id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_0301
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (9) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය,මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 
අද දවසේ කාලගුණය
0
hp_train_0302
(සුදත් එච්. එම්. හේවා)  මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි තරුණයන් දස දෙනකු හැටන් කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. හැටන් කොළඹ මාර්ගයේ දියගල ප්‍රදේශයේදී සිදු කරන ලද රථ වාහන පරීක්ෂාවකදී හෙරොයින් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය රැගෙන ආ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. 
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනයට ආ 10ක් අල්ලයි
1
hp_train_0303
(කටුනායක ටී.කේ.ජී.කපිල / දිල්රුක්ෂි ග්‍රේරු)රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමකින් යුතු නිල් මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශිකයකු ඊයේ (29) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .63 හැවිරිදි උගන්ඩා ජාතිකයෙකු වන මොහු ඊයේ රාත්‍රී 8.15 ට උගන්ඩාවේ සිට ඩුබායි වෙත පැමිණ , එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියේය.ඔහු විසින් සිය ගමන් මල්ලේ කැරට් 01 සිට කැරට් 10 දක්වා වූ බරින් යුතු නිල් මැණික් කැට 790 ක් සගවා ගෙන සිටියදී  සහකාර රේගු අධිකාරී කේ.ඒ.ආර්.එල්.ආරියපාල මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.‍ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ  අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය , ඕ.ජේ.ඔබේසේකර, රේගු අධිකාරිවරුන් වන උදිත ජයසිංහ සහ ආර්.එස්.කේ.සෙනෙවිරත්න යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති. මෙහිදී මැණික් තක්සේරුකරණයෙන් මිහිඳුකුළසූරිය මහතා රේගුවට සහය විය .(ඡායාරූප - කටුනායක ටී.කේ.ජී.කපිල)
නිල් කැට 790 ක් සමග උගණ්ඩා ජාතිකයෙක් අත්අඩංගුවට
1
hp_train_0304
 (සිතුම් චතුරංග)          කිලිනොච්චිය සිට අනුරාධපුර දක්වා බස් රථයකින් රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ හතරයි ග්‍රෑම් 25 රැගෙන යමින් සිටි පුද්ගලයකු පෙරේදා ඊයේ (9) වවුනියාව නගරයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.          බස් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරන්නෙකු පිළිබඳ වවුනියාව පොලිස් දුෂණ මර්දන අංශය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ ගමන් මල්ලෙහි සඟවා තිබූ කේරළ ගංජා අඩංගු පාර්සල දෙකක් සොයාගත් බවයි.                    අත්අඩංගුවට ගත් සැකකරු මල්ලාවි සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.           
ලක්ෂ පහක කේරල ගංජා තොගයක් අත්අඩංගුවට
1
hp_train_0305
(හර්ෂණ තුෂාර සිල්වා)ඩිජිටල් තාක්ෂණය, පරිගණක සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් නව කාර්මික විප්ලවයක් රට පුරාම ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී (7) ප්‍රකාශ කළේය. නව නගර, නව කර්මාන්ත ජනපද නිර්මාණය කර නවීකරණය නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය හරහා රට තුළ අපනයන පදනම් කර ගත් ආර්ථික රටා ඇති කරතැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඒ බව කීවේය.තිරසර සංවර්ධනය, සුහුරු සංවර්ධන රටේ දියත් කරන්න ඕනෑ. ලෝකයේ නව ප්‍රවණතා සමග තරග කරන මාතෘ භූමියක්, ඒ තරගය තුළින් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකාව ඇති කරන බවත්, ජයග්‍රහණයේ අරුණළු හා ප්‍රතිලාභ රටේ තරුණ පරපුර ප්‍රමුඛ පුරවැසියන් සියලු දෙනාට ලැබෙන යුගය බිහි කරන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. බල මණ්ඩල රැස්වීම ඇමතූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය. “ජනාධිපතිවරණයට මුහුණ දී ඒ දැවැන්ත අභියෝගය ජයග්‍රහණය කර රට නව මාවතට යොමු කර, නව දර්ශනයක්, නව පිළිවෙතක් සහ නවීන චින්තනයක් ඔස්සේ රට සෞභාග්‍යය කරා ගෙන යෑමේ අභියෝගය මා බාරගෙන සිටිනවා.මැතිවරණය තුළ අපට ශක්තීන් රැසක් තිබෙනවා. මා වැඩ කර ඔප්පු කරලා තිබෙනවා. මා ජනතාවට දැවැන්ත සේවාවක් කළා. කෙටි කාලයක් තුළ රටේ පොදු ජනතාවට මෑත ඉතිහාසයේ ජන සමාජයේ සියලුම තල ආවාරණය වන ආකාරයට වාර්තා ගත ඓතිහාසික වැඩසටහනක් ඉටු කළේ අපේ ආණ්ඩුව බව මේ අවස්ථාවේ දී බොහෝම ආඩම්බරයෙන් කියනවා. ඒ සංවර්ධන සේවාවෙන් ඔබ්බට, ඒ සංවර්ධන සේවාව ශක්තිමත් අලුත් ආකාරයේ වැඩපිළිවෙළට කාලය එළැඹිලා. අප රටක් හැටියට ලොව දිනන්න ඕනෑ. ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් නව කාර්මික විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කරන්න ඕනෑ. අපේ රට තුළ අගය එකතු කිරීමේ සංවර්ධන ක්‍රියාදාම ආරම්භ කරන්න ඕනෑ.නව නගර, නව කර්මාන්ත ජනපද නිර්මාණය කර නවීකරණය නවෝත්පාදනය තුළින්, කර්මාන්තකරණය තුළින් අපේ රට තුළ අපනයන පදනම් ආර්ථික රටාවක් ඇති කරන්න ඕනෑ. ඒ ආර්ථික රටාව ශක්තිමත් කරන්නත් ඕනෑ. තිරසර සංවර්ධනය, සුහුරු සංවර්ධන රටා දියත් කරන්න ඕනෑ. ලෝකයේ නව ප්‍රවණතා සමග තරග කරන මාතෘ භූමියක්, ඒ තරගය තුළින් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකාවක් ඇති කළ යුතුයි. ජයග්‍රහණයේ අරුණළු හා ප්‍රතිලාභ රටේ තරුණ පරපුර ප්‍රමුඛ පුරවැසියන් සියලු දෙනාට ලැබෙන යුගයක් බිහි කළ යුතුයි. ඒ හැකියාව, ඒ දර්ශනය, ඒ කැපවීම සහ උනන්දුව මා සතුයි. එළැඹෙන ජනාධිපතිවරණයේ දී රටේ නව පරම්පරාවට ශක්තිය, රටේ තරුණ පුරවැසි පරපුරට ජවය දෙන මහා සංවර්ධන විප්ලවයක් බිම් මට්ටමේ දියත් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව කියනවා.කොළඹ දිස්ත්‍රික්කය ගැන කතා කරන විට රණසිංහ ප්‍රේමදාස මහතා කරන ලද සංවර්ධනය කිසිවකුට අමතක කරන්න බැහැ. ලලිත් ඇතුලත්මුදලි මහතා වරාය සංවර්ධනය කේන්ද්‍ර කරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ කරන ලද සංවර්ධනය සියලු දෙනාගේම මතකයේ තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව හැම විටම ප්‍රගතිශීලී දේශපාලනය අගය කළ ජනතාවයි. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව කිසිදු අවස්ථාවක දී ජාති භේදය, ආගම් භේදය, ජාතිවාදය, ආගම් වාදය මුදුන් පත් කරගෙන කටයුතු නොකළ ජන කොටසයි.ඒකීය ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට නම් ජාතීන්, ආගම් අතර මිත්‍රශීලිත්වය තිබෙන්න ඕනෑ. සංහිඳියාව තිබෙන්න ඕනෑ. ඒ මිත්‍රශීලීත්වය හා සංහිඳියාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ඉතාමත් වැදගත් සහ අත්‍යවශ්‍ය සාධකයක්. ජාතිභේදය, ආගම් භේදය අවුස්සා අනෙකුත් ආගමික ස්ථාන විනාශ කළ අයට රටක් එක්සේසත් කරන්න බැහැ. ඒ අයට පුළුවන් ඒ අයගේ සුපුරුදු කාර්ය කරන්නයි. තමන්ට රජවීම උදෙසා රට තුළ ගිනි කන්දක් නිර්මාණය වුව ද ඔවුන්ට කමක් නැහැ. එය තමයි ඔවුන්ගේ කාර්ය වන්නේ.තමන්ගේ පවුල, රජ පවුල රැකෙනවා නම්, රජ පවුලේ සාමාජිකයන්ට ජනාධිපති මන්දිරයටයි, අරලියගහ මන්දිරයටයි යන්න පුළුවන් නම් රට ගිනි ගත්ත ද ඔවුන්ට කමක් නැහැ. තමන්ගේ පවුල රජ වෙනවා නම් ජාතිභේදය, ආගම්භේදය නිර්මාණය වෙලා රටේ ඒකීයභාවය එක්සත්භාවය පළුදු වෙලා රට කෑලි කෑලිවලට කැඩුණත් ඔවුන්ට කමක් නැහැ. නොවැම්බර් 16 වැනිදා ජනතාව අති විශිෂ්ට ජනවරමෙන් රටේ මීළඟ ජනාධිපති තෝරන විට, පවුල්වාදී දේශපාලනය අපේ මාතෘ භූමියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉවත් කරන බව ඔබ සියලු දෙනාට මේ අවස්ථාවේ දී මා වගකීමෙන් ප්‍රකාශ කරනවා. මේ දවස්වල සිද්ධ වෙච්ච දේවල් දිහා බලද්දි මුළු කණ්ඩායමම රාජපක්ෂලායි. අතිරේක ක්‍රීඩකයාත් රාජපක්ෂයි. බැරිවෙලා කණ්ඩායමේ කාටහරි මොනවාහරි ඇබැද්ධියක් වුණා නම් ඒකට රිංග වන්නෙත් රාජපක්ෂ කෙනෙකුයි. එතකොට රටේ රාජපක්ෂලා හැර උගතුන් නැහැ, බුද්ධිමතුන් නැහැ. රාජපක්ෂලා හැරුණු විට රටේ හැකියාවන් තිබෙන මිනිස්සු නැහැ. රාජපක්ෂලා හැරුණු විට රටේ වෙන දක්ෂයන් නැහැ. රාජපක්ෂලා හැරුණු විට රටේ ප්‍රවීණයෝ නැහැ. ඒ මොකද? මේ ඇත්තන්ගේ ඇඟ පුරාම මොළේයි. එක තැනක විතරක් නෙවෙයි, ඇඟ පුරාම මොළේයි.ජනතාවගෙන් අහන්න මා කැමැතියි, හදවතට තට්ටු කර අහන්න, පොඞ්ඩක් හිතා බලන්න ජනාධිපති රාජපක්ෂ, අගමැති රාජපක්ෂ, මුදල් ඇමැති රාජපක්ෂ, කතානායක රාජපක්ෂ, වාරිමාර්ග රාජපක්ෂ, කෘෂිකර්මාන්තය රාජපපක්ෂ හැම තැනම රාජපක්ෂයි. රටේ උතුම්ම ආගමික නායකයාත් රාජපක්ෂ කෙනකු කියලා ඒ අය කියාවි යයි මට ලොකු සැකයක් තිබෙනවා.මේකට අප දෙන විකල්පය කුමක් ද? පවුල්වාදය බිඳ දමා, ඥාති සංග්‍රහය ඉවත් කර, ගජ මිතුරු සංගම් දේශපාලනය අතුගා දමා හැකියාව තිබෙන තරුණ පරපුරට, උගතුන්ට, බුද්ධිමතුන්ට හා විශේෂඥයන්ට අවස්ථාව මා දෙන බව පැහැදිලිව කිව යුතුයි. මෙදා රාජ්‍ය ගන්නා විටත් ඉන් අනතුරුව සංවර්ධන ක්‍රියාදාම නිර්මාණය කිරීමේදීත් ඒවා ක්‍රියාත්මක කිරීමේදීත් උගතුන්ට, දක්ෂයන්ට, බුද්ධිමතුන්ට අවස්ථාව දෙනවා. තරුණ පරපුරට දෙන්න පුළුවන් ඉහළම ශක්තිය දී ඔවුන් රටේ අනාගතයේ පෙරමග ගමන්කරුවන් බවට පත් කරනවා. රටේ මධ්‍යම පන්තියට මා අවස්ථාව දෙන බව ද සිහිපත් කළ යුතුයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලොකු පරිත්‍යාගයක් කළා. ඒ පරිත්‍යාගයට මගේ ස්තූතිය සහ ගෞරවය පුද කරනවා. මෙදා පාර කොළඹ දිස්ත්‍රික්කය ඡන්ද ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන බව මෙහිදී ඔබට කිව යුතු” යයි ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීවේය. බල මණ්ඩල රැස්වීම ඇමතූ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා මෙසේ පැවැසීය.“ජනාධිපතිවරණයේ දී අප කොළඹ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 230,000කින් ජයග්‍රහණය කරනවා. ලක්ෂ 70කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෙන අප එක්සත් ජාතික පක්ෂයේ අපේම නායකයකු ජනාධිපති ධුරයට පත් කරනවා. අප 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. අගෝස්තු මාසයේ දී මහ ඡන්දය දින්නා. එදායින් පසුව අද වෙද්දි අපේ ඡන්ද ප්‍රමාණය සියයට 7කින් වැඩි වෙලා. අප මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 235,000කට වැඩි ප්‍රමාණය ගන්නවා. අප අවුරුදු පහක් වැඩ කළා. කතා කළ කාලය අවසානයි. අප ආරම්භ කරන්නේ වැඩ කරන යුගයයි. අප ජනාධිපතිවරයකු පත් කළා. ආණ්ඩුව පිහිටෙව්වා. එහෙත් අපට හිතපු විදියට පොරොන්දු ඉටු කරන්න බැරි වුණා. ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරන්න බැරි වුණා. මොකද බොහෝ පිරිසක් අපේ කකුලෙන් ඇද්දා. ඒ කොහොම වුණත් අප ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. දුර්දාන්ත පාලනය අවසන් කර ජනතාවට බයක්, සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් උදා කළා.මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ කීය.“ජනාධිපතිවරණය ලෙහෙසියට ගන්න එපා. 1994න් පසු අපට අපේ ජනාධිපති කෙනකු පත් කර ගන්න බැරි වුණා. ඒනිසා අප ඒ රාජ්‍ය ගන්න ඕනෑ. අපට තිබෙන්නේ ඉතාම කෙටි කාලයක්. අප හැමෝම එකට එකතු වෙන්න ඕනෑ.මතභේද, විවිධ අදහස් සියල්ල අවසන් කරමින් පක්ෂය ඒකරාශී කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් එඩිතර තීන්දුවක් ගත්තා. ඒ නිසා අපේ පක්ෂය පෙරටත් වඩා ශක්තිමත් වෙලා. ඉතාම කෙටි කාලයක් අපට තිබෙනවා.පක්ෂයේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කර අවුරුදු 10කට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ස්ථාපිත කරනවා. එසේ කරමින් රට ඉදිරියට ගෙන යනවා”. තීනියාවල පාලිත හිමි, අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, ඒ.එච්.එම්. ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 
‘‘කාර්මික විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කළ යුතුයි‘‘
0
hp_train_0306
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 582 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,22,587 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.කොවිඩ් ආසාදිත 31,116 දෙනෙක් රෝහල් සහ නිවෙස්වල තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව ද එහි සඳහන් වේ.කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 475 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,78,326ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 
කොවිඩ් ආසාදිතයන් 528ක්
0
hp_train_0307
(අමරදාස සිල්වා) රජයේ තීරණයකට අනුව මැයි 07 වැනිදාට කල්දැමූ මැයි දිනය සැමරීම සඳහා ජ.වි. පෙරමුණ රජයට හිලෑවීම ගැන ලැජ්ජා විය යුතු බවත් ඒ කිසිම තීරණයකට යටත් නොවී ඉතා අභීතව පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දිනය දාම කොළඹදී දැවැන්ත රැලියක් පැවැත්වීමට එඩිතරවීම ගැන පක්ෂයට ආඩම්බර විය හැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවසීය. ගුණරත්නම් මහතා එසේ පැවසුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මැයි 1 දා සවස පැවැත්වූ මැයිදින රැලියේදීය. කොළඹ 10, මාළිගාවත්තේ පිහිටි පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් පාක්ෂිකයින් පෙළපාළියකින් පැමිණ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී මෙම රැලිය පැවැත්විණි. ‘ඇත්ත වෙනසකට වමේ බලයක්’ තේමාව කර ගනිමින් පැවැති එම රැලියේදී කුමාර් ගුණරත්නම් මහතා මෙසේද කීය. මැයි පළමුවැනිදා දවසේ ලෝක කම්කරු දිනය සැමරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පමණක් කොළඹ  කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මැයි රැලියක් පැවැත්වීමට අවසරදීම ගැන ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මා ප්‍රථමයෙන්ම ස්තුතිය  පළකර සිටිනවා. ලෝක කම්කරු දිනය සැමරීමේ දිනය මැයි මාසයේ  හත්වැනිදාට කල්දැමීමට රජය තීරණය කළා. වාම පක්ෂයක් යැයි කියා ගන්නා ජ.වි. පෙරමුණ ඒ දිනයට මැයි රැලිය පවත්වන්නට එකඟ වීමෙන්ම ජ.වි. පෙරමුණ රජයට මොනතරම් හීලෑවෙලාද කියා අපට හිතා ගන්නට පුළුවනි. ඒ නිසා ජ.වි. පෙරමුණ  අපි හඳුන්වන්නේ  ධනේෂ්වර රජය ඉදිරියේ දණ ගසාගෙන සිටින පැරැණි වමක් හැටියටයි. මේ රටේ වාමාංශික පක්ෂයක් තිබෙනවා නම් ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණයි ඒ නිසා අපි රජයට කියනවා අපට තර්ජනය කරලා බය වද්දන්න එපා කියලා. අපේ පෙරටුගාමී වාමාංශික පක්ෂයේ ගරුත්වය ආරක්ෂා කරන්නට ඕනෑම කැපවීමක් කරන්න සූදානම් බවත් අප රජයට දන්වා සිටිනවා. එදා 87දී ජේ.ආර්. පාලනය මැයි දිනය පැවැත්වීමට තහනම් කළා. එදා අපි හිටියේ ජ.වි. පෙරමුණට සම්බන්ධවයි. අපි එදා මැයි දිනය පවත්වන්නට ඒකරාශීව ඉදිරියට ගියත් ජේ.ආර්.ගේ පොලිස්  හමුදාව අපේ කිත්සිරි මෙවන් රණවක  සහ ලෙස්ලි ආනන්දලාල් සහෝදරවරු ඝාතනය කරලා දැම්මා. ඊට පසුව මහින්ද රාජපක්ෂ පාලනයේදී 2006දී යුද්ධයට මුවාවෙලා  නැවත වරක් මැයි දිනය තහනමට ලක් කළා. එදා හීලෑවෙච්ච ජ.වි. පෙරමුණ සමග සිටි නිසා මැයි දිනය සමරන්න හැකියාව ලැබුණේ නැහැ. මේ තමයි ජ.වි. පෙරමුණේ මැයි දින ඉතිහාසය. මේ විලිලැජ්ජා නැති හීලෑකමත් පිළිකුල් කරලා තමයි එයින් ඉවත්වෙලා අප පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවා ගත්තේ. අද රනිල්-මෛත්‍රී හවුල අනියම් ආකාරයෙන් මැයි දිනය තහනමට ලක් කර තිබෙනවා. මැයි දිනයේ නිවාඩුවක් අවලංගු  කළා විතරක් නොවෙයි මැයි දින රැලියක් පැවැත්වීමටත් කොළඹ නගරයේ පිට්ටනියක්වත් නොදෙන්න කටයුතු කරලා තියෙනවා. කොහොම වුණත් රජයේ තහනම නොතකා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ඉතා ගාම්භීරව කොළඹදී මැයි දින රැලියක් පවත්වන්නට තරම් එඩිතරව සිටින බව මහත් ආඩම්බරයෙන් කියා සිටිනවා. නමුත් රජයේ තීරණයකට අනුව මැයි 07 වැනිදාට ලෝක කම්කරු දිනය සැමරීමට ජ.වි. පෙරමුණ රජයට හීලෑවීම ගැන ලැජ්ජා විය යුතුයි. මැයිදිනය මැයි මාසේ 07 වැනිදාට කල් දැමුවේ බෞද්ධ  ජනතාවගේ වෙසක් උත්සවයට බාධාවක් වේවි කියලයි රජය මේ තීරණය අරගෙන තිබෙන්නේ. මේක නොවෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව තමයි ආණ්ඩුවේ විපක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ඇති අර්බුද සහ ජනාධිපති සහ අගමැති මුහුණදී සිටින අර්බුද. මේ නිසා තමයි බෞද්ධයා ගැන මහා පුදුම කැක්කුමකින් මැයි දිනය කල් දමල අර්බුදකාරී තත්ත්වය වසන් කරන්නට පියවර ගත්තේ. මේ සමගම අපි මහානායක හිමිවරුන්ගෙන් අහනවා ආර්යෂ්ඨාංගික මාර්ගය අනුව ප්‍රඥාවෙන් යුතුව ජීවත් විය හැකි රටක් අපේ බෞද්ධ ජනතාවට තියෙනවද කියලා. යහපත් කර්මාන්ත කරලා ජීවත් විය හැකි රටක් අපට ඉතිරිවෙලා තියෙනවද කියලා අපට අනුශාසනා කරන්න කියා ඉල්ලා සිටිනවා. රජයේ මේ සෙල්ලම ඇතුළේ තියෙන්නේ රජය කරගෙන යාමට ඇති නොහැකියාව නොවෙයිද?රනිල් වික්‍රමසිංහට නායකත්වය දිගටම තියා ගන්න හැකිවේවිද? සජිත් ප්‍රේමදාසට නියොජ්‍ය නායකත්වය දිගටම තියා ගන්නට හැකිවේවිද? මෛත්‍රීපාල සිරිසේනට දෙවැනි වරටත් ජනාධිපතිවීමේ සිහිනය සැබෑවේවිද? මහින්දට තවත් සැරයක් ජනාධිපතිවීමේ සිහිනය සැබෑ කර ගන්නට පුළුවන් වේවිද? මෙන්න මේ වගේ කතාවක් තමයි අද රට තුළ පවතින්නේ. මෙයට කියන්නේ දේශපාලන අර්බුදය හැර වෙන කුමක්ද? මේ වගේ දේශපාලන අර්බුදයක් ඇතිවීමට හේතුව තමයි පවතින ධනේෂ්වර පාලනය. පසුගිය රජයේ සිටි හොරු සමග ආණ්ඩුවක්  පිහිටුවාගත් මේ රජයෙන් කෙරෙන්නේ ධනේශ්වර පාලනයක්. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද රජපක්ෂට  වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ මහින්දගේ දක්ෂතාව නිසා නොවෙයි. මේක ජනතාවගේ පුරුද්දක්. මේ පුරද්ද නැති කර ගන්න අවශ්‍යයි. ජනතාව බලාපොරොත්තු වන ඇත්ත වෙනසක් දැකීමට නම් විඳීමට නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට බලය පැවරිය යුතුමයි. වමට බලයක් ලබාදිය හැක්කේ ජන බලය ශක්තිමත් කිරීමෙන් පමණයි. ඒ ක්‍රියාවලියට ඡන්දය ප්‍රකාශ කිරීමට පමණක් සීමා කළ යුතු නැහැ. ඒ සඳහා අවශ්‍ය දේශපාලන දැක්ම හා වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මේ සියල්ලෙන් පෙරටුගාමී  සමාජවාදී පක්ෂය ශක්තිමත්. කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්  දුමින්ද නාගමුව මහතා: ලෝක කම්කරු දිනය කියන්නේ නිකම්ම නිකන් දිනයක් නොවෙයි. එය ලෝකයේ කම්කරුවෝ ලේ හලලා දිනාගත්තු දිනයක්. ඒ නිසා එම දිනයේම සැමරීමට අපට හැකිවීම අපට ලොකු සතුටක්.විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය කියන යෝජනාව මේ වනවිට ජ.වි. පෙරමුණ කරළියට ගෙනැත්. ඉදිරියේ  පැවැත්වෙන ජනාධිපතිවරණයට ගෝඨාභය  රාජපක්ෂ  එන බවට කතාවක් තියෙනවා. එයා එනවට මහින්ද රාජපක්ෂ  කැමති නැහැ. එයාගේ බලාපොරොත්තුව එයාගේ නාමල් පුතාට රට බාරදෙන්නටයි. ඔය කවුරු විධායක ජනාධිපති තනතුරට ආවත් අපි බය නැහැ. අපි දේශපාලනය කරනවා. මේ වනවිට වර්ධනය වන ආර්ථික අර්බුදය ලෝකයේ ඉවර වෙන්නෙත් නැහැ. ලංකාවේ ඉවර වෙන්නෙත් නැහැ. මේ  වසරේ ලංකාව රුපියල් මිලියන 450ක් ණය ගෙවිය යුතුව තිබෙනවා. මේ අර්බුදය දැනගෙන තමයි මහින්ද වේලසනින්  ඡන්දය තිබ්බේ. මේ අර්බුදයට කර ගහන්න වෙන්නේ වැඩ කරන ජනතාවට ගොවියන්ට ශිෂ්‍යයන්ට සහ කාන්තාවන්ටයි. ඔය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන පක්ෂයට අයත් ලොරියේ ඉදිරියෙන් ගහලා තියෙන්නේ බුදු සරණයි කියලා. නමුත් ලොරිය ඇතුළේ තියෙන්නේ හොර හරක් බව අමතක කරන්න එපා. අද කම්කරු දිනය සමරන මේ වෙලාවේ අපි සිටින්නේ  දේශපාලන හැරවුම් ලක්ෂයක. මේ අර්බුද ගැන කතාකරන වෙලාවේ අපේ ගෙවල්වල තිබෙන තත්ත්වය කොහොමද? හාල්  පොල් සීනි ගණන්. දරුවන්ගේ  ටියුෂන් සල්ලි ගෙවන්න ඕනෑ. හැබැයි ගෙදරින් එළියට ආවම මේවා ගැන කතා කරන්නේ නැහැ. ඒ ප්‍රශ්න ගැන එළියේ පිට කතා කරන්න බැරි තරම් මහා දැවැන්ත මතයක් මාධ්‍ය මගින් හදලා තියෙනවා.  ඒ කියන්නේ ගෙදර ප්‍රශ්නය  රටේ ප්‍රශ්නයක්  නොවෙයි කියන විදියට. ඒ සඳහා දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. අපේ ජීවිතයේ දැවෙන ප්‍රශ්න වේදිකාවට ගෙනඑන ව්‍යාපෘතිය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය මුල පුරලා තිබෙන බව කියන්න කැමතියි. ජ.වි. පෙරමුණේ වංචා  දූෂණ  නැහැ කියන සටන් පාඨයම දූෂණයක්. මහා පරිමාන  ව්‍යාපෘති  ඇතුළේ වෘත්තීය සමිති හදලා තියෙන්නේ ජ.වි. පෙරමුණ විසින්. මේ අය ඒ සමාගම් ඇතුලේ වෘත්තිය සමිති කරන්නේ හාම්පුතා සමග රහසේ ඩීල් දමාගෙන. එහෙමනම් මේ රටේ මහා දූෂණ වංචාවන් සිදු කෙරෙන්නේ ජ.වි. පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති  ඇතුළේ බව අද අපි රටට හෙළිකර සිටිනවා. මේ ආණ්ඩුව සමෘද්ධිය දෙන හැටිත් අපි කියන්න අවශ්‍යයි. යම් පවුලක සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් අය සිටිනවා නම් සමෘද්ධිය දෙන්නේ නැහැ. සතියකට වරක් හෝ මස් හෝ මාළු කනවා නම් සමෘද්ධිය කපා දමන්නට රජය නියම කර තිබෙනවා. රාජපක්ෂලා ආවාට මෙම ක්‍රමය වෙනස් වේවි කියා හිතන්න එපා. ඒ අය බලයට ආවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කරන පරිප්පුව කන්න වෙන බව අප දන්නවා. ගොවි අරගල ව්‍යාපාරයේ සංවිධායක ලේකම් විමල් වත්තුහේවා, විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ  ජාතික කමිටු සාමාජික සංජීව බණ්ඩාර, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න, වෙනසක  තාරුණ්‍යය ජාතික සංවිධායක සුජිත් කුරුවිට, යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. 
මැයි දිනය 7දා සමරන්න රජයට හීලෑ වුණාට ජවිපෙ ලජ්ජා විය යුතුය
0
hp_train_0308
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 12/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව34269065අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32259075වැසි වාර කිහිපයක්.ගාල්ල31259075වැසි වාර කිහිපයක්.යාපනය33279070වැසි ස්වල්පයක්.මහනුවර31229560වැසි වාර කිහිපයක්.නුවරඑළිය22119560වැසි වාර කිහිපයක්.රත්නපුරය34249560වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35269055අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570වැසි ස්වල්පයක්.   
හෙට කාලගුණය
0
hp_train_0309
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේ‍ශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 16/12/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32249575ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව32249570ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31249570සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  ගාල්ල32249075සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  යාපනය31259075ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර30209080සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20119570ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය33239575සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. ත්‍රීකුණාමළය31249575ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම29259070ප්‍රධාන වශයෙන් වැසි රහිත   
‘පළාත් කීපයකට අදත් වැසි‘
0
hp_train_0310
(නිමල කොඩිතුවක්කු)ජාතික ගුවන් සේවය වන ශ‍්‍රි ලංකන් ගුවන් සමාගම  අපේ‍්‍රල්(01) වැනිදා සිට  එයාර් සීෂෙල්ස් ගුවන් සමාගම සමග විශේෂ ගුවන් සබඳතා ගිවිසුමක් වෙත එළැඹ ඇත. මෙම නව ගිවිසුම මගින් ගුවන් මාර්ග ජාලය වැඩිදියුණුකර ගුවන් සමාගම් දෙකෙහිම ගුවන් මගීන්ට සංචාරක අවස්ථා රැසක් සුව පහසු ආකාරයෙන් ලබාදීමට ගුවන් සමාගම අපේක්ෂා කරනු ලබයි.මේ සමඟ ශ‍්‍රි ලංකන් ගුවන් මගීන්ට සීෂෙල්ස් හරහා දකුණු අප‍්‍රිකාව, මොරිෂස් සහ මැඩගස්කරය ඇතුළු නව ගමනාන්ත තුනක් සඳහා ගුවන් පහසුකම් සැලසෙනු ඇති බව ශ‍්‍රි ලංකන් ගුවන් සමාගමේ   ප‍්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේය.ඊට සමගාමීව එයාර් සීෂෙල්ස්හි පාරිභෝගිකයින්ට ශ‍්‍රි ලංකන් ගුවන් සේවය   හරහා ඉන්දියාව සහ ඈත පෙරදිග ගමනාන්ත වෙත ගමන් කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.ශ‍්‍රි ලංකන් ගුවන් සමාගම  රටවල්  47 ක ගමනාන්ත  105 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි. මෙයට අමතරව වන්වර්ල්ඞ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඞ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමනාන්ත1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම ශ‍්‍රි ලංකන් ගුවන් මගීන්ට  හිමිවේ.
ගුවන් ප්‍රවේශපත් මිලදී ගැනීමේදී සියයට 40ක-සියයට 25 ක විශේෂ වට්ටම්
0
hp_train_0311
(අමදෝරු අමරජීව) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 10වැනිදා  විවෘත කිරීමට නියමිතව තිබූ කන්තලේ නගර ශාලව අද (03)  කන්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ  මන්ත්‍රීවරු විවෘත කළහ. ජනාධිපතිගේ කන්තලේ සංචාරයට සමගාමීව මෙම නගර ශාලාව විවෘත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඉල්ලන ලද විශේෂ සභා වාරය තුළදි ඇති වූ මත ගැටුමක් මෙම විවෘත කිරීමට හේතුවිය. සභාපතිවරයා ලෙස මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීමටකට අනුව විශේෂ  සභා වාරයක් කැඳවූ බවත් ඒ අනුව සභාවේදී ස්වාධීන මන්ත්‍රීවරයෙක් හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරියක් ජනාධිපතිතුමාගේ සංචාරය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් කාගේ හෝ දේශපාලන අවශ්‍යතාවයකට හසු වී කටයුතු කිරීම නිසා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ට නොදන්වා  මෙම නගර ශාලාව විවෘත කළ බවත් කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ඒකනායක මහතා සඳහන් කළේය. මෙම විවෘත කිරීමේ අවස්ථාවට සභාපතිවරයා සහභාගි නොවූ අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දහදෙනාම එක්වී සිටියහ. කන්තලේ ප්‍රාදේශීය සභාව සතුව මන්ත්‍රී  ධූර 24ක් ඇති අතර ඉන් මන්ත්‍රී ධූර 11ක්  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හිමි කරගෙන ඇත. එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධූර 5ක් හිමි කරගෙන සිටි. එක්සත් ජනතා නිදහස් සන්ධානය  මන්ත්‍රී ධූර 4ක්ද  ජනතා විමුක්ති පෙරමුණ හා සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසය එක් මන්ත්‍රී ධූරය බැගින් මන්ත්‍රී ධූර 2ක්ද ස්වාධින කණ්ඩායම් 2 කින් මන්ත්‍රී ධූර 2 ක්ද හිමි කරගෙන සිටි.
හපුතලේ ප්‍රා සභා බලයත් එජාපයෙන් ගිලිහෙයි
0
hp_train_0312
(රංජන් කස්තුරි)ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමා තිබේ.ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුලියල් 2 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුලියල් 5 කින් සහ සුපිරී ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින්ද අඩුකර තිබේ.
