id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_0901
 චීනයට බලපා ඇති ඇති  මැන්කුට් සුළි කුණාටුව හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට චීනයේ කැන්ටන් දක්වා වු ගමන් කිරිමට නියමිතව තිබු ශ්‍රිලංකන් ගුවන් සේවයේ UL 880 ගුවන් යානය පැය 11 ක් ප්‍රමාද වන බව ශ්‍රිලංකා ගුවන් සමාගම පවසයි. (28535)
යූඑල් 880 යානය පැය 11 ක් ප්‍රමාදයි
1
hp_train_0902
රංජිත් රාජපක්ෂතේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (25) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තිදරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පවසයි.මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතු යායේ පදිංචි අම්බිගා මලර් නැමති (48) හැවිරිදි තිදරු මවකි.හැටන් පොලිස් වසමට අයත් දික්ඔය තේ වත්තේ තේ දළු නෙලමින් සිටියදි ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා බඹර කුඩුව කැඩි තේ ගස් මතට වැටිම හේතුවෙන් බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින වතු කම්කරුවෝ කියා සිටියහ.ඇවිස්සුණු බඹරුන් තවත් පිරිසකට පහර දිම නිසා ඔහුන් බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා තේ වත්තේම වැටි සිටින බවත්, ඔහුන් මුදා ගැනිමට මේ වන විට හැටන් පොලිසියේ නිලධාරින් සහ වතු කම්කරුවන් දැඩි උත්සහයක නිරත වි සිටියි.බඹර ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හය දෙනෙකු සහ වතු කම්කරුවන් දෙදෙනෙකු දික්ඔය මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවද දික්ඔය මුලික රෝහලේ වෛද්‍යයවරු පැවසූහ.
බඹරු ඇනීමෙක් තිදරු මවක් ජීවිතක්ෂයට
1
hp_train_0903
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත්  ස්ථාන කිහිපයක අද රාත්‍රියේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් හෙට දිනයේදී සවස 4.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ  ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
‘ස්ථාන කීපයකට අද රාත්‍රී වැසි‘
1
hp_train_0904
 (සේනක  බණ්ඩාර සහ දයාරත්න ඇඹෝගම) තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිටඅඛණ්ඩව දින 19 කට වැඩිකාළයක් උපවාසයේ යෙදුණ ගොවීහු  උපවාසය අත් හැරීමට අද (12) දහවල් කටයුතු කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී  දුමින්ද  දිසානායක මහතා  හමු වී ජනාධිපතිතුමන්ට යොමු කිරීම සඳහා   සන්දේශයක්  බාර  දීමෙන් අනතුරුව ඔවුහු උපවාසය අත්හැරියහ. මහවැලි එච් කලාපයේ තඹුත්තේගම කොට්ඨාශයේගොවි ජනතාවට බලපා ඇති ගැටලු කීපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් තඹුත්තේගම මහවැලි එච්.කලාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිට පසුගිය 24වැනි දින ගොවි ගෙවිලියන් පිරිසක් උපවාසයක් ආරම්භකළ අතර, තමන්ගේ යල්කනනයේ හානි වූ වගාවන් සදහා අක්කරයකට රුපියල් 50000 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසට හා තම වගාවන්ට නිසිපරිදි ජලය ලබා නොදීමට විරෝධය පළ කරමින් ඒ ඇතුළු ඉල්ලීම් 10 ක් සම්බන්ධයෙන් ගොවි සංවිධාන 22 ක ගොවි ගෙවිළියෝ උපවාසයක් ආරම්භ කළහ.ඡායාරූපය- සේනක  බණ්ඩාරඡායාරූපය - දයාරත්න ඇඹෝගම
තඹුත්තේගම ගොවීහු දින 19 ක උපවාසය අත්හරිති
0
hp_train_0905
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශවල,දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තරමක් තද සුළං  තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35258545ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35268555සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.කොළඹ31278565ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල29268580වැසි ස්වල්පයක් ඇති විය හැකයාපනය34277060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29219060ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය20139065ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය31249070වැසි ස්වල්පයක් ඇති විය හැකත්‍රීකුණාමලය35258550සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මන්නාරම31268570ප්‍රධාන වශයෙන් වැසි රහිත            
‘තැනින් තැන සුළං සමග වැසි‘
0
hp_train_0906
නැගෙනහිර, උතුරු මැද,ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇති වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වර්ධනය වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 11/02/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33229050ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව30249075වැසි ස්වල්පයක්කොළඹ33239060ප්‍රධාන වශයෙන් වැසි රහිත.ගාල්ල31249075සවස 4.00 න් පමණ පසු වැසි  හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.යාපනය31218565ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර31209555ප්‍රධාන වශයෙන් වැසි රහිත.නුවරඑළිය22109575ප්‍රධාන වශයෙන් වැසි රහිත.රත්නපුරය34239055සවස 2.00 න් පමණ පසු වැසි  හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.ත්‍රීකුණාමළය31239070වැසි ස්වල්පයක්.මන්නාරම31239070ප්‍රධාන වශයෙන් වැසි රහිත.                  
‘ඉඩෝරය අවසන් ඉදිරි දිනවල වැසි‘
0
hp_train_0907
(මනෝප‍්‍රිය ගුණසේකර) හෙරොයින් ග්‍රෑම් 6 ක් ළඟ තබාගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ එක්දරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරද`ඩුවමක් අද(29) නියම කළේය. විත්තිකාර කාන්තාවට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඇයට  මෙලෙස දඬුවම් නියම කළේය. චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස ද`ඩුවම් නියම වුයේ රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රැට්ටික් ඩේවිඩ් ග්‍රේස් මේරී නමැති 35 හැවිරිදි එක්දරු මවකටය. 2012 ඔක්තෝබර් මස 1 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 6.33 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂක රුවන් කුමාර මහතාට ලැබුණු තොරතුරුකට අනුව රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විත්තිකාරිය අත්අඩංගුවට ගත් බවත්, ඒ අවස්ථාවේදී ඇය සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 81.05 ක් මෙන්ම හෙරොයින අලෙවි කිරීමේන් උපයාගත් රුපියල් 1,88,000ක මුදලක්ද තිබී සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.විත්තිකාරිය සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ග්‍රෑම් 81.05 සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂකවරයකළ පරීක්‍ෂණයකදී එහි ශූද්ධ හෙරොයින් ග්‍රෑම් 06.33 ක් ඇතැයි හෙළි වූ බව රජයේ රස පරීක්‍ෂකවරයා අධිකරණයට දැනුම් දුන්නේය. හෙරොයින් ජාවාරම් කිරීම හා හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීරණය කළ විනිසුරුවරයා ඇයට ජවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරද`ඩුවම් නියම කළේය.
හෙරොයින් ළඟ තබා ගත් මවක් දිවි ඇති තෙක් සිරගෙට
1
hp_train_0908
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක වල උදය කාලයේදී ද වැසි ඇති වේ.‘‘මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි‘.
අද සවස ගිගුරුම් සහිත වැසි
0
hp_train_0909
(රංජිත් රාජපක්ෂ )                       තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් පස් දෙනෙකු අද  (19) ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව තලවකැලේ පොලිසිය පවසයි.තලවකැලේ පොලිස් වසමට අයත් වටගොඩ තේ වත්තේ පහළ කොටසේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට තේ වත්තේ ගසක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි බඹරුන් වතු කම්කරුවන්ට පහර දි ඇති බව තලවකැලේ පොලිසිය කියයි.රෝහල්ගත කළ වතු කම්කරුවන් තිදෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර , බඹරු ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරුවන් දෙදෙනෙක් පමණක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ලිදුලි රෝහලේ වෛද්‍යවරයකු කියා සිටියේය.
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 8ක් රෝහලේ
0
hp_train_0910
(ඩයනා උදයංගනී) සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (12) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානයන්හි සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේයමධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු  පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද හෙතෙම පැවසීය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. 
අදත් තද වැසි
0
hp_train_0911
(ඉන්දිකා රාමනායක)74 වන ජාතික නිදහස් දිනයට  නිමිත්තෙන් හෙට (4)  දින  සිරකරුවන් 197  දෙනෙකුට ජනාධිපති  සමාව හිමිවන  බව බන්ධනාගර මුලස්ථානය පවසයි.මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20ක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, වාරියපොල බන්ධනාගාරයේ සිරකරුවන් 10ක්  වශයෙන්  මෙම පිරිසට නිදහස හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය  ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස්  චන්දන ඒකනායක මහතා පවසයි.මෙලෙස  නිදහස  හිමිවන්නේ, දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිර දඬුවම් විදින සිරකරුවන් ද,  බන්ධනාගාරගතව සිර දඬුවම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවු සිරකරුවන්, නියම කර ඇති දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති සිරකරුවන් , මහාධිකරණයෙන් වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියමකළ  දින සිට  පෙබරවාරි 04 වැනි  දින දක්වා  එම දඩුවමෙන්  වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරු වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.තවද පෙබරවාරි මස   04  වැනි දින දක්වා සිර දඬුවම් විදින සිරකරුවන් හට ගෙවන ලද වසරකට හෝ  ඉන් කොටසකට දින 07ක් සමාවක්  හිමිවන බවද  මාධ්‍ය ප්‍රකාශකවරයා  වැඩිදුරටත් කියා සිටියේය.
සිරගතව සිටි 146 දෙනකුට නිදහස් දා නිදහස
0
hp_train_0912
(ජයන්ත සමරකෝන්)පොලිය මත  බදු  පැටවෙන සාධාරණ බවේ මූලධර්මයන්ට අනුකූල නොවන අයුරින් මේ ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ තැන්පතු මුදලේ පොලියට පවා සියයට සියය බද්දක් පනවා ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (25) පැවැසීය.සතෙන් සතේ රුපියලෙන් රුපියල ඉතිරි කරන්නන් දිරිමත් කරනවා වෙනුවට මෙය ඉතිරි කරන්නාගේ පොලියටත් විදින ආණ්ඩුවක් යැයි ද පුංචි බොරැල්ල, වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය. ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.“ලබන මස 1 වෙනිදා සිට රටේ ජනතාවට තවත් විශාල ආර්ථික පීඩනයකට මුහුණ දෙන්නට සිදුවෙනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන ආණ්ඩුව ජනතාවට සහන දෙනවා වෙනුවට කරන්නේ සහන කප්පාදු කිරීමක් පමණයි. එදා මුදල් ඇමැති රවී කරුණානායක දේශීය ආදයම් පනත ගෙනාවා. වර්තමාන මුදල් ඇමැති මංගල සමරවීර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකාබද්ධ විපක්‍ෂය එම පනතට දැඩි විරෝධය දැක්වූවා.අයි.එම්.එෆ් මඟපෙන්වීම යටතේ මෙම පනත ගෙනාවේ බිලියන 1.5ක ඉතිරි ණය වාරික ලබාගන්නටයි. රජය බදු අය කළාට වරදක් නැහැ. එහෙත් එය සාධාරණ බවේ මූලධර්ම යටතේ සිදුවිය යුත්තක්. මෙම බදු පැනවීමේ සැබෑ තත්ත්වය ‘බදු දඩයම’ ග්‍රන්ථයෙන් මා හෙළිකර තිබෙනවා. රටේ ජනතාවට අත්වන ඉරණම එහි සඳහන් වෙනවා. එදා මහින්ද රාජපක්‍ෂ යුගයේදී බදු අය කළා. ඒ ඉතිරි කිරීම දිරිගන්වන අයුරින්.ජනතාවාදී ලෙස කටයුතු කරමිනුයි සියල්ල අප කළමනාකරණය කළේ. එදා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු මුදලින් පොලියක් අය කළේ නැහැ. බද්දෙන් නිදහස් කර තිබුණා. අද එය සියයට සියයකින් වැඩි කළා. ඒ අයගේ තැන්පත් පොලියෙන් සියයට 5ක් අය කිරීම කිසිසේත්ම සාධාරණ නැහැ.ජ්‍යෙෂ්ඨ පුරවැසියාට බදු දඩයම පටන් අරන්. හෙට අනිද්දා වනවිට ඉන්ධන, ගෑස්, පොහොර, ජලය, කිරිපිටි ඇතුළු සියලුම දේවල්වල මිල ඉහළ යනවා. මේ වසර අවසන් වනවිට ඩොලරය රුපියල් 160ට නගින එක වළක්වන්න බැහැ.විදේශ රැකියාවල නිරත පුද්ගලයන් මෙරටට එවන විදේශීය මුදල් බද්දට යටත් කරලා. එදා බද්දෙන් නිදහස් කර තිබුණා. මෙම තත්ත්වය යටතේ රට ඇතුළට විදේශීය මුදල් ගලා ඒම නතර වෙනවා. මේ තත්ත්වය රටට අහිතකරයි.දැනටමත් විදේශීය රැකියාවල යෙදී සිටින ශ්‍රමිකයන් එවන මුදල් අඩුවීමේ ප්‍රවණතාවයක් තිබියදී පොලී අය කිරීම සාධාරණ නැහැ. එ.ජා.ප. ආණ්ඩු හැමදාමත් ක්‍රියාත්මක කළේ රටට හිතකර ආර්ථික ප්‍රතිපත්තීන් නොවෙයි. එම එ.ජා.ප. ප්‍රතිපත්ති මේ ආණ්ඩුවත් එලෙසින්ම ක්‍රියාත්මක කරනවා. දේශීය ආර්ථිකය වනසන, විදේශිකයන් සනසන ක්‍රමයක් අදටත් ක්‍රියාත්මක වන්නේ ඒකයි. ස්වදේශිකයන් බදු ගෙවනවා. විදේශිකයන් බද්දෙන් නිදහස් කරනවා. ගතවූ වසර 3 ඇතුළත අගමැති ප්‍රමුඛ ආර්ථික කළමනාකරණ කමිටුව ගත් තීරණ තුළින් රට වනසන, විදේශිකයන් සනසන තත්ත්වයක් නිර්මාණය වුණා. මේ කමිටුව තිබුණොත් දේශීය ආර්ථිකයත් ඉවරයි. රටත් ඉවරයි. මුතුරාජවෙල සංවේදී කලාපයේ අක්කර ගණනක් ජාවාරම්කරුවන් පිරිසක් විසින් විනාශ කරන බවට අප කළ දැනුම්දීමකට අනුව ජනාධිපතිවරයා වහාම පියවර ගත්තා. එය සතුටට කරුණක්.දැන් බිත්තර මිලියන 28ක් පිටරටින් ගේන්නට යනවා. රටේ බිත්තර අතිරික්තයක් තිබියදී ඉන්දියාවෙන් ගෙනෙන්නට හදන්නෙ ඇයි? මේ තත්ත්වය යටතේ කුකුළු ගොවීන්ට ඔලුව උස්සන්නට බැරි වෙනවා. බහු ජාතික කිරිපිටි සමාගම් නිසා අද කිරි ගොවියා ඉවරයි. ගව සම්පත විනාශ කළා. අද යෝගට් පවා හදන්නේ පිටි කිරිවලින්. කෘෂි ගොවිතැනත් විනාශයි. හාල් රටින් පොල් රටින්. ගම්මිරිස් ගොවියාට මිලක් නැහැ. පිරටටින් ගෙන්වනවා. දේශීය පාවහන් කර්මාන්තයට අද කණකොකා හඬලා. 35000ක් පාරට වැටිලා. ඉන්දියාවෙන් පාවහන් ගෙනෙනවා. සුළු හා මධ්‍ය  කර්මාන්ත කඩා වැටිලා. ව්‍යාපාර ආරම්භ කිරීම නතර වෙලා. රටම හිරවෙලා. සක්‍රිය බැරකම් කළමනාකරණ පනත ගේන්නට එපා. කල් දාන්න කියලා එදා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් ද කර තිබුණා.මේ පනතට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එහි මතය මේ වනවිට කතානායකවරයාට දැනුම් දී තිබෙනවා වරදක් නැහැ කියලා.හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව පනත කල් දාන්නට ජනාධිපතිවරයා එකඟ වුණත් හදිසියේම පනත සම්මත කරගත්තා.අද මේ රටේ ජනාධිපතිවරයාගේ නියෝග පවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආර්ථික කළමනාකරණ කමිටුව තවමත් අගමැතිවරයාගෙන් ඉවත් කරන්නට බැරිවෙලා. කැබිනට් පත්‍රිකා 3ක් දාලත් ජනාධිපතිවරයා අතට ආර්ථික කමිටුව එන්නට බැරි නම් තවත් කතා මොකට ද?ලබන 4 වෙනිදාට විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මහ බැංකුව කොල්ලයට වගකිව යුතු අගමැතිවරයාට එරෙහිව චෝදනා 14ක් එහි අඩංගු වෙනවා. 2105 එදා මහ බැංකු කොල්ලයට එරෙහිව අපි මහ බැංකුව වැටලූ අවස්ථාවේ විපක්‍ෂ නායක හැටියට නිමල් සිරිපාල ද සිල්වා, තිලංග සුමතිපාල යන කණ්ඩායම සමඟ මටත් සාකච්ඡාවකට යාමට ඉඩ ලැබුණා. මෙම විශ්වාසභංග යෝජනාවට හරිනම් මුලින්ම අත්සන් කළ යුත්තේ නිමල් සිරිපාල  ඇමැතිවරයායි. මෙය ජයගන්නවා. අපට විශ්වාසයි ආණ්ඩුවේ සිටින එ.ජ.නි.ස. කිසිම ඇමැතිවරයකුට ඊට විපක්‍ෂව අත උස්සන්නට පුළුවන් ද?”පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා අදහස් දක්වමින් මෙසේ කීය.“ලබන 1 දා සිට දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වෙනවා. මේ වනවිටත්  ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලියට සියයට 5ක බද්දක් පනවලා. අපි මේ බදු පනත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කළා.නිල විපක්‍ෂයේ ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. නිහඬව හිටියා.වෙන ආණ්ඩු අලුත් අවුරුද්ද එනවිට ජනතාවට සහන දෙනවා. මේ ආණ්ඩුව සහන කප්පාදු කරලා. ඊටත් වැඩි බරක් පටවනවා. ජනතාවට පීඩාව පමණක් ගෙන දෙන මේ ආණ්ඩුව ගෙදර යවන සටන අප පටන් ගෙන ඉවරයි. දැන් විශ්වාසභංගයට කැමැත්ත ගන්නට ආණ්ඩුවේ එ.ජා.ප. කණ්ඩායම සල්ලි මලු පුරවලා සුපිරි හෝටල්වල කාමරවලටම යවන බව ආරංචියි.කොහොම වුණත් ආණ්ඩුවේ එ.ජා.ප. විදේශ ගැති ප්‍රතිපත්ති එ.ජ.නි.ස. කණ්ඩායම අනුමත කරනවා ද? මහ බැංකු කොල්ලය සාධාරණ කරනවා ද? යන්නට පිළිතුර ලබන 4 දා ජනතාවට දැනගත හැකි වෙයි. විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙන සංඛ්‍යාව අනුව මේ රටේ දේශපාලන ගමන් මග  වෙනස් කරන්නට හැකිවේවි යැයි අප විශ්වාස කරනවා. ඒ අනුව අගමැතිවරයාගේ ඒකාධිපති පාලනය අවසන් කරන්නට අප සූදානම්.” 
ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් වැඩේ දුන්නා
1
hp_train_0913
(ජයරත්න වික්‍රමාරච්චි)නවගත්තේගම මුල්ලේගම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළට අනවසරයෙන් ඇතුළු වී ඡායාරූප ගත් බව කියන පුද්ගලයන් සිව් දෙනකු ජංගම දුරකතන දෙකක්ද  සමග අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් පසුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටළීම සිදුකර තිබේ.සැකකරුන් සමග අත් අඩංගුවට ගත් ජංගම දුරකතනවල ඡායාරූප දත්ත මූලික විමර්ශවලට අනුව නිදන් ඇති ස්ථාන සෙවීමේ අරමුණෙන් ඔවුන් මෙසේ රක්ෂිතයට ඇතුළු වන්නට ඇති බවට පොලීසිය සැකකරයි.අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු ආඬිගම ප්‍රදේශයේ  අයකු නවගත්තේගම ප්‍රදේශයෙත් පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි. 
මුල්ලේගම රක්ෂිතය ඡායාරූප ගත කළ අටක් මාට්ටු
1
hp_train_0914
( තිලකරත්න දිසානායක.)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (2) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 280 ක් වන වැඩිම කොරෝනා  ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර එම කාලය තුල දිස්ත්‍රික්කයෙන්ම ආසාදිතයින් 1726 දෙනෙකුත් හමුව ඇත.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි මේ බව සඳහන් වන අතර පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම වත්තල - 198 ක්,  මිනුවන්ගොඩ  - 160 ක්,  බියගම  - 159 ක්, මහර - 138 ක්,  අත්තනගල්ල  - 125 ක්,  දොම්පෙ  - 122 ක්,  මීරිගම  - 104 ක්,  මීගමුව  - 102 ක්, ජාඇල  - 97 ක්,  රාගම  - 79 ක්,  කටාන  - 78 ක්,  කැලණිය - 33 ක්,  දිවුලපිටිය  - 31 ක් සහ සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින්  - 20 දෙනෙකු වශයෙන් සිදුව ඇත. පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින්  40 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 21 ක්,  බියගමින් - 10 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව  - නව දෙනෙකු වශයෙනි. වෙබ් අඩවියෙහි සදහන් අන්දමට අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල ආසාදිතයින් 454 දෙනෙකු ප්‍රතිකාර පිනිස දිස්ත්‍රික්කයේ රෝහල්වලට ඇතුලත් කොට ඇති අතර  සැක සහිත රෝගීන් 7 දෙනෙකු   ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව  483  දෙනෙකි. නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 37,557 දෙනෙකි.  
පැය 24කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1125ක්
0
hp_train_0915
(නිශාන්ත කුමාර)මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අය අයවැය ලේඛනය අද (26) වැඩි ඡන්දයෙන් සම්මත විය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලනය යටතේ පවතින මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ලේඛනය එහි  සභාපති ලලිත් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ  අතර අයවැය ලේඛනයට පක්ෂව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 11 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පස් දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ප්‍රාදේශීය සභා භූමිය වෙත රැස් ව සිටි පොදුජන එක්සත් පෙරමුණ ආධාරකරුවෝ රතිඤ්ඤා දල්වමින් සතුට ප්‍රකාශ කරනු දක්නට ලැබිණි.
මීගහකිවුල ප්‍රා.සභාවේ අය වැය වැඩි ඡන්දයෙන් සම්මතයි
1
hp_train_0916
(මනෝප‍්‍රිය ගුණසේකර) හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලය නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනය බාරගැනීම ප‍්‍රතික්ෂේප කළ බව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ සභාපති විනිසුරු සම්පත් අබේකොන් මහතා  අද (22) දැනුම් දුන්නේය.වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළැයි රාජපක්ෂ මහතාට චෝදනා ගොනු වී තිබේ.අදාළ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ උත්තරවාද ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී සභාපති විනිසුරුවරයා ඒ බව දැනුම් දුන්නේය.ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.2013 සැප්තැම්බර් මස 03 වැනිදාත් 2015 පෙබරවාරී මස 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්‍ෂ 339 ක් වැයකොට වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා  චෝදනා නඟා ඇති අතර එම රුපියල් ලක්‍ෂ 339  වැය කර වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් වු 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද ඒ සඳහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.දණ්ඩ නිති සංග‍්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබද පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකොට ඇති බවද නීතීපතිවරයා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ 06 වැනි විත්තිකාර මහින්ද සාලිය නමැත්ති හැර සෙසු විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ. 
අභියාචනය බාරගැනීම ප‍්‍රතික්ෂේප කරයි
1
hp_train_0917
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (16) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 14,720 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 19 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 15 දෙනකු සහ කාන්තාවන් 7 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොරෝනා මරණ 20 සීමාව පනී
0
hp_train_0918
(ගලේවෙල මොහොමඞ් බුහාර්ඩීන්)ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළ මහබැංකුව කොල්ල කෑවා පමණක් නොව, රටේ සම්පත් ටිකත් විකුණා දැමූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැල්සිරිපුර දී පෙරේදා (15) පැවැසීය.විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ මැල්සිරිපුර නගරයේ පැවැති පොදුජන පෙරමුණේ ජනරැලියක් අමතමිනි.එහිදී විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.“අද මේ අතිවිශාල සෙනඟක් එකතුවෙලා ඉන්නේ ලබන 16 පැවැත්වෙන මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදෙන්නට කියලා මා කියන්නට කැමතියි. අද බොහොම පැහැදිලිව කියන්න ඕනේ පසුගිය අවුරුදු හතරහමාරේදි මේ රට ආපස්සට ගියා. අපි එය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ රටේ ආර්ථිකයේ ඉඳලා සියලුම ක්‍ෂේත්‍ර පසුගිය කාලයේදී පසුපසට ගියා මිස ඉදිරියට ආවේ නැහැ කියලා කියන්නට කැමතියි. අපි රටේ තිබුණ තිස් අවුරුදු යුද්ධය නිම කරලා අඩුම ගානේ බිම් බෝම්බයක්වත් නැති ලස්සන රටක් භාරදුන්නා. හැබැයි පසුගිය අප්‍රියෙල් 21දා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් 300 ගණනකට ජීවිත නැතිවුණා. ලංකාවේ පළමු වතාවට වෙසක් පෝයට මේ රටේ මිනිසුන් පන්සලට යන්න බය වුණා. සිකුරාදා පල්ලයට යන්නත් මුස්ලිම් මිනිසුන් බය වුණා. මේ රටේ ඉතිහාසයේ කිසිදිනක ආගමක් අදහන්න බය වුණ ඉතිහාසයක් සඳහන් වෙන්නේ නැහැ කියලා කියන්නට කැමතියි. ඒ විතරක් නෙමේ අද පුවත්පත්වල රූපවාහිනියෙන් කියලා තිබුණා ආයෙත් බෝම්බ තොගයක් හමු වුණා යාපනෙන් කියලා. ඊට කලිනුත් තැන් තැන්වල බෝම්බ හමු වුණා කියලා සඳහන් වුණා. මේ විදිහට රටම අස්ථාවර කරන්න මේ ආණ්ඩුව කටයුතු කළා. මේ ආණ්ඩුව බලයට ආවේ වැඩ කරන්න නෙමේ පළිගන්න. මෙයාලා හැම දේශපාලනඥයකුගෙන්ම පළිගත්තා. ව්‍යවස්ථාව වෙනස් කරලා ජනපතිගේ බලතල කප්පාදු කරලා බලතල අතට ගත්ත රනිල් වික්‍රමසිංහ බලය බාගයක් ගත්තා. අරගෙන මොකද වුණේ.  මෙතන ජනපති ගාව බලතලවල භාගයක් තියෙනවා. අගමැති ගාව ඉතිරි බාගය තියෙනවා. මේ දෙන්නා එක්වෙලා වැඩකරන්නේ නැතිනම් රටකට ඉදිරි ගමනක් නැහැ කියන්නට කැමතියි. එතකොට කැඳ හැලියක් වගේ වෙනවා. මේ ආණ්ඩුව පසුගිය කාලයේදි මහ බැංකුව හොරකම් කළා. ඒ විතරක් නෙමෙයි. මේ රටේ සම්පත් විකුණලා ඒවත් මංකොල්ල කෑවා. අපි මේ සම්පත් එකතු කරලා දුන්නේ මේ රටේ හෙට ඉපදෙන්න ඉන්න දරුවන්ගේ අනාගතයටයි. අවුරුදු පහකට මේ ආණ්ඩුව බලය අරගෙන අවුරුදු සිය දහස් ගණනකට අපේ රටේ වැසියන්ට භුක්ති විඳීමට තිබූ සම්පත් ටික මේ කට්ටියට විකුණන්න කිසිම අයිතියක් නැහැ. ඒක මේ රටේ අනාගතයේ ඉපදෙන්නට ඉන්න දරුවන්ට කරන අපරාධයක්. ඒ අපරාධයට මේ අය වන්දි ගෙවන්න ඕනේ. අප කරගෙන ආපු වැඩපිළිවෙළ විනාශ කළා. අපි හිටිය නම් 2018 දී අධිවේගී මාර්ගයේ වැඩ ඉවරයි. නමුත් කරුමෙට තවම අධිවේගී මාර්ගයේ වැඩ අතරමග නතරවෙලා. මේක තමා මේ රටේ තත්ත්වේ. අධිවේගී මගේ වැඩ මුලක් අගක් නැති තත්ත්වෙට පත්වෙලා. මේ අධිවේගී මාර්ගයට බිලිවෙන මිනිස්සුන්ගේ ඉඩම් තුට්ටු දෙකට තක්සේරු කරලා කොල්ල කන්න පටන්ගෙන තියෙනවා. මේ වන්දි ක්‍රමය සම්පූර්ණ වැරදි වන්දි ක්‍රමයක්. අපි කියපු වන්දි ක්‍රමය නෙමේ අද මේ කුරුණෑගලට දෙන්නේ. මිනිසුන්ගේ ඉඩම් ලබාගත්තා නම් සාධාරණ වන්දියක් ලබාදිය යුතු ක්‍රමවේදයක් තිබියයුතුයි යැයි මේ වෙලාවේ අවධාරණය කර සිටිනවා.මේ ආණ්ඩුව ඇවිත් කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. පොහොර සහනාධාරය කපා හැරියා. මම දවස් 52 මුදල් ඇමැතිවෙලා හිටපු වෙලාවේදි රු. 350 පොහොර සහනාධාරය දෙන්න කටයුතු කළා. ලබන 16දායින් පස්සේ මේ රට කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරන්න නොමිලයේ ගොවියාට පොහොර සහනාධාරය ලබා දෙනවා යැයි මේ වෙලාවේ කියන්න කැමතියි. අපි කෘෂිකර්මාන්තයට තැන දෙන්න ඕනෑ. ඒකට නිසි මිලක් දෙන්න ඕනෑ. අපි ඉදිරියේදී ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරින්න කටයුතු කරනවා යැයි කියන්නට කැමතියි.  ඒවගේම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සූදානම් වෙන්න ඕනෑ. අද ජීවන වියදම ඉහළට ගිහින්. කිසි කාලෙක මෙහෙම තත්ත්වයකට අපේ රට පත් වුණේ නැහැ. ඒකට හේතුව තමයි මේ ආණ්ඩුවට මේවා දැනෙන්නේ නැතිකම. ඒ නිසා මේ තත්ත්වය වෙනස් වියයුතු කාලය ඇවිල්ලා. මේ ආණ්ඩුව වෙනස් කරන්න කාලය ඇවිල්ලා. මේ ආණ්ඩුව ජනතාවට බොරු පොරෙන්දු දෙනවා. පැය විසිහතරම ජනාධිපති කාර්යාලය ඇරලා තියෙනවාලු. ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමැතිතුමා මට මතක් කර සිටියා ඇමැති කෙනෙක් කීවාලු සතොස පැය 24 විවෘත කර තියෙනවා කියලා මහජනතාවට. කියලා අන්තිමට මොකද වුණේ. මැස්සොයි මදුරුවොයි ඒකේ හිටපු සේවකයෝ විතරයි ඉතුරු වුණේ. බඩු ගන්න මිනිස්සු ආවේ නැහැ. අන්තිමට ඒ වැඬේ අතහැරලා දැම්මා. ඒ වගේ තමයි පාන්දර එකට දෙකට ජනාධිපති කාර්යාලයට ගිහින් මොනවා කරන්නද කියලා මම අහනවා. මේ වගේ මිනිස්සු රවට්ටන වැඩපිළිවෙළවල් ගැන තමයි අද ආණ්ඩුව කථා කරන්නේ. අද එක අපේක්ෂකයෙක් කියනවා උපදෙස් එපාලු. එයා සියල්ල දන්නවලු. අනේ දෙවියනේ මම නම් කියන්නේ අපි නම් සියල්ල දන්නේ නැහැ. නොදන්න දේ ජනතාවගෙන් අහගෙන වැඩ කරන්න කැමතියි කියලා මේ වෙලාවෙදි මතක් කර සිටිනවා.ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා“මේ රටේ ජනතාවට ආරක්ෂිත රටක් සෞභාග්‍යමත් දේශයක් ලබාදෙනවා. අපි තමුන්නාන්සේලා ඉදිරියට එන්නේ වැඩ කරපු කොටසක් විදිහට. අපි පොරොන්දු දෙන කණ්ඩායමක් විදිහට නෙමේ. මොකද අපි පොරොන්දු දී ඒවා ඉටුකරපු පිරිසක් විදිහට තමයි අප මේ ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ. ඔබලා දන්නවා 2005 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති විදිහට මේ රට භාරගන්නකොට මේ රටේ අභියෝග ගණනාවක් තිබුණා. අපිට ඒ කාලයේදි වන්නියෙන් ඉහළට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නැගෙනහිර ප්‍රදේශයේ තුනෙන් දෙකක් ත්‍රස්තවාදීන්ට යටවෙලා තිබුණා. දකුණෙත් බෝම්බ පිපිරුනා. අවුරුදු ගණනාවක් ජනාධිපතිවරු ගණනාවක් යටතේ තිබුණ මෙරට වැසියන් ත්‍රස්තවාදයෙන් බැටකෑවා. අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඒ වෙලාවේදි රට වැසියන්ට පොරොන්දුවක් දුන්නා ත්‍රස්තවාදය තුරන් කරනවා කියලා.එතුමා අවුරුදු දෙකහමාරක් යන්න කලින් මේ රටෙන් ත්‍රස්තවාදය සහමුලින්ම තුරන් කළා. ත්‍රස්තවාදය අවසන් කරලා ඉතිහාසයේ නොවූ විරූ සංවර්ධනයක් මේ රටේ ඇතිකළා. අධිවේගී කාපට් මාර්ග, ගුවන් තොටුපොළවල්, වරායන් ඇතුළු අංශ ගණනාවක් මේ රටේ සංවර්ධනයට ඉවහල් වුණා. ඒ  සංවර්ධනය හරහා අපි මේ රටේ රැකී රක්ෂා විශාල ප්‍රමාණයක් නිර්මාණය කළා. ඒ නිසා ව්‍යවසායකයින් ව්‍යාපාරිකයන් බොහෝ දෙනකුගේ අතමිට සරු වුණා කියලා ඔබ දන්නවා. මේ රජය බොරු ප්‍රචාර කරලා මහින්ද රාජපක්ෂ යුගය අවසන් කරලා බලයට පැමිණියට පසු අදූරදර්ෂී ක්‍රියාකලාපය නිසා සංවර්ධන වැඩපිළිවෙළවල් අඩාල වුණා. අපි රණවිරුවන් අභිමානයෙන් සැමරුවා. ඒත් මේ ආණ්ඩුව ආවට පස්සේ රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. බුද්ධි අංශ විනාශ කළා. අපි එදා යොදා තිබුණ ආරක්ෂිත වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. බුද්ධි තොරතුරු ජාලය කඩා වැටුණා. මේ හේතු නිසා අවුරුදු දහයක් යන්නට මත්තෙන් එදා තිබුණ සුරක්ෂිත රට නැතිවෙලා නැවතත් බෝම්බ පුපුරලා පන්සලකට පල්ලියකට කෝවිලකට යන්න බැරි තත්ත්වයක් උදා කළා. අප මහින්ද රාජපක්ෂ යුගයේදි මේ රටේ සංස්කෘතියත් එක්ක බැඳුනු කෘෂිකර්මාන්තය අපි නගාසිටුවූවා. එවකට අපිට ආර්ථික අභියෝගයක් තිබියදීත් යුද්ධය තිබියදීත් එතුමා ගොවියන්ට පොහොර සහනාධාරය ලබා දුන්නා. ඒ හරහා අපට පුළුවන් වුණා මේ රට සහලින් ස්වයංපෝෂිත කරන්න. අප දන්නවා මේ ලෝකයේම ආහාර සුරක්ෂිතභාවය වැදගත් අංගයක් කියලා. අපට පුළුවන්කමක් නැහැ. ආහාර වෙනුවෙන් වෙනත් රටක් දිහා බලන් ඉන්නට. ඒවගේම අප කෘෂිකර්මය හරහා විදේශ විනිමයක් ලබාගැනීමට හැකියාවත් තිබෙනවා.නමුත් මේ රජය ආවාට පස්සේ විදේශීය උපදේශකවරුන්ගේ යෝජනා මත මේ රට කෘෂිකර්මයට දුන්න ප්‍රමුඛත්වය නැතිකර දැම්මා. එදා සහලින් ස්වයංපෝෂිත වුණු රට අද පිටරටින් හාල් ගේන තත්ත්වෙට පත්වෙලා. ඒ පමණක් නොවේ අර්තාපල්, මිරිස්වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණ රටට පිටරටින් මේවා ගෙන්වනවා. ගම්මිරිස් හා කිරි ගොවියා අද අසරණ වෙලා. අපි කෘෂිකර්මාන්තයට මුල්තැන දෙනවා. අපි ගොවියාට නොමිලයේ පොහොර සහනාධාරය දෙනවා. ඒවගේම ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. ඒ වගේම සහනදායී මිලට කෘෂි උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ නංවනවා කියලා මතක් කරනවා.මේ සහන අපි ලබා දෙන්නේ අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන්නටයි. අපේ ආර්ථික සැලැස්ම පදනම් වෙලා තියෙන්නේ මිනිස් සම්පත මත. ඉදිරියේදී අප උස්ස පෙළ හදාරණ සෑම සිසුවෙකුටම විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාව ලබා දෙනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ නිපුණත්වයක් තිබෙන තරුණ තරුණියන් බිහි කිරීමයි. කාර්මික අධ්‍යාපනය හා තාක්ෂණික අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය හරහා අපි මේ තරුණ තරුණියන්ට හොඳ වේතනයකට රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම මේ තුළින් සකස් කරනවා. මේ රටට සංචාරක ව්‍යාපාරය හරහා විශාල රැකියා ප්‍රමාණයක් හා විදේශීය විනිමයක් ගෙන එන්නට පුළුවන්. ඒකට සුරක්ෂිත ආරක්ෂිත රටක් අවශ්‍යයි. අපි ත්‍රස්තවාදය අවසන් කළා විතරක් නෙමේ නැවත ත්‍රස්තවාදය එන්නේ නැති විදිහට වැඩපිළිවෙළක් සකස් කර තිබුණා. ඒ වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කරලා මේ රට සුරක්ෂිත රටක් කරන්න කටයුතු කරනවා. අද ව්‍යාපාරිකයින් දේශීය කර්මාන්තකරුවන් අසරණ තත්ත්වෙට පත්වෙලා පිටරටින් භාණ්ඩ ගෙන්වීම නිසා. ඒ නිසා අපි නැවතත් දේශීිය කර්මාන්තකරුවන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඔවුන් නගාසිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මා මත විශ්වාසය තබන්න. මගේ යුතුකම මම ඉටුකරනවා.”මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, ටී.බී. ඒකනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් හා හිටපු පළාත් සභා මන්ත්‍රී මංජුලා දිසානායක හා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.කේ. සුමිත් මහතා යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ. 
