id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_0601
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍වන බවත් සෙසු  ප්‍රදේශවලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 29/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමඩකලපුව34268565සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකකොළඹ30259575වැසි වාර කිහිපයක්ගාල්ල28259585වැසි වාර කිහිපයක්යාපනය32278060වැසි ස්වල්පයක් ඇති විය හැක.මහනුවර28229570වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක්නුවරඑළිය20139580වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක්රත්නපුරය31249580වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමලය33249065සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමන්නාරම32278570වැසි ස්වල්පයක් ඇති විය හැක.
‘පළාත් කිපයකට හෙට දවසේ වැසි‘
0
hp_train_0602
 ජයන්ත සමරකෝන් අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොවැම්බර් 24 වැනි සෙනසුරාදා පෙරවරු 8.00 සිට 25 වැනි දා අලුයම 2.00 දක්වා පැය 18ක කාලයක් කොළඹ හා ඒ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.කොළඹ දෙහිවල ගල්කිස්ස කෝට්ටේ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ සොයිසාපුර නිවාස සංකීර්ණය ජල සැපයුම අත්හිටුවීමට නියමිත ප්‍රදේශ බවද එම මණ්ඩලය සඳහන් කරයි.ජල සැපයුම අත්හිටුවීමෙන් සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කනගාටුව පළකර සිටී.
හෝකන්දරට පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි
0
hp_train_0603
(සුජිත් හේවාජුලිගේ, කොලොන්නේ පී.ආර්. ගමගේ, දාපනේ ජයන්ත නානායක්කාර ඇඹිලිපිටියේ සිට...)රට පුරා නැවත බෝම්බ පිපිරීමට පටන් ගත්තේ මේ ආණ්ඩුව ජාතික ආරක්‍ෂාව සහමුලින්ම අමතක කර දැමූ නිසා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇඹිලිපිටියේ දී පැවැසීය.බුද්ධිමත් ජනතාවක් සිටින මේ සුන්දර දිවයින ආසියාවේ දැවැන්තයකු කිරීම අභියෝගයක් නොවන බව කී රාජපක්‍ෂ මහතා මේ රට දියුණු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් විද්වතුන් සමග එකතු වී හඳුනාගෙන ඇති බව ද ප්‍රකාශ කළේය.විරැකියාව දුරු කිරීමටත් නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බව ද ඔහු කීය.රාජපක්‍ෂ මහතා මෙසේ පැවැසුවේ ඇඹිලිපිටිය නව නගරය පොළ භූමියේ දී පෙරේදා (21) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන මැතිවරණ ජනහමුව අමතමිනි.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොලොන්න ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර සනී රෝහණ කොඩිතුවක්කු මහතා ජන රැලිය සංවිධානය කළේය.ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙයට අමතරව රක්වාන, ගොඩකවෙල, මාදම්පේ හන්දිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැවැති මැතිවරණ ජන රැලිවලට ද සහභාගි විය.ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී මෙසේ ද පැවැසීය.අප එදා මේ රටේ ත්‍රස්තවාදය අවසන් කළා. යුද්ධය අවසන් වූවාට පසුවත් අප හොඳ ආරක්‍ෂක වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක කළා. පාස්කු ඉරුදින නැවතත් බෝම්බ පුපුරන්න පටන් ගත්තා. මේ ආණ්ඩුව ජාතික ආරක්‍ෂාවට තැනක් දුන්නේම නැහැ. බුද්ධි අංශ නිලධාරින්, රණවිරුවන් හිරේට දැම්මා. රටේ බෝම්බ පුපුරන්න ගත්තේ මේ නිසයි. අප ත්‍රස්තවාදය නැති කළේ අවුරුදු දෙකහමාරකින්. සුරක්‍ෂිත රට ගොඩනැගිය හැක්කේ අපට පමණයි.අප අධිවේගී මාර්ග, වරායන් සහ ගුවන්තොටුපළවල් ඇති කළා. කොළඹ ආසියාවේ ශීඝ්‍රයෙන් දියුණු වන නගරය බවට පත් කළා. අද රටේ ව්‍යාපාර සියල්ල කඩා වැටිලා. මේ නිසා රැකියා ලක්‍ෂ හතරක් පමණ නැති වුණා. මේ අයට නිසි සැලසුම්ක නැහැ. නිසි දැක්මක් නැහැ. ඒ වගේම ශක්තිමත් කණ්ඩායමක් නැහැ. අප බලයට පත් වී බුද්ධිමතුන් සමග එකතු වී මේ රටේ ප්‍රශ්න හඳුනා ගන්නවා. අපට මේ රට දියුණු කරන්න පුළුවන්. දියුණු කළ හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන තියෙනවා. මේ රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. එවැනි රටක් දියුණු කිරීම අපහසු නැහැ.අප අධ්‍යාපනයට වැඩිම ආයෝජනය කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. තොරතුරු තාක්‍ෂණ අංශයෙන් අපට ලොකු දියුණුවක් අත්කර ගන්න පුළුවන්. රැකියා විශාල සංඛ්‍යාවක් බිහි කරන්න පුළුවන්.අපට මේ රටේ කෘෂිකර්මාන්තය අමතක කරන්න බැහැ. රටින් සහල් එනකම් අපිට බලාගෙන ඉන්න බැහැ. රට සහලින් ස්වයං පෝෂිත කරනවා. අප ගොවි ණය කපා හරිනවා. ගොවීන්ට පොහොර ටික නොමිලයේ දෙනවා. අප කිසිම භෝගයක් පිටරටින් ගේන්න දෙන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයකු කළ යුතුයි. ගොවියාගේ ආදායම් වැඩි කිරීමට කටයුතු කරනවා.දේශිය ව්‍යාපාර නැංවීමට සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. වැට් බද්දත් අඩු කරනවා. විරැකියාව දුරු කරන්නත් අපට වැඩපිළිවෙළක් තියෙනවා. මම ඔබලා පවරන වගකීම උපරිම ශක්තියෙන් ඉටු කරනවා. සුරක්‍ෂිත, සෞභාග්‍යමත් රටක් ඔබලාට ලබා දෙනවා කියලා මම පොරොන්දු වෙනවා.විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා:ඇඹිලිපිටිය මට අමුතු තැනක් නොවෙයි. මෙතැන එදා තිබුණේ මඩ වළක්. මම ගෝඨාභයට කිව්වම එතුමා මේ ලස්සන ගොඩනැගිල්ල හදලා දුන්නා. මේ පැත්තෙ තරුණයන් කී දෙනකු එදා මරල දැම්ම ද? සූරියකන්ද ඔබට මතක ඇති. ඔබලාට මැරිච්ච ගාණ මතක ද? කවුද මැරුවේ. ප්‍රේමදාස ආණ්ඩුව. ආපහු ප්‍රේමදාස ආණ්ඩුවක් ඕන ද? තරුණයන්ට ජීවත් විය හැකි යුගයක් උදා කළ යුතුයි. අපේ කාලයේ රටේ බෝම්බ පිපිරුවේ නැහැ. පල්ලිවලට බෝම්බ ගහලා හාරසිය ගණනක් මැරුණා. මේ ආණ්ඩුව බෝම්බ පුපුරනකම් බලාගෙන හිටියා. අද මිනිසුන්ට පල්ලි යන්න, පන්සල් යන්න, කෝවිල් යන්න බයයි. මුස්ලිම් ඡන්ද නැතිවෙයි කියලා කිසිම අපරාධකරුවෙක් ඇල්ලුවේ නැහැ. අද ජාතියක් බයවෙලා රටක් බයවෙලා.සජිත්ගේ ඩයිනමෝව හොඳයිලු. දැන් කළ යුත්තේ දේශපාලන විහිළු නොවෙයි. ගෝඨාභය වැඩ කරන්න පුළුවන් නායකයෙක්. මම ගෝඨාභය පත් කළේ සියලු දෙනාගෙන් අහලයි. අපි කරපු සෑම වැඩක්ම අද ආපස්සට හැරිලා. හයිවේ එක නැවතුණා. හම්බන්තොටට ගුවන් තොටුපළ, වරාය ආවම දියුණු වුණේ මේ ප්‍රදේශයි. මෙය සශ්‍රික ආසනයක්. අද කුරුඳු කීය ද? පැඟිරි කීය ද? අද බී ලූනු කොහොම ද? ලූනු කනව ද?එක්සත් ජාතික පක්‍ෂයේ පතාක යෝධයෝ අද අපේ පැත්තට එනවා. සියයට 70කට වැඩි ප්‍රතිශතයකින් ගෝඨාභය දිනවන්න කියලා මම ඉල්ලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අපට එකතු වුණා. ඒනිසා සියයට 70ට පහසුවෙන් යන්න පුළුවන්. මේක වැඩ බැරි ආණ්ඩුවක්. වැඩ බැරි පුද්ගලයකුට මේ රට දීලා වැඩක් නැහැ.මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:-ගුරුකන්ද නායක හිමියන් විහාර භූමියේ ආදාහනය කරන්න බැරි තත්ත්වයක් ඇති වුණා. මෙහෙම වෙද්දී සජිත් මොකද කළේ කියලා මම අහනවා. අද වෙළඳාම කඩා වැටිලා. කර්මාන්ත කඩා වැටිලා. කඩා වැටුණු රට ගොඩගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකියාව තියෙනවා. ඔබගේ ඡන්දය ගෝඨාභය රාජපක්‍ෂට දෙන්න සංවර්ධනය ඉහළ ගියේ මහින්ද යුගයේදීයි.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:-සජිත් ප්‍රේමදාස අද දූෂිතයන් ගැන කතා කරනවා. ඔහු අද ඉන්නේ දූෂිතයන් පිරිවරාගෙනයි. ඒ සියලු දෙනාගේ දූෂිත ගනුදෙනු ඔහු දන්නවා. දුප්පතාගෙන් බදු ගැනීම සියයට 85 දක්වා වැඩි කළා. පොහොසතුන්ගේ බදු සියයට 15 දක්වා අඩු කළා. ඔය සජිත් මේවාට විරුද්ධව කටක් ඇරිය ද?ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:-ගෝඨාභය කියන්නේ අන්තවාදය පොඩි පට්ටම් කළ හැකි නායකයෙක් රටට සුරක්‍ෂිතභාවය දෙන නායකයෙක්. රට පාවා නොදෙන නායකයෙක්. එවැනි නායකයකු ප්‍රසූත කරන්න මවුබිම විළිරුදාවෙන් පෙළෙන මොහොතක්. වින්නඹුකම් කිරීම ඔබට බාරයි. සහරාන්ලාට යට නොවන නායකයකු අපට අවශ්‍යයි. මව් පොළව එක නීතියක් යටතට ගේන නායකයකු අද අපට අවශ්‍යයි. අපේ උරුමයට පණ දෙන නායකයකු මේ මව් පොළව අද ඉල්ලනවා. අද තියෙන්නේ කඳවුරු දෙකයි. රට රැක ගත්තු කඳවුර අපේ කඳවුරයි. අනෙක් කඳවුර සහරාන්ලාට පණ දීපු එකයි ත්‍රස්තවාදීන්ට පණ දීපු කඳවුරයි. ටයර් සෑයවල් ගෙනාපු කඳවුරයි. අපේ ලී ක්වාන් යු ගෝඨාභය රාජපක්‍ෂයි. අපේ මහතිර් මොහොමඞ් මහින්ද රාජපක්‍ෂයි.රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා:-ලබන 17 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ නියත වශයෙන්ම ජනාධිපති වෙනවා. සෑම මැතිවරණයකින්ම රත්නපුර ජයග්‍රහණය කරනවා. අද මේ රටේ ආර්ථිකය පිරිහිලා. හැම අංශයකින්ම පිරිහිලා. අද ගම්මිරිස් ගොවියා හාන්සියි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වී ගොවියාට සියලුම සහන දෙනවා.හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා:-යහපාලන ආණ්ඩුව ඇවිත් මේ රටේ ආර්ථිකය විනාශ කර දැමුවා. අප මේ රටේ කරපු සංවර්ධනයත් විනාශ කර දැම්මා. අද ගම්මිරිස් මිල කීය ද? අප රත්නපුරයට අධිවේගී මාර්ග ගේන්න ලැහැස්ති කරලා තිබුණේ. වැඩිහිටි ගිණුමෙනුත් රුපියල් සියයක් කපපු ආණ්ඩුවක්. පල්ලිවලට බෝම්බ ගහද්දී මේ ආණ්ඩුව බලාගෙන හිටියා. රණවිරුවන්, බුද්ධි අංශ නිලධාරීන් බුරුතු පිටින් හිරේට දැම්මා.රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය.ඇල්පිටිය ඡන්දයෙන් එක්සත් ජාතික පක්‍ෂය සියයට විසි හතරට බැස්සා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකතු වුණාම අපේ ප්‍රතිශතය සියයට හැත්තෑවයි. ඇල්පිටිය වගේම තමයි ඇඹිලිපිටිය මහින්ද මහත්තයා දීපු පොහොර සහනාධාරය මේ අය ඇවිල්ලා කපා දැම්මා. වගකීමක් ගන්න බැරි ආණ්ඩුවකට රට බාර දෙනවා ද? පිටරටින් ගම්මිරිස් ගෙනවිත් අපේ ගම්මිරිස් වගාව විනාශ කර දැම්මා. තරුණයන් දහස් ගණනක් ටයර් සෑයේ යැව්වේ ඔය පුතාගේ අප්පොච්චියි.රත්නපුර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා:-තව දින විසි පහකින් මේ යහපාලන රජය පෙරළා දමනවා. රත්නපුර ගෝඨාභයට තියෙන්නේ ස්ථාවර ගිණුමක්. නොවැම්බර් 17 වැනිදා යන්න ලැහැස්ති වෙයල්ලා කියලා අප සජිත් ප්‍රේමදාසට, රනිල් වික්‍රමසිංහට කියනවා. කරපු වැරදිවලට දඬුවම් විඳින්නත් සූදානම් වෙයල්ලා.රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා:-ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටට කරපු සේවය අප කවුරුත් දන්නවා. මහින්ද යුගයේ සිදුවුණු සංවර්ධනයත්, අප කවුරුත් දන්නවා. කොළඹ වරාය නගරය, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ඔහු කරපු සංවර්ධන වැඩවලින් කිහිපයක්. මහ බැංකු හොරකම කළේ රනිල් වික්‍රමසිංහ පාලනයයි.කොලොන්න ආසන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු මහතා.ඔබලාගේ දහදියට නියම වටිනාකම දුන්නේ මහින්ද රාජපක්‍ෂයි. අප කොලොන්න ආසනය එදා දිනවූයේ වැඩි ඡන්ද තිස්හය දහසකින් අප මෙවර ගෝඨාභය දිනවන්නේ ඊට වැඩි ලොකු ශක්තියකින්.
“මමත් රාජ්‍ය සේවකයෙක් නිසා ඔවුන්ගේ දුක් ගැහැට වෙන කාටත් වඩා හොඳට මට තේරෙනවා“
0
hp_train_0604
(විජේරත්න රත්නායක )ඉකුත්(24)දා වැඩි ඡන්ද එකකින් පරාජයට පත්වූ බදුල්ල මහ නගර සභාවේ 2019 වසර සඳහා වූ මුදල් ප්‍රකාශය අද (31) යළි දෙවන වරටත් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එක් ඡන්දයකින් පරාජය විය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව බලය පිහිටුවා ඇති බදුල්ල මහ නගර සභාවේ සභා රැස්වීම් ශාලාවේදී අද (31) බදුල්ල මහ නගරාධිපති ඩබ්.ඩී.ප්‍රියන්ත අමරසිරි මහතා අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව සිදුකෙරුණු විවෘත ඡන්ද විමසීමේදී පෙර පරිදිම නගරාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 07 දෙනෙක් සහ උප නගරාධිපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 05 දෙනාද වශයෙන් සභාවේ ආණ්ඩු පක්ෂය අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 09 දෙනාද,  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනාද ඇතුළත් නගර සභාවේ විපක්ෂය සහ මේ වන විට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස  කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී බාලගේ ආතර් සිල්වා මහතාද වශයෙන් සභිකයින් 13 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 12 ක් සහ විරුද්ධව ඡන්ද 13 ක්ද ලැබීමෙන් බදුල්ල මහ නගර සභාවේ 2019 වසර සඳහා වූ මුදල් ප්‍රකාශය දෙවන වරටද වැඩිඡන්ද  01 කින් පරාජයට පත්විය.
බදුල්ල මහා නගරසභාවේ අය වැය පරදී
0
hp_train_0605
බස්නාහිර පළාතට විටින් විට වැසි ඇති වන අතර දකුණු සහ සබරගමුව පළාත්වල වැසි වාර කීපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.සවස 04.00 න් පමණ පසු අනෙකුත් පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249060සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමඩකලපුව32268560සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිකොළඹ31259065විටින් විට වැසිගාල්ල30259080වැසි වාර කීපයක්  යාපනය32268570ස්ථාන ස්වල්පයක සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමහනුවර29229570සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිනුවරඑළිය21139570සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිරත්නපුරය31249575වැසි වාර කීපයක්  ත්‍රීකුණාමළය34259065සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමන්නාරම32259075වැසි ස්වල්පයක්  
‘ඉදිරි 24 පැයේ කාලගුණය‘
0
hp_train_0606
 (අංජුල මහික වීරරත්න, තුෂිත කුමාර සිල්වා)”රටේ ජාතික ධනය ගිල දැමූ හම්බන්තොට වරාය නම් සුදු අලියාගෙන්’’ වැඩ ගැනීම දැන් අරඹා ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අලූත්ගම දී පැවැසීය.‘‘සංවර්ධනය නම් ආයුධයෙන් වැඩ ගැනීමට නම් පටුබේද අතහැර රට ගැන සිතා වැඩ කළ යුතු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ අලූත්ගම කන්දේ විහාරයේ ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.අලූත්ගම කන්දේ විහාරයට පැමිණි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විහාරාධිපති බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ආගමික වතාවත්වල යෙදුණේය.විහාරාධිපති හිමියන් විසින් විහාරස්ථ විෂ්ණු දේවාලයේදී අගමැතිවරයාට සෙත්පතා ආශිර්වාද පූජාවක් ද පැවැත්වූ අතර අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනයක්ද පැවැත් වූහ.ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.අද දිනයේ ආශිර්වාද පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කන්දේ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලූම ස්වාමීන් වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා. අද මේ විහාරස්ථානයට බෞද්ධ, මුස්ලිම්, කතෝලික සියලූම බැතිමතුන් පැමිණ සිටිනවා.අද ආලෝක පූජාවක්ද කළා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අපේ ජාතික ආණ්ඩුව කළුතර දිස්ත‍්‍රික්කයටත් එවැනිම පූජාවක් කිරීමට සැරසෙනවා. කළුතර දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීම ඒ පූජාවයි.මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පොදු අපේක්ෂක ලෙස ගෙන එමින් එතුමාගේ සහයෝගය ඇතිව අප ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රට ණය උගුලෙන් බේරාගෙන සංවර්ධනය කරා ගෙන යාම සඳහායි.නියඟය, ජල ගැලීම් සහ ඩෙංගු ආදී ව්‍යසන හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය අඩාල වනු ඇතැයි බියක් ඇතිව තිබුණා. නමුත් පසුගිය වර්ෂයට සමාන හෝ ඊට වඩා වැඩි හෝ ආර්ථික වර්ධන වේගයක් මේ අවුරුද්දේදී ළඟා කරගත හැකි බව මහ බැංකුව ප‍්‍රකාශ කරනවා. ඒ ආර්ථිකය වර්ධනය සඳහා දායක වූ සියලූම දෙනාට මා ස්තුතිවන්ත වන අතර නියඟය හේතුවෙන් පීඩාවට පත් කෘෂිකාර්මිකයන්ට මගේ කනගාටුව පළ කරනවා. නිසි කලට වේලාවට වර්ෂාව ලැබෙනවා නම් රටේ ආර්ථිකය මීට වඩා ශක්තිමත් කළ හැකි බව මගේ මතයයි.මේ දිස්ත‍්‍රික්කයේම ඇමැතිවරයකු වන වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ ඇමැතිතුමාත්, වරාය අධිකාරියත්, චයිනා මර්චන්ට් සමාගමත් හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුමට අස්සන් කළා. මේ හරහා විශාල ප‍්‍රශ්න ගණනාවක් විසඳුණා.හම්බන්තොට වරායේ අලාභය වෙනුවෙන් පසුගිය වසර කිහිපයේ බිලියන 46x47ක් පමණ වියදම් කළා. මේ මුදල් රජයට ඉතිරිව තිබුණා නම් සියලූම දෙනාට නොමිලයේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට තිබුණා. එසේත් නැතිනම් රටේ අධ්‍යාපන කටයුතු සඳහා යොදවන මුදල 60%කින් වැඩි කිරීමට හැකියාව තිබුණා. බිලියන 46x47ක් වැනි ප‍්‍රමාණයක් බිලිගත් මේ සුදු අලියා නිසා කිසිවක් කර ගැනිමට හැකියාව ලැබුණේ නැහැ.අප වැඩ කළ යුත්තේ රටට වාසිදායක වන ආකාරයටයි. ඩොලර් මිලියන 1.1ක් මේ වනවිට ගෙන තිබෙන නිසා ණය ගෙවීමේ හැකියාව දැන් අපට තිබෙනවා. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළත් වසර අවසන් වනවිට නිසි කළමනාකාරිත්වය යටතට පත් කිරීමට අවශ්‍ය කටයුතු ගුවන් සේවා අධිකාරියටත්, අදාළ අනෙක් සමාගම් එක්ව මේ වනවිට කරමින් පවතිනවා. අදාළ සාකච්ඡා ඉදිරියේදී පවත්වන බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මා සමග පැවැසුවා.මත්තල ගුවන් තොටුපොළත් නිසි කළමනාකාරිත්වය යටතට පත් කළොත් ගුවන් සේවා අධිකාරියේ ලාභය ඉහළ යනවා. ඇත්ත වශයෙන්ම කොළඹ වරායට සහ කටුනායක ගුවන් තොටුපොළට, මත්තල ගුවන් තොටුපොළෙහි සහ හම්බන්තොට වරායේ පාඩුව වෙනුවෙන් ගෙවීමට වුණා. අපේ නව ක‍්‍රමවේදය යටතේ හම්බන්තොට වරාය ආදායම් ලබන වරායක් බවට පත් කිරීමෙන් පසුව ඉන් ඇති වන දියුණුව හම්බන්තොටට පමණක් සීමා වන්නේ නැහැ. එහි විශාල වාසියක් කළුතරට සහ ගාල්ලට ලැබෙනවා. ඒ ප‍්‍රධාන වරාය දෙකක් අතර මැද මේ කලාපය පිහිටා තිබෙන නිසයි.මා සිතන ආකාරයට ඉන්දියන් සාගරයේ විශාලතම වරාය වන කොළඹ වරාය එක් පැත්තකින් සහ අනෙක් පැත්තෙන් හම්බන්තොට වරාය පිහිටා තිබීමත් ඒ වගේම කටුනායක ගුවන් තොටුපොළ එක් අන්තයකින් සහ අනෙක් අන්තයෙන් මත්තල ගුවන් තොටුපොළ පිහිටා තිබීමත් නිසා සියල්ලට මැදි වූ ප‍්‍රදේශය ලෙස කළුතර විශාල දියුණුවක් ලබනවා.මහ නගර සංකල්පයට අනුව කොළඹ නගරය සංවර්ධනය කිරීමට අප සැලසුම් කර තිබීම හේතුවෙන් කර්මාන්තකරණය කොළඹින් බැහැර කළුතර ප‍්‍රදේශයේත්, අවිස්සාවේල්ල, ඉංගිරිය, හොරණ, බණ්ඩාරගම ආදී ප‍්‍රදේශවලත් වෙනවා. ඒවගේම දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම් ආරම්භ කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමටද බලාපොරොත්තු වෙනවා.කර්මාන්ත කලාප ඇති කිරීමේ පළමු වැඩසටහන මිල්ලනිය ප‍්‍රදේශයේ ආරම්භ කළා. ඒ සඳහා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයාට ස්තුති කළ යුතුයි. මිල්ලනිය වැනි අක්කර 600ක් - 700ක් පමණ විශාල භූමි ප‍්‍රමාණය කර්මාන්ත කලාපයක් අවිස්සාවේල්ල ප‍්‍රදේශයෙන්ද වෙන්කර ගැනීමේ අවශ්‍යතාවක් පවතිනවා. එවැනිම තවත් කර්මාන්තපුරයක් රයිගම් පුරවරයේ ද ආරම්භ කරමින් පවතිනවා. කර්මාන්තකරණය ව්‍යාප්ත වනවිට ඒ දියුණුව මේ ප‍්‍රදේශවලත් ගලා එනවා.කර්මාන්තකරණය පදනම් කර ගනිමින් සංවර්ධනය ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. කළුතර, අවිස්සාවේල්ල, හම්බන්තොට, මොණරාගල ලෙස විශාල කර්මාන්ත කලාප දෙකක් ඇති කිරීමට මා සූදානම්.ඒ වගේම බේරුවල සිට මාතර දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එය ආරම්භ කරන්නේ බෙන්තර, දෙද්දුව ප‍්‍රදේශයේයි. සංචාරක කලාප ඇති කිරීම මගින් බෞද්ධ, කතෝලික, මුස්ලිම් සිද්ධස්ථාන වලද දියුණුව ඇති වෙනවා.අප ආරම්භ කරන සංවර්ධන වැඩසටහන කොළඹට හා දකුණට පමණක් සීමා වී නැහැ. සංවර්ධන සැලැස්ම මහනුවර සිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත හරහා කොළඹටත් ඉන්පසුව එය දකුණු පළාත හරහා මොණරාගල ප‍්‍රදේශයටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම කෑගල්ලට සහ රත්නපුර දිස්ත‍්‍රික්ක සඳහා තවත් වාසියක් ලැබෙනවා.බස්නාහිර සහ දකුණු පළාත් යා කරන අතර මැද කලාපය ලෙස ඒ ප‍්‍රදේශයේ විශාල දියුණුව ඇති කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම හුදෙකලා වී තිබෙන සිංහරාජ අඩවියේ මැතිවරණ කොට්ඨාස පහ පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට මා තීරණය කළා. ඒ අනුව අගලවත්ත සහ බුලත්සිංහල ප‍්‍රදේශයන්වල කොටසක් ද ඊට ඇතුළත් වෙනවා.එසේ නම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1977 ආරම්භ කළ මහවැලි ව්‍යාපෘතියෙන් පසුව මෙරට වන විශාලතම සංවර්ධන සැලැස්ම වන්නේ මහනුවර සිට වැල්ලවාය, මොණරාගල දක්වා ඇති කරන සංවර්ධන ව්‍යාපෘතියයි. සියලූ වැඩ කටයුතු ආරම්භ කරන්නේ ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනිීමෙන් අනතුරුවයි.මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අනෙකුත් පක්ෂත් එකතු කරගෙන ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටට වැඩ කිරීම සඳහායි. විරැුකියාව ආදි රටේ ප‍්‍රධාන ගැටලූ සම්බන්ධයෙන් සටන් නොකර පක්ෂ අතර සටන් කිරීමෙන් පළක් වන්නේ නැහැ.ඒවගේම රටේ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති ලෙස පොළොන්නරුව, රජරට ව්‍යාපෘති ද ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පිබිදුණු පොළොන්නරුව, මොරගහකන්ද, මල්වතුඔය ව්‍යාපෘති ආරම්භ කෙරුණා.නැගෙනහිර පළාතේ ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම පිළිබඳව පළාතේ මහ ඇමැතිවරයා සමග මා ඊයේ දිනයේදී සාකච්ඡා කළා.ඒ වගේම ත‍්‍රිකුණාමලය නගරය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සිංගප්පූරුවේ ප‍්‍රධානතම සැලසුම් ආයතනය වන සුබානා ජුරොං ආයතනය යටතේ කරනවා. මීට අමතරව නුරවඑළිය, බදුල්ල සහ උතුරු පළාත පිළිබඳව අවධානය යොමු කරනවා. මහනුවර සංවර්ධනය හරහා මාතලේ ප‍්‍රදේශයත් සංවර්ධනය කෙරෙනවා.රටේ තරුණ තරුණියන්ට අදට වඩා හොඳ අනාගතය ලබාදීම වෙනුවෙන් මේ සංවර්ධන සැලසුම් සියල්ල ක‍්‍රියාත්මක කරනවා. තරුණ තරුණියන්ට යුද බිය, ණය බර නැති ආර්ථිකයක් දිය යුතුයි. මේ වැඩ කටයුතු කිරීම සඳහාත් මේ වන විට රටේ පැතිර යන ඩෙංගු උවදුර දුරුවීමටත් කන්දේ විහාරයේත් විෂ්ණු දෙවියන්ගේත් ආශිර්වාදය අප ප‍්‍රාර්ථනා කරන අතරම කන්ද විහාරයේ නායක ස්වාමීන් වහන්සේට මා දීර්ඝායුෂ පතනවා යයිද,” රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.ගිහි පැවිදි විශාල පිරිසක් පිංකමට සහභාගි වී සිටියහ.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අලූත්ගම කන්දේ විහාරයට ගොස් විහාරාධිපති බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දැක විහාරයේදී ආගමික වතාවත්වලට ද යෙදුණේය.
’මහින්දගේ ණය කන්ද පියවා අඳුර දුරලනවා’ - අගමැති
0
hp_train_0607
(හර්ෂණ තුෂාර සිල්වා) රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය.   රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර මැයි මස 11 වැනිදා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.29ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය.  මේ වසරේ ජනවාරි 1 වැනිදා මැයි 11 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.   රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් (11) සඳහන් කළේය.  පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.    (ඡායාරූප රොයිටර්)  
රුපියල අවප්‍රමාණය ඉහළට
0
hp_train_0608
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) විටින් විට හො ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද හෙතෙම පැවසීය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. 