තෙල් වර්ග තුනක් ගණන් උස්සයි
0
hp_train_0313
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටු වාර්තාවේ ඇතුළත් කොන්දේසිවලට යහපාලන ජාතික රජයේ ප‍්‍රධාන පක්ෂ දෙක එකඟ වන්නේ නම් තමන් ද ඊට එකඟත්වය පල කරන බව පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින් දෙමළ ජාතික සන්ධානය ප‍්‍රකාශ කර ඇතැයි’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවැසීය.‘‘බෙදා වෙන් කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාව බිහි කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව නියෝජනය කළ සියලූ පක්ෂ සූදානම්ව සිටිතියි’’ ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ අදහස පළ කළේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (21) රැස් වූ අවස්ථාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සභාගත කළේය.මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සභාගත කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප‍්‍රකාශයේ මෙසේ ද සඳහන්ය.මෙය කෙටුම්පතක් පමණි. නෛතික ලියැවිල්ලක් නොවේ. අවසන් ලේඛනය සකස් කරන්නේ ජනතා සංවාදයට භාජනය කිරීමෙන් පසුවය. දෙමළ ජාතික සන්ධානය පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින් අතුරු වාර්තාවේ ඇතුළත් කොන්දේසිවලට ජාතික ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂ දෙක එකඟ වන්නේ නම් තමන් ද එකඟ වන්න කැමති බව කියා තිබේ.බෙදා වෙන් කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාවක් පිළිගැනීමට සියලූ සාමාජිකයන් සූදානම්.මෙය ඓතිහාසික අවස්ථාවකි. කලක් ඉතා තදින් භේද බින්න වී සිටි රටක පොදු සම්මුතිය ඇතිකර ගැනීම සඳහා ආණ්ඩුවත් විපක්ෂයත් එකතු විණි. මේ වටිනා අවස්ථාව අපේ අතින් ගිලිහෙන්න ඉඩ දිය නොහැකියි.විවිධාකාර අවශ්‍යතා කාර්යක්ෂමව ආමන්ත‍්‍රණය කිරීම සඳහා අවශ්‍ය බලය බෙදීමේ මූලධර්ම සකස් කළේ පළාත් මහ ඇමැතිවරුන්ගේ නිර්දේශ පදනම් කරගෙනය.මෙය අපේ රටට ඉතා වැදගත් ක‍්‍රියාවලියක් වන අතර අප සියලූදෙනාම ඊට සම්බන්ධ විය යුතුය. මේ ව්‍යවස්ථාවෙන් අපේ රට පරිවර්තනයකට භාජනය වන අතර, සමෘද්ධියේ සහ වර්ධනයේ නව යුගය මෙයින් සංකේතවත් වේවි.අපි සියලූ දෙනාගේම අදහස් එක්කර නව ව්‍යවස්ථාව සකස් කර, එක් සිත්ව හා එක්සත්ව වඩාත් දීප්තිමත් හා බලගතු ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා ඉදිරියට පියවර තබමු.2015 ජනවාරි 8 වැනිදා ශ්‍රී ලංකාවාසී ජනතාවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන බවට අප දුන් පොරොන්දුව ඉටු කිරීමේ තවත් පියවරක් අද ජාතික ආණ්ඩුව ගන්නවා. අප සකස් කරන්න බලාපොරොත්තු වන්නේ ජාති, ආගම්, වර්ග හෝ සමාජ පසුබිම පිළිබඳ භේදයකින් හෝ තොර සියලූ ශ්‍රී ලාංකිකයන්ට පොදුවේ ප‍්‍රයෝජනවත් වන ව්‍යවස්ථාවයි. එය අප විසින් ශක්තිමත් ආර්ථිකය ගොඩනගනු ලැබීමෙන් අත්කර ගන්නා ප‍්‍රගතියේ ප‍්‍රතිලාභ සියලූ ශ්‍රී ලාංකිකයන්ට බෙදී යන බව තහවුරු කරන නව ප‍්‍රගතිශීලී වැඩ රාමුව අර්ථ දක්වන ව්‍යවස්ථාව ද වනවා.මේ අවස්ථාව යොදාගත යුත්තේ අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කිරීමට සහ සාමය හා ස්ථාවරත්වය ගොඩනගා ගැනීමටයි. මේවා දශක 3කටත් වැඩි කාලයක් තිස්සේ අපේ ජාතියට ආගන්තුක වූ දේවල් වනවා. ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමේ හා සියල්ලන්ට සමෘද්ධිය තහවුරු කිරීමේ පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීමට මෙවැන්නක් අත්‍යවශ්‍යයි. රැුකියා උත්පාදනයටත්, පෞද්ගලික ආයෝජන ගෙන්වා ගැනීමටත්, සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ සමෘද්ධිය වර්ධනය කර ගැනීමටත් ශක්තිමත් ආර්ථිකය හා සංවර්ධනය අත්‍යවශ්‍යයි.අද අප සියලූදෙනාටම ඉතා වැදගත් දවසක් වනවා. මෙතෙක් කලක් අපව ගැටුම් හා දේශපාලනමය ප‍්‍රචණ්ඩත්වයේ දුෂ්ට චක‍්‍රයක සිරකර තබා ගනිමින් අපේ ආර්ථික වර්ධනයට තර්ජනය වූ බෙදීම් හා දුරස්ථබව දුරු කරන පාලම සාදා ගැනීමේ මහඟු අවස්ථාව අපට අද උදා වී තිබෙනවා.ව්‍යවස්ථා කෙටුම්පත සඳහා වන නෛතික ලියවිල්ල සාකච්ඡුා කිරීම සඳහා පදනම් කරගත හැකි අතුරු වාර්තාව අද මා සභාගත කරනවා.මෙහි පළමු පරිච්ෙඡ්දයට, මෙහෙයුම් කමිටුවේ ප‍්‍රයත්නය පිළිබිඹු වන මූලධර්ම හා සූත‍්‍ර අඩංගු වෙනවා. ඒ මූලධර්ම හා සූත‍්‍ර පිළිබඳව මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් දැක් වූ නිරීක්ෂණ හා විවේචන දෙවැනි පරිච්ෙඡ්දයට ඇතුළත් කළා. ඒ නිසා බහුතර වාර්තාව හෝ සුළුතර වාර්තාව හෝ අවශ්‍ය වන්නේ නැහැ. කමිටු සාමාජිකයන්ගේ සියලූ අදහස් මේ වාර්තාවට ඇතුළත් වනවා.දෙමළ ජාතික සන්ධානය පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින් අතුරු වාර්තාවේ ඇතුළත් කොන්දේසිවලට ජාතික ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂ දෙක එකඟ වන්නේ නම් තමන් ද එකඟ වන්න කැමැති බව කියා තිබෙනවා.පළමු පරිච්ෙඡ්දයෙන් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු බව යෝජනා කර තිබෙනවා. එමෙන්ම මේ පරිච්ෙඡ්දයෙහි බලය බෙදීමේ මූලධර්ම ද ඇතුළත් කර තිබෙනවා. මේ නිසා දැන් මේ මූලධර්ම සම්බන්ධයෙන් අප තුළ එකඟතාවක් ඇති කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ තීරණයක් ගැනීම එජාපය හා ශ්‍රීලනිපය මත පැවරිලා. එවැනි එකඟතාව ඇතිකර ගැනීමට අපට තිබෙන හැකියාව අනුවයි රටේ අනාගතය තීරණය වන්නේ.දශක ගණනාවක් තිස්සේ පැවැති ආතතිය හා භේදභින්න වීම් ඉවත දමා, එකඟතාව ගොඩනගා ගැනීමේ අභිලාසයෙන් බෙදා වෙන් කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාවක් පිළිගැනීමට සියලූ සාමාජිකයන් සූදානම්. ඒ වගේම වැඩිදුරටත් බලය බෙදීමකට ද සූදානම්. මෙහි පැහැදිලි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවාසී ජනතාව සාමයෙන් හා එකමුතුකමින් ඇදබැඳ තබන්න ඇති කැපවීම පෙන්වීමයි.අපේ රටේ දේශපාලන පදනමෙහි ලොකු වෙනසක් අත්දකිමින් සිටිනවා. එනම් අතීතයේ තිබූ බෙදුම්වාදී භයානක ස්වරූපයෙන් ඈත්ව අනාගතය කෙරෙහි යොමු වූ නව දිශාවකට ගමන් කිරීමයි. මේ රජය සහාය දක්වන්නේ එවැනි වෙනසකටයි. ගත වූ දශක තුනක කාලය තිස්සේ අප සිතාගන්න බැරි තරම් දුක් පීඩා කරදරවලින් බැට කෑවා. දැන් පළමු වතාවට අපට එකමුතුව ඉදිරියට ගමන් කළ හැකි පොදු වේදිකාවක හමුවී තිබෙනවා.පසුගිය අවුරුදු දෙක පුරා මේ රජය රටේ පවතින දේශපාලන, වාර්ගික හා ආගමික ආතතිය ආමන්ත‍්‍රණය කිරීමට මහත් පරිශ‍්‍රමයකින් වැඩ කළා. අප එසේ කළේ අපේ ආර්ථික වර්ධනයට ඒ ගැටලූවලින් විශාල අභියෝග එල්ල වන බව දන්නා නිසයි.සාමය හා ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා කෙරෙන නව කැපවීම ශ්‍රී ලංකාවේ මතු අනාගත පරපුරට වාසනාවන්ත වෙනස ඇති කරාවි.මේ වටිනා අවස්ථාව අපේ අතින් ගිලිහෙන්න ඉඩ දිය නොහැකියි.අප බොහොම වෙනස් ප‍්‍රවේශයකට පය තබන බව මෙයින් පෙනී යනු ඇතැයි මා බලාපොරොත්තු වනවා. අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ වෛරයට කිසිදු ඉඩක් නැහැ. ඒ වගේම අනාගතයටත් එවැනි ඉඩක් තිබිය නොහැකියි. අපේ රට නැවතත් වෛරී අතීතය කරා ඇද දැමීමට ඉඩ දිය නොහැකියි. ඒ වගේම අපේ රට වෛරයෙන් කැබලි කරන්න අප ඉඩ දෙන්නේ නැහැ.අප අග‍්‍රගන්‍ය ප්‍රෞඪ බෞද්ධ ජාතියයි. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මේ තත්ත්වය සුරැුකෙනවා. ඒ වාගේම බුද්ධාගමට ඇති ප‍්‍රමුඛස්ථානය අපේ සමාජය තුළ ආරක්ෂා කෙරෙනවා. ඇත්ත වශයෙන්ම අපේ නව ව්‍යවස්ථාවට පදනම් වන්නේ බෞද්ධ ප‍්‍රතිපත්ති හා මූලධර්මයි.බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවයි. අවෛරයෙන් වෛරය ජය ගත යුතු බවයි. අද අප ඉටු කරගන්න බලාපොරොත්තු වන අරමුණෙහි හරය එයයි. ඒ වගේම ඉදිරියේදීත් අපේ ජාතියට මග පෙන්වීම සඳහා බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි අප විශ්වාසය තබනවා.නැති ප‍්‍රශ්න ඉස්මතු කරමින්, අනවශ්‍ය බියක් ඇති කරමින්, ආර්ථිකය විනාශ කරමින් ජනතාව බෙදා වෙන් කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ. අද අප ඔබ වෙත පැමිණ සිටින්නේ විසඳුම සමගයි.මේ වාර්තාවෙන් අපේ රට මුහුණ දෙන බරපතළ අභියෝග කිහිපයක් ආමන්ත‍්‍රණය කරනවා. වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කරලීම සඳහා රජය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාව අප හඳුනාගෙන තිබෙනවා.ආර්ථික ප‍්‍රතිසංස්කරණ හේතුවෙන්, දැඩි ලෙස මධ්‍යගත වූ පාලන ව්‍යූහය වෙනුවට ප‍්‍රාදේශීය කලාපවල අවශ්‍යතා ආමන්ත‍්‍රණය කළ හැකි ක‍්‍රමවේදය නිර්මාණය වෙනවා. බලය බෙදීම ප‍්‍රමුඛතාව වන්නේ ඒ නිසයි.උතුරේ සිට දකුණ දක්වා සියලූ පළාත්, බලය බෙදීමට සහාය දක්වා තිබෙනවා. ඇත්ත වශයෙන්ම දකුණේ පළාත් සභාවල ප‍්‍රධාන අමාත්‍යවරුන් මෙහි ප‍්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළා. අපේ විවිධාකාර අවශ්‍යතා කාර්යක්ෂමව ආමන්ත‍්‍රණය කිරීම සඳහා අවශ්‍ය බලය බෙදීමේ මූලධර්ම සකස් කළේ ඔවුන්ගේ නිර්දේශ පදනම් කරගෙනයි.රාජ්‍යයේ ස්වභාවය ආරක්ෂා කර ගන්නා අතරම පළාත් සභා වෙත වැඩි බලය බෙදා හැරීමෙන් පළාත් මට්ටමේ සංවර්ධනය ක‍්‍රියාත්මක කරවීම පිණිස රාජ්‍ය පාලනයේ දෙවැනි තලය නිර්මාණය කිරීම පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න අපට හැකිවනවා.අතුරු වාර්තාවේ ඇතුළත් යෝජනාවල කොටසක් වශයෙන් පළාත් පාලන ආයතන රාජ්‍ය පාලනයේ තුන් වැනි තලය වශයෙන් හඳුනා ගනු ලබනවා. එමඟින් විවිධ ප‍්‍රජාවන්හි විශේෂිත අවශ්‍යතා ආමන්ත‍්‍රණය කිරීමට ඉලක්ක ගත වියදම් හා විශේෂයෙන් සැකසූ රාජ්‍ය සේවා වඩාත් හොඳින් සැපයීම පහසු කිරීමට බලාපොරොත්තු වනවා.මෙයටත්, එසේම මේ වාර්තාවේ ඇතුළත් අනෙකුත් යෝජනා බොහෝමයකටත් ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් පුළුල් සහයෝගය ලැබීම මට සතුටක් වූවා.කෙසේ වෙතත් විධායකයේ සහ ජනාධිපතිවරයාගේ කාර්ය භාරය නිර්වචනය කිරීමේ කටයුතුවල තවත් නිරාකරණය කරගත යුතු ක්ෂේත‍්‍ර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේත්, ජනතාව අතරත් පුළුල් සංවාදය අවශ්‍යයි. නමුත් වැඩි කල් නොගොස් ඒ සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණෙන්න හැකි බව අපට විශ්වාසයි. අතුරු වාර්තාව සත්‍ය වශයෙන්ම සාමූහික ප‍්‍රයත්නයයි. ඊට අදාළ ක‍්‍රියාවලිය මුළුල්ලේම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහයෝගය ලැබුණා. මෙය ස්වාධීන කමිටුවල මාස ගණනාවක පරිශ‍්‍රමයේ ප‍්‍රතිඵලයයි.නව ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදන කාර්යය අධීක්ෂණය කිරීම පිණිස ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවනු ලැබුවේ 2016 මාර්තු 9 වැනිදායි. එය ඒකමතිකව මෙහෙයුම් කමිටුව පත් කළා. එමඟින් ප‍්‍රධාන වැදගත් විෂය ක්‍ෂෙත‍්‍ර 12 ක් හඳුනා ගත්තා. ඉන්පසු ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන අනු කමිටු තෝරා ගත්තා. මෙහෙයුම් කමිටු විසින් ඒ අනු කමිටුවලට ප‍්‍රධාන ක්‍ෂෙත‍්‍ර 6 ක් පැවරුවා.අදාළ අනුකමිටු 6 වාර්තා 2016 නොවැම්බර් 19 වැනි දින සභාගත කළා. ඉදිරි විෂය ක්ෂේත‍්‍ර 6 ට අදාළ අතුරු වාර්තාව අද මෙහෙයුම් කමිටුව විසින් සභාගත කරනවා.මෙහෙයුම් කමිටුවේ සිට අනු කමිටු දක්වා සෑම මට්ටමකදීම සාමාජිකයන් තෝරා ගැනීමේදී සියලූ ශ්‍රී ලාංකිකයන් නියෝජනය වන පරිදි හා සියල්ලන්ම ඇතුළත් ක‍්‍රියාවලිය බවට තහවුරු වන පරිදි ඉතා ප‍්‍රවේශමෙන් කටයුතු කළා. ඒ නිසා මෙමගින් රටපුරා ධනාත්මක පොදු විවාදය ඇතිවේ යයි අප බලාපොරොත්තු වෙනවා.මෙය අපේ ආණ්ඩුව විසින් සංවර්ධනය කර ගත් ප‍්‍රගතිය යයි අපට ආඩම්බර වන්න පුළුවනි.මෙය ඓතිහාසික අවස්ථාවයි. කලක් ඉතා තදින් භේද බින්න වී සිටි රටක පොදු සම්මුතිය ඇති කර ගැනීම සඳහා ආණ්ඩුවත්, විපක්ෂයත් එකතු වුණා. ඒ විතරක්ද නොවෙයි. එකට එකමුතුව වැඩ කිරීමෙන් අප සියල්ලන්ටම පොදුවූ අරමුණු, ඉලක්ක හා දැක්ම ඇති බව වටහා ගත්තා. සියල්ලන්ටම සාමය, සමෘද්ධිය හා ආර්ථික ශක්තිය ගෙන දෙන දැක්මක් ඇති බව වටහා ගත්තා.අපෙන් අනාගතයට උරුම වන්නේ නිදහස් සමානාත්මතාවෙන් යුතු සාමකාමී ශ්‍රී ලංකාවයි. සමෘද්ධියෙන් වර්ධනය වන ශ්‍රී ලංකාවයි. සියල්ලන්ටම යහපත් හෙට දවස උදාකරන ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීම උදෙසා එකමුතුව වැඩ කරන ශ්‍රී ලංකාවයි.අතුරු වාර්තාවත් අනු කමිටු හයේ වාර්තා සමග විවාදයට ගැනෙනවා. මේවා ව්‍යවස්ථාදායක සභාව තුළ පමණක් නොව, රට පුරාම පුළුල්ව විවාදයට හා සාකච්ඡුාවට ලක්වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. මොකද, අවසානයේ සකස් විය යුත්තේ මුළු රටටම, සියලූ දෙනාටම බලපාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි.ඉන් අනතුරුව මෙහෙයුම් කමිටුව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට ක‍්‍රියා කරනවා. ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමෙන් පසු මෙහෙයුම් කමිටුව අවසාන වාර්තාව ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කරනවා. මෙය අපේ රටට ඉතා වැදගත් ක‍්‍රියාවලියක් වන අතර අප සියලූදෙනාම ඊට සම්බන්ධ විය යුතුයි. ව්‍යවස්ථාවෙන් අපේ රට පරිවර්තනයකට භාජනය වන අතර, සමෘද්ධියේ සහ වර්ධනයේ නව යුගයක් මෙයින් සංකේතවත් වේවි.භේද බින්න වීම්, ගැටුම් සහ ස්වාර්ථය වෙනුවෙන්ම පාලනය ගෙන ගිය ම්ලේච්ච නායකත්වය නිසා අපේ රට දරුණු ලෙස විනාශ මුඛයට පත්වුණා. බොහෝදෙනකුට දරුවන්, මව්පියන්, ඥාතීන් සහ මිත‍්‍රයින් අහිමි වුණා. අප රට තුළ පැතිර ගිය බෙදුම්වාදය හා දේශපාලනික ප‍්‍රචණ්ඩත්වය අපේ ජීවිත මෙන්ම අපේ අනන්‍යතාවය පිළිබඳ හැඟීමත් විනාශ කළා. එමගින් අප එකිනෙකාට උරණ වුණා. බෙදී වෙන්වීම් මගින් අප අපවම දුර්වල කරගත්තා. අපේ ජාත්‍යන්තර කීර්තියද විනාශ වුණා.අප බලයට පත්වූ පසු සියලූ ශ්‍රී ලාංකිකයන්ට සමාන අයිතිය ඇති වන සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතිස්ථාපනය කර ශක්තිමත් කළා. ජනතාවට නැවතත් ඔවුන්ගේ අයිතිවාසිකම් හා නිදහස ලැබෙන බව තහවුරු කළා. මහජන වාද විවාදවලට දිරි දෙමින්, බියෙන් තොරව රජය විවේචනය කිරීමේ නිදහස මාධ්‍යවලට දුන්නා.නව ව්‍යවස්ථාව අපේ ප‍්‍රගතියේ ඉතා වැදගත් අංගයයි. එය සමාජයේ සියලූ සාමාජිකයන් ගැන එකසේ සොයා බලන, ශිෂ්ඨ සමාජයක මූලධර්ම පදනම් කර ගත් එකක් වනවා. එය දුප්පත් හා විපතට පත්විය හැකි ජනතාවගේ අවශ්‍යතා සම්පාදනය සහතික කරන සමාජයයි.  මේ රජය ශ්‍රී ලංකාවේ ජනතාව වඩාත් සවිබල ගන්වන ආකාරයේ ඉතා පැහැදිලි බලය බෙදීම ක‍්‍රියාත්මක කරවන බවට පොරොන්දුවූවා. එමගින් ජනතාවට තමන්ගේ ප‍්‍රජාව සම්බන්ධයෙන් වැඩි හඬක් නැගීමේ හැකියාව ඇති වෙනවා. එමෙන්ම ජනතාවත්, රජයත් අතර සමීප බව තවත් වැඩි කරනවා.අපේ රජය ඡුන්දයෙන් පත්වුණේ මින් ඉදිරියට ශ්‍රී ලංකාවාසී ජනතාව කිසිසේත් සුළු පිරිසකගේ ප‍්‍රාණ ඇපකරුවන් බවට පත් වන්න ඉඩ නොතැබීමේ පොරොන්දුව පිටයි. මින් පසු එවැනි සුළු පිරිසකට ඔබේ දරුවන්ගේ අනාගතය සොරා ගැනීමට ඉඩ ලැබෙන්නේ නැහැ. මින් ඉදිරියට ඔබේ ජීවිත හා පරිසරය බලකාමීන්ගේ කුරිරුකම් වලින් පීඩාවට පත්වන්න ඉඩ ලැබෙන්නේ නැහැ.ඒ පදනම නව ව්‍යවස්ථාවට අන්තර්ගත වෙනවා. එය ඔබ ආරක්ෂා කරන ව්‍යවස්ථාවයි. ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීම සඳහා අප කටයුතු කරන විට, ඉන් ලැබෙන සමෘද්ධිය සියල්ලන් අතර බෙදී යන බව තහවුරු කරන ව්‍යවස්ථාවයි.ඒ නිසා සියලූදෙනාගේම අදහස් එක් කර නව ව්‍යවස්ථාව සකස් කර, එක්සිත්ව හා එක්සත්ව වඩාත් දීප්තිමත් හා බලගතු ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා ඉදිරියට පියවර තබමු. යයිද රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
දූෂණය මුලිනුපුටා දමා සියලු දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ ඒකාන්ත අරමුණයි
0
hp_train_0314
(පාලිත ආරියවංශ) බදුල්ල නඩුකාර කන්දේ අද (23)  දහවල් හටගත් ගින්නක් මේවනවිට ව්‍යාප්ත වෙමින් තිබේ. ගින්න එම  ස්ථානයේ පිහිටි කාලගුණ විද්‍යා පරික්ෂණ මධ්‍යස්ථානය හා නිවාස වෙත  ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා  බදුල්ල මහ නගරසභාවේ ගිනි නිවන ඒකකය මේවන විට කටයුතු කරමින් සිටී.
බදුල්ල නඩුකාරකන්දේ ගින්නක්
0
hp_train_0315
 ඩි.ජී.සුගතපාල හම්බන්තොට බෙරලිහෙල යාය 4 උදාගම්මානයේ පදිංචි පුද්ගලයකු ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටියදී හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  61 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.සැකකරු අද (20) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
1
hp_train_0316
ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිඟය විසඳන්නැයි ද ගණිත හා විද්‍යා විෂය ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු බඳවාගන්නා ක්‍රමවේද විධිමත් කරන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගාල්ලේදී අද (27) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහිකිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මඟින් කාලීනව ඉංග්‍රීසි, ගණිත හා විද්‍යා විෂය ඉගැන්වීමට පසුබිම සකසන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසඳුම් දීමේ අරමුණින් සංවිධානය කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාව යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරිය ලෙන් විහාරස්ථානයේ පැවැති රැස්වීමට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශ කළේය.සංඛ්‍යා ලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම, හෝමාදොළ, කොතලාවලපුර ග්‍රාමය ජනාධිපතිවරයා විසින් තෝරා ගනු ලැබ තිබිණි. මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම් සඳහා වැය වන මුදල් සීමා කර ඉන් ලැබෙන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇතැයි ද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.සාකච්ඡාව ආරම්භයේ දී දිස්ත්‍රික්කයේ නගර, ග්‍රාමීය ආර්ථික සංවර්ධන සහ ආපදා කළමනාකරණ සැලසුම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණ. දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන දේශපාලන, සමාජ, ආර්ථික ගැටළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ මෙහිදි සාකච්ඡාවට ලක් විය. දුගී බව තුරන් කිරීම, සැමට නිරෝගීමත් දිවියක් මෙන්ම මනා අධ්‍යාපන පසුබිමක් සැකසීම, කෘෂි හා ධීවර ක්ෂේත්‍රයන්හි කඩිනම් සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්වීමට සහභාගීවීමට යන මග දෙපස රැස්ව සිටී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසීය. කටුපොල් වගාවෙන් පරිසරයට වන හානිය පිළිබදව ජනතාව එහිදි ජනාධිපතිවරයාට පැමිණි කළහ. සාකච්ඡාවේ පළමු ගැටලුව ලෙස මේ පිළිබඳ අවධානය යොමු විය. ප්‍රදේශයේ පැන නැගී ඇති ජල හිඟයට කටුපොල් වගාව බෙහෙවින් බලපා ඇතැයි එහිදි ප්‍රදේශවාසීහු ජනාධිපතිවරයා දැනුවත් කළහ.ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදුකරන ලෙස උපදෙස් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුපොල් වගාවෙන් ලාභ ලැබුණ ද පරිසරයට හානියක් සිදුවන්නේ නම් එම ලාභයෙන් පලක් නැතැයි ද පෙන්වා දුන්නේය. ඒ නිසා පරිසරයට හානියක් සිදුවන්නේ නම් කටුපොල් වගාව වහාම නතර කරන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.පොල්තෙල් පරිභෝජනයට ජනතාව දිරි ගැන්විය යුතු එහිදි පෙන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ප්‍රතිඵලයක් ලෙස පොල් වගාව ද සංවර්ධනය වනු ඇතැයි කීවේය. රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කර තිබෙන නමුත් එහෙත් එම නිෂ්පාදනවලට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රබර් වගාව කෘෂිකර්මාන්තයක් ලෙස නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය. එය දිරි ගැන්වීම පිණිස රබර් ආනයනය වහාම නතර කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදි අවධානය යොමු කළේය.ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිගය පිළිබඳව ප්‍රදේශයේ දේශපාලනඥයෝ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළහ. කඩිනමින් එම පුරප්පාඩු පිරවීමටත්, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු මෙන්ම ක්‍රමවේදයන් විධිමත් කිරීමටත් ජනාධිපතිවරයා එහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහි කිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මගින් කාලීනව ඉංග්‍රීසි, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට පසුබිම සකසන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට පැවැසීය.නෙළුව, නාගොඩ, උඩුගම ඇතුළු ප්‍රදේශ රැසක පැන නැගී ඇති පානීය ජල ගැටළුව පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදි සාකච්ඡාවට ලක් විය. දිස්ත්‍රික්කයේ පවතින අඩු පාඩු සහ ගැටලු ප්‍රමුඛතා පදනමෙන් විසඳීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.දියත් කර ඇති ප්‍රජා සහ සෙසු ජල ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදී පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. කොන්ත්‍රාත්කරුවන් නිසි අයුරින් වැඩ නිමකර නොමැතිනම් ඔවුන් වහාම ඉවත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුව ද මෙහිදි සාකච්ඡාවට ලක් වූ ප්‍රමුඛ කරුණකි. ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කර නිශ්කාෂන ව්‍යාපෘතිවලට සහාය වන ලෙස ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පළාත් පාලන ආයතනවලට දැනුම් දුන්නේය.ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙහිදි අවධානය යොමු වූ අතර වෛද්‍යවරුන්, හෙදියන් ප්‍රමාණවත් අයුරින් ඒවාට යොමුකර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ද ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. එමඟින් කොළඹ සහ ප්‍රධාන නගර ආශ්‍රිත රෝහල්වල තදබදය විශාල වශයෙන් අඩු කර ගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග හා පාලම් ඉදිකිරීම, ගංවතුර පාලනය, නාගරික සංවර්ධනයේ දී බලපා ඇති ගැටලුවලට විසදුම් ලබාදීම කෙරෙහි ද මෙහිදි අවධානය යොමු විය.මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වී තිබෙන කී ජනාධිපතිවරයා හික්කඩුව, වෙරළ තීරයේ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් උපදෙස් දුන්නේය.උණවටුන ආශ්‍රිතව සංචාරක පොලීසියක් වහාම ඉදිකිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණ. ධීවර කර්මාන්තය නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ ඇති ධීවර වරාය ආශ්‍රිත ගැටලු හඳුනාගෙන ඒ ඒ අමාත්‍යාංශ වෙත වගකීම් පැවරීමට ද ජනාධිපති ගෝඨාභය රාපජක්ෂ මහතා මෙහිදි පියරව ගත්තේය.හඳුනාගත් ජන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නැයි ඒ ඒ අමාත්‍යාංශ නිලධාරින්ට ජනාධිපතිතුමා එහිදි වැඩිදුරටත් දැනුම් දුන්නේය.දීප ව්‍යාප්තව පැවැත්වෙන් දිස්ත්‍රික් කමිටු රැස්වීම් මාලාවට සමගාමීව පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පැළ සිටුවීමේ වැඩසටහනක් ද ජනාධිපත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා තිබේ. ගාල්ල දිස්‍ත්‍රික්කයේ පැළ 300ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විහාරස්ථාන භූමියේ පැළයක් රෝපණය කළේය.ගාල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ එක්ව සිටියහ.055
ගාල්ලේ පාසල්වල ඉංග්‍රීසි ගුරු හිඟය විසඳන්නැයි ජනපතිගෙන් උපදෙස්
1
hp_train_0317
‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන අනපේක්ෂිත තත්ත්ව සලකා බලමින් පෞද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන් සඳහා සහන රැසක් පිරිනැමීමට එච්.එස්.බී.සී. බැංකුව තීරණය කර ඇත.වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ගනුදෙනුකාර පාරිභෝගිකයන්ට මෙම සහන ලබාදෙන බවත් වසංගත රෝගය ව්‍යාප්තියට එරෙහිව ගන්නා ප්‍රජා කටයුතුවලට සහ සෞඛ්‍ය අංශවලට සහාය දක්වන බවත් එම බැංකුව කියයි.ගෙවීම් ස්ථානයන් වෙත ළඟාවීමට ඇති අපහසුතා සැලකිල්ලට ගෙන, සියලුම කාඩ්පත් හිමියන් සඳහා මාර්තු මසට ගෙවීම් නියමිත දින ඊළඟකාඩ්පත් ප්‍රකාශනය ලැබීමට නියමිත දින දක්වා දීර්ඝ කිරීම, ප්‍රමාද ගාස්තු අය නොකිරීම, කාඩ්පතින් කරන රුපියල් 10,000 වැඩි සියලුම වෛද්‍ය වියදම් සඳහා, මාස 06ක් දක්වා පොලී ආපසු ගෙවීම, බැංකුව නැවත දැනුම්දෙන තෙක් චෙක්පත් අගරුවීම් ගාස්තු අය නොකිරීම, ශ්‍රී ලංකා රුපියල් කාල තැන්පතු කල්පිරීමේ දිනට පෙර ආපසු ගැනීමේදී කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීම, ගනුදෙනුකරුවන් හට එදිනෙදා බැංකුකරණ අවශ්‍යතා සඳහා වේගවත් ප්‍රවේශයක් සහ වැඩි පහසුවක් සැලැසීම, එච්.එස්.බී.සී. අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ (දුරකතනය හරහා) පහසුකම් සැලැසීමේදී ලියාපදිංචි ගාස්තු අය නොකිරීම, ඩිජිටල් බැංකුකරණ හා බැංකු සේවා සඳහා මුදල් අය නොකිරීම, ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් ආපසු ගැනීමේ පහසුකම නොමිලේ සැපයීම යනාදී පියවර ගැනීමට බැංකුව තීරණය කර ඇත.ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ආපසු ගෙවීම් මාස 03ක් අත්හිටුවීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පොලී අනුපාතික සම්බන්ධයෙන් මාස 06 තෙක් සියයට 50ක් දක්වා සහන සැලසීම, පෞද්ගලික ණය ආපසු ගෙවීම් මාස 06ක් දක්වා කාලයක් තාවකාලිකව නවතා දැමීමට ද එම බැංකුව පියවර ගෙන ඇත.· ශ්‍රී ලංකා රජය යෝජනා කරන සහ ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් තවදුරටත් ලැබෙන විධි නියෝග පරිදි සියලු සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පූර්ණ වශයෙන් බැඳී සිටින බව ද බැංකුව දැනුම් දෙයි.පවත්නා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යමය හෝ මූල්‍යමය වශයෙන් බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන් සිටීනම් 011-5 388 100 ඔස්සේ බැංකුවේ ‘කොවිඩ්-19’ සහන කණ්ඩායම අමතන ලෙසද [email protected] ඊමේල් යොමු කරන ලෙස ද එච්.එස්.බී.සී. බැංකුව සිය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.055
ගනුදෙනුකරුවන් වෙනුවෙන් එච්.එස්.බී.සී. බැංකුවෙන් සහන රැසක්
1
hp_train_0318
( ඩී.කේ.රත්න) කෙසෙල් වගා කරන මුවාවෙන් තණමල්විල බලහරුව ප්‍රදේශයේ අක්කර කාලක ඉඩමක ගංජා වගා කළ පුද්ගලයෙකු අද (21) ගංජා ගස් 2079 ක් සමග මොනරාගල දිසා මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.තණමල්විල ඌව කුඩාඔය සමගිපුර ප්‍රදේශයේ පදංචි වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙකු මෙම ගංජා ගස් සමග අත්අඩංගුවට ගෙන තිබේ.මොනරාගල දිසා මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් විසින් තණමල්විල බලහරුව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කෙසෙල් වගා කරන මුවාවෙන් ගංජා වගා වගා කළ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට තණමල්විල පොලීසියට බාරදී තිබේ.තණමල්විල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
කංසා පැළ 780ක් සමග අයෙක් අත්අඩංගුවට
0
hp_train_0319
පසුගිය ජනාධිපතිවරණ සමයේ පක්ෂයේ තීරණයට එරෙහි වෙමින් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීයැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා විසින් එහි පළාත් සභා මන්ත්‍රීන් තිදෙනකු පක්ෂයෙන්  ඉවත් කරනු ලැබීම නීති විරෝධී බව අභියාචනාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අද තීරණය කළේය.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක දයාරත්න, දකුණු පළාත් සභා මන්ත්‍රී පද්මසිරි ද සිල්වා හා වයඹ පළාත් සභා මන්ත්‍රී මල්හාමි රත්නායක ඔවුහුය.පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ,මැතිවරණ කොමසාරිස් ,එම පළාත් සභා ලේකම්වරු සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.පෙත්සම විභාග කෙරුණේ විජිත් මළල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ හා එස්. එච්. මඩවල යන විනිසුරු මඩුල්ල හමුවේ ය.
