id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_0501
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.“විදේශ පුරවැසියෙකු ලංකාවේ ජනපති වුවහොත් විදෙස් රටවල් කියන පදයට නටන්න සිදුවෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.“ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නැති සෑම උපාධිධාරියෙකුටම රැකියා දෙන බව”ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් ලක්ෂ ගණනක් සිටින බව කී සජිත් ප්‍රේමදාස මහතා, ඔවුන් වෙනුවෙන් ඇපයක් සහ පොලී නැතිව රුපියල් ලක්ෂ තුනක ණය මුදල දෙන්නේ යැයි”ද කීවේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුයේ මාවනැල්ල, ගම්පොල, අරණායක, රඹුක්කන සහ පොල්ගහවෙල පැවැති ජන රැලි අමතමිනි.ජනරැලි සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මාව අපේක්ෂක ලෙස පත් කරන්න බෙල්ල තියපු කෙනකු තමයි කබීර් හෂීම් මැතිතුමා. එතුමා කළ සේවය හා මාවනැල්ල ජනතාවද කිසිසේත්ම අමතක කරන්නේ නැහැ.මාවනැල්ලට අලුත් ගැම්මක්, අලුත් සංවර්ධනයක් අවශ්‍යයි. 16 වැනිදාට නියත වශයෙන්ම මාවනැල්ල නගරය සුරපුරයක් කිරීමේ ගමන අරඹලා, තිබෙනවාට වඩා ශක්තිමත් ආර්ථිකයක් ජනතාව අතරට මා ගේනවා.මාවනැල්ල පුරවරයේ ඉඩම්, නිවෙස් නැති විශාල පිරිසක් ඉන්නවා. රටේ නිවාස වැඩපිළිවෙළ අමාත්‍යාංශය හයකට බෙදලා තිබෙන වෙලාවේ 16 වැනි දායින් පසු මේ හයම එක අමාත්‍යාංශයක් යටතට ගෙන 2025 දී රටට සෙවණ දෙන වැඩපිළිවෙළ රටටම ක්‍රියාත්මක කරනවා.රබර් ආර්ථිකයක් ස්වයං රැකියා ආර්ථිකයක් වඩු කර්මාන්ත ආර්ථිකයක් මෙහි තිබෙනවා. මේ ආර්ථිකවල කොටස්කරුවන් වන සියලු දෙනාට රජයේ මැදිහත්වීමෙන් බදු බර අඩු කර රාජ්‍ය මූල්‍ය සහයෝගය තුළ ස්වයං රැකියා හා වඩු කර්මාන්තය ඇතුළු කර්මාන්ත ඉහළ තලයට ගෙනෙන්න කටයුතු කරනවා.අලුත්නුවර පූජා භූමිය සංවර්ධනය කළේ මගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙනුයි. මේ වනවිට මගේ මැදිහත්වීමෙන් තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මෙරට ජනාධිපති ලෙස අලුත්නුවර උතුම් පුදබිම අංගසම්පූර්ණව වැඩි දියුණුකර ඉතිරි වැඩ කොටසත් නිමා කරනවා.ජාතික වශයෙන් අප දැවැන්ත වැඩ ගණනාවක් ක්‍රියාත්මක කරනවා. දුප්පත්කම නැති කිරීමේ සමෘද්ධි වැඩසටහන වැඩි-වැඩියෙන් ශක්තිමත් කරන අතරතුර දුප්පත්කමින් පෙළෙන ජනතාව දුප්පත්කමින් මුදවිය යුතුයි. ඒ වෙනුවෙන් සමෘද්ධියට අමතරව ජනසවිය වැඩසටහන ද යළිත් ක්‍රියාත්මක කරනවා.කෙටි කාලය තුළ මෙරට දුගී දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරනවා. මගේ පියා තමයි, පාසල් දරුවන් ලක්ෂ 43කට දිවා ආහාරය හා නිල ඇඳුම් දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ රජය කාලයේ දිවා ආහාරය කපා දැම්මා. මගේ පියාට දරුවන් වෙනුවෙන් කරන්න සැලසුම් කළ වැඩපිළිවෙළ සම්පූර්ණ කරන්න බැරි වුණා. නමුත් ලබන 16 වැනිදා ජනාධිපති වූ පසු මා නිල ඇඳුම් කට්ටල දෙකක්, දිවා ආහාර වගේම සපත්තු ජෝඩුවකුත් දෙනවා.ඇයි පාසල් දූ-දරුවන්ව මෙතරම් ශක්තිමත් කරන්නේ? දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් නිර්මාණය කරන්න නම් උගත්-බුද්ධිමත් ජන සමාජයක් ගොඩනැගෙන්න ඕනෑ. උගත් බුද්ධිමත් ජන සමාජයක් බිහිවෙන්න නම් දරුවන් පාසල් යන්න උනන්දු කළ යුතුයි.මගේ ප්‍රතිවාදියෝ මේක මුදල් නාස්තියක් කියනවා. නුඹලාට කෝටි ගණනක් ණය ගිනිපොළියට ගෙන නෙළුම් කුලුණ නෙළුම් පොකුණ හදන්න පුළුවන් වුණා නම් මා පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්න පැකිළෙන්නේ නැහැ.සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම මූලික කරගෙන කර්මාන්තපුර අරඹනවා. කර්මාන්ත පුරවර වැඩසටහන තුල යොවුන් පරපුරට රැකී-රක්ෂා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජයට යන ඍජු විදේශ ආයෝජන අපේ මාතෘභූමියට රැගෙන එනවා.යොවුන් පරපුර ලොකුවට ඩිජිටල් විප්ලවය ගැන කතා කරනවා. එය කතාවට පමණක් සීමා නොකර මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට පත් කරනවා. ඒවායේ බයෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය, නවෝත්පාදනය, ඉංග්‍රීසි භාෂා - සාක්ෂරතාව වැනි දැනුමද ලබා දෙනවා.මේ විද්‍යාලවලින් සමත්වී එළියට එන යොවුන් පරපුරට තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කරනවා. නව ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කර ගත් ව්‍යාපාරයක් මේ උද්‍යානයන්හි ආරම්භ කරනවා.තරුණ ප්‍රඥප්තියක් මා එළි දැක්වූවා. ඒ වෙනුවෙන් ගිවිසුමකට මා එළැඹුණා. කාන්තාවන් සමඟ කාන්තා ප්‍රඥප්තියට එළැඹුනා. කාන්තා ප්‍රඥප්තියේ තිබෙන්නා වූ සියලුම කොටස් කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්න මා කටයුතු කරනවා.ජන සමාජයේ පුංචිම මනුස්සයාගේ සිට සුළු-මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයා, විරෝදාර රණවිරුවන්, පෞද්ගලික ව්‍යාපාරිකයන්, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් සියලු දෙනා පොදු ජනතාවගේ ජනපති ලෙස පත්වූ පසු රැක බලා ගන්නවා.රටේ ජාතික ආරක්ෂාව සුරැකීම උදෙසා, නීතිය හා සාමය අකුරට ඉටු කිරීමට එහි වගකීම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දෙනවා. සුදුස්සාට සුදුසුතැන මා දෙනවා.ඒ වගේම ජාතික ආරක්ෂාව පමණක් නොව රටේ දරු පරපුරට පිළිලයක් වූ කුඩු ව්‍යාපාරයත් සුනුවිසුණු කරනවා. ත්‍රස්තවාදීන් විනාශ කරන්නාසේම කුඩු ව්‍යාපාරිකයන් ද විනාශ කරනවා. ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන්, ළමා අපචාරකරුවන් විනාශ කර යුක්තිගරුක-විනයගරුක ශිෂ්ඨසම්පන්න ජන සමාජය බිහි කරනවා.මේ කාරණා ගැන මගේ ප්‍රතිවාදියා සමඟ වාද කරන්න ලොකු ආශාවක් තිබෙනවා. මෙහෙම වාද-විවාද කළාම ජනතාවට ලොකු ප්‍රයෝජනයක් අත්වෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ වැඩසටහන කවුරු හරි ලියා දුන්නු එකක් ද කියා බලා ගත හැකියි. අපේක්ෂකයාට ඒ ගැන අවබෝධයක් තිබෙනවාද, දැනුම තිබෙනවාද, මොළයක් තිබෙනවා ද බුද්ධියක් තිබෙනවාද කියලා ඔක්කොම හොයා බලන්නත් පුළුවනි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වෙන්නේ මගේම අදහස මගේම දර්ශනයයි. වෙන කව්රුවත් ලියපු එකක් නොවෙයි. හැම එකක්ම ප්‍රසිද්ධ විවාදයක් තියා බලන්න පුළුවනි. අපේ හිතවත් මාධ්‍යයට ඒ වෙලාවට කෙටි රාමුවක් නොව පුළුල් රාමුවක් පෙන්වන්නත් පුළුවනි. එතකොට ටෙලිප්‍රෝම්ටර් එකේ වීදුරු කෑලි එහාට-මෙහාට යනවා බලා ගන්නත් පුළුවනි. මට නම් ටෙලිප්‍රෝම්ටර්වලින් කතා කර පුරුදු නැහැ. මොකද, සියලු කරුණු මගේ ඔලුවේ තිබෙනවා. හැබැයි ප්‍රතිවාදියා තවම විවාදයට එන්න ලැහැස්ති නැහැ.කොහේ විවාද කරන්න බැරි වුණත් ඓතිහාසික විවාදය මාවනැල්ලේ පවත්වන්න මා කැමැතියි. තනිවම එන්න අකමැති නම් ළඟපාත තිබෙන කිහිළිකරු අත්වාරු ටික ගෙන එන්න පුළුවනි.ඕනෑ නම් හිටපු ජනාධිපති අයියාවත් අඬ ගහගෙන එන්න.හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියමයි. ඕනෑ නම් රුපියල් 2500න් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු මනුස්සයත් ගෙන එන්න. එහෙමත් බැරිනම් පවුල් ගහම ගෙන එන්න. එය පන්දාහද, පහළොස් දාහද, විසිදාහද කියන එක සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නොවෙයි.මාවනැල්ල නගරයේ තනිව සිට දහ දාහද, විසිදාහද කියන පිරිසට තනිවම මුහුණ දෙන්න මා ලෑස්තියි. මහත්මා ගුණාංගවලින් ඊට මුහුණ දෙන්න ලැහැස්තියි. මෙරට රාජ්‍ය නායක ලෙස මා කිසිම කෙනෙකුට බයත් නැහැ. කිසිම දෙනෙකුට ණයත් නැහැ. කිසිම රටකට ණයත් නැහැ. මාතෘභූමිය මොනම හේතුවකටවත් අබමල් රේණුවකින්වත් පාවාදෙන්නේ නැහැ.මගේ ඔලුවට කරපිටට වෙනත් රටවල නීති-රීති ක්‍රියාත්මක කළ යුතුය යන බර නැහැ. අනෙක් අයට ඒ බර තිබෙනවාද කියලා කියන්න මා දන්නේ නැහැ. කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඔයා අපේ රටේ පුරවැසියේ ලෙස හිටියා, දැනුත් ඉන්නවා ඔයා අපේ රටේ නීතිරීතිවලට අනුව ඉන්න ඕනෑද කියා සජිත් ප්‍රේමදාසට එහෙම බලපෑමක් කරන්න බැහැ. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ ඔරිජිනල්ම ශ්‍රී ලංකා පුරවැසියෙක්.රට තුළ ත්‍රීරෝද රථ රියැදුරන් ලක්ෂ ගණනක් ඉන්නවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇපයක් පොලිය නැතුව ලක්ෂ 3 ක ණය මුදල දෙනවා.පෙර පාසල් අධ්‍යාපනය අවිධිමත් තත්ත්වයක පවතිනවා. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථමවරට පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ දෙමින් සෑම දරුවෙකුටම දිවා ආහාරය ද දෙනවා.රණවිරු සුබසාධන ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා පෞද්ගලිකව මා සොයා බලනවා. රැකියා නැතිව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන්ට ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා දෙනවායැයි” සජිත් ප්‍රේමදාස මහතා කීවේය.එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතා -“අප වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපත්ති පාවා නොදී ඔබ වෙනුවෙන් පෙනී සිටියා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සටනට ඉදිරිපත් කළේ ජනතාව රජ කරවන්නයි.ගෝඨාභයගේ කඳවුර දෙස බලනවිටත් හිරිකිතයි. ඒ කඳවුර අලුතින් තීන්ත ගෑ හිර ගෙදරකට සමානයි. ඒ කල්ලිය ජාතිවාදය අවුලවමින්, ජනතාව කොටවමින් ඡන්ද ගන්න උත්සාහ කරනවා.මහින්ද අද උතුරට වෙන කතාවක් කියා දකුණට ඇවිත් තව කතාවක් කියනවා. මේ දේශපාලනය තේරුම් ගත යුතුයි”.මහනුවර රණවිරු සමුළුව ඇමතූ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -“යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැ කියලා බොහෝ දෙනෙකු කීවා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය දිනන්න පුළුවන් බව කිව්වා. ගම්වල තරුණයන් තම ජීවිතය පූජා කර යුද්ධය ජයග්‍රහණය කළා. රට වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම පිංකමක් බව බුද්ධ ධර්මයෙහි පවා සඳහන් වෙනවා.රණවිරුවන් ගැන විවිධ අර්ථකතන මාධ්‍ය දෙනවා. රණවිරුවන් රට වෙනුවෙන් යුද්ධ කළේ වැටුප බලා ගෙනම නොවෙයි”.කොළඹ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සමුළුව ඇමතූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා -“නොවැම්බර් 17 වැනිදාට හිරු උදාවන විට රටේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතායි.නිදහස් මාධ්‍ය ව්‍යපාරය සමඟ මා 1980 වසරේ සිට සම්බන්ධ වී කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ගේ විවිධ අවශ්‍යතා, පහරදීම්, ආදි සියල්ල වෙනුවෙන්ම එදා මුලින්ම පාරට බැස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උදවියයි.පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින් මාධ්‍යවේදීන් මර්දනය කළා. ඒ යුගයේදී මාධ්‍යව්දීන් කී දෙනෙකුට ජීවිත අහිමි වුණාද? මාධ්‍යවේදීන් කී දෙනෙකුගේ අතපය අහිමි වූවාද? මහින්ද රාජපක්ෂ පාලනය විසින් කළ මාධ්‍ය මර්දනය ද අපගේ ජයග්‍රහණයට බලපෑවා.2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහසක් දුන්නා. දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. ඇතැම් මාධ්‍ය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනයට පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන කතා කරනවා වෙනුවට තවමත් රාජපක්ෂ රෙජිමයට ගුණ වයමින් සිටිනවා”.දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුද කතා කළහ.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති එඞ්වඞ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි ද සොයිසා  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 
“මා ජනපති වූ පසු රජවෙන්නේ පොඩි මිනිසා ඇතුළු සමස්ත ජනතාවයි“
0
hp_train_0502
(අනීෂා මානගේ)රටේ ඇතිවී ඇති අර්බුදය විසඳීමට ඇති හොඳම ක්‍රමය ජනතාව ඉදිරියට පැමිණ ජනතාවගේ කැමැත්ත උරගා බැලීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (22) බෙලිඅත්තේදී පැවැසීය.මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසූයේ බෙලිඅත්ත වලවෙල ශ්‍රී දේව රක්ඛිතාරාමයේ ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.     ‘‘මම හිතන්නේ ව්‍යවස්ථානූකූලව කටයුතු කරන එකයි අපි කවුරුත් කරන්න ඕන. අධිකරණය ඉදිරියේ නඩුවක් තියෙන නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. රටේ ජනතාව හැමෝම කතා කරන්නේ  රටේ තියෙන අර්බුදය විසදන්න හොඳම ක්‍රමය ජනතාව ඉදිරියට ගිහිල්ලා ජනතාවගේ කැමැත්ත උරගා බලන්න කියන එක.අපි හැම අවස්ථාවකදීම ජනතාව කෙරෙහි විශ්වාසය තියල තියෙනවා. ඡන්ද දායකයා මේ අර්බුදයට විසඳුමක් ලබා දේවි. රජයට තියෙන්නෙත් විපක්ෂයට තියෙන්නෙත් ඡන්දයට බය නැතුව, ඡන්දයට බයේ හැංගෙන්නේ නැතුව ජනතාව ඉදිරියට ඇවිල්ලා මේ මැතිවරණයට මුහුණ දෙන්න.මැතිවරණයකින් කාගෙවත් ප්‍රජා අයිතිය නැති වෙන්නෙත් නැහැ. කෙනෙකුගේ මූලික අයිතිවාසිකම් නැතිවෙන්නෙත් නැහැ. වඩාත් වැදගත් වන්නේ රටේ ස්ථාවරත්වයක් ඇති වෙලා  රටට හොඳ ආණ්ඩුවක් ඇවිල්ලා ඒ ආණ්ඩුව තුළින් ජනතාවට වඩාත් පහසුකම් ලබා දීමයි.රටේ ජනාධිපතිවරයාට මරණීය තර්ජන ඇති වෙලා තියෙන වෙලාවක, රටේ ආර්ථිකය කඩාහැලෙන වෙලාවක, රටේ පරිපාලනය පිරිහෙන වෙලාවක අපිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් මේ රජය භාර ගන්නැයි ආරාධනා කළා.ඉතාමත් සතුටින් අපි එය භාර ගත්තා. එතුමා කිසිම විටෙක ව්‍යවස්ථාව උල්ලංඝණය කළේ නැහැ. ව්‍යවස්ථාව අනුව කටයුතු කරලා තමයි අපි බලයට ආවේ. මේ අවස්ථාවේදී අද පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ අත්තනෝමතික ක්‍රියාපටිපාටිය නිසා ව්‍යවස්ථාවේ නැති බලතල පාවිච්චි කරමින් විධායක බලය පාවිච්චි කරමින් ඔහු කටයුතු කිරීම නිසා ඇති වී ඇති අර්බුදය මම අමුතුවෙන් කියන්න ඕන නැහැ.අපි ගත්තම අපිට තේරුණා ජනතාව බදු බරින් මිරිකිලා හිටියේ. බඩු මිල ඉහළට නැගලා. බදු අයකලා පුංචි කඩයකින් පවා. මෙවැනි තත්වයක් තිබුණු අවස්ථාවක බදු බරින් හිටිය අයව නිදහස් කරන්නට අපි පියවර ගත්තා.කෘෂිකර්මාන්තයෙන් ලැබෙන සියලුම ආදායම්, ආදායම් බදු වලින් නිදහස් කරන්නට අපි පියවර ගන්නවා මේ සතියේදී. මේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න අනිවාර්යෙන් අවශ්‍යයි. සමහර අයට කෘෂිකර්මය අරහන්. පසුගිය ආණ්ඩුවට කෘෂිකර්මාන්තය පිළිබඳව අවබෝධයක් තිබුණද මම දන්නේ නැහැ.පිටරටින් ලැබුණු උපදෙස් තමයි කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න එපා කියන එක. ඒ නිසා කෘෂිකර්මාන්තයෙන් බදු අයකරන්න පටන් ගත්තා. අපි දැන් ඒක වෙනස් කරනවා. බෝග වලින්, වී වලින් ලැබෙන ආදායම ගැන අපි සොයල බලලා අවුරුදු පහක සහනයක් ලබා දීලා තවතවත් ඔවුන් කෘෂිකර්මය කෙරෙහි ධෛර්යමත් කරන්න පියවර ගන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ.මේ විදියට අපි රටේ බදු බර අඩු කරලා බඩු මිල අඩු කරලා ජනතාවට වඩාත් සහන සලසන ආණ්ඩුවක් තුළ අනවශ්‍ය බදු අය කරල අනවශ්‍ය විදියට ජනතාව පීඩනයට ලක් කරන්න අපි සූදානම් නැහැ.අද ලොකුවට කියනවා අපිව යම් යම් ආයතන වලින් අපිව පල්ලෙහාට දාලා තියෙනවා කියලා. හැබැයි කිසිම වෙනසක් සිදුවෙලා නැහැ එදා ඉදලා අද වෙනකල් දවස් විසිහතකට.මීට මාස තුනකට උඩදී ඒ ආණ්ඩුව තියෙනකොටත් ඒ ආයතන ඇවිල්ලා බලපු තත්වයට වඩා හොඳ තත්වයක් මිසක් නරක තත්වයක් අද රට තුළ ඇති වෙලා නැහැ. අපිට ණය ගෙවන්න සල්ලි තියෙනවා. අද සමහරු කිය කිය යනවා පිටරටට ණය ගෙවන්න අපි ළග සල්ලි නැහැ කියලා. අපිට තියෙනවා සල්ලි. ඒ නිසා  අපි ඒකට බය වෙන්නේ නැහැ. අපිට ණය ගෙවන්න පුළුවන්.  ණය ගන්නත් ශක්තිය තියෙනවා. ගෙවන්න පුළුවන්කම තියෙනවා. අපි රටේ සංවර්ධනයක් කරල තියෙනවා. අපි ගත්ත ණය වලින් නම් සංවර්ධනය කලා. රට වටේ ඇවිද්දම පේනවා ඒක.වරායට ගුවන්තොටුපොළට ගියත් ලංකාවේ කොහේ ගියත් බලාගන්න පුළුවන්. උතුරු ප්‍රදේශයේ සංවර්ධනය ඇති වුනේ අපේ කාලයේදී. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආණ්ඩුවෙන් බෝක්කුවක්වත් හදල නැහැ. එහෙමවත් බැරි වුනා. තව ටික දවසකින් පැයයි විනාඩි විස්සකින් කොළඹ නගරයට යන්න පුළුවන්කම තියෙනවා මෙහේ ඉදන්. අපිට ඉස්සර යන්න පැට හතක් අටක් ගියා. ඒ තත්වය වෙනස් කරලා මේ දරුවන්ට හොඳ රටක් බිහි කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා ‘‘යැයිද අගමැතිවරයා පැවසීය.  ( වීඩියෝ- 356)
අර්බුදය විසඳන්න හොඳම ක්‍රමය ජනතා කැමැත්ත බැලීමයි
1
hp_train_0503
( උපාලි ආනන්ද)අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක (387948) මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටින සැකකාරියන් දෙදෙනො  සහ සැකකරු තවදුරටත් ලබන සැප්තැම්බර් මස 7  වන දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා  අද  (24) නියෝග කළේය.මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකාරිය වන අනුරාධපුර මහ නගර සභාෙවි වැටුප් විෂය නිලධාරිණිය වන ඒ  ඩබ් ශාලිකා එරන්දි අමරසිංහ නැමැත්තියට ඇප ලබා දෙන  ලෙස ඉල්ලමින් ජනාධිපති නීතිඥ කරුනරත්න හේරත් මහතා අධිකරණයට දැක්වූ කරුනු සලකා බැලූ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා ඇයට ඇප ලබා දෙන්නේද? නැද්ද ? යන්න නියෝගය එදිනට ප‍්‍රකාශයට පත් කිරීමටද නියෝග කෙරිණ.තවදුරටත් රිමාන්ඞ් කලේ  ප‍්‍රධාන සැකකාරිය වන අනුරාධපුර මහ නගර සභාවේ  වැටුප් විෂය බාර නිලධාරිනිය ලෙස සේවය කල  ඒ ඩබ් ශාලිකා එරන්දි අමරසිංහ (36) ඇගේ සහෝදරයෙකු වන අනුරාධපුරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන  අසංක ප‍්‍රසාද් අමරසිංහ සහ අනුරාධපුර මහ නගර සභාවේ සේවිකාවක  වන උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි යන තිදෙනාය ඔවුන් අනුරාධපුර තිසාවැව නිවාස 60 අංක 4 සහ අනුරාධපුර අභයගිරි පාර කුට්ටම්පොකුණ  අංක 212/2 ලිපිනයන්හී පදිංචිකරුවන්ය.මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ රහස් පොලිසිය මග හරිමින් සැගව සිටින ප‍්‍රධාන සැකකාර වැටුප් විෂය බාර නිලධාරිනියගේ සැමියා වන අනුරාධපුර  මහ නගර සභාවේ ආදායම් පාලක ඩී එම් ආර් සම්පත් අනුරාධ කුමාරසිංහ නැමැත්තාට විදේශ ගතවීම වලකාලමින්   තහනම් නියෝගයක් නිකුත්  කළ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මෙම තහනම් නියෝගය නොපමාව  ආගමන විගමන පාලකරයාට යවන ලෙසට අධිකරණයේ රෙජිස්ට‍්‍රාර් ජයන්ත මහතාට මහේස්ත‍්‍රාත්වරයා මීට පෙර නියෝග කෙරිණි. අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන මෙම මහ පරිමාණ මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඞ් කර සිටින එම මහ නගර සභාෙවි වැටුප් විෂය බාර නිලධාරිනිය විසින් නගර සභාවට අයත් රුපියල්  විසි ලක්ෂ හැත්තෑ හතර දහස් තුන්සිය දෙකක (2074302) මුදලක් ඇගේ සහෝදරයෙකු වන අසංක ප‍්‍රසාද් අමරසිංහ  නැමැතතාගේ  නමින් ඇති බැංකු ගිණුමකට බැර කර ඇති බව අධිකරණයට දැනුම් දුන් රහස් පොලිසිය තවත් රුපියල් දහ නව ලක්ෂ විසි පන්  දහස් තුන් සිය පහක (1925305) මුදලක් අනුරාධපුර මහ නගර සභාවේ සේවිකාවක වන උඩවත්තේගදෙර ලෝකානන්ද පද්මිනි යන අයගේ ගිණුමකටද වැටුප් විෂය බාර නිලධාරිනිය විසින්  බැර කර ඇති බවද අධිකරණයට සැල කළේය. රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි මොහාන් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක බස්නායක මහතා සැකකාරිය සහ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුනු කීවේය.මූල්‍ය වංචාවට අදාලව රිමාන්ඞ් කර සිටින වැටුප් විෂය බාර නිලධාරිනියගේ නමින් විවිධ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල පවත්වා ගෙන යන බැංකු ගිනුම් 110 ක් පරික්ෂා කිරීමට   මීට පෙර රහස් පොලිසියට අධිකරණයේ අවසරය ලබා දුන් අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර මහතා    විමර්ශණ සිදු කිරීමේදී අදාල බැංකු ගිනුම් වලට අදාල  තොරතුර   රහස් පොලිසියට ලබා දෙන ලෙසටද සියලු,  රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල කලමනාකාරිත්වයටද  තවදුරටත් නියෝග කරනු ලැබීය. දැනට රිමාන්ඞ් කර සිටින සැකකාරියන් දෙදෙනා සහ සැකකරු 1982 අංක 12 දරන පොදු දේපල විෂයලා සිදු කරනු ලබන පනතේ 5 වන වගන්තිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත ප‍්‍රධාන  සැකකාරිය අනුරාධපුර මහ නගර සභාෙවි වැටුප් විෂය බාර නිලධාරිනිය ලෙස සේවය කරමින් සිටියදී   රුපියල් කෝටි 24 කට අධික මුදලක් ඇය විසින් පරිහරණය කර ඇති බවත් ඒ අතරතුර  මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බවත් රහස් පොලිසිය දැනට සිදු කර ඇති මූලික විමර්ශණවලදි අනාවරණය වී තිබේ. ප‍්‍රධාන සැකකාරිය වෙනුවෙන් නීතිඥ රෝහණ පේ‍්‍රමලාල් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ කරුනාරත්න හේරත් මහතා පෙනී සිටි අතර 2 වන සැකකරු සහ  3 වන සැකකාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටියේය අනුරාධපුර මහ නගර සභාව වෙනුවෙන් එහි නීති නිලධාරිණි ප‍්‍රියන්ති නිශ්සංක මහත්මිය පෙනී සිටියාය.   මෙම මුල්‍ය  වංචාව සිදුව ඇති බව කියනුයේ 2013 වසරේ සිට 2018 වසර දක්වාය වංචා කර ඇති මුදල රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂයක් බවට රහස් පොලිසිය සිදු කල මූලික විමර්ශණවලදි දැනට  හෙළි කර ගෙන තිබුනද වංචා කර ඇති එම මුදල රුපියල් කෝටි හතකට ආසන්න බවට රහස් පොලිසියේ වානිජ අපරාධ විමර්ශණ ඒකකය  සැක පළ කරයි. රහස් පොලිසියේ වානිජ අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරයි. උතුරු මැද පළාත් පාලන කොමසාරිස් කේ ඒ සංජීවනී මහේෂිකා මහත්මිය සහ අනුරාධපුඅර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුනවර්ධණ මහතා රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ පිලිබදව විමර්ශන ඇරැඹිණි.
අපු‘ර නගර සභාවේ මූල්‍ය වංචාවට අත්අඩංගුවට ගත් ආදායම් පාලකවරයාත් 7 දක්වා රිමාන්ඩ්
0
hp_train_0504
(ඩයනා උදයංගනී)වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්දන එන්නත් බූස්ටර් මාත්‍රාව ලබාදීම කොළඹ දී අද (10) සිට ආරම්භ කෙරිණි.කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඔස්සේ මෙම එන්නත් මාත්‍රාව ලබාදීම සිදුකෙරෙන බව  කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවාය. දැනට ‍කුමන හෝ වර්ගයකින් එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන මාස තුනක් සම්පූර්ණ කර ඇති අයට බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති අතර ඔවුන්ට එන්නත ලබාගත හැකි ස්ථානය හා දිනය  කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙන බව ද ඇය සඳහන් කළාය.බූස්ටර් එන්නත ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නත් මාත්‍රාවකි.බූස්ටර් එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබූ වයස අවුරුදු 30ට වැඩි පිරිස 3,25,000ක් පමණ වන බව කී දිනූකා ගුරුගේ මහත්මිය තමන්ට ලැබෙන දිනයට පැමිණ එන්නත ලබාගන්නා ලෙසත් අනවශ්‍ය ලෙස එන්නත්කරණ මධ්‍යස්ථාන අවට එක්රැස්වෙමින් එන්නත් ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද පැවසුවාය.(ඡායාරූප - ශාන්ත රත්නායක)
කොවිඩ් එන්නත් නොගත් විසි දහසක් කොළඹ දිස්ත්‍රික්කයේ
0
hp_train_0505
(ඩයනා උදයංගනී)බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.නැගෙනහිර සහ ඌව පළාත්වලද වැසිවාර කිහිපයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව ඔහු සඳහන් කළේය.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් තත්වයක් පවතින බවද එම ප්‍රකාශකයා කීවේය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. 
පළාත් රැසකට අද පස්වරුවේ වැසි
0
hp_train_0506
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 980 දෙනෙක් අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 2,83,040ක් දක්වා ඉහල ගොස් ඇත.කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 962දෙනකු සුවය ලබා අද (17) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,55,833කි. 
කොවිඩ් ආසාදිතයන් තවත් 980ක්
1
hp_train_0507
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 10/11/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32229055ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මඩකලපුව32228045ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.කොළඹ30239065ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.ගාල්ල29249070ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.යාපනය31229060ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මහනුවර30199550ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.නුවරඑළිය2009 8040ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇතිවිය හැක.රත්නපුරය33229565ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.ත්‍රීකුණාමළය32228550ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මන්නාරම30259065ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. කාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).   
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0508
ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග 7ක් අවසන් වන විට තිබුණු ප‍්‍රතිඵල අනුව ‘ඒ ’ කාණ්ඩයෙන් නවසීලන්තයද, ‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාවද පෙරමුණ ගෙන සිටියහ. ‘ඒ’ කාණ්ඩය      කණ්ඩායමතරගජයපරාජවි.නැ.ප‍්‍ර. ලකුණුශූ.ල.වේ.නවසීලන්තය21013+1.048එංගලන්තය11002+0.960ඕස්ටේ‍්‍රලියාව20111-0.960ශ‍්‍රී ලංකාව10100-1.048       ‘බී’ කාණ්ඩය      කණ්ඩායමතරගජයපරාජවි.නැ.ප‍්‍ර. ලකුණුශූ.ල.වේ.ඉන්දියාව22004+0.979දකුණු අප‍්‍රිකාව21102+0.410බ. ඉ. කොදෙව්21102-0.086පකිස්ථානය20200-1.108 
නවසීලන්තය - ඉන්දියාව පෙරමුණේ
1
hp_train_0509
එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මව්පියන් දෙදෙනාම නැත. වැඩි මහල් සහෝදරයා දුක්  මහන්සියෙන් බාල සහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබිමට වරම් නොලැබුණි. මේ අතර අයියා මහන්සියෙන් දියුණවට පත්ව සමාජයේ කැපි පෙනෙන පුද්ගලයකු බවට පත් වූයේය.එහෙත් අයියාගේ අවාසනාවට මෙන් මල්ලි පදිංචි වූයේ ඒ අසලමය. මල්ලි බීමත්ව පැමිණ නිතර නිතර අයියාගේ දියුණුව ඉවසාගත නොහැකිව බැණ වදින්නට විය. මේ නිසා ගමේ අය ඔහු හැඳින්වුයේ කචල් මල්ලි කියාය. අවස්ථා කිහිපයක්ම කචල් මල්ලී  පොලිසියට කැඳවා උපදෙස් දුන්නත් වැඩක් නොවීය.මේ අතර අයියාගේ දියණිය බැලීමට මනමාලයකු පැමිණි අවස්ථාවේ කචල් මල්ලි බීමත්ව පැමිණ නොයෙක් දේ කියමින් අයියාගේ පවුල ලැජ්ජාවට පත් කළේය. එහෙත් පැමිණි පිරිසට අයියා කරුණු පැහැදිලි කළ අවස්ථාවේ ඔවුන් පැවසුවේ ඕවා සාමාන්‍ය දේවල්  බවය.අයියාගේ දියණියගේ මංගල උත්සව දිනය ළංවිය. මල්ලි පැමිණ නෑදෑ පිරිස අපහසුවට පත්කරන බව දැනගෙන සිටි අයියා තමාගේ මිතුරකුට කතාකර උපදෙසක් පැතුවේය. “හරි මම බලා ගන්නම් කී මිතුරා කචල් මල්ලිගේ ජංගම දුරකතන අංකය ඉල්ලා ගත්තේය.මංගල උත්සවයට පෙර දිනයේ කචල් මල්ලිගේ දුර කතනයට ඇමතුමක් ලැබුණි. “ආයුබෝවන් මහත්මයා අපි මේ කතා කරන්නේ දුප්පත්කම නැති කිරීමේ  සංවිධානයෙන්, අපගේ සංවිධානය විසින් අඩු ආදායම්ලාභි පවුල් සඳහා ලබාදෙන රුපියල් දස ලක්ෂය මෙවර දීමට තීරණය කර තිබෙන්නේ ඔබටයි. ඔබේ නම  නිර්දේශකර අපට එවා තිබෙන්නේ ග්‍රාම නිලධාරි මහතායි. ඔබ හෙට උදේ දහයත් එකොළහත් අතර කාලයේ හැඳුනුම්පත පමණක් රැගෙන අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.“ යනුවෙන් පැවසු කාන්තාවක් ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු සියලු‍ විස්තර අසා ගත්තාය.මෙවැනි මුදලක් තමාට ලැබේයැයි ඔහු කිසි දිනෙක සිතුවේ නැත. දස ලක්ෂයෙන් කරන වැඩ ගැන එළිවෙනතුරුම බිරිඳ සමග කතා කළේය“.දැන් ඉතින් මටත් අයියාට වැඩ පෙන්වන්න පුලු‍වන්  ඔහු සිතුවේය. දුරකතන ඇමතුමෙන් කී විස්තර අනුව කිසිම සැකයක් නැත. ගමේ සිට කොළඹට යාමට අඩු තරමින් පැය හතරක්වත් ගතවේ. ඒනිසා උදේ රැයින්ම අලු‍ත් කලිසමක්  සහ කමිසයක් ඇඳගෙන ඔහු කොළඹ බලා පිටත් වූයේය.උදේ දහයවන විට කොළඹට පැමිණි ඔහු දුරකතනයෙන් කී මං සළකුණු ඔස්සේ ප්‍රධාන කාර්යාලය සොයාගෙන යන්නට විය. එහෙත් එවැනි තැනක් සොයා ගැනීමට නොහැකි වූ නිසා තමාට ඇමතුම දුන් දුරකතනයට කතා කළේය.“මහත්මයා පාර වරද්දාගෙන දැන් ආපස්සට එන්න. ඇවිල්ල දකුණට හැරෙන්න. එතැන තියෙනව විශාල ගොඩනැගිල්ලක් ඒකේ දෙවැනි තට්ටුවට  එන්න.“ ඒ අනුව ආපස්සට පැමිණි ඔහු එම ගොඩනැගිල්ල අසල නැවති එයට ඇතුළුවීමට තැනක් සොයමින් සිටින විට ආරක්ෂක නිලධාරියකු පැමිණ ඔහු එලවා දැම්මේය. ඉන්පසු ඇමතුම දුන් දුර කතනයට කොතෙක් කතාකලත් පිළිතුරු නැත. එය ක්‍රියා විරහිතයදැන් හොඳටම දවල් වෙලාය. කචල් මල්ලිට තද බඩගින්නක් දැනෙන්නට විය. තමා උගුලකට හසුවී ඇති බව ඔහුට වැටහුණි. ඒ අසල සිටි ආරක්ෂක නිලධාරියාගෙන් පිටකොටුව බස් නැවතුම් පොළට එන පාර අසාගත් කචල් මල්ලි පයින්ම පිටකොටුවට ගියේය. ගමට එනවිට හොඳටම රෑ බෝවෙලාය. සුපුරුදු පරිදි කසිප්පු පොලට ගිය ඔහු වෙනදාමෙන්ම බීගෙන ආවේ අයියාගේ දියණියගේ උත්සවයට පැමිණෙන පිරිසට ලැජ්ජා කරන්නට සිතා ගෙනය. එහෙත් ඒ වනවිට උත්සවයේ සියලු‍ කටයුතු ඉතා හොඳින්  අවසන්ව තිබිණි. උණවටුන ඩි.ජී.සුගතපාල
අයියාට වැඩ පෙන්නන්න ගිය කචල් මල්ලී දස ලක්ෂයේ උගුලක හිරවෙලා
0
hp_train_0510
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේ‍ශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 16/12/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32249575ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව32249570ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31249570සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  ගාල්ල32249075සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  යාපනය31259075ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර30209080සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20119570ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය33239575සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. ත්‍රීකුණාමළය31249575ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම29259070ප්‍රධාන වශයෙන් වැසි රහිත   
‘ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්‘
1
hp_train_0511
(විමුක්ති එස් රුද්‍රිගු)ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (24)  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 7 කින් පහළ ගියේය.ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.35 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.40 ලෙස සටහන් විය. 
රුපියල ගණන් උස්සයි
0
hp_train_0512
(ඉන්දිකා රාමනායක)නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 94 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 53,030 ක් අත්අඩංගුවට ගෙන ඇත.  
නීති කැඩු 94ක් අල්ලයි
1
hp_train_0513
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ අකුරැස්ස, තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඒ අසල පැවැති ජන රැලිය අමතමිනි.රැලිය අවසන්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාව නගරයේ වෙළෙඳසල්වලටද ගොස් ව්‍යාපාරිකයන් හමුවී සුහද කතාබහකද නිරත විය. ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨයක් නැති බව දයානන්ද වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹීමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. ඒත් අප මේ දියුණුව අගය කරනවා.අද අප ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා.අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. ඒ අනුව අප සියලුම දෙනා ඒ ආණ්ඩුවේ දිවුරුම් දුන්නා. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජාතික ආණ්ඩුවක් බිහි කරන බව මහ මැතිවරණයේදී මා පැවැසුවා. ඒ අනුව අප හැමදෙනාම එකට එකතු වී වැඩ කටයුතු කරනවා. වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කර යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10 ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි.දෙවැන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. බට්ටා වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගීන් ප්‍රවාහන කටයුතු සඳහා වාහන අවශ්‍යයි. 1977 වසරේ ත්‍රිරෝද රථ ගෙන්වීමෙන් කුඩා වාහන ගෙන්වීම ආරම්භ කළා.ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප එහි මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරුපැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි.තරුණයන් සඳහා යතුරුපැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරුපැදි මිලදීගත හැකියි. ඒත් පොඩි වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මානවල ආර්ථිකය දියුණුවට පත් වෙනවා. මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳසල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. ඒකාලේ බාබර් සාප්පුවක් පමණක් තිබුණා.අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි.රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා. අප රට බාරගනිද්දී ආදායම වැඩි කරන්න තවත් මාර්ග තිබුණා. එදා පැවැති පෙට්‍රල් ගාස්තුව මතකද? සියලුම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලුම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳපොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ මිල අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට ද වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි.ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩුවුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලුත් බදු පැනවීමට සිදුවුණා. අන්තර්ජාල බද්දක් පැනවූයේත් ඒ අනුවයි.තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල්දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදුවෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි.මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ද ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ද අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා.ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩුපාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩිවෙනවා.දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදිකළා.කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.ජේ.ආර්. ජයවර්ධන ජනපතිටත්, ප්‍රේමදාස ජනපතිටත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් මුහුණදීමට සිදුවී තිබෙනවා.ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා.  අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත්වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යනා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොළේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නන් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසිරුවෙනුයි.පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමු යැයි චීන ජනපති අපට පැවසුවා. දැන් අප වසර 70 ක් සඳහා එය දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. අපට ලැබී තිබෙන බද්ද ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා.මත්තල ගුවන් තොටුපොළ බාර ගැනීම සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන්වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල  ගුවන් තොටුපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන්තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වයකට පැමිණේවි.චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු.හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලීම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්.හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබෙනවා. ලබන වසරේ ආරම්භ කර ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදුකරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන්කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපාරය ආරම්භ කරනවා.එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ. වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි.සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලිව්වා. දැන් අපි දකුණේ පෙරළිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරළිය දැකගන්නට හැකිවේවි.මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1 ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් සීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යායුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි.දකුණේ දියුණුව මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි.මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම් ද ආරම්භ කර තිබෙනවා.ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන දී වැඩකටයුතු කළා.දැන් අප සංවර්ධන යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාබ ලබන දේවල් බවට පත්කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,මාතර දිස්ත්‍රික්කයේ සෑම බස් නැවතුම්පොළක්ම හැදුව. ඒත් අකුරැස්ස බස් නැවතුම්පොළ අලුත්වැඩියා කෙරුණේ නැහැ.ලංකා ඉතිහාසයේ හදිසි ආපදා වෙනුවෙන් ඉදිකෙරුණු පළමු බෝට්ටුව අද අපි අකුරැස්සට බාරගත්තා.අකුරැස්සේ ව්‍යාපාරිකයන් යන එන මං නැතිව නන්නත්තාර වූ යුගයක් තිබුණා. මෙහි ව්‍යාපාරිකයන් හැමදාම ගංවතුරෙන් බැට කනවා. ඔවුන් වෙනුවෙන් ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි. සංහිඳියා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ රටට මෙන්ම ලොවටත් ආදර්ශයක් ලබාදීමයි.මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාලපිරිසක් සහභාගී වී සිටියහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
යහපාලන රජයේ වසර දෙකක ප‍්‍රගතියෙන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි ගත්තා
0
hp_train_0514
( ඩී.කේ.රත්න) ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ 2019 වර්ෂයේ මංගල ප‍්‍රාදේශීය සභා අයවැය අද (30)  වැඩි ඡන්ද හයකින් පරාජයට පත් විය.ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා (එ.ජා.ප.) විසින් 2019 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ මාසික මහා සභාවාරයට ඉදිරිපත් කිරීමෙන් පසු විවාදයට ගැනීමෙන් අනතුරුව සිදු කළ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද හයක් සහ විපක්ෂව ඡන්ද දහතුනක් ලැබීමෙන් අයවැය ලේඛනය වැඩි ඡන්ද හයකින් පරාජයට පත්විය.ඡන්දයට පක්ෂව එ.ජා.පක්ෂයේ සභාපතිවරයා ඇතුළුව එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් හත් දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කළ අතර අයවැයට විරුද්ධව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් හත්දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රීවරු හතර දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරයා සහ ස්වාධීන කණ්ඩායමේ මන්ත‍්‍රීවරයා ඡන්දය ප‍්‍රකාශ කළහ.මෙම සභාව සදහා ලංකා කම්කරු කොංග‍්‍රසය නියෝජනය කරන මන්ත‍්‍රීවරයා මෙදින සභාවට පැමිණ සිටියේ නැත.  
බදුල්ල ප්‍රා. සභාවේ අයවැය සම්මතයි
0
hp_train_0515
(ක.ග.කරුණාරත්න) හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අද(14) පැවති මාසික රැස්වීමේදී 2020 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 21කින් සභාසම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 2ක් ලැබිණි. ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විපක්ෂව ඡන්දය දුන්හ.හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්.උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී රැස්වීම ආරම්භ විය. ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය කෙටුම්පත සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය. ප්‍රාද්ශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 8දෙනා අයවැය කෙටුම්පත සඳහා ජන්දය විමසීමට පෙර රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ. අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවේදී  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 10 දෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13දෙනා එක්ව අයවැයට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කළහ. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය 33 කින් සමන්විතය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර 13 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙයේ මන්ත්‍රී ධූර 10 ක්, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී ධූර 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධූර 2ක් වශයෙනි.
