id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_7801
  (ඩී.කේ.රත්න) හාලිඇල අඹවක රක්ෂිතයේ අද (30) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් රක්ෂිතයේ අක්කර 20 ක පමණ භූමි භාගයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.වියළි කාලගුණයක් ප‍්‍රදේශයට නොතිබුණ ද ප‍්‍රදේශයේ පවතින සුළං තත්වය නිසා ගින්න ඇතිවීමත් සමඟ ප‍්‍රදේශය පුරා ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ.මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ විටිනා ශාක පැලෑටි සහ ඖෂධ පැලෑටි රැසක් ද සත්ව විශේෂ රැසක් ද විනාශ වී ඇතැයි පරිසරවේදීහු කියති.කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් වන සතුන් දඩයම් කිරීම හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය කියයි.
දෙමටත්ආර රක්ෂිතයේ ගින්නකින් අක්කර 20 ක් විනාශයි
0
hp_train_7802
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 963දෙනෙකු සුව වූ බව තහවුරු කර රෝහල්වලින් පිටව ගොස් ඇති බව අද(29) වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වේ.ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 55,398කි.ආසාදිතයෝ 5,891දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන කොරෝනා බවට සැකකටයුතු රෝගීන් ගණන 720කි.සුවය ලැබූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් 88.4%ක් සහ ආසාදිතයන් ගණන 11.1%ක් බව කෝවිඩ්-19ට එරෙහි ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.මේ වනවිට තහවුරු කළ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 61,586ක් වන අතර, 297දෙනෙකු මියගොසිනි.මිය ගිය පිරිසගෙන් 187දෙනෙකු පුරුෂයන් වන අතර, සෙසු 110දෙනා කාන්තාවෝය. එසේම කොරෝනා මරණවලින් 39%ක් වාර්තාවන්නේ, අවුරුදු 61-75 වයස් කාණ්ඩයේය.
765 ක් සුවය ලබා පිටව යති
0
hp_train_7803
(ඩී.ජී.සුගතපාල) ගාල්ල දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ  පත්ඉරු ගලවා ව්‍යාජ ඔප්පු සකස් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සැකකාරියක සහ සැකකරුවකු ලබන 23 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (09)මහතා නියෝග කළේය. මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ  කහතුඩුව දියගම පාර පදිංචි ගාල්ලගේ නිමල්කා තිළිණි ප්‍රනාන්දු (42) සහ හෝමාගම උඩුවන පදිංචි  හිරිපිටියගේ සහන් චමින්ද (48) යන අයයි. ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ පත් ඉරු පරීක්ෂා කිරීමට නීතිඥවරයෙකුගේ බලය පැවරූ ලිපි ව්‍යාජ ලෙස සකස් කරගෙන එහි පැමිණ ඇති බවද, පත්ඉරු පරීක්ෂා කරන මුවාවෙන් ඔවුන් පත්ඉරු ගලවාගෙන ගොස් එහි භූමි ප්‍රමාණය වැඩියෙන් සටහන්කර නැවත පොත්වල අලවා ඇති බවද, ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි අතිරේක ඉඩම් රිජිස්ටාර්වරයෙකු පොලිසියට දන්වා ඇත. මෙම සැකකරු සහ සැකකාරිය ගලවාගෙන යන ලද පත් ඉරු නැවත වෙළුමේ ඇලවීමට දෙසැම්බර් 19දින පැමිණ ඇතත් ඉඩම් ලියාපදිංචිකිරීමේ නිලධාරීන් අධීක්ෂණයේ සිටීම නිසා එය ඉටු කරගත නොහැකිව ගොස් ඇත. ඉකුත් 3 වන දින එසේ පත්ඉරු ඇලවීමට පැමිණි අවස්ථාවේ  රැකවලෙහි සිටි බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් ඔවුන් අත් අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂ අපරාධ විමර්ශන අංශයට බාරදෙන ලදී.එම දෙදෙනා පැමිණි මෝටර් රථයද පොලිස් බාරයට ගෙන ඇත. විමර්ශනවලදි අනාවරණයවි ඇත්තේ පත්ඉරු හොරෙන් ගලවා ගෙන ගොස් ඒවායේ භූමි ප්‍රමාණය වැඩියෙන් සඳහන් කර නැවත පොතේ අලවා ඒවාට ව්‍යාජ ඔප්පුද සකස්කර ඇති බවය. ඒ සඳහා විවිධ පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ. ඔවුන් සන්තකයේ තිබී මීගමුව සහ ගම්පහ ප්‍රදේශවල  නීතීඥවරුන් දෙදෙනෙකුගේ  නිල මුද්‍රා දෙකක්ද පොලිසිය සොයාගෙන ඇත. අක්මීමණ, බද්දේගම, පින්නදූව ආදි ප්‍රදේශවල ඉහළ වටිනාකමින් යුත් ඉඩම්වල පත් ඉරු මෙසේ ගලවාගෙන ගොස් ඇති අතර දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ සේවය කරන අයෙකුගේ ඉඩමකට අයත් පත් ඉරුවක්ද ගලවාගෙන ගොස් තිබූ පත්ඉරු අතර වන බවද පොලිසිය පැවසීය. මෙම සැකකරුවන් දෙදෙනා අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට 4 වන දින වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා නියෝග කර තිබිණි. අද ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකෙරිනි. ගාල්ල පොලිස් අධිකාරවරයාගේ උපදෙස් පරිදි විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.එල් නාරංගොඩ මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක උදය සාන්ත, සැරයන් බණ්ඩාර(186)යන මහත්වරුන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලද අතර සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සිසිර වීරසූරිය මහතා ඇතුළු නීතීඥවරු පිරිසක් පෙනී සිටියහ. 
පත්ඉරු ගැලවූ දෙදෙනෙකු රිමාන්ඩ්
1
hp_train_7804
උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන  අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවේ කාලගුණ තත්වයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථාන වලට මිලිමීටර්. 100 පමණ තද වැසි ද ඇති විය හැකියි.සමහර ස්ථාන වලට උදය කාලයේදීද වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259060දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32258570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30259080දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32278570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර30219560දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20129575දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249565දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33259570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31269580දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘පළාත් කීපයකට ඉදිරි 24 පැයෙත් තද වැසි‘
0
hp_train_7805
(යොහාන් භාසුර)කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කීපයකට හෙට (16) පෙරවරු 8.00 සිට පැය 13 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 9, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩි දුරටත් කියයි.
හෙට කොළඹට පැය 10ක් වතුර කපයි
0
hp_train_7806
ශ්‍රී ලංකාවට දැනට පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වයේ තවදුරටත් වැඩි වීය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව පලාත්වල සහ වයඹ පළාතේ සමහර කොටස්වල  අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි ඇති වේ. සමහර ස්ථාන වලට මිලි මිටර් 100 පමණ වැසි ඇතිවිය හැකිය.අනෙකුත් පළාත් වල ස්ථාන කිහිපයක, විශේෂයෙන් සවස 03.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269055සවස 3.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇති වීමේ අවධානමක් පවතීමඩකලපුව36268040සවස 3.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259080විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසිගාල්ල30259080විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසියාපනය33278070සවස 3.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇති වීමේ අවධානමක් පවතීමහනුවර28229575විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසිනුවරඑළිය18149590විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසිරත්නපුරය30249575විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය35268550සවස 3.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31278575සිහින් වැසි.  
‘වැසි තත්ත්වය තවත් වර්ධනය වෙයි‘
1
hp_train_7807
(නාලක සංජීව දහනායක, මහර ගණිඳු රෝචන සමරතුංග, චතුරංග චන්ද්‍රසේන, දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති) වසර පහකට බලයට පත්වන ආණ්ඩුවකට අනාගත පරපුරට හිමි රාජ්‍ය සම්පත් විකිණීමට කිසිම අයිතියක් නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) මහරදී පැවැසීය. ජනතා තීන්දුවට පිටින් සිදුකරන මෙම ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් මගින් විමර්ශන කළ යුතු යැයි ද ඔහු කීය. මහර බස් නැවතුම් පොළ භූමියේ ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියට සහභාගීවෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී විපක්ෂ නායකවරයා මෙසේද කීය.දැන් රතු ලූනු, බොම්බයි ලූනු මිල කොහොමද? ජීවන වියදම අඩුයිද? බඩු මිල ඉහළ ගිය තරම කොතරම් ද කියනවා නම් ජනතාව ඒ ගැන කතා කරන්නෙත් නැහැ. එදා අපට විරුද්ධව ඡන්දය දීපු එකේ ප්‍රතිඵලය වුණේ එදා සිගරැට් බීපු කෙනා අද බීඩි බොන තත්ත්වයට පත්වීමයි. මේ පාලන ක්‍රමය වෙනස් කරන්න අද රටේම ජනතාව බලාගෙන ඉන්න බව ඇල්පිටිය ජනතාව පෙන්නුවා. ශ්‍රීලනිපයත් අපිත් අද එකතුවුණා. ශ්‍රී.ල.නි.ප.ය. අපේ මහ ගෙදර. ඒ නිසා අමුතුවෙන් එකතුවෙන්න දෙයක් නැහැ.මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලා රටේ සම්පත් විකුණනවා. ඒ සල්ලි ආණ්ඩුවම කෑවා. ණය ගෙවන්න රට වෙනුවෙන් ඒ මුදල් යෙදෙව්වේ නැහැ. මේ ආණ්ඩුව හැම කෙනෙක්ගෙන්ම පළිගත්තා. හරියට පළිගන්න අගමැතිකමයි, ජනාධිපතිකමයි දෙකම එ.ජා.පයට දෙන්න කියලා මහ ලේකම්තුමා කියනවා. ඔවුන් බලයට එන්නේ පළිගන්න මිස රට හදන්න නෙවෙයි. කටුනායක ඉඳලා කොළඹට අධිවේගී මාර්ග අපි ඉක්මනට හැදුවා. මේ ආණ්ඩුව අත ගානවා මිස වැඩ නැහැ. නිදි මරණ රටට වැඩක් කරන්න බැරි කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා වැඩක් නැහැ. අපි රටට වැඩක් කරන්න පුළුවන් වැඩකරපු මිනිහෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත්කර තිබෙනවා. අපි නම් බලයට ආවත් ජනතාවගෙන් උපදෙස් ගන්නවා. ජනතාවගේ අදහස් වලට ගරු කරන්න අපි ලැජ්ජා වෙන්නේ නැහැ. ඒකපුද්ගල ආදායම අද 1.6ට වැටිලා. රටේ ණය බර වැඩිවෙලා. මේ තත්ත්වය ඉතාම ඉක්මනට වෙනස් කළ යුතුයි.අවුරුදු පහකට බලයට ඇවිල්ලා අනාගත පරපුරට හිමි දේපළ විකුණන්න ආණ්ඩුවකට බැහැ. ජනතාව නොදුන් අයිතියක් ආණ්ඩුවක් පාවිච්චි කරන්නේ කොහොමද? ජනාධිපති කොමිෂන් දාලා ඒවා ගැන සොයන්න ඕන. වංචාව, දූෂණය, මංකොල්ලකෑම සදාකාලිකවම නතර කර දමන්න කාලය එළැඹිලා තිබෙනවා. ජනතාව ඉදිරියට එන්න බැරි අය අපිට විරුද්ධව උසාවි යනවා. උසාවිය නිවැරැදි තීන්දුවක් දුන්නා. අද අපිට විරුද්ධව බොරු ප්‍රචාර ගෙනියනවා. ඒවා විශ්වාස නොකරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු කීය.පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රජපක්ෂ මහතා මෙසේ පැවැසුවාය.ජනතාව අතරින්ම මතුවූ යෝජනාව අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කර ගත්තා. මා කෙරෙහි තැබු විශ්වාසය අනුව උරුමයන් රැකගෙන සුරක්ෂිත අලුත් රටක් බිහිකිරීමට මම ක්‍රියාකරනවා.ආරක්ෂිත, විනයගරුක රටක් බිහිකිරීම අපේ ප්‍රධාන අරමුණක්. දේශපාලන සංස්කෘතිය යහපත් කරගත යුතුයි. ආවේගශීලීව, අවස්ථාවාදීව විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණවලට අසුවී ක්‍රියාකරන්න අපට බැහැ. ලංකා කම්කරු කොංග්‍රසයත් අපට සහය ලබාදෙනවා. ඒ සියලුම පක්ෂ අප සමග එකතු වී තිබෙන්නේ ප්‍රශ්න විසඳීමට අප දැනමටත් සැලසුම් සකස්කර ඇති නිසයි.ශ්‍රී.ල.නි.ප.ය.ත් අප සමග එකතුවීම නිසා අපගේ ඡන්ද පදනම සියයට 70 දක්වා වැඩිකර ගන්න අපට හැකි වී තිබෙනවා. අද අප භුක්ති විඳින වරප්‍රසාද බොහොමයක් රටට හඳුන්වා දුන්නේ ශ්‍රී.ල.නි.ප.යයි. අප නැවතත් ආර්ථිකය පණගන්වන සුරක්ෂිත රටක් බිහිකරනවා. බුද්ධි අංශවලට නිසි පරිදි ක්‍රියාත්මක වීමට නීතිමය ආරක්ෂාව ලබාදෙනවා. රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන රජයකට ආර්ථිකය සුරක්ෂිත කිරීමට හෝ ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාවක් නැහැ.අපගේ සැලසුම් සකස් වී තිබෙන්නේ ඥානය මුල්වූ ආර්ථිකයත් කෙරෙහියි. තොරතුරු තාක්ෂණය මූලික කරගෙන ආර්ථිකය දියුණු කිරීමට අපට පුළුවන්. මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සුරක්ෂිත කිරීමට අප රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනවා. මිනිස් සම්පත් දියුණු කිරීමට අධ්‍යාපනය දියුණු කළ යුතුයි. ඒ වෙනුවෙන් මාගේ පළමු වසරේදීම අධ්‍යාපනය වෙනුවෙන් විශාල අයෝජනයක් කරනවා. තරුණ තරුණියන් අසහනයට පත්වසිටින්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති වල වැරැදි නිසයි.ලක්ෂ දෙකක සිසුන් පිරිසක් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නත් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන්නේ සිසුන් තිස්පන් දහසක් පමණයි. උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල පහසුකම් ලැබෙන පරිදි විශ්වවිද්‍යාල දියුණු කරනවා. තාක්ෂණය මුල්වූ ආර්ථිකයක් වෙනුවෙන් අප ක්‍රියාත්මක වෙනවා.අද නිපුණත්වයෙන් හෙබි තරුණයන් නොමැති වීම විශාල ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා ආර්ථිකය දියුණු කිරීමට නිපුණත්වයෙන් හෙබි තරුණ තරුණියන් බිහිකිරීමට ක්‍රියාකරනවා.සංචාරක ක්ෂේත්‍රය අද කඩාවැටිලා. ස්ථාවර සුරක්ෂිත රටක් බිහිකිරීම හරහා සංචාරකයන්ට සුදුසු රටක් අප බිහි කරනවා. මෙම රජය කෘෂි කර්මාන්තය අමතක කරලා. ලොව ඉහළම වාරි මාර්ග පද්ධතිය තිබුණේ අප රටේයි. අද අප රටේ ගොවියා දුප්පත් වෙලා. ගොවියා දියුණු කළ යුතුයි. ගොවියාට ජීවත්වීමට සුදුසු ආදායමක් ලැබීමට හැකිවන පරිදි කෘෂිකර්මාන්තය දියුණු කරනවා. රටක් සංවර්ධනයවීම යනු සමාජයේ එක් කොටසක් දියුණුකිරීම නොවෙයි. රටේ සියලුම ජනතාව ඉහළට ගැනීමට හැකි වන පරිදි ජනතා හිතවාද ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න. සුරක්‍ෂිත රටක්, දියුණු ආර්ථිකයක් බිහිකර අනාගත පරපුරට ජීවත්විය හැකි රටක් බිහිකිරීම වෙනුවෙන් තමන් යුතුකම ඉටුකිරීමට සූදානම් යැයිද ඔහු කීය. ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. ඉතාම තීරණාත්මක අවස්ථාවකට රට පරිවර්තනය වී තිබෙනවා. පසුගිය රජය කාලයේ තිබූ වේගවත් ආර්ථීක සංවර්ධනය එ.ජා.ප. පාලනය යටතේ සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. අනාගතයක් නැති ජාතියකට අනාගතයක් නිර්මාණය කිරීමේ සටන ‘මහින්ද - ගෝඨා සුසංයෝගය’ අද ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවැසීය.මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය ලබාදිය යුතු බවට ශ්‍රී.ල.නි.ප.ය තීරණය කළා. එම තීරණය ගන්න අපිට ටිකක් කල්ගතවුණා. මම මුල ඉඳලම ඒ වෙනුවෙන් ක්‍රියාකළා. මගේ තීරණය පක්‍ෂයේ තීරණය බවට පත්කිරීමට හැකිවීම මට සතුටක්. ගෝඨාභය දිනවීම සඳහා ශක්තිමත් ආර්ථීකයක්, සුරක්‍ෂිත රටක් අපට ලැබෙනවා. රට වෙනුවෙන් ක්‍රියාකිරීමට ඔහුට ඇති හැකියාව දුටුවිට ජනාධිපති ධුරයට ඔහුට වඩා වෙනත් සුදුස්සෙක් නැහැ. සුරක්‍ෂිත රටක්, ශක්තිමත් ආර්ථියක් ප්‍රාර්ථනා කරන හැමෝටම ගෝඨාභය දිනවීමේ යුතුකමක් තිබෙනවා.තමන්ගේ ආණ්ඩුවේ ආරක්‍ෂක ඇමැතිකමට සරත් ෆොන්සේකා මහතා පත්කරන බව සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා. ෆොන්සේකා පත්කරගන්නවාට වඩා ගෝඨාභය පත්කරගැනීම රටට හොඳයි. ගෝඨාභය - මහින්ද රාජපක්‍ෂ එක්ක අත්වැල් බැඳගන්නවා. නමුත් සජිත් ප්‍රේමදාස අත්වැල් බැඳගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟයි.අද වනවිට පක්‍ෂයට වඩා රට ගැන හිතා තීන්දු ගතයුතු වේලාවක්. ජනතාව අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. ගම් මට්ටමින්  පොඩි පොඩි ප්‍රශ්න තිබුණත් ඒවා අමතකකර ගෝඨාභය දිනවීමට අපි ක්‍රියාත්මක විය යුතුයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවැසීය.දෛවය දේශපාලනයට බලපාන අවස්ථාවන් තිබෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය එවන් අවස්ථාවක්. එම මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ මීට බොහෝ කාලයකට පෙරයි. නමුත් අප කවුරුත් නොසිතූ විදියට එම මැතිවරණය ජනාධිපතිවරණ කාලසීමාවේදීම පැවැත්වුණා. පොදුවේ රටේ ජනමතය කෙබඳුදැයි එම මැතිවරණයෙන් පෙන්නුම් කෙරෙනවා.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.ඇල්පිටිය ප්‍රාදේශීය ජනතාව සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති සිහිනය කුඩුපට්ටම් කරලා දැම්මා. රනිල්ට බැහැ කියලා ගෙනාපු සජිත් ප්‍රේමදාස එ.ජා.ප. ඡන්ද ප්‍රතිශතය රනිල්ටත් වඩා පහළ මට්ටමකට දමලා. ශ්‍රී.ල.නි.ප.යෙත් අපෙත් ඡන්ද ප්‍රතිශතය වැඩිවෙලා. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිමල් ලාංසා, සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මෙහිදී අදහස් දැක්වූහ.වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඩුලිප් විජේසේකර, නිශාන්ත මුතුහෙට්ටිගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ලංකා සමසමාජ පක්‍ෂයේ මන්ත්‍රීන්ද, ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතාද, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක්ද මේ සඳහා සහභාගීවූහ.
ජනපති - අගමැති මූලිකත්වයෙන් නව දැනුමකින් රට නංවනවා
0
hp_train_7808
ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36277045ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ30279075වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල30279080වැසි ස්වල්පයක්යාපනය32288075ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28238070වැසි ස්වල්පයක්නුවරඑළිය17149585වැසි  ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය32259065වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය33268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30278575ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘පළාත් කීපයකට සුළු වැසි‘
0
hp_train_7809
මුළු රට පුරාම අද රාත්‍රියේදී ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  මධ්‍යම, සබරගමුව,  වයඹ  සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක හෙට සවස 4.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් ඇති වීමට ඉඩ ඇත.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 15/12/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30259575සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.  මඩකලපුව30249575වැසි ස්වල්පයක්කොළඹ31259570සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  ගාල්ල31249560සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  යාපනය30258570වැසි ස්වල්පයක්මහනුවර30219575සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20139580සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. රත්නපුරය32249570සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. ත්‍රීකුණාමළය32249570වැසි ස්වල්පයක්මන්නාරම29269075වැසි ස්වල්පයක් 
‘අද රෑ මුළු රටටම වැසි‘
1
hp_train_7810
(නිමන්ති රණසිංහ)මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි දැරිය  මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද 01 නියෝග කලා ය.මෙම සැකකරුට ඇප ලබා දුනහොත් විමර්ශකයින්ට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළ හැකි යන පදනම මත ඇප ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.එසේම, ලබන 14 වෙනිදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළාය.මෙම සිද්ධියට සම්බන්ධ නඩුව අද 01 මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.පවතින කොරෝනා තත්වය හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති රිෂාඩ් බදුයුදීන් මහතා අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන බව සඳහන් කරමින් බන්ධනාගාරය, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළේය. 
බදියුදීන් යළි රිමාන්ඩ්
0
hp_train_7811
 රොමේෂ් මධුෂංඛ උතුරු පළාතට බලපා ඇති දැඩි නියං සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 103,404 කට අයත් පුද්ගලයින් 357,767 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පෙන්වා දෙයි.දිවයිනේ සියලු පළාත් වලින් නියඟය හේතුවෙන් වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ උතුරු පළාත වන බවටත් ඉදිරියේ දී වර්ෂාව නොලැබෙන්නේ නම් මෙම විපතට පත් පිරිස් සීඝ්‍රයෙන් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බවට ද පළාත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මගින් පෙන්වා දෙයි.මේ අනුව උතුරු පළාතේ පිහිටි දිස්ත්‍රික්ක පහ වන වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රික්කයන්ගේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය වන අතර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ක ජීවත් වන පවුල් 30,425 කට අයත් පුද්ගලයින් 110,183 දෙනෙකු විපතට පත්ව ඇති අතර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 කට අයත් පවුල් 33,185 කට අයත් පුද්ගලයින් 109,794 දෙනෙකු විපතට පත්ව ඇති අතර මන්නාරම් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 කට අයත් පවුල් 29422 කට අයත් පුද්ගලයින් 102,168 දෙනෙකු විපතට පත්ව ඇති අතර මුලතිව් දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6 කට අයත් පවුල් 8103 කට අයත් පුද්ගලයින් 27347 දෙනෙකු විපතට පත්ව ඇති අතර වව්නියාව දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 කට අයත් පවුල් 2269 කට අයත් පුද්ගලයින් 8276 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයන් විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.මේ අතර උතුරු පළාතට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් එහි ජනතාව වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ පානීය ජල ගැටලුවකට වන අතර පානීය ජලය ලබා ගැනීම සඳහා මුළු දිනයේම වෙහෙසීමට සිදු වන බවටත් ඇතැම් අවස්ථාවන්හි විශාල දුරක් ගොස් පානීය ජලය සෙවීමට සිදුව ඇතැයි ද එහි වැසියන් වැඩි දුරටත් කියා සිටිති.
නියඟයෙන් උතුරේ ලක්ෂ තුනහමාරක් පීඩාවට
1
hp_train_7812
(ජේ.ඒ.එල්. ජයසිංහ සහ මැණික්හින්න ඒ.ජී. වික්‍රමසිංහ)වත්මන් වාණිජ සමාජය තුළ තරගකාරිත්වයට යොමු වී ඇති මවුපියන්ට දරුවන් අමතකවීම හේතුවෙන් නිවෙස් තුළම දරුවන් අනාරක්ෂිත වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ඒ හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික වශයෙන් දැනුවත් කළ යුත්තේ මවුපියන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී ඉකුත් 8 වැනිදා පැවැති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩ සටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.මේ සුන්දර උදෑසන භාග්‍යවන්ත වූ, පින්වන්ත වූ ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ‘දරුවන් රකිමු’ ජාතික වැඩසටහනේ අවුරුදු තුනක සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමයි මේ උත්සවයේ ප්‍රධාන අරමුණ. මේ වැඩසටහනට සහයෝගය දක්වන සියලුම මැති ඇමැතිවරුන් අමාත්‍යාංශ, රාජ්‍ය නිලධාරීන්, විශේෂඥ කමිටු, අනුග්‍රහය දක්වන සෑම කෙනකුටම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.දරුවන් රකිමු ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මූලික වශයෙන් හේතු වූ කරුණු මොනවාද? යන්න මා ඔබට නොකීවාට ඒ පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. දරුවන් රැකීමට ජාතික වැඩසටහනක අවශ්‍යතාව කුමක් ද? විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජයෙන් එන විවිධ තොරතුරු සමග මෙවැනි වැඩසටහනක අවශ්‍යතාව ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. මූලික වශයෙන් දරුවාට, දරුවා ජීවත්වන නිවසෙහි සුරක්ෂිතතාව තිබෙනවා ද? ඔබත් මමත් දන්නා පරිදි දරුවා මව්පියන් සමග ජීවත්වන නිවසෙහි ප්‍රශ්නයක් තිබෙන බව අද බොහෝ වාර්තා මගින් අපිට පෙන්නුම් කරනවා. මෙහි සිටිනවා පොලිසියේ නිලධාරී මහත්ම මහත්මීන් රාශියක්. පොලිසිවලට ලැබෙන පැමිණිලි වලින්, අවුරුද්දේ දවස් 365න් වැඩිපුරම ලැබෙන පැමිණිලි මොනවාද? මම පසුගිය දිනක උත්සවයක අවසානයේ දී ළඟම තිබෙන පොලිසියකට ගියා.පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් මම ඇහුවා වැඩිපුර එන පැමිණිලි මොනවා ද? කියලා. පොලිස් ස්ථානාධිපතිතුමා මා සමග කිව්වා අපිට වැඩිපුරම එන්නේ පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලි බව. පවුලේ ආරවුල් ඇති වෙනවානම් ඒ පවුලේ දරුවන්ට නිවස කොතෙක් දුරට අනාරක්ෂිත ද කියන කාරණය ඔබ සෑම කෙනෙක්ම දන්නවා.සමාජ සමීක්ෂණ ආයතනයක් විසින් පසුගිය වසර දහයක අපේ රටේ විවාහ ජීවිත පිළිබඳව සමීක්ෂණයක් කර වාර්තාවක් රජයට ලබා දුන්නා. අඩු වයසින් විවාහ වන තරුණ පවුල්වලින් 70%ක ගේ පවුල් ජීවිත අසාර්ථක බව එම වාර්තාවේ සඳහන් වෙනවා. පවුලේ මව්පියන්ගේ හැසිරීම් පිළිබඳව ප්‍රශ්න මතුවූ විට එම නිවසේ තත්ත්වය සහ එම නිවසේ ජීවත් වන දරුවන්ගේ මානසික තත්ත්වය කෙසේද යන්න ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එපමණක් නොවේ. අද තිබෙන වාණිජ සමාජයේ තරගකාරිත්වය තුළ මව්පියන් ඒ තරගකාරිත්වයට යොමු වෙලා තිබෙනවා.ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සම්පත් වැඩිපුර ලබා ගැනීමට සමාජය තුළ ගෞරවයට ලක්වීමට එම තරගකාරිත්වයට යොමුවී තිබෙනවා. ඒ අනුව ඇතැම් මව්පියන්ට දරුවන් අමතක වෙනවා. නිවෙස තුළ දරුවාගේ ආරක්ෂිතභාවය සහ සුරක්ෂිතභාවය අඩුවීම පිළිබඳව තවත් බොහෝ කරුණු සඳහන් කළ හැකියි. ඒ නිසා දරුවාට පාසල සුරක්ෂිත ස්ථානයක් බවට විශේෂයෙන්ම පත්විය යුතුයි. සමාජයෙන් ලැබෙන තොරතුරු අනුව දරුවාට ආරක්ෂිත සහ සුරක්ෂිත ස්ථානය පාසල බවයි අපිට පෙනී යන්නේ. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව පාසල්වලින් ලැබෙන වාර්තා ඉතාමත් අවමයි. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව වැඩිපුර වාර්තා වන්නේ දරුවා පාසලේ සිටින කාලය තුළ නොව, මව්පියන්ගේ භාරකාරත්වයේ සහ ඇසුරේ සිටින කාල සීමාව තුළයි. පාසල් වලින් දරුවන්ට එරෙහි සිදුවීම් පිළිබඳව වන පැමිණිලි සහ ප්‍රශ්න ලක්ෂයකට එකක් පමණ තමයි ලැබෙන්නේ. එවැනි දේ නැතුවාම නොවේ.දරුවාට මහා මාර්ගය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා යන බස් රථය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා පාසල් යන පාසල් වෑන් රථය ආරක්ෂිත ස්ථානයක් ද? විශේෂයෙන්ම දරුවා යන පෞද්ගලික පන්ති, උපකාරක පන්ති ආරක්ෂිත ස්ථානයක්ද? මේ පිළිබඳව ඔබටත් මටත් බොහෝ දේ කතා කළ හැකියි. මෙහි සිටින දරුවන් ප්‍රමුඛ ඔබ සියලු දෙනාට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන බව මා විශ්වාස කරනවා. ඒ බොහෝ ස්ථානවල අපි දකින්නේ අනාරක්ෂිතභාවයක්.ඔබට මතක ඇති පසුගිය වසරේ යාපනයේ, විද්‍යා දරුවා පිළිබඳ සිදුවීම. ඒ තරුණ ගැහැනු දරුවා දූෂණයට සහ ඝාතනයට ලක්වූ කාරණාවත් ඔබ දන්නවා ඇති. මොනතරම් සමාජය විෂම ද මොනතරම් සමාජය අකාරුණික ද අපේ රටේ සිටින ජාවාරම්කාර පිරිසක් තරුණ ගැහැනු ළමයෙක් බලහත්කාරයෙන් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් චිත්‍රපටයකට නැගීම සඳහායි එම කාර්යය කර තිබෙන්නේ. එසේ සකස්කර ගන්නාවූ සීඩීපට ජාත්‍යන්තර ජාවාරම්කාරයන්ට මේ රටින් පිට විකුණා මුදල් ලබා ගන්නවා. ඒ දරුවා ඝාතනය කළ ආකාරයත් එම අවස්ථාවේදී සිදුවූ දේ මෙවැනි අවස්ථාවක කීමට හැකියාවක් නැහැ.ඔබ දකින්නට ඇති, සති දෙකකට පමණ පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවු. 17ක ගැහැනු දරුවෙක් විභාගය ලියා නිවසට පැමිණ සිටින අවස්ථාවේදී සිදු වූ සිද්ධිය. ඒ වයස අවුරුදු 17ක තරුණ ගැහැනු දරුවා මොනතරම් සිහින මවාගෙන විභාගය අවසන් කර නිවසට එන්නට ඇතිද?. ඒ දරුවා නිවසෙහි සිටියදී ඇගේ මව වෙනත් කාර්යයක් සඳහා නිවසින් ගොස්ව තිබුණා. ඒ කෙටි කාලය තුළ දරුවා දූෂණය කරලා මරලා දැම්මා. මීට මාස කිහිපයකට පෙර අවුරුදු නවයක ළමයෙක් නිවසේ සිටියදී අතුරුදන් වෙලා හදිසියේ මව්පියන් සොයන්න පටන් ගත්තා. මව්පියන් දරුවා නිවසේ සෑම තැනකම සෙව්වා. වත්තේ හැම තැනම හෙව්වා. දරුවා යන එන තැන්වලට ගොස් බැලුවා. ඒත් සොයාගන්න බැරි වුණා. මේ පිළිබඳව සොයන්නට යන්න දරුවාගේ තාත්තා නිවසේ තිබෙන කාර් එකේ දොරවල් විවෘත කළා. අවුරුදු නවයක දරුවා කාර් එක ඇතුළේ මැරිලා සිටියා. මේ දරුවා කාර් එකේ ඇතුළට ගොස් දොර වහගත්තා. දොර අරින්න බැරුව ගියා. උදේ කාර් එක ඇතුළට ගිය දරුවා හවස් වන විට මිය ගොස් තිබුණා. පසුගිය අවුරුද්දේ ඔබ දකින්නට ඇති එක්තරා අපරාධකරුවකු නිවසකට ගොස් සිදුවූ සිද්ධියක් පිළිබඳව. ඒ නිවසේ සිටි අම්මා තාත්තා දෙන්නාම අපරාධකරු විසින් ඝාතනය කළා.දරුවාගේ අම්මාත්, තාත්තාත් ඝාතනය කළාට පස්සේ අවුරුදු දහයක පමණ ඒ දරුවා නිවසේ සිටියා. ඒ අපරාධකරුවා ඒ දරුවාව අරගෙන ගියා. දවස් කිහිපයක් හංගලා තියාගෙන හිටියා. ඒ අපරාධකරුවාට දරුවා සඟවා ගෙන තැබීම ප්‍රශ්නයක් වුණා. මේ අපරාධකරුවා දරුවා උස්සාගෙන ගිහින් ළිඳකට දැම්මා. ඒ අපරාධකරුවා පොලිසියට අහුවුණා. පසුව පොලිස් පරීක්ෂණවල දී කිව්වා “මාමේ මාමේ මාව ළිඳට දාන්න එපා” කිව්වා. ඒත් ඒ දරුවාගේ හඬට කන් දුන්නේ නෑ. අපරාධකරුවා දරුවා ළිඳට අතහැරියා දරුවා මිය ගියා. මෙවැනි සිදුවීම් අපිට කොතෙකුත් කියන්න පුළුවන්.“දරුවන් සුරකිමු” යන ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔබට පෙනී යනවා ඇති කියා මා විශ්වාස කරනවා. ඒ වගේම ඔබ දකින්න ඇති 2015 වසරේ පහේ ශිෂ්‍යත්වය අසමත් වූ දියණියක් නිවසට ආවිට ඒ දරුවාගේ පියා ඒ දියණියට එළියට විසි වෙන්න ගැහුවා. ඒ වසරේ දී ශිෂ්‍යත්වය අසමත් වු දියණියක් අම්මාත් තාත්තාත් දෙන්නාම දරුවා නිවසට ගන්නේ නැතුව ගෙදර දොරවල් වහගෙන හිටියා. පහුවදා එළිවෙනකල් ඒ ගැහුනු දරුවා හිටියේ එළියේ. පහේ ශිෂ්‍යත්ව ලියු දරුවෙක් කියලා කියන්නේ අවුරුදු 10 ක 11ක දරුවෙක්. තමාගේ දරුවා වුණත් ඒ දරුවාට පයින් ගහලා එළියට දාන්න මව්පියන්ට අයිතියක් තියෙනවා ද? දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව මව්පියන්ගේ වගකීම කුමක්ද?අපේ විශේෂඥ වෛද්‍යතුමන්ලා දේශන කරන විට මේ පිළිබඳව බොහෝ දේ පැහැදිලි කළා. මේ අසාමාන්‍ය විභාග තරගයක් සමග දරුවන් පත්ව තිබෙන ඉතාමත් දුක්ඛදායක තත්ත්වය පිළිබඳව කතා කළා. ඒ නිසා අපි රජයක් විදියට අදහස් කරනවා විශේෂඥ උපදෙස් අනුව පහේ ශිෂ්‍යත්වය විභාගයත් දරුවන්ගේ අධ්‍යාපනයත් පිළිබඳව ජාතික අධ්‍යපන ප්‍රතිපත්තිය සහ සැලැසුම් පිළිබඳව යම් ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අවශ්‍යයි කියලා. “දරුවන් සුරකිමු” කියන ජාතික වැඩසටහනේ අපි අද මෙතනට ඇවිත් ඉන්නේ දරුවෝ. මම හිතන්නේ මේ දරුවන්ගේ මව්පියෝ නම් මෙතන නැහැ. මෙතන ඉදිරියේ ඉන්න විවිධ ක්ෂේත්‍රවල විද්වත් ප්‍රධානීන්. ඒත් මව්පියෝ. අපට අද ප්‍රධාන වශයෙන් දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කරන්න වෙලා තියෙන්නේ මූලික වශයෙන් මව්පියන්. ඒ නිසා “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ ඉදිරි වැඩපිළිවෙළේ දී අපි දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මව්පියන් දැනුවත් කිරීම සඳහා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ විශේෂඥ වෛද්‍යතුමන් දේශනවල දී නව තාක්ෂණයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කළා. ජංගම දුරකථනය, පරිගණකය මානව සමාජයට නිෂ්පාදන කළේ, දයාද කළේ ඉතාමත් වැදගත් අරමුණකිනුයි. ඒත් ඒ නිසා අද යහපත් දේ වගේම අයහපත් දේ කොතරම් සිදුවෙනවා ද? පාරේ යන විට, ඒ වගේම දුම්රිය මාර්ගවල දරුවන්, තරුණ පිරිස් ජංගම දුරකථනයත් සමග වයර් කනේ ගහගෙන යන එක ඔබ දැකලා ඇති. ඒ තුළ කොතරම් ජීවිත විනාශ වෙනවාද කියලා ඔබ අහලා ඇති ?  මෙතන සිටිනවා කැබිනට් මණ්ඩල නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න මැතිතුමා. එතුමා දන්නවා ඇති මීට පෙර කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකථන භාවිතය තහනම් කළා. සමහර ඇමැතිවරුන් කැබිනට් සාකච්ජාවේ නෑ. වයර් කනේ ගහගෙන ෆෝන් එකට ඇන ඇන ඉන්න එක තමා කරන්නේ. ඒ ගොල්ලෝන්ට මම කියන දේ ඇහෙන්නෙත් නෑ, කැබිනට් මණ්ඩලේ සාකච්ඡා ඇහෙන්නෙත් නෑ. ඒ නිසා මම කිව්වා කැබ්නට් මණ්ඩලයේදී ජංගම දුරකථනය පාවිච්චි කිරීම තහනම් කියලා. රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන් රාශීයක් මෙතන ඉන්නවා.මම පසුගිය අවුරුද්දේ ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සියලුදෙනාම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගෙන්වලා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කරන වැඩසටහන් කළා. ඒ රැස්වීමට සහභාගි වුණේ අමාත්‍යාංශ ලේකම්වරුන්, කොමසාරිස් ජනරාල්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, දිසාපතිවරුන්, සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් යන අය සහභාගි වුණා. ඒ අවස්ථාවලදීත් මම දැක්කා. ඒ වගේම පසුව මගේ මාධ්‍ය අංශයෙන් ද මට වාර්තා කළා.ආයතන ප්‍රධානීන් තුන් දෙනෙක් ඒ අවස්ථාවේදීත් මොබයිල් ෆෝන් තියාගෙන වයර් කනේ ගහගෙන ඇන ඇන හිටිය බවට. ඒ අය මම කියන දේ ඇහුවෙත් නෑ. අනෙක් දේශකයන් කියන දේ ඇහුවෙත් නෑ. කනේ ගහගෙන හිටපු වයර් වලින් ආපු දේ ගැන තමා ඒ අය ඇහුවේ. ඒ නිසා මම අහනවා දරුවන් ගැන කුමන කතා ද කියලා.ඒ නිසා දරුවන් හැදෙන්න කලින් මම ඔය කියපු දේ ගැන වැඩිහිටියන් හැදෙන්න කියලා මම මතක් කරනවා. මේ දරුවන් රැකීමේ ජාතික වැඩසටහනේ අරමුණ රාශියක් ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා සියදිවි නසා ගැනීම පිළිබඳව ලෝකයේ ලංකාව ඉහළ තැනක තියෙන්නේ කියලා. ලංකාවේ සියදිවි නසා ගැනීම පිළිබඳව වැඩි පිරිසක් වාර්තා වෙන්නේ තරුණ දරුවන්.ඒ නිසා අපි රටක් විදියට, ජාතියක් විදියට දරුවන් රැකගැනීම සඳහා සෑම කෙනෙක්ම සාමුහික වගකීමක සාමුහික ප්‍රයත්නයක් යෙදිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. මේ වැඩසටහන ජාතික වශයෙන් සෑම ප්‍රදේශයක ක්‍රියාත්මක කිරීමට අපේ රජය බලාපොරොත්තු වෙනවා. සියලු මැති ඇමැතිවරුන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ මව්පියන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.මෙවැනි කටයුතුවල දී ගෞරවනීය මහා සංඝරත්නයේත් අන්‍යආගමික පුජකතුමන්ලාගේත් ඒ සියලුම ආගමික අංශවල සහයෝගය ගෞරවයෙන් අපි බලාපොරොත්තු වෙනවා.ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමදාම ධර්ම දේශනා කළේ අපි මේ කියන කාරණාව ගැන පල්ලියේ කෝවිලේ පියතුමා, ස්වාමීතුමා මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ගෞතම බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ ඒ වගේම මුහම්මද්තුමාත් මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ඒ නිසා අපි සෑම කෙනෙක්ම උන්වහන්සේලාගේ අනුශාසනා තුළ මෙවැනි කටයුතු කිරීම අවශ්‍යයි. අපි මේ “දරුවන් රකිමු” ජාතික වැඩසටහන මේ විදියට සාර්ථකව කරන්න සියලු දෙනාම කටයුතු කරමු. මේ සඳහා සහයෝගය දුන් සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.මේ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන විශේෂඥ කමිටුවලට මම ස්තුතිවන්න වෙනවා. ඒ සඳහා දායකත්වය ලබාදෙන ඇමතිතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට මධ්‍යම පළාත් මහ ඇමතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලාට ඒ වගේම අනෙකුත් නිලධාරීන්, අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලාටත්, විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, මව්පියන්, දූ දරුවන්ට සියලු දෙනාගේ සහයෝගය මා ඉතා අගය කරනවා. අපි දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වගේම හොඳ රටක් වෙනුවෙන් හොඳ දරුවන් හදමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.මෙහිදී කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා: ශ්‍රී ලංකා ළමා ශ්‍රමය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. දරුවන් සුරැකීමේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා විසින් සිදු කරනු ලැබීය.දරුවන් සුරැකීමේ විද්වත් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරි වර්ධන විශේෂඥ වෛද්‍ය නවාස් ජෙෆ්රි යන මහත්වරු  මහනුවර උසස් බාලිකා විදුහලේ ඒ.එන්.කේ. අමුණූගම, ශාන්ත සිල්වෙස්තර විදුහලේ එස්. ෂෙවාන් ප්‍රණීත් යන සිසු සිසුවියෝද මෙහිදී කතා කළහ.මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ සිසු දැරියෝ ‘අපි’ නාට්‍ය රඟ දක්වා උත්සව අවස්ථාව වර්ණවත් කළහ.මෙම අවස්ථාවට අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීහු පළාත් සභාවේ අමාත්‍යවරුද, පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, විදුහල්පතිවරුන්, පාසල් සිසු සිසුවියන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැසක් සහභා වූහ.ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හා නිලධාරිනියන් ද උත්සව අවස්ථාවට සහභාගි වූහ. 
’රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමයි’
0
hp_train_7813
(ඩයනා උදයංගනී)බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.නැගෙනහිර සහ ඌව පළාත්වලද වැසිවාර කිහිපයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව ඔහු සඳහන් කළේය.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් තත්වයක් පවතින බවද එම ප්‍රකාශකයා කීවේය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. 
පළාත් කිපයකට ගිගුරුම් සහිත වැසි
1
hp_train_7814
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (24) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 15,330 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 14 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 3 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 12 දෙනකු සහ කාන්තාවන් 5 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ. 
අලුත් කාෙරා්නා මරණ 17 ක්
1
hp_train_7815
(ජේ.කේ.එල් චාමින්ද සහ ඩි.ජි සුගතපාල)ගාල්ල මහ නගර සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය අද (13) පැවති ගාල්ල මහ නගර සභා රැස්වීමේ දී වැඩි ඡන්ද 19 කින් සම්මත විය.රැස්වීම නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහනගර සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 03 ක් ලැබුණි.ගාල්ල මහනගරධිපති ප්‍රියන්ත සහබන්දු මහතා විසින් 2020 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය වැඩි ඡන්දයෙන් සම්මත විය.අයවැය ලේඛනයට පක්ෂව නගරාධිපති ප්‍රියන්ත සහබන්දු,  මහතා සමඟ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 12 දෙනෙකු, නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා සමඟ එජාප මන්ත්‍රීවරු 07 දෙනෙකු සහ ස්වාධීන මන්ත්‍රී අනුරාධ ගයාන්, එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ලක්මාල් ජයවර්ධන යන මහත්වරු හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීනි රෝහිණි චන්ද්‍රකාන්ති මහත්මිය ඡන්දය ප්‍රකාශ කළහ.අයවැයට විරුද්ධව සුනිල් ගමගේ මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 03 දෙනා ඡන්දය ප්‍රකාශ කළහ.ඡන්දය විමසන අවස්ථාවේ  එජාපයේ ජිලිත් නිශාන්ත මහතා සමඟ  එජාප මන්ත්‍රිවරු ‍06 දෙනෙකු   සභාවේ  නොසිටි අතර එජාප මන්ත්‍රී ගුණසෝම ගමගේ මහතා අද පැවති නගර සභා රැස්වීමට සහභාගි නොවිය. එමෙන්ම ඡන්දය විමසන අවස්ථාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කැළුම් සෙනෙවිරත්න, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී දේශප්‍රිය ලියනගේ යන මහත්වරු සභාවී නොසිටියහ. 
ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 19 කින් සම්මතයි
1
hp_train_7816
 (නිමල කොඩිතුවක්කු)එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගිලිහී ගිය  ජයග්‍රහණය සහ අභිමානය යළි ලබා ගැනීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු “සමගි ජන බලවේගය” බිහිකිරීමේ අරමුණ  බව  පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවැසීය.පාක්ෂිකයන් වෙනුවෙන් එකමුතුබව ඇතිව නව සංධානය හා එක්ව ඉදිරියට යාමට අලියට මුවාවී තමන්ගේ පටු වාසි වෙනුවෙන් කුමන්ත්‍රණ සිදුකරන කිහිපදෙනාට ආරාධනා කර සිටින බවද මන්ත්‍රීවරයා  සඳහන් කළේය.කොළඹ, මාර්කස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙසේද කීය.“මේ ආණ්ඩුව බලයට පත්වෙලා දින සීයකට ආසන්න වෙලා තියෙනවා. අපි දින 100 යේ ආණ්ඩුවේ කරපු වැඩයි මේ ආණ්ඩුව දින 100 න් කරපු වැඩයි උරගා බලන්න දැන් ජනතාවට අවස්ථාව උදාවෙලා තියෙනවා.2015 ජනවාරි 08 වැනිදා අපේ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරලා අපි දින 100 ආණ්ඩුව එදා හැදුවා.  දින 100 ආණ්ඩුව යටතේ අපි ඉන්ධන මිල අඩු කළා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා, ජනතාවට සහන දුන්නා.  19 වැනි සංශෝධනය ඉදිරිපත් කර ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කරන්න ඒ කෙටි කාලය තුළ අපිට හැකි වුණා.මේ සියල්ල සිදුකළේ අපි මන්ත්‍රී ධුර 42ක් තියාගෙනයි. දැන් මේ පත්වෙලා ඉන්න ආණ්ඩුව රටේ ජනතාවට සහන දෙන්න තුනෙන් දෙකක් ඉල්ලා සිටිනවා. ජනතාවට සහන දෙන්න  අවශ්‍ය බහුතරය ලබාදෙන්න අපි කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහය දෙන්න ඉදිරිපත් වුණා. නමුත් මේ ආණ්ඩුවට කිසිදු ජනතාවාදී වැඩපිළි​වෙළක් නොමැති බවට දැන් ජනතාවට පැහැදිලිව පෙනී යනවා.මේ ආණ්ඩුවට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණා. මේ අය හිතන් ඉන්නේ මේ ලක්ෂ 69 ම රාජපක්ෂ පස්සෙ යන බයියො පිරිසක් කියලා. හැබැයි ඒ අය දන්නේ නැහැ මෙතන ලක්ෂ 25ක් පමණ මධ්‍යස්ථ මතධාරීන් පිරිසක් ඉන්නවා කියලා. අද ඒ සියලු දෙනාම පාහේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කරමින් සිටිනවා. අද ඔවුන්ට මේ ආණ්ඩුව වහකදුරු ගානයි.ගෝඨාභය රාජපක්ෂ මහතා  රටේ ජනාධිපති වුණාට මේ අර පරණ සෙට් එකම තමයි මැති ඇමතිකම්  කරගෙන ඉන්නේ. 2015ට පෙර තිබුණු පරණ තැටියම දැන් වාදනය වෙමින් තිබෙනවා.ගෝඨාභය රාජපක්ෂ  මහතා දිවුරුම් දෙන්න තනි වාහනේ ආවට රාජපක්ෂ මහතා  ඉන්දියාවට ගියේ විශාල පිරිසක් පිරිවරාගෙනයි. අද ඥාති පරම්පරාව විතරක් නෙමෙයි  විහිළුකාරයො, කිරිහාමිලා, අප්පුහාමිලා  සියලු දෙනාම පිරිවරාගෙන තමයි රට යන්නේ. මේ ආණ්ඩුවට  විදේශ රටවලින් ඇවිල්ලත් මිනිස්සු ඡන්දය දුන්නලු. මේ අයටත් අද මුහුණ දෙන්න බැරි විදියටයි මේ ආණ්ඩුව වැඩකරගෙන යන්නේ.සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායකයා විදියට  මේ සංධානයට නායකත්වය ලබාදෙනවා. කෘත්‍යාධිකාරි  මණ්ඩලයෙන් මේකට අනුමැතිය ලැබුණහම  බොහෝම සද්භාවයෙන්  අපේ නායකකාරකාදීන් මේ වැඩේට උදව් කරාවි කියලා  අපිත් හිතුවා. නමුත් සද්භාවයෙන් නෙමෙයි ඒ කටයුත්ත මේ අය කරන්නේ කියලා දැන් අපිට පැහැදිලි වී තිබෙනවා.දැන් මේ අය අපේ අලුත් සංධානයට දුස්රා පන්දු  දානවා. අලියා ලකුණට  මුවාවෙලා මේ අය තමන්ගේ න්‍යායපත්‍රය යළි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. අපි සියලු දෙනාම එක්සත් ජාතික පාක්ෂිකයන්.  ඒත් අපිට මේ අලියට මුවාවෙලා කරන මේ කුමන්ත්‍රණයට හසුවෙන්න බැහැ.ඔය අලියා ඉදිද්දීම තමයි සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන  සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ජනාධිපතිවරණයට හංසයාගෙන් ඉල්ලුවේ.  දැන් අලියා ගැන කිඹුල් කඳුළු හෙලන අය එදා  කිඹුල් කඳුළු හෙලුවේ නැහැ.අපි මේ පුළුල් සංධානය හදන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට  ජයග්‍රහණය සහ අභිමානය  ලබාගන්නයි. අපි අලියගෙන් වසර ගණනාවක් ඉල්ලුවා. හැබැයි  අපිට ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස් කරගන්න බැරුව ගියා.  පාක්ෂිකයන් තුළ අලියට  තියෙන ආදරය දඩමීමා කරගෙන  සමහරු උත්සාහ  කරනවනම් තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර ඉටු කරගන්න ඒකට අවස්ථාව දෙන්න බැහැ.එක්සත් ජාතික පක්ෂය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයවත්, අකිල විරාජ් කාරියවසම්වත්, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි කීප දෙනාවත් නෙමෙයි.  සිරිකොතේ යතුර, ව්‍යවස්ථාපිත බලය තියෙන්න පුළුවන්, අලියා තියෙන්න පුළුවන් නමුත් පාක්ෂිකයන් රැකගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි.අපි මේ හදන  පුළුල් සංධානය ජනගත කළහම මේ ආණ්ඩුවට විරුද්ධ සියලු දෙනා  ඒකරාශී කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 113 ඉලක්කයට  අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.යැයිද ඔහු එහිදී පැවැසීය.
’’අලියට මුවා වී කුමන්ත්‍රණකරන අයත් අප හා එක්වෙන්න’’
1
hp_train_7817
ලාෆ්ස් හෝල්ඩින්ස් සමාගම සිය ගෑස් සහ ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා නව වෙළද ලාංඡන හා ඇසුරුම් සමගින් ප‍්‍රචාරණ වැඩසටහන් මාලාවක් පසුගියදා හඳුන්වා දුන්නේය.සමාගමේ නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර තලයේ තවදුරටත් ව්‍යාප්ත කිරීමට මෙම නව හඳුන්වා දීම් කළ බව එම සමාගම පවසයි.”අප සමාගම නිරන්තරයෙන් යාවත්කාලීන වෙනවා. අප ලාංඡන මෙසේ නවමු මුහුණුවරකින් ඉදිරිපත් කිරීම මගින් සංකේතවත් වන්නේ එයමයි. පාරිභෝගිකයන්ට සමීප වෙමින් ඔවුන්ට වැඩිවැඩියෙන් වටිනාකම් තිළිණ කිරීම අපගේ ඉලක්කය වී තිබෙනවා. මේ නව වෙනස්කම් සමගින් සමාගමේ ඉදිරි දශකයේ වර්ධනය සඳහා ප‍්‍රවේශයක් ලබාගැනීම අපගේ පරමාර්ථයයි.”යැයි ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා කියයි.1995 වසරේදී ආරම්භ වූ ලාෆස් සමාගම 4,000 කට අධික කාර්ය මණ්ඩලයකින් සතු වෙයි.“ද්‍රව පෙට්‍රෝලියම් වායු දහනය වන දැල්ලේ රටාවෙන් නිම කර ඇති එය ශ‍්‍රී ලංකාවේ හැඩය ද නිරූපණය කරනවා.නිල් දැල්ල මගින් ද්‍රව පෙට්‍රෝලියම් වායුවල පිරිසිදු සහ කාර්යක්ෂම දහනය නිරූපණය කරනවා. ලිහිසි තෙල් සඳහා වන නව ලාංඡනය තෙල් බිඳක ස්වාභාවික හැඩය පදනම් කරගෙන නිර්මාණය කර තිබෙනවා.එය ද ශ‍්‍රී ලංකාවේ හැඩය නිරූපණය කරනවා “මෙම සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස සිනමා නිළි පූජා උමාශංකර් මහත්මිය පත්කර ඇතැයි එම සමාගමේ කළමණාකාරීත්වය පවසයි. බංග්ලාදේශයේ ද ව්‍යාපාර ආරම්භ කර ඇති ලාෆ්ස් සමාගම ඉදිරියේදී කලාපයේ වෙනත් රටවලටද ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව එම සමාගම කියයි. මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ ද්‍රව පෙට්‍රෝලියම් වායු ආනයන/අපනයන පර්යන්තයක් ස්ථාපිත කිරීමට ආයෝජනය කර ඇති බව ද එම සමාගමේ කළමණාකාරීත්වය පවසයි.”ඉදිරියේදී ශ‍්‍රී ලාංකිකයන්ට මෙරට මෙන්ම විදේශයන්හිද නව රැකියා අවස්ථා රැසක් ලබා දීමට අප සමාගමට හැකි වෙනු ඇත” යැයි ලාෆ්ස් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ තිලක් ද සිල්වා මහතා පවසයි.“මෙරට පරිසරයේ පවතින උෂ්ණත්වය හා දුහුවිලි මෙන්ම මාර්ග වල තත්ත්වයන්ටද වඩාත් හොඳින් ගැළපෙන පරිදි නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීමට අප සැලසුම් කරනවා.“යැයි ලාෆ්ස් සමාගම ප්‍රකාශ කරයි. -042
ලාෆ්ස් ගෑස් - ලිහිසිතෙල් නව ලාංඡන දෙකකින්
1
hp_train_7818
(ගම්පහ තිලකරත්න දිසානායක සහ මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)“අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් නැහැ. නායකයොත් නැහැ. ජනප්‍රිය පුද්ගලයිනුත් නැහැ. පදනමක් ඇත්තෙත් නැති වෙලාවක එක්සත් ජාතික පක්ෂයට අප පක්ෂය පාවාදෙන වෙලාවක රටට නායකත්වය ලබා දෙන්නට දේශපාලන නායකත්වය ලබාදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදය මැද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි බිහි කළා” යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ, උඩුගම්පොළදී පැවැසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු ආසන බල මණ්ඩලය, මිනුවන්ගොඩ ආසනයේ පිහිටුවාලමින් සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කිරීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා විසින් සංවිධානයකොට තිබූ ආධාරකරුවන් දැනුවත් කිරීමේ හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා එසේ කීය.උඩුගම්පොළ රෙජී රණතුංග අනුස්මරණ ශාලාවේදී පෙරේදා (30) පැවැති මෙම හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.මම ඉතාමත් සතුටට පත්වෙනව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු ආසන බල මණ්ඩලය මිනුවන්ගොඩ ආසනයෙන් ඇරඹූ අවස්ථාවට සහභාගිවීමට ලැබීම ගැන. මෙය ලොකු ආඩම්බරයක්. මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ජනතාවට ස්තුතිය පුදකර සිටිනවා.නමුත් අද මේ රටේ ආර්ථිකය භාරව සිටි ඇමැතිවරයා විදියට ගිරුවායේ උපන් කෙනෙකු හැටියට සිහින මවල මේ රටට අත්කරදීපු ලොකුම වස්තුව ඒ හම්බන්තොට වරාය අද ලංකාවෙ විකුණන්න පුළුවන් එකම වස්තුව විදියට තිබුණු ඒ ජාතික වස්තුව ජාතියෙන් විකුණපු දවස ලෙස ඉතිහාස ගතවෙන නිසා ඇත්තටම අපි අද ශෝක වෙනවා. අද ජාතියේ ශෝක දිනයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.මේවාගේම දිනක 1987 ජුලි 29දා ඉන්දු ලංකා ගිවිසුම නැවත ආපසු හරවන්න බැරි විදියට ලොකු පාවාදීමක් ඇති කළා. අද මේ පාවාදීම මේ වරාය තමයි තිබුණු ලොකුම වස්තුව. එදා මැතිනිය පවරාගත් දේවල් එක්සත් ජාතික පක්ෂ රජය විසින් ආපසු විකුණුවා. ඒ වගේම අපේ රටට තෙල් හෝ වෙන සම්පත් නැහැ. අපිට තිබුණු ලොකුම වස්තුව වරාය. ලෝකයේ ඕනෑම රටකට ගුවන් තොටුපොළවල් හදන්න පුළුවන්. හැබැයි වරායක් හදන්න පුළුවන් රටවල් කිහිපයයි තිබෙන්නේ. ඒකෙනුත් අන්තර් ජාතික නාවික ගමන් මාර්ග සහිත වරායක් පිහිටුවන්නට පුළුවන්නම් ඒ හම්බන්තොට වරාය විතරයි. කොළඹත්, ත්‍රිකුණාමලයෙත් වරාය තියෙන්නෙ දුරින්.නමුත් හම්බන්තොට වරාය තියෙන්නේ ඒ නාවික ගමන් මාර්ගයේ.මේ වරාය බදු දුන්නා කියනවා. මේ බද්ද ඉවර වෙන්නේ අවුරුදු 99න් නම් 2116දී. මෙතැන ඉන්න කිසිකෙනෙක් ඒ වනවිට නැහැ. මේ වරායෙන් නැව්වලට ඉන්ධන සැපයීම කරන්නට පුළුවනි. නමුත් අවුරුදු 99කට පස්සේ අපිට වරාය අයිති වෙනවිට තෙල්වලින් දුවන නැව් ලෝකයේ නැති වෙන්න පුළුවනි. ඒ වනවිට නැව් දුවන්නේ න්‍යෂ්ටික බලයෙන් හෝ සූර්ය තාපයෙන්.අවුරුදු සීයකට පෙර හිටපු සුදු ජාතික දිසාපතිවරයාගේ සිහිනය සැබෑ කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හම්බන්තොට වරාය හැදුවා. එහෙම හදල ජාතියෙ සම්පත් විදියට එකතු කළා. ඒක අවුරුදු 99කට විකිණුව. මේක තමයි සිදුකළ ලොකුම පාවාදීම.මේ වරාය කවදහරි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අනිවාර්යයෙන්ම අපි ජනසතු කරනවා. සමහරවිට ඉන්දියාව, චීනය තරහ වෙයි. එදා ඉන්දු-ලංකා ගිවිසුම ගැන අපි වැරදි පෙන්නූ ආකාරයට මේ ගිවිසුමත් වැරදියි. මේ ගිවිසුමත් නිත්‍යානුකුල නැහැ. මෙය අත්සන් කර තිබෙන්නේ වැරදි කෙනෙක්. වැරදි විදියට. ඒක නිසා මේ ගිවිසුම අනිවාර්යෙන්ම අවලංගු වන බව අපි කියනවා.ඒ නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිය කල ගැනත් කියන්න ඕනෙ. ඇයි අලුත් පක්ෂයක් හදන්නේ කියල අහනව. 1948දී නිදහස ලැබුණු පසුව මේ රටේ පාලනය බි්‍රතාන්‍යයන්ගෙන් අයිති වුණා. කළු සුද්දන් අතට.1951 වනතුරුම බණ්ඩාරනායක මහත්තය ඇතුළු අය බලන් හිටිය. නමුත් මේ රටේ ස්වදේශකයින්ට නිසි තැන නොලැබෙන නිසා මේ රටේ පංච මහා බලවේගය බණ්ඩානායක, ඩී.ඒ. රාජපක්ෂ හා ටී.බී. තෙන්නකෝන්ල එකතුවෙලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුව. හදල ආණ්ඩුවක් පිහිටුවූ පසු මුලින්ම කළේ සිංහල භාෂාව පැය විසි හතරෙන් රාජ්‍ය භාෂාව කළා. දෙමළ භාෂාවට සමතැන දුන්නා.ඒ විතරක් නොව මේ රටේ තිබූ විදේශ හමුදා කඳවුරු පවරා ගත්තා. ඒ සියල්ලටම වඩා කළ වැදගත්ම දේ වරාය ජනසතු කරනු ලැබීමයි.ඒවාගේම පසු කලෙක බහු ජාතික සමාගම් ජනතාව සන්තක කළා. මේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය. මැතිනිය 1972දී ජනරජ ව්‍යවස්ථාවක් ගෙනත් ජන රජයක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව ලෙසයි.පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් යුද්ධය නිම කළා. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් දුන්නා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසයි. දැන් ඒක තියෙනවද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි කියා ගන්නා කෙනෙක් ජනාධිපති ධුරයේ ඉඳිමින් මොකක්ද කරන්නේ බණ්ඩාරනායක මහත්තය ජනසතු කරපු වරාය, මහින්ද රාජපක්ෂ මහත්තය ගොඩනගපු වරාය අද අවුරුදු 99කට බදු දෙනවා. මෙහෙම දෙයක් දන්නෙත් නැහැ කියනවා.මේ රටේ නීතිය අනුව රජයේ ඉඩමක්, රජය සන්තක ඉඩමක් බද්දකට දෙනවා නම් ඒ සඳහා පළාත් සභාවට ඉඩම් බලය නැහැ. එය අත්සන් කළ යුත්තේ ජනාධිපතියි.මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිද? පක්ෂයේ ප්‍රතිපත්ති අද නැහැ. ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කළාම අපේ ආර්ථිකයත් ඉවරයි. මේ විදියට ශ්‍රීලනි පක්ෂයේ සියලුම ප්‍රතිපත්ති උල්ලංඝනය කරල, ඒවගේම මැතිවරණවලදී වැඩි ඡන්ද ලැබූ පක්ෂයේ බල කණු ප්‍රසන්න රණතුංග වැනි අයගේ ආසන සංවිධායකකම නැති කරල පැරදුණු කෙනෙක් ආසන සංවිධායක කරනව. මේකද පක්ෂයේ ප්‍රතිපත්තිය. පක්ෂය නගා සිටුවන්නද මේවා කරන්නේ.අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් නැහැ. නායකයොත් නැහැ. ජනප්‍රිය අයත් නැහැ. පදනමක් ඇත්තෙත් නැති වෙලාවක එක්සත් ජාතික පක්ෂයට අප පක්ෂය පාවාදෙන වෙලාවක මේ රටට නායකත්වය ලබා දෙන්න දේශපාලන නායකත්වය ලබා දෙන්නට පක්ෂයක් අවශ්‍ය වෙලා තිබුණා. අන්න ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ ආශිර්වාදය මැද ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීරලා, ඉන්දික අනුරුද්ධලා සහ ඒකාබද්ධව සිටින අපේ නායකයන්ගේ ආශිර්වාද මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි බිහි කළා.මේ පක්ෂය 2016 නොවැම්බර් 1 වෙනිදා ලියාපදිංචි කළා. හරියට මාස හය පිරුණුදා මැයිදා දකුණු ආසියාවේ විශාලම ජන ගංගාව ගාලු මුවදොර රැස්වීමට ගෙන ඒමට හැකි වුණා. අපි අද එහෙම තැනකට ඇවිල්ල ලංකාව පුරා ග්‍රාම නිලධාරි වසම් 14,000න් දිවයින පුරාම ක්‍රියාකාරී කමිටු පිහිටුවා අද වනවිට පක්ෂය උරුමකර දෙන නිල අයිතිය දෙන වැඩපිළිවෙළට පැමිණ සිටිනවා. අපේ පක්ෂය දැවැන්ත පක්ෂයක් බවට පත් වෙනවා පමණක් නොවෙයි වැඩිම සාමාජිකයින් සිටින පක්ෂය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත් කරනවා. මෙය ඉතා ප්‍රජාතන්ත්‍රවාදීවයි කරන්නේ.ඒවගේම කියන්න කැමතියි අපි ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම්. අපි ඡන්ද කඩන්නේ නැහැ. බෙදන්නේ නැහැ. අපේ පක්ෂය ඡන්ද දිනන පක්ෂයක් බව කියනවා. සමහරු කියනවා අපි ආවම දෙකට කැඩිල වෙනත් අය දිනයි කියල. එහෙම දිනනව නම් අපි එන්නෙත් නැහැ. අපි එන්නේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නයි.අපිට අභියෝගයක්ව තිබෙන්නේ ඡන්ද ගන්න එකයි. එක් එක් කාලයකදී ඡන්ද කල් දැම්ම. කල් දැම්මට මන්ත්‍රීවරුන් නැතුව හිටියේ නැහැ. හිටපු කට්ටිය දික් කළා. නමුත් මේ විදියට ඡන්ද කල් දමා නැහැ. මෙය නීති විරෝධීයි. අපි අධිකරණය හමුවටත් ගිහින් ඉන්නවා. ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සටනක් කරනවා.මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා: මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවන්න නම් අපි ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් විය යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තය පැරැද්දුවේ බැසිල් රාජපක්ෂ මහත්තයි කියල ලොකු කතාවක් ගියා. රනිල්  වික්‍රමසිංහ විසි නව පාරක් පරදින විට ඔය එකෙක්වත් කිව්වේ නැහැ බැසිල් රාජපක්ෂ තමයි මේ විසි නව පාරම දිනෙව්වේ කියලා. හැබැයි එකක් පැරදුණුවිට කිව්ව බැසිල් තමයි පැරැද්දුවේ කියල. අද මුළු රටම දන්නව ආණ්ඩුවේ ඇමැතිකම් අරන් ඉන්න අපේ ඡන්දවලින් ගිහිල්ල වරප්‍රසාද නැතුව ජීවත් වෙන්නට බැරි අය තමයි අපේ පක්ෂයට වින කරන්නේ.බැසිල් රාජපක්ෂ මහත්තය රැස්වීමකදී කියල තිබුණ මම හැම වගකීමක්ම බාර ගන්නව එම පරාජයේ. මහින්දව පැරැද්දුවේ මම නම් මහින්දව  ඒ පුටුවෙ යළිත් වාඩි කරවන්නෙත් මමයි කියලා. ඒ කොන්දක් ඇතිව කළ ප්‍රකාශයම අපේ අලුත් පක්ෂයට ශක්තියක්. පක්ෂ හදන ඒක ලෙහෙසි නැහැ. මොකද ජනතාව හිටියේ නැහැ. හැබැයි මහින්ද මහත්තය වටේ ජනතාව රැස්වෙනවා. මෙහි නායකත්වය බැසිල් රාජපක්ෂ මහත්තය ගෙන මීළඟ පළාත් පාලන මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරන්න සූදානම්.මේ රජය හම්බන්තොට වරාය විකුණන්න අත්සන් කළා. මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපතිත් සම්බන්ධයි. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තිවල නැහැ. හිටපු නායකයින් රාජ්‍ය දේපළ විකිණීම නොකළත් වත්මන් නායකයා රාජ්‍ය දේපළ විකුණනවා.මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර යන මහත්වරුන් සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය ද අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, පළාත් සභා මන්ත්‍රීන් වන ලක්ෂ්මන් ගුණවර්ධන, සනත් ප්‍රදීප් විතාන, මෙරිල් පෙරේරා යන මහත්වරුන්ද හිටපු පළාත් පාලන නියෝජිතයින්ද එක්ව සිටි අතර මෙහිදී මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපති නීල් ජයසේකර මහතා පිළිගැනීමේ කතාවත්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා විසින් පොදුජන පෙරමුණ මිනුවන්ගොඩින් ජයග්‍රහණය කරවීමත් සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.
ශ්‍රීලනිපයට නායකයොත් නෑ. ප්‍රතිපත්තිත් නෑ
1
hp_train_7819
(ඩයනා උදයංගනී)නිරිතදිග මෝසම් තත්වයේ සක්‍රීයවීමක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරුමැද පළාතේත්, වැසි ඇතිවන අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරුමැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාතේත් විටින් විට පැයට කිලෝමීටර 50 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. 
