id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_1901
( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සීමාසහිත පර්පචුවෙල් ට්‍රෙෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් 2 ක් අභියාචනාධිකරණයට ගොනු කර ඇති රිට් පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය අද (01) මෙම පෙත්සම් ගාස්තු සහිතව නිෂ්ප්‍රභ කරන ලදී.මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති රෝහිණි වල්ගම සහ සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.පෙත්සම්කාර සමාගම ඉදිරිපත් කළ පෙත්සම් වල තාක්ෂණික දෝෂ පවතින බවට නීතිපති ඉදිරිපත් කළ මුලික විරෝධතාවය පිළිගනිමින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කෙරිණි.පර්පචුවල් ට්‍රෙෂරීස් පෞද්ගලික සමාගම , පර්පචුවල් ඇසෙට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම, පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, එහි අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නීතිපති ඇතුළු 13 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පර්පෙචුවල් රිට් පෙත්සම අධිකරණයෙන් නිෂ්ප්‍රභ වෙයි
1
hp_train_1902
( තිළිණි ද සිල්වා, රංජන් කටුගම්පොළ)බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් පැවති අධිචෝදනා නඩු විභාගයෙන් මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් සය දෙනා විසින් ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම ලබන දෙසැම්බ්ර් 05 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(6) තීන්දු කළේය.මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය ලබා දුන් එම තීන්දුව ඉවත් කොට ,තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතව තිබුණද එය ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීම හේතුවෙන් එම විශේෂ අභියාචන පෙත්සම සලකා බැලීම එදිනට කල් තැබිණි.මෙම අභියාචන පෙත්සම් ඊවා වනසුන්දර ,සිසිර ද ආබෲ , සහ බුවනෙක අළුවිහාරේ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.අදාළ දඬුවමින් තමන් මුදා හරින්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, උප පොලිස් පරීක්ෂක ලක්මිණි ඉන්දික බමුණුසිංහ , පොලිස් සැරයන් ගාමිණී අතපත්තු සරත්චන්ද්‍ර ,පොලිස් කොස්තාපල්වරුන් වන ආනන්ද ප‍්‍රියන්ත සංජීව ,කැලූම් රංග දිසානායක යන පෙත්සම්කාර චූදිතයින් සිය අභියාචන පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.
වාස් ඇතුළු 6කගේ අභියාචනා පෙත්සම කල් යයි
1
hp_train_1903
ගුවන් සේවා මගී අත්දැකීම් සංගමය සංවිධානය කරනු ලැබු  සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය විශිෂ්ටත්වය වෙනුවෙන් දෙවැනි වරටත් තරු හතර පන්තියේ සේවා ඇගයුම් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්විය. ලෝකය පුරා සිටින ගුවන්  මගීන් ඔවුන්ගේ  සමස්ත ගුවන් ගමන් අත්දැකීම් ඇගයීමට ලක් කිරීමෙන් මෙම ඇගයුම් ලබා දීමට ගුවන්සේවා මගී  අත්දැකීම් සංගමය කටයුතු කරනු ලැබ ඇති අතර  ඇගයුමට ලක් කිරීමේදී  ගුවන් යානයේ ආසන සුවපහසුව,ගුවන් මැදිරි සේවාව, ආහාර පාන, විනෝදාස්වාදක පද්ධතිය සහ Wi-Fi  යන සේවා ඇතුළත් කරමින් සංගමය විසින් පත් කරනු ලබන බාහිර  විගණන සේවා ආයතනයක සහතිකය මත මෙම ඇගයුම සිදු කර තිබේ. සේවා ඇගයුම් ගුවන් සමාගම වෙත පිරිනැමීමට  අමතරව ශ්‍රීලංකන් ප්‍රචාරක වීඩියෝ දැන්වීමක් වන “ශ්‍රීලංකන් හා එක්ව ශ්‍රී ලංකාවට චමත්කාර ගමනක්” සඳහා විශිෂ්ට මුල් වීඩියෝව කාණ්ඩය යටතේ ප්‍රමුඛ ගුවන් සේවා වන කටාර් එයාර්වේස්,එමිරේට්ස්,සිංගප්පූරු ගුවන් සේවය ,එයාර් නිව්සීලන්ඩ් සහ කැතේ පැසිෆීක්  යන ගුවන්සේවා අභිබවා යමින් විශේෂ ඇගයුමට ලක්කර ඇත.  “2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරය” සහ “ 2018  වසරේ ඉන්දියානු සාගරයේ මෙහෙයුම් සිදුකරන ආසියාවේ  ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස   ශ්‍රීලංකන්  ගුවන් සමාගම  ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ද සම්මාන ද්විත්වයක් ලබාගැනීමට ට සමත් විය. ශ්‍රී ලංකන්  ගුවන් සමාගම  වර්තමානයේදී  රටවල්  48 ගමනාන්ත  114 ක්  වෙත සිය ගුවන් මෙහෙයුම් සිදු කරන අතර   වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමනාන්ත  1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම් ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට  හිමිවේ.(36698) 
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අඛණ්ඩව තෙවැනි වරටත් සම්මානයක්
0
hp_train_1904
(යොහාන් භාසුර)ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙම වසරේ පළමු කාර්තුවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් හෙවත් ඩොලර් කෝටි 140 කට වැඩි ආයෝජන ලබාගෙන ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි.පළමු කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,412 ක ආයෝජන යෝජනා 33 ක් ලැබී ඇති බවත් එම ආයෝජන අතර ඉන්ධන සහ පුණර්ජනනීය බලශක්ති  ප්‍රභවයන් (සූර්ය සහ සුළං), බර කර්මාන්ත, සැපයුම් සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ආයෝජන තිබෙන බවත් ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.එම ආයෝජන යෝජනා සංඛ්‍යාව 2021 වසරේ කාර්තුවට සාපේක්‍ෂව සියයට 80 ක වර්ධනයක් යැයි කියන ආයෝජන මණ්ඩලය වසංගත සහ අස්ථාවර ආර්ථික තත්ත්වයන්ගේ බලපෑම නොතකා නව ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ව්‍යාපෘති පුළුල් කරගැනීමට එම මණ්ඩලය ආරම්භ කළ වැඩපිළිවෙල සමත්ව ඇති බව ද සඳහන් කරයි.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් සඳහා ස්ථාපිත කළ නව ආයෝජන පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය ඔස්සේ ආයෝජකයන්ට අවශ්‍ය සමස්ත ආයෝජන ක්‍රියා පටිපාටිය රජයේ සෙසු රේඛීය ආයතනය සමඟ එක්වී වඩාත් පහසුවෙන් ඉටුකරගැනීමට හැකි ඇති බවත් මෙය වත්මන් විදේශ විනිමය අර්බුදය ජයගැනීමට ප්‍රධාන සාධකයක් වනු ඇති බවත් ආයෝජන මණ්ඩලය කියයි.
ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 140 ක ආයෝජන
1
hp_train_1905
මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේ තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර, සබරගමුව සහ වයඹ  පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක‍වලත් වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවකියයි.දකුණු පළාතේ  විටින් විට පැයට කිලෝ මීටර්  50 පමණ දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 10/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35258550සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමඩකලපුව35268565සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකකොළඹ31278070වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29269080වැසි ස්වල්පයක් ඇති විය හැකයාපනය33278060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර31229060සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකනුවරඑළිය21139580වැසි ස්වල්පයක් ඇති විය හැකරත්නපුරය32249065වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය35259060සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමන්නාරම31269070ප්‍රධාන වශයෙන් වැසි රහිත                               
‘බස්නාහිරට වයඹට තරමක් තද වැසි‘
0
hp_train_1906
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ මධ්‍යම කඳුකරය හරහා සහ වයඹ, ගිනිකොණ මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50- 60 පමණ දක්වා වැඩි විය හැකියි.
‘දිස්ත්‍රික්ක කීපයක වැසි‘
0
hp_train_1907
(එම්.සුසිල් ප්‍රියන්ත , ඥාණදාස රම්මුතු සහ ධර්මදාස සිරිවර්ධන)අය වැයට ඡන්ද විමසීමක් අවශ්‍ය යයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලද්දී සභාපති අරුණ ප්‍රදීප් මහතා විසින් ඡන්ද විමසීමක් නොදී සභාවේ වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගැනීමත් සමග අද (22) පැවති අම්බලන්ගොඩ මාසික සභා රැස්වීම දැඩි උණුසුම් විය.සභාවේ වැඩකටයුතු නතර කර සභා රැස්වීමෙන් ඉවත්ව යමින් සිටියදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සරත් ශ්‍රී ලාල් මහතාට සභාපති අරුණ ප්‍රදීප් මහතා පරුෂ වචනයෙන් බැන වැදුණු  අතර පෙරලා සරත් ශ්‍රී ලාල් මහතාද සභාපතිවරයාට බැන වැදීමත් සමගම එම දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.එහිදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සභාපති අරුණ ප්‍රදීප් මහතා රැස්වීම් ශාලාවෙන් ඉවතට කැදවාගෙන යන ලදි. පාලක පක්ෂයේ මන්ත්‍රී සරත් ශ්‍රි ලාල් මහතා සහ එකසත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙක් සභා රැස්වීම ශාලාව තුළ රැදි සිට සභාපති චන්දෙට බයේ පැන ගියේ යයි කියමින් කලු පටි බැදගෙන විරෝධතාවේ නිරතවූහ.සභාපති අරුණ  ප්‍රදීප් මහතා සමග පාලක පක්ෂයේ මන්ත්‍රීවරු දහදෙනා සභා රැස්වීම් ශාලාවෙන් ඉවත්ව සිටියහ.       අවසානයේදී පලක පක්ෂයේ සරත් ශ්‍රී ලාල් මහතා ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අය වැයට චන්දයක් නොදී සභාපතිවරයා පැන ගියා යයි කියමින් රැස්වීම් ශාලාවෙන් කෑගසමින් ඉවත්ව යමින් අම්බලන්ගොඩ නගර සභාව ඉදිරිපිටට ගොස් කළු පටි පැළද උද්ඝෝෂණයකද නිරතවූහ.  
අම්බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි
0
hp_train_1908
පලෙයිතිව් දුපතට නාවික සැතපුමක් නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු  නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.  එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැල් කිහිපයක්, ඩිංගි යාත්‍රාවක්, අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 19 ක් සහ මසුන් කිලෝග්‍රෑම් 25 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.   උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක්  කළ සෝදිසියකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන  තිබේ. ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල්, යාත්‍රාව, මුහුදු කුඩැල්ලන්, මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කර තිබේ.(36698)
නීතී විරෝධීව මසුන් ඇල්ලු 5 ක් අත්අඩංගුවට
0
hp_train_1909
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණූ පළාත්වලත් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් විටින් විට  තරමක් තද සුළං බලාපොරොත්තු වේ. ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 15/09/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34258545වැසි ස්වල්පයක් ඇති විය හැකමඩකලපුව35268550සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි. කොළඹ30278570වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල28269080මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.යාපනය33278565සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මහනුවර29219060මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.නුවරඑළිය19139570මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.රත්නපුරය32239565මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.ත්‍රීකුණාමලය3725     8550සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි. මන්නාරම31268570ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘බස්නාහිර ඇතුළු පාළාත් කිපයකට හෙට වැසි‘
1
hp_train_1910
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණූ පළාත්වලත් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් විටින් විට  තරමක් තද සුළං බලාපොරොත්තු වේ. ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 15/09/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34258545වැසි ස්වල්පයක් ඇති විය හැකමඩකලපුව35268550සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි. කොළඹ30278570වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල28269080මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.යාපනය33278565සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මහනුවර29219060මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.නුවරඑළිය19139570මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.රත්නපුරය32239565මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.ත්‍රීකුණාමලය3725     8550සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි. මන්නාරම31268570ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘දකුණු මුහුද තවදුරටත් රළු වෙයි‘
0
hp_train_1911
සැමියාගේ නොසැලකිල්ලෙන් නිවෙසක් ඉදිකර ගැනීම පමා වෙනවා යැයි සැමියාට දෝස්මුර තැබූ බිරිඳක් සිය මාලය උකසට තබා රුපියල් විසි දහසක් ණයකට ගත්තේ අලුත් නිවෙසක් ඉදිකරගන්නට ගඩොල් මිලදී ගන්නටය.ණයට ලබාගත් රුපියල් විසිදහසක මුදල අල්මාරියේ ඇඳුම් අතර සඟවා තබා දින දෙකතුනකින් බලන විට රුපියල් හාරදහසක් අඩුවී ඇති බව ඇය දුටුවාය. මේ මුදල සැමියා කෙසේ හෝ සොරාගෙන අරක්කු බොන්නට ඇතැයි දෙස්දෙවොල් තබමින් ඇය තව තවත් අල්මාරියේ රෙදි ඒ මේ අතට පෙරළමින් නැතිවූ මුදල සෙව්වාය.එවිට එක්වරම රුපියල් දහසේ කොළ දෙකක් ඒ අතර තිබී බිමට වැටුණ අතර කෑලි කෑලි කැඩූ දහසේ කොළ දෙකක කැබලිද මීයන් කපා දැමූ රෙදි කැබලිද බිමට වැටුණි. රුපියල් හාර දහසේ සොරු අතටම බිරිඳට අසුවූ අතර සැමියා යාන්තමට චෝදනාවෙන් බේරුණේය. ඒ වෙනුවට ගෙදර සිටි බළලාව පසුවදාම ඈත පළාතකට ගෙන ගොස් දැමුවේ සියලු වැරැදි බළලා මත පටවමිනි.(දූනගහ - බටේපොළ විජයසිරි)
සල්ලි හොරා අහුවුණාම බළලාට පාඩමක් උගන්වලා
1
hp_train_1912
 (හර්ෂණ තුෂාර සිල්වා) ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත. මේ වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) ඒ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ අවස්ථා පහකට ආසන්න සංඛ්‍යාවකදී බැංකු පොලී අඩු කළ අතර වසර මුළුල්ලේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අනුගමනය කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (18) රැස් වූ එහිදි මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් දැනට තිබෙන 4.50% සහ 5.50% ලෙස දැනට පවතින අගයේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඊට අමතරව බැංකු අනුපාතිකය 8.50% ක අගයකත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය 2%ක අගයකත් පවත්වාගෙන යෑමට තීරණය වී තිබේ. 
ප්‍රතිපත්ති පොළී අනුපාතිකය වෙනස් කරන්නේ නැති බව මහබැංකුව කියයි
0
hp_train_1913
(මීරිගම - විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)වැරදි මංගල උත්සවයකට ගොඩ වැඳී නාඳුනන මනාල යුවළකට ත්‍යාගය පිරිනමා සුබපතා නියමිත මංගල උත්සවය සඳහා යළිත් ත්‍යාගයක් මිලදී ගෙන ගිය ප්‍රභූවරයකු පිළිබඳව පසුගියදා බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය.ගමක් බලාගන්නා රජයේ ආයතනයක හිටපු ප්‍රධානියෙකි. තම ගමේ හිතවතකුගේ දියණියගේ මංගල උළෙලට ඇරයුමක් ලැබිණි. මංගල උත්සවය පැවැතියේ ද ගමේම පිහිටි උත්සව ශාලාවකය.නියමිත දිනයේ විශේෂ ත්‍යාගයක් ද සූදානම් කරගත් මේ ප්‍රභූවරයා මංගල උත්සවයට සහභාගිවීමට ගියේය. ගෙනගිය ත්‍යාගය මංගල උත්සව ශාලවේ පිහිටි ඒ සඳහා සූදානම් කර තිබූ මේසය මතින් තැබූ හෙතෙම මනාල යුවළට කතාකරන්නට පියමං තැබීය. අවට විමසිල්ලෙන් බැලුවත් දන්නා අඳුනන මුහුණු එකක්වත් පෙනෙන්නට සිටියේ ද නැත. මංගල උත්සවයට එක්ව සිටි පිරිස ද තමන් දෙස විමසිල්ලෙන් බලන බව ඔහුට පෙනී ගියේය.මනාල යුවළට සුබ පැතූ ඔහු ඔවුන් දෙස මඳක් බලා සිටියත් මනාලිය තම හිතවතාගේ දියණිය නොවන බව ඔහුට තේරුම් ගියේය. දුරකතනය අතට ගත් මේ ප්‍රභූවරයා තවත් මහජන නියෝජිතයකුට ඇමතුමක් ගත්තේ තමන්ට සිදුවූ වරද දැනගන්නටය. ‘අයියේ වෙඩින් එක තියෙන්නේ උඩහ ශාලාවේ. එතනට එන්න.’ මිතුරා පැවසීමත් සමඟ දුරකතනය කනේ තිබියදීම කතාවක නිරත වෙන බව පිරිසට පෙනෙන සේ උත්සව ශාලාවෙන් එළියට ආවේ මේසය මත තැබූ ත්‍යාගය එසේම තිබියදීය.එළියට ගිය මේ ප්‍රභූවරයා වහාම වෙළෙඳසැලකට පණිවිඩයක් යැවීය. ‘මම කලින් ගත් ත්‍යාගයක්ම නැවතත් පාර්සල් කර උත්සවශාලාවට එවන ලෙස’ දැන්වීය. ත්‍යාගය එන තුරු මංගල උත්සවයට නියමිත ශාලාවට ගිය මේ ප්‍රභූවරයා ටිකෙන් ටික මධුවිත තොල ගාන්නට වූයේ තමන්ට සිදුවූ වරද එයින්වත් වසා ගන්නා අදහසිනි. බෝතලේ ටිකෙන් ටික හිස්වෙද්දී හෙතෙම තමන්ට සිදුවූ වරද කියාපාන්නට වූයේ සිනාවත් හිතේ සැඟවුණු කණගාටුවත් සමගින්ය. ඒ අසල පැපරාසියකු සිටිනවා ඔහු දකින විට සියල්ල සිදුවී හමාරය. 
මඟුල් ගෙදර ගිහින් තෑගි 2 ක්ම දීලා
0
hp_train_1914
(හර්ෂණ තුෂාර සිල්වා)ලක්ෂමය පදනම මත පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 8.2ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.  පසුගිය ජනවාරි මාසයේදී උද්ධමනය සියයට 6.5ක් වූ බවත් ඒ අනුව පෙබරවාරි මාසයේදී උද්ධමනය 1.7 සිට සියයට 8.2ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මත උද්ධමනය මනිනු ලබයි.පෙබරවාරි මාසයේ පැවැති අඩු පදනම් අගය උද්ධමනය ඉහළ යෑමට ප්‍රමුඛතම සාධකය වූ බව සඳහන් මහ බැංකුව උද්ධමනය ඉහළ යෑමට මාසික මිල ගණන්වල දක්නට ලැබුණු ඉහළ යෑම ද හේතු වූ බව සඳහන් කරයි. පෙබරවාරි මාසයේදී වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 4.6 සිට සියයට 5.1ක දක්වා ඉහළ ගොස් තිබේ.   
පෙබරවාරි මාසයේ උද්ධමනය 1.7% කින් ඉහළ යයි
0
hp_train_1915
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව සිටි 715ක් සුවය ලබා අද(15) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 69, 411කි. එය ප්‍රතිශතයක් වශයෙන් 90.9%කි. ආසාදිතයන් සුවය ලැබීමේ අනුපාතය ප්‍රතිශතයක් ලෙස 91.75%ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ දැක්වේ.ඉන්දියාවේ එම අගය 97.29%කි. ලෝකයේ කොරෝනා ආසාදිතයන් සුවය ලැබීමේ ප්‍රතිශතය අද වනවිට 74.64%කි.අද දිනයේදී වැඩිම පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ කහවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම ගණන 126කි.කෙසේවෙතත් මේ වනවිට ආසාදිතයෝ 5,846දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.අද උදෑසන වනවිට 664දෙනෙකු කොරෝනා බවට සැක සහිතව රෝහල්ගත කර ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය පෙරවරු 10.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ගණන 397ක් වන අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 0.52%කි.  ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට සිදු වූ කොවිඩ් මරණ ගණන 18කි.සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 75,654කි.(රූප සටහන්/ ප්‍රස්තාර - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවියෙනි)
ආසාදිතයෝ 516ක් සුවය ලබති
0
hp_train_1916
 (සිරංගිකා ලොකුකරවිට)කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ලේ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ සිරුර මාසයකට ආසන්න කාලයක් තිස්සේ කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තිබෙන බව රෝහල් පොලිසිය පවසයි.කළුබෝවිල රෝහලට ඇතුලත්ව සිටි මෙම පුද්ගලයා පසුගිය නොවැම්බර් 29 වැනිදා මියගොස් තිබේ. මියයෑමෙන් පසු සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිත බව අනාවරණය විය. දේහය භූමදානයට නොදෙන්නේ නම් එය භාර නොගන්නා බව පවසමින් මියගිය පුද්ලයාගේ ඥාතීන් දේහය හඳුනාගැනීම හෝ නොකළබව කළුබෝවිල රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඒ.එම්ඩී.පී.ඒ.ටී. කොටුගොඩ මහතා පවසයි.පොලිසිය විසින් මේ සම්බන්දව ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තාකර ඇති අතර අධිකරණයේ නියෝගය වී ඇත්තේ දේහය ඥාතීන් විසින් හඳුනාගැනීමෙන් පසු ආදාහනය කළ යුතු බවයි. නමුත් ඥාතීන් විසින් දේහය හඳුනාගැනීමට මෙතෙක් ඉදිරිපත් නොවීම හේතුවෙන් දේහය මෘතශරීරාගාරයෙන් ඉවත්කිරීමට නොහැකි වී ඇත.ඒ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂක කොටුගොඩ මහතා මෙසේ කීවේය.“දේහය හඳුනාගෙන සාක්ෂි ලබාගැනීමට කටයුතු කළ අවස්ථාවේදී මියගිය තැනැත්තාගේ බිරිඳ හා සහෝදරයෙක් දේහය හඳුනාගැනීම පවා ප්‍රතික්ෂේප කළා. ඔවුන් සාක්ෂි ලබාදුන්නෙත් නැහැ. මේ මළ සිරුර තවමත් කළුබෝවිල රෝහලේ තිබෙනවා.”රජය විසින් නිකුත් කරන ලද කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ 2020-04-11 දිනැති අංක 2170/8 දරණ ගැසට් නිවේදනය අනුව කොරෝනා ආසාදිත සියලු මෘත ශරීර මරණය සිදුවී පැය 24 ක් ගතවීමට පෙර ආදාහනය කළ යුතුය.මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට නොදෙන්නේ නම් ඥාතීන් විසින් භාර නොගැනීමේ තත්ත්වය සළකා බැලූ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යළි උපදෙස් දී තිබුණේ එලෙස ඥාතීන් භාර නොගන්නා සිරුරු සියල්ල රජයේ වියදමින් ආදාහනය කළ යුතු බවයි. ඒ සඳහා රජයේ ප්‍රතිපාදන ඒ සඳහා වෙන්කරන ආකාරය දැක්වෙන චක්‍රලේඛද නිකුත් කර තිබිණි.මෘත දේහ ආදාහනය කිරීමට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් සියල්ලද විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරුණි.එසේ වුවද මිලිද්දුව පදිංචි පුද්ගලයාගේ දේහය අද වනවිට මාසයකට ආසන්න කාලයක් පුරා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ යූ.සී.පී. පෙරේරා මහතා ඇතුළු ගාල්ලේ අධිකරණ වෛද්‍යවරුන් පසුගියදා පවසා සිටියේ කොරෝනා ආසාදනය වූ සිරුරු, චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් පරිදි හැකි ඉක්මණින් ආදාහනය කළ යුතු බවයි. එම සිරුරු මෘත ශරීරාගාරවල තබා ගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබා ගැනීමකට හා සමාන බව ද ඔවුහු පවසති.ඔවුන් පවසන්නේ ගාල්ලේ දෙද්දුගොඩදී පසුගියදා මියගිය කොරෝනා ආසාදිත බව තහවුරු කරනු ලැබූ මුස්ලිම් ජාතිකයකුගේ සිරුර ආදාහනය කිරීමට ගෙන යාමට පෙර කිහිප වරකදී ගන්නාලද සාම්පලවලින් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් එම මළ සිරුරේ කොරෝනා වයිරසය සක්‍රීය මට්ටමේ පැවැති බව තහවුරු වූ බවයි.එම පුද්ගලයා මියගොස් දිනකට පසු ප්‍රථම සාම්ලය ද දින තුනකට පසු දෙවන සාම්පලය ද ලබාගෙන තිබූ අතර තෙවන සාම්පලය ගෙන තිබුණේ මියගොස් දින 05 ක් ගතවූ පසුවය. මෙම සාම්පල තුනම ධනාත්මක ප්‍රථිපල පෙන්වූ බව වෛද්‍යවරු කියති. එනම් මෙම මළ සිරුරෙන් 05 වැනි දිනයේ ලබාගත් සාම්පලය ද ධනාත්මක වී තිබිණිඒ අනුව වෛද්‍යවරුන් පවසා සිටියේ මළ සිරුරක් ශීතාගාරයක තැබීමෙන් එහි කොරෝනා වයිරසය වැඩි දින ගණනක් සක්‍රීයව පවතින බව තහවුරු වූ බවයි. කොරෝනා මෘත දේහ ශීතාගාරවල තැබීම ප්‍රායෝගික නොවන බව මේ අනුව පැහැදිලි වන බවත්, වෛද්‍යවරු කියති.මියගිය මෙම පුද්ගලයා රෝහලට ඇතුළත්වීමේ දී කොළඹ පදිංචි බවට ව්‍යාජ ලිපිනයක් ලබා දී තිබීමත් ඥාතීන් එම දේහය හඳුනාගෙන නොතිබීමත් හේතුවෙන් මරණය පිළිබඳ නිල වශයෙන් දැනුම් දීම ද ප්‍රමාද වී තිබිණි.කෙසේ වෙතත් මේ වනවිට රජය විසින් එම මරණය කොරෝනා හේතුවෙන් සිදුවූමරණයක් බව දකුණු පළාත් සෞඛය දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. එසේ වුව ද තවමත් මරණයේ අවසන් කටයුතු සිදුනොකිරීම නිසා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන මියගිය අයගේ ලේඛනයට මෙම මරණය පිළිබඳ තොරතුරු මෙතෙක් ඇතුළත් කර නැත.
කොරෝනා ආසාදිත සිරුර මාසයක් මෝචරියේ
1
hp_train_1917
(*** ජේ.ඒ.එල්. ජයසිංහ)පක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් ඉදිරි කටයුතු සාර්ථක කර පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ වගකීම යැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවසූහ.මල්වතු මහනාහිමියන් එසේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ බැහැදැකීමට පැමිණි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවේය.රුවන් විජයවර්ධන මහතා ඇමතූ මහ නාහිමියෝ එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන නායකත්වය අර්බුදයට තවම විසඳුමක් නැද්ද? පක්ෂයේ අර්බුද තවම තිබෙනවා දැයි ප්‍රශ්න කළහ.ඒ අවස්ථාවේදී මල්වතු මහානායක හිමියන් හමුවේ කරුණු දැක් වූ රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීවේය.පක්ෂයේ පවතින ප්‍රශ්නවලට හෙට අනිද්දා වන විට විසඳුම් ලැබේවි. ඉක්මණින්ම පක්ෂය හදාගන්න ඕනෑ. එක පැත්තකින් දැන් හොඳ අවස්ථාව උදාවී තිබෙනවා.අපෙන් ඈත් වී ගිය අය සියලු දෙනා එකතු කරලා සාකච්ඡා කරමින් පියවර ගත යුතු වෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ පක්ෂයෙන් ඈත් වී නැහැ. සේරම අය ඉන්නවා. මල්වතු මහානායක හිමියන් සමග දීර්ඝ වේලාවක් පෞද්ගලික සාකච්ඡාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු නියෝජිතයා කඩිනමින් පත් කිරීමට පියවර ගන්නවා. ඉදිරි දින කීපයේදී ඒ කටයුත්ත නිමා කෙරෙනවා. මේ අවස්ථාවේ එජාපයේ අප ලැබූ පරාජයන් ඉදිරි ජයග්‍රහණය සඳහා ශක්තියක් වෙනවා. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කර සියලුම පාක්ෂිකයන් ඒකරාශී කරමින් පක්ෂයේ වෙනසක් සමග පක්ෂය ඉදිරියට ගෙන යාමේ වගකීම අප සතුව තිබෙනවා. ඒ සඳහා අප පියවර ගන්නවා.අපේ පක්ෂය තුළ අඩුපාඩු තිබුණා. අපේ පක්ෂයෙත් යම් යම් වැරදි සිදු වුණා. ඒවා සියල්ල අවධානයට යොමුකරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් මැතිවරණයේදී අපට කියා දුන් පාඩම හොඳින් අධ්‍යයනය කර පාක්ෂිකයන්ගේ හිත දිනාගෙන පක්ෂය නැන්වීම අපේ එකම අපේක්ෂාවයි.පක්ෂයේ ක්‍රියාකාරීන්, සංවිධායකයන් මේ අවස්ථාවේ පක්ෂය ඉදිරියට ගෙන යන්න, පක්ෂය ඔසවා තබන්නට සෑම අතින්ම ශක්තිමත් නායකත්වයක් දෙන්න, මට පක්ෂ නායකත්වයට එන ලෙස ඉල්ලීම් කළා. පාක්ෂිකයන්ගේ අදහස්වලට සවන් දිය යුතුයි.පක්ෂයට නව නායකත්වයක් අවශ්‍යයි කියා පාක්ෂිකයන් ඉල්ලා සිටියා. පක්ෂයේ නායකයන් හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් කවුද? පක්ෂයේ නායකයා ලෙස පත් කරන්නේ කියලා තීරණය කරනවා.පක්ෂයේ නායකත්වයට සුදුසු බොහෝ අය ඉදිරිපත් වී ඉන්නවා. ඒ අය දක්ෂයි. ඒ අය පක්ෂය වෙනුවෙන් කැප වූ අයයි. ඒත් මමත් පක්ෂ නායකත්වයට ඉදිරිපත් වෙනවා. රටේ සමස්ත එජාප පාක්ෂිකයෝත් ඉල්ලීමක් කළා. ඒ මටත් පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් වෙන්න කියලයි. මහා සංඝරත්නයත් මහානායක හිමිපාණන් වහන්සේලාත් ඉල්ලීමක් කළේ පක්ෂයේ නායකත්වය බාර ගන්න කියලයි. මහාසංඝරත්නයේ ආශිර්වාද ගෙන මමත් පක්ෂයේ නායකත්වයට ඉදිරිපත් වෙනවා.බෞද්ධ ඡන්ද පදනම තහවුරු කරගෙන රටට දැවැන්ත සේවයක් කළ ඉතිහාසයක් තිබෙන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. රටට විශාල සංවර්ධනයක් විශාල සේවයක් කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රබල පක්ෂයයි. මේ පක්ෂය නිකන්ම දියකර හරින්න බැහැ. ඒ නිසා පක්ෂය ගොඩ ගත යුතුයි.එක්සත් ජාතික පක්ෂය යළි ගොඩගන්න පක්ෂයට යළි පුනර්ජීවය දෙන්න ග්‍රාමීය මට්ටමට ගොස්, පක්ෂයේ පුංචි පුංචි සාමාජිකයා අතරට ගොස් සාමාන්‍ය ජනතාව හා සම්බන්ධ වෙමින් බෞද්ධ පදනම ස්ථාවර කරගෙන සියලු පාක්ෂිකයන් ඒකරාශී කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යෑම මගේ අපේක්ෂාවයි.රනිල් වික්‍රමසිංහ මහතාව අමතක කරන්න බැහැ. එතුමා පක්ෂය වෙනුවෙන් විශාල කැපවීම් කළා. පක්ෂයේ අර්බුද නිරාකරණය කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළ නායකයායි. එතුමාගේ ද අවවාද අනුශාසනා ගෙන අපෙන් වෙන් වී කැඩී ගිය පාක්ෂිකයන් ඒකරාශී කර ගැනීමට කටයුතු කරනවා.පක්ෂයේ තරුණ පිරිස ශක්තිමත් කරගනිමින් විශාල කැපවීමක් කර පක්ෂය හදාගන්න උපරිමව මා කැප වෙනවා.සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමියන්ද බැහැ දුටු රුවන් විජයවර්ධන මහතා උන්වහන්සේගේ ද ආශිර්වාද ගත්තේය.එහිදී රුවන් විජයවර්ධන මහතා හමුවේ අනුශාසනාවක් කළ අස්ගිරි මහා ලේඛකාධිකාරි හිමියෝ මෙසේ පැවසූහ.අපේ අදහස මුල සිට ඔබතුමා වැනි අයෙකු ගැනයි. ඔබට උරුමයකුත් තිබෙනවා. ඔබ වැනි තැන්පත් ගුණාංග තිබෙන අයෙකු නායකත්වයට සුදුසු කෙනෙකු බව අපේ හැඟීමයි. බෙදී වෙන් වී තිබෙන එක්සත් ජාතික පක්ෂය ගැන හිතා සියලු දෙනා ඒකරාශී කර ගෙන පක්ෂය ඉදිරියට ගෙන යා යුතුයි. එය ඔබට කළ හැකි බවට අප තුළ විශ්වාසයක් තිබෙනවා. පක්ෂයකට නායකත්වයක් අවශ්‍යයි. එහෙම නායකත්වයක් තිබෙන පක්ෂයක් වටා සේරම දෙනා එකතු වෙනවා. රටට අහිතකර දේ වෙනවා නම් ඒවා ගැන කතා කරන්න ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි.ප්‍රශ්න හා අවුල් වියවුල් කලින් කලට වෙනස් වේවි. බිම් මට්ටමේ සිටින ජනතාවගේ සිත් දිනාගෙන පක්ෂයට නායකත්වය දී ඉදිරි වැඩ කරගෙන යන්න.රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන අත්දැකීම්, එතුමාගේ දක්ෂතා, පරිපාලන දක්ෂතා, මනා කළමනාකරණය ගැන අප දන්නවා.විරුද්ධ පාක්ෂිකයන් හා වෙනත් පාර්ශ්ව මොනවා කීවත් රනිල් වික්‍රමසිංහ මහතාව අනුශාසක මට්ටමේ තියාගෙන කටයුතු කරන්න.ඩී.එස්. සේනානායක පරපුරෙන් එන ඔබ රටේ ගෞරවයක් දිනා ගත් පවුලක සාමාජිකයෙකු වනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා රටට, එක්සත් ජාතික පක්ෂයට විශාල සේවයක් කළා. බුදු දහම මූලික කර ගනිමින් සියලු කටයුතු කරගෙන යන්න. 
පාක්ෂිකයන්ගේ විශ්වාසයක් ඇත්නම් එජාප නායකත්වය ගන්න සූදානම්
0
hp_train_1918
වැසි සඳහා කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘‘උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වල  සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇති වේ‘‘.‘‘සෙසු ප්‍රදේශවල අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘‘.‘‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘‘.‘සුළං නැගෙනහිර දෙසින් හමන අතර  වේගය පැයට කිලෝ මීටර්. 20-30 ත් අතර වෙයි‘. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.2015 මාර්තු  මස 02 වැනි දින දහවල්  12.00 ට නිකුත් කැරණි.  
‘තැනින් තැට මඳ වැසි‘
0
hp_train_1919
පවතින කාලගුණික තත්ත්වය වත දුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි ශ්‍රී ලංකාවේ නිරිත දිගට වැසි සහිත කාලගුණ තත්ත්වය රට තුළට හා අවට මුහුදු ප්‍රදේශවල තද  සුළං තත්ත්වය  තව දුරටත් පවතිනු ඇතැයි ද සඳහන් කරයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත්වල විටින් විට වැසි වර්ධනය වන අතර වයඹ පළාතට  ද මෙම වැසි පැතිර යා හැක. සවස 04.00 න් පමණ පසු නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
‘වැසි සහිත කාලගුණය තවදුරටත් පවති‘
1
hp_train_1920
(තුසිත කුමාර ද සිල්වා)ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින මේ දිනවල බේරුවල ධීවර වරාය පරිශ්‍රයට ඇදී එන අධික ජනතාව අවම කිරීම සඳහා හෙට(01) සිට බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ ගොඩබාන සියලු මත්ස්‍ය තොග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ධීවර සංස්ථාව මගින් මිලදී ගැනීමට එකඟතාවක් ඇතිකරගෙන ඇතැයි බේරුවල ධීවර වරාය කළමනාකරු එඩ්වඩ් දයාමාල් මහතා අද (31)පැවසීය. ධීවර සංස්ථා මිලදී ගන්නා මත්ස්‍ය තොග යම් හෙයකින් අතිරික්ත වුවහොත් සෙසු මසුන් පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳපොළ වෙත බේරුවල ධීවර වරාය මගින් යොමු කර කඩිනමින් ව්‍යාපාරිකයන්ට අදාළ ගෙවීම් සිදු කරන බවත් හෙතෙම පැවසීය මේ අතර හෙට(01) සිට බේරුවල වරාය පරිශ්‍රය තුළ මසුන් තොග සිල්ලර විකිණීම නැවත දැනුම් දෙන තුරු කිසිදු පුද්ගලික අංශ වලට නවතා දමා ඇතැයි ද පවසයි . කොයිඩ් වෛරසය පැතිරයාම බේරුවල වඩාත් වර්ධනය වීම හේතුවෙන් විශාල ජනතාවක් වරාය පරිශ්‍රයට එක්රොක් වීම අවම කිරීම හේතුවෙන් හා වරාය පරිශ්‍රයට ලැබෙන මත්ස්‍ය තොග කඩිනමින් අලෙවි කර ධීවරයන්ට හා බහුදින යාත්‍රා හිමියන්ට සහන සැලසීමේ අරමුණින් සෞඛ්‍යය ,ආරක්ෂක සහ වරාය කළමනාකාරිත්වය රජයේ ඉහළ පෙළේ උපදෙස් මත මෙලෙස ක්‍රියා කිරීමට සාමූහිකව එකඟතාවයකට පැමිණි බව පවසයි . ඉකුත් දින කිහිපය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධ බේරුවල ධීවර වරාය ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ සිය කෘතඥතාව පළ කළ බවද වරාය කලමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා වැඩිදුරටත් පැවසීය.
