කම්කරුවෙකුට දැනට දිනක මුලික වැටුප වශයෙන් රු 530 වතු සමාගම් විසින් ගෙවන අතර එය රු 600 දක්වා වැඩි කිරිමේ යෝජනාවක් වතු  සමාගම් විසින් වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත ඉදිරිපත් කර තිබේ.එම යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර හෙට දිනයේ හෙට (26) වතුකරය පුරා මෙවැනි උද්ඝෝෂණ ගනණාවක් පැවැත්විමට ලංකා කම්කරු කොංග්‍රසය තිරණය කර  ඇත. 
වතුකම්කරු වැටුප වැඩිකරන්නැයි උද්ඝෝෂණයක්
1
hp_train_1726
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 25/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34258550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව36268545අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32259065වැසි ස්වල්පයක්.ගාල්ල31269075වැසි ස්වල්පයක්.යාපනය32287565ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර31219560වැසි ස්වල්පයක්.නුවරඑළිය21149070වැසි ස්වල්පයක්.රත්නපුරය34249060වැසි ස්වල්පයක්.ත්‍රිකුණාමළය36269050අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33278570ප්‍රධාන වශයෙන් වැසි රහිත.  
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1727
ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් අද (13) නාවික හමුදාව සොයාගෙන තිබේ. මෙම පුද්ගලයා  ඉන්දියාවේ, රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කරුප්පයියා මුන්නසාමි නැමැති 55 වියැති පුද්ගලයෙකු බවට තහවුරු කරගෙන ඇතැයි නාවික හමුදාව පවසයි. මේ වන විට මියගිය ධීවරයාගේ මෘතදේහය ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති  බවද නාවික හමුදාව සඳහන් කරයි. මෙම සෝදිසි මෙහෙයුම අතරතුර තවත් ඉන්දීය ජාතික ධීවරයින් අට දෙනෙකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත්වී ඇති අතර, මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔවුන් කන්කසන්තුරෙයි, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.    ඊයේ ( 12)  රාත්‍රියේදී ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ඉන්දියානු ධීවර යාත්‍රා 500 කට අධික ප්‍රමාණයක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන්  ඇල්ලීම පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් පසු  ඔවුන්  අත්අඩංගුවට ගැනීමට යද්දී ඉන්දීය දීවර යාත්‍රා දෙකක් එකිනෙකට ගැයමීමෙන් අනතුරක් සිදු විය. ඉන් පුද්ගලයින් 8 දෙනකු බේරාගැනීමට නාවික හමුදාවට හැකි වු අතර දිගින් දිගටම අනෙක් පුද්ගලයින් සොයා මෙහෙයුම් අරඹා තිබිණි. එහිදී මෙම මිය ගිය ධිවරයාගේ සිරුර හමු වී  තිබේ. එම සිරුර යාපනය පොලීසිය වෙත බාර දීමට නියමිතය . දේශසීමාව උල්ලංඝණය කරමින් ශ්‍රී ලාංකීය මුහුදු සීමාව තුළ අනවසරයෙන් මසුන් ඇල්ලීම සඳහා පැමිණි ඉන්දියානු ධීවර යාත්‍රා මඟින් ප්‍රදේශයේ දේශීය ධීවරයන්ගේ දැල් හා අනෙකුත් ධීවර ආම්පන්න රැසකට ද අලාභහානි සිදු වී  ඇතැයිද නාවික හමුදාව පවසයි.(36698) 
අනතුරට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ ධීවරයෝ මුදවා ගැනීමේ මෙහෙයුම් තවමත්
0
hp_train_1728
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (2) දිනයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු පළාතේ උදෑසන කාලයේ වැසි ඇතිවන අතර උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු අනතුරුද ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය. 
හෙට සිට යළිත් වැසි
0
hp_train_1729
රංජිත් රාජපක්ෂ                         ජිවන වියදමට සරිලන මුලික වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් මස්කෙලිය පොලිස් වසමට අයත් බෘවුන්ස්වික්  වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට වතු සමාගමට එරෙහිව අද (3) උද්ඝෝෂණයක නිරතවුහ.වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර සියළු දිමනා සමඟ වතු කම්කරුවකුගේ දෛනික  වැටුප රු 730  සඳහා අත්සන් කර තිබු වසර දෙකක අවබෝධතා ගිවිසුම මීට මාස කිහිපයකට ප්‍රථම අවසන් වී තිබේ.ජිවන වියදමට සරිලන නව  වැටුපක් ලබාදිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර යළිත් සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇත.තමන්ට කොන්දේසි විරහිතව දෛනික මුලික වැටුප රු 1000 දක්වා ඉහළ දමන ලෙස උද්ඝෝෂණයේ නියැලී සිටි වතු කම්කරුවෝ ඉල්ලා සිටිති.
නිසි වැටුපක් ඉල්ලා තලවකැලේ වතුකම්කරුවෝ පාරට බසිති
0
hp_train_1730
අජිත්ලාල් ශාන්තඋදය  එක්සත් ජාතික පක්‍ෂයට බලය හිමි බළන්ගොඩ නගර සභාවේ 2019 වසරේ අයවැය ලේඛනය විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් කිසිවකුගේ සභභාගීත්වය නොමැතිව අද (5) පැවති එම සභාවේ විශේෂ රැස්වීමක දී වැඩි ඡන්ද අටකින් සම්මත විය.සභාපති තමික ජයමිණි විමලසේන මහතාගේ මූලාසනයෙන් යුතුව අද (05) පෙරවරු 10.30ට පමණ මෙම රැස්වීම පැවැත්විණි. අයවැය සම්මත කිරිමේ විශේෂ සභාව පසුගිය 3 වැනි දාට නියමිතය.බළන්ගොඩ නගර සභාව පාලනය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද එක්විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයන් තිදෙනෙකු තේරීපත්ව සිටින අතර එක් සභිකයකු වන හිටපු නගර සභා සභාපති නිමල් ගාමිණි වීරසිංහ මහතා ද මෙම අවස්ථාවට පැමිණ සිටියේ නැත.එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් 6 දෙනාද, උප සභාපති එම්.එල්.එම්. රූමි මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සභිකයන් දෙදෙනෙකු ද අයවැයට පක්‍ෂව න්දය දුන්නේය.  ජනතා විමුක්ති පෙරමුණේ එකම සභිකයාවූ කේ.ජී.පේ‍්‍රමදාස මහතා අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.
නිවිතිගල ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්ද අටකින් සම්මතයි
0
hp_train_1731
( ටී.කේ.ජී.කපිල )  රුපියල් ලක්ෂ 47 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු   අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.  මොහු කන්කසන්තුරෙයි , මයිලඩි උතුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි . අද  අලුයම 1.57 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .   ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්රෑම් 320 ක් , මෙතැම්පටමයින් (අයිස්) ග්රෑම් 52 ක් සහ හෂීස් ග්රෑම් 230 ක් සගවා ගෙන පැමිණ සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .   මෙම පුද්ගලයා  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , දින 07 ක කාළයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කටයුතු කරමින් සිටිති .(ඡායාරූපය - ප්‍රසාද් මුතුකුඩ)
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දියානු තරුණයෙක් අත්අඩංගුවට
0
hp_train_1732
මහ මැතිවරණයට හරියටම සතියකි. ‘කුමක් වෙයිද’? කතාබහ ඒ සම්බන්ධයෙනි. මේ ඒ පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.ප‍්‍රශ්නය : මහ මැතිවරණයට හරියටම සතියයි. කොහොමද ඔබේ ගණන් බැලීම?පිළිතුර : එක්සත් ජාතික පෙරමුණ අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් ලබනවා. ඒක ඒකාන්තයි. රටේ සමස්ත ජනතාව පක්ෂයක්, පාටක් බලන්නේ නැතිව අපිත් එක්ක එකතු වෙනවා. විශේෂයෙන්ම එදා ජනාධිපතිවරණයේදී අපි දිනාගත්ත යහපාලනය වඩාත් අර්ථවත් කරගන්න ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒ අපේ පක්ෂය හරහා. ඒ නිසා ඒ ජනතාව තමන්ගේ ඒ දේශපාලන අභිලාසය මුදුන් පමුණුවන්න එක්සත් ජාතික පෙරමුණ දිනවනවා. ඒක සහතිකයි.ප‍්‍රශ්නය : එක පැත්තකින් මතයක් තියෙනවා. මේ මැතිවරණයේදී කිසිම පක්ෂයකට බහුතර බලයක් ලැබෙන්නේ නැහැ කියලා.පිළිතුර : ඒක මම පිළිගන්නේ නැහැ. රටේ හමන රැුල්ල දිහා බැලූවම එක්සත් ජාතික පෙරමුණට බහුතර බලය ලැබෙනවා. මම ගම්පහ දිස්ත‍්‍රික්කය පුරාම ගියා. ජන හමුවලට සහභාගි වුණා. ඒ ප‍්‍රතිචාරය ඔබ දැක්කා නම් ඇත්තටම ඔය ප‍්‍රශ්නය මතු කරන්නේ නැහැ. කිසිම සැකයක් නැහැ. එක්සත් ජාතික පෙරමුණට පැහැදිලි බහුතර බලයක් ලැබෙනවා.ප‍්‍රශ්නය : එජාපයට රට දෙන්න ගෙවීගිය මාස හතේදී කළ කී දෑ ප‍්‍රමාණවත් කියලා ඔබ හිතනවාද?පිළිතුර : අනිවාර්යයෙන්ම! රටේ යහපාලනය සඳහා මුල පිරුවේ අපේ පක්ෂයයි. රටේ දේශපාලන වෙනස ඇති කරන්න පක්ෂයක් විදියට අපි පරිත්‍යාගශීලී වුණා. ඒ වගේම ඇප වුණා, කැප වුණා. ඊට පස්සේ ආවේ ජාතික ආණ්ඩුවක්. එජාපය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ජාතික හෙළ උරුමය වගේ පක්ෂ ගණනාවක් ඒකරාශි වෙලා තමයි ඒ ජාතික ආණ්ඩුව දින සියයකට නිර්මාණය කළේ. ඒ දින සියයේ වැඩ සටහනින් පස්සේ තමයි අපි මහ මැතිවරණයට යන්න ඉලක්ක කළේ. ඒ දින සියයේ වැඩ පිළිවෙළ හරහා රටට දිනා දුන්න ජයග‍්‍රහණ. ඒ ජයග‍්‍රහණ තව තවත් වැඩියෙන් අත්පත් කරගන්න ජනතාව තීන්දු කරලා ඉවරයි.ප‍්‍රශ්නය : ගම්පහ දිස්ත‍්‍රික්කය ගැන කතා කළොත් කොහොමද ගම්පහ දිස්ත‍්‍රික්කයේ හැසිරීම?පිළිතුර : ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් අපි ඉහළම ජයග‍්‍රහණයක් ලබාගන්නවා. අපේ රැුස්වීම්වලට මහා සෙනගක් එනවා. ඒ විතරක් නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සභාපතිවරුන්, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් තමයි රැුස්වීම සංවිධානය කරන්නේ. ඒකෙන් පේනවා රැුල්ල තියෙන්නේ අපටයි කියලා. විශාල උද්ඝෝෂණයක්... උනන්දුවක් ජනතාව තුළ ඇතිවෙලා තියෙනවා.ප‍්‍රශ්නය : ඔබ එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ සභාපති. ගම්පහ දිස්ත‍්‍රික්කයේ තරුණයන්ට ඔබ දිනා දෙන්නේ මොනවාද?පිළිතුර : රටේම තරුණයන් වගේ තමයි ගම්පහ දිස්ත‍්‍රික්කයේ තරුණයොත් ඉල්ලා සිටින්නේ රැුකියා අවස්ථා. ආයෝජන අවස්ථා. අධ්‍යාපන අවස්ථා වගේම ක‍්‍රීඩා කෞෂල්‍යය දියුණු කර ගැනීමේ අවස්ථා තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය මේ රටේ තරුණ පරපුර සම්පූර්ණයෙන්ම අමතක කරලා තිබුණේ. තාරුණ්‍යයට හෙටක් කියලා ඒ අය තමන්ගේ පුතාලට හෙටක් තමයි හදන්න බැලූවේ. දැයට කිරුළ කියලා පුතුට කිරුළ තමයි හදන්න හැදුවේ. ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ තරුණ පරපුර ඉලක්ක කරලා අපේ රජයක් යටතේ විශේෂ ජාතික වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා. අග‍්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානය ඒ සම්බන්ධයෙන් යොමු කරලා තියෙනවා. එතැනදී ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන්න අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ගුණාත්මක වෙනසක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. සෑම ආසනයකම හැම පාසලක්ම වැඩිදියුණු කරන්න බලාපොරොත්තු වෙනවා.  සෑම ආසනයකම, සෑම පාසලක් දියණු කරන ගමන් දිස්ත‍්‍රික්කයේ තෝරාගත් නගරවල දැනට ඇති ප‍්‍රධාන පාසල්වලට ලබාදෙන පහසුකම් විශාල ලෙස වැඩි කර ජනප‍්‍රිය පාසල් සඳහා තිබෙන තරගය බොහෝදුරට අවම කරනවා. අපේ දිස්ත‍්‍රික්කය ගත්තොත් ඉතාම දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉන්නවා. නමුත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා ක‍්‍රීඩා සමාජ තිබුණත් ඔවුන්ට අවශ්‍ය උපකරණ නැහැ. ක‍්‍රීඩා උපදේශන සේවයක් නැහැ. නවීන ක‍්‍රීඩා පිට්ටනි සහ ගෘහස්ත ක‍්‍රීඩා පිට්ටනි නෑ. පසුගිය කාලයේදී මම මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළා. ඒකේ ප‍්‍රතිඵල තියෙනවා. ඒවා තවත් වැඩිදියුණු කරන්න අවශ්‍යයි. අපේ රජය යටතේ ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරනවා.ප‍්‍රශ්නය : මෙයට පෙර පැවැති සම්මුඛ සාකච්ඡුාවකදී ඔබ කිව්වා ගම්පහ දිස්ත‍්‍රික්කයේ තරුණ පරපුර ඉලක්ක කරමින් විශේෂ රැුකියා හා ආයෝජන අවස්ථා නිර්මාණය කරනවා කියලා.පිළිතුර : ඔව් අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේදී අපේ නායකතුමා ඉතාම පැහැදිලිව ප‍්‍රකාශ කරලා තියෙනවා එතුමා ගම්පහ දිස්ත‍්‍රික්කයේ ආසන කිහිපයකම කර්මාන්තපුර බිහි කරනවා කියලා. එවැනි කර්මාන්තපුර බිහි කිරීමෙන් විශාල රැුකියා අවස්ථා ප‍්‍රමාණයක් නිර්මාණය වෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි තරුණයන්ට නැත්තේ අවස්ථාවන්. අපි ඔවුන්ට දෙන්න  ඕනෑ අවස්ථාවන්. මගේ බියගම ආසනයේ මගේ නායකතුමා සංවිධායක වශයෙන් ඉන්න කාලෙත් එතුමා කර්මාන්ත පුරයක් බියගමට ලබා දුන්නා. එයින් විශාල දියුණුවක් ඇතිවුණා. රැුකියා දහස් ගණනක් තරුණ තරුණියන්ට ලැබුණා. එබඳු අවස්ථා විශාල ප‍්‍රමාණයක් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම පිටරටින් ආයෝජන ගෙනල්ලා අවශ්‍ය කර්මාන්ත ශාලා බිහි කරලා ගම්පහ දිස්ත‍්‍රික්කයේ තරුණ ජනයාට රැුකියා අවස්ථා ලබා දෙනවා. ඒකට අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කරලයි තියෙන්නේ.ප‍්‍රශ්නය : ඔබේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වෙනවා මුළු බස්නාහිර පළාතම එකම නගරයක් බවට පත් කරනවා කියලා.පිළිතුර : ඔව් බස්නාහිර පළාතම එකම නගරයක් කරන්න අවශ්‍යයි. එතකොට විද්‍යාත්මක ක‍්‍රමයට යටිතල පහසුකම් දියුණු කරන්න පුළුවන්. වැඩිම ජනතාවක් ජීවත් වෙන්නේ මේ බස්නාහිර පළාතේ. කොළඹ විතරක් දියුණු කරන්නේ නැතිව ගම්පහත්. කළුතරත් ඒ විදිහටම දියුණු කරලා සමාන මට්ටමට ගෙනල්ලා එකම නගරයක් බවට පත් කළාම ඒක ජනතාවට වඩාත් වාසිදායක තත්ත්වයක්. විශේෂයෙන්ම කියන්න  ඕනෑ... සංවර්ධනය කියන්නේ ජනතාවගේ අවශ්‍යතාවයන් තේරුම් ගනිමින් අනාගත අභියෝග හඳුනා ගනිමින් ඒවා ජය ගැනීමට සමත්වන ආකාරයට ව්‍යාපෘති සැලසුම් කිරීමයි. අපි කරන්නේ ඒ දෙයයි.ප‍්‍රශ්නය : ඔබ තරුණයෙකු හැටියට ජාතික නායකත්වයට වේගයෙන් පැමිණි කෙනෙක්. රටේ පොදු තරුණයාටත් තමන්ගේ දක්ෂතාවය මත එහෙම මතුවෙන්න අවශ්‍ය පරිසරය එජාප ආණ්ඩුවක් යටතේ හැදේවිද?පිළිතුර : අනිවාර්යයෙන්ම! අපේ පක්ෂයේ යොවුන් පෙරමුණ හරහා අපේ නායකතුමාටත් අපි ඉල්ලීමක් කළා.  ඕනෑම මැතිවරණයකදී අපේ යොවුන් පෙරමුණේ ක‍්‍රියාකාරී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒක තරුණ ප‍්‍රජාව බලාපොරොත්තුවෙන් සිටින දෙයක්. මම මුලිනුත් කිව්වේ ඒකයි. මේ රටේ තරුණ තරුණියෝ ඉල්ලා සිටින්නේ අවස්ථාවන්. අවස්ථාවන් ලැබෙනවා නම් අභියෝග ජයගන්න ඔවුන්ට පුළුවන්. මමත් අපේ යොවුන් පෙරමුණත් නායකතුමාගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කළේත් මැතිවරණවලදී යොවුන් පෙරමුණේ ක‍්‍රියාකාරීන්ට වැඩි අවස්ථාවක් දෙන්න කියලා.ප‍්‍රශ්නය : ඔබ මෙතෙක් ගම්පහ දිස්ත‍්‍රික්කයට කළ කී දෙය සම්බන්ධයෙන් තෘප්තිමත්ද?පිළිතුර : ඇත්තටම සමාජ සේවයේදී තෘප්තිමත් භාවයක් ඇති කරගන්නේ කොහොමද කියන එක මට නම් ප‍්‍රශ්නයක්. මට මූළු දේශපාලනයම සමාජ සේවයක්. ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්කම් දක්වපු සිසු සිසුවියන්ට, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉහළම දක්ෂතා දක්වපු සිසු සිසුවියන්ව අපි දිරිමත් කරනවා. ඔවුන්ගේ ජයග‍්‍රහණය අපි අගය කරනවා. වයිෆයි තාක්ෂණය ලබල දෙන්න ඉදිරියේදී මම කටයුතු කරගෙනයි යන්නෙ. මත් උවදුරින් ගම්පහ දරුවන් සහ තරුණ තරුණියන් බේරාගැනීමේ විශේෂ වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම කිවයුතුයි... මේ රටේ වීරෝදාර ආරක්ෂක අංශවල සාමාජිකයින් ඉලක්ක කරලා විශේෂ ජාතික වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා. දැනට මේක ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මකයි. එතැනදී මියගිය හමුදා පවුල්වල ආබාධිත සෙබළුන් හා එම සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙනවා. එහිදී එම විරුවන්ගේ ඉඩම් ප‍්‍රශ්නය සහ නිවාස ප‍්‍රශ්නය ගැන විශේෂ අවධානයක් යොමුකරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ එණවිරු සාමාජිකයන්ට තිබුණ නිවාසයක සහ තමන්ටම උරුම ඉඩම් කැබැල්ලක සිහිනය ඉදිරි එජාප රජයක් තුළින් සැබෑකරන්නයි මගේ අදහස. ආරක්ෂක අමාත්‍ය ජනාධිපති තුමාගේ සහ ගරු අගමැතිතුමාගේ අනුමැතිය ඇතිව ඉඩම් ඇමැතිතුමාගේ නිර්දේශය මත අවම වශයෙන් පර්චස් 10ක ඉඩමක් සහ එහි නිවෙසක් තනාගැනීමට ඉතාම අවම පොලියකට ණය මුදලක් ලබාදෙන්න මගේ යෝජනා තුළ තිබෙනවා. ගම්පහ දිස්ත‍්‍රික්කයේ කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා විශේෂයෙන්ම මම ආරම්භ කළ ලියදිරිය වැඩ සටහන සීග‍්‍රයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ ව්‍යාප්ත වෙනවා. මේක රට පුරාම ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මධ්‍යම අධිවේගී මාර්ගයට මුල්ගල තිබ්බා. මේ සියලූ සංවර්ධන ව්‍යාපෘති මගින් පොදුවේ රටටත් විශේෂයෙන්ම ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජනතාවටත් විශාල වශයෙන් ප‍්‍රයෝජන අත්පත් වෙනවා.ප‍්‍රශ්නය : එක්සත් ජාතික පෙරමුණට මීළඟ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවා?පිළිතුර : අනිවාර්යයෙන්ම ඔව්! ඒ පිළිබඳව කිසිම සැකයක් නැහැ. මේ මැතිවරණයේ ජයග‍්‍රහණය වෙනුවෙන් මෙන්ම ඒ ලබාගන්නා ජයග‍්‍රහණය සුරක්ෂිත කර රටට ජනතාවට වඩාත් යහපත් අනාගතයක් නිර්මාණය කිරීමේ වගකීමේදී මා වෙත පවරන  ඕනෑම කාර්යභාරයක් ඉතාම ඉහළින්ම ඉටුකිරීමට මම සූදානම්. 
අපේ දරුවන් දැනුමෙන් උගත්කමින් සන්නද්ධ කිරීමේ වගකීම නොපිරිහෙළා ඉටුකරනවා ඔක්කොටම මුල විනයක් නැතිකම - ජනපති
0
hp_train_1733
ශ්‍රී ලංකන් ගුවන්  සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන ඊයේ (7) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නිම කළේය.ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අවසන් ගුවන් ගමන සිදුකරමින් දිවයිනට ලගා වු යානය කටුනායකදී ජල ප්‍රහාර විදිමින් ආචාර සමාචාර පවත්වමින් පිළිගත් අතර යානායේ සමුගැනීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් සමාගම චාම් උත්සවයක්ද  සංවිධානය කර තිබිණි. එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානාදිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහාආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල ඉතිහාසගත විය. මෙම අවසන් ගුවන් මෙහෙයුමෙන් පසු A340  ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට සමු දී නික්ම යනු ඇත.වර්ෂ 1994 සැප්තැම්බර් මස 1 වෙනි දා එයාර්බස් ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනය කළ අතිනවීන ගුවන් යානාවක් වූ A340 ගුවන් යානය ප්‍රථම වතාවට ජාතික ගුවන් සේවයට එක් වන ලදී. වසර 21 කාලයක් පුරා A340 ගුවන් යානා හතක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය සඳහා යොදාගනිමින්ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන යටතේ නවතම එයාර්බස්  330-300 ගුවන් යානා හතක් මෙම මෙහෙයුම් සදහා ගුවන් යානා ඇණියට එක්කිරීමට කටයුතු යොදා තිබේ.  මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාඅති නවීන ගුවන් මැදිරි වලින් සමන්විත වන අතර අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක්,උසස් තාක්ෂණික පහසුකම් සහ  WIFI සම්බන්ධතාවය අත්විඳීමේ අපහසුකමද පවතී. එසේම මෙහි ගුවන් මැදිරිවල  හාත්පස පැතිරුණු ආලෝකනය,සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත.ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “   පසුගිය දශක දෙක පුරා A340 ගුවන් යානා අපගේ ගුවන් ගමන් ජාල ව්‍යාප්තිය සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. මෙමගින් ජාතික ගුවන් සේවය නව වෙළෙඳපොලවල් වෙත ගෙන යාමටත්  සංචාරක පැමිණීම් තුළින් ජාතික ආර්ථිකය නංවාලීමටත් හැකිවී ඇත. කලාපීය තරගකාරී ගුවන් සේවා අභිබවාකටයුතු කිරීමටත් මෙම ගුවන් යානා කොළඹින් සහ එයින් පිටතට සිදුකරන නොනවතින සෘජු ගුවන් ගමන් සඳහා යොදා ගැනීමටත් මෙයින් හැකිවී ඇත. මෙමA340 ගුවන් යානා අප ගුවන්යානා ඇණියෙන් නික්ම ගියත් අපගේ නවතම A330-300 ගුවන් යානා මගින් නව ගමනක් යෑමටත් ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරය පිරි නවීන ගෝලීය ගුවන් සංචාර සැපයීමටත් හැකිවනු ඇති බව ද  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.මේ පිළිබඳව අදහස් දක්වමින්  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් ප්‍රධානී කපිතාන් රජීන් රණතුංග  මහතා සඳහන් කළේ මෙම A340 ගුවන් යානය දිගු දුර ගුවන් සඳහා  ගුවන් පැය විශාල ප්‍රමාණයක් පියාසර කර ඇති බැවින් එම යානාවන්ට විශ්‍රාම ලබා දීමට සිදුවීම පිළිබඳ ඉතා කණගාටුවන බවයි. නමුත් මේවන විටත් මගීන්ට සුව පහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නවතම එයාර්බස්  330-300 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් බල ඇණියට එක්කර තිබීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවද හෙතෙම පැවසීය.මෙලෙස ශ්‍රීලංකන් වෙතින් සමුගෙන යන A340 ගුවන් යානාව ශ්‍රී ලංකාවේ සවිල් ගුවන් සේවා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ ගුවන් යානාවකි. එනම් අති උතුම් ශුද්ධෝත්තම II ජුවාම් පාවුලු පාප් වහන්සේ සහ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේශ්‍රී ලංකාවට සැපැත් වූයේද මෙම ගුවන් යානයේ වන අතර ඊට අමතරව විදේශීය සම්භාවනීය පුද්ගලයින් රැසැක්ම මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඊට අමතරව 2004 වර්ෂයේ ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී ආධාර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය උපකාරී වී තිබේ.මෙම A340 ගුවන් යානා හඳුන්වාදීම සිදුවූයේ ඒවනතෙක් භාවිත කල  ද්විත්ව එන්ජින් සහිත ලොක්හීඩ්  L1011 ට්‍රයිස්ටාර් ගුවන් යානා සේවයෙන් ඉවත් කිරීමෙන් පසුවය. ඉන් අනතුරුව මෙම A340 ගුවන් යානා කොළඹ සිට ලන්ඩන් සහ ටෝකියෝ වෙත නොනවතින ඝෘජු ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී. A340 ගුවන් යානාවට ගුවන් සැතපුම් 13,000 ප්‍රමාණයක් පියාසර කරමින් මගීන් 300 ක් රැගෙන යාමේ පහසුකම තිබේ.කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා වැඩි දියුණු වන එන්ජින් තාක්ෂණයත් සමඟ එන්ජින් හතරක් සහිත ඉහළ ඉන්ධන පරිභෝජනය ඇතිA340 ගුවන් යානා වෙනුවට ද්විත්ව එන්ජින් වලින් සමන්විත වන ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ එයාර්බස්  330 ගුවන් යානා ප්‍රතිඇණිගත කරන ලදී.ශ්‍රී ලංකන් ගුවන්  සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන ඊයේ (7) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නිම කළේය.ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අවසන් ගුවන් ගමන සිදුකරමින් දිවයිනට ලගා වු යානය කටුනායකදී ජල ප්‍රහාර විදිමින් ආචාර සමාචාර පවත්වමින් පිළිගත් අතර යානායේ සමුගැනීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් සමාගම චාම් උත්සවයක්ද  සංවිධානය කර තිබිණි. එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානාදිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහාආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල ඉතිහාසගත විය. මෙම අවසන් ගුවන් මෙහෙයුමෙන් පසු A340  ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට සමු දී නික්ම යනු ඇත.වර්ෂ 1994 සැප්තැම්බර් මස 1 වෙනි දා එයාර්බස් ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනය කළ අතිනවීන ගුවන් යානාවක් වූ A340 ගුවන් යානය ප්‍රථම වතාවට ජාතික ගුවන් සේවයට එක් වන ලදී. වසර 21 කාලයක් පුරා A340 ගුවන් යානා හතක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය සඳහා යොදාගනිමින්ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන යටතේ නවතම එයාර්බස්  330-300 ගුවන් යානා හතක් මෙම මෙහෙයුම් සදහා ගුවන් යානා ඇණියට එක්කිරීමට කටයුතු යොදා තිබේ.  මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාඅති නවීන ගුවන් මැදිරි වලින් සමන්විත වන අතර අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක්,උසස් තාක්ෂණික පහසුකම් සහ  WIFI සම්බන්ධතාවය අත්විඳීමේ අපහසුකමද පවතී. එසේම මෙහි ගුවන් මැදිරිවල  හාත්පස පැතිරුණු ආලෝකනය,සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත.ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “   පසුගිය දශක දෙක පුරා A340 ගුවන් යානා අපගේ ගුවන් ගමන් ජාල ව්‍යාප්තිය සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. මෙමගින් ජාතික ගුවන් සේවය නව වෙළෙඳපොලවල් වෙත ගෙන යාමටත්  සංචාරක පැමිණීම් තුළින් ජාතික ආර්ථිකය නංවාලීමටත් හැකිවී ඇත. කලාපීය තරගකාරී ගුවන් සේවා අභිබවාකටයුතු කිරීමටත් මෙම ගුවන් යානා කොළඹින් සහ එයින් පිටතට සිදුකරන නොනවතින සෘජු ගුවන් ගමන් සඳහා යොදා ගැනීමටත් මෙයින් හැකිවී ඇත. මෙමA340 ගුවන් යානා අප ගුවන්යානා ඇණියෙන් නික්ම ගියත් අපගේ නවතම A330-300 ගුවන් යානා මගින් නව ගමනක් යෑමටත් ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරය පිරි නවීන ගෝලීය ගුවන් සංචාර සැපයීමටත් හැකිවනු ඇති බව ද  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.මේ පිළිබඳව අදහස් දක්වමින්  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් ප්‍රධානී කපිතාන් රජීන් රණතුංග  මහතා සඳහන් කළේ මෙම A340 ගුවන් යානය දිගු දුර ගුවන් සඳහා  ගුවන් පැය විශාල ප්‍රමාණයක් පියාසර කර ඇති බැවින් එම යානාවන්ට විශ්‍රාම ලබා දීමට සිදුවීම පිළිබඳ ඉතා කණගාටුවන බවයි. නමුත් මේවන විටත් මගීන්ට සුව පහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නවතම එයාර්බස්  330-300 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් බල ඇණියට එක්කර තිබීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවද හෙතෙම පැවසීය.මෙලෙස ශ්‍රීලංකන් වෙතින් සමුගෙන යන A340 ගුවන් යානාව ශ්‍රී ලංකාවේ සවිල් ගුවන් සේවා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ ගුවන් යානාවකි. එනම් අති උතුම් ශුද්ධෝත්තම II ජුවාම් පාවුලු පාප් වහන්සේ සහ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේශ්‍රී ලංකාවට සැපැත් වූයේද මෙම ගුවන් යානයේ වන අතර ඊට අමතරව විදේශීය සම්භාවනීය පුද්ගලයින් රැසැක්ම මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඊට අමතරව 2004 වර්ෂයේ ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී ආධාර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය උපකාරී වී තිබේ.මෙම A340 ගුවන් යානා හඳුන්වාදීම සිදුවූයේ ඒවනතෙක් භාවිත කල  ද්විත්ව එන්ජින් සහිත ලොක්හීඩ්  L1011 ට්‍රයිස්ටාර් ගුවන් යානා සේවයෙන් ඉවත් කිරීමෙන් පසුවය. ඉන් අනතුරුව මෙම A340 ගුවන් යානා කොළඹ සිට ලන්ඩන් සහ ටෝකියෝ වෙත නොනවතින ඝෘජු ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී. A340 ගුවන් යානාවට ගුවන් සැතපුම් 13,000 ප්‍රමාණයක් පියාසර කරමින් මගීන් 300 ක් රැගෙන යාමේ පහසුකම තිබේ.කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා වැඩි දියුණු වන එන්ජින් තාක්ෂණයත් සමඟ එන්ජින් හතරක් සහිත ඉහළ ඉන්ධන පරිභෝජනය ඇතිA340 ගුවන් යානා වෙනුවට ද්විත්ව එන්ජින් වලින් සමන්විත වන ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ එයාර්බස්  330 ගුවන් යානා ප්‍රතිඇණිගත කරන ලදී.    