කන්දකැටිය ප්‍රා සබේ අයවැය සම්මතයි
0
hp_train_0516
(ඩී.ජී.සුගතපාල)හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 280ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අද(10) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය පවසයි.මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සිරිබෝපුර අමරදේව ගම පදිංචි 33 හැවිරිදි අයෙකි.සැකකරු ජාවාරම් කිරිම සඳහා හෙරොයින් තබාගෙන සිටින  බවට ලැබුණ තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන සෝදිසි කිරිමේදි හෙරොයින් තොගය සොයාගෙන ඇත.සැකකරු හෙට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය. 
හම්බන්තොට ධීවර වරායට මත්කුඩු ගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට
0
hp_train_0517
(ක.ග.කරුණාරත්න) අරලගංවිල පොලිස් වසමේ කළ විශේෂ මෙහෙයුමකදී අධිකරණය මගින්  විවෘත වරෙන්තු නිකුත් කර සිටි වරෙන්තුකරුවන් 5දෙනෙකු ඇතුළු විවිධ වැරදි සම්බන්‍ධයෙන්වූ සැකකරුවන් 14 දෙනෙකු අද(12) අත්අඩංගුවට ගත්බව අරලගංවිල පොලීසිය කියයි. අරලගංවිල සහ ඒ අවට ප්‍රදේශවලට කේරළ ගංජා බෙදාහැරීමේ ජාවාරමකට සම්බන්‍ධ බව කියන අයෙකු කේරළ ගංජා ග්‍රෑම් 250ක්ද සමඟ අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කළේය. ඊට අමතරව කසිප්පු ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 04 දෙනෙකු සහ බීමත් රියැදුරන් තිදෙනෙකුද වන බව කියති. පොලිස් අත් අඩංගුවට පත් සැකකරුවන් සියලුම දෙනා අරලගංවිල පොලිස් බල ප්‍රදේශය තුල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත. මෙම සැකකරුවන් අද දිනයේ (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
හොරොයින් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 15 ක් අත්අඩංගුවට
0
hp_train_0518
සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න ගාල්ල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා නගර සභාවේ සභිකයන්ගේ වැඩි ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්වූයේය.  පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභාවට පත්වූ සහබන්දු මහතා නගරාධිපතිවරයා තේරීමේ රහස් ඡන්දයේ දී ඡන්ද 20ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිධූරයට නාම යෝජනා වූ ජිලිත් නිශාන්ත මහතා ඡන්ද 11ක් ලබාගත්තේය.  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා හා ස්වාධීන කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.  එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව නගර සභාවේ බලය පිහිටුවන බව ඊයේ නිවේදනය කර තිබූ අතර අද නගරාධිපතිවරයා තෝරන අවස්ථාවේ නම් දෙකක් ඉදිරිපත් වූයෙන් ඡන්දයකට යාමට තීරණය කර තිබිණි.මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ෆවුසුල් නියාස් මහතා නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස නිතරගයෙන් පත්විය.ගාල්ල මහා නගර සභාවේ සංයුතිය මෙසේය.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රී වරුන් 13ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රී වරුන් 3 ජනතා විමුක්ති පෙරමුනෙන්  3එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් 1 ස්වාධීන  මන්ත්‍රීවරැන් 1
ගාල්ල නගරාධිපති පොහොට්ටුවෙන් - එජාප නියෝජිත පරදී
1
hp_train_0519
(*** අංජුල මහික විරරත්න)සමගි ජන බලවේගය සමග එකතු වන්නැයි එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන බව සමගි ජන බලවේගය මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේදි ඊයේ (10) පැවසීය.සමගි ජනබලවේගයේ කටයුතු කළද තමන් එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන බව කී හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂය සියයට දෙකක ප්‍රතිශතයකට ඇද වැටීම ගැන කාලකන්නි සතුටක් නොලබන බව ද සඳහන් කළේය.ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වු හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද කීවේය..විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් මුලින්ම ජනපතිට සහ අගමැතිට සුබ ප්‍රාර්ථනා කරනවා. මේ ජයග්‍රහණය තුළින් රටට සේවය කරන්න ශක්තිය ලැබේවායි යන්න අපේ පැතුමයි.ජනතාව ඔවුන්ට සම්පූර්ණ බලය ලබා දී තිබෙනවා. රට මුහුණ දී ඇති අර්බුද හමුවේ ඔවුන් ක්‍රියා කරන්නේ කෙසේදැයි අප බලා සිටිනවා. විපක්ෂයක් ලෙස අප ආණ්ඩුවේ හොඳ දෙයට සහාය දෙන්නත් වැරදි දේට එරෙහිව සටන් කරන්නත් කටයුතු කරනවා.ඔවුන් දුන්නු පොරොන්දු වහා ඉටු කළ යුතුයි. තුනෙන් දෙකක බලයක් දී ඇති නිසා පොරොන්දු සියල්ල ඉටු කරන්න දැන් ශක්තිය තිබෙනවා. සැමන් පරිප්පු සහනය වගේ ඡන්ද පොරොන්දුත් අමතක කරන්න එපා යයි අප ඉල්ලා සිටිනවා.ජනතාව වෙනුවෙන් හඬ නැගීමට අපට තනි විපක්ෂයක බලය තිබෙනවා. අර්බුද රැසක් මැද අප අභියෝග ජය ගත්තා. ආණ්ඩුවේ පළමු යුතුකම වන්නේ පොරොන්දු ඉටු කිරීමයි. තුනෙන් දෙකෙහි ජනවරමේ සැබෑ අරුත එයයි.2010 වසරේදිත් අප ශක්තිමත් රජයක් ගෙදර යැව්වා. ඒ ඔවුන් කළ වැරදි නිසයි. 2015 වසරෙන් පසුව කළ වැරදි නිසා අපට වැරදුණා. මේ පිරිසට සාර්ථක වෙන්න නම් ඇති වන්නට අත්දැකීම් මෙන්ම බලයද තිබෙනවා.කැබිනට් මණ්ඩලයට පත් කරන්නේ 26 දෙනකු පමණක් බව මොවුන් කියනවා. එක පවුලක් වටා කොතරම් ආයතන සංඛ්‍යාවක් බෙදී යනු ඇත්දැයි අප බලා සිටිනවා. එය මගේ අනාවැකියයි. එමෙන්ම මොවුන් පළමුවෙන්ම කරන්නේ ව්‍යවස්ථාව වෙනස් කිරීමයි. එයත් මගේ අනාවැකියයි.ඡන්දය දුන් සහ නොදුන් පිරිස වෙනුවෙන් අපට පැවරුණු වගකීමක් තිබෙනවා. ශාඛා සමිතියක් හෝ නැතිව මඩ ගැසීම් මැද අප ලැබූ ජයග්‍රහණය ගැන සතුටුයි.ජනතාව මේ මැතිවරණයේදි අමුතු උත්තර දී තිබෙනවා. තදින් ජාතිවාදය ගැන කතා කළ අය ඉවත් කරලා. ජනතාව බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කර තිබෙන බව කිව යුතුයි.අප වැරදුණු තැන් හදාගෙන ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අත්දැකීම් අප සතුයි. අප සමග සිටි අයගෙන් වැරදි කළ අය භාගයක් පමණ දැන් සිටින්නේ ආණ්ඩුව පාර්ශවයේයි. අනෙක් අය පරාජයට පත්වී ගෙදර ගොස් සිටිනවා. හොඳ පිරිස අප සමගයි.අතීත නායකයන් බලය ලැබුණු පසු හැසිරුණු ආකාරය නිසා අපට මේ තත්ත්වය ඇති වුණා. දැන් ඒ නායකත්වයටත් හිතා ගන්න බැරි පරාජයක් අත්වී තිබෙනවා.අප ආණ්ඩුවේ හැමදේටම එරෙහිවන දෙකේ පන්තියේ විපක්ෂයක් ලෙස කටයුතු කරන්නේ නැහැ.එමෙන්ම එක්සත් ජාතික පක්ෂය යනු අපේ උරුමයයි. අප එක්සත් ජාතික පක්ෂය අතහැර ගියේ නැහැ. ඒකාධිපති පක්ෂ නායකයකු මෙන්ම රටේ පාලකයකු සමග අපට ගැටෙන්න වුණා. ඒකාධිපති පක්ෂ නායකයාට ජනතාව උත්තර දුන්නා. සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකව සමස්ත එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ගත්තා.තුනෙන් දෙකක ආණ්ඩුවක් සමග ගැටෙන්න ඉඩ ලැබීම අපටත් හොඳ පන්නරයක්. රට වෙනුවෙන් අපි හරි දේ කරමු.අලුත් ගමනක් අරඹමු යයි ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ හරීන් ප්‍රනාන්දු මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය: ඔබ එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමග සාකච්ඡා කරනවාද?පිළිතුර: විවිධ පාර්ශ්ව එවැනි සාකච්ඡා සඳහා යොමු වී තිබෙනවා. නමුත් දැන් සාකච්ඡා කළ යුතුදැයි යන ප්‍රශ්නය පැන නැගිලා. පාක්ෂිකයන් සියලුම දෙනා දැන් අප සමග එක්ව සිටිනවා. අප ජනවරමක් පෙන්වා දුන්නා. මෙය තේරුම් ගන්න බැරි නම් දරුණු ප්‍රශ්නයක්. එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂයක් සියයට දෙකේ මට්ටමට වැටිය යුතු නැහැ. අප ඒ කාරණයෙන් කාලකණ්නි වින්දනයක් ලබන්නේද නැහැ.ජනතාවාදි වෙනවා නම් නායකයන් සත්‍යය අවබෝධ කරගත යුතුයි. අප ඔවුන් සමග අතින් පයින් ගහ ගන්න යන්නේ නැහැ. ඔවුන් කරන්නේ කුමක්දැයි අප බලා ඉන්නවා සියයට 2 ක ප්‍රතිශතයක් තබාගෙන පළාත් සභා මැතිවරණයට ඉල්ලීමත් විහිළුවක්. සජිත් ප්‍රේමදාස කිසිවකුටත් වෙනස්කම් කරන්නේ නැහැ.ප්‍රශ්නය: එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාසට දිය යුතුයි ඔබ කියනවද?පිළිතුර: අප ඉදිරියට කටයුතු කරන්නේ සමගි ජනබල වේගයෙනුයි. නමුත්  එක්සත් ජාතික පක්ෂය අප සමග සිටිය යුතුයි. අප ඉක්මනින්ම අර්බුද මැද ජනතාව අතරට පැමිණියා. නමුත් එක්සත් ජාතික පක්ෂය අපේ පක්ෂයයි. අප ඊට ආදරෙයි.අප සමග එක්වන්නැයි ඔවුන්ට ආරාධනා කරනවා. නමුත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය හෙංචයියන්ට දෙනවා නම් අපට ගැටලුවක් තිබෙනවා.ප්‍රශ්නය: සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු සම්බන්ධ අර්බුදය කොහොමද? ඔබ ඊළඟ පාර්ලිමේන්තුවේ සිටීවිද?පිළිතුර: විපක්ෂයට ගිය විට ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් පක්ෂවලට අර්බුද පැන නැගීම සාමාන්‍ය තත්ත්වයක්. අපේ සෙසු පක්ෂ සමග සාකච්ඡා කර අර්බුදය විසඳා ගැනීමට උත්සාහ කරනවා.සියලු දෙනාට සාධාරණයක් වන පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දිය යුතුයි. ඊළඟ දින දෙක තුන තුළ විසඳුමක් දීමට හැකි වේවි. අර්බුද ගැන කලබල විය යුතු නැහැ.සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස සිටිය යුත්තේ ක්‍රියාකාරි දේශපාලකයන් පමණයි යයිද කීය.
මහ ඡන්දයේදී තරග කරන්නේ එජාපයයි පොහොට්ටුවයි පමණයි
0
hp_train_0520
(හර්ෂණ තුෂාර සිල්වා)මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට මැයි 4 දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව වසරේ මුල් මාස තුන අවසානයේදී සියයට 3කින් අවප්‍රමාණය වී තිබූ රුපියල මුල් මාස හතර අවසන් වනවිට සියයට 3.2කින් අවප්‍රමාණය වී තිබේ. අප්‍රේල් මස 25 වැනි දා රුපියල මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළ අතර රුපියල තවදුරටත් අවප්‍රමාණය විය. එදින ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.04ක් දක්වා ඉහළ ගියේය. ඉහත කාලයේදී ස්ටලින් පවුමකට සාපේක්ෂව රුපියල සියයට 4.1කින් ද, යූරෝවකට සාපේක්ෂව රුපියල සියයට 3.6කින් ද අවප්‍රමාණය වී තිබේ. පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.99ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
මාස 12ට රුපියල සියයට 15කින් බාල්දු වෙලා
0
hp_train_0521
(සිරංගිකා ලොකුකරවිට) බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා අයවැය, අද (5) කැඳවා තිබූ විශේෂ මහා සභා රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද එය ප්‍රායෝගික නොවන බවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අදහස් දැක්වීම හේතුවෙන් ජනාධිපතිවරණයෙන් පසු පවත්වන සභාවාරයකදී ඉදිරිපත් කිරීම සඳහා කල් තැබිණි.අයවැය යෝජනා තමන් වෙත ලැබුණේ දින හතරකට පෙර බවත් මේ දිනවල යෙදී ඇති මැතිවරණ කටයුතු හේතුවෙන් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් කාර්යබහුලව සිටින බවත් එහිදී ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසා සිටියහ. අයවැය යෝජනා නිසි ලෙස අධ්‍යයනය කිරීමට නොහැකි වූ බැවින් අද දිනයේ අයවැය සාකච්ඡාවට ගැනීම ප්‍රායෝගික නොවන බවත් අද සභාව අඩාලව කල්තබා ජනාධිපතිවරණයෙන් පසු දිනයක ඉදිරිපත් කිරීම සුදුසු බවත් එහිදී ඔවුහු පවසා සිටියහ.සභාපතිවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කිහිපදෙනකු ද මෙම අදහස් වලට පක්ෂ වෙමින් ජනාධිපතිවරණයෙන් පසු දිනයක අයවැය යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා  සිටියහ.කෙසේ වුවද සභාපති දිල්රුක් අබේකෝන් මහතා එයට විරුද්ධ වෙමින් කියා සිටියේ අයවැය ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය සහ ඉතාමත්ම වැදගත් කරුණක් බැවින් එය කිසිසේත්ම කල්දැමිය නොහැකි බවයි. යෝජනා අධ්‍යයනය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට ලබාදුන් කාලය ප්‍රමාණවත් බවත් අද අනිවාර්යයෙන්ම අයවැය යොජනා ඉදිරිපත් කිරීම කළයුතු බවත් හෙතෙම පවසා සිටියේ ය.එහිදී මන්ත්‍රීවරුන් උක්ත කරුණ සම්බන්දව බෙදීමක් ඉල්ලා සිටීමට සූදානම් වූ නමුත් උපසභාපති සුමිත් ජයසේකර මහතා නැගී සිටිමින් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම අවස්ථාවේ බෙදීමකට යෑම අනවශ්‍ය බැවින් සභාවේ මතයට ගරුකර සභාව කල්තැබීම සිදුකරන ලෙසයි.ඒ අනුව සභාව අඩාලව කල්තබන බව සභාපතිවරයා විසින් පවසා සිටි අතර ජනාධිපතිවරණයෙන් පසු දිනයක පවත්වන විශේෂ රැස්වීමකදී අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට ඒකමතිකව තීරණය විය.
හාරිස්පත්තුව ප්‍රා.ස උණුසුම් වෙයි
0
hp_train_0522
(තිළිණි ද සිල්වා)විදෙස් සංචාරකයින් විසි තුන් ලක්ෂ තිස්තුන් දහස් හත්සිය අනූහය දෙනෙකු  ඉකුත් වසරේදී මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එය ඉකුත් 2017 වසරේදී මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව හා සැසඳීමේදී එම සංඛ්‍යාව  10.3% කින් වර්ධනය වී ඇතැයි එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටී. 2017 වසරේදී විදෙස් සංචාරකයින් විසි ලක්ෂයකට ආසන්න පිරිසක් පැමිණ තිබේ.වැඩියෙන්ම  සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාව , චීනය , බි‍්‍රතාන්‍යය , ජර්මනිය සහ  ඕස්ටේ‍්‍රලියාව යන රටවල් වලින් බව ද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.ඉකුත් වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ගත වූ මාස 12 කාලය තුළ විදෙස් සංචාරකයින් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ වන අතර එම සංඛ්‍යාව 253,169 ක් වේ. මීට අමතරව පසුගිය පෙබරවාරි ,මාර්තු , ජුනි ,නොවැම්බර් මාස වලදී විදෙස් සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව අධිකාරිය කියා සිටී. මෙම සංචාරකයින් පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටියේ මේ වසරේදී විදෙස් සංචාරකයින් ලක්ෂ 30 ක්  ඉලක්කයක් රජය අපේක්ෂා කරන බවය. එසේම මේ වසරේ ඇමෙරිකා ඩොලර් බිලියන 4 ක ආදයමක් සංචාරක ක්ෂේක‍්‍රයෙන් ඉපැයීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටියේය. පසුගිය 2018 වසරේදී මීට වඩා විදෙස් සංචාරකයින්ගේ පැමිණීම අපේක්ෂා කළද ඉකුත් ඔක්තෝබර් මාසයේදී 26 වැනිදා ඇති වූ දේශපාලන අර්බුද හේතුවෙන් සංචාරකයින් පැමිණී තරමක් අඩාල වූ බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටී.  
සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්
0
hp_train_0523
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි වාර කිහිපයක්  ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  
‘නිරිත දිග මෝසම් වැසි එනවා‘
0
hp_train_0524
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ‍ෙ බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි ඇති වීමේ හැකියාව වැඩි මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්   බස්නාහිර පළාතේ උදය කාලයේදී ද වැසි  ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.‘මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.
අද සවස ගිගුරුම් සහිත වැසි
0
hp_train_0525
(තිස්සමහාරාම රංජිත් එස්. ඩයමන්, කතරගම විශේෂ රුක්මන් රත්නායක)තිස්ස සභාවේ වාර්ෂික ආදායම කෝටි හතරහමාරයි. බැඳුම්කර හොරකම මාස හයට කෝටි 1100 යි.තිස්ස සභාව බැඳුම්කර හොරකම වාගේ සල්ලි හොයාගන්න නම් අවුරුදු 220 ක් බලන් ඉන්න ඕනෑ.. කොහොමද හොරකමේ තරම.අපි තිස්සමහාරාම සභාව දිනලා පාලනය කරන්නේ කොහොමද කියලා පෙන්නුවා.. අපිට ඕනෑ ජනතාව රජ කරවන්න යැයි? ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (10) පැවැසීය.ඔහු මේ බව පැවැසුවේ තිස්සමහාරාමයේදී පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.අනුර කුමාර මහතා මෙසේද කීය.මෙවර මැතිවරණය සුවිශේෂී එකක්. කොට්ඨාසයට වග කියන අපේක්ෂකයෙක්, වැඩ කරන කෙනෙක් තෝරගන්න මෙවර අවස්ථාව තියෙනවා.අපි ගොඩාක් මහන්සිවෙලා මේ ඡන්ද ක්‍රමය හදාගන්න කටයුතු කළා.රටේ කාන්තාවන් සියයට පනස් එකක් ඉන්නවා. රටට වැඩිපුර විදේශ විනිමය ගේන්නේ කාන්තාවෝ. ඇඟලුම් තේ නිෂ්පාදනයේදී කාන්තාවෝ ඉහළ මට්ටමක ඉන්නවා. දේශපාලනයේදී එය අඩුවුණා. ගෙයි සිටිය කාන්තාවන්ට ප්‍රාදේශීය සභාවේ බලයට එන්න කටයුතු කරලා තියෙනවා. මේ පාර එම විශේෂත්වය ඇති කරලා තියෙනවා.මෙදාපාර යූ.එන්.පී. එකට ඡන්දය දෙනවාද නැද්ද කිය කියා ජනතාව බලාගෙන ඉන්නවා. මේ පාලනයේ දක්ෂතා කොහොම වෙතත් දැන් අවුරුදු තුනක්ම ඉවරයි.එදා බලය ගන්නකොට රනිල් කිව්වා හොරු අල්ලනවා කියලා. ඒ හොරුන්ගේ සල්ලිවලින් රට හදනවා කිව්වා. ඒත් රනිල් හොරු ආරක්ෂා කළා. රනිල්, සාගල, තිලක්, වජිර, හොරුන්ව ආරක්ෂා කරනවා.අපිට ඉන්නවා පොලිස්පතිවරයෙක් පොලිසියේ අයට භාවනා පන්ති පවත්වනවාලු. මේ වාගේ රැස්වීමකදී සිදුවූ සිදුවීම මුළු රටම දන්නවා. පොලිස්පතිට කෝල් එකක් ආවා. ඔයාලා ටීවී එකෙන් දැක්කා නේද? ඔව් සර් හා සර් ෆයිල් එක ගන්නම් සර් ඕකේ සර්. කවුද මේ පොලිස්පතිට කතා කළේ. සාගල රත්නායක. මොකද්ද ප්‍රශ්නය දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේගේ ප්‍රශ්නයක්.ඒ නිලමේ නාමල්ගේ හොඳ මිත්‍රයෙක්. ඒ කාලේ නිලමේ පුල්මුඬේ ඛනිජ වැලි එකේ සභාපතිවෙලා සිටි සමයේ ලක්ෂ 400 කට වෙච්ච දෙයක් නෑ.මේ දෙගොල්ලාම එකයි. දෙගොල්ලාම හොරු ආරක්ෂා කරනවා. බැඳුම්කර හොරකම කියන්නේ මොකද්ද? දීර්ඝකාලීන ණය දීමයි බැඳුම්කරය කියන්නේ..බෑණා මාමට දෙනවා.. මාමා කොළයක් දෙනවා. ඒක නැවතත් සල්ලි දීලා ගන්නවා.මාමා ඊ.ටී.එෆ්. සල්ලි ටික ගත්තා.. දැන් බලනකොට පාඩුව කෝටි 1100 යි. බැසිල් ඕස්ටේ්‍රලියාවෙන් ගෙන්වපු හරක් ආණ්ඩුව මාරු වුණාට පස්සේ හැරිසන් ලස්සනට බෙදනවා. ගොවීන්ට ඒකෙනුත් සහනයක් නැහැ. මුන් සහනාධාරත් අන්න ලස්සනට බෙදාගෙන.රනිල්ට වඳින්න දන්නෙ නැතිලු. නියරේ ඇවිදින්න බෑලු. මේවා බරපතළ ප්‍රශ්න නොවෙයි. රනිල් ආවම ජාත්‍යන්තරය දිනාගෙන රටේ ආර්ථිකය හදනවා කිව්වා. කෝ ඒක සිදුවුණාද?මේ දෙසැම්බර් මාසවල නගරවල කොච්චර බිස්නස් තියෙනවාද? අද මිනිස්සු කඩවලට ඇවිල්ලා බඩු අතගාලා යනවා විතරයි. රටේම ආර්ථිකය වැටුණා. හාල් 100 ට වැඩිවුණා. පොල් 100ට වැඩිවුණා. වෙන රටවල නම් ආහාර සඳහා නිෂ්පාදන කර්මාන්තශාලා ඕනතරම්. කෝ අපේ රටේ. ජෝන් කියනවා හාල්, පොල් පිටරටින් ගෙන්වනවා කියලා. මෙහෙ ඒවා අඩුවෙනකොට පිටරටින් ගෙන්වන්න ආණ්ඩු ඕනෑද? මේවා නිෂ්පාදනය කරන්න රජයට පුළුවන්නේ.ඇයි හාල් ප්‍රශ්නය මෙච්චර උග්‍ර වුණේ. අද හාල් ටික පාලනය කරන්නේ මෛත්‍රීගේ මල්ලි ඩඞ්ලි සිරිසේන, නිපුන හාල්, රත්න මුදලාලිලානේ.කිසිමදාක හාල් මිල රු. 72 ට වැඩියෙන් වැඩිවෙන්න බැහැ. අපිට හාල් ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් සහල් නිෂ්පාදනය තියෙනවා. මේ අයට මේවා කළමනාකරණයවත් කරන්න බැහැ. වී අලෙවි මණ්ඩලයක් තියෙන්නේ මේවා කළමනාකරණය කරන්නයි. රනිල් කිව්වා එයා රක්ෂාවල් දස ලක්ෂයක් දෙනවා කියලා. කෝ දුන්න රක්ෂාවක් කියන්න. මෙන්න මේ නිසා යූ.එන්.පියට නම් ඡන්දය දෙන්න එපා.අද වෙනකොට පොහොර ප්‍රශ්නයක් තියෙනවා. පොහොර සහනාධාරය මේ අය කැපුවා.අපේ නාමල් කරුණාරත්න සහෝදරයා පොහොර සහනාධාරය ගැන සටන් කරලා පොහොර සහනාධාරය ලබා ගත්තා. මේ රජය සහනාධාර සේරම කපාගෙන යනවා. පාසල් ළමයින්ගෙ නිල ඇඳුමත් එහෙමයි. එදා බන්දුල ගුණවර්ධනටත් චෝදනා එල්ල වුණා. මම පාර්ලිමේන්තුවේ මේ ගැන ඇහුවා බන්දුලගෙන්. එතකොට එදා බන්දුල කිව්වේ බැසිල් තමයි රෙදි ගෙන්වන්නේ කියලා. දැන් මේ අය අවුරුදු තුනක් තිස්සේ රෙදි දෙනවා. එදා කූපනයම තමයි අදටත් දරුවන්ට දෙන්නේ. රු 400 යි. රු 700 යි. දෙනවා. අවුරුදු තුනක්ම දරුවෙක් 400 ට රෙද්ද අඳියිද? ළමයි ලොකු මහත්වෙනවා. ඒත් මෙයාලාගේ කූපනයේ මිල තාමත් එතැනමයි. මේවාට නිසි කළමනාකරණයක් නැහැ.මේ පාරත් ඡන්දය යූඑන්පියට දුන්නොත් කියයි ජනතාව ඡන්දය දීලා මේ අයව අනුමත කරලා තියෙන්නේ කියලා.හම්බන්තොට වරාය විකිණීමට ජනතාව අනුමත කරලා තියෙන්නේ. ඒකයි වික්කේ. මත්තල විකුණන්න පුළුවන් ජනතාව ඡන්දය දීලා තියෙන්නේ අනුමතයි. කියයි.මගුල් ගෙදරක් මළ ගෙදරක් වෙන්න බැහැ. ජනතාව රජයට හොඳටම බනිනවා. මේ අය එකට බෙදාගෙන කන්නේ. එස්.බී.  හැම ආණ්ඩුවේම සමෘද්ධි ඇමති.මේ අය බෙදාගෙන කන්නේ මෙහෙමයි. අමරවීර ධීවර ඇමැති සන්ධානේ. දිලිප් ධීවර රාජ්‍ය ඇමති යූ.එන්.පීි සජිත් නිවාස ඇමැති යූඑන්පී ඉන්දික නියෝජ්‍ය සන්ධානේ. එස්.බී. සමෘද්ධි සන්ධානේ, රන්ජන් නියෝජ්‍ය යූ.එන්.පී. එකේ. මහාමාර්ග කිරිඇල්ල යූ.එන්.පී. මහාමාර්ග නියෝජ්‍ය ඩිලාන් සන්ධානේ මේ කට්ටිය එකට ආණ්ඩුව කරන්නේ. දෙකට බෙදිලා ඡන්දය ඉල්ලන්නේ.මෛත්‍රීට ඡන්දය දුන්නොත් වෙන්නේ යූ.එන්.පියයි සන්ධානෙයි එකතුවෙලා ආයෙමත් මේ රට විනාශ කරන එකයි. ඒනිසා මෛත්‍රී කියයි ආණ්ඩුවේ වැඩ අනුමත කරලා කියලා. මේ අයට නම් ඡන්දය දෙන්න එපා. මේ රට තවත් විනාශ වෙන එකයි වෙන්නේ.ඊළඟට රාජපක්ෂ නඩය හදන්නේ මෙදාපාර පොහොට්ටුවෙන් ඡන්දය අරගෙන මහින්ද අගමැති කර ගන්නයි. පොහොට්ටුවේ නායකයා ජී.එල්. පීරිස්. චන්ද්‍රිකාගේ කාලේ පැකේජය ගෙනාවේ මෙයා.මෙයාට කියන්නේ පැකේජ් පප්පා කියලයි. එදා රනිල්ගෙ කාලේ ජී.එල්. පීරිස් නෝර්වේ ගිහිල්ලා ඇන්ටන් බාලසිංහම් බදාගත්තා. තායිලන්තේ සාම කතාවලට ගිහිල්ලා තමිල් සෙල්වම් එක්ක එක කාමරයේ නිදාගත්තා. ජී.එල්ගේ පක්ෂය තමයි පොහොට්ටුව.මහින්ද මහත්තයාට ඕනෙ නම් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට තරග කරලා සභාපති වෙන්න පුළුවන්. එයාලා කියනවා මහින්ද අගමැති කරවන ඡන්දයක් කියලා මේක. දැන් එයාලාගේ අපේක්ෂකයින්ගේ මූණ මුද්දරයක් ගානට පොඩියට ගහලා මහින්දගේ මූණ පත්තරයක් වාගේ ගහලා පෝස්ටර් ගහලා. තව එකක් මේ පාර ඡන්දය දුන්නේ නැත්නම් ඊළම හැදෙනවා කියනවා. අද දෙමළ දේශපාලනඥයින්වත් ඊළම ගැන කතා කරන්නේ නැහැ.2015 මහින්ද ඡන්දය ඉල්ලුවේ විදුලි පුටුවට ගෙනියනවා. මහින්ද පැරදුණොත් කියලා. අනේ අපොයි අපේ ගම්වල අම්මලාගේ පපුව හෝස් ගාලා පිච්චුණා. ඇයි රට බේරගත්ත නායකයාට මෙහෙම වෙයිද කිලා. බොරු කතා කියලා ඡන්දය ගත්තා.කෝ අද විදුලි පුටුවට ගියාද ඔය බොරු වලට හසුවෙන්න එපා. මේ රට බෙදනවා කියලා බොරු ප්‍රචාර යවනවා.අපි ජනතාවට කියනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ඉන්නකම් රට බෙදන්න අපි දෙන්නේ නැහැ, නැහැ, නැහැමයි, කියලා.මේ රටේ අපි හැමෝම සහජීවනයෙන් ජීවත්වෙනවා. ජනතාව බෙදුණොත් තමයි රට බෙදෙන්නේ. බැසිල් අයියා ජනාධිපති වුණාම ලංකාවට ආවා. මහින්දානන්දට, ජොන්ස්ටන්ට චෝදනා තියෙනවා. වීරවංශ ලක්ෂ 740 ක් උපයපු හැටි හොයනවා. එතකොට කියනවා එයා අවුරුදු 17 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉඳලා සතෙන් සතය එකතු කරලා ටිකිරි ගිණුමේ දැම්මාලු.රනිල්, මෛත්‍රී, මහින්ද එකම කණ්ඩායමක් එකට ඉන්නවා. වෙනම තරග කරනවා. හරියට අපි පොඩිඑවුන් ක්‍රිකට් ගහන්න ගියාම වාගේ.තරග කරනකොට ගලද මලද කියලා කතා කරගෙන බෙදෙනවා තරගකරනවා. නැවත එයාලා පෙර පරිදි එකතු වෙනවා. මේ අයට ලැජ්ජ නැහැ. චන්ද්‍රිකාගේ කාලේ ඉඳලා මෛත්‍රී දක්වා කවුරුත් ඇමැතිවරු ලෙස වැඩ කරනවා. ඒ පැත්තෙන් මේ පැත්තට පැන පැන එයාලා හොරකම් කරනවා. ඒ විතරක් නොවේ පක්ෂ ලේකම්වරුත් එහාට මෙහාට පැන පැන මේ හොරකමට දායක වෙනවා.සජිත් ප්‍රේමදාස තුට්ටු දෙකේ දේශපාලනය කරන්නේ. මහ ලොකුවට ජනාධිපති වෙන්න හීන මවනවා. සිමෙන්ති කොට්ට බෙදනවා. ගමේ කිසිම කෙනෙක් ගහමරා ගන්න එපා. ඇයි ලොකු අය ඩීල් දාගෙන ඉන්නේ. අපේ අය මෙහෙ මරාගන්නවා. එපා රණ්ඩුවෙන්න. චමල් සජිත් එකට බදා ගන්නවා. ඇයි අපි රණ්ඩුවෙන්නේ. රනිල්, මෛත්‍රී, මහින්දලා එකට ඉන්නේ. අපේ මිනිස්සු මරාගන්න එපා.අපි තිස්ස බලයේ ඉන්නකොට කරපු වැඩ මේ වෙනකම් කවුරුත් කළේ නැහැ. අද ඩෙංගු හැමතැනම. අපි පුරවර පුබුදුව යටතේ කළ වැඩසටහන් ජනතාවට බොහෝම වටිනවා.තිස්ස කුණු ටික නිසි කළමනාකරණයක් කළා. ප්‍රතිචක්‍රීයකරණය මගින් කසළ පොහොර හදන්න අපි කටයුතු කළා.  ගමට පරිගණක මධ්‍යස්ථාන සහ පුහුණුව අපි ගෙනාවා. මේවා කවුරුවත් කළේ නැති වැඩ. දැන් ආණ්ඩුව තොරතුරු තාක්ෂණ විෂය ළමයින්ට දෙනවා. අපි කලින්ම ගමට දරුවන්ට තොරතුරු තාක්ෂණය හඳුන්වා දුන්නා.මේ අයගේ ගැහිල්ල කොහොමද කියනවා නම් ගලගෙදර පැත්තේ කිලෝමීටර් 31 ක් පාරක් කාපට් කරන්න කිලෝමීටරයකට කෝටි 450 ක් අරගෙන කිරිඇල්ලගේ වැඩක්.ගිං නිල්වලා ව්‍යාපෘතිය සඳහා 2015 ජනවාරි 7 දා කෝටි 370 ක් වෙන්කරනවා. ඒ ඇමැති මෛත්‍රී වේදිකාවේ ඉන්නේ. මොකද වුණේ කෝටි 370 ට කිසිම කථාවක් නැහැ. ලැජ්ජයි මේ රටට කරනා විනාශය. අපිට තිස්ස බලය දෙන්න අපි හොරකම නැති කරනවා. අපි ජනතාව පැත්තේ ඉන්නේ. අම්බලන්තොට, සූරියවැව, අඟුණකොළපෑලැස්ස තිස්ස අපිට වාසියි. අපේ ජයග්‍රහණය ස්ථිර කරන්න අප හා එක්වන්න. ජනතාවට වටිනාකමක් දෙන්න අපි කටයුතු කරනවා යැයි ඔහු පැවැසීය.
ජනපති ඉන්න දිස්ත්‍රික්කයේවත් ජනතා ප්‍රශ්න අදටත් විසඳලා නෑ
0
hp_train_0526
(මනෝප්‍රිය ගුණසේකර) අඩු වටිනාකමක් යෙදු තක්සේරු වාර්තාවක් ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 10,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකට ද යටත් කළ විනිසුරුවරයා මෙම සිද්ධියේ පැමිණිලිකරුට රුපියල් 25,000/-ක වන්දියක් ගෙවීමටද නියම කළේය. විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 10,000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ නියම කළ දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසර 6 ක සිරදඬුවමක්ද නියම කළේය. සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට දඩුවම් නියම කළේය. විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය. චෝදනාවට වරදකරුවීමෙන් මෙලෙස දඬුවම් නියම වුයේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු වශයෙන් සේවය කළ එච්.බී. ජගත් නමැත්තාටය. ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට නියම කළ වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 10ක කාලයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය. අල්ලස් කොමිසමේ පොලිස් පරීක්‍ෂක සී.ඒ. ගුණවර්ධන මහතා මෙහි විමර්ශන නිලධාරීවරයා ලෙස කටයුතු කළ අතර පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය පෙනී සිටියාය.
අල්ලස් ගත් බන්ධනාගාර නියාමකවරයාට 24 වසරක සිරදඬුවම්
0
hp_train_0527
 (අංජුල මහික වීරරත්න)ජනාධිපති ධුරය  පුරප්පාඩු වුවහොත් ගත යුතු  ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති මතය අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත දන්වා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.අදාළ කාරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා නීතිපතිවරයාගෙන්  කළ විමසීමකට අනුව නීතිපතිවරයා සිය මතය දන්වා එවා ඇත.ජනාධිපති ධුරය පුරප්පාඩු වුවහොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් වරයාට දන්වන ලද නීතිපති මතය මෙසේය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 38(1)ව්‍යවස්ථාව අනුව  ජනාධිපතිවරයා මියගියහොත්, කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස් වුවහොත් ,ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියකු ව සිටීම නතර වුවහොත් ජනාධිපති ධුරය හිස් වෙි. එසේම ජනාධිපති ධුරයේ හිස් වන තවත් අවස්ථා තුනක් ද එම අනු ව්‍යවස්ථාව  යටතේ දැක්වේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාවේ හිස් වූ ජනාධිපති ධුරය අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගන්නා ආකාරය සඳහන් කර ඇත.ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපති ධූරය හිස් වුවහොත් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන් අතරින් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කළ යුතුය. එසේ පත්වන  ජනාධිපතිවරයා ධුර කාලයෙන් ඉතිරි කාලය සඳහා පමණක් ධුරය දැරිය යුතුය.එම තෝරා ගැනීම ජනාධිපති ධුරය හිස් වී මාසයකි ගතවීමට ප්‍රථම සිදුකළ යුතුය. ඒ සඳහා රහස් ඡන්දයක් පවත්වා වැඩි ඡන්දයෙන් තෝරා පත් කළ යුතුය.ජනාධිපති ධුරය පුරප්පාඩු වූ දා සිට නව ජනාධිපතිවරයකු පත් වන තාක් අතරතුර වූ කාලය තුළ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බලනු ඇත. පත්වූ නව ජනාධිපතිවරයා එවිට අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු වන කෙනෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුතුය.මෙම කාරණයේදී 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනත ද අදාළ වන බව නීතිපතිවරයා විසින් පෙන්වා දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 38(1) අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය හිස් වූ වහාම ජනාධිපතිවරණ පනතේ තෙවන වන වගන්තිය ක්‍රියාත්මක වෙි. ඒ අනුව ජනාධිපති ධූරය හිස් වූ පසු දින තුනක් ඇතුළත පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුව රැස් කළ යුතුය. එසේ පාර්ලිමේන්තුව රැස්වූ විට දී ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවට දන්වා සිටිය යුතුය. ඒ රැස්වීම් දිනයේ සිට පැය 48කට කලින් නොවන්නාවූ සහ දින හතකට පසු නොවන්නා වූ දිනයක තමා විසින් නාමයෝජනා බාර ගනු ලබන දිනයක් හා වේලාවක් නියම කළ යුතුය.එසේම මෙම  කාරණයේ දී ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම යන අංක 7 දරණ පාර්ලිමේන්තු ස්ථාවර  නියෝගයටද නීතිපතිවරයා විසින් අවධානය යොමු කරන ලද බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
අගමැති ලේකම් නීතිපති මතය විමසයි
1
hp_train_0528
(මනෝප‍්‍රිය ගුණසේකර)මට්ටක්කුලිය ප‍්‍රදේශයේදී තරුණයින් පස්දෙනකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම විත්තිකරුවන් නවදෙනාම නිදොස් කොට නිදහස් කළේය.මෙම නඩුවේ සාක්කි වල බරපතල ඌනතා සහ පරස්පරතා ඇති බවත් එම සාක්කි මත විත්තිකරුවන් වරදකරුවන් කිරීමට හැකියාවක් නැති බවත් ප‍්‍රකාශ කළ විනිසුරුවරයා විත්තිකරුවන් සියලු දෙනාම නිදොස් කොට නිදහස් කළේය.විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව තීරණය කරමින් මෙලෙස නිදොස් කර නිදහස් කරන ලද්දේ ප‍්‍රසාද් රුවන් හෙවත් රොෂාන්, චමිල කුමාර හෙවත් චානක, අලි මොහොමඩ් අෆිස්, ටී. රන්දෙව්, නිරෝෂන් සමින්ද කොස්තා, රවින්ද්‍ර නාගරාජා, තුෂාර මධුරංග පෙරේරා, ගෝවින්දන් නෙරන්ජන් සහ දිමිතු චතුරංග පෙරේරා, නමැත්තන්ය.2016 ඔක්තොබර් මස 23 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ දී තරුණයින් පස්දෙනකුට වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම නඩුවේ සාක්කිකරුවන්ගේ සාක්කිවල බරපතල ඌනතා සහ පරස්පරතා ඇති බවත් එම පරස්පරතා සහ ඌනතා නඩුවේ හරයටම බලපාන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.මෙවැනි සාක්කි මත විත්තිකරුවන් වරදකරුවන් කිරීමට හැකියාවක් නැති බවත් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවත් තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන් සියලු දෙනාම නිදොස් කර නිදහස් කළේය.විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, රවින්ද්‍ර සිල්වා සහ ගාමිණි අල්විස් ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.
මට්ටක්කුලිය සිද්ධියේ විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස්
1
hp_train_0529
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි  වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. කන්කසන්තුරේ  සිට පුත්තලම  සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන අතර  සෙසු මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවේ.‘
‘අදත් කඩින් කඩ වැසි‘
0
hp_train_0530
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ  අධ්‍යක්ෂවරියක වන   සිසිලියා කොතලාවල මහත්මිය රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.ඇගේ විදෙස් ගමන් බලපත්‍රය තවදුරටත් අධිකරණයේ තබා ගන්නා ලෙස ද නියෝග කැරිණි.කොළඹ මහාධිකරණයෙන් ඇප ප්‍රතික්ෂේප වූ පසු අභියාචනාධිකරණයේ ඇය විසින් ගොනු කැරුණු පෙත්සම රෝහිනී වල්ගම හා ඒ ආර් බී දෙහිදෙනිය  යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද කැඳවිණි.විවිධ රෝගාබාධ රැසකින් පීඩා විඳින තමන්ව ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය විසින් දෙන ලද නියෝගය බලරහිත කොට , සුදුසු කොන්දේසි මත නිදහස් කරන්නැයි ඉල්ලා සිසිලි කොතලාවල මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වන්නේ නීතිපතිවරයාය.වයස අවුරුදු 74ක් වන තමා ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කලද තමන් එම සමාගමේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ නොවූ බවද පෙත්සම්කාරිය කියා සිටින්නීය.රෝගිබාධ රැසකින් පීඩා විඳි තම සැමියා වන ලලිත් කොතලාවල මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුව බලා යාමට සැලසුම් කළ අතර ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ ඇතිවූ මූල්‍ය අර්බුදය හේතුවෙන් ලලිත් කොතලාවල මහතා මෙරට නැවතී සිටිය බවද පෙත්සමේ සඳහන් වේ.ඒ අනුව් මුලින් සැලසුම් කළ පරිදි තමන් 2008 දෙසැම්බර් 31 වැනිදා සිංගප්පූරුව බලා ගිය බවත්,එහිදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වූ බව සඳහන් කරන පෙත්සම්කාරිය වැඩිදුරටත් සිය පෙත්සමින් පෙන්වා දෙන්නේ විදෙස් රටකට නොයා සිටීමට තරම් විදෙස් ගමන් තහනමක් හෝ අධිකරණයකින් තමන්ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමක් කර නොතිබූ බවයි.මේ අතර පෙත්සම්කාරිය ඇගේ සැමියා ඇතුළු ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ නඩු පැවරූ බවත් පෙන්වා දෙන පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන් මෙරටින් පිටවී සිටි බැවින් නඩුවට අදාළව නීතීඥවරයෙකු හෝ ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවය.එම නඩුවේ සියලූ විත්තිකරුවන් සියුල දෙනාම ඇප මත මුදාහැරිය බවත් පෙත්සමේ සඳහන් වේ.ලංකාවේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන මුණ ගැසීම සඳහා ඉතුත් පෙබරවාරි 04 වැනිදා තමා මෙරටට පැමි‚ බවත්,එහිදී ආගමන විගමන නිලධාරීන් විසින් තමා අත්අඩංගුවට ගෙන පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන්ට බාර දුන් බවද සඳහන් වේ.ශාරීරික හා මානසික රෝගී තත්ත්වයෙන් පීඩා විඳි තමා පසුව පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ වු බවද ඇය කියා සිටින්නීය.නමුත්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන් තමන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරයට පත් කළ බවත්, පසුව ඇප ඉල්ලා අයැදුම් පතක් මහාධිකරණය හමුවේ ගොනු කළඳ තමන්ව ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝග කළ බවද පෙත්සම්කාරිය කියා සිටින්නීය.නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාද, පෙත්සම්කාරිය වෙනුවෙන් නීතීඥ සනත් විෙජ්වර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ,සාලිය පීරිස් සහ සුගත් කල්දේරා යන නීතීඥවරුන් පෙනී සිටියහ.