බේරුවල ධීවර වරායේ සියලු මත්ස්‍ය තොග මිලදී ගැනීම් හෙට සිට ධීවර සංස්ථාවට
1
hp_train_1921
දිවයින ආසන්නයේ පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට  ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 09/12/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය29239580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව28249080විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30249075අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල30249585අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය28239080විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර27209580අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.නුවරඑළිය20129580අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.රත්නපුරය31249585අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ත්‍රීකුණාමළය28249585විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29259590අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. ප්‍රදේශ කිහිපයකට අදත් වැසිපෙරවුරු 12.10දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමළය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ.  සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.පෙරවුරු 50.30දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට  ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.ත්‍රීකුණාමළය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා සහ කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ.  සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
වායුගෝලය කැලඹේ
0
hp_train_1922
(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)ස්වභාව ධර්මයත් ආණ්ඩුවට එරෙහි වෙලාද, අන්තවාදී පිරිස් කවුද, ආණ්ඩුව ඇතුලේ සංහිඳියාව, ඇමැති සංශෝධනයට ශ්‍රීලංනිපය කළ බලපෑම, හම්බන්තොට වරාය විකුණනවාද, කළුතර ගංවතුර වෙලාවේ දී සිටියේ කොහේද යනාදී කරුණු ගැන වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළි දක්වමු. ප්‍රශ්නය:- ජනතාව අතරින් මතුවන විරෝධය වගේම ස්වභාව ධර්මයත් ආණ්ඩුවට එරෙහි වෙලා නේද?පිළිතුර:- ඔය වගේ විහිළු කතා දැන් නිතර ඇසෙනවා. මේ ආණ්ඩුවට වසර දෙක හමාරක් වුවත් ජනතාවගේ පැත්තෙන් පුදුම නිදහසක්. සහනයක් ලබාදී තිබෙනවා. බියෙන් සැකෙන් තොරව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගෙන් මේ වගේ ප්‍රශ්න අහන්න මාධ්‍යයට දී තිබෙන නිදහස කොපමණද? ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් තහවුරු කර තිබෙනවා. ජාත්‍යන්තර පිළිගැනීමට අපේ රට ලක්වන තැනට කටයුතු කර තිබීමම සුළුකොට තකන්න පුළුවන්ද?මේ අනුව මේ ආණ්ඩුවට ඇති පිළිගැනීම දෙස බැලුවාම ඔය අන්තවාදීන් පිරිස් අතරින් එන විරෝධතාව මිසක් කලින් තිබු පාලන තන්ත්‍රයට වඩා තමන්ට නිදහසේ ජීවත් වෙන්න හැකියාව ලබාදෙන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවෙන් ශක්තිමත් කරන ආණ්ඩුවක් අද තිබෙන බව සමස්ත ජනතාව දන්නවා.මේ ආණ්ඩුවට වෙනත් විකල්ප නෑ. ගෝල්ෆේස් එකට ලක්ෂයක් මිනිස්සු පිරෙව්වට ජනතාව එහෙම ගිහින් නෑ. වෙන ආණ්ඩුවක් ඕන කියා මේ රටේ බහුතරය කියන්නේ නෑ. එහෙම නම් ඔය අය ගිය ජනාධිපතිවරණයේදී කොතරම් සෙනග පෙන්නුවද? සමහර මාධ්‍ය අල්ලගෙන ඉදිරිපත් කරන චෝදනා, අන්තවාදී අදහස් වැටුප් ගෙවා සමාජ ජාල මාධ්‍ය හරහා ගෙනයන වැඩපිළිවෙළ මත ආණ්ඩුවට විරෝධතාවක් තියෙනවා කියා තක්සේරු කරන්න බැහැ. හැබැයි ආණ්ඩුවට අභියෝග තිබුණා. ඇතැම් ඒවා දවසින් දෙකෙන් ජයගන්න බැහැ. ඉතින් ඒවා ජයගන්න වැඩ කරගෙන යනවා. මැතිවරණයකට යන අවස්ථාවේ ජනතාව මේවා තේරුම් අරන් ප්‍රසාදය, අප්‍රසාදය තිබෙන්නේ කාටද කියා පෙන්නාවි.ප්‍රශ්නය:- අන්තවාදී පිරිසක් ගැන ඔබ කිව්වා. මේ ඔබ ඇඟිල්ල දිගුකරන්නේ ඔබේම පක්ෂයේ එකට සිටි පිරිසකට ද?පිළිතුර:- නෑ මම සමස්තයක් හැටියටයි කිව්වේ. දේශපාලන පක්ෂ දිහා බැලුවේ නැහැ. අපේ සමාජයේ සෑම ජන කොටසකම අන්තවාදී පිරිස් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක මේවා අපි බලාපොරොත්තු වෙන්නත් ඕන. අපි අමාරුවෙන් ගොඩනගා තිබෙන දේශපාලන, සමාජ, ආර්ථික ස්ථාවරභාවය අස්ථාවර කරන්න, ජනතාව කුපිත කරන්න, ජනතාව බෙදන්න, ජනතාව අතර වෛරයක් පතුරුවන්න දේශපාලන න්‍යාය පත්‍ර මත ක්‍රියාත්මක වීම ව්‍යවස්ථා විරෝධී වැඩක්. රටේ නීති රීතිවලට පටහැනියි. එවැනි වැඩට ඉඩ දෙන්න බෑ. ඒවාට ඉඩ දුන්නොත් අපි ගොඩනගන්න යන සමගිය කඩාකප්පල් වෙනවා. සුළු ජන කොටස් ආණ්ඩුව කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳින්න සංවිධානාත්මක වැඩ කෙරෙනවා. වැරැදි පණිවිඩ යවන්න හදනවා. මේවා කඩාකප්පල් කියා. මේවායේ තිබෙන්නේ දේශපාලන ඉලක්කයක්. එවැනි දේට ආණ්ඩුව තදින්ම කටයුතු කරන්න සූදානම්. අදාළ කටයුතු පොලිසිය හරියට කරන්නේ නැත්නම් හමුදාවටත් ඒ වගකීම් පවරන්න සුදානම් කියා ජනාධිපතිතුමා තදින්ම කිව්වා. සමගිය ශක්තිමත් කර සංහිඳියාවට යන ගමන සාර්ථක කරගන්න අවශ්‍ය පියවර කිසිදු බියකින් තොරව ගන්න අපි සූදානම්.ප්‍රශ්නය:- ආණ්ඩුව ඇතුළේ සංහිඳියාවක් ගොඩනගා ගන්න බැරි නම් පිටත සමාජයේ, රටේ සංහිඳියාවක් ඇති කරන්නේ කොහොමද?පිළිතුර:- ප්‍රධාන පක්ෂ දෙක එකතු වී තිබෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. මේ ආණ්ඩුවට පෙරහුරුවක් නෑ. විටින් විට ප්‍රශ්න ඇතිවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි අතර හොඳ අවබෝධයක් තිබෙනවා. හොඳ සහයෝගයෙන් වැඩ කරන අධිෂ්ඨානයක් තිබෙනවා. ප්‍රශ්න ඇතිවුණාම නායකයන් දෙන්නා අවශ්‍ය වෙලාවට මැදිහත් වී සමථයකට පත් කරනවා. රට ඉදිරියට ගෙනයන්න නායකයන් දෙදෙනා අතර තිබෙන අවංක වුවමනාව කඩාකප්පල් කරන්න කාටවත් ඉඩ ලැබේවි කියා මම සිතන්නේ නෑ.ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි බරපතළම ප්‍රශ්න ඇතිවෙලා නැහැනේ. සමහර සිදුවීම් සමහර මාධ්‍ය විකෘති කරනවා. ලොකු ප්‍රශ්න ඇති බව පෙන්වන්න හදනවා. නායක දෙපළ එකට සිටිනවා නම් අපිටත් තිබෙන්නේ එහෙම කටයුතු කරන්නයි.ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් ඇමැති සංශෝධනය වී සෑහෙන දවසක් ගත වුවත් අදාළ විෂය ගැසට් කිරීමට නොහැකි වුණේ දෙපාර්ශ්වයේ පවතින අර්බුදයේ ප්‍රතිඵලයක් නිසා නොවේද?පිළිතුර:- එහෙම කිසිම ප්‍රශ්නයක් තිබෙනවා කියා මම සිතන්නේ නෑ. ගිය සතියේ අගමැතිතුමා රටේ සිටියේ නැහැ. ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් අනුමැතියෙන් දැන් ගැසට් එක නිකුත් වුණා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ලොකු ප්‍රමාදයක් නැහැනේ.ප්‍රශ්නය:- ඇමැති සංශෝධනයම ආණ්ඩුවේ අභ්‍යන්තර අරගලයේ පිපිරී යාමක් නේද?පිළිතුර:- නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. තනි ආණ්ඩුවක් තිබුණත් මේ සම්මුති ආණ්ඩුවේ වුණත් ඇමැති සංශෝධන කළ යුතු නම් කරන්න වෙනවා. ඉතිහාසයේදීත් විටින් විට ඇමැති සංශෝධන කළා. ඒවා කරන්නේ වැඩි කාර්යක්ෂමතාවකින් නව මුහුණුවරකින් ජනතාව බලාපොරොත්තු වන වැඩ පිළිවෙළක් සමග ඉදිරියට යන්නයි.මම නිපුණතා සංවර්ධන ඇමැති හැටියට මගේ කාලයේ ලොකු විප්ලවයක් කළා. දැන් මට විශාල අභියෝග තිබෙන අමාත්‍යාංශයක් බාර දී තිබෙනවා. යම් යම් ප්‍රශ්න තිබේ නම් ඒවා විසඳන්න කළ යුතු වෙනස්කම් කරන්න පක්ෂ දෙකේ නායකයන් දෙන්නා එකට වාඩි වී කතා කර තීන්දු ගන්නවා. මට දුන්නේ එජාපයට දී තිබූ ඇමැති කමක්. රවී කරුණානායක ඇමැතිතුමාට දී තිබෙන්නේ හොඳම ඇමතිකමක්. මංගල ඇමැතිතුමාටත් ඉහළම ඇමැතිකමක් දී තිබෙනවා. ඒ අය අඩු තක්සේරුවකට ලක්කර නෑ. පොඩි වෙනසක් කළා. ඒ වෙනස හරහා අලුත් මුහුණුවරකින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. කාවවත් වැට්ටුවේ නැහැ.ප්‍රශ්නය:- මේ වෙනස කරන්න වැඩියෙන්ම බලපෑම් කළේ ඔබේ පක්ෂයයි. ඇයි එතරම් අවශ්‍යතාවයක් තිබුණේ?පිළිතුර:- සංශෝධනයකට ගියොත් හොඳයි කියා අපිත් කිව්වා. හැබැයි අරයා මාරු කරන්න මෙයා මාරු කරන්න කියා අපි කිව්වේ නැහැ. ජනාධිපතිතුමත් ඒ මතයේ හිටියා. මේ රටේ  සිවිල් සමාජය, ජනතාව ඒ මතයේ හිටියා.අගමැතිතුමත් ඒ මතයට ආවා. ජනතා බලාපොරොත්තු වඩා හොඳින් ඉටු කරන්න පුළුවන් කියා එතුමත් සිතුවා. ශ්‍රීලනිපය මන්ත්‍රීවරු හැටියට අපි ලොකු බලපෑමක් කළේ නැහැ. එජාපයේ සමහර මන්ත්‍රීවරු පවා ජනාධිපතිතුමා හමුවී ඇමැති සංශෝධනයක් ජනතාව බලාපොරොත්තු වන බව කියා තිබුණා. මේ හැමෝටම ඇහුන්කන් දී තමයි නායකයන් දෙදෙනා මේ තීරණය ගත්තේ.ප්‍රශ්නය:- හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව අර්ජුණ රණතුංග ඇමැතිවරයා දැඩි ස්ථාවරයක සිටියා. ඔහුගෙන් බැරි වූ දේ ඔබ ලවා කර ගන්නද මේ ඇමැති ධුරය මාරු වුණේ.පිළිතුර:- හම්බන්තොට වරාය විකුණන්න කිසිම අවස්ථාවක රජය තීරණයක් ගෙන තිබුණේ නැහැ. බදු දීමක් ගැන පමණක් සාකච්ඡා කළා. අර්ජුන ඇමැතිතුමා වරාය පැත්තෙන් සිතා අදහස්, යෝජනා ඉදිරිපත් කළා. මේ ගනුදෙනුවට යනවාට එතුමා විරුද්ධ වුණේ නැහැ. ගනුදෙනුවට යනව නම් යම් යම් කොන්දේසි ගිවිසුමේ තිබිය යුතු බව එතුමා කිව්වා. මම ඉන්නෙත් ඒ මතයෙම තමයි. මේ වරාය අයිති ශ්‍රී ලංකා වරාය අධිකාරියට. එය ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ නීතියට අනුව. වරාය අධිකාරියේ පනත අනුව. ඒ පනත උල්ලංඝනය කරන්න කාටවත් බැහැ. කෙරෙන ආයෝජනයක් කෙරෙන්න ඕන රටේ නීති රාමුව තුළයි.ඒ වගේම අපේ ජාතික අවශ්‍යතාවක් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවට න්‍යෂටික බලය තිබෙනවා. චීනය කියන්නේ තවත් න්‍යෂ්ටික බලයක් තිබෙන රටක්. පාකිස්තානයත් එහෙමත් ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂක කටයුතු ගැන නිරන්තරයෙන්ම ඇමෙරිකාව පසු විපරමෙන් ඉන්නවා. න්‍යෂ්ඨික බලයක් තිබෙන රටකට මේ රටේ මෙවැනි ආයෝජනයක් කරන්න ඉඩ දෙන විට ආරක්ෂක පැත්ත ගැන විශේෂයෙන් බලන්න ඕන. අපි මේ ආයෝජනයට ඉඩ දෙන්නේ සම්පූර්ණයෙන් ආර්ථික පැත්ත බලලා. ඒකෙන් ඉවත් වෙන්න ඉඩදෙන්න බැහැ. අපේ නාවික හමුදාවේ වගකීම පැහැර හරින්න බැහැ. හාබර් මාස්ටර්ගේ නීත්‍යානුකූල බලතල ඒ විධියටම තියෙන්න ඕන. රේගුව ආගමන විගමන ක්‍රියාවලි ක්‍රියාත්මක වෙන්න ඕන. මේ සියල්ලක්ම අපි මේ ගිවිසුමට ඇතුළත් කරනවා.මේ සාකච්ඡා තිබෙන්නේ මගේ අතේ. කවුරුවත් ඒකට ඇඟිලි ගසන්නේ නෑ. චීන සමාගම සමග මම සාකච්ඡාවට දෙකක් පැවැත්වුවා. තව සාකච්ඡා කරනවා. ඒ අතර මේවා ගැන නායක දෙපළක් දැනුවත් කරනවා.අවසන් තීරණවලට එන්නේ ඒ දෙන්නාගේ අදහස් අනුවයි. නීතිපතිගේ අනුමැතිය කැබිනට් අනුමැතිය ලැබුණට පසුවයි ගිවිසුමක් අත්සන් කරන්නේ. මෙවැනි කෙටි මාර්ග නැහැ. ජාතික අවශ්‍යතාව කප්පාදු නොවන ලෙස අඩපණ නොවන ආකාරයට රටේ නීති රීති ක්‍රියාත්මක කළ හැකි ආකාරයට ගිවිසුමේ සියලු කොන්දේසි සාකච්ඡා ගිවිසුමක් අත්සන් කරනවා. මම මෙතනට පත් කර තිබෙන්නේ තිබුණු හැටියටම මේක දීලා දාන්න නෙමෙයි. දැන් මම වගකීම දරනවා.ප්‍රශ්නය:- විදේශ ඇමැති වෙන්න බලා සිටි ඔබ වරාය ඇමැති වීම ගැන මොකද කියන්නේ?පිළිතුර:- මේ ඇමැතිකම ලැබෙයි කියා නොසිතූ අවස්ථාවක එය ලැබී තිබෙනවා. මම වෘත්තියෙන් ආර්ථික විද්‍යාඥයෙක්. මෙවැනි අමාත්‍යාංශයක් මෙහෙයවන්න මට දැනුම තියෙනවා. අධ්‍යාපනය තිබෙනවා. පළපුරුද්ද තිබෙනවා. කොළඹ  වරාය දැන් තිබෙන්නේ ලෝකයේ වරාය අතර 23 වැනි තැන. එය තවත් හොඳ තැනකට ගෙන යාම මගේ අරමුණයි. වෘත්තීය සමිති සමග ඉතා සුහදව කටයුතු කරමින් වරායේ කාර්යක්ෂමතාව, ඵලදායීතාව නැංවීමට කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපට අයිති අනෙක් වරායවල් ද සංවර්ධනය කර මෙරට ආර්ථිකය ශක්තිමත් කරන්න ලොකු සේවයක් මේ අමාත්‍යාංශයෙන් කරන්න පුළුවන්. ඒ නිසා මේ අමාත්‍යාංශය ලැබීම ගැන සතුටු වෙනවා. වෙන දෙයක් මම බලාපොරොත්තු වුණේ නැහැ.ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ දිනවන්න වැඩ කළ ඔබලා අද මේ ආණ්ඩුවේ ප්‍රධාන ඇමැතිකමක් දරනවා. මොකද්ද ඔබගේ ස්ථාවරය?පිළිතුර:- හැම විටම පක්ෂයේ නායකයා සමග සිටීමයි මගේ ස්ථාවරය. කවුද නායකයා ඔහුත් සමග ඉන්න ඕන. පක්ෂක නායකයො දෙන්නෙක් නැහැ. ඒ වෙලාවෙ මම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක හිටියේ එතුමා එවෙලේ පක්ෂයේ නායකයා සහ නිල අපේක්ෂකයා වූ නිසයි. හැබැයි මෛත්‍රී ජනාධිපතිතුමාට පක්ෂය බාර දුන්නට පස්සෙ මම මහින්ද මහත්තයත් එක්ක ඉන්නෙ කොහොමද? මම ඉන්නේ නිල පක්ෂයත් එක්ක. හැම පාක්ෂිකයෙක්ම එහෙම සිතුව නම් ශ්‍රීලනිපයෙ බෙදීමක් ඇති වෙන්නෙත් නෑ. අපි දැන් එතැනට ගමන් කරමින් සිටිනවා. පළමු මැයි දින රැලියේ දී අපට හයිඞ් පිටිය පුරවන්නත් බැරිවුණා. සමහරු ඇවිත් මූණ පෙන්නලා කිරුළපනට ගියා. හැබැයි ගාල්ලට විශාල පිරිසක් ආවා. මෙවර ගැටඹෙට ඓතිහාසික සෙනඟක් ආවා. දැන් පාක්ෂිකයන් පක්ෂයට එන්න පටන් ගෙන බව පැහැදිලි වෙනවා. පක්ෂය බෙදුණොත් වෙනත් අයට වාසිය යන බව මේ අය තේරුම් අරන්. ශ්‍රීලනිපය කැඩුණොත් ඒක රටේ අනාගතයටත් බලපානවා. එදා මහින්ද මහත්තයට තිබූ සියයට අනූවේ ප්‍රතිශතය දැන් ගොඩක් බැහැලා. ඉදිරියේ දී අපට ආණ්ඩුවක් පිහිටුවන්න ශක්තිය තිබෙන්නේ මහින්ද මහත්තය ළඟ නෙමෙයි. මෛත්‍රී ජනාධිපතිතුමා ළඟ බව පාක්ෂිකයන් වටහා ගෙන තිබෙනවා. මහින්ද මහත්තය දෙවරක් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා. පක්ෂයට නව බලයක් වත්මන් ජනාධිපතිතුමා යටතේ ලැබී තිබෙනවා. 2020දී අපේ ආණ්ඩුවක් මෛත්‍රී ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පිහිටුවන්න බලාපොරොත්තු වෙනවා.ප්‍රශ්නය:-තෙවරප්පෙරුමලා, වෙල්ගමලා ගංවතුරේ බැහැගෙන කළුතර ජනතාව බේරා ගනිද්දී මහින්ද සමරසිංහලා සිටියේ කොහේද?පිළිතුර:- ඔය පිංතූරවලට පෙනී සිටීමේ ගේම් එකේ මම නැහැ. දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රධානියා හැටියට පාන්දර 5.30 සිට ක්‍රියාත්මක වී ආරක්ෂක අංශ සමග කතා කර කළුතරට අවශ්‍ය උපකරණ හා පිරිස් බලය ලබා දුන්නේ මම. කළුතර කච්චේරියේ වාඩිවී සාකච්ඡා පවත්වා සියල්ල මෙහෙයවීම කළා. බඩු බෙදන්න කියා බත් පැකට් එකක් තබා ශත පහක් මම වරායෙන් ගත්තේ නැහැ. හැබැයි සෑහෙන බඩු තොගයක් ජනතාවට ලබා දුන්නා. හැබැයි මම වතුරෙ බැහැලා පිංතූර ගත්තෙ නැහැ. සමහරු ඒවට දක්ෂයි. පාලිත හොඳ වැඩ කොටසක් කළා. ඒක තමයි එතුමගෙ චරිතය. හැම වෙලාවෙම එතුම එහෙම කරනවා. හැබැයි සමහරු එක දවසක් සරම ටිකක් උස්සගෙන වතුරට බැහැලා පිංතූරයක් අරගෙන මාධ්‍යයේ පළ කළා. හැබැයි කරපු දෙයක් නෑ. ඒ වගේ අයත් ඉන්නවා. මම දිස්ත්‍රික්කයට අවශ්‍ය නායකත්වය දුන්නා. වන්දි ගෙවීම සහ අනෙක් අවශ්‍යතා ඉටුකර දීමටත් කටයුතු කරනවා.ප්‍රශ්නය:- විපතින් මියගිය අයකුට ලක්ෂයක වන්දියක් ගෙවන්න. ආණ්ඩුව මියගිය ත්‍රස්තවාදියකුට ලක්ෂ 20ක් ගෙවීම සාධාරණ ද?පිළිතුර:- මුලින් දුන්නෙ රුපියල් 15,000යි. ඒක ලක්ෂයක් කළේ අපේ ආණ්ඩුව. ලක්ෂයක් ගැන කතා නොකර අවශ්‍යතාව අනුව කටයුතු කරන්න තීරණයක් ගෙන තිබෙනවා. සමහර දේවල් කියන්නේ ඉතිහාසය අමතක කරලා. 15,000දාහ  ලක්ෂයක් කළා කියා කවුරුවත් කියන්නේ නෑ.
එහෙ මෙහෙ පැනිලි බේරගත්තා මිස ඇමති මාරුවෙන් රටට වුණ සෙතක් නෑ
0
hp_train_1923
පරිවර්තනය  - කෝවිද ගුණසේකරසන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනිමෙම ලිපියේ ‘‘හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා ආකාරයෙන් උපයාගත් මුදල් භාවිත කර නීති විරෝධී අයුරින් මිලයට ගෙන තිබෙන දේපළ සම්බන්ධයෙන් වන විමර්ශනය‘‘ යනුවෙන් නිවැරදි විය යුතුය. මේ සඳහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නම ඇතුළත්වූයේ ප්‍රමාද දෝෂයකිනි. ඒ පිළිබඳව මහින්ද අමරවීර ඇමැතිවරයාට අපෙග් කනගාටුව පළ කරමු.පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා කැබිනට් මණ්ඩල හමුවේ දී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිළිබඳ නැවත වතාවක් සාකච්ඡා කැරිණ. එම කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට එම සාකච්ඡා අවසානයේ දී තීරණය විය. පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුවේ ප්‍රධාන මාතෘකාව වූයේ ද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වුවත් එක්සත් ජාතික පක්ෂය හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ගනුදෙනුවක් ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කිරීම හමුවේ එම සාකච්ඡාව වෙනතක යොමුවිය.එතැනින් නොනැවතුනු ඔහු මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නැගී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සිතාමතාම ප්‍රමාද කරමින් සිටින්නේ යැයි ද ඔහු කීවේ ය.පසුගිය සතියේ මෙන් මෙම සතියේ ද කැබිනට් මණ්ඩලයේ පැවැතියේ නොසන්සුන්කාරී වාතාවරණයකි. අගමැතිවරයාගේ අදහස වූයේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ ධුර කාලය දීර්ඝ කිරීම සුදුසු බවය. පසුගිය කැබිනට් මණ්ඩල හමුවේ දී ඔහු ඒ සම්බන්ධයෙන් වූ ලියැවිල්ලක් ද ඉදිරිපත් කළේ ය. කමිටු ලේකම් කාර්යාලයේ ධුර කාලය දීර්ඝ කිරීම අරභයා කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගෙන් “සුදුසු තීරණයක්“ බලාපොරොත්තු වන බව එහි සඳහන් විය.එකඟතාවයක් ඇති කරගැනීමේ අරමුණින් අගමැති වික්‍රමසිංහ එක් අවස්ථාවක දී කියා සිටියේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තමන් යටතට ගත හැකි බවය. එහෙත් ජනපති සිරිසේන එය ප්‍රතික්ෂේප කළේ ය.ලේකම් කාර්යාලයේ ධුර කාලය පසුගිය ජූනි මස 30 වැනිදායින් අවසන් වූ අතර, ඒ දක්වා එම කාර්යාලයේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් සීමාසහිත වගකීමක් අගමැති ලේකම් කාර්යාලය ද සතුව පැවැතින. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ සේවය කළවුන්ට වැටුප් ගෙවීම සිදුවූයේ එම පුද්ගලයින් මින් පෙර සේවය කරමින් සිටි දෙපාර්තමේන්තුවලින් වුව ද, අගමැති ලේකම් කාර්යාලය මැදිහත්ව අවදානම භාර ගැනීමේ දීමනාවක් ලෙස, එම පුද්ගලයින්ට හිමි වූ අමතර දීමනාවලින් හරි අඩක්ම ගෙවීමට කටයුතු සලස්වා තිබිණ.එයට අමතරව කාර්යාලයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බඳවාගෙන සිටින විශ්‍රාමික පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන්ට ද ගෙවීම් සිදුකළේ අගමැති ලේකම් කාර්යාලය මැදිහත්වය. එහෙත් මාස කිහිපයක සිට අගමැති ලේකම් කාර්යාලය සහ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය අතර සබඳතා ක්‍රමයෙන් බිඳවැටෙමින් පැවැති තත්ත්වයක් හඳුනාගත හැකි විය. පරීක්ෂණයක් පවත්වන ලෙස දූෂණ මර්දන ලේකම් කාර්යාලය, පොලිස්පතිවරයාට යොමුකරන ලද සිදුවීමක් සම්බන්ධයෙන් අගමැති ලේකම් කාර්යාලයේ එක්තරා නිලධරයකු අනවශ්‍ය අතපෙවීමක් සිදුකිරීම එයට හේතුව බව පැවැසින.දූෂණ මර්දන ලේකම් කාර්යාලය අගමැතිවරයා යටතට ගෙන ඒමට අකැමැත්ත ප්‍රකාශ කරමින් ජනපති සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ එසේ කළහොත් තවදුරටත් චෝදනාවලට මුහුණදීමට අගමැතිවරයාට සිදුවනු ඇති බවය. මහජන පැමිණිලි භාර ගැනීමට සහ ඒවා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට හැකියාව ඇති ස්වාධීන රාජ්‍ය ආයතන කිහිපයක්ම පවතින හෙයින් මෙවැනි කාර්යාලයක් තවදුරටත් අවශ්‍ය නොවන බව ඔහුගේ අදහස විය. සිදුවීම් එකක්, දෙකක් තෝරාගැනීම හැරෙන්නට වෙනත් කිසිවක් දූෂණ මර්දන ලේකම් කාර්යාලය සිදුකර නොමැති බවට ද ජනපතිවරයා චෝදනා කළේ ය.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් දක්වමින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය එකවර වසා දමනවාට වඩා ක්‍රමානුකූලව එහි කාර්යයන් සීමා කිරීම වඩා සුදුසු බව පැවසුවේ ය. එසේ කළහොත් චෝදනා නැගීමට හෝ විවේචනය කිරීමට හෝ කිසිවෙකුටත් අවස්ථාව නොලැබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද විදේශ අමාත්‍යවරයා සමග එකඟ විය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, තමා ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරයා සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන පිළිබඳ සොයා බැලූ බව ද, එම විමර්ශනවලට අදාළ චෝදනා ගොනුකර ඇත්තේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය නොව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යැයි එහිදී සොයාගැනීමට හැකි වූ බව ද, කියා සිටියේ ය. සුනාමි සමයේ විදේශයකින් ලැබුණු විශේෂ රථයක් අවභාවිත කළේ යැයි ෆවුසිට ද, තමන් හෙබවූ අමාත්‍යංශයේ රැකියාවක් තම දියණියට ලබාදුන්නේ යැයි ජයරත්නට ද, චෝදනා නැගී තිබේ. මෙම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දෙදෙනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනපති සිරිසේන පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුවේ දී පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් වීම නිසාවෙන්ම ඔවුන්ට මෙවැනි ඉරණමක් අත්ව තිබෙන බවය.“දන්නැති කතා කියන්න එපා” ජනපති සිරිසේන හඬ නැගීය. ෆවුසි හා ජයරත්න යන දෙදෙනාට එරෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යොමුකර ඇත්තේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය බව ඔහු පැවසුවේ ය. මේ අවස්ථාව වන විට කැබිනට් මණ්ඩලයේ බොහෝ සාමාජිකයන්ගේ තීරණය දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට විය. නියමිත පරිදි එය වාර්තාගත කැරිණ.දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂක ආනන්ද විජේපාල මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකි.“අපට ලැබුණු පැමිණිලි කාණ්ඩ වශයෙන් ගත්තහම රාජ්‍ය අමාත්‍ය ෆවුසි සහ හිටපු අමාත්‍ය ජයරත්න සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අපේ කිසිම සම්බන්ධයක් නැති බව මට පැහැදිලිවම කියන්න පුලුවන්. ඔය කියන කාලයේ අපිට මේ දෙදෙනා සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණෙත් නැහැ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම එක්ක සම්බන්ධතා තිබුණෙත් නැහැ.“කාර්යාලය පවත්වාගැනීම සඳහා රජයෙන් යෙදවූ රුපියල් ලක්ෂ 650ක මුදලක් නිකරුණේ නාස්ති කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දූෂණ මර්දන ලේකම් කාර්යාලයට එරෙහිව නැගූ චෝදනාවට ද ඔහු පිළිතුරු දුන්නේ ය.“අගමැතිවරයාගේ ඉල්ලීමකට, කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව අපට වෙන්වූයේ රුපියල් ලක්ෂ 75ක මුදලක් විතරයි. නමුත් එක මාසයකට අපි රුපියල් ලක්ෂ 12කට වඩා වැය කළේ නැහැ.“තොරතුරු දැනගැනීමේ පනත යටතේ තම කාර්යාලය වෙනුවෙන් වෙන්කරන ලද මුදල් භාවිතා කෙරී ඇත්තේ කෙසේදැයි විස්තරාත්මක වාර්තාවක් ලබාගැනීමට, දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩලය දැන් සූදානම් වෙමින් සිටින අතර, එහි කටයුතු පිළිබද දැනුම්වත් ආරංචිමාර්ගයක් සඳහන් කළ ආකාරයට, කාර්යාලය මෙසේ වසා දමා තිබෙන්නේ වත්මන් රජයේ සිටින බලවත් හා කතාවට දක්ෂ දේශපාලනඥයකු (පසුගිය රජයේ සිටි අමාත්‍යවරයෙක් ද වන) සිදුකර තිබෙන සැකකටයුතු ගනුදෙනුවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබියදීය.කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී සේනාරත්න මහතා අදහස් දැක්වූයේ මෙලෙසය.“දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය, දූෂණ සීමා කිරීමේ අරමුණින් ඇති කෙරුණු එකක් නොවෙයි. දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අවශ්‍ය මූලික ලියැකියැවිලි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලබාදීම විතරයි එහි කාර්යභාරය වූයේ. වංචාවට එරෙහිව පියවර ගැනීමේ බලය හිමි ආයතන 14ක්ම තියෙනවා.පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය තියෙනවා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තියෙනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ වගේම ජනපති විශේෂ කාර්ය බලකායක් ඇතුලු තවත් ආයතන කිහිපයක්ම ඒ වෙනුවෙන් තියෙනවා. විගණකාධිපතිවරයා, අපරාධ බුද්ධි විමර්ශන බියුරෝව, මුල්‍ය කටයුතු පිළිබඳ බුද්ධි ඒකකය, අන්තරායකර ඖෂධ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය, රාජ්‍ය බුද්ධි ඒකකය, කොළඹ අපරාධ ඒකකය, කෝප් කමිටුව යන ආයතනත් දූෂණ මර්දනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසයි තවත් දූෂණ මර්දන ඒකකයක් පවත්වාගැනීමේ තේරුමක් නැහැ කියා තීරණය කර තිබෙන්නේ.“සේනාරත්නගේ තර්කය, රජයේ ස්ථාවරය වන නිසාම, එසේ නම් මෙවැනි ආයතන ගණනාවක් තිබිය දී, දූෂණ මර්දන ලේකම් කාර්යාලයක් පිහිටැවූයේ ඇයි ද යන පැනය නැගීමට මග පාදයි. මෙවැනි කාර්යාලයක් ඇති කිරීමට වුවමනා වූයේ අද එවැන්නක් අවශ්‍ය නොමැත යැයි කියන කලුතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාගේම නායකයා වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහය. පැමිණිලි ගොනු කිරීමට වුවමනාව තිබූ පාර්ශ්වයන්ට ඉහත සඳහන් කළ ආයතන ඕනෑම එකක් වෙත යෑමේ පහසුව තිබුණ ද, මෙවැනි ලේකම් කාර්යාලයක් ඇති කෙරුණේ, රජය බලයට පත්වූ දිනයේ සිට නැවත නැවතත් සඳහන් කළ පරිදි වංචා හා දූෂණ මර්දනය කිරීමට ප්‍රමුඛස්ථානය ලබාදීමට අවැසි වූ බැවින්ය. ඒ නිසාම, දැන් එවැනි කාර්යාලයක් අවශ්‍ය නැතැයි ස්ථාවරය වෙනස් කරගැනීමට රජය කටයුතු කර තිබීම හමුවේ පිළිතුරුවලට වඩා මතුවන්නේ පැනයන්ය.“සුළු සිදුවීම් පිළිබඳ විමර්ශනය කරන්න පොලිසිය තියෙනවා. නමුත් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට සිදුවෙලා තිබුණේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයට ලැබෙන සියලුම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්න. ලේකම් කාර්යාලයේ කටයුතුවලට වසරකට රුපියල් ලක්ෂ 122.6 බැගින් වෙන් කෙරුණා. 2015 දී රුපියල් ලක්ෂ 260කුත්, 2017 දී රුපියල් ලක්ෂ 260කුත් සහ මෙම වසරේ ජූනි දක්වා ගෙවුණු මාස හයේ දී රුපියල් ලක්ෂ 120කුත් බැගින්, රුපියල් ලක්ෂ 650ක මුදලක් මෙම කාර්යාලය වියදම් කර තිබෙනවා” යැයි සේනාරත්න වැඩිදුරටත් කිීවේ ය.2015 වසරේ ජනවාරි මස 21 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිළිබඳ කැබිනට් පත්‍රිකාවෙන්, මෙවන් කාර්යාලයක් ඇතිකිරීමේ වැදගත්කම සඳහන් කර තිබේ. එහි කාර්යභාරය ලෙස “බරපතළ වංචා, මුල්‍ය අපරාධ සහ දූෂණ සම්බන්ධයෙන් වන පැමිණිලි සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන මෙහෙයවීම සහ සම්බන්ධීකරණය කිරීම“ දක්වා තිබෙන අතර, මේ හමුවේ රජයේ කැබිනට් ප්‍රකාශක සේනාරත්නගේ, දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය දූෂණ සීමා කිරීමේ අරමුණින් ඇති කෙරුණක් නොවේ යන ප්‍රකාශය අතිශයින් නොමග යවනසුළුය. පදනමක් නොමැති මෙවැනි ප්‍රකාශවලින් සිදුවන්නේ රජයේ කටයුතු කෙරෙහි ජනතාවගේ විශ්වසනීයත්වය තව තවත් වියැකී යාම පමණකි.වික්‍රමසිංහගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදෙමින්ම, තවත් තීරණ රැසක්ම ගැනීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළේය. එලෙස ගැණුනු තීරණයක් මෙවැනිය.“මුදල් විශුද්ධිකරණය සහ වෙනත් නීති විරෝධී ආකාරවලින් සිදුවන මුදල් ගනුදෙනු හා බැඳී තිබෙන දූෂණවලට, කිසියම් ප්‍රදේශයක භෞමික සීමාවට පමණක් සීමා නොවී, ලොව සියලුම ආර්ථිකයන්ට බලපෑම් එල්ල කිරීමේ සමත් සංක්‍රාන්තිමය හැකියාවක් තිබෙන හෙයින් ද, එවැනි දූෂණ මර්දනය කිරීම සඳහා අන්තර්ජාතිකමය වශයෙන් සහයෝගීතාවක් ඇති කරගැනීමේ කාලීන අවශ්‍යතාවයක් මතුව තිබෙන හෙයින් ද, මුල්‍ය අංශයේ නොයෙක් අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට හැකි වන පරිදි රජයේ නිලධාරීන්ගේ සහ නියාමන ආයතයන්ගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා, ඉන්දියා තැන්පතු බැංකුවේ මුල්‍ය බුද්ධි අංශය වැනි අන්තර්ජාතික ආයතනයන්ගේ සහය ලබාගැනීම සඳහා අගමැතිවරයාට අවසරය හිමිවිය.“දූෂණ පිටුදැකීම සඳහා පුළුල් බලතල හිමි ආයතනයක් පිහිටුවීම සඳහා නීතියක් සකස් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය කමිටුවක් පත් කිරීමට ද එදින කැබිනට් මණ්ඩලයේ දී තීරණය විය. මෙවැනි තීරණයක් ගැනුණේ පදනමක් නොමැති මූලාශ්‍රවලින් මුදල් උපයාගෙන ඇති පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් අවසරයක් රටේ වත්මන් නීති පද්ධතියෙන් ලබා දී නොමැති බව කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ අවධානයට ලක්වීම හමුවේය. නමුත් බලයට පත්ව ධුර කාලයෙන් හරි අඩක්ම ගතව ඇතත්, මේ දක්වාම එවැනි නීතියක් සකස් කිරීමට පියවර ගැනීමක් හෝ පියවර ගැනීමට සූදානම් වීමක් හෝ දැකගැනීමට නොහැකිය.