ෆොන්සේකාගේ තීරණේ උසාවියෙන් විසිවේ
1
hp_train_0320
ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නව පාසල් පරිශ්‍රය  පානදුර වලාන බොක්කේගම අංක 38 ස්ථානයේදී  විවෘත විය.අංග සම්පුර්ණ ප්‍රාථමික පාසල් අංශයයක්,නවීන පහසුකම්  සහිත පුස්තකාලයක්,පරිගණක විද්‍යාගාරයක් ඇතුළු සියලු පහසුකම් ද එහි ඇතැයි එහි පාළකයෝ කියති.ලයිසියම් ජාත්‍යන්තර පාසල් නිර්මාතෘ  අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු,ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සම්බන්ධිකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු,ආචාර්ය මණ්ඩලය,කාර්ය මණ්ඩලය හා මව්පියන් මේ අවස්ථාවට එක්ව සිටියහ.    
ලයිසියම් පානදුරේටත් යයි
1
hp_train_0321
( තුසිත කුමාර ද සිල්වා)කෙත්හේන ජල පවිත්‍රාගාරය පිහිටි ප්‍රාදේශිය  විදුලි බල මණ්ඩලයේ හදිසි නඩත්තු කටයුතු සහ ජල පවිත්‍රාගාරය නඩත්තු කටයුතු හේතුවෙන් හෙට 08 පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා පැය 10ක කාලයක් ජලය පාරිභෝගිකයින්ට බෙදා හැරීම සිදු නොකරන බව කළුතර ජාතික ජලාපවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු එල්. සී සමරනායක මහතා පවසයි.බෙන්තොට, අලුත්ගම, දර්ගානගරය අඹගහ හන්දිය,ගල්හේන,වැලිපිටිය, කළුවාමෝදර, මොරගල්ල, හෙට්ටිමුල්ල, මස්සල, බේරුවල නගර සභා බල ප්‍රදේශ වන මග්ගොන, පයාගල උතුර හා දකුණ,කටුකුරුන්ද, නාගොඩ,දොඩංගොඩ, පිලමිනාවත්ත, උතුරු කළුතර, දකුණු කළුතර, වස්කඩුව, වාද්දුව, තල්පිටිය එම ප්‍රදේශයි.මෙම ප්‍රදේශවල ජල පාරිභෝගිකයින් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කර සිදු වන අපහසුතාව මග හැර ගැනීමට කාරුණික වන ලෙස ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලීමක් කරයි. 
කළුතර ජල සැපයුම හෙට අත්හිටුවයි
0
hp_train_0322
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 24/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34258550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව37269040අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32259065වැසි ස්වල්පයක්.ගාල්ල32259070වැසි ස්වල්පයක්.යාපනය33288060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30229060ප්‍රධාන වශයෙන් වැසි රහිත.නුවරඑළිය21139065වැසි ස්වල්පයක්.රත්නපුරය34249055වැසි ස්වල්පයක්.ත්‍රිකුණාමළය36269050අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33278570ප්‍රධාන වශයෙන් වැසි රහිත.  
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_0323
(යොහාන් භාසුර)ඉන්ධන තොග නොලැබීම නිසා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් අපහසුතාවට පත්ව ඇති බවත් සියයට 90ක් වැසී ඇති බවත් ඒ හේතුවෙන් ඒවායේ හිමිකරුවන් සහ සේවකයන් අපහසුතාවට පත්ව ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති.විවෘතව ඇති ඉන්ධන පිරවුම්හල්වලින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවත් මෙම තත්ත්වයෙන් රටපුරා ජනතාව ද දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්ඉන්ධන බෙදුම්කරුවෝ වැඩිදුරටත් සඳහන් කරති. 
ඉන්ධන බෙදුම්කරුවෝ ඇනවුම් කිරීම අත්හිටුවති
0
hp_train_0324
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)දේශීය වෙදකමට මුල් තැන දෙන නැන්දම්මා කෂායක් සැකසීම  සදහා පොළෙන් මිලදී ගෙනා වෙනිවැල් ගැට කැබලි ලිපට දැමූ ලේලියක පිළිබඳ පුවතක් නිට්ටඹුවට නුදුරු ගම්මානයකින් වාර්තාවිය.තිදරු මවකි. දරු තිදෙනාම විවාහකය. සියල්ලෝම පදිංචිය මහ ගෙදරය. ගෙදර විය පැහැදම් පිරිමසන්නේ මවය. සති අන්තයේ ඇය පොළට ගියේ ලොකු පුතා සමගය. සතියකට අවැසි කළමනා මිලදී ගත් මව වෙනිවැල්ගැට කැබලි කිහිපයක්ද මිලදී ගත්තේ අවශ්‍ය විටක තම්බා බීම සඳහාය. ගෙදර ගෙනා එළවළු අස්පස් කළ මව වෙනිවැල්ගැට කැබලි මේසය මත තිබ්බේ පසුව වෙනත් තැනකින් තියන අදහසිනි. පැය කිහිපයකට පසුව කුස්සියට ආ මව වෙනිවැල්ගැට කැබලි සෙව්වාය. ඒවා නැත. ඇය ලේලියන් ගෙන් විමසද්දී බාල ලේලිය පැවසුවේ අම්මේ පොඩි දර කෑලි ටිකක් මේසේ උඩ තිබුණා. මම ඒවා ලිපට දැම්මා කියාය. වෙනිවැල් ගැටත් දරත් අඳුනන්නේ නැති උඹලා මගේ අත පයත් ලිපට දාන දවස වැඩි ඈතක නැතැයි  කියා බැන වදිද්දී අසල්වැසියන්ටද මේ සියල්ල දැන ගන්නට ලැබිණි.
නැන්දම්මාගේ වෙනිවැල්ගැට ළිපට දැමූ ලේලිලාට උණ ගැනෙන්න බේතක් දීලා
1
hp_train_0325
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,022 දෙනෙක් අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 2,65,079 ක් දක්වා ඉහල ගොස් ඇත.කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1923 දෙනෙකු සුවය ලබා අද (4) රෝහල්වලින් පිටවගොස් ඇති අතරකොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 233,317කි. 
කොරෝනා ආසාදිතයන් 678ක් වාර්තා වෙයි
0
hp_train_0326
 (අනීෂා මානගේ) වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා දරුවන් 33දෙනෙකු ඇතුළු කරනොගැනීමට විරෝධය දක්වා  මාපියෝ පිරිසක් අද(17) වීරකැටිය රාජපක්ෂ මහවිද්‍යාලය අසළදී පොල් ගසා මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.‍ෙමාපියෝ පස් දෙනෙක් මෙලෙස මාරාන්තික උපවාසය සඳහා සහභාගී වී සිටිති. වීරකැටිය නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා එම විද්‍යාලයට ආසන්නව පදිංචිව සිටින දරුවන් තිස්තුන්දෙනෙක් ඇතුළු කරනොගැනීමට විරෝධය දක්වමින් වීරකැටිය රාජපක්ෂ මහ විද්‍යාලය අසළ ප්‍රධාන මාර්ගයේදී මෙලෙස මාපියන් පිරිසක් පොල් ගසා මාරාන්තික උපවාසය ආරම්භ කළහ.පාසලට ඇතුළු කර නොගත්තේ යැයි කියන දරුවන් 33දෙනා අතරින් 10දෙනෙකු පාසල් ඇඳුමින් සැරසී උපවාසය ආරම්භ කළ ස්ථානයේ රැඳී සිටි අතර දරුවන්ගේ මාපියෝ ප්‍රධාන මාර්ගයේදී දරුවන් පිළිගෙන පසුව ආගමික වතාවත් වල නිරත වුහ.ඉන් අනතුරුව පොල් ගසා විද්‍යාලයේ විදුහල්පතිවරයාට සිය විරෝධය  දැක්වු අතර  විද්‍යාලයට ගමන්කරන මාර්ගයේ කළු කොඩි වැල් දමා ඇති ආකාරයද දක්නට ලැබිණි.වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ උත්සවය අද(17) දිනට යෙදී තිබිණි.විද්‍යාලය ආසන්නයේ පදිංචිව සිටියද දරුවන්ට ස්ථීර පදිංචිය නොමැති බව කියමින් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් අසාධාරණ ලෙස තම දරුවන් පාසලට ඇතුළු කර නොගන්නා බව මාපියෝ පවසති.මෙම දරුවන් 33දෙනා පාසලට ඇතුළු කරනොගැනීමට විරෝධය දක්වමින් එම දරුවන්ගේ මාපියෝ ඉකුත් 14 දින වීරකැටිය - තංගල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ .වලස්මුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි වීරසේකර මහතා එදින  විරෝධතාකරුවන් සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව විරෝධතාකරුවෝ විරෝධතාවය අවසන් කර විසිර ගියහ.තම දරුවන් පාසලට ඇතුළු කරගන්නා තෙක් මෙම සටන අත්නොහරින බව මාපියෝ පවසති.
වීරකැටියේ පාසලකට ළමුන් නොගත්තැයි මව්පියවරු විරෝධතාවක
0
hp_train_0327
හෙට සිට  වියළි කාලගුණික තත්ත්වයක් පැවතීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘කෙසේ වෙතත්,  නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ‘.‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘.‘දිවයිනේ මඩකලපුව සිට පොතුවිල්, හම්බන්තොට සහ ගාල්ල හරහා කොළඹ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් ඇති වේ‘.‘සුළං ඊසාන දෙසින් හමන අතර  වේගය පැයට කිලෝ මීටර් . 30-40 ත් අතර වේ‘‘කොළඹ සිට  පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං විටෙක පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකියි.2015පෙබරවාරි මස 13 වැනි දින දහවල්  12.00 ට නිකුත් කැරිණි.
‘හෙට සිට වර්ෂාව අඩුවෙයි‘
1
hp_train_0328
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්. හේවා)රටේ කොපමණ උසස් අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය.නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු බවට පත්ව සිටි යුගය අවසන් කර ඇති බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී සිදුවීමට නියමිත පසුගිය වංචා දූෂණ පරීක්ෂණ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහාය පතන බවද සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.මගේ දේශපාලන ජීවිතයේ 40 වන සංවත්සරය වෙනුවෙන් හැටන් මඩකළපුව බස් සේවයක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව මා බොහෝ සතුටට පත්වෙනවා. එය ඉතා වැදගත් පියවරක් බව කිව යුතුයි. දැන් මඩකළපුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මේ ප්‍රදේශයේ සිසුන්ට ගමන් පහසුව සලසා ගත හැකියි. මේ පියවර නිසා ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා. මට ආශිර්වාද කරමින් මට පන්සලේත්, මුස්ලිම් පල්ලියේත්, හින්දු කෝවිලේත් පැවැත්වූ ආගමික උත්සව පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම මෙහි පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.ඔබ සියලුම දෙනා මෙහි පැමිණ නිදහසේ සිටීම මට ප්‍රීතියක් බව කිව යුතුයි. ඔබ සියලු දෙනාටම නිදහසේ හැසිරෙන්නට අවස්ථාව අද උදාවී තිබෙනවා. අප සියලු දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කළේ මේ අරමුණ ඉටුකර ගැනීම සඳහායි. මීට පෙර මෙවන් යුගයක් තිබුණේ නැහැ. මෙරට නිදහස ස්වල්ප දෙනෙකුට පමණක් සීමා වුණා. ඒ යුගය ගැන මා අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. දැන් බියක් සැකක් නොමැතිව ජනතාවට ජිවත්වීමට තිබෙනවා. නිදහසේ ජීවත්වෙන්න පුළුවන්.ජාතිවාදය, ආගම්වාදය නැහැ. අපේ ප්‍රශ්න විසඳාගෙන අප ඉදිරියට යා යුතුයි. අද වනවිට මෙරට සම්පූර්ණ නිදහස තහවුරු කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. පොලිසිය, රාජ්‍ය සේවය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභා තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා බලය ලබාදී තිබෙනවා. ඕනෑම නිලධාරියකු කැඳවා ඕනෑම සාක්කියක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.ඔබේ ප්‍රශ්න ඇමැතිවරයකු විසඳන්නේ නැතිනම් පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළ හැකියි. එමෙන්ම අපි තොරතුරු ලබාගැනීමේ නිදහස තහවුරු කර තිබෙනවා. මෙවැනි නිදහස් සමාජයක් මීට පෙර තිබුණාද?සිරස ආයතනය මට හැමදාම බනිනවා. නමුත් මා කිසිදිනක ගොස් සිරස ආයතනය ගිනි තබා නැහැ. දවසේ පැය 24 තවත් පැයකින් වැඩි කරන්නට හැකි දැයි ඔවුන් මගෙන් ලිපියක් ලියා විමසුවා. ඒ පැයත් මට බැණවැදීම සඳහායි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අසා නිර්දේශයක් ගෙන ඔවුන්ට පිළිතුරුදීමට මා බලාපොරොත්තු වෙනවා. අද ඒ ආකාරයේ නිදහසක් තිබෙනවා.එපමණක් නොව අප දැන් දූෂණ පිළිබඳව හොයාගෙන යනවා. කිසිවකුටත් දූෂණ සිදුකිරීමට ඉඩදීමට හැකියාවක් නැහැ. පසුගිය රජයේ දූෂණ ගණනාවක් අප දැන් සොයාගෙන තිබෙනවා. පොලිසිය විසින් ඇතැම් දූෂණවලට නඩු පවරා තිබෙනවා. අනෙක් දූෂණ පිළිබඳව පරීක්ෂා කරමින් සිටිනවා. ඇතැම් දූෂණ ක්‍රියා සම්බන්ධව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කර තිබෙනවා. චෝදනා තිබේ නම් සොයා බැලිය යුතුයි. මහා බැංකුවේ බැඳුම්කරයක් පිළිබඳව චෝදනාවක් තිබුණා. ඒ පිළිබඳව සෙවීමට අපගේ නීතිඥ මහත්වරුන් යටතේ මා පළමුවෙන්ම අභ්‍යන්තර කමිටුවක් පත් කළා. ඉන්පසුව ඒ පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවට භාරදුන්නා. අප මැතිවරණය ජයග්‍රහණය කළත්, පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පත් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව කිව යුතුයි. එම කාරක සභාවත් සියලු දෙනාට විවෘත කළා. ඉන්පසුව බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නට තීරණය කළා. ඊට කිසිවකුත් විරුද්ධ වුණේ නැහැ.අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවාද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණාද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැතිනම් සුදුවෑන්වලින් ඉස්සුවා. දැන් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. මා එකක් කියන්නම්. මේ ආණ්ඩුව හොරුන් ආරක්ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක් හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවෙයි. හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා. ප්‍රසිද්ධියේ විනිවිද භාවයෙන් පරීක්ෂණ කරන්න ඉඩදෙන්න. එපමණයි.අපි දැන් ඇමෙරිකාව වගේ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමාට පරීක්ෂණ කීයක් තිබෙනවාද? මාධ්‍යයෙන් කොංග්‍රස් සභාවෙන්, විවිධ අංශවලින් පරීක්ෂණ කරනවා. සමහර වාර්තා පැමිණි පසු ඔවුන් වැරදි කර තිබේ නම් ඉවත් කරනවා. විශේෂිත කරුණකදී පරීක්ෂණ සිදු කෙරෙද්දීම ඉල්ලා අස්වෙනවා. ඇමෙරිකාවේ වගේම එංගලන්තයෙත් එසේමයි. දැන් ලංකාවේ සිදුවන්නේ එයයි. මෙය අලුත් දෙයක් නොවේ.යම් යම් දේ සිදුවුණා යැයි කියන්න ලංකාවේ මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ ඇයි? පසුගිය රජයේ දූෂණ සියල්ලම ඔවුන් වහගත්තා. ඒගොල්ලෝ ඔක්කොම කඬේ ගියා. ලංකාදීපේ කඬේ ගියා. දිවයින කඬේ ගියා. අද පත්තරේ කඬේ ගියා. ලක්බිම කඬේ ගියා. දිනමිණ කඬේ ගියා. සිළුමිණ කඬේ ගියා. දෙරණ කඬේ ගියා. කඬේ ගිය නැති කෙනෙක් කියන්න මට. ඒ නිසා අපි කඬේ ගියා. අපි මේවා කළේ කියලා දැන් කියන්න බැහැ. දැන් මේවා බොරු යයි කෑගහනවා. ඕනේ නම් මට අරලියගහ මන්දිරයෙන් කෑව මාධ්‍යකරුවන් ගැනත් කියන්න පුළුවන්. මේ ගොල්ලෝ හදන්නේ ඒක වහගන්නයි.මේ දූෂණ හෙළි කරන්නට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩට කළේ මොකක්ද? ඔහුත් දූෂණ, වංචා හෙළි කළා. අන්තිමේදී උස්සලා මැරුවා. දැන් ඔවුන් කියන්නේ මොකක්ද? දූෂණ, වංචා හෙළි කරන්නට ගොස් මැරුම් කෑ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිද්ධි ගැන සොයන්න එපා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියනවා. ඒ අයගේ වංචා දූෂණ, වහගන්න අපිට ගහනවා. මෙවැනි විවෘත සමාජයක් ලංකාවේ තිබුණේ නැහැ. අපට ඡන්දය දුන්නේ ජනතාවට යහපාලනය අවශ්‍ය නිසයි. වෘත්තියවේදීන්, රජයේ සේවකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ සාධාරණ නිදහස් මෙන්ම දූෂණය නැති සමාජයක්. එම අරමුණු ඉටු කළේ නැතිනම් අපට ජනතාව ඊළඟ වාරයේ ඡන්දය දෙන්නේ නැහැ. එමෙන්ම අපට හොරුන්ගෙන් ඡන්ද ලබාගන්නත් බැහැ. අපට ලංකාදීප, දිවයින, අද පත්තරේ, ලක්බිම, දෙරණ වගේ දූෂණ වහගත් යුගයක් තිබුණේ නැහැ. අප කළ යුතුදේ සියල්ල කර තිබෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අප කරන දේ ගැන බෙරගහන්නෙත් නැහැ. අප කළ යුතු දේ වෙලාවට කරන්නම්. මාධ්‍ය නම් කළා වගේම මාධ්‍යයේ ඉන්න අයගේ නම් ද මට කියන්න පුළුවන්. නමුත් මෙවර මා එසේ කියන්නේ නැහැ.අප දැන් විවෘත සමාජයක් ඇති කර තිබෙනවා. හොරකම් කළොත් අහුවෙනවා. ඒ නිසා සොරකම් කරන්න යන්න එපා. දැන් බලන්න ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ පවුල ගැනත් හොයනවා. වැරැදි කළොත් දඬුවම් ලැබෙනවා.එමෙන්ම අප තවත් පරීක්‍ෂණ පවත්වන්නට තීරණය කර තිබෙනවා. උමා ඔය දූෂණ, වංචා ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි වඩිවෙල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් අපෙන් ඉල්ලා තිබෙනවා. උමා ඔයේ හම්බ කරගත්තේ කවුද? එයින් ජනතාවට විශාල පාඩුවක් ඇති වී තිබෙනවා.හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් රටට සිදුවුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදු වූ පාඩුව පිළිබඳව කබීර් හෂීම් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වනවිට ගුවන් සමාගම අලාභ ලබනවා. ඉතින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රාජපක්ෂ රෙජිමය විසින් ඒ 332 සුබෝපභෝගී ගුවන් යානා 8 ක් මිලදී ගෙන තිබෙනවා. එම ගුවන් යානාවලට ඇමරිකාවේ චිකාගෝ නුවර දක්වා නොනවත්වා ධාවනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් දැනට ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා පමණයි. නමුත් මොවුන් මිලදීගත් ගුවන් යානාවලට ලන්ඩන් නුවරට මෙන් දෙගුණයක දුරක් යාමට හැකියාව තිබෙනවා. මෙලෙස අවිධිමත් අයුරින් මිලදී ගත් ගුවන් යානාවලින් අප කරන්නේ මොනවාද? අප ගුවන් සමාගම අලාබ ලබන්නේ මේ ආකාරයේ තීරණ නිසයි. එම ගුවන් යානා නිසා ලැබූ අලාභය බිලියන 135 ක් බව කිව යුතුයි. හම්බන්තොට වරාය නිසා බිලියන 46 ක අලාභයක් රටට සිදුවුණා. මේ සියල්ලෙහිම එකතුව බිලියන 181 ක් වනවා. මේ පාඩු සිදුවන විට ලංකාදීපය කළේ කුමක්ද, දිවයින කළේ කුමක්ද, අද පත්තරේ කළේ කුමක්ද, ඬේලි මිරර් පුවත්පත කළේ කුමක්ද? මා මේ දේවල් කිව්වා යැයි ඬේලි මිරර් පුවත්පත මට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසත් පැවසුවා. අද ඔවුන් කතා කරන්නේ කොහොමද?දෙරණ කළේ කුමක්ද? බිලියන 181 ක් රටට සිදුවූ පාඩුව ගැන එක මාධ්‍යයක්වත් කියන්නේ නැහැ. රාජපක්ෂ සමයේ රටට මෙතරම් පාඩුවක් සිදුවී ඇතැයි හැකිනම් පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලයේ පළ කරන්නැයි මම අභියෝග කරනවා. මම ඔට්ටුවක් අල්ලනවා. එක් කෙනෙක්වත් එය කරන්නේ නැහැ. හැකි නම් අපේ වැරැදි මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සොරකම් සහ ඒවාට වගකිව යුතු අය මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව හෙළි කරන්නැයි මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. අප පළමුවෙන්ම කළේ අපේ ආණ්ඩුවට එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමයි. බැඳුම්කර සිද්ධිය පිළිබඳවත් අප පරීක්ෂණ පැවැත්වූවා. ඒ ආකාරයේ සිදුවීම් 2008 සිට 2015 දක්වා යුගයේදීත් සියගුණයකින් පමණ සිදුවී තිබෙනවා. ග්‍රීක් බැඳුම්කර මෙන්ම අනෙක් බැඳුම්කර සම්බන්ධයෙනුත් චෝදනා එල්ලවී තිබුණා. මේ සියලුම චෝදනා සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. එම චෝදනා පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යැයි මා බලාපොරොත්තු වනවා.මෙලෙස අහිමි වූ සල්ලි කන්දරාව තිබුණා නම් රටට මොනතරම් සේවයක් කරන්නට ඉඩ තිබුණාද? මෙම මුදල් රටට අහිමි වූ නිසා දුප්පත් ජනතාවට නිවාස ඉදිකර දීමේ කටයුතු අතපසු වුණා. වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකර දීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි මහතාට මා ස්තූතිවන්ත වනවා. ඉතිරි නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය වන මුදල් අප සොයා දෙන්නම්.ගිනිගත්හේන ප්‍රදේශයේ සිංහල ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ද මුදල් සොයා දෙන බවට, කේ.කේ. පියදාස ඇමැතිවරයාට පොරොන්දු වුණා. ද්‍රවිඩ භාෂා පාසල් සඳහා උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට පන්ති අරඹන්නැයි මා වසර දෙකහමාරකට පෙර දැනුම් දුන්නා. මෙහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ප්‍රගතියක් නොතිබුණා නම් අදාළ නිලධාරීන් ඊට වගකිව යුතුයි. අපට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රදේශය දියුණු කිරීමටයි. හම්බන්තොට වරාය නිසා සිදුවූ පාඩුව අප විසින් අවසන් කර තිබෙනවා. දැන් එම වරායෙන් ලැබෙන මුදල් මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ද යෙදවීමට හැකියාව තිබෙනවා. අපගේ තරුණ තරුණියන් සඳහා විශාල වශයෙන් රැකියා සොයා දිය යුතුයි. අලුතෙන් කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන හෝටල් ඉදිකරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලන රජයට ඔබේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා : - 1977 වසරේ විප්ලවීය වෙනසක් කළ ජේ.ආර්. ජයවර්ධන රජයේ කැපී පෙනෙන චරිතයක් බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටියා. එක්සත් ජාතික පක්‍ෂය වැනි දැවැන්ත පක්‍ෂයක සාමාජිකයන් බවට පත්වීමම අපට අභිමානයක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන  මහතා දැමූ අත්තිවාරම මත අද වනවිට ශක්තිමත් සමාජයක්  ගොඩනැඟී තිබෙනවා. අගමැතිතුමන් ගෙන යන වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කිරීමට අප කැපවී ක්‍රියා කරනවා. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා :-  රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන දිවියේ 40වසරට පා තැබීමෙන් පසුව පළමු දේශපාලන රැස්වීම පවත්වන්නේ හැටන් නගරයේදීයි. වතුකරයේ ජනතාව හැමදාම අගමැතිතුන් විශ්වාස කරනවා. සරත් ෆොන්සේකා මහතාට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදි ඡන්දය දෙන ලෙස එතුමා කළ ඉල්ලීමට වතුකරයේ ජනතාව ඇහුම්කන් දුන්නා. 1948 වසරේ දී ලංකාව නිදහස ලැබුවත් වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ පුළුල් අධ්‍යාපන සංකල්පය නිසා වතුකරයේ  ජනතාවට අධ්‍යාපනයේ දොර විවෘත වුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා මේ ප්‍රදේශවලින් බිහි වුණා. සියලුම ජාතීන් සම අයිතිවාසිකම් ලබාගෙන ජීවත්විය යුතු යැයි සිතන එකම නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කිව යුතුයි. වතුකරයේ ජනතාවට නිවාස අයිතිය ලබාදුන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.රනිල් වික්‍රමසිංහ මහතා තරම් අභියෝග මැද දේශපාලනයේ ඉහළට පැමිණි තවත් නායකයකු නැති බව මගේ හැඟීමයි. වතුකරයේ වත්මන් දේශපාලන ගමන ශක්තිමත් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසයි. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා :- මහ වැසි නොතකා අධික ජනකායක් මෙහි පැමිණ තිබෙනවා. අගමැතිතුමන් පාර්ලිමේන්තු දිවියේ 40 වන වසර සමරමින් සිටිනවා. එතුමන් මුලින්ම මස්කෙළියට පැමිණීම අප සැමට කළ ගෞරවයක් බව කිව යුතුයි. අප රජය යටතේ වැඩ කටයුතු රැසක් අරඹා තිබෙනවා. වසර ගණනාවක් නොසලකා හැර තිබූ මාර්ග රාශියක් දැන් ඉදිවෙමින් තිබෙනවා. ශීඝ්‍ර සංවර්ධනයත් සමග රැකි රක්‍ෂා රාශියක් ඉදිරියේදී බිහිවීමට නියමිතයි. එක්සත් ජාතික පක්‍ෂ රජයකින් හැර වෙනත් ආණ්ඩුවලින් වතුකරයට සේවයක් සිදුවී නැහැ. ඉතා හොඳ  චරිතයක් ඇති ජනතා නියෝජිතයන් පිරිසක්  අප සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත් කරමු. ඉදිරි මැතිවරණවලදීත් කුණුකන්දල් ඉවතලා හොඳ ජනතා නියෝජිතයන්  පත්කරගනිමු. සත පහක දෙයක් මා කිසිදු වංචාවක් කර තිබේ නම් ඔබ මට ඇඟිල්ල දිගු කරන්න. මා එසේ කරන්නේ සැබෑ ජනතා මෙහෙවරක් කිරීම සඳහායි යැයිද කීය.(ඡායාරූප - ශාන්ත රත්නායක)
‘ඉතිහාසය හා කාලය මට හිමි තැන තීරණය කරාවි‘ - රවී
0
hp_train_0329
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)නිවසේ තිබූ ගෑස් සිලින්ඩරය පිපිරී   තම බිරිඳ පිලිස්සී මිය යෑම සම්බන්ධයෙන් වගකිවයුතු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව අනියම් මිනීමැරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙසට බලකරමින් මැන්ඩාමුස් රීට් ආඥාවක් නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට නිකුත් කරන ලෙසට ඉල්ලා සිව් දරු පියෙක් අභියාචනාධිකරණය හමුවේ අද (02)  පෙත්සමක් ඉදිරිපත් කර ඇත.සමෘද්ධිය නිලධාරියකු වන ශාන්ත කුමාර සිරිමාන්න මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු මෙම පස්දෙනකු මෙම පෙත්සම ගොනු කර තිබේ.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා පාරිභෝගික සේවා අධිකාරිය, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ය.
ලිට්‍රෝ ලොක්කන්ට එරෙහිව පෙත්සමක්
1
hp_train_0330
(ප්‍රදීප් කුමාර) ඒ 09 මාර්ගයේ කිලිනොච්චිය ඉරණමඩු හංදිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.යාපනය දෙසට ගමන් කරමින් තිබු වෑන් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ මෙම අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේඅනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි 
වව්නියාවේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගයෙක් මරුට
0
hp_train_0331
        (ඩී.කේ.රත්න) හල්දුම්මුල්ල කොස්ලන්ද දියලූම රක්ෂිතයේ අද (23) අලූයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර සියයක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ ඉතා වටිනා ඖෂධ පැලෑටි රාශියක් වටිනා ශාක විශේෂ රැසක් සහ සත්ව විශේෂ රැසක් ද විනාශ වෙන්නට ඇතැයි පොලීසිය කියයි.කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය කියයි.කොස්ලන්ද පොලීසිය දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහ ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය මත මෙම ගින්න නිවා දමා තිබේ.බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් දයාසිරි මහතාගේ අධීක්ෂණය යටතේ මෙම රක්ෂිතයට ගිනි ලැබූ පුද්ලයින් සොයා පරීක්ෂණ සිදු කරයි. 
කොටබත්ම රක්ෂිතයේ ගින්නක්
0
hp_train_0332
 අමදෝරු අමරජීව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට  බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටියදී සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසිමේදි  එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්වී එහි සභාපති ධූරය  එක්සත් ජාතික පක්ෂයටත් එහි උප සභාපති ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් ලබාගනු ලැබුහ.මේ සඳහා පැවති ඡන්ද විමසිම පළාත් පාලන කොමසාරිස්  එම්.වයි.සලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් සේරුවිල ප්‍රාදේශීය සභා ගර්භයේදි පැවැත්විණි. ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ මන්ත්‍රී කොඩිකාර ආරච්චිගේ කුමාරසේන මහතා නැගිට සභාපති සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කේ.පි.ඒ.චන්ද්‍රකාන්ති මහත්මියගේ නම යෝජනා කළ අතර  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ  මන්ත්‍රී නලින්ද සම්පත් ප්‍රියදර්ශන මහතා ස්ථිර කළේය. එහිදි නැගී සිටි කේ.පි.ඒ.චන්ද්‍රකාන්ති මහත්මිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්විම විශේෂත්වයක් විය.ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණෙන්  සභාපති අපේක්ෂකයා ලෙස වීරසිංහ ආරච්චිගේ ජයසිරි මහතාත් එක්සත් ජාතික පක්ෂයෙන්  ඇරැව්පොලගෙදර  රණසිංහ  බණ්ඩා මහතාත් ඉදිරිපත් වු අතර එහිදි පොදුජන පෙරමුණේ ඡන්ද 6 ක් ලබාගත් අපේක්ෂකයා පරදා  එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 10ක් ලබාගත්  රණසිංහ බණ්ඩා මහතා ජයග්‍රහණය කළේය. උප සභාපති  තේරිමේදි  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කේ.වි.ඒ.චන්ද්‍රකාන්ති මහත්මිය හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නලින්ද සම්පත් ප්‍රියදර්ශන  මහතා අතර පැවති තරගයේදි  චන්ද්‍රකාන්ති මහත්මිය ඡන්ද 10ක් ලබා උප සභාපති ලෙස තේරී පත්විය. 
