summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
පානදුර වෙරළට පැමිණි තල්මසුන් අතරින් එක් සත්ත්වයෙකු මියගොස් තිබේ. තවත් තල්මසෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටින අයුරු දක්නට ලැබුණු බව පරිසරවේදී නයනක රන්වැල්ල බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
තල්මසුන් සියයක පමණ සංඛ්‍යාවක් නොවැම්බර් 02 දින පානදුර වෙරළට පැමිණ තිබුණි. ප්‍රදේශවාසීන්, පොලීසිය, පරිසරවේදීන්, ජීවිතාරක්ෂක කණ්ඩායම් හා අදාළ බලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව එම තල්මසුන් යළි දියඹට යොමු කරන ලදී. කිලෝමීටර් තුනක් පමණ දුරට රැගෙන ගොස් නිදහස් කළ ද තල්මසුන් කිහිපදෙනෙකු අවස්ථා ගණනාවකදී යළි වෙරළට පැමිණ තිබුණි. එබැවින් එලෙස නිතර වෙරළට පැමිණි තල්මසුන් දෙදෙනෙකු 10Km පමණ දුරක් රැගෙන ගොස් මුදාහැර ඇත. කොරෝනා තත්ත්වය සහ ඇඳිරි නීතිය නොතකා බොහෝ දෙනෙකු මෙම මෙහෙයුමට දායක වූ අතර තල්මසුන් රැසකගේ දිවි බේරා ගැනීමට හැකිවීම ගැන ඔවුහු සතුට පළ කළහ. මේ තොරතුරු ද දැනගන්න:
ඉස්ලාම් දහමට අවමන් කිරීමේ චෝදනා යටතේ දඬුවම් ලද කිතුනු කාන්තාවකට එරෙහි දඬුවම අත්හිටුවමින් ඇය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අභියාචනය විභාගයට ගැනීමට පකිස්තාන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
අසියා බිබී පෙත්සමට අත්සන් කරමින් මහමද් නබි නායක තුමාට අවමන් කරනු ලැබීම් සම්බන්ධයෙන් ආසියා බිබී (Asia Bibi) නම් චුදිත කාන්තාවට දඬුවම් නියමකරන ලද්දේ මෙයින් වසර පහකට පෙර. තමාට එරෙහි චෝදනා බැහැර ලන Asia Bibi පවසන්නේ ,පෞද්ගලික කෝන්තරයක් නිසා මුස්ලිම් කාන්තාවක් තමාට එරෙහිව ඉහත කී පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි. පන්ජාබ් ප්‍රාන්ත මහාධිකරණය Asia Bibi ට මරණ දඬුවම නියම කරනු ලැබීමෙන් අනතුරුවයි, ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය ඉදිරිපත් කෙරුනේ.
බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන ශූරතාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ෆාතුල්ලා හි පැවති තරඟයේදී ඉන්දියාවට තියුණු තරඟයක් දුන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක ජයක් අත් කර ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරඟ දෙකම ජය ගෙන ඉදිරියෙන් සිටී හිටපු නායක කුමාර් සංගක්කාර ශතකයක් රැස් කිරීමත් අජන්ත මෙන්ඩිස් කඩුලු හතරක් දවා ගැනීමත් ශූරතාවලියේ සිවු වැනි තරඟයේ කැපී පෙනුන සිදුවීම්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා හයේ පහර දෙකක් සමඟින් ලකුණු 64ක් රැස් කිරීමත් විශේෂත්වයක්. අඟහරුවාදා පැවති ආසියානු කුසලානයේ පළමු තරඟයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය පරාජය කරමින් ජයග්‍රහණය අත් කර ගත්තේය.
සුඛෝපභෝගී ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථවල ඉහළ අලෙවිය හේතුවෙන් ටාටා මෝටර් සමාගමේ ලාභය ඉහළ ගොස් ඇත.
පසුගිය වසර හා සැසඳීමේදී කාර්තුවක් තුළ ටාටා සමාගමේ ලාභාංශ තුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ. එම අගය රුපියල් බිලියන 51.7 කි. මාර්තු දක්වා වූ මාස තුනක කාලය තුළ ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ අලෙවිය 28% ඉහළ ගොස් ඇත. ඉන්දියාව තුළ ටාටා ට්‍රක් රථ සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමත් සමාගමේ ලාභය කෙරෙහි බලපා තිබේ. ෆෝඩ් මෝටර් සමාගමට අයත්ව තිබූ ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් සමාගම ටාටා සමාගම ව විසින් මිළදී ගනු ලැබුවේ 2008 වසරේදී.
උතුරු කොරියාවට වාග් ප්‍රහාරයක් එල්ල කළ දකුණු කොරියාවේ නිලධාරියෙක්, උතුරු කොරියාව සැබෑ රාජ්‍යයක් වශයෙන් පිළිගත නොහැකි බව කියා සිටියේය.
උතුරු කොරියාව 'නායක කිම් ජොන්ග් උන් ගේ ලාභ ප්‍රයෝජන සඳහා පමණක් පවතින රාජ්‍යයක්' උතුරු කොරියාව යනුවෙන් රටක් ඉතා ඉක්මනින් නැති විය බවයි දකුණු කොරියානු ආරක්ෂක ප්‍රකාශක කිම් මින් සිඔක් පවසන්නේ. උතුරු කොරියාව තුල මානව හිමිකම් සහ නිදහස නැති බව පවසන දකුණු කොරියානු ප්‍රකාශකයා, එරට පවතින්නේ තනි පුද්ගලයකු වන නායක කිම් ජොන්ග් උන් ගේ ලාභ ප්‍රයෝජන සඳහා පමණක් බවයි වැඩි දුරටත් පැවසුවේ. මෑතක දී උතුරු කොරියාව විසින් දකුණු කොරියානු අගමැතිනිය ගණිකාවකට සමාන කළ අතර ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා හඳුන්වා තිබුණේ කළු වඳුරෙක් ලෙසින්. කොරියානු රාජ්‍යයන් දෙක අතර දැන් දක්නට ලැබෙන්නේ ඉතාම පිරිහුණ සබඳතා සහිත කාල පරිච්ඡේදයකි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 70 වන සංවත්සරය මාර්තු 2 වන දින සමරනු ලබන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 5 ප්‍රහාරක බලඝණය සහ අංක 6 හෙලිකොප්ටර් බලඝණය සඳහා ජනාධිපතිගේ වර්ණ පිදීමට නියමිතය. මෙම ඓතිහාසික සිදුවීම සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු වරට මහා පරිමාණයෙන් ගුවන් කරනම් සහ ගුවන් සංදර්ශනයක් මාර්තු තුන්වෙනිදා සිට පස්වෙනිදා දක්වා ගාලුමුවදොර දී පැවැත්වීමට නියමිතය.
මෙම සංවත්සර උළෙල සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 24ක් මෙන්ම ඉන්දීය ගුවන් හමුදාවේ සහ ඉන්දීය නාවික හමුදාවේ ගුවන් යානා 23 ක් සහභාගී වන බව ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කපිතාන් දුශාන් විජේසිංහ බීබීසී සිංහල සේවය සමග පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය සැමරීම සදහා මාර්තු 2 වෙනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී ප්‍රධාන උත්සවය පවත්වන අතර ක්‍රීඩා ඇතුළු විවිධ උත්සව සංවිධානය කර ඇති බවය. "ආරක්ෂක ක්ෂේත්‍රයේ දී ශ්‍රී ලංකාව ඉන්දියාවේ 'ප්‍රමුඛතා' හවුල්කරුවෙක්" ලෙස සලකන බව කොළඹ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ඉරිදා (පෙබ. 28) නිකුත් කළ නිවේදනයක දැක්විණි. "ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුමට ඉන්දීය ගුවන් හමුදා සහ ඉන්දීය නාවික හමුදා පිරිස් සහභාගී වීම දෙරටේ සන්නද්ධ හමුදා අතර වර්ධනය වන සහයෝගීතාව, සුහදතාව සහ මිත්‍රත්වය පෙන්නුම් කරයි." යැයි සඳහන් වූ එම නිවේදනය, ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2020 නොවැම්බරයේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවතී ත්‍රෛපාර්ශ්වික සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතා සාකච්ඡා සඳහා පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෙවාල්, ආරක්ෂක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දියාවේ පූර්ණ සහයෝගය පිළිබඳ සහතිකයක් දී ඇති බව ද පෙන්වා දෙයි. සංදර්ශනයට සහභාගිවීමට පැමිණි ඉන්දියානු නිලධාරීන් ඉන්දියානු ගුවන් හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව මෙම අවස්ථාවට ඉන්දියාවේම නිෂ්පාදිත සාරංග් (නවීන සැහැල්ලු හෙලිකොප්ටර්) යානා ද ඇතුළත් කෙරෙන ගුවන් සංදර්ශනයකට එක්වනු ඇත. ඒ අතර 'සූර්ය කිරන්' යනුවෙන් හඳුන්වන හෝක්ස් යානා, 'තේජාස්' ප්‍රහාරක ගුවන් යානා, 'තේජාස්' පුහුණු යානා සහ ඩෝනියර් සමුද්‍රීය මුර සංචාර ගුවන් යානා ද සහභාගී කිරීමට ද නියමිතය. මේ පියවර ගෙන තිබෙන්නේ දෙරට අතර පවතින සහයෝගීතාව පිළිබිඹු කිරීමට මෙන්ම දෙරටේ හමුදා අතර වසර ගණනාවක සමීප සම්බන්ධතා සහ සුහදතාවන්ට අනුකූලව බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසීය. මෙම යානා ඉන්දීය ගුවන් හමුදාවේ සී 17 ග්ලෝබ් මාස්ටර් (C17 Globe Master) සහ සී 130 ජේ (C130J) ප්‍රවාහන ගුවන් යානා වල සහාය ඇතිව පෙබරවාරි 27 වන දින කොළඹට පැමිණි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.. "ගුවන් හමුදාවේ සහ ඉන්දියානු නාවික හමුදාවේ එවැනි විවිධාකාර හා විශාල යානා ප්‍රමාණයක් යෙදවීම, ඉන්දීය සහ ශ්‍රී ලංකා සේවාවන්හි අනුබද්ධ බලවේග අතර ඇති මිත්‍රත්වයේ සහ සමීප අන්තර් ක්‍රියාකාරිත්වයේ ශක්තිමත් බැඳීම්වලට සාක්ෂියක්" යැයි ද එම නිවේදනයේ සඳහන් වේ. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ප්‍රදර්ශනයට තබා ඇති සියලුම ඉන්දියානු ගුවන් යානා ඉන්දියාවේම නිෂ්පාදිත ඒවා වන අතර එමඟින් ඉන්දියානු පර්යේෂණ හා සංවර්ධන අංශයේ දේශීය තාක්‍ෂණික හැකියාවන් සහ ඉන්දියාවේ ආරක්ෂක කර්මාන්තයේ නිෂ්පාදනවල විශ්වසනීයත්වය නිරුපණය කරන බවය. පළමු වරට විදේශයක ප්‍රදර්ශනයට තබන ඉන්දියාවේම නිෂ්පාදිත 'තේජාස්' නම් සැහැල්ලු ප්‍රහාරක පුහුණුයානාව දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ඉන්දියානු ගුවන් නියමුවන් සමඟ එක්ව පියාසර කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන්ට සැලසෙන බව ද එහි දැක්වේ. ඉන්දියාවේම නිෂ්පාදිත තේජාස් නම් සැහැල්ලු ප්‍රහාරක යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්ට අර්ධ වාර්ෂිකව සපයන ' ඩෝර්නියර්' පුහුණු කිරීම් අඛණ්ඩව සිදු කිරීමක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීන්ට, ඉන්දීය නාවික හමුදාවේ 'ඩෝර්නියර්' සමුද්‍රීය මුර සංචාර ගුවන් යානයේ අත්දැකීම් අවස්ථාව ද මෙහිදී සැලසේ. මේ අතර ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්‍ෂක උපදේශක ලේකම් කාර්යාලය සඳුදා (මාර්තු 1 වෙනිදා) කොළඹදී විවෘත කෙරිණි. ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශවික සමුළුවේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී ස්ථාපනය කෙරුණු බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ය.
ඇමෙරිකානු නිරූපන ක්ෂේත්‍රයේ රූපවාහිනී තාරකාවක් වන කිම් කාඩේෂියන් (Kim Kardashian) ප්‍රංශයේ පැරිස් අගනුවර සංචාරයක නිරත වෙමින් සිටියදී තුවක්කුකරුවන් විසින් කොල්ල කණු ලැබීම සමාජ මාධ්‍ය ජාලය තුළ සාකච්ඡාවට ලක් වෙමින් පවතී.
කිම් කාඩේෂියන් පැරිසියේ රැඳී සිටි ගොඩනැගිල්ල ඉදිරිපිට පොලිසිය සහ මාධ්‍යවේදීන් ප්‍රංශ පොලිසිය පවසන්නේ ලෝක ප්‍රකට ඇමෙරිකානු නිරූපිකාව සතු ඩොලර් දශලක්ෂ ගණනක් වටිනා රන් ආභරණ කොල්ලා කා ඇති බවයි. නමුත් නිරූපිකාවට ශාරීරික හානියක් සිදු වී නොමැති බවයි පොලිසිය පවසන්නේ. කිම් කාඩේෂියන්ගේ ප්‍රකාශිකාවක් අදහස් දක්වමින් කියා සිටියේ පොලිස් නිල ඇඳුමින් සැරසුන වෙස් මුහුණු වලින් මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් පිරිසක් නිරූපිකාව රැඳී සිටි කුටියට ඇතුල් වී ඇති බවයි. ඇය එම කොල්ල කෑමට ලක්ව ඇත්තේ 'පැරිස් මෝස්තර සතිය' සඳහා සහභාගී වීමට පැමිණ සිටිය දී. කිම් කාඩේෂියන්ගේ ප්‍රකාශිකාව වැඩි දුරටත් අදහස් දක්වමින් පවසන්නේ සිය සේවා දායිකාව දැඩි තැති ගැන්මට ලක්ව සිටින බවයි. ඇයගේ සැමියා වන රැෆ් ගායක කෙන්යේ වෙස්ට්(Kanye West) ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ සංදර්ශනයක නිරත වෙමින් සිටි අතර සිද්ධිය වාර්තා වීමත් සමඟ ඔහු හදිසියේම එය නතර කරන ලද බවයි වාර්තා වන්නේ.
සිංහරාජ රක්ෂිතය තුළ රහසේ සිදු කරන බෝග වගාව සහ තේ කර්මාන්තයට මුවා වෙමින් සංවේදී කලාපය හෙළි කරමින් සහ දිළිඳු පවුල් එම ඉඩම් තුළ පදිංචි කරවමින් ඉඩම් අයිතිය ලබා ගැනීමේ ජාවාරමක් සිදුවන බවට පරිසරවේදීහු චෝදනා කරති.
දේශපාලනිකව බලවත් පුද්ගලයින් මේ ඉඩම් කොල්ලයට සම්බන්ධව සිටින බවට ඔවුහු චෝදනා කරති. එලෙස අත්පත් කර ගන්නා ඉඩම්වල තේ හෝ කුරුඳු වැනි බෝග වගා කර එම වගාව ආරක්ෂා කිරීමට යැයි පවසමින් අදාළ පවුල් එම ඉඩම්වල පදිංචි කරවන බව ද ඔවුහු පවසති. එම ඉඩමේ සින්නක්කර අයිතිය තහවුරු කර ගන්නා තෙක් ඔවුනට එහි පදිංචිව සිටීමට අවසර හිමි වුව ද පසුව ඔවුන් නෙරපා දමා හෝටල් සහ නිවාඩු නිකේතන වැනි ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීමට ද ව්‍යාපාරිකයින් දැනටමත් කටයුතු කර ඇතැයි පරිසරවේදීහු වැඩිදුරටත් පෙන්වා දෙති. ඇතැම් ඉදිකිරීම් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පසුව අවසර ලබා ගත්ත ද වනජීවී හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල අවසර මෙතෙක් ලබාගෙන නොමැති බව පරිසරවේදීන් පෙන්වා දෙන තවත් කාරණයකි. "මේක තමයි අලුත් ම ජාවාරම. වසරකට අක්කර 200ක් විතර මෙහෙම හොර රහසේ කපාගෙන යනවා. අයිතිකාරයෝ එන්නේ හෙලිකොප්ටර්වලින්. අසරණ පවුල් ගෙනත් පදිංචි කරනවා. ඔය වගේ පවුල් තව විස්සක් විතර සිංහරාජ රක්ෂිතය ඇතුළෙත් තැනින් තැන ඉන්නවා. එක පවුලක් මුණ ගැසුණා, ගල් ගුහාවක ඉන්නේ. ළමයි නගරේ පාසල්වල ගිහින් ඉගෙන ගන්නවා. බොහොම රහසින් මේ වැඩ වෙන්නේ. බලෙන් අල්ල ගත්ත ඉඩමක අසරණ පවුලක් පදිංචි කරලා තිබ්බ ම කාලයක් ගියා ම ඉඩමට අයිතිය ඉල්ලන්න පුළුවන්. මේ සියල්ල පිටුපස දේශපාලනය ද තිබෙනවා," පරිසරවේදී නයනක රන්වැල්ල එලෙස පවසයි. පරිසරවේදී නයනක රන්වැල්ල රක්ෂිතයකට හෝ සංවේදී කලාපයක් විනාශ වන ආකාරයෙන් බාහිර පුද්ගලයින් කටයුතු කිරීමේදී ඊට එරෙහි නීති මොනවාද? "වන සත්ව සහ වෘක්ෂලතා අඥා පනතට අනුව අවසරලත් නරඹන්නෙකුට හෝ යම් නිරීක්ෂණ කටයුත්තකට විතරයි රක්ෂිතයකට හෝ සංවේදී කලාපයකට ඇතුළු වෙන්න පුළුවන්. නමුත් අද මේ නීති අකුරට විතරයි සීමා වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ පවුල් පදිංචි කිරීම විතරක් නෙවි. අනවසර ඉදිකිරීම් කොච්චර තිබෙනව ද? නිවාඩු නිකේතන සෑහෙන්න ඉදිවෙනවා. කිසි ම සොයා බැලීමක් නෑ". ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රනිල් සේනානායක ද දීර්ඝ කාලයක සිට සිංහරාජ රක්ෂිත කලාපය තුළ විවිධ අධ්‍යයනයවල නිරත වන මහාචාර්යවරයෙකි. රන්වැල්ල ඉදිරිපත් කරන තොරතුරු තවදුරටත් තහවුරු කරන මහාචාර්යවරයා රක්ෂිතය තුළ සිදුවන තවත් අනිසි ක්‍රියාකාරකම් රැසක් අවධානයට ලක් කරයි. මහාචාර්ය රනිල් සේනානායක "අපේ රටට තේ කර්මාන්තය හඳුන්වා දුන්නට පස්සේ සිද්ධ වෙන ලොකු ම විනාශය තමයි මේ. ඉස්සර සිංහරාජ වනාන්තරය අලව්ව ඉඳලා මාතර දක්වා තිබුණා කිව්වොත් විශ්වාස කරන්නෙත් නැති වෙයි. දැන් මේ තේ වගාව නිසා රක්ෂිතය ප්‍රමාණාත්මකව අඩු වෙනවා. රක්ෂිතය වටේ විතරක් නෙවි එය ඇතුළේ හොර රහසේ සිදුවන මිනිස් ක්‍රියාකාරකම් එමටයි. සමහරු දඩයම් කරනවා. මැණික් ගරනවා. කසිප්පු පෙරනවා. මේකෙන් වෙන්නේ රක්ෂිතය ඇතුළේ තියන කුඩා දිය කඩිති ඇහිරෙනවා. පස විනාශ වෙනවා. ආවේණික මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් රටට අහිමි වෙනවා. ගොඩක් ම මේ දේ වෙන්නේ දකුණු සීමාවේ," මහාචාර්ය සේනානායක පැහැදිලි කළේය. ගාල්ල දිස්ත්‍රිකයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සිංහරාජ දකුණු සීමාවට අයත් වේ. නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පහතරට තේ වගාව බහුලව සිදුකෙරන පළාතකි. සිංහරාජ රක්ෂිතය ආසන්නයේ ද තේ වගා කෙරෙන අතර දිගු කලක සිට පවතින පෞද්ගලික ඉඩම් සීමා මායිම් සලකුණු කර රක්ෂිතයෙන් වෙන් කර තිබේ. ඒ ආශ්‍රිත ගම්මානවල දිවි ගෙවන ජනතාව දෛණික වැටුපට වතු සේවයේ නිරත වෙති. පරිසරවේදීන් පෙන්වා දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ එලෙස පවතින පෞද්ගලික ඉඩම් අයිතිකරුවන් වසරින් වසර රහසින් විශාල කර ගැනීමට පෙළඹී සිටීමය. මුල් ඔප්පුවට අනුව අක්කරයක අයිතිය හිමිව තිබුණ ද වසර කිහිපයකට පසු රක්ෂිතය සතු තවත් අක්කර කිහිපයක් ඔවුන් රහසිගතව තම ඉඩමට එක් කර තිබේ. එලෙස ඉඩම විශාල වූ පසු ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අලුත් ඔප්පුවක් සඳහා ඔවුන් ඉල්ලීම් කරන බව ද වාර්තා වේ. නව ඔප්පුව ලැබෙන තුරු අදාළ භුමියේ දිළිඳු පවුල් පදිංචි කෙරෙති. එවැනි එක්තරා කලාපයක හුදෙකලාව දිවි ගෙවන පවුලක් සිටින බවට බීබීසී සිංහල සේවයට කරුණු වාර්තා විය. නෙළුව නගරයේ සිට කිලෝමීටර 16ක් දුරින් ගිගුරුව පරිවාර රක්ෂිත කලාපයේ මේ පවුල හුදෙකලාව දිවි ගෙවයි. ගිගුරුව රක්ෂිතය ගිගුරුව රක්ෂිතය බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ කළු ගඟ ආසන්නයේ නිවසක දිවි ගෙවමින් සිටි තමන් 2017 වසරේ මැයි මස බලපෑ ගංවතුරට ගොදුරු වූ බවත් හිසට සෙවන සැලසූ නිවස ද ගං දියට බිලි වෙද්දී ඇඳි වත සමග මහමගට වැටුණු බවත් එම පවුලේ සාමාජිකයෙක් පැවසීය. "ගේ කඩාගෙන ගියා. යන එන මං නැති වුණා. පස්සේ පවුලයි මායි දරුවෝ ටිකයි යමු කියල එළියට බැස්සා. හතර දෙනා ම කිලෝ මීටර ගාණක් ඇවිද්දා. ඇවිද තැනක් හෙව්වා නවතින්න. ඒත් හරිහමන් තැනක් ලැබුණේ නෑ. සමහර තැන්වලින් අපට කන්න බොන්නත් ලැබුණා. එහෙම ඉන්නකොට රක්ෂිත මායිමේ අත්හැර දා තිබුණ මේ කුරුඳු වත්ත ගැන කන්කානම් මහත්තයකුගේ මාර්ගයෙන් දැනගන්න ලැබුණා. දැන් ඉතිං මේ තේ දලු මඩුවේ ඉන්නවා." ඔවුන් වාසය කරන මේ කුඩා නිවාස දිගින් අඩි 12 පමණ වන පළලින් අඩි අටක් පමණ වේ. එම කොටසේ දරු දෙදෙනා සහ බිරිඳ දෙවසරකට අසන්න කාලයක සිට ජීවත් වෙති. පැල්පතට විදුලිය ලබාදී ඇති අයුරු උළු සෙවිලි කර ඇති නිවසට විදුලිය ද ලැබී තිබේ. " අපි හරි අමාරුවෙන් ජිවත් වෙන්නේ. කඩේකට යන්න විදිහක් නෑ. අහල පහළ ගෙයක් දොරක් නෑ. මේ මඩුව වැස්සට තෙමෙනවා. උයන්න කරන්න විදිහක් නෑ. ළමයි දෙන්න ම අසනීපෙන්. මහත්තයටත් හතිය. අපිට ඉන්න තැනක් දෙනව නම් අපි යන්න කැමතියි. කිසි ම ආරක්ෂාවක් නැතිව මෙහෙම හැම දා ම ඉන්න බෑ," පැල්පතේ තමන් ලබන අත්දැකීම මේ මව පැහැදිලි කරන්නීය. අක්කර තුන හමාරකට වැඩි වපසරියකින් හෙබි මෙම ඉඩම අයිති පුද්ගලයා සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය . ඔහු පැවසූ ආකාරයට ඉඩමට මෙතෙක් නීත්‍යනුකූල ඔප්පුවක් නොමැත. තමන් මේ ඉඩම වෙනත් පුද්ගලයෙකුගෙන් මිලදී ගත් බවත්, ඒ වනවිටත් රක්ෂිතයෙන් කොටසක් ඉඩමට එක් කර තිබූ බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත් තමා මෙම ඉඩමට ඔප්පුවක් සකසා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසයි. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය නෙළුව ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකරගෙන් විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ, රක්ෂිතයක වගා කිරීම සපුරා තහනම් බවත් කිසිදු ආකාරයකින් රක්ෂිතයක් තුළ පිහිටි ඉඩමකට ඔප්පු ලබා දිය නොහැකි බවත්ය. කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයින්ගේ දිළිඳු භාවය සලකා රක්ෂිතයෙන් පිට වගා කිරීමට තාවකාලික අවසර පත් නිකුත් කිරීමේ හැකියාව පවතින බව ද ප්‍රාදේශීය ලේකම්වරයා තහවුරු කළේය. එහිදී එම පුද්ගලයින්ගේ දිළිඳු භාවය සලකා බලන බව ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි. නමුත් පරිසරවේදීන්ට අනුව එය රක්ෂිතය විනාශ කිරීමට වෙර දරන පුද්ගලයින්ට කදිම අවස්ථාවකි. "දිළිඳු පවුලක් පදිංචි කරලා අවසානේ රක්ෂිතය ටිකෙන් ටික අල්ලගන්න පුළුවන් හොඳ ම ක්‍රමය තමයි මේ. හැබැයි මේවා පිටිපස්සේ ඉන්නේ ධන කුවේරයෝ. මේවට හොයන්නේ බලන්නේ නැතිව විදුලියත් දෙනවා දැන්. කල් යනකොට අමතකයි මේවා රක්ෂිත කියලා. අයිතිය තහවුරු කර ගන්නවා. පදනමක් නැති අවසරයකුත් තිබෙනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තවත් ලේසියි. මොන පදනමින් ද මේ ඉඩම් දෙන්නේ . දිළිඳුයි කියලා මේ මිනිස්සුන්ට ඉඩමේ අයිතියක් ලැබෙන්නේ නෑනේ. ඉඩම ලියා ගත්ත ගමන් එලවල දානවා. ඒත් වන සංරක්ෂණයෙන් හෝ වනජීවී එකෙන් කිසි ම අවසරයක් අරගෙන නෑ." පරිසරවේදී නයනක රන්වැල්ල මතු කරන ගැටලුව එයයි. පරිසරවේදීන් නගන මෙම චෝදනා සම්බන්ධයෙන් සිංහරාජ නෙළුව කලාපය භාර අඩවි වන නිලධාරී බී.ඒ.කේ.සී. බමුණුසිංහගෙන් විමසූ විට: "ගැටලු තිබෙන අවස්ථා තිබෙනවා. මේ සිමාවේ රක්ෂිතයට අයිති ඉඩම් මෙන් ම පෞද්ගලික ඉඩම් තිබෙනවා. තේ වගාවට වෙන් කරලා තිබෙන කොටස් අපි මායිම් කරලා තියෙන්නේ," යනුවෙන් ඔහු විස්තර කෙළ්ය. "සමහර වෙලාවට මේ මායිම් ක්‍රමිකව හොරෙන් වැඩි කරගෙන යන බව වාර්තා වෙනවා. අපි එවිට කරන්නේ නීති මගින් කටයුතු කරන එක. මේ සංවේදී කලාපයේ තිබෙන සමහර ඉඩම් සිංහරාජ රක්ෂිතයේ වැදගත්කම සලකා යළි පවරා ගැනීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. එතකොට මේ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා." මෙවැනි වාසස්ථාන සඳහා විදුලිය ලැබුණේ කෙසේ ද? බී ඒ කේ සී බමුණුසිංහ - අඩවි වන නිලධාරී "මෙහෙමයි දැන් විදුලිය දෙනකොට විශේෂ පරීක්ෂාවක් කරන්නේ නෑ. නමුත් ඉඩම් අයිතිය සම්බන්ධ නඩු කටයුත්තකදී විදුලිය තියනව ද නැද්ද කියල නෑ රක්ෂිතයක් නම් අනිවාර්යයෙන් පවරා ගැනීමක් සිදු කරනවා" බී ඒ කේ සී බමුණුසිංහ පැවසීය. මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායකගෙන් කළ විමසීමකදී සිංහරාජය පමණක් නොව නකල්ස් වැනි රක්ෂිත මෙවැනි අවදානමක පවතින බව ඔහු තහවුරු කළේය. රක්ෂිතය තුළ සිදුවන හෙළි කිරීම පාලනය කිරීමට පියවර රැසක් ගෙන ඇති බව පැවසූ ලේකම්වරයා සිංහරාජ රක්ෂිතය මෙන්ම සංවේදී කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ඉඩම් යළි පවරා ගැනීමට කටයුතු කරන බව පැවසීය. ධනවත් ව්‍යාපාරිකයින් ඉඩම් බලෙන් අල්ලා ගැනීමට කූඨ උපක්‍රමවල නිරත වන්නේ නම් එම සියලු තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස ලේකම්වරයා පරිසරවේදීන්ගෙන් ඉල්ලීමක් ද කළේය. සිංහරාජය ගැන තොරතුරු බිඳක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව පහත රට තෙත් කලාපයේ පිහිටා ඇති සිංහරාජ වනයේ වපසරිය හෙක්ටයාර 11187 කි. විදු ලොව තුළ මෙවැනි වනාන්තර, 'නිවර්තන තෙත් වනාන්තර' ලෙස හඳුන්වයි. සිංහරාජයේ මායිම් සිංහරාජය රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක අතර පිහිටා තිබේ. නැගෙනහිරින් බෙවර්ලි වතුයාය සහ දෙනුව කන්දත් පිහිටා ඇත. උතුරින් නාපොළ දොළ සහ කොස්කුලන ගඟ පිහිටා ඇත. දකුණු පසින් ඇත්තේ මහදොළ සහ ගිං ගඟය. බටහිරින් කළුකන්දෑව ඇළ සහ කුඩාව ගඟ මායිම්ව ඇත. සිංහරාජය සහ ජනප්‍රවාද සිංහරාජය පිළිබඳ බැඳුණු ජනප්‍රවාද රැසක් පවතී. සිංහරාජ වනයේ විසූ 'සිංහ රාජයෙකු' ඉන් එකකි. සිංහරාජ වනය පිළිබඳ ඉතිහාසගත සටහනක් වාර්තා වන්නේ, ඉබන් බතුතාගේ සංචාර තුළිනි. ඔහු සිංහරාජය මැදින් වැටී තිබූ අඩි පාරක් ඔස්සේ ශ්‍රී පාද කන්ද තරණය කළ බව වාර්තා වේ. ඓතිහාසික පසුබිම යුනෙස්කෝ සංවිධානය විසින් සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇත. සිංහරාජය තුළ ශ්‍රී ලංකාවට අවේණික 'ඒක දේශීය ශාක' විශාල සංඛ්‍යාවක් ඇත. වනය තුළ දැවමය ශාක විශේෂ 340 ක් පමණ හමුවන අතර ඉන් 192ක් ම ශ්‍රී ලංකාවට අවේණික බව නිල වාර්තාවල සඳහන් වේ. සිංහරාජය අද්විතීය ශාක විවිධත්වයකට හිමිකම් කියනවා සේ ම විශාල සත්ත්ව ගහනයක ද නිජ භූමිය වෙයි. සබැඳි පුවත්:
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරෙනු ඇති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලබා දුන් සහතිකයත් සමග මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර තිබේ.
පාර්ලිමේන්තුව විසින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනු ලබන තුරු නොනවත්වා සත්‍යග්‍රහයක නිරත වීමට මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සිවිල් ක්‍රියාධරයෝ ඉරිදා තීරණය කළහ. ඉරිදා සවස පැවැත්වුණු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ රැස්වීමකදී එම තීරණය ගන්නා ලද බව ව්‍යාපාරයේ සාමාජිකයෙක් බීබීසී සංදේශයට පැවසීය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳුදා(27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, විවාදයකින් අනතුරුව එය අඟහරුවාදා(28) සම්මත කර ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ආණ්ඩුවේ අපේක්ෂාවයි.
පැරණි යුගෝස්ලාවියාවේ මේ රහසිගත න්‍යෂ්ටික බංකරය දැන් කලාගාරයකි.
මාෂල් ටිටෝ ගේ න්‍යෂ්ඨික බංකරය මේ බංකරය ඉදි කෙරුණේ යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙනි. න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් මාෂල් ටිටෝ, ඔහුගේ බිරිඳ සහ අනෙක් වැදගත් නිලධාරීන්ට සැඟවීම සඳහා ඉදි කෙරුණු මේ බංකරය හැඳින්වුණේ 'D-0 ARK ටිටෝ ගේ න්‍යෂ්ටික බංකරය' යනුවෙනි. "ටිටෝ සහ ඔහුගේ බිරිඳ ඇතුළු යුගෝස්ලාවියාවේ වැදගත්ම පුද්ගලයන් 350 ස් දෙනා වෙනුවෙන් මේ බංකරය ඉදිකිරීමට හේතුව සීතල යුද්ධය පිළිබඳව එදා පැවති බිය," බව D-0 ARK හි මිර්නස් බජිච් ගයිඩ් (Mirnes Bajic Guide) පවසයි. "සීතල යුද සමයට අයත් මේ බංකරය දශක ගණනාවක් රහසක්ව තිබුණා. දැන් එය සියලු දෙනාටම විවෘතයි, ඒත් න්‍යෂ්ටික බංකරයේ මූලිකාංග තවමත් ඒ විදියටම තියෙනවා." සබැඳි යොමු: වැනිසියේ කලා උළෙලේදී සිය රට නියෝජනය කරනව කලාකරුවන් 76 දෙනෙකු ඇතුලු කලාකරුවන් 106 කගේ කලා කෘති 137 ක් දැන් මේ බංකරය තුළ ප්‍රදර්ශනය කෙරේ. "සමහර විශේෂඥයන් කියන විදියට ගිනිකොන දිග යුරෝපයේ හොඳම නූතන කලා කෘති එකතුව මේකයි," මිර්නස් බජිච් ගයිඩ් විස්තර කළේය. "මේ බංකරය ඇතුළට එන පුද්ගලයන්ට, මේ කලා කෘති හරහා අතීතයට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම අනාගතය හෝ වර්තමානය ගැන හිතන්න මේ කලා කෘති ඔවුන් පොළඹවනවා."
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් වේයන්ගොඩ ප්‍රදේශයේ පැවැත්වූ ජන්ද ප්‍රචාරක රැස්වීමකදී මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගනිමින් වෛරී ප්‍රකාශ කළ බවට චෝදනා එල්ලවූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. මධුමාධව අරවින්ද කළ ප්‍රකාශය අඩංගු වීඩියෝ පටයක් ඊයේ (ඔක්තෝබර් 08) සමාජ මාධ්‍යවල මුදාහැර තිබුණු අතර එය දැඩි කතාබහට ලක්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ගෝඨාභය රාජපක්ෂගේ නීතිවේදි අලි සබ්රි විසින් එම ප්‍රකාශයට දැඩි විරෝධය පළකරනු ලැබූ අතර ඔහු ඒ පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුමට පණිවිඩයක්ද එක් කර තිබුණි.
"සියලු අන්තවාදීන් හා ජාතිවාදීන් පරාජය කළ යුතුය. විවිධත්වය ශක්තියක් කරගතයුතුය. මානසික රෝගීන්ට ප්‍රතිකාර කළ යුතුය !" යනුවෙන් එහි සඳහන් කර තිබිණි. මධුමාධව අරවින්ද කළ මෙම ප්‍රකාශය ගැන පිවිතුරු හෙළ උරුමයද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි. එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පසුව මාධ්‍යට දැනුම්දුන්නේ මධුමාධව අරවින්ද පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ බවකි. මධුමාධව අරවින්දගේ ඉල්ලා අස්වීමේ ලිපියද පිවිතුරු හෙළ උරුමය විසින් මාධ්‍යට නිකුත් කරනු ලැබ තිබේ. "මුස්ලිම් ප්‍රජාව පිළිබඳව මා විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව අද දින රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මතු කරන ලද කරුණු පිළිබඳව මම ගැඹුරින් අවධානය යොමු කළෙමි. එම ප්‍රකාශයෙන් පක්ෂයේ ප්‍රතිරූපයට හානියක් සිදුවීම පිළිබඳව මම කණගාටුවන අතර ඒ පිළිබඳව මම සමාව අයදිමි" යනුවෙන් සඳහන් කරමින් මධුමාධව අරවින්ද සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ. ඉල්ලා අස්වීමේ ලිපිය ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කෙරුණු අවස්ථාවේ මධුමාධව අරවින්ද සිය ෆේස්බුක් ගිණුමෙහි, අදාළ පෙත්සම ඉදිරිපත් කළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගත්කතුවර ගාමිණී වියන්ගොඩ සම්බන්ධයෙන් සටහනක් තැබීය. "වියන්ගොඩ වගේම තවත් නමක් තිබෙනවා.. එක්නැළිගොඩ කියලා.. සුභපැතුම් දෙපළටම" යනුවෙන් එහි සඳහන් කර තිබුණි. එම ප්‍රකාශය බොහෝ දෙනා විසින් පෙන්වා දෙනු ලැබුවේ අතුරුදහන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට අත්වූ ඉරණම මෙම දෙපලට ද එල්ල වීමක් ගැන ඉඟි කිරීමක් ලෙසිනි. එම ප්‍රකාශය ව්‍යංගයෙන් කළ ජිවිත තර්ජනයක් බව පවසමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගත්කතුවර ගාමිණී වියන්ගොඩ පොලිසිය හමුවේ පැමිණිල්ලක්ද කළහ. කෙසේවෙතත්, මධුමාධව අරවින්ද අදාළ සටහන පළකළ ඔහුගේ ෆේස්බුක් ගිණුම මේවන විට අක්‍රියව පවතී. මින් පෙර මධුමාධව අරවින්ද පාස්කු ප්‍රහාර අවධියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුස්ලිම් විරෝධී ප්‍රහාර පිටුපස සිටි බවට චෝදනා එල්ල වූ අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
ගංජා මිශ්‍ර කොට තනන ලද නව වේදනා නාශකයක් ප්‍රංශයේ අත්හදා බැලීමේ දී එක් පුද්ගලයෙකුගේ මොළය සම්පුර්ණයෙන් අකර්මණ්‍ය වී තිබේ.
මීට අමතරව තවත් පස් දෙනෙකු ගේ තත්වය බරපතළ වී රෝහල් ගත කර ඇති අතර මෙම ඖෂධය අනූ දෙනෙකුට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. රෝහල් ගත කර ඇති පස් දෙනාගෙන් තිදෙනෙකුගේ මොළයට හානි පැමිණ වී ඇති බවත් එම හානි සුව කළ නොහැකි ඒවා බවත් රෝහල් බලධාරීහු පවසති. නව ඖෂධය ලබා දුන් පසු එහි ක්‍රියාකාරිත්වය නතර කිරීමට හෝ ආපසු හැරවීමට සමත් වෙනත් ඖෂධයක් ගැන වෛද්‍යවරුන් නොදන්නා බවයි පැවසෙන්නේ. මෙම සිද්ධිය පිළිබඳව සොයා බලා කළ හැකි සියල්ල කරන බවට ප්‍රංශ සෞඛ්‍ය ඇමතිනි මරිසොල් ටුරෙන් ප්‍රතිඥා දුන්නාය. නව ඖෂධය අත්හදා බැලීමේදී සිදු වූ මෙම අනතුර පිළිබඳව ප්‍රංශයේ නීති බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
කෙටි පණිවුඩ යැවීමට මහජනතාව අතර ප්‍රචලිත දුරකථන යෙදවුමක් වන වට්ස්ඇප් (WhatsApp) හි නියමයන් හා කොන්දේසි වෙනස්කිරීම හේතුවෙන් මහජනතාවගේ පෞද්ගලිකත්වයට හානි සිදුවිය හැකිය යන්න පිළිබඳ සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති වීමත් සමග අදාළ සමාගම එම නව නියමයන් සහ කොන්දේසි බලගැන්වීම තාවකාලිකව කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තාවිණි.
මුලින් ප්‍රකාශ වී තිබුණේ පෙබරවාරි 8 වනදා වන විට නව කොන්දේසි වලට අවනත නොවන පරිශීලකයන්ගේ යෙදවුම ස්වභාවිකවම අක්‍රිය වන බවකි. එහෙත් සමාජයෙන් මතුවූ විරෝධය මාධ්‍යයේ එම සමාගම මැයි මස 15 වන දා දක්වා අදාළ කාල සීමාව දීර්ඝ කිරීමට තීරණය කළ බව නිවේදනය කෙරිණි. නව සේවා කොන්දේසි වලට අනුව වට්ස්ඇප් යෙදවුම භාවිතයේදී පරිශීලකයන්ගේ දත්ත තම මව් සමාගම වන ෆේස්බුක් සමාගම සමඟ බෙදා ගැනීම සඳහා නව වෙනස්කම් මගින් යෝජනා කරන බවක් පෙනෙන්නට විය. එහි පණිවිඩහි "ව්‍යාකූලත්වයක්" ඇති බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. මෙම නිවේදනය යැවීම සම්බන්ධයෙන් සමාගම විවේචනයට ලක් වූ අතර, එම නිවේදනය සහ දැනුම්දීම වට්ස්ඇප් වේදිකාව හරහා බෙදා හැරුණු දා සිට, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් සිග්නල් සහ ටෙලිග්‍රෑම් වැනි විකල්ප පණිවිඩ යෙදුම් බාගත කර ගත බව වාර්තාවිය. බිලියන දෙකකට අධික පරිශීලකයින් පිරිසක්, ෆේස්බුක් (facebook) සමාගමේ හිමිකාරිත්වය ඇති වට්ස්ඇප් යෙදවුම භාවිත කරන බවට දත්ත මගින් පෙන්නුම් කෙරෙන අතර මුහුණු පොතේ හිමිකාරිත්වය ඇති ෆේස්බුක් සමාගම විසින් 2014 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 19ක් ගෙවා වට්ස්ඇප් සමාගම මිලදී ගනු ලැබිණි. ෆේස්බුක් සමාගම විසින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා නොකිරීම පිළිබඳව විවිධ අවස්ථාවන් හිදී රටවල් කිහිපයක අධිකරණයන් හිදී චෝදනා ගොනුකෙරිණි. වට්ස්ඇප් සමාගම මෙම චෝදනාවන්ට පිළිතුරු දෙමින් කියා සිටියේ පුද්ගලික පණිවිඩ සැමවිටම සංකේතනය (කේතගත) කර ඇති අතර එය පුද්ගලිකව පවතින බවය. ෆේස්බුක් සමඟ ඇතැම් පරිශීලක දත්ත හුවමාරු කර ගැනීමේ පුරුද්ද අලුත් දෙයක් නොවන අතර එය පුළුල් කිරීමේ උත්සාහයක් ද නැති බව සමාගම පවසයි. WhatsApp ආයතනය ඉන්දියාවේ පුවත්පතක පළකළ දැන්වීමක් "මෙම යාවත්කාලීනකිරීමට, ජනතාවට වට්ස්ඇප් හි පණිවුඩයක් යැවිය හැකි නව විකල්ප ඇතුළත් වන අතර, අප දත්ත රැස් කරන ආකාරය සහ භාවිත කරන ආකාරය පිළිබඳ තවදුරටත් විනිවිදභාවයක් ලබා දෙයි," යනුවෙන් එම සමාගම වැඩිදුරටත් පැවසීය. වට්ස්ඇප් ඔවුන්ගේ 'නිතර අසන පැන' සටහනක පවසා තිබුණේ ඔවුන් දැනටමත් ෆේස්බුක් හා අනුබද්ධිත වෙනත් සමාගම් සමඟ බෙදාගන්නා දත්ත වලට පහත සදහන් දත්ත ඇතුළත් වන බවය. "ලියාපදිංචිවීමේදී සපයන දුරකථන අංකය සහ වෙනත් තොරතුරු (නම වැනි), නිෂ්පාදකයා, මාදිලිය සහ ජංගම දුරකථන සේවා සමාගමඇතුළුව ඔබගේ දුරකථනය පිළිබඳ තොරතුරු, ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ පිහිටීම පෙන්නුම් කරන ඔබගේ IP ලිපිනය, WhatsApp හරහා කරන ඕනෑම ගෙවීම් සහ මූල්‍ය ගනුදෙනු." එම දත්ත වේ. ඔවුන් තවදුරටත් පැවසුවේ "කෙසේ වෙතත්, මෙය විවිධ රහස්‍යතා සහ පෞද්ගලිකත්ව නීති පවතින යුරෝපයේ සහ එක්සත් රාජධානියේ දී අදාළ නොවේ." යනුවෙනි. මෙම පසුබිම මත පැන නගින වැදගත් ම කාරණය නම් ජනතාවගේ පෞද්ගලිකත්වය පිළිබඳව නව කතා බහක් සමාජය තුළ ඇතිවීමට පටන් ගැනීම හා එමගින් රටේ අවශ්‍ය නීති රීති සැදීමට ජනතාව සහ බලධාරීන්ගේ අවධානය යොමුකිරීමය. "WhatsApp ආයතනය පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති යම් පොඩි වෙනස්කම් කරලා තියෙනවා ඒ ගොල්ලෝ දැනටත් information share කරනවා. සාමාන්‍යයෙන් app එකක් information, data එකතු කරනවා. ඒ app එක වඩා වැඩිදියුණු කරන්න, ඒක හොදින් ක්‍රියාත්මක කරන්න පරිශීලකයන්ගේ දත්ත ගන්නවා. නමුත් මෙතන වෙලා තියෙන්නේ දැන් WhatsApp එක facebook එක මිලදී ගත්තහම facebook එකේ තියෙන වෙළෙඳ දැන්වීම් platform එක ඇතුළට WhatsApp එක ගන්න හදනවා," යනුවෙන් සයිබර් ආරක්ෂක උපදේශක අසේල වෛද්‍යාලංකාර බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. "තවත් ප්‍රධාන කාරණයක් තමයි WhatsApp pay කියන පහසුකම ඉන්දියාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා වෙන ගනුදෙනුවලදී ඒ තොරතුරු ලබාගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. facebook ආයතනයට අවශ්‍යයි ඒගොල්ලන්ගේ පරිශීලකයන්ගේ වඩා විස්තරාත්මක පින්තූරයක් (complete profile). එක හින්ද තමයි WhatsApp වල දත්තත් facebook එක්ක දැන් හුවමාරු කරගන්නේ. ඒකට ජනතාවට ඒ පිළිබඳව කිසිම විකල්පයක් දීලා නෑ මේ වෙලාවේ. මේ සිදුවන කතිකාවත නිසා මේ වෙලාවේ WhatsApp ආයතනය හා facebook ආයතනය තැති ගැන්මකට ලක්වෙලා දැන් අඩියක් පස්සට අරන් තියෙනවා." සයිබර් ආරක්ෂක උපදේශක අසේල වෛද්‍යාලංකාර "නමුත් ඇත්තටම ඒගොල්ලෝ කරන්න උත්සාහ දරුවෙ මේ WhatsApp එකේ තියෙන data, data කියන්නේ, ලංකාවේ කට්ටිය ලොකු තැතිගැන්මකට ලක් උනා තමන්ගේ messages WhatsApp ට කියවන්න පුළුවන් කියලා. ඇත්තටම ඒක නෙමෙයි මේකෙන් වෙන්නේ. තමන්ගේ usage data (ක්‍රියාකාරී දත්ත) උදාහරණයක් හැටියට WhatsApp එක දැනටත් battery strength එක, කොහොමද internet එකට යන්නේ. මොකද්ද ඔයාගේ සේවා සපයන්නා , Dialog ද Mobitel ද, එතකොට ඔයා text-heavy ද video-heavy user කෙනෙක්ද කියන එක. සාමාන්‍යයෙන් වැඩිපුර කාත් එක්කද කතාකරන්නේ? ඒ කතාකරන කෙනා facebook එකේ ඉන්නවද නැද්ද? ඉතින් ඒ වගේ data මේගොල්ලෝ දැනටත් collect කළා. නමුත් දැන් මෙතන වෙන්නේ ඒ collect කරපු data දැන් facebook එකට යනවා," යනුවෙන් ඔහු පැහැදිලි කළේය. Facebook ආයතනය තමන්ගේ පරිශීලකයන්ගේ දත්ත එකතු කිරීමේදී සහ පාවිච්චි කිරීමේදී අවභාවිතා (mishandle) කළ බවට විවිධ අවස්ථාවලදී එම ආයතනයට නිතිය මගින් විවිධ රටවලදී ක්‍රියාකර ඇත. යුරෝපා සංගමය ට මේ සම්බන්ධයෙන් දඩ ගෙවීමට ඔවුන්ට සිදුවූ අතර අමෙරිකා එක්සත් ජනපදයේ දී දත්ත අවභාවිත කිරීමට අදාළ චෝදනාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන බව අසේල වෛද්‍යාලංකාර කියා සිටියේය. "ඉතින් මේ අවස්ථාවේදී WhatsApp එකේ data දැන් facebook එකට යනවා කියන එකට privacy advocates ල මේ ක්‍රියාදාමය පිළිබදව ලොකු ප්‍රශ්ණ කිරීමට ලක්වෙනවා. ඒක නිසා තමයි ගොඩාක් කට්ටිය තැතිගැන්මකට කල්වේලා තිබුණේ. WhatsApp එක මේ කරන දේ එච්චර හොද නෑ. මේකෙන් අපේ තවත් data, මේ customer ගේ privacy එක, පෞද්ගලිකත්වය තවත් පරිහානියට ලක්වනවා facebook එකට මේ data WhatsApp හරහා යනඑක." "නමුත් ලංකාවේ කට්ටිය මේකට බය උනේ තමන්ගේ personal data, ඒ කියන්නේ තමන් යවන messages තමන් ඉන්න groups facebook එකට expose වෙයි කියලා. එත් එහෙම වෙන්නේ නෑ. මොකද WhatsApp එකේ end to end encryption තියෙන නිසා A කියන කෙනාගේ සිට B කියන කෙනාට යවන පණිවුඩය ආරක්ෂා සහිතයි. මැදට ඇවිල්ල ඒ පණිවුඩය වෙනස් කරන්නත් බෑ, මැදට ඇවිල්ල ඒ පණිවුඩය කියවන්නත් බෑ. හදපු කෙනාට පවා ඒක බලන්න බෑ. encryption කියන එකේ ස්වභාවය." එහෙත් මෙසේ පරිශීලකයන්ගේ දත්ත එකතු කිරීමෙන් එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය පරිහානියට පත්වනවාද යන්න ගැටලුවක් බව පැවසූ ඔහු Facebook ආයතනය පුද්ගලයන්ගේ දත්ත ඒකක (data points) 6600 ක් පිළිබඳ දැනටමත් දන්නා බව කීය.. "data point එකක් කියන්නේ, age, sex, location වගේ දත්ත 6600 ක් facebook එක දන්නවා ඉතින් එත් එක්කම ඔයාගේ WhatsApp usage pattern එකත් එකතු උනාම ඔයාගේ පෞද්ගලිකත්වය කියන එක ගැන ලොකු පිංතුරයක් ඒගොල්ලන්ට එනවා. ඉතින් ඒක ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධානම අදායම මාර්ගය වන advertising නේ. ඒ Advertisers ලට මේ තොරතුරු ටික දීලා තමන්ට අවශ්‍ය විදිහට advertisements ටික කෙලින්ම customers ලට යවන්න කටයුතු කරනවා." "අපි දන්නවා ඕනෑම කෙනෙක්ට facebook එකේ advertisement එකක් දාන්න පුළුවන් කිසිම පාලනයක් නෑ එතන තමයි danger එක. ඒගොල්ලෝ එන්න එන්නම මිනිස්සු ගැන දන්න data වැඩිකරන ගමන් advertisements වලට කිසිම පාලනයක් නෑ. ඒ දාන වෙළෙඳ දැන්වීම සත්‍යක්ද අසත්‍යක්ද කියන එක ගැටලුවක්. ඒ තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි වෙන්න පුළුවන් , කතාකිරීමේ නිදහසට හානි වෙන්න පුළුවන්. ඇත්තටම ඇමරිකාවේ දැන් සිද්ධ වෙන දේවල් වලට යම්තාක් දුරකට facebook එක වගකියන්න ඕන කියල අදහසක් තියෙනවා. එතනයි ගැටලුව තියෙන්නේ," මෙහිදී ඇති ගැටලුව, දුරකථන යෙදවුමක් දත්ත එක්රැස් කිරීම නොව facebook වැනි ආයතනයක් මෙවැනි දත්ත සිය ව්‍යාපාරික අරමුණු සඳහා යොදාගැනීමෙන් ජනතාවගේ පෞද්ගලිකත්වයට සිදුවන හානිය බව ඔහු පෙන්වා දුන්නේය. "එතැනට තමයි අපි කල්පනාකාරී වෙන්න ඕන. ලංකාවේ මේක හොඳ තැනක් මොකද අපි කවදාවත් privacy කියන එක ගැන කිසිම awareness එකක් නෑ ලංකාවේ. අපි කියනවා ලංකාවේ සාක්ෂරතාව ඉතාමත් ඉහළයි කියල. එහෙත් ලංකාවේ digital සාක්ෂරතාව ඉතාමත් ම අඩුයි. ඒක තමයි මේ වලාවේ මිනිස්සුන්ට යන්න ඕන මතය." අසේල වෛද්‍යලංකාර පවසන්නේ බොහෝ යුරෝපිය රටවල මෙන් ලංකාවේ හා ආසියානු රටවල පුද්ගලිකත්ව රැකීමට නීති සකස් කර නොමැති බවය. "එකක් ලංකාවේ නීති පද්ධතිය මෙයිට වඩා හොද තැනක තියෙන්න ඕන, මොකද දැනටත් ලංකාවේ data privacy පිළිබඳව නීතියක් නෑ. දැනටත් තවමත් කෙටුම්පතක් විතරයි තියෙන්නේ. තවම ඒක පාර්ලිමේන්තුවට යොමු කරලා නෑ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වෙන කථිකාවත ඔස්සේ එහෙම දෙයක් සිද්ධ වෙයි කියල ඉස්සරහට." "නමුත් මේ ඔස්සේ ගොඩාක් දෙනෙක්ට මම කියන්නේ තමන්ගේ privacy එක ගැන කල්පනා කරන්න තමන්ගේ privacy එක ගැන හිතන්න මේක තමයි ඇස් ඇරෙන එකම තැන. ඉතින් තවදුරටත් ඕගොල්ලෝ නිදාගෙන ඉන්න එපා කියන එක තමයි තාක්ෂණවේදියෝ හැටියට අපිට දෙන්න පුළුවන් අවවාදය." අසේල වෛද්‍යලංකාර තවදුරටත් පැවසුවේ WhatsApp ආයතනය යුරෝපීය පරිශීලකයන් වෙත නිකුත් කළ නිවේදනයේ බොහෝ ඇල්මැරුණු ස්වභාවයක් වූ බවය. එම රටවල පවතින පෞද්ගලිකත්වයට අදාළ දැඩි නීති මෙන්ම WhatsApp ආයතනයට හා facebook ආයතනයට යුරෝපයේ දත්ත අවභාවිතය සම්බන්ධයෙන් දඩ ගෙවීමට සිදුවීම ඊට හේතුවන්නට ඇති බවද ඔහු පැවසීය. "WhatsApp pay ගියහම කරන සියලුම ගනුදෙනු පිළිබඳ තොරතුරු ඒගොල්ලන්ට ගන්න පුළුවන්. ඔයා මොනවාද මිලදී ගන්නේ මොන දොස්තරට ද ගෙවීම් කරන්නේ කියන එක මත ඔයාට advertisements එවන්න පුළුවන් මොන බෙහෙත් ද ගන්න ඕන කියන එක ගැන. උදාහරණයක් හැටියට ඔයා psychiatric doctor කෙනෙක් හමුවීමට ගෙවීම් කරපුවහම ඔයා facebook එකට යනකොට psychiatric සම්බන්ද බෙහෙත් පිළිබඳව වෙළද දැන්වීම් එවන්න පුළුවන් එකෙන් ඔයාගේ පෞද්ගලිකත්වයට හානියට පත්වෙලා කියල ඔයාට තේරෙනවා." කියවන්න:
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සැලසුම් කොට ඇති ලෙසින් හමුදා ප්‍රහාරයක් දියත් කැරුනොත් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පොදු ජනතාවගේ තත්වය තවත් දරුණු අතට පත් විය හැකි බවට සහනාධාර ආයතන බිය පල කරයි.
කොංගෝවේ එක්සත් ජාතීන්ගේ හමුදා සෙබළුන් අනාථයන්ට ආධාර ලබා දීම වෙනුවෙන් බලපෑම් කරන රෙෆියුජීස් ඉන්ටර්නැෂනල් (Refugees International) ජාත්‍යන්තර සංවිධානය ප්‍රකාශ කොට ඇත්තේ තුන් දහසක බල ඇණියක මැදිහත් වීමෙන් දියත් කිරීමට නියමිත ප්‍රහාරයක බලපෑමෙන් නිරායුධ වැසියන් මුදා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක වැඩ පිළිවෙලක් සැකසිය යුතු බවයි. කොංගෝ යුද අනාථයන් ස්වේච්ඡා වෛද්‍ය සංවිධානයක් වන දේශ සීමා නොමැති වෛද්‍යවරු (Medecins Sans Frontieres) කලින් කියා තිබුනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුදමය හා මානුෂික කටයුතු අතර වෙනස අපැහැදිලි වීම හේතුවෙන් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සන්නද්ධ කණ්ඩායම් වල ඉලක්කයක් වීමේ අවදානමට මුහුණ පා සිටින බවයි. යුද්ධයෙන් ලක්ෂ විසිපහකට වැඩි ජනකායක් මරා දැමුණු කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තත්වය බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවට ගැනීමට නියමිතයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල ට්විටර් ගිණුම බ්‍රහස්පතින්දා (නොවැ. 02) තාවකාලිකව අතුරුදහන් වුවද එය යථා තත්ත්වයට පත් කරන ලද බව එම සමාගම පවසයි.
ගිණුම අක්‍රීයවීමෙන් පසු මෙසේ දිස්විණි '@realdonaldtrump' නම්වූ, ජනාධිපති ට්‍රම්ප් ගේ ට්විටර් ගිණුම එසේ අක්‍රිය කරන ලද්දේ සමාගමේ සේවකයකු වන අතර ඔහුගේ අවසන් සේවා දිනයේදී එය සිදුකර ඇති බව හෙළිවී ඇත. ගිණුම විනාඩි 11ක පමණ කාලයක් අක්‍රියව පැවති අතර ට්විටර් සමාගම ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටී. End of Twitter post, 1 මේ තොරතුරුත් දැනගන්න : මිලියන 41.7 පමණ පිරිසක් ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම හා සම්බන්ධව ඇති අතර ඔහුගේ ප්‍රකාශ නිරන්තරයෙන් අර්බුදකාරී ස්වභාවයක් උසුලයි. ඊයේ සිදුවිම, ජනපතිවරයාගේ ගිණුමෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතු වී තිබෙන්නේ ඔහුගේ නමින් එහි ව්‍යාජ තොරතුරු පළකිරීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගැනීමෙනි ගිණුම යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව ජනපතිවරයාගේ පළමු ට්විටර් පණිවුඩය වූයේ බදු කපා හැරීම සම්බන්ධ රිපබ්ලිකන් පක්ෂයේ ඉදිරි සැලසුම පිළිබඳවය. මේ තොරතුරුත් දැනගන්න : ට්‍රම්ප් කතාවට පෙර පුහුණුවක
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය ඔක්තෝබර් 26 වෙනි දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකිරීමත් සමග ශ්‍රී ලංකාවේ මතු වූ බරපතල දේශපාලන සහ ව්‍යවස්ථා අර්බුදය හමුවේ කොළඹ ඇතුළු රට පුරා විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර මතුවන්නට විය.
