id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_0701
අද (17) සහ හෙට( 18) දිනයන්හිදී, දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක  පවතින  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැක.   සබරගමුව, මධ්‍යම, ඌවසහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැක.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින්   අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටියි.(36698)
‘අද සවසත් තද වැසි‘
0
hp_train_0702
(ජුඩ් සමන්ත) ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  අද (08) සහ හෙට (09)  දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර  තිබේ.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දීමේදී, නව පත් කිරීම් සිදු කිරීමේදී  වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අත්තනෝමතිකව  කටයුතු කරන බවත්, සේවා  හැදුනුම්පත් ලබා දීම සදහා වසර 2 කට පෙර සියළුම තොරතුරු ලබා ගෙන ඇතත් එය ඉටු නොකිරීම,වසර 6 කට වැඩි කාලයක් ගමන්මලු ලබා නොදීම යන කරුණු  මුල් කරගනිමින්  මොවුහු මෙම වැඩ වර්ජනයට අවතීරණව සිටින බව  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රොහණ මහතා සදහන් කළේය.ඒ අනුව  අද (08) සිට තලවිල දේවස්ථානයේ විශේෂ රාජකාරි සදහා වාර්තා කර ඇති මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන් හැර සෙසු සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයෙන් ඉවත් වී ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් 60 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 115 දෙනෙකු වෘත්තීය ක්‍රියා මාර්ගයට සම්බන්ධ වී ඇත.
වයඹ සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරති
1
hp_train_0703
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)එකම උත්සව ශාලාවේ මංගල උත්සව දෙකක් පැවතීම හේතුවෙන් තමන්ට ආරාධනා කළ මංගල උත්සවයැයි සිතා වෙනත් මංගල උත්සවයකට ගොඩවැදී තමන් ගෙනා ත්‍යාගය නාඳුනන යුවළකට පිරිනමා සුභ පතා තමන්ට වැරදීමක් සිදුවූ බව තේරුම්ගත් පසු හීන් සීරුවේ මගහැර තවත් ත්‍යාගයක් සොයන්නට නගරයට ගිය පුවතක් කොරෝනා වසංගතය මැද්දේ මීරිගමට නුදුරු ගම්මානයකින් වාර්තාවිය.ඉහළ තනතුරක් දැරූ නමගිය පුද්ගලයෙකි. තම ගමේ හිතවතකු ගේ දියණියගේ මංගල උළෙලට ඇරයුමක් ලැබිණි. මංගල උත්සවය පැවැතියේද ගමේම පිහිටි උත්සව ශාලාවකය. කොරෝනා නිසා සීමිත පිරිසකට පමණක් ආරාධනා කරන බව සැල කළ නිසා ඔහු එහි ගියේ විශේෂ ත්‍යාගයක්ද සූදානම් කරගෙනය. ඔහු ගෙන ගිය ත්‍යාගය මංගල උත්සව ශාලාවේ ඒ සඳහා සූදානම්කර තිබූ මේසය මතින් තබා මනාල යුවළට සුබාසිරි පැතීමට ගියේය. අවට විමසිල්ලෙන් බැලුවත් දන්නා අඳුනන මුහුණු එකක්වත් පෙනෙන්නට සිටියේද නැත. මංගල උත්සවයට එක්ව සිටි පිරිසද තමන් දෙස විමසිල්ලෙන් බලන බව ඔහුට පෙනී ගියේය.මනාළ යුවළට සුබ පැතූ ඔහු ඔවුන් දෙස මදක් බලා සිටියත් මනාලිය තම හිතවතාගේ දියණිය නොවන බව ඔහුට තේරුම් ගියේය. දුරකතනය අතට ගත් ඔහු හිතවතකුට ඇමතුමක් ගෙන තමන්ට සිදුවූ දේ පැවසුවේ රහසෙනි. අනේ වෙඩින් එක තියෙන්නේ උඩහ ශාලාවේ එතනට එන්න මිතුරා පැවසීමත් සමඟ දුරකතනය කනේ තිබියදීම කතාවක නිරත වෙන බව පිරිසට පෙනෙන සේ උත්සව ශාලාවෙන් එළියට ආවේ මේසය මත තැබූ ත්‍යාගය එසේම තිබියදීය.ඔහු යළි පියමං කළේ කලින් ත්‍යාගය මිලදී ගත් වෙළෙඳසල කරාය.  තමන්ට සිදුවූ වින්නැහිය සැල කර යළිත් පෙර සේම තෑග්ගක් පාර්සල් කර දෙන ලෙස ඉල්ලා සිටියේය. ත්‍යාගය සූදානම් කරදුන් පසු ඔහු කිසිත් නොවූ ලෙසට නියමිත මංගල උළෙලට සහභාගි වුවත් වෙළෙඳසලේ කතාව අසා සිටියෙකු මේ රහස හෙළි කළ හෙයින් ඔහු දැන් පත්ව සිටින්නේ තවත් අකරතැබ්බයකටය.
ශාලාව පැටලිලා තෑගි දෙකක් දීලා
0
hp_train_0704
අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාගැනීමට නියමිත ණය මුදල සම්බන්ධ සාකච්ඡා වල අවසන් අදියර සඳුදා (11)  දිනයේ ආරම්භ වීමට නියමිතය. ණය මුදල සම්බන්ධයෙන් මෙන්ම රටට අනාගතයේදී වැදගත් වන ප‍්‍රතිපත්ති සම්පාදන කටයුතු පිළිබඳවද මෙම සාකච්ඡාවලදී අවධානය යොමුකරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.රජයේ අධික වියදම අවම කිරීමට ගතහැකි පියවර,ආදායම නිසි පරිදි කළමනාකරණය කරගැනීමට ගත හැකි කි‍්‍රයාමාර්ග,එක් එක් අවස්ථාවලදී සිදුකරන සංශෝධන වලින් නොව ක‍්‍රමවත් පද්දතියක් මාර්ගයෙන් බදු අය කරගැනෙන ක‍්‍රමවේදයක් ඇතිකිරීම ආදිය  ප‍්‍රතිපත්ති සම්පාදනයන් අරබයා පැවැත්වෙන මෙම සාකච්ඡුාවේදී සැළකිල්ලට ගැනීමට නියමිතය.දැනගැනීමට හැකිවූ ආකාරයට රජය හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර දැනට කරුණු 11 ක් සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිව තිබේ.අවසන් අදියරේ සාකච්ඡුාවෙන් පසු ණය මුදල ලබාගැනීම සදහා ශී‍්‍රලංකාව ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම ඇමරිකාවේ වොෂින්ටන් නුවර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත.මෙසේ ලබාගැනීමට නියමිත ණය මුදලේ වටිනාකම ඩොලර් කෝටි 150 - 200 අතර වේ.අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා පැවැත්වුණු සාකච්ඡා නිසාවෙන් අපේ‍්‍රල් මස පළමුවැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ බදු කිහිපයක්ම අත්හිටවනු ලැබිණ.අලූත් අවුරුදු සමයේ ජනතාව මත තවත් බර පැටවීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන අකමැති වීමද බදු කි‍්‍රයාත්මක කිරීම අත්හිටුවීමට තවත් හේතුවකි.නමුත් මෙම මස අවසානයේ සිට මෙසේ අත්හිටැවුණු බදු නැවත කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සදහා නිර්දේශ කර ඇති නව බදු කිහිපයක්ද මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක කිරීමට රජය සැළසුම් කර ඇත.ඉතා අධික ණය බරකින් පීඩා විදින ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ අනාගතය සම්බන්ධයෙන්ද සාකච්ඡුාවලදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසගේ අවධානය යොමුවිය.ගුවන්සේවය යළි නගා සිටුවීමට දැනටමත් පියවර ගෙන තිබෙන බව රජය ඔවුන්ට සහතික කළේය.ශී‍්‍රලන්කන් වෙත භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙනුයේ මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා පමණක් බව එහි අධ්‍යක්ෂක මණ්ඩලයට රජය දැනටමත් දැනුම්දී තිබේ.ශී‍්‍රලන්කන් ගුවන්සේවා කලමණාකාරීත්වයේ වෙනසක් සිදුවිය හැකි බව පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හෙළි කළේය.පෞද්ගලික අංශයේ අත්දැකීම් බහුල වෘත්තියකයන් පිළිගත් කි‍්‍රයාපටිපාටියක් යටතේ ශී‍්‍රලන්කන් කලමණාකාර ව්‍යුහයට එක්කරගැනීමේ උත්සාහයක රජය නිරතව සිටින බවද දැනගැනීමට හැකිවිය.මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සමග සාකච්ඡුාද පවත්වා ඇත.2009 වසරේදී එමිරේට්ස් ආයතනයේ කලමණාකාරීත්වය යටතේ පැවති ශී‍්‍රලන්කන් ගුවන්සේවය ඉතා හොදින් ලාභ ඉපැයූ බවත් දැන් තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් බවත් මාධ්‍ය හමුවේදී අබේවර්ධන සඳහන් කළේය.අද දිනයේ ශී‍්‍රලන්කන් මත පැටවී තිබෙන මුළු ණය බර රුපියල් ලක්ෂ 9980 කට ආසන්න බව පැවසූ ඔහු ගුවන්සේවය නගා සිටුවීම අරබයා එහි කලමණාකාරීත්ව ව්‍යුහයට සහ ප‍්‍රතිපත්ති වලට වෙනස්කම් සිදුකළ යුතුව තිබෙන බව කීවේය. ‘ ඉදිරියේදී ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ කලමණාකාර මණ්ඩලයේ තනතුරු වල වෙනසක් සිදුවීමේ ඉඩක් තිබෙනවා.මේ ආයතනය මෙහෙම පවත්වාගෙන යන්නට බැහැ.2009 වසරේදී හොඳ ලාභයක් ඉපැයූ ශී‍්‍රලන්කන් ගුවන්සේවය අද අධික වශයෙන් පාඩු ලබනවා.මේක අපරාධයක්.අද වගා ක්ෂේත‍්‍රය ගත්තොත් ගොඩක් පාලන කටයුතු සිදුවන්නේ පෞද්ගලික අංශය යටතේ.මේ ක්ෂේත‍්‍රයත් රජය යටතේ තිබුණානම් මොනවා වෙන්න තිබුණාද කියලා හිතාගන්නවත් බැහැ.ඒ නිසා ශී‍්‍රලන්කන් ගුවන්සේවය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කළ යුතු වෙනවා.ආයතනයක් මේ වගේ පාඩු ලබන තත්ත්වයක තියාගෙන ජනතාවට සහන ලබාදෙන්න අපට හැකියාවක් නැහැ.’’ අබේගුණවර්ධන පැවසුවේය.සන්ඬේ ටයිම්ස් ලිපියට ගුවන් නියමුවන්ගේ එකඟතාව - නමුත් කැප්ටන් නැහැමාර්තු මස 27 වැනිදා සහ පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාන තීරුවලින් කළ අනාවරණයන් සැබෑ බව අමාත්‍ය අබේගුණවර්ධන මේ ආකාරයට සහතික කළේය.එම තීරුවල ශී‍්‍රලංකා ගුවන් නියමුවන්ගේ සංගමය පැවැත්වූ හමුවක් ගැනද සඳහන් විය.මේ සම්බන්ධයෙන් එහි ප‍්‍රධානී කැප්ටන් රනුක සේනානායක මහතා අප වෙත ඊමේල් ලිපිනයක් එවා ඇත.අප්‍රෙල් මස තුන්වැනිදා පළවු ලිපියේ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන බව එහි මාතෘකාව ලෙස සඳහන් කර තිබේ.ඔහු එවා ඇති පණිවුඩය මෙළෙසය. ‘ඔබ පුවත්පතේ පළවූ කරුණු සම්බන්ධයෙන් මම හෝ මගේ සංගමයේ සාමාජිකයින් හෝ මෙතෙක් නිල ප‍්‍රකාශයක් සිදුකර නැත.’ ‘එනිසා එම ලිපියේ පළව තිබූ කරුණු සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිදුකිරීමට මට තිබෙන අයිතිය පිළිගෙන ඒ සදහා අවස්ථාව ඔබ ලබාදෙනු ඇතැයි මම සිතමි.’ පහත කරුණු සම්බන්ධයෙන් අප සාකච්ඡා කර එකඟතාවන් ඇතිකරගත් බව මුලින්ම සඳහන් කරන්නට මම කැමැත්තෙමි. x              වාර්ෂිකව සිදුවන වැටුප් වර්ධක ලබානොගෙන සිටීමට සාමාජිකයෝ එකඟවූහ.මෙය සිදුවන්නේ අප පනවන කොන්දේසි ප‍්‍රකාරවය. x              මේ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමේ අරමුණින් පමණක් විශේෂ කමිටුවක් පත්කිරීමට තීරණය විය. x              ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ ප‍්‍රධානියාට,විධායක අධ්‍යක්ෂකවරයාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට වර්තමානයේ ලැබී තිබෙන බලතල හා වරප‍්‍රසාදයන් සංගමේ සාමාජිකයින් අතර දැඩි විවේචනයට ලක්විය. ‘ මේ කරුණු හැරෙන්නට ඔබ ලිපියේ අනෙක් සියලූ කරුණු සාවධ්‍ය හා අසත්‍ය බව සඳහන් කිරීමට මම කැමැත්තෙමි.ඇත්ත වශයෙන්ම කිවහොත් ශී‍්‍ර ලංකා ගුවන් නියමුවන්ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට අවසරයක් නැත.එය කලමණාකාරීත්වය අනුගමනය කරන ප‍්‍රතිපත්තියක් වන අතර එයට එරෙහිව කටයුතු කිරීමට ගුවන් නියමුවන්ගේ සංගමයේ ප‍්‍රධානියාට හෝ කමිටු සාමාජිකයින්ට හෝ හැකියාවක් නොමැත.’’ කැප්ටන් සේනානායකගේ පවසා සිටින මෙම කරුණු සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පත්‍රය, ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් කිහිපදෙනෙකුගෙන්ම විමසුවේය.මාර්තු 27 වැනිදා පැවැත්වුනු සංගම් හමුවේදී වැටුප් වර්ධක ලබානොගෙන සිටීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගැණුනු බව ඔවුහු පැවසූහ.කමිටුවක් පත් කෙරුණේ මේ පිළිඹදව වැඩිදුරටත් සොයාබැලීමට බව ඔවුහු කීහ.කෙසේවුවත් ශී‍්‍රලන්කන් ප‍්‍රධානියා,විධායක නිලධරයා සහ එහි අධ්‍යක්ෂක මණ්ඩලය සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයෝ ඉතාම දැඩි විවේචන එල්ල කළ බව නම් මෙම ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෝ සහතික කළහ. ඔවුහු මෙම තොරතුරු අප වෙත ලබාදුන්නේ නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මතය. මේ අනුව සැළකීමේදී ඔබ ලිපියේ පළව ඇති අනෙක් සියලූ කරුණු සාවද්‍ය හා අසත්‍ය යැයි කැප්ටන් සේනානායක ඔහුගේ ඊමේල් ලිපියේ සඳහන් කර ඇත්තේ ඇයිදැයි ගැටලූවක් නැගේ.පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් නියමු සංගමයේ රැුස්වීම පැවැත්වූ අවස්ථාවේදී එහි සාමාජිකයන් කිහිපදෙනෙක් වෙන් වෙන්ව දැක්වූ අදහස්ද අපි සඳහන් කළෙමු.ඒවා අසත්‍ය හා සාවද්‍ය යැයි කැප්ටන් සේනානායක පවසා සිටින්නේ කවර පදනමක් මතද යන්න පැහැදිලි නැත.වැටුප් වර්ධක ලබානොගෙන සිටීමට කොන්දේසි යටතේ සංගමේ සාමාජිකයින් තීරණය කළ බව ඔහු සඳහන් කර ඇතත් එම සංගමයේම සාමාජිකයින් අපට කියා සිටියේ එවැනි තීරණයක් නොගත් බවය.කැප්ටන් සේනානායක පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද? යැයි පැනයක් මේ සියල්ල සැළකිල්ලට ගැනීමේදී අපට නැගේ.ඔහු ගුවන් නියමුවන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටිනවාද, නැතහොත් වෙනත් කෙනෙකුගේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරනවාද? යන්න ගැටලූවකි. මෙම ඊමේල් ලිපිය අප වෙත ලැබුණු දිනවලම තමන්ගේ අනාගතය සම්න්ධයෙන් අවදානම් සහගත තත්ත්වයක සිටින ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ එක්තරා ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ගුවන්සේවයේ සියලූම සාමාජිකයින්ගේ රැස්වීමක් කැඳවූයේය.එකිනෙකා අතර සබඳතා වැඩිදියුණු කිරීම මෙහි අරමුණ විය.පුටු 600 ක් පමණ තිබුණු මුත් පැමිණ සිටියේ 90 ක පමණ පිරිසකි.ඔවුන් අමතමින් අදහස් පළකළ ඔහු මම  ඕපාදුප කියවන්නේ නැහැ’’ කියමින් ශී‍්‍රලන්කන් වෙත නැගෙන චෝදනා බැහැර කළේය.නමුත් භාණ්ඩාගාරයෙන් ශී‍්‍රලන්කන් වෙත මුදල් ලැබීම නතර වුවහොත් ගුවන්සේවයේ අනාගතය පිිළිඹද විශ්වාසයක් තැබිය නොහැකි තත්ත්වයක් ඇතිවන බව ඔහු පිළිගත්තේය. රනිල්ගේ චීන සංචාරය සාර්ථක චීන සංචාරයකින් පසු දිවයිනට පැමිණ සිටින අගමැතිවරයා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා පැවැත්වෙන අවසන් වටයේ සාකච්ඡුාවලට එක්වීමට නියමිතය.ශී‍්‍රලන්කන් ගුවන්සේවය ඇතුලූ රාජ්‍ය කර්මාන්ත නගා සිටුවීම සදහා රජය ගන්නා පියවර සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ දැනුම්වත් කිරීමට ඔහු කටයුතු කරනු ඇත. ශී‍්‍රලංකාව හා චීනය අතර පැවැත්වුනු සාකච්ඡුා වලදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ හම්බන්තොට වරාය සදහා ලබාදුන් ණය මුදල් සදහා සහන ලබාගැනීමට ඇති හැකියාව පිළිඹද වැඩි අවධානයක් යොමුවිය.රට මත පැටවී තිබෙන අති විශාල ණය බර මෙයට හේතුව විය.චීනයට පැමිණි විගස ශී‍්‍රලංකාව වෙනුවෙන් යුවාන් ලක්ෂ 5000 ක මුදල් අධාරයක් ලබාදීමට චීන පාලකයෝ කටයුතු කළහ.එරට අගමැති ලී කේකුයින්ග්, ශී‍්‍රලංකා අගමැති වික‍්‍රමසිංහව හැදින්වූයේ චීනය හා ශී‍්‍රලංකාව අතර යහපත් සම්බන්ධතාවක් පවත්වාගැනීමට සෑම අවස්ථාවකදීම කැපවී කටයුතු කරනා ජේ්‍යෂ්ඨ රාජ්‍ය තාන්ති‍්‍රකයෙක් ලෙසය. චීන රජයේ ආධාර මත ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ඩොලර් ලක්ෂ 2100 ක මුදලක් වැයව ඇතැයි ඇස්තමෙන්තු ගතකර ඇත.එහි පළමු අදියරේ ඉදිකිරීමේ 2007 වසරේදී ආරම්භ වූ අතර එම ඉදිකිරීම් අවසානයේ ගුවන්තොටුපල 2011 මාර්තු මස 22 වැනිදා විවෘත කැරිණ.2009 දී චීනයේ එක්සිම් බැංකුව ගුවන්තොටුපලේ දෙවැනි හා තෙවැනි අදියර වල ඉදිකිරීම් වෙනුවෙන් ඩොලර් 8910 ක ණයක් ලබාදුන්නේය.මෙය සහන පදනම යටතේ ලබාදුන් ණයක් වූ අතර පස් අවුරුද්දක් යන තෙක් ණය ගෙවීමෙන් නිදහස් සහන කාලසීමාවක් සහ සියයට දෙකක පොළී අනුපාතිකයක් එයට විය. මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ඉදිකිරීමට වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 13080 කි.මෙම මුදල ලබාදී ඇත්තේද චීනයේ එක්සිම් බැංකුවයි.මුදල ලබාදී ඇත්තේ අදියර දෙකක් යටතේ වන අතර පළමු අදියරේ ඉදිකිරීම් සදහා ලබාදී ඇති මුදල ඩොලර් ලක්ෂ 3060 කි.එම මුදල සදහා පොළී අනුපාතිකය සියයට 6.3 ක් වැනි ඉහළ අගයකි.දෙවැනි අදියර සදහා වියදම් වී ඇති මුදල ඩොලර් ලක්ෂ 8000 කි.එම මුදල ලබාදී ඇත්තේද පෙර සඳහන් කළ පොළී අනුපාතිකය යටතේමය.මුහුදේ තිබූ කළුගල් පිපිරවීම සදහා වියදම් වී ඇති මුදල ඩොලර් ලක්ෂ 2020 කි.ශී‍්‍රලංකා වරාය අධිකාරියට අනුව මේ අනුව වරාය සදහා වියදම්වී ඇති මුලූ මුදල ඩොලර් ලක්ෂ 13080 කි.වසර 20 ක් ඇතුළත මෙම මුදල ගෙවිය යුතුය.ණය නොගෙවා සිටිය හැකි පස් අවුරුදු සහන කාලසීමාවක් චීනය මෙම මුදලටද ලබාදී ඇත. නිතර අලූත්වැඩියා කිරීම් සිදුකළ යුතු නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම් සදහා වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 13460 කි.එහි පළමු අදියර සදහා ඩොලර් ලක්ෂ 4550 ක මුදලක් වැයව තිබෙන අතර දෙවැනි හා තෙවැනි අදියරයන් සඳහා ඩොලර් ලක්ෂ 891 ක මුදලක් වැයව ඇත.චීනයේ එක්සිම් බැංකුව මෙම මුදල ලබාදී තිබෙන්නේ වසර 20 ක සහන ණය පදනමක් යටතේය.සියයට දෙකක පොළී අනුපාතියක් හා පෙර අවස්ථාවලදී මෙන්ම වසර පහක සහන කාලසීමාවක් එයට ඇතුළත්ය.මෙම ව්‍යාපෘතිය සදහා ශී‍්‍රලංකා රජයද රුපියල් ලක්ෂ 110000 මුදලක් යෙදවූයේය.බලාගාරයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් 2010 වසරේදී ආරම්භවූ අතර 2013 වසරේදී අවසන් විය.තෙවැනි අදියරේ ඉදිකිරීම් 2014 සැප්තැම්බර් මාසයේ නිල වශයෙන් ආරම්භ විය.ඇතැම් අවස්ථාවලදී මෙම බලාගාරය ලක්විජය විදුලි බලාගාරය ලෙසද හැඳීන්වේ.2012 සිට මෙහි සියයට 85 ක් පමණ කොටස් අයිතිය ඇත්තේ චයිනා මර්චන්ට්ස් ගෲප් සමාගමටය.  චීන සංචාරයට පෙර වික‍්‍රමසිංහ - රාජපක්ෂ හමුවක් චීනයෙන් ලබාදී ඇති ණය සදහා සහන ලබාගත හැකි ක‍්‍රමවේදයන් පිළිඹද සොයාබැලීමට අගමැති වික‍්‍රමසිංහ ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර ඇත.සංවර්ධන මූලෝපායන් සහ අන්තර්ජාතික වෙළද කටයුතු පිළිඹද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා, විශේෂ ඇගයීම් කටයුතු අමාත්‍ය සරත් අමුණුගම මහතා එහි සාමාජිකයින් ලෙස දැනටමත් නම් කර අවසන්ය.තෙවැනි සාමාජිකයා ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා නම් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.චීනය හා සමග නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකරගැනීම සම්බන්ධ කටයුතුද මෙම වසර අවසානය වන විට නිමා කරන ලෙසට අගමැති වික‍්‍රමසිංහ අදාළ නිලධරයින් වෙත උපදෙස් ලබාදී තිබේ. චීන සංචාරයට පෙර අගමැතිවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවීම සුවිශේෂී සිදුවීමක් විය.හිටපු ජනපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට සහභාගීව සිටියේය.අගමැතිවරයා සමග පැමිණ සිටියේ අමාත්‍ය සමරවික‍්‍රමය. හමුව පැයකට ආසන්න කාලයක් පැවැත්වුණි.හම්බන්තොට ඉදිකෙරෙන අපනයන සැකසුම් කලාපයක්,ගුවන්තොටුපල හා වරාය සම්බන්ධව තම සංචාරයේදී වැඩි අවධානය යොමුකිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව අගමැතිවරයා කීවේය.හිටපු ජනපතිවරයාද එම අදහස් පිළිගත්තේය. ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද දෙදෙන සාකච්ඡුා කළෝය.විධායක අගමැතිධූරය අහෝසි කිරීම,පාර්ලිමෙන්තු පද්දතිය ශක්තිමත් කිරීම හරහා බලය බෙදී යාමේ විධිමත් ක‍්‍රමවේදයක් ඇතිකිරීම, ආදී කරුණු සම්බන්ධයෙන් රජයේ සැළකිල්ල යොමුව තිබෙන බව අගමැතිවරයා කීවේය.කාලය ගතවුවද මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමටද රජය ක‍්‍රමයෙන් පියවර ගන්නා බවද ඔහු පැවසුවේය. රාජපක්ෂගේ ආරක්ෂාවට සපයා සිටි හමුදා සාමාජිකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී ගුණවර්ධන විරෝධය පළකළේය.එලෙස ආරක්ෂාව ඉවත් කර ඇත්තේ හිටපු ජනපතිවරයාට වෙන කවරදාටත් වඩා වැඩියෙන් ජීවිත තර්ජන එල්ල වෙමින් තිබෙන කාලයක බව ඔහු පැවසුවේය.මෙය අගමැති වික‍්‍රමසිංහ පිළිගත්තේය.මේ පිළිඹදව ජනපතිවරයා සහ ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද ඔහු කීවේය.රාජපක්ෂට සැපයිය යුතු ආරක්ෂාව පිළිඹද විශේෂ වාර්තාවක් තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද එම වාර්තාව ලැබුණු පසු ගතයුතු පියවර තීරණය කළ හැකිවනු ඇති බවද අගමැතිවරයා පැවසුවේය.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු අරබයා අගමැති වික‍්‍රමසිංහ හා එකාබද්ධ විපක්ෂය අතර එකගතාවක් ඇතිව තිබෙන ආකාරයක් දැකගත හැකිය.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වලට සම්පූර්ණ සහයට ලබාදෙන බව ගුණවර්ධන සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.ඇතැම් කමිටු වල ප‍්‍රධානීත්වය පවා එකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින්ට ලබාදීමේ සූදානමක් පවතින බවද ගුණවර්ධන කීවේය.පාර්ලිමෙන්තුවේ පිළිගත් විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය මේ දිනවල අනුගමනය කරමින් සිටින්නේ නිහඩ පිළිවෙතකි.මුල් අවස්ථාවලදී දෙමළ සන්ධානය උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලූ පිළිඹද අවධානය යොමුකර සිටිනු දැකගත හැකිවුවත් දැන් එවැන්නක් හඳුනාගැනීම පවා අපහසුය.ගැටලූවලට පිළියම් යෙදීමට රජයේ සම්පූර්ණ සහය ලබාගැනීමේ අවස්ථාව පවා තිබියදී දෙමළ ජාතික සන්ධානය අනුගමනය කරමින් සිටින මෙම නිහඩ පිළිවෙත බොහෝ දෙනාගේ දෝශදර්ශනයට ලක්ව ඇත.වත්මන් නායක ආර්.සම්බන්ධන් හා සංසන්දනය කිරීමේදී අප්පාපිල්ලේ අමිර්තලිංගම් වැනි දෙමළ සන්ධානයේ හිටපු නායකයෝ කටයුතු කළේ මෙයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය. ජනපතිගේ වැඩකටයුතුජනපති සිරිසේන ගෙවුණු සතියද ගතකළේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හිමි තම නායකත්වය තහවුරු කරගැනීමේ කටයුතු වල නිතරවය.ඔහු තවත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරු දෙදෙනෙක් අමාත්‍ය මණ්ඩලයට එක්කර ගත්තේය.බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විද්‍යාව හා තාක්ෂණවේදය පිළිඹද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් අතර ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මහතා විදේශ රැුකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය.මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂ කලූතර දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සංවර්ධන සහ සංස්කෘතික කටයුතු පිළිඹද අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා හමුවේ දිව්රුම් දුන්නේය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අමාත්‍යධූර බෙදී යාම තුලනය කිරීම සදහා මෙසේ තෙවරප්පෙරුමටද අමාත්‍යධූරයක් ලබාදුන් බව සැක නැත.නිදහස් පක්ෂ සාමාජිකයින් දෙදෙනකුට අමාත්‍යධූර ලබාගැනීමට කටයුතු කිරීම මගින් ජනපති සිරිසේන පක්ෂයේ තම නායකත්වය තහවුරු කරගැනීමට තවමත් කටයුතු කරමින් සිටින බව පැහැදිලිය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා හමුවේදී ඔහු මේ බව තවදුරටත් සනාථ කරමින් අදහස් පළකළේය.රාජපක්ෂගේ ප‍්‍රබල ආධාරකාරිනියක වන පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට ශී‍්‍රලංකා නිදහස් පක්ෂ ගාල්ල මැයි දින රැුලිය සංවිධානය කිරීමේ වගකීම ලබාදෙන ලෙසට ඔහු උපදෙස් දුන්නේය.නව අමාත්‍යවරුන් තිදෙනාටද අනෙක් අමාත්‍යවරුන් හා සමව ආරක්ෂකයින්,වාහන සහ දීමනා ලැබෙනු ඇත.රජය ඔවුන්ට මෙසේ සළකන්නේ රට ආර්ථික අර්බුදයකට සිරවී සිටින අවදියකදීය.පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා කි‍්‍රයා - ධර්ම පද්දතියක් පසුගිය සතියේ පාර්ලිමෙන්තුවේදී කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා කි‍්‍රයා - ධර්ම පද්දතියක් සදහන් වූ පිටු 11 ක ලියැවිල්ලක් සභාගත කළේය.පහත දැක්වෙන්නේ එහි අන්තර්ගතවූ කරුණු කිහිපයකි. x              තමන්ට හිමි ව්‍යාපාර හා වෙනත් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු සාමාජිකයින් තොරතුරු හෙළි කරනු ඇත.ළගම පවුලේ සාමාජිකයෙක් හෝ මෙම කටයුතු වල නිතරව සිටින්නේ නම් ඔවුන්ගේ තොරතුරු හෙළි කිරීමද පාර්ලිමෙන්තු සාමාජිකයින්ගේ වගකීම වන්නේය.මේ හරහා ජනතා විශ්වාසය ගොඩගාගැනීමට ඔවුනට හැකිවනු ඇත.පෞද්ගලික වුවමනා එපාකම් සපුරාගැනීමට නොව රට වෙනුවෙන් සේවය ලබාදීමට පාර්ලිමෙන්තුවට පැමිණ සිටින බව ජනතාවට ඒත්තු ගැන්වීම සදහා මෙය හොඳ අවස්ථාවකි. x              ඇතැම් අවස්ථාවලදී පාර්ලිමෙන්තු සාමාජිකයින්ගේ වත්කම්,හිමිකම්,ඔවුන්ගේ කි‍්‍රයාකලාපයන් වැනි දේ අරබයා ඔවුන් තමන්ගේ වුවමනාකම් පිරිමසා ගැනීමට මිස රට වෙනුවෙන් පාර්ලිමෙන්තුවට පැමිණ නොමැති බවට වැරදි වැටහීමක් ජනතාව අතරට යෑමේ අවස්ථාව ඇත.මෙනිසා එවැනි වැරදි වැටහීමක් ඇතිවීමට ඉඩ තිබෙන සෑම කරුණක්ම සගවා නොගෙන ප‍්‍රසිද්ධියේ අනාවරණය කිරීම සෑම පාර්ලිමෙන්තු සාමාජිකයකුගේම වගකීම වන්නේය.මෙවන් කරුණු සදහා උදාහරණ ලෙස ඉඩම් හා දේපල හිමිකම්,වත්කම්,කොටස් හිමිකම්,ත්‍යාග,විදෙස් සංචාරයන්,සේවය සදහා පිදෙන බව කියන සම්මාන,ආදායම් මාර්ග, වැනි දේ දැක්විය හැකිය.මෙම කරුණු මැතිවරණයක් අවසානයේදී හෙළි කළ යුතු අතර පසුව පාර්ලිමෙන්තුව නිර්දේශ කරන කාලාන්තර වලදීද හෙළි කළ යුතුය. x              ඡුන්දය ප‍්‍රකාශ කිරීමේදී රාජ්‍ය ප‍්‍රතිපත්ති අරබයා මිස පුද්ගලගැතියකු ලෙස පක්ෂපාතීව හෝ විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතියක් පාර්ලිමෙන්තු සාමාජිකයින්ට නැත. x              එක් එක් සාමාජිකයා වෙත වෙන්කෙරෙන රාජ්‍ය මුදල් හා ඔහු හෝ ඇය එම මුදල් වියදම් කර ඇති ආකාරය එම තොරතුරු ලැබුණු විගසම ප‍්‍රසිද්ධ කෙරෙනු ඇත. x              තමන්ට ලැබී ඇති දීමනා හා වරප‍්‍රසාදයන් වෙනුවෙන් පාර්ලිමෙන්තු සාමාජිකයින් වගවිය යුතුය.මෙම දීමනා හා වරප‍්‍රසාදයන් ලැබී ඇත්තේ ඔබගේ සුභ විහරණය වෙනුවෙන් නොවේ.ඒවා යෙදවිය යුත්තේ ජනතා සේවය වෙනුවෙන්ය. x              පාර්ලිමෙන්තු සාමාජිකයෙක් ලෙස ලබාදෙන සේවය ප‍්‍රශ්න කිරීමට ලක්කළ හැකි දීමනා පිළිගැනීම,ආධාර ලබාගැනීම, පාර්ලිමෙන්තුවට හෝ වෙනත් කමිටුවකට ඉදිරිපත් කෙරෙන කෙටුම්පතකට තම වාසිය පමණක් සළකා කැමැත්ත ලබාදීම හෝ අකමැත්ත පළකිරීම ආදී දේවලින් වැළකී සිටිය යුතුය. x              පාර්ලිමෙන්තු සාමාජිකයකු ලෙස ගතකරන සමය අවසානයේ සුරක්ෂිත අනාගතයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් තමන්ට දැන් ලැබී තිබෙන බලතල අවභාවිතා කිරීම නොකළ යුතුය. පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ වරප‍්‍රසාද වෙනුවෙන් වන කමිටුව වරප‍්‍රසාද සහ ආචාර ධර්ම පිළිඹද කමිටුව ලෙස වෙනස් කිරීමට නියමිතය.කිසියම් පාර්ලිමෙන්තු සාමාජිකයෙක් මෙම කි‍්‍රයා - ධර්මයන් උල්ලංඝණය වන අයුරින් කටයුතු කරන්නේදැයි සොයාබැලීමේ වගකීම පැවරෙන්නේ මෙම කමිටුවටය.කමිටු නිර්දේශ මත කිසියම් සාමාජිකයකුට ලබාදිය යුතු දඩුවම් පාර්ලිමෙන්තුව තීරණය කරනු ඇත. අවවාද කිරීම,දැඩිව අවවාද කිරීම,පාර්ලිමෙන්තු වරප‍්‍රසාද පණත උල්ලංඝණය නොවන අයුරින් කිසියම් කාලසීමාවකට පාර්ලිමෙන්තු සාමාජිකත්වය අත්හිටුවීම, ශ්‍රෙෂ්ඨාධිකරණයේ අවධානයට ගැටලූව යොමුකිරීම, ආදී ලෙස මෙම දඩුවම් ලබාදීමට නියමිතය. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමෙන්තු සංසදය සකස් කර තිබෙන ප‍්‍රතිපත්ති හා වෙනත් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම මත පදනම්ව මෙම කි‍්‍රයා - ධර්ම පද්දතිය සකස් කළ බව කතානායකවරයා පැවසුවේය. මෙවර අවුරුදු සමය උදාවන්නේ ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන්ද බරපතල ගැටලූ වලට රට මුහුණදී සිටින සමයකදීය.මෙම ගැටලූ කොයි ආකාරයෙන් නිරාකරණය කරගැනීමට හැකිවේදැයි යන්න පැවසීමට තවමත් කල් වැඩිය.එසේවුවත් රටේ ජනතාවට ඉදිරියේ පැමිණෙන කාලයේදීත් තවත් පටි තදකරගැනීමට සිදුවනු ඇති බව නම් සහතික ලෙසම කිව හැකිය. 