ශ්‍රී ලංකන් ගුවන් සමාගම - එයාර් සීෂෙල්ස් සමඟ ගිවිසුමක්
0
hp_train_1734
ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වලට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන මිලිමිටර්75 ට වැඩි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ගිනිකොණ වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද  වැසි ඇති වේ.  ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/04/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය36269050සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි ඇති විය හැක.මඩකලපුව33279060උදෑසන කාලයේ වැසි ස්වල්පයක්  සහ  සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි ඇති විය හැක.කොළඹ33269075සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල34269075සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.යාපනය35287560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි ඇති විය හැක.මහනුවර31229570සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය23129570සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය33249570සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය34269065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමන්නාරම33279070සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි ඇති විය හැක.
‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘
0
hp_train_1735
අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙලේ දී (Future Travel Experience Asia Awards ) මධ්‍යම සහ දකුණු ආසියාවේ විශිෂ්ටතම සමස්ත සේවා ගුවන්සේවය ලෙස ශ්‍රීලංකන්  ගුවන් සමාගම නොකඩවා තෙවැනි  වසරටත් සම්මාන දිනාගත්තේය. මෙම සම්මාන උළෙල ආසියානු සහ ශාන්තිකර කලාපයේ පාරිභෝගික කේන්ද්‍රීය  ගුවන් සේවා සහ ගුවන් තොටුපළ විසින් පිළිගනු ලබන සම්මාන උළෙලකි.  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ  මෙම සම්මානය ගුවන් සමාගමේ ගුවන් මෙන්ම භූමි කටයුතු මෙහෙයවන  සෑම  සාමාජිකයකුගේම සුවිශේෂී උත්සාහයන්හි සෘජු  ප්‍රථිඵලයක් බවයි. “අපගේ සේවා සහ  නිෂ්පාදන තුළ පවතින දිගු කාලීන සහ  උසස් තත්ත්වයේ  ප්‍රමිතීන් මෙමගින් පෙන්නුම් කරනවා” යයිද රත්වත්ත මහතා පැවසීය.  රත්වත්ත මහතා  වැඩිදුරටත්  ප්‍රකාශ කර සිටියේ ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අප ලබාදෙන කැපවීම තුළින් අපගේ සමස්ත ගමන් මග තුරාවට  පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ රැසක්  හිමිකර දී ඔවුන්ව තෘප්තිමත් කිරීමේ අභිමානය ගුවන් සමාගම  සතුවී ඇති බවයි.  පසුගිය සති කිහිපයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගෝලීය සහ කලාපීය ගෞරවනීය සම්මාන රැසක්  දිනාගත්තේය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සිය විශිෂ්ටතාවය විදහා දක්වමින් ගුවන් සේවා මගීඅත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association (APEX) ඉහළඇගයුම්  (Four Star) ලැබීමටසමත්විය. එසේම කලාපීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ “ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන්සේවය” ලෙස 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී පැසසුම්ලැබීය. රටවල් ගණනාවකට අයත් අනෙකුත් ගුවන් සේවා අභිබවා යමින් ශ්‍රී ලන්කන් ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරිපංතිඅතරින් “විශිෂ්ටතම පංතිය” ලෙස සම්මානයට පාත්‍රවිය. ගුවන්යානා අභ්‍යන්තර සේවා ආසියා-ශාන්තිකර කලාපීය සම්මාන උළෙලේදී‍    “වාණිජ ගුවන් යානා ආසන මැදිරි සඳහා වන නවෝත්පාදනය” සඳහා ද  ගුවන් සමාගම සම්මානයෙන් පිදුම් ලැබීය.  ශ්‍රීලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන්සේවයක් ලෙස කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ ගමනාන්ත 102 දක්වා සිය ගුවන් ගමන් විහිදුවයි. නවීන ගුවන්යානාවන්හි සුව පහසුආසන, නවීන පන්නයේ විනෝදාස්වාද පද්ධති,  ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරිකාර්ය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමට ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට මෙමගින් හැකිවේ.ශ්‍රී ලංකන්  සිය  වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා  රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් ගමන් සිදුකරනු ලබයි.  පින්තූරය:ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිංගප්පූරුවේ කළමනාකාර මොහාන් මීගොල්ල මහතා (දකුණ ) ගුවන් සමාගම වෙනුවෙන්2017 අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙලේ දී  සම්මානය ලබාගන්නා අයුරු  
කොචින් ගුවන් ගමන් 18 වැනිදා තෙක් අත්හිටුවයි
0
hp_train_1736
(සිරංගිකා ලොකුකරවිට)                         ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ, කෙහෙල්ගස්හේන ප්‍රදේශයේ නිවසක මියගිය 82 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිත බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් අද (25) තහවුරු වී තිබේ.අක්මීමණ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි මෙම කාන්තාව ඊයේ (24) නිවසේ දී මියයාමෙන් පසුව සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනවිත්  පීසීආර් පරීක්ෂණය සඳහා යොමුකළ බවයි.  මෙම නිවසේ කිසිවකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන හෝ ආශ්‍රිතයකු වීමෙන් නිරෝධායනයට හෝ ලක්ව නොසිටි බව ද දැනගන්නට ඇත. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මෙම මරණය ආදාහනය කිරීමේ කටයුතු අද සවස සිදුකිරීමට නියමිත ය.මෙම මරණයක් සමග ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අක්මීමණ නිවසක මියගිය කාන්තාවකට කොරෝනා
1
hp_train_1737
(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ) කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතා සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන්නැයි පොලිස් කොමිසමෙන් දුන් නියෝගය නොතකා ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කිරීමට නිකුත් කළ පොලිස් පණිවුඩය වහාම අවලංගු කර ඒ මහතා ගම්පහ පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත ජාතික පොලිස් කොමිසම අද (11) නියෝග කළේය. ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ අවස්ථාවේ දී කතරගම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන ඔහු එම ධුරයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන ලෙස නියෝග කළේය.  කෙසේ වෙතත් අඟහරුවාදා (09) ඊට අදාල පොලිස් පණිවුඩය නිකුත් කර තිබුණු අතර එහි සඳහන් වුණේ කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ වාහම ක්‍රියාත්මක වන පිරිදි පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කරන බවයි. කතරගම පොලිස් ස්ථානාධිපති සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්තර කරන ලෙස තීන්දුවක් ගෙන තිබිය දී ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළේ කෙසේදැයි ජාතික පොලිස් කොමිෂන් සභාව අද (11) රැස්වූ අවස්ථාවේ කොමිසමේ සාමාජිකයන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බව එහි ආරංචි මාර්ග කියයි. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කරමින් නිකුත් කළ පොලිස් පණිවුඩය අහෝසි කරන ලෙස නියෝග කළ පොලිස් කොමිසම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වහාම ගම්පහ පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කරන ලෙස දැනුම් දුන්නේය. එම නියෝගය අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගම්පහ පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව කොමිසමේ ආරංචි මාර්ග කියයි.  පොලිස් කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා ගත් තීන්දුව වෙනස් කරමින් ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කරනු ලැබුවේ ඉහළ දේශපාලනඥයකුගේ උපදෙස් මත ද යන්න සැක සහිත බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
කතරගම ස්ථානාධිපති පූගොඩට දැමීමේ පොලිස් පණිවුඩය කොමිසමෙන් අවලංගු කරයි
1
hp_train_1738
(අංජුල මහික වීරරත්න සහ නෙළුව පියරත්න ජයවික‍්‍රම)”අනාගතයේ ජාත්‍යන්තරය සමග එක්වී දියුණුවන ශ්‍රී ලංකාවේ සැබෑ උරුමක්කරුවන් වීමට නම් නවීන භාෂා ඉගෙන ගන්නැයි.” අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලාංකේය තරුණ පරපුරෙන් ඉල්ලා සිටියේය. ‘‘ආර්ථිකය දියුණු වීමත් සමඟ රැුකියා වෙළෙඳ පොළ කුමක් දැයි හඳුනාගෙන ඊට උචිත අධ්‍යාපනයක් දෙන බව ද’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය. නෙළුව හප්පිටිය ග‍්‍රාමයේදී යෞවන සමාජ තරුණ තරුණියන් සමග සුහද සංවාදයකට එක් වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය. ජාතික තරුණ සේවා සභාව සහ අයි.ටී.එන්. නාළිකාව එක්ව සංවිධාන කළ යූත්විත් ටැලන්ට් වැඩ සටහනේ ගමට කෝටියක් තරග ඉසව්වෙන් ප‍්‍රථම ස්ථානය දිනූ හප්පිටිය රිදී තරු පාලම නිරීක්ෂණයට එක් වු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අනතුරුව තරුණ තරුණියන් සමඟ සුහද සංවාදයක ද නිරත විය. තරුණ තරුණියන් ඉතා උනන්දුවෙන් තම ගැටලූ මෙන්ම අදහස් ද අග‍්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන අයුරු දැක ගත හැකි විණි. තරුණ තරුණියන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ ප‍්‍රශ්න සහ අදහස් ද ඒවාට අග‍්‍රාමාත්‍යවරයා දුන් පිළිතුරු ද මෙසේය. ප‍්‍රශ්නය :- ස්වේච්ඡා සංවිධාන ක‍්‍රියාකාරීන්ට විශ්වවිද්‍යාල හෝ විද්‍යා පීඨයට හෝ ඇතුළත් වීමේදී යම් ලකුණක් දිය හැකි නම් ඉතා කාලෝචිත බව අපේ හැඟීමයි. පිළිතුර :- අනාගතයේදී වැඩිදුරම තැනක් ලැබෙන්නේ වෘත්තීය පුහුණුවටයි. වෘත්තීය දැනුමටයි. ප‍්‍රදේශයේ දියුණුවට නම් වෘත්තීය දැනුමක් අවශ්‍යයි.යෞවන සමාජ මාර්ගයෙන් ගමේ කරන වැඩ කටයුතු මාර්ගයෙන් යෞවන සමාජයත් වෘත්තීය පුහුණුවට එකතු විය යුතුයි. සියලූ දෙනාටම විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව නැහැ. කිසිම රටක හැම දෙනාටම උපාධිය ලැබෙන්නෙත් නැහැ. හැමදෙනාම ගුරු වෘත්තියට යන්නෙත් නැහැ. යෞවන සමාජ, පුද්ගලික අංශය සියල්ල එකතුවී පුහුණුවීම් කටයුතු ගමේම කරන්නේ කෙසේදැයි අප සාකච්ඡා කරනවා. හෝටල් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා ඔබ භාෂා ඉගෙන ගත යුතුයි. දෙද්දුව, අකුරල ඇතුළු ප‍්‍රදේශයේ ශීඝ‍්‍ර ආර්ථික දියුණවක් ඇති වීමට නියමිතයි. ඔබ භාෂා ඉගෙන ගත්තොත් හොඳයි නේද? ඔබට නව රැකියා අවස්ථා ලැබෙනවා. සංචාරක මඟ පෙන්වන්නකු බවට පත් වීමට හැකියාව තිබෙනවා. මේ ප‍්‍රදේශයෙන් සිංහරාජයට 50 දෙනෙකුවත් යන්නේ නැති බව මා සිතනවා. ඇයි ඒ? 200 ත් 500 ත් සංචාරකයන් ගෙන යන්න බැහැ. අනික අපට අවශ්‍ය පොල් කුඩු සංචාරකයන් නොවෙයි. සල්ලි වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගත යුතුයි. යෞවන සමාජ රජය සහ පෞද්ගලික අංශය එකතුවී ඉදිරියට යන ක‍්‍රමය ගැන අප සාකච්ඡුා කරනවා. ඔබත් ඒ වගකීම භාර ගත යුතුයි. ප‍්‍රශ්නය:- නියාගම යෞවන සමාජ ප‍්‍රාදේශීය බල මණ්ඩලයේ භාණ්ඩාගාරික මිලින්ද ප‍්‍රසාද් මහතා: ලාංකීය තාරුණ්‍යයේ මහ ගෙදරවන ජාතික තරුණ සේවා සභාව නිර්මාණය කිරීම ගැන අගමැතිතුමන්ට ස්තූති වන්ත වෙනවා. ලංකාවේ මීට පෙරත් ක‍්‍රියාත්මක වූ දේශපාලන ශිල්පායතනය නැවත ක‍්‍රියාත්මක කළ හැකි නම් එය තරුණයන්ට ආයෝජනයක් වනවා. බොහෝවිට තරුණයන් දේශපාලනයට පිවිසෙන්නේ නිසි අවබෝධයක් නැතිවයි. ඒ ගැන අගමැතිතුමාගේ මතය කුමක්ද? පිළිතුර :- තරුණ සේවා සභාව පසුගිය රජය සමයේදී දේශපාලනයට  ඕනෑවට වඩා ගාවා ගැනීම නිසා තරුණයන් එය ප‍්‍රතික්ෂේප කළා. දේශපාලන අධ්‍යාපන ආයතනයක් අවශ්‍ය නම් යොවුන් පුරයේදී ඒ අදහස ඉදිරිපත් කරන්න. එවිට ඒ ගැන සාකච්ඡුා කර පිළිතුරක් දෙන්නම්. ප‍්‍රශ්නය :- කරන්දෙණිය යෞවන සමාජයේ යසස් නිමන්ත මහතා: යූත් ටැලන්ට් වැඩ සටහන හරහා දිස්ත‍්‍රික්ක මට්ටමින් පළමු, දෙවැනි ස්ථාන තෝරා යම් ඇගැයීමක් කළ නොහැකිද? පිළිතුර :- දිස්ත‍්‍රික්ක මට්ටමින් දෙවැනි තෙවැනි ස්ථාන ලැබූ අයටත් යම් විශේෂත්වයක් කරන වැඩ සටහනක් ක‍්‍රියාත්මක කරන්නම්. මේ මුදල් අප දෙන්නේ ඔබට නායකත්වය ගෙන වැඩ කිරීමටයි. අප මේ කාර්යය තවත් ඉදිරියට ගෙන යන වැඩසටහනක් ඉදිරිපත් කරන්නම්. ප‍්‍රශ්නය :- ගාල්ල දිස්ත‍්‍රික් සම්මේලනයේ නියෝජ්‍ය ලේකම්වරිය. ගාල්ල දිස්ත‍්‍රික්කය මේ වැඩ සටහනින් ජයග‍්‍රහණ රැුසක්ලැබුවා. නමුත් දිස්ත‍්‍රික් සම්මේලනය පවත්වන්නවත් ස්ථිර තැනක් නැහැනේ? පිළිතුර :- ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා: ඒ ගැටලූව ගැන අවධානය යොමුකර විසඳුමක් දෙන බව මා සමඟ පැවැසුවා. යෞවන සමාජ පමණක් නොව වෙනත් රැුස්වීම් ද පැවැත්විය හැකි කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමට අප සාකච්ඡුා කරනවා. අප ඉස්සර නම් රැුස්වීම් පැවැත්වූයේ පන්සල් සහ පල්ලියේ ශාලාවලයි. ප‍්‍රශ්නය :- නෙළුව ප‍්‍රාදේශීය බල මණ්ඩලයේ භාණ්ඩාගාරික: ශ්‍රී ලංකාවේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම තරුණ මධ්‍යස්ථානයක් ඉදි කර දෙන ලෙස මා යෝජනා කරනවා. එමෙන්ම රැුකියා විරහිත තරුණ තරුණියන්ටත් යම් ශක්තියක් දිය යුතුයි. පිළිතුර :- අපට ඇත්තේ සීමාසහිත සම්පත් ප‍්‍රමාණයක් පමණයි. ඒ සම්පත් විවිධ වැඩ කටයුතු වෙනුවෙන් යොදවනවා. තිබෙන පොදු ගොඩනැගිල්ලක් රැුස්වීම් මධ්‍යස්ථානය ලෙස හඳුනාගෙන එය දියුණු කරන්නේ කෙසේදැයි කල්පනා කළා. අනගතයේදී මේ ගම්වලත් ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන ඇරඹේ. ඒ සඳහා අපට උපකාර කළ හැකියි. ගමේ අවශ්‍යතා අනුව ගමට අවශ්‍ය පහසුකම් දෙනවා. ප‍්‍රශ්නය :- යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායිකා තිළිණි මැදගොඩ: අක්මීමන පුහුණු මධ්‍යස්ථානය ජාතික මට්ටමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට මා ඔබේ උපකාරය ඉල්ලනවා. පිළිතුර:- ඒ මධ්‍යස්ථානය ඉතා උසස් අන්දමින් දියුණු කරන ලෙස මා උපදෙස් දෙන්නම්. ප‍්‍රශ්නය :- දිස්ත‍්‍රික් මණඩල සභාපති දෙනෙත් කවිදු පියසිරි: තරුණ ගැටලූ සාකච්ඡුා කිරීම සඳහා දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැුස්වීමට සහභාගීවීම සඳහා දෙදෛනකුට හෝ අවස්ථාවක් දෙන්න පුළුවන්ද? පිළිතුර :- ඒ ගැටලූව අපට ලියා එවන්න. ඒ ගැන කටයුතු කරන්නේ නම් අත්හදා බැලීම ගාලූ දිස්ත‍්‍රික්කයෙන්ම  කළ හැකියි. ප‍්‍රශ්නය :- බළපිටිය යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චානක මදුශාන් ද සිල්වා. තරුණ ගැටලූ තරුණ සේවා නිලධාරීවරයාට විධිමත්ව ඉදිරිපත් කිරීම සඳහා තරුණ මධ්‍යස්ථානයක් ඉදි කළ හැකි නම් හොඳයි. පිළිතුර :- ඊට විසඳුම දිය හැක්කේ කෙසේදැයි බලන්නම් තරුණයන්ගේ ප‍්‍රශ්න කතා කිරීමට පමණක් නොව සතියට එක් දිනක් වෙන් කරන්න .ප‍්‍රශ්නය. :- යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සම්පත් ලියනගේ තරුණයන් අවිධිමත් අයුරින් සංචාරක ව්‍යාපාරයේ නිරතවීම ගැටලූවක් වෙලා. ඔවුන්ට යම්පුහුණුවක් දිය හැකිනම් හොඳයි නේද?පිළිතුර:- යෞවන සමාජ තරුණ සේවා සභාව ආදී සියලූ ආයතන එක් කරගෙන ඒ සඳහා වැඩ සටහනක් ක‍්‍රියාත්මක කරනවා. ප‍්‍රශ්නය :-  හිටපු යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමීර ප‍්‍රසාද්: දිස්ත‍්‍රික් මට්ටමින් රැුකියා තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවන්න. ඒ හරහා පෞද්ගලික හා රාජ්‍ය ආයතනවලට තරුණයන්ගේ තොරතුරු දැන ගැැනීමට හැකියාව ලැබෙනවා නේද?පිළිතුර:- එය ඉතා වැදගත්. මතයක් වනවා. තරුණයන් එකතු කරගෙන මේ ප‍්‍රශ්න විසඳන්නේ කෙසේදැයි සැලසුම් කරනවා. රට සංවර්ධනය කරන අතරතුර ඊට තරුණ සහභාගීත්වය ගත යුතුයි. ප‍්‍රශ්නය :- ගාල්ල දිස්ත‍්‍රික් ජාතික මණ්ඩල නියෝජිත නුවන් චාමික: යෞවන සමාජ ව්‍යාපාරයේ පූර්ණ කාලීනව කටයුතු කරන තරුණ තරුණියන් සිටිනවා. බොහෝ තරුණ තරුණියන් අධ්‍යාපන සුදුසුකම් පරිපූර්ණ නැහැ. ඒ තරුණයින් අවුරුදු තුනෙන් පසු යෞවන සමාජවලින් ඉවත් වනවා. එයට ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන වැඩ පිළිවෙළක් අවශ්‍යයි. එමෙන්ම යෞවන සමාජ විදේශ සංචිතය තවත් වැඩි කරන ලෙස ඉල්ලා සිටිනවා. පිළිතුර:- ඒ ගැන අවධානය යොමු කරන්නම්. තරුණ සේවා සභාව නියම වශයෙන්ම ක‍්‍රියාත්මක වන්නට පටන් ගත්තේ 2016 වසරේදීයි. දැන් තමයි අප අඩුපාඩුකම් හදාගෙන ඉදිරියට යන්නේ. යෞවන සමාජ තරුණ තරුණියන් සමඟ සාකච්ඡුා කර ඊළඟ පියවර ඉදිරියට යනවා. ප‍්‍රශ්නය :- සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කරන මුදල් කොන්ත‍්‍රාත්කරුවන්ට නොදී ගමේ යෞවන සමාජ නිලධාරීන්ට දෙන්න. කොන්ත‍්‍රාත්කරුවන්ට මුදල් දුන් විට එය නිසි අයුරින් වන්නේ නැහැ. පිළිතුර :- මේ පළමුවැනි වතාවනේ. මේ තරගයට හොඳට කළ අයට ඊළඟ වතාවේ කොන්ත‍්‍රාත් දිය හැකියි. මේ ආරම්භය පමණයි. දැන් ප‍්‍රතිඵල ලැබුණා. අප අවස්ථාව දෙන්නම්. ගම දියුණු කරන්නේ කෙසේදැයි බලමු. තරුණයන්ගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද? ඒවාත් ඉදිරිපත් කරන්න. ප‍්‍රශ්නය :- (තරුණියක්) රට සංවර්ධනය විය යුත්තේ ගම සංවර්ධනය වීම තුළිනුයි. 1998 දී දුලිඇල්ලේ සිට ලංකාගම දක්වා මාර්ගය ප‍්‍රතිසංස්කරණයක් වෙලා නැහැ. පිළිතුර :- අමාත්‍ය සාගල රත්නායක අප දෙණියායට යන තුරුම මාර්ගය ඉදි කරනවා. ප‍්‍රශ්නය :- කළුබෝවිටියන තරුණයන් තරගකාරී අධ්‍යාපන රටාවත් සමඟ බොහෝ තරුණ තරුණියන් දහම් අධ්‍යාපනයෙන් ඈත් වෙනවා. ඒ නිසා දහම් අධ්‍යාපනයත් අනිවාර්ය කළ යුතුයි නේද? පිළිතුර :- සෑම ආගමකම දහම් අධ්‍යාපනය නැංවීමට රජය ධෛර්ය ශක්තිය දෙනවා. වෙසක් උත්සව ආදියට වැඩිපුරම සහභාගී වෙන්නේ තරුණ තරුණියන් නොවේද? අප හැම විටම දහම් අද්‍යාපනයට තැන දෙනවා. ප‍්‍රශ්නය :- වැලිවිටිය දිවිතුර දිලංකා රුවන්ති: මේ වසරේ විශ්වවිද්‍යාල ප‍්‍රවේශය පසුගිය වසරවලට සාපේක්ෂව අඩු වීමක් දකින්නට ලැබෙනවාද?පිළිතුර :- සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳව සලකා බලනවා. ඇතැම් පෞද්ගලික ආයතනවලින් අධ්‍යාපනය ලැබීමට අප සහනදායී ණය දෙන්න බලාපොරොත්තු වෙනවා. ආර්ථිකය දියුණු වීමත් සමඟ රැුකියා බිහිවන ක්ෂේත‍්‍ර ඉලක්ක කරගෙන වෘත්තීය අධ්‍යාපනය දීම අපේ අරමුණයි. රැුකියා වෙළෙඳපොළ හඳුනාගෙන ඊට උචිත අධ්‍යාපනය දිය යුතුයි. නැතිනම් අධ්‍යාපනය ලබන අයට රැුකියා නැහැ. රැකියා අවශ්‍ය අයට පුහුණුව නැහැ. අදහසක් පළ කිරීම:- 80 දශකයේ යෞවන සමාජ ක‍්‍රියාකාරිකයකු වූ ග‍්‍රාම නිලධාරී ජගත් රංජි මහතා: මා 80 දශකයේ යෞවන සමාජ ක්ෂේත‍්‍රයේ කටයුතු කළා. දෙල්ලව යෞවන සමාජ සභාපති මෙන්ම නෙළුව ප‍්‍රාදේශීය බල මණ්ඩල ප‍්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළා. තරුණ සේවා සභාව ඇතිකර මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන ආවේ ඔබතුමාගේ මූලිකත්වයෙනුයි. අද අප ග‍්‍රාම නිලධාරීන් ලෙස මේ කටයුතුවලට සහාය දෙනවා. අපි රුපියල් 75,0000 ක  මූලික ධනයෙන් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමැති පාලම ඉදි කළා. මේ උත්සවයේදී ගමේ සහජීවනය ගොඩ නැගුණා. කඳුළ සිනහවක් බවට පත් කර ගන්නා ආකාරය අප අත්දුටුවා. ගමේ සමඟියක් ඇති වුණා. මෙවන් වැඩ පිළිවෙළක් අරඹා ආර්ථිකය උඩු යටිකුරු කිරීමට මුල්වීම ගැන අගමැතිතුමා ඇතුළු තරුණ සේවා සභාවට ප‍්‍රණාමය පුද කරනවා. අගමැති :-  සියලූ දෙනා හොරකම් නොකර ගම ගැන සිතා සාර්ථකව මේ ව්‍යාපෘතිය කළා. හොරුන්ට කරන්නේ කුමක්දැයි මෙහිදී වැඩිහිටියකු විමසුවා. හොරුන් අල්ලන්න පොලිසිය දමා ඇති නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු ගණනාවක් පවරා තිබෙනවා. එහෙම නඩු දැමීමට අවශ්‍යනම් හැමදාම කොළඹ උසාවියට ගිහින් නඩු අහන හැටි බලන්නත් පුළුවනි. මේ අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු මන්ත‍්‍රීවරු ද රාජ්‍ය නිලධාරීහුද සහභාගී වූහ. 