ඇතැම් උද්ඝෝෂණවලට මෛත්‍රීපාල - මහින්ද විරෝධී දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් සහ සාමාජිකයන් සම්බන්ධ වුවද සති ගණනාවක් පුරා පැවති බොහෝ විරෝධතා ව්‍යාපාර සංවිධාන කර තිබුනේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සිවිල් ක්‍රියාකාරීන් විසිනි. කොළඹට පමණක් සීමා නොවුණු විවිධ වයස් ඛාණ්ඩ සහ රැකියාවල නිරත දුර බැහැර සිට පැමිණි කාන්තාවන් පවා එවැනි විරෝධතා ව්‍යාපාරවල පෙරමුණ ගෙන තිබීම විශේෂත්වයකි. එක් විරෝධතාවකට එක්ව සිටි හඟුරන්කෙත සිට පැමිණි අසූ වැනි විය ආසන්නයේ සිටින බව විශ්වාස කළ හැකි වයෝවෘද්ධ කාන්තාව ඊට එක් උදාහරණයකි. "ජනපති සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයෙන් රට අනතුරේ, ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවන්ට ජනබලයෙන් පිළිතුරු දෙමු" යන තේමාව යටතේ කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපස සති ගණනාවක් පුරා දියත් වූ සත්‍යග්‍රහ ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කර තිබුනේ ද කාන්තාවකි. රජයේ සේවකයෙකු බැවින් ප්‍රසිද්ධියේ සිය නම පළ නොකරන ලෙස ඉල්ලා සිටි ඇය මල්ලිකා ලෙසින් හඳුන්වමි. "දවස් 24 අපි අඛණ්ඩව සත්‍යග්‍රහ කළා. ඒක ඉවර වෙනකල් මම නිදාගත්තේ නෑ." ඇය පවසන්නීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, කලාකරුවන්, රජයේ සේවක සේවිකාවන්, වෘත්තීය සමිති නායකයන්, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන්, තරුණ , තරුණියන් පමණක් නොව කිසිදු සංවිධානයක් නියෝජනය නොකළ බොහෝ දෙනා ද තමන්ට හැකි පමණින් එම සත්‍යග්‍රහයට සහභාගි වී සිටි බව සංවිධායකයෝ පවසති. ඒ අතරින් බහුතරය කාන්තාවන් බව මල්ලිකා පවසන්නීය. බොහෝ ජනමාධ්‍ය තත්ත්වය "විකෘති කිරීමට" උත්සාහ කළත් කාන්තාවන් වශයෙන් රටේ පැවති අර්බුදය නිසි ලෙස වටහා ගනිමින් පුරවැසියන් වශයෙන් සිය වගකීම ඉටු කළ බව ඇයගේ අදහසය. "2015 දී අපි ලොකු අරගලයක් කළා යහපාලනය වෙනුවෙන්. ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච දේ 100% ක් නොවුනත්, අපිට නිදහසේ කතාකරන්න අයිතිය තිබුනා,එලියට බැහැල හඬක් නගන්න අවස්ථාව තිබුනා. අපිට බැටන් ප්‍රහාර, මරණ තර්ජන ඒ මොනවත් නැතුව අපි එලියට බැහැල කතා කළා. ඊට පස්සේ 62 ලක්ෂයක් පත්කරපු ජනාධිපති අපි එපා කියපු කෙනා අගමැති හැටියට පත් කළාම ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන අදහසේ අපි හැමෝම හිටියා," මල්ලිකා විස්තර කළාය. එබැවින් කිසිවෙකුගේ බලය ආරක්ෂා කිරීමට හෝ රනිල් වික්‍රමසිංහ නැවත අගමැති කිරීම සඳහා නොව, ජනාධිපතිවරයා දියත් කළ "ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය" පරාජය කිරීම පිණිස පෙළගැසීමේ අවශ්‍යතාව සලකා බැලූ තමන් ඇතුළු කණ්ඩායමක් සත්‍යග්‍රහයක් දියත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළ බව ඇය පවසන්නීය. කලාකාරියන්ගේ උද්ඝෝෂණය ලිප්ටන් වටරවුම ඉදිරිපස උද්ඝෝෂණය එහිදී මහජනතාවගේ දෛනික ජීවිතය බාධා නොවන ආකාරයේ යමක් කළ යුතු බව ද ඔවුන්ගේ අදහස වී තිබේ. ඇය පවසන පරිදි එතැන් සිට ලැබී ඇත්තේ ඔවුන් පවා බලාපොරොත්තු නොවූ අන්දමේ ප්‍රතිචාරයකි. දානපතියන්, ව්‍යාපාරිකයන්, සාමාන්‍ය මහජනතාව ඇතුළු ඇය කිසි දින දැන නොසිටි බොහෝ දෙනා ආහාර පාන, ජලය, සිසිල් බීම ඇතුළු ද්‍රව්‍ය දින 24 පුරාම ඔවුන්ට පරිත්‍යාග කළ බව කී මල්ලිකා ප්‍රසිද්ධියේ පෙනී සිටීමට අකැමැත්ත පළ කළ ඇතැමුන් කුලීකරුවන් අත ආධාර එවීමට කටයුතු කළ බව සඳහන් කළාය. සත්‍යග්‍රහය දියත් කිරීමත් සමග ඇය පළමු සතියේ රැකියාවෙන් නිවාඩු ගෙන තිබේ. ඉන්පසුව දිනපතා දහවල් රැකියාවට ගොස් ඇති මල්ලිකා, සවස හතරට පමණ සත්‍යග්‍රහ භූමියට ගොස්, ආහාර, පාන, සහභාගි වන පිරිස් ඇතුළු එහි සියලු කටයුතු සංවිධානය කර යළි නිවස බලා ගොස් ඇත්තේ රාත්‍රී දෙකට පමණය. ඇය පවසන පරිදි නිසි නින්දක් නොමැති වුවත් ඊළඟ දිනයේත් ඇයගේ දිනචරියාව එය වී තිබේ. ඒ අතර "කඩාකප්පල්කාරීන්" පිළිබඳ විමසිල්ලෙන් පසුවීමට ද සිදු වූ බව ඇය සිහිපත් කරන්නීය. උද්ඝෝෂණවලට සම්බන්ධ වූ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් පසුගියදා කතානායක කරු ජයසූරිය මුණ ගැසී, "ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරම්භ කළ ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවලියේ දී ව්‍යවස්ථානුකූලව කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ ගරුත්වය හා සම්ප‍්‍රදායන් රකිමින් ඉතා නිර්භීතව පියවර ගැනීම සහ ඓතිහාසික තීරණයන් දීම" සම්බන්ධව කතානායකවරයා වෙත ගෞරවය හා ස්තූතිය පළ කළහ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් "කාන්තාවන් සහ තරුණ පරපුර ලබා දුන් නොසිතු මට්ටමේ දායකත්වය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය ගැන සුභ ලකුණක්" - කතානායක කරු ජයසූරිය ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ කතානායක කරු ජයසූරිය, දේශපාලන අර්බුදය මතු වූ අවස්ථාවේ විශේෂයෙන්ම කාන්තාවන් සහ තරුණ පරපුර එයට එරෙහිව නැගී සිටීම "පෙර නොවූ විරූ ආකාරයේ, නොසිතු මට්ටමේ දායකත්වයක්" ලෙස හැඳින්වීය. "ඒක ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය ගැන සුභ ලකුණක් හැටියට මම දකිනවා," යනුවෙන් ද කතානායක කරු ජයසූරිය සඳහන් කළේය. කතානායකවරයා ද සඳහන් කළ පරිදි, ඇතැම්විට එකම පවුලේ මව, දියණිය සහ මිණිපිරිය ද එවැනි උද්ඝෝෂණවලට එක්ව සිටියහ. සිය මව සහ දියණිය සමග සත්‍යග්‍රහයට සහභාගි වූ කොළඹ වාසය කරන ධනුෂි සේනානායක බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය මගින් සිය ඡන්දය දීමේ අයිතිය උල්ලංඝනය වූ බැවින් තවදුරටත් ඒ ගැන නිහඬව සිටීමට තමන්ට හැකියාවක් නොවූ බවය. "මහින්ද රාජපක්ෂ කියන්නේ අපි දෙතුන් පාරක් ඡන්දයෙන් පරාජය කරපු කෙනෙක්. අපිට අවශ්‍ය නෑ ආයෙත් වැඩවසම් යුගයකට යන්න. ප්‍රශ්නයක් තිබුණ නම් ඒක විසඳගන්න මේ වගේ දෙයක් කරන්න අවශ්‍ය නෑ," ඇය පවසන්නීය. "අපි දැන් නිහඬ විය යුතු නෑ. දැන් තමයි නියම පසුබිම හැදිල තියෙන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පිවිසුමකට. අපි නිහඬ වුනොත් තව මාස හයකින් අපි ආයෙත් හිටපු තැනටම යන්න පුළුවන්." රනිල් වික්‍රමසිංහ යළිත් අගමැති පදවියට පත්වුවත් සිය අරගලය නිමා වී නැති බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි ඇය, "ජාතිවාදය සහ අන්තවාදය පතුරවන පිරිස්" හෙළිදරව් කොට ඔවුන් අන්තවාදීව පරාජය කළ යුතු බවත් කියා සිටියාය. "අපි දැන් නිහඬ විය යුතු නෑ. දැන් තමයි නියම පසුබිම හැදිල තියෙන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පිවිසුමකට. අපි නිහඬ වුනොත් තව මාස හයකින් අපි ආයෙත් හිටපු තැනටම යන්න පුළුවන්." මේ අතර කොළඹ සිටින ඇම්නස්ටි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන ත්‍යාගි රුවන්පතිරණ ට්විටර් පණිවුඩයකින් පවසා තිබුණේ, තමන් කරන බොහෝ කටයුතු සම්බන්ධයෙන් තමන්ට වෙනස් මතයක් දරන විශ්‍රාමික වෛද්‍යවරියක වන සිය මව සිදුවෙමින් පැවති බරපතල අසාධාරණය දරාගත නොහැකිව ජීවිතයේ පළමුවරට තමන් සමග වීදිබට බවය. "දුව මොකක් හරි පෙළපාලියකට යනවා නම් මටත් කියන්න, යනුවෙන් මාගේ මව පැවසුවා. මේක කොයිතරම් දරුණු අසාධාරණයක් ද කියල අපි දෙන්නම දැඩි ස්ථාවරයක ඉන්න එක ගැන මට සතුටුයි," යනුවෙන් ඇයගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය. විහාර මහා දේවී උද්‍යානය අසල පැවති සත්‍යග්‍රහය හැරුණු විට, සති ගනනාවක් මුළුල්ලේ කොළඹ විවිධ ස්ථානවල තවත් විරෝධතා ව්‍යාපාර දියත්ව තිබුණි. ජන අණසක, සමාජ සාධාරණත්වය උදෙසා මහජන ව්‍යාපාරය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනල්ලු, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අලුත් පරපුර, ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, අලුත් පියාපත්, යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මහජන ව්‍යාපාරය, සමාජ සමානාත්මතාවය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු වැනි සංවිධාන එවැනි විරෝධතා ව්‍යාපාර සංවිධානය කළ පිරිස් අතර විය. ව්‍යවස්ථා අර්බුදය පැවති සමයේ ඉතා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට රජයේ මාධ්‍යවලට චෝදනා කරමින් ලේක්හවුස් ආයතනය ඉදිරිපස විරෝධතාවක් දියත් වූ අතර, තරුණ කලාකරුවන්ගෙන් සැදුම්ලත් සංවිධාන මාධ්‍ය සාකච්ඡා ඇතුළු විරෝධතා දියත් කරද්දී, කාන්තාවන් පිරිසක් විසින් "අපි පුරවැසියෝ" නමින් ද සංවිධානයක් පිහිටුවාගෙන තිබිණ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විශේෂ චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කරද්දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කුප්‍රකට "සමනල චෝදනාවෙන්" අනතුරුව සමකාමී කණ්ඩායම් "ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනල්ලු " නමින් සංවිධානයක් පිහිටුවා ගත්හ. "සමනල ඡන්ද වලංගු නැද්ද?" ජනාධිපතිවරයා විසින් යළි වරක් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත්කිරීමෙන් අනතුරුව බොහෝ විරෝධතා ව්‍යාපාර නිමා කෙරුණ ද රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය උදාකරන ලෙස ඉල්ලා සිටිමින් කාන්තාවන් ඇතුළු ක්‍රියාකරුවන් තවදුරටත් සාමකාමී උද්ඝෝෂණවල නිරත විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික නීතිවේදිනියක වන සොරායා ඩීන්, කාන්තාවන්ට නැගී සිටින මෙන් ඉල්ලා සිටිමින් වරින්වර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දියත්කරන උද්ඝෝෂණ ද කැපී පෙනුනි. ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිනියන් එක පෙරමුණකට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බව ඇය බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය. "දේශපාලන කුමන්ත්‍රණය" අවසාන වුවත් එය මෙහෙයවූවන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නගන තුරු සටන තවමත් නිමා වී නැති බව පවසමින් පසුගිය දෙසැම්බර් 19 වෙනි දින ද පිටකොටුව දුම්රිපොල අසලදී උද්ඝෝෂණයක් පැවැත්විණ. විශේෂයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රටේ අර්බුදකාරී වාතාවරණයක් ඇති කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහ අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නව ජනරජ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන මෙන් "කට්ටිය නින්දට ගියාද? සටන තවම අවසන් නැත" මැයෙන් වූ එම උද්ඝෝෂණයට එක්වූ විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. විශේෂයෙන්ම විධායක ජනාධිපති ධුරයේ පවතින "නින්දිතකම" හේතුවෙන් ඔක්තෝබර් 26 වෙනි දිනෙන් අනතුරුව ශ්‍රී ලංකාව "අරාජික තත්ත්වයකට" පත්කළ බව විරෝධයට එක්ව සිටි සිනමා නිලි සමනලී ෆොන්සේකා මාධ්‍ය හමුවේ කියා සිටියාය. "රනිල්ගේ ආර්ථික කොල්ලය පරදවමු" උද්ඝෝෂණයේ තවත් එක් සටන් පාඨයක් විය. කෙසේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව සම්බන්ධ අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ වුව විශේෂයෙන්ම කලාකරුවන්ගේ කාර්යභාරය විය යුත්තේ වීදි බැසීම නොව සිය නිර්මාණ මාර්ගයෙන් එයට විරෝධය පළ කිරීම බව කලාකරුවන් යුවලකගේ මතය වී තිබේ. ලන්ඩන් නුවර සංචාරයක් අතරවාරයේ බීබීසී මැදිරියට පැමිණි සංගීතඥ තරුපති මුණසිංහ සහ ගයනි ගිසන්තිකා ඒ බව කියා සිටියේ ෆේස්බුක් ඔස්සේ සජීව සංවාදයකට එක්වෙමිනි. 2015 ජනවාරි 08 වෙනි දින බලයට පත්වීම සඳහා සිවිල් සමාජ ක්‍රියාධරයන් ඇතුළු විවිධ ජනකොටස් ලබා දුන් දායකත්වය මුලදී අගය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුව ඇතැම් සිවිල් සමාජ සංවිධාන දැඩි විවේචනයට ලක් කළේය. විශේෂයෙන් රටේ පැවැත්මට "රාජ්‍ය නොවන සංවිධාන" (NGO) මගින් බලපෑම් එල්ලවන බව ඔහු අවස්ථා කීපයකදීම පවසා තිබිණි. ජනාධිපතිවරයාගේ " ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය" පරාජය කිරීම පිණිස කාන්තාවන් ප්‍රබල දායකත්වයක් දැක්වුව ද, ඉන් අනතුරුව පසුගිය දෙසැම්බර් 17 වෙනි දින කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ රැලියේදී අදහස් දැක්වීමට කිසිදු කාන්තාවකට අවස්ථාව ලබා දී නොතිබිණි. එක්සත් ජාතික පක්ෂය පුරුෂයන්ට පමණක් වේදිකාව සකසා දීම පිළිබඳ විවේචන ද එල්ල විය. පසුගිය නොවැම්බර් 21 වෙනි දින ආරම්භ වූ සත්‍යග්‍රහය නිමාවට පත්වූයේ දෙසැම්බර් 14 වන දාය. "ඇත්තටම ලොකු ආඩම්බරයක් තියෙනව, ජයග්‍රහණයකින් අවසන් කරන්න ලැබුනා," මල්ලිකා මා සමග කියා සිටියාය. කෙසේ වුවත් ඉදිරි මාස කිහිපය තුළ රටවැසියන්ට සාධාරණය ඉටුකිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ අපොහොසත් වුවහොත් යළිත් වරක් කාන්තාවන් එයට එරෙහිව පෙළ ගැසෙනු ඇති බව ඇය පවසන්නීය. "රටේ පළවෙනි පුරවැසියා හෝ දෙවෙනි පුරවැසියා කරන්නේ වරදක් නම් මම නම් පැහැදිලිවම එලියට බහිනවා. සිරිකොත ද, පොහොට්ට්ටුව ද මට අදාළ නෑ. රටට හානියක් වෙනව ද එතෙන්දි අපි පෙරමුණ ගන්නවා කාන්තාව විදියට." "ඉස්සර වගේ කාන්තාව දැන් ගෙටම සීමා වෙලා නෑ, පුරුෂාධිපත්‍යය තියෙන බව හැබෑව නමුත් සමහර වෙලාවට පිරිමින් අභිබවා කාන්තාව පෙළ ගැසෙන අවස්ථාවක් තියෙනව කියල මට හිතෙනවා."
"දෙවියන් වහන්සේ අපව මැවුවේ උන් වහන්සේගේම රූපකායෙන්, ඒ නිසා අපි සියලු දෙනාම එක් පුද්ගලයෙක්."
ඇමෙරිකානු ඡන්දදායකයන් අතුරෙන් හතරෙන් තුනක් පමණම ක්‍රිස්තියානි භක්තිකයන්ය "උන් වහන්සේ අපට ආදරෙයි, උන් වහන්සේට අවශ්‍ය අපි සියලු දෙනා එකිනෙකා සමඟ සතුටෙන් ඉන්නවා දකින්න, බෙදිලා නෙවෙයි." 19 හැවිරිදි රෝස් ඕර්ටිස් ඇමෙරිකානු ජනපතිවරණයේ සිය අපේක්ෂා ගැන මෙම ලිපිය සැකසූ වාර්තාකාරිය සමඟ අදහස් දැක්වූයේ උතුරු කැරොලිනාවේ චාලට් නගරයේ පිහිටි සිය නිවසේ සිට 'සූම්' (zoom) ඔස්සේය. මෙවර ජනපතිවරණය ඇය පළමුවරට ඡන්දය භාවිත කරන අවස්ථාවය. ඇමෙරිකානු ඉතිහාසයේ වැදගත්ම මැතිවරණය ලෙසින් ඇතැමුන් හඳුන්වන ඡන්ද විමසීමට තවත් තිබෙන්නේ සති කිහිපයක් පමණි. සංගීත ශිල්පීන්ගේ පෝස්ටර් ගොඩක් මැද අසුන්ගෙන සිටින රෝස්, තමන් අදහන කිතුනු දහම සහ එය තමන්ගේ ඡන්දයට බලපාන්නේ කෙලෙසද යන්න ගැන සෙමෙන් එහෙත් ඉතා උද්‍යෝගයෙන් අදහස් දැක්වූවාය. රොස්, නොවැම්බරයේදී පළමු වරට සිය ඡන්දය භාවිත කරන්නීය දැඩි ආගමික සම්බන්ධතා තිබෙන අපේක්ෂකයන් දෙදෙනා අතරින් සිය ඡන්දය භාවිත කළ යුත්තේ කවර අපේක්ෂකයාට ද යන්න ගැන සති ගණනක් මුළුල්ලේ කල්පනා කළත් රෝස් ට තවමත් තීරණයකට එළඹිය නොහැකිය. ඇමෙරිකානු ඉතිහාසයේ පළමු වතාවට එරට විශාලතම වාර්ෂික ගබ්සා විරෝධී රැලියට සහභාගි වූ ජනාධිපතිවරයා වීම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි ඇය තුළ ප්‍රසාදයක් පවතී. ඒ පසුගිය ජනවාරි මාසයේදී ය. "ක්‍රිස්තියානි භක්තිකයෙක් හැටියට, දෙවියන් වහන්සේ කිසිම ගබ්සාවක් දකින්න කැමති නැහැ," ඇය පවසයි. "ඒක මම ට්‍රම්ප් ගේ පාර්ශවය එක්ක එකඟවෙන දෙයක්." ජෝ බයිඩන් ගේ කතෝලික විශ්වාසය රෝස් ට ද සමීප වුව ද, තරුණ ක්‍රිස්තියානි ප්‍රජාව සමඟ සම්බන්ධවීම පිණිස ඔහු තවත් බොහෝ දේ කළ යුතු බව ඇය ගේ හැඟීමය. ඇතැම් රටවල ආගම සහ දේශපාලනය බද්ධ නොවුව ද, ඇමෙරිකාවේ පවතින්නේ ඊට වඩා වෙනස් වාතාවරණයකි. උතුරු කරෝලිනා වැනි ප්‍රාන්තවල ආගම යනු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සඳහා තීරණාත්මක ලෙසින් බලපාන සාධකයකි. ඇමෙරිකාවේ 'බයිබල් මාවතේ' කොටසක් වන එය ප්‍රධාන ගණයේ දෝලනය වන ප්‍රාන්තයකි. එනම්, එහි ප්‍රතිඵලය ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ජෝ බයිඩන්ට පක්ෂව විය හැකිය. යළි ජනපති පදවියට තේරී පත්වීම පිණිස, ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවැනි ප්‍රාන්ත ජයගත යුතුය. 2016 දී ඔහු උතුරු කැරොලිනාව ජයගත්තේ හිලරි ක්ලින්ටන් 4% කට වැඩි ප්‍රතිශතයකින් පරාජය කරමිනි. මෙවර තරගය ඊට වඩා කරට කර බව ජනමත සමීක්ෂණවල දැක්වේ. මෙම ලිපිය සම්පාදනය කරන අවස්ථාව වනවිට උතුරු කරෝලිනාව තුළ ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින්නේ 1% කටත් වඩා අඩු ප්‍රතිශතයකිනි. ජනපති අපේක්ෂකයන් දෙදෙනාම පැහැදිලිවම ආගම සිය ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් කරගෙන තිබේ. කිතු දහම ආරක්ෂා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි කිතු දහම ආරක්ෂා කිරීම පිණිස සුදුසුම අපේක්ෂකයා තමන් බව ඇමෙරිකාවට වටහා දීම ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අපේක්ෂාවය. ඔහුගේ ප්‍රතිවාදී ජෝ බයිඩන් පවසන්නේ, මෙවර ජනපතිවරණය ජාතියේ ආත්මය ('හදවත') වෙනුවෙන් කෙරෙන සටනක් බවය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඡන්දදායකයන් අතුරින් හතරෙන් තුනකට වඩා ක්‍රිස්තියානි භක්තිකයන්ය. සුදු ජාතික ඉවැන්ජලික ඡන්දදායකයින් 2016 මැතිවරණයට එල්ල කළ බලපෑම බොහෝ සේ සාකච්ඡාවට බඳුන් වූවකි. ඔවුන් සෑම දස දෙනෙකුගෙන්ම අට දෙනෙකුට වැඩි පිරිසක් ඒ අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ඡන්දය භාවිත කළ බව ජනමත සමීක්ෂණවල දැක්වුණ අතර, ඔවුහු තවමත් ජනපතිවරයාගේ ඡන්ද පදනම නියෝජනය කරති. එහෙත් කළු ජාතික ක්‍රිස්තියානි කාන්තාවක ලෙසින්, විවිධ ජාතීන් කතෝලික සභාව නියෝජනය කරන බව තමන් දන්නේ යැයි වාර්තාකාරිනිය පවසයි. එක්සත් ජනපදයේ ක්‍රිස්තියානි භක්තිකයන් බහුතරය සුදු ජාතික ඉවැන්ජලික භක්තිකයන් නොවන අතර, වාමාංශික දේශපාලන ව්‍යාපාරවල හඬ ද ඉස්මතුවෙමින් පවතී. පසුගිය මාස කිහිපය මුළුල්ලේ තමන් දැඩි තරගකාරී ප්‍රාන්තයක් වන උතුරු කැරොලිනාවේ මිනිසුන් සමඟ අදහස් හුවමාරු කරගත් බව ද වාර්තාකාරිනිය කියා සිටී. රෝස් වැනි ස්පාඤ්ඤ භාෂාව කතා කරන (හිස්පැනික්) ඡන්දදායකයෝ මේ වසරේ මැතිවරණයේ විශාලතම වාර්ගික සුළුතර කණ්ඩායම වන අතර, ඔවුහු සමස්ත ඡන්දදායක සංඛ්‍යාවෙන් 13% කට මඳක් වැඩිය. එහෙත් අනෙක් සුළු ජාතීන් මෙන් නොව ඔවුන් සිය ඡන්දය භාවිත කිරීමේ සම්භාවිතාව අඩුය. "1996 සිට සෑම ජනපතිවරණයකදීම සිය ඡන්දය භාවිත කළ හිස්පැනික් ඡන්දදායකයන් පිරිස ඡන්දය නොදුන් පිරිසට වඩා අඩු," බව Pew පර්යේෂණ ආයතනය පවසයි. සාමාන්‍යයෙන් හිස්පැනික් ක්‍රිස්තියානි භක්තිකයන් සැලකෙන්නේ අවසාන මොහොතේ සිය ඡන්දය තීරණය කරන පිරිසක් ලෙසිනි. උතුරු කැරොලිනාවේ බොහෝදෙනාගේ ජීවිතයේ විශාල තැනක් පල්ලිය වෙනුවෙන් වෙන්ව තිබේ එක්සත් ජනපදයේ හිස්පැනික් ඡන්දදායකයන් අතරින් අඩක් පමණම කතෝලිකයන් වන අතර, ඔවුන්ගේ සමාජමය ආකල්ප ගතානුගතිකවාදීය. එහෙත් සංක්‍රමණිකයන් සම්බන්ධ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රතිපත්තිය හේතුවෙන් ඔවුන්ට ඔහුට සහය දීම ද දුෂ්කර කරුණකි. රෝස් ගේ මව හොන්ඩියුරාස් හි කාන්තාවකි. ඇයට එක්සත් ජනපදයේ රැඳි සිටීමට අවසර ලැබුණු තාවකාලික වීසා වැඩසටහනේ අනාගතය දැන් අවිනිශ්චිත තත්ත්වයක පවතී. මේ අවිනිශ්චිතභාවය සිය පවුලට බලපා ඇති අන්දම ගැන අදහස් දක්වද්දී ඇය හඬන්නට විය. "මට අපේක්ෂකයෙක් තෝරන්න පුළුවන් වුණා නම් මම කැමති සංක්‍රමණිකයන්ට අවස්ථාව දෙන අපේක්ෂකයෙකුට. රටින් පිටුවහල් කරාවි කියල බයෙන් ඉන්නේ නැතුව ඔවුන්ට මේ රටේ නිදහසේ ජීවත්වෙන්න අවස්ථාව දෙන්න." සිය ප්‍රාන්තය මෙවර වෙනස් ආකාරයකින් ඡන්දය දෙනු ඇති බව වෙස්ලි මොරිස් දේවගැතිවරයා සිතයි ක්‍රිස්තියානි භක්තිය සම්බන්ධයෙන් උතුරු කැරොලිනාවට තිබෙන්නේ පොහොසත් ඉතිහාසයකි. දකුණේ චාලට් නගරය, ලෝක ප්‍රසිද්ධ ඉවැන්ජලිකයෙකු වන බිලි ග්‍රැහැම් උපන් ස්ථානයයි. ඔහුගේ පුත් ෆ්‍රැන්ක්ලින් ප්‍රසිද්ධියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට සහය දක්වයි. උතුරේ ග්‍රීන්ස්බරෝ, කළු ජාතික ඉවැන්ජලික දේවගැතිවරයෙකු වන ආචාර්ය විලියම් ජේ බාබර් ගේ නගරයයි. ඔහු සමාජ සහ ආර්ථික සාධාරණය වෙනුවෙන් රට පුරා දියත්ව තිබෙන Poor People's Campaign නම් ව්‍යාපාරයේ ප්‍රධානියාය. වෙස්ලි මොරිස් දේවගැතිවරයා එම ව්‍යාපාරයේ සාමාජිකයෙකි. මොරිස් දෙවගතිවරයාගේ විශ්වාසය අනුව වර්ගවාදයට එරෙහිව හඬ නැගීම ප්‍රධාන තැනක් ගනී අසාධාරණයට එරෙහිව නැගී සිටීම බයිබලයේ දැක්වෙන යුතුකමක් බව ඔහුගේ අදහසය. "මම, සිවිල් අයිතිවාසිකම් සහ මානව හිමිකම් එක්ක ගැටුම් සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් තියෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයෙක්. දේශනා පවත්වන්න නැගී සිටින හැම මොහොතකම මම ඒක හිතනවා." පසුගිය ජනපතිවරණයේ දී කළු ජාතික ඡන්දදායකයන්ගේ සහභාගිත්වය බරපතල ලෙස අඩුවිය. 2012 දී එය 66.6% ක් වූ නමුත් 2016 දී එය 59.6% ක් බවට පත්විය. කළු ඇමෙරිකානුවන්ගේ ඡන්ද ප්‍රතිශතය එසේ 7% කින් අඩුවීම ඉතිහාසයේ වැඩිම බිඳ වැටීම විය. Pew පර්යේෂණ ආයතනය පවසන පරිදි වසර විස්සක් ඇතුළත වැඩිම කඩා වැටීම එය විය. ඇමෙරිකාවේ කළු ජාතික පල්ලිය ඓතිහාසිකව දැවැන්ත බලපෑමක් එල්ල කරන්නට සමත් වූවකි. බ්‍රික්හවුස් දේවගැතිවරයා, අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් නොමිලේ ආහාර සපයයි "කළු ජාතිකයන්ගේ පල්ලිය බොහොම ඉහළ ස්ථානයක හිටියේ. මෑතදී බරක් ඔබාමා ජනපති පදවිය දැරුවා. ඊට කලින් ඡන්දය නොදුන් බොහෝ දෙනා බරක් ඔබාමාට ඡන්දය දුන්නා," 28 හැවිරිදි මයිකල් බ්‍රික්හවුස් දේවගැතිවරයා පවසයි. "බරක් ඔබාමා වෙනුවෙන් ජනතාව ගොනුකරන්න පුළුවන් වුණත් හිලරි ක්ලින්ටන් වෙනුවෙන් අපිට ඒක කරන්න ලැබුණේ නෑ." ඔහු කොරෝනාවෛරසය ගැන කතා කරයි. මේ වසංගතය මගින් ඇමෙරිකාවේ වාර්ගික අසමානතාව තවදුරටත් පෙන්වා දී තිබේ; වෛරසය සහ රැකියා අහිමිවීම සුදු ජාතිකයන්ට සාපේක්ෂව කළු සහ ලතින් ඇමෙරිකානු ජාතිකයන්ට අසමාන ලෙසින් බලපා තිබේ. බ්‍රික්හවුස් දේවගැතිවරයා ප්‍රාන්තයේ රැලේ අගනුවර පිහිටි සිය දේවස්ථානයේ නොමිලේ ආහාර බෙදාදෙන සේවාවක් ද පවත්වාගෙන යයි. වසංගතය හේතුවෙන් ඒ සඳහා දස ගුණයකින් ඉල්ලුම ඉහළ ගොස් තිබේ. "ජනාධිපති ට්‍රම්ප් ක්‍රිස්තියානි හර පද්ධතීන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියල මම විශ්වාස කරන්නේ නෑ," ඔහු පවසයි. "මම හිතන්නේ ආයෙත් බලයට පත්වෙන්න ජනාධිපති ට්‍රම්ප් ක්‍රිස්තියානි දහම ඉලක්ක කරමින් ඉන්නවා." 2016 දී ට්‍රම්ප් ගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළ ඉවැන්ජලික කිතුනු ලබ්ධිකයෙකි, රොන්ඩා ඇලන් පැහැදිලිවම ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති අගය කරන ක්‍රිස්තියානි භක්තිකයෝ ද සිටිති. රොන්ඩා ඇලන් ඒ අතරින් කෙනෙකි. වෙඩි තැබීම පුහුණුකරවන්නියක වන ඇය විශ්වාස කරන්නේ තුවක්කුවක් ළඟ තබා ගැනීම දෙවියන් වහන්සේගෙන් ලද අයිතියක් බවය. "මේක මගේ අදහස. ආධ්‍යාත්මික යුද්ධය. මේක යක්ෂයාට එරෙහි යහපත. ක්‍රිස්තියානිවරු කියන්නේ මහ පොළවේ දෙවියන් වහන්සේගේ හමුදාව." ඩොනල්ඩ් ට්‍රම්ප් "ක්‍රිස්තියානිවරුන්ගේ මිතුරෙකු" බව සනාථ කොට ඇතැයි පවසන රොන්ඩා තමන් එවැන්නක් ජෝ බයිඩන් ගෙන් දැක නැති බවද පවසන්නීය. විශේෂයෙන්ම ගබ්සාව වැනි කරුණු සම්බන්ධ වත්මන් නීති වෙනස් කිරීම පිණිස රටේ ඉහළම අධිකරණයේ බලය අත්පත් කරගැනීම අවශ්‍ය බව අයගේ අදහසය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පුටුවකට නාමයෝජනාවක් වන ඒමි කොනී බැරට්, දැඩි කතෝලික බැතිමතකු වන අතර ගතානුගතික තැනැත්තියකි අන් බොහෝ රටවල නොමැති ආකාරයට එක්සත් ජනපදය තුළ ආගම දේශපාලනයට ප්‍රබල බලපෑමක් එල්ල කරයි. 2016 දී සිය මෙතෝදිස්ත ආගමට ඇති බැඳීම යටපත් කරගැනීම සහ ක්‍රිස්තියානි ප්‍රජාව වෙත ආමන්ත්‍රණය නොකිරීම හිලරි ක්ලින්ටන් ගේ පරාජයට හේතුව වූ බව වරින් වර තමන්ට දැනගන්නට ලැබුණු බව මෙම වාර්තාකාරිනිය පවසයි. එය බරක් ඔබාමා අනුගමනය කළ ක්‍රියාමාර්ගයට හාත්පසින්ම වෙනස් වූවක් විය. පොලිස් කෘරත්වයට එරෙහි සාමකාමී විරෝධතාවලට ඇමෙරිකාව පුරා පූජකයෝ එක්වූහ බීබීසී මාධ්‍යවේදිනියක ලෙස යමක් වාර්තා කරන විට තමන්ගේ හැඟීම් අනුව කටයුතු කළ නොහැකි වුවත් මෙය තමන්ට ඉතා සංවේදී වූ කතාවක් වූ බව මෙම වාර්තාකාරිනිය පවසන්නීය. බොහෝ ක්‍රිස්තියානි භක්තිකයෝ පවතින තත්ත්වයට අභියෝග කරති උතුරු කැරොලිනාවේ දී තමන් සමඟ අදහස් දැක්වූ සෑම දෙනාම සිය රටට ආදරය කරන අතර ඇමෙරිකාවේ සිදුවන්නේ කුමක්ද යන්න ගැන පසුවන්නේ කණස්සල්ලෙන් බව ඇය කියා සිටී. ඔවුන් සියලු දෙනාම පාහේ පොදුවේ කියා සිටි එක් දෙයක් විය; එනම් සිය අදහස් සියල්ල පදනම් වන්නේ බයිබලය මත බවය. ඇමෙරිකාවේ බොහෝ ක්‍රිස්තියානිවරු දේශපාලනය දකින්නේ ආගම තුළිනි. එබැවින් මෙවර ජනපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තීරණාත්මකම සාධකය යේසුස් වහන්සේ විය හැකිය. (ගෝලීය ආගම් පිළිබඳ වාර්තාකාරීනි ලෙබෝ දිසෙකෝ විසින් සම්පාදනය කරන ලද වාර්තාවක් ඇසුරිණි) මෙම තොරතුරු ද දැනගන්න:
කියුබාවේ දී වතිකානුවේ පාප් වහන්සේ සහ රුසියානු ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධාන පියතුමා අතර පැවැත්වුණු ඓතිහාසික හමුවේ දී සියලුම කිතුනුවන් එකමුතු කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවට සාකච්ඡා පැවැත්වූ බවයි පැවසෙන්නේ.
එකොළොස් වැනි ශතවර්ෂයේ බටහිර සහ නැගෙනහිර වශයෙන් ක්‍රිස්තියානි කඳවුර දෙකකට බෙදී වෙන් වීමෙන් පසු පාප් වහන්සේ සහ රුසියානු පල්ලිය අතර සිදු වූ පළමු හමු වීම මෙයයි. පාප් වහන්සේ සහ රුසියානු පල්ලියේ ප්‍රධාන පියතුමා කියුබාවේ හවානා ගුවන් තොටුපලේ දී මුණ ගැසුණු අතර පැය දෙකක කාලයක් පුරා කතා බහේ නිරතව සිටියහ. පසුව රුසියානු පල්ලියේ පියතුමා පැරගුවායි රාජ්‍ය සහ බ්‍රසීලයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය. ඒකාබද්ධ ප්‍රකාශයක් මැද පෙරදිග කලාපයේ දිගින් දිගටම කිතුනුවන්ට එරෙහි වද හිංසා වලින් ඔවුන් ආරක්ෂා කර ගැනීමට ලෝකයේ අවධානය යොමු කර ගැනීම පිණිස පල්ලි දෙකම ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමත් මෙහි දී සිදු කෙරිණ. එම විශේෂ හමුවෙන් පසු ශුද්ධෝතම පාප් වහන්සේ මේ වන විට පස් දින සංචාරයක් සඳහා මෙක්සිකෝවට පැමිණ සිටියි. ලොව දෙවන ස්ථානයට විශාලම කතෝලික ජන සමූහය ජීවත් වන මෙක්සිකෝවේ මේ වන විට පවතින දැඩි ශීතල දේශගුණය ද නොසලකමින් ලක්ෂ තුනකට අධික කිතුනුවෝ පාප් වහන්සේ පිළිගැනීමට එක් රැස්ව සිටියෝය.
කොවිඩ් 19 ඇතිකරවන කොරෝනාවෛරසය පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවීම සිදුකළ චීන ජාතික වෛද්‍යවරයා මියගොස් වසරක් ගෙවී අවසන්ය.
වෛද්‍ය ලී වෙන්ලියැන්ග් රෝහලේ ඇඳක් මත සිටියදී මෙම ඡායාරූපය සමාජ මාධ්‍යයට මුදා හැරියේ ජනවාරි 31වැනිදාය ලී වෙන්ලියැන්ග් නමැති මෙම වෛද්‍යවරයා ගේ ජීවිතය ද බිලි ගත්තේ කොරෝනාවෛරසයම ය. කොරෝනාවෛරසය වූහාන් නගරයෙන් මතුවූ මුල් අවදියේ ම මෙම වෛද්‍යවරයා ලොවට අනතුරු එළිය දැල්වූයේ ය. එවක් පටන් ඔහුට හිමිවූ ජන ප්‍රසාදය අති මහත්ය. මේ වෛද්‍යවරයා රෝගී වීමෙන් අනතුරුව වුහාන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු සේවය කරමින් සිටියේ ද එම රෝහලේම ය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එකිනෙකට පරස්පර වාර්තා චීන රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පළවිය. පසුගිය ජනවාරියේදී වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මියගිය බව වූහාන් රෝහල සනාථ කළේය. මිය යනවිට ඔහු 34 හැවිරිදි විය. 2019 වසරේ දෙසැම්බරයේ දී, මෙම අභිරහස් වෛරසය පිළිබඳව සහ එහි අවදානම පිළිබඳව අනෙකුත් වෛද්‍යවරයන් දැනුවත් කරමින් ඔහු පණිවිඩ යවමින් සිටියේය. ගතවූයේ දින තුනක් පමණි. හදිසියේම පොලිස් කණ්ඩායමක් ඔහු හමුවට පැමිණියහ. මෙම පණිවිඩ යැවීම වහාම නතරකරන ලෙස දැනුම් දුන්හ. රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටියදී මෙම වෛද්‍යවරයා රෝගාතුර විය. මිය යාමට ප්‍රථම සති තුනක් පමණ රෝහල්ගතව සිටියේය. රෝහලේ ඇඳක් මත සිටියදී තමන්ගේ කතාව සමාජ මාධ්‍යයට මුදා හැරියේය. කොරෝනාවෛරසය ගැන පමණක් නොව චීන බලධාරීන් ඊට ප්‍රතිචාර දක්වමින් සිටින ආකාරය ගැන ද එහි ලියවී තිබුණි. 2019 දෙසැම්බරයේ දී කොරෝනාවෛරසය ආසාදිතයන් හත් දෙනෙකු රෝහලේ සිටිනු ඔහු දුටුවේය. මෙය සාර්ස් වෛරසයට සමාන විය හැකි බවට ඔහු සැක පහළ කළේය. සාර්ස් යනු 2003 වසරේදී ගෝලීය වසංගතයක් බවට පත් වෛරසයකි. මෙම රෝගීන් පැමිණ ඇත්තේ හුවානාන් මාළු වෙළඳපොල පිහිටි ප්‍රදේශයෙනි. ඔවුහු වූහාන් රෝහළේ හුදෙකලා කර සිටියහ. ලී වෙන්ලියැන්ග් 2019 දෙසැම්බර් 30 වැනිදා අනෙකුත් වෛද්‍යවරුන්ට පණිවිඩයක් යැව්වේය. එහි සඳහන් වූයේ මෙම වෛරසය ආසාදනය වීම වලක්වා ගැනීම සඳහා ආරක්‍ෂිත උපාංග පළඳින ලෙසයි. මෙම වෛරසය අලුත්ම කොරෝනාවෛරසයක් බව වෛද්‍ය ලී, ඒ වනවිට දැන සිටියේ නැත. එම වෛරසය මුළු ලෝකයෙන්ම පලිගනිවී යැයි ඔහු දැන සිටියේ නැත. තමන් රෝගී වීමෙන් පසුවත්, රෝහල් සේවකයන්ට ආසාදනය වී නොමැති බව බලධාරීන් පවසන්නේ මන්දැයි මෙම වෛද්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්නකර තිබුණි දින හතරක් ගත විය. මෙම වෛද්‍යවරයාට පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා නියෝගයක් ලැබුණි. ඔහු පොලිසිය ඉදිරියේ පෙනී සිටීමෙන් අනතුරුව ලිපියකට අත්සන් තබන ලෙස නියෝග කෙරිණි. මෙම ලිපියේ සඳහන් වන්නේ මෙම වෛද්‍යවරයා "ජන ජීවිතය අතිශය කලබලයට පත්කරවන ආකාරයේ සාවද්‍ය ප්‍රකාශ" සිදු කළ බවය. "අපි දැඩි ලෙස ඔබට මෙයින් අවවාද කර සිටින්නෙමු: ඔබ හිතුවක්කාරී ලෙස ඉදිරියටත් මෙවැනි නීතිවිරෝධී, නොහික්මුණු ක්‍රියාවන්හි යෙදුනහොත් නිතිය ඉදිරියට ගෙන එන්නෙමු - එය තේරුම් ගෙන එකඟ වන්නේ ද?" මෙම වදන් පෙළට යටින් "ඔව්, එය තේරුම් ගතිමි," ලෙසින් වෛද්‍ය ලී වෙන්ලියැන්ග් ගේ අත්අකුරින් සටහන් කර තිබේ. "කටකතා පැතිරවීම" යන චෝදනාව යටතේ ලී ඇතුළු අටදෙනෙකුට එරෙහිව පරීක්ෂණ පවත්වා ඇත. 2020 ජනවාරි අග භාගය වන විට, මෙම සිද්ධිය විස්තර කරමින් වෛද්‍ය ලී ඉහත කී ලිපියේ පිටපතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේය. අනතුරුව අදාළ පළාත් පාලන අධිකාරිය වෛද්‍ය ලී ගෙන් සමාව ඉල්ලා සිටියේය, නමුත් එම සමාව අයැදීම නිකුත් වන විට පමා වී වැඩිය. ජනවාරි මාසයේ පළමු සති කීපය තුළ වූහාන් බලධාරීන් අවධාරණය කර සිටියේ, ආසාදිත වන සතුන් ස්පර්ශ කිරීමෙන් හැරෙන්නට මිනිසුන් හරහා මෙම වෛරසය ආසාදනය නොවන බවකි. මෙය සම්පුර්ණයෙන් ම වැරදි නිගමනයක් බව අප දැන් දනිමු. එවකට වෛද්‍යවරුන් ආරක්ෂා කර ගැනීම සඳහා කිසිදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොතිබුණි. කෙසේ නමුත් පොලිසියේ මැදිහත්වීම සිදු වී සතියකට පමණ පසුව වෛද්‍ය ලී, අක්ෂි ආබාධයක් සහිත කාන්තාවකට ප්‍රතිකාර කරමින් සිටියේය. ඇයට කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණු බව කිසිවෙකු දැන සිටියේ නැත. පොලිසිය වෛද්‍යවරයාගෙන් අත්සන් ලබාගත් ලිපිය ජනවාරි 10 වැනිදා වන විට තමන්ට කැස්සක් ඇතිවූ ආකාරය වෛද්‍ය ලී සමාජ මාධ්‍ය ඔස්සේ විස්තර කර තිබුණි. පසු දා උන වැළඳී තිබුණි. ඉන් දෙදිනකට පසුව ඔහු රෝහල්ගත විය. ඔහුගේ දෙමාපියන් ද රෝගාතුර වූ බැවින් රෝහල්ගත කරන්නට සිදු වී තිබේ. දින 10කට පසුව - එනම්, ජනවාරි 20වැනිදා, මෙය හදිසි තත්ත්වයක් ලෙසට චීන ආණ්ඩුව ප්‍රකාශයට පත් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ තවත් මාස දෙකකට පසුවය. මේ කාලය වන විට ආසාදිතයන් සොයා කෙරුණු වෛද්‍ය පරීක්ෂණ එතරම් නිරවද්‍ය වූ බවක් පෙනෙන්නට නොතිබුණි. තමන් කීප වතාවක් ම කොරෝනාවෛරසය සඳහා පරීක්ෂාවට ලක් කෙරුණ නමුත් ඒ හැම වතාවකම තමන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබුණේ යැයි වෛද්‍ය ලී ප්‍රකාශ කර තිබුණි. ලී වෙන්ලියැන්ග් කටකතා පතුරුවන බවට පොලිසිය චෝදනා කර තිබුණි ජනවාරි 30වැනිදා වෛද්‍ය ලී යළිත් වරක් සමාජ මාධ්‍යයට පණිවිඩයක් නිකුත් කළේය. "මා ආසාදිතයෙක් බව අද කෙරුණු වෛද්‍ය පරීක්ෂණයෙන් සනාථ විය." මෙම පණිවිඩය සමඟ ඔහු ඉමෝජියක් ද සටහන් කර තිබුණි. එය දිව පහළට දිගුවී, ඇස් ලොකුකර බලන බල්ලෙකුගේ රූපයකි. මෙම පණිවිඩයට දහස් ගණනක් ප්‍රතිචාර ලැබී තිබුණි. එය පුදුමයට කරුණක් නොවේ. "වෛද්‍ය ලී වෙන්ලියැන්ග් වීරයෙක්. මින් ඉදිරියට රෝග ව්‍යාප්තියක් පිළිබඳව කල්තියා අනතුරු ඇඟවීමට වෛද්‍යවරුන් ඉදිරිපත් නොවනු ඇත," යනුවෙන් එක් ප්‍රතිචාරයක ලියා තිබුණි. "ආරක්‍ෂිත වූ මහජන සෞඛ්‍ය වාතාවරණයක් උදෙසා ලී වෙන්ලියැන්ග් ලා කෝටි ගණනක් අවශ්‍යයි." ඒ තවත් ප්‍රතිචාරයකි. නමුත් පෙබරවාරි 7වැනිදා (2020) ඔහු මිය ගියේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 34ක් පමණි. ලී වෙන්ලියැන්ග් වෛද්‍යවරයාගේ මරණය සැලවීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ මහජන කෝපය ගලා එන්නට විය. "චීන ආණ්ඩුව ලී වෙන්ලියැන්ග් ගෙන් සමාව ගත යුතුයි," සහ "අපට භාෂණයේ නිදහස අවශ්‍යයි," යන උධෘත පාඨ සමාජ මාධ්‍ය වසාගෙන තිබුණි. මිලියනයකට අධික ප්‍රතිචාර "ඔබට දැන් දැනෙන හැඟීම අමතක කරන්න එපා. මේ කෝපය අමතක කරන්න එපා. මෙය යළි කවදාවත් සිදුවන්නට ඉඩ නොතැබිය යුතුයි," යනුවෙන් යමෙක් ලියා තිබුණි. තමන් වෙත එල්ලවන වාග් ප්‍රහාරයන් හමුවේ ආණ්ඩුව මෙවැනි අදහස් වාරණය කරමින් සිටියේය. නමුත් දින, සති, මාස ගෙවෙමින් තිබියදී, මෙම වෛද්‍යවරයා වෙනුවෙන් පළවන ශෝකය පිළිගැනීමට බලධාරීන්ට සිදුවූ බවක් පෙනෙන්නට තිබුණි. වසරක් ඇවෑමෙන්, ලී වෙන්ලියැන්ග් පළ කළ මුල්ම සමාජ මාධ්‍ය පෝස්ටුවට යටින් මිලියනයකට අධික ප්‍රතිචාර පළවී තිබේ. එමෙන්ම, මෙම වෛද්‍යවරයා පිළිබඳව සොයා බැලීම සඳහා මිලියන ගණනක් ජනතාව ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට ඇදී ආහ. මේ මිනිසා එක් දරු පියෙකි. මියයන විට ඔහුගේ බිරිඳ තවත් දරුවෙක් කුස දරා සිටියාය. ටෙලි නාට්‍ය රසිකයෙකි. බැදපු කුකුල්මස් කෑමට ප්‍රිය කළ මිනිසෙකි. මේ මිනිසාගේ සමාජ මාධ්‍ය ගිණුමට දිනපතා නානාප්‍රකාර උදවිය පැමිණ අදහස් හුවමාරු කරගෙන තිබුණි. ඇතැම්හු සුබ උදෑසනක් ප්‍රාර්ථනා කිරීමට පැමිණියහ. තවත් අයෙක් තමන්ගේ පෞද්ගලික ගැටලුවලට උපදෙස් පතා පැමිණියහ. "සුභ උදෑසනක් වෛද්‍යතුමනි, හෙට මට ඉංග්‍රීසි විභාගයක් තියෙනවා. ඉහළින්ම සමත්වෙන්න පුළුවන් වෙයි කියල මම හිතනවා." කෙනෙකු ලියා තිබුණි. තවත් සමහරු තම ආදරය පිලිබඳ ගැටලු සාකච්ඡා කර තිබුණි. තවත් බොහෝ දෙනෙක් සාකච්ඡා කර තිබුණේ තමන්ගේ හිතට වද දෙන ප්‍රශ්න පිළිබඳව ය. නමුත් ඔහුගේ මරණයෙන් වසරක් ගෙවී ගොස් තිබියදී චීනය මේ සාහසික වෛරසය පාලනය කර හමාරය. දැන් මේ වෛද්‍යවරයාගේ සමාජ මාධ්‍ය ගිණුමේ අදහස් පලවන්නේ තරමක් ශුභවාදී ස්වරයකිනි. මේ වන විට වූහාන් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට බොහෝ සෙයින් ළඟා වී ඇත. නමුත් සෙසු ලෝකය කෙතරම් වෙනස් වීමට නියමිතව තිබුණේද යන්න මේ වෛද්‍යවරයා දැන නොසිටියා විය හැකිය. (වැඩි විස්තර සපයන ලද්දේ Yvette Tan විසිනි.)
අන් ජාතීන් නොසලකා හැරීම දකුණු කොරියාව තුළ ඉතා ඉහළ මට්ටමක පවතින බව එක්සත් ජාතීන්ගේ වර්ගවාදය පිළිබඳ ඉහළ පෙළ විශේෂඥයෙක් හෙළි කළේය.
කරුණු සොයා කළ සංචාරයකදී මේ පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි එම තත්වය දෝෂ දර්ශනයට ලක් කළ ප්‍රවීණයා කියා සිටියේ. සංක්‍රමණික ශ්‍රමිකයන් සහ දකුණු කොරියානුවන් සමග විවාහ වූ විදේශිකයන් සූරා කෑමට, හිංසාවට සහ වාර්ගික මට්ටමෙන් කෙරෙන හිරිහැරයන්ට හසු වන බවයි දකුණු කොරියාවේ සංචාරය කළ මුටුමා රුටීරේ පවසන්නේ. වාර්ගික හැඟීම් මෙම ගැටලුව විසඳීම සඳහා වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සහ ඒ සඳහා වූ නීති සම්පාදනය කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ විශේෂ නිලධාරියා ඉල්ලා සිටියි. දකුණු කොරියාවේ සංක්‍රමණික ප්‍රජාව කුඩා පරිමාණයේ වන නමුත් එම සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් සමග දේශීය වාර්ගික හැඟීම් උත්සන්න වෙමින් පවතින ආසියානු සමාජ වලින් එකක් බවට එරට පත් වෙමින් ඇත.
කොරෝනා වසංගතය අතරේ මැදපෙරදිග ඇතුළු විවිධ රටවල තවදුරටත් කොටුවී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් ගෙන්වා ගැනීම සඳහා මෙතෙක් කිසිදු විධිමත් වැඩපිළිවෙලක් දියත් කර නැති බවට ක්‍රියාකාරීහු චෝදනා නගති.
ශ්‍රී ලංකික විදේශ ගත ශ්‍රමිකයින් පිරිසක් රැකියා අහිමිවී මවුරටට පැමිණීමට නොහැකිව මැදපෙරදිග උද්‍යානයක සිටින අයුරු එසේ අසීරුතාවට ලක්ව සිටින පිරිස් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ තොරතුරු පළවෙමින් තිබේ. ඇතැමුන්ගේ රැකියා අහිමි කිරීම හේතුවෙන් ඉඳුම් හිටුම් අහිමිවී ඇතිවා පමණක් නොව මුදල් ගැටලු මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට ද බොහෝ දෙනා මුහුණ පා ඇති බව එම තොරතුරුවලින් කියැවේ. ශ්‍රී ලංකාවේ ප්‍රධානම විදේශ විනිමය ඉපයීමේ මාර්ගයක් වන්නේ විදේශගත ශ්‍රමිකයන් ගේ ප්‍රේෂණයන් ය. 2020 වසරේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 7,104 ක් ලෙස ශ්‍රී ලංකා මහබැංකු දත්ත පෙන්නුම් කරයි. වරෙක 'රට විරුවන්' ලෙස උත්කර්ෂණයට නැංවූ තමන්, කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමට පටන්ගෙන වසරක් ඉක්මවී තිබියදී ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමේ නිසි ක්‍රියා පිළිවෙතක් හෝ තමන්ට වෙන්වූ නිරෝධායන මධ්‍යස්ථානයක් හෝ ස්ථාපනය කිරීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වී ඇති බවට ඔවුහු චෝදනා නගති. "විදේශගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්නන්න. අපිත් නිරෝධායන ක්‍රියාවලියට දායක වෙන්නනම් මේක ජාතික වගකීමක් ලෙස සළකා හැබැයි ආණ්ඩුව මොහොතකටවත් ඒක සැලකුවේ නෑ. එම යෝජනාව ගණන් ගත්තේවත් නෑ ආණ්ඩුව. 45000ක් එන්න ඉන්නවා නම් අපි 20000ක් භාරගන්නම් කිව්වා ඒත් ඇත්තටම ආණ්ඩුව වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේ නෑ. ඒගොල්ලෝ කල්පනා කලේ ඒගොල්ලන්ගේ මිත්‍රයින්ට ගුවන් ටිකට් පත් වලින් ගහගන්න, හොරකම් කරන්න ක්‍රමයක් හදන එකයි. හෝටල්වලට ගෙනල්ල මේ මිනිස්සුන්ව නිරෝධායන කරපුවහම එකෙන් ගානක් ඒගොල්ලන්ගේ යහළු මිත්‍රයින්ගේ හෝටල්වලට ගානක් ලැබෙන එකයි," එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හදුන්නෙත්ති බීබීසී සිංහල සේවය සමග පැවසීය. "ලංකාවේ මිනිස්සු තරම් අසරණ වීමක් වෙන රටවල මිනිස්සුන්ට වෙලා නෑ. මේ පිසිආර් කරලා එන අයව ලක්ෂ ගණනක් ගෙවලා හෝටල් වල තියාගන්නේ ඇයි? ඉන්දියාවේ වත් වෙන කිසිම රටක ඒ රටෙන් එළියේ ඉන්න අයට මේ වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ." "ලංකාවට එන්න බැරිව මුදල් හොයා ගන්න බැරිව උද්‍යානවල තැන තැන් වල ඉන්න අයව ගෙන්නන්න රජයේ ක්‍රියා මාර්ගයක් අවශ්‍යයි. රජයේ මුදල් වලින්, විදේශ සේවා කාර්යන්ශයේ බිලියන ගණනක් සල්ලි තියෙනවා ඉතිරිවෙලා, අනුගමනය කරපු රක්ෂණ ක්‍රම තියෙනවා. ඒ රක්ෂණ ක්‍රම අනුගමනය කරන්න පුළුවන් මේ වෙලාවේ එම අය ගෙන්නන්න. නැත්තනම් කුවේට් අරමුදල තියෙනවා." ඔහු වැඩිදුරටත් කියා සිටියේය. විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කොරෝනා මෙහෙයුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාන්දීපන් බාලා කියා සිටියේ මේ වනවිට 80,000 ට ආසන්න පිරිසක් යළි ගෙන්වාගෙන ඇති බවය. නිරෝධායන පහසුකම් ප්‍රමාණවත් නොවීමේ තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව එම පිරිස් ගෙන්වා ගැනීම අසීරු වුව ද, එම වැඩපිළිවෙල අවසන් වී නැති බව ද ඔහු කියා සිටියේය. කියවන්න: ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය බීබීසී සිංහල සේවය සමග පැවසූ පරිදි නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රටවල් 16 ක සිට මේ වනවිට ඉල්ලුම් කර ඇති පිරිස ආසන්න වශයෙන් 37000 කි. එහෙත් එම පිරිස ගෙන්වා ගැනීමට නොහැකි වීම සඳහා හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඇති නිරෝධායන පහසුකම් ප්‍රමාණවත් නොවීම ය. බොහෝ පිරිස් විදේශ රටවල අතරමං වී තිබෙන්නේ ඔවුන්ගේ රැකියා අහිමි වීම හේතුවෙන් බව කී ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූවන් පිළිබඳව තම ආයතනයට වගකීම භාරගත නොහැකි බවය. මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා ටෙන්ඩර් කැඳවීමේ බලාපොරොත්තුවක් ඇති බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය වැඩිදුරටත් කියා සිටියේය. සමාජ ක්‍රියාකාරිනියක වන මීනු සෙති, සිය ට්විටර් ගිණුම තුළ ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල සංක්‍රමණික සේවකයින්ගේ දුක්ඛිත තත්ත්වය ඉස්මතු කරමින් ඔවුන් මැදපෙරදිග රවල ජිවත්වන ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දර්ශන සහිත සටහන් තබා ඇත. "කොවිඩ්-19 හි භීෂණය ගල්ෆ් රටවල සංක්‍රමණික සේවකයින්ට දිගටම බලපෑම් කරයි. අද දින ඇමතුමක් ලැබුණු අතර, ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ උදව් නොමැතිව පොදු උද්‍යානවල නිදා සිටින පුද්ගලයින්." ඇය තවත් වීඩියෝ දර්ශනයක් පළකරමින් පැවසුවේ "සංචාරක වීසා බලපත්‍රයක් මත මෙරටට ගෙන එන ලද ශ්‍රී ලාංකික කාන්තාවගේ තවත් සිද්ධියක්. අවාසනාවට ඇගේ ක්ෂය රෝග පරීක්ෂණය ධනාත්මක වූ අතර ඇයට රැකියා වීසා බලපත්‍රයක් ලබා ගත නොහැක. ඇයගේ නියෝජිතයා විසින් ඇයව ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ඉදිරිපිට දමා ගොස් ඇත. මෙම සංක්‍රමණික සේවිකාව දෙමළෙන් කියන කතාවට සවන් දෙන්න." මෙවැනි චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කොරෝනා මෙහෙයුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාන්දීපන් බාලා කියා සිටියේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය වග නොකියන අතර එය විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසිය යුතු බවය. මෙසේ කොටුවී සිටින්නේ ශ්‍රී ලංකික පුරවැසියන් වන බැවින් ඔවුන් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය යටතේ ඇති තානාපති කාර්යාලවලට වගකීමක් නොමැතිදැයි ඇසු පැනයට, "මේවා චෝදනා විතරයි." යනුවෙන් ඔහු පිළිතුරු දුණි. මේ අතර දෙසැම්බර් 05 වෙනි දින කොළඹ දී මාධ්‍ය හමුවක් ඇමතූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේදී ඔවුන්ගෙන් විශාල වශයෙන් මුදල් ගසාකන මාෆියාවක් ක්‍රියාත්මක වන බවට චෝදනාවක් එල්ල කළේය. "අද වෙනකොට සම්පූර්ණයෙන්ම අසාධාරණ විදියට මේ විදේශ ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම කියන එක ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා කණ්ඩායමක්. දැන් ලක්ෂ දෙකක් ටිකට් එකට දීලා, තව පහලොස් දාහක් විසි දාහක් හොර ඒජන්ට්ලාට දීලා මේකෙ ලැයිස්තුවට නම දාගන්න, මෙහෙට ආවාට පස්සෙ දවසකට දොලොස් දාහක් පහලොස් දාහක් විතර හෝටලේක කාමරේකට දවස ගාණෙ දුන්නාම සාමාන්‍යයෙන් ලක්ෂ හතරක් හතරහමාරක් විතර යනවා එළියට එනකොට," රාජ්‍ය ඇමතිවරයා පැවසීය. "මේක මහා ජාතික අපරාධයක්. මේක මේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සම්පූර්ණයෙන්ම විරුද්ධව කරන වැඩසටහනක්. ජනාධිපතිතුමා මේක නෙවෙයි කිව්වෙ. මේක මාෆියාවක්!" ඔහු එවර කීය. ශ්‍රී ලාංකිකයන් යළි සිය රට බලා පැමිණෙන විට ඔවුන් නොමිලේ නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කළ යුතු බවට හෝ නොඑසේනම් නිවසේ සිට නිරෝධායනය සඳහා යොමු කළ යුතු බවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙයට පෙර යෝජනා කළ ද ආණ්ඩුව එම යෝජනාව ක්‍රියාවට නගන්නේ කවදා දැයි පැහැදිලි නැත. එසේ තිබියදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පසුගිය සතියේ ඩුබායි රාජ්‍යයේ සංචාරයක් සඳහා පිටත්ව ගිය අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය නිරෝධායන නීති සංශෝධනය කළේ ශ්‍රී ලංකාවේ ජිවත්වන පුද්ගලයින් ව්‍යාපාරික හෝ නිල සංචාර සඳහා ජෛව බුබුල (Bio Bubble) අනුගමනය කරමින් හා එන්නත් ලබාගෙන සංචාර නිමවා ලංකාවට නැවත පැමිණීමේදී දින 14ක හෝටල් නිරෝධායනය අනිවාර්ය නොවන බවට දක්වමිනි. මේ පිළිබඳව සමාජ මධ්‍ය ඔස්සේ විවේචන එල්ලවන්නට ද විය. ඒ අතරින්, අනෝමා ද අල්විස් පැවසුවේ "විදේශීය සංචාරයක නියැලී යළි ශ්‍රී ලංකාවට පැමිණි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ එතුමගෙ පිරිවරට තම පෞද්ගලික නිවසේ සිට නිරෝධායනය වීම සඳහා සෞඛ්‍යය බලධාරින්ගෙන් අවසර ලැබුණි. අපේ‍්‍රල් 17 න් පසු නැවත පැමිණීමට අපේක්‍ෂා කරන මගේ ඥාති දියණියට ටිකට් පතක් වෙන්කරවා ගත නොහැක." යනුවෙනි. ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා ද ට්විටර් සටහනක් එක්කර තිබිණි. "ඔබගේ මානසිකත්වය මාහට තේරුම් ගත හැකියි. මා මේ වනවිට නිරෝධායනය වී සිටින්නේ මාගේ නිවසේ නෙවෙයි. මටත් බිරිඳක් මාස 6ක දරුවෙක් සිටින බැවින් නිවසට යෑමට අවස්ථාව ලැබුණු ද එය මා භාර ගැනීමට සුදානම් නැත. කෙසේවෙතත් මේ වනවිට මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම එන්නත්කරණයට ලක්වු ශ්‍රී ලාංකිකයින් හා සෙසු ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නිරෝධායන නීති සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ලිහිල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා," යනුවෙන් ද අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය. කෝවිඩ් මර්දනය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය දා මාධ්‍ය හමුවේ පැවසුවේ විදේශගතව සිට ආපසු පැමිණෙන පුද්ගලයින් සම්බන්ධ නිරෝධායන රෙගුලාසි ඉතා ඉක්මණින් ලිහිල් කරන බවය. එහෙත් මේ වනතෙක් ම එම ර්ගුලාසි වෙනස්වී ඇති බවක් වාර්තා වී නැත.
මෙයින් සියවස් ගණනාවකට පෙර ලෝකයේ කීර්තියක් ලද ඉස්ලාමීය පුස්තකාලයක් අරාබි ඉලක්කම් ලෝකයට ඉදිරිපත් කළේය.එම පුස්තකාලය බොහෝ කලකට පෙර අතුරුදහන් වී ඇති නමුත් එහි ගණිත විප්ලවය අපේ ලෝකය වෙනස් කිරීමට හේතු විය.