ආර්ථීක වළෙන් ගොඩ එන්න අයිඑම්එෆ් අත්වැල
0
hp_train_0705
(*** අංජුල මහික වීරරත්න)එක්සත් ජාතික පක්ෂයට නැවත ජේ. ආර්. ජයවර්ධන ස්වර්ණමය යුගය ගෙන එන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (17) පැවැසීය.ආසන අටකට පසු බැස තිබූ එක්සත් ජාතික පක්ෂය නැවත හයෙන් පහක බලයක් ගැනීමට තරම් ශක්තිමක් කිරිමට ජිවය දීමට ජයවර්ධන මහතා සමත් වු බව කී රුවන් විජයවර්ධන මහතා සිදුවු වැරදි හදාගෙන පාක්ෂිකයා සමග ශක්තිමත් ගමනක් යන්නේ යැයිද සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 114 වැනි ජන්ම දින සමරු උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශය කරමිනි.පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවැති ජයවර්ධන පිළිරුව පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසීය.ප්‍රශ්නය: කරූ ජයසූරිය මහතා සමග සහයෝගයෙන් කටයුතු කරනවාද?පිළිතුර: කරු ජයසූරිය මහතාත් පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කර තිබෙනවා. පක්ෂය ගොඩනැගීම සඳහා එතුමාගේ උපදෙස් ද අවශ්‍යයි. ගමන යා යුත්තේ සියලුම දෙනා එකතු කරගත යුතුයි.ප්‍රශ්නය: නියෝජ්‍ය නායක තෝරා  පත්කර ගැනීම සඳහා තැබූ ඡන්දයේදී නැවත පක්ෂය දෙකඩ වුයේ නැද්ද?පිළිතුර: පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. ඒ අනුව නොයෙක් මතවාද ද තිබිය හැකියි. ඡන්දය තිබුණා  යැයි පක්ෂය බෙදිය යුතු නැහැ. පක්ෂය ගොඩනගා ගැනීමට නම් සියලුම දෙනා එකමුතු විය යුතුයි.ප්‍රශ්නය: ප්‍රතිසංවිධාන මැතිවරණයට පෙර කළා නම් ප්‍රතිඵලය මීට වඩා යහපත් වන්නේ නැද්ද?පිළිතුර: මහ මැතිවරණ ප්‍රතිඵලය පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා අවස්ථා කරගත යුතුයි. දැන් බිම් මට්ටමට ගොස් යට ඉඳන් උඩට පක්ෂය ගොඩනැගිය යුතු වෙනවා. ඉදිරියේදී අතීතයේ මෙන් පක්ෂය ශක්තිමත් තත්ත්වයට ගෙන එන්න හැකිවේ යැයි මා විශ්වාස කරනවා.ප්‍රශ්නය: 19 වැනි සංශෝධනය විසි වැනි සංශෝධනයත් සමග විසි වෙන්න යනවා නේද?පිළිතුර: එක්සත් ජාතික පක්ෂය අනිවාර් යයෙන්ම විසි වැනි සංශෝධනයට විරුද්ධයි. මේ ගෙනෙන්න හදන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානිය වන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයයි.ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලා. පාර්ලිමේන්තුවට තිබූ බලය නැවත ජනපතිට දීම සඳහා සංශෝධනය ගෙනැවිත් තිබෙනවා. එය රටේ අනාගතයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා අහිතකරයි.ප්‍රශ්නය: විසිවැනි සංශෝධනයට එරෙහිව සටන් කරද්දී සියලු දෙනා එක වේදිකාවකට එනවද?පිළිතුර: ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය පමණක් නොව සෙසු සියලු පක්ෂ එක්විය යුතුයි. සටන් බිමට යාමට පෙර අප සැම එක් මේසයකට පැමිණිය යුතුව තිබෙනවා. එය සිදුවනු ඇතැයි මා සිතනවා.ප්‍රශ්නය: එසේ වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කරනවාද?පිළිතුර: සජිත් ප්‍රේමදාස මහතා සමග පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ සමගත් සාකච්ඡා කරන්න මා ලැහැස්තියි. මා ඊයේ දිනයේදී සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත්, තලතා අතුකෝරල මහත්මියටත් දුරකතනයෙන් කතා කළා. එතනත් ඉන්නේ අපේ සහෝදර මන්ත්‍රීවරුයි.එහි සිටින ගොඩක් අය මට දුරකතනයෙන් කතා කර සුබ පැතුවා. ඉදිරියේදී එකට වැඩ කරන්නට අපට හැකියි.ප්‍රශ්නය: ජේ. ආර්. ජයවර්ධන අද ජීවතුන් අතර සිටියා නම් එජාපය සිටින තැන ගැන මොනවා සිතේවිද?පිළිතුර: එතුමා අපේ පක්ෂයට විශාල ශක්තිය වූ  චරිතයයි. කම්කරු පන්තිය වෙනුවෙන් එතුමා විශාල සේවයක් කළා. ජාතික සේවක සංගමය එක් උදාහරණයක් පමණයි.ජේ. ආර්. ජයවර්ධන මහතා අද සිටියා නම් පක්ෂය වඩාත් ශක්තිමත් කරන්න හැකි වේවි. එතුමා සිටියා නම් එක්සත් ජාතික පක්ෂය තවමත් ඉතා ප්‍රබල පක්ෂය ලෙස තිබේවි.එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේදීත් මෙවැනි පසුබෑම්වලට ලක්ව තිබෙනවා. එක් අවස්ථාවකදී ආසන අටකට පසු බැස්සා. පසුව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය ගැනීමට හැකියාව ලැබුණා.එක්සත් ජාතික පක්ෂය පරාජයට මෙන්ම ජයග්‍රහණයන්ටත් මුහුණදී තිබෙනවා. අප පක්ෂය නැවත  දැවැන්ත සේවය රටට කළා. එක්සත් ජාතික පක්ෂය පසු බැසීම යනු ජාතික අපරාධයයි. මගේ එකම අරමුණ ජේ. ආර්. ජයවර්ධන යුගය නැවත එක්සත් ජාතික පක්ෂයට ගෙන ඒමයි.ප්‍රශ්නය: අප සියලු පසු බැසීමට වගකිවයුත්තා කවුද?පිළිතුර: අප සියලු දෙනාම පොදුවේ ඒ වගකීම බාරගත යුතුයි. එක පුද්ගලයකුට පමණක් ඇඟිල්ල දිගු කළ යුතු නැහැ. ජයග්‍රහණයේ අභිමානය බාර ගන්නවා වගේම පරාජයත් සියලුම දෙනා එක්ව බාරගත යුතුයි.අප ආණ්ඩුවේ සිටින විට මගේ අතිනුත් වැරදි වුණා. පාක්ෂිකයන්ගෙන් දුරස් වුණා. කළ වැරදි හදාගෙන තවත් ශක්තිමත්ව ඉදිරියට පැමිණිය යුතුයි.මෙහිදී අදහස් දක්වමින් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය අරඹා තිබෙනවා. එහි මූලික පියවර පසුගිය දිනවලදී සිදුවුණා. ඉදිරි කාලයේදී සෙසු ප්‍රතිසංවිධාන කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.ප්‍රශ්නය: පක්ෂ නායකයා පත්කර ගන්නවා යැයි කිව්වත් අවසානයේ පත් කළේ නියෝජ්‍ය නායකයා නේද?කාරියවසම් මහතා : ඉතිරි තනතුරු තෝරා පත්කර ගන්නා බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පැහැදිලිවම ප්‍රකාශ වුණා. නායකත්වයේ සිට සියලු තනතුරු පූර්ණ වෙනස වේවි.ප්‍රශ්නය: ප්‍රතිසංවිධාන කලින් කළානම්  හොඳ යයි සිතන්නේ නැද්ද?කාරියවසම් මහතා: සමහර කණ්ඩායම් ඒ තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. එකතුවී යා යුතු යැයි යන පදනමේ සිටියද ඒ අය වෙනම ගියානේ. අප එකතු වී ගියා නම් මීට වඩා ශක්තිමත් වෙනවා. කිසිවෙකුත් ජයග්‍රහණය කර නැහැ. ඡන්ද පදනම අඩු වූවා.මහ ලේකම්ධුරයත් ප්‍රතිසංවිධානයට ලක්කර අලුත් අය පත් කර ගන්නා ලෙසට තමා ඉල්ලීමක් කර තිබෙනවා යැයිද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ජේ.ආර්ගේ ස්වර්ණමය යුගය එජාපයට යළි ගේනවා
1
hp_train_0706
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)මාසිකව ලොකු මුදලක් හරිහම්බ කරන චැනල් කරන දොස්තර මහත්වරුන් ටියුෂන් ගුරුවරුන් හා නීතිඥවරුන් දහස් ගණනක් රජයට සත පහක බද්දක් ගෙවන්නේ නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවැසීය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (7) පෙරවරු 9.30ට රැස්විය.වාර්තා හා ලිපිලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.සුරාබදු ආඥා පනත යටතේ නිවේදන තුනක් ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.ජීවන වියදම වැඩිවෙලා කියන කතාව බොරුවක්. හාල් වර්ග ගණනාවක මිල අඩුවෙලා. පිටි මිලත් අඩු වෙලා. සීනිත් එහෙමයි. අද අල කිලෝවක් 89යි. පරිප්පු 147යි. වෙනසක් තියෙන්නේ පොල්වල විතරයි. ඒකත් අඩු වෙනවා. එහෙනම් ඔබතුමාලා බඩු මිල වැඩියි කියල කෑගහන්නේ ඇයි?චැනල් කරන බොහෝ දොස්තර මහත්වරු, ටියුෂන් මහත්වරු නීතිඥවරු බදු ගෙවන්නේ නැහැ. 41,000ක් ස්වේච්ඡාවෙන් පැමිණ බදු ලිපි ගොනු විවෘත කරලා තියෙනවා.පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ):- ඇලෝසියස්ගේ ස්කාගාරයක් මන්ත්‍රීවරුන්ට සල්ලි ගෙව්වා. ඒ ස්කාගාරවලින් ඒ මුදල් ආණ්ඩුවට ගන්න වැඩපිළිවෙළක් හදන්න. මන්ත්‍රීවරුන්ට ගෙව්වට ඒ මුදල් ආණ්ඩුවට යන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවි කරුණානායක මහතා (එජාප):- අද අපේ රට විතරක් නොවෙයි, ලෝකයම ගමන් කරන්නේ ආර්ථික අමාරුවෙන්. අපි ණයෙන් පෙළුණු ආර්ථිකය වෙනස් කළා. අද රටේ විනයක් නැහැ. හැම තැනම බෝඞ් ලෑලි අල්ලනවා. ඉතින් ආයෝජකයෝ රටට ඒවිද?රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස):-සුරාබදු ආඥා පනතේ 51 (2) සංශෝධනය කරන්න.මුදල් ඇමැති:- එය ඉදිරියේදී කරනවා.සොයිසා මහතා:- දෙදහස් විස්ස වන විට රජය සුරාබදුවලින් කිසිම ආදායමක් නොබලන තත්ත්වයට පත් කරන බව ජනාධිපතිතුමා කිව්වා. නමුත් අද වෙන්නේ ඒක නොවෙයි.ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා:-රටේ මත්පැන් පානය වැඩිවෙලා තියෙනවා. සැර මත්පැන්වල මිල අඩු කිරීමට අප එකඟ විය යුතුයි.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- අද අපේ ගම්බිම්වල සුරාව තදින් පැතිරිලා. මේක ලොකු පිළිලයක්.අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා (එජනිස):-කසිප්පු ජාවාරම්කරුවන්ට සමහර දේශපාලනඥයන් උදව් කරනවා. මේ වගේ අවස්ථාවලදී පොලිසිය පස්ස ගහනවා. මේවට සම්බන්ධ වන බොහෝ දෙනකු රජයේ දේශපාලනඥයෝ.ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ජේ.සී. අලවතුවල:- මංගල සමරවීර මේ රටේ මුදල් කොල්ලකාපු කෙනෙක් නොවෙයි. මත්පැන්වල බදු කිහිපයක් අප වැඩි කළා. මේ සම්බන්ධයෙන් සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. හොරු ගැන කතා කරනවා නම් සියලු හොරු ගැන කතා කළ යුතුයි. හොරු නම් හොරු  මත්පැන් පාලනය බදු වැඩි කරලම කරන්න බැහැ.ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා:- වැටලීම්, දඩ මුදල් නිසා දකුණේ සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා. රට බීම මිල වැඩි කරලා ගල් අරක්කු බෝතලයේ මිල අඩු කරන්න.මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා (එජනිස):- මිරිස්ස වෙරළ කලාපයේ සංචාරක ව්‍යාපාරය අද විනාශවෙලා. සංචාරක ගොඩනැගිලි 23ක් කඩලා ඉවත් කරලා.පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා (එජාප):- හොර සුරා නිසා අපේ ප්‍රදේශවල දුප්පත්කම, අපරාධ වැඩිවෙනවා. සමහර පොලිස් නිලධාරීන් හොර මත්පැන් ජාවාරම්වලට සම්බන්ධයි.ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා (එජාප):- පොහොය දිනවල නිවාඩු දිනවල බාර් වැහුවට මත්පැන් පානය අඩු වුණේ නැහැ. මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී වේලු කුමාර් මහතා:- වතුකරය ආශ්‍රිතව මත්පැන් හල් බිහිවීම සිදුවුණේ පසුගිය අවුරුදු දහයක දොළහක කාලයේ සිටයි.නිවේදන සම්මත කෙරිණි.පාර්ලිමේන්තුව අද (8) පෙරවරු 9.30ට යළි රැස්වේ.ජනතාවගේ මුදල් ගසා කෑ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) පැවැසීය.වික්‍රමරත්න මහතා මේ බව පැවැසුවේ කඩාවැටුණු මූල්‍ය ආයතන සම්බන්ධයෙන් පැවැත්වුණු සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ කීය.මුදල් තැන්පත් කළ ආයතන කඩා වැටුණාම මහ බැංකුව කියනවා ඒ ආයතනවල කොටස් ගන්න කියලා. ජනතාව මුදල් තැන්පත් කළේ එහෙම කොටස් ගන්න නොවෙයි. මහ බැංකුව මේ කඩා වැටුණු ආයතන ගැන ජනතාව දැනුවත් කළේ නැහැ.ජනතාව මේ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කළේ ඒ ආයතන ගැන මහ බැංකුව දුන් නිර්දේශ නිසයි සී.එෆ්.එල්.අයි. ආයතනය අර්බුදයකට පත්වී තිබියදීත් මුදල් තැන්පත් කිරීම් බාර ගත්තා. යූ.බී. ෆිනෑන්ස් ගත්තේ එෆ්.එන්.ජී. ආයතනයයි. ජනතාවට පොලිය එක්ක මේ මුදල දෙන්න. අපේ රටේ මූල්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ජනතාවගේ මුදල් සූරාගෙන විරාජමානව වැජඹෙනවා. ඊ.ටී.අයි. සල්ලි ඇද්දේ කොහොමද? පින් දහම්වලට යටවී සමහර ආයතන ජනතාව මුලා කරනවා.ණය හේතුවෙන් ගිය වසරේ 195 දෙනෙක් සියදිවි හානි කර ගෙන තියෙනවා. අද පවුල් ලක්ෂයක් කඩා වැටුණු මුදල් ආයතන ඇතුළේ කඩා වැටිලා. මෙතැනදී මහ බැංකුව කාර්යභාරය අත්හැරලා. මහ බැංකුවේ සමහර නිලධාරීන් ජාවාරම්කරුවන් පැත්තේ ඉන්නවා. තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි.නිහාල් ගලප්පත්ති මහතා (ජවිපෙ) යෝජනාව ස්ථිර කළේය.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා:- කාලෝචිත යෝජනාවක්. අනුර කිව්ව බොහෝ කරුණු එක්ක මම  එකඟයි. (වේලුකුමාර් මහතා (එජාප) මුලසුනට පැමිණියේය)සමරවීර මහතා:- ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් රටේ ඇති කර ඇති තත්ත්වය ඛේදජනකයි. එන සතියේ මන්ත්‍රීතුමන්ලා කැඳවලා පක්ෂ පාට නැති කමිටුවක් හදල මහ බැංකු, භාණ්ඩාගාර නිලධාරීන් සමග සාකච්ඡා කරනවා. මේ ආයතන බොහොමයක් කඩාවැටී ඇත්තේ දුර්වල කළමනාකරණය, දූෂණ, වංචා යනාදිය නිසයි. මෙවැනි වංචනික අයට දැඩි දඬුවම් පැනවීමට කළ පනත සංශෝධන කිරීමට අවධානය යොමුවී තිබෙනවා. මෙවැනි වංචනික නිලධාරීන් 155 දෙනකු හඳුනාගෙන තියෙනවා.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජාප):- අද අපේ රටේ කාන්තාවන් ණය පියවා ගන්න ණය ගන්නවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය පාලනය කරන්න අද මේ කවුරුත් නැහැ. මහ බැංකුව අද මේ ප්‍රශ්නයේදී කරඇරලා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා (එජාප):- නීති ගේන්න කලින් ඒ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගැන සමීක්ෂණයක් කරන්න. පරීක්ෂණ අවසන් වුණු සිද්ධිවල වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න.වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සිරිකරන් මහතා (දෙජාසං):- ක්ෂුද්‍ර ණය නිසා උතුරු නැගෙනහිර කාන්තාවන් 56 දෙනකු සියදිවි හානි කර ගෙන තියෙනවා. මේක භයානක තත්ත්වයක්.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):- සිය දිවි නසා ගැනීමට පෙළඹවීමත් අපරාධයක්. මේ සියදිවි හානි කරගන්න අස්සේ අවතාර මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ මහ බැංකුවේ අයට පේන්න පටන් ගනීවි. මේක සමාජ ව්‍යසනයක්. මහ බැංකුව මේ මිනිසුන්ව සියදිවි නසාගන්න පෙළඹවූවා. මේ ප්‍රශ්නයෙන් මහ බැංකුවට ගැලවෙන්න බැහැ. එයාලගේ නියාමනය මොන බම්බුවක් ද?ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප):- අද රටේ නීතිය මකුළුදැලක් වගෙයි. ලොකු හොරු අහුවෙන්නේ නැහැ. කඩා වැටුණු ආයතන රැසක් මහ බැංකුව මැදිහත්වී ස්ථාවර තත්ත්වයට ගත්තා. නමුත් මහ බැංකුව ක්‍රියාත්මකවීම ප්‍රමාදයි. මූල්‍ය ආයතන කඩා වැටෙනවා නොවෙයි. කඩා වට්ටවනවා. අයිතිකාරයා සතුටින් ඉන්නවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (එජනිස):- මහ බැංකුවේ නියාමනය හරියට වෙන්නේ නැහැ. මේ ආයතන නියාමනයට රටේ හොඳ නීතියක් තිබිය යුතුයි. තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) මුලසුනට පැමිණියේය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප):- මේ ලියුම බැලුවම මහ බැංකුවේ අයත් සම්බන්ධ දැයි මටත් හිතෙනවා. මේ ආයතන සල්ලි එකතු කරද්දී මහ බැංකුව හිටියේ කොහේද? නිදාගෙන ද හිටියේ?කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (එජාප):- 2015 ඉඳලා අලුතින් මූල්‍ය සමාගම් වැඩි ගණනක් බිහිවී තිබෙනවා. අතීතයේ මූල්‍ය සමාගම් කිහිපයක් වඩා වැටුණත් මහ බැංකුව හංගාගෙන හිටියා. නිවාඞ් කබ්රාල් කාලේ වෙච්ච දේවල්.මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා (එජනිස):- එදා පොලී මුදලාලි කළුකෝට් දාපු කෙනෙක්. නමුත් අද ඉන්නේ සුදු ඇඳුම් ඇඳගත් සුහදශීලී මිනිහෙක්. මේ මිනිස්සු නිසා ජනතාවට සම්බසකලමනාව අහිමිවෙලා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (දෙජාසං):- වාරික මුදල් අයකරගැනීමට සමහර ආයතන මැරයන් යොදවලා තියෙනවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):- මූල්‍ය ආයතන කඩා වැටුණේ 2002 ඉඳලයි. දඬුවම්ලා බිහිවුණේ මහින්දලගේ ගමෙනුයි. වම්බොට්ටා ආවෙත් එහෙන්.මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:- එදා සුදු වෑන් අද නැහැ. අද රටේ ලොකු වෙනසක් තියෙනවා. මේ ආයතන ඈවර කිරීමෙන් බිලියන 25ක් ගන්න පුළුවන්. නමුත් තැන්පත් මුදල බිලියන 35ක්. මේ ආයතන බොහොමයක් කඩා වැටුණේ පසුගිය රජය කාලයේදියි. බැඳුම්කරවල දානවා කියලා හොරකම් කළා. අප මේ ආයතන ගැන නීතිමය පියවර ගන්නවා.එස්. යෝගේෂ්වරන් (දෙජාස), ඉන්දික අනුරුද්ධ (එජනිස), කාංචන විජේසේකර (එජනිස), ආචාර්ය ජයම්පති වික්‍රමරත්න (එජාප) මහත්වරු ද කතා කළහ.   
චැනල් දොස්තරවරු - ටියුෂන් ගුරුවරු - නීතිඥවරු රජයට සත පහක බද්දක් ගෙවන්නේ නෑ
1
hp_train_0707
(ශාන්ත චන්ද්‍රසිරි) තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් වත්තේ ස්කල්පා කොටසේ  වතු කම්කරුවන් පිරිසකට බඹරුන් ඇනීම හේතුවෙන් තුවාල ලැබු  වතු කම්කරුවන්  8දෙනෙකු  ප්‍රතිකාර සඳහා අද  (23)  ලිඳුල  ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. බඹරුන් ඇනීමෙන් කාන්තාවන් 6දෙනෙකු හා  පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කරන ලද බවත්, ඔවුන්ගෙන් පිරිමි පුද්ගලයන් දෙදෙනා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් කාන්තාවන් 6 දෙනා තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන  බව ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශයෙක්  කීය. වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට ගසක බැඳ තිබූ බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී ඇති බව ග්‍රේස්වෙස්ටන් වත්තේ වතු කම්කරුවෝ පවසති.
බඹරු ඇනීමෙන් ආගරපතනේ වතු කම්කරුවන් 9දෙනෙකු රෝහලේ
0
hp_train_0708
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 26/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31259570වැසි ස්වල්පයක්.මඩකලපුව30269575වැසි වාර කිහිපයක්.  කොළඹ30249565වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ගාල්ල31259075වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )යාපනය30248575ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30219565වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )නුවරඑළිය20129585වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )රත්නපුරය33249565වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ත්‍රීකුණාමළය30249075වැසි ස්වල්පයක්.මන්නාරම31259075වැසි ස්වල්පයක්.             
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
0
hp_train_0709
(නිමල කොඩිතුවක්කු)ලොකු ලූණු මිළ ගණන් වෙනදාට වඩා සාපේක්ෂව ඉහළ ගාස් ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.ඒ අනුව සාමාන්‍ය වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක් රුපියල් 280 ත් 300 ත් අතර මිළකට අළෙවි වන බවත් ඔව්හු සඳහන් කරති. පෑලියගොඩ මැනිං වෙ`ළඳපොලේ ලොකු ලූණු කිලොවක් රුපියල් 250ක් ලෙස අළෙවි විය.මේ අතර පෑලියගොඩ මැනිං වෙ`ළඳපොලෙ දේශීය අර්තාපල් කිලෝවක රුපියල් 330 කටත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 480 කටත් අළෙවි විය.මේ අතර වෙනදාට සාපේක්ෂව එළවලු මිළ ගණන්ද ඉහළ ගොස් ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.මෙයට අමතරව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 420ක්, බොංචි කිලෝවක් රුපියල් 520 ක්, ගෝවා කිලෝවක් රුපියල් 360ක්, වම්බටු කිලෝවක් රුපියල් 400ක්, වට්ටක්කා කිලෝවක් රුපියල් 280 ක්, අමු මිරිස් කිලෝවක් රුපියල් 400ක්, දෙහි කිලෝවක් රුපියල් 800 ක් තක්කාලි කිලෝවක් රුපියල් 440 ක්, ලෙස අළෙවි වූ බව පාරිභෝගිකයෝ කියති. 
ලොකු ලූණු මිල ඉහළට
1
hp_train_0710
(පද්මා කුමාරී කංකානම්ගේ )කල්පිටිය උච්චිමුණේ දූපත සමීප මුහුදේ එලා තිබුණු, නීතිවිරෝධී තන්ගුස් දැල් කට්ටලයක් සමඟ ධීවරයින් දෙදෙනෙකු, අද(9) කල්පිටිය නාවුක හමුදා මුර සංචාරක යාත්‍රා මගින් අත් අඩංගුවට ගෙන  ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ, පුත්තලම කාර්යාලය වෙත භාර දී ඇත. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබදව අදහස් දැක්වූ, පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා පැවසුවේ, තංගුස් දැල් භාවිතය,1996 අංක දෙක දරණ  ධීවර පනතට අනුව සපුරා තහනම් බවයි. සැක කරුවන් කල්පිටියේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 35,45 අතර අය බව පොලීසිය කියයි. දැල් කට්ටල සහ සැක කරුවන්  පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නීතිවිරෝධී තංගුස් දැල් සමඟ ධීවරයින් දෙදෙනෙක් අත්අඩංගුවට
1
hp_train_0711
(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ) වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීඬණ කොමිසමේ කාලය අද (27) සිට තවත් මාස තුනක් දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දීර්ඝ කොට ඇත. ජනාධිපති පරීඬණ කොමිසමේ කාලය තවත් මාස තුනකට දීර්ඝ කරන්නැයි කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොමිසමේ කාලය මෙලෙස දීර්ඝ කොට ඇත. 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීඬණ කොමිසම පත් කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් මෙම කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස පත් කොට ඇත. වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීඬණ කොමිසමේ මෙම කොමිසමේ කටයුතු සිදු කිරීම සඳහා පසුගිය ජනවාරී 27 වැනිදා මාස තුනක කාලයක් සඳහා මෙම කොමිසම පත් කළ අතර එහි කාලය අදින් (27) අවසන් වීමට නියමිතව තිබු අතර කොමිසමින් කළ ඉල්ලීමකට අනුව කොමිසමේ කාලය තවත් මාස තුනක් දක්වා දීර්ඝ කරන ලදී. ඒ අනුව ලබන ජුලි 27 වැනිදා දක්වා කටයුතු කිරීමට ජනාධිපතිවරයා විසින් බලය ලබා දී ඇත.
බැඳුම්කර නිකුතුව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ
1
hp_train_0712
 දයාරත්න ඇඹෝගම සහ කුෂාන් ජයවර්ධන කැකිරාව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සම්පත් බණ්ඩාර හේරත් මහතාද උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම්.එල්.හිලාල්දීන් මහතාද අද (11) තේරි පත්විය. කැකිරාව ප්‍රාදේශීය සභාවේ මංගල රැස්විම අද (11)  එම සභාවේ රැස්විම් ශාලාවේදි පැවැත්වුණු අතර සභාපතිවරයා පත් කිරිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන්ම නාම යෝජනා දෙකක් ඉදිරිපත් විය. ඒ අනුව පැවැත්වූ ඡන්දයෙන් වැඩි ඡන්ද 5 ක් ලබා ගනිමින් සම්පත් බණ්ඩාර හේරත් මහතා නව සභාපතිවරයා ලෙසට තේරිපත්විය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනාද මෙහිදි සම්පත් බණ්ඩාර හේරත් මහතාට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයක් විය. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැළකී සිටියේය. 
අඹගමුව සභාපති පොහොට්ටුවෙන් - උප සභාපති අලියාගෙන්
0
hp_train_0713
  (මනෝප්‍රිය ගුණසේකර) කළුතර නගර සභාවට අයත් වාහන රක්‍ෂණය කිරීමට සහය ලබාදීම සඳහා රක්‍ෂණ නියෝජිතයකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කළුතර නගර සභාවේ හිටපු වැඩ අධිකාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.                              විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 2500/-ක දඩයකට ද ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 15,000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.                               සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත්කර තැබීමට හැකිවන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ඩබ්.එම්.ටී.ඩී. බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.                    විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඬුවම නියම කළේය.               චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කළුතර නගර සභාවේ හිටපු වැඩ අධිකාරී චේතිය හසිත් මුණසිංහ නමැත්තාටය.                                                  කළුතර නගර සභාවට අයත් වාහන රක්‍ෂණය කිරීමට සහය ලබාදීම සඳහා රක්‍ෂණ නියෝජිතයකුගෙන් රුපියල් අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.                                                  මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ දී විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම සියළුම චෝදනාවන්ට ඔහු වරදකරු කළේය.එහිදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණි.                                                         ඊට අමතරව විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත්  මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කෙරිණි. 
අල්ලස් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 14 ක සිරදඬුවමක්
0
hp_train_0714
(නිශාන්ත කුමාර)ගංජා හා අබිං මිශ්‍ර  මත් ගුලි විශේෂයක් රැගෙන බිබිල මහියංගන මාර්ගයේ ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණයින් සිව්දෙනෙකුට ඇප නියම කළ මහියංගන මහේස්ත්‍රාත්  ලක්ෂ්මන් ප්‍රියන්ත මහතා ඔවුන්ව යළි අගොස්තු 21 වන දින අධිකරණය වෙත ඉදිරිපත්කරන ලෙස නියෝග කළේය. මොනරාගල ප්‍රදේශයේ  අවුරුදු  22-28  වයස්වල පසුවන තරුණයින් සිව්දෙනෙකුට මෙලෙස ඇප නියම විය. මොනරාගල සිට මහියංගණය බලා ගමන් ගනිමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. රිදීමාලියද්ද පොලිස්  ස්ථානාධිපති රොෂාන් එස් බන්දුලසේන මහතාගේ උපදෙස්  මත මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීහු පිරිසක් සැකකරුවන්  අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. රිදීමාලියද්ද පොලිසිය  වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 
මත්ගුලි ගෙන ගිය සිව්දෙනාට ඇප
1
hp_train_0715
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)බලන්ගොඩ  ඉඹුල්පේ  ප්‍රදේශයේ දී   යතුරු  පැදියක්   වෙනත්  වාහනයක  ගැටීමෙන්  අද  (03) රාත්‍රීයේ  සිදුවූ අනතුරකින් පැදිකරු  එම  ස්ථානයේදීම මියගොස් ඇතැයි පින්නවල පොලිසිය පවසයි.ඉඹුල්පේ  මැදගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි  පුද්ගලයෙකු  මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.යතුරු පැදියේ  පිටුපස  ගමන් කළ  පුද්ගලයෙකු තුවාල ලබා  බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත.කොළඹ බදුල්ල ප්‍රධන මාර්ගයේ  ඉඹුල්පේ ප්‍රදේශයේදී යතුරු  පැදිය  ගමන්  කළ  දිසාවටම  ධාවන  වූ වෙනත්  වාහනයක යතුරු පැදිය  ගැටී  අනතුර සිදුව  තිබෙන  අතර  එම  වාහනය  මෙතෙක්  හඳුනා ගෙන  නොමැති බව පොලිසිය පැවසීය.  
ලොරි - යතුරු පැදි අනතුරින් අයෙක් මරුට
0
hp_train_0716
(රංජිත් රාජපක්ෂ)                       බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ තේ වත් පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු සැකපිට අද(18) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව  පොලිසිය පවසයි. කොටියාගල වතුයායේ තේ වත්ත මැද තේ ගස් ගලවා, විශාල වලවල් හාරා මෙම ජාවාරම්කරුවන් පිරිස මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසිය විසින් වැටලීමක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවෝ එම වතුයායේම පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
අනවසරෙන් මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට
0
hp_train_0717
(සුදත් එච්. එම්. හේවා)බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු පහකින් අලුතින් ආසාදිතයන් 46 දෙනකු අලුතින් හමුව ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය  කියයි.ඊයේ (07)  දින රාත්‍රියේ ලැබුන පි. සි. ආර්. වාර්තා මත ටින්සින් වතුයායෙන් ආසාදිතයන් 15ක්, මෝරා වතුයායෙන් ආසාදිතයන් 16ක්,බගවනත්ලාව වතුයායේ ඉහල කොයසින් ආසාදිතයන් 09ක්, සෙන්ට් ජෝන් ඩිලරි වතුයායෙන් ආසාදිතයන් 05ක් කිලානි වතුයායෙන් ආසාදිතයන් 01ක් වශයෙන් හදුනා ගෙන ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළේය.මේ සියලුම ආසාදිතයන් මෙයට පෙර හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල අය බවත් මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එහි නිලධාරියෙක් කීවේය.    
බගවන්තලාවේ වතු 4 කින් අසාදිතයින් 51 ක්
0
hp_train_0718
කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංගකොමර්ෂල් බැංකු සමූහය 2022 මූල්‍ය වසර ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයකින් අවසන් කිරීමට සමත්වී තිබෙන අතර අනාගතය සුරක්ෂිත කරන උපාය මාර්ගික තීරණ ගණනාවක්ම බැංකු සමූහය විසින් මෙහිදී ක්‍රියාත්මක කර ඇතැයි එම බැංකුව සඳහන් කරයි.සාර්ව ආර්ථිකය තුළ අවිනිශ්චිතතා රැසක් මතුවූ මූල්‍ය වසරක් වූ මෙම කාලයේ දී ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහයේ වත්කම් රුපියල් බිලියන 516.063 කින් හෙවත් සියයට 26.02 කින් වර්ධනය වී රුපියල් ට්‍රිලියන 2.5කට ළඟාවී තිබෙන අතර සමූහයේ දළ ආදායම සියයට 71.31 කින් රුපියල් බිලියන 280.387 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අතර, පොලී ආදායම සියයට 67.44 කින් රුපියල් බිලියන 222.393 ක් දක්වා වර්ධනය වී තිබේ.    කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබෙන්නේ සමූහයේ ණය පොතේ වටිනාකම රුපියල් බිලියන 151.239 කින් හෙවත් සියයට 13.81 කින් 2022 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12ක කාලය තුළ දී වර්ධනය වී තිබෙන බවයි. මෙම වසර තුළ දී විදේශ මුදල් ණය සහ අත්තිකාරම් මත රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම මෙයට ප්‍රධානතම හේතුව වී තිබේ. රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම වට්ටම් කළ පසුව මේ වසර තුළ පෞද්ගලික අංශය ලබාගත් ණය විශාල වශයෙන් අඩුවීම හමුවේ බැංකු සමූහයේ ණය පොතේ සුළු වර්ධනයක් දැකගත හැකිවේ. මේ අතර, සලකා බලන මූල්‍ය වසර තුළ දී රුපියලේ අවප්‍රමාණය සමඟ තැන්පතු රුපියල් බිලියන 505.103 කින් හෙවත් සියයට  34.30 කින් වර්ධනය වී තිබේ.      මෙම මූල්‍ය වසර තුළ දී බැංකු සමූහය විසින් හානි පූරණ ගාස්තු සහ අනිකුත් අලාභ වෙනුවෙන් රුපියල් බිලියන 71.924 ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය රුපියල් බිලියන 46.784 කින් හෙවත් සියයට 186.10 කින් ඉහළ යාමකි. 2021 වසරේ දී මේ වෙනුවෙන් රුපියල් බිලියන 25.140 ක් වෙන්කර තිබුණි. මේ හේතුවෙන් සලකා බලන වසර තුළ දී බැංකු සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම සියයට 5.47 කින් රුපියල් බිලියන 64.712 ක් දක්වා පහළ ගිය අතර 2022 හතර වන කාර්තුවේ දී සියයට  24.90 කින් රුපියල් බිලියන 13.147 ක් දක්වා පහළ ගොස් තිබේ. කෙසේවෙතත්, සලකා බලන වසර තුළ දී බැංකු සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 43.038 කින් හෙවත් සියයට 45.98 කින් රුපියල් බිලියන 136.637 ක් දක්වා වර්ධනය වී ඇත.        බැංකු සමූහයේ මූල්‍ය වාර්තාවලට බලපා තිබෙන බාහිර සාධක පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා මෙසේ පැවසීය. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය නිසා දේශීය සාර්ව ආර්ථිකය පීඩනයට පත්ව තිබෙනවා. මේ තුළ ශ්‍රී ලංකාවේ විදේශීය මුදල් ද්‍රවශීලතාව සහ බැංකුවල ප්‍රාග්ධන ප්‍රමාණත්වය විශාල පීඩනයකට ලක්වූ නිසා සලකා බලන වසරේ දී ද්‍රවශීලතාව කළමනාකරණය කර ගැනීම ප්‍රමුඛ කාර්ය භාරයක්. අරමුදල්වල පිරිවැය වැඩිවීම වළක්වාලීමට නොහැකි වුවත් මූල්‍ය වත්කම් යළි මිලකරණයට සහ යළි තුලනයට ගත හැකි සෑම පියවරක්ම ගත්තා. මෙහිදී, ගාස්තු පදනම් කරගත් ආදායම් වර්ධනය වූ බවත් පොලී නොවන පිරිවැය පිළිගත හැකි මට්ටමක පවත්වා ගෙන යාමට හැකිවූවා.  සලකා බලන වසරේ දී බැංකු සමූහයේ මෙහෙයුම් වියදම් සියයට 22.34 කින් රුපියල් බිලියන 36.282 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එයට පුද්ගල වියදම් වර්ධනය වීම, රුපියල අවප්‍රමාණය වීම, අනිකුත් මෙහෙයුම් වියදම් වර්ධනය වීම, වත්කම් නඩත්තු කිරීම සඳහා යන විදේශ මුදල් ගෙවීම් වැඩිවීම, අගය එකතු කිරීමේ බදු අනුපාත වර්ධනය වීම හේතුවී තිබේ. මේ අතර, සලකා බලන කාල සීමාව තුළ දී බැංකු සමූහයේ මූල්‍ය සේවා මත බදුවලට පෙර මෙහෙයුම් ලාභය සියයට 26.73 කින් අඩුවී රුපියල් බිලියන 28.430 ක්වී තිබෙන අතර 2022 හතර වන කාර්තුවේදී සියයට 68.43 කින් අඩුවී රුපියල් බිලියන 2.881 ක්වී ඇත.මේ අනුව, සලකා බලන මූල්‍ය වසර තුළදී බැංකු සමූහයේ බදුවලට පෙර ලාභය රුපියල් බිලියන 24.505 ක්වී තිබෙන අතර එය 2021 වසරට සාපේක්ෂව සියයට 25.65 ක පහළ යාමකි. සලකා බලන වසරේ දී ශුද්ධ ලාභය සියයට 0.45 කින් රුපියල් බිලියන 24.399 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර 2022 හතරවන කාර්තුවේදී ශුද්ධ ලාභය සියයට 69.53 කින් වර්ධනය වී රුපියල් බිලියන 8.939 ක්වී තිබේ. කොමර්ෂල් බැංකුව වෙනම ගත්විට සලකා බලන වසරේ දී බදුවලට පෙර ලාභය සියයට 29.38 කින් පහළ ගොස් රුපියල් බිලියන 22.598 ක්වී තිබෙන අතර බදුවලට පසු ලාභය සියයට 2.7 කින් වර්ධනය වී රුපියල් බිලියන 22.970 ක්වී ඇත. 2021 වසරේ දී කොමර්ෂල් බැංකුව බදුවලට පසුව රුපියල් බිලියන 23.606 ක ලාභයක් වාර්තා කිරීමට සමත්විය.      මේ අතර, බැංකුවේ අනිකුත් ප්‍රධාන මූල්‍ය දර්ශක බැලීමේ දී පෙනී යන්නේ බැංකුවේ කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම සියයට 18.99 කින් වර්ධනය වී රුපියල් 164.30 ක්වී තිබෙන බවයි. එය 2021 වසරේ දී රුපියල් 138.08 ක් විය. මේ අතර, 2022 දෙසැම්බර් 31 වනදා වනවිට බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය පිළිවෙළින් සියයට 11.389 ක් සහ සියයට 14.657 ක්වී තිබෙන අතර මෙම අනුපාත දෙකම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතා වන සියයට 10 සහ සියයට 14 ප්‍රමාණයන්ට වඩා ඉහළින් ඇත. එසේම, සලකා බලන මූල්‍ය වසර තුළ දී බැංකුවේ පොලී අන්තරය සියයට 3.74 කින් වර්ධනය වී තිබෙන අතර එය 2021 වසරේ දී සියයට 3.51 ක් විය. මෙම වසර තුළ දී බැංකුවේ වත්කම් සඳහා ප්‍රතිලාභ (බදු වලට පෙර) අනුපාතය සියයට 1.03 ක්වී තිබෙන අතර කොටසකට අදාළ ලාභය සියයට 12.46 ක්වී ඇත. 
කොමර්ෂල් බැංකුවේ ඉහළ වර්ධනයක්
0
hp_train_0719
දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අාපන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතාඅද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්.  බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි.ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා.  දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා.බිමල් රත්නායක  මහතාජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා.හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා.  විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ. ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා.  සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා.   අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා.   මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්.  ජෝන් අමරතුංග  මහතා ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්‍රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන  තිබෙන්නේ.මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා.  අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්‍රය විනාශ වෙමින් තිබෙනවා.  අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.සභාව - එකඟයි කතානායක - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය.  සභාව එකඟද?ඩී එම් ස්වාමිනාදන්  මහතා පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්‍රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  එඩ්වඩ් ගුණසේකර  මහතාඅපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි.  එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා. අඩෙයිකලනාදන්  මහතාඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්.  මුජිබර් රහුමාන්  මහතා කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.    ගයන්ත කරුණාතිලක  මහතා- මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා.   කතානායක - මම ඒ ගැන සොයා බලන්නම්.ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න.චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.ජේ සී අලවතුවල මහතාඅදට මාසයක් මේ රට අරාජිත වෙලා.  පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම  සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා.ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා.  ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා.  හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.අජිත් මාන්නපෙරුම  මහතාඅපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ  උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා.  අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මයන්ත දිසානායක මහතාඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා.  හර්ෂ ද සිල්වා මහතාබොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න.  රිෂාඩ් බදුයුදීන්  මහතාඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා.මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා.කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්.මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුලුවන් කියලා.මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ.  මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා. අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ  පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්නපුලුවන්. කතානායක - මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්.හේෂා විතාන‍ගේ මහතාඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න. චමින්ද විජේසිරි මහතාපහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා  ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න. කතානායක - මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.නවීන් දිසානායක  මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා.  පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන.  යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්.  ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා.    එරාන් වික්‍රමරත්න මහතා රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා.  බන්දුලාල් බණ්ඩාරිගොඩ  මහතාආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා.  කතානායක - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ.  රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න. අජිත් පී පෙරේරා මහතා නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්.  අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න.කතානායක කරු ජයසූරිය මහතා යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න.මරික්කාර්  මහතා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා.කරුණාරත්න පරණවිතාන මහතා මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.  විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ.නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා.රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා  මහතා පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ.ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න. කතානායක - දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා.ගාමිණී ජයවික්‍රම පෙරේරා   මහතා ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා.  මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි.  හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා.   මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘතිලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.   රවුෆ් හකීම්  මහතා -සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්.  අජිත් මාන්නප්පෙරුම  මහතා අද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා.  කතානායකවරයා ලෙස ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා.  මරික්කාර්  මහතා පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා(ලිපිය කියවයි)මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද?  රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න.කතානායක - මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්. මංගල සමරවීර  මහතා නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය  ගැටලු වලට  මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත්කරන්න කියලා.ජෝන් අමරතුංග මහතාමේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම.කතානායක - මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්.   වඩිවෙල් සුරේෂ්  මහතාඅපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා. කාවින්ද ජයවර්ධන - දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා. කතානායක - ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා.නලීන් බණ්ඩාර මහතා  - පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවාමන්ත්‍රීවරු - ආණ්ඩුවක් නෑලක්ෂ්මන් කිරිඇල්ල  මහතා  - යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ. ආශු මාරසිංහ මහතා රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්කතානායක කරු ජයසූරිය මහතා - ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා.    කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය.  (තරිඳු ජයවර්ධන) රටේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු කල් තැබූ පාර්ලිමේන්තුව අද (27) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය. අද දිනයේ ද විශේෂ කරුණු ඇතුළත් කරමින් න්‍යාය පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර අද දිනයේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 යටතේ සිදු කෙරන බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයා පක්ෂ නායකයන් හමුවනු ඇතැයි ද දැනගන්නට ඇත. ස්ථාවර නියෝග අංක 22හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අනුපිළිවෙළ පහත දැක්වේ.   ( ඡායාරූප ලහිරු හර්ෂණ)    
‘දැන්නම් ජනතාවට හොඳටම වෙනස පේනවා‘
0
hp_train_0720
(කාංචන කුමාර ආරියදාස) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (27) ඇඳිරිනීතිය පැවතියද   විවෘත කර ඇති අතර එළවළු මිල පෙරදාට වඩා සියයට සියයකින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පවසති.දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගොවීන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු විශාල වශයෙන් රැගෙන විත් තිබෙන ඇති අයුරු දැක ගැනීමට හැකි විය. පෙරදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් සියයත් 175ත් 250 ත්  අතර මිල ගණන් යටතේ අලෙවි වූ බොහෝමයක් එළවළු වර්ග 27 දිනය රුපියල් 50 සිට 100 දක්වා මිලයකට පවතී.පහතරට එළවළු වර්ග වන වම්බටු මෑකරල් දඹල කැකිරි පිපිඤ්ඤා වට්ටක්කා ආදී එළවළු වර්ග කිලෝවක තොග මිල රුපියල් 50 සිට 80 දක්වා වූ මිලක් පවතින අතර අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් සියයකි.  සාපේක්ෂව අනිත් සියලුම එළවළු වර්ග වල මිල ද පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට් ,ලීක්ස් ,ගෝවා කිලෝවක් රුපියල් සියය ඉක්මවා අලවිවූ අතර ඒවාද සවස් වනවිට අඩුවිය හැකි බව වෙළෙන්දෝ කියති.යාපනය අර්ධද්වීපයෙන් සහ දුර බැහැර ප්‍රදේශවල ගොවීන් රැසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙසේ එළවළු ගෙනවිත් තිබිණි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න  ඈරැවුල මහතා කියා සිටියේ සිල්ලර වෙළඳාම සහ අතරමැදි කණ්ඩායම් නිසා එළවළු සඳහා පාලන මිලක් දැමීමට අවධානය යොමු කර තිබෙන බවයි .එමෙන්ම අඩු මුදලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු ලබාගෙන ඉතා වැඩි මිල ගණන් යටතේ රට පුරා අලෙවි කිරීම හේතුවෙන් මෙය පාලනය කර ගැනීමට නොහැකි තත්වයක් පසුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් 150 දෙනකු සිටින බවත් දිවයිනේ පළාත් නවය සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අවශ්‍ය එළවළු තොග තම වෙළෙඳ ව්‍යාපාරිකයන් හරහා වීමට හැකියාව තිබෙන බවත් ඒ සඳහා ප්‍රවාහන වියදම පමණක් ලබාදුනහොත් විශාල ජනතාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මහා මාර්ගවල එක්රැස් වීමකින් තොරව ලබාදිය හැකි බවත් අඩු මුදලකට ඒ සියල්ල ලඟට ගෙන දිය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය .ඒ සඳහා රජයේ අනුග්‍රහය ලබා දෙන්නේ නම් මෙය ඉතා කඩිනමින් සිදු කළ හැකි බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
දඹුල්ලේ එලවලු තොග මිල පහතට - සිල්ලර මිල ඉහලට
0
hp_train_0721
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)කොළඹ වරායේ තිබෙන කැළි කසල අඩංගු බහලුම් පරීක්ෂා කිරීමට තම දෙපාර්තමේන්තුවට යටිතල පහසුකම් නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට  කර ඇති දැනුම් දීම සම්ධන්ධයෙන් විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස අභියාචනාධිකරණය අධිකරණ ඇමති , එම අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයාට අද (13) නියෝග කළේය.අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ මීට අදාල පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ අද කැඳවූ අවස්ථාවේදීය.මෙම කැළි කසල අඩංගු බහාලුම් දිවයිනේ අභ්‍යන්තර ප‍්‍රදේශ වලට රැගෙන යාම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන 23  වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණ නියෝග කෙරිණි.නීතිපති වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ මෙම වර්ගයේ බහාලුම් 112 ක් දැනටමත් කොලඔ වරායේ තිබෙන බවයි.පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ,  රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.සායනික අපද්‍රව්‍ය , ඉවතලන ප්ලාස්ටික් , මෙට්ට්‍රස් ආදි අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇත.මෙම විදෙස් කැළි කසල මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය.මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම , ජනතාවගේ සෞඛ්‍යයටද හානි සිදුවේ.මෙම විදෙස් අපද්‍රව්‍ය මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ.මෙවැනි ක්‍රියාවන් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත.මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත් , මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැත.එබැවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , ජාතික පරිසර පනතෙහි විධි විධානා උල්ලංඝනය කරමින් මෙරටට විදේශයන් හි සිට කැළි කසල ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , මෙවැනි විදෙස් කැළි කසල ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.පෙත්සම්කාර පරිසර සංවිධානය වෙනුවෙන් නීතීඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය. 
කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි
0
hp_train_0722
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)මුතුරාජවෙළ වගුරු ආශ්‍රිත බිම් පෙදෙස් පිරවීම සඳහා එම තෙත්බිමට අපද්‍රව්‍ය දැමීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සම මාර්තු 3 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (12) නියම කළේය. වගුරු බිම ගොඩකිරීම වළක්වන්නයි මධ්‍යම පරිසර අධිකාරියට, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි එම පෙත්සමෙන්ඉල්ලා තිබිණ.මුතුරාජවෙළ ඇතුළු පාරිසරික වැදගත්කමකින් යුතු අනෙකුත් තෙත්බිම්ද ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනු කර තිබිණි. මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සහාපති විනිසුරු අර්ජුන ඔබේස්කර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.එම පෙත්සම සම්බන්ධයෙන් නීතීපතිවරයා උපදෙස් ලබා ගැනීමට කල් ලබා දෙන්නැයි රජයේ නීතීඥවරයා කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තැබිණි.මෙම පෙත්සම පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි අධ්‍යක්ෂක හේමන්ත රංජිත් සිසිර කුමාර මහතා විසින් ගොනු කරනු ලැබ ඇත.තවද මෑතකදී පෞද්ගලික සමාගමක් මෙම මුතුරාජවෙළ තෙත්බිමේ අක්කර 50 ක් නීතිවිරෝධී ලෙස පස් පිරවීම සදහා ලබා ගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි සදහන් කරමින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්බාර, වන ජීවී අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.සී වේරගොඩ, ගොවිජන සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක රෝහණ රාජපක්ෂ, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, වත්තල, මීගමුව හා ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන්, නීතිපති ඇතුළු 12 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.පෙත්සම්කාර ආයතනය පාරිසරික ගැටළු පිළිබදව උනන්දුවක් දක්වන ආයතනයකි.දෙවැනි පෙත්සම්කරු වෘත්තීයෙන් පරිසරවේදියෙකි.මුතුරාජවෙළ තෙත් බිම ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි තෙත් බිමකි.මෙම තෙත් බිම සුවීශේෂ ජෛව විවිධත්වයක් සහිත පරිසර පද්ධතියක්ද වේ.ඊට අමතරව සෞන්දර්යාත්මක වටිනාකමකින් යුක්තවේ. 
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ පෙත්සම මාර්තු 3 දා ගනී
1
hp_train_0723
අම්පාරේ දමන වඩිනාගල, දේවාලහිඳ, පොල්ගස්ආරේ හා කිවුලේගම සෙනසුරාදා දහයේ සිට සවස 5.30 අතර කාලයේදී හය වරක් පොළොව හෙල්ලී ගිය බව ගැමියෝ කියති.වාඩි වී සිටි පුටු ද, හිඳ සිටි ඇඳපත් ද හෙල්ලී ගිය බවත්, ශබ්දයක් ද ඇසුණු බවත් හේන් ගොවීන්ට පවා මේ චලනය දැණුනු බවත් කියති.සබැඳී පුවත්....වඩිනාගල හෙල්ලෙයිවඩිනාගල යළි හෙල්ලේචලන සොයන්න ගල් පුපුරුවයිවඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක්දමන කම්පන හේතුව අබිරහසක් වඩිනාගල අදත් හෙල්ලේවඩිනාගල යළි හෙල්ලේදමන ගම් හතරක් හෙල්ලේ
චලන සොයන්න ගල් පුපුරුවයි
0
hp_train_0724
(ටී.කේ.ජී.කපිල)කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය සදහා ශ්‍රී ලංකාව මිළදී ගත් , චීනයේ " සයිනොෆාම් " එන්නත් , තවත් මාත්‍රා ලක්ෂ 10 ක් , අද දින අලුයම , බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට රැගෙන ආවේය. චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන්, මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් අනතුරුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ , මෙම එන්නත් තැන්පත් කිරීමෙන් පසුව , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ .
ස්පුට්නික් මාත්‍රා 15,000ක් කටුනායකට
0
hp_train_0725
(උපාලි ආනන්ද) බාල වයස්කාර දැරියක රවටා අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් තිදෙනෙකු 19 වැනිදා තෙක් යළි බන්ධනාගාර ගතකරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය අද(10) නියෝග කළාය. එම සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ඔවුන්ගේ නීතීඥයින් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළාය. තඹුතේගම පදිංචි බී. ඒ. සුදර්ශන බුද්ධික සඳරුවන්, අනුරාධපුර පදිංචි චතුර කුමාර අබේනායක සහ අනුරාධපුර මයිලගස්හංදිය පදිංචි ඩී. ආර්.ඉෂාන්ත නදීෂාන් ශානික දිසානායක  යන සැකකරුවන් මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි. අනුරාධපුර නගරයේ  ළමා නිවාසයකින් පැන ගොස් අනුරාධපුර පැරණි  බස් නැවතුම්පොළේ  අතරමංව සිටි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් රවටා ගෙන හෝටලයකට රැගෙන ගොස් වරින් වර ඇය බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙන තිබිණි. අද අධිකරණයට නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවමත් අවසන්ව නැති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.සැකකරුවන් මීට පෙර තඹුත්තේගම වැඩබලන මහේස්ත‍්‍රාත් කිත්සිරි ද සිල්වා මහතා හමුවට ඉදිරිපත් කර, එහිදී පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී දැරිය විසින් සැකකරුවන් හඳුනාගන්නා ලදී. සිද්ධිය පිළිබඳව කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කළාය. තඹුත්තේගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අතුකෝරල මහතාගේ උපදෙස් මත එම පොලිසියේ ළමා හා කාන්තා  කාර්යංශයේ නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී  සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතීඥ බුද්ධික ලෙව්කෝ බණ්ඩාර මහතා පෙනී සිටියේය.  
බාලවයස්කාර දැරියට අතවර කළ තිදෙනා රිමාන්ඩ්
0
hp_train_0726
ඉන්දිකා රාමනායක රුපියල් ලක්ෂ 17 ට අධික  වටිනාකමකින් යුත්  අයිස් නැමැති මත්ද්‍රව්‍ය සහ හෙරොයින්   සමඟ මෝදර වැල්ලේ සුරංග නැමැත්තාගේ ප‍්‍රධාන ගෝලයෙක් කොලොන්නාව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව  කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය  ග‍්‍රෑම් 109 යි  ග‍්‍රෑම් 306 ක් සහ  හොරොයින් මිලිග‍්‍රෑම් 807 ක  ප‍්‍රමාණයක්  තිබී ඇත.සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය  වෙනත් ජාවාරම්කරුවකු සඳහා බාර දීමට ගෙන යමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් කොලොන්නාව  ප‍්‍රදේශයේ මග රැක සිට සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. 
ලක්ෂ 60 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙක් අල්ලති
0
hp_train_0727
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කළුතර රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වැසි වාර කිපයක් ඇති වේ.ඌව පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.
ගාල්ලට සහ මාතරට පොඩි වැස්සක්
0
hp_train_0728
ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වලට  සවස 2.00 න් පසුව ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එය මිලිමීටර් ‍50 ට වැඩි විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 05/05/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35259050සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව34279060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.කොළඹ34279065උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි .ගාල්ල33279075උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි .යාපනය37287555වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර33239560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.නුවරඑළිය24109565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.රත්නපුරය35259560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය36268565ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම34268565සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.                        
‘රට පුරාම තද වැසි‘
0
hp_train_0729
( රංජිත් රාජපක්ෂ)                        බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන තේ වත්තේ තේ ගස්  තුළ විශාල  පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අද(20) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔයට යාබදව තේ වත්තේ මෙම සැකකරුවන් මැණික් ඉල්ලම් හාරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත අද අලුයම 3 ට බගවන්තලාව පොලිසිය නිලධාරින් හදිසි වැටලිමක් සිදු කර මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.වැටලිම සිදු කරන අවස්ථාවේ තවත් සැකකරුවන්  දෙදෙනෙකු පලා ගිය බවත් එම සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවයි බගවන්තලාව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් හාරා ගොඩ දමා ප්‍රවහනය කිරිමට සුදානම් කර තිබු මැණික් ඉල්ලම් සහිත උර 55 ක් සහ මැණික් ගැරිමට  උපයෝගි කර ගත් උපකරණ රැසක්ද අත්අඩංගුවට ගත් බවත් , අත්අඩංගුවට ගත් සැකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, පොලිසිය කියයි.මෙම මැණික් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
නිධන් හාරමින් සිටි කට්ටඩියා ඇතුළු 8 අල්ලති
0
hp_train_0730
   (අංජුල මහික වීරරත්න)”එදා කඩදාසි බෝට්ටුවක්වත් හදා ගැනීමට නොහැකි වූ අය අද ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයෙන් ශක්තිමත් වන අයුරු බලා හිඳින්න නොහැකිව රට විකුණන බව කියමින් කෑ ගසන්නේ යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.”ශි‍්‍ර ලංකාවේ වරාය දියුණු කළහොත් මුළු රටේම ආර්ථිකය ඉහළට එසැවිය හැකි බව කී අග‍්‍රාමාත්‍යවරයා සටන් පාඨ දේශපාලනයෙන් රටක් දියුණු කිරීමට හැකියාවක් නැතැයි” ද ප‍්‍රකාශ කළේය.අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජපානයේ කොක්සායි කේබල් නැව් සමාගම වෙනුවෙන් කොළඹ නැව් තටාකාංගනය විසින් ටොන් 5000 කනැවක් නිෂ්පාදනය කිරීම සනිටුහන් කරමින් නැව් බඳ ගොඩ නැගීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. නැව් බඳ ගොඩ නැගීම සුභ මොහොතින් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිණි.දිගින් මීටර් 11.3 ක්ද, පළලින් මීටර් 21.5 ක්ද, මීටර් 8.8 ක ගැඹුරකින්ද යුක්තව නිෂ්පාදනය කෙරෙන යාත‍්‍රාවේ මගීන් 80 ක් සඳහා සියලූ පහසුකම් වලින් සමන්විත වන අතර පැයට මුහුදු සැතපුම් 14.5 ක වේගයෙන් ගමන් කළ හැකිය. මෙහි නිෂ්පාදන කටයුතු 2019 වසරේ මාර්තු මස අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි.උත්සව සභාව අමතමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.”අද මේ නැවේ බඳගොඩ නැගීම ආරම්භ කිරීම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ එක් පියවරක් ලෙස හැඳින්විය හැකියි. ටොන් 5400 ක නැවක් හැදීමේ ශක්තිය අද අපට තිබෙනවා. අපේ අපනයන නිෂ්පාදන ආර්ථිකය බොහෝ දුරට සීමා වී තිබුණේ ඇඟලූම්, දෙවනුව රබර් ටයර්වලටයි. එය හොඳයි. කිසිම රටක් එක් අංශයකට සීමා විය යුතු නැහැ. තවත් ක්ෂේත‍්‍රවලටද යා යුතුයි. අද පෙනී යන්නේ නැව් නිෂ්පාදන අංශය අපට දියුණු කළ හැකි බවයි. ඒ ඔබේ ශිල්පීය දක්ෂකම සහ ඥාණය නිසා අපට ඒ වැඩ කටයුත්ත කිරීමට හැකියි.ඒ විතරක්ද නොවෙයි. අපට යුරෝපයෙන් ලැබුණු ජී.එස්.පී. ප්ලස් සහනය නිසා භාණ්ඩ හය දහස් ගණනක බදු සහනය ලැබුනා. හය දාහක් තබා හැටක්වත් අප එදා යැව්වේ නැහැ. නිෂ්පාදන තුන්සියයක්වත් අපනයනය කළ යුතුයි. එවිට අපේ විදේශ විනිමය ප‍්‍රශ්නය විසඳෙනවා. නිෂ්පාදන භාණ්ඩ පමණක් නොව ධීවර කර්මාන්තයත් එමගින් දියුණු කළ යුතුයි. පොඩි රටක් හැටියට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපනයන දියුණු කළ යුතුයි. අප රට භාර ගන්න අවස්ථවේදී ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයක සිටියා. එදා රජය හදිසි මැතිවරණය පැවැත්වූවේ ණය ගෙවන්න බැරි නිසයි. අප භාර ගත් අවස්්ථාවේදී අවුරුද්දක්වත් රජය ගෙනියන්න බැරි වේ යයි බොහෝ අය සිතුවා. ණය බර ඊළඟ පරම්පරාවටත් ගෙවන්න ඉතිරි වී තිබුණා. කෙසේ හෝ ණය බර අප සීමා කරගත්තා. වැඩිම ණය ගෙවීමට ඇත්තේ 2018 වර්ෂයේයි. තව අවුරුදු දෙකක් පැන ගත් පසු ස්ථාවර භාවයකට පැමිණ 2025 වන විට සාමාන්‍ය තත්ත්වයකට රට ගෙන ඒමට හැකියි.ඒ කාල සීමාව තුළ රටට එන ආයෝජන වැඩිකරගත යුතුයි. එය කරන ගමන් රජයේ සේවකයින්ගේ චේතන රුපියල් දහදාහකින් අප වැඩි කළා. ඒ නිසා පුද්ගලික අංශයේත් පැඩි වැඩි කරන්න සිදුවුණා. ගැබිනි මව්වරුන්ට රුපියල් විසිදහස දීම ආරම්භ කළා. ගෙවල් දෙලක්ෂය ඉදිකිරීමට ආධාර උපකාර කළා. දැන් තිබෙන සංඛ්‍යා ලේඛණ අනුව විධිමත්, අවිධිමත්, සෘජු සහ වක‍්‍ර ක‍්‍රම වලින් ලක්ෂ හතරකට ආදායම් මාර්ග අප බිහිකර තිබෙනවා. මේ අවුරුදු දෙක හමාර තුළ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් විශ්වාසය ඇතිව අප වැඩ කරගෙන ගියා. මීටත් වඩා විශාල වැඩසටහනක් ඉදිරියේදී කි‍්‍රයාත්මක වෙනවා. මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල දියුණුව ඇති කරනවා. නුවර නගරයේ දියුණුව ජපන් ආධාර මත කර්මාන්ත කලාපය ඉදිකර දියුණු කිරීමත්, වයඹට කර්මාන්ත කලාප සහ සංචාරක කර්මාන්ත දෙනවා.බස්නාහිර මහ නගරය, කළුතර විශාල කර්මාන්ත කලාපය, ගාල්ල වැඩි ආදායම් ඇති සංචාරකයන්ගේ කලාපය බවට පත් කිරීම, මාතර, හම්බන්තොට සහ මොණරාගලත් වරාය සහ ගුවන් තොටුපළ වඩාත් තවත් අලූත් ආර්ථිකය ඇති කරනවා. මේ වැඩ කරන ගමන් ත‍්‍රිකුණාමලය දියුණු කිරීම සඳහා සිංගප්පූරුව සමග සැලසුම් හදාගෙන යනවා. අපට අවශ්‍ය ශ‍්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්තානය කිරීමයි. ඒ සඳහා අපේ වරාය කරා නැව් පැමිණිය යුතුයි. ගුවන් තොටුපළවල් දියුණු විය යුතුයි. මෙයට අපට තනියම කරන්න බැහැ. ඒ දැනුම අපට නැහැ. ඒ සඳහා විදේශ නැව් සහ ගුවන් සමාගම් සමග සම්බන්ධ විය යුතුයි. විදේශ සමාගම් එක්කර ගෙන ගමන යා යුතුයි. එසේ කරන විට රට විකුණනවා කියා කෑ ගහනවා. කඩදාසි බෝට්ටුවක් හදා ගන්න බැරි වූ අය දැන් රට විකුණනවා යයි කෑ ගහනවා.දැන් කොළඹ නැව් තටාකාංගනයෙන් ටොන් 5000 ක නැවක් හදා විකුණනවා.රට විකුණුවද, නැව් හදා විකුණා ආදායම් ගත්තාද කියා අහන්න වෙනවා. ඉන්දියන් සාගරය මැද අප ඉන්නවා. පරාක‍්‍රමබාහු රජ, 6 වැනි පරාක‍්‍රමබාහු රජ, ඉංගී‍්‍රසි මේ පිහිටීමෙන් ප‍්‍රයෝජන ගත්තා. අද අපට එය කරන්න බැරි ඇයි? අප රට දියුණු කරන්නේ කොහොමද? ඉන්දියන් සාගරයේ ලොකුම වරාය බවට පත් වූ විට අපේ නිෂ්පාදන පමණක් ප‍්‍රමාණවත් නැහැ. ඉන්දියාවේ නැගෙනහිර සහ බටහි වෙරළවල්වලට, බංග්ලාදේශයට සහ මියන්මාරයට යා හැකි විදියට අපේ වරාය සකස් කර අපි‍්‍රකාවට, චීනයට, ජපානයට සහ යුරෝපයට යන විදියට සකස් කරගත යුතුයි. ඒ සඳහා අපට ආධාර උපකාර වුවමනායි. කොළඹ වරාය රදා පවතින්නේ ඉන්දියාවට යන කන්ටේනර් මතයි. සියයට හැටක් තිබෙන්නේ ඉන්දියාවට යවන කන්ටේනරයි. ඉන්දියාවේ දියුණුව බැලූවාම අපේ ප‍්‍රගතිය සියයට හැත්තැ පහක් කළ හැකියි.ඉන්දියාවේ අලූත් වරායක්, දෙකක් ඉඳි කළාට එය ගැටලූවක් නොවෙයි. අපේ අයගේ දක්ෂකම තිබෙනවා.පළමුවෙන්ම ඉන්දියාව සමග මිත‍්‍රත්වයෙන් පුළුවන් තරම් නැව් නිෂ්පාදනය කර යැවිය යුතුයි. එයට බදු දැමුවොත් ප‍්‍රයෝජනයක් වෙන්නේ නැහැ.දකුණු වරාය දියුණු කරන්න අවශ්‍යයි. උතුරු වරායත් දියුණු කළ විට වසර සියයකට ඉන්දියානු සාගරයේ විශාලම වරාය බවට පත් වෙනවා. මේ සඳහා ජපානයේ ආධාර උපකාර අවශ්‍යයි. මේ සඳහා පළමුවෙන් වාර්තා සකස් කළ යුතුයි. ඉන්දියන් සාගරය මැද විශාල වරාය තුනක් තබාගෙන හොඳ ගුවන් තොටුපළවල් දෙකක් තුනක් තබා ගත් විට අපට ලේසියෙන්ම ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය හැකියි. රජරට කාලේ අප දියුණු වුණේ මේ ලෙසයි. ඉන්දියන් සාගරයේ බලවතෙකු බවට පත් වුණේ ඒ ලෙසයි.2025 දැක්ම අප එළි දැක්වූයේ මේ අරමුණ ඇතිවයි. ලංකාවේ ආර්ථිකයේ වරාය විශාල තැනක් ගන්නවා. සිංගප්පූරු වරායෙන් ඒ රට දියුණු වුණා වගේ අපේ වරාය දියුණු කළොත් මුළු රටම උස්සන්න පුළුවනි.අප කාටවත් රට විකුණන්න  ඕනැ නැහැ. නිකන් සටන් පාඨ කියන්න  ඕනැත් නැහැ.කොළඹ වරාය හම්බන්තොට වරායට එකතු කිරීම නිසා බිලියන 40 ක පාඩුවක් ගෙවන්න සිදුවුණා. අද එය නවතා තිබෙනවා. කොළඹ වරායේ මුදල් හම්බන්තොට වරායට යොදවන්නේ නැති බව එදා ඡුන්දයේදී අප පොරොන්දු වුණා. ඒ වෙලාවේ නිශ්ශබ්දව සිටි අය අද වරාය විකුණනවා කියා කෑ ගසනවා. වරාය දියුණු කරන්න අවශ්‍ය මුදල් අප ක‍්‍රමානුකූලව දී තිබෙනවා. ඒ මුදල් පමණක් මදියි. ඉන්දියන් සාගරයේ විශාලම වරාය කොළඹත්, දෙවැනි විශාලම වරාය ති‍්‍රකුණාමලේත් තිබියදී ඒ දෙක එකතු කර හම්බන්තොට දියුණු කළ විට ලැබිය හැකි දියුණුව ගැන හිතන්න. තව මොනවද අවශ්‍ය වෙන්නේ? ඉරානයේ සිට  ඕස්ටේ‍්‍රලියාව දක්වාම ඊළඟ අවුරුදු 30 ප‍්‍රධාන ආර්ථික රාජ්‍ය දෙක වන කෙන්යාව, දකුණු අප‍්‍රිකාව, මැද පෙරදිග රටවල පිහිටීමෙන් ප‍්‍රයෝජන ගත්තා. අපේ පිහිටීමෙන් ප‍්‍රයෝජන නොගත්තොත් දියුණුව ලබන්න බැහැ. ඒ සඳහා අපේ වරාය දියුණු කළ යුතුයි. කොළඹ නැව් තටාකාංගනය නැව් දියුණු කිරීමට ගන්නා උත්සාහය අගය කරනවා. ඒ සඳහා ඔබට ස්තූති කරනවා. යැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය. කොළඹ නැව් තටාකාංගනයේ සභාපති ඞී.වී. අබේසිංහ මහතා-”අප දැනට සිංගප්පූරුව, මාලදිවයින, ඉන්දියාව රටවලට නැව් භාර දී තිබෙනවා. තෙල් මිල අඩුවීම නිසා ලෝකයේ නැව් තටාකාංගන වැසී යන තත්ත්වයක් ඇති වූවා. එන්.එන්.ජී. ඉන්ධනයක් ලෙස භාවිතා කරන කාලය අත ළඟයි. රජයට ඒ සඳහා ආධාර දිය හැකියි. අපට දක්ෂ ඉංජිනේරුවරයන් ඇතුළු සේවකයින් සිටිනවා. පෞද්ගලික ව්‍යාපාරවල දියුණුව රටේ දියුණුවට සම්බන්ධ කරගත යුතු යන අගමැතිවරයාගේ සංකල්පය අනුව අපටත් රටේ දියුණුවට එක්විය හැකියි.කොක්සායි කේබල් නැව් සමාගමේ සභාපති ටකාකි අන්රකු මහතා ද සභාව ඇමැතීය. මේ අවස්ථාවට ජාත්‍යන්තර වෙළඳ සහ සංවර්ධන උපාය මාර්ග අමාත්‍ය මලික් සමරවික‍්‍රම, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිච් සුගනුමා යන මහත්වරුද, ජපාන නියෝජිතයෝද, කොළඹ නැව් තටාකාංගනයේ සේවකයෝ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
හම්බන්තොට ගිවිසුමේ බරපතළ දේවලට එදාත් මම විරුද්ධ වුණා
0
hp_train_0731
උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත්  ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග කොටසේ උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259060වැසි ස්වල්පයක්.මඩකලපුව31268570වැසි වාර කිහිපයක්.කොළඹ34258560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල34259055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය32248060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර32229055සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය21149560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය35249550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය32209070වැසි ස්වල්පයක්.මන්නාරම33269060වැසි ස්වල්පයක්.
‘පළාත් කීපයකට හෙට උදෑසන වැසි‘
0
hp_train_0732
කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 428 දෙනෙකු අද (17) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.30 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදි හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 749 කි.එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 49,274 ක් වාර්තා වී තිබේ.   
අද කොරෝනා ආසාදිතයන් 749 ක්
1
hp_train_0733
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතවූ තවත් 71 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,751 ක් දක්වා ඉහළ ගොස් ඇත.මියගිය අයගෙන් 56 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 14දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු අයෙක් ද ඒ අතර වෙති.මියගිය අය අතරින් 32 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 39 දෙනෙක් ද වෙති 
කොරෝනා මරණ 67ක් වාර්තා වෙයි
0
hp_train_0734
ශ්‍රී ලංකාවේ  නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වන බවත්  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත්   ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ  නිරිතදිග කොටසේ උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 03/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249055ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව31269565වැසි ස්වල්පයක්.කොළඹ33259050සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල32249055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය33249050ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර32209555සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය21129550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය34239565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය32269565වැසි ස්වල්පයක්.මන්නාරම33258560ප්‍රධාන වශයෙන් වැසි රහිත                   
‘පවතින කාලගුණයේ වෙනසක්‘
0
hp_train_0735
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතයින් තව 1,208 ක් අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 641,786 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අලුත් ආසාදිතයෝ 1217 ක්
0
hp_train_0736
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,315 දෙනකු අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,97,670ක් දක්වා ඉහළ ගොස් ඇත.කොවිඩ් ආසාදිතව රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් 40,028 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 2,386 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,46,767 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 
කොවිඩ් ආසාදිතයන් තවත් 3,315ක්
1
hp_train_0737
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්තමුහුණු පොතෙන් මිතුරු වූ මිතුරාගේ තරම මුහුණු පොත නිසාම දැන ගැනීමට හැකිවූ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.දෙන්නාම මුහුණු පොත් ඔස්තාර්ලාය. ඔවුන් මිතුරු වූයේ ද මුහුණු පොතට පින් සිදුවන්නටය. දෙන්නට දෙන්නා සිටියේ නගරවල් දෙකකය. තරමක් දුරිනි. අයෙක් අනෙකාගෙන් උපකාරයක් ඉල්ලු‍වේය. එය මුහුණු පොත හරහාය. ඔහු එය ඉටුකර දීමට පොරොන්දු විය. ඒ අනුව ඔහු සිය භාර්යාව යැයි හඳුන්වා දුන් කාන්තාව සමග ඔහු හමුවීමට ගියේය. ඒ වනවිටත් ඔහුට පොරොන්දු වූ පරිදි නිවාඩු දින දෙකක් ගත කිරීමට ලස්සන තැනක් ඔහු ලක ලැහැස්ති කර තිබුණේය. ඒ තමා දන්න හඳුනන කෙනකුගේ තැනක් ඉතා අඩුවටය.එදා මේ මුහුණු පොතේ මිතුරෝ දෙදෙනා සාදයක් දැමූහ. වියදම  නවාතැන ඉල්ලූ මිතුරා ගෙනි. ආ කාරිය කරගෙන ඔහු බිරිය සමග ආපසු ගියේය. මේ ආකාරයට මිතුරාගේ උපකාරයෙන් ඔහු බිරිය සමග අවස්ථා කිහිපයක්ම නිවාඩුවට යැයි කියමින් එම නිවාඩු නිකේතනයේම ලැගුම් ගෙන තිබුණේය. ඒ වනවිට මේ දෙදෙනා හොඳ මිතුරෝ වූහ. ඒ විතරක්ම නොව ඔහු සමග එන බිරිය ද ඔහුගේ හොඳම හිතවතියක් වී සිටියාය.කාලය ගෙවී යද්දී ඔහුගේ භාර්යාවගේ මව කලුරිය කළ බව ඔහු මුහුණු පොතේ දමන්නේ ඒ සම්බන්ධයෙන් සිය හිතවතුන්ට දැන්වීමටය. ඒ අනුව මුහුණු පොතෙන් මිතුරුවී මුහුණු පොතෙන්ම උපකාර ගත් මිතුරා ද ඔහුගේ භාර්යාවගේ මළ ගමට නොකියාම යන්නේ ඔහු මෙන්ම ඔහුගේ බිරිය පුදුම කිරීමටත් එක්කය. ඒ ඔවුන් සමග දුක බෙදා ගැනීමේ අදහසිනි.සිය යතුරුපැදියෙන්  ඔහු මේ මළ ගමට ගියේය. එහි ගිය ඔහුට මුහුණු පොතේ මිතුරා ද හමු වූවේය. ඊළඟට ඔහු සෙවූවේ තමා දන්නා ඔහුගේ භාර්යාවය. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ඔහු නොඇසුවේ තමාම ඇය සොයාගෙන සොව පළ කිරීමටය. මිතුරා ද ඇය ගැන කිසි කතාවක් නොවිණ. බොහෝ වේලාවක් සෙවූවත් ඇය හමු නොවීයෙන් ඔහු අසල සිටි කෙනකුගෙන් ඇය ගැන විමසුවේය.තමාගේ  මනසේ නොවූ කාන්තා රුවක් දේහය ළඟ වැලපෙමින් සිටිනු ඔහු පෙන්නුවේය. කාරණය තේරුම් ගිය ඔහුට ඔහු තමා අන්දවා ඇති බව ද අවබෝධ විය. ඔහු අමාරුවේ නොදා ඔහුටත් නොකියා ඔහු එතැනින් මාරුවී සිය නිවෙසට ආවේ මුහුණු පොතෙන් මිතුරු වූ මිතුරාගේ තරම මුහුණු පොතෙන්ම දැන ගැනීමට හැකි වූ නිසා මුහුණු පොතට පින් දෙමිනි.
මළගෙයින් හොරයක් අහුවී මූණු පොතේ මිතුරා නොකියාම ගිහින්
1
hp_train_0738
ඉන්දිකා රාමනායක සහ සිතුම් චතුරංග ඉන්දියාවේ සිට බෝට්ටු මාර්ගයෙන් රැගෙන විත් බෙදාහැරීමට රැගෙනයමින් තිබූ රුපියල් ලක්ෂ 30කට අධික වීදි වටිනාකමකින් යුත් අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සමඟ සැකකරුවන් දෙදෙනකු තලෙයිමන්නාරම රෝහල ඉදිරිපිටදී අත්ඩංගුවටගත් බව  තලෙයිමන්නාරම පොලිසිය පවසයි. අයිස් නැමති මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් තලෙයිමන්නාරම ප‍්‍රදේශයේදී හමුවූ පළමු අවස්ථාව මෙය බව පොලිසිය සඳහන් කළේය. යතුරු පැදියකින් මත්ද්‍රව්‍ය රැගෙනයන පුද්ගලයකු පිළිබඳ තලෙයිමන්නාරම පොලිසිය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා මත්ද්‍රව්‍ය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය. මේවා ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් කොළඹ ප‍්‍රදේශයේ සමාජශාලා වෙත බෙදාහැරීමට නියමිතව තිබූ බව  සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවටගත් සැකකරුවන් තලෙයිමන්නාරම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක හා 23 ක තරුණයින් වේ.
ලක්ෂ 30ක අයිස් මත්කුඩු තලෙයිමන්නාරමෙන් අල්ලයි
1
hp_train_0739
තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය වූ අද (02) තරග අවසන් වන විට නැගෙනහිර ඊගල් පිල (10) ‘ඒ’ කාණ්ඩයේ ද, යාපනය චැලෙන්ජර්ස් පිල  (10) ‘බී’ කාණ්ඩයේ ද පළමු ස්ථාන හිමිකර ගැනීමට සමත් වූහ.වයඹ බ්ලැක්ස් (10), මධ්‍යම කිංග්ස් (08), සබරගමුව ස්ටැලියන්ස් (06) සහ උතුරු මැද ටයිපෝන්්ස් (6) ‘ඒ’ කාණ්ඩයේ ද, බස්නාහිර වෝරියස් (10), ඌව වයිපර්ස් (08), දකුණ ශාර්ක්ස් (08) සහ උතුර ග්ලැඩියේටර්ස් (04) ‘බී’ කාණ්ඩයේ ද දෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා ස්ථාන හිමිකර ගත්හ.දෙවැනි අදියර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.පළමු දිනයේ තරග ප‍්‍රතිඵලවයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (31-7)මධ්‍යම කිංග්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (28-21)යාපනය චැලෙන්ජර්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (19-14)බස්නාහිර වෝරියස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (24-19)නැගෙනහිර ඊගල් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (31-0)වයඹ බ්ලැක්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (19-12)යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (21-19)බස්නාහිර වෝරියස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (33-21)සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් නැගෙනහිර ඊගල් පිල පරාජය කරන ලදී (28-12)මධ්‍යම කිංග්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (36-19)ඌව වයිපර්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (35-12)යාපනය චැලෙන්ජර්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (29-7)වයඹ බ්ලැක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පිල පරාජය කරන ලදී (29-12)නැගෙනහිර ඊගල් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (31-7)දකුණ ශාර්ක්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (24-19)බස්නාහිර වෝරියස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (14-5)සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (12-10)නැගෙනහිර ඊගල් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-14)ඌව වයිපර්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (28-5)දකුණ ශාර්ක්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (17-7)
මධ්‍යම - උතුර - නැගෙණහිර තරග දෙක බැගින් දිනති
0
hp_train_0740
(නිමල කොඩිතුවක්කු)ඉන්ධන හිගය හේතුවෙන් හෙට(28) සිට පෞද්ගලික බස්රථවල ගමන්වාර ප්‍රමාණය සියයට 50 කින් අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.ඒ අනුව කාර්යාල වේලාවන්, අපොස උසස් පෙල විභාගය පැවැත්වෙන කාල සීමාවන් ආදී ය අත්‍යවශ්‍ය ගමන්වාර පමණක් බස් රථ ධාවනයට පියවර ගන්නා බවද විජේරත්න මහතා ප්‍රකාශ කළේය.අනවශ්‍ය ගමන්වාර සහ දිවා කාලයේ බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කිරීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.කොරෝනා වසංගතයේ බලපෑම සහ ඉන්ධන හිඟය හේතුවෙන් ධාවනය වන බස් රථ ප්‍රමාණයද සියයට පනහකට අධික අගයකින් පහල බැස ඇතැයිද ඔහු සඳහන් කළේය.ඒ අනුව විසිදහසක් පමණ ධාවනය වූ පොෟද්ගලික බස්රථ ධාවනය වන්නේ අට දහසකටත් අඩු සංඛ්‍යාවක් බවත් හෙතෙම පැවසීය.එම ධාවනය වන බස් රථවල ගමන්වාර සියයට 50 කින් අඩු කිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි පීඩාවකට පත්විය හැකි බවත් ඔහු කීවේය.ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු පිට පලාත් බස් රථ සේවා වලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ඉන්ධන ලැබෙන පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. 
ඩීසල් නොදුන්නොත් හෙට සිට බස් දුවන්නෑ
0
hp_train_0741
 (අනීෂා මානගේ)තංගල්ල නගරසභාවේ මන්ත්‍රී අනිල් සෙල්ලාහැන්නදි (එ.ජ.නි.ස) මහතාට පසුගිය වසරේ ජූනි මස සභාවාරයේ මාසික දීමනාව ගෙවීමේ ගැටළුවක් සම්බන්ධයෙන් දකුණු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ බව කියන ලිපියක් හේතුකොටගෙන අද (17) පැවැති තංගල්ල නගරසභාව උණුසුම් වී සභාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති විය.තංගල්ල නගරසභාවේ මන්ත්‍රී අනිල් සෙල්ලාහැන්නදි මහතාට පසුගිය වර්ෂයේ ජූනි මාසයේ රැස්වීම් සඳහා නිවාඩු අනුමත නොවූ බව දන්වා කොමසාරිස්වරයාට ලිපියක් යවා ඇතැයි සභාපතිවරයා කීවේය. මේ සම්බන්ධයෙන් සභාවෙන් වැරැද්දක් වී තිබෙනවා නම් එය පිළිගෙන එම මාසයේ සභික දීමනාව ලබා දීමට කටයුතු කරන බවද සභාපති කීවේය.කෙසේ වුවද එම ලිපියෙහි හම්බන්තොට නගරාධිපතිවරයා මුල්කරගෙන පලාත් පාලන කොමසාරිස්වරයා ලබා දී ඇති නිර්දේෂ සම්බන්ධයෙන් තමා එකඟ නොවන බවද අනෙක් මන්ත්‍රීවරුන්ට එම මාසයේ ලබා දුන් දීමනාව යළි ලබා දෙන ලෙසද කොමසාරිස්වරයා එවූ ලිපියෙහි සඳහන් බව සභාපතිවරයා කීවේය.වැරැදිකාරයෙක් වෙලා හිරේ ගියාම දීමනාව ලබා දෙනවා නම් මොකක්ද මේ රටේ තත්ත්වය යැයි සභාපතිවරයා ප්‍රශ්න කළේය. රැස්වීම පැවැති දිනයේ අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයා සැඟවී සිටි බව සභාව දන්නා බවද ඔහු කීය.සභාපතිවරයා සහ අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයා අතර බහින්බස් වීමක් ඇති වූ අතර සභාපතිවරයා අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයාට සභා ගැබෙන් පිටව යන ලෙස කීවේය . ඉන් අනතුරුව සභාපතිවරයා සභාව කල්තබන බව කියා සභාගැබෙන් පිටව ගියේය.  උප සභාපති මොහොමඩ් ශිරාස් (එ.ජා.ප) මහතා පැයක කාලයකට සභාව කල් තැබුවේය.විනාඩි පහළොවකට පමණ පසු නැවත සභාපතිවරයා සභාවට පැමිණි අතර තමාට තවදුරටත් සභාව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය බැවින් අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයාට සභාගැබෙන් පිටතට යන ලෙස දැන්වූයේය.එසේ නොමැති නම් පොලිස් නිලධාරින් ගෙන්වා ඔහු එළියට දැමීමට කටයුතු කරන බවද කීවේය. සභාවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අයහපත් හැසීරීම හේතුවෙන් කාන්තා මන්ත්‍රීවරුන් නැවත සභාවාරයට නොපැමිණෙන බවද සභාපතිවරයා දැන්වූයේය. එදින පෙරවරුවේ සභාවට පැමිණ සිටි කාන්තා මන්ත්‍රීනියන් තිදෙනකුගේ ආසන ඒ අවස්ථාව වන විට හිස්ව පැවැතිණි. අනිල් සෙල්ලාහැන්නදි මහතා සභා ගැබෙන් පිටතට නොගිය අතර තමා කළ වැරැද්ද සභාවේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කර දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.සභාවට, සභාපතිවරයාට සහ ජනතාවට ගරු කළ නොහැකි නම්  සභාවේ වාඩි වී සිටීම නුසුදුසු බව පවසා සභාව කල්තබා සභාපතිවරයා නැවත සභාගැබෙන් පිටව ගියේය.  පැයක පමණ කාලයකට පසු උප සභාපති මොහොමඩ් ශිරාස් මහතා හෙට (18) දිනට සභාව කල්තැබීය.
පොහොට්ටු සභාපතිට පොහොට්ටු මන්ත්‍රීගෙන් ගුටි
0
hp_train_0742
(හර්ෂණ තුෂාර සිල්වා)දහනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අර්බුදයක් නිර්මාණය වූ බවත් එම සංශෝධනය අවුලක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා අද (30) පස්වරුවේ පැවැසීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය නොදීමට තීරණයක් ගෙන නැතැයි ද පක්ෂය කුමන තීරණයක් ගත්තත් තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහයෝගය දෙන්නේ යැයි ද හෙතෙම කීය.ඇතැම් අය පක්ෂය හැර ගියද තමන් පක්ෂය හැර නොයන බවද ආචාර්ය සරත් අමුණුගම මහතා කීවේය.පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයකු වන සෑම් විජේසිංහ මහතාගේ සිහිපත් කරමින් පැවැති පස්වැනි ගුණ සමරු දේශනය කරමින් ආචාර්ය සරත් අමුණුගම මහතා එම කරුණු කීවේය.කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම ගුණ සමරු උත්සවය පැවැත්විණි.       “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ තීරණ ඉක්මනින් ප්‍රකාශයට පත් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් අවසන් තීරණයක් අරගෙන නැහැ. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා පත් කරාවි. විධායක ජනාධිපති ධුරය ගැන විතරක් නෙමෙයි තවත් බොහෝ කරුණු ගැන මේ දවස්වල සාකච්ඡා කෙරෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව මුකුත් කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඕනේ. ව්‍යවස්ථානුකූල වෙනස්කම් කරන්න ඕනේ පාර්ලිමේන්තුව හරහා. විධායක ජනාධිපති ධුරය වෙනයම් දෙයක් ගැන තීරණයක් ගන්න කලින් අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කරන්න ඕනේ.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව තමයි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ පළමු දින 100යේ. ඒ කාලයේ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබුණේ විපක්ෂයටය. එතකොට සංශෝධන කළේ විපක්ෂයේ මන්ත්‍රීවරු. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මාර්ගයෙන් ජනාධිපතිවරයා සතුව තිබෙන බලතල අගමැතිවරයාට ලබාදීම තමයි බලාපොරොත්තු වුණේ. එහෙත් එය සාර්ථකව කරන්න බැරි වුණා. මොකද ආණ්ඩුව පත්වුණු මුල් දින 100 පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබුණේ විපක්ෂයට නිසා.ඒ සංශෝධන සියල්ල කරන්න බැරි වුණා. සමහර කරන්න පුළුවන් වුණා. සමහර දේවල් කරන්න බැරි වුණා. ඒ නිසා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර අර්බුද ඇති වුණා. වත්මන් අර්බුදයට මුලත් එයයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ලොකු අවුලක්.මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහයෝගය දෙනවා. මේ පක්ෂ දෙකේම ප්‍රතිපත්ති සමානයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට විරුද්ධයි. අපිට ගිහින් එක්සත් ජාතික පක්ෂයේ නැට්ටක් වෙන්න බැහැ. ඒක නිසා පක්ෂයක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය යුතුයි කියලා විශ්වාස කරනවා. එහෙම නොවුණත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ගමන් පෞද්ගලිකවම ගෝඨාභය රාජපක්ෂ මහතාට මගේ පූර්ණ සහයෝගය ලබාදෙනවා.ඒ වගේම මෙතැනි කිසිම ගැටුමක් ඇතිවෙලත් නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට  සහාය නොදෙන්න තීරණයක් අරගෙන නැහැ.අපි පක්ෂයක් විදියට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවද තනි තනියෙන් සහාය දෙනවද පක්ෂයෙන් ඉවත් වෙනවද කියන එක එකිනෙකට වෙනස්. තනි තනි පුද්ගලයන් ගන්නා තීරණ ඔවුන්ගේ පෞද්ගලික තීරණ. ඒවාට එක එක හේතු තියෙනවා. වැදගත් වන්නේ අපි පක්ෂයක් විදියට සහාය දෙනවද නැද්ද කියන දේ. ඒ වගේම අපි ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවන්න කොතරම් කැප වෙනවද කියන දේ. කාලයත් එක්ක ඒ දේ බලාගන්න පුළුවන්.”   