“තේ කම්හල් හිමියන්ට පොරොන්දු රැසක්“
0
hp_train_0919
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත්  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 09/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259055ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35268555ප්‍රධාන  වශයෙන් වැසි රහිතකොළඹ31268570වැසි ස්වල්පයක්ගාල්ල30269075වැසි ස්වල්පයක්යාපනය33278565ප්‍රධාන  වශයෙන් වැසි රහිතමහනුවර29209060වැසි ස්වල්පයක්නුවරඑළිය18149065ප්‍රධාන  වශයෙන් වැසි රහිතරත්නපුරය31249060වැසි ස්වල්පයක්ත්‍රිකුණාමලය35268050ප්‍රධාන  වශයෙන් වැසි රහිතමන්නාරම31279075ප්‍රධාන  වශයෙන් වැසි රහිත                
‘වියළි කාලගුණය දිගටම‘
0
hp_train_0920
බස්නාහිර, වයඹ ,මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන කීපයකට  සවස 2.00 න් පසු  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි .නැගෙනහිර හා දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ.
‘පළාත් කීපයකට මඳ වැසි‘
0
hp_train_0921
(මනෝප‍්‍රිය ගුණසේකර)ශ‍්‍රී ලංකා  මහ  බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා  අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම සඳහා පදනම් වන කරුණු ඇත්නම් දිවුරුම් ප‍්‍රකාශ මඟින් අගොස්තු මස 09 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයාට දැනුම් දුන් පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය සිංගප්පුරු පුරවැසියකු වන මෙම නඩුවේ 10 වැනි විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටිති.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ‍්‍රී ලංකා අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරන්නැයිද පුංචිහේවා නමැත්තාට සිතාසි නිකුත් කරන්නැයිද නීතීපතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.මෙම නඩුව කැඳවනු ලැබු මීට පෙර අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විශේෂ  ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස දැනුම් දුන්නේය.මෙම නඩුව සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය නිකුත් කොට තිබු සිතාසි වලට අනුව මෙම නඩුවේ විත්තිකරුවන් දසදෙනාගෙන් හත්දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැදුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවු අහිතකාර බලපෑම, බැදුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් නීතීපතිවරයා මෙම නඩුව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර ඇත.පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ලද්දේ සම්පත් විජේරත්න (සභාපති විනිසුරු)  සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් මෙම නඩුවේ විනිසුරුවරුන් වශ්‍යයෙන් කටයුතු කරයි.2015 පෙබරවාරී මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී භාන්ඩාගාර බැඳුම්කර වංචා කිරීම සදහා පොදු අරමුණක් සහිතව කටයුතු කිරීම ඒ අනුව භාන්ඩාගාර බැදුම්කර වංචා කිරීම එමඟින් රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිංගප්පුරූ පුරවැසියකු වන මෙම නඩුවේ 10 වැනි විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්්තාට සිතාසි නිකුත් කිරීම සිදු කිරීම, ඒ ස`දහා අධාර අනුබලදීම ඇතු`ථ චෝදනා 23ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.මෙලෙස චෝදනා නඟා ඇත්තේ ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම, එහි අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන්  ඕෂධී පළිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එම සමාගමේ සේවකයින් වන පුෂ්පමිත‍්‍ර ගුණවර්ධන, චිත‍්‍රා රංජන් හුලූගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන්ට එරෙහිවය.විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සදහා සාක්කිකරුවන් 115 දෙනෙකු හා ලේඛණ 236ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත. මෙම නඩුව සළකා බැලූ ස්ථිර ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබු අවස්ථාවේදී අධිකරණයෙන් නිකුත් කළ සිතාසි වලට අනුව මෙම නඩුවේ විත්තිකරුවන් 07 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී මීට පෙර දින කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප‍්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල නඩු විභාගයක් ආරම්භයේදීම යම් විත්තිකරුවකුට වරෙන්තු නිකුත් කරන්නේ නම් ඒ සදහා අපරාධ නඩු විධාන සංග්රහයේ 73 වන වගන්තියට අනුව යම් යම් කරුණු සම්පූර්ණ වී තිබිය යුතු බව සදහන් කළ අතර එවැනි කරුණු ඇත්නම් ලබන මස 09 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැමිණිලි පාර්ශවයට නියම කළේය.විත්තිකරුවන් වන අර්ජුන් ඇලෝසියස්ල ජෙෆ්රි ඇලෝසියස් සහ මුතුරාජා සුරේන්ද්රන් නමැත්තන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය අමතමින් තම සේවාදායකයින්ගේ මව් භාෂාව සිංහල නොවන හෙයින් ඔවුන්ට ලබාදී ඇති චෝදනා පත‍්‍ර වල ඉංග‍්‍රීසි හා දමිළ පරිවර්ථන ලබාදෙන්නැයි ඉල්ලා සිටි අතර චිත්ත රන්ජන් හුළුගල්ල නමැති විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය අමතමින් තම සේවාදායකයා ඇමරිකා එක්සත් ජනපදය උපන් අයෙකු බැවින් ඔහුට සිංහල තේරුම් ගැනීමේ අපහසුතාවක් පවතින නිසා ඔහුටද චෝදනා පත්රයේ ඉංග්රීසි භාෂා පරිවර්තන පිටපතක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියහ.එම ඉල්ලීම් පිළිගත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා එම විත්තිකරුවන්ට ඉංග‍්‍රීසි සහ දමිල භාෂා පරිවර්තන ලබාදීමට කටයුතු කරන බව දැනුම් දුන්නේය.ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා අධිකරණය අමතමින් මෙම බැදුම්කර වංචා සිද්ධියට අදාළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටි ඔහු එහි සාක්කි දීමෙන් අනතුරුව 2017 ඔක්තෝම්බර් මස 13 වැනිදා විදේශ ගතවී ඇතැයි පැවසීය.ඔහු එලෙස විදේශ ගතවී ඇත්තේ ඔහුට එරෙහිව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පැමිණිලි ගොනු කිරීමට පෙර බවත් ඔහු අධිකරණයට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යයන්තර පොලිසිය හරහා නිල් දැන්වීම් හා  රතු නිවේදන  නිකුත් කළ බවත් කී ප‍්‍රියන්ත නාවාන මහතා ඉන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ජාත්‍යයන්තර පොලිසිය මාර්ගයෙන් රහස් පොලිසියෙන් ඉල්ලීම් කොට ඇති බවත් ඒ අනුවම ඔහු මෙම නඩුකරය සම්බන්ධයෙන් දැනුවත්ව සිට ඇති බව පැහැදිලි වන්නේ යැයිද කීය.අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා මේ වන විටත් උදර්පන නීතීය අනුව අවශ්‍ය කටයුතු කොට ඇතැයිද එම කටයුතු වඩාත් සාර්ථක කර ගැනීම සදහා අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එරෙහිව වරෙන්තු නිකත් වීම අත්‍යවශ්‍ය වී ඇතැයිද කී ප‍්‍රියන්ත නාවාන මහතා අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කරන්නැයිද,  සිංගප්පුරූ පුරවැසියකු වන මෙම නඩුවේ 10 වැනි විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාට මෙම අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කරන්නැයිද ඉල්ලා සිටියේය.මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ නවීන් මාරපන මහතා සහ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුවන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැතැයි කීය.ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගයන් කළ විනිසුරු මඩුල්ල මෙම නඩුව අගොස්තු මස 09 වැනිදා යළි කැඳවීමටද නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන මිලින්ද ගුණතිලක, විරාජ් දයාරත්න, පාරින්ද රණසිංහ, හරිප‍්‍රියා ජයසුන්දර, ඩිලාන් රත්නායක, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරුන් වන ලක්මිණි ගිරිහාගම, නයෝමී වික‍්‍රමසේකර, උදාර කරුණාතිලක යන මහත්ම මහත්මීන් සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා පෙනී සිටියහ.විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ නවීන් මාරපන මහතා ඇතු`ථ නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහත්වරුන් පෙනී සිටියේය. 
මහ බැංකු විත්තිකරුවන්ට චෝදනා පත්‍ර බාර දෙයි
0
hp_train_0922
(ඩී.කේ.රත්න)වැල්ලවාය ඇතිලිවැව දෙමටත්ආර රක්ෂිතයේ අද (7) අලූයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර විස්සක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.රක්ෂියේ ඇතිවූ ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ බිංකොහොඹ ඇහැළ, නික, රණවරා ආදී ඖෂධ පැළෑටි රැසක් සහ වටිනා ශාක වර්ග රැසක් විනාශ වී තිබේ.ගින්න ඇතිවීමත් සමඟ වැල්ලවාය පොලීසිය විසින් බුත්තල යුද හමුදා කඳවුරේ යුද හමුදා නිළධාරීන්ගේ ද සහයෝගය මත උදෑසන වනවිට ගින්න මුළුමනින්ම නිවා දමා තිබේ.කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් මෙම රක්ෂිතයේ සිටින ගෝනුන් මුවන් හා වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
දෙමටත්ආර රක්ෂිතයේ ගින්නකින් අක්කර 20 ක් විනාශයි
1
hp_train_0923
(රංජිත් රාජපක්ෂ)පැවති පළාත් පාලන ආයතන මැතිවරණය පසු  ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කවුරුන්දැයි තීරණය කිරීම සඳහා පැවැති විවෘත ඡන්දයකින් අනතුරුව සභාපතිවරයා ලෙස ලංකා කම්කරු කොංග‍්‍රසයේ සුප්පිරමණියමි කදිර්සෙල්වන් මහතා තේරීපත්විය.උප සභාපතිවරයා ලෙස තේරී පත් වුයේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වි.එමි ජයලත් විජේතුංග මහතාය.පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (27)  ලිදුල නාගසේන මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදි මෙම  සභාපතිවරයා තේරීමේ ජන්දය පැවැත්විණි. පාලන කොමසාරිස්වරයා විසින් විවෘත ජන්දයක්ද රහස් ජන්දයක්ද යන්න පිළිබදව සභිකයින්ගෙන් විවෘතව අදහස්  ලබාගැනිමෙන් පසු මෙම ඡන්ද පැවැත් විය.ආගරපතන ප‍්‍රාදේශිය සභාව මන්ති‍්‍රධුර පහළොවකින් සමන්විත වන අතර ඒ සදහා ලංකා කමිකරු කොංග‍්‍රසයෙන් සභිකයන් 7ක් එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 6ක් ස්වාධින 1ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක් මන්ත්‍රීධුරයකින් සමන්විත වේ.
ආගරපතන ප්‍රා.සභාවේ බලය කම්කරු කොංග්‍රසයට
1
hp_train_0924
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ  රජයට අයත් සියයට  හතලිහක  කොටස්  නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු  සමාගමකට ලබා දීමට කැබිනට්  මණ්ඩලය  ගෙන ඇති තීරණය බලරහිත  කරන්නැයි  ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව විමල් වීරවංශ , උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් දුන් දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී යැයි නීතිපති , ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද ( 17) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේය.එසේම එලෙස අමාත්‍යවරුන් තිදෙනා දිවුරුම් ප්‍රකාශ ලබා දීම නීතියට පටහැනි යැයිද නීතිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.උදය ගම්මන්පිල , විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ඉකුත් 07 වැනිදා  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් වලට පක්ෂව වි⁣රෝධතා කරනු ලැබූහ.මෙම අමාත්‍යවරුන් තිදෙනා එම මූලික අයිතිවාසිකම් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියදී පෙත්සම් වලට පක්ෂව විරෝධතා ගොනු කිරීම විශේෂත්වයකි .අගවිනිසුරු  ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන්   ,  විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්. ටී.බී.දෙහිදෙනිය  යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලේ.අගරදගුරු මැල්කම් කාදිනල්  රංජිත්  හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය  ඇල්ලේ ගුණවංශ හිමියන්,  සමගි ජන බලවේගයේ  මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ,  වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ  ලේකම් රන්ජන් ජයලාල්  යන මහත්වරුන් විසින් මෙම පෙත්සම්  ගොනු කර සිටිති.අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු  කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම් වරයා, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපතිවරයා, ලංකා විදුලි බල මණ්ඩලය,  එහි සභාපතිවරයා, ලංකා  ඛනිජ තෙල් සංස්ථාව,  එහි කලමණාකරණ අධ්‍යක්ෂවරයා,වෙස්ට් කෝස් පවර් පෞද්ගලික සමාගම,  ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි   සමාගම  නීතිපති වරයා  ඇතුළු  54දෙනෙකු  මෙහි  වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.එම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු වන ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා පෙනී සිටි.
ඇමැති තුන් කට්ටුවේ දිවුරුම් ප්‍රකාශ ව්‍යාවස්ථා විරෝධි-නීතිපති කියයි
1
hp_train_0925
මෑත වකවානුව තුළ යළිත් වරක් බදු වංචා සම්බන්ධයෙන් අසන්නට ලැබෙමින් පවතී. මෙයට වසර ගණනාවකට පෙර අදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු හා ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සම්බන්ධ වී සිදුකරන ලද රුපියල් බිලියන ගණනක බදු වංචා කිරීමක් හෙළිදරව් වීමෙන් ඔවුන්ට අධිකරණය මගින් නිසි දඬුවම් ලැබී ඇත. මෙම සිද්ධිය අධිකරණය මගින් නිසි දඬුවම් ලැබී ඇත. මෙම සිද්ධියෙන් හෙළිදරව් වන්නේ ව්‍යාපාරිකයන්ට බදු වංචා කිරීම්වලට සහය ලබාදෙන්නේ නිලධාරීන් බවය. ඒ තුළ දේශපාලනික සාධක ද සම්බන්ධ නැතුවා නොවේ. එහෙත් අවසානයේ එල්ලුම් ගස් යන්නේ නිලධාරීන් බව තවදුරටත් මතක තබාගත යුතු කරුණකි. රාජ්‍ය යාන්ත්‍රණය තුළ වංක නිලධාරී පැලැන්තිය මෙන්ම අවංක සෘජුව වැඩ කරන මුදලට කෑදර නොවී සේවය කරන, ජනතා මුදල් සොරකම් නොකරන නිලධාරීහුද සිටිති. එහෙත් අතලොස්සක් නිලධාරීන් දූෂිතය. රටේ සැබෑ තත්ත්වය එයයි.දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අනුව 2019 වර්ෂය වනවිට රට තුළ ආදායම් බදු ගෙවන්නන්ගේ ගණන 281,105කි. රටේ ජනගහනයට සාපේක්ෂව හා රැකියා නියුක්තිකයන්  ප්‍රමාණය සලකා බැලීමේදී මේ ගණන ඉතා කුඩාය. බොහෝ පුද්ගලයන් ආදායම් බදු දැලෙන් මිදී ඇති බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් පෞද්ගලික අංශයේ ඉහළ වැටුප් ලබන පුද්ගලයන් දේශීය බදු දැලෙන් මිදී ඇති බව පෙනේ. ඇත්ත වශයෙන් ජනතාව බදු ගෙවීමට පෙළඹවීම සඳහා සාධක කිහිපයක් බලපානු ලබයි. විශේෂයෙන් තමන් ගෙවන බදු සඳහා රජයෙන් සාධාරණයක් ඉටු නොකරන්නේය යන මතය ජනතාව තුළ එල්බගෙන තිබේ. අනිත්  අතට ජනතා බදු මුදල් විවිධාකාර දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් කොල්ලකන්නේය යන්න තවත් මතයකි. කෙසේ වෙතත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව 2019 වර්ෂයේදී අපේක්ෂිත බදු ආදායම මිලියන 1,038,129,000 වූ අතර එයින් ළඟා කරගෙන ඇත්තේ රුපියල් මිලියන 1,025,315,006,780ක සංඛ්‍යාවකි. එය සියයට 98.77ක ප්‍රමාණයකි. එය 2018 වර්ෂයට සාපේක්ෂව සැලකීමේදී සියයට 13.88ක වර්ධනයකි.ආදායම් බදු වංචා කිරීමෙන් රජයට රුපියල් බිලියන ගණනක් අහිමි වනවා සේම භාණ්ඩ ආනයනයේදී බදු වංචා කිරීම් තුළින් ද රජයට බිලියන 100කට වැඩි ආදායමක් අහිමි වන බව පෙනේ. බොහෝ විට ආනයනකරුවන් භාණ්ඩ ගෙන්වීමේදී නියමිත වටිනාකම් ඉන්වොයිසිය මගින් නොදක්වන අතර බොහෝ විට වටිනාකම් ව්‍යාජ ලෙස පෙන්වීමට උත්සාහ දරන අවස්ථා දක්නට ලැබේ. එවැනි අවස්ථා නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට ක්‍රමවේදයක් පවතින අතර නියමාකාරයෙන් (Updated Information System) යාවත්කාලීන කරන ලද තොරතුරු පද්ධතියක් පැවතියේද යන ගැටලුව මතුවේ. මෙම වටිනාකම් සැඟවීම් තුළින් (Under Value) රජයට විශාල ආදායම් ප්‍රමාණයක් අහිමි වී තිබේ. අනික් අතට භාණ්ඩ සඟවා ගෙන්වීම තුළින්ද බදු වංචා සිදුවේ. ඉතා වටිනා භාණ්ඩ අබලි ද්‍රව්‍ය හෝ වටිනකම් අඩු භාණ්ඩ කලවම්කර සඟවා ගෙන්වීම මගින් විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වේ. විෂකාරක පොල්තෙල් ගෙන්වීමට අදාළ සිදුවීමේ ඇත්තේ විශාල බදු වංචාවකට චක්‍රලේඛ ගැසීමෙන් ඒ සඳහා නීත්‍යානුකූලතාවක් ලබාදීමය. පිරිසුදු නොකරන ලද විෂකාරක සහිත පොල්තෙල් රට තුළට ගෙන්වීමට අවස්ථාව ලබාදුන් අයටද දඬුවම් පැනවිය යුතුය. විදේශ රටවලින් භාවිතයට නොගන්නා ඉතා අඩු මිලට මිලදී ගන්නා පොල්තෙල් මෙරට තුළ පිරිසුදු කරනවා යැයි බොරු මවාපෑම් තුළින් පෝෂණයෙන් තොර පොල්තෙල් නිපදවීමට ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමිකර දී තිබේ. ලංකාවට ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍ය ඉතා බාල අඩු මිල ගණන් සහිත භාණ්ඩ වන අතර බොහෝමයක් භාණ්ඩ ජනතාවගේ පරිභෝජනයට නුසුදුසු ඒවා බව පෙනේ. මෙය එක්තරා  ආකාරයකට ජනතාවට විෂ කවා රජයට හිමිවිය යුතු විශාල බදු මුදලක් අහිමි කිරීමකි.වර්තාවලට අනුව ආනයනය කරන භාණ්ඩ කාණ්ඩ 3000ක සංඛ්‍යාවකින් තත්ත්වය පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබෙන්නේ භාණ්ඩ කාණ්ඩ 1800ක් පමණක් වන බව මේ වනවිට අනාවරණය වී තිබීමෙන්  රාජ්‍ය යන්ත්‍රණය තුළද පවතින දුර්වලතාව අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් දේශපාලනඥයන්ට දොස් පවරනවාට වඩා රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින නිලධාරීවාදය වගකීම භාරගත යුතුය. මෑතකදී සීනි ආනයනයේදී බදු අහිමි වීම්වලද සැඟවී ඇත්තේ බදු වංචා පිළිබඳ කතාවකි. ජනතාවට සහන දෙන්නේ යැයි අඟවමින් ව්‍යාපාරික මාෆියාවට තවදුරටත් සහය දෙන්නවුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීම ජනාධිපතිවරයාගේ ප්‍රධාන වගකීමකි. මෙහි ප්‍රධාන දුර්වලතාව වන්නේ වැරැද්දේ දී නිසියාකාරව දඬුවම් නොපැමිණ වීමයි. බොහෝ වෙලාවට ලංකාවට භාණ්ඩ ආනයනයේදී පවතින ව්‍යාපාරික මාෆියාව බිඳ දැමීම ඉතා ඉක්මනින් සිදුකළ යුතුය. ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ අතේ පවතින වෙළෙඳපොළ අනෙක් ව්‍යාපාරිකයන්ට විවෘත කිරීමට ඉඩ කඩ සැලසීම රජයේ වගකීමයි.රට තුළ සිදුවන මෙම වංචා හේතුවෙන් රටේ ජාතික ආදායමට වන පාඩුව ඉතා විශාල වේ. මෙහිදී පැහැදිලිව පෙනෙන්නේ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව තුළින් තවදුරටත් මෙය වළක්වා ගත නොහැකි බවයි. මෙහිදී වැදගත් වන්නේ වඩා ස්වාධීන වූ බලතල ඇති අයතනයක දැඩි අවශ්‍යතාවයි. විශේෂයෙන් හොංකොං හි පවතින (Independent Commission Against Corruption (ICAC) දූෂණයට එරෙහි ස්වාධීන  කොමිසම් අයතනය වැනි වඩා පුළුල් බලතල ඇති නිසි ක්‍රමවේද පවතින ආයතනයක අවශ්‍යතාව දැඩිව පවතී. මෙම ආයතනයෙන් බොහෝ විට රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් රටේ සියලු‍ අංශ ආවරණය වන පරිදි තොරතුරු පද්ධතියක් හරහා නිරීක්ෂණය (Monitor) වේ. කිසිවෙකුටත් බදු හෝ වෙනත් වංචාවලින් පලා යා නොහැකි ය. බැංකු පද්ධතියේ සිට සියලු අංශ (Automatically) ස්වයංක්‍රීයව නිරීක්ෂණය වේ. ඒ අනුව කිසිවකුටත් ඒ තුළින් පලා යා නොහැකිය.විවිධ බදු වංචාවලින් රටේ ආර්ථිකයට වන හානිය සුළුපටු නොවේ. විශේෂයෙන් මෙම බදු වංචා තුන්වන ලෝකයේ  රටවල සුලභව පවතින තත්ත්වයකි. මෙයට මූලික හේතුව වී ඇත්තේ නිසියාකාර ක්‍රමවේද හෝ දැඩි දඬුවම් නොමැති වීමයි. බදු වංචාවලින් නිදහස් වීමට ඇති පහසු තත්ත්වයයි. එම නිසා ව්‍යපාරිකයන් බදු  වංචා සඳහා පෙළඹීම නිරායාසයෙන් සිදුවන්නකි. බදු වංචාවලින් රටේ අර්ථිකයට සිදුවන ආලාභය විවිධාකරයෙන් විවිධ පැතිවලින් නිරීක්ෂණය කළ හැකිය. මෙහිදී ප්‍රධාන වශයෙන් සෘජුවම රටේ අදායම් සඳහා වන බලපෑම ඉතා ඉහළය. රටේ වියදම පියවා ගැනීම සඳහා අපේක්ෂිත ආදායම් අහිමි වීමෙන් රට තුළ අර්ථිකයට බලපෑම් ගණනාවක් ඇති විය හැකිය. විශේෂයෙන් රටේ මහජනතාවගේ සුබ  සිද්ධියට අදාල වන සංවර්ධන යෝජනා අඩපණ විය හැකිය. තවත් ආකරයෙන් සුබසාධක වියදම් විශේෂයෙන් රෝහල් නඩත්තුව, ඖෂධ ආනයනය ආදියට මුදල් හිඟ විය හැකිය. මහා මාර්ග නඩත්තුව සඳහා මුදල් හිඟ විය හැකිය. පොදුවේ අඛණ්ඩව සිදුවන සංවර්ධන ව්‍යාපෘති ඇණහිටීම තුළ ජනතා ප්‍රශ්න තවදුරටත් උග්‍ර විය හැක. රජය පසුගියදා සීනි ආනයනයේ දී සීනි මිල අඩු කිරීම සඳහා රුපියල් 50 ක බද්ද ශත 25 දක්වා අඩු කිරීම මගින් මේ වන විට රජයේ බදු ආදායම රුපියල් බිලියන 20 කට අධික ගණනකින් අහිමි කරගෙන තිබෙන බව පෙනේ. එහෙත් රජය අපේක්ෂා කළ පරිදි සීනි මිල අඩු වුණේ ද යන්න ගැටලු සහගතය. ඒ තුළින් වෙළඳපොළ මාෆියාව විශාල බදු වංචාවක් සිදුකර විශාල ලාභයක් ලබා ඇති බව පෙනේ. අනික් අතට විශාල වශයෙන් ගෙන්වූ සීනි පරිභෝජනයට වඩා වෙනත් භාණ්ඩ නිපදවීමට ප්‍රයෝජනයට ගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ තුළින් රජය අපේක්ෂා කළ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වී ඇත.බදු වංචා කිරීම්වලින් මෙරට ට ගෙන්වන භාණ්ඩ ගුණාත්මක භාවයෙන් අඩු භාණ්ඩ වීම නිසාවෙන් රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න ප්‍රබලව උත්සන්න වෙමින් පවතී. ජනගහනයෙන් වැඩි පිරිසක් මේ වන විට විවිධ රෝගවලට ගොදුරු වෙමින් සිටිති. ඒ තුළින් රටක සංවර්ධනයට අවශ්‍ය නිරෝගීමත් ශ්‍රම බලකායක් ගොඩනැගීම ඉදිරි ආර්ථික සංවර්ධනයේදී පුළුල්ව සලකා බැලිය යුතු කරුණකි. බදු වංචා වැළැක්වීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයේ පුළුල් වෙනසක් විශේෂයෙන් චක්‍රලේඛ, අනපනත්වල වෙනස්කම් සිදු කිරීමට රජයට මෙය ඉතා හොඳ අවස්ථාවකි. මක්නිසාද යත් ජනතාව රජයට 2/3ක බහුතර බලයක් හිමිකර දී තිබෙන බැවිනි. යල් පැන ගිය දඬුවම් මගින් මෙය වළක්වාගත නොහැක. නිරෝගීමත් ශ්‍රම බලකායක් සඳහා නිරෝගීමත් අනාගත පරපුරක් බිහි විය යුතුය. රෝගී ජනගහනයක් හෝ රෝගී  තරුණ පරපුරක් හේතුවෙන් ඉදිරි ආර්ථිකමය පාඩුවකට ඉහළ ගිය විශාල සමාජ ආර්ථික කඩා වැටීමකට ඉඩ සැලසෙනු ඇත. එම නිසා බදු වංචාවලින් ගෙන්වන බාල, ගුණාත්මක භාවයෙන් අඩු භාණ්ඩ ගෙන්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීතීමය පසුබිම සකස් කීරීම ඉතා ඉක්මනින් සිදුවීම ඉතා වැදගත්ය. විශේෂයෙන් ගෝඨාභය ජනපතිතුමාගේ ජනතා අභිෂේකයේ ප්‍රධාන කාරණාවලින් එකක් වශයෙන් මේ රටේ පවතින යල් පැනගිය නීති පද්ධතිය ශක්තිමත් කිරීම පෙන්නාදිය හැකිය.තුන්වන ලෝකයේ බොහෝ ආර්ථිකයන්ට සිදුවී ඇත්තේ මෙම ඛේදවාචකයයි. බදු අයකර ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිකමින් නියමිත වර්ෂය සඳහා ගණන් බලන රජයේ ආදායම් අහිමි වීම තුළ වියදම් පියවා ගැනීමට විවිධාකාරයෙන් ණය ගැනීමට සිදුව තිබේ. අවසානයේ රජය ණය බරින් පීඩිතව ඉහළ පොලී අනුපාතිකයන්ට විදේශ ණය ගැනීමෙන් විදේශ ණය උගුලකට හසුවී ඇත. මෙය ආරම්භයක් ද අවසානයක් ද නොවනු ඇත. අද වන විට රුපියල බාල්දු වීමට ද මෙය ප්‍රධාන සාධකයක් බවට පත් වී තිබේ. බොහෝ විට සංවර්ධිත රටවල පවතින ඉහළ ආදායම් බදු හා ආදායම් බදු එකතු කිරීමේ නිසි ක්‍රමවේද නිසා රජයේ ආදායම් ආරක්ෂා කර ගැනීමටත් බොහෝ වියදම් පියවා ගැනීමෙන් ජනතා සුබසිද්ධිය නිසියාකාරව සිදු කිරීමට එම රටවලට  හැකියාව ලැබී තිබේ. කෙසේ වෙතත් අපි මෙය දිගින් දිගටම තට්ටු මාරු ක්‍රමයට වසර 72 ක් පමණ සාකච්ඡා කරමින්, එකිනෙකාට දෝෂාරෝපණය කර ගනිමින් පසුගාමී ජාතියක් බවට තව දුරටත් පත්වෙමින් සිටින්නෙමු. මේ වන විට ශක්තිමත් ආණ්ඩුවක් ජනතාව පත්කරගෙන ඇත්තේ රට තුළ පුළුල් වෙනස්කම් කිරීමටය. රජය ව්‍යාපාරිකයා මෙන්ම වෙළඳපොළ ආරක්ෂා කරගනිමින් මීට වඩා ඉක්මනින් පුළුල්ව සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ කරා ගමන් කළ යුතු බව සටහන් කළ යුතුය.----------------ආර්ථික විශ්ලේෂක/ ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සාමාජිකචිත්‍රාල් ජයවර්ණ-----------------
‘බදු දැලෙන් රිංගා යන විශාල පිරිසක් රට තුළ සිටිනවා‘
0
hp_train_0926
(යොහාන් භාසුර)‘නැප්තා’ නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරය අද (3) රාත්‍රී නැවත අක්‍රීය වීමේ අවධානමක් ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.‘නැප්තා’ අවසන් වීම නිසා එම බලාගාරය ඊයේ  (2) රාත්‍රී අක්‍රීය වීමට ආසන්නව තිබියදී ඛනිජ තෙල් සංස්ථාව ‘නැප්තා’ ලීටර ලක්‍ෂ 13 ක් සැපයූ බවත් එම ‘නැප්තා’ තොගය අද දිනට පමණක් ප්‍රමාණවත් බවත් එම නිලධාරියා කීය.කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට දෛනිකව මොගාවොට් 165 ක විදුලි ප්‍රමාණයක් එකතු කරයි.  
කැලණිතිස්ස යළි නවතියි?
1
hp_train_0927
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1305 දෙනකු අද දින හඳුනාගෙන ඇත. ඒ අනුව අද වාර්තා වූ ගණන 2530 දක්වා ඉහළ ගියේය.මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 131060 ක් දක්වා ඉහළ ගොස් ඇත.එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,030 දෙනෙක් සුවය ලබා අද (11) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,06,641 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 
කොරෝනා ආසාදිතයන් 1228ක්
0
hp_train_0928
උතුරු, බස්නාහිර, මධ්‍යම සබරගමුව සහ දකුණු පළාත්වල  වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි .සෙසු බොහෝ ප්‍රදේශ වලට සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 07/10/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31259575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30249575වැසි වාර කිහිපයක් හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249580වැසි වාර කිහිපයක් හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය30249075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර29219580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19139585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249565වැසි වාර කිහිපයක් හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30248565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31259075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
'පළාත් කීපයකට වැසි'
1
hp_train_0929
රංජිත් රාජපක්ෂ                        ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2019 අයවැය සමාලෝචන කෙටුම්පත සාකච්ඡාව අද (04) එම සභාවේ සභාපතිවරයා සහ පාලන පක්ෂය හොබවන ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සභාවට නොපැමිණීම නිසා එම සභාවේ  උණුසුම් තත්ත්වයක් ඇතිවිය.2019 වර්ෂය සඳහා එම ප්‍රාදේශීය සභාවේ අයවැය සමාලෝචන කෙටුම්පත සාකච්ඡා කිරිම සඳහා එම සභාවේ සභාපති එස්.කදිර්සෙල්වම් මහතා විසින් සියළුම මන්ත්‍රීවරුන්ට අද සභාපති පැමිණෙන ලෙස ලිඛිතව දැනුම් දී ඇත.පාලන පක්ෂයේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සභාවට නොපැමිණි බව එම සභාවේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂය වි.සිවනාදන් මහතා පැවසීය.සභාපතිවරයා නොපැමිණිම නිසා විපක්ෂයේ මන්ත්‍රිවරුන් 8 දෙනෙකු එක් වී යෝජනාවක් සම්මත කරගනිමින් එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ඩබ්ලිව්.ජි.ජයලත් විජේතුංග මහතා එම සභාවේ ස්ථිර සභාපතිවරයා වශයෙන් පත් කරගනිමින් ඒ සඳහා වු අත්සන් සහිත ලිපියක් පළාත් පාලන කොමසාරිවරයා වෙත යොමු කිරිම සඳහා එම සභාවේ ලේකම් සි.ජයප්‍රකාශ් මහතාට සභා රැස්විම් ශාලාවේදී බාරදෙනු ලැබීය.
හොරොව්පොතාන ප්‍රා සබේ උණුසුම් තත්ත්වයක්
0
hp_train_0930
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)පවතින වර්ෂාව හේතුවෙන් වැසි ජලය බැස නොයාමේන් හා වැව් කිපයක් වාන් දැමීම නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 623 ක පුද්ගලයින් 2183 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමණාකරන ඒකකය පවසයි.පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ අටක ජනතාව පීඩාවන්ට පත්වී ඇති අතර එයින් වැඩිම පිරිසක් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන අතර එහි පවුල් 208 ක පුද්ගලයින් 648 දෙනෙකු පීඩාවන්ට පත්වී ඇති බව කියයි.ඒ සමඟම මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 165 ක පුද්ගලයින් 622 දෙදෙනෙකුද නාත්තන්ඩිය පවුල් 97 ක 380 දෙනෙකුද , වෙන්නප්පුව පවුල් 95 ක පුද්ගලයින් 295 ක්ද ,මහවැව පවුල් 30 ක 120 දෙදෙනෙකුද, හලාවත පවුල් 25 ක 110 දෙනෙකුද, වනාතවිල්ලුව පවුල් 2ක ක 4 දෙනෙකුද,කරුවලගස්වැව 1ක් පවුලක 4 දෙනෙකුද මෙලෙස පීඩාවන්ට පත්වී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙයි.අකුණු සැර වැදී එක් අයෙකු මියගොස් ඇති බවද පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි. 