තරුණ තරුණියන්ට දේශපාලන බලපෑම්වලින් තොරව ඉදිරියට යන්න ඉඩ සලසා තිබෙනවා එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප‍්‍රදානෝත්සවයේදී අගමැති කියයි
0
hp_train_1739
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)මාස අටකදී රටේ නීතියත් ආර්ථිකයත් කඩා බිද දැමූ වත්මන් පාලකයින්ට බහුතර බලයක් දුන්නොත් මොනවායින් මොනවා වෙයිද දන්නේ නැහැ. මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් වන්නේ  එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට පමණක්යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා අද (26) මීරිගම බෝතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.මීරිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සිසිර චාමින්ද විතාන මහතාගේ සංවිධායකත්වයෙන් පැවැති මෙම ජනහමුවේදී විජයවර්ධන මහතා මෙසේද කීය.    ‘‘මගේ පවුල හා බැදුණු ගම්මානයක් වන බෝතලේ ග්‍රාමයට පැමිණ ජනතාව හමුවන්න ලැබීම මහත් සතුටක්. කොරෝනා බියත් එක්ක ඡන්දය දමන්න නොයා ජීවිතය බේර ගන්න ගෙදර ඉමු කියා හිතන අයගෙන් මට අද කරන්න තියෙන එකම ඉල්ලීම මෙවර මැතිවරණයේදී සියලු දෙනාගේම ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි.අද වනවිට රටේ අනාගතය ආර්ථිකය විනාශ වෙලා ඉවරයි. රට අර්බුදයකින් බේරෙන අන්දම ගැන අපිට හිතන්න වෙනවා. ආණ්ඩව පත්වෙලා මාස අටක් ඉවරයි.සහන දෙන්න කියලා බදු අඩු කළා. රජයට ආදායම අඩුවුණා. රජයට මුදල් නැහැ. කොරෝනා නිසා ඇතිවූ තත්ත්වයට මුහුණ දෙන්න රජයට ශක්තියක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා ඇතිවෙද්දී දේශපාලනය පැත්තක තියලා අපි එක්වී රටක් විදියට මුහුණ දෙමුයි කිව්වේ රට අවදානමෙන් මුදවා ගන්නයි.එතුමා ඇතිවිය හැකි අවදානම දැක්කා.  මැතිවරණය කල්දාමු කිව්වාට රජය ඇහුම්කන් දුන්නේ නැහැ.  ජනතාවට වයිරසය ගියාට කමක් නැහැ අපිට බලය දෙන්න කියලයි රජය කිව්වේ.  අදටත් මේ ගැන කිසිදු සැලැස්මක් නැහැ. තුනෙන් දෙක දෙන්න කියනවා විතරයි.රට පුර කර්මාන්ත ශාලා එකින් එක වැහෙනවා. මේ තත්ත්වයට විසඳුම් දෙන වගකීම ආණ්ඩුව ගන්නේ නැහැ. තරුණයින්ට රැකියා එකින් එක නැති වෙනවා. රැකියා නැතිවීම සමාජයට බලපානවා.මේ ආණ්ඩුව ඉන්ධන සහනය ජනතාවට ලබා දුන්නේ නැහැ.  ඒ මදිවට මාස තුන හතරක විදුලි බිල එකවර ගෙවන්න කියනවා. කොරෝනා සමඟ අවතැන්වූ ජනතාව ජීවත්වුනේ ඔවුන්ගේ රන් බඩු උගස් කරලයි.ඒ තත්ත්වය වෙනස් කර ජනතාවට සහන සලසන්න ආණ්ඩුවට ඕනකමක් නැහැ. තුනෙන් දෙක ගන්න හදනවා විතරයි. මෙහෙම දිගටම ගියොත් රටකට ආර්ථිකයක් ඉතුරු වෙයිද, ආර්ථිකයක් නැති රටකට මොකක් වෙයිද.ජනතා ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැති මේ අයට තවදුරටත් බලයක් දිය යුතුද, ඔවුන් කෙරෙහි විශ්වාසය බිදී ගිහින්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ කියනදේ කරන පක්ෂයක් බව සිහිපත් කරන්න ඕනෑ. ගෝඨාභය රාජපක්ෂ  ජනපතිවරයා බලයට ආවේ එක රටක් එක නීතියක් ඇති කරන බව කියමින් වුවත් අද වනවිට අහිංසක ජනතාවට නීතිය ක්‍රියාත්මක වුවත් පාලකයන්ට නීතියක් නැහැ. ඒ බව කුරුණෑගල සිද්ධියෙන් පැහැදිලි වුණා.  පුරා විද්‍යා නීති වෙනස් කර තමන්ගේ නගරාධිපතිවරයා බේරාගන්න උත්සාහ ගන්න හදනවා.නීතියත් ආර්ථිකයත් කඩා බිද දැමූ මේ අයට බහුතර බලයක් දුන්නොත් මොනවායින් මොනවා වෙයිද දන්නේ නැහැ. මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න නම් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ඕනෑ.ගතවූ වසර හතර හමාරේ අපේ අතිනුත් අඩුපාඩු තිබුණා. ඒ ගැන මම කණගාටු වෙනවා. මෙහෙම තිබියදීත් රට වෙනුවෙන් මහත් සේවාවක් කරන්නට අපිට පුලුවන්  වුණා.  මේ රජයට ආර්ථික කලමනාකරණ හැකියාවක් නැහැ. රජය ඉල්ලන බලය දෙන්න නම් එපා. ආර්ථිකය ගොඩ ගෙන  ජනතා ප්‍රශ්න විසදන්න පුලුවන් අපේ රජයක් යටතේ පමණයි. මහ මැතිවරණයේදී ජනතාව ඡන්දය දෙන්නේ නායකයෙක් පලවා හරින්නවත් මූලස්ථාන අල්ලන්නවත් නොවෙයි.‘‘යයි රුවන් විජයවර්ධන මහතා පැවසීයමීරිගම ආසන සංවිධායක ඒ.ආර්. තිලක් අශෝක, ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ, මීරිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සිසිර චාමින්ද විතාන , මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෙනෙවි ඊෂණ යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ. 
‘ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න එජාප ආණ්ඩුවක් ඕනෑ‘
0
hp_train_1740
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
‘‘මම මහින්දට රට බාර දෙනකොට මුදල් ඕන තරම් තිබුණා‘‘
0
hp_train_1741
(ශාන්ත චන්ද්‍රසිරි) තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් වත්තේ ස්කල්පා කොටසේ  වතු කම්කරුවන් පිරිසකට බඹරුන් ඇනීම හේතුවෙන් තුවාල ලැබු  වතු කම්කරුවන්  8දෙනෙකු  ප්‍රතිකාර සඳහා අද  (23)  ලිඳුල  ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. බඹරුන් ඇනීමෙන් කාන්තාවන් 6දෙනෙකු හා  පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කරන ලද බවත්, ඔවුන්ගෙන් පිරිමි පුද්ගලයන් දෙදෙනා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් කාන්තාවන් 6 දෙනා තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන  බව ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශයෙක්  කීය. වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට ගසක බැඳ තිබූ බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී ඇති බව ග්‍රේස්වෙස්ටන් වත්තේ වතු කම්කරුවෝ පවසති.
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 10 ක් රෝහලේ
0
hp_train_1742
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
වැස්ස දිගටම
0
hp_train_1743
නිරිත දිග මෝසම් තත්ත්වය  ශ්‍රි ලංකාව හරහා ස්ථාපිත ව ඇති බැවින් ඉදිරි දිනවල මෝසම් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට  ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75 ට ආසන්න වැසි ඇතිවිය හැකියි.ශ්‍රී ලංකාව සහ  අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බවත් විශේෂයෙන්ම දකුණු, නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශවලට මෙය බලපෑ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
‘නිරිත දිග මෝසම් වැසි එනවා‘
1
hp_train_1744
(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ) පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් කිසිම පරීක්‍ෂණයක් නොපවත්වා බැඳුම්කර ගනුදෙනු කිරීමට තම සමාගමට දී තිබු බලපත්‍රය මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් අත්හිටුවීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිනම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවරා ඇති පෙත්සම විභාගයට නෙගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නිශ්ප්‍රභා කළේය.පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම කිසිඳු පදනමක් නොමැති බව සඳහන් කරමින් පෙත්සම විභාගයට නෙගෙනම මෙලෙස නිශ්ප්‍රභා කෙරිණි. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලද අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් මෙම පෙත්සම විභාගයට නෙගෙනම මෙලෙස නිශ්ප්‍රභා කළේය.පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එහි අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය සහ නීතීපතිවරයා නම් කොට ඇත.පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම දීර්ඝ කාලයක් පුරා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු ව්‍යාපාරික කටයුතු වල නිරත වු බවත් තම සමාගම සම්බන්ධයෙන් කිසිඳු පරීක්‍ෂණයක් නොපවත්වා බැඳුම්කර ගනුදෙනු කිරීමට තම සමාගමට දී තිබු බලපත්‍රය මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් අත්හිටුවා ඇති බවත් දැනුම් දී ඇති පෙත්සම්කරු එලෙස තම සමාගමේ බලපත්‍රය අත්හිටුවීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයිද පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කොට ඇත.මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකාරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ කිසිඳු පදනමක් නොමැතිව බව සඳහන් කරමින් මෙම පෙත්සම විභාගයට  නොගෙනම  නිශ්ප්‍රභා කරන්නැයි ඉල්ලා සිටියේය.
පර්පෙචුවල් රිට් පෙත්සම අධිකරණයෙන් නිෂ්ප්‍රභ වෙයි
0
hp_train_1745
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)  කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්  කන්දකුලිය සහ ඉච්චන්කාඩුව ගම්මානවල පදිංචි සිටින පවුල් 300කට ආසන්න ප්‍රමාණයක පිරිසකට ඉඩම් ඔප්පු ලබාදී නැතැයි ඔවුහු චෝදනා කරති.පසුගිය නොවැම්බර් මාසයේදී ද කන්දකුලිය ගම්වාසීන්ට ඉඩම් ඔප්පු නොමැතිබව ලංකාදීපය 2018 නොවැම්බර් මස 29 දිනයේදී පළ කර තිබිණි. මාස 7ක් ගතවීද තවමත් ඔවුන්ට ඉඩම් ඔප්පු  ලබා දී නොමැත. අවුරුදු 50, 30, 20 දක්වා කාල සීමාවක පදිංචි මෙම පවුල් තුන්වන පරම්පරාවක් දක්වා සාමාජිකයන් වෙසෙන බවත්, ඉඩම් ඔප්පු ලබා දී නොමැතිකමින් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ධීවර රැකියාවේ නිරත මෙම ජනතාව පවසති. තම දරුවන් පාසල් වෙත භාරදීම සඳහා මෙම ඉඩම් ඔප්පු අවශ්‍යව පවතින බවත්, පදිංචි ඉඩමට නීත්‍යනුකූල ඔප්පුවක් නොමැතිකමින් රජයෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබීමට තිබූ බොහෝ සහනද අහිමිවෙමින් පවතින බවත් ඔවුහු පවසති. වසරේ මාස හයක කාලයක් පමණක් ධීවර වෘත්තීයේ නියැළෙන මෙම ජනතාවට ඉතිරි මාස හයක කාලය පුරා වෙනත් රැකියාවල නිරතවීමට සිදුව ඇති බවත්, ඉඩමක ඔප්පුවක් හෝ නොමැතිවීම හේතුවෙන් බැංකු ණයක්වත් ගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද ඔවුහු කියති. “ඉතාලියේ රස්සාවට  ගියාම, අවුරුදු පහක් හිටියාම ඒ රටේ ඉන්න සුදුසුයි කියලා පුරවැසිකම ලැබෙනවා. නමුත් අපි අවුරුදු 30 ක් ඉදලත් තාම අපිට මේ ඉඩම්වලට ඔප්පුව නැහැ” යැයි කන්දකුලිය ඉච්චන්කාඩුව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. නලින්කා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. මේ පිළිබඳව තම අදහස් එක් කළ ඉච්චන්කාඩුව  සුමිත් දිමුත් මහතා මෙසේ පැවසීය.“ අපි අහසින් වැටුණු මිනිස්සු ගානට දාලා. ඉඩමක ඔප්පුව හදා ගන්න අවුරුදු 40 ක් විතර ගිහිල්ලාත් තවම බැහැ. නමුත් උතුරේ යුද්ධයෙන් මෙහෙ ආව ජනතාවට මෙහෙත් ඉඩම්, දැන් එහෙත් ඉඩම් ආයිමත් ලැබිලාලු. ඔවුන්ට ඔප්පුත් සකස් කරලා දීලා. අවුරුදු 40 කට වැඩිය පදිංචි වෙලා ඉන්න අපිට ඉඩමට ඔප්පු ලබා දෙන්නේ නැත්තේ ඇයි? අපේ ඉඩමට දීලා තිබුණු බලපත්‍රය අවුරුදු දෙකකට කලින් ග්‍රාම සේවක නෝනා අරන් ගියා. දැන් අපි තවත් අසරණ වෙලා” යැයි හෙතෙම සඳහන් කළේය. “මේ ඉඩම්වලට කලින් බලපත්‍ර ලබා දී ඇති බව මේ ගැන සොයාබලද්දි අපිට දැනගන්න ලැබුණා. ඒ නිසා ඉඩම් ගණනාවක ගැටලු තිබෙනවා. සමහර ඉඩම්වල මුල් පදිංචිකරුවන් නොවේ ඉන්නේ. නමුත් මේ ඉඩම්වලට අපෙන් විය යුතු කටයුතු අවසන් කරලායි තිබෙන්නේ. එම ඉඩම්වල මිනුම් කටයුතු සඳහා තොරතුරු මිනුම් අධිකාරියට යවා තිබෙනවා. ඉදිරියෙදී මේ කටයුතු සිදුවේවි” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා පැවසීය.(මේ සම්බන්ධයෙන් මීට පෙර පළ වූ ලිපිය සඳහා පිවිසෙන්න)  කන්දකුලියේ පදිංචිකරුවෝ ඉඩම් ඔප්පු ඉල්ලති 
කන්දකුලියේ පදිංචිකරුවෝ ඉඩම් ඔප්පු ඉල්ලති
0
hp_train_1746
කොරෝනා වයිරසය මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය අද (2) අනතුරු ඇඟවීය.ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය හරි අඩකින්  2.4%ක් දක්වා අඩු වනු ඇතැයි ද එම සංවිධානය පුරෝකථනය කළේය. එය 2008-09 වසරවල ඇති වූ මූල්‍ය අර්බුදයෙන් පසු වාර්තා වූ අඩුම අනුපාතයයි.එම තත්ත්වය පුරෝකථනය කර ඇත්තේ මේ වසරේදී වයිරසයේ බලපෑම අඩු වනු ඇතැයි යන අපේක්ෂාව යටතේ ය. එහෙත් මේ වසරේදී වයිරසය ව්‍යාප්ත වෙමින් සිදුවන බලපෑම ඉහළ නැංවුවහොත් ආර්ථිකයට සිදුවන බලපෑම තවත් ඉහළ යනු ඇතැයි ද එම සංවිධානය සඳහන් කළේය.මේ වනවිටත් මේ වසරේ පළමු කාර්තාවේදී ගෝලීය ආර්ථිකය තරමක අවදානම් තත්ත්වයක පත්ව ඇතැයි ලෝකයේ ප්‍රධාන ආර්ථිකවලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනයක් කරමින් එම සංවිධානය සඳහන් කළේය.කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. දෙසැම්බර් මාසයේදී කෝවිඩ්-19 යනුවෙන් හැඳින්වෙන මෙම වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනිණි. ඒ වනවිට චීනයේ ආර්ථිකය සියයට 4.9කින් වර්ධනය වන ඇතැයි අපේක්ෂා කර තිබුණු අතර එහෙත් නොවැම්බර් මාසයේදී නිවේදනය කළ අගයට වඩා‍ 0.8%කින් චීනයේ ආර්ථික වර්ධන වේගය පහත දැමීමට ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට සිදුවිය.‘‘චීනයේ නිපැයුම සීමාවෙලා. එය ලෝකයේ අනෙකුත් රටවලටත් බලපාවි’’ යැයි එම සංවිධානය සඳහන් කළේය.ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය සාමාජික රටවල් 36කින් සමන්විත අන්තර්රාජ්‍ය සංවිධානයකි. ලෝක වෙළෙඳාම සහ ආර්ථික ප්‍රගතිය ඉහළ නැංවීමේ අරමුණින් 1961 වසරේදී මෙම සංවිධානය ස්ථාපනය කරන ලදි.ඒ.එෆ්.පී.055
’ගෝලීය ආර්ථිකයේ වර්ධනයට කොරෝනා විශාල බලපෑමක්’
1
hp_train_1747
( කේ. ඩි. දේවපි‍්‍රය ) අලියකු විදුලිය සැර වැදීමෙන්  අද (15)  උදැසන සෙල්ල කතරගම පුංචි  දබේ ප‍්‍රදේශයේ දි මිය ගොස් සිටිය දී වනජිවි නිලධාරීන් සොයා ගෙන තිබේ. වයස අවුරුදු 22 ක් පමණ වන මෙම වන අලියා මෙම ප‍්‍රදේශයේ කෙසෙල් වගා බිමික් ආසන්නයේ වැටි මියගොස් ඇත. මෙම ප‍්‍ර‍්‍රදේශයේ විශාල ලෙස කෙසෙල් වාගාවන් සිදුකර ඇති අතර මෙම වගාවන් වන අලින් විසින් දිනපතාම විනාශ කිරීම නිසා මෙහි සිටින ජනයාට දැඩි ආලභ හානියක් සිදුවි ඇතැයි ප‍්‍රදේශවාසීහු පවසති. මෙම ප‍්‍රදේශයේ විදුලි වැටක් පැවතියත් මෙම විදුලි වැට සෑදිමේ දි මෙම වන අලින්  වනයට පළවා හරිමෙන් තෙරව අලින් ගම් තුල සිටිය දි මෙම විදුලි වැට සවීකර ඇතැයි ප‍්‍රදේශවාසීහු වනජිවි නිලධාරීන්ට චෝදනා කරති. මියගිය අලියාගේ වලිගයේ කොටස්ද ප‍්‍රදේශවාසින් විසින් ඉවත් කර ගෙන තිබුණි. සෑම කෙසෙල් වගාබිමකම විදුලි රැහැන් ඇද තිබෙන අයූරු දිස් වන අතර මෙම වන අලියාද මෙම විදුලි රැහැනකට අසු වී මියගොස් ඇති බවට සැක කරන බව ලූණුගම් වෙහෙර අඩවී වනජිවිආරක්‍ෂ  ප‍්‍රධානි චීන්තක අබේසිංහ මහතා පැවසිය.  
විදුලි රැහැනක පැටලී වන අලියෙකු මරුට
0
hp_train_1748
(ක්‍රිෂාන්ජීවක ජයරුක්)සමෘද්ධි සහනාධාරය කප්පාදු නොකරන්නැයි ඉල්ලා සමෘද්ධිලාභීහූ පිරිසක් අද (16) මාතර නගරයට පැමිණ විරොධතාවක නිරත වූහ. මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියසට රැස් වු ඔවුහු විරෝධතා පාගමනින් මාතර ප්‍රධාන බස් නැවතුම් පොළවෙත පැමිණියහ.එහිදී විරෝධතාකරුවන් පිරිසක් මාතර කොලඹ ප්‍රධාන මාර්ගය අවහිර කොට උද්ඝෝෂණයට පැවැත්වීමේදී උණුසුම්තත්වයක් ඇති විය.මේ නිසා මාතර නගරය තුල දැඩි රථ වාහනතදබදයක් ඇති වු අතර පොලීසිය විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනයට ඉඩ කඩ සැලැස්වීය.පසුව විරෝධතාකරුවන් පාගමනින්මාතර කොටුවේපිහිටි දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ දොරටුව ඉදිරිපිටට ගොස් කෑ කෝ ගසමින් විරෝධතාවය දක්වන ලදි.ඔවුන් බලහත්කාරයෙන් එම කාර්යාලයට ඇතුළුවීම වලක්වා ගැනීමසදහා ආරක්ෂක අංශය හා පොලීසිය එහි ගේට්ටු වසා දැමුවේය.
සමෘද්ධි උද්ඝෝෂණයෙන් මාතර උණුසුම් වෙයි
0
hp_train_1749
(රංජිත් රාජපක්ෂ)                       නොර්වුඩ් බිලින්කිබොනි වතු යායේ වතු නිවාස පේලියක අද (16) රාත්‍රීයේ හටගත් ගින්නකින් වතු නිවාස පේලියට අයත් නිවාස අටක් සම්පුර්ණයෙන්ම විනාශ වී  ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි.එක් නිවසක හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බව වතු කම්කරුයෝ පැවසූහ.ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර ගින්නෙන් නිවාස වල තිබූ භාණ්ඩ සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය කීය.ගිනනෙන් පවුල් 8 කට අයත් සමාජිකයන් 50 ක් පමණ අවතැන් වී ඇති අතර ඔවුන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.වතු කම්කරුවන් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් එක්ව ගින්න පාලනය කළත් වතු නිවාස පේලියම ගින්නෙන් විනාශ වී ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය.ගින්නට හේතුව සහ ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති  බව නොර්වුඩ් පොලිසිය පැවසීය.    
නොර්වුඩ් ප්‍රදේශයේ වතු නිවාස පේලියක ගින්නක්
0
hp_train_1750
  (ඩී.කේ.රත්න) හාලිඇල අඹවක රක්ෂිතයේ අද (30) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් රක්ෂිතයේ අක්කර 20 ක පමණ භූමි භාගයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.වියළි කාලගුණයක් ප‍්‍රදේශයට නොතිබුණ ද ප‍්‍රදේශයේ පවතින සුළං තත්වය නිසා ගින්න ඇතිවීමත් සමඟ ප‍්‍රදේශය පුරා ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ.මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ විටිනා ශාක පැලෑටි සහ ඖෂධ පැලෑටි රැසක් ද සත්ව විශේෂ රැසක් ද විනාශ වී ඇතැයි පරිසරවේදීහු කියති.කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් වන සතුන් දඩයම් කිරීම හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය කියයි.