19 නිසා ජනපති - අගමැති අතර අර්බුදයක් නිර්මාණය වුණා
1
hp_train_0743
නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 31/03/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35249055අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31259075මද වැසිකොළඹ31249565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල31249075අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32258065වැසි ස්වල්පයක්මහනුවර33219550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21108550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය34239560අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32259570මද වැසිමන්නාරම32259570අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0744
(මනෝප‍්‍රිය ගුණසේකර)පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්කි සෑදීම සදහා කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව අද දිනම (11) නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දෙවැනි වරටත් අද (11) දැනුම් දුන්නේය.රන්ජන් රාමනායක මහතා සහ ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබාදී තිබියදී ඒ අනුව කටයුතු නොකර දින 18 කට පසු අධිකරණ බලසීමාව නොදැන සිටි බවට හා ඒ සම්බන්ධයෙන් විමසන තෙක් කිසිවක් නොකර සිටීම හාස්‍යයට කරුණක් බව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ලිපිය මඟින් අවධාරණය කර ඇති බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ  ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.රන්ජන් රාමනායක සහ ගිහාන් පිළපිටියට විරුද්ධව නව නීතී කෘත්‍යයක් ආරම්භ කළ යුත්තේ කුමන අධිකරණයකද යන්න දැනුම් දෙන්නැයි ඉල්ලමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතීපතිවරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් මඟින් මේ බව අවධාරණයකොට ඇති නීතීපතිවරයා මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයා විසින් සිදුකළ විමර්ශන වලදී ලබාගත් දුරකථන කුළුණු වාර්තා අනුව නුගේගොඩ හා කොළඹ අධිකරණ කලාප වලදී මෙම අපරාධයට අදාළ සිදුවීම සිදුවී ඇති බවද අවධාරණය කොට ඇත.ගිහාන් පිළපිටිය මහතා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා වශයෙන් කටයුතු කරන සමයේදී ඔහු ඉදිරියේ විභාග කරන නඩුවක සැකකරුවකු ඇප නොදී රිමාන්ඞ් බාරයට පත් කිරීම පිළිබඳව රන්ජන් රාමනායක මහතා සමඟ උපාය මාර්ගික ක‍්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡාකළ බව පැහැදිල වන බවත් එම හඬපටයේ නෑ...... නෑ.... මගේ වාහනය හරවන ගමන් උසාවියට....’ යනුවෙන් වී ඇති සදහන අනුව අධිකරණ බලසීමාව පැහැදිලිවම අනාවරණය වන බව පෙන්වා දෙන නීතීපතිවරයා එවැනි තත්වයක් තුළ ඔබගෙන් හේතූ විමසන තෙක් අධිකරණ බලසීමාව කුමක්දැයි විමසා නොසිටීම බලවත් කණගාටුදායක තත්වයක් බවද අවධාරණය කර ඇත.මෙම සිද්ධියට අදාළ විමර්ශන වලදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට අධිකරන බලසීමාව සම්බන්ධයෙන් යම් ගැටළු  සහගත තත්වයක් ඇතිවුයේ නම් තමා හෝ තමාගේ නලධාරීන් හමුවී හෝ දුරකථන ඇමතුමක් මඟින් උපදෙස් ලබාගැනීමට හැකියාව තිබුණත් ඒ අනුව කටයුතු නොකර දින 18කට පසුව මේ සම්බන්ධයෙන් විමසන තෙක් අධිකරණ බලසීමාව නොදැන සිටි බව සඳහන් කිරීම හාස්‍යයට කරුණක් බවද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට ලක් කර ඇත.දුරකථන කළුණු වාර්තා අනුව රන්ජන් රාමනායක මහතා විසින් නුගේගොඩ අධිකරණ බලප‍්‍රදේශයේදී මෙම සංවාදය ආරම්භ කොට ඇති බවත් ගිහාන් පිළපිටිය මහතා කොළඹ අධිකරණ බලප‍්‍රදේශයේදී ඊට සම්බන්ධ වී ඇති බවත් කෙසේ නමුත් මේ වනවිටත් රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු දෙකක් පවරා ඇති බවත් පෙන්වා දෙන නීතීපතිවරයා ඒ අනුව අද දිනයේදීම ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට නියමිත අධිකරණ පියවර ගන්නා ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.   
විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට උපදෙස්
0
hp_train_0745
(දයාරත්න අඹෝගම) කුසපත් ඇදීමෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී එච්.එම්.සේනාරත්න මහතා අද (26) තේරී පත්විය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභාවට පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු 09 දෙනෙකුද එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු 06 දෙනෙකුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු 03 දෙනෙක්ද මුස්ලිම් කොංග්‍රස් පක්ෂයෙන් 01 මන්ත්‍රීවරයෙකුද ජනතා විමුක්ති පෙරමුණෙන් 01 මන්ත්‍රීවරයෙකු සහ එක් ස්වාධීන මන්ත්‍රීවරයෙකු තේරි පත්ව සිටියහ. ඒ අනුව අද (26) දින මැදවච්චිය ප්‍රාදේශිය සභාව සඳහා සභාපතිවරයෙකු පත්කිරිම සඳහා ඡන්දය පැවැත්වුණි. මෙහිදි සභාපතිධුරය සඳහා පොදුජන පෙරමුනෙන් එච්.එම්.සේනාරත්න මහතාද එක්සත් ජාතික පක්ෂයෙන් වසන්ත රණතුංග මහතාද ඉදිරිපත්ව සිටියහ.ඡන්දය විමසිමේදි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකි සිටිම නිසා මෙම සභාපතිධුර අපේක්ෂයන් දෙදෙනාම ඡන්ද 10 බැගින් ලබාගැනීම නිසා ඔවුන් දෙදෙනා අතර කුසපත් ඇදීමට සිදුවිය. කුසපත් ඇදීමෙන් ජයග්‍රහණය කරනු ලැබුවේ එච්.එම්.සේනාරත්න මහතා වන අතර ඒ අනුව ඔහු සභාපති ධුරයට පත්විය.උප සභාපති ධුරය සඳහා රහස් ඡන්දයක් පැවැති අතර ඉන් පොදුජන පෙමුණේ මන්ත්‍රී චානක පුෂ්පකුමාර විජේසුරිය මහතා වැඩි ඡන්දයෙන් උප සභාපතිධුරයට පත්විය.
මැදවච්චිය ප්‍රා.සභාවේ සභාපතිධුරය කුසපත් ඇදීමෙන් පොහොට්ටුවට
1
hp_train_0746
මහ මැතිවරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය සහ කාලීන දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ‘‘2020 මැතිවරණ වේදිකාවට’’ මෙවර එක්වූයේ සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ජේ.සී. අලවතුවල මහතාය.ප්‍රශ්නය:- මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට සමගි ජන බලවේගයේ ස්ථාවරය කුමක්ද?පිළිතුර:- මම නියෝජනය කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය. මැතිවරණය ආරම්භ කරන අවස්ථාවට වඩා මේ වන විට පැහැදිලි තැනකට අප පැමිණ සිටිනවා. සියලුම එ.ජා.ප. පාක්‍ෂිකයන් සමගි ජන බලවේගය වටා එකතුවෙමින් සිටිනවා. ඊට අමතරව පොදුජන පෙරමුණේ උදවියත් මේ වෙලාවේ අපත් සමග එකුතුවෙමින් සිටීම අපට ලොකු ශක්තියක්. පසුගිය ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරීව පොදුජන පෙරමුණට වැඩකළ අයගේ ගෙවල්වල පවා මෙවර අපට රැස්වීම් පවත්වන්න ඉඩදී තිබෙනවා. මේ වන විට සමගි ජනබලවේගයට විශාල ජන නැඹුරුවක් තිබෙන බව එයින්ම පැහැදිලියි. සෑම පක්‍ෂයකම වගේ අය අපේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදීමකින් කටයුතු කරන බව පේනවා.ප්‍රශ්නය:- කියන තරම් ජන රැල්ලක් තිබෙනවා නම් මැතිවරණය කල් දාන්න කියා ඔබ පක්‍ෂයේ නායකයාම ඉල්ලන්නේ ඇයි.පිළිතුර:- එතුමාගේ කතාවෙන් අදහස් කරන්න ඇත්තේ එහෙම දෙයක් නෙමෙයි. කොරෝනා තත්ත්වය යළි උත්සන්න වේවි කියන පසුබිමක් පසුගිය දා දක්නට ලැබුණා. එය තවත් බරපතළ අතට හැරුණොත් ඡන්දයට වඩා අපට ජනතාවගේ ජීවිත වටිනවා. නායකතුමා ඡන්දය කල් දාන්න කියන අදහස ඉදිරිපත් කරන්න ඇත්තේ ඒ අර්ථයෙන්. මගේ අදහස අනුව මේ මොහොත වනවිට ජනතාව ඉතා හොඳින් අපත් සමග එකතු වෙමින් සිටිනවා. ගම්පිටින්ම ජනතාව අපට එකතු වීමෙන් අපේ ශක්තිය පේනවා.ප්‍රශ්නය:- කොරෝනා හොඳින් පාලනය කර ඇති පසුබිමක ඔබේ කතාව කොතරම් ප්‍රායෝගිකද?පිළිතුර:- වචනයක් දෙකක් අල්ලාගෙන මාධ්‍යයෙන් අපට පහර ගහන්න අවශ්‍ය නැහැ. ඕනෑම කෙනකුගෙන් වචනයක් දෙකක් පිටවෙන්න පුළුවන්. කොරෝනා පාලනය කළා කිව්වට ආණ්ඩුව හරි තොරතුරු ජනතාවට දෙන්නේ නැහැ. පරීක්‍ෂණ පවා හරියට කෙරුණේ නැහැ. වෛද්‍ය විශේෂඥයන් සහ කොරෝනා සම්බන්ධ විශේෂඥයන් කියන දේට වඩා ආණ්ඩුවට ඕනදේ ආණ්ඩුව කරනවා. තොරතුරු වසන් කරන බව ඉතාම පැහැදිලියි. ජනතාව දැනුවත් කිරීමෙන් වැඩි ආරක්‍ෂාවක් ලබාගත හැකිබව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියා තිබෙනවා. හමුදාව මේ වැඩවල සහායට ගත්තට කමක් නැහැ. ඒව කරන්න ඕන නිසි ආරක්‍ෂක පිළිවෙත් අනුවයි. එසේ නොවූ බව නාවුක හමුදා සිද්ධියෙන් පැහැදිලි වුණා. ආණ්ඩුව ගත් සෑම පියවරක්ම හරි කියන්න බැහැ. සෞඛ්‍ය අංශයේ ප්‍රධානත්වයෙන් කළයුතු කටයුතු වෙනත් අංශවල ප්‍රමුඛතාවෙන් කිරීමෙන් ප්‍රශ්නය උග්‍රවුණා. දේශපාලන අරමුණු තබාගෙන තමන්ගේ ප්‍රචාරණය මේ හරහා ලබාගන්න ආණ්ඩුව උත්සාහ කරනවා.ප්‍රශ්නය:- ඡන්දයෙන් පසු යළි එ.ජා.ප. සෙවණට යාමට ඔබලාට සිදුවන බවත් කියැවෙනවා. ඔබලාගේ අරමුණ සිරිකොතේ බලය ඇල්ලීමද?පිළිතුර:- අපට සිරිකොත අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය ආණ්ඩු බලය අල්ලන්න. අපේ ගමන වළක්වන්න විවිධ කතා කියනවා. මේ මැතිවරණයේදී ආණ්ඩු බලය ලබාගැනීමේ වැඩපිළිවෙළ අප ඉතාම ශක්තිමත්ව ක්‍රියාත්මක කරගෙන යනවා. 113 ට එහා ගිය මන්ත්‍රී කණ්ඩායමක් සමග අප සජිත් ප්‍රේමදාස අගමැති කර සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්න වැඩ කරගෙන යනවා. සිරිකොත ප්‍රශ්නයක් අපට නැහැ. එය අපට අදාළත් නැහැ. ගෙවුණු මාස නවයේ මේ ආණ්ඩුව ජනතාවට කරපු දෙයක් නැහැ. බඩුමිල අහස උසට නැගලා. තුන් හතර ගුණයකින් බඩුමිල වැඩිවෙලා. අත්‍යවශ්‍ය භාණ්ඩ විසි එකකට බදු ගසා ජනතාව පීඩාවට පත්කරලා. ජනතාව ඉතාම අමාරුවෙන් සිටින වෙලාවක්. රටත් ජනතාවත් නරක තැනකට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කර අවසන්. ජනාධිපතිවරණයේදී ජනතාව තබා තිබූ බලාපොරොත්තු දැන් ගිලිහී ගොස් තිබෙනවා. එවන් පසුබිමක මේ ආණ්ඩුවට රට හමුවේ ඇති අභියෝගවලට මුහුණු දෙන්න බැහැ කියා ජනතාව තීන්දු කර අවසන්. ඒ නිසාම පොදුජන පෙරමුණේ අයත් අපට එක්වෙනවා. මේ ආණ්ඩුව මීට කලින් රට පාලනය කළා. ඒ කාලයේ ජනතාවට කළේ මොනවාද කියා විමසන්න ජනතාව සූදානමින් සිටිනවා. දැන් මේ රටේ ජනතාවට ඇති බලාපොරොත්තුව සමගි ජනබලවේගය බවට පත්ව අවසන්.ප්‍රශ්නය:- ගෙවුණු වසර හතරේදී ජනතාවට සහන නොදුන් ඔබලා දැන් සහනදීම ගැන කතාකිරීම විහිළුවක් නොවේද? රුපියල් 20,000 කතා ප්‍රායෝගිකද?පිළිතුරු:- පැහැදිලිවම අපි රු. 20,000 ජනතාවට දෙනවා. ඒක විහිළුවක්ද? මේ ආණ්ඩුව නොහැකියාව ප්‍රදර්ශනව කළාට අපි කියන්නේ කරන්න පුළුවන් දේ. අපේ ආණ්ඩු කාලයේ මොන ප්‍රශ්න තිබුණත් රාජ්‍ය සේවක වැටුප් සියයට 1.7 කින් පමණ වැඩිකළා. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කළා. ඉන්ධන මිල විශාල ලෙස අඩු කළා. සෑම භාණ්ඩයකම මිල සාධාරණ මට්ටමක පවත්වාගෙන ගියා. සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ මීටත් වඩා එහා ගිය තැනකට අපට යන්න පුළුවන්. කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාවට රු. 20000 අපි අනිවාර්යයෙන්ම දෙනවා. මේ ආණ්ඩුව දුන්නේ රු. 5000 යි. හැබැයි ඊට වඩා වැඩි මුදලක් බදු හරහා ආණ්ඩුව ගත්තා.ප්‍රශ්නය:- මේ අවස්ථාවේ කුරුණෑගල ජනතාවට ඔබ දෙන පණිවුඩය මොකක්ද? පිළිතුර:- විශාල වශයෙන් ගොවි ජනතාව මේ ප්‍රදේශයේ ජීවත්වෙනවා. ඒ අයට කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය ජලය ලබාදිය යුතුයි. රාජපක්‍ෂ ආණ්ඩු තිබුණත් ඒවා කළේ නැහැ. පසුගිය අපේ ආණ්ඩුව යටතේ මෙයට අවශ්‍ය සැලසුම් සකස් කළා. ‘‘වයඹට ජලය’’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර කුරුණෑගල ගොවි ජනතාවට අපි ජලය ලබාදෙනවා. ඊට අමතරව පානීය ජල වැඩසටහනක් නියමිත ප්‍රමිතිය අනුව ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍යයි. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර කුරුණෑගල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරන්න අපි සූදානම්. එය කඩිනම්ව කරනවා. ඒ වගේම කුරුණෑගල තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය උග්‍රයි. තරුණ පරපුරට රැකියා ලබාදීමේ වැඩසටහනට අපේ රජයක් යටතේ ප්‍රමුඛතාවක් දී කටුයුතු කරනවා.(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)
ඡන්දයට වඩා අපට ජනතාවගේ ජීවිත වටිනවා
1
hp_train_0747
ගුවන් විදුලියේ ප්‍රචාරය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රචාරක දැන්වීම් වලට සවන් දී ගුවනින් දැකීමට කැමතිම නගරය එස්.එම්.එස් කර දිවයින වටා සිරි නරඹමින් ගුවන් සවාරියක් යාමට වාසනාවන්තයින් 20 දෙනෙකුට අවස්ථාව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතෙන්  ඇනවුම් කර ඇති ඒ 330-300 වර්ගයේ ගුවන් යානා 6 න් පළමු ගුවන් යානාව  පිළිගැනීමේ සමාරම්භක උත්සවය පැවැත්වෙන ලබන 31 වෙනි දින මෙම ගුවන් ගමන සැලසුම් කොට ඇත.අදාල  වෙළඳ දැන්වීම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රචාරය වන බවත් එය සවන් දීමෙන් පසු යවනු ලබන එස්.එම්.එස් වලින් ජයග්‍රාහකයින් තෝරා ගැනේ.  මෙම ගුවන් විදුලි ප්‍රචාරක වැඩසටහන් මේ වන විට ප්‍රචාරය වීම ආරම්භ කර ඇති අතර  එයට සවන් දී එස්.එම්.එස්  යොමු කිරීම සඳහා මේ මස 26 වන දින දක්වා කාලයක් ලබා දී ඇත.මෙම එස්.එම්.එස් අතුරින්  ජයග්‍රහණය හිමි කර ගන්නා වාසනාවන්තයින්ගේ නම් මේ මස 27 වෙනි දින නිවේදනය කරනු ඇත. 
ගුවන් බසයේ මංගල ගමනට එස්.එම්.එස්
1
hp_train_0748
බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර සහ සබරමුව පළාත්වලත් ගාල්ල,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක වැසි ඇති වේ.අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්,ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ,වයඹ සහ උතුරු - මැද පළාත්වලත් විටින විට තද සුළං ඇති විය හැකිය බව ද කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව අනතුරු අඟවයි.
‘දකුණු පළාතට තද සුළං‘
0
hp_train_0749
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව) සමාගමේ පසුගිය වසරේ ලාභය 2015 වසරට සාපේක්ෂව 113%කින් වර්ධනය වී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ අද (20) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කීවේය. කොළඹ බ්ලූමැන්ඩල්හි පිහිටි ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ මූලික ව්‍යාපාර වන්නේ නෞකාවලට සපයන ඉන්ධන ගබඩා කිරීම සහ මුහුදේදී නෞකාවලට ඉන්ධන සැපයුම් කරන සමාගම්වලට ඉන්ධන සැපයීම වේ. HFO 380, HFO 180 සහ MGO ඉන්ධන ගබඩා කළ හැකි විශාල ටැංකි 13ක් මෙම සමාගම සතුය. එහි සම්පූර්ණ ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 35 000ක් වේ. එම සමාගම 2015 වසරේදී ලැබූ ලාභය රුපියල් මිලියන 36ක් වේ. 2016 වර්ෂයේදී එම ලාභය මිලියන 77 කි. එහිදී 2015 වසරට සාපේක්ෂව 2016 වර්ෂයේදී තම විකුණුම් වියදම රුපියල් මිලියන 96 සිට 92 දක්වාද, පරිපාලන වියදම රුපියල් මිලියන 64 සිට මිලියන 55 දක්වා අඩු කිරීමටද සමාගම සමත්ව සිටී. ආයතනය සුරකීම මුල්තැනට ගෙන කළමනාකරණ සැකසුම් සැකසීම මෙම ජයග්‍රහණයන්ට හේතු වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. “අපි මේ රටේ තියෙන ප්‍ර‍ධාන ආයතන ආරක්ෂා කළේ නැත්නම් අපිට ඉදිරි අනාගතයට භාරදෙන්න ඉතිරි වෙන්නේ හිස් රටක්. නමුත් අපි ලාභ ලබන ගමන් ඒ මුදල් රජයට යනවා. රජය ආරක්ෂා වෙන්නේ මෙවැනි ආයතන නිසා‘ යැයි ද ඇමැතිවරයා එහිදී කීවේය.
ජය කන්ටේනර් ටර්මිනල් වෙතින් මිලියන 77 ක ලාභයක්
1
hp_train_0750
(ඩී. කේ. රත්න සහ සමන් පාලිත) හල්දුම්මුල්ල වෑඑළිය මීගස්තලාව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට ඇද තිබූ විදුලි රැහැනක පැටලී අද (05) වන අලියෙකු මියගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය පවසයි. ගම්මිරිස් සහ කුරුදු වගා කර ඇති ඉඩමකට ඇද තිබූ විදුලි රැහනක පැටලී මෙම වන අලියා මියගොස් තිබේ. වැල්ලවාය කොස්ලන්ද ප්‍රදේශයේ වන රක්ෂිතවල ජීවත්වන වයස අවුරුදු 20ක පමණ වන අලියෙකු මෙම විදුලිසැර වැදීම නිසා මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.  මෙම වන අලියා කාලයක සිට වෑඑළිය ප්‍රදේශයේ වගාබිම්වලට පැමිණ වගාබිම් විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.(ඡායාරූප - සමන් පාලිත)  
විදුලි රැහැනක පැටලී වන අලියෙකු මරුට
1
hp_train_0751
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,022 දෙනකු අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,85,302 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 1,597 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,12,812 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.(ඩයනා උදයංගනී) කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,022 දෙනකු අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,85,302 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 1,597 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,12,812 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොවිඩ් ආසාදිතයන් තව 1,742ක්
0
hp_train_0752
ඩි.ජී.සුගතපාලපසුගිය (09) දහවල් කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලද හිනිදුම රෝහලේ ගිලන්රථ රියදුරුට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇතැයි කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු පැවසිය.මෙම ගිලන් රථ රියදුරු පසුගිය 5 වනදින සිට රෝහල් පරිශ්‍රයේ නිල නිවාසයේ සිට නිරෝධායනය වෙමින් සිටියදි වැඩිදුර පරික්ෂණ පැවැත්විම සඳහා (09)දින දහවල් සුව සැරිය ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇත.එහිදි කරන ලද පරීක්ෂණයේදි අනාවරණය වි ඇත්තේ ඔහුට කොරෝනා වයිරසය ආසාදනයවි නොමැති බවය.මෙම ගිලන් රථ රියදුරුගේ මිතුරෙකු කොරෝනා ආසාදනයවු මතුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ඇසුරු කිරිම නිසා මෙසේ සැකපිට වැඩිදුර පරික්ෂණ සඳහා කරාපිටිය රෝහල වෙත එවා තිබිණි. 
කොරෝනාදැයි පරීක්ෂාවට හිනිදුම රෝහලේ ගිලන් රථ රියදුරු කරාපිටියට
0
hp_train_0753
(අශෝක තිලකරත්න ) අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා වූ අයවැය ඒකමතිකව සම්මත විය. සභාපති ගාමිණී වීරබද්දන මහතා විසින් මෙවර ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කරනු ලැබීය. එම අයවැය ලේඛනයට අනුව 2019 වසරේ දී අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ අපේක්ෂිත ආදායම රුපියල් 54,358,318ක් වන අතර අපේක්ෂිත වියදම රුපියල් 51,358,876ක් වේ.
අගුණකොළපැලැස්ස ප්‍රා. සභාවේ අයවැය සම්මතයි
0
hp_train_0754
(මුදිතා දයානන්ද සමග මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවිතයක්, සියලු දෙනාට සම අයිතීන් හිමිවන සමාජයක් අත්කර දීමෙන් මෙහා අපේ ගමන නවතින්නේ නෑ. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම දහසය වැනිදාට ඉටු කරන්න යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) පැවසීය.ඔහු මෙසේ පැවසුවේ මහරගම නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය අමතමිනි.එහිදී වැඩිදුරටත් දිසානායක මහතා මෙසේද පැවැසීය.“මේ මැතිවරණයට ප්‍රධාන කඳවුරු තුනයි. ඒත් අපි දකින්නේ ප්‍රධාන කඳවුරු දෙකක් ලෙසයි. අපි එක පැත්තක. අනෙක් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ඉන්නේ එක කඳවුරක. ජනතාවට තෝරගන්න තිබෙන්නේ රට හදන එකට වැඩපිළිවෙළක් තිබෙන කඳවුර තෝරාගන්නවාද, වසර 71ක් තිස්සේ රට විනාශ කළ කඳවුර තෝරා ගන්නවා ද කියලයි. හොරුන්, දූෂිතයන්, මංකොල්ලකාරයන් ඉන්න කඳවුර තෝරගන්නවාද. හොරුන් සහ දූෂිතයන්ගෙන් තොර රට වෙනුවෙන් කැපවූවන්ගේ කඳවුර තෝරාගන්නවාද කියලයි.ඒත් කාලයකදී මේ රට තිබුණේ එක පවුලක් අතේ. සියලු ආයතන තිබුණේ ඒ පවුල අතේ. ආර්ථික මර්මස්ථාන තිබුණේ ඒ පවුල අතේ. අඩුම තරමින් දේවාල ටිකවත් ඉතුරු කළේ නැහැ. ඒවායේ බස්නායක නිලමේවරුන් කළෙත් ඒ පවුලෙන්මයි. ඒ වෙනුවෙන් පනත් පවා සංශෝධනය කළා. ඒ පාලනයට එරෙහිව ගිය අයට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්න.බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු රතුපස්වල ජනතාවට වෙඩි තිබ්බා. දෙන්නෙක් ඝාතනයට ලක්වුණා. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනාපු වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කළ වැඩ කරන ජනතාවට වෙඩි තියලා රොෂේන් චානක කියන තරුණයා ඝාතනය කළා. එවන් පාලනයක් යළි මේ රටේ ස්ථාපිත වීමට අපි ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අපි කියන්න ඕනෑ එදත් ඒ ජනාධිපති පාලනයට බයේ අපි හැංගුණේ නැහැ. අදත් බය නැහැ. හෙට බයවෙන්නෙත් නැහැ. සමහරු ඒවාට මුහුණ දෙන්න බැරිව ජනතාව බියවද්දමින් ඉන්නවා. ඒත් මේ වේදිකාව ඔය කොයි දේටත් මුහුණ දෙන්න පුළුවන් වේදිකාවක්.හොරුන්ට, දූෂිතයනට දඬුවම් දෙන්න බලයට පත්වුණ ඊළඟ ආණ්ඩුව බලයට පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මහබැංකුව කොල්ලකෑවා. ඔවුන්ට පුළුවන්ද ඊට පස්සේ හොරුන්ට දඬුවම් දෙන්න. ආණ්ඩුවේ සල්ලිවලින් ඇමැතිවරු බිස්නස් කරන්න පටන් ගත්තා. අධිවේගී මාර්ගවලින් හොරකම් කළා. වරායෙන් හොරකම් කළා. ඩොලර් කෝටි 3500ක් වටිනා වරායේ සතු ඉඩම් ටික ඩොලර් කෝටි දෙදහාටත් අඩු ගාණකට දුන්නා. ඇයි ඒ? කොමිස් කුට්ටියට.රටටම තෙල් බෙදන්න පුළුවන් තෙල් ගබඩා කර තැබිය හැකි තෙල් ටැංකි අපි සතුව තිබෙනවා. මේ ආණ්ඩුව ඒ ටික ඉන්දියාවට විකුණන්න සැලසුම් ගැහුවා.මේ කඳවුරු දෙකම හොරුන්ගෙන් පිරිලා. දූෂිතයන්ගෙන් පිරිලා. සදාචාරාත්මකව ඔවුන්ට ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න බැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී හේතු ගැන කියලා තමයි ඡන්දේ ගත්තේ. ඒත් මෙදා පාර දෙගොල්ලෝම හොරු ගැන කතා කරන්නේ නෑ. මොකද එහෙම කරන්න නම් තමන් ළඟ ඉන්න හොරු හිරේ දාලා ඉන්න වෙනවා.හොරකමෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර පාලනයක් බිහි කළ හැක්කේ ජාතික ජන බලවේගයකට පමණයි. මේ හොරු, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ පිරුණු කඳවුරු දෙකම එකට තියලා පරද්දන්න අපට පුළුවන්.තවමත් ඔබ අපට ඡන්දෙ දෙන්න හිතාගෙන නැතිනම් ඔබෙන් අහන්න ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ හැක්කේ කාටද? නීතිය තමන්ට ඕනෑ හැටියට හැසිර වූ තමන්ට ඕනෑ හැටියට නීතිය නවාපු තමන්ට ඕනෑ අය එළියේ තියලා තමන්ට විරුද්ධ අය හිරේ දාපු පාලනයක් ඔබ නැවත බලයට ගේන්න සූදානම්ද?මේ අයට ගැටුම් නැතිව පාලනය අරන් යන්න බැහැ. එකම ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් සහරාන්ලටත් පඩි ගෙවනවා. සිංහල ජාතිවාදීන්ටත් පඩි ගෙවනවා. ඒ අය ඒ මුදල්වලින් ජාතිවාදය අවුස්සනවා. පසුගිය අප්‍රේල් මාසයේදී පල්ලි තුනකට, සංචාරක හෝටල් තුනකට පහර දුන්නා. බෝම්බ ගැහුවා. සිය ගණනක් මිය ගියා. එය ම්ලේච්ඡ ප්‍රහාරයක්. අපි කවුරුත් ඒ සිදුවීමෙන් කම්පනයට පත්වුණා. ඒත් සමහර කෙනෙක් උණුසුමේම ඇවිත් කිව්වේ මම හිටියා නම් මේක වෙන්නේ නෑ කියලා. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා, ජනාධිපති වෙලා ජාතිවාදය නැති කරනවා කියලා. අන්තවාදී ගැටුම් තමන්ට ඕනෑ විදියට ප්‍රයෝජනයට ගත්තා.අනෙක් කණ්ඩායම මොනවාද කළේ. කිසිදාක පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රශ්නයක් ගැන කතා නොකර ගම් මට්ටමයි, බිම් මට්ටමයි, තම්මැට්ටමයි ගැන කතා කරමින් හිටියා. දැන් සජින් වාස්ලා ඉන්නෙත් ඒ කඳවුරේ. ඉතින් මොනවද එයාලට ඡන්දෙ දීලා.අපේ රටේ පොලිසිය ඉතාමත් දක්ෂයි. ඔවුන්ට පුළුවන් මූණ දිහා බලලා හොරා හඳුනාගන්න. ඔවුන්ට අල්ලන්න බැරිවුණේ දේශපාලනඥයන් මැදිහත්වූ හොරකම් වංචා අපරාධ පමණයි. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍යය සුරකින පාලනයක් ඇති කළ යුතුයි.අද සමහරු උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ කරේ නැගලා උතුරට යද්දි තව කෙනෙක් උතුරේ වෙනම පාලනයක් ගැන හීන දකින දෙමළ ජාතික සන්ධානයේ කරේ නැගලා උතුරට යනකොට අපි ඒ කවුරුවත් නැතිව උතුරට ගියා. තනියම නොවෙයි. මේ වේදිකාව නියෝජනය කරන ජාතික ජන බලවේගය සමග. උතුරේ ජනතාව බොහොම හරසරින් අප පිළිගත්තා.අපි සෑම ආකාරයෙන්ම හිංසනය හෙළාදකිනවා. කිසිම පුද්ගලයකු තවත් කෙනකුගේ හිංසාවට ලක්විය යුතු නැහැ. අඩුම තරමින් ගුරුවරයකු දරුවකුට ගැසීමත් අපි ප්‍රතික්ෂේප කරනවා. දරුවෝ හදන්න, ගහන්න අවශ්‍ය නැහැ. ආදරයෙන් ඔවුන් නිවැරදි ලෙස හදන්න පුළුවන්.සමහර දරුවෝ මාපියන්ට සලකන්නේ නෑ. සමහර දරුවෝ තාත්තා බලු කූඩුවේ දාලා හිංසනයට ලක්කළ හැටි අපි දැක්කා. අම්මලා පාරේ දාලා අතරමං කරලා යන හැටි අපි දැකලා තියෙනවා. අපි මාපියන් සුරක්ෂිතව රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.ආබාධිතයන්ගේ ජීවිතය අද සුරක්ෂිත නැහැ. ඔවුන්ට තමාගේ කටයුතු තනිවම කරගන්න බැරුව අසරණ වෙනවා. ඒ අයත් සම අයිතිවාසිකම් සහිතව රැක බලා ගන්නා සමාජයක් අපි ඇති කරනවා.කාන්තාවන් හා පිරිමින් අතර තිබෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පමණයි. එහෙත් අද මේ වෙනස නිසාම බරපතළ ලෙස හිංසනයට ලක්වෙනවා. ඔවුන්ටද සම අයිතීන් ලබාදී ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා.රෝගීන්ගේ අයිතීන් ආරක්ෂා කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි නායකත්වයක් තමයි අද මේ වේදිකාව නියෝජනය කරන්නේ. හැමදාමත් ජනතාවගේ සිට නිර්මාණ සිදුකළ කලාකරුවන් මේ වේදිකාවේ ඉන්නවා. නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ආචාර්ය, මහාචාර්යවරුන් මෙතන ඉන්නවා. මෙතන කිසිවෙක් නැහැ මහජන දේපල කොල්ලකාපු අය. කුඩා කුඩා හේතු මත මේ දේශපාලනය අත්හැරීමට අපි කිසිවෙක් සූදානම් නැහැ.අපි මරණය පෙනි පෙනී දේශපාලනය කළ අය. ජයග්‍රහණයන් පරාජයන් ද පසුබෑම් සියල්ල හමුවේ මේ රටේ ජනතාවට නව ජීවිතයක් උදාකර දීමේ වගකීම අත්හැරියේ නැහැ. එක් මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා ගත වූ වසර තිහ ගැන දුකක් හිතෙන්නේ නැද්ද කියලා. නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් මට කළ හැකි උපරිමය කළා කියන සතුට මට තිබෙනවා. ජනතාවට සතුටෙන් සමාදානයෙන් ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ සටන ජය ගැනීමෙන් මෙහා අපි නවතින්නේ නැහැ” යැයි ද දිසානායක මහතා කීය.ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාඅපි දැනටමත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. රට ගැන කැක්කුමක් ඇති, අවංක, හොරු, දූෂිතයන් නොවන විද්වතුන් කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගෙන් මේ වේදිකාව පුරවන්න අපට හැකිවීම අපේ ජයග්‍රහණයක්. ඔවුන් සමඟ එක්ව එක් පෙරමුණක් හදන්න හැකිවීම අපි ලැබූ ජයග්‍රහණයක්.අපි දේශපාලනයේ දිශානතිය වෙනස් කළා. මේ රටේ ජනතාවට කැත නැතුව ඡන්දෙ දෙන්න තැනක් අපි හැදුවා. ඒ නිසා දෙන්නෙක් අතර තිබූ ජනපතිවරණය සටන අපි තුන්කොන් සටනක් කළා.ඒ නිසා දැන් දෙවැනි මනාපයත් හිඟා කන තැනට සමහර අපේක්ෂකයන් පත්වෙලා. ඒ වෙනුවෙන් අපි කිව්වා කියලා බොරු ප්‍රචාරයන් යවනවා.අද ඉන්න හිතෙන රටක් ගැන ප්‍රචාර යැව්වට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉන්න හිතෙන්නේ නැති රටක්. ඒ නිසා අපේ කාන්තාවන් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන මැද පෙරදිග යනවා. තරුණයන් ජපානයට, ඕස්ටේ්‍රලියාවට, කොරියාවට හොරෙන් පැනගන්න හදනවා.අන්තිමේදී හිරේ විලංගුවේ වැටෙනවා. වීසා හදා ගන්න, රස්සාවක් හොයාගන්න පුළුවන් වුණ තරුණ තරුණියන් කොහේ හෝ වෙන රටකට පැනගන්නවා.දුප්පත් ජනතාව විතරක් නෙවෙයි බලය ගන්න එන සමහරුන් මේ රට ජීවත් වෙන්න සුදුසු රටක් ලෙස දැක්කේ නැහැ. බලය ගන්න හොඳ වුණාට ජීවත්වෙන්න මේ රට හොඳ නැහැ. ඒකයි එයාලත් පෙන්වන්නේ.අද අපේ රට බිමට වට්ටලා තිබෙන්නේ. අපේ රට ඉතිහාසයේ ගෞරවනීය තැනක තිබුණේ. මහා දැවැන්ත වාරිමාර්ග කළේ ලෝකෙට ණයවෙලා නෙවෙයි. අද පාරට කාපට් දාන්න බැහැ චීනෙන් සල්ලි දුන්නේ නැත්නම්, චීන සමාගම් ආවේ නැත්නම්. මොකක්ද මේ අපි වැටිලා තියෙන තැන.අපේ සමාජ ජීවිතය බිඳ වැට්ටුවා. හැමෝම ඡන්ද ගන්න ජාතිවාදය භාවිත කරනවා. එක පැත්තක් ජාතිවාදය අවුස්සනකොට තව පැත්තක් ජාතිවාදීන්ට කප්පම් දෙනවා.සමහරු කියනවා දුන්නට වැඩක් නැහැනේ, අනුරට දිනන්න බැහැනේ කියලා. ඔය කියන හැමෝම අනුරට දීලා බලන්නකෝ, දන්නෙම නැතුව දිනලා තියේවි. මේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අන්තිම දවස හෙට අනිද්දා. මේ දවස් දෙකේ බොරු ප්‍රචාර යාවි. දැනටමත් දෙවැනි මනාපයක් ගැන බොරු ප්‍රචාර යවනවා. අරයා මෙයා කිව්වා කියලා බොරු කියනවා. අපි දෙවැනි මනාපය ගැන කතා කරන්නෙත් නෑ. දෙවැනි මනාපයක් ඉල්ලන්නෙත් නෑ. එකම මනාපයයි. එකම ඡන්දයයි අපි ඉල්ලන්නේ. ජනතාවගේ කැමැත්ත අනුව දෙවැනි තුන් වැනි මනාප භාවිත කළාට අපේ අමනාපයක් නෑ.  පාර වැරදුණ රටකට මගපෙන්වන ලකුණ මාලිමාව අරන් අපි ආවා. අපි හරි පාර පෙන්නුවාට ඒ පාරට ජනතාව හරවාගන්න ඕනෑ. අපි ඔබට කියනවා මේ රටත් ජනතාවත් හරි මගට ගන්න ඔබ සියලු දෙනා මාලිමාවක් වන්න.නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,අපි හැමෝටම හීනයක් තිබෙනවා අපේ රටේ සතුටින් ජීවත්වීමට. අපි ප්‍රශ්නවලට උත්තර හැටියට පෞද්ගලිකව නොයෙක් දේ කළා. ළමයින්ට පොත් අරන් දුන්නා. බෑග් අරන් දුන්නා. ඔය වගේ නොයෙක් දේවල් කළා. ඒත් දුප්පත්කම එහෙමමයි. ඊට පස්සේ තමයි මම කල්පනා කළේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා. ඉතිං මම ඒකට ජේ.වී.පී. එකත් සමග එකතුවුණා. මේ වේදිකාවේ ඉන්න ලැබීම ගැන මම සතුටුවෙනවා.ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා,මෙතැන රටම හොරකම් කරගෙන කාපු බොරු දේශප්‍රේමීන් නැහැ. මෙතැන දූෂිතයන් නැහැ. වංචාකාරයන් නැහැ. ජාතිවාදින් නැහැ. මෙතන ඉන්නේ එකම ජාතියයි. ඒ තමයි මනුෂ්‍ය ජාතිය. අපි හැමෝම එකම තලයකට අයත් එකම ජාතියකට ඒ කියන්නේ මනුස්ස කුලයට අයත්වූවන්. මේ රට තියෙන්නේ වළක වැටිලා. ඒ වළෙන් ගොඩ අරන් මේ රටේ ජනතාවත් සමග රට හදන්න ජාතික ජන බලවේගයට විතරයි වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ නිසා ඒ වටා එකතුවෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක මහතා,මේ රට අද පත්වෙලා තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න දන්දීලා බැහැ. එකට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩ පිළිවෙළ තියෙන්නේ ජනතා ජන බලවේගයට පමණයි. රට හදන්න හොඳ දැක්මක් අවශ්‍යයි.ජාතික ජන බලවේගය ගොඩනැගුවේ ජනාධිපතිවරණයෙන් අවසන් කරන්න නෙවෙයි. මේ රටට හොඳ දේශපාලන නායකත්වයන් අවශ්‍යයි. ඒ නායකත්වය ලබාදෙන්න අනුර සහෝදරයාට පුළුවන්. ඔහුට පාර්ලිමේන්තුව තුළ වසර විස්සක අත්දැකීම් තිබෙනවා. ඒ වසර විස්ස පුරා කවුරු විපක්ෂයේ හිටියත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළේ ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුයි. මහාචාර්ය චන්දන අබේරත්න මහතා,මෙහිදී අලුත් පියාපත් සංවිධානය වෙනුවෙන් නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මහත්මියත් මෙහිදි අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය ප්‍රභා මනුරත්න, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා, රංගන ශිල්පිනි දීපානි සිල්වා,  ජාතික ජනබලවේගයේ නියමුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 
වැඩ කරන ජනතාවගේ අරගලයට නායකත්වය දෙන්න අපි සූදානම්
0
hp_train_0755
(සුජිත් හේවාජුලිගේ)විදේශවල සිට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු භාණ්ඩවල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂා කර නුසුදුසු භාණ්ඩ වෙළෙඳ පොළෙන් වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ වවුනියාව වෙඩිවෛත්‍යකල්ලු බෝගස්වැව විදුහල් භූමියේ දී පෙරේදා (3) වැනිදා පෙරවරුවේ පැවැති ගම සමග පිළිසඳර වැඩසටහනේ දීය.මෙය එම වැඩසටහන් මාලාවේ 17 වැනි වැඩසටහන වූ අතර උතුරු පළාතේ පැවැත්වූ පළමු වැන්නයි.වර්තමානයේ කතා බහට ලක්ව ඇති මාතෘකා කෙරෙහි මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා පරිභෝජනය සඳහා ආනයනය කෙරෙන සියලුම ද්‍රව්‍යවල ප්‍රමිතිය මෙහිදී නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන බව ද පැවැසීය. ආනයනික පොල් තෙල් තොගයක් පරිභෝජනයට නුසුදුසු බව පසුගියදා හඳුනා ගැනීමට හැකි වූයේ පරික්ෂණවල ප්‍රතිඵලයක් විදියට බවත් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් පාරිභෝගික ද්‍රව්‍ය ප්‍රමිතිය සහතික කිරීම අදාළ ආයතනවල වගකීම බවත් ඔහු පෙන්වා දුන්නේය.තමා බලයට පැමිණ ගත වූ කෙටි කාලයේ දී ඉටුකළ කාර්යභාරය පැහැදිලි කළ ජනාධිපතිවරයා පරිසරයට බලවත් හානියක් කරමින් තිබූ කටු පොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කළ බව කීය. පොල් තෙල් පරිභෝජනයේ ගුණාත්මක ප්‍රතිඵල හඳුනාගෙන ෆාම් ඔයිල් ගෙන්වීම නතර කෙරුණු බවත් පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් පැවැසීය.මවුපියන් රැක බලා ගැනීමට සිදුවීම නිසා ඇතැම් භික්ෂූන් වහන්සේලාට ශාසනික මෙහෙවර ඉටු කිරීමට අපහසු වී ඇති බැවින් ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව මත රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන් රැකියාවක් දීමට තීරණය කළ බව ද ජනාධිපතිවරයා හෙළි කළේය.වවුනියාව දිස්ත්‍රික්කයේ ජල හිඟය පිළිබඳ ජනතාවගෙන් පළ වූ අදහස්වලට සවන් දුන් ජනාධිපතිවරයා දශක ගණනාවක සිට පවතින පානීය ජල ගැටලුවට වසරක දී විසඳුම් දීමට පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.දිස්ත්‍රික්කයේ ජන ගහණයෙන් සියයට 92ක් පානීය ජල හිඟයෙන් පීඩා විඳින හෙයින් කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවෙන ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා රුපියල් කෝටි 6000 ක් වෙන් කිරීමටත් ප්‍රදේශයේ සියලුම නළ ළිං ප්‍රතිසංස්කරණය සහ ප්‍රජා ජල ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමටත් තීරණය විය.දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරු හිඟය ගොඩනැගිලි සහ මේස පුටු හිඟයට ඉක්මනින් විසඳුම් අවශ්‍ය බව ජනතාව පෙන්වා දුන්හ. ඒ පිළිබඳ තොරතුරු හා සංඛ්‍යා ලේඛන සපයාගෙන අවශ්‍යතාව අනුව මුදල් වෙන් කරන්නැයි ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.වවුනියාව නගරයේ සිට කිලෝ මීටර් 38 පමණ දුරින් නැගෙනහිර හා දකුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවියට හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ටත්, බටහිරින් නන්දිමිත්‍ර ගම්මානයටත් මායිම්ව වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබේ. බෝගස්වැව 1, බෝගස්වැව 2, කම්බිලිවැව, වෙඩිවෛත්‍යකල්ලු, කෝවිල්පුලියන්කුලම සහ වෙහෙරතැන්න යන ගම්මාන ග්‍රාම සේවා වසමට අයත්ය. පවුල් 478 කින් සමන්විත වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමයේ ජනගහනය 1520 කි. වී සහ හේන් ගොවිතැන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.ගම සමග පිළිසඳරට සහභාගි වීමට බෝගස්වැවට පැමිණි ජනාධිපතිවරයා බෝගස්වැව මහා විද්‍යාලය දක්වා යන මාර්ගය දෙපස රැස්ව සිටි ජනතාව සමග කතා බහ කරමින් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටලු විමසීය.එස්.එල්.ටී. මොබිටෙල් ආයතනය බෝගස්වැව මහා විද්‍යාලයට සහ නෙදුන්කර්නි මහා විද්‍යාලයට පිරිනැමූ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දෙකක් හා ඩයලොග් ආයතනය පිරිනැමූ රූපවාහිනි යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට බාර දීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය සඳහා පොත් කට්ටල ජනාධිපතිවරයා විසින් පාසල්වලට පිරිනමනු ලැබීය. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500 කි.හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය පසුගියදා ආරම්භ කෙරිණ. ජනාධිපති වවුනියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පවුල් පහකට සංකේතාත්මකව දීමනා පත්‍ර ප්‍රදානය කළේය.ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මෙහෙයවන පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව තුනක් බෝගස්වැව ගම්මානයේ වැව් 16ක්, කිවුල්ඔය ව්‍යාපෘතිය ඇතුළු වැව් 17 ක් ප්‍රතිසංස්කරණයට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.පුරා විද්‍යාත්මක උරුමය ආරක්ෂා වෙන පරිදි ප්‍රදේශයේ විහාරස්ථාන සංවර්ධනය කළ යුතු බවට ද ජනාධිපතිවරයා සඳහන් කළේය.වන අලි තර්ජනයට ගොදුරු වී සිටින ගම් ආරක්ෂා කරනු පිණිස විදුලි වැට ඉදිකිරීමට ද තීරණය විය.බෝගස්වැව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට හැකි පරිදි සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ.ප්‍රදේශයේ රෝහල්වල වෛද්‍ය, හෙද හා සෙසු කාර්ය මණ්ඩල හිඟය පියවීමටත්, යටිතල පහසුකම් සහ අවශ්‍යතා සම්පූර්ණ කිරීමටත් ජනාධිපතිවරයා නියම කළේය.දීර්ඝ කාලයක සිට පවතින ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු කඩිනමින් නිරවුල් කර කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට ගම්මුන්ට පහසුකම් සැලසීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.මේ අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස්, වවුනියා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන් හා කුලසිංහම් තිලීපන් යන මහත්වරුන් ද ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් ද සහභාගි වූහ. 