වැසි වාර කීපයක් අදත්
0
hp_train_0609
(නාලක  සංජීව දහනායක)ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් එළියට බැසීමේ තීරණය තවදුරටත් කල් දැමීමෙන් අලියා ගිල්ල දිවුල් ගෙඩියට සිදුවූ දෙයම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටද සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (20) පැවසීය.ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්වීමට හොඳම දවස පක්‍ෂය උත්පත්තිය ලැබූ සැප්තැම්බර් මස 2 වැනිදා යැයිද කීය.ඒකාබද්ධ විපක්‍ෂය විසින්  විසින් බොරැල්ල, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (20) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා රටට ආදරය කරන පිරිස්වලින් අපි ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන් එළියට එන්න කියලා. එය දෙසැම්බර් මස 30 වැනිදා දක්වා කල් දමන්න එපා. දැන් මේ ආණ්ඩුව තිබෙන්නේ මරියානා අගාදයේයි. ආයේ ගොඩ ඒමක් නැහැ. ඒ නිසා අපේ පක්‍ෂය උත්පත්තිය ලැබූ සැප්තැම්බර් මස 2 වැනිදා  මේ නැවෙන් බහින්න හොඳම දවසයි. අපිත් එක්ක එකතු වෙන්න එපා. මේ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවෙන් එළියට බහින්න. ඒ තීරණය තවදුරටත් කල් දැම්මොත් අලියා ගිල්ල දිවුල් ගෙඩියට වූ දෙය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් වේවි.ජාතික ආණ්ඩුව වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ක්‍ෂයේ මහලේකම්වරුන් දෙදෙනා විසින් අත්සන් තැබූ ගිවිසුමේ නිල කාලය දෙසැම්බර් 31 වැනිදා අවසන් වන බව ජනවරමක් නැතුව ආණ්ඩුවට එක්වී සිටින මගේ පක්‍ෂයේ කිහිප දෙනෙක් ප‍්‍රකාශ කරනවා. මෙය සම්පූර්ණයෙන්ම වැරැදි මතයක්. ඒ ගිවිසුමට අත්සන් තැබුවේ 2015 අගෝස්තු මාසේ 21 වැනිදායි. එම අවබෝධතා ගිවිසුම වසර දෙකක කාලයකට වලංගුවන බව ඒ ගිවිසුමේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලික ප‍්‍රතිපත්තිවලට එරෙහි ගමනක ආණ්ඩුව යෙදෙන නිසා වසර දෙකේ කාලය නිමවූ වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අභ්‍යන්තරයෙන්ම කතාවක් මතු වී තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න අපිටත් බලපාල තිබෙන්නේ ඒ කාරණයමයි.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂයට විකල්පයක් වශයෙනුයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා රාජ්‍ය නායකයා වීම නිසා මේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති අනුව ආණ්ඩුව ගෙනයාවි යැයි සමහරු හිතුවා. එහෙම හිතල කොටසක් ආණ්ඩුවට එකතු වුණා. නමුත් මේ ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති නොවෙයි.මේ ප‍්‍රතිපත්ති තීන්දු කරන්නේ කවුද? අද ආණ්ඩුවේ මූල්‍ය ප‍්‍රතිපත්ති තීරණය කරන්නේ අර්ජුන් මහේන්ද්‍රන්. සෞඛ්‍ය ප‍්‍රතිපත්ති තීරණය කරන්නේ නෙවිල් ප‍්‍රනාන්දු. අධිකරණ ප‍්‍රතිපත්තිය තීරණය කරන්නේ හුසේන් කුමාරයා. බුකීකරුවන් ක‍්‍රිකට් ප‍්‍රතිපත්තිය තීරණය කරන බව අර්ජුන රණතුංග ඇමතිවරයා කියනවා. එල්.ටී.ටී.ඊ ඩයස් පෝරාව ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය තීරණය කරනවා.රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය තීරණය කරනවා. එක්සත් ජාතික පක්‍ෂය සමඟ මේ තීරණය දින නියමයක් නැතිව කරගෙන යන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායමකට අවශ්‍යතාවක් තිබෙනවා. උතුරුමැද හා ඌව පළාත් සභාවලදී අපි දැක්කේ ඒකයි. පළාත් සභා පනත උල්ලංඝනය කරලා ඌව පළාත් සභාවේ මහ ඇමැතිධුරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදුන්නා. මේවා වැරැදියි. මේ දේවල් ඇතුළේ තිබෙන දේශපාලනය අපි කියවා ගත යුතුයි.එමෙන්ම 25 වැනිදා අඟහරුවාද විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වෙන සයිටම් විරෝධී ජනරැලියට ඒකාබද්ධ විපක්‍ෂය සහභාගී වෙනවා. මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැ`දවුම්කරු ළහිරු වීරසේකර ශිෂ්‍ය නායකයා නිදහස් කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. ඔහු ඇතුළු සියලූම සිසු නායකයන් කිසියම් රාජ්‍ය විරෝධී කටයුත්තක නිරත වෙනවානම් ඒ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන්න. ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ මේ ආණ්ඩුවට රුධිරයෙන් තිබෙන වෛරයට නැවතීමේ තිත තබන ලෙසත් ඉල්ලීමක් කරණවා.රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත්වීම ගැන පුවත්පත් දෙකක් ප‍්‍රධාන ශීර්ෂ පාඨය ලෙස වාර්තා කර තිබුණා. මෙය මුළුමනින්ම මාධ්‍ය විසින් නිර්මාණය කළ අසත්‍ය කතාවක්. තමන්ගේ දේශපාලන මතවාදයේ කිසිදු වෙනසක් නැති බව ඔහු තමන්ගේ නිවේදනයේ අවසානයේ සඳහන් කරනවා. ඒ නිසා මේ පුවත නිවැරැදි කරන්න කියලා අදාළ පුවත පළකළ පුවත්පත්වලින් ඉල්ලීමක් කරනවා.මේ වනවිට විදේශගතව සිටින මන්ත‍්‍රීතුමා තවත් පැය හතළිස් අටකින් ලංකාවට එනවා. ඒ අනුව ඔය ප‍්‍රවෘත්තියට තියෙන වටිනාකම නැතිවෙලා යාවි. ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය වෙනුවෙන් කොන්දේසී විරහිතව පෙනී සිටින නායකයෙක්. අපේ සමීපම සගයෙක්. කිසිලෙසකත් ඔහු ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය අත්නොහරින බව වගකීමෙන් ප‍්‍රකාශ කරන බවද පැවසීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.පළාත් පාලන ආයතන ඡන්දය ලබා ගැනීම, ජනතාවගේ පොදු කාරණයන් යථා තත්ත්වයට පත් කිරීමට නියෝජිතයන් පත්කර ගැනීම වෙනුවෙන් එ්කාබද්ධ විපක්ෂය දිගින් දිගටම පෙනී හිටියා. ආණ්ඩුව විවිධ බාධාවන් අතරමඟ ඇති කරමින් අවසානයේ පළාත් පාලන ඇමැතිවරයා පළාත් පාලන සීමාවන් නව මැතිවරණ ක‍්‍රමය යටතේ පවත්වන්නැයි ගැසට් කළා.ඒ අනුව මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය පවරා තිබෙනවා. මැතිවරණ කොමිසම ජන්දය පටන් ගන්න වෙලාව, ඡන්දය ගණන් කරන ස්ථානය ආදී මැතිවරණ කොමිසමේ පරිපාලනය සම්බන්ධ සුළු සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත වූ විගස මැතිවරණය පවත්වන බව දේශපාලන පක්ෂ කැඳවූ අවස්ථාවක ප‍්‍රකාශ කළා. මෙම සංශෝධන ඒකමතිකව සම්මත කිරීමට අපි එකඟතාව පළකළා. මෙය සම්මත කිරීමට පැය භාගයක කාලයක් ගතවේවි. නමුත් ආණ්ඩුව ඒ අවස්ථාව මගහැරියා. මේ ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිම වුවමනාවක් නැති බව මින් පෙන්නුම් කරනවා. ඇතැම්විට ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුව මැතිවරණ සම්බන්ධව තවත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි.‍ඒ අනුව පළමුවැනි දවසේ විශේෂයෙන් තිබුණු කාර්යයන් නවතා පනත ඉදිරිපත්කර සම්මත කරන්නයි කිව්වත් ආණ්ඩුව මගහැරියා. ඒ වෙනුවට මාසේ අන්තිම සතියේ වේලාවක් දෙන බව කිව්වා. මේ සියල්ලෙන් පැහැදිලිවන්නේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය මේ වසරේ නොපැවැත්වීමෙන් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය අහෝසි කරන කි‍්‍රයාවලියට ආණ්ඩුව දැන් බැහැලා. සමහරවිට තව සංශෝධන ගේන්න උත්සාහ කරයි.එමෙන්ම මැතිවරණ පැවැත්වීමට අලූතෙන් ගෙන ඒමට අවශ්‍ය සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැතිවරයා කැඳවා තිබෙන රැස්වීම්වලට අපි සහභාගී වන්නේ නැහැ. මේ සාකච්ඡාවලින් සිදුවන්නේ මැතිවරණ කල් දැමීමයි.නොවැම්බර් මස අවසන් සතියේ සිට දෙසැම්බර් මස දක්වා කාලය තුළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් මැතිවරණ නොපවත්වන බව මැතිවරණ කොමසාරිස්වරයා පක්‍ෂ නායකයන්ට ප‍්‍රකාශ කළා. ආණ්ඩුවේ මේ වැඩ පිළිවෙළ නිසා මේ අවුරුද්දේ ඡුන්දේ තියන්න බැරිවේවි. මැතිවණය කල් දැමීමට ආණ්ඩුව කුමන්ත‍්‍රණයක නිරතව සිටිනවා. මැතිවරණ නොපැවත්වීම නිසා පොදු මහජන සේවාවන් සියල්ලම කඩාවැටිලා. පළාත් සභා මැතිවරණයත් කල්දැමීමට ආණ්ඩුව පළාත්සභා පනත සංශෝධනය කරමින් සිටිනවා. තවම අපි ඒ පනත දැකල නැහැ. ඉදිරියේ පැවැත්වීමට නියමිත උතුරු මැද, සබරගමු හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටින්නයි ආණ්ඩුව මේ කුමන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කරමින් සිටින්නේ. මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් දිවයින පුරාම විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙනවා. මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවට එරෙහිව පක්ෂ බේදයකින් තොරව එකතුවන ලෙස අපි ඉල්ලා සිටිනවා.නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යයටත්, බුදු දහමටත් සිදුවන බලපෑමට එරෙහිව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් නිකුත් කළ නිවේදනයට ඒකාබද්ධ විපක්‍ෂය එකඟතාවය පළ කරනවා. ඒ මතය වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය දිගටම කටයුතු කරනවා. යම් අවස්ථාවක තීරණාත්මක මොහොතක් ආවොත් අපි ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වෙනවා.ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂවලට විවිධ ප‍්‍රතිපත්ති තියෙනවා. පොදුවේ ආණ්ඩුව මාතෘ භූමියට එරෙහිව ගන්නා කි‍්‍රයාමාර්ගවලට එරෙහිව අපේ මන්තී‍්‍රවරුන් පනස් දෙදෙනාම පෙනී සිටිනවා. ඒ අනුවයි අපි  දිගටම කටයුතු කරන්නේ.  ආණ්ඩුව කලින් අපිට අභියෝග කළා. ඒත් මැයි දිනයට සහභාගීවූ ජන ගංගාව දැකලා ඒකට බියවෙලා අපිට අභියෝග කරන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය බෙදිලා, පුපුරා යයි වගේ ප‍්‍රවෘත්ති පුවත්පත්වල පළවෙනවා. එහෙත් එවැන්නක් සිදුවන්නේ නැතැයි ද පැවසීය.
මහ පක්ෂ දෙක බෝලය පාස්කරගන්නේ නැතිව පළාත් පාලන ඡන්දය පවත්වන්න
0
hp_train_0610
(අනීෂා මානගේ)මෙරට නිෂ්පාදනය කරන ලද බෙහෙත් කොටන ගිනිඅවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (27) බූන්දල ජාතික වනෝද්‍යානය තුළදී අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරීහු පැවැසූහ.බූන්දල ජාතික වනෝද්‍යානයට අයත් විල්මැන්න ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙදෙනා බූන්දල තිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වනජීවි නිලධාරීහු කියති.
මාදුරුඔයට දඩයමේ ගිය තුනක් අල්ලයි
0
hp_train_0611
විදේශ කටයුතු ඇමති රවි කරුණානායකට එරෙහිව ආණ්ඩුවෙන් කැරැල්ලක් මතුවෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇති බවට කියවෙන කතා දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රබලයන් අතර සාකච්ඡාවට බදුන් වී ඇතැයි සඳහන් වෙයි.බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ කරුණුවල සම්බන්ධයෙන් රවි කරුණානායක ඇමැතිවරයාට එල්ල වූ චෝදනා හා එම චෝදනාවලට වක‍්‍රව හා ඍජුව ආණ්ඩුවේ ශි‍්‍රලනිප ඇමැතිවරුන් දැක්වූ ප‍්‍රතිචාර ඉකුත් දින කිහිපය පුරා මහත් ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව තිබිණ.කෙසේ වෙතත් රවි කරුණානායක වෙනුවෙන් එජාප ඇමැතිවරුන් හෝ ඉදිරිපත් නොවීම ඉකුත් දිනවල දක්නට ලැබුණු සුවිශේෂ ලක්ෂණයක් බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.බැඳුම්කර සිද්ධියේ කරුණුවල රස්නය පහව යන්නටත් පෙර විදේශ කටයුතු ඇමැතිවරයාට තවත් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවූයේය. ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රවි කරුණානායක ඉදිරිපත් කර තිබූ කැබිනට් පති‍්‍රකා තුනක්ම බහුතර විරෝධයෙන් ප‍්‍රතික්ෂේප කෙරිණ.රවි කරුණානායක ඇමැතිවරයාගේ කැබිනට් පති‍්‍රකා තරමක් ආන්දෝලනාත්මක වි තිබිණ. ඔහු එක් පති‍්‍රකාවකින් සිය නිල නිවස ලෙස භාවිත කිරීමට කොළඹ යුනියන් පෙදෙසෙහි පිහිටි විසුම්පාය ඉල්ලා තිබිණ. විසුම්පාය ප‍්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනෙකුගේම නිල නිවස බවට පත්ව තිබිණ.චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ විදේශ කටයුතු ඇමැති අනුර බණ්ඩාරනායකගේ නිල නිවස වූයේ විසුම්පායය. ඔහුට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී විදේශ කටයුතු ඇමැතිධුරය අහිමි වුවද විසුම්පාය අහිමි වූයේ නැත.අනුර බණ්ඩාරනායක ඇමැතිවරයා මිය යන තෙක්ම ජීවත්වූයේ විසුම්පාය නිල නිවස බවට පත්කර ගනිමිනි. ඉන්පසුව අග‍්‍රාමාත්‍යධුරයට පත් දී.මු. ජයරත්නගේ නිල නිවස වූයේද විසුම්පායයි. අග‍්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිත කිරීම නිසා අගමැති දී.මු. ජයරත්නට විසුම්පායට යන්නට සිදුවිය. ඉන්පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයට පත්වූ පසුව විසුම්පාය නිල නිවසක් ලෙස භාවිත කිරීමට අවස්ථාව නොදීමට ආණ්ඩුව කටයුතු කළේය.හිටපු ජනාධිපති මහින්ද රාජපක් නිල නිවසක් ලබාදිය යුතුව තිබූ අතර ඒ වනවිටත් සුදුසු නිවසක් සොයා ගැනීමට කල්ගත වෙද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසුම්පාය තමාට ලබා දෙන්නැයි ඉල්ලා තිබිණ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ එම ඉල්ලීම කාරුණිකව ප‍්‍රතික්ෂේප කර තිබුණේ විසුම්පාය වෙනත් රාජකාරියක් සඳහා භාවිත කළ යුතු බව කියමිනි.ඒ අනුව මහින්ද රාජපක්ෂට ද විසුම්පාය අහිමි විය. ඉකුත්දා කැබිනට් පති‍්‍රකාවක් සම්මත වී තිබුණේ විසුම්පාය විශේෂ සංචාරක නිකේතනයක් ලෙස සංවර්ධනය කිරීමටය. එම කැබිනට් පති‍්‍රකාව සම්මත කිරීමට ඇමැති රවි කරුණානායකද කැබිනට් රැස්වීමේදී එකඟතාව පළකර තිබිණ. එවන් තත්ත්වයක් තිබියදීත් රවි කරුණානායක විසුම්පාය ඉල්ලා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළේය.‍එහිදී එය ප‍්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කරුණු දැක්වීමක් කර තිබිණ. ”විසුම්පායේ හිටියේ ජී.එල්. පීරිස් ඇමැතිතුමා, දී.මු. ජයරත්න අගමැතිතුමා, අනුර බණ්ඩාරනායක ඇමැතිතුමා වගේ අයයි. හැබැයි අවාසනාවකට වගේ මේ කවුරුත් අද දේශපාලනයේ නැහැ. ඒ නිසා ඔබතුමා එතනට යන්න එපා’’.  යැයි ජනාධිපතිවරයා කී කතාවට ඇමැතිවරු සිනාසුනහ.ඇමැති දයාසිරි ජයසේකර ද කතාවට හවුල් වූයේය. ”රවි කරුණානායක ඇමැතිවරයා තවදුරටත් දේශපාලනයේ ඉන්න  ඕනේ. ඒ නිසා විසුම්පායට යන්න එපා.” යැයි දයාසිරි ජයසේකර කීවේය. රවි කරුණානායක ඇමැතිවරයාගේ අනෙක් කැබිනට් පත‍්‍රිකාව වූයේ විදේශ කටයුතු ඇමැතිවරයාට කාර්යමණ්ඩල ප‍්‍රධානී තනතුරක් අලූතින් ඇති කිරීමටය. ඊටද කැබිනට් ඇමැතිවරු දැඩි විරෝධයක් දැක්වූහ. ජනාධිපතිවරයාට ඊටද මැදිහත් වන්නට සිදුවිය. ”කාර්ය මණ්ඩල ප‍්‍රධානී තනතුරු තියෙන්නේ ජනාධිපතිටත් අගමැතිටත් පමණයි. මෙහෙම දෙන්න ගියොත් අනෙක් ඇමැතිවරුන්ටත් දෙන්න වෙයි.” යැයි ජනාධිපති කී කතාවට අනෙක් ඇමැතිවරුද හූ මිටි තියන්නට වූහ.එවිට ජනාධිපති කාටද තවත් එවැනි තනතුරු අවශ්‍ය යැයි ප‍්‍රශ්න කළේය. ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇමැතිවරු බහුතරයක් අත් ඔසවූහ. ඇතැම් ඇමැතිවරු අත් දෙකම ඔසවාගෙන සිටියහ.ඉන්පසුව සාගල රත්නායක ඇමැතිවරයා අදහස් දක්වන්නට විය. ”මම අගමැතිතුමාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී. හැබැයි මම වැටුපක් ගන්නේ නැහැ.” යැයි සාගල ඇමැතිවරයා කී කතාව මැදට මංගල සමරවීර ඇමැතිවරයා පැන්නේය. ”ඔබතුමාට පඩියක් නැතිවුණාට කාමරයක් තිබෙන බව නම් ආරංචියි” යැයි මංගල විහිළුවක් කළේය. රවිගේ අනෙක් කැබිනට් පති‍්‍රකාව වෙනත් කාරණාවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබිණ.නවදිල්ලි නුවර වන්දනා මධ්‍යස්ථානය ශී‍්‍ර ලංකා මහබෝධි සමාගමට පැවරීම එම කැබිනට් පති‍්‍රකාවෙන් යෝජනා කර තිබිණ. නවදිල්ලි නුවර පිහිටි වන්දනා මධ්‍යස්ථානය ශී‍්‍ර ලංකාවට ලබාදී ඇත්තේ ශ්‍රීනේරුතුමාය. ශ්‍රීනේරුතුමා ශ්‍රී ලංකාවට ත්‍යාගයක් ලෙස එම වන්දනා මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පවරා දී තිබිණ. එදා සිට එහි පාලන කටයුතු සිදුවනුයේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගිනි. බානගල උපතිස්ස නාහිමියන්ගේ නායකත්වය යටතේ තිබෙන ශ්‍රී ලංකා මහබෝධි සමාගමට එම බෞද්ධ වන්දනා මධ්‍යස්ථානය පවරා දීමේ කැබිනට් පති‍්‍රකාව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම මීළඟ කැබිනට් රැස්වීම දක්වා කල් තැබීමටද කැබිනට් මණ්ඩලය තීන්දු කෙරිණ.ආණ්ඩුව පෙරළා දැමීමට නම් කළ යුතු ප‍්‍රධාන කාර්යයන් තුනක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමු වී ඇතැයි ඇමැති රාජිත සේනාරත්න චෝදනා කරයි. ”මහින්ද රාජපක්ෂ එයාගේ කට්ටිය ගෙනත් රහස් සාකච්ඡාවක් තියලා තිබෙනවා. ඒකෙදි කරුණු තුනක් ගැන කිව්වා. හම්බන්තොට වරාය ගිවිසුම අහෝසි කරන්න  ඕනේ. සයිටම් ආයතනය වහන්න  ඕනේ. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දෙන එක නතර කරන්න  ඕනේ ඔන්න ඔය කියපු දේවල් නතර කළොත් එක විදේශ ආයෝජකයකු හෝ ලංකාවට එන්නේ නැහැ. එතකොට ආණ්ඩුව වැටෙනවා යැයි මහින්ද රාජපක්ෂ කියලා තිබෙනවා. ඒක තමයි මේ ඔක්කොම කරන්නේ. ඒත් ඒක හීනයකැයිද” රාජිත සේනාරත්න සඳහන් කරන්නේය.පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයකදී පැවැත්විය යුතු බවත් ඒ සඳහා පනත සංශෝධනය කළ යුතු බවටත් ආණ්ඩුව කළ ප‍්‍රකාශය ගැන ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ මහත් කලබලයකට පත්ව සිටිති. ”මේක වංචාවක්.පනත සංශෝධනය කරන මුවාවෙන් පළාත් සභා ඡන්දයත් කල් දාන්න මේ අය හදනවා. එහෙම කළොත් අපි නඩු දානවා. පළාත් පාලන ඡන්දය කල් දැම්මා. ඊට පස්සේ පළාත් සභාවත් කල් දාන්න තමයි මේ අය හදන්නේ. ඒකට ඉඩ දෙන්නේ නැහැ.” යැයි ඉකුත්දා පැවැති රැස්වීමකදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ කරුණු දක්වා සිටියහ. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම සඳහන් කරනුයේ පළාත් සභා පනත යටතේ ඡුන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට බලයක් තිබෙන බවය. ඒ අනුව කිසියම් පළාත් සභාවක නිලකාලය අවසන් වූ වහාම ඒ ඒ පළාත් සභාවේ ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිසම කි‍්‍රයා කළ යුතුය. දැනටමත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කර ඇත්තේ නැගෙනහිර, සබරගමුව හා උතුරුමැද පළාත් සභා ඡන්දය ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බවය.මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ලහි ලහියේ සූදානම් වනුයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය. ආණ්ඩුවට සියලූම පළාත් සභාවල ඡන්දය එකවිට තිබීමට අවශ්‍ය නම් එය කළ හැකි යැයි ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව සබරගමුව නැගෙනහිර හා උතුරුමැද පළාත් සභාවල නිලකාලය නිමවීමත් සමඟම අනෙකුත් කාලය නිම නොවූ සභා ද විසුරුවා හැරිය හැකි නොවේදැයි මහින්ද දේශප‍්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.‘‘පළාත් සභා මැතිවරණය එකම දවසක පැවැත්වීම හොඳ වැඩක්. වියදම, ජනතාවගේ කාලය ඉතිරි වෙනවා. ආණ්ඩුව එවැනි තීන්දුවක් ගත්තා නම් ඒක හොඳයි. හැබැයි පනත් සංශෝධනය කරන්න කාලයක් ගතවෙන නිසා විකල්පය තෝරා ගතහැකි යැයි ද’’ දේශප‍්‍රිය සඳහන් කරයි.මැතිවරණ කොමිසම මීට ඉහත දී සූදානම් වූයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටය. එහෙත් මැතිවරණ කොමිසමේ ප‍්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ ‘‘මේ යන හැටියට පළාත් සභා ඡන්දය කලින් එන්න ඉඩ තිබෙනවා. ඒ නිසා අපි ඡන්ද දෙකටම  ඕන වෙලාවකට සූදානම් වෙලයි ඉන්නේ’’ යනුවෙනි.ගෙවීගිය සතිය පුරාම ආණ්ඩුවට හිසරදයක් වී තිබුණේ රටපුරා වර්ජන රැල්ලක් ඉස්මතුවීමය. වෛද්‍යවරුන්, තෙල් සේවකයින්, වරාය සේවකයින්, සයිටම් විරෝධීන්, ශිෂ්‍ය සංවිධාන ඇතුළු වෘත්තීය හා වෙනත් සංවිධාන විටින්විට විරෝධතාවල නිරතවීම නිසාත් ආණ්ඩුවට එය පාලනය කිරීමට අපොහොසත්වීම නිසාත් රටතුළ අර්බුද ගණනාවක් ඉස්මතු වී තිබිණ. කෙසේ වෙතත් වර්ජන රැල්ල මුළුමනින්ම පාලනය කිරීමේ හැකියාවක් හෝ නතරකර ගැනීමේ හැකියාවක් හෝ ආණ්ඩුවට නැතැයි ද දේශපාලන විචාරකයෝ සඳහන් කරති. සයිටම් අර්බුදය මේ වනවිට ගැටලූ රැසක් නිර්මාණය කර ඇති අතර එය ලිහාගත නොහැකි නූල් බෝලයක් බවට පත්වෙමින් තිබෙන බවද දේශපාලන විචාරකයන්ගේ අදහසය.ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව චෝදනාකර ඇත්තේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය හරියාකාරව පවතින හෙයින් සියලූ දේ උපරිමයෙන්ම සිදුවනබවටය. එම නිසා වෘත්තීය සමිති සම්බන්ධයෙන් මීට වඩා තද ක‍්‍රියාමාර්ග ගතයුතුව තිබූ බවට ඇතැම් පාර්ශ්ව නොනිල මට්ටමින් ආණ්ඩුවට උපදෙස් ලබා දී තිබිණැයි ද වාර්තා වේ. ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබගෑනියේදී ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු ආණ්ඩුවට ඍජුවම චෝදනා කළහ.‘‘මේ ආණ්ඩුව මැරයෝ යොදවලා කොලොන්නාවේ තෙල් සේවකයන්ට පහර දෙනවා. මේක යහපාලනය ද’’ ආදී දේ කියමින් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කරද්දී කිසියම් පිරිසක් කොලොන්නාවේ තෙල් සේවකයන්ට එළව එළවා පහරදෙමින් සිටියහ.එල්ටීටීඊ සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බවට යුරෝපා සංගමයේ අධිකරණය තීන්දු කර තිබිණ. යුරෝපා සංගමයේ ඉහළ පෙළේ අධිකරණයක් එම තීන්දුව ලබාදී තිබුණ ද ඒ ගැන ක‍්‍රියා නොකරන බවට ඉකුත් දා අවධාරණය කළේය. ‘‘එල්ටීටීඊ සංවිධානය තවදුරටත් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස පවතීවී. එම සංවිධානය ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අදහසක් තවම නැහැ’’ යුරෝපා සංගමය දන්වා සිටියේය.එල්ටීටීඊ සංවිධානය ඉකුත් 2009 වසරේ ලැබූ පරාජයෙන් පසුව ගෙවීගිය වසර ගණනාවක කාලය තුළ කිසිදු ප‍්‍රහාරයක් හෝ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් සිදුකර නැතැයි ද යුරෝපා සංගම් අධිකරණය හමුවේ කරුණු අනාවරණය වී තිබිණ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් මාලාව මෙමස 22 වැනි දා සිට රට පුරා ආරම්භ කෙරිණි. එම රැස්වීම් මාලාවේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ එක් රැස්වීමක් පැවැත්වුණේ දිවුලපිටියේදීය. දිවුලපිටිය සණස ශාලාවේ පැවැති එම රැස්වීමට ප‍්‍රසන්න, ජොන්ස්ටන්, ඉන්දික, කංචන, සනත්, රණවීර ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් සහභාගී වී සිටියහ.ඔයා තාම බේරිලා ඉන්නවා නේද? ප‍්‍රසන්න දුටු ජොන්ස්ටන් ඇසුවේය. රිමාන්ඞ් එක ළඟටම ගිහින් හැරිලා ආවට තවම නම් කරදරයක් නැහැ, ප‍්‍රසන්න පැවසීය.ඔයත් අවදානම් කලාපයේ ඉන්නහින්දා පරිස්සමෙන් ඉන්න. දවසින් දවස පිරිහෙමින් යන හින්දා දැන් ආණ්ඩුවේ ලොක්කෝ වියරු වැටිලා ඉන්නේ. තියෙනවාටත් වඩා ලොකු මර්දනයක් ඉදිරියේ දී ක‍්‍රියාත්මක වෙයි, ජොන්ස්ටන් කීවේය.ඒක නම් ඇත්ත. ආණ්ඩුවට දැන් කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ, සනත් පැවසීය. මර්දනයෙන් අපිව බය කරන්න හදනවා නම් ආණ්ඩුවට වැරැදිලා. අපි මර්දනයට බය මිනිස්සු නෙමෙයි, ප‍්‍රසන්න කීවේය. ඒ කතාව නම් හරියටම හරි. මර්දනයට බය නම් අද අපිත් ඉන්න  ඕනේ ආණ්ඩුවේ ඇමැතිලා වෙලා. මහින්ද මහත්තයා වටේ ඉන්නේ මර්දනයට තර්ජනයට බය පිරිසක් නෙමෙයි, කංචන පැවසීය.‘‘එක්සත් ජාතික පක්ෂයේ මර්දනය ගැන අපි තරම් හොඳට දන්න අය නැහැ. එදා අපි බිල්ලෝ ගැන අහලා තිබුණට දැකලා තිබුණේ නැහැ. භීෂණ කාලේදී එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ අපිට බිල්ලෝ පෙන්නුවා. අපි සුදු වෑන් ගැන අහලා තිබුණට දැකලා තිබුණේ නැහැ. හැබැයි මේ යහපාලන ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න සුදු වෑනුත් අපි දැක්කා, ප‍්‍රසන්න කීවේ සිනාසෙමිනි.මහින්ද මහත්තයට එල්ල කරපු චෝදනා සේරම අද යහ පාලන ආණ්ඩුවටම පාරාවළල්ලක් වෙලා, රණවීර පැවසීය. තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ, ප‍්‍රසන්න කීවේය. මේ රැස්වීම්වලට එනවා කියලා අපිටත් විනය පරීක්ෂණ තියයිද දන්නේ නැහැ, සනත් ඇසුවේය. සමහර මහලේකම්ලා හිතාගෙන ඉන්නේ විනය පරීක්ෂණ තියලා සේරම විසඳන්න පුළුවන්. එහෙම නම් මුලින්ම විනය පරීක්ෂණ තියන්න  ඕනේ පක්ෂේ සභාපතිවරයාට විරුද්ධව. එයා තමයි එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයටයි, මැයි දිනයටයි ගිය එකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා, ප‍්‍රසන්න පැවසීය. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම 25 වැනි දා පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේදීය.ඒ මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙනි. හම්බන්තොට වරාය විකිධෑම, ඛනිජ තෙල් සංස්ථාවේ ආරම්භ කර ඇති වර්ජනය ගැන මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. එම රැස්වීමට පැමිණි මහින්ද ඊට පෙර දිනයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයකදී ප‍්‍රසන්න පිළිතුරු දුන් ආකාරය ගැනය ප‍්‍රසංසා කළේය. එහිදී ප‍්‍රසන්න කියා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පංච මහා බලවේගය පෙරටු කොටගත් පක්ෂයක්, අද එම පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේම පංච මහා බලවේගයටම පාරට බහින්නට සිදුව ඇති  බවත්ය.ඔයා පංච මහා බලවේගය ගැන කියපු එක හරියටම හරි, ඇත්තටම දැන් ඒක තමයි වෙලා තියෙන්නේ, මහින්ද පැවසීය.17 2017 ජූලි මස 28 වැනිදා සිකුරාදා රවීජංජාලයක  මහජන සභාව නමින් නව සිවිල් සංවිධානයක්මහජන සභාව නමින් නව සිවිල් සංවිධානයක් පිහිටුවා තිබේ. කොළඹ නාරාහේන්පිට ධර්මායතන විහාරස්ථානයේදී ඉකුත් ජුනි මස 01 වැනි දින එම සංවිධානය ස්ථාපිත කර තිබේ. සභාපතිවරයා ලෙස උලපනේ සුමංගල හිමියෝ ද ලේකම්වරයා ලෙස ජනිත් විපුලගුණ නව සංවිධානයට පත්ව සිටිති. නව සංවිධානයේ ක‍්‍රියාකාරීන් සඳහන් කරනුයේ කරුණු ගණනාවක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මහජන සභාව ස්ථාපිත කළ බවය.සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය එන්න එන්නම දුර්වල වෙනවා. ඒ නිසා රටට නව සංවිධානයක් අවශ්‍යයි. තමන් දේශපාලනයෙන් තොරව ආණ්ඩුවලට බලපෑම් කරනවා යැයි ද ඔවුහු කියති.‘‘ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවන්ගෙන් බැහැර වූ විනය ගරුක පාලනයක්, මතින් තොර සාමකාමී සමාජයක්, මාදුළුවාවේ සෝභිත හිමියන් පැතු මාවත ඉදිරියට ගෙන යාම, වර්ගවාදී භාවිතයන් පිටුදැකීම පාරිසරික සංරක්‍ෂණය, දුෂණයෙන් වංචාවෙන් තොර හා විනිවිද භාවයෙන් යුතු පාලනයක් වෙනුවෙන් හඬ නැගීම නව ව්‍යාපාරයේ අරමුණ බවද සංවිධාකයෝ පවසති’’ පොරොන්දු කඩකරන පාලකයන් නිවැරැදි කරවා ගැනීම පාලකයන්ට නව යෝජනා ඉදිරිපත් කිරීම සමාජ සංවර්ධනයට ඍජුව හෝ වක‍්‍රව දායකවීම නව සංවිධානයේ තවත් අපේක්‍ෂා බවද ඔවුහු කියති.නව සංවිධානය මේ වනවිට උතුරු නැගෙනහිර ඇතුළු සියලූ දිස්ත‍්‍රික්කවලම කමිටු පිහිටුවා තිබේ. මහාචාර්ය ජිනසේන කටුපොත, ලැසිල් ද සිල්වා, සුනන්ද දේශප‍්‍රිය, ක්ෂණිකා හිරිඹුරේගම ඇතුළු පිරිසක් නව සංවිධානයේ කටයුතු කරති. මහින්දගේ රහස් සාකච්ඡාව  (කස්තුරි)
රටේ සම්පත් විකුණනවා: රට අගාධයට යනවා
0
hp_train_0612
 (අනීෂා මානගේ)තංගල්ල නගරසභාවේ මන්ත්‍රී අනිල් සෙල්ලාහැන්නදි (එ.ජ.නි.ස) මහතාට පසුගිය වසරේ ජූනි මස සභාවාරයේ මාසික දීමනාව ගෙවීමේ ගැටළුවක් සම්බන්ධයෙන් දකුණු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ බව කියන ලිපියක් හේතුකොටගෙන අද (17) පැවැති තංගල්ල නගරසභාව උණුසුම් වී සභාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති විය.තංගල්ල නගරසභාවේ මන්ත්‍රී අනිල් සෙල්ලාහැන්නදි මහතාට පසුගිය වර්ෂයේ ජූනි මාසයේ රැස්වීම් සඳහා නිවාඩු අනුමත නොවූ බව දන්වා කොමසාරිස්වරයාට ලිපියක් යවා ඇතැයි සභාපතිවරයා කීවේය. මේ සම්බන්ධයෙන් සභාවෙන් වැරැද්දක් වී තිබෙනවා නම් එය පිළිගෙන එම මාසයේ සභික දීමනාව ලබා දීමට කටයුතු කරන බවද සභාපති කීවේය.කෙසේ වුවද එම ලිපියෙහි හම්බන්තොට නගරාධිපතිවරයා මුල්කරගෙන පලාත් පාලන කොමසාරිස්වරයා ලබා දී ඇති නිර්දේෂ සම්බන්ධයෙන් තමා එකඟ නොවන බවද අනෙක් මන්ත්‍රීවරුන්ට එම මාසයේ ලබා දුන් දීමනාව යළි ලබා දෙන ලෙසද කොමසාරිස්වරයා එවූ ලිපියෙහි සඳහන් බව සභාපතිවරයා කීවේය.වැරැදිකාරයෙක් වෙලා හිරේ ගියාම දීමනාව ලබා දෙනවා නම් මොකක්ද මේ රටේ තත්ත්වය යැයි සභාපතිවරයා ප්‍රශ්න කළේය. රැස්වීම පැවැති දිනයේ අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයා සැඟවී සිටි බව සභාව දන්නා බවද ඔහු කීය.සභාපතිවරයා සහ අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයා අතර බහින්බස් වීමක් ඇති වූ අතර සභාපතිවරයා අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයාට සභා ගැබෙන් පිටව යන ලෙස කීවේය . ඉන් අනතුරුව සභාපතිවරයා සභාව කල්තබන බව කියා සභාගැබෙන් පිටව ගියේය.  උප සභාපති මොහොමඩ් ශිරාස් (එ.ජා.ප) මහතා පැයක කාලයකට සභාව කල් තැබුවේය.විනාඩි පහළොවකට පමණ පසු නැවත සභාපතිවරයා සභාවට පැමිණි අතර තමාට තවදුරටත් සභාව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය බැවින් අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයාට සභාගැබෙන් පිටතට යන ලෙස දැන්වූයේය.එසේ නොමැති නම් පොලිස් නිලධාරින් ගෙන්වා ඔහු එළියට දැමීමට කටයුතු කරන බවද කීවේය. සභාවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අයහපත් හැසීරීම හේතුවෙන් කාන්තා මන්ත්‍රීවරුන් නැවත සභාවාරයට නොපැමිණෙන බවද සභාපතිවරයා දැන්වූයේය. එදින පෙරවරුවේ සභාවට පැමිණ සිටි කාන්තා මන්ත්‍රීනියන් තිදෙනකුගේ ආසන ඒ අවස්ථාව වන විට හිස්ව පැවැතිණි. අනිල් සෙල්ලාහැන්නදි මහතා සභා ගැබෙන් පිටතට නොගිය අතර තමා කළ වැරැද්ද සභාවේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කර දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.සභාවට, සභාපතිවරයාට සහ ජනතාවට ගරු කළ නොහැකි නම්  සභාවේ වාඩි වී සිටීම නුසුදුසු බව පවසා සභාව කල්තබා සභාපතිවරයා නැවත සභාගැබෙන් පිටව ගියේය.  පැයක පමණ කාලයකට පසු උප සභාපති මොහොමඩ් ශිරාස් මහතා හෙට (18) දිනට සභාව කල්තැබීය.
හල්දුම්මුල්ල ප්‍රා. සභා රැස්වීම පැය භාගයයි
0
hp_train_0613
(මොහොමඩ්  ආසික්)මධ්‍යම  කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට  ඇද හැළෙන  අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ  යමින් පවතින බැවින් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක්  අඩි දෙක බැගින් අද (07) විවෘත කර ඇති බව පොල්ගොල්ල ජලාශය භාර  විධායක ඉංජිනේරු  කාර්යාලය කියයි.පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් සහ ඉදිරියේදී ජල ධාරිතාවය වැඩි විය හැකි බැවින්  ජලාශයට පහළ ප්‍රදේශවල පදිංචි මහවැලි ගඟ භාවිතා කරන පිරිස් අවධානයෙන් සිටිය යුතු බව පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අදත් විවෘතයි
0
hp_train_0614
(ඩී.කේ.රත්න) බණ්ඩාරවෙල දික්අරාව රක්ෂිතයේ අද (6) අලුයම ඇතිවූ ගින්නකින් අක්කර දහහක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. ප‍්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණික තත්වය හා සුළං හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ. කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම රක්ෂිතයේ සිටින වන සතුන් දඩයම් කිරීම සදහා හෝ විනෝදය සදහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය කියයි. මෙම රක්ෂිතයට ගිනි තැබීම නිසා එහි තිබූ වටිනා ශාක සහ සත්ව විශේෂ රැසක් ගින්නට හසුවීමෙන් විනාශවන්නට ඇතයි ප‍්‍රදේශවාසීහු කියති.බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරයි.
