summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
සාමය සහ සංහිඳියාව පිළිබඳ පැවති සාකච්ඡාවක දී නිදහස් චතුරශ්‍රයේ ඔසවා ඇති බෞද්ධ කොඩිය පිළිබඳව මහ කොමසාරිස් නවී පිල්ලේ ප්‍රශ්න කළ නමුත් ඩී. එස්. සේනානායක පිළිරුව පිළිබඳ ඇය කිසිදු ප්‍රකාශයක් නොකළ බව ජිනීවා නුවර එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම කියා සිටියි.
එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් නවී පිල්ලේ නිදහස් චතුරශ්‍රයේ ඉදි කර ඇති ඩී. එස්. සේනානායක පිළිරුව ඉවත් කිරීම පිළිබඳ ඇයගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වූ දින කිහිපය තුල කිසිදු අවස්ථාවක දී වචනයක් හෝ කතා නො කළ බව ස්ථිර වශයෙන් කිව හැකි බව මානව හිමිකම් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක රූපට් කොල්විල් ප්‍රකාශ කරයි. විධිමත් ප්‍රකාශයක් මේ චෝදනා පිළිබඳ විධිමත් ප්‍රකාශයක් ඉදිරි දින කීපය තුල දී නිකුත් කිරීමට නියමිත බව රූපට් කොලවිල් ජන මාධ්‍ය වෙත නිකුත් කළ ඊ මේල් පණිවුඩයක් මගින් දැනුම් දී ඇත. සාමය සහ සංහිඳියාව පිළිබඳ පැවති සාකච්ඡාවක දී නිදහස් චතුරශ්‍රයේ ඔසවා ඇති බෞද්ධ කොඩිය පිළිබඳ මහ කොමසාරිස් වරිය ප්‍රශ්න කර තිබෙන බව ද මෙම ප්‍රකාශයේ සඳහන් වෙයි. අසංවේදී ක්‍රියාවක් දේශයේ නිදහස සහ අධිරාජ්‍යවාදයේ නිමාව සනිටුහන් කෙරෙන රටේ සියලු වැසියන්ට අතිශයින් වැදගත් සංකේතයක් වන නිදහස් චතුරශ්‍රයේ, එක් ආගමකට අයත් ධජයක් ඔසවා තැබීම පිළිබඳ ඇය විමසා සිටි බවත්, ශ්‍රී ලංකාව තුල ජීවත් වන අන්‍ය ලබ්ධිකයින් මෙය අසංවේදී ක්‍රියාවක් ලෙස සැලකීමට ඉඩ තිබෙන බව ඇය පෙන්වා දුන් බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය සඳහන් කරයි. නිදහස් චතුරශ්‍රයේ ඔසවා ඇති බෞද්ධ කොඩිය වෙනුවට සියලු ආගම්, සියලු ජාතීන් එක්සත් කිරීමේ සංකේතය වන ජාතික ධජය ඔසවා තැබීමේ සාමාන්‍ය සම්ප්‍රදායට එකඟ ව කටයුතු කිරීමට මහ කොමසාරිස් නවී පිල්ලේ ආණ්ඩුවට වෙත යෝජනාවක් ඉදිරිපත් කල බව ද මහ කොමසාරිස්වරිය ගේ ප්‍රකාශක රූපට් කොලවිල් නිකුත් කළ ප්‍රකාශයේ දැක්වෙයි.
වතිකානය ක්‍රිකට් කණ්ඩායමක් ආරම්භ කර තිබේ.
ශාන්ත පීතර කණ්ඩායම නමින් හැඳින්වෙන මෙම ක්‍රිකට් පිල ක්‍රීඩා කරන සීමිත ඕවර තරග කිහිපයක් මේ වන විටත් රෝමයේ සංවිධානය කර ඇති බවයි වතිකානය පවසන්නේ. ලබන වසරේදී එංගලන්ත කතෝලික සභාවේ පිල සමග ලෝඩ්ස් පිටියේ දී තරග වැදීමට ද මෙම වතිකානු පිල සුදානම් වෙමින් සිටී.
පළමු සහ දෙවෙනි මාත්‍රා සඳහා විවිධ කොවිඩ් එන්නත් මිශ්‍ර කළ හැකිද යන්න පිළිබඳ සායනික අත්හදා බැලීම් එක්සත් රාජධානියේ ද ක්‍රියාත්මක වේ.
එන්නත වර්ග දෙකක් ලබා දීමෙන් වෛරසයට හා එහි නව ප්‍රභේදයන්ට එරෙහිව වඩාත් පුළුල්, දිගුකල් පවතින ප්‍රතිශක්තියක් ලබා දිය හැකි ද යන්න සහ එන්නත් කිරීමේ ක්‍රියාදාමයට වඩාත් නම්‍යශීලී බවක් ලබා දීමේ පරමාර්ථයෙන් එක්සත් රාජධානිය තුළ මෙම පරීක්ෂණ පැවැත්වේ. පළමු වරට ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවක් ලබා ඇති වයස අවුරුදු පණහට වැඩි වැඩිහිටියන් 830කට වැඩි දෙනෙක් මෙම පරීක්ෂණ සඳහා සහභාගී කරගෙන තිබේ. මෙහි පළමු අදියරේ වාර්තාව මාර්තු 13 වෙනි දින නිකුත් කර තිබේ. එයට අනුව, ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් පිළිවෙලින් පළමු සහ දෙවෙනි මාත්‍රා ලෙස ලබාදීමෙන් පසු වැඩිහිටියන්ට සුළු හා මධ්‍යස්ථ අතුරු ආබාධ ඇති වීමට වැඩි ඉඩක් ඇති බව හෙළි වී තිබේ. විවිධ එන්නත් මාත්‍රාවන් මිශ්‍ර කළ විට සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය සහ මාංශ පේශි වේදනාව වැඩි වශයෙන් වාර්තා වී තිබේ. කෙසේනමුත්, මෙයින් ඇතිවන අහිතකර ප්‍රතික්‍රියා කෙටි කාලීන වන අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වී නොමැත. "එය ඇත්තෙන්ම කුතුහලය දනවන සොයා ගැනීමක් මිස අප බලාපොරොත්තු වූ දෙයක් නොවේ," පරීක්ෂණ සිදු කරන කණ්ඩායමේ ප්‍රධානී ඔක්ස්ෆර්ඩ් එන්නත් සමූහයේ මහාචාර්ය මැතිව් ස්නේප් පැවසීය. මේ අතර, කැනඩාවේ ඔන්ටාරියෝ සහ ක්විබෙක් පළාත් දෙකෙහිම නුදුරු අනාගතයේ දී එන්නත් මිශ්‍ර කර ලබා දීමට අදහස් කරන බව පවසා තිබේ. මහාචාර්ය මැතිව් ස්නේප් පැවසුවේ පරීක්ෂණයේ සම්පූර්ණ ප්‍රතිඵල ජුනි හෝ ජූලි මාසය වන විට වාර්තා කළ හැකි බවය. කෙසේනමුත්, මෙම අධ්‍යයනය වසරක් පුරා ක්‍රියාත්මක වේ. ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයන් පොදුවේ එකඟ වන්නේ එන්නත් වර්ග මිශ්‍ර කර ලබා දීම ආරක්ෂිත බවය. ස්වේච්ඡාවෙන් පරීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට සති හතරක කාලයක් තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දෙක ලබා දුන් අතර, ඔවුන් තුළ උණ ගතියක් නිරීක්ෂණය වී තිබේ. නමුත් ඕනෑම අනුපිළිවෙලකට ඔවුන්ට පළමු මාත්‍රාව ඇස්ට්‍රාසෙනෙකා එන්නතත් දෙවෙනියට ෆයිසර් එන්නතත් ලැබුණේ නම්, උණ ගතියක් පෙන්වීමේ අනුපාතය 34% ක් දක්වා ඉහළ ගොස් තිබේ. "සෙම්ප්‍රතිශ්‍යාව, තෙහෙට්ටුව, හිසරදය, ව්‍යාධිය සහ මාංශ පේශි කැක්කුම වැනි වෙනත් රෝග ලක්ෂණවල ද අදාළ වෙනස්කම් ඇති වී තිබෙනවා" යැයි මහාචාර්ය මැතිව් ස්නේප් පැවසීය. "මෙයින් අපට පැවසෙන එක් දෙයක් නම්, පිරුණු වාට්ටුවක හෙද හෙදියන්ට වෙනස් එන්නත් මාත්‍රා ලබා දීම ඔබ සිදු නොකළ යුතු දෙයක් යන්නයි. මොකද ඊළඟ දවසේ වැඩි දෙනෙක් වැඩට නොඑන්න ඉඩ තියෙනවා." ලොව තවත් රටවල් මිශ්‍ර මාත්‍රාවන් භාවිත කිරීම ගැන සලකා බලති. එන්නත්වල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා චීනය ද මිශ්‍ර මාත්‍රා ලබා දීම සලකා බැලිය යුතු බව චීන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝර්ජ් ගාවෝ මෑතකදී පැවසීය. පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා රුසියාවේ ස්පුට්නික් වී එන්නත තරමක් වෙනස් මාත්‍රාවන් දෙකකින් භාවිත කෙරෙයි. එන්නත් ලබා ගැනීම සඳහා උපදෙස් දෙන එක්සත් රාජධානියේ එන්නත් හා ප්‍රතිශක්තිකරණ ඒකාබද්ධ කමිටුවේ සාමාජික මහාචාර්ය ජෙරමි බ්‍රවුන් පැවසුවේ ඉදිරි වසරවලදී මිනිසුන්ට, අවසානයේදී, කෝවිඩ් -19 එන්නත් මිශ්‍ර කිරීමට සිදුවනු ඇති බවය. "එය ප්‍රායෝගිකව එසේ විය යුතුයි. මොකද ඔබ මොඩනා හෝ ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වලින් මාත්‍රා දෙකක් සම්පූර්ණ කළ පසු, අනාගතයේදී ඔබට නැවත එකම වර්ගයේ එන්නතක් ලබා දෙන බවට සහතික වීම අපහසු වෙන්න පුළුවන්," ඔහු බීබීසී සේවයට පැවසීය. කෙසේනමුත්, මෙම පරීක්ෂණවල අවසන් වාර්තා ලැබීමට තවත් වසරකට ආසන්න කාලයක් ගතවනු ඇත. ශ්‍රී ලංකාව තුළ එන්නත් වර්ග මිශ්‍ර කර ලබා දෙන්නේ ද? කොවිඩ් 19 ; ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් අයට ඇති විකල්ප මොනවාද ? පසුගිය සතියේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ, කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක, වර්ග දෙකකින් ලබාදීම ගැටලුවක් නොවන බවය. මැයි 11 පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. "විශේෂඥයන් අදහස් දක්වලා තිබෙනවා පළමු මාත්‍රාව එක එන්නත් වර්ගයකෙනුත් දෙවැනි මාත්‍රාව තවත් වර්ගයකෙනුත් ලබා ගැනීම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ ගැන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු අවසන් වශයෙන් තීන්දුවක් ගනීවි." මේ අතර, රට තුළ කොවිඩ් මර්දන එන්නත සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව අපොහොසත් වුවහොත් ඊළඟ පියවර ලෙස එන්නත් මිශ්‍ර කර ලබාදීමට හැකි ද යන කරුණ සලකා බැලීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවේය. එන්නත ලබා ගන්න පෝලිමේ සිටින කඩුවෙල ප්‍රදේශවාසීන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලබා ගත් අයෙකුට ෆයිසර් හෝ ස්පුට්නික් වී එන්නතෙන් දෙවැනි මාත්‍රාව ලබා ගත හැකිද යන්න සලකා බලනු ඇත. නමුත් මේ ගැන තවමත් ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැති අතර ලොව පුරා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසුවේ, අදාළ පරීක්ෂණවල අවසන් වාර්තාව නිකුත් වීමෙන් පසු, ලෝක සෞඛ්‍ය සංවිධානය එය අනුමත කරන්නේ නම් පමණක් එන්නත් මාත්‍රා මිශ්‍රකර ලබා දිය හැකි බවය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙසත්, දෙවෙනුව වෙනත් වර්ගයේ එන්නතක් ලබා දිය හැකි ද යන්න පිළිබඳ එක්සත් රාජධානියේ සහ රුසියාවේ පරීක්ෂණ පැවැත්වෙන බවය. මෙම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඉදිරියේ දී තීරණ ගන්නා අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ඉක්මනින් නැවත ගෙන්වීමට රජය ක්‍රියා කරනු ඇති බවට වෛද්‍යවරිය බලාපොරොත්තු පළ කළාය. තවත් තොරතුරු: චීනයේ නිෂ්පාදිත සිනොෆාර්ම් (Sinopharm) එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මොනවා ද? (මූලාශ්‍ර: ලෝක සෞඛ්‍ය සංවිධානය) ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ලේ කැටි ගැසීමක් සිදු වේද? කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මහජනයාට දෙනු ලබන ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත සහ දුර්ලභ ඝනයේ රුධිර කැටිගැසීමක් තිබේද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙමින් පවතී. එම එන්නත සහ CVSTs යනුවෙන් හඳුන්වන දුර්ලභ ලේ කැටිගැසීම අතර සම්බන්ධයක් ඇද්ද යන්න නිශ්චිතවම තහවුරු වී නැතත් එවැනි සම්බන්ධයක් පවතින බව "තහවුරුවෙමින් පවතින බව" විශේෂඥයෝ පවසති. එම තත්ත්වය සැලකිල්ලට ගන්නා මහජනයාට එන්නත ලබාදීම සම්බන්ධයෙන් උපදෙස් දෙන එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම වන එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව (JCVI) වයස අවුරුදු තිහට