ගාල්ලේ පාසල්වල ඉංග්‍රීසි ගුරු හිඟය විසඳන්නැයි ජනපතිගෙන් උපදෙස්
0
hp_train_0756
ලියුම් පෙට්ටිය අසල කාඞ් බෝඞ් පෙට්ටියකි. කාඞ්බෝඞ් පෙට්ටියේ බලුපැටවුන් ගොඩකි. උදෑසන තැපැල් කාර්යාල සමීපයේ ඇති මේ දසුන කාගේත් නෙතට සංවේගයක් ඇති කළේය. එකම වර්ණයෙන් එකම ප්‍රමාණයෙන් යුතු මොවුන් දෙස බලමින් අනේ මේ කිරි බොන පැටවු මොන හිතකින් මෙතැනට ගෙනත් දැම්මද? කන්න බොන්න දෙන්න බැරිනම් මොකටද මේ සත්තු හදන්නේ යැයි ඇතැමෙක් කී අතර ඇතැමෙක් අනේ හරි ලස්සන බලු පැටව් පොමනේරියන් වගේ මෙතැන පිරිම සත්තු ඉන්නවද දන්නේ නැහැ යැයි ද කීහ.කාර්යාලයේ සේවකයන් ආහාර ආදියෙන් සංග්‍රහ කිරීම නිසා නිතර ඒ අසල සුනඛයින් බළලුන් ආදිය අඩුවක් නොවීය. එනිසාත් මෙම පැටව් පිරිසත් හොඳින් ඇති දැඩි වෙතැයි සිතා මෙතැනට ගෙනැවිත් දමන්න ඇතැයි තවත් ඇතැමෙක් කීහ.කෙසේ නමුත් නොහොබිනා ක්‍රියාවක්වූ මෙම බලු පැටවුන් කාර්යාලය අසලට ගෙනැවිත් දැමූ පුද්ගලයා සොයා ගැනීමට කාර්යාල ලිපිකරුවෙක් රහස් මෙහෙයුමක් ක්‍රියාවට නැංවූයේය. ඒ සඳහා බලු පැටවුන් තැපැල් කාර්යාලය අසලට ගෙනැවිත් දැමූ පෙට්ටියේ තිබූ පුවත් පතක කොටසක් සාක්ෂි වශයෙන් තබාගත්තේය. තව ටික දවසකින් මම මේ පරීක්ෂණය අනුව බලු පැටවුන්ගේ අයිතිකාරයින්ව කියන්නම්. බොහෝ දෙනා මවිත කරමින් ඔහු කීවේය.දිනක් එක් තරුණියක් තැපැල් කාර්යාලයට පැමිණියේය. යම් කිසි සේවාවක් ඉටු කරගත් ඇය පිටත් වෙන්නට හදද්දී ඉහත සේවකයා ඇයට මෙසේ කීවේය. නංගී ඔයාලගේ බලු පැටව් හොඳින් ඉන්නවා එයාලව අතරමං කළාට ස්තුතියි කියන්නත් කිව්වා. අපේ ගරාජ් එක කට්ටියට ගෙදරට වඩා හොඳයිලු.ඇයට කිසිවක් කර කියා ගත නොහැකි විය. සියල්ල හෙළිවී ඇති බැව් හැඟුණි. ඇය ලජ්ජාවෙන් ඇඹරෙමින් මෙසේ පැවැසුවාය.‘අනේ අයියේ බලන්නකෝ අපේ තාත්තාගේ වැඩනේ. අහල පහල අයගෙන් වදේ කියලා මෙතැනට ගෙනත් දාලානේ. එසේ කී ඇය තැපැල් කාර්යාලයෙන් ලජ්ජාවෙන් පිටවී ගියාය.ඒත් සමගම අනෙක් පිරිස පුදුමයෙන් මෙසේ ඇසූහ.කොහොමද හරියටම ඒ ගෙදර අයයි බලු පැටව් ගෙනාවේ කියලා කිව්වේ.එවිට සේවකයා මෙසේ කීය.මේ තියෙන්නේ එදා අර බලු පැටව් ගෙනත් දමාපු පෙට්ටියේ තිබුණු කාඩදාසියක්. මේක ගිය සතියේ ගැසට් පත්‍රයක පිටුවක්. මේකේ හරියටම එක තැනක් හයිලයිට් කරලා පෑනකින් ලකුණු කරලා. ඉතින් මේකට ඉල්ලුම් කළ කෙනා ලියාපදිංචි ලිපියකින් අදාළ කටයුතු සම්පූර්ණ කරන්න මෙතැනට ඒවි කියලා මම හිතුවා. ඒ වගේම මේ පත්තර කඩදාසියේ තිබුණු අත් අකුරු කිහිපයකුයි ඒ ළමයාගේ අත්අකුරුයි හරියටම හරි. ඒකයි මම එහෙම කිව්වේ.(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)
බලු පෙට්ටියේ පත්තර කෑල්ල රහස හෙළිකරයි
0
hp_train_0757
සිතුම් චතුරංග - කිලිනොච්චිය සිටමෙරට දරු පරපුර දැනට සමාජය තුළ පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා රජයක් ලෙස පුළුල් අවධානයකින් කටයුතු කළයුතු බවත් ඒ සඳහා සියලු පාර්ශ්ව කොන්දේසි විරහිතව සිය දායකත්වය ලබා දිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිලිනොච්චියේදී අද (18) පැවසීය.ලෝක ළමා ප්‍රඥප්තියට අනුව ලෝකයේ සෑම රටක්ම දරුවන්ගේ සෞඛ්‍ය , අධ්‍යාපනය , ආරක්ෂාව  හා සුරක්ෂිත භාවය පිළිබඳ කටයුතු කරන්නාසේම රජය ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කළ බව කීය.ළමුන්ගේ ආරක්ෂාව සලසන ආයතන වලදී ළමුන්ට කරදර විඳීමට සිදුවනවා නම් දරුවන් ගැන කියන්නට තිබෙන්නේ දෙවියන් පමණද කියා විමසූ ජනාධිපතිවරයා රටේ සෑම කෙනෙක්ම දෙවියන් මෙන් දරුවන් රැක බලාගත යුතු බවද සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසූයේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනයේ පැවති දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.වැඩසටහනට සමගාමීව උතුරේ තොරාගත් ළමා නිවාස හා රැදවුම් මධ්‍යස්ථාන නවීකරණය කිරීම සඳහාත් ආබාධිත දරුවන් අධ්‍යාපනය ලබන පාසල් 25ක් සඳහා මුල්‍ය ප්‍රධානය සිදුකළ අතර ප්‍රදේශයේ වකුගඩු රෝගී අවධානමෙන් සිටින දරුවන් මුදාගැනීමට පවුල් 1000ක් සඳහා ගෘහස්ථ ජලපෙරණ ලබාදීමද සිදුකෙරිණ.යාපනය , කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්ක වල යුද හමුදා භාවිතා කළ ඉඩම් අක්කර 120.89 නැවත ජනතාව වෙත පැවරීම සඳහා එම ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පිරිනැමීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා.මම ඉතාමත් සතුටුවනවා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දරුවන් සුරකිමු ජාතික වැඩසටහනට ඔබ සමඟ එක්වන්න ලැබීම පිළිබඳව බොහෝ අවස්ථාවල උත්සවවලදී ජනාධිපතිවරයා කතාකරන්නේ වැඩසටහන අවසානයේ නමුත් අද රැස්වීමේ විශේෂත්වය ජනාධිපතිවරයා මුලින්ම කතා කිරීමයි.එයට හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි දරුවන් රකිමු ජාතික වැඩසටහනේ අරමුණ පැහැදිලි කරන්නේ මම නිසා මා මුලින්ම කතාකරන්න හිතුවා.  මේ දරුවන් රකිමු වැඩසටහනේ ප්‍රධාන වගකීම උසුලන්නේ මම නිසා මා ප්‍රථමයෙන් කතාකිරීමට සිතුවා.අපි මේ දරුවන් කියලා කියන්නේ කවුද? මෙම ස්ථානයේ මමත් , ආණ්ඩුකාරතුමා , මහඇමති තුමා ඇතුළු මැති ඇමතිවරු සිටිනවා එහෙත් අපේ අම්මලා තාත්තලා අපට කියන්නේ දරුවො කියලා තමයි. එහෙම බැලුවොත් අප සැමදෙනාම දරුවො. නමුත් මේ දරුවන් රකිමු මේ වැඩසටහනේ තිබෙන විශේෂත්වය සැබෑ ලෙසම දරුවන් පිළිබඳ හඳුන්වන වයස අවුරුදු දාහතෙන් පහළ සෑම කෙනෙකුම මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණට එක්කර ගැනීමයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනය වශයෙන් දිනයක් නම්කර තිබෙන බව ඔබ දන්නවාද?. ලෝක ළමාදිනයේදී ලෝකයේ සියලු රටවල් දරුවන් වෙනුවෙන් සෑම කෙනෙකුගේම අවධානය යොමුකරන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපි මේ දරුවන් රකිමු කියන වැඩසටහන ආරම්භ කිරීමට කලින් මේ රටේ රජය විසින් ඒ වගේම විවිද අංශ ආයතන මේ දරුවන් පිළිබඳ ව්‍යාපෘති , වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බව ඔබ දන්නවා. අපි මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට ප්‍රධන වශයෙන්ම අරමුණු කරගත්තේ ඇයි කියන කාරණාව මා පැහැදිලි කිරීමට අවශ්‍යයි.දරුවන් අද බොහෝ ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා එය අප රටේ විතරක් නොවෙයි ලෝකයේ සියලුම රටවල් වල දරුවන්ට මුහුණදීමට සිදුවෙලා. නමුත් ආර්ථික වශයෙන් අඩු සංවර්ධනය අඩු  දුප්පත් රටවලට මේ ප්‍රශ්න හුඟාක් වැඩියි. ඒ වගේම යුද්ධය පැවතුණු හා යුද්ධය පවතින රටවල මේ ප්‍රශ්නය වැඩියි. දකුණු ආසියානු රටවල් ගතහොත් දකුණු ආසියාතික රටවල දරුවන්ගේ ප්‍රශ්න හුගාක් වැඩියි.දරුවන් බොහෝ වේලාවට මුලින්ම ප්‍රශ්න වලට මුල්වන ස්ථානය තමන්ගේ නිවසයි. දරුවන් හැදෙන්නේ දෙමාපියන් ඇසුරේ බව ඔබ දන්නවා. නමුත් ඔබ දන්නවා ගෙවල්වල විශේෂයෙන් පවුල් වල තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා දරුවන්ට යම් පීඩාකාරී තත්වයන් ඇතිවෙනවා.ඒ වගේම ඇතැම් වෙලාවට දෙමාපියන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර ගෙදර සිටින දරුවන්ට හිරිහැර කරනවා. සමහර අවබෝධයෙන් අඩු දෙමාපියෝ දරුවන්ට බොහෝ හිරිහැර කරනවා තමන් කියන දේවල් කරන්නේ නැහැ කියා. සමහර දෙමාපියෝ දරුවන්ට බරපතල ලෙස හිරිහැර කරනවා දඬුවම් කරනවා.ඉතා කණගාටුවෙන් කිවයුතුයි ඔබ මාධ්‍ය තුල දකිනවා ඇතැම් වෙලාවට දරුවන් දෙමාපියන් අතින් අපචාරයට ලක්වන අවස්ථා. එවැනි දේවල් යහපත් සමාජයක , ශීලාචාර සමාජයක කිසිසේත් අපට අනුමත කරන්න බැහැ. ඒ නිසා මූලිකම දේ තමයි දරුවන් පීඩාවට , කරදරවලට , හිරිහැරවලට ලක්වන ප්‍රධාන ස්ථානය දරුවන් සිටින නිවස සහ දෙමාපියන් අතරේ සිදුවන බව මුලින්ම කිවයුතුය.මෙහිදී මම කියන්නේ සෑම දෙමාපියකුම එහෙම නැහැ. දෙමාපියන්ට තිබෙන අවබෝධය , නූගත් කම , මත්ද්‍රව්‍ය , බොහෝ වෙලාවට එවැනි ප්‍රශ්න වලට මුල්වෙනවා. ඒ නිසා දරුවන්ට ආරක්ෂිත ප්‍රධාන ස්ථානය නිවස බවට පත්කිරීමට අප සෑම කෙනෙකුම කටයුතු කළයුතුයි. ඒ වගේම දෙමාපියන් ඇසුර වගේම දරුවන් පාසලට යවනවා අපි. පාසලට ගිය විට දරුවාට තිබෙන සුරක්ෂිත භාවය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා.සමහර වේලාවට පාසලේදී දරුවන් ඒ දරුවන් අතර ඇතිවන ප්‍රශ්න වලදී ළමුන්ගේ යම්යම් ප්‍රශ්න හා ගැටුම් වලදී දරුවන් හිරිහැරවලට ලක්වෙනවා. ඒ වගේම කණගාටුවෙන්වුවත් කිවයුතුයි සමහර අවස්ථාවලදී උගත් ගුරුවරුන්ගෙන් දරුවන්ට නොයෙකුත් හිරිහැර කරදර සිදුවෙනවා.‘‘යාපනය විශ්ව විද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යාව පිළිබඳ අංශ ප්‍රධානී කේ කජවින්දන් මහතා සහ යාපනය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. සත්‍යමූර්ති යන මහත්වරුන් විසින් ළමා අපයෝජන සම්බන්ධයෙන් හා ළමුන් පිළිබඳ අවධානය යොමු කරන්නේ කෙසේද යන්න දේශනයක් පැවැත්විය.නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කාදර් මස්තාන් , අංගජන් රාමනාදන් , උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ , උතුරු පළාත් අමාත්‍යවරුන් සහ  කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා , පාසල් දරුදැරියන් , රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් වැඩසටහන සඳහා සහභාගීවී සිටියහ.  
දරු පරපුර බේරා ගත යුතුයි - ජනපති
1
hp_train_0758
(ඩයනා උදයංගනී)බස්නාහිර සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට ඉදිරි දිනවලදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 
නිරිත දිගට දිගටම මහ වැසි
0
hp_train_0759
  ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහි ඒකාබද්ධ ගෝලීය ප්‍රතිචාරයට පහසුකම් සැලසීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණාත්මක නායකත්වයේ කාර්යභාරය සඳහා පූර්ණ දායකත්වය දිය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් පැරිස් සාම සංසදයේ තෙවැනි සමුළුවේ නිල උත්සවය අමතමින් පැවැසීය.‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීමේදී සහයෝගීතාව පෙන්වමින්  එකිනෙකාට උදව් කළ යුතු බවත් මනුෂ්‍ය ජීවිතවලට මුල්තැන දිය යුතු බවත් චීන ජනාධිපතිවරයා කීය.විඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (12) මෙම සමුළුව පැවැත්වුණු අතර චීන ජනාධිපති ෂී ජින්පින්ග් බීජිං නුවර සිට සමුළුව ඇමතීය.මිනිසුන්ගේ යහපැවැත්මට මූලිකත්වය දීම, විද්‍යාවට ගරු කිරීම සහ වඩාත් ඉලක්කගත හා සාමූහිකව ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත් බව ද චීන ජනාධිපතිවරයා කීය.එහිදි තවදුරටත් අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා මෙසේ ද කීය. “පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවට සහභාගී වීමට ලැබීම මට මහත් සතුටකි. සංසදය ආරම්භ කළ අවස්ථාවේ සිටම එහි පාර්ශවකරුවන් ගෝලීය පරිපාලනය වැඩිදියුණු කිරීම, බහුපාර්ශ්වීයත්වය ප්‍රවර්ධනය කිරීම සහ ලෝක සාමය ආරක්ෂා කිරීම පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු කිරීම සඳහා කටයුතු කරනු ලැබීය. මෙම වැදගත් වේදිකාව ඉටු කළ කාර්යභාරය ධනාත්මක සහ වැදගත් වේ. ඒ සඳහා ජනාධිපති මැක්‍රොන්ගේ සහ ප්‍රංශයේ සියලුම දෙනාගේ සියලු උත්සාහයන් අගය කරමි.මේ වන විට ගෝලීය භූ දර්ශනය වේගයෙන් පරිණාමය වෙමින් පවතී. සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන දිගින් දිගටම මතුවෙමින් තිබේ. ජාත්‍යන්තර තත්ත්වය තුළ අස්ථාවරත්වය සහ අවිනිශ්චිතතා  වර්ධනය වෙමින් පවතී. ගෝලීය තර්ජන හා අභියෝග සඳහා ගෝලීය ප්‍රතිචාර අවශ්‍ය වේ. මේ සත්‍යය මූලික  කරගෙන පහත සඳහන් යෝජනා තුන ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි.පළමුව, ‘කොවිඩ්-19’ එරෙහිව සටන් කිරීමේදී අපි සහයෝගීතාවය පෙන්වමින්  එකිනෙකාට උදව් කළ යුතු වේ.  කොරෝනා වයිරසය තවදුරටත් ලෝකය පුරාම විනාශ  ඇති කරමින් තිබේ. අප මිනිසුන් සහ ජීවිතවලට මුල් තැන දිය යුතු අතර, මිනිසුන්ගේ යහපැවැත්මට මූලිකත්වය දීම, විද්‍යාවට ගරු කිරීම සහ වඩාත් ඉලක්කගත හා සාමූහිකව ප්‍රතිචාර දැක්විය යුතුය. ‘කොවිඩ්-19’ ට එරෙහි ඒකාබද්ධ ගෝලීය ප්‍රතිචාරයට පහසුකම් සැලසීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණාත්මක නායකත්වයේ කාර්යභාරය සඳහා අප පූර්ණ දායකත්වයක් ලබා දිය යුතුය.චීනය වයිරසය ගැන ඇති අත්දැකීම් සහ රෝග විනිශ්චය මෙන්ම චිකිත්සාව පිළිබඳ විශේෂඥ දැනුම අඛණ්ඩව බෙදාහදා ගනු ඇති අතර අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සඳහා සහාය ලබා දෙනු ඇත. චීන එන්නත් ගෝලීය වශයෙන් පොදු මහජන යහපත වෙනුවෙන් යොදා ගැනීම සඳහා වූ වැඩපිළිවෙලට චීනය ගරු කරනු ඇත. චීනය ගෝලීය ප්‍රජාවට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට, මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා අවශ්‍යය සූදානම් වීම් වැඩි දියුණු කිරීමට උපකාරී වනු ඇත. අප සැමට එකතු වී, සෑම දෙනා සඳහා වූ ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගිය හැකිය.දෙවනුව, යථා තත්වයට පත්වීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා විවෘතභාවය සහ සහයෝගිතාවය වැළඳ ගනිමු. සති දෙකකට පෙර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ පස්වන සමුළුව පැවති අතර එහිදී  ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා චීනයේ 14 වන පස් අවුරුදු සැලැස්ම සහ 2035 සඳහා දිගුකාලීන අරමුණු සම්පාදනය කිරීම පිළිබඳ නිර්දේශයන් සාකච්ඡා කොට සම්මත කරන ලදී. මෙම වැඩපිළිවෙල චීනයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මූලික වේ.  චීනය අඛණ්ඩව නව සංවර්ධන දර්ශනය අනුගමනය කරනු ඇත. නව සංවර්ධන ආදර්ශයක් පෝෂණය කරනු ඇත. එසේම උසස් තත්ත්වයේ සංවර්ධනයක් කරා ගමන් කරනු ඇත. මේ සඳහා චීනය අවශ්‍යය ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සහ ලෝකයට පුළුල් ලෙස විවෘත කිරීම සඳහා කැපවී සිටිනු ඇත. ගෝලීය කාර්මික හා සැපයුම් දාම ස්ථාවරව තබා ගැනීමටත් විවෘත ලෝක ආර්ථිකයක් පෝෂණය කිරීමටත් චීනය සෙසු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරනු ඇත. දුප්පත්ම රටවල් සඳහා වන ජී 20 ණය සේවා අත්හිටුවීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් කටයුතු කරනු ඇත. චීනය ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාවයට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන අතර අප්‍රිකානු සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාර කරනු ඇත.හරිත ආර් ථිකය මානව ප්‍රගතියේ අනාගතය නියෝජනය කරයි. ප්‍රතිසාධනය ප්‍රවර්ධනය කිරීමේ යතුර ද එය සතුව ඇත. චීනය සහ යුරෝපය යන දෙකම හරිත සංවර්ධනයේ අනුගාමිකයන් වන අතර දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙරටම කැපවී සිටිති. 2030 වන විට කාබන්ඩයොක්සයිඩ් විමෝචනය උපරියෙන් අවම කිරීම සඳහා ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වය ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත. එසේම 2060 වන විට කාබන් නැති තත්වය ළඟා කර ගැනීමට චීනය ප්‍රමුඛව කටයුතු කරන බව මම නිවේදනය කළෙමි.  ලබන වසරේදී චීනය, යුරෝපය සහ ප්‍රංශය ජෛව විවිධත්වය,ලබන වසරේදී චීනය, යුරෝපය සහ ප්‍රංශය ජෛව විවිධත්වය, දේශගුණික විපර් යාස සහ සොබාදහම සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් පවත්වනු ඇත. මෙම ක්‍ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා අපට එවැනි අවස්ථා භාවිත කළ හැකිය.තෙවනුව, ලෝක සාමය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා යුක්තිය තහවුරු කරමු. සාමකාමී සහජීවනයකට අප අනුගත විය යුතුය. අප වෙනත් රටවල සංවර් ධනයට ඇති අයිතියට ගරු කළ යුතුය. අප බහුපාර්ශ්වීයත්වය තහවුරු කරමින්  ඒකපාර්ශ්විකත්වයට, ආධිපත්‍යයට හා බල දේශපාලනයට විරුද්ධ විය යුතු අතර, සියලු ආකාරයේ ත්‍රස්තවාදය සහ අන්ත ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රතික්ෂේප කළ යුතුය. ලෝකයේ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා අප එක්ව කටයුතු කළ යුතුය.එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් වන චීනය සහ ප්‍රංශය ලෝක සාමය සඳහා විශේෂ හා වැදගත් වගකීම් දරති. චීනය සාමකාමී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. චීනය සාමකාමී සංවර්ධනයේ මාවතට කැපවී සිටී. ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මත පිළිපැදීමටත්, එක් එක් කාරණයේ සුදුසුකම් පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය තීරණය කිරීමට ඇති අයිතියට ගරු කරමින්  පටු දෘෂ්ටිවාදාත්මක නැඹුරුව හා ගැටුම්  වලට ඇති නැඹුරුව අභිබවා කටයුතු කරන ලෙස අපි සියලු රටවලින් ඉල්ලා සිටිමු. චීනය, ප්‍රංශය සහ අනෙකුත් රටවල් සමඟ සන්නිවේදනය හා සම්බන්ධීකරණය වේගවත් කිරීමට බලාපොරොත්තු වන අතර ජාත්‍යන්තර හා කලාපීය වශයේ ඇති දේශපාලන ගැටළු විසඳීම සහ ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.චීන කියමනට අනුව, “විශ්වීය මාර්ගය සියලු දෙනාගේම යහපතට හේතු වේ.” සාමය හා සංවර්ධනය අපේ කාලයේ තේමාවයි. ඒවා ඉතිහාසයේ නොනවතින ප්‍රවණතාවයි. මානව වර්ගයා මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින්, රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය.  රටවල් වලට අවශ්‍ය වන්නේ සහයෝගීතාව ඉදිරියට ගෙන යාම මිස ගැටුම් අවුළුවාලීම හෝ වෙන්වීම නොවේ. මානව වර් ගයා වෙනුවෙන් හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට සහ ගෝලීය ප්‍රජාවට වැඩි ප්‍රතිලාභයක් ලබා දීම සඳහා අපි අත්වැල් බැඳ ගනිමු”.  කොළඹ චීන තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙනි - 055 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයට උර දෙන්න චීනය සූදානම්
1
hp_train_0760
(රොමේෂ් මධුෂංඛ)මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ ඉරණපලෙයි ප්‍රදේශයේදී වූ පිපිරීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.මෙම කාන්තාව සිය ගෙමිදුල අතුගා කසල එක් කොට ගෙවත්තේ ස්ථානයකට දමා ගිනි තැබීමෙන් සුලු වෙලාවකට පසුව පිපිරීමක් සිදුව ඇති අතර ඉන් කාන්තාව තුවාල ලබා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බව පොලීසිය පැවසීය.එහිදී පුපුරා ගොස් ඇත්තේ කුමක්දැයි යන්න නිශ්චිතවම අනාවනය වී නොමැති අතර යුද සමයේදී පොළව යට තිබූ කිසියම් බෝම්බයක් හො පුපුරණද්‍රව්‍යක් ගිනි තැබීම හේතුවෙන් පුපුරා යන්නට ඇති බවට පොලීසිය සැක පලකර සිටියි.පිපිරීමෙන් කාන්තාවගේ තත්වය බරපතල නොවන අතර පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.
කසල ගොඩක පිපිරීමකින් අයෙක් රෝහලේ
0
hp_train_0761
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ  බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් පවතින බවත් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘සමහර ස්ථාන වලට  වැසි මිලී මීටර් 100 ට වඩා  ඇතිවී මට ඉඩ ඇත. වෙරළබඩ ප්‍රදේශවල, විශේෂයෙන්ම නිරිත දිග වෙරළබඩ ප්‍රදේශවල, උදය කාලයේදී ද තැනින් තැන වැසි  ඇති විය හැකිය‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259565අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32259070අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32259565උදැසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30259575උදැසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය31259575අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර30219570අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22149580අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය33249560අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය34249570අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32259570අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘පළාත් රැසකට තද වැසි‘
0
hp_train_0762
වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව අශ්‍රිතව සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවීමේ වැඩි හැකියාව තව දුරටත් පවතී.  ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් ඇතැම් ස්ථාන වලට මිලී මීටර් 100 ක පමණ දත වැසි  ඇතිවීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.උතුරු සහ වයඹ පළාත්වල තැනින් තැන උදය කාලයේද වැසි  ඇද හැළේ.උතුරු සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ශ්‍රී ලංකාවවටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශ වල සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
‘මුහුදු ප්‍රදේශවලට තද වැසි‘
1
hp_train_0763
ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වලට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන මිලිමිටර්75 ට වැඩි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ගිනිකොණ වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද  වැසි ඇති වේ.  ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/04/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය36269050සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි ඇති විය හැක.මඩකලපුව33279060උදෑසන කාලයේ වැසි ස්වල්පයක්  සහ  සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි ඇති විය හැක.කොළඹ33269075සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල34269075සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.යාපනය35287560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි ඇති විය හැක.මහනුවර31229570සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය23129570සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය33249570සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය34269065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමන්නාරම33279070සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි ඇති විය හැක.