වතුර බැස නොයාමෙන් පුත්තලමේ පුද්ගලයින් 2183 ක් පීඩාවට
1
hp_train_0931
ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ සහ කඳුකර ප්‍රදේශ වලත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශෙවලත් විටින් විට හමන තද සුළං  බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට  හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටක සුළං වේගය පැයට කිලෝ මීටර් 60-70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට  රළු විය හැකි බව ද පවසයි.ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් සිටිනා මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කරයි.
දකුණු මුහුද රළුවේ: ධීවර කටයුතු ප්‍රවේශමෙන්
0
hp_train_0932
(මොහොමඩ් ආසික්)මධ්‍යම පළාත තුල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන්  මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය  ලේකම්  කොට්ඨාස  දෙකකට තව දුරටත් නායයෑමේ අවදානම් නිවේදනය  හෙට (24) පස්වරු 2.30 දක්වා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කරනු ලැබ තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද( 23) සවස  නිකුත් කර ඇති එම  නිවේදනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහළ කෝරළය , සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ   අඹගමුව කොරළය ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස දෙක සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පුද්ගලයින්  ගල් පෙරළීම් බෑවුම් කඩා වැටීම්,  පොළොව ගිලා බැසීම්, පස් කණ්ඩි කඩා වැටීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් පූර්ව නායයෑමේ අවදානම්  ඇති ප්‍රදේශ ලෙස පූර්වයෙන් හඳුනා  ගෙන ඇති ප්‍රදේශවල ජීවත්වන පිරිස්ද වඩාත් අවදානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිල් පර්යේෂණ සංවිධානය කියයි. 
මධ්‍යම ප්‍රා.ලේ කොට්ඨාස දෙකකට නායයෑම් අවදානම් නිවේදන දිගු කරයි
1
hp_train_0933
(මුලටියන එස්. බාලසූරිය, දෙයියන්දර ජයන්ත ජයවර්ධන සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 6 වැනිදා දෙයියන්දරදී පැවැසීය. ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබාගෙන ඇත්තේ එම රටවල උගතුන් වැඩිවීම නිසා බව කී ජනාධිපතිවරයා ජාතියක් ගොඩනැගීමට, ජාතියක් ශක්තිමත් කිරීමට, රටක උගතුන් වැඩිවිය යුතු බව ද සඳහන් කළේය.දෙයියන්දර ජාතික පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තෙමහල් පරිපාලන සංකීර්ණ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවැති ජන හමුවකදී ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 270ක වියදමකින් එම ගොඩනැගිල්ල ඉදිකර ඇත.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව එම උළෙල සංවිධානය කර තිබිණි. ජනාධිපනති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය. වසර දෙකකට පෙර ඔබේ පාසලට වෙනත් කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවක විදුහල්පතිතුමාත් දරුවනුත් කළ ඉල්ලීමක් මත මේ නව ගොඩනැගිල්ල ගොඩනගා විවෘත කර ඔබේ අයිතියට ලබා දීමට හැකිවීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.  දෙයියන්දර, හක්මන ප්‍රදේශය වගේම මාතර දිස්ත්‍රික්කය මට අලුත් ප්‍රදේශයක් නොවේ.  පසුගිය අවුරුදු තිහකට ආසන්න කාලයක් විවිධ අමාත්‍යාංශවල කටයුතු කරන අවස්ථාවන්වලදීත් දේශපාලන කටයුතුවලදීත් මාතර දිස්ත්‍රික්කයේ මම ගමක් ගානේ ගිහින් තිබෙනවා. සමහර ප්‍රදේශවල, මැතිවරණ කාලවලදී ගෙයක් ගෙයක් ගානේ ගිහින් තිබෙනවා. අද ඔබේ ප්‍රදේශය තුළ කරනු ලබන සංවර්ධන කටයුතු සහ මේ පාසලේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා කරන්නාවූ කාර්යයන් ගැන ඉතාමත් සතුටු වෙනවා.  ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිතුමාගේ කතාවේදී සඳහන් කළ කාරණයක් මම පාඩමක් විදියට හිතට ගත්තා. ඇමැතිතුමා කිව්වා, මට කියලා ලියුමක් අත්සන් කර ගත්තා ජනාධිපතිතුමා දන්නෙත් නැහැ මම ලක්ෂ තුන්දාහක් අරගත්තා මේ පැත්තේ සංවර්ධන කටයුතුවලට කියා. මම එයින් තීරණය කළා මීට පස්සේ මම හැම කෙනෙක්ගේම ලියුම් අත්සන් කරන්නේ ගාණ දාලා කියා. දක්ෂ ඇමැතිවරයෙක් විදියට එතුමාගේ කාර්යය කරගන්න දක්ෂ වෙලා තිබෙනවා. මමත් ඉතාමත් සතුටු වෙනවා එවැනි විශාල මුදලක් අරගෙන මේ ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් කරන සංවර්ධන කටයුතු සම්බන්ධව.  වාසනාවන්ත මේ රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන්, හෙට උපදින දරුවන් වෙනුවෙන් රජය විදියට අපේ වගකීම සහ යුතුකම ඉටු කළ යුතු වෙනවා. රජයක්, රාජ්‍ය නොවන ආයතනයක් වෙනත් ඕනෑම සංවිධානයක්, පුද්ගලයෙක් යම් කාර්යයක් කරන්නේ නම් එය ශුභවාදී නම් එහි ප්‍රතිඵලය ලබා ගන්නේ දරුවන්. කෙනෙක් යම් අසුභවාදී දෙයක් කරන්නේ නම් ඒ නරක කාර්යයේ අනිසි ප්‍රතිඵල ලබා ගන්නේත් දරුවන්. ඒ නිසා අපි සෑම කෙනකුටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා අපි කරන සියලු කාර්යයන්හි වගකීමක් තිබෙනවා දරුවන්ගේ අනාගතය සඳහා සැමවිටම කටයුතු කරන්නට. ඒ කරන්නාවූ සියලු කටයුතුවල ආයෝජනයන්හි ප්‍රතිඵලය දරුවන් සඳහා විය යුතුයි.  ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබා ගෙන තිබෙන්නේ එම රටවල්වල උගතුන් වැඩිවීම නිසායි. ඒ රටවල්වල බුද්ධිමතුන් වැඩිවීම නිසයි. ජාතියක් ගොඩනගන්න, ජාතියක් ශක්තිමත් කරන්න රටකට වඩාත් යහපත් අනාගතයක් ඇති වෙන්න ඒ රටේ උගතුන් වැඩි වෙන්න ඕන. උගත් ජාතියක් බවට පත්වෙන්න ඕන. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මේ අවුරුදු තුනකට ආසන්න කාල සීමාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී තිබෙනවා. මෙහි පළාත් අධ්‍යාපන ඇමතිතුමා ඉන්නවා. මේ රටේ පළාත් සභා පිහිටුවීමෙන් පසුව කිසිම ආණ්ඩුවකින් නොදුන් මුදල් ප්‍රමාණයක් අපි ගිය අවුරුද්දේ සියලුම පළාත් සභාවලට දුන්නා. සමහර පළාත් සභාවලට අධ්‍යාපනය සඳහා දුන් මුදල් නැවත ආවා. සමහර මහ ඇමතිවරු අධ්‍යාපනයට යෙදවූ මුදල් වැඩියි. ඒ නිසා වෙනත් විෂයන්වලට මාරු කරන්න කියා ලියුම් මගේ ළඟට අරගෙන ආවා. මම ඒ ලියුම් අත්සන් කෙරුවේ නැහැ. අපි විශාල මුදලක් අධ්‍යාපනයට වැය කරන්නේ සියලු දේට වඩා ප්‍රමුඛත්වය රටේ අධ්‍යාපනයට, දරුවන්ට දෙන නිසයි.  ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන විවිධ ව්‍යාපෘති තුළ “දරුවන් රකිමු” කියා විශේෂ ව්‍යාපෘතියක් පසුගිය අවුරුද්දේ ආරම්භ කළා මම. මේ රටේ දරුවන් පිළිබඳ තිබෙන ප්‍රශ්න, ගැටලු, ආරක්ෂාව, සුරක්ෂිතභාවය දරුවන්ට කායිකව සහ මානසිකව බලපාන ප්‍රශ්න තුළ ඔවුන්ට ඇතිවන පීඩාවන් වැනි තත්ත්වයන් වාර්තා වූ නිසා “දරුවන් රකිමු” යන විශේෂ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. දරුවන්ගේ මනස තේරුම් ගැනීම, දරුවන්ගේ මනසට අවශ්‍ය දේ ලබා දීම, දරුවාට සුන්දර පැහැබර මනසක් ඇතිව වැඩ කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, දරුවන් සැමවිටම සතුටින් තබා ගැනීම අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා.  ඊයේ පෙරේදා මම කියවපු පොතක තිබුණා පිටරටක සිද්ධියක්. ඒ රටේ පොදු ප්‍රවාහන සේවයේ බස් රථයකට නැග්ගා දරුවන් තුන් දෙනෙක් සහ තාත්තා කෙනෙක්. තාත්තා බස් රථයෙහි ආසනයක වාඩීවී සිටින විට බස් රථයෙහි ඉඩ තිබුණත් දරුවන් තුන්දෙනා වාඩි වෙන්නේ නැතුව මහ හයියෙන් කෑ ගසමින් එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. බස් රථයේ සියලු මගීන්ට මේ දරුවන් කරදරයක් වුණා. මගීන් දරුවන් දිහා නොවෙයි දරුවන්ගේ පියා දෙසයි බැලුවේ. මේ දරුවන් තුන් දෙනාව සන්සුන් කරගන්නේ නැතුව ඇයි මෙහෙම කරන්නේ කියා. දරුවන්ගේ පියා අසල සිටි මගියා දරුවන්ගේ පියාගේ මූණ බලන විට ඔහු ඇස් දෙක පියාගෙන නින්දෙන් සිටින ආකාරයට සිටියා. දරුවන් තිදෙනාගේ හැසිරීම එන්න එන්නම නරකයි. බස් රථයේ මගීන් දරුවන්ට වෛර කරන්න පටන් ගත්තා. දරුවන්ගේ පියා අසල සිටි අනෙක් මගියා නිදාගෙන සිටි පියාගේ ඇඟට තට්ටු කරලා හයියෙන් කතා කරලා ඇහුවා මේ බස් එකට කරදරයක් ඔබේ දරුවෝ. මේ දරුවෝ සන්සුන් කර ගන්න බැරිද? ඔබට මේක පෙන්නේ නැද්ද? ඇයි ඔබ මේ විදියට ඇස් දෙක පියාගෙන නිදා ගෙන ඉන්නේ දරුවෝ මේ තරම් බස් එකේ යන මගීන්ට කරදර කරද්දි කියලා. ඒ පියා ඇස් දෙක ඇරලා එහෙම අහපු මගියා දිහා බලලා කිව්වා මම බස් එකට නගින්න විනාඩි කිහිපයකට පෙර මගේ බිරිඳ මේ දරුවන්ගේ අම්මා රෝහලේ මිය ගියා. දරුවෝ කෑ ගහන්නේ ඒ නිසයි. මම ඇස් දෙක පියා ගෙන ඉන්නේ මට ඒක ඉවසන්න බැරි නිසයි. මම දරුවොත් එක්ක යන්නේ දරුවන්ගේ අම්මාගේ වැඩ ටික සංවිධානය කරන්නයි කියලා. මම මේ කතාව කිව්වේ දරුවන් වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි බොහෝ වෙලාවට කෙනෙකුගේ බාහිර හැසිරීමෙන් අභ්‍යන්තර තත්ත්වය නොදැන වැරදි තීන්දු තීරණවලට එළඹෙනවා. ඒ බසයේ සිටි ඒ දරුවාගේ පියා එහෙම කිව්වට පස්සේ මගීන් සියලු දෙනාටම ඒ දරුවන් සහ පියා පිළිබඳව අනුකම්පාවක් ඇති වුණා. ඒ අවට සිටිය මගීන් කිහිප දෙනෙක් ඇවිල්ලා ඒ පියාගෙන් ඇහුවා ඔබේ බිරිඳගේ මළ ගෙදරට අපෙන් මොනවහරි කෙරෙන්න තියනවා නම් කියන්න. අපි ඒ කටයුතු කරන්නම් කියලා. අපි ප්‍රශ්නය තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ පසුබිම තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ බාහිර තත්ත්වය උඩ අපි තීන්දු තීරණ ගන්නවද? මිනිසුන් සමග සමාජය සමග වැඩකරන විට ඒ ප්‍රශ්න සැබෑ ලෙසම තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එසේ නොමැති නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ. වෛරය ඇති වෙන්නේ. වැරදි ලෙස කෙනෙක් දෙස බලන්නේ. රවන්නේ නැතිව හැමවිටම සිනහ වෙන්න කියලා කියන්නේ.  ඔය කියපු කතාව වගේම තවත් පුංචි කතාවක් තියනවා කියන්න. අවුරුදු තුනක හතරක කුඩා දරුවෙකුගේ උපන්දින උත්සවයක් තිබුණා. ඒ දරුවගේ මව්පියන් ටිකක් වත් පොහොසත්කම් තියන අය. ඒ අය තමන්ගේ හිතවතුන්ට කිව්වා පුතාගේ උපන්දිනය තියෙනවා ඒ සාදයට එන්න කියලා. ඒ පවුලේ හිත මිතුරන් තෑගි බෝග අරගෙන ඒ උපන් දිනයට සහභාගි වුණා. ඇවිල්ලා උපන්දිනේ සමරන දරුවට තෑගි බෝග දුන්නා. එහෙම දීලා ඒ මව්පියෝ ඒ දරුවට කිව්වා ඒ ගෙනාපු තෑගි බෝගත් එක්ක අපේ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න කියලා. නමුත් අර උපන්දිනේ සමරපු දරුවා ඒ තෑගි බෝග අරගෙන එක කාමරයක ගිහින් හැංගුවා. අනික් ළමයින් එක්ක සෙල්ලම් කළේ නැහැ. ඒ ළමයි කිව්වා අපි ගෙනාපු සෙල්ලම්බඩුත් එක්ක අපි සෙල්ලම් කරමු කියලා. ඒ දරුවා ඒ ඉල්ලීමට කැමති වුණේම නැහැ. මේක බලාගෙන හිටපු ඒ දරුවන්ගේ මව්පියෝ ඒ දරුවට කිව්වා අපේ බබාලාත් එක්ක සෙල්ලම් කරන්න. ඔයාට අපි සෙල්ලම් බඩු ගොඩාක් ගෙනාවා. ඔයාලා සේරම එකතු වෙලා සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා මහා හයියෙන් කෑගහලා කිව්වා නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නැහැ. මම ඔයාලත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඒ හැම දෙයක්ම හංගගෙන හිටියා. ඒ දරුවගේ තාත්තා අම්මා මේක දැක්කා. ඒ දෙන්නා බොහෝම ආදරයෙන් පුතාට කිව්වා පුතේ ඔයාගේ උපන්දිනේට ඔයා වගේම මේ බබාලා සෙල්ලම් බඩු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ගෙනාපු සෙල්ලම් බඩු කාමරයෙන් එළියට ගෙනැල්ලා එයාලත් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා හයියෙන් අඬ අඬ කිව්වා නෑ නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නෑ. ඒවා මට විතරයි. මම මේ අය එක්ක සෙල්ලම් කරන්නේ නෑ කියලා.උපන්දින උත්සවය එතැනින් ඉවර වුණා. එහෙත් දරුවන්ගේ අම්මා තාත්තා සාකච්ඡා කළා මේ දරුවා මේ තත්ත්වයෙන් කොහොමද වෙනස් කර ගන්නේ කියලා. ඒ දරුවාගේ මව්පියන්ට සුළුවෙන් හෝ වත් පොහොසත්කමක් තිබුණ නිසා ඒ අම්මයි තාත්තයි තීරණය කළා දරුවාට එකම වර්ගයේ සෙල්ලම් බඩු ගොඩක් ගෙනැල්ලා දෙන්න. එහෙම ගොඩාක් ගෙනැල්ලා දුන්නා. දුන්නහම ඒ දරුවා ඇහුවා මට මොකටද මෙච්චර සෙල්ලම් බඩු. මේ එකම වර්ගයේ ඒවනේ මේ ගෙනැල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තාත්තා දරුවට කිව්වා එහෙම නම් ඔයා ඔයාගේ යාළුවන්ට ඔයා පාසල් යනකොට ගෙනිහින් මේ වැඩි ඒවා බෙදලා දෙන්න කියලා. දරුවා ඒකට කැමැති වුණා. මම මේ කතාව කිව්වේ දරුවන්ගේ මනස තේරුම් අරගෙන දරුවෝ හදන හැටි සිහිපත් කරන්න.  රටක අනාගතය සඳහා කළ යුතු කාර්යයන් අපි ඉතා හොඳින් ඉටු කරනවා. මේ රටේ කිසිම යුගයක නොමැති විදියට අපිට අද අන්තර්ජාතික සහයෝගය තිබෙනවා. ලෝකයේ සෑම රටකම මිත්‍රශීලීභාවය තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානවල ආශිර්වාදය තිබෙනවා. ඒ ශක්තිය අපි පාවිච්චි කරන්නේ රටේ සංවර්ධනයට. දරුවන්ගේ අනාගතයට. අපි රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂි කර්මාන්තය ප්‍රමුඛව අනික් සියලු කටයුතු සංවර්ධනය සඳහායි.මේ දරුවන්ගේ අනාගතය ඉතාමත් වාසනාවන්තයි. මේ දරුවෝ ඉතාමත් පින්වන්ත දරුවෝ. මේ දරුවන් ඉතාමත් භාග්‍යවන්ත දරුවන්. ඒ නිසා දරුවනේ, ඔබට තිබෙන සුන්දර ලෝකයේ ඔබේ බලාපොරොත්තු ඉටු කරමින් මානව සමාජය විශිෂ්ටයින්ගේත් විශිෂ්ටයින් කරන්න අපි සැමවිටම කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මේ ප්‍රදේශයේත් මේ පාසලේත් ඉදිරි සංවර්ධනය සඳහා දිය හැකි දිය යුතු සෑම සහයෝගයක්ම ලබා දෙන බව ප්‍රකාශ කරන අතරම ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යතුමා අපේ රජය තුළ ඉතාමත් දක්ෂ ඇමතිවරයෙක් විදියට ඔබ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කරන කාර්යය ඉතාමත් අගය කරනවා යැයි ද ජනාධිපතිවරයා කීවේය.ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ කීවේය.මාතර දිස්ත්‍රික්කයේ කිසිම පාසලකට නොලැබුණු වරප්‍රසාදයක් දෙයියන්දර ජාතික පාසලට ලැබී තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අධ්‍යාපන ඇමැතිතුමා කඩිනමින් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාශයෙන් රුපියල් මිලියන 27ක් ලබා දුන්නා. මේ වෙලාවේ දකුණු පළාතේ හිටපු මහ ඇමැති එච්.ජී. සිරිසේන මහතා සිහිපත් කරනවා. එතුමා මහ ඇමැතිව සිටි කාලයේ මේ විදුහල පළාත් සභාවෙන් නිදහස් කර ගැනීමට අනුමැතිය ලබා දුන්නා. ඒ වාගේම දෙයියන්දර නගර සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා දෙයියන්දර කනිෂ්ට විදුහල් පරිශ්‍රය නිදහස් කර ගැනීමට වත්මන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය රාසපුත්‍ර මැතිතුමා අනුමැතිය දුන්නා. ජනාධිපතිතුමා දෙයියන්දර ජාතික පාසලේ මේ ගොඩනැගිල්ල විතරක් නොවෙයි, මේ නගර සංවර්ධන වැඩසටහන පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3000ක් අනුමත කර තිබෙනවා. එතුමාවත් දන්නේ නැහැ. ලියුමකින් අස්සන් කර දුන්නාට පස්සේ ඒ මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කළා. දැන් එයින් කොටසක් නිදහස් වෙලා තියෙනවා. ඒ කොටසින් කනිෂ්ඨ විදුහල ඉදිකිරීම සඳහා අක්කර හයක භූමිභාගයක් අප පවරා ගන්නවා. එකේ මූලික කටයුතු අවසන් කරලා තිබෙන්නේ.දෙයියන්දර කියන්නේ ප්‍රධාන නගරයක්. අද ප්‍රධාන බැංකුවක් සහ සණස බැංකුව විවෘත කළා. නගර සංවර්ධනයත් සමග රාජ්‍ය ආයතන කීපයක් විවෘත වෙනවා. බැංකු ස්ථාපිත කෙරෙනවා. නගරය මගහැර යෑමට හැකි විකල්ප මාර්ගයක් ඉදිකෙරෙනවා. මේ කාලයේ මේ ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වුණා. මට මේ ඉතිහාසය මතක් නොකර බැහැ. මේ අවට තිබුණු පාරවල් කොහොමද තිබුණේ? කාපට් නොකරපු පාරක් දැන් මේ පැත්තේ තිබෙනවාද?ජනාධිපතිතුමාත් හැම අවස්ථාවකම කියන්නේ දරුවන්ගේ විනය හා අධ්‍යාපනය විධිමත් කළ යුතුයි කියලයි. ඒ නිසා දෙයියන්දර ජාතික පාසලට මේ ප්‍රදේශයේ අනෙකුත් පාසල්වලට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයට ලක්ෂ 17000ක් ලබා දුන්නා. මේවායින් තමයි හොඳම පාසල ළඟම පාසල නිර්මාණය වෙන්නේ.එදා තිබුණු ප්‍රධාන තත්ත්වයට මේ දෙයියන්දර පාසල පත්වෙන්න ඕනෑ. එක කාලයක තිබුණා මේ පාසලෙන් විශ්වවිද්‍යාලයට 50-60ක් වසරකට යනවා. කීර්තිමත් විදුහල්පතිවරු හිටියා. ඒ කාලයේ රූබසිංහ මහතා දේශපාලන හේතූන් මත මාරු කළා. එතැනින් පසුව මේ විදුහල කඩාවැටුණා. අපේ පරමාර්ථය මේ විදුහල යළි පෙර තිබුණු තත්ත්වයට පත් කිරීමයි. හක්මන ආසනයේ ජාතික පාසල් දෙකයි තිබෙන්නේ.ජාතික පාසලට ලබා දෙන මේ සම්පත්වලින් ප්‍රයෝජන ගෙන කීර්තිමත් විදුහලක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා හැම දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.ලංකාදීප ප්‍රධාන කර්තෘ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතා එහිදී මෙසේ පැවසීය.දෙයියන්දර ජාතික පාසලට අද සුවිශේෂී දිනයක්. රාජ්‍ය නායකයකු දෙවැනි වරට මේ පාසලට පැමිණි මොහොතක්. 1955දී විතර එවකට අග්‍රාමාත්‍යවරයකු වූ සර් ජෝන් කොතලාවල මහතා මේ බිමට පැමිණියා. එදා කනිෂ්ඨ විදුහලක් ලෙස පැවැති මේ විදුහල ජ්‍යෙෂ්ඨ විදුහලක් බවට පත් කළා. අද ඉතිහාසයේ සනිටුහන් වන ඓතිහාසික දිනයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් ලබා දුන් තෙමහල් පරිපාලන සංකීර්ණය එතුමා විසින් විවෘත කළා. එතුමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කාලයේ දෙයියන්දර රෝහලට ගිලන් රථයක් ලබා දුන්නා. ඒ වාගේම අද දින මුලටියන ප්‍රාදේශීය සභාවේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කළා.මේ විදුහලේ දියුණුව පිළිබඳව මා නිතරම උන්නදු වෙනවා. ඒ අනුව විශාල භෞතික හා මානව සම්පත් රැසක්ම මා ඉගෙන ගත් පාසල් මාතාවට ලැබුණා. මේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීම මේ දරුවන්ගේ වගකීමක්. දශක 13කට අධික කාලයක් තිස්සේ මේ පළාතට තිබෙන අගනා සම්පතක් වූ මේ පින් බිමෙන් මුළු පළාතටම විශාල ආලෝකයක් ලැබෙනවා. මේ විදුහලේ වාගේම මේ ප්‍රදේශය දිනෙන් දිනම දියුණුවට පත්වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් කීවේය.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ජනාධිපතිතුමා ඇතුළු ආරාධිත පිරිස පිළිගනිමින් මෙසේ කීවේය.වසර 133ක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන මේ පාසලට ජනාධිපතිවරයකු පළමු වරට පැමිණියේ අදයි. ඒක විදුහලට වාගේම ප්‍රදේශයටත් ඉමහත් ආඩම්බරයක්. විද්‍යා, කලා, වාණිජ, තාක්ෂණ අංශවලින් උසස් පෙළ පන්ති පැවැත්වෙන මෙහි සිසුන් විශාල පිරිසක් වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. අනෙකුත් අංශයන්ගෙන් දස්කම් දක්වන මේ විදුහලේ ඉදිරි ගමනට අද විවෘත කෙරුණු තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විශාල ආශිර්වාදයක් වෙනවා. එමෙන්ම පන්ති කාමර පැවැත්වීම සඳහා තෙමහල් ගොඩනැගිල්ලක අවශ්‍යතාව තිබෙනවා. මේ විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මැතිතුමා නිරන්තරයෙන්ම මෙහි දියුණුවට උදව් කරනවා.  එතුමා මේ ප්‍රදේශයට විශාල සම්පතක්. එමෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා නිතරම උදව් කරනවා. ඒක අපට ලොකු ශක්තියක් වන බව ද ඒ මහතා කීය.අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා, පළාත් සභාවේ ඇමැතිවරුන් වන චන්දිමා රාසපුත්‍ර, යූ.ජී.ඩී. ආරියතිලක, දකුණු පළාත් මනත්‍රීවරුන් වන පසඳ යාපා අබේවර්ධන, මනෝජ් සිරිසේන, කඹුරුපිටිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක රසික රණවීර, මුලටියන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරවික්‍රම, කොට්ඨාස අධ්‍යක්ෂ එච්.පී.කේ. හේමන්ත, ලංකාදීප නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.සහකාර විදුහල්පති කැටියපේ රාහුල හිමියන් විසින් පිරිස පංච ශීලයෙහි පිහිටැවූ අතර, විද්‍යාලයේ නර්තන අංශයේ සිසුවියන් ඉදිරිපත් කළ නර්තනාංග කීපයකින් උළෙල වර්ණවත් විය.විද්‍යාලයීය පෙරදිග තූර්ය වාදන කණ්ඩායම හා අපරදිග තූර්ය වාදන කණ්ඩායම පෙරටු කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආරාධිත පිරිස නව තෙමහල් ගොඩනැගිල්ල හා විශේෂ පීඨිකාව වෙත ඉමහත් හරසරින් කැඳවාගෙන ඒමට විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය කටයුතු කර තිබිණි. 
රටේ ජාතික සම්පත් විකිණීමත් අනු නව අවුරුද්දකට බදු දීමත් දෙකම එකයි
0
hp_train_0934
(ගලේවෙල මොහොමඞ් බුහාර්ඩීන්)ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළ මහබැංකුව කොල්ල කෑවා පමණක් නොව, රටේ සම්පත් ටිකත් විකුණා දැමූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැල්සිරිපුර දී පෙරේදා (15) පැවැසීය.විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ මැල්සිරිපුර නගරයේ පැවැති පොදුජන පෙරමුණේ ජනරැලියක් අමතමිනි.එහිදී විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.“අද මේ අතිවිශාල සෙනඟක් එකතුවෙලා ඉන්නේ ලබන 16 පැවැත්වෙන මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදෙන්නට කියලා මා කියන්නට කැමතියි. අද බොහොම පැහැදිලිව කියන්න ඕනේ පසුගිය අවුරුදු හතරහමාරේදි මේ රට ආපස්සට ගියා. අපි එය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ රටේ ආර්ථිකයේ ඉඳලා සියලුම ක්‍ෂේත්‍ර පසුගිය කාලයේදී පසුපසට ගියා මිස ඉදිරියට ආවේ නැහැ කියලා කියන්නට කැමතියි. අපි රටේ තිබුණ තිස් අවුරුදු යුද්ධය නිම කරලා අඩුම ගානේ බිම් බෝම්බයක්වත් නැති ලස්සන රටක් භාරදුන්නා. හැබැයි පසුගිය අප්‍රියෙල් 21දා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් 300 ගණනකට ජීවිත නැතිවුණා. ලංකාවේ පළමු වතාවට වෙසක් පෝයට මේ රටේ මිනිසුන් පන්සලට යන්න බය වුණා. සිකුරාදා පල්ලයට යන්නත් මුස්ලිම් මිනිසුන් බය වුණා. මේ රටේ ඉතිහාසයේ කිසිදිනක ආගමක් අදහන්න බය වුණ ඉතිහාසයක් සඳහන් වෙන්නේ නැහැ කියලා කියන්නට කැමතියි. ඒ විතරක් නෙමේ අද පුවත්පත්වල රූපවාහිනියෙන් කියලා තිබුණා ආයෙත් බෝම්බ තොගයක් හමු වුණා යාපනෙන් කියලා. ඊට කලිනුත් තැන් තැන්වල බෝම්බ හමු වුණා කියලා සඳහන් වුණා. මේ විදිහට රටම අස්ථාවර කරන්න මේ ආණ්ඩුව කටයුතු කළා. මේ ආණ්ඩුව බලයට ආවේ වැඩ කරන්න නෙමේ පළිගන්න. මෙයාලා හැම දේශපාලනඥයකුගෙන්ම පළිගත්තා. ව්‍යවස්ථාව වෙනස් කරලා ජනපතිගේ බලතල කප්පාදු කරලා බලතල අතට ගත්ත රනිල් වික්‍රමසිංහ බලය බාගයක් ගත්තා. අරගෙන මොකද වුණේ.  මෙතන ජනපති ගාව බලතලවල භාගයක් තියෙනවා. අගමැති ගාව ඉතිරි බාගය තියෙනවා. මේ දෙන්නා එක්වෙලා වැඩකරන්නේ නැතිනම් රටකට ඉදිරි ගමනක් නැහැ කියන්නට කැමතියි. එතකොට කැඳ හැලියක් වගේ වෙනවා. මේ ආණ්ඩුව පසුගිය කාලයේදි මහ බැංකුව හොරකම් කළා. ඒ විතරක් නෙමෙයි. මේ රටේ සම්පත් විකුණලා ඒවත් මංකොල්ල කෑවා. අපි මේ සම්පත් එකතු කරලා දුන්නේ මේ රටේ හෙට ඉපදෙන්න ඉන්න දරුවන්ගේ අනාගතයටයි. අවුරුදු පහකට මේ ආණ්ඩුව බලය අරගෙන අවුරුදු සිය දහස් ගණනකට අපේ රටේ වැසියන්ට භුක්ති විඳීමට තිබූ සම්පත් ටික මේ කට්ටියට විකුණන්න කිසිම අයිතියක් නැහැ. ඒක මේ රටේ අනාගතයේ ඉපදෙන්නට ඉන්න දරුවන්ට කරන අපරාධයක්. ඒ අපරාධයට මේ අය වන්දි ගෙවන්න ඕනේ. අප කරගෙන ආපු වැඩපිළිවෙළ විනාශ කළා. අපි හිටිය නම් 2018 දී අධිවේගී මාර්ගයේ වැඩ ඉවරයි. නමුත් කරුමෙට තවම අධිවේගී මාර්ගයේ වැඩ අතරමග නතරවෙලා. මේක තමා මේ රටේ තත්ත්වේ. අධිවේගී මගේ වැඩ මුලක් අගක් නැති තත්ත්වෙට පත්වෙලා. මේ අධිවේගී මාර්ගයට බිලිවෙන මිනිස්සුන්ගේ ඉඩම් තුට්ටු දෙකට තක්සේරු කරලා කොල්ල කන්න පටන්ගෙන තියෙනවා. මේ වන්දි ක්‍රමය සම්පූර්ණ වැරදි වන්දි ක්‍රමයක්. අපි කියපු වන්දි ක්‍රමය නෙමේ අද මේ කුරුණෑගලට දෙන්නේ. මිනිසුන්ගේ ඉඩම් ලබාගත්තා නම් සාධාරණ වන්දියක් ලබාදිය යුතු ක්‍රමවේදයක් තිබියයුතුයි යැයි මේ වෙලාවේ අවධාරණය කර සිටිනවා.මේ ආණ්ඩුව ඇවිත් කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. පොහොර සහනාධාරය කපා හැරියා. මම දවස් 52 මුදල් ඇමැතිවෙලා හිටපු වෙලාවේදි රු. 350 පොහොර සහනාධාරය දෙන්න කටයුතු කළා. ලබන 16දායින් පස්සේ මේ රට කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරන්න නොමිලයේ ගොවියාට පොහොර සහනාධාරය ලබා දෙනවා යැයි මේ වෙලාවේ කියන්න කැමතියි. අපි කෘෂිකර්මාන්තයට තැන දෙන්න ඕනෑ. ඒකට නිසි මිලක් දෙන්න ඕනෑ. අපි ඉදිරියේදී ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරින්න කටයුතු කරනවා යැයි කියන්නට කැමතියි.  ඒවගේම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සූදානම් වෙන්න ඕනෑ. අද ජීවන වියදම ඉහළට ගිහින්. කිසි කාලෙක මෙහෙම තත්ත්වයකට අපේ රට පත් වුණේ නැහැ. ඒකට හේතුව තමයි මේ ආණ්ඩුවට මේවා දැනෙන්නේ නැතිකම. ඒ නිසා මේ තත්ත්වය වෙනස් වියයුතු කාලය ඇවිල්ලා. මේ ආණ්ඩුව වෙනස් කරන්න කාලය ඇවිල්ලා. මේ ආණ්ඩුව ජනතාවට බොරු පොරෙන්දු දෙනවා. පැය විසිහතරම ජනාධිපති කාර්යාලය ඇරලා තියෙනවාලු. ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමැතිතුමා මට මතක් කර සිටියා ඇමැති කෙනෙක් කීවාලු සතොස පැය 24 විවෘත කර තියෙනවා කියලා මහජනතාවට. කියලා අන්තිමට මොකද වුණේ. මැස්සොයි මදුරුවොයි ඒකේ හිටපු සේවකයෝ විතරයි ඉතුරු වුණේ. බඩු ගන්න මිනිස්සු ආවේ නැහැ. අන්තිමට ඒ වැඬේ අතහැරලා දැම්මා. ඒ වගේ තමයි පාන්දර එකට දෙකට ජනාධිපති කාර්යාලයට ගිහින් මොනවා කරන්නද කියලා මම අහනවා. මේ වගේ මිනිස්සු රවට්ටන වැඩපිළිවෙළවල් ගැන තමයි අද ආණ්ඩුව කථා කරන්නේ. අද එක අපේක්ෂකයෙක් කියනවා උපදෙස් එපාලු. එයා සියල්ල දන්නවලු. අනේ දෙවියනේ මම නම් කියන්නේ අපි නම් සියල්ල දන්නේ නැහැ. නොදන්න දේ ජනතාවගෙන් අහගෙන වැඩ කරන්න කැමතියි කියලා මේ වෙලාවෙදි මතක් කර සිටිනවා.ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා“මේ රටේ ජනතාවට ආරක්ෂිත රටක් සෞභාග්‍යමත් දේශයක් ලබාදෙනවා. අපි තමුන්නාන්සේලා ඉදිරියට එන්නේ වැඩ කරපු කොටසක් විදිහට. අපි පොරොන්දු දෙන කණ්ඩායමක් විදිහට නෙමේ. මොකද අපි පොරොන්දු දී ඒවා ඉටුකරපු පිරිසක් විදිහට තමයි අප මේ ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ. ඔබලා දන්නවා 2005 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති විදිහට මේ රට භාරගන්නකොට මේ රටේ අභියෝග ගණනාවක් තිබුණා. අපිට ඒ කාලයේදි වන්නියෙන් ඉහළට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නැගෙනහිර ප්‍රදේශයේ තුනෙන් දෙකක් ත්‍රස්තවාදීන්ට යටවෙලා තිබුණා. දකුණෙත් බෝම්බ පිපිරුනා. අවුරුදු ගණනාවක් ජනාධිපතිවරු ගණනාවක් යටතේ තිබුණ මෙරට වැසියන් ත්‍රස්තවාදයෙන් බැටකෑවා. අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඒ වෙලාවේදි රට වැසියන්ට පොරොන්දුවක් දුන්නා ත්‍රස්තවාදය තුරන් කරනවා කියලා.එතුමා අවුරුදු දෙකහමාරක් යන්න කලින් මේ රටෙන් ත්‍රස්තවාදය සහමුලින්ම තුරන් කළා. ත්‍රස්තවාදය අවසන් කරලා ඉතිහාසයේ නොවූ විරූ සංවර්ධනයක් මේ රටේ ඇතිකළා. අධිවේගී කාපට් මාර්ග, ගුවන් තොටුපොළවල්, වරායන් ඇතුළු අංශ ගණනාවක් මේ රටේ සංවර්ධනයට ඉවහල් වුණා. ඒ  සංවර්ධනය හරහා අපි මේ රටේ රැකී රක්ෂා විශාල ප්‍රමාණයක් නිර්මාණය කළා. ඒ නිසා ව්‍යවසායකයින් ව්‍යාපාරිකයන් බොහෝ දෙනකුගේ අතමිට සරු වුණා කියලා ඔබ දන්නවා. මේ රජය බොරු ප්‍රචාර කරලා මහින්ද රාජපක්ෂ යුගය අවසන් කරලා බලයට පැමිණියට පසු අදූරදර්ෂී ක්‍රියාකලාපය නිසා සංවර්ධන වැඩපිළිවෙළවල් අඩාල වුණා. අපි රණවිරුවන් අභිමානයෙන් සැමරුවා. ඒත් මේ ආණ්ඩුව ආවට පස්සේ රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. බුද්ධි අංශ විනාශ කළා. අපි එදා යොදා තිබුණ ආරක්ෂිත වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. බුද්ධි තොරතුරු ජාලය කඩා වැටුණා. මේ හේතු නිසා අවුරුදු දහයක් යන්නට මත්තෙන් එදා තිබුණ සුරක්ෂිත රට නැතිවෙලා නැවතත් බෝම්බ පුපුරලා පන්සලකට පල්ලියකට කෝවිලකට යන්න බැරි තත්ත්වයක් උදා කළා. අප මහින්ද රාජපක්ෂ යුගයේදි මේ රටේ සංස්කෘතියත් එක්ක බැඳුනු කෘෂිකර්මාන්තය අපි නගාසිටුවූවා. එවකට අපිට ආර්ථික අභියෝගයක් තිබියදීත් යුද්ධය තිබියදීත් එතුමා ගොවියන්ට පොහොර සහනාධාරය ලබා දුන්නා. ඒ හරහා අපට පුළුවන් වුණා මේ රට සහලින් ස්වයංපෝෂිත කරන්න. අප දන්නවා මේ ලෝකයේම ආහාර සුරක්ෂිතභාවය වැදගත් අංගයක් කියලා. අපට පුළුවන්කමක් නැහැ. ආහාර වෙනුවෙන් වෙනත් රටක් දිහා බලන් ඉන්නට. ඒවගේම අප කෘෂිකර්මය හරහා විදේශ විනිමයක් ලබාගැනීමට හැකියාවත් තිබෙනවා.නමුත් මේ රජය ආවාට පස්සේ විදේශීය උපදේශකවරුන්ගේ යෝජනා මත මේ රට කෘෂිකර්මයට දුන්න ප්‍රමුඛත්වය නැතිකර දැම්මා. එදා සහලින් ස්වයංපෝෂිත වුණු රට අද පිටරටින් හාල් ගේන තත්ත්වෙට පත්වෙලා. ඒ පමණක් නොවේ අර්තාපල්, මිරිස්වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණ රටට පිටරටින් මේවා ගෙන්වනවා. ගම්මිරිස් හා කිරි ගොවියා අද අසරණ වෙලා. අපි කෘෂිකර්මාන්තයට මුල්තැන දෙනවා. අපි ගොවියාට නොමිලයේ පොහොර සහනාධාරය දෙනවා. ඒවගේම ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. ඒ වගේම සහනදායී මිලට කෘෂි උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ නංවනවා කියලා මතක් කරනවා.මේ සහන අපි ලබා දෙන්නේ අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන්නටයි. අපේ ආර්ථික සැලැස්ම පදනම් වෙලා තියෙන්නේ මිනිස් සම්පත මත. ඉදිරියේදී අප උස්ස පෙළ හදාරණ සෑම සිසුවෙකුටම විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාව ලබා දෙනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ නිපුණත්වයක් තිබෙන තරුණ තරුණියන් බිහි කිරීමයි. කාර්මික අධ්‍යාපනය හා තාක්ෂණික අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය හරහා අපි මේ තරුණ තරුණියන්ට හොඳ වේතනයකට රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම මේ තුළින් සකස් කරනවා. මේ රටට සංචාරක ව්‍යාපාරය හරහා විශාල රැකියා ප්‍රමාණයක් හා විදේශීය විනිමයක් ගෙන එන්නට පුළුවන්. ඒකට සුරක්ෂිත ආරක්ෂිත රටක් අවශ්‍යයි. අපි ත්‍රස්තවාදය අවසන් කළා විතරක් නෙමේ නැවත ත්‍රස්තවාදය එන්නේ නැති විදිහට වැඩපිළිවෙළක් සකස් කර තිබුණා. ඒ වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කරලා මේ රට සුරක්ෂිත රටක් කරන්න කටයුතු කරනවා. අද ව්‍යාපාරිකයින් දේශීය කර්මාන්තකරුවන් අසරණ තත්ත්වෙට පත්වෙලා පිටරටින් භාණ්ඩ ගෙන්වීම නිසා. ඒ නිසා අපි නැවතත් දේශීිය කර්මාන්තකරුවන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඔවුන් නගාසිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මා මත විශ්වාසය තබන්න. මගේ යුතුකම මම ඉටුකරනවා.”මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, ටී.බී. ඒකනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් හා හිටපු පළාත් සභා මන්ත්‍රී මංජුලා දිසානායක හා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.කේ. සුමිත් මහතා යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ. 