අඩු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුක්ත පුද්ගලයන්ට ඒ වෙනුවට වෙනත් එන්නතක් ලබා දෙන ලෙස දැන් නිර්දේශ කරයි. මේ අනුව එක්සත් රාජධානිය ඇතුළු රටවල් කීපයක් වයස අවුරුදු 40ට අඩු සියලුදෙනාට ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා වෙනුවට වෙනත් වර්ගයක එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ. කෙසේනමුත්, මෙම එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීම් වාර්තා වී ඇත්තේ ඉතා සුළු පිරිසකගේ පමණක් වන අතර, එය සාමාන්‍ය ජනගහනයක් තුළ අපේක්ෂා කළ හැකි මට්ටමට වඩා පහළ අගයක් ගනී. ස්පුට්නික් වී (Sputnik V) එන්නත රුසියාවේ ස්පුට්නික් වී කොරෝනාවෛරස් මර්දන එන්නත මගින් වෛරසයට එරෙහිව 92% ක ආරක්ෂාවක් ලබා දෙන බව 'ද ලැන්සෙට්' වෛද්‍ය සඟරාවේ පළ වූ අවසාන අදියර අත්හදා බැලීම් ප්‍රතිඵලවලින් හෙළි විය. එය ආරක්ෂිත යැයි සලකනු ලැබ ඇති අතර, වෛරසය නිසා පුද්ගලයන් රෝහල් ගතවීම සහ මරණයට පත් වීමට එරෙහිව පූර්ණ ආරක්ෂාවක් ලබා දේ. අවසාන අත්හදා බැලීමේ දත්ත නිකුත් කිරීමට පෙර එන්නත ලබා දීම සම්බන්ධයෙන් මෙම එන්නත මුලින් යම් මතභේදයකට ලක්විය. නමුත් විද්‍යාඥයින් පවසන පරිදි මෙම එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත. රුසියාවේ ස්පුට්නික් වී එන්නත එය ෆයිසර්, ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හා සමානව සහතික කරන ලද එන්නතකි. නමුත් වෙනත් සමාන එන්නත් මෙන් නොව, ස්පුට්නික් එන්නතේ පළමු හා දෙවෙනි මාත්‍රාවන් සඳහා තරමක් වෙනස් පිටපත් දෙකක් භාවිතා කරයි. එකම පිටපත දෙවරක් භාවිතා කරනවාට වඩා වෙනස් සූත්‍ර දෙකක් භාවිතා කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා දිගු කාලීන ආරක්ෂාවක් ලබා දීම මෙයින් අපේක්ෂා කරයි. පරීක්ෂණවල දී එන්නත හා සම්බන්ධ කිසිදු බරපතල ප්‍රතික්‍රියාවක් වාර්තා නොවිණි. මඳ උණ ගතිය, විඩාව, අත් ඉදිමීම වැනි සුළු අතුරු ආබාධ මෙම එන්නත ලබා ගැනීමෙන් පසු ඇතිවිය හැකිය. කෙසේනමුත්, ස්පුට්නික් වී එන්නත යුරෝපා රටවලට ලබාදීමට යුරෝපා සංගමයේ සෞඛ්‍ය අංශයේ අවසරය තවමත් ලැබී නොමැත. නමුත් ආජන්ටිනාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මෙක්සිකෝව, ඊශ්‍රායලය සහ පිලිපීනය යන රටවල මෙම එන්නත දැනටමත් භාවිත කරති. අසාත්මිකතා ඇති පුද්ගලයන්ට කොවිඩ් 19 එන්නත් ලබා ගත හැකිද? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පැහැදිලි කරන පරිදි: කියවන්න:
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙස ගැසට් කරනු ලැබුවේ වෛද්‍ය උපාධියක් ලබාගැනීම සඳහා දහස් ගණන් ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 'විඳින දස දුක' දුටු නිසා බව සමාජ සේවා අමාත්‍ය එස්බී දිසානායක පවසයි.
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ උපාධිය පිළිගත යුතු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, තමා උසස් අධ්‍යාපන අමාත්‍ය පදවිය දැරූ සමයේ එයට අනුමැතිය දීම පිළිබඳව කරුණු පැහැදිලි කරමිනි. "උපාධි කඩේ, උපාධි කඩේ කිවුවට මම නැවතත් කියන්න කැමතියි සයිටම් විශ්ව විද්‍යාලයට වෛද්‍ය ශිෂ්‍යයෝ බඳවා ගන්නේ වැඩ තුනයි සම්මාන දෙකක් තියන දරුවෝ," ඔහු පැවසීය. කෙසේ නමුත් ඇතැම් දුෂ්කර පළාත්වලින් උසස් පෙළ විභාගයෙන් සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබාගත් ශිෂ්‍යයන් පවා විශ්ව විද්‍යාල ප්‍රවේශයට වරම් ලබා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. "ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයේ, මහනුවර දිස්ත්‍රික්කයේ, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලින් A තුන තියන වෛද්‍ය සිසුන් විශාල ප්‍රමාණයකට රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීමට නොහැකි වෙලා තියනවා." එසේ උසස් අන්දමින් උසස් පෙළ සමත්වුවත් වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීමේ වරම් නොලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සයිටම් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටින බවත් අමාත්‍ය එස්බී දිසානායක වැඩිදුරටත් පැවසීය.
'නිලමේ' නැමැත්තෙකු අත්අඩංගුවට ගන්නේ දැයි විමසීම සඳහා පොලිස්පතිවරයා වෙත ලබා දෙනු ලැබූ දුරකථන ඇමතුම දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ නැවැත්වීමට කළ එක් බලපෑමක් පමණක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
එවැනි හෙලි නොවූ බලපෑම් රාශියක් තිබෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් තීරණ දනුමිදීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. පැවති රජයේ ප්‍රබලයන් වෙත එල්ල වී ඇති දූෂණ චෝදනාවලින් ඔවුන් බේරාගැනීමට ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් කටයුතු කරන බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය. "අපි හදපු ආණ්ඩුවේ ඒ අය දිවිරුම් දීලා දැන් ඩීල් දානවා,"ඔහු පැවසීය. ඒ සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලයේදී සිය හඬ අවදි කළ බව කී ඇමතිවරයා " යෝෂිත රාජපක්ෂට ෆයිල් යවලා තියෙනවා, ගෝඨාභය රාජපක්ෂ, ගාමිණී සෙනරත් ආරක්ෂා කරන්නේ කවුද කියල මම කැබිනට් මණ්ඩලේදී කිව්වා," යනුවෙන් සඳහන් කළේය. මහා පරිමාණ වංචා සෙවීමේ අරමුණින් ආරම්භ කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, මහා පරිමාණ වංචා සෙවීමෙන් බැහැර වී සුළු වැරදි සොයා පරීක්ෂණ සිදු කරන තත්වයක් දක්නට ඇති බවත් ඔහු පැවසීය. නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා යැයි පවසමින් 2012 වර්ෂයේ සහ පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කරන ලද කියන රුපියල් මිලියන 4012 ආසන්න මුදල සම්බන්ධයෙන් ද අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් දැක්වීය.
දේශපාලන රැකවරණ සොයා ගමන් ගනිමින් සිටි කණ්ඩායමක් සහිත බෝට්ටුවක් ක්‍රිස්මස් දූපත අසල මුහුදේ ගිලෙමින් තිබියදී, ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් ඔවුන්ගෙන් අසූඅට දෙනෙක් බේරා ගෙන තිබේ.
ඕස්ට්‍රේලියානු බලධාරීන් බෝට්ටුවේ සිටි තවත් අටදෙනකු සොයා ගැනීමේ උත්සාහයක නිරත වෙමිනුයි සිටින්නේ. මුහුදු බත් වූ බෝට්ටුවේ ගමන් ගනිමින් සිටි කුඩා පිරිමි දරුවකුගේ මළ සිරුර සොයාගත් බවක් ද වාර්තා වෙයි. ජාවාරම් කරුවන් විසින් සංවිධානය කෙරුණ වැඩ පිළිවෙලක් යැයි උපකල්පනය කෙරෙන ඉන්දුනීසියාවෙන් ආරම්භ වී ඇති එම බෝට්ටු ගමනට එක්ව සිටියේ, ඉරාන්, ඇෆ්ඝනිස්තාන් සහ ශ්‍රී ලාංකිකයන් බවත් ප්‍රකාශයට පත් කෙරිණ. ඔවුන්ගේ ගමනාන්තය වී තිබුනේ, ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රිස්මස් දූපතයි. දේශපාලන රැකවරණ පතන්නන් දහස් ගණනක ගේ මෙවැනි අනතුරුදායක මුහුදු ගමන් ගැන අවුරුදු පතාම වාර්තා වෙන අතර, එය ඕස්ට්‍රේලියාවේ ඉතා ම බරපතළ මුහුණුවරක් ගත් දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වී ඇත.
අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක මුදලක් වෙන්කරන මෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් වෙනත් මුදලක් ලබාදීමට රජය ඉදිරිපත් කරන යෝජනාව සම්බන්ධයෙන් සිය සංගමයේ මනාපයක් නැති මුත් අධ්‍යාපන ගැටළු පිළිබඳව අවධානය යොමුකිරීමට හැකිවීම තම අරගලයේ ජයග්‍රහණයක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (ෆුටා) පවසයි.
ආණ්ඩුව මෙම එකඟතා ක්‍රියාත්මක නොකරන්නේ නම් යලිත් වරක් වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට පසුබට නොවන බවට ආචාර්යවරු අනතුරු අඟවති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඒ බව ප්‍රකාශ කළේ දින සියයක් මුළුල්ලේ දියත් වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය නිමාකිරීමේ තීන්දුව දැනුම් දීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, විශ්ව විද්‍යාල පරිපාලනය නිර්දේශපාලනය කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙනයි, ජුලි 04 වැනිදා සිට එම වැඩවර්ජනය දියත් වූයේ. එම ඉල්ලීම්වලට ප්‍රතිචාරය පළ කළ ආණ්ඩුව, 2013 වසරේ සිට වසර පහක් ඇතුලත ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා නිරාකරණය කිරීමටත්, අධ්‍යාපනය සඳහා දැනට වෙන්කෙරන දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.85 ප්‍රමාණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන අන්දමින් වැඩිකිරීමටත් ප්‍රතිඥා දී තිබිණ. සරසවි පරිපාලනය නිර්දේශපාලනය කිරීමේ ඉල්ලීමටද ප්‍රතිපත්තියක් වශයෙන් ආණ්ඩුව එකඟත්වය පළ කොට තිබේ. ආණ්ඩුව ඉදිරිපත් කළ විසඳුම් සම්බන්ධයෙන් සම්මේලනය මුළුමනින්ම සතුටු නොවන්නේ වුවද ඇතිකරගත් එකඟතාවයන්ට රජය ගරු කරනු ඇතැයි යන්න තම අපේක්ෂාව බවයි, ආචාර්ය දේවසිරි මාධ්‍යවේදීන්ට කියා සිටියේ. "මේ අරගලයේ ජයග්‍රහණය තමයි මේ ප්‍රශ්න ටික හරියට මතුවීම. ඔය ඔක්කොම ඩොලර් කතා, කුමන්ත්‍රණ කතා දැන් ඕව ටිකක් පැත්තකට ගිහින් දැන් ආපහු ප්‍රශ්නේ තියෙනවා අපි ඉස්සරහ," යන්න වැඩ වර්ජනය නිමා කළේ ඉල්ලීම් දිනාගෙන නොවේදැයි යනුවෙන් නැගුනු ප්‍රශ්නයකට ඔහු පළ කළ ප්‍රතිචාරයයි. සම්මේලනයේ උප සභාපති ආචාර්ය දඹර අමිල හිමියෝ අදහස් දක්වමින්, ආණ්ඩුව මෙම එකඟතා ක්‍රියාත්මක නොකරන්නේ නම් යලිත් වරක් වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට තමන් පසුබට නොවන බව පැවසූහ. සබැඳි තේමා
අලි පැටවු හොරකමක් ගැන ඔත්තුවක් දුන් බවට සැක කර නිරුවත් කළ මිනිසෙක් කඹයකින් බැඳ නාගයකු සිටි බැරලයකට දමා නාගයා ලවා දෂ්ට කරවා ඝාතනය කිරීමට තැත් කළ බව කියන පුද්ගලයෙක් පොලිසියට බාරවීමෙන් පසු මේ මස 22දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා නියම කළේය.