‘රට අභ්‍යන්තරයට තද වැසි‘
0
hp_train_0764
වැට් බදු ඉහළ යෑම අරබයා දිවයිනේ මතුවෙමින් පවතින විරෝධතා රජයේ අවධානය දිනාගැනීමට සමත්ව ඇති බවක් දැකගන්නට ඇත.අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ද වැඩි තැනක් වෙන්වූයේ මේ සම්බන්ධයෙන්ය.එහිදී අමාත්‍යවරුන්ට, ඔවුනොවුන් යොදාගෙන තිබෙන විදෙස් සංචාර වහා අවලංගු කර, තම තමන්ගේ ඡන්ද බල ප‍්‍රදේශවලට ගොස් මෙම විරෝධතා වලින් ඇතිවිය හැකි අයහපත් ප‍්‍රතිවිපාකයන් සමනය කරගැනීමට වගබලාගන්නා ලෙස ජනපති මෛතී‍්‍රපාල සිරිසේන උපදෙස් දුන්නේය.ජනපති සිරිසේන මෙම මාසය ඇතුළත ජන හඩට ඇහුම්කන් දුන්නේ පිට පිටම දෙවැනි වතාවටය.පළමු වතාවේ ඔහු සිවිල් සංවිධාන වල අදහස් විමසා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ධූර කාල දිගුවක් ලබාදීම වෙනුවට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කළේය.විවිධ කරුණු මුල් කරගෙන රට පුරා නැගෙමින් පවතින විරෝධතා එක්සත් ජාතික පෙරමුණු රජය හමුවේ ඇති නවතම අභියෝගය බවට පත්ව තිබේ.2011 වසරේ මැද පෙරදිග ඇතිවුණු අරාබි වසන්තය හා සමාන තත්ත්වයක් මෙරටද ඇතිවන්නට යන බවක් මෙම විරෝධතා වල ස්වභාවය අධ්‍යනය කිරීමේදී හදුනාගත හැකිය.මහින්ද රාජපක්ෂ සමයේ මෙන් නොව  ඕනෑම පාර්ශවයකට නිදහසේ විරෝධතා වල යෙදීමට දැන් අවස්ථාව තිබෙන බව රජය පවසන්නේය.නමුත් එසේ යැයි කියා කිසිත් නොකර සිටීමට රජයට හැකියාවක් නැත.විරෝධතා පැවැත්වීමට මුල්වී ඇති කරුණු සැළකිල්ලට ගැනීමේදී පැහැදිලි වන්නේ වත්මන් පාලන කටයුතු ගැන ජනතාවගේ පැහැදීමක් නොමැති බවයි.එනිසා විරෝධතා පැවැත්වීමට නිදහස තිබෙනවායැයි එකිනෙකාට සුභපතා ගැනීමට රජයට දැන් කිසිදු හැකියාවක් නැත.යහපාලන න්‍යායන් අනුව ඇත්තෙන්ම සිදුවිය යුත්තේ විරෝධතා පැවැත්වීමට අවශ්‍යතාවක් නොමැති හෝ සුලූවෙන් පමණක් විරෝධතා පැවැත්වීමට සිදුව තිබෙන වාතාවරණයක්, රටේ ඇතිවීමය. බස්නාහිර පළාත - ජූලි 7 පානදුර, මීගමුව, මහරගම, කිරිබත්ගොඩ, ජූලි 8 - ජා ඇල, කලූතර, දකුණු පළාත - ජූලි 7 තංගල්ල, හුංගම, බෙලිඅත්ත, වලස්මුල්ල, වීරකැටිය, කටුවන, මිද්දෙනිය, ඇල්පිටිය, තිස්සමහාරාම, හම්බන්තොට, සූරියවැව, ලූණුගම්වෙහෙර, අම්බලන්තොට, ඌව පළාත - ජූලි 8 වැල්ලවාය, මධ්‍යම පළාත - ජූලි 8 නුවර, සබරගමුව පළාත - ජූලි 7 කුරුවිට, රත්නපුර, බලන්ගොඩ,  ඕපනායක, නිවිතිගල, ගොඩකවල, කලවාන, ඇහැළියගොඩ, කිරිඇල්ල, රක්වාන, අස්ගම, වැලිගෙපොල, කෑගල්ල, ඇඹිලිපිටිය, උඩමලූව, වයඹ පළාත - ජූලි 7 කුරුණෑගල, නැගෙනහිර පළාත, ජූලි 8 අම්පාර, යනාදිය වැට් බදු ඉහළ යෑමට එරෙහිව ගෙවුණ දින කිහිපයේ පමණක් විරෝධතා පැවැත්වුණු ප‍්‍රදේශ වේ.පිළිතුරු දැක්වීමක් ලෙස එක්සත් ජාතික පක්ෂය බ‍්‍රහස්පතින්දා රත්නපුරදී රජය ඔවුන්ගේම විරෝධතාවක් සංවිධානය කළේය.රජයට එරෙහිව නැගෙන විරෝධතා පසුපස සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය නම්, ජනතා විමුක්ති පෙරමුණද රජයට එරෙහිව අවි අතට ගෙන ඇති බවක් පැවැසිය හැකිය.දින හයක් පුරා දිවෙන විරෝධතා මාලාවක් එම පක්ෂය සංවිධානය කර තිබෙන අතර එහි අවසන් විරෝධතාවය පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (10* දිනයේදීය. විරෝධතා මතුවෙමින් තිබෙන්නේ වැට් බදු ඉහළ යෑමට එරෙහිව පමණක් නොවේ.සිකුරාදා අලූයම හයිලෙවල් පාර අවහිර කළ කොස්ගම වැසියෝ සාලාව හමුදා අවි ගබඩා ගින්නෙන් විනාශ වූ තම නිවෙස් හා වෙනත් බඩු බාහිරාදියට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ,ඒ අය අපෙන් තොරතුරු අරගෙන, පොරොන්දු දීලා යන්න ගියා.අපි තවමත් බලාගෙන ඉන්නවා., නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ කොස්ගම වෙසෙන රජයේ නිලධරයෙක් පැවසූවේය.ගින්නෙන් ඔහුගේ නිවස හා පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල විනාශව ගොසිනි. අනෙක් පසින් වෙරළබඩ දුම්රිය මාර්ගය අවහිර කළ දකුණේ ධීවරයෝ ධීවර යාත‍්‍රා ගැඹුරු මුහුදට යොමු කිරීම පහසු වන සේ වෙරළ ආසන්නයේ ඇති ගල් කඩා දමන බවට මුලින් දුන් පොරොන්දුව ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.මේ හමුවේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවිය.ශී‍්‍ර ජයවර්ධනපුර සරසවි ශිෂ්‍යයෝ සිකුරාදා දිනයේදීත් නුගේගොඩ නගරයේ විරෝධතාවක නියැලූණහ. මෙම විරෝධතා වල අනිටු ප‍්‍රතිවිපාක කිහිපයකි.එයින් ප‍්‍රධානම වන්නේ නීතිය හා සාමය සුරැුකීමට පැවරී තිබෙන වගකීම පසෙකලා විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසියට මැදිහත් වන්නට සිදුව තිබීමය.බොහෝ විට කාර්යබහුල වේලාවන්හි දී පැවැත්වෙන මෙම විරෝධතා නිසා වටිනා කාලය නාස්ති කරමින් මහමග රැුදී සිටින පොදු ජනතාවට සිදුවන අපහසුතාවයන්ද ඊට දෙවැනි නැත. අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල හමුවට ප‍්‍රථමයෙන් ජනපති සිරිසේන, සහ මුදල් ඇමැති රවී කරුණානායක මහතා වෙළඳුන් කණ්ඩායමක් සමත විශේෂ සාකච්ඡුාවක් පැවැත්වූහ.වැට් බදු ඉහළ යාම ගැන වැඩි අවධානයක් යොමුවුනු මෙම හමුවේදී තමන් කිසිසේත්ම රාජ්‍ය විරෝධී නොවන බව අවධාරණය කර සිටි වෙළද පිරිස, ව්‍යාපාර වල මෙන්ම පාරිභෝගිකයන්ගේ සුභසිද්ධිය තකා වැට් බද්දට සංශෝධන සිදුකරන මෙන් ඉල්ලා සිටින බව පැවසූහ.ජනපති සිරිසේන බලයට පත්කිරීමට රටේ ව්‍යාපාරික ප‍්‍රජාව විශාල මෙහෙයක් ඉටුකළ බව මුදල් ඇමැතිවරයා මෙම අවස්ථාවේදී පැවසුවේය.නමුත් පසුගිය පාලන සමයේ වැට් බද්ද සියයට 11 ක මට්ටමේ පැවති බවත්, මෙම රජය යටතේ එය ඉහළ නංවා ඇත්තේ සියයට 15 ක් දක්වා පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.හමුවට පසුව ජනපති සිරිසේන වැට් බදු ඉවත් කළ හැකි, බදු අලූතින් හදුන්වාදිය හැකි ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව දැනගන්නට ඇත.පෙට‍්‍රල් මිල සංශෝධනය කිරීමක් ඇතුලූ යෝජනා කිහිපයක් ජනපතිවරයාට ඉදිරිපත්ව තිබෙන අතර ඒවායින් කුමක් කි‍්‍රයාත්මක කෙරෙනු ඇතිද යන්න මෙම මාසය ඇතුළත නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය. වැට් බදු සංශෝධනය නිසා අහස උසට ගැන ඇති ජීවන වියදමද සාකච්ඡුාවට බදුන් විය.අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහතට ගෙන ආ හැක්කේ කෙසේදැයි සොයාබැලීමට විශේෂ කැබිනට් උප කමිටුවක් ඒ අනුව පත් කැරිණ.අපනයනකරුවන් ඔවුන්ගේ භාණ්ඩ වලට මිල නියම කරන ක‍්‍රමවේදය අධ්‍යනය කිරීමටත්, ඒ ඔස්සේ ඔවුන් තබාගන්නා ලාභය මදක් අවම කර එහි සහනය ජනතාව වෙත ලබාදීමට ඇති හැකියාව සොයාබැලීමටත්, මෙම කමිටුව කටයුතු කරනු ඇත.මුදල් ඇමැති කරුණානායක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මලික් සමරවික‍්‍රම, රිෂාද් බදුර්ධීන් එහි සාමාජිකයෝය.තම තමන්ගේ ඡුන්ද බල ප‍්‍රදේශ වලට ගොස් ජනතාව ඉදිරිපත් කරන නව අදහස් මෙම කමිටුවට යොමුකරන ලෙසද ජනපතිවරයා සියලූම අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේය. දිවයිනට ලැබී තිබෙන විවිධ සංවර්ධන ව්‍යාපෘති වල කටයුතු ඉක්මන් කිරීමෙන් නව රැුකියා අවස්ථා උත්පාදනය කිරීමට ඇති හැකියාවද අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡුාවට බදුන්විය.ව්‍යාපෘති විශාල ගණනක් දිවයිනට ලැබී තිබුණද, නිල වශයෙන්ම පත්කර ඇති ටෙන්ඩර් මණ්ඩලයක අනුමැතිය ඒවාට ලැබී තිබුණද, තවමත් එම ව්‍යාපෘති කි‍්‍රයාත්මකව නොතිබීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය.නිසි අධ්‍යනයකින් පසු වරද නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය පිරිස තීරණය කළෝය. පොළොන්නරුව නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමක් ජනපති ලේකම් කාර්යාලයේදී පසුගියදා හමුවූ අවස්ථාවේදී, තම පාලන කටයුතු වලට බාධා කිරීමට කිසිදු අයෙකුට අවස්ථාව නොදෙන බව ජනපති සිරිසේන අවධාරණය කළේය.එක්සත් ජාතික පක්ෂය හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අයත් රජයක් නොමැති බවත්, දැනට කි‍්‍රයාත්මක ඒකාබද්ධ රජය දිගටම පවත්වාගැනෙන බවත් ඔහු පැවසුවේය.මාධ්‍ය රජය අත්වැල් බැදගෙන සිටින්නේයැයි කිසිලෙසකවත් නොසිතන ලෙස පවසා සිටි ජනපතිවරයා මාධ්‍ය සහ රජය පාර්ශවයන් දෙකකට අයත් බව කීවේය.මේ අරබයා වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු රජයට අයත් පුවත්පත් සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පලකළේය.හමුවට එක්ව සිටි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද අදහස් දක්වමින්, සන්ඬේ ටයිම්ස් පුවත්පත තමා හා ජනපති සිරිසේන අතර කඹ ඇදිල්ලක් ඇතැයි අභූත කරුණක් ඉස්මතු කර තිබෙන බවට චෝදනා කළේය.එවැනි දෙයක් නොමැති බවත්, කඹ ඇදිල්ලකට කඹයක් පවා නොමැති බවත් ඔහු අවධාරණය කළේය. ජනතාව ගැන පමණක් නොව තමන් නායකත්වය දරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් කටයුතු සම්බන්ධයෙන්ද අවධානය යොමුකිරීමට ජනපති සිරිසේනට සිදුවිය.රටේ ජනපතිධූරයට පත්වුවද, පක්ෂයේ නායකත්වය හිමිවුවද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස සවිමත් ස්ථාවරයක් ගොඩනගා ගැනීමට ඔහුට තවමත් හැකිව නොමැත.මේ සම්බන්ධයෙන් ජනපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡුාවක්ද පැවැත්විය.පසුව තම නිවසේදී පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් පිරිසක් හමුවූ අමරවීර ඉදිරියට ගතයුතු කි‍්‍රයාමාර්ගයන් පිළිබදව ඔවුන් හා සාකච්ඡුා කළේය.වැඩි අවධානයට ලක්වූ කරුණු දෙකක් වූ අතර ඉන් පළමුවැන්න වූයේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නව දේශපාලන බලවේගයක් නිර්මානය කිරීම අරබයා ගෙන ඇති පියවරයන්ය.ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර නව දේශපාලන පක්ෂයක් කලඑළි බැසීමේ සූදානමක් ඇතැයි මෙයින් යම්තරමකට තහවුරු වන බව හමුවට සහභාගීව සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස විය.එක්සත් ජාතික පක්ෂය තම සාමාජික පිරිස ඉහළ නංවා ගනු වස් නව තාක්ෂණික උපක‍්‍රම අනුගමනය කරමින් සිටීමත්, ඒ සදහා වෙනම මෘදුකාංගයක් (ඇප්) හදුන්වාදී තිබීමත් මෙහිදී අවධානයට ලක්වූ දෙවැනි කරුණ විය.මේ කරුණු සැළකීමේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පසුගාමිීව ඇතැයි හමුවේදී අදහස් පලවිය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරියට ගතයුතු පියවර පිළිබදව එකඟතාවයකට පැමිණීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ විශේෂ හමුවක් බදාදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.එහිදී දීර්ඝ අදහස් දැක්වීමක නිතරවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මහලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා රජය ජනතාව අතර අප‍්‍රසාදයට පත්ව තිබෙන බවක් පෙන්වන විරෝධතා රැල්ලක් ඇතත්, රජය බිඳ වැටෙන කිසිඳු සළකුණක් නොමැති බව පැවසුවේය.තවත් කිහිප දෙනකුගේ අදහස් දැක්වීමෙන් පසුව පැවැත්වුණු දීර්ඝ සාකච්ඡුාවක් අවසානයේ පක්ෂය සවිමත් කිරීම සදහා දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත්, පක්ෂය දෙකඩ කිරීමට ගන්නා උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කිරීමට පියවර ගැනීමටත් තීරණය විය.මෙහි පළමු පියවර ලෙස නුවරදී ජන හමුවක් පැවැත්වීමට නියමිත අතර ඉදිරි ජනහමු පැවැත්වෙන්නේ කුමන ස්ථානවලදැයි තීරණයක් නැත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන්ද පක්ෂ විපක්ෂ භේදයක් නොමැතිව සියලූම දෙනා සිටිනුයේ අවධානයෙන්ය.ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් හැකිතාක් බැහැරව සිටීමට රාජපක්ෂ කටයුතු කරමින් සිටින බව ඉතාම පැහැදිලිය.මුදල් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගයට පවා ඔහු අත්සන් නොකළේය.පසුගියදා ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ සෙවණැලි කැබිනට් මණ්ඩලයට එක්වීමේ අවශ්‍යතාවක් රාජපක්ෂට නොතිබිණ.ඒකාබද්ධ විපක්ෂය නිකුත් කරන මාධ්‍ය නිවේදන වල පවා හිටපු ජනපතිවරයා ගැන සදහනක් නැත.ඒ කෙසේවුවත් තමන්ට සහය දක්වමින් සිට පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තැත් කළ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් නැවත තමන් කෙරේ නම්මා ගැනීමට ඔහු මැදිහත්ව තිබෙන බවක් දැනගන්නට තිබේ.හිටපු ජනපතිවරයාගේ හිතවතකුට අනුව ඔහු මෙසේ කටයුතු කරමින් සිටින්නේ නව දේශපාලන බලවේගය රටේ මුල් බැස නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට මාර්ගය සකස් කර දෙන තෙක්ය.  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අනාගතය අස්ථාවර යැයි සාමාජිකයින් අතර ඇතිව තිබෙන බිය හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අවධානයට ලක්වීමටද වැඩි කලක් නොගියේය.අගහරුවාදා අහුංගල්ල ද හෙරිටන්ස් හෝටලයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් හමුවූ ඇය මේ සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡුා කළාය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම පසුපස සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය බව කියා සිටි හිටපු ජනපතිනිය, පක්ෂය සවිමත් කිරීමට ඇති එකම ක‍්‍රමය වන්නේ හිටපු ජනපතිවරයා ඇතුලූ හය දෙනෙක්, එනම් ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ප‍්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන, වහාම කි‍්‍රයාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපා හැරීම යැයි පැවසුවාය.නමුත් මෙහිදී අදහස් දැක්වූ මහින්ද අමරවීර එවැන්නක් සිදුකිරීමට සුදුසු කාලය නොවන බවද, එවැනි කි‍්‍රයාමාර්ගයකට ගියහොත් තවත් ගැටලූ ඇතිවනු ඇති බවද, කීවේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කිරීමට ජනපති සිරිසේන හා හමුවක් සංවිධානය කළ යුතුයැයි අවසානයේ තීරණය විය. මහින්ද රාජපක්ෂ මේ අතර සිටින්නේ දකුණු කොරියාවේ සංචාරයක් සදහා සූදානම් වෙමින්ය.එරට වෙසෙන ශී‍්‍ර ලංකා ජාතිකයින් හමුවීමටද ඔහු සැළසුම් කර ඇත. විරුද්ධ මත දරන දෙපාර්ශවයක් අතර ඇතිවන එකගතාවයකට අනන්‍ය වන පරිදි ඇතැම් කරුණු සම්බන්ධයෙන් එම දෙපාර්ශවය විවිධ අදහස් දරන අවස්ථා වත්මන් එක්සත් ජාතික පක්ෂ - ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සභාග රජයේද හදුනාගත හැකිය.මෙය පක්ෂ දෙක අතර ඇති එකගතාවය බිද වැටෙමින් පවතින ලෙස බවට හෝ, රාජ්‍ය විරෝධී අදහස් දැක්වීමක් ලෙස හෝ වරදවා වටහාගත යුතු නැත. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය සදුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියට අනුව ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ චෝදනා විමර්ෂණය කිරීමට සකස් කෙරෙන යාන්ත‍්‍රණය වගවීම් සහගත ලෙස කි‍්‍රයාත්මක කිරීමට ගතයුතුව තිබෙන පියවර මොනවාදැයි මේ දිනවල සොයාබැලෙමින් පවතින බව පැවසුවේය.මෙය තවදුරටත් පැහැදිලි කළහොත් දැන් සිදුවෙමින් පවතින්නේ එම යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීම සදහා යොදාගැනෙන්නේ දේශීය විනිසුරුවරුන්ද, එසේත් නැතිනම් විදේශීය විනිසුරුවරුන්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීමේ කටයුතුය. දිනකට පසු ජනපති සිරිසේන මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක නිරත විය.විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය ගැන සෘජුවම සදහන් නොකළ ජනපතිවරයා අවධාරණය කර සිටියේ රටේ අභ්‍යන්තර පරිපාලන කටයුතු වලට හා අධිකරණ පද්දතියට අතපෙවීමට, විදෙස් අධිකරණයකට, විනිසුරුවරයකුට හෝ සංවිධානයකට කිසිදු අවසරයක් නොදෙන බවයි. ,කවුරු කොහේ කියා තිබුණත් යුද සමයේ මානව හිමිකම් කඩවෙලා කියන චෝදනා විමර්ෂණය කරන්න විදෙස් විනිසුරුවරුන් එනවාය, විදෙස් යුද අපරාධ අධිකරණ පිහිටුවනවාය කියලා,  එහෙම දෙයක් වෙන්නේ නැහැ., යැයි ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකාය පසුගිය සිකුරාදා පානදුරයේදී සංවිධානය කර තිබූ 70 වන ජාතික උපසම්පදා විනයකර්මයට සහභාගීවූ අවස්ථාවේදී ජනපතිවරයා පැවසුවේය. විදෙස් විනිසුරුවරුන් පිළිබද ජනපතිවරයාගේ ස්ථාවරය එදා සිටම නොවෙනස්ය.සන්ඬේ ටයිම්ස් හා පසුගිය වතාවක අදහස් දැක්වූ අවස්ථාවේදී පවා ඔහු අවධාරණය කර කියා සිටියේ චෝදනා විමර්ෂණය කිරීමට අවැසි තාක්ෂණික සහය විදෙස් රටවලින් ලබාගත්තද, එම විමර්ෂණ කටයුතු සදහා විදෙස් විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවය.සුදුසුකම් ඇති විනිසුරුවරු දිවයිනේම සිටින බව ඔහු පැවසුවේය.මැයි මස 26 වැනිදා යුද හමුදා නිලධරයින් කණ්ඩායමක් සමග පැවති හමුවකදී අගමැති වික‍්‍රමසිංහද කියා සිටියේ මෙයයි. ,අධිකරණ යාන්ත‍්‍රණය සකස් කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන්., යැයි ඔහු පැවසුවේය. සමරවීර මෙම අදහස් දැක්වූයේ ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරයට සහභාගීව නැවත දිවයින බලා පැමිණ පසුවය.විනිසුරුවරුන්ගේ ගැටලූව විවිධ රාජ්‍ය තාන්ති‍්‍රකයින් හමුවේ නැවත නැවතත් පැහැදිලි කරදීමටද ඔහුට සිදුවිය.යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන සාකච්ඡුා පැවැත්වීම ඉතාම වැදගත්ව තිබියදී පසුගියදා රැුස්වූ බි‍්‍රතාන්‍යය පාර්ලිමෙන්තුවේදීද මානව හිමිකම් කඩවීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ වත්මන් ප‍්‍රගතිය ගැන සාකච්ඡුාවට බදුන් විය.දෙමළ ජාතිකයින් බහුතරයක් සිටින ඡුන්ද කොට්ටාශ වල නියෝජිතයෝ ශී‍්‍ර ලංකාවට එරෙහිව අදහස් දැක්වූහ.ඊට පිළිතුරු දුන්නේ රාජ්‍ය, විදේශ කටයුතු, හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාල භාර ඇමැති හියුගෝ ස්වයර්ය.චෝදනා විමර්ෂණය කිරීම අන්තර්ජාතිකව පිළිගත් තත්ත්වයන් යටතේ සිදුවිය යුතු බව බි‍්‍රතාන්‍යය රජය නැවත නැවතත් පෙන්වාදී ඇතැයි කියා සිටි ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මතවූ යෝජනාවලිය ඒ අයුරින්ම කි‍්‍රයාත්මක විය යුතුව තිබෙන බව පසුගියදා පැවැති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදීද අවධාරණය කළ බව පැවසුවේය. පෙර අවස්ථාවලදී මෙන් නොව මෙවර ශී‍්‍ර ලංකා රජයේ ස්ථාවරය ගැන වැඩි කලබලයක් විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයින් අතර නැත.ඒ කෙසේවුවත් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් සහ තවත් දේශකයින් කිහිපදෙනෙක්ම තම තමන්ගේ දේශන අතරතුරදී විදෙස් විනිසුරුවරුන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ස්ථාවරය ගැන දැඩිව අදහස් දැක්වූහ.යෝජිත යුද අපරාධ චෝදනා විමර්ෂණ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීමට බලයක් ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ට ඇතිදැයි යන්න පවා ගැටලූවකි.නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කළහොත් තත්ත්වය වෙනස් වීමට ඉඩ ඇති බවට මත පලව තිබේ.නමුත් ඇතැමුන් පවසන්නේ ජනපතිවරයා වෙනස්්වුවද ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් නොවනු ඇති බවය. එළැඹෙන අගහරුවාදා ආරම්භ වන දකුණු හා මධ්‍යම ආසියා කලාප භාර ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල්ගේ ශී‍්‍ර ලංකා සංචාරයේදී යෝජනාවලිය කි‍්‍රයාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ථාවරයට අනාවරණය වනු ඇත.බිස්වාල්ගේ සංචාරයෙන් පසු රුසියා විදේශ ඇමැති සර්ගෙයි ලාව්රොව් මෙරටට පැමිණීමට නියමිත අතර, ද්විපාර්ශවික සාකච්ඡුා වලට අමතරව කොළඹ බුලර්ස් පාරේ අභිනවයෙන් ඉදිකෙරුණු රුසියා තානාපති කාර්යාලය ඔහුගේ අතින් විවෘත කිරීමටද සැළසුම් කර ඇත.අතීතයේ කොළඹ සෝවියට් තානාපති කාර්යාලයේද සේවය කර තිබෙන ඔහු සිංහල බස හැසිරවීමේද සමතෙකි.අනතුරුව ජපාන ආරක්ෂක ඇමැති ජෙනරල් නකටානිද, කැනඩා විදේශ කටයුතු ඇමැතිනී ස්ටෙෆනී ඩියෝන්ද, දිවයිනට පැමිණීමට නියමිතය.සාමාන්‍යයෙන් වසරකට රාජ්‍ය තාන්ති‍්‍රක සංචාර දෙකක් හෝ තුනක් සංවිධානය කරන විදේශ කටයුතු අමාත්‍යංශයට මේ සා රාජ්‍ය තාන්ති‍්‍රකයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව තිබීම හමුවේ පැවරී තිබෙන්නේ සුවිශාල වගකීමකි. විදේශ කටයුතු අමාත්‍යංශය අපේක්ෂා නොකළ අයුරින් චීන විදේශ කටයුතු ඇමැති වැන්ග් යී මෙරට සංචාරයකට පැමිණීමට අපේක්ෂා කරන බව දැක්වූයේය.එක්සත් ජාතික පෙරමුණු රජය රට භාරගැනීමෙන් පසු දිවයිනට පැමිණෙන ඉහළම පෙළේ චීන රාජ්‍ය තාන්ති‍්‍රකයා ඔහු වූ අතර ඔහුගේ සංචාරයේ අරමුණ කුමක්දැයි පැනයන් මතුවිය.විදේශ කටයුතු ඇමැති සමරවීර හා යී අතර පැවැති සාකච්ඡුා වලින් අනාවරණය වූ පරිදි ඔහුගේ අරමුණ වී ඇත්තේ දෙරට අතර ද්විපාර්ශවික ගැටලූ කිහිපයක් පිළිබද සාකච්ඡුා කිරීම සහ චීනයේ ආධාර මත මෙරට කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති වල ප‍්‍රගතිය අධ්‍යනය කිරීමය.මහින්ද රාජපක්ෂ සමයේ කි‍්‍රයාත්මක වෙමින් තිබී, පසුව නව රජය බලයට පත්වූ පසු තාවකාලිකව නතර කෙරුණු ව්‍යාපෘති නැවත බලගන්වා ඇතැයිද ඔහු සොයාබලා තිබේ.දෙදෙන අතර පැවති සාකච්ඡුා වලදී දකුණු චීන මුහුද අරබයා දීර්ඝ කාලයක් මුලූල්ලේ චීනය හා පිලිපීනය අතර පවතින ගැටලූ සම්බන්ධයෙන්ද යී අදහස් පලකර ඇත. අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඇමැති දෙදෙන අතර සාකච්ඡුා වූ කරුණු අනාවරණය කැරිණ.යී චීන බසින් පලකළ අදහස් පරිවර්තනය කිරීමේ යෙදුණු කාන්තාව, චීන මුහුද සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරයට ශී‍්‍ර ලංකාව සහයෝගය ලබාදෙන බව කීවාය.වහා ඇයව නිවැරදි කළ යී පැවසුවේ චීන මුහුද සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරයට ශී‍්‍ර ලංකාව සහයෝගය ලබාදෙනවා ලෙස නොව බීජිං ස්ථාවරය, ශී‍්‍ර ලංකාව වටහාගෙන සිටින බව පවසන ලෙසටය.ඇත්ත වශයෙන්ම දෙදෙන අතර පැවති සාකච්ඡුාවේදී සමරවීර පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ අදහස වන්නේ චීන මුහුදේ ගැටලූව සාකච්ඡුා මාර්ගයෙන් විසදා ගැනීම සුදුසු බවය.දිවයිනෙන් පිටත් වීමට ප‍්‍රථම චීන විදේශ ඇමැතිවරයා කැලණිය රජමහා විහාරයටද පැමිණියේය. රජයේ එක්සත් ජාතික පාර්ශවය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය පොදු ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සදහා පිහිටුවාගෙන තිබෙන ඒකාබන්ධ අමාත්‍ය කවුන්සිලයේ හමුවක් පසුගියදා පැවැත්විණ.එහිදී නව මැතිවරණ ක‍්‍රමය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡුා කෙරුණු අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ අදහස වූයේ ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස නව මැතිවරණ ක‍්‍රමය හදුන්වාදිය යුතුව තිබෙන බවයි.නමුත් මෙයට ප‍්‍රතිවිරුද්ධව අදහස් දැක්වූ එක්සත් ජාතික පාර්ශවය කියා සිටියේ යෝජිත නව ව්‍යවස්ථාව පදනම් වන කරුණු තුන අතරට නව මැතිවරණ ක‍්‍රමයද ඇතුළත් වන බවය.බලය බෙදීම, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීම, නව ව්‍යවස්ථාව පදනම් වන අනෙක් කරුණුය.පළාත් පාලන ඒකකයන්හි පරිපාලන කටයුතු සිදුවිය යුත්තේ කෙසේදැයි සම්බන්ධයෙන්ද සාකච්ඡුා පැවැත්වුණු අතර එම කටයුතු වල වැඩි බර තමන්ට හිමිවිය යුතුයැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය යෝජනා කළේය. ඒකාබද්ධ කවුන්සිලය හමුවේ මෙම කරුණු සාකච්ඡුාවට බදුන්වූයේ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වල නියැලී සිටින මෙහෙයුම් කමිටුව පළාත් පාලන මහ ඇමැතිවරුන්ගේ අදහස් ලබාගැනීමෙන් පසුවය.අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගතව සිටින උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් වෙනුවට මෙහෙයුම් කමිටුව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණ සිටියේ උතුරු පළාත් විපක්ෂ නායක එස්.තවරාසා සහ පළාත් අධ්‍යාපන ඇමැති තම්බියරාජා ගුරුකුලරාජා යන මහත්වරුන්ය. නව ව්‍යවස්ථාව වෙනුවෙන් උතුරු පළාත් සභාවේ යෝජනා සම්බන්ධව ඔවුහු අදහස් පලකළහ.සභාවේ සියලූමදෙනාගේ එකගත්වයෙන් හිමිවූ යෝජනා මාලාවක් මිීට පෙර අවස්ථාවකදී අගමැති වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන්ට භාරදීමට ඔවුහු කටයුතු කර තිබිණ. උතුරු පළාත් සභාවේ යෝජනාව වන්නේ උතුර හා නැගෙනහිර පළාත් ෆෙඩරල් ව්‍යුහයක් යටතේ එක් පළාතක් ලෙස සැළකීම බව තවරාසා පැවසුවේය.නැගෙනහිර පළාතේ මුස්ලිම් බහුතරයක් වෙසෙන පෙදෙස් වලට අසාධාරණයක් නොවන පිරිදි කටයුතු කිරීමටද ෆෙඩරල් ව්‍යුහයක් යටතේ අවස්ථාව තිබෙන බවද ඔහු පෙන්වාදුන්නේය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුකම් පෙන්වා දෙමින් සිටි අවස්ථාවේදී තවරාසාට බාධා කළ බස්නාහිර පළාත් සහ මෙගාපොලිස් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා,අපිටයි 13 න් වැදුණේ, යැයි කීවේය.ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතිය බවත්, පුරවැසියන් ඒ සම්බන්ධයෙන් දක්වන අදහස්, අදහස් වලටම පමණක් සීමාවන බවත් ඊට පිළිතුරු ලෙස තවරාසා පැවසුවේය.  අගමැති වික‍්‍රමසිංහටද පසුගිය සතිය කාර්යබහුල විය.එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය හමුවක් කැදවූ ඔහු පක්ෂය ඉදිරියට ගෙනයාමට ගතයුතුව තිබෙන පියවර සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡුා කළේය.ඒ සදහා ඉදිරි පත්වූ යෝජනා කිහිපයක්ද අවධානයට බදුන්වූ අතර, අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අනාගත දැක්ම සහ වැඩසටහන් පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට පස් සාමාජික කමිටුවක් පත් කැරිණ.එක්සත් ජාතික පාර්ලිමෙන්තු කණ්ඩායම අරලිය ගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට දැන් සිටම සූදානම් වන ලෙස වික‍්‍රමසිංහ ඔවුන්ට දැනුම්දුන්නේය.පාර්ලිමෙන්තු කණ්ඩායමෙන් නැගුණු ගැටලූ රැුසකට පිළිතුරු ලබාදීමටද ඔහු කාලය වැය කළේය. ජූනි මස 26 වැනිදා මෙම තීරුවේ සදහන් වූ අගයන් ටි‍්‍රලියන නොව බිලියන විය යුතු බව මුදල් ඇමැතිවරයා සන්ඬේ ටයිම්ස් වෙත දැනුම් දුන්නේය.නියම අගය මේ දිනවල ගණනය කෙරෙමින් පවතින බවත් ඔහු කීවේය. විරෝධතා හරහා ඇතැම් කරුණු සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානය යොමුව ඇතත් වංචා, දුූෂණ විමර්ෂන තවමත් සිදුවන්නේ ගොලූබෙලි ගමනින්ය.නුදුරේදීම මෙයට එරෙහිවද ජනතාව අතරින් විරෝධයක් මතුවනු ඇත.එදා දුන් පොරොන්දු අනුව වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒම රජය සතු යුතුකමකි.ප‍්‍රමාදය හමුවේ ජනතාවට රජය ගැන ඇති විශ්වසනීයත්වය ක‍්‍රමයෙන් හීන වෙමින් පවතින බව සදහන් කිරීමේ වරදක් නැත.
‘ආණ්ඩුව පෙරළන්න කාටවත් බෑ‘
0
hp_train_0765
(ඩයනා උදයංගනී) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයින පුරා වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. බස්නාහිර, උතුරු, සබරගමුව, වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවන අතර, අනෙකුත් ප්‍රදේශවල මිලිමීටර100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි
0
hp_train_0766
( ඔගස්ටින් ප්‍රනාන්දු)    කොස්වත්ත පොලිස් වසම තුළ පසුගිය දිනවල ඇතිවු ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන්  31 දා  අද  ( 29 ) මාරාවිල දිසා විනිසුරු හා  මහේස්ත්‍රාත්  මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්‍ද්‍රරාජ මහතා ඇප මත මුදා හරිමින් වැඩිදුර නඩු විභාගය අගෝස්තු 28 වන දිනට කල් දැමීය. සැකකරුවන් පසුගිය දා ඇදිරි නිතිය පනවා තිබියදී කොස්වත්ත පොලිස් වසමේ මැද කෙට්ටරාමුල්ල ප්‍රදේශයේ හටගත් ගැටුම්වලට සම්බන්ධ බවට ලද තොරතුරු මත  අත්අඩංගුවට ගෙන තිබුණි. සියලු සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු අතර ඔවුන් රුපියල් පනස්දහස බැගින් ශරීර ඇප මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කර තිබුණි.මෙම ගැටුම්කාරී සිද්ධින්වලදි එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් අයෙකු තුවාල ලබා තිබුණි.නිවාස හයකට ද හානි සිදුව තිබු බවත් පොලිසියට පැමිණිලි ලැබී තිබුණි. සැකකරුවන් අතර සිසුන් කිහිප දෙනෙකු ද සිටින බවත් පොලිසිය කියයි.
කළහකාරීව හැසිරුණ නාත්තන්ඩියේ 31 දෙනාට ඇප
1
hp_train_0767
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා  වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද මඳ වැසි ඇති විය හැකියි‘.මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.2015 අප්‍රේල්  මස 24 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කෙරිණි.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0768
(ඉන්දිකා රාමනායක)ඡන්දහිමි නාමලේඛනයට  නම් ඇතුළත් කිරීම සදහා අතුරුගිරියේ පුද්ගලයකුගෙන් රුපියල් 3000 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජාකාරි කරමින් සිටි ග‍්‍රාම නිලධාරිවරයකු  අද(17) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව කියයි.පැමිණිලිකරු ගේ සහ ඔවුගේ බිරිඳ ගේ නම් ඡන්දහිමි නාම ලේඛනයට  ඇතුළත් කිරීම සඳහා සැකකරු මෙම මුදල් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ  විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.මේ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් මත   අල්ලස් නිලධාරීන් සැකකරුට මෙම මුදල ලබා දීමට පැමිණිළිකරුවන් එකඟ කරවාගෙන ඇති අතර  අද දහවල්  එම කාර්යාලයේ දී සැකකරු  පැමිණිලිකරුගෙන් මෙම මුදල ලබාගත් අවස්ථාවේ අල්ලස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
ග්‍රාම නිලධාරීයා අල්ලස් දැලට කොටුවෙයි
1
hp_train_0769
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.සවස 2.00 න් පසුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි.පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල විටක සුළං වේගය පැ.කි.මී. 50 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක්වේ. 
‘පළාත් කීපයකට තවදුරටත් වැසි‘
0
hp_train_0770
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.“විදේශ පුරවැසියෙකු ලංකාවේ ජනපති වුවහොත් විදෙස් රටවල් කියන පදයට නටන්න සිදුවෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.“ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නැති සෑම උපාධිධාරියෙකුටම රැකියා දෙන බව”ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් ලක්ෂ ගණනක් සිටින බව කී සජිත් ප්‍රේමදාස මහතා, ඔවුන් වෙනුවෙන් ඇපයක් සහ පොලී නැතිව රුපියල් ලක්ෂ තුනක ණය මුදල දෙන්නේ යැයි”ද කීවේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුයේ මාවනැල්ල, ගම්පොල, අරණායක, රඹුක්කන සහ පොල්ගහවෙල පැවැති ජන රැලි අමතමිනි.ජනරැලි සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මාව අපේක්ෂක ලෙස පත් කරන්න බෙල්ල තියපු කෙනකු තමයි කබීර් හෂීම් මැතිතුමා. එතුමා කළ සේවය හා මාවනැල්ල ජනතාවද කිසිසේත්ම අමතක කරන්නේ නැහැ.මාවනැල්ලට අලුත් ගැම්මක්, අලුත් සංවර්ධනයක් අවශ්‍යයි. 16 වැනිදාට නියත වශයෙන්ම මාවනැල්ල නගරය සුරපුරයක් කිරීමේ ගමන අරඹලා, තිබෙනවාට වඩා ශක්තිමත් ආර්ථිකයක් ජනතාව අතරට මා ගේනවා.මාවනැල්ල පුරවරයේ ඉඩම්, නිවෙස් නැති විශාල පිරිසක් ඉන්නවා. රටේ නිවාස වැඩපිළිවෙළ අමාත්‍යාංශය හයකට බෙදලා තිබෙන වෙලාවේ 16 වැනි දායින් පසු මේ හයම එක අමාත්‍යාංශයක් යටතට ගෙන 2025 දී රටට සෙවණ දෙන වැඩපිළිවෙළ රටටම ක්‍රියාත්මක කරනවා.රබර් ආර්ථිකයක් ස්වයං රැකියා ආර්ථිකයක් වඩු කර්මාන්ත ආර්ථිකයක් මෙහි තිබෙනවා. මේ ආර්ථිකවල කොටස්කරුවන් වන සියලු දෙනාට රජයේ මැදිහත්වීමෙන් බදු බර අඩු කර රාජ්‍ය මූල්‍ය සහයෝගය තුළ ස්වයං රැකියා හා වඩු කර්මාන්තය ඇතුළු කර්මාන්ත ඉහළ තලයට ගෙනෙන්න කටයුතු කරනවා.අලුත්නුවර පූජා භූමිය සංවර්ධනය කළේ මගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙනුයි. මේ වනවිට මගේ මැදිහත්වීමෙන් තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මෙරට ජනාධිපති ලෙස අලුත්නුවර උතුම් පුදබිම අංගසම්පූර්ණව වැඩි දියුණුකර ඉතිරි වැඩ කොටසත් නිමා කරනවා.ජාතික වශයෙන් අප දැවැන්ත වැඩ ගණනාවක් ක්‍රියාත්මක කරනවා. දුප්පත්කම නැති කිරීමේ සමෘද්ධි වැඩසටහන වැඩි-වැඩියෙන් ශක්තිමත් කරන අතරතුර දුප්පත්කමින් පෙළෙන ජනතාව දුප්පත්කමින් මුදවිය යුතුයි. ඒ වෙනුවෙන් සමෘද්ධියට අමතරව ජනසවිය වැඩසටහන ද යළිත් ක්‍රියාත්මක කරනවා.කෙටි කාලය තුළ මෙරට දුගී දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරනවා. මගේ පියා තමයි, පාසල් දරුවන් ලක්ෂ 43කට දිවා ආහාරය හා නිල ඇඳුම් දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ රජය කාලයේ දිවා ආහාරය කපා දැම්මා. මගේ පියාට දරුවන් වෙනුවෙන් කරන්න සැලසුම් කළ වැඩපිළිවෙළ සම්පූර්ණ කරන්න බැරි වුණා. නමුත් ලබන 16 වැනිදා ජනාධිපති වූ පසු මා නිල ඇඳුම් කට්ටල දෙකක්, දිවා ආහාර වගේම සපත්තු ජෝඩුවකුත් දෙනවා.ඇයි පාසල් දූ-දරුවන්ව මෙතරම් ශක්තිමත් කරන්නේ? දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් නිර්මාණය කරන්න නම් උගත්-බුද්ධිමත් ජන සමාජයක් ගොඩනැගෙන්න ඕනෑ. උගත් බුද්ධිමත් ජන සමාජයක් බිහිවෙන්න නම් දරුවන් පාසල් යන්න උනන්දු කළ යුතුයි.මගේ ප්‍රතිවාදියෝ මේක මුදල් නාස්තියක් කියනවා. නුඹලාට කෝටි ගණනක් ණය ගිනිපොළියට ගෙන නෙළුම් කුලුණ නෙළුම් පොකුණ හදන්න පුළුවන් වුණා නම් මා පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්න පැකිළෙන්නේ නැහැ.සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම මූලික කරගෙන කර්මාන්තපුර අරඹනවා. කර්මාන්ත පුරවර වැඩසටහන තුල යොවුන් පරපුරට රැකී-රක්ෂා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජයට යන ඍජු විදේශ ආයෝජන අපේ මාතෘභූමියට රැගෙන එනවා.යොවුන් පරපුර ලොකුවට ඩිජිටල් විප්ලවය ගැන කතා කරනවා. එය කතාවට පමණක් සීමා නොකර මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට පත් කරනවා. ඒවායේ බයෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය, නවෝත්පාදනය, ඉංග්‍රීසි භාෂා - සාක්ෂරතාව වැනි දැනුමද ලබා දෙනවා.මේ විද්‍යාලවලින් සමත්වී එළියට එන යොවුන් පරපුරට තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කරනවා. නව ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කර ගත් ව්‍යාපාරයක් මේ උද්‍යානයන්හි ආරම්භ කරනවා.තරුණ ප්‍රඥප්තියක් මා එළි දැක්වූවා. ඒ වෙනුවෙන් ගිවිසුමකට මා එළැඹුණා. කාන්තාවන් සමඟ කාන්තා ප්‍රඥප්තියට එළැඹුනා. කාන්තා ප්‍රඥප්තියේ තිබෙන්නා වූ සියලුම කොටස් කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්න මා කටයුතු කරනවා.ජන සමාජයේ පුංචිම මනුස්සයාගේ සිට සුළු-මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයා, විරෝදාර රණවිරුවන්, පෞද්ගලික ව්‍යාපාරිකයන්, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් සියලු දෙනා පොදු ජනතාවගේ ජනපති ලෙස පත්වූ පසු රැක බලා ගන්නවා.රටේ ජාතික ආරක්ෂාව සුරැකීම උදෙසා, නීතිය හා සාමය අකුරට ඉටු කිරීමට එහි වගකීම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දෙනවා. සුදුස්සාට සුදුසුතැන මා දෙනවා.ඒ වගේම ජාතික ආරක්ෂාව පමණක් නොව රටේ දරු පරපුරට පිළිලයක් වූ කුඩු ව්‍යාපාරයත් සුනුවිසුණු කරනවා. ත්‍රස්තවාදීන් විනාශ කරන්නාසේම කුඩු ව්‍යාපාරිකයන් ද විනාශ කරනවා. ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන්, ළමා අපචාරකරුවන් විනාශ කර යුක්තිගරුක-විනයගරුක ශිෂ්ඨසම්පන්න ජන සමාජය බිහි කරනවා.මේ කාරණා ගැන මගේ ප්‍රතිවාදියා සමඟ වාද කරන්න ලොකු ආශාවක් තිබෙනවා. මෙහෙම වාද-විවාද කළාම ජනතාවට ලොකු ප්‍රයෝජනයක් අත්වෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ වැඩසටහන කවුරු හරි ලියා දුන්නු එකක් ද කියා බලා ගත හැකියි. අපේක්ෂකයාට ඒ ගැන අවබෝධයක් තිබෙනවාද, දැනුම තිබෙනවාද, මොළයක් තිබෙනවා ද බුද්ධියක් තිබෙනවාද කියලා ඔක්කොම හොයා බලන්නත් පුළුවනි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වෙන්නේ මගේම අදහස මගේම දර්ශනයයි. වෙන කව්රුවත් ලියපු එකක් නොවෙයි. හැම එකක්ම ප්‍රසිද්ධ විවාදයක් තියා බලන්න පුළුවනි. අපේ හිතවත් මාධ්‍යයට ඒ වෙලාවට කෙටි රාමුවක් නොව පුළුල් රාමුවක් පෙන්වන්නත් පුළුවනි. එතකොට ටෙලිප්‍රෝම්ටර් එකේ වීදුරු කෑලි එහාට-මෙහාට යනවා බලා ගන්නත් පුළුවනි. මට නම් ටෙලිප්‍රෝම්ටර්වලින් කතා කර පුරුදු නැහැ. මොකද, සියලු කරුණු මගේ ඔලුවේ තිබෙනවා. හැබැයි ප්‍රතිවාදියා තවම විවාදයට එන්න ලැහැස්ති නැහැ.කොහේ විවාද කරන්න බැරි වුණත් ඓතිහාසික විවාදය මාවනැල්ලේ පවත්වන්න මා කැමැතියි. තනිවම එන්න අකමැති නම් ළඟපාත තිබෙන කිහිළිකරු අත්වාරු ටික ගෙන එන්න පුළුවනි.ඕනෑ නම් හිටපු ජනාධිපති අයියාවත් අඬ ගහගෙන එන්න.හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියමයි. ඕනෑ නම් රුපියල් 2500න් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු මනුස්සයත් ගෙන එන්න. එහෙමත් බැරිනම් පවුල් ගහම ගෙන එන්න. එය පන්දාහද, පහළොස් දාහද, විසිදාහද කියන එක සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නොවෙයි.මාවනැල්ල නගරයේ තනිව සිට දහ දාහද, විසිදාහද කියන පිරිසට තනිවම මුහුණ දෙන්න මා ලෑස්තියි. මහත්මා ගුණාංගවලින් ඊට මුහුණ දෙන්න ලැහැස්තියි. මෙරට රාජ්‍ය නායක ලෙස මා කිසිම කෙනෙකුට බයත් නැහැ. කිසිම දෙනෙකුට ණයත් නැහැ. කිසිම රටකට ණයත් නැහැ. මාතෘභූමිය මොනම හේතුවකටවත් අබමල් රේණුවකින්වත් පාවාදෙන්නේ නැහැ.මගේ ඔලුවට කරපිටට වෙනත් රටවල නීති-රීති ක්‍රියාත්මක කළ යුතුය යන බර නැහැ. අනෙක් අයට ඒ බර තිබෙනවාද කියලා කියන්න මා දන්නේ නැහැ. කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඔයා අපේ රටේ පුරවැසියේ ලෙස හිටියා, දැනුත් ඉන්නවා ඔයා අපේ රටේ නීතිරීතිවලට අනුව ඉන්න ඕනෑද කියා සජිත් ප්‍රේමදාසට එහෙම බලපෑමක් කරන්න බැහැ. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ ඔරිජිනල්ම ශ්‍රී ලංකා පුරවැසියෙක්.රට තුළ ත්‍රීරෝද රථ රියැදුරන් ලක්ෂ ගණනක් ඉන්නවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇපයක් පොලිය නැතුව ලක්ෂ 3 ක ණය මුදල දෙනවා.පෙර පාසල් අධ්‍යාපනය අවිධිමත් තත්ත්වයක පවතිනවා. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථමවරට පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ දෙමින් සෑම දරුවෙකුටම දිවා ආහාරය ද දෙනවා.රණවිරු සුබසාධන ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා පෞද්ගලිකව මා සොයා බලනවා. රැකියා නැතිව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන්ට ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා දෙනවායැයි” සජිත් ප්‍රේමදාස මහතා කීවේය.එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතා -“අප වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපත්ති පාවා නොදී ඔබ වෙනුවෙන් පෙනී සිටියා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සටනට ඉදිරිපත් කළේ ජනතාව රජ කරවන්නයි.ගෝඨාභයගේ කඳවුර දෙස බලනවිටත් හිරිකිතයි. ඒ කඳවුර අලුතින් තීන්ත ගෑ හිර ගෙදරකට සමානයි. ඒ කල්ලිය ජාතිවාදය අවුලවමින්, ජනතාව කොටවමින් ඡන්ද ගන්න උත්සාහ කරනවා.මහින්ද අද උතුරට වෙන කතාවක් කියා දකුණට ඇවිත් තව කතාවක් කියනවා. මේ දේශපාලනය තේරුම් ගත යුතුයි”.මහනුවර රණවිරු සමුළුව ඇමතූ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -“යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැ කියලා බොහෝ දෙනෙකු කීවා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය දිනන්න පුළුවන් බව කිව්වා. ගම්වල තරුණයන් තම ජීවිතය පූජා කර යුද්ධය ජයග්‍රහණය කළා. රට වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම පිංකමක් බව බුද්ධ ධර්මයෙහි පවා සඳහන් වෙනවා.රණවිරුවන් ගැන විවිධ අර්ථකතන මාධ්‍ය දෙනවා. රණවිරුවන් රට වෙනුවෙන් යුද්ධ කළේ වැටුප බලා ගෙනම නොවෙයි”.කොළඹ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සමුළුව ඇමතූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා -“නොවැම්බර් 17 වැනිදාට හිරු උදාවන විට රටේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතායි.නිදහස් මාධ්‍ය ව්‍යපාරය සමඟ මා 1980 වසරේ සිට සම්බන්ධ වී කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ගේ විවිධ අවශ්‍යතා, පහරදීම්, ආදි සියල්ල වෙනුවෙන්ම එදා මුලින්ම පාරට බැස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උදවියයි.පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින් මාධ්‍යවේදීන් මර්දනය කළා. ඒ යුගයේදී මාධ්‍යව්දීන් කී දෙනෙකුට ජීවිත අහිමි වුණාද? මාධ්‍යවේදීන් කී දෙනෙකුගේ අතපය අහිමි වූවාද? මහින්ද රාජපක්ෂ පාලනය විසින් කළ මාධ්‍ය මර්දනය ද අපගේ ජයග්‍රහණයට බලපෑවා.2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහසක් දුන්නා. දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. ඇතැම් මාධ්‍ය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනයට පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන කතා කරනවා වෙනුවට තවමත් රාජපක්ෂ රෙජිමයට ගුණ වයමින් සිටිනවා”.දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුද කතා කළහ.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති එඞ්වඞ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි ද සොයිසා  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 
“මගේ දේශපාලනය පොඩි මිනිහාටයි“
0
hp_train_0771
 (හර්ෂණ තුෂාර සිල්වා)කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද (18) වාර්තා කළේය.මේ වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදු වූ 10 වැනි දිනය අද (18) වූ අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,922.66 ලෙස දැක්විණි.මීට පෙර සියලු කොටස් මිල දර්ශකය ඉහළම අගයක් වාර්තා කරන ලද්දේ 2011 වසරේ පෙබරවාරි 11 වැනිදා ය. එදින, දිනට නියමිත ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,811.80ක් ලෙස සටහන්ව තිබිණි.දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 188.09කින් ඉහළ ගිය අතර කොළඹ කොටස් හුවමාරුවේ වසර 35ක ඉතිහාසයේදී ඉහළම අගයක් වාර්තා කළ 8වැනි අවස්ථාව මෙය විය.කොළඹ කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද අද (18) ඒකක 3,000 සීමාව ඉක්මවා ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 3,003.30ක් ලෙස දැක්විණි. එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය අද ඒකක 100.32කින් ඉහළ ගිය අතර එය 3.46%ක වර්ධනයකි.දිනයේ අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 12 ඉක්මවූ අතර ගනුදෙනු පිරිවැටුම අඛණ්ඩව රුපියල් බිලියන 12.18ක් ලෙස වාර්තා වූ දෙවැනි දිනය ඊයේ විය.මේ අතර අද දිනය තුළ කොටස් ගනුදෙනු 67,153 ක් වාර්තා වී තිබූ අතර එය ඉතිහාසයේ තනි දිනක් තුළ සිදු වූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව ලෙස සටහන් විය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්
0
hp_train_0772
(ඩබ්.ඒ. පියතිලක)ගොවිතැන් සඳහා ජලය ලබා ගැනීමට නොහැකිව පීඩා විදිමින් සිටි පොළොන්නරුව ගොවින්හට  යල් කන්න වගා කිරීම සඳහා ජලය සපයා ගැනීමට  මොරගහකන්ද  ජලාශයෙන් ගිරිතලේ ,කවුඩුල්ල සහ මින්නේරිය යන වැව්වලට ජලය ලබා දීමට පොළොන්නරුව කලාපභාර වාරිමාර්ග කාර්යාලය පියවර ගෙන තිබේ.වගා බිම් සදහා අවශ්‍ය ජලය නොමැති කම හේතුවෙන් ගොවිතැන් කටයුතු කර ගත නොහැකිව ගොවීන් දැඩි අපහසුතාවයකින් සිටි අතර  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි එම ජල ගැටළුව විසදීම සඳහා  මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා දීමට වාරි මාර්ග නිලධාරීන් කටයුතු කර ඇත.ඉදිරි යල් කන්නය නියමිත පරිදි කිසිදු ජල හිගයකින් තොරව වගා කිරීමට අවශ්‍ය පරිදි සියළු වැව්වල ජලය රැස්කරමින් පවතින බව පොළොන්නරුව කලාපභාර වාරි මාර්ග අධ්‍යක්ෂ එස් කේ හේවගේ මහතා සඳහන් කර සිටියේය.වැඩිදුර අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවැසිය- ‘ගිරිතලේ  මින්නේරිය සහ කවුඩුල්ල වැව්වල ගොවිජනපද  වාසීන්  සදහා වැව්වල  ජලය නොමැතිකම මත සිය වගා බිමිවලින් අඩක්   වැඩ කිරිමට සහ ඇතැම් කන්නවල වගාව අතහැර දැමිමටත් සිදු වුණා. මෙසේ විමට ප‍්‍රධාන හේතුව වුණේ  කාලගූණික විපර්යාස නිසා.  මේ නිසා  ගිරිතලේ මින්නේරිය සහ කවුඩුල්ල ගොවිජනතාව දැඩි අපහසුතාවකට පත් වුණා. කෙසේ නමුත් පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය අක්කර අඩි එක් ලක්ෂ දහතරදාක් ද ගිරිතලේ අක්කර අඩි දහදාස් එක සියකුත් මින්නේරිය අක්කර අඩි  72000 සහ කවුඩුල්ල වැවෙහි අක්කර අඩි  27000ක් තිබෙන බවත් කවුඩුල්ල වැවෙන්  මේවන විට කන්තලේ වැවට ජලය මුදා හරිමින් පවතින බවයි. මෙම ලබා ගන්නා ජලයෙන් පොලොන්නරුවේ අක්කර අසුදාහකට වැඩි අක්කර ප‍්‍රමාණයක් කිසිදු ජල හිගයකින් තොරව මෙවර යල් කන්නය වගා කළ හැකි බවද කීවේය.