’’මේ ආණ්ඩුව රණවිරුවන්ටත් රටටත් කොඩිවිනයක්’’
1
hp_train_0935
(සුමතිපාල දීයගහගේ )ගාල්ල බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළජාත්‍යන්තර නෞකා ආරක්ෂණ රාජකාරී කටයුතුවල නිරත තවත් පුද්ගලයින් 14 දෙනෙක් අද (25) එම මධ්‍යස්ථානයෙන්පිටව ගිය බව නාවික හමුදාව පවසයි.මොවුන් සියලුදෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව නිරෝධායන මධයස්ථානයෙන් පිටත්කර ඇත. මේ අතර මෙමපිරිස සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ බවට ලබා දෙන සහතිකද පිරිනැමූ බවද නාවික හමුදාව පැවසිය.මේ අතර අද වන විට බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 193දෙනෙක් පිටව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 85 දෙනෙක්  තව දුරටත් නිරෝධායන කටයුතුවල නිරතව සිටින බවදනාවික හමුදාව පැවසිය. 
නිරෝධායනය අවසන් කළ තවත් 14 ක් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යති
0
hp_train_0936
අන්තර් සමාජ (වයස 23 න් පහළ) ක‍්‍රිකට් තරගාවලියේ (2013) , වැනි කොටසේ පස්වැනි සතිඅන්තයේ අවසන් වූ තරගවලදී රාගම, කෝල්ට්ස් සහ බ්ලූම්ෆීල්ඞ් යන කණ්ඩායම් පූර්ණ ජයග‍්‍රහණ ලැබීමට සමත් වූහ.නාවික හමුදා පිලේ වමතින් පා දඟ පන්දු යවන ඩිලංක අවර්ට්, සතියේ හොඳම පන්දු යවන්නා වෙමින් කෝල්ට්ස් පිලේ කඩුලූ 11 ක් ලකුණු 138 කට දවාගත් නමුත් නාවික හමුදා පිල පරාජයෙන් ගලවා ගැනීමට ඩිලංකගේ දස්කම් ප‍්‍රමාණවත් නොවීය.රාගම පිලේ උදාර ජයසුන්දර සතියේ පිතිකරු බවට පත්වෙමින් පළමු ඉනිමේදී ලකුණු 81 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 133 ක් රැස්කිරීමට සමත් විය.    මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී රාගම පිලට ලකුණු 156 ක ජයක්රාගම ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම 266 (උදාර ජයසුන්දර 81, ළහිරු මිලන්ත 55, ජේසන් පෙරේරා 47, ළහිරු ජයරත්න නොදැවී 33, සුපුන් උදාර 56/5, ලසන්ද රුක්මල් 50/2, සොහාන් රංගික 77/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 319 (උදාර ජයසුන්දර 133, ධනංජය ද සිල්වා 73, ජේසන් පෙරේරා 40, චතුර පීරිස් 20, ගිහාන් නිම්සර නොදැවී 33, කවිඳු පෙරේරා 40/27)ගුවන් හමුදා පිල පළමු ඉනිම 153 (ඇන්ජලෝ එම්මානුවෙල් 40, යශෝධ ලංකා 25, සජිත් ප‍්‍රනාන්දු නොදැවී 21, චතුර පීරිස් 49/5, ධනංජය ද සිල්වා 28/3) සහ දෙවැනි ඉනිම 276 (සජිත් ප‍්‍රනාන්දු 83, යශෝධ ලංකා 48, රජිත් පෙරේරා 41, නිපුන් පවිත‍්‍ර 35, විශ්ව කංචුක 34, සුරේන් සිල්වා 34/3, අමිල අපෝන්සු 68/3)වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී කෝල්ට්ස් පිලට කඩුලූ 5 ක ජයක්නාවික හමුදා පිල පළමු ඉනිම 113 (අවිෂ්ක පීරිස් 50, ළහිරු සිල්වා 22, අකිල ධනංජය 37/4, ළහිරු සඳරුවන් 0/3, සුපේෂල ජයතිලක 25/2) සහ දෙවනි ඉනිම 256 (අවිෂ්ක පීරිස් 52, ළහිරු සිල්වා 51, විමේෂ් වික‍්‍රමසිංහ 36, ඩිලංක අවර්ට් 24, ඉෂාන් අබේසේකර 24, දුෂාන් හේමන්ත 55/5, අලී ඛාන් 40/2, අකිල ධනංජය 71/2)කෝල්ට්ස් පිල පළමු ඉනිම 251 (ඉමාල් ලියනගේ 81, සුපේෂල ජයතිලක 62, ඇන්ජලෝ ජයසිංහ 53, ශෂේන් ප‍්‍රනාන්දු 20, ඩිලංක අවර්ට් 90/7, සුජීව ලියනගේ 60/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 121 (භානුක රාජපක්‍ෂ 24, දුෂාන් හේමන්ත නොදැවී 34, ඩිලංක අවර්ට් 48/4)බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 160 ක ජයක්බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 192 (කොෂාන් ධනුෂ්ක 62, අදීෂ නානායක්කාර 50, සජීව සල්ගාදු 27, දුෂාන් විමුක්ති 71/7, තේනුක ධනංජය 49/2) සහ දෙවැනි ඉනිම 267 (නිපුන් කරුණානායක 65, චරිත කුමාරසිංහ 42, අදීෂ නානායක්කාර 41, රුවින්ද ශාමෙන් 28, අසන්ත සංගප්පුලි 25, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 84/5, දුෂාන් විමුක්ති 74/2)අම්බලන්ගොඩ ලියෝ පිල පළමු ඉනිම 145 (උදාර මුණසිංහ 47, පුබුදු හසංක 43, යසිත් චමෝද් 27, විශ්ව ප‍්‍රනාන්දු 27/5) සහ දෙවැනි ඉනිම 154 (උදාර මුණසිංහ 61, කොෂාන් ධනුෂ්ක 63/4, නිපුන් කරුණානායක 21/3, රුවින්ද ශාමෙන් 6/2)මීගමුව කදිරාන ක‍්‍රීඩාංගණයේදී මීගමුව ක‍්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජයක්මොරටුව ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 222 (ශානුක දුලාජ් 55, ධනුෂ්ක මධුෂාන් 43, මාලිංග ද සිල්වා 31, සංගීත් කුරේ 22, බුද්ධික ද අල්විස් 22, මල්ෂාන් ගුණසිංහ 56/6, කල්හාන් සිනෙත් 29/3) සහ දෙවැනි ඉනිම 211 (සංගීත් කුරේ 36, ශානුක දුලාජ් 34, ධනුක මධුෂාන් 33, දේෂාන් ඩයස් 28, කසුන් ප‍්‍රනාන්දු 27, මල්ෂාන් ගුණසිංහ 80/4, ළහිරු වික‍්‍රමසිංහ 31/2, චනුර ප‍්‍රනාන්දු 38/2)මීගමුව ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම 270 (උවින් බණ්ඩාර 50, ශ‍්‍රිහාන් අනුරුද්ධික 47, තුසිත් සිල්වා 45, ඉරංග විජේසූරිය 35, නිලෝචන පෙරේරා 29, කල්හාන් සිනෙත් 29, මාලිංග ද සිල්වා 76/3, බුද්ධික ද අල්විස් 16/2, ශානුක දුලාජ් 25/2, සිදත් විමුක්ති 54/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 89 (ශ‍්‍රිහාන් අනුරුද්ධික 28, හග්හාන් සිනෙත් නොදැවී 33, ශානුක දුලාජ් 10/2)ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගය විසඳුමකින් තොරව අවසන්විය.අම්බලන්ගොඩ සිංහ පළමු ඉනිම 186 (අදීෂ තිලංජන 52, හසිත මධුෂාන් 45, නිමන්ද මධුසංඛ 29, තරිඳු කෞෂාල් 61/5, දුෂ්මන්ත චමීර 17/2)එන්. සී. සී. පිල පළමු ඉනිම කඩුලූ 4 ට 112 (ළහිරු උදාර 42, සඳුන් වීරක්කොඩි 36, ඉසුරු චතුරංග 13/2)පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී තරගය විසඳුමකින් තොරව අවසන් වියසී. සී. සී. පළමු ඉනිම 173 (සචිත‍්‍ර පෙරේරා 64, සචින් පීරිස් 34, ගේෂාන් විමලධර්ම 29, සවිත් වීරසිංහ 37/5, ලක්‍ෂාන් මධුසංඛ 64/4)යුද හමුදාව පළමු ඉනිම කඩුලූ 5 ට 119 (ප‍්‍රියංක පෙරේරා 20, ලක්‍ෂාන් එදිරිසිංහ නොදැවී 23, මධුක ලියනපතිරණ 26/3)
ද්‍රවිඩ සංගම් පිල පිට පිටම සිවුවැනි ජයත් ලබයි
0
hp_train_0937
(ඉන්දිකා රාමනායක)පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව හිමිවන බව   බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පවසයි.මෙම සමාවන්  කොන්දේසි අනුව හිමිවන බවද ඒ මහතා කීය.පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාර ගතව වසරක් හෝ ඉන් අඩක කාලයක්   ගෙවමින් සිටින  සිරකරුවන්ට දින 14ක සමාවක් හිමි වනු හිමිවේ.දඩ මුදල් නොගෙවීම මත 2023 අනිද්දා (3) වන දින වනවිට සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි වේ.දඩ දඬුවම් ද ඇතුළත්ව වසර 40 ක් හෝ ඊට වැඩි සිර දඬුවම් නියම කර ඉන් වසර 20ක් ගෙවා ඇති  සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි  වේ.
පොසොන් පෝය දා සිරකරුවන් පිරිසකට සමාව
1
hp_train_0938
තරුණියකගෙන් මාස කිහිපයක් තිස්සේ ඉල්ලූ ආලය නොලැබුණැයි කනස්සල්ලට පත් තරුණයෙක් දින ගණනාවක් නිරාහාරව සිටිය දී ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.රෝහලට ඇතුළත් කරනු ලැබීමෙන් පසුව නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයාගේ වයස අවුරුදු 22කි. තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වන එකී තරුණයා අධ්‍යාපන සුදුසුකම්වලට අනුව මේ වන විට රැකියාවක් බලාපොරොත්තුවෙන් නිවසේ පසු වෙයි. තරුණයාගේ පියා විදේශ රටක රැකියාවක් කරන අතර මව දරුවන් තිදෙනා රැක බලා ගෙන නිවසේ වෙසෙන්නීය.තරුණයා මාස ගණනාවක සිට කෑගල්ල නගරයේ අමතර ඉංග්‍රීසි පන්තියකට සහභාගි වෙයි. එම පන්තියට එන සුරූපී 21 හැවිරිදි තරුණියකට තරුණයා පංතියට සහභාගි වූ මුල් අවස්ථාවේ දී සිටම සිතින් පෙම් කර ඇති බව වාර්තා වෙයි. තරුණිය පංතියට පැමිණි අවස්ථාවේ සිටම පන්තිය අවසන් වනතුරුම තරුණයා තරුණිය දෙස බලා සිටිනවා මිස අධ්‍යාපන කටයුතු නිසි අයුරින් සිදු කර ගැනීමට උත්සාහ දරා නැත.දිනක් පංති අවසන්වීමෙන් පසුව තරුණිය බස් නැවතුම්පොළ වෙත පා ගමනින් ගමන් කරන අවස්ථාවේ දී තරුණිය ළඟට දිවගොස් ‘නංගි මම ඔයාට මාස කිහිපයක සිට සිතින් ආදරය කරනවා. ඔයා ඒකට මොකද කියන්නේ?’ යනුවෙන් විමසීමක් කළේය. තරුණිය පසුව තරුණයාගේ මූණ දෙස බලා ‘මට කෙනෙක් ඉන්නවා’ යනුවෙන් ප්‍රකාශ කරමින් ගස්සාගෙන විගස බස් නැවතුම්පොළ වෙතට දිව ගියාය. තරුණයා ද එදා වේදනාවෙන් සිය නිවස වෙත ගිය බව වාර්තා වෙයි.තරුණිය එසේ තරුණයාට ප්‍රකාශ කළ ද තරුණයා අබමල් රේණුවක් තරමින් ඇයට ඇති ආදරය අඩුවක් කළේම නැත. පංතියට පැමිණි තරුණයා පංති අවසන්වී යන අවස්ථාවේ දී තරුණිය අසලට ගොස් ‘නංගි සමාවෙන්න ඔයාට කෙනෙක් හිටියට කමක් නෑ තාම ඔයා බැඳලා නෑනේ මමත් ඔයාට ගොඩාක් ආදරෙයි’ යනුවෙන් පැවැසීය.තරුණිය එදිනද ගස්සාගෙන කේන්තියෙන් ගියාය. එදින තරුණියගෙන් සතුටුදායක පිළිතුරක් නොලැබුණු තරුණයා සිතේ වේදනාවෙන් නිවසට පැමිණ තිබුණි. දින කිහිපයක් තරුණයා නිරාහාරව සිටින අවස්ථාවේ දී මව කෑම කන්නේ නැත්තේ මන්දැයි ඔහුගෙන් විමසුවා. මවට කිසිම පිළිතුරක් ලබා නොදුන් තරුණයා ද නිරාහාරව සිටියදී ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න) 
පෙම්වතිය බලන්න ඇවිත් පෙම්වතා පැය 7 ක් ඇඳ යට
0
hp_train_0939
සබරගමුව පළාතේ ද ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ද  බස්නාහිර සහ වයඹ  පළාත්වල ද තැනින් තැන වැසි ඇතිවේ. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ද ස්ථාන කීපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම කඳුකරය, වයඹ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශවලින් හා නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර්. 50 පමණ දක්වා වැඩි විය හැකියි.පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි ඇති වන බවත්, සවස 2 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී සෙසු මුහුදු ප්‍රදේශවල  ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
‘පළාත් කීපයකට වැසි වාර කීපයක්‘
0
hp_train_0940
(සිරංගිකා ලොකුකරවිට) බෝපේ   ප්‍රාදේශීය සභා රැස්වීම අද (19) ආරම්භවීමට පෙර තමන්ට බහුතරය ඇතැයි පවසමින් එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් අබේසේකර මහතා සභාපති පුටුවේ වාඩිවීම හේතුවෙන් සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. පොදු ජන පෙරමුණට බලය හිමිව ඇති බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ එම පක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනකු සිටින අතර විපක්ෂයේ ද මන්ත්‍රීවරු 11 දෙනකු සිටිති.  අද විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියන්  කළු පැහැති ඇඳුමින් සැරසී සභාවට පැමිණ සිටියහ.  සභාපති පුටුවේ වාඩි වී සිටි අබේසේකර මන්ත්‍රීවරයා එම අසුනෙන් ඉවත්කිරීම සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ගාලගෝට්ටියක් ඇතිවූ අතර අනතුරුව එම මන්ත්‍රීවරයා ඔසවා ඉවත් කෙරිණි.  මේ අවස්ථාවේ දී මන්ත්‍රීවරු අතින් පයින් පහර දී ගත් අතර වතුර බෝතල් විවෘත කර වතුරවලින් ද  ප්‍රහාර එල්ල කළේය. සභාවේ කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි වූ බැවින් පැයකට සභාව කල් තැබුණු අතර මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය සැමරීම සඳහා ගෙන ආ කේක් කැපීමට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කටයුතු කළහ.  
බෝපේ පෝද්දල ප්‍රා.සබේ එකම කාලගෝට්ටියක්
1
hp_train_0941
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249060සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව32259570වැසි වාර කිහිපයක්කොළඹ33249060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල34258560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය33258065වැසි ස්වල්පයක්මහනුවර32209560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය23119545සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය36239555සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය32248575වැසි වාර කිහිපයක්මන්නාරම33259575සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි
‘පළාත් රැසකට සවස කාලයේ තද වැසි‘
0
hp_train_0942
(පාලිත ආරියවංශ) යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකට සහභාගිවූ ආරක්ෂක අංශ වලට අයත් පිරිසක් ගමන් කළ කැබ් රිය  බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිද,තිඹිරිගස්පිටිය දී අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබු හත් දෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.තුවාලකරුවන් අතර යුද හමුදා පොලිසියේ  තිදෙනෙක්,  යුද හමුදාවේ දෙදෙනක් , පොලිස් නිලධාරියෙක් හා හමුදාවෙන් පලාගිය සෙබළාද  වන බව පොලිසිය සඳහන් කරයි.යුද හමුදා වෙන් පලාගිය සෙබළෙකු  සොරණාතොට , මීගහවෙල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ  .
යුද හමුදා කැබ් රිය පෙරැළි හතක් රෝහලේ
0
hp_train_0943
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නැවත වරක් අද  200 සීමාව ඉක්මවා පහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (16) රුපියල් 200.06ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 198.25ක් ලෙසත් දැක්විණි.මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය. මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.2 කින් අවප්‍රමාණය වී ඇත.
රුපියල සියයට 9.1 කින් අවප්‍රමාණය වෙයි
0
hp_train_0944
ගුවන් සේවා මගී අත්දැකීම් සංගමය සංවිධානය කරනු ලැබු  සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය විශිෂ්ටත්වය වෙනුවෙන් දෙවැනි වරටත් තරු හතර පන්තියේ සේවා ඇගයුම් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්විය. ලෝකය පුරා සිටින ගුවන්  මගීන් ඔවුන්ගේ  සමස්ත ගුවන් ගමන් අත්දැකීම් ඇගයීමට ලක් කිරීමෙන් මෙම ඇගයුම් ලබා දීමට ගුවන්සේවා මගී  අත්දැකීම් සංගමය කටයුතු කරනු ලැබ ඇති අතර  ඇගයුමට ලක් කිරීමේදී  ගුවන් යානයේ ආසන සුවපහසුව,ගුවන් මැදිරි සේවාව, ආහාර පාන, විනෝදාස්වාදක පද්ධතිය සහ Wi-Fi  යන සේවා ඇතුළත් කරමින් සංගමය විසින් පත් කරනු ලබන බාහිර  විගණන සේවා ආයතනයක සහතිකය මත මෙම ඇගයුම සිදු කර තිබේ. සේවා ඇගයුම් ගුවන් සමාගම වෙත පිරිනැමීමට  අමතරව ශ්‍රීලංකන් ප්‍රචාරක වීඩියෝ දැන්වීමක් වන “ශ්‍රීලංකන් හා එක්ව ශ්‍රී ලංකාවට චමත්කාර ගමනක්” සඳහා විශිෂ්ට මුල් වීඩියෝව කාණ්ඩය යටතේ ප්‍රමුඛ ගුවන් සේවා වන කටාර් එයාර්වේස්,එමිරේට්ස්,සිංගප්පූරු ගුවන් සේවය ,එයාර් නිව්සීලන්ඩ් සහ කැතේ පැසිෆීක්  යන ගුවන්සේවා අභිබවා යමින් විශේෂ ඇගයුමට ලක්කර ඇත.  “2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරය” සහ “ 2018  වසරේ ඉන්දියානු සාගරයේ මෙහෙයුම් සිදුකරන ආසියාවේ  ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස   ශ්‍රීලංකන්  ගුවන් සමාගම  ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ද සම්මාන ද්විත්වයක් ලබාගැනීමට ට සමත් විය. ශ්‍රී ලංකන්  ගුවන් සමාගම  වර්තමානයේදී  රටවල්  48 ගමනාන්ත  114 ක්  වෙත සිය ගුවන් මෙහෙයුම් සිදු කරන අතර   වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමනාන්ත  1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම් ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට  හිමිවේ.(36698) 
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තරු 4 පන්තියේ සම්මානයක්
1
hp_train_0945
(රංජිත් රාජපක්ෂ)                      බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනෝන් වතුයායේදී බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් 10දෙනෙකු අද(28) බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව  රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ. එස්. කේ. ජයසූරිය මහතා පැවසීය. වතුයායේ ගසක බැඳ තිබු බඹර වදයක් කඩා ගැනීමට උකුස්සකු තැත්කිරීම හේතුවෙන් බඹරු ඇවිස්සී ඇතැයි කම්කරුවෝ පැවසූහ. බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු සහ පුරුෂයන් තිදෙනෙකු රෝහල් ගත කර ඇත. බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයා පැවසීය.
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 10ක් රෝහලේ
1
hp_train_0946
(අජිත්ලාල් ශාන්තඋදය)රත්නපුර දිස්ත්‍රික්කයේ පවතින පුස්තකාල සහ ළමා උද්‍යාන නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට  රත්නපුර දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කළේය.රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් නිකුත් කරන උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් නැවත දැනුම් දෙන තුරු රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාවට පමණක් ලබාදීම සිදුකරනු ලැබේ.මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන ආශ්‍රිතව ඉදිරියේ පැවැත්වීමට නියමිත කඨින පිංකම් සහ කෝවිල්වල වේල් උත්සව අවම ජන සහභාගීත්වයක් ඇතිව, තරුණ පිරිස්වලට මුල්තැන දෙමින් පැවැත්වීමට කටයුතු කරන බව කමිටුව තීරණය කෙරිණි.සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසුවේරත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1506ක් නිරෝධායනයට ලක්කර ඇති බවයි.ඔවුන් අතරින් 1129ක් කොරෝනා අවදානම් සහිත ප්‍රදේශවලින් පැමිණි අය බවත් 137 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වන අය බවත් කීවේය. එසේම 240ක් කොරෝනා ආසාදනය වී ඇති බවට සැකකරන අයගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවද කෝනාර මහතා කීය. 
රත්නපුර දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති තාවකාලිකව නවත්වයි
0
hp_train_0947
(රංජිත් රාජපක්ෂ)තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරුවන් පස්දෙනෙකු අද (17) බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්ලාව පොලිසිය පැවසිය.බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ සහ කැම්පියන් ලින්ෆොඩ් වතු යායේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් මෙසේ බඹර ඇනීමෙන් ලක් වී තිබේ.තුවාල ලැබු වතු කම්කරුවන් සිව්දෙනෙකු සහ එක් වතු කම්කරු කාන්තාවක් රෝහල් ගත කර ඇත.තේ පදුරක් මත තිබු බඹර කුඩුවක් පයට පැගිමෙන් සහ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා ඇවිස්සුණු බඹරුන් මෙසේ ඇවිස්සි තමන්ට පහර දුන් බව බඹර ඇනීමෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ පවසති.
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 5ක් රෝහලේ
0
hp_train_0948
සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි 6  වැනිදා  උදෑසන 8 සිට සවස 2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් පරිශ්‍රයේදී පවත්වන බව රියාද් තානාපති කාර්යාලයේ නිලධාරි සිරිපාල ගම්ලත්ය් මහතා පවසයි රියාද් තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් මසක් පාසා ක්‍රියාත්මක කරන මෙම තානාපති ජංගම සේවාවෙන් ගමන් බලපත් වැඩ ,ලිපි ලේඛන සහතික කිරීම්,උප්පැන්න ලියාපදිංචි කිරීම් ඇතුළු අනෙකුත් කටයුතු මෙන්ම කම්කරු ගැටළු සොයා බැලීම සදහා නිලධාරින් කණ්ඩායමක් පැමිණීමට නියමිතය. වේලාසනින  පැමිණ ටෝකන් පතක් ලබා ගැනීමෙන් නිලධාරින්හට සහාය වන මෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති.පෝරම පිරවීම ඇතුළු අනිකුත් කටයුතු වලට සහාය වීම සදහා ස්වෙච්ඡා නිලධාරීන් පිරිසක් ඔබ සදහාම ඉදිරිපත්වී ඇති බව දන්වා සිටි. වැඩි විස්තර සුමිත් රෝහිත.0500998349 , පතිරාජ..0545214452  , දයා කහදවල   0507861163 
සෞදි ජංගමේ සිකුරාදා
1
hp_train_0949
(නිමන්ති රණසිංහ)පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (05) නියෝග කළේය’මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (05) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නිතීඥ මාධන්‍ තෙන්නකොන් මහතා අධිකරණයේ පෙනී සිටිමට ඉදිරි දිනයේදී කටයුතු කරනු ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා සදහන් කර සිටියේ නිතිපතිවරයාගේ නියෝජනය සමග සැකකරුගේ ඇප සම්බන්ධයෙන් ඉදිරි දිනයේදී අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සුදානම් බවය’ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.සැකකාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය මෙම සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද ඉකුත් නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරයා නියම කළේය.මාස පහකට අධික කාලයක් රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (02) වගන්ති ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු මෙම සිද්ධියට අදාළව පළමු වරට අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ ඉකුත් සැප්තැම්බර් මස 10 වැනිදාය.පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදාය.
බදියුදීන් යළි රිමාන්ඩ්
0
hp_train_0950
( රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අද (07) අලුයම අඩි තුන බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.ජලාශයේ වාන් දොරටු අටෙන් හතරක් විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 8400 ක ජල ධාරිතාවක් දැදුරුඔයට මුදාහැරෙන බවත් මේ හේතුවෙන් කිසිසේත්ම පහල ප්‍රදේශවලට ගංවතුර තත්වයක් ඇති නොවන බවද වාරි නිලධාරීහු සදහන් කළහ.ඉදිරියේ දී ලැබෙන වර්ෂා තත්වය අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. දැදුරුඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර 60000කි. එහි ජලාශයෙන් ගොඩ සහ මඩ වගාබිම් අක්කර 6000 කට ජලය සැපයේ.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කෙරේ
0
hp_train_0951
  (ජේ.කේ.එල්.චාමින්ද)  නිතිවිරෝධි ලෙස බලපත්‍රයක් නොමැතිව වෙනිවැල් ගැට තොගයක් ප්‍රවාහනය කරමින් තිබු  ජිප් රථයක් සමඟ පුද්ගලයකු අද (4) දහවල්  ඇහැලකන්ද දී අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් විසින් මෙකි ජිප් රථය  නතර කර පරික්ෂා කිරිමේ දි එහි වෙනිවැල් ගැට කිලෝ 545ක් හා කොකුන් පොතු කිලෝ 8 ක් තිබු බව පොලිසිය පවසයි. මේ අවට ඇති රක්ෂිතවලින් වෙනිවැල් ගැට කපා නීතිවිරෝධි ලෙස බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය විය.අත්අඩංගුවට ගත් සැකකරු  මතුගම  කිනියාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 
නිතිවිරෝධිව වෙනිවැල්ගැට ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට
1
hp_train_0952
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (24) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 544 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.මින් 88 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හමුව ඇත්තේ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර සෙසු කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම කැලණිය - 79 ක්, වත්තල - 76 ක්, බියගම - 70 ක් , මීරිගම - 47 ක්, දොම්පෙ - 34 ක්, මිනුවන්ගොඩ - 25 ක්, දිවුලපිටිය - 23 ක්, රාගම සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් 22 ක් බැගින්, අත්තනගල්ල - 20 ක්, ජාඇල - 14 ක්, සීදූව - 13 ක්, මීගමුව - 7 ක් සහ කටාන සිව් දෙදෙනෙකු වශයෙන් සිදුව ඇත.ගතවූ පැය 24 තුල ආසාදිතයින් 309 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති අතර මින් 71 දෙනෙකු වන වැඩි පිරිසක් වැරැල්ලවත්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානට ඇතුලත් කොට ඇති බවත් ආසාදිතයින් බවට සැක කෙරෙන රෝගීන් 156 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල්වලට ඇතුලත් කොට ඇති බවත් අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන්ය.එම කාලය තුල ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,141 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත. 
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 460
0
hp_train_0953
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,228 දෙනකු අද (24) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,47,337 කි.එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,639 දෙනෙක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,12,825 කි. 
කොවිඩ් ආසාදිතයන් තවත් 1,320ක්
0
hp_train_0954
(ඩයනා උදයංගනී)උතුරු, නැගෙනගිර, උතුරු මැද සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (3) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.උතුරු, උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40 පමණ වේගවත් සුළං ඇතිවන බව ද ඔහු පැවසීය.සබරගමුව, මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ මීදුම් තත්වයක් පවතින බව ද එම ප්‍රකාශකයා කීය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
කාලගුණයේ යළි වෙනසක්
0
hp_train_0955
(  එච්. චන්දන )පනිරෙන්දාව රක්ෂිත වනාන්තරයේ තිබූවල්ලා පට්ටා ගස් කපමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හලාවත අඩවි වන කාර්යාලයේ  කියයි.වන සංරක්ෂණ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර  අවිස්සාවෙල්ල-වග ප්‍රදේශයේ පදිංචිකරුවෙකුව මෙලෙස අත්අඩංගුවට ගෙන  තිබේ.රක්ෂිතය තුළ වන සංරක්ෂණ නිලධාරීන් විසින් වැටලීම සිදු කරන විට එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු පලා ගොස් ඇත.අත්අඩංගුවට ගත් සැකකරු සහ පලා ගිය පුද්ගලයින් පනිරෙන්දාව රක්ෂිතයේ තිබූවල්ලා පට්ටා ගස් 08 ක් කපා තිබූ බව වන සංරක්ෂණ නිලධාරීන් සදහන් කරයි.කපා කොටස් කරන ලද කිලෝ ග්‍රෑම් 08 ක් පමණ බර වල්ලා පට්ටා කැබලි තොගයක්ද,ආයුධ කීපයක් සහ සැකකරුවන් පැමිණි බව කියන ත්‍රීරෝද රථයක්ද වැටලීම සිදු කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  
රක්ෂිතයක වල්ලපට්ටා කැපු අයෙක් අත්අඩංගුවට
1
hp_train_0956
(සමන් පාලිත නානායක්කාර)හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය තීරක ඡන්දයෙන් අද (19) සභා සම්මත විය.අයවැයට පක්ෂව හා විපක්ෂව ඡන්ද හත බැගින් ලැබීම නිසා සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය සභා සම්මත විය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලන බලය  හිමි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත වෙයි.අයවැයට පක්ෂව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කළහ.අයවැයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයකු හා ස්වාධීන මන්ත්‍රීවරයකු ඡන්දය ප්‍රකාශ කළහ .එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු , ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයකු හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු ඡන්දය දෙන අවස්ථාවේ සභාවේ නොසිටියහ.2020 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම 58985357.23   ක් වේ . රුපියල් 55861608.64 ක් වියදම් කිරීමට අපේක්ෂා කරන අතර රුපියල් 3123748.59 ක් සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කෙරේ .