නිරිත දිග මෝසම් වැසි ඇරඹෙයි
0
hp_train_7820
අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාගැනීමට නියමිත ණය මුදල සම්බන්ධ සාකච්ඡා වල අවසන් අදියර සඳුදා (11)  දිනයේ ආරම්භ වීමට නියමිතය. ණය මුදල සම්බන්ධයෙන් මෙන්ම රටට අනාගතයේදී වැදගත් වන ප‍්‍රතිපත්ති සම්පාදන කටයුතු පිළිබඳවද මෙම සාකච්ඡාවලදී අවධානය යොමුකරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.රජයේ අධික වියදම අවම කිරීමට ගතහැකි පියවර,ආදායම නිසි පරිදි කළමනාකරණය කරගැනීමට ගත හැකි කි‍්‍රයාමාර්ග,එක් එක් අවස්ථාවලදී සිදුකරන සංශෝධන වලින් නොව ක‍්‍රමවත් පද්දතියක් මාර්ගයෙන් බදු අය කරගැනෙන ක‍්‍රමවේදයක් ඇතිකිරීම ආදිය  ප‍්‍රතිපත්ති සම්පාදනයන් අරබයා පැවැත්වෙන මෙම සාකච්ඡුාවේදී සැළකිල්ලට ගැනීමට නියමිතය.දැනගැනීමට හැකිවූ ආකාරයට රජය හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර දැනට කරුණු 11 ක් සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිව තිබේ.අවසන් අදියරේ සාකච්ඡුාවෙන් පසු ණය මුදල ලබාගැනීම සදහා ශී‍්‍රලංකාව ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම ඇමරිකාවේ වොෂින්ටන් නුවර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත.මෙසේ ලබාගැනීමට නියමිත ණය මුදලේ වටිනාකම ඩොලර් කෝටි 150 - 200 අතර වේ.අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා පැවැත්වුණු සාකච්ඡා නිසාවෙන් අපේ‍්‍රල් මස පළමුවැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ බදු කිහිපයක්ම අත්හිටවනු ලැබිණ.අලූත් අවුරුදු සමයේ ජනතාව මත තවත් බර පැටවීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන අකමැති වීමද බදු කි‍්‍රයාත්මක කිරීම අත්හිටුවීමට තවත් හේතුවකි.නමුත් මෙම මස අවසානයේ සිට මෙසේ අත්හිටැවුණු බදු නැවත කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සදහා නිර්දේශ කර ඇති නව බදු කිහිපයක්ද මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක කිරීමට රජය සැළසුම් කර ඇත.ඉතා අධික ණය බරකින් පීඩා විදින ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ අනාගතය සම්බන්ධයෙන්ද සාකච්ඡුාවලදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසගේ අවධානය යොමුවිය.ගුවන්සේවය යළි නගා සිටුවීමට දැනටමත් පියවර ගෙන තිබෙන බව රජය ඔවුන්ට සහතික කළේය.ශී‍්‍රලන්කන් වෙත භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙනුයේ මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා පමණක් බව එහි අධ්‍යක්ෂක මණ්ඩලයට රජය දැනටමත් දැනුම්දී තිබේ.ශී‍්‍රලන්කන් ගුවන්සේවා කලමණාකාරීත්වයේ වෙනසක් සිදුවිය හැකි බව පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හෙළි කළේය.පෞද්ගලික අංශයේ අත්දැකීම් බහුල වෘත්තියකයන් පිළිගත් කි‍්‍රයාපටිපාටියක් යටතේ ශී‍්‍රලන්කන් කලමණාකාර ව්‍යුහයට එක්කරගැනීමේ උත්සාහයක රජය නිරතව සිටින බවද දැනගැනීමට හැකිවිය.මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සමග සාකච්ඡුාද පවත්වා ඇත.2009 වසරේදී එමිරේට්ස් ආයතනයේ කලමණාකාරීත්වය යටතේ පැවති ශී‍්‍රලන්කන් ගුවන්සේවය ඉතා හොදින් ලාභ ඉපැයූ බවත් දැන් තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් බවත් මාධ්‍ය හමුවේදී අබේවර්ධන සඳහන් කළේය.අද දිනයේ ශී‍්‍රලන්කන් මත පැටවී තිබෙන මුළු ණය බර රුපියල් ලක්ෂ 9980 කට ආසන්න බව පැවසූ ඔහු ගුවන්සේවය නගා සිටුවීම අරබයා එහි කලමණාකාරීත්ව ව්‍යුහයට සහ ප‍්‍රතිපත්ති වලට වෙනස්කම් සිදුකළ යුතුව තිබෙන බව කීවේය. ‘ ඉදිරියේදී ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ කලමණාකාර මණ්ඩලයේ තනතුරු වල වෙනසක් සිදුවීමේ ඉඩක් තිබෙනවා.මේ ආයතනය මෙහෙම පවත්වාගෙන යන්නට බැහැ.2009 වසරේදී හොඳ ලාභයක් ඉපැයූ ශී‍්‍රලන්කන් ගුවන්සේවය අද අධික වශයෙන් පාඩු ලබනවා.මේක අපරාධයක්.අද වගා ක්ෂේත‍්‍රය ගත්තොත් ගොඩක් පාලන කටයුතු සිදුවන්නේ පෞද්ගලික අංශය යටතේ.මේ ක්ෂේත‍්‍රයත් රජය යටතේ තිබුණානම් මොනවා වෙන්න තිබුණාද කියලා හිතාගන්නවත් බැහැ.ඒ නිසා ශී‍්‍රලන්කන් ගුවන්සේවය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කළ යුතු වෙනවා.ආයතනයක් මේ වගේ පාඩු ලබන තත්ත්වයක තියාගෙන ජනතාවට සහන ලබාදෙන්න අපට හැකියාවක් නැහැ.’’ අබේගුණවර්ධන පැවසුවේය.සන්ඬේ ටයිම්ස් ලිපියට ගුවන් නියමුවන්ගේ එකඟතාව - නමුත් කැප්ටන් නැහැමාර්තු මස 27 වැනිදා සහ පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාන තීරුවලින් කළ අනාවරණයන් සැබෑ බව අමාත්‍ය අබේගුණවර්ධන මේ ආකාරයට සහතික කළේය.එම තීරුවල ශී‍්‍රලංකා ගුවන් නියමුවන්ගේ සංගමය පැවැත්වූ හමුවක් ගැනද සඳහන් විය.මේ සම්බන්ධයෙන් එහි ප‍්‍රධානී කැප්ටන් රනුක සේනානායක මහතා අප වෙත ඊමේල් ලිපිනයක් එවා ඇත.අප්‍රෙල් මස තුන්වැනිදා පළවු ලිපියේ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන බව එහි මාතෘකාව ලෙස සඳහන් කර තිබේ.ඔහු එවා ඇති පණිවුඩය මෙළෙසය. ‘ඔබ පුවත්පතේ පළවූ කරුණු සම්බන්ධයෙන් මම හෝ මගේ සංගමයේ සාමාජිකයින් හෝ මෙතෙක් නිල ප‍්‍රකාශයක් සිදුකර නැත.’ ‘එනිසා එම ලිපියේ පළව තිබූ කරුණු සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිදුකිරීමට මට තිබෙන අයිතිය පිළිගෙන ඒ සදහා අවස්ථාව ඔබ ලබාදෙනු ඇතැයි මම සිතමි.’ පහත කරුණු සම්බන්ධයෙන් අප සාකච්ඡා කර එකඟතාවන් ඇතිකරගත් බව මුලින්ම සඳහන් කරන්නට මම කැමැත්තෙමි. x              වාර්ෂිකව සිදුවන වැටුප් වර්ධක ලබානොගෙන සිටීමට සාමාජිකයෝ එකඟවූහ.මෙය සිදුවන්නේ අප පනවන කොන්දේසි ප‍්‍රකාරවය. x              මේ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමේ අරමුණින් පමණක් විශේෂ කමිටුවක් පත්කිරීමට තීරණය විය. x              ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ ප‍්‍රධානියාට,විධායක අධ්‍යක්ෂකවරයාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට වර්තමානයේ ලැබී තිබෙන බලතල හා වරප‍්‍රසාදයන් සංගමේ සාමාජිකයින් අතර දැඩි විවේචනයට ලක්විය. ‘ මේ කරුණු හැරෙන්නට ඔබ ලිපියේ අනෙක් සියලූ කරුණු සාවධ්‍ය හා අසත්‍ය බව සඳහන් කිරීමට මම කැමැත්තෙමි.ඇත්ත වශයෙන්ම කිවහොත් ශී‍්‍ර ලංකා ගුවන් නියමුවන්ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට අවසරයක් නැත.එය කලමණාකාරීත්වය අනුගමනය කරන ප‍්‍රතිපත්තියක් වන අතර එයට එරෙහිව කටයුතු කිරීමට ගුවන් නියමුවන්ගේ සංගමයේ ප‍්‍රධානියාට හෝ කමිටු සාමාජිකයින්ට හෝ හැකියාවක් නොමැත.’’ කැප්ටන් සේනානායකගේ පවසා සිටින මෙම කරුණු සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පත්‍රය, ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් කිහිපදෙනෙකුගෙන්ම විමසුවේය.මාර්තු 27 වැනිදා පැවැත්වුනු සංගම් හමුවේදී වැටුප් වර්ධක ලබානොගෙන සිටීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගැණුනු බව ඔවුහු පැවසූහ.කමිටුවක් පත් කෙරුණේ මේ පිළිඹදව වැඩිදුරටත් සොයාබැලීමට බව ඔවුහු කීහ.කෙසේවුවත් ශී‍්‍රලන්කන් ප‍්‍රධානියා,විධායක නිලධරයා සහ එහි අධ්‍යක්ෂක මණ්ඩලය සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයෝ ඉතාම දැඩි විවේචන එල්ල කළ බව නම් මෙම ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෝ සහතික කළහ. ඔවුහු මෙම තොරතුරු අප වෙත ලබාදුන්නේ නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මතය. මේ අනුව සැළකීමේදී ඔබ ලිපියේ පළව ඇති අනෙක් සියලූ කරුණු සාවද්‍ය හා අසත්‍ය යැයි කැප්ටන් සේනානායක ඔහුගේ ඊමේල් ලිපියේ සඳහන් කර ඇත්තේ ඇයිදැයි ගැටලූවක් නැගේ.පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් නියමු සංගමයේ රැුස්වීම පැවැත්වූ අවස්ථාවේදී එහි සාමාජිකයන් කිහිපදෙනෙක් වෙන් වෙන්ව දැක්වූ අදහස්ද අපි සඳහන් කළෙමු.ඒවා අසත්‍ය හා සාවද්‍ය යැයි කැප්ටන් සේනානායක පවසා සිටින්නේ කවර පදනමක් මතද යන්න පැහැදිලි නැත.වැටුප් වර්ධක ලබානොගෙන සිටීමට කොන්දේසි යටතේ සංගමේ සාමාජිකයින් තීරණය කළ බව ඔහු සඳහන් කර ඇතත් එම සංගමයේම සාමාජිකයින් අපට කියා සිටියේ එවැනි තීරණයක් නොගත් බවය.කැප්ටන් සේනානායක පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද? යැයි පැනයක් මේ සියල්ල සැළකිල්ලට ගැනීමේදී අපට නැගේ.ඔහු ගුවන් නියමුවන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටිනවාද, නැතහොත් වෙනත් කෙනෙකුගේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරනවාද? යන්න ගැටලූවකි. මෙම ඊමේල් ලිපිය අප වෙත ලැබුණු දිනවලම තමන්ගේ අනාගතය සම්න්ධයෙන් අවදානම් සහගත තත්ත්වයක සිටින ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ එක්තරා ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ගුවන්සේවයේ සියලූම සාමාජිකයින්ගේ රැස්වීමක් කැඳවූයේය.එකිනෙකා අතර සබඳතා වැඩිදියුණු කිරීම මෙහි අරමුණ විය.පුටු 600 ක් පමණ තිබුණු මුත් පැමිණ සිටියේ 90 ක පමණ පිරිසකි.ඔවුන් අමතමින් අදහස් පළකළ ඔහු මම  ඕපාදුප කියවන්නේ නැහැ’’ කියමින් ශී‍්‍රලන්කන් වෙත නැගෙන චෝදනා බැහැර කළේය.නමුත් භාණ්ඩාගාරයෙන් ශී‍්‍රලන්කන් වෙත මුදල් ලැබීම නතර වුවහොත් ගුවන්සේවයේ අනාගතය පිිළිඹද විශ්වාසයක් තැබිය නොහැකි තත්ත්වයක් ඇතිවන බව ඔහු පිළිගත්තේය. රනිල්ගේ චීන සංචාරය සාර්ථක චීන සංචාරයකින් පසු දිවයිනට පැමිණ සිටින අගමැතිවරයා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා පැවැත්වෙන අවසන් වටයේ සාකච්ඡුාවලට එක්වීමට නියමිතය.ශී‍්‍රලන්කන් ගුවන්සේවය ඇතුලූ රාජ්‍ය කර්මාන්ත නගා සිටුවීම සදහා රජය ගන්නා පියවර සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ දැනුම්වත් කිරීමට ඔහු කටයුතු කරනු ඇත. ශී‍්‍රලංකාව හා චීනය අතර පැවැත්වුනු සාකච්ඡුා වලදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ හම්බන්තොට වරාය සදහා ලබාදුන් ණය මුදල් සදහා සහන ලබාගැනීමට ඇති හැකියාව පිළිඹද වැඩි අවධානයක් යොමුවිය.රට මත පැටවී තිබෙන අති විශාල ණය බර මෙයට හේතුව විය.චීනයට පැමිණි විගස ශී‍්‍රලංකාව වෙනුවෙන් යුවාන් ලක්ෂ 5000 ක මුදල් අධාරයක් ලබාදීමට චීන පාලකයෝ කටයුතු කළහ.එරට අගමැති ලී කේකුයින්ග්, ශී‍්‍රලංකා අගමැති වික‍්‍රමසිංහව හැදින්වූයේ චීනය හා ශී‍්‍රලංකාව අතර යහපත් සම්බන්ධතාවක් පවත්වාගැනීමට සෑම අවස්ථාවකදීම කැපවී කටයුතු කරනා ජේ්‍යෂ්ඨ රාජ්‍ය තාන්ති‍්‍රකයෙක් ලෙසය. චීන රජයේ ආධාර මත ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ඩොලර් ලක්ෂ 2100 ක මුදලක් වැයව ඇතැයි ඇස්තමෙන්තු ගතකර ඇත.එහි පළමු අදියරේ ඉදිකිරීමේ 2007 වසරේදී ආරම්භ වූ අතර එම ඉදිකිරීම් අවසානයේ ගුවන්තොටුපල 2011 මාර්තු මස 22 වැනිදා විවෘත කැරිණ.2009 දී චීනයේ එක්සිම් බැංකුව ගුවන්තොටුපලේ දෙවැනි හා තෙවැනි අදියර වල ඉදිකිරීම් වෙනුවෙන් ඩොලර් 8910 ක ණයක් ලබාදුන්නේය.මෙය සහන පදනම යටතේ ලබාදුන් ණයක් වූ අතර පස් අවුරුද්දක් යන තෙක් ණය ගෙවීමෙන් නිදහස් සහන කාලසීමාවක් සහ සියයට දෙකක පොළී අනුපාතිකයක් එයට විය. මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ඉදිකිරීමට වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 13080 කි.මෙම මුදල ලබාදී ඇත්තේද චීනයේ එක්සිම් බැංකුවයි.මුදල ලබාදී ඇත්තේ අදියර දෙකක් යටතේ වන අතර පළමු අදියරේ ඉදිකිරීම් සදහා ලබාදී ඇති මුදල ඩොලර් ලක්ෂ 3060 කි.එම මුදල සදහා පොළී අනුපාතිකය සියයට 6.3 ක් වැනි ඉහළ අගයකි.දෙවැනි අදියර සදහා වියදම් වී ඇති මුදල ඩොලර් ලක්ෂ 8000 කි.එම මුදල ලබාදී ඇත්තේද පෙර සඳහන් කළ පොළී අනුපාතිකය යටතේමය.මුහුදේ තිබූ කළුගල් පිපිරවීම සදහා වියදම් වී ඇති මුදල ඩොලර් ලක්ෂ 2020 කි.ශී‍්‍රලංකා වරාය අධිකාරියට අනුව මේ අනුව වරාය සදහා වියදම්වී ඇති මුලූ මුදල ඩොලර් ලක්ෂ 13080 කි.වසර 20 ක් ඇතුළත මෙම මුදල ගෙවිය යුතුය.ණය නොගෙවා සිටිය හැකි පස් අවුරුදු සහන කාලසීමාවක් චීනය මෙම මුදලටද ලබාදී ඇත. නිතර අලූත්වැඩියා කිරීම් සිදුකළ යුතු නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම් සදහා වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 13460 කි.එහි පළමු අදියර සදහා ඩොලර් ලක්ෂ 4550 ක මුදලක් වැයව තිබෙන අතර දෙවැනි හා තෙවැනි අදියරයන් සඳහා ඩොලර් ලක්ෂ 891 ක මුදලක් වැයව ඇත.චීනයේ එක්සිම් බැංකුව මෙම මුදල ලබාදී තිබෙන්නේ වසර 20 ක සහන ණය පදනමක් යටතේය.සියයට දෙකක පොළී අනුපාතියක් හා පෙර අවස්ථාවලදී මෙන්ම වසර පහක සහන කාලසීමාවක් එයට ඇතුළත්ය.මෙම ව්‍යාපෘතිය සදහා ශී‍්‍රලංකා රජයද රුපියල් ලක්ෂ 110000 මුදලක් යෙදවූයේය.බලාගාරයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් 2010 වසරේදී ආරම්භවූ අතර 2013 වසරේදී අවසන් විය.තෙවැනි අදියරේ ඉදිකිරීම් 2014 සැප්තැම්බර් මාසයේ නිල වශයෙන් ආරම්භ විය.ඇතැම් අවස්ථාවලදී මෙම බලාගාරය ලක්විජය විදුලි බලාගාරය ලෙසද හැඳීන්වේ.2012 සිට මෙහි සියයට 85 ක් පමණ කොටස් අයිතිය ඇත්තේ චයිනා මර්චන්ට්ස් ගෲප් සමාගමටය.  චීන සංචාරයට පෙර වික‍්‍රමසිංහ - රාජපක්ෂ හමුවක් චීනයෙන් ලබාදී ඇති ණය සදහා සහන ලබාගත හැකි ක‍්‍රමවේදයන් පිළිඹද සොයාබැලීමට අගමැති වික‍්‍රමසිංහ ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර ඇත.සංවර්ධන මූලෝපායන් සහ අන්තර්ජාතික වෙළද කටයුතු පිළිඹද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා, විශේෂ ඇගයීම් කටයුතු අමාත්‍ය සරත් අමුණුගම මහතා එහි සාමාජිකයින් ලෙස දැනටමත් නම් කර අවසන්ය.තෙවැනි සාමාජිකයා ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා නම් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.චීනය හා සමග නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකරගැනීම සම්බන්ධ කටයුතුද මෙම වසර අවසානය වන විට නිමා කරන ලෙසට අගමැති වික‍්‍රමසිංහ අදාළ නිලධරයින් වෙත උපදෙස් ලබාදී තිබේ. චීන සංචාරයට පෙර අගමැතිවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවීම සුවිශේෂී සිදුවීමක් විය.හිටපු ජනපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට සහභාගීව සිටියේය.අගමැතිවරයා සමග පැමිණ සිටියේ අමාත්‍ය සමරවික‍්‍රමය. හමුව පැයකට ආසන්න කාලයක් පැවැත්වුණි.හම්බන්තොට ඉදිකෙරෙන අපනයන සැකසුම් කලාපයක්,ගුවන්තොටුපල හා වරාය සම්බන්ධව තම සංචාරයේදී වැඩි අවධානය යොමුකිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව අගමැතිවරයා කීවේය.හිටපු ජනපතිවරයාද එම අදහස් පිළිගත්තේය. ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද දෙදෙන සාකච්ඡුා කළෝය.විධායක අගමැතිධූරය අහෝසි කිරීම,පාර්ලිමෙන්තු පද්දතිය ශක්තිමත් කිරීම හරහා බලය බෙදී යාමේ විධිමත් ක‍්‍රමවේදයක් ඇතිකිරීම, ආදී කරුණු සම්බන්ධයෙන් රජයේ සැළකිල්ල යොමුව තිබෙන බව අගමැතිවරයා කීවේය.කාලය ගතවුවද මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමටද රජය ක‍්‍රමයෙන් පියවර ගන්නා බවද ඔහු පැවසුවේය. රාජපක්ෂගේ ආරක්ෂාවට සපයා සිටි හමුදා සාමාජිකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී ගුණවර්ධන විරෝධය පළකළේය.එලෙස ආරක්ෂාව ඉවත් කර ඇත්තේ හිටපු ජනපතිවරයාට වෙන කවරදාටත් වඩා වැඩියෙන් ජීවිත තර්ජන එල්ල වෙමින් තිබෙන කාලයක බව ඔහු පැවසුවේය.මෙය අගමැති වික‍්‍රමසිංහ පිළිගත්තේය.මේ පිළිඹදව ජනපතිවරයා සහ ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද ඔහු කීවේය.රාජපක්ෂට සැපයිය යුතු ආරක්ෂාව පිළිඹද විශේෂ වාර්තාවක් තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද එම වාර්තාව ලැබුණු පසු ගතයුතු පියවර තීරණය කළ හැකිවනු ඇති බවද අගමැතිවරයා පැවසුවේය.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු අරබයා අගමැති වික‍්‍රමසිංහ හා එකාබද්ධ විපක්ෂය අතර එකගතාවක් ඇතිව තිබෙන ආකාරයක් දැකගත හැකිය.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වලට සම්පූර්ණ සහයට ලබාදෙන බව ගුණවර්ධන සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.ඇතැම් කමිටු වල ප‍්‍රධානීත්වය පවා එකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින්ට ලබාදීමේ සූදානමක් පවතින බවද ගුණවර්ධන කීවේය.පාර්ලිමෙන්තුවේ පිළිගත් විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය මේ දිනවල අනුගමනය කරමින් සිටින්නේ නිහඩ පිළිවෙතකි.මුල් අවස්ථාවලදී දෙමළ සන්ධානය උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලූ පිළිඹද අවධානය යොමුකර සිටිනු දැකගත හැකිවුවත් දැන් එවැන්නක් හඳුනාගැනීම පවා අපහසුය.ගැටලූවලට පිළියම් යෙදීමට රජයේ සම්පූර්ණ සහය ලබාගැනීමේ අවස්ථාව පවා තිබියදී දෙමළ ජාතික සන්ධානය අනුගමනය කරමින් සිටින මෙම නිහඩ පිළිවෙත බොහෝ දෙනාගේ දෝශදර්ශනයට ලක්ව ඇත.වත්මන් නායක ආර්.සම්බන්ධන් හා සංසන්දනය කිරීමේදී අප්පාපිල්ලේ අමිර්තලිංගම් වැනි දෙමළ සන්ධානයේ හිටපු නායකයෝ කටයුතු කළේ මෙයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය. ජනපතිගේ වැඩකටයුතුජනපති සිරිසේන ගෙවුණු සතියද ගතකළේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හිමි තම නායකත්වය තහවුරු කරගැනීමේ කටයුතු වල නිතරවය.ඔහු තවත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරු දෙදෙනෙක් අමාත්‍ය මණ්ඩලයට එක්කර ගත්තේය.බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විද්‍යාව හා තාක්ෂණවේදය පිළිඹද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් අතර ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මහතා විදේශ රැුකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය.මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂ කලූතර දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සංවර්ධන සහ සංස්කෘතික කටයුතු පිළිඹද අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා හමුවේ දිව්රුම් දුන්නේය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අමාත්‍යධූර බෙදී යාම තුලනය කිරීම සදහා මෙසේ තෙවරප්පෙරුමටද අමාත්‍යධූරයක් ලබාදුන් බව සැක නැත.නිදහස් පක්ෂ සාමාජිකයින් දෙදෙනකුට අමාත්‍යධූර ලබාගැනීමට කටයුතු කිරීම මගින් ජනපති සිරිසේන පක්ෂයේ තම නායකත්වය තහවුරු කරගැනීමට තවමත් කටයුතු කරමින් සිටින බව පැහැදිලිය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා හමුවේදී ඔහු මේ බව තවදුරටත් සනාථ කරමින් අදහස් පළකළේය.රාජපක්ෂගේ ප‍්‍රබල ආධාරකාරිනියක වන පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට ශී‍්‍රලංකා නිදහස් පක්ෂ ගාල්ල මැයි දින රැුලිය සංවිධානය කිරීමේ වගකීම ලබාදෙන ලෙසට ඔහු උපදෙස් දුන්නේය.නව අමාත්‍යවරුන් තිදෙනාටද අනෙක් අමාත්‍යවරුන් හා සමව ආරක්ෂකයින්,වාහන සහ දීමනා ලැබෙනු ඇත.රජය ඔවුන්ට මෙසේ සළකන්නේ රට ආර්ථික අර්බුදයකට සිරවී සිටින අවදියකදීය.පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා කි‍්‍රයා - ධර්ම පද්දතියක් පසුගිය සතියේ පාර්ලිමෙන්තුවේදී කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා කි‍්‍රයා - ධර්ම පද්දතියක් සදහන් වූ පිටු 11 ක ලියැවිල්ලක් සභාගත කළේය.පහත දැක්වෙන්නේ එහි අන්තර්ගතවූ කරුණු කිහිපයකි. x              තමන්ට හිමි ව්‍යාපාර හා වෙනත් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු සාමාජිකයින් තොරතුරු හෙළි කරනු ඇත.ළගම පවුලේ සාමාජිකයෙක් හෝ මෙම කටයුතු වල නිතරව සිටින්නේ නම් ඔවුන්ගේ තොරතුරු හෙළි කිරීමද පාර්ලිමෙන්තු සාමාජිකයින්ගේ වගකීම වන්නේය.මේ හරහා ජනතා විශ්වාසය ගොඩගාගැනීමට ඔවුනට හැකිවනු ඇත.පෞද්ගලික වුවමනා එපාකම් සපුරාගැනීමට නොව රට වෙනුවෙන් සේවය ලබාදීමට පාර්ලිමෙන්තුවට පැමිණ සිටින බව ජනතාවට ඒත්තු ගැන්වීම සදහා මෙය හොඳ අවස්ථාවකි. x              ඇතැම් අවස්ථාවලදී පාර්ලිමෙන්තු සාමාජිකයින්ගේ වත්කම්,හිමිකම්,ඔවුන්ගේ කි‍්‍රයාකලාපයන් වැනි දේ අරබයා ඔවුන් තමන්ගේ වුවමනාකම් පිරිමසා ගැනීමට මිස රට වෙනුවෙන් පාර්ලිමෙන්තුවට පැමිණ නොමැති බවට වැරදි වැටහීමක් ජනතාව අතරට යෑමේ අවස්ථාව ඇත.මෙනිසා එවැනි වැරදි වැටහීමක් ඇතිවීමට ඉඩ තිබෙන සෑම කරුණක්ම සගවා නොගෙන ප‍්‍රසිද්ධියේ අනාවරණය කිරීම සෑම පාර්ලිමෙන්තු සාමාජිකයකුගේම වගකීම වන්නේය.මෙවන් කරුණු සදහා උදාහරණ ලෙස ඉඩම් හා දේපල හිමිකම්,වත්කම්,කොටස් හිමිකම්,ත්‍යාග,විදෙස් සංචාරයන්,සේවය සදහා පිදෙන බව කියන සම්මාන,ආදායම් මාර්ග, වැනි දේ දැක්විය හැකිය.මෙම කරුණු මැතිවරණයක් අවසානයේදී හෙළි කළ යුතු අතර පසුව පාර්ලිමෙන්තුව නිර්දේශ කරන කාලාන්තර වලදීද හෙළි කළ යුතුය. x              ඡුන්දය ප‍්‍රකාශ කිරීමේදී රාජ්‍ය ප‍්‍රතිපත්ති අරබයා මිස පුද්ගලගැතියකු ලෙස පක්ෂපාතීව හෝ විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතියක් පාර්ලිමෙන්තු සාමාජිකයින්ට නැත. x              එක් එක් සාමාජිකයා වෙත වෙන්කෙරෙන රාජ්‍ය මුදල් හා ඔහු හෝ ඇය එම මුදල් වියදම් කර ඇති ආකාරය එම තොරතුරු ලැබුණු විගසම ප‍්‍රසිද්ධ කෙරෙනු ඇත. x              තමන්ට ලැබී ඇති දීමනා හා වරප‍්‍රසාදයන් වෙනුවෙන් පාර්ලිමෙන්තු සාමාජිකයින් වගවිය යුතුය.මෙම දීමනා හා වරප‍්‍රසාදයන් ලැබී ඇත්තේ ඔබගේ සුභ විහරණය වෙනුවෙන් නොවේ.ඒවා යෙදවිය යුත්තේ ජනතා සේවය වෙනුවෙන්ය. x              පාර්ලිමෙන්තු සාමාජිකයෙක් ලෙස ලබාදෙන සේවය ප‍්‍රශ්න කිරීමට ලක්කළ හැකි දීමනා පිළිගැනීම,ආධාර ලබාගැනීම, පාර්ලිමෙන්තුවට හෝ වෙනත් කමිටුවකට ඉදිරිපත් කෙරෙන කෙටුම්පතකට තම වාසිය පමණක් සළකා කැමැත්ත ලබාදීම හෝ අකමැත්ත පළකිරීම ආදී දේවලින් වැළකී සිටිය යුතුය. x              පාර්ලිමෙන්තු සාමාජිකයකු ලෙස ගතකරන සමය අවසානයේ සුරක්ෂිත අනාගතයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් තමන්ට දැන් ලැබී තිබෙන බලතල අවභාවිතා කිරීම නොකළ යුතුය. පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ වරප‍්‍රසාද වෙනුවෙන් වන කමිටුව වරප‍්‍රසාද සහ ආචාර ධර්ම පිළිඹද කමිටුව ලෙස වෙනස් කිරීමට නියමිතය.කිසියම් පාර්ලිමෙන්තු සාමාජිකයෙක් මෙම කි‍්‍රයා - ධර්මයන් උල්ලංඝණය වන අයුරින් කටයුතු කරන්නේදැයි සොයාබැලීමේ වගකීම පැවරෙන්නේ මෙම කමිටුවටය.කමිටු නිර්දේශ මත කිසියම් සාමාජිකයකුට ලබාදිය යුතු දඩුවම් පාර්ලිමෙන්තුව තීරණය කරනු ඇත. අවවාද කිරීම,දැඩිව අවවාද කිරීම,පාර්ලිමෙන්තු වරප‍්‍රසාද පණත උල්ලංඝණය නොවන අයුරින් කිසියම් කාලසීමාවකට පාර්ලිමෙන්තු සාමාජිකත්වය අත්හිටුවීම, ශ්‍රෙෂ්ඨාධිකරණයේ අවධානයට ගැටලූව යොමුකිරීම, ආදී ලෙස මෙම දඩුවම් ලබාදීමට නියමිතය. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමෙන්තු සංසදය සකස් කර තිබෙන ප‍්‍රතිපත්ති හා වෙනත් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම මත පදනම්ව මෙම කි‍්‍රයා - ධර්ම පද්දතිය සකස් කළ බව කතානායකවරයා පැවසුවේය. මෙවර අවුරුදු සමය උදාවන්නේ ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන්ද බරපතල ගැටලූ වලට රට මුහුණදී සිටින සමයකදීය.මෙම ගැටලූ කොයි ආකාරයෙන් නිරාකරණය කරගැනීමට හැකිවේදැයි යන්න පැවසීමට තවමත් කල් වැඩිය.එසේවුවත් රටේ ජනතාවට ඉදිරියේ පැමිණෙන කාලයේදීත් තවත් පටි තදකරගැනීමට සිදුවනු ඇති බව නම් සහතික ලෙසම කිව හැකිය. 
මහ සබේ වෙසක් මහේ විසිරවේ?
0
hp_train_7821
ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල ස්ථිර කිරීමට අනුමැතිය ඉල්ලමින් වෙන වෙනම කැබිනට් පත්‍රිකා දෙකක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.මෙම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් විසිනි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, නව ජනාධිපතිවරයා වැඩ බාරගත් පසු තම පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවා අවසන් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩු වන නිසා එලෙස සිය පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවය අවසන් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වාදී ඇත. එම නිසා ඔවුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන පරිදි ස්ථිර කාර්යමණ්ඩලයට බඳවාගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇත.සෑම අමාත්‍යවරයකුගේම කාර්ය මණ්ඩලවල සේවා ස්ථිර කරන්නැයි අනෙක් කැබිනට් පත්‍රිකාවෙන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉල්ලා තිබේ.නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු සෑම අමාත්‍යවරයකුගේම කාර්ය මණ්ඩලයේ 10 දෙනකුට ආසන්න පිරිසක් සිටිති. එම කාර්යමණ්ඩලවල කළමනාකරණ සහායකයන් පස්දෙනකු සිටින අතර මාධ්‍ය ලේකම්වරයා ද ඇතුළු තවත් පස්දෙනෙක් ද සිටිති.(සන්ඩේ ටයිම්ස් ඇසුරිනි) 055 
ජනපති-ඇමැති පෞද්ගලික කාර්යමණ්ඩල ස්ථිර කරන කැබිනට් පත්‍රිකා ඉවත් කරගනී
0
hp_train_7822
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (3) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 817 දෙනෙකු හමුව ඇති බවත් ඉන්134 දෙනෙකු වන වැඩිම පිරිස බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර  - 133 ක්,  අත්තනගල්ල  - 90 ක්,  ගම්පහ  - 87 ක්,  ජාඇල  - 53 ක්,  කැලණිය  - 51 ක්,  වත්තල  - 49 ක්,  රාගම  - 45 ක්,  දොම්පෙ  - 44 ක්,  දිවුලපිටිය  - 39 ක්,  මීගමුව  - 33 ක්, කටාන  - 24 ක්,  මීරිගම  - 20 ක් සහ මිනුවන්ගොඩ  - 15 දෙනෙකු වශයෙන් සිදුව ඇති බවද අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 23 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල ආසාදිතයින් 326 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. රෝහල් ගත කොට ඇති සැක සහිත රෝගීන් සංඛ්‍යාව 148 දෙනෙකි. නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 16,416 දෙනෙකි. 
ගත වු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් 488 ක්
0
hp_train_7823
 ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ව්‍යාපාර අතරේ පෙරමුණ ගත් සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම 2021-22 වසරේ තුන් වැනි කාර්තුවේදී පෙර බදු ලාභය වශයෙන් රුපියල් මිලියන 3,000ක් වාර්තා කර තිබේ. පෙර වසරේ තුන් වැනි කාර්තුව හා සංසන්දනය කිරීමේ දී එය ඉතාමත් ඉහළ කාර්ය සාධනයක් වන අතරම ආයතනික ඉතිහාසයේ කාර්තුවක් වෙනුවෙන් ලද ඉහළම ලාභය ද එයයි.එයිට්කන් ව්‍යාපාර සමූහයේ, සංචාරක අංශය ද ඇතුළුව, මෑත කාලීන වාර්තා ප්‍රගතිශීලී වර්ධනයක් පෙන්නුම් කරයි.පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ මූලික වියදම් අවප්‍රමාණවීමට පෙර, සමූහයේ ඉපැයීම් ඇතුළු සියලු‍ම අංශ හරහා ආයතන සමූහයේ මූලික ආදායම රුපියල් බිලියන 5.2 කි. එය පෙර වසරේ මෙම කාර්තුවට සාපේක්‍ෂව කැපී පෙනෙන වර්ධනයකි. පසුගිය වසරේ මෙම කාර්තුව තුළ ලත් ආදායම වූයේ බිලියන 1.2 කි.2021 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මාස 9 ඇතුළත දී පොලී ගෙවීමට පෙර ලබන ආදායම, බදු, ක්‍ෂයවීම් සහ මූලික වියදම් ක්‍රමයෙන් කපාහැරීම ඇතුළුව ව්‍යාපාර සමූහයේ සමස්ත මූල්‍ය ගණනය කිරීම්වල එකතුව රුපියල් බිලියන 9.8 කි.සැලකිය යුතු ආර්ථික ප්‍රශ්න තිබියදී පවා, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ කඩිනම් උපායයන් හි සාර්ථකත්වය එහි විදේශීය ව්‍යාපාරවලින් පිළිබිඹු වූයේය. එහි පෙර-බදු-ලාභය සමස්ත ආදායමෙන් සියයට78ක් ක්වූ අතර ගෙවී ගිය මාස 9 ක කාලයේදී ලබාගත් සමස්ත ආදායමෙන් පෙර-බදු-ලාභය 64% ක් විය. තුන් වන කාර්තුව තුළ එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සංචාරක අංශය සුවිශේෂී පෙරළියක් පෙන්වමින් රුපියල් බිලියන 1.6 ක පෙර-බදු-ලාභයක් වාර්තා කළේය. පසුගිය වසරේදී මෙම කාර්තුව ඇතුළත එහි අලාභය රුපියල් බිලියන 1.8 කි.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සංචාරක හෝටල් සියල්ලම පාහේ ඉතාමත් හොඳින් ක්‍රියාත්මක විය. එහි දී විදේශයන්හි තිබෙන සංචාරක හෝටල වලින් ලද ආදායම වඩාත් කැපී පෙනෙන මට්ටමක තිබිණ. දේශීය හෝටල් සමූහය ද වඩාත් සිත්ගන්නාසුළු නැඟී සිටීමක් පෙන්නුම් කළේය. ව්‍යාපාර සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශය මගින් පහසුකම් සපයන ලදින්, නැගෙනහිර යුරෝපීය වෙළෙඳපොළෙන් සාර්ථක ප්‍රතිලාභ ලැබිණ.මෑතකදී ශ්‍රී ලංකාව සඳහා තවත් ධන උල්පතක් සොයාගත් එයිට්කන් ස්පෙන්ස් සංචාරක අංශය උස්බෙකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට වෙන්කරවාගත් ගමන් පහසුකම් නිර්මාණය කර දුන්නේය.තුන් වැනි කාර්තුවේ දී අප ව්‍යාපාර සමූහයේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශය තවදුරටත් ශක්තිමත් වෙමින්, රුපියල් බිලියන 1.1 ක පෙර-බදු-ලාභයක් පෙන්වීය.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ උපායමාර්ගික ආයෝජන අංශයේ රුපියල් මිලියන 181 ක පෙර-බදු-ලාභයක් පෙන්නුම් කරන අතර ව්‍යාපාර සමූහයේ සේවා අංශය රු. මිලියන 91 ක පෙර-බදු-ලාභයක් පෙන්වීය. පසුගිය වසරේදී අත්පත් කර ගන්නා ලද අපද්‍රව්‍ය බලශක්ති බලාගාරය සහ ජලවිදුලි බලාගාර තුන මෙන්ම මුද්‍රණ සහ ඇඟලු‍ම් අංශවල දක්නට ලැබුණු වැඩි දියුණු කළ කාර්ය සාධනය ද මෙම අංශයේ ලාභයට සැලකිය යුතු ලෙස දායක විය.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 3.3 ක පෙර-බදු-ලාභයක් පෙන්වීය. එය පසුගිය වසරේ දී ලද අලාභය හා සංසන්දනය කිරීමේ දී කැපීපෙනෙන වෙනසකි.කොරෝනා වසංගතයට පෙර, එනම් වසර 2019-2020 කාලසීමාවේදී, පෙන්නුම් කරන ලද රුපියල් බිලියන 2.4 පෙර-බදු-ලාභය හා සංසන්දනය කිරීමේ දී වත්මන් ප්‍රතිඵල ඉතාමත් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමකි.“මෙම කාර්තුවේ අපගේ සාර්ථකත්වය, ඉතාමත් සිත්ගන්නාසුළුයි. සමාගමක් වශයෙන් අප මෙතෙක් මුහුණ දී නැති, පෙර නොවූවිරූ අභියෝග හමුවේ අප ඉදිරියට ගියේ අපගේ ආයතන සමූහයේ ඔරොත්තු දීමේ හැකියාව සහ නොපසුබට උත්සාහය නිසායි. වත්මන් සාර්ථකත්වය එහි මනා පිළිබිඹුවක්”“සමූහයේ සෑම අංශයකින්ම, විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය සඳහා කැපීපෙනෙන පෙරළියක් පෙන්නුම් කරමින් ඉහළ සාර්ථකත්වයක් දැකීම සතුටට කරුණක්. එය පැවැති තත්ත්වය උඩුයටිකුරු කිරීමකට සමානයි. මේ සම්බන්ධයෙන්, මා, අපගේ සෑම ස්පෙන් සෝනියානුවකුටම සහ අපගේ කළමනාකාරීත්ව කණ්ඩායම්වලට ප්‍රශංසා කළ යුතුයි. එනිසා අපගේ උත්සාහයට සහායවීම වෙනුවෙන් ව්‍යාපාරයේ සියලු‍ම හවුල්කරුවන්ට මා ස්තූතිවන්ත වෙනවා” යයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එයිට්කන් ස්පෙන්ස්’ සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පැවසීය.සමාලෝචනය කරන ලද කාර්තුවේ දී එයිට්කන් ස්පෙන්ස් සමාගම සම්මාන කිහිපයකින්ම පිළිගැනීමට ලක් වූයේය. වසර 2021 දී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තිරසාර පැවැත්ම සම්බන්ධයෙන් වූ හොඳම ආයතන අතරේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගැනීමට එයිට්කන් ස්පෙන්ස් සමාගම සමත් විය.1983 වසරේ සිට කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත කර ඇති ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගම, වසර 150 ඉක්මවූ, ප්‍රෞඪ උරුමයකට හිමිකම් කියයි. එය ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමානය, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක පිහිටි ආයතන 16 ක සේවක සේවිකාවන් 12,000 කට අධික පිරිසකගේ ජීවනාලියයි.-සටහන- චමින්ද මුණසිංහ
එයිට්කන් ස්පෙන්ස් සමාගමට බිලියන 14.2 ක ලාභයක්
0
hp_train_7824
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 693 දෙනකු අද(4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,333 කි. මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,59,459 ක් දක්වා ඉහළ ගොස් ඇත. 
අද දින ආසාදිතයන් 3844ක්
0
hp_train_7825
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්  ගාල්ල , මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි සවල්පයක් ඇති වේ.දිවයිනේ  සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.ගිගුරුම් සහිත වැසි සමග  තද සුළං ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 
‘කාලගුණයේ වෙනසක් හෙට සිට‘
0
hp_train_7826
(යොහාන් භාසුර)ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබේ.ඒ මහතා 2020 ජුලි මස 15 වන දින වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් රාජකාරී ආරම්භ කළ අතර වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසු නාවික හමුදාධිපතිවරයා වෙනුවෙන් සම්මාන ආචාර මුරයක් පිරිනමා නාවික හමුදා මූලස්ථානයේදී පිළිගත්තේය.ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් 1985 වර්ෂයේ 13 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව නාවික හමුදාව සහ මව්බිම වෙනුවෙන් අනභිභවනීය සේවයක් ඉටු කළ නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වසර 37 කට අධික නාවික හමුදා සේවයෙන් අද (18) දින විශ්‍රාම යාමට නියමිතය. 
නාවික හමුදාපති උළුගේතැන්න අද්මිරාල් නිලයට උසස් කරයි
1
hp_train_7827
ගුවන් හමුදාපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් ගුවන් හමුදාපති නාවික හමුදා මූලස්ථානය වෙත පිළීගත්තේය.  
ඉන්දු ලංකා නාවික, ගුවන් හමුදාපතිවරු හමුවෙති
0
hp_train_7828
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව කියයි.‘‘‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘‘.‘‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලද විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි‘‘.‘‘සුළං නැගෙනහිර දෙසින් හමන අතර  වේගය පැයට කිලෝ මීටර්. 20-30 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘‘.2015 මාර්තු මස 04 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කැරිණි.
‘ප්‍රදේශ රැසකට කඩින් කඩ වැසි‘
0
hp_train_7829
(ඩී.කේ.රත්න) තණමල්විල කහකුරුල්ලන්පැලැස්ස ප‍්‍රදේශයේ පර්චස් දෙකක ඉඩමක වගා කර තිබූ ගංජා ගස් 135ක් සමග පුද්ගලයෙකු අද (29) අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු කිරම වෙළඳගොඩ ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. තණමල්විල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයා  අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  තණමල්විල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.
කංසා පැළ 700ක් සමඟ පුද්ගලයෙකු එස්ටීඑෆ් දැලේ
0
hp_train_7830
(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)බඩගින්න දේශපාලන, භාෂා, ආගම් භේදයක් නැති සියලුදෙනාට එක සමාන දෙයක් බැවින් සියලු වාදභේද අමතක කර රටේ දුප්පත්කම තුරන් කිරීමට, ආහාර නිෂ්පාදනය වර්ධනය කර ආහාරවලින් ස්වයංපෝෂිත, සමෘද්ධිමත් රටක් බවට පත්කරන්නට, දේශීය ආහාර නිෂ්පාදන සංග්‍රාමය හා එක්වන්නැයි රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ආර්ථික සමෘද්ධිය ඇති කරන්න රජය ගෙනියන වැඩපිළිවෙළ තුළ ගොවියා ණය බරින් මුදවා ගැනීම, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම, යහපත් සමාජ වටපිටාවක් ඇති කර යහපත් සමාජ පිළිගැනීමක් ඇතිකිරීම ආදිය සඳහා ප්‍රමුඛත්වය දී තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.වර්තමානයේ සහල්, පොල් මිල ඉහළයාමට බලපා ඇත්තේ නිවාස ඉදිකිරීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව පොල් වගා ඉඩම් හා කුඹුරු ඉඩම් නිවාස ඉදිකිරීමට යොදාගැනීමෙන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ ‘එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව කැකිරාව තිබ්බටුවැව වෙල්යායේ දී ඉකුත් 6 වැනිදා පැවැති වප්මඟුල් උත්සවය සඳහා සහභාගී වෙමිනි.ගොයම් සිටුවීමේ යන්ත්‍රයක් භාවිතයෙන් පැළ සිටුවීමේ කාර්යය සඳහා ද මෙහිදී එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ගොවීන් සඳහා ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි පවුල්වල දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ද එක්විය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.“ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු අනිකුත් පූජකතුමන්ලාගේත් ආශිර්වාදය ලබාගෙන මේ ඓතිහාසික රජරට උරුමයේ හිමිකරුවන් වන ගොවි ජනතාව ප්‍රමුඛව ඔබ සියලුදෙනා හා එක්වී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් ගොවිජන ජීවිතය සමෘද්ධිමත් කිරීම සඳහාත් මේ රටේ නිදහස් ආර්ථිකයත් සමඟ රට පුළුල් ලෙස සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම සඳහාත් විවිධ බාධාවන්, ගැටලු, අභියෝග සියල්ල යටපත් කර ගනිමින්, රටේ පොදු මහජනතාවගේ ප්‍රධාන අරමුණු, ප්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම සඳහා ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඔබ අප සියලුදෙනා එක්ව ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.මෙම ආහාර නිෂ්පාදන සංග්‍රාමය උත්සවයක් නෙවෙයි. මෙය ජාතියේ යහපත සඳහා අනාගතය වෙනුවෙන් ගොවිජන ජීවිතය ශක්තිමත් කිරීමටත් රටට නිදහස් ගොවි කෘෂි ආර්ථික පදනමක් ඇති කිරීම සඳහාත් ගොවි ජනතාව පෙරටු කර ගත් පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක් විදියටයි මා මෙය හඳුන්වන්නේ.කෘෂිකර්මාන්තයේ සමෘද්ධිය තුළයි අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කතාන්දරය කියැවෙන්නේ. එදා දේශීය කෘෂිකර්මාන්තය මුල් කරගත් ආර්ථිකයක් ගොඩනැගීම තුළයි අනුරාධපුර යුගයේ සිට මේ දක්වාම මෙරට ආර්ථිකය ශක්තිමත් වුණේ. ඒ නිසා කෘෂිකර්මාන්තයට අදාළ ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමය පිළිබඳව ඔබටත් මටත් අත්දැකීම් ඇත්තේ අද ඊයේ දවසේ පමණක් නොව වසර දහස් ගණනක් අතීතයට ඇදී ගිය මේ ශ්‍රේෂ්ඨ වූ ඉතිහාසයත් සමඟයි.අපේ රටේ පළාත් 09ක වැව් 10,000කට වැඩිය තිබෙනවා. රජරට, වයඹ මේ ප්‍රදේශ ඉතිහාසයේ සිට හඳුන්වන්නේ වැව් බැඳි රාජ්‍යය විදියටයි. රටේ ජන ජීවිතය ශක්තිමත් කළ ප්‍රධාන වශයෙන් ආර්ථික සමෘද්ධිය ඇති කරන්න පෙරමුණ ගත්තේ කෘෂිකර්මාන්තයයි. වැවයි කෙත් යායයි පන්සලයි සැමවිටම එක්වූ බව ඔබ දන්නවා. දාගැබත් වැවත් කෙත්යායත් මේ රටේ ජන ජීවිතයේ මහා සංස්කෘතිය ගොඩනැගූ බව ඔබ දන්නවා. ඒ නිසා ඉතිහාසයේ අත්දැකීම් සමඟ ඉතිහාසයේ මතක සටහන් සමඟ අද තිබෙන්නා වූ අභියෝග ජයගැනීම සඳහා නව තාක්ෂණයත් සමඟ බද්ධ වෙමින් ගොවි ජනතාව ශක්තිමත් කරමින්, මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය අඛණ්ඩව ඉදිරියට ගෙනියන පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක් වශයෙන් අද මේ වැඩසටහන පැවැත්වෙන්නේ. අද මේ රටේ ජනතාවට තිබෙන්නා වූ අභියෝග මොනවා ද? අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාත් දැනුවත් පරිදි රටේ දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව අවුරුදු එකහමාරක් තිස්සේ දැඩි නියඟයකින් පෙළෙනවා. ඒ නිසා කෘෂිකර්මාන්තයේ සියයට 50ක නිෂ්පාදනය පහළ වැටීමක් ඇති වෙලා තිබෙනවා. වී, ධාන්‍ය, එළවළු, පලතුරු මේ සියල්ල මේ මහා නියඟය නිසා නිෂ්පාදනයේ පසු බැසීමක් ඇති වුණා. ඒ වගේම ගංවතුර තත්ත්වය සමඟ ඒ ප්‍රදේශවල ගංවතුර විනාශයෙන් කෘෂි ආර්ථිකයට බරපතළ හානි සිදු වුණා. මේ කලාපයේ අපේ අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් මේ තත්ත්වයට මුහුණ පාලා තිබෙනවා. බටහිර රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මුළු ලෝකය පුරා සිදුවන කාලගුණික දේශගුණික විපර්යාසයන් තුළ සෑම රටකම අද විශාල ව්‍යසනයන් සහ බරපතළ ඛේදවාචකයන් සිදුවෙනවා. මුළු ලෝකය පුරාම සිදුවන මහා ගංවතුර, සුළි සුළං, ලැව් ගිනි, භූමිකම්පා වැනි ස්වභාවික ව්‍යසන ඔබ මාධ්‍ය තුළින් දකිනවා. ඒ නිසා මේ ස්වාභාවික ව්‍යසන අපට පමණක් සීමා වූ දෙයක් නොවෙයි.අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තොත් මේ දිස්ත්‍රික්කයේ මොනතරම් ජල හිඟයක් තියෙනව ද කියලා ඔබ දන්නවා. නියඟය නිසා මේ දිස්ත්‍රික්කයේ පසුගිය අවුරුදු එකහමාර තුළ සංවර්ධනය කෙතරම් පසුබෑමකට ලක්වුණා ද. පොළොන්නරු දිස්ත්‍රික්කයේ තත්ත්වයත් එයයි. කුරුණෑගල තත්ත්වයත් එයයි. උතුරු පළාත බරපතළ ලෙස මේ නියං තත්ත්වයට මුහුණ දීලා තිබෙනවා. ඒ වගේම නැගෙනහිර පළාත, ඌව පළාතේ කොටසක්, දකුණු පළාතේ කොටසක් මේ තත්ත්වයට මුහුණ දුන්නා. බස්නාහිර, සබරගමුව ප්‍රදේශ තමයි නියඟයෙන් බේරුණේ. එහෙත් ගංවතුරත් එක්ක බරපතළ ව්‍යසනයන්ට එම පළාත් මුහුණ දුන්නා. පසුගිය අවුරුදු එකහමාරක ඇති වුණ තත්ත්වයන් එක්ක විශාල වශයෙන් සහල් පිටරටින් ගෙන්වන්න සිද්ධ වුණා. දැනුත් සහල් පිටරටින් ගේනවා.මම පසුගිය සතියේ නිලධාරී මහත්වරුන්ට උපදෙස් දුන්නා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක් වරින් වර ගෙන්වීමට. අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ මස අන්තිම සිට අපේ භූමිය සාරවත් සහ සමෘද්ධිමත් කරන්න අපිට වර්ෂාව ලැබෙයි කියලා. උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන්, උතුම් දළදා වහන්සේගෙන්, ත්‍රිවිධ රත්නයේ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අපේක්ෂා කරනවා මේ රටේ ආර්ථික සමෘද්ධිය ඇති කරලා දුගී බවෙන් රට නිදහස් කරලා සමෘද්ධිමත් ශක්තිමත් ආර්ථික පදනමක් රට තුළ ගොඩනගන්න ස්වභාවධර්මයාගේ ආශිර්වාදය ලැබේවායි කියලා.මේ කාර්යය කෘෂිකර්ම අමාත්‍යාංශයට, මහවැලි හා පරිසර අමාත්‍යාංශයට, වාරිමාර්ග අමාත්‍යාංශයට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. ඒ නිසා අපේ රජය තීන්දුවක් ගත්තා සියලු රාජ්‍ය ආයතන, සියලු අමාත්‍යාංශ, සියලු දෙපාර්තමේන්තු, සියලු සංස්ථා සියල්ල මේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයට එක් කර ගැනීමට. අපේ සටන් පාඨය වුණේ ‘එක්වෙමු නැගිටිමු’ කියලා, ‘සිය රට දේ සිරි සැපදේ’ කියලා වගේම, ‘අපි වවමු රට නගමු’ වගේම ‘අපි යළි නැගිටිමු’ කියන සටන් පාඨයත් එක්ක මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය අපි ආරම්භ කළා.ඒ තුළ දේශපාලන පක්ෂ භේදයක් නැහැ. භාෂාව, ආගම් කියලා භේදයක් නැහැ. කිසිදු සංස්කෘතික භේදයකුත් නැහැ. බඩගින්න සියලුදෙනාට එක හා සමානයි. ඒ නිසා අපි සියලු වාදභේද අමතක කරලා මේ රටේ දුප්පත්කම තුරන් කරන්න මේ රටේ ආහාර නිෂ්පාදනය වර්ධනය කරන්න පිටරටින් ගේන ආහාර නවත්වන්න මේ රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන්න සමෘද්ධිමත් රටක් බවට පත් කරලා, මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න අප සියලුදෙනාම එක්වී දේශීය ආහාර නිෂ්පාදන සංග්‍රාමය අද සිට ඉදිරියට ගෙනිහිල්ලා ජයග්‍රහණය කරමුයි කියලා රටේ සමස්ත ජනතාවගෙන්ම මා ඉතා ගෞරවයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිනවා.අපේ ගොවි ජනතාවට මොනතරම් ප්‍රශ්න තියනව ද මොනතරම් ණය බර තියනව ද කියන එක අපි දන්නවා. අපි බැංකුවලින් ඇහුවොත් අපේ ගොවි ජනතාවගේ ණයවල තත්ත්වය අපි ඉතා හොඳින් දන්නවා. ගෙදර දරුවන්ගේ බිරිඳගේ රත්තරන් බඩු බැංකුවලට උකස් තියලා දෛනික ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ගොවි ජනතාව කියන්නේ සැප විඳින ජනතාවක් නොවෙයි. ඔවුන්ගේ දහඩියෙන්, කඳුළෙන්, සුසුමෙන්, ලෙයින් සහ ජීවිත පරිත්‍යාගයෙන් සැමවිටම මේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර සපයන්නේ ඈත අතීතයේ සිටයි.ආර්ථික සමෘද්ධිය ඇති කරන්න රජය ගෙනියන වැඩපිළිවෙළවල් තුළ මූලික වශයෙන්ම ගොවියාව ණය බරින් මුදවා ගැනීම, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම, යහපත් සමාජ වටපිටාවක් ඇති කර යහපත් සමාජ පිළිගැනීමක් එක්ක ප්‍රබුද්ධ සමාජයක කොටස්කරුවන් බවට අපේ ගොවි ජනතාව පත් කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.ආහාර නිෂ්පාදනය පහත වැටීම පිළිබඳව අද මුහුණ දෙන අභියෝගයන්වලදී කරුණු කිහිපයක් සිතට ගත යුතු වෙනවා. තවත් පැත්තකින් අධ්‍යයනය කළ යුතු වෙනවා. තවත් පැත්තකින් ඒවාට විසඳුම් සෙවිය යුතු වෙනවා. නියඟය අවුරුදු එකහමාරක් අපේ ගොවිතැන් බත් නැති කෙරුවා. ආහාර නිෂ්පාදනය පහත දැම්මා. මේ දිනවල දේශපාලන වශයෙන් මම දැක්කා සමහර තැන්වල පෝස්ටර් ගහලා තියෙනවා, හාල් සීයයි පොල් සීයයි කියලා. ඇත්ත. ඒවා ඒ ගාණට ගියා.අපි පසුගිය සතියේ හදිසියේ ජීවන වියදම් අමාත්‍යාංශ කමිටුව රැස් කළා. මම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට කිව්වා ඒ අයගේ ආයතනවල තිබෙන පොල් ගෙනැල්ලා කොළඹ දාන්න කියලා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පොල් ලොරිවල ගෙනැල්ලා සතොසට රුපියල් 65 ගාණේ විකුණන්න දැම්මා. ඒ වගේම සතොස විකුණන සහල් මිල අඩු කෙරුවා. පුද්ගලික අංශයට අපි කිව්වා හාල් ගෙන්වන අයටත් රටේ සහල් දෙන ආයතනවලටත් මිල පහත හෙළන්න නැත්නම් අපිට පාලන මිලකට යන්න සිද්ධ වෙනවයි කියලා. ඒ අතරේ තමයි සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂ 05ක් ගෙන්වන්න අපි තීන්දු කළේ.පොල් නිෂ්පාදනය සහල් නිෂ්පාදනය පහළ වැටුණේ ආණ්ඩුවේ වැරැද්දක් නිසා ද? රටේ පසුගිය ආණ්ඩු ගණනාවක් මේ දක්වාම පැහැදිලි නිවාස ඉදිකිරීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොමැති නිසයි මෙහෙම වුණේ. පොල් ත්‍රිකෝණය ඇතුළු සියලු පළාත්වල මහා පොල් වතු නිවාස හදන්න, ඉඩම් වෙන්දේසිය කරමින් පසුගිය අවුරුදු 25ක 30ක කාලය තුළ බරපතළ තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. කිසිදු ජාතික ප්‍රතිපත්තියක් නැතිව පොල් අක්කර ලක්ෂ ගණනක් සම්පූර්ණයෙන්ම කඩලා ඒවා නිවාස යෝජනා ක්‍රම බවට පත් වුණා. තවම මේ රටේ නිවාස ඉදිකිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නැහැ.  ඕනෑම තැනක ගෙයක් හදනවා. නමුත් ලෝකයේ සංවර්ධනය වුණු රටවල් එහෙම පුළුවන්කමක් නැහැ. වෙල්යායක් තිබෙනවා නම් ඒ වෙල්යාය සම්පූර්ණයෙන් නිදහස් කරනවා. මහා වතු ඉඩකඩම්වලට සැලසුම් සකස් කරනවා නිවාස ඉදිකළ යුත්තේ මේ මේ ප්‍රදේශවල පමණයි කියලා. කිසිදු වගකීමක් නැතිව රජයේ ආයතන මේ සඳහා ඉඩ දෙනවා. දේශපාලනඥයෝ මේවාට ඉඩ දෙනවා. රජයේ නිලධාරීන් මේවාට ඉඩ දෙනවා. ඒ නිසා පසුගිය අවුරුදු විසිපහකට තිහකට වැඩි කාලය තුළ පොල් අක්කර ලක්ෂ ගණනක් රටට අහිමි වෙලා තිබෙනවා. මේ නිසා ගෙවල් හදන්න ඉඩම් දීමේ ප්‍රතිපත්තිය වෙනස් විය යුතුයි. ගෙවල් සෑදීම ඉතාමත් අත්‍යවශ්‍ය නමුත් ඒ සඳහා රජය විසින් තීන්දු කළ යුතු වෙනවා. රටේ නිවාස සෑදිය යුත්තේ කුමන ප්‍රතිපත්තියක් තුළ ද කුමන වැඩපිළිවෙළක් තුළ ද කුමන සැලැස්මක් තුළ ද කියලා.කවුරුවත් කතා නොකරන ගොවි මහත්වරු සහ රජයේ නිලධාරීන් නිතර කියන ප්‍රශ්නයක් තමයි අපිට වවන්න පුළුවන්. නමුත් අපි කොහොම ද ඒවා සත්තුන්ගෙන් බේර ගන්නේ කියන ගැටලුව. මේ රටේ වඳුරන් සහ රිළවුන් ලක්ෂ 10කට වැඩිය සිටිනවා. තමුන්නාන්සේලා දන්නවා වඳුරන්, රිළවුන් පොල් ගහකට නැග්ගහම විශේෂයෙන්ම පොල් ඇට්ටි කාලා මුළු පොල් වල්ලම විනාශ කරනවා. දවසකට වඳුරන් රිළවුන් ලක්ෂයක් පොල් වලු ලක්ෂයක් විනාශ කළොත් පොල් නිෂ්පාදනයේ තත්ත්වය කුමක් ද? මේවා ගැන කතා කරන්නේ නැහැ. මේවාට සැලසුම් නැහැ. ඒ වගේම තමයි වල් අලින්ගෙන් වන විනාශය. වල් ඌරන්ගෙන් වන විනාශය. ඒ වගේම දෙවියන්ගේ වාහනය විදියට අපි බොහොම ගරු කරන සතෙක් මොනරා. මොනරුන් දහස් ගණනක් මේ රටේ ඉන්නවා. මේ මොනරුන් පීදිලා තියෙන කුඹුරකට බැස්සහම වී බුසල් දෙකක් කටට දාගෙන තමයි ඉගිලිලා යන්නේ. රටේ ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම සතුන් විසින් විනාශ කරනවා.ඒ වගේම ගොවි ජනතාවට ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් ලබාදීම පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. නියඟයත් එක්ක බොහෝ ප්‍රදේශවල බිත්තර වී නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන විදියට ලංකාවේ මාස් කන්නයට හෙක්ටයාර් අට ලක්ෂයක් වගා කළ යුතුයි. ඒ සඳහා බිත්තර වී තිබෙනවා. බිත්තර වී නොමැති ප්‍රදේශවලට රජය බිත්තර වී දෙන්න බලාපොරොත්තු වෙනවා. නියඟයෙන් පිඩා විඳි ප්‍රදේශවල ගොවි මහත්වරුන්ට කෘෂිකර්ම අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය එක්වී යම් සහනදායී තත්ත්වයකින් බිත්තර වී සැපයීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.මම කලින් කිව්වා වගේ අද දවස පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක්. මෙය ගොවි සතිය, කෘෂි සතිය, මහවැලි සතිය ආදී ලෙස නම් කරලා තිබෙනවා. මේක සතියකට දෙකකට සීමා වෙන දෙයක් නෙවෙයි. මේක තුන් අවුරුදු සැළැස්මක් එක්ක සම්පූර්ණයෙන් අඛණ්ඩව ඉදිරියට යන වැඩපිළිවෙළක්. ඒ තත්ත්වය තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම්, සම්පත් ලබාදීලා ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීලා මේ නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා ආණ්ඩුවක් විදියට ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.අපි සියලු අමාත්‍යාංශවලට සියලු දෙපාර්තමේන්තුවලට අදාළ චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා. දිසාපතිතුමාලත් එක්ක දිසාපති සමුළුවේ සාකච්ඡා කරලා අවශ්‍ය උපදෙස් දීලා තිබෙනවා. මේ රටේ සියලු ප්‍රාදේශීය ලේකම්තුමාලා, සියලු දිසාපතිතුමාලා ප්‍රමුඛව සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්,  ආයතන ප්‍රධානීන් තමන්ගේ කාර්යය මණ්ඩල සමඟ මේ ආහාර නිෂ්පාදන වැඩසටහනට එක්වෙලා තමාගේ වගකීමට වඩා යුතුකම ඉෂ්ට කරන්නැයි කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා.මේ වැඩසටහනේදී රජයේ සියලු ඉඩම් වගා කළ යුතු වෙනවා. අපි මේ පිළිබඳ අදාළ චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා. එක් පැත්තකින් රජයේ ගොඩනැගිලි පරිශ්‍ර තුළ ගෙවතු වගාවට ප්‍රමුඛත්වයක් දීම සම්බන්ධයෙන් අවශ්‍ය මූලික ක්‍රියාකාරකම් පිළිබඳව මේ වනවිට උපදෙස් දීලා තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන ඇමැතිතුමා පාසල් දරුවන් ප්‍රමුඛව ගෙවතු වැඩසටහන් සහ අනිකුත් කෘෂිකාර්මික වැඩසටහන් පිළිබඳව පුළුල් කෘෂිකාර්මික සැලැස්මක් මේ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මකත කරන්නට අවශ්‍ය මූලික තීන්දු තීරණ අරන් තිබෙනවා. මෙහිදී කිසියම් දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක්, ආයතනයක් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අපි අදාළ නැහැයි කියලා නිදහස් වෙන්න පුද්‍වන්කමක් නැහැ.මේ රටේ රාජ්‍ය ආයතනවලට විශාල වශයෙන් ආයතනික වශයෙන් වෙන්වුණු ඉඩම් තිබෙනවා. ඒ සියලුම ඉඩම්වල වගා කළ යුතු වෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික අංශයේ පුරන් කුඹුරු නොයෙකුත් සමාගම්, වතු සියල්ලම අනිවාර්යයෙන් වගා කළ යුතු බවට අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. අනිවාර්යයෙන්ම වගා කරන්නේ නැත්නම් ගොවිජන සේවා පනත යටතේ තිබෙන බලතල පාවිච්චි කරලා අපිට සිද්ධ වෙනවා වගා නොකරන පෞද්ගලික ඉඩම් වගා කිරීම සඳහා වගා කරන අයට ලබාදීමට. ඒ ගැන අපි පසුබට වන්නේ නැහැයි කියන එක විශේෂයෙන්ම මතක් කළ යුතුයි.ඒ නීති රීති ප්‍රමාණවත් නැහැයි කියලා පෙනී ගියොත් වගා නොකරන ඉඩම් වගා කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ තිබෙන වගන්ති පාවිච්චි කරලා ගැසට් කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව කිසි කෙනකුට ඉන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ.වැවිලි ක්ෂේත්‍රයේ සංවර්ධනය නොකරන, පුරන් වෙලා තිබෙන කුඹුරු වගා නොකරන ගොඩඉඩම් විශාල වශයෙන් තිබෙනවා. කොළඹ ඉන්න මහා ව්‍යාපාර අයිතිකරුවන්ගෙන් ඇතැම් අය ඒ අයගේ ඉඩකඩම් තිබෙන ප්‍රදේශ දන්නෙත් නැහැ. නමුත් රාජ්‍ය අංශය වගේම අක්කර දෙක තුනක් තිබෙන දුප්පත් ගොවි ජනතාව ඒවායේ වගා කටයුතු කරනවා. නමුත් වගා නොකරන ඉඩම් සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ අරගෙන මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය ශක්තිමත් කරමින් බලාපොරොත්තු වන ඉලක්ක කරා යන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයිති පෞද්ගලික සමාගම්වල සියලුදෙනාට මේ වැඩසටහනට එක්වන්නැයි කියලා අපි ආරාධනා කරලා තිබෙනවා.රාජ්‍ය බැංකු හා රාජ්‍ය නොවන බැංකු සියල්ලටම මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමයට සමගාමීව ගොවීන්ට දෙන පහසුකම් මොනවා ද? ගොවීන්ට දෙන සුබසාධන ණය පහසුකම් මොනවා ද? ඒ වගේම කෘෂි භාණ්ඩ සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවා ද? ආහාර නිෂ්පාදන සංග්‍රාමය සම්බන්ධයෙන් බැංකුවල වැඩසටහන කුමක් ද කියන එක රජයට ඉදිරිපත් කරන්න කියලා ඒ සෑම බැංකුවකටම අපි දන්වලා තිබෙනවා. ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කිරීම සඳහා පෞද්ගලික ආයතන විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් මොනවා ද? අලෙවිකරණ කෘෂිකර්මාන්තයට නියමිත උපකරණ, භාණ්ඩ, තාක්ෂණික භාණ්ඩ, ඒවායේ මිල අඩු කිරීම්, ඒවා වැඩි පහසුවට ලබාදීම ඒ කටයුතු පිළිබඳව කෘෂි ක්ෂේත්‍රයේ පෞද්ගලික ව්‍යාපාරික අංශවලට අපි උපදෙස් දීලා තිබෙනවා. මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කිරීම සඳහා රටට පිටරටින් ගෙන්වන සියලුම කෘෂිකාර්මික නිෂ්පාදනයන් බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට අපි කටයුතු කරනවයි කියන එක මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එහිදී ට්‍රැක්ටර්, වතුර පොම්ප, ඒ වගේම අනිකුත් යන්ත්‍ර සූත්‍ර කෘෂිකර්මාන්තයේ නිෂ්පාදනයට බලපාන කෘෂි උපකරණ විශාල වශයෙන් අඩු මිලකට දෙන්න පුළුවන්.මෙය සෑම කෙනෙක්ම එකට එකතු වෙලා ජාතියේ යහපත සඳහා ඉටු කළ යුතු කාර්යයක්, පෙළපාළි යන, පෝස්ටර් ගහන, විරෝධතා කරන සත්‍යග්‍රහ කරන, උපවාස කරන, කොළඹ නගරය කළම්බන ඒ සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා ඔය වැඩ නෙවෙයි මේ රටට ආදරයක් තියෙනවා නම් මිනිස්සුන්ට ආදරයක් තියනවා නම් මේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ශක්තිමත් කරන්න ඔබේ කාලය සම්පූර්ණයෙන් යොමු කරන්න කියලා. මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන මේ වැඩසටහන සාර්ථක කරනවා නම් මේ රට වෙනුවෙන් ඉතාම විශිෂ්ට වූ මෙහෙවරක් ඉටු කරන්නට පුළුවන්.මේ 2017 වසර දුගී බවෙන් නිදහස් කිරීමේ වර්ෂය විදියට නම් කරලා කටයුතු කළේ. 2018 රජය නම් කරනවා දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය කියලා. මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය එක්ක දිගටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.කෘෂිකර්මාන්තයට බලපාන, ගොවියා ශක්තිමත් කරන ඉතා වැදගත් යෝජනා කිහිපයක් ලබන මාසේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලට ඉදිරිපත් කරන්න මේ වනවිට තීරණය කරලා තිබෙනවා. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන සමෘද්ධිමත් රටක් විදියට මේ රට ගොඩනගලා මේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලා සමෘද්ධිමත් ආර්ථිකයක් එක්ක ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් විදියට තවත් රටකට දෙවැනි වෙන්නේ නැතිව පස්සට යන්නේ නැතිව පුංචි රටක් වුණත් ගෞරවනීය රටක්, විශිෂ්ට රටක්, ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගාගෙන හෙට උපදින දරුවන් සඳහා හොඳ රටක් හදමු. දුගී බවෙන් නිදහස් වෙමින් අපි නැගිටිමු. සමෘද්ධිමත් මව්බිමක් ගොඩනගමු. ජාතියේ අනාගත යහපත සඳහා සාමූහිකත්වයෙන් යුතුව එක්වෙමුයි කියලා ඉල්ලා සිටිමින් මේ වැඩසටහන සාර්ථක කරන්න එක්වුණු සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමින් ඔබෙන් සමුගන්නවා.”එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා“පසුගිය දවස්වල එක පැත්තක මේ මහ පොළව ඉරි තලලා තියෙන කොට, තවත් පැත්තක් ජලයෙන් පිරිලා ඉතිරිලා ගියා. ඉතිහාසයේ සිටම මේ වැනි දුර්භික්ෂයන්වලට මෙවැනි ආපදාවලට මුහුණ දී තිබෙනවා. ජනපතිදුන් මේ අභියෝගවලට මුහුණ දෙන්න වැඩපිළිවෙළක් සකස් කළා. එහි ආරම්භක උත්සවයයි මේ රටේ රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙන්නේ.රටේ රාජ්‍ය නායකයාගේ ඇල්ම බැල්ම ගොවියාට තියෙනවා නම්, රටේ රාජ්‍ය නායකයාගේ උනන්දුව වුවමනාව ගොවියා වෙනුවෙන් හා අනාගත පරපුර රැකගන්න තියෙනවා නම් ඒක තමයි මේ රටේ අනාගතය. රටේ රාජ්‍ය නායකයා අභියෝගවලින් පැනලා යන්නේ නැතිව, අභියෝගවලට අභියෝගයක් වෙන වැඩපිළිවෙළක් සූදානම් කරලා තියෙනවා. මෙම වැඩසටහනට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සැලසුම් හදලා තිබෙනවා. වගා සංග්‍රාමයේ පළමු මෙහෙයුමයි මේ දියත් කරන්නේ. වසර 3ක් ඇතුළත මේ රටේ කෘෂිකාර්මික පවුලක දැනට ලැබෙන ආදායම දෙගුණ කිරීමේ ඉලක්කයක් ඇතිවයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. රටේ අටුකොටු පිරවෙනවා පමණක් නොවෙයි, ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපේ අරමුණ බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ 27,000ක් පමණ වන සියලුම නිලධාරීන්ගේ ගෙවතු වගා කරවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සිතමු ගොවි කාන්තා සමිති යටතේ රටේ කාන්තාවන් ලක්‍ෂ 05ක් සිටිනවා.මේ කාන්තාවන් ලක්‍ෂ 05ක් තමන්ගේ ගෙවතු වගා කරන්න ආරම්භ කරනවා. පුරන් කුඹුරු තිබුණා ඒක ලක්‍ෂ තිස්දහසක්. ඒ පුරන් කුඹුරු වගා කරවන්න අපි සූදානම්. මේ වනවිට විශාල වැඩසටහන් ප්‍රමාණයක් අපි ආරම්භ කරලා තියෙනවා. බඩඉරිඟු හෙක්ටයාර් 80,000ක් වගා කරන්න, ඉපනැල්ල වගා කරන්න, තුන්වැනි කන්නය වගා කරන්න, මේ රටේ ගොවිජනතාවගේ ආර්ථිකය දෙගුණ කරන්න සියලු සැලසුම් හදලා ක්‍රියාත්මක කරමින් යනවා. මේ වගා සංග්‍රාමය රටේ රාජ්‍ය නායකයාට පමණක් කරන්න බෑ. ආණ්ඩුවට පමණක් කරන්න බෑ. සියලු ගොවි මහත්වරු මේක හදවතට ගත යුතු වෙනවා. මේක ජාතික වැඩපිළිවෙළක්, ජාතික සංග්‍රාමයක්, අනාගත ආයෝජනයක් කියලා හිතාගෙන ජාති ආගම්, කුල මළ බේදයකින් තොරව, පක්‍ෂ භේදයකින් තොරව සියලු ජනතාව වගා කිරීම ආරම්භ කළ යුතුයි. වගා කිරීම ගොවියාට පමණක් සීමා නොකර මල් පැළයක් වෙනුවට ආහාර භෝගයක් වගා කරන ලෙසට සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අයට කාලය, දැනුම නැත්නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම්” යැයිද පැවසීය.වප් මඟුල් කටයුතු අවසන් වීමෙන් අනතුරුව ගෙවිලියන් ගෙන එනු ලැබූ ඇඹුල ගොවි ගෙදරදී ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයන් විසින් රස බැලීමට ද එක්විය.මෙම උත්සවය අමතමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ද අදහස් දැක්වීය.මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළුව පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ යන මහත්වරු ද උතුරු මැද පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ. 