මාස එක හමාරකට පසු සිසිලියාට ඇප
1
hp_train_0531
අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාගැනීමට නියමිත ණය මුදල සම්බන්ධ සාකච්ඡා වල අවසන් අදියර සඳුදා (11)  දිනයේ ආරම්භ වීමට නියමිතය. ණය මුදල සම්බන්ධයෙන් මෙන්ම රටට අනාගතයේදී වැදගත් වන ප‍්‍රතිපත්ති සම්පාදන කටයුතු පිළිබඳවද මෙම සාකච්ඡාවලදී අවධානය යොමුකරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.රජයේ අධික වියදම අවම කිරීමට ගතහැකි පියවර,ආදායම නිසි පරිදි කළමනාකරණය කරගැනීමට ගත හැකි කි‍්‍රයාමාර්ග,එක් එක් අවස්ථාවලදී සිදුකරන සංශෝධන වලින් නොව ක‍්‍රමවත් පද්දතියක් මාර්ගයෙන් බදු අය කරගැනෙන ක‍්‍රමවේදයක් ඇතිකිරීම ආදිය  ප‍්‍රතිපත්ති සම්පාදනයන් අරබයා පැවැත්වෙන මෙම සාකච්ඡුාවේදී සැළකිල්ලට ගැනීමට නියමිතය.දැනගැනීමට හැකිවූ ආකාරයට රජය හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර දැනට කරුණු 11 ක් සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිව තිබේ.අවසන් අදියරේ සාකච්ඡුාවෙන් පසු ණය මුදල ලබාගැනීම සදහා ශී‍්‍රලංකාව ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම ඇමරිකාවේ වොෂින්ටන් නුවර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත.මෙසේ ලබාගැනීමට නියමිත ණය මුදලේ වටිනාකම ඩොලර් කෝටි 150 - 200 අතර වේ.අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා පැවැත්වුණු සාකච්ඡා නිසාවෙන් අපේ‍්‍රල් මස පළමුවැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ බදු කිහිපයක්ම අත්හිටවනු ලැබිණ.අලූත් අවුරුදු සමයේ ජනතාව මත තවත් බර පැටවීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන අකමැති වීමද බදු කි‍්‍රයාත්මක කිරීම අත්හිටුවීමට තවත් හේතුවකි.නමුත් මෙම මස අවසානයේ සිට මෙසේ අත්හිටැවුණු බදු නැවත කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සදහා නිර්දේශ කර ඇති නව බදු කිහිපයක්ද මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක කිරීමට රජය සැළසුම් කර ඇත.ඉතා අධික ණය බරකින් පීඩා විදින ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ අනාගතය සම්බන්ධයෙන්ද සාකච්ඡුාවලදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසගේ අවධානය යොමුවිය.ගුවන්සේවය යළි නගා සිටුවීමට දැනටමත් පියවර ගෙන තිබෙන බව රජය ඔවුන්ට සහතික කළේය.ශී‍්‍රලන්කන් වෙත භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙනුයේ මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා පමණක් බව එහි අධ්‍යක්ෂක මණ්ඩලයට රජය දැනටමත් දැනුම්දී තිබේ.ශී‍්‍රලන්කන් ගුවන්සේවා කලමණාකාරීත්වයේ වෙනසක් සිදුවිය හැකි බව පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හෙළි කළේය.පෞද්ගලික අංශයේ අත්දැකීම් බහුල වෘත්තියකයන් පිළිගත් කි‍්‍රයාපටිපාටියක් යටතේ ශී‍්‍රලන්කන් කලමණාකාර ව්‍යුහයට එක්කරගැනීමේ උත්සාහයක රජය නිරතව සිටින බවද දැනගැනීමට හැකිවිය.මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සමග සාකච්ඡුාද පවත්වා ඇත.2009 වසරේදී එමිරේට්ස් ආයතනයේ කලමණාකාරීත්වය යටතේ පැවති ශී‍්‍රලන්කන් ගුවන්සේවය ඉතා හොදින් ලාභ ඉපැයූ බවත් දැන් තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් බවත් මාධ්‍ය හමුවේදී අබේවර්ධන සඳහන් කළේය.අද දිනයේ ශී‍්‍රලන්කන් මත පැටවී තිබෙන මුළු ණය බර රුපියල් ලක්ෂ 9980 කට ආසන්න බව පැවසූ ඔහු ගුවන්සේවය නගා සිටුවීම අරබයා එහි කලමණාකාරීත්ව ව්‍යුහයට සහ ප‍්‍රතිපත්ති වලට වෙනස්කම් සිදුකළ යුතුව තිබෙන බව කීවේය. ‘ ඉදිරියේදී ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ කලමණාකාර මණ්ඩලයේ තනතුරු වල වෙනසක් සිදුවීමේ ඉඩක් තිබෙනවා.මේ ආයතනය මෙහෙම පවත්වාගෙන යන්නට බැහැ.2009 වසරේදී හොඳ ලාභයක් ඉපැයූ ශී‍්‍රලන්කන් ගුවන්සේවය අද අධික වශයෙන් පාඩු ලබනවා.මේක අපරාධයක්.අද වගා ක්ෂේත‍්‍රය ගත්තොත් ගොඩක් පාලන කටයුතු සිදුවන්නේ පෞද්ගලික අංශය යටතේ.මේ ක්ෂේත‍්‍රයත් රජය යටතේ තිබුණානම් මොනවා වෙන්න තිබුණාද කියලා හිතාගන්නවත් බැහැ.ඒ නිසා ශී‍්‍රලන්කන් ගුවන්සේවය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කළ යුතු වෙනවා.ආයතනයක් මේ වගේ පාඩු ලබන තත්ත්වයක තියාගෙන ජනතාවට සහන ලබාදෙන්න අපට හැකියාවක් නැහැ.’’ අබේගුණවර්ධන පැවසුවේය.සන්ඬේ ටයිම්ස් ලිපියට ගුවන් නියමුවන්ගේ එකඟතාව - නමුත් කැප්ටන් නැහැමාර්තු මස 27 වැනිදා සහ පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාන තීරුවලින් කළ අනාවරණයන් සැබෑ බව අමාත්‍ය අබේගුණවර්ධන මේ ආකාරයට සහතික කළේය.එම තීරුවල ශී‍්‍රලංකා ගුවන් නියමුවන්ගේ සංගමය පැවැත්වූ හමුවක් ගැනද සඳහන් විය.මේ සම්බන්ධයෙන් එහි ප‍්‍රධානී කැප්ටන් රනුක සේනානායක මහතා අප වෙත ඊමේල් ලිපිනයක් එවා ඇත.අප්‍රෙල් මස තුන්වැනිදා පළවු ලිපියේ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන බව එහි මාතෘකාව ලෙස සඳහන් කර තිබේ.ඔහු එවා ඇති පණිවුඩය මෙළෙසය. ‘ඔබ පුවත්පතේ පළවූ කරුණු සම්බන්ධයෙන් මම හෝ මගේ සංගමයේ සාමාජිකයින් හෝ මෙතෙක් නිල ප‍්‍රකාශයක් සිදුකර නැත.’ ‘එනිසා එම ලිපියේ පළව තිබූ කරුණු සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිදුකිරීමට මට තිබෙන අයිතිය පිළිගෙන ඒ සදහා අවස්ථාව ඔබ ලබාදෙනු ඇතැයි මම සිතමි.’ පහත කරුණු සම්බන්ධයෙන් අප සාකච්ඡා කර එකඟතාවන් ඇතිකරගත් බව මුලින්ම සඳහන් කරන්නට මම කැමැත්තෙමි. x              වාර්ෂිකව සිදුවන වැටුප් වර්ධක ලබානොගෙන සිටීමට සාමාජිකයෝ එකඟවූහ.මෙය සිදුවන්නේ අප පනවන කොන්දේසි ප‍්‍රකාරවය. x              මේ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමේ අරමුණින් පමණක් විශේෂ කමිටුවක් පත්කිරීමට තීරණය විය. x              ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ ප‍්‍රධානියාට,විධායක අධ්‍යක්ෂකවරයාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට වර්තමානයේ ලැබී තිබෙන බලතල හා වරප‍්‍රසාදයන් සංගමේ සාමාජිකයින් අතර දැඩි විවේචනයට ලක්විය. ‘ මේ කරුණු හැරෙන්නට ඔබ ලිපියේ අනෙක් සියලූ කරුණු සාවධ්‍ය හා අසත්‍ය බව සඳහන් කිරීමට මම කැමැත්තෙමි.ඇත්ත වශයෙන්ම කිවහොත් ශී‍්‍ර ලංකා ගුවන් නියමුවන්ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට අවසරයක් නැත.එය කලමණාකාරීත්වය අනුගමනය කරන ප‍්‍රතිපත්තියක් වන අතර එයට එරෙහිව කටයුතු කිරීමට ගුවන් නියමුවන්ගේ සංගමයේ ප‍්‍රධානියාට හෝ කමිටු සාමාජිකයින්ට හෝ හැකියාවක් නොමැත.’’ කැප්ටන් සේනානායකගේ පවසා සිටින මෙම කරුණු සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පත්‍රය, ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් කිහිපදෙනෙකුගෙන්ම විමසුවේය.මාර්තු 27 වැනිදා පැවැත්වුනු සංගම් හමුවේදී වැටුප් වර්ධක ලබානොගෙන සිටීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගැණුනු බව ඔවුහු පැවසූහ.කමිටුවක් පත් කෙරුණේ මේ පිළිඹදව වැඩිදුරටත් සොයාබැලීමට බව ඔවුහු කීහ.කෙසේවුවත් ශී‍්‍රලන්කන් ප‍්‍රධානියා,විධායක නිලධරයා සහ එහි අධ්‍යක්ෂක මණ්ඩලය සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයෝ ඉතාම දැඩි විවේචන එල්ල කළ බව නම් මෙම ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෝ සහතික කළහ. ඔවුහු මෙම තොරතුරු අප වෙත ලබාදුන්නේ නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මතය. මේ අනුව සැළකීමේදී ඔබ ලිපියේ පළව ඇති අනෙක් සියලූ කරුණු සාවද්‍ය හා අසත්‍ය යැයි කැප්ටන් සේනානායක ඔහුගේ ඊමේල් ලිපියේ සඳහන් කර ඇත්තේ ඇයිදැයි ගැටලූවක් නැගේ.පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් නියමු සංගමයේ රැුස්වීම පැවැත්වූ අවස්ථාවේදී එහි සාමාජිකයන් කිහිපදෙනෙක් වෙන් වෙන්ව දැක්වූ අදහස්ද අපි සඳහන් කළෙමු.ඒවා අසත්‍ය හා සාවද්‍ය යැයි කැප්ටන් සේනානායක පවසා සිටින්නේ කවර පදනමක් මතද යන්න පැහැදිලි නැත.වැටුප් වර්ධක ලබානොගෙන සිටීමට කොන්දේසි යටතේ සංගමේ සාමාජිකයින් තීරණය කළ බව ඔහු සඳහන් කර ඇතත් එම සංගමයේම සාමාජිකයින් අපට කියා සිටියේ එවැනි තීරණයක් නොගත් බවය.කැප්ටන් සේනානායක පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද? යැයි පැනයක් මේ සියල්ල සැළකිල්ලට ගැනීමේදී අපට නැගේ.ඔහු ගුවන් නියමුවන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටිනවාද, නැතහොත් වෙනත් කෙනෙකුගේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරනවාද? යන්න ගැටලූවකි. මෙම ඊමේල් ලිපිය අප වෙත ලැබුණු දිනවලම තමන්ගේ අනාගතය සම්න්ධයෙන් අවදානම් සහගත තත්ත්වයක සිටින ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ එක්තරා ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ගුවන්සේවයේ සියලූම සාමාජිකයින්ගේ රැස්වීමක් කැඳවූයේය.එකිනෙකා අතර සබඳතා වැඩිදියුණු කිරීම මෙහි අරමුණ විය.පුටු 600 ක් පමණ තිබුණු මුත් පැමිණ සිටියේ 90 ක පමණ පිරිසකි.ඔවුන් අමතමින් අදහස් පළකළ ඔහු මම  ඕපාදුප කියවන්නේ නැහැ’’ කියමින් ශී‍්‍රලන්කන් වෙත නැගෙන චෝදනා බැහැර කළේය.නමුත් භාණ්ඩාගාරයෙන් ශී‍්‍රලන්කන් වෙත මුදල් ලැබීම නතර වුවහොත් ගුවන්සේවයේ අනාගතය පිිළිඹද විශ්වාසයක් තැබිය නොහැකි තත්ත්වයක් ඇතිවන බව ඔහු පිළිගත්තේය. රනිල්ගේ චීන සංචාරය සාර්ථක චීන සංචාරයකින් පසු දිවයිනට පැමිණ සිටින අගමැතිවරයා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා පැවැත්වෙන අවසන් වටයේ සාකච්ඡුාවලට එක්වීමට නියමිතය.ශී‍්‍රලන්කන් ගුවන්සේවය ඇතුලූ රාජ්‍ය කර්මාන්ත නගා සිටුවීම සදහා රජය ගන්නා පියවර සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ දැනුම්වත් කිරීමට ඔහු කටයුතු කරනු ඇත. ශී‍්‍රලංකාව හා චීනය අතර පැවැත්වුනු සාකච්ඡුා වලදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ හම්බන්තොට වරාය සදහා ලබාදුන් ණය මුදල් සදහා සහන ලබාගැනීමට ඇති හැකියාව පිළිඹද වැඩි අවධානයක් යොමුවිය.රට මත පැටවී තිබෙන අති විශාල ණය බර මෙයට හේතුව විය.චීනයට පැමිණි විගස ශී‍්‍රලංකාව වෙනුවෙන් යුවාන් ලක්ෂ 5000 ක මුදල් අධාරයක් ලබාදීමට චීන පාලකයෝ කටයුතු කළහ.එරට අගමැති ලී කේකුයින්ග්, ශී‍්‍රලංකා අගමැති වික‍්‍රමසිංහව හැදින්වූයේ චීනය හා ශී‍්‍රලංකාව අතර යහපත් සම්බන්ධතාවක් පවත්වාගැනීමට සෑම අවස්ථාවකදීම කැපවී කටයුතු කරනා ජේ්‍යෂ්ඨ රාජ්‍ය තාන්ති‍්‍රකයෙක් ලෙසය. චීන රජයේ ආධාර මත ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ඩොලර් ලක්ෂ 2100 ක මුදලක් වැයව ඇතැයි ඇස්තමෙන්තු ගතකර ඇත.එහි පළමු අදියරේ ඉදිකිරීමේ 2007 වසරේදී ආරම්භ වූ අතර එම ඉදිකිරීම් අවසානයේ ගුවන්තොටුපල 2011 මාර්තු මස 22 වැනිදා විවෘත කැරිණ.2009 දී චීනයේ එක්සිම් බැංකුව ගුවන්තොටුපලේ දෙවැනි හා තෙවැනි අදියර වල ඉදිකිරීම් වෙනුවෙන් ඩොලර් 8910 ක ණයක් ලබාදුන්නේය.මෙය සහන පදනම යටතේ ලබාදුන් ණයක් වූ අතර පස් අවුරුද්දක් යන තෙක් ණය ගෙවීමෙන් නිදහස් සහන කාලසීමාවක් සහ සියයට දෙකක පොළී අනුපාතිකයක් එයට විය. මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ඉදිකිරීමට වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 13080 කි.මෙම මුදල ලබාදී ඇත්තේද චීනයේ එක්සිම් බැංකුවයි.මුදල ලබාදී ඇත්තේ අදියර දෙකක් යටතේ වන අතර පළමු අදියරේ ඉදිකිරීම් සදහා ලබාදී ඇති මුදල ඩොලර් ලක්ෂ 3060 කි.එම මුදල සදහා පොළී අනුපාතිකය සියයට 6.3 ක් වැනි ඉහළ අගයකි.දෙවැනි අදියර සදහා වියදම් වී ඇති මුදල ඩොලර් ලක්ෂ 8000 කි.එම මුදල ලබාදී ඇත්තේද පෙර සඳහන් කළ පොළී අනුපාතිකය යටතේමය.මුහුදේ තිබූ කළුගල් පිපිරවීම සදහා වියදම් වී ඇති මුදල ඩොලර් ලක්ෂ 2020 කි.ශී‍්‍රලංකා වරාය අධිකාරියට අනුව මේ අනුව වරාය සදහා වියදම්වී ඇති මුලූ මුදල ඩොලර් ලක්ෂ 13080 කි.වසර 20 ක් ඇතුළත මෙම මුදල ගෙවිය යුතුය.ණය නොගෙවා සිටිය හැකි පස් අවුරුදු සහන කාලසීමාවක් චීනය මෙම මුදලටද ලබාදී ඇත. නිතර අලූත්වැඩියා කිරීම් සිදුකළ යුතු නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම් සදහා වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 13460 කි.එහි පළමු අදියර සදහා ඩොලර් ලක්ෂ 4550 ක මුදලක් වැයව තිබෙන අතර දෙවැනි හා තෙවැනි අදියරයන් සඳහා ඩොලර් ලක්ෂ 891 ක මුදලක් වැයව ඇත.චීනයේ එක්සිම් බැංකුව මෙම මුදල ලබාදී තිබෙන්නේ වසර 20 ක සහන ණය පදනමක් යටතේය.සියයට දෙකක පොළී අනුපාතියක් හා පෙර අවස්ථාවලදී මෙන්ම වසර පහක සහන කාලසීමාවක් එයට ඇතුළත්ය.මෙම ව්‍යාපෘතිය සදහා ශී‍්‍රලංකා රජයද රුපියල් ලක්ෂ 110000 මුදලක් යෙදවූයේය.බලාගාරයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් 2010 වසරේදී ආරම්භවූ අතර 2013 වසරේදී අවසන් විය.තෙවැනි අදියරේ ඉදිකිරීම් 2014 සැප්තැම්බර් මාසයේ නිල වශයෙන් ආරම්භ විය.ඇතැම් අවස්ථාවලදී මෙම බලාගාරය ලක්විජය විදුලි බලාගාරය ලෙසද හැඳීන්වේ.2012 සිට මෙහි සියයට 85 ක් පමණ කොටස් අයිතිය ඇත්තේ චයිනා මර්චන්ට්ස් ගෲප් සමාගමටය.  චීන සංචාරයට පෙර වික‍්‍රමසිංහ - රාජපක්ෂ හමුවක් චීනයෙන් ලබාදී ඇති ණය සදහා සහන ලබාගත හැකි ක‍්‍රමවේදයන් පිළිඹද සොයාබැලීමට අගමැති වික‍්‍රමසිංහ ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර ඇත.සංවර්ධන මූලෝපායන් සහ අන්තර්ජාතික වෙළද කටයුතු පිළිඹද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා, විශේෂ ඇගයීම් කටයුතු අමාත්‍ය සරත් අමුණුගම මහතා එහි සාමාජිකයින් ලෙස දැනටමත් නම් කර අවසන්ය.තෙවැනි සාමාජිකයා ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා නම් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.චීනය හා සමග නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකරගැනීම සම්බන්ධ කටයුතුද මෙම වසර අවසානය වන විට නිමා කරන ලෙසට අගමැති වික‍්‍රමසිංහ අදාළ නිලධරයින් වෙත උපදෙස් ලබාදී තිබේ. චීන සංචාරයට පෙර අගමැතිවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවීම සුවිශේෂී සිදුවීමක් විය.හිටපු ජනපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට සහභාගීව සිටියේය.අගමැතිවරයා සමග පැමිණ සිටියේ අමාත්‍ය සමරවික‍්‍රමය. හමුව පැයකට ආසන්න කාලයක් පැවැත්වුණි.හම්බන්තොට ඉදිකෙරෙන අපනයන සැකසුම් කලාපයක්,ගුවන්තොටුපල හා වරාය සම්බන්ධව තම සංචාරයේදී වැඩි අවධානය යොමුකිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව අගමැතිවරයා කීවේය.හිටපු ජනපතිවරයාද එම අදහස් පිළිගත්තේය. ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද දෙදෙන සාකච්ඡුා කළෝය.විධායක අගමැතිධූරය අහෝසි කිරීම,පාර්ලිමෙන්තු පද්දතිය ශක්තිමත් කිරීම හරහා බලය බෙදී යාමේ විධිමත් ක‍්‍රමවේදයක් ඇතිකිරීම, ආදී කරුණු සම්බන්ධයෙන් රජයේ සැළකිල්ල යොමුව තිබෙන බව අගමැතිවරයා කීවේය.කාලය ගතවුවද මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමටද රජය ක‍්‍රමයෙන් පියවර ගන්නා බවද ඔහු පැවසුවේය. රාජපක්ෂගේ ආරක්ෂාවට සපයා සිටි හමුදා සාමාජිකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී ගුණවර්ධන විරෝධය පළකළේය.එලෙස ආරක්ෂාව ඉවත් කර ඇත්තේ හිටපු ජනපතිවරයාට වෙන කවරදාටත් වඩා වැඩියෙන් ජීවිත තර්ජන එල්ල වෙමින් තිබෙන කාලයක බව ඔහු පැවසුවේය.මෙය අගමැති වික‍්‍රමසිංහ පිළිගත්තේය.මේ පිළිඹදව ජනපතිවරයා සහ ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද ඔහු කීවේය.රාජපක්ෂට සැපයිය යුතු ආරක්ෂාව පිළිඹද විශේෂ වාර්තාවක් තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද එම වාර්තාව ලැබුණු පසු ගතයුතු පියවර තීරණය කළ හැකිවනු ඇති බවද අගමැතිවරයා පැවසුවේය.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු අරබයා අගමැති වික‍්‍රමසිංහ හා එකාබද්ධ විපක්ෂය අතර එකගතාවක් ඇතිව තිබෙන ආකාරයක් දැකගත හැකිය.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වලට සම්පූර්ණ සහයට ලබාදෙන බව ගුණවර්ධන සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.ඇතැම් කමිටු වල ප‍්‍රධානීත්වය පවා එකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින්ට ලබාදීමේ සූදානමක් පවතින බවද ගුණවර්ධන කීවේය.පාර්ලිමෙන්තුවේ පිළිගත් විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය මේ දිනවල අනුගමනය කරමින් සිටින්නේ නිහඩ පිළිවෙතකි.මුල් අවස්ථාවලදී දෙමළ සන්ධානය උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලූ පිළිඹද අවධානය යොමුකර සිටිනු දැකගත හැකිවුවත් දැන් එවැන්නක් හඳුනාගැනීම පවා අපහසුය.ගැටලූවලට පිළියම් යෙදීමට රජයේ සම්පූර්ණ සහය ලබාගැනීමේ අවස්ථාව පවා තිබියදී දෙමළ ජාතික සන්ධානය අනුගමනය කරමින් සිටින මෙම නිහඩ පිළිවෙත බොහෝ දෙනාගේ දෝශදර්ශනයට ලක්ව ඇත.වත්මන් නායක ආර්.සම්බන්ධන් හා සංසන්දනය කිරීමේදී අප්පාපිල්ලේ අමිර්තලිංගම් වැනි දෙමළ සන්ධානයේ හිටපු නායකයෝ කටයුතු කළේ මෙයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය. ජනපතිගේ වැඩකටයුතුජනපති සිරිසේන ගෙවුණු සතියද ගතකළේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හිමි තම නායකත්වය තහවුරු කරගැනීමේ කටයුතු වල නිතරවය.ඔහු තවත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරු දෙදෙනෙක් අමාත්‍ය මණ්ඩලයට එක්කර ගත්තේය.බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විද්‍යාව හා තාක්ෂණවේදය පිළිඹද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් අතර ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මහතා විදේශ රැුකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය.මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂ කලූතර දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සංවර්ධන සහ සංස්කෘතික කටයුතු පිළිඹද අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා හමුවේ දිව්රුම් දුන්නේය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අමාත්‍යධූර බෙදී යාම තුලනය කිරීම සදහා මෙසේ තෙවරප්පෙරුමටද අමාත්‍යධූරයක් ලබාදුන් බව සැක නැත.නිදහස් පක්ෂ සාමාජිකයින් දෙදෙනකුට අමාත්‍යධූර ලබාගැනීමට කටයුතු කිරීම මගින් ජනපති සිරිසේන පක්ෂයේ තම නායකත්වය තහවුරු කරගැනීමට තවමත් කටයුතු කරමින් සිටින බව පැහැදිලිය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා හමුවේදී ඔහු මේ බව තවදුරටත් සනාථ කරමින් අදහස් පළකළේය.රාජපක්ෂගේ ප‍්‍රබල ආධාරකාරිනියක වන පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට ශී‍්‍රලංකා නිදහස් පක්ෂ ගාල්ල මැයි දින රැුලිය සංවිධානය කිරීමේ වගකීම ලබාදෙන ලෙසට ඔහු උපදෙස් දුන්නේය.නව අමාත්‍යවරුන් තිදෙනාටද අනෙක් අමාත්‍යවරුන් හා සමව ආරක්ෂකයින්,වාහන සහ දීමනා ලැබෙනු ඇත.රජය ඔවුන්ට මෙසේ සළකන්නේ රට ආර්ථික අර්බුදයකට සිරවී සිටින අවදියකදීය.පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා කි‍්‍රයා - ධර්ම පද්දතියක් පසුගිය සතියේ පාර්ලිමෙන්තුවේදී කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා කි‍්‍රයා - ධර්ම පද්දතියක් සදහන් වූ පිටු 11 ක ලියැවිල්ලක් සභාගත කළේය.පහත දැක්වෙන්නේ එහි අන්තර්ගතවූ කරුණු කිහිපයකි. x              තමන්ට හිමි ව්‍යාපාර හා වෙනත් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු සාමාජිකයින් තොරතුරු හෙළි කරනු ඇත.ළගම පවුලේ සාමාජිකයෙක් හෝ මෙම කටයුතු වල නිතරව සිටින්නේ නම් ඔවුන්ගේ තොරතුරු හෙළි කිරීමද පාර්ලිමෙන්තු සාමාජිකයින්ගේ වගකීම වන්නේය.මේ හරහා ජනතා විශ්වාසය ගොඩගාගැනීමට ඔවුනට හැකිවනු ඇත.පෞද්ගලික වුවමනා එපාකම් සපුරාගැනීමට නොව රට වෙනුවෙන් සේවය ලබාදීමට පාර්ලිමෙන්තුවට පැමිණ සිටින බව ජනතාවට ඒත්තු ගැන්වීම සදහා මෙය හොඳ අවස්ථාවකි. x              ඇතැම් අවස්ථාවලදී පාර්ලිමෙන්තු සාමාජිකයින්ගේ වත්කම්,හිමිකම්,ඔවුන්ගේ කි‍්‍රයාකලාපයන් වැනි දේ අරබයා ඔවුන් තමන්ගේ වුවමනාකම් පිරිමසා ගැනීමට මිස රට වෙනුවෙන් පාර්ලිමෙන්තුවට පැමිණ නොමැති බවට වැරදි වැටහීමක් ජනතාව අතරට යෑමේ අවස්ථාව ඇත.මෙනිසා එවැනි වැරදි වැටහීමක් ඇතිවීමට ඉඩ තිබෙන සෑම කරුණක්ම සගවා නොගෙන ප‍්‍රසිද්ධියේ අනාවරණය කිරීම සෑම පාර්ලිමෙන්තු සාමාජිකයකුගේම වගකීම වන්නේය.මෙවන් කරුණු සදහා උදාහරණ ලෙස ඉඩම් හා දේපල හිමිකම්,වත්කම්,කොටස් හිමිකම්,ත්‍යාග,විදෙස් සංචාරයන්,සේවය සදහා පිදෙන බව කියන සම්මාන,ආදායම් මාර්ග, වැනි දේ දැක්විය හැකිය.මෙම කරුණු මැතිවරණයක් අවසානයේදී හෙළි කළ යුතු අතර පසුව පාර්ලිමෙන්තුව නිර්දේශ කරන කාලාන්තර වලදීද හෙළි කළ යුතුය. x              ඡුන්දය ප‍්‍රකාශ කිරීමේදී රාජ්‍ය ප‍්‍රතිපත්ති අරබයා මිස පුද්ගලගැතියකු ලෙස පක්ෂපාතීව හෝ විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතියක් පාර්ලිමෙන්තු සාමාජිකයින්ට නැත. x              එක් එක් සාමාජිකයා වෙත වෙන්කෙරෙන රාජ්‍ය මුදල් හා ඔහු හෝ ඇය එම මුදල් වියදම් කර ඇති ආකාරය එම තොරතුරු ලැබුණු විගසම ප‍්‍රසිද්ධ කෙරෙනු ඇත. x              තමන්ට ලැබී ඇති දීමනා හා වරප‍්‍රසාදයන් වෙනුවෙන් පාර්ලිමෙන්තු සාමාජිකයින් වගවිය යුතුය.මෙම දීමනා හා වරප‍්‍රසාදයන් ලැබී ඇත්තේ ඔබගේ සුභ විහරණය වෙනුවෙන් නොවේ.ඒවා යෙදවිය යුත්තේ ජනතා සේවය වෙනුවෙන්ය. x              පාර්ලිමෙන්තු සාමාජිකයෙක් ලෙස ලබාදෙන සේවය ප‍්‍රශ්න කිරීමට ලක්කළ හැකි දීමනා පිළිගැනීම,ආධාර ලබාගැනීම, පාර්ලිමෙන්තුවට හෝ වෙනත් කමිටුවකට ඉදිරිපත් කෙරෙන කෙටුම්පතකට තම වාසිය පමණක් සළකා කැමැත්ත ලබාදීම හෝ අකමැත්ත පළකිරීම ආදී දේවලින් වැළකී සිටිය යුතුය. x              පාර්ලිමෙන්තු සාමාජිකයකු ලෙස ගතකරන සමය අවසානයේ සුරක්ෂිත අනාගතයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් තමන්ට දැන් ලැබී තිබෙන බලතල අවභාවිතා කිරීම නොකළ යුතුය. පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ වරප‍්‍රසාද වෙනුවෙන් වන කමිටුව වරප‍්‍රසාද සහ ආචාර ධර්ම පිළිඹද කමිටුව ලෙස වෙනස් කිරීමට නියමිතය.කිසියම් පාර්ලිමෙන්තු සාමාජිකයෙක් මෙම කි‍්‍රයා - ධර්මයන් උල්ලංඝණය වන අයුරින් කටයුතු කරන්නේදැයි සොයාබැලීමේ වගකීම පැවරෙන්නේ මෙම කමිටුවටය.කමිටු නිර්දේශ මත කිසියම් සාමාජිකයකුට ලබාදිය යුතු දඩුවම් පාර්ලිමෙන්තුව තීරණය කරනු ඇත. අවවාද කිරීම,දැඩිව අවවාද කිරීම,පාර්ලිමෙන්තු වරප‍්‍රසාද පණත උල්ලංඝණය නොවන අයුරින් කිසියම් කාලසීමාවකට පාර්ලිමෙන්තු සාමාජිකත්වය අත්හිටුවීම, ශ්‍රෙෂ්ඨාධිකරණයේ අවධානයට ගැටලූව යොමුකිරීම, ආදී ලෙස මෙම දඩුවම් ලබාදීමට නියමිතය. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමෙන්තු සංසදය සකස් කර තිබෙන ප‍්‍රතිපත්ති හා වෙනත් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම මත පදනම්ව මෙම කි‍්‍රයා - ධර්ම පද්දතිය සකස් කළ බව කතානායකවරයා පැවසුවේය. මෙවර අවුරුදු සමය උදාවන්නේ ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන්ද බරපතල ගැටලූ වලට රට මුහුණදී සිටින සමයකදීය.මෙම ගැටලූ කොයි ආකාරයෙන් නිරාකරණය කරගැනීමට හැකිවේදැයි යන්න පැවසීමට තවමත් කල් වැඩිය.එසේවුවත් රටේ ජනතාවට ඉදිරියේ පැමිණෙන කාලයේදීත් තවත් පටි තදකරගැනීමට සිදුවනු ඇති බව නම් සහතික ලෙසම කිව හැකිය. 
ණය දුක අර්ජුන නීතිපති සමඟ පැටලෙද්දී අමුණුගම එක්කත් ‘ආරාවුලක්‘
0
hp_train_0532
(රංජිත් රාජපක්ෂ )                                                                     තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් පස් දෙනෙක් අද (06)  බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.  බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා කිලානි තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය  එල්ල වී තිබේ . තේ වත්තේ ගල් තලාවක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි තමන්ට පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේය. රෝහල්ගත කළ වතු කම්කරු කාන්තාවෝ පස්දෙනාම බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.
බඹරු ඇන කම්කරුවෝ 5ක් රෝහලේ
0
hp_train_0533
(ඩයනා උදයංගනී)උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අද (27) සවස  2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරුමැද, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.  
දිවයින පුරා අද සහ හෙට වැස්ස වැඩිවන ලකුණු
0
hp_train_0534
(චන්ද්‍රසේන ගමගේ)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය පළ කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් සභා ගැබෙන් එළියට පැමිණීමත් සමගම අද (22) පැවති සභාවාරය කල් තැබීමට සභාපතිවරයාට සිදුවිය.වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි මහතාට  දූෂණ චෝදනා එල්ල කරමින් මන්ත්‍රීවරු  සභාවෙන් පිටව තිබේ.සභාවේ රථවාහන සඳහා ටයර් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සභාපතිවරයාට චෝදනා එල්ල කරන මන්ත්‍රීවරුන් ඒ සඳහා පරීක්ෂණයක් ද ඉල්ලා සිටී.අද සභා ගැබෙන් පිටව වී ඇති මන්ත්‍රීවරුන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 7දෙනෙක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මන්ත්‍රීවරු දෙදෙනකු ද  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ද සභා ගැබෙන් පිටව ගොස් තිබේ.මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරන වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි මහතා පවසන්නේ සභාව තුළ  අක්‍රමිකතාවක් සිදු වී නැති බවත් මන්ත්‍රීවරුන් කරනු  ලබන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා තමන් පළාත් පාලන කොමසාරිස්වරයාට මේ සම්බන්ධයෙන්  දැනුම් දී ඇති බවත්ය.
වීරකැටිය ප්‍රා. සභා සභාපති පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පාති
1
hp_train_0535
අද ලෝකයේ සෑම රටක්ම ආර්ථික අර්බුදයට ලක් වී තිබෙන්නේ නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා බවත්, මෙයින් මිදෙන්නේ නැතුව කිසිමදාක ආර්ථික නිදහසක් ලබාගත නොහැකි බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩියු ගුණසේකර මහතා පැවසීය.එම පක්ෂයේ 21 වැනි ජාතික සමුළුව අමතමින් ඒ මහතා එසේ කීය.මෙම ජාතික සමුළුව ඉකුත් 29 වැනිදා නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවැත්විණි.තවදුරටත් අදහස් දැක් වූ ඩියු ගුණසේකර මහතා මෙසේද කීය.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘවරුන් පස් දෙනෙක් සිටිනවා. එස්.ඒ. වික‍්‍රමසිංහ, පීටර් කෙනමන්, ඒ. වෛත්‍යලිංගම්, එම්.ජී. මෙන්ඩිස් යන මහත්වරුන් සහ උඩකැන්දවල සිරි සරණංකර හිමියන් ප‍්‍රථමයෙන්ම ඉතා ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා.එම විසි එක් වැනි සම්මේලනය ඇතුළු මෙතෙක් පවත්වා ඇති සම්මේලන විස්ස මඟින් මේ රටේ ජනතාවගේ දේශපාලන විඥානය, දේශපාලන බුද්ධිය පෝෂණය කිරීමට දායක වූ බව අප ආඩම්බරයෙන් ප‍්‍රකාශ කර සිටිනවා. අපේ සමහර සම්මේලනවලින් දේශපාලන පෙරළියක් ඇතිකර තිබෙනවා. 1950 දී පැවැත්වූ අප පක්ෂයේ 4 වැනි ජාතික සම්මේලනයේදී ප‍්‍රකාශ කර සිටියා එ.ජා.ප.ය තුළ පිපිරීමක් සිදුවන බව. එම ප‍්‍රකාශය කර අවුරුද්දක් ගිය තැන දේශපාලන ලෝකය මවිතයට පත් කරමින් බණ්ඩාරනායක මහතා එජාපය අතහැර ගොස් ශ්‍රී ලං.නි.ප.ය පිහිටුවා ගත්තා.එමෙන්ම ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ප‍්‍රථමයෙන් පෙරමුණක් හැදුවේ අපේ පක්ෂය මූලිකවීමෙන්. පිලිප් ගුණවර්ධන මහතාගේ විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂයත් අප පක්ෂයත් 1951 දී ප‍්‍රථම පෙරමුණ පිහිටුවා ගනු ලැබුවා.අපි එදා කියා සිටියා කම්කරු පන්තියට සහ ගොවීන්ට පමණක් තනියම අධිරාජ්‍ය විරෝධි කාර්ය භාරයක් ඉෂ්ඨ කළ නොහැකියි කියා. ඒ නිසා අපි එදා තීරණය කළා. ඒ සඳහා ජාතික බලවේගය එකතු විය යුතු බව.ඒ අනුව තමයි 1951 දී ගාලූ මුවදොර පැවැත්වූ මැයි දින රැළියට වමේ සියලූ පක්ෂ එකම වේදිකාවකට පය තැබුවේ. මෙහි ප‍්‍රතිඵලය තමයි 56 ජයග‍්‍රහණය.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය 1944 පිහිටුවා ගත් දා සිටම අපි පෙන්නුම් කළා මේ රටේ ජාතික ප‍්‍රශ්නයක් ඉදිරියේදී මතුවෙන බව. නමුත් එදා කවුරුවත් පිළිගත්තේ නැහැ මේ රටේ ජාතික ප‍්‍රශ්නයක් මතු වේවි කියලා. අපි සඳහන් කළ ඒ ජාතික ප‍්‍රශ්නය 1955 දී මතුවුණා භාෂා ප‍්‍රශ්නය නමින්.එදා අපි දෙමළ භාෂාව වෙනුවෙන් පෙනී හිටියම අපට ගුටි කන්න සිද්ධ වුණා. ඊට පසුව මැතිවරණවලින් පරාජය කරලත් දැම්මා. ඒත් අප පක්ෂයේ ස්ථාවරය අත් හැරියේ නැහැ. නමුත් අපේ පදනම අද වෙන විට අපේ රටේ සියලූම දේශපාලන පක්ෂ සිංහල සහ දෙමළ භාෂාවන් රාජ්‍ය භාෂාවන් හැටියට පිළිගෙන අවසානයි. අප පක්ෂයේ ස්ථාවරය පාලකයින් විසින් පිළිගැනීමට කාලයක් ගත කළ නිසාම අපට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නටත් සිදු වුණා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් ලංකා සමසමාජ පක්ෂයත් දෙමළ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීම නිසාම අපේ පක්ෂවල සමහරුන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවන්නටත් සිදු වුණා.1947 පළමුවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හදන අවස්ථාවේදී අපේ අරගලවල බලපෑම කොතරම් ද කිවහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට නීතියක් ගෙනාවා හිරේ සිටින අයට ඡන්ද ඉල්ලන්න අයිතියක් නැහැ කියලා. එදා හිරේ සිටියේ අප පක්ෂයේ නිර්මාතෘ එස්.ඒ. වික‍්‍රමසිංහ මහත්මයා. මේ එක් පුද්ගලයෙකුගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න ව්‍යවස්ථාව වෙනස් කළ රටක් බව වර්තමාන පරම්පරාවේ අය දන්නේ නැහැ.කවුරුත් හිතුවේ නැහැ 2015 වන විට රටේ දේශපාලන කැලඹිල්ලක් ඇති වේවි කියලා. මේ බව තේරුම් අරගෙන තිබුණු නිසයි 2014 ජූලි මාසේ 01 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා මුණගැහිලා ජනාධිපතිවරණයට යන්න එපා පරදිනවා කිව්වේ.ඒ අනාවැකිය කිව්වේ දෛවඥයින්ගේ අදහස් පදනම් කරගෙන නොවෙයි. රටක සමාජයක පන්ති බලවේගයන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් ලබාගත් දත්තයන් අනුවයි මම ඒ අනාවැකිය කියා සිටියේ. පරාජයෙන් පසුව එතුමා මට කිව්වා ඩියු කියපු දේ ඇහුවා නම් හරි කියලා.මෙවැනි දේශපාලන විග‍්‍රහයන් පිළිගැනීමේ සම්ප‍්‍රදායක් දේශපාලන නායකයින් ළඟ තවමත් දකින්නට නැතිවීම කනගාටුවට කරුණක්.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියන්නේ රුසියාවේ සිදු වූ ඔක්තෝබර් විප්ලවයෙන් පසු ඇති වූ පක්ෂයක්. ඒ විතරක් නොවෙයි චීනය, ඉන්දියාව, වියට්නාම්, නේපාලනය ආදී ලෝකයේ රටවල කොමියුනිස්ට් පක්ෂ බිහිවන්නේ ඔක්තෝබර් විප්ලවයෙන් පසුවයි. ඔක්තෝබර් විප්ලවය කියන්නේ කම්කරු පන්තියට පමණක් සීමා වූ විප්ලවයක් නොවෙයි. එය ජාතික විමුක්ති ව්‍යාපාරයක්.ඔක්තෝබර් විප්ලවය සිදුවීමෙන් පසුව රුසියාවේ පාලකයා වූයේ ලෙනින්. මේ නිසා සර් පොන්නම්බලම් අරුණාචලම් යාපනයේදී ප‍්‍රකාශ කළා දැන් අපට බය වෙන්න දෙයක් නැහැ. ජාතික නිදහස සඳහා අලූත් මිතුරෙක් ඇවිත් සිටිනවා කියලා. ඔක්තෝබර් විප්ලවය මඟින් ජාතික විමුක්තියට දොර ඇරුනා කිව්වේ මෙන්න මේ නිසයි.මානව ඉතිහාසයේ මේ තරම් අභියෝග එල්ල වූ යුගයක් තිබුණේ නැහැ. පළවැනි අභියෝගය වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි. මේ නිසා සාගර ජල මට්ටම වැඩි වී ඉස්සරවෙලාම කිඳා බහින්නේ ඉන්දියා සාගරයේ දුපත්. මේ වෙනුවෙන් සාමූහිකව කටයුතු කළ යුතු වෙනවා.ඊළඟට ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය. අපි නම් ත‍්‍රස්තවාදයෙන් බේරිලා සිටිනවා. ත‍්‍රස්තවාදය නැති කරන්න නම් සාමූහිකව ඒ වෙනුවෙන් පියවර ගත යුතුයි. ඊළඟ අර්බුදය වන්නේ ගෝලීය මූල්‍ය අර්බුදයයි. 2007 වර්ෂයේ මතු වූ මේ අර්බුදයට විසඳුමක් නැතිවයි සිටින්නේ.මෙම ගෝලීය මූල්‍ය අර්බුදයට හේතුව නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමයි. එහි තර්කානු ප‍්‍රතිඵලය තමයි මේ ගෝලීය මූල්‍ය අර්බුදය. මෙයින් වඩාත් පීඩනයට පත් වන්නේ තුන්වැනි ලෝකයේ රටවල් වීම තමයි විශේෂත්වය වන්නේ. මේවා ගැන අපේ රටේ දේශපාලන පක්ෂ හෝ නායකයන් සාකච්ඡා නොකිරීම විශාල අඩුවක්. බොහෝ නායකයින්ගේ සිරිත වන්නේ කවුරු හෝ ලියාදුන් ලිපියක් රැස්වීමකදී කියවීමයි.අද විද්‍යාව හා තාක්ෂණය දියුණු වූ ලොවක  ඕනෑම ප‍්‍රශ්නයකට විසඳුම් තියෙනවා. විසඳුම් සොයාගත් හැටි බලන්න මහජන චීනයට යන්නට අවශ්‍යයි. අපට පසුව නිදහස ලබාගත් චීනය අද ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා බවට පත්ව සිටිනවා. මේ තමයි ආසියානු ආර්ථිකයේ පිබිදීමේ ලක්ෂණයේ ආරම්භය. අද ඇමෙරිකාව ලෝක ආර්ථිකයේ තනිවෙලා.අද ලෝකයේ සෑම රටක්ම දුෂණය නිසයි ආර්ථික අර්බුදයකට ලක්වෙලා සිටින්නේ. හේතුව නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමයි. ආර්ථික විද්‍යාඥයින් කුමන සැලසුමක් කළත් වැඩක් නැහැ. දුෂණය විසින් එය විකෘති කරන නිසා. ප‍්‍රංශයේ ආර්ථික විශේෂඥයින් මහා පර්යේෂණයක් කර ග‍්‍රන්ථයක් එළිදක්වා තියෙනවා. එහි සඳහන් වන අන්දමට දුප්පත්කමට හා සමාජ අසමතාවට හේතුව වී ඇත්තේ මූල්‍ය ප‍්‍රාග්ධන ස්ථරයයි. එයට තිබෙන බලය ආණ්ඩුවලට හෝ බැංකුවලට පාලනය කරන්නට නොහැකි වී තිබෙනවා.මෙය හොඳට දැක ගන්නට ලැබුණේ බැඳුම්කර සිද්ධියෙන්. එය හොරකමින් නොව මෙය ප‍්‍රාග්ධන කල්ලියේ තිබෙන පන්ති වුවමනාවයි. මම ප‍්‍රථමයෙන් ජනාධිපතිතුමාට පෞද්ගලිකව කියා සිටියා මේ බැඳුම්කර සිද්ධිය හෙළිකර ගැනීමට නම් ජනාධිපති කොමිසමක් පත් කරන හැටියට. අද මේ සිද්ධියේ කරුණු ටික කොමිසම මඟින් හෙළිදරව් වී තිබෙන බව මම කියනවා.මේ නිසා මෙවැනි ප‍්‍රාග්ධන ස්ථරයෙන් හෙවත් කල්ලිවලින් ප‍්‍රවේසම් විය යුතු බව අප ආණ්ඩුවට පෙන්වා දෙන්න කැමතියි. අපට තියෙන ප‍්‍රධාන අභියෝගය ආර්ථික අභියෝගයයි.පසුගිය කාලයේ අවුරුදු 20 ක් පුරා කැබිනට්ටුව තුළ සිටිමින් මම කියා සිටියා වක‍්‍ර බදු සහ ඍජු බදු සීයට 80 යි 20 යි වශයෙන් දිගටම ක‍්‍රියාත්මක කළහොත් රජයේ ආදායම බැහැලා ණය උගුලක හිරවෙන බව. අපේ නායකයෝ මගේ කීම පිළිගත්තේ නැහැ.1978 බලයේ සිටි ආණ්ඩුව ක‍්‍රියාවට නැංවූ බදු ප‍්‍රතිපත්තියේ රඟ දැනෙන්නේ දැනුයි. 78 රජයේ මුදල් ඇමති රොනී ද මැල් මහතාගේ අයxවැය මඟින් සියලූ බදු ඉවත් කළා. හේතුව ඒකයි. සිරිමාවෝ මැතිනිය ජේ.ආර්. ජයවර්ධන මහතාට රජය බාර දෙන විට රජයේ ආදායම තිබුණේ සියයට 24 ක් වශයෙනි. අද ඒක සියයට 10 ක් හැටියට පහත වැටිලා. ආදායම් බද්ද ක‍්‍රියාවට නංවන්නේ නැතුව කොහොමද ආණ්ඩුවේ භාණ්ඩාගාරයට මුදල් ගලා එන්නේ. ඒ නිසා රජයක් ආදායම් බද්ද ක‍්‍රියාවට නැංවිය යුතුයි. මේක 1932 දී සුද්දෝ ගෙනාපු බද්ධක්. අද වෘත්තිය සමිති නායකයෝ ආදායම් බදු ගන්නවාට විරුද්ධව කතා කිරීම මහා විහිළුවක්.එදා විශ‍්‍රාම වැටුප දෙන්න කියලා ඊට පක්ෂව කතා කළේ කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ සහ ඒ.ඊ. ගුණසිංහ විතරයි.අද විශ‍්‍රාම වැටුප ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා. ඉදිරියේදී ඒක අහෝසි වී යාමට ඉඩ තිබෙනවා.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලූරේ මහතා ද අදහස් දැක්වීය.මෙම පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිති රැසක් මෙම 21 වැනි සමුළුවට සුබපැතුම් එක් කළේය. පිළිගැනීමේ කතාව සංවිධායක ලේකම් එල්.ආර්. ස්ටීවන් මහතා පැවැත්වීය.මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ලංකා සමසමාජ පක්ෂයේ අනිල් ද සොයිසා, විදේශ නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
සෑම රටක්ම ආර්ථික අර්බුදයකට ලක්වී ඇත්තේ නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති නිසයි
1
hp_train_0536
(දිලීප් ජයසේකර) කතරගම නාගහවිදියේ රක්ෂිත ප්‍රදේශයේ දඩයමේ ගිය පුද්ගලයන් පස්දෙනෙකු ගිනි අවි සමඟ අද(08) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීහු පවසති. අත්අඩංගුවට ගෙන  ඇති පිරිස කතරගම නාගහවිදිය හා ගෝතමීගම පදිංචි 55, 30, 35, 35 හා 24 වයස්වල පසුවන්නෝය. තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ලක්සිරි ගිතාල් මහතා ලද තොරතුරකට මෙම වැටලීම කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී කතරගම අවට පවතින හෝටල්වලින් මේ දිනවල දඩමස් සඳහා දැඩි ඉල්ලුමක් පවතින බැවින් දඩයමේ යෙදුණු බව පවසා ඇත. මෙම සැකකරුවන් පස්දෙනා මීට පෙරද දඩයමේ යමින් සිටියදී අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගෙන ඇති පුද්ගලයින් බවද පොලිසිය පවසයි. සැකකරුවන් කතරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගිනි අවි දෙකක් - සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
0
hp_train_0537
‘බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන අතර. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට  තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 11/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව33269065අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259075වැසි ස්වල්පයක්.ගාල්ල31279075වැසි ස්වල්පයක්.යාපනය32278065වැසි ස්වල්පයක්.මහනුවර30219565වැසි ස්වල්පයක්.නුවරඑළිය22129060වැසි ස්වල්පයක්.රත්නපුරය33249565වැසි ස්වල්පයක්.ත්‍රීකුණාමළය35259055අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278070වැසි ස්වල්පයක්.  