හපුතලේ ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
0
hp_train_0957
වත්තල ප්‍රදේශ කිහිපයකට අද(21) රාත්‍රී 8.00 සිට හෙට(22) රාත්‍රී 8.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.ඒ අනුව, වත්තල, තෙලඟපාත, ඇවරිවත්ත, හේකිත්ත, පෑලියවත්ත, වැලිඅමුණ, බලගල, ගලහදූව සහ ඇලකන්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
වත්තලට පැය 18 ක් වතුර කපයි
0
hp_train_0958
රුපියල්  හාරලක්ෂ අසූ දහසක්  වටිනා රත්තරන් කැබැල්ලක්  තම කටෙහි  සගවාගෙන බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී   ලාංකිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින්  අද අත් අඩංගුවට ගනු ලැබීය.සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 49  හැවිරිදි පුද්ගලයෙකි.අත්අඩංගුවට ගනු ලැබු රන් කැබැල්ලෙහි බර ග්‍රෑම් 98 කි.ඔහුගේ ගුවන් බලපත්‍රයේ සඳහන්ව ඇත්තේ ඔහු  වෘත්තියෙන් රියදුරෙක් බවයි.  නමුත් ඔහු  නිතර,  නිතර ඉන්දියාවට යන එන පුද්ගලයෙකු බව රේගුව කියයි.සැකකරු ඊයේ  ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන් යානයෙන් බැංගගෝරය බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.මේ පිළිබඳ රේගු පරික්ෂණය  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා  විසින් සිදු කර සැකකරුට රුපියල්  විසිදහසක දඩයක් නියම කොට  එම රන් කැබල්ල රාජසන්තක කළේය.මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩග්ලස් සිල්වා, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, එස්. මහේෂ්, චින්තක ශ්‍යාමාල්, මංජුල කුමාර, නුවන් ජයසුන්දර, නිරෝෂා විජේතුංග යන නිලධාරීහු සිදු කරති.  
තිස් එක් ලක්ෂයක රන් කටුනායකදී අල්ලයි
0
hp_train_0959
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද (4) සවස නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි.විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රතිඵල බලා ගත හැක.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
1
hp_train_0960
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයට ඇතුළු වීමට ඇති ප්‍රධාන දොරටුව අවහිර කර රථ ගාලක් සාදා වාහන වලින් පැමිණෙන අයගෙන් මුදල් අය කර ගැනීම වහාම නතර කරන්නැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර නාගරික කොමසාරිස්වරයා වෙත දැනුම් දී  කර ඇත.විශේෂයෙන්ම ශරීර සුවතා කටයුතු සදහා පැමිණෙන තමන්ගෙන් ඒ ආකාරයට මුදල් අය කර ගැනීම හා ප්‍රධාන දොරටුව අවහිර කිරීම අසාධාරණ බවත් ඒ තුලින් තමන් දැඩි දුෂ්කරතාවයට පත් වන බවත් මාතර සුව කවය සංවිධානය ඇතුළු ජනතාව අමාත්‍ය මංගල සමරවීර මහතාට පැමිණිලි කිරීමෙන් පසු එම නියෝගය ලබා දී තිබේ.
උයන්වත්තේ බාධකය ඉවත් කරන්නැයි මුදල් ඇමැති දැනුම් දෙයි
1
hp_train_0961
සම්පත් ප්‍රියනන්දන ඉඹුල්පේ   ප්‍රාදේශීය   සභාවේ  2019  වර්ෂය  සඳහා  යෝජිත අයවැය   අද (7)    වැඩි  ජන්ද 13  සම්මත  විය.ප්‍රාදේශීය   සභාවේ  සභාපති  ශ්‍රී   ලාල්   සෙනරත්   මහතා  විසින්   ලබන   වසර   සඳහා  අයවැය වාර්තා සභාවට ඉදිරිපත්  කළේය.අයවැයට  පක්ෂව  ඡන්ද   14  ලැබුණු   අතර  විපක්ෂව  ලැබුණේ   01  ජන්දයක් පමණි.මන්ත්‍රීවරුන්  දෙදෙනෙකු  අයවැය  ඉදිරිපත්  කළ දිනයේ  සභාවට  පැමිණ    නොසිටි   අතර   අයවැයට ඡන්දය   ලබාදෙන  අවස්ථාවේදී   එක්සත්   ජාතික   පක්ෂයේ  මන්ත්‍රීවරු  හයදෙනා  සහ  ශ්‍රී  ලංකා   නිදහස්  පක්ෂයේ   මන්ත්‍රීවරු දෙදෙනෙක්  සභා  ගර්භයේ  රැදී  සිටියේ  නැත. 
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ 2020 අය වැය සම්මතයි
0
hp_train_0962
(මොහොමඩ් ආසික්)මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද (17) ඇද හැළුණ  අධික වර්ෂාව හේතුවෙන්  මහවැලි ගඟේ ජල මට්ටම  ඉහළ යමින් පවතියි.මහවැලි ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇති වීම හේතුවෙන්  මහවැලි ගඟේ ජල මට්ටම පාලනය කර ගැනීම සඳහා පොල්ගොල්ල  ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇත.පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ අද සවස 3.30 වන විට ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බවත් ජලාශයට තත්පරයකට ඝණ අඩි 7600 ක ජල ධාරිතාවක් ලැබෙමින් ඇති බවත් එයින් විවෘත කර ඇති වාන් දොරටු තුන හරහා තත්පරයකට ඝණ අඩි 4600 ක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බවත්ය.තත්පරයකට ඝණ අඩි 2000 ක තවත් ප්‍රමාණයක් උමං මාර්ගය හරහා බෝවතැන්න ජලාශය වෙත මුදා හරින බවත් ඒ මහතා සඳහන් කළේය.කෙසේ නමුත් ජලාශයේ ජල මට්ටම නිතරම වාන් මට්ටමට පහළින් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද කාර්යභාර ඉංජිනේරු පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් කීය.  
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි
0
hp_train_0963
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘කඳුකර ප්‍රදේශවලින් සහ අවට මුහුදු ප්‍රදේශවලින්   තද සුළං බලාපොරොත්තු විය හැකියි‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 16/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259055වැසි ස්වල්පයක්.මඩකලපුව33269060අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30279575වැසි වාර කිහිපයක්.ගාල්ල29259075වැසි වාර කිහිපයක්.යාපනය32278070වැසි ස්වල්පයක්.මහනුවර30219560වැසි වාර කිහිපයක්.නුවරඑළිය20149575වැසි වාර කිහිපයක්.රත්නපුරය32249570වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35268560අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570වැසි ස්වල්පයක්.   
හෙට කාලගුණය
1
hp_train_0964
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වල අද (8) සවස් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසිද ඇතිවිය හැක.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම මෙම මස 14 වැනිදා දක්වා සිදු වන අතර ඒ අනුව අද (8) දහවල් 12.12 ට බෝලවත්ත, වෑදෙණිය, වට්ටාරම, අඹගමුව, දිගන, මහවල, ගල්ගමුව, ඕලුවිල් සහ අම්පාර කලපුව යන ප්‍රදේශයන්ට ඍජුවම හිරු මුදුන්වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 
පළාත් කීපයකට අද වැස්ස
1
hp_train_0965
(සුජිත් හේවාජුලිගේ)එන්නත්කරණය  කඩිනමින් අවසන් කළ යුතු හෙයින් වහා ළඟම ඇති  එන්නත්කරණ  මධ්‍යස්ථානය වෙත ගොස් කොරෝනා මර්දන එන්නත  ලබාගන්නැයි සියලු ජනතාවගෙන් තමා විශේෂ ඉල්ලීමක් කරන බව  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික  ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.කොළඹ දිස්ත්‍රික්කයේ  එන්නත්කරණ  කටයුතු මේ මාසය අවසන්වීමට පෙර   නිමා කිරීමට  බලාපොරොත්තු වන බව පැවසූ යුද හමුදාපතිවරයා  කොරොනා මැඩලීමට රටට තියෙන එකම පිළියම මෙය බවද ප්‍රකාශ කළේය .පිට පළාත්වල එන්නත්කරණ  කටයුතුද වේගවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.සමහර ස්ථානවල එන්නත්කරණයට වැඩි උද්යෝගයක් නැති තත්ත්වයක් පෙනෙන්නට තිබුණු බවත් පුත්තලම දිස්ත්‍රික්කය ඒ අතර කැපී පෙනුණු බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය .කොළඹ විහාර මහා දේවී උද්‍යානය, දියත උයන වැනි ස්ථානවලදී එන්නත ලබාගත හැකි හෙයින් ඒ ස්ථානවලට  හැකි ඉක්මනින් පැමිණ එන්නත ලබා ගන්නැයි ඉල්ලා සිටින බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය. 
යුද හමුදාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක්
1
hp_train_0966
(නාලක සංජීව දහනායක)එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඇති වී තිබෙන අවුල්සහගත තත්ත්වය නිසා කැබිනට් මණ්ඩල සංශෝධනයේදී විද්‍යාත්මකව විෂයන් වෙන් කිරීමට හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (9) පැවැසීය.එබැවින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය පුස්සක් වනු ඇතැයි ද මහාචාර්යවරයා කීය.බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේද පැවැසීය.විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට විරුද්ධව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් දහසය දෙනා එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එනිසා එම අමාත්‍යවරුන් දහසය දෙනා අගමැතිවරයා සමඟ තවමත් එකම කැබිනට් මණ්ඩලයේ කටයුතු කරනවා. මේක මහ පුදුම සහගත තත්ත්වයක්. එමෙන්ම ජනාධිපතිවරයා විවේචනය කළ එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් ද එම තනතුරුවලින් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ඉල්ලා තිබෙනවා. රජයේ පොදු අරමුණු ක්‍රියාත්මක කිරීම කැබිනට් මණ්ඩලයේ වගකීමක්. ඔවුන් කිසිවිටකත් කැබිනට් මණ්ඩලයේ තීන්දු තීරණ විවේචනය නොකළ යුතුයි. කැබිනට් මණ්ඩලයේ එලෙස සුහදතාවක් ඇතිවීමටනම් ඔවුනොවුන් අතරේ අන්‍යෝන්‍ය වශයෙන් ලෙංගතුකමක් තිබිය යුතුයි.නමුත් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක මේ ආකාරයට කා කොටා ගැනීම තුළ ආණ්ඩුවට සාර්ථක ගමනක් යන්න බැහැ. ජනතාවට සේවයක් සිදුකිරීම වෙනුවට මේ කැබිනට් මණ්ඩලය තුළ මහා සංග්‍රාම සිදුවෙනවා. මේ දිනවල නැවතත් කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳව කතාබහක් ඇති වී තිබෙනවා. මේ අර්බුද මැද විද්‍යාත්මක ආකාරයෙන් විෂයන් සංශෝධනය කරන්න බැහැ. මොනවා හෝ ගැටගහගෙන මේ විදියටම ඉස්සරහට යාවි.විශ්වාසභංග යෝජනාවේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මහින්ද අමරවීර මහතාගේ නිවයේ පසුගියදා සාකච්ඡාවේදී විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබුණා. ඒ තීරණය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් එක්සත් ජාතික පක්‍ෂයට දැනුම් දුන්නා. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දේශපාලන පක්‍ෂ නියෝජිතයන් තම පක්‍ෂයේ මතය අනුව කටයුතු කළා. ඒ දේශපාලන පක්‍ෂවලට විනයක් තිබුණා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ එහෙම විනයක් තිබුණේ නැහැ.පක්‍ෂය විසින් ගත් තීන්දුව සම්බන්ධයෙන් අමාත්‍යවරුන් පිල් බෙදුණා. ඔවුන්ගේ ඒ වෙනස්වීම නිසා විශ්වාසභංග විවාදයේදී අපිත් සමඟ එක්ව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටි එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් ද තමන්ගේ තීරණය වෙනස් කර ගත්තා.මේ විශ්වාසභංග යෝජනාව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පදනම දෙදරා ගියා. ස්ථිර තීරණයක් ගන්න බැරිව පක්‍ෂය අයාලේ යනවා. විශ්වාසභංග විවාදයේදී අගමැතිවරයා ආරක්‍ෂා කිරීමට ක්‍රියා කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන්ට අවුරුදු තෑගි ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන අමාත්‍යවරයකුට රුපියල් ලක්‍ෂ හාරසිය තිහක් පමණ වටිනා වාහනයක් මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. කැබිනට් ඇමැතිවරුන්ට සුර සැප ලබාදෙන මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කිසිවක්ම සිදුකරන්නේ නැහැ.  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය විසින් එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කරනවා. එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය අර්බුදවලට ලක් වූ සෑම අවස්ථාවකදීම නායකත්වය විසින් නොයෙකුත් දේ දෙමින් අර්බුද යට ගහනවා. අර්බුද සමනය වූ වහාම දුන් පොරොන්දු අමතක කරනවා. මෙවර ඇති එකම වෙනස තීන්දු තීරණ ගැනීම සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීම පමණයි.මේ වනවිට විපක්‍ෂය ලෙස පිළිගනු ලබන දමිළ සන්ධානය අපේ රටේ සැබෑ විපක්‍ෂය ලෙස පිළිගන්න බැහැ. ඔවුන් සෑම විටම ක්‍රියා කරන්නේ රජයේ අන්තර්ගත කොටසක් ලෙසටයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරනු ලබන පුද්ගලයකුට විපක්‍ෂ නායකත්වය ලබාදිය යුතුයි. විශ්වාසභංග යෝජනාවට විරුද්ධව තම ඡන්දය ලබාදීම සඳහා ඔවුන් අගමැතිවරයා සමඟ ලිඛිතව පොරොන්දු අත්සන් කර ගත්තා. උතුරු නැගෙනහිර පළාත්වල හමුදා කඳවුරු ඉවත් කිරීම, එම ප්‍රදේශවලට දෙමළ ජාතික දිසාපතිවරුන් පමණක් පත්කිරීම, එම ප්‍රදේශවල රැකියා අවස්ථා වෙනත් ප්‍රදේශවල පුද්ගලයන්ට ලබානොදීම ආදී පොරොන්දු එයට ඇතුළත්ව තිබෙනවා. එකම භාෂාවක් පමණක් කතාකරන පුද්ගලයන් තනතුරුවලට පත්කිරීම සංහිඳියාවට බාධාවක්.   පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. මේ ආණ්ඩුව යටතේ මුළු රටම කැඳ හැළියක් වෙලා. නොගැළපෙන අය ගළපා ගනිමින් 2015 ජනවාරි 8 වැනිදා බිහිකර ගත් මේ යහපාලන දරුවා අංගවිකල වන බව අපි මුලින්ම කිව්වා. එදා අපි කිව් දේවල් සැබෑ වී තිබෙනවා.විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම පිළිබඳව ආණ්ඩුව මේ වනවිටත් උදම් වෙනවා. ඒ ගැන ඔච්චරටම ආඩම්බර වෙන්න පුළුවන්නම් ඉදිරි පළාත් සභා මැතිවරණ පවත්වන ලෙසට අපි ආණ්ඩුවට අභියෝග කරනවා.සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමි පක්‍ෂයට ආණ්ඩු පක්‍ෂය හිමිවෙනවා. දෙවැනියට වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමි පක්‍ෂයට විපක්‍ෂය හිමි වෙනවා. නමුත් අපේ රටේ ඒ සම්ප්‍රදාය වෙනස් කරලා. වර්තමාන විපක්‍ෂ නායකතුමා ප්‍රාදේශීය සභාවක විපක්‍ෂ නායකවරයෙක් වගේ කටයුතු කරනවා. වර්තමාන විපක්‍ෂ නායකතුමා උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රශ්න හැර රටේ අනෙකුත් ජාතික ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. ආණ්ඩුව බේරා ගැනීම සඳහා ඔහු සෑම විටකම ක්‍රියා කරනවා. මේ විශ්වාසභංග යෝජනාවෙන් අපි අත්කර ගත් ප්‍රයෝජන තිබෙනවා. කෙසේ වෙතත් මෙම විශ්වාසභංග යෝජනාව නිසා රජයේ 2/3 බහුතර බලය අහිමි වුණා. එමෙන්ම ආණ්ඩුව තුළ අර්බුද ඇති වුණා. දැනට ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රීවරුන් පනස් එක් දෙනෙක් සිටියත් ඉදිරියේදී එය මන්ත්‍රී ධුර හැත්තෑවක් දක්වා වැඩි විය හැකියි. විශ්වාසභංග යෝජනාවට ඡන්දය නොදුන් ඇමැතිවරුන්ගේ කෙඳිරියත් අපිට ඇහෙනවා. ඇතැම්විට ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරවලදී ඔවුන්ගේ මතයත් වෙනස් විය හැකියි.
අගමැතිගේ විශ්වාසභංගයට ශ්‍රීලනිපය ඉක්මන් තීන්දුවක් ගත යුතුයි
0
hp_train_0967
දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම සහ සබරගමුව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්‌ත්‍රික්‌කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 20/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36268040සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.කොළඹ31278070වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29268575වැසි ස්වල්පයක්යාපනය34297060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28219075වැසි ස්වල්පයක්නුවරඑළිය18139585වැසි ස්වල්පයක්රත්නපුරය31249065වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය35258045සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මන්නාරම30258570ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘පළාත් කීපයකට හෙට මද වැසි‘
0
hp_train_0968
(ඩයනා උදයංගනී)උතුරු, නැගෙනගිර, උතුරු මැද සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (3) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.උතුරු, උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40 පමණ වේගවත් සුළං ඇතිවන බව ද ඔහු පැවසීය.සබරගමුව, මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ මීදුම් තත්වයක් පවතින බව ද එම ප්‍රකාශකයා කීය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
අද වහින තැන් මෙන්න
0
hp_train_0969
මාර්ග තදබදය අධික ප්‍රදේශවල පිහිටි තවත් පාසල් 20 ක් සඳහා 2023 මුල් මාස තුන තුළ දී මාර්ග සුරක්ෂිතතා උපකරණ ප්‍රදානය කිරීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය දා පියවර ගත්තේය.සියැට් කැලණි සමාගමේ ‘මග යන මග’ ලෙස නම් කර ඇති පාසල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යටතේ සමාගම විසින් මෙම පාසල්වලට උපකරණ 330 ක් බෙදා දුන් අතර ඒවාට මාර්ග සුරක්ෂිතතාව සම්බන්ධ සංඥා පුවරු 150 ක්, මාර්ග කේතු 160 ක් සහ පාසල් රිය නියාමක කබා 20 ක් අයත් වේ. මෙම කැපී පෙනෙන ප්‍රජා වැඩසටහනට සියැට් සමාගම දීර්ඝ කාලීන කැපවීමක් සිදු කර ඇත්තේ සමාගමේ සියලුම නිෂ්පාදන ද මාර්ග සුරක්ෂිතතාව හා සම්බන්ධ වන නිසා යැයි සමාගම පවසයි.මෙවර මෙම වැඩසටහන තුළින් ප්‍රතිලාභ ලබාගත් පාසල් අතරට කොළඹ 10 ආනන්ද විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍යම මහා විද්‍යාලය, නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල, කැලණියේ කැලණි මහා විද්‍යාලය, කොළඹ 07 කාන්තා විද්‍යාලය, කඩවත මහාමායා බාලිකා මහා විද්‍යාලය, කොළඹ 03 මහානාම විද්‍යාලය, මහරගම පිහිටි මහරගම මධ්‍යම මහා විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය, කැලණියේ පිහිටි පෑලියගොඩ රෝ.ක.වි., හෝමාගම ජනාධිපති විද්‍යාලය, කැලණිය ජනාධිපති විද්‍යාලය, කොළඹ 08 රත්නාවලී බාලිකා මහා විද්‍යාලය, වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලය, වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය, හෝමාගම සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලය සහ කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විද්‍යාලය අයත් වේ.    කොවිඩ් වසංගතය නිසා විරාමයක් ලබාගැනීමෙන් පසුව සියැට් විසින් පාසල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යළිත් වරක් පසුගිය වසරේ දී ආරම්භ කළ අතර එහි දී උපකරණ පරිත්‍යාග කිරීමේ ආකෘතිය අනුව වැඩසටහන ඉදිරියට රැගෙන ගියේය. මෙම වැඩසටහනේ මුල් අදියරේ දී සෘජුවම සිසු දරුවන්, දෙමව්පියන්, ප්‍රවාහන සම්පාදකයන් එනම් මූලික වශයෙන් පාසල් වෑන් රථ රියදුරන් සමග සම්බන්ධ වූ අතර ඔවුන් වෙනුවෙන් මාර්ග සුරක්ෂිතතා වැඩමුළු පවත්වා සමාගම විසින් දැනුවත් කිරීම් කරන ලදී. එසේම, මෙම වැඩමුළුවලට සමගාමීව සහභාගී වූ සෑම පාසලකටම මාර්ග කේතු, පාසල් රිය නියාමක කබා, මාර්ග සංඥා සහ අනිකුත් අවශ්‍ය උපකරණ සමාගම විසින් ප්‍රදානය කළේය595
සියැට් වෙතින් පාසල් 20 කට මාර්ග සුරක්ෂිතතා උපකරණ
1
hp_train_0970
(රංජිත් රාජපක්ෂ)                       මස්කෙලිය පොලිස් වසමට අයත් තේ වතු දෙකක දලු නෙළමින් සිටි වතු කම්කරුවන්ට අද (23) බඹරු ඇනීමෙන් කම්කරුවන් 20 දෙනෙකු මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය. මස්කෙලිය ගවරවිල සහ සාමිමලේ යන තේ වතුවල කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් සිව්දෙනෙකුට මෙම බඹර ඇන ඇත. බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් සිව්දෙනෙකු පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, වතු කම්කරුවන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් මස්කෙලිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියෙක් කියා සිටියේය. බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 20ක් රෝහලේ
1
hp_train_0971
(සම්පත්   ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)බලන්ගොඩ, වේ ගඟේ  ජල පහරට  ගසාගෙන යමින් තිබූ  කාන්තාවකගේ  මළ සිරුරක්  අද (17)  ඇල්ලේපොළ ප්‍රදේශයේ දී සොයා ගත් බව පොලිසිය පවසයි.බලන්ගොඩ ඇල්ලෙපොල ප්‍රදේශයේ පදිංචිව සිටි  66 හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි.එම සිරුර බලන්ගොඩ මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර  ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ  පවත්වයි.
දිද්දෙණියෙහි නිවසක කාන්තාවකගේ මළ සිරුරක්
0
hp_train_0972
බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එය බස්නාහිර සහ වයඹ පළාත්වලට මිලි මීටර්  ‍75 ක් පමණ වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිමධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවලට විටින් විට තද සුළං බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 31/05/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33269565වැසි ස්වල්පයක්මඩකලපුව34278560සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.කොළඹ30279080විටින් විට වැසිගාල්ල29269080විටින් විට වැසියාපනය32298075ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28229580විටින් විට වැසිනුවරඑළිය19149580වැසි ස්වල්පයක්රත්නපුරය28259590විටින් විට වැසිත්‍රීකුණාමළය35278060සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.මන්නාරම33289080වැසි ස්වල්පයක්                  
‘බස්නාහිරට වයඹට තරමක් තද වැසි‘
1
hp_train_0973
ඌරගස්මංහන්දිය අමරසිරි රණසිංහඅල්ලපු ගෙදර බල්ලා නමත් එක්කම රුපියල් 20000 කට හොරෙන් විකුණා මාට්ටු වූ පුවතක් දකුණු පළාතේ එක්තරා ගමකින් ඉකුත්දා අසන්නට ලැබිණ.මෙම අරුමපුදුම ගනුදෙනුව කළ පුද්ගලයා මැද පෙරදිග රටක කලක් සේවය කර මෑතක ලංකාවට පැමිණි අයෙකි. ඔහු උදෑසන නවය දහය පමණ වනතුරු නිදාගැනීමට පුරුදුව සිටින්නෙකි. අල්ලපුගෙදර බල්ලාගේ කරදරකාරී බිරුම් ඝෝෂා හඬ ඔහුගේ නින්දට දින කිහිපයක්ම බාධාවක් විය. කරදරකාරී බල්ලා සිටින නිවෙසේ සිටි කාන්තාව රෝහලේ වෛද්‍ය සායනයට යාමට පිටත්ව යන අයුරු දුටු අසල්වාසී පුද්ගලයා ඔහුගේ මිතුරෙකුට දුරකතන ඇමතුමක් ගත්තේය. “අපේ ගෙදර ජර්මන් සෙපර්ඩ් බල්ලෙක් ඉන්නවා රුපියල් 25000 කට ගන්න ඕනෑම කෙනෙකුට දෙනවා”විනාඩි පහකට පමණ පසු මිතුරාගෙන් ඇමතුමක් ලැබිණ. “ අපේ මාමා බල්ලා රුපියල් 20000 කට ගන්න කැමතියි. ඒත් ගෙදරට ගෙනත් දෙන්න වෙනවා”බල්ලාගේ කරදරයෙන් බේරෙන්න හොඳම අවස්ථාව ලැබී ඇතැයි සිතමින් තමාගේ ත්‍රිරෝද රථයට අල්ලපු ගෙදර බල්ලා නංවාගෙන මිතුරා සොයා ගියේ කාටවත් නොපෙනෙන පරිදිය.“මම තව දින කිහිපයකින් රට යනවා මෙයා බලාගන්න කෙනෙක් නැහැ. මෙන්න මම එයාගේ පිඟානයි කෝප්පයයි ගෙනාවා. මෙයාගේ නම ටූබී” බල්ලාගේ නව අයිතිකරු මුණුපුරාගේ උපන් දින ත්‍යාගය ලෙස ටූබී තෑගි කළේය. දිනක් දෙකක් ගතවත්ම ටූබී ළමයා සමග මිතුරු වීය. දිනක් ළමයාට බල්ලාගේ කූඩුව වැසීමට අමතකව ගියේය.  රාත්‍රියේම බල්ලා පෙර අයිතිකරු සොයා නිවෙසින් පැන ගොස් තිබිණ.ඔවුන් දවස් කිහිපයක් දන්නා කියන සෑම තැනකම සෙව්වද බල්ලා සොයා ගැනීමට නොහැකි වූ බැවින් බල්ලා දුන් ගෙදරට ගොස් බල්ලා පැමිණියේදැයි සොයා බැලීය. බල්ලා එම ගෙදරටද පැමිණ සිටියේ නැත.බල්ලා මිලට ගත් පුද්ගලයා ජංගම දුරකතනයේ තිබෙන ඡායාරූපයක් පෙන්වමින් මගතොට හමුවන අයගෙන් නැති වූ සුරතලා සොයන අතර බල්ලාගේ මුල් අයිතිකරුට ද එම ඡායාරූපය පෙන්වීය.බල්ලාගේ ඡායාරූපය දුටු මුල් අයිතිකරු බල්ලා හැඳින ගත්තේය. බල්ලා ලැබුණු අයුරු අසා දැනගත් ඔහු බල්ලා සොයමින් සිටි පුද්ගලයා නිවෙසට එක්කගෙන ආවේය. ‘අයියා සොයන බල්ලා අපේ ගෙදර හිටිය ටූබී යැයි පවසමින් බල්ලාගේ බෙහෙත් විදින කාඩ් එක හා ඔහුගේ දුරකතනයේ තිබූ ඡායාරූප හා වීඩියෝ දර්ශන පෙන්වීය.මම බල්ලා ගත්තේ අන්න අර ගෙදරින් යැයි පවසමින් බල්ලා අවසන් වරට මිලට ගත් පුද්ගලයා යාබද නිවෙසක් පෙන්වීය.දෙදෙනාම එම නිවෙසට ගොස් “ මල්ලී ඔයා විකුණපු බල්ලාගේ කාඩ් එක දෙන්න අමතක වෙලා” යැයි කීය. බල්ලා විකුණූ පුද්ගලයා ත්‍රිරෝද රථයේ නැගී වේගයෙන් නිවෙසින් පිටව ගියේය.මිතුරන් කිහිප දෙනකුගේ උදව් ඇතිව පැය හතරක සෝදිසි මෙහෙයුමකින් බල්ලා සොයාගෙන  රුපියල් 20000 වන බලු ගනුදෙනුව ද බේරුම්කර බල්ලාගේ මුල් අයිතිකරුට ඌ ගෙනැවිත් දී බලු කුක්කකු මෙන් අසල්වැසි තරණයා පිටව ගියාලු. 