බණ්ඩාරවෙල රක්ෂිතයක ගින්නක්
0
hp_train_0615
(කටුනායක ටී.කේ.ජී.කපිල )කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද (20) සවස 4.00 ට පමණ ඇති වූ අධික වැසි, දැඩි අකුණු ගැසීම් සහිත කාළගුණික තත්වය නිසා ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ .මෙම ගුවන් යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 315 දරන ගුවන් යානයයි.එම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත ඒ.- 330 - 243 එයා බස් වර්ගයේ එකක් වූ අතර , එහි මගීන් 249 ක් සහ කාර්යය මණ්ඩලය 18 දෙනෙකු සිටි බැව් මත්තල ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා පැවසීය.මෙම ගුවන් යානය ගොඩ බස්වනු ලබන අවස්ථාවේ මත්තල ගුවන් තොටුපළ අවටද අකුණු ගැසීම් සහිතව වර්ෂාව පැවති බවද හෙතෙම පැවසීය.                මෙම ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය සමනය වනතුරු, ගුවන් තොටුපළ වටා ඉහළ අහසේ කැරකැවෙමින් රැදී සිටීමට තරම් ප්‍රමාණවත් ඉන්ධන මෙම ගුවන් යානය සතු නොවීම නිසා මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බව ද එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමෙන් පසුව යානයට අවශ්‍ය ඉන්ධන ලබාදී සවස 5.40ට පමණ මත්තල ගුවන් තොටුපළෙන්, කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වී තිබේ.මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ තුළ ගොඩ බස්වා තිබූ කාළය තුළ එහි සිටි මගීන් යානය තුළම  රදවා තබා ගෙන සිට තිබේ.
අකුණු - වර්ෂාව නිසා ගුවන් යානයක් මත්තලට හරවා යවයි
1
hp_train_0616
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතයින් තව 163 ක් අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 661,053 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අලුත් ආසාදිතයෝ 428 ක්
0
hp_train_0617
අද රාත්‍රියේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යරම, දකුණ සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.හෙට දිනයේදී  නැගෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.බස්නාහිර, සබරගමුව සහ මධ්ය්ම පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුවවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. 
‘ස්ථාන කීපයකට අද රාත්‍රී වැසි‘
0
hp_train_0618
උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30249575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව29259580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30259070වැසි වාර කිහිපයක්ගාල්ල29249580වැසි වාර කිහිපයක්යාපනය29249585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර28219585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19149585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30249580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29259075සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘ප්‍රදේශ රැසක්ට හෙටත් තද වැසි‘
0
hp_train_0619
(මනෝප්‍රිය ගුණසේකර)මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුව ලබන නොවැම්බර් මස 07 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා අද (29) තීරණය කළේය.2012 ඔක්තෝම්බර් මස 30 වැනිදාත් 2013 අප්‍රේල් මස 20 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය ධූරයක කටයුතු කරමින් සිටියදී අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට දණ්ඩ නීතී සංග්‍රහය යටතේ හා මුදල් විශුද්ධීකරණ පණත යටතේ විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ දිනපතා විභාග කෙරෙන නඩුවක සාක්කි මෙහෙයවීමට ඇති බව දැනුම් දුන්නේය.ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා නොවැම්බර් 07 වැනිදා මෙම නඩුව විභාගයට ගැනීමට නියමිත අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය.පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.
මහින්දානන්දගේ නඩුවක් දෙසැම්බර් දක්වා කල් යයි
0
hp_train_0620
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් මධ්‍යම කඳුකරය හරහා සහ බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශවලට නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මිටර් 50-60 පමණ දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/07/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33268560ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව37277050සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30278570වැසි වාර කිහිපයක්ගාල්ල29258575වැසි වාර කිහිපයක්යාපනය33287560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර26238575වැසි වාර කිහිපයක්නුවරඑළිය17149585වැසි වාර කිහිපයක්රත්නපුරය30269580වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමළය35268050සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31278575ප්‍රධාන වශයෙන් වැසි රහිත.  
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_0621
තරංගාකාර කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට බලපෑම් ඇති කරන බවත් ඒ හේතුවෙන්  අහස වළාකුලින් බරව පවතින බවත්  රට පුරා වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.උතුරු, නැගෙනහිර, ඌව , උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ  විටින් විට වැසි ඇති වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල මධ්‍යන 12.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32249570වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31249575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259070වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ගාල්ල30259070වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )යාපනය30249075වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර29219570වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )නුවරඑළිය21139570වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )රත්නපුරය32239570වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ත්‍රීකුණාමළය31249575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම30259075වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘ඉදිරි දිනවල උතුරු නැගෙනහිරට වැසි‘
0
hp_train_0622
(*** අංජුල මහික වීරරත්න)එක්සත් ජාතික පක්ෂයට නැවත ජේ. ආර්. ජයවර්ධන ස්වර්ණමය යුගය ගෙන එන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (17) පැවැසීය.ආසන අටකට පසු බැස තිබූ එක්සත් ජාතික පක්ෂය නැවත හයෙන් පහක බලයක් ගැනීමට තරම් ශක්තිමක් කිරිමට ජිවය දීමට ජයවර්ධන මහතා සමත් වු බව කී රුවන් විජයවර්ධන මහතා සිදුවු වැරදි හදාගෙන පාක්ෂිකයා සමග ශක්තිමත් ගමනක් යන්නේ යැයිද සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 114 වැනි ජන්ම දින සමරු උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශය කරමිනි.පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවැති ජයවර්ධන පිළිරුව පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසීය.ප්‍රශ්නය: කරූ ජයසූරිය මහතා සමග සහයෝගයෙන් කටයුතු කරනවාද?පිළිතුර: කරු ජයසූරිය මහතාත් පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කර තිබෙනවා. පක්ෂය ගොඩනැගීම සඳහා එතුමාගේ උපදෙස් ද අවශ්‍යයි. ගමන යා යුත්තේ සියලුම දෙනා එකතු කරගත යුතුයි.ප්‍රශ්නය: නියෝජ්‍ය නායක තෝරා  පත්කර ගැනීම සඳහා තැබූ ඡන්දයේදී නැවත පක්ෂය දෙකඩ වුයේ නැද්ද?පිළිතුර: පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. ඒ අනුව නොයෙක් මතවාද ද තිබිය හැකියි. ඡන්දය තිබුණා  යැයි පක්ෂය බෙදිය යුතු නැහැ. පක්ෂය ගොඩනගා ගැනීමට නම් සියලුම දෙනා එකමුතු විය යුතුයි.ප්‍රශ්නය: ප්‍රතිසංවිධාන මැතිවරණයට පෙර කළා නම් ප්‍රතිඵලය මීට වඩා යහපත් වන්නේ නැද්ද?පිළිතුර: මහ මැතිවරණ ප්‍රතිඵලය පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා අවස්ථා කරගත යුතුයි. දැන් බිම් මට්ටමට ගොස් යට ඉඳන් උඩට පක්ෂය ගොඩනැගිය යුතු වෙනවා. ඉදිරියේදී අතීතයේ මෙන් පක්ෂය ශක්තිමත් තත්ත්වයට ගෙන එන්න හැකිවේ යැයි මා විශ්වාස කරනවා.ප්‍රශ්නය: 19 වැනි සංශෝධනය විසි වැනි සංශෝධනයත් සමග විසි වෙන්න යනවා නේද?පිළිතුර: එක්සත් ජාතික පක්ෂය අනිවාර් යයෙන්ම විසි වැනි සංශෝධනයට විරුද්ධයි. මේ ගෙනෙන්න හදන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානිය වන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයයි.ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලා. පාර්ලිමේන්තුවට තිබූ බලය නැවත ජනපතිට දීම සඳහා සංශෝධනය ගෙනැවිත් තිබෙනවා. එය රටේ අනාගතයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා අහිතකරයි.ප්‍රශ්නය: විසිවැනි සංශෝධනයට එරෙහිව සටන් කරද්දී සියලු දෙනා එක වේදිකාවකට එනවද?පිළිතුර: ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය පමණක් නොව සෙසු සියලු පක්ෂ එක්විය යුතුයි. සටන් බිමට යාමට පෙර අප සැම එක් මේසයකට පැමිණිය යුතුව තිබෙනවා. එය සිදුවනු ඇතැයි මා සිතනවා.ප්‍රශ්නය: එසේ වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කරනවාද?පිළිතුර: සජිත් ප්‍රේමදාස මහතා සමග පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ සමගත් සාකච්ඡා කරන්න මා ලැහැස්තියි. මා ඊයේ දිනයේදී සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත්, තලතා අතුකෝරල මහත්මියටත් දුරකතනයෙන් කතා කළා. එතනත් ඉන්නේ අපේ සහෝදර මන්ත්‍රීවරුයි.එහි සිටින ගොඩක් අය මට දුරකතනයෙන් කතා කර සුබ පැතුවා. ඉදිරියේදී එකට වැඩ කරන්නට අපට හැකියි.ප්‍රශ්නය: ජේ. ආර්. ජයවර්ධන අද ජීවතුන් අතර සිටියා නම් එජාපය සිටින තැන ගැන මොනවා සිතේවිද?පිළිතුර: එතුමා අපේ පක්ෂයට විශාල ශක්තිය වූ  චරිතයයි. කම්කරු පන්තිය වෙනුවෙන් එතුමා විශාල සේවයක් කළා. ජාතික සේවක සංගමය එක් උදාහරණයක් පමණයි.ජේ. ආර්. ජයවර්ධන මහතා අද සිටියා නම් පක්ෂය වඩාත් ශක්තිමත් කරන්න හැකි වේවි. එතුමා සිටියා නම් එක්සත් ජාතික පක්ෂය තවමත් ඉතා ප්‍රබල පක්ෂය ලෙස තිබේවි.එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේදීත් මෙවැනි පසුබෑම්වලට ලක්ව තිබෙනවා. එක් අවස්ථාවකදී ආසන අටකට පසු බැස්සා. පසුව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය ගැනීමට හැකියාව ලැබුණා.එක්සත් ජාතික පක්ෂය පරාජයට මෙන්ම ජයග්‍රහණයන්ටත් මුහුණදී තිබෙනවා. අප පක්ෂය නැවත  දැවැන්ත සේවය රටට කළා. එක්සත් ජාතික පක්ෂය පසු බැසීම යනු ජාතික අපරාධයයි. මගේ එකම අරමුණ ජේ. ආර්. ජයවර්ධන යුගය නැවත එක්සත් ජාතික පක්ෂයට ගෙන ඒමයි.ප්‍රශ්නය: අප සියලු පසු බැසීමට වගකිවයුත්තා කවුද?පිළිතුර: අප සියලු දෙනාම පොදුවේ ඒ වගකීම බාරගත යුතුයි. එක පුද්ගලයකුට පමණක් ඇඟිල්ල දිගු කළ යුතු නැහැ. ජයග්‍රහණයේ අභිමානය බාර ගන්නවා වගේම පරාජයත් සියලුම දෙනා එක්ව බාරගත යුතුයි.අප ආණ්ඩුවේ සිටින විට මගේ අතිනුත් වැරදි වුණා. පාක්ෂිකයන්ගෙන් දුරස් වුණා. කළ වැරදි හදාගෙන තවත් ශක්තිමත්ව ඉදිරියට පැමිණිය යුතුයි.මෙහිදී අදහස් දක්වමින් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය අරඹා තිබෙනවා. එහි මූලික පියවර පසුගිය දිනවලදී සිදුවුණා. ඉදිරි කාලයේදී සෙසු ප්‍රතිසංවිධාන කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.ප්‍රශ්නය: පක්ෂ නායකයා පත්කර ගන්නවා යැයි කිව්වත් අවසානයේ පත් කළේ නියෝජ්‍ය නායකයා නේද?කාරියවසම් මහතා : ඉතිරි තනතුරු තෝරා පත්කර ගන්නා බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පැහැදිලිවම ප්‍රකාශ වුණා. නායකත්වයේ සිට සියලු තනතුරු පූර්ණ වෙනස වේවි.ප්‍රශ්නය: ප්‍රතිසංවිධාන කලින් කළානම්  හොඳ යයි සිතන්නේ නැද්ද?කාරියවසම් මහතා: සමහර කණ්ඩායම් ඒ තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. එකතුවී යා යුතු යැයි යන පදනමේ සිටියද ඒ අය වෙනම ගියානේ. අප එකතු වී ගියා නම් මීට වඩා ශක්තිමත් වෙනවා. කිසිවෙකුත් ජයග්‍රහණය කර නැහැ. ඡන්ද පදනම අඩු වූවා.මහ ලේකම්ධුරයත් ප්‍රතිසංවිධානයට ලක්කර අලුත් අය පත් කර ගන්නා ලෙසට තමා ඉල්ලීමක් කර තිබෙනවා යැයිද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
නිවැරැදි ප්‍රතිපත්තියක් තිබෙන විපක්ෂයක් රටට දැන් ඕනෑ
0
hp_train_0623
 අංග රචනා කලා හා තාක්ෂණ පුහුණු විද්‍යායතනයේ (ඇමට්) ජාතික නිපුණතා සහතික මට්ටම් ලත් සිසුන්ට ඩිප්ලෝමා සහතික ප්‍රදානය පසුගියදා සිදු කැරිණි.දේශීය සිනමා හා රූපවාහිනී නිර්මාණ සඳහා අංග රචනා කලා හා තාක්ෂණ අංශයෙන් දස්කම් දැක්වූ ජයන්තා රණවක මහතා ආරම්භ කළ මෙරට එකම ආයතනය වන එහි වෙබ් අඩවියද එදින විවෘත කැරුණු අතර අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය.
ඇමට් සිසුහු ඩිප්ලෝමා සහතික ලබති
1
hp_train_0624
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේයඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානයන්හි සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම ප්‍රකාශකයා පැවසීය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු කීවේය.දිවයින හරහා සහ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ, දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද හෙතෙම පැවසීය. 
අදත් තද වැසි
1
hp_train_0625
ලංකා අයි.ඕ.සී. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කිරීම යළි සංශෝධනය කරන බව ලංකා-ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා අයි.ඕ.සී) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ඒ අනුව ලංකා අයි.ඕ.සී පිරවුම්හල්වල එල්.පී 92 (ලංකා අයි.ඕ.සී. 92) පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 142ක් බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පිරවුම්හල්වල පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137ක් බවත් එම සමාගම සඳහන් කරයි.ලංකා අයි.ඕ.සී. ඩීසල් ලීටරයක මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට සමාන බව එම සමාගම කියයි.එම සමාගම නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.‘‘2020 අප්‍රේල් 06 වැනිදා සිට ක්‍රියාත්මක කරන ලද පෙට්‍රල් (එල්.පී.92) ලීටරයක මිල රුපියල් 5කින් අඩුකිරීම යළි සංශෝධනය කිරීමට ලංකා අයි.ඕ.සී. සමාගම තීරණය කර ඇත. මෙම සංශෝධනයත් සමඟ දැන් ලංකා අයි.ඕ.සී පිරවුම්හල්වල එල්.පී.92 ප්‍රෙට්‍රල් ලීටරයක මිලරුපියල් 142ක් වන අතර, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පිරවුම්හල්වල එය ලීටරයටරුපියල් 137කි. කෙසේවුවද, ලංකා අයි.ඕ.සී. ඩීසල් මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මිලට සමානය.මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා IOC ප්‍රකාශකයෙක් මෙසේ පැවසීය: “කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ උදාවූ අභියෝත්මක කාලවකවානුව තුළදී ශ්‍රී ලාංකේය ජනතාවගේ ආරක්ෂාව හා සුබසිද්ධිය උදෙසා විවිධ ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙරට රජය විසින් දරන ලද උත්සාහයන් අපි ඉතාම අගය කොට සලකනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සාර්ථක මඟපෙන්වීම හා දූරදර්ශී නායකත්වය යටතේ සමස්ත සෞඛ්‍ය සේවක පිරිස්, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඇතුළු සියලු දෙනාගේ සාමූහික කාර්යභාරයන් මඟින් මේ වසංගත තත්ත්වය පාලනය කරගැනීමට හැකිවී තිබෙනවා.“වැඩිදූරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය: “උද්ගතව ඇති වසංගත තත්ත්වය හේතුකොටගෙන බොහෝ ආර්ථික අභියෝග එල්ලවී ඇති අතර,ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්කිරීමට රජය හැකි සෑම අයුරින්ම කටයුතු කරමින් සිටිනවා. ආර්ථිකය යළි ගොඩනැංවීමට සැමවිටම අවංක ලෙසම සහයෝගය සහ කැපවීමෙන් යුතු දායකත්වය ලබාදෙන ලංකා අයි.ඕ.සී. සමාගම අවහිරතාවකින් තොරව ඉන්ධන සැපයුම් පවත්වා ගනිමින් දැයට සේවය සැලසීමට කටයුතු කරනවා. ප්‍රසම්පාදන පිරිවැය ඉහළ අගයක තිබියදී වුණත්, 2020 අප්‍රේල් 06 වැනිදා සිට ලංකා අයි.ඕ.සී. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුකරනු ලැබුවේ ඒ නිසායි. එසේ කරනු ලැබුවේ අපගේ මිල ගණන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා මිල ගණන් සමඟ සමපාත කිරීමටයි. ඩීසල් මිල 2019 මැයි 14 වැනිදා සිට වසරකට වැඩි කාලයක් පුරා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා මිල ගණන් හා සමපාත වන පරිදි පවත්වාගනු ලැබ තිබෙනවා.”2020 මාර්තු සහ අප්‍රේල් කාලය අතරතුරදී ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ගණන් විශාල වශයෙන් පහත බැසීම නිසා ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය සඳහා අදාළ වන අධිභාර ගාස්තු ඇතුළු රේගු තීරුබදු අගයන් 2020 මාර්තු 14 වැනිදා ඉහළ නංවන ලද අතර, 2020 අප්‍රේල් 23 වැනිදා ඒවා තවදුරටත් සංශෝධනය කරනු ලැබිණි. කෙසේවුවද,එයින් පසු විදෙස් මිල ගණන් සියයට 100 කටත් අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.අද වනවිට ජාත්‍යන්තර වෙළෙඳපොළේ පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 31.5ක් වන අතර, 2020 අප්‍රේල් 22 වැනිදා එය ඩොලර් 14.6ක් පමණක් විය. ඇඳිරිනීතිය හා සීමාකාරී තත්ත්වයන් ඉවත්කිරීමෙන් පසු ගෝලීය ආර්ථික යළි ගොඩනැගීමත් සමඟ මෙම මිල ගණන් කාලයත් සමඟ කෙමෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.තවදුරටත් සිය අදහස් පළකරමින් ප්‍රකාශකයා මෙසේද පැවසීය: “දැනට පවතින ජාත්‍යන්තර මිල ගණන් අනුව පෙට්‍රල් වගේම ඩීසල් සම්බන්ධයෙනුත් අප විශාල වශයෙන් පාඩු දරාගනිමින් සිටින නමුත්,කිසියම් සීමිත ප්‍රමාණයකට හෝ එම පාඩු අවම කර ගැනීම සඳහා එල්.පී. 92 පෙට්‍රල් ලීටරයකට ලබාදෙන රුපියල් 5ක මිල අඩුකිරීම ආපසු වෙනස් කිරීමට අපට සිදුව ඇත. 2019 - 20 මූල්‍ය වර්ෂයේ ජනවාරි - මාර්තු කාර්තුව තුළදී ලංකා අයි.ඕ.සී. සමාගම රු. මිලියන 346ක පාඩුවක් ලබා තිබෙනවා. ජාත්‍යන්තර මිල ගණන් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් දැනට පවතින තීරුබදු ව්‍යුහය යළි සංශෝධනය කෙරෙනු ඇතැයි අපි ඉතා සුබවාදීව සිතනවා.“ඔහු අවසාන වශයෙන් මෙසේ අවධාරණය කළේය: “පාරිභෝගිකයින්ට හැකි හොඳම මිල පිරිනමන්නටත්,යළි ගොඩනැංවීමේ ක්‍රියාවලියට අපගේ දායකත්වය උපරිම ලෙස ලබාදීමටත් ලංකා අයි.ඕ.සී. සමාගමේ අපි නිබඳව කැපවෙනවා.”055  
අයි.ඕ.සී. පෙට්‍රල් ලීටරයක් රුපියල් 142යි
1
hp_train_0626
 (අනීෂා මානගේ) මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කළ වීරකැටිය, බෙලිඅත්ත, අම්බලන්තොට,අගුණුකොළපැලැස්ස, කටුවන හා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් අතරින් තෝරාගත් සභාපතිවරු හා උපසභාපතිවරු අද (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ තංගල්ල කාල්ටන් නිවසේදී දිවුරුම් දුන්හ.බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සිරිල් මුණසිංහ, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පියසේන ලියනාරච්චි, උප සභාපතිවරයා ලෙස අනුර අල්විස්, කටුවන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස මහින්ද ගමාච්චි, අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ගාමිණී වීරබද්දන උප සභාපතිවරයා ලෙස නිශාන්ත නාමල්, අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස මානික්කු රත්නවීර පටබැඳිගේ දර්ශන සංජීව හා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස අමිල මීගස්කුඹුර මහත්වරු මෙලෙස දිවුරුම් දුන්හ.
මාතරදී පොහොට්ටුවෙන් ජය ලැබුවෝ දිවුරුම් දෙති
0
hp_train_0627
(යොහාන් භාසුර)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත් බලය වෙනුවෙන් අවශ්‍ය සාධාරණය ඉටුකිරීමට නොහැකි වූ බවත් එයට සමහර වැරදි තීන්දුත් හේතු වූයේ යැයි පිළිගන්නා මෙන්ම වැරදුණු තැනත් හදුනාගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (1) පැවසීය.‘කොවිඩ් සමඟ වැටුණු ආර්ථිකයක් සමඟ පාලන ආරම්භ කිරීමට සිදුවූ බව කී මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ට රටේ පාලන භාරගත්තේ අමාරු අවස්ථාවලදී බව ද සඳහන් කළේය.එක අවස්ථාවක යුද්ධයක්, අනෙක් අවස්ථාවේ ආර්ථිකය පහළටම වැටිලා තිබුණ ද පස්සට නොයා පුළුවන් සාධාරණය රට වෙනුවෙන් ඉටු කිරීමට ඉදිරිපත් වූ බව කී හිටපු ජනාධිපවරයා පැවසුවේ එවැනි තීන්දු ගැනීමට සිය පක්‍ෂයට ශක්තිය ඇති බවත්ය.බටහිර අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ බවට පත්නොවී දේශීය චින්තනයකට අනුව වැඩ කිරීමට යාම හේතුවෙන් තමන් ඇතුළු කණ්ඩායමට එරෙහිව විවිධ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දේශපාලන සංවිධාන කුමන්ත්‍රණ කළ බවත් ඒ අයට තම දේපලවලට පමණක් නොව අපේ ජීවිතවලට හානි කිරීමට අවශ්‍ය වූ බවත් රාජපක්‍ෂ මහතා කීය.ජනතාව වෙනුවෙන් බලයට පත්වන්නා සේම ජනතාව වෙනුවෙන් බලය අත්හැරීමට හැකි දේශපාලන අත්දැකීම් පොදුජන පෙරමුණට ඇති බවත් එසේම ඕනැම මොහොතක කවුරුත් නොහිතන තරම් සංවිධාන ශක්තියකින් නැගිටීමටත් එම පක්‍ෂයට හැකි බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘අභියෝග බිඳ අභිලාෂ ජයගමු’ යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේදී අද (1) පැවැති මැයි රැළියේදී එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. “අද මේ කැම්බල් පිටියට රැස්වෙලා ඉන්න ආදරණීය වැඩකරණ ජනතාව මේ රටට ඉතා වැදගත් පණිවුඩයක් දෙනවා. ඒ තමයි රටේ පොදුජන අභිලාෂය තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟය කියන අපේ බැඳීම ඔබ නැවත තහවුරු කර තිබෙනවා.ඒ සඳහා ඔබට අපේ ආචාරය පළමුවෙන්ම පුද කරනවා. අපි දන්නවා 1995 වෙනකම්ම කම්කරු ජනතාව වෙනුවෙන් ඔවුන්ගෙ විපතකදී පිහිටවෙන්න රජයේ මුදලක් වියදම් කරන ක්‍රමයක් තිබුණේ නැහැ. කම්කරු ඇමතිවරයා විදියට කම්කරු නායකයන් එක්ක කතා කරලා ඔබේ සුබසාධනය වෙනුවෙන් පළමු වතාවට එදා අපි ස්ථිර වැඩපිළිවෙලක් සකස් කළා. ඒ අනුව තමයි ‘ශ්‍රම වාසනා’ අරමුදල බිහිවුණේ. අද වගේම එදත් අපේ දේශපාලන සටන් සියල්ල කම්කරුවන් එක්ක බැඳිලයි තිබුණේ. බොහෝ කම්කරු නායකයන් හොඳ මිත්‍රයන් ලෙස අපට ඇසුරු කරන්න ලැබුණා. ඒ කාලේ සිට මැයි දිනයට විතරක් නෙමෙයි අපි හැමදාමත් කම්කරුවගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා ඔබේ සාධාරණ ඉල්ලීම් ගැන හොඳ වැටහීමකින් ප්‍රතිචාර ලබාදෙන්න අපට හැකියාව ලැබුණා. සමහරු අපව විවේචනය කරනවා.ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයට මතක ඇති අද වගේම 2004 දිත් ආණ්ඩු රිමෝට් එක අපේ අතේ තියෙන්නෙ කියලා කියපු අය හිටියා. අවසානයේ මොකද වුණේ ? ඒ අයම තමයි අපට බලයට එන්න උදව් කළේ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබල වෙන්නෙ නැහැ. අපි අවශ්‍ය වෙලාවට ඔබත් එක්ක ඒ තීන්දුව ගන්නවා. අපේ රටේ ආර්ථිකයේ ගාමක බලවේගය කම්කරු ජනතාව. අපි ආර්ථිකය සැළසුම් කරන කර කම්කරු ජනතාවගේ අභිලාෂයන්ට ප්‍රමුඛ තැනක් දියයුතුයි. අපි කම්කරු ඇමතිකම ගත්ත දවසෙ ඉඳන්ම ඔබ වෙනුවෙන් ඒ යුතුකම ඉටුකර කළා. ඒ වගේමයි එදා ඉඳන් ඔබත් බලය තිබුණත් නැතත් අපි එක්ක ඉඳලා රට වෙනුවෙන් අපිව බලයට ගේන්න අවශ්‍ය කැප කිරීම් කළා. වැඩබිමේ කම්කරු අයිතින් වෙනුවෙන් පෙනි ඉන්න අපේ සහෝදරයෝ ඒ අයිතින් වෙනුවෙන් හඬ නගන්නෙ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කියලයි අපි විශ්වාස කරනවා. එය තේරුම් ගෙන ආණ්ඩුව වැඩ කළ යුතුයි. අපි ඉතිහාසය පුරා වැඩකළේ ඒ විදියට. ඒ නිසා කම්කරු ජනතාව සමඟ අපි සාකච්ඡාවෙන් බොහෝ ප්‍රශ්න විසඳගත්තා. ඔවුන්ගේ ඉල්ලීම් දිනා දුන්නා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පටන් ගන්න විට අපට මොනවද නොකිවුවේ. මේක අලුත් පක්ෂයක් කිවුවා. මේ වගේ පක්ෂවලට ඡන්ද දිනන්න බැහැ කිවුවා. හැබැයි ඒ හැමදේටම ඔබ උත්තර දුන්නා. ඉතිහාසයේ වාර්තාගත ඡන්ද ප්‍රතිඵලයක් දීලා අපිව දිනෙව්වා.මෑතක දී සිදුවුණු ඇතැම් වෘත්තීය ක්‍රියමාර්ග හේතුවෙන් අපේ සහෝදර වෘත්තීය සමිති නායකයින්ටත් ප්‍රශ්න ආවා. ඒ කිසිදු වෘත්තීය සමිති සාමාජිකයෙක් අපි තනිකරන්නේ නැහැ. ඒ අය වෙනුවෙන් අපි හැමදාමත් පෙනී සිටිනවා. ඔබට ශක්තියක් වෙන්න අපට අදත් හැකියාව තියෙන බව මතක් කළ යුතුයි. නමුත් අපි දන්නවා සමහර දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති කරන්නේ බළලුන් ලවා කොස්ඇට බාවන එක. ඒවට අපේ අය අහුවෙන්න හොඳ නැහැ. නැති ප්‍රශ්න ඇතිකරල කෙටි පාරවල්වලින් බලයට එන්න සමහරු කරන වැඩ රටේ පැත්ත හිතලා ගන්න තිරණ නොවන බව අපි කාටත් පැහැදිළියි. දැන් බලන්න ගෝල්ෆෙස් අරගලයේ හිටියෙ කවුද කියලා. රටම දන්නවා ඒ අය දැන් මොනවද කරන්නෙ කියලා. ජනතාවට මේවා ඇගිල්ලෙන් ඇනලා පෙන්නන්න ඕන දේවල් නෙමෙයි. හොරු හොරු කියලා ලේබල් අලවලා මඩ ගහලා, කොතරම් අවලාද නැගුවත් අපි දන්නවා අපි ජනතාව වෙනුවෙන් මොනවද කලේ කියලා. රට භාර ගන්න ආරාධනා කළාම පස්ස ගහලා, ඊට පසුව භාරගත්ත අයට විරුද්ධව කෑ ගහලා වැඩක් නැහැනේ.එතනැදි තමයි මිනිස්සු තීරණය කරන්නෙ මේ කෑ ගහන අයගේ කැරැට්ටුව මොකද්ද කියලා. එක කට්ටියක් නම් 71 බැලුවත්, 88-89 බැලුවත් ඕකම තමයි කළේ. ප්‍රජාතන්ත්‍රවාදිව නොවන ක්‍රමවලින් බලය ගන්න ගියාම අවසානයේ මොකුත් ලැබෙන්නෙ නෑ. දැන් මේ විපක්‍ෂයට මාතෘකා නෑ. ඒ නිසා රටට හොඳ දේටත් විරුද්ධ වෙනවා. අපි සද්ද නොකර හිටියත් මේ අය කියන කතා අහලාම ජනතාව ඔවුන්ට විරුද්ධ වෙනවා. ඒ බව ඔලුවේ තියාගෙනයි අපි වැඩකරන්න ඕනේ. ඒ නිසා ඒ අයගේ රූකඩ නොවී හොඳ දේට හොද කියන්නත් නරක දේට නරකයි කියල විරුද්ධ වෙන්නත් අපේ වෘත්තිය සමිති නායකයන්ට ශක්තියක් තිබිය යුතුයි.උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ ගැටලුව තාම අවසන් නැහැ. විභාගය ලියපු දරුවෝ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ ප්‍රශ්නය නිසා සාමාන්‍ය පෙළ විභාගයත් කල්ගියා. ඒ දරුවොත් මේ නිසා ඉන්නේ පීඩනයකින්. ඊටත් වඩා පීඩනයකින් ඉන්නේ දෙමවුපියන්. ඒක වෘත්තීය සමිති සටනක් කීවට ඒක වෘත්තීය සමිති සටනක් හැටියට අපි දකින්නේ නැහැ. හැබැයි මේකට හැම ගුරුවරයෙක්ම සම්බන්ධ නැහැ.ඔවුන්ට කරන්න දෙයක් නැතිව ඉන්නෙ. ඉතිහාසයේ කොතනකවත් දරුවන්ව ප්‍රාණ ඇපයට තියල සටන්කරල දිනාගත්ත ඉල්ලීමක් නැහැ. එහෙම දිනාගෙන වැඩක් නැහැ. අපි වෘත්තීය සටනක් කර මේ දේවලුත් හිතන්න ඕන. සැබෑ කම්කරු නායකයෝ සටන්කරන්නේ පටු දේශපාලන වාසි තකා නෙමෙයි. අපේ රටට නිදහස ලබා ගැනීමේ සටනේදී ඉදිරියෙන්ම හිටියෙත් කම්කරු නායකයින්. ඒ අය නිදහස් සටන වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා. එදා කම්කරු ව්‍යාපාරය තමයි රටේ නිදහස දිනා ගන්න සටනේ බලවේගය වුණේ. ඔබට මතක නම් ඒ.ඊ.ගුණසිංහ, ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කෙනමන්, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන වගේ නායකයෝ කවදාවත් කම්කරු සටන් රට අරාජික කරන්න මෙහෙයවුයේ නැහැ. එයාල සටන් කළේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. ඒත් අද මේ සිද්ධ වෙන්නේ මොනවද?බලය ගන්න කලින් හිට්ලර් කෙනෙක් බලය ගන්නවා කියලා ජනතාව කුපිත කරවපු අය අවසානේ කිවුවේ මොකක්ද ? එදා ඒ කියපු කතාව ඇත්තක් නොවුණ නිසයි රට ලේ විලක් නොවී බේරුණේ.පහුගිය කාලේ නම් අපි බොහෝ අත්දැකීම් විඳගත්තා. මිනිස්සු හඳුන ගත්තා. අපට දැන් තිබෙන්නෙ රට ශක්තිමත් කරගන්න අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් හොඳ රටක් නිර්මාණය කරන්න. ඊයේ මෙන්ම, අදත්, හෙටත් අපි විශ්වාස කරන්නෙ වැඩබිමේ දහඩිය හෙළන වැඩකරණ ජනතාවට මේ රට වෙනුවෙන් විශාල වගකීමක් තිබෙන බවයි. වැඩබිම ශක්තිමත් වෙන තරමට තමයි රට ශක්තිමත් වෙන්නෙ. අභියෝග බිඳගෙන රට දිනවන අභිලාෂය ජයගන්වන්න එක්වෙන්නයි සමස්ත කම්කරු ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, වනජීවී හා වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, නිවාස සහ නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන මහතා, ඩබ්ලිව්.ඩී වීරසිංහ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ද රැළිය ඇමතූහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැතිවරුන් වන ශාන්ත බණ්ඩාර, දිළුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත, විමලවීර දිසානායක, සනත් නිශාන්ත, සිරිපාල ගම්ලත්, කනක හේරත්, රෝහන දිසානායක, පාර්ලිමේනතු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් වීරසේකර, එස්.එම් චන්ද්‍රසේන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණී ගුණවර්ධන සහ ජයන්ත කැටගොඩ මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් රැළියට එක්ව සිටියහ. 