පර්සියානු ගණිත විද්‍යාඥයකු වන මුහම්මද් ඉබ්න් මූසා අල් - ක්වාරිස්මි වෙනුවෙන් උස්බෙකිස්තානයේ ඉදිකරනු ලැබ ඇති සිහිවටනයක්. එම පුස්තකාලය හඳුන්වා ඇත්තේ ''Bayt al-Hikmah'' යන නාමයෙනි. එහි තේරුම ''බුද්ධි මන්දිරය'' යන්නයි. 13 සියවසේදී විනාශ කරන ලද එම පුස්තකාලයේ නෂ්ඨාවශේෂ ඉතිරිව නැත. එබැවින් එය පිහිටා තිබූ ස්ථානයක් නිශ්චිතව හඳුනාගැනීම අසීරු වී ඇත. කෙසේවුවද, පැහැදිලි ලෙසම ඉස්ලාමීය ස්වර්ණමය යුගයේ බැග්ඩෑඩ් නගරයේ පිහිටා තිබූ ප්‍රධාන බුද්ධිමය බල මධ්‍යස්ථානයක් බවට පත්ව තිබූ එකී කීර්තිමත් ඇකඩමිය සමාරම්භයේ පටන් අද භාවිත කරනු ලබන අරාබි ඉලක්කම්වල පරිණාමීය හැඩගැසීමේ සහ ගණිතමය සංකල්පයන්හි ප්‍රභවස්ථානය වී ඇත. ක්‍රිස්තුවර්ෂ අටවෙනි සියවසේ දී එම පුස්තකාලය පිහිටුවනු ලැබ තිබෙන්නේ හරූන් අල්-රෂීඩ් නම් කාලිෆ්වරයා විසිනි.'බුද්ධි මන්දිරය' ලෙස හඳුන්වන ලද එම පුස්තකාලය එයින් වසර තිහකට පසු මහජන ඇකඩමියක් බවට පරිවර්තනය කරනු ලැබුණි. පසුකාලයේ දී බුද්ධි මන්දිරය ලෝකයේ විවිධ දිශාවන්ගෙන් විද්‍යාඥයන් බැග්ඩෑඩ් නගරයට ආකර්ෂණය කරගත් ආයතනයක් බවට පත්විය. මුස්ලිම්, යුදෙව් සහ කිතුණු බුද්ධිමතුන්ට 'බුද්ධි මන්දිරයේ' ඉගෙනීමට අවසර ලැබුණ අතර එහි පැවැති බුද්ධිමය කුතූහලය සහ අදහස් ප්‍රකාශකිරීමේ නිදහස ඔවුන් බැග්ඩෑඩ් නගරයට ආකර්ෂණය කරගනු ලැබීමේ සාධකය වී ඇත. ප්‍රමාණය අතින් අද ලන්ඩන් නගරයේ දක්නට ලැබෙන බ්‍රිතාන්‍ය පුස්තකාලය හෝ පැරිසියේ 'බිබ්ලියෝටෙක් නැෂනල්' වැනි විශාල ප්‍රමාණයේ ලේඛනාගාරයක් තරම් වූ බැග්ඩෑඩ් නගරයේ වූ එම අතීත 'බුද්ධි මන්දිරය' ගණිතය, තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භූගෝල විද්‍යාව, දර්ශනය, සාහිත්‍යය සහ කලා විෂයයන් ඇතුළු මානව ශාස්ත්‍ර හා විද්‍යාවන් මෙන්ම නක්ෂත්‍රය සහ ඉන්ද්‍රජාලික මායම් පවා අධ්‍යයනය කිරීම සඳහා වෙන්වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්ව තිබී ඇත. බැග්ඩෑඩ් 'බුද්ධි මන්දිරය විනාශකරන ලද්දේ 'හුලගු ඛාන්' විසින් 1258 දී මෙහෙයවන ලද මොංගෝලියානු ආක්‍රමණ මගින් යයි සැලකෙයි.එහෙත් එම මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද අධ්‍යනයන්හි බුද්ධිමය ප්‍රබෝධය ලෝකය කෙරෙහි දිගුකාලීන බලපෑමක් එල්ලකරනු ලැබුණි. බැග්ඩෑඩ් බුද්ධි මණ්ඩලය වැනි මෙම විශිෂ්ඨ ආයතනයක් නිර්මාණය කිරීමෙහිලා මිනිස් පරිකල්පනයේ පිම්මක් අවශ්‍ය කරයි. එම පරිකල්පනයේ ස්වභාවය හඳුනාගැනීම සඳහා 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' චිත්‍රපටයේ දැක්වෙන බලකොටුව හෝ හැරී පොටර් චිත්‍රපටවල 'හොග්වාර්ට්ස්' පුස්තකාලය උදාහරණ ලෙස සැලකිල්ලට ගත හැකිය. එහෙත් එක් දෙයක් ස්ථිරව කිව හැකිය. එනම්, මෙම බැග්ඩෑඩ් ඇකඩමිය මගින් ගණිත විෂයයේ සමස්ත වෙනසක් ඇතිකරන ලද සංස්කෘතිකමය පුනරුදයක් ඇති කළ බවය. 1258 දී එල්ල වූ බැග්ඩෑඩ්හි මොංගෝලියානු ආක්‍රමණයේ දී බැග්ඩෑඩ් බුද්ධි මන්දිරය විනාශ කරනු ලැබුණි. පුරාවෘත්තවල දැක්වෙන ආකාරයට එම ආයතනයේ තිබූ බොහෝ අත් පිටපත් 'ටයිග්‍රීස්' ගඟට විසි කරන ලද අතර, එම ලේඛනයන්හි තීන්තවලින් ගංගාවේ ජලය කළු පැහැයක් ගත්තේය. එහෙත් එම ආයතනය මගින් සිදු කරන ලද සොයාගැනීම් ලෝකයට බලගතු තර්කානුකූල ගණිත භාෂාවක් හඳුන්වා දුන් අතර, එය පසුකාලීනව ඉස්ලාමීය අධිරාජ්‍යය සහ යුරෝපය විසින් ද අවසානයෙහි මුළු ලෝකය විසින් ද වැළඳගනු ලැබුණි. අනාගතය දෙසට කාලයේ ගමනක් 'බුද්ධි මන්දිරයේ' විද්වතුන් විසින් ලෝකයට බලගතු තර්කානුකූල ගණිත භාෂාවක් හඳුන්වා දුන් අතර, එය පසුකාලීනව ඉස්ලාමීය අධිරාජ්‍යය සහ යුරෝපය විසින් ද අවසානයෙහි මුළු ලෝකය විසින් ද වැළඳගනු ලැබුණි. ''එම 'බුද්ධි මන්දිරය'ඉදිකරනු ලැබ තිබෙන්නේ කවර කාලයකද, කිනම් ස්ථානයකද යන්න සම්බන්ධයෙන් අපට වටිනා මාහැඟි නොවීම ප්‍රශ්නයක් කරගත යුතු නැහැ .ඊට වඩා සිත්ගන්නා කාරණය වන්නේ එම විද්‍යාස්ථානය කේන්ද්‍රගත කරගනිමින් ව්‍යාප්ත වූ විද්‍යාත්මක චින්තනයේ ඉතිහාසය සහ ඒවා වර්ධනය වූ ආකාරයයි'' සරේ විශ්ව විද්‍යාලයේ භෞතිකවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ජිම් අල්-කලිලි පවසයි. ඉතාලි පුනරුදයේ පිරිහීම තෙක් වසර සිය ගණනක කාලයක් තිස්සේ එක් නමක් යුරෝපයේ ගණිතයට සමාන්තරව ගමන් ගනියි. ඔහු මරණින් පසුව 'ෆිබොනාච්චි'යනුවෙන් හඳුන්වන ලද ලියනාඩෝ ඩා පීසා ( Leonardo da Pisa) නම් විද්වතාය. කිතුවසින් 1700 දී ඉතාලියේ 'පීසා' නගරයේ දී උපත ලද එම ගණිතඥයා මූලික උපදෙස් ලබා ඇත්තේ 'බුජියා' (Bugia)නගරයේදීය. එය උතුරු අප්‍රිකාවේ 'බාබරි' වෙරළ තීරයේ පිහිටි වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. ආපසු ඉතාලියට ළඟාවූ ෆිබොනාච්චි 'ලිබර් අබ්බාචි' (Liber Abbaci)නම් කෘතිය ප්‍රකාශයට පත්කළේය. ඔහුගේ පොතට තබා ඇති නමේ තේරුම 'ගණන් බැලීමේ පොත'' යන්නය.එය හින්දු-අරාබි අංක ක්‍රමය විස්තර කෙරෙමින් බටහිර ලෝකයේ පළ වූ පළමු කෘතියයි. සිය මැදපෙරදිග සංචාරයේ දී ෆිබොනාච්චි වෙළඳ මාර්ග ඔස්සේ බටහිරට ගලා පැමිණි අදහස් උකහා ගත්තේය. 1202 වසරේ දී ලිබර් අබ්බාචි' කෘතිය ප්‍රකාශයට පත්කෙරෙන විට හින්දු-අරාබි අංක පිළිබඳව දැනසිටියේ වියතුන් අතලොස්සක් පමණි. එම රෝමානු යුරෝපීය වෙළෙඳුන් සහ උගතුන් එතෙක් එල්බ සිටියේ වැඩිකිරීම සහ බෙදීම අතිශයින් පීඩාකාරී ක්‍රියාවක් වූ රෝමානු අංක මතය. (උදාහරණයක් වශයෙන් MXCI යන අංකය LVII මගින් වැඩිකිරීමට තැත්කරන්න!) ගණිතමය භාවිතයේ දී අංක භාවිත කරනු ලබන ආකාරය ෆිබොනාච්චිගේ කෘතිය මගින් නිරූපණය කෙරෙයි. ලාභ ආන්තිකය, මුදල් හුවමාරුව, බර පරිවර්තනය, මුදලට භාණ්ඩ හුවමාරුව සහ පොලිය ආදිය ගණනය කිරීම වැනි ප්‍රායෝගික කටයුතුවලදී එම තාක්ෂණය භාවිත කළ හැකිවිය. "ගණන් කිරීමේ කලාව, එහි දුරවබෝධභාවය සහ කාර්ය සාධනය අවබෝධකර ගැනීමට මනාප පුද්ගලයන් අත් ඇඟිලි සංඛ්‍යා යොදාගනිමින් ගණනය කිරීම දැන සිටිය යුතු"යයි ෆිබොනාච්චි සිය විශ්වකෝෂ කෘතියේ පළමු පරිච්ඡේදයේ සඳහන් කරයි. ඔහු එම සඳහන් කිරීම කරනු ලබන්නේ අද වර්තමානයේ පාසල් දරුවන් භාවිත කරන සංඛ්‍යාත ගැන සඳහන් කරමිනි. ''එම සංඛ්‍යා නවය සහ 'ශෙෆිර්' (zephyr) යනුවෙන් හඳුන්වන ලද ''0''(බිංදුව) මගින් ඕනෑම අංකයක් ලියා ඇත'' යනුවෙන් ඔහු ලියා ඇත. ඒ සමඟ එක්වනම ගණිතය භාවිතමය මට්ටමින් භාවිතය සඳහා යොදාගත හැකි තත්ත්වයක් උදාවිය. ෆිබොනාච්චි ශ්‍රේෂ්ඨභාවයට පත්වන්නේ ගණිතඥයකු වශයෙන් ඔහු විසින් ඉටුකරන ලද කාර්යභාරය නිසා පමණක් නොවේ. සියවස් ගණනාවක මුස්ලිම් විද්‍යාඥයන් සතු දැනුමේ වාසිය පිළිබඳවත් ඔහුට ඉතා පැහැදිළි අවබෝධයක් තිබුණි. එම මුස්ලිම් විද්‍යාඥයන් විසින් ගණනය කිරීමේ දී භාවිත කරන ලද සූත්‍ර, දශම සටහන් කිරීමේ ක්‍රමය සහ ඔවුන් සතුව පැවැති වීජ ගණිතමය දැනුම් සම්භාරය ෆිබොනාච්චි අවබෝධ කරගත්තේය. 'ලිබර් අබ්බාසි' කෘතිය නියත ලෙසම සහමුලින්ම මෙන් රඳා පවතින්නේ නවවෙනි ශතවර්ෂයේ ජීවත් වූ ගණිතඥයකු වූ අල් -ක්වාරිස්මි විසින් ගණිත ගැටලු විසඳා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද විග්‍රහයන් (algorithms) මතය.'සංඛ්‍යාවක දෙකේ බලයට' අදාළ සමීකරණ විසඳාගැනීමේ ක්‍රමානුකූල මාවතක් පළමුවරට අල්-ක්වාරිස්මිගේ විප්ලවීය ශාස්ත්‍රීය ග්‍රන්ථය මගින් ලෝකයට ඉදිරිපත් කරනු ලැබුණි. අදාළ ක්‍ෂේත්‍රයේ සිදුකරන ලද ප්‍රශස්ත සොයාගැනීම් සැලකිල්ලට ගනිමින් අල්-ක්වාරිස්මි වීජ ගණිතයේ පියා වශයෙන් නිතරම මෙන් හඳුන්වනු ලැබෙයි.'අල් ජබ්ර්'( al-jabr) යන අරාබි වචනය සඳහා අපි ඔහුට ණයගැති වෙමු. එම වචනයේ තේරුම ''බිඳුණ කොටස් යළි ප්‍රතිෂ්ටාපනය'' යන්නයි. ක්‍රිස්තුවර්ෂ 821 දී අල්-ක්වාරිස්මි තාරකා ශාස්ත්‍රඥයකු ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර බැග්ඩෑඩ් 'බුද්ධි මන්දිරයේ' ප්‍රධාන පුස්තකාලයාධිපති තනතුරට ද ඔහු පත්කරනු ලැබ ඇත. අදාළ ක්‍ෂේත්‍රයේ සිදුකරන ලද ප්‍රශස්ත සොයාගැනීම් සැලකිල්ලට ගනිමින් අල්-ක්වාරිස්මි වීජ ගණිතයේ පියා වශයෙන් නිතරම මෙන් හඳුන්වනු ලැබෙයි ''අල්-ක්වාරිස්මිගේ ශාස්ත්‍රීය ග්‍රන්ථය මගින් මුස්ලිම් ලෝකයට දශම සංඛ්‍යා ක්‍රමය හඳුන්වා දුන්'' බව අල්-කලීලි පවසයි. ''එම විශ්ලේෂණය යුරෝපය ඔස්සේ සංචරණය කරවීමට ලියනාඩෝ ඩා පීසා හා සෙසු වියතුන් පියවර ගෙන තිබෙනවා'' අල් කලීලී වැඩිදුරටත් සඳහන් කරයි. නූතන ගණිතයට දායාද කරන ලද පරිවර්තනීය බලපෑම අල්-ක්වාරිස්මිට බොහෝ සෙයින් ණයගැති වන්නකි. සියවස් හතරකට ආසන්න කාල පරාශයකින් වෙන්වෙන මේ මහා පුරුෂයන් දෙදෙනා සම්බන්ධ කළ පුරුක පුස්තකාලයකි.එය බැග්ඩෑඩ් 'බුද්ධි මන්දිරයේ' පුස්තකාලයයි. මධ්‍යකාලීන අවධියේ වඩාත් බුහුමන් ලබන ගණිත විද්‍යාඥයා ඔහුට පෙර ජීවත් වූ තවත් මහා චින්තකයකුගේ උරහිස් මත රැඳී සිටියි. එම මහා චින්තකයා ඉස්ලාමීය ස්වර්ණමය යුගයේ අති විශිෂ්ට ආයතනයක රැඳී සිටිමින් මතවාදී විප්ලවයකට මුලපුරන ලද්දෙකි. ඇතැම්විට මෙවැන්නක් ද සිදුවෙයි.එනම්, බැග්ඩෑඩ් බුද්ධි මන්දිරය සම්බන්ධයෙන් වැඩි දැනුමක් නැති හෙයින් ඉතිහාසඥයන් විසින් ඇතැම්විට එහි අරමුණු සහ කාර්යභාරය අතිශයෝක්තියට නැංවීමයි. එමගින් සිදු කෙරෙන්නේ දැනට ශේෂව පවතින ඓතිහාසික වාර්තා සමඟ ගැටෙන එක්තරා ආකාරයක මිත්‍යාමය තත්ත්වයක් උද්ගත වීමය. ''බොහෝදෙනකු විසින් දකිනු ලබන ආකාරය තරම් බැග්ඩෑඩ් බුද්ධි මන්දිරය මහා විශිෂ්ට ආයතනයක් නොවූ බවට ඇතැමුන් තර්ක කරනවා'' අල් කලීලි පවසයි. ''ඇතැමෙක් එලෙස තර්ක කළත්, අල්ක්වාරිස්මි වැනි වියතුන් සමඟ පැවති සම්බන්ධය,එසේම ඔහුගේ ගණිතය, තාරකා විද්‍යාව සහ භූගෝල විද්‍යාවට අදාළ ග්‍රන්ථ සම්පාදනය මගින් මට පෙන්නුම් කෙරෙන්නේ බැග්ඩෑඩ් බුද්ධි මන්දිරය හුදෙක් පොත්පත් තැන්පත් කරන ලද කෝෂ්ඨාගාරයක් පමණක් නොව සැබෑ ඇකඩමියක තත්ත්වයේ පැවැති බවට සාක්ෂි ඇති බවයි'' අල් කලීලී අවධාරණය කරයි. එහි පුස්තකාලයේ සේවය කළ වියතුන් සහ පරිවර්තකයන් ඔවුන්ගේ පර්යේෂණාත්මක කෘතීන් කියැවීම සඳහා මහජනයාට අවස්ථාව සැලසීම් වස් ඔවුන්ට එහි පිවිසීම සහතික කිරීම අතින් ද දැඩි වෙහෙසක් ගත්හ. ක්‍රිස්තුවර්ෂ 850 දී ප්‍රකාශයට පත් කරන ලද "බුද්ධිමය සොයාගැනීම් "නම් මෙම ග්‍රන්ථය ඇතුළු දැනුමේ ඉදිරි පිම්මක් සහිත ග්‍රන්ථ රාශියක් 'බුද්ධි මන්දිරයේ' පුස්තකාලයෙහි තැන්පත් කරනු ලැබ තිබුණි. ''බැග්ඩෑඩ් ' බුද්ධි මන්දිරය' තවත් වැදගත් වන්නේ සම්භාව්‍ය අදහස් වෙනත් භාෂාවන්ට පරිවර්තනය කිරීම අතින් ඉටුකරන ලද කාර්යභාරය හේතුවෙනි. එහි නිරතව සිටි අරාබි පඬිවරු ග්‍රීක් සංකල්ප මතිමතාන්තර ස්වභාෂාවට පරිවර්තනය කළා. එමගින් අපි අපගේ ගණිතමය අවබෝධයේ පාදම නිර්මාණය කරගත්තා'' එක්සත් රාජධානියේ විවෘත විශ්ව විද්‍යාලයේ ගණිත ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ජූන් බැරෝ-ග්‍රීන් පවසයි. 'බුද්ධි මන්දිර' මාලිගා පොත්ගුල විද්‍යාත්මක නවෝත්පාදක මධ්‍යස්ථානයක් වූයෙන් එය අතීතයේ පටන් ගණිත විෂයට අදාළ අදහස් සඳහා කවුළුදොරක් වැනි විය. අප විසින් දැනට භාවිත කරනු ලබන දශම ක්‍රමයට පෙර, අපගේ පරිගණක ක්‍රමාංක කරනු ලබන ද්විගුණ සංඛ්‍යා පද්ධතියට පෙර, එසේම රෝමානු ඉලක්කම්වලට පෙර, පෞරාණික මෙසපොතේමියානුවාසීන් විසින් භාවිත කරන ලද ක්‍රමයට පෙර මනුෂ්‍ය වර්ගයා ගණන් තැබීම සඳහා මුල්යුගයේ භාවිත කෙරූ කත්තු කපන ලද කෝටු උපයෝගී කරගත්හ. ඉහත කී එක් ක්‍රමෝපායයන් වටිනාකම තේරුම් ගැනීමට දුෂ්කර හෝ යල්පැනගිය ඒවා යැයි අපට පෙනී ගියත් , වෙනස් සංඛ්‍යාත්මක නිරූපණයන් මගින් ව්‍යුහමය වටිනාකම්, සබඳතා සහ ඒවා මතුවූ ඓතිහාසික හා සංස්කෘතික සන්දර්භයන් පිළිබඳව එමගින් අපට වටිනා යමක් උගන්වනු ලබයි. එමගින් ස්ථාන වටිනාකම සහ වියුක්තකරණය පිළිබඳ අදහස ශක්තිමත් කෙරෙන අතරම සංඛ්‍යා ක්‍රියා කරන්නේ කෙසේද?යන්න වඩාත් හොඳින් තේරුම් ගැනීමට අපට උපකාර කරයි. පුරාණ වෙළෙන්දියකට "බැටළුවන් දෙදෙනෙකු" සටහන් කිරීමට අවශ්‍ය වූ විට, ඇයට මැටිවලින් බැටළුවන් දෙදෙනෙකුගේ පින්තූරයක් කොටා කැටයම් කළ හැකිවිය. එහෙත් ඇයට බැටළුවන් විසිදෙනෙකු අවශ්‍යවීනම් එම ක්‍රමය ප්‍රායෝගික නැත. සංඥා මගින් අංකනය කිරීම යනු අගයක් සංකේතවත් කිරීම සඳහා සංඛ්‍යාත්මක සංකේත එකතු කරන පද්ධතියකි. අප ඉදිරිපත් කළ උදාහරණයේ දී සිදුවන්නේ නියම ප්‍රමාණය පෙන්නුම් කිරීම සඳහා බැටළුවන් දෙදෙනෙකු ඇඳීමයි. හිරුගේ ඡායාව අනුව වෙලාව දක්වන මෙම 'සූර්යඝටය' මත දැක්වෙන රෝමානු ඉලක්කම් භාවිතයෙන් ඈත්වෙමින් පවතී. ෆිබොනාච්චිගේ 850 වෙනි ජන්මදිනය මෙම වසරේ දී අනුස්මරණය කෙරෙයි. එපමණක්ද ? මෙය රෝම ඉලක්කම්වල ක්‍රියාකාරිත්වය අහෝසි කෙරෙන තර්ජනය උදාවෙන මොහොත ද විය හැකිය. අපි එක්සත් රාජධානිය ගනිමු. එක්සත් රාජධානියේ පාසල්හි පන්තිකාමරවලට සම්ප්‍රදායිකව මූනතේ තිබුණ රෝමානු ඉලක්කම් සහිත ඔරලෝසු වෙනුවට පහසුවෙන් කියවිය හැකි ඩිජිටල් ඉලක්කම් සහිත ඔරලෝසු ආදේශ කෙරෙමින් ඇත. එවැනි පියවරක් ගනු ලබන්නේ සිසුන්ට තවදුරටත් ඇනලොග් වේලාව කියවීම අපහසු යයි සලකමිනි. එපමණක් නොව,ලෝකයේ ඇතැම් කලාපවල මාර්ග සංඥා සහ නිල ලේඛන ආදියෙන් ද රෝමානු ඉලක්කම් ඉවත්කරනු ලැබ ඇත. හොලිවුඩයේ ක්‍රමාංකකරණ කාර්යයන් වලින්ද රෝමානු ඉලක්කම බැහැර කෙරෙයි. සිය රසිකයන් ව්‍යාකූල කරන්නේ යයි සිතමින් 'සුපර්බෝල්' (ඇමෙරිකානු පාපන්දු තරඟයකි) සිය පනස්වෙනි තරඟයේ දී රෝමානු ඉලක්කම් භාවිතය අත්හැර දැම්මේය. රෝමානු ඉලක්කම්වලින් ලෝකය ඉවත්වීම මගින් අවධාරණය කෙරෙන්නේ ජීවිතයේ වෙනත් අරමුණු තුළට නූගත්කම රිංගා ගැනීමක් සිදුවෙන බවය. රෝමානු ඉලක්කම් අතුරුදහන්වීම මගින් ආණ්ඩු කෙරෙන දේශපාලනය අනාවරණය වීමක් සහ ගණිතය පිළිබඳව පුළුල් මට්ටමේ ඕනෑම සාකච්ඡාවක් ආරම්භවීම සමහර විට වඩාත් වැදගත් වනු ඇත. "අප කියන්නේ කාගේ කතන්දරද? වරප්‍රසාද ලබන්නේ කවර සංස්කෘතියකින්ද?,එසේම විධිමත් ඉගෙනීම සඳහා අප අමරණීය කරනු ලබන්නේ කවරාකාර දැනුමකින්ද? යන ප්‍රශ්නය කෙරෙහි අපගේ බටහිර යටත්විජිත උරුමය නියත බලපෑමක් සිදුකරනවා" යැයි කේම්බ්‍රිජ් ගණිත අංශයේ සංවර්ධන ක්‍රියාකාරික සහ කර්තෘ ලුසී රයික්‍රොෆ්ට්-ස්මිත් (Lucy Rycroft-Smith) පවසන්නීය. කලින් ගණිත ගුරුවරියක ලෙස කටයුතු කළ රයික්‍රොෆ්ට්-ස්මිත් දැන් ගණිත අධ්‍යාපනයේ ප්‍රමුඛ හඬක් වී ඇති අතර ගෝලීය අධ්‍යාපන විෂයමාලා අතර වෙනස්කම් අධ්‍යයනයෙහි නිරතවෙමින් සිටින්නීය. වේල්ස්,ස්කොට්ලන්තය සහ අයර්ලන්තය රෝමානු ඉලක්කම් අධ්‍යයන උපාංගවලට ඇතුළත් නොකරන අතරවාරයේ එක්සත් ජනපදයේ ප්‍රමිතිගත නියමයන් නොමැත. එහෙත් එංගලන්තයෙහි පැහැදිලිවම කියා සිටින්නේ සිසුන්ට රෝම ඉලක්කම් 100 තෙක් කියැවීමේ හැකියාව ප්‍රගුණ කළයුතු බවය. ඉන්දු-අරාබි ක්‍රමය පිළිබඳ දැනුම ලබාදීමට අතිරේකව,රුවල් බෙල්ලන්ගේ හැඩය සැලසුම් කරනු ලැබීම වැනි බොහෝ දේවල්හි මිණුම,පරිමාණය තීන්දු කෙරෙන සංඛ්‍යා අනුක්‍රමික පිළිවෙලට අදාළ දැනුම ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් ද ෆිබොනාච්චි ප්‍රසිද්ධියක් දරයි. ෆිබොනාච්චිගෙන් පසුව ඔහු නමින් නම්කරන ලද ප්‍රකට ආදර්ශයක් හඳුනා ගැනීම අපට අපැහැදිලි කාර්යයක් වීමේ ඉඩකඩක් ඇත. අංක 1 සහ ඉන් අනතුරුව පූර්ව අංක දෙකක එකතුව සමඟ පුනරාවර්තී අනුක්‍රමික පිළිවෙලක් ආරම්භ වෙන බව එම ආදර්ශයයි. ෆිබොනාච්චිගේ අනුක්‍රමික පිළිවෙල නියතවම විශිෂ්ට සොයා ගැනීමකි. මුහුදු බෙල්ලන් සහ පැලෑටිවල හැඩයන්, සූරියකාන්ත හිස්වල දඟර, පයින් තුරුවල කේතුකාකාර හැඩය, සත්ත්ව අං, ලී කඳක හටගත් කොල පත්‍ර අංකුර මෙන්ම පරිගණක විද්‍යාවේ ඩිජිටල් සැකැස්ම ආදී ස්වාභාවික ලෝකයේ විශ්මයජනක රිද්මය එමගින් පෙන්නුම් කෙරෙයි. එපමණක්ද? ඔහුගේ රටාවන් නිතරම මෙන් ජනප්‍රිය සංස්කෘතිය තුළටත් පිවිසෙයි. සාහිත්‍යය, චිත්‍රපට, දෘෂ්‍ය කලාව මෙන්ම ගේයපද රචනා හෝ එසේත් නැත්නම්, වාද්‍ය වෘන්ද සංකේත මෙන්ම ගෘහනිර්මාණ කලාව ආදී අනේකවිධ ක්‍ෂේත්‍රයන්හි නැවත නැවතත් කියැවෙයි. එහෙත් ගණිත විෂය කෙරෙහි සදාතනික එකතුවක් සිදුකරන ලද ලියනාඩෝ ඩා පීසාගේ සොයාගැනීම් පාසල්හි උගන්වනු ලබන්නේ ඉතා කලාතුරකිනි. මෙම කතාව ආරම්භවන්නේ බටහිර ලෝකයේ ක්‍රිස්තියානි ආගම පැතිර තිබුණු බොහෝ රටවල් බුද්ධිමය අන්ධකාරයක ගිලී පැවැති මෙයින් වසර දහසකට ආසන්න ඈත අවධියක තිබුණ මාලිගා පොත්ගුලකිනි. මෙය ගණිතය සම්බන්ධයෙන් යුරෝපය කේන්ද්‍ර කරගත් මතවාදය ඛණ්ඩනය කිරීමට සහ ඉස්ලාමීය ලෝකයේ විද්‍යාත්මක ජයග්‍රහණ කෙරෙහි අවධානය යොමුකිරීමට අදාළ වෘත්තාන්තයකි. ඉතිහාසයේ ඈත අවධියක පටන් අඛණ්ඩව විහිදෙන ගණිතමය දැනුම් ගබඩාවේ දිගුකාලීන වැදගත්කම එමගින් සාකච්ඡාවට ගැනෙයි. තවත් තොරතුරු;
දෙදාස් අට වසරෙහි(2008) උද්ගත වූ මූල්‍ය අර්බුදයේ ප්‍රතිවිපාකයක් වශයෙන් ලෝකය පුරා සිය දිවි හානිකර ගැනීම් වැඩි වූ බව පර්යේෂකයන් කණ්ඩායමක් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.
මූල්‍ය අර්බුදය බල පැවැත්වුන කාලය ඇතුළත ලෝකයේ පුරුෂ සිය දිවි හානිකර ගැනීම්වල විශේෂ වැඩි වීමක් දක්නට ලැබෙන බවත් එම පර්යේෂකයෝ පෙන්වා දෙති. අදාළ පර්යේෂණ වාර්තාව බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේයි පළ කරනු ලැබ තිබෙන්නේ. පර්යේෂණය සිදු කරන ලද බ්‍රිතාන්‍ය සහ හොංකොං විද්‍යාඥයන්ට අනුව, සාමාන්‍යයෙන් වසරකට සිදු කෙරෙන සිය දිවි හානිකර ගැනීම් සංඛ්‍යාවට වඩා පන්දහසක් පමණ තවත් සිය දිවි හානිකර ගැනීම් 2009 වසරේ වාර්තා වී ඇත. එය අසාමාන්‍ය තත්වයක් බවයි පර්යේෂකයන් පවසන්නේ. රැකියා ප්‍රශ්නය අතිශයින් උග්‍ර වීම යුරෝපයේ තරුණ ප්‍රජාව සහ ඇමෙරිකාවේ මැදි වයසේ පුරුෂයන් අතර අසමමිතික තත්වයක් නිර්මාණය කළ බවත් ඉහත කී පර්යේෂණ වාර්තාව පෙන්වා දෙයි. ජගත් මූල්‍ය අර්බුදය මහජන ජීවිත කෙරෙහි ඇති කරන නියත බලපෑම සිය දිවි හානිකර ගැනීමේ සංඛ්‍යාව ඉහල යාමටත් වඩා තවත් දරුණු තත්වයක් විය හැකි බවට පර්යේෂකයන් විසින් අනතුරු ඇඟවීමක් ද කරනු ලැබ ඇත.
මහා බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළ කෝප් කමිටු වාර්තාව සැකසීමේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගේ පිළිවෙත හමුවේ තමන්ට එකඟවිය නොහැකි කරුණු මත, ඔවුනට රිසි පරිදි තාවකාලික සභාපතිවරයකු යටතේ අදාළ වාර්තාව සකස්කරගන්නා ලෙස දන්වමින් අද (ඔක්.24) පැවැති රැස්වීමෙන් ඉවත්වූ බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තමා විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත සංශෝධනය කොට වාර්තාවක් සැකසිය යුතු බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෝප් කමිටු සාමාජිකයන්ගේ මතය වී ඇති බවය. "විගණකාධිපතිවරයාගේ නිගමන මත පදනම් වී තමයි අපි මේ පරීක්ෂණ සිදු කරන්නේ. විගණකාධිපතිවරයාට බලපෑම් කරලා ඔහුගේ නිර්දේශ වෙනස් කරන්න මට අයිතියක් නැහැ." යැයි පැවසූ ඔහු, විගණකාධිපතිවරයාගේ නිගමනය පිළිගැනීමට සුදානම් නොමැති නම් තම මතය දැනුම් දීමට පමණක් කාරක සභාවට හැකියාව පවතින බව පෙන්වා දෙයි. කෙසේවෙතත් විගණකාධිපතිවරයාගේ නිගමන ඉවත්කොට වෙනත් වාර්තාවක් සැකසීමට අවශ්‍ය නම් එජාපය නියෝජනය කරන සාමාජිකයකු කෝප් සභාපති ධුරය සඳහා තාවකාලිකව පත්කොට එජාපයට අවශ්‍ය ආකාරයට වාර්තාවක් සකසා දෙන ලෙස තමා ඔවුන්ට දන්වා සිටි බව ඔහු කීය. "මම මෙතෙක් කල් මේ කමිටුව තුළ කටයුතු කළේ පොදුවේ කවුරුන් හෝ බේරීමට හෝ වරදකරුවෙක් කිරීමට නොවෙයි. බැඳුම්කර ගනුදෙනුවේදී ඇත්තටම මොකක්ද වෙලා තිබෙන්නේ කියන කාරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න." යැයි සඳහන් කළ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා, තමා තවදුරටත් කෝප් කමිටු සභාපති ධුරයේ සිටිය යුතුද නැද්ද යන්න පාර්ලිමේන්තුව විසින් තීන්දු කරනු ලැබිය යුතු බව පෙන්වා දුනි.
යුධමය වාතාවරණය ලිහිල් කිරීමේ අවශ්‍යතාව පවසමින්, තම න්‍යෂ්ටික වැඩ සටහන පිලිබඳ ඇමෙරිකාව සමග ඉහල පෙළේ සාකච්ඡා පැවැත්විය යුතු බවට උතුරු කොරියාව යෝජනා කරයි.
මේ බව සඳහන් කරමින් උතුරු කොරියානු ආරක්ෂක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක් එරට රාජ්‍ය රුපවාහිනිය ඔස්සේ විකාශනය විය. උතුරු කොරියාව විසින් සිදු කරන ලද න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ ඇමරිකාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන බවට කල තර්ජනයන් නිසා දෙරට අතර අර්බුධය උණුසුම් විය. කොන්දෙසි විරහිතව මෙම සාකච්ඡා සිදු විය යුතු බව පවසන උතුරු කොරියාව, එම ප්‍රකාශයේම අවධාරණය කර සිටින්නේ ඇමෙරිකාවේ න්‍යෂ්ටික ආයුධ පිළිබඳවද අනිවාර්යයෙන්ම සාකච්ඡා විය යුතු බවයි. 'සැබෑ අවශ්‍යතාවය' උතුරු කොරියාව සැබෑ අවශ්‍යතාවයක් පෙන්නුම් කරන්නේනම් නම් තමන් සාකච්ඡාවලට එකඟ බව වොෂින්ටනය මිට පෙර පවසා තිබුණි. උතුරු කොරියාව විසින් මෙම වසර මුලදී සිදු කරන ලද න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ ඇමරිකාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන බවට කල තර්ජනයන් නිසා දෙරට අතර අර්බුධය උණුසුම් මුහුණුවරකට පත් විය.
ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල මස් පරිභෝජනය ඉහළ ගොස් ඇතත් ගව මස් පරිභෝජනය විශාල වශයෙන් පහළ ගොස් තිබේ. එමෙන්ම ඉන්දියාව ඇතුළු කලාපයේ බොහෝ රටවල ගව මස් නිෂ්පාදනය ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ ගව මස් නිෂ්පාදනය පහළ යාම විශේෂත්වයකි.
ගව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලා 2014 වසරේ පැවති විරෝධතාවක් පහත දැක්වෙන්නේ ලොව ගව මස් නිෂ්පාදනය, පරිභෝජනය සහ සෞඛ්‍ය අවදානම පිළිබඳ කෙටි විමසුමකි. මස් කෑම අඩු කරන බව හෝ සම්පූර්ණයෙන් නවතා දමන බව පවසන පිරිසේ වර්ධනයක් මෑත කාලයේ දැකිය හැක. සත්ත්ව සුබ සාධනය, ශරීර සෞඛ්‍ය මෙන්ම සත්ත්ව ගොවිපල නිසා ඇති වන පාරිසරික බලපෑම් ඒ සඳහා අඩු වැඩි වශයෙන් හේතු වේ. මසින් තොර දින (Meet free days) සහ මාංශ නිෂ්පාදන රහිත ආහාර (Vegan food) සඳහා මේ වන විට ලෝක මට්ටමේ නැඹුරුවක් ද පවතී. ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමත් සමග ඒ හමුවේ ඇති විය හැකි ආර්ථික, සෞඛ්‍ය සහ සමාජීය මෙන්ම දේශපාලනික බලපෑම් පිළිබඳ යම් සංවාදයක් මතුව ඇත්තේ මෙවන් පසුබිමකදීය. ඉල්ලුම ඉහළට 60 දශකයේ සිට ලොව සමස්ත මස් නිෂ්පාදනය පස් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. එවක ටොන් මිලියන 70 ක් පමණ වූ මස් නිෂ්පාදනය වසර 2017 වන විට ටොන් මිලියන 330 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙයි. එකී කාලය තුළ ලොව ජනගහනය දෙගුණයකටත් වඩා වැඩි වීම මෙන්ම ආදායම් ඉහළ යාම ද ඊට බලපා ඇති ප්‍රධාන සාධකයකි. දැනට ඇති වාර්තා අනුව 2013 වසරේදී මස් පරිභෝජනය වැඩිම රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව ඉහළින්ම පසු විය. තෙවෙනි සහ සිව්වෙනි ස්ථානවල පසු වූ නවසීලන්තය සහ ආජන්ටිනාව යන රටවල ඒක පුද්ගල මාංශ පරිභෝජනය කිලෝග්‍රෑම් 100 ඉක්මවා තිබිණි. එය කුකුලන් පනස් දෙනෙකු හෝ ගවයෙකුගෙන් අඩකට සමාන මස් ප්‍රමාණයකි. එසේම බටහිර රටවල් පුරා ඉහළ මාංශ පරිභෝජනයක් දක්නට හැකි අතර බටහිර යුරෝපයේ එක් පුද්ගලයෙකු මස් කිලෝග්‍රෑම් 80 ත් 90 ත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව පරිභෝජනය කරයි. අනෙක් අතින් ලොව දුගී රටවල් බොහොමයක් මස් පරිභෝජනය කරන්නේ ඉතාමත් අඩු වශයෙනි. ගෙවුණු පනස් වසරක කාලය තුළ ලොව ගව මස් (ගව සහ මී ගව) නිෂ්පාදනය සිව් ගුණයකින් ඉහළ ගොස් ඇත. 1961 වසරේදී ටොන් මිලියන 28 ක් වූ ලොව ගව මස් නිෂ්පාදනය 2014 වසර වන විට ටොන් මිලියන 68 දක්වා වර්ධනය වී තිබේ. ලොව විශාලතම ගව මස් නිෂ්පාදකයා ඇමරිකා එක්සත් ජනපදයයි. බ්‍රසීලය, චීනය, ආජන්ටිනාව, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සෙසු ප්‍රධාන ගව මස් නිෂ්පාදකයන් අතර වෙති. 1961 සහ 2018 සසඳන විට ඉන්දියාව ඇතුළු කලාපයේ බොහෝ රටවල ගව මස් නිෂ්පාදනය ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ ගව මස් නිෂ්පාදනය 13% කින් පහළ ගොස් තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මස් පරිභෝජනය වාර්ෂිකව ඉහළ ගොස් ඇතත් වසර 2017 වන විට ගව මස් පරිභෝජනය 62% කින් පහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. 1961 වසරේදී කිලෝග්‍රෑම් 2.91 ක් වූ වාර්ෂික ඒක පුද්ගල ගව මස් පරිභෝජනය වසර 2017 වන විට කිලෝග්‍රෑම් 1.11 දක්වා පහළ ගොස් ඇත. 2017 වසරේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 9.04 කි. කලාපයේ සෙසු රටවල් අතර ඒක පුද්ගල මස් පරිභෝජනය අතින් මියන්මාරය, තායිලන්තය ඉදිරියෙන් පසුවෙයි. (මූලාශ්‍ර: එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මාන්ත පිළිබඳ සංවිධානය, අවර් වර්ල්ඩ් ඉන් ඩේටා) ශ්‍රී ලංකාවේ මස් පරිභෝජනය ලොව අඩු ආදායම් ලබන රටවල වැසියන්ට තවමත් මස් සුඛෝපබෝගී ආහාරයකි. 2017 වසරේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 64,800 ක් වන නොර්වේ හි ඒක පුද්ගල මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 67.46 කි. එම වසරේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 11,669 ක් වන අතර ඒක පුද්ගල මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 9.04 කි. ලොව මස් පරිභෝජනයේ නැඹුරුතා රටෙන් රටට වෙනස් වේ. සමාජීය, ආර්ථික සහ සංස්කෘතික කරුණු ද ඒ සඳහා විශාල වශයෙන් බලපායි. සාමාන්‍යයෙන් ලොව වැඩි වශයෙන්ම පරිභෝජනය කෙරෙන මස් වර්ග අතර ඌරු මස්, ලයිස්තුවේ ඉහළින්ම පසුවෙයි. 2013 වසරේදී ලොව එක් පුද්ගලයෙකු දල වශයෙන් ඌරු මස් කිලෝග්‍රෑම් 16 ක් පමණ පරිභෝජනය කර තිබිණි. උදාහරණයක් වශයෙන් චීනයේ ඌරු මස් පරිභෝජනය එරට සමස්ත මස් පරිභෝජනයෙන් 2/3 ක් පමණ වේ. 2017 වසර වන විට ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම පරිභෝජනය කරනු ලැබුවේ කුකුළු මස්ය. හරක් මස් හා සැසඳීමේ දී කුකුළු මස් පරිභෝජනය හත් ගුණයකින් පමණ වැඩි අගයක් ගනු ලබයි. 1961 දී ශ්‍රී ලංකාව තුළ ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනයට වඩා හරක් මස් පරිභෝජනය ඉහළින් තිබී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2019 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම ගව ඝාතනය සිදුව ඇත්තේ (බලපත්‍ර හිමි ගව ඝාතකාගාර තුළ) පිළිවෙලින්: එකී දත්ත අනුව අඩු වශයෙන්ම ගව ඝාතන වාර්තා වී ඇත්තේ පිළිවෙලින්: 2019 වසරේදී ශ්‍රී ලංකාව පුරා ගවයින් 158,723 ක් මස් සඳහා ඝාතනය කර ඇති අතර 2006 සිට 2019 දක්වා කාලය තුළ ගවයින් වැඩි වශයෙන්ම ඝාතනය කර ඇත්තේ 2010 වසරේදීය. එම සංඛ්‍යාව 203,520 කි. හරක් මස් කෑම අනතුරුදායක ද? 2019 වසරේදී ශ්‍රී ලංකාව පුරා ගවයින් 158,723 ක් මස් සඳහා ඝාතනය කර ඇත ශ්‍රී ලංකාව තුළ කලින් කල ගව ඝාතනයේ සහ හරක් මස් කෑමේ ආදීනව පිළිබඳ සංවාද මතු වෙයි. වත්මන් ආණ්ඩුව ගව ඝාතනය තහනම් කරනු ලැබීම පිළිබඳ නිවේදනය කිරීමත් සමග වෘත්තීය සමිති නායකයෙකු වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය උපුටා දක්වමින් "හරක් මස් කෑමෙන් පිළිකා හැදෙන" බව සඳහන් පුවත් සමාජ ජාල ඔස්සේ සංසරණය විය. "අපේ රටේ ඉතිහාසයේ අපි ගව මස් කොයිම විදිහකටවත් කාලා නැහැ," යනුවෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන ආකාරය එවැනි එක් වීඩියෝවක දැක්වේ. කෙසේ නමුත් පොදුවේ ගත් විට ලොව මස් පරිභෝජනය සහ ඒවායේ ඇති සෞඛ්‍ය අවදානම පිළිබඳ, පිළිගත් සෞඛ්‍ය ආයතන සහ සෞඛ්‍ය සේවා විසින් පළ කරනු ලැබ ඇති උපදෙස් සහ නිර්දේශ විශ්ලේෂණය කිරීමේදී, 'ගව මස් කෑමේ ආදීනව' යනුවෙන් විශේෂ සඳහනක් නොවුණ ද ගව මස් ද ඇතුළත් රතු මස් (Red meat) පමණට වඩා ආහාරයට ගැනීමේ අවදානම පිළිබඳ උපදෙස් දැකිය හැක. රතු මස් ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ බහුල ආහාර ප්‍රභවයක් වුවත් එම මස් වර්ග සහ සැකසූ මස් (Processed meat) පමණ ඉක්මවා ආහාරයට ගැනීම බඩවැල් පිළිකා ඇති වීමේ අනතුර ඉහළ නංවයි යනුවෙන් බ්‍රිතාන්‍ය නිදහස් සෞඛ්‍ය සේවය (NHS) පවසයි. එබැවින් දිනකට රතු මස් හෝ සැකසූ මස් ග්‍රෑම් 90 ඉක්මවා ආහාරයට ගනු ලබන පුද්ගලයන්ට ඉහත කී අවදානම අවම කර ගැනීම සඳහා එය ග්‍රෑම් 70 දක්වා අඩු කරන ලෙස එම සෞඛ්‍ය සේවය නිර්දේශ කරයි. සෞඛ්‍ය සම්පන්න අයුරින් ශරීර බර පවත්වා ගැනීම, ක්‍රියාශීලීත්වය සහ දුම්පානයෙන් බැහැර වීම ද අවදානම අඩු කරවන සෙසු සාධක වන බව එහි වැඩිදුරටත් දැක්වේ. රතු මස් සහ සැකසූ මස් යනු මොනවාද? ලොව අඩු ආදායම් රටවල වැසියන්ට තවමත් මස් සුඛෝපබෝගී ආහාරයකි. රතු මස් අතරට: රතු මස් නොවන මස් වර්ග අතරට: කල් තබා ගැනීම සඳහා සංරක්ෂණ ද්‍රව්‍ය අඩංගු වූ මස්, සැකසූ මස් ලෙස හැඳින්වේ. ඒ අතරට: ශ්‍රී ලංකාවේ තත්ත්වය "මස් අත්‍යවශ්‍යම නැහැ. ඒ ප්‍රෝටීන ප්‍රමාණය වෙන ආහාරවලිනුත් අපට ලබා ගන්න පුළුවන්" ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දෛනිකව පරිභෝජනය කරනු ලබන රතු මස් ප්‍රමාණය අනුව, අනතුර රඳා පවතින බවය. "අපි කන්නේ රතු මස් සුළු ප්‍රමාණයක් නම් එය අනතුරුදායක පැත්තකට යන්නේ නැහැ. නමුත් ග්‍රෑම් සීයකට වැඩිය ආහාරයට ගත්තොත්, එයත් නිතිපතාම සිදු කළොත්, විශේෂයෙන් කෙඳි සහිත ආහාර අඩුවෙන් ගත්තොත් සෞඛ්‍ය අවදානමක් මතු වීමේ අනතුර පවතිනවා." "මහ බඩවැලේ පිළිකා, පියයුරු පිළිකා, පුරස්ථි ග්‍රන්ථි පිළිකා හැදෙන්න පුළුවන් ප්‍රවණතාව වැඩියි. එය සිදු වෙන්නේ අපි කන ප්‍රමාණය අනුව, කාපු කාල සීමාව අනුව, ඒ ආහාර සමග කෙඳි සහිත ආහාර නොගෙන සිටීම වැනි මේ සියලු කරුණු එකට බැඳී තිබෙනවා." යනුවෙන් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංගණනයන්ට අනුව ශ්‍රී ලංකාවේ රෝගීන්ගෙන් 70% ක ප්‍රතිශතයක් පීඩා විඳිනුයේ බෝ නොවන රෝගවලිනි ගව මස් ඇතුළු රතු මස්වලින් ලබා ගන්නා පෝෂණය වෙනත් ආදේශක ආහාරවලින් ද ලබා ගත හැකි බව ඇය පෙන්වා දෙයි. "මස් අත්‍යවශ්‍යම නැහැ. ඒ ප්‍රෝටීන ප්‍රමාණය වෙන ආහාරවලිනුත් අපට ලබා ගන්න පුළුවන්. මාළු, බිත්තර වැනි දේ ඒ සඳහා ආදේශක ලෙස යොදා ගන්න පුළුවන්. " "මස්වලින් ලබා ගන්න පෝෂක සංඝටක අනෙකුත් ආහාරවලින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අපි ආහාර වර්ග වර්ගීකරණය කර තිබුණත් ඒ අතරින් පුද්ගල කැමැත්ත අනුව තමයි ආහාරය තෝරා ගන්නේ. ආහාර කියන්නේ බලහත්කාරයෙන් කවන්න පුළුවන් දෙයක් නොවෙයි." නමුත් රතු මස් හා සැසඳීමේ දී සැකසූ ආහාරවල තිබෙන අනතුර ඉතාමත් වැඩි බව විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වැඩිදුරටත් පෙන්වා දෙයි. "සමස්තයක් විදිහට ලංකාවේ හරක් මස් පරිභෝජනය අවම මට්ටමක තිබෙන්නේ. සීමිත පිරිසක් තමයි හරක් මස් ආහාරයට ගන්නේ." "සැකසූ ආහාර කල් තබා ගැනීම සඳහා යොදා ඇති රසායනික ද්‍රව්‍ය, තෙල් ප්‍රමාණය ඉතා අධික වීම ඊට හේතු වෙනවා. ඒ ආහාරවලින් පිළිකාවලට ගොදුරු විය හැකි ප්‍රවණතාව ඉතාමත් වැඩියි. ඒ අතින් සැකසූ ආහාර සහ ස්වභාවික මස් සංසන්දනය කරන්නත් බැහැ," මේ ගැනත් කියවන්න:
ඉන්දීය කාශ්මීරයේ විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනකු මරුමුවට පත් වී තිබේ.
ඇඳිරි නීතිය නොතකා ගල් මුල් ප්‍රහාර එල්ල කළ කණ්ඩායමක් දෙසට හමුදා විසින් සිදු කළ විවෘත වෙඩි තැබීමකින් කාන්තාවන් දෙදෙනකු මරුමුවට පත් වූ බවයි පොලිසිය කියා සිටියේ. ඉන් අනතුරුව තවත් පුද්ගලයකු මරුමුවට පත් වී තිබේ. කාශ්මීරයේ විශාලතම කැරලි කණ්ඩායමේ ජනප්‍රිය තරුණ නායකයකු මීට දින දහයකට ඉහතදී හමුදා විසින් ඝාතනය කරනු ලැබිණ. එතැන් සිට මේ දක්වා ඇති වූ ගැටුම් හේතුවෙන් මරුමුවට පත් පිරිස හතළිස් දෙකකි. බලධාරීන් විසින් ප්‍රදේශයේ ජංගම දුරකථන සංඥා අවහිර කිරීමට කටයුතු කොට ඇත.
මදුරාසියේ එග්මෝර් (Egmore) හි පිහිටි ලංකා බැකු ශාඛාවට කඩා වැදුනු කණ්ඩායම තවමත් හඳුනාගෙන නොමැති බව පොලීසිය පවසයි.
අද සවස 1.30 ට පමණ බැංකුවට කඩා වැදුණු මේ පිරිස මුහුණු ආවරණ පැළදගෙන සිටි අතර මුලින්ම මුර සේවයේ සිටි පොලිස් භටයන්ට පහර දී තිබේ. පසුව ඉහල මාලයට ගිය ඔවුන් එහි තිබුණු ගෘහ භාණ්ඩ සහ වීදුරු කඩා බිඳ දමා ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය පැවසුවේය. සබැඳි තේමා
තීරු බදු රහිත වාහන බලපත්‍ර භාවිත කරමින් ගෙන්වන ලද මෝටර් රථ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අලෙවි කරනු ලබන්නේ නඩත්තුවට ප්‍රමාණවත් මුදල් නොමැතිකමින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ අද (නොවැ 22) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මහජනතාවට පටි තද කර ගැනීමට සිදු වී ඇති වාතාවරණයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට ලැබෙන තීරුබදු රහිත වාහන රුපියල් ලක්ෂ හාරසීය පනහක් වැනි ඉහළ මිලකට අලෙවි කිරීම තුළින් රජයට අහිමි වන බදු මුදල් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ කරුණු සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ව්‍යාපාරවල නිරත නොවන දේශපාලනයේ පමණක් නිරතවන මහජන නියෝජිතයෙක් නම් ඔවුන්ට එම සහනය ලබා දිය යුතු බව පැවසීය. තීරු බදු රහිත මෝටර් රථය අලෙවිකොට ලැබෙන මුදල් වියදම සඳහා තබා ගනිමින් කුඩා මෝටර් රථ මිළදී ගැනීමට ඇතැම් මන්ත්‍රීවරුන් පෙලඹෙන බව ද පෙන්වා දුන් ඔහු, "ඉතින් මම එහි පවතින සදාචාර සම්පන්නබව පිළිබඳ කතා කරන්නේ නැහැ," යැයි පැවසීය.
පසුගිය දා මහර බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියන් පිරිසක් මිය යාම සහ විශාල පිරිසක් තුවාල ලැබීමත් සමග බන්ධනාගාර සහ පොලිස් අත්අඩංගුවේ දී පුද්ගලයන් මුහුණ පාන වධ හිංසා ගැන නැවතත් දෙස් විදෙස් අවධානය යොමුව තිබේ.
"මේ රටේ සෑම පුරවැසියෙකුම ආරක්ෂා කිරීම රජයේ වගකීමයි" එහිදී මියගිය රැඳවියන් 11දෙනාගෙන් හය දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මාධ්‍ය හමුවක දී පැවසීය. මේ අතර, බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ ඥාතීන් දිගින් දිගටම මහර බන්ධනාගාරය ඉදිරියේ රැඳෙමින් යම් තොරතුරක් ලැබෙන තෙක් බලා සිටිති. "මෙම සිද්ධිය පිළිබඳ ක්ෂණික හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. විශේෂයෙන්ම බන්ධනාගාර බලධාරීන් මාරාන්තික වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිය බලය භාවිත කිරීම ගැන," මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරයෙහි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩේවිඩ් ග්‍රිෆිත් පැවසීය. මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව දෙසැම්බර් 7 වෙනි දින අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිට භාර දී තිබේ. මහර බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව ගැන වගකීම ඇත්තේ රජයටය. කෙසේනමුත්, මෙම සිද්ධිය හේතුවෙන් නැවත වරක් නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමක් සිදුව ඇතැයි චෝදනා එල්ලවන අතර, කල් ඇදෙන පරීක්ෂණ සහ වැරදිකරුවන්ට දඬුවම් නොලැබීමේ අඛණ්ඩ සංස්කෘතිය නැවතත් කරළියට පැමිණ ඇත. පොලිස් බලය සහ නොවිසඳෙන ඝාතන නඩු දේශීය මෙන්ම ජාත්‍යන්තර නීතිය මගින් ද ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට අධික ලෙස සිය නිල බලය භාවිත කිරීම තහනම් කර තිබේ. අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීම්, රැඳවියන්ට වධහිංසා පැමිණවීම හෝ වෙනත් අයුතු ලෙස සැලකීම වැනි බොහෝ දේ නීතියට පටහැණිය. නමුත්, දේශීය නීති මෙන්ම ශ්‍රී ලංකාව පාර්ශවයක් වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ඇතුළුව ජාත්‍යන්තර මානව හිමිකම් නීති පවා නොසලකා හරිමින් පොලිසිය කටයුතු කළ අවස්ථා ඉතිහාසය පුරා දක්නට තිබේ. මේ අතර, නොවැම්බර් 29 පස්වරුව වන විට දුර දිග ගිය මහර ගැටුම පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබෙන බව පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සිද්ධිය වූ දින බීබීසී සිංහල සේවයට පැවසීය. 2012 වසරේ පොලිසිය වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමක් අවසන් වූයේ මරණ විසි හතකින් සහ හතළිහකට අධික සිරකරුවන් පිරිසක් මරණීය නොවන මට්ටමේ තුවාල ලැබීමෙනි. '2012 වැලිකඩ බන්ධනාගාර කැරැල්ල' එය '2012 වැලිකඩ බන්ධනාගාර කැරැල්ල' ලෙස සමාජගත වූ අතර, පසුව එය ජාත්‍යන්තර වශයෙන් පවා සාකච්ඡාවට ලක් වූ මාතෘකාවක් බවට පත්විය. මේ සම්බන්ධ නඩුව තවමත් මහාධිකරණයේ විභාග වේ. එසේම 1983 ජූලි කෝලාහල සමයේ දමිළ සිරකරුවන් මරා දමනු ලැබීමේ ප්‍රහාරයෙන් පසු සිදු කරන ලද දරුණුතම ප්‍රහාරය ලෙසත් එය හඳුන්වා දෙනු ලැබ ඇත. 1983 ප්‍රහාරයේ දී වැලිකඩ සිර ගෙය තුළ මරා දමන ලද සිරකරුවන්ගේ සංඛ්‍යාව පනස් තුනකි. 2000 වසරේ දී කළුතර බන්ධනාගාරය තුළ දී දෙදෙනෙක් ඝාතනය කර තිබුණු අතර, බිඳුණුවැව පුනරුත්ථාපන කඳවුරේ දී තවත් රැඳවියන් 26 දෙනෙකු මරා දමා තිබිණි. නමුත් මේ ඝාතනවලට සෘජුව වගකිව යුතු කිසිවෙකුටත් මේ වන තෙක් දඬුවම් ලැබී නොමැත. අගුණකොලපැලැස්සේ බන්ධනාගාරයේ සීසීටීවී කැමරාවලින් ලබාගත් දර්ශන පෙළක් 2018 අගභාගයේදී සමාජ මාධ්‍ය ජාලවල සංසරණය විය. බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සිරකරුවන් බන්ධනාගාර අංගනයක දණ ගස්සවා ඇවිදීමට බල කරන අයුරු මෙම වීඩියෝවේ දැකගත හැකිය. මෙය රැඳවියන් බරපතල හිංසනයකට ලක් කිරීමක් ලෙස සමාජ මාධ්‍ය ජාලවල අදහස් පළ වී තිබිණි. 2020 මැයි 20 වන දින 27 හැවිරිදි කවින්ද ඉසුරු තිසේරා සිරුර පුරා සිදු වූ තුවාල සමග මහර බන්ධනාගාරය තුළ දී මියගොස් සිටියේය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ඔහුගේ දෙමාපියන් පවසන්නේ මියගිය පුතාගේ සිරුරේ පහරදීම් ඇති වූ තුවාල සලකුණු පැහැදිලිව දක්නට ඇති බවය. කවින්ද ඉසුරු තිසේරාගේ දෙමාපියන් "මට කියන්න තියෙන්නේ මගේ පුතාට පහර දීලා මරා දමලා කියලා විතරයි," යැයි කවින්ද ඉසුරු තිසේරාගේ මව ආර් එම් කරුණාවතී පැවසුවාය. "අපි උදේ පුතාව බලන්න ගියාම දැක්කා එයාගේ ඔළුව පිටිපස්සෙන් ලොකුවට ලේ ගලනවා. කකුල් දෙකම කැඩිලා තිබුණේ. අතකුත් කැඩිලා තිබුණා. වතුරේ ඔබලා තිබිලා වගේ ඔළුවයි, ඇඟයි තෙත් වෙලා තිබුණා," ඇය පැවසුවාය. කවින්ද ඉසුරු මියගිය දිනයේ, නිලධාරීන් කියා සිටියේ රැඳවියෙකු පැන යාමට උත්සහ කිරීමේ දී බන්ධනාගාරය අවට පිහිටි අඩි විස්සක් උසැති තාප්පයෙන් වැටී ඇති බවය. කෝවිඩ් 19 පැතිර යාම නිසා නිරෝධායනයට යටත්ව මහර බන්ධනාගාරය තුළ හුදෙකලාව රඳවා සිටි කවින්ද ඉසුරුට දින ගණනක් ආහාර නොලැබුණු බව ද ඔහුගේ මව චෝදනා නගන්නීය. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මෙම සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ, කුසගින්නේ සිටි රැඳවියෙකු සිරගෙවල් බිත්ති තරණය කරමින් පැන යාමට තැත් කළා යැයි යන්න ප්‍රතික්ෂේප කරන අතර, අත්අඩංගුවේ පසුවන්නන් මිය යාම "රටාවක්" බවට පත්ව ඇති බවය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ දා සිට මහර, අනුරාධපුර, කුරුවිට සහ වැලිකඩ යන අධි ආරක්‍ෂිත බන්ධනාගාරවල රැඳවියන්ගේ මරණ වාර්තා වී ඇති බව ද ඔහු සිහිපත් කළේය. "ඔහු පැන යාමට තැත් කිරීමේදී මියගිය බව අපට මාධ්‍ය හරහා දැනගන්නට ලැබුණා." "නමුත් අපට ලැබී ඇති තොරතුරුවලට අනුව සත්‍ය සිද්ධිය නම් රැඳවියාට පහර දී, දරුණු ලෙස වධ හිංසා කර ඝාතනය කර ඇති බවයි. මෙය දැන් රටාවක් බවට පත්ව තිබෙනවා," සුදේශ් නන්දිමාල් ද සිල්වා පැවසුවේය. බන්ධනාගාර තුළ දී පමණක් නොව පොලිස් අත්අඩංගුවේ පසු වෙද්දී මියගිය විශාල පිරිසකට යුක්තිය ඉෂ්ඨ වන තෙක් බලා සිටීමට ඔවුන්ගේ ඥාතීන්ට සිදුව ඇත. මෙම ගැටළුව දශක ගණනාවක් පුරාවට දෙස් විදෙස් සංවිධාන සහ පුද්ගලයන් විසින් ලේඛනගත කරනු ලැබ ඇත. 2015 දී කන්දකැටිය පොලිස් අත්අඩංගුවේ දී මියගිය දහසය හැවිදිරි සඳුන් මාලිංග, 2011 දොම්පේ පොලිස් අත්අඩංගුවට පත් ගයාන් රසංග, 2015 දී දුම්මලසූරිය පොලිස් අත්අඩංගුවේ දී මියගිය චමින්ද පුෂ්පකුමාර, 2014 දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් මියගිය ඉන්දික ජයසිංහ මෙන්ම පසුගිය වසර පහ තුළ සිදු වූ මෙවන් ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන්ට තවමත් නීතියෙන් දඬුවම් ලැබී නොමැත. 'එකම තදබදයක්' ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙන්ම ඇම්නෙස්ටි ජාත්‍යන්තරයෙන් නිකුත් කළ වාර්තාවල දැක්වෙන්නේ අධික තදබදය බන්ධනාගාර තුළ පවතින ප්‍රධානතම ගැටලුවක් බවය. මෙම තත්වය හමුවේ බාල වයස්කරුවන් සහ වැඩිහිටියන් එකට තබා ඇති අවස්ථා ද ඇති අතර, සමහර බන්ධනාගාර රැඳවියන් කොන්ක්‍රීට් තට්ටුවල නිදා සිටින ආකාරය දැකගත හැකිය. එමෙන්ම, බන්ධනාගාරවල බොහෝ විට ස්වාභාවික ආලෝකය, වාතාශ්‍රය නොමැති තත්වයක් ගැන ද මානව හිමිකම් සංවිධාන ගණනාවක් වාර්තා නිකුත් කර තිබේ. විශාල බන්ධනාගාර කීපයකට රෝහල් තිබුණද, කුඩා බන්ධනාගාරවල වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සිරකරුවන් බලධාරීන් විසින් ආසන්නතම ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යා යුතුය. යුක්තිය සොයන්නේ කෙසේ ද? පොලිස් අත්අඩංගුවේ දී හෝ බන්ධනාගාරගතව සිටිය දී වධහිංසාවට, නැත්නම් ඝාතනයට ලක්වූවන්ට සිය පැමිණිල්ල ඉදිරිපත් කළ හැකි යාන්ත්‍රණ කීපයක් ශ්‍රී ලංකා නීති පද්ධතියේ තිබේ. අධිකරණයට වින්දිතයින්ට පොලිස් අපයෝජනයට එරෙහිව අධිකරණය වෙත පැමිණිලි කළ හැකිය. කෙසේනමුත් නීතිඥයන් සහ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පවසන්නේ මෙම ක්‍රියාවලිය තුළින් යුක්තිය ඉටු කර ගැනීමට බාධක කීපයක් ඇති බවය. අධිකරණ ගාස්තු වලට අමතරව, නිතිපතා පෙනී සිටීම සඳහා නීතිඥ ගාස්තු ද ගෙවීමට සිදුවන අතර, සාමාන්‍යයෙන් නඩුව නිසි ලෙස විභාග කිරීමට වසර ගණනාවක් ගත වේ. මහර බන්ධනාගාරය ඉදිරිපිට "මේ හා සමාන නඩුවලට අපි ළඟට එන සමහරුන්ට නීතිඥ සහ නඩු ගාස්තු තියා බස් එකේ යන්නවත් මුදල් නැහැ. ඒ වගේම ගොඩක් මිනිස්සු බයයි පොලිසියට එරෙහිව නඩු කියන්න. අපි ළඟට ඇවිත් කතා කරලා යනවා. එච්චරයි සිද්ධ වෙන්නේ," නීතීඥ හසිනි ජයසිංහ පැවසුවාය. "බන්ධනාගාරයේ ඉන්න කෙනෙක්ට අසාධාරණයක් වුණත් එය නීතිඥවරයෙක් මාර්ගයෙන් උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඊළඟ නඩු වාරය වෙනකොට ඒ පුද්ගලයා වෙන බන්ධනාගාරයකට මාරු කරලා වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒවාට ඕනෑ තරම් උදාහරණ තියෙනවා," ඇය පැවසුවාය. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව ඇත. මූලික අයිතිවාසිකම් පිළිබඳ විධිවිධාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයේ ඇතුළත් වන අතර, විධායක හෝ පරිපාලනමය ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඉඩ සලසා තිබේ. III වන පරිච්ඡේදය යටතේ ආරක්ෂා කර ඇති අයිතිවාසිකම් අතර අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම, වධහිංසා සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ පහත් සැලකීම් හෝ දඬුවම්වලින් නිදහස් වීම සහ ඒ සම්බන්ධයෙන් ළඟම ඇති අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට ඇති අයිතීන් ද ඇතුළත් වේ. කෙසේනමුත්, වරද සිදු වී දින 30 ක් ඇතුළත මූලික අයිතිවාසිකම් අයදුම්පත් ගොනු කළ යුතුය. නඩු ඇසීමේ දී විශාල ප්‍රමාදයක් ඇත. එමෙන්ම, මූලික අයිතිවාසිකම් නඩු ගොනු කළ යුත්තේ කොළඹ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේය. පෙත්සම ගොනු කිරීමේදී වින්දිතයින් හෝ ඔවුන්ගේ පවුල්වල අය පැමිණිය යුතු නැතත්, ලියකියවිලි අත්සන් කිරීම සහ නීතිඥයන් සමඟ කටයුතු සිදු කිරීම සඳහා ඔවුන් බොහෝ විට කොළඹට පැමිණිය යුතුය. නඩු කටයුතුවලදී සිදුවන ප්‍රමාදයන් මෙන්ම ගමන් වියදම් දැරිය නොහැකි යැයි කොළඹින් දුර බැහැර සිටින පැමිණිලිකරුවන් බොහෝ විට මැසිවිලි නගන බව ප්‍රායෝගික ගැටළු ගැන අදහස් දැක්වූ නීතීඥවරු කීපදෙනෙක් පැවසූහ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වින්දිතයින්ට ජාතික මානව හිමිකම් කොමිසමට සිය පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය. නීතිඥවරයෙකුගේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, මානව හිමිකම් කොමිසමේ පෙත්සමක් ගොනු කිරීම මූලිකවම වාසිදායක වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීම සම්බන්ධයෙන් පවතින දින 30 ක කාලය මෙහි දී අදාළ නොවන බැවිනි. මානව හිමිකම් කොමිසමට ද ස්වාධීන පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති අතර, දේශපාලන බලපෑම් ද එල්ල වන බව විවිධ දේශපාලඥයන් මෙන්ම නීතීඥවරුන් විටින් විට ප්‍රසිද්ධියේ චෝදනා නගා ඇත. කෙසේනමුත්, මහර සිද්ධිය මුල් කරගෙන දෙසැම්බර් දෙවෙනි දින වාර්තාවක් ඉදිරිපත් කිරීමට මානව හිමිකම් කොමිසම ක්‍රියා කර ඇත. බන්ධනාගාරවල මේ වන විට පවතින තත්වය යහපත් කිරීම සඳහා අතුරු නිර්දේශ මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, අගවිනිසුරු, නීතිපති, පොලිස්පති, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත මෙම නිර්දේශ යවා තිබේ. බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් පසු සිරකරුවන් කිහිප දෙනෙකු මිය යාම, සිරකරුවන්ට සහ නිලධාරීන්ට බරපතල තුවාල සිදු වීම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා දැකීමෙන් පසුව අදාළ බලතල සහ නීතියට අනුකූලව තමන් විසින්ම පරීක්ෂණය ආරම්භ කළ බව මානව හිමිකම් කොමිසම එම වාර්තාවේ දක්වා ඇත. මහර රැඳවියන්ගේ ඥාතීන්ගෙන් කොමිසමට බොහෝ ඇමතුම් ලැබී ඇති අතර, සිරකරුවන්ට සන්නිවේදන පහසුකම් ලබා දීමෙන් පසු රැඳවියන් කීපදෙනෙකු ද කොමිසම අමතා ඇත. සිද්ධිය පිළිබඳ පරීක්ෂණවල දී බන්ධනාගාරයට ඇතුළුවීමේ දී සහ නිලධාරීන් සමඟ කතා කිරීමේ දී බොහෝ ප්‍රමාදයන් සිදු වුණු බව ද කොමිසම සඳහන් කර තිබේ. සමහර ප්‍රමාදයන් තේරුම් ගත හැකි වුවත්, අනවශ්‍යය ලෙස කාලය ගෙවී ගිය අවස්ථාද තිබූ බව වාර්තාවේ දැක්වේ. මානව හිමිකම් කොමිසමට බලධාරීන් වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමේ හැකියාව මෙන්ම, එවැනි අවස්ථාවලදී බලධාරීන් වහාම මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දිය යුතු බවත්, මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 11 (ඈ) යටතේ නිදහස අහිමි වූ ජනතාවගේ සුභසාධනය සහතික කිරීම කොමිසමේ වගකීම බවත් අතුරු වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ. 1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභා පනතේ11 (ඈ): "අධිකරණමය ආඥාවක් මගින් හෝ අන්‍යාකාරයකින් හෝ රඳවාගෙන සිටින තැනැත්තන්ගේ සුභසිද්ධිය, ඔවුන් රඳවාගෙන සිටින ස්ථාන නිරතුරුව පරීක්ෂා කිරීමෙන්, සුපරීක්ෂණය සහ ඔවුන් රඳවාගෙන සිටීමේ තත්වයන් වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය විය හැකි නිර්දේශ ඉදිරිපත් කිරීම, සිරකරුවන්ගේ සෞඛ්‍ය, සිද්ධිය ගැන තොරතුරු ලබා දීම, සුභසාධනය, තීන්දු තීරණ ගැනීමේ අඩු පාඩු, කඩිනම් පරීක්ෂණ පැවැත්වීම, බන්ධනාගාර නිලධාරීන්ට නිසි පුහුණුවක් ලබා දීම, සිරකරුවන්ගේ මානසික සුවය" ඇතුළු බොහෝ කාරණා සම්බන්ධයෙන් මෙම වාර්තාවේ නිර්දේශ ඉදිරිපත් කර ඇත. තීන්දුවක්! ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ දී සිදු වූ ඝාතනයකින් දශකයකට ආසන්න කාලයකට පසු 2019 දෙසැම්බර් 17 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශ කළේය. මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව මෙම නඩුව පවරනු ලැබ තිබිණ. පොලිසියට හෝ ආරක්ෂක අංශවලට එරෙහිව නැගෙන චෝදනා බොහෝ විට යටපත් වන කාලවකවානුවක මෙය ඉතා වැදගත් තීන්දුවක් ලෙස දෙස් විදෙස් නීති විශාරදයින් පෙන්වා දී තිබිණි. රත්නායක තරංගා ලක්මාලි එරෙහිව නිරෝෂන් අබේකෝන් නම් මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ, පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙකු අධිකරණ ක්‍රියාදාමයෙන් බාහිරව ඝාතනය කිරීමෙන්, ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කර ඇති බවය. "මේ රටේ සෑම පුරවැසියෙකුම ආරක්ෂා කිරීම රජයේ වගකීමයි. මේ නඩුවේදී, රජය සිය වගකීම පැහැර හැර ඇති බවත්, මියගිය අයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් මට පෙනී යනවා," නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු එස් තුරෙයිරාජා පැවසීය. තීන්දුව ලබා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට එල් ටී බී දෙහිදෙනිය සහ මුර්දු එන් බී ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ද ඇතුළත් විය. වන්දි වශයෙන් වින්දිතයාගේ පවුලට රුපියල් මිලියනයක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළ අතර පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට රුපියල් 2,50,000 බැගින් ද තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට රුපියල් 25,000 බැගින් ද ගෙවන ලෙස නියෝග කරන ලදී. ජීවත්වීමේ අයිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව හැඳින්වීමක් නොමැති නමුත්, 13 (4) වගන්තිය (අත්තනෝමතික දඬුවම්වලට යටත් නොවීම) සමඟ කියවන ලද 11 වන වගන්තිය (වධහිංසාවෙන් නිදහස් වීම) මගින් ජීවත්වීමේ අයිතිය ගැන මෙම තීන්දුවෙන් පිළිගෙන තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව "ජීවමාන ලියවිල්ලක්" වන අතර එය "පටු හා දැඩි විග්‍රහයක් ලෙස" නොසැලකිය යුතු යැයි අධිකරණය සිය තීන්දුවට අදාළ නීතිමය පසුබිම හුවා දක්වමින් කියා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතයේ වැදගත්කම ගැන මෙම අධිකරණ තීන්දුවේ සඳහන් කර ඇති අතර, ඉන් එකක් නම් ජනතාවගේ ගෞරවය සහ යහපැවැත්ම මෙන්ම විවිධ ජාත්‍යන්තර ගිවිසුම් යටතේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවත්වීමේ අයිතිය ශක්තිමත් කිරීමේ වගකීමය. මේ තොරතුරුද කියවන්න:
13 වන ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කරමින් පුළුල් ලෙස බලය විමධ්‍යගත කිරිමේ අවශ්‍යතාව ඉන්දියාව විසින් ප්‍රකාශ කොට තිබේ.