’රටට සුදුසු අවශ්‍ය දෑ විතරක් රටින් ගෙන්වීමට තීරණයක් ගන්න ඕනෑ’
0
hp_train_7831
(උණවටුන ඩී.ජී. සුගතපාල)ත්‍රිරෝද රථයකින් පැමිණ බැංකුව ඉදිරිපිටින් බැස ගත් කාන්තාවකි. ඇය මැදි වයස ආසන්නට ළං වෙමින් සිටියාය. වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගන්නට ඇය බොහෝ වෙහෙස මහන්සි වී තිබෙන පාටක් දක්නට ලැබිණි. එමෙන්ම ඇය මැද පෙරදිග රටක සිට මෑතක පැමිණි බවක් ද පෙනෙන්නට තිබිණි. ත්‍රිරෝද රථයෙන් බැස ගත් ඇය දොර ළඟට ගොස් බැංකුව තුළට එබී බැලුවාය. දිගු පෝලිමකි. එපමණ දිගු පෝලිමක රැඳී සිටින්නට ඇය අකැමැති වූවාය. ඒ නිසා සවස් කාලයේ එන අදහසින් ඇය පාරට බැස්සාය. ඒ සමගම ඇයගේ පරණ මිතුරියක් හමු විය. මිතුරියට අවුරුදු දෙකක තරම් වයසේ පසුවන කුඩා දියණියක් ද වූවාය. “හා කොහොමද ඉතින්. කොච්චර කාලෙකින්ද දැක්කේ. මේ බබත් වඩාගෙන කොහේද යන්නේ” ඇය මිතුරියගේ දුක සැප විමසමින් දීර්ඝ පිළිසඳරක යෙදෙන්නට වූවාය. “ඉතින් ආරංචි වුණා ඔයා රට ගියා කියලා. ළඟදි ද ආවේ?” මිතුරිය ද ඇගේ විස්තර විමසුවාය. “ඔව් ගිය සතියෙ ආවේ. බැංකුවට ආව සල්ලි ටිකක් ගන්න. අපෝ එතැන පෝලිම දැක්කම එපා වෙනවා. වරුවක් විතර ඉන්න වෙයි. මේ බබා පොඞ්ඩක් මට වඩාගන්න දෙන්න.” ඇය මිතුරියගේ බබා වඩාගෙන බැංකුවට ගියාය. බබා “අම්මා අම්මා” කියමින් කෑ ගසන්නට විය. බබා වඩාගත් ඇය දිගු පෝලිමේ මුලටම ගොස් කවුන්ටරයේ සිටි නිලධාරිනියට පොත ඉදිරිපත් කළාය. පෝලිමේ සිටි අයගෙන් ද බාධාවක් නොවූ අතර නිලධාරිනිය ද කඩිනමින් ඇයගේ මුදල් ලබා දුන්නාය. බැංකුවේ දොරකඩට වී දරුවාගේ අම්මා ද බලා සිටියාය. එළියට පැමිණි ඇය දරුවා මිතුරියට දුන්නාය. “ඉන්න මම බබාට චොක්ලට් ගේන්නම්.” කියූ ඇය අසල කඩයකට ගොස් රුපියල් දහයක චොක්ලට් පොත්තක් ගෙනැවිත් දරුවා අත තැබුවාය. එහෙත් දරුවා එය ප්‍රතික්ෂේප කරමින් අම්මාගේ පපුවට තුරුළු විය. “හරි හරි අපි යන්නම්” කියමින් මිතුරිය ඉක්මන් ගමනින් ගියේ මිතුරියට හිතින් දොස් පවරමිනි.  
මිතුරියගෙ දරුවා පෙන්නා පෝලිමෙන් පැනගත්තාට චොකලට් පෙත්තක්
0
hp_train_7832
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක්  දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත්  පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා.  අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා.  ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
“සෑම ජන කොටසකටම බය නැතිව ජීවත්වෙන්න පරිසරය හදනවා“
0
hp_train_7833
(අංජුල මහික වීරරත්න, අතුල බණ්ඩාර, මඩුකන්ද - සිතුම් චතුරංග, ගලේවෙල - මොහොමඞ් බුහාරුඩීන් සහ නාඋල - ඉන්දික අරුණ කුමාර)“මේ අපේ ශ්‍රී ලංකාවයි” යන හැඟීම දකුණේ මෙන්ම උතුරේ සියලු ජනතාවට දැනෙන නිදහසේ ජීවත් විය හැකි ජාතික ආරක්ෂාව තහවුරු කරන ලද මාතෘභූමියක් ගොඩනගන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වවුනියාවේදී පැවසීය.“මාතෘභූමිය ලෝකයේ බබළවන ‘ශ්‍රී ලංකා ෆස්ට්’ දැක්ම සඳහා සියලු ජාතීන්ගේ ශක්තිය තමාට ලැබෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වවුනියාවේ ජන රැලියට අමතරව මැදවච්චිය, කින්නියා, දඹුල්ල සහ මිනුවන්ගොඩදී ද ජල රැලි මෙදිනම පැවැත්විණි.වවුනියාවේ ජන රැලිය ඇතුළු සෙසු ජන රැලි අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.“වවුනියාවේ ජීවත් වන ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව සියලු පුරවැසියන්ගේ සෞභාග්‍ය තහවුරු කිරීමට මා ඇපකැප වෙනවා. යුද්ධය නිසා විපතට පත් වූ ජනකොට්ඨාස රැසක් සිටිනවා. මමද යුද්ධය නිසා ඇති වූ ක්‍රියාදාමය තුළ විපතට පත්වූ පවුලක සාමාජිකයෙක් වෙනවා. යුද්ධය නිසා පොදු ජනතාව රණවිරුවන් වගේම සමස්ත රටම විපතට පත් වුණා. ඔබ සැම දෙනාගේම දුක කණගාටුව හොඳින් මට අවබෝධ වෙනවා. ඒ දුක කණගාටුව දැනෙන පෞද්ගලිකවම ඒ වේදනාව කණගාටුව අත්දැකපු පුද්ගලයෙකු ලෙස දුකට පීඩාවට අසහනයට පත්වූ සෑම පවුලකම හැම සාමාජිකයෙකුගේම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස  පෞද්ගලිකවම කැපවෙනවා.ලෝකයේ ඕනෑම රටක් යුද්ධයකින් පසු සාමය නිර්මාණය වීමෙන් අනතුරුව පළමුව කරන දේ ජාත්‍යන්තර ආධාරක සමුළු පැවැත්වීමයි. රුවන්ඩාව - බුරුන්ඩි වගේ රටවල් අභ්‍යන්තර යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළු පවත්වා යුද්ධය පැවැති ප්‍රදේශ වැඩි දියුණුවට පත්කරනවා. යුද්ධය අවසන් වුණේ 2009 මැයි මාසයේදීයි. දැනට වසර දහයකුත් මාස කිහිපයක් ඉක්ම වෙලා.ලබන 16 වැනිදා මා ජනාධිපති ලෙස පත් කළ පසු මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ගන්න පළමු පියවර වෙන්නේ උතුරු පළාත වෙනුවෙන් වෙනමම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන එකයි. ඉන් පසු නැගෙනහිර පළාත වෙනුවෙන් ද ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා. ලෝකයේ සිටින ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් මේ ප්‍රදේශවලට ගෙනල්ලා ජනතාවට සෙත සලසනවා. එය මගේ නායකත්වයෙන් පෞද්ගලික අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර දැවැන්ත සංවර්ධනයක් මේ ප්‍රදේශයේ ඇති කරනවා.රටේ ක්‍රියාත්මක වූ සුපුරුදු ක්‍රමය කුමක්ද? ජනාධිපති අපේක්ෂකයන් පැමිණ රැස්වීම් පවත්වා ජය ගෙන ජනාධිපති තනතුරට පත් වූ පසු ඡන්දය දුන් ජනතාව හා ජනාධිපතිවරයා අතර කිසිදු සම්බන්ධතාවක් නැති වෙනවා. නැවත ඒ සම්බන්ධය ඇති වන්නේ ජනාධිපතිවරණයකදීය.ඒ නිසා ජාතික සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය මා පිහිටුවනවා. කාර්ය සාධක බලකාය තුළ උතුර සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කරනවා. නැගෙනහිරත් පිහිටුවනවා.රටේ සියලු පළාත්වල එවැනි ජනාධිපති කාර්ය සාධක බලකා පිහිටුවා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිර්මාණය වන යාන්ත්‍රණයෙන් එය ක්‍රියාත්මක කරනවා. මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දළ වශයෙන් 332ක් තිබෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනාධිපති ඒකක පිහිටුවනවා.බල ප්‍රදේශවල ජීවත් වන විවිධ ජාතීන්වලට විවිධ ආගම්වලට ජාති ආගම් කුලමල පක්ෂ පන්ති බේදයෙන් තොරව ජනාධිපති කාර්ය සාධක බලකා හරහා ජනාධිපතිවරයා ඍජුව සම්බන්ධ කරගත හැකි අලුත් යාන්ත්‍රණයක් හදනවා.ජාතිය ආගම කුලය පන්තිය තරාතිරම නොතකා හැමදෙනාටම එක විදියට නීතිය ක්‍රියාත්මක කර, ආරක්ෂාව තහවුරු කරමින් ජීවත් වීමේ අයිතිය තහවුරු කරනවා.කෘෂි ක්ෂේත්‍රයේ සියලු වගාවලට නොමිලේ පොහොර දෙනවා. වී වගාව එළවළු පළතුරු වගාව හේන් ගොවිතැන සුළු අපනයන භෝග වගාව තේ, පොල්, රබර් වගාව ආදී සියලු වගාවන්ට අංගසම්පූර්ණ නොමිලේ පොහොර දෙනවා.නොමිලේ පොහොර දෙන්නේ රටේ ආහාර නිෂ්පාදනය ඉහළට ගන්නයි. ආහාර නිෂ්පාදනය ඉහළ යනවිට ජාතික නිෂ්පාදනය ඉහළට යනවා. ජාතික නිෂ්පාදනය ඉහළට යනවිට ජාතික ආදායම ඉහළ යනවා. ජාතික ආදායම ඉහළ යනවිට පොදු ජනතාවට එය බෙදී යනවා. ආදායම ඉහළ යනවිට පසුගිය ආණ්ඩු පටලවපු ණය මර උගුලෙන් මිදෙන්න හැකියාව ලැබෙනවා. එපමණක් ද නොවෙයි. රටේ ආහාර අවශ්‍යතාව අපටම සපුරා ගන්න හැකිවෙනවා. පිටරටින් රටට ආහාරපාන අවශ්‍ය නැහැ. ආනයනය වෙනුවට දේශීය ආහාර නිෂ්පාදනය තුළින් රට ලෙස අපේම ආහාර සපයාගෙන අපනයනය ද වර්ධනය කරගෙන අපනයන කේන්ද්‍ර කර ගත් ආර්ථික සංවර්ධනය ඇති කිරීමයි මගේ දැක්ම වන්නේ.එතැනින් නතර නොවී මුළු වාරි ක්ෂේත්‍රයම මා ගොඩගන්නවා. ගොඩ වූ වැව් ටික මා ප්‍රතිසංස්කරණය කරනවා. අලුත් වාරි ශිෂ්ඨාචාරය වාරි උදාව නමින් ආරම්භ කර රටේ වැව් පද්ධතිය වගේම වවුනියාව ප්‍රදේශයේ වැව් පද්ධතිය පිළිසකර කරනවා. සුළු වාරිමාර්ග මධ්‍ය වාරිමාර්ග මහාමාර්ග ප්‍රතිසංස්කරණය කොට වාරි උදාව තුළින් මෙරට කෘෂි කර්මාන්තය දියුණු කර ගොවිතැන් කරන ජනතාවගේ අනාගතය රැක ගන්නවා.මිරිදිය ධීවර කර්මාන්තය ගොඩනගමින් ස්වයං රැකියා ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් ග්‍රාමීය නාගරික ආර්ථිකය ශක්තිමත් කරනවා.කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින්ම ශක්තිමත් කර දිය යුතුයි. සියලු සහන දෙනවා. ඒ වැඩපිළිවෙළ තුළ ජනතාවගේ ග්‍රාමීය නාගරික ආර්ථිකය තුළ මුදල් සංසරණය වර්ධනය කර අතමිට සරු ජන සමාජයක් බිහිකරනවා.යොවුන් පරපුර වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන පන්නයේ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාල නිර්මාණය කරනවා. මේ ප්‍රදේශයටත් නවීන පන්නයේ තාක්ෂණ විද්‍යාල නිර්මාණය කර ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, රොබෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව යොවුන් පරපුරට නිදහසේ නොමිලේ නව තාක්ෂණය හැදෑරීමේ අවස්ථාව උදා කරනවා.ඊට අමතරව මේ ප්‍රදේශයට තාක්ෂණ උද්‍යාන හදා ජාත්‍යන්තර තාක්ෂණ විද්‍යාලවලින් සමත්වන දරුවන්ට තාක්ෂණ උද්‍යානයෙන් ඩිජිටල් විප්පලවයෙන් තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරන්න අවස්ථාව උදා කර දෙනවා. ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න මූලික ප්‍රාග්ධනයද ඩිජිටල් විප්ලවයකට වචනයට සීමා නොකර එය මහ පොලොවේ යථාර්ථය කරන්න අවශ්‍ය පහසුකම දෙනවා.පළාත් පාලන කොට්ඨාස මට්ටමෙන් කර්මාන්තපුර අරඹනවා. ඍජු විදේශ ආයෝජන ඒවාට රැගෙනවිත් යෞවන යෞවනියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් දෙනවා. කර්මාන්ත බිහිකරන්නේ කොහොමද කියා සජිත් ප්‍රේමදාසට පාඩම් අවශ්‍ය නැහැ. මොකද මගේ පියා තමයි කර්මාන්ත විප්ලවය හරහා ඇඟළුම් කර්මාන්ත 200 ආරම්භ කළේ.දුප්පත්කම තුරන් කිරීම සඳහා තිබෙන සමෘද්ධි වැඩසටහන මා තවදුරටත් ශක්තිමත් කරනවා. සමෘද්ධි වැඩපිළිවෙළ හරහා දුප්පත් ප්‍රජාවට වැඩි වැඩියෙන් ශක්තිය දෙනවා. හැමදාම දුප්පත්කම මෙහෙම තිබෙන්න බැහැ. දුප්පත්කමින් ඔබ මිදෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම සමෘද්ධි වැඩසටහනට අමතරව රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කළ ජනසවිය වැඩසටහන ද මීට සමානව ක්‍රියාත්මක කරනවා.මගේ පියා තමයි පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුමයි දිවා ආහාරයයි දුන්නේ. මගේ ප්‍රතිවාදි අපේක්ෂකයා නියෝජනය කරන දේශපාලන කණ්ඩායම තමයි පාසල් යන දුවා දරුවන්ගේ දිවා ආහාරය කපා හැරියේ. පාසල් දරුවන් වෙනුවෙන් මගේ පියාට අවසන් කරන්න බැරිවූ වැඩ කොටස තිබෙනවා. මා ඒ දේ ඊෂ්ට කරනවා.ලබන 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු පාසල් දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි දෙනවා.ඊට අමතරව රටේම තිබෙන පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයක් බවට පත් කොට ඒවායේ සිටින පාලිකාවන්ට ගුරුතුමියට සහාය පාලිකාවන්ට රජයේ අරමුදල්වලින් වේතන ගෙවා පෙර පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරනවා. පෙර පාසල් දරුවන්ටත් දිවා ආහාර දී මෙරට අධ්‍යාපනයට දැවැන්තම ශක්තිය දෙන්න කටයුතු කරනවා.විශේෂයෙන්ම පාසල් පද්ධතියට දිය යුතු යටිතල පහසුකම් දෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් පද්ධතිය ගොඩනගනවා. ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන ශක්තිමත් කරමින් පවුල් සෞඛ්‍ය සේවා වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරනවා. රටේ උතුම්ම සම්පත වන දරු පරපුර හා මව් පරපුර සුරකින්න මා කටයුතු කරනවා.කාන්තා ප්‍රඥප්තිය හරහා කාන්තා අයිතිය නීති ගත කරන්න කටයුතු කරනවා. කාන්තා අයිතිය රටේ නීතියක් බවට පත් කරනවා. කාන්තා මූලික පවුල්වලට දීමට තිබෙන ඉහළම සහයෝගය ඉහළම ශක්තිය දෙනවා. ග්‍රාමීය සංවර්ධනයට යටිතල පහසුකම් සංවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රටේ ජනාධිපතිවරයා ලෙස පෞද්ගලික අධීක්ෂණයෙන් හැම ග්‍රාමසේවා වසමකම වන හැම කුඩා ගම්මානයකම සිදුවන සංවර්ධනය නව තාක්ෂණය ඔස්සේ සොයා බලනවා.විවිධ ජාතීන්ගෙන් සමන්විත ජන සමාජය තුළ සංහිඳියාව, එකමුතුභාවය, මිත්‍රශීලිත්වය ගොඩ නගන්නට යුක්තිගරුක ගුණගරුක ශිෂ්ට සම්පන්න ජන සමාජයක් නිර්මාණය කරන්නට ඕනෑ. ඒ උදෙසා සියලුම ආගම්වල දහම් අධ්‍යාපනය මා ශක්තිමත් කරනවා.දහම් පාසල් ශාලා වැඩසටහන අද ජාතික වැඩසටහන ලෙස ක්‍රියාත්මක වෙනවා. 2025 වනවිට රටේ සියලුම දහම් පාසල් පද්ධතියට ඒ ශක්තිය දෙමින් දහම් අධ්‍යාපනය ප්‍රගුණ කරමින් යුක්ති ගරුක ගුණගරුක ශීලාචාර සුචරිත වූ දරු පරපුරක් පුරවැසි පරපුරක් නිර්මාණය කරනවා. මිත්‍රත්වයේ ගුණාංගය තුළින් රට සැබැවින්ම එක් සේසත් වූ රටක් බවට පත් කරන්නට මා කටයුතු කරනවා.අනිවාර්යයෙන්ම 2025 වනවිට මෙරට සියලු පුරවැසියන්ගේ නිවාස ප්‍රශ්නය විසඳනවා. සැම කොට්ඨාසයකටම නිවාස ව්‍යපෘති දෙනවා. 2025 වනවිට රටේ සෑම පවුලකටම තමන්ගේ කියා භූමියක් තුළ නිවසක් හිමිකර ගැනීමේ සිහිනය මා සැබෑ කරනවා.ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමේ ගමන මා ක්‍රියාත්මක කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රටේ සංවර්ධනය ගැන සොයා බලනවා. ඉතිහාසයේ කිසිම දවසක ක්‍රියාත්මක නොවුණු විප්ලවීය සංවර්ධන යුගය ක්‍රියාත්මක කිරීමට මට ශක්ති සම්පන්න සහ ජවසම්පන්න බව තිබෙනවා.ජනතාවගේ පපුවට මේ අපේ ලංකාවයි. මේ අපේ මෘත භූමියයි යන හැඟීම ඇතිවිය යුතුයි. ඒකීය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට නිදහසේ ජීවත් වෙන්න අභිමානයෙන් ජීවත් වෙන්න ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ජනතාවගේ ප්‍රාණය ශක්තිමත් කරන නව යුගයක් සඳහා ශ්‍රී ලංකා ෆස්ට් යන වැඩසටහන ක්‍රියාත්මක කරන්න ශක්තිය දෙන්න යයි ඉල්ලා සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා කීවේය”.කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතා:-“මේ මැතිවරණය උතුරු-නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව ඉතාමත්ම හොඳින් සිතා බැලිය යුතු මැතිවරණයකි. ඉස්ලාම් නායකයන් පිළිබඳව සිංහල ප්‍රදේශවලට ගොස් බොරු ප්‍රචාර ගෙන යනවා. අහිංසක සිංහල සමාජය අතරේ ජාතිබේදය වපුරා රටේ ආරවුල් ඇති කිරීමට උත්සාහ ගන්නවා. මේ අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කතාකරන ජනතාව මැතිවරණයේදී ඉතා සුපරීක්ෂාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍යයි.සුළු ජාතීන්ගේ ඡන්ද සියයට 90ක් සජිත් ප්‍රේමදාස මහතාට දෙනවිට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකියි. එනිසා මේ මැතිවරණයේදී අප වෙනත් මැතිවරණ වගේ බෙදී ඡන්දය ප්‍රකාශය කිරීමට බැහැ.සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට ඡන්ද වර්ජනයක් කරන බව කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් කියනවා. තවත් කණ්ඩායමක් මේ මැතිවරණයේ විකල්ප කණ්ඩායමකට ඡන්දය දිය යුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මැතිවරණයේදී සුළුජාතීන්ට ඡන්දය දිය යුතු බව කියා සිටිනවා.දඹුල්ල ජන රැලියේදී අදහස් දැක්වූ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා :-“ගෝඨාභයලා කළ දේ ලංකාව පමණක් නොව මුළු ලෝකයම දන්නවා. රට භීතියෙන් මුදවා වෙනස උදාකළේ කවුද?යුද්ධ කළේ ඔහු හෝ අයියා හෝ නොව යුද හමුදාපති බව දැන් ගෝඨාභය ප්‍රසිද්ධියේම පිළිගෙන සිටිනවා. රාජපක්ෂ යුගයේ ජනතාවගේ මරණය සහ ජීවත් විය යුතු ද කියා තීරණය කළේ ඒ පාලකයින් බව කිව යුතුයි.රාජපක්ෂ කල්ලිය නඩුවලින් බේරෙන්න ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටිනවා. සජිත් ආවොත් වැරැදිවලට සැබෑ දඬුවම ලැබෙන බව ඔවුන් දන්නවා”.කෘෂිකර්ම වාර්මාර්ග ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා, එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහත්වරුද කතා කළහ. 
“ශ්‍රී ලංකා ෆස්ට් දැක්මට සියලු ජාතීන්ගේ ශක්තිය ලැබෙනවා“
1
hp_train_7834
(ප්‍රින්ස් රත්නායක)බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ලංගම බස්රථයක් ඌව කොස්ගම දක්වා ධාවනය කිරීමේදී පසුගියදා සිදුවූ අනතුරෙන් පසු මේ වන තුරු බස්රථයක් නොදැමීම නිසා ප්‍රදේශවාසීහු අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.ඉකුත් ඔක්තෝම්බර් මස 4 වැනිදා බණ්ඩාරවෙල සිට ඌව කොස්ගම දක්වා ධාවනය කළ ලංගම බස්රථය හපුතලේ උඩ විහාරගල දී කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට පත්වූ අතර රියදුරු එච්.එම්. කීර්ති බණ්ඩාර ඇතුළු තිදෙනකුට ජීවිත අහිමි කරමින් තවත් පිරිසකට තුවාල සිදු කරමින් වූ අනතුරින් පසු මේ වනතෙක් එම ගමට බසයක් ලබාදීමට බණ්ඩාරවෙල ඩිපෝව අසමත්ව තිබේ. මේ හේතුවෙන් ගමේ පිරිස් තම අවශ්‍යතා ඉටුකරගැනීමට කිලෝමීටර් 7 කට ආසන්න දුරක් පයින් ගමන් කිරීමට සිදුව තිබෙන බවද පැවසේ. වනඅලි ගම්වැදීම  හේතුවෙන් මේ තත්වය තවත් උග්‍රව පවතින බව හා මගතොට  පයින් ගමන් කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවද ගම්වාසීහු පෙන්වාදෙති. මේ සම්බන්ධව බණ්ඩාරවෙල ඩිපෝඅධිකාරී ටී.එච්. සෝමපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ බස්රථවල හිඟයක් පසුගිය දිනවල පැවති බවත් මේ වෙන විට බස් රථ කීපයක් ලැබී තිබෙන බැවින් ඒවා අලුත්වැඩියා කරගෙන යන බවයි.කෙසේ වෙතත් ජනවාරි පළමුවැනිදා සිට බස්රථයක් ලබාදීමට පියවර ගන්නා බව හෙතෙම පැවසීය. 
බණ්ඩාරවෙල - ඌව කොස්ගම බසය තවමත් නෑ
0
hp_train_7835
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම සහිත වැසි වර්ධනය වන බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බොහෝ ප්‍රදේශවලට සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත් වල උදය කාලයේදීද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සමහර ස්ථානවලට මිලී මීටර් 100 ට වඩා වැඩි   ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වේ.
‘ප්‍රදේශ රැසකට තද වැසි‘
1
hp_train_7836
ඉදිරි දින වලදී වැසි සහිත කාලගුණ තත්වයක් රටපුරා, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල, බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථානවලට  මිලි මීටර් 75 ට වඩා වැඩි වැසි බලාපොරොත්තු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31249570වැසි වාර කිහිපයක්.  මඩකලපුව30259575විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  කොළඹ31249565වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ගාල්ල30249575වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )යාපනය30248570වැසි වාර කිහිපයක්.  මහනුවර30209565වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )නුවරඑළිය20129580වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )රත්නපුරය33239565වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ත්‍රීකුණාමළය30249575විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  මන්නාරම30258570වැසි ස්වල්පයක්.  