සේරුවිල ප්‍රා.සභා පුටුව එජාපයට
1
hp_train_0333
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 28/01/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31229050ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව30239070ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ34248555ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල33239070වැසි ස්වල්පයක්   ඇතිවිය හැක.යාපනය30238560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර31199050ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය21069560ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය33249560වැසි ස්වල්පයක්   ඇතිවිය හැක.ත්‍රීකුණාමළය30248070ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31248565ප්‍රධාන වශයෙන් වැසි රහිත                 
‘ මල්තුහින නුවරඑළිය වසා ගනී‘
0
hp_train_0334
දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අාපන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතාඅද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්.  බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි.ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා.  දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා.බිමල් රත්නායක  මහතාජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා.හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා.  විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ. ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා.  සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා.   අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා.   මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්.  ජෝන් අමරතුංග  මහතා ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්‍රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන  තිබෙන්නේ.මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා.  අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්‍රය විනාශ වෙමින් තිබෙනවා.  අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.සභාව - එකඟයි කතානායක - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය.  සභාව එකඟද?ඩී එම් ස්වාමිනාදන්  මහතා පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්‍රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  එඩ්වඩ් ගුණසේකර  මහතාඅපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි.  එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා. අඩෙයිකලනාදන්  මහතාඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්.  මුජිබර් රහුමාන්  මහතා කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.    ගයන්ත කරුණාතිලක  මහතා- මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා.   කතානායක - මම ඒ ගැන සොයා බලන්නම්.ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න.චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.ජේ සී අලවතුවල මහතාඅදට මාසයක් මේ රට අරාජිත වෙලා.  පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම  සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා.ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා.  ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා.  හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.අජිත් මාන්නපෙරුම  මහතාඅපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ  උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා.  අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මයන්ත දිසානායක මහතාඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා.  හර්ෂ ද සිල්වා මහතාබොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න.  රිෂාඩ් බදුයුදීන්  මහතාඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා.මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා.කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්.මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුලුවන් කියලා.මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ.  මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා. අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ  පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්නපුලුවන්. කතානායක - මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්.හේෂා විතාන‍ගේ මහතාඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න. චමින්ද විජේසිරි මහතාපහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා  ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න. කතානායක - මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.නවීන් දිසානායක  මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා.  පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන.  යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්.  ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා.    එරාන් වික්‍රමරත්න මහතා රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා.  බන්දුලාල් බණ්ඩාරිගොඩ  මහතාආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා.  කතානායක - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ.  රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න. අජිත් පී පෙරේරා මහතා නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්.  අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න.කතානායක කරු ජයසූරිය මහතා යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න.මරික්කාර්  මහතා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා.කරුණාරත්න පරණවිතාන මහතා මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.  විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ.නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා.රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා  මහතා පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ.ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න. කතානායක - දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා.ගාමිණී ජයවික්‍රම පෙරේරා   මහතා ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා.  මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි.  හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා.   මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘතිලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.   රවුෆ් හකීම්  මහතා -සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්.  අජිත් මාන්නප්පෙරුම  මහතා අද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා.  කතානායකවරයා ලෙස ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා.  මරික්කාර්  මහතා පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා(ලිපිය කියවයි)මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද?  රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න.කතානායක - මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්. මංගල සමරවීර  මහතා නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය  ගැටලු වලට  මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත්කරන්න කියලා.ජෝන් අමරතුංග මහතාමේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම.කතානායක - මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්.   වඩිවෙල් සුරේෂ්  මහතාඅපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා. කාවින්ද ජයවර්ධන - දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා. කතානායක - ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා.නලීන් බණ්ඩාර මහතා  - පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවාමන්ත්‍රීවරු - ආණ්ඩුවක් නෑලක්ෂ්මන් කිරිඇල්ල  මහතා  - යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ. ආශු මාරසිංහ මහතා රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්කතානායක කරු ජයසූරිය මහතා - ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා.    කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය.  (තරිඳු ජයවර්ධන) රටේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු කල් තැබූ පාර්ලිමේන්තුව අද (27) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය. අද දිනයේ ද විශේෂ කරුණු ඇතුළත් කරමින් න්‍යාය පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර අද දිනයේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 යටතේ සිදු කෙරන බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයා පක්ෂ නායකයන් හමුවනු ඇතැයි ද දැනගන්නට ඇත. ස්ථාවර නියෝග අංක 22හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අනුපිළිවෙළ පහත දැක්වේ.   ( ඡායාරූප ලහිරු හර්ෂණ)    
‘‘අපි ගහන්නේ නෑ හැබැයි ගහපු දාට කාට කාට වදිද දන්නේ නෑ‘‘
0
hp_train_0335
ශ්‍රී ලංකාවට බටහිරින් දෙසින් තවත් කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එහි බලපැම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර, වැසි සහිත කාලගුණික තත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.විශේෂයෙන්ම  මධ්‍යහන 12න් පමණ පසු රට අභ්‍යන්තරයේ ස්ථාන රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන එත එය මිලී මීටර් 100 ක පමණ අගයක් ගනී.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 05/12/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31249575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු )මඩකලපුව31249575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  කොළඹ31259570වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  ගාල්ල30259075වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු )යාපනය29249085වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු )මහනුවර29219570 වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු )නුවරඑළිය19149570වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු )රත්නපුරය31249575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු )ත්‍රීකුණාමළය31249585වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29249575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු )  උදෑසන 5.30ටශ්‍රි ලංකාව ආසන්නයේ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඒ හේතුවෙන් රට අභ්‍යන්තරයේ  සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.ප්‍රදේශ රැසකට සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් සමහර ස්ථාන වලට තද වැසිද වැති ඇති වීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, වයඹ සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන උදය කාලයේද වැසි  ඇති වේ.ශ්‍රී ලංකාවට උතුරු, වයඹ සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.කන්කසන්තුරෙයි සිට මන්නාරම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට  ඔබ්බෙන් වන වන මුහුදු ප්‍රදේශයේ සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් .50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
‘පළාත් රැසකට අදත් තද වැසි‘
1
hp_train_0336
(යොහාන් භාසුර)‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් නවදෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) පස්වරුවේ තහවුරු කළේය.මියගිය පුද්ගලයන් නවදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය බවත් එම පුද්ගලයන් අතර කාන්තාවන් පස්දෙනකු සහ පිරිමින් සිවුදෙනකු වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය. 
කොවිඩ් මරණ තවත් 5 ක්
0
hp_train_0337
අද අපරභාගයේදී  ප්‍රදේශවල රැසක  ගිගුරුම් සහිත වැසි ඇතිවීම ඉඩ කඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවති. බස්නාහිර, දකුණු,  සබරගමුව  සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100 ට වඩා වැසි  ඇතිවීමට ඉඩ ඇත.  
‘නිරිත දිග මෝසම් වැසි එනවා‘
0
hp_train_0338
( විජේරත්න රත්නායක) සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය අද(12) වැඩි ඡන්ද 08 කින් සභා  සම්මත විය. එම ප්‍රාදේශීය සභාවේ සභාපති නදීකා ප්‍රිශාන්ති දිසානායක (එ.ජ.නි.ස.) මහත්මිය විසින් අදාල අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් සෙසු මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරිණි.එහිදී අයවැයට පක්ෂව ඡන්ද 12ක් සහ    අයවැයට විරුද්ධව ඡන්ද 04 ක් ලැබිණි. එහිදී එම සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නීල් ප්‍රේමතිලක, කුමාරසේකර බණ්ඩා, චිත්‍රමානෙල් රාජපක්ෂ හා ජ.වි.පෙ. නියෝජනය කරන අසෝක කීර්ති ජයලත් යන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය පාව්ච්චි කළහ.එ.ජ.නි.සන්ධානය හා එ.ජා.ප.ය  එක්ව පාලනය කරන සභිකයින් 16 දෙනෙකුගෙන් යුතු සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ඒ අනුව එම සභාවේ 2020 වසර සඳහා වූ අයවැය වැඩි ඡන්ද 08 කින් සභා සම්මත විය
පලාගල ප්‍රා. සභාවේ අයවැය වැඩි ඡන්දයකින් සම්මතයි
0
hp_train_0339
(පුත්තලම - ජුඩ් සමන්ත.) මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිදු කරන ලද වැටලීම් වලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි ව්‍යාපාරිකයින් 28 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. දින 03 ක් පුරා සිදු කරන ලද වැටලීම් වලදී ව්‍යාපාරික ස්ථාන 200 කට වැඩි ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත. සංචාරක හෝටල්,තොග අලවි සැල්,ආපන ශාලා,එළවළු අලවි කරන ස්ථානද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි.ව්‍යාපාරිකයින් 38 දෙනෙකුට මෙහිදී අවවාද කර ඇත.ඔවුන් සතුව තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග රැසක්ද විනාශ කර දැමීමට වැටලීම් සිදු කළ නිලධාරීන් කටයුතු කර ඇත.මාරවිල නගරයේ පිහිටි ස.තො.ස අලවි සැලේ තිබූ පණු කැදලි සහිත පරිප්පු කිලෝ ග්‍රෑම් 300 ක් තම බාරයට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති ව්‍යාපාරිකයින්ට එරෙහිව මාරවිල දිසා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත  
මහවැව නුසුදුසු ආහාර අළෙවි කළ 28 කට නඩු
1
hp_train_0340
 රටේ මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? රළ නගන උද්ඝෝෂණවලට ආණ්ඩුව සතුව ඇති පිළිතුරු කුමක්ද? කැබිනට් සංශෝධනයක් එයිද? මේ ආදී ප්‍රශ්න සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි මේ.  ප්‍රශ්නය:- රටේ මේ මොකද වෙන්නේ?පිළිතුර:- රටේ ප්‍රජාතන්ත්‍රවාදීව වෙනස්කම් සිදුවෙනවා. ඒ අනුව 2015 ජනවාරි 8 වැනිදාත් 2015 අගෝස්තුවේත් මේ රටේ ජනතාව ඔවුන්ට අවශ්‍ය වෙනස්කම් කළා. ඒ ජනතා අපේක්ෂාවන් ඉදිරියට ගෙන යාම තමයි අපේ වගකීම.ප්‍රශ්නය:- ඒ වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයෙක් ලෙස ඔබ තෘප්තිමත්ද?පිළිතුර:- ඇත්ත වශයෙන් මේ සමාජය කියන්නේ අවුරුදු තිහක් පුරා යුද්ධයක් තිබුණු සමාජයක්. සිවිල් සමාජය පිළිබඳ දැනුම නැති සමාජයක්. පොලිසිය කිව්වහම අවි ආයුධ සමග ගනුදෙනු කරන්න පුරුදු වෙච්ච ආයතනයක් බවට පත් වෙලා තිබුණේ. වසර තිහක ඇතිවෙලා තියෙන තත්ත්වයන් වෙනස් වෙන්න යම් කාලයක් ගතවෙනවා. ඒ පරිවර්තනය ඇතිවීම හා වසර තිහක දැක පුරුද්ද හා කළ පුරුද්ද එක්ක ගමන් කරන සමාජයක්. ඉතින් මේ තත්ත්වය සමහර අය තේරුම් ගන්නවා. සමහර අයට තේරුම් ගන්න බෑ.ප්‍රශ්නය:- මේ වෙනකොට මුළු රටම සටන් බිමක් බවට පත්වෙලා. ආණ්ඩුවට තවම අවුරුදු දෙකයි. ආණ්ඩුවක මුල් අවුරුදු දෙක කියන්නේ මධුසමය ගත කරන කාලයක්?පිළිතුර:- ඒකට තමයි කියන්නේ නිදහස කියලා.ප්‍රශ්නය:- ඔබ කියන්නේ ජනතාව මේ සටන් කරන්නේ නිදහස තියෙන නිසා මිසක් ප්‍රශ්න තියෙන නිසා නොවෙයි කියලද?පිළිතුර:- මෙහෙමයි. අපේ සමාජය පුරුදු වෙලා තියෙන්නේ හැමදේම විරෝධතාවකින් ආරම්භ කරන්න. ඒක මේ පුරුදු පුහුණු වෙලා තියෙන හැටි. ඉතින් මේ පුරුද්ද අනුව ඕනෑම සුළු දේටත් විරෝධය දක්වනවා. මේ නිදහස කියන එක ලේසි වැඩක් නොවෙයි. මේ විදියට රටක් දියුණු කිරීම තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අමාරුම දේ.ප්‍රශ්නය:- ඒ කිව්වේ?පිළිතුර:- ලෝකයේ රටවල් දියුණුවෙලා තියෙන්නේ මෙහෙම නිදහස ලබා දීලා නොවෙයි. අපි ලෝකයේ අමාරු ප්‍රජාතන්ත්‍රවාදයක් එක්ක දියුණුව කරා යන රටක්. ඉතින් අපිට මෙහෙම තමයි යන්න වෙන්නේ.ප්‍රශ්නය:- මේ ආණ්ඩුව ආවේ හොරු අල්ලනවා කියලා කියාගෙන. අල්ලපු හොරු ගැන ඔබ තෘප්තිමත්ද?පිළිතුර:- ඇත්ත වශයෙන් දේශපාලනය හා හොරු කියන විෂය ගත්තාම ඒකට දිගු ඉතිහාසයක් තියෙනවා. දේශපාලන සටන් පාඨ තියෙනවා. දේශපාලන වාග් ප්‍රහාර තියෙනවා. ඒවා නීති බවට පත්කර ගත යුතුව තියෙනවා. ඒවා නීති ගත කිරීම හා දේශපාලනය හා නීතිය පහුගිය අවුරුදු පනහක පමණ ඉතිහාසය දිහා බැලුවොත් ලෝක ඉතිහාසය දිහා බැලුවත් වෙනම ගමන් කරලා තියෙන්නේ.ප්‍රශ්නය:- හොරු අල්ලනවා කියන සටන් පාඨය ඉස්සරහට දාගෙන ආණ්ඩුවට මෙල්ල කරන්න බැරි අයව දඩයම් කිරීමක් කරන බවටත් චෝදනාවක් තියෙනවා.පිළිතුර:- කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. ඒ එක එක්කෙනාට පේන විදිය. එක එක්කෙනාට හිතෙන විදිය. ඒක ගැන එච්චර කලබල වෙන්න අවශ්‍ය නෑ.ප්‍රශ්නය:- නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි?පිළිතුර:- ඔබ කිසිදෙයකට බයවෙන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදයට මුකුත් වෙන්නේ නැ.ප්‍රශ්නය:- මේ විදියට දිගටම ගියොත්?පිළිතුර:- මම ඒකයි කිව්වේ බයවෙන්න එපා කියලා. මේ යහපාලන ආණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදයට මුකුත් වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම පමණයි.ප්‍රශ්නය:- සයිටම් එකට මොකද වෙන්නේ?පිළිතුර:- ඒකේ අලුත් තත්ත්වයක් මුකුත් නෑනේ. අවුරුදු පහක් පමණ පරණ විෂයක් ඕක. ඒ නිසා ඒකේ කිසිම අලුත් දෙයක් නෑ. වසර පහක් ගියත් පැරණි ක්‍රියාවලියක් අලුත් ක්‍රියාවලියක් වෙන්නේ නෑ.ප්‍රශ්නය:- ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා සයිටම් උපාධිය දෙන්න කියලා. නමුත් ජනාධිපතිවරයා කියනවා “මම විසඳුමක් දෙන්නම්” කියලා. මෙතැන වඩාත් බලවත් කවුද?පිළිතුර:- ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් අධිකරණ නියෝගයට කිසිම බාධාවක් වෙන්නේ නෑ. අධිකරණය තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ව්‍යවස්ථාදායකය හා විධායකය පැත්තෙන් යම් යම් ප්‍රතිපත්ති සහ තීරණ ගැනීමේ අයිතිය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.ප්‍රශ්නය:- මහාධිකරණ විනිසුරුවරයකු පත්කිරීම හරහා ජනාධිපතිවරයා අධිකරණය හෑල්ලු කළ බවට ඇතැම් පාර්ශව චෝදනා කරනවා.පිළිතුර:- ඔබේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම වැරදියි. එතැන එහෙම කිසිදු දෙයක් වෙලා නෑ.ප්‍රශ්නය:- ඒ පත්කිරීම ක්‍රමවේදයට හා නීතියට පටහැනි බවයි කියන්නේ?පිළිතුර:- මං හිතන්නේ නෑ එහෙම දෙයක් එතැන වෙලා තියෙනවා කියලා. මොකද මම දන්න තොරතුරුවලට අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් ඉල්ලලා තියෙනවා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් ඉදිරිපත් නොවුණු නිසා ඒ අනුව වෙනත් නමක් නිර්දේශ කරලා තියෙනවා.ප්‍රශ්නය:- දේශපාලන පක්ෂයක ඕනැකමට ඒ නම ඉදිරිපත් කළේ කියලත් කියනවා?පිළිතුර:- ඒ කියන්නේ?ප්‍රශ්නය:- දේශපාලන පක්ෂයක් තමයි ඒ නම යෝජනා කරලා තියෙන්නේ?පිළිතුර:- එහෙම වෙන්න බෑනේ.ප්‍රශ්නය:- නමුත් වෙලා තියෙන්නේ ඒක තමයි කියලයි චෝදනා නැගෙන්නේ?පිළිතුර:- දේශපාලන පක්ෂයක් නොවෙයිනේ අධිකරණමය ක්‍රියාමාර්ග තීරණය කරන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් ඉල්ලුවා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් නොලැබෙන අවස්ථාවේදී ඒ අවස්ථාවේ ගත් ක්‍රියාමාර්ගයක් හැටියටයි මම මේක දකින්නේ.ප්‍රශ්නය:- ඔබ හිතන විදියට මේ ආණ්ඩුව තව කොච්චර කාලයක් යයිද?පිළිතුර:- ඇයි ආණ්ඩුවේ දුර ගැන ඔබට සැකයක් තියෙනවද?ප්‍රශ්නය:- පොදුවේ ගත්තාම ජනතාවට එහෙම සැකයක් තියෙනවා. ඔබට එහෙම සැකයක් තියෙනවාද?පිළිතුර:- මටනම් එහෙම කිසිම සැකයක් නෑ.ප්‍රශ්නය:- නමුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කරන ප්‍රකාශ දැක්කාම. කා කොටා ගැනිලි දැක්කම ජනතාවට එහෙම සැකයක් ඇතිවෙනවා.පිළිතුර:- පළපුරුද්ද නැති උදවිය යම් යම් මත ප්‍රකාශ කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අත්සන් කරපු ආණ්ඩුවක් මේ තියෙන්නේ. 1952 ට පෙර තිබුණ ක්‍රමය මේ තියෙන්නේ. ඒක මතක තියාගෙන දේශපාලන අරගල කළාට කමක් නෑ.පිළිතුර:- ඔය ඔබ කියපු ගිවිසුම වලංගු වෙන්නේ සැප්තැම්බර් මාසය වෙනකම් විිතරයි?පිළිතුර:- එහෙමම කලබල වෙන්න එපා. සැප්තැම්බර් වලින් පස්සේ මොකද කරන්නේ කියලා ජනාධිපතිතුමත්, අගමැතිතුමත් තීරණය කරයි.ප්‍රශ්නය:- නමුත් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු විවිධ සංඥා නිකුත් කරනවා.පිළිතුර:- ඒවා ඉතින් විවිධ මතනේ. අදහස්නේ. ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස තියෙනවා තමන්ගේ මතය ඉදිරිපත් කරන්න.ප්‍රශ්නය:- ඇත්තටම ආණ්ඩුව කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද? එක්සත් ජාතික පක්ෂයද?පිළිතුර:- පක්ෂ දෙකම ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීන්දු අරගෙන ක්‍රියාත්මක කරනවා.ප්‍රශ්නය:- ශ්‍රී ලංකා ඇමැතිවරු කියනවා “අන්තිමට වෙන්නේ අපට ඕනෑ දේ” කියලා.පිළිතුර:- මම ඉස්සෙල්ලත් කිව්වේ එක එක්කෙනාට එක එක දේවල් කියන්න පුළුවන්. ඒකනේ මම කියන්නේ නිදහස කියලා.ප්‍රශ්නය:- අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමේ දිගටම තියාගන්න යූඑන්පියට ඕනෑ වෙනවා. නමුත් ජනාධිපති මෛත්‍රී ඔහුට සේවා දිගුවක් දෙන්නේ නෑ.පිළිතුර:- ඒකේ වරදක් නෑනේ. යම් යම් මතවාද අදහස් එනකොට ඒවාට ගැළපෙන්න තීන්දු තීරණ ගන්නවා. ප්‍රශ්නය:- බැඳුම්කරයේදී වංචාවක් වෙලා තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?පිළිතුර:- මම දන්නා ගණිත ශාස්ත්‍රය අනුව මම දන්නා නීති රීති අනුව මම දන්නා තොරතුරු පද්ධතියට අනුව ඔය බැඳුම්කර හා සම්බන්ධ මට දැනෙන දේ තමයි පහුගිය අවුරුදු විස්සකට අධික කාලයක් නීති රීති සකස්වෙලා තිබුණේ නැහැ මේ විෂය සම්බන්ධයෙන්. එතකොට මේ විෂයට අදාළ නීති රීති සම්පාදනය නොවීම තුළ ඇතිවූ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඒක හොරකමක් විදියට හුවා දක්වන්න බෑ.ප්‍රශ්නය:- ඔව්. එහෙම නම් අපරාදෙනේ ජනාධිපතිවරයා බැඳුම්කරය ගැන හොයන්න කොමිසමක් පත් කළේ?පිළිතුර:- ඒකට ජනමතයක් ආවනේ. ඒ අනුව පරික්ෂණයක් කළ යුතුයිනේ.ප්‍රශ්නය:- එක පැත්තකින් හාල් ගිනි ගණන්. අනික් පැත්තෙන් හාල් හිඟයක්. කෝ රට ස්වයං පෝෂිත කරනවා කියපු ආණ්ඩුව?පිළිතුර:- අපි මේ රට ස්වයංපෝෂිත කරපු පාලකයො නේ. 1977 මේ රට බාර ගෙන මහවැලි ගඟ පස් පොළකින් හරස් කරලා වික්ටෝරිය, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය, ඉඟිනිමිටිය හදලා කුඹුරු අක්කර ලක්ෂ දහයක් නගුලට යටකරපු පාලකයෝ අපි. ඉතින් වැහි එන්න පුළුවන් පෑවිලි එන්න පුළුවන්. ගංවතුර එන්න පුළුවන්.  එක එක සිදුවීම් වෙන්න පුළුවන්. ඉතින් ඒවාට අපිට මුහුණ දෙන්න බෑ කියලා හිතන්න එපා. ඒවා පොඩි දේවල්. අපි ඒවාට මුහුණ දීලා ඒවා නිවැරදි කරගෙන ඉස්සරහට යනවා.ප්‍රශ්නය:- නමුත් එහෙම දෙයක් පේන්නේ නැහැනේ?පිළිතුර:- පොඞ්ඩක් ඉන්නකෝ. තාම ප්‍රශ්නය හරියට මතු වුණෙත් නෑනේ.ප්‍රශ්නය:- පක්ෂ දෙකම එකතු වෙලා පළාත් පාලන ඡන්දය නොතියන්නේ ජනතාව ඉදිරියට යන්න තියෙන භයට?පිළිතුර:- නෑනේ. ඒ ප්‍රශ්නය අපි ඇති කරපු දෙයක් නොවෙයිනේ. පසුගිය අවුරුදු පහළොවක විස්සක පාලන කාලය තුළ මේ රටේ සීමා නිර්ණය වසර පහකට වරක් කළ යුතු ඒ රාජකාරිය කරලා නෑ. ඒ හරහා ඇතිවෙච්ච දැවැන්ත අර්බුදයක කොටස් තමයි ඒ මතුවෙන්නේ.ප්‍රශ්නය:- එහෙම නැතිව ඡන්දය නොතියන්නේ බයට නොවෙයි?පිළිතුර:- නෑ කිසිම බයක් නෑ. ඇයි අපි බය වෙන්නේ? මේ ආණ්ඩුව කියන්නේ මේ රටේ තිබුණ බය තුරන් කරපු ආණ්ඩුවක්.ප්‍රශ්නය:- කොහොම වුණත් ඡන්ද නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මාරාන්තිකයි.පිළිතුර:- නෑ මම එහෙම හිතන්නේ නෑ. මේ රටේ ඡන්ද නොපවත්වපු අවස්ථාත් තියෙනවනේ. ඒ නිසා ඡන්දයක් තියලා වාර්ගික යුද්ධයක් ඇති කරනවාද. ඡන්දය නිවැරැදි විදියට තියලා වාර්ගික යුද්ධයක් ඇති නොවන්න වග බලා ගන්නවද කියලයි අපට තීරණය කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා දෙවැනි ක්‍රමය හොඳයි කියලා.ප්‍රශ්නය:- සමහර ඇමැතිවරුන් ඉවත් කරන්න කියලා ආණ්ඩුව ඇතුළෙන්ම බලපෑම් එනවා.පිළිතුර:- මමත් ඇමැති කෙනෙක්නේ. මම ඉන්නෙත් කැබිනට් එකේනේ. එතැනදි නම් ඔය ඔබ කියන විදියෙ ප්‍රශ්න මතුවෙන්නේ නෑ.ප්‍රශ්නය:- කැබිනට් මණ්ඩල රැස්වීම්වල මේ දවස්වල හරියට ගෝරි යනවා කියලා මාධ්‍ය වාර්තාවල තියෙනවා.පිළිතුර:- අදහස් උදහස් ගැටෙන එක නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයෙ ලක්ෂණයක් නේ.ප්‍රශ්නය:- කොහොම නමුත් කැබිනට් සංශෝධනයක් එනවා.පිළිතුර:- ඒකට මට උත්තර දෙන්න බැහැනේ. ඒක මගේ විෂය නොවෙයිනේ. ඒවා කරන්නේ ජනාධිපතිතුමා හා අගමැතිතුමානේ.ප්‍රශ්නය:- ඔබට බයක් නෑ.පිළිතුර:- ඇයි දෙයියනේ ඉතින් මම බය වෙන්නේ.
මේ ප්‍රශ්නය අවසන් ​​වන්නේ අප එයට මුහුණ දෙන ආකාරය අනුවයි
0
hp_train_0341
මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුවහන් කරමින් ඔඩෙල් පී.එල්.සී සමාගම ඉකුත් දා කොට්න් කලෙක්ෂන් සමාගමේ සම්පූර්ණ කොටස් මිලදී ගත්තේය.   “කොට්න් කලෙක්ෂන් කියන්නේ සන්නාම නාමයක් විතරක් නෙවෙයි. ඒක ජීවන රටාවක්” කොට්න් කලේක්ෂන් හි නිර්මාතෘවරිය වන නිලූෆර් එසුෆාලි අන්වර්අලි පැවැසුවාය.  නිලූෆර් එසුෆාලි අන්වර්අලි මෙසේ සඳහන් කරන්නීය.  “මගේ ගමන අවුරුදු 27ක් දක්වා දිව යනවා. ඒ ගමනේදී මමත් මගේ කණ්ඩායමත් ලංකාවේ විලාසිතා වෙළෙඳ ක්ෂේත්‍රයේ හැඩය වෙනස් කරමින් අලුත් සන්නාම නාමයක් ගොඩනැගුවා. කොට්න් කලෙක්ෂන් කියන්නේ විශේෂිත හඳුනා ගැනීමක් තිබෙන සුවිශේෂී සන්නාම නාමයක්. එය කරදර නැති, සාමාන්‍ය ඇඳුම් විලාසිතා ඇති ඇඳුම් සන්නාම නාමයක්. එහි අක්මුල් ශ්‍රී ලංකා සමාජය තුළ පැතිර තිබෙනවා. බොහෝ කරුණු සැලකිල්ලට ගනිමින් තමයි මම මෙම තීරණය ගත්තේ. මගේ පවුල සමඟ වැඩි කාලයක් ගත කරන්න ඕනේ. ඒ වගේම අද ‘ලෙදර්’ වෙළෙඳපොළ තුළ දැඩි තරගකාරීත්වයක් තිබෙනවා. ඒ නිසා මගේ අනෙක් සන්නාම නාමය වන ‘ලෙදර් කලෙක්ෂන්’ සන්නාම නාමය තවදුරටත් වර්ධනය කළ යුතුයි. ඒ සඳහා කාලය අවශ්‍ය වෙනවා. එම කරුණු දෙක මගේ මේ තීරණයට මූලික වශයෙන් හේතු වුණා. සොෆ්ට්ලොජික් සමූහය යනු මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයේ ඉතා ශක්තිමත් පදනමක් තිබෙන ඉතා හොඳ වාර්තාවක් තිබෙන සමාගමක්. ඔවුන් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්. ඒ වගේම සොෆ්ට්ලොජික් සමූහයේ නිර්මාතෘ සහ සභාපති අශෝක් පතිරගේ මහතා ක්‍රියාශීලි සහ උනන්දු සභාපතිවරයෙක්. එවැනි තැනකට මගේ සමාගමේ පාලනය පැවැරීම මට ඉමහත් සතුටක්. ඔවුන් කොට්න් කලේක්ෂන් සන්නාම නාමය තවදුරටත් සංවර්ධනය කරමින් එය තවදුරටත් ඉහළට ඔසවනු ඇතැයි ආරක්ෂාකාරී හැඟීමක් හා විශ්වාසයක් තිබෙනවා”. කොට්න් කලෙක්ෂන් නිර්මාතෘ නිලූෆර් එසුෆාලි අන්වර්අලිගේ ඉදිරි සැලසුම් සහ ලෙදර් කලෙක්ෂන් සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි මේ. ප්‍රශ්නය - : ඔබ ‘කොට්න් කලෙක්ෂන්’ සමාගම සොෆ්ට්ලොජික් සමූහයට පවරන්නේ පවුල සමඟ වැඩි කාලයක් ගත කිරීමට සහ ‘ලෙදර් කලෙක්ෂන්’ ව්‍යාපාරය අවධානය යොමු කළ යුතු බව පවසමින්...ඒ ගැන තවදුරටත් අපට විස්තර කළොත්... පිළිතුර :  පුංචි ව්‍යවසායක් ශක්තිමත් සන්නාම නාමයක් බවට පත් කිරීමේ පීඩනය නිමාවක් නැති දෙයක්. ඊළඟ එන අභියෝගය මොකක්ද කියලා ඔබ දන්නේ නැහැ. නිර්මාතෘ සහ අයිතිකරු ලෙස කොට්න් කලේක්ෂන් වෙත මම මගේ හදවත, ආත්මය සියල්ල කැප කළා. ඒ වෙනුවෙන් විශාල කාලයක් ආයෝජනය කළා. මගේ කණ්ඩායම ඒ වෙනුවෙන් සුවිශාල කැප කිරීමක් කළා. අද කොට්න් කලේක්ෂන තිබෙන තැනට ගෙන එන්න අපි සුවිශේෂී කැප කිරීම් කළා. කොට්න් කලේක්ෂන් අද දක්වා පැමිණි කතාවේ සෑම පියවරකටම මම සම්බන්ධ වුණා.  වෙළෙඳාමේ සිට අපේ මූලික හර පද්ධතීන් සුරක්ෂිත කිරීම ආදී සියල්ලක්ම අපේ සන්නාම නාමය ගන්නා ලද පියවරවලින් පිළිබිඹු වුණා. කොට්න් කලේක්ෂන් හි වැඩ නිසා මට වෙන වැඩකට වෙලාවක් තිබුණේ නැහැ. එහෙත් එහි කටයුතුවල නිරත වීම මට මහත් තෘප්තියක් ගෙන දුන්නා. ඒ සියල්ලටම මම ආදරය කළා. ඉහළ යෑම් පහළ යෑම් තිබුණා. එහෙත් මා සියල්ලටම ආදරය කළා. ඇත්තටම කිව්වොත් එය හරි පුදුමාකාර සුවිශේෂී වික්‍රමයක්. දැන් මගේ දරුවෝ ලොකු වෙනවා බලන් ඉන්නකොට මා ඔවුන් සමඟ කාලය ගත කළ යුතු බව මට දැනෙනවා. මා ඔවුන් වෙනුවෙන් වැඩි වේලාවක් වෙන් කළ යුතුයි. දැන් ඔවුන්ගේ ජීවිතවල වැදගත් සංධිස්ථාන පැමිණ තිබෙනවා. ඒ නිසා මා ඔවුන් සමඟ සිටිය යුතුයි. ඔවුන් දැන් තරුණ දරුවන්. ‘ලෙදර් කලෙක්ෂන්’ කියන්නේ මගේ කැමැත්තයි. ඒ වෙනුවෙන් මා මගේ ඉතිරි කාලය වැය කරනවා. ඒ වෙනුවෙන් මට සිහිනයක් තිබෙනවා. ලෙදර් කලෙක්ෂන් පිළිබඳ දැක්මක් තිබෙනවා. ඒවා ඉටු කර ගැනීමට මම වෙහෙසෙනවා.  ප්‍රශ්නය - : විලාසිතා කර්මාන්තය කියන්නේ වේගයෙන් වෙනස්වන අලුත් දේවල් එකතු වන කර්මාන්තයක්. කොට්න් කලෙක්ෂන් යනු එම ක්ෂේත්‍රයට නැවුම් අත්දැකීමක් ගෙන දුන්, නිදහස් ගලා යෑමක් තිබෙනව මෙරට ඇඳුම් සහ විලාසිතා ක්ෂේත්‍රයට නැවුම් අත්දැකීමක් ගෙන දුන් සන්නාම නාමයක්. ඔබට කොට්න් කලේක්ෂන් සම්බන්ධයෙන් දැක්මක් තිබුණා. නව හිමිකාරීත්වය යටතේ එම දැක්ම ඉදිරියට යයි කියලා ඔබ හිතනවද ? පිළිතුර :  සොෆ්ට්ලොජික් සමාගම, කොට්න් කලේක්ෂන් හි තිබෙන ව්‍යාපාරික වටිනාකම තේරුම් ගත්තා. එය මිලදී ගැනීමට ඔවුන්ට දැඩි උනන්දුවක් සහ වුවමනාවක් තිබුණා. කොට්න් කලේක්ෂන් ව්‍යාපාරය අත්‍යවශයෙන්ම තෝරාගත් නිෂ්පාදන කුලකයක් සහිතව නියමිත පාලනයක් සහ කළමනාකරණයක් සහිතව ගෙන ගිය බව ඔවුන් දැක්කා. අපේ වෙළෙඳපොළ එක්තරා විදියක උප කුලකයක්. අපට තිබෙන්නේ අපටම ආවේණික වෙළෙඳපොළක්. අපි නිර්මාණය කළේ සොෆ්ට්ලොජික් සමාගමේ වෙළෙඳපොළට සමාන වෙළෙඳපොළක්. කොට්න් කලේක්ෂන් යනු විශිෂ්ට සන්නාමයක් බව ඔවුන් දැක්කා. ඒ වගේම අපි අතිශයින් ලාභ ලබන බව ඔවුන් දැක්කා. ඔවුන් අපි දෙස බලාගෙන සිටියා. අපේ සමාගම මිලදී ගන්නට ඔවුන්ට වුවමනා වුණා. කොට්න් කලේක්ෂන් සමාගම අපේ වටිනාකම දන්නවා. ඔවුන් අපේ ආචාර විධි වෙනස් කරන එකක් නැහැ. ඔවුන් අපි පවත්වාගෙන පැමිණි ආකාරය වෙනස් කරන එකක් නැහැ. එහෙත් ඔවුන් අපේ සන්නාමය වර්ධනය කරාවි. තවදුරටත් සංවර්ධනය කරාවි.  ප්‍රශ්නය - : ‘කොට්න් කලෙක්ෂන්’ අලෙවි කිරීම ඔබට තවදුරටත් ‘ලෙදර් කලෙක්ෂන්’ හි ආයෝජනය කිරීමට අවස්ථාවක් යැයි විස්තර කෙරුණා. ‘ලෙදර් කලෙක්ෂන්’ යනු පාවහන් සහ ලෙදර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සැලකිය යුතු සන්නාම නාමයක්. ඒ සන්නාම නාමය සංවර්ධනය කිරීම සඳහා ඔබ සතුව ඇති සැලසුම් අපිත් සමඟ බෙදාහදා ගත්තොත්... පිළිතුර :  ‘ලෙදර් කලෙක්ෂන්’ වෙත වෙළෙඳපොළේ අවස්ථා ගණනාවක් තිබෙන බව පෙනීගොස් තිබෙනවා. අපි අපේ නිෂ්පාදන තවදුරටත් පුළුල් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරුණයන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට දැරිය හැකි මිලකට නිෂ්පාදන ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. දැරිය හැකි මිලකට ගුණාත්මකභාවයෙන් ඉහළ නව නිෂ්පාදන පෙළක් අපි ඉදිරියේදී හඳුන්වා දෙනවා.  ප්‍රශ්නය - : ඔබ තරමක ශක්තිමත් ව්‍යවසායිකාවක් යැයි හඳුන්වා දෙන්නත් පුළුවන්. යකඩ ගැහැණියක් කිව්වත් වැරැදි නැහැ. දීර්ඝකාලයේදී සාර්ථක වීමට නම් එසේ ශක්තිමත් වීම අවශ්‍ය බව ඔබ සඳහන් කර තිබෙනවා. ඒ වගේම ඔබ සෑම අවස්ථාවකදීම කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් පෙනි සිටියා. පෞද්ගලිකව වගේම ඔබේ ව්‍යාපාර සන්නාම තුළින් ඒ කටයුතුවල නිරත වුණා. ඔබ ඉදිරියටත් ඒ වෙනුවෙන් අවධානය යොමු කරනව ද ? පිළිතුර :  මගේ දෛවය පාලනය කරන කාන්තාව මම විය යුතු බව මම හැම විටම දැනගෙන හිටියා. මගේ විදියට මගේ සල්ලිවලින් මට වුවමනා දේවල් කළ යුතු බව මම දැනගෙන හිටියා. ස්වාධීන හා නිදහස් කාන්තාවක් වීමට මට වුවමනා වුණා. එය මම කොට්න් කලේක්ෂන් සමඟත් රැගෙන ගිය දෙයක් වුණා. ඒ අදහස එහි ගැබ් වී තිබුණා. සමාගමේ ශ්‍රම බලකායෙන් සියයට 70ක් කාන්තාවන් වීම ගැන මම අද පුදුම විදියට ආඩම්බර වෙනවා. අපේ සමාගම කාන්තාවන්ගෙන් සවිබල ගැන් වී තිබෙනවා. අපි ලෙදර් කලෙක්ෂන් සහ කොට්න් කලෙක්ෂන් යන දෙකේම ශක්තිමත් වැඩ ආචාර ධර්ම පද්ධතියක් තිබුණා. අපිත් එක්ක තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළ තරුණියන් අපෙන් අයින් වෙලා විවාහ වුණා. දරුවෝ හැදුවා. එහෙත් ඔවුන් අපෙන් ඈත් වුණේ නැහැ. ඔවුන් සැමවිටම නැවත පැමිණියා. මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමේ වටිනාකම ඔවුන් තේරුම් ගත්තා. ජීවිතය සාර්ථක කරගන්න නම් ඔබ කරන දෙයක කැපවීමෙන් මහන්සියෙන් කළ යුතු බව ඔවුන් දැනගෙන හිටියා. ව්‍යාපාරවල වැඩි වැඩියෙන් කාන්තාවන් සිටිනු දැකීම තමගේ මගේ කැමැත්ත. අපේ රට ශක්තිමත්, බුද්ධිමත්  සහ නිපුණ, කුසලතා පූර්ණ කාන්තාවන් සිටින රටක්. එය ශ්‍රම බලකායෙන් නිරූපණය විය යුතුයි. ප්‍රශ්නය - : ඔබ ඔබේ ව්‍යාපාර තුළින් මෙන්ම පෞද්ගලිකව ඔබ වටා පිරිසක් රැස් කර ගත්තා. ඇත්තටම කිව්වොත් ඔබට ආදරය කරන විශාල පිරිසක් එක්රැසක් කරගත්ත. ඔවුන්ට දෙන්න පණිවුඩයක් තියෙනව ද ? පිළිතුර :  අපට සහයෝගය දුන්නු හැමෝටම මම කෘතඥ වෙනවා. ඔවුන්ගේ සහයෝගය, විශ්වාසය නැතිනම් ඔවුන් කොට්න් කලෙක්ෂන් ගැන බලාපොරොත්තු තැබුවේ නැත්නම් අද අපි ඉන්න තැනට එන්න වෙන්නේ නැහැ. මම අවුරුදු 27කට කලින් කොට්න් කලේක්ෂන් පටන් ගනිද්දි මගේ පාරිභෝගිකයෝ වුණේ මගේ යාළුවෝ. අද ඔවුන්ගේ දරුවෝ කොට්න් කලේක්ෂන් වෙත එනවා. එය මහත් සතුටක් ගෙන දෙන්නක් වගේම, හරි අපුරූ දෙයක්. වසර ගණනාවක් මුළුල්ලේ අපිත් සමඟ අපට හිතවත්ව සිටි හැමෝටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. කොට්න් කලේක්ෂන් හි සාරය වෙනස් වෙන්නේ නැහැ. එහි ඩී.එන්.ඒ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා කොට්න් කලෙක්ෂන් වෙත යන්න. ඔබට කැමැති දෑ මිලදී ගන්න. ඒ අත්දැකීම විඳින්න.  ප්‍රශ්නය - : ‘ලෙදර් කලෙක්ෂන්’වලට අමතරව ඔබට තියෙන අනෙකුත් සැලසුම් මොනවාද ? අනෙකුත් ව්‍යාපාර මොනවා ද ? පිළිතුර :  කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තා නායකත්වය මට ඉතා වැදගත් සහ සමීප කාරණා දෙකක්. ඒ වගේම අධ්‍යාපනය. මේ සාධක තැන එසේත් නැතිනම් කරුණු තුන ආර්ථික වර්ධනය, දේශපාලනික ස්ථාවරත්වයය සහ සමාජ පරිවර්තනවලට ඉතා වැදගත් . ඒ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මම වැඩි සැලකිල්ලක් සහ අවධානයක් යොමු කරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වෙන මං වගේම හිතන වෘත්තිකයන් සමඟ කටයුතු කරන්න මම කැමැතියි. ඔවුන් සමඟ එක්ව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් වෙහෙසෙන්න බලාපොරොත්තු වෙනවා.  සිංහලට සකස් කළේ  හර්ෂණ තුෂාර සිල්වා
සොෆ්ට්ලොජික් සමාගම කොට්න් කලෙක්ෂන් මිලදී ගනී
0
hp_train_0342
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“
1
hp_train_0343
උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත්  වැසි වාර කිහිපයක්  ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 20/02/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32239060වැසි වාර  කීපයක්මඩකලපුව31269080වැසි වාර  කීපයක්කොළඹ33259060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල32259065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය32238065වැසි ස්වල්පයක්මහනුවර30219570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය19119575සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය32239570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය31268565වැසි වාර කීපයක්මන්නාරම32269060වැසි ස්වල්පයක්
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0344
(විජේරත්න රත්නායක)2020 වසර සඳහා වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය අද (26) සවස වැඩි ඡන්ද 03 කින් සභා සම්මත විය.හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.නිමල් සේනානායක මහතා විසින් අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව පැය පහක් පමණ පුරා පැවැති අයවැය විවාදයෙන් පසුව සිදුකෙරුණු විවෘත ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 21 ක් හා විපක්ෂව ඡන්ද 18 ක්ද ලැබිණි.එම සභාවේ සභාපතිවරයා ඇතුළු සභිකයින් 40 දෙනා අතරින් එක් මන්ත්‍රීවරියක් අද දින සභාවට පැමිණ නොසිටියාය.මෙම ඡන්ද විමසීමේදී සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයින් 11 දෙනෙක් සහ උප සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 10 දෙනෙකුද අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.එම සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 10 දෙනාද ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනාද ස්වාධීන කණ්ඩායම් දෙකක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනාද එක්සත් ජාතික පක්ෂයේ කේ.එම්.ප්‍රේමදාස හා පී.බී.සුසන්ත සිල්වා යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අජි බහාර් තුවාන් මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එච්.එච්.ජයන්ති බුද්ධිකා මන්ත්‍රීවරිය සභාවට සහභාගීව නොසිටියාය.