උඩදොම්පෙ රක්ෂිතයේ ගින්නකින් අක්කර 50 ක් විනාශයි
0
hp_train_1751
අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙලේ දී (Future Travel Experience Asia Awards ) මධ්‍යම සහ දකුණු ආසියාවේ විශිෂ්ටතම සමස්ත සේවා ගුවන්සේවය ලෙස ශ්‍රීලංකන්  ගුවන් සමාගම නොකඩවා තෙවැනි  වසරටත් සම්මාන දිනාගත්තේය. මෙම සම්මාන උළෙල ආසියානු සහ ශාන්තිකර කලාපයේ පාරිභෝගික කේන්ද්‍රීය  ගුවන් සේවා සහ ගුවන් තොටුපළ විසින් පිළිගනු ලබන සම්මාන උළෙලකි.  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ  මෙම සම්මානය ගුවන් සමාගමේ ගුවන් මෙන්ම භූමි කටයුතු මෙහෙයවන  සෑම  සාමාජිකයකුගේම සුවිශේෂී උත්සාහයන්හි සෘජු  ප්‍රථිඵලයක් බවයි. “අපගේ සේවා සහ  නිෂ්පාදන තුළ පවතින දිගු කාලීන සහ  උසස් තත්ත්වයේ  ප්‍රමිතීන් මෙමගින් පෙන්නුම් කරනවා” යයිද රත්වත්ත මහතා පැවසීය.  රත්වත්ත මහතා  වැඩිදුරටත්  ප්‍රකාශ කර සිටියේ ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අප ලබාදෙන කැපවීම තුළින් අපගේ සමස්ත ගමන් මග තුරාවට  පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ රැසක්  හිමිකර දී ඔවුන්ව තෘප්තිමත් කිරීමේ අභිමානය ගුවන් සමාගම  සතුවී ඇති බවයි.  පසුගිය සති කිහිපයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගෝලීය සහ කලාපීය ගෞරවනීය සම්මාන රැසක්  දිනාගත්තේය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සිය විශිෂ්ටතාවය විදහා දක්වමින් ගුවන් සේවා මගීඅත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association (APEX) ඉහළඇගයුම්  (Four Star) ලැබීමටසමත්විය. එසේම කලාපීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ “ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන්සේවය” ලෙස 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී පැසසුම්ලැබීය. රටවල් ගණනාවකට අයත් අනෙකුත් ගුවන් සේවා අභිබවා යමින් ශ්‍රී ලන්කන් ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරිපංතිඅතරින් “විශිෂ්ටතම පංතිය” ලෙස සම්මානයට පාත්‍රවිය. ගුවන්යානා අභ්‍යන්තර සේවා ආසියා-ශාන්තිකර කලාපීය සම්මාන උළෙලේදී‍    “වාණිජ ගුවන් යානා ආසන මැදිරි සඳහා වන නවෝත්පාදනය” සඳහා ද  ගුවන් සමාගම සම්මානයෙන් පිදුම් ලැබීය.  ශ්‍රීලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන්සේවයක් ලෙස කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ ගමනාන්ත 102 දක්වා සිය ගුවන් ගමන් විහිදුවයි. නවීන ගුවන්යානාවන්හි සුව පහසුආසන, නවීන පන්නයේ විනෝදාස්වාද පද්ධති,  ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරිකාර්ය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමට ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට මෙමගින් හැකිවේ.ශ්‍රී ලංකන්  සිය  වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා  රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් ගමන් සිදුකරනු ලබයි.  පින්තූරය:ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිංගප්පූරුවේ කළමනාකාර මොහාන් මීගොල්ල මහතා (දකුණ ) ගුවන් සමාගම වෙනුවෙන්2017 අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙලේ දී  සම්මානය ලබාගන්නා අයුරු  
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තරු 4 පන්තියේ සම්මානයක්
0
hp_train_1752
(ජයන්ත සමරකෝන්)අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වුවද, ඉන් ජයග්‍රහණ රාශියක් ලැබී ඇති බවත් ආණ්ඩුවේ අත්තනෝමතික හිතුවක්කාර තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට තිබූ තුනෙන් දෙකේ බලය අහිමිවීම ඉන් ප්‍රධාන බවද, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (8) පැවසීය.ඒ අනුව, ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම ආණ්ඩුවේ හිතුවක්කාර තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බවද, කොළඹ 10, පුංචි බොරැල්ල, වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.මෙම විශ්වාසභංගයේ පරාජය ගැන විවිධ මත තියෙනවා. ඒ පරාජය වීම නිසාම නොවෙයි. පාර්ලිමේන්තු ඉතිහාසය තුළ විශ්වාසභංග 46ක් ඉදිරිපත් වී තිබෙනවා.එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක හා රනිල් වික්‍රමසිංහ යන අගමැතිවරුන් තුන් දෙනාද ඒ අතර වෙනවා. මෙම විශ්වාසභංග යෝජනාවලින් ඒ. අමිර්තලිංගම් මහතාට එරෙහිව ඉදිරිපත්වුණු විශ්වාසභංගය හැර අනෙක් සියල්ලම පරාජය වී තිබෙනවා.අපට තිබෙන ප්‍රශ්නය මේක සාර්ථකද? නැද්ද? කියන එක නෙවෙයි. එයින් ඇතිවී තිබෙන ප්‍රතිඵල මොනවාද යන්නයි වැදගත් වන්නේ. මේ වනවිට ආණ්ඩුව තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වෙලා. විධායක ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග දෙස රටම බලා ඉන්නවා.එදා ඡන්ද අවස්ථාවේදී එජනිසයට ඡන්ද 96ක් තිබුණා. ජවිපෙ 6ක්ද සමග 102යි. එජාප 19න්ද පක්ෂව ඡන්දය දෙන්නට හිටියා. ඒ අනුව ඡන්ද 113ක් ගන්නටයි. අපි සැලසුම් කර තිබුණේ. තුන්වැනිදා රාත්‍රී වනතුරුම මෙම තත්ත්වය තිබුණා.සියල්ල අන්තිම මොහොතේ වෙනස් වුණා. පහුගිය ඡන්දයෙන් අත හා බුලත්කොළයට මොකද වුණේ. මහින්ද රාජපක්ෂ යන සාධකය පමණයි මිනිස්සු ඉල්ලුවේ. ඡන්ද ප්‍රතිඵලයෙන් එළියට ආ සත්‍යය එයයි.අද ආණ්ඩුව තුළ මතු වී තිබෙන දේශපාලන අර්බුදයේ ඇත්ත තත්ත්වය නම් විශ්වාසභංගයට එකඟ වූ ශ්‍රීලනිප 16 දෙනා ඉවත් කරන්නට රනිල් කියනවා. ඒ දේ කරන්නට ජනාධිපතිවරයා එකඟවෙලා නැහැ.මේ විශ්වාසභංගයේ ජය පරාජය තියෙන්නේ ජනාධිපතිවරයා අත බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණා. මෙම පරාජයට දේශීය විදේශීය බලවේගවල මැදිහත්වීමක් තිබුණා. මේවා හැමදාම වෙන දේවල්. ඒත් සිද්ධ වූ දේ ගැන බලනවිට එය සත්‍යයක්ම නොවන බව පෙනෙන්නට තිබෙනවා.එදා විශ්වාසභංග විවාදයට පෙර පක්ෂය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණු බවද අමතක නොකළ යුතුයි. ඒ අනුවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වෙන්නට කීවේ. පක්ෂයේ එකඟතාවක් නැත්නම් එහෙම වෙන්නේ නැහැ.දේශපාලන පක්ෂවල වගකීම් දරන පිරිසක් ඉන්නවා. එම කමිටුවලින් ගන්නා තීරණ දැනුම්දීම පමණයි අපට ලැබෙන්නේ. මෙම විශ්වාස භංගයෙන් පස්සේ ලංකාවේ දේශපාලන අර්බුදය අවසන් නැහැ. මේ කිසිදු අර්බුදයක් මහ මැතිවරණයකින් තොරව විසඳන්නට බැහැ. එහිදී ජනාධිපතිවරයා ඉන්ද්‍රඛීලයක් ලෙස නොසැලී සිටිය යුතුයි. අද වනවිට අලුත් පාර්ලිමේන්තුවක්, අලුත් ආණ්ඩුවක් අලුත් කැබිනට් එකක් සඳහා මහ මැතිවරණයකට යා යුතුයි. ජනතාව ඉල්ලන්නෙත් එයයි.ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනා ජනතාවගේ පැත්තේ හිටගන්නට නම් ඒකාබද්ධ විපක්ෂයට ආ යුතුයි. විපක්ෂනායක ආර්. සම්පන්දන් විපක්ෂයේ කාර්යභාරය කරන්නේ නැහැ. ආණ්ඩුවේ ඩීල් හා කොන්ත්‍රාත් වෙනුවෙන් පමණයි පෙනී සිටින්නේ. ඒ නිසයි, දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂනායකකම ඉල්ලා සිටියේ. අද විපක්ෂයේ භූමිකාව කරන්නේ කවුද කියා අද රටම දන්නවා.මේ අවුල් ජාලාව තුළ තනතුරු නොගෙන දිගටම විපක්ෂයේ සිටීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රීලනිප ආණ්ඩුවක් ඇතිව පමණයි අපේ කාර්යභාරය ඉටුකරන්නේ.ටී.එන්.ඒ. එකත් එක්ක දෙමළ ජනතාව කලින් පැවැති තත්ත්වය අද නැහැ. අපේ දෙමළ විරෝධයක් නැහැ. අපේ ආණ්ඩුව එදා උතුරු නැගෙනහිරට විශාල වැඩ කොටසක් කළා. ඒ සියල්ල කළේ සද්භාවයෙන්. ඉකුත් ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද කොටසක් අපට ලැබුණේ ඒ නිසයි.රෝගීන්ගේ කිළිටි රෙදි සේදීම දැන් ඉන්දියාවට දෙන්නට සියලුම සැලසුම් හදලා. එක්ටා ගිවිසුම ගෙනෙන්නට බැරිකමට පිටින් කරන මේ දේවල් නිසා පාරම්පරික ස්ව ජාතිකයන්ගේ ස්වයංරැකියාවලට කණකොකා හඬලා ලක්ෂ 4ක් පාරට වැටෙනවා. මේක වහාම නවත්වන්නට කියා ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා.කිළිටි රෙදි ටිකවත් සෝදාගන්නට බැරි ජාතියක් විදියට අපේ රට ලෝකයේම පිළිකුලට භාජනය වෙනවා. මෙවැන්නක් සිදුවන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා අදහස් දක්වමින් මෙසේ කීය. දැන් ආණ්ඩුව නොනිල අන්දමින් එක්ටා ගිවිසුම ක්‍රියාත්මක කරන්නට හොර රහසේම කටයුතු කරලා. රෝහල් රෙදි සෝදන එකත් ඉන්දියාවට දෙන්නට හදනවා. මෙහෙම වුණොත් අපේ ඇමැතිවරුත් අපුල්ලලා ගන්නම වෙනවා.මේ ආණ්ඩුවේ අවසානය අත ළඟයි. එළඹෙන අලුත් අවුරුද්ද අවුරුදු නැති අවුරුද්දක්. ඇල්මැරුණු මළානික වූ කොහා කොහේද කියලා සොයාගන්නට බැහැ. නියං සායෙන් ජනතාව දුක් විඳිනවා. තුන්වේල කන්නට නැතිව තවත් පිරිසක් නොමැරී ජීවත්වෙනවා.අටු කොටු පිරුණු රටක්, අවුරුද්දක් අද නියංසායෙන්, දරිද්‍රතාවෙන් පීඩා විඳිනවා. නකල්ස් කඳුවැටිය කෑගල්ල පැත්තේ දේශපාලනකයින්ගේ හිතවතුන් පිරිසක් අක්කර 21000ක් බෙදා වෙන්කරගෙන. තවත් පැත්තකින් බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරු දඩයම ටී.එන්.ඒ. වුවමනාවට හොඳින්ම කරගෙන යනවා.ටී.එන්.ඒ. ඉල්ලීම් 10 අතර රණවිරු දඩයමත් තියෙනවා. විශ්වාසභංගය පරාජය කරන්නට සහාය දුන්නාට දෙන සන්තෝෂම් තමයි ඒවා. ජනබල අරගය ආරම්භ කළ යුතු යැයිද කීය. 
විශ්වාසභංගය පැරදුණත් ජයග්‍රහණ රැසක් ලැබුණා
1
hp_train_1753
(රංජිත් රාජපක්ෂ)                      තේ දළු නෙලමින් සිටි  වතු කම්කරුවන් පිරිසකට අද (20) එල්ල වූ බඹර  ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් සිව් දෙනෙකු සහ වතු කම්කරුවන් දෙදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ මැද කොටසේ  ගසක  තිබූ බඹර කුඩුවක් ඇවිස්සී බඹරු තමන්ට පහර දුන් බව ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින වතුකම්කරුවෝ පවසති.සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බඹරු ඇනීමෙන් වතුකම්කරුවන් 5ක් රෝහලේ
0
hp_train_1754
(මැදිරිගිරිය-චාපා මධුභාෂිණි)විදේශ කටයුතු ඇමැතිට ලොතරැයි මණ්ඩලය දුන්නේ ලොතරැයි මණ්ඩලයේ යම් යම් අක්‍රමිකතා වහගන්න ඕනෑ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.මැදිරිගිරිය බිසෝබණ්ඩාර ශ්‍රී විවේකාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ පසුගිය 15 වැනිදා පැවති ජනහමුවකට එක්වෙමින් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසීය.සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය.මෙතන ඉන්න අපි කවුරුත් දන්නවා 2015 දී ජනතා විමුක්ති පෙරමුණේ අපි කියන දේ අහන්නෙත් නැතුව යූ.එන්.පී සහ ශ්‍රී ලංකා ආණ්ඩුව දෙක එකට එකතු කරලා ජාතික ආණ්ඩුවක් හැදුවා. ජාතික ආණ්ඩුවක් ජාතක කළා. දැන් හැදිලා තියෙන්නේ ජාතික ආණ්ඩුවක්ද? අඩුම තරමෙන් අද අපට රෙද්දක් ඇඳගෙන වෙන රටකට ගිහින් අපේ රටේ ඇමැති මණ්ඩලය ගැන කියන්න පුළුවන්ද? ඒ රටේ අය අපෙන් අහනවා ඔයාලා කොයි රටේද කියලා, අපි කියනවා ශ්‍රී ලංකාවෙ කියලා. දැන් රටේ ඇමැති මණ්ඩලයේ කීදෙනෙක් ඉන්නවාද? ඉතින් අපිට ඇඟිලි ගණින්න සිද්ධ වෙනවා. කලින් 30, දැන් 40. ඊට පස්සේ 10-15 කියලා අපට ගණන් හදා ගන්න වෙනවා. රටේ ජනතාවටත් තේරෙන්නැති ඇමැති මණ්ඩලයක් තියෙන්නේ.පිටරටක කෙනෙක් අපේ රටට ඇවිල්ලා ඔයාලගේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලොතරැයි මණ්ඩලය තියෙන්නේ ඇයි කියලා ඇහුවොත් අපිට මොකක්ද දෙන්න  තියෙන උත්තරය.මේ ඉන්න අම්මා තාත්තා කෙනෙක්ගෙන් රවී කරුණානායක විදේශ කටයුතු ඇමැතිවරයාට ලොතරැයි මණ්ඩලය තියෙන්නේ ඇයි කියලා ඇහුවෙත් අපි දැනගන්න ඕනේ උත්තරය. අපට කියන්න වෙන්නේ අපේ රටේ ලොතරැයි සියල්ල දිනුම් ඇදලා ඉවරයි. ඒ නිසා ලන්ඩන්වල දිනුම් අදින්නේ. ඇමරිකාවෙ ටිකට් විකුනන්නේ. විදේශ විනිමය ගේන්න ලොතරැයි පිටරටවල ප්‍රචලිත කරන්න කියලද කියන්නේ. අපිට නැත්නම් ආණ්ඩුව කියන්න ඕනේ මොකටද විදේශ කටයුතු ඇමැතිට ලොතරැයි මණ්ඩලය දුන්නේ කියලා.ආණ්ඩුවට කියන්න බැරිනම් අපි කියන්නම් හේතුව.විදේශ කටයුතු ඇමැතිට ලොතරැයි මණ්ඩලය දුන්නේ අක්‍රමිකතා වහ ගන්න නෙවෙයි නම් අගමැතිතුමෝ කියන්නකෝ හේතුව මොකක්ද කියලා. රටේ ජනතාව හැටියට අපිට දැන ගන්න ඕනෑ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අපිට දැනගන්න ඕනෑ, මොකක්ද විදේශ කටයුතුයි, ලොතරැයි මණ්ඩලයයි අතර තියෙන සම්බන්ධය කියලා.  මේවා සරල ප්‍රශ්න වුණාට, මේවා ඇතුළේ තමයි නාස්තිය, දුෂණය, හොරකම, වංචාවට ඉඩ හැදිල්ල තියෙන්නේ. මේ ඇමැති හුවමාරුව සිද්ද වෙනකොට අපි කීවා මේක අර කරවල හොරා කාපු බළලට උම්බලකඩ පොල්ලෙන් ගැහුවා වගෙයි කියලා. එදා ඒක තේරුම් නැතිනම් අද තේරුම් ගන්න කරවල හොරා කාපු බළලා කවුද? උම්බලකඩ පොල්ල මොකක්ද කියලා?මෙහෙම රටක අපි ඉන්නේ. මෙහෙම රටක් ඉදිරියට යයිද? මෙහෙම රටක තියෙන අනාගතය මොකක්ද? මේ ක්‍රමයට රට ඉස්සරහට ගෙනියන්න බෑ. පළාත් පාලන ආයතනවල ඡන්දේ තියන්නේ නැතුව දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. මෙහෙම රටක් ඉස්සරහට යන්න පුළුවන්නම් ඉතින් මොකටද මේ මන්ත්‍රීවරු? ඊළඟට දැන් පළාත් සභා ඡන්දය එනවා. ඒවගෙත් අපිට පේනවා විස්වාසභංග හැදෙනවා. උතුරෙ මහ ඇමැතිට විරුද්ධව විස්වාසභංගයක් ගෙනල්ලා. උතුරුමැදත් මේ වගේ වුණා. මේ වගේ අලකලංචි හැදෙන්නේ පළාත් සභා ඡන්දයත් කල් යවන්න වෙන්න පුළුවන්.ඊළඟට ජනාධිපතිවරණය එනවා. මේ ආණ්ඩුව බලයට එනකොට කීවේ අපි බලයට ඇවිත් අවුරුදු පහක් යනකොට රැකියා දස ලක්ෂයක් දෙනවා කියලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්මලා, තාත්තලා, එක්සත් ජාතික පක්ෂයේ අම්මලා, තාත්තලා, දරුවෝ ඡන්දෙ දුන්නේ ඕකට නෙවෙයිද? රැකියා දස ලක්ෂයක් දෙනවානම් මේ වෙනකොට ඒකට වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. දැන් අවුරුදු දෙක හමාරක් ගත වෙලා. අඩුම තරමෙ මේ වෙනකොට රැකියා දෙලක්ෂයක්වත් දීලා තියෙන්න ඕනෑ. ජනාධිපතිවරයා ඉන්න දිස්ත්‍රික්කයේවත් රැකියා ප්‍රශ්නයට ආරම්භයක් තියෙනවාද? නිවාස පන් ලක්ෂයක් ලබාදෙනවා කීවා. ඊයේ පෙරේදා කැබ්නට් සංශෝධනයෙන් අලුතෙන් ඉඩම් ඇමැතිවරයෙක් පත්වුණා. ගයන්ත කරුණාතිලක මහත්තයා කීවා, මගේ පළමුවැනි කටයුත්ත තමයි අපේ රටේ තියෙන ඉඩම් ප්‍රශ්නයට විසඳුම් දීම කියලා. සියලු දෙනාට ඉඩම්වලට ඔප්පුවක් දෙනවා කීවා.පොලොන්නරුවේ බහුතරයක් ඉන්නේ ගොවි ජනපද ව්‍යාපාරත් එක්ක මේ ගම්මානවලට ආපු ජනතාවයි. තුන්වැනි පරම්පරාවේ දරුවොත් එක්ක අවු 30ක් 40ක් තමන්ගේ ඉඩම්වල ඉන්නේ. හැබැයි ඒ දරුවන්ගේ අනාගතයට ඉඩම පවරලා දීලා, නිරවුල් කරලා මැරෙන්නේ කියලා දෙන්න සහතිකයක් ඔයාලාට තියෙනවාද? පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බහුතරයකගේ ප්‍රශ්නෙ තමයි තමන්ගේ ඉඩම්වලට ඔප්පු නැති එක. අඩුම තරමෙ සමහරුන්ට බලපත්‍රයක්වත් නෑ. තමන්ගේ අයිතිය පවරන්න ක්‍රමයක් නෑ. හැබැයි ඡන්දෙ තියෙනවා. ඒකනම් ආණ්ඩුවෙන් කලින්ම ලබා දෙනවා. මිනිස්සු ඉන්නේ මේ ඉඩම්වලනම්, ඒවා වෙනස් වෙන්නේ නැත්නම්, ඒ ඉඩම්වලට ජල විදුලිය තියෙනවානම්, ස්ථිර පදිංචිය තියෙනවානම් ඇයි ආණ්ඩුවට බැරි ලාකඩ සීල් එක ගහලා ඔප්පුවක් දෙන්න. ඇයි ආණ්ඩුව ඔප්පුවක් ලබා දෙන්නෙ නැත්තේ? මේ ජනතාව ඒ ප්‍රශ්නයෙන් නිදහස් කළොත් ඊළගට බලයට එන අයට නාස් ලණුව දැම්ම හරකෙක් වගේ ඔයාල ඡන්ද පොළට ගෙනියන්න බැරි වෙනවා. ජනතාව ඡන්ද පොළට ඇදගෙන යන්න ආණ්ඩුව පාවිච්චි කරන තුරුම්පුව තමයි බලාපොරොත්තුව.බලාපොරොත්තු ඉෂ්ට කළොත් ජනතාව ස්වාධීන වෙනවා. ඒ නිසා ආණ්ඩුව හැමදාම කරන්නේ ඉඩමට ඔප්පුව පෙන්වලා. දරුවට රැකියාව පෙන්වලා, ගෙයක් නැති කෙනාට නිවාසයක් පෙන්වලා, කුඹුරක් නැති කෙනාට කුඹුරක් පෙන්වලා, බිත්තර වී ටික, පොහොර ටික පෙන්වලා ඡන්දෙ ගැනීම.මේවට තමයි අපි මෙච්චර කල් පක්ෂවලට බෙදිලා රැවටිලා ගියේ. මේවා නිසා තමයි අද ඡන්දෙ ගත්ත නායකයෝ සමාජයේ වැජඹෙන්නේ. වැජඹෙනවා විතරක් නෙවෙයි පරණ පුරුදු ඉදිරියටම අරගෙන යනවා. දේශපාලන බලයෙන් පස්සේ ජනතාව අමතක කරලා ජනතාවගේ මුදල් මංකොල්ල කනවා. විපක්ෂයේ ඉන්නකල් ඇතිතරම් ජනතාවගේ අරගල ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, මානව අයිතිවාසිකම් ගැන, මාධ්‍ය නිදහස ගැන, හැමෝම කතා කරනවා. හැබැයි බලයට ආවට පසුව මාධ්‍ය වහ කදුරු වගේ වෙනවා. ජනතාව පේන්න බෑ.මෑත කාලේ අපට ඒව හොඳට පේන්න තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් අද කොහොමද හැසිරෙන්නේ? සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියනවානේ “බලය තියෙනකොට මොළය නෑ - මොළය තියෙනකොට බලය නෑ” කියලා. දැනුත් වෙලා තියෙන්නේ ඒකම තමයි. මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනෑ. මේ රට හදන්න පුළුවන් රටක්. මේ රට කාලකණ්නි කරල තියෙන්නේ දේශපාලකයෝ.රට හදන්න ඕන තරම් සල්ලි තියෙනවා. කවුරුහරි කියනවානම් රටේ සල්ලි නෑ කියලා අපි ඔප්පු කරන්නත් සූදානම්. මේ රට හදන්න බැරි සල්ලි නාස්ති කරන නිසයි. තියෙන සල්ලි හොරකම් කරන නිසයි. සමහර ආණ්ඩුවක ඇමැතිවරයෙක් තමන්ගේ සුඛවිහරණයට ගේන වාහනයකින් පුළුවන් ගම් දහයක් හදන්න. අද මොකද වෙලා තියෙන්නේ? හැම ගමකම වකුගඩු රෝගියෙක් ඉන්නවා. හැම ගමකම ඩෙංගු රෝගියෙක් ඉන්නවා. හැම ගමකම කුණු ගොඩක් තියෙනවා. රටේ පැත්තකට වතුර නැති වෙනකොට අනිත් පැත්තට වතුර වැඩි වෙනවා. අපේ ඡන්දයෙන් පත් කරලා යවන නායකයා ගමට වග කියන, නායකත්වයට වග කියන, ගමට පිළිගැනීමක් තියෙන නායකයෙක් බවට පත් වෙන්න ඕනෑ.අද අපේ රට එකතැන පල් වෙලයි තියෙන්නේ. රටේ නිලධාරින්ට වැඩ කරන්න දේශපාලන නායකයෙක් නෑ. අද ඇමැතිවරු ඉන්නේ කලින් ආණ්ඩුවට වඩා හොඳට හොරකම් කරන්නේ කොහොමද කියලා බලාගෙනයි.කලින් අය හොරකම් කළානම් අපි හොරකම් කළාම මොකද වෙන්නේ කියලයි අහන්නේ. අපි පාර්ලිමේන්තුවේදී හොරකම් පෙන්වලා දෙනකොට එයාල කියන්නේ ඇයි කලින් අයත් හොරකම් කළේ අපි හොරකම් කළාම මොකද වෙන්නේ කියලයි අහන්නේ. රාජපක්ෂ මහත්තයලාගෙ කට්ටිය අපෙන් අහනවා ඔයාල අපේ හොරකම් විතරයි හයියෙන් කෑගහලා පෙන්නුවේ, දැන් වෙන දේවලුත් පෙන්වන්න කියනවා. අවසානයේදී දෙගොල්ලම හොරු. අසරණ වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවයි. 
ජනපති ඉන්න දිස්ත්‍රික්කයේවත් ජනතා ප්‍රශ්න අදටත් විසඳලා නෑ
1
hp_train_1755
වැල්වැටිතුරෛයි ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.  මෙම ගංජා තොගය අලෙවි කිරීම සඳහා ඔවුන් පැමිණි  යතුරු පැදියද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැල්වැටිතුරෛයි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්හී පදිංචි වයස අවුරුදු 38 සහ 27 වන වියෙහි  පසුවන දෙදෙනකි. අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරෛයි පොලිසිය වෙත භාර දීමට  නියමිතය. නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව යාපනය, පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින්  මොවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.(36698) 
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
0
hp_train_1756
(හර්ෂණ තුෂාර සිල්වා) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (15) නැවත වරක් 196 ඉක්මවා පහළ ගියේ ය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (15) රුපියල් 196.05 දක්වා පහළ ගිය අතර ගැනුම් අගය රැපියල් 190.77ක් ලෙස දැක්විණි.  ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මුල් වරට 196 ඉක්මවා පහළ ගියේ පසුගිය වසරේ අප්‍රේල් මස 8 වැනිදා ය. ඊට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රැපියලේ අගය 196 සීමාව ඉක්මවා ගියේ ඉකුත් අප්‍රේල් මස 20 වැනිදා යග එදින ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 196.65ක් ලෙස දැක්විණි. ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කළ නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් අප්‍රේල් මස (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට 200 සීමාව ඉක්මවා ගිය අතර එදින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46ක් ලෙස දැක්විණි. මේ මස මුල් සතියේදී රුපියල යම් ස්ථාවර බවක් පෙන්නුම් කළ ද මේ වනවිට රුපියලේ අගය නැවතත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත. මේ අතර ජනවාරි 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 0.5% කින් ඉහළ ගොස් ඇත. 
රුපියල තවත් පහළට
0
hp_train_1757
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක්  පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වෙතත් නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 03/02/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31229060ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව30248065වැසි ස්වල්පයක් ඇතිවිය හැකකොළඹ32248055ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල31249075වැසි ස්වල්පයක් ඇතිවිය හැකයාපනය30208065ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29199055ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය22128030ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය34229560ප්‍රධාන වශයෙන් වැසි රහිතත්‍රීකුණාමළය30247565වැසි ස්වල්පයක් ඇතිවිය හැකමන්නාරම31248065ප්‍රධාන වශයෙන් වැසි රහිත                 
‘වැස්ස පේන තෙක් මානෙකවත් නෑ‘
1
hp_train_1758
 රොමේෂ් මධුෂංඛ මන්නාරම මඩු පරසන්කුලම්හි පෙරියවලයං කඩ්ඩු ප්‍රදේශයේ දී හක්කපටස් බෝම්බයකට ගොදුරුව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි වල් අලියා මිය ගිය බවට මන්නාරම් වනජීවි නිලධරයෝ පවසති.පසුගිය 27 වැනිදා බෝම්බයට ගොදුරු වූ වල් අලියා පිළිබඳ පළමුව 20 වැනි සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා නිලධාරීන් දැක ඒ බව වනජීවී නිලධාරීන් වෙතට දැනුම් දීමෙන් වනජීවි නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ යුද හමුදා නිලධාරීන් සමඟ එක්ව ප්‍රතිකාර කිරීම එදින සිටම සිදු කළද බෝම්බය පුපුරා යාමෙන් දරුණු ලෙසට තුවාල ලබා තිබීම නිසා වල් අලියා බේරා ගැනීමට නොහැකිව ඇත.දඩයම් කරුවන් විසින් හක්කපටස් බොම්බයක් යොදා තිබියදී මෙම වල් අලියා ගොදුරු වී ඇති අතර හක්කපටස් බෝම්බය අලියාගේ මුඛය තුළම පුපුරා යාම හේතුවෙන් මුඛයටත් හිසටත් දැඩි හානි සිදුවීම හේතුවෙන් අලියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව පශු වෛද්‍යවරු කියති.හක්කපටස් බෝම්බය තැබූ පුද්ගලයින් කවුරුන් දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම පිරිස් සොයා ද පරික්ෂණයක් වනජීවි නිලධාරීන් විසින් ආරම්භ කරනු ලැබීය.
මන්නාරම් මඩු කැලේ දී හක්කපටස් බෝම්බයට බිළි වු අලියා මරුට
1
hp_train_1759
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (17) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 15,949 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 15 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 8 දෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 17 දෙනකු සහ කාන්තාවන් 6 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොවිඩ් මරණ 23 ක්
1
hp_train_1760
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යෘ දෙපාර්තමේන්තුව කියයි.දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා පැ. කි. මි. 60-70 පමණ දක්වා වූ නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැකියි. විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වලට මෙම තත්ත්වය ඇතිවේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 30/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව34268560අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259575විටින් විට වැසි.ගාල්ල29249575විටින් විට වැසි.යාපනය32268570වැසි ස්වල්පයක්.මහනුවර28239570වැසි වාර කිහිපයක්.නුවරඑළිය19149585වැසි වාර කිහිපයක්.රත්නපුරය30249580විටින් විට වැසි.ත්‍රිකුණාමළය35269055අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32279075වැසි ස්වල්පයක්.  
හෙට දවසේ කාලගුණය
0
hp_train_1761
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා  ශාක නිරෝධායන බලපත‍්‍ර නොමැතිව ජෙඩා සිට මෙරටට ගෙන ඒමට තැත්කළ කරදමුංගු  තොගයක් සමග ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු  කටුනායකදී  අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා කීවේය.සැකකරුවෝ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෝ  වෙති. අත්අඩංගුවට ගනු ලැබූ  කරදමුංගු  තොගයේ බර කිලෝග‍්‍රෑම් 150 ක් වන අතර  එහි වටිනාකම රුපියල් ලක්ෂ හතරකි.රේගු නිලධාරීන් විසින් ප‍්‍රශ්ණ කිරීමේදි  තමන් මක්කම  වන්දනා මාන කිරීමට ගිය  බවත් ආපසු  එමින් සිටියදී  ජෙඩා ගුවන්තොටුපොළේදී කිසියම් පුද්ගලයෙකු විිසින්  මෙරටට ගෙන ඒම සඳහා මෙම කරදමුංගු  තොගය ලබා දුන් බව රේගුවට පවසා ඇත.සැකකරුවෝ සෞදි අරාබියානු ගුවන්සේවයට අයත් එස්.වී 780 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ රේගුවට භාන්ඩ කිසිවක් ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් එලියට යාමට උත්සහ ගනිද්දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.මේ පිළිබඳ විමර්ශන කටයුතු  රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන්  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ඞී.ඞී.එස්.සී මයිකල්,  එම්.අයි රාෂික් සහ සහකාර රේගු අධිකාරීවරුන්වන තනුෂ්ක විජේසූරිය, එන්.ඞී සිරිසේන යන නිලධාරීහු සිදුකරති.
හොර ගල් ඇහිලුවත් හොරේ එළියට
0
hp_train_1762
උතුරු  සහ නැගෙනහිර පළාත් හැර දිවයිනේ බොහෝ පළාත්වල  සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කෙසේ වෙතත්, උතුරු  සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.බස්නාහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල උදය  කාලයේදීත්  වැසි ඇතිවන බවත්  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
‘පළාත් රැසකට අද ගිගුරුම් තද වැසි‘
0
hp_train_1763
(පාලිත ආරියවංශ) සිරගත වන පුද්ගලයන්ට බන්ධනාගාර තුළදී ස්වයං රැකියා පුහුණුව ලබාදෙන නමුත් ඔවුන් නිදහස ලබා සමාජ ගතවන විට රැකියා සොයා යාමේදී ග්‍රාමසේවා සහතිකය ගැනීම ගැටලුවක් වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පැවසීය. බන්ධනාගාර මානවක බාලදක්ෂයන්ගේ තෙදින බාලදක්ෂ ජම්බෝරිය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තල්දෙන  තරුණ වරදකරුවන්ගේ  විශෝධන මධ්‍යස්ථානයේ දී අද (15) පැවැත්විණ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ  සැකකරුවන් හා සිරකරුවන් රඳවා තබන බන්ධනාගාර 30 ක් පවතින බවත් 25,300 ක් පමණ වූ සිරකරුවන් හා සැකකරුවන් ඒවායේ රඳවා තිබෙන බවත් ඒ මහතා පැවසීය. රඳවා ගැනීමේ ධාරිතාවය 12,000 ක් පමණ වන අතර සිරකරුවන්ට වඩා සැකකරුවන් සංඛ්‍යාව ඉහළ යාම මේ තත්ත්වයට හේතුවී  ඇති බවත් දැනට සිටින රැඳවියන් අතරින් 16,000 ක් පමණ සැකකරුවන් මත්ද්‍රව්‍ය හෝ ඒ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූවන් බවත් ඒ මහතා සඳහන් කළේය. ලබන වසරේ හතර වන බන්ධනාගාර මානවක බාලදක්ෂ ජම්බෝරිය අනුරාධපුරයේ පැවැත්වෙන අතර ඒ සඳහා බාලදක්ෂ ධජය අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරී රෝහණ ගලප්පත්ති මහතාට භාරදීම ද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අතින් සිදුවිය. .