මෙම ගැටලුවල ප්‍රතිවිපාකයන් සහ රාජපක්ෂවරුන් සමග ගනුදෙනු කරන්නේ යැයි ජනපති සිරිසේන එල්ල කළ චෝදනාව හමුවේ එක්සත් ජාතික පක්ෂය අතිශය අපහසුතාවයට පත්විය. කැබිනට් මණ්ඩල හමුව පැවැති අඟහරුවාදා සන්ධ්‍යාවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සිව්දෙනෙක් හානි පූර්ණය කරගැනීමේ උත්සාහයක් ලෙස ජනපති සිරිසේන හමුවට ගියේ ඒ නිසාය. මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ මංගල සමරවීර, අගමැතිවරයාගේ කණ්ඩායමේ සිටි අනෙක් සාමාජිකයෝය. දෙපාර්ශ්වයම සාකච්ඡාවේ දී අවධානයට යොමුවූ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටියේ ය.කෙසේවුවත් මෙම හමුව පිළිබඳ දැනුම්වත් ආරංචිමාර්ගයක් අදහස් දක්වමින් කියා සිටියේ, වුවමනාවෙන්ම විමර්ශන කටයුතු ප්‍රමාද කරමින් සිටින්නේයැයි කැබිනට් මණ්ඩලයේ දී ජනපති සිරිසේන එල්ල කළ චෝදනාව, මෙහිදී මතුකළ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම, ඉතා ආචාරසම්පන්නව එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවය. ඔවුන්ගේ අදහස් අවබෝධයට ගනිමින්, නමුත් ඉතා දැඩිව අදහස් දැක්වූ ජනපති සිරිසේන මහා පරිමාන දූෂණ වංචා හා සම්බන්ධ යැයි චෝදනා නැගී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්ව නොමැති හෙයින් එසේ අදහස් දැක්වීමට තමාට සිදුවූ බව පැවසූයේ යැයි එම ආරංචිමාර්ගය කීවේ ය. ඉදිරියට යාමට ඇති එකම මාර්ගය වංචා හා දූෂණ මර්දනය කරමින් ඉදිරියට යන මාර්ගය පමණක් බව ජනපතිවරයා අවධාරණය කර ඇත. මේ බව ජනපතිවරයා හා සමීප ආරංචිමාර්ගයක් ද සනාථ කළේ ය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම, ලබන සැප්තැම්බර් මස 4 වැනිදා පැවැත්වෙන පක්ෂයේ 71වන සංවත්සර උත්සවයට සහභාගී වන ලෙස ජනපතිවරයාට ආරාධනා කර තිබේ.මෙවර පක්ෂ සංවත්සරය මහා පරිමානයෙන් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු සංවිධානය කරමින් සිටින අතර, පසුගිය වසරේ සැප්තැම්බර් මස 10 වැනිදා බොරැල්ල කැම්බල් පිටියේ පැවැති පක්ෂ සංවත්සරයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූයේ ජනපති සිරිසේනය.ජනපතිවරයාගේ චෝදනාවට ලක්වීමට මෙම කාලය තරම් වෙන නුසුදුසු කාලයක් එක්සත් ජාතික පක්ෂයට නොමැත. එහි නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වෙමින් සිටින්නේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යළිත් ආරම්භ කිරීමටය. එය මාර්ගයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඉලක්කකර ගත් බලවත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීම ඔහුගේ අරමුණය. අනතුරුව පක්ෂයේ සැළැස්ම වන්නේ ඉදිරියේ එන ජනපතිවරණයට සූදානම් වීමය. විධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සැකසංකා මතුව තිබෙන වාතාවරණයක, එක්සත් ජාතික පක්ෂයේ සැළසුම 2020 ජනපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීමය. මේ සඳහා දිගු කාලීන සැළසුම් සකස් කැරෙමින් පවතින අතර, ඒ අරභයා විදෙස් මාධ්‍ය ආයතනයන්ගෙන් පවා අදහස් විමසෙමින් පවතී. පසුගිය මාස කිහිපය මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂය නියැළී සිටියේ මේ කටයුතුවල නම්, සිරිසේනගේ චෝදනාව හමුවේ, දෙපාර්ශවය අතර බෙදීම තවත් පුළුල්ව ඇත.කොළඹ හිල්ටන් හෝටලයේ පසුගියදා පැවැති සම්මන්ත්‍රණයක දී එක්සත් ජාතික පක්ෂයේ අනාගත සැළසුම්වලින් කොටසක් අනාවරණය විය. පක්ෂය මේ දක්වා ලබාගෙන ඇති ජයග්‍රහණයන් සම්බන්ධයෙන්, වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ජනතාව අතරට යෑම සම්බන්ධයෙන්, පක්ෂයේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම මෙහිදී සිදුවිය.මෙම වසර අගභාගයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වෙන හෙයින් ඒ සඳහා සූදානම් විය යුතු බව වික්‍රමසිංහ මෙහිදී පැවසුවේ ය. 2020 දී එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පත්කිරීම සියලුමදෙනාගේ සිත්හි පැවැතිය යුතුව තිබෙන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධව සිටින වත්මන් පරිපාලනයෙන් රටට හා ජනතාවට අත්ව තිබෙන වාසි සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අමාත්‍යවරුන් සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවත්, ඔහු කීවේ ය. ඖෂධ මිල පහත දැමීම, රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ දැමීම, ඉන්ධන මිල පහළ දැමීම, ගම්මානවල පැහැදිලි වෙනසක් ඇතිකරමින් සිදුවන මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන්, රැකියා අවස්ථා වර්ධනය කිරීම්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලබා ඇති ජයග්‍රහණයන් ආදිය ඒවාට උදාහරණ ලෙස අගමැති වික්‍රමසිංහ ගෙන හැර දැක්වූයේ ය.පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නැහැමැතිවරණ පැවැත්වෙන බව අගමැති වික්‍රමසිංහ පැවසුව ද, ඒකාබද්ධ විපක්ෂයේ මතය වන්නේ මෙම වසරේ දී පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් රජයට නොමැති බවය. පළාත් පාලන ආයතන සඳහා පත්වන ජනතා නියෝජිත සංඛ්‍යාව 9000 සිට 4500 දක්වා අඩු කිරීමටත්, ඔවුන් තෝරාගැනීම කේවල සහ සමානුපාතික යන ක්‍රම ද්විත්වයම යටතේ සිදුකිරීමටත්, හැකිවන පරිදි පවත්නා නීති සංශෝධනය කිරීමට රජය සැළසුම් කර ඇත. කාන්තා නියෝජන අනුපාතය ඉහළ දැමෙන ක්‍රමවේදයක් ඇති කිරීමට ද නියමිතය. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අගමැති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (16) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.“අපි මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ. අපි අපේ පදනම පැහැදිලිව ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. මේ යෝජනාවලින් ඉදිරිපත් කර තිබෙන සංශෝධන ඒ පරිද්දෙන් ක්‍රියාත්මක කරන්න තවත් මාස දෙකක් තුනක් ගතවෙනවා. එතකොට පළාත් පාලන මැතිවරණය කොහොමත් ලබන අවුරුද්දට කල් යනවා. අපි මැතිවරණ කොමිසමේ නිලධාරීන් එක්ක කතා කළා. ඔවුන් පැහැදිලිව කියා සිටියා මේ වසර් දෙසැම්බර් මාසයේ දී පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නොමැති බව. මොකද ඒ මාසයේ පාසල්වල විභාග ඇතුලු වසරාවසන්න ක්‍රියාකාරකම් පැවැත්වෙන නිසා.“ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් පැවසුවේ ය.ආදායම් ඉහළ දැමීමේ අරමුණින් හඳුන්වාදෙන ණය පහසුකම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරන ලෙස අගමැති වික්‍රමසිංහ තම පක්ෂයේ අමාත්‍යවරුන්ට සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේ ය. පාසල් වෑන් රථ හිමිකරුවන් සඳහා ද මෙවැනි ණය ක්‍රමයක් හඳුන්වාදීමට නියමිත අතර, ඒ යටතේ රුපියල් ලක්ෂ 40ක ණය මුදලක්, සියයට 3.5ක පොළී අනුපාතියක් යටතේ වසර පහක් ඇතුළත ගෙවීමට පහසුකම් සලසා දෙනු ඇත. භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මෙහිදී ඉදිරිපත් කිරීමක් සිදුකරමින් රට වර්තමානයේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය සහ රටට ලැබෙමින් තිබෙන ආයෝජනයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ය. මෙම සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා කැරුණු දේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් කමිටුව ද දැනුම්වත් කිරීමට අගමැතිවරයා කටයුතු කළේය.එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ සැලකිය යුතු ස්ථානයක් වෙන්වී ඇත්තේ 2020 ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහාය. වික්‍රමසිංහ, මෙම වසරේ දී තම දේශපාලන දිවියේ 40 වැනි කඩඉම සමරයි. පසුගිය දා පැවැති රැස්වීමක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී කණ්ඩායමේ අදහස වූයේ පක්ෂ නායකයාගේ දේශපාලන දිවියට 40 වසරක් පිරීම නිමිති කොටගෙන ගාලුමුවදොර පිටියේ දී මහා පරිමාන සංගීත සංදර්ශනයක් පැවැත්විය යුතු බවය. ඒකාබද්ධ විපක්ෂ මැයි දිනයට සහභාගී වූ ජන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ඊට සහභාගී විය යුතු බවත්, වැයකළ යුතු මුදල සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කර නොගත යුතු බවත්, එක් සාමාජිකයෙක් පැවසුවේය. ඉන්දියා නලු නිළියන් සහ ගායක ගායිකාවන් ද මෙම සංදර්ශනයට සහභාගී කරගැනීමට සැලසුම් සකස් කර ඇත. රනිල් වික්‍රමසිංහගේ 40 වසරක දේශපාලන දිවිය පිළිඹිඹු කැරෙන ඡායාරූප දැක්මක් මහරගම තරුණ සේවා සභාවෙන් පටන් ගෙන දිවයින පුරා ප්‍රධාන නගරවල ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.පසුගිය සතියේ පෙන්වා දුන් ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඇති අවබෝධතා ගිවිසුම 2020 වසරේ හෝ ඊට පෙර අවසන් කිරීම හමුවේ එක්සත් ජාතික පක්ෂයට බරපතළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇත. ඉන් එකක් වන්නේ මහබැංකු බැඳුම්කර ගැටලුවයි. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ දී මෙන්ම ඉන් පිටතදී ද නැවත නැවතත් ප්‍රකාශ කර සිටිය ද, එම සිදුවීම සම්බන්ධයෙන් පත්කර ඇති කොමිසම පවත්වමින් සිටින විමර්ශනයෙන් අනාවරණය වෙමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මතයට සම්පූර්ණයෙන්ම විරෝධී කරුණුය. එම කරුණු ප්‍රකාරව මහා පරිමාන මහජන මුදල් අවභාවිතයක් සිදුව තිබෙන බව සහතිකය.එම කොමිසමේ සාමාජිකයන් වන විනිසුරු කේ.ටී. චිත්‍රසිරි, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජෙනරාල් වේලුපිල්ලේ කන්දසාමි පසුගිය සතියේ ජනපති සිරිසේන හමුවිය. විමර්ශන කටයුතු අවසන් කිරීම සඳහා කොමිසමේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ඔවුහු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. වහාම එම දීර්ඝ කිරීම ලබාදෙන ලෙසත්, එය රජයේ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කරන ලෙසත්, ජනපතිවරයා නියෝග කළේය. බැඳුම්කර විමර්ශනයෙන් අනාවරණය වන කරුණු හා බැදුණු රාජපක්ෂවරුන්ට ආධාර කරන්නේයැයි ජනපතිවරයා නැගූ චෝදනාව, එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු තවත් ව්‍යාකූල කරනු ඇත. මෙම කරුණු විපක්ෂ දේශපාලඥයින් ඔවුන්ගේ වාසියට භාවිතා කරනු ඇත යන්න නිසැකය.තනිව යන්නට කැමතිශ්‍රී ලංකා නිදහස් පක්ෂයඑක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ක්‍රමයෙන් සබඳතා බිඳවැටෙමින් පවතින ආකාරයන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ද සබඳතා බිඳවැටෙමින් පවතී. මෙය පසුගිය බ්‍රහස්පතින්දා ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී තවදුරටත් පැහැදිලි විය. ජනපතිවරයා මෙම හමුවට සහභාගීව සිටියේ නිල සංචාරයක් සඳහා බංගලාදේශය බලා පිටත්වීමට පැය කිහිපයක් තිබියදීය. තමන්ට එක්සත් ජාතික පක්ෂය හා කටයුතු කිරීමට නොහැකි බව කියා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම එතැනිදු නොනැවතී එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැඩිව විවේචනය කළේ ය. ගමන යා යුත්තේ තනිව යැයි ඔවුන්ගේ අදහස විය.ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා අදහස් දක්වමින් තමාට එක්සත් ජාතික පක්ෂය හා කටයුතු කළ නොහැකි බව කීවේ ය. දෙපාර්ශ්වය අතර ගනුදෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වන කිසිදු සෙතක් නැතැයි ද, මේ පිළිබඳව යමක් කළ යුතුව තිබෙන බවද, ඔහු පැවසුවේ ය. කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා හඬ අවදි කරමින්, තමන් මේ සම්බන්ධයෙන් අනුර ප්‍රියදර්ශන යාපා හා අනෙක් අය සමග අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ බව කීවේ ය. රජයෙන් ඉවත්ව රාජපක්ෂ සමග එක්වීමට තමන්ගේ කිසිදු අරමුණක් නොමැති බව ඔහු අවධාරණය කළේය.රජයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් බලා සිටිය නොහැකි බැවින්, ඉන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට සාකච්ඡා කැරුණු බව සෙනෙවිරත්න අනාවරණය කළේ ය. නමුත් ගැටලුව වූයේ රජයෙන් ඉවත්වුවහොත් ජනපති සිරිසේනට මුහුණදෙන්නේ කෙසේද යන්න බව ඔහු පැවසුවේය. ජනපතිවරයා සමග ඇති සම්බන්ධතාවය එලෙසම පවත්වාගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබිණ. අදහස් දැක්වූ බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අර්බුදයක් ඇති බව පිළිගත්හ.“ඔබට අගමැති රනිල් වික්‍රමසිංහ සමග වැඩකිරීමට බැහැ කියන එක මත පමණක් පිහිටා අපට රජයෙන් ඉවත් වෙන්න බැහැ. ඒක වෙන්න ඕනේ ප්‍රතිපත්තියක් වශයෙන්. එහෙමත් නැතිනම් බරපතළ මට්ටමේ ගැටලුවක් නිසා” යන මතය ද මෙහිදී ඉස්මතු විය. මේ නිසා තත්ත්වය ප්‍රවේසමින් සලකා බැලිය යුතු බව කියා සිටි කණ්ඩායමේ මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ප්‍රධාන විය.විවාදාත්මක තත්ත්වයක් ද හමුවේ ඇති විය. අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා වන ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ, හිටපු ජනපති රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉලක්ක  කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට රජය අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ගය නවතා දැමිය යුතුව තිබෙන බවයි. එය සාධාරණ නොවන බව ඔහුගේ මතය විය. මේ හමුවේ ඔහු හා විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම මහතා අතර දැඩි වාග් හුවමාරුවක් සිදුවිය.බොහෝ දේ සිදුවෙමින් තිබෙන බවත්, ඒ සියල්ල දැන් අනාවරණය කළ නොහැකි බවත්, ජනපතිවරයා කියා සිටීම හමුවේ සියලුම දෙනා නිශ්ශබ්ද වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත්ව සිටිමින්, මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට තීරණයක් ගත යුතුව තිබෙන බව ඔහු පැවසුවේ ය. 2020 දක්වා රජය ගෙනයන බවට ජනපතිවරයා සිදුකර තිබූ ප්‍රකාශය හා මෙය ගැළපෙන්නේ නැත.ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනා තමන් සමග සම්බන්ධතා පවත්වන බවද, අද දිනයේ පවා ඔවුන් කිහිපදෙනෙක් තමන් හා අදහස් හුවමාරු කරගත් බවද ජනපතිවරයා පැවසුවේ ය. දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ඉවසිලිවන්තව සිටින ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි ඔහු, විපක්ෂයේ සාමාජිකයන් දිනා ගැනීමට සුදුසුම කාලය මෙය බව පැවසුවේ ය.සියලුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේ දී සිටින්නේ කුමන හෝ ව්‍යාකූල තත්ත්වයකට මුහුණ දී බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකීමේ දී විසඳා ගත යුතුව තිබෙන්නේ ඔවුන් හා සාපේක්ෂව ඉතා සුළු ගැටලු කිහිපයක් බවත්, ජනපතිවරයා කීවේ ය. කරදර වීමට කාරණයක් නොමැති යැයි ඔහු පැවසුවේ ය.කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් රජයෙන් ඉවත්ව නොයනු ඇති බවට විශ්වාස යැයි ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ ද, බංගලාදේශ සංචාරයේ යෙදී සිටින අතරතුර දී සාමාජිකයන් පිරිසක් පක්ෂයෙන් ඉවත්වීමට යන්නේ යැයි පළ වූ වාර්තා ඔහුගේ අවධානයට යොමු විය. මෙම වාර්තා පළවීමට ප්‍රධානම හේතුව වූයේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු කර තිබූ ප්‍රකාශයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට අවශ්‍ය නම් රජය හැරයා හැකි බවත්, එවන් අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන බවත්, ඔහු කියා තිබිණ.මෙම අමාත්‍යවරයා හා සම්බන්ධවීමට ජනපතිවරයා උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. අනතුරුව වෙනත් අමාත්‍යවරයකු ඇමතූ ඔහු, මෙවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂයට දැනුම්දෙන ලෙස උපදෙස් දුන්නේ ය. තමන් නැවත පැමිණි පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු කීවේ ය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කිසිදු අදහස් දැක්වීමකින් වළකින ලෙසට සඳහන් වූ කෙටි පණිවුඩයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර හුවමාරු වීමය.මහා පරිමාන සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන ප්‍රමාද කරමින් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළ දිනයේ සිට, සෘජුවම අදාළ විමර්ශන ආයතන හා සම්බන්ධ වෙමින්, විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දීමට ජනපති සිරිසේන කටයුතු කරමින් සිටී. කිසියම් ආකාරයක බාහිර බලපෑමක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන් දැනුම්වත් කරන ලෙසද ඔහු එම විමර්ශන ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. තෝරාගත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා මේ සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා කළ අතර, ආරාධනා ලැබ සිටි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු එයට සහභාගීව සිටියේ නැත. එහෙත් විශේෂ කාරණය වූයේ මෙම කටයුතු හා සෘජුවම සම්බන්ධව සිටින එක්තරා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකුට මෙම හමුවට සහභාගීවන ලෙස කිසිදු ආරාධනයක් කර නොතිබීමය.නීතිපති දෙපාර්තමේන්තුවට යැවුණු ලිපිගොනුඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වමින් සිටින විමර්ශනවලට අදාළව, එම දෙපාර්තමේන්තුව නගන චෝදනාව වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කැරෙන විමර්ශන තොරතුරු සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවෙන් අවසන් තීරණයක් ලැබීමේ ප්‍රමාදයයි. එම විමර්ශන තොරතුරු ඇතුළත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් පිළියෙල කර ඇති අතර, පහත දැක්වෙන්නේ ඒ අතරින් වැදගත් යැයි සැලකිය හැකි විමර්ශන කිහිපයක තොරතුරුය.පැමිණිලි කළ දිනය - 2015 ජනවාරි 142015 ජනවාරි මස 10 වැනිදා අලුයම් සමයේ දී අරලියගහ මන්දිරයේ දී සිදුවුනේ යැයි කියන කුමණ්ත්‍රණය සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව -නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 ජනවාරි 27අංකය සීආර් - 108 2015පැමිණිලි කළ දිනය - 2015 පෙබරවාරි 4වරාය අධිකාරියේ හිටපු සභාපති බන්දු වික්‍රමමුණිගේ මහතාගේ වත්කම් සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 මැයි 5අංකය සීආර් - 1 271 2015පැමිණිලි කළ දිනය - 2015 ජනවාරි 14ජනපති ලේකම් කාර්යාලයේ තිබී අතුරුදන්ව තිබෙන රථවාහන සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය 2016 ජූනි 1අංකය සීආර් - 1 1 16පැමිණිලි කළ දිනය - 2015 මාර්තු 11රක්නා ලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 මාර්තු 11අංකය සීආර් - 1 91 2015පැමිණිලි කළ දිනය - 2015 ඔක්තෝබර් 13ශ්‍රී ලංකා නාවික හමුදාව ගාලු වරායේ තිබී සොයාගත්, අවි හා උණ්ඩ ගබඩා කර තිබූ එම්.වී. ඇවන්ගාඞ් නෞකාව සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය 2016 පෙබරවාරි 2අංකය සීආර් - 1 08 2016හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා ආකාරයෙන් උපයාගත් මුදල් භාවිතාකර නීති විරෝධී අයුරින් මිලයට ගෙන තිබෙන දේපළ සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2016 ජූලි 21අංකය - සීආර් 1 ඒම්සී සීඑෆ්ටී 5 2016පැමිණිලි කළ දිනය - 2015 පෙබරවාරි 4මුදල් විශුද්ධිකරණ පනත යටතේ සජිත් වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2016 සැප්තැම්බර් 13අංකය සීආර් - 01 ඒම්ල් සීඑෆ්ටී 12 16පොලිස් මුල්‍ය අපරාධ ඒකකයේ නිලධරයෙක් සඳහන් කළ ආකාරයට පැමිණිලි ලිපිගොනු 80කට ආසන්න ප්‍රමාණයක් නීතිපතිවරයාගේ අවධානයට යොමුකර තිබේ. තවත් ලිපිගොනු විශාල ප්‍රමාණක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ඉල්ලීම පරිදි ඔහු වෙත ද යවා ඇත.විමර්ශන වාර්තා යොමු කළ ද, තීරණයක් ලබාදීමට ප්‍රමාද වන්නේ එම විමර්ශන වාර්තා බොහෝම
‘ආණ්ඩුව පෙරළන්න කාටවත් බෑ‘
0
hp_train_1924
(අංජුල මහික වීරරත්න සහ බලංගොඩ - වයි.ඒ.එස්. වීරවංශ)ගෝනි බිල්ලන් භීෂණ කප්පිත්තන් වෙනුවට රටට සොඳුරු නායකත්වය තමා සපයන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බලංගොඩ පැල්මඩුල්ල ඇහැලියගොඩ ජනරැලි වලදී පැවැසීය.දේශපාලනය යනු මුදල් ගනුදෙනුව නොවන බව කී සජිත් ප්‍රේමදාස මහතා ජාති ආගම් කිසිදු බේදයකින් තොරව හංසයාගේ සෙවණ යටට එක්වීමට සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට අවස්ථාව තිබෙතැයිද සඳහන් කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා අතිවිශාල ජනතාවක් සහභාගි වී සිටියහ.මහවැසි මැද ජනතාව ජනරැලිවලට සහභාගිවීම විශේෂත්වයකි.මෙහිදී ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී සුරංග මැණික් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්විය.බලංගොඩ ජන රැලියේදී තවදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන්ගේ උපන්බිමේ ජීවත්වන සියලුදෙනාටම ශක්තිසම්පන්න ජීවිතය දීම මගේ අරමුණයි.ප්‍රදේශයේ අබුසාලි මහතා කාටවත් අමතක කරන්න බැහැ. බලංගොඩ අනාගත වගකීම තලතා අතුකෝරල මහත්මිය බාරගෙන කරන සංවර්ධනයට මා උපහාර කරනවා. බලංගොඩ සංවර්ධන සුරපුරය කරන්න මා කැප වෙනවා.රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රැසක් තිබෙනවා. තේ කර්මාන්තය ප්‍රමුඛ ප්‍රධාන වැවිලි බෝග වගා ශක්තිමත් කරන්න සෘජු වැඩපිළිවෙළ හදනවා. සුළු අපනයන බෝග, ගොවීන් රැකීමටත් මා කටයුතු කරනවා.ගම්මිරිස් සඳහා සහතික මිලක් දෙනවා. ගම්මිරිස් ප්‍රතිඅපනයනය මා සහමුලින්ම නතර කරනවා.එළවළු වගාවේ සහ පලතුරු වගා කරන ගොවි ජනතාව රැකගන්න මා කැපවෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තය ප්‍රචලිතයි. මෑත කාලයේ පැනවූ අසාධාරණ නීතිරීති නිසා මැණික් කර්මාන්තකරුවා අසාධාරණයට ලක්ව සිටිනවා.ඔබේ ශක්තියෙන් ජයගත් පසුව නොවැම්බර් 17 වැනිදා සිට තීන්දු ගන්නේ සමස්ත ජනතා මතයට අනුවයි.මැණික් කර්මාන්තයෙන් ජීවත්වූ ජනතාවට මා ප්‍රකාශයක් කරනවා. නොයෙක් අය දෙන සීනිබෝල පිළිගන්න එපා. ප්‍රේමදාස කෙනකු වචනයක් දුන්නොත් ඒ වචනය පණටත් වඩා රකිනවා.රත්නපුර දිස්ත්‍රික්ක ශක්තිමත් සංවර්ධනයට යොමු කර සංවර්ධනයෙන් බබලන දිස්ත්‍රික්කය බවට පත්කරන්න මා පෞද්ගලික අවධානය යොමු කරනවා. රත්නපුර සංවර්ධන යුගය මා අරඹනවා.ධාරාණිපාත වර්ෂාව මැද ඔබ මේ තරම් උනන්දුවෙන් මා සමග රැඳී සිටීම ගැන ස්තුති කළ යුතුයි. පසුගිය දශකය පුරා මේ ප්‍රතිපත්ති තීන්දු ගන්නාවිට දුටුවේ ඉහළින් තීන්දු ගෙන පහළට යාමයි.මහ පොළොවේ පය ගසා සිටින ජනතාව ගැන අවධානයක් යොමු වී නැහැ. නොවැම්බර් 16 වැනිදා පොඩි මිනිහාගේ කරපිටින් ජනපති ධූරය ලැබෙන විට ජනතා ප්‍රශ්න කරටගෙන විසඳීමට කටයුතු කරනවා.රටේ සංවර්ධනය ජනතා අදහස් මත ජනතාවාදී තීන්දු ගන්නවා.රත්නපුර කොළොන්නේ සංවර්ධන කටයුතු සඳහා මගේ පියා යනවිට දුටු දර්ශනයක් දැක පාසල් දූදරුවන්ට නිල ඇඳුම් හා දිවා ආහාරය දෙන බවට පොරොන්දු වූවා. දිවා ආහාර ක්‍රමය අද ක්‍රියාත්මක වන්නේ නැහැ. පසුගිය රජයේ හිටපු ජනපති ප්‍රමුඛ ආණ්ඩුව එය කපා හැරියා.රටේ වටිනාම සම්පත වන්නේ දරු සම්පතයි. මගේ පියා නිල ඇඳුම් දී මේ සිතුවිල්ල සිතට ගත්තේ කොළොන්නේදීයි. ජනපතිවූ පසුව නිල ඇඳුම් කට්ටල දෙකක් සහ දිවා ආහාරය දෙන්න මා කැප වෙනවා.මා කරන්න යන දේ කපා දමා කතාව පළ කරන්න ඇතැම් මාධ්‍ය කටයුතු කරනවා. ඒ ඔවුන්ගේ අපේක්ෂක පරාජය වන බව දන්නා නිසයි. එක් අපේක්ෂකයකු විතරක් උස්සන්නට මගේ ප්‍රතිඥා කපා දමන්නේ ඇයි?අප ගාලු මුවදොර ඓතිහාසික ජන රැලිය කළා. ඉතිහාසයේ කිසිදිනෙක එවැනි සෙනඟක් පැමිණ නැහැ. රටපුරා රැලි 151ක් මා පවත්වනවා. මගේ ඥාති සහෝදරයා රැලි වලට එවන්නේ නැහැ. අප ළඟ පවුල්වාදය නැහැ. ජනතාව අතරට එන්නේ මා පමණයි.ඒ උදවිය කතා කරන්නේ මිනිස්කම පපුවේ තබාගෙන නොවෙයි. සමෘද්ධි වැඩසටහන මා තවදුරටත් ශක්තිමත් කරනවා. ඒ සමගම ජනසවිය සහනයත් ජනතාව වෙත දීමට කටයුතු කරනවා.මට අමුතුවෙන් රට වටේ යන්න හේතුවක් නැහැ.  වසර හතර හමාරක් මා සිටියේ ජනතාව සමගයි. කිසිම සැකයක් නැතිව ප්‍රේමදාස පුතාට ශක්තිය දෙන්න. කොන්ද කෙළින් තබාගෙන රට මා රැකගන්නවා. රට එක්සේසත් කරනවා. ජාත්‍යන්තරයේ කිරුලු පළන්ඳනවා.මගේ ජීවය ප්‍රාණය ඔබේ ඇසුරයි. ඔබ මහා බලාපොරොත්තු සිතේ තබාගෙන මා සමග එක්ව සිටිනවා. ඔබේ අහිංසක බලාපොරොත්තු රැසක් තිබෙනවා.ජනපති වන්නේ මට සුරසැප විඳින්න නෙවෙයි. ඔබ වෙනුවෙන් දුක් විඳින්න මහන්සි වෙන්න මා සූදානම්. රටට අවශ්‍ය සොඳුරු නායකත්වයයි. රටට නායකයින් වන්න ගෝනි බිල්ලන්, භීෂණ කප්පිත්තන් අවශ්‍ය නැහැ.මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීමයි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගය සිටින්නේ මා සමගයි.දේශපාලන අවස්ථාවාදීත්වයට මා තැන දෙන්නේ නැහැ. දේශපාලනය යනු මුදල් ගනුදෙනුව නොවෙයි. මා සමග කව්රුත් එක්වන්නේ ප්‍රතිපත්ති අනුවයි. මා සොරා කා නැහැ. වංචා දූෂණ කර නැහැ. ජාති ආගම් වලින් තොරව මට ඔබේ ශක්තිය අවශ්‍යයි.මහවැසි මැද ඔබ රැඳී සිටි අයුරු පුදුමයි. රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න සැබෑ යුද වීරයා ආරක්ෂක හා නීතිය හා සාමය ඇමති බවට මා පත් කරනවා.ඒ කතාව කී සැණින් ප්‍රතිවාදීන් බයවෙලා. නියම යුද වීරයා කව්ද? කාඞ්බෝඞ් වීරයා කව්දැයි ජනතාව දන්නවා.පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීම මගේ ප්‍රතිපත්තියයි. නිල ඇඳුම නැති නිසා පාසල් නොයන තත්ත්වය වහාම නතර කළ යුතුයි.මේවා කරන්න මට සල්ලි තිබෙනවා. මා ආවාට ගියාට පිටරට යන්නේ නැහැ. ගෝලබාලයන් එක්ක යන්නේ නැහැ. මුදල් නාස්ති නොකර ජනතාවට වගවීමේ හොඳම ආදර්ශය ජනපතිගේ සිට දෙනවා. මා කියන දේවල් අපරාධ වියදම බව ඇතැමුන් කියනවා. මෙය රට වෙනුවෙන් කරන ආයෝජනයයි. දරුවන්ට ක්ලාන්තය හැදී වැටෙන යුගය අවසන් කරනවා.මා කාගෙන්වත් පලිගන්නේ නැහැ. ලසන්ත වික්‍රමතුංගට, එක්නැලිගොඩට, පෝද්දල ජයන්තට වූ දේ ජනතාව දන්නවා. එවන් දෙයක් සජිත් ප්‍රේමදාස යුගයේදී වන්නේ නැහැ.නිදහස් මාධ්‍යයට මා ගරු කරනවා. තර්ජන ගර්ජන මා කරන්නේ නැහැ. තර්ජන ගර්ජන කිරීමේ අයිතිය අනෙක් පාර්ශවයට දෙනවා.ශිෂ්ට සම්පන්න මහත්මා නායකත්වය මා රටට දෙනවා. එමෙන්ම රට ලෝකය සමග ගනුදෙනු කරද්දී අපේකම රජකරගෙන රට දිනවන ගිවිසුම්වලට පමණක් අත්සන් කරනවා.මගේ ලේ නහරවල ඇත්තේ රණසිංහ ප්‍රේමදාස සංකල්පයි. රට මා විකුණන්නේ නැහැ. පාවා දෙන්නේද නැහැ.කුලමල බේද වලින් තොරව හංසයාගේ මහා සෙවන යටට ඔබට පැමිණිය හැකියි. අපි අලුත් ලංකාවක් බිහි කරමු. අපේ මව්බිම ජාත්‍යන්තරයේ ශක්තිමත්ම රට බවට පත්කරමු යයිද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මියමා ඔබේ ජීවිතය ජය ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කර තිබෙනවා. අප ඉතා අසීරුවෙන් 2015 ජනපතිවරණය කළා. අද අපට ඔච්චම් කරමින් නැවත පවුල් පාලනය ගෙන්න හදනවා. ඒවාට ඉඩ දෙන්නේ නැහැ.අද මිනිසුන්ට නිදහසේ මැතිවරණ කරන්න ඉඩදීලා. අප මේ මැතිවරණය ජයගන්නවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ දෑත් පිරිසුදුයි. සජිත් ප්‍රේමදාස මහතාගේ දෑත් පිරිසුදුයි. එදා පොඩි මිනිහා වෙනුවෙන් ශක්තිය දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතායි.සහරාන්ලාට පඩි ගෙවා කල්ලි හැදූ අය අද අපට සහරාන්ලාගේ ලේබල් අලවන්න හදනවා. ඒ පවුල උත්සහ කළේ පවුලේ ඥාතීන්ට බලය ගන්න පමණයි. ඒකාධිපති වියරුවට ඉඩ නොදී සජිත් ජනපති කරන්න අපි සැම කැපවෙමු.සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාඑක්සත් ජාතික පක්ෂය යනු ජාති බේද පන්ති බේද නැති පක්ෂයයි. අප ශක්තිමත් නායකයකු ඉදිරිපත් කළා. සජිත් යනු දුප්පත් නිර්ධන පන්ති සටනේ නායකයායි. ඔබේ සිහින ඉටු කිරීමට හැකි එකම නායකයා සජිත් පමණයි.මෙවර මැතිවරණයේදී පක්ෂ අවශ්‍ය නැහැ. සියලු පක්ෂවල දුප්පත් ජනතාව ඉන්නවා. සජිත් අයිති වන්නේ වැඩකරන ජනතාවටයි.සජිත්ට තිබෙන චෝදනා මොනවාද? සෙරෙප්පු ගෙවිලා යැයි කියනවා. එකම ඇඳුම අඳින බව කියනවා. ගෝඨාට තිබෙන චෝදනා මොනවාද? ඒ ගැන රටම දන්නවා.සජිත්ට චෝදනා තිබේද ගෝඨාභයට චෝදනා තිබේදැයි තරාදියකට දමා කිරා මැන බලන්න.ජාතික ආරක්ෂාවට දිය යුතු හොඳම උත්තරය සජිත් ප්‍රේමදාස මහතා දී තිබෙනවා. ඒ සරත් ෆොන්සේකා මහතායි.පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාඅතීතයේ සිට අපේ පක්ෂයේ නායකයකු ජනාධිපති ධූරයට පත්කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා. ඒ අනුව රටට ශක්තිය දීමට හැකි නායකයකු ඉදිරිපත් කළා.එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුණු පසු ඒ වාසිය ගෙන ජයගන්න පොහොට්ටුව බලාගෙන හිටියා. සජිත් ජනපති වූ පසුව ගෝඨාභයට දේශපාලන අනාගතය නැහැ.සුළු ජාතික ඡන්ද පදනම නැතිව ජනාධිපතිවරණය ජයගන්න හැකියාව නැහැ. අප රාජපක්ෂ එලෙව්වා වගේම රාජපක්ෂගේ මල්ලිත් එලවා දානවා.රාජපක්ෂ කඳවුර එකිනෙකා මරාගන්න තැනට දැන් පැමිණිලා.විශාල ජන ගංගාවක් රැලිවලට සහභාගී වී සිටියහ.