‘දිස්ත්‍රික්ක කීපයකට සුළු වැසි තත්ත්වයක්‘
1
hp_train_0538
(ඉන්දිකා රාමනායක)සහරාන් හෂීම් නැමැත්තා 2018 වසරේ පැවැත්වූ අන්තවාදී පන්ති සඳහා සහයෝගය ලබාදුන් සැකකරුවකු නරම්වල ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් සියාම් (24) මැති තරුණයෙකි.නොහොත් සමගම සහරාන් හෂීම්ගේ අන්තවාදී පන්ති වලට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.ඔවුන් රැඳවුම් නියෝග මත රඳවාගෙන  ප්‍රශ්න කරයි. 
සහරාන්ගේ පන්තිවලට සහය දුන් අයෙක් අල්ලයි
1
hp_train_0539
  (හර්ෂණ තුෂාර සිල්වා) රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.29ක් දක්වා අද (11) පහළ ගියේය.   රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. අප්‍රේල් මස 25 වැනි දා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.04ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය.  මේ වසරේ මේ දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.1 කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අද (11) නිවේදනය කළේය.  රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් (11) සඳහන් කළේය.  පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.   
‘රුපියල් සියයට 3.2 කින් අවප්‍රමාණය වෙලා’- මහ බැංකුව
0
hp_train_0540
(ක.ග.කරුණාරත්න) හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අද(14) පැවති මාසික රැස්වීමේදී 2020 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 21කින් සභාසම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 2ක් ලැබිණි. ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විපක්ෂව ඡන්දය දුන්හ.හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්.උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී රැස්වීම ආරම්භ විය. ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය කෙටුම්පත සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය. ප්‍රාද්ශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 8දෙනා අයවැය කෙටුම්පත සඳහා ජන්දය විමසීමට පෙර රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ. අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවේදී  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 10 දෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13දෙනා එක්ව අයවැයට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කළහ. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය 33 කින් සමන්විතය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර 13 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙයේ මන්ත්‍රී ධූර 10 ක්, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී ධූර 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධූර 2ක් වශයෙනි.
ඉමදූව ප්‍රා. සභාවේ අයවැය වැඩි ඡන්ද 10 කින් සම්මතයි
0
hp_train_0541
(අශෝක තිලකරත්න)අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ 2020 වසර සඳහා වූ අයවැය අද (27) පැවති මාසික රැස්වීමේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.සභාපති  ගාමිණී වීරබද්දන මහතා(ශ්‍රී.ල.පො.පෙ) විසින් මෙම අයවැය ඉදිරිපත් කරන ලදී.මෙම අයවැය ලේඛනයට අනුව 2020  වර්ෂයේ දී  අඟුණකොළපැලැස්ස  ප්‍රාදේශීය සභාවේ අපේක්ෂිත ආදායම  රුපියල් 67,206,497ක් වන අතර අපේක්ෂිත වියදම රුපියල් 67,205,497 ක් වේ.මෙම අයවැය ලේඛනයේ රුපියල් 1000ක අතිරික්තයක් ද ඇත.
අඟුණකොළපැලැස්සේ අයවැයත් සම්මතයි
0
hp_train_0542
(ඔගස්ටින් ප්‍රනාන්දු)             ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණුපොතෙහි පළකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි සිටි ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ පනහ බැගින් ශරීර ඇප තුනක් මත මුදාහැරි හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා වැඩිදුර නඩු විභාගය ලබන වසරේ මාර්තු මස 6 වන දින කැඳවීමට අද (19) නියම කළේය. තවද සැකකරුට විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයේ තබා ගැනීමට නියම කළේය.හලාවත තේක්ක වත්ත ප්‍රදේශයේ පදිංචි හලාවත කඩ විදියේ රෙදිපිලි වෙළද ආයතනයක් පවත්වා ගෙන යන  අබ්දුල් හමීඩ් මොහොමඩ් හස්වර් (35) නමැති අයව ඇප මත මුදාහැරිණි. හලාවත නගරයේ දි ඉකුත් මැයි (12) දහවල් ඇතිවු කලබලකාරි වතාවරණය නිර්මාණය වුයේ සැකකරු විසින් මුහුණ පොතකට එක් කර තිබු සටහනක් පදනම් කර ගෙන බවත් ඒ අනුව සැකකරු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය සදහන් කර තිබුණි.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ හා හදිසි නිති රෙගුලාසි යටතේ සැකකරුට විරුද්ධව චෝදනා නගා තිබුණි. සැකකරුට එරෙහිව පැමිණිල්ල හලාවත පොලිසිය ඉදිරිපත් කළ අතර  සැකකරු වෙනුවෙන් නීතිඥ පායිස් සාලි, නීතිඥ මොහොමඩ් නලින්, නීතිඥ දිලාන් සේනාරත්න යන මහත්වරු පෙනී සිටියහ.  
මුහුණු පොතේ ගැටුම්කාරී ප්‍රකාශ පළ කළ සැකකරු තවදුරටත් රිමාන්ඩ්
0
hp_train_0543
සැමියාගේ නොසැලකිල්ලෙන් නිවෙසක් ඉදිකර ගැනීම පමා වෙනවා යැයි සැමියාට දෝස්මුර තැබූ බිරිඳක් සිය මාලය උකසට තබා රුපියල් විසි දහසක් ණයකට ගත්තේ අලුත් නිවෙසක් ඉදිකරගන්නට ගඩොල් මිලදී ගන්නටය.ණයට ලබාගත් රුපියල් විසිදහසක මුදල අල්මාරියේ ඇඳුම් අතර සඟවා තබා දින දෙකතුනකින් බලන විට රුපියල් හාරදහසක් අඩුවී ඇති බව ඇය දුටුවාය. මේ මුදල සැමියා කෙසේ හෝ සොරාගෙන අරක්කු බොන්නට ඇතැයි දෙස්දෙවොල් තබමින් ඇය තව තවත් අල්මාරියේ රෙදි ඒ මේ අතට පෙරළමින් නැතිවූ මුදල සෙව්වාය. එවිට එක්වරම රුපියල් දහසේ කොළ දෙකක් ඒ අතර තිබී බිමට වැටුණ අතර කෑලි කෑලි කැඩූ දහසේ කොළ දෙකක කැබලිද මීයන් කපා දැමූ රෙදි කැබලිද බිමට වැටුණි. රුපියල් හාර දහසේ සොරු අතටම බිරිඳට අසුවූ අතර සැමියා යාන්තමට චෝදනාවෙන් බේරුණේය. ඒ වෙනුවට ගෙදර සිටි බළලාව පසුවදාම ඈත පළාතකට ගෙන ගොස් දැමුවේ සියලු වැරැදි බළලා මත පටවමිනි.(දූනගහ - බටේපොළ විජයසිරි) 
සල්ලි හොරා අහුවුණාම බළලාට පාඩමක් උගන්වලා
1
hp_train_0544
 රුපියල් කෝටි එක හමාරක් වටිනා රත්තරන් කිලෝග්‍රෑම් තුනක් අඩංගු පාර්සල් දෙකක් තම දණහිස් ආවරණයේ බැඳගෙන ගුවන්තොටුපොළෙන් පිටකිරීමට උත්සහ කළ  මෙරට ප්‍රසිද්ධ ගුවන් සේවා සමාගමක සේවයේ නියුතු පුද්ගලයෙකු  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  හුවමාරු පර්යන්තයේ වැසිකිලියක් තුළ සිටියදී අද  අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය. මෙම වසරේ  රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබු විශාලතම රන් තොගය මෙය බවත් ඔහු කීවේය.සැකකරු දෙහිවල ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටින මහනුවර පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.ඔහු  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ   රන් කැබලි 15 බැගින්  වූ  පාර්සල් දෙකක්  ඔහුගේ දණහිස් වල ගැට ගසා තිබු බව රේගුව කියයි.රේගු නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ සිංගප්පුරුවේ සිට පැමිණි ගුවන් මගියෙකි තමන්ට මෙම  පාර්සල් දෙක  ලබා දුන් බවයි. ගුවන් මගියා සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇති බව රේගුව අනාවරණය කරගෙන ඇත.ගුවන්තොටුපොළ ආරක්ක්ෂක අංශ විසින් ලබා දුන් තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර අදාල ගුවන් මගියා සහ මෙම රත්තරන් රැගෙන යාමට පැමිණි ඇති තැරැව්කරු අත්අඩංගුවට ගැනීම සඳහා රේගුව වැඩිදුර විමර්ශන සිදුකරයි.මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක රංජන් හේවාගම මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඩී.එම්.ජී නිමල්තිලක, අමිත් උදයපාල, ෙජ්.කේ ආරියදාස, පියතිස්ස පතිරණ සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන්ව අනුර කංකානම්ගේ, පී.එල් වනිගසිංහ, පී.එච්.යු.අයි විෙජ්පාල සහ සහකාර රේගු අධිකාරීවරුන්වන රුවන්වැල්ල අල්විස් සහ එල්.එන් ජයසුන්දර යන නිලධාරීහු සිදු කරති. 
ලක්ෂ 15 ක කුඩු ඉකිළි දෙකේ අලවලා
0
hp_train_0545
ත්‍රිකුණාමලය, සූදිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.සැකකරු සතුව තිබී පුපුරණ ද්‍රව්‍ය යොදා ඩයිනමයිට් ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 551 ක් ද හමුදාව බාරයට ගෙන ඇත.මෙම මසුන් තොගය කැබ් රථයකට පැටවීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු මූතූර් ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.අත්අඩංගුවට ගත් පුද්ගලයා, මසුන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතූර්, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
කැස්බෑ මස් කිලෝ 4ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
0
hp_train_0546
(ඩයනා උදයංගනී)දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (16) සවස් කාලයේදී ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්ද පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.සබරගමුව, මධ්‍යම, ව්‍යඹ  සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙලෙස පස්වරු 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානයන්ට මිලිමීටර  100 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානයන්හි උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවන බව ද ඔහු ප්‍රකාශ කළේය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලද වැසි ඇති වන අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් ධීවර හා නාවුක කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. 
පළාත් කිහිපයකට හෙටින් පසු වැස්ස අඩුවන ලකුණු
0
hp_train_0547
(විනීතා එම් ගමගේ)කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අගය බැලීමේ දී ලෝකයේ පවතින සාමාන්‍ය අගය මිලියනයකට රෝගීන් 546 ක් වූවත් ශ්‍රී ලංකාවේ එම අගය පවතින්නේ ජනගහනයෙන් මිලියනයකට රෝගීන් 40 ක් වශයෙන් යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උයද ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා සංඛ්‍යා ලේඛණ විග‍්‍රහයක් කර ගන්න බැරි විපක්ෂයේ පුංචි පුතාලා දුවලාගේ පහසුව පිණිස කොවිඞ් 19 සංඛ්‍යා ලේඛණ විග‍්‍රහ කර  දීමට බලාපොරොත්තු වන බවත්  ඉන්දියාවෙන් ඇරඹුවහොත් මාර්තු 24 වැනිදා ඉන්දියාව වසා දමන විට රෝගීන් 499 ක් සිටි අතර දැන් 70,780 කට අධික පිරිසක් සිටින බවත් එය 142 % ක වර්ධන වේගයක් බවත් කීය.ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිට කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අගය පහල මට්මටමක පවතින්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ පරිපාලන කාර්යක්ෂමතාව සහ ජනතාව ආණඩුවට සවන්දීම කොතරම් දුරට සිදුවෙනවා ද යන්න යැයි කී ගම්මන්පිල මහතා එම අගය ශ්‍රී ලංකාවේ හතලිහක් වෙද්දී කටාර්වල 8199 ක් වී ඇතැයි ද එයින් ම ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති තත්ත්වය පෙන්නුම් කරන්නේ යැයි ද පැවැසීය.ආසියාවේ ආදර්ශය වන සිංගප්පූරුව අප්‍රේල් 3දා ලොක් ඩවුන් කරන විට රෝගින් ගණන 1144 සිටි අතර  දැන් රෝගින් ගණන 23,822 ක් වන බවත් එය 21ක් ගුණයකින් රෝගීන් ප‍්‍රමාණය වර්ධනය වීමක් බවත් පෙන්වා දුන්නේය.හොඳට ඉඩකඩ තියෙන සමාජ පරතරය හොදින්ම රකින්න පුළුවන් ලෝකයේ ලොකුම රටවන රුසියාව ලොක් ඩවුන් කළ මාර්තු මාසයේ 30දා රෝගින් සිිටියේ 1,462ය ක් වන බව පෙන්වා දුන් ගම්මන්පිල මහතා දැන් 221,344 වී ඇති බවත් එයින් කියැවෙන්නේ 151ක් ගුණයකින් රෝගින් වැඩි වීම බවත් හෙතෙම කියා සිටියේය. මේ අනුව නිදසුනට ගත් එම රටවල් දෙස බලද්දී රෝගීන් 151 ගුණයකින් පවා වැඩි වී ඇති බව පෙනී යන බව ද ඔහු සදහන් කළේය.රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව පවා මනින්නේ මරණ අනුපාතයෙන් සහ සුව වූ අනුපාතයෙන් බව ද ලෝකයේ මරණ අනුපාතය සියයට හතක් වෙද්දී ලංකාවේ එම ප‍්‍රමාණය සියයට 1 වන බව ද ලොව අඩුම රටවල් කිහිපය අතරේ ශ්‍රී ලංකාව සි්ටින බව ද ඔහු කීවේය. සුව වූ අනුපාතය බලද්දී ද ලෝකයේ සාමාන්‍යය අගය සියයට 36 ක් වෙද්දී එය ශ‍්‍රී ලංකාවේ සියයට 39 වී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.මේ නිසා ජාත්‍යන්තර දර්ශක සකසන අය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයත් ශ්‍රී ලංකාව කොවිඞ් 19 මර්දනය සඳහා ගත් ක‍්‍රියාමාර්ග අගය කරමින් ලංකාව ලෝකයට ආර්දශයක් යැයි පෙන්වා දෙන බව ද  එය දරාගන්නට බැරි විපක්ෂය, මෙහි කොටස්කරුවෙක් නොවුණු විපක්ෂය, මේ ක‍්‍රියාවලියේ දී කකුලෙන් අදිමින් බොරු කියමින් ආණ්ඩුව රටට ලබාදුන් ජයග‍්‍රහණය හෑල්ලූ කිරීමට සාර්ථක උත්සාහයක නියැළි සිටින්නේ යැයි ද ඔහු ස`දහන් කළේය.තව දුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය නායකයා කොවිඞ් 19 වසංගතය හේතුවෙන් බංකොලොත් වීමේ අවදානමකට ලක් වී ඇති ව්‍යාපාර සරණ පතා යන්නේ තමන්ගේ බැංකුව වෙත  යන නමුත්  පසුගිය මාස දෙකේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව හරහා විවිධ මූල්‍යමය සහන ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නැයි රජය විසින් ඉල්ලීමට පවා සමහර බැංකු නම්‍යශීළී නොවී ඇතැයි ද කීය.නමුත් බැංකු නම්‍යශීලී නොවී ශයිලොක් න්‍යායෙන් මස් රාත්තලම ඉල්ලන බවට ව්‍යාපාරිකයින් චෝදනා නගන්නේ යැයි ද, ණය ලබාදීම ප‍්‍රමාද කිරීම හරහා ව්‍යාපාර දහස් ගණනක් වසාදැමීමට ලක්ව රැකියා ලක්ෂ ගණනක් අහිමි වීමේ අනතුරක් මතුවී ඇතැයි ද, සම්ප‍්‍රදායික ලෙස මේ අවස්ථාවේත් ඇප පිළිබඳ තදින් ක‍්‍රියා නොකර නම්‍යශීලි වෙන්නැයි බැංකු වලින් ඉල්ලා සිටින්නේ යැයි ද ඔහු කියා සිටියේය.ඉකුත් වසරේ බදු ගෙවීමෙන් පසු ලැබූ ලාභය බැලූවිට කොමර්ෂල් බැංකුව මිලියන 18,057 ක්ද, ලංකා බැංකුව මිලියන 17,590 ක්ද, මහජන බැංකුව 13,012 ක්ද,  සම්පත් බැංකුව මිලියන 11,983 ක්ද,  හැටන් නැෂනල් බැංකුව 11,558ක්ද උපයා ඇතැයි පැවසු ගම්මන්පිල මහතා  මේ දැවැන්ත ලාභය උපයා දුන් ගනුදෙනුකරුවන් දැන් අමාරුවේ වැටී සිටින නිසා බැංකු විසින් යම් අවදානමක් අරගෙන ආර්්ථික අර්්බූදයෙන් ගොඩ ඒමට ව්‍යාපාරිකයින්ට සහන සැලසිය යුතු යැයි තමන් යෝජනා කරන බව ද කියා සිටියේය.පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උපුල් විජේසේකර සහ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ යන මහත්වරුන්ද මාධ්‍ය හමුවට එක්ව සිටියහ. 
විපක්ෂයේ පහසුවට සංඛ්‍යා ලේඛණ විග‍්‍රහයක්
1
hp_train_0548
(ජුඩ් සමන්ත) ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  අද (08) සහ හෙට (09)  දෙදින තුල ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර  තිබේ.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දීමේදී, නව පත් කිරීම්  සිදු කිරීමේදී  වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අත්තනනෝමතිකව  කටයුතු කරන බවත්, සේවා  හැදුනුම්පත් ලබා දීම සදහා වසර 02 කට පෙර සියළුම තොරතුරු ලබා ගෙන ඇතත් එය ඉටු නොකිරීම,වසර 06 කට වැඩි කාලයක් ගමන්මළු ලබා නොදීම යන කරුණු  මුල් කරගනිමින්  මොවුහු මෙම වැඩ වර්ජනයට අවතීරණව සිටින බව  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රොහණ මහතා සදහන් කළේය. ඒ අනුව  අද (08) සිට තලවිල දේවස්ථානයේ විශේෂ රාජකාරි සදහා වාර්තා කර ඇති මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන් හැර සෙසු සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  සේවයෙන් ඉවත් වී ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් 60 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 115 දෙනෙකු වෘත්තීය ක්‍රියා මාර්ගයට සම්බන්ධ වී ඇත. 
වයඹ සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරති
0
hp_train_0549
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා පිදුම් ලැබීය. ශ්‍රී ලංකන් ගුවන් සේවය 2023  නිලAPEX ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම්හි තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් ලෙස අඛණ්ඩව පස්වන වසරටත් එහි ප්‍රමිතිය පවත්වාගෙන යාමට සමත් වීම විශේෂත්වයකි.ගුවන් සමාගම් 600කට ආසන්න සංඛ්‍යාවක මිලියනයකට අධික ගුවන් ගමන් වලින් එකතු කරන ලද නිර්නාමික සහ මධ්‍යස්ථ මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මෙමAPEX passenger Choice Awards සහ APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් ලබාදීම සිදුකරනු ලැබේ. APEX Passenger Awards හි ජයග්‍රාහකයන් තෝරා ගැනීමේ දී ගුවන් යානයේ ආසන පහසුවල මැදිරි සේවාල ආහාර පාලන විනෝදාස්වාදය සහ Wifi යන උප කාණ්ඩ පහක් යටතේ ගුවන් සමාගම්වල මගීන්ගේ ශ්‍රේණිගත කිරීම් සලකා බලනු ලැබේ.මෙම සම්මානය හිමිවීම පාරිභෝගිකයන්ට උසස්‌ නිෂ්පාදනයක්‌ සහ උණුසුම් සත්කාරය සහ සුවපහසු සේවාවක් මෙන්ම නිවසේ මෙන්  හුරුපුරුදු බවක් ගුවන් යානය තුළ දී ලබාදීම වෙනුවෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය දරන අඛණ්ඩ උත්සාහය ඇගයීමට ලක් කිරීමකි. ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන් සතුටු කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නවල කොටසක් ලෙස, වරින් වර එහි ආහාර මෙනුව ප්‍රති නිර්මාණය කරයි. ගුවන් සමාගම මෑතක දී ශ්‍රී ලාංකීය කෑම වර්ග සහ පාන වර්ග කිහිපයක් හඳුන්වා දුන්නේය. සෑම ආහාර වට්ටෝරුවක්ම ඉතා සූක්ෂම ලෙස තෝරාගෙන එහි අමුද්‍රව්‍යවල පෝෂණ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩි මට්ටමට ගෙන ඒම සඳහා සකස් කර ඇත. ශ්‍රී ලාංකිකයන් සඳහා සුව පහසු ආහාර වේලක් ලබා දීමට අමතරවල ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතිය ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අරමුණයි.මේ පිළිබඳව අදහස් දක්මින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ පැවසීය. යළිත් වරක් අපගේ වටිනා පාරිභෝගිකයන් විසින් සිය විශිෂ්ට ගුවන් ගමන් අත්දැකීම ලබා දීමත් ගුවන් සේවය පිළිගැනීමට ලක් කිරීමත් සම්බන්ධයෙන් අපගේ ගෞරවය ඔවුන්ට ලබා දෙනවා. අපගේ ගනුදෙනුකරුවන් සඳහා හොඳම දේ අඛණ්ඩව පිරිනැමීමේ අපගේ අරමුණ මෙමගින් මෙය තවදුරටත් ශක්තිමත් වෙනවා. මේ සෑම සම්මානයක්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාජිකයන්ගේ වෙහෙස නොබලා දරන උත්සාහය කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ නිර්මාණශීලිත්වයට උපහාරයක් වනු ඇත. ඒ වගේම ගුවන් සේවය ජාත්‍යන්තර අවධානයට යොමු කිරීම පිළිබඳව ශ්‍රීලංකන් පවුලේ සෑම සාමාජිකයෙකුටම මම ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.595
ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
1
hp_train_0550
( ජයන්ත සමරකෝන්) කොරෝනා වයිරසය රටින් පහව යන තුරු රිමාන්ඩ් බන්ධනාගාර කිහිපයක  සිරකරුවන් කිහිප දෙනකුගේ නඩු වීමසීමේ කටයුතු   ‘ස්කයිප්‘   වීඩියෝ තාක්ෂණය ඔස්සේ  විනිසුරුවන් විසින්   අධිකරණය  තුළදී සිදු කිරීම ආරම්භ කළ බව බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා ලංකාදීපයට පැවසීය. ඉදිරියටත් කොරෝනා වයිරස් තත්ත්වය පැවතුණහොත්  අනෙකුත් රිමාන්ඩ් බන්ධනාගාරවලද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීවේය. මඩකළපුව,  බෝගම්බර,  ගාල්ල සහ කුරුවිට බන්ධනාගාරවල දැනට මෙම වීඩීයෝ තාක්ෂණය ඔස්සේ වැඩකටයුතු සිදු කෙරේ.ොකොරෝනා වයිරසය රටින් පහව යන තුරු රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සැකකරුවන් 2,000 ක් පමණ දිනපතා අධිකරණයට රැගෙන යාමද අත්හිටුවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි. මේ වන විට  බන්ධනාගාර 30 ක රැඳවියන් 26,000 ක් පමණ රඳවා සිටින අතර එයින් 16,000 ක්ම රිමාන්ඩ් සැකකරුවන් බවද එම වාර්තාවන්හි සඳහන්ය.
අධිකරණයත්-සිරමැදිරියත් ස්කයිප් තාක්ෂණයෙන් සම්බන්ධ වෙයි
1
hp_train_0551
 කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ඒ අනුව, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 244 කි.කොළඹ 13 සහ මාතලේ ප්‍රදේශවල පදිංචි 82 සහ 84 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්ද, හංවැල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි 47 සහ 65 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද මිය ගිය අය අතර වෙති.   
කොරෝනා මරණ සංඛ්‍යාව 250 පසුකරයි
0
hp_train_0552
(නිමල කොඩිතුවක්කු)ජාතික රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ හේතුවෙන් රට සමාජ, දේශපාලන, ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ශක්තිමත් වී ඇති බවත් එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියටත් ගෙන යාම ජාතික රජයේ අරමුණ බවත් විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මූලිකත්වයෙන්  නව දැක්මක් ඇතිව ඉදිරි වැඩපිළිවෙළ ශක්තිමත් කරන බව ද ඔහු පැවසීය.ජාතික රජය නියෝජනය කරන ඇමැතිවරුන්ගේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු එසේ කීය. අමාත්‍ය සරත් අමුණුගම මහතා මෙසේද කීය. “පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකළා. අද වනවිට මේ රජය හවුල් රජයක් ලෙස කටයුතු කරගෙන යනවා. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් සභාපතිවරයායි. කවුරු ආණ්ඩුවෙන් ගියත් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නියෝජනය කරනවා.දැන් කවුරුත් අතුරුදන් වෙන්නේ නැහැ. දැන් සියලු දෙනාගේම ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. සියලු දෙනාට සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් අද තියෙනවා. පාර්ලිමේන්තුවේ වුණත් අද සියලුම ජාතීන්ට සමගියෙන් කටයුතු කරන්න හැකියාව ලැබී තිබෙනවා.එතුමාගේ ජාත්‍යන්තර සම්බන්ධතා අද හොඳින් පෙන්නුම් කරලා තියෙනවා. ජී.එස්.පී. ප්ලස් සහනය එයට හොඳ නිදසුනක්. මේ නිසා අද ධීවර, ඇඟලුම් ඇතුළු ක්ෂේත්‍ර ශක්තිමත් වී තිබෙනවා.අප කාටවත් රටේ නිීතියට, ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්න පුළුවන්කමක් නැහැ. මේ සම්බන්ධයෙනුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. මේ රජය අපේ අධිකරණ පද්ධතියේ ස්වාධීන බව තහවුරු කර තිබෙනවා. විනිසුරුවන්ගේ ඇතුළු සියලු දෙනාගේ වැටුප් වැඩිකරලා අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.තොරතුරු ලබාගැනීමේ නිදහස ලබාදී තිබෙනවා. මාධ්‍ය නිදහස අද තහවුරු කරලා තිබෙනවා.ඒ වගේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා සිය බලතල කප්පාදු කරගෙන තිබෙනවා. මේ පක්ෂ දෙකේ සම්මුතිය නොතිබුණානම් අපට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට නොහැකි වනවා. මේ රජය බලයට පත්වුණේ අභියෝගාත්මක අවස්ථාවකදියි. පසුගිය රජය වසර දෙකකට කලින් ජනාධිපතිවරණයට ගියේ නැකැත්වලට වඩා අර්ථ ශාස්ත්‍රය විශ්වාස කරලයි. ඒ අයට ඒ වන විටත් ඉදිරි ආර්ථික කටයුතු පිළිබඳ සංඥාවක් ලැබී තිබුණා.විශාල වශයෙන් ණය ගොඩගැසීමේ අවදානමක් තිබුණා. දැන් ක්‍රම ක්‍රමයෙන් ඒවා අපි කළමනාකරණය කර ගනිමින් යනවා. ලෝකයේ අනික් රටවල් වගේ අපි බංකොළොත් වෙලා නැහැ. දුෂ්කර අවස්ථාවලදී පවා අප අපේ ණය වාරික ගෙවලා තිබෙනවා. අද අපේ රුපියල කඩා වැටිලලු. රටක භාවිතා වන මුදල කඩාවැටීමට දේශීය මෙන්ම විදේශීය හේතුත් බලපානවා. මැදපෙරදිග පවතින අස්ථාවර භාවය නිසා ලෝක වෙළෙදපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. මෙම කරුණු අපට බලපානවා.ඉතාම දරුණු නියඟයක් ඇතුළු පාරිසරික සාධකවලට අපට මුහුණ දෙන්න සිදුවුණා. එහෙම තිබියදිත් අප ආර්ථිකය වට්ටන්නේ නැතුව ඉදිරියට ගෙන ගියා.ණය ගන්නවාට වඩා අපට අවශ්‍ය ආයෝජන අවස්ථා වැඩි කිරීමයි. චීනය දියුණු වුණෙත් විදේශ ආයෝජන නිසයි. අස්ථාවර රටකට ආයෝජකයන් එන්නේ නැහැ. අප ගැටුම් ඇතිකර ගන්නේ නැතුව ස්ථාවර රජයක් ඉදිරියට ගෙන යා යුතුයි. වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා:අපේ රජය සිදු කළ කටයුතු සමාලෝචනය කිරීම කාලෝචිතයි. අපේ මිනිස්සුන්ට හරි ඉක්මනට දේවල් අමතක වෙනවා. මේ රජය මොනවද කළේ කියලා සමහරු අපෙන් අහනවා. ඒ ගැන විවේචන කරනවා. මේ ගැන වටිනා ප්‍රකාශයක් පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විසින් සිදු කළා.ජිනීවා නුවරට ගිහින් අපට එල්ල වෙලා තිබෙන චෝදනාවලට කොහොමද මුහුණ දෙන්නේ කියන ගැටලුව  8 වැනිදා බල පෙරළියත් එක්ක අපට තිබුණු මූලික අභියෝගය බවට පත්වුණා. මේ වාර්තාව සමග අපට ආර්ථික සම්බාධක දාන්න පවා ඇතැම් පිරිස් උත්සාහ ගනිමින් සිටියා.ජනාධිපතිවරණය කලින් පැවැත්වීමට හේතුව අර්ථශාස්ත්‍රය කියලා අමුණුගම මහතා ප්‍රකාශ කළා. ජිනීවා කේන්දරය බලලා තමයි ඡන්දය කලින් තිබ්බේ කියලයි මා නම් කියන්නේ. ජනාධිපති, අගමැති එකතුවෙලා එම චෝදනාවලට මුහුණ දෙන්න සැලසුම් සකස් කළා. දින 100යේ වැඩපිළිවෙළින් වැඩි අවදානයක් ඒ සඳහා යොමු කළා. මෙවැනි අභියෝගවලින් අප ජයගත්තා කියලා අද ජනතාවට අමතක වෙලා.මෙයට පෙර ශ්‍රී ලංකාව සැලකුවේ උතුරු කොරියාව වගේ ඒකාධිපති රටක් ලෙසයි. සංහිඳියා වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන රටක් ලෙස අද අප ඉදිරියට යනවා. අද රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත වෙලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී තිබෙනවා.  අද අපේ රටට ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් අත්වෙලා තියෙනවා.බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පැමිණිලි ආවම ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසම ස්ථාපිත කළා. අගමැතිවරයා කැමැත්තෙන්ම ගිහින් එයට සාක්ෂි දුන්නා. ඇමතිවරුන් තුන් දෙනෙක් එයට සාක්ෂි දුන්නා. තමන්ගේ නිදොස් බව ඔප්පු වෙනකම් ඇමතිවරයකු කැමැත්තෙන්ම ඉවත් වුණා. මේකට තමයි සැබෑ වෙනස කියලා කියන්නේ. අද අලුත් මහ බැංකු අධිපතිවරයකු යටතේ එම කටයුතු සිදුකරගෙන යනවා.ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සංස්ථාවේ සභාපතිවරයා අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණා. ඔවුන් අහුවෙනකම් මේ පිළිබඳ ජනාධිපතිවරයා අගමැතිවරයා දන්නෙත් නැහැ. ඔවුන් එක්ක සාකච්ඡා කරලා නොවේ අද මේ තීන්දු ගන්නේ. ස්වාධීන කොමිෂන් සභා ඇතුලු ආයතනවලට ඕනෑම අයකු සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවස්ථාව අද  සලසා දීලා තියෙනවා.මේ රටට නොතිබුණු දේශපාලන ස්ථාවර භාවයක් සම්මුතිවාදී රජය නිසා අද ලැබිලා තියෙනවා. මේ නිසා අද රට වේගයෙන් සංවර්ධනය වෙනවා.”එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:“ජාතික ආණ්ඩු සංකල්පයෙන් අප උත්සාහ කළේ රටට දේවල් දිනා දෙන්නයි. නොගැළපීම් තිබුණත් ඒ සියල්ල ගළපගෙන අපි රට වෙනුවෙන් කැප වුණා. කැබිනට් මණ්ඩලය 30 කට සීමා කරලා රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය දුර සීමා කළා. අපේ බලය කප්පාදු කර රට වෙනුවෙන් වැඩි දෙයක් සිදු කළා.සෞඛ්‍ය, අධ්‍යාපන ආදී අමාත්‍යාංශ මට්ටමිනුත් අද විශාල සේවාවක් සිදුවෙනවා. පාසල්වලට සියලු පසුකම් ලබාදී තිබෙනවා. සියලුම සිසුන්ට සුරක්ෂා රක්ෂණාවරණය ලබා දී තිබෙනවා. ඉන් එක් ශිෂ්‍යයෙකුට රුපියල් ලක්ෂ දෙක දක්වා ප්‍රතිලාභ හිමිවෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමිවන්නෙත් රුපියල් ලක්ෂ දෙකක ප්‍රතිලාභ පමණයි. දියුණු රටවලවත් මෙවැනි පහසුකම් නැහැ. අද මාධ්‍යයට විශාල නිදහසක් ලැබිලා තිබෙනවා. එදා වගේ සුදු වෑන් එන්නේ නැහැ. අපි අද මාධ්‍යයෙන් ඉල්ලන්නේ විපක්ෂයට දෙන ඉඩ අපිටත් දෙන්න කියායි. ජාතික රජය ලෙස විවිධ හැල හැප්පිලි අභියෝග මැද මේ යාත්‍රාවේ අපි ඉදිරියටත් ගමන් කරනවා. අපි සංසන්ධනය කර බැලිය යුතුයි මේ වසර තුන සහ පසුගිය රජය අතර වෙනස. එවිට අපි කළ දේ හොඳින් සංසන්දනය වේවි.ඇතැම් භාණ්ඩ කාලයත් සමග ඉහළ දැමීමට සිදුවෙනවා. නමුත් ඉන්ධන, ගෑස් ඇතුලු භාණ්ඩවල මිල පසුගිය රජයටත් වඩා අඩුවෙන් අපි පවත්වාගෙන යනවා. මහා මාර්ග, අධිවේගී මාර්ග ඉදිවෙමින් අද රට සංවර්ධනය කරා ගමන් කරනවා. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙච්ච නිසා තමයි අපිට මේ ජයග්‍රහණය ඇති වුණේ යැයිද ඔහු කියා සිටියේය.”කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා:   “රේලි පීල්ල වගේ දෙපැත්තට ගිය පක්ෂ දෙකක් අද මේ රටේ අනාගතය වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා. මේ කැප කිරීම නිසා අද රටට විශාල දියුණුවක් ළඟා කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ කාලය ජනතාවට සහන දෙමින් රටේ සියලුම ප්‍රදේශ ඉලක්ක කරගනිමින් දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපට හැකි වුණා.” රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාද සහභගිවූ අතර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරුන් මෙසේද කීය.ප්‍රශ්නය: 20 වන සශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳ ඔබේ අදහස?පිළිතුර : (අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා) එහි කෙටුම්පත තවම ඉදිරිපත් කරලා නැහැ. ඉන්පසුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමග සාකච්ඡා කර අපේ ස්ථාවරය දැනුම් දෙන්නම්.(අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා)- කෙටුම්පත අධ්‍යයනය කරලා පක්ෂ අභ්‍යන්තරය සමග සාකච්ඡා කර මේ ගැන දැනුම් දෙන්නම්.ප්‍රශ්නය: ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඔබ පක්ෂ දෙකේ සූදානම?පිළිතුර: (අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා) ඉදිරියේදී ඒ ගැන ප්‍රකාශ කරන්නම්.(අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා)- අප මෙවර පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නැහැ. අපේම අපේක්ෂකයකු තමයි මෙවර තරඟ කරන්නේ.ප්‍රශ්නය: දැව සංස්ථාවේ නව සභාපතිවරයාගේ පත්වීම පිළිබඳවත් චෝදනා එල්ල වෙනවා?පිළිතුර: (අමාත්‍ය සරත් අමුණුගම මහතා) ඉහළ තනතුරු සම්බන්ධයෙන් සිදුකෙරුණු පත්වීම් ගැන තීරණ ගැනීමට පාර්ලිමේන්තුව නව කමිටුවක් පත් කරලා තිබෙනවා. එම කමිටුවේ සභාපති කථානායකතුමයි. සියලුම පක්ෂ එම කමිටුව නියෝජනය කරනවා. මෙම පත්වීම ගැන යම් ගැටලුවක් තිබෙනව නම් එම කමිටුව තීරණයක් ගනීවි.  