අධිකරණයත්-සිරමැදිරියත් ස්කයිප් තාක්ෂණයෙන් සම්බන්ධ වෙයි
0
hp_train_1764
(එම්. සුසිල් ප්‍රියන්ත) සභා වාර්තාව හඬ පටයකින් නොව ලිඛිතව ලබාදෙන ලෙස ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙනා යෝජනාවට සභාපති අරුණ ප්‍රදීප් මහතා පමණක් විරුද්ධවීම නිසා අද (10) පස්වරුවේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික සභා රැස්වීම උණුසුම්විය. සභා වාර් යෝජනාව පිළිබදව පාලක පක්ෂයේ උප සභාපති කමල් වැල්ලගේ, එම පක්ෂයේම සරත් ශ්‍රීලාල් මහත්වරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රාහුල ලලිතවික්‍රම මහතා ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාපති අරුණ ප්‍රදීප් මහතා සමග දැඩි උණුසුම් වචන හුවමාරුවකද පැටලී සිටිනු දක්නට ලැබිණ. මේ වචන හුවමාරුව මධ්‍යයේ සභාපති අරුණ ප්‍රදීප් මහතා සභාව උප සභාපති කමල් වැල්ලගේ මහතාට භාරදී යාමට සූදානම්වූ අවස්ථාවේදි ප්‍රශ්නය මග හැර යන්න එපා යයි කියමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඝෝෂා කළහ. අවසානයේදි සභා වාර්තාව හඬ පටයකින් නොව ලිඛිතව ලබාදිය යුතු බව පවසමින්  උප සභාපති කමල් වැල්ලගේ මහතා  යෝජනාවක් ගෙන ආ අතර එම යෝජනාව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි රාහුල ලලිතවික්‍රම මහතා ස්ථීර කළේය. මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදි පාලක පක්ෂයේ උප සභාපති කමල් වැල්ලගේ මහතා ගෙන ආ යෝජනාවට පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු හැර අනෙක් මන්ත්‍රීවරුන් සමග එක්සත් ජාතික පක්ෂය,එකසත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුදෙනාම පක්ෂව ඡන්දය ලබාදුන් අතර සභාපති අරුණ ප්‍රදීප් මහතා පමණක් එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. සභා වාර්ථාව හඬ පටයකින් ලබාදීමේ සිද්ධිය නිසා ඇතිවූ උණුසුම් තත්ත්වය නිසා මීට සතියකට පෙර පැවති සභා රැස්වීම එය පවත්වා විනාඩි 26කින් පසුව කල් තැබුණු අතර එයට විරෝධය පා විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගර්භය තුල උද්ඝෝෂණයකද නිරතවූහ.එම කල් තැබුණු සභා රැස්වීම අද (10) පස්වරු 2.30ට අම්බලන්ගොඩ නගර සභා මහජන පුස්ථකාලයීය දෙමහල් රැස්වීම් ශාලාවේදි පැවැත්විණි.
අම්බලන්ගොඩ ප්‍රා සභාවේ කලබලයක්
0
hp_train_1765
(යසන්ත ආරියසේන, චන්ද්‍රසේන ගමගේ)‘‘හම්බන්තොට වරායේ තක්සේරු වාර්තාව පුළුවන් නම් ඉදිරිපත් කරන්න කියලා රනිල් වික‍්‍රමසිංහ හා මලික් සමරවික‍්‍රම යන මහත්වරුන්ට අභියෝග කරනවා’’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා වලස්මුල්ලේ දී ඉකුත්දා (5) පැවසීය.ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ‘‘ජනබලය ගොඩ නඟන මෙහෙයුම’’ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පවත්වන ලද ජනහමුවක් වලස්මුල්ල පොදු වෙළෙඳපොළ අසලදී එදින සවස පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.මේ ඉන්න ජනතාව ආණ්ඩු පෙරළන්න ආණ්ඩු හදන්න වසර හැත්තෑවක් පමණ ඡුන්දය දීලා තියෙනවා. 2015 දීත් ආණ්ඩුවක් හදා ගත්තා. දැන් ඒ ආණ්ඩුව පෙරළන්න සූදානම් වෙනවා. රනිල්-මෛත‍්‍රී ආණ්ඩුව හරියන දීගයක් නොවේ. ජනතාව බලාපොරොත්තු වූ දෙවල් ඉටු කරන්නට මේ ආණ්ඩුව අසමත් වෙලා. මේක පෙරළන්න ලෙහෙසියි. ලංකාවේ බිහිවූ ඉතාමත් අසාර්ථකම රජය මෙයයි. මේ ආණ්ඩුව වට්ටලා හදන්නේ මොන ආණ්ඩුවක්ද කියන ප‍්‍රශ්නය ජනතාවට තියෙනවා. මෙය වට්ටන්න කලින් අපි තීරණය කරන්න  ඕනෑ හදන්නේ මොන වගේ ආණ්ඩුවක්ද කියලා.ජනවාරි මාසෙ 8 වැනිදා මේ ආණ්ඩුව හදන්න ජනතාවට පොරොන්දු ගොඩක් දුන්නා. වංචාවට, දුෂණයට, හොරකමට දඬුවම් දෙනවා කියලා. කටුනායක එයාර්පෝට් එක වහනවා කියලා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා. ආණ්ඩුව ඇවිත් දින තුනෙන් ලොකුම හොරා පැන්නා.අපි හඳුනා ගත්තා විශාල වශයෙන් කරන ලද හොරකම් හා වංචා. ඒ පිළිබඳව ෆයිල් හදලා එෆ්.සී.අයි.ඞී. එකට භාරදීම වසන්ත සමරසිංහ සහෝදරයා කළා. රටේ ජනතාව සැලසුමක් හැදුවා හොරු අල්ලන්න. රට සැලසුම් කරනවිට හොරු අල්ලන්න තවත් සොරකමක් කරන්න සැලසුම් කළා. පෙබරවාරි 27 මහ බැංකුව කොල්ල කෑවා.රවී කරුණානායකට ගෙයක් කුලියට ගත්තා. ලක්‍ෂ දහ හතර හමාරක් ගෙවන්න. ඒ කුලිය මාස අටෙන් ගෙව්වෙ කවුද? මහ බැංකු අධිපතිගේ බෑනා අර්ජුන් ඇලෝසියස්. මේ ආණ්ඩුව වට්ටලා හැදිය යුත්තේ හොරා නොකන මහජන දේපළ නොවිකුණන ජනතාවට වගකියන ආණ්ඩුවක්.අපේ රට මහා ණය උගුලක හිරවෙලා. රුපියල් කෝටි තුන් ලක්‍ෂ පනස් දහසක් ණයයි. ජේ.ආර්. ජයවර්ධන, පේ‍්‍රමදාස, චන්ද්‍රිකා, රනිල්, මහින්ද මේ සියලූ දෙනා මේවාට වගකිව යුතුයි. රටේ ආදායම මදි ණය පොළී වාරික ගෙවන්න.ලංකාවට කුඩු තොග ගණන් එනවා. සතොසෙනුත් ගෝනි ගණන් කුඩු අහුවුණා. කුඩු ග‍්‍රෑම් දෙකකට වඩා ළඟ තිබුණොත් මරණ දඬුවම ලැබෙනවා කියලයි නීතියේ තියෙන්නෙ. ඒත් කුඩු ගෙන්වන කාටවත් දඬුවම් දීලා තියෙනවද? ඒ ඇයි? කුඩු ගෙන්වන්නේ ඒ අයගෙ පැත්තෙම අය. ගේන එකා හිරේ යන්නෙ නෑ. බොන එකා හිරේ යනවා. අපේ රටේ නීතියෙ හැටි පේනවා නේද?අධ්‍යාපනයේ මහා අර්බුදයක් මේ පාලකයන් හැදුවා. ලංකාවේ පාසල් දස දහස් හැට දෙකක් තියෙනවා. එයින් විසි හතක ඉන්නෙ එක ළමයා බැගින්. එකසිය තිස් පහක ඉන්නෙ ළමයි දෙන්නා ගණනේ. පාසල් පන්දහස් තුන්සියයක ළමයි දෙසීයට අඩුවෙන් ඉන්නේ. පාසල් පද්ධතියේ ඇති අර්බුදය නිසා පාසල් අධ්‍යාපනය ගැන මවුපියන්ගේ විශ්වාසය බිඳ වැටිලා. දැන් ළමයි එක වසරේ ඉඳන් ටියුෂන් යනවා. ළමයින්ට හා මවුපියන්ට පාසල් අධ්‍යාපනය ගැන විශ්වාසයක් නැති නිසයි ඒ.ලෝකෙ වෙනත් කිසිම රටක ටියුෂන් නැහැ. පාසල් පද්ධතිය තුළ අනෙක් රටවල දරුවන්ට හොඳින් උගන්වනවා. අපේ දරුවන්ට පාසල් යන්න වෙලා තියෙන්නෙ කොහොමද? ජපානයේ දරුවන්ට වාහනවලින් පාසල් එන්න බැහැ. ඒ ළමයි පාසල් එන්නෙ පාපැදියෙන් හෝ පයින්. ලංකාවේ ලොරියක හරක් පටවාගෙන යන්න නීතියක් තිබුණට ළමයි පටවාගෙන යන්න නීතියක් නැහැ. ලංකාවේ දරුවන්ට නිදහස් අධ්‍යාපනයක් තියෙනවාද? පරිසරය, ස්වභාව සෞන්දර්ය, සංස්කෘතිය ගැන දැනීමක් නැති ළමා පරපුරකුයි අද ඉන්නේ.රෝහලකට ගිහින් බලන්න. මුළු සෞඛ්‍ය සේවාවම කඩා වැටිලා. දැන් ඩෙංගු වසංගතයක් තියෙනවා. තවම විසඳුමක් නැහැ. රජය දීපු විසඳුම මොකක්ද දන්නවාද? ඩෙංගුවලින් මැරෙන ගණන කියන එක නතර කළා. ඔන්න අපේ රටේ පාලකයන්ගෙ හැටි.පේනව නේද අපේ රටේ නායකයන්ගෙ හැටි. අපේ සෞඛ්‍ය ඇමැතිට ලංකාවේ සෞඛ්‍ය සේවය විශ්වාස නෑ. ලංකාවේ පිළිකා රෝහලට බෙහෙත් ගෙන්වූවාම පිළිකා රෝග විශේෂඥයන් කියනවා ඒක සුදුසු නැහැ කියලා. දත් දොස්තර කියනවා ඒක හොඳයි කියලා. එහෙම කියලා දත් දොස්තර යනවා බෙහෙත් ගන්න, සිංගප්පූරුවට. ඒ බෙහෙත් ගන්න සල්ලි දුන්නෙ ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්‍ෂ සියයක්. එදත් එහෙමයි. අදත් එහෙමයි. පේනවා නේද පාලකයන්ගෙ තරම.රෝහල්වල බෙහෙත් නැහැ. ඇඳන් නැහැ. අනෙක් පහසුකම් නැහැ. අපේ රටේ සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය හදලා තියෙන්නෙ ජනතාවට සෙත පිණිස නොව පාලකයන්ගෙ සෙත පිණිසයි. රටේ සෑම පුරවැසියකුටම නිරෝගී පුරවැසියකු ලෙස බිහිවන්නට අවශ්‍ය සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් නිර්මාණය කළ හැකි ආණ්ඩුවක් හැදීම ජනතාවගේ යුතුකමක් වෙනවා.මේ රට ගොඩනඟන්න බැරිනම් ලෝකයේ හදන්න පුළුවන් රටකුත් නැහැ. රටක් ගොඩ නැඟීමේදී එය කළ යුත්තේ ඒ රටේ ආර්ථික රටාව අනුවයි. කිසිම රටක් වෙන රටක් විදියට හදන්න බැහැ. සෑම රටක්ම ආර්ථික උපාය මාර්ග තෝරාගන්නේ ඒ රටේ මානව සම්පත හා නිෂ්පාදන ශක්තීන් අනුවයි. අපිට ස්වාභාවික සම්පත් තියෙනවා. අපට තෙල් නැහැ. ගෑස් නැහැ.රත‍්‍රං නැහැ. ගල් අඟුරු වැනි ලෝක ආර්ථික සම්පත් නැහැ. තෙල් හා ගෑස් ලංකාවේ සොයා ගන්නවා නම් ඒක කළ යුත්තේ ජනතාවට වගකියන රජයක් බිහිවූදාට පමණයි. අපේ රටේ තිබෙන සම්පත් ගැන අප සැකිලිමත් විය යුතුයි. අපට හොඳ මානව සම්පතක් තියෙනවා. ලෝකයේ දියුණු රටවලට ඒ වාසනාව නැහැ.ලෝකයේ සෑම රටකම අර්බුදයක් හට ගත්තාම ගම අත්හැරලා ජනතාව නගරයට ගියා. ලංකාවේ අය එහෙම ගියේ නැහැ. ආර්ථික සංවර්ධන උපාය මාර්ග හැදිය යුත්තේ ජනතාවට ගමේ සිට ආර්ථිකය ගොඩ නැෙඟන ආකාරයටයි. ගමේ පුරවැසියා ගමේ තියලා ආර්ථිකය ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේ ද කියල අපි කල්පනා කළ යුතුයි. අපට දියුණු කළ හැකිනම් ප‍්‍රාථමික කර්මාන්ත පද්ධති, ඒ තුළින් ජාතික ආර්ථිකය ගෙඩානැඟිය හැකියි.මේ රටේ ජනතාවට ලැබෙන දෙයක් පමණක් පාලකයන්ටත් ලැබෙන ආණ්ඩුවක් අපි නිර්මාණය කළ යුතුයි. හම්බන්තොට වරාය චීනයට දුන්නා සේ අනාගතයේදී මේ පාලකයන් චීන වරායත් ඉන්දියාවට දෙනවා. එසේ නොමැති නම් මේ පාලකයන්ට රාජ්‍ය තාන්ත‍්‍රික ගැටලූවක් ඇති වෙනවා යැයිද අනුර දිසානායක මහතා කීය.්
’හම්බන්තොට තක්සේරු වර්තාව හැකිනම් ඉදිරිපත් කරන්න’
1
hp_train_1766
(ඉන්දිකා රාමනායක ත්‍රිකුණාමලය කුච්චවේලි සිට)මෙරට හමුදාවන් සඳහා තිබෙන්නා වූ ගෞරවය ප්‍රධාන වශයෙන් ආරක්ෂා වී ඇත්තේ ඒවා ඉතාමත් හොඳ විනයක් ඇති හමුදාවන්වීම නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.එම විනය  ජාතික වශයෙන්  මෙන්ම අන්තර්ජාතික වශයෙන්  පිළිගෙන ඇති කරුණක් බවද ජනාධිපතිවරයා කීය.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ යුද හමුදාව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරන  8 වැනි දියකාවා යුද අභ්‍යාසයේ ප්‍රධාන අභ්‍යාසය අවසානයේ එහි සිටි රණවිරුවන්ට  සුබ පතමින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඔවුන් අමතමිනි.මෙම අභ්‍යාසය ඉකුත්දා (14)  පෙරවරුවේ ත්‍රිකුණාමලය කුච්චිවේලි හෙරක්කන්ඩි මුහුදු ප්‍රදේශයේ දී පැවැත්විණි.එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන්  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක ලේකම් ආචාර්ය කපිල වෛද්‍යරත්න යන මහත්වරු සහභාගි වූහ.දියකාවා යුද අභ්‍යාසය 2010 වසරේ ආරම්භ වූ අතර එය මෙවර පැවැත්වූයේ 8 වැනි වරටය.ත්‍රිවිධ හමුදාව ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සිදුකළ ක්‍රියාන්විත නැවත නැවතත් පුහුණු වෙමින් ඉදිරියේ රට තුළ එවැන්නක් ඇති වීම   වළක්වා ගැනීමට  ක්‍රියා කිරීම සහ ත්‍රිවිධ හමුදාව ලබා ගත් එම අත්දැකීම් නවකයින්ටත් ලබාදීම එම අත්දැකීම් හුවමාරු කිරීම මෙම දියකාවා අභ්‍යාසයේ අරමුණ බව හමුදාව කියයි.කඳවුරු පරිශ්‍රයට පහරදීමේ අවසන් යුද අභ්‍යාසය කමාන්ඩෝ සහ විශේෂ බළකා භට පිරිස්හි මූලිකත්වයෙන් ඇරඹුණු අතර පසුව එම්අයි 24 හෙලිකොප්ටර් යානා, මිග් ප්‍රහාරක යානා සහ නාවික ප්‍රහාරක යාත්‍රාද එක්වී මෙවර අභ්‍යාසයේ ප්‍රධාන අභ්‍යාසය වූයේ ත්‍රිවිධ හමුදා භට පිරිස් මුහුදින්, ගොඩබිමින් හා ගුවනින් ගොස් වෙරළ තීරයේ තිබූ සතුරු කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරමින් එය විනාශ කිරීමයි.නාවික හමුදා නෞකා, ඩෝරා යාත්‍රා, කුඩා යාත්‍රා 33 ට අධික ප්‍රමාණයක් අභ්‍යාස සඳහා යොදවා තිබූ අතර ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානා, ඵෂ 24 හෙලිකොප්ටර් යානා, මිග් 17 වර්ගයේ යානා 130 යානා, එෆ්. 7 වර්ගයේ ප්‍රහාරක යානා ඇතුළු යානා 13 ක් යොදවා තිබුණි. යුද හමුදාවේ සන්නද්ධ රථ 20 කට ආසන්න ප්‍රමාණයක් ද යොදවා තිබුණි.මෙවර අභ්‍යාසය සඳහා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලධාරිහු 2744 ක් සහභාගි වී සිටියහ. ත්‍රිවිධ හමුදාවේ මෙම පුහුණු අභ්‍යාස දැක බලා ගැනීමට රටවල් 13 ක් නියෝජනය කරමින් නිලධාරීන් 69 කට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ. පුහුණු අභ්‍යාසය නිමවීමෙන් පසු ජනාධිපතිවරයා එයට සහභාගි වූ සියලු රණවිරුවන්ට සුබ පතමින්  චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඔවුන් ඇමතීම සිදුවිය.එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.දියකාවා අභ්‍යාසයේ 8 වැනි  අභ්‍යාසය සාර්ථකව නිමකිරීමට එයට දායක වූ සියලු  ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සුබ පතමින්  ඔවුන් ඇමතීමට ලැබීම පිළිබඳව මම සතුටට පත්වෙනවා. දියකාවා යුද අභ්‍යාසය 8 වැනි වරටත් පැවැත්වීම, මා දකින්නේ අපේ ආරක්ෂක හමුදාවල මෙන්ම ඊට සහභාගිවූ සියලුම විදේශීය මිත්‍ර රටවල්වල ආරක්ෂක හමුදාවල කාර්ය මණ්ඩල ප්‍රධානීන් ඇතු`එ සියලුම නිලයන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසයි. මෙම යුද අභ්‍යාසයේදී මීට සහභාගිවූ නිලයන් දැක්වූ කැපවීම, එඩිතරකම, වීරත්වය, කාර්යක්ෂමතාව, විනය මා ඉතාමත්ම අගය කරනවා.ශ්‍රී ලංකාවේ හමුදාවන් සඳහා තිබෙන්නාවූ ගෞරවය ප්‍රධාන වශයෙන්ම ආරක්ෂාවී ඇත්තේ ඉතාමත් හොඳ විනයක් ඇති හමුදාවක් වීම හේතුවෙනි. එය ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද පිළිගෙන ඇති කරුණක්. අපේ රටේ ත්‍රස්තවාදයට විරුද්ධව දීර්ඝ කාලයක් තිබූ යුද්ධයේදී යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු  සේවා සියල්ලම දැක්වූ කැපවීම සහ සහයෝගිතාව තුළ එම ජයග්‍රහණ ලබාගැනීමට හැකි වූ බව අපි දන්නවා.අද යුද අභ්‍යාසවල තිබෙන්නාවූ වැදගත්කම පිළිබඳව කතා කළහොත් අධිතාක්ෂණික ලෝකයේ නවීන විද්‍යාවත් සමග සියලු ක්ෂේත්‍රයන්හි දැනුම දවසින් දවස වර්ධනය වෙනවා. වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, තාක්ෂණය දවසින් දවස වෙනස්වන්නා සේම ඕනෑම රටක ආරක්ෂක හමුදාවල දැනුම වර්ධනය වෙනවා.නව තාක්ෂණික යුද උපකරණ, ශිල්පීය දැනුම, තාක්ෂණික දැනුම යුද අභ්‍යාස තුළ ඉතාමත් වැදගත් වෙනවා. අපේ මාතෘ භූමියේ ආරක්ෂාව සඳහා මෙන්ම කලාපීය ආරක්ෂාව, අන්තර්ජාතික ආරක්ෂක සේවාවන්වල සබඳතා, මිත්‍රශීලිභාවය අපේ හමුදාවන්වලට අවශ්‍ය වෙනවා. අන්තර්ජාතික වශයෙන් පිළිගත් ඉතාම දක්ෂ හමුදාවන් විදියට මේ යුද අභ්‍යාස තුළින් ලබා ගන්නාවූ දැනුම, අවබෝධය, අත්දැකීිම අපි ඉතාමත් වැදගත් කොට සලකනවා.2017 වර්ෂයේ දියකාවා යුද අභ්‍යාස 8 වැනි වරටත් පවත්වා අවසන් වන අවස්ථාවේ ඔබට සුබපතා ආශිර්වාද කිරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. නැවත නැවතත් මා මෙහිදී සඳහන් කරන්නේ ඔබේ කැපවීම, එඩිතරබව, වීරත්වය, දක්ෂතාව, සටන්කාමීත්වය ඔබ තුළ තිබූ විනය මෙහිදී ඉතාමත් වැදගත් බවයි.මේ යුද අභ්‍යාසය තුළ ඔබ සෑම කෙනෙක්ම එක්වී ඉතාමත් සුහදතාවයෙන් අපේ මිත්‍ර රටවල් සමග, ආරක්ෂක ප්‍රධානීන්, ආරක්ෂක හමුදා සමග මේ යුද අභ්‍යාසය සාර්ථක ලෙස අවසන් කිරීමට ලැබීම පිළිබඳවත් මා ඉතාමත් සතුටු වෙනවා.අවසාන වශයෙන් යුද අභ්‍යාස තුළ අපේ යුද, නාවික, ගුවන්, ත්‍රිවිධ හමුදා ලැබූ අත්දැකීම, අවබෝධය, දැනුම මෙන්ම මේ සඳහා සහභාගිවූ අනෙකුත් මිත්‍ර රටවල්වල ආරක්ෂක ප්‍රධානීන් ආරක්ෂක සාමාජිකයින් සියලු නිලයන්, මේ සඳහා සහයෝගය දුන් සෑම රටකම රජයන්ටත්, රාජ්‍ය නායකයින්ටත් මේ කටයුතු ඉහළ කැපවීමකින් කළමනාකරණය කිරීමට මූලිකත්වය ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් ආරක්ෂක ලේකම් ඇතු`එ සියලු කාර්යය මණ්ඩලවලටත් මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.ඔබේත් මගෙත් ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් යහපත් මානව සමාජයක් වෙනුවෙන් ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ආරක්ෂක සේවා විදියට අපේ කැපවීම තව තවත් ඉදිරියට ධෛර්යවන්තව ආත්ම ශක්තියෙන් ආත්මාභිමානයෙන් එඩිතරව ඉලක්ක සහගතව සියලු කාර්යයන් සාර්ථකව කිරීමට සියලු දෙනාට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියා මා ආශිර්වාද කරනවා, සුබපතනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා  මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.“දියකාවා අභ්‍යාසය” නැරඹීමට මෙම අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳ ආඩම්බර වෙනවා. අපේ ත්‍රිවිධ හමුදාව මේ රටට විශාල සේවයක් ඉටුකර  තිබෙනවා.  වසර 30 තිස්සේ  මේ රටේ තිබුණ යුද්ධය ත්‍රිවිධ හමුදාව එක්වී අවසන් කළා.  නමුත්  යුද්ධය නිමකළ ද අපි මේ වගේ අභ්‍යාස සිදුකරමින් අපේ අවධානය  ඒ දෙසට යොමුකරන්න අවශ්‍ය වෙනවා.මේ අභ්‍යාසය ඉදිරියට සිදුකිරීම අවශ්‍යයි. තරුණ පිරිස ඒ  ඔවුන්ගේ අවධානය මේ අභ්‍යාස වෙත යොමුකර ඒ තුළින් අත්දැකීම් ලබාගන්නවා. ඉදිරියේ දී මේ රටේ යම් අනතුරක් සිදු වුවහොත් ඔවුන්ට එයට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය අත්දැකීම් තිබෙනවා. එම නිසා මෙම අභ්‍යාස ඉතාමත් වැදගත් වෙනවා.  මෙවැනි අභ්‍යාසයක් පැවැත්වීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට මගේ ස්තූතිය පුදකරනවා යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා එහිදී මෙසේ පැවසීය. ශ්‍රි ලංකා යුද හමුදාව කියන්නේ වසර 30 ක්  යුද්ධ කර ජයග්‍රහණය කළ හමුදාවක්. හමුදාවේ  තිබිය යුතු දක්ෂකම්, අත්දැකීම් ඒ සියලු දෙයක්ම  නැවත වතාවක් මතක් කිරීමක් සහ  අප වෙත බැඳී සිටින නවකයන්ට එම අද්දැකීම් ලබාදීම සඳහා   අපි මෙවැනි අභ්‍යාස පවත්වන්නේ.එම අවස්ථාවේ යුද හමුදාව ප්‍රමුඛ ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 3000 කට ආසන්න පිරිසක් මේ සඳහා  සහභාගි වී සිටිනවා.එම අභ්‍යාසය මාසයක් පුරා තිබෙනවා. අද පෙන්නුම් කළේ එහි ප්‍රධාන අභ්‍යාසයක් සඳහා පමණයි. එයින් පැහැදිලි වෙනවා මේ හමුදාවන් කොයිතරම් සූදානමින් ඉන්නවාද කියලා. රටේ ජනතාවට මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ ඔබගේ ත්‍රිවිධ හමුදාව, ඔබගේ මුරදේවතාව, රටට ඇතිවෙන ඕනෑම තර්ජනයකට ඔබ වෙනුවෙන්   මුහුණ දෙන්න ඉදිරිපත් වෙන්න  සුදානම් වෙලා පුහුණු වෙලා ඉන්නේ.එම නිසා  හමුදාවන්  ගැන විශ්වාස ඇති කරගන්න. මේ හමුදා තුනම මේ රටේ  ඇතිවෙන ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න සුදානමිකින්  සිටින්නේ. ඒ තමයි අපේ ශක්තිය එම ශක්තියේ කොටසක්  තමයි අද   දිනයේ අපි පෙන්නුම් කළේ.විදේශ රටවල හමුදා සාමාජිකයින් අද මෙම අවස්ථාවට සහභාගි වී  සිටිනවා.  එමගින් අපිට පෙනෙන්නේ  විදෙස් රටවල හමුදා සාමාජිකයින්  අපිව කොයිතරම්  පිළිගෙන තිබෙනවාද කියා, අපේ ආවේනික සටන් ක්‍රම ඔවුන් මොනතරම් පිළිගෙන තිබෙනවා ද කියලා. අපේ ඉගෙන ගන්න ඒ  රටවල පිරිස මෙහි පැමිණීම ගැන  අපි ඒ ගැන සතුටු වෙනවා මෙන්ම ආඩම්බර වෙනවා. යැයිද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.ත්‍රිකුණාමල 22 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා එහිදී මෙසේ පැවසීය.යුද හමුදාපතිවරයා විසින් මෙම දියකාවා යුද අභ්‍යාසයේ  අධ්‍යක්ෂවරයා වශයෙන්  පත්කර තිබෙනවා.  මේ දියකාවා යුද අභ්‍යාසය අපි පටන් ගත්තේ 2010 වසරේ.  මෙවර අපි සිදුකළේ 8 වැනි වරට.  දියකාවා යුද අභ්‍යාසය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් යුද අභ්‍යාසයක්. යුද හමුදාවේ විශේෂ බළකාය, කමාන්ඩෝ බළකාය  සහ නාවික හා ගුවන්  හමුදාවන්වල ඔවුන්ගේ විශේෂ බළකා මේ සඳහා සහභාගි කර තිබෙනවා.මේ වසරේ අභ්‍යාසයට අපි උත්සහ කළා මෙයට අලුත් දේවල් කිහිපයක් එකතු කිරීමට. යුද හමුදාවේ යාන්ත්‍රික, පාබල රෙජිමේන්තුවට අයත් ඒකක අපි මේ සඳහා සහභාගි කරගත්තා.  බලවේගය  ක්‍රියාන්විතයෙන් පසු පළමු වතාවට නාවික හමුදාවේ එල් සී එම්, එල් සී යූ  යන්ත්‍ර පාවිච්චි කළා.   අපි පටන්ගත්තේ  සැප්තැම්බර් 03 වැනිදා. මෙය අවසන් වෙන්නේ සැප්තැම්බර් 23 වැනි දා.  මේ යුද අභ්‍යාසය මුලතිව් සිට හම්බන්තොට දක්වා සිදුකරනවා. ඒ අතරේ තිබෙන  ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර,  පොළොන්නරුව, හම්බන්තොට යන ප්‍රදේශවල ද ක්‍රියාන්විත සිදුකිරීමට නියමිත බවද අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීහු රැසක්ම සහභාගි වූහ. අවස්ථාව නැරඹීමට සාමාන්‍ය ජනතාවට විවෘත වූ අතර ඒ සඳහා සාමාන්‍ය වැසියන් රැසක්ම සහභාගි වී සිටියහ. 