“ජනදුක ගැන මට කාගෙවත් ටියුෂන් ඕනෑ නෑ“
0
hp_train_1925
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව කියයි. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 26/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269055වැසි ස්වල්පයක්.මඩකලපුව35269050අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570වැසි වාර කිහිපයක්.ගාල්ල31269570වැසි වාර කිහිපයක්.යාපනය33288065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය20149570වැසි වාර කිහිපයක්.රත්නපුරය33249560වැසි වාර කිහිපයක්.ත්‍රිකුණාමළය35269050අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570ප්‍රධාන වශයෙන් වැසි රහිත. 
‘ඉදිරි දිනවල සුළඟේ වේගය වැඩිවීමක්‘
0
hp_train_1926
 (උණවටුන ඩී.ජී. සුගතපාල)ත්‍රිරෝද රථයකින් පැමිණ බැංකුව ඉදිරිපිටින් බැස ගත් කාන්තාවකි. ඇය මැදි වයස ආසන්නයට ළං වෙමින් සිටියාය. වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගන්නට ඇය බොහෝ වෙහෙස මහන්සි වී තිබෙන පාටක් දක්නට ලැබිණි. එමෙන්ම ඇය මැද පෙරදිග රටක සිට  මෑතක පැමිණි බවක්ද පෙනෙන්නට තිබිණි.ත්‍රිරෝද රථයෙන් බැස ගත් ඇය දොර ළඟට ගොස් බැංකුව තුළට එබී බැලු‍වාය. මේ දිනවල රටේ පවතින අයහපත් වාතාවරණය නිසා වරකට බැංකුව ඇතුළට ගන්නේ සීමිත පිරිසක් නිසා එහි වූයේ  දිගු පෝලිමකි. එපමණ දිගු පෝලිමක රැඳී සිටින්නට ඇය අකමැති වූවාය. එනිසා පෝලිම අඩුවූ විට එන අදහසින් ඇය පාරට බැස්සාය. ඒ සමගම ඇයගේ පරණ මිතුරියක් හමුවිය. මිතුරියට අවුරුදු දෙකක තරම් වයසේ පසුවන කුඩා දියණියක්ද වූවාය.“හා කොහොමද  ඉතින්, කොච්චර කාලෙකින්ද දැක්කේ? මේ බබාත් වඩාගෙන කොහේද යන්නේ“ ඇය මිතුරියගේ දුක සැප විමසමින් දිර්ඝ පිළිසඳරක යෙදෙන්නට වුවාය.“ඉතින් ආරංචි වුණා ඔයා රටගියා කියලා. ළඟදිද ආවේ?’’ මිතුරියද ඇගේ විස්තර විමසුවාය.“ඔව් ගිය සතියෙ ආවේ, බැංකුවට ආව සල්ලි ටිකක් ගන්න, අපෝ එතැන පෝලිම දැක්කම එපා වෙනවා. වරුවක් විතර ඉන්නවෙයි. මේ බබා පොඩ්ඩක් මට වඩා ගන්න දෙන්න’’ඇය මිතුරියගේ බබා වඩාගෙන බැංකුවේ දොර ළඟට ගියාය. බබා “අම්මා අම්මා’’ කියමින් කෑ ගසන්නට විය. දොර ළඟ සිටි ආරක්ෂකයාද කුඩා දරුවා වඩාගෙන සිටි නිසා ඇය බැංකුව ඇතුළට ගත්තේය. බබා වඩාගෙන බැංකුවට ඇතුළුවූ  ඇය දිගු පෝලිමේ මුලටම ගොස් කවුන්ටරයේ සිටි නිලධාරිනියට පොත ඉදිරිපත් කලාය. පෝලිමේ සිටි අයගෙන්ද බාධාවක් නොවූයේ දරුවාද මහ හඬින් අම්මා අම්මා කියමින් අඬන්නට වූ නිසාය. මේ අතර කවුන්ටරයේ සිටි  නිලධාරිනියද  කඩිනමින් ඇයගේ මුදල් ලබා දුන්නාය. බැංකුවේ දොරකඩටවී දරුවාගේ අම්මාද බලා සිටියාය. එලියට පැමිණි ඇය දරුවා මිතුරියට දුන්නාය.“ඉන්න මම බබාට චොක්ලට් ගේන්නම්’’ කී ඇය අසල කඩයකට ගොස් රුපියල් දහයක චොක්ලට් පෙත්තක් ගෙනැවිත් දරුවා අත තැබුවාය. එහෙත් දරුවා එය ප්‍රතික්ෂේප කරමින් අම්මාගේ පපුවට තුරුල් විය.“හරි හරි අපි යන්නම්’’ කියමින් ඇය ඉක්මන් ගමනින් ගියේ මිතුරියට හිතින් දොස් පවරමිනි.
මිතුරියගෙ දරුවා පෙන්නා පෝලිමෙන් පැනගත්තාට චොකලට් පෙත්තක්
1
hp_train_1927
(ප්‍රසන්න පත්මසිරි)බදුල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ කොරෝනා වයිරසය මර්දන කිරීමේ වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම සහ ජනතාවට සහන සැලසීම සඳහා බදුල්ල මහ නගර සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 18 ක මුදලක් සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත වෙන්කළ බව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා පැවසීය.ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 1500 කට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමට නියමිත බව නාගරාධිපතිවරයා සඳහන් කළේය.මෙම මුදල් ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනිතිඥ රාජා කොල්ලුරේ මහතාගේ ලිඛිත අනුමැතිය හා උපදෙස් මත වෙන් කර ගත්බව නගරාධිපතිවරයා පැවසීය. 
බණ්ඩාරවෙළ පවුල් 1600 කට වියළි ආහාර මල්ලක්
0
hp_train_1928
 (නිමන්ති රණසිංහ)කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව රිමාන්ඩ් කර සිටින නාවික හමුදා සෙබළුන් දෙදෙනා ලබන 25 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (12) නියෝග කළාය.එලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්නදි අරුණ තුෂාර මෙන්ඩිස්  යන නාවික හමුදා සාමාජිකයන් දෙදෙනාය. සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (12) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා බන්ධනාගරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කැරිණි.මෙම සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ඇති   සම්පත් මුණසිංහ, නාවික හමුදා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක, නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැව් ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප‍්‍රසන්න වික‍්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි, කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්නදි අරුණ තුෂාර මෙන්ඩිස් යන පිරිස ඇප මත සිටිති.
තරුණයන් අතුරුදන් කළැයි නාවික සෙබළුන් දෙදෙනා යළි රිමාන්ඩ්
1
hp_train_1929
පැවැති  අධික වර්ෂාව සහිත කාල ගුණ තත්වය හේතුවෙන් අද (28 )  උදේ  10 වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් සංඛ්‍යාව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  14 ක පවුල් 350  කට අයත් පුද්ගලයින් 1546  දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති   බව අපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආරක්ෂිත ස්ථාන දෙකක පවුල් 20  කට අයත් පුද්ගලයින්  88  දෙනෙකු තව දුරටත්  රැඳී සිටන බවත්   ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කීය. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත්  සඳහන් කළේ, ආපදා තත්වයන් හේතුවෙන් නිවාස 112 කට  කට හානි වී ඇති බවත් එයින් නිවාස  හතරකට පූර්ණ හානි සිදුව ඇති බවත් තවත් නිවාස 108  කට අර්ධ හානි සිදුව ඇති බවත්ය.   කෙසේ නමුත් දැනට ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයින් . සියලු දෙනාට අවශ්‍ය පහසුකම්  යුද හමුදාව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල මැදිහත් විමෙන් සිදු කරන බවද ඒ මහතා සඳහන් කළේය. 
මහනුවර පීඩාවට පත් ගණන තවත් ඉහළට
0
hp_train_1930
(සුජිත් හේවාජුලිගේ)මෙරට වෘත්තීය සමිති හා කම්කරු සටන් ව්‍යාපාරයන්හි දීර්ඝකාලීනව කැපවී කටයුතු කළ කම්කරු නායකයන් දස දෙනකුට උපහාර පිදීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර ඇත.කම්කරු අමාත්‍යවරයාගේ උපදෙස් මත ජාතික සම්පත ලොතරැයි ශ්‍රම වාසනා අරමුදල හා කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම උපහාර උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අනිද්දා (15 ) පැවැත්වේ.මෙම උපහාර උත්සවයේදි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලෙස්ලි දේවේන්ද්‍ර,සමස්ත ලංකා එක්සත් මෝටර් කම්කරු සංගමයේ දයාරත්න මුනිදාස ප්‍රනාන්දු,ඒකාබද්ධ වැවිලි වෙළෙඳ සංගමයේ සුප්පයියා සුබ්‍රමනියම් රාමනාදන්,සමස්ත ලංකා වෙළඳ හා කර්මාන්ත කම්කරු සංගමයේ එච්.ඒ.මුනිදාස,ලංකා වතු සේවක සංගමයේ පද්මසිරි අමරසිංහ,කෘෂිකාර්මික සහ වතු කම්කරු සංගමයේ රෙංගප්පා මරුදමුත්තු ක්‍රිෂ්ණසාමි,ලංකා කම්කරු කොංග්‍රසයේ ආර් පලනිමුත්තු,එක්සත් වැවිලි සේවක සංගමයේ ආරුමුගම් මුත්තුසාමි,ලංකා කම්කරු සම්මේලනයේ ටී.එම්.රහීම් රෂීඩින් සහ නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සංගමයේ ඇන්ටන් මාකස් යන කම්කරු හා වෘත්තීය සමිති නායකයන්ට උපහාර පුද කිරීමට නියමිතය .මීට අමතරව හිටපු කම්කරු කොමසාරිස් ජෙනරාල් වරුන් වූ මහින්ද මඩිහේවා සහ ජී. වීරකෝන් යන මහත්වරුද මෙහිදී විශේෂ ඇගැයීම් සම්මානයෙන් පිදුම් ලබති.උපහාර ලබන මෙම කම්කරු නායකයන්ට මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක (150,000) මූල්‍ය ප්‍රදානයක් සමගින් උපහාර තිළිණ ප්‍රදානය කෙරෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.මෙම කම්කරු නායක උපහාර ප්‍රදානෝත්සවයට හිටපු කම්කරු අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ ගාමිණී ලොකුගේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් සහභාගිවීමට නියමිතය. 
වෘත්තීය සමිති තුනක් මැයි දිනය මහනුවරදී සමරති
0
hp_train_1931
(සුමතිපාල දීයගහගේ)කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින නියාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි මහජනතාවට සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ පනහක මුදලක් වෙන්කර ඇතිබව නියාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසාද් වීරක්කොඩි මහතා පවසයි.මෙම මුදල් යොදවා ප්‍රදේශයේ අපහසුවට පත්ව සිටින ජනතාවට සහන මිලට වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදීමට පියවර ගෙන  තිබේ.එමෙන්ම ප්‍රදේශයේ ජල මූලාශ්‍ර වලින් ලබාගන්නා ජලය බවුසර් මගින් අවශ්‍ය ස්ථානවලට ගෙන ගොස් බෙදාහැරීමද සිදු කරන බව සභාපතිවරයා පැවසීය.පිටිගල පොලිසිය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ස්වේච්චා සංවිධානවල සහාය ඇතිව ප්‍රාදේශීය සභාබල ප්‍රදේශය තුළ පිහිටි පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇතැයි වීරක්කොඩි මහතා පැවසීය.   
නාගොඩ ප්‍රා. සභාවට දකුණේ ආණ්ඩුකාරවරයාගෙන් මුදල් පරිත්‍යාගයක්
0
hp_train_1932
(ජේ.ඒ.ඒල්. ජයසිංහ,  සිසිර කුමාර සහ විශේෂ චමල් රූපසිංහ)යටත් විජිත වාදයට එරෙහිව මෙරට ජනතාව ගෙනගිය නිදහස් දේශපේ‍්‍රමී අරගලය, මහා පරිත්‍යාගය කිසි විටෙකත් අමතක කළ යුතු නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහනුවර දී පෙරේදා (01) ප‍්‍රකාශ කළේය.මේරට දෙකඩ කර ඊලාම් රාජ්‍යයක් හැදීම සඳහා ම්ලේච්ඡු එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් ගෙන ගිය යුද්ධයට මුහුණ දී සිය ජීවිත අහිමි වූ, දරු පවුල් අහිමි වූ රණවිරුවන් සියලූ දෙනාද සිහිපත් කළ යුතු යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කරන ලද අසූ දෙදෙනකු සැබෑ දේශපේ‍්‍රමීන් ලෙස යළි වීරත්වයට පත් කිරීමේ නිල ගැසට් නිවේදනයට අස්සන් කිරීම නිමිත්තෙන් ඓතිහාසික මහනුවර, මඟුල්මඩුවේදී පැවැති උත්තමාභිවන්දනා ජාතික මහෝත්සවය අමතමිනි. එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.මේ අවස්ථාව ඔබ අප සියලූ දෙනාට මෙන්ම ලක්වැසි සියලූ දෙනාටත් විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවටත් ඉතා වැදගත් ඓතිහාසික අවස්ථාවක්. ඊට හේතුව ඔබ කවුරුත් දන්නා පරිදි 1818 දී ඉංග‍්‍රීසි පාලකයන් විසින් ඔවුන්ට විරුද්ධව සටන් කළ අපේ රණකාමීන්, විරුවන්, දේශපේ‍්‍රමීන්, දේශමාමකයන්, ජාති හිතෛෂීන් ඇතුළු ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයන්ගේ ජීවිත අහිමි කළා. තවත් පැත්තකින් ඔවුන්ගේ දේපළ ඉංග‍්‍රී‍්‍රීසි පාලනයට පවරා ගත්තා. තවත් පිරිසක් අපේ මාතෘ භූමියෙන් පිටුවහල් කළා. එම ඉතිහාසයේ ඉංශ‍්‍රීසි පාලකයන් සිදුකළ ශෝකජනක සහ ඛේදජනක සිදුවීම   අප විසින් නිවැරැදි කළා. ඒ සියලූ දෙනා දේශපේ‍්‍රමීන්, රණවිරුවන්, ශ‍්‍රී ලංකා මාතෘභූමියේ ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයන් ලෙස අප රජය අද ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කළා. අද දවස ඉංග‍්‍රී‍්‍රීසි පාලකයන් විසින් එදා ජාතිද්‍රෝහීන්, රාජ්‍යද්‍රෝහීන් ලෙස නම් කරන ලද ගැසට් පත‍්‍රය අහෝසි කරන අවලංගු කරන දිනයයි. ඒ නිසා අද දිනය ශ‍්‍රී ලාංකිකයන්ට, සිංහල බෞද්ධයන්ට රටේ ඉතිහාසයේ වැදගත් උතුම් ඓතිහාසික දිනයක් ලෙස මා විශ්වාස කරනවා. වසර 1948 දී බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීමෙන් පසු මේ වරද නිවැරැුදි කිරීමට, වරින් වර ඇති වූ අදහස් සැලකිල්ලට ගනිමින් මීට පෙර කළ යුතුව තිබූ කාර්යයක් පසුගිය නොවැම්බර් මාසයේ කිරීමට හැකිවුණා. මීට පෙරාතුව කළ යුතු කාර්යයන් ප‍්‍රමාද වී හෝ සිදුකිරීම පිළිබඳව මේ රටේ මහා සංඝරත්නය ඇතුළු සියලූ රටවැසියන්, සිංහල බෞද්ධ ජනතාව ඉමහත් ලෙස සතුටු වෙන අවස්ථාවක් බව පැවසිය යුතුයි. අපට වසර දහස් ගණනක ශ්‍රේෂ්ඨ විශිෂ්ට ඉතිහාසයක් තිබෙනවා. අපේ රටේ මීට වසර පන්දහසකට පෙරාතුව කර්මාන්ත තිබූ බව, යකඩ තිබූ බව අපේ ඉතිහාසඥයන් සොයාගෙන තිබෙනවා. එදා මෙදා කාලය තුළ ශී‍්‍ර ලාංකිකයා, සිංහල බෞද්ධ ජනයා ඉතිහාසයේ ගමන් මග සමග ගොඩනැගුණ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ නොයෙක් විශිෂ්ට ජයග‍්‍රහණ ලබා තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී යම් යම් තාවකාලික පසුබැසීම් වලට ලක්වී තිබෙනවා. 1505 සිට 1948 දක්වා වසර හාරසිය ගණනක් රට නිදහස් කර ගැනීම සදහා දේශපේ‍්‍රමී ජනතාව ගෙන ගිය ජාතික නිදහස් අරගලය වෙනුවෙන් දිවි පිදු පිරිස මෙතෙකැයි කියා කිව නොහැකියි. රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව ජාතික නිදහස් අරගලය වෙනුවෙන් අභිමානවත් ලෙස වීරත්වය පෙන්නූ අභීත හඬක් නැගූ වාරියපොළ ශ‍්‍රී සුමංගල හිමි ගුණසමරුව හෙටට (2)යෙදී තිබෙනවා. අප අමතක නොකළ යුතු ශ්‍රේෂ්ඨ බුද්ධ ශ‍්‍රාවකයාණන් වහන්සේ සිහිගන්වන දිනයක්. ඊට පෙරදින මේ උතුම් ඓතිහාසික කාර්යය සිදුකිරීමට හැකිවීම පිළිබඳව මා සතුටුවෙනවා. අපේ රට නිදහස් රටක් ලෙස, ස්වාධීන රටක් ලෙස යටත් විජිතවාදයට විරුද්ධව අපේ ජනතාව නිදහස් දේශපේ‍්‍රමී අරගල ගෙන ගියා. දිවි පිදීමෙන් පමණක් නොව දේපළ, වත්කම් සියල්ල අහිමි වූ ඉතිහාසයේ කළ මහා පරිත්‍යාග අප කිසිවිටකත් අමතක කළ යුතු නැහැ.  මෑත භාගයේ 1980 දශකයේ මුල් භාගයේ සිට 2009 දක්වා මේ රටේ පැවැති එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය මේ රට දෙකඩ කිරීමට, ඊලාම් රාජ්‍යයක් හැදීමට, වෙනම රාජ්‍යයක් හදන්න, ස්වාධීනත්වය අහිමිකර, භෞමික අඛණ්ඩතාවයට අභියෝග කරමින් ම්ලේච්ඡු ත‍්‍රස්තවාදීන් ගෙන ගිය ම්ලේච්ඡ අරගලය පරාජය කර අපේ රට නිදහස් සාමකාමී රටක් කළා. තිස් වසරක ම්ලේච්ඡු යුද්ධයට මුහුණ දී ජීවිත අහිමිවූ, දරුපවුල් අහිමි වූ, අතපය අහිමිවූ, අපේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක හමුදා සියලූ දෙනා සිහිපත් කළ යුතුයි. බෝම්බ පුපුරවා ගම්මාන විනාශ කළ අවස්ථාවල ලක්ෂයකට වඩා වැඩි පිරිසකගේ ජීවිත අහිමිවුණා. ඔවුන්ව සිහිපත් කරමින් ඔවුන් වෙත ජාතියේ ගෞරවය, අභිමානය පිරිනමනවා. අද දවස ඉතිහාසයේ එම අනභිභවනීය ලාංකික ජනතාවගේ, අපේ පුරවැසියන්ගේ ඉතිහාසයේ ලැබූ ජයග‍්‍රහණයක්. වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ හෙට දවස ආර්ථික සමෘද්ධිය ඇතිකර ගනිමින්  නිදහස්, ස්වාධින රටක් ලෙස ලෝකයේ තවත් රටකට දෙවැනි නොවන අයුරින් ශ්‍රේෂ්ඨ රටක් ලෙස ශ‍්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය කරා ගෙනයෑමට කටයුතු කළ  යුතුයි.  දේශපාලනඥයා ද, රාජ්‍ය නිලධාරීයා ද, විද්වතුන්, විවිධ ක්ෂේත‍්‍රවල බහුශ‍්‍රැතයන් සාමාන්‍ය පොදු ජනතාව, රාජ්‍ය නොවන ව්‍යාපාරික ක්ෂේත‍්‍ර පාසල් දරුවාගේ සිට ඒ වගකීම සහ යුතුකම ඉටුකිරීම අප සැම වෙත පැවරී තිබෙනවා. මහා සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ ඉතිහාසයේ ඔවුන් සිදුකළ මග පෙන්වීම අනුව යමින් හෙට දවස රට ගොඩනැගීම සහ ගොඩගැනීම  කළයුතුයි. ඒ සඳහා මෙවැනි ශ්‍රේෂ්ඨ කාර්යයකට සියලූ දෙනාට එක්වීමට, දායකවීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. එසේම මේ උතුම් කාර්යය සිදුකිරීම සඳහා  අද දින ගැසට් පත‍්‍රය නිකුත් කිරීමටත් අවශ්‍ය මග පෙන්වීම් සිදුකරමින් අවශ්‍ය සහාය ලබාදුන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට සහ කාර්යමණ්ඩලයට, ගයන්ත කරුණාතිලක මහතා ඇතු`එ කාර්යමණ්ඩලයට, කරුණාරත්න පරණවිතාන මැතිතුමාට සහ කාර්යමණ්ඩලයට ස්තුතිය පුද කරනවා. ලේඛන, ගැසට් සොයාදෙමින් අවශ්‍ය තොරතුරු ලබාදුන් විද්වතුන්ට ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. එසේම  ඓතිහාසික නිවැරැුදි කිරීම සඳහා එක්ව සිටින ඒ ශ්‍රේෂ්ඨ දේශපේ‍්‍රමීන්ගේ, රණවිරුවන්ගේ, ලංකා පුත‍්‍රයන්ගේ පවුල්වල ඥාතීන්ට ජාතියේ උත්තමාචාරය රජය ලෙස පිරිනමනවා. මීට සුළු මොහොතකට පෙර ඓතිහාසික මඟුල්මඬුවේදී එම ලියවිල්ල අත්සන් තැබීමත්, මල්වතු, අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ උපදෙස් අනුශාසනාවලට අනුව මා වෙත දන්වා සිටි කරුණු පිළිබඳ මා යමක් ප‍්‍රකාශ කළයුතු වෙනවා. උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම පසුගිය කාලවලදී අහෝසි කර තිබෙනවා. මල්වතු - අස්ගිරි මහා නායක හිමිවරුන්, ත්‍රෛනිකායක මහා නායක හිමිවරුන් ප‍්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයේ ඉල්ලීම වුණේ ගැමි පුනරුත්ථාපන කොමිසම  අහෝසි කිරීම තුළින් උඩරට මධ්‍යම ප‍්‍රදේශයන්හි සංවර්ධන පසුබෑමක් සහ ඇනහිටීමක් ඇතිවී තිබෙන බවයි. ඒ අනුව එම ආයතනය පිහිටුවීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස මා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කළා. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පසු එස්.බී. දිසානායක ඇමැතිවරයාගේ අමාත්‍යාංශය යටතේ ආයතනය පිහිටුවීමේ වැදගත්කම මා පෙන්වා දුන්නා. ඒ කටයුතු අපි ඉදිරි දිනවලදී විධිමත් කරමින් ඒ ආයතන තවදුරටත් කාර්යක්ෂම කිරීමත් ඉක්මන් කරන බවත් මා සඳහන් කරන්නට කැමැතියි. දළදා මාලිගය අසල භූමිවල අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය නිරවුල් කිරීමේ වැදගත්කම අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් අනුශාසනා කළා. මා මේ සම්බන්ධයෙන් එවැනි ප‍්‍රශ්නයක් දැනසිටියේ නැහැ. ඒ පිළිබඳ සොයා බලා ඒ ඉඩම් ඔප්පු නිරවුල් කර මේ පූණ්‍යභූමියට ඒවා පැවරිමට කටයුතු කරන බවද මා සඳහන් කිරීමට කැමතියි. බෝගම්බර බන්ධනාගාරය ස්ථාපිත කළ ස්ථානයේ සංවර්ධන කටයුතු හේතුවෙන් කන්ද උඩරට ඓතිහාසික පසුබිම් තොරතුරු, සංස්කෘතික තත්ත්වයන් සලකාබලා එම කටයුතු සිදුකරන ලෙස ඉල්ලීමක් කළා. මේ සම්බන්ධයෙන් අගමැතිතුමාට සහ ඇමැති මණ්ඩලයට දැනුම් දී ඒ පිළිබඳ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ඓතිහාසික කටයුතු වලදී මග පෙන්වීම් කළ මල්වතු, අස්ගිරි මහා නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නයටත් අමාත්‍යවරුන්ට කාර්යමණ්ඩලයටත්, රංග කලංසූරිය මහතාටත්, නිමල් බෝපගේ මහතාටත්, විද්වතුන් සියලූ දෙනාටත් ගෞරවනීය ස්තුතිය පුද කරනවා යැයිද  ජනාධිපතිවරයා කීවේය. මෙහිදී අනුශාසනාවක් කළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රාජකීය පණ්ඩිත සාහිත්‍ය චක‍්‍රවර්ති නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියෝ මෙසේ පැවසූහ.ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් අරගලයට නායකත්වය දෙමින් දෑ හිතකාමීව දේශපේ‍්‍රමීත්වයෙන් යුතුව රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්, තමන්ගේ දිවි පුදන්නට ඇත්තේ, විවිධ දඬුවම්වලට මුහුණ දෙන්නට ඇත්තේ ඉතිහාසයේ කෙදිනක හෝ ඒ නිදහස් කර නිදොස්කර හරින බවට තම සිත්හි තබාගෙන විය හැකියි.එකී උදාරතර කාර්යයකට දායක වූ ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු සැමටත් ප‍්‍රශංසා කළ යුතුව තිබෙනවා. 1815 මාර්තු මස 02 වන දින මෙම ස්ථානයේදීම තමයි අපේ රටේ ස්වාධීනත්වය, අපේ රටේ නිදහස සහ අපේ රටේ රාජ්‍යත්වය අවසන් වූයේ, පරාධීන ජාතියක් ලෙස අප එදා සිට කටයුතු කරන්නට වූවා. විදේශීය බලපෑම් සහ අනවබෝධය පෘතුගීසි සහ ලන්දේසි ආක‍්‍රමණයෙන් පසුව මේ කුඩා දිවයිනේ අපේ මහජනතාවට ඇති වූ විවිධ අභියෝග හේතුවෙන් රට අස්ථාවර වූ බව පැවසිය යුතුයි.හිරු නොබසින අධිරාජ්‍යයට විරුද්ධව අපේ රටේ ජනතාව ඒකාබද්ධව එදා සිදුකළ ඒ වටිනා අරගලය ඓතිහාසිකව යටපත් වී තිබෙනවා. ඒ නිසාම ඔවුනට දඬුවම් විඳින්නට සිදුවූවා. ඒවා එදා සිට රටේ ආර්ථිකයටත් සමාජයටත් සංස්කෘතියටත් බලපෑවා. රට වෙනුවෙන් ජීවිත පූජාවෙන් කටයුතු කළ අපේ විරුවන් ප‍්‍රමුඛ මොණරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් ඇතුළු විරුවන් තම ජීවිතය අහිමිකර ගත්තේ ශ්‍රී දළදා සමිඳුන් වැඩසිටින මේ පුණ්‍යභුමියේ දළදා සමිඳුන් වැඳ පුදාගෙනයි. එදා එම විරුවන් නැඟූ ප‍්‍රාර්ථනා සුසුමන් තවමත් මේ පූජනීය බිමේ වාතලයේ රැඳී තිබෙන්නට පුළුවන්.පුද්ගලයකුට ඉතිහාසය නිර්මාණය කරන්නට බැරිවුවත් ඉතිහාසය විසින් ඇතැම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කෙදිනක හෝ බිහි කරනු ඇති.අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.අපේ විරුවන් රැුසක් ඌව වෙල්ලස්ස ජනතාව සමග එදා පැවැති විමුක්ති අරගලය හේතුවෙන් දැඩි පීඩාවට ලක්වූවා.ඒ පීඩිත ජනතාවගේ ඉඩකඩම්, දේපළ රාශියක් එදා ඔවුන්ට අහිමි වූවා. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අග‍්‍රාමාත්‍යතුමා පසුකලෙක උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම පිහිටුවලා ජනතාවගේ අහිමි වී ගිය දේවල් හා දුක්ගැහැට පිළිබඳව සොයා බලා කටයුතු කළත් අවාසනාවකට වගේ ඒ උඩරට, ගැමි පුනරුත්ථාපන කොමිසම අහෝසි වූවා. එම කොමිසම වෙනුවට නැවත වරක් උඩරට සංවර්ධන අධිකාරිය ස්ථාපිත කරලා එදා අහිමි වූ සියල්ල යළි ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිනවා.ශ්‍රී දළදා මාලිගා ඓතිහාසික භූමිය අසල පිහිටි ඉපැරණි මඟුල් මඬුව දළදා මාලිගාවට පවරා දෙන මෙන් අපි ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිනවා.රටේ ඒකීයභාවය, ආරක්‍ෂාව, ආර්ථික නිදහස්භාවය  ආරක්‍ෂාකිරීම සඳහා ඔබතුමන් ප‍්‍රමුණ රජය පියවර ගන්නවා ඇතැයි අපි අපේක්‍ෂා කරනවා යැයිද කීහ.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ඓතිහාසින මහ මළුවේ ස්ථාපිත කර තිබෙන වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේගේ පිළිරුව අබියසට පැමිණ උන්වහන්සේගේ පිළිරුවට මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වීය.අනතුරුව එම පරිශ‍්‍රයේම වීර මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමන්ගේ හිස්කබල තැන්පත් කර තිබෙන ස්මාරකය අබියසට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී මල්කලඹක් තබා පුෂ්පෝපහාර දක්වා ගෞරව කළේය.තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නාහිිමියන්, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමි, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත‍්‍රපති නාරම්පනාවේ ආනන්ද හිමියන් ප‍්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, ලක්ෂ්මන් කිරිඇල්ල, විජයදාස රාජපක්‍ෂ, කරුණාරත්න පරණවිතාන, එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග ප‍්‍රදීප් දෑල, හිටපු අමාත්‍ය නන්දමිත‍්‍ර ඒකනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.කේ. පියදාස, මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස යන මහත්වරුද පළාත් සභාවේ අමාත්‍යවරුන්, මහනුවර ඓතිහාසික සිවු මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, 1818 ඓතිහාසික ඌව වෙල්ලස්ස අරගලයට උරදී ජීවිතය පූජා කළ විරුවන්ගේ ඥාති පරපුරේ සාමාජික සාමාජිකාවන්, ආදීවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ප‍්‍රමුඛ ආදිවාසී ජනතාව නියෝජනය කරමින් ආදිවාසී නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම උළෙලට සහභාගි වූහ. 
’නිදහස් දේශපේ‍්‍රමි අරගලය මහා පරිත්‍යාගය කිසිවිටෙකත් අමතක කළ යුතු නෑ’
1
hp_train_1933
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)තලවාකැලේ ලිඳුල “එන්ෆෝල්ඩ්” වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (15) එල්ල වූ බඹර ප්‍රහාරයකින් පාසල් දැරියක් ඇතුලු 14 දෙනෙක් තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ.තුවාල ලැබූවන් අතර අවුරුදු 10 ක ගැහැණු ළමයෙක්, පිරිමි කම්කරුවන් 06 ක් හා කාන්තාවන් 07 සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.තුවාලකරුවන්ගෙන් 06 දෙනෙක් බාහාර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත් පාසල් දැරිය සහ කාන්තාවන් සිව්දෙනෙක් හා පිරිමින් තිදෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව දිඳුල රෝහලේ වෛද්‍යවරු පැවසූහ.තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින වතු කම්කරුවෝ පැවසූහ.  
බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 45 ක් රෝහලේ
0
hp_train_1934
   ජුඩ් සමන්ත වයස අවුරුදු 11 වන පාසල් සිසුවියකට ලිංගික අතවර කළ බව කියන 52 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව - රාජකදළුව ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි.අතවරයට පත්ව ඇති දැරිවිය සැකකරුගේ නිවසට යාබද නිවසක පදිංචිව සිටින්නියකි. දැරිවියගේ පියා ඇයව ආරක්ෂිත හිස් වැසුමක් ඉල්ලා ගෙන ඒම සඳහා සැකකරුගේ නිවසට යවා ඇත.එම අවස්ථාවේදී සැකකරු දැරිවියට අතරවරය සිදුකර මේ බව කිසිවෙකු හා නොපවසන බව දන්වා ඇයට රුපියල් 100 ක මුදලක්ද දී පිටත් කර යවා ඇත.සති තුනකට පමණ පෙර තමන් මුහුණ දුන් සිද්ධිය දැරිවිය විසින් තම මව හා පවසා ඇත. ඒ අනුව දැරිවියගේ මව මේ බව ආරච්චිකට්ටුව පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත.එම පැමිණිල්ලට අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
දැරිය අපයෝජනය කළ තරුණයා අත්අඩංගුවට
0
hp_train_1935
(ප්‍රසන්න පත්මසිරි)බිබිල නිල්ගල වන රක්ෂිතයේ පුවක්පැලේ වන ප්‍රදේශය අද (17)  සවස ගිනිගැනිම නිසා අක්කර සියයක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් ඇත.බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ, බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර, බුරුත, ගම්මාලු, ඇතුලු වටිනා දැව ගස් හා අලි, කොටි, වළසුන්,වල්ඌරන්, මිමින්නන්, හාවුන්, මුවන්, ගෝනුන්, පක්ෂීන් හා උරගයින් ඇතුලු දුර්ලබ වර්ගයේ වන සතුන් විශාල වශයෙන් වෙසෙන අක්කර හැටපන්දහසක වනයකි.බිබිල අඩවි වන නිළධාරී අතුල දිවාරත්න මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ වනය ගිනි ගන්නා  අවස්ථා වලදී වන අඩවි කාර්යාලයේ නිළධාරීන් එක්ව ගින්න නිවා දමන බවයි. නියං කාලයේදී සුළඟ නිසා  පැතිරී යන ගින්න නිවන්න අසීරු බවද පැවසීය.
ගින්නකින් නිල්ගල රක්ෂිතයේ අක්කර 100 ක් විනාශයි
0
hp_train_1936
(නිමල කොඩිතුවක්කු)පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබා දිමේ ක්‍රමවේදයක් සකස් නොකළහොත් හෙට (01) සිට බස් රථ ධාවනයෙන් ඉවත්වීමට සිදුවන බවට බස් සංගම්  සඳහන් කරයි.ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් පළාත් ඇතුලු පෞද්ගලික බස් රථ ධාවනයට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද එම සංගම් සඳහන් කරති.ඉන්ධන නොමැති වීමෙන් මගීන් සමග බස් රථ අතරමග නතරවීමේ අවස්තාවන් සහ  බස් රථය එක් ගමනාන්තයකට පැමින අනෙක් ගමනාන්තය සඳහා යාමට නොහැකි වූ අවස්ථාවන් විශාල ප්‍රමාණයක් අද (28) දිනයේ වාර්තා වූ බවද බස් සංගම් පවසති.විසිදහසක් පමණ ධාවනය වූ පොෟද්ගලික බස්රථ වලින් අද (28) ධාවනය වූයේ අට දහසකටත් අඩු සංඛ්‍යාවක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.ඉන්ධන නොමැතිවීමෙන් එම ධාවනය වන බස් රථවල ගමන්වාර සියයට 50 කින් අඩු කිරීමට පියවර ගත්  බවත්  ඔහු කීවේය.ඉන්ධන නොමැතිවීමේ බස් රථ විශාල ප්‍රමාණයක් මග නැවතුන බවද විජේරත්න මහතා ප්‍රකාශ කළේය.ඇතැම් බස් රථ වලට මගීන් සමග පැය ගණන් ඉන්ධන පෝලිම් වල රැඳී සිටීමට සිදුවූ බවත් හෙතෙම කීවේය.මේ හේතුවෙන් මගී ජනතාව මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඔහු කීවේය.ඇතැම් ඉන්ධන පිරවුම් හල් වලින් රුපියල් 2000ක පමණක් ඩීසල් නිකුත් කළ බවත් විජේරත්න මහතා ප්‍රකාශ කළේය.කාර්්‍යාල වේලාවන්, අපොස උසස් පෙල විභාගය පැවැත්වෙන කාල සීමාවන් ආදී අත්‍යවශ්‍ය ගමන්වාර පමණක් ඊයේ දිනයේදී බස් රථ ධාවනයට පියවර ගත් බවද විජේරත්න මහතා පැවසීය.අනවශ්‍ය ගමන්වාර සහ දිවා කාලයේ බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කිරීමට කටයුතු කළ බවත් ඔහු කීවේය.
ඩීසල් නොදුන්නොත් හෙට සිට බස් දුවන්නෑ
1
hp_train_1937
(ටී.කේ.ජී.කපිල)විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (6) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.මොහු මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .ඔහු අද (6) අලුයම 12.50 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 0557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලුවල රුපියල් 15,76,000 ක් වටිනා,විදේශීය නිෂ්පාදිත දුම්වැටි 31,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 156 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර , මෙම ගුවන් මගීයාට රුපියල් 50,000 ක දඩයක් ගෙවන ලෙසද නියෝග කළේය.
නිතීවිරෝධීව ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ දෙන්නෙක් අල්ලයි
0
hp_train_1938
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  සවස 02.00 න් පමණ පසු නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි  වර්ධනය වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 08/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249570වැසි රහිත.මඩකලපුව33259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259575වැසි වාර කිහිපයක්.ගාල්ල30269080වැසි වාර කිහිපයක්.යාපනය32279070වැසි රහිත.මහනුවර29219570වැසි වාර කිහිපයක්.නුවරඑළිය20139575වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක්.රත්නපුරය32239570වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය32268570වැසි ස්වල්පයක්.මන්නාරම32269070වැසි රහිත. 