බලය විමධ්‍යගත කිරිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් හමුවූ අවස්තාවේදී දන්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය මගින් වාර්තා කොට ඇත්තේ. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සතු බලතල අඩු කිරීමට පියවර නොගත යුතු බවත් ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් විසින් පෙන්වා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ එරට නායකයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූ බවයි ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් සංදේශයට පැවසුවේ.
බැංකොක් නුවරදී උද්ඝෝෂකයකු වෙඩි තබා මරා දමා ඇති අතර තායිලන්තයේ දකුණු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඡන්ද අපේක්ෂකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු අත්හිටුවා තිබේ.
තායි බලධාරීන්ට මෙම පියවර ගැනීමට සිදු වූයේ ඡන්ද අපේක්ෂකයන් ලියාපදිංචි කැරෙන මධ්‍යස්ථාන වලට ඇතුළු විය නොහැකි වන පරිදි උද්ඝෝෂකයන් මඟ ඇවිරීමෙන් අනතුරුවයි. සති කිහිපයක් තිස්සේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දියත් වීමෙන් අනතුරුව යළි මැතිවරණයක් පැවැත්වීමට තායි අගමැතිවරිය තීරණය කළාය. ලබන පෙබරවාරියේ පැවැත්වීමට නියමිත මෙම මැතිවරණය වර්ජනය කරන බවයි විරුද්ධ පක්ෂ පවසන්නේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ දිල්ලි අගනුවර දී ශිෂ්‍යාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන කල්ලියේ බාල වයස්කාර චූදිතයාට අධිකරණයෙන් නියම කෙරුණ දඬුවම සම්බන්ධයෙන් එම ශිෂ්‍යාවගේ පවුලේ සාමාජිකයන් සෑහීමකට පත් නොවන බවයි වාර්තා වන්නේ.
ශිෂ්‍යාව දූෂණය කළ කල්ලියේ සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවක්. ශිෂ්‍යාව දූෂණය කෙරුණ දිනවල වයස අවුරුදු දාහතක් වූ යොවුන් තරුණයා පුනරුත්ථාපනය කිරීමේ අරමුණින් අධිකරණය ඔහුට නියම කර තිබෙන්නේ, අවුරුදු තුනක සිර දඬුවමක් පමණයි. බාලවයස්කාර අපරාධකරුවකු හැටියට ඉන්දියානු නීතිය අනුව එවැන්නකුට දිය හැකි උපරිම දඬුවම එයයි. දූෂණයට ගොදුරු වූ ශිෂ්‍යාවගේ සහෝදරයා ප්‍රකාශයක් කරමින්, අවුරුදු තුනක දඬුවම ඉතා ළිහිල් එකක් වන අතර , නඩු තීන්දුවට එරෙහිව මහාධිකරණයක් ඉදිරියේ අභියාචනය කරන බව කියා සිටි බවයි වාර්තා වන්නේ. ඉහත කී සමූහ දූෂණයට හවුල් වී යයි චෝදනා ලබන තවත් සැකකරුවන් හතර දෙනකුට එරෙහිව වෙනත් නඩු විභාගයක් පැවැත්වෙන අතර එහි තීන්දුවත් ඉදිරි සති කීපය ඇතුළත ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් පවතී.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශන වාර්තාව අහෝසිකරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව අවලංගු කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විවෘත අධිකරණය ඉදිරියේ විභාග කිරීමට නව අගවිනිසුරු වරයා තීන්දු කොට තිබේ.
දෝෂාභියෝග චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක් නැතැයි අභියාචනාධිකරණය තීන්දු කළේය ඒ අනුව ගම්පහ පදිංචි එච් ඩබ්ලිව් හේවගේ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම මේ මස 14 වැනි දා අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රමුඛ ත්‍රී-පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතයි. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය ඇයට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක් නැතැයි තීන්දු කළ බව පෙන්වා දෙන පෙත්සම්කරු, එම තීන්දුව ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරයි. පාර්ලිමේන්තුව වෙත නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නැති බව පෙත්සම්කරු ගේ තර්කයයි. ශිරාණි බණ්ඩාරනායක ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ එයට එරෙහිව කරුණු දැක්වීමට තමන් අවසර ඉල්ලූ නමුත් එම අවසරය පවා ප්‍රතික්ෂේප කෙරුණු බව ද පෙත්සම්කරු පවසයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
ලෝකයෙන් අහිමිවී යාමේ විශාල තර්ජනයට ලක්ව සිටින ආදිවාශී ජන කොටසක් ආරක්ෂා කර ගැනීමට අසමත් වී සිටින බවට ආදීවාසී ජන කොටස් වෙනුවෙන් පෙනී සිටින ක්‍රිරියාධරයන් කන්ඩායමක් බ්‍රසීල රජයට චෝදනා එල්ල කරයි.
බ්‍රසීලයේ වයඹ දිග Awa ආදිවාසීන්ගේ භූමියට ඇතුල්ව පදිංචිවී සිටින සහ ගස් කපා දමන පුද්ගලයන්ගෙන් ඔවුන්ට තර්ජන එල්ල වෙමින් තිබෙන බවයි, Survival International ක්‍රිරියාධරයන්ගේ ආයතනය පවසන්නේ. Awa ආදිවාසී ජන කණ්ඩායමට සාමාජිකයන් හාර සිය පනහක් පමණ ඇතුලත් වෙයි. මේ වන විට ඔවුන්ගෙන් එක් අයකුට පිටතින් පැමිණි පුද්ගලයන් දස දෙනකු සිටින අතර ඒ කිසිවකු ඉවත් කිරීමට පියවර ගෙන නැත. බ්‍රසීල ව්‍යවස්ථාවෙන් ආදිවාසීන්ගේ අයිතීන් තහවුරු කොට ඇති නමුත්, රජයේ කිසිදු දෙපර්තුමේන්තුවක් විසින් Awa ආදිවාසීන් පිළිබඳ වගකීම් දරන්නේ නැති බවයි Survival International ආයතනය පවසන්නේ.
හෙට,ඉරිදා බංග්ලාදේශයේ 'මීර්පුර්' ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය සඳහා ශ්‍රී ලංකාව සූදානම් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ලසිත් මාලිංග විසින්. මෙම අවසාන මහා තරඟය සඳහා ශ්‍රී ලංකාව තරඟ වදින්නේ ඉන්දියාව සමගයි. පසුගිය තරඟය සඳහා තරඟ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එකොලොස් දෙනා මෙම තරඟය සඳහාද තෝරාගෙන ඇති අතර,ඊට අමතරව තිසර පෙරේරා කණ්ඩායමට එක් කොට ඇති බවයි කළමනාකාර මයිකල් ඩි සොයිසා සංදේශයට පැවසුවේ. “දොළොස් දෙනාගෙන් එකොලොස් දෙනෙක් තෝරා ගන්නව. පිටියේ තත්වය බලල තමයි ක්‍රීඩකයන් කවුද යන්න තීරණය කරන්නෙ” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය. මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ තරඟයකදී ඉන්දියාව පරාජය කරනු ලැබ ඇත. ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි මෙම තරඟයේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ලසිත් මාලිංග විසිනි. පසුගිය ලෝක කුසලාන සීමිත ඕවර් තරඟාවලියේ අවසන් තරඟයේදී ද ශ්‍රී ලංකාව තරඟ වැදුණේ ඉන්දියාව සමගයි.
ස්ත්‍රී දූෂණවලට එරෙහිව දැඩි පියවර ගන්නා මෙන් ආසියානු කලාපීය ජනතාව තම ආණ්ඩුවලට බලපෑම් කරමින් සිටින සමයක, ශ්‍රී ලංකාවේ දිගින් දිගටම සිදුවන ස්ත්‍රී දූෂණ පිළිබඳව ජනතාව මුනිවත රැකීම රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම සම්බන්ධයෙන් හොඳම උදාහරණයක් බව මානව හිමිකම් සංවිධානයක් පවසයි.
වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයකට ලක්වීම සම්බන්ධයෙන් ඉන්දියාව පුරා දැවැන්ත උද්ඝෝෂණ මතුවූ අන්දම මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙයි ආසියානු මානව හිමිකම් කොමිසම ඒ බව පවසන්නේ නුගේගොඩ විජේරාම මාවතේදී පුරුෂයන් පිරිසක් විසින් 45 හැවිරිදි කාන්තාවක දූෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවාසීන් අතරින් කිසිදු ප්‍රබල උද්ඝෝෂණයක් මතු නොවීම පිළිබඳව අදහස් දක්වමින්. දිල්ලි අගනුවරදී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයකට ලක්වීම සම්බන්ධයෙන් රට පුරාම දැවැන්ත උද්ඝෝෂණ හමුවේ අගමැති මන් මෝහන් සිං ට පවා එයට මැදිහත් වීමට සිදු වූ අන්දමත්, ඒ හා සමාන සිදුවීමක දී නේපාලවාසීන් වීදි බැසි අන්දමත් පෙන්වා දෙන ආසියානු මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් මතු නොවීමට ප්‍රධානම හේතුව පොලීසිය ඇතුළු නීතිය පසිඳලන ආයතන කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම බව ද පවසයි. 'පරීක්ෂණ ගැන සැකයි' විශේෂයෙන්ම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ හසිත මඩවල යන ආණ්ඩු පක්ෂයේම දේශපාලනඥයන් ඝාතනය කිරීමේ සිදුවීම් සම්බන්ධ පොලිස් පරීක්ෂණ ක්‍රමයෙන් යටපත් වෙමින් තිබෙන අන්දම මේ තත්ත්වයට හොඳම උදාහරණ බවයි, එම සංවිධානය පවසන්නේ. 'උද්ඝෝෂණ නෑ' "මේ වගකීම අරගෙන සාමාන්‍ය පුරවැසියන් හැටියට ඉදිරියට එන්නේ නැති එක කාන්තාවන් හැටියට අපිටත් බරපතල ප්‍රශ්නයක්" ලක් වනිතා පෙරමුණේ ශාන්තිනී කෝන්ගහගේ තංගල්ලේ දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙඩි තබා මරා දැමීම සහ ඔහු සමඟ සිටි රුසියානු ජාතික තරුණිය දූෂණය කිරීමේ චෝදනා සම්බන්ධ පරීක්ෂණය යටපත් වීම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව එල්ල වී තිබූ ළමා ලිංගික දූෂණ චෝදනා එවක නීතිපතිව සිටි, වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් විසින් ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව ද මානව හිමිකම් සංවිධානයේ නිවේදනයේ සවිස්තරව සඳහන්. මේ අතර නුගේගොඩ දී සිදුවූ සමූහ ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානය ඉදිරිපස උද්ඝෝෂණයක නිරත වූ ලක් වනිතා පෙරමුණේ ශාන්තිනී කෝන්ගහගේ බීබීසී සංදේශයට කියා සිටියේ, දැනට අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට ඇප ලබා නොදෙන මෙන් තමන් එහිදී පොලීසියෙන් ඉල්ලා සිටි බවයි. ත්‍රී-රෝද රථ රියදුරෙක් සහ පෞද්ගලික බස් රථ රියදුරන් දෙදෙනක් මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබෙන බව පවසන ඇය, ඇප ලබා දුනහොත් ඔවුන් යලි යලිත් මෙවැනි අපරාධවල යෙදීමේ අවදානමක් පවතින බව ද සඳහන් කරන්නීය. ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණ පිළිබඳව ජනතාව මුනිවත රැකීම සම්බන්ධයෙන් ආසියානු මානව හිමිකම් කොමිසම මතු කරන අදහස් අනුමත කරන ශාන්තිනී කෝන්ගහගේ, අතීත අත්දැකීම් සලකා බැලීමේදී මේ සිදුවීම සම්බන්ධයෙන් ද සාධාරණය සිදුවනු ඇත්දැයි තමන්ට සැකයක් පවතින බව ද වැඩිදුරටත් කියා සිටියාය. සබැඳි තේමා
කොවිඩ් -19 වින්දිතයින් ගේ මෘත ශරීර භූමදානය කිරීම සඳහා නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔඩ්ඩමවාඩි හි පිහිටි නව සුසාන භූමියක් රජය විසින් හඳුනාගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම් වෙල්ලතම්බි තවරාසා බීබීසී සමග පැවසීය. මාස ගණනක් ශීතකරණවල බහා තිබූ මෘතදේහ අද සිට භූමදානය අරඹන බව නිලධාරීහු පැවසූහ.
කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ මෙසේ ඔඩ්ඩමවාඩි හි දී භූමදානය කිරීමට පියවර ගැනෙන්නේ, මන්නාරමට එපිටින් පිහිටි ඉරණතිව් දූපත කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සඳහා තෝරාගන් බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කිරීමත් සමග ඇති වූ විරෝධතාවෙන් පසුවය. "ඔඩ්ඩමාවාඩි හි අක්කර 10 ක සුසාන භූමියක අක්කර 2 ක් COVID-19 සුසාන භූමියක් ලෙස රජය විසින් වෙන් කරනු ලබා තිබේ" යැයි ප්‍රාදේශීය ලේකම් වෙල්ලතම්බි තවරාසා බීබීසී සිංහල සේවයට පැවසීය. මළ සිරුරු 11 ක් අද (මාර්තු 5) භූමදාන කිරීම සඳහා මේ වන විට භූමියේ කටයුතු සූදානම් කරමින් සිටින බව වෙල්ලතම්බි තාවරාසා පැවසීය. මේ අතර මාධ්‍ය අමතමින් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ අදාළ ස්ථානයේ මළසිරුරු 2 ක් භූමදානය කරමින් එම කටයුතු ආරම්භ කළ බවකි. එම ස්ථානය මෘතදේහ භූමදානය කිරීම සඳහා පිළිසකර කරන අයුරු සමාජ මධ්‍ය ඔස්සේ සටහන් වූයේ මේ අයුරිනි. කියවන්න: මේ අතර හිටපු මන්ත්‍රී අලි සහීර් මවුලානා, "කොවිඩ්-19න් මියගිය අයව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔඩ්ඩමාවාඩි සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරිකාමම් හි භූමදානය කිරීමට තීරණය විය. සෞඛ්‍ය අමාත්‍යංශය, භූ විද්‍යා ආයතනය, ප්‍රාදේශීය පාර්ශවකරුවන්, ප්‍රජා නියෝජිතයින් සහ පළාත් පාලන ආයතනවල උපදෙස් ඇතිව මෙය සම්බන්ධීකරණය කරන ලදී." යැයි සඳහන් කරමින් ට්විටර් සටහනක් තැබීය. මඩකලපුව සහ අම්පාර සෞඛ්‍ය සේවා කලාපීය අධ්‍යක්ෂවරුන් මෙම ස්ථාන දෙක පිළිබඳ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කර තිබෙන බව ඔහු වැඩිදුරත් පැවසීය. "සාමූහිකව, පසුගිය දින කිහිපය තුළ, සියලු පාර්ශවකරුවන් අප සමඟ එක්ව කටයුතු කළ අතර, භූමදානය සඳහා තෝරාගත් ස්ථාන භාර දීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කළහ. සුසාන භූමි දෙකම වියළි, ජනාවාස නොවූ ප්‍රදේශවල පිහිටා ඇති අතර භූගත ජලය දූෂණය වීමේ අවදානමක් ද නොමැත," යනුවෙන් අලි සහීර් මවුලානා පැවසීය.ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "අපගේ ප්‍රජාවට ඉතාමත් සංවේදී මෙම කාරණය අවසානයකට ගෙන ඒම සඳහා පසුගිය දින කිහිපය තුළ අප සමඟ වෙහෙස මහන්සි වී වැඩ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් හි කාර්ය මණ්ඩලය, රේඛීය නියෝජිත ආයතන සහ නිලධාරීන්, පළාත් පාලන ආයතන සහ ප්‍රජා පාර්ශවකරුවන්ට මාගේ අවංක කෘතඥතාව පළ කරමි. අල්හම්දුලිල්ලා!," යනුවෙනි. එහෙත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි රෙහනා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ "කෙසේ වෙතත් භූගත ජලය දූෂණය වීමේ අවදානමක් නොතිබුණි. කරුණාකර මෙම නපුරු රජයට සහ එය ක්‍රියාත්මක කරන්නන්ට හට නීත්‍යානුකූලභාවය ලබා දීම නවත්වන්න." යනුවෙනි. භූමදානය කිරීම තුළින් භූගත ජලය දූෂණය වන බව පවසමින් රජය විසින් කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය අනිවාර්ය කිරීමට බල කෙරුනි. ඒ හේතුවෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් මෙන්ම ජාතන්තර ප්‍රජාවගෙන් දැඩි විවේචන එල්ලවීම හමුවේ ආණ්ඩුව එම තීරණය වෙනස් කිරීමට තීරණය කළේය. ඒ අනුව පසුගිය සතියේ, මන්නාරම් බොක්කේ, කිළිනොච්චි දිස්ත්‍රික්කයට අයත් ඉරණතිව් දූපත භූමදානය සඳහා නම් කෙරිණි.වර්ග කිලෝමීටර 6 ක කුඩා දූපත් වන ඉරණතිව් හි ධීවරයින් 400 ක් පමණ සිටින අතර ඔවුන් ප්‍රධාන වශයෙන් එදිනෙදා කටයුතු සඳහා භූගත ජලය මත යැපේ. කියවන්න:
යම් අයකුට එරෙහිව දූෂණ හෝ විෂමාචාර චෝදනා ඇත්නම් ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිගත් ක්‍රියාමාර්ග ඇති බව හිටපු ජනාධිපතිවරයා පවසයි.
නමුත් එසේ නොකර ජනමාධ්‍ය හරහා තමාටත් තම පවුලේ සාමාජිකයන්ටත් එරෙහිව “ද්වේශ සහගත ලෙස මඩ ගසන ” බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ. ඉකුත් ජනාධිපතිවරණයට පෙරත් ඊට පසුත් “පෙර කිසිදාක නොවූ විරූ අවලාද ව්‍යාපාරයක්” ගෙන යමින් මහජනතාව නොමග යැවීම සඳහා මඩ ව්‍යාපාර ගෙන යන බව හිටපු ජනපති නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්. ජනාධිපතිවරණය පැවති දිනට පසු හමුදා කුමන්ත්‍රණයක් මාර්ගයෙන් තවදුරටත් බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියේය.
සහෝදර මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී තිබෙන ඉන්දියාවේ ප්‍රධානම පෙළේ ගවේෂණාත්මක සඟරාවක සංස්කාරකවරයා දින හයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණ.
තරුන් ටේජ්පල් තමන්ට එරෙහි චෝදනාව ප්‍රතික්ෂේප කරයි තෙහෙල්කා සඟරාවේ සංස්කාරක තරුන් තේජ්පල් විසින් ඉරිපත් කොට තිබුණ ඇප අයදුම්පත ගෝව නගරයේ අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුවයි, සෙනසුරාදා රාත්‍රියේ ඔහු අත් අඩංගුවට ගැනුණේ. චෝදනාව ප්‍රතික්ෂේප කරන තරුන් තේජ්පල් පවසන්නේ, පැමිණිලිකාර මාධ්‍යවේදිනිය සමඟ තමන් ලිංගිකව එක් වූයේ ඇයගේ කැමැත්තෙන් බවයි. හාම්පුතුන් සහ සහෝදර සේවකයන් විසින් රැකියාවල නිරත වන ඉන්දීය කාන්තාවන් නිරන්තරයෙන් ලිංගික අතවරයන්ට ලක් කරන බව පවසන මානව හිමිකම් ක්‍රියාධරයෝ, කෙසේ නමුත් සිය රැකියාව අහිමි වනු ඇතැයි බියෙන් බොහෝ අවස්ථාවල ඔවුන් ඒ පිළිබඳව පැමිණිලි කිරීමෙන් වලකින බවද පවසති.
කාශ්මීර සටන්විරාම ගිවිසුම කඩ කළ බවට ඉන්දියාවට චෝදනා නගමින් පාකිස්තානය එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මුන් වෙත ලිපියක් යවා තිබේ.
සටන්විරාම ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාව මැදිහත් විය යුතු බවට ඉහත කී ලිපිය මාර්ගයෙන් පාකිස්තානය ඉල්ලීමක් කරයි. එවැනි මැදිහත් වීමක් සම්බන්ධයෙන් විරුද්ධත්වයක් පළ කරන ඉන්දියාව ඊට සිය කෝපය පළ කරනු ඇති බවයි පැවසෙන්නේ. දශකයකට පමණ පසු කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ ඇති වී තිබෙන දරුණුතම සටන් අතරතුරයි ඉහත කී ලිපිය යොමු කර ඇත්තේ. මේ අතර ගත වූ පැය විසිහතර තුළ පාකිස්තානය නොනවත්වා සටන්විරාමය කඩ කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. දේශ සීමාවේ පිහිටි ඉන්දීය මුරපොළවල් ඉලක්ක කර පාකිස්තානය ෂෙල් ප්‍රහාර එල්ල කරන බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් චෝදනා කරමින් කියා සිටියේ.
බංග්ලාදේශයේ විශාලතම මුස්ලිම් පක්ෂය වන “ජමායතේ ඉස්ලාමි” පක්ෂය විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය අතරතුර බංග්ලාදේශයේ නගර පුරා කලහකාරී ගැටුම් හට ගෙන ඇත.
වහනවලටත් අලාභානි දකුණු බංගලාදේශයේ “නොආඛාලි” ප්‍රදේශයේ දී විරෝධතා පවත්වන්නන් විසින් එල්ල කෙරුණු ගල් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගිය බව පොලිසිය පවසයි. මේ අතර නිරිත දිග බංග්ලාදේශයේ “ෂත්ඛිරා” දිස්ත්‍රික්කයේ දී ද පොලිසිය හා කලහකාරී පිරිස් අතර ගැටුමක් ඇතිවී ඇත. රබර් උණ්ඩ හා කඳුළු ගෑස් යොදාගනිමින් පොලිසිය එය මැඩපැවැත්වීමට උත්සහ කල අවස්ථාවේදී සිය ගණනක් වූ විරෝධතා පවත්වන්නන් පෙට්රෝල් බෝම්බ වලින් පෙරලා පොලිසියට පහර දෙමින් රථවාහන වලටද අලභහානි කර ඇත. මෙම ගැටුම් හට ගෙන ඇත්තේ පක්ෂ නායකයෙක් වන අබ්දුල් කාදර් මොල්ලාහ් ට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කිරීමෙන් පසුවයි. මෙම නව තීන්දුව ප්‍රකාශයට පත්වී ඇත්තේ “මොල්ලාහ්” විසින් 1971 බංග්ලාදේශ නිදහස් සටන පැවති සමයේ දී කෙරුණු අපරාධ වෙනුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිමින් සිටියදීය.
කොවිඩ් 19 නිසා මේ වනවිට ලෝකයේ වැඩිම බලපෑමක් එල්ලවී ඇති රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඉන්දියානුවන් ජීවිතය ඉල්ලා හඬා වැටෙන අයුරු, ඔක්සිජන් නොමැතිව මිය යන අයුරු මෙන්ම රෝහල් පිරී ඉතිරී ඇති අයුරු දැක්වෙන ඉතා සංවේදී දර්ශන මාධ්‍ය මගින් වාර්තා කර තිබේ. එමෙන්ම මියගිය ඥාතීන්ගේ දේහ ආදාහනය කිරීමට වාරය ලැබෙන තුරු මහමග තබා ගෙන දිගු පෝලිම් වල සිටිනා ඉන්දියානුවන් සහ 'විශාලාවක්' වී ඇති ප්‍රදේශ දැක්වෙන දර්ශන ද ඒ අතර වේ.
''මේ තත්ත්වය තව මාස තුනක් වගේ දිගටම ගියොත් අත්‍යවශ්‍ය නොවන ඖෂධවල, පුද්ගලයන්ට විශේෂ වූ වෙළෙඳ නාමයෙන් ගන්න ඖෂධවල ප්‍රශ්නයක් එන්න පුළුවන්.'' එම තත්ත්වය මත ඉන්දියාවේ ආනයන අපනයන ක්‍රියාවලියට ද බලපෑමක් එල්ල කර තිබේ. එය ශ්‍රී ලංකාවාසීන්ට කෙසේ බලපානු ඇත්දැයි සොයාබැලීම ඉතා වැදගත් වේ. ඊට හේතුව ශ්‍රී ලංකාවේ දෙවෙනි වෙළෙඳ හවුල්කරුවා ඉන්දියාව බැවිනි. වටිනාකම අනුව සැළකු විට ඉන්දියාව පසු කරමින් ඉදිරියට පැමිණි චීනය 2020 වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවා බවට පත්විය. ශ්‍රී ලංකා මහා බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවට අනුව, ආනයන අපනයන ද්විත්වය ඇතුළත් සමස්ත විදේශීය වෙළෙඳාමෙන් 40%ක් ශ්‍රී ලංකාව සිදු කරනු ලබන්නේ චීනය , ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය සමග වේ. එම රටවල් තුන සමග 2019 දී කළ මුළු වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 12.5ක් වන අතර 2020 දී එම අගය ඩොලර් බිලියන 10.5 දක්වා අඩු විය. ''අල, ලූණු, මිරිස් කිසියම් ප්‍රමාණයක් පරිප්පු වැනි අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හුගක් ආනයනය කරන්නේ ඉන්දියාවෙන්.'' ශ්‍රී ලංකාව 2020දී සමස්ත ආනයනවලින් 19.2% ක් සිදු කර තිබෙන්නේ ඉන්දියාවෙනි. 2020 ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන ප්‍රභවයන් ANNUAL REPORT 2020 / CENTRAL BANK OF SRI LANKA දීර්ඝ කාලයක් පුරා වෙළෙඳ ගනුදෙනු සිදුවීම, ප්‍රවාහන වියදම අඩුවීම, දේශපාලන සම්බන්ධතා සහ වෙළෙඳ ගිවිසුම් ආදිය පදනම් කර ගනිමින් අත්‍යවශ්‍ය ආහාර සහ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය සිදු කරනු ලැබේ. ''අපි අල, ලූණු, මිරිස් , කිසියම් ප්‍රමාණයක් පරිප්පු වැනි අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හුඟක් ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. මේවා බොහොමයක් ආනයනය කරන්නේ පුද්ගලික අංශයෙන්. කොවිඩ් තත්ත්වය හමුවේ ඉන්දියාවෙන් භාණ්ඩ පැටවීම අඩාල වුණොත් අපේ වෙළෙඳුන් වෙනත් වාසිදායක මාර්ගවලට ගිහින් පකිස්ථානයට, බුරුමයට, බංගලිදේශයට මාරු වෙනවා. ඒක නිසා ලොකු බලපෑමක් වෙන්නේ නෑ. සමහර විට වාසියක් වෙන්න පුළුවන්. කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය වලටත් ඕකම තමයි වෙන්නේ.'' යනුවෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ''නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලොකු අර්බුදයකට යන්න පුළුවන්.'' අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා ඉන්දියාවේ තත්ත්වය එතරම් බලපෑමක් ඇති නොකළ ද නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ජාතික විද්වත් සංවිධානයේ, ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සභාපති ආචාර්ය අනිල් ජයන්ත බීබීසී සිංහල සේවය සමග කළ අදහස් දැක්වීමේදී සඳහන් කළේය. ''අපේ ආනයනවලින් ලොකු ප්‍රතිශතයක් ඉන්දියාවෙන් වුණාට, අපනයන පැත්තෙන් බැලුවොත් ඒක ඉන්දියාවට පොඩි ප්‍රතිශතයක්. ඒ නිසා ඉන්දියාව මුහුණ දී ඇති තත්ත්වය මත ඔවුන් අපිට තියෙන සැලකිල්ල අඩු වුණොත් අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයත්, කර්මාන්ත, සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ප්‍රති අපනයන ක්ෂේත්‍රය ගත්තොත් මරු පහරක් වෙන්න පුළුවන්. නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලොකු අර්බුදයකට යන්න පුළුවන්.'' යනුවෙන් ආචාර්ය අනිල් ජයන්ත කියා සිටියේය. මේ වනවිට චීනය ශ්‍රී ලංකාවේ විශාලම වෙළෙඳ හවුල්කරුවා බවට පත් වුව ද ශ්‍රී ලංකාවෙන් සිදු කරන අපනයන සැළකීමේදී චීනයට වඩා වැඩි ප්‍රතිශතයක් ලංකාවෙන් ඉන්දියාවට භාණ්ඩ අපනයනය කරන බව ද ඔහු පැවසුවේය. ආහාර ද්‍රව්‍ය සහ ඖෂධවලට අමතරව රෙදිපිළි හා රෙදිපිළි උපාංග, ඛනිජ තෙල් නිෂ්පාදන, ගොඩනැගිලි ද්‍රව්‍ය, යන්ත්‍රසූත්‍ර හා උපකරණ, රසායනික නිෂ්පාදන ආදිය ඉන්දියාවෙන් ආනයනය කෙරේ. සත්ත්ව ආහාර, කුළු බඩු, රෙදි පිළි, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සුළු කෘෂිකාර්මික නිෂ්පාදන ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඉන්දියාවට අපනයනය කරන භාණ්ඩ අතරට අයත් වේ. ඉන්දියාවෙන් එන්නත් ලැබීම පමා වෙයි කොවිඩ් 19 රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත් ලබා දීම ජනවාරි 29 වැනිදා ආරම්භ විය. ඒ ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලැබීමත් සමගය. ඒ අතර ඉන්දියාවේ සීරම් ආයතනයෙන් එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාව ඇනවුම් කරන ලදී. ඉන් ලක්ෂ 05ක් ලැබුණු අතර ඉතිරිය අදියර දෙකක් යටතේ අප්‍රේල් සහ මැයි ලබා දීමට ඔවුන් එකඟ වී සිටි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැයි 04 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ''අපිට ලක්ෂ හයක එන්නත් ගැටලුවක් තියෙනවා. ඒක හංගන්න දෙයක් නෑ. '' ''අනපේක්ෂිත විදියට ඉන්දියාවේ තිබුණු දරුණු වසංගතයත් එක්ක සීරම් ආයතනයට බැරි වෙනවා අවශ්‍ය පරිදි එන්නත් ටික ඩිලිවර් කරන්න. අපිට ලක්ෂ හයක එන්නත් ගැටලුවක් තියෙනවා. ඒක හංගන්න දෙයක් නෑ. මේක රජයේ වරදක් හින්දා නෙමෙයි. වසංගතයේ තත්ත්වය මත නිෂ්පාදකයන්ට අවශ්‍ය කරන සැපයුම දීගන්න බැරි හින්දා. ඒ එක්කම අපි ස්පුට්නික් එන්නත ගේන්න, ෆයිසර් එන්නත ගේන්න කටයුතු කරලා තියෙනවා.'' යනුවෙන් ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ඇති වෙයිද ? ඉන්දියාවේ පවතින තත්ත්වය මත මේ වන විට ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් මතුවී නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ''බෝ නොවන රෝග සඳහා අවශ්‍ය ඖෂධ වලින් බහුතරයක් අපි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා නිෂ්පාදනය කරනවා. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය අපි ගේන්නේ චීනයෙන්. ඒ සැපයුම් මාර්ගයට ලොකු හානියක් වෙලා නෑ. අමුද්‍රව්‍ය තොග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඉන්දීය සැපයුම නැති වුණා කියලා විශේෂයෙන් රාජ්‍ය ක්ෂේත්‍රයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි මේ තත්ත්වය තව මාස තුනක් වගේ දිගටම ගියොත් අත්‍යවශ්‍ය නොවන ඖෂධවල, පුද්ගලයන්ට විශේෂ වූ වෙළෙඳ නාමයෙන් ගන්න ඖෂධවල ප්‍රශනයක් එන්න පුළුවන්.'' යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. තවත් තොරතුරු: කොවිඩ්-19 රෝගීන්ගේ සීග්‍ර වර්ධනය හමුවේ රට කෙතරම් සුදානම්ද? කොවිඩ් 19 අතර "ගැට ගැසෙන" ජීවිත ශ්‍රී ලංකාවේ 'කොවිඩ් තත්ත්වය ගැන ප්‍රස්තාර පහක්
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් පළමු පෙළ තරගවල 1000 වෙනි කඩුල්ල බිඳ හෙළීමට සමත් විය.
ඔහු එම සීමාව පසු කළේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමත් සමග පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් තරගයේදී කඩුලු තුනක් බිඳ හෙළීමත් සමගය. ඒ අනුව පළමු පෙළ කඩුලු දහසේ සීමාව ඉක්ම වූ දෙවෙනි ශ්‍රී ලංකික ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොතට එක් වේ. එම වාර්තාවට හිමිකම් කියන හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් දවා ගනු ලැබ ඇති පළමු පෙළ කඩුලු සංඛ්‍යාව 1374 කි.
"ගැහැණු ළමුන් ඔසප්වීම යනු ඉන්දියාවේ අදටත් ඉතා සංවේදී කාරණයක් වුවත්, සංවේදී පාරම්පරික ඇගයීම් වෙනසක් අනාවරණය කෙරුණ යළි හමුවක් සිදුවෙන තෙක් මෙපමණ කලක් එය මට අදාළ චාරිත්‍රයක් වූයේ නැහැ"
මේගා මෝහන්ගේ මිත්තනිය "කව්රු හරි ලග 'ටැම්පොන්' එකක් (tampon - ඔසප් වීමේ දී පිටවන රුධිරය උරා ගැනීමට යෝනි මාර්ගයට ඇතුළු කරන පුළුන්වලින් තැනූ ඇබයක්) තියෙනවාද?" මම නාන කාමරයෙන් පිටතට පැමිණෙන අතර ඇසුවෙමි. උණුසුම් තේ කෝප්පයක රස විඳිමින් සතුටු සාමීචියේ යෙදී සිටි මගේ පවුලේ සියළු දෙනාම එකවර නිහඩ විය. එදින අපි සැවොම සිටියේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් 'රාමේස්වරම්' දූපතේ සාමාන්‍යය ප්‍රමාණයේ හෝටල් කාමරයකය. එය අසාමාන්‍ය නිහැඬියාවක් බව වැටහුණේ පිටත පැවති වරුසාවෙන් එන හිරිකඩ එක විට ජනේලයට වැදෙන ශබ්දයත් සමගය. එමෙන්ම දිනපතා 'වට්ස් ඇප්' (WhatsApp ) ඔස්සේ කතා කරන මහද්වීප තුනක ජීවත් වන මගේ පවුලේ සාමාජිකයන් එකට එකතු වූ විට මෙවැනි නිහඬතාවයක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක. දිගා වී සිටි ඇදෙන් බිමට බැසගත් මගේ නැන්දා ඇයගේ අත් බෑගය වෙත පියනැගුවාය. ඒ තුළින් ගත් සනීපාරක්ෂක තුවායක් ඇය මා අත තැබුවාය. "අපි ෆාමසි එකක් ලගින් නවත්තනකම් මේක ඔයාට ඇති වෙයි" ඇය පැවසුවාය. "ඔයා දන්නවා නේද මේකේ තේරුම මොකක්ද කියලා?" ඇය මගෙන් ඇසුවේ මා දෙස දුක් මුසු බැල්මක් හෙළමිනි. "ඔයාට කෝවිලට යන්න එන්න බැරි වෙයි." තම මියගිය ඥාතීන්ට ගෞරව කිරීමේ අරමුණින් රාමේස්වරම් කෝවිලේ "ශුද්ධ ජලය" ස්නානය කරන බැතිමතුන් වර්ග කිලෝමීටර හැටක වපසරියකින් යුතු රාමේස්වරම් දූපත ධීවර සහ සංචාරක කර්මාන්තවලට ප්‍රසිද්ධ වුවත් අපි එහි ගොස් සිටියේ විනෝද චාරිකාවකට නොවේ.. එය ඉතා විශේෂ දුක්මුසු කාරණයක් මුල් කරගත් ගමනක් විය. ඒ වන විට මගේ ආදරණීය මිත්තනිය මියගොස් වසරක් ගතවී තිබුණි. මහද්වීප කිහිපයක විසිරී සිටින අපගේ පවුලේ සාමාජිකයන් මෙතෙක් කල් එකට සම්බන්ධ කර තබා ගත්තේ ඇයයි. පසුගිය දෙසැම්බර් මස අසන්නට ලැබුණ මෙම දුක්මුසු ආරංචියත් සමග, අප සියලු දෙනාම වහාම වෙන් කරගත් ගුවන්යානා මගින් ඇයගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීමට පැමිණියෙමු. තමිල්නාඩුවේ ඉතා ප්‍රසිද්ධ හින්දු පූජනීය ස්ථාන පිහිටා ඇත. මීනක්‍ෂි කෝවිලේ මෑතකදී ඇති වූ ගින්නෙන් කඩ සාප්පු විශාල ප්‍රමාණයකට හානි සිදු විය. මරණය හා සම්බන්ධ හින්දු චාරිත්‍ර බොහොමයක් ඇත. ඉන්දියාවේ ඔබ ජීවත් වන ප්‍රදේශය අනුව එම චාරිත්‍ර ද වෙනස් වනු ඇත. මගේ පවුලේ ඥාතියෙකු මිය ගිය විට අදහන්නේ දකුණු ඉන්දීය හින්දු චාරිත්‍රය. මියගිය ඇයගේ සිරුර සුදු පැහැති කපු රෙද්දක දවටා නැවත අප නිවස වෙත රැගෙන එන ලදී. ඉන්පසු ඇයගේ සිරුර විශාල කෙසෙල් කොලයක් මත තබා අප සියලු දෙනා ඒ වටා රොක් වී යාඥා කළෙමු. ඇයගේ සිරුර ආදාහනය කිරීමට රැගෙන යාම පුරුෂයන්ට සීමා විය.එම මොහොතට සහභාගී වීමට මට නොහැකි වීම ගැන ඇත්තේ පසුතැවිල්ලකි. ඇයගේ මරණයෙන් දින පහළොවක් ගත වන තුරු අපි මාංශ අනුභවයෙන් වැළකී සිටියෙමු. දින අනූවකට පසු විශේෂ උත්සවයක් පවත්වන ලදී. ඉතිරි චාරිත්‍ර ඉටු කරන දින නැවත හමුවීමට පොරොන්දුව ගුවන් තොටුපොලේදී අපි එකිනෙකාගෙන් සමුගතිමු. ශෝක කාලයේ අවසන් කොටස රාමේස්වරම් දූපතේ පිහිටි ඉතා ප්‍රසිද්ධ දේවස්ථානයකදී ඉටු කිරීමට නියමිතව තිබුණි. මේගා මෝහන්ගේ මිත්තනියගේ තරුණ කළ ඡායාරූපයක් මින් වසර තිස් හයකට පෙර මියගිය මගේ සීයාගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදු කර ඇත්තේද එකී දේවස්ථානයේ දී වීම විශේෂත්වයකි. බෙංගාල බොක්ක ආසන්නයේ පිහිටි රාමේස්වරම් දූපත එහි පිහිටි පුරාණ දේවස්ථානය හේතුවෙන් මහත් ප්‍රසිද්ධියක් දරයි. රාමා දෙවියන් සීතා කුමරිය බේරාගැනීමට එම ස්ථානයේ සිට ශ්‍රී ලංකාව දක්වා පාලමක් තැනූ බව පුරාවෘත්තයන්හි සදහන් වෙයි. ගුවන් ගමන් තුනක් සහ වල ගොඩැලි සහිත මාර්ගයක මෝටර් රථයෙන් ගමන් කරන අතරතුර මෙම දේවස්ථානයේ තොරතුරු කියවීමට මට අවස්ථාවක් ලැබුණි. එහි ඇති අලංකාර බරාඳ, පූජනීය කුළුණු, කැටයම් කළ විශාල ගල් කණු සහ මිනිසුන් එහි පැමිණෙන විශේෂ අවස්ථාවන් පිළිබදව කියවා දැනුවත්වීමට හැකි වුණි. මම ආගමානුකූලව ජීවත් වන කෙනෙකු නොවුනත් වන්දනා ගමනක යෙදෙන නිසා එහි ඇති වැදගත්කම ගැන දැනගත යුතුයැයි මට හැඟුණි. රාමේස්වරම් ගැන සේම මිත්තනිය මිය ගොස් මාස කිහිපයකට පසු ඉටුකරන අවසන් චාරිත්‍ර ගැනද මම බොහෝ ගැඹුරට සිතන්නට වුනෙමි. රාමේස්වරම් දූපත එහි පිහිටි පුරාණ දේවස්ථානය හේතුවෙන් හින්දු බැතිමතුන් අතර මහත් ප්‍රසිද්ධියට පත්ව ඇත. නැවත අපි හෝටල් කාමරයේ සිද්ධිය දෙසට යොමු වෙමු. නැන්දා දුන් සනීපාරක්ෂක තුවායද අතැතිව සිටි මට, පවුලේ සියලු දෙනා සමඟ එක් වී දුක බෙදාහදා ගන්නා මොහොතට සහභාගී වීම වැලැක්වීම ගැන තරහක් ඇති විය. "දැන් ඔයා කියන්නේ මට මාසික ශුද්ධිය හැදුනු නිසා කෝවිලට එන්න බැහැ කියලද?" මම ආවේගශීලීව ඇසුවෙමි. වැඩිහිටියෙකු ඉදිරියේ උස් හඩින් කතා කිරීම වැරද්දක් බව මගේ වචනවලින් නැන්දාගේ කුඩා වූ නෙත් යුගල දෙස බැලූ මට ක්ෂණිකව වැටහුණි. "මට සමාවෙන්න" මම ඉක්මනින් වැරැද්ද පිළිගත්තෙමි. "නමුත් අනිවාර්යෙන්ම ඔයා එහෙම දෙයක් නෙවෙයි නේද කියන්නේ. මේ තරම් දුරක් ගුවනින් ඇවිත් මට කෝවිල ඇතුළට යන්න බැහැ කියල නෙවෙයි නේද ඔයා කියන්නේ" මම නැන්දාගෙන් ඇසුවෙමි. "මේක මම කියන දෙයක් නෙවෙයි" ඇය පිළිතුරු දුන්නාය. "නමුත් ඒවා සිද්ධ විය යුත්තේ මෙහෙමයි" "කවුද කියන්නේ?" මම නැවත ඇසුවෙමි. "ඒක එහෙම තමයි සිද්ධ වෙන්න ඕනේ. ඒක ලොකු ප්‍රශ්නයක්" ඇය තරයේ ප්‍රකාශ කර සිටියේ කාමරය තුළ සිටින අන් අයට මා වෙනුවෙන් පෙනී සිටීමට වුවමනා වුවත් එසේ කිරීමෙන් පලක් නැති බව හඟවමිනි. කිසි කෙනෙකු මා වෙනුවෙන් ඉදිරිපත් වීමට උත්සහ කළේත් නැත. එය අවසන් තීරණය විය. මට රියැදුරාත් සමග කෝවිලෙන් පිටත ගත කිරීමට සිදුවනු ඇත. තවත් තොරතුරු: කලක් ගතවෙද්දී ආර්තවය හා බැඳුණු නොයෙක් මතවාද දැනගැනීමට මට හැකි විය. වර්තමාන කාන්තාවන් පාව්චිචි කරන වැඩි දියුණු කළ සනීපාරක්ෂක තුවා නොමැති කාලයේ පටන් ඉහත කී චාරිත්‍ර පිළිපදින බව තවත් නැන්දා කෙනෙක් මට පැවසුවාය. මාසික ශුද්ධිය පවතින කාලයේදී කාන්තාවන් නිවසේ වැඩ කටයුතු ඇතුළු අනෙකුත් දෛනික රාජකාරීවලින් ඉවත් වී විවේක ගන්නා බව මගේ මව සඳහන් කළාය. මේ පිළිබදව දැනුමක් ඇති උගත් පිරිසක් සමග මා කළ සාකච්ඡාවකදී ඉහත මතයට සම්පූර්ණයෙන් වෙනස් මතයක් දැන ගැනීමට හැකි විය. 'චවුපදී' නම් හින්දු චාරිත්‍රයට අනුව මාසික ශුද්ධිය පවතින කාලය තුළ එම කාන්තාව අපිරිසිදු සහ අවාසනාවන්ත කෙනෙකු ලෙස සළකන බව එක් පුද්ගලයෙක් පැවසුවේය. පූජකවරයෙකුගේ අදහස වූයේ, මෙම කාලය අතරතුර කාන්තාවන් පිරිසිදු යැයි සැලකෙන අතර කෝවිලක දී හෝ වෙනත් ස්ථානයක දී පිටස්තර අය ඇස ගැටීමෙන් ඔවුන් කිලිටි වන බවය. පවිත්‍ර සහ අපවිත්‍ර දේ මුල් කර ගත් චාරිත්‍ර හේතුවෙන් කාන්තාවට මෙවැනි තහනම් පැනවෙන බව හින්දු ආගම තුළ කාන්තාවන්ගේ භූමිකාව ගැන විශේෂඥ දැනුමක් ඇති ආගම් පිළිබද මහාචාර්ය අර්වින්ද් ශර්මා පවසයි. "එක්තරා කාලයක, මළ කඳක් හෝ මලමුත්‍ර අත ගෑ මිනිසුන් අපිරිසිදු ලෙස සලකන චාරිත්‍රයක් තිබුණා. මාසික ශුද්ධිය පවතින කාල සීමාවේ ගැහැණු ගැන හිතුවෙත් ඒ විදියට" මහාචාර්යවරයා පැවසුවේය. "ආගම් ගැන ලියා ඇති දේ අතර කාන්තාවන්ට මෙසේ සැලකීමට හේතු සඳහන් කර නැත්තේ ඇයි ද යන්නට උත්තර දෙන්න අපහසුයි" "අපි මේ කතා කරන දෙය අදාළ වන්නේ 'ස්මර්ටිස්' (පුරාණ හින්දු භාෂාවක්) යන්නෙන් පැවතෙන ස්මාතා හින්දු ආගමටය. නමුත් ශක්තා හින්දු ආගමේ (ශක්තා හින්දු භක්තිකයන් දේවතාවියන් අදහන අතර එහිදී කාන්තාවන් ප්‍රශංසා ලබයි) මාසික ශුද්ධිය සැලකෙන්නේ අපවිත්‍ර දෙයකට වඩා පිරිසිදු දෙයක් හැටියට" මහාචාර්යවරයා තව දුරටත් පෙන්වා දුන්නේය. නොයෙකුත් කණ්ඩායම් විසින් දුෂ්කර ගම්මානවල ජීවත් වන කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා ලබා දීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමත් සමග පසුගිය වසරවල මාසික ශුද්ධිය සම්බන්ධ කරුණු ගැන ඉන්දියාව තුළ මහත් කතා බහක් ඇති වී තිබෙයි. වර්තමානයේ දී සමාජ ජාල භාවිතයෙන් බොහෝ ඉන්දියානු කාන්තාවන් මාසික ශුද්ධිය සම්බන්ධයෙන් ඇති චාරිත්‍රවලට අභියෝග කරන සමාජ ව්‍යාපාර ආරම්භ කර ඇත. එහි එක් ප්‍රතිඵලයක් ලෙස #HappyToBleed (රුධිර වහනය සන්තෝෂයක් යන තේරුම් ඇති) හැෂ්ටැගය නිර්මාණය වී ඇත. මේ තොරතුරුද කියවන්න: මෑතකදී එළිදැක්වූ 'පෑඩ් මෑන්' (Pad Man) නම් බොලිවුඩ් සිනමාපටය, මාසික ශුද්ධිය මාතෘකාව කර ගත් ලෝකයේ ප්‍රථම සිනමාපටය වේ. මෙම සිනමාපටය නිම වී ඇත්තේ සත්‍යය සිද්ධියක් ඇසුරෙනි. දකුණු ඉන්දියාවේ දුෂ්කර පළාත්වල ජීවත් වන කාන්තාවන්ට අඩු වියදමෙන් සනීපාරක්ෂක තුවා සාදා ගත හැකි උපකරණ ලබා දීම සදහා සමාජ සේවා ව්‍යාපාරයක් දියත් කළ අරුනචලාම් මුරුගනාතන්ගේ ජීවිත කතාව මෙම සිනමාපටයට පාදක වී ඇත. "මගේ මුළු ජීවිත කාලයම ගැහැණුත් එක්ක ජීවත් වෙලා තිබෙනවා, ඒත් මට මේ චිත්‍රපටයේ මාතෘකාව ගැන වෙන කවදාවත් නැති තරමට ඉගෙන ගන්න වුණා. මේ ගල් යුගය නෙවෙයි - මාසික ශුද්ධිය කියන්නේ ස්වාභාවික දෙයක්" යැයි 'පෑඩ් මෑන්' සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ආක්ෂේ කුමාර් පවසයි. නැවතත් අපි ඇයගේ කතාවට යොමු වෙමු. පවුලේ සියලු දෙනා කෝවිල ගේට්ටුවෙන් ඇතුළු වන ආකාරය එහි පිටත සිට බලා සිටි මගේ මනසෙහි පෙර සිද්ධීන් එකින් එක පෙළ ගැසුනි. රාමේස්වරම් කෝවිලේ ඇති "යෝධ කණු 1000 ක්" ඇති බරාඳය. ජංගම දුරකථනය අතට ගත් මම 'වට්ස් ඇප්' (WhatsApp) ඔස්සේ මගේ ඥාති සොහොයුරියකට කෙටි පණිවිඩ යවමින් මෙම සිද්ධිය විස්තර කලෙමි. ඇයට ද අවසන් අවමංගල චාරිත්‍ර ඉටු කිරීමට සහභාගී වීමට නොහැකි විය. කෙටි පණිවුඩවලට පිළිතුර දෙමින් සිද්ධිය පිළිබදව ඇය කනගාටුව ප්‍රකාශ කළත්, මිනිත්තු කිහිපයකට පිළිතුරු දීම නැවැත්වුවාය. "ඔයාට මාසික ශුද්ධිය වෙලා කියල ඒ අයට නොකියා ඉන්නයි තිබුනේ. ඒ ගොල්ලන්ට ඒක දැනගන්න විදියක් නැහැනේ" කෙටි නිහැඬියාවකින් පසු ලැබුණ ඇයගේ 'වට්ස් ඇප්' පණිවුඩයේ සඳහන් වූවාය. "මාසික ශුද්ධිය තියෙද්දී ඔයා කෝවිලට ගිහින් තියෙනවාද?" මම ඇසුවෙමි. "අපේ වයසේ ඉන්න ගොඩක් අය ගිහින් තියෙනවා" ඇය බොහොම සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නාය. මිනිත්තු තිහකට පෙර මගේ නැන්දා පැවසූ දෙයට හාත්පසින්ම වෙනස් අදහසක් ඉදිරිපත් කරමින් ඇය පැවසුවේ "කිසිම කෙනෙක් දන්නේ නැත්නම් ඕක මහ ලොකු දෙයක් නෙමෙයි" යනුවෙනි.
වන අලියෙකු හෝ හීලෑ අලියෙකු නිදා සිටිනවා දැකගත හැක්කේ ඉතාමත් විරල වශයෙනි.
ගසකට වාරු වී නිදන වන අලි කලාතුරකින් ඇස ගැටෙන අතර හීලෑ අලි ඇතුන් බොහෝ විට නිදා ගනු ලබන්නේ දිය නෑම සඳහා රැගෙන යනු ලබන ගංතොටුපලකදීය. නැතිනම් රාත්‍රී කාලයේදීය. මේ අතර සියලුම ක්ෂීරපායි සතුන් අතරින් කෙටිම කාලයක් නිදාගනු ලබන්නේ අප්‍රිකානු අලි බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. අලි ඇතුන්ගේ ස්වාභාවික නිදන රටාව පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමේ අරමුණින් විද්‍යාඥයන් කණ්ඩායමක් බොට්ස්වානා රාජ්‍යයේ වන අලි දෙදෙනෙකුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කළහ. සත්වෝද්‍යාන තුළ වෙසෙන අලි ඇත්තු දිනකට පැය 4 -6 අතර කාලයක් නිදති. නමුත් ස්වභාවික වටපිටාවක් තුළ වෙසෙන අලි ඇතුන්ගේ විවේක කාලය පැය දෙකකට සීමා වේ. එවැනි පරිසරයක වෙසෙන අලි ඇතුන් ප්‍රධාන වශයෙන් සිය විවේකය ගත කරන්නේ රාත්‍රි කාලයේදීය. අඩ නින්ද සත්වෝද්‍යාන තුළ වෙසෙන අලි ඇත්තු දිනකට පැය 4 -6 අතර කාලයක් නිදති අධ්‍යයනය සඳහා යොදා ගනු ලැබූ සතුන් දෙදෙනාම මාතෘ මූලික රංචුවේ ජ්‍යෙෂ්ඨ ඇතින්නියන්ය. ඇතැම් අවස්ථාවල ඇතින්නියන් දෙදෙනා දින කිහිපයක් නිදිවර්ජිතව ගතකරති. සිංහයන්ගෙන් හෝ දඩයක්කරුවන්ගෙන් බේරී පළා යෑම සඳහා එවැනි අවස්ථාවල ඔවුන් බොහෝ දුර ගමන්වල යෙදෙන බව විද්‍යාඥයෝ පවසති. දින තුනකට හෝ හතරකට වරක් බිම වැතිර සිටින අවස්ථාවල අලි අඩ නින්දේ පසුවෙති. අධ්‍යයන කණ්ඩායමේ මහාචාර්ය පෝල් මැන්ගර් කියා සිටියේ අදාළ සොයා ගැනීම්වලට අනුව අලින්ට ම අනන්‍ය වූ නිදන රටාවක් තිබෙන බවය. "ක්ෂීරපායි සතුන් අතරින් ඉතාමත් කෙටි නින්දක් ලබා ගන්නේ අලි ඇතුන්. ඔවුන්ගේ විශාල ශරීර ප්‍රමාණය සහ නින්ද අතර යම් සම්බන්ධයක් ඇති බව පෙනෙන්න තිබෙනවා" යනුවෙන් මහාචාර්යවරයා කියා සිටියේය. අබිරහසක් අලි ඇතුන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා GPS කරපටි භාවිත කෙරේ. සාමාන්‍යයෙන් ශරීරය ප්‍රමාණයෙන් විශාල ක්ෂීරපායි සතුන්ට වඩා එම විශේෂයේ කුඩා සතුන්ගේ නිදන කාලය වැඩිය. ඇමරිකාවේ නිවර්තන කලාප තුළ ගස් මත වෙසෙන Sloth සත්ව විශේෂය දිනකට පැය 14 ක් පමණ නිදන අතර මනුෂ්‍යයෝ පැය 8 ක් පමණ නින්ද සඳහා වැය කරති. කෙටි නින්දක් ලබමින් අලි ඇතුන් ජීවිතය රැක ගන්නේ කෙසේදැයි යන්න තවමත් අබිරහසකි. සත්ව ලෝකය තුළ ක්ෂීරපායි, පක්ෂි සහ කටුසු විශේෂ මෙන්ම උරඟ ගණයට අයත් කටුසු විශේෂ ද විවේකය සඳහා අඩ නින්දේ පසුවන ආකාරය දැකගත හැක. ක්ෂීරපායි සතුන් බොහොමයක් සිය විවේකය ගතකරන්නේ අඩ නින්දේදීය. වැඩි වශයෙන් අලි ඇතුන් යොදාගෙන ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට විද්‍යාඥ කණ්ඩායම සැලසුම් කරමින් සිටී.
වැලිවේරියේ වෙඩි තැබීම සිදු කළ බව පැවසෙන හමුදා කණ්ඩායම එම ස්ථානයට පැමිණියේ ආරක්ෂක ලේකම් වරයාගේ පණිවිඩයක් රැගෙන බව වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කරයි.
වැලිවේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මේ බව කියා සිටියේ වෙඩි වැදී මිය ගිය තිදෙනාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින්. වෙඩි හඬ ඇසුන නමුත් වෙඩි තබනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න තමා නොදන්නා බවයි පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කියා සිටියේ. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කියා සිටියේ සාක්ෂි කරුවන්ට බලපෑම් එල්ල වී ඇති බව යි. සාක්ෂි ලබා දීම සඳහා නියමිතව සිටි වැලිවේරිය කතෝලික දේවස්ථානයේ පියතුමා සහ කන්‍යා සොහොයුරිය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියේ නැත.
අවුරුදු දහයක කාල පරාසයක් ඇතුළත ඉන්දියාවේ දක්නට ලැබුන පහළම ආර්ථික වර්ධන වේගය වර්තමානයේ දක්නට ලැබෙන බව අලුත්ම සංඛ්‍යා දත්තවලින් පෙනී යයි.
ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙහි විශ්වාසය පහත වැටීම, අධි උද්ධමනය වැනි කරුණු ආර්ථික සංවර්ධන පිරිහීමට හේතු වී තිබේ ගෙවී ගිය වසර ඇතුළත ඉන්දියාවේ ආර්ථික සංවර්ධන වේගය සියයට පහකට පමණක් සීමා වුන බවයි, අලුත්ම ප්‍රකාශන මගින් පෙන්නුම් කෙරෙන්නේ. එය මෙයින් අවුරුදු පහකට පෙර මෙන්ම, පසුගියදාත් වාර්තා කෙරුන සියයට දහයකට ආසන්න ආර්ථික සංවර්ධන අනුපාතයට සාපේක්ෂව විශාල මට්ටමේ අවපාතයක්. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙහි විශ්වාසය පහත වැටීම, අධි උද්ධමනය, ආයෝජන පහත වැටීම, ඉන්දියානු අපනයන සඳහා යුරෝපා රටවල තිබුන ඉල්ලුම පහත වැටීම වැනි කරුණු ඉහත කී ආර්ථික සංවර්ධන පිරිහීමට හේතු වීය යන්න විශ්ලේෂකයන්ගේ විග්‍රහයයි.
ඉරානය කිසි දිනෙක න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය නො කරන බවට ඉරානයේ නව ජනාධිපති හසන් රෝහානි ප්‍රකාශ කළේය.
එක්සත් ජනපද රුපවාහිනී නාලිකාවකට සාකච්ඡාවක් ලබා දෙමින් ඉරාන ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේ ජනාධිපති ඔබාමා මෑතක දී තමාට එවන ලද ලිපිය ශුභවාදී සහ සාධනීය බවයි. ජාත්‍යන්තර ප්‍රජාව සමග සුහදව කටයුතු කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා සතු කැමැත්ත පිළිබඳව නේටෝ සංවිධානයේ ප්‍රධානී ඇන්ඩස් රස්මුසෙන් සතුට පළ කර තිබේ. ඉරාන ජනාධිපතිවරයා ලබන සතියේ දී නිව්යෝර්ක් නුවර බලා යාමට නියමිතයි.
අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරඟ පාවාදීම සඳහා ක්‍රීඩකයන් අල්ලස් ලබාගත් බවට එල්ල වී තිබෙන චෝදනා හමුවේ පදවියෙන් තාවකාලිකව ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නරෙන්ස්වාමි ශ්‍රිනිවාසන් එකඟත්වය පළ කොට තිබේ.
සභාපතිවරයාගේ බෑණනුවන්ද පරීක්ෂණයට අදාලව අත් අඩංගුවේ පසුවෙයි මතුවී තිබෙන වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවැත්වුණු පාලක මණ්ඩලයේ විධායක කමිටුවේ හදිසි රැස්වීමකදීයි, එම තීරණයට එළැඹී තිබෙන්නේ. සභාපති එන් ශ්‍රිනිවාසන් පදවියෙන් ඉල්ලා අස්විය යුතු බවට පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් ඉල්ලා සිටි බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි. කෙසේ නමුත්, චෝදනා සම්බන්ධ පරීක්ෂණ අවසන් වනතුරු ජග්මෝහන් ඩල්මියාට සභාපති පදවිය පැවරීමට විධායක කමිටුව එකඟවිය. ඒ සමඟම සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී සිටි පාලක මණ්ඩලයේ ලේකම් සන්ජේ ජග් ඩාලේ සහ භාණ්ඩාගාරික අජේ ෂිර්කේ එම ඉල්ලා අස්වීම් ඉවත් කරගත්හ.
කථානායක මහින්ද යාපා අඅබේවර්ධන පාර්ලිමේන්තුවට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කරමින් පැවසුවේ එම පනත් කෙටුම් පතේ සමහර වගන්ති සඳහා විශේෂ, එනම් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන අතර සමහර වගන්ති සඳහා විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් යන දෙකම අවශ්‍ය බවය.
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ කරන සංශෝධන සිදු කරන්නේ නම් සමාන්‍ය බහුතර ඡන්දයෙන් පනත සම්මත කළ හැකි බව එහිදී වැඩිදුරත් කියැවිණි. එහෙත් අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පීරිස් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසුවේ රජය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරනු ලැබ ඇති සංශෝධන පිළිගන්නේ නම් අදාළ පනත සරල බහුතරයකින් සම්මත කරගත හැකි යයි දැනුම් දී ඇති බවත් රජය එම ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන සියල්ලම පිළිගෙන අදාළ පනතට අනුගත කරන බැවින් එයට විශේෂ බහුතරය හෝ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්ය. නිතීඥ සුරේන් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර ඇති සංශෝධන හරහා වරාය නගර ආර්ථික කොමිෂන් සභාව යම් තාක් දුරකට පාර්ලිමේන්තු ග්‍රහනයකට ලක් කිරීමටත්, ලබා දීමට බලාපොරොත්තු වූ අසීමිත බලය කප්පාදු කිරීමටත් හැකිවී ඇති බවය. අදාළ පනත් කෙටුම්පතේ විශේෂ බහුතරය නැතහොත් තුනෙන් දෙකක බහුතර බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති 3 (4) වගන්තිය: කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ අදාළ වන්නා වූ, සියලු ප්‍රජා රීති සහ සංවර්ධන පාලන නියෝග පිළියෙල කිරීම, සැකසීම, සංශෝධනය කිරීම, යාවත්කාලීන කිරීම, පළ කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව වගකිව යුතුය. වරාය නගර කොමිෂන් සභාවට අයත් බලතල සඳහන් 6 වෙනි වගන්තියේ (ද) උපවගන්තිය: කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ අදාළ වීම සඳහා නියම කරනු ලැබිය හැකි සියලු ප්‍රජා රීති සහ සංවර්ධන පාලන නියෝග සෑදීම, සැකසීම, සංශෝධනය කිරීම, යාවත්කාලීන කිරීම, පළ කිරීම සහ බලාත්මක කිරීම. වරාය නගර කොමිෂන් සභාවට අයත් බලතල සඳහන් 6 වෙනි වගන්තියේ (ද) උපවගන්තිය: කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ අදාළ වීම සඳහා නියම කරනු ලැබිය හැකි සියලු ප්‍රජා රීති සහ සංවර්ධන පාලන නියෝග සෑදීම, සැකසීම, සංශෝධනය කිරීම, යාවත්කාලීන කිරීම, පළ කිරීම සහ බලාත්මක කිරීම. 52 (3) වගන්තිය: යම් ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් ලෙස හඳුනා ගැනීමෙන් පසුව, ඒ ව්‍යාපාරයට කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ එහි සිට ස්වකීය කටයුතු කිරීමට අදාළ වන තාක්දුරට නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් මේ පනතේ මේ කොටසේ විධිවිධාන සලසා ඇති පරිදි ප්‍රදානය කරනු ලැබිය හැකිය. බදු හා සම්බන්ධ නිදහස් කිරීම් සම්බන්ධයෙන් වන විට, ඒ නිදහස් කිරීම් II වන උපලේඛනයේ දක්වා ඇති සියලුම හෝ යම් නීතිවලින් සහ මුළුමනින්ම හෝ කොටසක් වශයෙන් ප්‍රදානය කරනු ලැබිය හැකිය. ශ්‍රී ලංකා සිතියම වෙනස්කරමින් කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් අවසන් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරවල විස්තර, නියමයක් මඟින් නිශ්චිතව දැක්වෙන 53 වගන්තියේ 2 (ආ) උපවගන්තිය: මේ පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත් අතරින්, ඒ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරය සම්බන්ධයෙන් අදාළ වීමෙන් නිදහස් කිරීමට යෝජනා කරන නිශ්චිත පනත් කවරේද යන්න සහ වෙනත් යම් දිරිගැන්වීම්. 53 (3) (ආ) වගන්තිය: මේ පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත් අතරින් ඒ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරය සම්බන්ධයෙන් අදාළ වීමෙන් නිදහස් වන නිශ්චිත පනත් කවරේද යන්න සහ ප්‍රදානය කරන ලද වෙනත් යම් දිරිගැන්වීම්. වැරදි සම්බන්ධයෙන් අදාළ 68 (1) (ඊ) වගන්තිය: මේ පනත ප්‍රකාරව සාදනු ලබන හෝ නිකුත් කරනු ලබන යම් රීතියක්, සංග්‍රහයක්, විධානයක් හෝ මාර්ගෝපදේශයක් කඩකරන හෝ ඊට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන, 52 (5) වගන්තිය: මේ පනතේ මේ කොටසේ විධිවිධාන සලසා ඇති පරිදි, නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ අවශ්‍ය විය හැකි යම් වැඩිදුර මාර්ගෝපදේශ නියම කරමින් නියෝග සාදනු ලැබිය හැකිය. 68 (3) (අ) වගන්තිය: වෙනත් යම් නීතියක අන්තර්ගත විධිවිධානවල කුමක් සඳහන් වුව ද, මේ පනතේ යම් විධිවිධානයක් හෝ ඒ යටතේ සාදනු ලබන, නිකුත් කරනු ලබන හෝ පනවනු ලබන යම් නියෝගයක, රීතියක, විධානයක, නියමයක හෝ අවශ්‍යතාවයක විධිවිධානයක් කඩකරන හෝ ඊට අනුකූලවීම පැහැර හරින යම් තැනැත්තකු මේ පනත යටතේ වරදක් කරන අතර, මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, රුපියල් ලක්ෂ පහකට අඩු නොවන සහ රුපියල් මිලියන එකකට වැඩි නොවන දඩයකට හෝ මාස තුනකට අඩු නොවන සහ අවුරුදු එකක් නොඉක්මවන කාලයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතුය. 71 (2) (ජ) වගන්තිය: 52 වන වගන්තියේ කාර්ය සඳහා ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම හා සම්බන්ධ යම් වැඩිදුර මාර්ගෝපදේශ නිශ්චිතව දැක්වීම; විශේෂ බහුතරය නැතහොත් තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය වගන්ති: 3 (5) වගන්තිය: කොමිෂන් සභාව විසින් එහි බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේදී සහ ඉටු කිරීමේදී, යම් නියාමන අධිකාරියකට අදාළ වන ලිඛිත නීති මඟින් එසේ කිරීමට නියම කර ඇති අවස්ථාවක, ඒ නියාමන අධිකාරිය සතු හෝ ඊට පවරනු ලැබ ඇති විෂයයන් සම්බන්ධයෙන් මේ පනතේ නිශ්චිතව විධිවිධාන සලස්වා ඇති තාක් දුරට ඒ අදාළ නියාමන අධිකාරියේ එකඟත්වය ලබා ගත යුතුය. එසේ වුව ද, ඉල්ලා සිටිනු ලබන අදාළ නියාමන අධිකාරියේ එකඟත්වය ඒ නියාමන අධිකාරියට අදාළ වන ලිඛිත නීති කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා සීමා විය යුතුය. 3 (6) වගන්තිය: කොමිෂන් සභාව විසින් ඒ එකඟත්වය ඉල්ලා සිටිනු ලබන්නේ යම් අදාළ නියාමන අධිකාරියකින් ද, ඒ අදාළ නියාමන අධිකාරිය විසින්, අවස්ථානුගත කරුණු අනුව ප්‍රායෝගිකව හැකිතාක් ඉක්මණින්, ප්‍රමුඛත්වය ලබා දිය යුතු කරුණක් ලෙස සලකා, ඒ එකඟත්වය කොමිෂන් සභාව වෙත දිය යුතු ය. 3 (7) වගන්තිය: මේ පනතේ අන්‍යාකාරයකින් විශේෂිතවම විධිවිධාන සලස්වා ඇත්නම් මිස, මේ පනතේ කිසිවකින්, යම් ලිඛිත නීතියකින් යම් නියාමන අධිකාරියක් වෙත සතු කර දී ඇති බලතල, කාර්ය සහ කර්තව්‍ය, කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය සම්බන්ධයෙන් කවර ආකාරයකින් හෝ සීමා කරනු ලබන ලෙසට සලකනු නොලැබිය යුතුය. 6 (1) (ආ) කොමිෂන් සභාව විසින් අවශ්‍ය යයි සලකනු ලබන පරිදි, අදාළ නියාමන අධිකාරීවල එකඟත්වය ඇතිව, මේ පනත ප්‍රකාරව කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ එහි සිට සිදු කරන සියලු ආයෝජන සහ ව්‍යාපාර සම්බන්ධයෙන් වන සමස්ත නියාමන අධීක්ෂණය සහ පාලනය සඳහා පහසුකම් සැලසීම සහ එය ක්‍රියාත්මක කිරීම: 30. (1) වගන්තිය: මේ පනතේ VII වන කොටසට, VIII වන කොටසට සහ 33 වන වගන්තියට යටත්ව, කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ව්‍යාපාර කටයුතුවල නිරත වීමට, ආයෝජනය කිරීමට, පදිංචි වීමට, සේවානියුක්ත වීමට හෝ ඊට පැමිණීමට ලියාපදිංචියක්, බලපත්‍රයක්, බලය ලබාදීමක් හෝ වෙනත් අනුමතයක් සඳහා කොමිෂන් සභාව වෙත කරනු ලබන යම් ඉල්ලීමක් පිළිගන්නේ ද නැතහොත් සාධාරණ හේතුවක් මත ප්‍රතික්ෂේප කරන්නේ ද යන්න කඩිනමින් සහ සම්බන්ධිත ආකාරයෙන් සලකා බලා තීරණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ඒකීය අවස්ථා ආයෝජන පහසුකම් සලසන්නා කොමිෂන් සභාව විය යුතු ය. 30 (3) වගන්තිය: කොමිෂන් සභාව විසින් ඒ ලියාපදිංචිය, බලපත්‍රය, බලය ලබාදීම හෝ වෙනත් අනුමතය ලබා දීමේ ක්‍රියාවලියේ දී, අදාළ නියාමන අධිකාරියට අදාළ වන ලිඛිත නීති මඟින් ඒ අදාළ නියාමන අධිකාරියේ එකඟත්වය ලබා ගත යුතු යයි නියම කරන අවස්ථාවක දී, ඒ අධිකාරිය සතු හෝ ඒ අධිකාරිය වෙත පවරනු ලැබ ඇති විෂයයන් සම්බන්ධයෙන් සහ මේ පනතේ විශේෂයෙන් විධිවිධාන සලසා ඇති ප්‍රමාණය තෙක්, ඒ අදාළ නියාමන අධිකාරියේ එකඟත්වය ලබා ගත යුතුය. 33. (1) වගන්තිය: කොමිෂන් සභාව, ඒකීය අවස්ථා ආයෝජන පහසුකම් සලසන්නා වශයෙන්, බලයලත් තැනැත්තකුට, බලයලත් තැනැත්තකුගේ යම් උපදේශකයකුට හෝ බලයලත් තැනැත්තකු විසින් විශේෂයෙන් බලය ලබාදෙන ලද යම් තැනැත්තකුට හෝ බලයලත් තැනැත්තකුගේ සේවා නියුක්තයකුට, සහ කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ව්‍යාපාරවල නිරත වීමට, ආයෝජනය කිරීමට, පදිංචි වීමට, සේවයේ නියුක්ත වීමට හෝ ඊට පැමිණීමට අදහස් කරන තැනැත්තකුට අවශ්‍ය විය හැකි වීසා බලපත්‍රයක්, ඇතුළුවීමේ අවසර පත්‍රයක් හෝ වැඩ කිරීමේ අවසර පත්‍රයක් සහ වෙනත් අනුමතයන් සඳහා වන ඉල්ලීමක් භාරගැනීම සහ ඒවා පිරිසැකසීම සඳහා පහසුකම් සැලසීම අවශ්‍ය විය හැකි පරිදි කරනු ලැබිය යුතුය. 40 (2) වගන්තිය: ශ්‍රී ලංකාවේ පුරවැසියකු හෝ වාසිකයකු (1) වන උපවගන්තියේ දක්වා ඇති පරිදි සිල්ලර වෙළඳ පහසුකමකින් මිල දී ගනු ලබන භාණ්ඩ මත කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශයෙන් පිට වී යන විට ගෙවීමට නියම කරනු ලැබිය හැකි යම් අයබදු, නියම කරනු ලබන පරිදි විය යුතු ය. 55 (2) වගන්තිය: සහාධිපත්‍ය දේපළ කළමනාකරණ අධිකාරිය විසින් අවස්ථානුගත කරුණු අනුව ප්‍රමුඛතා කරුණක් ලෙස සලකා, ඒ එකඟත්වය කොමිෂන් සභාව වෙත ලබා දිය යුතුය. 58. (1) වගන්තිය: කොමිෂන් සභාව විසින් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් එකඟත්වය ඉල්ලා සිටින අවස්ථාවක, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අවස්ථානුගත කරුණු අනුව, ප්‍රායෝගිකව හැකිතාක් ඉක්මනින්, ප්‍රමුඛත්වය ලබාදිය යුතු කරුණක් ලෙස සලකා, කොමිෂන් සභාව වෙත ඒ එකඟත්වය ලබා දෙනු ලැබිය යුතුය. 60 (ඇ) වගන්තිය: මේ පනත මඟින් බලය දී ඇති පරිදි කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ කොමිෂන් සභාව විසින් පනවන ලද, ප්‍රදේශවලට අදාළ බදු සහ අයබදු එකතු කිරීමට පහසුකම් සැලසීම සහ කළමනාකරණ ගාස්තු, උපයෝගීතා අයකිරීම්, වාහන ගාල් කිරීමේ අයකිරීම්, භාවිත කිරීමේ ගාස්තු සහ එවැනි වෙනත් ගාස්තු හෝ අයකිරීම් ඇතුළු කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සපයනු ලබන සේවාවන් සඳහා වන ගාස්තු සහ අයකිරීම්, කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සිටින බලයලත් තැනැත්තන්ගෙන්, බලයලත් තැනැත්තන්ගේ සේවා නියුක්තයන්ගෙන්, වාසිකයන්ගෙන්, පදිංචිකරුවන්ගෙන් සහ ආගන්තුකයන්ගෙන් එකතු කිරීම. 60 (ඊ) වගන්තිය: කොමිෂන් සභාව විසින් පනවනු ලබන සහ කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළට අදාළ දේශීය වරිපනම්, බදු, අය බදු සහ එවැනි වෙනත් අයකිරීම් කොමිෂන් සභාව වෙනුවෙන් එකතු කිරීම සහ එසේ එකතු කරන ලද මුළු මුදල් ප්‍රමාණය, කොමිෂන් සභාව විසින් විධාන කරනු ලබන පරිදි බැංකු ගිණුමකට බැර කිරීම. 71 (1) වගන්තිය: ජනාධිපතිවරයා විසින් හෝ කොළඹ වරාය නගරය විෂයය අමාත්‍යවරයකුට පවරනු ලබන අවස්ථාවක දී, ඒ අමාත්‍යවරයා විසින්, කොමිෂන් සභාව සහ අවශ්‍ය යයි සලකනු ලබන යම් අදාළ නියාමන අධිකාරියක් විමසා, නියෝග මඟින් නියම කරනු ලැබිය යුතු බවට මේ පනතින් නියමිත හෝ නියෝග සාදනු ලැබීමට මේ පනතින් බලය දී ඇති සියලු කාරණා සම්බන්ධයෙන් නියෝග සාදනු ලැබිය හැකි ය. 71 (2) (ඔ) වගන්තිය: 39 වන වගන්තියේ කාර්ය සඳහා, ශ්‍රී ලංකා රුපියල් නොවන, යම් නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් ලැබුණු මුදල් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සහ පවත්වාගෙන යනු ලබන නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට ප්‍රේෂණය කිරීමේ දී අනුගමනය කළ යුතු කාර්යපටිපාටිය නිශ්චිතව දැක්වීම. මේ ගැනත් දැනගන්න:
උසාවියේදී වරදකරුවන් වන මන්ත්‍රීවරුන්ගේ අසුන අහෝසි කිරීම සඳහා පැනවීමට සැලසුම් කර තිබූ නීතිය ඉවත් කර ගැනීමට ඉන්දියාවේ ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මන්මෝහන් සිං, රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ නියෝජ්‍ය නායක රාහුල් ගාන්ධි එම නීතිය දැඩි ලෙස විවේචනය කරමින් එකී පාර්ලිමේන්තු කෙටුම් පත ‘ඉරා විසි කර දැමිය යුතු’ බව ප්‍රකාශ කළේය. මතභේදයට තුඩු දුන් මෙම නීති කෙටුම් පතට ඉන්දීය අගමැති මන්මෝහන් සිං ද සහයෝගය පල කර තිබුණි. ඉන්දීය අගමැතිවරයා සහ රාහුල් ගාන්ධි අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඉහත කී නීතිය ඉවත් කර ගැනීමට කොන්ග්‍රස් පක්ෂය තීරණය කර ඇත්තේ.
සෞදි අරාබි බලධාරීන්, එරට වෙසෙන වාස බලපත් නොමැති සංක්‍රමණිකයන්ට එරෙහි මෙහෙයුම් මගින් අල්ලා ගත් කම්කරුවන් පනස් දහසක් පමණ රඳවා තබා ඇති බව වාර්තා වෙයි.
විසි දහසකට අධික ඉතියෝපියානු කම්කරුවන් රටින් පිටුවහල් කරනු ලබන තෙක් රියාද් අගනුවර සීමාවේ පිහිටි තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් කරා බස් රථ මගින් ගෙන යන ලද බවයි, සෞදි අරාබියෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ. එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ, රියාද් නගරයේ එක් කලාපයක ඉතියෝපියානු කම්කරුවන් විරෝධතා ව්‍යාපාරයක නිරත වීමෙන් අනතුරුවයි. එම විරෝධතා ව්‍යාපාරයේ දී අඩු තරමින්, එක් පුද්ගලයකු වත් මරණයට පත් වූ බව ද වාර්තා විය. තම රටවැසියන්ට සලකනු ලබන ආකාරය හෙළා දැකීම සඳහා ලොව පුරා සෞදි අරාබි තානාපති කාර්යාල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කරන මෙන් ඉතියෝපියානුවන් අන්තර්ජාලය ඔස්සේ ඉල්ලීමක් කර තිබේ.
ඇතැම් භික්ෂුන් පිළිබඳව ලැබුණු පැමිණිලිවලින් අනතුරුව රටපුරා සිටින භික්ෂුන් වහන්සේගේ හැසිරීම පිලිබඳ පරීක්ෂණයක් පවත්වන බව තායිලන්තයේ බුදුදහම පිළිබඳ ජාතික කාර්යාලය පවසයි.
බෞද්ධ ඉගැන්වීම් වලට පටහැනිව කටයුතු කිරීම පිළිබඳව භික්ෂුන් වහන්සේ වෙත අනතුරු හඟවා තිබේ බෞද්ධ භික්ෂුන්වහන්සේ තුන් නමක් අව් කන්නාඩි පැළඳ නවීන මෝස්තරවලින් යුත් අත් බෑගයන් ගෙන පෞද්ගලික ජෙට් ගුවන් යානයකින් ගමන් කරන අයුරු පෙන්වන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය ඔස්සේ විකාශනය වීමත් සමග භික්ෂුන් වහන්සේගේ සුඛෝපභෝගී ජීවන රටාව පිලිබඳ නැගෙන විවේචනයන් උත්සන්න වී ඇති බවයි පැවසෙන්නේ. අති සුඛෝපභෝගී මෝටර් රථ භාවිත කිරීමත් ආගමික වැඩසටහන් වලින් ලාභ ඉපයීමට යොමුවීමත් පිලිබඳව තායිලන්ත භික්ෂුන් වහන්සේට විවේචන එල්ල වී තිබේ. තායිලන්තයේ බුදුදහම පිලිබඳ ජාතික කාර්යාලය පවසන ආකාරයට අල්පේච්ඡ තාවය පදනම් කරගත් බෞද්ධ ඉගැන්වීම් වලට පටහැනිව කටයුතු කිරීම පිළිබඳව භික්ෂුන් වහන්සේ වෙත අනතුරු හඟවා තිබේ.
දීර්ඝ කාලයක් පැවති සිවිල් යුද්ධය අවසන් වී දශකයකට ආසන්න කාලයකට පසු නේපාල ජනපති රාම් බරම් යාදව් එරට නව ව්‍යවස්ථාව නිල වශයෙන් අනුමත කොට තිබේ.
සිවිල් යුද්ධය නිමා කරමින් මාවෝවාදී කැරලිකරුවෝ සහ නේපාල ආණ්ඩුව 2006 වසරේදී සාම ගිවිසුමකට අත්සන් තැබූහ ජනපතිවරයා ව්‍යවස්ථාව හා ඊට සම්බන්ධ ලියකියවිලිවලට අත්සන් තැබුවේ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ අත්පොළසන් මධ්‍යයේයි. මේ අතර නව ව්‍යවස්ථාවට එරෙහි දහස් ගණනක් උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ගැටුම් ඇති වී තිබේ. නව ව්‍යවස්ථාවට විරෝධය පා පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිසිය හා ඇති වූ ගැටුමකින් එක් අයෙක් මරුමුවට පත් වී තිබේ නේපාලයේ සුළු ජන කොට්ඨාශයක් නියෝජනය කරන එම උද්ඝෝෂකයින් නව ව්‍යවස්ථාවෙන් තමන් නොසලකා හැර ඇති බවටයි චෝදනා කරන්නේ. හින්දු ආගමිකයන් බහුල නේපාලය, නව ව්‍යවස්ථාවේ විග්‍රහ කොට ඇත්තේ අනාගමික රාජ්‍යයක් ලෙසයි. නව ව්‍යවස්ථාවට අනුව නේපාලය ෆෙඩරල් පළාත් හතකට වෙන් කොට තිබේ.
අරණායක නාය යාමට ලක් වූ ප්‍රදේශයෙන් තවත් මළ සිරුරු කීපයක් සොයා ගැනීමත් සමග ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව අසූ දෙක දක්වා ඉහළ යයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් තවමත් ගංවතුරෙන් යට වී පවතින බවයි වාර්තාකරුවන් කියා සිටියේ තවමත් පුද්ගලයන් එකසිය දහඅට දෙනකු අතුරුදහන් වී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ. අරණායක නාය යාමට හසු වූ පුද්ගලයන්ගෙන් තිස් දෙනකුගේ මළ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර තවත් එකසිය දාහතර දෙනකු අතුරුදහන් වී සිටින බවයි නිල වාර්තා පවසන්නේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් තවමත් ගංවතුරෙන් යට වී පවතින බවයි වාර්තාකරුවන් කියා සිටියේ. ගංවතුරෙන් අවතැන් වූ ජනතාව රැඳවුම් මධ්‍යස්ථාන තුන්සිය අනූ නවයක රඳවා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. ගංවතුර අවදානම තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති බැවින් අවතැන් වූ ජනතාව තවදුරටත් කඳවුරු වල රඳවා ගැනීමට කටයුතු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.
''කාටත් අපි වීරයන් වෙලා. ඒත් මම වීරයෙක් කියල මට දැනෙන්නේ නැහැ."
පාඔලෝ සේවයේ නිරත රෝහල ඉතාලියේ කොරෝනාවෛරස පැතිරීම දැඩි ප්‍රදේශයේ පිහිටා තිබේ පාඔලෝ මිරැන්ඩා කොරෝනාවෛරසයෙන් බැට කන ඉතාලියේ ක්‍රිමොනා නගරයේ ඇති එක ම රෝහලේ දැඩි සත්කාර ඒකකයක නිරත හෙද නිලධාරියෙකි. ක්‍රිමොනා, මේ වන විට කොරෝනාවෛරස උපද්‍රවයේ ස්ථානයක් වන ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ පිහිටි කුඩා නගරයකි. එම නගරයේ පමණක් දහස් ගණනක් ජනතාව වෛරසයට ගොදුරු වූ අතර දැනට වාර්තා වූ මරණ සංඛ්‍යාව සිය ගණනකි. සිය සෙසු සගයන් මෙන් ම පාඔලෝ ද පසුගිය මාසයක කාලය පුරා නිමක් නොමැති පැය දොළහක සේවා මුරයක නිරත වෙමින් සිටී. ''අපි වෘත්තීය හෙද නිලධාරීන්. නමුත් අපට වෙහෙසයි. දැන් මේ මොහොත වෙනකොට අපි අසීරු තැනකට ඇවිත් වගේ දැනෙනවා. අපි ඔක්කොම ඉන්නේ බියෙන්.'' පවුලෝ කැමරා ලෝලියෙකි. ඡායාරූප ගැනීමෙන් ඔහු ආස්වාදයක් ලබයි. තමා සේවය කරන දැඩි සත්කාර ඒකකය අභ්‍යන්තරයේ අද පවතින නීරස වාතාවරණය සිය කැමරාවේ සටහන් කිරීමට පාඔලෝ තීරණය කළේය. ''මෙතැන සිදු වෙමින් පවතින දේවල් මට කිසිදාක අමතක කරන්න බැහැ. මේක ඉතිහාසයට එක්වේවි. මට මේ පින්තූර වචනවලට වැඩිය ප්‍රබලයි.'' සිය පින්තූර මගින් තම කාර්යමණ්ඩල සගයන්ගේ ශක්තිය පෙන්නුම් කිරීම පාඔලෝ ගේ අභිලාෂය විය. එපමණක් නොව, ඔවුන් පසුවන අනතුරුදායක තත්ත්වයද ඊට ඇතුළත් වේ. ''එක දවසක් අපිත් එක්ක වැඩ කරන හෙදියක් රෝහල් කොරිඩෝරයේ පුදුම සහගත උද්වේගයකින් උඩ පනිමින් කෑ ගසන්නට පටන් ගත්තා.'' එම හෙදිය කොරෝනා ආසාදන පරීක්ෂණයකට යොමුව සිටි අතර, ඇයට වෛරසය ආසාදනය වී නොමැත යන්න සායන පරීක්ෂණ ප්‍රතිඵලය විය. ''එම හෙදිය සාමාන්‍යයෙන් ශාන්ත තැනැත්තියක්. එහෙත් බියපත්ව සිටි හෙදිය තමාට වෛරසය ආසාදනය වී නැති බව දැ න ගැනීමෙන් ලැබූ සහනය ප්‍රදර්ශනය කළේ ඒ ආකාරයෙන්. ඇයත් මනුෂ්‍යයෙක්." මෙය පාඔලෝ ඇතුළු ඔහුගේ කණ්ඩායමට දරාගැනීම දුෂ්කර අසීරු කාල පරිච්ඡේදයකි. එහෙත් ඔවුහු සිය සේවය සඳහා බැඳී සිටිති. එකිනෙකාට පිහිට වෙති. ''සමහර වෙලාවට අපෙන් ඇතැමෙක් දුර්වල වෙනවා. බලාපොරොත්තු සුන් වූ හැඟීමක් අපට දැනෙනවා මොකද?අපි බලාගන්න රෝගීන් සුව අතට හැරෙන්නේ නැතිකොට අපි අසරණයි කියල හිතෙනවා." එවැනි තත්ත්වයක් උද්ගතවූ අවස්ථාවන්හි පාඔලෝ ගේ හෙද කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් කරන්නේ වහාම ඉදිරිපත්වීමය. බලාපොරොත්තු බිඳ වැටුණු තැනැත්තා හෝ තැනැත්තිය අස්වසාලීමට ඔවුහු යත්න දරති. ''එවැනි අවස්ථාවල අපි විහිළුවක් කරනවා. ඔවුන් හිනා ගස්සනවා. එහෙම නොකළොත් චිත්ත අධිෂ්ඨානය නැතිවෙනවා." කොරෝනාවෛරසය කඩා වැදුණු පළමු සති හතර ඇතුළත පමණක් ඉතාලියේ තුන්දහසකට ආසන්න මරණ වාර්තා විය. තහවුරු කරන ලද රෝගීන්ගේ සංඛ්‍යාව 35,000 ඉක්මවා යද්දී, විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ වැඩිවශයෙන් බලපෑමට ලක්වූ නගර ඇතුළු ඉතාලිය පුරා වෛද්‍යවරු හා හෙද නිලධාරීහු තත්ත්වය පාලනය කරගැනීමට අරගලයක නිරතව සිටිති. හෙද නිලධාරියෙකු ලෙස ගතකළ සිය වසර නවයක කාලය තුළදී මිනිසුන් බොහෝ දෙනෙක් මිය යනු පාඔලෝ දිටීය. එය ඔහුට සාමාන්‍ය දෙයකි. එහෙත්, මෙම ගෝලීය වසංගතය හමුවේ ඔහුගේ සිත වඩා සසල කළේ බොහෝ දෙනා හුදෙකලාව මියෙනු දැකීමය. "දැඩි සත්කාර ඒකකවල මිනිසුන් මරණය වැළඳ ගන්නා අවස්ථාවල සාමාන්‍යයෙන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ඔවුන් ළඟ ඉන්නවා. මරණයට පත්වෙන කෙනාට එයින් ගෞරවයක් ලැබෙනවා. ඔවුන්ගේ උදව්වට අපිත් ඉන්නවා. ඒක අපේ කාර්යභාරයේ කොටසක්." රෝහල්වල සාමාන්‍ය සම්ප්‍රදාය වෙන්නේ මරණාසන්න රෝගීන්ගේ පවුලේ සාමාජිකයින්ට හා සමීප මිත්‍රයන්ට ඇඳ වටේ රැස්වීමට අවසර දීම ය. එහෙත් වෛරසය බෝවීම වැලක්වීම සඳහා පසුගිය මාසය තුළදී ඒ තත්ත්වය තහනම් කළේය. අඩුතරමින් රෝගියාගේ පවුලේ සාමාජිකයින්ට හෝ රෝහලට ඒමට නොහැකි විය. "අපි ප්‍රතිකාර කරන්නේ වෛරසය ආසාදනය වෙලා සහමුලින්ම වෙන් කරල ඉන්න රෝගීන්ට." ''මිනිසෙකු අසරණව හුදෙකලාව මියයාම අප්‍රසන්න දෙයක් - එවැන්නක් කිසිවෙකුට සිදු වෙන්න එපා." කොරෝනා රෝගීන්ගෙන් පිරුණ රෝහලක් ක්‍රිමොනා නගරයේ රෝහල කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කරන ආයතනයක් බවට පරිවර්තනය කරනු ලැබ ඇත. සියලු ශල්‍යකර්ම ඇතුළු සෙසු සායනික කටයුතු අත්හිටුවා ඇති අතර, දැන් එහි ප්‍රතිකාර ලබන්නේ කොරෝනා වෛරසය ආසාදිතයන් පමණි. ආසාදිතයන් රෝහලට ගෙනෙමින් ඇති නමුත් දැඩි සත්කාර ඒකකයේ ඇඳන් පිරී ගොස් ඇත. "අපි අපට හැකි හැම ඉඩකඩකම ඇඳන් පිළියෙළ කරනවා. රෝහලේ ඉඩ කඩ තියෙන හැම තැනකම. දැන් රෝහල රෝගීන්ගෙන් පිරිලා." ඔවුහු රෝහලේ ප්‍රධාන පිවිසුමෙන් පිටත තාවකාලික ක්‍ෂේත්‍ර රෝහලක් ඉදි කිරීමට පියවර ගත්හ. එහි ඉලක්කය වූයේ දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා අලුතින් ඇඳන් හැටක් තැබීමය. ඒත් එය ද ප්‍රමාණවත් වී නැත. අපේක්ෂාවක ආලෝකයක් පවතින දුෂ්කර පරිසරය ජය ගැනීමට පාඔලෝ ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? හෙද - හෙදියන් වෙනුවෙන් ඉතාලිය පුරා ප්‍රදර්ශනය කෙරුණු ආදරය ඔවුන්ගේ කාර්යභාරය ඉහළ මට්ටමින් පවත්වා ගෙන යාමට ශක්තිය සපයන බව පාඔලෝ පවසයි. බොහෝ දෙනා හෙද හෙදියන් උත්කර්ෂයට නංවන ලද්දේ විරුවන් ලෙසිනි. ක්‍රිමොනා රෝහලේ කාර්ය මණ්ඩලය වෙත තෑගිබෝග ගලා එන්නට විය. ''අපි වැඩට එන හැම දවසකම අපට යම්කිසි අලුත් දෙයක් ලැබුණා'' ''පිසා,රසකැවිලි, කේක්, බීමවර්ග..... තවත් දවසක 'espresso' කෝපි පැකට් දහස් ගණනක්... ඒවගේම,සුභ පැතුම් පත් එවමින් අපේ චිත්ත ධෛර්යය ශක්තිමත් කළා." එම ත්‍යාග පාඔලෝට එක්තරා සහනයක් විය. එහෙත් ඔහුට කිසිවිටක රෝහල අත්හැර දැමීමට නොහැකි විය. "මගේ සේවා මුරය අවසන් කරලා ගෙදර ආවාම මම කම්පාවට පත්වුණා. මම රාත්‍රී නින්දට වැටුනාම කීපවතාවක් ඇහැ ඇරුනා. මගේ වෘත්තීය සගයන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය ඒකයි." මෙහි වැදගත්ම කාරණය පාඔලෝ ඔහුගේ කාර්යභාරය පෙරට ගෙන යාමට අවශ්‍ය ශක්තිය පවත්වා ගැනීමය. එහෙත් මෙය පවතින දුෂ්කර තත්ත්වයේ ආරම්භය පමණි. පවුලෝට ගතවෙන හැම දිනම වෙහෙසකාරීය. ''මට උමඟ කෙලවර තවමත් ආලෝකයක් දකින්න නැහැ. මට කියන්න බැහැ- මොනවා වේවිද කියල. මේක ඉවරයක් වෙන්න කියල පතන්න විතරයි මට පුළුවන්."
බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කළ ක්‍රීඩකයා බවට පත් වෙයි.
ක්‍රිස් ගේල් එම ලෝක වාර්තාව තැබීමට සමත් වූයේ අද අඟහරුවාදා කැන්බෙරා නුවර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදීයි. පන්දු එකසිය තිස් අටකට මුහුණ දුන් ක්‍රිස් ගේල් හතළිස් හය වන ඕවරයේදී හතරේ පහරක් එල්ල කරමින් ද්විත්ව ශතකය වාර්තා කළේය. ඔහු වාර්තා කළ ද්විත්ව ශතකයට හයේ පහර දාසයක් ඇතුළත්. ලකුණු දෙසීය පහළොවක් වාර්තා කර සිටි ක්‍රිස් ගේල් සිය ඉනිමේ අවසාන පන්දුවේදී දැවී යාමට ලක් විය. විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කළ, එක් දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ සහ ටෙස්ට් තරගයකදී ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ එකම ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ක්‍රිකට් ඉතිහාසයට එක් වේ.
උතුරු ඉන්දියාවේ මනාලියක් තමා සමග අතිනත ගැනීම පිණිස විවාහ උත්සවයට පැමිණි මනමාලයා අසනීප වීම හේතුවෙන් උත්සවයට පැමිණි අමුත්තන් අතරින් කෙනෙකු සමග විවාහ වී තිබේ.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ රාම්පුර් හි තරුණියක් වන ඉන්දිරා මෙසේ සිය සහ කරුවා මාරු කිරීමට තීරණය කර ඇත්තේ විවාහ චාරිත්‍රය අතර තුර දී මනමාලයා අපස්මාරය වැනි රෝගයක් හේතුවෙන් වෛද්‍යවරයා වෙත ගෙන යාම හේතුවෙන්. මනාලයාගේ මෙම අසනීප තත්වය සම්බන්ධයෙන් කල් තියා දැනුම් නොදීම පිළිබඳ දැඩි කෝපයට පත් මනාලිය උත්සවයට අමුත්තෙකු ලෙස පැමිණ සිටි සිය මස්සිනාගෙන් තමාව විවාහ කර ගන්නා ලෙස ඉල්ලා ඇත. ඇගේ මස්සිනා එයට එකඟ වූ බවයි පැවසෙන්නේ.
රට තුල පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියකින් පළමු වරට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව අතින් පරාජයට පත්වීමේ අභියෝගයට මුහුණ දී සිටිති.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 457ක් ලබා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමේ හොඳම පිතිකරුවන් හතර දෙනකු ලකුණු පහළොවක් තුළදී දවාලීමට ධම්මික ප්‍රසාද් සමත් විය. ඊයේ සඳුදා තරඟය නතර කරන විට එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකිවූයේ කඩුලු පහකට ලකුණු 57 ක් පමණි. එංගලන්තයේ හෙඩින්ලි (Headingly) ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 160 ක් ලබා ගත්තේය. ඔහු හා අටවැනි කඩුල්ල සඳහා මනා සම්බන්ධතාවක් පැවත්වූ රංගන හේරත් ලකුණු 48 ක් ලබා ගනිමින් දුවද්දී දැවී ගියේය.
"මම මනීෂ ගොඩක් ආදරෙයි. මොනවා වුණත් මම මනීෂ දාලා යන්නේ නැහැ"
හැඟුම්බර වුවත්, කැඩුණු සිංහලෙන් ස්වෙත්ලානා කී දේ තුළ ස්ථිර අධිශ්ඨානයක් ඇති බව ඇගේ මුහුණේ පැහැදිලිව ඇඳුනු සේයාවෙන් දුටිමි. දුරු කතර ගෙවා ඇදෙන ගඟ තැනකදී සයුරට වැටෙන්නේ යම් සේද, එවැනිම කතාවක් සැතපුම් දහස් ගණනක් දුර ගෙවා ලොව එහා කොනක සිට ශ්‍රී ලංකාවට පැමිණි ස්වෙත්ලානාට ද ඇත. ගල්පර - බාධක මැද ගලන සුන්දර නදියක් සේ, දුක් කම්කටොලු මැද වුවත් එය පරදවන සවිමත් සෙනෙහසක කතාවක් ස්වෙත්ලානා හා ඇගේ සැමියා වන මනීෂ වටා තිබේ. පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්වූ මේ යුවළ ගැන බීබීසී සිංහල සේවය වෙනුවෙන් තොරතුරු විමසන්නට, පෙර කතිකා කරගත් පරිදි හිමිදීරි උදෑසනක මම කඩුවෙල - වැලිවිට ප්‍රදේශයට ගියෙමි. චන්ද්‍රිකා කුමාරතුංග මාවත පසු කර අඹතලේ දෙසට යන විට මාර්ගයට යාබද නිවසක ජනේලයෙන් විදේශීය කාන්තා රුවක් දුටු වහා මේ ඇය බව වටහා ගන්නට අපහසු නොවීය. ඇය මේ කතාවේ ආදරවන්තිය, නමින් ස්වෙත්ලානා ව්ලදිමිරෝව්නා. ස්වෙත්ලානාගේ සැමියා මනීෂ මදවන්ආරච්චි. උදෑසන 6.30ට පමණ මා එහි යන විට ස්වෙත්ලානා දහවල් අලෙවියට අවශ්‍ය ආහාර සකසමින් සිටියාය. ඇගේ කඩිසර බව තුළ දිරිය සම්පන්න ගැහැණියකගේ ලක්ෂණ මනාව පෙනෙන්ට තිබිණි. මනීෂ ද ඈ ළඟින්ම ගැවසෙමින් හැකි අයුරින් ඇයට සහය වෙමින් සිටියේය. මනීෂ පවසන ආකාරයට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට පටන් ගැනුණේ 2017 වසරේ සිට ය. ''ස්වෙත්ලානා හමුවෙනකොට මට අසනීපයක් තිබුණේ නෑ. ඒත් දැන් වකුගඩු 18% යි වැඩ කරන්නේ. දකුණු ඇහැ පේන්නෙ ම නෑ. වම් ඇහැ 20%ක් විතර පේනවා. හාර්ට් එකට ස්ටෙන්ට් දෙකක් දාලා. ඒ එක්කම මම දියවැඩියා රෝගියෙක්,'' යැයි කී මනීෂ වෛද්‍ය වාර්තා රැසක් මා ඉදිරියේ තැබීය. කෑම අලෙවි කරන විදෙස් කත සති කිහිපයක සිට කොළඹ - කඩුවෙල හරහා දිවෙන නව නුවර මාර්ගයේ වැලිවිට මංසන්ධිය අසළ මාර්ගයේ පසෙක දේශීය පුද්ගලයෙකු සමග කෑම පාර්සල් අලෙවියේ යෙදෙන විදෙස් කාන්තාව, එම මාර්ගයේ යනෙන අයට මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයින්ට ද අලුත් මාතෘකාවක් විණි. ඒ කෑම අලෙවිය පසුපස කතාව පැහැදිලි කරමින් මනීෂ පැවසුවේ රෝගී තත්ත්වය මැද සිය දෙමාපියන්ට තවදුරටත් බරක් වීමට නොසිතූ තමන් සිය බිරිඳ සමග එක්ව මීට සති තුනකට පමණ පෙර බත් පාර්සල් අලෙවි කිරීම ආරම්භ කළ බවය. ඒ සඳහා මුල්වී ක්‍රියාකරන ස්වෙත්ලානා මනීෂගේ බිරිඳ වූ කතාව ද ඔවුන් දෙදෙනා එක්ව විස්තර කළහ. රුසියාවේ ඈත කොනක විසූ ස්වෙත්ලානා ව්ලදිමිරොව්නා ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම සඳහා 2015 වසරේ පැමිණෙද්දී, රුසියාවේ අධ්‍යාපනය ලැබූ තමන් ද ඒ වන සිය රට පැමිණ සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක නිරත ව සිටි බව මනීෂ පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දෙදෙනා කලින් දැන සිටි බවකි. ''මාසයක් විතර ලංකාවේ ඉදල යන දවසේ මොන හේතුවක් නිසා හරි ස්වෙත්ලානාට ෆ්ලයිට් එක මිස් වුණා. ආයෙත් ටිකට් හදා ගන්න තවත් මාසයක් විතර ඉන්න වුණා. ඒ කාලයේ මම එයාට සලකපු විදිය අනුව තමයි අපි අතරේ ආදර සම්බන්ධයක් ඇති වුණේ,'' යනුවෙන් මනීෂ පවසද්දී ස්වෙත්ලානා ද ඒ කතාව අනුමත කළාය. ඇයට සිංහල බස හරිහැටි කතා කළ නොහැකි වුව ද හොඳින් වැටහෙන බව පෙනිණි. 2016 වසරේදී විවාහ වූ මේ යුවළ වෙබ් රේඩියෝ නාලිකාවක් ද පවත්වාගෙන ගියත් සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් එය ද නතර කර දැමූ බව මනීෂ සඳහන් කළේය. ''මගේ ගම මුර්මාන්ස්ක්. ඒ ලස්සන ගම තියෙන්නේ ෆින්ලන්ත දේශසීමාව කිට්ටුව. මම වැඩ කළේ මුර්මාන්ස්ක් තැපැල් කාර්යාලයේ ගිණුම් අංශයේ,'' ස්වෙත්ලානා පැවසුවාය. 15 වෙනි වියේදී සිය මව මිය ගිය බවත්, පියා සහ වැඩිමල් සොයුරිය රුසියාවේ ජීවත් වන බවත් ඇය වැඩිදුරත් සඳහන් කළාය. මනීෂ පැවසූ ආකාරයට, තංගල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් 1989 වසරේදී ශිෂ්‍යත්වය සමත්ව කොළඹ අසෝක විද්‍යාලයට ඇතුළත් වූ ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේදී ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා රුසියාවට ගොස් තිබේ. මේ තොරතුරුද කියවන්න: රෝගීවූ තමන්ගෙන් වෙන්ව යන ලෙස මනීෂ ස්වෙත්ලානාගෙන් ඉල්ලීම් නොකළේද නොවේ. ''මම මෙයාට දැන් කිහිප වතාවක් කිවුවා මාව දාල ගිහින් හොඳ ජීවිතයක් ගත කරන්න කියලා. ස්වෙත්ලානා කැම්පස් ගිහින් හොඳ අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නිසා. ඒ ගැන මතක් කරන කොට තමයි එයාට කේන්ති යන්නේ. මට කියල තියෙන්නේ අයෙත් ඒ ගැන කතා කරන්න එපා කියලයි. වෙලාවට මගේ බෙහෙත් ටික, කෑම ටික ළඟට දෙනවා. ඒ ආදරය මට දරා ගන්න බෑ,'' යි කී මනීෂගේ දෙනෙතින් කඳුළු රූරා වැටිණි. ස්වෙත්ලානාගෙන් ලැබෙන ආදරය හා රැකවරණය ගැන මනීෂ මා සමග පවසන විට ආදරය වෑහෙනා දෙනෙතින් ඈ ඔහු දෙස බලා සිටින අයුරු මම කිහිප අවස්ථාවක ම දුටුවෙමි. මනීෂ සමග මිස, තනිව යළි රුසියාවට නොයන්නේමැයි යන ස්ථාවරයේ සිටින ස්වෙත්ලානා, ''ලංකාව මගේ ගෙදර වගේ. මම මනීෂට ආදරෙයි. මනීෂව දාලා යන්නේ නෑ.'' යැයි සිංහල බසින් ම අවධාරණය කළාය. තවත් තොරතුරු:
තමන් බලයට පත්වුවහොත් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට සහ මහ බැංකු බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන බව ගෝඨාභය රාජපක්ෂ දුන් ප්‍රධානම ප්‍රතිඥා දෙකකි.
බලයට පත්ව වසරකුත් මාස දෙකක් ඉක්ම යාමෙන් අනතුරුව පෙබරවාරි 04 වෙනි දින නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සැලසුම් කළ හා එයට අනුබල දුන් වගකිවයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවීයාමට ඉඩ නොදෙන බවය. මහ බැංකු බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් දෙන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේය. "රටේ ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා," ඔහු පැවසීය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට සහ වගකිව යුතු අයට නීතිය ක්‍රියාත්මක කරන හැටි ගෝඨාභය කියයි ඇත්තෙන්ම පාස්කු ප්‍රහාරයේ 'මහ මොළකරු හෝ මහ මොළකරුවන්' කවුද? එයට අනුබල දුන්නේ කවුද? 'ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන්නේ නෑ' ජීවිත 267 ක් බිලිගනිමින් සහ තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල සිදුකරමින් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විශාල පිරිසක් මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර, අඩුම තරමින් එක් සැකකාරියක් ඉන්දියාවට පලා ගොස් තිබේ. ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහමඩ් සහරාන් හෂීම් ප්‍රහාරයේ "මහ මොලකරු" හෝ නායකයා ලෙසින් බොහෝ දෙනා හඳුන්වන නමුත් ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයා ඔහු නොවන බව විමර්ශන පැවැත්වූ රහස් පරීක්ෂකයන්ගේ මතය වී තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කළ ජනාධිපති කොමිසම හමුවේ අවසාන දින කිහිපයේ දී සාක්ෂි දෙමින් දැනට අත්අඩංගුවේ පසුවන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිටුපස අදෘශ්‍යමාන හස්තයක මෙහෙයවීමක් ඇතැයි තමන් ද සැක කරන බවය. ඔහු ඒ බව කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කොමිසම හමුවේ කර තිබූ ප්‍රකාශයක් පිළිබඳව විමසූ අවස්ථාවේදී ය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වන අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, ඒ සම්බන්ධයෙන් මුලින්ම පොලිස් විමර්ශන භාරව සිටි නිලධාරියාය. සහරාන් හෂීම් ප්‍රහාර සියල්ල සංවිධානය කළ පුද්ගලයා විය නොහැකි බව ඊට පෙරාතුව ජනාධිපති කොමිසම හමුවේ කියා සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, එය මෙහෙය වූ පුද්ගලයා සොයාගත යුතු බවත්, එම තැනැත්තා හෝ කණ්ඩායම සොයාගන්නා තුරු ඒ පිළිබඳ විමර්ශන "අසම්පූර්ණ" බවත් අවධාරණය කළේය. ඒ පිළිබඳ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සඳහන් කළේ, "ප්‍රශ්නාර්ථ ගොඩාක් තියෙනවා. එකක් ලෝකයේ කිසිම ත්‍රස්ත ප්‍රහාරයකදී ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියගිහින් නැහැ. නායකයා කරන්නේ අනුගාමිකයන් ප්‍රහාරය සඳහා මෙහෙයවීමක්," යනුවෙන් විස්තර කළේය. "අනුගාමිකයන් තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස මැරෙන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් සහරාන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියයාම. ඒක නිසා වෙනත් අදෘශ්‍යමාන හස්තයක් තිබුනාද, කිසියම් කෙනෙක් හෝ පාර්ශවයක් සහරාන්වත් මෙහෙයෙව්වාද කියන එක මටත් ප්‍රශ්නයක්." "මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව" ජනාධිපති කොමිෂන් සභාවට පෙරාතුව විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් ද ප්‍රහාරය පිළිබඳ විමර්ශනයක් සිදු කරනු ලැබිණ. එම කාරක සභාවේ සාමාජිකයෙකු වූ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, "මගේ විශ්වාසයේ හැටියට මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව," යනුවෙනි. වෛද්‍ය නලින්ද ජයතිස්ස විස්තර කරන පරිදි, ඔහු එම නිගමනයට එළඹ තිබෙන්නේ පහත දැක්වෙන කරුණු ඇතුළු විමර්ශනාත්මක සාක්ෂි ගණනාවක් පදනම් කරගෙනය: බීබීසී සිංහල සේවය සමඟ වැඩිදුරටත් කරුණු දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස, "මේ වගේ දරුණු ප්‍රහාරයක් පිටිපස්සේ යුද තාක්ෂණයෙන් පරිපූර්ණ, හොඳ බුද්ධි තොරතුරු ජාලයක් වගේම හොඳ අත්දැකීම් තියෙන කණ්ඩායමක් ඉන්න ඕන. ඒත් සහ්රාන්ලට එහෙම ජාලයක් තිබුණ බවට කිසිම සාක්ෂියක් නෑ," යනුවෙන් පැවසීය. "ඒ වගේම සහ්රාන්ලට ආයුධ ගබඩාවක් තිබිල හොයාගත්ත කියල කිසිම තොරතුරකුත් නෑ." මහජන ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය ජනාධිපතිවරයාගේ නිදහස් දින ප්‍රකාශයෙන් අනතුරුව, මාධ්‍යවේදියෙක් කළ විමසීමකට පිළිතුරු දුන් කියා සිටියේ, ප්‍රහාරය සම්බන්ධයෙන් "පොලිසිය විසින් සියලුම විමර්ශන කටයුතු අවසන් කරලා" මේ වනවිට සැකකරුවන් 32 කුට එරෙහිව නඩු පැවරීමට සාක්ෂි ගොනු කොට තිබෙන බවය. තවත් සැකකරුවන් 241 රැඳවුම් සහ රිමාන්ඩ් භාරයේ සිටින බව ද අමාත්‍යවරයා පැවසීය. ඉන්දියාවේ ඔත්තු සේවය ද සමඟ සම්බන්ධ වී ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සහ "අන්තර්ජාතික ජාලයක් ඇති කොට" තිබෙන බවක් සඳහන් කළ නමුත් 'සාරා' ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ ද යන්න ගැන අමාත්‍ය සරත් වීරසේකර සෘජු පිළිතුරක් නොදුන්නේය. කියවන්න: 'ඉස්ලාමීය රාජ්‍යය (IS) සංවිධානය සම්බන්ධ නෑ' පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට 'ඉස්ලාමීය රාජ්‍යය' (අයි එස්) සංවිධානයේ සෘජු සම්බන්ධයක් නැතැයි විමර්ශන වලදි අනාවරණය වූ බව ද, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබුණි. වෛද්‍ය නලින්ද ජයතිස්ස බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ ද අයි එස් සංවිධානය ප්‍රහාරයට සම්බන්ධ බවක් සිය විමර්ශනවලදී අනාවරණය නොවූ බවය. ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් කිසිවෙකුත් සෞදි අරාබිය, ලෙබනනය හෝ වෙනත් කිසිදු රටක සංචාරය කළ බවක් පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ අනාවරණය නොවූ බව ද ඔහු පෙන්වා දුන්නේය. "ගියා නම් කවුරු හරි ගිහින් තිබුණේ ඉන්දියාවට විතරයි," වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ Skype තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ද ඒ බව තහවුරු කළේය. "ප්‍රහාරයෙන් පසු ට්‍රොපිකල් ඉන් ලැගුම්හල හැරුණු විට අනිත් ස්ථාන 06 සහ සෛයින්දමර්දු පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළේ මම. නමුත් ඒ කිසිදු විමර්ශනයකින් මෙම ප්‍රහාරය පිටුපස සෘජුව අයි එස් සංවිධානය ඉන්න බවක් අනාවරණය වුණේ නැහැ," ඔහු පැවසීය. පාස්කු ප්‍රහාරයෙන් වසරකට පසුව අනුස්මරණ දේව මෙහෙයකට එක්ව සිටි බැතිමතුන් පරීක්ෂණ තුනක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමසා බැලීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මුලින්ම විශේෂ විමර්ශන කමිටුවක් පත්කරන ලද අතර, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව ද ඒ පිළිබඳව විමසා බැලීම පිණිස විශේෂ කාරක සභාවක් පත් කළේය. එම මූලික විමර්ශනවල වාර්තා දැනටමත් නිකුත් වී තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබුණ බව දිගින් දිගටම අවධාරණය කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. මුල සිටම ඔහු දැරූ ස්ථාවරය වූයේ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එහි වගකීම භාරගත යුතු බවය. මූලික විමර්ශනවලින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති කොමිසමක් පත්කරන ලද අතර, එම කොමිසම පසුගිය ජනවාරි 31 වෙනි දින සිය විභාගය අවසන් කළේය. "පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා," නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය. එවක අගමැති පදවිය හෙබැවූ රනිල් වික්‍රමසිංහ පවසන්නේ, ජනාධිපතිවරයා තමන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට පවා සහභාගි කර නොගත් නමුත් ඒ පිළිබඳ සාමූහික වගකීම භාරගැනීමට තමන් සූදානම් බවය. ජනපති මෛත්‍රී 'නොදැන සිටියේ යයි විශ්වාස කරන්න බෑ' පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත් කිරීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොදැන සිටින්නට ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොමිසම හමුවේ පැවසීය. ඒ, හිටපු ජනාධිපතිවරයාට බුද්ධි තොරතුරු දැනුම් නොදුන්නේ යයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ දුන් සාක්ෂිය පිළිබඳව විමසූ අවස්ථාවේදීය. "මම පැහැදිලිව දන්නවා රාජ්‍ය ආරක්ෂාව, දේශපාලනය, මහජන උද්ඝෝෂණ වගේ ඕනෑම දෙයක් ගැන රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ දෛනිකව ජනාධිපතිවරයාව දැනුවත් කරනවා. ලද මුල් තොරතුරමයි ජනාධිපතිට යන්නේ. රටේ සියලු තොරතුරු ජනාධිපති දැනගන්නේ රාජ්‍ය බුද්ධි සේවය හරහා. ඒ නිසා ජනාධිපතිවරයා මේ පිළිබඳ නොදැන සිටියා වෙන්නට බැහැ," ශානි අබේසේකර කොමිසම හමුවේ පැවසීය. "ප්‍රහාරයෙන් පස්සේ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂිදෙන්න එපා කියන්න ජනාධිපති අපිව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණ රැස්වීමකට කැදෙව්වා. එහිදී 'මාව දැනුවත් කළේ නැහැ' කියන එක කිව්වා, හැබැයි කිසිම අවස්ථාවක 'ඇයි මට කිව්වේ නැත්තේ' කියලා නිලන්තගෙන් ඇහුවේ නැහැ." වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් 2019 ජනවාරි මස 16 වන දින අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු අප්‍රෙල් 10 වන දින අධිකරණය විසින් නිදහස් කරනු ලැබුවේ ඔබ සහ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නගේ වාර්තාවකට අනුව දැයි එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර: "ඔව් ස්වාමීනි, ආරක්ෂක ලේකම්වරයා සමග පැවති රැස්වීමකදි බස්නාහිර පළාත් අණ්ඩුකාර අසාද් සාලි මහතා ඉල්ලීමක් කළා එම සැකකරුවන් දෙදෙනා නිදහස් කරන්න කියලා. නමුත් මම පැහැදිලිව කිව්වා විමර්ශන අවසන් වෙනකං නිදහස් කරන්න බැහැ කියලා," යනුවෙන් කියා සිටියේය. "ඊට පස්සේ පොලිස් පරීක්ෂක මාරසිංහ අදාළ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනය අවසන් කරලා ඔවුන් වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට සම්බන්ධ නැති බව වාර්තා කළ නිසා මමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමත් නියමිත නෛතික ක්‍රමවේදයට සැකකරුවන් නිදහස් කරන්න අවසර දුන්නා." පාස්කු ප්‍රහාරය ගැන කණගාටුව පළ නොකරන හේතුව හිටපු ජනපති මෛත්‍රී බීබීසීයට කියයි 'ඇමෙරිකාවේ ආශීර්වාදය' වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, එල්ලවිය හැකි බරපතල ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබූ නමුත් සමස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සවිස්තර බුද්ධි වාර්තාවක් ශ්‍රී ලංකාවේ කිසිදු බලධාරියෙකුට ලැබී තිබුණ බවක් තේරීම් කමිටුව හමුවේ අනාවරණය නොවූ බවය. 2015 ජනවාරි ජනපතිවරණයේ දී ඉන්දියාව විසින් තමන් පරාජය කරන ලද බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිහිප අවස්ථාවකදීම සඳහන් කර තිබුණි. බොහෝ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබුණේ, මහින්ද රාජපක්ෂ පාලනය දැඩි චීනයට ලැදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉන්දියාවේ එම ස්ථාවරයට හේතු වූ බවය. එහෙත් ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සිය අවශ්‍යතා ඉටුකරගත නොහැකි බව වටහාගත් ඉන්දියාව, බහුතර සිංහල, බෞද්ධ ජනතාව අතර ජනප්‍රිය නායකයෙකු බලයට පත්කර එම නායකයා මාර්ගයෙන් ඉන්දියාවේ අවශ්‍යතා ඉටුකරගැනීමට තීරණය කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ විග්‍රහය වී තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම ක්‍රියාමාර්ගයේ දී ඉන්දියාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ අනුග්‍රහය සහ ආශීර්වාදය ලැබුණ බවය. තවත් ලිපි:
උතුරු ඉන්දීය උත්තරාකාන්ද් ප්‍රාන්තයේ හදිසි ජල ගැල්මට කොටු වී සිටින්නන් බේරා ගැනීමේ කටයුතුවලට වැසි සහිත කාළගුණයෙන් දැඩි බාධා පැමිණීම හේතුවෙන් හෙලිකොප්ටර යානා ගුවන්ගත කිරීමද අත්හිටුවා ඇති බව වාර්තා වේ.
වැසි සහිත කාළගුණයෙන් දැඩි බාධා පැමිණීම හේතුවෙන් හෙලිකොප්ටර යානා ගුවන්ගත කිරීමද අත්හිටුවා තිබේ විශේෂයෙන්ම මීදුම හේතුවෙන් බරපතල අනතුරුදායක තත්ත්වයක් හටගෙන තිබේ. ජල පහරට සහ නාය යාම් වලට ගොදුරුවීමෙන් මේ වන විට සනාථ වී ඇති මරණ සංඛ්‍යාව හයසියයක ට ආසන්නයි. මිය ගිය ප්‍රමාණය මේ සතිය තුළ දී දහස දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව මේ අතර බලධාරීහු පවසති. පාණීය ජලය නොමැතිව සියලු දෙනා දැඩි අසීරුතාවයකට මුහුණ දෙමින් සිටින බව ශ්‍රී නගර් හි පූජස්ථානයක කොටු වී සිටින ගුලසාර් සිංග් බීබීසියට කියා සිටියේය. නොකඩවා ඇදහැළුණු මෝසම් වැසි නිසා හදිසියේ ඇති වූ වේගවත් ජල පහරට හසුවී හිමාල කඳු සහිත උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ නිවාස, මාර්ග සහ පාලම් විනාශ වී තිබේ.
අපේක්ෂකයන් හට තිබෙන අවදානම බරපතල ලෙස ඉහළ ගොස් තිබෙන හෙයින් පෙබරවාරියට නියමිත මහ මැතිවරණය නො පවත්වන ලෙස තායිලන්ත මතිවරණ කොමිසම රජයෙන් ඉල්ලා තිබේ.