අපේ හමුදාව විශිෂ්ටයි
1
hp_train_1767
(එස් .ඩී .කොඩිකාර )මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අද (12) කිරිවැල්දොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව දෙනියාය පොලිසිය කියයි .මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි කිරිවැල්දොළ ,දෙනියාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව පොලිසිය කියයි .පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත සැකකරුගේ නිවසේ දර මඩුවේ සඟවා තිබියදී පොලිසිය විසින් මෙම ගිනි අවිය සොයා ගෙන ඇත.සැකකරු අදාළ ගිනි අවිය යොදාගෙන වන සතුන් දඩයම් කරන බවට තොරතුරු ලැබී ඇති අතර අදාළ ගිනි අවිය විදේශ රටක නිෂ්පාදනය කර ඇති ආකාරයට නිෂ්පාදනය කර ඇතැයි පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ  පවත්වයි.
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
1
hp_train_1768
( තිළිණි ද සිල්වා )මේ වසරේ මුල් මාස තුනේදී පමණක් විදෙස් සංචාරකයින් 474 540ක් දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එය ඉකුත් වසරේ මුල් මාස තුනේ පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසැඳීමේදී සියයට 13.8 ක වර්ධනයක් යැයි එම අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තා වල සඳහන් වේ.මේ අතර පසුගිය මාර්තු මස මුලදී මහනුවර ප්‍රදේශයේ වාර්ගික ගැටුම් පැවතියද එම මාසය තුළඳී සංචාරකයින් 233,382ක් පැමිණ ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී සියයට 24.1 ක වර්ධනයක් බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තා වල සඳහන් වේ.ජනවාරි මාසයේදී පමණක් විදෙස් සංචාරකයින් 238,924 ක්ද , පෙබරවාරී මාසය තුළ දි සංචාරකයින් 235,618 ක්ද හා මාර්තු මාසයේදී සංචාරකයින් 233,382 දෙනෙකුද වශයෙන් ගතවූ මාස තුනේදී විදේශිකයින් මෙරටට පැමිණ ඇතැයි සඳහන් වේ.2018 වසර සඳහා සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ඉකුත් ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන් වන අතර එම සංඛ්‍යාව 43,643 කි. මෙය ගිය වසරේ ජනවාරි මාසය හා සැසඳීමේ දී 40% ක තරම් විශාල වර්ධනයකි. මේ අතර චීන ජාතකයින් 24,819 ක් පැමිණ ඇති අතර එම පැමිණීම පසුගිය ජනවාරි මාසයේදී සියයට 22 කින් පහළ ගොස් ඇතැයි ද සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දේ.ජනවාරි මාසයේදී තෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ජර්මනියෙන් වන අතර එලෙස පැමිණි සංඛ්‍යාව 14,985 කි. එය 2017 ජනවාරි මාසයේදී පැමිණි ජර්මන් සංචාරකයින්ගේ සංඛ්‍යාවට වඩා සියයට 20 ක වැඩිවීමකි.මීට අමතරව ප්‍රංශ සංචාරකයින් 12,209 ක්ද ,රුසියානු සංචාරකයින් 11,634 ක්ද ,ඕස්ට්‍රේලියාවෙන් 9948 ක්ද , ඇමෙරිකාවෙන් 7277 ක්ද , යුක්රේනයෙන් 6544 ක්ද , මාලදිවයිනෙන් 6194 ක් ලෙසින් සංචාරකයින් ඉකුත් ජනවාරි මාසයේදී දිවයිනට පැමිණ තිබේ.ඉකුත් පෙබරවාරි මාසය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 36,000ක් පමණ වේ.ඉන්දීයානු සංචාරකයින් 32,000ක් ද බ්‍රිතාන්‍ය සංචාරකයින් 23,000ක් ද එම කාලය තුළ පැමිණ ඇත.මාර්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 30 ,583 ක් වේ.බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 30 ,366 ක්ද , ජර්මනියෙන් 24 ,423 ක්ද , චීනයෙන් 21,101 ක්ද , ප්‍රංශයෙන් 14,818 ක්ද , ඇමෙරිකාවෙන් 9701 ක්ද ,රුසියාවෙන් 9089 ක්ද ,ඕස්ට්‍රේලියාවෙන් 8932 ක්ද , මාලදිවයිනෙන් 7239 ක් සහ කැනඩාවෙන් 5113 ක් වශයෙන් සංචාරකයින් පැමිණ ඇත.
සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්
0
hp_train_1769
(ජේ.කේ.එල් චාමින්ද)පාසල් විවෘත කිරීම හා කාර්යාල සේවකයින් සිය කාර්යාලවලට වාර්තා කිරීමත් සමග දකුණු පළාතේ ලංගමයේ දිනක ආදායම ලක්ෂ 6කින්  වැඩි වී ඇති බැව්  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු  පළාත් කාර්යාලයේ ප්‍රධාන කළමණාකරු ආර්.වී  ප්‍රභාත් කුමාර මහතා පවසයි. පාසල් ගුරුවරු, කාර්යමණ්ඩල, කාර්යාල සේවකයින් හා පාසල් දරු දැරියන්  පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම මිට හේතුව බවද හෙතෙම පවසයි. කොරෝනා වසංගතයත් සමග දිනක ආදායම රුපියල් ලක්ෂ 25 දක්වා පහත වැටුණු බවත් මේ වනවිට එම ආදායම ලක්ෂ 30, 31 දක්වා වැඩිවෙමින් තිබෙන බවත් ප්‍රභාත් කුමාර මහතා පවසයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මගින් ඩිපෝ 11ක් පාලනය වන අතර සැම ඩිපෝවක් මගින් බස්රථයක් පිටවීමේ දි හා යලි ඩිපෝව තුලට ඇතුලත්වීමේ දි එම බස්රථ විෂබීජහරණය කරණ බවද ඒ මහතා පවසයි. කොරෝනා වසංගත තත්වය හමුවේ දකුණු පළාත තුල පසුගිය සතියේ ලංගම බස්රථ 325ක් දෛනිකව ධාවනය වු බවත් අද(30) දින ධාවනය කරන බස්රථ සංඛ්‍යාව 400 දක්වා වැඩිකිරීමට සැලසුම්කොට ඇති බවද හෙතෙම පවසයි. මිට අමතරව කොළඹ නගරය බලා සෑම ඩිපෝවකින්ම බස්රථ 04ක් යෙදවිමට සැලසුම්කොට ඇති බවද මගින්ගේ අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට කටයතු කරණ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය. 
දකුණේ ලංගම දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළට
1
hp_train_1770
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඩෙල්ෆ්, කුඩාවේලි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 4.5 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ඩෙල්ෆ් ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සහ කැස්බෑ මස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ් පොලිසිය වෙත භාර දී ඇත.(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
කැස්බෑ මස් කිලෝ 4ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
1
hp_train_1771
(ඩයනා උදයංගනී)දිවයිනේ නිරිතදිග කොටස්වල අද (15) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන අතර බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරු පළාතේත්, අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර, ඌව සහ නැගෙනහිර පළාත්වලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරුමැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40ක 50 ක පමණ වේගවත් සුළං හැමිය හැකි බව ඔහු පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
අදත් තද වැසි
0
hp_train_1772
බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ අය වැය වැඩි ඡන්ද 10 කින් පරාජය විය.පක්ෂව ඡන්දය දුන්නේ යෝජනාව ඉදිරිපත් කළ සභාපති පමණි.සන්ධාන මන්ත්‍රීන් අට දෙනෙක්ද විපක්ෂයේ තිදෙනෙක්ද විපක්ෂව ඡන්දය දුන්හ.  
බුලත්සිංහල අය වැයත් පරාද වෙයි
1
hp_train_1773
මෙරට ෆ්ලෙක්සිබල් ඇසුරුම් කර්මාන්තයේ වසර 25කට වැඩි අත්දැකීම් සහිත ප්‍රවීණයෙක් වන ලක්ෂමන් ද ෆොන්සේකා මහතා සභාපතිත්වය දරනALFT ඇසුරුම් සමාගමේ නවතම කර්මාන්ත ශාලාව අති නවීන නිෂ්පාදන පහසුකම් සහිතව පසුගිය දා ඒකල දී විවෘත කරන ලදි.නව කර්මාන්ත ශාලාව W&H Miraflex 11 මුද්‍රණ තාක්ෂණය ඇතුළු නවීනතම යුරෝපීය තාක්ෂණයෙන් සමන්විත වන අතර මේ හරහා දේශීය සමාගම් වෙත සිය නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියේ ෆ්ලෙක්සිබල් ඇසුරුම් ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත.  නව කර්මාන්ත ශාලාව විවෘත කිරීම සඳහා විචිත්‍රවත් නිල උත්සවයක් පැවත්වුණු අතර ඊට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කීර්තිමත් ආයතන ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනිය සහ කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලාෆිෆි, සිලෝන් බිස්කට් ලිමිටඩ් (CBL) සමාගමේ සභාපති රම්‍ය වික්‍රමසිංහ, ප්‍රීමා ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න, නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ජේසන් ඇවන්සිනා, ලංකා බැංකුවේ අතිරේක සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඒ අතරින් කිහිප දෙනෙකි. එම අවස්ථාවේ දී ALFT සමාගම  සිය පළපුරුදු සේවක මණ්ඩලය සහ විදේශීය විශේෂඥයන්ගේ සහය ඇතිව සහභාගී වූ සියලු අමුත්තන් හට නව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සිදු කෙරෙන ආකාරය දැක බලා ගැනීමට ද අවස්ථාව සලසා තිබිණ.ALFT සමාගමේ සභාපති ලක්ෂ්මන් ද ෆොන්සේකා මහතා සමාගමේ නව පියවර ගැන අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “ඇසුරුම් නිෂ්පාදනය සඳහා මේ මාදිලියේ ඉහළම ජාත්‍යන්තර තාක්ෂණයක් ශ්‍රී ලංකාව තුළ යොදා ගැනෙන්නේ පළමු වරටයි. ඒ නිසාම මේ අවස්ථාව ALFTසමාගමට පමණක් නොවෙයි සමස්ත ඇසුරුම්කරණ ක්ෂේත්‍රයටම සුවිශේෂී අවස්ථාවක් කියා මා සිතනවා. මේ නවීනතම තාක්ෂණයේ ප්‍රතිලාභ වශයෙන් අපේ සේවාලාභීන්ට පෙර නොවූ විරූ නිර්මාණශීලීත්වයක් සහ කාර්යක්ෂමතාවක් අත්විඳීමට හැකි වනු ඇති. නව කර්මාන්තශාලාව තුළ නව තාක්ෂණය යොදා ගනිමින් පළමු ඇසුරුම් නිෂ්පාදන කාණ්ඩය මේ වන විට ප්‍රීමා සමාගම වෙනුවෙන් නිෂ්පාදනය වෙමින් පවතිනවා”“නවතම W&H Miraflex  මුද්‍රණ තාක්ෂණය හරහා අපේ සේවාලාභීන්ට අද්වීතීය ගුණාත්මක බව, පුළුල් වර්ණ පරාසයක් භාවිත කිරීමට හැකි වීම, කාලය ඉතිරි වීම සහ නිර්මාණශීලීත්වයට වැඩි ඉඩක් හිමී වීම වැනි වාසි ගණනාවක් ලැබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පළමු වරට අපි කර්මාන්තශාලාව තුළම ප්ලේට් නිර්මාණය කිරීමේ තාක්ෂණය හා පහසුකම හඳුන්වා දී තිබෙනවා”“අපේ නව කර්මාන්තශාලාව හරහා දේශීය ව්‍යපාරවලට විදේශීය සැපයුම්කරුවන් මත යැපීමකින් තොරව පහසුවෙන් හා අඩු පිරිවැයකින් තමන්ගේ ඇසුරුම් අවශ්‍යතාව සම්පූර්ණ කරගත හැකි නිසා ඔවුන්ට අපනයන වෙළඳපොළ තුළ සාර්ථකව තරඟ කිරීමට අවස්ථාව හිමි වෙනවා. අනෙක් අතටALFT සමාගමට ජාත්‍යන්තර සේවාලාභීන් වෙත සේවා සැපයීමටත් අවස්ථාව උදා වී තිබෙනවා. මේ නිසා අපේ ආයෝජනය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි විශාල සාධනීය බලපෑමක් ඇති කරනු ඇති බවට අපි විශ්වාස කරනවා”උසස්ම තත්ත්වය හා අනෙකුත් ප්‍රතිඵලවලට අමතරවALFT සමාගම සිය සේවාලාභීන් වෙනුවෙන් ඉහළම සේවයක් ලබා දීමට කටයුතු කරන අතර ඊට හොඳම උදාහරණය වන්නේ නව කර්මාන්තශාලාවේ පිහිටා ඇති නවීන තාක්ෂණයෙන් සමන්විත පර්යේෂණාගාරයයි. සමාගමේ සේවාලාභීන්ට නිෂ්පාදනයට පෙර සිදු කරන පරීක්ෂණ කටයුතු මෙම පර්යේෂණාගාරය සතු සම්පත් භාවිත කර සිදු කිරීමට ALFT සමාගම විසින් ඉඩකඩ සළසා ඇත.ALFT සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චතුර ජයතිස්ස මහතා මේ  පිළිබඳව මෙසේ අදහස් දැක්වූයේය. “ALFT සමාගම කෙටි කලක් ඇතුළත ලැබූ දැවැන්ත සාර්ථකත්වයට හේතු වූ මූලිකම කාරණා වන්නේ අපේ විශිෂ්ට පාරිභෝගික සේවය සහ සියයට සීයක් පූර්ණ විනිවිදභාවයයි. රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අප දක්වන කැපවීම සහ කාර්යක්ෂම බව හා කාලය ඉතිරි කරදීම වැනි කාරණා සම්බන්ධයෙන් අපේ සේවාලාභීන් ඉතා ඉහළින් අපව අගය කරනවා”595
ලාෆ්ස් ගෑස් - ලිහිසිතෙල් නව ලාංඡන දෙකකින්
0
hp_train_1774
වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කෙසේ වෙතත්, අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී  බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත්  තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඇතැයි ද සඳහන් කරයි.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. ‘‘‘‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් ඇති වේ‘‘.සුළං නැගෙනහිර දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර්  20-30 ක් පමණ වන බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.2015 මාර්තු මස 06 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කෙරිණි.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1775
(උණවටුන ඩී.ජී. සුගතපාල)ඇය විසි හතර හැවිරිදි තරුණියකි. ඉහළ අධ්‍යාපනයක් නොලැබුවත් ඇයටත් අනෙක් යෙහෙළියන්ට මෙන් රැකියාවක් කිරීමේ ආසාවක් ඇති විය. එහෙත් ඇඟලු‍ම් කම්හලක රැකියාවට ඇයගේ එතරම් කැමැත්තක් නොවීය. මේ අතර අහම්බෙන්  ඇයට රැකියාවකට මං පෑදිණි.රැකියාව පදිංචි දිස්ත්‍රික්කයෙන් පිට  දිස්ත්‍රික්කයක කෙළවර පිහිටි කම්හලකය. එම කම්හල පිහිටි ප්‍රදේශයේ සියයට අනූවකගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තේ කර්මාන්තයයි. දිනපතා නිවසේ සිට රැකියාවට යාම අපහසු නිසා ඇයට කම්හල ආශ්‍රිතව නේවාසිකාගාරයේ සුව පහසු කාමරයක්ද ලැබිණි.ඇය රැකියාවට ගොස් මාසයක් ගතවීමට පෙරම නොසිතූ ලෙස වාසනාව ඇය වටා කැරකෙන්නට විය. ඒ කම්හල් කළමනාකරුගේ පුතාය. ඔහු විසිඑක් හැවිරිදි තරුණයෙකි. ඔහු සමග හෝටල් කාමරවල සිටින විට  සුව පහසු යාන වාහන සුවිසල් නිවාස වතු නිලධාරින්ගේ සුහද හමු ඇයට මැවී පෙනෙන්නට විය.මේ අතර දෙදෙනා දිනක් ගාල්ල නගරාසන්නයේ හෝටලයකට පැමිණයහ. හෝරා කිහිපයක් එහි ගතකිරීමෙන් පසු ඔහු මෝටර් රථයෙන් ඇය බස් නැවතුම් පොළට කැඳවාගෙන ආවේය. “දැන් කොහෙද යන්නේ” ඔහු ඇසුවේය.“මම ගෙදර ගිහිල්ල හෙට එන්නම්“ ඇය කීවාය.පසුව ඔහු මෝටර් රථයෙන් පිටත්ව ගිය අතර ඇය බස් නැවතුම් පොළේ නතර වූවාය. ටික වේලාවකට පසු ඔහු ඇයගේ ජංගම දුරකතනයට කතාකර ඉන්නේ කොහේදැයි විමසීය. “මම මේ මහ වීදියෙ කඩේකට  ආවා” ඇය කීවාය. එහෙත් එසේ කියා වැඩි වේලාවක් යන්නට පෙර පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඇය අසල නතර කළේය.මෝටර් රථයෙන් බැස ගත්තේ ටික වේලාවකට පෙර එකට සිටි කම්හල් කළමනාකරුගේ පුතාය. අවාසනාවට මෙන් ඇය සිටියේ තවත් තරුණයෙකුගේ අත අල්ලාගෙනය. මෙයට පෙර දැනහැඳින ගෙන සිටි එම තරුණයා සමග ඇය ගාලු‍ කොටුවට යමින් සිටියාය. මෝටර් රථයෙන් බැසගත් තරුණයා “ඇයි මට බොරු කිව්වේ “ කියමින් අත මිට මොලවා ඇයගේ මුහුණට වේගයෙන් පහරක් එල්ලකර තම  මෝටර් රථයට නංවා ගත්තේය. ඇය සමග සිටි තරුණයා අන්ද මන්දවී බලා සිටියේය.“මම ඔක්කොම බලාගෙන හිටියෙ. කවුද ඒ මිනිහා?” ඔහු ඇසුවේය.“ඒ මම අඳුනන ගමේ යාලු‍වෙක්“ ඇය කීවාය. ඇයගේ මුහුණ රතුවී ඉදිමී තිබිණ. ඔහු ඖෂධ ශාලාවකට ගොස් අයිස් බෑගයක් ගෙනැවිත් මෝටර් රථය තුළදීම ප්‍රථමාධාර දුන්නේය. ඉන්පසු ඇය නිවසට යනබව පවසා මෝටර් රථයෙන් බැස ගියාය. එහෙත් ඇය ගියේ  පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයටය.
‘ඩබල් ලව්’ මාට්ටුවී මූණ රතුවෙන්න නෙළලා​
1
hp_train_1776
දිවයින ආසන්නයේ පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට  ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 09/12/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය29239580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව28249080විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30249075අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල30249585අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය28239080විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර27209580අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.නුවරඑළිය20129580අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.රත්නපුරය31249585අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ත්‍රීකුණාමළය28249585විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29259590අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. ප්‍රදේශ කිහිපයකට අදත් වැසිපෙරවුරු 12.10දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමළය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ.  සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.පෙරවුරු 50.30දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට  ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.ත්‍රීකුණාමළය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා සහ කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ.  සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
ඉදිරි 24 පැයේ කලගුණය
0
hp_train_1777
(මනෝප‍්‍රිය ගුණසේකර)බහින්බස්වීමක් හේතුවෙන් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනෝපොළ මහතා අද (28) මරණ දඬුවම නියම කළේය.විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින්  විනිසුරුවරයා ඔහුට මරණ දඬුවම පැනවීය.ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුට මරණීය දණ්ඩනය පමුණුවන ලෙස විනිසුරුවරයා නියම කළේය.චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වුයේ දේවසිරි සුසන්ත ප‍්‍රියදර්ශන නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකුටය.2003 ජුලි මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්මලාන දුම්රිය පොළ පාරේදී හේවාවිතාරණගේ සරත් නැමැත්තාට පිහියෙන් ඇන මරා දැමූ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණ දඬුවම පැනවීය.      
පුද්ගල ඝාතනයකට වරදකරු වූ අයෙකුට මරණ දඬුවම
1
hp_train_1778
බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249555සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය34268065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක්.මහනුවර30209570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20129575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය36259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32269075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘වැස්ස වැඩි වෙයි‘
1
hp_train_1779
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 35 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,331 දක්වා ඉහළ ගොස් ඇත.මියගිය අයගෙන් 30 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර සිවු දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.එමෙන්ම පිරිමි අය 18 දෙනකු සහ කාන්තාවන් 17 දෙනෙකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. 
කොවිඩ් මරණ 4ක්
0
hp_train_1780
(ක.ග.කරුණාරත්න) හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අද(14) පැවති මාසික රැස්වීමේදී 2020 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 21කින් සභාසම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 2ක් ලැබිණි. ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විපක්ෂව ඡන්දය දුන්හ.හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්.උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී රැස්වීම ආරම්භ විය. ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය කෙටුම්පත සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය. ප්‍රාද්ශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 8දෙනා අයවැය කෙටුම්පත සඳහා ජන්දය විමසීමට පෙර රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ. අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවේදී  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 10 දෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13දෙනා එක්ව අයවැයට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කළහ. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය 33 කින් සමන්විතය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර 13 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙයේ මන්ත්‍රී ධූර 10 ක්, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී ධූර 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධූර 2ක් වශයෙනි.