ජනපති - අගමැති මූලිකත්වයෙන් නව දැනුමකින් රට නංවනවා
1
hp_train_0553
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)“ආර්ථික අර්බුදයෙන් ගොඩ එන සැලැස්මක් මේ රජයට ඇත්තේ නැහැ. මුදල් ඇමතිවරයා රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රතිපත්ති හදද්දී ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන් ගෙන්වා ඔවුනට බනිනවා. රට වැටී ඇති  ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් අවශ්‍ය බව ජනතාව තේරුම් ගෙන සිටීම සතුටට කරුණක්..“ යැයි හිටපු ආරක්ෂක හා ජනමාධ්‍ය ඇමති හා පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා පැවසීය.රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් මීරිගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් අද (04) වේවැල්දෙනිය ප්‍රදේශයේ පැවති ජන හමුවේදීය.විජයවර්ධන මහතා මෙසේද කීය.“ආණ්ඩුවත් එක්ක හැප්පෙන අතරේ පිරිසක් පක්ෂයෙන් කඩාගෙන යාම එක්සත් ජාතික පක්ෂයට මහත් අභියෝගයක් වෙලා. ප්‍රබලයන් හදන්නේ එක්සත් ජාතික පක්ෂයයි. අලුත් පක්ෂයේ අය ප්‍රබලයැයි කිව්වත් කිසිවෙක් ප්‍රබල නැහැ. ඒ අය ප්‍රබලයන් වුනේ එක්සත් ජාතික පක්ෂය නිසයි. සිරිකොත අල්ලන්න කියා ඡන්දය ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්න යන්නයි.කිසිවෙකුට කිසිදා එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න බැහැ. ඩී. ඇස්. සේනානායක මහතා මේ පක්ෂය හැදුවේ දර්ශනයක් ඇතිවයි.  යූ.එන්.පී. ය කියන්නේ රනිල්, රුවන්, සජිත් නොවෙයි. ගමේ සංවිධානය කරන ජනතාවයි. පක්ෂය රකින ජනතාව සියලු අභියෝග මැද ඉදිරියට යනවා.එක්සත් ජාතික පාක්ෂිකයන් කලකිරිලා ඉන්නේ.  පසුගිය වසර හතරමාරේ පාක්ෂිකයාට කිසිවක් වුනේ නැහැ. රැකියාවක් දෙන්න ලැබුනේ නැහැ.  ඒ නිසා ජනතාවගේ වේදනාව කලකිරීම සාධාරණයි. මමත් කලකිරුණා. රැකියාවක් දෙන්න බැරි වුණාට වසර හතරහමාරේ රටට විශාල සේවයක් කළා. සුවසැරිය, බෙහෙත් මිල, සිසු රක්ෂණය, වැටුප් වැඩිවීම,  පාසල් දියුණුවට වැඩ කටයුතු ඒ අතරින් කිහිපයක් විතරයි.මාධ්‍ය නිදහස දුන්නා. ඒ නිසාම වැඩියෙන්ම ගැහුවෙත් අපේ රජයටයි. අද ඒ නිදහස නැහැ. රාජපක්ෂලා විවේචනය කරන්න බැහැ.  අපි ගැබිනි මවට දුන් පෝෂණ මල්ලට පයින් ගහලා. ඉන්ධන සහනය ජනතාවට දුන්නේ නැහැ. විදුලි බිල තුන් ගුණයකින් වැඩි කළා.  රට පුරා කම්හල් වැහෙනවා. සේවකයින් එළියට දානවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන සැලැස්මක් මේ රජයට ඇත්තේම නැහැ. එහෙම සැලැස්මක් එළිදක්වාත් නැහැ.  ආර්ථිකය සම්බන්ධ ප්‍රතිපත්ති හදන්නේ රටේ මුදල් ඇමති. එහෙම තිබියදී ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන් ගෙන්වා ඔවුනට බැනලා වැඩක් නැහැ. මේ රටේ ආර්ථිකය ගොඩ නැගුණේ සැමදා එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ පමණයි. ජනතාව ඒ බව තේරුම් ගනිමින් ඉන්නවා.  සම්පත් සූරාකන සාක්කු පුරවා ගන්නා දේශපාලඥයින් නිසා ජනතාවට දේශපාලනයත් එපා වේගන යනවා. ඒ අතරේ අපේ වනාන්තර පද්ධතිය බහු ජාතික සමාගම් වලට දෙන්න මේ රජය පිඹුරුපත් හදනවා. ඒවා වලක්වන්න ඕනෑ.“ යැයි පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක හිටපු ඇමති අර්ජුන රණතංුග මහතාද මෙසේ සඳහන් කළේය. “මේ රටේ 2015 ට පෙර බියෙන් හිටි හැටි, ජීවත් වෙච්ච හැටි බොහෝ දෙනාට අමතක වෙලා.  උද්ඝෝෂණය කරපු අය මැරුණු හැටි දැන් මතක නැහැ. අපේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩිවුණා. මොනවා  කිව්වත් මාධ්‍යයට තර්ජනය කළේ නැහැ. වසර හතර හමාරක් පුරා රටට කළ සේවය සලකා මමත් එක්සත් ජාතික පක්ෂයට එක්වුණා. ජනතාව පක්ෂයට බැන්නත් කිසිදා පක්ෂ්‍ය දාලා යන්නේ නැහැ. ඔවුන් ඒ තරමට පක්ෂයට ආදරෙයි. ක්‍රිකට් කතාවට මහින්දානන්ද සමාව ගන්න ඕනෑ. එහෙම නැත්නම් කරුණු කියන්න ඕනෑ. රාජපක්ෂ ක්‍රමවේදයට ජනතා  අවධානය කඩන්න හෙට තව එකක් කියයි.“ යැයි සඳහන් කළේය.මේ පිළිබඳව අදහස් දැක්වූ මීරිගම ආසන සංවිධායක අපේක්ෂක ඒ.ආර්. තිලක් අශෝක මහතා “ප්‍රේමදාස එදා නායකත්වයට ආවේ ජේ.ආර්. ටත් පිටුපාලා.. එතුමා ජනතාවට සේවයක් කළත් උදුරා ගැනීමේ යෙදුණා. පස් වෙනිදායින් පස්සේ සජිත්ට යන්න තැනක් නැතිවෙනවා. දුරකතනය විසන්ධි වෙනවා. බුරන්න හරි ගමේ බල්ලට ඡන්දය දෙන්න පැරෂුට් කාරයින්ට දෙන්න එපා...“ යැයි පැවසීය.  මීරිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සිසිර චාමින්ද විතාන මහතා ඇතුලු කීප දෙනෙක්ද සිය අදහස්  දැක්වූහ. 
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න එජාපය බලයට ගේන්න
0
hp_train_0554
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්  ගාල්ල , මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි සවල්පයක් ඇති වේ.දිවයිනේ  සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.ගිගුරුම් සහිත වැසි සමග  තද සුළං ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 
පළාත් කීපයකට තද වැසි සමග සුළං
0
hp_train_0555
( තිලකරත්න දිසානායක)ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයින්  263 දෙනෙකු හමුවෙද්දී දිස්ත්‍රික්කයෙන්  1,345 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. එම වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස  14 ආශ්‍රිතව ඊයේ උදෑසන වනවිට ආසාදිතයින් හමුවීම  මිනුවන්ගොඩ  - 113 ක්,  කටාන  - 110 ක්,  දොම්පෙ  - 109 ක්,  වත්තල  - 103 ක්,  මහර  - 88 ක්,  බියගම  - 81 ක්,  අත්තනගල්ල සහ මීරිගම කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 80 දෙනෙකු බැගින් , ජාඇල  - 76 ක්,  සීදූව - 63 ක්,  කැලණිය  - 61 ක්,  මීගමුව  - 53 ක්, දිවුලපිටිය  - 40 ක් සහ රාගම  - 25 දෙනෙකු වශයෙන් සිදුව ඇත.දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින්  46 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 31 ක්,   බියගමින්  - 12 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව  තිදෙනෙකු වශයෙනි. අද උදෑසන වනවිට පැය  24 ක් තුල දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ආසාදිතයින් - 342 දෙනෙකු සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට සැක සහිත රෝගීන් 14 දෙනෙකු  ඇතුලත් කොට ඇති අතර රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 452 දෙනෙකි.   දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්  35, 129 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ය.          
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1,345 ක්
1
hp_train_0556
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 529දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,60,134 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 471 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,28,400 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කෝවිඩ් ආසාදිතයන් 415ක්
0
hp_train_0557
නව වසර සඳහා කැලැන්ඩරයක් නොලද අයෙකු තමා දිනපතා ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා වෙළෙඳසලට පැමිණියේය. “බිත්තර කීයදැයි” ඔහු සේවකයකුගෙන් විමසූ අතර, “එකක් දහ තුනයි” සේවකයා පැවැසීය. “මට බිත්තර දහයක් දෙන්න” පාරිභෝගිකයා කීය. බිත්තර දහය ලබාගත් හෙතෙම රුපියල් එකසිය පනහක් දෙන ගමන් “කැලැන්ඩරයක් නැද්දැයි” විමසීය.“ඉන්න දෙන්නම්” පැවැසූ සේවකයා කැලැන්ඩරයක් දුන්නේ, “මේක අපේ කඩෙන් ගැහුවේ” යැයි උජාරුවෙන් පවසමිනි. ඉතිරි මුදල්ද රුපියල් දහයක් ලැබිණි. පාරිභෝගිකයා සේවකයා අමතා “බිත්තර දහයට රුපියල් එකසිය තිහයිනේ. මොකද රුපියල් එකසිය හතළිහක් ගත්තේ” යනුවෙන් විමසීය.“කැලැන්ඩරේට වියදම් කළ සල්ලි ටිකක් හරි අඩුවෙන නිසා මුදලාලි කිව්වා කැලැන්ඩරයක් ඉල්ලන අයගෙන් රුපියල් දහය ගානේ අරන් දෙන්න කියලා.” සේවකයා කීවේ ඇඟට පතට නොදැනීය.පාරිභෝගිකයා මිතුරෙකුට කැලැන්ඩරේ පෙන්වමින් “කඬේ නම ගෙදර ප්‍රදර්ශනය කරන්න රුපියල් දහයකුත් ගෙවන්න ඕනැ. අන්න මාර්කටින්” යනුවෙන් පැවැසීය. ක්‍රිස්ටෝපර් සීපියන්
නිකම් දෙන්න ගැසූ කැලැන්ඩරයට 10 ක් අයකරලා
0
hp_train_0558
( ප්‍රසන්න පත්මසිරි)බිබිල නිල්ගල වන රක්ෂිතයේ බුළුපිටිය වන ප්‍රදේශය අද (13) උදේ සුළග සමග ඇති ගින්නක් පැය තුනකට පසු නිවී යද්දී අක්කර සිය ගණනක වනයේ යටි රෝපණය දැවී ගොස් තිබු වන නිලධාරීහු පවසති.බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ,බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර,බුරුත,ගම්මාලු,ඇතුලු වටිනා දැව ගස් හා අලි,කොටි.වළසුන්,වල් ඌරන්,මීමින්නන්,හාවුන්,මුවන්,ගෝනුන්,පක්ෂීන් හා උරගයින් ඇතුලු දුරුලභ වර්ගයේ වන සතුන් විශාල වශයෙන් වෙසෙන අක්කර හැටපන්දහසක වනයකි.සෑම වසරකම නියං කාලය වන ජුලි සිට ඔත්තෝබර් මාසවලදී වනය විටින් විට මාස දෙක තුනක් තිස්සේ ගිනි ගැනීමෙන් අක්කර දහස් ගණනක් ගින්නට හසුවී වනයේ යටි රෝපනය වන මානම් ඉලුක් ඇතුලු ශාක විනාශ වී යන බව ගම්වාසීන් කියයි.වනයේ නිතරම ගින්න තිබෙන බවත් සුළං හමන අවස්ථාවලදී ගින්න සීඝ්‍රයෙන් පැතිරී යන බවත් සුළං නැවතුන පසු ගින්න නිවී ගොස්  නැවත සුළග සමග ගින්න හට ගන්නා බව අවට ගම්වාසීන් කියයි. 
නිල්ගල රක්ෂිතයේ ගින්නක්
0
hp_train_0559
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
ප‍්‍රභාකරන්ට යුද්දයෙන් ගන්න බැරිවූ දේ
0
hp_train_0560
( රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු ඇතුළත් කොට සම්මත කර රජය මැතිවරණ කල් දැමීමෙන් රටේ සමස්ත ජනතා‍වගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප‍්‍රභා කරන ලෙස ඉල්ලමින් නීතීඥවරයකු අද (2) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විසින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ ජනතාවගේ පරමාධිපත්‍ය ක‍්‍රියාත්මක කිරීම සහ භූක්තිවිදීම යන්න වැරදියට ක‍්‍රියාවේ යෙදවීමට හා භුක්ති විඳීමට බව  නීතිඥවරයා පෙන්වා දෙයි.පාදුක්ක පාර හඳපාන්ගොඩ පදිංචි නීතීඥ අරුණ ලක්සිරි මහතා විසින් අතරමැදි පෙත්සම්කරුවකු වීමට අවසර ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අගවිනිසුරු සරත් ඒන් සිල්වා මහතා මෙන්ම නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය සහ කතානායක කරු ජයසුරිය මහත්වරුන්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් ලෙස නම් කරනු ලැබ සිටිති.
හිටපු අගවිනිසුරුගේ පෙත්සම නිෂ්ප්‍රභා කරන්න පෙත්සමක්
1
hp_train_0561
(විශ්ව ගැමුණු ප‍්‍රියංකර)වසර අවසානයේ නවාතැන මාරුකර වෙනසක් බලාපොරොත්තු වූ තරුණියකට සිදුවූ කතාවකි.‘‘නංගී ඔයා ලබන මාසයේ වෙන තැනකට යනවා කියලා කිව්වා ඇත්ත ද?’’ බෝඩිමේ හිමිකාර කාන්තාව ඇයගෙන් එසේ විමසූයේ ඒ වන විටත් එම නවාතැන දැනටත් වඩා වැඩි ගණනකට කිහිප දෙනකුම ඉල්ලා ඇති හෙයිනි.තැරැව්කරුවන් මාර්ගයෙන් ලැබුණු තොරතුරු අනුව වසර අවසාන වීමත් සමඟම නව වසරේදී සිය නවාතැන දැන් ඇති ගණනටත් වඩා රුපියල් දහසක් වැඩියෙන් කුලියට දිය හැකි නිසා ඇය එසේ උනන්දු වූවාය.”ඔව් අක්කේ මේ කිට්ටුවම තැනක් මට යාළුවෙක් කිව්වා. එයාලගේ නෑදෑ කෙනෙක්ගේ ලූ. පඩි ගත්තම ඇඞ්වාන්ස් එකකුත් දෙන්නයි හිතා ඉන්නේ.”බෝඩිම හිමිකාර කාන්තාවගේ වදන්වලට නොදෙවැනි වන සේ ඇය ද එසේ පැවසූයේ තමාට ද අගනුවර  ඕනෑ තරම් හිතවතුන් ඉන්නා බව අඟවමිනි.පසු දිනය උදා වී එදින සවස් වූයේය.බෝඩිම සොයා ආවේ බ්‍රෝකර්වරයෙකි.”මිස් මම දන්න මිස් කෙනෙකු තමයි මේ බෝඩිමට එන්න සූදානම් වෙන්නේ. ගතිගුණ හොඳයි. ගම්පළාත ටිකක් දුරයි. සතියකට දෙකකට සැරයක් තමයි ගමේ යන්නේ මිස්. මගේ ගානත් තියලා එහෙනම් වැඬේ කතා කරගන්න. මෙන්න මේ අංකයට කතා කරන්නකෝ.”එසේ කියමින් බ්‍රෝකර්වරයා දුරකතන අංකයක් ඇය අතට පත් කළේය.”ම් ම් හොඳයි” ඔහු පිටත් වූ පසුව විනාඩි කිහිපයකින් බෝඩිම හිමිකාර කාන්තාව දුරකතනයට ඇමතුමක් ගැනීමට අංක එකින් එක සිය ජංගම දුරකතනයේ තද කළේය.අවසානයේ ඇමතුම සම්බන්ධ වන ස්විචය තද කළේය.තම ජංගම දුරකතනයේ ඒත් සමඟම ප‍්‍රදර්ශනය වූ නම දැකීමෙන් ඇයගේ ඇස් උඩ ගියාය.බ්‍රෝකර්වරයා ලබාදුන් අංකය මේ වනවිටත් සිය නවාතැනේ සිටිනා තරුණියගේමය.”අනේ අම්මාපල්ලා මේ කෙල්ලට සල්ලි වැඩිවෙලා මට කිව්ව නම් කලින් ගානටම මම ඉන්න දෙනවා නේ. දැන් ඉතින් බ්‍රෝකර් ගාස්තුත් එක්ක ගෙවපන්කෝ.....”ඇය නිහඬව සවස් වන තුරු සිට එදින සවස බෝඩිමට පැමිණි තරුණිය සුපුරුදු පරිදි පිළිගත්තාය. වෙනසක් වූයේ මාසික ගාස්තුව පමණි.
බෝඩිමේ ගාස්තු අඩු කර ගන්න කී බොරුව අතේ පත්තුවෙලා
0
hp_train_0562
(හර්ෂණ තුෂාර සිල්වා)පොහොට්ටුව ලාංඡනය යටතේ රැස්වීම් පවත්වන අතරවාරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කියමින් යන බව සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (19) පැවැසීය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අනුමැතිය යටතේ විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් වෙනම පක්ෂයක් පිහිටුවීම දක්වා මෙහෙයවූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන දෙදෙනා යැයි ද හෙතෙම කීය.බත්තරමුල්ල, සෙත්සිරිපාය සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම ඒ බව පැවැසීය.පොහොට්ටුව ලාංඡනය යටතේ රැස්වීම් පවත්වන අතරවාරයේදී තමන් තවමත් පක්ෂයේ සභාපති කියමින් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනන්‍යතාව රැකගැනීමේ සටනක නිරත වී සිටින බව අමාත්‍ය දිසානායක මහතා එහිදී කීය. අමාත්‍ය එස්.බී. දිසානායක මහතා එහිදී මෙසේ ද අදහස් දැක්වීය.‘‘අද මධ්‍යම රාතී‍්‍රයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතනවා. එය ශ්‍රී ලංකාව ලද ගෞරවයක්. සැසිය අමතන්න ලැබීම ශ්‍රී ලංකාවට කරන විශේෂ සැලකිල්ලක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමේදී ජනාධිපතිවරයා ආණ්ඩුවේ සංහිඳියා වැඩපිළිවෙළ, සම්මුතිවාදී දේශපාලනය, ශ්‍රී ලංකාවේ තිරසර සමාජ ආර්ථික සංවර්ධනය, හරිත සංවර්ධනය කෙරෙහි කරුණු කියන්න බලාපොරොත්තු වෙනවා. මහ සැසිය අතරවාරයේදී ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, බි‍්‍රතාන්‍යය, රුසියාව ආදී ලොව ප‍්‍රමුඛ පෙළේ රටවල නායකයන් සමඟ ද්විපාර්ශවීක සබඳතා පැවැත්වීමට සූදානමින් සිටිනවා. ආර්ථික සබඳතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය, එක්සත් ජනපදය, යුරෝපය මෙන්ම ඉන්දියාවත් අපට එරෙහිව අවි අමෝරාගෙන සිටියා. එදා අපට එරෙහිව යෝජනාවක් ගෙනාවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී අදාළ යෝජනාවට මුහුණ දීමේ වගකීම බාර දුන්නේ අපේ ආණ්ඩුවේද අමාත්‍යවරයකු වන මහින්ද සමරසිංහ මහතාටයි. අපි එම යෝජනාව පරාජයට පත් කළා. දෙවැනි වතාවටත් අපට එරෙහිව යුද අපරාධ හා මානව හිමිකම් කඩකළ බවට චෝදනාවක් එල්ල වුණා. අපි එම යෝජනාව පරාජයට පත්වුණා. එම අවස්ථාවේදීත් ඉන්දියාව මෙන්ම කලාපයේ රටවල් අපට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළා.ඉන් අනතුරුව ජනවාරි 23 අපට එරෙහිව කොමිසමක් පත් කරලා කොමිසමේ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. එවකට පක්ෂ නායක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට තීරණය කළා. සම සමාජ, කොමියුනිස්ට් පක්ෂ සහ පක්ෂ ලේකම් මෛතී‍්‍රපාල සිරිසේන මහතා ආදි පක්ෂයේ විවිධ කණ්ඩායම් හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවදානම ගැන එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතාට කරුණු කීවා. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එම අවස්ථාවේදී විකල්පයක් තිබුණේ නැහැ. මැතිවරණයක් නොතියා මානව හිමිකම් කොමිසමට ගියා නම් අපට එරෙහිව තහංචි වැටෙන්න තිබුණා. වාර්තාව ඉදිරිපත් වෙලා වාර්තාව සම්මත වෙන්න තිබුණා. අපට එකවර ආර්ථික සම්බාධක පනවන්න බැහැ. එහෙත් අපට යුරෝපීය ආර්ථික තහනමක් පැනවෙන්න ඉඩ තිබුණා.එහෙම වුණානම් අපේ තේ අපනයනවලින් සියයට 40කට වෙළෙඳපොළක් හොයාගන්න වෙන්න ඉඩ තිබුණා. අපේ ඇඟලූම්වලින් සියයට සියයක් යන්නේ ඇමෙරිකාවට සහ යුරෝපයට. කුළු බඩු ආදී බොහෝ දේ යන්නේ යුරෝපයට. එදා එහෙම තහනමක් පැනවුණා නම් අපි ලොකු ආර්ථික අවුලකට වැටෙන්න තිබුණා. තෙල් ටික පවා නැතිවෙන්න තිබුණා.මැතිවරණය පවත්වා ඉන්දියාවේ සහාය ලබාගැනීම මහින්ද රාජපක්ෂ මහතාගේ උපාය වුණා. ඉන්දියාවෙන් අපට අවස්ථා කිහිපයක් ලැබුණා. එක් අවස්ථාවකදී මගේ හරහා ඉන්දියාවෙන් යෝජනාවක් ආවා. ඊළඟ ආණ්ඩුකාරවරු දෙදෙනා ලෙස හමුදා නිලධාරීන් වෙනුවට සිවිල් නිලධාරීන් පත් කිරීම, උතුරු නැගෙනහිර ඉඩම් පොලිස් බලතල සම්බන්ධයෙන් කොමිසමක් පවත්වා නැවත සලකා බැලීම සහ උතුරේ පළාත් සභා ඡන්දය කඩිනම් කරන්නැයි යනුවෙන් ඉන්දියාවෙන් යෝජනා තුනක් ඉදිරිපත් වුණා. අපි එයත් ප‍්‍රතික්ෂේප කළා. අපට ඒ අවස්ථාවත් මඟ හැරුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපාය වුණේ එය වුවත්, ඔහු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණා.ජනාධිපතිවරණයෙන් අපේ පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජයගත්තා. ඔහු ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කර පක්ෂ දෙකේම සහාය ලබාගෙන එක්සත් ජාතීන් හමුවට ගියා. යෝජනාව ඉවත් කරගන්න, චෝදනා සම්බන්ධයෙන් දේශීය වශයෙන් කටයුතු කරන්න ඉඩ දෙන්නැයි කියා සිටියා. එය ජාත්‍යන්තරය පිළිගත්තා. ජාත්‍යන්තරය අප සමඟ නැවත මිතුරු වුණා. පසුගිය මහ මැතිවරණය වනවිට අපේ පක්ෂය එකතු කරගැනීමට හැකියාව ලැබුණත් පැහැදිලිව කොටස් දෙකක් තිබුණා.මහින්ද රාජපක්ෂ පිල සහ මෛති‍්‍ර පිල වශයෙන් කණ්ඩායම් දෙකක් නිර්මාණය වුණා. එම බෙදීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හිටපු ජනාධිපතිවරයා සමඟ හිටගත්තා. ඡන්ද ප‍්‍රතිඵලවලින් එය පැහැදිලිව පෙනුණා. එහෙත් පසුව පක්ෂය නැවත එකතුවෙන බව පේනවා.තිස් අවුරුදු යුද්ධයක් අවසන් කළ රාජ්‍ය නායකයා පක්ෂයෙන් එළියට ගිහින් වෙනම කණ්ඩායමක් නිර්මාණය කරද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මහා අභියෝගයකට මුහුණ දෙන්න වුණා.වත්මන් ජනාධිපති, පක්ෂ නායක මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පක්ෂය බාරදෙන්න තීරණය කළේ හිටපු ජනාධිපති හිටපු පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බව සිහිපත් කළ යුතුයි. ඔහු එම තීරණය ගෙන තිබුණේ තනියමයි. එහෙත් පක්ෂය ඊට පෙර වෙනත් තීරණයක් ගෙන තිබුණා. දුමින්ද දිසානායක, එම්.කේ.ඞී.එස් ගුණවර්ධන, රාජිත සේනාරත්න, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ආදි සියලූ දෙනා පක්ෂයෙන් ඉවත් කරන්න තීරණයක් ගෙන තිබුණා. ඒ අවස්ථාවේදී පක්ෂයේ අනුශාසක වුණු මහින්ද රාජපක්ෂ පක්ෂ සභාපති කරන්න පක්ෂය විසින් තීන්දුවක් ගෙන තිබුණා. එහෙත් එම තීන්දුව නැවත වෙනස් කළා. මධ්‍යම කාරක සභාව රැස්වෙලා ඔවුන්ට නැවත පක්ෂ සාමාජිකත්වය දුන්නා. මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාව පරිදි මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පක්ෂ සභාපතිකම දුන්නා. ඉන් අනතුරුව පැවැති පළමු පක්ෂ සම්මේලනය පොලොන්නරුවේ දී පැවැත්වුණා. ඊට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගි වුණා. ඉන් අනතුරුව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ආශීර්වාදය යටතේ අපේ පක්ෂයේ පිරිසක් විපක්ෂයේ අසුන් ගත්තා. ඉන් අනතුරුව ඒ පිරිස වෙනම පක්ෂයක් දක්වා දුරදිග ගියා. ඒ තත්ත්වය ඇති කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතායි.එහෙත් ඒ අයට අදටත් බයක් තිබෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා තවමත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කියලා කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම කාටවත් දුන්නේ නැහැ කියනවා. ඒ දේවල් කියන අතර පොහොට්ටුව ලාංඡනය යටතේ රැස්වීම් තියනවා. පක්ෂයේ සභාපතිකම මහින්ද රාජපක්ෂ මහතාට දිය යුතුයි කියලා ඔවුන්ම නඩුවක් දාලා තියෙනවා. ඔය දේවල් කරන ගමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනන්‍යතාව රැකගැනීමේ සටනක නිරතවෙනවා.සිරිමාවෝ මැතිනියගේ පුත් අනුර බණ්ඩාරනායක, මෛති‍්‍රපාල සේනානායක, පක්ෂයේ උපනායක ස්ටැන්ලි තිලකරත්න, පක්ෂයේ මහලේකම් ඇතුළු බහුතරයක් පක්ෂයෙන් ගියා. ඔවුන්ට මොකද වුණේ? ඔවුන් විසිරිලා ගියා. ඉන් වසර පහකට පසු මැතිනියගේ දියණිය ඇතුළු කණ්ඩායමක් පක්ෂයෙන් ගියා. අවසානයේ මොකද වුණේ. මහජන පක්ෂයට මොකද වුණේ. අතීත අත්දැකීම් තිබෙනවා. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිය අයට මොකද වුණේ? ඒවා දියවෙලා යනවා. අද පක්ෂයේ තියෙන්නේ එකපිලයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිලයි. ඒ බව පසුගියදා පැවැත්වුණ පක්ෂ සම්මේලනයෙන් හොඳින් අනාවරණය වුණා. අප මෙවර පක්ෂ සම්මේලනයට වියදම් කළ මුදල සහ පැමිණි සංඛ්‍යාවෙන් එය හොඳින් පෙනී යනවා. අපි මෙවර වියදම් කළේ පසුගිය අවස්ථාවලට වඩා අඩු මුදලක්. එහෙත් වෙනදාටත් වඩා පාක්ෂිකයන් පිරිසක් මෙවර සම්මේලනයට සහභාගි වුණා. සම්මේලනය අවසන් වන තුරු විශාල පිරිසක් සිටියා. විශාල පිරිසක් ජනාධිපතිවරයාගේ කතාවට සවන් දුන්නා. සාර්ථකම පක්ෂ සම්මේලනය  ලෙස මෙවර සම්මේලනය පෙන්වා දෙන්න පුළුවන්.නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද කතාවක් යනවා. ආඥාදායක, පරාජිත වියරුව, ඒකාධිපතිත්වය ආදි විදියට ඒ ගැන කතා කරලා තිබුණා. විනය කි‍්‍රයාමාර්ග ගන්නේ නැද්ද කියලා මාධ්‍ය වගේම මිනිස්සු අහනවා. එවැනි පියවරක් ගත්තා. අපි අදටත් උත්සාහ කරන්නේ ඔහු තියාගන්න. නියෝජ්‍ය අමාත්‍යවරයා පසු දිනම ජනාධිපතිවරයා හමුවුණා. සුහද සාකච්ඡාවක් පැවැත්වුණා.    එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකට කටයුතු කරන්න බැහැ කියන අය තමයි එවැනි චෝදනා කරන්නේ. එහෙත් එහෙම දෙයක් නැහැ. අපි පක්ෂය ශක්තිමත් කරන්න සෑම විටම කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම්වරුන්ගේ ඡන්ද අඩුවුණා. එය කවදාවත් වුණ දෙයක් නොවෙයි. එම ජනාධිපතිවරණයේ දී සියයට 40ක තිබූ ඡන්ද සියයට 15ක් දක්වා අඩු වුණා. මුස්ලිම් ජාතිකයන් සාමාන්‍යයෙන් ඡන්දය භාවිත කරන්නේ සියයට 60ක් වගේ. එහෙත් එම ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතය සියයට 80ත් 90ත් දක්වා වැඩි වුණා. මුස්ලිම් ඡන්ද අඩුවුණේ අපි විහින් කරගත්තු දේවල් නිසා.ඒ වගේම දෙමළ ඡන්ද අපට අඩුවුණා. අපිට හැමදාම දෙමළ ඡන්ද වැඩියෙන් ලැබුණා. චන්ද්‍රිකා මැතිනියට පැහැදිලිවම දමිළ ඡන්ද ලැබුණා. යුද්ධය අවසන් වෙලාවත් අපට එතරම් ප‍්‍රමාණයක් ලැබුණේ නැහැ. යුද්ධයෙන් පසු අපිට දෙමළ ඡුන්දවලින් සියයට 34ක් ලැබුණා. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී එය සියයට 15ක් දක්වා අඩුවුණා.එදා චමල් රාජපක්ෂ වගේ චෝදනා නැති කෙනෙක් ගේන්න අපට වුවමනා වුණා. එහෙත් එය කරගන්න බැරි වුණා. අන්තිමේදී 58 ලක්ෂයක ඡුන්ද ප‍්‍රමාණය 48 ලක්ෂයෙනුත් පහළට ඇවිත් ලක්ෂ 47ක් දක්වා අඩුවුණා. අද කෙසේ වෙතත් වැඩි ගොඩ ඉන්නේ මෛති‍්‍ර පිලේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිලේ. මේ වෙද්දි අපේ සියලූ අපේක්ෂකයන් තෝරාගෙන ඉවරයි. චෝදනා තිබෙන පිරිස් ඉවත් කිරීමට අපි කටයුතු කළා. අපිට අලූත් අපේක්ෂකයන් රැුසක් ඉන්නවා. එහෙම වුණත් අපි අන්තිම මොහොත වෙනකන් බලන්නේ අපෙන් ගිය අය නැවත ගෙන්වා ගන්න. මැතිවරණයේ දී ජනාධිපතිවරයා එක් පැත්තකටත් අගමැතිවරයා එක පැත්තකටත් නායකත්වය දෙනවා. එය ගැටලූවක් නෙවෙයි. මැතිවරණයේදී අපේ සන්ධානය ශක්තිමත්ව මුහුණ දෙන්න  ඕනේ. අපි ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. පසුගිය දිනයකදීත්  දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා මුණගැසුණා. සරලව කිව්වොත්, මනාප ඡුන්ද ක‍්‍රමයක් නැහැ. ඉදිරියේදී තිබෙන්නේ කොට්ඨාස ක‍්‍රමයට පැවැත්වෙන මැතිවරණයක්.හැබැයි ප‍්‍රාදේශීය සභා, නගර සභාවලට තේරෙන අයගෙන් සියයට 60ක් කොට්ඨාසවලින් තරග කරලා ජයග‍්‍රහණය කළ යුතුයි. එහිදී ඒ ඒ පක්ෂවලට ලැබෙන ඡන්ද අනුව තමයි මන්තී‍්‍ර ආසන බෙදන්නේ. මේ නිසා බොහෝ කලාතුරකින් කොට්ඨාස 20ක් දිනලා තියෙද්දි මන්තී‍්‍ර ආසන වෙන් කරද්දි මන්තී‍්‍ර ආසන 19ක් ලැබෙන්න පුළුවන්. එහෙත් 20ටම මන්තී‍්‍ර ආසන දෙනවා. එක් කෙනෙක් අඩු වෙන්න හෝ වැඩි වෙන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ සහ පුංචි පක්ෂවලට කොට්ඨාස දිනන්න බැරිවෙයි.එහෙත් බෙදනකොට ඔවුන්ටත් මන්තී‍්‍ර ආසන ලැබෙනවා. හැමෝටම නියෝජනයක් ලැබෙනවා. ලැබෙන ඡන්ද අනුපාතය අනුව හැමෝටම මන්තී‍්‍ර ආසන ලැබෙනවා. ඒ ක‍්‍රමවේදයම පළාත් සහාවලට සහ මහ මැතිවරණවලට යොදවන්න තමයි අපේ බලාපොරොත්තුව. දුෂණ - කොට්ඨාසවලට මන්තී‍්‍රවරයෙක් නැතිවීම, ආදරය දිනාගත්තු පිරිස්වලට අවස්ථාවක් නැතිවීම, මුදල්වලට යටත්වීම ආදී ප‍්‍රශ්න රැසක් නිරාකරණය කරගන්න කොට්ඨාස ක‍්‍රමයෙන් අපට අවස්ථාව ලැබෙනවා. පළාත් සභා සහ මහ මැතිවරණත් එම ක‍්‍රමයට පැවැත්වීමට අපි කටයුතු කරනවා. 
පොහොට්ටුවෙන් රැස්වීම් පවත්වමින් තමන් තවමත් ශ්‍රීලනිප සභාපති කියා හිටපු ජනපති කියනවා
1
hp_train_0563
 (අනීෂා මානගේ)තංගල්ල නගරසභාවේ මන්ත්‍රී අනිල් සෙල්ලාහැන්නදි (එ.ජ.නි.ස) මහතාට පසුගිය වසරේ ජූනි මස සභාවාරයේ මාසික දීමනාව ගෙවීමේ ගැටළුවක් සම්බන්ධයෙන් දකුණු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ බව කියන ලිපියක් හේතුකොටගෙන අද (17) පැවැති තංගල්ල නගරසභාව උණුසුම් වී සභාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති විය.තංගල්ල නගරසභාවේ මන්ත්‍රී අනිල් සෙල්ලාහැන්නදි මහතාට පසුගිය වර්ෂයේ ජූනි මාසයේ රැස්වීම් සඳහා නිවාඩු අනුමත නොවූ බව දන්වා කොමසාරිස්වරයාට ලිපියක් යවා ඇතැයි සභාපතිවරයා කීවේය. මේ සම්බන්ධයෙන් සභාවෙන් වැරැද්දක් වී තිබෙනවා නම් එය පිළිගෙන එම මාසයේ සභික දීමනාව ලබා දීමට කටයුතු කරන බවද සභාපති කීවේය.කෙසේ වුවද එම ලිපියෙහි හම්බන්තොට නගරාධිපතිවරයා මුල්කරගෙන පලාත් පාලන කොමසාරිස්වරයා ලබා දී ඇති නිර්දේෂ සම්බන්ධයෙන් තමා එකඟ නොවන බවද අනෙක් මන්ත්‍රීවරුන්ට එම මාසයේ ලබා දුන් දීමනාව යළි ලබා දෙන ලෙසද කොමසාරිස්වරයා එවූ ලිපියෙහි සඳහන් බව සභාපතිවරයා කීවේය.වැරැදිකාරයෙක් වෙලා හිරේ ගියාම දීමනාව ලබා දෙනවා නම් මොකක්ද මේ රටේ තත්ත්වය යැයි සභාපතිවරයා ප්‍රශ්න කළේය. රැස්වීම පැවැති දිනයේ අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයා සැඟවී සිටි බව සභාව දන්නා බවද ඔහු කීය.සභාපතිවරයා සහ අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයා අතර බහින්බස් වීමක් ඇති වූ අතර සභාපතිවරයා අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයාට සභා ගැබෙන් පිටව යන ලෙස කීවේය . ඉන් අනතුරුව සභාපතිවරයා සභාව කල්තබන බව කියා සභාගැබෙන් පිටව ගියේය.  උප සභාපති මොහොමඩ් ශිරාස් (එ.ජා.ප) මහතා පැයක කාලයකට සභාව කල් තැබුවේය.විනාඩි පහළොවකට පමණ පසු නැවත සභාපතිවරයා සභාවට පැමිණි අතර තමාට තවදුරටත් සභාව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය බැවින් අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයාට සභාගැබෙන් පිටතට යන ලෙස දැන්වූයේය.එසේ නොමැති නම් පොලිස් නිලධාරින් ගෙන්වා ඔහු එළියට දැමීමට කටයුතු කරන බවද කීවේය. සභාවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අයහපත් හැසීරීම හේතුවෙන් කාන්තා මන්ත්‍රීවරුන් නැවත සභාවාරයට නොපැමිණෙන බවද සභාපතිවරයා දැන්වූයේය. එදින පෙරවරුවේ සභාවට පැමිණ සිටි කාන්තා මන්ත්‍රීනියන් තිදෙනකුගේ ආසන ඒ අවස්ථාව වන විට හිස්ව පැවැතිණි. අනිල් සෙල්ලාහැන්නදි මහතා සභා ගැබෙන් පිටතට නොගිය අතර තමා කළ වැරැද්ද සභාවේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කර දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.සභාවට, සභාපතිවරයාට සහ ජනතාවට ගරු කළ නොහැකි නම්  සභාවේ වාඩි වී සිටීම නුසුදුසු බව පවසා සභාව කල්තබා සභාපතිවරයා නැවත සභාගැබෙන් පිටව ගියේය.  පැයක පමණ කාලයකට පසු උප සභාපති මොහොමඩ් ශිරාස් මහතා හෙට (18) දිනට සභාව කල්තැබීය.