වමේ මිත්‍රශීලී බලවේග එක් වී ජාතික ආණුඩුව එළවන්න ඕනෑ
0
hp_train_0628
(කටුනායක ටී.කේ.ජී.කපිල / දිල්රුක්ෂි ග්‍රේරු)රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමකින් යුතු නිල් මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශිකයකු ඊයේ (29) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .63 හැවිරිදි උගන්ඩා ජාතිකයෙකු වන මොහු ඊයේ රාත්‍රී 8.15 ට උගන්ඩාවේ සිට ඩුබායි වෙත පැමිණ , එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියේය.ඔහු විසින් සිය ගමන් මල්ලේ කැරට් 01 සිට කැරට් 10 දක්වා වූ බරින් යුතු නිල් මැණික් කැට 790 ක් සගවා ගෙන සිටියදී  සහකාර රේගු අධිකාරී කේ.ඒ.ආර්.එල්.ආරියපාල මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.‍ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ  අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය , ඕ.ජේ.ඔබේසේකර, රේගු අධිකාරිවරුන් වන උදිත ජයසිංහ සහ ආර්.එස්.කේ.සෙනෙවිරත්න යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති. මෙහිදී මැණික් තක්සේරුකරණයෙන් මිහිඳුකුළසූරිය මහතා රේගුවට සහය විය .(ඡායාරූප - කටුනායක ටී.කේ.ජී.කපිල)
නීතිවිරෝධී ලෙස දුම්වැටි ගෙන ආ මගියකු අත්අඩංගුවට
0
hp_train_0629
දූෂණයට, වංචාවට, හොරකමට එරෙහිව කටයුතු කරද්දී යූඑන්පී ද ශ්‍රී ලංකා ද කුමන පක්ෂයේ ද යන්න තමාට වැදගත් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නපුරදී පෙරේදා (27) පැවැසීය.තමාගේ ඇඟේ තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ රත්නපුරේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයින්ට සහාය පළකිරීම සඳහා රත්නපුර නගරයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීවේය.“දේශපාලනඥයෙක් කළ යුතු දේ වගේම නොකළ යුතු දේත් තියනවා. පසුගිය අවුරුදු තුන තුළ මම ජනාධිපති වෙන්න කලින් මේ රට පත්වෙලා තිබුණ තැනින් බේරාගත්තා. එදා අපේ රට අන්තර් ජාතික මට්ටමෙන් පත්ව තිබුණ තැන ගමේ සාමාන්‍ය ජනතාවට දැනුණේ නෑ. දේශපාලන නායකයින්, මේ රටේ විවිධ අංශ ප්‍රධානීන් ඒ සියල්ල තිබුණ තත්ත්වය දැනගෙන හිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලෝකයේ රටවල් 194ක් තිබෙනවා. 2015 ජනවාරි වනවිට මේ රටවල් අතරින් අතේ ඇඟිලි ගාණටවත් අපට හිතවත්ව රටවල් හිටියේ නෑ.ජාත්‍යන්තර දේශපාලනයේ අපට තිබූ අවමානය, නොපිළිගැනීම, අගෞරවය මම ඉවත් කළා කියන එක පැහැදිලිව කියන්න ඕනෑ.අපිට කියනවා රණවිරු දඩයම කියලා. මම ජනාධිපති ධුරයට පත්වනවිට අපේ යුද, නාවික, ගුවන් කියන අංශ ජාත්‍යන්තරය විසින් පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරලා තිබුණේ. යුද්ධය දිනවපු මහා රණවිරුවා වූ සරත් ෆොන්සෙකා 2010 ජනාධිපතිවරණයට ඉල්ලුවා කියලා දීපු දඬුවම තමුන්නාන්සේලා දන්නවා. හිරේදාලා, තරුපටි ගලවලා, ජම්පරය අන්දවලා, ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවට දඬුවම් දුන්නේ කවුද කියලා තමුන්නාන්සේලාගෙන් වගේම මේ රටේ ජනතාවගෙනුත් මම අහනවා.මගේ මිත්‍ර මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බලයට පත්කරන්න පළවෙනි ඡන්දෙදි, පක්‍ෂයේ ලේකම්වරයා විදියට එදා මම තරම් කර ගහපු කෙනෙක් ඉන්නව ද කියලා අහනවා. 2005 ඡන්දෙදි සමහර කැබිනට් ඇමැතිවරු එතුමාව දාලා ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානේ දොරවල් වැහුණා. රහසක් නෙවෙයි හිටපු ජනාධිපතිතුමියත් සහයෝගය දුන්නේ නෑ. පක්‍ෂයේ ලේකම් විදියට මම ඒ මැතිවරණය කරට ගත්තා.එදා ඒ යුගයේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මට කතා කළේ මල්ලී කියලා. මම එතුමාව අගමැති වෙනකම් කතා කළේ අයියේ කියලා. එතුමයි අපියි එකට යුද්දේ කළා. යුද ජයග්‍රහණය තනි පුද්ගලයකුගේ ජයග්‍රහණයක් නොවෙයි. දුටුගැමුණු මහ රජ්ජුරුවෝ එළාර පරාද කළේ දස මහා යෝධයොත් එක්ක. මහින්ද රාපක්‍ෂ මහත්තයට එදා යුද්දේ කරන්න අපි වගේ දස මහා යෝධයෝ හිටියා. මෛත්‍රීපාල සිරිසේනලා, ජෝන් සෙනෙවිරත්නලා, නිමල් සිරිපාල ද සිල්වලා, අනුර යාපලා, සුසිල් ප්‍රේම්ජයන්තලා, එවැනි සෙන්පතියෝ හිටියා. කරදුන්නා, උරදුන්නා.මට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පස් සැරයක් ගැහුවා. ඒ පස් සැරේම ඔවුන් විනාශ වුණා. අහිංසක මිනිස්සු මැරුණා. ගහන්න ආපු සමහරු අත්අඩංගුවට ගත්තාම සයනයිඞ් කාලා මැරුණා. මම හින්දා එල්ටීටීඊකාරයෝ හය දෙනෙක් මියගියා.අපි ලස්සනට ආණ්ඩු කළා. 2010 මැතිවරණයෙන් පස්සේ අපිව ටිකක් ඈත් කරලා, වටේ හිටපු බමුණොයි, කේවට්ටයොයි එතුමාව මහ රජාණෝ කළා. ඒ කාලේ බොහොම සුන්දර මිනිහෙක් එතුමා. එතුමා මහ රජාණෝ වෙනකොට අපි ඈත් වුණා. රට වෙන පැත්තකට ගියා. යුද්දෙන් පස්සෙත් රටේ අතුරුදන්වීම්, ඝාතන, බෙදීම්, සිංහල, දමිළ, මුස්ලිම් ජනකොටස් අතර අසමගිය, විරෝධය, ප්‍රතිවිරෝධය, ගැටුම්, හැප්පිලි ඔබට මතක ඇති.මම ඒ සමාජය වෙනස් කළා. මට රට හදාගන්න ඉඩ දෙන්න කියලා ලෝකයට කියලා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ සහතික කළා. අද මිනිස් ඝාතන, අතුරුදන්වීම් නැහැ. අද මාධ්‍ය ආයතන ගිනි ගන්නේ නැහැ. මාධ්‍යවේදියෝ රට හැරදාලා යන්නේ නැහැ. අද අපේ හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාම සාධක හමුදාව ලෙස මුළු ලෝකයේම අරගෙන යනවා. ගහගන්න තැන්වලට අරගෙන ගිහිං සාමය සඳහා මැද හිටවනවා. ඒ විදියට මේ රට වෙනස් වුණා. රණවිරු දඩයම් නෑ.අපිට කියනවා රට විකුණනවා, රට බෙදනවා, රට කඩනවා කියලා. මම මේ ජනාධිපති ධුරයේ සිටිනතාක් කල් මේ රට කඩන්න, බෙදන්න මොන යෝජනා ආවත්, මම ඒවාට ඉඩ දෙන්නේ නැහැ. මව්බිමේ උරුමය වෙනුවෙන් ජීවිත පූජා කරලා මේ රට ආරක්‍ෂා කරනවා.2015 මහ මැතිවරණයෙන් පස්සේ අපේම පාර්ලිමේන්තු කණ්ඩායම අපි ඔක්කොම එකට රැස්වුණා. ඒ වෙලාවේ ඉල්ලීමක් ආවා, ආණ්ඩුවත් එක්ක නොයන අයට විපක්‍ෂයේ විදියට ඉන්න ඉඩ දෙමු කියලා අපේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී. මම කිව්වා ඔව් කැමතියි. කැමති අය ආණ්ඩුවට එකතු වෙන්න. අකමැති නම් විපක්‍ෂයට ගිහින් ඉන්න කියලා. මගේ විරුද්ධත්වයක් නෑ. ඕන තරම් ආණ්ඩුව විවේචනය කරන්න. අපි ශ්‍රීලනිපය විදියට වැඩ කරමු. මොකද වුණේ? ටික කාලයක් යනකොට මගෙ මිත්‍ර මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දන්නෙම නැහැ, යට ඉන්න ගෝලයෝ ටිකක් අලුත් පක්‍ෂයක් හැදුවා.අපිට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගෝස්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරු අනූහය දෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලෑස්තියි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න.ඔය කුණු කන්දල් අලුත් දේශපාලන කුණු කූඬේ, ඔය වසංගතේ, ජී.එල්. පීරිස්ගේ කුණු කාණුව, ඕක දාලා එන්න. මං ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට ලෑස්තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහයම මාත් එක්ක එකට හිටගන්න, මං ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්.මගේ ඇඟේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේ. මගේ ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ දේ.අද මහ බැංකු කොමිෂන් වාර්තාව ගැන හැම කෙනෙක්ම වේදිකාවල්වල කතා කරනවා. ජී.එල්. පීරිස්ගේ කට්ටියත් උඩ පැන පැන කතා කරනවා. හැබැයි ඒ ගොල්ලෝ දන්නේ නෑ, මහ බැංකු වාර්තාවේ තියෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු අත්සන් කරපු වාර්තාවේ තියෙන්නේ, මේ මහ බැංකුවෙ බරපතළ දූෂණ වංචා සිදුව තියෙන්නේ 2008 සිට 2016 දක්වා කියන එක, බොහොම පැහැදිලිව සඳහන් කරලා තියනවා.ඒ එක්කම මම පත්කරපු බරපතළ වංචා දූෂණ කොමිසම. මේ වාර්තා දෙකම ඉල්ලලා කෑගැහුවා. දෙන්න දෙන්න ජනාධිපති ඔක්කොම හංගාගෙන අතේ තියාගෙන ඉන්නවා කියලා. මම දෙකම ඇරියා. කෝ අර කෑගහපු මිනිස්සු. සද්ද නෑ. පොත වැහුවා. දෙගොල්ලම කතාවෙලා පොත වැහුවා. මොකද කතා කළා නම් දෙගොල්ලන්ගෙම රෙදි බුරුල් වෙනවා කියලා දන්න නිසා.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම පැහැදිලිව කිව්වා විවාදයක් තියන්න කියලා. නමුත් පක්‍ෂ නායක රැස්වීමේ වැඩි බලය තියෙන්නේ ඔය වාර්තාවේ කියන පක්‍ෂ දෙකට අයත් නායකයෝ තමයි ඉන්නේ. පාර්ලිමේන්තුවේ 225න් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්නේ 42යි. අනිත් ඔක්කෝම කිව්වා මේක වහමුයි කියලා. විවාද එපා කියලා.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්තියට, බණ්ඩාරනායක දර්ශනයට නැතුව ඒකාධිපතිත්වයෙන්, මිනිස් ඝාතන, අතුරුදන්වීම් එක්ක මේ රට යනකොට, 2014 නොවැම්බර් මාසෙ මම ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්‍ෂකයා විදියට ඉදිරිපත් වෙච්ච වෙලාවේ, ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ, ඔබ ඇඟිල්ල දිගු කරලා කිව්වා, ඇයි තමුසේ අපිට ඔහොම කරන්නේ කියලා.අපේ රත්නපුරේ මිත්‍රයෝ මට ගලුත් ගැහුවානේ. (ජනාධිපතිවරයා සිනහව පළ කරයි.) දේශපාලනයේ සදාකාලික හතුරන් ද නැත. මිතුරන් ද නැත. ඒ නිසා ඕනෑ වෙලාවක වෙන් වෙන්න පුළුවන්. ඕනෑ වෙලාවක එක් වෙන්න පුළුවන්. දූෂණය වංචාව නාස්තියත් එක්ක අද ආණ්ඩුව තුළ සිදුවන වැරදි නිසා, ඇතිවන බරපතළ දූෂණ මහ බැංකු මංකොල්ලත් එක්ක මම ප්‍රකාශ නිකුත් කළා වගේම ක්‍රියා කරන්නත් ගත්තා. කොමිසමේ සාක්කි යනකොට, ඒවා පත්තරවල යනකොට මමත් ජනතාවගේ පැත්තටයි වැටුණේ. කොමිසමට මම පැහැදිලිව ආශිර්වාද කළා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ 2014 නොවැම්බර් මාසෙ මට ඇඟිල්ල දික්කරලා ඇයි උඹ අපිට මෙහෙම කරන්නේ කියලා ඇහුවා වගේ, පසුගිය මාසයක් දෙකක් තුළ එක්සත් ජාතික පාක්‍ෂිකයො අහන්න පටන් ගත්තා, ජනාධිපතිව කරන්න ඉස්සරහින් හිටිය අපි තමුසෙව ජනාධිපති කළා. ඇයි අපිට මෙහෙම කරන්නේ කියලා.  මම එදා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට ද්‍රෝහි වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එදා ද්‍රෝහි වුණේ නැහැ. මම අද එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට ද්‍රෝහි වෙලා නැහැ. මම එක්සත් ජාතික පක්‍ෂයට ද්‍රෝහි වෙලා නැහැ. මම ද්‍රෝහි වෙන්නේ, විරුද්ධ වෙන්නේ, මම දැඩි ක්‍රියාමාර්ග ගන්නේ දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට හා පවුල්වාදයටයි. ඒ අය ඉන්නේ යූඇන්පී ද ශ්‍රී ලංකා ද මොන පක්‍ෂය ද මොන පාට ද මොන වර්ණය ද මට ප්‍රශ්නයක් නැහැ. ඒ ඕනෑ කරන කෙනකුට දෙන්න තියන ඉහළම දඬුවම් දෙන්න නීතිය ඉස්සරහට ගෙනියන්න, හිරේ දාන්න, අපායට ගෙනියන්න ඕනෑ කරන වැඩකටයුතු ටික අඩුවක් නැතුව ඉෂ්ට කරනවයි කියන එක මම තමුන්නාන්සේලාට බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ.හත්දෙයියනේ, හැමුදුරුවනේ, මේ රට හොර ගුහාවක් වෙලා. ලෝකෙන් උතුම් රට. බෞද්ධයන් අන්‍ය ආගමිකයන් සමඟ සමගියෙන් ඉන්න රට. ඇයි මෙහෙම මේ රට පත්වුණේ. මම ඊයේ ප්‍රකාශයක් කළා ඔබ මාධ්‍ය තුළ දැක්කා. පහුගිය අවුරුදු දහය ඇතුළත මුදල් අමාත්‍යාංශය විදේශ ණය ගත්ත ඒවා, ටි්‍රලියන් දහයකට වැඩියි. ටි්‍රලියනයක් කියන්නේ රුපියල් කෝටි දාහක්. භාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යාංශයේ පොත්පත්වල දැනගන්න තියෙන්නේ ටි්‍රලියන් එකක වත්කම් විතරයි. අනෙක් ටි්‍රලියන් නවය රටට ගත්තා තමයි වුණේ මොකද කියලා පොත්පත්වල සටහන් වෙලා නෑ.මේ අවුරුදු දෙකේ තුනේ රජයේ ආදායම්, ආණ්ඩුවට ආපු සල්ලි, ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ තියන සල්ලි ආණ්ඩුවෙන් කඩලා පෞද්ගලික සමාගම්වලට දුන්නා. කාට ද මේවා කියන්නේ. මිහින් එයාර්, ශ්‍රීලන්කන් ගුවන් සේවය, අලුත් ජනාධිපති කොමිසම මම ලබන සුමානේ අලුතින් ගැසට් කරනවා. කාගෙ කාගෙත් තත්ත්වය හෙළිවෙයි.මේ රටේ නාස්තියට, වංචාවට, දූෂණයට කොමිෂන් සභා පත්කරනව නම්, පඳුරක්, පඳුරක් ගානේ කොමිෂන් සභා පත්කරන්න වෙනවා. පත්කළ යුතු ඒවාට කොමිෂන් සභා පත්කරනවා. පත්කරපු ඒවායේ වාර්තා අනුව කටයුතු කරනවා. දෙන්න තියන ඉහළම දඬුවම් දෙනවා. නැති වෙච්ච සල්ලි ටික හොයා ගන්නවා.රටක් හදන්න හිරගෙවල් පුරවලා වැඩක් නෑ. හිරගෙවල්වලින් රට හදන්න බැහැ. හිරගෙවල්වලට යන වැරදි නොකරන මිනිස්සු ඉන්න රටක් අපි හදන්න ඕනෑ. ඒකයි අවශ්‍ය වෙන්නේ. වැරදි කළ මිනිහාට දඬුවම් දීම එකක්. මිනිසුන් අතින් වැරදි නොවන ලෙස ආයතන, නීතිය හැදීම වැරදි කරන්න තියන ඉඩ ඇහිරීම අනිත් එක.ඒ නිසයි මම මුළු රටටම කියන්නේ පෙබරවාරි 10 මේ සටන අවසන් වන දවස නෙවෙයි. ඡන්ද පොළට ගිහිල්ලා බුලත් කොළේට කතිරය ගහලා මේ ජාතික වගකීම ඉෂ්ට කරන්න. නගර සභාව, ප්‍රාදේශීය සභාව අපේ බලයට ගැනීම පමණක් නොවෙයි, එතැන සිට මේ රටේ පිරිසුදු දේශපාලනයක් සඳහා අවශ්‍ය පිරිසක් හදන්න මම පෙරමුණ ගන්නවා. මම 2015 බාරගත්තෙ ජනාධිපතිවරණයෙන් පරාද වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයක්. එය මහ මැතිවරණයෙන් පරාදයි. ජී.ඇල්. පීරිස්ගේ පක්‍ෂයෙ කට්ටිය මහින්ද රාජපක්‍ෂ මහත්තයත් නොදැන ශ්‍රීලනිපය පරාද කළා. අවුරුදු දෙකක් තිබියදී හිටපු ජනාධිපතිතුමා ඡන්දයකට ගියේ බැරි නිසයි කියලා තේරෙනවා. පරාද වුණ පක්‍ෂයක් මට බාරදුන්නේ. පක්‍ෂය ගොඩගන්න මම පක්‍ෂයේ ව්‍යවස්ථාව පවා වෙනස් කළා. පක්‍ෂ සංවත්සරවල, මැයි රැලිවල 2015ට වැඩිය 2016, 2017 පක්‍ෂය උඩට ආවා. ප්‍රාදේශීය සභාවලට නාමයෝජනා මෙදා දෙනකොට එදා ශ්‍රීලනිපය තිබුණ තැන නෙවෙයි මෙදා තියෙන්නේ.”සමාජ සවිබල ගැන්වීමේ, උඩරට ගැමි පුනරුත්ථාපන සහ උඩරට සංවර්ධන ඇමැති එස්.බී. දිසානායක මහතා:“1969න් පස්සේ කොට්ඨාස ක්‍රමයට මේ මැතිවරණය පවත්වනවා. කොට්ඨාස ක්‍රමයට මේ මැතිවරණය ගේනවට බොහෝ දේශපාලන පක්‍ෂ දිගින් දිගටම විරුද්ධ වුණා. ගමේ කොල්ලෙක් කෙල්ලෙක් මන්ත්‍රී වෙනවට ඒ අය කැමති නෑ.මේ අපේක්‍ෂකයෝ තමයි ජනාධිපතිතුමාගේ ගැමි ආර්ථිකය ඉහළ නංවන ජාතික වැඩසටහනේ ඔබේ ගමේ නියෝජිතයා. ඉදිරියේ දී ගමේ සියලු සංවර්ධන වැඩ කෙරෙන්නේ ඒ නියෝජිතයා හරහා.”ජාතික නිදහස් පෙරමුණේ හිටපු නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා:“බැඳුම්කර වංචාව ගැන පෙබරවාරි 10 දාට කලින් පාර්ලිමේන්තුවේ විවාදය තිබ්බොත් කාගෙ කාගෙත් කෙරුවාවල් ජනතාව දැන ගනීවි.”හිටපු ඇමැති චන්ද්‍රසේන විජේසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල යන මහත්වරු ද නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැති ආරියවතී ගලප්පත්ති මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, අතුල කුමාර රාහුබද්ධ, භාණු මුණිප්‍රිය, සලිත කරුණාරත්න, සරත් සඳනායක, මියුරු භාෂිත ලියනගේ, වරුණ ලියනගේ යන මහත්වරු ද පළාත් පාලන අපේක්‍ෂක අපේක්‍ෂිකාවෝ ද ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.(අජිත්ලාල් ශාන්තඋදය, රත්නපුරේ පී.ඒ.කේ. විජයසුන්දර සහ අප්සරා යෝසිත් විජේසූරිය) 
හොරුන්ට දඬුවම් දෙන්න පක්ෂ පාට මට කිසි ප්‍රශ්නයක් නෙමේ
0
hp_train_0630
(හර්ෂණ තුෂාර සිල්වා)ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.මේ වසරේ 6 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව නිවේදනය කළේය.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඔක්තෝබර් 10 වැනිදා රැස්වී එම තීරණය ගෙන තිබේ.ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 7 සහ සියයට 8 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඊට අමතරව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ද පවතින සියයට 5 මට්ටමේ පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ මූල්‍ය වෙළෙඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.මුදල් මණ්ඩලයේ මෙම තීරණය උද්ධමනය සියයට 4ත් 6ත් අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන බවත් මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටම ළඟාවීම සඳහා සහාය වනු ඇතැයි ද හෙතෙම කීය. 
‘‘බැංකු පොළී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යනවා‘‘
0
hp_train_0631
(ශාන්ත චන්ද්‍රසිරි)වතු වෘත්තීය සමිති නියෝජිතයෙකු විසින් වතු නිලධාරීවරයෙකුට පහරදීමක් සිදු කරන ලද බව පවසමින් ඊට විරෝධය පාමින් තලවකැලේ, වටගොඩ වත්තේ වතු නිලධාරීන් අද (14) විරෝධතාවයක නිරතවුහ.වතු නිලධාරීන්ට මෙසේ පහරදීමෙන් වතු සේවා කටයුතු සිදු කරගෙන යාමේදී විවිධ ගැටළුවලට මුහුණ පා ඇති බවත් වතුවල පවතින මෙම තත්ත්වය වහාම නිවරදි විය යුතු බව විරෝධතාවයේ නිරත වතු නිලධාරීහු පවසති.වටගොඩ වතුයායේ වතු නිලධාරීන් 40 ක පමණ පිරිසක් විවිධ සටන් පාඨ සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් වතු කාර්යාලය ඉදිරිපිටට එක්රැස්ව මෙසේ විරෝධතාවයේ නිරතවුහ.පහරදීමට ලක් වු බව කියනු ලබන  වතු නිලධාරීවරයා රෝහල් ගත කොට ඇති අතර සිද්ධියට සම්බන්ධ වතු වෘත්තීය සමිති නියෝජිතයා තලවකැලේ පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
තලවකැලේ වටගොඩවත්තේ විරෝධතාවක්
1
hp_train_0632
(හැටන් රංජිත් රාජපක්ෂ)     තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (01) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් 14 දෙනෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බෝන් වතුයායේ ක්‍රෙවෙන්ටන් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසක් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.තේ වත්තේ ගසක් මැද බැඳතිබූ බඔර කූඩුවක බඹරවදය කඩා ගැනීමට උකුස්සෙකු පහර දීම නිසා ඇවිස්සුණු බඹරුන් තමන්ට ප්‍රහාර එල්ල කළ බව තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවෝ පැවසූහ.බඔර ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන්ගේ තත්වය බරපතල නොවන බව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.
ග්‍රේට්වෙස්ටන් වත්තේ බඹර ප්‍රහාරයකින් 13 ක් රෝහලට
0
hp_train_0633
(ඩයනා උදයංගනී)දකුණ, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වල අද (15) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නැගෙනහිර පළාතේත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 
පළාත් කිපයකට ගිගුරුම් සහිත වැසි
0
hp_train_0634
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා  වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද මඳ වැසි ඇති විය හැකියි‘.මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.2015 අප්‍රේල්  මස 24 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කෙරිණි.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0635
 ( තිළිණි ද සිල්වා ) ඉකුත් ජනවාරි මාසයේදී විදෙස් සංචාරකයින් 244,239 දෙලක්ෂ හතළිස් හතර මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (11) නිවේදනය කළේය. ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී එය සියයට 2.2 ක වර්ධනයක් වී ඇතැයිද  එම අධිකාරිය පෙන්වා දේ. 2018 වසරේ ජනවාරි මාසයේදී විදෙස් සංචාරකයින් 238,924 දෙනෙකු මෙරටට පැමිණ ඇත.  පසුගිය මාසයේදී සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර මීට අමතරව චීනය ,එක්සත් රාජධානිය යන රටවලින් සංචාරකයින් විශාල වශයෙන් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී. මේ වසරේදී විදෙස් සංචාරකයින් ලක්ෂ 30 ක්  ඉලක්කයක් සපුරා ලීමට  රජය අපේක්ෂා කරන අතර ඇමෙරිකා ඩොලර් බිලියන 4 ක ආදයමක් සංචාරක ක්ෂේත‍්‍රයෙන් ඉපැයීමට අපේක්ෂා කරයි.
සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්
1
hp_train_0636
(ඩී.කේ.රත්න සහ නිශාන්ත කුමාර)හාලිඇල නගරය ආසන්නයේම පිහිටි උඩදොම්පෙ රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර 50 ක් පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ඖෂධ පැළෑටි රැසක් සහ ශාක විශේෂ රැසක් විනාශ වී තිබේ.කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් සතුන් දඩයම් කිරීමට හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.ගින්න ඇතිවීමත් සමඟ හාලිඇල පොලීසිය හා ප‍්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න නිවා දැමීමට උත්සහ කළද පවතින දැඩි වියළි කාලගුණය හා සුළං තත්වය නිසා ගින්න නිවාදැමීමට නොහැකි වී තිබේ. හාලිඇල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.
හාලිඇල අඹවක රක්ෂිතයේ ගින්නකින් අක්කර 20 ක් විනාශයි
0
hp_train_0637
(***අංජුල මහික වීරරත්න සහ ***කැලණිය - ලාල් එස්. කුමාර)ආගමට, ජාතියට, සංස්කෘතියට හිතැති ප්‍රකට බෞද්ධ පවුල් දෙකක නියෝජනයක් වන රුවන් විජයවර්ධන මහතාට දේශීයත්වය ආගම පිළිබඳව අමුතුවෙන් කියා දිය යුතු නැතැයි කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලු‍පිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පැවැසූහ.එක්සත් ජාතික පක්ෂය ගොඩ ගැනීමේ බරපතළ වගකීම රුවන් විජයවර්ධන මහතාට පැවැරී ඇතැයි කී සංඝරක්ඛිත නාහිමියෝ ඒ සඳහා මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය හිමිවන බව සඳහන් කළහ.එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක ධුරයට පත් රුවන් විජයවර්ධන මහතා කැලණිය රජමහා විහාරයට ගොස් වන්දනාමාන කර මහා සංඝරත්නයේ ආශිර්වාද ගැනීමෙන් පසු මහාචාර්ය කොල්ලු‍පිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ ද පැවැසූහ.“කැලණිය රජමහා විහාරය, හුණුපිටිය ගංගාරාමය ප්‍රමුඛ විහාරස්ථානවල ක්‍රියාකාරී දායකත්වය දරමින් රුවන් විජයවර්ධන මහතා විශාල මෙහෙවරක් කරනවා. ඒ අනුව ඔබතුමන්ට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වෙනවා.හෙලේනා විජයවර්ධන ළමාතැනිය කැලණි රජමහා විහාරයේ නව දියුණුව උදෙසා ධන පරිත්‍යාග කළ මැතිනිය ලෙස මුළු මහත් ලංකාවම දන්නවා. එදා පටන් මේ දක්වා විජයවර්ධන පවුලේ සියලු‍ම දෙනා යහපත් මංගල කාරණයක් සිදුවන අවස්ථාවකදී කැලණි විහාරයට පැමිණ ආශිර්වාද ගැනීම සිරිතයි. ඒ ආශිර්වාදය ගැනීම සඳහා රංජිත් විජයවර්ධන පියාණන් ප්‍රමුඛ රුවන් විජයවර්ධන මහතා අද මෙහි පැමිණ සිටිනවා. පාරම්පරිකව එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළ ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක උරුම කරගත් පවුලේ කෙනකු ලෙස රුවන් විජයවර්ධනට මෙරට සංස්කෘතිය, දේශීයත්වය පිහිටා තිබෙනවා. එමෙන්ම මෙරට ජනතාව ශක්තිවන්ත කිරීමට අවශ්‍ය කරන ආභාසය ද එතුමාට තිබෙන බව අවධාරණය කළ යුතුයි.විජයවර්ධන පවුල මෙරට ප්‍රකට බෞද්ධ පවුලක්. රංජිත් විජයවර්ධන මහතාගේ පියාණන් වන්නේ හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් වන ඩී.ආර්. විජයවර්ධන මැතිතුමායි. ඒ නිසා මෙරට ආගමට, සංස්කෘතියට, ජාතියට සම්බන්ධ  පවුල් දෙකක නියෝජනය ලෙස රුවන් විජයවර්ධන මහතා අප සලකනවා.ඒ නිසා එතුමාට  දේශීයත්වය, ආගම පිළිබඳව මෙන්ම රටේ ගැඹුරට ගිය සංස්කෘතිය පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැහැ. එතුමා පවුලේ ආභාසය මෙන්ම උරුමය නිසා රටේ පවතින ශක්තිය පිළිබඳව ඉතා හොඳින් තේරුම් ගෙන සිටිනවා.රුවන් විජයවර්ධන මහතා ලැබිය යුතු අධ්‍යාපන සුදුසුකම් මෙරට මෙන්ම එංගලන්තයේදී  ලබාගෙන අංගසම්පූර්ණ වී දේශපාලනයට පැමිණියා. එතුමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයට පත්වූයේ එවන් පසුබිම යටතේයි.කඩාවැටුණු එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩ නැගීමේ බරපතළ වගකීම නියෝජ්‍ය නායක ලෙස ඔබතුමාට පැවැරී තිබෙනවා. යම්කිසි සැහැල්ලු‍වක් ඇති කරගත්තා නම් එය බැහැර කර වගකීම තේරුම් ගෙන පාක්ෂිකයන් තවදුරටත් මනසින් ශක්තිමත් කරමින් ප්‍රායෝගිකව ක්‍රියාකාරී පාක්ෂිකයන් බවට පත්කරමින් රටේ ආර්ථික වෙනසක් ඇති කරන්න අවස්ථාවක් ගන්නැයි අප ඉල්ලා සිටිනවා.”එක්සත් ජාතික  පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය.“එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනගන්න මට හැකියි. අපට මහ මැතිවරණයෙන් ලැබුණේ පරාජය නොවෙයි. එය පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා හොඳ අවස්ථාවක් බව කිව යුතුයි.අතීතයේ දී රජයක් ලැබුණු විට අප පාක්ෂිකයන්ගෙන් ගොඩක් දුරස් වුණා. මේ ප්‍රතිඵලය අපට ලැබුණේ ඒ නිසයි. නැවත පාක්ෂික විශ්වාසය දිනාගෙන  ඉදිරියට යන්න අපට හොඳ අවස්ථාවක් තිබෙනවා. ඒ අනුව පක්ෂය නිසි තැනට ගෙන එන්න හැකි වෙතැයි මා සිතනවා.”මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ රුවන් විජයවර්ධන මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය: ඔබතුමාට නියෝජ්‍ය නායක ධුරය ලැබුණාට පක්ෂයේ ඇතැම් පිරිස් කැමැති නැහැ නේද?පිළිතුර: මා ඒ ගැන දන්නේ නැහැ. පක්ෂයේ විවිධ අදහස් සහ මතවාද තිබෙනවා. සියලු‍ම දෙනා එකමුතුකමින් ඉදිරියට යා යුතුයි. විවිධ මති මතාන්තරවලටත්  ගරු කරමින් පක්ෂය ශක්තිමත් කිරීම මගේ අරමුණයි.ප්‍රශ්නය: රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ පසුව එ.ජා.ප.යේ නායකත්වය ලැබෙන්නේ කාට ද?පිළිතුර: ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ඒ ගැන හරි තීරණයක් ගනීවි.ප්‍රශ්නය: ඔබ පක්ෂ නායකත්වය බලාපොරොත්තු වෙනවා ද?පිළිතුර: අනිවාර්යයෙන්ම. පාක්ෂිකයන්ගේත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් විශ්වාසය තිබෙනවා නම් පක්ෂ නායකත්වයට ඉදිරිපත් වෙන්න මා ලෑස්තියි.ප්‍රශ්නය: පක්ෂ නායකත්වයට තෝරා පත් කරගන්නත් රහස් ඡන්දයක් තැබිය යුතු වේවි ද?පිළිතුර: නායකත්වය බලාපොරොත්තු වන තවත් අය ඉන්නවා. ඔවුන් ද ඉදිරිපත් වේවි. ඒ අනුව තෝරා ගැනීම සඳහා සුදුසු තීරණයක් ගනීවි.ප්‍රශ්නය: එක්සත් ජාතික පක්ෂයේ තනතුරු පාක්ෂිකයන්ගෙන් විමසන්නේ නැතිව පත් කරන්නේ ඇයි?පිළිතුර: ජනතා විශ්වාසය නැතිව  තනතුරුවලට පත් වී නැහැ. මගෙත් නායක පුටුවට කෑදරකමක් නැහැ. ඒත් පක්ෂය ආරක්ෂා කරගත යුතුයි.මට තිබෙන්නේ ඒ චේතනාව පමණයි.මා ඉදිරිපත් වූයේ පක්ෂය ගොඩනැගීම සඳහායි. එක්සත් ජාතික පක්ෂය මගේ හෝ වෙන කාගෙවත් හෝ පෞද්ගලික දේපොළක් නොවෙයි. මෙය ඉතිහාසය සමග බැඳී තිබෙන පක්ෂයක්. පක්ෂය විනාශ වීම ජාතික අපරාධයක්.ප්‍රශ්නය: සමගි සන්ධානයක් ගැන සමගි ජන බලවේගය ප්‍රකාශ කර තිබෙනවා. එයින් ආරාධනාවක් ලැබුණොත් ගන්නා පියවර කුමක් ද?පිළිතුර: ඒ අයත් සමඟ සාකච්ඡා කර එකඟ විය හැකි නම් රට වෙනුවෙන් වැඩ  කරන්න සූදානම්. දැනටමත් ආණ්ඩුවෙන් විවිධ වැරැදි වෙනවා. රට, ජනතාව ගැන  මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතා එක් වීමට හැකියි.ප්‍රශ්නය: විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබේ අදහස කුමක් ද?පිළිතුර: අප ඒ ගැන කනගාටුවට පත්වෙනවා. සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් 19 වැනි සංශෝධනය ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නයි.විසිවැනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පසෙක තබා ඒකාධිපති ස්වරූපයක් ඇති කරලා. එක්සත් ජාතික පක්ෂය ලෙස අප ඊට විරුද්ධයි.ප්‍රශ්නය: රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සිටිය යුතු යැයි ඔබ සිතනවා ද?පිළිතුර: නායකත්වයෙන් ඉවත් වන බව එතුමා  පැහැදිලිවම කියා තිබෙනවා. එතුමා දිගු කාලයක් තිස්සේ පක්ෂයට නායකත්වය දුන්නා. එතුමා අත්හරින්න හැකියාවක් නැහැ. ඊළඟ නායකත්වයට වැඩ බාරදෙන්න එතුමාටත් කාලයක් තිබෙනවා.දෙසැම්බර් වනවිට අලු‍ත් නායකයාට පූර්ණ බලතල දී පත්කරන බව එතුමා ප්‍රකාශ කළා. ඒ විශ්වාසය අප ළඟ තිබෙනවා. එතුමාට අගෞරවය කර වැඩ කරන්න මට කිසිම චේතනාවක් නැහැ. පක්ෂය ප්‍රතිසංවිධාන කළ යුතු බව එතුමාගේත් අදහසයි.ප්‍රශ්නය: එ.ජා.ප.යේ ඉදිරි නායක ඔබතුමා බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ ද?පිළිතුර: එතුමා එසේ කියා නැහැ. ඉදිරි නායකයා වන්නේ නියෝජ්‍ය නායකයාම නොවෙයි.ඒත් ඉදිරිපත් වී  පක්ෂ නායකත්වය ගන්න  නියෝජ්‍ය නායකයාටත් ඉඩ ප්‍රස්ථා තිබෙන බව එතුමා ප්‍රකාශ කළා.ප්‍රශ්නය: එක්සත් ජාතික පක්ෂ නායකත්වයත් පවුලේ අය අතර දෝලනය වන බවට චෝදනා කරනවා නේද?පිළිතුර: එහි සත්‍යතාවක් නැහැ. මා පත්වුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයෙන්. නායකතුමා එහිදී ඡන්දය ප්‍රකාශ කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. යැයි ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
නිවැරැදි ප්‍රතිපත්තියක් තිබෙන විපක්ෂයක් රටට දැන් ඕනෑ
0
hp_train_0638
 චීනය  සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්  ශ්‍රී ලංකන් ගුවන් සමාගම  ජූලි  1 වෙනි දා සිට  කොළඹ සිට චොංකින් වෙත මෙහෙයුම් ඇරඹීමට සැලසුම් කර ඇත. කොළඹ සිට චොංකින් වෙත ගමන් ගන්නා ගුවන් යානා   නැවත පැමිණීමේ දී බැංකොක් හරහා කොළඹට ලඟාවීමට සැලසුම් කර තිබේ.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම  හා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නව ගිවිසුම  කොළඹ දී අත්සන් කළහ.මේ වන විට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම චීනයේ බීජිං, ශැන්හයි, කැන්ටන් සහ හොංකොං යන ගමනාන්ත සඳහා සතියක දී ගුවන් ගමන් 15 ක් සිදුකරන අතර මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමඟ නිරිත දිග චීනයට ශ්‍රීලංකන් ගුවන් යානා පියාසර කිරීමද මේ අනුව සනිටුහන් වනු ඇත.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ මේ වන විට චීනය මෙරට  ප්‍රධාන වෙළපොළක් ලෙස හඳුනා ගෙන ඇති ‍බැවින් නව ගමනාන්ත හඳුන්වා දෙමින් ගුවන් ගමන් වැඩි කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම  නිරන්තරයෙන් කටයුතු කරන බවයි.ඒ අනුව මෙම නව කුලී ගුවන් සේවා යෙදවීමත් සමඟ නව පාරිභෝගික කාණ්ඩවල සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවා භාවිත කරමින් සුව පහසු සහ ආරක්ෂාකාරී සංචාරයක යෙදීමේ අවස්ථාව සැලසෙන අතර ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරයද අත්වීඳීමට හැකි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අලෙවි නිළධාරී ජී.ටී ජෙයසීලන් මහතා ප්‍රකාශ කළේ බීජිං, ශැන්හයි සහ ගුවන්සූ   යන ගමනාන්ත වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ සිචුවාන් කලාපය වෙත  සාර්ථක ප්‍රතිලාභ ඉපයීමට හැකි වෙළඳපොළක් නිර්මාණය වූ බවයි.එසේම විවිධ ඇගයුම් සිදුකරමින් සංචාරක ප්‍රවර්ධන අභිවෘද්ධිය සඳහා වූ ක්‍රියාකාරකම් සිදුකරමින් ශ්‍රීලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවත්වනු ලැබූ විවිධ සංචාරක ක්‍රියාකාරකම් වලින්ද මෙම තේරීම තව දුරටත් තහවුරු වූ බවද හෙතෙම පැවසීය.තවද මේ ආකාරයට ප්‍රථමයෙන් විශේෂයෙන් වෙන්කරවා ගත් කුලීගුවන් සේවා මෙහෙයුම් සිදු කිරීමේ සාර්ථක පරීක්ෂාවලින් පසු  කාල සටහනක‍ට අනුකූලව විධිමත් ගුවන් සේවා  ආරම්භ කිරීමට කටයුතු යොදන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.ජාත්‍යන්තර දෙපාර්තමේන්තු කළමනාකාර අයිරිස් හුවං මහතා ප්‍රකාශ කළේ “ මගේ පළමු සංචාරයේදීම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන ඉතාමත් පැහැදුණා.මෙම නව ගිවිසුම තුළින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟින් චොංකින් සිට ශ්‍රීලංකාව දක්වාත්  ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම දේශීය සහකරු වන වෝකස් ට්‍රැවල්ස්   මෙම නව සබඳතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි  මම සිතනවා. චොංකින් වෙත සහ නිරිත දිග චීනයට ගුවන් ගමන් ශක්තිමත් කිරීමට හැකියාව මෙයින් ලැබෙන බවට මා විශ්වාස කරනවා” යැයි ද ඒ මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකාව තුළ චොංකින් හුවාපොන්ඩ් ජාත්‍යන්තර සංචාරක සමාග‍මේ නියෝජිත වශයෙන් කටයුතු කරනුයේ වෝකස් ට්‍රැවල්ස් ආයතනයයි.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම 2002 වසරේ ජූලි මාසයේ දී හුවාපොන්ට් නියුට්‍රිච්මි  සමාගම් හිමිකාරීත්වයෙන් සහ Shenzhen කොටස් වෙළඳපොළේ ලියාපදිංචියෙන් පිහිටුවන ලදී. සංචාරක කර්මාන්තය ආශිතව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සංචාරක ස්ථාන සංවර්ධනය හා කළමනාකාරීත්වය,හොටල් සහ රිසෝට්ස්, විදේශ සංචාර හා ර‍ට වෙත පැමිණීම් යනාදිය ඇතුළත්ය.ජෝන් කීල්ස් සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශ ප්‍රධානී   වසන්ත ලීලානන්ද මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ නිරිත දිගචීනය ප්‍රවර්ධනය කිරීම සඳහා  ශ්‍රීලංකන් ගුවන් සමාගමට සහ චොංකින් හුවාපොන්ට් සංචාරක සේවා සමාගමට සහයෝගය ලබා දීමට ලැබීම සතුටට කරුණක් බවයි.තවද චීනයේ චොංකින් වෙත ගුවන් ගමන් ව්‍යාප්ත කිරීම තුළින් නව ගුවන් කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීම සඳහා අවස්ථාව සැලසී ඇති අතර ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට අපගේ චීනයේ පාර්ශ්‍රවකරු සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ස්තූති කරන අතර මෙම නව ගමනාන්තය පිළිබඳව විශ්වාසයක් තැබීම සම්බන්ධයෙන් ද ස්තූතිවන්ත වන බවද හෙතෙම සඳහන් කළේය.කුලී පදනම මත පළමු වරට විධිමත් සතිපතා ගුවන් ගමන් සේවා දියත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා සත්කාරය මෙම ව්‍යාපෘතියට සහයෝගයක් වනු ඇති බවද හෙතෙම පැවසීය.ඒ අනුව මෙම ගුවන් ගමන් කොළඹ සිට දේශීය වේලාවෙන් පැය 0130 පිටත් වී චීනයේ චොංකින් වෙත පැය 0915 ලඟා වීමට නියමිතයි.එසේම  චොංකින් සිට පැය 1030 ට පිටත් වන ගුවන් යානය බැංකොක් හරහා පැය 1605 ට කොළඹට ලඟාවීමට ද සැලසුම් කර තිබේ.මෙම ගුවන් යානා ජූලි මස 1 වෙනි දා සිට 2014 නොවැම්බර් මස 25 වෙනි දින දක්වා සේවා සපයන අතර එය නැවතවරක් 2015 ජනවාරි මස 13 වෙනි දින  සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම ගුවන් ගමන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ A320 ගුවන් යානා යොදවා තිබේ.මේ වසරේ අප්‍රේල් මස සිට ශ්‍රීලංකන් ගුවන් සමාගම බීජිං හා ශැන්හයි දක්වා සතියකට ගුවන් ගමන් වාර 8 ක් ක්‍රියාත්මත කරන අතර එයින් ගුවන් යානා 4 ක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පිටත්ව යන ලදී. මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගම අතීතයේ සිට චීනයේ කුන්මින්  සහ චෙන්ඩු  යන ගමනාන්ත සඳහා මේ ආකාරයට ගුවන් ගමන් සිදුකර ඇති අතර මේ ගිවිසුමත් සමග චීනයට විශේෂයෙන් යෙදවූ කුලී ගුවන් සේවා සපයන තුන්වන අවස්ථාවද සනිටුහන්වේ. 