රාලහාමිලා දෙන්නා බලු වැඩක පැටලිලා
0
hp_train_0974
(පොළොන්නරුව ක.ග. කරුණාරත්න)කිසිදු චක‍්‍රලේඛයක් මහජන සේවා ප‍්‍රමාද කිරීමට හෝ අකාර්යක්ෂම කිරීමට හේතු නොවිය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී ඊයේ (9) පැවැසීය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලෝක තැපැල් දින 143 වැනි සැමරුම් උත්සවය අමතමිනි.ලෝක තැපැල් දින 143වන සැමරුම් උත්සවය පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී ඊයේ උදේ පැවැත්විණි.ලෝක තැපැල් දිනය නිමිත්තෙන් නව මුද්දරයක් සහ මුල් දින කවරයක් ද නිකුත් කෙරිණි.පොළොන්නරුව තැපැල් සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම ද මෙම උත්සවයට සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 307ක් පමණ වේ.උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.අද ලෝක තැපැල් දිනය මුල් කරගනිමින් පවත්වනු ලබන ජාතික වැඩසටහන පොළොන්නරුවේ පවත්වන අවස්ථාවට ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ උළෙල ආරම්භ කිරීමට පෙර පොළොන්නරුව නගරයේ නව තැපැල් සේවාව සඳහා රුපියල් කෝටි තිස් එකකට ආසන්න මුදලක් වැයකරමින් ඉදිකරන ගොඩනැගිල්ලේ වැඩ කටයුතු ආරම්භ කළා. මෙවැනි වැදගත් ව්‍යාපෘතියක ආරම්භයත් සමග ඔබ සියලූ දෙනා හමුවීම මම ඉතා වැදගත් කොට සලකනවා.තැපැල් සේවය යනු, මුළු ලෝකයේම පණිවුඩ හුවමාරු ක‍්‍රමවේදයයි. අපේ රට වගේම ලොව බොහෝ රටවල්වලත් වසර දහස් ගණනකට එහා අතීතයට විහිදි යන තොරතුරු හුවමාරු කිරීම පිළිබඳ ඓතිහාසික තොරතුරු හමුවෙනවා.ඇතැම් වෙලාවට අපි දන්නවා මේ සඳහා සතුන් භාවිත කළා. පරවියා වැනි පක්ෂීන් භාවිත කළා. අපි කවුරුත් දන්නා සැළලිහිණි සංදේශයේ සැළලිහිණියාව පණිවුඩය යැවීම පිළිබඳව භාවිත කර ඇති ආකාරය තොටගමුවේ ශ‍්‍රී රාහුල හාමුදුරුවෝ ඉතාමත් රසවත් ලෙස සඳහන් කර තිබෙනවා. එදා මෙදා තුර ඈත අතීතයේ සිටම මානව සමාජයේ මේ සේවාවන් පිළිබඳව තිබුණු කැපවීම එහි ප‍්‍රගමනයට, දියුණුවට, සංවර්ධනයට විශිෂ්ට ලෙස ඉවහල්වී තිබෙනවා.අධි තාක්ෂණයත් සමඟ තොරතුරු සන්නිවේදනයේ ඉහළම දියුණුවක් තිබෙන අද වැනි යුගයක අධි තාක්ෂණය භාවිත කරමින් පණිවුඩ හුවමාරුවේ කාර්යක්ෂමභාවය තවදුරටත් ශක්තිමත්වී තිබෙනවා. තැපැල් පණිවුඩය වරක ඉතාමත් සතුට දනවන කාර්යයක් මෙන්ම වරක අසතුට දනවන කාර්යයක් බවත් බොහෝ වේලාවට අප අත්දැකීමෙන් දන්නවා. විභාගයක් සමත්වී ගෙදරට ලිපියක් ආ විට ලිපිය කඩා බැලූ විට ඉහළම ප‍්‍රීතියකින් කෑ ගසා කියනවා මම විභාගය සමත් වෙලා කියලා. රැකියාවක් ලැබී ලිපියක් ආ විටත් ඉතාමත් සතුටට පත් වෙනවා. අපේ සමාජය ගෙදරට ලිපි එන තැපැල් සේවාවට සීමාවී සිටි කාලයන් ගත්විට ඇතැම් වේලාවට තමන්ට අවශ්‍ය දේ තොරතුරු බලාපොරොත්තු වන දේ ලබා ගැනීම සඳහා තැපැල් මහත්මයා ගෙදරට එනකල් බලා සිටිනවා. මේ සේවාවේ සිටින සෑම කෙනෙක්ම මහජනයාට ඉතාමත් සමීපයි.මහජන සම්බන්ධතාව සමීපතාව ඉතාමත් ඉහළ කැපවීමක් තිබෙන සේවාවක්. ඇතැම් වේලාවට ලිපියක් තැපෑලෙන් ආ විට සතුටට පත්වූ අවස්ථා මෙන්ම සමහර තරුණ පිරිස් ලිපිය බලා සියදිවි නසාගත් වෙලාවල් ද තිබූ බව අපි දන්නවා. තමාගේ තිබෙන ආදර සම්බන්ධතා මෙතනින් ඉවරයි කියා ලිපියක් ආ විට බෙල්ලේ වැල දා ගන්නවා, ළිඳට පනිනවා. ඒකටත් එක කොනක සිටින්නේ තැපැල් මහත්මයායි. මේ සෑම දෙයකම යහපත් දේ වගේම අයහපත් දේ තිබෙනවා. නමුත් සියල්ල භාවිත කළ යුත්තේ යහපත් දේ සඳහා යහපත් සුබවාදී මනසකින්.මට තැපැල්පතිතුමා කිව්වා, අපේ රටේ විවිධ ක්ෂේත‍්‍ර හරහා අවශ්‍ය තොරතුරු ලබා දෙන්න, අවශ්‍ය දැනුම, පණිවුඩ ලබා දෙන්න වර්ෂයකට මිලියන දහනව දාහක් ස`දහා මේ සේවාවේ සිටින ඔබ ස්වේච්ඡාවෙන් කටයුතු කරන බව. සේවා ගාස්තුවක් නොමැතිව මිලියන දහනව දාහකට වසරකට ඔබ හරහා යන පණිවුඩය අඩු ආදායම්ලාභී පවුල්වලට රජයෙන් ලැබෙන විවිධ යැපීම්, දීමනා සඳහා කටයුතු කිරීමේ දී ඒ සඳහා ඔබ දක්වන සහයෝගය අපි ඉතාමත් අගය කරන්න  ඕන.තැපැල් සේවාව පිළිබඳව කතා කළ විට එදා මෙදා කාලය තුළ බොහෝ දේ අපිට කතා කිරීමට හැකියි. ඒ ඉතිහාසය සමග තව තවත් මේ සේවාවන් කාර්යක්ෂම කිරීම මේ සේවාවන්වල විධිමත්භාවයක් ඇති කිරීම පිළිබඳව අප සියලූ දෙනාගේම අවධානය යොමුවීම ඉතා අවශ්‍ය වෙනවා. මටම මතකයක් නැහැ වර්ෂයකට මම උත්සව කීයකට සහභාගි වනවාද කියා. තැපැල් සමරු මුද්දර නිකුත් කිරීම පිළිබඳව. එය තමාගේ ආයතනික වශයෙන්, සේවාවන් වශයෙන් ඉන් බාහිරව පෞද්ගලිකවත් බොහෝ අයට තමාගේ ජීවිතයට සම්බන්ධ වන විශිෂ්ට අවස්ථාවක් ලෙස තැපැල් සමරු මුද්දර නිකුත් කිරීම හඳුන්වන්න පුළුවන්. මේ පිළිබඳවත් යම් යම් ගැටලූ සහ ප‍්‍රශ්න තිබෙනවා. පසුගිය කාලවලදී තැපැල්පතිතුමා සහ මම දුරකථනයෙන් කතා කළ වේලාවන්වල දී පාසල්වල අවුරුදු සියය, අවුරුදු එකසිය පනහ පිරීම වැනි අවස්ථාවල දී යම්කිසි ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව මතුවුණා. පසුගිය දවස්වල සමහර පාසල්වල විදුහල්පතිවරු මට කතා කළා තැපැල් මුද්දරය නිකුත් කිරීම පිළිබ`දව. මම කිව්වා, මට අයිති නැහැ මෙය. තැපැල්පතිතුමාගෙන් අහන්න. මම  ඕවා නවත්වලා නැහැ. ඒ තිබෙන චක‍්‍රලේඛ අනුව කටයුතු කිරීමයි අවශ්‍ය වන්නේ කියා.මේ ක්ෂේත‍්‍රය ගත්විට ඔබ සෑම කෙනෙක්ම ඉතා විශිෂ්ට රාජ්‍ය ආයතනයක් විදියට ස්වේච්ඡාවෙන් සහ රාජකාරී වශයෙන් විශිෂ්ට කාර්යභාරයක් ඔබ සෑම කෙනෙක්ම ඉටුකරනු ලබනවා. ලෝක තැපැල් දිනය ලෙස දිනයක් නම් කර තිබෙන්නේ ඇයි? එසේ නම් කර තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් මුළු සමස්ත ප‍්‍රජාවගේ අවධානය යොමු කිරීමට. මෙහි තිබෙන වැදගත්කම සාකච්ඡා කිරීම. අතීතයේ මතක සටහන් සමග අනාගතය සකස් කර ගැනීම. ඒ පිළිබඳව ගත යුතු තීන්දු තීරණ ගැනීම. ආයතනික වශයෙන් මේ සඳහා ප‍්‍රමුඛත්වය දීම ප‍්‍රතිපත්තිමය කරුණු මෙන්ම සැලසුම් සහගත කාර්යයන්, පිළිබඳව සෑම කෙනෙකුගේම අවධානය යොමු කිරීම සඳහායි ලෝක තැපැල් දිනයක් නම් කර තිබෙන්නේ.විවිධ සේවාවන්වල තත්ත්වයන් ගත්විට තැපැල්පතිතුමා කිව්වා, තැපැල් දෙපාර්තමේන්තුව හරහා තිබෙන යම් යම් ගැටලූ සහ ප‍්‍රශ්න සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග කටයුතු කිරීමේදී එන යෝඡනා අදහස් සමඟ ඇතැම් චක‍්‍රලේඛ හරස්වීම තුළ චක‍්‍රලේඛවල තිබෙන කරුණු මුල් කරගෙන යම් යම් කාර්යයන් පිළිබඳව තිබෙන ගැටලූ පිළිබඳව. තැපැල් දෙපාර්තමේන්තුව වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ ආයතනික වශයෙන් තිබෙන කරුණු 2006 චක‍්‍රලේඛය පිළිබඳව ප‍්‍රශ්න තිබෙනවා නම් සාකච්ඡා කරලා ඒවා නිරාකරණය කරගත හැකියි. කිසිදු රාජ්‍ය චක‍්‍රලේඛයක් මහජන සේවාවන් ප‍්‍රමාද කරන්න, අකාර්යක්ෂම කරන්න බලනොපාන විදියට සකස් කර ගැනීම අවශ්‍යයි. වෘත්තීය සේවාවන්වල තිබෙන තත්ත්වයන් විධිමත් කර ගැනීමට හෝ ඒවා කාර්යක්ෂම කරගෙන වැඩි මහජන සේවාවක් ලබා දීමට චක‍්‍රලේඛ යම් හරස්වීමක්, බාධාවක් වෙනවානම් එම ගැටලූව අප විසින් සාකච්ඡා කරලා නිරාකරණය කරගත යුතු වෙනවා. ඒ නිසා ඇමතිතුමාගෙන්, අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතු`එ තැපැල්පතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා එහි තිබෙන ගැටලූ මට ඉදිරිපත් කරන්න ලබන සතියේ. මම සුදානම් ඔබ සමග සාකච්ඡා කරලා එම ගැටලූ නිරාකරණය කර ගන්න.තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ වෘත්තීය සමිති විදියට වැඩ වර්ඡුන වලටත් බොහෝම ප‍්‍රසිද්ධයි. වෛද්‍යවරුන්ගේ වාර්තාව තවම කඩා නැහැ. ඒ නිසා එම තරගකාරීත්වය ගැන ද සිතා අඩුවෙන් වර්ජනය කරලා වැඩියෙන් වැඩ කරලා ප‍්‍රශ්න විසඳා ගන්න. සුහදව සහ මිත‍්‍රශීලීව සාකච්ඡා කරලා කටයුතු කරමු කියා මා ඉල්ලා සිටිනවා.  ඕනෑම වෘත්තිය ක්ෂේත‍්‍රයක තිබෙන්නාවූ වෘත්තීමය ගැටලූ සේවාමය ගැටලූ අපිට සාකච්ඡා මගින් විසඳා ගැනීමට හැකියාව තිබෙනවා.ඔබ වැනි විශිෂ්ට මහජන සේවාවක් කරන දෙපාර්තමේන්තුවක් ආයතනයක් අමාත්‍යාංශයක් විදියට වර්තමාන ඇමතිතුමාත් ලේකම්තුමා ඇතුළු සියලූම කාර්යය මණ්ඩල සහ වෘත්තීය සමිතිවලටත් මේ වැඩසටහන ශක්තිමත් කිරීමට දායක වූ ටෙලිකොම් ආයතනයටත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවටත් ස්තූතිය පුදකරමින් ඔබෙන් සමුගන්නවා.උතුරුමැද හා නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක උඩගම ධම්මානන්ද නාහිමියෝ ද, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එම්.එච්.ඒ. හලීම්, හිටපු මහ ඇමැති පේෂල ජයරත්න යන මහත්වරු ද, තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
කිසිදු චක‍්‍රලේඛයක් මහජන සේවා ප‍්‍රමාද කරන්න අකාර්යක්ෂම කරන්න හේතු නොවිය යුතුයි
1
hp_train_0975
 (ජුඩ් සමන්ත)හලාවත - ආණමඩුව මාර්ගයේ එළිවිටිය මංසන්ධියේදී  අද (25) අලුයම සිදුවී ඇති අනතුරකින් 10 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව හලාවත පොලීසිය කියයි.යතුරු පැදි තුනක්, ත්‍රී රෝද රථයක් සහ මෝටර් රථයක් (කාර්) එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.අනතුරින් තුවාල ලබා සිටි අය හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතල තත්ත්වයේ පසුවූ එක් අයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.එළිවිටිය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අවසන් වී ආපසු යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය කියයි.හලාවත පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
හලාවත අනතුරකින් අයෙක් මරුට : තිදෙනෙක් රෝහලේ
0
hp_train_0976
වන්නි රොමේෂ් මධුෂංඛ යුද්දය හේතුවෙන් වසර 30ක් පුරාවට ආරක්ෂක අංශ භාරයේ පැවති යාපනය මයිලඩ්ඩි උතුර ග්‍රාම සේවා වසමට අයත් ප්‍රදේශයන්හි ඉඩම් අක්කර 4යි පර්චස් 44 ක භූමි ප්‍රමාණයක් අද (06)  මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයේ ඉඩම් මුල් අයිතිකරුවන් වෙත  භාර දීම සඳහා යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා ට භාර දීම සිදු විය. මේ අනුව මයිලඩ්ඩි උතුර ග්‍රාමසේවා වසමට අයත් අක්කර 2 පර්චස් 75 ක් භූමි ප්‍රදේශයේ පිහිටි මයිලඩ්ඩි කලෙයිමගල් මහා විද්‍යාලය සහ කුරුම්බ සෙඩ්ඩි ග්‍රාමසේවා වසමට අයත් සමූපකාර ගොඩනැගිල්ල සහ ප්‍රජාශාලාව මෙන්ම එය ඇතුලත් පර්චස් 80 ක භූමි ප්‍රමාණයක්ද අනෙයිකොට්ටේ ප්‍රදේශයේ පිහිටි අක්කර 1 යි පර්චස් 19 ක් භූමි ප්‍රමාණයක්ද නිදහස් කැරිණි. යුද්දය හේතුවෙන් ආරක්ෂක පියවරක් වශයෙන් අදාල ඉඩම් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් වසර 30 ක කාලයක් පැවති අතර යුද්දය නිමාවීමෙන් පසුව එම ප්‍රදේශයන්හි බිම්බෝම්බ ඉවත් කිරීමෙන් පසුව අදාල ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට භාරදීම එසේ සිදු විය. ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමේ අවස්ථාවට යාපනය  දිසාපති නාගලිංගම් වේදනායගම් , ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර්  රසික කරුණාතිලක , උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක උදයකුමාර්,  තෙලිප්පලෙයි  ප්‍රාදේශීය ලේකම් එස්.සිවාශ්‍රී ඇතුලු   පිරිසක් ද සහභාගී වී සිටියහ.
මයිලඩ්ඩි අක්කර 4ක් යළි මුල් පදිංචිකරුවන්ට
1
hp_train_0977
(නාලක සංජීව දහනායක)ජනතාව ගැන කිසිදු අනුකම්පාවක් නැති රජය තවදුරටත් ජනතාව පීඩාවට පත්කිරීමේ අරමුණින් බඩු මිල ඉහළ දැමීමට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (26) පැවැසීය. ජනතාව පීඩාවට පත්කරන රජය  ගෙදර යැවීම සඳහා අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාම ඉක්මනින් තීන්දුවක් ගත යුතු යැයි ද මහාචාර්යවරයා කීය.බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ ද පැවැසීය.“අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය දැනටමත් කඩා වැටිලා ඉවරයි. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පෙන්නුම් කර තිබෙනවා. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම හරහා අපි කරන්නේ ජනතාවගේ මතය පර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කිරීම පමණයි.අගමැතිවරයා සමඟ ආණ්ඩුවේ සිටිය නොහැකි බව මුලින්ම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා වැනි අමාත්‍යවරුන් කණ්ඩායමයි. ඒ නිසා මුලින්ම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතුව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසිනුයි. ඔවුන්ගේ ඒ ප්‍රකාශ ක්‍රියාවට නංවන්න සුදුසු වේලාව දැන් එළැඹී තිබෙනවා. විශ්වාසභංග යෝජනාවට සහාය නොදී අගමැතිවරයාට විරුද්ධව කතා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනය සම්ප්‍රදායානුකූලවම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. දැන් ඒ දේශපාලන භූමිකාව ඉටුකරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ බව පළාත් පාලන මැතිවණ ප්‍රතිඵලයෙන් තහවුරු වුණා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද පදනම දෙදරා ගිහිල්ලා. මැතිවරණ ප්‍රතිඵලය අනුව ආයතන 152ක බලය පිහිටුවීම සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ.නමුත් මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් සියයට 50ක් සම්පූර්ණ කරගන්න බැරිවුණු ආයතන 71ක බලය පිහිටුවීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එකසත් ජාතික පක්‍ෂයට බලය හිමිව තිබූ ගාල්ල හා මීගමුව මහනගර සභාවල නගරාධිපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුණා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නාගරික මන්ත්‍රීවරුන් මුදලට අපේ පැත්තට නම්මවා ගත්තේ නැහැ. ඒ මන්ත්‍රීවරුන් ජනතාවගේ මතය පිළිබඳව හැඟීමකින් කටයුතු කර තිබෙනවා.ආණ්ඩුවට ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ. ජනතාව සම්බන්ධයෙන් අනුකම්පාවක් තිබෙන රජයක් නම් මේ විදියට බඩු මිල වැඩි කරන්නේ නැහැ. මේ වනවිට ආණ්ඩුව අවසන් හුස්ම පොද හෙළන්නට සූදානමින් සිටිනවා. ඒ නිසා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාම ඉක්මනින් තීන්දුවක් ගත යුතුයි. එක්සත් ජාතික පක්‍ෂය රජය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නේ නැහැ. සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේ සම්මත නොකරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නා. නමුත් එක්සත් ජාතික පක්‍ෂය හදිස්සියේම ඒ පනත සම්මත කර ගත්තා. විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට එරෙහිව කරුණු 14ක් ඇතුළත් කර තිබෙනවා. ඉන් කරුණු 11ක්ම තිබෙන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙනුයි. ඉතිරි කරුණු හතර ඇතුළත්ව තිබෙන්නේ තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ     ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධවයි. මේ වනවිට අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව උසාවිය මඟින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. එවැනි තත්ත්වයක් මත ඔහුගේ අත්සන මෙරට මුදල් නෝට්ටුව මත තිබීමෙන් ආයෝජකයන්ගේ විශ්වාසය බිඳවැටෙනවා.     ත්‍රිවිධ හමුදාව සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා විදේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණ පිහිටුවන බව රජය ජිනීවා මානව හිමකම් කවුන්සිලයේදී පොරොන්දු වුණා. එහෙත් රජය ඒ පොරොන්දු ඉටු නොකරන බැවින් තමන් මෙම ක්‍රියාව අරඹන බව නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.නමුත් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැන්නක් සිදු කළ නොහැකි බව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා මානව හිමිකම් කවුන්සිලයට දැනුම්දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු නොකරන රජයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආරක්‍ෂා කරන්නේ කෙසේදැයි නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරයා විදේශ අමාත්‍යවරයාට පවසා තිබෙනවා” යැයි ද ඔහු කීය. 
අමාත්‍ය මණ්ඩල සංශෝධනය පුස්සක් වේවි
0
hp_train_0978
(හර්ෂණ තුෂාර සිල්වා)ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා කාලය තුළදී ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.0කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. එපමණක් නොව මේ සතියේදී රුපියල මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය.  තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව අප්‍රේල් 25 වැනිදා රුපියලේ අගය 159.04ක් දක්වා ඉහළ ගියේය.  ඉහත සඳහන් කළ කාලයේදී ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියල සියයට 6.4කින් ද, යූරෝවකට සාපේක්ෂව සියයට 4.4කින් ද ජපාන යෙන් එකකට සාපේක්ෂාව සියයට 6.1කින් ද අවප්‍රමාණය වූ අතර අසල්වැසි ඉන්දියාවේ රුපියලට සාපේක්ෂව මෙරට රුපියල සියයට 1.1කින් අවප්‍රමාණය වී තිබේ.  පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි.    
‘රුපියල් සියයට 3.2 කින් අවප්‍රමාණය වෙලා’- මහ බැංකුව
0
hp_train_0979
(ඉන්දිකා රාමනායක)ප‍්‍රසිද්ධ මාධ්‍යයක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන්  සිදුකරන විමර්ශනයකට අදාලව කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්කු මන්ති‍්‍ර පියල් නිශාන්ත මහතා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා  තිබේ.මෙම ප‍්‍රකාශ සටහන් කර ගැනීම තවමත් අවසන් ව නොමැත.
පියල් නිශාන්ත සීඅයිඩීයට
1
hp_train_0980
(ඩී.ජී.සුගතපාල) රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ  සැකකාර පොලිස් නිලධාරින් 15 දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 17 දෙනා තවදුරටත් ලබන මස 4 වැනිදා දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය.මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති  පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා, උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,  වයි.පි.විදානගම,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න , වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්, කොස්තාපල් අනිල් කුමාර, කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන් 17 දෙනා වෙති.රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ  අසේල මංජුල කුමාර සහ කොස්ම රසික චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනිදා  පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.පැමිණිල්ල මෙහෙය වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ පරික්ෂණ තවමත් අවසන් නොමැති අතර රජයේ රස පරික්ෂකවරයාගේ වාර්තා තවමත් ලැබි නොමැති බවයි.මෙහිදි මහේස්ත්‍රාත්වරයා කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ තවදුරටත් රිමාන්ඩ්
0
hp_train_0981
(ශාන්ත චන්ද්‍රසිරි)කොත්මලේ, රම්බොඩ, වැවන්ඩන් වත්තේ තේ කර්මාන්ත ශාලා කොටසේ පිහිටි වතු ලයිම් පේළියක ඇති වු ගිනි ගැනීමකින් වතු නිවාස තුනක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇතැයි කොත්මලේ පොලීසිය පවසයි.මෙම ගිනි ගැනීම හේතුවෙන් එම වතු නිවාසවල සිටි පුද්ගලයන්ට හානියක් සිදුව නොමැති අතර, වතු කම්කරුවන්ගේ ගෘහ භාණ්ඩ ඇතුළු අනෙකුත් දේපල සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.වතු කම්කරුවන් එකතුව වතු නිවාසයන්ගේ හටගත් ගින්න වෙනත් නිවාසයන්ට පැතිරීයාම වැළැක්වීමට පියවර ගැනීම නිසා සිදු වන්නට ගිය විශාල විනාශයක් වැලැකී ගොස් ඇත.ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ සංවිධානයේ ප්‍රධාන ලේකම් ජීවන් තොණ්ඩමාන් මහතා ඇතුළු පිරිසක් ගිනි ගැනීමට ලක් වු වැවන්ඩන් වත්තට අද (02) පැමිණ එම වතු නිවාසවල ජීවත්ව සිටි පිරිසට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගන්නා ලදි.මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය හා කොත්මලේ පොලීසිය එකතුව පරීක්ෂණයක් සිදු කරනු ලබයි.
වැවන්ඩන් වත්තේ වතු නිවාස තුනක් ගිනි ගනී
1
hp_train_0982
(සුජිත් හේවා ජුලිගේ සහ ආරියරත්න රණබාහු)“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නොවේ” යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවැසීය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝළය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (10) පෙරවරු 10.30ට රැස්විය.අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. ජනපති ප්‍රකාශයෙන් ජනතා බලාපෙරොත්තු ඉටුවුණේ නැහැ. ජාතික ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට අපොහොසත්වී තිබෙනවා. රටේ පාලන තන්ත්‍රය කඩා වැටිලා ඉවරයි. එය වැළැක්වීමට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළේ නැහැ. පාර්ලිමේන්තුව අවශ්‍ය වන්නේ විශ්වාසයයි. අද රජය බිඳ වැටිලා. අරාජිකත්වයක් වගේම බංකොළොත් භාවයක් රට තුළ තියෙනවා. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. අපොහොසත් රජයක්. ඇමැතිවරුන් 16 දෙනකු ගැලවිලා ගියා. මේ ඇමැතිවරු නඩත්තු කරන්නේ මොන කෙංගෙඩියකට ද? ආණ්ඩුව ඩොලරය රුපියල් 158ට ගෙනල්ලා ඉවරයි. රුපියල දිනෙන් දිනම වැඩි වෙනවා. ආණ්ඩුව ලොකු මූල්‍ය අර්බුදයකට ලක්වෙලා. ගජ මිතුරන්ගේ හොඳම ගජ මිතුරෝ මහ බැංකුව කොල්ල කාපු අය. ජනපති ප්‍රකාශයේ ඒ ගැන වචනයක්වත් නැහැ. පළාත් තුනක ජන්දය නැහැ. ජනපති ඒ ගැන කතා කළේත් නැහැ. සැප්තැම්බර් වනවිට උතුරේ මධ්‍යම හා වයඹ පළාත් සභාවල කාලය ඉවර වෙනවා. යෝජනාව ස්ථිර කරමින් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස) මෙසේ කීය: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුලින් වසර 2025 දක්වා කෙසේ වෙතත් ඉදිරි මාස 17 දක්වාත් ගෙනයන වැඩ පිළිවෙළක් පෙන්වා නැහැ. පසුගිය වසර 3 1/2 තුළ රටට කිසිදු වැඩක් කර නැහැ. රටේ ජාතික සම්පත් විකුණා එදා වේල ටුවර්ස් බවට ආණ්ඩුව පත්ව තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ණය ගෙවනවා කිව්වත් ඒ කරපු දෙයකුත් නැහැ. අද ගොවියාට යන එන මං නැහැ ඔහු ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්වෙලා. මේ ආණ්ඩුව දුවන්නේ බදු දඩ සහ ණය මතයි. බලු මයිලක්වත් වටින්නේ නැති රටට නොගැළපෙන ඡන්ද ක්‍රමයක් හැදුවා. ඒ ඡන්ද ක්‍රමය වහාම අහෝසි කර රටට ගැළපෙන සර්ව ජන ඡන්ද ක්‍රමයක් හැදිය යුතුයි.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ගැන වැරැදි ප්‍රකාශ කරමින් රට නොමඟ යැවීමට හදනවා. එතුමා මේ කතාව කළේ රජකුගේ ලීලාවෙන් නොවෙයි. පොදු යහපත සඳහා කළ කතාවක්. නමුත් මේ ගැන කතා කරන එක්කෙනෙක්වත් ඒවා ගැන කියන්නේ නැහැ. මේ ආණ්ඩුව මොකක්වත් කළේ නැති ආණ්ඩුවක් ලෙසයි හඳුන්වන්නේ. තොරතුරු දැන ගැනීමේ පනත, ඖෂධ මිල පාලනය, 19 වැනි සංශෝධනය, සිසුන්ට සුරක්ෂා රක්ෂන ක්‍රමය ගැන කියන්නේ නැහැ. ජී.එස්.පී. සහනය ලබා ගැනීම, මත්ස්‍ය තහනම ඉවත් කිරීම ගැන ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපතිතුමා මේ රට භාර ගන්නා විට තිබුණු අඳුරු අතීතය කාටවත් මතක නැහැ. පසුගිය කාලයේ තරම් විශාල ඇමැති මණ්ඩලයක් අපි නඩත්තු කරන්නේ නැහැ. අද සුදු වෑන් එන්නේ නැහැ. මාධ්‍යවේදීන් ඝාතනය වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා වුණත් විවේචනය කරන්න පුළුවන්. මාධ්‍ය ආයතන ගිනි තියන්නෙ නැහැ. විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා: උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නය විසඳීමට කටයුතු නොකිරීම නිසා තමයි රටේ හැම ප්‍රශ්නයක්ම ඇතිවීමට හේතුව. මේ රටට කවදාවත් හොඳ කාලයක් එන්නේ නැහැ. මේ ප්‍රශ්නය විසඳුවේ නැත්නම් මේ ගැටලුව විසඳීමට සියලු දෙනාම එක්වන ලෙස මා ආයාචනා කරනවා. සමහරුන්ට මේ ප්‍රශ්නය නොවිසඳා තබා ගැනීමට අවශ්‍යයි. මේ රටේ සියලුම පුරවැසියන්ට එක හා සමානව සැළකිය යුතුයි. අපි මේ රට බෙදීමට ඉල්ලා සිටින්නේ නැහැ. එසේ ඉල්ලන අයට අපගේ පක්ෂයේ කිසිදු සහායක් නැහැ. අපගේ ස්ථාවරය එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීමයි. පාර්ලිමේන්තුවෙන් දූෂණය තුරන් කරන්න ඕනෑ,නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා:උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් තවමත් හමුදාව අතේ තියෙනවා. ඒවා ඒ ජනතාවට දිය යුතුයි. ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට යෝජනා ජනපතිගේ කතාවේ තිබුණේ නැහැ. අපේ ජනතාව රැවටිල්ලට ලක්වෙලා.නියෝජ්‍ය කාරක සභාපතිවරයා මුලසුනට පැමිණියේය.නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් විදියට සංශෝධනය කළ යුතුයි. කෑල්ලෙන් කෑල්ල කිරීමට යෑම හොඳ දෙයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනපති ක්‍රමය ඉවත් කරන්න යෝජනාවක් ගේන්න යනවා. ජනපතිගේ ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වචනයක්වත් නැහැ. ඒ ගැන කනගාටුදායකයි. උතුරේ ඉඩම්වලින් සියයට 85ක් ජනතාවට දුන්නා කියලා ජනපති ප්‍රකාශයේ සඳහන් වුණා. ඒක පිළිගන්න පුළුවන්ද ?. අපේ ජනතාවගේ ඉඩ කඩම් තවම ලැබී නැහැ.මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි විජිත බේරුගොඩ මහතා (එජනිස): පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව දෙදරුවා. අගමැති විශ්වාස භංගයෙන් දිනුවට ඔහුට ජනතා අධිකරණයෙන් නම් සහනයක් ලැබෙන එකක් නැහැ. මේ ආණ්ඩුවට තියෙන්නේ තව මාස 18 යි. මේ ආණ්ඩුවෙන් ජනතාවට මොනවාද වුණේ. අද ලොකු ජීවන අරගලයක් ඇතිවෙලා. දුක් විඳින ජනතාව ඉන්නේ බොහොම අතෘප්තියෙන්. ආණ්ඩුවට පොරොන්දු ඉටු කරන්න බැරි වුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් මහතා (එජාප):ත්‍රිකුණාමලයේ ජනතාව අද රැවටිල්ලට ලක්වෙලා. අපේ ජනතාව වැඩි පිරිසක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. එජාපයට ජයගත නොහැකි සේරුවිලත් දිනුවා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී):පළාත් සභාවල මුදල් ආපහු රජයට හරවලා යවනවා නම් වැඩක් නැහැ. පළාත් සභා සුදු අලියෙක් නොවෙයි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:- අධ්‍යාපනය සෞඛ්‍යය, ජනගහනය සඳහා වැඩිබර ප්‍රතිපත්තියක් යෙදවිය යුතුයි. සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වඩා අධිවේගී මාර්ග සඳහා වියදම් කර තිබෙනවා. කොට්ටාව මාර්ගයෙන් අපට ලැබෙන්නේ කළ වියදමෙන් හයෙන් එකයි. කවර ක්ෂේත්‍රවලට වියදම් කළ යුතු දැයි විද්‍යාත්මකව සෙවිය යුතුයි. ලංකාවේ නම් එය කළ යුත්තේ පර්යේෂණ සඳහායි. විද්‍යානුකූල ආණ්ඩු ක්‍රමයට හොඳම උදාහරණය මැලේසියාවයි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය හැරුණු විට කරන අනෙක් ආණ්ඩු ක්‍රමය යන්නන් වාලේ කරන බොරු ෂෝක් දේශපාලනය.අවස්ථා දෙකක් හැර පසුගිය අවුරුදු 70 තුළම අපේ රට එය කර තිබෙනවා. නමුත් 70 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජයත් 77 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයත් ප්‍රතිපත්ති දෙකක සිට රට ආණ්ඩු කිරීම තමයි වෙනස්වූ ආණ්ඩු ක්‍රම දෙක. සිරිමා මැතිනියගේ ක්‍රමය අසාර්ථක වුවත් වෙනත් රටවල් ඒ ක්‍රමය අනුගමනය කර දියුණු වී තිබෙනවා.අනුරාධපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා:මේ විවාදය පැවැත්වෙන අවස්ථාවේ දැන් සභාව තුළ ආණ්ඩුව නියෝජනය කිරීමට සිටින්නේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පමණයි රජයේ ප්‍රතිපත්තිය නියෝජනය නොකර මැති ඇමැතිවරු රැසක් මේ විවාදයට එන්නේ නැහැ වගෙයි. පළාත් සභා 7 ක් විසුරුවා තිබෙනවා. නමුත් ඡන්ද නැහැ. ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා පමණයි.යෞවන කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂණ් පෙරේරා මහතා:-අද අපි වාර්තාගත අපනයන මේ රටේ සිදුකර තිබෙනවා. දුප්පත්කම අපි සිතු පරිදි අඩු කරන්න බැරිව ගියා. එස්. බී. දිසානායක මහතා සමෘද්ධි ඇමැති ලෙස කළ හානිය හරි විශාලයි. සමෘද්ධි අමාත්‍යාංශය ජනතාව දුප්පත්කමින් මුදවා ගත යුතු වුවත් එය හරි හැටි ඉටු කළේ නැහැ. ෂෙහාන් සේමසිංහ මහතා (එජනිස) මුලසුනට පැමිණියේය.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා: තමුන්නාන්සේලා මේ රට ගොඩනඟන්න අපොහොසෙත්වී තිබෙනවා. ඔබලා ගත කළේ නිස්කාරණ අවුරුදු තුනක්. ජනපතිගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේද ඒකයි. ජනතාවගේ වැඩිම දෝෂාරෝපණයට ලක්වූ අසාර්ථකම පාලනය රනිල්-මෛත්‍රී පාලනයයි. තිබූ අර්බුදය පවා උත්සන්න කළා. සමෘද්ධි මුදල් වංචාවක් ගැන කියනවා. එස්.බී. එළියට නාව නම් ඕක කියන්නේ නැහැ. අදටත් තියෙන්නේ බල පොරය විතරයි. මේ කාලයම වැය කළේ පක්ෂ අර්බුද විසඳා ගැනීමටයි. මේ බල තරගයෙන් කිසිවකුට ජයග්‍රහණ ගෙන දුන්නේ නැහැ. අද පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අකර්මන්‍යයි. අද වංචා දූෂණ තියෙන්නේ රජ ගෙදර ඇතුළෙයි. මහානාම යකඩ විකිණීමටකට සම්බන්ධ වුණේ කොහොමද? කාර්ය මණ්ඩල ප්‍රධානී යකඩ වෙළෙන්ඳෙක් ද? දූෂණය අගමැතිවරයාටත් සම්බන්ධයි. රජවරුන්ගේ ආරක්ෂාව මත වංචාව, දූෂණය වෙනවා. අරටුවක් නැති බොල් පාලනයක්. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප): සැසිවාරය අවසන් කළාම විපක්ෂයට ලොකු ජොලියක් ආවා. ආණ්ඩුවේ වලියක් කියලා රට පුරා ප්‍රකාශ කළා. එයාලගේ සිහිනය සැබෑ වුණේ නැහැ. ආණ්ඩුව තවමත් ඉදිරියට යනවා. මහින්ද කවදාවත් සැසිවාර අලුත් කළේ නැහැ. ඒක දිගට ගෙන ගියා. ඒකාධිපති ගමනක් ගියා. ජනපති තමන්ගේ ධුර කාලය ගැන අධිකරණයෙන් ඇහුවා. අධිකරණයට හිස නැමුවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්ල ගුණවර්ධන මහතා: ඔබලා රට හිර කරලා ඉවරයි. ඛනිජ තෙල් සූත්‍රයක් හදන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට කිව්වා. තෙල් මිල වැඩි කරන්නම වෙනවා. මහින්ද හදපු රට මේ අය ඇවිල්ලා කඩා දැම්මා. මූල්‍ය අරමුදල මේ ආණ්ඩුව හිර කරලා ඉවරයි. කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. සුළු කර්මාන්තකරුවෝ ගණන් ගන්නේ නැහැ.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා (දෙජාසං):රට තුළ අද බිය සැක නැති වාතාවරණයක් තියෙනවා. මේ රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ජනපති ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වචනයක් හෝ සඳහන් නොවීම ගැන අපේක්ෂා භංගත්වයක් තියෙනවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප): අප නැවත අර්බුදයකට ලක්ව තියෙනවා. සමහර පනත් ගේන්න කටයුතු කරන්නේ නැහැ. අප විවිධ ජන කොටස්වල හැඟීම් තේරුම් ගත යුතුයි. අලුත් මාර්ගයක යන ගමන නැවතී තියෙනවා. ආණ්ඩුකාරවරු 9 ක් පත් කළා. එක මුස්ලිම් අයකු නැහැ. චිත්‍ර ඇඳලා, කවි ලියලා, නාට්‍ය පෙන්නලා ජාතික සමගිය හදන්න බැහැ. මුජිබර් රහුමාන් මහතා මුලසුනට පැමිණියේය. පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප):19 වැනි සංශෝධනයෙන් ලොකු දේවල් වුණා. ප්‍රමාද වෙලා හරි තොරතුරු පනත ගෙනාවා. අද ඕනෑම තොරතුරක් ඕනෑම පුරවැසියකුට ගන්න පුළුවන්. අද ස්වාධීන කොමිෂන් සභා ටික ක්‍රියාත්මකයි. ස්වාධීන කොමිෂන් සභා ගැන සතුටු වෙනවා. ලොකු බලධාරින් අල්ලා ගත්තේ අල්ලස් කොමිසම ස්වාධීන කරපු නිසයි. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනවාට අප පක්ෂයි. නමුත් ඒකෙන් පමණක් ජාතික සමගිය ආරක්ෂා වන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා (එජනිස):රජයේ අසාර්ථක බව ජනාධිපතිතුමාත් එතුමාගේ කතාවෙන් පිළිගත්තා. මහතීර් මොහොමඞ්ගේ වයස 92යි. ආපහු බලයට එනවා. අපේ මහින්ද මහත්තයාත් බලයට එන දිනය වැඩි ඈතක නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම පක්ෂයකට මුක්කු ගැහුවා.මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රි ශ්‍රී නේෂස් මහතා (දෙජාසං): රට බෙදන්න යනවා කියලා කාලයක් හඬ නැගුවා. නොබෙදුණු රටක් තුළ බලය බෙදා ගැනීමට එකතුවිය යුතුයි. සියලු ජාතින් සමව ජීවත්වීම වැදගත්. ගාලු දිස්ත්‍රික් මන්ති්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප): බන්දුල ගුණවර්ධනගේ අදහස් හොඳයි. නමුත් ප්‍රායෝගික නැහැ. ආණ්ඩුවක් කරන හැම දෙයක්ම සාර්ථක වන්නේ නැහැ. මහින්ද මේ රටට සියයක් කළා නම් මෛත්‍රීට පැරදුණේ මොක ද? රටේ තවමත් තෙල් මිල අඩුයි. එදා තෙල් මිල කොහොමද? අද කොහොමද? මේක පණ යන ආණ්ඩුවක් නොවෙයි.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජනිස):මේ ආණ්ඩුවට මේ ආර්ථික ක්‍රමයෙන් ඉදිරියට යන්න බැහැ. රවි කරුණානායක මහතා මුල් අයවැය වලින්ම ඒක කෑවා. මධ්‍යම අධිවේගී මාර්ගයට මම විරුද්ධ වුණා. ඒකට ඩොලර් මිලියන 900ක් වැය කළා. මහා ව්‍යාපෘතිවලට මුදල් වැය කළේ කොමිස් ගැනීම සඳහායි. 2020 දක්වා මේ ආණ්ඩුවට යන්න බැහැ. අනුරාධපුර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී චන්දිම ගමගේ මහතා:විවාදය ඉල්ලපු අය නැහැ. ආණ්ඩුවෙන් ගිය කිහිප දෙනෙකු පමණක් සිටිනවා ඒක ගැන සතුටුයි. යහපාලන ආණ්ඩුව ආවාට පස්සේ දුප්පත් පවුල් ලක්ෂ ගණනකට විදුලිය දී තිබෙනවා. පසුගිය රජය කාලේ වැඩිපුරම කළේ සංවර්ධනය නොවෙයි හොරකමයි. මහතීර් මොහොමඞ් වීමට රාජපක්ෂවරුන් කාටවත් බැහැ.එඞ්වඞ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය. දිගාමඩුල්ල දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී කවින්ධන් කොඬේස්වරම් මහතා:ජනාධිපතිතුමාගේ කතාව කෙරෙහි සුළු ජාතිකයන් විශාල බලාපොරොත්තු තබා ගෙන සිටියා. සුළු ජාතික ජන්දවලින් බලයට පත් මෙම ජනාධිපතිවරයාත් අපිව රවටනවා නේද කියල සුළු ජාතිකයන් සිතනවා. දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අවැසි බව ප්‍රධාන පක්ෂ දෙකම කිව්වා. නමුත් ඔවුන් ඒවා කතාවට පමණක් සීමා කළාද කියන සැකය තිබෙනවා.වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා:2015 ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවුණේ ජිනීවා කේන්ද්‍රය බලලා මිස ලංකාවේ කේන්ද්‍රය බලලා නොවෙයි. බලවත් රටවල් අපේ රටට ආර්ථික සම්බාධක දාන්න හැදුවා. ජනවාරි 8 වැනිදා සිදුවූ විප්ලවය සමඟ අපට රණවිරුවන් ආරක්ෂා කිරීමට හැකි වුණා. ජාත්‍යන්තරයේ ලකුණු ලැබෙන්නේ කතාවට හෝ කරට අත දාගෙන හිටියට නොවෙයි. කරපු වැඩ කොටස් අනුවයි. ඔවුන් ඒ අනුව වාර්තා සකස් කරනවා. අද අප ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව සිටිනවා. ලකී ජයවර්ධන මහතා (එජාප) මුලසුනට පැමිණියේය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප):“එකමුතු භාවය රැක ගැනීමේ වැඩ පිළිවෙළක් අවශ්‍යයි. අප අන්තවාදය පැත්තකට දාන්න ඕන. අප දින සියය තුළ කරපු දේවල් සමහරුන්ට අමතකයි. අප රජයේ සේවකයාගේ වැටුප් වැඩි කළා. 10,000 වැඩි කළා. හැමදේම නිකම් දීම නොවෙයි වැඬේ. කළ යුත්තේ දුප්පත්කම නැති කිරීමයි. අද වැඩියෙන් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ මේ ආණ්ඩුව හදපු අපටයි.පත්කළ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (එජනිස):දෙමළ ජාතික සන්ධානය පසුගිය කාලය තුළ දී ක්‍රියාත්මක කළේ දෙමළ ජනතාව වෙනුවෙන්ද? එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ආරක්ෂා කිරීමට ද යන ප්‍රශ්නය තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය ගොනාට ඇන්දුවේ ජයම්පති වික්‍රමරත්න මහතායි.වන්නි දිස්ත්‍රික් (දෙජාස) ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය:ඩිලාන් පෙරේරා මහතා දෙමළ ජාතික සන්ධානය ගැන බොරු කිව්වා. නමුත් ජනාධිපතිතුමා අපි ගැන මුකුත් නොකීම ගැන කනගාටුවක් තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:ජනාධිපතිතුමා වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර වේලක් ජනතාවට දෙන්න හදන විට ජනතාව ඒකට කැමැති නැහැ. දේශපාලනයේ දී පසුගිය කාලයේ දී සිදු වුණේත් එවැනි දෙයක්. යාපනය දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී ඊ. සරවනබවන් මහතා:නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අප බලාපොරොත්තු තබාගෙන සිටියා. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දෙයි කියන බලාපොරොත්තුවෙනුයි අපි ආණ්ඩුවට සහාය දුන්නේ. නමුත් අපි යහපාලන ආණ්ඩුවට රැවටුනා ද කියන කාරණය දැන් මතුව තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී එම්. තිලකරාජා මහතා:ජනාධිපතිතුමා මේ වනවිට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේ වෙනස්කම් තිබෙනවා. ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩා වෙනස් කාරණා ඇතුළත් කර පක්ෂයක සභාපති ලෙස දෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.පාර්ලිමේන්තුව අද (11) පෙරවරු 10.30 යළි රැස්වේ.  