යටවත්ත ප්‍රා.සබේ අයවැය සම්මතයි
0
hp_train_0345
(රොමේෂ් මධුෂංඛ) වව්නියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේ දී අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පලා ගිය සැකකරු සමඟ සෘජු සම්බන්ධතා පැවත්වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.අදාළ සැකකරුවන් වව්නියාව නගරයෙන් හා අනෙක් සැකකරු පූවර්සන්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් ද වව්නියාව අධිකරණයට ඉදිරිපත් කර පැය 72 ක රඳවාගෙන ප්‍රශ්න කිරීම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට පුලියන්කුලම් පොලීසිය පියවර ගෙන ඇත.මීට පෙරද බෝම්බ බෑගය දමා ගිය ප්‍රධාන සැකකරුට උදව් කරන ලද සැකකරුවන් තිදෙනෙකු පුලියන්කුලම් පොලීසිය විසින් ද තවත් එක් සැකකරුවෙකු වව්නියාව පොලිස් කොට්ඨාස නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය විසින් ද අත්අඩංගුවට ගනු ලැබිණි.සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව පුලියන්කුලම් පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට මුළු සකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි.
බෝම්බ ඇතුළු ආයුධ ගෙන ආ සැකකරුට උදව් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
1
hp_train_0346
(අංජුල මහික වීරරත්න)එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යානුකූල මහලේකම්වරයා තමන් බවත්   නීත්‍යානුකූලව මහලේකම් කවුරුන්ද යන්න නුදුරු අනාගතයේ දී  අධිකරණය විසින් තීන්දු කරනු  ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතා පැවසීය.සමහරුන් බෝඩ් ගහගෙන මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවාට ඔවුන්ට නීත්‍යානුකුල අයිතියක් නැතැයි කී අමාත්‍යවරයා  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස දැන් කටයුතු කරන පුද්ගලයා පිළිනොගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇතැයි කීය. ඒ නිසා එම පුද්ගලයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස පෙනී සිටින්නට සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල  අයිතියක් නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  72වන සමුළුව ඉතාමත් ඉහළින් පැවැත්වූ බව කී මහින්ද අමරවීර මහතා අගමැතිතුමන් මෙන්ම හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් ඊට සහභාගී වූ අතර පක්ෂය සමඟ එකතු වන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කීය. 
සන්ධානයේ මහ ලේකම් කවුදැයි මහින්දම කියයි
0
hp_train_0347
(ඔගස්ටින් ප්‍රනාන්දු)             ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණුපොතෙහි පළකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි සිටි ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ පනහ බැගින් ශරීර ඇප තුනක් මත මුදාහැරි හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා වැඩිදුර නඩු විභාගය ලබන වසරේ මාර්තු මස 6 වන දින කැඳවීමට අද (19) නියම කළේය. තවද සැකකරුට විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයේ තබා ගැනීමට නියම කළේය.හලාවත තේක්ක වත්ත ප්‍රදේශයේ පදිංචි හලාවත කඩ විදියේ රෙදිපිලි වෙළද ආයතනයක් පවත්වා ගෙන යන  අබ්දුල් හමීඩ් මොහොමඩ් හස්වර් (35) නමැති අයව ඇප මත මුදාහැරිණි. හලාවත නගරයේ දි ඉකුත් මැයි (12) දහවල් ඇතිවු කලබලකාරි වතාවරණය නිර්මාණය වුයේ සැකකරු විසින් මුහුණ පොතකට එක් කර තිබු සටහනක් පදනම් කර ගෙන බවත් ඒ අනුව සැකකරු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය සදහන් කර තිබුණි.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ හා හදිසි නිති රෙගුලාසි යටතේ සැකකරුට විරුද්ධව චෝදනා නගා තිබුණි. සැකකරුට එරෙහිව පැමිණිල්ල හලාවත පොලිසිය ඉදිරිපත් කළ අතර  සැකකරු වෙනුවෙන් නීතිඥ පායිස් සාලි, නීතිඥ මොහොමඩ් නලින්, නීතිඥ දිලාන් සේනාරත්න යන මහත්වරු පෙනී සිටියහ.  
මුහුණු පොතෙන් ගිනි ඇවිලූ සැකකරු යළි රිමාන්ඩ්
0
hp_train_0348
(මනෝප්‍රිය ගුණසේකර) අඩු වටිනාකමක් යෙදු තක්සේරු වාර්තාවක් ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 10,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකට ද යටත් කළ විනිසුරුවරයා මෙම සිද්ධියේ පැමිණිලිකරුට රුපියල් 25,000/-ක වන්දියක් ගෙවීමටද නියම කළේය. විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 10,000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ නියම කළ දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසර 6 ක සිරදඬුවමක්ද නියම කළේය. සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට දඩුවම් නියම කළේය. විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය. චෝදනාවට වරදකරුවීමෙන් මෙලෙස දඬුවම් නියම වුයේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු වශයෙන් සේවය කළ එච්.බී. ජගත් නමැත්තාටය. ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට නියම කළ වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 10ක කාලයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය. අල්ලස් කොමිසමේ පොලිස් පරීක්‍ෂක සී.ඒ. ගුණවර්ධන මහතා මෙහි විමර්ශන නිලධාරීවරයා ලෙස කටයුතු කළ අතර පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය පෙනී සිටියාය.
අල්ලස් ගත් ගොවිජන සංවර්ධන නිලධාරියා වසර 16 ක් සිරගෙට
0
hp_train_0349
කුණකටුවකු  සැඟවී සිටි හිස් වැස්මක් දමාගෙන බදුල්ලේ සිට මීගහකිවුලට පැමිණි තරුණයෙකු පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තාවේ. අදාළ තරුණයාගෙන් අසා දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.  බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීගහකිවුල ප්‍රදේශයේ ආයතනයක රැකියාව කළේය. රැකියාවට පැමිණියේ යතුරුපැදියෙනි. පසුගිය දිනෙක ද කඩිමුඩියේම හිස්වැසුම දමාගත් ඔහු යතුරුපැදියෙන්  වැඩට එන්නට පිටත් වුනේය.මීගහකිවුල නගරය ආසන්න වෙද්දී  හිස්වැස්මේ ඇතුළත කිසියම් දෙයක් දඟලන්නාක් මෙන් ඔහුට දැනුනි. එහෙත් ඒ ගැන තැකීමක් නොකළ ඔහු සේවා ස්ථානයටම පැමිණියේ ඒ වනවිටත් සේවයට පැමිණිය යුතු වේලාව ආසන්නව තිබූ නිසාය. ගමන නිමාකොට හිස්වැස්ම ගලවා හිසෙන් ඉවත්කරනවාත් සමගම  හිස්වැස්මෙන් එළියට පැන්නේ අඩි එකහමාරක් පමණ දිගැති කුණකටුවෙකි.හිස්වැස්මටත් හිසටත් හිරවීම නිසා කුණකටුවා දැඟලුවත් වාසනාවකට මෙන් ඌ දෂ්ඨ කර නොතිබිණි.(වියලුව වාර්තාකරු)
කුණකටුවෙක් හිසෙන් අරන් වැඩටත් ගිහින්
0
hp_train_0350
රංජිත් රාජපක්‍ෂ තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ඇතුළු  පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තලවාකැලේ ලිඳුල නගර සභාවට ස්වාධීනව තරග කිරීමට ඇප මුදල් තැම්පත් කළහ. ඒකාබද්ධ විපක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රධානියකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන්  පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් තරග නොකර ස්වාධිනව තරග කිරිමට තීරණය කළ බව  හිටපු සභාපති අශෝක සේපාල මහතා පැවසීය. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් තමන් ඇතුළු තලවාකැලේ ලිඳුල නගර සීමාවේ විශාල පිරිසක් කැපවීමෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ නුවර එළිය ප්‍රධානියා තමන් ඇතුළු පිරිසට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කළ බව ද ඔහු කීවේය.
දෙමළ විමුක්ති සන්ධානය ඇප තියයි
0
hp_train_0351
(කාංචන කුමාර ආරියදාස)එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොබෙයියකු  ගැන කතා කරන බවත් කොබෙයියෙක් සමඟ සටන් කිරීමට වටු කුරුල්ලන් හෝ වෙනත් පක්ෂියෙක් සුදුසු නැතැයි ද ඒ සඳහා රාජාලියෙකු සටනට දැමිය යුතු යැයි  ද එම රාජාලියා සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා පැවසීය.එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ මාධ්‍ය හමුව දඹුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී අද (13) පැවති මේ බව කීය.එම හමුව සඳහා සභාපති දුමින්ද බණ්ඩාරනායක ජාතික ලේකම්  මාර්ටින් වික්‍රමසිංහ සහ තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා මෙසේ කීය.මේ වන විට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා නම් කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ ලබන 18 දා සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවත් එහෙත් තවමත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි වී තිබෙන බවය. කඩිනමින් එය පත් කළ යුතු යැයි ප්‍රකාශ කළ හෙතෙම කියා සිටියේ අනිවාර්යයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස උතුර නැගෙනහිර සහ දකුණු ඉල්ලන එකම නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා බවය.කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස  සජිත්  ප්‍රේමදාස මහතා නම් නොකළහොත් ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතා ගන්න ඕනෑම තීන්දුවක් තීරණයක් සමඟ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය ඒකරාශී වන බවද සභාපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකදී පිළිතුරු දුන්නේය.ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ අපේක්ෂකයන් ලෙස රටම ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් එය මහින්ද රාජපක්ෂ මහතා අනුමත කරමින් ඔහු ජනාධිපති අපේක්ෂකයා බවට පත් කළ නිසා රටේ බහුතර ජනතාව එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලෙසය.විරුද්ධ පක්ෂයෙන්   හොඳම දුවන්න පුළුවන් අශ්වයා ගෝඨාභය රාජපක්ෂ නම් කර ඇති නිසා එක්සත් ජාතික පක්ෂයෙන් දිවීමට ඇති හොඳම ශක්තිමත්ම අශ්වයා සජිත් ප්‍රේමදාස මහතා බවත් තම පක්ෂයේ සිටින අනිත් අයට ගෝඨා සමඟ දිවිමට පාදවලට ශක්තියක් නොමැති බවද එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.රවී කරුණානායක,පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න  පිරිස  පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණය කරන බවද කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයට හොරා නාමයක් ගෙනාවේද රවී කරුණානායක බව කියා සිටියේය.රවී කරුණානායක මහතාට මොලේ අමාරුවක් තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඇති පෞද්ගලික ආරවුලක් නිසා විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරන බවත්ද  අකිල විරාජ්, පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න යන අයට අවශ්‍යතාවය පවතින්නේ සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොදී සිටීමට බවද හෙතෙම කියා සිටියේය.
කොබෙයියන් සමඟ සටනට වටු කුරුල්ලන් නොව රාජාලියකු දැමිය යුතුයි
1
hp_train_0352
(අංජුල මහික වීරරත්න, සඳලංකාව - හේමලතා ඩී. හේවගේ සහ මාරවිල - ට්‍රික්සි කොන්ස්ටන්)“ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීම තුළින් ජනතාව මත පනවන බදු බර අඩු කර පීඩනකාරී ජීවන රටාවෙන් සමස්ත ජනතාවම මුදාගන්නා බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පන්නල දී පැවැසීය.“ජනතාවගේ දුක පිළිබඳව තමාට කිසිවකුගෙන්වත් ටියුෂන් අනවශ්‍ය බව කී සජිත් ප්‍රේමදාස මහතා ගම හදා - රට හැදීම තම මූලික දර්ශනයක් බවද” කීවේය.ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා කටුගම්පොළ පන්නල, නාත්තන්ඩිය කටාන සහ කඩුවෙල මැතිවරණ බල ප්‍රදේශවලදී ජනරැලි පැවැත්වුණ අතර පන්නල ජනරැලිය සංවිධානය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ කටුගම්පොළ සංවිධායක බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසිනි. පන්නල ජනරැලියේදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“ගම්උදා සංකල්පය ආරම්භ කළ පුරවරය වන මෙහි ජනතාවගේ ප්‍රධාන ප්‍රාර්ථනය වන්නේ යකාබැඳිඇල්ල වාරි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි. මා ජනපති වූ සැණින් ඒ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවට මෙහිදී පොරොන්දු වෙනවා.මෙයින් මෙහි පානීය ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුම ලැබෙන අතර මාකුඹුර ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයක් බවට පත් කිරීමටත් අදහස් කරනවා.පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල වැඩ කරන කම්කරු ප්‍රජාවගේ නිවාස ප්‍රශ්නය ද විසඳන්න කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ මැටි කර්මාන්තය ද ක්‍රියාත්මක වෙනවා. පරිසරයට හානිය නැති පරිදි ඒ කර්මාන්තයේ නියැළී සිටින පවුල්වලට අවශ්‍ය ශක්තිය දෙන්න මා කටයුතු කරනවා. උළු කර්මාන්තකරුවන් සඳහාත් උපරිම දිරිය සහ ශක්තිය දීමටත් අප ක්‍රියා කරනවා.එමෙන්ම බුලත් වගාවේ නියැළි විශාල ගොවි පරපුරක් මෙහි සිටිනවා. බුලත් අපනයනයේදී පකිස්ථානය වැනි රටවල් විවිධ බදු පැනවීම තුළ බුලත් වගාකරුවා අසරණ බවට පත්ව තිබෙනවා.මගේ රජය ජනතාවාදී රජය බව කිව යුතුයි. සැම විටම පොදු ජනතාව වෙනුවෙන් මා පෙනී සිටිනවා. පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටින්න මම සෑම විටකම කටයුතු කරනවා. සාමාන්‍ය ජනතාව මත පැටවුණ බදු බර ඉවත් කර පීඩනය වෙනුවට සහනය දෙන්න ක්‍රියා කරනවා.මෙරට දුක් විඳින දුප්පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි වැඩසටහනකට අමතරව ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා. ඉදිරි දියුණුවත් සමග රටේ මධ්‍යම පන්තිය පුළුල් වෙනවා. මධ්‍යම පන්තිය සඳහා දැවැන්ත ශක්තිය දී මධ්‍යම පන්තිය ශක්තිමත් කිරීමටත් මා ක්‍රියා කරනවා.රට මුදවාගෙන වැඩ පෙන්නපු සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අමාත්‍ය කිරීමෙන් මෙරට අන්තවාදී ත්‍රස්තවාදය මුළුමනින්ම විනාශ කරන්න කටයුතු කරනවා. එමෙන්ම රටේ අනාගතය වනසන කුඩු වෙළෙන්දන්ටත් අවසන් ඉරණම ළඟා කරනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්‍ෂක අංශ නවීකරණයට ලක් කර නවීන අභියෝගවලට මුහුණ දීමට හැකි පුහුණුව දෙනවා. මෙරට බුද්ධි අංශ දේශපාලනීකරණයට ලක්වීම තුළ දුර්වල මට්ටමකට වැටී තිබෙනවා. බුද්ධි අංශ තිබෙන්නේ රටේ උද්ගතවන ගැටලුකාරී තත්ත්ව, අභියෝග ගැන වේලාසනින් කරුණු සොයා බලා යථාර්ථවාදී උපදෙස් දී විනාශය වැළැක්වීමට කටයුතු කිරීමටයි. ඒ නිසා රටේ බුද්ධි අංශ සහමුලින්ම නිර්දේශපාලනීකරණය කිරීමට මා කටයුතු කරනවා.ලෝකය තරහ කරගෙන අපට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. මම වැදගත් රටවල් සමග සෘජු, විනිවිද බවකින් යුතු සබඳතා ගොඩනගනවා ඒ සබඳතා තුළින් නූතන ත්‍රස්තවාදය විනාශ කිරීම සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු සහ වෙනත් කරුණු පිළිබඳව ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රියාදාමය ශක්තිමත් කරනවා.මන්දිර දේශපාලනය මා ප්‍රතික්ෂේප කරනවා. බදු මුදලින් පෝෂණය වන පාලකයකු බවට මා පත්වන්නේ නැහැ. මෙරටට සංවර්ධනය ගෙනෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ මගේ පෞද්ගලික නිවාසවල සිටයි.මගේ කාලය තුළ දැවැන්ත සංවර්ධනය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික සංවර්ධනය උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කරනවා. ඒ තුළින් සෑම ග්‍රාමසේවා වසමක්ම ශක්තිමත්  කෙරෙනවා.හැම උප දිසාපති කොට්ඨාසයකම ජාත්‍යන්තර තලයේ නව තාක්ෂණ විද්‍යාගාරය මා ආරම්භ කරනවා. ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, නව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව නොමිලේ ලබා දෙන්නට කටයුතු කරනවා.මේ වැඩසටහන් තුළින් ගම හදා - රට හැදෙනවා. අපනයන දැනුම නවෝත්පාදනය කේන්ද්‍ර කරගත් ආර්ථිකය මා නිර්මාණය කරනවා.ජනතාව අධික ජීවන බරක් දරනවා. 2014 වසරේ තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩවලට වඩා 2019 වසරේ බොහෝ භාණ්ඩවල මිල අඩු බව කිව යුතුයි. සත්‍ය එයයි. නමුත් ආදායම් මාර්ග සීමාවීම තුළ ජීවත්වීමේ බර ඔබේ කරමත  පැටවිලා. ඒ පීඩනය මා හොඳින්ම දන්නවා. ජනතාවගේ දුක පිළිබඳව කිසිවකුත් මට ටියුෂන් පන්ති පැවැත්විය යුතු නැහැ. ඒ සියල්ල පිළිබඳව මට හොඳ අවබෝධය තිබෙනවා.ජාතික නිෂ්පාදනය වර්ධනය කර ජනතා බදු අවම කර  පීඩාකාරී  ජීවන තත්ත්වයෙන් ඔබ මුදාගෙන පොඩි මිනිසාට සෙත සැලසෙන යුගය ආරම්භ කරනවා” යැයිද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:“අප මේ සටන කරන්නේ රටේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහායි. ජනතා අවශ්‍යතාව ලෙස අප සජිත් ප්‍රේමදාස මහතා පත් කළා.2015 වසරට පෙර රටේ තිබූ තත්ත්වය ඔබට අමතක නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය වල් වැදුණු සුදු වෑන් යුගය එකල තිබුණා. ඒ යුගය පරදා අප ලබාගත් ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. රට නැවත භයානක යුගයට තල්ලු කරන්නට අපට හැකියාව නැහැ.බය නැතිව ජීවත් විය හැකි රටක් අප ගොඩනගා තිබුණා. ශීලාචාර ප්‍රජාතන්ත්‍රවායක් ගෙන ඒමේ සම්පූර්ණ ගෞරවය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතුයි”.සෞඛ්‍ය - පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා:“එක් පැත්තකින් නඩු රැසක විත්තිකාරයකු ඉන්නවා. මේ පැත්තෙන් තරග කරන්නේ කම්කරු පන්තියෙන් උපන් නායකයයි. සජිත් යනු තම පියා මෙන්ම කම්කරුවන්ගේ හද හැස්ම දන්නා නායකයකු බව කිව යුතුයි.අප අපේක්ෂක තෝරා ගත්තේ සියලු පක්ෂ සංවිධානවල අනුමැතියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයටයි. අනෙක් එක්කෙනා  තෝරා ගන්නේ රෑ කෑම මේසයේදීයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජවාදය ගැන කතා කළාට නිර්ධන පන්තියේ එක් මිනිහකුට ඉදිරියට එන්න ඉඩ දුන්නේ නැහැ”.එක්සත් ජාතික පක්ෂ පඬුවස්නුවර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා:“කලින් දුවපු හාවෝ ඔක්කොටම දැන් හති වැටිලා ඉවරයි. අපේ ජයග්‍රහණය තහවුරුයි. ගෝඨාභයට කිසිම දැක්මක් නැහැ. ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න අසන විට ගොළු වෙනවා.සහරාන්ගේ බෝම්බයෙන් ඒ අය කිරි පැණි කෑවට අප එසේ කරන්නේ නැහැ. යහපාලන මුවාවෙන් අපට සම්බන්ධ වූ හොරු ටිකත් කුණු ටිකත් අපේ පැත්තට තල්ලු කර නැවත රාජපක්ෂ පිලට ගොස් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ සාමාජිකයන් සියලුම දෙනා ඉන්නේ අප සමගයි”.කර්මාන්ත, වාණිජ කටයුතු, සමුපකාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා:“මා මෙහි පැමිණ ඇත්තේ යුග පෙරළියක් සඳහායි. ඉතිහාසයේ සිට රටට දැනෙන සංවර්ධනය කළේ එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් සිටිනවා. එතුමාගේ වටා සිටින්නේ මැර බලය නොවෙයි ජන බලයයි”.මෙම අවස්ථාවන්ට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සහ ජේ.සී. අලවතුවල යන මහත්වරුද සහභාගි වූහ.
“ජනදුක ගැන මට කාගෙවත් ටියුෂන් ඕනෑ නෑ“
1
hp_train_0353
(බිඟුන් මේනක ගමගේ ) අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයේ වැරැදිකරුවන්ට එරෙහිව රජය නීතිය ක්‍රියාත්මක නොකරන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජිනීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කළේ යැයි එහි සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ‘ලංකාදීපය’ ට පැවසීය. අදාළ පහරදීම සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය පරීක්ෂණ කමිටු දෙකක් පත්කළ ද එකී වාර්තා ප්‍රසිද්ධ කිරීමක් හෝ වැරැදිකරුවන්ට නීතිය ක්‍රියාවේ යෙදීමක් සිදු නොවන බැවින් මෙසේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කළේ යැයි නීතිඥ පෙරේරා මහතා කීය. අගුනුකොලපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයෙහිදී පිරිසක් පොලු මුගුරුවලින් පහර දෙන දර්ශන ඇතුලත් සී.සී.ටී.වී දර්ශන කීපයක් කවුන්සිලය හමුවේ ප්‍රදර්ශනය කළේ යැයි ද සිවිල් සමාජය වෙනුවෙන් කරුණු දැක්වීමක් කළේ යැයි ද පෙරේරා මහතා පැවසීය. ඒ අනුව මානව හිමිකම් කවුන්සිලය වධහිංසා සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියට මේ ගැන විමසාබලන්නට උපදෙස් දී ඇතැයි ද නීතිඥවරයා කීය.  සිරකරුවන්ට පහර දෙන දර්ශන ඇතුලත් වීඩියෝ සාක්ෂි තිබියදී රජය මෙම සිදුවීම යටගසන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ හෙතෙම බන්ධනාගාර ඇමැතිවරිය එම වාර්තා දෙක හෝ අඩුම තරමින් එම වාර්තාවල නිර්දේශවත් ප්‍රසිද්ධ නොකිරීම විමතියට කරුණක් යැයි අවධාරණය කර කීය.තලතා අතුකෝරාල ඇමැතිවරිය එම වාර්තා ප්‍රසිද්ධ නොකරන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒවා ඉල්ලාසිටීමට කටයුතු කරන්නේ යැයි ද පෙරේරා මහතා පැවැසීය. අගුණුකොලපැලැස්ස බන්ධනාගාර ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට තලතා අතුකෝරාල ඇමැතිනිය බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගේ සභාපතිත්වයෙන් එක් කමිටුවක් ද රාජ්‍ය නිලධාරින්ගෙන් සමන්විත තවත් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කළ අතර එම කමිටු වාර්තා දෙකම පසුගිය පෙබරවාරි මාසයේදී ඇයට බාර දුන්නේය.  අගුණකොලපෑලැස්ස බන්ධානාගාරයේදී පසුගිය වසරේ නොවැම්බර් 22 වැනිදා සිදු වී යැයි කියන මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මුල්වරට මාධ්‍යට කරුණු අනාවරණය කෙරුණේ පසුගිය 16 වැනිදා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදීය. බන්ධනාගාර පරිශ්‍රයෙහිදී පිරිසක් පොලු මුගුරුවලින් පහර දෙන දර්ශන ඇතුලත් පැය භාගයක පමණ කාලයක් පුරා ධාවනය වන සී.සී.ටී.වී දර්ශන අඩංගු සංයුක්ත තැටියක් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රදර්ශනය කෙරිණි.