තායිලන්තයේ බැංකොක් අගනුවර වීදි බැස සිටින රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුම් වලින් පොලිස් නිලධාරියකු මිය ගිය බව තායි බලධාරීහු පවසති. මැතිවරණ අපේක්ෂකයන් ලියාපදිංචි කැරෙන ක්‍රීඩාංගණය ඉදිරිපිට දී ඉහත කී පොලිස් නිලධාරියාට වෙඩි උණ්ඩයක් වැදී ඇති බවයි තායි පොලිසිය කියා සිටියේ. ඇති වූ ගැටුම් වල දී ගල් විසි කරමින් සිටි උද්ඝෝෂකයන් දෙසට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරණ ලදී. ලබන පෙබරවාරියේ පැවැත්වීමට නියමිත මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමන ලෙස තායි මැතිවරණ බලධාරීන් රජයෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබුණි. මැතිවරණ ප්‍රචාරක කටයුතු පවත්වා ගෙන යා නො හැකි විලසින් ප්‍රචණ්ඩත්වයේ අවදානම පමණ ඉක්මවා ඉහල ගොස් ඇති බව තමා විශ්වාස කරන බවයි තායි මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ.
චීනය සිය යුද බලය ලෝකයට ප්‍රදර්ශනය කරමින් සිය රටේ විප්ලවයේ හැත්තෑ වෙනි සංවත්සරය අනුස්මරණය කරමින් සිටී.
පෙළපාලියට එක්වූ කාන්තා බලකායක් චීන මහජන ජනරජය (PRC) මෙම හැත්තෑ වෙනි සංවත්සරය නම්කරනු ලැබ තිබෙන්නේ "මහා උපන් දිනය" යනුවෙනි. ඊට එක්වූ යුද හමුදා පෙළපාලිය අධීක්ෂණය කරමින් අදහස් දැක්වූ ජනාධිපති ෂි ජින්පින් "චීනය සෙලවිය හැකි වෙනත් බලවේගයක් ලොව නැහැ"යැයි කියා සිටියේය. සභාපති මාඕ සේතුං (Mao Zedong) විසින් 1949 ඔක්තෝබර් පළමුවෙනිදා එරට වේලාවෙන් සන්ධ්‍යාවෙහි චීනයේ විප්ලවීය ජයග්‍රහණය බේජිං අගනුවර 'තියනාන්මෙන්'චතුරශ්‍රයේ දී ප්‍රකාශයට පත්කරනු ලැබිණි. "මහජන චීන ජනරජය" පිහිටුවීමේ ඓතිහාසික නිවේදනය මාඕ සේතුං විසින් ස්ථාපනය කරන ලද්දේ එදින පවත්වන ලද ඓතිහාසික ප්‍රකාශය මගිනි. මාඕ සේතුං ගේ නායකත්වයෙන් 1921 දී ආරම්භ කරන ලද චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ගෙනයන ලද දීර්ඝ අරගලයකින් අනතුරුව පිහිටුවන ලද මහජන චීන ජනරජය මේවනවිට වසර හැත්තෑවක් සම්පූර්ණ කරනු ලැබ ඇත. සභාපති මාඕ සේතුං (Mao Zedong) විසින් 1949 ඔක්තෝබර් පළමුවෙනිදා මහජන චීන ජනරජය ප්‍රකාශයට පත්කරනු ලැබීම හැත්තෑ වසරක ගමන් මග 1949 ඔක්තෝබර් පළමුවෙනිදා ප්‍රකාශිත මහජන චීන ජනරජය ආරම්භක අවධියෙහි විශාල ආර්ථික පසුබෑමකට ලක්වූ අතර 1950 දශකයේ දී සභාපති මාඕ සේතුං විසින් ඉදිරිපත් කරන ලද "මහා පිම්ම" ආර්ථික ඉලක්කය ද අසාර්ථකභාවයෙන් කෙළවර විය. ඉන් අනතුරුව චීන දේශපාලනයේ වඩාත් සංවාදාත්මක අවධිය වන්නේ 1966-76 අතර කාලය තුළ ක්‍රියාවට නංවන ලද "සංස්කෘතික විප්ලවය" වේ. චීන සංස්කෘතික විප්ලවයේ අරමුණ විප්ලවය මගින් පරාජය කරන ලද "වැඩවසම්වාදී සහ ධනපති මූලයන් සමාජයෙන් සහමුලින්ම උපුටා දැමීමක්" යයි ප්‍රකාශයට පත් කරන ලද නමුත්, එය සමාජ දේශපාලන "ප්‍රතිවිරුද්ධ මතවාද මර්දනය කිරීමක්" ලෙස බෙහෙවින් දෝෂ දර්ශනයට ලක්විය. චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මතයට අනුගත නොවූ බුද්ධිමතුන් ද ඇතුළු වෙනත් මතධාරීන් සංස්කෘතික විප්ලවයේ දී ශාරීරික මට්ටමින් වධ හිංසාවන්ට ලක් කෙරුණ බවට එවක පැවති තවත් සමාජවාදී රටක් වූ සෝවියට් සංගමය පවා බේජිං බලධාරීන්ට එරෙහිව දැඩිව දෝෂාරෝපණය කළේය. මාඕ සේතුංගේ අභාවයෙන් පසු එම ගමන් මාර්ගයේ විශාල වෙනසක් සිදු කෙරුණේ 1977 දී ඩේන් ෂියාඕපිං (Deng Xiaoping) විසින් හඳුන්වා දෙන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟය. ඩේන් ෂියාඕපිං පාලනය යටතේ එතෙක් චීනය ගමන්ගත් මාවතේ විශාල වෙනසක් සිදු වූ අතර,වෙනස් ආර්ථික ගමන් මාර්ගයක් ද එමගින් සලකුණු කරනු ලැබිණි. චීනයේ අද ක්‍රියාත්මක වන ආර්ථික රාමුව සඳහා පදනම සකස් කරන ලද්දේ ඩේන් ෂියාඕපිං විසිනි. 1985 න් පසු මිහායිල් ගොර්බචෝෆ් විසින් සෝවියට් සංගමයේ ක්‍රියාවට නංවන ලද "පෙරෙස්ත්‍රෝයිකා" වැඩපිළිවෙල චීන සමාජයෙහි ද බලපෑමක් කළ අතර, ඒ සමඟ පැතිර ගිය ශිෂ්‍ය සහ මහජන නැගිටීම් 1989 දී "තියනාන්මෙන්" චතුරශ්‍රයේ මර්දනය මගින් යටපත් කර දැමීමට බේජිං පාලකයෝ සමත් වූහ. විප්ලවීය සමරු යුද පෙළපාලියේ ගමන්ගත් රතු හමුදා සේනාංකයක් ලෝකයේ දෙවන ආර්ථික බලවතා 2010 වසරේදී චීනය ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත්විය. චීන පාලනයේ මෑතකාලීන සාකච්ඡාවට භාජනය වූ දේශපාලන ක්‍රියාව වර්තමාන චීන ජනාධිපති ෂි ජින්පින් යාවජීව ජනාධිපතිවරයා ලෙස නීතිගත කර ගැනීමය. සිය හැත්තෑ වෙනි සංවත්සරය නිමිත්තෙන් චීන රජය විසින් සංවිධානය කරනු ලැබ ඇති යෝධ යුද පෙළපාලිය නැරඹීම සඳහා තෝරා ගන්නා ලද ආරාධිත මහජන නියෝජිතයන්ට අමතරව රටවල් රාශියකට අයත් යුද නිලධාරීහු ද වූහ. සිය විප්ලවීය සංවත්සරය නිමිත්තෙන් චීනය යෝධ ශක්තියක් ප්‍රදර්ශනය කිරීමට යන බවට වාර්තා පළවෙමින් පවතින අතරවාරයේ ප්‍රකාශයක් කළ චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් " සිය යුද,දේශපාලන,ආර්ථික සහ මූල්‍යමය ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ අභිලාශයක් චීනයට නොමැති" බව සඳහන් කළේය. තවදුරටත් අදහස් දැක්වූ එම ප්‍රකාශකයා, කෙසේවෙතත් "චීනයේ සාම අභිලාෂය සහ වගකීම" සිය සමරු පෙළපාලියේ දී ප්‍රදර්ශනය කෙරෙන බව කියා සිටියේය. එවැනි ප්‍රකාශන මගින් සියරටෙහි නිපදවන ලද යුද අවි ප්‍රදර්ශනයට චීනය මෙම සමරු රැලිය අවස්ථාවක් කරගනු ලැබිණි. මෙවර සමරු පෙළපාලියේ ප්‍රමුඛතාව දී තිබුණේ නව යුද අවි ප්‍රදර්ශනයටය. චීන ආරක්ෂක අමාත්‍යංශය විසින් වාර්තා කරන ලද පරිදි විප්ලවීය සමරු පෙළපාලියෙහි යුද හමුදා භටයන් 15,000 ක් ගමන් ගත් අතර,580 ක් පමණ යුද උපකරණ එම පෙළපාලිය තුළ ප්‍රදර්ශනය කිරීමේ සැලැස්මක් විය. යුද්ධ ටැංකි, සන්නද්ධ රථ, නියමුවන් නොමැති ඔත්තු බලන යානා සහ නියමුවන් නොමැතිව දියයට කිමිදෙන යාත්‍රා වැනි නව නිර්මාණ රැසක් මෙවර පෙළපාලියට එක් කරන ලද බව වාර්තා වේ. ඕනෑම අවස්ථාවක භාවිත කළ හැකි තත්ත්වයක පවතින සියරට සතු ඉතා දියුණු මට්ටමේ යුදඅවි සම්භාරය චීනයේ මහජන විප්ලවීය හමුදාවේ (චීන රතු හමුදාව ) බලවත් ආශ්වාදයට හේතුවන බව විශ්ලේෂකයෝ පවසති. ප්‍රදර්ශනය කරන ලද අවි ආයුධ අතර ප්‍රහාරක ශක්තිය වැඩි දියුණු කරන ලද දේශීය අවි නිෂ්පාදනයට අයත් නව නිර්මාණ රැසකි. තවත් විශේෂත්වයක් වන්නේ එක්සත් ජාතීන්ගේ සාම හමුදාවේ යොදවා සිටින අට දහසක චීන සේනාංකයක් පළමුවරට විප්ලවීය සමරු පෙළපාලිය සඳහා එක්වීමය. චීනයේ යුද වියදම් පසුගිය කාල සීමාව තුළ චීනයේ යුද වියදම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගිය අතර, ජනාධිපති ෂි ජින්පින් (Mr Xi) විසින් 2015 වසරේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ යටතේ එම වියදම් මහා පරිමාණයෙන් වැඩි කරනු ලැබිණි. පසුගිය වසර දහයක කාලය ඇතුළත වසරක් පාසා බේජිං පාලනයේ යුද වැය ශීර්ෂය 10%ක මට්ටමින් දිගටම ඉහළ ගිය අතර, දැන එහි වාර්ෂික වැය මට්ටම ඇමෙරිකානු ඩොලර් බිලියන 168.2 ක මට්ටමේ පවතී. ඒ අනුව චීනය ලෝකයේ යුද වියදම් අතින් දෙවැනි ස්ථානය හිමිකර ගනී. යුද අවි නිෂ්පාදනය වෙනුවෙන් කරන පර්යේෂණ, නව අවි නිර්මාණය කිරීම සහ ඒවා අත්පත් කර ගැනීම සඳහා 2018 වසරේ චීන පාලනය ඇමෙරිකානු ඩොලර් බිලියන 56.1 ක් ආයෝජනය කර ඇති අතර එය ඔවුන්ගේ සමස්ත ආරක්ෂක වැය ශීර්ෂයෙන් 33% කට මඳක් වේ. යුද අවි වෙනුවෙන් වැඩිම වැය බරක් දරන ආසියානු රාජ්‍යය චීනය ය. චීන පාලනයේ මහා බලවතා- යාවජීව ජනාධිපති ෂි ජින්පින් ගේ යෝධ පුවරුවක් එම වියදම " පිළිගත හැකි සහ අවශ්‍ය" වැයක් බව මෑතදී ප්‍රකාශයට පත් කෙරුණු චීන ආරක්ෂක ධවල පත්‍රිකාවකින් කියැවුණි. චීනය සිය මහා පරිමාණ යුද වියදමෙහි වැදගත්කම යුක්ති සහගත කරගනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කරනු ලබන යුද වියදම් සහ තම වියදම් සැසඳීම මගිනි. එක්සත් ජනපදය ලෝකයේ වැඩිම යුද වියදම්කරුවා වන අතර 2018 වසරේ ඔවුන්ගේ සමස්ත ආරක්ෂක වියදම ඩොලර් බිලියන 643.3 ක් විය. "ලෝකයේ දෙවැනි ශක්තිමත් ආර්ථිකයට හිමිකම් කියද්දී තමරටේ ආරක්ෂක වියදම 2017 වසරේ ඇමෙරිකානු ආරක්ෂක වැය ශීර්ෂයෙන් හතරෙන් පංගුවක්" පමණක් වූ බවට බේජිං පාලකයෝ තර්ක කරති. ජාත්‍යන්තර ප්‍රමිතියට සහ ලෝකයේ බලවත් යුද යාන්ත්‍රණ සමඟ පවතින පරතරය අඩුකිරීම සඳහා තමන් ශක්තිමත් යුද අංශයක් ගොඩ නගමින් ඇතැයි චීනය පවසයි. හොංකොංවිරෝධතාවාදීන් ගෙනා අඳුර චීනය සිය හැත්තෑ වෙනි විප්ලවීය සංවත්සරය මහත් හරසරින් සමරමින් සිටියදී, හොංකොං දූපතේ විරෝධතාවාදීන් දහස් ගණනක් වීදි බැස උද්ඝෝෂණය කරමින් සිටි අතර පොලිසිය සමඟ ප්‍රචණ්ඩ ගැටුම් ඇති වූ බවක් ද වාර්තා වේ. මහාමාර්ග අවහිර කරමින් සිටි විරෝධතාවාදීන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර අත්අඩංගුවට ගැනීම් පිළිබඳවද වාර්තා වේ. චීනය විප්ලවයේ ජන්ම දිනය සමරද්දී හොංකොං දූපතේ බේජිං පාලනයට එරෙහිව වීදි විරෝධතා සිය දූපතේ සමාජ දේශපාලන ජීවිතය පාලනය කිරීම සඳහා 'බේජිං පාලකයන් කරන මැදිහත්වීම වැඩිවෙමින් පවතින බවට එම හොංකොං උද්ඝෝෂකයෝ චෝදනා කරති. කියවන්න;
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඇවන්ට්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කරනු ලැබ තිබේ.
ඇවන්ට්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති ඉහත කී සමාගම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් කොමිසම වෙත කැඳවා තිබූ අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිණ. මේ අතර 2012 වසරේ සිට 2015 වසර දක්වා වූ කාල සීමාව තුළ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සඳහා ඇවන්ට්ගාඩ් සමාගමට අනුමැතිය ලබා දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මීට ඉහතදී නඩු පවරා තිබිණි. සැප්තැම්බර් 30 වනදා උසාවියේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට අධිකරණය විසින් පසුගියදා නොතීසි නිකුත් කරනු ලැබිණ.
කොරෝනාවෛරසයෙන් මරණයට පත් සංඛ්‍යාව ඉරාන ආණ්ඩුව ප්‍රකාශයට පත් කර ඇති ප්‍රමාණයට වඩා තුන් ගුණයකට ආසන්න බව බීබීසී පර්සියානු සේවය කළ ගෙවේෂණයකින් සොයා ගෙන තිබේ.
මැදපෙරදිග කලාපය තුළ කොරෝනාවෛරසයෙන් වැඩිම බලපෑමකට ලක් වූ රට ඉරානයයි ජූලි 20 දක්වා කාලය තුළ කෝවිඩ්-19 හේතුවෙන් 42,000 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතැයි එරට ආණ්ඩුවේම දත්ත මගින් පෙන්නුම් කරයි. නමුත් එකී කාලය තුළ ඉරාන සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කර ඇති මරණ සංඛ්‍යාව 14,405 කි. කොරෝනාවෛරස් ආසාදනය වී ඇතැයි දැන ගැනීමට ලැබුනු සංඛ්‍යාව ද ඊට වඩා දෙගුණයකට ආසන්න අගයක් ගනු ලබයි. ආසාදිතයන් ප්‍රමාණය 278,827 ක් බව ප්‍රකාශ කෙරුන ද එම සංඛ්‍යාව 451,024 කි. නිල දත්ත අනුව බැලුව ද තවමත් මැදපෙරදිග වැඩි වශයෙන්ම බලපෑමට ලක්ව ඇති රට ඉරානය ය. මෑත සති කිහිපය තුළ ඉරානයේ කොරෝනාවෛරස් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි. බීබීසී වෙත ලැබුණු ලැයිස්තු සහ වෛද්‍ය වාර්තා අනුව ඉරානය තුළ කෝවිඩ්-19 පළමු මරණය වාර්තා වී ඇත්තේ ජනවාරි 22 වෙනිදාය. ඉරානය තුළ වෛරසය පැතිර යාම ආරම්භයේ සිටම නිල දත්ත සම්බන්ධයෙන් නිරීක්ෂකයෝ බොහෝ දෙනෙක් සැක පළ කළහ. ජාතික සහ පළාත් මට්ටමේ දත්ත අතර අවිධිමත් බවක් දක්නට ලැබිණි. ඒ සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාදේශීය ආයතන හඬ අවදි කර තිබූ අතර දත්ත සහ සංඛ්‍යා සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥ කණ්ඩායම් විකල්ප ඇස්තමේන්තු ලබා දීමට උත්සාහ කර තිබිණි. අවශ්‍ය තරම් පරීක්ෂා කිරීම් නොමැතිකම ඇතැම් පුද්ගලයන් කොරෝනාවෛරස් ආසාදිත යයි තහවුරු කර ගැනීමට නොහැකි වීමට විශාල වශයෙන් හේතු විය. එම තත්ත්වය ලෝකය පුරා දක්නට ලැබිණි. සියලුම මරණවලට අදාළ වාර්තා අත තිබියදීත් ඉරාන බලධාරීන් සැලකිය යුතු මට්ටමින් අඩු සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත් කර ඇති බව බීබීසී වෙත රහසින් ලැබුණු තොරතුරු මගින් හෙළිදරව් වේ. නිවැරදි දත්ත සිතා මතාම යටපත් කර ඇති බව ඉන් පෙනෙන්නට තිබේ. මේ දත්ත පැමිණියේ කොතැනින්ද? බීබීසී වෙත ඉහත කී දත්ත එවනු ලැබුවේ නම හෙළි නොකළ මූලාශ්‍රයක් විසිනි. ඉරානය පුරා රෝහල් වෙත දෛනිකව ඇතුළත් කරන ලද රෝගීන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම්, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, රෝග ලක්ෂණ, දිනය, රෝහලේ ගත කළ කාලය සහ රෝගීන් සතු විය හැකි වෙනත් රෝගී තත්ත්වයන් ඇතුළු තොරතුරු ඊට ඇතුළත් විය බීබීසී මේ වන විටත් දන්නා දැනට ජීවත් වන සහ මිය ගිය රෝගීන් හා එම ලැයිස්තුවල අඩංගු තොරතුරු සැසඳෙයි. ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඉරාජ් හරිර්චිට (වම් පසින්) කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි පෙබරවාරි මස අනාවරණය විය වසංගතය සම්බන්ධයෙන් "සත්‍ය හෙළි කිරීමට" සහ "දේශපාලන සෙල්ලම්" අවසන් කිරීමේ අරමුණින් බීබීසී සමග එම දත්ත බෙදා ගත් බව නම හෙළි නොකළ මූලාශ්‍රය පැවසීය. නිල දත්ත සහ ඉහත කී වාර්තාවල අඩංගු මරණ සංඛ්‍යා අතර වෙනස නිල දත්ත හා ජූනි මැද දක්වා අතිරේක මරණ සම්බන්ධයෙන් කරන ලද ගණනය කිරීම් සමග සැසඳෙයි. "සාමාන්‍ය" තත්ත්වයන් යටතේ අපේක්ෂිත මට්ටමට වඩා ඉහළින් වාර්තා වන මරණ, අතිරේක මරණ ලෙස ගැනෙයි. දත්ත මගින් හෙළි කරන්නේ කුමක්ද? කෝවිඩ් -19 හෝ ඊට සමාන රෝග ලක්ෂණ හේතුවෙන් වැඩි වශයෙන්ම මරණ වාර්තා වන්නේ ටෙහෙරාන් අගනුවරිනි. එම සංඛ්‍යාව 8,120 කි. ඉරානය තුළ පළමුවෙන්ම වෛරසය පැතිර ගිය ක්වොම් නගරය ප්‍රමාණාත්මක වශයෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇත. එහි මරණ 1,419 ක් වාර්තා වී ඇත. එනම් සෑම පුද්ගලයන් 1,000 කටම එක් කෝවිඩ්-19 මරණයකි. රට පුරා මරණ අතරින් 1,916 ක් ඉරාන නොවන වෙනත් ජාතීන්ට අයත් වීම කෙරෙහි ද සැලකිල්ල යොමු වේ. රහසින් ලැබුණු දත්ත තුළ සමස්තයක් වශයෙන් ආසාදිතයන් සහ මරණ සම්බන්ධයෙන් ඇති නැඹුරුව සහ නිල වාර්තා සමාන වුවත් ප්‍රමාණයෙන් වෙනස් වේ. මුල් අවධියේ මරණවල ඉහළ යාම සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාවන්ට වඩා බෙහෙවින් වැඩි අගයක් ගනී. මාර්තු මැද වන විට එය නිල සංඛ්‍යාවන්ට වඩා පස් ගුණයකින් වැඩිය. මාර්තු මස තුන් වන සතියේ අග, ඉරාන නව වසර සමරන නිවාඩු සමයේ ලොක්ඩවුන් නීති පනවන ලද අතර ඊට අනුරූපව ආසාදිතයන් සහ මරණවල අඩුවක් දක්නට ලැබිණි. නමුත් ආණ්ඩුවේ සීමා ලිහිල් කිරීමත් සමග මැයි අග කාලයෙන් පසු යළි ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම ආරම්භ විය. කොරෝනාවෛරසය පැතිර යාම පාලනය සඳහා ඉරානය විවිධ පියවර හඳුන්වා දී තිබේ ඉතාමත් වැදගත් කරුණ නම් රහසින් පිටවූ වාර්තාවලට අනුව පළමු මරණය සිදුව ඇත්තේ ජනවාරි 22 වෙනිදාය. එනම් ඉරානය නිල වශයෙන් සිය පළමු කොරෝනාවෛරස් මරණය වාර්තා කිරීමට මසකට පෙරය. ඉරානය තුළ වෙසෙන ජනමාධ්‍යවේදීන්ගේ වාර්තා සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘතිකයින්ගේ අනතුරු ඇඟවීම් තිබියදී එරටින් එකඳු කොරෝනාවෛරස් රෝගියෙකු හෝ වාර්තා වී නැතැයි පිළිගැනීමේ දැඩි මතයක සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පසු විය. පෙබරවාරි 19 වෙනි දින, පළමු වරට කොරෝනාවෛරස් මරණයක් වාර්තා වන බව නිල වශයෙන් දන්වන විටත් ගතවී තිබූ දින විසි අටක කාලය තුළ මරණ 52 ක් සිදුවී තිබිණි. තොරතුරු පිටතට මුලින් ලබා දුන්නේ කවුරුන්ද? විෂය සම්බන්ධයෙන් සෘජු දැනුමක් සහිත වෛද්‍යවරුන් බීබීසී වෙත කියා සිටියේ ඉරානය තුළ ක්‍රියාත්මක ආරක්ෂක සහ බුද්ධි අංශ වෙතින් සෞඛ්‍ය අමාත්‍යංශයට පීඩනයක් එල්ල වූ බවය. වෛද්‍ය පවුලාදී (සැබෑ නම නොවේ) බීබීසී වෙත කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය නිවැරදි සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් නොකළ බවය. "ආරම්භයේදී ඔවුන් සතුව පරීක්ෂණ කට්ටල තිබුණේ නැහැ. ඔවුන්ට ඒවා ලැබුණු විට ප්‍රමාණවත් වශයෙන් භාවිත කළේ නැහැ. ඉරානය තුළ කොරෝනාවෛරසය කෙතරම් දුරට පවතීද කියන දේ පිළි නොගැනීම ආරක්ෂක සේවා වල ස්ථාවරය වුනා," වෛද්‍ය පවුලාදී පැවසීය. පළමු වරට කොරෝනාවෛරස් මරණයක් සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් වූයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ක්වොම් නගරයේ වෛද්‍යවරුන් වන සහෝදරයන් දෙදෙනෙකු කළ දැඩි ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. සිය සහෝදරයා අහිමි වුවත් ඔහු කෝවිඩ්-19 පරීක්ෂාවකට ලක් කළ යුතු බව වෛද්‍ය මොහොමඩ් මොලායි සහ වෛද්‍ය අලී මොලායි තරයේ කියා සිටියහ. ඔවුන්ගේ සොයුරාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. ඔවුන්ගේ සහෝදරයා මිය ගිය කම්කාර් රෝහල වෙත කෝවිඩ්-19 ට සමාන රෝග ලක්ෂණ සහිත රෝගීන් ගණනාවක් ඇතුළත් කර තිබිණි. ඔවුහු සාමාන්‍ය ප්‍රතිකාරවලට ප්‍රතිචාර නොදැක්වූහ. එමෙන්ම ඔවුන්ගෙන් කිසිවකුත් කොරෝනාවෛරස් පරීක්ෂාවට ලක් කර නොතිබිණි. "ඔවුන් අවාසනාවකට මුහුණ දුන්නා. විනීත සහ බලපෑම් කිරීමේ හැකියාවක් සහිත යමෙකුට සහෝදරයා අහිමි වුණා. වෛද්‍ය මොලායිට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් වෙත පිවිසීමේ හැකියාව තිබුණා, ඔහු එය අතහැරියේ නැහැ." වෛද්‍ය පවුලාදී පැවසීය. වෛද්‍ය මොලායි නිවේදනයක් සහිතව තම මිය ගිය සොහොයුරාගේ වීඩියෝවක් පළ කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය පළමු කෝවිඩ්-19 මරණය වාර්තා කළේ ඉන් අනතුරුවය. එසේ වුවත් රජයේ රූපවාහිනිය වෛද්‍යවරයා විවේචනයට ලක් කරමින් වාර්තාවක් විකාශ කළේය. ඔහුගේ සහෝදරයාගේ වීඩියෝව මාස ගණනාවක් පැරණි එකක් බව එහි සඳහන් විය. වසන් කළේ ඇයි? යුක්‍රේන මගී ගුවන් යානය බිම හෙළීම වසන් කිරීම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තවත් තීව්‍ර කිරීමට හේතු විය 1979 ඉස්ලාමීය විප්ලවයේ සංවත්සරය සහ පාර්ලිමේන්තු මැතිවරණය මෙන්ම වෛරසය පැතිර යාමේ ආරම්භය ද එකවර යෙදිණි. ඉස්ලාමීය විප්ලවය සහ මැතිවරණ ව්‍යාපාරය තමා කෙරෙහි වන ජනතා සහාය ප්‍රදර්ශනය කිරීම සඳහා ඉස්ලාමීය ජනරජයට ඇති ප්‍රධාන අවස්ථාවකි. වෛරසය නිසා ඊට හානියක් නොවීමට ඔවුන්ට අවශ්‍ය වූවා විය යුතුය. ඉරානයේ අධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමේනි චෝදනා කරමින් කියා සිටියේ මැතිවරණය යටපත් කිරීම සඳහා කොරෝනාවෛරසය යොදා ගැනීමට ඇතැමුන්ට අවශ්‍ය වී ඇති බවය. මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාව ඉතාමත් පහළ අගයක් ගනු ලැබිණි. ගෝලීය වශයෙන් බලපා ඇති කොරෝනාවෛරස් වසංගතයෙන් බැට කෑමට පෙර ඉරානය තමාගේම අර්බුද ගණනාවකට මුහුණ දී සිටියේය. 2019 නොවැම්බරයේදී ආණ්ඩුව එක් රැයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගත් අතර ඊට පසු හටගත් විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනයට ලක් කළේය. දින කිහිපයක් තුළ විරෝධතාකරුවන් සිය ගණනක් මරා දැමිණි. මේ වසරේ ජනවාරි මසදී ඉරානයේ උත්තරීතර නායකයාට පසු වඩාත්ම බලවත් පුද්ගලයා ලෙස සැලකුනු ජනරාල් කාසෙම් සුලෙයිමානි ඇමරිකාව විසින් ඝාතනයට ලක් කරනු ලැබිණි. ඊට ඉරානය දැක්වූ ප්‍රතිචාරය තවත් ගැටලුවක් නිර්මාණය කරවීය. ඉන් පසු සීරුවෙන් පසු වූ ඉරාන හමුදා අත්වැරදීමකින් මිසයිල ප්‍රහාර එල්ල කර, ඉන් මිනිත්තු කිහිපයකට පෙර ටෙහෙරාන් ගුවන් තොටුපොලෙන් ගමන් ආරම්භ කළ යුක්‍රේන ගුවන් යානයක් බිම හෙලීය. යානයේ ගමන් කළ 176 ක් වූ සියලුම මගීන් ඉන් මරණයට පත් විය. ආරම්භයේදී ඉරාන බලධාරීන් සිදු වූ දේ වසන් කිරීමට උත්සාහ කළ නමුත් තෙදිනකට පසු ඔවුන්ට එය පිළිගැනීමට සිදු විය. එමගින් ඔවුන් සැලකිය යුතු මට්ටමේ අපවාදයකට ලක් විය. මෙවැනි පසුබිමක් තුළ ඉරානයට කොරෝනාවෛරසයෙන් බලපෑම් එල්ල වූ විට ආණ්ඩුව සත්‍ය ප්‍රකාශ කිරීමට බියක් දක්වා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු බලධාරියෙකු ද වන වෛද්‍ය නූර්දීන් පිර්මොවාසන් බීබීසී වෙත පැවසීය. "දුගී සහ විරැකියාවෙන් පෙලෙන ජනයා වීදි බසීවී කියා ආණ්ඩුව බය වුණා," ඔහු සඳහන් කළේය. ඉරානයේ මධ්‍යම කලාපයේ පිහිටි ඉස්ෆාහන් පළාතේ කොරෝනාවෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතනයක් වන, දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ සංවිධානය වලකා තැබුණු බවත් ඔහු පෙන්වා දෙයි. වසංගතය හමුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන ලද උනන්දුව ඊට සාක්ෂියක් බව ඔහු සඳහන් කළේය. ඇමරිකාව සමග හමුදා බලය පෙන්වීම සහ කොරෝනාවෛරසය පැතිර යාමටත් මත්තෙන් ඉරානය දුෂ්කර අවධියකට මුහුණ දී සිටියේය. 2018 මැයි මස ඔවුන් සමග ඇති කර ගෙන සිටි න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කිරීමත් සමග යළි පනවන ලද සම්බාධක එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එක් කළේය. "රට මේ තත්ත්වයට පත් කළ අය වන්දි ගෙවන්නේ නැහැ. මේවට ජීවිතවලින් වන්දි ගෙවන්නේ දුප්පතුන් සහ මගේ දුප්පත් රෝගීන්," පවුලාදි පැවසීය. "ඇමරිකානු සහ ඉරාන ආණ්ඩුවල ගැටුම් හමුවේ දෙපැත්තෙන්ම එල්ල වෙන පීඩනය නිසා තැලෙන්නේ අපි. " කොරෝනාවෛරස් රෝගීන් සහ මරණ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දී ඇති වාර්තා "විනිවිදභාවයෙන්" යුතු සහ "වෙනස් නොවෙන සුළු" බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යංශය පවසා තිබේ.
ජනතාව අතර සැබෑ ලෙස බලය බෙදාහැරීමක් සිදු කිරීමට නම් නව ව්‍යවස්ථාවෙන්, ජනතාවගේ ආර්ථික සාධාරණත්වය හා සමානාත්මතාවය තහවුරු විය යුතු බව මහජන ව්‍යවස්ථාවක් සඳහා ක්‍රියාකාරිත්වය පවසයි.
යෝජිත නව ව්‍යවස්ථාව තුළින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට කටයුතු කරන අතරවාරයේ ආර්ථික සාධාරණත්වය ඇති කිරීමටද කටයුතු කළ යුතු බවයි සිවිල් සංවිධානවල එකමුතුවෙන් පිහිටුවා ගෙන ඇති මහජන ව්‍යවස්ථාවක් උදෙසා ක්‍රියාකාරිත්වය පෙන්වා දෙන්නේ. අඟහරුවාදා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති එම සංවිධානයේ රැළියක් අතරතුර එහි ක්‍රියාකාරී සාමාජිකයකු වන සඳුන් තුඩුගල බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග සාකච්ඡාවකට එක් විය.
ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් සිටින අතරවාරයේ, පොලිස්පති පූජිත් ජයසුන්දර 'සර්' නමින් හැඳින්වූ පුද්ගලයකුට දූෂණ විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රතිඥාවක් ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ජාතික පොලිස් කොමිසම සඳුදා විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
පොලිස්පතිවරයාගේ එම දුරකතන ඇමතුම රට පුරා මහත් ආන්දෝලනයකට ලක් විය. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ජාතික පොලිස් කොමිසම ඉදිරි පියවර සම්න්ධයෙන් ආණ්ඩුවට සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බවත් බීබීසී සංදේශයට දැනගන්නට ලැබිණ. පොලිස්පතිවරයාට එම දුරකතන ඇමතුම ලබා දී තිබෙන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක විසින් බව අගමැති රනිල් වික්‍රමසිංහ සෙනසුරාදා පාර්ලිමේන්තුව හමුවේ පිළිගත්තේය. ජනපති සහ අගමැති මතය තමන් එහි වරදක් නොදකින බව අගමැතිවරයා සඳහන් කළත්, පොලිස්පතිවරයා හැසිරුණු ආකාරය වැරදි බවත්, ඒ පිළිබඳව ඔහුගෙන් කරුණු විමසන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිකුරාදා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේය. ස්වාධීන පොලිස් කොමිසම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීමෙන් අනතුරුවත් පොලිසියට තවමත් එල්ල වන දේශපාලන බලපෑම් පිළිබඳව ජාතික පොලිස් කොමිසමේ ප්‍රසාදයක් නොමැති බවත් සංදේශයට අනාවරණය වේ. පොලිස්පතිවරයාගේ දුරකතන ඇමතුම පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කිහිපවරක්ම ප්‍රශ්න කළ අතර, ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් කැඳවන බව කතානායක කරු ජයසූරියද සඳහන් කර තිබේ.
අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත්ව සිටින අමුණුවත්තේ සමන්තභද්‍රිකා මෙහෙණින් වහන්සේ සිය කුටියේ ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියේ උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහාය.
"හොඳින් අධ්‍යාපනය හදාරලා ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනයේ වැදගත්කම සහ භික්ෂුණීන් වහන්සේලාගේ ශීල සම්පන්නභාවය හා ගුණ සම්පන්නභාවය ලෝකයට කියන්න උත්සාහ කරනවා." - පිළියන්දල සුදීපා භික්ෂුණීන් වහන්සේ එහෙත් 17 හැවිරිදි සමන්තභද්‍රිකා භික්ෂුණීන් වහන්සේට විභාගයට මුහුණදීමට අවස්ථාව ලැබෙනු ඇතිදැයි මුල සිටම අවිනිශ්චිත තත්ත්වයක් පැවතිණි. උන් වහන්සේට ජාතික හැඳුනුම්පතක් නොමැතිවීම එයට හේතුවය. "පාන්දරම කොළඹ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ගියා. ඒත් හැඳුනුම්පත දුන්නේ නෑ. ඒ වෙලාවේ ලොකු දුකක් ඇතිවුණා. විභාගේ ලියන්න බැරි වෙයිද කියලත් හිතුණා. කොමසාරිස්තුමා කිවුවේ මහානායක හිමිවරුන්ගේ අනුමැතිය නැතුව අපිට මේ දේ කරන්න බෑ කියල," තරුණ මෙහෙණින් වහන්සේ අදහස් දැක්වූයේ වේදනාවෙනි. ඒ, උන් වහන්සේ මුණගැසීම පිණිස මා පොතුහැර, ඉහළ හඳුගල සම්බෝධි මන්දිර භික්ෂුණී විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීය. සාමාන්‍ය පෙළ විභාගය සඳහා තැපැල් හැඳුනුම්පත ප්‍රමාණවත් වුවද ජාතික හැඳුනුම්පතක් නොමැතිව උසස් පෙළ විභාගයට පෙනී සිටිය නොහැකිය. "ඊට පස්සේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගියා. එතනිනුත් බෑ කීව. ඒ වෙලාවේ මගේ ලොකු භික්ෂුණීන් වහන්සේටත් ඇඬුන පොඩි භික්ෂුණීන් වහන්සේටත් ඇඬුන. මටත් දුක හිතුණා." ශිෂ්‍ය මෙහෙණින් වහන්සේ හැඬුම්බර වෙති. කඳුළු වලකාගැනීමට උන් වහන්සේ ප්‍රයත්නයක යෙදෙති. සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපතිනිය වන හත්නාගොඩ භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ ශිෂ්‍ය මෙහෙණියගේ 'ලොකු භික්ෂුණීන් වහන්සේ'ය. අප එහි එනතුරු භික්ෂුණීන් වහන්සේ තුන් නම මඟ බලා සිටියහ. විහාරස්ථානය පිහිටියේ මහාමාර්ගයට මඳක් දුරින් කුඩා කඳු ගැටයක් මත බැවින් "දැන් කොයි හරියේද මහත්තයා," භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ වරින්වර දුරකතනයෙන් මා අමතමින් මඟ විස්තර කරති. "මම මේ පාර වැරදුනාද කියල බැලුව," අප මඳක් පමාවන විට මෙහෙණියෝ විමසති. සමන්තභද්‍රිකා භික්ෂුණීන් වහන්සේ මුහුණ දී සිටි දුෂ්කර තත්ත්වය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දැනුවත් කිරීමෙන් අනතුරුව, විශේෂ අවසරයක් යටතේ ඇයට විභාගයට පෙනී සිටීමට අවස්ථාව දෙන මෙන් ඇමතිවරයා විභාග කටයුතු කොමසාරිස්වරයාට උපදෙස් දුන් බව ලොකු භික්ෂුණීන් වහන්සේ මා සමඟ පැවසූහ. එහෙත් තවමත් මේ ශිෂ්‍ය භික්ෂුණියට ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම හිමි මූලික හිමිකමක් වන ජාතික හැඳුනුම්පතක් අහිමිය. ත්‍රෛනිකායික බෞද්ධ මහනාහිමිවරුන්ගේ විරෝධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේ වෙත ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීම නවතා දැමීම භික්ෂුණීන් වහන්සේ මුහුණ දී සිටින මේ ඉරණමට ප්‍රධානම හේතුවය. භික්ෂුණී ශාසනයේ මූලස්ථානය පිහිටි දඹුල්ල ඇතුළු ශ්‍රී ලංකාව පුරා පිහිටි භික්ෂුණී විහාරස්‌ථාන ගණනාවක සංචාරය කරමින් අපි මේ ගැටලුව ගැන විමර්ශනයක යෙදුනෙමු. කියවන්න: හොරණ දීත්, පොල්හවෙලදීත්, කුරුණෑගලදීත් මට හමු වූ භික්ෂුණීන් වහන්සේ ඔවුන්ගේ වේදනාව නොසඟවා හෙළි කළහ. වරෙක වේදනාව ද අපේක්ෂා භංගත්වය ද මුසු ස්වරයකින් ඔවුන් අදහස් දැක්වූ නමුදු ඒ මුහුණුවල උපේක්ෂා සහගත බව මඳකුදු නොවෙනස් විය. මේ වනවිට ලොව කිසිම රටක ථේරවාදී භික්ෂුණීන් වහන්සේ නොමැති බැවින් බුදු හිමියන් යළි පහළ වනතුරු අනුරාධපුර යුගයේදී අභාවයට ගිය ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය යළි පිහිටුවිය නොහැකි බව මහනාහිමිවරුන්ගේ ස්ථාවරය වී තිබේ. හත්නාගොඩ භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ මහනාහිමිවරුන්ගේ ස්ථාවරය හඳුන්වන්නේ 'ලිංග භේදය' මත පදනම් වී කාන්තාවන්ට එරෙහිව කෙරෙන නොසලකා හැරීමක් වශයෙනි. "බුදු රජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නෑ පුරුෂයාට පමණයි නිවන් දකින්න මාර්ග පල ලබාගන්න පුළුවන් වෙන්නේ, ස්ත්‍රියට නොහැකියි කියල," උන් වහන්සේගේ හඬ දැඩිය. වේදනාව, අපේක්ෂා භංගත්වය මෙන්ම කිසියම් උපේක්ෂා සහගත ස්වරයක් ද ඒ හඬේ ගැබ්ව ඇතැයි මට සිතේ. ඒ උන් වහන්සේ උපසම්පදාව ලැබූ 1998 සිට ගතව ගිය දශක කිහිපය තුළ තමන් ඇතුළු බොහෝ භික්ෂුණීන් වහන්සේට විඳින්නට සිදු වූ අනේකවිධ දුක් ගැහැට හේතුවෙනි. "මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු දැන උගත් භික්ෂූන් වහන්සේ විසින් ධර්ම විනයානුකූලව භික්ෂුණී ශාසනය පිහිටුවීමට ථේරවාදී සම්ප්‍රදාය තුළ අවකාශයක් නැති බව පැහැදිලි කරලා දීල තියෙනව" - මැදගම ධම්මානන්ද අනුනාහිමියෝ හොරණ, දෙකඳුවෙල භික්ෂුණී පුහුණු පිරිවෙනේ දී මට හමු වූ පිළියන්දල සුදීපා ශිෂ්‍ය භික්ෂුණීන් වහන්සේටද බොහෝ ගැහැට විඳින්නට සිදු වී තිබේ. "හැඳුනුම්පත නැති නිසා අපිට විභාග මධ්‍යස්ථානවලදී ප්‍රශ්න මතුවුනා. ඒක ලොකු ගැටලුවක්. මමත් ධර්මාචාර්ය එහෙම කරන කොට ගොඩක් අපහසුතාවන්ට ලක්වුනා." සුන්දර යුවතියකව සිට ලෞකික ජීවිතය හැරදා කසාවතින් සැරසුණේ මන්දැයි මා සිත කුකුසක් උපදී. උන්වහන්සේ පැවසූ දේ, මා සිතේ නැගුණු පැනය වටහාගෙන දුන් පිළිවදන් මෙනි. හොඳින් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනයේ වැදගත්කම සහ "භික්ෂුණීන් වහන්සේලාගේ ශීල සම්පන්නභාවය හා ගුණ සම්පන්නභාවය" ලෝකයට විදහා දැක්වීම සිය අභිප්‍රාය බව එහිමියෝ පවසති. පසුව බොහෝ දුෂ්කරතා මැද හැඳුනුම්පතක් ලබාගත් නමුත් එහි සඳහන් වන්නේ ඇය 'සිල් මාතාවක' බවය. 21 හැවිරිදි පිළියන්දල සුදීපා තෙරණියෝ සිල් මාතාවක නොවේ; ඇය පැවිදි උපසම්පදාව ලැබූ භික්ෂුණියකි. "බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ගියා. ඒත් හැඳුනුම්පත දුන්නේ නෑ. ඒ වෙලාවේ ලොකු දුකක් ඇතිවුනා. කොමසාරිස්තුමා කිවුවේ මහානායක හිමිවරුන්ගේ අනුමැතිය නැතුව අපිට මේ දේ කරන්න බෑ කියල." - අමුණුවත්තේ සමන්තභද්‍රිකා මෙහෙණින් වහන්සේ "අපිට ඉදිරියට එන්න නොදී අපේ ආරාම, අපේ විහාරස්ථාන ලියාපදිංචි නොකර ඉඳීම තමා අපිට තියෙන ලොකුම ගැටලුව. කිසිම ප්‍රතිපාදනයකුත් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් නෑ. 'භික්ෂුණීන්ට හැර' කියල ප්‍රතිපාදන දෙන්නේ." කාන්තාවන්ට එරෙහිව කාන්තාවෝ: 'උපැවිදි වෙන්න කියනවා' දිස්ත්‍රික්කයේ දසසිල් මාතා සංගමයේ අනුමැතිය නොලැබෙන්නේ නම් 'සිල් මාතාවක' ලෙසින් පවා හැඳුනුම්පතක් ලබාගත නොහැකිය. "දසසිල් මාතාවන් ළඟට ගිහිල්ල අත්සන ගන්න ඕනේ හැඳුනුම්පත ගන්න. එතෙන්දි අපි ලොකු ගැටලුවකට මුහුණදෙනවා. ඒගොල්ල කැමති නෑ අත්සන් කරන්න," දෙකඳුවෙල භික්ෂුණී පිරිවෙනේ පරිවේනාධිපතිනි, තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ අදහස් දැක්වූයේ මෘදු හඬකිනි. එහෙත් ඒ ස්වරයේ තිබූ වේදනාව මට වැටහිණි. මානසික උපදේශන සේවා පිළිබඳ උපාධියක් ද හදාරා සිටින තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ මට මුලින්ම හමුවූයේ මීට වසර කිහිපයකට ඉහතදී සුනාමි ව්‍යසනය පිළිබඳ වාර්තා වැඩසටහනක් සඳහා එහිමියන් හමුවූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේගේ වේදනාව උන් වහන්සේ මා සමඟ මුලින්ම විස්තර කළේ එදිනය. "සිල් මාතාවන්ගේ අදහසක් තියෙනව අපි පැවිද්ද අයින් කරලා සිල් මාතාවන් හැටියට රැස්වීම්වලට යන්න ඕනේ කියල. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොටසක් වෙන්කරලා තියෙනව සිල් මාතාවන් වෙනුවෙන්. සිල් මාතාවන් කියන දේ තමයි එතන භාරගන්නේ." 'පුරවැසි හිමිකමක් අහිමි කිරීමක්' සියම් නිකායේ රංගිරි දඹුලු සංඝ සභාවේ මහානායක, ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකාවේ භික්ෂුණී පර්ෂදය යළි පිහිටුවනු ලැබුවේ 1998 දීය. ('භික්ෂුණී ශාසනය' යෙදුම වැරදි බව එහිමියෝ පවසති.) එවක් පටන් 2004 දක්වා භික්ෂුණීන් වහන්සේට ජාතික හැඳුනුම්පත් නිකුත් කරනු ලැබිණ. "මේකට භික්ෂූන් වහන්සේලා මැදිහත් වුණා. මැදිහත් වෙලා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාටත් ඇමැතිවරයාටත් වැරදි උපදෙසක් දුන්න මේක නවත්තන්න කියල," ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ මා සමඟ පැවසුවේ දඹුල්ල රජ මහා විහාරස්ථානයේදී බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. "පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ තියෙනව යම්කිසි කෙනෙක් හෝ කණ්ඩායමක් හෝ ජාතික හැඳුනුම්පත ලබාගැනීමට බාධා කරනවා නම් ඒ පනත යටතේ ඔවුන් ලොකු වැරැද්දක් කරනවය, ඔවුන්ට දඬුවම් පවා ඒකෙ නියම කරලා තියෙනවා. මේක වැරදි වැඩක්." රංගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාව විසින් ඒ සම්බන්ධයෙන් 2009 දී කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් 2015 අගෝස්තු මස තීන්දුවක් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, භික්ෂූණී ශාසනය පුනර්ජීවනය කිරීමට පියවර නොගැනීම මගින් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි තීන්දු කළේය. මෙවැනි ජාතික මට්ටමේ ශාසනික ගැටලුවක් සම්බන්ධයෙන් "තෝරාගත් ගිහි පැවිදි කිහිපදෙනෙකුගේ පමණක්" අදහස් විමසා කටයුතු කිරීම සුදුසු නොවන බවද පෙන්වාදෙන මානව හිමිකම් කොමිසම, අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර එම ගැටලුව විසඳීමට අව්‍යශ පියවර ගන්නැයි වගඋත්තරකරුවන්ට නිර්දේශ කර තිබිණි. එහෙත් ගැටලුව තවමත් විසඳී නැත. ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් මුහුණදෙන එකම ගැටලුව හැඳුනුම්පතක් නොමැතිවීම පමණක්ම නොවේ. 'කල්ලතෝනි' "හදවතට මහා දුකක් වේදනාවක් දැනෙනවා," අධ්‍යාපන අමාත්‍යංශයේ, සමස්ත ලංකා සීල මාතා අධ්‍යාපන ආයතන සම්බන්ධීකාරක, ශාස්ත්‍රපති හාල්පන්දෙනියේ සුපේසලා භික්ෂුණීන් වහන්සේ අදහස් දැක්වීම ආරම්භ කළේ බිඳී ගිය ස්වරයකිනි. එහෙත් ශාසනගත වූ තමන් ඇතුළු ශ්‍රී ලංකාවේ "බෞද්ධ දෙමාපියන්ගේ දියණිවරුන්ට" සිදුවන මේ අසාධාරණයට එරෙහිව සටන් කිරීමට උන් වහන්සේ තුළ තිබෙන අධිෂ්ඨානය ඒ දෑස් තුළ මම දුටුවෙමි. "සුන්දර ජීවිතය ශාසනයට කැප කරලා ඉන්නවා මේ දියණිවරු. මේ හිස මුඩු කරලා කසාවත් දරලා ජීවිතයම කැප කරලා ඉන්න අපි ඇයිද කල්ලතෝනි කරන්නේ? අපිට හැඳුනුම්පතක් දෙන්න බැරි ඇයි? ඇයි අපිට වෙනම විදිහක් මේ රටේ?" මීට වසර දහයකට පෙර 'භික්ෂුණී හාල්පන්දෙනියේ සුපේසලා' ලෙසින් ගමන් බලපත්‍රයේ සඳහන් වුවද එහිමියන්ගේ අලුත් ගමන් බලපත්‍රයේ දැක්වෙන්නේ ඇය 'සිල් මාතාවක්' බවය. "අපිට තරම් අසාධාරණයක් මේ රටේ වෙන කිසිම ජනකොටසකට, ජාතියකට, ආගමකට නෑ. පුරවැසියෙකුගේ ප්‍රධානම අයිතිය අපිට නෑ. අපි මේ රටේ බෞද්ධ මෙහෙණින් වහන්සේලා. අපිට හැඳුනුම්පත් දෙන්නේ නෑ කියද්දී, මොන තරම් මේ හිත් සාහසිකද? මේ හිත් හරිම නපුරුයි." මුලින් "සමස්ත ලංකා මෙහෙණි පිරිවෙන් සම්බන්ධීකාරක" ලෙසින් හැඳින්වුණු උන් වහන්සේගේ නිලය ද දැන් හැඳින්වෙන්නේ "සිල් මාතා අධ්‍යාපන ආයතන සම්බන්ධීකාරක" යනුවෙනි. "පිරිවෙනත් නෙවෙයි, සිල් මාතා අධ්‍යාපන ආයතන." "පුදුමාකාර අගතියක් අපිට සිද්දවෙලා තියෙනව අර ක්‍රි.පූ. 6 වෙනි සියවසේ භාරතීය බමුණන් කාන්තාවට දීපු පීඩාව හා සමාන එකක්." "අපි මේ රටේ බෞද්ධ මෙහෙණින් වහන්සේලා. අපිට හැඳුනුම්පත් දෙන්නේ නෑ කියද්දී, මොන තරම් මේ හිත් සාහසිකද? මේ හිත් හරිම නපුරුයි," - හාල්පන්දෙනියේ සුපේසලා මෙහෙණින් වහන්සේ "මගේ හැඳුනුම්පත සිල් මාතාව වශයෙන් තිබිල භික්ෂුණී වශයෙන් අලුත් කරන්න ගියා 2015 දී. ඒ වෙලාවේ මට භික්ෂුණී කියල දෙමළ භාෂාවෙන් එවල, සිංහල භාෂාවෙන් සිල් මාතාව කියල දාල තියෙනව" - තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ මහනායක ස්වාමීන් වහන්සේගෙන් මතුවන විරෝධය නොතකා මෙහෙණින් වහන්සේට අධ්‍යාපනය ලබාගැනීම පිණිස කටයුතු සැලසීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කටයුතු කළ බව මෙහෙණින් වහන්සේ කිහිප නමක්ම කෘතවේදීව මා සමඟ සඳහන් කළහ. "එතුමා ඒ ටික කළේ බොහොම තදබල තීරණයක ඉඳල, ස්වාමීන් වහන්සේලාගේ විරුද්ධතා මැද්දේ. පිරිවෙන් කිහිපයක් ආරම්භ කරලා තමයි අධ්‍යාපනය ලබාදෙන්නේ," තලවතුගොඩ ධම්මදීපනී මෙහෙණියෝ පැවසූහ. ඒ අනුව භික්ෂුණී පිරිවෙන් 10 ක් පමණ අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි කර තිබේ. "අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙහෙණින් වහන්සේලා, සිල් මාතාවන් කියල වෙනසක් නෑ. අර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් වගේ එන බලපෑම නැහැ." 'බමුණු මත' සහ 'පුරුෂාධිපත්‍යය' මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු විමසීම පිණිස අපි කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ මුණගැසුනෙමු. ශ්‍රී ලංකා භික්ෂුණී බල මණ්ඩලයේ ලේඛකාධිකාරිනිය වන උන් වහන්සේ 1998 දී මුලින්ම පැවිදි උපසම්පදාව ලැබූ භික්ෂුණීන් වහන්සේ විසි නම අතරින් කෙනෙකි. "අපිට නොයෙක් කෙනෙහිලිකම් කරනවා. හරියට අපි අන්තරාභවිකයින් වගේ. වෙනත් ලෝකයකින් ආපු අය වගේ. අපිත් මේ ලංකා පොලෝ තලයේ ඉපදුන බුදු දූවරු. ඒ බුදු දූවරුන්ට සමාජ සේවයක් කරන්න බාධා කරනවා. විනය පිටකය කියෙවුව නම් කිසිම ස්වාමීන් වහන්සේ නමක් මේකට විරුද්ධ වෙන්නේ නෑ." සිය වේදනාව හෙළි කිරීම සඳහා උන් වහන්සේද අප එනතුරු මඟ බලා සිටියහ. "හරියට අපි අන්තරාභවිකයින් වගේ. වෙනත් ලෝකයකින් ආපු අය වගේ. අපිත් මේ ලංකා පොලෝ තලයේ ඉපදුන බුදු දූවරු. ඒ බුදු දූවරුන්ට සමාජ සේවයක් කරන්න බාධා කරනවා" -කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ, භික්ෂු නායකත්වයේ ආකල්ප විග්‍රහ කරන්නේ 'බමුණු මත' ලෙසිනි. "එදා බමුණන්ගේ තිබුණ නොයෙක් මත. කාන්තාවන් බමුණු මත අනුව විවාහයට පෙර දෙමාපියන්ට යටත්ව ඉන්න ඕන විවාහ වුනාට පස්සේ ස්වාමියාට යටත්වෙලා ඉන්න ඕන, සැමියා මැරුණට පස්සේ දරුවන්ට යටත්වෙලා ඉන්න ඕන. ඒ බමුණු මතය නිසා බුදු රජාණන් වහන්සේ කාන්තාවන් පැවිදි කිරීම ටිකක් පමා කළා මිසක් ප්‍රතික්ෂේප කළේ නෑ." කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ ගේ හඬ මෘදුය. එහි තිබෙන්නේ වේදනාවක ස්වරයකි. "භික්ෂුවක් හෝ භික්ෂුණියක් ශික්ෂාපද ආරක්ෂා කරනවා නම් ඒක ලංකාවටම ආශීර්වාදයක්. බුදු රජාණන් වහන්සේ අනු දැන වදාළ නම් ඇයි මේ කුඩම්මාගේ සැලකිලි? කාන්තා, පුරුෂ කියල භේදයක් නැහැ. එතන තියෙන්නේ ලිංග භේදය විතරයි. දැන් ස්වාමීන් වහන්සේලා දනට, බණට යනවා නම්, පිරිතට යනවා නම් භික්ෂුණීන් වහන්සේලා කරන්නෙත් ඒකමයි. භික්ෂුණීන් වහන්සේලා කුඹුරු කොටන්න යන්නේ නෑනේ. මේකට කියන්නේ පුරුෂාධිපත්‍යය." දෙමළ භාෂාවෙන් පමණක් 'භික්ෂුණිය' සිල් මාතාවක ලෙසින් සසුන්ගත වූ තලවතුගොඩ ධම්මදීපනී හිමියන්ගේ හැඳුනුම්පතේ තවමත් දැක්වෙන්නේ එහිමියන් 'සිල් මාතාවක' බවය. එහෙත් දෙමළ භාෂාවෙන් පමණක් උන් වහන්සේ භික්ෂුණියක බව පිළිගෙන තිබේ. "මගේ හැඳුනුම්පත සිල් මාතාව වශයෙන් තිබිල භික්ෂුණී වශයෙන් අලුත් කරන්න ගියා 2015 දී. ඒ වෙලාවේ මට භික්ෂුණී කියල දෙමළ භාෂාවෙන් එවල, සිංහල භාෂාවෙන් සිල් මාතාව කියල දාල තියෙනව." කෙසේ වුවත් භික්ෂුණීන් වහන්සේ සම්බන්ධයෙන් තමන් දරන ස්ථාවරය ධර්ම, විනය මත පදනම් වූවක් විනා කිසිසේත්ම කාන්තාව පීඩාවට පත්කිරීමේ හෝ නොසලකා හැරීමේ අරමුණින් කෙරෙන්නක් නොවන බව මහනාහිමිවරු අවධාරණය කරති. අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන් මා සමඟ අදහස් දැක්වූයේ මල්වතු, අස්ගිරි උභය විහාර පාර්ශව වෙනුවෙනි. "භික්ෂුණීන් වහන්සේලාට හැඳුනුම්පත භාවිත කිරීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් 'Reverend' කියන වචනයත් සිංහල භාෂාවෙන් 'පූජ්‍ය' කියන හැඳින්වීම දෙන්නත් තීන්දුවකට ආව" - බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම ථේරවාදය ද, මහායාන ද? 1998 දී භික්ෂුණී ශාසනය නැවත ප්‍රතිෂ්ඨාපනය කෙරුණේ "මහායාන භික්ෂුණීන් වහන්සේලාගේ උදවු ඇතිව ථේරවාදී සම්ප්‍රදායේ භික්ෂූන් වහන්සේලාගේ උපකාරයෙන්," බව ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ බීබීසී සිංහල සේවය සමඟ පැවසූහ. "නමුත් ඒ මුල් අවස්ථාවේදීම අපේ මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු දැන උගත් භික්ෂූන් වහන්සේ විසින් ධර්ම විනයානුකූලව භික්ෂුණී ශාසනය පිහිටුවීමට ථේරවාදී සම්ප්‍රදාය තුළ අවකාශයක් නැති බව පැහැදිලි කරලා දීල තියෙනව. වර්තමානයේ ථේරීය සම්ප්‍රදාය පවතින තායිලන්තය, සියම වැනි කිසිදු රටක භික්ෂුණී වහන්සේ දකින්න නැහැ. ඒ නිසා විනය පිටකය අනුව ථේරීය සම්ප්‍රදායේ භික්ෂු භික්ෂුණී මැදිහත්වීමෙන් ධර්ම විනයානුකූලව භික්ෂුණී ශාසනය පිහිටුවීමේ හැකියාවක් නැති බව ත්‍රයිනිකායික මහනාහිමිවරු පෙන්වල දීල තියෙනව." එයට ප්‍රතිචාර දක්වන, ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් පවසන්නේ එය ධර්ම, විනය පිළිබඳ අනවබෝධයෙන් කරන ප්‍රකාශයක් බවය. "ධර්ම විනය දෙක ගුරු තන්හි තබාගෙන කටයුතු කළ යුතු යයි බුදුරජානන් වහන්සේ භික්ෂූන් වහන්සේට දේශනා කරලා තියෙනව. හැබැයි ත්‍රිපිටකයේ කිසිම තැනක මේ මහානායක හාමුදුරුවරුන්ගෙන් අහල ශාසනික කටයුතු කරන්න කියල නම් කොහෙවත් දේශනා කරලා නැහැ. ඒ නිසා මහානායක හිමිවරුන්ගේ අනුමැතිය අපිට අදාළ වෙන්නේ නෑ." භික්ෂුණී ශාසනය අභාවයට ගිය හොත් එය නැවත ස්ථාපනය කළ නොහැකි බවට ත්‍රිපිටකයේ බුද්ධ දේශනාව තුළ කිසිම තැනක සඳහනක් නොමැති බව පෙන්වාදෙන ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ, භික්ෂුණී ශාසනය යළි ස්ථාපනය කරනු ලැබුවේ මහායාන භික්ෂුණීන් විසින් බවට කෙරෙන ප්‍රකාශය පවා 'වැරදි වැටහීමක්' බව පෙන්වා දෙති. "බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා චීනයට උපසම්පදාව ගෙනගිය දේවසාරා භික්ෂුණිය කියන්නේ අභයගිරිවාසී මහායානික ධර්මය අනුගමනය කළ භික්ෂුණී කෙනෙක් වශයෙන්. අපේ වැරදි වැටහීමක් තියෙනවා අභයගිරිවාසී සියලු දෙනාම මහායානය පමණක් අනුගමනය කළා කියල." "ත්‍රිපිටකයේ කිසිම තැනක මේ මහානායක හාමුදුරුවරුන්ගෙන් අහල ශාසනික කටයුතු කරන්න කියල නම් කොහෙවත් දේශනා කරලා නැහැ. ඒ නිසා මහානායක හිමිවරුන්ගේ අනුමැතිය අපිට අදාළ වෙන්නේ නෑ" - ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ 'සිල් මාතාවන් වෙන්න' සිය අනුමැතියක් නොමැතිව වුව ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පවත්වාගෙන යන නමුත් තායිලන්තයේ ඒ සම්බන්ධයෙන් සංඝරාජ හිමියන්ගෙන් මීට වඩා දැඩි විරෝධයක් පවතින බව පෙන්වාදෙන ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන්, ශ්‍රී ලංකාවේ දසසිල් මාතාවන් සිටින බැවින් "දසසිල් මෑණිවරු විදියට කටයුතු කරන්න කියන එකයි අපි කියන්නේ," යනුවෙන් ද සඳහන් කළහ. "විශේෂයෙන් තායිලන්තය බලා ඉන්නවා ලංකාවේ ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියල. මොකද මේක පිළිගත්ත හැටියේ ථේරවාදී මූලස්ථානය හැටියට තිබෙන රට නිරායාසයෙන්ම මහායාන රටක් බවට පත්වෙනවා. නීතිය අනුව ගත්තොත් හැඳුනුම්පත් ප්‍රශ්නය තියෙනව. හැම රටකම ආගමික නීතියට අභියෝග කරන්න බැහැ කියන පදනමකුත් තියෙනව අන්‍ය අයට බාධාවක් නොවෙනව නම්," මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවසූහ. කෙසේ වුවත් ලංකාවේ භික්ෂුණී ශාසනය යළි ස්ථාපනය කරනු ලැබුවේ, අභාවයට ගිය භික්ෂු උපසම්පදාව යළි පිහිට වූ ක්‍රමවේදයටම බව රංගිරි දඹුලු සංඝ සභාවේ මහානාහිමියෝ අවධාරණය කරති. "සියම් දේශයට ලංකාවෙන් තමයි උපසම්පදාව ගෙනගියේ. ඒක අනුගමනය කරමින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු භික්ෂූන් මල්වතු මහා විහාරයට වැඩම කරලා උපසම්පදා කර්මය කරලා තියෙනව. චීන භික්ෂුණීන් වහන්සේලා ලංකාවේ භික්ෂුණීන්ගෙන් ආරම්භ වෙච්ච භික්ෂුණී පරපුරක්. ඒක පදනම් කරගෙන අපි බුද්ධගයාවේදී පැවැත්වූ උපසම්පදාවේදී චීන භික්ෂුණීන් වහන්සේලා වෙතින් ලංකාවෙන් ගිය සාමනේර භික්ෂුණීන් උපසම්පදා කළා." මහනාහිමිවරුන්ගේ මේ ආකල්පය හේතුවෙන් උපසම්පදාව ලබා සිටින 4000 කට ආසන්න භික්ෂුණීන් වහන්සේ ඇතුළු දහස් සංඛ්‍යාත මෙහෙණින් වහන්සේට සිය ඡන්දය භාවිත කිරීමේ අයිතිය පවා අහිමිව ඇති බවත් භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ පවසති. "අපිට ඉදිරියට එන්න නොදී අපේ ආරාම, අපේ විහාරස්ථාන ලියාපදිංචි නොකර ඉඳීම තමා අපිට තියෙන ලොකුම ගැටලුව. කිසිම ප්‍රතිපාදනයකුත් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් නෑ. 'භික්ෂුණීන්ට හැර' කියල ප්‍රතිපාදන දෙන්නේ." භික්ෂුණීන් වහන්සේ මුහුණදෙන මේ ගැටලු පිළිබඳ විමසීම පිණිස කොළඹ, බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මුණගැසුනෙමි. "භික්ෂුණීන් වහන්සේලා, භික්ෂුණී මහා සංගමය කියල පිළිගන්න කියල අපෙන් ඉල්ලීමක් කරනවා. අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවේදී මේ ගැන සාකච්ඡා කළා. ඒ සභාවේ මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරමින් සහ අනුනායක හිමිවරුන් වැඩ ඉන්නවා. ඒ වගේම විද්වත් හිමිවරුන් මේකේ නියෝජනය වෙනවා. උන්වහන්සේලා තීන්දුවකට ආව මේ භික්ෂුණීන් වහන්සේලාට හැඳුනුම්පත භාවිත කිරීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් 'Reverend' කියන වචනයත් සිංහල භාෂාවෙන් 'පූජ්‍ය' කියන හැඳින්වීම දෙන්නත්," කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. එහෙත් අමාත්‍යාංශයේ වගකීම් ඉටුකිරීම සඳහා මහානායක හිමිවරුන්ගෙන් විමසිය යුතු යයි නීතිමය විධිවිධානයක් තිබෙන්නේද යන්න බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම වෙත මා යොමු කළ ප්‍රශ්නයකි. "මම මේකට මෙහෙම උත්තර දුන්නොත්? ලංකාවේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා පත් කරන්නේ මහානායක ස්වාමීන් වහන්සේලා. විහාර දේවාලගම් ආඥා පනතේ කොතනකවත් විහාරාධිපති පත්කිරීම ගැන සඳහන් වෙන්නේ නෑ. නමුත් සම්ප්‍රදායිකව මහානායක ස්වාමීන් වහන්සේලා තමයි විහාරාධිපතිවරුන් පත්කරන්නේ. විවිධ නඩු තීන්දුවලදී පිළිගෙන ඒක නීතියක් බවට පත්වෙලා තියෙනව. සම්ප්‍රදාය නීතියක් බවට පත්වෙලා." 'අන්තවාදී මානසිකත්වයක්' හොරණ, දෙකඳුවෙල භික්ෂුණී පුහුණු පිරිවෙන භික්ෂුණීන් වෙනුවෙන් දායාද කරනු ලැබුවේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක කිරම විමලජෝති නාහිමියන් විසිනි. භික්ෂුණීන් 75 ක් පමණ නේවාසිකව අධ්‍යාපනය හදාරන එය ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් සඳහා පිහිටුවන ලද පළමු පිරිවෙනය. "මහනායක හිමිවරුන්ගේ මානසිකත්වය බොහොම පටු තැනක තියෙන්නේ. අර අන්තවාදී හින්දු පූජකතුමන්ලාගේ මානසිකත්වයක් තමයි මම දකින්නේ" -කිරම විමලජෝති මහනාහිමියෝ "මම ළඟදීම පටන් ගන්නවා මේ අයට උගන්වන්න කවුන්සලින් කරන හැටි. කොහොමද බුදු දහම තුලින් උපදේශනය ලබා දෙන්නේ කියල," කිරම විමලජෝති නාහිමියෝ පිරිවෙන පුරා මා සමඟ සක්මන් කරමින් විස්තර කරති. භික්ෂුණී ශාසනය ගැන මහා නාහිමිවරුන් දරන ස්ථාවරය කිරම විමලජෝති නාහිමියන්ගේ දැඩි විවේචනයට ලක්වේ. "මහනායක හිමිවරුන්ගේ මානසිකත්වය බොහොම පටු තැනක තියෙන්නේ. අර අන්තවාදී හින්දු පූජකතුමන්ලාගේ මානසිකත්වයක් තමයි මම දකින්නේ. දැන් හාමුදුරුවරු නිකායවලට බෙදිල. දැන් හාමුදුරුවරුන්ට පිළිගැනීමක් නෑ. පන්සලේවත් නෑ," උන් වහන්සේ පවසන්නේ මහා නාහිමිවරුන්ගේ ස්ථාවරයට එරෙහිව දිගටම සටන් කරන බවට ශපථ කරමිනි. "මම දන්නවා වැඩිහරියක් මූලස්ථානවල ඉන්න හාමුදුරුවරු, ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල විශාල පිලිකුලකට, අවඥාවකට ලක්වෙලා තියෙනව මේ රටට ආදරය කරන භික්ෂුන් වහන්සේලා අතරත් ගිහියන් අතරත්. මොකද ඒ කීප දෙනෙකුගේ පැවැත්ම වෙනුවෙන් නේ ඒක තියාගෙන ඉන්නේ." සිය වේදනාව පිළිබඳව වැඩිදුරටත් මා සමඟ අදහස් දැක්වූ කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ, "බුදු දූවරු මේ ලංකා පොලෝ තලයේ සේවයක් කරනවා නම් සමහරක් අකමැති පිරිසට මේක බලපෑමක් වෙනව. දායකයන් හඳුනා ගන්නව භික්ෂුණීන් සිල්වත් කියල. ඒකට සමහර යතිවරයාණන් වහන්සේ බයයි කියල මට හිතෙනවා," යනුවෙන් කියා සිටියහ. එහි අදහස භික්ෂුණීන් භික්ෂූන්ට වඩා ධර්මධර බවක් පෙනෙන්නට තිබීම හමුවේ භික්ෂුණීන් වහන්සේ භික්ෂු සංඝයාට තර්ජනයක් වී ඇති බවද? "උන්වහන්සේලා එහෙම හිතනවා නම් ඒක වැරදියි. අපි අෂ්ඨ ගරු ධර්මවලට ගරු කරනවා. අපි භික්ෂූන් වහන්සේට වඳිනවා. සමහර ප්‍රදේශවල භික්ෂුණීන් වහන්සේලා භික්ෂූන් වහන්සේ නැති ප්‍රදේශවල පාංශුකූල කටයුතු කරනවා. ඕවට යනකොට ටිකක් ව්‍යාප්ත වෙලා යනවනේ. එතකොට ඒක දරාගන්න බැරි ද දන්නේ නැහැ." භික්ෂුණී ශාසනය තුළ කිසිදු නිකාය භේදයක්ද නැත. "ඕනෑම කුලයකින් ආවොත් අපි පැවිදි කරනවා. බුදුන්ගේ වදන අපි මතක තියාගන්නවා." භික්ෂු උපසම්පදාවට සාපේක්ෂව භික්ෂුණී උපසම්පදාව සඳහා වැයවන්නේත් ඉතා අඩු මුදලකි. "ලොකු වියදමක් නෑ. දැහැත් වට්ටිය විතරයි. ලොරි ගණන් බඩු ඉල්ලන්නේ නෑ." සමුගන්නා මොහොතේ ඒ බොහෝ භික්ෂුණීන් වහන්සේ ගේ දෑස්වල තිබූ බැගෑපත් එහෙත් කෘතවේදී බැල්ම මම දුටුවෙමි. තවත් කියවන්න:
පාදයේ හටගත් ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරු චාමර කපුගෙදරට චැම්පියන්ස් කුසලාන එක් දින තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී= තිබේ.