පොළොන්නරුවේ ගොවීන්ට වගාවට ඇති තරම් වතුර තියෙනවා‘
0
hp_train_0773
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතවූ තවත් 37 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,157 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 25 දෙනෙක් සහ කාන්තාවෝ 12 දෙනෙක් වෙති.මියගිය අයගෙන් 28 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන අටයදෙනකු සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක් ද මියගිය අය අතර වෙති. 
කොරෝනා මරණ 37ක් වාර්තා වෙයි
1
hp_train_0774
  (හර්ෂණ තුෂාර සිල්වා) රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.29ක් දක්වා අද (11) පහළ ගියේය.   රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. අප්‍රේල් මස 25 වැනි දා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.04ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය.  මේ වසරේ මේ දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.1 කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අද (11) නිවේදනය කළේය.  රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් (11) සඳහන් කළේය.  පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.   
රුපියල අවප්‍රමාණය ඉහළට
0
hp_train_0775
( තිළිණි ද සිල්වා )මේ වසරේ ජනාවාරි සිට මාර්තු දක්වා  ගතවූ මුල් මාස 03 තුනේදී විදෙස් සංචාරකයින් හත් ලක්ෂ හතළිස් දහසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී. ඒ අනුව ඉකුත් වසරේ මුල් මාස තුනේදී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී එය සියයට 4.6ක වර්ධනයක් යැයි එම අධිකාරිය කියා සිටී.පසුගිය වසරේ මුල් මාස 3 දී විදෙස් සංචාරකයින්  707,924 කු පැමිණ ඇත. පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයින් 244,239 ක්ද , පෙබරවාරි මාසයේදී සංචාරකයින් 252,033 ක් හා  මාර්තු මාසයේ දී සංචාරකයින් 244,328දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටී.  ඉකුත් මාර්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.එරට වැසියන් 34,812 ක් ද , බි‍්‍රතාන්‍යයෙන් සංචාරකයින් 29,682 ක්ද , චීනයෙන් සංචාරයකයින්  23,759 ක්ද මේ වසරේ මුල් මාස තුනේදි දිවයිනට පැමිණ ඇත. තවද ජනවාරි මාසයේ දී සංචාරකයින් 9,581 ක්ද ,පෙබරවාරි මාසයේ දී 12,307 ක්ද මාර්තු මාසයේ දී සංචාරකයින් 16,642 ක්ද වශයෙන් විදෙස් සංචාරකයින් වසරේ මුල් මාස තුනේදී මගී නෞකාවලින් මෙරටට පැමිණ ඇත.
සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්
0
hp_train_0776
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයේ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (18) උදෑසන වනවිට ගතවූ පැය 24ක කාලය තුල 261 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවෙද්දී දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2046 දෙනෙකු වාර්තා ඇත.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි මේ බව සදහන් වන අතර දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම දිවුලපිටිය - 239 ක්, කටාන - 191 ක්, ගම්පහ - 183 ක්, බියගම - 176 ක්, වත්තල - 172 ක්, සීදූව - 164 ක්, මිනුවන්ගොඩ - 127 ක්, මීරිගම - 125 ක්, ජාඇල - 102 ක්, රාගම - 92 ක්, මීගමුව සහ කැලණිය කොට්ඨාසයන්ගෙන් - 56 දෙනෙකු බැගින්, අත්තනගල්ල - 55 ක් සහ දොම්පෙ කොට්ඨාසයෙන් - 47 ක් වශයෙන් සිදුව ඇත.දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින් 71 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 52 දෙනෙකු වශයෙන්ද, බියගමින් - 9 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 10 දෙනෙකු වශයෙන් සිදුව ඇති බව වෙබ් අඩවියෙහි සදහන්ය.පැය 24 ක කාලය තුල ආසාදිතයින් 392 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 59 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට යොමු කොට ඇත.නිරෝධායනයට ලක් කොට ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 29,594 දෙනෙකි. 
පැය 24 කදී ගම්පහින් ආසාදිතයින් 1402 ක්
0
hp_train_0777
(සමන් විජය බණ්ඩාර)මාවනැල්ලේ ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන් මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු පෙබරවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (13) නියෝග කළේය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් 17 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඒ අතර කාන්තාවක්ද සිටියි.සැකකරුවන් දෙදෙනෙක්ට රැකවරණය සැපයු නාවලපිටිය උලපනේ ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පිරිමි අයෙක් අත්අඩංගුවට ගෙන අද (13) වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළේය.මෙම සිද්ධියට සම්බන්ධව වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් සිව්දෙනෙක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.මෙම පුද්ගලයන් සිව්දෙනා ආයුධ තොගයක්ද සමඟ පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර අද (13) වැනි දින එම සැකකරුවන් සිව්දෙනා ඇතුළු සැකකරුවන් 15 දෙනෙක් මාවනැල්ල මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදි කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ අදාල සැකකරුවන් රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කර යුතු බවයි.අධිකරණයට ඉදිරිපත් කළ වනාතවිල්ලුව ප‍්‍රදේශයෙන් අල්ලා ගත් සැකකරුවන්ගෙන් රඳවා ප‍්‍රශ්න කිරීමට අවස්ථාව මහෙස්ත‍්‍රාත්වරයා ලබා දුන්නේය.කෑගල්ල බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගෙන්ද ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත‍්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා සිටි අතර බන්ධනාගාර අධිකාරිවරයාට ඒ බව දන්වා අවශ්‍ය පරික්ෂණ පෙබරවාරි 15 වැනිදායින් පසුව සිදු කරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.
මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් 13 වැනිදා තෙක් රිමාන්ඩ්
0
hp_train_0778
(අජිත්ලාල් ශාන්තඋදය)පහතරට තෙත් කලාපයේ නැවත තේ වගා කිරීමේ දී වසරක කාලයක් තුළ  පස පුනරුත්ථාපනය වන වැඩි දියුණුකළ සී ඕ 3  හෙවත් දොළොස් මහේ මානා නම් තෘණ වර්ගය හඳුන්වා දීම තුළින් තේ ගොවීන්ට අඩුකාලයක් තුළ නැවත වගාවෙන් ආදායම් ලැබිය හැකි බව පහතරට තේ පර්යේෂණායතනයේ ප්‍රධානී සහ ප්‍රධාන තේ පර්යේෂණ නිලධාරී ආචාර්ය එම්. ඒ විජේරත්න මහතා අවධාරණය කරයි. වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියත්මක කුඩා තේ සහ රබර්වතු පුනර්ජීවන ව්‍යාපෘතිය හෙවත් ස්ටාර් ව්‍යාපෘතිය මගින් මෙසේ නැවත තේ වගාකරන තේවතු හිමියන්ට හෙක්ටයාර් එකකට රුපියල් හයලක්‍ෂ පනස් දහසක මුදලක් ආධාර වශයෙන් ලබාදිමට ද නියමිතයි.  රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ජනගහණයෙන් 40%කට වැඩි පිරිසකගේ ආර්ථිකය රඳා පවතින්නේ තේ ආදායම මතය. අක්කර භාගයේ සිට අක්කර පහ දහය තෙක් ප්‍රමාණයෙන් තේ වගා කරන පිරිස් සිටිති. තේ වගාව පැරණි වන විට අස්වනු අඩුවී යයි. වසර විස්ස ඉක්මවු පසු  පරණ වගාව ගලවා ඉවත් කර නැවත තේ වගා කිරිම සිදුකිරීමෙන් අස්වනු ඉහළ නංවා ගැනීමට හැකිය.  තේ නැවත වගා කිරීමේදී පැරණි වගාව ඉවත් කිරිමෙන් පසු භූමියේ මානා වගා කර පස පුනරුත්ථාපනය කළ යුතු බව ආචාර්ය එම්.ඒ. විජේරත්න මහතා පවසයි. මෙතෙක් කල් වගා කළ ගෝතමාලා හෝ පැඟිරි මානා වර්ගය වසර දෙකක කාලයක් තිබිමෙන් පසු ගලවා ඉවත්කර නැවත තේ ගලවා කළ යුතුය. පහතරට තේ පර්යේෂණායතනයේ ප්‍රධානී සහ ප්‍රධාන තේ පර්යේෂණ නිලධාරී ආචාර්ය එම්. ඒ විජේරත්න මහතා:සීඕ 3 හෙවත් දොළොස් මහේ මානා නේපියර් තෘණ වර්ගයට අයත්. දීර්ඝ කාලයක් අපි පරීක්‍ෂණ පවත්වලයි සීඕ 3 නැවත තේ වගාවට පෙර පස පුනරුත්ථාපනය සඳහා සුදුසු බවට හඳුන්වලා දුන්නේ. දෙමුහුන් තෘණ වර්ගයක් නිසා ස්වභාවිකව ව්‍යාප්තවීමක් සිදුවන්නේ නෑ. මෙතෙක් කල් නැවත තේ වගාවට පෙර ගෝතමාලා හො පැඟිරි මාලා කියන මාන වර්ගය තමයි වගා කළේ. අවුරුදු දෙකක් ඒවා වගා කරලා තිබිලා ගලවලා නැවත තේ වගාකර වසර දෙකක් යනකම් අස්වැන්න ලබාගන්න බලා ඉන්න ඕනෑ. මේ නිසා වසර කිහිපයක් ආදායම් ගන්න බලා ඉන්න වුණා. නමුත් සීඕ 3 හෙවත් දොළොස් මහේ මානා වගාකර නැවත තේ වගා කලොත් ආදායම් ලබන්න එච්චරකල් ඉන්න ඕනෑ නෑ. මේ තෘණ වර්ගය සුදුසු පහතරට කලාපයටයි. කිරිඇල්ල කුරුගම්මෝදර ප්‍රදේශයේදී අපි දින කිහිපයකට පෙර මේ මානා වගාව හඳුන්වාදීම සිදුකළා ආචාර්ය විජේරත්න මහතා පැවසුවේය.  කුඩා තේ රබර්වතු පුනර්ජීවන ව්‍යාපෘතිය හෙවත් ස්ටාර් ව්‍යාපෘතියේ  රත්නපුර දිස්ත්‍රික් කළමනාකාර අසේල වික්‍රමසිංහ මහතා පැවසුවේ යල්පැනගිය තේ වගාව ගලවා නැවත වගා කිරිමට කුඩා තේවතු හිමියන් මැළිකමක් දක්වන බවයි.  විදේශ විනිමය ලැබීමේ දී කුඩා තේවතු හිමියාගෙන් ලැබෙන දායකත්වය ඉතා ඉහළ බවද පැවසුවේය. මේ නිසා අස්වැන්න අඩුවෙන් ලැබෙන අවුරුදු විස්ස ඉක්මවූ තේ වගාව ඉවත්කර නැවත තේ වගාව සඳහා හය ලක්‍ෂ පනස් දහසක සහනාධාරයක් ලබාදෙන්නේද ගොවීන් දිරිමත් කිරිමට බවද අසේල වික්‍රසිංහ මහතා පැවසීය. මෙහිදී නැවත තේ වගා කරන ඉඩමේ පස් සාම්පත් ලබාගෙන තේ පර්යේෂණායතනය මගින් පරීක්‍ෂාකර පාංශු දත්ත වර්තාවක් ගෙන ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීම කළ යුතු බවද අවධාරණය කළේය.
‘තේ වගාව සඳහා පස පුනරුත්ථාපනය කිරීමට නව මානා වර්ගයක්‘
0
hp_train_0779
 (සමන් පාලිත නානායක්කාර)  මන්ත්‍රීවරුන්ගේ සංවර්ධන යෝජනා වැරදි ආකාරයට ලේඛනගත වී ඇතැයි මන්ත්‍රීවරුන් පැවසීම හේතුවෙන් අද (9) දින පැවති හල්දුම්මුල්ල ප්‍රාදේශීය  සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.අද න්‍යාය පත්‍රය අනුව මුලින්ම පැවතියේ සභා මන්ත්‍රීවරුන්ගේ යෝජනා සම්මත කර ගැනීම වුවද එම ලේඛනය  වැරදි ආකාරයට මුද්‍රණය වී තිබීම  නිසා එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීම හේතුවෙන් සභාවේ  පළමු කාරණාව සඳහා පමණක් පැය තුනහමාරක පමණ  කාලයක් ගත වූ අතර සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.සංවර්ධන යෝජනා පිළිබඳව නිවැරදි ලේඛනයක් ලබාදෙනතුරු සභාව ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බව සභා මන්ත්‍රීවරු පැවසූහ. එමනිසා දහවල්  12.00 ට පමණ සභාව කල් තැබීය. සභාව කල් දැමීමෙන් පසුව සභාපතිවරයා හා මන්ත්‍රීවරුන් පිරිසක් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.පස්වරු එකට පමණ නැවත සභා රැස්වීම පැවැත්විණි .  
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීමේදී උණුසුම් තත්වයක්
1
hp_train_0780
තරුණ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙක් පෞද්ගලික බැංකුවක ආරක්‍ෂාවට යොදවා තිබුණි. බැංකු නිලධාරීන්ගේ සම්මන්ත්‍රණ, පුහුණු වැඩමුළු ආදිය පැවැත්වූයේ බැංකුවේ උඩු මහලේය.දිනපතා ආරක්‍ෂක නිලධාරීන්ට උදේ සවස කිරි තේවලට අමතරව කෙටි කෑමක් ද නොමිලයේ ලැබුණි. දිනක් මෙම ආරක්‍ෂක නිලධාරියාව වෙනත් ආයතනයකට මාරු කෙරිණි. එය රාජ්‍ය ආයතනයකි. ආරක්‍ෂක නිලධාරියා වැඩ භාරගත් මුල්ම දිනයේදී උදේ දහය පසු වුවත් තේ කෝප්පයක් නොලැබුණු නිසා එතැන සිටි කාර්යාල කාර්ය සහායක මහතා හමුවිය.“මොකද මල්ලී?” යැයි හෙතෙම විමසීය. එවිට ආරක්‍ෂක නිලධාරියා, “තවම තේ ආවේ නැහැනේ. මම හිටිය තැන නම් මේ වෙලාවට මොනවා හරි කාලා, කිරි තේ දෙපාරක්ම බීලා” යැයි කීය. එවිට කා.කා.ස. මහතා සිනාසී, “ඒ මල්ලී පෞද්ගලික ආයතනවලනේ. මේවා රජයේ ඒවා හැමදාම පාඩුයි. මෙහෙ සර්ලා මිස්ලා සල්ලි එකතු කරලා, සීනි තේකොළ ගෙනල්ලා, තේ හදාගෙන බොන්නේ, ඒත් ප්ලේන් ටී” යනුවෙන් පැවැසීය. ආරක්‍ෂක නිලධාරියා සංචාරක නිලධාරියාට මෙසේ කීය. “අනේ සර් මෙන්න වැන්දා මාව රජයේ තැනකට නැතිව වෙන කොහාට හරි ගිහින් දාන්න. මට කලන්තේ වගේ. මෙහෙ තේ තියා ඇල්වතරවත් නැහැ”ක්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුර.
පෞද්ගලික ආයතනයේ එහෙමයි: රාජ්‍ය ආයතනයේ මෙහෙමයි
0
hp_train_0781
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (10) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 15,754 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 26 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 18 දෙනකු සහ කාන්තාවන් 13 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොරෝනා මරණ 12ක් වාර්තා වෙයි
0
hp_train_0782
 ටෙලිනාට්‍ය සඳහා රජ ඇඳුම්  ඇඳ රාජ චරිතය රඟපෑ නළුවාට සිදුවූ අකරතැබ්බයක් නිසා රජ ඇඳුමින්ම නගරයේ කාර්යාලයකටත් තම නිවසටත් යාමට සිදුවූ සිදුවීමක් කුරුණෑගල නගරයෙන් වාර්තා විය. ඔහු 60 හැවිරිදි වුවත් මනා තේජස් පෙනුමින් යුතු කලාකාමි පුද්ගලයෙකි. නාට්‍ය රඟපෑමට වැඩි රුචියක් දැක්වූ නිසාම තම යහළුවකුගේ මාර්ගයෙන් ටෙලි නාට්‍යයක රජ කෙනකුගේ චරිතයක් රඟපෑමට ඔහුට අවස්ථාව උදාවිය. දැඩි සතුටට පත් මොහු පුහුණු කටයුතු අවසන් වී නාට්‍ය රූගත කරන දිනයේ රාජ ආභරණ ඇඳුම්  සියල්ල ගමන් මල්ලේ අසුරාගෙන නියමිත ස්ථානයට පැමිණියේය. අසල විහාරස්ථානයේ යාබඳව පිහිටි ගලමත දී ඔහු රාජ චරිතයට පණ දුන්නේය. රූගත කිරීම් අවසානයේ ඔහු  රජ ඇඳුම්  ගලවා තම ඇඳුම් සෙව්වේ නගරයේ කාර්යාලයක මිත්‍රයකුගෙන් හදිසියේ ආ දුරකතන ඇමතුමක් නිසාය.එම දුරකතන ඇමතුමෙන් පැවසුවේ ඔහුගේ අවශ්‍යතාවක් ඉටුකරදීමට නගරයේ කාර්යාලය වෙත වහා පැමිණෙන ලෙසය.වහා කලිසම ඇඳගත් ඔහු තම කමිසය සෙව්වේ තිබූ තැන නොතිබූ නිසාය. විහාරස්ථානයේ සිටි දරුවකු තමා දෙසට දිව එන අයුරු ඔහු දුටුවේය.“සර් සර්ගෙ අර ගහේ එල්ලලා තිබුණ කමිසේ රිලව් වගයක් ගෙනිහිල්ලා කීතු කරලා”සුසුමක් හෙලූ නළුවා වෙනත් කළ යුතු දෙයක් නැති තැන තම කලිසමට උඩින් රජ චරිතයේ කමිසය ඇඳ ගත්තේය. දිස්නය දීමට පබලු හා රිදී, රන් පාටවලින් අලංකාර කරන ලද රාජ කමිසය ඇඳගෙනම ඔහු නගරයේ කාර්යාලය වෙත ගියේ වෙනත් කිසිවක් කළ නොහැකි නිසාමය.කාර්යාලයේ සේවක සේවිකාවන් ඔහු දෙස විමතියෙන් බලන්නට වූයෙන් ඔහු යහළුවාට සියල්ල පැවසීය.“අලුත් පැෂන් එකක්” යාළුවා  කීවේය. (මාවතගම කාන්චනමාල් බණ්ඩාර)
රිළවා ඇඳුම හොරාගෙන: නළුවා පාරෙත් රජවෙලා
1
hp_train_0783
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල විටින් විට ඇති ‍වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු  ප්‍රදේශ වල සවස 2.00න් පසු, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 25/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258560සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව35267545සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකකොළඹ30268570වැසි වාර කිහිපයක්ගාල්ල28269080විටින් විට වැසියාපනය32278055වැසි ස්වල්පයක්  ඇතිවිය හැකමහනුවර29238565වැසි වාර කිහිපයක්නුවරඑළිය17139580වැසි වාර කිහිපයක්රත්නපුරය30259060විටින් විට වැසිත්‍රීකුණාමලය34258055සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමන්නාරම32268575වැසි ස්වල්පයක්
‘පළාත් කිපයකට හෙට දවසේ වැසි‘
1
hp_train_0784
(ගල්ගමුව නිහාල් ජයවීර )             ගල්ගමුව ,පාළුකඩවල වැව් ඉස්මත්තේ සිදු කරන්නේ යැයි කියන වන විනාශයට විරෝධය පා නිහඩ උද්ඝෝෂණයක් පාළුකඩවල වැව් බැම්ම මත පැවැත්විණ.           පරිසර සංවිධාන එකමුතුව හා සමාජවාදී තරුණ සංගමය ඇතුළු ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන එක්ව මේ උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණි ."මතු පරපුරට වින කටින පරිසර විනාශය නවතනු ", "රටට ආදායම් ගෙනෙන අලි සම්පත රැක ගනිමු " ," කැලේ බදු දෙයි.අලි ගම් වදිති " , " ගල්ගමුව ජනතාව නිහඩ නෑ" , " වැවක ජීවය වැව් ඉස්මත්තයි."," ඔක්සිජන් නැතිව මැරිලා පාංශුකූලේ මොකටද ." ආදි සටන් පාඨ සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කෙරිණි.මේ උද්ඝෝෂණයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පරිසරවේදීහු ,ස්වෙච්ඡා සංවිධානවල නියොජිතයෝ, පාළුකඩවල ඇතුළු ගම්මානවල ජනතාව සහභාගි වූහ .
වන විනාශය එපා: පාළුකඩවල ගැමියෝ පාරට බසිති
0
hp_train_0785
(හර්ෂණ තුෂාර සිල්වා)ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මේ වසරේ අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (27) ප්‍රකාශ කළේය.ඒ අනුව ප්‍රතිපත්ති පොළී අනුපාත දැනට පවතින මට්ටමේ පවත්වා ගනිමින් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ඉදිරියටත් පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව දෙනුම් දෙන ලද අතර එය මහාචාර්ය ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා පැවැති පළමු මාධ්‍ය හමුවද විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය දෙසැම්බර්  26 වැනිදා රැස්වී මේ බව තීරණය කර තිබෙන අතර ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය  7% ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8% ක් ලෙසත් පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.එමෙන්ම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 5%ක අගයක පවත්වාගෙන යෑමට ද මුදල් මණ්ඩලය තීරණය කර ඇත. දේශීය ආර්ථිකයේ පවතින තත්ත්වය සහ අපේක්ෂිත තත්ත්වය, මූල්‍ය වෙළෙඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැළකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. මුදල් මණ්ඩලයේ ඉහත තීරණය උද්ධමනය 4%ත් 6%ත් අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන බවත් මධ්‍යකාලීන ආර්ථිකයට එහි විභව වර්ධන මට්ටමට ළඟා වීමට සහාය වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කළේය. 
ප්‍රතිපත්ති පොළී අනුපාතිකය මේ මට්ටමේ පවත්වා ගැනීමට තීරණයක්
0
hp_train_0786
(ටී.කේ.ජී.කපිල)අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (03) කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්  විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මොහු 36 හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙකි.ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු පැවසීය.ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 273 ව සගවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.පසුව මෙම ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී මේ මස 09 වැනිදින තෙක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී තිබේ. 
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගෙන ආ ලාඕස ජාතිකයෙක් අත්අඩංගුවට
0
hp_train_0787
රුපියල්   දෙකෝටි විසි අට ලක්ෂ අනූ අට දහසක් විටිනා රට සල්ලි  උපත් පාලන කොපු තුනක බහා ශරීරයේ   සගවාගෙන සිංගප්පූරුවට ගෙන යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී     අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා  පැවසුවේය.සැකකරු 53 වෙනි  වියේ පසුවන මීගමුව ප‍්‍රදේශයේ පදිංචි මොටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි.සැකකරු  ඇවිදින ආකාරය  පිළිබඳ සැක සිතී සහකාර රේගු අධිකාරි දුමිදු  සිරිසේන මහතා විසින් ඔහු අත්අඩංගුවට ගෙන මීගමුව රෝහලට ගෙන ගොස් එක්ස් කිරණ පරික්ෂනයකට යොමු කොට මෙම මුදල් ඔහුගේ ගුද මාර්ගයේ තිබී ඉවතට ගෙන ඇත.අත්  අඩංගුවට ගත් විදේශීය මුදල් අතර යූරෝ  පන්සීයේ කොළ 230 ක්  සහ ස්විස් ප‍්‍රෑන්ක් දාහේ කොළ විසි එකක් තිබූ බව රේගුව කියයි.මෙම මුදල් සිංගප්පූරුවට ගෙන ගිය විට තමන්ට රුපියල් හැත්තෑපන් දහසක කොමිස් මුදලක් ලැබෙන බව මොහු රේගුවට පවසා ඇත.සැකකරු කැතී පැසිපික් ගුවන්සේවයට අයත් සී.එක්ස් 710 දරණ ගුවන්යානයෙන් මෙරට සිට සිංගප්පුරුව බලා යාමට ඊයේ රාත්‍රියේ 10 ට  පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඊ.එම්. ඕ දි සේරම් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන දුමිදු සිරිසේන, ජී.පී.එස් පෙරේරා, එස්.කේ.එස්.කේ ගමගේ, ආර්.එම්.එන්.පී බංඩාර, එච්.ඞී.එස්.සී පෙරේරා, පී.එච්.යූ.අයි විජේපාල, ඞී.එන්.එන්.ජේ සමරසේකර යන නිලධාරීහු සිදු කරති.   
දෙකෝටියක රට සල්ලි පස්සෙන් එළියට
1
hp_train_0788
 (යොහාන් භාසුර)ගෑස් සම්බන්ධ සිද්ධීන් 25  ක් අද  (16) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.පසුගිය නොවැම්බර් මස 1  වෙනිදා සිට මේ දක්වා දින 45ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 752 ක් පොලිසියට වාර්තා වී තිබේ.මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 90 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි  බවත් පොලිසිය කියයි. 
පැයකට එක් ගෑස් ලිපක් පුපුරයි
0
hp_train_0789
 චීනය  සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්  ශ්‍රී ලංකන් ගුවන් සමාගම  ජූලි  1 වෙනි දා සිට  කොළඹ සිට චොංකින් වෙත මෙහෙයුම් ඇරඹීමට සැලසුම් කර ඇත. කොළඹ සිට චොංකින් වෙත ගමන් ගන්නා ගුවන් යානා   නැවත පැමිණීමේ දී බැංකොක් හරහා කොළඹට ලඟාවීමට සැලසුම් කර තිබේ.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම  හා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නව ගිවිසුම  කොළඹ දී අත්සන් කළහ.මේ වන විට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම චීනයේ බීජිං, ශැන්හයි, කැන්ටන් සහ හොංකොං යන ගමනාන්ත සඳහා සතියක දී ගුවන් ගමන් 15 ක් සිදුකරන අතර මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමඟ නිරිත දිග චීනයට ශ්‍රීලංකන් ගුවන් යානා පියාසර කිරීමද මේ අනුව සනිටුහන් වනු ඇත.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ මේ වන විට චීනය මෙරට  ප්‍රධාන වෙළපොළක් ලෙස හඳුනා ගෙන ඇති ‍බැවින් නව ගමනාන්ත හඳුන්වා දෙමින් ගුවන් ගමන් වැඩි කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම  නිරන්තරයෙන් කටයුතු කරන බවයි.ඒ අනුව මෙම නව කුලී ගුවන් සේවා යෙදවීමත් සමඟ නව පාරිභෝගික කාණ්ඩවල සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවා භාවිත කරමින් සුව පහසු සහ ආරක්ෂාකාරී සංචාරයක යෙදීමේ අවස්ථාව සැලසෙන අතර ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරයද අත්වීඳීමට හැකි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අලෙවි නිළධාරී ජී.ටී ජෙයසීලන් මහතා ප්‍රකාශ කළේ බීජිං, ශැන්හයි සහ ගුවන්සූ   යන ගමනාන්ත වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ සිචුවාන් කලාපය වෙත  සාර්ථක ප්‍රතිලාභ ඉපයීමට හැකි වෙළඳපොළක් නිර්මාණය වූ බවයි.එසේම විවිධ ඇගයුම් සිදුකරමින් සංචාරක ප්‍රවර්ධන අභිවෘද්ධිය සඳහා වූ ක්‍රියාකාරකම් සිදුකරමින් ශ්‍රීලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවත්වනු ලැබූ විවිධ සංචාරක ක්‍රියාකාරකම් වලින්ද මෙම තේරීම තව දුරටත් තහවුරු වූ බවද හෙතෙම පැවසීය.තවද මේ ආකාරයට ප්‍රථමයෙන් විශේෂයෙන් වෙන්කරවා ගත් කුලීගුවන් සේවා මෙහෙයුම් සිදු කිරීමේ සාර්ථක පරීක්ෂාවලින් පසු  කාල සටහනක‍ට අනුකූලව විධිමත් ගුවන් සේවා  ආරම්භ කිරීමට කටයුතු යොදන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.ජාත්‍යන්තර දෙපාර්තමේන්තු කළමනාකාර අයිරිස් හුවං මහතා ප්‍රකාශ කළේ “ මගේ පළමු සංචාරයේදීම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන ඉතාමත් පැහැදුණා.මෙම නව ගිවිසුම තුළින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟින් චොංකින් සිට ශ්‍රීලංකාව දක්වාත්  ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම දේශීය සහකරු වන වෝකස් ට්‍රැවල්ස්   මෙම නව සබඳතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි  මම සිතනවා. චොංකින් වෙත සහ නිරිත දිග චීනයට ගුවන් ගමන් ශක්තිමත් කිරීමට හැකියාව මෙයින් ලැබෙන බවට මා විශ්වාස කරනවා” යැයි ද ඒ මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකාව තුළ චොංකින් හුවාපොන්ඩ් ජාත්‍යන්තර සංචාරක සමාග‍මේ නියෝජිත වශයෙන් කටයුතු කරනුයේ වෝකස් ට්‍රැවල්ස් ආයතනයයි.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම 2002 වසරේ ජූලි මාසයේ දී හුවාපොන්ට් නියුට්‍රිච්මි  සමාගම් හිමිකාරීත්වයෙන් සහ Shenzhen කොටස් වෙළඳපොළේ ලියාපදිංචියෙන් පිහිටුවන ලදී. සංචාරක කර්මාන්තය ආශිතව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සංචාරක ස්ථාන සංවර්ධනය හා කළමනාකාරීත්වය,හොටල් සහ රිසෝට්ස්, විදේශ සංචාර හා ර‍ට වෙත පැමිණීම් යනාදිය ඇතුළත්ය.ජෝන් කීල්ස් සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශ ප්‍රධානී   වසන්ත ලීලානන්ද මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ නිරිත දිගචීනය ප්‍රවර්ධනය කිරීම සඳහා  ශ්‍රීලංකන් ගුවන් සමාගමට සහ චොංකින් හුවාපොන්ට් සංචාරක සේවා සමාගමට සහයෝගය ලබා දීමට ලැබීම සතුටට කරුණක් බවයි.තවද චීනයේ චොංකින් වෙත ගුවන් ගමන් ව්‍යාප්ත කිරීම තුළින් නව ගුවන් කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීම සඳහා අවස්ථාව සැලසී ඇති අතර ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට අපගේ චීනයේ පාර්ශ්‍රවකරු සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ස්තූති කරන අතර මෙම නව ගමනාන්තය පිළිබඳව විශ්වාසයක් තැබීම සම්බන්ධයෙන් ද ස්තූතිවන්ත වන බවද හෙතෙම සඳහන් කළේය.කුලී පදනම මත පළමු වරට විධිමත් සතිපතා ගුවන් ගමන් සේවා දියත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා සත්කාරය මෙම ව්‍යාපෘතියට සහයෝගයක් වනු ඇති බවද හෙතෙම පැවසීය.ඒ අනුව මෙම ගුවන් ගමන් කොළඹ සිට දේශීය වේලාවෙන් පැය 0130 පිටත් වී චීනයේ චොංකින් වෙත පැය 0915 ලඟා වීමට නියමිතයි.එසේම  චොංකින් සිට පැය 1030 ට පිටත් වන ගුවන් යානය බැංකොක් හරහා පැය 1605 ට කොළඹට ලඟාවීමට ද සැලසුම් කර තිබේ.මෙම ගුවන් යානා ජූලි මස 1 වෙනි දා සිට 2014 නොවැම්බර් මස 25 වෙනි දින දක්වා සේවා සපයන අතර එය නැවතවරක් 2015 ජනවාරි මස 13 වෙනි දින  සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම ගුවන් ගමන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ A320 ගුවන් යානා යොදවා තිබේ.මේ වසරේ අප්‍රේල් මස සිට ශ්‍රීලංකන් ගුවන් සමාගම බීජිං හා ශැන්හයි දක්වා සතියකට ගුවන් ගමන් වාර 8 ක් ක්‍රියාත්මත කරන අතර එයින් ගුවන් යානා 4 ක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පිටත්ව යන ලදී. මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගම අතීතයේ සිට චීනයේ කුන්මින්  සහ චෙන්ඩු  යන ගමනාන්ත සඳහා මේ ආකාරයට ගුවන් ගමන් සිදුකර ඇති අතර මේ ගිවිසුමත් සමග චීනයට විශේෂයෙන් යෙදවූ කුලී ගුවන් සේවා සපයන තුන්වන අවස්ථාවද සනිටුහන්වේ. 