අගුණකොළපැලැස්ස කමිටු වාර්තා සොයන්න රාජ්‍ය ඇමැතිගෙන් සහතිකයක්
0
hp_train_0354
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවලින් විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකිය‘.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0355
බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කයට කඩින් කඩ  ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි ද ඇති විය හැකියි. ඌව සහ නැගෙනහිර පළාත්වලට, සවස 2.00න් පසු  ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 02/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269060වැසි ස්වල්පයක් ඇතිවිය හැකමඩකලපුව35278565සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.කොළඹ31269580විටින් විට වැසිගාල්ල30269080විටින් විට වැසියාපනය33298070ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29239580විටින් විට වැසිනුවරඑළිය19159585විටින් විට වැසිරත්නපුරය31249580විටින් විට වැසිත්‍රීකුණාමළය36268555සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.මන්නාරම32289575වැසි වාර කිහිපයක්                        
‘පළාත් කීපයකට හෙටත් තද වැසි‘
0
hp_train_0356
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශවල,දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තරමක් තද සුළං  තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35258545ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35268555සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.කොළඹ31278565ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල29268580වැසි ස්වල්පයක් ඇති විය හැකයාපනය34277060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29219060ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය20139065ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය31249070වැසි ස්වල්පයක් ඇති විය හැකත්‍රීකුණාමලය35258550සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මන්නාරම31268570ප්‍රධාන වශයෙන් වැසි රහිත            
‘මුහුදු ප්‍රදේශවලට තද සුළං‘
0
hp_train_0357
(ඩයනා උදයංගනී)දිවයිනේ ප්‍රදේශ රැසකට අද (11) දිනයේදීත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයඹ පළාතේත්, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේද වැසි ඇතිවන අතර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 
පළාත් කිහිපයකට තැනින් තැන වැසි
0
hp_train_0358
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් සෙසු ප්‍රදේශවලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 11/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32239070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31259570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31249575වැසි වාර  කිහිපයක්.ගාල්ල30259075වැසි වාර  කිහිපයක්.යාපනය30249080සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර29219570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20149580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය31239570වැසි වාර  කිහිපයක්.ත්‍රීකුණාමළය31249070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම30259075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘උතුරු සහ නැගෙනහිරට තද වැසි‘
0
hp_train_0359
ඉදිරි දින කිහිප‍‍යේදී දැනට පවතින තත්ත්වයට වඩා වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියයි. දකුණු මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 50-60 පමණ තවදුරටත් බලාපොරොත්තු වේ.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන අතර සෙසු පළාත්වල  සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න  අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට(30) දහවල් 12.11 තාන්ඩිකුලම්, පිරමනලම්කුලම් සහ කුච්චවේලි යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32258560සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමඩකලපුව34267545සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැකකොළඹ31268570වැසි වාර කිහිපයක්ගාල්ල29259085වැසි වාර කිහිපයක්යාපනය30289070සිහින් වැසි වාර කිහිපයක්මහනුවර28238575වැසි වාර කිහිපයක්නුවරඑළිය17149585සිහින් වැසි වාර කිහිපයක්රත්නපුරය30249070වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමලය3326     8055සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසිමන්නාරම30278575වැසි ස්වල්පයක්
‘ඉදිරි දිනවල වැසි අපෙක්ෂා කෙරේ‘
1
hp_train_0360
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි ඇති වන බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.මධ්‍යම කඳුකරය  සහ බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට වැඩි විය හැක.  
‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_0361
( ප්‍රියානි මංගලිකා )ආසාදිතයන්  දෙදෙනෙකු වාර්ථා වූ , කොටවෙහෙර  නගරයේ හෝටල් ව්‍යාපාරික ස්ථාන මේවන විට විවෘත   කර ඇති අතර ,ආපන ශාලා තුල ආහාර ගැණීම මෙන්ම තේ පානය කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (16)පැවසීය.                       පිසූ  ආහාර පාර්සල් ලෙස පාරිභෝගිකයන්ට රැගෙන යාහැකි අතර සෙසු බේකරි නිශ්පාදන ද ඒ අයුරින් රැගෙන යාහැකි  අතර,ඒ සියල්ල ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව සිදුකල යුතු බවට ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දී ඇති බවද එම කාර්යාලය පවසයි.                          කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කෝසල පෙතියාගොඩ මහතාගේ උපදෙස් අනුව ,මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් වන වසන්ත ජයලත් ,විදුල මධුශංක බංඩාර, බුද්ධික  විතානගේ  යන නිලධාරීන්  පරීක්ෂණ සිදු කෙරේ.========
රස්නායකපුර ආපනශාලා තුළ ආහාර ගැනීම තහනම්
0
hp_train_0362
සැමියාගේ නොසැලකිල්ලෙන් නිවෙසක් ඉදිකර ගැනීම පමා වෙනවා යැයි සැමියාට දෝස්මුර තැබූ බිරිඳක් සිය මාලය උකසට තබා රුපියල් විසි දහසක් ණයකට ගත්තේ අලුත් නිවෙසක් ඉදිකරගන්නට ගඩොල් මිලදී ගන්නටය.ණයට ලබාගත් රුපියල් විසිදහසක මුදල අල්මාරියේ ඇඳුම් අතර සඟවා තබා දින දෙකතුනකින් බලන විට රුපියල් හාරදහසක් අඩුවී ඇති බව ඇය දුටුවාය. මේ මුදල සැමියා කෙසේ හෝ සොරාගෙන අරක්කු බොන්නට ඇතැයි දෙස්දෙවොල් තබමින් ඇය තව තවත් අල්මාරියේ රෙදි ඒ මේ අතට පෙරළමින් නැතිවූ මුදල සෙව්වාය.එවිට එක්වරම රුපියල් දහසේ කොළ දෙකක් ඒ අතර තිබී බිමට වැටුණ අතර කෑලි කෑලි කැඩූ දහසේ කොළ දෙකක කැබලිද මීයන් කපා දැමූ රෙදි කැබලිද බිමට වැටුණි. රුපියල් හාර දහසේ සොරු අතටම බිරිඳට අසුවූ අතර සැමියා යාන්තමට චෝදනාවෙන් බේරුණේය. ඒ වෙනුවට ගෙදර සිටි බළලාව පසුවදාම ඈත පළාතකට ගෙන ගොස් දැමුවේ සියලු වැරැදි බළලා මත පටවමිනි.(දූනගහ - බටේපොළ විජයසිරි)
සල්ලි හොරා අහුවුණාම බළලාට පාඩමක් උගන්වලා
0
hp_train_0363
(  ප්‍රියංකර  ගමගේ) අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල සහ  රණවකගේ ධම්මික නුවන් රණවක  හෙවත් කළුවා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනආරච්ච්චි මෙනවිය අද (07) නියෝග කළාය. මාතර රොටුඹ ප්‍රදේශයේ දී නාලක පුෂ්ප කුමාර යන ව්‍යාපාරිකයා සහ ජාසිංකන්දගේ නිලංග සඳරුවන් යන ඔහුගේ සහායකයා රොටුඹ ප්‍රදේශය වෙළඳසල තුළදී ටී-56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම  ඔහුට විරුද්ධව ඇති චෝදනාව වේ. එය ඩුබායි සිට මෙහෙයු බවට  දුරකතන විශ්ලේෂණ වාර්තා බුද්ධි තොරතුරු සහ විමර්ශන වලදී  අනාවරණය වීම හේතුවෙන් සේපාල රත්නායකගේ අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල රිමාන්ඩ් බන්ධනාගාරයට පත්වූ අතර එම අපරාධය සඳහා සහයදීමේ චෝදනාව යටතේ රණවකගේ ධම්මික නුවන් හෙවත් කළුවා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි. එසේම පසුගිය මැයි මස අට (08) වන දින මෙම අපරාධයේ වෙඩික්කරු ලෙස චෝදනා ලැබ සිටින ඉහලගේ නදීෂාන් ප්‍රදීප් චාමර යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට රොටුඹ පොලිසිය කටයුතු කර ඇත. තවද මෙම අපරාධය සඳහා ආයධ ලබා දීම අනාවරණය වීම හේතුවෙන් ඉදිරියේදී සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදුෂ් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.  මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපල ඒකකය විසින් අමිල සම්පත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  අතර රණවකගේ ධම්මික නුවන් පසුගිය අප්‍රේල් මස 05 දින රහස් පොලිස් ගුවන්තොටුපල ඒකකය මගින් අත්අඩංගුවට ගෙන මැයි මස 06 වන දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 
රොටුඹ අමිල-කළුවා තවදුරටත් රිමාන්ඩ්
0
hp_train_0364
උණවටුන - ඩී.ජී. සුගතපාලගාල්ල දිස්ත්‍රික්කයේ ගම්මානයක පදිංචිකරුවකු වන ඔහු රැකියාව කළේ අගනුවරය. සෑම සති අන්තයේම බිරිය සහ දරු දෙදෙනා බැලීමට නිවෙසට එන ඔහු පැණිරස කෑමක් ගෙන එන්නට අමතක කරන්නේ නැත. ඒ බිරිය පැණි රස කෑමවලට ආසා නිසාය. සැමියා පැමිණි වහාම ඔහුගේ ගමන් මල්ල අවුස්සා ගෙනෙන ලද පැණි රස කෑම සෙවීම ද බිරියගේ සිරිතය.පසුගිය දිනවල වැඩ පොළේ තිබු කාර්යය බහුලත්වය නිසා ඔහුට මසක පමණ කාලයක් නිවෙසට ඒමට නොහැකි විය. නිවාඩු ලද වහාම ඔහු නිවෙසට පැමිණියේය. ඔහු එන බව දැනගත් බිරිය සහ දරුවෝ මහත් සොම්නසට පත්වූහ.කොළඹ සිට බසයෙන් පැමිණි ඔහු හන්දියෙන් බැස ත්‍රි රෝද රථයක නැගී ගෙදර ගියේය. ඔහු එනතුරු බිරිය සහ දරුවන් සිටියේ උළුවස්ස උඩය.ගත වූ මාසය සැමියාටත් බිරියටත් දරුවන්ටත් කල්පයක් තරම් විය. නිවෙසට පැමිණෙන විටම අත සෝදා ගැනීමට බිරිය සියලු‍ කටයුතු සූදානම් කර තිබිණි. කොළඹ  සිට පැමිණෙන නිසා විශේෂයෙන් ඇය ඒ ගැන සැලකිලිමත් වූවාය. දෑත් සෝදාගෙන නිවෙසට පැමිණීමෙන් පසු  සියල්ලෝම එකිනෙකා බදා ගනිමින් සතුටු වූහ.ඔහුට පළමුවෙන්ම අවශ්‍ය වූයේ ඇඟ සෝදා ගැනීමටය. එනිසා ඔහු නාන කාමරයට වැදුණේය. මේ අතර බිරිය ඔහුගේ ගමන් මල්ල අවුස්සන්ට විය. එහි එක සාක්කුවක තිබී ඇයට හමුවුයේ පැණි රස කෑමක් නොව ඇය කිසි දිනෙක බලාපොරොත්තු නොවු දෙයකි. එහි තිබුණේ කාන්තාවකගේ තන පටියකි. එය අතට ගත් ඇයට ඉවසුම් නැතිවිය.ඒ සමගම යාබද නිවෙසේ පදිංචි ඥාති සොහොයුරිය ආවාය.“අක්කේ අයියා ආවද?” ඥාති සොහොයුරිය ඇසුවාය. “ආව තමයි. ඇයි නංගි මොකද?” බිරියගේ කට හඬේ තිබුණේ ශෝකය හා කෝපය මුසු ස්වරයකි.“අක්කේ අයිය එදා ඉල්ලගෙන ගිය  බෑග් එකේ මගේ බ්‍රා එකක් ඇති බලන්න. ඒක තියෙනව ද කියලා. මම ටවුමට ගිය වෙලාවේ ඕක ගත්තේ. ඒක එළියට ගන්න මතක නැතුව තමයි අයියට බෑග් එක දීල තියෙන්නේ. ඥාති සොහොයුරියගේ කීම සැබෑවක් බව ඇයට වැට හුණේ එවිටය.ඔහුගේ ගමන් මල්ල අබලන්වීම නිසා එදා කොළඹ යද්දී යාබද නිවසේ ඥාති සොහොයුරියගේ ගමන් මල්ල ඉල්ලාගෙන ගිය බව ඇයට මතක් විය.“හා තිබුණ තමයි” ඇය කීවාය. ඒ සමගම ඇඟ පිස දමමින්  සැමියා එනු දුටු ඇයගේ සැකය හා කෝපය පහව ගොස් මුවට නැගුණේ සිනාවකි. “මාර වැඬේ තමයි. ඕක දැකල වැඩ පොළේ යාළුවොත් මට හිනා වුණා” ඔහු සිනාසෙමින් කීවේය.“මේ තව පොඩ්ඩෙන් මාර වැඩේ තමයි වෙන්නේ” කියමින් ඇය සැමියාට උණු තේ එකක් ගෙනැවිත් දුන්නාය. පවුල් ආරවුලක් වැළකි ගියේ නූලෙනි.
සැමියාගේ බෑගයෙන් අමුතු කෑමක් අහුවෙලා
1
hp_train_0365
(සුමතිපාල දීයගහගේ )ගාල්ල බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළජාත්‍යන්තර නෞකා ආරක්ෂණ රාජකාරී කටයුතුවල නිරත තවත් පුද්ගලයින් 14 දෙනෙක් අද (25) එම මධ්‍යස්ථානයෙන්පිටව ගිය බව නාවික හමුදාව පවසයි.මොවුන් සියලුදෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව නිරෝධායන මධයස්ථානයෙන් පිටත්කර ඇත. මේ අතර මෙමපිරිස සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ බවට ලබා දෙන සහතිකද පිරිනැමූ බවද නාවික හමුදාව පැවසිය.මේ අතර අද වන විට බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 193දෙනෙක් පිටව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 85 දෙනෙක්  තව දුරටත් නිරෝධායන කටයුතුවල නිරතව සිටින බවදනාවික හමුදාව පැවසිය. 
නිරෝධායනය අවසන් කළ තවත් 10 ක් පිටව යති
0
hp_train_0366
(නිමල කොඩිතුවක්කු) කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකයින් නගා සිටුවීමේ  අරමුණින් ක්‍රියාත්මක ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලාභීන් 664කට මිලියන 275ක මුදලක් ලබාදී තිබේ.ණය යෝජනා ක්‍රමය පිළිබදව ලංකා බැංකුව මගින් ඉදිරිපත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තා ඇසුරින් මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරයි.මෙම ණය ව්‍යාපෘතිය මගින් මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන ලෙස ව්‍යවසායක ණය නිකුත් කර ඇති අතර දිස්ත්‍රික් හා පළාත් වශයෙන් ව්‍යවසායකයින් දැනුවත් කරමින් ක්‍රියාකාරී ලෙස ව්‍යවසායක ණය නිකුත් කරමින් පවතී. ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.රත්නපුර දිස්ත්‍රික්කය තුළ මෙම සතිය වන විට ව්‍යාවසායක ණය 104ක් සම්පුර්ණ කිරීමට සමත් වී ඇති අතර එය එක් දිස්ත්‍රික්කයක් මගින් මෙතෙක් නිකුත් කළ ඉහළම ණය සංඛ්‍යාව ලෙස වාර්තා වෙයි. සබරගමුව පළාත ව්‍යවසායක ණය 131ක් නිකුත් කරමින් පළාත් අතර ඉදිරියෙන්ම සිටියි.උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් වයාපාරයේ නියැලි සිටින සහ වසර 40කට නොවැඩි තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම්/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි. දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක.ලංකා බැංකුව අග්‍රාමාත්‍ය  කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවැත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇතුළුව දිවයිනේ සියළුම ප්‍රදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් හි මැදිහත් වීම මත මෙම ණය යෝජනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 
තුරුණු දිරියෙන් 744 කට මිලියන 306ක ණය
0
hp_train_0367
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී  හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 
ප්‍රදේශ කීපයකට අද වැස්ස
0
hp_train_0368
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව හංසයා ලකුණ යටතේ තරග කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (20) පැවසීය.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව කී මහ ලේකම්වරයා පක්‍ෂය සමග සන්ධානගතව සිටින වෙනත් පක්ෂවලින් ඉල්ලීමක් ලැබුණොත් පමණක් වෙනත් ලකුණක් ගැන සාකච්ඡා කරන බව සඳහන් කළේය.ඒ අනුව එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය තරග කරන්නේ වෙන වෙනම බව ස්ථිර යැයි ද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.මහලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේ ද කියා සිටියේය.‘‘නිවෙස්වලත් මව්පියන් හා දරුවන් අතරත් මතගැටුම් ඇති වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා. අපි ඒවා අභ්‍යන්තරයේම සාකච්ඡා කරනවා. පක්‍ෂයේ කවුරුත් තනි තීන්දු ගන්න හදිසි වෙන්නේ නැහැ. අපි ජාතික ආණ්ඩුව ඇති කළේ රටේ සියලූ දෙනා බලා සිටියදී මිස හොර රහසේ නෙවෙයි. මධ්‍යම කාරක සභාවේ තීරණයක් ලෙසයි. ඒ ගිවිසුම දෙසැම්බර් මාසේ අවසන් වෙනවා. අපි ඉන්පසුයි ඉදිරියට යනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ.පක්‍ෂයේ අය යන්න හදන බවට ඇතිකරන මතවාදයෙන් පාඩු වෙන්නේ රටටයි. ඒ නිසා එවැනි ප‍්‍රචාර පතුරුවන්න එපා. එයින් රටවැසියා හා ලෝකය අතර ඇතිවන සැකය රටේ සංවර්ධනයට බාධාවක්. තීන්දුවක් ගන්නා අවස්ථාවේදී ජනතාව දැනුවත් කරනවා. හොර රහසේ තීන්දු ගන්නේ නැහැ. ඒ නිසා රටේ අනව්‍යශ කලබල ඇති නොකරන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.’’එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ සඳහන් කළේය.‘‘අපේ පක්‍ෂයේ 66 වැනි සංවත්සරය කොළඹ කැම්බල් පිටියේදී සැප්තැම්බර් මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අද දිනයේදීත් අප ඒ පිළිබඳව පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. අපි සාර්ථක මෙන්ම ගුණාත්මක, ජනතා ආකර්ෂණය ඇති සංවත්සර උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙයට විශාල ජනතා සහභාගීත්වයක් අපි බලාපොරොත්තු වෙනවා.මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු අපේ පළමුවරට පැවැත්වූ පක්‍ෂයේ 64 වැනි සංවත්සර උළෙල පැවැත්වූයේ පොළොන්නරුවෙයි. ඉන්පසු 65 වැනි සංවත්සර උළෙල කුරුණෑගල දී පැවැත්වුණා. පොළොන්නරුවේ පැවති සංවත්සර උළෙලට වඩා කුරුණෑගල පැවති උත්සවය සාර්ථක වුණා. එදාටත් වඩා සාර්ථකව 66 වැනි සංවත්සර උළෙල පැවැත්වීමට අපි කටයුතු කරගෙන යනවා.’’පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා -‘‘පළාත් පාලන පනත් කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව මේ වන විට සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. මෙය ඊ ළඟ සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කාරක සභා අවස්ථාවේදීත් මෙයට සංශෝධන ඉදිරිපත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව නුදුරු අනාගතයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලූ දේශපාලන පක්‍ෂ එකතු වී කෙටුම්පතේ යම් යම් වෙනස්කම් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස අද වන විට සියලූ දේශපාලන පක්‍ෂ මේ පනතෙහි ඇති ක‍්‍රමවේදය අනුව ඉදිරියට යාමට තීරණය කර තිබෙනවා.සමහරු මැතිවරණය පමාවීම ගැන ආණ්ඩුවට චෝදනා කළත් මේ වන විට ඔවුන් යථාර්ථය තේරුම් ගෙන තිබෙනවා. සීමා නිර්ණය ප‍්‍රශ්න, තාක්‍ෂණික සංශෝධන කරන්නට සිදුවීම, සුළු පක්‍ෂවලට සාධාරණයක් ඉටුකිරීමට පියවර ගැනීම ආදිය ඇතුළු මෙම සංශෝධන තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් ස්ථාපිත වෙනවා. එමෙන්ම කාන්තා නියෝජනය සියයට 25ක් වීමත් සිදුවෙනවා.’’පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා‘‘මමත් ආණ්ඩුවෙන් ඉවත් වන බව මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මම එවැනි තීරණයක් ගෙන හෝ කවුරුත් සමඟ සාකච්ඡා කර හෝ නැහැ. අපි ඉදිරි මැතිවරණවලදීත් ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනවා.’’උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා -උතුරු මැද පළාත් සභාවේ සිටි සභාපතිවරයා පත්කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය විසිනුයි. 2012 සැප්තැම්බර් මාසයේ පළාත් සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේ අපේ පක්‍ෂයෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා සිටියදී ටී.එම්.ආර් සිරිපාල මහතාගේ නම එක්සත් ජාතික පක්‍ෂය යෝජනා කළා. එතුමා ශ්‍රී.ල.නි.පයේ වුවත් සභාපතිකමට පත්වුණේ එ.ජා.පයේ යෝජනාවක් අනුවයි. එ.ජා.පය හා එතුමා අතර එකඟතාවක් තිබුණත් එය කඩකරන නිසා 2014දීත් විශ්වාසභංගයක් ගෙනාවා. එදා විවෘත ඡන්දයක් පැවැත්වූ නිසා බියට සමහරු ඡන්දය සභාපතිවරයාට පක්‍ෂව ලබාදුන්නා. එදා රහස් ඡන්දයකට ගියා නම් ඔය සභාපතිවරයා ඉවත් කෙරෙන්නේ 2014 වසරේදීයි.දැන් යළිත් විශ්වාසභංගයක් ආ අවස්ථාවේ සභාපතිවරයා එය ප‍්‍රතික්‍ෂ්ප කළා. එය න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරගත්තේ ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මතයි. එදා න්‍යායපත‍්‍රයට ඇතුල් කළ විටත් මේ යෝජනාව මගහරින්න උත්සාහ කළා. ඒ අවස්ථාවේයි කලබගෑනියක් ඇතිවුණේ. සභාව කල්දමන්න යද්දීත් එ.ජා.පය විරුද්ධ වුණා. ඉන්පසු ඒකාබද්ධයේ අය මැදිහත් වී ගැටුමක් ඇතිවුණා. සෙංකෝලය පවා කැඞීගියා. සභාව කල්තබා පටන් ගන්න යද්දී ඒකාබද්ධයේ අය සෙංකෝලය තමන් භාරයේ ර`දවා ගත්තා.ඉන්පසු පොලීසියේත් සහය ඇතිව සෙංකෝලය ලබාගෙන සභාව ආරම්භ කළා. ආණ්ඩු පක්‍ෂයේ කිසිවෙක් විශ්වාසභංගයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළෙත් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ අය මොනවා කීවත් කවුරුත් විරුද්ධ වුණේ නැහැ. නව සභාපතිවරයෙක් පත්කරන්න නාම යෝජනා ඉදිරිපත් වූ පසුවත් මෙයට විරුද්ධ බව කීවේ සේමසිංහ මන්ත‍්‍රීතුමා පමණයි. කවුරුත් වෙනත් නමක් යෝජනා කළේ හෝ රහස් ඡුන්දයක් ඉල්ලූවේ නැහැ. ඒ කිසිවක් නොකර සමහරු ආණ්ඩුවට චෝදනා කරනවා.එදා පක්‍ෂයේ තීන්දුව ක‍්‍රියාත්මක නොකර එ.ජා.පයේ නියෝජිතයා ලෙස සභාපතිධුරයට පත්වීම ගැන සභාපතිතුමාට විරුද්ධව මහින්ද රාජපක්‍ෂ මහතා විනය පරීක්‍ෂණයක් හෝ පැවැත්වූවේ නැහැ. එදා වැරදි නොදැකපු අය අද වැරදි දකිනවා. අද එතුමා වෙනුවෙන් ඉන්න අයම එදා විවේචන කළා. අද ඔවුන් කතා කරන්නේ එදා හිටියේ නැහැ වගේයි. එදා එ.ජා.පය පත් කළ කෙනා අද එ.ජා.පය විසින්ම විශ්වාස භංගයක් ගෙනත් ඉවත් කළා.ඒකාබද්ධයේ කණ්ඩායමට තම සාමාජිකයා ආරක්‍ෂා කරගැනීමේ සැලැස්මක් තිබුණේ නැහැ. කලබල ඇතිකිරීම පමණයි අදහස වී තිබුණේ. බුද්ධිමත් තීන්දුවක් ගත යුතු බව මා කීවත් ඒ දේ ඇසුවේ නැහැ. අපි අපේ පක්‍ෂය ලෙස අපේ කටයුතු කරගෙන යනවා. අපි එ.ජා.පයට උදව් කරන බව ඒකාබද්ධයේ අය කීවත් අපි එසේ කර නැහැ. ඒත් එකඟතාවයක් අනුව කටයුතු කරනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය-පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි වන්නේ කුමන කාලයේදීද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා-පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු මැතිවරණය පැවැත්වීමට දින 55ක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.ප‍්‍රශ්නය-නව සංශෝධන තුළින් කාන්තා නියෝජනය අඩුවීමක් සිදුවෙනවාද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා -නැහැ. සියයට 25ක කාන්තා නියෝජනය ආරක්‍ෂා කරගැනීම සඳහා අපි සියලූ දෙනා පෙනී සිටිනවා.ප‍්‍රශ්නය -ආණ්ඩුවෙන් යන බව ඇතැම් නියෝජ්‍ය ඇමැතිවරු ප‍්‍රකාශ කර තිබෙනවා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -කවුරුත් යන්නේ නැහැ. ගියොත් බලමු. අපි තීන්දුවත් ගන්නේ දෙසැම්බර් මාසයේ. මෙතෙක් නිල වශයෙන් කිසිම තීන්දුවක් ගෙන නැහැ.ප‍්‍රශ්නය -ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? හංසයා ලකුණින් තරග කරන බලාපොරොත්තුවක් තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -අපි අපේක්‍ෂකයින් තේරුවේ මාස ගණනකට පෙරයි. මෙයට මුහුණදීම සම්බන්ධයෙන් අපේ පක්‍ෂයට අසීරුවක් නැහැ. අපි පක්‍ෂයක් ලෙස මැතිවරණයට අත ලකුණින් ඉදිරිපත් වෙනවා. මේ වන විටත් අපේ පක්‍ෂය සමඟ පක්‍ෂ රාශියක් සන්ධානගත වී සිටිනවා. අනුබද්ධ සංවිධාන තිබෙනවා. සන්ධානගත වීමේදී ඒ අයගේ ඉල්ලීම මත ඉතිහාසයේදී මෙන් වෙනත් ලාංඡනයක් ගැන සාකච්ඡා කරන්න වෙන්නත් පුළුවන්. නමුත් දැනට අපි තීරණය කර තිබෙන්නේ අත ලකුණින් තරඟ කරන්නයි. කෙසේ වෙතත් හංසයා ලකුණින් තරඟ කරන්න කිසිම බලාපොරොත්තුවක් අපිට නැහැ. එහිදී එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය වෙනමයි තරඟ කරන්නේ.ප‍්‍රශ්නය-66 වැනි සංවත්සර උළෙලට ඒකාබද්ධ විපක්‍ෂයේ අයටත් ආරාධනා කරනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-පක්‍ෂය නියෝජනය කරන සියලූ අයට අවසාන වතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාමත් ආරාධනා කළාට එන්නේ නැත්නම් එයින් පෙනෙන්නේ සම්බන්ධය පවත්වා ගැනීමට අකමැති බවයි. නමුත් කිසිම බෙදීමක් නොකරන ලෙස ජනාධිපතිතුමාත් උපදෙස් දී තිබෙනවා. ඒ අනුව 66 වැනි සංවත්සරයටත් සියලූ දෙනාට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා.ප‍්‍රශ්නය-ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ලේකම්වරයා බබෙක් කියා ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිතුමා ප‍්‍රකාශ කළා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ශ්‍රී.ල.නි.පය විනයක් ඇති පක්‍ෂයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ දරුවා පවා පක්‍ෂයෙන් ඉවත් කළ අවස්ථා තිබෙනවා. පසුගිය වකවානුවේ පක්‍ෂයේ විනය කඩකිරීම් අප දැක්කා. නමුත් පක්‍ෂයේ ලේකම්වරයා ලෙස මම විනය ආරක්‍ෂා කළ යුතුයි. ඒත් අප ඉදිරියේදී පක්‍ෂයේ විනය තදින් ක‍්‍රියාත්මක කළ යුතුයි. පක්‍ෂය නිවැරදි විය යුතුයි. අනාගතයේදී අපේ පක්‍ෂය විශ්වාසනීය පක්‍ෂයක් බවට පත්කිරීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවයි. ඒ නිසා අප ඉදිරියේදී පක්‍ෂයේ විනය සම්බන්ධව කටයුතු කරනවා. විනය කැඩුණු තැනක් ගැන දැන් කතා කරන්න මම කැමති නැහැ.ප‍්‍රශ්නය-මේ වන විට එවැනි විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී තිබෙනවා. එතුමා පක්‍ෂයේ විනය කැඩෙන ආකාරයේ ප‍්‍රකාශයක් රූපවාහිනී නාලිකාවකදී ප‍්‍රකාශ කිරීම ගැන දැන් කටයුතු කරගෙන යනවා. මේ පරීක්‍ෂණය අවසානයේ ඉදිරියේ තීන්දුවක් දීමට නියමිතයි. අද එදා මෙන් නොව තීන්දු ගන්නේ සාධාරණ ලෙසයි. ඒ අයටත් හේතු ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. කඩිනම් තීන්දු ගැනීමට වඩා සාධාරණ තීන්දු ගැනීමයි වැදගත් වෙන්නේ. පක්‍ෂය තීන්දුවක් ගත්විට ඒ අයගේ මන්ත‍්‍රීකම අහෝසි වෙන්නේ නැහැ. ඒ අයටත් අධිකරණය ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. පක්‍ෂයේ කෙනෙක් විනය කඩකළොත් අවසන් ප‍්‍රතිඵලය මන්ත‍්‍රීධූරය අහිමිවීමයි. අපි ඒ සඳහා නීතිය අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසා යම් කාලයක් යනවා. අපි රටට වගේම පක්‍ෂයටත් යහපාලනය පුරුදු කර තිබෙනවා.ප‍්‍රශ්නය-18 දෙනෙක් ඉවතට යන්නේ පක්‍ෂයේ 95 දෙනා ලෙස එක්වීමට බව බස්නාහිර ප‍්‍රධාන අමාත්‍යවරයා කියා තිබුණා. ඒකාබද්ධයේ අය කියන්නේ අගමැතිතුමා වෙනස් විය යුතු බවයි. ඔබ දෙපිරිස එක්වුණොත් අගමැතිතුමාට මොකද වෙන්නේ.අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා වෙනස් කිරීම ගැන අපි කිසිම සාකච්ඡාවක් පවත්වා නැහැ. කරන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. අපි මේ එකඟතාව ඇතිකරගත්තේ රටේ යහපත වෙනුවෙන් මිස පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් නෙවෙයි. මෙයින් අපි ශක්තිමත් කළේ පුද්ගලයින් නෙවෙයි. රටේ වෙනසකුයි ඇති කළේ. තනතුරු නැති වූ අය තමන්ට තනතුරු ගන්න හදනවා. ඒත් කළ යුත්තේ එය නෙවෙයි. අපි අතර මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේත් ප‍්‍රශ්න ඇති බව රොෂාන් රණසිංහ මහතාගේ තීන්දුවෙන් පෙනෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේත් ප‍්‍රශ්න තිබෙනවා. අනෙක් පක්‍ෂවලත් එහෙමයි.ප‍්‍රශ්නය -උතුරු මැද පළාත් සභාවේ ඇති වූ සිද්ධිය ගැන පක්‍ෂයෙන් පරීක්‍ෂණයක් කරන්නේ නැද්ද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -මෙය පරීක්‍ෂණයක් කළ යුතු දෙයක් නෙවෙයි. මෙය 2012 සිට ආ තත්ත්වයක් ගැන පැහැදිලි වුණා. විශ්වාසභංගයක් ගෙනාවා නම් එයට ඉඩදිය යුතුව තිබුණා. යහපාලනය කියන්නේ එයටයි. සෙංකෝලය උස්සා කෑ ගහන්න අවශ්‍ය නැහැ. අන් අය යහපාලනයට විරුද්ධව තක්කඩිකම් කරන විට එයට උදව් කිරීමත් යහපාලනය නෙවෙයි. තක්කඩිකම්වලට පිළිතුරු දීමත් සිදුවිය යුතුයි. මෙහි වූ දේ අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ජනතාව හොඳින් දන්නවා.බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ඇතුළු පළාත් මැති ඇමැතිවරු පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
‘‘චීනයේ ගමන ලංකාවටත් හොඳ ආදර්ශයක්‘‘
0
hp_train_0369
(යොහාන් භාසුර)සහල් මිල නැවතත් රුපියල් 10 සිට 30 දක්වා ගණනකින් ඉහළ දැමීමට පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ.කීරි සම්බා සහල් කිලෝවක් තවත් රුපියල් 30 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් තවත් රුපියල් 10 කින් ද, ඉහළ දැමූ බව ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගමක නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (28) පස්වරුවේ පැවසීය.ආසන්තම මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා සහල් කිලෝවක නව සිල්ලර මිල රුපියල් 225 ක් ද, සම්බා සහල් කිලෝවක නව මිල රුපියල් 165 ක් ද, නාඩු සහල් කිලෝවක නව මිල රුපියල් 140 ක් ද, වන බව ඔහු සඳහන් කළේය.මෙම දෙවැනි මිල ඉහළ දැමීමත් සමඟ මාසයක් තුළ කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 60 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 25 කින් ද, ඉහළ දැමීමට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෝ කටයුතු කළහ.සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් ද රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ සුදු කැකුළු කිලෝවක නව මිල රුපියල් 125 ක් ද, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 ක් ද, බවට පත්ව ඇති බව වෙළෙන්දෝ පවසති.රජය සහල් පාලන මිල පසුගිය සැප්තැම්බර් මස 27 වැනිදා රාත්‍රී ඉවත්කිරීමෙන් පසුව පොළොන්නරුව මහා පරිමාණ සහල් නිෂ්පාදකයෝ මාධ්‍ය හමුවක් කැඳවමින් නාඩු කිලෝවක් රුපියල් 115 කට, සම්බා කිලෝවක් රුපියල් 140 කට සහ කිරී සම්බා කිලෝවක් රුපියල් 165 කට අළෙවි කරන බව සැප්තැම්බර් 28 වැනිදා පැවසූහ.ඉන් පසුව මේ මස 18 වැනිදා කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 15 කින් ද, ඉහළ දැමීමට ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් කටයුතු කළ අතර ඒ අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 195 ක් ද, සම්බා කිලෝවක මිල රුපියල් 155 ක් ද, නාඩු සහල් කිලෝවක නව මිල රුපියල් 130 ක් ද, බවට පත්විය.ප්‍රධාන සුපිරි වෙළෙඳසළකින් අද පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ කිරී සම්බා කිලෝවක් රුපියල් 195 කට ද, සම්බා කිලෝවක් රුපියල් 140 කට ද, නාඩු කිලෝවක් රුපියල් 125 කට ද, අළෙවි කරන බවයි.ලංකා සතොසින් පුද්ගලයකුට වරකට නාඩු සහල් කිලෝ තුනක් පමණක් කිලෝවක් රුපියල් 98 බැගින් මිලදී ගත හැකි බවත් සුදු සහ රතුළු කැකුළු සහල් කිලෝවක් රුපියල් 95 බැගින් මිලදී ගත හැකි බවත් ලංකා සතොස නිලධාරියකු අද පස්වරුවේ කීය.සිල්ලර වෙළෙදුන් පවසන්නේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සහල් මිල වැඩි කරමින් වෙළෙඳපොලට නිකුත් කරන බවත් වෙළෙදුන්ට රුපියල් 5 ක ලාභයක් පමණක් ලබාදෙන බවයි.