හෙට දවසේ කාලගුණය
1
hp_train_1939
 (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (14) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 14,677 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 13 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 5 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොවිඩ් මරණ 14 ක්
0
hp_train_1940
   (මොහොමඩ් ආසික්) මහනුවර දිස්ත්‍රික්කය තුළ පසුගිය දින දෙකක කාලය සිට ඇති වූ අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් අද (11) වන විට  දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාස පහක පවුල් 116 කට අයත් පුද්ගලයින් 551 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් නිවාස 50 කට හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කීය. මෙලෙස පීඩාවට පත්ව ඇති පවුල් හා පුද්ගගලයින්  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස  මට්ටමින් මෙසේයි. පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි වසම් නවයක පවුල් 13 කට අයත් පුද්ගලයින්  58 දෙනෙකුද, කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  ග්‍රාම නිළධාරි වසම් දෙකක පවුල් දෙකකට අයත් පුද්ගලයින් අට දෙනෙකුද, පස්බාගේ කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 84 කට අයත් පුද්ගලයින් 414 දෙනෙකුද, පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 10 ක පුද්ගලයින් 45 දෙනෙකුද,  උඩුනුවර ප්‍රාදේශීය   ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි වසම් හයක පවුල්  හතක පුද්ගලයින් 26 දෙනෙකුද පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය තවදුරටත්  කීය. මේ අතර දිස්ත්‍රික්කයේ නිවාස 50 ක් හානියට පත්ව ඇති බවත් එයින් පාතහේවාහැට එක් නිවසකට සම්පූර්ණ  හානි සිදුව ඇති බවත් තවත් නිවාස 49 කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කළේය.  ඒවගේම සුරක්ෂිත ස්ථාන නවයක පවුල් 80 කට අයත් පුද්ගලයින් 378 දෙනෙකු රැඳී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තවදුරටත් කීය. අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති සියලු දෙනාට අවශ්‍ය සියලු  සහනයන් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කරන බවද ඒ මහතා කීය. 
වැස්සෙන් මහනුවර පුද්ගලයින් 540ක් පීඩාවට
0
hp_train_1941
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ අකුරැස්ස, තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඒ අසල පැවැති ජන රැලිය අමතමිනි.රැලිය අවසන්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාව නගරයේ වෙළෙඳසල්වලටද ගොස් ව්‍යාපාරිකයන් හමුවී සුහද කතාබහකද නිරත විය. ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨයක් නැති බව දයානන්ද වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹීමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. ඒත් අප මේ දියුණුව අගය කරනවා.අද අප ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා.අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. ඒ අනුව අප සියලුම දෙනා ඒ ආණ්ඩුවේ දිවුරුම් දුන්නා. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජාතික ආණ්ඩුවක් බිහි කරන බව මහ මැතිවරණයේදී මා පැවැසුවා. ඒ අනුව අප හැමදෙනාම එකට එකතු වී වැඩ කටයුතු කරනවා. වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කර යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10 ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි.දෙවැන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. බට්ටා වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගීන් ප්‍රවාහන කටයුතු සඳහා වාහන අවශ්‍යයි. 1977 වසරේ ත්‍රිරෝද රථ ගෙන්වීමෙන් කුඩා වාහන ගෙන්වීම ආරම්භ කළා.ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප එහි මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරුපැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි.තරුණයන් සඳහා යතුරුපැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරුපැදි මිලදීගත හැකියි. ඒත් පොඩි වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මානවල ආර්ථිකය දියුණුවට පත් වෙනවා. මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳසල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. ඒකාලේ බාබර් සාප්පුවක් පමණක් තිබුණා.අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි.රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා. අප රට බාරගනිද්දී ආදායම වැඩි කරන්න තවත් මාර්ග තිබුණා. එදා පැවැති පෙට්‍රල් ගාස්තුව මතකද? සියලුම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලුම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳපොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ මිල අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට ද වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි.ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩුවුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලුත් බදු පැනවීමට සිදුවුණා. අන්තර්ජාල බද්දක් පැනවූයේත් ඒ අනුවයි.තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල්දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදුවෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි.මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ද ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ද අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා.ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩුපාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩිවෙනවා.දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදිකළා.කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.ජේ.ආර්. ජයවර්ධන ජනපතිටත්, ප්‍රේමදාස ජනපතිටත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් මුහුණදීමට සිදුවී තිබෙනවා.ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා.  අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත්වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යනා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොළේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නන් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසිරුවෙනුයි.පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමු යැයි චීන ජනපති අපට පැවසුවා. දැන් අප වසර 70 ක් සඳහා එය දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. අපට ලැබී තිබෙන බද්ද ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා.මත්තල ගුවන් තොටුපොළ බාර ගැනීම සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන්වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල  ගුවන් තොටුපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන්තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වයකට පැමිණේවි.චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු.හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලීම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්.හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබෙනවා. ලබන වසරේ ආරම්භ කර ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදුකරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන්කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපාරය ආරම්භ කරනවා.එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ. වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි.සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලිව්වා. දැන් අපි දකුණේ පෙරළිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරළිය දැකගන්නට හැකිවේවි.මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1 ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් සීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යායුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි.දකුණේ දියුණුව මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි.මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම් ද ආරම්භ කර තිබෙනවා.ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන දී වැඩකටයුතු කළා.දැන් අප සංවර්ධන යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාබ ලබන දේවල් බවට පත්කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,මාතර දිස්ත්‍රික්කයේ සෑම බස් නැවතුම්පොළක්ම හැදුව. ඒත් අකුරැස්ස බස් නැවතුම්පොළ අලුත්වැඩියා කෙරුණේ නැහැ.ලංකා ඉතිහාසයේ හදිසි ආපදා වෙනුවෙන් ඉදිකෙරුණු පළමු බෝට්ටුව අද අපි අකුරැස්සට බාරගත්තා.අකුරැස්සේ ව්‍යාපාරිකයන් යන එන මං නැතිව නන්නත්තාර වූ යුගයක් තිබුණා. මෙහි ව්‍යාපාරිකයන් හැමදාම ගංවතුරෙන් බැට කනවා. ඔවුන් වෙනුවෙන් ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි. සංහිඳියා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ රටට මෙන්ම ලොවටත් ආදර්ශයක් ලබාදීමයි.මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාලපිරිසක් සහභාගී වී සිටියහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
එදා කඩදාසි බෝට්ටුවක්වත් හදාගන්න බැරිවූ අය දැන් රට විකුණනවා කියා මොර දෙනවා
0
hp_train_1942
(අනීෂා මානගේ)රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්ව සිටි ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා මේ මස 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා අද(17) නියෝග කළේය.  2012 සිට 2016 දක්වා කාලයේදී තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටියදී එම බැංකුවට උකස්කර තිබූ රුපියල් 12,80,000ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදහන්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෂිනි අමේන්ද්‍රා පසුගිය 9වැනි දින තංගල්ල කොට්ඨාස වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වික්ටර්ගේ බිරිය යළි රිමාන්ඩ්
0
hp_train_1943
ශ්‍රී ලංකන් ගුවන්  සමාගම  ඉන්දියානු  සාගර කලාපය වෙත පියාසර කරන  ලොව  ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස  ලෝක සංචාරක සම්මාන උළෙලෙහි  නැවත වරක් පිදුම් ලැබීය.මෙම සම්මාන උළෙල  පෘතුගාලයේ  ලිස්බන් නුවරදී  පසුගියදා    මෙම සම්මාන උළෙල පැවැත්විණි.ශ්‍රී ලංකන් ගුවන්  සමාගම   වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජිකත්වය දරනු ලබයි. මෙම සම්මාන උළෙලෙහි නිර්මාතෘ ග්‍රැහැම් කුක් මහතා  සම්මාන උළෙලේදි  ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිය සුබ පැතුම් එක් කළේය.ශ්‍රී ලන්කන් ශ්‍රීලංකන් එයාර්ලයින් තම සේවා ඉටුකිරීම ඉතාමත් නිර්භිත අයුරින්  ප්‍රදර්ශනය කර ඇති බවත් මේ හේතුවෙන්  සංචාරක ව්‍යාපාරයේ සහ මගී ජනතාවගේ  ප්‍රසාදය ලබා ගනිමින් ඉන්දියානු කළාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස  සම්මානය හිමි කර ගැනීමට සමත්වීම ඉතාමත් සතුටට කරුණක් බවත් ඔහු එහිදී පැවසීය. ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර  සමින්ද පෙරේරා මහතා  අදහස් දක්වමින් සහන් කළේ  මෙවැනි සම්මානයක්  සිය ආයතනයට හිමි වීම තුළින්  ගුවන් සේවයේ උදයෝගය සහ ඉන්දියානු  සාගර කළාපය තුල  ස්ථාවර පැවැත්ම පිළිබ විශ්වාසයක් ඇති වී ඇති බවයි. ගුවන් සේවයේ වැඩි දියුණු කිරීම්  සහ නව ප්‍රයත්නයන්  වෙළෙදපොල ඉල්ලුම සමඟ මනාව ගැලපෙන බවද සඳහන් කළේය.ඉදිරියේදී මගීන්ගේ ඉල්ලීම පරිදි ජනප්‍රිය ගමනාන්ත සඳහා ගුවන් මෙහෙයුම්  වැඩි කිරීමට සහ අද්විතීය  සංචාරක අත්දැකීම්  ලබා දෙමින්  නිෂ්පාදන වැඩි කිරීමටත් නිරන්තර උත්සාහ කරන බවද හෙතෙම සඳහන් කළේය.පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකන්  ගුවන් සමාගම ආසියා සහ ඕස්ට්‍රෙල්ෂියා ලෝක සංචාරක සම්මාන  සංචාරක සම්මාන උළෙලේදී  2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි  ව්‍යාපාරය ලෙස සම්මානයක් හිමිකර ගත් අතර ,  2108 වසරේ ඉන්දියානු  සාගර කලාපය වෙත මෙහෙයුම් සිදු කරන  ආසියාවේ   ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස  දෙවැනි වතාවටත් සම්මාන ද්විත්වයක්  හිමි කර ගැනීමට සමත් විය.මෙම සම්මානය දකුණු ආසියාතික කලාපය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශක්තිමත් බව  හා ස්ථාවරත්වය පෙන්නුම් කිරීමක් වන අතර  ඉන්දියාවේ ගමනාන්ත 13 ක් වෙත සතියකට ගුවන් මෙහෙයුම් 119 ක් (දඹදිව වන්දනා සමයේ දී බද්ධගයා සහ වරනාසී වෙත සිදු කරන ගුවන් ගමන් සමඟ ) මෙහෙයුම් සිදු කරමින්  කලාපයතුළ විශාල   සේවයක් ඉටු කරයි.අනෙකුත් ගමනාන්ත වන ඩකා,කරච්චි,ලාහෝර් වෙතද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන්  සිදුකෙරේ. එසේම මාලදිවයින සඳහා සතියකට ගුවන් ගමන් 21 ක්   සිදු කරයි.එමෙන්ම  විවේකීව ගතකිරීම සඳහා   පහසුකම් සැලසීම වෙනුවෙන්  මැදපෙරදිග ,යුරෝපය, මැදපෙරදිග සහ ඕස්ට්‍රේලියාවයාව වෙත ඔවුන්ගේ  ශාඛා ජාලය ව්‍යාප්ත කර තිබේ. මාලදිවයිනේ ‘ගැන් දුපත‘ වෙත පියාසර කර  ප්‍රථම  මෙන්ම එකම අන්තර්ජාතික ගුවන්  සේවය බවටද ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන්සේවය පත්ව සිටී.  එයාර් ෆ්රාන්ස් , එයාර් ඉන්දියා, එයාර් හොස්ට්‍රල්, එයාර්  සයිෂෙල්ස්, එයාර් වේස්,එමිරේට්ස්, එටිහාඩ් එයාර්වේස්, කේ එල් එම් රෝයල් ඩඡ්, ගුවන් සේවය, ලුෆ්තන්සා,කටාර් එයාවේස් සහ තුර්කි එයාර්ලයින්ස් යන සමාගම් ද මෙම සම්මානය තරග කළ සෙසු කරගකරුවෝය.වන්වර්ල්ඩි ගුවන් සන්ධානය, චැංගි ජාත්‍යන්තර ගුවන්ගොටුපොළ, හිල්ටන් ලන්ඩන් හීත්රෝ ගුවන්ගොටුපොල, ලිස්බන් ,පෘතුගාලය, රෝයල් කැබ්රියන් ඉන්ටර් නැෂනල්  සහ ඩුබායි  අර්මානී  හෝටලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය  සම්මාන ලැබු සෙසු ජයග්‍රාහකයින්ය.  ලෝක සංචාරක සම්මාන උළෙල මෙවර පැවැත්වුයේ 25 වතාවටය. සංචාරක ක්ෂේත්‍රයේ විවිධ අංශ හඳුනාගැනීමටත්,  සංචාර ඇතුළු විශිෂ්ටතා ඇගයීමටත්  1993 වසරේදී    මෙය පිහිටුවා තිබේ. මෙම ලෝක සංචාරක සම්මාන ප්‍රධානෝත්සවය ලොව විශිෂ්ඨතම වෙළෙනාම විශිෂ්ඨත්වය අගයනු ලබන සම්මාන උළෙලක් බව ගෝලීයව පිළිගනු ලබයි.       (36698)
ශ්‍රී ලංකන් ගුවන් සේවයට සම්මාන දෙකක්
0
hp_train_1944
(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)විනාශකාරී කටුපොල් වගාවට මින් ඉදිරියට මේ රටේ එක් බිම් අඟලක් නොදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය.වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (24) පෙරවරු 10.30ට රැස් විය.වාර්තා හා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවැසීය.නව ක්‍රියාකාරී අධ්‍යක්ෂකරයෙකු පත්කර ප්‍රචාර කටයුතු විධිමත් කරනවා. තේ මණ්ඩලය වඩා විධිමත් කිරීම අරමුණයි.පත්කළ මන්ත්‍රී (ජවිපෙ) සුනිල් හඳුන්නෙත්ති මහතා:- ආයතනවල ප්‍රචාරණ කටයුතු කියා වැඩිපුර වෙන්නේ ඇමැතිවරයාගේ ප්‍රචාරණ කටයුතුයි. එමෙන්ම දේශපාලන ප්‍රචාරණ කටයුතුත් වෙනවා. තේ මණ්ඩලය ගතහොත් ප්‍රචාරණ කටයුතු එහි දියුණුව උදෙසා විය යුතුයි.කනක හේරත් මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.හඳුන්නෙත්ති මහතා:- තේ මණ්ඩලය මගින් තේ මංගල්‍යය කියලා කරන්නෙත් දේශපාලන මංගල්‍යයක්. එහි ප්‍රවර්ධන නොවෙන්නේම තේ පමණයි. තේ නැවත වගාව පහළ වැටිලා. ඒනිසා අලුත් පැළ ලබා ගැනීමේ ගැටලුවක් තිබෙනවා.එමෙන්ම තේ ප්‍රවර්ධන අරමුදල හැදූ දා සිට එය භාවිතයට ගත් ආකාරය ගැනත් සොයා බලන්නැයි මා ඉල්ලා සිටිනවා.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා:- ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කරන්නේ ඍණාත්මක කතා. ඔවුන් මොනවා කීවත් අද තේ මණ්ඩලයේ නිලධාරීන් සාමූහිකව කටයුතු කරනවා. 2015 දී අඩුවූ තේ නිෂ්පාදනය හා මිල මේ වන විට ඉහළ නංවා ගැනීමට අපට හැකිවී තිබෙනවා. එය සිදුකළේ පොහොර සහනාධාරයේ කප්පාදුවක් හා ග්ලයිෆොසෙට් තහනමක් තිබියදීයි.ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කිරීම නිසා වගාවට අහිතකර බලපෑමක් සිදුවුණා. මේ සම්බන්ධව ජපානය කීවේ ග්ලයිෆොසෙට් නිසා ඔවුන්ගේ ජනතාවට හානි නොවූ බවයි. එමෙන්ම ග්ලයිෆොසෙට්වලට විකල්ප ලෙස අප යොදාගත් එම්.ආර්.සී.පී. වල් නාශකයෙන් ජනතාවට හානියක් නොවන බව කීවා. ජනාධිපතිතුමා හමුවී එය පැහැදිලි කිරීමෙන් පසු තේ වගාවට පමණක් ග්ලයිෆොසෙට් භාවිතයට අවසර ලැබී තිබෙනවා. ඉදිරියේ දී එහි ගැසට් නිවේදනය නිකුත් කරනවා.නැවුම් තේ මංගල්‍යය අපි ඇරඹුවේ දේශපාලකයින් ප්‍රවර්ධනයට නොවන බවත් කිව යුතුයි.මහනුවර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී මහිදානන්ද අලුත්ගමගේ මහතා:-තේ කර්මාන්තය විශාල විදේශ විනිමයක් ගෙනෙන ශ්‍රමිකයන් විශාල පිරිසක් සිටින ක්ෂේත්‍රයක්. නමුත් අපේ රජය ඇතුළු මේ රට පාලනය කළ කිසිම රජයකට මේ ක්ෂේත්‍රය වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ රටේ තේ වගාව අඩුවෙමින් තිබෙනවා.ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.ගම්පහ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා:- අද අපේ රට ගොඩ නැගීමට ණය බර බාධාවක් වී තිබෙනවා. එම බර අඩු කරගැනීමට නම් විදේශ විනිමය ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා තේ නිෂ්පාදනය වෙළෙඳපොළ අපනයනය රැක ගැනීම අපේ ජාතික යුතුකමක්.ඇමැතිතුමා අද තේ කර්මාන්තයේ දියුණුවට තවත් එක් පියවරක් ගෙන තිබෙනවා. එය ඉතිහාසගත පියවරක් වේවි. එමෙන්ම එතුමා පක්ෂ ජාතික සංවිධායක ලෙස පක්ෂයත් ශක්තිමත් කරාවි යන විශ්වාසය අපට තිබෙනවා. වන්නි දිස්ත්‍රික් (දෙජාසං) මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා:- තේ මණ්ඩලයට වැඩ අධ්‍යක්ෂවරයෙක් පත්කිරීම ඉතා වැදගත්. තේ කර්මාන්තයේ නියුතු අයගේ ගැටලු විසඳිය යුතුයි. තනතුරු සඳහා පත් කිරීමේ දී රට වෙනුවෙන් කටයුතු කරන අය පත් කළ යුතුයි.කෑගල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී කනක හේරත් මහතා:- පොහොර සහනාධාරය කප්පාදුවෙන් තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා. ඒ වගේම වතු හිමියන් නියමිත ආකාරයෙන් පොහොර නොයෙදීමත් ගැටලුවක්. සමහරු ඒ සඳහා අජිනමොටෝත් යොදනවා.මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:- තේ කර්මාන්තය නැංවිය යුතුයි. දැනට විනාශ වී යන තේ වතු කොටස් කර කම්කරුවන්ට හෝ වගා කිරීම සඳහා ලබාදිය යුතුයි. එමෙන්ම වගා නොකළ ඉඩම් කම්කරුවන්ට නිවාස තනාදීම සඳහා පර්චස් 7 බැගින් ලබාදීමට තීන්දු කර තිබෙනවා.මඩකළපුව දිස්ත්‍රික් (දෙජාසං) මන්ත්‍රී ජී. ශ්‍රීනේෂන් මහතා:- මෙය රටේ කාන්තාවන් වැඩි වශයෙන් නියැලී සිටින ක්ෂේත්‍රයක්. ඒ කම්කරුවන්ගේ ජීවන තත්ත්වය වැඩිකිරීමත් තේ නිෂ්පාදනය වැඩිකිරීම සමගම සිදුවිය යුතුයි. ක්ෂේත්‍රය දියුණු වන්නේ කම්කරුවන් තෘප්තිමත් වූ විටයි.පත්කළ මන්ත්‍රී (එජාප) මහාචාර්ය ආශු මාරසිංහ මහතා:- තේ මණ්ඩලය නියෝජනය කරමින් පිටරට යන අපේ සමහර නිලධාරීන් ඒ රටවල දී බොන්නේ කෝපි. තේ බොන නිලධාරීන් යැව්වා නම් හොඳයි. ලංකා තේ ප්‍රචලිත කරන්න ලෝකය පුරා සිලෝන් ටී ඇම්බසිඩර්ස් පත් කරන්න.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- තේවල කළු පැහැය ඇති කිරීමට දාන සෝඩියම් නිසා දියවැඩියාව හැදෙනවා. බාල තේ වැටලීමට ක්‍රියා කළ යුතුයි. සීනි කළවම් කරන කම්හල් 82 ක් හඳුනා ගෙන තිබෙනවා. මේවාට ගත්තු ක්‍රියාමාර්ග මොනවා ද?රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (එජාප):-සමහර වතු සමාගම් තේ වවන්න ඉඩම් අරගෙන වෙනත් කටයුතුවලට ඒ ඉඩම් බදු දෙනවා. අද කවුරුත් තේ මිල කතා කරන්නේ නැහැ. අද තේ සීයයි. එකසිය පහයි.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස):- එදා තේ පර්යේෂණාගාරය හොඳ තේ පැළ හැදුවා. අද ඒක නැවතිලා. තේ කර්මාන්තය රැඳිලා තියෙන්නේ කිහිප දෙනෙකුගේ අතේයි. තවම දලු කඩන්නේ පරණ ක්‍රමයටමයි. නාය යෑම නිසා සමහරුන්ගේ තේ වතු අද තියෙන්නේ වෙනත් අයගේ තේ වතුවලයි.ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා:- තේ නාමය ආරක්ෂා කර ගැනීමට අපට අද සිදුවී තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල තේ, රබර් වගා ඉවත් කර කටුපොල් වගාව සිදු කරනවා. එයින් වගාවන්ට මෙන්ම ජන ජීවිතවලටත් අහිතකර බලපෑම් ඇතිවෙලා.රත්නපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:- පෞද්ගලික සමාගම්වලට දී ඇති රජයේ වතුවලට අත්වූ ඉරණම අප දන්නවා. ඒවායේ ලාභය ඔවුන් ආයෝජනය කළ ආකාරය සෙවිය යුතුයි. ඒනිසා රැකියා අවස්ථා අඩුවෙලා. වගා කරන්න බැරි සමාගම් කාරයින්ට මේවා දුන්නේ ඇයි? ඔවුන් රටේ ජාතික සම්පත් වංචා කරනවා.ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය. වාසුදේව නානායක්කාර මහතා:-කටුපොල් වගාකිරීම රටට සාපයක්. කටුපොල් වගාවට දී ඇති සීමාව තවත් අඩු කළ යුතුයි.නවීන් දිසානායක මහතා:- ඒ අනුමැතිය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේයි. එතැනින් එහා අඟලක්වත් දෙන්නේ නැහැ. දැනට අක්කර 20,000ක තිබෙනවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):- ග්ලයිෆොසෙට් තහනම තේවලට අහිතකර ලෙස බලපෑවා. එදා කටුපොල්වලට අත උස්සපු අය අද ඒවට විරුද්ධ වෙනවා.පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.වර්ෂාව සමග වසංගත රෝග පැතිර යාමේ අවදානමක් තිබුණත් දකුණු පළාතේ පවතින උණ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ජනතාව ඒ පිළිබඳ බියක් ඇති කරගත යුතු නැතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වැඩ බලන අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.වැඩබලන අමාත්‍යවරයා මේ බව පැවැසුවේ දකුණු පළාතේ ව්‍යාප්ත වී ඇති ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා මෙසේ පැවසීය.මෙවැනි රෝගයක් පැතිරෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශය එය මැඩපැවැත්විය යුතුයි. වසංගත රෝග අංශය හරහා නිසි ක්‍රියාමාර්ග ගත්තා නම් මෙතරම් විනාශයක් වෙන්නේ නැහැ. අපි දන්න විදියට අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් තිබෙනවා. වසංගත රෝග අංශයට එන අය ඉල්ලා අස්වෙනවා. ඇමැතිතුමා ජනාධිපති වගේ හැම අමාත්‍යාංශයකම දේවල් සොයමින් ඉන්නවා. ගං වතුර සමග තවත් වසංගත ඇතිවිය හැකියි.ගම්පහ දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය:- යෝජනාව ස්ථිර කරනවා. කරාපිටිය, කඹුරුගමුව දකුණු පළාතේ රෝහල් රැසක උණ රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. වසංගත රෝග අංශයේ ප්‍රධානියා වසංගත රෝග ගැන කිසිම පලපුරුද්දක් නැති කෙනෙක්. අපි සෞඛ්‍ය දර්ශකවලින් ලෝකයේ ඉදිරියට ගියේ විශේෂඥ වෛද්‍යවරු අවශ්‍ය සුදුසු තැන්වලට පත් කළ නිසයි.අද රෝග වැළැක්වීමේ අංශය කඩා වැටිලා. පවුල් සෞඛ්‍ය අංශයේ ප්‍රධානියාත් ඊට නොගැලපෙන පරිපාලන සේවයේ විශේෂඥ වෛද්‍යවරයෙක්.මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:-අපි ආසියාවේ ඉහළ සෞඛ්‍ය මට්ටමක් හිමි රටක්. මෙවැනි වසංගත පාලනයට රජය සියලු පහසුකම් ලබාදී තිබෙනවා.මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා (එජනිස):- මේ රෝගය ජාතික මට්ටමින් පැතිර යා හැකියි. බෝ වෙන රෝග මර්දනය කිරීමේ ජාත්‍යන්තර ක්‍රම හුවමාරු කර ගැනීමත් වැදගත් වෙනවා.ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි:-දරුවන් අට දෙනෙකු මිය ගොස් තිබෙනවා. නමුත් මේ වන විට රෝගීන් ප්‍රමාණය අඩුවෙලා.ගාල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී චන්දිම වීරක්කොඩි:-කුඩා දරුවන් අට දෙනෙකුට අත්වූ ඉරණම කනගාටුදායකයි. මෙම තත්ත්වය පාලනයට කටයුතු කිරීම ගැන කරාපිටිය ඇතුළු රෝහල්වල වෛද්‍යවරුන්ට ස්තුති වන්ත වෙනවා. රෝහල්වල ඖෂධ හිඟයක් තිබියදීයි ඔවුන් කටයුතු කළේ.වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා:- ඉන්ෆ්ලුවන්සා වෛරසය වසරකට දෙවරක් පැතිරෙනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 19 ක් පිහිටුවා ඒ ගැන අධ්‍යයනය කරනවා. රෝගය පැතිරීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගත් බවට සහතිකයක් දෙනවා.මෙය පාසල්වලින් පැතිරීමේ අවදානම වැඩියි. මහජනතාවගේ සහය නැතිව පාලනය කරන්න බැහැ. වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය වසංගත රෝග අංශයේ 2011 වසරේ සිට කටයුතු කළා. විදේශගතවී ඇය නැවත ආවත් රාජ්‍ය සේවා කොමිසම ඒ තනතුරට වෙනත් අයෙකු පත් කර තිබුණා. අපට එය අවලංගු කරන්න බැහැ. එය අමාත්‍යාංශයේ වරදක් නෙවෙයි.  
ගංවතුර විපතේදී ආණ්ඩුව නිදාගෙන සිටිනවායි විපක්ෂය නඟන චෝදනාව බොරුවක්
0
hp_train_1945
(යොහාන් භාසුර)කැලණිතිස්ස විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමට සඳහා ‘නැප්තා’ නොමැතිවීම හේතුවෙන් අද (22) පෙරවරුවේ එම බලාගාරය අක්‍රීය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.එම බලාගාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ‘නැප්තා’ මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට මුදල් සොයාගැනීමට විදුලිබල මණ්ඩලය බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බව ද එම නිලධාරියා කීය.කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 165 ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. 
නැප්තා’ නැතුව කැලණිතිස්ස වැසෙයි
1
hp_train_1946
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි) හෙරොයින්  ග්‍රෑම් දෙකකට  වැඩි ප්‍රමාණයක්  ළඟ තබා ගත්  සැකකරුවන් සිව් දෙනෙකු   සැප්තැම්බර්  7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) නියෝග  කළේය.බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් මිරිස්වත්ත සහ තුඔගොඩ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්  සිව් දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.බලන්ගොඩ පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත්  හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
හෙරොයින් ළඟ තබාගත් අයෙකු රිමාන්ඩ්
0
hp_train_1947
ශ්‍රී ලංකන් ගුවන් සාමගමේ යූඑල් 309 දරණ ගුවන් යානය සිංගප්පූරුවේ සිට කොළඹ බලා පිටත් වී මද වේලාවකින් ආරක්ෂක හේතුන් මත යැයි කියමින් නැවත සිංගප්පූරුවේ චැන්ගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත කැඳවූ බව ශ්‍රී ලංකන් ආරංචි මාර්ග කියයි.නැවත කැඳවා පැය තුනක් පමණ පරීක්ෂා කළ බවත්, පැය තුනක ප්‍රමාදයකින් පසු ගුවන් යානය ලංකාවට ළඟා වූ බවත් එම ආරංචි සඳහන් කරයි.සිංගප්පූරුව වෙත නැවත හරවා පැමිණීමෙන් පසු  සිංගප්පූරු පොලිසියේ  ගුවන්තොටුපළ පොලිස් අංශය  විසින්   ගුවන් යානාවේ  සිටි මගීහු කිහිප දෙනෙක් ප්‍රශ්න කිරීමට බඳුන් කරනු ලැබූහ.ඔවුන් සතු ගමන් මලු ගුවන් යානාවෙන් පිටතට ගැන නැවත පරීක්ෂා කළේය.ගුවන් යානාවෙන් පිටතට ගත්  ගුවන් මගීන් කිහිප දෙනකු නැවත කොළඹට පැමිණෙන තෙක් සියලු පහසුකම් ගුවන් සමාගම ලබා දුන් අතර පසුව ඔවුහු යූඑල් 307 දරණ ගුවන් යානයෙන් කොළඹ බලා පිටත්වූහ.පළමුව ගුවන් යානාවෙන් පිටතට ගෙන ප්‍රශ්න කිරීම සඳහා යොමු කළ ගුවන් මගීන් පස්දෙනෙකු මේ වන විටත් ගුවන් තොටුපළ පොලිසීය මගින් රඳවා ගෙන ප්‍රශ්න කරනු  ලබයි.   සිංගප්පූරු ගුවන් තොටුපළ බලධාරීන් විසින්  ගුවන් යානාව නැවත හරවා එවීමට නියෝග කිරීමට හේතු පරීක්ෂණ වලින් පසු අනාවරණය කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි. කෙසේ වෙතත් ගුවන් යානාවක් පිටත් වීමට පෙර ගුවන් තොටුපළ බලධාරීන් විසින් අදාළ පරීක්ෂා කිරීම් නිසි ලෙස අවසන් කළ යුතු හෙයින් ශ්‍රීලංකන් ගුවන් සමාගම  මේ පිළිබඳව සිංගප්පුරු  සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙතින් වාර්තාවක් ඉල්ලීමට කටයුතු කරන බව ද එම සමාගම පවසයි.මේ අතර සිංගප්පූරුවේ පැවැති සූපවේදී තරගයකට සහභාගී වීමට ලාංකිකයන් කිහිප දෙනකු ගොස් ඇති බවත්, එක් මගියකු සූපවේදී කටයුතු සදහා භාවිත කළ ගෑස් සිලින්ඩරයක් ද රැගෙන ගුවන් යානවට යෑමට උත්සාර කර ඇති බවත් දැනගන්නට තිබේ.මෙම ගුවන් යානාව නැවත කැඳවුයේ තවත් ගෑස් සිලින්ඩර තිබේදැයි පරීක්ෂා කිරීමට විය හැකි බව එම ආරංචි කියයි.එම ගුවන් යානය පිටත්වීම සහ නැවත හරවාගෙන ඒම පහත වෙබ් ලිපිනයට පිවිස නැරඹිය හැකිය.https://www.flightradar24.com/data/flights/ul309/#9691a58
සිංගප්පූරුවෙන් ගුවන් ගත කළ ශ්‍රී ලංකන් යානය පැයෙන් ආපසු කැඳවයි
1
hp_train_1948
ක.ග කරුණාරත්න   පසුගිය පළාත් පාලන  මැතිවරණයේදී වැඩිම මන්ත්‍රී කොට්ඨාස සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජයග්‍රහණය කර තිබූ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය අද කටයුතු කළේය. සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා පත්කරගැනීමේ මංගල සැසිවාරය උතුරු මැද පලාත් පාලන කොමසාරිස් එම්. කොඩිප්පිලිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාවේදී මුලින්ම සභාපති ධූරය සඳහා එක්සත් ජාතික  පක්ෂයේ මන්ත්‍රී කවිඳු අබේසූරිය මහතාගේ නමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිමල් අධිකාරි මහතාගේ නමත් යෝජනාවූ අතර ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 10 ක් ලබා ගනිමින් එ.ජා.ප මන්ත්‍රීවරයා වැඩි ඡන්ද 05 කින් සභාපතිවරයා විය. ප්‍රතිවාදී අපේක්ෂක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් අධිකාරී මහතාට හිමි වූයේ ඡන්ද 05 ක් පමණි. වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ඒ.එම් සමන්ත බණ්ඩාර මහතා නිතරඟයෙන් තේරීපත්විය. වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 16 ක් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ධූර 06 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 05 ක් සහ එක්ස්ත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 05 ක් වශයෙන් හිමිව තිබේ.
දිඹුලාගල ප්‍රාදේශිය සභා නව සභාපතිධූරය ශ්‍රිලනිප යට
0
hp_train_1949
(ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 193 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඩුබායි සිට අද (30) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් අතුරින් වැඩි පිරිසක් එරට රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන්ය.ඩුබායි සිට ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන මෙම ගුවන් යානය අද  සවස 6.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කෙරුණි. 
ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට
0
hp_train_1950
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)මනාලයකු උපක්‍රමශීලී අන්දමින් මනාලියගේ පියා පීඩාවට පත් කරමින් විවාහයට පෙරම දෑවැද්ද කොටස් වශයෙන් ලබාගනිමින් නිවෙස අලුත්වැඩියා කරන්නට ගත් උත්සාහයක් නිසා මංගල්ලයක් කැඩී බිඳී ගිය පුවතක් පසුගියදා මීරිගම ප්‍රදේශයෙන් වාර්තා විය.යුවතියක අසල්වැසි ගමේ තරුණයකු හා පෙමින් වෙලී සිටියාය. මේ හිතවත්කමට තරුණයාගේ පාර්ශ්වයේ වැඩිහිටියන් දැක්වූයේ දැඩි විරෝධයකි. දින, සති, මාස ගණන් ගතවෙද්දී මේ විරෝධය තරමක් අඩු විය. තරුණයාගේ මවුපියන් ඇතුළු වැඩිහිටි පිරිස් තරුණියගේ නිවෙසට ආගියේ මංගල්ලයේ කටයුතු කතාබහ කරගන්නටය.තරුණියගේ වැඩිහිටියන් ද කථිකා කිරීමෙන් පසු මංගල්ලයට දිනයක් ද තීරණය කෙරිණි. තරුණයා නිතර තරුණියගේ නිවෙසට යන්නට එන්නට ද පටන්ගත්තේ දැඩි විශ්වාසයක් ඇති කරගනිමිනි. මේ අතර කොරෝනා වසංගතය නිසා මංගල්ලය දිනෙන් දින කල් දමන්නට සිදු විය.මනාලිය බලන්නට එන තරුණයා මනාලියගේ නිවෙසින් කිසියම් දෙයක් ගෙන යන්නට නිතරම කටයුතු කළේය. පැරැණි යතුරුපැදිය මනාලියගේ නිවෙසේ තබා මනාලයා මාමණ්ඩියගේ නවීන පන්නයේ යතුරුපැදිය ගෙන ගියේ, පසුව ගෙනෙන බව කියමිනි. සතියක් දෙකක් ගත විය. යතුරුපැදිය මනාලයා ඔහුගේ එකක් සේ පාවිච්චි කරන්නට පටන් ගත්තේය.නිතර මාමණ්ඩියගෙන් මුදල් හදල් ඉල්ලාගත් මේ මනාලයා, ඒවා ද අමතක කරන්නට ක්‍රියා කළේ කිසියම් සැලසුමක් මත බව මේ අතර මාමණ්ඩියට තේරුම් ගියේය. මේ අතර, වෙන්න යන බෑනා මාමාට යෝජනාවක් කළේය. ඒ, මංගල්ලයට පෙර ඔහුගේ නිවෙස අලුත්වැඩියා කර දෙන ලෙසය. දැඩි ලෙස අබලන්ව ඇති නිවෙසේ අලුත්වැඩියාව රුපියල් ලක්ෂ දෙක තුනකින්වත් කරන්නට බැරි එකක් විය. ඔහු බිරිය හා පළමුව සාකච්ඡා කළේය. අනතුරුව මනාලියක වෙන්නට පෙරුම් පුරන දියණියට ද ඇගේ අනාගත සැමියාගේ ක්‍රියා කලාපය ගැන කියා දුන්නේය. මනාලයා තරුණියගේ අත තිබූ මුදල් හදල් ද වරින් වර ඉල්ලාගෙන ඇති බව මවුපියන්ට දැනගන්නට ලැබිණි.සියල්ල දැනගත් තරුණිය තීරණයක් ගත්තාය. “තාත්තේ, මම මේ මංගල්ලේ කරගන්නේ නැහැ. දැන්ම මෙහෙම නම් ඉස්සරහට මේ මිනිහා මාව මරලත් දායි” කී ඇය හිත හදා ගත්තේ කපටියකුට රැවටී ජීවිතය සදහටම අඳුරු කරගන්නට බැරි නිසාය.  