ඇඹිලිපිටිය මුලික රෝහලේ ප්‍රතිකාර ගන්නා ධම්මික නිශාන්ත පසුගිය 09දා සවස ඇඹිලිපිටිය සෙවනගල වැවේගමයාය ප්‍රදේශයේ දී මෙම ඝාතන තැත සිදුව තිබුණි. බැරලයට දැමු තැනැත්තා සිහි මුර්ජා වූ පසු සැකකරුවන් විසින්ම බැමි ලිහා වෙනත් තැනකට ගෙන ගොස් නාගයා ද මරා ඔහු සිටි තැනට නුදුරින් දමා ගොස් තිබුණි. පුද්ගලයන් දෙදෙනෙකු එක්ව මේ අපරාධය කර තිබු අතර ඔවුන් එදින සිට සැඟව සිට ඇති බවයි පැවසෙන්නේ. නාගයා ද නුදුරින් මරා දමා තිබුණි නාගයා දෂ්ට කිරීමෙන් බරපතල ලෙස අසාධ්‍ය වූ සෙවනගල වැවේගමයාය පදිංචි ධම්මික නිශාන්ත නම් දෙදරු පියා ඇඹිලිපිටිය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටී. ‘’පහුගිය කාලේ ගල්පාය පැත්තේ අලි පැටියෙක් හොරකම් කළ සිද්ධියේ ඔත්තුව දුන්නේ මම කියල සැක කරලා තමයි මාව නයා කාලා මැරිච්ච විදියට පෙන්නන්න මෙහෙම කලේ. මාත් එක්ක කාලයක් මෙයා වැලි ගොඩ දැම්මා. එතකොට කුරුණෑගල පැත්තේ කිහිප දෙනෙක් අලි අල්ලන්න මෙයාව හම්බ වෙන්නත් ආවා. ගමේ අයත් අලි අල්ලන්න එක්කන් ගියා. නමුත් අලියෙක් ඇල්ලුවේ නෑ. මේකට මම නම් ඔත්තුව දුන්නේ නෑ’’ යැයි ඇඹිලිපිටිය මුලික රෝහලේ හයේ වාට්ටුවේ ප්‍රතිකාර ලබන ධම්මික නිශාන්ත පැවසුවේය. ඝාතන තැතෙන් පසු දින හතරක් තිස්සේ සැඟව සිටි එක් සැකකරුවෙක් සෙවනගල පොලිසියෙන් සොයමින් සිටියදී ඊයේ (13) පොලීසියට බාර වී ඇත. සැකකරු යුදහමුදාවෙන් පැන ආ තැනැත්තෙක් බවත් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධවද සැකපිට පොලිසිය මගහැර සිටින තැනැත්තෙක් බවයි පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේ.
සමාජ නවීකරණය සහ සෙසු ලෝකය සමඟ සහසම්බන්ධතාවයෙන් ක්‍රියා කරන බවට දුන් ප්‍රතිඥා ඉටුකිරීමෙහිලා තමා කැප වන බව ඉරානයේ නව ජනාධිපති හසන් රොහානි(Hasan Rouhani) ප්‍රකාශ කරයි.
'නවීකරණය යනු යටත්වීමක් හෝ අර්බුදයක් මතු කිරීමක් නොව, ලෝකය සමඟ සාධනීය බලපෑමක් සහිතව නිර්මාණාත්මක මට්ටමින් කටයුතු කිරීමක්' ඔහු එම අදහස් පල කලේ ඉරාන් රූපවාහිනිය සමඟ සජීවී සාකච්ඡාවකට එක්වෙමින්. නවීකරණය යනු යටත්වීමක් හෝ අර්බුදයක් මතු කිරීමක් නොව, ලෝකය සමඟ සාධනීය බලපෑමක් සහිතව නිර්මාණාත්මක මට්ටමින් කටයුතු කිරීමක්ය යන්නයි,ජනාධිපති හසන් රොහානිගේ විග්‍රහය වුනේ. මහජනතාව වෙනසක් වෙනුවෙන් ඡන්දය දුන් බව කියා සිටි ඉරාන් ජනාධිපතිවරයා,ආණ්ඩුව ඔවුන්ගේ අදහස් පුළුල් මට්ටමින් සැලකිල්ලට ගත යුතුව ඇතැයි ද සඳහන් කළේය. නව ජනාධිපතිවරයා ඉන්පෙර කළ ප්‍රකාශයකදී යුරේනියම් බල ගැන්වීමේ ඉරාන් වැඩපිළිවෙල නතර නොකරන නමුත්, රටේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය වඩාත් විනිවිද පෙනෙන මට්ටමකින් පවත්වා ගෙන යාමට සුදානම් යයි කියා ඇත.
( අවවාදයයි: ඔබේ සිත් කැළඹවිය හැකි ආකාරයේ තොරතුරු මෙහි අඩංගුවේ. )
සිනමා ශිල්පී ජූඩ් රත්නම් (Jude Ratnam) තමන්ම ප්‍රකාශ කරන ආකාරයට "ද්‍රෝහියෙකි". දෙමළ ජාතිකයෙකුවන ඔහු, ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේදී විවිධ කුරිරු ක්‍රියාවල යෙදුන බවට LTTE සංවිධානයට චෝදනා කරයි. තමන්ට එසේ හැඟෙන්නේ කුමක් නිසාදැයි, බීබීසී ආසියානු ජාලයේ (BBC Asian Network) නලිනී සිවදාසන් (Nalini Sivathasan) සමග ඔහු විස්තර කළේය. "යුද්ධයේ අවසාන කාලය වනවිට, මට ඕන වුණේ LTTE එක පරාජය වෙනව දකින්න. මගේම ජාතියේ මිනිස්සු ඝාතනයවෙලා හරි මට ඒක අවසන් වෙනව දකින්න ඕන වුණා," රත්නම් පවසයි. සිංහල බහුතරයකින් සමන්විත ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් LTTE සංවිධානය පරාජයට කරනු ලබමින් 2009 දී යුද්ධය නිමාවට පත්විය. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තුව අනුව අවසන් ප්‍රහාරයේදී ප්‍රධාන වශයෙන් දෙමළ ජනතාව ද ඇතුළුව 40,000 ක පිරිසක් මරුමුවට පත්කරමින් එම ජයග්‍රහණය උදාකර ගනු ලැබුනේ විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි කරමිනි. යුද්ධය අවසන්වී දශකයකට ආසන්න වෙමින් පවතිද්දී, 100,000 ට වැඩි පිරිසක් ඝාතනය වූ වසර 26 ක ගැටුම පිළිබඳ ශ්‍රී ලංකාවේ සිනමාකරුවෝ නැවත අධ්‍යයනයක නිරතැවෙමින් සිටිති. නිර්මලන් නඩරාජා (Nirmalan Nadarajah) සහ ඥානදාස් කසිනතර් (Gnanadas Kasinathar) වැනි දෙමළ ජාතික අධ්‍යක්‍ෂවරු, සිවිල් වැසියන් ඉලක්ක කිරීම සහ මනුෂ්‍ය ඝාතන පිළිබඳ චෝදනා එල්ලකරමින් සියුම් ලෙස ශ්‍රී ලංකා රජය (ඔවුන්ගේ නිර්මාණවලදී) විවේචනය කළේය. නමුත් රත්නම් ඊට වඩා ඉදිරියට යයි. ඔහුගේ 'පාරාදීසයේ යක්‍ෂයෝ' (Demons in Paradise) චිත්‍රපටයත් සමග ඔහු, දෙමළ කොටි සංවිධානය ප්‍රසිද්ධියේ විවේචනය කරන පළමු චිත්‍රපට නිර්මාණකරුවා බවට පත්වේ. "තවත් චිත්‍රපට තිබුණා...ඒවායේ දෙමළ ජනතාව නිකම්ම වින්දිතයන් ලෙස නිරුපණය කරපු. එහෙත් එය ගැටුමකදී ඒක ප්‍රශ්න සහගතයි." මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලදී සහ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් දෙමළ කොටි සංවිධානය කුප්‍රකට නමුත් ශ්‍රී ලංකාවේ සහ ඉන් පිටත වෙසෙන බොහෝ දෙමළ ජනතාව ඔවුන් වීරයන් ලෙස සලකති. ඒ බොහෝ දෙනා කොටි සංවිධානය සැලකුවේ, 1956 දී සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව කරමින් පනවන ලද නීතිය ද ඇතුළු දෙමළ විරෝධී නීති පැනවූ ජාතිකවාදී ආණ්ඩු සහ සිංහල කලහකාරී ජනයාගෙන් තමන් ආරක්ෂා කරන එකම කණ්ඩායම ලෙසිනි. නමුත් තමන් ආරක්ෂා කළයුතුව තිබූ තමන්ගේම ජන වර්ගයට එරෙහි වඩාත් කෘරත්වය පළ කළේ කොටි කැරලිකරුවන් බව රත්නම්ගේ විශ්වාසයයි. දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය හේතුවෙන් 1970 දී ඉස්මතු වූ දෙමළ ජාතිකවාදී කණ්ඩායම් දෙස චිත්‍රපටයේ අවධානය යොමුවේ. නමුත් එම කණ්ඩායම එකිනෙකා මරා ගන්නට වීමත් සමග දෙමළ කොටි සංවිධානය ජයග්‍රාහකයන් ලෙස ඉස්මතු විය. එක් සමූල ඝාතනයකදී, කොටි සංවිධානය ඔවුන් තමන්ගේ සතුරු ටෙලෝ (TELO) සංවිධානයේ සාමාජිකයන් සිය ගණනක් මරා දැමුවේය. කලින් ප්‍රතිවාදී දෙමළ සංවිධානයක සටන්කරුවෙකු වූ ඔහුගේ මාමා අනුගමනය කරන අතරවාරයේ රත්නම්ට ඔහුට කොටි සංවිධානය විවේචනය කරන්නන් හමුවිය. එක් දර්ශනයකදී පුද්ගලයෙක් කොටි සංවිධානයෙන් තමන්ට විඳින්නට වූ වධ හිංසා පිළිබඳ විස්තර කරයි. "මගේ තාත්ත නිදාගෙන ඉඳිද්දී ඔවුන් ඇඳ පිටින් ම අරගෙන ගියා. ඔවුන් ඉස්තිරික්කයක් යොදාගෙන ඔහුට වධ දුන්නා. ඔහුගේ පිටුපසට ඉස්තිරික්කය තැබුවා. ඉඳිකටුවලින් ඔහුගේ ඇස හෑරුවා. ඔවුන් ගොඩක් දෙනාට ඒ වගේ වධ දුන්නා." බෙදුණු ප්‍රතිචාරය 2017 වසරේ ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ (Cannes Films Festival) මුලින්ම තිරගත වීමත් සමග 'පාරාදීසයේ යක්‍ෂයෝ' චිත්‍රපටයට විශාල විචාරක පිළිගැනීමක් ලැබිණි. ශ්‍රී ලංකාවේ සිංහල ආධිපත්‍යය සහිත මාධ්‍ය ද චිත්‍රපටය වර්ණනා කළේය. "ශ්‍රී ලාංකිකයෙක්, ශ්‍රී ලංකාව පිළිබඳ කරන ලද ඉතාමත් අවංක, ධෛර්යසම්පන්න සහ වැදගත් කලා නිර්මාණයක්," යනුවෙන් ද ඩේලි මිරර් (The Daily Mirror) පුවත්පත එය හඳුන්වා දී තිබිණ. කොටි සංවිධානයේ බොහෝ නායකයන් 2009 දී මරා දමනු ලැබුණ බැවින් පාරාදීසයේ යක්‍ෂයෝ චිත්‍රපටයේ නැගෙන චෝදනාවලට ඔවුන්ගේ ප්‍රතිචාරය ප්‍රේක්ෂකයන්ට කිසි දින දැනගැනීමට නොහැකිවනු ඇත. කෙසේ වෙතත් පුළුල් දෙමළ ජන සමාජය තුළින් චිත්‍රපටය කෙරෙහි එල්ලවූයේ කෝපයකි. දෙමළ අනන්‍යතාව පිළිබඳ විශේෂඥයෙක්වන නොර්වේ හි පදිංචි අතිතන් ජයපාලන් (Athithan Jayapalan), කොටි සංවිධානය අපරාධ සිදුකළ බව ප්‍රතික්ෂේප නොකරයි. කෙසේ වුවත් චිත්‍රපටය මගින් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ගැන නොදැනුවත් අන්තර්ජාතික ප්‍රේක්ෂකයා නොමග යැවිය හැකි බව ඔහුගේ අදහසය. "මේ හැම වෙලාවකම ශ්‍රී ලංකාව ලෝක අවධානයෙන් ගැලවුණා, දැන් මේ චිත්‍රපටයත් ඇවිත් ... ශ්‍රී ලංකා රාජ්‍යය කෝ? ඒක චිත්‍රයෙන් එළියේ තියෙන්නේ." ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කරන ලද අපරාධ කොටි සංවිධානය කළ අපරාධවලට වඩා බෙහෙවින් බරපතල බව ජයපාලන් විශ්වාස කරයි. දෙමළ ඩයස්පෝරාවට අනතුරු ඇඟවීම දෙමළ ජන සමාජයට, විශේෂයෙන්ම වෙනත් රටවල වෙසෙමින් කොටි සංවිධානය පිළිබඳ සිහින දකින දෙමළ ජනතාවට අනතුරු ඇඟවීම සිය අභිලාශය බව රත්නම් පවසයි. නමුත් ශ්‍රී ලංකාවේ වෙසෙන මානව හිමිකම් නිතීඥ මතුරි තමිල්මරන් (Mathuri Thamilmaran) ඒ අදහස සමග එකඟ නොවේ. ඇය 'පාරාදීසයේ යක්‍ෂයෝ' නැරඹුවේ කොළඹදීය. චිත්‍රපටය දෙමළ ජනතාව වෙසෙන රටේ අනෙකුත් ප්‍රදේශවල තිරගත කිරීමට රැගෙනයාමෙන් වැලකී සිටින්නේ මන්දැයි ඇය රත්නම්ගෙන් ප්‍රශ්න කරයි. "දෙමළ ජනතාව පිළිබඳව මේ චිත්‍රපටය දෙමළ ජනතාවට නොපෙන්වීම හාස්‍යජනකයි. මට ඒ ගැන සැකයි." තුවාල සනීප වේවිද? පසුගිය දශකයේදී, ඡායාමාත්‍රයක් ලෙස ශ්‍රී ලංකාවට නැවත සාමය උදාවිය. නමුත්, ශ්‍රී ලංකාව තවදුරටත් ජනවර්ග මත බෙහෙවින් බෙදී සිටින බවට 'පාරාදීසයේ යක්‍ෂයෝ' චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර තවත් උදාහරණයකි. පෙරලා කරන පහරදීම් සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් නොවන නමුත් සිය සිනමා නිර්මාණය ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ ජනතාව අතර සහජීවනයක් ඇති කිරීමට උපකාර වනු ඇතැයි ජූඩ් රත්නම් උදක්ම කියා සිටියි. තවත් පුවත්:
"මයි කාර්... මයි පැට්‍රොල්... මට ඇති වෙනකල් මම පදිනවා..." වාහනය තමන්ගේ විය හැකිය. ඉන්ධන පුරවන්නේ තමන්ගේ මුදලින් විය හැකිය. එහෙත් තමන් කැමති වෙලාවක් සුක්කානම හැසිරවිය හැකිද?