ජනපති නව සැසිවාරය විවෘතකර ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නෙවෙයි
1
hp_train_0983
(ශාන්ත චන්ද්‍රසිරි) තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් වත්තේ ස්කල්පා කොටසේ  වතු කම්කරුවන් පිරිසකට බඹරුන් ඇනීම හේතුවෙන් තුවාල ලැබු  වතු කම්කරුවන්  8දෙනෙකු  ප්‍රතිකාර සඳහා අද  (23)  ලිඳුල  ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. බඹරුන් ඇනීමෙන් කාන්තාවන් 6දෙනෙකු හා  පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කරන ලද බවත්, ඔවුන්ගෙන් පිරිමි පුද්ගලයන් දෙදෙනා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් කාන්තාවන් 6 දෙනා තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන  බව ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශයෙක්  කීය. වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට ගසක බැඳ තිබූ බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී ඇති බව ග්‍රේස්වෙස්ටන් වත්තේ වතු කම්කරුවෝ පවසති.
බඹරු ඇන වතු කම්කරුවෝ 35 ක් රෝහලේ
0
hp_train_0984
රුපියල්   දෙකෝටි විසි අට ලක්ෂ අනූ අට දහසක් විටිනා රට සල්ලි  උපත් පාලන කොපු තුනක බහා ශරීරයේ   සගවාගෙන සිංගප්පූරුවට ගෙන යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී     අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා  පැවසුවේය.සැකකරු 53 වෙනි  වියේ පසුවන මීගමුව ප‍්‍රදේශයේ පදිංචි මොටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි.සැකකරු  ඇවිදින ආකාරය  පිළිබඳ සැක සිතී සහකාර රේගු අධිකාරි දුමිදු  සිරිසේන මහතා විසින් ඔහු අත්අඩංගුවට ගෙන මීගමුව රෝහලට ගෙන ගොස් එක්ස් කිරණ පරික්ෂනයකට යොමු කොට මෙම මුදල් ඔහුගේ ගුද මාර්ගයේ තිබී ඉවතට ගෙන ඇත.අත්  අඩංගුවට ගත් විදේශීය මුදල් අතර යූරෝ  පන්සීයේ කොළ 230 ක්  සහ ස්විස් ප‍්‍රෑන්ක් දාහේ කොළ විසි එකක් තිබූ බව රේගුව කියයි.මෙම මුදල් සිංගප්පූරුවට ගෙන ගිය විට තමන්ට රුපියල් හැත්තෑපන් දහසක කොමිස් මුදලක් ලැබෙන බව මොහු රේගුවට පවසා ඇත.සැකකරු කැතී පැසිපික් ගුවන්සේවයට අයත් සී.එක්ස් 710 දරණ ගුවන්යානයෙන් මෙරට සිට සිංගප්පුරුව බලා යාමට ඊයේ රාත්‍රියේ 10 ට  පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඊ.එම්. ඕ දි සේරම් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන දුමිදු සිරිසේන, ජී.පී.එස් පෙරේරා, එස්.කේ.එස්.කේ ගමගේ, ආර්.එම්.එන්.පී බංඩාර, එච්.ඞී.එස්.සී පෙරේරා, පී.එච්.යූ.අයි විජේපාල, ඞී.එන්.එන්.ජේ සමරසේකර යන නිලධාරීහු සිදු කරති.   
බෑග් හැඬලයෙන් ලක්ෂ හැට හයක් පනී
0
hp_train_0985
(*** නිමල කොඩිතුවක්කු)‘‘රජයේ සේවකයන්ගේ - රණවිරුවන්ගේ පිහිටෙන් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ වැටුප් සහ දීමනා කප්පාදු කරමින් ගෙන ගිය පාලනයට තැපැල් ඡන්දයෙන් හොඳ උත්තරයක් ලැබෙනු ඇතැයි’’ සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය.‘‘රජයේ සේවකයන්ට අහිමි වී තිබෙන ආර්ථික ශක්තිය සහ ස්වාධීනත්වය යළි ලබාදීමත් ජනතාවට සහන දීමත් සමගි ජන බලවේගය රජයක මූලික කාර්යය බවද’’ මහ ලේකම්වරයා සඳහන් කළේය.ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේද කීවේය. “අපේ රටේ රජයේ සේවකයන් ලක්ෂ පහළොවකට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා. පසුගිය ආණ්ඩුවලින් රාජ්‍ය සේවකයන් විශාල රැවටීමකට ලක් කළා. දෙනවා කිව්ව වැටුප් වර්ධක දීමනා දුන්නේ නැහැ.මේ නිසා 2015 වනවිට රජයේ සේවකයනුත්, විශ්‍රාමිකයනුත් ඉතා අසීරු තත්වයක තමයි හිටියේ. අපේ ආණ්ඩුව ඇවිත් දින සියයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් 10,000 කින් වැඩි කළා. එතනින් නොනැවතී අපේ ආණ්ඩුව කාලයේදී රජයේ සේවකයන්ට  සියයට 107 කින් වැටුප් වැඩි කළා. අපේ ආණ්ඩුව යටතේ රජයේ සේවකයන්ට නැඟී සිටින්න පුළුවන් ආර්ථික ශක්තියත්, ස්වාධීනත්වයත් අප දුන්නා.මේ ආණ්ඩුව පත් වෙච්ච ගමන් ඒ වැටුප් වර්ධක කප්පාදු කළා. අද රජයේ සේවකයන්ගේ ගරුත්වය බින්දුවට දාලා. විධායක නිලධාරීන්ගේ පහළොස් දහසේ දීමනාව නවත්වලා. පුරුදු පුහුණු දක්ෂ නිලධාරීන් ඉඳිද්දි ඒ අයට හිතවත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට පරිපාලනය බාර දීලා. අද රාජ්‍ය පරිපාලන සේවය වැඩ නොකරන තත්ත්වයට හංවඩු ගසා අවසානයි.මේ ආණ්ඩුව ගැන රජයේ සේවකයන් අද හොඳටම කලකිරිලා. ලෝකයේ කිසිම රටක රජයේ සේවකයන්ගෙන් ආපහු වැටුප්  ඉල්ලලා නැහැ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප්-දීමනා වැඩි නොකළ මේ ආණ්ඩුව ඉතිහාසයේ ප්‍රථම වතාවට  රාජ්‍ය සේවකයන්ගේ වැටුප් යළි ඉල්ලා සිටිනවා.අගෝස්තු පස් වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු කපා දමා තිබූ වැටුප් වර්ධක, විශ්‍රාම වැටුප් දීමට අප කටයුතු කරනවා.මේ ආණ්ඩුවට රජයේ සේවකයන්ටත් වැටුප් ගෙවා ගන්න විදියක් නැහැ. රජයේ සේවකයන්ගේ වැටුප් ඉල්ලන ආණ්ඩුව කොහොමද ලක්ෂ විස්සකට රැකියා දෙන්නේ?රජයේ සේවකයන්ට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට වැඩියෙන්ම සලකපු ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව. ආබාධිත රණවිරුවන් දාලා උපවාස පවත්වා ඒ තුළින් බලයට එන්න කටයුතු කළ මේ ආණ්ඩුව අඩුම තරමින් ඔවුන්ගේ ප්‍රශ්නවත් විසඳුවේ නැහැ.අද එකක් කියා හෙට එකක් කරන ආණ්ඩුවක් තමයි මේක. මේ කෙටි කාලය තුළ මේ ආණ්ඩුව රටේ අසාර්ථකම ආණ්ඩුව බවට පත්වුණා.අද රජයේ සේවකයන් බොහොම නරක තත්වයට පත්  කරලා. අද රජයේ නිලධාරින් පරිපාලන නිලධාරින් යකඩ සපත්තුවෙන් පාගාගෙන  ඉන්නවා. රජයේ සේවකයන් මේවට උත්තර දෙන්න අද බලාගෙන ඉන්නවා.  මේ ආණ්ඩුව  කරපු දේට තැපැල් ඡන්දයෙන් හොඳ උත්තරයක් දෙන්න කියා අප ඉල්ලා සිටිනවා.’’කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය:-“මේ ආණ්ඩුවට කිසිම ආර්ථික සැලැස්මක් නැහැ. මේ ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික සහ මූල්‍ය සැලසුම් හේතුවෙන් අද වාහන ආනයනකරුවන් දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා. ව්‍යවසායකයන්- ව්‍යාපාරිකයන් අද කර කියාගන්න දෙයක් නැතුව ඉන්නවා.කොරෝනා අරමුදලට මේ වනවිට කෝටි 145ක් ලැබිලා. මෙයට අමතරව විදේශවලින් විශාල මුදලක් ලැබී තිබෙනවා. මේ මුදල්වලට වෙච්ච දෙයක් නැහැ. ඒවා වියදම් වූ ආකාරය ගැන දැනගන්න ජනතාවට අයිතිය තිබෙනවා.දැන් සෞඛ්‍ය අමාත්‍යවරිය කියනවා කොරෝනා දෙවන රැල්ලක් ආවොත් වියදම් කරන්න රජයට සල්ලි නැහැ කියලා. සුනාමි අරමුදල්වලට වෙච්ච දේ තමයි මේ මුදල්වලටත් වෙන්නේ.අද සුඩානයේ සහ ලංකාවේ ආර්ථිකය සමාන කරලා. මේ ආණ්ඩුව ඇවිත් මාස අටක කාලයකට කරපු වැඩ ටික කොහොමද?ඇමරිකානු පුරවැසියකු වෙච්ච තමන්ට ව්‍යවස්ථාව වෙනස් කර පාර්ලිමේන්තුවට එන්න දැන් බැසිල් රාජපක්ෂ මහතා තුනෙන් දෙකක් ඉල්ලනවා. රටට මොකක් වුණත් තමන් ගොඩ යනවා නම් ඔවුන්ට ඇති. මේ වගේ ප්‍රතිපත්ති තමයි, අද පොහොට්ටුවේ නායකයින්ට තිබෙන්නේ’’ යයි ද ඇය එහිදී සඳහන් කළාය. 
තැපැල් ඡන්දයේදී ආණ්ඩුවට හොඳ උත්තරයක් ලැබෙයි
1
hp_train_0986
ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු , උතුරු-මැද පළාත්වල ද  වැසි වාර  කිහිපයක් ඇතිවේ.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත්  තැනින් තැන සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල ඊසාන දිග මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/12/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30259065වැසි වාර කිහිපයක්මඩකලපුව29258570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259065සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249580සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය29248065වැසි වාර කිහිපයක්මහනුවර30219570සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය16139580සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30249560සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය31259580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29259075වැසි වාර කිහිපයක්
‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_0987
(ඩයනා උදයංගනී) සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (12) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානයන්හි සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේයමධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු  පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද හෙතෙම පැවසීය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. 
අද දිනයේත් නැතින් තැනට වැසි
0
hp_train_0988
(ක.ග.කරුණාරත්න) අධික වර්ෂාව හේතුවෙන් මින්නේරිය ජලාශය මේවනවිට  වාන් දැමීමට පටන්ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. මුළු ජල ධාරිතාව අක්කර අඩි 104,000ක් වන  මින්නේරිය වැවේ මේ වනවිට ජල මට්ටම අක්කර අඩි 160,000 ඉක්මවා තිබෙන හෙයින් එහි වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘතකළ බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම මහතා  අද(15) පැවැසීය. මේ අතර කවුඩුල්ල ජලාශයේද වාන් දොරටු දෙවන වතාවටත් අද නැවත විවෘත කළ බව  ඒ මහතා කීය. නොකඩවා පතින මහ වැසි හේතුවන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලකම ජල මට්ටම් මේ වනවිට සීග්‍රයෙන් ඉහල යමින් තිබෙන බවද කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේය.
කවුඩුල්ල ජලාශයේ වාන්දොරටු 2ක් අරී
0
hp_train_0989
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම පාහේ  වියළි සහ ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/01/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30199560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව30258065ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ33228050ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල30229075ප්‍රධාන වශයෙන් වැසි රහිතයාපනය30208060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29189560ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය21079560ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය33229560ප්‍රධාන වශයෙන් වැසි රහිතත්‍රීකුණාමළය31229065ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30228060ප්‍රධාන වශයෙන් වැසි රහිත                
‘වියළි කාලගුණය ඉදිරියටත්‘
0
hp_train_0990
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
‘‘ජනතාව අප පාර්ලිමේන්තුවට යැව්වේ නාඩගම් නටන්න නොවේ‘‘
0
hp_train_0991
කල්පිටිය, කුදිරමලේ මුහුදු ප්‍රදේශයේදී   නීතීවිරෝධිව  නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින්  දෙදෙනෙකු අත්අඩංගුවට  අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. එහිදී ඔවුන් සතුව තිබූ කකුලුවන් ඇල්ලීම සඳහා භාවිතා කරන දැල් කිලෝ ග්‍රෑම් 20 ක්, කකුලුවන් කිලෝ 03 ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කකුලුවන්, දැල්, සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ. වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.(36698)
කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
0
hp_train_0992
රටවල් 8ක් පුරා, විවිධාංගීකරණය වූ ව්‍යාපාරික මෙහෙයුම් පද්ධතියකින් සමන්විත, එයිට්කන් ස්පෙන්ස් සමාගම, පසුගිය ජුනි 30 වැනි දිනෙන් අවසන් වූ පළමු වැනි කාර්තුව තුළ අතිවිශිෂ්ට කාර්ය සාධනයක් වාර්තා කර තිබේ. එයිට්කන් ස්පෙන්ස් සමාගම, එම කාලය තුළ සිය බදුපෙර ලාබයේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේ රුපියල් බිලියන 7.2 ක ලාභයක් පෙන්නුම් කරමිනි.මෙම රුපියල්  බිලියන 7.2 ක ලාභය, ඊට පෙර වසරේ පැවැති රුපියල් මිලියන 467 ක අලාභයට සාපේක්‍ෂව කැපී පෙනෙන වර්ධනයකි. එමෙන්ම වසර 150 ක් පුරා විහිදුණු අනභිබවනීය උරුමයක් හිමි එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය, සිය කීර්තිමත් ඉතිහාසයේ පළමුවැනි කාර්තුව වෙනුවෙන් වාර්තා කළ ඉහළම සාර්ථකත්වය ද මෙය වේ.වත්මන් ආර්ථික අර්බුදයෙන් පැන නගින බහුවිධ බාධක මධ්‍යයේ වුවද මෙවන් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම සමාගමේ සේවකයන්ගේත් පරිපාලන නිලධාරීන්ගේත් අද්වීතීය කැපවීම මෙන්ම ඉහළ කාර්ය සාධනය සහතික කිරීමකි.ඉපැයීම්-කොටස්, ගිණුම්ගත ආයෝජකයන් ඇතුළුව පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්‍රමාණුකූල ක්ෂයවීම් හරහා ශුන්‍යයට ළඟාවීම් යන සියල්ල ගණනය කිරීමෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය පෙර වසරේ වාර්තා කළ ලාභය රුපියල් බිලියන 1.7 කි. එහෙත් මෙවර පළමු කාර්තුවේ දී ලබාගත් රුපියල් බිලියන 10.9 පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 553 ක වර්ධනයකි.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 6.3 ක් හෙවත් මිලියන 6300 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය වසරේදී විඳගැනීමට සිදුවූ රුපියල් මිලියන 683 ක අලාභයට සාපේක්‍ෂව අතිවිශාල වර්ධනයකි.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයට අයත් සමුද්‍රීය හා භාණ්ඩ ප්‍රවාහන අංශයෙන් වාර්තා වූ බදු පෙර ලාභය රුපියල් බිලියන 2.7 කි. එය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 221.9 වර්ධනයකි. එය විදේශීය මෙහෙයුම්, ලයිනර් නැව් අංශ සහ සමුද්‍රීය උසස් අධ්‍යාපන අංශයෙන් වැඩිදියුණු වූ කාර්ය සාධනයක් මගින් අත්කරගන්නා ලද ලාභයකි.උපාය මාර්ගික ආයෝජන අංශයේ පෙරබදු ලාභය රුපියල් බිලියන 4.5 කි. එය ඇඟලු‍ම්, වැවිලි කර්මාන්ත, මුද්‍රිත නිෂ්පාදන සහ ඇසුරුම් අංශයේ දායකත්වය මත හිමිකාර සමාගමෙහි වාර්තා වූ සැලකිය යුතු විනිමය ලාභයකි. එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සේවා අංශයේ කාර්ය සාධනය ද ප්‍රශංසනීය මට්ටමක වාර්තා විය. එහි බදු පෙර ලාභය රුපියල් මිලියන 307 ක් එනම් සියයට 162.8 වර්ධනයකි.  එ් අතුරින් ශක්තිමත් දායකත්වයක් දැක්වූයේ මුදල් හුවමාරු අංශයයි.සමූහයේ සංචාරක අංශය ද ප්‍රබල පෙරළියක් කරමින් සියයට 205.9 ක දියුණුවක් පෙන්වීය. එහි ආදායම රුපියල්  බිලියන 10.1 කි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ප්‍රධාන වශයෙන් බලපෑ සාධකයක් වන පවතින ඉන්ධන හිඟය තිබියදීත්, පාඩුව අවප්‍රමාණවීම සියයට 80.2 කින් නවතා ගැනීමට සමාගම සමත්ව තිබේ.මෙම අභියෝග මධ්‍යයේ වූවත්, සමූහයේ සංචාරක අංශය විදේශයන්හි ඔවුන්ගේ සමහර හෝටල්වලින් සහ ගමනාන්ත කළමනාකරණ මෙහෙයුම්වලින් ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබේ. රුපියල අවප්‍රමාණයවීම ද මෙම අංශයේ ආදායම වැඩිවීමට සහ පාඩු අඩුවීමට තවදුරටත් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය.මේ සම්බන්ධයෙන් අතිශය ප්‍රසාදයට පත්ව සිටින එයිට්කන් ස්පෙන්ස් සමූහයේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා මෙසේ අදහස් දැක්වීය.“මේක තවත් අතිශය අභියෝගාත්මක කාර්තුවක්. ඒත්  අපගේ වෙහෙස මහන්සි වී වැඩ කරන කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කරන ලද, ඕනෑම තත්ත්වයක් යටතේ පවත්වාගෙන යා හැකි පරිවර්තනීය සහ ඔරොත්තු දෙන උපාය මාර්ග අපගේ ඉහළ මෙන්ම පහළ මට්ටමේ ක්‍රියාකාරිත්වයට දායක වී තිබෙනවා”“අපි මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්න ඕනා. අපි අපේ ක්‍රියාමාර්ග දිගටම කරගෙන ඉදිරියට යනවා. එහෙම ඉදිරියට යද්දී, සමූහයේ සහ විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය ප්‍රකෘති තත්ත්වයට ගත හැකි බවට අපට විශ්වාසයක් තිබෙනවා,”ඉතාම මෑතකදී, එනම් ජූලි මාසයේදී, එයිට්කන් ස්පෙන්ස් සමාගම විසින් දේශීය හා ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක කරා යමින් සූර්ය බලාගාරයක් අත්පත් කරගත්තේය. එහි වටිනාකම රුපියල් බිලියන 1.4 ක් හෙවත් මිලියන 1400 කි.  මෙම ආයෝජනය පුනර්ජනනීය බලශක්තිය මගින්, ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීමට මෙන්ම පිරිසුදු බලශක්තියට ප්‍රවේශවීම සහ ඉහළ යන බලශක්ති ඉල්ලු‍මට ධනාත්මක ලෙස දායකවීමටය. මේ සඳහා එයිට්කන් ස්පෙන්ස් සමූහයේ කැපවීම අතිමහත්ය.එයිට්කන් ස්පෙන්ස් සමාගම යනු ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමානය, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක පැතිරී ඇති දැවැන්ත ව්‍යාපාර සමූහයකි. එම රටවල කර්මාන්ත 16 ක් පුරා සේවකයෝ 12,500 කට අධික සංඛ්‍යාවක් සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙසීමෙන් කටයුතු කරති.595
එයිට්කින් ස්පෙන්ස් සංචාරක නොවන අංශවල ඉහළ කාර්ය සාධනයක් වාර්තා කරයි
0
hp_train_0993
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 512 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,45,768 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.කොවිඩ් ආසාදිත 16,417 දෙනකු මේ වන විට රෝහල් සහ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ද එහි සඳහන් වේ.කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 312 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,15,495 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොවිඩ් ආසාදිතයන් තව 512ක්
1
hp_train_0994
උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වල  වැසි  ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 28/02/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32239060වැසි ස්වල්පයක් ඇති විය හැක.මඩකලපුව31229065වැසි ස්වල්පයක් ඇති විය හැක.කොළඹ32249070ප්‍රධාන වශයෙන් වැසි රහිත.ගාල්ල31249570අපරභාගයේදී සහ  රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි.යාපනය31249060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29209570වැසි වාර කිහිපයක්.නුවරඑළිය20109570වැසි වාර කිහිපයක්.රත්නපුරය34229060අපරභාගයේදී සහ  රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය31229065වැසි ස්වල්පයක් ඇති විය හැක.මන්නාරම31249060ප්‍රධාන වශයෙන් වැසි රහිත. 
‘වැස්ස ක්‍රමයෙන් අඩු වන ලකුණු‘
0
hp_train_0995
  සුමතිපාල දීයගහගේ  හබරාදුව ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා අද (19) ඉදිරිපත් කළ අයවැය ලේඛනය ඒකමතිකව සභා සම්මත විය.සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා (ශ්‍රීලපොපෙ) විසින් නව වසරේ අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කරනු ලැබීය. මෙම අයවැයට ඡන්දය විමසිමේදී පාලක‍ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද පක්ෂව ඡන්දය දුන්හ.එම අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හයදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් දෙදෙනා ද සභාවේ නොසිටියහ.
හබරාදූව ප්‍රා. සබේ අයවැය සම්මත වෙයි
1
hp_train_0996
(ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ තායිලන්තයේ ඩොංමියෑං ගුවන් තොටුපළ අතර නව ගුවන් සේවාවක් තායි ලයන් එයා ගුවන් සේවය අද (30) ආරම්භ කළේය.මෙහි ප්‍රථම මංගල ගුවන් ගමන තායි ලයන් ගුවන් එයා ගුවන් සේවයේ එස්.එල්.- 230 දරන ගුවන් යානය තායිලන්තයේ ඩොංමියෑං ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය.මෙම ගුවන් යානය ජල ආචාර පවත්වමින් කටුනායක ගුවන් තොටුපළේදී මහත් හරසරින් යුතුව කටුනායක ගුවන්තොටුපළ වෙත පිළිගන්නා ලදී.මෙම ගුවන් ගමන සඳහා මෙම ගුවන් සේවය බෝයිං 737 - 900 වර්ගයේ නවීනතම ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි මගීන් 122 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 07 ද පැමිණ සිටියහ.මෙම නව ගුවන් සේවාව සතියේ සෑම දිනකම තායිලන්තයේ ඩොංමියෑං සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර ක්‍රියාත්මක වීමට නියමිතය .
ලංකාව - තායිලන්තය අතර නව ගුවන් සේවාවක්
1
hp_train_0997
(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)පියා නගරයේ බැංකු කටයුත්තකට ගිය අවස්ථාවේ දී හොර රහසේ පෙම්වතා කැඳවාගෙන පෙම් සුව විඳිමින් සිටියදී පියා නිවෙසට පැමිණීමෙන් එළියට පැන ගත නොහැකිව පැය හතක පමණ කාලයක් පෙම්වතියගේ ඇඳ යට සිට ඇතැයි කියන තරුණයකු පිළිබඳ  පුවතක් කෑගල්ල සබරගමුව පළාතෙන් වාර්තා වෙයි.වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.ඔහු 22 හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා මාස කිහිපයක සිට 19 හැවිරිදි තරුණියක සමග දෙපැත්තේම මව්පියන්ට හොර රහසේ ආදර සම්බන්ධකමක් පවත්වා ගෙන යයි.මෙම 19 හැවිරිදි තරුණියගේ එකම සහෝදරයා යුද හමුදාවේ රැකියාවක් කරයි. මව ඇඟලුම් සේවිකාවකි. පියා කුලී වැඩ කරන්නෙකි.තරුණිය මීට මාස හතකට පමණ පෙර බස් රථයකට ගොඩ වී ඇත්තේ නිවස බලා පැමිණිමටය. බස් රථයේ අසුනක හිඳගෙන නිවස බලා පැමිණීමට සූදානමින් සිටින අවස්ථාවේ දී තරමක් කඩවසම් තරුණයෙක් ද බස් රථයට පැමිණ තරුණිය අසල වූ අසුනේ හිඳ ගත්තේය.බස් රථය ගමන් ආරම්භ කරමින් ධාවනයට එක් කළ අවස්ථාවේ දී තරුණයා තරුණිය සමග ආ ගිය තොරතුරු කතා බහ කොට දෙදෙනා අතර යම්තාක් දුරට හිතවත්කමක් ගොඩ නගා ගත්තේය.තරුණයා බසයෙන් බැස ගැනීමට පෙර සිය දුරකථන අංකය කොළ කැබැල්ලක ලියා තරුණියගේ අතට දුන්නේය. පසුව තරුණිය දුරකථන අංකය ගෙන කතා බහ කොට දැන හැඳිනගෙන දැනට මාස හතක පෙම් සුව විඳින තරුණ පෙම් යුවළක්ය. මෙම පෙම් යුවළ පවත්වාගෙන යන ආදර සම්බන්ධතාව පිළිබඳ දෙපැත්තේම මව්පියෝ කිසිවක් දැන නොසිටියහ.ඉකුත් සඳුදා තරුණියගේ මව ඇඟලුම් ආයතනයේ රැකියාවට පාන්දරින්ම පිටත්ව ගියාය. පියා ද එදින නගරයේ බැංකුවකට යන බව කල්තියා තරුණිය දැන ගත්තාය. සිය මවත් පියාත් පෙරවරුවේ නිවෙසේ නොමැති බවත් වේලාවක් කලාවක් තියෙනවා තමා සමග කතා බහ කර සිටීමට සිය නිවෙසට පැමිණෙන ලෙසත් තරුණිය තරුණයාට ඉරිදා  දුරකතනයෙන් ආරාධනාවක් කළාය.ආරාධනාව පිළිගත් තරුණයා පෙරවරු 10 ට පමණ තරුණියගේ නිවෙසට ප්‍රථම වතාවට ගියේ රුපියල් 100 ක් වටිනා චොකලට් එකකුත් රැගෙනය. දෙදෙනා තරුණියගේ කාමරයේ පෙම් සුව විඳිමින් සිටින අවස්ථාවේ දී තරුණියගේ පියා බැංකු රාජකාරි කටයුතු හනික අවසන් කොට පෙරවරු 11.10 ට පමණ නිවෙසට පැමිණියේ දියණියට කතා ක⁣රමින්ය. තරුණයාටත් තරුණියටත් කර කියා ගත හැකි දෙයක් නොවීය. සිය පෙම්වතා ආරක්ෂා කර ආපසු නිවෙසින් පිට කළ යුතු බව දැන ගත් තරුණ පෙම්වතිය පියා යළි නිවෙසින් මොනයම් හෝ කාරණාවකට එළියට බැස යන තෙක් සිය පෙම්වතා හනික ඇඳ යටට තල්ලු‍ කළාය.ඇඳ යට තිබූ දූවිලි මකුළු දැල් තරුණයාගේ ඇඳුම් පැලඳුම්වලත් මුහුණ අත පයෙත් තැවරුණේය. හදිසියේ කිවිසුමක් කිහිපයක් පිට කරන්නට සිදු වුවත් තරුණයා එයත් ඉතාමත් අපහසුවෙන් තදකර නතර කරගෙන ඇඳ යට සිටින්නට විය. දහවල් 12 ට පමණ තේ කෝප්පයක් සාදා තරුණියට කෑමට පියා ගෙනත් දී තිබු වඩේ ගෙඩියක් සමග ඇඳ යටට තල්ලු‍ කළාය. තරුණයා වඩේ ගෙඩියත් තේ කෝප්පයත් ඇඳ යට දී භුක්ති වින්දේ දැඩි අපහසුතා මධ්‍යයේය. පෙම්වතාට දහවල් කෑම පිළියෙල කර  තිබුණද ඇද යට සිට කෑම ගැනීමට අපහසු නිසා තරුණිය තරුණයාට කෑම පිඟානක් නොදුන්නාය.තරුණියගේ පියා සවස 5 ට පමණ මීටර් 300 පමණ ඈතින් පිහිටි  ඔයට දිය නෑමට ගියේය. පසුව තරුණිය ඇඳ යට සිටින තරුණයාට කතා කොට පියා නාන්න ඔයට ගිය බව පැවසුවාය. හනික ඇඳ යටින් එළියට ආ තරුණයා ඇඳ සිටි ඇඳුම් පැලඳුම්වල දූවිලි මෙන්ම මකුළු දැල් පිස දැමූ තරුණිය මිදුලට ගොස් නිවසේ දෙපස බලා තරුණයා නිවසින් පිටත් කර හැරියේ දවල්ට උයා තිබූ කෑමවලින් කොටසක් ඔතා දෙමිනි. 
සූරූපිනියගේ පහස පැතූ තරුණයාට ගුටි පූජාවක්
0
hp_train_0998
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි  ස්වල්පයක් ඇති විය හැකි බවත් දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට නිරිත දෙසින් හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 23/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259055ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව37268045ප්‍රධාන වශයෙන් වැසි රහිත.කොළඹ32269070වැසි ස්වල්පයක්.ගාල්ල30278575වැසි ස්වල්පයක්.යාපනය33288065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30218565ප්‍රධාන වශයෙන් වැසි රහිත.නුවරඑළිය19139070වැසි ස්වල්පයක්.රත්නපුරය33239060වැසි වාර කිහිපයක්.ත්‍රිකුණාමළය35269050ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම32279075වැසි ස්වල්පයක්. 