කොටස් වශයෙන් දෑවැද්ද ගන්න ගිහින් මනාලියත් නැතිවෙලා
0
hp_train_1951
(නිමල කොඩිතුවක්කු)ලොකු ලූණු මිළ ගණන් වෙනදාට වඩා සාපේක්ෂව ඉහළ ගාස් ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.ඒ අනුව සාමාන්‍ය වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක් රුපියල් 280 ත් 300 ත් අතර මිළකට අළෙවි වන බවත් ඔව්හු සඳහන් කරති. පෑලියගොඩ මැනිං වෙ`ළඳපොලේ ලොකු ලූණු කිලොවක් රුපියල් 250ක් ලෙස අළෙවි විය.මේ අතර පෑලියගොඩ මැනිං වෙ`ළඳපොලෙ දේශීය අර්තාපල් කිලෝවක රුපියල් 330 කටත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 480 කටත් අළෙවි විය.මේ අතර වෙනදාට සාපේක්ෂව එළවලු මිළ ගණන්ද ඉහළ ගොස් ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.මෙයට අමතරව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 420ක්, බොංචි කිලෝවක් රුපියල් 520 ක්, ගෝවා කිලෝවක් රුපියල් 360ක්, වම්බටු කිලෝවක් රුපියල් 400ක්, වට්ටක්කා කිලෝවක් රුපියල් 280 ක්, අමු මිරිස් කිලෝවක් රුපියල් 400ක්, දෙහි කිලෝවක් රුපියල් 800 ක් තක්කාලි කිලෝවක් රුපියල් 440 ක්, ලෙස අළෙවි වූ බව පාරිභෝගිකයෝ කියති. 
එළවලු-මාළු මිල ඉහළට
0
hp_train_1952
බිමල් ෂ්‍යාමන් ජයසිංහ ගෙවුනු පැය 24 තුලදී ( අද උදෑසන 6 දක්වා ) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධව පුද්ගලයන් 1128 අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණි වාහන 303 පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. ඉකුත් මස 20 වෙනිදා සිට ගෙවුණු දින 38 තුලදී මේ දක්වා  පුද්ගලයන්  41003 අත්අඩංගුවට ගෙන  වාහන  10560 ක් පොලිස් භාරයට ගෙන ඇති බව දිවයින පුරා පොලිස් ස්ථාන මගින් ලබා දුන් දෛනික වාර්තා වලින් සනාථ වන බව මාධ්‍ය  කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි  . 
ඇඳිරිය කැඩූ 1128 ක් අත්අඩංගුවට
1
hp_train_1953
(ඩයනා උදයංගනී)දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයින පුරා අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
ගිනිකොණ කැළඹේ වැස්ස වැඩි වේ
0
hp_train_1954
(ඩයනා උදයංගනී)දිවයිනේ පළාත් හතරකට හෙට (21) සහ අනිද්දා (22) දිනවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම ප්‍රකාශකයා කීවේය.දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු පැවසීය.ඌව, නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බවද ඔහු කීවේය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
වියළි කාලගුණ‍ය වෙනස් කරමින් පළාත් කිහිපයකට වැසි
0
hp_train_1955
ඉන්දිකා රාමනායක සහ සිතුම් චතුරංග ඉන්දියාවේ සිට බෝට්ටු මාර්ගයෙන් රැගෙන විත් බෙදාහැරීමට රැගෙනයමින් තිබූ රුපියල් ලක්ෂ 30කට අධික වීදි වටිනාකමකින් යුත් අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සමඟ සැකකරුවන් දෙදෙනකු තලෙයිමන්නාරම රෝහල ඉදිරිපිටදී අත්ඩංගුවටගත් බව  තලෙයිමන්නාරම පොලිසිය පවසයි. අයිස් නැමති මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් තලෙයිමන්නාරම ප‍්‍රදේශයේදී හමුවූ පළමු අවස්ථාව මෙය බව පොලිසිය සඳහන් කළේය. යතුරු පැදියකින් මත්ද්‍රව්‍ය රැගෙනයන පුද්ගලයකු පිළිබඳ තලෙයිමන්නාරම පොලිසිය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා මත්ද්‍රව්‍ය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය. මේවා ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් කොළඹ ප‍්‍රදේශයේ සමාජශාලා වෙත බෙදාහැරීමට නියමිතව තිබූ බව  සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවටගත් සැකකරුවන් තලෙයිමන්නාරම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක හා 23 ක තරුණයින් වේ.
‘අයිස්‘ ප්‍රවාහනය කළ බස් රියදුරුට-කොන්දොස්තරට වැඩ වරදී
0
hp_train_1956
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා 7කට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම මේ මස 26 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (12) දින නියම කළේය. මෙම පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා තමන්ට නොතීසි නොලැබුණු බව පැවසීය. එහෙත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ තමන් නොතීසි නිකුත් කළ බවයි. එය කූරියර් තැපෑල ඔස්සේ වගඋත්තරකරුවන්ට යැවූ බවද ජනාධිපති නීතීඥවරයා කියා සිටියේය. ඒ අනුව නීතීපතිට යළි නොතීසි නිකුත් කරන ලෙසට පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ අධිකරණය  පෙත්සම මෙම මස 26 දින සලකා බැලීමට දින නියම කළේය. මෙම පෙත්සම අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් බී. අබේකෝන්, එම්. එස්. කේ. බී. විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති. නීතීඥ සහන් විජේවර්ධන මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.මෙම සිද්ධියට සම්බන්ධ චෝදනා විභාගයට ගැනීමට ස්ථර ත්‍රී පුද්ගල මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට පෙත්සම්කරු විරෝධතාවයක් මතු කළේය. එම විරෝධතාව සලකා බලා එය ප්‍රතික්ෂේප කෙරිණි. මෙය නීතියට පටහැනි වේ. එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශිත නියෝගය බලරහිත කරන ලෙසද , මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
ගෝඨාභයට එරෙහිව නඩුවිභාගය අත්හිටුවීම 14 දා තෙක් දීර්ඝ කරයි
0
hp_train_1957
(නිමල කොඩිතුවක්කු)දේශපාලන  ආර්ථික පොදු න්‍යාය පත‍්‍රයේ  සිටින විරුද්ධවාදීන් පරාජය කිරීම වෙනුවට, පක්ෂයට පිටින් පැමිණි කණ්ඩායම සහ පක්ෂයේ දීර්ඝ කාලීනව  නොසිටි පිරිස්  අවබෝධයකින් තොරව පක්ෂයේ නායකයාට පහරදීම පසුගිය වසර 20 තුළ  පක්ෂයේ සිදුවූ ප‍්‍රධානතම දුර්වලකම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. පක්ෂය ආරක්ෂා කර බෙදිමකින් තොරව එකමුතුව  ඉදිරියට ගෙනයාමට පක්ෂ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට වගකීමක්  සහ යුතුකමක් ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන කතා කිරීම නතර කර සියලූ බලවේග ඒකරාශී කරගනිමින් ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කිරීමට සැලසුම් කළ යුතු බවත් සඳහන් කළේය.සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද(15) එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.‘‘කුමන ආකාරයටද  අපේ පක්ෂයේ තියෙන යම් යම් මතවාද විසඳගන්නේ කියලා වර්තමානයේ සියලූ දෙනා අවදියෙන් සිටිනවා. පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ  නායකත්වය පත් කිරීම  පක්ෂ මහා සම්මේලනයෙන් සිදුකරලා තියෙනවා.  අපේ පක්ෂයේ කුමන මතවාද අදහස් තිබුණත් අපි අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. සියලූ දෙනාගේ ඒකමතික තීරණය අනුව වර්ථමානයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට  රනිල් වික‍්‍රමසිංහ මහතා  පත් කරගෙන තිබෙනවා. මේ ගැන බෙදීමක් ඇතිකර නොගත යුතුයි කියලා  මම විශ්වාස කරනවා.  බෙදීම් ඇති වූ අවස්ථා ඉතිහාසයේ  ඕනෑතරම් තිබෙනවා.  ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි එක්සත් ජාතික පක්ෂ  ප‍්‍රධානීන්,  පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන්  පක්ෂ සාමාජිකයන්  ලක්ෂ 10ක් මේ පක්ෂයෙන් ඉවත් කිරීමට දිවංගත රණසිංහ  පේ‍්‍රමදාස මහතා ක‍්‍රියාකර තිබෙනවා. ඒ ක‍්‍රියාකළේ  පක්ෂයට විනයක් අවශ්‍ය නිසයි.පක්ෂයෙන් ලක්ෂ 10ක් ඉවත් කලාට පසු  1994 දී  රජයක් පිහිටුවීමට එක පාර්ලිමේන්තු අසුනයි අහිමි වෙන්නේ. පසුකාලීනව  අපේ පක්ෂයේ හිටපු නායක ඞී.  බී විජේතුංග ජනාධිපතිතුමා සියලූ දෙනා එකට එකතු  කරගෙන නැවත එක්සත්  ජාතික පක්ෂය ඉදිරියට ගෙනත් තියෙනවා.මේ පක්ෂය ආරක්ෂා කරලා  බෙදිමකින් තොරව එකමුතුව  ඉදිරියට ගෙනයාමේ වගකීම  පක්ෂ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට වගකීමක්  යුතුකමක් තියෙනවා. එතුමන්ට  මේ පක්ෂය විනාශ කරන  නායකයා හැටියට සනිටුහන් වෙන්න බැහැ.  පක්ෂයක නායකත්වය කියන එක  අපේ පක්ෂයේත් අනෙක් දේශපාලන පක්ෂවලත් ලෝක දේශපාලන පක්ෂවලත් ව්‍යවස්තාවට  අනුව එකවගේම ක‍්‍රියා කරලා තියෙනවා.  උදාහරණයක්  විදියට බණ්ඩාරනායක මහතා මියගියාට පස්සේ  බණ්ඩාරනායක මැතිනිය වසර 60කට ආසන්න කාළයක්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරුවා.  එතුමියගේ ප‍්‍රජා  අයිතිය අහෝසි කරලා තිබියදීත්  ලේනුසුවක් කටේ බැදගෙන පක්ෂ  නායිකාව විදියට වේදිකාවේ අසුන් ගත්තා. එතුමිය  පක්ෂ නායකත්වය දැරීම  චන්දු‍්‍රිකා මැතිනියට ජනාධිපතිවීම සදහා නුසුදුසුකමක් වුණේ නැහැ. අනික් පක්ෂ ගත්තත් දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් මහතා  අවුරුදු 89ක් වෙලත් ඒ පක්ෂයට නායකත්වය දෙනවා. සියලූ දෙනා  මී මැසි පොදිය වගේ එකට එකතුවෙලා කියනවා  අපේ නායකයා සම්බන්ධන් කියළා. වාසුදේව නානායක්කාර වෙන්න පුලූවන් විජේවීර වෙන්න පුලූවන්  අනුර කුමාර වෙන්න පුලූවන් පිලිගත්තත් නැතත්  ඒ පක්ෂවලට ආවේනික වූ නායකත්වය කියන එක වෙනම කාරණයක්.  උදාහරණයක් විදියට ගත්තොත් මහින්ද  රාජපක්ෂ මහතා පොහොට්ටුවේ නායකයා. හැබැයි  ගෝඨාභය රාජපක්ෂ මහතාට  රටේ ජනාධිපතිවෙන්න ඒක නුසුදුසු කමක් වුනේ නැහැ.  ඒ නිසා ගෝඨාභය  රාජපක්ෂ මහතාට පොහොට්ටුවේ නායකත්වය ඉල්ල ඉල්ල  පොර කකා කෑ ගැසීමේ අවශ්‍යතාවයක් පැන නැගුනේ නැහැ.අපේ සියලූ බලවේග එකට එකතුවෙලා අපේ දේශපාලන  ආර්ථික පොදු නයාය පත‍්‍රයේ  සිටින විරුද්ධවාදීන් පරාජය කිරීම වෙනුවට පක්ෂ නායකයාට පහරදුන්නා. එය  පහුගිය අවුරුදු 20 කට ආසන්න කාළයක් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානතම දුර්වලකමක් විදියට අපි දකිනවා. විශේෂයෙන් අපේ පක්ෂයට පිටින් පැමිණි කණ්ඩායම සහ අපේ පක්ෂයේ දීර්ඝ කාලීනව  නොහිටපු මේ පිළිබද  අවබෝධය අඩු කණ්ඩායම ඉන්න නායකයන්ට  පහරදීම තමයි මේ කාළය තුළ සිදුකලේ.රනිල් වික‍්‍රමසිංහ  මහතා පැන්නිය යුතුයි කියලා 2012 දීත් ඔය කියන කණාඩායම  ක‍්‍රියා කළා. 2014 සිංහල අවුරුද්දටත්  පක්ෂයේ නායකයා පන්නනවා කිව්වා. සිංහල අවුරුද්දට  කලින් මහින්ද රාජපක්ෂ මහතා පන්නන්න  පෙලගැහෙමු කියලා මේ කණ්ඩායම කියනවා මම කිසිම අවස්ථාවක දැකලා නැහැ.2014 ඔක්තොම්බර් මාසයේදී මේ පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක  මහතාත් පැනලා යනකොට රනිල් වික‍්‍රමසිංහ  මහතා ඒ අභියෝගය බාරගෙන රාජපක්ෂ දේශපාලනය සම්පූර්ණයෙන්ම පරාජයට පත්කළා. එතනදි මාදුලූවාවේ සොභිත හිමියන් ප‍්‍රමුඛ බෞද්ධ බලවේග එක්ක එතුමා කටයුතු කළා.එතනදි රනිල් වික‍්‍රමසිංහ මහතා  පරාජයට පත්කරලා  එලවනවා කියපු කන්ඩායමට  මැති ඇමතිකම් දුන්නට පස්සේ ඔවුන් ඒ බලය පාවිච්චි කරලා රාජපක්ෂ පරාජය කිරීම වෙනුවට  රනිල් වික‍්‍රමසිංහ මහතා  පරාජය කරන්න නැවත උත්සාහ කළා. පක්ෂ නායකයාට පහරදීමෙන් සිදුවන්නේ  පක්ෂ නායකයා සහ අනික් කණ්ඩායම දුක්විදිම පමණයි’’  යැයිද ඔහු එහිදී පැවැසීය.එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ වලට පිලිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  වජිර අබේවර්ධන  මහතා :ප‍්‍රශ්නය : පක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට  නොලැබුනොත් වෙනම පක්ෂයකින් තරඟ කරනවා කියලා කියනවා.පිළිතුර : එහෙම හදන්නත් තහනම්. එහෙම ක‍්‍රියා කරන්නත් තහනම්.ප‍්‍රශ්නය : රනිල් වික‍්‍රමසිංහ මහතා අවුරුදු විසිගණනක් නායකයා ලෙස  කටයුතු කළා. ජයග‍්‍රහණ වලට වඩා පරාජයන් එහිදි  අතිවිදින්න වුණා. වෙනසක්  වෙන්න  ඕන කියලා ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද?පිළිතුර : මම කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. එවැනි තින්දුවක් ගත්තොත් එක්සත්  ජාතික පක්ෂයට  තව අවුරුදු විස්සකටවත් බලයට එන්න ලැබෙන්නේ නැහැ.ප‍්‍රශ්නය : රනිල්  වික‍්‍රමසිංහ මහතා දිගටම නායකත්වයේ  හිටියොත් ඊළඟ මහමැතිවරණයටතරඟ කරන්නේ නැහැ කියලා  ඇතැම් මන්ත‍්‍රීවරු ප‍්‍රකාශ කර තිබෙනවා?පිළිතුර : ඒක ඒ අයගේ පෞද්ගලික  අදහස්. ඒක නරක නැහැ ඒකත් හොදයි. ( ඡායාරූප-  ජයමාල් චන්ද්‍රසිරි) 
පසුගිය වසර 20 දුර්වලතා ගැන වජිර අබේවර්ධන කියයි
1
hp_train_1958
(ඩයනා උදයංගනී) දිවයිනේ දිස්ත‍්‍රික්ක 13 කට බල පා ඇති තද වැසි, ගං වතුර, නායයෑම් අවදානම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 9,962 කට අයත් 34,842 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. බදුල්ල, මොණරාගල, මඩකලපුව, අම්පාර, මහනුවර, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.  මින් වැඩිම පීඩාවකට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජනතාව වන අතර එහි පවුල් 1,777කට අයත් 6,218 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය)  ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.මේ අතරින් අවතැන් වූ පවුල් 4,904 කට අයත් 16,892 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 120 ක රදවා සිටින බව ද කොඩිප්පිලි මහතා සදහන් කළේය. මෙම තත්ත්වය හේතුවෙන් නිවාස 49 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 1,017 කට අර්ධ හානි සිදුව ඇතැයිද ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කීවේය.පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ඉදිරි අවදානම අවම කර ගැනීම සදහා විමසිලිමත්ව කටයුතු කරන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දීමක් කර තිබේ.• අම්පාර දිස්ත‍්‍රික්කයේ පවුල් 1,633 කට අයත් 5,690ක් • අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පවුල් 1,272 කට අයත් 4,341ක් • හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පවුල් 829 කට අයත් 3,362 ක් • මොණරාගල දිස්ත‍්‍රික්කයේ පවුල් 973කට අයත් 3,350 ක් • මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල් 1,043 කට අයත් 3,293 ක් • බදුල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 650 කට අයත් 2,565 ක් • පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවුල් 776 කට අයත් 2,371ක්  • මාතලේ දිස්ත‍්‍රික්කයේ පවුල් 484 කට 1,592 ක්  • කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පවුල් 311 කට අයත් 939 ක් • නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පවුල් 115 කට අයත් 389 ක් • මහනුවර දිස්ත‍්‍රික්කයේ පවුල් 93කට අයත් 347 ක්  • කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 6කට අයත් 25 ක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.  
ගංවතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 18,840 ක් අවතැන්
0
hp_train_1959
(ඩයනා උදයංගනී)දිවයින ආසන්නයේ පැවති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බැවින් බොහෝ ප්‍රදේශවලට අද (30) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරු,උතුරු මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය. 
අද දවසේ කාලගුණය
1
hp_train_1960
(යොහාන් භාසුර)විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (18) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (17) පස්වරු පැවසීය.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට හෙට පැය 3 ය විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 15 විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය. 
හෙටත් පැය 5 ක විදුලි කප්පාදුවක්
0
hp_train_1961
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 24/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34258550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව37269040අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32259065වැසි ස්වල්පයක්.ගාල්ල32259070වැසි ස්වල්පයක්.යාපනය33288060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30229060ප්‍රධාන වශයෙන් වැසි රහිත.නුවරඑළිය21139065වැසි ස්වල්පයක්.රත්නපුරය34249055වැසි ස්වල්පයක්.ත්‍රිකුණාමළය36269050අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33278570ප්‍රධාන වශයෙන් වැසි රහිත.  
‘තැනින් තැන සුළු වැසි‘
0
hp_train_1962
(මනෝප‍්‍රිය ගුණසේකර)වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබූ අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කර බලපත‍්‍ර නොමැති අලි පස්දෙනෙකු ලඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විත්තියේ නීතීඥවරුන් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන් අතර ලබන සැප්තැම්බර් 18 වැනිදා එම විරෝධතාවය පිළිබඳව කරුණු විමසීමට විනිසුරු මඩුල්ල නියම කළේය.මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි (සභාපති) ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කෙරේ.2014 ජුලි මසයත් 2015 අගොස්තු මාසයත් අතර කාලයේ මහරගම, ඇරව්වල, නාවල, බත්තරමුල්ල හා ඔරුවල යන ප‍්‍රදේශවලදී පැමිණිල්ල නොදත් අය සමඟ එක්ව සොරකම් කළ අලි බව දනිමින් වංචනිකව එම අලි ජාවාරම් කිරීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව අලි ජාවාරම් කිරීම, එම අලි නීතීවීරෝධී අන්දමින් ලඟ තබාගැනීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ අධි චෝදනා 33ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.අලි ජාවාරම්කරුවකු බව කියන නිරාජ් රොෂාන් හෙවත් අලි රෝෂාන් නමැත්තාට අමතරව වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ උපාලි පද්මසිරි, වන ජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී එච්. පි‍්‍රයංකා සංජීවනී, උචිත නිශාන් ධම්මික, චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, පලිහපිටිය ගමගේ ජයලත්, දමිත් චතුරංග යන වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් අට දෙනෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.රටේ වන අලි සම්පත විනාශයට ලක් කළ මෙම ජාවාරම හේතුවෙන් සාමාජීය වශ්‍යයෙන් කැළබීමක් සිදු වු හෙයින් මෙම නඩුව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම යෝග්‍ය බව සඳහන් කරමින් ඒ සඳහා අවසර දෙන්නැයි නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීම සඳහා මෙම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කෙරිණි.මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ඇතුළු නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින්ට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව දැනුම් දුන්නේය.ඒ අනුව මෙම නඩුව ලබන මස 18 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල නඩුව සම්බන්ධයෙන් ඇති මූලික විරෝධතා එදින ඉදිරිපත් කරන ලෙස විත්ති පාර්ශ්වයට නියම කළේය.පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනි සිටියේය.විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ඇතුළු නීතීඥවරුන් කණ්ඩායමක් පෙනී සිටියහ.    
අලි රොෂාන් ඇතුළු පිරිසට නීතිපති පවරා ඇති නඩුවට විත්තියේ නීතීඥවරුන්ගෙන් විරෝධයක්
1
hp_train_1963
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1814 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.======================================================================================කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1806 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.අද මේ වනවිට ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගෙන ඇත.======================================================================================කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1804 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.අද මේ වනවිට ආසාදිතයින් 3 දෙනෙකු හඳුනාගෙන ඇත.කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 902 ක් වේ. මේ වන  විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 891 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
කොරෝනා අසාදිතයින් ගණන 1814 දක්වා ඉහළට
1
hp_train_1964
කප්පල්තුරෛ , මදට්ටන් වෙරළ ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.එහිදී ඔවුන් සතුව තිබූ මිටර් 250 දිගැති තහනම් දැලක්, කැනොයි වර්ගයේ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.   ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා චීන වරාය, පොලිසිය වෙත භාර දීමට කටයුතු  කර ඇත.නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් චීන වරාය පොලිස් නිලධාරීන් සමඟ සිදුකළ මෙහෙයුමකින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.(36698)
නීතී විරෝධීව මසුන් ඇල්ලු 5 ක් අත්අඩංගුවට
0
hp_train_1965
(ඩයනා උදයංගනී)දකුණ, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වල අද (15) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නැගෙනහිර පළාතේත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 
පළාත් දෙකකට වැසි
0
hp_train_1966
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 25/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31259575වැසි වාර කිහිපයක්.  මඩකලපුව30259580වැසි වාර කිහිපයක්.  කොළඹ32249570වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ගාල්ල32249070වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )යාපනය31248575වැසි වාර කිහිපයක්.  මහනුවර30219570වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )නුවරඑළිය19129585වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )රත්නපුරය34239560වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ත්‍රීකුණාමළය31249575වැසි වාර කිහිපයක්.  මන්නාරම30249085වැසි වාර කිහිපයක්.    
‘පළාත් කීපයකට අදත් තද වැසි‘
1
hp_train_1967
x ඡන්දෙට සුමානයයි. ජවිපෙ කට්ටිය ලෑස්ති ද පාර්ලිමේන්තු යන්න?අපේ කට්ටිය කලිනුත් පාර්ලිමේන්තුවේ හිටියා. මේ වතාවෙ තවත් වැඩි පිරිසක් පාර්ලිමේන්තු යන්න සූදානම් කියලා පේනවා. ජනතාවත් ඒ සඳහා සූදානම්. අපි මේ සැරේ අලූත් තේමාවක් එක්ක අපේ ප‍්‍රචාරක කටයුතු කළා. ඒක ඉතාම සාර්ථකයි. ඒකෙ ප‍්‍රතිඵල මේ වනවිටත් අපිට පේනවා.x ජවිපෙ ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මිනිස්සුන්ට අල්ලලා ගිහිල්ලද?අපි මේක ඡුන්දෙටම ඉදිරිපත් කරපු දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ විවිධ පිරිස්වල අදහස් එකතු කරමින් ඒවාත් සලකා බලලා තමයි අපි මේක සකස් කළේ. ඇත්තටම ඒක ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් මේ සඳහා ලැබෙන ප‍්‍රචාර ඉහළයි. එක්සත් ජාතික පක්ෂයයි, නිදහස් සන්ධානයයි ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ දෙක නම් ඡුන්දෙන් පස්සෙ කුණු කූඩෙට දානවනේ. ඒත් අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එහෙම එකක් නෙවෙයි. අපි හදලා තියෙන්නේ රට හදන වැඩපිළිවෙලක්.x සමහරු කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ලොකු කතා තිබුණට වැඬේ බාර දුන්නම කර ගන්න අමාරුයි කියලා. පෙට්ටි කඩයක් කළාට සුපර් මාර්කට් එකක් කරන්න ජවිපෙට පුළුවන්ද කියලා ඒ අය අහන්නේ?ඔය වගේ සැකයක් තියෙන  ඕන මහත්තයකුට අපි කියන්නේ  අවුරුදු පහක් අපට දීලා බලන්න කියලා. අපි තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව කරලා පෙන්නුවා. අපි ඒක හොඳට කරගෙන යනකොට බලෙන් ඒක උදුර ගත්තා. අපි අවුරුද්දක් ඇමැතිකම් හතරක් කරලා පෙන්නුවා. ඒවා හරියට කරන්නේ කොහොමද කියලා. අපි අවුරුදු පනහක් තිස්සේ පක්ෂය පවත්වාගෙන යනවා තර්ජන ගර්ජන මැද්දේ. අපි  ඕන දෙයක් පිළිවෙලට කරන හැටි පෙන්නලා තියෙන්නේ. අපි මැයි දිනේ වුණත් සමුළුවක් වුණත් ආකර්ශණීය විදියට කරනවා. අපේ පක්ෂයේ අයට කැපවීමෙන් වැඩ කිරීමේ ශක්තිය  ඕනවටත් වැඩිය තියෙනවා. ඒ ගැන කවුරුවත් සැකයක් තියා ගන්න  ඕන නෑ. අපි කියන්නේ වැඩිය  ඕන නෑ අවුරුදු පහක් අපට බලය දීලා බලන්න අපට හරියට රට කරන්න පුළුවන්ද බැරිද කියලා.x ඔබ කියන්නේ අවුරුදු පනහක් තිස්සේ ශක්තිමත්ව පක්ෂය පවත්වාගෙන එනවා කියලා එහෙනම් සැරින් සැරේට පක්ෂයේ ජනප‍්‍රිය චරිත ගැලවිලා යන්නේ ඇයි?එවැනි චරිත ගැලවිලා යද්දිත් අපි පක්ෂය ශක්තිමත්ව මේ දක්වා පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. අපිට  ඕනම දුෂ්කර තත්ත්වයක් තුළ වැඩ කරන්න පුළුවන්. පක්ෂයට  කැපවීමෙන් වැඩ කරන්න බැරි අය පක්ෂයෙන් අයින් වෙලා යනවා. ඒක ස්වභාවිකයි.x ජවිපෙ කිය කිය හිටියේ මේ ඡුන්දෙට හොඳම අය තමයි දාලා තියන්නේ කියලා. ඒත් පුත්තලම් දිස්ත‍්‍රික්කයේ ජවිපෙ කණ්ඩායම් නායක සමන්ත කෝරළේ ආරච්චි ඡුන්ද නීති කඩලා මාට්ටු වුණා නේද?අපි ඔහුගෙන් මේ ගැන ප‍්‍රශ්න කළා. ඔහු දැන් මානව හිමිකම් කොමිසමට ගිහින් තියෙනවා. මෙතන තියෙන්නේ ආයතන ගැටුමක්. ඔහු අපේ පක්ෂයේ සෞඛ්‍ය වෘත්තීය සමිතියේ ප‍්‍රධානියා. ඔහු ඔය කියන රෝහලට යන්න එතන ප‍්‍රධානියාගෙන් අවසර අරගෙන තියෙනවා. නමුත් එතන ඉදපු අපිට විරුද්ධ කෙනෙක් දීපු කෝල් එකකට තමයි ඔහුව ඇවිල්ලා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. එතන පත‍්‍රිකා බෙදීමක් හෝ ඡුන්ද නීති කැඞීමක් වෙලා නෑ. ඔහුත් එක්ක පක්ෂයේ තවත් කීප දෙනෙක් ඉඳලා තියෙනවා. ඔවුන් පත‍්‍රිකා බෙදන්න යන අතරතුර තමයි ඉස්පිරිතාලෙට ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා ඔවුන් ළඟ පත‍්‍රිකා තිබිලා තියෙනවා. ඒත් ඔවුන් එතන ඒවා බෙදලා නෑ. ඒක අනවබෝධය නිසා වෙච්ච සිදුවීමක්. දැන් ඔහුට පොලිසියෙන් ඇප ලැබිලා තියෙනවා. දැන් ඔහු ඔහුගේ මානව හිමිකම් කඩ වුණා කියලා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරලා තියෙනවා.x ඔබලා පසුගිය සති අන්ත පත්තර එක්ක දැන්වීම් අතිරේකයක් පළ කළා ”ඒ විසල් සීනු නාදය” කියලා. ඒත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කියන්නේ දැන් සීනුව අලියගෙ හොඬවැලෙත් නෙවෙයි ඒක දැන් අලියගෙ නැට්ටෙ එල්ලලා කියලා.දැන් එයා දේශපාලනයෙන් බංකොලොත්ම අඩියට වැටිලනේ ඉන්නේ. දැන් එක එක කතා විකාරෙන් වගේ කියවනවා. එයා ජනාධිපති කාලේ එක එක්කෙනාට මඩ ගහන්න කට්ටිය වටේ තියාගත්තා. මිනිස්සුන්ට ගහන්නත් තව කට්ටිය තියාගත්තා. එයාලා දැන් ඔහුත් එක්ක නෑ. දැන් මඩ ගහන වැඩෙත් එයාටම කරන්න සිද්ධ වෙලා. දැන් මහින්ද රාජපක්ෂ මිනිස්සුන්ට ගහන වැඩෙයි මඩ ගහන වැඩෙයි දෙකම කරනවා. අකුරැුස්සේදී එයාගෙ රැුස්වීම් බලන්න ආපු කෙනෙකුටම ගහන්න පැන්නා. අපිට මඩ ගහන මහින්ද මහත්තයට තියන්නේ තමන් ගැන කල්පනා කරලා බලන්න කවුද බංකොලොත් වෙලා තියෙන්නේ කියලා. රනිල් වික‍්‍රම සිංහලගෙ ආණ්ඩුවේ ඇමැතිකම් ගත්තෙ මහින්ද රාජපක්ෂගෙ පක්ෂෙ මහත්වරුනේ. අලියගේ නැට්ටේ එල්ලූනේ මහින්ද එක්ක හිටපු අය. රාජිතලා, අර්ජුනලා අද කොහේද ඉන්නේ. නිදහස් පක්ෂෙ හිටපු භාණ්ඩාගාරික නාවින්න අද කොහේද ඉන්නේ. අපි මහින්ද මහත්තයාගෙන් අහන්නේ අලියගෙ නැට්ටේ එල්ලිලා ඉන්නෙ එයාගෙ අයද අපිද කියලා.x මේ සැරේ ජවිපෙට දෙන හැම මනාපයක්ම අලියට දෙන මනාපයක් කියලා ඔබලගෙ පක්ෂෙ හිටපු මුසම්මිල්ලා එහෙම කියන්නේ?අපේ ප‍්‍රතිපත්ති ගැන වැරැද්දක් අල්ල ගන්න බැරි වුණාම අපිට අවලාද ගහනවා. අපි යු.එන්.පීය. එක්ක සම්බන්ධයක් තියෙනවා නම් තනියම ඡන්දෙට ඉල්ලන්නෙ නැතුව එයාලගෙ පෙරමුණට යන්න තිබුණානේ. දින 100 ආණ්ඩුවෙ ඇමැතිකම් ගන්නත් තිබුණනෙ එහෙනම්. පසුගිය ඡුන්දෙ පැරදිලා මහින්ද රාජපක්ෂ ගෙදර ගියෙත් රනිල්ට කතා කරලා. රාජපක්ෂ නෝනගෙන් පසුගිය දවසෙ කට උත්තරයක්  ගන්න  ඕන වුණාම ඒකත් වෙන තැනකදී කරන්නේ මේ දෙගොල්ලො කතාබහ කරලා. ඒක නිසා ඞීල් ගහන්නේ ඒ දොගොල්ලෝ. ඒගොල්ලො ඞීල් දාගන්න ගමන් අපට බොරු අවලාද ගහනවා. අපිට නම් මහින්දයි, රනිලූයි දෙන්නම එකයි. ඒ දෙන්න එකම කාසියේ දෙපැත්ත. ඔය පක්ෂ දෙකත් එක වගේ. අලියා දිනුවොත් බලන්නකො බුලත්කොලකාරයො කී දෙනෙක් අලියාගෙ පැත්තට බල්ටිය ගහනවද කියලා.x රෝහණ වීරසිංහ කියන සංගීතකරුවා පසුගිය දවසක කිව්වා ජවිපෙට රටේ මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම පිළිබඳ අබමල් රේණුවක හැඟීමක් නෑ කියලා.රෝහණ වීරසිංහ ගැන අපිට නම් තියන්නේ කණගාටුවක්. දක්ෂ කලාකරුවෙක් මහින්ද රාජපක්ෂට විකිණිලා එක එක පැත්තට අවලාද කියනවා. රෝහණ වීරසිංහ තාම ජීවත් වෙන්නේ අවුරුදු විසිපහකට විතර එහා අතීතයේ. අපි කියනවා ඔහුට ඔය නින්දෙන් අවදි වෙන්න කියලා. හෘද සාක්ෂියක් තියෙන කලාකරුවෝ දැන් ඉන්නේ ජවිපෙ වටා. එදා නන්දා මාලනීගේ ”පවනේ” ”සත්‍යයේ ගීතයේ” සිංදු හදපු රෝහණ වීරසිංහමද මේ කතා කරන්නේ කියලා අපට සැකයි. එදා එයාලා නියෝජනය කරපු අතීතයට අද එයාලම පස්ස හරෝපු එක ඉතිහාසයේ සරදමක් කියලයි අපට නම් හිතෙන්නේ.x දැන් ආපහු ෆෙඩරල් කතා බහක් කරළියට ඇවිත් ජවිපෙ අදහස  මොකක්ද?අපි නම් පැහැදිලිවම ඒ මතයට විරුද්ධයි. අපි ඒක ප‍්‍රතික්ෂේප කරනවා. මේක මේ ආපහු ජන්දේදී ජාතිවාදය අවුස්සන වැඩක්. ටී.එන්.ඒ. එකට උතුරෙන් ඡුන්ද ගන්න බෑ ජාතිවාදය අවුස්සන්නෙ නැතුව. ඒ අය දකුණෙ  බිල්ලෙක් පෙන්නලා උතුරෙන් ඡුන්ද ගන්න හදනවා.  ඒකම දකුණෙදී මහින්ද රාජපක්ෂලා කරනවා. උතුරේ බිල්ලෙක් පෙන්නලා ඒ අය දකුණෙ ඡුන්ද ටික මංකොල්ල කන්න සූදානම් වෙනවා. ජාතිවාදය අවුස්සන මේ කාලකන්නි වැඬේ කාට කාටත් නතර කරන්න කියලා අපි මතක් කරනවා.x ජවිපෙ ජාතික ලැයිස්තුවේ එන්.ජී. ඕ. කාරයො ඉන්නවා කියලා සමහරු චෝදනා කරනවා.පළවෙනි කාරණය ඔය චෝදනාවලට ඇත්තක් නෑ. එය කිසිම පක්ෂයකට අප ඉදිරිපත් කරපු ජාතියේ ජාතික ලැයිස්තුවක් ඉදිරිපත් කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසයි මේ අවලාද කියන්නේ. අනික රාජ්‍ය නොවන සංවිධාන ඔක්කොම නරක ඒවා නෙවෙයි. රටට අහිතකර දේවල් කරන එන්.ජී. ඕ. වලට අපිත් විරුද්ධයි.x ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂට කුඩු පට්ටං වෙන්න ගහනවනේ. ඒත් පසුගිය කාලය පුරා මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිරූපය පුම්බන්න සුළං ගහපු කලාකාරයෝ එහෙට පැනලා මෙහෙට පැනලා අන්තිමට ඔබලගෙ ජාතික ලැයිස්තුවටත් පැනලා ඉන්නවා.මහින්ද රාජපක්ෂ ගැන විශ්වාසය තියලා යම් යම් කලාකරුවො පිරිසක් ඔහු වටා  හිටියා. ඒ විශ්වාසය නැති වුණාම සමහරු එතනින් අයින් වුණා. ඒ අයට පහුවෙලා  හරි සත්‍ය අවබෝධ වීම ගැන සතුටුයි. අපි අනික් අයටත් කියන්නෙ සත්‍ය අවබෝධ කරගෙන රටේ යහපතට වැඩ කරන පාර්ශ්වයක් එක්ක එකතු වෙන්න කියලා.x මහින්ද ළඟ ඉඳගෙන ලාභ ප‍්‍රයෝජන අරගෙන ඔහු පරදින්න ඔන්න මෙන්න තියෙද්දී පැනලා ආපු අය බදාගන්න තරම් ජවිපෙ බංකොලොත්ද?අන්තිම මොහොතේ හරි නරක තැනකින් කවුරුහරි ගැලවිලා එනවා නම් ඒක හොඳයිනේ. අපට කලාකරුවො අතින් හිඟයක් නෑ. අද වෙද්දී රටේ ප‍්‍රගතිශීලී කලාකරුවො බහුතරයක් ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණ එක්ක.x රනිල් වික‍්‍රමසිංහ කිව්වේ ඊළඟ පාර්ලිමේන්තුවේදී සැම දෙනාම ආණ්ඩුවේ කොටස්කාරයො වේවි කියලා. දැන් නෑ නෑ කිව්වට ජවිපෙත් ඒ හවුලට නොයාවි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ. හවුල් ගහපු අතීතයක් ඔබලට තියෙනවනේ.කිසිසේත්ම අපි ඒ වගේ හවුලකට යන්නේ නෑ. ඉතිහාසයේ අපි හවුලකට ගියේ ජාතික අවශ්‍යතාවක් උඩ අනාගතේ මතුවිය හැකි අවශ්‍යතාවන් ගැන දැන් අනාවැකි කියන්න අපට බෑ. ඒත් මේ මොහොතේ හවුලකට යෑමේ  කිසිම අවශ්‍යතාවයක් නෑ.x ප‍්‍රධාන පක්ෂ දෙකෙන් ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ ඔබ කියෙව්වද?ඔව්. ඒ දෙකම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ කියලා හඳුන්වනවාට වඩා පොරොන්දු මාලාවන් දෙකක් කිව්වොත් නිවැරදියි. රට ගැන දැක්මක්, රට ගැන විග‍්‍රහයක් රටේ ප‍්‍රශ්න විසඳන මූලධර්මයක් ඒ එකකවත් හරි හැටි නෑ. දෙකේම තියන්නේ අරවා දෙන්නම් මේවා දෙන්නම් කියලා. ඔය වගේ පම්පෝරි අවුරුදු කීයක් තිස්සේ අපි අහලා තියෙනවද? සන්ධානෙ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ රජයේ සේවකයින්ට රුපියල් විසිපන්දාහක් දෙනවා කියනකොට අපට හිනා යනවා. කසාද බඳින ගාස්තුව රුපියල් පන්දාහක් කරපු මහින්ද කසාද බඳින අයට ලක්ෂ දෙකක් දෙනවලූ. මරු පොරොන්දු තමයි. යු.එන්.පී. එකෙත් රැුකියා පොරොන්දු අරව මේවා විතරයි තියන්නේ. ඔය දෙන පොරොන්දු ඉටු කරන්නේ කොහොමද කියන එක කවුරුවත් කියලා නෑ. දෙකේම ලස්සන කැරට් අල තියෙනවා. ඔය දෙකම 17  වෙනිදායින් පස්සේ පැත්තකට විසි වෙනවා.x මහනායක හාමුදුරුවො කිව්වා වගේ ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂෙ වැඩ ටික හරියට කරන්න පුළුවන් වෙයිද?කොහොමත් පසුගිය පාර්ලිමේන්තුවෙත් විපක්ෂයේ ඇත්ත  කාර්යභාරය කළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරු තුන් දෙනා තමයි. අනුර සහෝදරයා තමයි හරියට විපක්ෂ නායකගෙ ජොබ් එක කළේ. ඉතින් තුන් දෙනෙක්   ඉඳලා එහෙම නම් පහළොවක් විස්සක් ගියාම ඊට වඩා වැඩ ටිකක් කරන්න පුළුවන් අනිවාර්යෙන්ම.x ඒ කියන්නේ අනුර දිසානායක ද ඊළඟ විපක්ෂ නායක?දැනට එහෙම කිසිම අදහසක් නෑ. මැතිවරණය ප‍්‍රතිඵලයෙන් පස්සේ ඒක තීරණය වේවි. කොහොමත් අපි නායකකම් බලාගෙන වැඩ කරන අය නෙවෙයි. නායකකම් තිබ්බත් නැතත් අපේ වගකීම  අපි අකුරටම ඉටු කරනවා.x කවදාවත් දැකපු නැති අගමැති පොරයක් මේ ඡුන්දෙදී අපි දකිනවා.  ඉදිරි පාර්ලිමේන්තුවෙ අගමැති ධුරය ගැන ජනතා විමුක්ති පෙරමුණ  හිතන්නේ මොකක්ද?මේ අගමැති පොරය දැක්කම ඇත්තටම ලැජ්ජයි. තමන්ගෙ පක්ෂය දිනවන්න මිසක් තමන්ගේ පෞද්ගලික ජයග‍්‍රහණම බලාගෙන වැඩ කරන අයගෙන රටට යහපතක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අගමැති පත්වීමේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් තියෙනවා. ඒකට අවනත නොවී මේ කරන බලූ පොරය අපි නම් ප‍්‍රතික්ෂේප කරනවා. මේ අගමැති පොරේ හැදුවෙත් මහින්ද රාජපක්ෂ.x ඔබලගෙ ඡුන්දෙට ඉදිරිපත් වෙච්ච අයගෙන් පාර්ලිමේන්තුවට යවන්නේ පක්ෂය තීරණය කරන අයද මනාප වැඩිපුර ගත්තු අයද?එහෙම විශේෂ ක‍්‍රමවේද නෑ. පක්ෂය තීරණය කරන්නෙත් නෑ. මනාප ගත්ත අරගෙන පාර්ලිමේන්තුවට තේරෙන අය පාර්ලිමේන්තු යනවා.x මනාප වැඩිපුර ගත්තු අය ඉල්ලා අස්වෙලා පක්ෂය තීරණය කරන අයට චාන්ස් එකක් දෙන ක‍්‍රමයක් ඉස්සර ඔබලගෙ පක්ෂයෙ තිබුණානේ?ඔව්. එහෙම ක‍්‍රමයක් තිබුණා. එහෙම අවශ්‍යතාවයක් ආපු වෙලාවට එවැනි ක‍්‍රියාමාර්ගයක් ගත්තා. දැන් අපට එහෙම කරන්න අවශ්‍ය නෑ. මුල් කාලෙ ඔබ කියපු විදයට එහෙම කළා.x ටිල්වින් සිල්වා පක්ෂයේ දැන් ඉන්න ජ්‍යෙෂ්ඨයෙක්නෙ. නැද්ද පාර්ලිමේන්තු යන්න අදහසක් එහෙම?අපි කවුරුවත් පාර්ලිමේන්තු යන්නෙ පෞද්ගලික කැමැත්තට හෝ ආසාවට නෙවෙයි. පක්ෂයෙන් පැවරෙන වැඩක් විදියටයි ඒක කෙරෙන්නේ. මම පක්ෂයේ ප‍්‍රධාන ලේකම්නේ. පක්ෂ ව්‍යවස්ථාවෙම තියෙනවා පක්ෂ  ලේකම් පාර්ලිමේන්තුවට පළාත් සභාවලට යා යුතු නෑ කියලා. පක්ෂ ලේකම්ට පක්ෂය පිළිබඳ විශාල වගකීම් ටිකක් පැවරෙනවා. මම ඒක කරනවා.x ඔය වගේම පක්ෂ ගැන බොක්කෙන්ම කතා කර කර ඉඳපු සෝමවංශ අමරසිංහට දැන් ඇමැතිකමකුත්  ඕනලූ. ඔබලත් ආසාවන් හංගගෙන නෙවෙයිද ඉන්නේ?එහෙම අය ඉන්නවද කියන්න දන්නේ නෑ. අපි නම් එහෙම නෑ. පක්ෂය වෙනුවෙන් අපි කැපවෙලා ඉන්නවා. පුද්ගලික ආසාවන් පස්සෙ යන අය පක්ෂයෙන් එළියට ගියානේ. ඒ අයට වෙච්ච දේත් දැන් අපිට පේනවනේ. 