ශ්‍රී ලංකන් එයාර් බර්ලින් සහ නිකී සමග හවුලක්
0
hp_train_0639
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින නව ව්‍යාපාරික අදහස් ඇති උපාධිධාරි ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිලාභ ලබාදීමේ ජාතික වැඩසටහන අද (08) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ  මූලිකත්වයෙන්  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.සෞභාගයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව රට තුළ ශක්තිමත් දේශීය ව්‍යවසායක පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කොට ගනිමින්, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කොට ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් මෙම ප්‍රතිලාභ ලබාදෙන ලදී.රට තුළ නව ව්‍යවසායකයින් බිහි කිරීම, විවිධාංගීකරණය සහ ප්‍රමිතිය ඔප් නැංවීම තුළින් පවතින ව්‍යාපාර සවිබල ගැන්වීම යන අරමුණු සදහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.ඒ අනුව උපාධිධාරි ව්‍යවසායකයන් 146 දෙනෙක් වෙත රු 150,000ක අවමයකට සහ රුපියල් 400,000ක උපරිමයකට යටත්ව මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කෙරිණි. ඔවුන් දේශීය ව්‍යවසායකයින් ලෙස බලගැන්වීමේ ඇති වැදගත්කමත්, ඉදිරියේදී තවත් උපාධිධාරි ව්‍යවසායකයින් වැඩි ප්‍රමාණයකට සිය ආයතනයේ සහාය ලබාදීමට සුදානමින් සිටින බවත් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා අදහස් දක්වමින් පැවසිය.මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චුලානන්ද පෙරේරා, කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
උපාධිධාරී ව්‍යවසායකයින් 146කට මුල්‍යමය ප්‍රතිලාභ
1
hp_train_0640
කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංගකොමර්ෂල් බැංකු සමූහය 2022 මූල්‍ය වසර ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයකින් අවසන් කිරීමට සමත්වී තිබෙන අතර අනාගතය සුරක්ෂිත කරන උපාය මාර්ගික තීරණ ගණනාවක්ම බැංකු සමූහය විසින් මෙහිදී ක්‍රියාත්මක කර ඇතැයි එම බැංකුව සඳහන් කරයි.සාර්ව ආර්ථිකය තුළ අවිනිශ්චිතතා රැසක් මතුවූ මූල්‍ය වසරක් වූ මෙම කාලයේ දී ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහයේ වත්කම් රුපියල් බිලියන 516.063 කින් හෙවත් සියයට 26.02 කින් වර්ධනය වී රුපියල් ට්‍රිලියන 2.5කට ළඟාවී තිබෙන අතර සමූහයේ දළ ආදායම සියයට 71.31 කින් රුපියල් බිලියන 280.387 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අතර, පොලී ආදායම සියයට 67.44 කින් රුපියල් බිලියන 222.393 ක් දක්වා වර්ධනය වී තිබේ.    කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබෙන්නේ සමූහයේ ණය පොතේ වටිනාකම රුපියල් බිලියන 151.239 කින් හෙවත් සියයට 13.81 කින් 2022 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12ක කාලය තුළ දී වර්ධනය වී තිබෙන බවයි. මෙම වසර තුළ දී විදේශ මුදල් ණය සහ අත්තිකාරම් මත රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම මෙයට ප්‍රධානතම හේතුව වී තිබේ. රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම වට්ටම් කළ පසුව මේ වසර තුළ පෞද්ගලික අංශය ලබාගත් ණය විශාල වශයෙන් අඩුවීම හමුවේ බැංකු සමූහයේ ණය පොතේ සුළු වර්ධනයක් දැකගත හැකිවේ. මේ අතර, සලකා බලන මූල්‍ය වසර තුළ දී රුපියලේ අවප්‍රමාණය සමඟ තැන්පතු රුපියල් බිලියන 505.103 කින් හෙවත් සියයට  34.30 කින් වර්ධනය වී තිබේ.      මෙම මූල්‍ය වසර තුළ දී බැංකු සමූහය විසින් හානි පූරණ ගාස්තු සහ අනිකුත් අලාභ වෙනුවෙන් රුපියල් බිලියන 71.924 ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය රුපියල් බිලියන 46.784 කින් හෙවත් සියයට 186.10 කින් ඉහළ යාමකි. 2021 වසරේ දී මේ වෙනුවෙන් රුපියල් බිලියන 25.140 ක් වෙන්කර තිබුණි. මේ හේතුවෙන් සලකා බලන වසර තුළ දී බැංකු සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම සියයට 5.47 කින් රුපියල් බිලියන 64.712 ක් දක්වා පහළ ගිය අතර 2022 හතර වන කාර්තුවේ දී සියයට  24.90 කින් රුපියල් බිලියන 13.147 ක් දක්වා පහළ ගොස් තිබේ. කෙසේවෙතත්, සලකා බලන වසර තුළ දී බැංකු සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 43.038 කින් හෙවත් සියයට 45.98 කින් රුපියල් බිලියන 136.637 ක් දක්වා වර්ධනය වී ඇත.        බැංකු සමූහයේ මූල්‍ය වාර්තාවලට බලපා තිබෙන බාහිර සාධක පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා මෙසේ පැවසීය. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය නිසා දේශීය සාර්ව ආර්ථිකය පීඩනයට පත්ව තිබෙනවා. මේ තුළ ශ්‍රී ලංකාවේ විදේශීය මුදල් ද්‍රවශීලතාව සහ බැංකුවල ප්‍රාග්ධන ප්‍රමාණත්වය විශාල පීඩනයකට ලක්වූ නිසා සලකා බලන වසරේ දී ද්‍රවශීලතාව කළමනාකරණය කර ගැනීම ප්‍රමුඛ කාර්ය භාරයක්. අරමුදල්වල පිරිවැය වැඩිවීම වළක්වාලීමට නොහැකි වුවත් මූල්‍ය වත්කම් යළි මිලකරණයට සහ යළි තුලනයට ගත හැකි සෑම පියවරක්ම ගත්තා. මෙහිදී, ගාස්තු පදනම් කරගත් ආදායම් වර්ධනය වූ බවත් පොලී නොවන පිරිවැය පිළිගත හැකි මට්ටමක පවත්වා ගෙන යාමට හැකිවූවා.  සලකා බලන වසරේ දී බැංකු සමූහයේ මෙහෙයුම් වියදම් සියයට 22.34 කින් රුපියල් බිලියන 36.282 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එයට පුද්ගල වියදම් වර්ධනය වීම, රුපියල අවප්‍රමාණය වීම, අනිකුත් මෙහෙයුම් වියදම් වර්ධනය වීම, වත්කම් නඩත්තු කිරීම සඳහා යන විදේශ මුදල් ගෙවීම් වැඩිවීම, අගය එකතු කිරීමේ බදු අනුපාත වර්ධනය වීම හේතුවී තිබේ. මේ අතර, සලකා බලන කාල සීමාව තුළ දී බැංකු සමූහයේ මූල්‍ය සේවා මත බදුවලට පෙර මෙහෙයුම් ලාභය සියයට 26.73 කින් අඩුවී රුපියල් බිලියන 28.430 ක්වී තිබෙන අතර 2022 හතර වන කාර්තුවේදී සියයට 68.43 කින් අඩුවී රුපියල් බිලියන 2.881 ක්වී ඇත.මේ අනුව, සලකා බලන මූල්‍ය වසර තුළදී බැංකු සමූහයේ බදුවලට පෙර ලාභය රුපියල් බිලියන 24.505 ක්වී තිබෙන අතර එය 2021 වසරට සාපේක්ෂව සියයට 25.65 ක පහළ යාමකි. සලකා බලන වසරේ දී ශුද්ධ ලාභය සියයට 0.45 කින් රුපියල් බිලියන 24.399 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර 2022 හතරවන කාර්තුවේදී ශුද්ධ ලාභය සියයට 69.53 කින් වර්ධනය වී රුපියල් බිලියන 8.939 ක්වී තිබේ. කොමර්ෂල් බැංකුව වෙනම ගත්විට සලකා බලන වසරේ දී බදුවලට පෙර ලාභය සියයට 29.38 කින් පහළ ගොස් රුපියල් බිලියන 22.598 ක්වී තිබෙන අතර බදුවලට පසු ලාභය සියයට 2.7 කින් වර්ධනය වී රුපියල් බිලියන 22.970 ක්වී ඇත. 2021 වසරේ දී කොමර්ෂල් බැංකුව බදුවලට පසුව රුපියල් බිලියන 23.606 ක ලාභයක් වාර්තා කිරීමට සමත්විය.      මේ අතර, බැංකුවේ අනිකුත් ප්‍රධාන මූල්‍ය දර්ශක බැලීමේ දී පෙනී යන්නේ බැංකුවේ කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම සියයට 18.99 කින් වර්ධනය වී රුපියල් 164.30 ක්වී තිබෙන බවයි. එය 2021 වසරේ දී රුපියල් 138.08 ක් විය. මේ අතර, 2022 දෙසැම්බර් 31 වනදා වනවිට බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය පිළිවෙළින් සියයට 11.389 ක් සහ සියයට 14.657 ක්වී තිබෙන අතර මෙම අනුපාත දෙකම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතා වන සියයට 10 සහ සියයට 14 ප්‍රමාණයන්ට වඩා ඉහළින් ඇත. එසේම, සලකා බලන මූල්‍ය වසර තුළ දී බැංකුවේ පොලී අන්තරය සියයට 3.74 කින් වර්ධනය වී තිබෙන අතර එය 2021 වසරේ දී සියයට 3.51 ක් විය. මෙම වසර තුළ දී බැංකුවේ වත්කම් සඳහා ප්‍රතිලාභ (බදු වලට පෙර) අනුපාතය සියයට 1.03 ක්වී තිබෙන අතර කොටසකට අදාළ ලාභය සියයට 12.46 ක්වී ඇත. 
කොමර්ෂල් බැංකුවේ ශක්තිමත් වර්ධනයක්
0
hp_train_0641
(හර්ෂණ තුෂාර සිල්වා) ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් නව කාර්මික විප්ලවයක් අපේ රට තුළ ක්‍රියාත්මක කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉරිදා (6) ප්‍රකාශ කළේය.නව නගර නිර්මාණය කර නව කර්මාන්ත ජනපද නිර්මාණය කර නවීකරණය තුළින් නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය තුළින් අපේ රට තුළ අපනයන පදනම් ආර්ථික රටාවක් ඇති කළ යුතු යැයි ද ප්‍රේමදාස මහතා පැවැසීය.කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඒ බව කීවේය.එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.          “ජනාධිපතිවරණයකට මුහුණ දී එම දැවැන්ත අභියෝගය ජයග්‍රහණය කර මේ රට නව මාවතකට යොමු කර, නව දර්ශනයක්, නව පිළිවෙතක් සහ නවීන චින්තනයක් ඔස්සේ අපේ රට සෞභාග්‍යය කරා ගෙන යෑමේ අභියෝගය අපි බාර අරගෙන තිබෙනවා.  මිත්‍රවරුණි, මෙම මැතිවරණය තුළ අපට ශක්තීන් රැසක් තිබෙනවා. අපි වැඩ කරලා ඔප්පු කරලා තිබෙනවා. අපි ජනතාවට දැවැන්ත සේවාවක් කරලා තිබෙනවා. කෙටි කාලයක් තුළ මේ රටේ පොදු ජනතාවට මෑත ඉතිහාසයේ ජන සමාජයේ සියලූම තල ආවාරණය වන ආකාරයට වාර්තා ගත ඓතිහාසික වැඩසටහනක් ඉටු කළේ අපේ ආණ්ඩුව බව මේ අවස්ථාවේදී බොහෝම ආඩම්බරයෙන් කියනවා. ඒ සංවර්ධන සේවාවෙන් ඔබ්බට, එම සංවර්ධන සේවාව ශක්තිමත් අලුත් ආකාරයේ වැඩපිළිවෙළකට කාලය එළැඹ තිබෙනවා. අපි රටක් හැටියට ලොව දිනන්නට ඕනේ. ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් නව කාර්මික විප්ලවයක් අපේ රට තුළ ක්‍රියාත්මක කරන්න ඕනේ. අපේ රට තුළ අගය එකතු කිරීමේ සංවර්ධන ක්‍රියාදාම ආරම්භ කරන්න ඕනේ. නව නගර නිර්මාණය කර නව කර්මාන්ත ජනපද නිර්මාණය කරලා නවීකරණය තුළින් නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය තුළින් අපේ රට තුළ අපනයන පදනම් ආර්ථික රටාවක් ඇති කරන්න ඕනේ. එම ආර්ථික රටාව ශක්තිමත් කරන්න ඕනේ”. ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
’’අපනයන පදනම් කරගත් බිහි කරනවා’’
0
hp_train_0642
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල අඩංගු බහාලූම් ( කන්ටේනර් ) දිවයිනේ අභ්‍යන්තර ප‍්‍රදේශ වලට රැගෙන යාම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය මෙම මස 18 දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණ නියෝග කෙරිණි. මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ  අද  (12)  කැඳවිණි.මේ පිළිබඳ රස පරීක්ෂක වාර්තා ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් කරුණු සහිත වාර්තාවක ඵදිනට අධිකරණයට ලබා දෙන  බව නීතිපති වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා දැනුම් දුන්නේය.ඒ අනුව මෙම රිට් පෙත්සම දෙසැම්බර් 18 වැනි දින යළි කැඳවන ලෙසද නියෝග කෙරිණි.පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ,  රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකි.ජීව විද්‍යා උපාධිධරයෙකි.සායනික අපද්‍රව්‍ය , ඉවතලන ප්ලාස්ටික් , මෙට්ට‍්‍රස් ආදි අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇත.මෙම විදෙස් කැළි කසල මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය.මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම , ජනතාවගේ සෞඛ්‍යයටද හානි සිදුවේ.මෙම විදෙස් අපද්‍රව්‍ය මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ.මෙවැනි ක‍්‍රියාවන් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත.මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත් , මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැත.එැබිවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , ජාතික පරිසර පනතෙහි විධි විධනා උල්ලංඝනය කරමින් මෙරටට විදේශයන් හි සිට කැළි කසල ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , මෙවැනි විදෙස් කැළි කසල ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.පෙත්සම්කාර පරිසර සංවිධානය වෙනුවෙන් නීතීඥ නිල්මල් වික‍්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.
කැළි කසල කන්ටේනර් වෙනත් ප්‍රදේශවලට ගෙනයාම වැළක්වීමේ අතුරු නියෝගය තවත් දිගු වෙයි
1
hp_train_0643
ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්තවය වැඩි වන බවත් වයඹ, මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල බොහෝ ස්ථානවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තද වැසි ද ඇති විය හැකියි. නැගෙනහිර පළාතේ තැනින් තැන උදය කාලයේදීද වැසි බලාපොරොත්තු විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වේ.  ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 18/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33239560දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31249070උදෑසන වැසි සහ දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31249575දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249075දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32238560දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක්.මහනුවර29219570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22129575දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32249565උදෑසන වැසි සහ දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32259070දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘ප්‍රදේශ රැසක්ට හෙටත් තද වැසි‘
1
hp_train_0644
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
“පෞද්ගලික අංශයේ කර්මාන්ත හෝ වෙනත් ආයතන වහන්නේ නෑ“
0
hp_train_0645
  රොමේෂ් මධුෂංඛ මන්නාරම මඩු පරසන්කුලම්හි පෙරියවලයං කඩ්ඩු ප්‍රදේශයේ දී හක්කපටස් කෑ වල් අලියකුගේ ජීවිතය බේරා ගැනීමට වනජීවි නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් විසින් අද (28) දැඩි පරිශ්‍රමයක නිරත විය.බෝම්බයට ගොදුරු වූ වල් අලියා පිළිබඳ පළමුව 20 වැනි සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා නිලධාරීන් දැක ඒ බව වනජීවි නිලධාරීන් වෙතට දැනුම් දීමෙන් පසු වනජීවි නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.දඩයම්කරුවන් විසින් හක්කපටස් බෝම්බයක් යොදා තිබියදී මෙම වල් අලියා එයට ගොදුරු වී ඇති අතර හක්කපටස් බෝම්බය අලියාගේ මුඛය තුළම පුපුරා යාම හේතුවෙන් මුඛයටත් හිසටත් දැඩි හානි සිදුව ඇති අතරම ජීවිතය ද දැඩි අවදානම් තත්වයක පවතින බවට මන්නාරම් මඩු වනජීවි නිලධරයෝ පැවසුහ.හක්කපටස් බෝම්බය තැබූ පුද්ගලයින් කවුරුන් දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම පිරිස් සොයා ද පරික්ෂණයක් වනජීවි නිලධාරීන් විසින් ඇරඹීය.
හක්කපටස් කෑ වල් අලියාගේ ජිවිතය බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක
1
hp_train_0646
(අමදෝරු අමරජීව) සාම්පුර් පාවුල් තුඩුව මුහුදේ පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ සැකකරුවන් දෙදෙනෙකු  නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.   මාළු තොගය, යාත්‍රාව, එන්ජිම සමඟ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා චීනවරාය පොලිසියට භාරදී ඇත. ශ්‍රි ලංකා නාවික නෞකා “මහවැලි“ කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුව චීනවරාය වෙරළේ  රැක සිටි භට පිරිස් මොවුන් අත්අඩංගුවට ගත්හ. සැකකරුවන් සතුව තිබී බෝල්ලා නැමැති මසුන් කිලෝග්‍රෑම් 251ක් සමඟ කිමිදුම් උපකරණ පොලිසිය බාරයට ගෙන තිබේ.  අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කින්නියා ප්‍රදේශයේ  පදිංචිකරුවන් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් මාළු, යාත්‍රාව හා සැකකරුවන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට  නියමිතය.
පූජාපිටියේ නිදන් හාරමින් සිටි හතක් අත්අඩංගුවට
0
hp_train_0647
(පුත්තලම - ජුඩ් සමන්ත.) මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිදු කරන ලද වැටලීම් වලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි ව්‍යාපාරිකයින් 28 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. දින 03 ක් පුරා සිදු කරන ලද වැටලීම් වලදී ව්‍යාපාරික ස්ථාන 200 කට වැඩි ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත. සංචාරක හෝටල්,තොග අලවි සැල්,ආපන ශාලා,එළවළු අලවි කරන ස්ථානද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි.ව්‍යාපාරිකයින් 38 දෙනෙකුට මෙහිදී අවවාද කර ඇත.ඔවුන් සතුව තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග රැසක්ද විනාශ කර දැමීමට වැටලීම් සිදු කළ නිලධාරීන් කටයුතු කර ඇත.මාරවිල නගරයේ පිහිටි ස.තො.ස අලවි සැලේ තිබූ පණු කැදලි සහිත පරිප්පු කිලෝ ග්‍රෑම් 300 ක් තම බාරයට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති ව්‍යාපාරිකයින්ට එරෙහිව මාරවිල දිසා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත  
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ 13 කට නඩු
0
hp_train_0648
(ඩයනා උදයංගනී)  දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ජනතාව මේ වන විට වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කෑගල්ල සහ පුත්තලම දිස්ත‍්‍රික්කයන්ට මෙහි වැඩි බලපෑමක් එල්ල වී ඇති අතර එය නියං තත්ත්වය හේතුවෙන් එම දිස්ත‍්‍රික්කයන්හි පවුල් 611 කට අයත් 2,392ක පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ගලිගමුව, දැරණියගල, කෑගල්ල, බුලත්කොහුපිටිය සහ රුවන්වැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට බලපා ඇති මෙම නියං තත්ත්වයෙන් පවුල් 372කට අයත් 1519 දෙනෙක්, පුත්තලම දිස්ත‍්‍රික්කයේ දංකොටුව සහ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 239කට අයත් 873 දෙනෙක් මෙලෙස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.          ඊට අමතරව පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සිදුවූ අතුණු ගැසීම් හා දැඩි සුළං හේතුවෙන් නිවාස දෙකකට හානි වී පවුල් දෙකකට අයත් අට දෙනෙක්  පීඩාවට පත්ව සිටින බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.           වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙත ජල බවුසර් හා ටැංකි යොදාගෙන ජලය සැපයීමේ කටයුතු සිදුකරන බව ද ඔහු කීය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්හි වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බවයි.          රත්නපුර, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත‍්‍රික්කයන්හි ස්ථාන කිහිපයක පමණක් සවස 2.00න් පසු වැසි ඇතිවනු ඇතැයිද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.  
වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ දෙක ඉක්මවයි
0
hp_train_0649
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/08/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33268550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව36278045ප්‍රධාන වශයෙන් වැසි රහිත.කොළඹ32278570වැසි ස්වල්පයක්.ගාල්ල30268580වැසි වාර කිහිපයක්.යාපනය34287565ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29239070වැසි ස්වල්පයක්.නුවරඑළිය171310080වැසි ස්වල්පයක්. උදෑසන මීදුම් සහිත.රත්නපුරය31259070වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය37278050ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම31279075ප්‍රධාන වශයෙන් වැසි රහිත. 
‘පළාත් කීපයකට සුළු වැසි‘
0
hp_train_0650
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට  තද සුළං බලාපොරොත්තු විය හැකියි‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 28/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව31278565අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ33278575වැසි වාර කිහිපයක්.ගාල්ල31269080වැසි වාර කිහිපයක්.යාපනය32288075ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30229565වැසි ස්වල්පයක්.නුවරඑළිය23139070වැසි ස්වල්පයක්.රත්නපුරය33269565වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35278060අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32288575ප්‍රධාන වශයෙන් වැසි රහිත.   
‘හෙට වැහිබර කාලගුණයක්‘
0
hp_train_0651
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි ඌව , උතුරු මැද  සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 11/10/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32249065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32259075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570වැසි ස්වල්පයක්.ගාල්ල30249075වැසි ස්වල්පයක්.යාපනය32258070වැසි ස්වල්පයක්.මහනුවර28209580වැසි ස්වල්පයක්.නුවරඑළිය20139570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30239580වැසි ස්වල්පයක්.ත්‍රීකුණාමළය33249065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570වැසි ස්වල්පයක්.  
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0652
(මොරගොල්ලාගම සිසිර කැලේගම)මගුල් උත්සවයේදී මංගල යුවළට රැග් එක දීමට සුදානම් වූ පිරිසකට මනාල යුවළ එක්ව රැග් එක දීමේ පුවතක් මොරගොල්ලාගමට නුදුරින් පිහිටි රජරට ප්‍රදේශයේ ගම් සීමවෙකින් අපට අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.මනාලියගේ නිවසේ පැවති මංගල උත්සවයෙන් අනතුරුව හෝටලයක එදින රාත්‍රිය ගත කළ මනාල යුවළ පසු දිනයේ මනාලයාගේ නිවසට කැඳවාගෙන ඒමේ උත්සවයකි. මනාලියගේ පාර්ශ්වයේ අය හෝටලයට පැමිණ එතැන්සිට මනාල යුවළ කැටුව මනාලයාගේ නිවසට ළඟාවීමට නියමිතව තිබුණි.මනාලයාගේ හිතවත්හු පිරිසක් ඔවුන් පිළිගැනීම සඳහා එම නිවසේ සිට අතුරු මාවත පසු කරමින් ප්‍රධාන මාවත දෙසට ගමන් කළහ.පැමිණෙන මනාල යුවළ මෝටර් රථයෙන් බස්සවා ඔවුන් සැරසූ බක්කි කරත්තයක මනාලිය වාඩිකරවා මනාලයාට ඇදගෙන යාමටත්, තවත් තැනක සැරසූ විල්බැරෝවක මනාලයා හිඳුවා මනාලියට තල්ලු කරගෙන යාමටත් සියල්ල සැලසුම් කළහ.බොහෝ පිරිස එය දැකගැනීමට ඒ වටා ඒකරාශීවී සිටියහ. නැකැත් හෝරාව ආසන්න වෙනවිට මෝටර් රථය හා මනාලියගේ පාර්ශ්වයේ උදවිය එහි ළගා වූ නමුත් මංගල යුවළ දක්නට නොලැබිණි.කලබලයට පත් හිතවතුන් ඒ ගැන සොයා බැලීමේදී ඔවුනට දැනගන්නට ලැබුණේ මනාලයා මනාලිය බස්සවාගෙන අතුරු පාරකින් හොර රහසේ මනාලයා නිවසට ගොස් ඇති බවය. ඒ අනුව රැස්ව සිටි පිරිස මනාල යුවළ දකින්නට එහි දිව ගිය අතරේ රැග් එක දීමට සුදානම් වූ පිරිසද බක්කි කරත්තය හා විල්බැරෝව මහමග දමා එහි ගොස් තිබේ.මනාලයාගේ නිවසේ බක්කි කරත්තයක් හා විල්බැරෝවක් නැති නිසා හිතවතුන් එය ගෙනැවිත් තිබුණේ අවට ගම්මානයකින්ය. රැග් එක දීමට බැරි වුවත් ඔවුන් ගෙනා බක්කි කරත්තය හා විල්බැරෝව මහමග දිගේ තල්ලු කරගෙන අයිතිකරුවන්ට බාරදීමට දුර ගෙවා යාමේදී ගමේ උදවියගෙන් ඔවුනට හූ වරුසාවක් එල්ලවීමට නියමිතව තිබු බැවින් ලැජ්ජාවෙන් බේරීමට රැග් කණ්ඩායම කුලී ගෙවා ඒවා තැරෑව්කරුවන්ගේ මාර්ගයෙන් එහි යැවීමට පියවර ගත් බව ප්‍රදේශවාසීන්ගෙන් දැනගන්නට ලැබුණි. 
රැග් එක දෙන්න ගිය අය රැග් වී හූ වරුෂාවක්...
1
hp_train_0653
(ටී.කේ.ජී.කපිල )කටුනායක ගුවන්තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට අද (18) දින පැවති අධික වර්ෂාව හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම මත්තල ගුවන්තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන්තොටුපළේ බලධාරීහු පියවර ගත්හ.ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානය අද (18) සවස 6.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණියත් ඒ වනවිට ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පැවති වර්ෂාව සහිත කාළගුණය නිසා එම ගුවන් යානයේ ගුවන් නියමුවන් මුහුණ දී සිටි අපහසුතා සැලකිල්ලට ගෙන මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ අතර එය සවස 6.56 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබුණි.එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් වසර 07 කට පසුව මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීම විශේෂත්වයකි.මෙම එමිරේට්ස් ගුවන් යානය බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක් වන අතර එහි මගීන් 76 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටි අතර ඔවුන් ගුවන් යානයෙන් පිටතට නොබැස්සවීමට පියවර ගෙන තිබුණි.මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමේ දී එහි එන්ජිම වෙත කුරුල්ලන් කීප දෙනෙකු ගැටීමකට ලක් වූ බවට ගුවන් යානයේ නියමුවා විසින් මත්තල ගුවන් ගමන් මෙහෙයුම් මැදිරිය වෙත දැනුවත් කිරීමක් සිදු කර තිබුණි.විධිමත් පරීක්ෂණයකින් පසුව ගුවන් යානය පිටත්වීම සිදු කරන බව ගුවන් නියමුවා පාලන මැදිරිය වෙත දන්වා තිබුණි.ඒ අනුව කටුනායක ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි - 12 වර්ගයේ ගුවන් යානයකින් ගුවන් යානා ඉංජිනේරුවරයෙකු මත්තල ගුවන් තොටුපළ වෙත රාත්‍රී 10.37 ට පැමිණ තිබේ.ඉන්පසුව එම ගුවන් යානා  ඉංජිනේරුවරයා මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් පසුව එවැනි ගැටීමක් සිදු වී නොමැති බව තහවුරු කර සහතික කර තිබේ.ඉන්පසුව මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා දීමෙන් අනතුරුව මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළෙන් රාත්‍රී 11.20 ට කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්වූ අතර එම ගුවන් යානය රාත්‍රී 11.40 කටුනායක ගුවන් තොටුපළ වෙත ලඟා විය.   