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
0
hp_train_7837
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1305 දෙනකු අද දින හඳුනාගෙන ඇත. ඒ අනුව අද වාර්තා වූ ගණන 2530 දක්වා ඉහළ ගියේය.මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 131060 ක් දක්වා ඉහළ ගොස් ඇත.එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,030 දෙනෙක් සුවය ලබා අද (11) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,06,641 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 
කොවිඩ් 19 වයිරස ආසාදිතයෝ තවත් 1808ක්
0
hp_train_7838
(ඩයනා උදයංගනී)උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (30) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
ප්‍රදේශ කිහිපයකට වැසි
0
hp_train_7839
(සිතුම් චතුරංග)         බලපත්‍ර නොමැතිව අනුරාධපුරයේ සිට මන්නාරම දක්වා ලොරි රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනකු මත්පැන් බෝතල් 660 සමඟ මන්නාරම වනජීවි කාර්යාලය අසළ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.දීර්ඝ කාලයක සිට බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කරන ජාවාරමක් පිළිබඳ මන්නාරම පොලිස් දූෂණ මර්දන අංශය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මිලි ලීටර 750 මත්පැන් බෝතල් තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබේ.අත්අඩංගුවට ගත් මත්පැන් ප්‍රවාහනය සඳහා බියර ප්‍රවාහන බලපත්‍රයක් පමණක් සැකකරුවන් ලබාගෙන ඇති අතර බියර සමඟ සූක්ෂම ලෙස සඟවා මෙම මත්පැන් ප්‍රවාහනය කරන බව පොලිසිය පවසයි.පොලිසිය පැවසූයේ ප්‍රදේශයේ සිටින බලවත් ව්‍යාපාරිකයකුගේ උපදෙස් මත දීර්ඝ කාලයක සිට බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවයි.මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 12 කට අධික බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර , සාලියවැව පදිංචි වයස අවුරුදු 29 ත් 39 වයසේ පසුවන්නෝ වෙති.අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ලොරියකින් මත්පැන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
1
hp_train_7840
කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සහ කළමනාකාර අධ්‍යක්ෂවරු ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංගකොමර්ෂල් බැංකු සමූහය 2022 පළමු වැනි කාර්තුව තුළදී සමබර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර තිබෙන අතර ඉතාමත් වේගයෙන් රුපියල අවප්‍රමාණය වීම ප්‍රධාන කාර්ය සාධන දර්ශකවලට ධනාත්මක සහ ඍණාත්මක ලෙස දැඩිව බලපා ඇතැයි එම බැංකුව කියයි.එම බැංකුව වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි.කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය 2022 මාර්තු 31 වනදායින් අවසන් වන මෙම කාර්තුව තුළදී රුපියල් බිලියන 54.573 ක දළ ආදායමක්, රුපියල් බිලියන 34.244 ක සමස්ත මෙහෙයුම් ආදායමක් සහ රුපියල් බිලියන 28.284 ක ශුද්ධ මෙහෙයුම් ආදායමක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව පිළිවෙළින් සියයට 33.41 කින්, සියයට 41.74 කින් සහ සියයට 66.33 කින් වර්ධනය වීමකි.පසුගිය වසරට සාපේක්ෂව ණය පොත වර්ධනය වීමට අමතරව 2022 මාර්තු මාසයේදී අනපේක්ෂිත ලෙස රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වීම නිසා විදේශ මුදල් වලින් තිබෙන වත්කම් කළඹෙන් ලැබූ පොලී ආදායමේ දායකත්වයෙන් සමස්ත පොලී ආදායම් සියයට 19.41 කින් රුපියල් බිලියන 37.847 ක් දක්වා අදාළ මාස තුනක කාලය සඳහා වර්ධනය වී ඇත. මේ අතර, මෙම කාලය තුළදී පොලී වියදමද සියයට 17.30 කින් රුපියල් බිලියන 19.024 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ඒ සඳහා හේතුවී තිබෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව තැන්පතු කළඹේ ඇතිවූ වර්ධනය සහ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා විදේශ විනිමය ණය සහ තැන්පතුවල පොලී වියදම වැඩිවීම හේතුවෙනි. මෙම තත්ත්වය තුළ කොමර්ෂල් බැංකු සමූහය 2022 පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 18.823 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කළ අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 21.62 ක වර්ධනයකි.    මෙම කාර්තුව තුළදී බැංකු සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 28.284 ක් දක්වා සියයට 66.33 කින් වර්ධනය වී තිබෙන අතර 2021 පළමු කාර්තුවේදී එම ආදායම වාර්තා වූයේ රුපියල් බිලියන 17.005 ක් ලෙසිනි. එසේම, මෙම කාර්තුව තුළදී මෙහෙයුම් වියදම රුපියල් බිලියන 8.721 ක් වූ අතර එය වර්ධනය වී තිබෙන්නේ සියයට 23.66 ක සාපේක්ෂකව  අඩු අනුපාතයකිනි. මේ අනුව, මෙම කාර්තුව තුළදී බැංකු සමූහය විසින් මූල්‍ය සේවා මත බදුවලට පෙර රුපියල් බිලියන 19.563 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 96.56 ක දැවැන්ත වර්ධනයක් වේ.    මේ අතර, සලකා බලන කාර්තුව තුළදී මූල්‍ය සේවා මත ගෙවූ අගය එකතු කිරීමේ බදු දෙගුණයකට වඩා වැඩිවෙමින් රුපියල් බිලියන 3.155 ක් වූ අතර එම වර්ධනයට හේතු වූයේ අගය එකතු කිරීමේ බද්දට යටත් වූ ලාභ වර්ධනය වීම සහ 2022 ජනවාරි 01 වැනිදා සිට අගය එකතු කිරීමේ බදු අනුපාතය සියයට 15 ක සිට සියයට 18 ක් දක්වා වැඩි කිරීමයි. මේ නිසා, ආදායම් බදු වලට පෙර බැංකු සමූහයේ ලාභය සලකා බලන කාර්තුවේදී සියයට 95.21 කින් වර්ධනය වී රුපියල් බිලියන 16.406 ක් වී තිබෙන අතර සමූහය බදු වලට පසුව රුපියල් බිලියන 11.775 ක ලාභයක් වාර්තා කර ඇත. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 73.23 ක වර්ධනයකි.      කොමර්ෂල් බැංකුව වෙනම ම ගත්විට මෙම කාර්තුව තුළදී බදු වලට පෙර රුපියල් බිලියන 16.089 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය සියයට 96.61 ක වර්ධනයක් වේ. එසේම, කොමර්ෂල් බැංකුව සලකා බලන මෙම කාර්තුව තුළදී බදු වලට පසුව රුපියල් බිලියන 11.548 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 73.44 ක වර්ධනයකි.මෙම කාර්තුව තුළදී බැංකු සමූහයේ සහ බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 02 ක සංධිස්ථානය පසුකළ අතර මෙවැනි සංධිස්ථානයක් ශ්‍රී ලංකාව තුළ පසුකළ පළමු පෞද්ගලික අංශයේ බැංකුව කොමර්ෂල් බැංකුවයි. 2022 මාර්තු 31 වනදා වනවිට කොමර්ෂල් බැංකු සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.287 ක් බවට පත්වී තිබේ.-සටහන- චමින්ද මුණසිංහ
කොමර්ෂල් බැංකුවේ ඉහළ වර්ධනයක්
0
hp_train_7841
(දිලීප් ජයසේකර)තණමල්විලදී ගිනි අවි දෙකක් සමඟ දඩයමේ යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩගුවට පත් වුයේ සෙල්ලකතරගම පදිංචි වයස අවුරුදු 33 හා 38 වයස් වල පසු වන සැකකරුවන් දෙදෙනෙකි.අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කාලයක සිට හෝටල් වලට දඩමස් සැපයීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනෙකු බව මූලික පරීක්ෂණවලදි අනාවරණය වි ඇත.සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන් දැක කැලය තුළට දිව යාමේදී පොලිස් නිලධාරීන් හඹා ගොස් එහි සැඟවී සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් දෙදෙනා, බෙහෙත් කොටන තුවක්කු දෙක සමඟ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා කතරගම පොලිසියට බාරදී ඇත.ඔවුන්ව කතරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
ගිනි අවි දෙකක් - සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
1
hp_train_7842
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4 වැනිදා) තහවුරු කරයි.ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 489 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මියගිය පිරිස අතර කාන්තාවෝ සිවුදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් වෙති.මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 147 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 20.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 351 කි.
අද කොරෝනා මරණ 7 යි : ආසාදිතයන් 350 යි
0
hp_train_7843
(මනෝප‍්‍රිය ගුණසේකර)කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟම චෝදනා ලැබ සිටි සෙසු විත්තිකරුවන් හය දෙනා ද විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද නිදහස් කරන ලදී.අවභාවිතා කළ බව කියන රුපියල් කෝටි තුනකට අධික මුදල මේ වන විට හානිපූර්ණය කර ඇති බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති හෙයින් මෙම නඩුව තව දුරටත් පවත්වාගෙන යෑමේ අදහස් නැතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම්දීමක් පිළිගනිමින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල නියම කළේය.මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටි හිටපු ආරක්‍ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහුට විරුද්ධ නඩුව පවත්වාගෙන නොයන බව දැනුම්දීම හේතුවෙන් මීට පෙර අවස්ථාවකදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා නඩුවෙන් නිදහස් කරනු ලැබීය.මෙම නඩුව මහාධිකරණ විනිසුරුවරුන් වන චම්පා ජානකි රාජරත්න (සභාපති), දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන විනිසුරු මණ්ඩල හමුවේ කැඳවන ලදී.එහිදී ඉදිරිපත් වූ කරුණු අනුව මෙලෙස නිදහස් කරන ලද්දේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියනආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලාදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඞී. මහින්ද සාලිය සහ එම්.ඒ. මල්ලිකා නමැත්තන්ය. 
ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරක නඩුවේ විත්තිකරුවන් හය දෙනා නිදහස්
1
hp_train_7844
(ඩී.කේ.රත්න) කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේදී කංසා පැළ 2000 ක් සමග පුද්ගලයෙකු බුත්තල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් අද (18) අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය පැවසීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පුද්ගලයෙකි. බුත්තල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ට ලැබුණු කොරතුරකට අනුව කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. කංසා හේනේ කංසා පැළ අඩි 7ක් පමණ උසට ඉතා සරුවට වැවී තිබූ බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොස්ලන්ද පොලීසියට බාරදී ඇත. නොස්ලන්ද පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.
ලක්ෂ දෙකක ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට
0
hp_train_7845
ඉදිරි දින වලදී වැසි සහිත කාලගුණ තත්වයක් රටපුරා, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල, බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථානවලට  මිලි මීටර් 75 ට වඩා වැඩි වැසි බලාපොරොත්තු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31249570වැසි වාර කිහිපයක්.  මඩකලපුව30259575විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  කොළඹ31249565වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ගාල්ල30249575වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )යාපනය30248570වැසි වාර කිහිපයක්.  මහනුවර30209565වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )නුවරඑළිය20129580වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )රත්නපුරය33239565වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ත්‍රීකුණාමළය30249575විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  මන්නාරම30258570වැසි ස්වල්පයක්.  
‘රට පුරා වැසි සහිත කාලගුණයක්‘
0
hp_train_7846
(ඩයනා උදයංගනී)දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අද (14) දිනයේත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර, බස්නාහිර, සබරගමුව,මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වල අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ඔහු කීවේය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.​
‘වැස්ස තද වෙයි‘
0
hp_train_7847
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න) බස් රථයෙන් බසින අවස්ථාවේ දී සිය බිරිදගේ පය සරමේ පැටලී සරම බිමට වැටී පුද්ගලයෙකුට සිදු වූ ජංජාලයක් පිළිබඳ කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. කෑගල්ලේ තරමක් දුෂ්කර ග්‍රාමයක සිට කෑගල්ල බලා ඉකුත් සති අන්තයේ දිනක පෙරවරුවේ පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීම ආරම්භ කෙරිණ. ආරම්භ අවස්ථාවේදීම තරමක් වයෝවෘද්ධ යුවළක් බස් රථයට ගොඩ වූයේ කිලෝමීටර් හයක් පමණ ඈතින් පදිංචිව සිටින සිය දියණියගේ නිවස බලා යාමටය. බස් රථය කෑගල්ල නගරය බලා ගමන් ආරම්භ කෙරිණ. සති අන්තයේ දිනක් බැවින් කෑගල්ල නගරයේ පෞද්ගලික පංති වෙත යන එන දූ දරුවන්ගෙන් බස් රථය පිරෙන්නට විය.තරමක් වයෝවෘද්ධ යුවළ බස් රථයේ අසුන්ගෙන සිටියේ මැද හරියේය. ඔවුන් බසින ස්ථානය ටිකෙන් ටික ළංවෙමින් පැවතිණ. යුවළ මගීන්ගෙන් ඉඩකඩ ඉල්ලාගෙන පිටුපස දොර අසලට පැමිණියහ. බසින ස්ථානය ළං වීමත් සමගම වයෝවෘද්ධ කාන්තාව බස් රථයේ බෙල් එක වරක් නාද කළාය. බස් රථය ඊ ළඟ බස් නැවතුම්පොළේ නතර කෙරිණ. පාපුවරුවේ සිටි දරුවන් මෙන්ම වැඩිහිටියන් පිරිසක් ද කොන්දොස්තරවරයා විසින් බිමට බස්සවා වයෝවෘද්ධ යුවළට බස් රථයෙන් බැසීමට අවස්ථාව උදා කර දුන්නේය. පළමුව වයෝවෘද්ධ පියා බිමට බසිනවාත් සමගම පිටුපස සිටි වයෝවෘද්ධ කාන්තාව ද බසින අවස්ථාවේ දී සැමියා ඇඳ සිටි සරම බිරිඳගේ කකුලකින් පෑගිණ.වයෝවෘද්ධ පියාගේ සරම ගැටය ලෙහී බිමට වැටුණි. එම අවස්ථාවේ දී බිම සිටි අමතර පංති දරුවන් මෙන්ම බස් රථයේ සිටි ලොකු කුඩා සියලු දෙනාටම සිනා ගියේය. බිරිඳ සිය සැමියා දෙස ආපසු හැරී බලා ඇඳ සිටි චීත්තයේ පොටකින් මුහුණ වසාගෙන සිනාසෙන්නට විය. වයෝවෘද්ධ පියා කිසිවකු දෙස නොබලා වැටුණු සරම අතට ගෙන මුහුණත් වැසෙන අයුරින් සරම හිසේ දමාගෙන අතුරු මාර්ගය දිගේ දියණියගේ නිවස වෙත ඉදිරියට ගමන් කරන අයුරු දක්නට ලැබුණි.
බිරියගේ කකුල සැමියාගේ සරමේ පැටළී ජංජාලයක්
0
hp_train_7848
ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) රාජස්ථාන් රෝයල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර දෙවැනි වටයේ තීරණාත්මක අවසන් තරගය අද (24) කොල්කටාහිදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.චෙන්නායි සුපර් කිංග්ස් පිල මේ වන විටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින අතර අවසන් මහ තරගය කොල්කටාහිදී අනිද්දා (26) පැවැත්වේ. 
රාජස්ථාන් - මුම්බායි තරගය පැයක් ප‍්‍රමාද වෙයි
0
hp_train_7849
(යොහාන් භාසුර)ගෑස් සම්බන්ධ සිද්ධීන් 23 ක් අද (19) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.මෙම පිපිරීම් සංඛ්‍යාව පෙර දිනවට වඩා පිරිරීම් එකක වැඩි වීමකි.පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 48ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 815 ක් පොලිසියට වාර්තා වී තිබේ.මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 95 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය කියයි. 
පැයකට එක් ගෑස් ලිපක් පුපුරයි
1
hp_train_7850
(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ, “ලෙන්ගා” කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (02) පෙරවරුවේ  එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයක් නිසා කාන්තාවන් 13 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර තිබේ. තුවාල ලබා රොහල් ගත කළ කාන්තාවන් 05 දෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත්, කාන්තාවන් 08 දෙනෙක් දැනට නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බවත් මස්කෙළිය ප්‍රාදේශිය රොහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලියදිපිටිය මහතා පැවසීය. තේ ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිසී තමන්ට පහර දුන් බව රොහල් ගත කර සිටින වතු කම්කරු කාන්තාවන් පැවසූහ. මෙම වතුයායේම ඉකුත් මාසයේදී තෙවරක් වතු කම්කරුවන්ට බඹර ප්‍රහාර එල්ලවීමෙන් රෝහල් ගත කර ඇති බව පවසන එම කම්කරු ප්‍රජාව, කම්කරුවන් පීඩාවට පතක් කරන, තම වතුයායේ ඇති බඹර කූඩු ඉවත් කර දෙන ලෙස වතු පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින බවත් එම කම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා පැවසූහ. නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්වය බරපතල නොවන බව වෛද්‍යවරු පැවසූහ.  
බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් පිරිසකට තුවාල
0
hp_train_7851
(නිශාන්ත කුමාර)කන්දකැටිය උල්පතගම අඹගහවත්ත කුඹූරුයායේ ගල්තලාවක නිධානයක් හාරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව    බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත්කළ සැකකරුවන් 11 දෙනා අගෝස්තු මස 07 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සුජීවනද සිල්වා මහතා අද (26) නියෝග කළේය.එදිනට එම ස්ථානය සම්බන්ධයෙන් පුරා විද්‍යා වාර්තාව ඉදිරිපත්කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කන්දකැටිය, පොලිස් වසමේ පදිංචි පුද්ගලයින් හය දෙනෙකු හා පදවිය,කැඹිතිගොල්ලෑව, මීගමුව ,තංගල්ල හා පාදෙණීය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු   25 ත් 40 ත් අතර වයසේ පසුවන  පුද්ගලයින් පිරිසක් බව පොලිසිය පැවසීය.කන්දකැටිය  පොලිස් වසමට අයත් උල්පතගම අඹගහවත්ත කුඹූරුයායේ ගල්තලාවක නිධානයක් හාරන බවට ලද තොරතුරක් මත කන්දකැටිය පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස සමඟ ඔවුන් සතුව තිබූ ඇමෝනියා , සේවා නූල්, මල් බුලත් තට්ටු, පිරිත් නූල්, උදලු, අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක් ද  අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි.  
නිධන් හැරූ 11 ක් අගෝස්තු 07 දක්වා රිමාන්ඩ්
1
hp_train_7852
බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකියි‘. 
‘විටින් විට වැසි ඇතිවේ‘
0
hp_train_7853
(ඩයනා උදයංගනී) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් අද (5) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලි  බරව පවතින අතර බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම  ප්‍රකාශකයා සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය. 
ප්‍රදේශ රැසකට වැසි
0
hp_train_7854
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 538 දෙනකු අද(17) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,78,262 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 341 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,46,839 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොවිඩ් ආසාදිතයන් තවත් 518 ක්
0
hp_train_7855
‘කොවිඩ්-19’ එන්නත් බෙදාහැරීමේ වැඩසටහන ආරම්භ කළ පළමු රට බවට පත්වෙමින් රුසියාව සිය ‘කොවිඩ්-19’ එන්නත් බෙදාහැරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.ඒ අනුව රුසියානු සෞඛ්‍ය අංශ මොස්කව් නුවර පිහිටි සායනවලට එන්නත බෙදාහැරීම ආරම්භ  ඉයේ (5) කර තිබිණි.‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයෙන් වැඩිම අවදානමක් ඇති පුද්ගලයන්ට මුලින්ම එන්නත ලබාදෙන බවත් ඒ සඳහා මොස්කව් අගනුවර පිහිටි සායන 70කට එන්නත බෙදාහරින බවත් එම නුවර කොරෝනා වයිරස කාර්යසාධක බලකාය සෙනසුරාදා පෙරවරුවේ නිවේදනය කළේය.රුසියාව මෙලෙස එරට ජනතාවට එන්නත් කිරීමට සූදානම් වන්නේ එරට වෛද්‍ය පර්යේෂණ විද්‍යායතනය වන ගැමලෙයා ආයතනයේ විද්‍යාඥයන් අත්හදා බලමින් සංවර්ධනය කළ ‘ස්පුට්නික් 5’ එන්නත යි.රුසියාවේ ‘ස්පුට්නික්-5’ කොවිඩ්-19 එන්නතට පසුගිය අගෝස්තු මාසයේදී එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය හිමි විය.සිය එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවත් එසේ වුවත් තවදුරටත් මහ පරිමාණයෙන් අත්හදා බැලීම් කරන බවත් රුසියානු පර්යේෂකයෝ පවසති.‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීම සඳහා සෙනසුරාදා වනවිට දහස් ගණනක් රුසියානුවන් ලියාපදිංචි වී සිටි නමුත් රුසියාවට කොතරම් එන්නත් මාත්‍රා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි ද යන්න තවමත් නිශ්චිතව නිවේදනය කර නොමැත.   දැනට නිකුත් ව ඇති වාර්තාවලට අනුව මේ වසර අවසන් වනවිට එන්නත් මාත්‍රා මිලියන දෙකක් නිෂ්පාදනය කිරීමට රුසියානු නිෂ්පාදකයෝ බලාපොරොත්තු වෙති.මොස්කව් නුවර සිටින මිලියන 13ක ජනගහනයෙන් මුලින්ම එන්නත ලැබෙන්නේ සෞඛ්‍ය සේවයේ, සමාජ සේවයේ සහ පාසල්වල සේවය කරන රුසියානුවන්ට බව එනුවර නගරාධිපති සර්ගේ සොබියානින් මේ සතිය මුලදී පැවැසීය.‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීම සඳහා ඉහත සඳහන් කළ රැකියා අංශවල සිටින වයස අවුරුදු 18ත් 60ත් අතර රුසියානුවන්ට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබූ අතර ඔවුන්ට එන්නත් ලබාගැනීම සඳහා මොස්කව් අගනුවර සායන 70ක් සූදානම් කර තිබිණි.   ඒ.එෆ්.පී./රොයිටර්  055
රුසියාව කොරෝනා එන්නත් බෙදාහැරීම අරඹයි
1
hp_train_7856
(දයාරත්න ඇඹෝගම) අනුරාධපුර මාකට් පෙදෙසේදී කැබ් රථයක ගැටීමෙන් තුවාල ලැබූ යාචකයෙකු අද(07) මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර නගරයේ ජීවත් වූ යාචකයෙකි. ඔහු පිළිබදව මෙතෙක් තොරතුරක් අනාවරණයවි නොමැත. මෙම යාචකයා ඊයේ(06) රාත්‍රියේ කැබ්රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය කියයි. කැබ්රිය ධාවනය කළ යක්කල පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
හමුදා කැබ් රථයේ ගැටී පාපැදිකරු මරුට
0
hp_train_7857
(මනෝප‍්‍රිය ගුණසේකර)ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට ඇප ලබාදීම ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (08) ප‍්‍රතික්ෂේප කළහ.නිශ්ශංක සේනාධිපති මහතා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටින හෙයින් එම නියෝගය ප‍්‍රතිශෝධනය කිරීමට තරම් කරුණු ඉදිරිපත්ව නැති බව තීරණය කරමින් සේනාධිපති මහතාට ඇප ලබාදීම විනිසුරු මඩුල්ල විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී.මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුට ඇප ලබාදීම ඒකමතිකව ප‍්‍රතික්ෂේප කරන ලදී.නීතීපති දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත් කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරන ලදී.චෝදනා 7573 ක් යටතේ විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක මෙවැනි අධිචෝදනා ප‍්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත්තේ ප‍්‍රථම වතාවටය.මෙම සිද්ධිය හේතුවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කොට ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.2014 අපේ‍්‍රල් 07 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යානුකූල බලපත්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ලඟ තබාගැනීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැතිව ලඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප‍්‍රවාහණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල් විත්තිකරුවන් විසින් සිදු කොට ඇති බව නීතීපතිවරයා විසින් චෝදනා පත්‍රයේ සඳහන් කොට ඇත.මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ‘ඇවන්ට් ගාඩ්’ සහ ‘රක්නා ලංකා’ සමාගම්, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 නොවැම්බර් සිට 2015 ජනවාරී) හිටපු සභාපති පාලිත ප‍්‍රනාන්දු, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 ජුලි සිට 2015 මැයි) හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කරුණාරත්න බණ්ඩා එගොඩවෙල, ‘රක්නා ලංකා’ සමාගමේ සමුද්‍ර ආරක්‍ෂණ අංශයේ සාමාන්‍යධාරීකාරි පොන්නතුරෙයි බාලසුබ‍්‍රමනියම් පේ‍්‍රමචන්ද්‍රන්, ‘රක්නා ලංකා’ සමාගමේ (2015 මැයි සිට) සභාපති වික්ටර් සමරවීර, ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ සිටි ‘රක්නා ලංකා’ සමාගමේ නියෝජිත දොන් ඇල්බට් තිලකරත්න, ‘ඇවන්ට් ගාඩ්’ සමාගමේ සභාපති යාපා හෙට්ටි පතිරැන්නැහැලාගේ නිශ්ශංක සේනාධිපති, ‘ඇවන්ට් ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමේ වාණිජ නෞකා ආරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අංශ ප‍්‍රධානි විශ්වජිත් නන්දන දියබලනගේ, ‘එම්.වී. ඇවන්ට් ගාඩ්’ නෞකාවේ සිටි ‘ඇවන්ට් ගාඩ්’ සමාගමේ නියෝජිත නිලූපුල් ද කොස්තා, ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ කපිතාන් ගෙනඩි ග‍්‍රැව්රිලෝන්, ආරක්‍ෂ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (2015 සැප්තැම්බර් සහ ඔක්තොම්බර්) සමන් දිසානායක සහ සුජාතා දමයන්ති ජයරත්න ආරක්‍ෂ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (2014 අපේ‍්‍රල් සිට 2015 ජනවාරී) නමැති විත්තිකරුවන් 13 දෙනාය.නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ‘ඇවන්ට් ගාඞ්’ සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර නඩුවේ සෙසු විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ 07 වැනි විත්තිකාර ‘ඇවන්ට් ගාඞ්’ සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා ඇතුළු මෙම නඩුවේ කිහිපදෙනෙකු විදේශගත වන විට අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් පසුගිය ජුලි මස 08 වැනිදා නියෝගයක් නිකුත් කොට ඇතත් මහෙස්ත‍්‍රාත්වරයාගේ නියෝගය වැරදීමකින් සටහන් වීම නිසා තම සේවාදායකයා ලංකාවට පැමිණීමේදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි කීය.තම සේවාදායකයා ලංකාවට පැමිනීමේදී රහස් පොලිස් නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගැනීම නිතීවිරෝධී බවත් කොදු නාරටියේ ආබාධයක් ඇතුළු රෝගී තත්වයන් කිහිපයකින් පෙළෙන තම සේවාදායකයාට ප‍්‍රතිකාර ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිට කොළඹ ජාතික රෝහලට නිතිපතා ගෙන යෑම නිසා ඔහුගේ රෝගී තත්වය වැඩිවී ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා රිමාන්ඞ් බාරයට පත් කොට සිටින තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරු සම්බන්ධයෙන් කරුණු ඇතුලත් පිටු 529කින් යුත් මෝෂන් පත‍්‍රයක් තමන්ට ලබා දී ඇතැත් එහි කිසිදු තැනක පසුගිය ඔක්තෝම්බර් 10 වැනිදා නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරු රිමාන්ඞ් බාරයට පත් කිරීම පිළිබඳව කරුණු ඇතුලත් කොට නැතැයි කීය.නඩුවේ 07 වැනි විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා පසුගිය ඔක්තෝම්බර් 10 වැනිදා අළුයම ලංකාවට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන මෙම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා  විනාඩි 50කට අධික කාලයක් පුරා කරුණු ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටියත් මෙම අධිකරණය ඒකමතිකව එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කොට නඩු විභාගය අවසන් වනතුරු ඔහු රිමාන්ඞ් බාරයට පත් කළේ යැයි කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එසේ තිබීයදී අද මෙ විත්තිකරු වෙනුවෙන්ම වෙනත් නීතීඥවරයකු ඉදිරිපත් වී පැයකට අධික කාලයක් පුරා කරුණු ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටින්නේ යැයි පැවසීය.නීතීඥවරු මාරූ කරමින් එකම කරුණු පැවසීම මෙම නඩුවේ විභාගයට බාධාවක් බවත් එය කාලය කා දැමීමක් බවත් මේ වන විට නඩුවේ 07 වැනි විත්තිකාර නිශ්ශංක සේනාධිපති නමැත්තා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඞ් බාරයට පත් කිරීමේ තීරණය විනිශ්චිත බවත් පැවසු දිලීප පීරිස් මහතා සෑම දිනකට එකම කරුණු වලට අවධානය යොමු කිරීම අධිකරණයේ වටිනා කාලය කා දෑමීමක් යැයිද එම කරුණු වලට අවධානය යොමු නොකොට දැන් ඇත්තේ නඩුවේ ඉදිරි කටයුතු කරගෙන යෑම යැයිද පැවසීය.මේ අවස්ථාවෙදී යළිත් වරක් අධිකරණය ඇමතූ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතීපති දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය ඇමතීමට තමා ගත් කාලය ප‍්‍රශ්න කරන්නේ කෙසේදැයි විමසීය.අධිකරණය ඇමතීමට මා ගත් කාලය ප‍්‍රශ්න කිරීමට මොහු කවුරුන්දැයි විමසු ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ක‍්‍රියාකලාප පිළිබඳව නීතීපතිවරයාට දැනුම් දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.නඩුවේ විත්තිකාර පාලිත ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් නේපාලයේ කත්මන්ඩු නුවර ලබන 30 වැනිදා සිට දෙසැම්බර් මස 11 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු මළල කී‍්‍රඩා උළෙලට සහභාගී වන ලෙස තම සේවාදායකයාට ඇරයුම් ලැබී ඇති හෙයින් ඒ සඳහා සහභාගී වීමට ඔහුට විදේශගත වීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.මෙම නඩුවේ විත්තිකරුවකු වන ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ කපිතාන් ගෙනඩි ග‍්‍රැව්රිලෝන් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් රෝගී තත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහුගේ මව්රට වන යුක්රේනයට යෑමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.සියළු පාර්ශවයන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල සවස 5.10ට පමණ අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතාට ඇප ලබාදෙන්නැයි කළ ඉල්ලීම ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළේය.එමෙන්ම විත්තිකාර පාලිත ප‍්‍රනාන්දු මහතා ආසියානු මළල කී‍්‍රඩා උළෙලට සහභාගී වීමට විදේශගත වීමට කළ ඉල්ලීම මෙන්ම විත්තිකාර ගෙනඩි ග‍්‍රැව්රිලෝන් නමැත්තාට ප‍්‍රතිකාර ගැනීමට යුක්රේනයට යෑමට අවසර ඉල්ලීමද විනිසුරු මඩුල්ල ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළේය.මෙම නඩුව ලබන දෙසැම්බර් මස 03 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල රිමාන්ඞ් බාරයට පත් කොට සිටින විත්තිකරු එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.පැමිණිල්ල වෙනුවෙන් ජේෂ්ඨ රජයේ නීතීඥ නදී සුවඳුරුගොඩ, ශක්ති ජාගොඩආරච්චි, තිවංක ආටිගල, ප‍්‍රභාත් දිසානායක යන මහත්ම මහත්මීන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.   