"මම පඩිත් ගෙවනව නම්, ඕටීත් ගෙවනවනම් ඩ්‍රයිවර් වැඩ කරන්න ඕන මම කියන විදියටයි." තමන් වැටුප් ගෙවූ පමණින් තමන් කැමති ආකාරයකට රියදුරෙකුගෙන් වැඩ ගත හැකිද? තමන්ගේ ම වාහනය පදවාගෙන යාමේ දී පවා රියදුරු අසුනේ වාඩි වී සිටිය හැකි උපරිම වේලාවක් නීති පොතේ දැක්වේ. එමෙන්ම, තමන්ට රිසි පරිදි තම රියදුරා සේවයේ පිහිටවිය නොහැකිය. ඒ සඳහා උපරිම වූ කාලසීමාවක් නීති සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබේ. වැඩියෙන් පැද්දොත් දඩ! ඇතැම් විට ඔබේ රියදුරාගෙන් සිදුවූ වරදට, උසාවියේ දී ඔබ වරදකරුවෙකු බවට පත්විය හැකිය. රිය අනතුරුවලට හේතුව බීමත්ව රිය පැදවීම, අධික වේගයකින් රිය පැදවීම සහ නොසැලකිලිමත් රිය ධාවනය පමණක් නොවේ. පමණට වඩා වේලාවක් එක දිගට සුක්කානම හැසිරවීම ද අනතුරකට අත වැනීමකි. "මයි කාර් මයි පැට්‍රොල් වුනත්" පැදවිය හැකි පැය ගණන සීමා කර ඇත්තේ ඒ හදිසි අනතුරු වලක්වා ගැනීමට ය. කෙතරම් දැඩි නීති පනවා තිබුණත් "යුද්දෙන් මැරුණට වඩා, මිනිස්සු මැරෙන්නේ මහ පාරේ..." යන කියමන අදටත් වලංගු බව පෙනෙන්නේ සංඛ්‍යා ලේඛන පිරික්සීමේදී ය. 2018දී රිය අනතුරුවලින් නැසී ගිය මිනිස් ජීවිත ගණන තුන් දහසකට අධිකය. 2019දී ද තුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවිතයට සමු දුන්හ. දෙමාපියන්ට දුවා දරුවන් අහිමි විය. දුවා දරුවන්ට මාපියන් අහිමි විය. තිස් වසරක යුද්ධයෙන් සිදු වූයේත් මෙය ම නොවේද? නමුත් මහමග යුද්ධය තවම නිමා වී නොමැත. 2020 ගැන කතා කරන විට කොරෝනා වසංගතය අමතක කළ නොහැකිය. වැරදිකරුවන් අල්ලා දඬුවම් දීම ද අතෝරක් නොමැතිව සිදු වෙයි. 2018 දී රථවාහන වැරදි ලක්‍ෂ 40කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් පොතේ ලියැවිණි. 2019 දී අධික දඩ මුදල් පැනවූ නමුදු පොලිසියට හසු වූ වැරදි ප්‍රමාණය ලක්‍ෂ 35කට ආසන්නය. 2020...? 2020 ගැන කතා කරන විට කොරෝනා වසංගතය අමතක කළ නොහැකිය. මිනිසා බිත්ති හතරකට සීමා විය; සංචරණය සීමා විය. මහමග වාහන ධාවනය අඩු විය. එවැනි තත්ත්වයක් හමුවේ ලෝකයේ සෑම රටකම පාහේ රිය අනතුරු වාර්තාවීම ද අඩු විය. ඒ කෙසේ වී නමුදු, 2020 ඔක්තෝම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව තුළ සිදු වූ 'රථවාහන වැරදි' ලක්‍ෂ 20කට ආසන්න ප්‍රමාණයකින් පොලිස් පොත පිරී තිබුණි. 2020 නොවැම්බර් මාසය අවසන් වන විට රිය අනතුරුවලට ගොදුරු වී මිනිසුන් 1900ක් මරණයට පත් විය. තවම කොරෝනා එතරම් සැහැසි වී නැත. මූලාශ්‍ර: රථවාහන පොලිසිය බීමත් කම සහ අධික වේගය බොහෝ රිය අනතුරුවලට ප්‍රධාන හේතුවක් ලෙස සලකා ඊට දැඩි නීති පනවා තිබේ. දඩ මුදල් ඉහළ දමා තිබේ. නමුත් මෙම හේතු සාධක දෙකටම අයත් නොවන රිය අනතුරු නිරන්තරයෙන් වාර්තා වේ. රියැදුරු අසුන මත තමන් කොපමණ වේලාවක් සිටින්නේද යන්න පිළිබඳව සිහිපත් කිරීම වැදගත් වන්නේ මෙවැනි තත්ත්වයක් යටතේය. "අධික ලෙස තෙහෙට්ටුවට පත්ව සිටියදී රිය ධාවනය කිරීම නිසා බොහෝ අනතුරු සිදු වෙනවා. ඒ රියදුරා පමණක් නොවෙයි, පාරේ ගමන් ගන්නා අනෙක් අයගේ ජීවිතත් නැති වෙන්න ඒක ප්‍රධාන හේතුවක්. ඒ නිසා මේ ගැන කතා කිරීම කාලෝචිතයි." රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච් ඒ කේ ඒ ඉන්දික හපුගොඩ අවධාරණය කළේය. රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ "වාහනයක් අතට ගන්නවා කියන්නේ ඉතා භාරධූර වගකීමක්. තමන්ගේ ජීවිතය, වාහනය තුළ සිටින ජීවිත පමණක් නොවෙයි; පාරේ ඉන්න අහිංසක දරුවන්ගේ හා දෙමාපියන්ගේ ජීවිතවල වගකීමත් රියදුරු අසුනේ සිටින කෙනාගේ අතේ තියෙන්නේ. රියදුරු අසුනේ ඉඳ ගන්න හැම අවස්ථාවකම මෙය සිහිපත් විය යුතුයි." "අපි කොයි තරම් නීතිය දැඩි කළත් වැඩක් නැහැ, රියදුරන්ගේ විනය සහ හික්මීම නොමැතිනම්. මේ සඳහා ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනා. තමන් ගැන හිතන්න කලින් අනෙකා ගැන හිතන්න අපි පුරුදු වුනොත් අනතුරු ගොඩක් වලකිනවා. ජීවිත රැසක් රැකෙනවා." ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ තවදුරටත් කියා සිටියේ, අධික තෙහෙට්ටුවකින් සිටින විට හදිසි ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය තත්පරයකින් හෝ පමා විය හැකි බැවින් එම තත්පරය තුළ ජීවිත කීපයක ඉරණම වෙනස් විය හැකි බවය. මූලාශ්‍ර: රථවාහන පොලිසිය රියදුරු බලපත්‍රයක් ලබා දෙන්නේ රිය පැදවීම සඳහා කායික හා මානසික යෝග්‍යතාව සහිත පුද්ගලයෙකුට පමණි. නමුත් රියදුරු බලපත්‍රයක් සහිත පුද්ගලයෙකු සතු කායික හා මානසික යෝග්‍යතාව රිය පදවමින් සිටියදී ම බිඳී යන අවස්ථාවක් තිබිය නොහැකිද? නීතිවේදී නදීජා ඩයස් කියා සිටියේ තමන් පිළිබඳ අධිතක්සේරුවකින් යුතුව කටයුතු කරන්නට යාම හේතුවෙන් මාරක අනතුරු සිදුවිය හැකි බවය. "වාහනයක් ධාවනය කරන පුද්ගලයා කයින්, මනසින් දෙකින් ම හොඳ මට්ටමක සිටිය යුතුයි. අධික වෙහෙසට පත්වූ කෙනෙකු ගේ අවධානය ඉතා පහසුවෙන් ගිලිහී යා හැකියි. අධික වෙහෙසට පත් වූ කෙනෙකුට නින්ද හෝ විවේකය, ශරීරය විසින් ම ඉල්ලා සිටිනවා. මේ නිසා තමයි නොකඩවා රිය ධාවනයේ යෙදී සිටිය හැකි කාලයට සීමා පනවලා තියෙන්නේ." පැය හතරහමාරක් පමණයි නීතිවේදී නදීජා ඩයස් "රියදුරෙකු ලෙස සේවයේ යෙදවිය හැකි කාල සීමා පැහැදිලිව සඳහන් කරමින් මෝටර් රථ විධිවිධාන පනතේ 169වැනි වගන්තිය ලියවිලා තියෙනවා. පැය 24ක කාල පරාසයක් ඇතුළත රියදුරෙකුට පැය 10ක අඛණ්ඩ විවේක කාලයක් ලබා දිය යුතුයි. ඒ කියන්නේ රියදුරෙකු සේවයේ යෙදවිය හැකි උපරිමය දවසකට පැය 14ක් පමණයි. හැබැයි ඒ කාලය ඇතුළත නොකඩවා වාහනයක් පැදවිය හැක්කේ පැය හතරහමාරක් පමණයි. සෑම පැය හතරහමාරකට ම පසුව රියදුරා පැය භාගයක් විවේක ගත යුතුයි. මේ අනුව දවසකට වැඩ කළ හැකි උපරිම පැය ගණන 14යි. ඊට පස්සේ පැය දහයක අඛණ්ඩ විවේකයක් සඳහා රියදුරා යළිත් මුදා හැරිය යුතුයි. තමන්ගේ ම වාහනය පදවාගෙන ගියත් මේ නීතියට යටත්ව එය කළ යුතුයි."නීතිඥ නදීජා ඩයස් පැහැදිලි කළාය. මූලාශ්‍ර: රථවාහන පොලිසිය මෙම විධිවිධානවලට පටහැනිව යම් රියැදුරෙකු සේවයේ පිහිටුවා ඇති බවට ඔප්පු වුවහොත් මෝටර් වාහන පනතේ 224වැනි වගන්තිය අනුව පොදු දණ්ඩනය යටතේ දඬුවම් පැමිණවිය හැකි බව නීතිඥවරිය පවසන්නීය. "පොලිසිය ඕනත් නැහැ" කෙසේ නමුත් පුරවැසියන්ගේ ආකල්ප වෙනස් වන්නේනම් රිය අනතුරු අවම කර ගැනීම ඉතා පහසු වන බව ඇයගේ මතයයි. "තමන් වාහනයක් අතට ගන්නකොට හිතනවානම් තමන්ගේ ජීවිතය විතරක් නොවෙයි, තවත් ජීවිත ගණනක වගකීම තමන්ගේ අතේ තියෙන්නේ කියල, ඒ නිසා මම මේ ගමන ඉතා නීතිගරුකව විනය ගරුකව ඉවසීමෙන් නිමා කරනවා කියල, එදා ඉඳල පොලිසිය ඕනත් නැහැ. දඩ වැඩි කරන්න ඕනත් නැහැ. ඉබේම රිය අනතුරු අවම වෙනවා. රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි." නදීජා ඩයස් නීතිඥවරිය පැවසුවාය. "පදිකයන්ගේ වැරදි සහ නොසැලකිලිමත් කම හේතු කොට ගෙනත් රිය අනතුරු සිදු වෙලා ජීවිත අහිමි වෙනවා" රිය අනතුරු අවම කර ගැනීම සඳහා රියදුරන්ගේ මෙන්ම පදිකයන්ගේ ආකල්ප ද වෙනස් විය යුතු බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ අවධාරණය කරයි. පදිකයන්ගේ වැරදි "රියදුරන්ගේ වැරදි පමණක් නොවෙයි. පදිකයන්ගේ වැරදි සහ නොසැලකිලිමත් කම හේතු කොට ගෙනත් රිය අනතුරු සිදු වෙලා ජීවිත අහිමි වෙනවා. ඒ වගේම රථවාහන කළමනාකරණය අදාළ සියලු ආයතන අන්‍යොන්‍ය සම්බන්ධතාවකින් තොරව කටයුතු කිරීමත් අවම කර ගත යුතු වෙනවා. උදාහරණයක් හැටියට මාර්ග ඉදිකිරීම්, නඩත්තු, සහ සේවාවන්වලදී වර්ෂය පුරා එක් ආයතන විසින් කැනීම් කටයුතු සිදු කරනු ලබනවා." එය වලක්වා ගැනීම සඳහා රථවාහන කළමනාකරණයට අදාල සියලුම ආයතන ඒකාබද්ධ කරමින් කාර්ය සාධක බලකායක් ඇතිකර එහි ප්‍රධානියාට බලය පැවරීමට තමන් යෝජනා කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය. මූලාශ්‍ර: රථවාහන පොලිසිය මේ වනවිට ශ්‍රී ලංකාවේ අවිනීත රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සහ අනතුරු වලක්වා ගැනීම සඳහා වාහන හැසිරවීම සිදු කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් පොලිසියේ මානව සම්පත යොදා ගනිමිනි. එම රාජකාරි කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය තුළ රථවාහන අංශ සඳහා අනුයුක්ත කර ඇති සමස්ත පොලිස් නිලධාරීන්ගේ ගණන 9389කි. "මුළු රටම ආවරණය වන පරිදි මහමග රාජකාරි සඳහා යෙදවීමට අපට සිටින නිලධාරීන් සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි නිලධාරීන් නොමැති කලාපවල ඇතැම් රියදුරන් අපරික්‍ෂාකාරීව සහ අවිනීතව හැසිරෙන්නේ." "විද්‍යුත් තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම තුළින්, මාර්ගයේ පොලිස් නිලධාරීන් නොමැති අවස්ථාවක දී පවා රියදුරන් තුළ ස්වයං විනයක් ඇතිකර මාර්ග තදබදය සහ අනතුරු අවම කර ගන්න පුළුවන්. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය පියවර ගනිමින් සිටිනවා." ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය. විද්‍යුත් තාක්ෂණික ක්‍රමවේද ලෝකයේ දියුණු රටවල දැනටමත් අනුගමනය කරන එවැනි ක්‍රමවේද කිහිපයක් ඔහු සඳහන් කළේය:
පළාත් පාලන ආයතන යටතේ සිදුවන අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කරදියාන කසල රැඳවුම් මධ්‍යස්ථානය ඒ අනුව ඕනෑම පළාත් පාලන ආයතනයක් යටතේ ක්‍රියාත්මකවන හෝ පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීම, එකතු කිරීම, ප්‍රවාහනය, තාවකාලික ගබඩා කිරීම, සකස් කිරීම, වෙන් කිරීම, බැහැර කිරීම සහ මහාමාර්ගවල ඇති අපද්‍රව්‍ය , නිවෙස්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය සහ ඊට සමාන කාර්යයන් පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග එම නියෝගයට අදාළ වේ. අද සිට එමෙන්ම අදාළ ගැසට් පත්‍රය තුළින් ඉහත සඳහන් කරුණු අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. අදාළ නියෝගය අනුව පහත සඳහන් ක්‍රියාමාර්ග ආවරණය වන බවත් නිවේදනයේ සඳහන් වේ. මෙම ගැසට් නිවේදනය අද (අප්‍රේල් 20) මධ්‍යම රාත්‍රි 12.00 සිට බලාත්මකවන බවත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
පොන්නම්බලම් සහ චෙල්වනායගම් වැනි පැරණි මුල් පෙළේ දේශපාලන නායකයන් ගේ බලාපොරොත්තු සුන් කරමින් එදා ඔවුන් කොන් කරනු ලැබීමක් සිදු නොවීනම් වේළුපිල්ලේ ප්‍රභාකරන් කෙනෙකුගේ අවශ්‍යතාවක් ශ්‍රී ලාංකික දෙමළ සමාජයට ඇති නොවන්නට ඉඩ තිබිණැයි ඉන්දීය බටහිර බෙංගාල ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි පවසයි.