ඔහු ආබාධයට ලක්ව ඇත්තේ බ්‍රහස්පතින්දා (ජුනි 08) ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගයට පෙර පැවති පුහුණු සැසියකට සහභාගි වෙමින් සිටියදීය. ඒ අනුව චාමර කපුගෙදර වෙනුවට ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීන්දු කර තිබේ. එංගලන්ත සංචාරයේ සංචිතයට ඇතුළත්ව නොසිටියත් එහි පුහුණු වීම් සඳහා සහභාගි වෙමින් සිටි ධනුෂ්ක ගුණතිලක සංචිතයට ඇතුළත් කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ. බ්‍රහස්පතින්දා ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වන්නේ පිතිකරුවෙක් වශයෙනි.
නිලාවලි වෙරළ තීරයේ සිට කිලෝ මීටර් දෙකක් ඔබ්බෙන් පිහිටි "පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය" සංචාරක අකර්ශණය දිනා ගත් ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයකි. සාමාන්‍ය ජනතාව පරවි දූපත යනුවෙන් හදුන්වන්නේ එහි පිහිටි ගල් කුළු වලින් ගහණ නැගෙනහිර සහ බටහිර දෙපස පමණක් පටු වෙරළක් සහිත අක්කර පහක පමණ භූමියකින් යුතු කුඩා දූපතකි .
මෙම ගල් පර ඉතාම ලිස්සන සුළුය. ගොඩ බිමේ පාවහන් නොමැතිව ඇවිදීම අනතුරුදායකවන්නේ සෑම තැනම විසිරී ඇති ඉතා සියුම් බෙලි කටු වලට දෙපා කැපීමේ අවදානම හේතුවෙනි. සංචාරකයන් වෙරළේ සිට බෝට්ටු මගින් මුලින්ම පැමිණෙන්නේ මෙම ගොඩ බිමටය. මෙය දෙමළ බසින් "පෙරිය පුරා මලේ" (ලොකු පරවි කන්ද) නමින් හැදීන්වේ. ප්‍රමාණයෙන් කුඩා මෙවැනිම තවත් දූපතක් තරමක් ඈතින් දකින්ට ඇති අතර එය හැඳින්වෙන්නේ "සින්න පුරා මලේ" නමිනි. සින්න පුරා මලේ අවට මුහුද තරමක් ගැඹුරුය. වෙරළකින් තොරය. ඒ නිසා සංචාරකයෝ එහි යාමට කැමත්තක් නොදක්වති. පරවි දූපත 1963 දී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර 2003 දී 1291/15 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සාමාන්‍ය ජනතාවට පැමිණිය හැකි සමුද්‍ර උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. වනජීවී දෙපාර්තමේන්තුව පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය ලෙස හදුන්වන්නේ ඉහත සඳහන් කෙරුණු කුඩා දූපත් දෙක පමණක් නොව මුහුදේ තැනින් තැන ඇති ගල් පර, කොරල් ජීවීන් හා දුලබ මසුන් ගහණ හෙක්ටයාර් 417.429 ක් පුරා පැතිරුණු මුළු පරිසර පද්ධතියමය. පරවි දූපත ජාතික සමුද්‍ර උද්‍යානය වඩාත් වැදගත් වන්නේ එය දුර්ලභ ගණයේ ජෛව විවිධත්යෙන් යුතු කොරල් පර සහ නානා මත්ස්‍ය විශේෂයන්ගෙන් ගහණ මුහුදු කළාපයක් වීමත්, ROCK PIGEON නම් පරවි විශේෂය කැදැලි සාදන ගල් කුළු වලින් යුක්ත වීමත් නිසා බව ත්‍රීකුණාමල වනජීවී සහකාර අධ්‍යක්ෂ ආචාර්ය ලලිත් කුමාර කියයි. "එවැනි කොරල් වර්ග සියයක් පමණ සහ මත්ස්‍ය වර්ග එකසිය ඇත්තෑ අටක් පමණ දැනට හඳුනා ගෙන තියෙනවා" යැයි ආචාර්ය ලලිත් කුමාර පැවසීය. සංචාරකයින්ගේ පැමිණීම නොගැඹුරු මුහුදේ සුන්දරත්වය නැරඹීමට පහසුකම් සළසනු ලබන්නේ සීමාසහිත නිලාවලි සංචාරක යාත්‍රා හා සේවා සමුකාර සමිතිය මගිනි. "කුඩා යාන්ත්‍රික බෝට්ටු තිස් තුනක් අපේ සමිතිය සතුව තියෙනවා සිංහල දෙමළ මුස්ලිම් සහෝදරයන් සමානව සාමාජිකත්වය දරනවා. ප්‍රවාහන පහසුකම් හා අවශ්‍ය උපකරණ සමිතියෙන් සපයනවා. වසරේ ජූලි මාසයේ සිට සප්තැම්බර් මාසය දක්වා කාලය තුළ තමයි විදේශීය සංචාරකයන් පැමිණෙන්නේ. සති අන්ත සහ පාසල් නිවාඩු කාලවලදී දේශීය සංචාරකයන් පැමිණෙනවා. අපේ අය කිරීම් හැමෝටම එක සමානයි. සැප්තැම්බර්-පෙබරිවාරි කාලය තුළ වාරකන් නිසා පරවි දූපත පාළුවට යනවා. පිට පළාත්වලින් පැමීණෙන පිරිසක් තමයි ගැඹුරු මුහුදේ කිමිදුම් කටයුතුවලට සහය වෙන්නේ. ඒකට ලොකු වියදමක් දරන්න සිදුවෙනවා. ගැඹුරු මුහුදේ කිමිදී සමුද්‍ර අසිරිය නරඹන අති බහුතරයක් විදේශිකයන් වීම ද විශේෂයි. කිසිම සංචාරකයෙකුට මේ දක්වා අනතුරක් වෙලා නෑ" සමිතියේ සභාපති එස්. එම්. සජිත් ඛාන් විස්තර කළේය. සංචාරකයන් ප්‍රවාහනය කරන යාන්ත්‍රික බෝට්ටුවක් පදවන එම්. අයි. ඒ. කරීම්ගේ දැන් වයස අවුරුදු හැට පහකි. තමා මුළින්ම පරවි දූපතට ගියේ එක්දහස් නවසිය හැත්තෑ හතේ අවුරුද්දේ බව ඔහු කීය. "අපි අදටත් පරවි දූපත ( පුරා මලේ) කියන්නේ ඔය පෙනෙන ගල් ගොඩලි සහිත දූපතටයි. පොඩි පරවි දූපත (සින්න පුරා මලේ) අපට කොහෙත් ම වැදගත් නෑ. ඒ දවස්වල නම් වෙරළේ ඉදන් පීනලත් යනවා. පුහු පොල් ගෙඩි දෙකක් දෑතට ගත්තම පීනනවා දැනෙන්නෙත් නෑ ." "මම ඉස්සෙල්ලම පරවි දූපතට ආවේ 1977 දී" "කොල්ලෝ රංචු පිටින් යනවා. මුලු දවසෙම දූපතේ නතර වෙලා මාළු, මට්ටි (කුඩා මුහුදු බෙල්ලන්) අල්ලගෙන පුච්චලා කනවා හරිම විනෝදයි. අපි ඒ කාලේ කාල දාපු බෙල්ලන්ගේ කටු නිසා තමයි අද පරවි දූපතේ සපත්තු නැතුව ඇවිදින්න බැරි වෙලා තිනේනේ. බෙලි කටු කුඩු‍ වෙලා වීදුරු කුඩු වගේ හැම තැනම පැතිරිලා ගිහින්" "වනජීවි දෙපාර්තමේතුවට පවරා ගන්න කළින් පවා අපි සුදු නෝනලා මහත්තුරු අපේ ඔරු වලට ගොඩ කරගෙන පරවි දූපතට යනවා. එදා එක් අයෙකුගෙන් අය කළේ රුපියල් විසි පහයි. හය දෙනෙක් එක ඔරුවක යනවා. අද එක ගමන් වාරයකට රුපියල් දෙදහක් අය කරනවා" කරීම් එසේ සිය අත් දැකීම් විස්තර කළේය. සුනාමියේ බලපෑම් නිසා පරවි දූපතේ විශාල ගස් ගැළවී ගිය බව ද ඔහු කීය. පරවි දූපත තුල පරිසර නීති ඉතා තදින්ම ක්‍රියාත්මක වෙයි. පොලිතින්, ප්ලාස්ටික් භාජන පමණක් නොව කඩදාසි කැබල්ලක් හෝ තැන දැමීම තහනම්ය. සියල්ල ආපසු රැගෙන ආ යුතුය. දූපතේ රාජකාරියේ නිරත වනජීවී හා පොලිස් නිලධාරීහු ඒ පිළිබඳව ඉතා විපරමෙන් සිටිති. "දූපතට එන විදේශීය සංචාරකයන් ඉතාමත්ම විනීතව හැසිරෙනවා. ඒ අය කුඩා දරුවන් සමඟ මුහුදේ මතුපිට පිහිනමින් කොරල් සහ මසුන් නරඹනවා නමුත් අපේ අය එන්නේ බිම වාඩි වෙලා කෑම කන්න බලාගෙන. පරිසර සංවේදී බවක් අපේ බොහෝ දෙනෙකුට නෑ." බී සී සිංහල සේවයට එසේ පැවසුවේ දූපතේ රාජකාරියේ නිරත වනජීවී නිලධාරියෙකි. "ත්‍රීකුණාමල බස් නැවතුම්පොළේ තේ කඩයක් පවත්වාගෙන 'ලාල් අයියා' පවසන්නේ තමා යුද්ධය උස්සන්න වෙනතුරුම පරවි දූපත නිසා හොඳ ආදායමක් ලැබූ බවය. "ඒ දවස්වල මගේ රස්සාව ගල්මල් (කොරල්) වෙළෙඳාම. මුහුදේ කිමිදිලා අලවන්ගුවෙන් ගල් මල් කඩනවා. ගෙදර ගෙනල්ල උණු වතුරෙන් තම්බලා වේලලා පාට කරලා ටවුන් එකේ තියා ගෙන විකුණනවා. හැබැයි දැන් ඒ සෙල්ලම් බෑ. නීතිය බොහොම තදයි. කොහොමත් මට අද තේරෙනවා එදා කළ වැඩේ වැරදියි කියලා" ඔහු පසුතැවිල්ලෙන් මෙන් පැවසීය. වගකීම් විරහිතබව කෙසේවෙතත්, සංචාරකයින් අධික ලෙස පැමිණීම පරවි දුපතට හානිදායක බව ඇතැම් පරිසරවේදීහු පවසති. ඇතැමුන්ගේ වගකීම් විරහිත ක්‍රියා මීට හේතුවී ඇති බව ඔවුහු පෙන්වා දෙති. පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ පරවී දූපත අවට ඉතා අනර්ඝ කොරල් පරයක් පිහිටා ඇති බවය. ඊට අමතරව පරිවි දූපත ආශ්‍රිතව වෙසෙන 'ගල් පරවියා' (ROCK PIGEON) නම් වූ පරවී විශේෂය බරපතල ලෙස වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව පරවි දූපත ආශ්‍රිත පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම අතිශයින් ම වැදගත් වන බව නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දුන්නේය. අසිරිමත් පරවි දුපතට යාමට මේ දිනවල විශාල පිරිසක් නිලාවලී වෙරළට පැමිණෙති. වනජීවී දෙපාර්තමේන්තුව, සංචාරක සේවා සමුකාර සමිතිය සහ කිමිදුම් ආයතන ද එයින් ආදායම් උපයති. එහෙත් සංචාරකයන් සදහා අවශ්‍ය පහසුකම් සහිත විවේකාගාරයක් නිලාවලි වෙරළේ නොමැතිවීම අඩුවක් බව ප්‍රාදේශීය වාර්තාකරුවෝ පෙන්වා දෙති.
මුලතිවු ප්‍රදේශයේ රක්ෂිත කැලෑ හෙලිකොට එහි මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුව අහෝසි කරන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට අධිකරණය විසින් තීන්දු කෙරේ.
බලහත්කාරයෙන් සිය ඉඩම් අත්පත් කරගනිමින් සිටින බව උතුරේ වැසියෝ ආණ්ඩුවට චෝදනා කරති මුලතිවු ප්‍රදේශවාසියකු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එම තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණය, පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ගොනු කරන මෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු වග උත්තරකරුවන්ට නියෝග කළේය. මුලතිවු ප්‍රදේශයේ රක්ෂිත කැලෑ හෙලිකොට එහි මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට නැවත පදිංචි කිරීම පිලිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සූදානම් වන බව පැමිණිලිකරු සිය පෙත්සමේ සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව ඉඩම් කච්චේරි පවත්වා ඉඩම් බෙදා දීමේ බලය පවතින්නේ දිසාපතිවරයාට පමණක් බවද පෙත්සමේ සඳහන්. පෙත්සම අගෝස්තු පළමුවැනිදා කැඳවීමට අධිකරණය නියම කළේය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ගොනු කෙරෙන යෝජනාවට ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීම සහතික කරවා ගැනීම සඳහා සංවිධානය කෙරෙන විරෝධතා තාමිල්නාඩු ප්‍රාන්තයේ චෙනෛයි නගරයේදී පැවැත්වින.
ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවට ආණ්ඩුව සලකන ආකාරය පිළිබඳ ඉන්දියාව දැඩි පියවරක් ගත යුතු බවයි විරෝධතා සංවිධානය කළ ඩී.එම් .කේ පක්ෂයේ නායක එම් .කරුණානිධි ප්‍රකාශ කොට සිටියේ. චෙනෛයිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට හාරදහසක් පමන දෙනා රැස්ව විරෝධතා පැවත්වූ අතර ඩී.එම් .කේ පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයෙක් වන එම් .කේ ස්ටාලින් ඇතළු තවත් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. කොටි සංවිධානයේ නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් ගේ බාල පුත් බාලචන්ද්‍රන් ගේ අවසන් පැය කීපය දක්වන බව කියන ඡයාරූප මාධ්‍ය තුළ පළවීමෙන් අනතුරුව දකුණු ඉන්දියාව තුල ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතා වැඩි වී ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. සබැඳි තේමා
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් දෙපාර්ශවයක් අතර පසුගියදා මාතර දී හටගත් ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු පිරිසක් ඉක්මනින්ම අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව පොලිසිය පවසයි.
සමරවීර මන්ත්‍රීවරයා ප්‍රහාරයට සම්බන්ධ වූ බවට සාක්ෂි ඇතැයි පොලිසිය පවසයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඒ බව කියා සිටියේ, අදාල පිරිස අත් අඩංගුවට ගන්නා මෙන් මාතර අධිකරණය දුන් නියෝගය පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේදී. පොලිසිය කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් නිකුත් කොට තිබෙන්නේ මඟ පෙන්වීමක් පමණක් බව පවසන පොලිස් ප්‍රකාශකවරයා, මන්ත්‍රීවරයා ඇතුලු පිරිස අත් අඩංගුවට ගැනීම සහ ඉදිරි පරීක්ෂණ වෙනුවෙන් දැනටමත් විශේෂ පොලිස් කණ්ඩායමක් මාතරට පිටත් කොට යවා තිබෙන බවද සඳහන් කළේය. සමරවීර මන්ත්‍රීවරයාගේ අධාරකරුවන් විසි හත් දෙනකු සහ ප්‍රතිවාදී පර්ර්ශවයේ ආධාරකරුවන් පිරිසක් මේ වන විටත් අත් අඩංගුවේ පසුවන අතර, ඔවුන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන මෙන්ද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
කොරෝනා රෝගී තත්ත්වයෙන් රටේ ජනතාව බේරා ගැනීමට තිබෙන හොඳම ආයුධය එන්නත්කරණය බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
ශ්‍රී ලංකාවේ කෝවිඩ් මර්දනය සඳහා ඉන්දීය රජය ප්‍රදානය කළ 'ඇස්ට්‍රාසෙනෙකා කෝවිෂීල්ඩ්' එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් ලබා දීමේ සමාරම්භක උත්සවය ජනවාරි 29 වැනිදා කොළඹ පිහිටි බෝවන රෝග ජාතික විද්‍යායතනයේ පැවති අතර එම අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා ය. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල ඉදිරිපෙළ සාමාජිකයන්ට එන්නත් ලබා දීම පළමු අදියර යටතේ සිදු කෙරේ. නිෂ්පාදනය: ෂර්ලි උපුල් කුමාර
කොළඹ නගර සීමාව තුළ දිනකට බැහැරලන ටොන් දහසකට අධික කසළවලින් වැඩි ප්‍රතිශතයක් නිවෙස තුළම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බව මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් අල්විස් පෙන්වා දෙයි.
නිවසේදීම කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද (අප්‍රේල් 27) කොළඹදී "පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" යන මැයෙන් වැඩසටහනක් පැවැත්විණි. වෘත්තීයවේදීන් පිරිසක් විසින් සංවිධානය කරන ලද එම වැඩසටහනට එක් වූ මහාචාර්ය අජිත් අල්විස් කියා සිටියේ නිවසේ එකතුවන කසළ සියල්ල පිටතට බැහැර කිරීමේ ආකල්පය හේතුවෙන් රට තුළ කසළ අර්බුදයක් මතුව ඇති බවය. මාර්ගයක් අසල ඉවත දමා තිබූ කසළ බෑගයක් එහිදී විවෘත කෙරුණු අතර එහි තිබූ කසළවලින් කොපමණ ප්‍රමාණයක් නිවාස තුළදීම ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය යන්න මහාචාර්ය අජිත් අල්විස් ඇතුළු කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් පිරිසක් එහිදී පෙන්වා දුන්හ.
ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද (අප්‍රේල් 29) කොළඹදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 99 වෙනි වියේ පසුවිය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කෙරෙහි අවසන් වරට රටේ අවධානය යොමු වූයේ අප්‍රේල් මස 5 වෙනිදාට යෙදී තිබූ ඔහුගේ උපන්දින උත්සවය පිළිබඳ තොරතුරු මාධ්‍ය ඔස්සේ ජනතාව හමුවට යාමත් සමගිනි. එම උත්සවයට එක්වූ පිරිස අතර ජනාධිපතිවරයා ද විය. ශ්‍රී ලාංකේය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ය. රේඛාව, නිධානය, ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, සංදේශය, ගොලු හදවත, වීර පුරන් අප්පු, බද්දේගම, දෑස නිසා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණයෙන් නිමැවුණු සිනමා සිත්තම් අතරින් කිහිපයකි.
සිය පියාගේ ආරක්ෂක අංශයේ සාමාජිකයකු ලෙස පත් කරන මෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ කළ ඉල්ලීමට නාවික හමුදාව එකඟත්වය පළ කර තිබේ.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුනේ කෙසේද යන්න පිළිබඳව 'පරීක්ෂණයක්' ඒ අනුව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කරන අතරවාරයේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ සාමාජිකයකු ලෙස ඉදිරියේදී ක්‍රියා කරනු ඇති බවයි, නාවික හමුදාවේ ප්‍රකාශකයකු බීබීසී සංදේශයට කියා සිටියේ. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ සාමාජිකයකු ලෙස පත් කරන ලෙස යෝෂිත රාජපක්ෂ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇති බව පසුගියදා බීබීසී ය සමඟ පැවති සාකච්ඡාවකදී ආරක්ෂක රාජ්‍ය ආමාත්‍ය රුවන් විජයවර්ධන සඳහන් කළේය. හිටපු ජනාධිපති ගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය විජේවර්ධන පැවසුවේ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුනේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
මොහමඩ් සියාම් නමැති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරාදැමීමේ චෝදනාව මත රඳවා ගෙන සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දින 90 ක කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගන්නා බව රහස් පොලීසිය විසින් ඉකුත් අඟහරුවාදා අධිකරණයට දන්වා තිබිණ. එහෙත් රහස් පොලීසිය අද බ්‍රහස්පතින්දා අධිකරණයට දැනුම් දී සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබා ගත් රැඳවුම් නියෝගය අද දින අවසන් කරන බවයි. සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දියවැඩියා රෝගය සහ රුධිර පීඩන තත්වයන් උත්සන්නවීම නිසා ඔහු අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බවයි පොලීසිය පැවසුවේ. කෝටිපති ව්‍යාපාරික මොහමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව ඍජු සාක්ෂි අනාවරණය වී ඇති බව සඳහන් කළ රහස් පොලීසිය ඒ අනුව සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන මෙන්ද ඉල්ලා සිටියේය. ඒ අනුව කොළඹ ජාතික රෝහලට ගිය මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කරන ලදී.
"අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය ..."
'මෙතන පොඩි ළමයිම විස්සක් විතර ඉන්නව. ඒ උනාට මෙයාල ඉස්කෝලෙ යන්නෙ නෑ. මෙයාලට උප්පැන්න සහතික මොකුත් නෑ' "විශ්වයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය ඔහුය ..." මේ සියළු සාහිත්‍යමය වැකි වලින් නිර්වචනය කෙරෙනුයේ 'ළමයාය'. 1989 නොවැම්බර මස 20 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු දහ අටට අඩු සියළු අය දරුවන්. එහෙත් පොළොන්නරුව වැලිකන්ද සෙවණපිටිය ගම්මානයට ගියහොත් ඉලුක් යායකට මැදිව ළමා අයිතිවාසිකම් කිසිවක් නොදැන අනාරක්ෂිතව දිවිගෙවන දරුවන් විසි දෙනෙකු පමණ දැකගන්නට පිළිවන. සෙවණ පිටිය දුම්රිය ස්ථානයට පිටුපස උස්ව වැඩුන ඉලුක් යායකට මැදිව වෙසෙන මේ දරුවන්ගේ මව්පියන්ද ඉතා අඩු වයස්වල අය වෙති. වාසගමක් නෑ දහනව (19 ) හැවිරිදි කුමාරි (ඇයගේ සැබෑ නම නොවේ) සිය දෙහැවිරිදි දියණිය සේම තුන් හැවිරීදි නැගණියද බලාගන්නියක්. ''අපිට ඉන්න හරියට තැනක් නෑ මෙතන පොඩි ළමයිම විස්සක් විතර ඉන්නව. ඒ උනාට මෙයාල ඉස්කෝලෙ යන්නෙ නෑ. මෙයාලට උප්පැන්න සහතික මොකුත් නෑ," ඇය පවසන්නීය. වාසගමක් නොමැති මෙම දරුවන්ගේ නම ඉදිරියට දරුවාගේ පියාගේ නම භාවිත කෙරේ "ග්‍රාමසේවක මහත්තයට කිව්වම කියනව ප්‍රාදේශීය ලේකම් එකට යන්න කියල එතෙන්ට ගියාම අපිව ගණන් ගන්නෙ නෑ.'' වාසගමක් නොමැති මෙම දරුවන්ගේ නම ඉදිරියට දරුවාගේ පියාගේ නම භාවිත කරන බවත් කුමාරි අප සමඟ කියා සිටියාය. උදාහරණයක් ලෙස පියසේන (සැබෑ නම නොවේ) නමැති විසි හැවිරිදි වූ තරුණයාට දාව උපන් දරුවාට ඔවුන් ''පියසේන ගේ ... '' ලෙස නම්කරන බව ඇය පෙන්වා දුන්නාය. ආරක්ෂිත වටපිටාවක් හෝ නිවසක් නොමැතිව මේ ඉලුක් යාය තුළ හිසට වහලක් ලෙස ඔවුහු තාවකාලික කූඩාරම් අටවාගෙන සිටිති. 'ඉස්කෝලේ යවන්නේ නෑ' කුලී වැඩ සඳහා මව්පියන් පිට වී ගිය පසු මේ දරුවන් එම කාණඩය තුළ සිටින වැඩිමහලුම දරුවන් වූ අවුරුදු දහයත් නමයත් අතර ගැහැණු ළමුන්ගේ භාරයේ පසුවේ. දහවල් කාලය තුළ මේ දරුවන් සියල්ලෝම පසෙකින් ගලායන මහවැලි ගඟේ අන්තරායකාරී බව නොතකාම ගඟේ පිනායමින් ක්‍රීඩාවේ යෙදෙන අයුරු ද මට දැකගන්නට ලැබිණ. අට හැවිරිදි ''උපුල් ගේ පියුමි" (සැබෑ නම නොවේ) මා සමඟ කියා සිටියේ ඇයට පාසල් යාමට වුවමනා බවයි. "මම ආසයි ඉස්කොලෙ යන්න. මට සිංදු කියන්නත් පුළුවන්. ඒ උනාට අම්මල අපිව ඉස්කෝලෙ යවන්නෙ නෑ සෙවණපිටියෙ ඉස්කෝලෙ තියෙන්නෙ ළඟ.'' සිරිමතී වයස දහසයක් වූ සුන්දර යුවතියක්. ඇයටද පාසල ගමනක් නැහැ. "මම අම්ම එක්ක ගෙවල් වලට ගිහින් වැඩ කරල සල්ලි හොයනව. අපි ගොඩාක් දුර පළාත් වලට යනව. දවස් දෙකේ තුනේ අපි ඈත පළාත් වල ගිහින් එනව," ඇය මා සමඟ කියා සිටියාය. "ඡන්දේ දවස්වල ඡන්දේ ඉල්ලන එක්කෙනෙක් ඇවිල්ල අපිට ඉඩම් දෙනව කියල ලොරියක පටවගෙන බොරවැව කැලේකට ගෙනිච්ච. අපිට එහෙ ඉන්න බෑ අලි ගහනව ආයෙම අපි මෙතනට ආවා.'' ළමයින් උදෙසා නිකුත් කෙරුනු ප්‍රඥප්තියක් සහ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් බොහෝ ආයතන තිබුණද මේ දරුවන් ඒ කිසිවෙකුගේ ඇස ගැටී නැති බවයි පෙනී යන්නේ.
යුද සමයේ අත්පත් කරගත් උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් යළි ලබාදීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනි පොරොන්දු කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය නව ශ්‍රී ලංකා ආණ්ඩුවට පෙන්වා දෙන මෙන් අමෙරිකානු බලධාරීන් ගෙන් ඉල්ලීමක් කළ බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්දිරන් ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් කොළඹ දී මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව බීබීසී යේ තිසර රතුවිතාන සමඟ අදහස් දක්වමින්. ජිනීවා යුද අපරාධ පරීක්ෂණය සහ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා ගැනීම පිළිබඳවත් එහිදී අවධානයට ලක් වූ බවත් ඔහු සඳහන් කළේය. යුද අපරාධ පරීක්ෂණයේ වාර්තාව ලබන මාසයේ නිකුත්වීමට නියමිතව තිබෙන අතර, එය නිකුත්වීමෙන් අනතුරුව වගවීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම උදෙසා විශේෂ යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳවත් සාකච්ඡාවේ අවධානයට ලක් වූ බවත් සුමන්දිරන් මන්ත්‍රීවරයා කියා සිටියේය. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටි එක්සත් ජනපදයේ ආකලපය නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ලිහිල්ව ඇති හඩක් පෙනී ගියේ දැයි බීබීසී සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, පරීක්ෂණය දැන් නිමා වී ඇති බැවින් මේ අවස්ථාවේ එවැනි වෙනසක් සිදු විය නොහැකි බවයි.
රෝහින්ග්‍යා (Rohingya) සංක්‍රමණික මුස්ලිම් ප්‍රජාවද ඇතුළත්වන මට්ටමින් පුරවැසිභාවය ප්‍රදානයට අදාළ නව නීති සම්පාදනයට බුරුමය පියවර ගැනීමට යයි.
පසුගියදා බුරුමයේ සිදුවු ආගම්වාදී ගැටුම්වලට මැදිවුනේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවයි. බුරුම ජනාධිපති තේන් සේන් (Thein Sein) විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යවා ඇති ලිපියකින් උපුටා ගෙන ඇති වගන්ති වලට අනුව, අලුතින් පුරවැසිභාවය පැවරෙන ජනතාව අතරට රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව කෙලින්ම ඇතුළත් කොට නැත. බුරුම බලධාරීන් එම ප්‍රජාව සලකන්නේ අනවසර සංක්‍රමණික ජනතාවක් හැටියටයි. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බුරුම ජනාධිපතිවරයා උපුටා දක්වනු ලැබ තිබෙන්නේ අවතැන්ව සිටින ජනයාට පුරවැසිභාවය පැවරීමේ පටන් යළි පදිංචි කිරීම තෙක් ප්‍රශ්න ගණනාවකට විසඳුම් දීමට ඔහුගේ ආණ්ඩුව සූදානම් බවක් ප්‍රකාශ කරන ලද ආකාරයටයි. බුරුම ජනාධිපතිවරයාගේ ලිපිය එක්සත් ජාතීන් වෙත යොමුකරනු ලැබ තිබෙන්නේ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ බුරුම සංචාරය ආරම්භ වීමට දින කීපයක් තිබියදී. සබැඳි තේමා
මන්නාරමේ තිරුකේතීස්වරන් පළාතෙන් හමුවූ සමූහ මිනීවල ඉපැරණි සුසාන භූමියක් බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තහවුරු කොට මන්නාරම අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව සාවද්‍ය‍ යැයි මන්නාරම රදගුරු හිමිපාණන් ඇතුළු තවත් ආයතන තුනක් විසින් ලිපි මගින් අධිකරණයට දැනුම්දීම් දී තිබේ.
මන්නාරම පොලිසිය විසින් තිරුකේතීස්වරන් සමූහ මිනීවල සම්බන්ධයෙන් මන්නාරම අධිකරණයේ ගොනු කොට ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම ලිපි ඉදිරිපත් කළ බවයි නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විවේකානන්දන් පුවිතරන් ප්‍රකාශ කළේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කුමක් පැවසුවද මෙම සමූහ මිනීවලේ යුද්ධය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ඇටසැකිලි තිබෙන බවට සාධාරණ සැකයක් ඇති බැවින් අධිකරණය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දිගින් දිගටම සිදු කළ යුතු බවට ඉල්ලීම්ද මෙම ලිපිවල අඩංගු බවයි නීතිඥ පුවිතරන් පවසන්නේ. මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් මෙන්ම මන්නාරමේ ප්‍රාදේශීය සභාවද, දිස්ත්‍රික් පුරවැසි කමිටුවද අධිකරණයට ලිපි ඉදිරිපත් කොට ඇති අතර ලිපිවල සඳහන් වන්නේ ගතවූ වසර 45 ක කාලය තුල මෙම සමූහ මිනීවල හමුවූ ප්‍රදේශයේ පොදු සුසාන භූමියක් තිබුණු බවට සාක්කි නොමැති බවයි. අධිකරණ නියෝගය මේ අතර යුද්ධයෙන් අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කරණ සංගමයේ මන්නාරම ශාඛාවද අධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ මෙම සමූහ මිනීවල තුළ යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ මළ සිරුරු තිබෙන්නට ඉඩ ඇති බැවින් හමු වූ සහ ඉදිරියේදී හමු විය හැකි මළ සිරුරු සම්බන්ධයෙන් නිවැරදිව හඳුනා ගැනීමේ කටයුතු සිදු කළ යුතු බවයි. මේ අවස්ථාවේ අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පොලිසිය පවසා ඇත්තේ මෙතෙක් හමුවූ මළසිරුරු 84 සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් කිසිදු වාර්තාවක් ලැබී නොමැති බැවින් සමූහ මිනීවලෙන් හමුවූ මිනිස් ඇටසැකිලි ගැන ස්ථිරව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. මේ සියලු ඉල්ලීම් ගැන සලකා බැලූ මන්නාරම දිසා විනිසුරුවරිය වන ආනන්දි කනගරත්නම්, ලබන ඔක්තෝබර 27 වෙනිදිනට අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවත්, සෙසු තොරතුරු සනාථ කිරීමට හැකි සාක්කිත් අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙසයි පොලිසියට නියෝග කොට තිබෙන්නේ.
ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ගිය දෙමළ සරණාගතයන් හොඳින් රැක බලා ගැනෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. යෝගේශ්වරන් ප්‍රකාශ කරයි.
ඔස්ට්‍රේලියාවට ගිය යෝගේශ්වරන් මන්ත්‍රීවරයා පුරා සති දෙකක කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික සරණාගතයන් මෙන්ම ඕස්ට්‍රේලියානු බලධාරීන් ද මුණ ගැසී සාකච්ඡා කළ බව කියා සිටියේය. පසුගිය වසරේ අගෝස්තු මාසයෙන් පසුව ඔස්ට්‍රේලියාවට ගිය සරණාගතයන් තමන්ගේ අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිත බවකට පත්ව සිටින බව මන්ත්‍රීවරයා පැවසුවේය. සරණාගතයින් යාබද පැපුවා නිව් ගිනියාවට පිටත් කර යැවීමට ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ගිය පිරිස් දැඩි විරෝධයක් දක්වන බවයි යෝගේශ්වරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය ඇතිවෙන තුරු ශ්‍රී ලංකාවෙන් ගිය සරණාගතයින් ආපසු හරවා නොඑවන්නැයි තමන් ඕස්ට්‍රේලියානු බලධාරීන් ගෙන් ඉල්ලා සිටි බව යෝගේශ්වරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.
තායිලන්තයේ ආණ්ඩුවට හිතවාදී පිරිස් සමඟ බැංකොක් අගනුවරදී හටගත් ගැටුමකදී ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයේ නායකයෙක් වෙඩි තබා මරා දමා තිබේ.
අගනුවර ඡන්ද මධ්‍යස්ථාන ගණනාවක ගැටුම් හටගෙන තිබේ උද්ඝෝෂණ රැළියක් අමතමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වූ සුතින් තරතින්, රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගියේය. අගනුවර වෙනත් ඡන්ද මධ්‍යස්ථානවලද ගැටුම් හටගත් අතර, ඡන්ද මධ්‍යස්ථානවල දොරටුවලට ඉබි යතුරු දමා වසා දැමූ උද්ඝෝෂකයන් ලබන සතියේ පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් කලින් සිය ඡන්දය භාවිත කිරීමට උත්සාහ කළ ඡන්දදායකයන්ට හිරිහැර කළ බවද වාර්තාවේ. බැංකොක් අගනුවර ඡන්ද මධ්‍යස්ථාන පණහෙන් හතලිස් අටක ඡන්ද විමසීම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට හෝ අතරමඟ නවත්වා දැමීමට උද්ඝෝෂකයෝ සමත් වූහ. කෙසේ නමුත් රට පුරා බොහෝ ස්ථානවල ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වුණු බවයි, ආණ්ඩුව පවසන්නේ.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (ජන.24) පැවැත්විණ.
බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරීක්ෂණ පැවැත්වීමේ බලය පාර්ලිමේන්තුවට පැවරිය යුතු බව විවාදයට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යෝජනා කළේය. එම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය වශයෙන් තමන් එකඟවන බව හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පැවසීය. ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ සඳහා එක්සත් ජාතික පක්ෂය කිසිදු බාධාවක් සිදු නොකරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේය.
සසෙක්ස් ආදිපාදවරයා සහ ආර්යාව විසින් ඔප්රා වින්ෆ්‍රී (Oprah Winfrey) සමඟ පවත්වන ලද මහා සමාජ ආන්දෝලනයකට හේතුවී ඇති සම්මුඛ සාකච්ඡාව බොහෝ කරුණු නිසා වැදගත්කමක් ගනියි. එම සාකච්ඡාවේ දී ආදිපාදවරයා හෝ ආදිපාදවරිය යන දෙදෙනාගෙන් එක් අයෙක් හෝ අවස්ථා ගණනාවකදී ඩයනා කුමරියගේ නාමය සඳහන් කරනු අසන්නට ලැබෙයි.
මේගන් මාකල් (Meghan Markle) එම සාකච්ඡාවේ දී අදහස් දක්වමින්,රජ පවුලට සම්බන්ධවීමේ පීඩනය පිළිබඳව තමා ඩයනා කුමරියගේ මිතුරියන් සමඟ සාකච්ඡාකරන ලද බව අනාවරණය කළාය. ''මොකද, අභ්‍යන්තරයේ සැබැවින්ම සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න වෙන කාටද තේරුම්ගන්න පුළුවන්?'' බ්‍රිතාන්‍ය රජ පවුලට ඇතුළුවීම මගින් ඩයනා සහ මේගන් යන ගැහැණුන් දෙදෙනාටම පවතින්නේ සමාන අත්දැකීම් බව පෙනීයයි . ඔප්රා වින්ෆ්‍රී සමඟ සාකච්ඡාවේ දී අදහස් දැක්වූ හැරී කුමරු, තමා සහ මේගන් රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස පැවරුන කාර්යභාරයෙන් ඉවත්වීමට පෙර ''ඉතිහාසය පුනරාවර්තනය වනු ඇතැයි තමා තුළ බියක් පැවති'' බව සඳහන් කළේය. එක්සත් රාජධානියේ ඇතැම් 'ටැබ්ලොයිඩ්' පුවත්පත් සිය බිරිඳ සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන වාර්තාකරණ පිළිවෙත ඩයනා කුමරිය සම්බන්ධයෙන් එම පුවත්පත් අනුගමනය කළ ක්‍රියාමාර්ගයට සමාන වූවක් බව හැරී කුමරු විසින් සඳහන් කරන ලද පළමු අවස්ථාව මෙය නොවේ. පුවත්පත් වාර්තාකරණයේ දෙපැත්තක් ඩයනා කුමරිය ලෝකයේ බෙහෙවින්ම ප්‍රකට කාන්තාවන් අතර එක් චරිතයක් ලෙස සලකනු ලැබුණි. ඇයගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සහිත පුවත්පත් වාර්තා පළවෙන්නට විය. ඩයනා කුමරියගේ ශුභසාධන සේවාවන් මෙන්ම ඇයගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු පුවත්පත්වල සිරස්තල බවට පත්විය. . ඩයනා කුමරිය ලද සමාජ තත්ත්වය රජ පවුලේ තොරතුරු භාර කතුවරියක වූ කේටි නිකෝල් (Katie Nicholl) විසින් BBC ගුවන්විදුලි වැඩ සටහනක දී මෙසේ විස්තර කරනු ලබුවාය. ''ඩයනා කුමරිය රජ පවුලේ අන් කවර චරිතයකටත් වඩා වෙනස් චරිතයක් බවට පත්වූවා. ජගත් පිළිගැනීමක් සහිත ඩයනා කුමරිය ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් දිනාගත්තා'' එහෙත් කුමරිය ලද සමාජ අවධානය හැමවිටකම ශුභවාදී නොවූ බවත් කේටි නිකෝල් පවසන්නීය. ''මාධ්‍ය මගින් ඩයනා කුමරිය විවේචනය කළා. ඇය ලෝකයේ ප්‍රකටම චරිතය බවට පත්වුණා. 'පැපරාසි' මාධ්‍යකරුවන් විලියම් සහ හැරී කුමරුන්ගේ ජීවිත දෙසට ඇහැගහගෙනයි හිටියේ'' පැපරාසීන් ඩයනා කුමරිය නිතරම ලුහුබඳිමින් සිටි බව රජ පවුලේ තොරතුරු භාර කතුවරිය වන කේටි නිකෝල් පවසයි. මාධ්‍යවේදී ජේම්ස් බෘක්ස් (James Brookes) එම අදහස සමඟ එකඟවෙයි. ''මාධ්‍ය තමා සමඟ සිටිනතෙක් ඩයනා කුමරිය ඔවුන් සමඟ හොඳ සම්බන්ධයක් පවත්වා ගත්තා. පත්තර හිටියේ ඇයගේ පැත්තේ. පසුව කුමරිය පැමිණිලි කෙරුව පත්තර ඇයගේ පෞද්ගලික ජීවිතයට එබිකම් පාන බවට. ඒක මිශ්‍ර සම්බන්ධතාවක්'' පසු අවුරුදුවල ඩයනා කුමරිය පුවත්පත් වෙත පෞද්ගලික සම්මුඛ සාකච්ඡා ලබා දුන් අතර ඇතැමුන් පවසන්නේ එමගින් ප්‍රසිද්ධියක් මෙන්ම අවධානය යොමුවීමට දිරිගැන්වීමක් කෙරුණු බවය. බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධවීමත් සමඟ මේගන් සිය පෞද්ගලික බ්ලොග් අඩවිය වසා දැම්මාය. ඊට පෙර ඇයගේ සාකච්ඡාවලින් වැඩිහරිය ශුභාසාධක සේවාවන් සඳහා වූ ඒවා විය. කේටි නිකෝල් කුමක් සඳහන් කළත් හැරී සහ මේගන් ඔවුනොවුන්ගෙන් පරස්පර බව ඇතැමෙක් විශ්වාස කරති. ''නිහඬ ජීවිතය ප්‍රශ්න කිරීමක්'' 2020 ජනවාරි මාසයේ ප්‍රකාශයක් කළ හැරී-මේගන් යුවළ ජනමාධ්‍යයේ අවධානයට ලක්වීමෙන් පසු තමන් ප්‍රධාන පෙළේ රාජකීය නිල රාජකාරිවලින් ඉවත් වන බව ප්‍රකාශයට පත්කළහ. අනතුරුව ඔවුහු කැනඩාවේ පදිංචියට ගියහ. ඔවුන් දෙදෙනාගේ ඊළඟ නවාතැන කැලිෆෝනියාව විය. මෑතදී ප්‍රකාශයක් කළ රාජකීය යුවළ ඔවුන් රජ පවුලේ සක්‍රීය සාමාජිකයන් මට්ටමින් යළි එක්සත් රාජධානියට නොපැමිණෙන බව කියා සිටියහ. එහෙත් කේටි නිකෝල් මෙසේ සඳහන් කරයි. ''හැරී සහ මේගන් එක්සත් රාජධානියේ ජීවත්වූ කාලයේ ඔවුන්ගේ ජීවිත ගැන දැනගත් දෙයට වඩා වැඩි තොරතුරු ඔවුන් ඇමෙරිකාවට ගියපසු අනාවරණය වුණා.'' රජ පවුලේ නිල රාජකාරිවලින් බැහැරවීමෙන් අනතුරුව හැරී සහ මේගන් යුවළ 'Spotify පොඩ්කාස්ටරයක්' ආරම්භකර ඇති අතර,'නෙට්ෆ්ලික්ස්' (Netflix) සමඟ ගිවිසුමක් අත්සන් කරමින්, ජේම්ස් කෝර්ඩන් ( James Corden) සහ ඔප්රා වින්ෆ්‍රි (Oprah Winfrey) සමඟ සම්මුඛ සාකච්ඡාවන්ට එක්වූහ. ''නිහඬ ජීවිතයක් අපේක්‍ෂාවෙන් රටින් පිටවී ගිය රාජකීය යුවළ තමන්ගේ පුතා ගැන තොරතුරු හෙළිදරව් කරමින් ජේම්ස් කෝර්ඩන් ( James Corden) සහ ඔප්රා වින්ෆ්‍රි (Oprah Winfrey) සමඟ සම්මුඛ සාකච්ඡාවන්ට සහභාගී වුනේ කුමක් නිසාද කියල මහජනයා ප්‍රශ්න කරනවා'' කේටි නිකෝල් වැඩිදුරටත් සඳහන් කරන්නීය. "බ්‍රිතාන්‍යයෙන් පිටත්ව යාමෙන් පසු ඔවුන් දෙදෙනා මේ රටේ දී සිදුකළ තරමටත් වඩා වැඩියෙන් මිනිසුන් සමඟ ගැවසෙන නිසා ඔවුන් මාධ්‍යයේ ඉලක්කයක් වීමෙන් බේරීමට පළාගිය ගිය බවට කරන ප්‍රකාශය ඇත්ත කතාවක් නොවන බවක් හැඟී යනවා'' හැරී කුමරු ඔප්රා වින්ෆ්‍රි සමඟ සඳහන් කරන්නේ 'Netflix' සහ 'Spotify' ගිවිසුම් කිසිදු ලෙසකින් පූර්ව සැලසුමක කොටසක් නොවන බවය. එහෙත් 2020 මුල්භාගයේ තමාට සපයන මූල්‍ය සැපයුම් රජ පවුල විසින් කප්පාදු කරන ලද බව හැරී පැවසීය. ඩයනා කුමරියගේ මරණය සහ පැපරාසීන් ලොව වැඩියෙන්ම ඡායාරූපගත කෙරුණු කාන්තාව ඩයනා කුමරියයි ''ඩයනා කුමරිය ගිය හැම තැනකදීම මාධ්‍යකාරයන් සහ ඡායාරූප ශිල්පීන් අති විශාල කණ්ඩායමක් ඇයගේ හැම ඉරියව්වක් ම සටහන් කර ගෙන වාර්තා කළා''ජේම්ස් බෘක්ස් (James Brookes) පවසයි. හැරී කුමරු මාධ්‍ය සම්බන්ධයෙන් පවසන දෑ ඩයනා කුමරියගේ මරණය තෙක්ම දිවයන බව ජේම්ස්ගේ විශ්වාසය වෙයි. ''හැරී සහ විලියම් මාධ්‍ය සම්බන්ධයෙන් දරන්නේ හොඳ අදහස් නොවෙයි. ඒකට හේතුව ඔවුන්ගේ මවගේ අකල් මරණය. තමන්ගේ මව පැපරාසීන් විසින් ලුහුබඳින හැටි කුමාරවරුන් දෙන්නා ඔවුන්ගේ ඇස්වලින්ම දැක්කා'' ජේම්ස් සඳහන් කරයි. ඩයනා කුමරිය පැරිස් නගරයේ සිදු වූ මාරක රිය අනතුරකින් මියගියාය. 1997 අගෝස්තු 31 වෙනිදා තමාට මව අහිමිකළ එම රිය අනතුර වනවිට හැරී කුමරු දොළොස්වෙනි වියේ පසුවිය, එම රථය පැදවූ හෙන්රි පෝල් බීමත්ව සිටියේය. යතුරුපැදිවල නැගි පැපරාසීන් ඩයනා කුමරිය ගමන්ගත් රිය පසුපස ලුහුබඳිමින් සිටියහ. පසුව පැවැත්වුණු පරීක්ෂණයක නිගමනය වූයේ රියැදුරාගේ සහ පැපරාසීන්ගේ ''පූර්ණ නොසැලකිල්ලේ'' ප්‍රතිවිපාකයක් වශයෙන් කුමරියට අහේතුකව මරු කැඳවන ලද බවය. 2017 වසරේ වාර්තා චිත්‍රපටයක් සඳහා අදහස් දැක්වූ හැරී කුමරා සිය මවගේ මරණය සහ පැපරාසීන්ගේ භූමිකාව සම්බන්ධයෙන් කරුණු සඳහන් කළේය. "මට හිතාගන්නවත් බැරි දෙය තමයි, උමං මාර්ගය ඔස්සේ ඇය පිටුපස ලුහුබඳිමින් සිටි මිනිසුන් මෝටර් රථයේ පිටුපස අසුනේ ඇය මියැදෙමින් සිටින ආකාරයත් කැමරාගත කරනු ලැබීම'' හැරී කුමරු එම අවස්ථාවේ සිය අදහස පළකළේය අනිසි වාර්තාකරණය 'ටැබ්ලොයිඩ්' පුවත්පත් මේගන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද පිළිවෙත ''හිංසාකාරී'' යයි හැරී කුමරු පවසයි. 2019 වසරේ දී හැරී කුමරු කුමක් සඳහන් කළත් ''ඩයනා කුමරියගේ මට්ටමින් පැපරාසීන් මේගන් ලුහුබැඳ නැත'' යන්න කේටිගේ විශ්වාසය වෙයි. කෙසේවුවද, මේගන් දෝෂදර්ශනයට ලක්කෙරෙන කතන්දර පළකරනු ලැබීම සම්බන්ධයෙන් හැරී කුමරා පීඩාවට පත්වූ බවද කේටි සිතන්නීය. ''සිය බිරිඳ මාතෘකා කරගනිමින් නිරන්තරයෙන්ම අශුභවාදී පුවත් පළකරන්නේ යයි ඔහු විශ්වාස කළ මාධ්‍යවේදීන්ට ඔහුගෙන් පහර එල්ල වුණා.'' "රටේ බදු ගෙවන්නන්ගේ මුදල් සිය නිවස අලුත්වැඩියා කිරීමට වියදම් කිරීමත් ඇතුළුව හැරීගේ සහ මේගන්ගේ වියදම් පිළිබඳ බොහෝ නිෂේධාත්මක ප්‍රවෘත්ති පළවෙමින් තිබුණි. පවුම් දශලක්ෂ 2.4 ක් වූ එම මුදල රාජකීය යුවළ විසින් පසුව ගෙවා දමනු ලැබ තිබුණි. සසෙක්ස් හි ආදිපාදවරියගේ ඇඳුම් සඳහා ද ස්ටර්ලිං පවුම් ලක්ෂ ගණනක් වැයකරනු ලැබ ඇත. හැරී-මේගන් විවාහ මංගල්‍යය සම්බන්ධයෙන් ද තවත් කතන්දර පැතිර තිබුණි. ඉන් එක කටකතාවකින් කියැවුනේ, මේගන් ශාන්ත ජෝර්ජ් දේවස්ථානය සඳහා වායු පවිත්‍රකාරක උපකරණ අවශ්‍යකරන බවක් කියා සිටි බවකි. කාන්තා හිස් පළඳනාව මුල්කරගත් ගැටුම් ගැනත් කටකතා ඇත. විවාහ මංගල්‍යයේ දී චාලට් කුමරිය සඳහා වූ ඇඳුම් ආයිත්තම් මුල්කර ගනිමින් මේගන් සහ කේට් කුමරිය අතර සිත්රිදීම් ඇතිවූ බවටත් කට කතා පවතී. සිය විවාහ මඟුලට පෙර ඇඳුම් ආයිත්තම්වල වෙනසක් සිදුකරන ලද බව ඇත්තක් යයි මේගන් ඔප්රා වින්ෆ්‍රි සමඟ සාකච්ඡාවේ දී සඳහන් කළාය. ''විවාහ උත්සවයට දින කීපයක් තිබියදී කේට් මල් කුමාරියන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් සිතේ අවුලක් ඇතිකර ගත්තා. එය මාව අඬා වැටෙන තත්ත්වයකට පත්කිරීමක් වුණා'' මේගන් සඳහන් කළාය. එහෙත් පසුව කේට් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලූ බවත් වෙනසක් ඇතිකරමින් මල් සමඟ සටහනක් ද ගෙනා බවත් ඇය පවසන්නීය. ''කේට් යහපත් කාන්තාවක්'' මේගන් පවසයි. ''එසේම සාවද්‍ය කතා නිවැරැදි කිරීමට ඇයට අවශ්‍ය කරනු ඇතැයි ද මේගන් පවසන්නීය. ''ඇය මහජන අවධානයට ලක්වෙමින් සිටියා'' හැරී කුමරු මේගන්ට "දැඩි රැකවරණයක්" බව කේටි පවසයි ඩයනා කුමරිය මෙන් නොව මේගන් විවාහයට පෙර කලා ලෝකයේ තරුවක් වී සිටි හෙයින් ඇය සමාජ අවධානය බලාපොරොත්තු විය යුතුව ඇතැයි ඇතැමෙක් අදහස් කරති. එහෙත් කේටි නිකෝල් එම අදහසට එකඟ නැත. ''විවාහයට පෙර මේගන්ට සිනමා තාරකාවක ජීවන ශෛලියක් තිබුණත් එය රජ පවුලට සමකළ හැකි එකක් කියල මම හිතන්නේ නැහැ'' ''ඔව් ඇයට 'සෙලිබ්‍රිටි' ජීවිතයක් තිබුණා. නමුත් ඇය ඇන්ජලීනා ජොලී, නිකොල් කිඩ්මන් වගේ ''ඒ'' ශ්‍රේණියේ නිලියක් වුණේ නැහැ. මේගන් රජ පවුලට සම්බන්ධ වුණාට පස්සේ ඇය ලබපු ප්‍රසිද්ධිය ඉන්පෙර කවදාවත් ලබල නැහැ'' ඇය වැඩි දුරටත් මෙසේ සඳහන් කරන්නීය. ''මම හිතනවා - මේගන් රජ පවුලේ සෙසු සාමාජිකයන් තරමටම සියුම් නිරීක්ෂණයට ලක් වුණා කියල'' "මහජනයාගේ මතකය කෙටිකාලීන වූවක්. එහෙත් කේම්බ්‍රිජ් ආර්යාවටත් ටැබ්ලොයිඩ් මාධ්‍ය කෙරෙන් දුෂ්කර කාලයක් පැවතුණා". දුෂ්කරතාව ඔවුන් දෙදෙනා කෙරෙහි පැහැදිලි මහජන අවධානයක් තිබීම යයි කේටි නිකෝල් පවසයි. එහෙත් යම් දෙයක් පිළිගනු ලැබීම අතින් රේඛාවක් ඇති බවත් ඇය පෙන්වා දෙයි. ''රජ පවුල ගැන වාර්තාකරනු ලැබීම මාධ්‍යයේ කාර්යයක්. නමුත් මාධ්‍යකරුවන් සාධාරණ වෙන්න ඕන. අපක්ෂපාතී වෙන්න ඕන'' තවත් තොරතුරු;
දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ ඉදි වෙමින් පැවති ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එකොළොස් දෙනකු මියගොස් ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.
පුද්ගලයන් දස දෙනෙකුට වැඩි පිරිසක් සුන්බුන් අතර සිර වී සිටින බවයි පැවසෙන්නේ මිය ගිය පිරිසෙන් වැඩි දෙනකු, චෙන්නායි නගරය ආසන්නයේ පිහිටි මහල් දොළහකින් යුත් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වල නියැලුණු කම්කරුවන් බවයි විශ්වාස කෙරෙන්නේ. තවමත් පුද්ගලයන් දස දෙනෙකුට වැඩි පිරිසක් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිර වී සිටින බවයි පැවසෙන්නේ. සහන සේවකයෝ මේ වන විට අනතුරින් දිවි ගලවා ගත් පුද්ගලයන් සෙවීමේ නිරත වී සිටිති. ගොඩනැගිල්ල කඩා වැටෙන මොහොතේ චෙන්නායි නගරය අවට අධික වර්ෂාවක් පැවති බව ඉන්දීය ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවල සඳහන්. අනතුර සම්බන්ධයෙන් ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයේ අධ්‍යක්ෂවරු දෙදෙනෙකු පොලිස් රැඳවුම් භාරයට ගෙන තිබේ.
"කාලෙක ඉඳලා රූපවාහිනී ප්‍රවෘත්ති මේ රටේ සෑම අංශයකම ඇති පිරිහීම ප්‍රකට කරවනවා. කිසිදු දේශපාලන කණ්නාඩියක් නැතිව මා කියන දේ ගැන හිතා බලන්න. ඉස්සර රූපවාහිනී නැති කාලේ සිරිල් රාජපක්ෂලා, ඩී එස් දයාරත්නලා, බර්ටි ගලහිටියාවලා ප්‍රවෘත්ති කියන කාලේ ප්‍රවෘත්ති කියන්නෙත් යම් අධ්‍යාපනික විවරණයක් ! ලංකාවෙ, ලෝකෙ සිද්ධ වෙන වැදගත්, කාලීන දේ බුද්ධිමත්, හරවත් විදියට ස්වාධීනව ඉදිරිපත් වුණා ! ඉරිදා සංග්‍රහය, සඳැල්ල, යෞවන සමාජය, සිතිජය, බටහිර වෛද්‍ය සාකච් ඡා ව, ගීයක රස, ගුවන් විදුලි රඟමඬල, විශ්ව සාහිත්‍යයෙන්, විද්‍යා දර්ශන, ගුරු කුලය, කණිටු සරසවිය .....! මොන තරමක් තව වැඩ සටහන් වලින් අප ජීවිත අර්ථවත් උනාද? රුපවාහිනී ප්‍රවෘත්ති පටන් ගත්ත වෙලාවෙ ඉඳල ඔබ බලන්න පෙන්නන්නෙ මොනවද කියල? මන්තරේ ජප කරන්න වගේ දේශපාලනඥයන්ගෙන් එකම ප්‍රශ්නෙ? බොහෝ විට ගමේ වහරින් "අග්ගිස්සවන්න" විපක්ෂයෙන් ආ අයට ඇමතිකම් නොදුන්නම ඒ අයට අප්සෙට්ද ? කැබිනට් ඇමැතිකම නැතිවීම ගැන ? අරයා මෙහෙම කියා තියෙනව, ඔයා ඒකට දෙන උත්තරේ ? පක්ෂෙ ඇතුලෙ ඝට්ටන නේද ? මේ කිසිම ප්‍රශ්නයක් අපේ රටේ බහුතරයට අදාළ නොවේ. මේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ ටික හැමදාම මස්තබාල්දුවන් සමගය . ප්‍රවෘත්ති බලා ඉවර වූ විට ලියුකීමියා තත්ත්වයට ලේ වතුර වේ. ඊනියා දේශපාලකයන් වීරයන් කරමින්, සාර ධර්ම සෝදා පාලුවකට යවමින් නිර්දය ලෙස නාලිකා කරන මේ ඕපා දූප ප්‍රවෘත්ති වලට එරෙහිව හඬක් නැගිය යුතුය . සැබවින්ම මට හිතෙන දේ සහ කිවයුතු දෙයින් අල්ප ප්‍රමාණයකි මේ රෑ ඇමිණුවේ. අපේ දරුවන් ගැන ඇතිවන ශෝකය , ඔවුන්ට ආදර්ශයට ලැබෙන කරුමක්කාර දේශපාලන වහුකුණු, ලජ්ජා භය නිල වශයෙන් උගුල්ලා දැමීමේ අවස්ථා ආදී දේ විස්සෝපී වේ. මුළු රටේම පිරිහීම ප්‍රවෘත්තිවලින් නියෝජන ය වේ."