නිශ්ශංක සේනාධිපතිගේ ඇප අයැදුම ප‍්‍රතික්ෂේප වෙයි
1
hp_train_7858
(මැදිරිගිරිය චාපා මධුභාෂිණි සහ පොලොන්නරුව ක.ග කරුණාරත්න)එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්  මේරට ගොඩ නගන්න බැරි බව පැහැදිලියි. ඒ නිසාම මේ රටේ නව දේශපාලන පරිවර්තනයක් කරන්න පුළුවන්. අද රට කඩාවැටීම නව ගමනකට හොඳ පෙරනිමිත්තක් බැවින් පුළුල් වැඩ පිළිවෙලකට අවතීර්ණ වී බලය අත්පත් කර ගන්න අපි සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පොලොන්නරුවේදී පෙරේදා (19) පැවැසීය.  දිසානායක මහතා මේ අදහස් පළකළේ පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවැති දිරිය පුරවැසි සමිති දිසා සමුළුවට එක් වෙමිනි.ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජනතා විමුක්ති පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් ටී.බී. සරත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ප්‍රියන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.මහා පරිමාණ වංචා දූෂණ ගැන කතා කරනවා. පිටුපස තියෙන ඇත්ත දේශපාලනය මොකක්ද රටේ සිදුවන්නේ අපේ රට කවර අනතුරකද තියෙන්නේ. මේ අනතුරෙන් මුදාගන්න මොකක්ද කරන් ඕනෑ කියලා අවශ්‍ය ප්‍රමාණයට සංකච්ඡා වෙමින් තියෙනවා. ටෙලි නාට්‍යයක දිනපතා විකාශය වෙන කොටසක් වගේ අපේ රටේ ජනතාවට දේශපාලනය දර්ශනය වෙනවා. විසඳුමක් සොයාගත හැක්කේ අප මුහුණ දී සිටින ගැටලු ගැන හොඳ අවබෝධයක් ගත්තොත් විතරයි. ජනවාරි අට වෙනිදා මේ ආණ්ඩුව බලයට පත් කරන්න කටයුතු කළ ජනතාවගෙන් බහුතරයක් මෙන්ම සාමාන්‍ය පුරවැසියන් සාකච්ඡා කරන්නේ මේ ආණ්ඩුව වට්ටන්න ඕන බවයි.ජනතාවට සාධාරණයක් ඇති කර දෙන්න බැරි වේච්ච ආණ්ඩුවක් අධ්‍යාපනය මුදලට පමණක් දෙන්න හදන ආණ්ඩුවක, අපේ රටේ ස්‍යෙඛ්‍ය සේවා පවත්වා ගෙන යන්න බැරි ආණ්ඩුවක් වංචාව දූෂණය නාස්තිය ගහණ වෙච්ච ආණ්ඩුවක් හොරු අපරාධකාරයෝ රකින ආණ්ඩුවක් රටේ දේපළ විකුණමින් යන ආණ්ඩුවක් වට්ටන්න ඕනෑ. මේක වට්ටන්න කවුරුත් එකඟයි.මෛත්‍රී - රනිල් ආණ්ඩුව මේ රට හදයි කියා ඔබ හිතනවාද? මේ ආණ්ඩුව අපේ රට හදයි කියලා කවුරුවත් කියන එකක් නැහැ. එළහරකයි මී හරකයි නඟුලේ බැඳලා හානවා වගේ ලංකා ඉතිහාසයේ හැදුණු දුබලතම මේ ආණ්ඩුව වට්ටන්න පුලුවනි. ලංකාවේ පළමුවැනි වතාවට ආණ්ඩුව ඇතුළේම ඇමැතිවරයකුට විශ්වාසභංගයක් ගැන කතා වෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති කියවෙන තැන තමයි ඇමති මණ්ඩල තීරණ දැනුම් දෙන සාකච්ඡාව. ඒක අද විසුළු ජන අවස්ථාවක් බවට පත් වෙලා. හරියට විනෝද සමය වගෙයි.එකකට එකක් සම්බනධ නැහැ. පෑහෙන්නේ නැහැ. මේක වට්ටලා මොනවගේ ආණ්ඩුවක්ද හදන්නේ මොන ප්‍රතිපත්තියද ගේන්නේ. වසර හැත්තෑවක් ජනතාව ආණ්ඩු හැදුවා. කැඩුවා. මොන වගේ ආණ්ඩුවක්ද ඕනෑ කියන එක දැන් අපි අතේ තියෙන ප්‍රශ්නයයි. රටක ස්ථාවර භාවය රඳාපවතින්නේ ආර්ථික තත්ත්වය මතයි. රටක වැදගත්ම සාධකය ආර්ථිකයයි. අපි කොච්චර ණයද කියලා දන්නේ නැහැ කියලා මේ රටේ අගමැතිවරයා කියනවා. ආසන්න වශයෙන් බිලියන දසදහස් පන්සියයක් ණයයි කියා එතුමා කිව්වා. මේ ණයවලට මොකද කළේ කියා මේ පාලකයන් කියන්න ඕනෑ. අසූපහෙන් පස්සෙ මේ පාලනය කරලා  ජීවතුන් අතර ඉන්න පාලකයෝ චන්ද්‍රිකා, මහින්ද, රනිල්, මෛත්‍රී මේ අයට අභියෝගයක් කරනවා. මේ ණය තියෙන්නේ කොහේද කියා පෙන්වා දීපල්ලා.හම්බන්තොට වරායට ගියේ කෝටි දහතුන් දහසයි. මත්තලට කෝටි තුන් දාස් පන්සීයයි.අධිවේගී මාර්ගයට, නොරොච්චෝලේ බලාගාරයට ගිය මේවා එකතුකලාම ණය අරගෙන තියෙන්නේ කෝටි හතලිස් දාහයි. අනිත්වා පෙන්නන්න මේ අයට බැහැ. ඒවා තමයි සජින් වාස්ගේ ගොඩ ගැහිලා තියෙන්නේ. මේ ණයවල සල්ලිවලින් තමයි මහා මන්දිර හැදුවේ. ගුවන් යානා තියාගෙන ඉන්නේ. මහින්ද රාජපක්ෂගේ කාලයේ.මල්වානේ ගෙවල්, මාතර මන්දිර, ඒව ගත්තෙත් කුඹුරු කොටලා නෙවෙයි. මේ ණයවලිනුයි. ශීරන්තිට, යෝෂිතට රටපුර ඉඩම් විසිගණනක් ගන්න සල්ලි ලැබුණේ මේ ණයවලින් තමයි. රවි ට ලක්ෂ දාහතර හමාරක් දීලා කුලියට ඉන්න ලැබුණේ මේ ණයවලින්. ලක්ෂ 1650ක් දීලා ගෙයක් ගත්තෙ මේ ණයවලින්. මේ ණය ඒ ඒ අයගේ ගෙවල්වල ගොඩගැහිලා තියෙනවා.අපේ රටත් නූපන් දරු පරම්පරාවත් මහා ණය උගුලක හිර කරළා. ගෙවල්වල එක් රැස් කරගත්තා. මේ ණය අර්බුදය සරල නැහැ. රවි කරුණානායක පොතක් ගහලා තියෙනවා. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. එහි තියෙනවා. ලංකාවේ 2009 ඉඳන් අවුරුදු තුනක් භාණ්ඩාගාරයට ලැබුණු මුළු මුදල් ප්‍රමාණය ඒ වසරේ ණය පොලී වාරිකය ගෙවන්න මදි. 2009 රජයේ ආදායම බිලියන 700 යි. ණය පොලී වාරිකය බිලියන 826 යි. දිගටම එහෙමයි. අනෙක් වසරවල හොඳ නැහැ. චුට්ටක් ඉතුරු වුනා.මේ පාලකයෝ රට හිඟන බංකොලොත් රටක් බවට පත් කළා.ඩොලරයේ අගය රුපියල් 155 දක්වා ඉහළ ගියා.  අපනයන ආදායම 200 ඉඳලා මේ වෙනකොට හරි අඩකින් කඩා වැටිලා. පාලකයා කරන්න ඕනෑ ණය කන්දක් ගොඩගහන එකද? අපනයනය කඩා වට්ටන එකද? පොළොව ඉඹගත්තාට, සාටකයක් දා ගත්තාට දේශප්‍රේමීන් කියලා පපුවට ගහ ගත්තාට පාලකයෙක් වෙන්නේ නැහැ. මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කළොත් පාලකයෙක් වෙනවා. රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රීලා මොකද කරලා තියෙන්නේ. රට ආර්ථික  වශයෙන් ප්‍රපාතයකට ඇද දැමීමයි. ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමයි.පාසලෙන් දෙන අධ්‍යාපනය කෙරෙහි විශ්වාසය බිඳවැටිලා. අද පළවෙනි පන්තියේ සිට දරුවා පන්ති යනවා.පාසලේ අධ්‍යාපනය අද කඩාවැටිලා ඉවරයි. රටේ ඉස්කෝල 10052ක් තියෙනවා. ළමයින් පනහට වඩා අඩු ඉස්කෝල 1452ක් තියෙනවා. පාසල්වලින් සියයට 14 ක් ළමයි පනහට වඩා අඩුයි. ළමයි සීයට වඩා අඩු ඉස්කෝල තුන් දාහක් තියෙනවා. නිවාසාන්තර තරගයක් තියන්න බැහැ.   පාසල් 5139 ක හරි අඩකින් ළමයි 200 වඩා අඩුයි. ළමයින්ට ගමේ පාසල ගැන විශ්වාසය බිඳවැටිලා. ගුරුවරු එක්කෙනා ඉන්න පාසල් 27 යි.දෙන්නා ඉන්න ඒවා 108 යි.  පාසල් 3148 ක් ගුරුවරු ඉන්නේ නව දෙනාට අඩුවෙන්. පන්තියේ ළමයි හයයි හතයි. මේවා ඉස්කෝලද?අපේ රටේ වාහනවලට ප්‍රමිතියක් තියෙනවාද. ඔක්කොම තියෙන්නේ පංචිකාවත්තේ කඩන්න ඕන වාහනයි. ලොරියක හරක්  පටවාගෙන යන්න ප්‍රමිතියක් තියෙනවා. හැබැයි දරුවෝ පටවන්න නීතියක් තියෙනවාද? අද අධ්‍යාපනය තීරණය වන්නේ සල්ලි මතයි. සල්ලි නැතිව අද ඉගෙන ගන්න බැහැ. මේක ඛේදවාචකයක් නෙවෙයිද? මව්පියන්ට මෙන්ම දරුවන්ට බරක් වෙලා.  අද දරුවන්ට කරන්නේ මහ අපරාධයක්. ලෝකේ මෙහෙම තියෙන්නේ කොහෙද? මේ මහන්සි වෙන හැටියට අසූවෙන් මැරිලා යන්න බැහැ. තුන්සීයක්වත් ඉන්න ඕනෑ.අපි හදමු ආණ්ඩුවක්. දරුවෝ දරුවෝ ලෙස හදන රටක් හදමු. මස් ලේ විතරක් නොවෙයි. හදවතක් තියෙන දරුවෝ හදමු.අද පාලකයන්ට හදවතක් තියෙන දරුවෝ ලජ්ජාවක්, බයක් තියෙන මිනිස්සු ඕනැ නැහැ.  පරීක්ෂණයකට සීඅයිඩීයට ගෙන්වන කොට  ජාතියේ මව කියලා කෑගහනවා. මම හොයන්නේ මොන ජාතියේද කියලයි. මේ අයට ඕන වහල්ලු වගේ මිනිස්සුයි. හිතන පතන අය නොවෙයි.සෞඛ්‍යයටත් මහ ඛේදවාචයක් කරලා. අලුත් වාර්තාව අනුව දවසකට හෘදයාබාධවලින් 26 ක් මිය යනවා. පිළිකාවෙන් 13 දෙනෙක් මිය යනවා. 2016 හඳුනා ගත් වකුගඩු රෝගීන්ගෙන් 300 මැරිලා. දවසකට වකුගඩු රෝගීන් නව දෙනෙක් හමුවෙනවා. මේ ජාතිය සුවපත්ද? ආහාර ප්‍රමිතිය ගැන හොයනවාද? ඒ නිසා ලෙඩ රාශියක් නිර්මාණය කරලා.  කොරියාව, වියට්නාමය  7 ක් වෙන් කරනවා. තායිලත්නය අටයි දශම පහයි විදියට රටවල්  වෙන් කරද්දී අපේ රටේ වෙන් කරන්නේ එකයි දශම එකයි.මේ කර තියෙන විනාශය නිසා මේ පාලකයන් පලවා හරින්න ඕනැමයි. මේ පාලකයන් ඔබ විශ්වාස කරනවාද? ඔවුන්ට මේ රට ගොඩ ගන්න පුළුවන් කියා හිතනවාද?මේ ආණ්ඩුව කළේ මොකක්ද දැක්කොත් විකුණනවා. කරලා තියෙන්නේ විකිණීම විතරයි. වෙන කිසිම ප්‍රතිපත්තියක් කරගෙන යන්න මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. දැන් මේ පාලනය වෙනස් කිරීමේ දිසාවකට රට ගෙන යන්න ඕනෑ. අතිශය වැදගත් දේශපාලන තීරණයක් අරගෙන අපි ආණ්ඩුවක් හදමු. ජනතා විමුක්ති පෙරමුණේ අපි ජනතාවට ලැබෙන දෙයකට වඩා වැඩි දෙයක් නොලැබෙන බවට සහතික වෙනවා. එහෙම පාලනයක් හදන්න පුලුවන් වෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයා ශ්‍රී ලංකා නිදහස් පාකෂිකයා වෙනස් වුණොත් විතරයි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ අරමුණ හොඳයි. වැරදි කරපන්, නාස්ති කරපන්, හොරු අල්ලන්න එපා කියලා, පරිසරය විනාශ කරපන් කියා, අපේ රටේ දේපළ විකුණපන් කියා,  කතිරේ ගහනවාද?නැහැ. ඔවුන්ගේ අරමුණ යහපත්, හොඳයි. එක්සත් ජාතික පකෂයට කතිරේ ගහන පාක්ෂිකයාගේ හොරකම් කරපන්, දේපළ විකුණපන්, නීතිය කඩපන්, අපරාධ වැඩි කරපන්, ආරථිකය වට්ටපන් කියලා කතිරේ ගහනනේ නැහැ. ඒ අය කතිරේ ගහන්නේ රට හදපන් කියලයි. ඒ නිසා මේ දෙගොල්ලන්ගේම අරමුණු හොඳයි. හැබැයි නායකයන්ගේ අරමුණු ගැන විශ්වාසයක් නැහැ. මේ පාක්ෂිකයා කතිරේ ගහන්නේ රටට සෙතක්, ශාන්තියක් පතලයි. හැබැයි කතිරේ අරන් බලයට එන පාලකයා තමයි මේ විනාශය කරන්නේ.  තමන් අපේක්ෂා කරන අරමුණ මේ අය ඉස්ට කරලා නැහැ. ඒ නිසා අපි කියන්නේ ඔබේ අරමුණ ඉටුකරන එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවයි. එය ඉටුකරන්න අපි සූදානම්.අපි සියලු දෙනා මුහුණ දීලා තියෙන්නේ එකම ප්‍රශ්නයට.  ඒ නිසා පොදු ජනතාව හැටියට අපි සියලු දෙනා එකතුවී මේ ප්‍රශ්නයෙන් මිදෙන්න මුහුණ දෙමු. තනි තනියෙන් සටන කරලා දිනන්න බැහැ. අපි සියලු දෙනා සමගි වී පක්ෂ සියල්ල එක තැනකට ගොනු කර 2020 ආණ්ඩු පෙරළියේදී අපි ලෑස්තියි බලය ගන්න කියා හොඳ වැඩ පිළිවෙළක් හදන්න ඕනෑ.  පළාත් පාලන ඡන්දය මේ වසර අග හෝ ලබන වසර මුල එනවා. කොට්ඨාස මත පදනම්වූ ඡන්ද ක්‍රමයක් එනවා. එය හොඳයි. එය ගම්මට්ටමින් උපයෝගී කරගෙන වසර එක හමාරක කාලය තුළ ජනතා පෙරමුණක් ගොනු කර රට ගොඩනගන වැඩ පිළිවෙළ ක්‍රියාවට නංවමු.බලය ගන්න හැටි බලය හසුරුවන අය  බලය ක්‍රියාවට නංවන හැටි කියාදී  මුලු රටේ සියලු බලවේග එකට එකතු කරන මධ්‍යස්ථානයක් ගොඩනගන්න ඕනෑ. බලය ගන්න සූදානම් කියන පනිවුඩයත් එක්ක 2020 මැතිවරණයට අපි සූදානම් වෙන්න ඕනෑ.මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ කීය.දැන් මොකද වෙන්නේ කියලා හැම කෙනෙක්ම අහනවා. මෙතන ඉන්න හැම කෙනෙක්ගේම ප්‍රශ්නයත් ඕකම වෙන්න ඇති කියලා මම හිතනවා. මේ මොකද වෙන්න යන්නේ කියන ඒ ප්‍රශ්නය ඇතුළේ ප්‍රශ්න සීයක් තියෙනවා. බඩු මිලට මොකද වෙන්නේ රටේ  අර්බුදයට මොකද වෙන්නේ. වරායට මොකද වෙන්නේ. සයිටම් එකට මොකද වෙන්නේ. උමා ඔයට මොකද වෙන්නේ. ගොවීන්ගේ ප්‍රශ්නවලට මොකද වෙන්නේ. වගා වන්දිවලට මොකද වෙන්නේ. සමෘද්ධියට මොකද වෙන්නේ. උපාධිධාරීන්ට මොකද වෙන්නේ. හොරුන්ට මොකද වෙන්නේ.  ආණ්ඩුවට මොකද වෙන්නේ. ව්‍යවස්ථාවට, ඡන්දයට මොකද වෙන්නේ.  මේ ආදී ප්‍රශ්න ගොඩක එකතුවක් ගැනයි ජනතාව අහන්නේ. ඇයි ජනතාවට එහෙම අහන්න සිද්ධ වුණේ. ඒකට එක හේතුවක් තියෙනවා. මේ රටේ ජනතාවගෙන් බහුතරයක් දෙනා මේ පවතින හවුල් ආණ්ඩුවට මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ යහපාලනය යැයි කියා ගන්නා ආණ්ඩුවට ජන වරම දෙනකොට බලාපොරොත්තු වූ ගොඩාක් දේවල් තියෙනවා. ඒ ගොඩක් දේවල් අද බිඳ වැටෙමින් තිබෙනවා.ඒ බොහෝ දේවල් අද මේ ආණ්ඩුවට ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ පොරොන්දු වූ දේවල් ඉෂ්ට කරන්නේ මොන ආණ්ඩුවෙන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අද මේ රටේ ජනතාව නව දේශපාලන නායකත්වයක් නව බලාපොරොත්තුවක් දෑස් දල්වමින් ඉන්නවා. මේ රටේ ජනතාවට සැබෑ නායකත්වයක් අවශ්‍ය වෙලා තියෙනවා. යහපාලන ආණ්ඩුවෙන් හොරුන්ට දඬුවම් දෙයි කියලා ජනතාව බලාපොරොත්තු වුණා. මේ ඔබේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයා ලෙස කියා සිටියේ ගුවන් තොටුපළ වහලා හරි හොරු අල්ලනවා කීවා. ගුවන් තොටුපල තාම ඇරලයි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි හොරුන්ගේ හොරකම් හොයන්න ඊට ජනතාවට පැමිණිලි කරන්න තිබුණු ආයතනය වූ දූෂණ මර්දන ලේකම් කාර්යාලය වසා දැම්මා. ඇයි අද අජිත් පී. පෙරේරාට ආණ්ඩුවේ ඇමැතිවරුන්ට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ ආණ්ඩුව හොරු ඇල්ලුවෙත් නෑ අල්ලන්නත් බෑ හොරු ඇල්ලුවෙත් නෑ කියලා. ආණ්ඩුවේ ඇමැතිවරුම කියනවා අපිට හොරු අල්ලන්නත් බෑ හොරු ඇල්ලුවෙත් නෑ හොරු අල්ලන්නෙත් නෑ කියලා. හේතුව වෙන කිසිවක්ම නෙවෙයි අද මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න හොරුන්ගෙන් භාගයක්ම පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ සිටිය හොරු ටික. ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව රාජපක්ෂ පාලන සමයේ හොරකම් කළ රාජපක්ෂ එක්කත් ඉන්න හොරු සමග ගනුදෙනු කරනවා. හොරු අල්ලනවැයි කියන ගමන් ආණ්ඩුවේම ඇමතිවරු ඩිලාන් පෙරේරලා අනෙක් පැත්තෙන් කියන්නේ මොකක්ද? හොරු අල්ලනවා කියන ගමන්ම ආණ්ඩුව හොරුන්ට ආරාධනා කරලා අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියනවා. එහෙම වෙලා තියෙන්නේ හොරු රකින නිසයි.රාජපක්ෂ ආණ්ඩුවේ ඉඳලා මේ ආණ්ඩුවට හැංගුණ හොරු ඉන්නවා. රාජපක්ෂ ආණ්ඩු කාලේ හොරකම් කරලා මේ ආණ්ඩුවට පගාව දීලා හැංගුණ හොරුත් මේ අතර ඉන්නවා. ඒ නිසා මේ ආණ්ඩුව හොරු අල්ලන්නේ නෑ.ආණ්ඩුවට හොරු අල්ලන්න බෑ. ඒ නිසා තමයි රවී කරුණානායකට අද එක බිල්ලක් බවට පත්වෙන්න වෙලා තියෙන්නෙ. ආණ්ඩුව හොරුන්ගෙන් පත් කරලා හොරුන්ගේ ආණ්ඩුවක් හදලා හොරකම් නතර කරන එක ගැන බලාපොරොත්තු වෙන්න එපා කියලා මම කියනවා. ඒ වෙනුවට ආණ්ඩුව හොරු නැති ආණ්ඩුවක් හදන්න ඕනේ. කොහොමද හොරු නැති ආණ්ඩුවක් හදන්නේ? ජනතාව හිතේ අමාරුවට ආණ්ඩුවට බනිනවා. ආණ්ඩුවට බැණ බැණ ඉඳලා හරියන්නේ නෑ. අවසානයේදී බනින උන්ටම ඡන්දෙ දෙන්න වෙන යථාර්ථයක් තියෙනවා. තමන්ගේ දරුවට රැකියාවක් ගන්න ඕනේ නිසා, සමෘද්ධිය හදා ගන්න උවමනා නිසා, පිං පඩිය හදා ගන්න ඕන නිසා, නිවාස ණයක් ගන්න ඕනෙ නිසා ඒ ජනතාව අසරණ වෙනවා.දැන් මේ ආණ්ඩුව මැතිවරණයක් ළන් වෙනකොට ජනතාව රවට්ටන ක්‍රියාදාමයක නිරත වෙනවා. ආණ්ඩුවට සල්ලි නෑ කියලා වරාය විකුණනවා. රාජ්‍ය දේපළ වෙන්දේසි කරනවා. එහෙම කරන ආණ්ඩුව හිටි හැටියේම බදු අඩු කරන්න පටන් අරන් තියෙනවා. බදු අඩු කරන එක හොඳයි හැබැයි මේ සූදානම් වෙන්නේ මොකටද?ජනතාවට ආදරයටද මෙහෙම කරන්නේ? නෑ එහෙනම් කලින් අඩු කරන්න තිබුණා. සමෘද්ධිය කපා හරින ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ පිං පඩියෙන් රුපියල් 100 හිඟා කන ආණ්ඩුව, පොහොර වන්දිය නොදෙන ආණ්ඩුව, වගාවන්දිය නොදෙන ආණ්ඩුව ජල හිඟයට උත්තර නොදෙන ආණ්ඩුව ඇයි මේ හදිසියේ වාහනවල ටැක්ස් එක අඩු කරන්න හිතුවේ? ඡන්දය ළඟ ළඟ එන බව දැනෙන නිසා මේ දේවල් කරනවා. ජනතාව ඉදිරියට යන්න වෙන නිසයි මෙහෙම කරන්නේ. රැවටෙන්න එපා කියලා අපි ඒ ජනතාවට කියා සිටිනවා.  අවු 70 ආසන්න කාලයක් රැවැට්ටුවා ඇති. මේ දේශපාලන සංස්කෘතිය පරාජයට පත් කළ  යුතුයි.
කොරෝනා මට්ටු නොකර ආණ්ඩුව තුනෙන් දෙක විතරක් හොයනවා
0
hp_train_7859
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 986 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 418 ක් වේ.මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 559 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
කොරෝනා ආසාදිතයින් 986 දක්වා ඉහළට
1
hp_train_7860
(නිමල කොඩිතුවක්කු)ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ වත්මන් රජය ප‍්‍ර‍්‍රජාතන්ත‍්‍රවාදීව තිබූ රට සැලසුම් සහගතව මිලිටරිකරණයට ලක්කරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද (26) පැවසීය.මහපාරේ රථවාහන හැසිරවීමේ සිට සියලූ සැලසුම් හා තීන්දු තීරණ ගැනීම දක්වා හමුදාව යොදාගැනීමට වත්මන් රජය පියවර ගෙන ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.භීතියට පත්වූ රටක් වෙනුවට නිදහසේ ජිවත්විය හැකි රටක් වෙනුවෙන් සමගි ජනබලවේගය වටා එක්වැන්නනැයි රටේ සමස්ත ජනතාවට ආරාධනා කර සිටින බවද කොළඹ, මාර්ක්ස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  අබේසිංහ මහතා පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා මෙසේද කීය.‘‘දැන් මේ රජය බලයට පත්වෙලා දින 100ක්  ගතවෙලා තියෙනවා.  මේ රජය පත්කරන්න කැපවු අයගේ අපේක්ෂා භංගත්වයට මේ කාළය තුළ දිනෙන් දින වැඩිවෙමින්  තියෙනවා.2015 ජනවාරි 8 වනදා අපේ ජනාධිපති අපේක්ෂකයා ජයග‍්‍රහණය කරලා අපි දින 100 ආණ්ඩුව එදා හැදුවා.  දින 100 ආණ්ඩුව යටතේ අපි ඉන්ධන මිල අඩු කළා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකළා, ජනතාවට සහන දුන්නා.  19 වන සංශෝධනය ඉදිරිපත් කර ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තහවුරු කරන්න ඒ කෙටි කාළය තුළ අපිට හැකිවුණා.මේ සියල්ල සිදුකලේ අපි මන්ත‍්‍රීධුර 42ක් තියාගෙනයි. මන්ත‍්‍රීවරු  95ක් ඉන්න මේ රජය දැන් ප‍්‍රකාශ කරනවා  අපිට තියෙන්නේ සුලූතර රජයක් ජනතාවට  සහන දෙන්න විදියක් නැතිලූ. දැන් මේ පත්වෙලා ඉන්න ආණ්ඩුව රටේ ජනතාවට සහන දෙන්න තුනෙන් දෙකකක් ඉල්ලා සිටිනවා.දැන් අගමැතිතුමා එතුමන්ගේ පිරිවර සමඟ ඉන්දියාවට ගිහින් ණය විරාමයක්  ඉල්ලා සිටියා.  මෙවැනි තත්වයට අද මේ ආණ්ඩුව අපේ රට පත්කරලා තියෙනවා.  මේ දින 100 තුළ අපේ රට යළිත් ජාත්‍යන්තරයේ හෑල්ලූවට ලක්කරලා තියෙනවා.දැන් මේ දින 100 තුළ රට  සීඝ‍්‍රයෙන් මිලිටරීකරණයට ලක්වෙමින් පවතිනවා.  රටේ ජනාධිපති, ආරක්ෂක ලේකම්, වරාය සභාපති, රේගු අධ්‍යක්ෂ ජනරාල් ආදි රටේ  ඉහලම තනතුරු අද දරන්නේ විශ‍්‍රාමික හමුදා නිලධාරින්.  ඒ වගේම  බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසත් හිටපු හමුදා නිලධාරියෙක් පත්කරන්න යනවා කියලා  අපිට දැනගන්න ලැබිලා තියෙනවා.ඒ වගේම  මාර්ගයේ රථවාහන හසුරවන පොලිසිය වෙනුවටත් දැන් හමුදාව යොදවමින් සිටිනවා.  ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා අපි  ගෙන ගිය රට අද වනවිට සීඝ‍්‍රයෙන් මිල්ටරීකරනය කරමින් යනවා.264000 ක් වන විදුල්පතිවරුන් සහ ගුරුවරුන් අද පාසල් එන්නේ නැතුව වර්ජනයක නිරත වෙනවා.  2015 අපේ රජය යටතේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කරන්න අපි තීන්දුවක් ගත්තා. ගුරු සේවය සංවෘත සේවයක් කිරිමටත් අපි  සාකච්ඡා කළා. යම් යම් තින්දු අරන් ඒවා ක‍්‍රියාත්මක වනතුරු  එතෙක් ඔවුන්ට රුපියල්  3000ක අන්තර්කාලින දීමනාවක් ලබාදිමට අපි තීන්දුවක් ගත්තා.අද එම දීමනාවත් කප්පාදු කරලා තියෙනවා. මේ හේතුවෙන් අද පාසල් පද්ධතියම අකර්මණ්‍ය වී තිබෙනවා.  රාජ්‍ය සේවකයන්ගේ  විශ‍්‍රාමිකයන්ගේ ඡුන්දයෙන් බලයට ඇවිත් මේ ආණ්ඩුව අද ඔවුන්ගේ  වැටුප් දිමනා සියල්ලක්ම කප්පාදු කරලා තියෙනවා. අනිත් පැත්තෙන් රණවිරුවන් වෙනුවෙන් හඩා වැටුනා. අද ආබාධිත රණවිරුවන් යලිත් මහපාරට වැටිලා තියෙනවා.මේ රජය රණවිරුවන් මහාසංඝරත්නය පිළිබඳ කිඹුල් කදුලූ හෙලූවා කියලා අද 69 ලක්ෂය වගේම මුලූ රටටම තේරුම් ගිහින් තියෙනවා. බලාපොරොත්තු වූ වෙනස සිදු වෙලා නැහැ කියලා පිටරට ඉඳලා වෙනසක් බලාපොරොත්තුවෙන් ලංකාවට ඇවිත් ඡන්දෙ දීපු පිරිසටත් අද තේරුම් ගිහින් තියෙනවා.  නැවත මේ රට  භාර දුන්නේ පරන හොරු රැළටම කියලා මේ ආණ්ඩුවට ඡන්දය දීපු පුද්ලගලයන්ට දැන් හැඟී ගොස් තිබෙනවා. දැන් මේ ආණ්ඩුවට ඡන්දය දීපු ලක්ෂ 69 ට ජනතාවට මුහුණ දෙන්න විදියක් නැතුව සිටිනවා.මේ රජය දැන්  දිනෙන් දින ජනතා අප‍්‍රසාදයට පත්වෙමින් තිබෙනවා. බොරු පොරොන්දු දි බලයට පත්වූ මේ ආණ්ඩුව  එලැබෙන මහමැතිවරණයේදී  පරාජය කරන්න සමගි ජනබලවේගය සමග පෙරට එන්න කියලා මේ රටේ සියලූම ජනතාවට අපි ආරාධනා කරනවා’’යැයිද ඔහු එහිදී පැවැසීය.
‘ප්‍රජාතන්ත්‍රවාදීව තිබූ රට මිලිටරිකරණය ලක්වෙමින් තිබෙනවා’
1
hp_train_7861
(ඩයනා උදයංගනී)කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ 1,077 ‍දෙනකු අද (29) දිනයේ හඳුනාගෙන ඇත.ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 106,030ක් දක්වා ඉහළගොස් තිබේ.රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පූර්ණ සුවය ලැබූ 362 දෙනෙකු අද (298) දිනයේ සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 95,445කි. 
කොරෝනා ආසාදිතයෝ මේ වන විට 1077ක්
1
hp_train_7862
(ජේ.ඒ.ඒල්. ජයසිංහ,  සිසිර කුමාර සහ විශේෂ චමල් රූපසිංහ)යටත් විජිත වාදයට එරෙහිව මෙරට ජනතාව ගෙනගිය නිදහස් දේශපේ‍්‍රමී අරගලය, මහා පරිත්‍යාගය කිසි විටෙකත් අමතක කළ යුතු නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහනුවර දී පෙරේදා (01) ප‍්‍රකාශ කළේය.මේරට දෙකඩ කර ඊලාම් රාජ්‍යයක් හැදීම සඳහා ම්ලේච්ඡු එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් ගෙන ගිය යුද්ධයට මුහුණ දී සිය ජීවිත අහිමි වූ, දරු පවුල් අහිමි වූ රණවිරුවන් සියලූ දෙනාද සිහිපත් කළ යුතු යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කරන ලද අසූ දෙදෙනකු සැබෑ දේශපේ‍්‍රමීන් ලෙස යළි වීරත්වයට පත් කිරීමේ නිල ගැසට් නිවේදනයට අස්සන් කිරීම නිමිත්තෙන් ඓතිහාසික මහනුවර, මඟුල්මඩුවේදී පැවැති උත්තමාභිවන්දනා ජාතික මහෝත්සවය අමතමිනි. එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.මේ අවස්ථාව ඔබ අප සියලූ දෙනාට මෙන්ම ලක්වැසි සියලූ දෙනාටත් විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවටත් ඉතා වැදගත් ඓතිහාසික අවස්ථාවක්. ඊට හේතුව ඔබ කවුරුත් දන්නා පරිදි 1818 දී ඉංග‍්‍රීසි පාලකයන් විසින් ඔවුන්ට විරුද්ධව සටන් කළ අපේ රණකාමීන්, විරුවන්, දේශපේ‍්‍රමීන්, දේශමාමකයන්, ජාති හිතෛෂීන් ඇතුළු ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයන්ගේ ජීවිත අහිමි කළා. තවත් පැත්තකින් ඔවුන්ගේ දේපළ ඉංග‍්‍රී‍්‍රීසි පාලනයට පවරා ගත්තා. තවත් පිරිසක් අපේ මාතෘ භූමියෙන් පිටුවහල් කළා. එම ඉතිහාසයේ ඉංශ‍්‍රීසි පාලකයන් සිදුකළ ශෝකජනක සහ ඛේදජනක සිදුවීම   අප විසින් නිවැරැදි කළා. ඒ සියලූ දෙනා දේශපේ‍්‍රමීන්, රණවිරුවන්, ශ‍්‍රී ලංකා මාතෘභූමියේ ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයන් ලෙස අප රජය අද ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කළා. අද දවස ඉංග‍්‍රී‍්‍රීසි පාලකයන් විසින් එදා ජාතිද්‍රෝහීන්, රාජ්‍යද්‍රෝහීන් ලෙස නම් කරන ලද ගැසට් පත‍්‍රය අහෝසි කරන අවලංගු කරන දිනයයි. ඒ නිසා අද දිනය ශ‍්‍රී ලාංකිකයන්ට, සිංහල බෞද්ධයන්ට රටේ ඉතිහාසයේ වැදගත් උතුම් ඓතිහාසික දිනයක් ලෙස මා විශ්වාස කරනවා. වසර 1948 දී බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීමෙන් පසු මේ වරද නිවැරැුදි කිරීමට, වරින් වර ඇති වූ අදහස් සැලකිල්ලට ගනිමින් මීට පෙර කළ යුතුව තිබූ කාර්යයක් පසුගිය නොවැම්බර් මාසයේ කිරීමට හැකිවුණා. මීට පෙරාතුව කළ යුතු කාර්යයන් ප‍්‍රමාද වී හෝ සිදුකිරීම පිළිබඳව මේ රටේ මහා සංඝරත්නය ඇතුළු සියලූ රටවැසියන්, සිංහල බෞද්ධ ජනතාව ඉමහත් ලෙස සතුටු වෙන අවස්ථාවක් බව පැවසිය යුතුයි. අපට වසර දහස් ගණනක ශ්‍රේෂ්ඨ විශිෂ්ට ඉතිහාසයක් තිබෙනවා. අපේ රටේ මීට වසර පන්දහසකට පෙරාතුව කර්මාන්ත තිබූ බව, යකඩ තිබූ බව අපේ ඉතිහාසඥයන් සොයාගෙන තිබෙනවා. එදා මෙදා කාලය තුළ ශී‍්‍ර ලාංකිකයා, සිංහල බෞද්ධ ජනයා ඉතිහාසයේ ගමන් මග සමග ගොඩනැගුණ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ නොයෙක් විශිෂ්ට ජයග‍්‍රහණ ලබා තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී යම් යම් තාවකාලික පසුබැසීම් වලට ලක්වී තිබෙනවා. 1505 සිට 1948 දක්වා වසර හාරසිය ගණනක් රට නිදහස් කර ගැනීම සදහා දේශපේ‍්‍රමී ජනතාව ගෙන ගිය ජාතික නිදහස් අරගලය වෙනුවෙන් දිවි පිදු පිරිස මෙතෙකැයි කියා කිව නොහැකියි. රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව ජාතික නිදහස් අරගලය වෙනුවෙන් අභිමානවත් ලෙස වීරත්වය පෙන්නූ අභීත හඬක් නැගූ වාරියපොළ ශ‍්‍රී සුමංගල හිමි ගුණසමරුව හෙටට (2)යෙදී තිබෙනවා. අප අමතක නොකළ යුතු ශ්‍රේෂ්ඨ බුද්ධ ශ‍්‍රාවකයාණන් වහන්සේ සිහිගන්වන දිනයක්. ඊට පෙරදින මේ උතුම් ඓතිහාසික කාර්යය සිදුකිරීමට හැකිවීම පිළිබඳව මා සතුටුවෙනවා. අපේ රට නිදහස් රටක් ලෙස, ස්වාධීන රටක් ලෙස යටත් විජිතවාදයට විරුද්ධව අපේ ජනතාව නිදහස් දේශපේ‍්‍රමී අරගල ගෙන ගියා. දිවි පිදීමෙන් පමණක් නොව දේපළ, වත්කම් සියල්ල අහිමි වූ ඉතිහාසයේ කළ මහා පරිත්‍යාග අප කිසිවිටකත් අමතක කළ යුතු නැහැ.  මෑත භාගයේ 1980 දශකයේ මුල් භාගයේ සිට 2009 දක්වා මේ රටේ පැවැති එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය මේ රට දෙකඩ කිරීමට, ඊලාම් රාජ්‍යයක් හැදීමට, වෙනම රාජ්‍යයක් හදන්න, ස්වාධීනත්වය අහිමිකර, භෞමික අඛණ්ඩතාවයට අභියෝග කරමින් ම්ලේච්ඡු ත‍්‍රස්තවාදීන් ගෙන ගිය ම්ලේච්ඡ අරගලය පරාජය කර අපේ රට නිදහස් සාමකාමී රටක් කළා. තිස් වසරක ම්ලේච්ඡු යුද්ධයට මුහුණ දී ජීවිත අහිමිවූ, දරුපවුල් අහිමි වූ, අතපය අහිමිවූ, අපේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක හමුදා සියලූ දෙනා සිහිපත් කළ යුතුයි. බෝම්බ පුපුරවා ගම්මාන විනාශ කළ අවස්ථාවල ලක්ෂයකට වඩා වැඩි පිරිසකගේ ජීවිත අහිමිවුණා. ඔවුන්ව සිහිපත් කරමින් ඔවුන් වෙත ජාතියේ ගෞරවය, අභිමානය පිරිනමනවා. අද දවස ඉතිහාසයේ එම අනභිභවනීය ලාංකික ජනතාවගේ, අපේ පුරවැසියන්ගේ ඉතිහාසයේ ලැබූ ජයග‍්‍රහණයක්. වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ හෙට දවස ආර්ථික සමෘද්ධිය ඇතිකර ගනිමින්  නිදහස්, ස්වාධින රටක් ලෙස ලෝකයේ තවත් රටකට දෙවැනි නොවන අයුරින් ශ්‍රේෂ්ඨ රටක් ලෙස ශ‍්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය කරා ගෙනයෑමට කටයුතු කළ  යුතුයි.  දේශපාලනඥයා ද, රාජ්‍ය නිලධාරීයා ද, විද්වතුන්, විවිධ ක්ෂේත‍්‍රවල බහුශ‍්‍රැතයන් සාමාන්‍ය පොදු ජනතාව, රාජ්‍ය නොවන ව්‍යාපාරික ක්ෂේත‍්‍ර පාසල් දරුවාගේ සිට ඒ වගකීම සහ යුතුකම ඉටුකිරීම අප සැම වෙත පැවරී තිබෙනවා. මහා සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ ඉතිහාසයේ ඔවුන් සිදුකළ මග පෙන්වීම අනුව යමින් හෙට දවස රට ගොඩනැගීම සහ ගොඩගැනීම  කළයුතුයි. ඒ සඳහා මෙවැනි ශ්‍රේෂ්ඨ කාර්යයකට සියලූ දෙනාට එක්වීමට, දායකවීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. එසේම මේ උතුම් කාර්යය සිදුකිරීම සඳහා  අද දින ගැසට් පත‍්‍රය නිකුත් කිරීමටත් අවශ්‍ය මග පෙන්වීම් සිදුකරමින් අවශ්‍ය සහාය ලබාදුන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට සහ කාර්යමණ්ඩලයට, ගයන්ත කරුණාතිලක මහතා ඇතු`එ කාර්යමණ්ඩලයට, කරුණාරත්න පරණවිතාන මැතිතුමාට සහ කාර්යමණ්ඩලයට ස්තුතිය පුද කරනවා. ලේඛන, ගැසට් සොයාදෙමින් අවශ්‍ය තොරතුරු ලබාදුන් විද්වතුන්ට ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. එසේම  ඓතිහාසික නිවැරැුදි කිරීම සඳහා එක්ව සිටින ඒ ශ්‍රේෂ්ඨ දේශපේ‍්‍රමීන්ගේ, රණවිරුවන්ගේ, ලංකා පුත‍්‍රයන්ගේ පවුල්වල ඥාතීන්ට ජාතියේ උත්තමාචාරය රජය ලෙස පිරිනමනවා. මීට සුළු මොහොතකට පෙර ඓතිහාසික මඟුල්මඬුවේදී එම ලියවිල්ල අත්සන් තැබීමත්, මල්වතු, අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ උපදෙස් අනුශාසනාවලට අනුව මා වෙත දන්වා සිටි කරුණු පිළිබඳ මා යමක් ප‍්‍රකාශ කළයුතු වෙනවා. උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම පසුගිය කාලවලදී අහෝසි කර තිබෙනවා. මල්වතු - අස්ගිරි මහා නායක හිමිවරුන්, ත්‍රෛනිකායක මහා නායක හිමිවරුන් ප‍්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයේ ඉල්ලීම වුණේ ගැමි පුනරුත්ථාපන කොමිසම  අහෝසි කිරීම තුළින් උඩරට මධ්‍යම ප‍්‍රදේශයන්හි සංවර්ධන පසුබෑමක් සහ ඇනහිටීමක් ඇතිවී තිබෙන බවයි. ඒ අනුව එම ආයතනය පිහිටුවීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස මා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කළා. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පසු එස්.බී. දිසානායක ඇමැතිවරයාගේ අමාත්‍යාංශය යටතේ ආයතනය පිහිටුවීමේ වැදගත්කම මා පෙන්වා දුන්නා. ඒ කටයුතු අපි ඉදිරි දිනවලදී විධිමත් කරමින් ඒ ආයතන තවදුරටත් කාර්යක්ෂම කිරීමත් ඉක්මන් කරන බවත් මා සඳහන් කරන්නට කැමැතියි. දළදා මාලිගය අසල භූමිවල අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය නිරවුල් කිරීමේ වැදගත්කම අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් අනුශාසනා කළා. මා මේ සම්බන්ධයෙන් එවැනි ප‍්‍රශ්නයක් දැනසිටියේ නැහැ. ඒ පිළිබඳ සොයා බලා ඒ ඉඩම් ඔප්පු නිරවුල් කර මේ පූණ්‍යභූමියට ඒවා පැවරිමට කටයුතු කරන බවද මා සඳහන් කිරීමට කැමතියි. බෝගම්බර බන්ධනාගාරය ස්ථාපිත කළ ස්ථානයේ සංවර්ධන කටයුතු හේතුවෙන් කන්ද උඩරට ඓතිහාසික පසුබිම් තොරතුරු, සංස්කෘතික තත්ත්වයන් සලකාබලා එම කටයුතු සිදුකරන ලෙස ඉල්ලීමක් කළා. මේ සම්බන්ධයෙන් අගමැතිතුමාට සහ ඇමැති මණ්ඩලයට දැනුම් දී ඒ පිළිබඳ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ඓතිහාසික කටයුතු වලදී මග පෙන්වීම් කළ මල්වතු, අස්ගිරි මහා නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නයටත් අමාත්‍යවරුන්ට කාර්යමණ්ඩලයටත්, රංග කලංසූරිය මහතාටත්, නිමල් බෝපගේ මහතාටත්, විද්වතුන් සියලූ දෙනාටත් ගෞරවනීය ස්තුතිය පුද කරනවා යැයිද  ජනාධිපතිවරයා කීවේය. මෙහිදී අනුශාසනාවක් කළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රාජකීය පණ්ඩිත සාහිත්‍ය චක‍්‍රවර්ති නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියෝ මෙසේ පැවසූහ.ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් අරගලයට නායකත්වය දෙමින් දෑ හිතකාමීව දේශපේ‍්‍රමීත්වයෙන් යුතුව රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්, තමන්ගේ දිවි පුදන්නට ඇත්තේ, විවිධ දඬුවම්වලට මුහුණ දෙන්නට ඇත්තේ ඉතිහාසයේ කෙදිනක හෝ ඒ නිදහස් කර නිදොස්කර හරින බවට තම සිත්හි තබාගෙන විය හැකියි.එකී උදාරතර කාර්යයකට දායක වූ ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු සැමටත් ප‍්‍රශංසා කළ යුතුව තිබෙනවා. 1815 මාර්තු මස 02 වන දින මෙම ස්ථානයේදීම තමයි අපේ රටේ ස්වාධීනත්වය, අපේ රටේ නිදහස සහ අපේ රටේ රාජ්‍යත්වය අවසන් වූයේ, පරාධීන ජාතියක් ලෙස අප එදා සිට කටයුතු කරන්නට වූවා. විදේශීය බලපෑම් සහ අනවබෝධය පෘතුගීසි සහ ලන්දේසි ආක‍්‍රමණයෙන් පසුව මේ කුඩා දිවයිනේ අපේ මහජනතාවට ඇති වූ විවිධ අභියෝග හේතුවෙන් රට අස්ථාවර වූ බව පැවසිය යුතුයි.හිරු නොබසින අධිරාජ්‍යයට විරුද්ධව අපේ රටේ ජනතාව ඒකාබද්ධව එදා සිදුකළ ඒ වටිනා අරගලය ඓතිහාසිකව යටපත් වී තිබෙනවා. ඒ නිසාම ඔවුනට දඬුවම් විඳින්නට සිදුවූවා. ඒවා එදා සිට රටේ ආර්ථිකයටත් සමාජයටත් සංස්කෘතියටත් බලපෑවා. රට වෙනුවෙන් ජීවිත පූජාවෙන් කටයුතු කළ අපේ විරුවන් ප‍්‍රමුඛ මොණරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් ඇතුළු විරුවන් තම ජීවිතය අහිමිකර ගත්තේ ශ්‍රී දළදා සමිඳුන් වැඩසිටින මේ පුණ්‍යභුමියේ දළදා සමිඳුන් වැඳ පුදාගෙනයි. එදා එම විරුවන් නැඟූ ප‍්‍රාර්ථනා සුසුමන් තවමත් මේ පූජනීය බිමේ වාතලයේ රැඳී තිබෙන්නට පුළුවන්.පුද්ගලයකුට ඉතිහාසය නිර්මාණය කරන්නට බැරිවුවත් ඉතිහාසය විසින් ඇතැම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කෙදිනක හෝ බිහි කරනු ඇති.අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.අපේ විරුවන් රැුසක් ඌව වෙල්ලස්ස ජනතාව සමග එදා පැවැති විමුක්ති අරගලය හේතුවෙන් දැඩි පීඩාවට ලක්වූවා.ඒ පීඩිත ජනතාවගේ ඉඩකඩම්, දේපළ රාශියක් එදා ඔවුන්ට අහිමි වූවා. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අග‍්‍රාමාත්‍යතුමා පසුකලෙක උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම පිහිටුවලා ජනතාවගේ අහිමි වී ගිය දේවල් හා දුක්ගැහැට පිළිබඳව සොයා බලා කටයුතු කළත් අවාසනාවකට වගේ ඒ උඩරට, ගැමි පුනරුත්ථාපන කොමිසම අහෝසි වූවා. එම කොමිසම වෙනුවට නැවත වරක් උඩරට සංවර්ධන අධිකාරිය ස්ථාපිත කරලා එදා අහිමි වූ සියල්ල යළි ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිනවා.ශ්‍රී දළදා මාලිගා ඓතිහාසික භූමිය අසල පිහිටි ඉපැරණි මඟුල් මඬුව දළදා මාලිගාවට පවරා දෙන මෙන් අපි ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිනවා.රටේ ඒකීයභාවය, ආරක්‍ෂාව, ආර්ථික නිදහස්භාවය  ආරක්‍ෂාකිරීම සඳහා ඔබතුමන් ප‍්‍රමුණ රජය පියවර ගන්නවා ඇතැයි අපි අපේක්‍ෂා කරනවා යැයිද කීහ.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ඓතිහාසින මහ මළුවේ ස්ථාපිත කර තිබෙන වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේගේ පිළිරුව අබියසට පැමිණ උන්වහන්සේගේ පිළිරුවට මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වීය.අනතුරුව එම පරිශ‍්‍රයේම වීර මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමන්ගේ හිස්කබල තැන්පත් කර තිබෙන ස්මාරකය අබියසට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී මල්කලඹක් තබා පුෂ්පෝපහාර දක්වා ගෞරව කළේය.තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නාහිිමියන්, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමි, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත‍්‍රපති නාරම්පනාවේ ආනන්ද හිමියන් ප‍්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, ලක්ෂ්මන් කිරිඇල්ල, විජයදාස රාජපක්‍ෂ, කරුණාරත්න පරණවිතාන, එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග ප‍්‍රදීප් දෑල, හිටපු අමාත්‍ය නන්දමිත‍්‍ර ඒකනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.කේ. පියදාස, මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස යන මහත්වරුද පළාත් සභාවේ අමාත්‍යවරුන්, මහනුවර ඓතිහාසික සිවු මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, 1818 ඓතිහාසික ඌව වෙල්ලස්ස අරගලයට උරදී ජීවිතය පූජා කළ විරුවන්ගේ ඥාති පරපුරේ සාමාජික සාමාජිකාවන්, ආදීවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ප‍්‍රමුඛ ආදිවාසී ජනතාව නියෝජනය කරමින් ආදිවාසී නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම උළෙලට සහභාගි වූහ. 