මෛත්‍රීපාල ජනපතිතුමා ජනාධිපතිකම ගැන දීපු පොරොන්දුව ඉටුකර අවසානයි
0
hp_train_1968
(උණවටුන - ඩී.ජී. සුගතපාල)මැදිවියේ කතක් වූ ඇය මසුරුය. දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයක රජයේ කාර්යාලයක රැකියාව කළ ඇය කාර්යාලයට පැමිණියේ ඒ අසලම කුලියට ගත් කාමරයක සිටය. ඇගේ ගමට කාර්යාලයේ සිට කිලෝමීටර හැට හැත්තෑවකි. ඇයගේ තනතුර ගම් පළාතේ කාර්යාලවල නොතිබූ හෙයින් එම දුෂ්කරක්‍රියාව කිරීමට ඇයට සිදුවිය.මසුරුකම නිසාම ඇය පුළුවන් තරම් සෙස්සන්ගෙන් වෙන්ව ජීවත් වූවාය. එම කාර්යාලයේ වැඩි පිරිසක් නොවූහ. තනිවම ජීවත්වීමට ඇය සිතුවේ සෙස්සන් සමග කුළුපඟ වුවහොත් කෑමට බීමට වියදම් කිරීමට සිදුවේයැයි සිතූ හෙයිනි. ඇය තේ බීවේ තනිවමය. කුඩා බිස්කට් පැකට්ටුවක් ගෙන ලාච්චුවට දමා දිනකට එකක් බැගින් ගෙන කෑවා මිස ඇය සෙස්සන් සමග එය බෙදා හදා නොගත්තාය. ඇයගේ මසුරුකම තදින්ම දන්නා හෙයින් සෙස්සන්ට ද එය අරුමයක් නොවීය.නියමිත කාලයට පෙර විශ්‍රාම යෑමට ඇය සිතුවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කළ යුතුව තිබූ හෙයිනි. විශ්‍රාම යාමට ඇය ඉල්ලීමක් කළාය. වසරක් එක හමාරක් ඇතුළතදී ඇයට විශ්‍රාම ලිපිය ලැබිණි.“ඔයා අවුරුදු විසිහතක් තිස්සේ හිටපු රජයේ සේවයෙන් අද විශ්‍රාම යනවා. ආයේ එන්නේ නෑනේ. අඩුගානේ අයිස් ක්‍රීම් එකක්වත් ගේන්නකෝ...” සෙස්සෝ යෝජනා කළහ. ඒ එය ලැබේ යැයි අපේක්ෂාවෙන් නොවේ. එකතකින් ඇයට සරදම් කිරීමටය.ලජ්ජාවෙන් ගැලවෙනු වස් ඇය අසල වෙළෙඳසැලකට ගොස් අයිස්ක්‍රීම් ලීටරයක් ගෙනාවාය. එදින හිටියේ තුන් හතර දෙනකු පමණි. එහෙයින් අයිස්ක්‍රීම් ලීටරයෙන් කාලක්වත් අඩු වූයේ නැත.සවස 4.30 ට විතර සියලු ලියකියවිලි බාරදී ඇය තම බෑගය අතට ගත්තාය. විශ්‍රාම ලිපිය ලැබී දෙතුන් දිනක් ගතවී තිබූ බැවින් ඇය කාමරයද බාර දී තිබිණි. එහෙයින් එදිනම ඇයට ගමට යාමට සිදුවිය.කාර්යාලයෙන් එළියට බැසීමට පෙර ඇය අයිස්ක්‍රීම් පෙට්ටිය ඔසොවා බැලුවාය. එහි කාලක්වත් අඩු වී නැති බව ඇයට දැණුනි. ෂොපින් මල්ලකට අයිස්ක්‍රීම් පෙට්ටිය දමාගත් ඇය බසයකට ගොඩ විය.ගමනට දෙතුන් පැයකි. ඇය නින්දකට වැටිණි. එක්වරම ඇය අවදි වුණේ සීතල යමක් තම දෙකකුල් ඔස්සේ ගලා යනු දැනීමෙනි.ඇය කලබල වී විපරම් කළාය.“දෙයියෝ සාක්කි!” ඇයටම කියවිණි. ෂොපින් බෑගයේ අයිස්ක්‍රීම් හොද්දකි. පෙට්ටියේ මූඩිය ගැලවී ගොසිනි. දෙකකුල් ඔස්සේ ගලා ගොස් තිබුණේ දිය වූ අයිස්ක්‍රීම් ය.වෙන කරන්නට දෙයක් නැත. බසයෙන් තවදුරටත් ගමන් කළ නොහැකිය. බසයෙන් බැස ඇය ඉතිරිය ත්‍රිරෝද රථයෙන් ගියේ තමන්ගේ මසුරුකම නිසා වෙච්ච අලාභය සම්බන්ධයෙන් තමන්ටම සාප කරමිනි. 
රස්සාවෙන් පැන්ෂන් යද්දී අයිස්ක්‍රීම් හොද්දකින් නාගෙන
1
hp_train_1969
(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)ලබන සතියේ පැවැත්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කැඳවීමට එම සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත.ජාතික පොලිස් කොමිෂන් සභාවේ ඇතැම් නිර්දේශ පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය මුල්කරගෙන දෙපාර්ශ්වය මෙසේ ව්‍යවස්ථා සභාවට කැඳවා ඒ ගැන සාකච්ඡා කිරීමට කතානායකවරයා තීරණය කර ඇතැයි කතානායක මාධ්‍ය අංශය පවසයි.ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උසස්වීම් සම්බන්ධයෙන් පොලිස් කොමිසම දුන් ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හා පොලිස්පතිවරයා විසින් කොමිසමට ලබා දිය යුතු වාර්තා නිසි කලට බාර නොදීම නිසා මේ වනවිට පොලිස් කොමිසම හා පොලිස්පතිවරයා අතර විවාදාත්මක තත්ත්වයක් මතුවී ඇත.මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ජාතික පොලිස් කොමිසමේ සභාපති පී.එච්. මනතුංග මහතා පැවසුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ විනය පාලනය කොමිසම යටතේ පැවැතිය ද පොලිස්පතිවරයා කොමිසමේ පාලනයෙන් නිදහස් බවය.පොලිස්පතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් එය සිදුවිය යුත්තේ ව්‍යවස්ථා සභාව හරහා   ජනාධිපතිවරයා විසින් යැයි කී මනතුංග මහතා කොමිසම උත්සාහ ගන්නේ හැකි සෑම විටම පොලිස්පතිවරයා සමඟ මිත්‍රශීලී ලෙස ප්‍රශ්න විසඳාගැනීමට යැයි ද සඳහන් කළේය.දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන්ට කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ උසස්වීම් ලබාදෙන ලෙස පොලිස් කොමිසම නිර්දේශ කළ ද එය ක්‍රියාත්මක නොකිරීම, කොමිසමෙන් අනුමත කරන ලද පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු පටිපාටිය ක්‍රියාත්මක නොකිරීම, පොලිසියේ පහළ නිලධාරීන් 100කට ආසන්න පිරිසකගේ උසස්වීම් ක්‍රියාත්මක නොකිරීම ආදී පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගැටලු මතු විය.යුද සමයේ ආබාධිත වූ පොලිස් සාමාජිකයන්ගේ උසස්වීම් ක්‍රියාත්මක කරන ලෙස කොමිසම දැනුම් දී ඇතත් මේ වන තෙක් එය ද ක්‍රියාත්මක කර නැතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාට කොමිසමෙන් ලබා දුන් වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට අදාළ පොලිස් පණිවුඩය මෙතෙක් නිකුත් කර නැතැයි ද නාරම්මල පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කරන ලෙසට කොමිසම දුන් නියෝග ද පොලිස් සංඛ්‍යාලේඛන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරන ලෙස දුන් නිර්දේශයද මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් පැවසේ.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆර්ඩි ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහිව ලැබී ඇතැයි කියන පැමිණිලි විභාග නොකිරීම සම්බන්ධයෙන් ද ගැටලු මතුවී ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජාතික පොලිස් කොමිෂන් සභාව අලුතින් ස්ථාපිත කැරුණු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පරිදි ජනාධිපතිවරයා විසින් එම කොමිෂන් සභාව සාමාජිකයෝ හත් දෙනෙක් පත් කරනු ලැබූහ.නීතිඥ පී.එච්. මනතුංග මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එම්.ඩී.සමන් දිසානායක මහතා එහි ලේකම්වරයා ලෙස කටයුතු කරයි. මහාචාර්ය එස්.ටී. හෙට්ටිගේ, සාවිත්‍රි ඩී විජේසේකර, බී.ඒ. ජෙයනාදන්, වයි.එල්.එම්. ස්වයිහිර්, තිලක් කොල්ලුරේ සහ ෆ්‍රෑන්ක් ද සිල්වා යන මහත්ම මහත්මීහු පොලිස් කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයෝ වෙති. 
ද්විත්ව පුරවැසියන්ට වැට බඳින 21 මෙන්න
0
hp_train_1970
හෙට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි‘දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 02/04/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249055සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31249075වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32249560සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල32249070සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය34249060වැසි ස්වල්පයක්මහනුවර32219550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22119060අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය35239550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32259070වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33259570සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
හෙට කාලගුණය
0
hp_train_1971
(එම් .සුසිල් ප්‍රියන්ත)කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ පාලක පොදු ජන පෙරමුණ උප සභාපති ඇතුළු එම පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවාගෙන කලු පටි පැලද අද (9 ) පැවති මාසික සභා රැස්වීමට පැමීණීමත් සමගම සභා රැස්වීම දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.ස්වාධීන මැතිවරන කොමිසමේ සාමාජික මහාචාර්‍ය රත්නජීවන් හූල් මහතා කරන ලදැයි කියන ප්‍රකාශයකට විරෝදය පා ඔවුහු විරෝධතා පුවරු ඔසවාගෙන කලු පටි පැලද සභා රැස්වීමට සහභාගීවූහ.කරන්දෙණිය මහඒදණ්ඩ ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී උප සභාපති නිමල් බන්දු මහතා විසින් අද (9) සභා රැස්වීම මෙහෙයවූ අතර මේ විරෝධතාවට ඒ මහතා ඇතුලු පොදු ජන පෙරමුණ සියලුම මන්ත්‍රීවරු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහභාගීවූහ.එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු මේ විරෝධතා ව්‍යාපාරයට සහභාගී නොවූහ .
විරෝධතා පුවරු ඔසවාගෙන හා කළු පටි පැළඳ මන්තීවරු සභාවට එති
1
hp_train_1972
(ජයන්ත සමරකෝන්)කොළඹ නගරයේ ස්ථාන රැසකට හෙට(26)රාත්‍රී 8.00 සිට අනිද්දා(27) පෙරවරු 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව, කොළඹ 12, 13, 14, 15 යන ප්‍රදේශවලට මෙම කාලය තුළ ජලය බෙදාහැරීම අත්හිටුවන අතර, මේ හේතුවෙන් කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය ලැබීමට ඉඩ ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මහ කොළඹ ජල සම්පාදන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.
කොළඹ තැන් කීපයකට හෙට ජලය නෑ
0
hp_train_1973
(ක.ග.කරුණාරත්න) මේ දිනවල රජරටට බලපා ඇති නියඟය හේතුවෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පුද්ගලයෝ 25,000 ක් පමණ පීඩාවට පත්ව ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමණාකරන ඒකකය කියයි. ඊට රජයේ පාසැල් 12 ක ඉගෙනුම ලබන සිසු දරු දැරියෝ 2,878 දෙනෙක් ද අයත් වෙති. වැලිකන්ද, දිඹුලාගල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය සහ ලංකාපුර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම පානීය ජල හිඟය බලපා තිබේ. එයින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. එහි ග‍්‍රාම නිලධාරී වසම් 11ක ප්‍රදේශවාසීහු 13,507ක් වෙසෙති. ඊට අමතරව වැලිකන්දේ පාසැල් 07 ක ඉගෙනුම ලබන ළමුන් 1148 ක්ද  ජල හිඟයට මුහුණ දී ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය. දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 11ක පීඩාවට පත් පවුල් ගණන 1522 ක් වන අතර එහි සාමාජික සංඛ්‍යාව 4518 කි. ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද එක් ග‍්‍රාම නිලධාරී වසමක පවුල් 165කට අයත් පුද්ගලයෝ 650ක්ද ජල හිඟයෙන් පීඩා විඳිති.හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොටසේ එක් ග‍්‍රාම නිලධාරී වසමක පවුල් 350කට අයත් 1200 ක පුද්ගල සංඛ්‍යාවක්  ජල හිඟයෙන් පීඩා විඳින බවද දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. මැදිරිගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොටසේ ග‍්‍රාම නිලධාරී වසම් 03ක වෙසෙන පවුල් 460කට අයත් පුද්ගලයෝ 1844 දෙනෙක් ජල හිඟයට මුහුණදී සිටිති. පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි පානීය ජල හිඟය බලපා තිබෙන ගම්මානවල ජනතාවට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් සපයාදීමට අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පියවර ගෙන තිබෙන බව උපුල් නානායක්කාර මහතා කීය. ඒ සඳහා ජල බවුසර් 13 යොදවා තිබෙන බවත් දිනකට ජල ලීටර් 19850 ක් බෙදා හරින බවත් ඒ මහතා කීය. ජල හිඟය පවතින ගම්මානවල ස්ථාපිත කර ඇති ජල ටැංකි ගණන 201 කි. ඒ සඳහා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදී තිබෙන මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රමාණය රුපියල් 834,974 ක් බවද උපුල් නානායක්කාර මහතා සඳහන් කළේය.
පොළොන්නරුවේ පානීය ජල හිඟයෙන් 60,000 ක් පීඩාවට
0
hp_train_1974
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද  දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයින හරහා පැයට කිලෝමීටර 30, 40 පමණ වේගවත් සුළං හැමිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද ඔහු කියයි. 
වැසි වාර කීපයක් අදත්
0
hp_train_1975
දිවයින පුරා  ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  ඉදිරි දින  වලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන අපෙක්ෂා කළ හැක.ඉදිරි පැය 24 සදහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.2015 ජනවාරි මස 07 වන දින දහවල්  12.00 ට නිකුත් කරන ලදි.  ත්‍රිකුණාමලය සිට පොතුවිල් සහ ගාල්ල හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථා වලදී ත්‍රිකුණාමලය සිට පොතුවිල් සහ ගාල්ල හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකිය.කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
‘වැසි රහිත කාලගුණයක්‘
0
hp_train_1976
නැගෙනහිර, ඌව  සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි  ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව,ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කයන් හි ස්ථාන කීපයකට සවස 2.00 න් පසුව  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  අනතුරු අඟවයි.  ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 10/02/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32239550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව30259575වැසි වාර කීපයක්.කොළඹ32259065ප්‍රධාන වශයෙන් වැසි රහිත.ගාල්ල30259075සවස 4.00 න් පමණ පසු වැසි  හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.යාපනය32228560ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර31219555ප්‍රධාන වශයෙන් වැසි රහිත.නුවරඑළිය22109570වැසි ස්වල්පයක්.රත්නපුරය34249555සවස 2.00 න් පමණ පසු වැසි  හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.ත්‍රීකුණාමළය31249070වැසි ස්වල්පයක්.මන්නාරම31249070ප්‍රධාන වශයෙන් වැසි රහිත.
‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘
1
hp_train_1977
 (අංජුල මහික වීරරත්න, තුෂිත කුමාර සිල්වා)”රටේ ජාතික ධනය ගිල දැමූ හම්බන්තොට වරාය නම් සුදු අලියාගෙන්’’ වැඩ ගැනීම දැන් අරඹා ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අලූත්ගම දී පැවැසීය.‘‘සංවර්ධනය නම් ආයුධයෙන් වැඩ ගැනීමට නම් පටුබේද අතහැර රට ගැන සිතා වැඩ කළ යුතු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ අලූත්ගම කන්දේ විහාරයේ ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.අලූත්ගම කන්දේ විහාරයට පැමිණි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විහාරාධිපති බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ආගමික වතාවත්වල යෙදුණේය.විහාරාධිපති හිමියන් විසින් විහාරස්ථ විෂ්ණු දේවාලයේදී අගමැතිවරයාට සෙත්පතා ආශිර්වාද පූජාවක් ද පැවැත්වූ අතර අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනයක්ද පැවැත් වූහ.ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.අද දිනයේ ආශිර්වාද පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කන්දේ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලූම ස්වාමීන් වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා. අද මේ විහාරස්ථානයට බෞද්ධ, මුස්ලිම්, කතෝලික සියලූම බැතිමතුන් පැමිණ සිටිනවා.අද ආලෝක පූජාවක්ද කළා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අපේ ජාතික ආණ්ඩුව කළුතර දිස්ත‍්‍රික්කයටත් එවැනිම පූජාවක් කිරීමට සැරසෙනවා. කළුතර දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීම ඒ පූජාවයි.මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පොදු අපේක්ෂක ලෙස ගෙන එමින් එතුමාගේ සහයෝගය ඇතිව අප ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රට ණය උගුලෙන් බේරාගෙන සංවර්ධනය කරා ගෙන යාම සඳහායි.නියඟය, ජල ගැලීම් සහ ඩෙංගු ආදී ව්‍යසන හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය අඩාල වනු ඇතැයි බියක් ඇතිව තිබුණා. නමුත් පසුගිය වර්ෂයට සමාන හෝ ඊට වඩා වැඩි හෝ ආර්ථික වර්ධන වේගයක් මේ අවුරුද්දේදී ළඟා කරගත හැකි බව මහ බැංකුව ප‍්‍රකාශ කරනවා. ඒ ආර්ථිකය වර්ධනය සඳහා දායක වූ සියලූම දෙනාට මා ස්තුතිවන්ත වන අතර නියඟය හේතුවෙන් පීඩාවට පත් කෘෂිකාර්මිකයන්ට මගේ කනගාටුව පළ කරනවා. නිසි කලට වේලාවට වර්ෂාව ලැබෙනවා නම් රටේ ආර්ථිකය මීට වඩා ශක්තිමත් කළ හැකි බව මගේ මතයයි.මේ දිස්ත‍්‍රික්කයේම ඇමැතිවරයකු වන වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ ඇමැතිතුමාත්, වරාය අධිකාරියත්, චයිනා මර්චන්ට් සමාගමත් හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුමට අස්සන් කළා. මේ හරහා විශාල ප‍්‍රශ්න ගණනාවක් විසඳුණා.හම්බන්තොට වරායේ අලාභය වෙනුවෙන් පසුගිය වසර කිහිපයේ බිලියන 46x47ක් පමණ වියදම් කළා. මේ මුදල් රජයට ඉතිරිව තිබුණා නම් සියලූම දෙනාට නොමිලයේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට තිබුණා. එසේත් නැතිනම් රටේ අධ්‍යාපන කටයුතු සඳහා යොදවන මුදල 60%කින් වැඩි කිරීමට හැකියාව තිබුණා. බිලියන 46x47ක් වැනි ප‍්‍රමාණයක් බිලිගත් මේ සුදු අලියා නිසා කිසිවක් කර ගැනිමට හැකියාව ලැබුණේ නැහැ.අප වැඩ කළ යුත්තේ රටට වාසිදායක වන ආකාරයටයි. ඩොලර් මිලියන 1.1ක් මේ වනවිට ගෙන තිබෙන නිසා ණය ගෙවීමේ හැකියාව දැන් අපට තිබෙනවා. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළත් වසර අවසන් වනවිට නිසි කළමනාකාරිත්වය යටතට පත් කිරීමට අවශ්‍ය කටයුතු ගුවන් සේවා අධිකාරියටත්, අදාළ අනෙක් සමාගම් එක්ව මේ වනවිට කරමින් පවතිනවා. අදාළ සාකච්ඡා ඉදිරියේදී පවත්වන බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මා සමග පැවැසුවා.මත්තල ගුවන් තොටුපොළත් නිසි කළමනාකාරිත්වය යටතට පත් කළොත් ගුවන් සේවා අධිකාරියේ ලාභය ඉහළ යනවා. ඇත්ත වශයෙන්ම කොළඹ වරායට සහ කටුනායක ගුවන් තොටුපොළට, මත්තල ගුවන් තොටුපොළෙහි සහ හම්බන්තොට වරායේ පාඩුව වෙනුවෙන් ගෙවීමට වුණා. අපේ නව ක‍්‍රමවේදය යටතේ හම්බන්තොට වරාය ආදායම් ලබන වරායක් බවට පත් කිරීමෙන් පසුව ඉන් ඇති වන දියුණුව හම්බන්තොටට පමණක් සීමා වන්නේ නැහැ. එහි විශාල වාසියක් කළුතරට සහ ගාල්ලට ලැබෙනවා. ඒ ප‍්‍රධාන වරාය දෙකක් අතර මැද මේ කලාපය පිහිටා තිබෙන නිසයි.මා සිතන ආකාරයට ඉන්දියන් සාගරයේ විශාලතම වරාය වන කොළඹ වරාය එක් පැත්තකින් සහ අනෙක් පැත්තෙන් හම්බන්තොට වරාය පිහිටා තිබීමත් ඒ වගේම කටුනායක ගුවන් තොටුපොළ එක් අන්තයකින් සහ අනෙක් අන්තයෙන් මත්තල ගුවන් තොටුපොළ පිහිටා තිබීමත් නිසා සියල්ලට මැදි වූ ප‍්‍රදේශය ලෙස කළුතර විශාල දියුණුවක් ලබනවා.මහ නගර සංකල්පයට අනුව කොළඹ නගරය සංවර්ධනය කිරීමට අප සැලසුම් කර තිබීම හේතුවෙන් කර්මාන්තකරණය කොළඹින් බැහැර කළුතර ප‍්‍රදේශයේත්, අවිස්සාවේල්ල, ඉංගිරිය, හොරණ, බණ්ඩාරගම ආදී ප‍්‍රදේශවලත් වෙනවා. ඒවගේම දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම් ආරම්භ කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමටද බලාපොරොත්තු වෙනවා.කර්මාන්ත කලාප ඇති කිරීමේ පළමු වැඩසටහන මිල්ලනිය ප‍්‍රදේශයේ ආරම්භ කළා. ඒ සඳහා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයාට ස්තුති කළ යුතුයි. මිල්ලනිය වැනි අක්කර 600ක් - 700ක් පමණ විශාල භූමි ප‍්‍රමාණය කර්මාන්ත කලාපයක් අවිස්සාවේල්ල ප‍්‍රදේශයෙන්ද වෙන්කර ගැනීමේ අවශ්‍යතාවක් පවතිනවා. එවැනිම තවත් කර්මාන්තපුරයක් රයිගම් පුරවරයේ ද ආරම්භ කරමින් පවතිනවා. කර්මාන්තකරණය ව්‍යාප්ත වනවිට ඒ දියුණුව මේ ප‍්‍රදේශවලත් ගලා එනවා.කර්මාන්තකරණය පදනම් කර ගනිමින් සංවර්ධනය ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. කළුතර, අවිස්සාවේල්ල, හම්බන්තොට, මොණරාගල ලෙස විශාල කර්මාන්ත කලාප දෙකක් ඇති කිරීමට මා සූදානම්.ඒ වගේම බේරුවල සිට මාතර දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එය ආරම්භ කරන්නේ බෙන්තර, දෙද්දුව ප‍්‍රදේශයේයි. සංචාරක කලාප ඇති කිරීම මගින් බෞද්ධ, කතෝලික, මුස්ලිම් සිද්ධස්ථාන වලද දියුණුව ඇති වෙනවා.අප ආරම්භ කරන සංවර්ධන වැඩසටහන කොළඹට හා දකුණට පමණක් සීමා වී නැහැ. සංවර්ධන සැලැස්ම මහනුවර සිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත හරහා කොළඹටත් ඉන්පසුව එය දකුණු පළාත හරහා මොණරාගල ප‍්‍රදේශයටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම කෑගල්ලට සහ රත්නපුර දිස්ත‍්‍රික්ක සඳහා තවත් වාසියක් ලැබෙනවා.බස්නාහිර සහ දකුණු පළාත් යා කරන අතර මැද කලාපය ලෙස ඒ ප‍්‍රදේශයේ විශාල දියුණුව ඇති කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම හුදෙකලා වී තිබෙන සිංහරාජ අඩවියේ මැතිවරණ කොට්ඨාස පහ පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට මා තීරණය කළා. ඒ අනුව අගලවත්ත සහ බුලත්සිංහල ප‍්‍රදේශයන්වල කොටසක් ද ඊට ඇතුළත් වෙනවා.එසේ නම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1977 ආරම්භ කළ මහවැලි ව්‍යාපෘතියෙන් පසුව මෙරට වන විශාලතම සංවර්ධන සැලැස්ම වන්නේ මහනුවර සිට වැල්ලවාය, මොණරාගල දක්වා ඇති කරන සංවර්ධන ව්‍යාපෘතියයි. සියලූ වැඩ කටයුතු ආරම්භ කරන්නේ ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනිීමෙන් අනතුරුවයි.මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අනෙකුත් පක්ෂත් එකතු කරගෙන ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටට වැඩ කිරීම සඳහායි. විරැුකියාව ආදි රටේ ප‍්‍රධාන ගැටලූ සම්බන්ධයෙන් සටන් නොකර පක්ෂ අතර සටන් කිරීමෙන් පළක් වන්නේ නැහැ.ඒවගේම රටේ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති ලෙස පොළොන්නරුව, රජරට ව්‍යාපෘති ද ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පිබිදුණු පොළොන්නරුව, මොරගහකන්ද, මල්වතුඔය ව්‍යාපෘති ආරම්භ කෙරුණා.නැගෙනහිර පළාතේ ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම පිළිබඳව පළාතේ මහ ඇමැතිවරයා සමග මා ඊයේ දිනයේදී සාකච්ඡා කළා.ඒ වගේම ත‍්‍රිකුණාමලය නගරය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සිංගප්පූරුවේ ප‍්‍රධානතම සැලසුම් ආයතනය වන සුබානා ජුරොං ආයතනය යටතේ කරනවා. මීට අමතරව නුරවඑළිය, බදුල්ල සහ උතුරු පළාත පිළිබඳව අවධානය යොමු කරනවා. මහනුවර සංවර්ධනය හරහා මාතලේ ප‍්‍රදේශයත් සංවර්ධනය කෙරෙනවා.රටේ තරුණ තරුණියන්ට අදට වඩා හොඳ අනාගතය ලබාදීම වෙනුවෙන් මේ සංවර්ධන සැලසුම් සියල්ල ක‍්‍රියාත්මක කරනවා. තරුණ තරුණියන්ට යුද බිය, ණය බර නැති ආර්ථිකයක් දිය යුතුයි. මේ වැඩ කටයුතු කිරීම සඳහාත් මේ වන විට රටේ පැතිර යන ඩෙංගු උවදුර දුරුවීමටත් කන්දේ විහාරයේත් විෂ්ණු දෙවියන්ගේත් ආශිර්වාදය අප ප‍්‍රාර්ථනා කරන අතරම කන්ද විහාරයේ නායක ස්වාමීන් වහන්සේට මා දීර්ඝායුෂ පතනවා යයිද,” රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.ගිහි පැවිදි විශාල පිරිසක් පිංකමට සහභාගි වී සිටියහ.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අලූත්ගම කන්දේ විහාරයට ගොස් විහාරාධිපති බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දැක විහාරයේදී ආගමික වතාවත්වලට ද යෙදුණේය.
‘හම්බන්තොට වරාය‘ සුදු අලියාගෙන් වැඩ පටන් ගත්තා
1
hp_train_1978
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ  දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිඋතුර සහ නැගෙනහිර දෙසින් වන වෙරළබඩ ප්‍රදේශ වල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැකගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 15/11/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33239565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.මඩකලපුව31259070උදෑසන වැසි සහ අපරභාගයේදී / සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසිකොළඹ32249565සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල31249070සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය31249570උදෑසන වැසි සහ අපරභාගයේදී / සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසිමහනුවර29219570අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.නුවරඑළිය21129565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.රත්නපුරය34229565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ත්‍රීකුණාමළය31239575උදෑසන වැසි සහ අපරභාගයේදී / සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසි.මන්නාරම30259075සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේපෙරවරු 5.ටඅපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ  දී දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.නැගෙනහිර සහ උතුරු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ  වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සුළං  ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.  කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
කාලගුණ අනාවැකිය
0
hp_train_1979
කොළඹ ප්‍රදේශයේ කලාප 13 කට හෙට (14) පස්වරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.කොළඹ 01,02,03,04,07,08,09,10,11,12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට ජල සැපයුම කප්පාදු කරන බව එම මණ්ඩලය සඳහන් කරයි.කොළඹ 05 සහ 06 යන ප්‍රදේශවලට අඩු පීඩන මට්ටමකින් ජලය සැපයීම සිදුකරනු ලැබේ. 
කොළඹ ප්‍රදේශ කිහිපයකට රාත්‍රී 10 සිට ජලය අත්හිටුවයි
0
hp_train_1980
රංජිත් රාජපක්ෂ කුලියාපිටියේ සිට හැටන් පෝඩයිස් මාර්ගය හරහා ආගරපතන දක්වා ධාවනය වු මෝටර් රථයක් අද (2) මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවී ඇතැයි හැටන් පොලිසිය කියයි.මෝටර් රථය වංගුවක් ගැනීමේ දී මෝටර් රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි දහයක් පමණ පහතින් වු මෝටර් රථය පසුකරගෙන ගිය එම මාර්ගයටම මෝටර් රථය පෙරලී තිබේ.එම මාර්ගය අධික වංගු සහ කදුබැවුම් සහිත නිසා එම මාර්ගයේ වාහන ධාවනය කිරිමේ දී ඉතා සැළකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන් දැනුවත් කර ඇත. මෙර්ටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ මෝටර් රථය තුළ සිව් දෙනෙකු ගමන් කර ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති  බවත් අනතුරෙන් මෝටර් රථයට දැඩි අලාභ සිදු වී ඇති බව පොලිසිය පවසයි.