ගෝපාල ක්‍රිෂ්ණ ගාන්ධි ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්වරයකු ද වන ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි එම අදහස පළ කළේ ,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදවි ප්‍රාප්තියට වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිකුරාදා (08)පැවැත්වුන විශේෂ සමරු උත්සවයේ ආරාධිත දේශනය පවත්වමිනි. අද ශ්‍රී ලංකාව සතුව එකී ශ්‍රේෂ්ඨ නායකයන් නොමැති නමුත් ත්‍රස්තවාදයට හසුව දිවි ගලවා ගත් වත්මන් ශ්‍රී ලාංකික දෙමළ නායකයන් ද අමතක නොකළ යුතු බවයි හිටපු මහ කොමසාරිස් ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි සඳහන් කළේ. දේශපාලන විසඳුමක් ‘ත්‍රස්තවාද‍යෙන් දිවි ගලවා ‍ගනිමින් දෙමළ ජාතික ගැටලුවට ‘එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දේශපාලන විසඳුමක්’ සොයා ගැනීමට උත්සාහ දරන එවැනි වත්මන් දෙමළ දේශපාලනඥයන්ගේ නො පසුබට උත්සාහය, ශක්තිය විශාල ඇගයීමකට ලක් කළ යුතුයි.පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ඔස්සේ එක්සත් ශ්‍රී ලංකාවක් පිළිබඳ ව එවන් දෙමළ ජාතිකයන් තුළ පවතින බලාපොරොත්තු බිඳ දැමීම හෝ සුන් කර දැමීම නොකළ යුත්තක්’ ගෝපාල් ක්‍රිෂ්ණගාන්ධි කියා සිටියේය. අතීතයේ ක්‍රියාත්මක වූ ඒ ‘පැරණි දුෂ්ට චක්‍රය’ නැවතත් ක්‍රියාත්මක වීමට ඉඩ නොතැබිය යුතු බවයි ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි අවධාරණයෙන් සඳහන් කළේ. අතීත ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ අවංක අභිලාෂයන් මනඃකල්පිත ඒවා බවට පත් නොවිය යුතු බව ද ඔහු කියා සිටියි. දෙමළ ඩයස්පෝරාව ‘ශ්‍රී ලංකා දෙමළ ඩයස්පෝරාවේ යටගිය මතක යළි මතු කරවන ‘ඊලාම්’ ඉලක්කය පුනර්ජීවනය කිරීමට හේතු වන නව බලාපොරොත්තු කඩවීම්, කොන් කර දැමීම් වැළැක්වීම සඳහා කළ හැකි සෑම දෙයක් ම ශ්‍රී ලංකාව විසින් කළ යුතුයි. එළවමින් පළි ගන්නා ප්‍රචණ්ඩත්වය සහ එහි ප්‍රතිලාභ වන මර්දනය හා විනාශකාරිත්වය සමඟ එන දෙවන නැඟිටීමකට දොරටු විවර වීම වළක්වා ගත හැක්කේ එවිටයි’ ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි වැඩි දුරටත් සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ බලධාරීන් දැනට පියවර ගනිමින් සිටින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය ක්‍රමවේදයක් තුළ 'ෆෙඩරල් ආත්මයක්' ස්ථාපිත කිරීමට සමත් වනු ඇතැයි යන්න තම විශ්වාසය බවයි ඔහු කියා සිටියේ. සිය විග්‍රහය පෙරට ගෙන යමින් ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි වැඩි දුරටත් සඳහන් කළේ ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම යටතේ බලය බෙදාහැරීමට යෝජිත 13 වන ව්‍යවස්ථා සංශෝධනය මේ සඳහා ඉවහල් කොට ගත හැකි බවයි. එක්සත් ශ්‍රී ලංකාවක් ‘ශ්‍රී ලංකාවේ එක්සත්කම නමැති නෞකාවට ඉන්දු - ලංකා ගිවිසුම තරම් හොඳ නැංගූරමක් තිබිය නොහැකියි. ඉන්දියාව විසින් ධෛර්යවත් කරනු ලැබූ එක්සත් ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරා වන්නේත් අන් කවරකු වත් නොවේ ඉන්දියාවයි’ ඉන්දීය නියෝජිතයා වැඩි දුරටත් පවසයි. බහුතරයේ ‘බල වාදය’ අත්හරින ලෙස සිංහල බහුතරයෙන් අයැද සිටින අතර ම ‘සුළුතර වාදය හා වර්ගවාදය’ අත්හරින ලෙස දෙමළ ජනතාවගෙන් ද තමන් ඉල්ලා සිටින බවයි ගාන්ධි කියා සිටියේ. ‘උතුරේ දෙමළුන්’ ලෙස සලකමින් තමන් කොන් කර දැමීම සිත් රිදුමක් වන්නා සේ ම ‘දකුණේ සිංහලයන්’ ලෙස අනෙක් පිරිස හඳුන්වාලීම ද අවමානයක් වන බව දෙමළ ජනතාවත් අවබෝධ කර ගත යුතු බවයි ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි සිය දෙසුමේ දී පෙන්වා දුන්නේ.
2021 සඳහා රජයේ ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 2,029 ක් දක්වා වර්ධනය වනු ඇතැයි මෙවර අගමැති වරයා ඉදිරිපත් කළ අයවැයෙන් අපේක්ෂා කෙරේ. එය 2020 දී එකතු කර ගත හැකිවේයැයි අපේක්ෂා කරන සාපේක්ෂව අඩු ආදායම් පදනමක් වූ රුපියල් බිලියන 1,588 ට වඩා 27.8% කින් වර්ධනය වීමකි.
මුළු ආදායමෙන් දළ වශයෙන් 85% ක් බදු මාර්ගයෙන් ඉහළ නැංවීමට අපේක්ෂා කරන අතර 11.2% ක් බදු නොවන ආදායම් ස්වරූපයෙන් ද ඉතිරිය ප්‍රදාන ස්වරූපයෙන් ද ලබා ගැනීමට මෙවර අයවැයෙන් අපේක්ෂා කර තිබේ. අදායම් බදු අයකිරීමෙන් සියයට 14.5 ක වර්ධනයක් අපේක්ෂාකරන අතර එමගින් රුපියල් බිලියන 371 ක් අපේක්ෂා කර ඇත. භාණ්ඩ හා සේවා මත බදු අදායම සියයට 30.4ක වර්ධනයක් තුළින් රුපියල් බිලියන 823ක් ද විදේශ වෙළෙඳාම මත බදු සියයට 29.5ක් වර්ධනයක් තුළින් රුපියල් බිලියන 530ක්ද අපේක්ෂා කරයි. කෙසේවෙතත්, ආයතනික බදු අනුපාතවල පහත වැටීම සහ පරිභෝජනය මන්දගාමී වීම සැලකිල්ලට ගෙන මෙම ආදායම් ඉලක්කය සපුරා ගැනීම අභියෝගාත්මක වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ පවසති. 2021 දී රජයේ වියදම 25.9% කින් එනම් රුපියල් බිලියන 3,594 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනුයේ 2020 දී පදනම පහත් තත්ත්වයක (low base) තිබීම හේතුවෙන් යැයි විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. වැටුප් හා වේතන, පොලී, සහනාධාර සහ මාරුවීම් සහ වෙනත් භාණ්ඩ හා සේවා ඇතුළත් පුනරාවර්තන වියදම් සමස්ත වියදමෙන් 70.5% ක ප්‍රමාණයක් බවට පෙන්නුම් කරයි. අයවැය හිඟය 23.6% කින් එනම් රුපියල් බිලියන1,565 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එයට හේතුව ආදායමට සාපේක්ෂව වියදම් වැඩිවීම නිසා 2021 දී අයවැය හිඟය පුළුල් වීමය. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස, 2020 සඳහා ඇස්තමේන්තු කර ඇති 7.9% ට සාපේක්ෂව 8.9% දක්වා පුළුල් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. අගමැතිවරයා අයවැය ඉදිරිපත් කරමින් පැවසුවේ ගෝලීය කොරෝනා වසංගතයෙන් බැට කෑ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලම සහිතව ආයෝජන අවස්ථා වැඩි කරමින් රටේ අදායම වැඩිකරන අයවැයක් ඉදිරිපත් කරන බවය. මෙවර අයවැය කෘෂි කර්මාන්තය සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ද දේශීය කර්මාන්ත සඳහා යම්කිසි ආරක්ෂාවක් ද සැලසීමට අපේක්ෂා කෙරුණු අයවැයක් ලෙස ඇතැම් ආර්ථික විශේෂඥයෝ හැඳින්වූහ. "මෙම අයවැයෙන් සහන ලබාදීලා තියෙන්නේ කෘෂි කර්මාන්තයට අදාළව තමයි, දේශීය කිරි කර්මාන්තයටත් වැඩි අවධානයක් දීල තියෙනවා. කෘෂි කර්මාන්තය ආශ්‍රිතව කරනු ලබන ආයෝජන සඳහා බදු සහන දීල තියෙනවා," යනුවෙන් ෆිර්ස්ට් කැපිටල් හි ආයෝජන පිළිබඳ පර්යේෂණ ප්‍රධානී ඩිමන්ත මැතිව් බීබීසී සිංහල සේවය සමග පැවසීය. ෆර්ස්ට් කැපිටල් හි ආයෝජන පිළිබඳ පර්යේෂණ ප්‍රධානී ඩිමන්ත මැතිව් "ප්‍රාග්ධන වියදම් වැඩියෙන්ම යොමුකරලා තියෙන්නේ මහාමාර්ග සඳහා ඒකත් ග්‍රාමීය මාර්ග වලට විශේෂ අවධානයක් යොමුවෙනවා. ඉදිකිරීම් අංශය, අධිවේගී මාර්ග, මහාමාර්ග සහ ග්‍රාමීය මාර්ග සඳහාත් මුදලක් වෙන්කරලා තියෙනවා." ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී ණය සහන පැකේජයක්, බදු සහන පැකේජයක් දී තිබියදීත් පොලි අනුපාත තනි ඉලක්කමට ගෙනෙමින්, 160,000 කට රජයේ රක්ෂා දී අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළදී මෙම අයවැය ඉදිරිපත් කර තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. "1977 න් පස්සේ පළමුවෙනි වතාවට ආනයන තහනම් කරලා මේ රටේ ලක්ෂ ගණන් මහපොළොවේ හැපෙන මිනිසුන්ගේ පැත්තේ හිටගත්ත එකම ආණ්ඩුව බවට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පත් වුණා," යනුවෙන් ඔහු පැවසීය. "කෘෂිකාර්මික අංශය සම්පුර්ණයෙන් බද්දෙන් නිදහස් කර තියෙනවා, අපනයන බදු නිදහස් කරලා තියෙනවා." "රට ඇතුලේ සියළු දෙනාට වැඩකරන්න අලුතෙන් එකතුවෙන්න කියන අවස්ථාව යටතේ උපයපු ආකාරය හෙළිදරව් නොකළ මොනවා හරි මුදලක් කාගේ හරි ළඟ තියෙනවානම් ඒ සියලු මුදල් දිවුරුම් ප්‍රකාශයක් මහින් රටට ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කරලා මේ තියෙන ඕනෑම සංවර්ධන යෝජනා ක්‍රමයක් රජයේ ඉඩම් දෙන්නම් අරගෙන වවන්න, කර්මාන්ත පටන් ගන්න ව්‍යාපාර පටන් ගන්න ආයෝජනය කරන්න සියයට එකක නාමික බද්දක් විතරයි අය කරන්නේ, ලක්ෂ සියයක් තියෙනවානම් ඉපයූ ආකාරය හෙළිදරව් කළ නොහැකි ලක්ෂයක් විතරයි රජයට ගන්නේ 99 ලක්ෂයක් අලුත් බදු ලිපිගොනුවක් යටතේ අලුතෙන් මිනිසුන්ට ඉපදෙන්න අවස්ථාව දීපු ලංකාවේ ප්‍රධානතම අයවැය ලේඛනය තමයි මේ අයවැය ලේඛනය," යනුවෙන් ඔහු පැවසීය. 2021 අයවැය නිල වශයෙන් මුදල් විශුද්ධිකරණය අනුමත කරන්නේ විදේශයන්හි සඟවා ඇති සැඟවුණු අරමුදල් පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් විමසීමකින් තොරව දේශීයව ආයෝජනය කිරීමට මෙයින් ආරාධනා කෙරෙන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටී. වසර ගණනාවක් පුරා මුදල් අමාත්‍යංශය වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සිටින මුරකරු වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) 'අළු ලැයිස්තුවට' ශ්‍රී ලංකාව ආපසු යා යුතුද? යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි. ශ්‍රී ලංකාව 2019 ඔක්තෝම්බර් මාසයේදී, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් පවත්වාගෙන යනු ලබන 'අළු ලේඛනය' ලෙස හඳුන්වනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කෙරිණි. විපක්ෂය චෝදනා කරන්නේ මෙම අයවැය තුළ, රට ඉදිරියට ගෙනයාමට හෝ පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට කිසිදු විසදුමක් නොමැති බවකි. "අද තියෙන ප්‍රධානම අර්බුදය මොකක්ද? කෙටිකලීන ගැටලුව තමයි කොවිඩ් වසංගතය නිසා ඇතිවෙලා තියෙන ආර්ථික කඩා වැටීම. මම අලුතෙන් කියන්න ඕන නෑනේ ආයතන වහල, රැකියා අහිමි වෙලා පඩි කපල මිනිස්සු පාරට වැටිලා," යනුවෙන් හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා බදාදා (නොවැ. 18) පාර්ලිමේන්තුවට පැවසීය. "මිනිස්සු දුක්විඳිනවා මහා පාරේ, ගිහිල්ල බලන්න පුළුවන් මෙතන ඉන්න රජයේ කටිටියට ජනතාව දුක්විඳින්නේ නැද්ද කියල. මෙම අවස්ථාවේදී ජනතාව බලාපොරොත්තු වුයේ සහනයක්, ඔවුන්ට අත්වැලක්, එහෙත් මෙම අයවැයෙන් කිසිදු ආර්ථික උත්තේජක වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බව ඔහු කීය. "මිනිස්සුන්නට ජීවත්වෙන්න අත්වැලක් දෙන්න ඕන මේ අයවැයෙන් කිසිම විදිහට ඒක ලැබිල නෑ. මේ රටේ සියලුම දෙනා බලාගෙන හිටිය ඒත් ආර්ථික උත්තේජකයක් ලැබුණේ නැහැ. සංචාරක ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටිලා, සංචාරක කර්මාන්තයෙන් ජීවත් වෙන කට්ටියට බිංදුවයි, tourist guides ලට කන්න නෑ. හික්කඩුවේ කිසිම tourist shop එකක් වැඩ කරන්නේ නෑ. මේ budget එකෙන් සෘජුවම කිසිම දෙයක් දීල නෑ. කරලා තියන එකම දේ අර ණය අයකරන එක පරක්කු කරන එක විතරයි. සත පහකවත් උත්තේජනයක් දීල නෑ." "හැබැයි පාරවල් carpet කරන්න විතරක් රුපියල් බිලියන 220ක්. මහා මාර්ග අමාත්‍යංශයට රුපියල් බිලියන 330ක්. අද ප්‍රමුඛතාව කතානායකතුමනි පාරවල්කාර්පට් කරන එකද එහෙමත් නැත්තම් කඩා වැටිච්ච මේ ක්ෂේත්‍ර ගොඩ ගන්න එකද කියල අපිට අහන්න සිද්ධවෙනවා." යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. මේ අතර විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා වැඩිකිරීම පිළිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ විශාල කතාබහකට ලක් වූ අයවැය යෝජනාවකි. මේ පිළිබඳව ට්විටර් සමාජ ජලයේ සටහනක් තබමින් අයෙකු පැවසුවේ තමාගේ පියා විශ්‍රාම යාමට වසර පහක් පමණක් තිබූ නිසා පියා මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවකි. ඔහු බලාපොරොත්තුවෙන් සිටි එකම දෙය නම් තමාගේ උපාධිය සඳහා ලබා ගත් ණය ගෙවීම හා අනෙකුත් දේවල් සපුරා ගැනීම ය. "රජය මුදල් කොල්ලකෑමෙන් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගනී." යනුවෙන් එම පරිශීලකයා සිය ට්විටර් පණිවිඩයේ සටහන් කර තිබිණි. මෙම යෝජනාව තුළින් රජය බලාපොරොත්තුවන්නේ වැඩකරන ජනතාවට තමන් විශ්‍රාම ගැනීමේදී වයස අවුරුදු 55න් ලබාගත හැකිව තිබූ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් එසේ ගැනීමට ඉඩ නොදී තවත් අවුරුදු 5 ත් 10 ක් අතර කාලයක් ප්‍රමාද කිරීමට බවත් එමගින් ජනතාව තවදුරටත් අසීරු අඩියකට තල්ලු කෙරෙන බවත් ඇතැමුන් පවසති. තවත් ට්විටර් ක්‍රියාකාරිකයකු පවසුවේ: "කරුණාකර අවුරුදු 55 කින් අපිට පොරොන්දු වූ දේ දෙන්න. ඔබට අවුරුදු පහක් වැඩ කර විශ්‍රාම වැටුපක් ලබා ගත හැකියි. ඊපීඑෆ් ලබා ගැනීම සඳහා අපි අවුරුදු 35 ක් වැඩ කරනවා. දැන්, ඔබ එය තවත් 5 කින් වැඩි කරනවා. මෙය අපරාධයක්." මේ අතර කොවිඩ් අර්බුදය හමුවේ එයින් බැටකා සිටින ජනතාවට සැලකිය යුතු සහනයක් ලබා දී නොමැති බවට ඇතැම්හු මැසිවිලි නගති. "කිසිම මිනිහෙක් budget එකක් තියෙනවා කියල දන්නේ නෑ. මම ව්‍යාපාරිකයෙක් හැටියට මිනිස්සුත් එක්ක කතා කරනවා ඒත් මිනිස්සුන්ට කිසිම හැගීමක් නෑ. බජට් එකෙන් කරපු දෙයක් නෑ. මේ බජට් එකෙන් මිනිස්සුන්ට දැනෙන වෙනසක් නෑ. මේකෙන් මේ කරලා තියෙන්නේ ඉලක්කම් වෙනසක් කරපු එක විතරයි." 56 හැවිරිදි, ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන කෝලිත දිසානායක බීබීසී සිංහල සේවයට පැවසීය. "මේකෙන් සමාන්‍ය මිනිහට එදිනෙදා ජිවිතයේදී බඩුමිල වැඩිවෙයි. හැබැයි අඩුම ගණනේ අර ගැසට් ගහල අඩුකරපු එකවත් කරලා නෑ. ගැසට් ගැහුවට ඒවායේ මිල අඩු උනේ නෑනේ. අඩුම ගණනේ ඒ ගැසට් වලින් අඩුකරපු එකවත් මේ budget එකෙන් අඩුකරලා දුන්නනම් මේ වෙලාවේ මිනිස්සුන්ට ලොකු සහනයක්." ඔහු කීය. මේ අතර ගෘහනියක වන අමාලි සිල්වා බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ මෙවර අයවැය අන් වසර වල මෙන් විශාල කතාබහකට ලක් නොවන බවය. "වෙන පාරවල් වල අපිට අයවැයෙන් පස්සේ ලොකු දේවල් අහන්න පුළුවන්. සිගරට් මිල වැඩිකිරීම, වාහන මිල අඩුකිරීම, අත්‍යාවශ භාණ්ඩ මිල අඩු වැඩි වීම් එත් මේ පාර බජට් එකක් තිබුණ ද කියලවත් අපිට තේරුණේ නෑ," ඇය පැවසුවා. මෙවර අයවැයෙන් විශාල සහන තමන් බලාපොරොත්තු නොවූ බව කළුතර පදිංචි සෙව්වන්දි කොතලාවල බීබීසී සිංහල සේවයට පැවසීය. "කොරෝනා කාලේ අපිත් ගෙවල්වල වැව්වා නේ අපි දැනගත්තා වවන්න බැරි දෙයක් නෑ කියල, වවන්න බෑ කියන එක බොරු මේ පාර අයවැයෙන් ගොඩාක් සහන දීල තියෙනවා ගොවීන්ට. කෘෂි කර්මය පිළිබඳව ටිකක් වැඩ්පුර දේවල් දීල තිබුණා ," "කොරෝනා ත් එක්ක රටේ තිබුණ ප්‍රශ්ණත් එක්ක සහන එහෙම මම බලාපොරොත්තු උනෙත් නෑ, රජයේ සේවකයින්ට පඩි කියක් හරි වැඩි වෙයි කියල බලාගෙන ඉන්නවා එත් මේ ගමන එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නෑ ." සෙව්වන්දි කොතලාවල පැවසීය. "වෙළෙඳාම කෙරෙන්නේ එක් දිශාවකට නොවෙයි" මේ අතර ශ්‍රී ලංකාවේ සිටින යුරෝපා සංගමයේ දූත හවුල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ආනයන තහනම ජාත්‍යන්තර වශයෙන් සෘණාත්මක ව බලපාන බවය. යුරෝපා සංගමය, දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ විශ්වසනීය මිතුරෙකු බවත් ගෙවුණු වසර 25ක් කාලය පුරාවට යුරෝ බිලියනයකට වැඩි ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති බවත්. ඊට අමතරව යුරෝපා සංගමයේ සාමාජික රටවල් ද්විපාර්ශ්වික මට්ටමින් ද ශ්‍රී ලංකාවට විවිධ ආධාර ලබා දී තිබෙන බවත් එම නිවේදනයෙන් සිහිපත් කර තිබේ. ප්‍රධාන වශයෙන් ජීඑස්පී ප්ලස් (GSP plus) පහසුකම හේතුකොටගෙන තීරු බදු සහ කෝටා ගාස්තු නොමැතිව යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බවත් මෙවැනි ඒක පාර්ශ්වික වෙළෙඳ වාසි නිසා ශ්‍රී ලංකාවේ දෙවෙනි විශොලතම ජාත්‍යන්තර අපනයන වෙළෙඳපොළ බවට ද යුරෝපා සංගමය පත්ව සිටින බවත් නිවේදනයේ සඳහන් කර ඇත. එහෙත් ශ්‍රී ලංකාව ආනයනය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කෙරෙහි සිය අවධානය යොමු කරන යුරෝපා සංගමය කියා සිටින්නේ, ""කෙසේ නමුත් වෙළෙඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවේ. වර්තමානයේදී පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදේශ ආයෝජන වෙත ද සෘණාත්මක බලපෑමක් සිදුව තිබේ," යනුවෙනි. කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් වීමේ ශ්‍රී ලංකාවේ අරමුණ සාක්ෂාත් කරගැනීමට එය බාධාවක් සේම දිගින් දිගට ම ආනයන සීමා පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ නියාමනයන්ට අනුකූළ නොවන බව ද යුරෝපා සංගමය සඳහන් කරයි.