අකුණු - වර්ෂාව නිසා ගුවන් යානයක් මත්තලට හරවා යවයි
0
hp_train_0654
(නාලක සංජීව දහනායක)එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඇති වී තිබෙන අවුල්සහගත තත්ත්වය නිසා කැබිනට් මණ්ඩල සංශෝධනයේදී විද්‍යාත්මකව විෂයන් වෙන් කිරීමට හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (9) පැවැසීය.එබැවින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය පුස්සක් වනු ඇතැයි ද මහාචාර්යවරයා කීය.බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේද පැවැසීය.විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට විරුද්ධව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් දහසය දෙනා එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එනිසා එම අමාත්‍යවරුන් දහසය දෙනා අගමැතිවරයා සමඟ තවමත් එකම කැබිනට් මණ්ඩලයේ කටයුතු කරනවා. මේක මහ පුදුම සහගත තත්ත්වයක්. එමෙන්ම ජනාධිපතිවරයා විවේචනය කළ එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් ද එම තනතුරුවලින් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ඉල්ලා තිබෙනවා. රජයේ පොදු අරමුණු ක්‍රියාත්මක කිරීම කැබිනට් මණ්ඩලයේ වගකීමක්. ඔවුන් කිසිවිටකත් කැබිනට් මණ්ඩලයේ තීන්දු තීරණ විවේචනය නොකළ යුතුයි. කැබිනට් මණ්ඩලයේ එලෙස සුහදතාවක් ඇතිවීමටනම් ඔවුනොවුන් අතරේ අන්‍යෝන්‍ය වශයෙන් ලෙංගතුකමක් තිබිය යුතුයි.නමුත් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක මේ ආකාරයට කා කොටා ගැනීම තුළ ආණ්ඩුවට සාර්ථක ගමනක් යන්න බැහැ. ජනතාවට සේවයක් සිදුකිරීම වෙනුවට මේ කැබිනට් මණ්ඩලය තුළ මහා සංග්‍රාම සිදුවෙනවා. මේ දිනවල නැවතත් කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳව කතාබහක් ඇති වී තිබෙනවා. මේ අර්බුද මැද විද්‍යාත්මක ආකාරයෙන් විෂයන් සංශෝධනය කරන්න බැහැ. මොනවා හෝ ගැටගහගෙන මේ විදියටම ඉස්සරහට යාවි.විශ්වාසභංග යෝජනාවේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මහින්ද අමරවීර මහතාගේ නිවයේ පසුගියදා සාකච්ඡාවේදී විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබුණා. ඒ තීරණය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් එක්සත් ජාතික පක්‍ෂයට දැනුම් දුන්නා. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දේශපාලන පක්‍ෂ නියෝජිතයන් තම පක්‍ෂයේ මතය අනුව කටයුතු කළා. ඒ දේශපාලන පක්‍ෂවලට විනයක් තිබුණා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ එහෙම විනයක් තිබුණේ නැහැ.පක්‍ෂය විසින් ගත් තීන්දුව සම්බන්ධයෙන් අමාත්‍යවරුන් පිල් බෙදුණා. ඔවුන්ගේ ඒ වෙනස්වීම නිසා විශ්වාසභංග විවාදයේදී අපිත් සමඟ එක්ව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටි එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් ද තමන්ගේ තීරණය වෙනස් කර ගත්තා.මේ විශ්වාසභංග යෝජනාව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පදනම දෙදරා ගියා. ස්ථිර තීරණයක් ගන්න බැරිව පක්‍ෂය අයාලේ යනවා. විශ්වාසභංග විවාදයේදී අගමැතිවරයා ආරක්‍ෂා කිරීමට ක්‍රියා කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන්ට අවුරුදු තෑගි ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන අමාත්‍යවරයකුට රුපියල් ලක්‍ෂ හාරසිය තිහක් පමණ වටිනා වාහනයක් මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. කැබිනට් ඇමැතිවරුන්ට සුර සැප ලබාදෙන මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කිසිවක්ම සිදුකරන්නේ නැහැ.  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය විසින් එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කරනවා. එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය අර්බුදවලට ලක් වූ සෑම අවස්ථාවකදීම නායකත්වය විසින් නොයෙකුත් දේ දෙමින් අර්බුද යට ගහනවා. අර්බුද සමනය වූ වහාම දුන් පොරොන්දු අමතක කරනවා. මෙවර ඇති එකම වෙනස තීන්දු තීරණ ගැනීම සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීම පමණයි.මේ වනවිට විපක්‍ෂය ලෙස පිළිගනු ලබන දමිළ සන්ධානය අපේ රටේ සැබෑ විපක්‍ෂය ලෙස පිළිගන්න බැහැ. ඔවුන් සෑම විටම ක්‍රියා කරන්නේ රජයේ අන්තර්ගත කොටසක් ලෙසටයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරනු ලබන පුද්ගලයකුට විපක්‍ෂ නායකත්වය ලබාදිය යුතුයි. විශ්වාසභංග යෝජනාවට විරුද්ධව තම ඡන්දය ලබාදීම සඳහා ඔවුන් අගමැතිවරයා සමඟ ලිඛිතව පොරොන්දු අත්සන් කර ගත්තා. උතුරු නැගෙනහිර පළාත්වල හමුදා කඳවුරු ඉවත් කිරීම, එම ප්‍රදේශවලට දෙමළ ජාතික දිසාපතිවරුන් පමණක් පත්කිරීම, එම ප්‍රදේශවල රැකියා අවස්ථා වෙනත් ප්‍රදේශවල පුද්ගලයන්ට ලබානොදීම ආදී පොරොන්දු එයට ඇතුළත්ව තිබෙනවා. එකම භාෂාවක් පමණක් කතාකරන පුද්ගලයන් තනතුරුවලට පත්කිරීම සංහිඳියාවට බාධාවක්.   පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. මේ ආණ්ඩුව යටතේ මුළු රටම කැඳ හැළියක් වෙලා. නොගැළපෙන අය ගළපා ගනිමින් 2015 ජනවාරි 8 වැනිදා බිහිකර ගත් මේ යහපාලන දරුවා අංගවිකල වන බව අපි මුලින්ම කිව්වා. එදා අපි කිව් දේවල් සැබෑ වී තිබෙනවා.විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම පිළිබඳව ආණ්ඩුව මේ වනවිටත් උදම් වෙනවා. ඒ ගැන ඔච්චරටම ආඩම්බර වෙන්න පුළුවන්නම් ඉදිරි පළාත් සභා මැතිවරණ පවත්වන ලෙසට අපි ආණ්ඩුවට අභියෝග කරනවා.සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමි පක්‍ෂයට ආණ්ඩු පක්‍ෂය හිමිවෙනවා. දෙවැනියට වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමි පක්‍ෂයට විපක්‍ෂය හිමි වෙනවා. නමුත් අපේ රටේ ඒ සම්ප්‍රදාය වෙනස් කරලා. වර්තමාන විපක්‍ෂ නායකතුමා ප්‍රාදේශීය සභාවක විපක්‍ෂ නායකවරයෙක් වගේ කටයුතු කරනවා. වර්තමාන විපක්‍ෂ නායකතුමා උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රශ්න හැර රටේ අනෙකුත් ජාතික ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. ආණ්ඩුව බේරා ගැනීම සඳහා ඔහු සෑම විටකම ක්‍රියා කරනවා. මේ විශ්වාසභංග යෝජනාවෙන් අපි අත්කර ගත් ප්‍රයෝජන තිබෙනවා. කෙසේ වෙතත් මෙම විශ්වාසභංග යෝජනාව නිසා රජයේ 2/3 බහුතර බලය අහිමි වුණා. එමෙන්ම ආණ්ඩුව තුළ අර්බුද ඇති වුණා. දැනට ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රීවරුන් පනස් එක් දෙනෙක් සිටියත් ඉදිරියේදී එය මන්ත්‍රී ධුර හැත්තෑවක් දක්වා වැඩි විය හැකියි. විශ්වාසභංග යෝජනාවට ඡන්දය නොදුන් ඇමැතිවරුන්ගේ කෙඳිරියත් අපිට ඇහෙනවා. ඇතැම්විට ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරවලදී ඔවුන්ගේ මතයත් වෙනස් විය හැකියි.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය පුස්සක් වේවි
1
hp_train_0655
ජුඩ් සමන්ත සහ එච් චන්දන පුත්තලම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී එහි ලේකම්වරයා විසින් සභිකයකුට ජල බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සිද්ධියට මුහුණ දුන් සභිකයා විසින් මුන්දලම පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.ජල බෝතල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන නිමල් බමුණුආරච්චි මහතාය.පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සදරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ඊයේ (28) රැස්විය. ඒ මදුරන්කුලියේ පිහිටි පුත්තලම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේ දීය.පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් ට්‍රැක්ටරයක් ඇතුළු යන්ත්‍ර අළුත්වැඩියා කිරීම සඳහා පසුගිය කොමසාරිස් පාලන සමයේ විශාල මුදලක් වැයකර ඇති බව උප සභාපති ජයම්පතී බන්දුරාජා මහතා සභාවේ දී කියා සිටියේය.මෙම වැය කිරීම සිදුවී ඇත්තේ පසුගිය කොමසාරිස් පාලන සමයේදී බවත්, ඒ සම්බන්ධයෙන් ලේකම්වරයා කරුණු දැක්විය යුතු බැවින් සභාව කාරක සභා අවස්ථාවක් ලෙස සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.පුත්තලම ප්‍රාදේශීය සභාව විසින් ඉදිකර ඇති මදුරන්කුලිය වෙළඳ සංකීර්ණයේ  කඩ කාමර බදු දීමේදී අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව සභික (හිටපු සභාපති) නිමල් බමුණුආරච්චි මහතා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන ලදී.එම අවස්ථාවේදී සභා ලේකම් සෝමසිරි ජයසිංහ මහතා සහ සභිකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. අවසානයේදී තම මේසය මත තිබූ ජල බෝතලයෙන් සභාවේ ලේකම්වරයා විසින් නිමල් බමුණුආරච්චි සභිකයා වෙත ප්‍රහාරයක් එල්ල කරන ලදී.ඒ සමගම සභාව උණුසුම් වී ගියේය. ලේකම්වරයාට  තව දුරටත් එම තනතුර දැරීමට නොහැකි බවත්,සභාවේ වැඩබලන ලේකම්වරයා ලෙස ප්‍රධාන ලිපිකරු පත් කළ යුතු බවත් උප සභාපති ජයම්පතී බන්දුරාජා මහතා විසින් යෝජනාවක් ගෙන එන ලදි.එම යෝජනාව සභාක සුනිල් පෝරුතොට මහතා විසින් ස්ථීර කරන ලද අතර ඊට සියළුම සභිකයින්ගේ සහාය හිමි විය.ජල බෝතල් ප්‍රහාරයට ලක්වූ ප්‍රාදේශීය සභා සභික නිමල් බමුණුආරච්චි මහතා විසින් මේ සම්බන්ධයෙන් මුන්දලම පොලීසියට පැමිණිළි කර ඇත.සභාවේ ලේකම්වරයා සම්බන්ධයෙන් වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන බව සෙසු සභිකයින් කියා සිටියේය. 
උකුවෙල ප්‍රා.සභාවේ උප සභාපතිට පහර දෙයි
0
hp_train_0656
(යොහාන් භාසුර)විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (19) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 45 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (18) පස්වරු පැවසීය. ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට හෙට පැය 3 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා දහවල් කාලයේ පැයයි විනාඩි 30 ක් ද, පස්වරු 4.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 30 ක් ද,විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය. 
හෙටත් පැය 3 යි විනාඩි 45 ක් විදුලය නෑ
0
hp_train_0657
ශ්‍රි ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තව දුරටත් පවතින බවත්  එය හෙටින් (2) පසු ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කැළඹිලි හේතුවෙන් ප්‍රදේශ රැසකට  අද (1) රාත්‍රී   ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් මිලී මීටර් 150 ක පමණ තද වැසි   ඇතිවීය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.ශ්‍රී ලංකාවේ  බොහෝ ස්ථානවලට හෙට (2) සවස 02.00 න් ප පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. වෙරළ බඩ ප්‍රදේශ වල සමහර ස්ථාන වලට උදය කාලයේ ද වැසි  වර්ධනය වේ. ඇතැම්  ස්ථාන වලට මිලී මීටර් 100 ක පමණ තද ඇතිවීමට ඉඩ ඇති බව ද කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 02/12/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය29249575විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන්සවස  2.00 න් පසු )මඩකලපුව29249585විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  කොළඹ30249570උදය කාලයේ වැසි සහ විශේෂයෙන්සවස  2.00 න් පසු ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249575උදය කාලයේ වැසි සහ විශේෂයෙන්සවස  2.00 න් පසු ගිගුරුම් සහිත වැසි.යාපනය28249585විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  මහනුවර27219585වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන්සවස  2.00 න් පසු )නුවරඑළිය19149080වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන්සවස  2.00 න් පසු )රත්නපුරය30239575වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන්සවස  2.00 න් පසු )ත්‍රීකුණාමළය29249585විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  මන්නාරම29249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.   
‘රට පුරා වැසි සහිත කාලගුණයක්‘
0
hp_train_0658
නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.වයඹ පළාතෙත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි  සමග තාවකාලික ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
පළාත් කීපයකට තද වැසි සමග සුළං
1
hp_train_0659
(ඩයනා උදයංගනී)දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (11) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 50 ක පමණ වේගවත් සුළං ඇතිවන බව ද ඔහු කීවේය. 
අද වැස්ස නෑ
1
hp_train_0660
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකියි‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33269055ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව33269060අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269575වැසි වාර කිහිපයක්.ගාල්ල30269075වැසි වාර කිහිපයක්.යාපනය32278065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය22149575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32259575වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය34268560ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම32278065වැසි ස්වල්පයක්.  
‘පළාත් කිහිපයක සුළු වැසි‘
0
hp_train_0661
ශ්‍රී ලංකාවේ නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උදය කාලයේදී මීදුම ඇති වීමේ හැකියාව පවතී.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 10/01/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30239065වැසි ස්වල්පයක්මඩකලපුව30257560වැසි වාර කීපයක්කොළඹ33248560ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල31249070ප්‍රධාන වශයෙන් වැසි රහිතයාපනය30238565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29209080වැසි ස්වල්පයක්නුවරඑළිය19139580සවස 4.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය33239570සවස 4.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය30257560වැසි ස්වල්පයක්මන්නාරම30259075ප්‍රධාන වශයෙන් වැසි රහිත                  
‘පළාත් කීපයකට සුළු වැසි තත්ත්වයක්‘
1
hp_train_0662
ඉදිරි දිනවලදී  මධ්‍යම කදුකර ප්‍රදේශ සහ ශ්‍රී ලංකාව හරහා විටින් විට පැයට කිලෝ මීටර් 50 වේගයකින් යුතු තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව අනතුරු අඟවයිබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක්  ඇති ‍වේ.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259055සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමඩකලපුව34259065සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකකොළඹ30269075වැසි වාර කිහිපයක්ගාල්ල29259585වැසි වාර කිහිපයක්යාපනය32278570සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමහනුවර30219560වැසි වාර කිහිපයක්නුවරඑළිය21139570වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක්රත්නපුරය32239570වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමලය34249575සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමන්නාරම32268575වැසි ස්වල්පයක් ඇති විය හැක.
‘ඉදිරි දිනවල තද සුළං සමග වැසි ඇති වේ‘
1
hp_train_0663
ඉදිරි දින කිහිපයේ දී උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන ප්‍රදේශයක් වර්ධනය වන  ලකුණු  ඇති නිසා   බස්නාහිර හා නිරිතදිග ‍ප්‍රදේශවල වැසි සහ සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු  පළාතේ සහ ශ්‍රී ලකාවට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට  තද සුළං බලාපොරොත්තු ඇති වේ.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල විටින් විට වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තද වැසිද ඇතිවිය හැකියි.
බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක්
1
hp_train_0664
 මිල වැඩිකිරීමට අවසර නොලැබුණොත් කිරිපිටි ගෙන්වීම නවතා දැමීමට ප්‍රධාන පෙළේ ආනයනකරුවන් පිරිසක් සාමූහික තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.  පවතින තත්ත්වය අනුව කිරිපිටි ආනයනය නවතා දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි ඔවුහු පැවැසූහ.කිරිපිටි ආනයන සමාගම් මේ වන විට මසකට රුපියල් මිලියන 30 සිට 40 දක්වා පාඩු ලබන බව එම සමාගම් කිහිපයක  ප්‍රධානීහු පැවසූහ.කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර දෙන තෙක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කර නොගන්නා බවටත් අලුතින් ඇණවුම් නොකරන බවටත් එම සමාගම් අනතුරු අඟවා ඇත.  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 184ක් දක්වා අවප්‍රමාණයවීම, තීරුබද්ද රුපියල් 15ක් වීම, 15% අගය එකතු කළ බද්ද,  7.5%ක වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද, කිලෝවකට පනවන ජාතිය ගොඩනැගීමේ බද්ද රුපියල් 135 සිට 170ක් දක්වා වැඩි කිරීම ආදී කරුණු හේතුවෙන් කිරිපිටි ආනයනය කිරීමේ වියදම වැඩි වී ඇත. ඊට අමතරව ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ගණන් ද ඉහළ ගොස් ඇත. මීට වසර කිහිපයකට පෙර කිරිපිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ලෙස සලකා කිරිපිටි කිලෝවකට අය කරන ලද තීරු බද්ද රුපියල් 2ක් පමණක් විය.ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 3,250ත් 3,350ත් අතර වේ. එය ඩොලර් 3,400ත් 3,500ත් දක්වා ඉහළ යනු ඇතැයි පැවසේ. මෙම තත්ත්වය මත ආනයන පිරිවැය පියවා ගැනීම සඳහා කිරිපිටි කිලෝවේ පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර දෙන්නැයි කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සහ ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලා ඇත. කිරිපිටි මත පනවා තිබෙන පාලන මිල සහ එකතු කළ අගය මත බද්ද (වැට්) ඉවත් කිරීම මීට තිබෙන එකම විසඳුම යැයි එම සමාගම් පෙන්වා දී ඇත. (සන්ඬේ ටයිම්ස් ව්‍යාපාරික වාර්තාකරු) 
කිරිපිටි ගෙන්වීම අර්බුදයක
1
hp_train_0665
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)තරුණ යුවළකගේ විවාහයට පෙර ඡායාරූප ගැනීමේ යෙදුණු ජායාරූප ශිල්පියකු හොර රහසේ මනාලිය වීඩියෝ කරන්නට යාමෙන් මනාලියගේ ගුටි බැට ප්‍රහාරයකට ගොදුරු වූ පුවතක් බස්නාහිර පළාතේ නගරයක උද්‍යානයකින් පසුගියදා වාර්තා විය.විවාහය ලියා පදිංචි කළ තරුණ යුවළකි. විවාහයට දින නියම කර ඇත. නවතම යුගයේ හැඩ ගැස්ම අනුව ඊට පෙර යුවළගේ ඡායාරූප ගැනීමේ දිනය යෙදිණි. ජායාරූප හා වීඩියෝ කිරීමට ආ ශිල්පීහු විවිධ ඉරියව්වලින් දෙදෙනාගේ ඡායාරූප ගත්හ.එක් අයෙක් මනාලයාට හා මනාලියට ඡායාරූප ගැනීම සඳහා වන ඉරියව් පෙන්වීය. යුවළ ඒ අනුව කටයුතු කරන්නට වූයේ සතුටිනි. මේ අතරේ ඡායාරූප ශිල්පියාගේ සහායකයා ද ජංගම දුරකතනයෙන් ඒ අවස්ථා ලබාගනු ලැබීය. මනාලයා ඉදිරියෙන් සිටිය දී මනාලිය සිටියේ පසු පසිනි. එක්වරම  මනාලියගේ හඬ ඇසිණි. අතපය විසි කරන බව ද පෙනිණි. මනාලයා පිටුපස බැලීය. මනාලිය සහායකයාට පෙරළාගෙන පහර දෙනු දුටුවේය.මේ මිනිහා හොරෙන් මගේ .....  වීඩියෝ කරනවා මම දැක්කා. මනාලිය මනාලයාට පැවසුවේ හඬමිනි. මනාලයා සහායකයා අත වූ ජංගම දුරකතනය උදුරා ගනිද්දී එහි දර්ශන මකා දමන්නට සහායකයා උත්සාහ ගත්තේය.මනාලයා ද පරාජය බාර ගැනීමට සූදානම් නොවීය. දුරකතනය  උදුරාගෙන පිරික්සද්දී ඔහු තම පෙම්වතියගේ මෙන්ම ඊට පෙර අවස්ථා ගණනාවක දී වෙනත් කතුන්ගේ රහස් පෙදෙස් වීඩියෝ කර ඇති දර්ශන දැකීමත් සමග මනාලයාගෙන් ද ගුටි පූජාවක් එල්ල විය. කරකියා ගත දෙයක් නැතිවූ ඡායාරූප ශිල්පියා යුවළගෙන් සමාව ඉල්ලීය. නීතිමය පියවරකට නොයන ලෙස ඉල්ලා සිටි ඔහු සහායකයා ඉවත් කර වෙනත් පිරිසක් යොදවා මංගල උළෙල නොමිලේ ඡායාරූප ගතකර දීමට පොරොන්දු වූයේ සිද්ධිය පැතිර ගියහොත් තමන්ගේ වෘත්තීය ජීවිතය විනාශ වෙන බව දන්නා නිසාය.ඒ සමගම සහායකයා ළඟට කැඳවා කම්මුල් පහර කීපයකින් සංග්‍රහ කර පලවා හැරියේ යළි ඇසට පෙනෙන්නටවත් නොඑන ලෙසට දන්වමිනි. 
ප්‍රී්‍ ෂූටින් අස්සේ මනාලියගෙන් ගුටි පූජාවක්
1
hp_train_0666
අද අපරභාගයේදී  ප්‍රදේශවල රැසක  ගිගුරුම් සහිත වැසි ඇතිවීම ඉඩ කඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවති. බස්නාහිර, දකුණු,  සබරගමුව  සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100 ට වඩා වැසි  ඇතිවීමට ඉඩ ඇත.  
‘පළාත් රැසකට තද වැසි‘
1
hp_train_0667
තමාට හිඟ විශ්‍රාම වැටුප් සහ දීමනා ලබා නොදීමට එරෙහිව  විශ්‍රාමික  ආබාධිත සෙබළුන් පිරිසක්  ගොනු කල රිට් පෙත්සමක්  ලබන සැප්තැම්බර්  28 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය  අද(21) තීරණය  කළේය.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහතා , හමුදාපති ඇතුළු  පිරිසක්  වගඋත්තරකරුවන්  කොට සිටින එම පෙත්සම විශ්‍රාමික ආබාධිත  සෙබළුන් 291 දෙනෙකු විසින් ගොනු  කර තිබිණි.අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියෙහි  මෙම පෙත්සම  කැදවිණි.එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමග පැවති ක්‍රියාන්විත වලදී සුවිශාල කාරය භාර්යක් කර ඇති තමන් ඒ වෙනුවෙන්  ආබාධිත තත්තවයට පත්වූ බවද පෙත්සම්කරුවන් කියා සිටිති.එසේ තිබියදී තමන්ට හිමි විශ්‍රාම වැටුප් ඇතුළු ඇතැම් දීමනා ලබාදීමට  වගඋත්තරකරුවන්  කටයුතු නොකල බවද පෙත්සම්කරුවන් සිය පෙත්සමේ කියා සිටිති.ඒ සම්බන්ධයෙන්  හිටපු  ජනාධිපතිවරයා  ඇතුළු බලධාරීන්ට ඉල්ලීම්  ඉදිරිපත්  කලත් එය ඉටු නොවූ බවට පෙත්සම්කරුවන් කියා සිටී.එබැවින් තමන්ට හිමි දීමනා සහ වරප්‍රසාද ලබා දෙන ලෙස වගඋත්තරකරුවන්ට  නියෝග කරන්නැයි ඔවුන් පෙත්සමින් ඉල්ලා ඇත.
අන්තිමේදි උසාවියෙදි දුක දිග හැරෙයි
1
hp_train_0668
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
“රට වෙනුවෙන් තීන්දු ගන්නා තැන්වල කාන්තා නියෝජනය වැඩි කරනවා“
0
hp_train_0669
(රෝහණ සමරවීර) උඩවලව ඇත් අතුරු සෙවනේ ඇති දැඩිකර වනයට මුදා හැර  එහි ජීවත් වෙමින් සිටි  පොකුණා  නැමැති ඇත් පැටවාට උඩවලව පනහඩුමුල්ල කෙම්තුනේගල ප‍්‍රදේශයේදී  කිසියම් අයෙකු විසින්  වෙඩි තබා ඝාතනය කර ඇත. එම ඇත් පැටවාගේ මළ සිරුර එම ප‍්‍රදේශයේ මෙහෙයුමක යෙදී සිටි වනජීවී නිලධාරීන්  පිරිසකට  පස්වරුවේ සොයා ගැනීමට හැකි වී ඇත.  දින තුනකට පමණ පෙර  එම ඇත් පැටවා ඝාතනය කර ඇති   බවට සැකකරන බව උඩවලව වනජීවී නිලධාරිහු පැවැසූහ. අවුරුදු දහයක පමණ වයසකින් යුතු එම ඇත් පැටවාගේ උස අඩි පහක් පමණ වන අතර   අඩි දෙක හමාරක්  පමණ දිග දළ යුගලක් එම පැටවාට පිහිටා ඇති අතර දඩයක් කරුවෙකු විසින් අලියාට වෙඩි තබා ඇති බවට වනජීවිය සැක කරයි. 2013 වසරේ එම ඇත් පැටවා සිය මවගෙන් මගහැරී උඩවලව ජාතික වනොද්‍යාන බල ප‍්‍රදේශයේ පොකුණුතැන්න ප‍්‍රදේශයේ එහෙ මෙහෙ සැරිසරමින් සිටියදී වනජීවී නිලධාරීන් දැක උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙනවිත් තිබේ. එහිදී පොකුණා  යන සුරතල් නාමය යටතේ එම පැටවා වනජීවී නිලධාරින් විසින් ඇති දැඩි කර වනයේ ජීවත් වීමට හුරු කිරීමෙන් අනතුරුව  2018 වසරේ අගදී නැවත එම නිලධාරීන් විසින් එම වනෝද්‍යානයේ  වනාන්තරයට මුදා හැර තිබේ. මාස ගණනාවක් වනාන්තරය ආශ‍්‍රිව ජීවත්වූ පොකුණා  හක්ක පටස් සපා කෑමෙන් බරපතල තුවාල ලබා වනාන්තරයේ වැටී සිටියදී වනජීවී නිලධාරීන්ගේ නෙත ගැටී තිබේ. නැවැත එම  ඇත් පැටවා ඇත් අතුර සෙවන  වෙත රැගෙන විත් දැඩි පරිශ‍්‍රමයක් දරා සුවපත් කර  වනයට මුදා හැර සිටියදී  මෙසේ මියගොස් ඇත. ඇත් පැටවාගේ මරණය සම්බන්ධයෙන්  වනජීවී නිලධාරීන් විසින් ඉකුත් (2) දින ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතමියගිය ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය වරුන් වන විජිත පෙරේරා. වෛද්‍ය නාලක අබේවර්ධන මහතා ඇතු`එ කණ්ඩායමක් විසින් එදින පස් වරුවේ සිදු කරණු ලදි.ඇත් පැටවාගේ හිස ප‍්‍රදේශයට හා ශරීරයේ විවිධ ස්ථාන වලට වෙඩි පහරවල් පහක් එල්වී ඇති සළකුණු දකින්නට ලැබූණු බවත් නමුත් මරණයට හේතුව නිශ්චිත කර ගැනීම සදහා ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට ඇත් පැටවාගේ හිස ඇත් අතුරු සෙවන වෙත රැගෙන ආ බව වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පැවැසීය. 