පුත්තලමේ හිටපු සභාපතිට ජල බෝතල් ප්‍රහාරයක් එල්ල කිරිම ගැන විමර්ශනයක් ඉල්ලයි
0
hp_train_0564
(ජේ.ඒ.එල්. ජයසිංහ, තෙල්දෙණිය - චන්දන උඩුවාවල සහ කුණ්ඩසාලේ - ඒ.ජී. වික්‍රමසිංහ)හෘදය සාක්ෂියට අනුව අවංකව සහ කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරීන් වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී පෙරේදා (19) ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ පැවැති වික්ටෝරියා සහ කොත්මලේ කලාපවල ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය අමතමිනි.එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහවැලි ගම්මානවල ජිවත්වන අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ දීර්ඝකාලීන බලාපොරොත්තුවක්ව තිබූ තම ඉඩමේ අයිතිය, උරුමය හිමිවන අවස්ථාවට ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.අපේ රටේ ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳව තිබෙන්නේ දීර්ඝතම වූ ඒවගේම කීර්තිමත් ඉතිහාසයක්. බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුවත්, බි්‍රතාන්‍ය පාලනය තිබුණු අවස්ථාවලදීත්, මේ රටේ ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳව ඉතිහාසය සහ ඒ මතක සටහන් ඔබ අප කාගේත් හදවත් තුළ සටහන්ව තිබෙනවා.රාජ්‍ය මන්ත්‍රණ සභාව කාලේ කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් සිටි ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා තමයි මේ රටේ මහ ගොවිජනපද ව්‍යාපාර පටන් ගත්තේ. අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල එදා මහ ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කිරීම මේ රටේ ගොවිජනපද ශිෂ්ටාචාරයක් සහ ගොවිජනපද සංස්කෘතියක් වගේම ජාතික ආර්ථිකය ශක්තිමත් කරන පුළුල් පදනමක් ඇති කෘෂි ආර්ථිකයක් ආරම්භ කිරීම සඳහා මූලික පදනමක් සහ අඩිතාලමක් ඒ තුළ ඇති වුණා. එදා මෙදා කාලය තුළ මේ රටේ බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම තම කාලසීමාව තුළ ගොවි ජනපද ව්‍යාපාරවල ජීවත්වන ජනතාව ආර්ථික සමෘද්ධිමත් ජනතාවක් විදියට ගොඩනැගීමට ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කරනු ලැබුවා. 1977 අලුත් ආණ්ඩුව කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගාමිණී දිසානායක ඇමතිතුමාගේ නායකත්වය තුළ මහවැලි ව්‍යාපාරයේ නව නැම්මක් සමග නව ගමනක් ආරම්භ කළ බව ඔබ දන්නවා. මේ රටේ මහවැලි ව්‍යාපාරය පිළිබඳව ඓතිහාසික පසුබිම 1930 දශකයේ සිට 40, 50, 60 දශක දක්වා දිව එනවා. 1965 පමණ පොළොන්නරුවෙන් එදා නායකත්වය දුන් සී.පී ද සිල්වා ඇමතිතුමා තමයි මේ රටේ මහවැලි විෂය භාර පළවෙනි අමාත්‍යවරයා විදියට පත් වුණේ.ඉන්පසුව මහවැලිය උතුරට හැරවීමේ කාර්යයේදී 1969 සී.පී. ද සිල්වා ඇමතිතුමා මහනුවර පොල්ගොල්ලෙන් ජලය උතුරට හැරවීමේ වේල්ලට මුල්ගල තබලා ආරම්භ කළා. 1970 ආණ්ඩු වෙනසින් පසුව රජරට නායකයෙක් වූ මෛත්‍රීපාල සේනානායක මැතිතුමා එම විෂයභාරව කටයුතු කළා. 1976 ජනවාරි මාසේ 08 වෙනිදා පොල්ගොල්ලෙන් රජරටට ජලය හරවනු ලැබුවා. 1977 ආණ්ඩු වෙනසත් සමග කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ වුණේ ඉන්පසුවයි. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය මේ මහා ජලාශ සමග එදා මූලිකත්වය දුන්නේ කෘෂි ආර්ථිකයට වඩා මේ රටේ කර්මාන්ත සංවර්ධනය සඳහා විදුලිබල උත්පාදනය වෙනුවෙන්. 77 බලයට පත් වූ ආණ්ඩුව විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග රටට අවශ්‍ය කර්මාන්ත සංවර්ධනයේදී මූලික වශයෙන් අවශ්‍ය වූ විදුලිබල නිෂ්පාදනයට මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ප්‍රමුඛත්වය දුන්නා. ඒවගේම කෘෂිකාර්මික සංවර්ධනය සඳහා මහවැලි නව ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරනු ලැබුවා. 1994 බලයට පත් වූ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මහවැලි සංවර්ධන මහා සැලැස්මේ ඉදිරි කටයුතු සාර්ථකව ඉටු කරගෙන එනු ලැබුවා. 2005 ජනවාරි මාසේ 25 වෙනිදා තමයි මහවැලි සංවර්ධන මහා සැලැස්මේ ප්‍රධානතම කෘෂිකාර්මික යෝජනා ක්‍රමය වූ මොරගහකන්ද කළු ගඟ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණේ.නමුත් ඔබ දන්නවා එක්දහස් නවසිය තිස් ගණන්, හතළිස් ගණන් වල සිට ආ වැඩසටහනට අපි බලාපොරොත්තු වූ කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ ඉලක්කත් ඒ වගේම විදුලිබල උත්පාදනයත් කර්මාන්තකරණයත් මේ සියල්ල එක්ව එක දිගට කරගෙන ආවා වගේම ඇතැම් අංශවල යම් යම් අඩුපාඩුකම් දුර්වලකම් සිදු වුණා. 2007 ජනවාරි 25 වෙනිදා මොරගහකන්ද මුල්ගල තැබුවත් අවුරුදු 05 ක් යනතෙක් ඒ ව්‍යාපෘතියේ කටයුතු කෙරුණේ නැහැ. විෂය භාර ඇමතිවරයා විදියට මම හිටියේ. ඒ සඳහා අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. රජරට ජනතාව ඒ පිළිබඳව කරන ලද නොයෙකුත් ඉල්ලීම් ආණ්ඩුව ඇතුළේ අප විසින් කරන ලද නොයෙකුත් බලපෑම් උඩ තමයි 2012 වනවිට මුදල් ලබාගන්න පු`ථවන්කම ලැබුණේ. 2007 වැඩ ආරම්භ කළ අවස්ථාවේ සිට මොරගහකන්ද කළු ගඟ ජලාශයේ ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩව කෙරී ගෙන ගියා නම් 2012 උතුරමැදට සහ වයඹට ජලය ලබාදෙන්න පු`ථවන්කම තිබුණා. කළු ගඟ ඇතුළු වයඹ ඇළ සංවර්ධනය ඒ වගේම උතුරු මැද මහ ඇළ සංවර්ධනය තුළ වැව් 600 ක් ප්‍රතිසංස්කරණය වගේම ජල කළමනාකරණය සම්බන්ධයෙන් ඓතිහාසික පරිවර්තනයන් රාශියක් ඒ තුළ සිදුවෙනවා.මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ එදා මෙදා ඒ ඓතිහාසික කීර්තිමත් කතාවත් සමග වසර ගණනාවක් මේ ජනපදවල ඔබ වැනි පිරිස් ඔබේ ඉඩමේ අයිතිය, ඔප්පුව, බලපත්‍රය, දීමනා පත්‍රය සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්නවලට ඔබ සෑම කෙනෙක්ම මුහුණ දුන්න බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඉඩමේ බලපත්‍රය ගන්න මහවැලි කාර්යාලවලට ඔබ කොතෙක් යන්න ඇද්ද? කොට්ඨාස කාර්යාලවලට කොතෙක් යන්න ඇද්ද? ඒ ඇතැම් වෙලාවට ගොවි ජනතාව විදියට ඔබට රසවත් වූ මිහිරි සුන්දරවූ කතා වගේම අසුන්දර, අශීලාචාර සිද්ධීන්වලටත් මුහුණ දීමට සිදුවූ බව රහසක් නොවන බව ඔබත් මමත් දන්නා වූ කරුණක්. මහවැලි ජනපදවල පමණක් නොව මුළු රටක් වශයෙන් ගත්තොත් ඉඩම් කටයුතුවලදී බලපත්‍ර දීම, දීමනා පත්‍ර, ඔප්පු ලබා ගැනීමේදී මහවැලි ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩම් අංශ, පළාත් සභාවල ඉඩම් අංශවල ජනතාව ඒ අංශවල කටයුතු කිරීම ගැන ජනතාවගේ පැත්තෙන් පැහැදීමක් නොමැති බව අප සෑම කෙනෙක්ම වටහා ගැනීම අත්‍යවශ්‍යයි කියා මා විශ්වාස කරනවා. බොහෝවෙලාවට ඉඩමේ ඔප්පුව, ඉඩමේ බලපත්‍රය ලබාගැනීමට ගිහිල්ලා මුදල් දෙන්න වුණු අවස්ථා කොතෙක් ද කියන එක ඔබ වගේම මේ රටේ ගොවි ජනපදවල ජීවත් වන ජනතාව දන්නවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා මහවැලියේ ඉහළම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයාගේ සිට අවසාන කම්කරුවා දක්වා ඒ සෑම කෙනෙක්ම රටේ ජාතික සංවර්ධනය සඳහා ලබාදී ඇති දායකත්වය හා කැපවීම ඉතාමත් විශිෂ්ටයි. ඒ පිළිබඳව මුළුමහත් ජාතියේ ගෞරවය මහවැලි සංවර්ධන ව්‍යපාරයේ එදා මෙදා කටයුතු කළ සියලුදෙනාට හිමි වෙනවා.එහෙත් ඉඩම් අංශවල කටයුතු සම්බන්ධයෙන් ජනතාවගේ පැහැදීමක් නොමැති බව කණගාටුවෙන් වුණත් කිව යුතුයි. ඇතැම් ඉඩම්වලට එකම ඉඩම තුන් හතර දෙනෙකුට දීපු අවස්ථාවල් මහවැලි ගොවිජනපද වල තිබෙනවා. ඉඩම් බලපත්‍රය, දීමනා පත්‍රය නැත්නම් ඔප්පුව ලබා ගන්න ගිහිල්ලා බොහෝ දුක්ගැහැට, ප්‍රශ්නවලට මුහුණ දුන්න බව ඔබ මෙන්ම මේ රටේ මහවැලි ජනපදවල ජීවත්වන ගොවි ජනතාව ඉතාමත් පැහැදිලිව දන්නවා. ඒ නිසා අපේ හෘද සාක්ෂිය තුළ කල්පනා කරන්නට ඕනෑ අපි හිතන්නට ඕනෑ රාජ්‍ය සේවය වේවා අනිකුත් රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල ඒ ඕනෑම ආයතනයක වැඩ කරන කෙනෙක් ජනතාවගේ හිතසුව සඳහා ජනතාකාමී ලෙස ජනතාවගේ හදවත් දිනා ගනිමින් ඔවුන්ට සේවය කිරීමේ ඒ අවංක අත්‍යවශ්‍ය වූ කාර්යය රට සහ ජනතාව විසින් ඉටු කළ යුතුයි. යම් කිසි අංශයක ජනතාවගේ විරෝධය, අප්‍රසාදය පිළිකුල්සහගත බවක් ඇති වෙනවා නම් ඒ අංශවල ප්‍රධානීන් ඒ සඳහා වගකීම ඉතාම අවශ්‍යයයි කියන එක ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා අපේ රටේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කරන සෑම ආයතනයක්ම මහවැලි, ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් සභාවේ ඉඩම් අංශය වගේම නාගරික සංවර්ධන අධිකාරිය ඇතළු ඉඩම් පිළිබඳව ජනතාව සමග කටයුතු කරන සෑම ආයතනයකම අක්‍රමිකතා දූෂණ වංචා පිළිබඳව ජනතාව තුළ ඇත්තේ අප්‍රසාදයක් කියන එක පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍යයි. මෙය පසුගිය දශක කිහිපය තුළ සිදුවුණු දෙයක්. ජනතාවගේ එවැනි අප්‍රසාදයට පත් වුණු ඇතැම් අය සේවාවන්වල නැහැ. වැඩි පිරිසක් විශ්‍රාම ගිහිල්ලා. ඒ වගේම සමහර අය ජීවතුන් අතර නැහැ. රාජ්‍ය සේවයේ සෑම තැනකම ඉඩම් අංශවල සේවය කරන රාජ්‍ය සේවයේ පිරිස් ඉතා අවකංව තමාගේ වගකීම ඉෂ්ට කිරීම තුළ ජනතාවගේ ප්‍රසාදය ලබා ගැනීම තමාගේ හෘද සාක්ෂිය තුළ කටයුතු කිරීම ඉතාම අත්‍යවශ්‍යයි කියන එකයි මම එහිදී සඳහන් කරන්නේ.මම මේ චෝදනාව එල්ල කරන්නේ සෑම කෙනෙකුටම නෙවෙයි. නමුත් මේ කටයුතුවල වගකීමෙන් ක්‍රියාකරන සෑම කෙනෙක් තුළම ඉන්න එවැනි චෝදනාවලට ලක්වන්නාවූ අයගේ හෘද සාක්ෂිය දන්නවා තමන් එවැනි වැරදි කළාද නැද්ද කියන කාරණාව. දිගන නැත්නම් වික්ටෝරියා ව්‍යාපෘතිය තුළ ඉඩම් දීමේදී ඉඩම් ලබා ගැනීමේදී පසුගිය අවුරුදු කිහිපය තුළ අවුරුදු 20 ක 25 ක කාලය පිළිබඳව ගත්තොත් බොහෝ අප්‍රසන්න සිද්ධීන් තිබෙන බව මෙහි සිටින ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මම මහවැලි ඇමතිවරයා විදියට දීර්ඝ කාලයක් වරින් වර කටයුතු කරලා තිබෙනවා. නමුත් ඇතැම්වෙලාවට ඇමතිවරයා නොමග යවමින්, අමාත්‍යාංශයේ ලේකම්වරයා නොමග යවමින්, අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නොමග යවමින්, ඉඩම් ලබාගැනීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරිය සම්බන්ධව ඇතැම් නිලධාරීන් ඉතාමත් බරපතළ වැරදි දිගන සහ ඒවගේම වික්ටෝරියා, කොත්මලේ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම සිදුකර ඇති බව මෙහි සිටින සෑම කෙනෙක්ම දන්නා වූ කවුරුත් විශ්වාස කරන දෙයක්. ඒ නිසා එවැනි අමිහිරි අත්දැකීම් රාශියක් මේ ඉඩම් ලබාදීම් පසුබිම තුළ තිබෙනවා. මම මේවා කියන්නේ මේවා කිව්වේ නැත්නම් වෙන කියන්න තැනක් නැහැ. මේවා නිවැරදි කරගැනීම අවශ්‍යයි. අද දවසේ කාර්යය වගේම හෙට දවසේ රටේ මහජනයා වෙනුවෙන් ඉෂ්ට කරන්නා වූ කාර්යයේ නිවැරදිභාවය අවශ්‍යයි. වැරැද්ද කොතැනක හෝ සිදුවෙනවා නම් ඒ වැරැද්ද කොතැනින් හෝ නිවැරදි වීම ඉතාම අත්‍යවශ්‍යයයි.මහවැලි අධිකාරිය තුළ වැඩ කරන නිලධාරීන් අවස්ථා ගණනාවක් තුළ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා එවැනි අපකීර්තිමත් තත්ත්වයන් ඇති කර ගන්නේ නැතිව ජනතාවගේ සේවාවන් ඉටු කිරීමේදී අපේ වගකීම් සහ යුතුකම් නිසිලෙස ඉටුකිරීම ඉතාම අත්‍යවශ්‍යයයි කියන එක අප පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඉඩම් පිළිබඳව ආරවුලක් ඇති වූ විට ඉඩම් නිරවුල් කිරීමේ කාර්යයේදී කිසිදු අවස්ථාවක දේශපාලනඥයෙක් වේවා රාජ්‍ය නිලධාරියෙක් වේවා දේශපාලන පක්ෂ භේදයෙන් ඉඩම් නිරවුල් කිරීම සඳහා ඒ දෙස බැලීම ඉතාමත්ම අන්‍යවශ්‍ය කාරණයක්. ඉඩමක් පිළිබඳව අයිතිය පරම්පරාගත ප්‍රශ්නයක්. තමාගේ පරම්පරාවේ අයිතිය පිළිබඳව ප්‍රශ්නයක්. තමාගේ ජීවත්වීම පිළිබඳව ප්‍රශ්නයක්. තමාගේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ප්‍රශ්නයක්. තමන්ට ජීවත්වෙන්න හදාගන්න තිබෙන ගෙයක් දොරක් පිළිබඳව තිබෙන ප්‍රශ්නයක්. මහපාරේ ජීවත් වෙනවාද තමන්ට අයිති ඉඩමක ජීවත් වෙනවාද කියන ප්‍රශ්නය මේ ඉඩමක අයිතිය කියන ඒ සැබෑ ඉඩම්වල හිමිකරුවන් තුළ අවංකවම තිබෙනවා. ඒ නිසා අපි හිතන්නට ඕනෑ මෙය අපි නිවැරදි කරනවා නම් එය ඉතාමත්ම පින්වන්ත වූ භාග්‍යවන්ත වූ කාර්යයක් කියන එක. එමෙන්ම ඒ වැරදියට කරනවා නම් එය අකුසලයක් වගේම බෞද්ධයින් විදියට ඒ කරන්නා වූ වැරදි බොහෝ වෙලාවට තමන් වෙතම යම් කිසි කාලයක පසුපස එනවා. ඒ නිසා අපිට මේ දේවල් නිවැරදි කරගෙන අපේ සංවර්ධන කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයයි.මම නැවතත් කියනවා අවංකව කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරී කාර්ය මණ්ඩල එවැනි වැරදි නොකරන ඒ සෑම කෙනෙකුටම මුළුමහත් රජයේත් ජනතාවගේ ගෞරවය සැමවිටම හිමිවෙන බව. ඒ අය වෙනුවෙන් අපි සැමවිටම පෙනී සිටිනවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය විදියට මෙතෙක් ආ ගමනේ තව බොහෝ දුර යායුතුව තිබෙනවා. මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපාරය වගේම මින් ඉදිරියට එවැනි ව්‍යාපෘති ආරම්භ කරන්නට අපි අපේක්ෂා කරනවා. අද දවසේ ඔබ සෑම කෙනෙකුටම දීර්ඝ කාලයක සිටම බලාපොරොත්තුව තිබූ මෙම ඉඩම්වල ඔප්පුව ලබා ගැනීමේ කාර්යය ඉඩම් ඔප්පු ලක්ෂයක් දීමේ රජයේ ජාතික වැඩසටහන තුළ අද ඉතාමත්ම සාර්ථකව ඉටු කරන්න ලැබීම ගැන ඉතාමත් සතුටු වෙනවා. මේ ඔප්පු ලබාදීම වෙනුවෙන් සිය වගකීම් සහ යුතුකම් ඉටු කළ සියලු නිලධාරී මහත්ම මහත්මීන්ට මගේ ගෞරවණීය ස්තූතිය පුද කරනවා. රටක් විදියට අපේ වගකීම් සහ යුතුකම් සමග සංවර්ධනය මනුෂ්‍යත්වය යහපත් සමාජය සැබෑ වූ අවංක වූ සේවාව මේ සියල්ල අප විසින් ඉටු කළ යුතු වෙනවා.රජයක් විදියට වැඩ කරන විට බොහෝ චෝදනා විවේචන ඇති වෙනවා. ඒ විවේචන නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබෙන ලක්ෂණ විදියටයි මම සැමවිටම සලකන්නේ. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය කියන එක නැත්නම් ඒ විවේචන ඇති වෙන්නේ නැහැ. බියෙන් ජීවත්වන සමාජයක් රට තුළ නිර්මාණය වෙන්නේ. මේ රටේ එක්තරා කාලයක් තිබුණා. එක්තරා යුගයක් තිබුණා. තමන්ගේ අතේ තිබුණු දුරකතනයෙන් තමන්ගේ හිතවතෙකුට කතා කරන්න බයක් තිබුණු කාලයක්. රජයේ නිලධාරීන් තමන්ගේ දුරකතනයෙන් තවත් තමන්ගේ සහෝදර නිලධාරියෙකුට යම් කිසි ප්‍රශ්නයක සැබෑ තත්ත්වය කතා කරන්න බියෙන් ජීවත් වුණු කාලයක් තිබුණා.දේශපාලනඥයින් තමන්ගේ දේශපාලන මතය නිවැරදිව ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව කතා කරන්න බියක් තිබුණු යුගයක් තිබුණා. මේ රටේ කම්කරු පන්තිය වගේම වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම්, ඉල්ලීම් සම්න්ධයෙන් උද්ඝෝෂණය කරන්න පාරට බහින්න, විරෝධතා කරන්න, උපවාස කරන්න, සත්‍යග්‍රහ කරන්න බියෙන් ජීවත් වුණු කාලසීමාවක් තිබුණා. එවැනි යුගයක් අපි අවසන් කරලා තිබෙනවා. ලබාදී ඇති නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය නිසි ලෙස භුක්ති විඳීම ඒ ජනතාවගේ අයිතියක් වගේම ඒ භුක්ති විඳින නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය නිසිලෙස අවබෝධ කර ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසාම අපි රජයක් විදියට මොන විදිහේ චෝදනා, බලපෑම්, උද්ඝෝෂණ කොපමණ ආවත් අපි රජයක් විදියට රට සහ මහජනතාව වෙනුවෙන් අවංකව ඒ අපේ වගකීම් ඉටු කරන බව සඳහන් කරන්නට ඕනෑ.අනාගතය වඩාත් සුබවාදී අනාගතයක් විදියටයි අපි දකින්නේ. රටක අනාගතය සඳහා සෑම කෙනෙකුගේම සහයෝගය තිබෙන්නට ඕනෑ. දේශපාලනඥයින්ද, රාජ්‍ය නිලධාරීන්ද, රාජ්‍ය නොවන ආයතනද, රටේ සාමාන්‍ය පොදු මහජනතාවද, තමාගේ රට, තමාගේ මව්බිම, තමාගේ වගකීම සහ යුතුකම කියන ඒ අවංක චේතනාවෙන් වැඩ කිරීම ඉතාමත් අවශ්‍යයි. එවැනි පසුබිමක් තුළ රජයක් විදියට කටයුතු කරගෙන යාමේදී අපේ ගෞරවණීය පූජනීය මහා සංඝරත්නය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. උන්වහන්සේලාගේ අනුශාසනා උපදෙස් මත තමයි අපි සැමවිටම කටයුතු කරන්නේ. ගෞරවණීය මහා සංඝරත්නයේ උපදෙස් අනුශාසනා, මගපෙන්වීම් අපට ඉතාමත්ම අවශ්‍ය වෙනවා. රටක් කර ගෙන යාමේදී රාජ්‍ය පාලනය තුළ අද දවසේ පමණක් නොවෙයි අපේ රටේ මුළු ඉතිහාසය පුරාම ගෞරවණීය මහා සංඝරත්නයේ උපදෙස් අනුශාසනා ලබා ගනිමින් තමයි සෑම රාජ්‍ය පාලකයෙක්ම කටයුතු කරලා තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීවේය.උසස් අධ්‍යාපන හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:- 1977 බලයට පත්වූ එජාප රජයේ කඩිනම් මහවැලි ව්‍යාපාරය ගැන මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළා. 1977ට කලින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති ධුරය දරමින් සිටියදී, පොල්ගොල්ල ජලාශය මහවැලියට සම්බන්ධව ඉදිකළා. වසර 30ක් තිස්සේ සකස් කළ යුතු මහවැලි ව්‍යාපාරය වසර පහක් ඇතුළත සකස් කරන්න එක්සත් ජාතික පක්ෂ රජයට හැකිවූවා. මහවැලි ව්‍යාපාරය රජයට විශාල ආර්ථික සංවර්ධනයක් ගෙන දෙන ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකියි. රටට බත සපයන රටට විදුලිය සපයන ව්‍යාපාරයක් ලෙස මහවැලි ව්‍යාපාරය හැඳින්විය හැකියි.කොත්මලේ කුණ්ඩසාල තෙල්දෙණිය යන ප්‍රදේශවල ජනතාව මේ ප්‍රදේශවල රජ දවසේ සිට ජීවත් වූ අයයි. සංවර්ධන කටයුතු සඳහා හැමවිටම ව්‍යාපාර ආරම්භ කරනවිට අද රටේ හැමතැනම විරෝධතා, ඒත් එදා මහවැලි වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී ප්‍රදේශයේ ඉඩම් ඒ ජලාශයට යටවන විට ඒ ප්‍රදේශයේ ජනතාව විරෝධතා නොකර රටේ සංවර්ධනය උදෙසා ලබාදුන් වන්දි අරගෙන තවත් ප්‍රදේශවල පදිංචියට සතුටින් ගියා. ජනාධිපතිතුමා පසුගිය මැතිවරණයේදී දුන් පොරොන්දුවකට අනුව අද ඔබ සැමට ඔප්පු සින්නක්කරව ලැබෙනවා. අද මේ ඔප්පුව ඔබ සැමට ඉතා වටිනවා.මහවැලි රාජ්‍ය අමාත්‍යතුමාටත්, නියෝජ්‍ය ඇමැතිතුමාටත් මම ප්‍රශංසා කරනවා මේ කටයුත්ත ජනතාව වෙනුවෙන් ඉටු කිරීම ගැන.මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මෙසේ කීය.වික්ටෝරියා, කොත්මලේ කලාපයට අද ඉතාමත් වැදගත් දවසක්. අපි මේ මහවැලි කලාපය පුරා ඉඩම් ඔප්පු 4500ක් පමණ ලබා දීලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ මහවැලි ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ සංකල්පය යටතේ අද ඉඩම් ඔප්පු 1300ක් හදලා ලබාදීමට හැකිවූවා. මේ ඔප්පු පිළිබඳව ගැටලු හා ඉඩම්වල අයිතිය සමග ඔබ සැමට මුහුණපෑමට සිදුවන ගැටලු ප්‍රශ්න අපි දන්නවා. ඔබගේ ඉඩම්වල අයිතිය තහවුරු කරගන්න ඔබ බොහෝ නිලධාරීන් වෙත යන්න ඇති. ඒත් අද තමන්ගේ ඉඩමේ අයිතිය තහවුරු කරගන්න හැකි තත්ත්වයට ඔබ සැම පත්වූවා. එදා මහවැලි අමාත්‍ය ධුරය හෙබවූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වත්මන් ජනාධිපති ධුරයට පත්වීම නිසා අද මහවැලි කලාප ඉඩම්වල වසර ගණනාවක් පදිංචි වී සිටි ජනතාව සඳහා ස්ථිර ඉඩම් ඔප්පු හිමිකම ලැබුණා.දිගන නගරය අද හොඳම වාණිජ නගරයක් බවට පත්වී තිබෙනවා. දිගන නගරය සංවර්ධනය කිරීමට ජනාධිපතිතුමා කැබිනට් අනුමැතිය ලබාගෙන විශේෂ මුදලක් වෙන්කර දීලා තිබෙනවා. දිගන අඹකොටේ ජනතාවගේ ප්‍රශ්න හා ඉඩම් අවුල් විසඳාගන්න අද හැකිවී තිබෙනවා. කොත්මලේ කලාපයේත් වැඩි සංවර්ධන වැඩ කොටසක් සිදුවෙනවා. මහවැලි කලාප ඉඩම්වල පදිංචි ජනතාවට ඔවුන්ගේ ඉඩම් සඳහා අද අයිතිය හිමිවී මේ ඉඩම් ඔප්පු ලැබී තිබෙන බව සතුටින් කිව යුතුයි.විහාරමහාදේවී බාලිකා විදුහලේ සහ මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ දැරියෝ නර්ථන අංග ඉදිරිපත් කරමින් උත්සවය වර්ණවත් කළහ. 
ඉඩම් සම්බන්ධව වැඩකරන සියලු අංශ කෙරෙහි ජනතාවට ඇත්තේ ප්‍රසාදයක් නොවෙයි
0
hp_train_0565
රජිත් රාජපක්ෂ මධ්‍යම කදුකරයට අද (07) පස්වරුවේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වීම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය . නාවලපිටිය නගරයේ බස් නැවතුම්පොළේ සිට ගම්පොල දෙසට ශ්‍රී පාද පිරිවෙන දක්වා මිටර් 500 පමණ මෙසේ  වැසි ජලයෙන් යටවී  තිබුණි. නගර මධ්‍යයේ අඩි දෙකක් පමණ උසට වැසි ජලය එක්රැස් විම නිසා නාවලපිටිය නගරයේ වෙළදසැල් කිහිපයකට ජලය ගලාවිත් තිබුණු බව ප්‍රදේශවාසීහු පවසති.
වැසි ජලයෙන් නාවලපිටිය නගරයේ කොටසක් යටවෙයි
1
hp_train_0566
(ඩී.කේ.රත්න)හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14)  සභා සම්මත විය.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක්  ද විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් අරුණ රංජන මහතා සභා ගැබේ නොසිටියේය.හපුතලේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු හතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පහක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හතකගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතය.
බෝපේ පෝද්දල ප්‍රා.සභා අය වැයත් සම්මතයි
0
hp_train_0567
(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)වරාය අධිකාරියේ ලාභයෙන් වරාය සංවර්ධනය කරනවා වෙනුවට ලාභයක් නැති හම්බන්තොට වරාය නඩත්තු කරන්න අපිට සිදුවුණා. අද අපි ඒ ඉතිහාසය වෙනස් කරමින් මහා භාණ්ඩාගාරයටත් විශාල මුදලක් එකතු කරමින් ලාභ නැති වරාය ලාභ ලබන තත්ත්වයකට පත් කරන්න අඩිතාලම දැම්මා යැයි හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා චීන සමාගමක් සමග ගිවිසුම් අත්සන් කිරීම නිමිත්තෙන් පෙරේදා (29) පැවති උත්සවයේදී අදහස් දක්වමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයසම්පත් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරුද, චීන සමාගම වෙනුවෙන් චයිනා මර්චන්ට් සමූහයේ විධායක උප සභාපති ආචාර්ය හූ ජියැංහුආ මහතා ද අත්සන් තැබූහ.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.මෙම ගිවිසුම අත්සන් තැබීමත් සමග මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු මෙරටට ලැබෙන විශාල අයෝජනය මෙය බවට පත්වෙනවා. මේ වරාය ඉදිකිරීමට ගත් ණය පියවන්න සිදුවී තිබුණේ වරාය අධිකාරියටයි. රටේ සියලු වරායවලින් ලැබෙන ආදායම කිසිදු ආදායමක් නැති මේ වරායේ ණය ගෙවන්න යොදවන්න අපිට සිදුවුණා. ඒ ආදායම අපි යෙදවිය යුත්තේ වරායේ සේවකයන්ගේ සුබසාධනයට. ඒ ඒ වරායවල ඉදිරි සංවර්ධනයට. නමුත් පහුගිය කාලයේ අපිට ඒ කිසිවක් මේ ණය මුදල නිසා කරගන්න බැරිවුණා. අපේ ශුද්ධ ලාභයෙන් සියයට අනූවක් වැය කළේ මේ ණය ගෙවීමටයි. දැනට අපි බිලියන හතළිස් හතක් පසුගිය වසර කීපයේදී ගෙවා තිබුණා.මේක දිගටම කරගෙන යාම ගැටලුවක් නිසා තමයි ජනාධිපතිතුමාගේ උපදෙස් මත අගමැතිතුමා චීනයට ගොස් මේ සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා කළේ. ඒ අනුව තමයි අපට ආයෝජකයෙක් සොයා දෙන්න චීන රජය එකඟ වුණේ.චීන රජයෙන් රුපියල් බිලියන 193ක ණයක් අරන් තරමක් දුරට වරාය ඉදිකිරීමක් තමයි කර තිබුණේ. ඒ සඳහා වාණිජ ණයක් තමයි අරන් තිබුණේ. අද අපි මේ ගිවිසුමට අත්සන් කළ පසු ඇමරිකන් ඩොලර් බිලියන 1. 2ක විශාල මුදලක් අපේ භාණ්ඩාගාරයට ලැබෙනවා. මේ වෙලාවෙදී මම මතක් කරන්න අවශ්‍යයි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදීත් මේ වගේම ගිවිසුමකට අත්සන් කරන්න ගියා. 2014 සැප්තැම්බර් 04වැනිදා එම ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ අනුව එවකට හිටපු වරාය සභාපති ගිවිසුමකට අත්සන් තැබුවා. චීන සමාගමත් සමග හවුලේ ආයෝජනයක් කරන්න තමයි ගිවිසුමෙන් එකඟ වී තිබුණේ. ඒත් ඒ ගිවිසුමත් මේකත් අතර විශාල වෙනසක් තිබෙනවා.එදා අත්සන් කරන්න ගිය ගිවිසුමෙන් අපේ මහාභාණ්ඩාගාරයට සත පහක්වත් ලැබෙන්නේ නැහැ. ඇමරිකන් ඩොලර් මිලියන 390ක මුදලක් වරාය සංවර්ධනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබාගැනීමට ලැබෙනවා විතරයි. නමුත් අද අපේ මහා භාණ්ඩාගාරයට විශාල මුදලක් ලැබෙන අතරේ මේ චීන සමාගම එකඟ වී තිබෙනවා අවම වශයෙන් තවත් ඇමරිකන් ඩොලර් මිලියන හයසීයක් වරායේ සංවර්ධනයට යොදවන්න. චීන සමාගමට සියයට හැත්තෑවක කොටසක් වරායෙන් ලැබෙන අතරේ අපිට සියයට තිහක් ලැබෙනවා. ඔවුන් එකඟ වී තිබෙනවා මේ වරාය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වරායක් බවට පත් කරන්න. භූගෝලීය දේශපාලන ගැටලු පදනම් කරගන්නේ නැතිව අපේ රටේ ව්‍යවස්ථාවට යටත්ව වැඩ කරන්නත් මෙහි ආරක්ෂක කටයුතු සියල්ල අප අත තබන්නත් එකඟ වී තිබෙනවා. සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව ඔවුන් අරක්ෂා කරන්න එකඟවී තිබෙනවා.ඒ අනුව සුදුසුකම් ඇති අය කිසිවකු ඉවත් කරන්නේ නැහැ. අනෙක් අය වන්දි දී ඉවත් කරනවා. මේ සියල්ල සිදුවන්නේ අපේ රටේ කම්කරු නීති රීතිවලට යටත්වයි.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගිවිසුම නොවෙයි අත්සන් කළේ කියලා සමහරු කියනවා. එහෙම කිසිම වෙනසක් සිදුකර නැහැ. අපි මේ ගිවිසුම සකස් කර තිබෙන්නේ ඉදිරියේදී අවශ්‍ය අවස්ථාවලදී වෙනස්කම් කරන්නත් එකඟතා ඇතිකර ගත් වගන්තියක්ද ඇතිවයි. ඒ නිසා අපි ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ දැනගැනීම පිණිස මේ අත්සන් කළ ගිවිසුමම ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් ඉදිරියේදී පැවැත්වෙනවා. අවශ්‍ය නම් හොඳ යෝජනා ආවොත් ඒවා ඇතුළත් කරලා ගිවිසුමේ වෙනස්කම් කරන්න පුළුවන්.මෙහිදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.මහවැලි අයෝජනයෙන් පසුව අපේ රටට ලැබුණු විශාලතම ආයෝජනය ලබාගැනීමේ මූලික ගිවිසුමට අපි අත්සන් තැබුවා. මහවැලියෙන් පසු මෙරට ඇතිවන විශාලතම සංවර්ධනය මෙරට ආරම්භ වෙනවා. ලෝකයේ තිබෙන විශාලතම වරාය කටයුතු සම්බන්ධ සමාගමක් සමග තමයි අපි ගිවිසුම් ගත වුණේ.ලෝකයේ විශාලතම පිහිනුම් තටාකය නමින් හැඳින්වුණු මේ වරාය වරායක් බවට පත් කරන්න අපිට තවත් ඩොලර් මිලියන හයසීයකට වැඩි මුදලක් ලැබෙනවා. හම්බන්තොට වගේම ඒ අවට දිස්ත්‍රික්ක රැසකට මේ සංවර්ධනයේ ප්‍රතිපල ලැබෙනවා. අපි නොසිතු සංවර්ධනයකට දශක ගණනාවකට පසු ළඟාවෙන්න හැකිවෙනවා. සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට කොළඹ පත්වී තිබු තත්ත්වය වෙනස් වී එය දකුණු පළාතටද යොමුවෙනවා. ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ තුනක් පමණ ලැබෙනවා. තවත් ආයෝජකයින් විශාල ප්‍රමාණයක් අපේ රටේ ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉන්දියාව, යුරෝපය, ජපානය, ඇමෙරිකාව වගේ රටවල අයෝජකයින් පවා අපේ රටට පැමිණෙන්න බලපොරොත්තු වෙනවා. මේ උදාවූ අවස්ථාව ශ්‍රී ලංකාවේ අනාගතයට නව පිටුවක් පෙරළනු ඇතැයි මා විශ්වාස කරනවා.චීන සමාගමේ විධායක නියෝජ්‍ය සභාපති ආචාර්ය හූ ජියැංහුආ අදහස් දක්වමින් මෙසේ පැවසීය.ශ්‍රී ලංකාව හා චීනය අතර මිත්‍රත්වයට වසර හැටක් ගතවී තිබෙනවා. අපි විශ්වාස කරනවා ඒ මිත්‍රත්වය තවත් ඉදිරියට ගෙනියන්න එය අර්ථවත් කරන්න මේක හොඳ අවස්ථාවක් කියලා. හැම පුද්ගලයකුටම තමන්ගේ වූ ජාතියක් තිබෙනවා. අපි එයට ගරු කළ යුතුයි. මේ ගිවිසුම අත්සන් කිරීමෙන් අපේ එක සේදමාවතක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට ලංකාවත් සම්බන්ධ කරගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. රටක් සංවර්ධනය වෙන්න නම් ඒ රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍ය පහසුකම් ලැබිය යුතුයි. එක සේදමාවතක් ගොඩනැගීමේ සංකල්පයේ අපේ අරමුණ එයට සම්බන්ධ කරගන්න රටවලද එවැනි ගුණාත්මක වෙනසක් ඇති කරමින් ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කිරීමයි. මේ අයෝජනයෙන් ලංකාවට ඒ සඳහා හොඳ අවස්ථාවක් ලැබෙනු ඇති. මේ වරාය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉතාමත් වැදගත් වරායක් බවට පත් කිරීම අපේ අරමුණයි.මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැංලියැං, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම යන මහත්වරුද ඇතුළු ආරාධිතයෝ රැසක්ද වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු හා චයිනා මර්ච්න්ට් සමාගමේ නිලධාරීහු රැසක්ද සහභාගී වූහ.
අද අපි ඒ ඉතිහාසය වෙනස් කර ලාභ ලබන්න අඩිතාලම දැම්මා
1
hp_train_0568
(ප්‍රසන්න පත්මසිරි)ලුණුගල දොරපොද කඳු රක්ෂිතයේ අද (16) ඇතිවූ ගින්නකින් අක්කර 20 ක් පමණ දැවී ගොස් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.රක්ෂිතයේ වන සතුන් දඩයමට,විනෝදයට,හේන් වගාවට ප්‍රදේශයේම ජනතාව සෑම වසරකම නියං කාලයට වනයට ගිනි තබති.වනයට ගිනි තැබූ විට සුළඟ සමඟ  ඇවිලෙන ගින්න ඉබේම නිවී යන බවත් නියං කාලය නිමවන විට අක්කර සිය ගණනක් වනයේ ගස් වැල් දැවී යන බවත් ඔවුහු කියති.මෙම කඳු රක්ෂිතයේ මානම්,ඉලුක්,එරබදු,කුඩුදවුලා,කිතුල්,පතොක්,ටුනා ඇතුළු ශාක වර්ග හා වැලි මුවන්, වල් ඌරන්,හාවන්,ඉත්තෑවන් ඇතුළු දුර්ලඹ වර්ගයේ වන සතුන්ගෙන් ග්‍රහණ ප්‍රදේශයකි.
ලුණුගල දොරපොද කඳු රක්ෂිතයේ ගින්නක්
1
hp_train_0569
(අංජුල මහික වීරරත්න, මඩුකන්ද සිතුම් චතුරංග, ඕමන්ත ප්‍රියන්ත හේවගේ සහ වන්නි රොමේෂ් මධුසංඛ)ජාතිවාදී සහ ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්නයක් විසඳීමට හැකියාවක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා (19) මන්නාරමේදී පැවැසීය.දීර්ඝ කාලීන සාමය හා සංහිඳියාව සඳහා වන දේශපාලන විසඳුමක් ජනතාව යහපාලන රජයෙන් බලාපොරොත්තු වන බව කී අග්‍රාමාත්‍යවරයා ජනතාවට වගකියන මහජන නියෝජිතයන් සහිත ආණ්ඩුවක් බිහිවනු දැකීම ජනතාවගේ අපේක්ෂාව බව ද පැවැසීය.අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් කවුරුන් හෝ තවත් අයට හිරිහැර කරනවා නම් ජාතිබේද, ආගම්බේද ඇතිකරන්නට යනවා නම් ඔවුන්ට විරුද්ධව නීති මගින් ක්‍රියාකරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.රුපියල් ලක්ෂ 3062ක වියදමකින් නව ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගිවිය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,“වන්නියේ ජනතාවට සේවය ලබාගැනීම සඳහා නවීන ගොඩනැගිල්ලක් ලැබී තිබෙනවා. ජනතාව එයින් ප්‍රයෝජන ලබාගත යුතුයි. වජිර අබේවර්ධන, රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරුන් මේ කාර්යාලය විවෘත කරන්නට එන්නැයි මට ආරාධනා කළා. මේ ප්‍රදේශයේ දියුණු කිරීමට රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමා බොහෝසෙයින් වෙහෙසෙනවා. එමෙන්ම මේ ප්‍රදේශයේ කර්මාන්තකරණයට ලක්කිරීමට ඔහු උනන්දු වෙනවා. මේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් බදුර්දීන් මහතා හැමවිටම මගෙන් ඉල්ලීම් කරනවා.පාර්ලිමේන්තුවේදීත් රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමා ඇතුළු මේ ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙහි දියුණුව ගැන මගෙන් නිතරම විමසීම් කරනවා. මන්නාරමේ තිබෙන ප්‍රශ්න ගැන කියනවා. මේ ප්‍රදේශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ වාර්තා ලැබුණු පසු පළාත් සභාවටත් සංවර්ධනය සඳහා වන වියදම් ලබාදෙන බවට මා ප්‍රකාශ කරනවා.යුද්ධයෙන් විනාශවූ මන්නාරම හා වන්නිය දියුණු කිරීමට පළාත් සභාව හා මහ ආණ්ඩුව එකට එක්වී වැඩ කටයුතු කළ යුතුයි. මේ සංචාරයේදී උතුරු මහ ඇමැතිතුමාත් මුණ ගැසෙනවා. මේ උත්සවය පවත්වන්නේ එක් අතකින් විශේෂ දිනයකයි. යුද්ධය පැවැති සමයේදී රණවිරුවන් ඇතුළු විශාල පිරිසකගේ ජීවිත අහිමිවුණා.යුද්ධයේදී දෙපාර්ශ්වයේම ජීවිත අහිමිවූයේ ශ්‍රී ලාංකිකයන්ගේ බව කිවයුතුයි. ඔවුන් විදේශිකයන් නොවේ. ශ්‍රී ලාංකික පුරවැසියන් වන දෙපාර්ශ්වයෙන්ම ජීවිතයෙන් වන්දි ගෙව්වා. යුද්ධය නිසා අහිංසක ජනතාව මරුමුවට පත්වුණා. 1983 සිට ශ්‍රී ලාංකික ජනතාව යුද්ධය නිසා මියගියා. එලෙස මියගිය සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පිං පමුණුවමු. බොහෝ ජනතාව තමන්ගේ මියගිය ඥාතීන් පිළිබඳව කල්පනා කරනවා. අපත් ඔවුන් පිළිබඳව එක සිතුවිල්ලකින් කල්පනා කළ යුතුයි. ඒ වෙනුවෙන් සංහිඳියාව ඇතිකර දේශපාලන විසඳුමක් ලබාදිය යුතුව තිබෙනවා.කොටි සංවිධානය මේ ප්‍රදේශය පාලනය කරන සමයේ මෙහි තරුණ තරුණියන්ට ඔවුන් යටතේ විවිධ දේ සිදුකරන්නට යොමුවුණා. ඒ අය කිසිවිටකත් කොන්කළ යුතු නැහැ. ඔවුන් ද සමාජයට ඇතුළත් කොට සංවර්ධනයට එකතුකරගත යුතුව තිබෙනවා.පළමුවෙන්ම අප මෙහි සංවර්ධන කටයුතු ඇරඹිය යුතුයි. යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමටත් පියවර ගන්නවා. එමෙන්ම මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීමටත් බලාපොරොත්තු වෙනවා.උතුරට කර්මාන්ත ගෙන එන අයට විශාල බදු සහන ලබාදෙනවා. මෙහි සංචාරක ව්‍යාපාරය මෙන්ම ධීවර කර්මානත්ය දියුණු කිරීමටත් අප කටයුතු කරනවා. ඊළඟ මාස කිහිපයේදී මේ පිළිබඳ අප සාකච්ඡා කරමු. මේ සියලු දේ සාර්ථක වන්නේ සංහිඳියව සහ දේශපාලන විසඳුමක් ලබාදුනහොත් පමණයි.එම දේශපාලන විසඳුම ලබාදීමට ශ්‍රී ලංකාවේ නායකයන්ට හැකියාව තිබෙන බව ලෝක නායකයන් පවා පිළිගෙන තිබෙනවා. යුද්ධයේදී අතුරුදන්වූවන් පිළිබඳ අප දැන් පියවර ගන්නවා.සියලුදෙනා පිළිගන්නා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. එම වැඩකටයුත්ත සිදුකළ යුතු බව මා හමුවූ සියලුම ලෝක නායකයන් මට පැවසුවා. ජපාන අගමැතිතුමා මට ඒ බව පැවසුවා. මෝදි අගමැතිතුමා මෙහි පැමිණ අප සමඟ කතා කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරේ මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමඟත් මා සමඟත් ඉන්දීය අගමැතිවරයා කතා කළා. ඉක්මනින්ම මේ අර්බුදය ගැන විසඳුමකට එන්නැයි දැනුම් දුන්නා.ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටුවේ අවධානය මේ පිළිබඳ යොමුවී ඇති බවත් ඒ ගැන මූලික සාකච්ඡා සිදුකෙරෙන බවත් ඊළඟ මාස දෙක ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන බවත් මා ඉන්දීය අගමැතිවරයාට දැනුම් දුන්නා. අපට මේ ප්‍රශ්නය දිගින් දිගටම අදිමින් ඉදිරියට ගෙනයන්නට බැහැ. ලබන සුමානයේ සිට අප එම සාකච්ඡා ආරම්භ කරනවා. මූලික එකඟතා ගණනාවකට එළැඹිය හැකියි. ඉතිරි ප්‍රශ්න පිළිබඳව අපට සාකච්ඡා කළ හැකියි.ජාතිවාදී හා ආගම්වාදී ස්ථාවරයේ සිට මේ ප්‍රශ්න විසදීමට හැකියාවක් නැහැ. රට බෙදනවා. වෙනම රාජ්‍යයක් අවශ්‍යයි. රට නැතිවෙනවා ආදී කතා කියමින් ප්‍රශ්න විසඳන්නටත් හැකියාවක් නැහැ. අප සියලුදෙනා එක්වී ඒ වැඩකටයුත්ත කළ යුතුයි. දීර්ඝ කාලීන සාමය හා සංහිඳියාව සඳහා වන දේශපාලන විසඳුමක් ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම සාධාරණ බලය බෙදීමේ වැඩසටහනක් ද බලාපොරොත්තු වෙනවා.ජනතාවට වගකියන මහජන නියෝජිතයන් සහිත ආණ්ඩුවක් ජනතාවගේ අපේක්ෂාවයි. රටට ක්‍රියාකාරී පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.සිංහල දෙමළ මුස්ලිම් අන්තවාදයෙන් ඉදිරියට යන්නට බැහැ. ආගම්වාදයෙන් ඉදිරියට යන්නට බැහැ. ඕනෑම කෙනකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කළ හැකියි. නමුත් එම අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් තවත් අයට හිරිහැර කරනවා නම් මෙරට ජාතිබේද, ආගම්බේද ඇතිකරන්නට යනවා නම් ඔවුන්ට විරුද්ධව ආණ්ඩුව නීතිය අනුව ක්‍රියාත්මක කරන බව මා මෙහිදී අවධාරණය කරනවා.මෙරට බහුතර ජනතාවක් එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කළේ මෙරට ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් අවශ්‍ය නිසයි. මැතිවරණයේදී ඡන්දය දුන් අය මෙන්ම නොදුන් අයත් දැන් ඒ විසඳුම බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ලෝකයත් එම විසඳුම බලාපොරොත්තු වෙනවා. කකුලෙන් අදිමින් එම විසඳුම පමාකිරීමට කිසිවකුට අයිතියක් නැහැ. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිතුමාත්, මමත්, විපක්ෂ නායකතුමාත් මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. විපක්ෂයේ සෙසු පක්ෂ සමඟත් සාකච්ඡා කිරීමට අප සූදානම්.දේශපාලන විසඳුම වෙනුවෙන් කැපවී ඊළඟ මාස කිහිපයේදී රටට හොඳ වාර්තාවක් ලබාදී හොඳ ව්‍යාවස්ථාවක් නිර්මාණය කර අනුමත කරගැනීම අපේ අරමුණයි. නව ව්‍යවස්ථාව පැමිණි විට සංවර්ධනය තවත් වේගවත් වෙනවා. ඒ වෙනුවෙන් අප සියලුදෙනා බේද අතහැර කැපවෙමු. මෙහි ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂ ස්තූතියක් පුදකරනවා.”පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා.“මුණ්ඩිකුලම ප්‍රදේශයේ අක්කර සියයක් ජනතාව වෙනුවෙන් නිදහස් කොට තිබෙනවා. එය ජනතාවට කඩිනමින් ලබාදීමට කටයුතු කරනවා. රජය සිංහල දෙමළ මුස්ලිම් ඕනෑම අයකුගේ ඉඩම් ලබාගෙන තිබේ නම් ඒවා නිදහස් කිරීම අපේ අරමුණයි. ජී.එස්.පී ප්ලස් සහනය ලැබීමෙන් අපේ ජනතාවට විශාල සහනයක් ලැබූ බව කිවයුතුයි. තව ඉදිරියටත් මන්නාරමේ මෙන්ම උතුරේ ජනතාවට සංවර්ධනය සැලසීමට අප සූදානම්.”කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා,“ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ලැබීමෙන් පසුව අපට යුරෝපා වෙළෙඳපොළ විවෘත වී තිබෙනවා. එමෙන්ම යහපාලන රජය යටතේ ජාත්‍යන්තර සහයෝගය විශාල වශයෙන් සංවර්ධන කටයුතු වෙනුවෙන් ලැබී තිබෙනවා.වන්නි ප්‍රදේශයට අයත් ගම් දනව් විශාල වශයෙන් පීඩාවට පත්වුණා. ඔවුන්ගේ ජනජීවිතය ගොඩනැගීමට අප කටයුතු කරමින් සිටිනවා. මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවධානය යොමුවී තිබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් බෙදී සිටියහොත් වන්නේ රට විනාශවීමයි. සියලුදෙනා එකතුවුවහොත් රටට සෞභාග්‍ය උදාකළ හැකියි.ජනාධිපතිවරණයේ ජයගැනීමට තිබියදීත් ජනතාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ කැපකිරීම අමතක කරන්නට බැහැ. ඔහු ඒ සටනට සැබෑ ජයග්‍රහණයක් ලබාදුන්නා.”පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරකසභා සභාපති සෙල්වම් අඩෙකලනාදන් මහතා, “පසුගිය රජයට වඩා ජනතා සේවයක් අපට ලැබී තිබෙනවා. උතුරේ ඉඩම් ප්‍රශ්න, සිරකරුවන්ගේ හා අතුරුදන්වූවන්ගේ ප්‍රශ්න විසඳාගත යුතුයි. එසේම ඉඩම් ප්‍රශ්න විසඳීමට රජය ඉදිරිපත්විය යුතුයි.මෙහි රජයේ සේවකයන් එහි නිලධාරීන් කිසිකෙනකුගේ බලපෑමට යටත් නොවී අවංකව සේවය කරනවා. දේශපාලන ඇඟිලි ගැසීම් නැතිනම් තවත් සේවයක් කිරීමට හැකියාව ලැබේවි.”වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා,“නව දිසාපති කාර්යාලයක් ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළකරනවා. මිලියන 305 වියදමින් මෙය ඉදිකිරීම මන්නාරම ජනතාව ලැබූ ජයග්‍රහණයක්. අපි ජනතාව හමුවුණාම ජනතාව අපේ ප්‍රශ්න කියනවා. ඒ ප්‍රශ්නවලට විසඳුමක් ලබාදීම අපේ යුතුකමක්. නමුත් විසඳුම් ලබාදීමට අපහසු අවස්ථා ද තිබෙනවා.”වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්,“මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට මූල්‍ය ආධාර ලබාදුන් අග්‍රාමාත්‍යවරයාට මාගේ ස්තූතිය පළකරනවා. අපේ ජනතාවට ප්‍රශ්න රාශියක් තිබුණත් ඒවා කතා කරන අවස්ථාවක් නොවෙයි. ජනතාවගේ ප්‍රශ්න කතා කිරීමට අපට පාර්ලිමේන්තුවේදී අවස්ථාවක් ලබාදී තිබෙනවා. ඒ පිළිබඳව ද ස්තූතිය පුදකරනවා.මන්නාරම බස් නැවතුම්පොළ හොඳින් ඉදිකරගතයුතුව තිබෙනවා. තලෙයිමන්නාරම හා මන්නාරම ප්‍රදේශයේ බොහෝ මාර්ග අබලන් වී තිබෙන්නේ. ඒවා ඉදිකරන ලෙස ආධාර යොමුකරන ලෙස ද ඉල්ලා සිටිනවා.”මන්නාරම දිස්ත්‍රික් ලේකම් එම්.වයි.එස් දේශප්‍රිය මහතා,“මේ ගොඩනැගිල්ල කෙටි කලකින් වැඩ නිමකළා. කිසිම බාධාවකින් තොරව මිලියන 305 මුදල් ප්‍රතිපාදන ලැබුණා. මේ තුළින් ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් කිරීමට හැකිවීම මාගේ හැඟීමයි.”මෙම උත්සවයට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ද රාජ්‍ය නිලධාරීහු ද ඇතුඵ විශාල පිරිසක් සහභාගීවූහ.