හෙට දවසේ කාලගුණය
0
hp_train_0999
(මුදිතා දයානන්ද සමග මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවිතයක්, සියලු දෙනාට සම අයිතීන් හිමිවන සමාජයක් අත්කර දීමෙන් මෙහා අපේ ගමන නවතින්නේ නෑ. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම දහසය වැනිදාට ඉටු කරන්න යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) පැවසීය.ඔහු මෙසේ පැවසුවේ මහරගම නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය අමතමිනි.එහිදී වැඩිදුරටත් දිසානායක මහතා මෙසේද පැවැසීය.“මේ මැතිවරණයට ප්‍රධාන කඳවුරු තුනයි. ඒත් අපි දකින්නේ ප්‍රධාන කඳවුරු දෙකක් ලෙසයි. අපි එක පැත්තක. අනෙක් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ඉන්නේ එක කඳවුරක. ජනතාවට තෝරගන්න තිබෙන්නේ රට හදන එකට වැඩපිළිවෙළක් තිබෙන කඳවුර තෝරාගන්නවාද, වසර 71ක් තිස්සේ රට විනාශ කළ කඳවුර තෝරා ගන්නවා ද කියලයි. හොරුන්, දූෂිතයන්, මංකොල්ලකාරයන් ඉන්න කඳවුර තෝරගන්නවාද. හොරුන් සහ දූෂිතයන්ගෙන් තොර රට වෙනුවෙන් කැපවූවන්ගේ කඳවුර තෝරාගන්නවාද කියලයි.ඒත් කාලයකදී මේ රට තිබුණේ එක පවුලක් අතේ. සියලු ආයතන තිබුණේ ඒ පවුල අතේ. ආර්ථික මර්මස්ථාන තිබුණේ ඒ පවුල අතේ. අඩුම තරමින් දේවාල ටිකවත් ඉතුරු කළේ නැහැ. ඒවායේ බස්නායක නිලමේවරුන් කළෙත් ඒ පවුලෙන්මයි. ඒ වෙනුවෙන් පනත් පවා සංශෝධනය කළා. ඒ පාලනයට එරෙහිව ගිය අයට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්න.බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු රතුපස්වල ජනතාවට වෙඩි තිබ්බා. දෙන්නෙක් ඝාතනයට ලක්වුණා. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනාපු වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කළ වැඩ කරන ජනතාවට වෙඩි තියලා රොෂේන් චානක කියන තරුණයා ඝාතනය කළා. එවන් පාලනයක් යළි මේ රටේ ස්ථාපිත වීමට අපි ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අපි කියන්න ඕනෑ එදත් ඒ ජනාධිපති පාලනයට බයේ අපි හැංගුණේ නැහැ. අදත් බය නැහැ. හෙට බයවෙන්නෙත් නැහැ. සමහරු ඒවාට මුහුණ දෙන්න බැරිව ජනතාව බියවද්දමින් ඉන්නවා. ඒත් මේ වේදිකාව ඔය කොයි දේටත් මුහුණ දෙන්න පුළුවන් වේදිකාවක්.හොරුන්ට, දූෂිතයනට දඬුවම් දෙන්න බලයට පත්වුණ ඊළඟ ආණ්ඩුව බලයට පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මහබැංකුව කොල්ලකෑවා. ඔවුන්ට පුළුවන්ද ඊට පස්සේ හොරුන්ට දඬුවම් දෙන්න. ආණ්ඩුවේ සල්ලිවලින් ඇමැතිවරු බිස්නස් කරන්න පටන් ගත්තා. අධිවේගී මාර්ගවලින් හොරකම් කළා. වරායෙන් හොරකම් කළා. ඩොලර් කෝටි 3500ක් වටිනා වරායේ සතු ඉඩම් ටික ඩොලර් කෝටි දෙදහාටත් අඩු ගාණකට දුන්නා. ඇයි ඒ? කොමිස් කුට්ටියට.රටටම තෙල් බෙදන්න පුළුවන් තෙල් ගබඩා කර තැබිය හැකි තෙල් ටැංකි අපි සතුව තිබෙනවා. මේ ආණ්ඩුව ඒ ටික ඉන්දියාවට විකුණන්න සැලසුම් ගැහුවා.මේ කඳවුරු දෙකම හොරුන්ගෙන් පිරිලා. දූෂිතයන්ගෙන් පිරිලා. සදාචාරාත්මකව ඔවුන්ට ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න බැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී හේතු ගැන කියලා තමයි ඡන්දේ ගත්තේ. ඒත් මෙදා පාර දෙගොල්ලෝම හොරු ගැන කතා කරන්නේ නෑ. මොකද එහෙම කරන්න නම් තමන් ළඟ ඉන්න හොරු හිරේ දාලා ඉන්න වෙනවා.හොරකමෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර පාලනයක් බිහි කළ හැක්කේ ජාතික ජන බලවේගයකට පමණයි. මේ හොරු, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ පිරුණු කඳවුරු දෙකම එකට තියලා පරද්දන්න අපට පුළුවන්.තවමත් ඔබ අපට ඡන්දෙ දෙන්න හිතාගෙන නැතිනම් ඔබෙන් අහන්න ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ හැක්කේ කාටද? නීතිය තමන්ට ඕනෑ හැටියට හැසිර වූ තමන්ට ඕනෑ හැටියට නීතිය නවාපු තමන්ට ඕනෑ අය එළියේ තියලා තමන්ට විරුද්ධ අය හිරේ දාපු පාලනයක් ඔබ නැවත බලයට ගේන්න සූදානම්ද?මේ අයට ගැටුම් නැතිව පාලනය අරන් යන්න බැහැ. එකම ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් සහරාන්ලටත් පඩි ගෙවනවා. සිංහල ජාතිවාදීන්ටත් පඩි ගෙවනවා. ඒ අය ඒ මුදල්වලින් ජාතිවාදය අවුස්සනවා. පසුගිය අප්‍රේල් මාසයේදී පල්ලි තුනකට, සංචාරක හෝටල් තුනකට පහර දුන්නා. බෝම්බ ගැහුවා. සිය ගණනක් මිය ගියා. එය ම්ලේච්ඡ ප්‍රහාරයක්. අපි කවුරුත් ඒ සිදුවීමෙන් කම්පනයට පත්වුණා. ඒත් සමහර කෙනෙක් උණුසුමේම ඇවිත් කිව්වේ මම හිටියා නම් මේක වෙන්නේ නෑ කියලා. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා, ජනාධිපති වෙලා ජාතිවාදය නැති කරනවා කියලා. අන්තවාදී ගැටුම් තමන්ට ඕනෑ විදියට ප්‍රයෝජනයට ගත්තා.අනෙක් කණ්ඩායම මොනවාද කළේ. කිසිදාක පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රශ්නයක් ගැන කතා නොකර ගම් මට්ටමයි, බිම් මට්ටමයි, තම්මැට්ටමයි ගැන කතා කරමින් හිටියා. දැන් සජින් වාස්ලා ඉන්නෙත් ඒ කඳවුරේ. ඉතින් මොනවද එයාලට ඡන්දෙ දීලා.අපේ රටේ පොලිසිය ඉතාමත් දක්ෂයි. ඔවුන්ට පුළුවන් මූණ දිහා බලලා හොරා හඳුනාගන්න. ඔවුන්ට අල්ලන්න බැරිවුණේ දේශපාලනඥයන් මැදිහත්වූ හොරකම් වංචා අපරාධ පමණයි. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍යය සුරකින පාලනයක් ඇති කළ යුතුයි.අද සමහරු උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ කරේ නැගලා උතුරට යද්දි තව කෙනෙක් උතුරේ වෙනම පාලනයක් ගැන හීන දකින දෙමළ ජාතික සන්ධානයේ කරේ නැගලා උතුරට යනකොට අපි ඒ කවුරුවත් නැතිව උතුරට ගියා. තනියම නොවෙයි. මේ වේදිකාව නියෝජනය කරන ජාතික ජන බලවේගය සමග. උතුරේ ජනතාව බොහොම හරසරින් අප පිළිගත්තා.අපි සෑම ආකාරයෙන්ම හිංසනය හෙළාදකිනවා. කිසිම පුද්ගලයකු තවත් කෙනකුගේ හිංසාවට ලක්විය යුතු නැහැ. අඩුම තරමින් ගුරුවරයකු දරුවකුට ගැසීමත් අපි ප්‍රතික්ෂේප කරනවා. දරුවෝ හදන්න, ගහන්න අවශ්‍ය නැහැ. ආදරයෙන් ඔවුන් නිවැරදි ලෙස හදන්න පුළුවන්.සමහර දරුවෝ මාපියන්ට සලකන්නේ නෑ. සමහර දරුවෝ තාත්තා බලු කූඩුවේ දාලා හිංසනයට ලක්කළ හැටි අපි දැක්කා. අම්මලා පාරේ දාලා අතරමං කරලා යන හැටි අපි දැකලා තියෙනවා. අපි මාපියන් සුරක්ෂිතව රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.ආබාධිතයන්ගේ ජීවිතය අද සුරක්ෂිත නැහැ. ඔවුන්ට තමාගේ කටයුතු තනිවම කරගන්න බැරුව අසරණ වෙනවා. ඒ අයත් සම අයිතිවාසිකම් සහිතව රැක බලා ගන්නා සමාජයක් අපි ඇති කරනවා.කාන්තාවන් හා පිරිමින් අතර තිබෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පමණයි. එහෙත් අද මේ වෙනස නිසාම බරපතළ ලෙස හිංසනයට ලක්වෙනවා. ඔවුන්ටද සම අයිතීන් ලබාදී ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා.රෝගීන්ගේ අයිතීන් ආරක්ෂා කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි නායකත්වයක් තමයි අද මේ වේදිකාව නියෝජනය කරන්නේ. හැමදාමත් ජනතාවගේ සිට නිර්මාණ සිදුකළ කලාකරුවන් මේ වේදිකාවේ ඉන්නවා. නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ආචාර්ය, මහාචාර්යවරුන් මෙතන ඉන්නවා. මෙතන කිසිවෙක් නැහැ මහජන දේපල කොල්ලකාපු අය. කුඩා කුඩා හේතු මත මේ දේශපාලනය අත්හැරීමට අපි කිසිවෙක් සූදානම් නැහැ.අපි මරණය පෙනි පෙනී දේශපාලනය කළ අය. ජයග්‍රහණයන් පරාජයන් ද පසුබෑම් සියල්ල හමුවේ මේ රටේ ජනතාවට නව ජීවිතයක් උදාකර දීමේ වගකීම අත්හැරියේ නැහැ. එක් මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා ගත වූ වසර තිහ ගැන දුකක් හිතෙන්නේ නැද්ද කියලා. නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් මට කළ හැකි උපරිමය කළා කියන සතුට මට තිබෙනවා. ජනතාවට සතුටෙන් සමාදානයෙන් ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ සටන ජය ගැනීමෙන් මෙහා අපි නවතින්නේ නැහැ” යැයි ද දිසානායක මහතා කීය.ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාඅපි දැනටමත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. රට ගැන කැක්කුමක් ඇති, අවංක, හොරු, දූෂිතයන් නොවන විද්වතුන් කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගෙන් මේ වේදිකාව පුරවන්න අපට හැකිවීම අපේ ජයග්‍රහණයක්. ඔවුන් සමඟ එක්ව එක් පෙරමුණක් හදන්න හැකිවීම අපි ලැබූ ජයග්‍රහණයක්.අපි දේශපාලනයේ දිශානතිය වෙනස් කළා. මේ රටේ ජනතාවට කැත නැතුව ඡන්දෙ දෙන්න තැනක් අපි හැදුවා. ඒ නිසා දෙන්නෙක් අතර තිබූ ජනපතිවරණය සටන අපි තුන්කොන් සටනක් කළා.ඒ නිසා දැන් දෙවැනි මනාපයත් හිඟා කන තැනට සමහර අපේක්ෂකයන් පත්වෙලා. ඒ වෙනුවෙන් අපි කිව්වා කියලා බොරු ප්‍රචාරයන් යවනවා.අද ඉන්න හිතෙන රටක් ගැන ප්‍රචාර යැව්වට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉන්න හිතෙන්නේ නැති රටක්. ඒ නිසා අපේ කාන්තාවන් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන මැද පෙරදිග යනවා. තරුණයන් ජපානයට, ඕස්ටේ්‍රලියාවට, කොරියාවට හොරෙන් පැනගන්න හදනවා.අන්තිමේදී හිරේ විලංගුවේ වැටෙනවා. වීසා හදා ගන්න, රස්සාවක් හොයාගන්න පුළුවන් වුණ තරුණ තරුණියන් කොහේ හෝ වෙන රටකට පැනගන්නවා.දුප්පත් ජනතාව විතරක් නෙවෙයි බලය ගන්න එන සමහරුන් මේ රට ජීවත් වෙන්න සුදුසු රටක් ලෙස දැක්කේ නැහැ. බලය ගන්න හොඳ වුණාට ජීවත්වෙන්න මේ රට හොඳ නැහැ. ඒකයි එයාලත් පෙන්වන්නේ.අද අපේ රට බිමට වට්ටලා තිබෙන්නේ. අපේ රට ඉතිහාසයේ ගෞරවනීය තැනක තිබුණේ. මහා දැවැන්ත වාරිමාර්ග කළේ ලෝකෙට ණයවෙලා නෙවෙයි. අද පාරට කාපට් දාන්න බැහැ චීනෙන් සල්ලි දුන්නේ නැත්නම්, චීන සමාගම් ආවේ නැත්නම්. මොකක්ද මේ අපි වැටිලා තියෙන තැන.අපේ සමාජ ජීවිතය බිඳ වැට්ටුවා. හැමෝම ඡන්ද ගන්න ජාතිවාදය භාවිත කරනවා. එක පැත්තක් ජාතිවාදය අවුස්සනකොට තව පැත්තක් ජාතිවාදීන්ට කප්පම් දෙනවා.සමහරු කියනවා දුන්නට වැඩක් නැහැනේ, අනුරට දිනන්න බැහැනේ කියලා. ඔය කියන හැමෝම අනුරට දීලා බලන්නකෝ, දන්නෙම නැතුව දිනලා තියේවි. මේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අන්තිම දවස හෙට අනිද්දා. මේ දවස් දෙකේ බොරු ප්‍රචාර යාවි. දැනටමත් දෙවැනි මනාපයක් ගැන බොරු ප්‍රචාර යවනවා. අරයා මෙයා කිව්වා කියලා බොරු කියනවා. අපි දෙවැනි මනාපය ගැන කතා කරන්නෙත් නෑ. දෙවැනි මනාපයක් ඉල්ලන්නෙත් නෑ. එකම මනාපයයි. එකම ඡන්දයයි අපි ඉල්ලන්නේ. ජනතාවගේ කැමැත්ත අනුව දෙවැනි තුන් වැනි මනාප භාවිත කළාට අපේ අමනාපයක් නෑ.  පාර වැරදුණ රටකට මගපෙන්වන ලකුණ මාලිමාව අරන් අපි ආවා. අපි හරි පාර පෙන්නුවාට ඒ පාරට ජනතාව හරවාගන්න ඕනෑ. අපි ඔබට කියනවා මේ රටත් ජනතාවත් හරි මගට ගන්න ඔබ සියලු දෙනා මාලිමාවක් වන්න.නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,අපි හැමෝටම හීනයක් තිබෙනවා අපේ රටේ සතුටින් ජීවත්වීමට. අපි ප්‍රශ්නවලට උත්තර හැටියට පෞද්ගලිකව නොයෙක් දේ කළා. ළමයින්ට පොත් අරන් දුන්නා. බෑග් අරන් දුන්නා. ඔය වගේ නොයෙක් දේවල් කළා. ඒත් දුප්පත්කම එහෙමමයි. ඊට පස්සේ තමයි මම කල්පනා කළේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා. ඉතිං මම ඒකට ජේ.වී.පී. එකත් සමග එකතුවුණා. මේ වේදිකාවේ ඉන්න ලැබීම ගැන මම සතුටුවෙනවා.ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා,මෙතැන රටම හොරකම් කරගෙන කාපු බොරු දේශප්‍රේමීන් නැහැ. මෙතැන දූෂිතයන් නැහැ. වංචාකාරයන් නැහැ. ජාතිවාදින් නැහැ. මෙතන ඉන්නේ එකම ජාතියයි. ඒ තමයි මනුෂ්‍ය ජාතිය. අපි හැමෝම එකම තලයකට අයත් එකම ජාතියකට ඒ කියන්නේ මනුස්ස කුලයට අයත්වූවන්. මේ රට තියෙන්නේ වළක වැටිලා. ඒ වළෙන් ගොඩ අරන් මේ රටේ ජනතාවත් සමග රට හදන්න ජාතික ජන බලවේගයට විතරයි වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ නිසා ඒ වටා එකතුවෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක මහතා,මේ රට අද පත්වෙලා තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න දන්දීලා බැහැ. එකට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩ පිළිවෙළ තියෙන්නේ ජනතා ජන බලවේගයට පමණයි. රට හදන්න හොඳ දැක්මක් අවශ්‍යයි.ජාතික ජන බලවේගය ගොඩනැගුවේ ජනාධිපතිවරණයෙන් අවසන් කරන්න නෙවෙයි. මේ රටට හොඳ දේශපාලන නායකත්වයන් අවශ්‍යයි. ඒ නායකත්වය ලබාදෙන්න අනුර සහෝදරයාට පුළුවන්. ඔහුට පාර්ලිමේන්තුව තුළ වසර විස්සක අත්දැකීම් තිබෙනවා. ඒ වසර විස්ස පුරා කවුරු විපක්ෂයේ හිටියත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළේ ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුයි. මහාචාර්ය චන්දන අබේරත්න මහතා,මෙහිදී අලුත් පියාපත් සංවිධානය වෙනුවෙන් නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මහත්මියත් මෙහිදි අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය ප්‍රභා මනුරත්න, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා, රංගන ශිල්පිනි දීපානි සිල්වා,  ජාතික ජනබලවේගයේ නියමුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 
“අපි මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප කපලා දානවා“
0
hp_train_1000
( සිතුම් චතුරංග)ත‍්‍රිවිධ හමුදාවට විරුද්ධව චෝදනා පත‍්‍ර දීමට, නඩු ඇහීමට කිසිවිටෙකත් තමා සූදානම් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පලාලිහිදී පැවැසීය. සමහර ශ්‍රී ලාංකිකයින් පිටරටින් ඩොලර්, පවුම් ගෙන හමුදාවට විරුද්ධව වැරැදි ප‍්‍රචාරයන් ගෙන යන බව කී ජනාධිපතිවරයා අන්තවාදී දේශපාලනඥයින් වගේම ඇතැම් මාධ්‍ය ද හමුදාවට අගෞරව වන විදියට කටයුතු කිරීම කනගාටුවක් යැයි ප‍්‍රකාශ කළේය. රණවිරුවන් පාවා දෙනවා යැයි කියමින් දේශපාලන විරුද්ධවාදීන් බොල් හඬ නංවා කරන විවේචන ප‍්‍රතික්‍ෂේප කරන බවත් රජය රණවිරුවන් ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැප වන බවත් ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ යාපනය පාලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් පසුව එහිදී ත‍්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් අමතමිනි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය. ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානීන් සහ පොලිස් ප‍්‍රධානීන් සමග ඉතාමත් ක‍්‍රමවත් වැදගත් අවස්ථාවක මෙවැනි උත්සවයකට මේ අයුරින් සහභාගි වීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. ඔබටත් මටත් මේ රටේ පුරවැසියන් විදියට තිබෙන්නේ එක හා සමාන වූ වගකීමක් සහ යුතුකමක්.අපේ රටේ පුරවැසියන් විදියට කවුරුත් විවිධ තනතුරු දරනවා. එක් පැත්තකින් දේශපාලනඥයින් තවත් පැත්තකින් රාජ්‍ය නිලධාරීන්, තවත් පැත්තකින් ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය. ඒ වගකීම් සහ යුතුකම් ඉටුකිරීමේ ඉතාම උතුම් කාර්යය සඳහා. රටක පැවැත්ම පිළිබඳ රාජ්‍යයක අනාගතය පිළිබඳ ඒ රාජ්‍යයේ ස්ථාවරත්වය පිළිබඳ ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය කිියන ආයතනවලින් සිදුවන සේවාව එක් පැත්තකින් ව්‍යාස්ථාපිත සහ නීතිමය වශයෙන් තවත් පැත්තකින් රටක තියෙන සම්ප‍්‍රදායන් සහ සංස්කෘතීන් වගේම තවත් පැත්තකින් රටක තියෙන සිරිත් විරිත් වශයෙන්. ඒ වගේ තවත් පැත්තකින් මානුෂීය වශයෙන් අපි සෑම කෙනෙක්ම අපේ ප‍්‍රධාන වගකීම් යුතුකම් රාජකාරීන් ඒ සියල්ලට මූලිකත්වය දීපූ කරුණු කිහිපයක් තියෙනවා. එහි අංක එක අපේ රට. ඒවාගේම අපේ ජනතාව. අපේ මාතෘ භූමිය. අපේ මාතෘ භූමියේ සහ ජනතාවගේ නිදහස, ස්වාධීනත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඒ ඒ තුළ යහපත් රටක් ගොඩ නැගීම. අපිට ඒ සේවාවන්වල ඉතිහාසය ගත්විට යුධ, නාවික, ගුවන් සහ පොලිසියේ  ඉතිහාසය ගතහොත් අපිට පසුගිය වසර ගණනාවක් පිළිබඳ දීර්ඝ කතාවක් කරන්න පුළුවන්කම තිබෙනවා.අපි 1505 සිට 1948 දක්වා ප‍්‍රධාන වශයෙන්ම විදේශීය ආක‍්‍රමණයකින් සමග යුද්ධයක් තිබුණා. 1505 සිට 1948 දක්වා මේ රටේ ජනතාව විදේශීය ආක‍්‍රමණිකයින්ට විරුද්ධව දිර්ඝ ලෙස සටන් කළා. ජීවිත පූජා කළා. දේපළ විනාශ වුණා. අපේ ඉතිහාසයේ ශේ‍්‍රෂ්ඨ රණවිරුවන්ව ඇතැම් විදේශීය ආක‍්‍රමණිකයින් ඝාතනය කළා. විනාශ කළා. මරා දැමුවා පමණක් නොවෙයි මේ රටින් පිටුවහල් කළා. ඔවුන්ගේ රටවල්වලට ගෙන ගොස් වහල් සේවයට යොදා ගත්තා. අපේ කාන්තාවන්, මව්වරුන්, අපේ දියණියන් බරපතළ වධ හිංසාවලට ලක් කළා විදේශ ආක‍්‍රමණිකයන්.  ඔවුන්ගේ රටවල්වලට ගෙන ගොස් වහල් සේවයට යොදා ගත්තා. මේ රට ආක‍්‍රමණය කළ ඉංග‍්‍රීසීන් 1815 මාර්තු මාසයේ දෙවැනිදා ලංකා රාජ්‍යයේ ද්‍රෝහීන් සමග අත්සන් කළ ගිවිසුමට අදාළ බලයන් සමගයි. අපේ රට ආක‍්‍රමණය කළ ඉංගී‍්‍රසීන් විසින් ඔවුන්ට විරුද්ධව අරගල කළ දේශපේ‍්‍රමීන්, වීරවරයන්, රණකාමීන් ඇතු`එ ශේ්‍්‍රෂ්ඨ ලාංකික පුත‍්‍රයින් දේශද්‍රෝහීන් බවට පත් කළ නිවේදනය අවලංගු කළා.1815 මාර්තු මාසේ 02 ඉංගී‍්‍රසි පාලකයින් සහ දේශීය නියෝජිතයින් සමග ගිවිසුමක් අත්සන් කිරීමෙන් අවුරුදු 202කට පසුව ඔවුන් දේශපේ‍්‍රමීන් බවට පත් කළා වගේම ඔවුන් ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයින් බවට පත් කරන ගැසට් නිවේදනය නිකුත් කරමින් දේශද්‍රෝහීන් විදියට නිකුත් කරපු ගැසට් නිවේදනය අවලංගු කරනු ලැබුවා. අපිට ඉතිහාසයේ මතක සටහන් සමග වසර දහස් ගණනක කතාවේ ඒ රණකාමීත්වය, ශ්‍රේෂ්ඨත්වය, විශිෂ්ටත්වය, වීරත්වය පිළිබඳ මහා ගෞරවණීය තත්ත්වයක්. අපි දුපත් රාජ්‍යයක් විදියට අපේ මුළු ඉතිහාසය පුරාම ආක‍්‍රමණවලට මුහුණ දීලා තිියෙනවා. අපි සටන් කරලා තියෙනවා. ශී‍්‍ර ලාංකික සිංහලයින් මේ රටේ රණකාමීත්වය පිළිබඳව මුළු ඉතිහාසය පුරා සිය විශිෂ්ටත්වය සහ රණකාමීත්වය, වීරත්වය පෙන්නුම් කරලා තියෙනවා. ඒ එක් එක් යුග තුළ. ඒ වාගේම තමයි අපි අමතක කළ යුතු නැහැ බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගැනීමට 30 දශකය 40 දශකය වන විට මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සියලූ නායකයින් සිය යුග මෙහෙවර ඉටු කරමින්, ජාතික නිදහස් අරගලය දියත් කළා ඉංගී‍්‍රසි පාලකයින්ට විරුද්ධව. බි‍්‍රතාන්‍ය පාලකයින්ට විරුද්ධව. යටත් විජිතවාදීන්ට විරුද්ධව. 1948 දී අපි නිදහස ලබා ගත්තේ 1505 සිට ලක්ෂ ගණනක් ජීවිත පූජා කරලා. අපේ මහ පොළොව තෙත් වන ආකාරයට ලේ ගලාගොස් මේ උතුම් මාතෘභූමිය අපේ රණවිරුවන්ගේ ලේවලින් තෙත් වූ මහ පෙළොවක් විදියට ඉතිහාසයට එකතු වුණා. අපි අමතක කළ යුතු නැහැ සිංහල, දමිළ, මුස්ලිම් නායකයින් 30 දශකයේ 40 දශකයේ ගෙන ගිය සටන්වල ප‍්‍රතිඵලයක් විදියට 48 නිදහස ලබාගත්තා. මේ රටේ සමාජයේ ඇති වෙච්ච බලවේග, ජනතාවගෙන් ඇති වෙච්ච විරෝධය, එවකට නිදහස ලබා ගැනීමට සටන් කළ නායකයින්ගේ අප‍්‍රතිහත ධෛර්යත් සමග ඒ ලබා ගත් නිදහස විශිෂ්ට ලෙස ලබා ගැනීමට එදා කටයුතු කළ නායකයින් අපි විශේෂයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිදහස ලබාගෙන අපි රටක් විදියට සංවර්ධනය වුණා. ලෝකයේ රටවල්වල සහයෝගය අපිට ලැබුණා. 70 දශකයේ මැද භාගයේ මේ රටේ ප‍්‍රධාන වශයෙන් ත‍්‍රස්තවාදය ආරම්භවීමේ මුල් වෙඩිල්ල පත්තු වීමත් සමග 80 දශකය වන විට මූලික වශයෙන් අපේ රටේ ජනතාවටත්, ති‍්‍රවිධ හමුදාවට සහ පොලිසියටත් ම්ලේච්ඡ නින්දිත එල්ටිටීඊ ත‍්‍රස්තවාදීන් පරාජය කරන්න කැපවෙන්න සිද්ධ වුණා.ඔබ මෙන්ම ජීවිත පූජා කළ, මහා පරිත්‍යාගයන් කළ, ජීවිත අහිමි වූ අත පය පූජා කළ ආබාධිත වු බොහෝ ගැටලූ ප‍්‍රශ්නවලට ලක් වූ සිය මව්පියන්ගෙන් දරු පවුල්වලින් ඈත් වී ඒ ඓතිහාසික අරගලය කිරීම නිසා විවිධ දුක් කම්කටොලූවලට මුහුණ දුන් පිරිසක් අපේ ති‍්‍රවිධ හමුදාවල සහ පොලිසියේ සිටින්නේ. පොලිසියේ සේවාව දෙපාර්තමේන්තුවක් විදියට සිවිල් සේවාව වුණත් යුද්ධ ආරම්භ විමත් සමග පොලිසියට සිදු වුණා යුධ හමුදාවක් විදියට කටයුතු කරන්න. පොලිසියේ සාමාන්‍ය රාජකාරීවලින් බැහැරව ඒවා අතපසු කරමින් රටේ ස්වාධීනත්වය සඳහා පොලිසියත් ති‍්‍රවිධ හමුදාවට එක් වුණා. යුද්ධය මැද භාගයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබුවා. විශේෂයෙන් ගම්වල ආරක්ෂාවත් සමග. ඒ නිසා ඒ වකවානු තුළ ඒ මහා කැපවීම් කළ අතපය අහිමි වූ ආබාධිත වුණ ජීවිත පරිත්‍යාග කළ දරුපවුල් අහිමි වූ ඒ සෑම කෙනෙක් වෙතම අපි විශේෂයෙන් ජාතියේ ගෞරවය අපි අදත් පිරිනැමිය යුතුයි. ඒ සියලූ දෙනාම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම අද සේවයේ යෙදී  සිටින  ඔබ සෑම කෙනෙකුගේම වරප‍්‍රසාද,  පහසුකම් වැඩි කරමින් ඔබට නව තාක්ෂණය සමග නව යුධ ක‍්‍රම, ශිල්පීය ඥානය, පුහුණුවීම්, තාක්ෂණික දැනුම ලබාදීමට රජයක් විදියට ති‍්‍රවිධ හමුදාවටත් පොලිසියටත් රජය සම්පූර්ණ වගකීම් සහ යුතුකම් ඉටු කරනවා.  මා ජනාධිපති ධුරයට පත්වීමට පෙර ලෝකයේ ප‍්‍රබල රාජ්‍ය ගණනාවක් අපේ හමුදාවලට පුහුණු කිරීම් නවත්වලා තිබුණා. අපිට මානව හිමිකම් චෝදනා එල්ල කරමින් පුහුණු වීම් නවත්වා තිබුණා. නමුත් රජයේ ප‍්‍රධානියා විදියට මා රාජ්‍ය නායකයන්ට කරුණු පැහැදිලි කළා. අපේ නිර්දෝෂීභාවය කියා සිටියා. ඒ තුළ නැවත ලෝකයේ ප‍්‍රබල රාජ්‍යයන් අපේ ත‍්‍රිවිධ හමුදාවට වගේම පොලිසියට අවශ්‍ය පුහුණු වීම්, ශිල්පීය ඥානය ලබාදීමට දැන් කටයුතු කරමින් සිටිනවා. විදේශීය ත‍්‍රස්තවාදී සංවිධානවල සෙවනැලි 2009 මැයි මාසයෙන් පසුව අවසන් වුණේ නැහැ. මුහුදෙන් එතෙර සිට සතුරු මිනිස් සෙවනැලි වැඩ කරන්න පටන් ගත්තා. ඔවුන් කියා සිටියා යුද්ධය කිරීමේදී මානව හිමිකම් කඩකළා කියලා. ඔවුන් චෝදනා පත‍්‍ර හැදුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා චෝදනා ඉදිරිපත් කළා. මාධ්‍ය තුළ නොයෙකුත් විග‍්‍රහයන් කෙරෙනවා. අපේ හමුදාවන්ට අගෞරව වන විදියට ඇතැම් මාධ්‍ය හැසිරෙනවා. ඒ වගේම අන්තවාදී දේශපාලනඥයින් වැරදි ප‍්‍රචාරයන් ගෙනියනවා. මගේ රජය ආරක්ෂක හමුදාවන්ට සලකන්නේ නෑ ඒ අයව පාවා දෙනවා කියන දේශපාලන විරුද්ධවාදීන්ගේ බොල් හඬ තැන් තැන්වල නැගෙනවා. නමුත් මම පැහැදිලිව කියනවා ඒ කුමන විවේචන කුමන ආකාරයෙන් පැමිණියත් ති‍්‍රවිධ හමුදාවත් පොලිසියත් ඉතාම වගකීමෙන් ආරක්ෂා කරන බව. මොන චෝදනා ආවත් ඒවා අපි ප‍්‍රතික්ෂේප කරනවා. අපේ ආරක්ෂක හමුදාවලට විරුද්ධව විදේශීය විනිශ්චකරුවන් ගෙනල්ලා නඩු අහන්න  ඕනෑ කියන චෝදනා පත‍්‍රයක් එක්ක යෝජනා ඇවිත් තිබෙන්නේ. මම පැහැදිලිව කිව්වා මම ඒකට ලැහැස්ති නැහැයි කියලා. රට තුළ සිටින ඇතැම් ලාංකිකයන් තම වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු නොකර රාජ්‍ය නොවන සංවිධාන හරහා වැරදි නිගමනයන්ට එළැඹ ඔවුන්ට එන මහා මුදල් කන්දරාවන් ගන්න, ඩොලර්, පවුම් අරගන්න අපේ හමුදාවන් පිළිබඳව වැරදි ප‍්‍රචාරයන් ගෙනියනවා.මම පැහැදිලිව කියනවා විදේශීය සම්බන්ධතා මත මේ රටේ රාජ්‍ය නොවන සංවිධානවලට  ඕනෑ විදියට මම ආණ්ඩු කරන්න ලෑස්ති නැහැ. ඒ අය කියන විදියට ත‍්‍රිවිධ හමුදාවට චෝදනා පත‍්‍ර දෙන්න මම ලෑස්ති නැහැ. ඒ අය කියන විදියට මම ත‍්‍රිවිධ හමුදාවට විරුද්ධව නඩු අහන්න ලෑස්ති නැහැ. මම සැමවිටම ඒ වගකීම සහ යුතුකම ඉටුකරන බව ප‍්‍රකාශ කරන්නට  ඕනෑ. අපේ රණවිරුවන් එල්ටීටීඊ ත‍්‍රස්වාදයට විරුද්ධව සටන් කළ කාලේ මම ත‍්‍රස්තවාදී ප‍්‍රහාර 5 කට ලක් වූ අයෙක්. මට ඒ අත්දැකීම තිබෙනවා. ඒ කාලය තුළ ඔබ ගතකළ ජීවිතය වගේම අප ගත කළ ජීවිතත් මේ රටේ සමස්ත ජනතාව නිදහස් සමාජයක් නොමැතිව ගත කළ ජීවිතත් අපේ හිත්වල සටහන් වී තිබෙනවා. ඒවා ඉතිහාස පොතට එක්වී තිබෙනවා. ඒ නිසා ලබාගත් නිදහස, සාමය සුරක්ෂිත කළ යුතුයි. පෝෂණය කළ යුතුයි. ඒ නිදහස ලබා ගැනීම සඳහා සටන් කළ සෑම රණවිරුවෙක් වෙනුවෙන්ම ඔවුන්ගේ ආරක්ෂාවට ඔවුන්ගේ අනාගතය සඳහා කැපවන රජයක් විදියට මගේ රජය කටයුතු කරන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඇතැම් වෙලාවට වෙබ් අඩවි, ෆේස්බුක්, අන්තර්ජාලය, ජනමාධ්‍ය වැරදි ප‍්‍රචාරයන් කරනවා. ඔබ වෙනුවෙන් ඔබේ ප‍්‍රධාන ආරක්ෂකයා සැම විටම මමයි කියන එක මම පැහැදිලිව කියනවා. ඒ නිසා විදේශීය වශයෙන් මොන විදියේ චෝදනා පත‍්‍ර එල්ල වුණත් මොන විදියේ සැලසුම් ඒ අය ඉදිරිපත් කළත් මේ උතුම් මාතෘ භූමිය වෙනුවෙන් සැමවිටම ස්වාධීනත්වය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ රටේ ජනතාව ආරක්ෂා කරමින් ඔබ වෙනුවෙන් කළ හැකි යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටුකරන බව සඳහන් කරන්නට කැමතියි.ත‍්‍රිවිධ හමුදාවත් පොලිසියත් කරන්නේ පහසු කාර්යයක් නොවෙයි. ඔබ යුද්ධය කළ කාලයේ කළ කැපවීම දුෂ්කරයි.  ඒවා අභියෝගාත්මකයි. ඒවා ඔබ ඉටුකළේ ජීවිත පරිත්‍යාගයෙන්. අද දවසේ පොලිස් දෙපාර්තමේන්තුව සාමාන්‍ය මහජනතාවගේ සේවාවන් සඳහා පූර්ණව කැපවෙලා තිබෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ත‍්‍රිවිධ හමුදාව ජාතික හා කලාපීය ආරක්ෂාව වෙනුවෙන් පුළුල් මෙහෙවරක් කරනවා. ඒ වගේ්ම මහජන සුබසාධනය සඳහා, සංවර්ධනය සඳහා ඔබ විශාල සේවාවක් කරනවා. මේ රටේ සංවර්ධනය කාර්යක්ෂම කරන්න ඔබෙන් විශාල සේවාවක් සිදුවනවා. හෙට දවස වෙනුවෙන් ඔබ ලෝකයේ ශක්තිමත් විශිෂ්ට සේවාවක් කරනවා. මගේ රජය රජයක් විදියට ඔබට දිය හැකි සියලූ පහසුකම් ලබාදෙනවා. අධි තාක්ෂණයට ඔබව යොමු කරමින් ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙමින් ලෝකයේ ඉහළම යුද ශිල්පීය ඥානය සහ උපක‍්‍රම සැලසුම් පිළිබඳව දැනුම අවබෝධය තිබෙන ප‍්‍රබල දියුණු රටවල්වල පුහුණුවීම් ඔබට ලබා දෙමින් ඔබ ලෝකයේ විශිෂ්ටතම හමුදාවක් බවට පත්කිරීමට මගේ රජය කටයුතු කරන බව ඉතා පැහැදිලිව සඳහන් කිරීමට  ඕනෑ.ඒ නිසා ඔබේ ක‍්‍රියාශීලීත්වය මගේ රටේ අනාගතයයි. ඔබෙත්් මගේත් මවුබිමේ ජාතිික ආරක්ෂාව පිළිබඳව වගේම සංවර්ධනය වගේම විනයගරුක හික්මුණු ජනතාවක් බිහිකරන්න ඔබේ ආදර්ශය ඉතාම වැදගත්. අපේ රටේ දේශපාලනයේ තිබෙන්නා වූ දුර්වලතාවයක් තමයි විනයක් නැති බොහෝ අයගේ හැසිරීම. මේ රට සංවර්ධනය වෙන්න ප‍්‍රබුද්ධ රටක් වෙන්න නම් ඉතාම හොඳ විනයක් ඇති රටක් බවට පත්වෙන්න  ඕනෑ. එසේ වන්නට රාජ්‍ය නිලධාරීන්ට, රටේ සාමාන්‍ය පුරවැසියන්ට ආදර්ශවත් චරිත බවට පත්වී ඇත්තේ ඔබයි. ත‍්‍රිවිධ හමුදාවේ විනය, පොලිසියේ විනය ඉතාම වැදගත්. ඒ විනයගරුක චරිතයෙන් දෙන ආදර්ශය ඉතාම වැදගත්. ලෝකයේ බොහෝ රටවල්වල හමුදාවන්වල ඔබ දන්නවා රටේ සාමාන්‍ය පුරවැසියන්ට හමුදා පුහුණුව දෙනවා. කෙටි හමුදා පුහුණුවීම් දෙනවා. ඒ දෙන්නේ විනයක් ඇති ජනතාවක් බිහිකරන්නයි. ඒ නිසා විනයක් ඇති යහපත් සමාජයක් ගොඩනගාගන්න, ආර්ථික සමෘද්ධියක් ඇති කරන්න ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් බවට පත්වෙන්න ජාතික ආරක්ෂාව පිළිබඳව ලෝකයේ තවත් රටකට දෙවෙනි නොවෙන්න දක්ෂ ආරක්ෂක හමුදාවන් බවට පත්වෙන්න, ඒ වගේම පොලිසිය සිය රාජකාරී කටයුතුවලදී ලෝකයේ විශිෂ්ට පොලිස් සේවාවක් බවට පත්වෙන්න රජයක වගකීම සහ යුතුකම් ඔබ වෙනුවෙන් අපි ඉටුකරනවා. ඒ නිසා ඔබේ අනාගතය සුරක්ෂිතයි. වාසනාවන්තයි. භාග්‍යවන්තයි. පිංවන්තයි. ඔබ භාග්‍යවන්ත වූ පමණින් ඔබ පිංවන්ත වූ පමණින් ඔබ කරන්නා වූ කාර්යයන් තුළ භාග්‍යවන්ත ජනතාවක් ඇති රටක් බවට පත්වෙනවා. ඒ සඳහා නායකත්වය ගත යුත්තේ ඔබයි. ඔබේ ආදර්ශවත් විනයගරුක හික්මුණු ක‍්‍රියාශීලී නායකත්වය තුළ ඒ විශිෂ්ට නායකත්වය තුළ ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට අපි සියලූ දෙනා එක්වෙමු. ඒ සඳහා ඔබ සියලූ දෙනාට මම සුබ පතනවා.අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ත‍්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.
හමුදාව ශක්තිමත් රණවිරුවන්ට ජනපතිගේත් ජාතියේත් ගෞරවය
0