උඩවලව වනෝද්‍යානයේ ඇත් පැටවාට වෙඩි තැබු තිදෙනෙකු අත්අඩංගුවට
0
hp_train_0670
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව කියයි.‘බටහිර වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැකිය‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 20/04/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33239555සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32249070සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31249565වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල31258575සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32259555වැසි ස්වල්පයක්.මහනුවර31209560සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22129555සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය34239555සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33249060සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32259065වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0671
රට ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය නිසා වැසි තත්ත්වය යම්තාක් දුරකට වැඩි වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.නැගෙනහිර, ඌව සහ දකුණු  පළාත්වල විටින්විට වැසි ඇතිවිය වේ. සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය වන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් ‍100 ට වැඩි ඇතිවිය හැකිබවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 11/05/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව35269065විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259575සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල31259080විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය35278065සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමහනුවර31219565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21139575සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය33239565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33269060විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33259070සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
‘අද රාත්‍රියේ පළාත් රැසකට තද වැසි‘
0
hp_train_0672
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (17) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 14,734 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 9 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 9 දෙනකු සහ කාන්තාවන් 5 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොවිඩ් මරණ 16 ක්
0
hp_train_0673
(එප්පාවල - නන්දන සමන් කුමාර සහ මකුලෑව ලේකම්ගේ අනුර)මහජනතාවගේ දේපළ හොරකම් කළ දේශපාලනඥයන්ට එම දේපළ මාස දෙකක් තුළ නැවත රජයට බාරදීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටු වූ පසු අවස්ථාව දෙන බවත් එසේ නොවන්නේ නම් හොරකම් කරන ලද සෑම රුපියලක්ම නැවත රජයටම පවරා ගැනීමට කටයුතු කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (8) පැවැසීය.ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා දීමෙන් පසුව තම උපන් ගම වන තඹුත්තේගම දී මංගල ජන රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා එසේ කීය. තඹුත්තේගම බස් නැවතුම්පොළ භූමියේදී මෙම ජන රැලිය පැවැත්විණි.අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.“අපි ආණ්ඩුවක් හදන්නේ කාගෙන්වත් පළිගන්න නොවෙයි. අපි හොරකම නම් නතර කරනවා. මහජනතාවගෙන් හොරකම් කරන ලද, උදුරාගත් සෑම රුපියලක්ම අපි යළිත් පවරා ගන්නවා.අද දේශපාලන වේදිකාවේ විවිධ අය විවිධ දේවල් කියනවා. හැබැයි කොතැන ද කතා කරන්නේ වෙනස් කරන්න. දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති ගැන විවිධ අදහස් තියෙනවා. හැබැයි කවුරු ආණ්ඩු ගත්තත් ප්‍රථමයෙන් කරන්න ඕනේ හොරකම නැති කරන එක. ඔය අනෙක් පක්ෂ අපේක්ෂකයෝ ඒ ගැන පොරොන්දුවක් දෙනවා ද දෙන්න පුළුවන් ද. මේ රටේ කොයි පක්ෂයට ද කාට ද හොරකම නතර කරන්න පුළුවන් වෙන්නේ. අපි ඔබට එක සහතිකයක් දෙනවා. එක සැරයක් ඔබ අපට බලය දුන්නොත් මේ රටේ හොරකම අපි නියත වශයෙන්ම නතර කරනවා.අපි එක ශතයක්වත් මුදල් හොරකම් නොකරපු මිනිස්සු. මේ වේදිකාවේ ඉන්නේ මහජනයාට අයිති ශත පහක් හොරකම් නොකරපු, නාස්ති නොකරපු උදවිය. ඔබ ගිහින් බලන්න නල්ලච්චිය මගේ අම්මගේ, මගේ නිවස. ඒ නිවසට අත්තිවාරම දැම්මේ අසූ අටේ අවුරුද්දේ රුපියල් 8500ක් බැංකුවෙන් ණයට අරගෙන. දැන් වසර 31ක් ගතවෙලා තියෙනවා. තවමත් සාලෙ කෑල්ල හදනවා. අපි මහජනයාගෙන් ශත පහක්වත් හොරකම් කරලා නැති අය. ඔබ අපේ ජීවිතවලට එබිලා බලන්න ඔබට එය තේරුම් ගන්න හැකිවෙයි.මේ රට ගොඩ ගන්න නම් පාලකයා නාස්තිකාරයෙක් නොවිය යුතුයි, හොරෙක් නොවිය යුතුයි. පාලනය හොරකමට ඉඩ නොදෙන පාලනයක් වෙන්න ඕනේ. ඔය කොයි පක්ෂයේ ද කොයි අපේක්ෂකයාට ද කියන්න පුළුවන් මම හොරකම් කෙරුවේ නැහැ, ජනතාවගේ මුදල් නාස්ති කෙරුවේ නැහැ, ඒ නිසා මම හොරකම් කරන්නෙත් නැහැ කියලා. ඉස්සරහට ජනාධිපතිවරණ රැස්වීම්වල වේදිකාවල ඉන්න පුද්ගලයන් දිහා හොඳට බලාගෙන ඉන්න. ඔබටම තේරෙයි වැලිකඩ හිරගෙදර ඉන්න ඕනේ කී දෙනෙක් ඒ වේදිකාවල ඉන්නව ද කියලා.අපි දන්නවා පොලිසියේ මහත්තුරුන්ට චෝදනාවක් තියෙනවා පාරේ ඉන්නවිට සල්ලි ගන්නවා කියලා. රජයේ ලිපිකාර මහත්තයට චෝදනාවක් තියෙනවා ෆයිල් එක කලින් ගන්න කීයක් හරි ගන්නවා කියලා. පොලිසියේ මහත්තුරුන්ගේ ජීවිතේට මොකද වෙලා තියෙන්නේ. නිශ්චිත වැටුපක් තියෙනවා. නමුත් අතට ලැබෙන්නේ සොච්චම් මුදලයි. අර ණයටයි මේ ණයටයි කැපිලා ගියහම ජීවත්වෙන්න ඒ මුදල මදි. එයා කල්පනා කරනවා පාරේ යන කෙනාගෙන් කීයක් හරි ගන්න. ඒ ලැබෙන වැටුප ජීවත් වෙන්න මදි නිසා. ඒ වගේ ද දේශපාලනඥයො. ඒ අය ජීවත් වෙන්න ද හොරකම් කරන්නේ, නැහැ. මේ මිනිස්සු මහජනතාවගේ දේපළ හොරකම් කරන්නේ සැපට ඉන්න. ලංකාවේ ගෙවල් ද ඕස්ටේ්‍රලියාවේ ද ඇමෙරිකාවේ ද ගෙවල් ගන්න තමා මේ පොදු ජනතාවගේ දේවල් හොරකම් කරන්නේ.ඊළඟට බලන්න මේ පාලකයන් නඩත්තු කරන්න කොච්චර මුදලක් යනවා ද කියලා. රටේ මිනිස්සු දුක්ඛ දෝමනස්සයට පත්වෙලා. ජීවත් වෙන්න විදියක් නැහැ. කුසට අහරක් නැහැ. ලෙඩක් වුණහම බෙහෙත් ටිකක් ගන්න රෝහලේ බෙහෙත් පෙත්තක් නැහැ. වී ටික විකුණා ගන්න විදියක් නැහැ. ඒ වීවලට මුදලක් නැහැ. හැබැයි රටේ නායකයන්ට කොළඹ මාලිගා තියෙනවා, අනුරාධපුර, නුවර, නුවරඑළිය, අර පැත්තෙන් උඩවලව මාලිගා තියෙනවා. පාසිකුඩාවල තවත් මාලිගාවක් හදන්න යනවා. ජනාධිපතිවරයාට ආත්ම හතක් තියෙනවා ද නැත්නම් භූත ආත්ම හතක් තියෙනවා ද. මොකද නුවර එක භූත ආත්මයක් තියෙන විට අනිත් භූත ආත්මේ අනුරාධපුරේ ඉන්න. එහෙම නැහැ. ජනාධිපතිවරයා ගුවන් යානයෙන් එනවා රැස්වීමක් තියෙනවා නම් පැය දෙක තුනක් රැඳෙනවා ආයෙත් හෙලිකොප්ටරයෙන්ම කොළඹ යනවා. මේ ටික වෙලාවට නගරයක් නගරයක් ගානේ මාලිගා හදන්න ඕනේ ද?ජනාධිපතිවරයකුට ලේකම්වරු කීදෙනෙක් ඉන්නවා ද. පහුගිය කාලයේ මතක ඇති මිනිස්සු කිව්වා පඳුරකට ගහනවිට ජනාධිපති ලේකම් කෙනෙක් විසිවෙනවා කියලා. ඒ තරමට ජනාධිපති ලේකම්වරු හිටියා. මම පාර්ලිමේන්තුවේදී පහුගිය කාලයේ ප්‍රශ්නයක් ඇහුවා ජනාධිපතිවරයකුට කාර්ය මණ්ඩලයේ කීදෙනෙක් ඉන්නව ද කියලා. 1200ක් ඉන්නවා කියලා පිළිතුරු ලැබුණා. මේ අයට කැබ් එකයි, තිස් දාහක ඉන්ධනයි, හැටදාහක වැටුපකුයි ඩ්‍රයිවරුයි ලැබෙනවා. දැන් ඔය සමහරුන්ට කඬේ යන කෑගහන හාමුදුරුවරු කිහිපදෙනකුත් ඔය ගොෙඩ් හිටිය ද? කමක් නැහැ ඒවා පින් තකා කියමු. හැබැයි කවුරු හරි නැහැ කියනවා නම් මම නමත් එක්ක කියන්නම්.මේ ජනාධිපතිවරුන් මහජනතාවගේ දේපළ කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කළා. අපි එක් සහතිකයක් ලබා දෙනවා. ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළායින් පසුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සියයට අනූවකට වැඩි ප්‍රමාණයකින් කපා දමනවා. මේ මුදල් රෝහල්, පාරවල් දියුණුවට වගේම ගොවියාගේ වී ටික මිලදී ගැනීමටත් යොදවන්න පුළුවන්කම තියෙනවා. මේ රට හදන්න නම් උඩ ඉඳලම සුද්ධ කරන්න වෙනවා. මේ රටේ රාජ්‍ය ආයතනවලට මොකද වෙලා තියෙන්නේ අද. තමන්ගේ දේශපාලන හිතවතුන්ගෙන් මේ ආයතන පිරෙව්වා. අර්ජුන රණතුංග වරාය ඇමැතිවරයා වනවිට ඔහුගේ මල්ලි වරායේ සභාපති වෙනවා. අයියා වරාය ඇමැති නිසා මල්ලිට ඒ පිළිබඳව හසල දැනුමක් ඇවිල්ලා ද ඒ පත්කිරීම් සිදුකරන්න. ඊට පස්සේ වරායෙන් පෙට්ට්‍රෝලියම් ඇමැතිකමට අර්ජුන ඇමැතිවරයා මාරුවෙන විට ආයෙත් මල්ලි පෙට්ට්‍රෝලියම් එකේ සභාපති වෙනවා. සාගල වරායේ ඇමැති වනවිට ඔහුගේ අයියා කාවන් රත්නායකට වරාය පිළිබඳව හසල දැනුමක් ලැබෙනවා. ඒ නිසා ඔහු ඒකේ සභාපති කරනවා. අයියා ජනාධිපති වනවිට මල්ලි ටෙලිකොම් සභාපති වෙනවා. ඇයි මහින්ද මස්සිනා ජනාධිපති වනවිට ඔහුගේ අනෙක් මස්සිනා එයාර් ලංකා සභාපති වෙනවා. රටට මොකද වෙලා තියෙන්නේ. දේශපාලන ඥාතීන්ගෙන් රටේ රාජ්‍ය ආයතන ටික පිරිලා. ඒ විතරක් නොවෙයි දේශපාලන පත්වීම්වලින් රාජ්‍ය ආයතන ටික පුරවලා. ආයතනවලට ඔරොත්තු නොදෙන සේවකයින් ප්‍රමාණයක් දාපු නිසා රාජ්‍ය ආයතන සියල්ලම කඩා වැටිලා. ඒ නිසා මේ රාජ්‍ය ආයතනවල විශාල බරක් පොදු ජනතාවට දරන්න සිදුවෙලා තියෙනවා.එයාර් ලංකා එකේ විතරක් ගිය අවුරුද්දේ මිලියන 40,000ක වැය බරක් රටේ ජනතාවට දරන්න සිදුවෙලා. දුප්පත් ජනතාවට සමෘද්ධිය දෙන්නම පසුගිය කාලයේ වැය වුණේ කෝටි 1500ක් විතරයි. මේවා ජනතාව දරන්න ඕනේ ද. අපි මේ රාජ්‍ය ආයතන යම් ප්‍රතිසංවිධානයක් කරනවා. මම අමාත්‍යාංශයක් දරුවා. වැඩිම ආයතන සංඛ්‍යාවත් තිබුණ. අපි ඒ ආයතනවලට පත් කළේ ඒ සම්බන්ධව විශේෂඥ දැන්මක් තිබූ පුද්ගලයන්. රුපියල් මිලියන පනහක බැංකු අයිරාවකින් තමා මිල්කෝ ආයතනය දිව්වේ. අපි ආයතනය ලබාගෙන මාස දාහතරකින් එළියට එනවිට රුපියල් මිලියන 200ක ස්ථාවර තැන්පතුවක් හදලයි අපි එළියට ආවේ. ලංකාවේ පළවැනි වතාවට මිල්කෝ ආයතනයට කිරි දීපු ගොවියන්ටම ලාභාංශ වශයෙන් බෝනස් ගෙව්වා. අද මොකද වෙලා තියෙන්නේ විකුණපු කිරි ටිකට සල්ලි දෙන්නේ නැහැ. එදා ලීටරයකට රුපියල් දෙකයි ශත හැත්තෑ පහක් වසර අවසානයේ බෝනස් විදියට ගොවියාට ලබාදුන්නා. අද මොකද වෙලා තියෙන්නේ. එහෙනම් කොයි පාලනය ද හොඳ වෙලා තියෙන්නේ. එහෙමයි පාලනය ගොඩනගන්න ඕනේ.දේශපාලනය අයින් කරලා හොඳ කළමනාකරණයක් ලබාදෙනවා නම් ඕනෑම ආයතනයක් ගොඩනගන්න පුළුවන්. අද වී අලෙවි මණ්ඩලයට මොකද වෙලා තියෙන්නේ කෝටි, ප්‍රකෝටි ගණනක් පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා. මොකක්ද කරන්නේ ගොවි ජනතාවගේ වී ටික ගන්නවා, ගබඩාවල ඒ වී ටික ගබඩා කරනවා. ඊට පස්සේ ගත්ත මිලටත් වඩා මෝල්කාරයන්ට ඒ වී ටික විකුණනවා. එතකොට ආයතනය පාඩු ලබන් නැද්ද. පාඩු ලබන්නේ නැත්තම් තමා පුදුමේ. වී ටික අරගෙන ගබඩාවලින් විකුණන්න බැරි ආණ්ඩුවක් ද මේ. 1994 ඉඳලා වී අලෙවි මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලයි තියෙන්නේ. මහා භාණ්ඩාගාරයෙන් හැමදාම සල්ලි දෙනවා. මේවා අපේ පාසල්, රෝහල් හදනන තියෙන සල්ලි, ලෙඞ්ඩුන්ට බෙහෙත් පෙත්තක් ගන්න තියෙන සල්ලි. මේ පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට හැකියාව තියෙන්නේ අපට විතරයි.හැත්තෑවේ ඇවිදින් කියනවා හා දුප්පත් නේද කන්න නැහැ නේද මම හඳෙන් හාල් ගෙනැවිත් දෙන්නම් කියලා. හැත්තෑ හතේ ඇවිදින් කිව්වා කන්න නැහැ නේද? පෝෂ්‍යදායී ආහාරවේලක් නැහැ නේද? මම ආවම ධාන්‍ය රාත්තල් අටක් දෙන්නම් කිව්වා. දුප්පත් භාවය වික්කා. අසූ නවයේ ප්‍රේමදාස මහත්තයා කිව්වා සෙරෙප්පු දාන කකුල්වලට සපත්තු දෙන්නම්, බත් කෑවට පස්සේ ගස්ලබු කෑල්ලක් කන්න ආර්ථිකයක් හදන්නම් කියලා. 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනා කිව්වා තුනයි පනහට පාන් ගෙඩිය දෙන්නම් කියලා. ඔය අය අදත් ඇවිදින් කියන්නේ ඔය දේම නේද. අපි සමෘද්ධිය වැඩි කරන්නම්, තහඩු ටිකක් දෙන්නම් කියලා. ඉතිහාසයේ හැම දේශපාලකයෙක්ම මේ දුප්පත් භාවය විකුණලා තමා බලය ලබා ගත්තේ. හැබැයි අපි පාලනයක් හදන්නේ දුප්පත් භාවය විකුණන්න නෙවෙයි, දුප්පත් භාවය තුරන් කරන්න.අපට මතකයි අපේ පොඩි කාලයේ වට්ටක්කා වැලේ ලොකුම වට්ටක්කා ගෙඩිය වැල මැරෙනකම් ඉතුරු කරලා තියනවා. ඒ වළ මැරුණට පස්සේ ගෙනැල්ලා කපලා ඇට ටික අරගෙන වහලේ එල්ලා තියනවා බීජවලට ගන්න. අද වට්ටක්කා බීජ ගන්නේ එහෙමද. අපේ බඩඉරිඟු බීජ හදාගත්තේ කොහොමද. ගහා මැරෙනකම් කරල තියාගෙන ඉඳලා උඩ එල්ලා තියලා බීජවලට ගත්තා. දැන් එහෙම කරනවාද. ඉස්සර ලොකු අක්කා කෙනකු දැකපුවාම කියන්නේ ඒ අක්කා නම් වට්ටක්කා ගෙඩිය වගේ කියලා. දැන් තියෙනවාද ලොකු වට්ටක්කා. දැන් තියෙන්නේ මෙනවාද මීමිනි වට්ටක්කා. අපේ බීජ ටික නැති කළා, ඒ නිසා මුළුමනින්ම බීජ ටික කඩෙන් ගන්න සිදුවණා. හිටපු පාලකයෝ අපේ තිබුණු බීජ සම්පතම අහිමි කරලා දාලා. අද බහුජාතික සමාගම්වල පදේට නටන්න වෙලා.මහඉලුප්පල්ලම ගොවිපොළෙන් මිරිස් බීජ නිෂ්පාදනය කළා. අද මොනා ද මේ ගොවිපොළේ දකින්න ලැබෙන්නේ ඉපිල් ඉපිල්. චීන ගොවිපොළ තිබ්බා. ඒක සී.අයි.සී. කාරයට විකුණුවා. හිඟුරක්ගොඩ අක්කර දෙසිය ගාණක වී වගා කළා බීජවලට. ඒකත් විකුණලා දැම්මා. අපේ බීජ පර්යේෂණ ආයතන විනාශ කළා, බීජ ගොවිපොළවල් විනාශ කළා. ඉතින් මේ අයට කෘෂිකර්මාන්තය ගොඩගන්න පුළුවන්ද. අපි බලයට පැමිණි පසු නැවත පාරම්පරික බීජ සම්පත වර්ධනය කරලා ඒවා ගොවි ජනතාවට ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරනවා, ඒක අපිට කරන්න පුළුවන්. මහවැලි ව්‍යාපාරය හදනවිට කිව්වා කන්න තුනක් වගාකරන්න පුළුවන් කියලා. මහවැලි වතුර ගේනවිට අතරමැදි වැව් පද්ධතියක්ම විනාශ කළා. මේක වැව් බැඳි රාජ්‍යය අපේ රටේ වැව් 32,000ක් තිබුණා. ඒකෙන් වැඩිම ප්‍රමාණයක් තිබුණේ උතුරුමැද පළාතේ. මේ වැව් 32,000න් දැන් ඉතිරි වෙලා තියෙන්නේ 14,000ක් විතරයි.වැව් සම්පත විනාශ කරනවිට කීවා කඳුකරයෙන් ජලය ගෙනැවිත් දෙනවා කියලා. කලා වැවට වතුර දෙනවිටත් කිව්වා කන්න තුනක් වගාකරන්න වතුර ඇති කියලා. මේ යල කන්නයට මොකද වුණේ එච් කලාපයට. වතුර නැහැ. මොකක්ද සිදු වුණේ. අපේ වර්ෂාපතනයේ අඩුවීමක් තිබුණේ නැහැ. අපි මාස් කන්නය වගාකරලා ඉපනැල්ලට කවුපි ගැහුවා දින හතළිස් පහයි. ආපසු යල කන්නයට වී වැපිරුවා. අද එක කන්නයි. මේකයි සිද්ධවෙලා තියෙන්නේ. අපේ වාරිමාර්ග පද්ධතිය සුනු විසුනු කළා පාලකයෝ. අපි ඔක්කොම එකතු වුණොත් වසර 71ක් රට විනාශය කරා ඇදගෙන ගිය පාලනය අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. අපේ මිනිස්සුන්ට සැනසුම, සතුට තියෙන මාවතකට ගෙන එන්න වුවමනායි. අන්න ඒකට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ නිසා නොවැම්බර් 16 වැනිදා අපි ඔක්කොම එකතුවෙලා ජයග්‍රාහී තීන්දුවක් ගනිමු. වසර හැත්තෑ එකක මේ ගමන් මග වෙනුවට සුබදායි දේශපාලන තීන්දුවක් රට වෙනුවෙන් ගැනීමට ජාතික ජන බලවේගය සමග එකතු වී කටයුතු කරමු.” යැයි ද අනුර දිසානායක මහතා කීවේය. ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සහ කලාකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම ජන හමුව ඇමතූහ.මෙම අවස්ථාවට ජාතික විද්වත් සංවිධානයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක, රංගන ශිල්පීන් වන දීපානි සිල්වා, චන්ද්‍රසෝම බිංදුහේවා, ජගත් මනුවර්ණ, සමනලි ෆොන්සේකා, සම්මානනීය සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ. 
“හොරකම් කළ මහජන දේපළ යළි රජයට පවරාගන්නවා“
1
hp_train_0674
(මනෝප්‍රිය ගුණසේකර) වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව ලබන ජුනි මස 19 වැනි දා සිට දිනපතා විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (23) තීරණය  කළේය.ඒ අනුව පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සිතාසි නිකුත් කළේය.මෙම නඩුව විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට මුල් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාද ඉන් පසුව නිසි පරිදි චෝදනා ගොනු කර නොමැති බව සඳහන් කරමින් සෙසු විත්තිකරුවන් සිව්දෙනෙකු විසින් ද ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගැනීමෙන් පසුව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එලෙස තීරණය  කළේය.හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි චෝදනා ගොනු කිරීමෙන් මාස 9 ක පමණ කාලයකට පසු මෙම නඩුව විභාග කිරීමට මෙලෙස නියම විය.ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.දණ්ඩ නිති සංග‍්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකර ඇති බවද නීතීපතිවරයා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස නීතීපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආරක්‍ෂ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඩී. මහින්ද සාලිය සහ එම්.ඒ. ශ‍්‍රිමති මල්ලිකා කුමාරි සේනාධීර යන හත්දෙනා නම් කොට ඇත.මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පළමුවැනි විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාගේ රෝගී තත්වයකට ප‍්‍රතිකාර ගැනීම සඳහා ඔහුට  සිංගප්පුරුවට  යෑමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තියේ ඉල්ලීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි පැවසීය.පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ වසන්ත පෙරේරා සහ රජයේ නීතීඥ උදාර කරුණාරත්න යන මහත්වරු සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පෙනී සිටියහ.
ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරක නඩුවේ විත්තිකරුවන් හය දෙනා නිදහස්
0
hp_train_0675
(කටුනායක ටී.කේ.ජී.කපිල )විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (14) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.ඔහු 37 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .ඔහු අද (14) ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.ඔහු රැගෙන විත් තිබූ ගමන් මලු කීපයක සිය පෞද්ගලික ඇඳුම් අතර මෙම දුම්වැටි තොගය සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.එහි රුපියල් 14,70,000 ක් වටිනා දුම්වැටි 29,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 147 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතය.
ලක්ෂ 15 ක දුම්වැටි ගෙනත් ගුවන් තොටුපොළේදී අසුවෙයි
1
hp_train_0676
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතවූ තවත් 31 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,533 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 16දෙනෙක් සහ කාන්තාවෝ 15 දෙනෙක් වෙති.මියගිය අයගෙන් 26 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන පස් දෙනකු ද වෙති. 
කොවිඩ් මරණ 5,000 ඉක්මවයි
0
hp_train_0677
(සුජිත් හේවා ජුලිගේ සහ ආරියරත්න රණබාහු)“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නොවේ” යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවැසීය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝළය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (10) පෙරවරු 10.30ට රැස්විය.අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. ජනපති ප්‍රකාශයෙන් ජනතා බලාපෙරොත්තු ඉටුවුණේ නැහැ. ජාතික ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට අපොහොසත්වී තිබෙනවා. රටේ පාලන තන්ත්‍රය කඩා වැටිලා ඉවරයි. එය වැළැක්වීමට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළේ නැහැ. පාර්ලිමේන්තුව අවශ්‍ය වන්නේ විශ්වාසයයි. අද රජය බිඳ වැටිලා. අරාජිකත්වයක් වගේම බංකොළොත් භාවයක් රට තුළ තියෙනවා. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. අපොහොසත් රජයක්. ඇමැතිවරුන් 16 දෙනකු ගැලවිලා ගියා. මේ ඇමැතිවරු නඩත්තු කරන්නේ මොන කෙංගෙඩියකට ද? ආණ්ඩුව ඩොලරය රුපියල් 158ට ගෙනල්ලා ඉවරයි. රුපියල දිනෙන් දිනම වැඩි වෙනවා. ආණ්ඩුව ලොකු මූල්‍ය අර්බුදයකට ලක්වෙලා. ගජ මිතුරන්ගේ හොඳම ගජ මිතුරෝ මහ බැංකුව කොල්ල කාපු අය. ජනපති ප්‍රකාශයේ ඒ ගැන වචනයක්වත් නැහැ. පළාත් තුනක ජන්දය නැහැ. ජනපති ඒ ගැන කතා කළේත් නැහැ. සැප්තැම්බර් වනවිට උතුරේ මධ්‍යම හා වයඹ පළාත් සභාවල කාලය ඉවර වෙනවා. යෝජනාව ස්ථිර කරමින් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස) මෙසේ කීය: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුලින් වසර 2025 දක්වා කෙසේ වෙතත් ඉදිරි මාස 17 දක්වාත් ගෙනයන වැඩ පිළිවෙළක් පෙන්වා නැහැ. පසුගිය වසර 3 1/2 තුළ රටට කිසිදු වැඩක් කර නැහැ. රටේ ජාතික සම්පත් විකුණා එදා වේල ටුවර්ස් බවට ආණ්ඩුව පත්ව තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ණය ගෙවනවා කිව්වත් ඒ කරපු දෙයකුත් නැහැ. අද ගොවියාට යන එන මං නැහැ ඔහු ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්වෙලා. මේ ආණ්ඩුව දුවන්නේ බදු දඩ සහ ණය මතයි. බලු මයිලක්වත් වටින්නේ නැති රටට නොගැළපෙන ඡන්ද ක්‍රමයක් හැදුවා. ඒ ඡන්ද ක්‍රමය වහාම අහෝසි කර රටට ගැළපෙන සර්ව ජන ඡන්ද ක්‍රමයක් හැදිය යුතුයි.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ගැන වැරැදි ප්‍රකාශ කරමින් රට නොමඟ යැවීමට හදනවා. එතුමා මේ කතාව කළේ රජකුගේ ලීලාවෙන් නොවෙයි. පොදු යහපත සඳහා කළ කතාවක්. නමුත් මේ ගැන කතා කරන එක්කෙනෙක්වත් ඒවා ගැන කියන්නේ නැහැ. මේ ආණ්ඩුව මොකක්වත් කළේ නැති ආණ්ඩුවක් ලෙසයි හඳුන්වන්නේ. තොරතුරු දැන ගැනීමේ පනත, ඖෂධ මිල පාලනය, 19 වැනි සංශෝධනය, සිසුන්ට සුරක්ෂා රක්ෂන ක්‍රමය ගැන කියන්නේ නැහැ. ජී.එස්.පී. සහනය ලබා ගැනීම, මත්ස්‍ය තහනම ඉවත් කිරීම ගැන ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපතිතුමා මේ රට භාර ගන්නා විට තිබුණු අඳුරු අතීතය කාටවත් මතක නැහැ. පසුගිය කාලයේ තරම් විශාල ඇමැති මණ්ඩලයක් අපි නඩත්තු කරන්නේ නැහැ. අද සුදු වෑන් එන්නේ නැහැ. මාධ්‍යවේදීන් ඝාතනය වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා වුණත් විවේචනය කරන්න පුළුවන්. මාධ්‍ය ආයතන ගිනි තියන්නෙ නැහැ. විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා: උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නය විසඳීමට කටයුතු නොකිරීම නිසා තමයි රටේ හැම ප්‍රශ්නයක්ම ඇතිවීමට හේතුව. මේ රටට කවදාවත් හොඳ කාලයක් එන්නේ නැහැ. මේ ප්‍රශ්නය විසඳුවේ නැත්නම් මේ ගැටලුව විසඳීමට සියලු දෙනාම එක්වන ලෙස මා ආයාචනා කරනවා. සමහරුන්ට මේ ප්‍රශ්නය නොවිසඳා තබා ගැනීමට අවශ්‍යයි. මේ රටේ සියලුම පුරවැසියන්ට එක හා සමානව සැළකිය යුතුයි. අපි මේ රට බෙදීමට ඉල්ලා සිටින්නේ නැහැ. එසේ ඉල්ලන අයට අපගේ පක්ෂයේ කිසිදු සහායක් නැහැ. අපගේ ස්ථාවරය එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීමයි. පාර්ලිමේන්තුවෙන් දූෂණය තුරන් කරන්න ඕනෑ,නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා:උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් තවමත් හමුදාව අතේ තියෙනවා. ඒවා ඒ ජනතාවට දිය යුතුයි. ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට යෝජනා ජනපතිගේ කතාවේ තිබුණේ නැහැ. අපේ ජනතාව රැවටිල්ලට ලක්වෙලා.නියෝජ්‍ය කාරක සභාපතිවරයා මුලසුනට පැමිණියේය.නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් විදියට සංශෝධනය කළ යුතුයි. කෑල්ලෙන් කෑල්ල කිරීමට යෑම හොඳ දෙයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනපති ක්‍රමය ඉවත් කරන්න යෝජනාවක් ගේන්න යනවා. ජනපතිගේ ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වචනයක්වත් නැහැ. ඒ ගැන කනගාටුදායකයි. උතුරේ ඉඩම්වලින් සියයට 85ක් ජනතාවට දුන්නා කියලා ජනපති ප්‍රකාශයේ සඳහන් වුණා. ඒක පිළිගන්න පුළුවන්ද ?. අපේ ජනතාවගේ ඉඩ කඩම් තවම ලැබී නැහැ.මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි විජිත බේරුගොඩ මහතා (එජනිස): පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව දෙදරුවා. අගමැති විශ්වාස භංගයෙන් දිනුවට ඔහුට ජනතා අධිකරණයෙන් නම් සහනයක් ලැබෙන එකක් නැහැ. මේ ආණ්ඩුවට තියෙන්නේ තව මාස 18 යි. මේ ආණ්ඩුවෙන් ජනතාවට මොනවාද වුණේ. අද ලොකු ජීවන අරගලයක් ඇතිවෙලා. දුක් විඳින ජනතාව ඉන්නේ බොහොම අතෘප්තියෙන්. ආණ්ඩුවට පොරොන්දු ඉටු කරන්න බැරි වුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් මහතා (එජාප):ත්‍රිකුණාමලයේ ජනතාව අද රැවටිල්ලට ලක්වෙලා. අපේ ජනතාව වැඩි පිරිසක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. එජාපයට ජයගත නොහැකි සේරුවිලත් දිනුවා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී):පළාත් සභාවල මුදල් ආපහු රජයට හරවලා යවනවා නම් වැඩක් නැහැ. පළාත් සභා සුදු අලියෙක් නොවෙයි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:- අධ්‍යාපනය සෞඛ්‍යය, ජනගහනය සඳහා වැඩිබර ප්‍රතිපත්තියක් යෙදවිය යුතුයි. සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වඩා අධිවේගී මාර්ග සඳහා වියදම් කර තිබෙනවා. කොට්ටාව මාර්ගයෙන් අපට ලැබෙන්නේ කළ වියදමෙන් හයෙන් එකයි. කවර ක්ෂේත්‍රවලට වියදම් කළ යුතු දැයි විද්‍යාත්මකව සෙවිය යුතුයි. ලංකාවේ නම් එය කළ යුත්තේ පර්යේෂණ සඳහායි. විද්‍යානුකූල ආණ්ඩු ක්‍රමයට හොඳම උදාහරණය මැලේසියාවයි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය හැරුණු විට කරන අනෙක් ආණ්ඩු ක්‍රමය යන්නන් වාලේ කරන බොරු ෂෝක් දේශපාලනය.අවස්ථා දෙකක් හැර පසුගිය අවුරුදු 70 තුළම අපේ රට එය කර තිබෙනවා. නමුත් 70 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජයත් 77 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයත් ප්‍රතිපත්ති දෙකක සිට රට ආණ්ඩු කිරීම තමයි වෙනස්වූ ආණ්ඩු ක්‍රම දෙක. සිරිමා මැතිනියගේ ක්‍රමය අසාර්ථක වුවත් වෙනත් රටවල් ඒ ක්‍රමය අනුගමනය කර දියුණු වී තිබෙනවා.අනුරාධපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා:මේ විවාදය පැවැත්වෙන අවස්ථාවේ දැන් සභාව තුළ ආණ්ඩුව නියෝජනය කිරීමට සිටින්නේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පමණයි රජයේ ප්‍රතිපත්තිය නියෝජනය නොකර මැති ඇමැතිවරු රැසක් මේ විවාදයට එන්නේ නැහැ වගෙයි. පළාත් සභා 7 ක් විසුරුවා තිබෙනවා. නමුත් ඡන්ද නැහැ. ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා පමණයි.යෞවන කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂණ් පෙරේරා මහතා:-අද අපි වාර්තාගත අපනයන මේ රටේ සිදුකර තිබෙනවා. දුප්පත්කම අපි සිතු පරිදි අඩු කරන්න බැරිව ගියා. එස්. බී. දිසානායක මහතා සමෘද්ධි ඇමැති ලෙස කළ හානිය හරි විශාලයි. සමෘද්ධි අමාත්‍යාංශය ජනතාව දුප්පත්කමින් මුදවා ගත යුතු වුවත් එය හරි හැටි ඉටු කළේ නැහැ. ෂෙහාන් සේමසිංහ මහතා (එජනිස) මුලසුනට පැමිණියේය.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා: තමුන්නාන්සේලා මේ රට ගොඩනඟන්න අපොහොසෙත්වී තිබෙනවා. ඔබලා ගත කළේ නිස්කාරණ අවුරුදු තුනක්. ජනපතිගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේද ඒකයි. ජනතාවගේ වැඩිම දෝෂාරෝපණයට ලක්වූ අසාර්ථකම පාලනය රනිල්-මෛත්‍රී පාලනයයි. තිබූ අර්බුදය පවා උත්සන්න කළා. සමෘද්ධි මුදල් වංචාවක් ගැන කියනවා. එස්.බී. එළියට නාව නම් ඕක කියන්නේ නැහැ. අදටත් තියෙන්නේ බල පොරය විතරයි. මේ කාලයම වැය කළේ පක්ෂ අර්බුද විසඳා ගැනීමටයි. මේ බල තරගයෙන් කිසිවකුට ජයග්‍රහණ ගෙන දුන්නේ නැහැ. අද පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අකර්මන්‍යයි. අද වංචා දූෂණ තියෙන්නේ රජ ගෙදර ඇතුළෙයි. මහානාම යකඩ විකිණීමටකට සම්බන්ධ වුණේ කොහොමද? කාර්ය මණ්ඩල ප්‍රධානී යකඩ වෙළෙන්ඳෙක් ද? දූෂණය අගමැතිවරයාටත් සම්බන්ධයි. රජවරුන්ගේ ආරක්ෂාව මත වංචාව, දූෂණය වෙනවා. අරටුවක් නැති බොල් පාලනයක්. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප): සැසිවාරය අවසන් කළාම විපක්ෂයට ලොකු ජොලියක් ආවා. ආණ්ඩුවේ වලියක් කියලා රට පුරා ප්‍රකාශ කළා. එයාලගේ සිහිනය සැබෑ වුණේ නැහැ. ආණ්ඩුව තවමත් ඉදිරියට යනවා. මහින්ද කවදාවත් සැසිවාර අලුත් කළේ නැහැ. ඒක දිගට ගෙන ගියා. ඒකාධිපති ගමනක් ගියා. ජනපති තමන්ගේ ධුර කාලය ගැන අධිකරණයෙන් ඇහුවා. අධිකරණයට හිස නැමුවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්ල ගුණවර්ධන මහතා: ඔබලා රට හිර කරලා ඉවරයි. ඛනිජ තෙල් සූත්‍රයක් හදන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට කිව්වා. තෙල් මිල වැඩි කරන්නම වෙනවා. මහින්ද හදපු රට මේ අය ඇවිල්ලා කඩා දැම්මා. මූල්‍ය අරමුදල මේ ආණ්ඩුව හිර කරලා ඉවරයි. කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. සුළු කර්මාන්තකරුවෝ ගණන් ගන්නේ නැහැ.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා (දෙජාසං):රට තුළ අද බිය සැක නැති වාතාවරණයක් තියෙනවා. මේ රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ජනපති ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වචනයක් හෝ සඳහන් නොවීම ගැන අපේක්ෂා භංගත්වයක් තියෙනවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප): අප නැවත අර්බුදයකට ලක්ව තියෙනවා. සමහර පනත් ගේන්න කටයුතු කරන්නේ නැහැ. අප විවිධ ජන කොටස්වල හැඟීම් තේරුම් ගත යුතුයි. අලුත් මාර්ගයක යන ගමන නැවතී තියෙනවා. ආණ්ඩුකාරවරු 9 ක් පත් කළා. එක මුස්ලිම් අයකු නැහැ. චිත්‍ර ඇඳලා, කවි ලියලා, නාට්‍ය පෙන්නලා ජාතික සමගිය හදන්න බැහැ. මුජිබර් රහුමාන් මහතා මුලසුනට පැමිණියේය. පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප):19 වැනි සංශෝධනයෙන් ලොකු දේවල් වුණා. ප්‍රමාද වෙලා හරි තොරතුරු පනත ගෙනාවා. අද ඕනෑම තොරතුරක් ඕනෑම පුරවැසියකුට ගන්න පුළුවන්. අද ස්වාධීන කොමිෂන් සභා ටික ක්‍රියාත්මකයි. ස්වාධීන කොමිෂන් සභා ගැන සතුටු වෙනවා. ලොකු බලධාරින් අල්ලා ගත්තේ අල්ලස් කොමිසම ස්වාධීන කරපු නිසයි. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනවාට අප පක්ෂයි. නමුත් ඒකෙන් පමණක් ජාතික සමගිය ආරක්ෂා වන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා (එජනිස):රජයේ අසාර්ථක බව ජනාධිපතිතුමාත් එතුමාගේ කතාවෙන් පිළිගත්තා. මහතීර් මොහොමඞ්ගේ වයස 92යි. ආපහු බලයට එනවා. අපේ මහින්ද මහත්තයාත් බලයට එන දිනය වැඩි ඈතක නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම පක්ෂයකට මුක්කු ගැහුවා.මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රි ශ්‍රී නේෂස් මහතා (දෙජාසං): රට බෙදන්න යනවා කියලා කාලයක් හඬ නැගුවා. නොබෙදුණු රටක් තුළ බලය බෙදා ගැනීමට එකතුවිය යුතුයි. සියලු ජාතින් සමව ජීවත්වීම වැදගත්. ගාලු දිස්ත්‍රික් මන්ති්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප): බන්දුල ගුණවර්ධනගේ අදහස් හොඳයි. නමුත් ප්‍රායෝගික නැහැ. ආණ්ඩුවක් කරන හැම දෙයක්ම සාර්ථක වන්නේ නැහැ. මහින්ද මේ රටට සියයක් කළා නම් මෛත්‍රීට පැරදුණේ මොක ද? රටේ තවමත් තෙල් මිල අඩුයි. එදා තෙල් මිල කොහොමද? අද කොහොමද? මේක පණ යන ආණ්ඩුවක් නොවෙයි.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජනිස):මේ ආණ්ඩුවට මේ ආර්ථික ක්‍රමයෙන් ඉදිරියට යන්න බැහැ. රවි කරුණානායක මහතා මුල් අයවැය වලින්ම ඒක කෑවා. මධ්‍යම අධිවේගී මාර්ගයට මම විරුද්ධ වුණා. ඒකට ඩොලර් මිලියන 900ක් වැය කළා. මහා ව්‍යාපෘතිවලට මුදල් වැය කළේ කොමිස් ගැනීම සඳහායි. 2020 දක්වා මේ ආණ්ඩුවට යන්න බැහැ. අනුරාධපුර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී චන්දිම ගමගේ මහතා:විවාදය ඉල්ලපු අය නැහැ. ආණ්ඩුවෙන් ගිය කිහිප දෙනෙකු පමණක් සිටිනවා ඒක ගැන සතුටුයි. යහපාලන ආණ්ඩුව ආවාට පස්සේ දුප්පත් පවුල් ලක්ෂ ගණනකට විදුලිය දී තිබෙනවා. පසුගිය රජය කාලේ වැඩිපුරම කළේ සංවර්ධනය නොවෙයි හොරකමයි. මහතීර් මොහොමඞ් වීමට රාජපක්ෂවරුන් කාටවත් බැහැ.එඞ්වඞ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය. දිගාමඩුල්ල දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී කවින්ධන් කොඬේස්වරම් මහතා:ජනාධිපතිතුමාගේ කතාව කෙරෙහි සුළු ජාතිකයන් විශාල බලාපොරොත්තු තබා ගෙන සිටියා. සුළු ජාතික ජන්දවලින් බලයට පත් මෙම ජනාධිපතිවරයාත් අපිව රවටනවා නේද කියල සුළු ජාතිකයන් සිතනවා. දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අවැසි බව ප්‍රධාන පක්ෂ දෙකම කිව්වා. නමුත් ඔවුන් ඒවා කතාවට පමණක් සීමා කළාද කියන සැකය තිබෙනවා.වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා:2015 ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවුණේ ජිනීවා කේන්ද්‍රය බලලා මිස ලංකාවේ කේන්ද්‍රය බලලා නොවෙයි. බලවත් රටවල් අපේ රටට ආර්ථික සම්බාධක දාන්න හැදුවා. ජනවාරි 8 වැනිදා සිදුවූ විප්ලවය සමඟ අපට රණවිරුවන් ආරක්ෂා කිරීමට හැකි වුණා. ජාත්‍යන්තරයේ ලකුණු ලැබෙන්නේ කතාවට හෝ කරට අත දාගෙන හිටියට නොවෙයි. කරපු වැඩ කොටස් අනුවයි. ඔවුන් ඒ අනුව වාර්තා සකස් කරනවා. අද අප ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව සිටිනවා. ලකී ජයවර්ධන මහතා (එජාප) මුලසුනට පැමිණියේය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප):“එකමුතු භාවය රැක ගැනීමේ වැඩ පිළිවෙළක් අවශ්‍යයි. අප අන්තවාදය පැත්තකට දාන්න ඕන. අප දින සියය තුළ කරපු දේවල් සමහරුන්ට අමතකයි. අප රජයේ සේවකයාගේ වැටුප් වැඩි කළා. 10,000 වැඩි කළා. හැමදේම නිකම් දීම නොවෙයි වැඬේ. කළ යුත්තේ දුප්පත්කම නැති කිරීමයි. අද වැඩියෙන් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ මේ ආණ්ඩුව හදපු අපටයි.පත්කළ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (එජනිස):දෙමළ ජාතික සන්ධානය පසුගිය කාලය තුළ දී ක්‍රියාත්මක කළේ දෙමළ ජනතාව වෙනුවෙන්ද? එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ආරක්ෂා කිරීමට ද යන ප්‍රශ්නය තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය ගොනාට ඇන්දුවේ ජයම්පති වික්‍රමරත්න මහතායි.වන්නි දිස්ත්‍රික් (දෙජාස) ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය:ඩිලාන් පෙරේරා මහතා දෙමළ ජාතික සන්ධානය ගැන බොරු කිව්වා. නමුත් ජනාධිපතිතුමා අපි ගැන මුකුත් නොකීම ගැන කනගාටුවක් තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:ජනාධිපතිතුමා වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර වේලක් ජනතාවට දෙන්න හදන විට ජනතාව ඒකට කැමැති නැහැ. දේශපාලනයේ දී පසුගිය කාලයේ දී සිදු වුණේත් එවැනි දෙයක්. යාපනය දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී ඊ. සරවනබවන් මහතා:නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අප බලාපොරොත්තු තබාගෙන සිටියා. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දෙයි කියන බලාපොරොත්තුවෙනුයි අපි ආණ්ඩුවට සහාය දුන්නේ. නමුත් අපි යහපාලන ආණ්ඩුවට රැවටුනා ද කියන කාරණය දැන් මතුව තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී එම්. තිලකරාජා මහතා:ජනාධිපතිතුමා මේ වනවිට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේ වෙනස්කම් තිබෙනවා. ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩා වෙනස් කාරණා ඇතුළත් කර පක්ෂයක සභාපති ලෙස දෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.පාර්ලිමේන්තුව අද (11) පෙරවරු 10.30 යළි රැස්වේ.  