ජාතිවාදි-ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්න විසඳන්න බෑ
1
hp_train_0570
(කටුනායක ටී.කේ.ජී.කපිල )රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ හැට අට දහසක් (1,75,68,000 ) වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු අද (18) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.මොවුන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36, 38 , 39 , 40 සහ 42 යන වයස් වල ව්‍යාපාරිකයන් පිරිසකි .ඔවුන් අද (18) ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.මෙම ගුවන් මගීන් පස් දෙනා විසින් රැගෙන ආ ගමන් මලු 06 ක රුපියල් 77,04,000 ක් වටිනා දුම්වැටි 128,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 642 ක් සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබුණි.ඒ අතරතුර අයිතිකරුවන් නොමැතිව, ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ගමන් පථ (Belt Area) ආසන්නයේ තවත් ගමන් මලු 13ක් තිබෙන බවට රේගු නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබූ අතර, එම ගමන් මලු තුළ රුපියල් 98,64,000ක් වටිනා දුම්වැටි 164,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 822 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.ඒවා මෙම ව්‍යාපාරිකයන් විසින් වෙනත් ගුවන් මගීන් වෙත, ගුවන් තොටුපළෙන් පිට කිරීම සඳහා ලබා දී තිබූ දුම්වැටි තොගයක් බවට රේගුව අනාවරණය කර ගෙන තිබේ.ඒ අනුව මෙම ව්‍යාපාරිකයන් නීතිවිරෝධී ලෙස මෙරටට  රැගෙන ආ සමස්ථ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ හැට අට දහසකි. එහි දුම්වැටි 292,800ක් අඩංගු දුම්වැටි කාටූන් 1464 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතියි.
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග 5ක් අත්අඩංගුවට
1
hp_train_0571
( ඩී.කේ.රත්න) ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ 2019 වර්ෂයේ මංගල ප‍්‍රාදේශීය සභා අයවැය අද (30)  වැඩි ඡන්ද හයකින් පරාජයට පත් විය.ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා (එ.ජා.ප.) විසින් 2019 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ මාසික මහා සභාවාරයට ඉදිරිපත් කිරීමෙන් පසු විවාදයට ගැනීමෙන් අනතුරුව සිදු කළ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද හයක් සහ විපක්ෂව ඡන්ද දහතුනක් ලැබීමෙන් අයවැය ලේඛනය වැඩි ඡන්ද හයකින් පරාජයට පත්විය.ඡන්දයට පක්ෂව එ.ජා.පක්ෂයේ සභාපතිවරයා ඇතුළුව එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් හත් දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කළ අතර අයවැයට විරුද්ධව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් හත්දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රීවරු හතර දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරයා සහ ස්වාධීන කණ්ඩායමේ මන්ත‍්‍රීවරයා ඡන්දය ප‍්‍රකාශ කළහ.මෙම සභාව සදහා ලංකා කම්කරු කොංග‍්‍රසය නියෝජනය කරන මන්ත‍්‍රීවරයා මෙදින සභාවට පැමිණ සිටියේ නැත.  
කන්දකැටිය අය වැය වැඩි ඡන්ද 3කින් පරාදයි
0
hp_train_0572
සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න ගාල්ල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා නගර සභාවේ සභිකයන්ගේ වැඩි ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්වූයේය.  පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභාවට පත්වූ සහබන්දු මහතා නගරාධිපතිවරයා තේරීමේ රහස් ඡන්දයේ දී ඡන්ද 20ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිධූරයට නාම යෝජනා වූ ජිලිත් නිශාන්ත මහතා ඡන්ද 11ක් ලබාගත්තේය.  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා හා ස්වාධීන කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.  එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව නගර සභාවේ බලය පිහිටුවන බව ඊයේ නිවේදනය කර තිබූ අතර අද නගරාධිපතිවරයා තෝරන අවස්ථාවේ නම් දෙකක් ඉදිරිපත් වූයෙන් ඡන්දයකට යාමට තීරණය කර තිබිණි.මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ෆවුසුල් නියාස් මහතා නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස නිතරගයෙන් පත්විය.ගාල්ල මහා නගර සභාවේ සංයුතිය මෙසේය.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රී වරුන් 13ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රී වරුන් 3 ජනතා විමුක්ති පෙරමුනෙන්  3එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් 1 ස්වාධීන  මන්ත්‍රීවරැන් 1
මිනුවන්ගොඩ නගර සභාවේ සභාපතිත් පොහොට්ටුවෙන්
0
hp_train_0573
 ජුඩ් සමන්ත වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.තලවිල දේවස්ථානයේ පසුගිය මාර්තු මස පැවති මංගල්‍යයේ විශේෂ රාජකාරි  සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අතිකාල දීමානා නොගෙවීම සහ කප්පාදු කිරීමට එරෙහිව පසුගිය මස 30 වැනි දා මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ආරම්භ කරන ලදී.ඒ අනුව තලවිල දේවස්ථානයේ අගෝස්තු මංගල්‍යයේ විශේෂ රාජකාරි වලින් වැළකී සිටීමට පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන ලදි. පසුව එක් දිනක් ලෙඩ නිවාඩු වාර්තා කළ අතර,පසුව රාජකාරියට වාර්තා කරන නමුත් කේෂත්‍ර රාජකාරි වලින් බැහැර වීමට ඔවුන් තීරණය කළේය.මෙම තත්ත්වය නිසා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවති විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මර්දන දූමායන කටයුතුද ඇණ හිටින ලදි. හලාවත - මුන්නේෂ්වරම දේවාලයේ නිකිණි මංගල්‍යයේ විශේෂ රාජකාරි වලින්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වී සිටියේය.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්ෂේත්‍ර රාජකාරියෙන් ඉවත් වී සිටි කාලය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකින්ම ඩෙංගු රෝගීන් වාර්තා විය.පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට සහාය පල කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත් වී සිටියේය.කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන් අතර පැවති සාකච්ඡා වට කීපයකින් පසුව තලවිල දේවස්ථානයේ රාජකාරි කළ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හිඟ අතීකාල දීමනා ගෙවීමට එක් වී ඇත. 
වයඹ පීඑච්අයිලා වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති
1
hp_train_0574
  (අනීෂා මානගේ)ජීව පතුරොම්, ගිනිඅවි, කඩු, කිණිස්සක් සිය නිවෙසේ සඟවාගත් බව කියන පෞද්ගලික ආයතනයක විධායක ඉංජිනේරුවකු අද බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරිහු කියති.බෝර දොළහ වර්ගයේ ජීව පතුරොම් 35, හිස් කොපු 3ක්, 303 රයිෆල් පතුරොම් 19, ටී56 පතුරොම් 15, මිලිමීටර 9 වර්ගයේ පතුරොම් 7ක්, කඩු දෙකක්, කිණිස්සක්, බෝර දොළහ වර්ගයේ ගිනිඅවි දෙකක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, ගිනිඅවි පිරිසුදු කරන විදෙස් රටක නිශ්පාදිත උපකරණයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි. 
ආයුධ තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
1
hp_train_0575
(සමන් පාලිත නානායක්කාර)කොරෝනා ආසාදිත පුද්ගලයින් ඇසුරු කළ බවට තහවුරු වූ අකුරණ හා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු අද (10) සිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව කියයි.පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු , ගැහැණු දෙදෙනෙක් පිරිමි ළමුන් දෙදෙනෙක් සහ ගැහැණු ළමුන් දෙදෙනෙක් යුද හමුදා අධීක්ෂණය යටතේ දියතලාව ලටෙක්  කාර්මික ඉංජිනේරු ආයතන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව දියතලාව යුද හමුදාව කියයි.යුදහමුදාව අධීක්ෂණය යටතේ දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක පුද්ගලයින් 96 දෙනෙකු මේ වන විට නිරෝධායනය  වෙමින් සිටින බව දියතලාව යුද හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.
අකුරණ - බදුල්ලේ 12 ක් නිරෝධායනයට
1
hp_train_0576
 (ක. ග කරුණාරත්න) පොලොන්නරුව හබරණ ප‍්‍රධාන මාර්ගයේ බැදිවැව” ගල්වංගුව අසලදී අද (20)  පෙරවරුවේ යතුර පැදියක් හා ලොරියක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු මරමුවට පත්ව ඇතැයි පොලොන්නරු පොලීසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව” ගිරිතලේ ප‍්‍රදේශයේ පදිංචි කේ’ජි’ඒ’නවරත්න නැමති 28 හැවරදි එක්දරු පියෙකි. එම අනතුරින් යතුරුපැදියේ පිටුපස ගමන් ගත් 19 හැවරදි තරුණයකු තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇත. ලොරියේ රියදුරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  පොළොන්නරුව පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පවත්වයි.
රිය අනතුරකින් අයෙක් මරුට
1
hp_train_0577
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, සහ ඌව පළාත් වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන අතර අනෙකුත් පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැක.  හෙට දින (13), දහවල් 12.11 ට උයිලන් කුළම්,වෙල්ලාන් කුළම් සහ කුලමුරිප්පු  යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 13/04/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය36258545සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.මඩකලපුව33259065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.කොළඹ33268570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල33268570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය36278055ප්‍රධාන වශයෙන් වැසි  රහිතමහනුවර32229560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය23129570සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය34249565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය35269060ප්‍රධාන වශයෙන් වැසි  රහිතමන්නාරම34269065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත. 
‘රට අභ්‍යන්තරයට තද වැසි‘
0
hp_train_0578
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ඈතක නොවන්නේ යයිද” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පැවසුයේ එක්සත් ජාතික පක්ෂ බද්දේගම කොට්ඨාස බලමණ්ඩල රැස්වීමේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා රැස්වීම සංවිධානය කර තිබිණ.මෙහිදී පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර ප‍්‍රසාදය ගනිමින් මාධ්‍ය නිදහස තහවුරු කර මෙතෙක් කළ සංවර්ධන කටයුතු සහ ජනාධිපතිට සහ අගමැතිට ස්තූතිය පුද කිරීමේ යෝජනා දෙකක් ද සම්මත කරගනු ලැබිණ.රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.‘‘කලකට පසුව බද්දේගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය කැඳවූවා. ශාඛා සමිති විටින්විට පවත්වා පක්ෂයේ වැඩ කටයුතු විග‍්‍රහ කළ යුතුයි. එය බලමණ්ඩල නිලධාරීන්ගේ වගකීමයි.බියගම මන්ත‍්‍රීවරයා ලෙස කටයුතු කරද්දී මා සෑම ශාඛා සමිතියක්ම වසරකට වරක් මුණ ගැසුණා. විටින්විට පැමිණ ශාඛා සමිති මුණ ගැසී අලූත් නිලධාරීන් හමුවී ජනතාවගේ ප‍්‍රශ්න හඳුනාගත යුතුයි. එමෙන්ම ජනතාවට ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ගැන පවසා දැනුම්වත් කිරීමත් ශාඛා සමිතිවල වගකීමයි.බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට ප‍්‍රදේශය බාර දී ඉතා කෙටි කළක් ඇතුළත සංවිධානය ඇති කිරීම පිළිබඳව ස්තූතිය පළ කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉතා දක්ෂ මන්ත‍්‍රීවරයෙකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ  ඕනෑම කටයුත්තකට එතුමා ඉදිරිපත් වෙනවා. බය නැතුව කටයුතු කරනවා. එමෙන්ම මන්ත‍්‍රීවරයෙකු ලෙස පැය 24 ම ප‍්‍රදේශයට වැඩ කටයුතු කරනවා.එතුමාගේ දක්ෂකම් හඳුනාගෙන මේ වගකීමද බාර දුන්නා. ශාඛා සමිති ඇතිකර ඉදිරි මැතිවරණයේදී යක්කලමුල්ල සහ බද්දේගම ප‍්‍රාදේශීය සභා දෙකම ජයග‍්‍රහණය කරවීමට හැකියාව ලැබේ යයි මා විශ්වාස කරනවා.මා මෙහි පැමිණෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී වසර දෙකක් ගත වූ පසුවයි. අප බාර ගත්තේ විශාල ප‍්‍රශ්න ගොඩ ගැසී ඇති රටයි.2014 වසරේ දී රටේ ණය ප‍්‍රශ්නය විසඳීමට නොහැකිව ණය ගෙවීමට මුදල් නැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර පළා ගියා. ණය ගෙවන්න හැකිනම් ඔහු වේලාසනින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.බලයගත් සැණින් සියලූ දේ කරන්න හැකියාව නැති බව දැන ගෙන හිටියා. මුළින්ම කළේ ණය ගෙවීමට පදනම සකසා ගැනීමයි.ඉන් පසුව වසර 10ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ගේ ප‍්‍රශ්න විසඳීමට කාලය යොදවා නිවාස, රැකියා ප‍්‍රශ්න විසඳිය යුතුව තිබුණා. ඒ සැමටම පෙර බලය ගත යුතුයි. ඒ නිසා සියලූ දෙනා එක්වී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය දුන්නා. අප එක්ව මේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීම එහි අරමුණයි.මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුව බිහි කර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කර ගත්තා. පළමු වසර දෙක අතුළත ආර්ථිකයේ ස්ථාවර බව ඇති කළා. ණය ගෙවීමට නොහැකි වූ ලංකාව අසීරුවෙන් හෝ අද ණය ගෙවනවා.තරුණ පරපුරට ණය ඉතිරි කරන්න මට අවශ්‍ය නැහැ. ණය ගෙවීමට පදනම දැමුවත් ගම අමතක කළේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. සියලූම වැඩ කටයුතු ගැන ලැයිස්තුව ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැහැ.එමෙන්ම ගම්මානවල වැඩ කිරීම සඳහා ආධාර උපකාර දුන්නා. හොඳම පාසල ළඟම පාසල වැඩ සටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කළා.වසර දෙක ඇතුළත මේ ප‍්‍රදේශයට පමණක් රුපියල් ලක්ෂ 2400ක සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය පොඩි මුදලක් නොවෙයි. අපට තවත් ණය ගෙවීමට තිබෙනවා.2018 - 2019 වසරවල ගෙවීමට ඇති ණය මුදල් ගැන පැවසුවහොත් ජනතාවට ක්ලාන්තය හැදේවි. ඒ නිසා ඒ මුදල ගැන මා කියන්නේ නැහැ.  ණය ගෙවීමටත් මුදල් සොයා ගත යුතුයි. ණය ගෙවන අතරතුර සංවර්ධන කාර්යය ද සපුරා ගත යුතුයි.මගේ සීයාගේ පරපුර පැමිණියේ මේ ප‍්‍රදේශයෙනුයි. ගාල්ල, කළහේ, බද්දේගම ප‍්‍රදේශවල ඔවුන් ජීවත් වුණා. ඒ 19 වැනි ශත වර්ෂයේදීයි. 19 වැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන වරාය පැවැතියේ ගාල්ලේයි. සියලූම දෙනා පැමිණියේ ගාල්ලටයි.19 වැනි ශත වර්ෂය අවසන් වන විට ගාල්ල වෙනුවට කොළඹ වරයා දියුණුවට පත් වුණා. ගාල්ල පිරිහෙන්න පටන් ගත්තා. ගාල්ලේ ජීවත් වූ අය කොළඹට ගියා. ඒ අනුව මගේ සීයාගේ පවුලේ බොහෝ අයද කොළඹට පැමිණියා. අනෙකුත් අය මෙහිම පදිංචිවී සිටියා.ගාල්ලේ පිරිහීමත් සමඟ එහි පදංචි වී සිටි බොහෝ දෙනා රැකියා සහ ආදායම් මාර්ග සොයාගෙන වෙනත් ප‍්‍රදේශවල පදිංචියට ගියා. දැන් යළිත් දකුණේ විශාල සංවර්ධනය ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිඳව සැලසුම් සකස්කරනවා. බස්නාහිර පළාත තරටමටම ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි.ගාල්ල දියුණු කරනවා නම් යළිත් දියුණු ආර්ථිකයක් ඇති කළ යුතුයි. අප මුලින්ම ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකිරීමට කල්පනා කළේ ඒ සඳහායි. මෙවර අප බලය ගන්නා විට ගාල්ල පමණක් නොව, හම්බන්තොටත් විශාල ප‍්‍රශ්නයකට මුහුණ දී සිටියා.මහින්ද රාජපක්ෂ හම්බන්තොට නැව් නොඑන වරායක් ඉදිකර තිබුණා. එමෙන්ම සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයත්, මත්තල ගුවන් තොටුපළත් ඉදිකර තිබුණා. මේ ඉදිකිරීම් කර තිබුණේ ණය ගෙනයි. නමත් කිසිදු ව්‍යාපෘතියකින් ආදායමක් ලැබුණේ නැහැ.හම්බන්තොට සාර්ථක වරාය ඉදිකිරීමට හැකියාව තිබුණා නම්, සාර්ථක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට හැකියාව තිබුණා නම් මේ ප‍්‍රදේශයේ වඩා ශීඝ‍්‍ර දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබුණා.අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. සූරිය වැව ක‍්‍රීඩාංගණය නම් ගොඩනැගීමට හැකියාව නැහැ. ඒ සඳහා වැය කළ මුදල් ගෙවන්න වෙනවා.මේ අර්බුද පිළිබඳව චීන රජය සමඟ මා නැවත වරක් කතා කළා. ඩොලර් බිලියන 130ක මුදල් චීන රජය හම්බන්තොට වරයාට වියදම් කරලා ඒ මුදලෙන් බිලියන සියයක් නැවත ලංකාවට දීමට ඔවුන් එකඟතාව පළ කළා. එමගින් ණය බර අඩුකර ගැනීමට හැකියි. ඒ මුදල දෙන්නේ ඒකාබද්ධ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාවන එකඟතාව මතයි.අපේ කොටස වශයෙන් රුපියල් බිලියන 30ක් යෙදවීමට එකඟ වුණා. ඒ අනුව වරාය අලූතින් පටන් ගන්නවා. මේ වසර අවසන්වීමට පෙර වරාය බාර ගෙන අලූතින් තවත් ඩොලර් කෝටි 60ක යන්ත‍්‍ර ගෙනැවිත් 2018-2019 වර්ෂ එළැඹෙන විට සම්පූර්ණ වරායක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතුවී මත්තල ගුවන් තොටුපොළ ක‍්‍රියාත්මක කරවීමට සාකච්ඡා කරනවා. ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියි. ඒ ආශ‍්‍රිතව කර්මාන්ත බිහිකිරීම අපේ අරමුණයි.මේ ක‍්‍රියාවලිය නිසා ගාල්ලේ දියුණුවත් තහවුරු වෙනවා. හම්බන්තොට දියුණුවන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප‍්‍රශ්න කරාවි.ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරාය දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත‍්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත‍්‍රික්කය සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩටහන් ක‍්‍රියාත්මක කරනවා.ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප‍්‍රදේශ ආශ‍්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මණින් රැකියා උත්පාදනය කිරීමට හැකියි. ඊළඟ වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.එමෙන්ම වෙළඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප‍්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත්වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත්වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරාය දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතිය තිබෙන නිසයි.කටුනායක සහ බියගම ප‍්‍රදේශවල වෙළඳ කලාප ආරම්භ කිරීම නිසා වසර 10ක් තුළ විශාල දියුණුව ඇති වුණා. වැඩිපුර රැකියා බිහි වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍රකර ගෙනයි. පෞද්ගලික ආයෝජන වැඩිවීමත් සමඟ රැකියා අවස්ථා ද වැඩි වෙනවා.ආණ්ඩුවේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩිවීමට නියමිතයි. නමුත් ඒ රැකියා සඳහා විධිමත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ආයතන දකුණු පළාත කේන්ද්‍රකර ගනිමන් ආරම්භ කරනවා. පුහුණු ආයතන සමඟ එක්ව වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.ගාල්ලේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය යන අංශ දෙකම දියුණු වෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂි කර්මික ආර්ථික රටාවක් ද තිබෙනවා. කෘෂි කර්මාන්ය දියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විදේශයන්ගෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා කුරුඳු වගාව ව්‍යාප්ත කළ යුතුයි. ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි. ඕලන්ද සමයේ මේ ප‍්‍රදේශයේ තේ වගාව තිබුණේ නැහැ. මොරවක ප‍්‍රදේශය දක්වා පැවැතියේ කුරුඳු වගාවයි. තේ වගාව අතහරින්නැයි කියන්නේ නැහැ. තේ වගාවට සුදුසු ප‍්‍රදේශ පිළිබඳව සලකා බලා ඒ වගාව දියුණුකළ යුතුයි. ඒ නිසා නැවත තේ වගා කරන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට අදහස් කරනවා.  තම තේ ඉඩමෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් හෝ අලූතෙන් තේ වගා කිරීම සඳහා වෙන් කරන්නැයි මා යෝජනා කරනවා. ඒ අනුව තේවල තත්ත්වය දියුණු කරන්න හැකියි.තේ නැවත වගාව සහ කුරුඳු වගාව කෙටි කාලීනව ඉදිරිපත් කළ හැකි යෝජනා තිබෙනවා. දැනට මෙතැනින් ආරම්භ කරමු. තවත් අලූත් භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන්, කර්මාන්තවලින්, කෘෂි කර්මාන්තයෙන් දියුණුව ඇතිකර ඉදිරියට යමු. ඒ අනුව ගාල්ල නැවතත් දියුණු යුගයකට පරිවර්තනය කරමු.එදා එක් වරායකින් පමණක් දියුණු වූ ගාල්ල අද අප වරායන් දෙකකින් දියුණුවට පත් කරනවා. එදා ගුවන් තොටුපොළ නොතිබූ ගාල්ල අද ගුවන් තොටුපොළ දෙකකින්  දියුණුවට පත් කරනවා.ගාලූ නරගය පමණක් නොව, මුලූ ගාල්ල දිස්ත‍්‍රික්කයම එලෙස දියුණුවට පත්කිරීමට නියමිතයි. සියල්ලම කර අවසානයේ සංචාරක ව්‍යාපාරය මෙහි ගෙන ඒමට පියවර ලෙස සිංහරාජ සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්ම කරනවා.හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප‍්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් දියුණුව ඇතිකර සිංහරාජ වනාන්තරය ද ආරක්ෂාකර ගනිමින් සංචාරක මාර්ගය බිහි කරනවා.ඒ සමඟම අධ්‍යාපනය දියුණු කිරීමටත්, අලූත් වැඩසටහන් තිබෙනවා. එසේ නම් අප ගාල්ලට අනාගතයක් අතිකරනවා. ගාල්ලේ අනාගතය 19 වැනි ශත වර්ෂය අවසානයේ නැති වුවත්, 21වැනි ශත වර්ෂයේ ජාතික ආණ්ඩුව යටතේ නැවත ඒ අනාගතය දීමට කටයුතු කරනවා.ඊට දායක වීම සඳහා මටත් අවස්ථාව ලැබීම ගැන සතුටට පත් වෙනවා. ගාල්ලේ ඇමැතිවරුනුත් මේ වැඩ කටයුතු සඳහා විශාල සහයෝගයක් දෙනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා එකම සංවර්ධන තීරුව ක‍්‍රියාත්මකයි. මහනුවර නගරය දියුණු කිරීම පිළිබඳව ජපානය සමඟ සාකච්ඡා කරනවා. අනාගතයේ දී කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා.මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල, හලාවත ප‍්‍රදේශ දියුණුවට පත්වෙනවා. කළුතර වෙළෙඳ කලාපය ඇරැඹීම සඳහා අක්කර 800ක් වෙන් කළා. ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මකයි. ඊළඟ වසර දහයේ දී ගාල්ලට විශේෂ තැනක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.විශාලතම අඩුපාඩුවක් වී ඇත්තේ වසර දෙකක් තිස්සේ කළ සංවර්න වැඩ කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් නොකිරීමයි. ඒ නිසා කළ සංවර්ධන කටයුතු පිළිබඳ පණිවුඩයද ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන්නැයිද” රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් ඉල්ලීය.එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධානයේ සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා : ”ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කළ යුතු දේ වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ආණ්ඩුව පිහිටුවීම සඳහා කළ හැකි සියල්ල කළා. ගාල්ලෙන් ඡුන්ද දෙලක්ෂ අසූ දහසක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රීවරුන් හතර දෙනෙකු පත්කර ගත්තා.ඉදිරි පළාත් පාලන ඡුන්දයේදී වාද භේද දුරලා ජයග‍්‍රහණය සඳහා කටයුතු කළ යුතුයි. සෑම ගමකටම ලක්ෂ 10 බැගින් වන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වුණා. ලක්ෂ 2400ක වැඩ සෑම ග‍්‍රාම සේවා වසමකම වී තිබෙනවා. අප කළ සංවර්ධන වැඩ පෙන්වන්න නම් වෙනම රූපවාහිනී නාළිකාවක් අරඹන්න සිදු වේවි.ගාල්ල දිස්ත‍්‍රික්කයේ මාර්ග 181ක වැඩ දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරනවා. මෙවැනි වැඩ කොටසක් කළ තවත් රජයක් නැහැ. ඒ අනුව ගාල්ලේ පළාත් පාලන ආයතන සියල්ලම අප ජයග‍්‍රහණය කරනවා. නායකයා පෙන්වූ මාර්ගයේ යමු. අපට හොඳ තැනකට යන්න අවස්ථාව ලැබෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා : ”දිගු කළකට පසුව ජවසම්පන්න බලමණ්ඩලය බද්දේගමට ලැබිලා. 2020 දක්වා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න නොහැකි බව බොහෝ අය පුරසාම් දෙඩුවා. ඉන් පසුව නාමල් යුගය අරඹනවා යයි 2014 වසරේ දී ඇතැම් මාධ්‍ය ප‍්‍රචාර ගෙන ගියා. එවිට අපේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුයේ කුමක්ද? එතුමා කියා සිටියේ 2015 වන විට ආණ්ඩුව ගන්නා බවයි. එය සැබෑවක් බවට පත් කිරීමට එතුමා ක‍්‍රියා කළා.ජනප‍්‍රිය දේ නොව, ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අගමැතිවරයාගේ පිළිවෙතයි. ඉදිරියේදී ගමේ පාලනයද එක්සත් ජාතික පක්ෂය සතුකර ගන්නවා. පිපෙන්නේ නැති පොහොට්ටුවලට බලය දී කතා පවත්වමින් ඉන්නවා ද, ආණ්ඩු බලය ඇති පක්ෂයට ඡුන්දය  දී ගමට වැඩක් ගන්නවාද කියා ජනතාව නිවැරදි තීරණයක් ගන්නවා.”එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත‍්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, බද්දේගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.මේ අවස්ථාවට ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සහ කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත‍්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුනිල් සේනානයක යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නියෝජතයෝ රැසක් සහභාගී වූහ.
ජාතික ආණ්ඩුව හැදුවේ ණයබර අනාගත පරපුරට ඉතිරි නොකිරීමටයි
0
hp_train_0579
(කුෂාන් ජයවර්ධන) කැකිරාව මඩාටුගම දුනුමඬලාව ප‍්‍රදේශයේ ගෙවත්තක පිහිටි ගල් තලාවක නිධන් සොයා අනවසර කැනීමක් සිදුකරමින් සිටි කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙක් කැනීම් උපකරණ රැසක් සමඟ අද (28) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. අදාල නිවස පසුපස අනවසර කැනීමක් සිදුවන බවට කැකිරාව පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් අනුව සිදුකළ වැලීමකදී සැකකරැවන් හා අදාළ කැණීම් උපකරණ තොගය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.  වැටලීම සිදුවන අවස්ථාවේදී එක් සැකකරැවකු පලා ගොස් ඇති අතර එම සැකකරු මේ වනවිට පොලිසිය හඳුනාගෙන ඇති අතර පලාගිය එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ. මඩාටුගම දුනුමඬලාව ප‍්‍රදේශෙය් පදිංචි 56 හැවිරිදි කාන්තාවක්, හිඟුල  ඕවත්ත ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක් , දෙහිඕවිට පිටිදෙනිය ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට  ගත් කාන්තාව මින් පෙරද නිධන් සොයා අනවසර කැනීම් සිදු කිරීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත් තැනැත්තියක් බව පොලිසිය කියයි.  අත්අඩංගුවට පත් කාන්තාව ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට (29) කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
නිධන් සෙවූ දෙදෙනෙක් අත්අඩංගුවට
0
hp_train_0580
ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් හෝ විශේෂ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති නොවන්නේ යැයි කී උන්වහන්සේ විදෙස් කර්මාන්තශාලා හා ආයෝජන ගැන කියන කතා කිසිදු දිනෙක යථාර්ථයක් නොවන දේවල් යැයි අවධාරණය කර කීහ. ආණ්ඩු වෙනසකට තමා ඇතුළු සංවිධාන ගණනාවක්ම උරදුන්නේ ජනතාවට පොරොන්දු රැුසක්ම දෙමින් යැයි ද එම පොරොන්දු ඉටුනොකරන්නේ නම් ජීවත්වීමෙන් පලක් නැතැයි ද රතන හිමියෝ කීහ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් පිහිටු වූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප‍්‍රථම මහා සමුළුව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදීය. ‘‘තිරසාර යුගයට මඟ’’ මැයෙන් වූ එම සංවිධානයේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ට පිළිගැන්වීම ද එහිදී සිදුවිය. උත්සවයේ ප‍්‍රධාන දෙසුම කරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද කීහ. අපි මේ සමුළුව සංවිධානය කළේ මාසයකටත් අඩු කාලයක් තුළයි. මේ සා විශාල ජනකායක් මීට පැමිණීම ගැන අපිට සන්තෝෂයි. මේ සභාවේ අරමුණ මොකද්ද? මේක දේශපාලන පක්ෂයක්වත් රාජ්‍ය නොවන සංවිධානයක්වත් ආගමික සංවිධානයක්වත් නෙවෙයි. අපේ රට ගැන හිතන හැම දෙනාටම එක්විය හැකි පුළුල් ජාතික සභාවක්. ඉන්දියාවේ හා ලංකාවේ ජාතික සංගමයත් ඉතාලියානු ජාතික කොංග‍්‍රසයත් මට සිහියට එනවා. ජාතික මහා සභාව පිහිටුවූයේ අප රට මුහුණ දෙන සමකාලීන අර්බුදවලට විසඳුම් සෙවීමේදී මතවාදී අරගලයක් හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සහිත වැඩපිළිවෙළක් සඳහායි. විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සර්වෝදය ව්‍යාපාරය අගරදගුරුතුමන් මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විද්වතුන් රැුසකගේ අදහස් සාරසංග‍්‍රහ කිරීමෙන් මේ සභාවට පාර කැපුණා. මේ වගේ කෙටි කාලයක් ඇතුළත රට වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හැදීමට හැකිවීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා.ව්‍යවස්ථා හා ආර්ථික වෙනසක් ගැන කට්ටිය මේ දවස්වල කතා කරනවා. හැබැයි අපි කතාකරන්නේ රටට ජාතික සැලැස්මක් ගැනයි. රටට ආණ්ඩුක‍්‍රම හා ආර්ථික වෙනසක් අවශ්‍ය ඇයි කියන ප‍්‍රශ්නයට ව්‍යුහාත්මක පිළිතුරක් අපි දෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා සමඟ ප‍්‍රතිපත්තිමය තීරණයකට එනකොට ජාතික ප‍්‍රතිපත්ති සභාවක් හදන්න යැයි අපි ඔබට කිව්වා. ඒකට තුනෙන් දෙකක් අවශ්‍ය නෑ. ජනමත විචාරණ අවශ්‍ය නෑ. කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ. අද ඔබතුමා බලයට පත්වෙලා අවුරුදු දෙකයි. තාම සභාව හදලා නෑ. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුව හදන්න යනකොට අපි රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා එක්ක ගිවිසුමක් අස්සන් කළා. ජාතික සැලසුම් සභාවක් හදනවා යැයි ඒ ගිවිසුමෙන් කිව්වා. අද වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ. හැබැයි කියපු නැති දේවල්වලට මේ වනවිට කාලයත් මුදලූත් විශාල වශයෙන් නාස්ති කරමින් තිබෙනවා.ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියනවා. ජනාධිපතිතුමනි, ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නෑ කියලා අපි කිව්වේ ඇයි? විධායක ජනාධිපති ක‍්‍රමය එක්ක බැඳුණු කාරණා ගණනාවක් මේ රටේ තිබෙනවා. පළමු වැනි එක ඡුන්ද ක‍්‍රමයයි. ඔබතුමා නොහිටියා නම් මේ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් ද? මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ද? එක පක්ෂයකටවත් බලය නෑ. ජනාධිපති කෙනෙක් නොහිටියා නම් අර නේපාලයේ වගේ රට අරාජික වෙලා. ඒකාධිපති බලතල ඉවත්කරලා විධායක ජනාධිපති ධූරය රටට වගකියන තත්ත්වයට පත්කරමු යැයි කිව්වෙ ඒකයි. 19 වැනි සංශෝධනයට ඔබතුමා කොච්චර කැප වුණාද? කියන්න ලැජ්ජයි. විපක්ෂය වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාකරන සමහර වාමාංශික පක්ෂ ගුණාත්මකභාවය වැඩිකරනවා වෙනුවට ඒක ආපස්සට හැරෙව්වා. එහෙම වෙද්දිත් 19 සම්මත කරගැනීමට අපිට හැකිවුණා. ඒ ගැන ඔබතුමාට මුළු ජාතියේම ප‍්‍රණාමය හිමිවෙනවා. දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම්වලට මේ රටේ ආර්ථිකය මෙහෙයවන්න බෑ. අපි මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙනාවේ එක්තරා කල්ලියකට  ඕනෑ විදියට ආර්ථිකය මෙහෙයවන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ මම ඉන්නවද නැද්ද කියලා අහනවා. ඒක නෙවෙයි දැන් ප‍්‍රශ්නෙ. මේ ආණ්ඩුව හදන්න මුල්වෙච්ච මා ඇතුළුව සංවිධාන විශාල ගණනක් තිබෙනවා. අපි රටට කිව්ව දේ කරන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑ. මක්නිසාදයත් ඒ වරදට අපි වගඋත්තරකරුවන් වෙනවා. මේ රටට අද ජාතික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙනවා. එක පැත්තක මැණික් තිබෙනවා. තව පැත්තක ඛනිජ වැලි තිබෙනවා. රට වටේට මහ මුහුදක් තිබෙනවා. මේ මුළු රටම එකක් හැටියට ගෙන සංවර්ධන වැඩපිළිවෙළ හැදිය යුතුයි. දැන් සංවර්ධනේ කියලා කියන්නෙ මොකද්ද? එකම සිහිනය සිංගප්පූරුවයි. සිංගප්පූරුව කියන්නේ රටක් නෙවෙයි. කොළඹ නගර සභාව විතර පුංචි කෑල්ලක්. අරහෙන් මෙහෙන් ආපු මිනිසුන්ගෙන් හැදිච්ච ආර්ථිකයක් තිබෙන රටක්. ශ්‍රී ලංකාව කියන්නෙ කෝටි දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන රටක්. ඉතින් ජාතික ප‍්‍රතිපත්ති සභාව සැලැසුම් කළේ මේ රට හදන්නේ මොන සැලැසුමටද කියලා හොයන්නයි. එක්සත් ජාතින්ගේ පැරිස් සමුළුවේ දින දහයක් මාත් සිටියා. ප‍්‍රංශ ජනපතිත් කතෝලික සභාවත් පැරිස් සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමට විශාල මැදිහත්වීමක් කළා. අවුරුදු ගාණක් එක්සත් ජාතින්ගේ රටවල් එකසිය අනූ ගාණම එකතු වෙලා සම්මුති හදලා තිබෙනවා. මේ ලෝකය අද මුහුණ දී තිබෙන භයංකර තත්ත්වය එයින් කිව්වේ. මේ මානව වර්ගයාට තව අවුරුදු සීයක් ජීවත්විය හැකිදැයි යන ප‍්‍රශ්නයක් මතුව තිබෙනවා. මහපොළොව යට තිබුණු කාබන් ඩයොක්සයිඞ් වායුව මිහි මතට අරගත්තා. ඛනිජ තෙල් අවුරුදු ගාණක් තිස්සේ බලශක්තිය හැටියට පාවිච්චි කිරීමෙන් කාබන් ඩයොක්සයිඞ් වායුව නිපදවෙනවා. එය විශාල වශයෙන් නිපදවෙන්නේ දියුණුවට පත් කියන රටවලිනුයි. ඇමෙරිකාවේ ඒක පුද්ගල කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ටොන් 16යි. ලංකාවේ තාම අපි ටොන් එකක් නෑ. පහුගිය අවුරුදු විස්සේ මේ විෂ වායුව වැඩියෙන්ම පිටකළේ චීනයයි. තව ටිකක් මේක වැඩිවුණොත් මුහුදු මට්ටම වේගයෙන් උඩට ගිහින් ¥පත් විශාල සංඛ්‍යාවක් වැසී යනවා. අපේ අර යාපන අර්ධද්වීපයත් යට වේවි. හැබැයි දියුණු රටවල අය කාබන් නිකුත් කිරීම සීමාකරන්න කැමැති නෑ. කාබන්ඩයොක්සයිඞ් වායුව අඩු කරනවා කියන තීන්දුව ගන්න ඒ රටවල දේශපාලකයන්ට බෑ. යුරෝපය ගොඩක් කල් කළ නිසා අපිටත් තව අවුරුදු විස්සක්වත්  ඕනෑ යැයි චීනය කියනවා. මෙන්න මේ නිසා අපට අලූත් ඉඩක් ලැබිලා තිබෙනවා. ලෝකය පුරාම විද්‍යාඥයන් කියන්න පටන් අරන් තිබෙන්නේ අධිපරිභෝජනවාදයෙන් හා නාගරීකරණයෙන් මිදිලා සරල වෙන්න කියලයි. ජනාධිපතිතුමනි කාටවත් නැති වාසනාවක් අපට තිබෙනවා. දවසේ පැය දොළහක්ම හිරු එළිය වැටෙනවා. යුරෝපයේ එහෙම නෑ. ලෝකයේ අනාගත බලශක්තිය වන්නේ මේ සූර්යායි. සූර්ය බලශක්තිය මුල්කරගත් විප්ලවයකට අපි අපේ ප‍්‍රතිපත්ති හැදිය යුතුයි. අපේ බලශක්ති විප්ලවය රඳා පවතින්නේ පිට රටින් ගේන ගල් අඟුරු හා තෙල් නෙවෙයි. සූර්ය පැනල මගින් අපට අවශ්‍ය බලශක්තිය රට තුළම නිර්මාණය කරගතහැකියි. අපට මුහුදු තරංගත් සුළං බලයත් තිබෙනවා. මේ ටික හරියට පාවිච්චි කළොත් විදේශයන්ට ඇදී යන ඩොලර් බිලියන ගණනක් අපට මේ රටේ ඉතිරිකරගත හැකියි. පුනර්ජනනීය බලශක්තියට යන බව ඔබතුමා ඔබතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් කිව්වා. අපි ඒකට යමු. අපි චීනය ඇසුරු කළ යුත්තේ චීනෙට ඉඩම් දෙන්න නෙවෙයි. සූර්ය පැනල සවි කරලා බලශක්ති තාක්ෂණය ගන්නයි. ඔබතුමාට වගේම අගමැතිතුමාට මේවා කරන්න පුළුවන් දේවල්. මේවා පමාකරන්නේ ඇයි? ග්ලිරිසීඩියා පැළ බිලියනයක් වවන ව්‍යාපෘතිය ඔබතුමා ආරම්භ කළා. එය හරියට කළොත් ගල් අඟුරු බලාගාරයක බලශක්තියෙන් බාගයක් නිපදවන්න හැකියි. අක්කරයක පැළ 600 ක් වගා කළහැකියි. ග්ලිරිසීඩියා කොලවලට ගවයන් හරිම පෙරේතයි. මේ රටට අවශ්‍ය කිරි ටික හදන්න අවශ්‍ය ගවයන් මිලියනයයි. ඒ ගවයන් මිලියනයටම කෑමට මේ ග්ලිරිසීඩියා ප‍්‍රමාණවත් වෙනවා. බලශක්තියෙන් ඔබ්බට ස්වයංපෝෂිත ආර්ථික ක‍්‍රමයකටත් මේ වගාව හේතුවෙනවා. ජනාධිපතිතුමනි, වස විසෙන් තොර ගොවිතැනට ඔබතුමා සහාය දැක්වුවත් බොහෝ අය මට හිනාවුණා. මුලදි මට තිබුණෙත් පොතේ දැනුම පමණයි. හැබැයි අපි ජන මතයක් හැදුවා. අක්කර පනස්දාහක් වවන්න අපි දැඩි පරිශ‍්‍රමයක් දැරුවා. හැබැයි නියඟයක් ආවා. ඒත් සැළකිය යුතු ප‍්‍රමාණයක් වැව්වා. රතන හාමුදුරුවන්ගෙ වැඬේ හොඳ වුණත් ඒක පාඩු යැයි සමහරු කියන්න ගත්තා. ක්‍ෂුද්‍ර ජීවි ක‍්‍රියාකාරිත්වය පාවිච්චි කරලා මාස තුනක් දිරන්නට යන කොලරොඩු දින දහයෙන් දිරාපත් කළහැකි බව අපේ විද්‍යාඥයන් පෙන්නුවා. මාස දෙකක් ඇතුළත ටොන් පන්දාහක පොහොර හැදුවා. අපේ වගාව නියඟයට ඔරොත්තු දුන්නා. තේ අක්කර ලක්ෂ පහක් පමණ වගා කිරීමෙන් ඩොලර් බිලියන එකහාරමක පමණ ආදායමක් අපි ලබනවා. ඒ සියලූ වල්නාශක ගහලයි. හැබැයි කාබනික පොහොර භාවිතයෙන් ඒ ආදායම දෙගුණයක් කළහැකියි. මොකද වස විසෙන් තොර තේවලට ලෝකයේ ඉල්ලූම වැඩියි. වස මුසු තේ ප‍්‍රතික්ෂේප කරන්නට ලෝකය පෙළඹිලා තිබෙනවා. අවාසනාවකට අපේ සමහර ඇමැතිවරු හා මහ තේ වතු හිමියන් වස විසම ඉල්ලනවා. අපි බෑ කිව්වා. මහ වතු වගාකිරීමට බැරි නම් ඒවා ජනතාවට දෙන්න. අපි ඒකට සැලැසුමක් හදලා තිබෙනවා. දළු දෙක දළු තුන කරන්න අපේ විද්‍යාඥයන්ට පුළුවන්. වසර දෙකක් ඇතුළත මේ විප්ලවය කරලා අපි පෙන්වන්නම්. මේවාට උදවු කරන්න ලෝකේ රටවල්  ඕනෑ තරම් තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් අපි ආධාර අරගන්නම්. සාදික්කා, කරදමුංගු, අලිගැටපේර ආදී විවිධාංගීකරණයකට අපි යා යුතුයි. රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්න එයින් හැකියි. රුපියල් බිලියන ගණනක් මේ රටේම ඉතිරි කරගන්නවා වගේම මේ රටේ මිනිස්සුන්ට වසවිසෙන් හැදෙන පිළිකා රෝග නැතිකරගන්නත් පුළුවන්. 2005 දී මේ රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව පන්දාහයි. අද පහළොස්දාහයි. වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව දහ දාහේ සිට ලක්ෂය දක්වා වැඩිවෙලා. සමහරු කියන්නේ මේ ආණ්ඩුවෙන් මොකක්වත්ම වෙන්නේ නෑ කියලයි. වෙන්නේ නෑ නෙවෙයි. හැම දෙනාගේම අත් එකතු වෙන්නේ නෑ. ජනාධිපතිතුමාට සිහිනයක් තිබෙනවා. ඒ සිහිනයට පණ දෙන්න අපි විද්වතුන්ගේ මණ්ඩලයක් හැදුවේ ඒකයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රවුන්ඩප් තහනම් කරන්න යැයි අපි කිව්වා. කැබිනට් මණ්ඩලේ තීන්දුවක් ගත්තා. හැබැයි අරලියගහ මන්දිරේදි තීන්දුව වෙනස් වුණා. සල්ලි කුට්ටිවලට තීන්දු නැවැතුණා. හැබැයි ග්ලයිෆොසේට් තහනම් කරලා වස විසෙන් තොර ගොවිතැන වෙනුවෙන් අද අපිට ප‍්‍රතිපත්ති තීන්දු ගන්න හැකිවෙලා තිබෙනවා. මේවා රතන හාමුදුරුවන්ගෙ බොරු යැයි සමහරු බය කරනවා. හැබැයි රාජ්‍ය නිලධාරින්ම අද මේ ඇත්ත තේරුම්ගෙන තිබෙනවා. ඩොලර් බිලියන දෙකක් ණය ගෙවන්න  තිබෙනවා යැයි කියනවා. කොහොමද ණය ගෙවන්නේ කියලා අහනවා. ඒක කරන්නෙ වරාය විකුණලාද? චීනෙන් ගත්ත ණය ගෙවන්න බැරි නම් ඒක කරන්නේ වරාය දීලාද? රාජ්‍ය ආයතන පාඩු ලබනවා නම් ඒවාත් දීලා දාමුද? මිනිස්සු මත බදු පටවමුද? ජනාධිපතිතුමනි, මේ ඩොලර් බිලියන දෙක හොයන හැටි පෙන්වලා දෙන්න අපේ විද්‍යාඥයන් සූදානම්. මේක මහ ලොකු ගණිත ක‍්‍රමයක් නෙවෙයි. තිබෙන්නේ සරල උත්තරයක්. ආනයන අපනයන පාලනයක් කරමු. මහ බැංකු වාර්තාව අරගෙන බලන්න. මෙටි‍්‍රක් ටොන් 6 12,000 ක් අපි සීනි ගෙන්නනවා. කිරිපිටි 81,000 ක් ගේනවා. මිරිස් 409,000 ක් ගේනවා. ඉතින් මේක අපට නවත්තන්න පුළුවන්. සීනි ටික හදාගන්න බැරිද? ආරියශීල වික‍්‍රමනායක මහතා බටර් හදලා අතිරික්තයක් තිබෙනවා. හැබැයි එතුමන්ලා හදන කිරි ටික සතොසෙන් ගන්නෙ නෑ. මේ හැදිච්ච ලෙඬේ මොකද්ද? ප‍්‍රශ්න මේවායි. අපි මේ සභාව හැදුවෙ අපේ දේශීය ව්‍යාපාරිකයාට රැුකවරණයක් දෙන්නයි. දැන් විදේශිය සමාගම්වලට ඉඩම් දෙනවා. ඉඩම් දීමට කිසියම් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. හිතුමතේට ඉඩම් දීමට ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට හෝ කිසිම නායකයකුට අයිතියක් නෑ. පිටරටින් ආ පලියට කර්මාන්තවලට ඉඩම් දෙන්න බෑ. කර්මාන්තවලටත් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. අනිත් එක පිටරටින් එන්න ඔය කියන විදියේ කර්මාන්තශාලා නෑ. යුරෝපයේ කර්මාන්තශාලා වැහිලා මිනිස්සු දොට්ට දාලා තිබෙන්නෙ. විදේශයන්හි ආයෝජනය කළ ඇමෙරිකන්කාරයන්ටත් ට‍්‍රම්ප් මහත්තයා නැවත මව් රටට කතාකරනවා. ඉතින් යුරෝපෙ සුද්දා එනවාය කර්මාන්ත පටන්ගන්නවාය ආදී මේවා කෙරෙන්නැති දේවල්. රටේ ජාතික ප‍්‍රශ්නෙට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න  ඕනෑ යැයි කියනවා. මේ රටේ තිබෙන ජාතික ප‍්‍රශ්නය මොකද්ද? ඉඩම් ප‍්‍රශ්නයක් ගැන කියනවා. හැබැයි යාපනේ ඉඩම් කියන්නෙත් අපේ ගාල්ල මාතර වගේම තමයි. තියෙන මිනිහට අක්කර පනහ හැට තිබෙනවා. දුප්පතාට අක්කර කාලක්වත් නෑ. ඉඩම් බලතල දෙන්න  ඕනෑ දේශපාලකයන්ට නෙවෙයි. ජනතාවටයි. මේ රටේ ඉඩම් නැති ජනතාව වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හදමු යැයි අපි ජනාධිපතිතුමාට කියනවා. පාරිසරික වශයෙන් සංවේදී ඉඩම් රජයට තබාගෙන සෙසු ඉඩම් ජනතාවට බෙදන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. පොලිස් බලතල දෙන්න  ඕනෑ යැයි කියන කතාව ගැනත් අපි දීර්ඝ වශයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළා. අපේ පොලිසියෙ සීයට අනූවක් පමණ කරන්නේ රථ වාහන හැසිරවීමයි. ඉතින්  ඕකට දෙමළ මිනිස්සු ගන්නවට අපි විරුද්ධ ද? පොලිසියේ සන්නද්ධ අංශය මධ්‍යම ආණ්ඩුවට තබාගෙන සිවිල් පරිපාලනයට අදාළ පොලිස් බලය දෙන්න පුළුවන්. ආයුද අවශ්‍ය හොරු අල්ලන්නයි. අධිරාජ්‍යාවාදී යටත්විජිත කාකි ඇඳුම් ඇඳගෙන සිටින පොලිසිය වෙනුවට සුදු ඇඳුමක් ඇඳගත් පොලිසියක් හදමු. එහෙම නම් ලෝකය පෙරළන ජනමත විචාරණයක්  ඕනෑ ද? මේ රට හදද්දී උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්නත් අපිට පුළුවන්. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක්  ඕනෑ වගේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතාකරනවා. මේවා  ඕනෑ කාටද? දෙමළ ජනතාවට අවශ්‍ය ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීමටයි. ඡුන්ද ක‍්‍රමය ගැනත් අපි සාකච්ඡුා කළා. දැන් පළාත් පාලන ඡුන්දයක් තිබෙනවා. මුළු රටේම මාධ්‍ය ඇස ඇරගෙන එළිවෙනකන් නිදි මරාගෙන ඉන්නවා. මැති ඇමැතිවරු පණ බයේ ඉන්නෙ. අර පරණ විදියට මෙම්බර් ඡුන්දෙ තියමු. ඒක අපිට කරගන්න පුළුවන්. උතුරේ පළාත් සභාව කැමැති නම් දිස්ත‍්‍රික් සභාව ගෙනෙමු. පළාත් සභාවේ සිටින දිස්ත‍්‍රික් සංවර්ධන ඇමැතිවරයකු පත්කරලා ඔහුව කැබිනට්ටුවට ගෙනෙමු. එවිට බලය විමධ්‍යගත වෙනවා.අපිට තරුණ කාලයක් තිබුණා. 71 කැරැුල්ල අපිට යාන්තමින් වගේ මතකයි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් ලක්ෂයක් විතර ජීවිත අප රටට අහිමි වුණා. 88,89 වසර දෙක ඇතුළත 65 000 ක් මැරුණා. අපේ රට ආපස්සට ගියා. නැවතත් එවැනි කඳුළු සලන යුගයක් අප රටට අවශ්‍ය නෑ. අපේ රටේ දුප්පත්කම නැතිකරලා අභිමානවත් ජාතියක් නිර්මාණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. අද පොලොන්නරුවට ගියාම අපි දකින සත්‍ය මොකද්ද? ණය බරින් මිරිකුණු තමන්ගෙ කුඹුර අනුන්ට උකස් තියපු ජනතාවක්. මේක ඉතාම වැදගත් තැනක පිහිටපු ලෝකයේ සුන්දරම රටක්. ඒක නිසා අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය හැදෙන්න  ඕනෑ චීනයට හෝ ඉන්දියාවට  ඕනෑ හැටියට නෙවෙයි. ස්වයංපෝෂිතභාවයට මුල් තැන දෙන ආර්ථික වැඩපිළිවෙළකට අප යා යුතුයි. අද අප සමාජගත කරන්නේ නැවත මේ රටේ ලේ කඳුළු සැලෙන්නේ නැති අනාගතයක් සඳහා වූ වැඩපිළිවෙළයි. මේ ආණ්ඩුව මින්පසු ගමන්කරන්නේ තම තමන්ට හිතෙන හැටියට නෙවෙයි. රටේ ජාතික ප‍්‍රතිපත්තියට  ඕනෑ විදියටයි. සීතල කාමරවලට වෙලා හම්බන්තොට වරාය ගැන තීන්දු ගන්න යුගය නිමාකිරීමේ තීන්දුව මෙයින් ගන්නවා. ඒ වගේම අපේ ගොවියන්ගේ ඉඩම් හා සංවේදී පාරිසරික කලාපවලට අත තියන්න කිසි කෙනෙකුට ඉඩ නොදෙන බවට අධිෂ්ඨානය ඇතිකරගමු. මුඩුක්කු සංස්කෘතියේ හිරවෙලා කුඩු ගහන ජීවිත වෙනුවට නව නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරමු. ඒ වගේම ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වීමට ඉඩ නොතබා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙළකට යමු. අපි ජනාධිපතිතුමාට කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් පරාදයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් පරාදයි. මේ රටේ බලය ලැබිලා තිබෙන්නේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. ඔබතුමා රට පාලනය කළයුත්තේ එක්කෙනෙකුට දෙන්නෙකුට අවශ්‍ය විදියට නෙවෙයි. ජාතික ප‍්‍රතිපත්ති සභාව පිළිබඳව ඔබතුමාට තීන්දුවක් ගන්න පුළුවන්. ඇයි ඔබතුමා පමාවන්නේ? ඔබතුමා පමාවන හැම දිනයක් පාසා අපේ රට යන්නේ අඳුරු අගාධයකටයි. කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික‍්‍රමනායක, යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ මහලේකම් සුරේන් රාගවන්, සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. (සටහන - බිඟුන් මේනක ගමගේ)
ජනවරම ගන්න දුන් පොරොන්දු පසෙකලා ආණ්ඩුව විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරනවා අද රටට ඕනෑ ව්‍යවස්ථාවක් නොව ජාතික සංවර්ධන සැලැස්මක්
1
hp_train_0581
ශ්‍රී ලංකාවේ බොහෝ  ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වෙතත්, සබරගමුවට පළාතට කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලට සවස 4.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
‘රට පුරාම වැසි රහිත කාලගුණයක්‘
1
hp_train_0582
කොල්ලුපිටිය මහානාම විද්‍යාලයයේ නව විදුහල්පති ලෙස අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධරයකු වන ප්‍රසන්න උපශාන්ත මහතා පත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.මහානාම විද්‍යාලයයේ හිටපු විදුහල්පති විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව 2012 අප්‍රේල් මස සිට විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති සෙනරත් බණ්ඩාර මහතා වැඩ ආවරණය කළේය.රාජ්‍ය සේවා කොමිසම මගින් විදුහල්පතිවරයකු පත් කිරීම සඳහා සමූඛ පරීක්ෂණ පවත්වා පසුගිය ජූලි මාසයේ බස්නාහිර පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා  විදුහල්පති ලෙස පත් කළත් ඒ මහතා වැඩ බාර නොගැනීම නිසා සමූඛ පරීක්ෂණයේ දෙවැනි තැනට   ලකුණු ලබා සිටින ප්‍රසන්න උපශාන්ත මහතා පත් කර ඇත.මරදාන අශෝක විද්‍යාලයයේ විදුහල්පති ලෙස කටයුතු කරන උපශාන්ත මහතා බ්‍රහස්පතින්දා (24) පෙරවරු 10.30ට මහානාම විද්‍යාලයයේ වැඩ භාර ගැනීමට නියමිතය.1988 අධ්‍යාපන පරිපාලන සේවයට එක්වූ ඒ මහතා පින්නවල මධ්‍ය මහා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද,  කොළඹ රාජකීය විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස ද, ගුරු විද්‍යාල අධ්‍යක්ෂ ලෙස ද, විභාග දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස ද කටයුතු කර තිබේ. 