පාරිසරික උද්ඝෝෂණයක් වාර්තා කිරීමේ යෙදුනු ජනමාධ්‍යවේදීන්ට වැලිවේරියේ දී පහර දීම හෙළා දකින දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ හෙවත් RSF සංවිධානය පවසන්නේ 'ශ්‍රී ලංකාවේ යුද්ධය හමාර වුවත්, සන්නද්ධ හමුදා විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා නිමා වී නැති,' බවයි.
මාධ්‍යවේදීන් ට හිරිහැර කරන ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබිය යුතු බව මාධ්‍ය සංවිධාන පවසයි ප්‍රචණ්ඩ ප්‍රහාර වලට ලක්වූ මාධ්‍යවේදීන් ඒ බව පැමිණිලි කළ කල්හි පොලිසිය කිසිදු පියවරක් ගැනීමෙන් වැළකී සිටින අතරේ 'මාරාන්තික අවි ගත් යුද හමුදාව විසින් ප්‍රහාර සංවිධානය කොට දියත් කරනු ලබන,' බවයි පැරිසියේ සිට නිකුත් කළ නිවේදනයක් මගින් RSF සංවිධානය පවසා ඇත්තේ. මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. 'විවිධ පාර්ශවවල වුවමනා සංතෘප්ත කිරීම' පිණිස මහජනතාව සහ මාධ්‍යවේදීන් ට හිරිහැර කරන ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබීමට කාලය එළඹ ඇති බව ද එහි ලේකම් රංග කලංසූරියගේ අත්සනින් යුතුව නිකුත් කොට තිබෙන නිවේදනයේ දැක්වේ. කළු විරෝධතා මේ අතර ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතිය සඳුදා පටන් විරෝධතා සතියක් දියත් කොට තිබේ. සතියක් තුලදී මාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාර තුනකින් උච්චතම ප්‍රහාරය වැලිවේරියේදී සිදුවූ බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. සේවයේ යෙදී සිටි මාධ්‍යවේදීන්ට මීට ඉහත නාවුලදී හා දඹුල්ලේදී පහර දෙනු ලැබූ බව සභාපතිනි මන්දනා ඉස්මයිල් අබේවික්‍රම සංදේශයට කියා සිටියාය. කළු පටි බැඳගෙන සේවයේ යෙදීමෙන් සිය මාධ්‍ය සගයන්ට එල්ලවූ ප්‍රහාරයට විරෝධය පෑම ඉදිරි සතියේ පුරා සිදු කරන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමත් සමග රටේ විවිධ ප්‍රදේශවලින් මියගිය මත්ස්‍යයින්ගේ සිරුරු ගොඩගැසීමට පටන් ගෙන තිබේ. විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබන බොහෝ දෙනා මෙම මත්ස්‍යයන් සහ කැස්බෑවන් මිය යාමට, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වූ රසායන ද්‍රව්‍ය හේතුවන්නට ඇතැයි සැක පළ කරති.
උණවටුන වෙරළට ගොඩ ගසා තිබූ මියගිය කැස්බෑවකුගේ සිරුරක් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තවත් සටහනකින් කියැවුණේ උණවටුන මහුදු තිරයේ කැස්බෑවුන් තිදෙනකු නිතර දක්නට ලබෙන නමුත් ඔවුන්ව පසුගිය දින කිහිපයේදී දක්නට නොලැබුණු බවකි. මේ අතර උණවටුන වෙරළට ගොඩ ගසා තිබු මියගිය කැස්බෑවකුගේ සිරුරක් සොයාගනු ලැබීමෙන් පසු එම කැස්බෑවාගේ මරණයට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නැවේ රසායනික ද්‍රව්‍ය විෂවිමකින්දැයි සොයා බැලිම සඳහා කැස්බෑවා අත්තිඩිය පිහිටි වනජීවි පශු වෛද්‍ය කාර්යාලයට යවා වාර්තාවක් ලබා ගැනිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ බ්‍රහස්පතින්දා (ජුනි 03) නියෝගයක් කළාය. මියගිය කැස්බෑවාගේ සිරුර බදාදා (ජුනි 02) උණවටුන වෙරලට ගොඩගසා තිබු අතර ඒ බව හික්කඩුව වනජිවි උද්‍යාන භාරකාර කාර්යාලයට දැනගන්නට ලැබී ඇත. පසුව අධිකරණයට කරුණු වාර්තා කළ එම කාර්යාලය කැස්බැවා මියගොස් ඇත්තේ රසායනික ද්‍රව්‍ය විෂ විමකින්දැයි සොයා බැලිම සඳහා අත්තිඩිය වනජිවි පශු වෛද්‍ය කාර්යාලය වෙත යවා වාර්තාවක් ලබා ගැනිම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. එස්ක්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් නැවේ ප්‍රවාහනය කරමින් තිබු රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික් පෙලට්ස් විශාල සංඛ්‍යාවක් මුහුදු ජලයට එකතුවීම නිසා සමුද්‍ර පරිසරයට විශාල හානියක් සිදුවී ඇති බවත් මෙහි බලපෑම වසර ගණනාවක් යනතුරු පවතිනු ඇති බවත් පරිසරවේදීහු පවසති. මේ ගැනත් දැනගන්න:
බලපත්‍රයක් රහිතව අලි පැටවකු තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණ උඩුවේ ධම්මාලෝක හිමියන් මෙම මාර්තු දාහත් වෙනි දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කළේය.
අනවසරයෙන් අලි පැටියකු ඇති කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියෝ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කෙරිණ. කිරුලපොන ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් තමා අත්අඩංගුවට ගනු ලැබීම වලක්වන මෙන් ඉල්ලා සිටිමින් පසුගියදා අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණි. වනජීවී නිලධාරීන් විසින් ඇලන් මැතිනියාරාමයේ සිටි අලි පැටියා සොයා ගනු ලැබීමෙන් අනතුරුව ධම්මාලෝක හිමියන් කියා සිටියේ ‘බල්ලන් සහ බළලුන් පන්සල් වලට ගෙනත් දමනු ලබන ආකාරයට’ එම අලි පැටියාත් කිසියම් පුද්ගලයකු විසින් සිය විහාර භූමියේ දමා ගොස් තිබුණ බවයි.
බංග්ලාදේශයේ මීර්පුර් ‘ෂෙයර් ඉ ’ බංගලා ජාතික ක්‍රීඩාංගනයේ පැවැත්වුන ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහර දුන් පකිස්තාන් කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුළු පහක් ද අතැතිව ලකුණු 261 ක් ලබාගනිමින් තරඟාවලිය ජයග්‍රහණයෙන් සමාප්ත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ.
ආරම්භක පළමු ඉනිමේ විශේෂත්වය වුනේ පාකිස්තාන් කණ්ඩායමේ බිඳ වැටුන කඩුලු පහම ශ්‍රී ලාංකික ක්‍රීඩක ලසිත් මාලිංග විසින් දවා ලනු ලැබීමයි. කාසියේ වාසිය දිනා ගත් පකිස්ථාන් කණ්ඩායමේ නායක මිස්බුල් හක් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ලසිත් මාලිංගට මුල් ඕවර් තුනේ දීම කඩුළු ලබාගත හැකි විය. එහෙත් තරඟයේ අවසන් ඕවර කීපයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පාකිස්තාන් පිතිකරුවන්ගෙන් එල්ල කෙරුණ දැඩි අභියෝගයකට මුහූණ දීමට සිදු විය. ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් ඉතා උද්‍යෝගිමත් ලෙස කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රීති ඝෝෂා පවත්වමින් සිටින බවයි ‘ෂෙයර් ඉ ’ බංගලා ජාතික ක්‍රීඩාංගනයේ සිට කථා කළ ප්‍රියන්ත ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ. අවසන් මහා තරඟයේ වීරයා හැටියට ලසිත් මාලිංග ද සමස්ත තරඟාවලියේ වීරයා හැටියට ලහිරු තිරුමාන්න ද නම් කරනු ලැබිණ.
ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා වී මේ වන විට වසර හතකට ආසන්නය.
තැන් තැන ඇසුණ පිපිරීම් හඬ නිමා විය. වල දමා තිබුණ බෝම්බ ඉවත් කෙරිණ. යථා තත්ත්වයට පත් වූ මිනිසුන්ගේ ජීවන රටාව සැනසිලි දායක විය. බියෙන් ත්‍රස්තව සිටියෝ සැනසුම් සුසුම් හෙලූහ. එහෙත්. තවමත් බෝම්බ බියෙන් මෙන්ම ජීවත් වීමේ අරගලයටද මුහුණ පා සිටින ජනතාවක් වෙසෙන ගම්මානයක් පොළොන්නරුවේ දිඹුළාගලින් දකින්න පිළිවන. "මොන හේතුවකට අපිව අත්හැරලද කියන්න අපි දන්නෙ නෑ. මේ ගමට අඩු තරමෙ ග්‍රාම සේවක කෙනෙක්වත් නෑ. අපි නිරා දුකක් විඳින්නෙ," බීඑම් සිරිපාල මා සමඟින් කියා සිටියේ එවැන්නක්. "අපේ දරුවන්ට යන්න තියෙන ඉස්කෝලෙ පහ වසරට වෙනකල් විතරයි තියෙන්නෙ. සාමාන්‍ය පෙළ වෙනකල් හරි කොහොම හරි ඉගෙන ගත්ත අයටවත් ඉස්පිරිතාලෙක කම්කරු රස්සාවක්වත් දෙන්නෙ නෑ." ඔවුන් පවන පරිදි, කිසිම මහජන නියෝජිතයෙකු හෝ නිලධාරියකු මේ ගම්මානයට පැමිණ නොමැත. 'දිඹුලාගල හිමි' 'දරුවෙකුට බෙහෙතක් ගන්න ඕනනම් හැතැප්ම ගාණක් පයින් ගිහින් බස් එකක නැගිල මනම්පිටියට හරි අරළගංවිලට හරි යන්න ඕන' වී ගොවිතැනත් කිරි ගොවිතැනත් ජීවනෝපාය කර ගත් මේ පිරිස අපවත් වූ දිඹුලාගල හිමියන් පිළිබඳව සිහිපත් කරන්නෙ අසීමිත භක්තියෙන්. ඩීඑම් රන්ජිත් මට මුණ ගැහුනු තවත් ගම් වැසියෙක්. "අපවත් වෙච්ච කිතලගම සීලාලංකාර හාමුදුරුවෝ තමයි අපිව මේ ගමේ පදිංචි කෙරෙව්වෙ. අපි එල්ටීටීයට උදව් කරන අය කියල අපිට සමහර අය කරදර කරා. අපිට ආමි එකෙනුයි එල්ටීටීඊ එකෙනුයි දෙපැත්තෙන්ම කරදර තිබ්බ." "දිඹුලාගල හාමුදුරුවෝ කියල තිබ්බ උන්නාන්සේ අපවත් උනත් මේ ගමට බලන්න ඕන කියල ඒත් හාමුදුරුවෝ අපවත් උනාට පස්සෙ අපි කබලෙන් ලිපට වැටුණා." මේ ගමට පිවිසෙන විටම අක්කරයකට වැඩි ප්‍රමාණයක් '' බිම් බෝම්බ වලලා ඇත'' යනුවෙන් සඳහන් පුවරුවක් දක්නට ඇත. "මේ බිම් බෝම්බ අයින් කරල නෑ තාමත්. අපේ කිරි හරක් විස්සකට වැඩිය ඒ බෝම්බ වලට අහු වුනා.පොඩි ළමයි සෙල්ලම් කරන්න යනව. කල්පනාවෙන් හිටියෙ නැත්නම් ඉවරයි..මේ ගමේ යුද්ධයක් තිබුන ගමක් නෙවෙයි.ඒත් තාමත් අපි ඉන්නෙ බිම් බෝම්බ එක්ක." බිම් බෝම්බ කිසිදු රජයේ නිලධාරියෙක් මේ සොරිවිල ගම්මානයට නොපැමිණෙන බවයි ඔවුන් පවසන්නෙ. රාජ්‍ය නොවන සංවිධාන වලින් කලකට පෙර ආධාර ලැබුනද දැන් එවැනි ආධාරයක්ද නොලෙබන බවයි ඔවුන් කියා සිටියේ. ඉපැරණි ගම්මානයක් බව හෙළි කෙරෙන පැරණි කොවිල් සහ පාසලක්ද සොරිවිල ගම තුළ දකින්නට පුළුවන්. බෝම්බ වලට අහු වෙලා එළුවො හරක් මැරෙනව. අපි ගෙවන්නෙ කරුම ජීවිතයක් සිංහල සහ දෙමළ මිශ්‍ර ව වෙසෙන මේ ගමේ ත්‍යාගරාජා මෝහන් ද කිරි ගොවියෙක්. "අපේ ගම සිතියමෙනුත් මකලද කියල අපිට හිතෙනව. හරියට පාරක් නෑ. හාමුදුරුවෝ හින්ද ලයිට් ටික ගත්ත. අපිට බොන්න හොඳ වතුර ටිකක් නෑ. වගා කරන්න වතුර නෑ. වැස්සොත් ගං වතුර. යුද්ධය ඉවරයි කියල අපිට වෙනසක් නෑ. අපි කියන දෙයක් ගණන් ගන්න කිසිම කෙනෙක් නෑ," ත්‍යාගරාජා පැවසීය. 'ජනපති පොළොන්නරුවේ' "අපි මේ සැරේ කිසි කෙනෙකුට ඡන්දේ නොදෙන්නයි හිටියෙ. ඒත් පොළොන්නරුවේ ජනාධිපති කෙනෙක් ඉන්න කොට අපි ගැන බලයි කියන විශ්වාසෙන් මේ පාරත් දුන්න. අපි මහ ලොකු දේවල් ඉල්ලන්නෙ නෑ. අඩු ගානෙ ඉස්පිරිතාලයක හරි කොතැනක හරි කම්කරු රස්සාවක් හරි අපිටත් දෙන්න. මේ බිම් බෝම්බ අයින් කරල අපේ ළමයින්ට ආරක්ෂාවක් හදල දෙන්න." පාර්වතී දේවිගේ සැමියා සිංහල ජාතිකයෙක්. "මේ ගමට එන කාටවත් යුද්ධය ඉවරයි කියලනම් හිතෙන්නෙ නෑ. දරුවෙකුට බෙහෙතක් ගන්න ඕනනම් හැතැප්ම ගාණක් පයින් ගිහින් බස් එකක නැගිල මනම්පිටියට හරි අරළගංවිලට හරි යන්න ඕන.ජීවත් වෙන්න අපි නොවිඳිනා දුකක් නෑ. බෝම්බ වලට අහු වෙලා එළුවො හරක් මැරෙනව. අපි ගෙවන්නෙ කරුම ජීවිතයක්. දරුණුවට යුද්ධය තිබ්බ උතුරෙ මිනිස්සුත් දැන් හොඳට ඉන්නව. යුද්ධයක් තිබ්බෙ නැති සොරිවිල අපි තාම බෝම්බ එක්ක." 1864 දක්වා දිවෙන ඉපැරණි ඉතිහාසයක් ඇති මේ සොරිවිල ගම්මානයේ ඇතැම් පැරණි නටබුන් තවමත් දකින්නට තිබේ.