සහල් මිල ඉහළට
0
hp_train_0370
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 915 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 22 දෙනෙකු වාර්තා වී ඇත.කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 524 ක් වේ. මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 382 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 649 දක්වා ඉහළට
0
hp_train_0371
ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වලට  සවස 2.00 න් පසුව ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එය මිලිමීටර් ‍50 ට වැඩි විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 05/05/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35259050සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව34279060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.කොළඹ34279065උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි .ගාල්ල33279075උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි .යාපනය37287555වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර33239560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.නුවරඑළිය24109565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.රත්නපුරය35259560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය36268565ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම34268565සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.                        
‘හෙටත් ගිගුරුම් සහිත වැසි‘
1
hp_train_0372
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී  හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 
අද වහින පළාත් මෙන්න
0
hp_train_0373
 මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(01) පස්වරු 6.30 වනවිට ආසාදිතයන් 193දෙනෙකු එකතු වී තිබේ.නිරෝධායන මධ්‍යස්ථානවලින් 6දෙනෙකු සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයන් 187දෙනෙකු ඊට අයත් ය.මේ දක්වා එම පොකුරේ ආසාදිතයන් ගණන 7185ක් වන අතර, අද දිනයේදී හඳුනාගත් පිරිස සමඟ 7378 දක්වා ඉහළ ගොස් ඇත. 
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 314 ක්
0
hp_train_0374
(හර්ෂණ තුෂාර සිල්වා)ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක සම අනුග්‍රහාකත්වයෙන් ඉදිරිපත් වූ යෝජනාව අද (21) ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. ශ්‍රී ලංකාව ද ඇතුළුව බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මොන්ටෙනීග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ උතුරු අයර්ලන්තය යන රටවල් එම යෝජනාවේ සම අනුග්‍රහකත්වය දැරීය.ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීම යනුවෙන් නම් කර ඇති වාර්තාව එලෙස සම්මත විය. සම්මත වූ එම යෝජනාවෙන් 2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ 30/1 යෝජනාවේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට වසර දෙකක් ලබා දී ඇත.  ඒ අනුව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව අත්පත් කරගන්නා ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර 46 වැනි සැසිවාරයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සිය නිල වාර්තාව පෙරේදා (20) මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ඉදිරිපත් කළාය. 
මානව හිමිකම් සැසිවාරයට ලංකාව පිළිබඳ ඉදිරිපත් වූ යෝජනා සම්මත වෙයි
1
hp_train_0375
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පවතින බව එම ප්‍රකාශකයා කීවේය. 
පළාත් රැසකට අද පස්වරුවේ වැසි
1
hp_train_0376
(එස්. ඩි.කොඩිකාර සහ එන් .කේ ඉන්ද්‍රවංශ)කනංකේ ගල්ලල ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය වල්ලපට්ටා තෙල් සිඳීමේ ස්ථානයක් වටලා වල්ලපට්ට කැබලි 157 ක් , වල්ලාපට්ටා කුඩු කිලෝ 58 ක් සහ  ඒ සඳහා යොදාගත් උපකරණ තොගයක් ඇතුළු සැකකරුවෙකු අද (14)  අත්අඩංගුවට ගත් බව අකුරැස්ස අඩවි වන කාර්යාලය පවසයිඅත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු බව අඩවිවන කාර්යාලය සඳහන් කරයි.අඩවි වන කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර මෙහිදී තෙල් සිඳීමට යොදා ගන්නා මෙරට නිෂ්පාදිත සුදු යකඩ බොයිලේරු දෙකක් ,ගෑස් සිලින්ඩර දෙකක්, ගෑස් ලිප් දෙකක් ඇතුළු පෙරුම් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.කාලාන්තරයක් තිස්සේ  සැකකරු මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර වන රක්ෂිතයක් ආසන්නයේ මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට වැටලීම සිදු කළ අඩවි වන නිලධාරී කාර්යාලය උසස් නිලධාරියෙකු පැවසීය.අත්අඩංගුවට ගත් සැකකරු ඇප බැඳුම් කරයක් මත නිදහස් කර ඇති අතර ඉදිරි දිනකදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර  සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස අඩවි වන කාර්යාලය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  
වල්ලාපට්ටා තෙල් සිඳීමේ ස්ථානයක් වටලයි
1
hp_train_0377
(ක.ග.කරුණාරත්න) හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අද(14) පැවති මාසික රැස්වීමේදී 2020 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 21කින් සභාසම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 2ක් ලැබිණි. ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විපක්ෂව ඡන්දය දුන්හ.හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්.උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී රැස්වීම ආරම්භ විය. ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය කෙටුම්පත සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය. ප්‍රාද්ශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 8දෙනා අයවැය කෙටුම්පත සඳහා ජන්දය විමසීමට පෙර රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ. අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවේදී  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 10 දෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13දෙනා එක්ව අයවැයට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කළහ. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය 33 කින් සමන්විතය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර 13 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙයේ මන්ත්‍රී ධූර 10 ක්, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී ධූර 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධූර 2ක් වශයෙනි.
ඉඹුල්පේ ප්‍රා.සබේත් අයවැය වැඩි ඡන්දෙන් සම්මතයි
0
hp_train_0378
උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30249575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව29259580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30259070වැසි වාර කිහිපයක්ගාල්ල29249580වැසි වාර කිහිපයක්යාපනය29249585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර28219585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19149585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30249580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29259075සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘ඉදිරි දින කීපයේ ශ්‍රී ලංකාවට තද වැසි‘
0
hp_train_0379
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2022 SLIM-KANTAR ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 16 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමයට හිමි සම්මානයෙන් සිංගර් පිදුම් ලැබීය.එමෙන්ම සිංගර්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පාරිභෝගික භාණ්ඩ සිල්ලර වෙළෙඳ ජාලය ලෙස සිය ස්ථාවරය යළි තහවුරු කරමින් “පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ජනප්‍රියතම වෙළඳ නාමයට” හිමි සම්මානය ද දිනා ගැනීම සුවිශේෂී වේ. තවද යෞවනේ ජනප්‍රියතම වෙළඳ නාමයට හිමි සම්මානය සිංගර් දිනා ගැනීම පිටුපස තිබෙන ප්‍රධාන බලවේග ලෙස වර්තමාන වෙළෙඳපොළට වඩාත් උචිත නවෝත්පාදන හා නව්‍ය අලෙවිකරණ සහ සන්නිවේදන උපායමාර්ග භාවිතය ලෙස හැඳින්විය හැකි යැයි එම සමාගම සඳහන් කරයි.මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පවසා සිටියේය. 2022 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 16 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමයට හිමි සම්මානය ඇතුළුව සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගැනීමට සිංගර් සමාගමට හැකිවීම විශාල ගෞරවයක්. වසර 16 ක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමයට හිමි කිරුළ රැක ගැනීමට හැකි වීම මගින් පැහැදිලි වන්නේ අපේ රටේ ජනතාව සිංගර් කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසයයි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට තත්ත්වයෙන් සහ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අපගේ සියලු‍ම සේවා කණ්ඩායම් ඉතාම කැපවීමෙන් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සම්මාන ජයග්‍රහණය මා හැඳින්වීමට කැමතියි. මෙම සුවිශේෂී ජයග්‍රහණයේ පූර්ණ ගෞරවය අපගේ සියලු‍ම සේවක මණ්ඩලයටත් අප හා අත්වැල් බැඳගෙන සිටින වටිනා පාරිභෝගිකයන් හට මා පුදකර සිටිනවා.”-සටහන- චමින්ද මුණසිංහ
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමය සිංගර්
1
hp_train_0380
 (ජුඩ් සමන්ත)හලාවත - ආණමඩුව මාර්ගයේ එළිවිටිය මංසන්ධියේදී  අද (25) අලුයම සිදුවී ඇති අනතුරකින් 10 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව හලාවත පොලීසිය කියයි.යතුරු පැදි තුනක්, ත්‍රී රෝද රථයක් සහ මෝටර් රථයක් (කාර්) එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.අනතුරින් තුවාල ලබා සිටි අය හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතල තත්ත්වයේ පසුවූ එක් අයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.එළිවිටිය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අවසන් වී ආපසු යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය කියයි.හලාවත පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
යතුරුපැදි-ලොරි අනතුරින් ගායකයෙක් මරුට
0
hp_train_0381
උප්පුරල් ප්‍රදේශයේදී  ගිනි අවියක්, ගිනිපෙට්ට් 47 ක් සහ ඊයම් බෝල053 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.පාමුර සංචාරයක නිරතව සිටියදී සැක කටයුතු පුද්ගලයෙකු සෝදිසි කිරීමට ලක් කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයා, ගිනි අවිය, ගිනි පෙට්ටි සහ ඊයම් බෝල ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුනුවර, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මොහු අත්අඩංගුවට ගන ඇත.(36698) 
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
1
hp_train_0382
(ඩයනා උදයංගනී)කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 11ක් ඊයේ (4) දිනයේදී වාර්තා වී ඇත.ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 720කි.කෝන්ගහවෙල පදිංචි 33 හැවිරිදි කාන්තාවක්, දියතලා‍වේ 84 හැවිරිදි පිරිමි අයෙක්, මාළඹේ 94 හැවිරිදි කාන්තාවක්, මහරගම පදිංචි 62 හැවිරිදි පිරි‍මි‍ අයෙක්, අරණායක 68 හැවිරිදි පිරිමි අයෙක්, වල්ගම්මුල්ල ප්‍රදේශයේ 74 හැවිරිදි කාන්තාවක්, වේයන්ගොඩ ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, දඞපොත ප්‍රදේශයේ 49 හැවිරිදි කාන්තාවක්, මොරටුව ප්‍රදේශයේ 82 හැවිරිදි පිරිමි අයෙක්, කුරුණෑගල 64 හැවිරිදි පිරිමි අයෙක් සහ වස්කඩුව ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත. 
කොරෝනා මරණ තව 11ක්
1
hp_train_0383
මවුපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් මෙන්ම දරුවන්ගේ ආරක්ෂාවට ඇති ස්ථානවලදීත් දරුවන්ට කරදර සිදුවෙනවා නම්, දරුවන් ගැන කීමට ඇත්තේ දෙවියන්ට පමණක් නොවන බවත්, සියලු දෙනා දෙවියන් මෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවැසීය. දරුවන් පීඩාවට, හිරිහැරවලට ලක්වන ප්‍රධානම ස්ථානය නිවෙස සහ මව්පියන් අතරේ  පවතින බවත් ජනාධිපතිවරයා මව්පියන්ගේ අනවබෝධය, නූගත්කම සහ මත්ද්‍රව්‍ය එවැනි ප්‍රශ්නවලට මුල් වන බවත් කීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවැසුවේ කිලිනොච්චිය මධ්‍ය මහ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව අමතමිනි. ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය. “කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දී ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ විශේෂ අවස්ථාවට ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. බොහෝ වේලාවට උත්සවයකට පැමිණි විට ජනාධිපතිවරයා කතා කරන්නේ අන්තිමට. නමුත් මෙහි විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා මුලින්ම කතා කිරීමයි. මා ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ ප්‍රධාන වගකීම දැරීම ඊට හේතුවයි. අපේ අම්මලා තාත්තලා අපිට කියන්නේ දරුවෝ කියලා. එසේ බැලූ විට අපි හැමෝම දරුවෝ. නමුත් ‘දරුවන් සුරකිමු’ මේ වැඩසටහනේ තිබෙන විශේෂත්වය සැබෑ ලෙසම දරුවන් විදියට හඳුන්වන වයස අවුරුදු 17න් පහළ සෑම කෙනෙක්ම මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණට එක්කර ගැනීමයි.  එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනය වශයෙන් දිනයක් නම් කර තිබෙන බව ඔබ දන්නවා. ලෝක ළමා දිනයේදී ලෝකයේ සියලුම රටවල් දරුවන් වෙනුවෙන් අවධානය යොමු කර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. දරුවන් සුරකිමු මේ වැඩසටහන ආරම්භ කිරීමට පෙර සිටම රජය, විවිධ අංශ, ආයතනවලින් දරුවන් වෙනුවෙන් වැඩසටහන්, ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරන බව ඔබ දන්නවා. අපි මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට අරමුණ කරගත්තේ ඇයි කියන කාරණාව මා පැහැදිලි කිරීම අවශ්‍යයි.  දරුවන් අද බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. එය අපේ රටේ පමණක් නොව, ලෝකයේ සියලුම රටවල්වල සිදු වෙනවා. නමුත් ආර්ථික වශයෙන් පහළ සංවර්ධනය අඩු රටවල්වල මේ ප්‍රශ්න වැඩියි. එමෙන්ම යුද්ධය පවතින සහ යුද්ධය පැවති රටවල්වල මේ ප්‍රශ්නය වැඩියි. දකුණු ආසියාතික රටවල්වල දරුවන්ට බොහෝ ප්‍රශ්න තිබෙනවා. දරුවන් මුලින්ම ප්‍රශ්නවලට මුල් වන ස්ථාන තමන්ගේ නිවෙසයි. දරුවන් හැදෙන්නේ මව්පියන් ඇසුරේ බව ඔබ දන්නවා. නමුත් ගෙවල්වල, පවුල්වල තිබෙන ආර්ථික ගැටලු නිසා දරුවන්ට යම් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනවා. සමහර වේලාවට මව්පියන් මත්ද්‍රව්‍ය භාවිතා කරලා ගෙදර සිටින දරුවන්ට හිරිහැර කරනවා. අවබෝධයෙන් අඩු දෙමව්පියන් තමන් කියන දේ කරන්නේ නැහැ කියා දරුවන්ට බොහෝ හිරිහැර කරනවා. ඉතාමත් කනගාටුවෙන් මේ දේ කිව යුතුයි. දරුවන් මව්පියන් අතින් අපචාරයට ලක් වූ අවස්ථා ඔබ මාධ්‍ය තුළ දකිනවා. එවැනි දේ ශීලාචාර, යහපත් සමාජයක කිසිසේත් අනුමත කළ නොහැකියි.  දරුවන් පීඩාවට, හිරිහැරවලට, කරදරවලට ලක්වන ප්‍රධානම ස්ථානය නිවෙස සහ මව්පියන් අතරේ බව මුලින්ම සඳහන් කළ යුතුයි. මව්පියන්ට තිබෙන අනවබෝධය, නූගත්කම, මත්ද්‍රව්‍ය බොහෝ වේලාවට එවැනි ප්‍රශ්නවලට මුල් වෙනවා. දරුවාට ආරක්ෂිත ස්ථානය නිවෙස බවට පත්කිරීමට අපි සෑම කෙනකුම කටයුතු කළ යුතුයි.  දරුවා පාසලට ගිය විටත් දරුවාගේ සුරක්ෂිතභාව පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. පාසලේදී දරුවන් අතරේ ඇති වන ප්‍රශ්නවලදී දරුවන් හිරිහැරවලට ලක් වෙනවා. සමහර අවස්ථාවලදී උගත් ගුරුවරුන්ගෙනුත් දරුවන්ට නොයෙකුත් හිරිහැර, කරදර සිදුවෙනවා. ඉන් මා අදහස් කරන්නේ දරුවකු වරදක් සිදු කළ විට ගුරුවරයෙක් සාමාන්‍ය දඬුවමක් දීම නොවේ. පාසලක දරුවෝ දහස් ගණන් සිටිනවා. ගෙදරක සිටින්නේ දරුවන් එක්කෙනයි, දෙන්නයි, තුන්දෙනයි. අම්මටයි තාත්තටයි දරුවෝ ටික හදා ගන්න තිබෙන අමාරුව ඔවුන් දන්නවා. එසේ නම් දරුවෝ සිය ගණනක්, දහස් ගාණක් සිටින පාසලක දරුවෝ බලාගන්න ගුරු මහත්ම මහත්මීන්ට කොතරම් අසීරු ද කියා අපි සිතිය යුතුයි. මගේ අදහස නම් පාසලක විනය පවත්වා ගැනීමට වරදක් සිදු කළ විට පාසල් ශිෂ්‍යයකුට පුංචි දඬුවමක්, අවවාදයක් දීම වරදක් නොවේ.  මව්පියන් වගේම ගුරු මහත්ම මහත්මීන් විසිනුත් දරුවන්ට බරපතළ දඬුවම් දීම, වධ හිංසා කිරීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ. සමහර වේලාවට පවුල්වල දරුවන් තුන් දෙනෙක් සිටිනවා නම් ඒ දරුවන් තුන් දෙනාට තුන් විදියට සලකන මව්පියන් සිටිනවා. එමෙන්ම පාසලේත් සමහර ගුරුවරුන් දරුවන්ට විවිධ අයුරින් සලකනවා. සමහර දරුවන්ට හොඳට සලකනවා. හොඳට බලාගන්නවා. සමහර දරුවෝ ගැන බලන්නේ නැහැ. සලකන්නේ නැහැ. කොන් කරනවා. සමහර දරුවෝ ගැන අවධානය අඩුයි.  පන්තියේ සිටින හොඳට විභාගය සමත් වන හොඳට ලකුණු ගන්නා දරුවන් වගේම විභාගය දුර්වල දරුවා ගැනත් ගුරුවරුන් සියලු දෙනාම එක වගේ බැලිය යුතුයි. විෂයන්වලට දුර්වල දරුවා ගැනත් හැම වෙලේම ගුරු මහත්ම මහත්මීන් එක වගේ බලන්න ඕනෑ. ඒ වගේම දරුවා සමාජයට ගියාම ඇතිවන ප්‍රශ්න පිළිබඳවත් ඔබ බොහෝ දුරට දන්නවා. සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවාවල ගමන් බිමන් යන, දරුවන්ට මොන තරම් හිරිහැර සිදුවෙනවා ද කියලා ඔබ දන්නවා. ඒ නිසා අපි දරුවන්ට වන හිරිහැර පිළිබඳවත් අපේ අවධානය යොමු විය යුතු වෙනවා.  ඒ වගේම ඔබ දන්නවා මාපියන් විදේශගත වීම් නිසා දරුවන්ට බොහෝ ප්‍රශ්න මතු වී තිබෙනවා. ඒ වගේම අපි දකිනවා සමහර මාපියන් දරුවන් අත්හැරලා දානවා. සමහර මව්වරුන් දරුවන් ලැබුණු ගමන් හොරෙන් පාරක දාලා එනවා. මේ සියලු දේවල් දරුවන්ට ඇතිවන ප්‍රශ්න.  ඔබ දන්නවා අපේ රටේ යුද්ධයක් තිබුණා. යුද්ධයක් පවතින ඕනෑම රටක දරුවන්ට දැඩි මානසික පීඩා සිදුවෙනවා. යුද අර්බුදයක් පවතින විට සැමවිටම කරදරයට පත්වන්නේ දරුවන්. එහිදී දරුවන්ට මාපියන් අහිමි වෙනවා. දරුවන් බලාගන්න කෙනෙක් නැතිවෙනවා. මෙවැනි ඉතාමත් අනුවේදනීය වූ කටුක අත්දැකීමක් අපි හැම කෙනකුටම තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව, පරිවාස දෙපාර්තමේන්තුව වෙත දරුවන් පිළිබඳ පවතින ප්‍රශ්න ගැන පැමිණිලි එනවා. ඒ වගේම සමාජයේ ආබාධිත දරුවන් පිරිසක් ඉන්නවා. ආබාධිත දරුවන් ගැන විශේෂ වැඩසටහන්වල අවශ්‍යතාව අපි දකිනවා. ඒ වගේම රෝගී දරුවන් බොහොමයක් ඉන්නවා. ඒ නිසා මේ සියලු දේවල් ගැන අවධානය යොමු කරලයි දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ආරම්භ කළේ.  මේ වැඩසටහනට අපි අමාත්‍යාංශ, පළාත් සභා, ළමා ආරක්ෂක අධිකාරිය වැනි සියලු අංශ එකතු කරගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමයින් පිළිබඳ ළමා ප්‍රඥප්තියක් ආරම්භ කරලා තිබෙනවා. ඒ ළමා ප්‍රඥප්තිය අනුව අපි සෑම කෙනෙක්ම කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව, සුරක්ෂිතභාවය, මේ සෑම දෙයක් පිළිබඳව වගකීමකින් රජයක් ලෙස කටයුතු කළ යුතුයි. ළමයින්ගේ ආරක්ෂාව සඳහා වෙනම ස්ථාන තිබෙනවා. ඇතැම් වෙලාවට එම ස්ථානවලදීත් ළමයින්ට කරදර ඇතිවෙනවා.  මවුපියන්ගෙන් දරුවන්ට කරදර සිදුවෙනවා නම්, ගුරුවරුන්ගෙන් දරුවන්ට කරදර සිදුවෙනවා නම්, ළමයින්ගේ ආරක්ෂාවට තිබෙන ස්ථානවලදී කරදර සිදුවෙනවා නම්, ළමයින්ගේ ආරක්ෂාව සලසන ආයතනවලදීත් කරදර සිදුවෙනවා නම්, එහෙම නම් දරුවන් ගැන කියන්න වෙන්නේ දෙවියන්ට විතර ද? නැහැ අපි සැවොම දෙවියන් මෙන් දරුවන් ආරක්ෂා කරගත යුතුයි.  පසුගිය දිනක ඉන්දියාවේ කනගාටුදායක සිදුවීමක් සිදුවුණා. දරුවාගේ වයස අවුරුදු 9 යි. ඒ දරුවා සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසියට ගියා. එහිදී පොලිස් නිලධාරීන් අතින් විනාශයට පත්වුණා. ඒ සිදුවීම පිළිබඳ මුළු ඉන්දියාවේම කලබලයක් ඇතිවුණා. එවැනි සිද්ධීන් පිළිබඳව ද අපේ රටේ වාර්තා නැතිවාම නොවේ. ඒ නිසා ලෝකයේ සෑම රටකම මෙවැනි ප්‍රශ්න තිබෙනවා.  ඒ සියලු අංශයන් කෙරෙහිම අවධානය යොමු කරලා අපි මේ ජාතික වැඩසටහන හැදුවේ. මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ දරුවන්ගේ ආරක්ෂාව සැලසීමයි. සෑම දරුවකුගේම අධ්‍යාපනය, සෞඛ්‍ය තත්ත්වය, භාරකාරත්වය, ආරක්ෂාව, සියලු අංශ මෙම වැඩසටහනට අයත් වෙනවා. මේ වැඩසටහන දිස්ත්‍රික්ක ගණනාවක මේ වනවිට ක්‍රියාත්මකයි. මේ සඳහා අපට සහාය දුන් සියලුම ආයතනවලට අපි ස්තුතිය පළ කරනවා. පොලිසිය, සෞඛ්‍ය සේවාව, කාන්තා හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සියලු දෙනාම සහාය දීම ගැන ස්තුති වන්ත වෙනවා. අපි සියලු දෙනාම දරුවන්ගේ ආරක්ෂාව හා අනාගතය වෙනුවෙන් කැපවෙමු කියලා මා ඉල්ලා සිටිනවා.”  ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් යන මහත්වරු ද සහභාගී වූහ. (මඩුකන්ද සිතුම් චතුරංග කිලිනොච්චියේ සිට)
දරුවන් හැදෙන්න කලින් වැඩිහිටියන් හැදෙන්න
0
hp_train_0384
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)බස් රථයෙන් බසින අවස්ථාවේ දී සිය බිරිදගේ පය සරමේ පැටලී සරම බිමට වැටී පුද්ගලයෙකුට සිදු වූ ජංජාලයක් පිළිබඳ කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.කෑගල්ලේ තරමක් දුෂ්කර ග්‍රාමයක සිට කෑගල්ල බලා ඉකුත් සති අන්තයේ දිනක පෙරවරුවේ පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීම ආරම්භ කෙරිණ. ආරම්භ අවස්ථාවේදීම තරමක් වයෝවෘද්ධ යුවළක් බස් රථයට ගොඩ වූයේ කිලෝමීටර් හයක් පමණ ඈතින් පදිංචිව සිටින සිය දියණියගේ නිවස බලා යාමටය. බස් රථය කෑගල්ල නගරය බලා ගමන් ආරම්භ කෙරිණ.සති අන්තයේ දිනක් බැවින් කෑගල්ල නගරයේ පෞද්ගලික පංති වෙත යන එන දූ දරුවන්ගෙන් බස් රථය පිරෙන්නට විය. තරමක් වයෝවෘද්ධ යුවළ බස් රථයේ අසුන්ගෙන සිටියේ මැද හරියේය. ඔවුන් බසින ස්ථානය ටිකෙන් ටික ළංවෙමින් පැවතිණ. යුවළ මගීන්ගෙන් ඉඩකඩ ඉල්ලාගෙන පිටුපස දොර අසලට පැමිණියහ. බසින ස්ථානය ළං වීමත් සමගම වයෝවෘද්ධ කාන්තාව බස් රථයේ බෙල් එක වරක් නාද කළාය. බස් රථය ඊ ළඟ බස් නැවතුම්පොළේ නතර කෙරිණ. පාපුවරුවේ සිටි දරුවන් මෙන්ම වැඩිහිටියන් පිරිසක් ද කොන්දොස්තරවරයා විසින් බිමට බස්සවා වයෝවෘද්ධ යුවළට බස් රථයෙන් බැසීමට අවස්ථාව උදා කර දුන්නේය. පළමුව වයෝවෘද්ධ පියා බිමට බසිනවාත් සමගම පිටුපස සිටි වයෝවෘද්ධ කාන්තාව ද බසින අවස්ථාවේ දී සැමියා ඇඳ සිටි සරම බිරිඳගේ කකුලකින් පෑගිණ. වයෝවෘද්ධ පියාගේ සරම ගැටය ලෙහී බිමට වැටුණි. එම අවස්ථාවේ දී බිම සිටි අමතර පංති දරුවන් මෙන්ම බස් රථයේ සිටි ලොකු කුඩා සියලු දෙනාටම සිනා ගියේය. බිරිඳ සිය සැමියා දෙස ආපසු හැරී බලා ඇඳ සිටි චීත්තයේ පොටකින් මුහුණ වසාගෙන සිනාසෙන්නට විය. වයෝවෘද්ධ පියා කිසිවකු දෙස නොබලා වැටුණු සරම අතට ගෙන මුහුණත් වැසෙන අයුරින් සරම හිසේ දමාගෙන අතුරු මාර්ගය දිගේ දියණියගේ නිවස වෙත ඉදිරියට ගමන් කරන අයුරු දක්නට ලැබුණි.
බිරියගේ කකුල සැමියාගේ සරමේ පැටළී ජංජාලයක්
1
hp_train_0385
ශ්‍රී ලංකාවේ  නැගෙනහිර, උතුරු හා ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති වේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත්  ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.  ඇතැම්  ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්වයක් ඇති විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/02/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249065ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව30269070වැසි ස්වල්පයක්කොළඹ32239570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල31239070සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය33248060වැසි ස්වල්පයක්මහනුවර30209550ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය20119540ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය33239560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය32249060වැසි ස්වල්පයක්මන්නාරම33259055ප්‍රධාන වශයෙන් වැසි රහිත          අලුයම 5.30ට ශ්‍රී ලංකාවේ නැගෙනහිර හා ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇති වන බවත්  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම්  ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකිය.ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේ.කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ තැනින් තැන සවස 4.00 න් පසුව  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.  
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_0386
නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. ත්‍රිකුණාමලය සහ  බැක්බේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.  නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින්  කළ සෝදිසියකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වු බව නාවික හමුදාව සඳහන් කළේය.  ඔවුන් සතුව තිබී තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් සහ අල්ලන ලද මසුන් කිලෝ ග්‍රෑම් 43 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.    අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල, යාත්‍රාව, මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කර ඇත.(36698)
පලෙයි දූපත ආසන්නයේ නීතී විරෝධීව මසුන් ඇල්ලූ දෙදෙනකු අත්අඩංගුවට
0
hp_train_0387
ශ්‍රී ලංකන් ගුවන්  සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන ඊයේ (7) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නිම කළේය.ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අවසන් ගුවන් ගමන සිදුකරමින් දිවයිනට ලගා වු යානය කටුනායකදී ජල ප්‍රහාර විදිමින් ආචාර සමාචාර පවත්වමින් පිළිගත් අතර යානායේ සමුගැනීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් සමාගම චාම් උත්සවයක්ද  සංවිධානය කර තිබිණි. එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානාදිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහාආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල ඉතිහාසගත විය. මෙම අවසන් ගුවන් මෙහෙයුමෙන් පසු A340  ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට සමු දී නික්ම යනු ඇත.වර්ෂ 1994 සැප්තැම්බර් මස 1 වෙනි දා එයාර්බස් ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනය කළ අතිනවීන ගුවන් යානාවක් වූ A340 ගුවන් යානය ප්‍රථම වතාවට ජාතික ගුවන් සේවයට එක් වන ලදී. වසර 21 කාලයක් පුරා A340 ගුවන් යානා හතක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය සඳහා යොදාගනිමින්ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන යටතේ නවතම එයාර්බස්  330-300 ගුවන් යානා හතක් මෙම මෙහෙයුම් සදහා ගුවන් යානා ඇණියට එක්කිරීමට කටයුතු යොදා තිබේ.  මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාඅති නවීන ගුවන් මැදිරි වලින් සමන්විත වන අතර අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක්,උසස් තාක්ෂණික පහසුකම් සහ  WIFI සම්බන්ධතාවය අත්විඳීමේ අපහසුකමද පවතී. එසේම මෙහි ගුවන් මැදිරිවල  හාත්පස පැතිරුණු ආලෝකනය,සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත.ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “   පසුගිය දශක දෙක පුරා A340 ගුවන් යානා අපගේ ගුවන් ගමන් ජාල ව්‍යාප්තිය සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. මෙමගින් ජාතික ගුවන් සේවය නව වෙළෙඳපොලවල් වෙත ගෙන යාමටත්  සංචාරක පැමිණීම් තුළින් ජාතික ආර්ථිකය නංවාලීමටත් හැකිවී ඇත. කලාපීය තරගකාරී ගුවන් සේවා අභිබවාකටයුතු කිරීමටත් මෙම ගුවන් යානා කොළඹින් සහ එයින් පිටතට සිදුකරන නොනවතින සෘජු ගුවන් ගමන් සඳහා යොදා ගැනීමටත් මෙයින් හැකිවී ඇත. මෙමA340 ගුවන් යානා අප ගුවන්යානා ඇණියෙන් නික්ම ගියත් අපගේ නවතම A330-300 ගුවන් යානා මගින් නව ගමනක් යෑමටත් ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරය පිරි නවීන ගෝලීය ගුවන් සංචාර සැපයීමටත් හැකිවනු ඇති බව ද  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.මේ පිළිබඳව අදහස් දක්වමින්  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් ප්‍රධානී කපිතාන් රජීන් රණතුංග  මහතා සඳහන් කළේ මෙම A340 ගුවන් යානය දිගු දුර ගුවන් සඳහා  ගුවන් පැය විශාල ප්‍රමාණයක් පියාසර කර ඇති බැවින් එම යානාවන්ට විශ්‍රාම ලබා දීමට සිදුවීම පිළිබඳ ඉතා කණගාටුවන බවයි. නමුත් මේවන විටත් මගීන්ට සුව පහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නවතම එයාර්බස්  330-300 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් බල ඇණියට එක්කර තිබීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවද හෙතෙම පැවසීය.මෙලෙස ශ්‍රීලංකන් වෙතින් සමුගෙන යන A340 ගුවන් යානාව ශ්‍රී ලංකාවේ සවිල් ගුවන් සේවා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ ගුවන් යානාවකි. එනම් අති උතුම් ශුද්ධෝත්තම II ජුවාම් පාවුලු පාප් වහන්සේ සහ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේශ්‍රී ලංකාවට සැපැත් වූයේද මෙම ගුවන් යානයේ වන අතර ඊට අමතරව විදේශීය සම්භාවනීය පුද්ගලයින් රැසැක්ම මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඊට අමතරව 2004 වර්ෂයේ ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී ආධාර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය උපකාරී වී තිබේ.මෙම A340 ගුවන් යානා හඳුන්වාදීම සිදුවූයේ ඒවනතෙක් භාවිත කල  ද්විත්ව එන්ජින් සහිත ලොක්හීඩ්  L1011 ට්‍රයිස්ටාර් ගුවන් යානා සේවයෙන් ඉවත් කිරීමෙන් පසුවය. ඉන් අනතුරුව මෙම A340 ගුවන් යානා කොළඹ සිට ලන්ඩන් සහ ටෝකියෝ වෙත නොනවතින ඝෘජු ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී. A340 ගුවන් යානාවට ගුවන් සැතපුම් 13,000 ප්‍රමාණයක් පියාසර කරමින් මගීන් 300 ක් රැගෙන යාමේ පහසුකම තිබේ.කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා වැඩි දියුණු වන එන්ජින් තාක්ෂණයත් සමඟ එන්ජින් හතරක් සහිත ඉහළ ඉන්ධන පරිභෝජනය ඇතිA340 ගුවන් යානා වෙනුවට ද්විත්ව එන්ජින් වලින් සමන්විත වන ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ එයාර්බස්  330 ගුවන් යානා ප්‍රතිඇණිගත කරන ලදී.ශ්‍රී ලංකන් ගුවන්  සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන ඊයේ (7) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නිම කළේය.ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අවසන් ගුවන් ගමන සිදුකරමින් දිවයිනට ලගා වු යානය කටුනායකදී ජල ප්‍රහාර විදිමින් ආචාර සමාචාර පවත්වමින් පිළිගත් අතර යානායේ සමුගැනීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් සමාගම චාම් උත්සවයක්ද  සංවිධානය කර තිබිණි. එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානාදිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහාආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල ඉතිහාසගත විය. මෙම අවසන් ගුවන් මෙහෙයුමෙන් පසු A340  ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට සමු දී නික්ම යනු ඇත.වර්ෂ 1994 සැප්තැම්බර් මස 1 වෙනි දා එයාර්බස් ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනය කළ අතිනවීන ගුවන් යානාවක් වූ A340 ගුවන් යානය ප්‍රථම වතාවට ජාතික ගුවන් සේවයට එක් වන ලදී. වසර 21 කාලයක් පුරා A340 ගුවන් යානා හතක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය සඳහා යොදාගනිමින්ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන යටතේ නවතම එයාර්බස්  330-300 ගුවන් යානා හතක් මෙම මෙහෙයුම් සදහා ගුවන් යානා ඇණියට එක්කිරීමට කටයුතු යොදා තිබේ.  මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාඅති නවීන ගුවන් මැදිරි වලින් සමන්විත වන අතර අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක්,උසස් තාක්ෂණික පහසුකම් සහ  WIFI සම්බන්ධතාවය අත්විඳීමේ අපහසුකමද පවතී. එසේම මෙහි ගුවන් මැදිරිවල  හාත්පස පැතිරුණු ආලෝකනය,සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත.ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “   පසුගිය දශක දෙක පුරා A340 ගුවන් යානා අපගේ ගුවන් ගමන් ජාල ව්‍යාප්තිය සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. මෙමගින් ජාතික ගුවන් සේවය නව වෙළෙඳපොලවල් වෙත ගෙන යාමටත්  සංචාරක පැමිණීම් තුළින් ජාතික ආර්ථිකය නංවාලීමටත් හැකිවී ඇත. කලාපීය තරගකාරී ගුවන් සේවා අභිබවාකටයුතු කිරීමටත් මෙම ගුවන් යානා කොළඹින් සහ එයින් පිටතට සිදුකරන නොනවතින සෘජු ගුවන් ගමන් සඳහා යොදා ගැනීමටත් මෙයින් හැකිවී ඇත. මෙමA340 ගුවන් යානා අප ගුවන්යානා ඇණියෙන් නික්ම ගියත් අපගේ නවතම A330-300 ගුවන් යානා මගින් නව ගමනක් යෑමටත් ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරය පිරි නවීන ගෝලීය ගුවන් සංචාර සැපයීමටත් හැකිවනු ඇති බව ද  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.මේ පිළිබඳව අදහස් දක්වමින්  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් ප්‍රධානී කපිතාන් රජීන් රණතුංග  මහතා සඳහන් කළේ මෙම A340 ගුවන් යානය දිගු දුර ගුවන් සඳහා  ගුවන් පැය විශාල ප්‍රමාණයක් පියාසර කර ඇති බැවින් එම යානාවන්ට විශ්‍රාම ලබා දීමට සිදුවීම පිළිබඳ ඉතා කණගාටුවන බවයි. නමුත් මේවන විටත් මගීන්ට සුව පහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නවතම එයාර්බස්  330-300 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් බල ඇණියට එක්කර තිබීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවද හෙතෙම පැවසීය.මෙලෙස ශ්‍රීලංකන් වෙතින් සමුගෙන යන A340 ගුවන් යානාව ශ්‍රී ලංකාවේ සවිල් ගුවන් සේවා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ ගුවන් යානාවකි. එනම් අති උතුම් ශුද්ධෝත්තම II ජුවාම් පාවුලු පාප් වහන්සේ සහ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේශ්‍රී ලංකාවට සැපැත් වූයේද මෙම ගුවන් යානයේ වන අතර ඊට අමතරව විදේශීය සම්භාවනීය පුද්ගලයින් රැසැක්ම මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඊට අමතරව 2004 වර්ෂයේ ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී ආධාර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය උපකාරී වී තිබේ.මෙම A340 ගුවන් යානා හඳුන්වාදීම සිදුවූයේ ඒවනතෙක් භාවිත කල  ද්විත්ව එන්ජින් සහිත ලොක්හීඩ්  L1011 ට්‍රයිස්ටාර් ගුවන් යානා සේවයෙන් ඉවත් කිරීමෙන් පසුවය. ඉන් අනතුරුව මෙම A340 ගුවන් යානා කොළඹ සිට ලන්ඩන් සහ ටෝකියෝ වෙත නොනවතින ඝෘජු ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී. A340 ගුවන් යානාවට ගුවන් සැතපුම් 13,000 ප්‍රමාණයක් පියාසර කරමින් මගීන් 300 ක් රැගෙන යාමේ පහසුකම තිබේ.කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා වැඩි දියුණු වන එන්ජින් තාක්ෂණයත් සමඟ එන්ජින් හතරක් සහිත ඉහළ ඉන්ධන පරිභෝජනය ඇතිA340 ගුවන් යානා වෙනුවට ද්විත්ව එන්ජින් වලින් සමන්විත වන ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ එයාර්බස්  330 ගුවන් යානා ප්‍රතිඇණිගත කරන ලදී.    