ජනතාවගේ බදු මුදල් සමග ක්‍රීඩාව පටන් අරන්
0
hp_train_0678
 රුපියල් කෝටි එක හමාරක් වටිනා රත්තරන් කිලෝග්‍රෑම් තුනක් අඩංගු පාර්සල් දෙකක් තම දණහිස් ආවරණයේ බැඳගෙන ගුවන්තොටුපොළෙන් පිටකිරීමට උත්සහ කළ  මෙරට ප්‍රසිද්ධ ගුවන් සේවා සමාගමක සේවයේ නියුතු පුද්ගලයෙකු  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  හුවමාරු පර්යන්තයේ වැසිකිලියක් තුළ සිටියදී අද  අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය. මෙම වසරේ  රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබු විශාලතම රන් තොගය මෙය බවත් ඔහු කීවේය.සැකකරු දෙහිවල ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටින මහනුවර පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.ඔහු  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ   රන් කැබලි 15 බැගින්  වූ  පාර්සල් දෙකක්  ඔහුගේ දණහිස් වල ගැට ගසා තිබු බව රේගුව කියයි.රේගු නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ සිංගප්පුරුවේ සිට පැමිණි ගුවන් මගියෙකි තමන්ට මෙම  පාර්සල් දෙක  ලබා දුන් බවයි. ගුවන් මගියා සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇති බව රේගුව අනාවරණය කරගෙන ඇත.ගුවන්තොටුපොළ ආරක්ක්ෂක අංශ විසින් ලබා දුන් තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර අදාල ගුවන් මගියා සහ මෙම රත්තරන් රැගෙන යාමට පැමිණි ඇති තැරැව්කරු අත්අඩංගුවට ගැනීම සඳහා රේගුව වැඩිදුර විමර්ශන සිදුකරයි.මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක රංජන් හේවාගම මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඩී.එම්.ජී නිමල්තිලක, අමිත් උදයපාල, ෙජ්.කේ ආරියදාස, පියතිස්ස පතිරණ සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන්ව අනුර කංකානම්ගේ, පී.එල් වනිගසිංහ, පී.එච්.යු.අයි විෙජ්පාල සහ සහකාර රේගු අධිකාරීවරුන්වන රුවන්වැල්ල අල්විස් සහ එල්.එන් ජයසුන්දර යන නිලධාරීහු සිදු කරති. 
දෙකෝටියක රට සල්ලි පස්සෙන් එළියට
0
hp_train_0679
(ජුඩ් සමන්ත) ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  අද (08) සහ හෙට (09)  දෙදින තුල ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර  තිබේ.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දීමේදී, නව පත් කිරීම්  සිදු කිරීමේදී  වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අත්තනනෝමතිකව  කටයුතු කරන බවත්, සේවා  හැදුනුම්පත් ලබා දීම සදහා වසර 02 කට පෙර සියළුම තොරතුරු ලබා ගෙන ඇතත් එය ඉටු නොකිරීම,වසර 06 කට වැඩි කාලයක් ගමන්මළු ලබා නොදීම යන කරුණු  මුල් කරගනිමින්  මොවුහු මෙම වැඩ වර්ජනයට අවතීරණව සිටින බව  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රොහණ මහතා සදහන් කළේය. ඒ අනුව  අද (08) සිට තලවිල දේවස්ථානයේ විශේෂ රාජකාරි සදහා වාර්තා කර ඇති මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන් හැර සෙසු සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  සේවයෙන් ඉවත් වී ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් 60 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 115 දෙනෙකු වෘත්තීය ක්‍රියා මාර්ගයට සම්බන්ධ වී ඇත. 
වයඹ සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරති
1
hp_train_0680
(නිමල කොඩිතුවක්කු) කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකයින් නගා සිටුවීමේ  අරමුණින් ක්‍රියාත්මක ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලාභීන් 664කට මිලියන 275ක මුදලක් ලබාදී තිබේ.ණය යෝජනා ක්‍රමය පිළිබදව ලංකා බැංකුව මගින් ඉදිරිපත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තා ඇසුරින් මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරයි.මෙම ණය ව්‍යාපෘතිය මගින් මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන ලෙස ව්‍යවසායක ණය නිකුත් කර ඇති අතර දිස්ත්‍රික් හා පළාත් වශයෙන් ව්‍යවසායකයින් දැනුවත් කරමින් ක්‍රියාකාරී ලෙස ව්‍යවසායක ණය නිකුත් කරමින් පවතී. ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.රත්නපුර දිස්ත්‍රික්කය තුළ මෙම සතිය වන විට ව්‍යාවසායක ණය 104ක් සම්පුර්ණ කිරීමට සමත් වී ඇති අතර එය එක් දිස්ත්‍රික්කයක් මගින් මෙතෙක් නිකුත් කළ ඉහළම ණය සංඛ්‍යාව ලෙස වාර්තා වෙයි. සබරගමුව පළාත ව්‍යවසායක ණය 131ක් නිකුත් කරමින් පළාත් අතර ඉදිරියෙන්ම සිටියි.උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් වයාපාරයේ නියැලි සිටින සහ වසර 40කට නොවැඩි තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම්/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි. දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක.ලංකා බැංකුව අග්‍රාමාත්‍ය  කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවැත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇතුළුව දිවයිනේ සියළුම ප්‍රදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් හි මැදිහත් වීම මත මෙම ණය යෝජනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 
තුරුණු දිරියෙන් කෝටි 18 ක ණය ප්‍රදානය කරලා
0
hp_train_0681
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කවලත්   තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලහේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 50 වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.පුත්තලමේ සිට කොළඹ,ගාල්ල සහ මාතර දක්වා මුහුදු සීමාවේ ද තරමක් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  
අදත් පළාත් රැසකට වැස්ස
1
hp_train_0682
(ඩයනා උදයංගනී)උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (8) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.සබරගමුව පළාතේත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීය. 
අද කාලගුණ තත්ත්වය
0
hp_train_0683
 (එම්. සුසිල් ප්‍රියන්ත) මුහුදු බඩ දුම්රිය  මාර්ගයේ අම්බලන්ගොඩ දුම්රිය නැවතුම් පොළ ආසන්නයේදි අද (30) අයෙකු දුම්රියේ  ගැටී මරුමුවට පත්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. මිය ගොස් ඇත්තේ කාරියවසම්  ගෝනාපිනුවල ගමගේ ගාමිණි  නමැති 59 හැවිරිදි දෙදරු පියෙකු බවද පොලීසිය කියයි. වව්නියාව සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියේ ඔහු  ගැටී ඇති බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දුම්රියේ ගැටී අයෙක් මරුට
1
hp_train_0684
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත අගෝස්තු මාසයේදී සියයට 7.9ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය මේ වසරේ ජූලි මාසයේදී සියයට 6.3ක්ව පැවැති අතර එය අගෝස්තු මාසයේදී සියයට 1.6කින් සියයට 7.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. අගෝස්තු මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩයද දායක වී ඇත.  මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මේ වසරේ ජූලි මාසයේ වාර්තා වූ දර්ශක අංක 122.4 සිට අගෝස්තු මාසයේදී දර්ශක 122.3ක් දක්වා පහළ ගොස් තිබේ.  ආහාර කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් පහළ යෑම මෙම මාසික පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන අතර ආහාර කාණ්ඩය තුළ එළවළු, රතුලුණු, සුදු ලුණු, මාළු සහ සහල් මිල ගණන් මාසය තුළ දී පහළ ගොස් ඇති බව ද මහ බැංකුව සඳහන් කරයි. එමෙන්ම ලොකු ලුණු, ඇතැම් පළතුරු වර්ග, පොල් සහ අර්තාපල්වල මිල ගණන් ද ඉහළ ගොස් තිබේ. රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, සෞඛ්‍ය (පුද්ගලික රෝහල් කාමර ගාස්තු), ප්‍රවාහන (ගුවන් සේවා ගාස්තු), අධ්‍යාපන (වෘත්තීය අධ්‍යාපන පාඨමාලා ගාස්තු) සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩවල මිල ගණන්ද ඉහළ ගොස් තිබේ.  මේ වසරේ අගෝස්තු මාසයේදී නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන සහ සන්නිවේදන උප කාණ්ඩවල මිල ගණන් ද සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. මධ්‍යසාර පාන හා දුම්කොළ (පුවක්) උපකාණ්ඩවල ඇතුළත් අයිතමවල මිල ගණන් ද පසුගිය මාසයේදී ඉහළ ගොස් තිබෙන අතර විනෝදාත්මක හා සංස්කෘතික, ආපනශාලා සහ හෝටල් උපකාණ්ඩවල මිල ගණන් මාසය තුළ දී නොවෙනස්ව වී ඇත.  ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත මේ වසරේ ජූලි මාසයේදී පැවැති සියයට 4.2ක සිට අගෝස්තු මාසයේදී සියයට 4.8ක් දක්වා ඉහළ ගොස් තිබේ. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය ජූලි මාසයේදී සියයට 5.9ක් වූ අතර එය අගෝස්තු මාසයේදී සියයට 5.8ක් දක්වා පහළ ගිය බවද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි. (055)
සැප්තැම්බර් මාසයේදී උද්ධමනය පහළට
0
hp_train_0685
(මනෝප‍්‍රිය ගුණසේකර)සේවක අර්ථ සාදක අරමුදල් නොගෙවූ ගරාජ් හිමියකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ගරාජ් හිමියාගෙන් රුපියල් ලක්‍ෂ 1 1/2ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ මාතලේ දිස්ත‍්‍රික් හිටපු කම්කරු නිලධාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වසර 14 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 1 1/2ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ තුෂාරී දයාරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය.චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ මාතලේ දිස්ත‍්‍රික් කම්කරු නිලධාරීවරයා ලෙස කටයුතු කළ බිම්සර ලීල් කොඩිතුවක්කු නමැත්තාටය.2013 සැප්තැම්බර් මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාතලේ දිස්ත‍්‍රික් කම්කරු නිලධාරීවරයා ලෙස කටයුතු කරමින් සේවක අර්ථ සාදක අරමුදල් නොගෙවු සචින් නිරාජ් කුලතුංග නමැත්තාට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 1 1/2ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් මත අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.මේ සම්බන්දයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම සියළුම චෝදනාවන්ට ඔහු වරදකරු කළේය.පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ තුෂාරී දයාරත්න මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් රාජ්‍ය සේවකයින් අල්ලස් ලබා ගැනීම හේතූවෙන් රාජ්‍ය සේවකයින් මහජනතාව අතර පිළිකුල ලක් වනවා මෙන්ම රටේ ආර්ථිකයටද දැඩි හානි සිදුවන බව පෙන්වා දුන්නාය.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ උපරීම දඩුවමක් විත්තිකරුට නියම කරන්නැයි තුෂාරී දයාරත්න මහත්මිය ඉල්ලා සිටියාය.ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට වසර 14ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කොට එය වසර 04ක කාලයකින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට නියම කළේය.ඊට අමතරව විත්තිකරුට නියම කළ දඩ මුදල් හා දණ්ඩන මුදල නොගෙවුවහොත් අමතර මාස 10ක සිරදඬුවමකටද ඔහු යටත් කළේය.පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ තුෂාරී දයාරත්න මහත්මිය පෙනී සිටියාය.    
අල්ලස් ගත් හිටපු ආදායම් බදු තක්සේරුකරුවකුට වසර 20 ක සිරදඬුවමක්
0
hp_train_0686
(අජිත්ලාල් ශාන්තඋදය) මේ වසරේ සබරගමු පළාතේ, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි භාෂාව සහ ප්‍රාථමික විෂයයන්ගේ  ගුරු පුරප්පාඩු 1500ක් ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය. මාධ්‍යයට අදහස් දක්වමින් තවදුරටත් පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ  ගම්බද පාසල්වල ඉගැන්වීම් කටයුතු නිසි පරිදි සිදුනොවීම නිසා නගරයේ පාසල් කරා දරුවන් ඇදී යාමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවයි. එහෙත් ඇතැම් ගුරුවරුන් පාසල් කාලයෙන් පසුවත් දරුවන්ට ඉගැන්වීම් කිරීම ඉතා අගය කරන බව කී පළාත් ආණ්ඩුකාරවරයා තවත් ගුරුවරුන් පිරිසක් සිය වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම නිසා මව්පියන් තම දරුවන් නගරයේ ජනප්‍රිය පාසල් කරා යොමුකිරීමට පෙළඹෙන බව ද කීවේය. සබරගමු පළාතේ අධ්‍යාපන මට්ටම සෙසු පළාත් අභිබවමින් පැවතුනත් මේ වනවිට විශාල පසුබෑමකට ලක්ව ඇති බවත් ඒ පසුබෑමට අධ්‍යාපන නිලධාරීන් වගකිවයුතු බවද කීවේය. අගය කළ යුතු ගුරුවරුන් අගය කරමින් දිරිමත් කළයුතු වුවත් බොහෝ අවස්ථාවල එවැනි අගැයීමක් නිලධාරීන්ගෙන් සිදුනොවන බව කී පළාත් ආණ්ඩුකාරවරයා දරුවන්ට ඉගැන්වීමේ ක්‍රියාවලියේ දී වගකීම් පැහැරහරින ගුරුවරුන් සම්බන්‍ධයෙන් ද සමහර නිලධාරීන් ක්‍රියාමාර්ග නොගන්නා බවක් පෙනෙන්නට ඇතැයි ද කීවේය. රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ පාසල් 1128ක ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්‍ෂ හතරකට සහ ගුරුවරුන් 25691ක් සම්බන්‍ධයෙන් අධ්‍යාපන නිලධාරීන්ගේ අවධානය මීට වඩා යොමුකර පළාතේ අධ්‍යාපනය ඉහළ නැංවීමට ක්‍රියා කළයුතු බවද කීවේය. පළාතේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය සම්බන්‍ධයෙන් තමන් දැඩි අවධානයකින් සිටින බව කී ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ අධ්‍යාපන සංකල්පය සබරගමු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද අවධාරණය කළේය.
සබරගමුවේ ප්‍රාථමික පාසල් 625 ක් 21 ඇරැඹේ
0
hp_train_0687
(මනෝප‍්‍රිය ගුණසේකර) සුදු බීඩී ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට රුපියල් 5,000/-ක අල්ලසක් ගැනීමේ චෝදනාවට වරදකරු වු තංගල්ල සුරාබදු නියාමකවරයාට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම සිරදඬුවම වසර 8ක කාලයකින් ගෙවී යන අන්දමට ක‍්‍රියාත්මක කරන්නැයි නියම කළේය.විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 24,000/-ක දඩයකට ද  ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 5,000/-ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ නීතීඥ රුවනි වික‍්‍රමසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ තංගල්ල සුරාබදු නියාමක කාර්යාලයට අනුයුක්තව සුරාබදු නියාමකවරයා ලෙස රාජකාරි කළ නිලන්ත සිසිරකුමාර මද්දුම පටබැඳි නමැත්තාටය.ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එක් චෝදනාවකට වසර 03 බැගින් චෝදනා 08 සඳහා වසර 24ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම් කාලය වසර 08කින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට නියම කළේය.
අල්ලස් ගත් උපදේශකට සිරදඬුවම්
0
hp_train_0688
(ක.ග.කරුණාරත්න) හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අද(14) පැවති මාසික රැස්වීමේදී 2020 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 21කින් සභාසම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 2ක් ලැබිණි. ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විපක්ෂව ඡන්දය දුන්හ.හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්.උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී රැස්වීම ආරම්භ විය. ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය කෙටුම්පත සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය. ප්‍රාද්ශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 8දෙනා අයවැය කෙටුම්පත සඳහා ජන්දය විමසීමට පෙර රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ. අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවේදී  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 10 දෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13දෙනා එක්ව අයවැයට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කළහ. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය 33 කින් සමන්විතය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර 13 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙයේ මන්ත්‍රී ධූර 10 ක්, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී ධූර 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධූර 2ක් වශයෙනි.
ඇල්ල ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්ද 7 කින් පරදී
0
hp_train_0689
(ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (20) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන මෙම විශේෂ ගුවන් යානය අද උදෑසන 8.22 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.මෙම ගුවන් යානයෙන් පැමිණි මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කෙරුණි. 
මාලේ-ලන්ඩන්-මෙල්බන් වලට ශ්‍රීලන්කන් සීමිත ගුවන් ගමන් අරඹයි
0
hp_train_0690
(ඩයනා උදයංගනී)නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (6) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ ද වැසි ස්වල්පයක් ඇතිවන බව එම නිවේදනයේ දැක්වේ.ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත. 
අදත් තැනින් තැනට වැස්ස
1
hp_train_0691
  (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)ශ්‍රේෂ්ඨාධිකරණයේ  විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ මහතා අගවිනිසුරු ධුරයේ වැඩ බැලීම සඳහා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය පළවිය.අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා  අද (08) දින සිට  ලබන 13 වැනි දා  දක්වා  විදේශගත වන හෙයින්ඒ  කාලසීමාව තුළ එම ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය මෙසේ පළවියඑමෙන්ම,විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පී.ජේ.කේ. එස්.ඩබ්ලිව් වික්‍රමසිංහ මහතා  අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික තනතුරක  පුරප්පාඩුව සඳහා  පත්කිරීමට පාර්ලිමේන්තු සභාව ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත.කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු සභාවට අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන සහ අමාත්‍ය   ඩග්ලස් දේවානන්ද යන මහත්වරුද  සහභාගී වූහ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ පත් කිරීමට යයි
0
hp_train_0692
රුපියල් විසි හත් ලක්ෂ අනූ අට දහස් හයසිය දහ අටක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් මල්ලේ සගවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද  අත් අඩංගුවට ගනු ලැබීය.සැකකරු දෙමටගොඩ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.අත් අඩංගුවට ගනු ලැබු විදේශ මුදල් අතර සෞදි රියාල් 70,000 ක්, කුවෙට් ඩිනාර් 360ක්, බහරේන් ඩිනාර් 80ක්, ජෝර්දාන් ඩිනාර් 25ක් සහ  ඕමාන් රියාල් 20 ක් තිබු බව රේගුව කියයි.සැකකරු මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ජේ  407 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.මේ පිළිබඳ රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සිසිරද සිල්වා මහතා විසින් සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කළ රේගුව එම මුදල් තොගය රාජසන්තක කළේය.මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සිසිර ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන උපුල් වසන්ත සහ අශෝක රත්නායක යන නිලධාරීහු සිදු කළහ.  
ලක්ෂ 26 ඩුබායි ගෙනයන්න බැරිවේ
1
hp_train_0693
(අමදෝරු අමරජීව)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කන්තලේ ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා සභාපති සමන් ඒකනායක මහතා අද (13) ඉදිරිපත් කරණු ලැබූ අයවැය වැඩි ඡන්ද 13කින් සභා සම්මත විය.අයවැයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11 ට අමතරව එම පෙරමුණට සහය දක්වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු හතර දෙනා සමඟ සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසයේ  මන්ත්‍රීවරයෙකු හා ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදීම විශේෂත්වයක්  වුහ.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියන් තිදෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයෙන් පිටවුහ. ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයෙකු  ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිම ද විශේෂත්වයකි.
ත්‍රිකුණාමලය නගර සභාවේ අයවැය සම්මතයි
0
hp_train_0694
  (රොමේෂ් මධුෂංඛ)                    මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හා ගංවතුර තත්වයන් හේතුවෙන් යාපනය,කිලිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රීක්කයන්හි පවුල් 3000 කට ආසන්න පුද්ගලයින් 17,000 කට අධික පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ නිලධාරී කාර් යාල පවසයි.වර්ෂාව හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ වන අතර කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් වාන් ජලය නිසාවෙන් ගංවතුර තත්වයක් ඇතිව තිබේ.මේ අනුව කිලිනොච්චියේ කණ්ඩාවලෙයි, කරච්චි, පූනකරී, සහ පච්චිලයිප්පලිල් ප්‍රදේශයන්හි පුද්ගලයින් 14,000 කට අධික පිරිසක්ද, යාපනයේ පේදුරුතුඩුව, චාවකච්චේරි, සන්දිලිප්පායි, උඩුවිල්, නල්ලූර්, මරදන්කේනී සහ කෝපායි යන ප්‍රදේශයන්හීද පුද්ගලයින් 2000 කට අධික පිරිසක් සහ මන්නාරම දිස්ත්‍රීක්යේ පුද්ගලියින් දහසකට අධික පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ නිලධාරී කාර්යාලයන් විසින් පෙන්වා දෙයි.  කෙසේ වෙතත් කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් ජලය හේතුවෙන් පහත් බිම් යටවීමේ අවධානමක් පවතින බැවින් මේ වන විටත් කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කාර් යාලය, යුද හමුදාව සහ ආපදා කළමනාකරණ නිලධාරීන් යොදවා ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම සහ ඔවුන්ට ආහාරපාන ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත.ඡායාරූප - සිතුම් චතුරංග
ගංවතුරෙන් කිලිනොච්චිය, යාපනය සහ මන්නාරමේ පවුල් 3000 ක් අවතැන්
1
hp_train_0695
බස්නාහිර, දකුණු, සබරගමුව සහ වයඹ පළාත්වල  වැසි වාර කීපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  සවස 04.00 න් පමණ පසු මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 10/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249060සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමඩකලපුව33249070සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිකොළඹ31249070වැසි වාර කීපයක්  ගාල්ල30259080වැසි වාර කීපයක්  යාපනය32268065සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමහනුවර29209565සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිනුවරඑළිය20129560සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිරත්නපුරය31249570වැසි වාර කීපයක්  ත්‍රීකුණාමළය34249055සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසිමන්නාරම31268575වැසි ස්වල්පයක්   
‘බස්නාහිරට හෙට වැසි‘
0
hp_train_0696
 (*** සඳලංකාව – හේමලතා ඩී. හේවගේ)ඉකුත් රජය සීමාවක් නොමැතිව පලිගැනීම් සිදුකළා මිස ජනතාව වෙනුවෙන් කිසිදු කැපකිරීමක් නොකළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (7) පැවැසීය.එබැවින් රට හා ජනතාව පිළිබඳව සිතා මෙවර මහ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ යුතු යැයි ද ඔහු කීය.කුරුණෑගල, පන්නල, ඊරියගොල්ල හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නිවසේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකට පෙරේදා (7) සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙම ජනහමුව සංවිධානය කළේය.අගමැතිවරයා මෙසේ ද පැවැසීය.“රටේ ජනාධිපතිවරයා එක පැත්තකත් අගමැතිවරයා තවත් පැත්තකත් හිටියොත් රටේ ප්‍රශ්න විසඳගන්න බැහැ. ගියවර වුණේ එවැනි දෙයක්. ජනාධිපතිවරයා කරන දේ අගමැතිවරයා දන්නේ නැහැ. අගමැතිවරයා කරන දේ ජනාධිපතිවරයා දන්නේ නැහැ. ඒකෙන් පාඩු වුණේ කාටද. රටටමයි. මේ තත්ත්වය තමයි රට තුළ ඇතිවෙලා තිබුණේ. සංවර්ධනයක් ගැන ඔවුන් හිතුවේ නැහැ. ඔවුන්ට ඕනෑවෙලා තිබුණේ අපෙන් පළිගන්න. නායක හාමුදුරුවනේ, පළිගැනීමෙත් තියෙනවා එක්තරා සීමාවක්. හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියනවා ඔවුන් ගත්ත තීන්දු තීරණ ගැන. අප අසීරුතාවයට පත්කිරීම හැර ජනතාවට වැඩක් කරන්නට ඔවුන්ට වෙලාවක් තිබුණේ නැහැ.වෛරය, ක්‍රෝධය, ඊරිසියාව මේවා තමයි ඔවුන් සතුව තිබුණේ ඒ දවස්වල. විශාල පොල්වත්තක් තිබුණා නම් ඒක මහින්ද රාජපක්ෂගේ. අලුත් ගොඩනැගිල්ලක් හැදුවා නම් ඒක ගෝඨාභය රාජපක්ෂගේ. මේක තමයි එදා තිබුණ කතාබහ. මේ තත්ත්වය වෙනස් කරන්න ජනතාව පෙළ ගැසුනා. අපිව පරද්දවන්න හැදුවේ මේ ජනතාවටත් වඩා විදේශීය බලපෑම්. තිස් අවුරුදු යුද්ධය අවසන් කරලා රට ඉදිරියට ගෙනියන කොට, අපි ස්වාධීනව ඔළුව උස්සන කොට, විදේශ බලපෑම් අපිට ආවා. ඒක ඔවුන්ට වාසියක් වුණා ආණ්ඩු පත්කර ගන්න. නමුත් ජනතාවට සෙතක් වුණේ නැහැ. මේ කාරණා පිළිබඳව කවුරුත් හිතන්න ඕනෑ කාලයක් මේක. ඒක නිසා අපි ඉතාමත් සන්තෝෂ වෙනවා අද මේ වගේ විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණීම ගැන. අනුර ප්‍රියදර්ශන කියන නම මම ආයිත් අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැ. අමාත්‍යාංශ ගණනාවක වැඩකරලා හොඳ පළපුරුද්දක් එතුමාට තියෙනවා. එතුමාව ඔබට විතරක් නෙමෙයි රටටම වැඩ කරන්න පුඵවන් කියන එක අපි විශ්වාස කරනවා. දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ඇමැතිතුමාත් එවැනි පුද්ගලයෙක්. අපි රටේම දාපු අපේක්ෂකයන් දිහා බැලුවහම ඔවුන් ප්‍රදේශයට පළාතට විතරක් නෙමෙයි. මුළු රටටමත් රටෙන් එහා ගිය ලෝකය ගැනම කතා කරන්න පුළුවන් දැනුමක් තිබෙන කණ්ඩායමක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. බලන්න මිත්‍රවරුනි, මේ රටේ පරණම දේශපාලන පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. සජිත් ප්‍රේමදාස මහත්තයා ඒක එකතුකරන්න බැරි වෙන්නම කඩලා. ඒක නිසා අපිට ජයග්‍රහණය බොහෝම පැහැදිලියි. ඒ අය අතර අද තරගය තියෙන්නේ ආණ්ඩු බලය අල්ලන්න නෙමෙයි. සිරිකොතේ බලය අල්ලන්න. දැන් රනිල් මහත්තයා ඒක අල්ලගෙන ඉන්නවා. සජිත් මහත්තයා ඒක ගන්න දඟලනවා. ඒක තමයි එයාලගෙ තරගය. එයාලා ගොඩක් එනවා අපේ පක්ෂයට. ඒ අයත් අරගෙන මේ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න, මෙහි ඇති ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදෙන්න අපිට පුළුවන්. රාජධානි හතරක් තියෙන දිස්ත්‍රික්කයක් මේක. සංචාරක කර්මාන්ත නංවන්න අපි කටයුතු කරනවා. මේ දිස්ත්‍රික්කයේ නව සංවර්ධනයක් ඇති කරන්න අපිට පුළුවන්.”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා:“අද අපිට යුගයේ අවශ්‍යතාවක් තියෙනවා. අපේ රටේ වසර හැටපහකට පසුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තෙවැනි අගමැතිවරයා පත්කරන්න. මට කතා කරපු හැම අයටම කිව්වා අපි ඇමැතිවරු ටිකදෙනෙකුට වඩා එක අගමැති කෙනෙක් වටිනවා. අපේ ප්‍රදේශයේ තිබෙන සමහර ප්‍රශ්න සමහර ගැටලු අපිට තනිව විසඳගන්න බැරි වෙනකොට අපිට කරක් ඕනවෙනවා එල්ලෙන්න. ඒ කර තමයි අපේ අගමැතිතුමා. අපිට ඕන කරන ජලය, අපිට ඕන කරන රැකියා, අපිට ඕන කරන කර්මාන්ත, මේ සියල්ලම එතුමාට ලබාදෙන්න පුළුවන් අපිට එකතුවුණාම.එතුමාට මමත් ජොන්ස්ටන් ඇමැතිතුමත් කිව්වා අවුරුදු පහක් තිස්සේ කතා කරන ජල යෝජනා ක්‍රමයට අවසර ලබාදෙන්න කියලා. අද ඒක සම්පූර්ණ වෙලා තියෙනවා. ”කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා: “මේ රට නිදහස් කරන දවස තමයි අගෝස්තු මාසෙ පස්වෙනිදා එන්නේ. දහනව වෙනි සංශෝධනයෙන් රට හිරකරලා මොන්ගල් ව්‍යවස්ථාවක් ගෙනාවා. අගමැතිතුමාට පන්සල්වලට යන එක නැවැත්තුවා. අපි පන්සලකට ගිහිල්ලා මල් පහන් පූජකරලා බුදුන්ගේ ආශිර්වාදය අරගෙන තමයි දේශපාලන වැඩ පටන්ගත්තේ. අපි මේ මහ මැතිවරණයේදී හැමදෙනාම එකතුවෙලා මේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තුනෙන් දෙකක බලයක් ලබලා දෙමු.”
‘යහපාලනයෙන් පලිගත්තා මිස කරපු දෙයක් නෑ‘
1
hp_train_0697
(දිලීප් ජයසේකර)හම්බන්තොට නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත හම්බන්තොට පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිළධාරීන් සිදුකළ වැටලිමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග හම්බන්තොට ගොන්නොරුව පහළ අන්දරවැවදී පුද්ගලයෙකු අද  (22) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තිස්සමහාරාම ,දෙබරවැව ,පොල්ගහවැලෑන පදිංචි 52 හැවිරිදි සැකකරුවෙකි. මෙම සැකකරු තිස්සමහාරාමයේ සිට පැමිණ ගොන්නොරුව අන්දරවැව ප්‍රදේශයේ කෙසෙල් කොරටුවක් කරන මුවාවෙන් කැලයක සකස්කර ඇති වාඩියක සිට දඩ මස් ජාවාරමේ නිරත වී ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී ඇත. අන්දරවැව ප්‍රදේශයේ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේද සහාය ඇතිව මෙම සැකකරු කලක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ. සැකකරු සම්බන්ධයෙන් හම්බන්තොට නාවික හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද ඔත්තුවකට අනුව හම්බන්තොට පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිළධාරීන් මෙම වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
හෙරොයින් ජාවාරම්කරුවෙක් රක්ෂිත බන්ධනාගාරයට
0
hp_train_0698
(    අශෝක  තිලකරත්න )තම ගොවිතැන වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා  ඇද තිබූ විදුලි රැහනක පැටලී ගොවියෙකු ජීවිතක්ෂයට    පත් වී ඇතැයි   හම්බන්තොට වරාය පොලිසිය පවසයි.එසේ  මරණයට පත් වී ඇත්තේ   හම්බන්තොට නාගරවැව පදිංචි   පියසේන   (63)   නැමති   එක්දරු පියෙකි.ඔහුගේ මරණය සම්බන්ධ  හදිසි මරණ පරික්ෂණය   බස්නාහිර වළකඩ  හදිසි මරණ   පරික්ෂක  ඒ.වෙත්තසිංහ මහතා විසින්   අද (19දා) පෙරවරුවේ     පවත්වන ලදී.හම්බන්තොට   වරාය පොලිසිය  මෙම මරණය   සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.  
සර්ප දෂ්ඨනයකින් ගොවියෙක් මරුට
0
hp_train_0699
(හර්ෂණ තුෂාර සිල්වා) මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 9 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 9.1කින් අවප්‍රමාණය වී ඇත. මෙරට ඉතිහාසයේ පළමුවරට ඇමෙරිකා එක්සත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් දා (8) වැනිදා 200 සීමාව ඉක්මවා ගියේය. එදින ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.95ක් ලෙසත් දැක්විණි. මේ අතර පෙබරවාරි මස 28 වැනිදා ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් වූ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක් දක්වා අඩු වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි
මේ වසරේදී රුපියල සියයට 3.4 කින් අවප්‍රමාණය වෙලා
0
hp_train_0700
 (සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )අධිකරණය හා සම්බන්ධ පනත් කෙටුම්ප‍ත් අටකට  සිය සහතිකය සටහන් කළ බව කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (18) දැනුම් දුන්නේය.මෙසේ සහතිකය සටහන් කර ඇත්තේ සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටි, අධිකරණ සංවිධාන(සංශෝධන), පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන), උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) සහ අන්තරායකර සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් අටටය.මේ අනුව එම පනත් කෙටුම්පත අට අද (18) සිට බලාත්මක විය.අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මේ  පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී  පසුගියදා සම්මතවිය.
අධිකරණ පනත් අටක් බලාත්මක වේ
1