රාහුලෙත් අලුත් විදුහල්පති එපා කියයි
0
hp_train_0583
වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුල, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර කොටස් වලට  වැඩිපුර වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ)  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 17/12/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31249565විටින් විට වැසි.මඩකලපුව29259075විටින් විට වැසි.කොළඹ30249565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249080අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි.යාපනය30259075විටින් විට වැසි.මහනුවර29209560අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21119563අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239560අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය29249075විටින් විට වැසි.මන්නාරම30258570විටින් විට වැසි . දහවල් 12 15වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර කොටස් වලට  වැඩිපුර වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ)  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි ඇතිවන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ.  සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක.5.30දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරුමැද පළාත් වල තැනින් තැන වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි ඇතිවන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ.  සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක.කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
වායුගෝලය කැලඹේ
0
hp_train_0584
සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චිබලන්ගොඩ  රජවක රක්ෂිතයේ  පියන්ගිරිය   කොටසේ  ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේ  අනවසරයෙන් පතල් කපා මැණික් ගැරූ පුද්ගලයෙකුට  රුපියල්  45000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද (06) දා නියෝග කලේය.රජවක ප්‍රදේශයේ පදිංචි  චිමින්ද පතිරන නැමැත්තෙකුට මෙලෙස දඩ නියම විය. අයුතු ලෙස රක්ෂිතයට ඇතුළු වි  පතල් කපා රක්ෂිතයට හානි සිදු  කිරීමෙි  චෝදනාවට  ඔහු අධිකරණය ඉදිරියේ වරදකරු විය. බලන්ගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මොහු  අත්අඩංගුවට ගෙන නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළහ. 
සමනල වැව රක්ෂිතයේ මැණික් ගැරූ දෙදෙනාට දඩ
0
hp_train_0585
වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආසන්නයේ පවතින බව  ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව අශ්‍රිතව සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවීමේ වැඩි හැකියාව තව දුරටත් පවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.  රට අභ්‍යන්තරයේ  බොහෝ ස්ථානවල සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණය පවසයි. සමහර ස්ථානවලට මිලී මීටර් 100 කට වඩා  තද වැසි  ඇතිවීමට ඉඩ ඇත.බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේද වැසි  ඇති වේ.
‘මුහුදු ප්‍රදේශවලට තද වැසි‘
1
hp_train_0586
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)යෝජිත මනාලයා පිළිගැනීම හදවත් රෝගියකු වන යෝජිත මනාලිය  ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති වූ ගැටලු‍ව විසඳන්නට වෙනත් තරුණියක ඉදිරිපත් කර ජාමය බේරාගත් මගුල් කපුවකු පිළිබඳව පසුගියදා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය. දැකුම්කලු තරුණියකි. එමෙන්ම කාගේත් සිත්ගත්  රූමතියකි. පවුලේ එකම දියණියය. නිසි වයස් එළැඹීමෙන් පසු ඇයට මනාලයකු සෙවීම මාපියන් බාර දුන්නේ නමගිය කපුවකු වෙතය. මවුපියෝ තරුණිය ගැන වැදගත් සිද්ධියක් කපුවාට ද නොකියා සිටින්නට කටයුතු කළහ.තමන්ට මනාලයකු සොයන බව තරුණිය දැන සිටියේද නැත. ඇය ඒ බව දැනගත්තේද එදින උදේමය.  තරුණිය එක හෙලා මංගල්ලයට අකමැත්ත පළ කළාය. තමන් කලක් තිස්සේ පෙළෙන දරුණු හදවත් රෝගයක් තිබියදී  ඒ බව රහසක්ව තබා මනාලයකු හා දීග යන්නට බැරි බව ඇය එක හඩින් මවටත් පියාටත් කියා සිටියාය. එහෙත් මනාලයා හා ඥාතීන් පැමිණි පසු දියණිය සිය තීරණය වෙනස් කරනු ඇතැයි ඔවුහු සිතා නිශ්ශබ්දව සිටියහ.මනාලිය ගැන  කෙරුණු ආලවට්ටම් ආදියෙන්ද කුල්මත්වූ මනාලයා සිටියේ ඇය දකින තුරුය. කෙසේ හෝ මේ මංගල්ලය කර දුන්නොත් මනාලියගේ පියාගෙන් තමන්ට ලැබෙන තෑගි මල්ල ගැන කපුවා සිටියේ දැඩි පෙරේතකමින්ය. නියමිත දින උදේම කපුවාද සමග මනාලයාගේ පවුලේ පිරිස මනාලියගේ නිවසට ආයේ මනාලිය දැක ගන්නටය.මනාලයාගේ ඥාතීන් පැමිණියද තරුණිය සිටියේ තම ස්ථාවරයේමය. තමන්ගේ රෝගී තත්ත්වය  ගැන සත්‍ය හෙළිදරව් කරන්නේ නම් පමණක් ඇය මනාලයා පිළිගන්නට යන්නට කැමැත්ත පළ කළාය. මවුපියන් ඊට එකඟවූයේද නැත. මනාලිය කෝ මනාලයාගේ නෑදෑ පිරිස කපුවාගෙන් ඇසුවේ මේ අතරය. මනාලයාද මනාලිය බලන්නට සිටියේ ඇඟිලි ගනිමිනි.  මනාලිය මංගල්ලය ප්‍රතික්ෂේප කරන බවත් තමන් අසරණව සිටින බවත් කපුවාට මවුපියන් දැනුම් දුන්නේ හොර රහසේය.මනාලිය නොපෙන්වා ගියොත් තමන්ට සිදුවන පාඩුව ගැන සිතූ කපුවා උප්පරවැට්ටියක්  ගැන සිතා මනාලිය රූපලාවණ්‍යාගාරයට ගොස් ඇති බැවින් තමන් ගොස් ඇය ඉක්මනින් කැඳවා ගෙන එන බව කියා පිටවී ගියේය. කපුවා දන්නා හඳුනන හැඩ වැඩ ඇති තරුණියක කැඳවාගෙන ආයේය. ඒ තරුණිය මනාලයා හමුවට ගියේ පවුලේ දියණිය සේය. කපුවා කපෝතියෙන් බේරුණේය. මනාලයා එකපයින් ඇයට කැමත්ත පළ කිරීමෙන් කපුවා තවත් අමාරුවක වැටී සිටින අතර දැන් එයින් බේරෙන අන්දම ගැන සිතමින් පසුවෙයි.
තරුණයාට කැමැත්ත දෙන්න තරුණියගෙන් අපූරු යෝජනාවක්
0
hp_train_0587
(සමන් පාලිත නානායක්කාර)හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය තීරක ඡන්දයෙන් අද (19) සභා සම්මත විය.අයවැයට පක්ෂව හා විපක්ෂව ඡන්ද හත බැගින් ලැබීම නිසා සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය සභා සම්මත විය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලන බලය  හිමි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත වෙයි.අයවැයට පක්ෂව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කළහ.අයවැයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයකු හා ස්වාධීන මන්ත්‍රීවරයකු ඡන්දය ප්‍රකාශ කළහ .එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු , ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයකු හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු ඡන්දය දෙන අවස්ථාවේ සභාවේ නොසිටියහ.2020 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම 58985357.23   ක් වේ . රුපියල් 55861608.64 ක් වියදම් කිරීමට අපේක්ෂා කරන අතර රුපියල් 3123748.59 ක් සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කෙරේ .
බණ්ඩාරගම ප්‍රා.සබේත් අයවැය සම්මතයි
0
hp_train_0588
(මොහොමඩ් ආසික්)මධ්‍යම පළාත තුල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන්  මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය  ලේකම්  කොට්ඨාස  දෙකකට තව දුරටත් නායයෑමේ අවදානම් නිවේදනය  හෙට (24) පස්වරු 2.30 දක්වා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කරනු ලැබ තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද( 23) සවස  නිකුත් කර ඇති එම  නිවේදනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහළ කෝරළය , සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ   අඹගමුව කොරළය ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස දෙක සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පුද්ගලයින්  ගල් පෙරළීම් බෑවුම් කඩා වැටීම්,  පොළොව ගිලා බැසීම්, පස් කණ්ඩි කඩා වැටීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් පූර්ව නායයෑමේ අවදානම්  ඇති ප්‍රදේශ ලෙස පූර්වයෙන් හඳුනා  ගෙන ඇති ප්‍රදේශවල ජීවත්වන පිරිස්ද වඩාත් අවදානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිල් පර්යේෂණ සංවිධානය කියයි. 
මධ්‍යම පළාතේ ප්‍රා.ලේ. කොට්ඨාස දෙකක නාය අවදානම් නිවේදනය දීර්ඝ කරයි
0
hp_train_0589
(මනෝජ් හර්ෂික)කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට අනිද්දා (09) උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.ඒ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර(උතුරු/දකුණු), කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශ වෙත මෙම තීරණය බලපැවැත්වේ.ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලි බලය සැපයීම අත්හිටුවන බැවින් ජලාපවාහන මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
කළුතර ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුනේදී ජල සැපයුම සීමා කෙරේ
0
hp_train_0590
ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශ හරහා සහ දකුණු මුහුදු ප්‍රදේශයේ විටින් විට තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය පැවැතියත් උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි  ඇති ‍‍‍ විය හැකියි.   බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලද ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති වේ.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/09/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34258545ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව32248560සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.කොළඹ31268570වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29278575වැසි ස්වල්පයක්යාපනය33278055වැසි ස්වල්පයක් ඇති විය හැකමහනුවර30209570වැසි ස්වල්පයක්නුවරඑළිය20139080වැසි ස්වල්පයක් ඇති විය හැකරත්නපුරය33259070වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය3524     8045සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසිමන්නාරම31258570ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘රට පුරා හෙටත් වියළි කාලගුණයක්‘
1
hp_train_0591
(ඩයනා උදයංගනී)වැසි තත්වය තවදුරටත් පවතින අතර, බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.​
අද දවසපුරාත් තද වැසි
0
hp_train_0592
(විජේරත්න රත්නායක)                 එස්.එල්.එස්.තත්ත්ව සහතිකය නොමැති ආරක්ෂිත හිස්වැසුම් අලෙවි කළ බදුල්ල දිස්ත්‍රික්කයේ වෙළඳසැල් හිමියන් 10 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ.              මේ සම්බන්ධයෙන් එම කාර්යාලයීය නිලධාරීන් විසින් කරන ලද වැටලීම්වලට අනුව බදුල්ලේ  වෙළෙන්දන් සිව්දෙනෙකුට, බණ්ඩාරවෙල සිව්දෙනෙකුට හා වැලිමඩ දෙදෙනෙකුට මෙසේ නඩු පැවරීමට කටයුතු කර ඇත.              අදාළ වෙළඳසැල්වල අලෙවියට තිබූ ප්‍රමිතියෙන් තොර ආරක්ෂිත හිස්වැසුම් 56 ක් පමණ නිලධාරීන් විසින් සිය බාරයට ගෙන ඇති අතර දිස්ත්‍රික්කය පුරා තවදුරටත් මේ සම්බන්ධ වැටලීම් කෙරෙන බව එම කාර්යාලය පවසයි.                බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ අනුමැතිය හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් ප්‍රධානී කේ.ජී.දයා සමරකෝන් මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී අමිල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන ඒ.එම්.ඒ.බී.දිසානායක, ආර්.එම්.එන්.එම්.ගුණරත්න, ඒ.ආර්.එම්.ෆස්ලි, එස්.එම්.නජාත්, එන්.එම්.රිෆ්කි, එම්.මුත්තුසිවනු යන නිලධාරීහු අදාළ වැටලීම් සිදුකළහ.
අනුමැතිය නොමැති ලිහිසි තෙල් අලෙවි කළ 8 කට නඩු
0
hp_train_0593
(නාලක සංජීව දහනායක, පිටිගල ඩී.ජී. විජේසිංහ ඇල්පිටියේ සිට)ඡායාරූප ඉෂාන් සංජීවප්‍රේමදාස යුගයක් ගැන කතා කරමින් නැවත භීෂණකාරී යුගයකට රට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (8) ඇල්පිටියේ දී පැවැසීය.තැන තැන මිනිසුන් මරා දැමූ එවැනි භීෂණකාරී යුගයක් නිර්මාණය කිරීමට ඉඩ දෙන්නේ දැයි එක්සත් ජාතික පාක්ෂිකයන් පවා කල්පනා කර බැලිය යුතුයැයිද ඔහු කීය.ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ අවසන් ප්‍රචාරක රැළියට එක්වෙමින් හෙතෙම ඊයේ (8) මේ බව සඳහන් කළේය.ඇල්පිටිය බස්නැවතුම් පොළ භූමියේදී රැස්වීම පැවැත්විණි.විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් සියයට 70 වැඩි ප්‍රතිශතයකින් අපි ජය ගන්නවා. ජනාධිපතිවරණ ජයග්‍රහණයේ මගපෙන්වන මැතිවරණය මෙයයි. ඔබ ඇල්පිටිය ජයග්‍රහණය කරවන්න. ඊළඟට ආණ්ඩුවෙන් මේ ප්‍රදේශයට අපි හුඟාක් වැඩ කරනවා.අද එක්සත් ජාතික පක්ෂය කෑලිවලට කැඩිලා. ඔවුන් එකිනෙකාට බැණ ගන්න ආකාරය කුලල් කා ගන්නා ආකාරය අපි දැක්කා. ජනාධිපති මන්දිර කාර්මික විද්‍යාල බවට පත් කිරීම, බුලට් පෲෆ් වාහන ඉවත් කිරීම වැනි පොරොන්දු හැරෙන්නට රට ගොඩගන්න වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රටට කියන්නේ නැහැ.අද තියෙන්නේ එදා තියෙන එක්සත් ජාතික පක්ෂය නොවෙයි. රට යළිත් ප්‍රේමදාස යුගයකට ගෙනයාම ගැන අද කතාකරනවා. තමුන්නාන්සේලා නැවත ප්‍රේමදාස යුගයකට යන්න කැමතිද?ප්‍රේමදාස යුගයේදී දවසක්දා මම තංගල්ලේ ඉඳලා මාතර උසාවියට එනකොට මගදිගට 28 ක් මරා දාලා තිබුණා. අද වීරයෝ වගේ කතා කරන අය මරණයේ වළ ළඟදි බේරාගන්න එදා අපිට පුළුවන් වුණා. රට නැවත භීෂණකාරී යුගයකට ගෙනියන්න දෙන්න බැහැ.බැඳුම්කර වංචාවට අගමැතිවරයා පමණක් නොවෙයි මුළු ආණ්ඩුවම වග කියන්න ඕන. පසුගිය අවුරුදු පහේදී රට විනාශ වුණා. ජාතික සම්පත් විකුණා දැමීම අපි රටට ජාතික සම්පත් එකතු කරමින් රටට වටිනාකමක් දුන්නා. කොළඹ වරාය නගරය හදන්න මමත් චීන ජනාධිපතිවරයාත් මුල් ගල් තිබ්බා. මේ ආණ්ඩුව ඒ මුල්ගල ගලවලා මෙයාලගේ මුල්ගල් තිබ්බා. අද ඒ නගරයේ අයිතිය ගන්න හදන්නේ වත්මන් ආණ්ඩුවයි. අපි වරායත්, අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළ හැදුවා. ගමේ පාරවල් හැදුවා. මේ ආණ්ඩුව මොනවද රටට කළේ. මේ ගැන එක්සත් ජාතික පාක්ෂිකයනුත් කල්පනා කර බලන්න ඕන.ඇල්පිටිය ප්‍රාදේශීය සභාව අපි ඉහළින් දිනන්න ඕන. ජනාධිපතිවරණයෙන් ගෝඨාභය දින්නට පස්සේ ඒ ආණ්ඩුවේ රමේෂ්ලාත් ඉන්නවා.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ කීය.ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන කඳවුර කුමක්දැයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කෙරෙනවා. ඒ නිසා මෙම මැතිවරණය ජනාධිපතිවරණ චිත්‍රපටය ගෙන්වන ටේ්‍රලර් එකක් වගෙයි. ඇල්පිටියේ ජනතාව 11 වැනිදාට ඡන්ද පොළට යන්නේ තමන්ගේ පමණක් නොවෙයි ජාතියේම ඉරණම් කතාව ලිවීමේ අරමුණ ඇතිවයි.එක්සත් ජාතික පක්ෂය ඉඳලා ඉඳලා නියම කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක ප්‍රේමදාස මහත්තයා කියන කතා ඇහැව්වම ඔහු අඩුම තරමින් දහම් පාසල්වත් ගිහිල්ලා නැති බව තේරෙනවා. රනිල් ජනාධිපතිවරණ අපේක්ෂකයා වීම අපිට ලේසියි කියලා අපි හිතුවා. නමුත් ඔහු ආවානම් අපිට අමාරු වෙනවා.අපේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ රටේ විනය හදන ආකාරය කර්මාන්ත ගොඩ නගන ආකාරය රට දියුණු කරන ආකාරය ගැන කියනවා. කාටවත් මඩ ගහන්නේ නැහැ. තමන්ගේ ප්‍රතිපත්ති රටට ඉදිරිපත් කරනවා.අපිට ජනාධිපතිවරයෙක් ඕන රට දියුණු කරන්න මිසක් කතා කරන්න නෙමෙයි. සජිත්ට මේ රට සමාජය තේරෙන්නේ නැහැ. ඔහු නිකම් කියවනවා. රට දියුණු කරන ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ නැහැ.මහින්ද රාජපක්ෂ රජය යටතේ රට දියුණු වුණා. ආර්ථිකයේ අවස්ථාවන් බහුල වුණා. පාකිස්තාන් ජාතිකයෝ අපේ රටට රස්සාවල් හොයා ගෙන ආවා.රටට එල්ලවී තිබෙන තර්ජන මැඩ පැවැත්විය හැකි නායකත්වයක් අද රටට අවශ්‍යවී තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනාට සමගියෙන් ජීවත්විය හැකි රටක් බිහිකළ හැකි නායකත්වයක් අද රටට අවශ්‍යවී තිබෙනවා.සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව සුරක්ෂිතව ජීවත් විය හැකි ආරක්ෂිත රටක් නිර්මාණය කළ හැක්කේ ගෝඨාභයගේ නායකත්වය යටතේ පමණයි.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය.වත්මන් රජය යටතේ ග්‍රාමීය ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. කුරුඳු ආර්ථිකය මත යැපුණ මේ ප්‍රදේශයේ ජනතාව අද සුසුම් හෙළනවා. අනෙකුත් ග්‍රාමීය ආර්ථික බෝග වගා කරුවන්ගේ ජීවන තත්ත්වයත් එසේමයි.පොහොර සහනාධාරය කපාදැමීම හේතුවෙන් ගොවිතැන කඩාවැටිලා. පොහොර සහනාධාර ලබාදීමට නොහැකි තරමටම මේ ආණ්ඩුව බංකොලොත්වෙලා. ජනතාවට සහන සැලසිය නොහැකි මේ රජය වහාම ඉල්ලා අස්විය යුතුයි.අපේ රජය කාලෙ ආර්ථික බෝගවල මිල පහළ වැටෙන විට ඒවායේ මිල ස්ථාවර කරන්න ආණ්ඩුව මැදිහත්වුණා. මේ රජය එහෙම මැදිහත් වීමක් කරන්නේ නැහැ. ජනතාවගේ උවමනාවන් අනුව වෙළෙඳ පොළ මෙහෙය විය යුතු බව අපේ රජය විශ්වාස කළා.නමුත් මෙම රජය වෙළෙඳපොළට ප්‍රමුඛතාවයදී ජනතාව දෙවැනි තැනට දැම්මා.සජිත් ප්‍රේමදාස සොඳුරු දේශයක් නිර්මාණය කිරීම ගැන කතා කරනවා මිස රට ගොඩනගන සැලසුම් ඉදිරිපත් කරන්නේ නැහැ. ඔහුගේ කතා විශ්වාස කරන්න තරම් රටේ ජනතාව මෝඩ නැහැ.ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ පැවසීය.අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රදේශයේ  රැස්වීම් දෙකක් සංවිධානය කර තිබුණා. නමුත් සෙනඟ නැති නිසා ඔහු නැවත හැරී ගොස් තිබෙනවා. දකුණේ ජනතාව කවදත් නිවැරදි තීන්දු තීරණ ගන්නවා. ඒ නිසා මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතාව නිවැරදි තීන්දුව ගන්නා බව මා දන්නවා.මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම ජය ලබනවා. ඒ ජයග්‍රහණයේ පළමු පියවර තබන්නේ බෙන්තර ඇල්පිටිය ජනතාවයි.මේ ආණ්ඩුවේ තුන්වෙනි නායකයා හා හතරවන නායකයා ඉන්නේ මේ දිස්ත්‍රික්කයේ. නමුත් මෙහාට ඔවුන් මොනවත් කරලා නැහැ. මෙම ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දමන්න එජාප නායකයෝ නොයෙක් ආකාරයෙන් උත්සාහයන් ගත්තා. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවුණේ නැහැ. දැන් බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජනතා අධිකරණය හමුවට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියන දේවල් ජනතාව විශ්වාස කරන්නේ නැහැ. ඔහු කියන්නෙත් කවදාවත් කරන්න බැරි දේවල්.ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මොහාන් පී. ද සිල්වා මහතා මෙසේ පැවසීය.පසුගිය පළාත් පාලන මැතිවරණය පවත්වන මොහොතටත් වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට ශක්තිමත්ව තිබෙනවා. ඇල්පිටියේ ජනතාවගේ මනාපයෙන් බලයට පැමිණි ගයන්ත කරුණාතිලක මේ ආසනයට මුකුත්ම කළේ නැහැ. ඒ නිසා මේ ඡන්දයේදී ජනතාව ඔහුට පාඩම් උගන්වාවි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය එළඹෙන ජනාධිපතිවරණයේ පිළිබිඹුවක්. ඒ නිසා මෙම ප්‍රාදේශීය සභා මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට ජනතාව මග බලාගෙන සිටිනවා.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ කීවාය.ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17 ම මෙවර ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. මේ මැතිවරණයෙන් අපගේ ජයග්‍රහණය දැනටම පැහැදිලියි. ඇල්පිටිය නගරය දියුණු කරන්න අපි සැලසුම් හැදුවා. නමුත් ආණ්ඩු වෙනස නිසා ඒවා කරන්න බැරිවුණා.වත්මන් ආණ්ඩුවේ මෙහේ ඉන්න බලවතාට අඩුම තරමේ ඇල්පිටියට බෝක්කුවක්වත් හදාගන්න බැරිවුණා. ඔහුගේ පොරොන්දු ඇල්පිටියේ ජනතාවට සිහිනයක්ම පමණක් වුණා.හිටපු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමි හා රෝහිත අබේගුණවර්ධන, ආචාර්ය බන්දුල ගුණවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් පේ්්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද කතා කළහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහත්වරුද ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තරග වදින අපේක්ෂක අපේක්ෂිකාවෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
’’සීයට හැත්තෑව පන්නලා අපි ඇල්පිටිය දිනනවා’’
1
hp_train_0594
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) විටින් විට හො ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද හෙතෙම පැවසීය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. 
අද වැස්ස නෑ
0
hp_train_0595
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව කියයි.දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා පැයට කිලෝ මීටර්  60-70 පමණ දක්වා වූ නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 29/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258565වැසි ස්වල්පයක්.මඩකලපුව34278050අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30259570විටින් විට වැසි.ගාල්ල29249575විටින් විට වැසි.යාපනය33258565වැසි ස්වල්පයක්.මහනුවර27239580විටින් විට වැසි.නුවරඑළිය20149585විටින් විට වැසි.රත්නපුරය30249575විටින් විට වැසි.ත්‍රිකුණාමළය34278055අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570වැසි ස්වල්පයක්. 
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_0596
( රංජිත් රාජපක්ෂ )                         අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඩා ඇළ මාර්ගයකට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් මගියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් දික්ඔය මාණික්‍ය වත්තේ පදිංචි කාර්තික වරායන් සුන්දරම් (63) නැමති තිදරු පියෙකි.මරණකරු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට රැගෙන යන අවස්තාවේ ජිවිතක්ෂයට පත් වි ඇති බව පොලිසිය පැවසිය.හැටන් සිට මරණකරු පදිංචි වතුයාය දක්වා ත්‍රිරෝද රථය ධාවනය කරවන අවස්තාවේදී  ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන ත්‍රිරෝද රථය ඇළ මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බව පොලීසිය පැවසීය.ත්‍රිරෝද රථය අනතුරට පත්වන අවස්තාවේ ත්‍රිරෝද රථය තුල රියදුරා සමග මගින් තිදෙනෙකු ගමන් කර ඇති අතර , අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරා ඇතුළු මගින් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත. 
ත්‍රිරෝද රිය අඩි 50 ක් පහළට: දෙදෙනකුට තුවාල
0
hp_train_0597
උද්ධමනය, පසුගිය පෙබරවාරි මාසයේ පැවති සියයට 4.2 සිට මාර්තු මාසයේ දී සියයට 5.1 දක්වා ඉහළ ගියේය.මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේ දී පැවති සියයට 6.9 සිට පසුගිය මාර්තු මාසයේ දී සියයට 8.8 දක්වා ඉහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේ පැවති සියයට 1.9 සිට මාර්තු මාසයේ දී සියයට 2.0 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස පසුගිය පෙබරවාරි මාසයේ පැවති සියයට 5.5සිට මාර්තු මාසයේ දී සියයට 5.3 දක්වා පහළ ගොස් තිබේ.පසුගිය මාර්තු මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට -0.48ක් ලෙස වාර්තා වී ඇති අතර, ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල සිදු වූ පහළ යෑම මේ සඳහා හේතු වී තිබේ. තවද, මාර්තු මාසයේ දී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට -0.63ක් සහ සියයට 0.16ක් ලෙස වාර්තා වී ඇත. ඒ අනුව පසුගිය මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන් එළවළු, අමු මිරිස් සහ රතු ලූනු මිල ගණන්වල පහළ යෑමක් දක්නට ලැබුණි. මේ අතර, ප්‍රධාන වශයෙන්, ආපනශාලා සහ හෝටල් උප කාණ්ඩයේ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල ඉහළ යෑමක් පසුගිය මාර්තු මාසයේ දී වාර්තා වී තිබේ.වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය පෙබරවාරි මාසයේ දී පැවති සියයට 4.1 සිට මාර්තු මාසයේ දී සියයට 4.3 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය පෙබරවාරි මාසයේ දී පැවති සියයට 4.2 සිට මාර්තු මාසයේ දී සියයට 4.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. 
මාර්තු උද්ධමනය ඉහළට
1
hp_train_0598
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (24) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 15,330 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 14 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 3 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 12 දෙනකු සහ කාන්තාවන් 5 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ. 
කොවිඩ් මරණ 23 ක්
0
hp_train_0599
(ඩයනා උදයංගනී)දිවයිනේ ප්‍රදේශ රැසකට අද (10) සහ හෙට (11) දිනයන්හි විටින් විට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 80 පමණ වේගවත් තද සුළං ඇතිවන අතර උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 60 - 70 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.මීට අමතරව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (10) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. උතුරු පළාතේ මද වැසි ඇතිවන අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයෙදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් හෙට (11) පෙරවරුව තෙක් ධීවර කටයුතුවල නිරතවීම අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 -- 70 පමණ දක්වා ඉහළ යා හැකි බව එම ප්‍රකාශකයා පැවසීය.මන්නාරම සිට පුත්තලම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව ඔහු සඳහන් කළේය.මෙම මුහුදු ප්‍රදේශවල නාවුක කටයුතුවල යෙදීමේදී ද අවධානයෙන් කටයුතු කළ යුතු බව ඔහු කීවේය. 
අද රෑටත් මුහුදු යන්න එපා
0
hp_train_0600
( පැතුම් දර්ශන)හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අයවැය අද(26) ඉදිරිපත් කළ අවස්ථාවේ සභා රැස්වීමෙ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. සභාපති චාරුක උදයංග විජයරත්න මහතා විසින් අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කොට මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් පසු සංශෝධන වලට යටත්ව අයවැය සම්මත වූ බව පවසා හෙට(27) උදෑසන 10 වන තෙක් සභාව කල්තබා රැස්වීම් භූමියෙන් පිටව යාමත්, ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධයත් හේතුවෙන් මෙම උණුසුම්කාරී තත්වය ඇති විය. හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අය වැය පළමුවරට සභාපතිවරයා විසින් අද (26)දහවල් සභාවට ඉදිරිපත් කළේය.  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධය හමුවේ සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයෙ සියලු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටි.එම්.ඩිල්ෂාන්, ස්වාධින මන්ත්‍රි බණ්ඩාරවෙල සංඝානන්ද, සහ ප්‍රාදේශීය සභා ලේකම් වරයා සමග කාර්ය මණ්ඩලය ද එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර ඒ හේතුවෙන් තත්ත්වය තවත් උණුසුම් විය. සභාපති වරයා සභාවෙන් ඉවත් වුවද ලේකම්වරයා සිටිය යුතු බව  විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ ද එහිදී ප්‍රාදේශීය සභා ලේකම්වරයා පැවසුවේ සභාපති වරයා නොමැතිව සභාව පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ හේතුවෙන් තමන් ඇතුළු කාර්ය මණ්ඩලයට රැඳී සිටිය නොහැකි බවත් ය. අනතුරුව විපක්ෂ නායක සනත් කත්‍රිආරච්චි මහතා විසින් උප සභාපති ආර්. ජයතිස්ස මහතා වැඩබලන සභාපති වරයා ලෙස නම් කොට එතෙක් සභාපති චාරුක උදයංග විජයරත්න මහතා වාඩි වී සිටී සභාපති පුටුවේ වාඩි කිරීමට කටයුතු කල අතර පසුව ඔවුහු අදහස් දැක්වීම් ද සිදු කළහ. එහිදී අදහස් දැක්වූ උප සභාපති ජයතිස්ස මහතා මෙසේ කීය. " සභාපතිවරයා අයවැය ඉදිරිපත් කරලා ඉතාම නිර්ලජ්ජිත ලෙස සභාවෙ  න්‍යාය පත්‍රය අවසන් නොකර අයවැය සම්මත වූ බව කියමින් නැගිටලා ගියා. මේක නීතියානුකූලව අනුමත වුණේ නෑ. සභාවේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙක් මේ සඳහා සම්පූර්ණ විරුද්ධයි. සභාපතිවරයාගේ කූට වැඩවළට අපි ඉඩ තියන්නේ නෑ." විපක්ෂ නායක සනත් කත්‍රිආරච්චි මහතා ද මෙසේ කීය. " මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් අයවැයට විරුද්ධයි. අපි ඡන්දයක් ඉල්ලද්දී ඡන්දෙ නොදී පිළිකුල් සහගත විදිහට නැගිටලා ගියා සභාපතිවරයා. ඒත් එක්කම සභාවේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයත් නැගිටලා ගියා. පිළිකුල් සහගත ලෙස අපි මේක හෙළා දකිනවා. සභාපති වරයා මේ පුටුවෙන් ඉවත් කරන තුරු සටන අත හරින්නෙ නෑ අපි නීතියානුකුල ක්‍රියාමාර්ග ගන්නවා. මෙම චෝදනා සම්බන්ධයෙන් හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවෙ සභාපති චාරුක උදයංග විජයරත්න මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු මෙසේ කීය. " මම අයවැය ඉදිරිපත් කරලා ඒ   සඳහා සියලු මන්ත්‍රීවරුන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව ගරු උප සභාපති තුමා ගරු විපක්ෂ නායක තුමා ඇතුළු සියලු මන්ත්‍රීවරු ලිඛිතව හා වාචිකව මට අදහස් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව අදහස් ප්‍රකාශ කිරීමෙන් අවසානයේ 2012 අංක 21 දරණ පළාත් පාලන විශේෂ විධිවිධාන පනතට අනුව මා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය මන්ත්‍රීවරුන්ගේ යෝජනා හා අදහස් වලට එකගව සම්මත වූ අයවැයක් සේ නිවේදනය කොට සභාවේ වැඩ කටයුතු හෙට (27) උදෑසන 10 වනතුරු අඩාලව කල් තැබුවා. සභා රැස්වීම අඩාළව කල් තැබුවාට පස්සේ ලේකම්වරයා සභාවෙන් ඉවත් වුණාට පස්සේ ක්‍රියාත්මක වන රැස්වීම් නීතියානුකූල වන්නේ නෑ.
ඇල්පිටිය ප්‍රා.සභාව නොසන්සුන්
0