මහියංගන ප්‍රා. සභාවේ අයවැය පරාදයි
0
hp_train_1781
‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන අනපේක්ෂිත තත්ත්ව සලකා බලමින් පෞද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන් සඳහා සහන රැසක් පිරිනැමීමට එච්.එස්.බී.සී. බැංකුව තීරණය කර ඇත.වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ගනුදෙනුකාර පාරිභෝගිකයන්ට මෙම සහන ලබාදෙන බවත් වසංගත රෝගය ව්‍යාප්තියට එරෙහිව ගන්නා ප්‍රජා කටයුතුවලට සහ සෞඛ්‍ය අංශවලට සහාය දක්වන බවත් එම බැංකුව කියයි.ගෙවීම් ස්ථානයන් වෙත ළඟාවීමට ඇති අපහසුතා සැලකිල්ලට ගෙන, සියලුම කාඩ්පත් හිමියන් සඳහා මාර්තු මසට ගෙවීම් නියමිත දින ඊළඟකාඩ්පත් ප්‍රකාශනය ලැබීමට නියමිත දින දක්වා දීර්ඝ කිරීම, ප්‍රමාද ගාස්තු අය නොකිරීම, කාඩ්පතින් කරන රුපියල් 10,000 වැඩි සියලුම වෛද්‍ය වියදම් සඳහා, මාස 06ක් දක්වා පොලී ආපසු ගෙවීම, බැංකුව නැවත දැනුම්දෙන තෙක් චෙක්පත් අගරුවීම් ගාස්තු අය නොකිරීම, ශ්‍රී ලංකා රුපියල් කාල තැන්පතු කල්පිරීමේ දිනට පෙර ආපසු ගැනීමේදී කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීම, ගනුදෙනුකරුවන් හට එදිනෙදා බැංකුකරණ අවශ්‍යතා සඳහා වේගවත් ප්‍රවේශයක් සහ වැඩි පහසුවක් සැලැසීම, එච්.එස්.බී.සී. අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ (දුරකතනය හරහා) පහසුකම් සැලැසීමේදී ලියාපදිංචි ගාස්තු අය නොකිරීම, ඩිජිටල් බැංකුකරණ හා බැංකු සේවා සඳහා මුදල් අය නොකිරීම, ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් ආපසු ගැනීමේ පහසුකම නොමිලේ සැපයීම යනාදී පියවර ගැනීමට බැංකුව තීරණය කර ඇත.ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ආපසු ගෙවීම් මාස 03ක් අත්හිටුවීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පොලී අනුපාතික සම්බන්ධයෙන් මාස 06 තෙක් සියයට 50ක් දක්වා සහන සැලසීම, පෞද්ගලික ණය ආපසු ගෙවීම් මාස 06ක් දක්වා කාලයක් තාවකාලිකව නවතා දැමීමට ද එම බැංකුව පියවර ගෙන ඇත.· ශ්‍රී ලංකා රජය යෝජනා කරන සහ ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් තවදුරටත් ලැබෙන විධි නියෝග පරිදි සියලු සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පූර්ණ වශයෙන් බැඳී සිටින බව ද බැංකුව දැනුම් දෙයි.පවත්නා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යමය හෝ මූල්‍යමය වශයෙන් බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන් සිටීනම් 011-5 388 100 ඔස්සේ බැංකුවේ ‘කොවිඩ්-19’ සහන කණ්ඩායම අමතන ලෙසද [email protected] ඊමේල් යොමු කරන ලෙස ද එච්.එස්.බී.සී. බැංකුව සිය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.055
ගනුදෙනුකරුවන් වෙනුවෙන් එච්.එස්.බී.සී. බැංකුවෙන් සහන රැසක්
0
hp_train_1782
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.“විදේශ පුරවැසියෙකු ලංකාවේ ජනපති වුවහොත් විදෙස් රටවල් කියන පදයට නටන්න සිදුවෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.“ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නැති සෑම උපාධිධාරියෙකුටම රැකියා දෙන බව”ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් ලක්ෂ ගණනක් සිටින බව කී සජිත් ප්‍රේමදාස මහතා, ඔවුන් වෙනුවෙන් ඇපයක් සහ පොලී නැතිව රුපියල් ලක්ෂ තුනක ණය මුදල දෙන්නේ යැයි”ද කීවේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුයේ මාවනැල්ල, ගම්පොල, අරණායක, රඹුක්කන සහ පොල්ගහවෙල පැවැති ජන රැලි අමතමිනි.ජනරැලි සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මාව අපේක්ෂක ලෙස පත් කරන්න බෙල්ල තියපු කෙනකු තමයි කබීර් හෂීම් මැතිතුමා. එතුමා කළ සේවය හා මාවනැල්ල ජනතාවද කිසිසේත්ම අමතක කරන්නේ නැහැ.මාවනැල්ලට අලුත් ගැම්මක්, අලුත් සංවර්ධනයක් අවශ්‍යයි. 16 වැනිදාට නියත වශයෙන්ම මාවනැල්ල නගරය සුරපුරයක් කිරීමේ ගමන අරඹලා, තිබෙනවාට වඩා ශක්තිමත් ආර්ථිකයක් ජනතාව අතරට මා ගේනවා.මාවනැල්ල පුරවරයේ ඉඩම්, නිවෙස් නැති විශාල පිරිසක් ඉන්නවා. රටේ නිවාස වැඩපිළිවෙළ අමාත්‍යාංශය හයකට බෙදලා තිබෙන වෙලාවේ 16 වැනි දායින් පසු මේ හයම එක අමාත්‍යාංශයක් යටතට ගෙන 2025 දී රටට සෙවණ දෙන වැඩපිළිවෙළ රටටම ක්‍රියාත්මක කරනවා.රබර් ආර්ථිකයක් ස්වයං රැකියා ආර්ථිකයක් වඩු කර්මාන්ත ආර්ථිකයක් මෙහි තිබෙනවා. මේ ආර්ථිකවල කොටස්කරුවන් වන සියලු දෙනාට රජයේ මැදිහත්වීමෙන් බදු බර අඩු කර රාජ්‍ය මූල්‍ය සහයෝගය තුළ ස්වයං රැකියා හා වඩු කර්මාන්තය ඇතුළු කර්මාන්ත ඉහළ තලයට ගෙනෙන්න කටයුතු කරනවා.අලුත්නුවර පූජා භූමිය සංවර්ධනය කළේ මගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙනුයි. මේ වනවිට මගේ මැදිහත්වීමෙන් තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මෙරට ජනාධිපති ලෙස අලුත්නුවර උතුම් පුදබිම අංගසම්පූර්ණව වැඩි දියුණුකර ඉතිරි වැඩ කොටසත් නිමා කරනවා.ජාතික වශයෙන් අප දැවැන්ත වැඩ ගණනාවක් ක්‍රියාත්මක කරනවා. දුප්පත්කම නැති කිරීමේ සමෘද්ධි වැඩසටහන වැඩි-වැඩියෙන් ශක්තිමත් කරන අතරතුර දුප්පත්කමින් පෙළෙන ජනතාව දුප්පත්කමින් මුදවිය යුතුයි. ඒ වෙනුවෙන් සමෘද්ධියට අමතරව ජනසවිය වැඩසටහන ද යළිත් ක්‍රියාත්මක කරනවා.කෙටි කාලය තුළ මෙරට දුගී දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරනවා. මගේ පියා තමයි, පාසල් දරුවන් ලක්ෂ 43කට දිවා ආහාරය හා නිල ඇඳුම් දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ රජය කාලයේ දිවා ආහාරය කපා දැම්මා. මගේ පියාට දරුවන් වෙනුවෙන් කරන්න සැලසුම් කළ වැඩපිළිවෙළ සම්පූර්ණ කරන්න බැරි වුණා. නමුත් ලබන 16 වැනිදා ජනාධිපති වූ පසු මා නිල ඇඳුම් කට්ටල දෙකක්, දිවා ආහාර වගේම සපත්තු ජෝඩුවකුත් දෙනවා.ඇයි පාසල් දූ-දරුවන්ව මෙතරම් ශක්තිමත් කරන්නේ? දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් නිර්මාණය කරන්න නම් උගත්-බුද්ධිමත් ජන සමාජයක් ගොඩනැගෙන්න ඕනෑ. උගත් බුද්ධිමත් ජන සමාජයක් බිහිවෙන්න නම් දරුවන් පාසල් යන්න උනන්දු කළ යුතුයි.මගේ ප්‍රතිවාදියෝ මේක මුදල් නාස්තියක් කියනවා. නුඹලාට කෝටි ගණනක් ණය ගිනිපොළියට ගෙන නෙළුම් කුලුණ නෙළුම් පොකුණ හදන්න පුළුවන් වුණා නම් මා පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්න පැකිළෙන්නේ නැහැ.සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම මූලික කරගෙන කර්මාන්තපුර අරඹනවා. කර්මාන්ත පුරවර වැඩසටහන තුල යොවුන් පරපුරට රැකී-රක්ෂා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජයට යන ඍජු විදේශ ආයෝජන අපේ මාතෘභූමියට රැගෙන එනවා.යොවුන් පරපුර ලොකුවට ඩිජිටල් විප්ලවය ගැන කතා කරනවා. එය කතාවට පමණක් සීමා නොකර මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට පත් කරනවා. ඒවායේ බයෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය, නවෝත්පාදනය, ඉංග්‍රීසි භාෂා - සාක්ෂරතාව වැනි දැනුමද ලබා දෙනවා.මේ විද්‍යාලවලින් සමත්වී එළියට එන යොවුන් පරපුරට තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කරනවා. නව ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කර ගත් ව්‍යාපාරයක් මේ උද්‍යානයන්හි ආරම්භ කරනවා.තරුණ ප්‍රඥප්තියක් මා එළි දැක්වූවා. ඒ වෙනුවෙන් ගිවිසුමකට මා එළැඹුණා. කාන්තාවන් සමඟ කාන්තා ප්‍රඥප්තියට එළැඹුනා. කාන්තා ප්‍රඥප්තියේ තිබෙන්නා වූ සියලුම කොටස් කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්න මා කටයුතු කරනවා.ජන සමාජයේ පුංචිම මනුස්සයාගේ සිට සුළු-මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයා, විරෝදාර රණවිරුවන්, පෞද්ගලික ව්‍යාපාරිකයන්, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් සියලු දෙනා පොදු ජනතාවගේ ජනපති ලෙස පත්වූ පසු රැක බලා ගන්නවා.රටේ ජාතික ආරක්ෂාව සුරැකීම උදෙසා, නීතිය හා සාමය අකුරට ඉටු කිරීමට එහි වගකීම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දෙනවා. සුදුස්සාට සුදුසුතැන මා දෙනවා.ඒ වගේම ජාතික ආරක්ෂාව පමණක් නොව රටේ දරු පරපුරට පිළිලයක් වූ කුඩු ව්‍යාපාරයත් සුනුවිසුණු කරනවා. ත්‍රස්තවාදීන් විනාශ කරන්නාසේම කුඩු ව්‍යාපාරිකයන් ද විනාශ කරනවා. ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන්, ළමා අපචාරකරුවන් විනාශ කර යුක්තිගරුක-විනයගරුක ශිෂ්ඨසම්පන්න ජන සමාජය බිහි කරනවා.මේ කාරණා ගැන මගේ ප්‍රතිවාදියා සමඟ වාද කරන්න ලොකු ආශාවක් තිබෙනවා. මෙහෙම වාද-විවාද කළාම ජනතාවට ලොකු ප්‍රයෝජනයක් අත්වෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ වැඩසටහන කවුරු හරි ලියා දුන්නු එකක් ද කියා බලා ගත හැකියි. අපේක්ෂකයාට ඒ ගැන අවබෝධයක් තිබෙනවාද, දැනුම තිබෙනවාද, මොළයක් තිබෙනවා ද බුද්ධියක් තිබෙනවාද කියලා ඔක්කොම හොයා බලන්නත් පුළුවනි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වෙන්නේ මගේම අදහස මගේම දර්ශනයයි. වෙන කව්රුවත් ලියපු එකක් නොවෙයි. හැම එකක්ම ප්‍රසිද්ධ විවාදයක් තියා බලන්න පුළුවනි. අපේ හිතවත් මාධ්‍යයට ඒ වෙලාවට කෙටි රාමුවක් නොව පුළුල් රාමුවක් පෙන්වන්නත් පුළුවනි. එතකොට ටෙලිප්‍රෝම්ටර් එකේ වීදුරු කෑලි එහාට-මෙහාට යනවා බලා ගන්නත් පුළුවනි. මට නම් ටෙලිප්‍රෝම්ටර්වලින් කතා කර පුරුදු නැහැ. මොකද, සියලු කරුණු මගේ ඔලුවේ තිබෙනවා. හැබැයි ප්‍රතිවාදියා තවම විවාදයට එන්න ලැහැස්ති නැහැ.කොහේ විවාද කරන්න බැරි වුණත් ඓතිහාසික විවාදය මාවනැල්ලේ පවත්වන්න මා කැමැතියි. තනිවම එන්න අකමැති නම් ළඟපාත තිබෙන කිහිළිකරු අත්වාරු ටික ගෙන එන්න පුළුවනි.ඕනෑ නම් හිටපු ජනාධිපති අයියාවත් අඬ ගහගෙන එන්න.හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියමයි. ඕනෑ නම් රුපියල් 2500න් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු මනුස්සයත් ගෙන එන්න. එහෙමත් බැරිනම් පවුල් ගහම ගෙන එන්න. එය පන්දාහද, පහළොස් දාහද, විසිදාහද කියන එක සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නොවෙයි.මාවනැල්ල නගරයේ තනිව සිට දහ දාහද, විසිදාහද කියන පිරිසට තනිවම මුහුණ දෙන්න මා ලෑස්තියි. මහත්මා ගුණාංගවලින් ඊට මුහුණ දෙන්න ලැහැස්තියි. මෙරට රාජ්‍ය නායක ලෙස මා කිසිම කෙනෙකුට බයත් නැහැ. කිසිම දෙනෙකුට ණයත් නැහැ. කිසිම රටකට ණයත් නැහැ. මාතෘභූමිය මොනම හේතුවකටවත් අබමල් රේණුවකින්වත් පාවාදෙන්නේ නැහැ.මගේ ඔලුවට කරපිටට වෙනත් රටවල නීති-රීති ක්‍රියාත්මක කළ යුතුය යන බර නැහැ. අනෙක් අයට ඒ බර තිබෙනවාද කියලා කියන්න මා දන්නේ නැහැ. කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඔයා අපේ රටේ පුරවැසියේ ලෙස හිටියා, දැනුත් ඉන්නවා ඔයා අපේ රටේ නීතිරීතිවලට අනුව ඉන්න ඕනෑද කියා සජිත් ප්‍රේමදාසට එහෙම බලපෑමක් කරන්න බැහැ. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ ඔරිජිනල්ම ශ්‍රී ලංකා පුරවැසියෙක්.රට තුළ ත්‍රීරෝද රථ රියැදුරන් ලක්ෂ ගණනක් ඉන්නවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇපයක් පොලිය නැතුව ලක්ෂ 3 ක ණය මුදල දෙනවා.පෙර පාසල් අධ්‍යාපනය අවිධිමත් තත්ත්වයක පවතිනවා. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථමවරට පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ දෙමින් සෑම දරුවෙකුටම දිවා ආහාරය ද දෙනවා.රණවිරු සුබසාධන ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා පෞද්ගලිකව මා සොයා බලනවා. රැකියා නැතිව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන්ට ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා දෙනවායැයි” සජිත් ප්‍රේමදාස මහතා කීවේය.එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතා -“අප වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපත්ති පාවා නොදී ඔබ වෙනුවෙන් පෙනී සිටියා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සටනට ඉදිරිපත් කළේ ජනතාව රජ කරවන්නයි.ගෝඨාභයගේ කඳවුර දෙස බලනවිටත් හිරිකිතයි. ඒ කඳවුර අලුතින් තීන්ත ගෑ හිර ගෙදරකට සමානයි. ඒ කල්ලිය ජාතිවාදය අවුලවමින්, ජනතාව කොටවමින් ඡන්ද ගන්න උත්සාහ කරනවා.මහින්ද අද උතුරට වෙන කතාවක් කියා දකුණට ඇවිත් තව කතාවක් කියනවා. මේ දේශපාලනය තේරුම් ගත යුතුයි”.මහනුවර රණවිරු සමුළුව ඇමතූ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -“යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැ කියලා බොහෝ දෙනෙකු කීවා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය දිනන්න පුළුවන් බව කිව්වා. ගම්වල තරුණයන් තම ජීවිතය පූජා කර යුද්ධය ජයග්‍රහණය කළා. රට වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම පිංකමක් බව බුද්ධ ධර්මයෙහි පවා සඳහන් වෙනවා.රණවිරුවන් ගැන විවිධ අර්ථකතන මාධ්‍ය දෙනවා. රණවිරුවන් රට වෙනුවෙන් යුද්ධ කළේ වැටුප බලා ගෙනම නොවෙයි”.කොළඹ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සමුළුව ඇමතූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා -“නොවැම්බර් 17 වැනිදාට හිරු උදාවන විට රටේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතායි.නිදහස් මාධ්‍ය ව්‍යපාරය සමඟ මා 1980 වසරේ සිට සම්බන්ධ වී කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ගේ විවිධ අවශ්‍යතා, පහරදීම්, ආදි සියල්ල වෙනුවෙන්ම එදා මුලින්ම පාරට බැස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උදවියයි.පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින් මාධ්‍යවේදීන් මර්දනය කළා. ඒ යුගයේදී මාධ්‍යව්දීන් කී දෙනෙකුට ජීවිත අහිමි වුණාද? මාධ්‍යවේදීන් කී දෙනෙකුගේ අතපය අහිමි වූවාද? මහින්ද රාජපක්ෂ පාලනය විසින් කළ මාධ්‍ය මර්දනය ද අපගේ ජයග්‍රහණයට බලපෑවා.2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහසක් දුන්නා. දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. ඇතැම් මාධ්‍ය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනයට පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන කතා කරනවා වෙනුවට තවමත් රාජපක්ෂ රෙජිමයට ගුණ වයමින් සිටිනවා”.දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුද කතා කළහ.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති එඞ්වඞ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි ද සොයිසා  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 
“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“
0
hp_train_1783
 (යොහාන් භාසුර)විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (25) ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 6 යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය අද (24) පස්වරුවේ පැවසීය.‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට තව දුරටත් පැය 5 ක් විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා දහවල් කාලයේ පැය 4 යි විනාඩි 30 ක් ද, පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 50 විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය. 
හෙට පැය 5 ක් ලයිට් නෑ
0
hp_train_1784
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (17) පස්වරු 9.25 වනවිට එක්වූ ආසාදිතයන් 338 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 650 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 31,720 දක්වා ඉහළ ගොස් ඇත.අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනාම පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති. 
අද කොරෝනා ආසාදිතයන් 579 යි
0
hp_train_1785
කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 377 දෙනෙකු සුවය ලබා අද (18) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 12,587 කි.වයිරසය ආසාදනය වී රෝහල්ගතව පුද්ගලයින් 5422 ක් ප්‍රතිකාර ලබයි. අද (18) දිනය වන විට කොරෝනා වයිරසය ආසාදිත මුළු පුද්ගලයින් සංඛ්‍යාව 18,075 කි. වයිරසයෙන් පුද්ගලයන් 66 දෙනෙකු මිය ගොස් තිබේ.
සුවය ලැබූවෝ 377 ක් ගෙදර යති
1
hp_train_1786
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් තැනින් තැන අද (10) රාත්‍රියේදී  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් හෙට (11) සවස 4.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර, ඌව සහ උතුරුමැද  පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විශේෂයෙන් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 11/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259055වැසි ස්වල්පයක්මඩකලපුව32269065වැසි ස්වල්පයක්කොළඹ33269060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල32269065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය33247555ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර33219555සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය23119565සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය35239555සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය33259065වැසි ස්වල්පයක්මන්නාරම34258555ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘පළාත් කීපයකට අදත් වැසි‘
1
hp_train_1787
  ජුඩ් සමන්ත වයස අවුරුදු 14 ක් වන තම පෙම්වතියව පාළු නිවසකට රැගෙන ගොස් දුෂණය කළ බව කියන 16 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව - නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.අතවරයට පත්ව ඇති දැරිවිය සහ සැකකරු එකම පාසලේ අධ්‍යාපනය ලබා ඇත.පාසල් යමින් සිටින විට සැකකරු සහ දැරිවිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වී ඇත.දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාමණ්ඩියට පිහි පහර දුන් බෑණා අත්අඩංගුවට
0
hp_train_1788
(නිමල කොඩිතුවක්කු)ඉන්ධන හිගය හේතුවෙන් අද (25) දිනයේත් බස් රථ ධවනයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි බස් සංගම් සඳහන් කරති.මේ හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 400ක් පමණ ගමන් වාර අද දිනයේදී අවලංගු කිරීමට සිදුවූ බවද අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළේය.දිනෙන් දින මෙම අර්බුදය උග්‍ර වන බවත් ඒ සඳහා විසදුමක් ලබාදීමට බලධාරීන් තවමත් අපොහොසත් වී ඇතැයිද ඔහු පැවසීය.ඇතැම් ඉන්ධන හල් මගින් බස් රථ සඳහා සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීමෙන් දැඩි අපහසු තාවයට පත්වූ බවත්  බස් හිමියෝ සඳහන් කළහ.ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු පිට පලාත් බස් රථ සේවා වලටත් අද(25) දිනයේත් දැඩි බලපෑම් එල්ල වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.ඉන්ධන ලැබෙන පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඔටෝ ඩීසල් නොමැති වීම හේතුවෙන් ඇතැම් බස් රථ සඳහා සුපර් ඩීසල් ගැසීමට  පියවර ගත් බවද ඔහු ප්‍රකාශ කළේය.
ඩීසල් නොදුන්නොත් හෙට සිට බස් දුවන්නෑ
0
hp_train_1789
මේ වන විට රට පුරා උපාධිධාරින් 54,000 ක් සිටින බවත් දැනට රාජ්‍යය අංශයේ පවතින ලක්ෂයක පමණ රැකියා අබැර්තු වලින් ලබන ජනවාරියේ සිට එම උපාධිධාරීන්ට රැකියා දෙන බවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. රාජපක්ෂ මහතා එසේ කීවේ අද (9 වැනිදා) නුවරඑළියේදී පැවැති ජනාධිපතිවරණ රැළියකදීය. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීයප්‍රතිපත්ති ලේකණයට ඇතුලත් කරලා තියෙන කරුණු මන් කරලා අවසන් කරනවා , මේ රටේ ජිවන තත්වය නිසා විශාල ජනතාවක් අසිරුතාවයට පත් වෙලා තියෙනවා , එ ජනතාවට සහන ලබාදෙනවා කියලා මම පොරොන්දු වෙනවා , සැම ක්ෂේත්‍රයකට සහන ලබා දෙනවා.අපේ රටේ දිලිදු භාවයෙන් ඉන්න ජන කොටසක් ඉන්නවා, මේ අය විශාල වශයෙන් අසරණ තත්වයට පත් වෙලා තියෙනවා, අපි ආර්ථිකය සංවර්ධනය කරනවාත් සමග දිලිදු අය වෙනුවෙන් සහන මල්ලක් මාසිකව නොමිලේ ලබා දෙන්න අපි කටයුතු කරනවා.උපාධිධාරින් 54,000 ක් ඉන්නවා අපි තිරණය කරලා තියෙනවා ජනවාරි 1 වෙනිදා ඉදලා මේ අයට රැකියා ලබා දෙන්න, රාජ්‍යය අංශයේ අද වෙනකොට ලක්ෂයක පමණ රැකියා අබැර්තු තියෙනවා, එවා වහාම සම්පුර්ණ කරනවා විරැකියාව අයින් කරන්න.නිපුණත්වයක් ඇති දුප්පත් අයව ගොඩ ගන්න පුළුවන් වෙන්නේ රජයේ රැකියාවක් ලබා දිලා වැටුපක් ලබා දිමෙන්,මම ආරක්ෂක ලේකම් විදිහට ඉන්න කාලයේ නාගරික අමාත්‍යංශයේ ලේකම්වරයා විදිහට ඉන්න කාලයෙත් නිවාස ප්‍රශ්නය විසදන්න විශාල නිවාස ප්‍රමාණයක් හැදුවා.රණ විරුවන් වෙනුවෙන් එදා මම අපි වෙනුවෙන් අපි කියලා වැඩසටහනක් යටතේ මුදල් හොයාගෙන රණවිරු ගම්මාන හැදුවා, සැම දිස්ත්‍රික්කයකටම රණ විරුවන් වෙනුවෙන් හොද නිවස් ලබාදුන්නා.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ව්‍යාපෘතියක් හැටියට කොළඹ නගරයේ අඩු ආදායම් ලාභි පවුල් , පැල්පත්වාසින්ට මහල් නිවාස හදලා දුන්නා. සමහර නිවාස බෙදුවේ මේ රජයෙන් හැබැයි හැදුවේ මම.අපි දන්නවා නිවසක් හදාගන්න තියෙන අපහසුතාවය ගැන, එ නිසා අපි සැම ක්ෂෙත්‍රයකටම සහන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.දැන් 12% ක ණය පොලියක් ගෙවන්න ඕනි , මම දන්නවා එක් කොපමණ අසිරුද කියලා, එ නිසා නිවසක් සදා ගන්න තියෙන අපහසුතාවය ගැන. එ නිසා අපි සැම ක්ෂෙත්‍රයක අයට සහනයක් දෙන්න කටයුතු කරනවා.අපි ප්‍රතිපත්ති මාලාව තුල වැවිලි කර්මාන්තය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා.තේ පොල් රබර් කුරුදු ගම්මිරිස් මේ  සැම වැවිලි බෝග කර්මාන්තයක්ම මේ වන විට කඩා වැටිලා තියෙනවා මේ අදුර දර්ශි ක්‍රියාදාමය නිසා.බාල තේ පිට රටින් ගෙනල්ලා ලංකාවේ ප්‍රමිතියෙන් වැඩි තේ සමග කවලම් කරලා පිට රටට අපනයනය කිරිම නිසා සිලොන් ටි වලට තිබුණ ඉල්ලුම ලෝක වෙලදපොලේ අඩුවෙලා තියෙනවා. ඒ නිසා අප කල යුත්තේ ගුණාත්මක තේ වෙලදපොලට ලබා දිලා වැඩි මුදලක් ලබා ගැනිමයි.විශාල විදේශ විනිමයක් උපයන තේ වතු කම්කරුවා විශාල ලෙස අද අපහසුතාවට පත් වෙලා තියෙනවා, සුළු මධ්‍යම ප්‍රමාණයේ තේ වැවිලි කරුවා තේ වගාව අත ඇරලා තියෙනවා, තේ කර්මාන්ත ශාලා අද වෙනකොට වහලා තියෙනවා, විශාල තේ සමාගම් අපහසුතාවයට පත් වෙලා තියෙනවා.අපි සිලොන් ටි වලට නැවත හොද නමක් ලබා ගන්න රාජ්‍යය අනුග්‍රහය ලබාදෙනවා, ගොවියා වෙනුවෙන් පොහොර නොමිලේ ලබා දෙන්න අපි කටයුතු කරනවා.දේශිය ගොවියා රැකගන්න අපි කටයුතු කරනවා,ගොවියාගේ අදායම වැඩි කරන තාක්ෂණය ගෙනල්ලා,තාක්ෂණය හරහා හොද බිජ නිෂ්පාදනය කිරිම ,පොහොර නිෂ්පාදනය කිරිම , තාක්ෂණික උපකරණ යොදාගෙන, වියදම අඩු නිෂ්පාදනය වැඩි කරන්න අපි කටයුතු කරනවා.ව්‍යාපරිකයා බදු නිසා කඩා වැටිලා තියෙනවා, සංකිර්ණ බදු ක්‍රමය වෙනුවට සරල බදු ක්‍රමයක් ඇති කරනවා, අද සංකිර්ණ බදු නිසා ව්‍යාපාර කඩා වැටිලා. අපි වැට් බද්ද 8% දක්වා අඩු කරනවා.විශාල වශයෙන් කර්මාන්ත වැහිලා තියෙනවා, අපි ඔහුන්ගේ කර්මාන්ත ආරක්ෂා කර ගැනිම සදහා පිටරටින් විවිධ බඩු ගේන  එක සිමා කරනවා,දේශිය කර්මාන්ත කරුවා ආරක්ෂා කර ගන්න අපි කටයුතු කරනවා.අපි හැමවිටම අභියෝග ජය ගත් කණ්ඩායමක්,පොරොන්දු ඉෂ්ඨ කරලා තියෙනවා යනුවෙන් පැවසිය. මහින්ද රාජපක්ෂ මහතාගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය  සිංහල දමිල ඉංග්‍රිසි සියළු භාෂාවන්ගෙන් තියෙන්නේ එකම දේ, නමුත් ප්‍රතිවාදි අපෙක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගත්තම සිංහල එකේ එකක්, දමිල එකේ එකක් , ඉංග්‍රිසි එකේ එකක්, එක පැත්තකින් සිංහල ජනතාව රවට්ටනවා, අනිත් පැත්තෙන් දමිල ජනතාව රවට්ටනවා.එ නිසා මේ වගේ එකක කියන, තව එක්ක කරනා කෙනෙක් ගැන විශ්වාසය තියන්න පුළුවන්ද?, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන එවා ඉටු කරන්න පුළුවන් එවා , එවා ඉටු කිරිම අපේ වගකිම.අපි එදා පොහොර සහනාධාර දුන්නා, එනිසා මේ පාර ගොවියාට අපි පොහොර නොමිලේ ලබා දෙනවා, මේ අපි කරන්නේ රට ස්වයංපෝෂිත කරන්න, අපි වි වලින් ස්වයංපෝෂිත කලා , පස්සේ මොකද කලේ එ වි මත්තල ගුවන් තොටුපලේ ගබඩා කලා.ඉතිහාසේ ප්‍රථම වතාවට ගුවන් තොටුපලක වි ගබඩා කල එකම රට ලංකාව, කවුද එතකොට එ ආසනයේ අමාත්‍යයවරයා සජිත් ප්‍රේමදාස.එයගේ අනුමැතිය අවසරය මත තමයි එක සිදු කලේ.මේකට ජනාධිපති කොමිසමේ වාර්තාවක් තියෙනවා, ඔහුට තියෙන චොදනාව තමයි  ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වි ගබඩා කරමින්  රාජ්‍යය අදායමට බාධා කරමින් කටුනායක ගුවන් තොටුපලේ ගුවන් පථ අලුත් වැඩි කිරිමට දිවා කාලයේදි ගුවන් වාර අවලංගු කිරිම  නිසා මත්තල තුන් තොටුපල විකල්ප ගුවන් තොටුපලක් ලෙස භාවිතා නොකර නිසා ඇති වුණ අලාභය දඩුවම් ලබා දිය යුතු බව කොමිසන් වාර්තාවේ සදහන් වෙලා තියෙනවා.අපිට හොරු කිය කිය මේ අය තමයි හොරකම් කලේ,මේ අයට රැවටෙන්න නරකයි,අපි බොහෝම පැහැදිලිව මේ රටේ කාන්තාව රැක ගැනිමේ වගකිම තියෙනවා.වතු කම්කරුවාගේ ඉදලා ඉහල තැන ඉන්න කාන්තාව දක්වා අපි කන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි කටයුතු කරනවා.උසස්පෙල සමත් සියළු දෙනාට විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ලබා ගැනිමේ අවකාශය අපි ලබා දෙනවා, අපි කරන දේ කියන කියන දේ කරන පුද්ගලයෝ.අවුරුදු 30 ක් තිබ්බ යුද්ධය අවුරුදු 2 ½ ඉවර කලා, අපේ රට සංවර්ධන කලා, අධිවේගි මාර්ග හැදුවා.මේක වැඩ කරන්න බැරි ආණ්ඩුවක්, වැඩ කරන්න බැරි අය ඉන්නේ, යනුවෙන් පැවසිය. සි.බි රත්නායක මහතාඅපිට ඕන කෘෂිකර්මය නගා සිටුවන එලවලු ගොවියාව නගා සිටුවන නුවරඑලියේ ජනතාවගේ සහ ගොවියාගේ ජීවන තත්වය ගොඩනන්වන නායකයෙක්. ඒ වෙනුවෙන් අද අපිට නායකයෙක් ඉන්නවා. ඒ වගේ නායකයෙක් තමයි අද අපිට අවශ්‍ය වන්නේ. එහෙම නැතුව රටේ ආරක්ෂාව ඉල්ලුවම සනීපාරක්ෂාවගැන කතා කරන කෙනෙක් නෙවෙයි.  සජිත් පේ්‍රමදාස මහත්තයා කියනවා එතුමා නිල නිවාස ගන්නෑ, නිල වාහන ගන්නෑ කියලා. නමුත් හිටපු ජනාධිපතිවරයෙක්වන එතුමාගේ පියා එතුමාගේ බිරිද නඩත්තු කිරීම ආන්ඩුක්‍රම ව්‍යවස්තාවටත් දාලා තියනවා. ඇයි එහෙනම් ඒවා ගන්නේ? ජනතාව රැවටීම කරන්නේ. මේ වගේ වංචා වලට අහු වෙලා රට පවා නොදී අපි ශක්තිමත්ව ඉන්න ඕන. අන්න ඒ සදහා නුවරඑලියේ ජනතාව අපිට සහයෝගය ලබා දෙන බවට අපිට විශ්වාසයි. විරුද්ධ පැත්තෙන් කියනවා පොහොට්ටුවට සුලු ජාතීන්ගේ ඡන්ද නෑ කියලා. එයාලගේ පැත්තෙන්මයි 2010 වර්ෂයේදී දැන් ආරක්ෂක ඇමතිකම ගන්ඩ බලාගෙන ඉන්න සරත් ෆොන්සේකා යුද්ධ හමුදා හමුදාපති වෙලා හිටියේ නැද්ද? ඔහුට ඡන්දය දෙන්න පුලුවන් නම් පේදුරුතුඩුවේ ඉදන් දෙවුන්දරතුඩුව දක්වා ජනතාව කැමති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දය දෙන්න මිනිස්සු ඉන්නවා. අපි නුවරඑලිය දිනනවා කියන්නේ නිකන් නෙවෙයි. අපි ගිය වර පලාත් සභා මැතිවරණයෙදී පොහොට්ටුවෙන් ඡන්ද 107,000 (එක් ලක්ෂ හත් දාහක්) ගනිවම ගත්තා. ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 135,000ක් ( එක් ලක්ෂ තිස් පන් දාහක් ) මේ ඡන්ද එකතු කරලා ගත්තම ඡන්ද 242,000යි ( දෙලක්ෂ හතලිස්දෙදාහයි ). එ.ජා.පයෙන් ගත්ත සංඛ්‍යාව 165,000යි. ( එක්ලක්ෂ හැටපන්දාහයි) අන්න ඒ නිසා මේ පාරත් තොන්ඩමන් මැතිතුමා සහ පොහොට්ටුවේ අපි එකතු වෙලා නුවරඑලිය පමනක් නෙවෙයි මුලු ලංකාවම දිනවනවා කියලා අපි කියන්න කැමතියි
දෙගොල්ලොම හොරුන් ආරක්ෂා කරනවා - අනුර කුමාර
0
hp_train_1790
 තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ   මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් තමා අත්අඩංගුවට ගැනීම වලක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන නොවැම්බර් 07 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) තීන්දු කළේය. වෙල්ගම මහතා ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක්‍රමිකතා සිදුවූ බවට කරන විමර්ශන වලට අදාළව තමා  අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස වෙල්ගම මහතා ඉල්ලා තිබිණි. මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් ,  අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවිණි. 