ශ්‍රී ලංකන් කෙන්යාවේ නයිරෝබි වෙත මෙහෙයුම් අරඹයි
0
hp_train_0790
(අංජුල මහික වීරරත්න)“අපනයන ආර්ථිකයෙන් ශීඝ්‍ර දියුණුවකට ගොස් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්” බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඌව පරණගම-යාලගම දී පැවැසීය.ශ්‍රී ලංකාව සමඟ තරහවී සිටි ලෝකයේ සෑම රටක්ම යහපාලන රජය යටතේ ලංකාව සමඟ යහළුවී සිටින බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කඩිනම් ශීඝ්‍ර සංවර්ධනයක් තුළින් රාජපක්ෂ ණය ඇතුළු සියලු ණය බරින් රට මුදාගත හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන්නේ යැයි ද කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ ඌව පරණගම-යාලගම යොවුන් අපනයන කෘෂි ගම්මානය ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.අක්කර 53ක භූමියක කෘෂි ගම්මානය ඇරඹෙන අතර, අඹ, ගම්මිරිස්, අන්නාසි, වැල් දොඩම්, කටු අනෝදා, රට කජු යන භෝග මෙන්ම මී මැසි පාලනය අපනයනය සඳහා මෙහි වගාකිරීමට නියමිතය.කෘෂි භෝග වගාව කරන තරුණ තරුණියන් සඳහා අක්කර තුනක නේවාසිකගාරයක් ද මෙහි ඉදි කෙරේ. උමා ඔය අසබඩ සුන්දර බිම් තීරයක ගොවිබිම පිහිටයි. උව පළාත් කෘෂිකර්ම, මහාමාර්ග හා සත්ව නිෂ්පාදන අමාත්‍ය උපාලි සමරවීර මහතාගේ සංකල්පයකට අනුව ගොවි ගම්මානය ඉදිකෙරිණ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.“මා බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ නිලධාරීන් ඇතුළු පාක්ෂිකයන් සමඟ දිස්ත්‍රික්කය සම්බන්ධව සාකච්ඡා කිරීමටයි. අද ඌව පරණගමට පැමිණියේ ඉතා දුෂ්කර ගම්මානයක් වන යාලගමුවේ පැවැත්වෙන උත්සවයකටයි.මේ දුෂ්කර ගම්මානයේ පැවැත්වෙන උත්සවයට සහභාගී වීමට පැමිණි ඔබ සැමට මාගේ ස්තූතිය පළමුවෙන්ම පුද කිරීමට කැමැතියි. වියළි කාලගුණය මධ්‍යයේ ද රස්නය නොතකා මෙහි පැමිණි ඔබට නැවත වාරයක් ස්තූතිවන්ත වීමට කැමැතියි.ඌව පරණගම, වලපනේ, වියලුව යන ආසන තුන එකතුවන ස්ථානය වන මේ නොදියුණු ප්‍රදේශය දියුණු කිරීමේ කාර්යය උපාලි සමරවීර මහතා බාර ගත්තා.උපාලි සමරවීර මහතා පාර්ලිමේන්තුවේ මෙන්ම පළාත් සභාවේ ද දක්ෂ අන්දමින් තම වැඩ කටයුතු කළා. පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය උපාලි සමරවීර මහතාට බාර දුන්නේ ප්‍රදේශයට විශාල සේවයක් කිරීමටයි. එතුමා කරන වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමට පැමිණෙන්නැයි කිහිප වතාවක්ම මට ආරාධනා කළා. ඒ අනුවයි අද මා මේ ප්‍රදේශයට පැමිණියේ.එතුමාගේ අරමුණ ප්‍රදේශයේ යොවුන් කෘෂි අපනයන ගම්මානය ආරම්භ කිරීමයි. ඒ සඳහා විවිධ පාර්ශ්ව විවිධ අදහස් උපදෙස් දී තිබෙනවා. ප්‍රාථමික කටයුතු අමාත්‍යාංශයෙන් ද අවශ්‍ය මුදල් ආධාර ඒ සඳහා දෙනවා. ඉදිරියේදී මේ සඳහා තවත් සැලසුම් ඉදිරිපත් කළායින් පසු මුදල් දීමට මා සූදානම් බව පැවැසීමට කැමැතියි.තල්පිටිගල ජලාශය ඉදිවීමත් සමඟම ප්‍රදේශය විශාල දියුණුවක් ලබනවා. ජාතික ආණ්ඩුව ඇති කරන අවස්ථාවේදී සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ තල්පිටිගල ජලාශය ඉදිකර ඒ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතිය කර ගැනීමට ආධාර උපකාර දෙන ලෙසයි. චීන රජයට මේ පිළිබඳව කතා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැන් මුදල් අනුමත වෙලා.තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සාර්ථක වූ පසුව මෙහි ඉඩම්වල වටිනාකම දෙගුණයකටත් වඩා වැඩි වීමට නියමිතයි. කෘෂි අපනයන ගම්මානය මෙහි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් ගම්මානවල පදිංචිකරුවන් කරන්නේ වී ගොවිතැන හෝ වෙනත් සාම්ප්‍රදායික භෝග වගා කිරීම හෝ පමණයි. නමුත් මේ ගම්මානයේ තත්ත්වය ඊට වඩා වෙනස් බව කිව යුතුයි. අපනයනයට අවශ්‍ය ගොවිතැන් මෙහි කෙරෙනවා. ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය සඳහා සූදානම් කරනවා.ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මීට වසර 40කට පෙර ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට එකතු කර අපනයන ආර්ථිකයේ මූලාරම්භය ඇති කළා. යුද්ධය නිසා යම් යම් පසුබෑම් ඇති වුණා. 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුව තිබුණා. යුද්ධයෙන් පසුව අපේ ආර්ථිකය විනාශ වුණා. ආර්ථිකය දියුණු කරන්න ශක්තියක් තිබුණේ නැහැ.ආර්ථිකය දියුණු කිරීම සඳහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘතයි. 2003 වසරේ මා අගමැතිවරයා වශයෙන් සිටිය දී ඒ පිළිබඳ සාකච්ඡා කළා. නමුත් ඉන්පසු පැමිණි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා.බංග්ලාදේශය යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගත්තා. දැන් බංග්ලාදේශයට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑ තරම් විදේශ විනිමය තිබෙනවා. අපට වඩා පස් හය ගුණයකින් බංග්ලාදේශය විදේශ විනිමයෙන් පෝසත් වෙලා. බංග්ලාදේශය ඔවුන්ගේ අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවලින් ද ප්‍රයෝජන ගැනීම නිසා මේ දියුණුව ලබා ගැනීමට හැකි වුණා.එකල අපට යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට තිබූ අවස්ථාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා පසුගිය ආණ්ඩුවට රටේ ආර්ථිකය දියුණු කිරීමට නොහැකි වුණා. දිගින් දිගටම ඔවුන් ණය ගැනීමට පටන් ගත්තා. ශ්‍රී ලංකාව එතෙක් ගෙන තිබුණේ දේශීය වාණිජ ණය පමණයි. පසුගිය ආණ්ඩුව විදේශීය වාණිජ ණය ගන්නත් පටන් ගත්තා. ආර්ථිකය බංකොළොත් වුණා. අපේ ආර්ථිකයට ණය ගෙවන්න ශක්තියක් නැති වුණා. ආදායමක් තිබුණෙත් නැහැ.ණය ගෙවීමට නොහැකි පුද්ගලයකු තවත් ණයක් ගත්විට වන්නේ කුමක් ද? ණය ගෙවීමට හැකි මට්ටමට ආදායම ප්‍රමාණවත් විය යුතුයි. නමුත් පසුගිය රජය සීමාවකින් තොරව ණය ගැනීම නිසා ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ආණ්ඩු මාරුව වුණේ මෙවැනි තත්ත්වයක් තිබිය දී බව කිව යුතුය.මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජාතික ආණ්ඩුව බිහි කළේ ණය උගුලෙන් ගොඩ ගැනීමටයි. ණය උගුලේ සිර වී මැරෙනවා ද නැතිනම් අපේ ශක්තියෙන් ණය උගුලෙන් ගොඩ එනවා ද කියා තීරණය කිරීමට සිදු වුණා.පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආදායම වැඩි කිරීමයි. අප ඒ වැඩ කටයුත්ත කරමින් සිටිනවා. ආදායම් බදු නොගෙවූ පුද්ගලයන්ගෙන් ආදායම් බදු අය කර ගත්තා. වැට් බදු අය කර ගත්තා. ඊට එරෙහිවත් විශාල උද්ඝෝෂණ පැවැත්වුණා. නමුත් මේ වනවිට රජයේ ආදායම වැඩි වෙලා. ඒ  නිසා ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා ගත යුතු ණය ප්‍රමාණය අඩු කිරීමට අපට හැකියාව ලැබුණා.ලබන වසරේ පමණක් අපට ගෙවීමට ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි අනූ හයදහසයි. මෙසේ ගෙවිය යුතුව තිබෙන්නේ 2007, 2008, 2009 වසරවල ගත් ණයයි. ඊළඟ වසර හතරේ දී ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩෙලර් කෝටි එක් දහස් පන්සීයක් වෙනවා. තද අව්වට ක්ලාන්තය හැදුණේ නැතත් ණය මුදල ගැන ඇසූ විට ක්ලාන්තය හැදෙනවා.ණය බර කළමනාකරණය කර ගනිමින් රට දියුණු කළ යුතුයි. 2020 වනවිට ණය ගෙවීමට හැකියාව ඇති ශක්තිමත් ආර්ථිකය බිහි කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් අප ක්‍රමානුකූලව රජයේ ආදායම වැඩි කර තිබෙනවා. අනෙක් අතින් තරුණ තරුණියන් සඳහා රැකියා බිහි කළ යුතුයි. අප එය කරන්නේ කෙසේ ද?ණය ගන්නවා නම් එය ගෙවීමටත් හැකියාවක් තිබිය යුතුයි. ඒ සඳහා අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළින් පමණක් මුදල් සොයා ගන්න හැකියාවක් නැහැ. යුරෝපා වෙළෙඳපොළ, ඉන්දියා වෙළෙඳපොළ, චීන වෙළෙඳපොළ අල්ලා ගෙන අපනයන ආර්ථිකය දියුණු කළ යුතුයි. එසේ කළවිට ඊළඟ වසර දහයේ දී වුවත් ණය ගත්විට ඒ ණය පහසුවෙන්ම ගෙවා දැමිය හැකි තත්ත්වය උදා වෙනවා.එදා මහින්ද රාජපක්ෂ ණය ගනිද්දී අත්පුඩි ගැසූ මාධ්‍ය වෙන්නේ කුමක්දැයි අද අපෙන් අසනවා. රාජපක්ෂ ගත් ණය ගෙවා දැමීම සඳහා තවත් ණය ගැනීමට අද අපට සිදු වෙලා. ඒ තත්ත්වය දිගින් දිගටම ගෙන යෑමට හැකියාවක් නැහැ. ණය උගුලට මුහුණ දීම සඳහා ශක්තිමත් ආර්ථිකය ඇති කළ යුතුයි.අපේ ආර්ථිකය ශක්තිමත් විය යුත්තේ වර්තමානයේ ගන්නා ණය ගෙවා දැමීමට පමණක් නොවෙයි. පසුගිය වසර දහයේදී ගත් ණය ගෙවා දැමීමට ශක්තිය තිබිය යුතුයි. එසේ නම් කඩිනම් ශීඝ්‍ර සංවර්ධනය ආරම්භ කර අප ගන්නා ණයත්, පසුගිය වසර දහයේ දී ගත් ණයත් ගෙවීමට හැකි තත්ත්වය නිර්මාණය කළ යුතුයි.මේ කාර්යය පසුගිය වසරේ නොකළේ ඇයි දැයි බොහෝ අය විමසනවා. පසුගිය වසරේදී අපට ජාතික ආදායම වැඩි කර ගැනීමේ කාර්යබාරයට මුහුණදීමට වුණා. පළමුවෙන්ම අප රටේ ආදායම වැඩි කරගත යුතුයි. එය සාර්ථක වී ඇති නිසා දැන් අපට සංවර්ධනයට යා හැකිව තිබෙනවා. මුළු රටමඅපනයන ආර්ථිකය මගින් පොහොසත් කර සංවර්ධනය ළඟා කර ගැනීම අපේ අරමුණයි.ලෝක වෙළෙඳපොළ අපේ වෙළඳපොළ බවට පත්කර ගත යුතුයි. ඌව පරණගම, වැලිමඩ, බදුල්ල, කොළඹ වෙළෙඳපොළවල් තරග කරන්නා සේ ලෝක වෙළෙඳපොළ සමඟ අද අප තරග කළ යුතුයි. සිංගප්පූරු වෙළෙඳපොළ, ප්‍රංශ වෙළෙඳපොළ, ශැංහයි වෙළෙඳපොළ සමග තරග කළ යුතු තත්ත්වයන් ඇති කළ යුතුයි. අපට ඒ ශක්තිය තිබෙන බව ඇඟලුම් කර්මාන්තයෙන් පෙන්නුම් කළා. තේ කර්මාන්තයෙන් ද ඒ ශක්තිය පෙන්නුම් කර තිබෙනවා.කර්මාන්ත, සංචාරක, ව්‍යාපාර ආදී සියල්ල අපනයන ආර්ථිකය බවට පත්කර විශාල සංවර්ධන ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා. යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගැනීමට යළිත් අපට හැකියාව ලැබෙනවා. මේ පිළිබඳව අප යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කළා. යුරෝපා වෙළෙඳපොළට පිවිසීම සඳහා යුරෝපා සංගමය අපට භාණ්ඩ 6600කට සම්පූර්ණ බදු සහන දුන්නා. ප්‍රතික්ෂේප කළ තීරු බදු සහන සියල්ල දැනට අපට ලැබී තිබෙනවා.ඇඟලුම් භාණ්ඩ පමණක් නොව තවත් භාණ්ඩ රැසක් තීරු බදු සහනයට අයත් බව කිව යුතුයි. ඒ අතර අඹ, අන්නාසි, ගම්මිරිස් ආදියත් යුරෝපයට යැවීමට උපාලි සමරවීර මහතා කල්පනා කරලා. යුරෝපය අපට උපකාර කරනවා. ඔවුන් අපට සම්පූර්ණ වෙළෙඳපොළ දුන්නා.අප දැන් ලෝකයේ සෑම රටක් සමඟම මිතුරු වී සිටිනවා. යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට පත්වෙලා.ජපානයට හා ඉන්දියාවට යෑමට මට අවස්ථාව ලැබුණා. ඔවුන් අපේ දියුණුවට විශාල වශයෙන් උපකාර කරනවා. ප්‍රධාන නගර දියුණු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට ආධාර කිරීමට, කොළඹ වරාය තවත් දියුණු කිරීමට, කොළඹ වරායට උතුරින් තවත් වරාය ඉදිකිරීමට, කටුනායක ගුවන් තොටුපොළ දියුණු කිරීමට, කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමට, මෙරටට හොඳ තාක්ෂණය දීමට, මහනුවර අලුත් නගරය බවට පත් කිරීමට, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අපගේ රූපවාහිනී නාලිකා ඩිජිටල්කරණය කිරීමට ජපානය එකඟවී සිටිනවා.ත්‍රිකුණාමලය සංවර්ධනය සඳහා සහභාගී වීමට සූදානම් යැයි ඉන්දියාව පවසනවා. ලංකාව හා ඉන්දියාව එක්වී ත්‍රිකුණාමලයේ ව්‍යාපෘති රැසක් දියුණු කිරීමට ඉන්දීය රජය කැමැත්ත පළ කළා.ත්‍රිකුණාමලය තෙල් ගබඩා හවුල් ව්‍යාපාරය ලෙස දියුණු කිරීම ඉන් එක් ව්‍යාපෘතියක් බව කිව යුතුයි. එයින් ශ්‍රී ලංකාවේ තෙල් සංස්ථාවට කිසිදු හානියක් වන්නේ නැහැ. තෙල් ගබඩා කර ඉන්දියාවට විකිණීමේ අවස්ථාව එවිට අපට ලැබෙනවා. එහි අප කර්මාන්තශාලා ඇති කරනවා. ඒ අවට විශාල දියුණුවක් ඇතිකළ යුතුයි. ඒ දියුණුවේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව සමඟ ඒකාබද්ධ කමිටුව පත් කරනවා. ජපානයත් ඒ කාර්යය සඳහා එකතු වෙනවා.සූර්යතාප විදුලි බලාගාරයක් සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට ඉන්දියාව ක්‍රියා කරනවා. ඊට අමතරව ඉන්දීය රජය විසින් කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරය ඉදි කරනවා.ජපාන ආයෝජකයන් විසින් තවත් විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිතයි. විදුලි බලාගාරය සඳහා එල්.එන්.ජී. ගෑස් ගැනීම සඳහා අවශ්‍ය පාවෙන පර්යන්තය ඉන්දියාව ලංකාව හා ජපානය එක්ව ක්‍රියාත්මක කරනවා.උතුරේ ආර්ථිකය දියුණුකිරීම සඳහා ඉන්දියාවෙන් සහයෝගය ලැබෙනවා. මන්නාරමේ සිට වවුනියාවට, වවුනියාවේ සිට ත්‍රිකුණාමලයට, ත්‍රිකුණාමලයේ සිට දඹුල්ලට අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කරන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.දකුණු පළාතේ ඉන්දීය ආයෝජන සහිතව වෙළෙඳ කලාපයක් ඉදිකිරිමට ඉන්දීය සමාගම සූදානම්ව සිටිනවා. කළුතර අක්කර දහසක වෙළෙඳ කලාපය ඉදිකිරීම සඳහා තායි සමාගම පැමිණ සිටිනවා.වයඹ වෙළෙඳ කලාප තුනක් ඉදිකරීමට නියමිතයි. මීට අමතරව හම්බන්තොට, වැල්ලවාය ප්‍රදේශවලත් වෙළෙඳ කලාප ඉදි කෙරෙනවා. ජාතික ආදායම වැඩි කරන අතර ඉතිරි සංවර්ධන කටයුතු සැලසුම් කරමින් සිටිනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ඉන්දියාවෙන් ආධාර දෙන බවට පොරොන්දු වුණා.අපනයන කෘෂිකර්මාන්තය දියුණු කර මත්තල ගුවන් තොටුපොළින් අපේ භාණ්ඩ එතෙර යැවිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ සහයෝගය ගන්නවා. වතුකරයේ ජනතාවට  නිවාස ඉදිකිරීමට උතුරේ ජනතාවට නිවාස තැනීමට ඉන්දීය සහයෝගය ලැබෙනවා.මීට අමතරව අපේ ශක්තියෙන් දකුණේ අක්කර දහසකට වැඩි ප්‍රමාණයක සංචාර කලාප ඉදිවෙනවා. හලාවත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් තවත් සංචාරක කලාපයක් ඉදිවෙනවා. බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවලත් වෙළෙඳ කලාප මෙන්ම සංචාරක කලාප ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මහනුවර නගරය විශාල සංචාරක මධ්‍යස්ථානය බවට පත් වෙනවා. එමෙන්ම සංස්කෘතික ත්‍රිකෝණය ආශ්‍රිතව ද සංචාරක කර්මාන්තය දියුණු කරනවා.ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් සමාගම එක්ව හම්බන්තොට වරාය දියුණු කිරීමේ තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ දියුණුව මේ ප්‍රදේශයටත් ගලා එනවා.සෑම සංවර්ධන සැලසුමක්ම ගෙන ආවේ අපනයන ආර්ථිකය කරා යාමටයි. අපේ නිෂ්පාදන  එවිට ලෝක වෙළෙඳපොළේ  විකිණීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම එවිට ඉහළ යනවා. එමෙන්ම ජාතික ධනය ඉහළ යනවා. දළ දේශීය ආදායම දෙගුණ තෙගුණ වෙනවා.දුප්පත්කම තුරන් කර තරුණයන් සඳහා රැකියා බිහි කර ඉදිරියට යන ව්‍යාපාරය ජාතික රජය විසින් ක්‍රියාත්මක කරනවා. අප ආරම්භ කරන්නේ අපනයන ආර්ථිකයේ සංවර්ධනයයි.අප ජාතික ආදායම ශීඝ්‍රයෙන් වැඩි කළා. හැමදාම හිඟන්නන් වශයෙන් ඉන්න හැකියාවක් නැහැ. අපනයන ආර්ථිකය මගින් ලෝක වෙළෙඳපොළට ඇතුළු විය හැකි ආර්ථිකය අප නිර්මාණය කරනවා.1977 වසරේ නිදහස් ආර්ථිකය ආරම්භ කරද්දී අපට කිසිවක් තිබුණේ නැහැ. ඇඟලුම් කර්මාන්තය  නැහැ. 1977ට පෙර තිබූ රෙදි හැඳින්වූයේ ‘ඝණ්ඨාර මාර්ක්’ රෙදි යනුවෙන් බව වැඩිහිටියන් දන්නවා. අද වනවිට අප ඉහළ ප්‍රමිතියෙන් යුතු රෙදි ලෝකයට අපනයනය කරනවා.එමෙන්ම විශාල වශයෙන් රබර් ටයර් හදනවා. මේ කර්මාන්ත පස් ගුණයකින් පමණ වැඩි කිරීම අපේ අරමුණයි. අප ළඟ වාද බේද නැහැ. සියලු දෙනා එකතු වී වසර 5කින් ඉදිරියට පනිමු. ඊට පසුව පක්ෂය ලෙස බෙදී තරග කරන්න හැකියි.ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ ණය උගුලේ හිරවී තිබූ රට ඉන් බේරාගැනීමයි. ඒ කාර්යය සඳහා අපනයන ගම්මානයෙන් ලැබෙන උපකාරයට ද ස්තුතිය පළ කළ යුතුයි” යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.ඌව පරණගම සංවිධායක ඌව පළාත් කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන සහ මහාමාර්ග අමාත්‍ය උපාලි සමරවීර මහතා:“ඌව පරණගම ආසනයේ කෙළවරේ දුෂ්කරම ගම්මානයට අගමැතිතුමා පැමිණීම ගැන අපට ආඩම්බරයි. ඌව පරණගම සීයට 85ක ජනතාව ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙනුයි. හැමදාම කෘෂිකර්මාන්තයේ පෙරළියක් ඇති කිරීමේ වුවමනාව අපට තිබුණා.යාලගමුවේ ගොවි ගම්මානය සඳහා අප අක්කර 53ක භූමිය හඳුනාගෙන තිබෙනවා. මේ අසලින් උමා ඔය ගලා බසිනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඇරඹූ වාසනා ගමත් මේ ආසන්නයේ තිබෙනවා. තල්පිටිගම වේල්ල ඉදිවෙන්නේත් මේ ආසන්නයේයි. මෙය මා වසර 16කට පෙර දුටු සිහිනයක් බව කිව යුතුයි. අක්කර 53ක් වන ඉඩමේ අක්කර 50ක් වගා කටයුතු සඳහා ද අක්කර 3ක් මෙහි කෘෂිකාර්මික කටයුතු සඳහා සහභාගී වන තරුණ තරුණියන්ගේ නේවාසික පහසුකම් සඳහා ද වෙන්කර තිබෙනවා.අඹ, ගම්මිරිස්, අන්නාසි, වැල්දොඩම්, කටු අනෝදා, රට කජු යන භෝග මෙහි වගා කරනවා.  විශේෂයෙන් ජර්මනියේ මේ භෝග සඳහා විශේෂ ඉල්ලුමක් තිබෙනවා.”කම්කරු සබඳතා රාජ්‍ය අමාත්‍ය රවී සමරවීර මහතා:“රාජ්‍ය නායකයකු ඉතා දුෂ්කර ප්‍රදේශයකට පැමිණීම ගැන ස්තූති විය යුතුයි. මෙවැනි දුෂ්කර ප්‍රදේශවලට සේවය කරන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පමණයි. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පසුව මේ ප්‍රදේශයට ආ එකම රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි.අපනයන ගම්මානය ඉදි කිරීමෙන් පසු ප්‍රදේශය ශීඝ්‍රයෙන් දියුණු වීමට නියමිතය. පරිවර්තනය සිතන තරම් ලේසි නැහැ. අප බාර ගත්තේ හොඳ රටක් නොවෙයි. අප ජනප්‍රිය නොවන ආණ්ඩුවක් වී ඇත්තේ හරි දේ කරන නිසයි. තව වසර 2ක් යනවිට ජන වරමේ සැබෑ වෙනස දැක ගැනීමට හැකි වේවි.ඉදිරියේදී විශාල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ජනතාව ඉවසිලිවන්තව අප සමඟ ගමන යන්න සූදානම් වෙන්න.”ඌව පරණගම යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් ශ්‍රීනාත් මහතා:“උපාලි සමරවීර යනු අභියෝග බාර ගන්නා නායකයයි. ඔහුගේ මූලිකත්වයෙන් ඇරැඹුණු ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම සාර්ථක වන බව අපට විශ්වාසයි.අභියෝග බාර ගැනීමට අප සූදානම්. ඒ මෙරට තාරුණ්‍යයට හෙට දවස සෑදීම සඳහායි. ඌව පරණගම ආසනය කෙළවරේ දුෂ්කරම ගම්මානයට අගමැතිතුමා පැමිණීම ගැන අපට ආඩම්බරයි.2000 වසරේ නවක මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණියා. 2000 බල පෙරළියෙන් පසුව ආණ්ඩුව විසුරුවා හැරියා. 2001 දී අප ආණ්ඩුව පිහිටෙව්වා. ඌව පරණගම සීයට 85ක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙනුයි. කෘෂිකර්මාන්තයේ පෙරළිය කිරීමේ වුමනාවක් අපට තිබුණා.”ප්‍රදේශයේ දේශපාලනඥයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
0
hp_train_0791
(ඩී.කේ.රත්න)තණමල්විල නිකවැව ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (4)  අත්අඩංගුවට ගෙන ඇතයි තණමල්විල පොලීසිය පවසයි. තණමල්විල නිකවැව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු මෙම ගිනිඅවියත් සමඟ තණමල්විල පොලීසිය  අත්අඩංගුවට ගෙන ඇත. නිකවැව ප‍්‍රදේශයේ නිවසක ගිනි අවියක් සගවා ඇති බවට තණමල්විල පොලීසියට ලැබුණු තොරතුරක් මත තණමල්විල පොලීසියේ නිලධාරීන් පිරිසක් මෙම නිවසේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගිනි අවියත් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තණමල්විල පොලීසියේ නිලධාරීහු මේ පිළිබචව පරීක්ෂණ සිදුකරති. 
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
0
hp_train_0792
 මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (1) පස්වරු 8.25 වනවිට එක්වූ ආසාදිතයන් 235 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 555 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 40,126 දක්වා ඉහළ ගොස් ඇත.අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනාම පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති.‍
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 21,000 පනී
0
hp_train_0793
(ජේ.කේ.එල්.චාමින්ද) විකිණීම සඳහා මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 03ක් හා මිලිග්‍රැම්  350ක් සමඟ අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි.හික්කඩුව වැල්ලවත්ත හා හික්කඩුව නගරයේ දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් දෙදෙනා මත්කුඩු ජාවාරමට මෑතකදී එක්වු අය බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.මොවුන් කළුපේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මින් එක් අයෙක් ත්‍රීරෝද රථ රියදුරකු වන අතර අනික් තැනැත්තා  ලී මෝලක ලී ඉරණ  අයෙකි.
මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
0
hp_train_0794
(මනෝප්‍රිය ගුණසේකර) අඩු වටිනාකමක් යෙදු තක්සේරු වාර්තාවක් ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 10,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකට ද යටත් කළ විනිසුරුවරයා මෙම සිද්ධියේ පැමිණිලිකරුට රුපියල් 25,000/-ක වන්දියක් ගෙවීමටද නියම කළේය. විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 10,000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ නියම කළ දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසර 6 ක සිරදඬුවමක්ද නියම කළේය. සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට දඩුවම් නියම කළේය. විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය. චෝදනාවට වරදකරුවීමෙන් මෙලෙස දඬුවම් නියම වුයේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු වශයෙන් සේවය කළ එච්.බී. ජගත් නමැත්තාටය. ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට නියම කළ වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 10ක කාලයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය. අල්ලස් කොමිසමේ පොලිස් පරීක්‍ෂක සී.ඒ. ගුණවර්ධන මහතා මෙහි විමර්ශන නිලධාරීවරයා ලෙස කටයුතු කළ අතර පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය පෙනී සිටියාය.
කළුතර නගර සබේ හිටපු වැඩ අධිකාරීට සිව් වසරක සිරදඬුවම්
0
hp_train_0795
තුසිත කුමාර ද සිල්වා බේරුවල කංකානම් ගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි විවාහක පුද්ගලයකු සන්තකයේ නීතිවිරෝධීව තීරුබදු රහිතව මෙරටට ආනයනය කළ විදේශීය දුම්වැටි 300ක් සමඟ සැකකරු බේරුවල පොලිසිය විසින් අද (11) අත්අඩංගුවට ගත් බව පවසයි.මෙම සැකකරු මෙම දුම්වැටි සන්තකයේ තබා පත්තකඩේ ප්‍රදේශයේ දී සිල්ලරට අලෙවි කරන බවට ලද තොරතුරක් මත දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගත් බව කියයි.වෙළඳපොලෙහි අලෙවි කරන දේශීය දුම්වැටි මිලට වඩා අඩුවෙන් සැකකරු මේවා අලෙවි කර ඇති බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් දුම්වැටි තොගය සිගරට් 20 බැගින් අඩංගු පැකට්වල තිබූ ඒවා වන අතර එම පැකට් 15ක දුම්වැටි 300ක් තිබී ඇතැයි ද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
1
hp_train_0796
(ඉන්දිකා රාමනායක)නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 94 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 53,030 ක් අත්අඩංගුවට ගෙන ඇත.  
නිරෝධායනය කැඩූ 151ක් අල්ලයි
0
hp_train_0797
(මුදිතා දයානන්ද)“උසස් අධ්‍යාපනයේ ඉහළම නියෝජනයක් පෙන්වන කාන්තාවෝ රටේ වැදගත් තීන්දු තීරණ ගන්නා තැන්වල අවම වෙලා. මේ පරතරය වෙනස් කර, තමන් වෙනුවෙන් රට වෙනුවෙන් තීන්දු ගන්නා තැන්වල කාන්තා නියෝජනය වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා යැයි” ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (20) පැවසීය.ඔහු මේ බව පැවසුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවති ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව කාන්තා සමුළුවට එක්වෙමිනි.මෙම කාන්තා සංවිධානය විසින් සකස් කරන ලද කාන්තා ප්‍රඥප්තියේ පිටපතක් හිරණ්‍යා දේවසිරි, සෙල්වි ක්‍රිෂ්ණා, ෆාතිමා රෂ්මිනා විසින් ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.එහිදී අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ ද පැවසීය.සාමාන්‍යයෙන් සිදුවන්නේ පිරිමි ගොඩක් ඉන්න වේදිකාවක කාන්තාවක් හෝ දෙන්නෙක් තනිවීමයි. අද ඒකේ අනෙක් පැත්ත. කාන්තාවෝ ගොඩක් මැද්දේ අද මම විතරක් තනියම. අර වගේ වේදිකාවක දී කාන්තාවන්ට ඇති වන මානසික අපහසුතාවය අද මට දැනුණා.අපේ රටේ කාන්තාවන්ට කාන්තාවන් වීම නිසාම ඔවුන්ටම අනන්‍ය වූ ප්‍රශ්න රැසකට වගේම වැඩ කරන දුක්විඳින පීඩිත ජනතාව මුහුණ දෙන පොදු ප්‍රශ්වලටත් මුහුණ දෙන්න සිදුව තිබෙනවා. ඒ පීඩාවේ ස්වභාවයනුත් දෙකක් තියෙනවා. තමන්ගෙ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව ඉන් එකක්. දෙවෙනි එක තමයි තමන්ගේ පීඩාව පිළිබඳ ගැටලුව.රටක් විදිහට අපේ රටේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලත් තීන්දු තීරණවලට කොපමණ කාන්තාවන් ප්‍රමාණයක් සහභාගි වෙනවා ද? දේශපාලන ව්‍යාපාරයන් තුළ, පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ගේ නියෝජනය කොපමණ ද? ඒවායේ ඉතාමත් අල්ප කාන්තා නියෝජයක් තමයි තියෙන්නේ. ඒත් රටේ ජනගහනයෙන් සියයට පනස් එකක් ඉන්නෙ කාන්තාවන්.පිරිමින් මූලික කරගත් සමාජයක් නෙවෙයි අපිට අවශ්‍ය. දෙපාර්ශ්වයෙන්ම අදහස් සම සමව එකට ගැටෙමින් තමයි සමාජයක් ඉදිරියට යන්න ඕනෑ. ඒත් අඩුම තරමින් කාන්තාවන්ට විශේෂ වූ ගැටලු නිර්මාණය වෙන තැන්වලවත් ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් වතුකරයේ වැඩියෙන්ම ශ්‍රමය වගුරන්නේ කාන්තාවෝ වුණත් වෘත්තීය සමිති වතුවල හාම්පුතුන් එක්ක සාකච්ඡා කරනකොට ඒ සාකච්ඡා තුළ කාන්තාවෝ නැහැ. පාර්ලිමේන්තුව ඇතුළෙ වුණත්, පියා, ස්වාමිපුරුෂයා, සහෝදරයා මියයාම විසින් පාර්ලිමේන්තුවට ආපු කාන්තාවන් තමයි අතිබහුතරයක් ඉන්නේ. සමාජය තුළ ගැටෙමින්, සමාජ අත්දැකීම්වලින් සහ සමාජයට නායකත්වය ලබා දීමෙන් ලබා ගන්නා පෞරුෂයන් විසින් පාර්ලිමේන්තුවට ආපු කාන්තාවන් දකින්න නැහැ.අද මෙතන දී අපට ඉදිරිපත් කළ කාන්තා ප්‍රඥප්තියේ සඳහන් වෙනවා මැතිවරණයක දී කාන්තාවන් සියයට පණහක් හෝ අවම වශයෙන් ඉදිරිපත් කළ යුතුයි කියලා. අපි ලෑස්තියි ඒකට. ඇත්ත කතාව නම් ඒකට කාන්තාවන් සූදානම් ද කියන එකයි. ඒකට හේතු තමයි ඇයගේ පවුලට තියෙන සම්බන්ධතාවය, ඇයට ඇති වී තිබෙන වගකීම්, ඇය එවැනි කටයුතු නියැලීම සම්බන්ධයෙන් තිබෙන සමාජ ආකල්ප ඊට බලපෑම් කරනවා.2018 වසරේ මාතෘ සියදිවි නසාගැනීම් තිස් අටක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නෙ දරුවා බිහි කොට දින හතළිස් දෙකක් ඇතුළත මව්වරුන් තිස් අට දෙනෙක් සියදිවි නසාගෙන. දරුවා බිහි කළාට පස්සෙ ඇති වෙන විශාදය සහ ගෘහස්ථ හිංසනය තමයි ඒවට හේතු විදිහට හොයාගෙන තියෙන්නෙ. ඊටත් වඩා භයානකම දේ තමයි ලංකාවේ අස්වාභාවිකව මරණයට පත් වන කාන්තාවන්ගෙන් සියයට තිස් හයක්ම මරණයට පත් වෙන්නෙ තමන්ගේ ස්වාමිපුරුෂයා නැත්නම් තමන්ගේ සමීපතම සහකරු අතින්. ඒකෙන් පැහැදිලි වෙන්නෙ ලංකාවේ කාන්තා මරණවලින් සැලකිය යුතු පංගුවකට පුරුෂයා විසින් ඇති කරන පීඩනය හේතුවක් වෙලා තියෙනවා කියන එක.ලංකාවේ වසරකට ගබ්සාවන් 240,000ක් සිදු වෙනවා. ඒ වාර්තාගත සංඛ්‍යාලේඛන පමණයි. ඒ අතරින් සියයට අනූවක්ම විවාහක කාන්තාවන්. බරපතළම ඛේදවාචකය තමයි විදෙස් රැකියාවකට යාම සඳහාත් ගබ්සා කර ගැනීම. මේ රහසිගත ගබ්සාවන් නිසා ඇති වෙන සෞඛ්‍ය ගැටලු රැසක් තියෙනවා.  මේ ගබ්සාවන් ගැන තීරණ ගන්නෙ කවුද? තමන්ගේ ආර්ථික හැකියාව ද? තමන්ගෙ දරුගැබ විනාශ කරන්න පිටස්තර කෙනෙක් හරි පිටස්තර හේතුවක් හරි හේතු වෙනවා නම් ඒක යුක්ති සහගත ද? අපි විශ්වාස කරන්නෙ ඒ දරුගැබ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය තියෙන්නෙ ඒ ගැබ දරා සිටින කාන්තාවට කියලයි. ඒක ඇයගේ අයිතියක්.මේ ඇති වී තිබෙන සමාජ පීඩනයේ, සමාජ ඛේදවාචකයේ වැඩිපුරම වින්දිතයන් වී තියෙන්නෙ කාන්තාවන්. අද උතුරු පළාතෙ යුද වැන්දඹුවන් හතළිස් පන්දාහක් පමණ ඉන්නවා. දකුණේ, ස්වාමියා යුද සොල්දාදුවෙක් වීම නිසා වැන්දඹුවන් වූ කාන්තාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අද යාපනයේ වේගයෙන්ම ව්‍යාප්ත වෙමින් යන වෘත්තිය බවට ගණිකා වෘත්තිය පත් වෙමින් තියෙනවා. ස්වාමියා අහිමි වීම නිසා ජීවත් වීම වෙනුවෙන් ඔවුන්ට ශරීරය විකුණන්න වෙන තත්ත්වයට අද ඔවුන්ව පත් කර තියෙනවා. ඒ නිසා මේ යුද වැන්දඹුවන්ගේ ප්‍රශ්නය කියන්නෙ විශේෂ මැදිහත්වීමක් කළ යුතු ක්ෂේත්‍රයක් බවට අපි අඳුනගෙන තියෙනවා. ඒ වගේම තමයි අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය. ඒ බිරින්දෑවරුන්ට, ඒ අම්මාවරුන්ට තමන්ගේ ස්වාමිපුරුෂයා, දරුවා ගැන තොරතුරක් දැන ගන්න අයිතියක් නැද්ද? ඒ අයිතිය තහවුරු කරන්න වේගවත් මැදිහත්වීමක් කරන්න ඕනෙ කියලා අපි අදහස් කරනවා.මේ සමාජයෙ තිබෙන ආර්ථික පීඩනයෙන් වැඩිම පීඩාවක් විඳින්නෙ කාන්තාවන්. ධීවර කර්මාන්තය ගැන කියද්දි අපිට මතක් වෙන්නෙ ධීවරයා. ඒ පිටුපස ඉන්න කාන්තාව සමාජය විසින්ම සඟවලා. කෘෂිකර්මාන්තයේදිත් එහෙමයි. අපේ චිත්‍ර පොතේ ඉඳන් අපේ මනසේ හදලම තියෙන්නෙ කඨෝර පොළොව එක්ක හැප්පෙන ගොවියා විතරයි. ගෙවිලිය ගැන කතාවක් නැහැ. ගෙවිලිය ගැන කියන්නෙ කතාව ලස්සන කරන්න විතරයි. ඒ වුණාට හැම ක්ෂේත්‍රයකම ප්‍රධාන පාර්ශ්වකරුවෙක් සහ බර උසුලන්නෙක් විදිහට කාන්තාව පත් වී තියෙනවා.අයිතීන් උදෙසා කාන්තා ව්‍යාපාරයේ සරෝජා පෝල් මහත්මිය.අද මේ වේදිකාවේ අසුන්ගෙන සිටින කාන්තා ව්‍යාපාර නියෝජනය කරන අපි අතර මතවාදිමය වෙනස්කම් තිබෙනවා. වෙනත් විවිධ වෙනස්කම් තිබෙනවා. එහෙත් අපි හැමෝගේම පොදු අවශ්‍යතාවය කාන්තාවන්ගේ අයීතින් දිනාගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම, ඔවුන්ගේ ජීවිතය වඩාත් යහපත් තැනකට රැගෙන ඒමයි. ඒ නිසා එය වඩාත් ශක්තිමත්ව ඉටුකරගන්න අපි සියලු දෙනා අද එකට එකතු වූ ජාතික ජනබලවේගය සමග ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව ලෙස අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනවා. අපි එලෙස එක්ව සිටින්නේ අපේ අරමුණ කරා යාමට එයින් හැකිවනු ඇතැයි විශ්වාස කරන නිසයි.යහපාලනය සඳහා වු ජාතික ව්‍යාපාරයේ  රිසානා ෂිමාස් මහත්මියමුස්ලිම් කාන්තාවන් කවදත් ආගමික සංස්කෘතික බැඳීම්වලින් දැඩිව බැඳී ජීවත්වන පිරිසක්. ඔවුන් හැමවිටම තම ස්වාමිපුරුෂයාගේ හා දරුවන්ගේ උවමනා එපාකම් සොයා බලමින් පවුල තුළ කොටුවී පීඩාවට පත්ව ජීවත් වීම උරුම කරගත් පිරිසක්. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජීවත් වන පිරිසක් ලෙස අපිට අනිවාර්යෙන්ම මුස්ලිම් සංස්කෘතිය තුළ ජීවත්වීමට සිදුව තිබෙනවා. දේශපාලන ක්‍රියාකාරිත්වයක් වෙනුවෙන් පෙනී සිටීම අපිට හිතන්නවත් පුළුවන් දෙයක් ලෙස තිබුණේ නැහැ. එදා අපි යහපාලනය සඳහා වූ ජාතික ව්‍යාපාරය ලෙස 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත් වුණත් අපි හිතපු වෙනස්කම එයින් සිදුවුණේ නැහැ. මෙවර අපි ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වී සිටිනවා. අපි විශ්වාස කරනවා අපි එකතු වුණේ නිවැරදි තැනට කියලා. අපේ ප්‍රශ්නවලට මෙතනින් විසඳුම් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.නිර්මලා ද අල්විස් මහත්මිය:මම මෙතනට ආවේ අනුර දිසානායක අපේ ජනාධිපති අපේක්ෂකයා කතා කළ නිසා නම් නෙවෙයි. ඔහුට ඊයේ මම කතා කරන තුරු ඔහු මට කතා කරලා තිබුණේ නැහැ. මම තමයි මේ වෙලාවේ වචන කීපයක් කතා කරන්න විනාඩි කීපයක් හෝ කතා කරන්න ඉඩක් දෙන්න පුළුවන් ද කියලා ඇහුවේ. මොකද මම අද මෙතනට ආවේ ඇයිද කියලා සමාජයේ ලොකු සංවාදයක් හෙට සිට ඇරඹේවි. ඒකට මම අද පිළිතුරක් දීලා යන්න ඕන.මගේ සැමියා ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයේ තිබුණා. ඒත් ඇත්ත දැනගත්ත ගමන් මම ජවිපෙ දැනුවත් කළා. ඒ රටට ඒ ඇත්ත යා යුතු නිසා. මම අද කෝටි ගණනක වන්දි නඩුවක විත්තිකාරියක්. ඒත් මම බය වෙන්නේ නැහැ. මේ වේදිකාවට ආව නිසා හෙට සිට මා ගැන මඩ ප්‍රහාර දිගින් දිගටම එල්ල වේවි. මට හිනාවේවි. ඒවාට මුහුණ දෙන්න සූදානම්ව තමයි මම ආවේ. එසේ කරන අය ඒවා කරන්නේ නොදැනුවත්කම නිසයි. ඒනිසා තමයි මම වචන කීපයක් හෝ මෙතන කතා කරන්න ඉල්ලුවේ. ඇත්තටම මම නිර්පාක්ෂිකයෙක්. මෙතනට ආවේ ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙළ දැකලා වගේම ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස අනුර දිසානායක සහෝදරයාගේ නිහතමානීකම කාලයක් තිස්සේ දැනිලා තිබුණ නිසයි.ප්‍රේමකීර්ති ඝාතනය කළේ ජවිපෙන් නෙවෙයි කියලා ඇත්ත මම රටට හෙළිකළාට පස්සෙත් මගෙන් දේශපාලන ප්‍රයෝජනයක් ගන්න වේදිකාවකට එන්න කියලා කවදාවත් ආරාධනා කළේ නැහැ. මමම තමයි ඔහුට කතා කළේ. එතකොට තමයි අද මෙතන වැඬේ ගැන කිව්වේ. මම තමයි කතාවක් කරන්න ඉල්ල ගත්තේ. මම ඈත ගම්වල ඉන්න අපේ මව්පිය සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා දැන් තවත් අපි රැවටෙන්න අවශ්‍ය නැහැ. අපේක්ෂාවේ අපේක්ෂාව දිනවන්න එකතු වෙන්න.එහිදී හැත්තෑ එකේ සහෝදරත්වය වෙනුවෙන් හේමමාලි විජේසිංහ, අලුත් පියාපත් සංවිධානයේ කෞෂල්‍යා ආරියරත්න මහත්මීන් ද අදහස් දැක්වූ අතර නදී කම්මැල්ලවීර, කෞෂල්‍යා ප්‍රනාන්දු, නිරංජලා මංජරී සහ තරින්දි ෆොන්සේකා ගීත ගායනයෙන් හා රංගනයෙන් සභාව අලංකාරවත් කළහ.මෙම අවස්ථාවට නොයෙල් ක්‍රිස්ටිනා කන්‍යාසොයුරිය, ගැමි කාන්තා සමිති සම්මේලනයේ ශ්‍රියාණි පතිරගේ, නෙලුම් යාය පදනම වෙනුවෙන් නීතිඥ රාධිකා ගුණරත්න, වෛද්‍ය චාන්දනී කරුණාරත්න, මහාචාර්ය රුවනි හෙට්ටිආරච්චි,  රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධර්මා රාජපක්ෂ, රංගන ශිල්පිනී දීපානි සිල්වා, ඇතුළු සංවිධාන රැසක් නියෝජනය කරමින් කාන්තා ක්‍රියාකාරිනියක් රැසක් එක්ව සිටියහ.
‘සා.පෙළවත් නැති අනූවක් පාර්ලිමේන්තුවේ‘
0
hp_train_0798
(රංජිත් රාජපක්ෂ)                       හැටන් දිඹුල රොසිටා වතුයායේ වතු නිවාස පේලියක අද (02) හටගත් ගින්නකින් වතු නිවාස අටක් ගිනිගෙන විනාශ වී ඇති බව දිඹුල පොලිසිය පැවසීය.අද පස්වරු 5 පමණ එම වතු නිවාස පේලියේ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බව පොලිසිය සඳහන් කරයි.ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කීය.පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් , දිඹුල පොලිසියේ නිලධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින්  එක්ව පාලනය කර ඇත.ගින්න පැතිර යාමත් සමඟ එම වතු නිවාස පේලියට ලබා දී තිබූ විදුලි බලයද තාවකාලිකව විසන්ධි කර ඇති අතර ගින්නෙන් වතු නිවසක තිබූ යතුරුපැදියක් සහ වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදියද විනාශ වී ඇති බව පොලිසිය පැවැසීය.ගින්නෙන් වතු නිවාස 8 කට සමාජිකයන් 20 දෙනෙකු පමණ අවතැන් වී ඇති අතර ඔවුන් වතුයායේ වෙනත් ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය කීය.ඡායාරූප - සුදත් එච්. එම්. හේවා     
නොර්වුඩ් ප්‍රදේශයේ වතු නිවාස පේලියක ගින්නක්
0
hp_train_0799
(නාලක ජේ. හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන)  ගංජා සුරුට්ටුවක්  ළඟ තබා  ගත් පුද්ගලයකු අගෝස්තු 6 වැනිදා   දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එම්. එම්. රෆික්  මහතා අද (04) නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ  බලන්ගොඩ තුඔගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි  පුද්ගලයෙකි.  සැකකරු බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන  මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
රිය අනතුරකින් දරුවකු මියයාම සම්බන්ධයෙන් රියදුරෙකු යළි රිමාන්ඩ්
0
hp_train_0800
ආයතනයක සේවය කළ පුද්ගලික ආරක්ෂක නිලධාරියා තරුණයකි. හෙතෙම ආයතනයේ නිලධාරීන්ට හිතවත්ය. ඔහුට ආහාර සැපයූ සැපයුම්කරු එක් කෑම වේලක් සදහා රුපියල් හැටක් අය කළේය.කිසිම රසක් නොමැති එම ආහාර ආරක්ෂක නිලධාරියා අනුභව කළේ දෙස් දෙවොල් තබමිනි. ආරක්ෂක නිලධාරියා ආහාර ගත්තේ ආයතනයේ නිලධාරීන් ආහාර ගන්නා කාමරයේය. දිනක් ඔහු දිවා ආහාරය ගැනීමට ගිය විට හිතවත් තරුණ විධායක නිලධාරියෙක් ද තම කෑම පාර්සලය රැුගෙන පැමිණියේය. බත්පත දිගහල ආරක්ෂක නිලධාරියා, ‘අයියෝ අදත් තියෙන්නේ සැමනුයි පරිප්පුයි’ යැයි කීය. එවිට විධායක නිලධාරියා, ‘ඉතින් කොච්චර හොඳදැයි’ පැවසූ විට, ආරක්ෂක නිලධාරියා, ‘මෙලෝ රහක් නැහැ සර්.. හැමදාම එක්කෝ සෝයාමීට් නැත්නම් සැමන්’ යැයි පැවසීය. ‘මට දෙන්න එස්. ඕ.ගේ කෑම එක. මගේ කෑම එක ඔයා කන්නැයි’ නිලධාරියා පැවසීය. ආරක්ෂක නිලධාරියා පුදුමයෙන් බලා සිටිද්දී ඔහුගේ කෑම පාර්සලය නිලධාරියා අනුභව කරන්නට විය. ‘ෂා.. හරි රසයිනේ. මම ගෙදරින් ගේන කෑම හැමදාම කාලා එපා වෙලයි මට තිබුණේ. අපි හැමදාම කෑම මාරු කරගමු. හැබැයි එස්. ඕ. කාටවත් කියන්න එපා’ නිලධාරියා පැවසීය. දැන් දිවා ආහාරය කාටත් හොරා දෙදෙනා මාරුකර අනුභව කරන අතර නිලධාරි මහතාගේ දිවා ආහාරය කුකුළුමස්, මාළු, බිත්තරවලින් යුක්ත වුවත් ආරක්‍ෂක නිලධාරියාගේ දිවා ආහාරයේ ඇත්තේ සෝයාමීට් නැත්නම් කරවලය.
හිතවත්කමට බුරියානි අරන් දී පොකැට්ටුවට තට්ටු කරලා
0