වසර 21 ට පසු ගුවනින් සමුගනියි
1
hp_train_0388
සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය සංවිධානය කරන ‘ඉන්කෝ 2017‘ කර්මාන්ත ප්‍රදර්ශනය ජූනි 23, 24 හා 25 දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.ජූනි 23 වැනිදා ප්‍රදර්ශනය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ අතින් විවෘත කෙරෙන අතර ජූනි 24 වැනිදා කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අතින් ද ජුනි 25 වැනිදා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අතින් ද ප්‍රදර්ශනය විවෘත කෙරේ.එම දිනවල පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත. 
‘ඉන්කෝ‘ කර්මාන්ත ප්‍රදර්ශනය කොළඹදී
0
hp_train_0389
(පොළොන්නරුව ක.ග. කරුණාරත්න)දූෂණයල අල්ලස මුලිනුපුටා දැමීම සඳහා ගත හැකි සෑම පියවරක්ම රජය ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී  පැවැසීය.ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවැති ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උත්සවය අමතමිනි.ජනාධිපතිවරයා එහි දී මෙසේද පැවසීය.පවුල් සෞඛ්‍ය සේවය වගේම සෞඛ්‍ය සේවාවේ තිබෙන අනෙකුත් සේවාවන් වූ වෛද්‍ය හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා මේ සියල්ල පිළිබඳව අවුරුදු පහක ඇමැතිවරයෙක් වශයෙන් මේ එක් එක් ක්ෂේත්‍ර සහ වෘත්තීය සමිති සම්බන්ධයෙන් ද මට යම් අවබෝධයක් තිබෙනවාග අපේ රටේ සෞඛ්‍ය සේවාව වගේම අපේ රටේ වෘත්තීය සමිති අතරේ ජනතාවට හිරිහැර නොකරන වෘත්තීය සේවාවක් විදියට ඔබේ වෘත්තීය සංගමයටත් ඔබේ සේවාවටත් මගේ ගෞරවය ස්තුතිය පුදකරනවා.වෘත්තීය සමිති ආණ්ඩුවලට කරදර කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. වරදක් නැහැග නිලධාරීන්ට කරදර කළාට වැරැද්දක් නැහැ. නමුත් වෘත්තීය සමිති ජනතාවට හිරිහැර නොකළ යුතුයි. ජනතාවට හිරිහැර නොකරන වෘත්තීය සමිතියක් විදියට ඔබ ඒ ගෞරවය ලබා ගැනීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. අපේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සංරක්‍ෂණය පිළිබඳව එහි වැදගත් කාර්යභාරයක් උසුලන ඔබ ඉතාමත් කටුක දුෂ්කර සේවාවක ඔබ යෙදී සිටින්නේ. කාලගුණික තත්ත්වයන් අනෙකුත් යටිතල පහසුකම්වල තිබෙන බොහෝ අඩුපාඩුකම් අසීරුතා සේවාවට අවශ්‍ය ඇතැම් අත්‍යවශ්‍ය පහසුකම් සහ සම්පත් එවැනි ප්‍රශ්න රාශියක් මැද තුළ ඔබ විශිෂ්ට සේවයක් ඉෂ්ට කරනවා. අව්වල වැස්ස වෙනත් සමාජමය උවදුරු වෙනත් ගැටලු ඒ සියල්ල තුළ ඔබ කරන විශිෂ්ට සේවාව තුළ අපේ රටේත් අන්තර්ජාතික වශයෙනුත් අපේ ජාතික සෞඛ්‍ය දර්ශක පිළිබඳ කතා කරන විට අපේ රටට ඉමහත් ගෞරවය ලබා දීමේ ඔබ ප්‍රමුඛ කොටස්කරුවන් වීම අපට ඉතාමත් සතුටට කාරණයක්.අපේ රාජ්‍ය සේවයේ විවිධ සේවාවන් අතරේ සෞඛ්‍ය සේවය ජාත්‍යන්තර පිළිගැනීම අද ඇති කරගෙන තිබෙන්නේ සෞඛ්‍ය සේවාවේ සිටින වෛද්‍ය, හෙද අතුරු වෛද්‍ය සේවා පරිපූරක සේවා. මේ සියලු අංශවල අවුරුදු 60-70 ක සේවාවේ තිබෙන අත්දැකීම් සමග අවශ්‍ය සම්පත් ලබාදීම තුළ ගුණාත්මක සේවාව නිසයි. අපි ඒ ගෞරවය ලබා ගෙන තිබෙන්නේ. ඒ ලබාගත් ගෞරවය ඉදිරියට රැක ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය මිනිසාගේ නිරෝගී භාවයග මිනිසාගේ යහපැවැතුම් අනෙකුත් සියලු සත්ත්වයාට බලපානවා වගේම අනෙකුත් සියලු සත්ත්වයාගේ යහපැවතුම් මිනිසාට බලපානවා. සෞඛ්‍ය සේවාව මානවයාගේ සෞඛ්‍ය වගේම අනෙකුත් සමාජමය වටපිටාව සහ අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.අපේ සේවාවන්වල තිබෙන කාර්යක්ෂමතාවය ගුණාත්මකභාවය, කැපවීම, කණ්ඩායම් හැඟීම ඉතාමත් වැදගත් වෙනවාග සෞඛ්‍ය සේවාවට හොඳ නමක් තිබෙන්න තවත් වැදගත් දෙයක් වන්නේ අපේ රටේ සෞඛ්‍ය සේවාව අල්ලසින් තොර සේවාවක් වීමල අල්ලස් පිළිබඳ චෝදනාවක් අපේ සෞඛ්‍ය සේවාවේ නැහැ. දූෂණය පිළිබඳව නම් තිබෙනවා. ඒවා සමහර වෙලාවට අඩු වෙනවා. වැඩි වෙනවා. මම මේ කාරණාව සඳහන් කළේ රජය කරන ආයෝජන, රජය කරන කැපකිරීම් රජය ලබා දෙන භෞතික සම්පත් සෑම කෙනෙක් තුළම වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේ දී වඩාත් කාර්යක්ෂම ගුණාත්මක සේවාවක තිබිය යුතු මානුෂිකත්වය ඉතාමත් වැදගත් වෙනවා.අපේ රටේ රාජ්‍ය සේවයට හොඳ නම් වගේම ඇතැම් වෙලාවට නරක නම ලැබෙන ප්‍රශ්න තිබෙනවා. ඊයේ පෙරේදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත්තා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කියන්නේ අමාත්‍යාංශයක ලේකම්වරයකුගේ තනතුරට සමානයි. අපේ රටේ ජනාධිපතිවරු තුන් දෙනෙකුගේ මේ තනතුරේ හිටපු අය හිරේ ගොස් තිබෙනවා. පෙරේදා අත්අඩංගුවට ගත් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අමාත්‍යාංශයක ලේකම්වරයකු වශයෙන් සිටි විශ්‍රාමික රාජ්‍ය සේවා නිලධාරිකේග ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ කාර්යය මණ්ඩල ප්‍රධානීග දැනට මාස ගණනකට පෙර දූෂණ චෝදනා මත අත්අඩංගුවට අරගෙන අධිකරණයේ ඇප ලබාගෙන සිටිනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී පෙරේදා අත්අඩංගුවට ගත් මගේ කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානි සේවයට ඇවිත් මාසයක් නැහැග ජනාධිපතිවරු තුන් දෙනාගේම මේ තනතුරේ හිටපු තුන්දෙනාම සිරභාරයේග මෙයයි ඇත්ත තත්ත්වය ඇයි මෙහෙම වෙන්නේ.මහජනතාවට කරන සේවාවන්වල දී පවුල් සෞඛ්‍ය සේවාව ගැන සතුටුවෙන්නේ සම්මාන දෙන්නේ. රජයක් විදියට ඔබේ සැප දුක සොයා බලන්නේ ඔබ අවංකව කැපවීමෙන් ඔබේ සේවාව ඉටුකරන නිසයි. ජනතාවගේ වෛරයට පිළිකුලට ලක්වන ආකාරයට දේශපාලනඥයා සහ රාජ්‍ය නිලධාරියා කිසිවිටෙක වැඩ නොකළ යුතුයි. මම ඇමැතිවරයෙකුව සිටි කාලයේත් ජනාධිපතිවරයා ලෙස සිටින වත්මන් කාලයේත් මම ඉතා පැහැදිලිව අල්ලසල දූෂණයල වංචාව හොරකමල නාස්තිය රාජ්‍ය දේපළ අවභාවිතයට එරෙහිව කිසිදු භේදයකින් තොරව තීන්දු තීරණ අරගෙන තිබෙනවා. මේ රජය යටතේ සිදුවූ ඉහළම දේවල්වලට මම තීන්දු අරගත්තාග ඒ නිසා තමයි දේවිකා කොඩිතුවක්කු මැතිනිය කිව්වේ මහ බැංකු ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳව.මා තව කොමිෂන් සභාවක් පත් කළාග මේ දවස්වල ඒ අය වැඩ කරගෙන යනවාග ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ ගැන සෙවීමට ඒ කොමිසම හෙට අනිද්දා බොහෝ වැදගත් තොරතුරු රටට හෙළි කරාවි. රටට යහපතක් කරන්න සෑමවිටම දූෂණයෙන් තොර රාජ්‍ය සේවාවක් අවශ්‍යයි. කිසි කෙනෙකුට ඒ සඳහා බුරුලක් නොදිය යුතුයි. රාජ්‍ය සේවයක වේවාල දේශපාලනඥයෙක් වේවාල දූෂණය අල්ලස සම්බන්ධයෙන් අපේ රටේ ඇති වෙලා තිබෙන තත්ත්වයන් වළක්වන්න මුලිනුපුටා දමන්න ගත හැකි සෑම පියවරක්ම රජය විදියට ගන්නවා. කිසිදු භේදයකින් තොරව සමාවක් නැතිව නීතිය හරිහැටි ක්‍රියාත්මක කළ යුතුයි. මිනිසෙකුගේ උපතේ සිට මිය යන තෙක් මිනිසුන්ට සේවය කිරීම තරම් උතුම් දෙයක් නැහැ. එය බෞද්ධ ක්‍රිස්තියානි හින්දුල ඉස්ලාම් දර්ශන තුළ ද සඳහන් වෙනවා. යහපත්, ගුණවත්, නැණවත්, සීලාචාර සමාජයක් හදන්න මේ සියලුදෙනා එක්විය යුතුයි. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා රජයක් ලෙස කළ හැකි සෑම දෙයක්ම අපි ගන්නවා. රාජිත සේනාරත්න මැතිතුමා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පසුගිය වසර තුන හමාරක කාලය තුළ ගත්ත තීන්දු තීරණ පිළිබඳව මම සතුටු වෙනවා. එතුමා කිව්වා අපේ රජය යටතේ පිළිකා රෝගීන් සඳහා තම ජීවිත කාලය තුළම රජය වියදම් කරන ආකාරය. මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ මොනතරම් ගැටලුවලට මුහුණ දුන්න ද කියලා මට මතකයි. ලක්ෂ 15 වැඩිකරගන්න. ඒ කාලේ පිළිකා රෝගියෙක්ට දුන්න වැඩිම වියදම ලක්ෂ 15යි. මම  ඒ කාලේ ලොකු මහත්වරුන්ට කිව්වා මේ ලක්ෂ 15න් බැහැ පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කරන්න. ඒ නිසා ඒ මුදල වැඩි කරන්න කියලාග නමුත් ඒ මුදල අනුමත වුණේ නැහැ.ඇමැතිතුමා කිව්වා මධ්‍යසාර දුම්කොළ පිළිබඳව අපි කළ සටන සහ වර්තමාන රජය විදියට ඒ වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණ පිළිබඳව. 2020 දී අපේ රටේ දුම්කොළ වගාව සම්පූර්ණයෙන්ම නැවතිය යුතුයි කියලා. අපි දුම්කොළ වගාකරන ගොවීන්ට සහ දුම්කොළ සමාගමට දන්වලා තියෙනවා. මට මතකයි මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටි කාලයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එවකට සිටි අධ්‍යක්ෂ ජනරාල් මාග්‍රට් ජෙන් මැතිනිය සමග කළ සුහද සාකච්ඡාවල දී කිව්වා ලෝකයේ රටවල දේශාපාලනඥයින් සහ රාජ්‍යයන් මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ ප්‍රශ්නයේ දී මුහුණ දෙන බරපතළම ගැටලුව දුම්කොළ සමාගම්වලට විරුද්ධව සටන් කිරීමට තිබෙන අභියෝගය කියලා. අපි ඒ සියලුම සටන් ජයගෙන තිබෙනවා. ඒ නිසයි ලෝකයේ කිසිම රටක නැති ඉහළ නීති දුම්බීම සම්බන්ධයෙන් වගේම ඇල්කොහොල් පිළිබඳව පසුගිය වසර තුන හමාරක කාලය තුළ දී නීති සම්මත කරගන්න පුළුවන්කම ලැබුණේ. අද මත්ද්‍රව්‍ය පසුගිය වසර තුන හමාරක කාලය තුළ දී නීති සම්මත කරගන්න පුළුවන්කම ලැබුණේ. අද මත්ද්‍රව්‍ය උවදුර මොනතරම් ප්‍රබල ද කියන එක ඔබ දන්නවා. මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටි කාලයේ සම්මත කළ මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජාතික වැඩ සටහන වර්තමාන සෞඛ්‍ය ඇමැතිතුමා මට ලොකු ශක්තියක් වුණා. අපේ ඇමැති මණ්ඩලය මට ලොකු ශක්තියක් වුණා. අපි මේ වසර තුන හමාරේ දී ඒ ජාතික වැඩ සටහන ශක්තිමත් කළා. ඒ ශත්තිමක් කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේ වන විට සිගරට් අලෙවිය විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.ඔබට අයත්වන ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයේ දී මව සහ දරුවා පමණක් නොවෙයිග මව දරුවා පියා ඇතුළු මුළු පවුල් සංස්ථාවේම වගකීම ඔබ සතුයිග අද වන විට සිගරට් මධ්‍යසාර අලෙවිය පහත වැටී තිබුණට කනගාටුවෙනවාග මත්කුඩු මත්පෙති නීති විරෝධී මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තිබෙනවාග අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්විට එහි මත්ද්‍රව්‍යල මත්පෙති භාවිතය ඉතාම ඉහළයිග කියලා මට පෙරේදා ලැබුණු අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවාග මත්කුඩු මත්පෙති වලට විශ්වවිද්‍යාල සිසුන් අඛණ්ඩව ගොදුරු වෙමින් තිබෙනවාග විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වගේම විශ්වවිද්‍යාලයේ නම සඳහන් කමිස ඇඳගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නියෝජිතයන් විශ්වවිද්‍යාල තුළට ඇතුළු වෙනවාග නේවාසිකාගාරවලට එනවාග බොහෝ වේලාවට අලුත් ශිෂ්‍ය කණ්ඩායමක් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණාම ඒ නියෝජිතයන් ඔවුන්ට මත්කුඩු මත්පෙති දෙනවා තෑගි දෙනවා වගේග මේකේ රස බලන්න කියලාග අද නගරයේ පමණක් නෙවෙයි ඈත පිටිසර ගම්මානවලටත් මත්ද්‍රව්‍ය විශාල අභියෝගයක් වී තිබෙනවා.මම ඔබෙන් ඉල්ලනවා ඔබේ ගම තුළ ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් පුළුල් වැඩ පිළිවෙළක් ආරම්භ කරන්නග ගමේ ජනතාවගේ ද සහය ලබාගෙන ඔබේ කොට්ඨාසයට වෙනම වෙන්වූ මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ ඒකකයක් පිහිටුවා ගැනීම ඔබට ප්‍රශ්නයක් නොවේ. ග්‍රාම නිලධාරි සමෘද්ධි නිලධාරිල කෘෂි පර්යේෂණ නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂකල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි ඔබ සියලු දෙනා එක්වුණොත් අපට ජයගන්න පුළුවන් ඒ සඳහා වැඩ සටහනක් හදාගන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන්.මේ සියලු කටයුතු සඳහා ඔබ මෙතෙක් දැක්වූ දායකත්වය සහ මත්ද්‍රව්‍ය මර්දනය හා නිවාරණය සම්බන්ධයෙන් ද ඔබගේ දායකත්වය ලැබේ නම් අපේ අපේක්‍ෂා ඉටු කර ගැනීමට හැකි වන බව මා විශ්වාස කරනවා. මම ඉගෙන ගත් මගේ පාසලේ මේ උත්සවය පැවැත්වීම පිළිබඳව ද මා සතුටු වෙමින් මෙය සංවිධානය කිරීමට සහය දැක්වූ සියලු දෙනා වෙත ස්තුතිය පිරිනමමින් ඔබෙන් සමුගන්නවා” යැයි ජනාධිපතිවරයා කීය.සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා2017 ලෝක  බැංකු වාර්තාවට අනුව ලෝකයේ දුප්පතුන්ට හිතවාදී හොඳම සෞඛ්‍ය ප්‍රතිපත්තිය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සංවත්සරය පසුගිය මාසයේ අපේ රටේ දී පැවැත්වූවාග ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා එහි දී ප්‍රකාශ කළේ අද ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාවන්ගෙන් එකක් තමයි ලංකාව කියලා. මේ සියල්ල කරන්නට හැකියාවක් ලැබුණේ දේශපාලන ඍජු නායකත්වය නිසයිග අප දුම්වැටිවලට ලෝකයේ තිබෙන ලොකුම බද්ද ගැහුවාග ඔබලාගේ ජීවිත බේරගන්න පිළිකාවලින් හෘද රෝගවලින්. ඒ බදු ගහන කොට විශාල බලපෑම් ඇති වුණා.බි්‍රතාන්‍යයේ දුම්කොළ සමාගමේ සභාපතිවරයා වෙනම ගුවන් යානයක් අරගෙන ලංකාවට ආවාග මේක නවත්වා ගන්නටග අපි සැලුණේ නෑ. අප වෙනස් වුණේ නෑග ගිය වසරේ දුම්බීම බිලියනයකින් අඩුවෙලා තිබෙනවා. ඒ කියන්නේ සිගරට් කෝටි 100ක් බොන ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය ද මෙහි දී කතා කළාය. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගම් ප්‍රධාන ලේකම් ඒ.පී. ස්වර්ණලතා මහත්මිය උත්සවයේ පිළිගැනීමේ කතාව කළායඋතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්නල සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් වන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වාල වෛද්‍ය සුනිල් ද අල්විස්ල පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් මෙරින් ආරියරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
වෛද්‍ය - හෙද - පරිපූරක වෛද්‍ය ක්‍ෂේත‍්‍රවල වෘත්තික හිඟය අපට ලොකු බලපෑමක්
0
hp_train_0390
 (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (14) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 14,677 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 13 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 5 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොරෝනා මරණවල වැඩි වීමක්
0
hp_train_0391
ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල සහ රට අභ්‍යන්තරයේ අද සහ හෙට දිනවලදී  විටින් විට පැයට කිලෝ මීටර් 50-60 පමණ තද සුළං  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් ස්ථාන ස්වල්පයක මද වැසි ඇති වුවත්  බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ  තත්ත්වයක් පවතී.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 11/09/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34238545ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36258055සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැකකොළඹ31268065වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල28259080වැසි ස්වල්පයක්යාපනය31277565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර30249055සිහින් වැසි වාර කිහිපයක්නුවරඑළිය19139080ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය31239560වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය3624     8040සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමන්නාරම30268070ප්‍රධාන වශයෙන් වැසි රහිත                  
‘මුහුදු ප්‍රදේශවලට තද සුළං‘
1
hp_train_0392
(ඩයනා උදයංගනී) සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (12) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානයන්හි සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේයමධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු  පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද හෙතෙම පැවසීය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. 
පළාත් කිහිපයකට අදත් වැසි
1
hp_train_0393
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව තුළින් සහ ඒකාබද්ධ ණය පහසුකම තුළින් ලද මුදල් හේතුවෙන් මේ වසරේ මැයි අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.0කට ප්‍රමාණවත් වූ අතර මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස 5.2කට සමාන වන පරිදි ඇමෙරිකානු ඩොලර් බිලියන 8.9ක් වී තිබේ. ශ්‍රී ලංකා රුපියල 2016 වසරේ අවසානය සිට මේ වසරේ ජූලි මස 31 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.6%කින් මධ්‍යස්ථ ලෙස අවප්‍රමාණය වූ බව මහ බැංකුව පවසයි.මහ බැංකු වාර්තාවලට අනුව, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකක වන යුරෝවට සාපේක්ෂව 12.5%කින් ද ස්ටාර්ලින් පවුමට සාපේක්ෂව 8.8%කින් ද ජපන් යෙන්වලට සාපේක්ෂව 7.6%කින් ද කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව 9.9%කින් ද ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 11.6%කින්  සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 8.0%කින් ද අවප්‍රමාණය වී තිබේ.-055
ජුනි අවසානයේ සංචිතය බිලියන 7 ක්
0
hp_train_0394
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යෘ දෙපාර්තමේන්තුව කියයි.දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා පැ. කි. මි. 60-70 පමණ දක්වා වූ නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැකියි. විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වලට මෙම තත්ත්වය ඇතිවේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 30/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව34268560අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259575විටින් විට වැසි.ගාල්ල29249575විටින් විට වැසි.යාපනය32268570වැසි ස්වල්පයක්.මහනුවර28239570වැසි වාර කිහිපයක්.නුවරඑළිය19149585වැසි වාර කිහිපයක්.රත්නපුරය30249580විටින් විට වැසි.ත්‍රිකුණාමළය35269055අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32279075වැසි ස්වල්පයක්.  
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0395
දකුණු පළාත් සභාවේ ලබන වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 45 කින් අද (11) සම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 47 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද දෙකක් පමණි.එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා විපක්ෂව ඡන්දය දුන්හ.දකුණු පළාත් සභා මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා දකුණු පළාත් මහ ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කළ දොළොස්වැනි අයවැය මෙයයි.
අතයි - අලියි ගාල්ලේදී එක්වෙති
1
hp_train_0396
බස්නාහිර, වයඹ ,මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන කීපයකට  සවස 2.00 න් පසු  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි .නැගෙනහිර හා දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ.
‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_0397
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට  තද සුළං බලාපොරොත්තු විය හැකියි‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 28/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව31278565අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ33278575වැසි වාර කිහිපයක්.ගාල්ල31269080වැසි වාර කිහිපයක්.යාපනය32288075ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30229565වැසි ස්වල්පයක්.නුවරඑළිය23139070වැසි ස්වල්පයක්.රත්නපුරය33269565වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35278060අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32288575ප්‍රධාන වශයෙන් වැසි රහිත.   
‘ඉදිරි 24 පැයේ කාලගුණය‘
0
hp_train_0398
(අජිත්ලාල් ශාන්තඋදය) මේ වසරේ සබරගමු පළාතේ, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි භාෂාව සහ ප්‍රාථමික විෂයයන්ගේ  ගුරු පුරප්පාඩු 1500ක් ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය. මාධ්‍යයට අදහස් දක්වමින් තවදුරටත් පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ  ගම්බද පාසල්වල ඉගැන්වීම් කටයුතු නිසි පරිදි සිදුනොවීම නිසා නගරයේ පාසල් කරා දරුවන් ඇදී යාමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවයි. එහෙත් ඇතැම් ගුරුවරුන් පාසල් කාලයෙන් පසුවත් දරුවන්ට ඉගැන්වීම් කිරීම ඉතා අගය කරන බව කී පළාත් ආණ්ඩුකාරවරයා තවත් ගුරුවරුන් පිරිසක් සිය වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම නිසා මව්පියන් තම දරුවන් නගරයේ ජනප්‍රිය පාසල් කරා යොමුකිරීමට පෙළඹෙන බව ද කීවේය. සබරගමු පළාතේ අධ්‍යාපන මට්ටම සෙසු පළාත් අභිබවමින් පැවතුනත් මේ වනවිට විශාල පසුබෑමකට ලක්ව ඇති බවත් ඒ පසුබෑමට අධ්‍යාපන නිලධාරීන් වගකිවයුතු බවද කීවේය. අගය කළ යුතු ගුරුවරුන් අගය කරමින් දිරිමත් කළයුතු වුවත් බොහෝ අවස්ථාවල එවැනි අගැයීමක් නිලධාරීන්ගෙන් සිදුනොවන බව කී පළාත් ආණ්ඩුකාරවරයා දරුවන්ට ඉගැන්වීමේ ක්‍රියාවලියේ දී වගකීම් පැහැරහරින ගුරුවරුන් සම්බන්‍ධයෙන් ද සමහර නිලධාරීන් ක්‍රියාමාර්ග නොගන්නා බවක් පෙනෙන්නට ඇතැයි ද කීවේය. රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ පාසල් 1128ක ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්‍ෂ හතරකට සහ ගුරුවරුන් 25691ක් සම්බන්‍ධයෙන් අධ්‍යාපන නිලධාරීන්ගේ අවධානය මීට වඩා යොමුකර පළාතේ අධ්‍යාපනය ඉහළ නැංවීමට ක්‍රියා කළයුතු බවද කීවේය. පළාතේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය සම්බන්‍ධයෙන් තමන් දැඩි අවධානයකින් සිටින බව කී ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ අධ්‍යාපන සංකල්පය සබරගමු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද අවධාරණය කළේය.
සබරගමුවේ ගුරු පුරුප්පාඩු 1500ක්
1
hp_train_0399
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)සිය මවට අසනීපයක් සැදී ඇතැයි පවසා පෙම්වතියගේ කරේ පැලඳගෙන සිටි රන් මාලය ඉල්ලාගෙන ගොස් උකස් කර හෙරොයින් පානය කර ඇතැයි කියන තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 23 හැවිරිදි තරුණයෙක් පදිංචිව සිටියි. මෙම තරුණයාගේ මව්පියන් කුලී වැඩ කරන අතර තරුණයා උසස් පෙළ විභාගයෙන් අනතුරුව හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව වාර්තා වෙයි. දැනට මෙම තරුණයා රැකියාවක් නොකරන අතර මව්පියන් හරි හම්බ කරන වැටුපෙන් මුදල් බලහත්කාරයෙන් හෝ සොරකම් කරගෙන ගොස් හෙරොයින් පානය කරයි.මෙම තරුණයා අල්ලපු ගමේ තරුණියක සමග වසරක පමණ කාලයක සිට සම්බන්ධතාවක් ද මව්පියන්ට හොර රහසේ පවත්වාගෙන ද යයි. තරුණියගේ මව්පියන් සිය දියණිය කුඩු කාරයෙක් සමග සම්බන්ධතාවක් පවත්වන බව දැනගෙන ඇති අතර අවස්ථා ගණනාවකදීම එය නතර කරන ලෙස දැන්වුවද තරුණිය සම්බන්ධතාව අතහැරියේ නැත.තරුණයාට හෙරොයින් පානය කිරීමට මුදල් සොයා ගැනීමට නොහැකි වූ අවස්ථාවක පෙම්වතිය මුණ ගැසීමට ගොස් තිබුණි. එහිදී තරුණයා පවසා ඇත්තේ තම මව හදිසියේ අසනීප වූ බවත් පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාදීමට මුදල් නැති බවත් ප්‍රකාශ කළේය. සිය මව අසනීපයෙන් සිටින අයුරු තමාට බලාසිටිය නොහැකි බවත් පුළුවන්කමක් තියෙනවා නම් කරේ දාගෙන ඉන්න මාලය තමාට දෙන ලෙසත් අම්මා පඩි ගත්තහම ඉක්මනට බේරා දියහැකි බව තරුණයා පැවසීය.පෙම්වතාගේ බැගෑපත් ඉල්ලීම ඉවත නොදැමූ තරුණිය වහාම කරේ දමාගෙන සිටි මාලය ගලවා දී ඇති බව ද වාර්තා වෙයි. පසුව තරුණයා විදුලි වේගයෙන් දිවගොස් ගමේ තරුණයන් තිදෙනකු සමග ත්‍රිරෝද රථයකින් කෑගල්ල නගරයට ගොස් මාලය රුපියල් 55 000 ට උකස් කර හෙරොයින් ද ගෙන පානය කර රාත්‍රියට රයිස් කොත්තු කා ඇති බව ද වාර්තා වෙයි.පසුව තරුණිය රන් මාලය පිළිබඳ පෙම්වතාගෙන් ඉකුත් දිනක දී විමසා සිටි අවස්ථාවක තරුණයා සම්පූර්ණ සිද්ධිය තරුණිය හමුවේ දිග හැර ඇති බව වාර්තා වෙයි.  
අනාගත මස්සිනාට වැඩක්දෙන පැලෑන වැරදී අතේ මාට්ටු
0
hp_train_0400
ඩී.කේ.රත්න   එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හපුතලේ ප්‍රෙද්ශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පී කේ කන්නා මහතා තේරී පත් විය. පළාත් පාලන මැතිවරණයේ දී හපුතලේ ප‍්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත‍්‍රීවරු හත් දෙනෙක් ද, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත‍්‍රීවරු හය දෙනෙක් ද,  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත‍්‍රීවරු හය දෙනෙක් ද, ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් ද තේරී පත් වූහ. එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව හපුතලේ  ප‍්‍රාදේශීය සභාව බලය පිහිටුවීමට අත පියවර ගත්තේය. සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ  පී.කේ.කන්නා මහතා පත්වූ අතර උප සභාපතිවරයා ලෙස  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයි.එම්.නිමල් අමරසිරි මහතා පත්විය.
හපුතලේ ප්‍රා සභා බලයත් එජාපයෙන් ගිලිහෙයි
1