ආගරපතනේ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට
1
hp_train_1981
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්  ගාල්ල , මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි සවල්පයක් ඇති වේ.දිවයිනේ  සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.ගිගුරුම් සහිත වැසි සමග  තද සුළං ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 
වැස්ස දිගටම
0
hp_train_1982
ඩුබායි, සාජා, ඇමරිකාව සහ කටුනායක සිට   ගුවන්යානා හතරක්  ලබන 18 වැනිදා මත්තලට පැමිණීමත් සමග  ශ්‍රී ලංකාවේ  දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත වෙයි.     ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ උප සභාපති කමල් රත්වත්ත මහතා  මත්තලදී  පැවසුවේ  එයාර් ඇරබියා, ෆලයි ඩුබායි, ශ්‍රී ලංකන් ගුවන්සමාගම සහ මිහින්ලංකා ගුවන් සමාගම මත්තලට පැමිණීමට එකගතාවය  පල කර ඇති  බවයි. ලෝකයේ තවත් ගුවන් සේවා කිහිපයක් මෙම ගුවන්තොටුපොළ වෙත ගෙන්වාගැනීම සඳහා   කටයුතු සූදානම් කර ඇත.මත්තල ගුවන්තොටුපොළ  භාවිතා කරන දෙස් විදෙස් ගුවන් සමාගම්  සඳහා තොටුපොළ හා සේවා පහසුකම් ලබා ගැනීමේදී  පළමු වසරේදී සියයට පනහක අඩුකිරීමක් සහ ඊලග වසර තුන දක්වා සියයට විසිපහක අඩුකිරීමක්  කෙරෙනු ඇත.එළඹෙන 18 වෙනිදාට  ගුවන්යානා ගොඩ බැස්සීම සහ ගුවන්ගතකිරීමේ  මෙහෙයුම් කටයුතු සඳහා ගුවන් ගමන් පාලන කුළුන, ගුවන්ගමන් තොරතුරු සේවා මධ්‍යස්ථානය සහ ගගන නාවික තොරතුරු රටවල් අතර ප්‍රකාශ කිරීම සඳහා වූ මධ්‍යස්ථානවල  ක්‍රියාකාරිත්වය පිළිබඳ පුහුණුව අවසන් කරන අයුරුද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වැඩකටයුතු දැක බලා ගැනීම සඳහා ගිය සංචාරයේදී  අපට දැකගන්නට හැකි  විය.මීටර හතලිස් පහක උසකින් යුතු නවීනතම සන්නිවේදන උපාංග වලින්  යුතු ගුවන් සංතරණ පද්ධතියකින් යුතු ගුවන් ගමන් පාලන කුළුන මුදුනේ සිට හාත්පස බැලූවිට හරිත පැහැගත්  සුන්දර  ගුවන්තොටුපොළක අසිරිය මෙන්ම ගුවන් පථය, ගගණාංගනය ඇතුළු මුළු ගුවන්තොටුපොළම හොදින් දර්ශනය වෙයි.ජ්‍යෙෂ්ඨ ගුවන් ගමන් පාලක එන්.එමි.ටී ප්‍රියංකර සහ අධීක්ෂන  නිලදාරී එම්.ඒ.කේ ප්‍රසන්න යන මහත්වරුන්  සමග කතාබහ කිරීමට අවස්ථාවක් උදා විය.ඔවුහු අපට ගුවන්ගමන් පාලක කුළුනෙන් ගුවන්යානා මෙහෙයුම් කටයුතු සිදුකරන කරන අයුරු ඉතා සවිස්තරාමක ලෙස පැහැදලි කර දුන්හ.ඔවුන් ලබා දුන් තොරතුරු අනුව ශ්‍රී ලංකාවට අයත් ගුවන් සීමාව වර්ග නාවික සැතපුම් පන්ලක්ෂ විසිදහසකි.      එයින් මත්තල  ස්ථාපනය කර ඇති  ගුවන්ගමන් පාලන කුළුන මගින්  ගුවන් ගමන් පථයේ සිට නාවික සැතපුම් පනහක  ප්‍රදේශයක සහ  අඩි දහතුන් දහසක උසක් ආවරණය වන ලෙසින්  නව  පාලන කලාපයක් ස්ථාපනය කර ඇත.මෙම කලාපයෙන් යන සහ එන  සියළුම ගුවන්යානා  ගුවන් ගමන් පාලන කුළුනෙහි පාලනය යටතේ පවතී. එමෙන්ම ගුවන් යානයක් ගුවන්ගත කළ අවස්ථාවේ හෝ ගොඩබෑමේ අවස්ථාවන්හිදී ආරක්ෂිතව හා කාර්යක්ෂමව  හැසිරුවීම සඳහා අවශ්‍ය තොරතුරු සහ දත්ත මෙම පාලන කුළුනෙන් ලබා දෙයි.මීට අමතරව ගුවන් යානයක් අනතුරකට ලක්වීමක් හෝ එවැනි අවදානමක්  ඇති නම් ඒ පිළිබඳ දත්ත ලැබෙනුයේ ද පාලන කුළුන වෙතය. ගගණාංගනය සහ ධාවන පථය අතර ඇති බාධක වලින් තොරව,  නිවැරදි කාලගුණික තත්ත්වයන් යටතේ  සහ උපකරණ දෝෂ රහිතව ගුවන්ගතකිරීම සහ ගොඩබෑමත්  මෙහි පාලනය යටතේ සිදුවේ.මත්තල සිට ගුවන්ගතවන ගුවන්යානා  මත්තල නව  ගුවන් කලාපය ඉක්මවූ පසු එහි  ගමනාන්තය අනුව රත්මලාන පිහිටි ප්‍රධාන ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානයෙන්   හෝ  කටුනායක රේඩාර් මධ්‍යස්ථනෙයක්  පාලනය  වෙයි.ශ්‍රී ලංකාවට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක අවශ්‍යතාවය ඇති වූයේ ඇයි?    ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ උප සභාපති   රත්වත්ත මහතා හමුවූවෙමු.ඔහු පවසන පරිදි ලොව ඹ්නෑම රටක ගුවන්යානයට මත්තලට පැමිණ තමන් කැමති ඕනෑම ගමනාන්නතයකට යාමේ  නිදහස සහ විවෘත අහසක්  ලෙස භාවිතා කල හැකිවීම මත්තල ගුවන්තොටුපොළෙහි ඇති ප්‍රධාන  විශේෂත්වයකි.සාමාන්‍යයෙන් රටවල් දෙකක් අතර ගුවන්ගමන් සිදුකරන විට එම රටවල් දෙක අතර ගිවිසුම්ගත ගමනාන්තයට යායුතුය. උදාහරණයක් ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉන්දියාවේ සිට ගුවන්යානයක් පැමිණියහොත් ආපසු ගිවිසුම් ගත ගමනානත්තය ලෙස ඉන්දියාව  නම්කර තිබුණේ නම් එය  ආපුසු යායුත්තේද ඉන්දියාවටමය.මත්තලට එසේ ගිවිසුම් ගත ගමනාන්තයක් නැතිව ඔිනෑම ගුවන්යානයකට පැමිණීමේ නිදහස මෙන්ම තමන් කැමැති ගමනනාන්තයට පියාසර කිරීමේ නිදහස ඇති ගුවන්තොටුපොළකි.   නමුත් ඒ සඳහා මෙරට සිවිල් ගුවන්සේවා අධිකාරියට දැන්විය යුතුය.2001 වසරේදී ත්‍රස්ත කලබල හමුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දින කිහිපයක් වසා තැබීම නිසා විදේශීය ගුවන් යානා පැමිණීම නතර වී ඇත. නමුත් එම අවස්ථාවේ අපට තවත් ගුවන්තොටුපොළක් තිබුණා නම් ඒ වෙත එම ගුවන්  යානා බැස්සීවිය හැකිව  තිබණ බවද කීය.එසේම  කටුනායක ප්‍රදේශයේ ගංවතුර වැනි හදිසි ආපාදා තත්ත්වයන් ඇති වූ  විටෙක එම ගුවන් යානා ආපසු හරවා යැවීම වෙනුවට මත්තල වෙත හරවා යැවිය හැකි බවද ඔහු කීය. හමිබන්තොට වසරේ වැඩි කාල සීමාවක් වියළි කාලගුනයක් තිබීමේ වාසියද මෙහිදී වැදගත් වෙයි.ගුවන්පථයේ බාධක තිබූ  අවස්ථාවලදී එනම් ගුවන් යානයේ රෝදයක් ගැලැවී  ධාවන පථයෙන් පිටතට තටුවක් යන අයුරින් ගොඩබෑමක් සිදුවූ අවස්ථාක එම බාධක ඉවත්කරන තුරු ළගම පිහිටි  ඉන්දීයා ගුවන්තොටුපොළකට  හරවා යැවූ අවස්ථාද තිබූ බවද ඒ මහතා කීය.  මත්තල විවෘත වූ පසු එසේ  යැවීමේ අවශ්‍යතාවයක් අති නොවන බවත් එමගින්  රට සල්ලි විශාල ප්‍රමාණයක් ද ඉතිරි කරගත හැකි බවත් කීය.ලබන 18 වෙනිදායින් පසුව මත්තලට පැමිණෙන ගුවන් මගීන් ගුවන්හමුදාවේ ගුවන් යානා  අභ්‍යන්තර  ගුවන් සේවාවක් ලබා දෙමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට පියාසර කිරීමටද සැලසුම් කර ඇත. මීට අමතරව කටුනායක සහ මත්තල අතර අභ්‍යන්තර ගුවන් සේවයක් ඇරඹීම සඳහා හෙලි ටුවර්ස්  සමාගම සමග  සාකච්ඡා කොට ඇත.හෙක්ටෙයාර දෙදහසක් වූ විශාල භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙහි පලමු අදියර යටතේ හෙක්ටෙයාර අටසීයක ඉදිකිරීම් කරනු ඇත.  දෙවැනි අදියර යටතේ හෙක්ටයාර් 1200 ක් සංවර්ධනය කිරීමට නියමිතය.වසරකට ගුවන් මගීන් දස ලක්ෂයකට පහසුකම් සැපයිය හැකි ගුවන් මගී පර්යන්තයක්ද මෙහි ඉදිවී ඇති අතර ගුවන් මගීන්ට ගුවන්යානයෙන්  පහසුවෙන්  නැගීමට සහ බැසීමට හැකිවන අයුරින් නවීන තාක්ෂනයෙන් යුතු ගුවන් පාලම් දෙකක්ින්ද  යුක්ත  වේ.ගුවන්තොටුපොළ මගී පර්යන්තය ඇතුළත ආගමන විගමන පෙදෙස, රේගු පරිශ්‍රය  වෛද්‍ය ඒකකය,  සත්ත්ව සහ ශාඛා නිරෝධායන මධ්‍යස්ථාන ශිතාගාර පහසුකම් සියල්ලෙහි වැඩකටයුතු මේ වන විට අවසන් කර ඇත.ලොව විශාලතම ගුවන්යානා වර්ගයට අයත් ඒ 380 වර්ගයේ දැවන්ත ගුවන්යානා   ගොඩ බෑමට හැකි  ධාවන පථයකට සහ ඝගනාංගනයකට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ උරුම කම් කියයි.මෙම ධාවන පථයේ  විශාලත්වය දිගින් මිටර් 3500 ක් වන අතර පළල  මීටර් 75 කි. එමෙන්ම වර්ග මීටර් 735 කින් යුතු ගුවන්යානා නවතා තැබීමේ ගගණාංගනයකින් යුතු මෙහි වරකට ගුවන්යානා 10 ක් නවතා තැබියඉන් පසු අප ගියේ ගිනි නිවන හමුදා ඒකකය වෙතයි.  හදිසි අවස්ථාවකදී මුහුණ දීම සඳහා ගිනි නිමන ඒකකය සියළු කටයුතු  සූදානමි  කර ඇත.  ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත රොසේම්බර් වර්ගයේ   ගිනි නිවීමේ නවීනතම රථ තුනක් සහ ගිලන් රථ දෙකක් සූදානම් කර තිබූ අයුරු අපිට දක්නට ලැබිණි.මෙම ගිනි නිවන රථ හදිසි ගින්නක් ඇති වූ විට විනාඩි එකයි තත්පර හතලිස් හයකින් ධාවන පථයේ  කෙළවරට  යා හැකි යන අයුරින් අපි සූදානම් බව ගිනි නිවන නිලධරයෝ කීහ. එලෙස ඉක්මනින් ධාවන පථය වෙත ගමන් කිරීම සඳහා ගිනි නිවන හමුදා ඒකකය ඉදිරියෙන් මාර්ගයක් සකස් කර ඇති අතර හැම විටම එක් ගිනි නිවන රථයක් එම මාර්ගයට මුහුණලා ස්ථානගත කර ඇත. ගිනි නිවන හමුදා ඒකකය අසල ගුවන් යානා  ඉන්දන සැපයුම් මධ්‍යස්ථානය පිහිටා ඇත. මෙය විශාල භූගත ටැංකි තුනක් ඉදිවන අතර  එහි ධාරිතාවය ලීටර් ලක්ෂ තිහක් ගබඩා  කර තබා ගැනීමේ පහසුකමි සහිතය.මේ වන විට ලීටර දෙලක්ෂ පනස් දහසක් රැස්කර තබා ගැනීමේ පහසුකම් සලසා ඇත. මෙහි ගොඩබාන ඕනෑම ගුවන්යානයක ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට තමන් සූදානම් බව එහි නිලධරයෝ කීහ.වසරකට මෙට්‍රික් ටොන් හතලිස් නමදාහක ධාරිතාවයකින්  යුතු ගුවන්බඩු හුවමාරු මධ්‍යස්ථානයක්ද  ඉදිවී ඇත’ අතර භාණ්ඩ ප්‍රවාහනයට මුල් තැනක් දෙමින් ආදායම් ඉපදවීම සඳහා එය සැලසුම් කර ඇත.  ඒ අනුව මගීන් සියයට හතලිහක් සහ භාන්ඩ ප්‍රවාහනයට සියයට හැටක්ද ප්‍රමුඛතාවය දී ඇත.බදු රහිත නිෂ්පාදන කළාප, ගුවන් සේවා පුහුණු පාසල්, ගුවන් යානා නඩත්තු  කිරීමේ කර්මාන්ත සහ හෝටල් ආශ්‍රීත ආයෝජන සඳහා සැලසුම් සකස් කොට ඇත.ගුවන් ගතවීම සඳහා පිවිසීමේ දොරටුව පිහිටි ස්ථානයේ  දකුණු පළාතට ආවේනික වු  අර්ධ මුර්තියක් නිර්මාණය කරමින් සිටින මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතා අපට හමු විය.  එය මෙරට මැටි සහිත ටෙරා කොටා වලින් නිර්මානය වන විශාලතම අර්ධ මූර්තිය  ලෙස ඔහු හැදින්වීය.ගජමන් නෝනාගේ රුවකින් ආරම්භ කර ඇති මෙම මූර්තිය   දකුණට ආෙවිනික වූ වෙස් නැටුම්, කතරගම දෙවියන්, දඹේගොඩ බෝධිසත්ත්ව පිළිමය, යාල කුමන වනෝදයාන ඇතුළු ආකෘති රැසකින්  නිර්මාණය කර ඇත.මෙය සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ චිත්‍ර කළා මහාචාර්ය ඇල්බට් ධර්මසිරි සහ මුර්කි කළා මහාචාර්ය සරත් චන්ද්‍රජීව යන මහාචාර්යවරු දෙපළගේ නිර්මාණයකි. වර්ණ ගල්වා ඇත්තේ මැටි දියර වලිනි.  සීගිරියේ බිතු සිතුවම් වලට  නොදැවෙනි ලෙසින් මෙම නිර්මාණ කිරීමට මහාචාර්යවරයා සහ ඔහුගේ පුත් සුරංග රත්නායක හා සිසුන් විසින් ගන්නා උත්සාහය සුළුපටු නොවේ.ගුවන් මගීන්ගේ පිිටවීමේ දොරටුව අසලින් දඩුමොණරය සහ රාවනා මූර්තියක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව    මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතා  කීවේය.2009 නොවැම්බර් 27 දින මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වීය.චීනයේ චයිනා හාබර් ඉංජිනේරු සමාගම මෙහි කොන්ත්‍රිාත්කරු වෙයි.  මුළු ගිවිසුම්ගත කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් කෝටි 20.9කි.  මින් චීන රජයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 19 මුදලක් සහනදායී නයක් ලෙස ලබා දී ඇත. ඉතිරි මුදල ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් දරනු ලැබීය.2010 මාර්තු 16 වෙනිදින සිට මෙම චීන සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා නිර්මාණ සැළසුම් කිරීම අරඹා ඇති අතර එම වසරේ නොවැම්බර් මස සිට ඉදිකිරීම් කටයුකු අරඹා ඇති අතර  මේ දක්වා දේශීය විදේශීය ඉංජිනේරුවන්ගේ අධීක්ෂණ යටතේ සියලු කටයුතු  සිදුවෙයි.    
කටුනායක සහ මත්තල අතර ගුවන් ගමන්
0
hp_train_1983
ශ්‍රී ලංකාව  හරහා නිරිත දිග  මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපනය වෙමින් පවතින නිසා  නිරිතදිග ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේදී වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවලට සහ අවට මුහුදු ප්‍රදේශවලට විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකියි‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259065වැසි ස්වල්පයක්මඩකලපුව33268565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269575වැසි වාර කිහිපයක්.ගාල්ල30269075වැසි වාර කිහිපයක්.යාපනය32278575වැසි ස්වල්පයක්මහනුවර30219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය20149575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32259575වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය34269060අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31278575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  පෙරවුරු 5.30ටශ්‍රී ලංකාව ආශ්‍රිතව පෙර මෝසම් තත්ත්වය ස්ථාපිතව ඇති බැවින් බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් කඳුකර ප්‍රදේශ සහ මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් සඳහන් කරයි.‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.
'අදත් පළාත් රැසකට විටින් විට වැසි'
0
hp_train_1984
(ඩී.කේ.රත්න)මොනරාගල දඹගල්ල වැලිකටුව ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද (2) අත්අඩංගුවට ගෙන ඇතැයි දඹගල්ල පොලීසිය පවසයි.ගනේමුල්ල, කොස්සින්න, පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙකු මෙම ගිනිඅවියත් සමග අත්අඩංගුවට ගෙන ඇත.දඹගල්ල වැලිකටුව ප්‍රදේශයේ ගිනි අවියක් රැගෙන පුද්ගලයෙකු සැරිසරන බවට දඹගල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා පොලීසියට කොටුවී තිබේ.කිසියම් අපරාධයක් සිදු කිරීම සදහා මෙම පුද්ගලයා මෙම ගිනිඅවිය රැගෙන එන්නට ඇතයි පොලීසිය සැක කරයි.අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. දඹගල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
1
hp_train_1985
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (17) පස්වරු 9.25 වනවිට එක්වූ ආසාදිතයන් 338 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 650 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 31,720 දක්වා ඉහළ ගොස් ඇත.අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනාම පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති. 
අද කොරෝනා ආසාදිතයන් 650 ක්
1
hp_train_1986
(රංජිත් රාජපක්ෂ)                      බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව ලින්ස්ටඩ් වත්ත පහල කොටසින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 6 දෙනෙකු හමුවිමත් සමග එම වත්තේ කොටසක් හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසූහ.බගවන්තලාව ලිනිස්ටඩ් වත්තේ පහල කොටසේ එකම පවුලේ පස් දෙනෙකු සහ ව්‍යාපාරිකයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය විම නිසා එම අසාදිතයන් හය දෙනා ඊයේ (01) දින රාත්‍රියේ හම්බන්තොට සහ මාතර කමුරුගමුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට කටයුතු කල බව මහජන සෞඛ්‍යය පරික්ෂක පැවසිය.අසාදිතයන් පදිංචි නිවාස වලට ආසන්නයේම පවුල් 32 කට අයත් සමාජිකයන් 120 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර එම පවුල් 32 පදිංචි වතු නිවාස කොටස (01) දින රාත්‍රියේ සිටම හුදකලා කල බවත් ,එම පවුල් වල සමාජිකයන්ගේ පි.සි.ආර් පරික්ෂණය (02) දින සිදු කල බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සඳහන් කළහ. 
බගවන්තලාව ලින්ස්ටඩ් වත්තේ කොටසක් හුදකලා කරයි
1
hp_train_1987
තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇතැයි කියන සිද්ධියක් ගැන   හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන්   මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ  විමර්ශනය මෙතෙක් අවසන් නැතැයි   නීතිපතිවරයා අද  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊවා වනසුන්දර , නලින් පෙරේරා ,ප්‍රසන්න ජයවර්ධන යන මහත්ම හමුවේ අද කැඳැවිණි. පෙත්සම පිළිබඳ  වැඩිදුරටත් සලකා බැලීම ලබන ඔක්තෝබර් 15 වැනි දිනට  කල් තැබීය. මොටර් රථ අමතර කොටස් ගෙන්වීමේදී අක්‍රමිකතාවයක් සිදු කළැයි සඳහන් කරමින්   තමන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  බී වාර්තා තුනක් අධිකරණයට ඉදිරිප්ත කර ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා තිබිණි.
කුමාර වෙල්ගමගේ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි
0
hp_train_1988
(ඩී.කේ.රත්න ) කෙසෙල් වගා කරන මුවාවෙන් බලහරුව ඇඹිලිපිටියයාය ප්‍රදේශයේ පර්චස් විස්සක භූමි ප්‍රදේශයක කංසා වගා කළ පුද්ගලයෙකු ඉතා සරවට වගා කර තිබූ කංසා පැළ 2625ක් සමග අද (5) අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පැවසීය. බලහරැව ඇඹිලිපිටියයාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙකු මෙම කංසා පැළ තොගයත් සමග අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් මෙම කංසා හේන වටලා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැල්ලවාය මහේස්තාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.තණමල්විල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
කංසා පැළ 2625 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට
1
hp_train_1989
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/08/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33268550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව36278045ප්‍රධාන වශයෙන් වැසි රහිත.කොළඹ32278570වැසි ස්වල්පයක්.ගාල්ල30268580වැසි වාර කිහිපයක්.යාපනය34287565ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29239070වැසි ස්වල්පයක්.නුවරඑළිය171310080වැසි ස්වල්පයක්. උදෑසන මීදුම් සහිත.රත්නපුරය31259070වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය37278050ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම31279075ප්‍රධාන වශයෙන් වැසි රහිත. 
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1990
(නිමන්ති රණසිංහ)වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සීමා තාප්පයට පිටතින් බන්ධනාගාරයට විසිකරන ලද පාර්සල් 14 තිබී හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 04ක්, සිගරැට් 10ක් සහ ජංගම දුරකතන 06ක් ඇතුළු තහනම් ද්‍රව්‍ය රාශියක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලක) සහ මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.වැලිකඩ කාන්තා අංශයේ එක් පැත්තක ඇති බොරැල්ල වනාතමුල්ල ප‍්‍රදේශයේ සීමා තාප්පයට  ඉහළින් මෙම ද්‍රව්‍ය සහිත පාර්සල් විසි කර ඇති අතර ඒවා බන්ධනාගාරයට ඉහලින් සවිකර ඇති දැල් ආවරණය මතට වැටී තිබියදී බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 04 ක්, ලයිටර් 04ක්, සිගරැට් පැකැට්ටුවක දමා තිබූ සිගරැට් 10ක්, බෙහෙත් කරල් 10ක්, , නොකියා වර්ගයේ කළු පැහැති ජංගම දුරකතන 06ක්, චාජර් 5ක්, දුරකතන බැටරි 08ක්, ජංගම දුරකතන සිම්කාඞ් පත් 04ක් සහ හෑන්ඞ්ෆී‍්‍ර 01ක් මෙම පාර්සල් 14 තුළ තිබී අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු හෙතෙම පැවසීය. 
කඵතර සිරගෙට විසි කළ පාර්සල් දෙකේ කුඩු
0
hp_train_1991
(ක.ග.කරුණාරත්න) මේ දිනවල රජරටට බලපා ඇති නියඟය හේතුවෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පුද්ගලයෝ 25,000 ක් පමණ පීඩාවට පත්ව ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමණාකරන ඒකකය කියයි. ඊට රජයේ පාසැල් 12 ක ඉගෙනුම ලබන සිසු දරු දැරියෝ 2,878 දෙනෙක් ද අයත් වෙති. වැලිකන්ද, දිඹුලාගල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය සහ ලංකාපුර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම පානීය ජල හිඟය බලපා තිබේ. එයින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. එහි ග‍්‍රාම නිලධාරී වසම් 11ක ප්‍රදේශවාසීහු 13,507ක් වෙසෙති. ඊට අමතරව වැලිකන්දේ පාසැල් 07 ක ඉගෙනුම ලබන ළමුන් 1148 ක්ද  ජල හිඟයට මුහුණ දී ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය. දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 11ක පීඩාවට පත් පවුල් ගණන 1522 ක් වන අතර එහි සාමාජික සංඛ්‍යාව 4518 කි. ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද එක් ග‍්‍රාම නිලධාරී වසමක පවුල් 165කට අයත් පුද්ගලයෝ 650ක්ද ජල හිඟයෙන් පීඩා විඳිති.හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොටසේ එක් ග‍්‍රාම නිලධාරී වසමක පවුල් 350කට අයත් 1200 ක පුද්ගල සංඛ්‍යාවක්  ජල හිඟයෙන් පීඩා විඳින බවද දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. මැදිරිගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොටසේ ග‍්‍රාම නිලධාරී වසම් 03ක වෙසෙන පවුල් 460කට අයත් පුද්ගලයෝ 1844 දෙනෙක් ජල හිඟයට මුහුණදී සිටිති. පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි පානීය ජල හිඟය බලපා තිබෙන ගම්මානවල ජනතාවට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් සපයාදීමට අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පියවර ගෙන තිබෙන බව උපුල් නානායක්කාර මහතා කීය. ඒ සඳහා ජල බවුසර් 13 යොදවා තිබෙන බවත් දිනකට ජල ලීටර් 19850 ක් බෙදා හරින බවත් ඒ මහතා කීය. ජල හිඟය පවතින ගම්මානවල ස්ථාපිත කර ඇති ජල ටැංකි ගණන 201 කි. ඒ සඳහා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදී තිබෙන මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රමාණය රුපියල් 834,974 ක් බවද උපුල් නානායක්කාර මහතා සඳහන් කළේය.
පොළොන්නරුවේ ජනතාව පානීය ජල අර්බුදයක
1
hp_train_1992
( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ )තමන්ව අත්අඩංගුවට  ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එකසත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා  ඇතුළු  පස් දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් හි වැඩිදුර කරුණු තහවුරු කිරීම හෙට (11) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.මෙම පෙත්සම් මහජන අවධානයට ලක්වූ කරුණක් හෙයින්  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කැදවන ලෙස නීතිපති ගොනු කළ මෝසමක් සැළකිල්ලට ගනිමින් ත්‍රිපුද්ගල   අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ කැදවිණි.මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු  ඒ.එච්.එම්.ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන් හමුවේ කැදවිණි.මෙම පෙත්සම් සම්බන්ධයෙන් නීතිපති මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම පෙත්සම් පවත්වා ගෙන යා නොහැකි බවත් , පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ලබා දිය නොහැකි බව ද නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්, මහ බැංකුවේ හිටපු නිලධාරියකු වන සංගරපිල්ලෙයි පදුමනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් විසින්   රිට් පෙත්සම් ගොනු කරනු ලැබූහ.නීතීඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා  නීතීඥ සමාගම ගොනු කර ඇති මෙම රිට් පෙත්සම් හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා , කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක , එම අධිකරණයේ  ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එබැවින් තම රිට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා ඇතුළු පිරිස සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.2016 වසරේ මාර්තු මස පැවති බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 50කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල 11 අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් සිකුරාදා කොළඹ කොටුව අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබිණි.පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාෆා, නවීන් මාරපන, ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න යන මහත්වරුන් පෙනී සිටි.නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටි.
රවී ඇතුළු පිටීඑල් අයගේ පෙත්සම් විභාගය මාර්තු 26 දා
0
hp_train_1993
මනෝප‍්‍රිය ගුණසේකර අභියාචනාධිකරණයේ  විනිසුරුවරුන් දෙදෙනෙකුට උසස්වීම් ලබාදීම සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැති ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වේ. අභියාචනාධිකරණයේ  සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ එල්.ටී.බී. දෙහිදෙණිය මහතා ශේෂ්‍යඨාධිකරණ විනිසුරුවරයෙකු වශ්‍යයෙන් පත් කොට ඇති බවද එයින් හිස් වු අභියාචනාධිකරණයේ  සභාපති විනිසුරුධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරු පී‍්‍රතී පද්මන් සුරසේන මහතා පත් කොට ඇති බවද වාර්තා වේ. මෙම උසස්වීම් සඳහා එල්.ටී.බී. දෙහිදෙණිය මහතාගේ සහ පී‍්‍රතී පද්මන් සුරසේන මහතාගේ නම් යෝජනා කරමින් ව්‍යවස්ථා සභාව වෙත යොමු කොට තිබු අතර ව්‍යවස්ථා සභාව  ඒ සඳහා අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුට උසස්වීම්
1
hp_train_1994
( රංජිත් රාජපක්ෂ)                        බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන තේ වත්තේ තේ ගස්  තුළ විශාල  පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අද(20) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔයට යාබදව තේ වත්තේ මෙම සැකකරුවන් මැණික් ඉල්ලම් හාරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත අද අලුයම 3 ට බගවන්තලාව පොලිසිය නිලධාරින් හදිසි වැටලිමක් සිදු කර මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.වැටලිම සිදු කරන අවස්ථාවේ තවත් සැකකරුවන්  දෙදෙනෙකු පලා ගිය බවත් එම සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවයි බගවන්තලාව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් හාරා ගොඩ දමා ප්‍රවහනය කිරිමට සුදානම් කර තිබු මැණික් ඉල්ලම් සහිත උර 55 ක් සහ මැණික් ගැරිමට  උපයෝගි කර ගත් උපකරණ රැසක්ද අත්අඩංගුවට ගත් බවත් , අත්අඩංගුවට ගත් සැකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, පොලිසිය කියයි.මෙම මැණික් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගැරූ 8 ක් අත්අඩංගුවට
0
hp_train_1995
දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම සහ සබරගමුව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්‌ත්‍රික්‌කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 20/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36268040සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.කොළඹ31278070වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29268575වැසි ස්වල්පයක්යාපනය34297060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28219075වැසි ස්වල්පයක්නුවරඑළිය18139585වැසි ස්වල්පයක්රත්නපුරය31249065වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය35258045සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මන්නාරම30258570ප්‍රධාන වශයෙන් වැසි රහිත
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1996
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල  සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 29/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය36259040වැසි වාර කිහිපයක්මඩකලපුව32259570වැසි වාර කිහිපයක්කොළඹ33259060සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල34269055සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය35267545වැසි වාර කිහිපයක්මහනුවර34229540සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය24129545සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය36249560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය33268555වැසි වාර කිහිපයක්මන්නාරම35269555වැසි වාර කිහිපයක්
‘පළාත් රැසකට සවස කාලයේ තද වැසි‘
0
hp_train_1997
 (අනීෂා මානගේ)තංගල්ල නගරසභාවේ මන්ත්‍රී අනිල් සෙල්ලාහැන්නදි (එ.ජ.නි.ස) මහතාට පසුගිය වසරේ ජූනි මස සභාවාරයේ මාසික දීමනාව ගෙවීමේ ගැටළුවක් සම්බන්ධයෙන් දකුණු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ බව කියන ලිපියක් හේතුකොටගෙන අද (17) පැවැති තංගල්ල නගරසභාව උණුසුම් වී සභාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති විය.තංගල්ල නගරසභාවේ මන්ත්‍රී අනිල් සෙල්ලාහැන්නදි මහතාට පසුගිය වර්ෂයේ ජූනි මාසයේ රැස්වීම් සඳහා නිවාඩු අනුමත නොවූ බව දන්වා කොමසාරිස්වරයාට ලිපියක් යවා ඇතැයි සභාපතිවරයා කීවේය. මේ සම්බන්ධයෙන් සභාවෙන් වැරැද්දක් වී තිබෙනවා නම් එය පිළිගෙන එම මාසයේ සභික දීමනාව ලබා දීමට කටයුතු කරන බවද සභාපති කීවේය.කෙසේ වුවද එම ලිපියෙහි හම්බන්තොට නගරාධිපතිවරයා මුල්කරගෙන පලාත් පාලන කොමසාරිස්වරයා ලබා දී ඇති නිර්දේෂ සම්බන්ධයෙන් තමා එකඟ නොවන බවද අනෙක් මන්ත්‍රීවරුන්ට එම මාසයේ ලබා දුන් දීමනාව යළි ලබා දෙන ලෙසද කොමසාරිස්වරයා එවූ ලිපියෙහි සඳහන් බව සභාපතිවරයා කීවේය.වැරැදිකාරයෙක් වෙලා හිරේ ගියාම දීමනාව ලබා දෙනවා නම් මොකක්ද මේ රටේ තත්ත්වය යැයි සභාපතිවරයා ප්‍රශ්න කළේය. රැස්වීම පැවැති දිනයේ අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයා සැඟවී සිටි බව සභාව දන්නා බවද ඔහු කීය.සභාපතිවරයා සහ අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයා අතර බහින්බස් වීමක් ඇති වූ අතර සභාපතිවරයා අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයාට සභා ගැබෙන් පිටව යන ලෙස කීවේය . ඉන් අනතුරුව සභාපතිවරයා සභාව කල්තබන බව කියා සභාගැබෙන් පිටව ගියේය.  උප සභාපති මොහොමඩ් ශිරාස් (එ.ජා.ප) මහතා පැයක කාලයකට සභාව කල් තැබුවේය.විනාඩි පහළොවකට පමණ පසු නැවත සභාපතිවරයා සභාවට පැමිණි අතර තමාට තවදුරටත් සභාව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය බැවින් අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයාට සභාගැබෙන් පිටතට යන ලෙස දැන්වූයේය.එසේ නොමැති නම් පොලිස් නිලධාරින් ගෙන්වා ඔහු එළියට දැමීමට කටයුතු කරන බවද කීවේය. සභාවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අයහපත් හැසීරීම හේතුවෙන් කාන්තා මන්ත්‍රීවරුන් නැවත සභාවාරයට නොපැමිණෙන බවද සභාපතිවරයා දැන්වූයේය. එදින පෙරවරුවේ සභාවට පැමිණ සිටි කාන්තා මන්ත්‍රීනියන් තිදෙනකුගේ ආසන ඒ අවස්ථාව වන විට හිස්ව පැවැතිණි. අනිල් සෙල්ලාහැන්නදි මහතා සභා ගැබෙන් පිටතට නොගිය අතර තමා කළ වැරැද්ද සභාවේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කර දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.සභාවට, සභාපතිවරයාට සහ ජනතාවට ගරු කළ නොහැකි නම්  සභාවේ වාඩි වී සිටීම නුසුදුසු බව පවසා සභාව කල්තබා සභාපතිවරයා නැවත සභාගැබෙන් පිටව ගියේය.  පැයක පමණ කාලයකට පසු උප සභාපති මොහොමඩ් ශිරාස් මහතා හෙට (18) දිනට සභාව කල්තැබීය.
පූජාපිටිය ප්‍රා. සභාවේ උප සභාපති ඉවත් වෙයි
0
hp_train_1998
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව සඳහන් කරයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 24/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33269060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව34269060ප්‍රධාන වශයෙන් වැසි රහිත.කොළඹ32279575වැසි වාර කිහිපයක්.ගාල්ල31279075වැසි වාර කිහිපයක්.යාපනය32288575ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30229565වැසි ස්වල්පයක්.නුවරඑළිය21159065වැසි ස්වල්පයක්.රත්නපුරය33259565වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය34269055ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම32278575ප්‍රධාන වශයෙන් වැසි රහිත. පෙරවුරු 5.30ටබස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකියි‘.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1999
(ඩයනා උදයංගනී)දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අද (1) දිනයේත් විටින් විට වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.සෙසු ප්‍රදේශයන්හි මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය. 
අද දවසේ කාලගුණය
0
hp_train_2000
(විජේරත්න රත්නායක)2020 වසර සඳහා වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය අද (26) සවස වැඩි ඡන්ද 03 කින් සභා සම්මත විය.හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.නිමල් සේනානායක මහතා විසින් අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව පැය පහක් පමණ පුරා පැවැති අයවැය විවාදයෙන් පසුව සිදුකෙරුණු විවෘත ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 21 ක් හා විපක්ෂව ඡන්ද 18 ක්ද ලැබිණි.එම සභාවේ සභාපතිවරයා ඇතුළු සභිකයින් 40 දෙනා අතරින් එක් මන්ත්‍රීවරියක් අද දින සභාවට පැමිණ නොසිටියාය.මෙම ඡන්ද විමසීමේදී සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයින් 11 දෙනෙක් සහ උප සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 10 දෙනෙකුද අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.එම සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 10 දෙනාද ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනාද ස්වාධීන කණ්ඩායම් දෙකක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනාද එක්සත් ජාතික පක්ෂයේ කේ.එම්.ප්‍රේමදාස හා පී.බී.සුසන්ත සිල්වා යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අජි බහාර් තුවාන් මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එච්.එච්.ජයන්ති බුද්ධිකා මන්ත්‍රීවරිය සභාවට සහභාගීව නොසිටියාය.
හික්කඩුව නගර සභාවේ අයවැය සම්මතයි
0