කුමාර වෙල්ගමගේ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි
0
hp_train_1791
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඌව  පළාතේ සහ අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රීක්ක‍වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 වන දින දක්වා ශ්‍රී ලංකාව ආසන්න  අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. ‍හෙට  දින (06) දහවල් 12.09 බලපිටිය, තිස්සමහාරාමය, වැරැල්ල සහ ඕපාත යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 06/09/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33248550ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව34268055ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ30268570වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල28259080වැසි ස්වල්පයක් ඇති විය හැකයාපනය30278070ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28209065වැසි ස්වල්පයක් ඇති විය හැකනුවරඑළිය19139575වැසි ස්වල්පයක් ඇති විය හැකරත්නපුරය30239570වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය3625     8050ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30268575ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘දකුණේ නගර කීපයකට හෙට හිරු ළං වෙයි‘
1
hp_train_1792
(ඩයනා උදයංගනී)සබරගමුව පළාතත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වේ.ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.   
අද දිනයේත් නැතින් තැනට වැසි
0
hp_train_1793
 ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රීක්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   ප්‍රදේශ කීපයක විටින් විට තද සුළං  ඇති විය හැකියි.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 03/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36267550ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31269075වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29258575වැසි ස්වල්පයක්යාපනය33287560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28228565වැසි ස්වල්පයක් ඇති විය හැකනුවරඑළිය18139075වැසි ස්වල්පයක් ඇති විය හැකරත්නපුරය31248565වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය34258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31268070ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘ දෙව්න්දර තුඩුවට හෙට ඉර මුදුන් වෙයි‘
0
hp_train_1794
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද  (1) උදෑසන වනවිට  1,21,305  දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. අද උදෑසන  වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1718 දෙනෙකු හමුව ඇති බවත් මින් 182 දෙනෙකු වන වැඩිම පිරිසක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් එහි සදහන්ව ඇත. දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර  - 179 ක්,  දොම්පෙ  - 156 ක්,  ගම්පහ සහ කටාන කොට්ඨාසයන්ගෙන් - 146 දෙනෙකු බැගින් , දිවුලපිටිය  - 130 ක්,  මීරිගම  - 118 ක්,  අත්තනගල්ල  - 115 ක්,  බියගම  - 111 ක්,  ජාඇල  - 98 ක්,  මීගමුව  - 93 ක්, කැලණිය  - 68 ක්,  සීදූව  - 67 ක්,  වත්තල  - 62 ක් සහ රාගම කොට්ඨාසයෙන්  - 47 දෙනෙකු වශයෙනි.පැය  24 ක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 63 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 23 ක්, බියගමින්  - 35 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව පස් දෙනෙකු  වශයෙන් බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 ක කාලය තුල ආසාදිතයින් 528 දෙනෙකු ප්‍රතිකාර පිනිස ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 11 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. එම රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 442 දෙනෙකි.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 36,682 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත. 
ගම්පහ කොරෝනා රෝගීන්ගේ අඩුවක්
0
hp_train_1795
   ප්‍රතිපත්ති පොළී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර  තිබේ.  මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාත පිළිවෙළින් සියයට 7.25ක සහ සියයට 8.50 අනුපාතිකවල පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. අගෝස්තු 2 වැනි දා පැවැති මුදල් මණ්ඩලයේ පැවැති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති මේ වසරේ 5 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 5 වැනිදා පොළී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යන බව නිවේදනය කළේය. උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් මෙරට ආර්ථිකයේ ඉහළ සහ තිරසර වර්ධනයක් පවත්වා ගැනීම සඳහා දායක වීම යන ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණුවලට අනුකූලව මුදල් මණ්ඩලය විසින් ඉහත තීරණ ගනු ලැබ තිබේ. මෙම තීරණ ගැනීමේදී දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය හා ගෝලීය ආර්ථික වර්ධන තත්ත්ව පුළුල් ලෙස සලකා බලමින් ඉහත තීරණ ගෙන ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.  055
ප්‍රතිපත්ති පොළී අනුපාතිකය මේ මට්ටමේ පවත්වා ගැනීමට තීරණයක්
1
hp_train_1796
(අංජුල මහික වීරරත්න, ගල්නෑව සේනක බණ්ඩාර සහ අතුල බංඩාර නෙළුම්පත්ගම ගල්නෑවේ සිට) ”රට වටේ ගොස් බොරුවට අණ බෙර නොගැසුවාට සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සඳහා සැබෑ ලෙසම කැපවී කටයුතු කරන්නේ යහපාලන ජාතික රජය යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගල්නෑවේදී පැවැසීය.”සිංහල ජනතාවගේ නිජ භූමිය වන මල්වතු ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශ සශ්‍රීක කිරීම සඳහාත් මෙරට බෞද්ධයන්ගේ ආරම්භක ස්ථානය වූ මහා විහාරයේ කැණීම් කටයුතු කර සියල්ල සුරක්ෂිත කරලීමත් මේ වනවිට අරඹා තිබෙන්නේ යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ ගල්නෑව කලංකුට්ටිය ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත නිරාවරණ පුණ්‍යෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.ඉහළ කලංකුට්ටිය - කැනෝලා කන්ට‍්‍රක්ෂන් ඇන්ඞ් ඉංජිනියරින් අධිපති තිලක් පද්මසිරි බණ්ඩාර මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් චෛත්‍යය ඉදිකෙරිණ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.මේ විහාරස්ථානයේ කොත නිරාවරණය කිරීමේ පින්කමට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. විහාරාධිපති හිමියන් මට ආරාධනාව බාර දුන්නා. විහාරාධිපති දේවහන්දියේ ශ්‍රී පඤ්ඤාසේකර නාහිමියන් විහාරාධිපතිත්වය දරන මේ පන්සලට පැමිණීමට මට යුතුකමක් තිබෙන බව කල්පනා කළා.චෛත්‍යය ඉදිකිරීම, වෙහෙර විහාරස්ථාන ඉදිකිරීම ආදිය විශාල පින්කම් බව කිව යුතුයි. පිරිසකට වන්දනාමාන කරගැනීමට ඒ තුළින් අවස්ථාව ලැබෙනවා.මීට කලකට ඉහත මේ ප‍්‍රදේශයට එනවිට අද තිබෙන දියුණුව දකින්න ලැබුණේ නැහැ. තිලක් පද්මසිරි මහතාට චෛත්‍යය ඉදිකිරීම පිළිබඳව ස්තූතිවන්ත විය යුතුයි. එතුමා හොඳම ව්‍යාපාරික සම්මාන ගත් දක්ෂ ව්‍යාපාරිකයකු බවට පත්ව සිටිනවා. ඉදිකිරීම් ව්‍යාපාර කරනවා.විහාරාධිකාරි හිමියන් ප‍්‍රදේශයේ ජනතාවට අධ්‍යාපන පහසුකම් දෙමින් අගනා සේවයක් කරනවා. ගල්නෑව වැනි ප‍්‍රදේශවල අවශ්‍යතා හඳුනාගෙන අවශ්‍ය උපකාර කිරීම අපේ අරමුණයි.මේ ප‍්‍රදේශ වර්තමානයේදී විශාල නියඟයකට ලක්වී තිබෙනවා. මේ පළාතට පමණක් නොව මුළු රටටම නියඟය බලපා තිබෙනවා. අපේ වී නිෂ්පාදනයෙන් 50%ක් අඩු වෙනවා යනු ප‍්‍රදේශයේ ජනතාවගේ ආදායමෙන් 50%ක් අඩුවීමයි. වී මෝල් ගණනාවක් වැඩ නැතිව වසා දමන්න වෙනවා.එහි හානිය ගල්නෑවට පමණක් සීමා වන්නේ නැහැ. අනුරාධපුරයට සීමාවන්නේ නැහැ. එය සමස්ත රටේම ආර්ථිකයට බලපානවා. කෙසේ හෝ ආර්ථික සංවර්ධනය ආරක්ෂා කර ඉදිරියට ගෙන යනවා.ගමේ ආර්ථිකය නැංවීමට ආධාර උපකාර කරන්නේ කෙසේදැයි මා සාකච්ඡුා කළා. දුමින්ද දිසානායක ඇමැතිතුමන් සමගත් ඒ ගැන කතා කළා. ජනාධිපති සහ මුදල් ඇමැති සමගත් මා ඒ ගැන සාකච්ඡ කළා. නොයෙක් ක‍්‍රමවලින් අවශ්‍ය මුදල් මා දෙන්නම්.අපේ ගැමි ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. තේ සහ රබර් වගා කරන ප‍්‍රදේශවල කුඩා වතු හිමියන්ටත් නොයෙක් යෝජනා ක‍්‍රම මගින් ආධාර උපකාර කරන්නත් මා සැලසුම් කර තිබෙනවා. ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් ඇමැතිතුමා සමගත් ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළා.කාන්තාවන් ග‍්‍රාමීය ආර්ථිකය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. ස්වශක්ති ක‍්‍රමවේදය හරහා වැඩිපුරම ණය ගෙන තිබෙන්නේ කාන්තාවන් බව කිව යුතුයි. ඒ නිසා කාන්තාවන්ට උදව් උපකාර කිරීමට වනිතා කටයුතු ඇමැතිනිය මගින් වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා.මේ ප‍්‍රදේශය තවත් දියුණු කළ යුතු බව නායක හිමියන් පැවසුවා. අප ඒ දේ කරනවා. දැන් මල්වතු ඔය ව්‍යාපාරය ආරම්භ කරනවා. මල්වතු ඔය යනු අප රටේ ඉතිහාසයේ ආරම්භයයි. සිංහල ජාතියේ නිජබිම මල්වතු ඔයයි. ඊට පෙර විවිධ වර්ගයේ කණ්ඩායම් ලංකාවේ ජීවත් වුණා. ආදී වාසීන් විවිධ ගෝත‍්‍ර විජය කුමරු මෙහි එනවිට සිටියා.සිංහල ජාතිය බිහි වුණේ වී වගාව අරඹමිනුයි. මල්වතු ඔය නිම්නයේ සාර්ථක ලෙස වී වගාව කෙරුණා. අනුරාධගම යනුවෙන් ගම්මානය මුලින්ම ඇති කළා.අනුරාධගම පසුව පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුර ලෙස මෙරට අගනුවර බවට පත් කළා. ඊට පසුව වසභ රජතුමාගේ සමයේ සිට වැව් ඉදි කරමින් විශාල දියුණුවක් මේ ප‍්‍රදේශයට පැමිණියා.මල්වතු ඔය වනාන්තරය ඉතා වැදගත් වැඩසටහනක් බව කිව යුතුයි. අධිරාජ්‍ය යුගයේ කලා වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු වුණා. මහවැලි වනාන්තර මගින් රටටම විශාල දියුණුවක් ඇති වුණා. නමුත් මල්වතු ඔය ව්‍යාපාරය කරගන්න බැරි වුණා.දැන් මල්වතු ඔයට අවශ්‍ය මුදල් සියල්ල තිබෙනවා. වසර තුනක් ඇතුළත එහි කටයුතු අවසන් කිරීම අපේ අරමුණයි.මා මන්නාරමට ගිය විට එහි ජනතාවත් මල්වතු ඔය ව්‍යාපාරය ගැන කතා කළා. මේ ප‍්‍රදේශයටත්, මන්නාරමටත් මෙතුළින් විශාල සෙතක් ලැබෙනවා. සිංහල ජාතිය බිහිවුණේ මෙතැනයි.සිංහල ජාතිය බිහිවීමෙන් පසුව බෞද්ධයන් ලෙස අභිෂේක ලැබුවේ මහා විහාරයේදීයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමත් සමග උන්වහන්සේ වෙනුවෙන් දේවානම්පියතිස්ස රජතුමා මහා විහාරය ආරම්භ කළා. ථෙරවාදී බුදු දහම ආරක්ෂා වුණේ මහා විහාරයෙන් බව කිව යුතුයි.මහා විහාරයේ පුරාවිද්‍යා කටයුතු සාර්ථක අයුරින් කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. දැන් අප මහා විහාරයේ කැණීම් කටයුතු කරනවා. වර්තමානයේ එහි තිබෙන ගොඩනැගිලි වෙනත් ස්ථානයක ස්ථාපිත කර කැණීම් කටයුතු කරනවා. කැණීම් කටයුතු කළ පසුව බෞද්ධයන්ගේ මූලාරම්භ ස්ථානය වී මහා විහාරය පුරාවිද්‍යාත්මක වශයෙන් සංරක්ෂණය කිරීමට හැකියි. අනෙක් අංශයෙන් සිංහල ජනතාවගේ නිජබිම වන මල්වතු ඔය සංවර්ධන කටයුතු කරනවා.සිංහල ජනතාවගේ නිජ භූමිය වන මල්වතු ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශ සශී‍්‍රක කිරීම සඳහාත්, බෞද්ධයන්ගේ ආරම්භක ස්ථානය වූ මහා විහාරයේ කැණීම් කටයුතු කර ආරක්ෂා කිරීමටත් මා ක‍්‍රියා කරනවා.මේ වැඩකටයුතු ගැන ඇතැමුන් කතා කරනවා. නමුත් සත්‍ය වශයෙන්ම මේ වැඩ කරන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් බව සඳහන් කළ යුතුයි. අප රට වටේ ගිහින් මේ ගැන අණ බෙර ගහන්නේ නැහැ. නමුත් වැඩ කරගෙන යනවා. අප ලංකාවේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමෙන් පමණක් නතර වන්නේ නැහැ.ලූම්බිණිය සහ කපිලවස්තුපුර කැණීම් කටයුතු මේ වනවිට කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවේත් ඒ වැඩ කරන මහාචාර්ය රොබින් කනින්හැම් මැතිතුමා විසින් ලූම්බිණියේ මායාවතී විහාරස්ථානය හඳුනාගෙන තිබෙනවා. එහි කැණීම් කටයුතු සඳහා නේපාල රජයට ජපානයත් ආධාර කරනවා.ශ්‍රී ලංකාවෙනුත් ඔවුන් සහාය ඉල්ලා තිබෙනවා. ඒ නිසා ජනපති සහ මා සාකච්ඡුා කර කැණීම් කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය දීමට තීරණය කළා.කැණීම් කටයුතු සඳහා පළමු අදියර වශයෙන් 2018-2019 වසර වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදලක් ශ්‍රී ලංකාව දෙනවා. ලූම්බිණියේ සහ කපිලවස්තුපුර වැඩ කටයුතු විය යුත්තේ කෙසේදැයි ඒ අය තීරණය කරාවි. කපිලවස්තු පුරයට යුනෙස්කෝ සංවිධානයේ පිළිගැනීම ගැනීමට දැන් ක‍්‍රියා කරගෙන යනවා.මෙවැනි වැඩ කටයුත්තක් කළේ පළමු වතාවටයි. මීට පෙර මේ අයුරින් ඩොලර් මිලියනයක මුදලක් දීමට ශක්තිය තිබුණාද? මෙවැනි පරිත්‍යාගයක් කිරීමට ශක්තිය ලැබුණේ රටට වූ විශාල අලාභ නතර කරගත් නිසයි.හම්බන්තොට වරාය වෙනුවෙන් රුපියල් බිලියන 46ක මුදලක් වියදම් කළා. අප ඒ වියදම නතර කළා. අපට දැන් වරාය වෙනුවෙන් ඩොලර් මිලියන 1100ක මුදලක් ලැබෙනවා. දැන් අප බුදුන් වහන්සේගේ නිජබිම වෙනුවෙන් වියදම් කරන්නේ ඒ ඩොලර් මිලියන 1100ක මුදලින් ඩොලර් මිලියනයක් පමණයි.ඒ මුදල වෙන් කිරීමට හැකි වූයේ රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත් නිසයි. දැන් මේ ව්‍යාපෘති වෙනුවෙන් ජනතාව නිකරුණේ බදු ගෙවිය යුතු නැහැ. එලෙස ලැබුණු මුදලින් කොටසක් ලූම්බිනිය සහ කපිලවස්තු පුරයට පූජා කළා. මින් ඉදිරියට රටේ සංවර්ධනය ඇති වූ විට අපට තවත් මුදල් වෙන් කිරීමට හැකි වේවි.අද ඒ සිද්ධස්ථානවලට ඔබ වන්දනාවේ යනවා. එහි සංරක්ෂණ කටයුතු සඳහා අපත් දායක වුණා යැයි ආඩම්බර වීමට ඔබටද හැකියාව තිබෙනවා.සංවර්ධනය තවත් ඉදිරියට ගෙන යා යුතුයි. අලූත් කෘෂි භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. අනාගතයේ ත‍්‍රිකුණාමලය වරාය ආශ‍්‍රිතව දියුණු වූ පසු එහි වාසියද මේ ප‍්‍රදේශවලට ලැබෙනවා යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණි සාම ග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමියෝ  වර්තමානයේදී හරිහම්බ කරගත් ධනය ආගමික කටයුතු සඳහා යොදවන පින්වතුන් විශාල වශයෙන් සිටිනවා. ඒ ගැන අප පින් අනුමෝදන් කරනවා. මේ විහාරස්ථානය ලබා ඇති දියුණුව ගැන අප ඉතාමත් සතුටට පත් වෙනවා.විහාරාධිපති කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණ ප‍්‍රධාන සංඝනායක දේවහන්දියේ පඤ්ඤාසේකර නාහිමියෝ මෙසේ පැවැසූහ.විහාරස්ථානය සඳහා අවශ්‍ය මූලික අංග තුනක් තිබෙනවා. ඒ සියලූ අංගවලින් දැන් මේ විහාරස්ථානයත් සම්පූර්ණ වෙමින් තිබෙනවා. අගමැතිතුමාගේ පැමිණීම අපේ කටයුතු සඳහා ධෛර්යයක් සැපයූ බව කිව යුතුයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා: අපේ ගම් පළාතේ චෛත්‍යයක් විවෘත වනු දැකීම අපට අභිමානයක් වෙනවා. අද මේ ගමේ සැමට එක සිතින් සතුටු විය හැකියි. කිසිදු බේදයකින් තොරව ජනතාව විහාරස්ථානය වටා ඒකරාශී වී සිටිනවා. විය යුත්තේ එයයි.අගමැතිතුමා මෙහි පැමිණ පිංකම වෙනුවෙන් රාජ්‍ය අනුග‍්‍රහය දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙහෙර විහාරස්ථාන ගොඩනැංවීම වෙනුවෙන් එක සිතින් අත්වැල් බැඳ සිටින බව කිව යුතුයි.විහාරාධිකාරි මහියංගණයේ පඤ්ඤානන්ද හිමියෝ පිළිගැනීමේ කතාව කළහ.පුණ්‍යෙත්සවය සඳහා මහා සංඝරත්නය ද ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන්, කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
බුදුදහම පළමුව රකින බවට ව්‍යවස්ථාවේ සඳහන් වුවත් පස් වසරකට පෙර එම ආරක්‍ෂාව ලැබුණේ නෑ
0
hp_train_1797
(කුෂාන් ජයවර්ධන)ඇදිරිනීතිය බලපැවැත්වෙන අතරතුරදී කහල්ල පල්ලෙකැලේ අභයභූමියේ පවත්වාගෙන ගිය මහ පරිමාණ දඩමස් ජාවාරමක් කොටුකර ගැනීමට ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීහු අද (25) සමත්ව වුහ.ජාවාරමේ නිරත වූ සැකකරැවන් දෙදෙනෙකු හා මුවමස් කිලෝ 70කට ආසන්න ප්‍රමාණයක් ද බෝර 12 වර්ගයේ ගිනි අවියක් ද වනජීවී නිලධාරීන් විසින් සිදුකළ එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.ගල්කිරියාගම වනජීවී කාරයාලයේ නිලධාරීන් විසින් සිදුකරන ලද ක්ෂණික වටලිමකදී එම සැකකරැවන් මුව තොගය හා ගිණි අවිය අත්අඩංගුවට ගෙන තිබේ.වටලිමේ දී සැකකරැවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර තවත් සැකකරැවන් දෙදෙනෙකු පලා ගොස් තිබිණි.අත්අඩංගුවට පත් සැකකරැවන් සන්තකයේ තිබී දඩයමට යොදාගත් බව කියන විදේශ රටක නිෂ්පාදිත අංක 04029286 දරණ බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා ජීව පතොරම් 3ක් හා හිස් කොපු 01ක් ද වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.තවද සැකකරැවන් විසින් දඩයම් කරන ලද මුුවන් දෙදෙනෙකුගේ මස් තොග හා ඝාතනය කරන ලද එක් මුවකුගේ හිස පාද හම ඇතුලු ශරීර කොටස් ද වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මස් තොගය කිලෝ 70ක් පමණ වන බව වනජීවී නිලධාරීහු පවසති.දඩයම් කළ මුවන් මස් කිරීමට යොදා ගත් පොරොවක් පිහික් මස් කිරීමට යොදා ගත් තරාදියක් විදුලි පන්දම් ඇතුළු තවත් බඩු බාහිරාදිය රැසක් ද මෙහිදී වනජීවී නිලධාරීන් සිය බාරයට ගෙන තිබේ.සැකකරැවන් කහල්ලපල්ලෙකැලේ අභයභූමියේ පරවහගම ප්‍රදේශයේදී මෙම මුවන් ඝාතනය මස් කර ඇති බව වනජීවී නිලධාරීහු පවසති.පලාගිය සැකකරැවන් දෙදෙනා මේ වනවිට හදුනා ගෙන ඇති බවත් ඔවුන් පරවහගම පදිංචිකරැවෝ බවත් වනජීවී නිලධාරීහු පවසති.අත්අඩංගුවට පත් සැකකරැවන් දෙදෙනා දඹුල්ල හා පරවහගම ප්‍රදේශවල පදිංචිකරැවෝ වෙති.  
කහල්ල අභයභුමියේ දඩමස් ජාවාරමක් වටලයි
1
hp_train_1798
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට පොලිස්පතිවරයාට හා රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයාට නියෝග කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (04) පෙත්සමක් ගොනු කෙරිණි.එම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , රහස් පොලීසි අධ්‍යක්ෂක , පොලිස්පති ,බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍යවරයා  හා නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.සිද්ධිය සම්බන්ධයෙන් විවිධ කොමිෂන් සභා පත් කළද එම බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැඳවියන්ට සාධාරණය ඉටු නොවූ බවද පෙත්සම්කරු  කියා සිටියි.මෙම ඝාතනය සිදු වී වසර හතරක් ගතව ඇතත් ඊට අදාළව වගකිව යුත්තන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත්ව ඇති බවද පෙත්සමේ සඳහන් වේ
වැලිකඩ වෙඩි තැබීමේ අභියාචනය ජුලි හත කැඳවයි
0
hp_train_1799
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1814 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.======================================================================================කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1806 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.අද මේ වනවිට ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගෙන ඇත.======================================================================================කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1804 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.අද මේ වනවිට ආසාදිතයින් 3 දෙනෙකු හඳුනාගෙන ඇත.කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 902 ක් වේ. මේ වන  විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 891 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
කොරෝනා ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
0
hp_train_1800
ඇමරිකාවට අපනයනය කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංකේතාත්මකව බාර දෙන ලදි.බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමරන්, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම-මහත්මීහු ද සහභාගී වූහ.ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ සමස්ත ලෝකය ම වසංගත තත්ත්වයට එරෙහිව සටන් වදිමින් සිටින මෙවන් මොහොතක, මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන බවයි“කොවිඩ් - 19 වෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සිදු කිරීමට හැකි වී තිබෙනවා. මෙම මුහුණු ආවරණ සඳහා භාවිත කෙරුණු රෙදි ශ්‍රී ලංකාවේ ම නිෂ්පාදනය කිරීමත්, විෂබීජවලට ප්‍රතිරෝධී නිමාව සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය එක්සත් ජනපදයෙන් ලබා ගැනීමත් සහයෝගිතාව හරහා සැමට ප්‍රතිලාභ හිමිවන බව තවදුරටත් තහවුරු කරනවා. ඉදිරියේදී පුද්ගල ආරක්ෂණ මෙවලම් කට්ටල සඳහාවන ගෝලීය සැපයුම තිරසර අන්දමින් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයත්, බ්‍රැන්ඩික්ස් සමාගමත් සමග අඛණ්ඩව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා." යයිද ඇමරිකානු තානාපතිනිය වැඩිදුරටත් කීවාය.ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් පළ කළේය.“ ශ්‍රී ලංකාවත්, ඇමරිකා එක්සත් ජනපදයත් අතර ඇති සහයෝගීතාව හේතුවෙන් ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන අප රටින් ලබා ගැනීම සඳහා ගෝලීය පාරිභෝගිකයන් හට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනවා. එම ගමනේදී තම සම්පත් යොදා ගනිමින් බ්‍රැන්ඩික්ස් වැනි ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් පෙරට පැමිණීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා““වත්මන් සහ අනාගත වෙළඳපොල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය දියුණු යටිතල පහසුකම් හා ක්ෂණිකව අනුගත වීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ ඇතිබව ගෝලීය වෙළඳපොලට ඇඟවීමට එමගින් හැකිවී තිබෙනවා." යයිද බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.බ්‍රැන්ඩික්ස් සමාගමේ සාමාජික සාමාජිකාවන් 15,000 කගේ ශ්‍රම දායකත්වයෙන් හා විවිධ සැපයුම්දාම පර්ශවකරුවන්ගේ සහයෝගයෙන් මෙම මුහුණු ආවරණ මිලියන 200 නිෂ්පාදනය කෙරිණි. ස්ථර 3කින් යුක්තව කපු අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම මුහුණු ආවරණ විෂබීජවලට ප්‍රතිරෝධී නිමාවකින් යුතුවන අතර වඩාත් හොඳින් මුහුණට සවි වීම සඳහා ඇදෙන සුළු ලෙස ඉහළම ගුණාත්මක ප්‍රමිති සහ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති බව බ්‍රැන්ඩික්ස් සමාගම පවසයි."ඇඟළුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම අපනයන ආදායම් උත්පාදකයෙකු වනවා. පසුගිය මුල්‍ය වර්ෂය තුළ පමණක් උත්පාදනය කළ අපනයන ආදායම ඇ. ඩොලර්. බිලියන 5.6 ක් වනවා. කෙසේවෙතත්, COVID-19 වසංගතයේ බලපෑමෙන් වෙළෙඳ සහ නිෂ්පාදන කටයුතුවල ඇති වූ නොවැලැක්විය හැකි පසුබෑම හේතුවෙන්, අපනයන වෙළඳපොල තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන සිටි හිමිකාරිත්වයට බලපෑමක් ඇති වුණා. එවැනි අතිශය අභියෝගාත්මක වාතාවරණයක් මධ්‍යයේ වුව ද, එක්සත් ජනපදය වෙත අපනයනය කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන 200 ක් නිෂ්පාදනය කිරීමට හැකි වීම ඉතාම සතුටට කරුණක්. මන්ද, එමගින් මෙම රාජ්‍යයන් දෙක අතර පවතින අඛණ්ඩව විශ්වාසය සහ සහයෝගිතාව මනාව පිළිබිඹු වනවා. අභියෝග හමුවේ වුව ද දීර්ඝ කාලීනව ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දෙමින් ජාතික ආර්ථිකය නගා සිටුවීම සඳහා ඇඟළුම් ක්ෂේත්‍රය ඉදිරියටත් කටයුතු කරනවා. නිෂ්පාදන අඛණ්ඩව සිදු කිරීම හරහා ජීවනෝපාය තහවුරු කිරීමට හැකි වීම පිළිබඳව ද අප සතුටු වනවා. මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම සමාගමක් ලෙස අප, මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන සඳහා හැකි උපරිමයෙන් සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකා රජයට සහතික වනවා," යනුවෙන් බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල මහත්මිය සඳහන් කළාය.
බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය අරඹයි
1