"ඇත්ත කතා කරන්න දේශපාලන පක්ෂයක් අවශ්‍ය නැහැ." ඉහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ගේය පද රචක සහ කලා විචාරක බන්ධුල නානායක්කාරවසම් පසුගිය දිනක සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනී පුවත් විකාශයන්හි වැඩි ඉඩක් හිමි වන්නේ දේශපාලනඥයන් සඳහාය. කියවන්න: ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව ඉදිරිපිට විරෝධතාව පැවති අවස්තාව රජයට සහ පෞද්ගලික අංශයට අයත් මාධ්‍ය ආයතන දේශපාලනඥයන්ගේ හෝ ඒවායේ අයිතිකරුවන්ගේ දේශපාලන සහ ව්‍යාපාරික උවමනා මත මාධ්‍ය හසුරුවන බවට චෝදනා එල්ල වෙමින් තිබේ. එමෙන්ම, සිය දේශපාලන මතවාදය ජනගත කරනු වස් මාධ්‍ය ආචාරධර්ම (Media Ethics) කඩ කරමින් ජාතිවාදය වපුරුවන පුවත් වාර්තා කරන බවට ඇතැම් මාධ්‍යවේදීන් ද චෝදනාවට ලක්වේ. සිවිල් සංවිධාන ගණනාවක සහභාගිත්වයෙන් රජයේ සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ගණනාවක් ඉදිරිපිට බ්‍රහස්පතින්දා (ජනවාරි 10) විරෝධතා පැවැත්වුනේ මෙවැනි වටපිටාවකදීය. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිට දින 51 ක කාලයක් පැවති අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ ජනමාධ්‍යවල හැසිරීම ඉහත කී විරෝධතාව සඳහා හේතු වූ බව ඊට එක්වූ සිවිල් සංවිධාන පවසති. විශේෂයෙන් ම "ජනතා දේපලක් වන විද්‍යුත් සංඛ්‍යාත භුක්ති විඳිමින් සහ ඒ ඔස්සේ ලාභ ලබමින් අවිචාරී මාධ්‍ය භාවිතයක යෙදෙන" බවට විරෝධතාවට එක් වූ සිවිල් සංවිධාන මාධ්‍ය ආයතන හිමිකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට චෝදනා කරති. ඊට එක් වූ අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතයේ හඬ, දිදුලන හදවත, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, සාධු ජනරාව, නැගී සිටිමු ශ්‍රී ලංකා, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥවරු ඇතුළු සිවිල් සංවිධාන මාධ්‍ය ආයතන වෙත ලිපියක් භාර දුන්හ. "සෑම කතාවකටම දෙපැත්තක්" "මාධ්‍ය මුදලාලිකරණය වීම හරහා එළිබසින, ඔබලාගේ දේශපාලන හා ආර්ථික අභිලාශයන් පිහිටා ඇත්තේ, 'ජනමාධ්‍ය ස්වාධීන විය යුතුය' යන මහජන අපේක්ෂාවට එපිටින් බව රහසක් නොවේ. එහෙත් එම අභිලාශ ඔබගේ මෙන්ම තවත් කීප දෙනෙකුගේ පටු අභිලාශයන් මිස සමස්ත මහජනතාවගේ කැමැත්ත හෝ අවශ්‍යතාවය නොවන බව මතක් කිරීමට කැමැත්තෙමු. සෑම කතාවකටම අවම වශයෙන් දෙපැත්තක් ඇත. මෙම දෙපැත්තටම අදාළ කරුණු සන්නිවේදනය කිරීමට නොහැකි වුවද, අපක්ෂපාතී හා සාධාරණ ලෙස එම කතාවට අදාළ සන්දර්භය එළි කිරීම ඔබගේ වගකීමකි. විවිධ ආණ්ඩු මගින් ක්‍රියාත්මක කරන ලද වර්ගවාදී සහ ජාතිවාදී ක්‍රියාකලාපවල ප්‍රතිඵලයක් ලෙස, රටට අත්පත් කර දුන් තිස් වසරක සිවිල් යුද්ධයෙන් අප සැවොම හෙම්බත්ව ඇත. එම ක්‍රියාවලිය විසින් හා දේශපාලන ක්‍රියාවල අත්තනෝමතිකත්වය විසින් ජාතිවාදය වපුරා ඇති බිමක, තවදුරටත් මේ රට එම දිශාවට රැගෙන නොයාමට ඔබට විශාල වගකීමක් ඇත," යනුවෙන් එම ලිපියේ දැක්වේ. තවත් පුවත්: "වගකීම් විරහිත මාධ්‍යකරණය" ශ්‍රී ලංකාවේ කලක පටන් සිදුවුව ද "පසුගිය මාස කීපය තුළ එය ඉතාමත් විවෘතව සිදුවන ආකාරය" දැකගත හැකි වූ බව තරුණ කලාකාරිනියක වන සමනලී ෆොන්සේකා සඳහන් කළාය. "එකී තත්ත්වය අනුමත නොකරන ජනතාව සමග එක්වෙමින්" ඊට එරෙහිව හඬ නැගීම සිය අරමුණ බව ඇය කියා සිටී. විරෝධතාවට එක්වන අතරතුර බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ ඇය වැඩිදුරටත් සඳහන් කළේ, "ශ්‍රී ලංකාවේ බහුතර මාධ්‍ය ආයතන මුදලට විකිණෙන," බවය. සිය ආයතන ඉදිරිපිට පැවති විරෝධතා, රූපවාහිනී සහ සමාජ ජාල ඔස්සේ විකාශය කළ ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන මෙම තත්ත්වය "මාධ්‍ය මර්දනයේ පළමු පියවර විය හැකි," බවට අනතුරු ඇඟවීය. එම චෝදනා ප්‍රතික්ෂේප කරන සමනලී ෆොන්සේකා ඉහත කී විරෝධතා මගින් "කිසිදු ආකාරයේ බලහත්කාරකමක් හෝ බලපෑමක් සිදු වුනේ නැහැ. පුවත් මවන්න අවශ්‍ය නැහැ. මේ විරෝධය පිළිගන්න. ලිපියක් භාර දීම පමණයි සිදු වුණේ," යනුවෙන් කියා සිටියාය. විරෝධතාවට එක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනවිරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඇතුළු පිරිස මෙවැනි පියවරකට යොමු වූයේ "සමාජ අසාධාරණයට එරෙහිව මිස කිසිදු දේශපාලන පක්ෂයක උවමනාවට නොවන," බවය. "ඇත්ත කතා කරන්න දේශපාලන පක්ෂයක් අවශ්‍ය නැහැ. අපිට, අපේ දරුවන්ට වෙන අසාධාරණය, මේ චැනල් මේ කරන විනාශය, රටක් වශයෙන් සිදුවන මෝඩ බොළඳ මිත්‍යා දෘෂ්ටික සමාජයක් බිහිවෙන එක වළක්වන්න, මේ වෙනුවන් බිඳක් හරි උදව් කරන්නයි අපි ඉදිරිපත් වුනේ," ඇය කියා සිටියාය. "මේ මොහොතේත් ඔවුන් ඔබලා අන්දවනවා. අපි මේ කරන දේ වැරදි විදිහට ප්‍රචාරය කරලා ඔවුන් ඔබව අන්දනවා, රැවටෙන්න එපා." තවත් පුවත්: පුරවැසි අයිතිය රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා විකාශනය කෙරෙන විද්‍යුත් සංඛ්‍යාත රජයේ දේපලකි. මහජනතාව සහ රටේ උන්නතිය උදෙසා එය කළමනාකරණය කිරීමේ වගකීම පැවරෙන්නේ පවතින ආණ්ඩුවටය. නමුත් අදාළ නිර්ණායක සම්පූර්ණ කරන තාක්ෂණික සහ මූල්‍ය සම්පත් ඇති සියලු දෙනාටම සංඛ්‍යාත නොලැබෙන බව සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසයි. "විවිධ දේශපාලන හිතවත්කම් මත සංඛ්‍යාත නිකුත් කර ඒ මත පවත්වාගෙන යන එෆ්එම් රේඩියෝ නාලිකා තියෙනවා පනහකට වැඩිය. 2017 වනවිට රජයේ ගුවන් විදුලිය ඇතුළුව රේඩියෝ ආයතන හිමි සමාගම් 16 ක් තිබුණා," යනුවෙන් ඔහු බීබීසී සිංහල සේවය සමග විස්තර කළේය. "ඒ වගේම සාමාන්‍ය ඇන්ටනාවකින් නොමිලේ හසුකර ගත හැකි රූපවාහිනී නාලිකා 18 ක් පමණ තිබෙනවා. රූපවාහිනී සංස්ථාව සහ අයිටීඑන් ශ්‍රී ලංකා ඇතුළුව සමාගම් දොළහක් තිබුනා." "මේ සියල්ල පවත්වාගෙන යන්නේ මහජන දේපලක් වන විද්‍යුත් සංඛ්‍යාත භාවිත කරමින්." ඉහත කී රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා විසින් "අමු අමුවේ පක්ෂග්‍රාහී පුවත් බෙදන බව," මහජනයාගෙන් යම් කොටසකට තේරුම් ගොස් ඇති බව ඔහුගේ අදහසය. සමනලී ෆොන්සේකා, බන්ධුල නානායක්කාරවසම්, ආචාර්ය රංග කලන්සූරිය සහ නාලක ගුණවර්ධන නමුත් විකාශ සහ ගුවන් කාලය සම්බන්ධයෙන් පුරවැසියාට යම්කිසි අයිතියක් ඇති බව ශ්‍රී ලංකාවේ බහුතරයකට අවබෝධ වී නැති බව සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පෙන්වා දුන්නේ උදාහරණයක් ගෙනහැර දක්වමිනි. "අපි හිතමු පුරවැසියෙක් මහපාරට බැහැලා බස් නැවතුමක ඉන්නවා. එතකොට මුලින්ම එනවා රජයට අයත් ලංගම බස් රථයක්. පුරවැසියා ඊට ගොඩවෙන්න හදනකොට කොන්දොස්තර කියනවා 'අපි ගෙනියන්නේ ආණ්ඩුවට පක්ෂ අය විතරයි කියලා. මේකෙන් පුරවැසියා වික්ෂිප්ත වෙලා බසයට නගින්නේ නැතිව බලා ඉන්නවා," "ඊළඟට එකින් එක එන්නේ පෞද්ගලික බස්. හැබැයි ඒවට හැමෝම නග්ගගන්නේ නැහැ. එක බස් එකකින් කියනවා 'අපි ගන්නේ අහවල් පක්ෂයේ සපෝටර්ස්ලා කියලා', තව බස් එකක් එනවා ඒක කියනවා අපි ගනුදෙනු කරන්නේ 'අහවල් කුලේ උදවිය' එක්ක විතරයි කියලා." "පුරවැසියා මේ වෙනකොට හොඳටම හෙම්බත් වෙලා. එයා අහනවා එහෙම කොහොමද කියලා. එතකොට කොන්දොස්තර කියනවා 'මේවා අපේ වාහන, මේවා අපේ ඩීසල් අපි ගෙනියන්නේ අපිට කැමති උදවිය විතරයි,' කියලා." ඉහත කී තත්ත්වයට සමාන තත්ත්වයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් පවතින බව සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධනගේ අදහසය. "සංඛ්‍යාත කියන්නේ මහජන දේපලක්. හරියට මහාමාර්ග වගේ. රජයෙන් නඩත්තු කරන මහා මාර්ගවල රජයෙන් බලපත්‍ර ලබා ගෙන ගමන් කරන බස් හිමියන්ට බැහැ තමන් තෝරා ගත් පිරිසකට විතරක් සේවය සපයන්න. එසේ කළොත් එය නීති විරෝධීයි." විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හැරුණු කොට 'ප්‍රජාතන්ත්‍රවාදයේ මුරපල්ලා' ලෙස හැඳින්වෙන මාධ්‍ය ඇත්ත වශයෙන්ම පිරිහීමකට ලක්ව තිබේද? දේශපාලන සහ ව්‍යාපාරික අවශ්‍යතා මත ක්‍රියාත්මක වන බවට චෝදනා ලබන මාධ්‍ය ආයතනවල සේවයේ නිරත මාධ්‍යවේදීන් ආචාරධර්ම සම්බන්ධයෙන් දැනුවත් නැතිද? මාධ්‍යවේදියකුගේ ඇසින් බීබීසී සිංහල සේවය ඒ සම්බන්ධයෙන් තරුණ මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් කීප දෙනෙකුගෙන් විමසීමක් කළ අතර ඔවුන් සියලු දෙනාගේම මතය වූයේ, තමන් ආචාරධර්ම සම්බන්ධයෙන් දැනුවත් වුවත් ආයතනයේ අවශ්‍යතාව අනුව තමන්ට කටයුතු කිරීමට බලකෙරෙන බවය. "වැඩ කරන කොට ඒ ආයතනයේ තිබෙන න්‍යාය පත්‍රයට තමයි වැඩ කරන්න වෙන්නේ. බොහෝ විට තමන් විශ්වාස කරන ආචාරධර්මවලට අනුව වැඩ කරන්න බැහැ. සීමා ඇතුලේ රැකියාව කරන්න සිද්ධ වෙනවා," යනුවෙන් පෞද්ගලික රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති මැදිරියේ සේවයේ නිරත මාධ්‍යවේදියෙකු බීබීසී සිංහල සේවය වෙත පැවසීය. "පළමුවර මාධ්‍ය ආයතනයක වැඩට එන, ආචාරධර්ම සහ ජනමාධ්‍ය ගැන අධ්‍යාපනයක් සහිත මාධ්‍යවේදියෙකුට ඒ පීඩනය දැනෙනවා. නමුත් කාලයක් යද්දී ඒ සමාජ ක්‍රමය සහ ක්ෂේත්‍රය විසින් මේ පවතින ක්‍රමයට අනුගත වී වැඩ කරන්න ඒ මාධ්‍යවේදියා හුරු කරවනවා. කලක් ගත වෙද්දී ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා," නම හෙළි කිරීමට අකමැති වූ මාධ්‍යවේදියා සඳහන් කළේය. පවතින ක්‍රමයට විරුද්ධව යම් අයෙකු නැගී සිටින්නේ නම්, "ඔහුට හෝ ඇයට මාධ්‍ය හැර වෙනත් රැකියාවක් සොයා ගැනීම එකම විකල්පය," බව කී ඔහු යුක්තිය, සාධාරණය වෙනුවෙන් පෙනී සිටින බව පවසන පෞද්ගලික නාලිකා වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ලබා ගැනීම මාධ්‍යවේදීන්ට අහුරා ඇති බවත් වැඩිදුරටත් පැවසීය. ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පුවත්පත් හා සම්බන්ධ ආචාරධර්ම පිළිබඳව කටයුතු කරති. නමුත්, ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් තොරතුරු ලබා ගන්නා රූපවාහිනිය සහ ගුවන් විදුලිය යන විකාශන මාධ්‍ය සඳහා අදටත් ආචාරධර්ම පද්ධතියක් සකස් වී නොමැත. 90 දශකය ආරම්භයේ පෞද්ගලික නාලිකා වෙත විකාශන අයිතිය ලබා දෙන අවස්ථාවේ ආචාරධර්ම පද්ධතියක් හෝ ඒ සඳහා ක්‍රමවේදයක් සකසා නොතිබූ බව අන්තර් ජාතික මාධ්‍ය සහයෝගීතාවේ ආසියා කලාපීය උපදේශක මෙන්ම රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු ද වන ආචාර්ය රංග කලංසූරිය පවසයි. "මා දන්නා තරමින් ලොව කිසිදු රටක පෞද්ගලික අංශයට සංඛ්‍යාත විවෘත කරන්නේ නැහැ එවැනි ක්‍රමවේදයක් හදන්නේ නැතිව. නමුත් ලංකාවේ ගජ මිතුරන්ට දෙන්න පටන් ගත්තා කිසිම ක්‍රමවේදයක් නැතිව. එහි ප්‍රතිඵලය තමයි අද මේ තිබෙන්නේ," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. "ඉතින් අවුරුදු විසිපහක්, විසියයක් මේ ක්‍රියාදාමය කරගෙන එනකොට, ඒ කියන්නේ පරම්පරාවක කාලයක්. ඒ නිසා අද පවතින තත්ත්වය උදාවීම අහම්බයක් නොවෙයි." ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව රාජ්‍ය මාධ්‍යයටත් පෞද්ගලික මාධ්‍යයටත් එකසේ බලපාන බව ආචාර්ය රංග කලංසූරියගේ අදහසය. නියාමනය ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වෙන කාලසීමාවලදී පමණක් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් ආචාරධර්ම හඳුන්වා දෙන නමුත් ඒවා කඩකළ විට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ද වික්ෂිප්ත භාවෙන් පසුවන බව ඔහු පෙන්වා දෙයි. පවතින තත්ත්වය වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විකාශන මාධ්‍ය සඳහා නියාමනයක් අවශ්‍ය බව කී ආචාර්ය රංග කලංසූරිය, "නියාමනයක් කියන්නේ පාලනයක් නොවෙයි. නියාමනය කියන්නේ හරියට අපි මේ වැඩේ කරන්නේ කොහොමද කියන දේ. ඒක ඉන්දියාවේ, පකිස්තානයේ, ඉන්දුනීසියාවේ සහ ලෝකේ කොයි රටක ගත්තත් තිබෙනවා. මාධ්‍ය පාලනය කියන එකයි වැරදි," යනුවෙන් සඳහන් කළේය. "මියන්මාරයේ අවුරුදු පනහකට පස්සේ හමුදා පාලනයෙන් පස්සේ ඒ අය මාධ්‍යත් නිදහස් කළා. හැබැයි නියාමන ක්‍රමයක් හදනකම් ඔවුන් මාධ්‍ය නිදහස් කළේ නැහැ. හැබැයි අපි කළේ අනෙක් පැත්ත. මාධ්‍ය විවෘත කරලා අවුරුදු විසිහයකට පස්සේ හදනවා නියාමන ක්‍රමයක් හදන්න." මාධ්‍ය නියාමනය කළ යුත්තේ කෙලෙසද යන්න 'රාජ්‍ය මැදිහත් වී පාර්ලිමේන්තු පනතක් මගින්' නීතිගත කළ යුතු බව ඔහු කියා සිටී. "එය කරන්නේ ස්වාධීනව ද නැද්ද කියන දේත් ඒ පනතේ කියන්න ඕනි. එහෙම නැති වුනාම තමයි මිනිස්සු මේ වගේ මාධ්‍ය ආයතන ඉදිරියට යන්නේ." මාධ්‍ය ආයතන හිමිකරුවන් නියෝජනය කරන විකාශන සංසදයක් (Broadcasters Guilt) මේ වනවිට පිහිටුවා ඇති බවත් එහි පළමු සම්මන්ත්‍රණය ජනවාරි 31 පැවැත්වීමට නියමිත බවත් ආචාර්ය රංග කලංසූරිය පැවසීය. "වරදට දඬුවම්" "මේක සාධනීය තත්ත්වයක් ලෙස මම දකින්නේ. සමාජ මෙහෙවරක් සඳහා මාධ්‍ය පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔවුන් එහිදී කතා කරනවා. ආචාරධර්ම පද්ධතියක් එක්ක අපි නියාමනයකට යමු කියලා ඒ අය දැන් කතා වෙනවා. ඒක ආණ්ඩුව විසින් කරන නියාමනයක් නොවෙයි." වෛද්‍යවරුන් සහ නීතිඥවරුන් ඔවුන් විසින්ම නියාමනයකට ලක් කරනු ලැබ ඇති බව කී ඔහු එම ක්‍රමවේදය පනතක් වශයෙන් සම්මත කර ආණ්ඩුව විසින් පිළිගනු ලැබ ඇති බව පැවසීය. එලෙස මාධ්‍ය ද නියාමනයකට ලක් කළ විට, පුවතක අන්තර්ගතය සමබර විය යුතු බව කී ආචාර්ය රංග කලංසූරිය "එහෙම නොවුනොත් ඒකට බලපෑම් කරන අයට දඬුවම් ලැබෙනවා. ඒක ඇමැතිවරයාද, අමාත්‍යංශ ලේකම් ද ව්‍යාපාරයේ අයිතිකරුද කියලා නැහැ," යනුවෙන් සඳහන් කළේය. "ඒක රාජ්‍ය මාධ්‍යයටත්, පෞද්ගලික මාධ්‍යයටත් දෙකටම පොදුයි. දොස්තර කෙනෙක් ආචාරධර්ම කඩ කළොත් ඔවුන්ට දඬුවම් විඳින්න වෙනවා. නීතිඥවරුන්ටත් එහෙමයි. රජයේ දොස්තර ද පෞද්ගලික අංශයේ දොස්තර ද කියලා නැහැ. මාධ්‍යයත් එසේ විය යුතුයි. ආචාරධර්ම කඩ කළොත් රජයේ ද පෞද්ගලික අංශයේ ද කියලා නැහැ, දඬුවම් විඳිය යුතුයි." නියාමන ක්‍රමවේදයක් ස්ථාපනය කළ විට මාධ්‍යවේදීන් ආචාරධර්ම ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය. "ආචාරධර්ම ආරක්ෂා කිරීමට මාධ්‍යවේදියා බැඳී සිටී නම් ඔහු අනිවාර්යයෙන් ආචාරධර්ම ගැන දැනුමක් තිබිය යුතු කෙනෙක් විය යුතුයි. එහෙම දැනුමක් තිබෙන කෙනෙක් වෙන්න නම් ඒ සඳහා පුහුණුවක් ලබා ගත යුතු වෙනවා. ඇතැම් රටවල ඒ පුහුණුව නැතිව මාධ්‍ය හැඳුනුම්පත දෙන්නෙත් නැහැ."
1933 නොවැම්බර් මස එකොළොස්වෙනිදා 'පොපිමල්' දිනය ලෙස එවක ලංකාවේ යටත් විජිත ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබිණි.
ඩොරීන් වික්‍රමසිංහ යටත් විජිත ආණ්ඩුවේ නිලතල දරන බ්‍රිතාන්‍ය නිලධාරීන් පමණක් නොව බොහෝ දේශීය රාජ්‍ය සේවකයන් පවා රතු පැහැති 'පොපිමල්' අලෙවියේ(Armistice Day) නිරත වෙමින් සිටියදී, විදේශික 'සුදු'කාන්තාවක් ලාංකික කාන්තාවන් සමූහයක් ද කැටුව කහ පැහැති 'සූරිය මල්' විකිණීමේ නිරත වෙමින් සිටිනු බොහෝදෙනාගේ අවධානයට ලක්විය. ලංකාවේ ඉංග්‍රීසි යටත් විජිත පාලනයට අභියෝග කළ එම ඉංග්‍රීසි තරුණිය එංගලන්තයේ මධ්‍යම පන්තික පවුලක දියණියක වූ ඩොරීන් යං (Doreen Young) වූවාය. බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයට සම්බන්ධ පවුල් පසුබිම, ලන්ඩන් ආර්ථික සහ දේශපාලන විද්‍යා පීඨයේ දී හැරල්ඩ් ලැස්කි වැනි වාම බුද්ධිමතුන්ගෙන් ලද ආභාෂය සහ සෝවියට් සංගමය පිළිබඳ පුවත් මගින් ලද උත්තේජනය ඩොරීන් යං ගේ පසුකාලීන දේශපාලන ජීවිතයේ පදනම විය. එවක ලන්ඩනයේ අධ්‍යාපනය සඳහා පැමිණ සිටි, විශේෂයෙන්ම ඉන්දියානු සහ ලාංකික සිසුන් ඇතුළත් පෙරදිග ලෝකයේ නිදහස් ව්‍යාපාරයන්හි පුරෝගාමීන් සමඟ පැවැත්වූ දේශපාලන සබඳතා මගින් ඇය එම රටවල සමාජ ව්‍යාපාර කෙරෙහි ආශක්ත වූවාය. ඒ අනුව,1930 දී ලංකාවට පැමිණි ඩොරීන් විදුහල්පතිනියක ලෙස සේවය කරමින් සිටියදී 1933 ආරම්භ කෙරුණු 'සූරියමල් ව්‍යාපාරයේ' පළමු සභාපතිනිය වූවාය. එකල දකුණු ආසියානු රටවල, විශේෂයෙන්ම ඉන්දියාවේ පදිංචියට පැමිණි යුරෝපීය "සුදු නෝනාවරුන්" හැඳින්වීම සඳහා යොදාගන්නා ලද විශේෂ වචනයක් මෙහිදී සිහිපත් වේ.. "මෙම්සහිබ්" (memsahib) ධනවත් ඉන්දියානු පුරුෂයන් විසින් ආවාහ කර ගන්නා ලද යුරෝපයේ ඉහළ මධ්‍යම පන්තික "සුදු නෝනාවරුන්" සුදු හමක් නොවූ දේශීය ජනයාට 'මෙම්සාහිබ්' (හෝ 'මෙම්සාබ්') උත්තමාවියන් වූහ. එවැනි "නෝනාවරුන්ගෙන්" වැඩිදෙනා ධන සම්පත් සහ දැසි දස්සන්ද සහිතව ප්‍රභූ ආර්යාවන්ගේ මට්ටමින් (Women of the Raj) ඔවුන්ගේ ආසියානු ජීවිත අතිසුඛෝපභෝගී අයුරින් ගත කළහ. එහෙත් ඩොරීන් යං (පසුව ඩොරීන් වික්‍රමසිංහ) එම 'මෙම්සහිබ්' ආර්යාවන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය නියෝජනය කළාය. ඇය 'මෙම්සාහිබ්' කෙනෙකු නොව 'ඩොරීන් සහෝදරිය' බවට පත්වූවාය. දොස්තර සුගීශ්වර වික්‍රමසිංහ 'ඩොරීන් සහෝදරිය' "සුදු නෝනා"(මෙම්සහිබ්) කෙනෙකු නොවූ ඩොරීන් තමන් ජීවත්වෙන ආගන්තුක රටේ සමාජ සංස්කෘතියට අනුගතවන අතරම තමා උපන් මව්රටේ පාලකයන් විසින් ගෙන යන ලද යටත් විජිතවාදී ප්‍රතිපත්තියට එරෙහිව සටන් වැදුනාය. "The White Woman's Other Burden" කෘතිය සම්පාදනය කිරීම සඳහා මා පොළඹවන ලද්දේ ඩොරීන් වික්‍රමසිංහයි. දකුණු ආසියාවේ රටවල 'දේශීය ප්‍රභූන්ගේ විදේශීය අඹුවන් '('Women of the Raj') 'මෙම්සහිබ්' (memsahibs) වරියන් බවට පත්වෙද්දී තවත් විකල්ප මතධාරී යුරෝපීය කාන්තාවන් අතලොස්සක් ආසියාවේ දී ඔවුන්ගේම වූ න්‍යාය පත්‍රයක් - වැඩ පිළිවෙලක් අනුව කටයුතු කෙරුවේ කොහොමද? කියන කාරණය මම එම කෘතිය මගින් ගවේෂණය කරනවා. ඔවුන් නිතරම කටයුතු කෙරුවේ ඔවුන් උපන් රටවල් විසින් ගෙනගිය යටත් විජිතවාදී ප්‍රතිපත්තියට එරෙහිව"ආචාර්ය කුමාරි ජයවර්ධන සිය කෘතිය පිළිබඳව පසු විවරණයක නිරත වෙමින් සඳහන් කරයි. යටත් විජිත පාලන සමයේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද ලාංකික තරුණ බුද්ධිමතුන්ගෙන් ඇතැමෙක් අධ්‍යාපනයට අමතරව තම අනාගත සහකාරියත් එරටින්ම තෝරා ගත්හ, ඩොරීන් (යං) වික්‍රමසිංහ, හිල්ඩා කුලරත්න, ක්ලේරා මොට්වානි, හෙඩී කේනමන්, ජෙනී මුණසිංහ සහ මේරි රත්නම් විවාහයත් සමඟ (එසේත් නැත්නම් බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ කටයුතු කෙරෙහි ලද ආකර්ෂණය අනුව) ලාංකික වූ (Ceylon) ප්‍රකට යුරෝපීය කාන්තාවෝ වූහ. එවැනි කතුන් අතලොස්ස අතර සුවිශේෂී තැනක් හිමිකර ගනු ලබන ඩොරීන් වික්‍රමසිංහ (1907-2000) නවීන ශ්‍රී ලංකාවේ හැඩතලය වෙනස් කිරීමට දායක වූ විදේශීය උපතක් සහිත කාන්තාවකි. ඇය ලංකාවේ සිය වෘත්තීය ජීවිතය ඇරඹුවේ විදුහල්පතිනියක ලෙසිනි. මාතර සුජාතා විදුහලේ විදුහල්පතිනිය බවට පත් තරුණ ඩොරීන් යං, පසුව ඩොරීන් වික්‍රමසිංහ බවට පත්වුයේදොස්තර සුගීශ්වර වික්‍රමසිංහ සමඟ විවාහ වීමත් සමගය. ඇය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය,අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු සමාජ සේවා නංවාලීමට කැප වූ අතර, වාමාංශික දේශපාලනයේ නිරත පුරෝගාමී හඬක් බවට පත්වූවාය. ඩොරීන් වික්‍රමසිංහ විදේශයක උපත ලැබ ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු මහජන මන්ත්‍රීවරිය(1952-56) ලෙස ඉතිහාසයට එක්වන්නීය. යටත්විජිත විරෝධී අරගලය ලංකාවේ 'සුදු පාලනයට එරෙහි සුද්දියක් වූ' ඩොරීන් වික්‍රමසිංහ ඇතුළු වාමාංශික සහ වෙනත් ප්‍රගතිශීලී නායකයන්ගේ සහභාගිත්වයෙන් පෙරට ගිය 'සූරියමල් ව්‍යාපාරය'(Suriya-Mal Movement )නියතලෙසම යුද්ධයට සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි සංවිධානයක් විය. එසේම එය ප්‍රභූ කුලවාදයට සහ කාන්තා පීඩනයට එරෙහි හඬක් ද වූ අතර, සූරියමල් විකිණීමෙන් ලද පළමු ආදායම කැප කරන ලද්දේ පීඩිත කුලයක දැරියක් වෙනුවෙනි. 'ඩොරීන්' ඒවන විට කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වුවාය. රොඩී කුලයේ දැරියක් ආනන්ද බාලිකා විදුහලට ඇතුළත් කරගත් ඩොරීන්, එම දැරියට තම නිවසේ නවාතැන් පහසුකම් සලසමින් උසස් අධ්‍යාපනයක් ලබාදුන් අතර තරුණවියේ දී හෙද සේවයට එක්වූ එම දැරියට එංගලන්තයේ පදිංචිය සැලසීමට පවා අත දුන්නාය. සූරියමල් ව්‍යාපාරයේ දී 'ඩොරීන්' සිය පාසලේ ගුරුවරියන් සහ ජ්‍යෙෂ්ඨ සිසුවියන් සහභාගී කර ගනිමින් කඩදාසියෙන් සූරියමල් නිපදවා ඇත. එහෙත් (Ladies college වැනි) ඇතැම් බාලිකා විදුහල් සූරියමල් පැළඳීම ගුරුවරියන්ට සහ සිසුවියන්ට තහනම් කළ නමුත් 'ඩොරීන්' ඉන් පසුබට නොවූවාය. "නොවැම්බර් 11 සූරියමලක් පළඳින්න! අධිරාජ්‍යවාදී යුද්ධයට දිරිදීම බැහැර කරන බව සහතික කරන්න! සාමය සහ නිදහස වෙනුවෙන් සූරියමලක් පළඳින්න!" සූරියමල් ව්‍යාපාරයෙන් රටට පණිවුඩයක් නිකුත් විය. සූරියමල් ව්‍යාපාරයේ නිරත වාමාංශික නායකයන් 1935 වසරේ ලංකා සම සමාජ පක්ෂය ආරම්භ කළ විට ඩොරීන් ද එහි සාමාජිකාවක් වූ අතර 1939 වසරේ සිය සැමියාගේ නායකත්වයෙන් ලංකා කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වීමත් සමඟ එහි පුරෝගාමී කාන්තාවක් බවට පත්වූවාය. "ඩොරීන්" සහ "විවියන්" විදේශයක උපන් පළමු ලංකා මන්ත්‍රීවරිය ඩොරීන් වික්‍රමසිංහ විදේශයක උපත ලැබ ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු මහජන මන්ත්‍රීවරිය(1952-56 )ලෙසද ඉතිහාසයට එක්වුවාය. 1952 මහ මැතිවරණයේ දී තම සැමියා නියෝජනය කළ 'අකුරැස්ස' ඡන්ද කොට්ඨාසය සඳහා තරඟ වැදුණු ඩොරීන් ඡන්ද 16,626 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය. සාරිය ඇඳගත් ඩොරීන් සිංහල භාෂාවෙන් ප්‍රචාරක රැළි අමතනු ඇසීමට මහජනයා ආශාවෙන් සහභාගී වූ බව ඇයගේ දේශපාලන සගයෝ පවසති. වසර හතරක් පමණ වූ සිය පාර්ලිමේන්තු ජීවිතය තුළ ඇය සැමවිටම සටන් කරනු ලැබ තිබෙන්නේ ගොවි-කම්කරුවන් ඇතුළු මහජන ශුභසාධනය නංවාලීම වෙනුවෙනි. දරුවන්ගේ මන්දපෝෂණය, අධ්‍යාපනය සහ ඔවුන්ගේ සනීපාරක්ෂාව ඇයගේ පාර්ලිමේන්තු කතාවල ප්‍රධාන මාතෘකා වූ බව 'හැන්සාඩ්' වාර්තා පිරික්සන විට පෙනී යයි. අලුතින් දේශපාලනයට අවතීර්ණවන්නන්ට 'ඩොරීන්'පරමාදර්ශයක් වූවාය. ලංකාවේ සිදුවිය යුතු සමාජ -දේශපාලන සහ නෛතික වෙනස්කම්හි අවශ්‍යතාව කෙරෙහි ඇය පාලකයන්ගේ අවධානය යොමු කළාය. මන්ත්‍රීවරුන් 101 දෙනෙකු නියෝජනය වූ 1952 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු පමණක් වීමෙන් කාන්තාවන්ට සිදුව ඇති අසාධාරණය කතානයකවරයාට පෙන්වා දුන් ඩොරීන්, ලංකාවේ කාන්තාවන් ගේ ප්‍රශ්න වෙනුවෙන් හඬ නැගීම සිය අරගලකාරී දිවියේ කොටසක් බවට පත්කර ගෙන සිටියාය. දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය, වියට්නාම් යුද්ධය හෙළාදුටු ඩොරීන්, ආසියා- අප්‍රිකා සහෝදරත්වය සහ නොබැඳි රාජ්‍ය පිළිවෙතට දිරි දුන්නාය. කියවන්න;
ඉන්දීය ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ශිව ෂන්කර් මෙනන් ජනාධිපති මහින්ද රාජපක්ෂ,විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක අර් .සම්පන්තන් මුන ගැසී තිබේ.
ජාතික ගැටළුවට ඉක්මන් විසඳුමක් සොයා ගැනීම ඉන්දියාවටත්, ජාත්‍යන්තර ප්‍රජාවටත් පොරොන්දු වූ පරිදි දහ තුන්වැනි ව්‍යවස්ථා සංඛ ශෝධනය ඉක්මවා යන පරිද්දෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බලය විමධ්‍ය කරනු ඇතැයි සාකච්ඡා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය කියා සිටී. දහ තුන් වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ දී ඒ පිළිබඳව සාකච්ඡා කිරීම වඩාත් උචිත බව ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ශිව ෂන්කර් මෙනන් එකඟ වූ බව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිළ වෙබ් අඩවිය කියා සිටී.
ශ්‍රී ලංකාවේ යුද්ධය හා සම්බන්ධ චෝදනා විභාග කිරීම සහ සංහිඳියාව වෙනුවෙන් පියවර ගැනීම උදෙසා පියවර ගැනීම සම්බන්ධ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස තවත් වසර දෙකක කාලයක් ලබාගැනීම රට පාවාදීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ඒ සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදීමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය බ්‍රහස්පතින්දා ඡන්ද විමසීමකින් තොරවම සම්මත කළේය. "ඒක සම්පූර්ණ වැරදි වැඩක්. මේ ආණ්ඩුවට මේක ඉල්ලා අස්කර ගන්න තිබුණා," හිටපු ජනාධිපතිවරයා පැවසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ බව සඳහන් කළේ ජනාධිපතිවරණය අවස්ථාවේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී සංස්ථාවට ලබා දුන් වෙළඳ දැන්වීම්වලට අදාළ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බරපතල වංචා සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් වියදම් කිරීම සම්බන්ධ වගකීම තමන්ට භාරගත නොහැකි බවද ඔහු සඳහන් කළේය. තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වූ බැවින් එහිදී මුදල් අවභාවිතයක් සිදු වී තිබෙන්නේ නම් පක්ෂය එහි වගකීම භාරගත යුතු බව ඔහුගේ ස්ථාවරයයි. මුදල් 'අවභාවිතයක්' ITN නාලිකාවට ලබා දුන් වෙළඳ දැන්වීම් සඳහා මුදල් නොගෙවීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මීට ඉහතදී කොමිෂන් සභාව ඉදිරියට කැඳවා තිබුණි.
සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවට ආ යෝජනාව ඉවත දැමුවේ තමන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ අද (ජන.25) පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අද කොළඹ අභයාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම ධුරයෙන් ඉවත් කිරීම සහ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් පළ කළේය.
පෙබරවාරි 1 වෙනිදා අලුයම් කාලයේදී, මියන්මාරයේ හමුදාව විසින් රටේ පාලනය සියතට ගැනීමට පෙර එරට නිල නොලත් නායිකාව වූ අවුං සාන් සූ චී සහ තවත් දේශපාලනඥයින් ගණනාවක් රඳවා ගනු ලැබූහ.
පාර්ලිමේන්තු රැස්වීමට පැය කිහිපයකට පෙර අවුං සාන් සූ චී හා තවත් දේශපානඥයින් හමුදාවේ අත්අඩංගුවට පත්වූහ පසුගිය මැතිවරණය සම්බන්ධයෙන් හටගත් මතභේදයෙන් පසු සූ චී ගේ සිවිල් ආණ්ඩුව හා හමුදාව අතර ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් අනතුරුව මෙම කුමන්ත්‍රණය මතුවිය. පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණයේදී, අවුං සාන් සූ චී ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් දිනාගත්තේය. මැතිවරණයෙන් අනතුරුව සඳුදා (පෙබ. 01) පළමු පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමට ආසන්නයේදී හමුදාව කියා සිටියේ සිදුවූ "මැතිවරණ වංචා" හේතුවෙන්, සේනාධිනායක මින් අවුං හ්ලෙයින්ග් වෙත බලය පවරන බවකි. වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළ බව කී හමුදා රූපවාහිනිය, බලය මාරු කර ඇති බවද සඳහන් කළේය. "මෙය පිළිගන්න එපා" යැයි සිය ආධාරකරුවන්ට දන්වා සිටි අවුං සාන් සූ චී, "කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය පාන්න" යැයි ද ඉල්ලා සිටියාය. 2011 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇරඹෙන තෙක් ම, බුරුමය ලෙස ද හඳුන්වන ලද මියන්මාරය පාලනය කළේ හමුදාව ය. දශක ගණනාවකට පසු 2015 වසරේදී පළමුවරට විවෘත මැතිවරණයක් පැවැත්වුණු අතර එහිදී අවුං සාන් සූ චී හට විශාල ජයග්‍රහණයක් හිමිවිණි. සිය රටේ බෞද්ධ බහුතර ජනතාව අතර ඇය අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින්නීය. නමුත් බොහෝ දෙනා බලාපොරොත්තු නොවූ පරිදි, රෝහින්ග්‍යා අර්බුදයට දැක්වූ ප්‍රතිචාරය හමුවේ ඇය ජාත්‍යන්තර වශයෙන් කඩා වැටීමකට ලක් වූවාය. බලය තෙක් ආ ගමන 1989 සහ 2010 අතර අවුං සාන් සූ චී වසර 15 ට ආසන්න කාලයක් රඳවා තබනු ලැබිණි. නිවාස අඩස්සියේ සිටින අතරේදී ම 1991 දී ඇය නොබෙල් සාම ත්‍යාගයෙන් පුදනු ලැබූ අතර "බලය නැත්තන්ගේ බලය ගැන විශිෂ්ට උදාහරණයක්" ලෙස ද ඇය උත්කර්ෂයට නංවනු ලැබිණි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ප්‍රතිචාර ලෙස, මියන්මාරයට එරෙහි සම්බාධක ඉවත්කිරීමට ඔබාමා පාලනය පියවර ගත්තේය එවක හමුදා පාලනය යටතේ වූ මියන්මාරයට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒම සඳහා ගෙනගිය පුද්ගලික අරගලය හේතුවෙන් පීඩනය අභිමුව සාමකාමී ප්‍රතිරෝධය පිළිබඳ ජාත්‍යන්තර සංකේතයක් බවට ඇය පත්කරනු ලැබිණි. වසර 25 ක් තුළ පළමුවරට පැවති විවෘත මැතිවරණ තරගයේදී ප්‍රජාතන්ත්‍රවාය සඳහා වූ ජාතික ලීගයට (NLD) නායකත්වය දෙමින් 2015 නොවැම්බර් මාසයේදී එය දැවැන්ත ජයග්‍රහණයක් කරා ගෙන යාමට අවුං සාන් සූ චී ට හැකිවූවාය. සිය දරුවන් විදේශ රටක පුරවැසියන් වන බැවින් අවුං සාන් සූ චී මියන්මාරයේ ජනාධිපති ධුරය දැරීම එරට ව්‍යවස්ථාව විසින් අහුරාලනු ලැබිණි. එනමුත් දැනට 75 වෙනි වියේ පසුවන සූ චී ප්‍රකටව පෙනුනේ මියන්මාරයේ නිල නොලත් නායිකාව ලෙසිනි. රාජ්‍ය අනුශාසක යන නිල නාමය ඇයට හිමි වූ අතර ජනාධිපති වින් ම්යින්ට් ඇගේ සමීප සහයකයෙකු විය. "මට උදාසීනව ඉන්න බැරිවුණා" සූ චී, මියන්මාරයට නිදහස ගෙනෙන්නට ක්‍රියා කළ වීරයකු වූ ජෙනරල් අවුං සාන් ගේ දියණිය ය. ඇය දෙහැවිරිදි ව සිටියදී ජෙනරල් අවුං සාන් ඝාතනයට ලක්වූයේ, 1948 දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් මියන්මාරය නිදහස ලැබීමට ආසන්නයේ සිටියදී ය. මියන්මාරයේ තානාපතිනිය ලෙස පත්කෙරුණු සිය මව සමග 1960 දී අවුං සාන් සූ චී ඉන්දියාව බලා පිටත්ව ගියාය. වසර හතරක ඇවෑමෙන් එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය බලා ගොස් දර්ශනය, දේශපාලනය හා ආර්ථික විද්‍යාව උගත් ඇයට එහිදී ම සිය අනාගත සැමියා වන මයිකල් ඒරිස් මුණගැසිණ. ජපානයේ හා භූතානයේ රැකියාවේ යෙදෙමින් දිවිගෙවූ ඇය පසුව සිය දරු දෙදෙනා, ඇලෙක්සැන්ඩර් හා කිම් උස්මහත් කිරීම වෙනුවෙන් එක්සත් රාජධානියේ නතර වූවාය. සැමියා මයිකල් ඒරිස්, පුතු ඇලෙක්සැන්ඩර් සමගින් අවුං සාන් සූ චී 1973 වසරේ ලන්ඩනයේදී අසාධ්‍යව හුන් සිය මව රැක බලා ගැනීම සඳහා 1988 දී ඇය රැන්ගුන් (දැන් හැඳින්වෙන්නේ යැන්ගොන් නමිනි) වෙත පැමිණෙන විට මියන්මාරය පැවතියේ විශාල දේශපාලන කැළඹීමක් මැද ය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉල්ලමින් දහස් ගණන් ශිෂ්‍යයින්, කාර්යාල සේවකයින් මෙන්ම භික්ෂූහු ද වීථි බැස සිටියහ. "මේ සියල්ල වෙමින් තිබෙද්දී මගේ පියාගේ දියණිය වශයෙන් මට උදාසීනව ඉන්න පුළුවන් වුණේ නැහැ," යි 1988 අගෝස්තු 26 වෙනිදා රැන්ගුන් හි කළ කතාවකදී සූ චී සඳහන් කළාය. එවක හමුදා ඒකාධිපති ජෙනරල් නේ වින් ට එරෙහි කැරැල්ලට ඇය නායකත්වය දුන්නාය. නිවාස අඩස්සිය ඉන්දියාවේ මහත්මා ගාන්ධි මෙන්ම ඇමෙරිකාවේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ නායක මාර්ටින් ලූතර් කිං ගෙනගිය අවිහිංසාවාදී වැඩපිළිවෙලින් උත්තේජනය ලද අවුං සාන් සූ චී රටපුරා සංචාරය කරමින් රැළි සංවිධානය කළ අතර සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මෙන්ම නිදහස් මැතිවරණ වෙනුවෙන් හඬ නැගුවාය. එහෙත්, 1988 සැප්තැම්බර් 18 වෙනිදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් හමුදාව, එම උද්ඝෝෂණ කෲර ලෙස මැඩපැවැත්වූ අතර ඊට පසු වසරේදී සූ චී නිවාස අඩස්සියට පත් කළේය. හමුදා ආණ්ඩුව 1990 දී ජාතික මැතිවරණයක් කැඳවුවද, ඉන් ජයග්‍රහණය කළ සූ චී ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ලීගයට පාලනය පැවරීම මිලිටරි ජුන්ටාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි. සය වසරක කාලයක් රැන්ගුන් හි නිවාස අඩස්සියේ රඳවනු ලැබූ සූ චී 1995 දී නිදහස් කෙරිණි. එහෙත්, ඇයට පනවා තිබූ සංචරණ තහනම නොතකමින් මණ්ඩලේ නගරය කරා යාමට දරන ලද උත්සාහය හේතුවෙන් 2000 වසරේ සැප්තැම්බර් මාසයේදී අවුං සාන් සූ චී යළිත් නිවාස අඩස්සියට පත් කරනු ලැබීය. 2002 වසරේදී කොන්දේසි විරහිතව ඇය නිදහස් කරනු ලැබුව ද, ඉන් යන්තමින් වසරක් පමණ ඉකුත්ව යද්දී යළිත් සිරගත කෙරුණේ ඇගේ ආධාරකරුවන් හා ආණ්ඩුවේ සහය ලද කලහකාරීන් අතර ගැටුමක් හටගැනීමෙන් අනතුරුව ය. 2010 වසරේදී නිවාස අඩස්සියෙන් නිදහස් වූ අවුං සාන් සූ චී හට සුබ පැතීමට විශාල පිරිසක් රොක්වූහ පසුව නිවස වෙත යාමට ඉඩ දුන්න ද නැවතත් නිවාස අඩස්සියට පත් කෙරිණි. එම කාලය තුළ සිය එන්එල්ඩී පක්ෂ නිලධාරීන් මෙන්ම තෝරාගත් රාජ්‍ය තාන්ත්‍රිකයින් මුණගැසීමට ඇයට ඉඩ ලැබුණද මුල් වසර ගණනාව තුළ ඇය බොහෝ විට පසුවූයේ හුදකලා සිරගත කිරීමක ය. පිළිකාවක් හේතුවෙන් සූ චී ගේ සැමියා 1999 මාර්තු මාසයේ මිය ගිය අතර ඊට පෙර ඔහු හෝ පුතුන් දෙදෙනා දැකීමට යාමට ඇයට ඉඩ නොදිණි. ඉතා අසාධ්‍යව සිටියදී සැමියා දැකීම සඳහා යාමට සූ චී හට ඉඩ සැලසීමට හමුදා බලධාරීන් විසින් ඉඩ සලසනු ලැබුවද ඇය එම අවස්ථාව ප්‍රතික්ෂේප කළේ යළි සිය රට පැමිණීමට තමන්ට ඉඩ නොදෙනු ඇතැයි මතුවූ බිය හේතුවෙනි. යළි දේශපාලනයට පිවිසීම දශක දෙකකින් අනතුරුව පළමුවරට 2010 නොවැම්බර් 7 වෙනිදා පැවති මියන්මාරයේ පළමු මැතිවරණයෙන් සූ චී වෙන්කොට තැබුණ ද දින හයකට පසු ඇය නිවාස අඩස්සියෙන් මුදා හැරීය. අලුත් ආණ්ඩුව ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයකට පිවිසෙද්දී සූ චී හා ඔහුගේ පක්ෂය යළි දේශපාලනයට පිවිසුණහ. 2012 වසරේ අප්‍රේල් මස පැවති අතුරු මැතිවරණයේදී තරග කළ ආසන 45න් 43 ක ජයග්‍රහණය දිනාගත්තේ ඔවුන් වෙත පළවූ සහය පිළිබඳ ප්‍රබල ප්‍රකාශනයක් ලෙසිනි. එවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දුන් සූ චී විපක්ෂ නායිකාව ද වූවාය. ඉන් පසු එළඹී මැයි මාසයේදී, වසර 24 ට පසු ඇය මියන්මාරයෙන් පිටත් වූයේ එරට නව නායකයින් තමන්ට යළි පැමිණීමට ඉඩ දෙතැයි පෙනෙන්නට වූ විශ්වාසය පිළිබඳ ලකුණක් ලෙසිනි. 2015 දී එන්එල්ඩී පක්ෂය ජයග්‍රහණය දිනාගත්තේය රෝහින්ග්‍යා අර්බුදය මියන්මාරයේ රාජ්‍ය අනුශාසක බවට පත්වූ තැන් සිට, රටේ සුළුතර මුස්ලිම් රෝහින්ග්‍යා ජනතාව සම්බන්ධයෙන් ගත් පියවර තුළින් ඇයගේ නායකත්වය අර්ථ නිරුපණය කෙරෙන්නට විය. රඛායින් ප්‍රාන්තයේ පොලිස් ස්ථානවලට දරුණු ප්‍රහාර එල්ලවීමෙන් පසු ක්‍රියාත්මක කෙරුණු හමුදා මෙහෙයුම් මධ්‍යයේ සිය දහස් ගණනක රෝහින්ග්‍යාවරුන් 2017 දී අසල්වැසි බංග්ලාදේශයට පලාගියහ. ජනසංහාරයක් සම්බන්ධයෙන් යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය හමුවේ ඇති නඩු හබයකට මේ වනවිට මියන්මාරය මුහුණ දී සිටින අතර මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විමර්ශනයකට ද ලක්ව සිටී. තවමත් බලසම්පන්න හමුදාව හෙළාදැකීම ප්‍රතික්ෂේප කරමින් ස්ත්‍රීන්ට එරෙහි ලිංගික හිංසනය හා ජනසංහාරයක් විය හැකි ඝාතන නැවැත්වීමට කිසිවක් නොකිරීම සම්බන්ධයෙන් සූ චී ඇයගේ ජාත්‍යන්තර ආධාරකරුවන්ගේ චෝදනාවට ලක්ව සිටින්නීය. ඇය, සංකීර්ණ ඉතිහාසයක් සහිත බහු වාර්ගික රටක් පාලනයට උත්සාහ දරන ප්‍රායෝගික දේශපාලනඥයකු ලෙස මුලදී සුළු පිරිසක් තර්ක කළහ. නමුත් හමුදාවේ ක්‍රියා සම්බන්ධයෙන්, පසුගිය වසරේදී හේග් නුවර පිහිටි යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය හමුවේ සිය ආරක්ෂාව පතා ඇය ගත් පියවර, ජාත්‍යන්තර වශයෙන් ඉතිරිව තිබූ සුළු කීර්තිය මකා දමන සුළු අලුත් හැරවුම් ලක්ෂ්‍යයක් සේ පෙනෙන්නට විය. කෙසේවෙතත්, සිය රට තුළ, රෝහින්ග්‍යාවරුන් පිළිබඳ සානුකම්පිත නොවූ බෞද්ධ බහුතරය අතර ජනප්‍රියත්වය රඳවාගෙන සිටින සූ චී "ආර්යාව" ලෙස හැඳින්වේ. ඇනහිටි ප්‍රතිසංස්කරණ සූ චී මෙන්ම ඇගේ එන්එල්ඩී ආණ්ඩුව බලයට පැමිණි තැන් සිට යටත්විජිත සමයේ නීති භාවිත කරමින් ජනමාධ්‍යවේදීන් මෙන්ම ක්‍රියාකාරීන් මර්දනය කිරීම හේතුවෙන් දැඩි විවේචනයකට ලක්ව සිටියහ. ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රගතියක් දක්නට ලැබුණ ද පාර්ලිමේන්තු ආසනවලින් හතරෙන් එකක හිමිකාරීත්වය මෙන්ම ආරක්ෂක, ස්වදේශ කටයුතු මෙන්ම දේශසීමා කටයුතු ඇතුළු ප්‍රධාන අමාත්‍යංශවල පාලනය තවදුරටත් හමුදාව සතුකරගෙන සිටී. සිය කැබිනට් මණ්ඩලයේ සිටින ජෙනරල්වරුන් "සිත්ගන්නා සුලු" බව 2018 අගෝස්තු මාසයේදී සූ චී පැවසුවාය. විශ්ලේෂකයින් පෙන්වාදෙන ආකාරයට, මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තිය ඇනහිට ඇති සෙයකි. "අලුත් ම හමුදා ක්‍රියාමාර්ගයේ නොසැලකිලිමත් බවක් පෙනෙනවා. ඒ වගේම එය මියන්මාරය උපද්‍රව සහිත මාවතකට යොමු කරනවා," යැයි බීබීසී පුවත් හි අග්නිදිග ආසියාවේ වාර්තාකරු ජොනතන් හෙඩ් පවසයි. හමුදා සෙබළු අගනුවර මාර්ග අවහිර කළහ මියන්මාරය මේවන විට අග්නිදිග ආසියාවේ කෝවිඩ්-19 වසංගතයේ දරුණු ම පැතිරීමකට මුහුණ දී සිටින්නේ රට අගුලු ලෑමේ පියවර හමුවේ ජීවිකාවන් කඩා වැටීමකට ලක්ව ඇති අතරේ දැනටමත් දුර්වල අඩියකට වැටී ඇති සෞඛ්‍ය සේවා පද්ධතිය මත අලුත් පීඩනයක් එල්ල කරමිනි. නමුත් සූ චී තවමත් ජනප්‍රියය. නිරීක්ෂණ සංවිධානයක් වන විශ්වාසදායී මැතිවරණ සඳහා වූ ජනතා සන්ධානය විසින් 2020 වසරේ කරන ලද සමීක්ෂණයකට අනුව 79% ක පිරිසක් ඇය වෙත විශ්වාසය තබා සිටිති. එය පසුගිය වසරට වඩා 9% ක ඉහළ යාමකි. බීබීසී සමග කතා කළ හිටපු ඇමෙරිකානු තානාපති ඩෙරෙක් මිචෙල් මෙසේ කීය. "අවුං සාන් සූ චී ගේ කතාව ඇගේ මෙන්ම අපගේ ද කතාවයි. සමහරවිට ඇය වෙනස්වෙලා නැතිව ඇති. ඇය තවමත් ඒ වගේම වෙන්නට පුළුවන්. ඇය කවුද යන්නට අදාළ සම්පූර්ණ පැටලිලි සහිත බව ගැන අප දැන සිටියේ නැහැ." "මනුෂ්‍යයා ඉක්මවා යන සංකේත සේයාවක් පුද්ගලයින්ට දායාද නොකිරීමට තරම් අප කල්පනාකාරී විය යුතුයි"
ජනාධිපති මහින්ද රාජපක්ෂට තෙවැනි වරටත් ජනපති ධුරය සඳහා තරඟ කළ හැකිද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සඳුදා සවස ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අගවිනිසුරු මොහාන් පීරිස් දෙවතාවක් ජනාධිපති ධුරය හොබවා ඇති හෙයින් තෙවන වරටත් එම ධුරය සඳහා තරඟ කළ හැකි දැයි පසුගිය සතියේදී ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේය. දස පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගනු ලැබූ තීන්දුව ප්‍රකාශයට පත් වන දිනය මේ වන තුරු අනාවරණය වී නොමැත. ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීමට අදාලව කරුණු දැක්වීම සඳහා කල් ලබා දෙන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ සඳහා අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් විධායක කමිටුව සමඟ සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ සංදේශයට පැවසුවේය.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ අවසාන භාගයේ දී ඝාතනයට ලක් වූ අය සිහි කිරීම සඳහා ‘මුල්ලිවයික්කාල් අනුස්මරණ,’ උත්සව මෙවර නැගෙනහිර පළාතේ ප්‍රදේශ කීපයක ද සංවිධානය කර තිබුණි.
පසුගිය වසරවල දී නැගෙනහිර පළාතේ දෙමළ ජාතික සංධානය සංවිධානය කල උත්සව සුළු වශයෙන් පැවති අතර මෙවර ස්ථාන කීපයකම අනුස්මරණ උත්සව සංවිධානය කර තිබීම විශේෂයක් විය. මෙම අනුස්මරණ උත්සවවල දී යුද්ධ කාලයේ දී අකාලයේ ජීවිතක්ෂයට පත් වූ තම ඥාතීන් සිහි කර පහන් දල්වා විශේෂ යාඥා මෙහෙයන් ද සිදු කරන ලදී. ආගමික සිද්ධස්ථානවල ද විශේෂ යාඥා සහ දන්දීම් සංවිධානය කර තිබුණි. අනුස්මරණ උත්සව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, නැගෙනහිර පළාත් සභා ඇමතිවරු සහ මන්ත්‍රීවරු ද සහභාගී වී සිටියහ. මඩකලපුව වාකරෙයි ප්‍රදේශයේ දෙමළ ජාතික ජනතා පෙරමුණ ද, අනුස්මරණ උත්සව සංවිධානය කර තිබුණි. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වන්තාරුමුලේ පීඨයේ ද අනුස්මරණ උත්සවයක් සංවිධානය කර තිබුනත් ඊට එරෙහිව පොලිසිය අධිකරණ නියෝගය ලබාගෙන තිබීම හේතුවෙන් උත්සවය අවලංගු කෙරුණ බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතන නඩුව අද සඳුදා කොළඹ මහාධිකරණය ඉදිරියේ යළි විභාගයට ගනු ලැබූ අවස්ථාවේ පැමිණිල්ලේ සාක්ෂි කාරියක් කියා සිටියේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු හතර දෙනකු විසින් කුරාම්ට සහ ඔහුගේ පෙමවතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා කාචේවාට පහර දෙන ලද ආකාරය තමා දුටු බවයි.
වික්ටෝරියා; රැකවල් මැද අධිකරණයට ඝාතනය සිදු කෙරුණ හෝටලයේ එවකට කළමනාකාරිනිය ලෙස කටයුතු කළ තරංගා පීරිස් මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු චූදිතයන් හතර දෙනා 2011 දෙසැම්බර් මස 24 වෙනි දින රාත්‍රියේ තමා සේවය කළ හෝටලයේ පැවැත්වුන නත්තල් සාදයකට සහභාගී වෙමින් සිටි බව ප්‍රකාශ කළාය. නත්තල් සාදය අතරේ සාදය පෙරට යමින් තිබියදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදාන පතිරණ කුරාම් ෂයික්ට පහර දෙනු දුටු බවයි සාක්ෂිකාරිය සඳහන් කළේ. කුරාම් ෂයික්ගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා කාචේවාට ද පහර දෙනු දුටු බව කියා සිටි සාක්ෂිකාරිය, පහර කෑමට ලක් වූ වික්ටෝරියා පිහිනුම් තටාකයට ඇද වැටුණ බවත් කියා සිටියාය. චුදිතයන් අධිකරණයට ගෙන එමින් පහර කෑමට ලක්ව පිහිනුම් තටාකයට ඇද වැටුණ රුසියානු තරුණිය ඉන් පිටතට පැමිණීමට තැත් කරද්දී නඩුවේ පළමු විත්තිකරු වන ලහිරු කැලුම් ඇයට දරුණු ආකාරයට පහර දෙනු තමා දුටු බවයි තරංගා පීරිස් අධිකරණය ඉදිරියේ කියා සිටියේ. ගිණි අවියක් පෙන්වා අනතුරුව සාක්ෂිකාරිය ඉහත කී ප්‍රහාරයට සම්බන්ධ වූ විත්තිකරුවන් හතර දෙනා අධිකරණය ඉදිරියේ හඳුනා ගත්තාය. “ගැටුම සම්බන්ධයෙන් තමා පොලිසියට දැනුම් දීමට උත්සාහ කළ අවස්ථාවේ හතරවැනි විත්තිකරු වන ප්‍රජිත් චතුරංග ගිණි අවියක් පෙන්වා තමා මරා දමන බවට තර්ජනය කළ බවත්” තරංගා පීරිස් සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය. මෙම නඩුවේ මීළඟ සාක්ෂි විභාගය අප්‍රියෙල් දෙවනිදාට කල් තබන ලද අතර, විත්තියේ නීතිඥයන් විසින් සාක්ෂිකාරියගෙන් එදින හරස් ප්‍රශ්න ඇසීමට නියමිතයි.
ඉන්දීය මධ්‍යම රජය විසින් තවදුරටත් ශ්‍රී ලංකාව මිත්‍රශීලී රටක් ලෙස නොසැලකිය යුතු බවට තමිල් නාඩු ප්‍රාන්ත රජය යෝජනාවක් සම්මත කරගත් බව තමිල්නාඩු මහා ඇමතිනි ජයලලිතා ජයරාම් ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේදී සිදුකොට ඇති බව පැවසෙන ජන සංහාර ඇතුළු යුද මෙහෙයුම් පිලිබඳව සොයා බලන ලෙස ඉන්දීය රජය විසින් එකසත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යෝජනාවක් ගෙන ආ යුතු බවට එම යෝජනාවෙන් ඉල්ලා සිටින බව ඇය පැවසුවාය. ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් හමුවේ යුද අපරාධ සිදුකල පුද්ගලයන් ඉදිරිපත් කොට ඔවුන් ඒවාට වග කිවයුත් බවට තීන්දු කරන ලෙසටත්, දෙමළ ජාතිකයන්ට සිදු කරනු ලබන පීඩාවන් නවතා දමන තුරු ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙසටත් යෝජනාවෙන් ඉල්ලා සිටින බවයි ඇය ප්‍රකාශ කළේ. ශ්‍රී ලනාවේ වෙසෙන දෙමළ ජනතාවගේ අනාගතය උදෙසා දෙමළ ඊලමක් අවශ්‍යද යන්න පිළිබඳව, ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාව අතර සහ විදේශයේ වෙසෙන දෙමළ ජනතාව අතර ජන මත විමසුමක් පැවැත්විය යුතු බවටත් තමිල් නාඩු පාර්ලිමේන්තුවේ සම්මත කරගත් යෝජනාවේ අඩංගු වන බව මහා ඇමතිනි ජයලලිතා ජයරාම් පැවසුවාය.
සිය උපාධිය සඳහා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා දෙන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් දෙදෙනකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සලකා බැලීම අගෝස්තු 02 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
සයිටම් විදුහලට එරෙහිව උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට පැවති විරෝධතාව අදාළ පෙත්සම අද (05) කැඳවූ අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කීපයක් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා දක්වන බව අධිකරණය හමුවේ දැනුම් දුන්හ. පෙත්සම යළි කැඳවන අවස්ථාවේ එම විරෝධතා සලකා බැලීම සිදු කරන බවයි අධිකරණය කියා සිටියේ. 'විරෝධය' මේ අතර මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විදුහලේ සිසුන් වෛද්‍යවරු ලෙස ලියාපදිංචි කළ නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ප්‍රකාශ කළේය. "ස්යිටම් වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය උපාධියක් පිරිනැමීමට තරම් ප්‍රමාණවත් සුදුසුකම් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පත් කළ විශේෂඥ කමිටුවක් මගින් නිර්දේශ කර තිබෙනවා. එවැනි වාතාවරණයක් මත අධිකරණය කුමන ආකාරයේ තීන්දුවක් ලබා දුන්නත් අදාළ සිසුන් ලියාපදිංචි කිරීමට අපට හැකියාවක් නැහැ." මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියා සිටියේ අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. අදාළ පෙත්සම් විභාග වෙමින් පැවති අවස්ථාවේ රජයේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ඇතුළු වෛද්‍යවරු පිරිසක් සයිටම් විදුහලට එරෙහිව උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.