මහා සංඝරත්නයේ අනුශාසනා කිසිසේත් නොසලකා හරින්නේ නෑ
0
hp_train_7863
බලංගොඩ, පඹහින්න, පුවක්ගහවෙල ප්‍රදේශයේ කන්දක ආරම්භ වී ඇති නාය යෑමේ තත්ත්වය පිළිබඳ සොයාබැලීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ පරීක්ෂණ කණ්ඩායමක් මේ වන විට එම ස්ථානය කරා ළඟාවෙමින් සිටින බව එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවධානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ආර්.එම්.එස් බණ්ඩාර මහතා පැවසීය.මේ වන විට එම කන්දේ සිට බොරවතුර පහළ පිහිටි ඇළ මාර්ගයක් කරා ගලා ඒම ආරම්භ වී ඇතැයි කී අධ්‍යක්ෂවරයා ඒ අවට ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි  එහි පදිංචිකරුවන්ට දැනුම්දීමක් කරන බව ද සඳහන් කළේය.මෙම නායයෑම හේතුවෙන් බලංගොඩ බදුල්ල මාර්ගයේ බෙරගල, පුවක්ගහවෙල ප්‍රදේශයේ මාර්ගයට පස් කඳු  කඩාවැටීම සිදුවිය හැකි බැවින් එම මාර්ගයේ ගමන් කිරීමේදී විමසිලිමත් වන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බව ද අධ්‍යක්ෂවරයා සදහන් කළේය.මෙය මීට වසර හතකට පමණ පෙර එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ පුවක්ගහවෙල නාය යෑම නැවත සක්‍රීයවීමක් වීමක් නොවන බව කී අධ්‍යක්ෂවරයා ඊට ඉහළින් ඇති මුත්තෙට්ටුවේගම ප්‍රදේශයේ අලූතින් සක්‍රීය වූ නායයෑම් තත්ත්වයක් බව ද පැවසීය. 
පඹහින්නේ කන්දක් නායයයි : කඳු පාමුල පවුල් 60ක් ඉවත් වෙයි
0
hp_train_7864
(ඩයනා උදයංගනී)ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා පසුගිය දශක කිහිපයේදී සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා නොසලකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ කරන ලද ඇතැම් සංවර්ධන කටයුතු ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ලබා දී ඇති බවත්, එබැවින් සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (4) පැවැසීය.රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව සඳහා දැනට පවතින ඉතා පැරැණි පරිපාලන හා මුදල් රෙගුලාසි කඩිනම් සංශෝධනයකට ලක් කළ යුතු බව කී ජනාධිපතිවරයා ගෙවීගිය දශක කිහිපයේ එවැනි සංශෝධන කොතෙක් කර තිබුණත් මීට අවුරුදු සියයකට එහා තිබූ ඇතැම් ආඥා පනත්, වගන්ති සහ රෙගුලාසි තවමත් පැවැතීම සංවර්ධනයේ ඉදිරි ගමනට බාධාවක් බව ද සඳහන් කළේය.ජාතියේ අනාගතය ශක්තිමත් වන්නේ උගතුන් වැඩිවූ විට බැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා අදට ඔබින අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කරමින්, අධිතාක්ෂණික ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවන් සමඟ ඉදිරියට යා යුතු බව ද ජනාධිපතිවරයා කීවේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ කොළඹ, ගාලු මුවදොර පිටියේදී ඊයේ (4) පැවැති 70 වැනි ජාතික නිදහස් දින උළෙලේදී ජාතිය අමතමිනි.නිදහස සමඟ සතුටින් ජීවත්වීමට නම් සෞභාග්‍යය අත්‍යාවශ්‍ය බව කී ජනාධිපතිවරයා ජනතාවට ආර්ථික සමෘද්ධිය, සෞභාග්‍යය උදාකර දීම සඳහා සැම විටම වගකීමෙන් කටයුතු කළ යුතු බව ද කීවේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.“පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් වශයෙන් අප විසින් මහා බ්‍රිතාන්‍යයට මෙන්ම ගෞරවනීය රජ පවුලට කරන ලද ආරාධනය අනුව අපට සුබ පතමින් මෙහි පැමිණි බි්‍රතාන්‍ය රාජකීය පවුලේ ගෞරවනීය නියෝජිතයා ඇතුළු විදේශ නියෝජිතයන් හා සියලු ආරාධිතයන් ගෞරවයෙන් මෙම අවස්ථාවට පිළිගනු ලබනවා.අප අද ඉතාමත් ගෞරවයෙන් මෙන්ම අභිමානයෙන් සිහිපත් කරන්නේ අපේ රටට යටත්විජිත යුගයෙන් නිදහස ලැබී වසර 70 ක් සපිරීමයි. මේ ගෙවී ගිය වසර 70 ක අත්දැකීම් අපේ රටේ අනාගතය ශක්තිමත් කර ගැනීම සඳහා මෙන්ම අනාගත ප්‍රගමනය සඳහා ඉතාමත් වැදගත් වෙනවා.විශේෂයෙන්ම 1948 නිදහස ලැබීමෙන් පසු තිබුණු අභියෝග ගණනාවක් අප විසින් ජය ගනු ලැබුවා. ඒ සඳහා එදා සිට මෙදා දක්වා බලයට පත්වූ සෑම රජයක්ම, රාජ්‍ය නායකත්වයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහ රටේ පොදු මහජනතාව සිය වගකීම් සහ යුතුකම් මනා ලෙස ඉටු කර තිබෙන බව මම විශ්වාස කරනවා.බලාපොරොත්තු නොවූ ආකාරයට අපේ රට බෙදීමට හා වෙන් කිරීමට ඇතිවූ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ව්‍යාපාරය නිසා අපට ඔවුන් පරාජයට පත්කිරීමට වසර 26ක පමණ දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණදීමට සිදුවුණා. එය අපේ රටේ ආර්ථික පසුබෑමක් මෙන්ම ජාතියේ ප්‍රගමනය සඳහා විවිධ ක්ෂේත්‍රවල ගෙන ගිය ප්‍රබුද්ධ වැඩපිළිවෙළවල් තුළ පසුගාමී තත්ත්වයන් ඇතිවීමට හේතු වුණා.එහෙත් අපේ ඉතිහාසයේ වසර ගණනක ශ්‍රේෂ්ඨත්වය, අභිමානය, පෙර දවස මහා අභිමානවත් මහා කතාවෙන් අපට ලැබී තිබෙන අත්දැකීම්, ජාතියට ලැබී තිබෙන ජීව ගුණය ආදී සියල්ල සමඟ අපේ අනාගතය සඳහා ඉදිරි වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීමට අපේ රට තුළ සිටින උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන් පඬිවරුන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සමඟ රටේ පොදු මහජනතාව සිය යුග මෙහෙවර ඉටු කරමින් සිටිනවා.අද අප මුහුණ දෙන්නා වූ ප්‍රධානතම අභියෝග මොනවා ද? ජාතියේ අනාගතය සඳහා අප විසින් කළයුතු මෙහෙවර කුමක් ද? හැත්තෑ වසරක අතීත අත්දැකීම් සමඟ අනාගතය ගොඩනඟා ගැනීම සඳහා අප ඒ අභියෝග තේරුම්ගත යුතු වෙනවා. ජාතියේ ප්‍රගමනය සඳහා ප්‍රබුද්ධ වූ වැඩපිළිවෙළකට අප සියලු දෙනා කැපවිය යුතු වෙනවා. එය අප වැළඳගත යුතු වෙනවා. එහි තිබෙන්නා වූ ජීව ගුණය අප විසින් ශක්තිමත් කළ යුතු වෙනවා. අපට ආර්ථික වශයෙන් පවතින අසීරුතාවයන් තිබෙන පසුබිම තුළ එම ආර්ථික ජයග්‍රහණ ළඟාකර ගැනීම සඳහා රජයක් විදියට අපි කැපවී සිටිනවා. අප මුහුණදෙන අභියෝග අතර දුගීභාවය, ප්‍රබල වූ අභියෝගයක්. මීට පෙර බලයට පත්වූ සෑම රජයක්ම දුප්පත්කමින් නිදහස් වීම සඳහා විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කර ඇති අතර ඒවායේ යම් යම් සුබදායී ප්‍රතිඵල තිබෙනවා.අපි ඒ අතීත අත්දැකීම් සමඟ නව වැඩපිළිවෙළක් තුළ දුගී බවින් නිදහස් වීම සඳහා දැනට කෙරෙන කාර්යයන් මීට වඩා ප්‍රබුද්ධ ලෙසත්, කාර්යක්ෂම ලෙසත් ඉටුකළ යුතු වෙනවා. එහිදී දුප්පත්කමින් නිදහස් වීමේ ඒ අභියෝගය ඉදිරියේදී අපට ජයගත හැකියි කියා මා විශ්වාස කරනවා. අප සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගැනීම අවශ්‍ය වෙනවා.අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා නොසලකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ කරන ලද සංවර්ධනය නිසා ඇතැම් වේලාවට ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ලබා දී තිබෙන බව කනගාටුවෙන් වුව ද කිවයුතු වෙනවා. ඒ නිසා දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්ගේ නායකත්වය, රාජ්‍ය පරිපාලනය, කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය සෑම විටම මෙහිදී පැහැදිලි ලෙස සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා.ඒ වගේම අපේ රට අදට වඩා උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, පඬිවරුන්ගෙන් ශක්තිමත් කළ යුතුයි. ජාතියේ අනාගතය සැමවිටම ශක්තිමත් වන්නේ උගතුන් වැඩි වූ රටකයි. එය අප විසින් කළ යුතු වෙනවා. ඒ සඳහා අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කාර්යක්ෂමතාවය, අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම්වල අදට ඔබින ආකාරයට සකස් කළ යුතු වෙනවා. මෙහිදී අධිතාක්ෂණික ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවයන් සමඟ අප මූලික වශයෙන්ම නවෝත්පාදන ආර්ථිකය, හරිත ආර්ථිකය සඳහා කැපවීම ඉතාමත් අවශ්‍ය වෙනවා.නවෝත්පාදන ආර්ථිකයේත්, හරිත ආර්ථිකයේත් මූලධර්ම සහ ප්‍රතිපත්ති තුළ මූලික වශයෙන් නිපුණතා සංවර්ධනයට වෘත්තීය අධ්‍යාපනයට ඉතාමත් වැදගත් ස්ථානයක් දීම අත්‍යවශ්‍යය යන්න මාගේ අදහසයි. අපේ රටේ රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව සඳහා ඉතා පැරණි පරිපාලන රෙගුලාසි මුදල් රෙගුලාසි කඩිනම් සංශෝධනයකට යටත් කළ යුතු වෙනවා. ගෙවී ගිය දශක කිහිපයේ එවැනි සංශෝධන කොතෙක් කර තිබුණත් තවමත් මීට අවුරුදු සියයකට එහා තිබූ ඇතැම් ආඥා පනත්, ඇතැම් වගන්ති ඒ වගේම රෙගුලාසි තිබෙන බව ඔබ අප දන්නවා. එය සංවර්ධනයේ ඉදිරි ගමනට බාධාවක් ලෙස අපි දකිනවා. කාර්යක්ෂම සංවර්ධනයක් හා විනයක් ඇති පරිපාලනයක් සඳහා ඒ දේ කළ යුතු වෙනවා.ඒ වගේම මේ රටේ ඉතා වැදගත් ක්ෂේත්‍ර ව්‍යවස්ථාපිත ආයතන ගණනාවක් සඳහා අප අවධානය යොමු කළ යුතුයි. පළාත් පාලන ආයතන, පළාත් සභාව, පාර්ලිමේන්තුව ව්‍යාවස්ථාදායකය, ජනාධිපති තනතුර මේ සියලු ආයතන සහ තනතුරු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිසංවිධානය කොට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.විශේෂයෙන්ම දූෂිත දේශපාලනය ජාතියේ ප්‍රගමනයට අනාගතයට අයහපත් බරපතළ ප්‍රශ්නයක් අභියෝගයක් සහ අවහිරයක් වී තිබෙන බැවින් අපි ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ජනාධිපති ධුරයේ සිට පළාත් පාලන ආයතන දක්වා, පළාත් පාලන ආයතනවල සිට ජනාධිපති ධුරය දක්වාත් ප්‍රතිසංවිධානය විය යුතුයි. සංවර්ධන සැලසුම්වල විධිමත්භාවය මෙන්ම විනයක් ඇති දේශපාලන පරපුරක් සමඟ මේ රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මා පැහැදිලිව දකිනවා.සංවර්ධනයේ හා ජාතියේ අනාගතය සඳහා තිබෙන්නා වූ අභියෝග ජය ගැනීමේදී දේශපාලනඥයා තුළ තිබිය යුතු අවංකභාවය පැහැදිලි ලෙසම ඉතා වැදගත් වෙනවා. ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමටත් රට ගොඩනැඟීමටත් හැක්කේ සහ මුළු මහත් පොදු ජනතාව රාජ්‍ය පාලනය සඳහා ඒකරාශී වන්නේ මේ අවංකභාවය තුළයි. මේ හැත්තෑවන නිදහස් සමරුව පවත්වන අවස්ථාවේ ඔබෙත්, මගේ ආදරණීය මාතෘ භූමිය ගොඩනගා ගැනීම සඳහා    දේශපාලනඥයන් තුළ තිබිය යුතු කැපවීම, අවංකභාවය, නොකිළිටිභාවය, පිරිසුදුභාවය ඉතාමත් වැදගත් යුගයේ අවශ්‍යතාවක් ලෙස මම දකිනවා. මිනිසුන්ට මෙන්ම ගස, කොළ ඇතුළු සියලු සතුන්ට නිදහසේ පැවැත්ම අවශ්‍ය බව ඔබ අප කවුරුත් දන්නවා. සතා සිවුපාවා ගහකොළ ඇළ දොළ ස්වභාවධර්මයාගේ අසීමිත වස්තූන්, ඊට තිබිය යුතු නිදහසත්, මිනිසාට තිබිය යුතු නිදහසත් කිසිදු වෙනසක් නොමැති බව නිදහස පිළිබඳ කථා කරන විට අප සෑම විටම සිතාගත යුතුයි.සැබෑ නිදහස යන්න මිනිසකුගේ නිදහස පමණක් නොවෙයි. ඒ සඳහා අපේ කැපවීම අධිෂ්ඨානය අවශ්‍යයි. එහි තිබෙන්නා වූ ඉතාමත් සංකීර්ණ ස්වභාවය, ව්‍යාප්ත තත්ත්වය, වගකීම් සහගත තත්ත්වය පාසල් දරුවාගේ සිට වඩ වඩාත් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මා දකිනවා. ඒ නිසා මේ සියලු කරුණු සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුයි.නිදහස පිළිබඳ අපට තිබෙන්නා වූ අවබෝධයත්, අත්දැකීමත් සමඟ සතුටින් ජීවත්වෙන්න නිදහස් සමාජයක සෞභාග්‍යය ඉතාමත් අත්‍යාවශ්‍යයි. ආර්ථික සමෘද්ධිය, සෞභාග්‍යය ජනතාවගේ ප්‍රාර්ථනාවක්. ඒ නිසා නිදහස සියලු අංශවල ශක්තිමත් කරන්නත් සෞභාග්‍යය උදාකර දීම සඳහා ස්වදේශික අපේම ජනතාවගේ අනන්‍යතාවයන් දේශීයත්වය අපේ කර්මාන්ත අපේ කෘෂිකර්මාන්තය අපේ කියන සියලු_ දේවල් සමඟ අපේ සංස්කෘතිය ජාතික අනන්‍යතාවන් සමඟ ඒ සෞභාග්‍යය උදාකරදීම සඳහා අප සැමවිටම වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා.විදේශීය රටවල්වල, දියුණු රටවල්වල තිබෙන තාක්ෂණික දියුණුව අපේ දැනුමට අවශ්‍යයි සේම ඒ දැනුම ලබාගැනීමත් සමඟ අප කිසිවිටෙකත් අපේ ස්වදේශික ප්‍රාර්ථනාවන්, ස්වදේශික ඓතිහාසික උරුමයන් බිඳ නොහළන ලෙස කටයුතු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. අපේ වසර දහස් ගණනක මහා ශ්‍රේෂ්ඨ ඉතිහාස කථාවේ මූලික වශයෙන්ම අපේ සංස්කෘතිය, අනන්‍යතාව, අපේ පෞරාණික වස්තු, අපේ උරුමයන් සියල්ල රැකගෙන පෝෂණය කරගෙන ආරක්ෂා කරගෙන අප මාතෘභූමිය ගොඩනැගිය යුතු වෙනවා.මේ සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලු කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ වගකීම් සැමවිටම ඉටුකළ යුතු වෙනවා. අපි මේ සියල්ලෙහි අවධානය යොමුකළ යුතු වෙනවා. මා පෙර කී පරිදි අපට තිබෙන අභියෝග අප කිසිවිටෙක අමතක නොකළ යුතුයි. දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව යන්න මා මෙහිදී සඳහන් කරනවා. රටේ සංවර්ධනය සඳහා රටේ අනාගතය සඳහා දූෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම, ඒ මතය ක්‍රියාත්මක කිරීම ජාතියේ ප්‍රගමනයේ ආත්මාරක්ෂාව ලෙසයි මා මෙහිදී දකින්නේ.එසේම අපේ ශ්‍රේෂ්ඨ මව්බිම අඅ!මත ආර්ථික නිදහස ගොඩනැගෙමින් තිබෙන විට ඒ ආර්ථික නිදහසට එරෙහිව දූෂණය අල්ලස හොරකම නාස්තිය අප විසින් පිටු දැකිය යුතු වෙනවා. හොරකම, දූෂණය, අල්ලස අපිට අපේ ජාතියේ අනාගතය සඳහා අද ඉතාමත් දැඩි ලෙස බලපා තිබෙන කාරණයක්. සෑම දේශපාලනඥයෙක්ම මේ රටේ තම තමාගේ වගකීම් ඉටු කිරීමේදී ඒ ආදර්ශය දීම අත්‍යවශ්‍ය යුග මෙහෙවරක් යුගයේ කාර්යයක් ලෙසයි මම මෙහිදී හඳුන්වන්නේ.අප කුසීතකමෙන්, අලසකමෙන්, පසුබෑමෙන් තොරව, කාර්යක්ෂමව, එඩිතරව, වීරත්වයෙන්, සටන්කාමීත්වයෙන් අපි සෑම කෙනෙක්ම අපේ ආර්ථිකය ගොඩනැංවීම සහ රාජ්‍ය ප්‍රබුද්ධත්වය තුළ මේ රට ඉදිරියට ගෙන යෑම සඳහා කැපවීම අත්‍යාවශ්‍ය බව මම මෙහිදී පැහැදිලිව දකිනවා.අපට පසුගිය දශක කිහිපයක තිබෙන අත්දැකීම් සමඟ මේ රට ගොඩනැගීම සඳහා මූලික වශයෙන් ජාතිවාදී අදහස්වලින් තොරව ජාතික සමගිය සංහිඳියාව ශක්තිමත් කළ යුතුයි. ජාතිවාදී ගැටුම්වලින් තොරව ජීවත් වීමේ නිදහස රටේ සියලු දෙනාට සහතික කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ සහතික කිරීම තුළ සියලු දෙනාගේ ක්‍රියාකාරීත්වය ප්‍රායෝගිකව අවශ්‍ය වෙනවා.සිංහල දමිළ මුස්ලිම් මැලේ බර්ගර් සියලු ජන කොටස්වල සහජීවනය, සමගිය, ආගමික සහජීවනය, භාෂාවේ ජාතික සහජීවනය මේ සියල්ල තුළ ජාතික සමගිය ශක්තිමත් කරමින් සියලු දෙනාට විශ්වාසයෙන්, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය අප සෑමවිටම සහතික කළ යුතු වෙනවා.ඒ නිසා අපි මේ සියලු කාර්යයන් සඳහා අපේ කැපවීම ඉතා අත්‍යවශ්‍ය බව මේ හැත්තෑවන නිදහස් ඓතිහාසික සමුළුවේදී මුළුමහත් ආදරණීය ජනතාව ප්‍රමුඛව සියලු වගකීම් දරන සෑම ක්ෂේත්‍රයකම ප්‍රධානීන්ගෙන්, වගකිවයුත්තන්ගෙන් මා ඉල්ලා සිටිනවා.අද මූලික වශයෙන්ම දේශප්‍රේමීත්වය යනු මුල්‍ය විනයක් ඇතිව සියලු දෙනා වැඩ කිරීමයි කියා මා මෙහිදී ඔබට අදහසක් ඉදිරිපත් කරනවා. දේශප්‍රේමීත්වය එක් එක් යුග තුළ, එක් එක් කාල පරිච්ඡේද තුළ, එක් එක් අවස්ථා තුළ එය අපට විග්‍රහ කරන්න පුළුවන්. ඊට අවශ්‍ය නිර්වචනයන් දෙන්න පුළුවන්. අද දේශප්‍රේමීත්වය යනු සෑම කෙනෙක්ම දේශපාලනඥයාගේ සිට රාජ්‍ය නිලධාරීන් ද රටේ අවසාන පුරවැසියා ද සිය කටයුතු කිරීමේදී මූල්‍ය විනයක් තුළ කටයුතු කිරීම බව මා මෙහිදී දැඩි ලෙස ගෞරවනීය ලෙස අවධාරණය කරනවා.දූෂණයට, හොරකමට විරුද්ධව මූල්‍ය විනයක් ඇති කිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය මා මෙහිදී දකිනවා. නිදහසේ අධිෂ්ඨානය පිරිසිදු, නොකිළිටි දේශපාලනයක් යන්නයි මාගේ අදහස. ඒ නිසා පිරිසුදු, නොකිළිටි දේශපාලනයක් සඳහා මූලික වශයෙන්ම අප සියලු දෙනාම කැපවෙමින් අපට අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන්, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් සාමූහික ප්‍රයත්නයක් තුළ අප සියලු දෙනා වගකීම් ඉටුකරමින්, රට ගොඩනඟා ගැනීමට තිබෙන ප්‍රධාන අභියෝගය වූ දූෂණය වළක්වා ගැනීම සඳහා, අල්ලස වළක්වා ගැනීම සඳහා අප සියලුදෙනාම පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි කියන පණිවිඩය මේ ගෞරවණීය, ආදරණීය ජනතාවට 70 වන නිදහස් සමුළුවේදී පැහැදිලි කිරීමට කාරුණිකව කැමතියි.අද මේ ඉතාමත් වැදගත්, ගෞරවනීය, ජාතියේ අභිමානවත් අවස්ථාවේදී අපේ රට බෙදන්නට එල්ටීටීඊ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් කටයුතු කළ අවස්ථාවේ අපේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සේවා කරන ලද ඉමහත් වූ කැප කිරීම මෙහිදී අප අමතක කළ යුතු නෑ. ඔවුන් ජීවිත පරිත්‍යාග කරමින්, අවයව අතපය අහිමි කරමින්, ඔවුන්ගේ දරුවන් පවුල් ජීවිත අහිමි කරගනිමින් ඉතාමත් වේදනාකාරී අත්දැකීම් සමඟ ජාතියේ අනාගතය, ජාතියේ නිදහස සහ රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය සඳහා සටන් කරනු ලැබුවා.ඒ නිසා මම මේ 70 වන නිදහස් දින සැමරුම් උළෙලේදී රජයේත්, ජනතාවගේත් ගෞවරණීය ප්‍රණාමය මේ රටේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සියලුදෙනා සඳහාත් ඒ යුද්ධය පැවැති කාලයේ ඉතාමත් කැපවීමකින් කටයුතු කළ මුළු මහත් රාජ්‍ය සේවයේත්, පොදු ජනතාව සියලුදෙනාටමත් පුදකරනවා.විශේෂයෙන් අද මේ 70 වන නිදහස් සැමරුම් උළෙලට එක්වූ ඔබ සියලු දෙනාටම මම මගේ ගෞවරණීය ස්තූතිය පුදකරනවා.අපේ ජාතියේ අනාගතය සඳහා දුගීභාවයෙන් නිදහස් වෙමින්, දූෂණයෙන් නිදහස් වෙමින් සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනඟමින් ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ඉදිරියට යන්නට අපේ ඓතිහාසික මතක සටහන්, අත්දැකීම් සමඟ කටයුතු කළ යුතුයි. නව අධිතාක්ෂණික ලෝකයේ නව පරපුරත් සමඟ උගත් තරුණ පරපුරත් සමඟ අප සියලු දෙනාම ඒ වෙනුවෙන් කැපවෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ පතමින් සමුගන්නවා.” යැයි ජනාධිපතිවරයා පැවැසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විශේෂ ආරාධිතයන් වශයෙන් බි්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ නියෝජිතයා ලෙස ඇයගේ පුත්, එක්සත් රාජධානියේ වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඞ්වඞ් කුමරු සහ ඔහුගේ බිරිඳ වන සොෆී රීස් ජෝන්ස් කුමරිය, කතානායක කරු ජයසූරිය, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන්, පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මැති ඇමතිවරුන්, විදේශ නියෝජිතයන්, තානාපතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
දූෂණයට හොරකමට එරෙහිව මුල්‍ය විනයක් ඇතිකිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක් ඕනෑ
1
hp_train_7865
වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව අශ්‍රිතව සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවීමේ වැඩි හැකියාව තව දුරටත් පවතී.  ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් ඇතැම් ස්ථාන වලට මිලී මීටර් 100 ක පමණ දත වැසි  ඇතිවීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.උතුරු සහ වයඹ පළාත්වල තැනින් තැන උදය කාලයේද වැසි  ඇද හැළේ.උතුරු සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ශ්‍රී ලංකාවවටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශ වල සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
‘මුහුදු ප්‍රදේශවලට තද වැසි‘
0