ව්‍යාජ පුවත් පැතිර යාම හමුවේ පවතින අවදානම පිළිබඳ ශ්‍රී ලංකාවේ බලධාරීන් දැනුවත් දැයි යන්න ප්‍රශ්නාර්ථයක් බව සමාජ ජාල විශ්ලේෂකයෙකු සහ විද්‍යා ප්‍රබන්ධ ලේඛක නාලක ගුණවර්ධන පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ යුටියුබ් (YouTube) ආයතනය විසින් දියත් කරනු ලැබූ සමාජ ජාලවල පළවන ව්‍යාජ පුවත් හා බැඳුණු ගැටලුවලට විසඳුම් සෙවීමේ නව වැඩසටහනක් පිළිබඳ අදහස් දක්වමිනි. එම වැඩසටහනට අනුව එක්සත් රාජධානිය තුළ වයස 13 - 18 ත් අතර වයස් ඛණ්ඩයේ දරුවන් ඉලක්ක කොට ඒ පිළිබඳ පුහුණු වැඩමුළු පැවැත්වීමට කටයුතු කරන බව යුටියුබ් ආයතනය සඳහන් කරයි. එවැනි ව්‍යාජ පුවත්වලින් නොමග යා හැකි ළමා පරපුර බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේද? වැඩි විස්තර සඳහා: ව්‍යාජ පුවත් ගැන ශ්‍රී ලාංකිකයන් දැනුවත්ද?
චීනයේ දකුණු පළාතට අයත් ගුවාන් ඩොන්ග් පළාතේ පමණක් දහසකට වැඩි නිලධාරීන් සංඛ්‍යාවක ගේ භාර්යාව හෝ දරුවන් විදේශ රටවල ජීවත් වන බවයි මැතක දී සිදුකළ දුෂණ විරෝධී සමීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ.
මේ විදේශගත වීම් සහ දුෂණ අතර සබඳතාවයක් තිබියහැකි බවයි පැවසෙන්නේ මේ සම්ප්‍රදාය නවතා දැමීමට කටයුතු කරමින් සිටින චීනයේ කොමියුනිස්ට් නායකත්වය විශ්වාස කරන්නේ මේ විදේශගත වීම් සහ දුෂණ අතර සබඳතාවයක් තිබියහැකි බවයි. බොහෝ නිලධාරීන් නීත්‍යානුකුල නොවන ආකාරයට ලබාගත් මුදල් මෙසේ රටින් පිට ජීවත් වන තම ඥාතීන් වෙනුවෙන් වියදම් කරන බවයි පැවසෙන්නේ. “නිරුවත් නිලධාරීන්” ලෙස ප්‍රචලිත වී ඇති මෙම රාජ්‍ය නිලධාරීන් එලෙස හඳුන්වනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන් ලෙස ඉතා අඩු බඩු භාණ්ඩ හා දේපළ ප්‍රමාණයක් ඔවුන් සතුව ඇති බැවිනි. මේ තත්වය මත ගුවාන් ඩොන්ග් පළාතේ ඇතැම් “නිරුවත් නිලධාරීන්” විසින් තම විදේශගත ඥාතීන් යළි සියරට කැඳවනු ලැබ ඇති අතර අනිකුත් නිලධාරීන් ගේ තත්වය පහත දැමීමට ලක්වී ඇත.
කාලගුණ විපර්යාස වලක්වා ගැනීම සඳහා සතියකට එක් දිනක් හෝ දෙකක් නිර්මාංශ ආහාර පරිභෝජනයට මිනිසා හුරු විය යුතු බව කැලිෆෝනියාවේ හිටපු ආණ්ඩුකාර ආනෝල්ඩ් ස්වාසෙනේගර් පැවසීය.
වායුගෝලයට මුදා හැරෙන මුළු හරිතාගාර වායු ප්‍රමාණයෙන් 28%ක් පමණ සත්ව ගොවිපලවලින් විමෝචනය වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි ජනප්‍රිය හොලිවූඩ් තරුවක් වන ස්වාසෙනේගර් බීබීසීයට කියා සිටියේ. එමගින් මිහිතලය රත් වීම සිදු වන බැවින් මාංශ පරිභෝජනය පාරිසරික ප්‍රශ්නයක් වී ඇති බව ඔහු පවසයි. කායවර්ධනය තමා හිමි කර ගෙන ඇති ආකාරයේ දේහයක් ඇති කර ගැනීමට අපේක්‍ෂා කරන තරුණයන්ට සත්ව මාංශ ආහාරයට ගැනීමකින් තොරව එය ඉටු කර ගැනීමට හැකිවේදැයි විමසු විට කාය වර්ධන ශූරයෙකු වූ ආනෝල්ඩ් ස්වාසෙනේගර් කියා සිටියේ සාර්ථක කාය වර්ධන ශූරයන් මාංශ පරිභෝජනයෙන් වැළකී ඇති බවයි. ‘ශරීරයට ප්‍රෝටීන ලබා ගත හැකි ක්‍රම බොහොමයක් තිබෙනවා. කායවර්ධනයේ යෙදෙන නිර්මාංශ වූ පුද්ගලයන් බොහෝ දෙනෙක් මම දැකල තියෙනවා.’ ඔහු පැවසීය.
මඩකලපුවේ සංවිධානය කෙරුණ වැඩසටහනක් සඳහා ගමන් ගනිමින් සිටි බොදු බල සේනා සහ රාවණා බලය සංවිධානයේ සාමාජිකයන් පිරිසකට අධිකරණ නියෝගයක් අනුව එහි ළඟා වීමට අවසර ලබා නොදීම මුල්කර ගනිමින් උණුසුම් තත්වයක් හට ගැනිණි.
මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමන රතන හිමි එම වැඩසටහන මගින් ප්‍රදේශයේ සාමයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි. ඒ බව සැලකිල්ලට ගත් මඩකලපුව සහ එරාවුර් අධිකරණ බොදු බල සේනා සහ රාවණා බලය සංවිධානයේ සාමාජිකයන්ට මඩකලපුව දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවල ඇතුළු වීම වළකමින් නියෝග නිකුත් කොට ඇත. එම තහනමට හේතු විමසමින් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමන රතන හිමියන් ඇතුළු පිරිසක් නගරයේ හරස් මාර්ග ඔස්සේ පෙළපාලි යාමට ගත් උත්සාහය ද පොලිසිය විසින් වළකනු ලැබිණ. පොලිසියේ එම ක්‍රියාමාර්ගයට විරෝධය පළ කළ පිරිස දුම්රිය මාර්ග හරස් කර තිබෙන අතර ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වූ බවත් වාර්තා වේ.
මසට කැප කරන ලද මහලු ගවයන්ට අභයදානය දී රැක බලා ගන්නා ගෙවිලියක් පිළිබඳ රුසියාවේ කසාන් නගරයෙන් වාර්තා වේ.
සත්ව අයිතීන් පිළිබඳ එතරම් තැකීමක් නොකරන රුසියාවේ අසරණ වූ ගවයන්ට සරණවන ලිලීගේ කතාව ඉහත වීඩියෝ පටන් නරඹන්න. බීබීසී ලෝක සේවය වසරක් පාසා දියත් කරන 'ලොවින් අඩකට අදට වඩා හඬක්: සියයක් කාන්තාවෝ - ලොවින් අඩක් ඔබ අමතයි' වැඩසටහන වෙනුවෙන් සැකසුණු වාර්තාවකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව කලකිරී අම්පාර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වන බව පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.
ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසකගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය අත්හිටවීමට පක්ෂ නායකත්වය ගත් තීන්දුවට විරෝධය පාමින් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවයි, අම්පාරේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය අවුරුදු නිවාඩුව අවසානයේ පක්ෂ නායකත්වයට භාරදෙන බවත් පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ නමුත් මධ්‍යම කාරක සභා සාමාජිකත්වය අත්හිටුවීමේ තීන්දුව පිළිබඳව ජනාධිපතිවරයා යළි සලකා බැලීමට ඉඩ තිබෙන බවයි පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේ. ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය කිරීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහයෝගය අත්‍යවශ්‍ය කාරණයක් බවත් පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් බවට වූ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත පිළිගන්වනු ලැබ තිබේ.
ලෝක සෞඛ්‍යය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් විසින් සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න වෙත ඉහත කී සහතිකය පිළිගන්වනු ලැබූ බවයි සෞඛ්‍යය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ. සහතිකය පිළිගන්වනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන වාර්ෂික කමිටු සැසිවාරය පැවැත්වෙන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී. ශ්‍රී ලංකාව මැලේරියාව සහමුලින්ම තුරන් කිරීම ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් හඳුන්වනු ලැබුවේ මහජන සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසයි.
පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව ඉන් කොටසක් අදාළ ඉදිකිරීම් සිදු කරන චීන සමාගමට සින්නකරව ලබාදීමට ඇතිකර ගෙන තිබූ එකඟතාව පිළිබඳ එවකට මහත් ආන්දෝලනයක් ඇතිවිය.
ඉන් පසු බලයට පත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කියා සින්නකක්ර ඉඩම් ලබා දීමට ඇති කරගෙන ඇති එකඟතාවට සිය රජයේ අනුමැතිය නොලැබෙන බවය. ඒ අනුව පැරණි ගිවිසුම අත්හිටුවා නව ගිවිසුමක් හරහා එම ඉඩම 99 වසරක බද්දට ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේය. කෙසේ වෙතත් අද (ජන.10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන දිගින් දිගටම අවධාරණය කළේ තම රජය සින්නක්කර ඉඩම් ලබාදීමට කටයුතු නොකළ බවය. ඒ පිළිබඳ පිළිබඳව කොළඹ වරාය නගරය ඉදිකරනු ලබන සමාගමෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔවුන් ද තහවුරු කළේ පසුගිය රජය සමයේ අත්සන් කළ මුල් ගිවිසුමෙන් තම සමාගමට සින්නක්කර ඉඩම් ලබාදීමට එකඟතාවක් තිබු බවය. අද පැවති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ හම්බන්තොට විරෝධතා පැවැත්වීම තහනම් කර අධිකරණ නියෝගයක් පනවා තිබූ බව තමන් දැන නොසිටි බවය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන 11ක් නුදුරේදීම තහනම් කිරීමට ක්‍රියා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් වීරසේකර බදාදා (මාර්තු 10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සහරාන් යටතේ පුහුණුව ලැබූ, 'මරාගෙන මරෙන්න ප්‍රතිඥා දුන්' තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව ද ඔහු කියා සිටියේය. මීට අමතරව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ බුර්කාව ඇඟලීම තහනම් කරන බවය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දීම සඳහා ගන්නා නීතිමය ක්‍රියාමාර්ග, පරීක්ෂණවල ප්‍රගතිය සහ ජනතාවගේ ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කරමින් ආචාර්ය සරත් වීරසේකර මේ බව කියා සිටියේය. පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් නවයක් සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම අවස්ථාවන්හිදී නිවැරදි ක්‍රියා මාර්ග ගත්තේ නම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ද අවස්ථාව තිබුණු බවකි. මේ ගැනත් දැනගන්න:
ඉන්දියාවේ පාලක කොන්ග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ඉලක්ක කර සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරයට වගකිව යුත්තන් අල්ලා ගන්නා බවට ඉන්දීය අගමැති මන්මෝහන් සිංග් ප්‍රතිඥා දුන්නේය.
ප්‍රහාරයෙන් මියගිය මහේන්ද්‍ර කර්මා මාඕවාදීන්ට එරෙහිව ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිණිස මූලික වූවෙක් කොන්ග්‍රස් පක්ෂ සාමාජිකයන් රැගත් වාහන පෙලට මාඕවාදී කැරලිකරුවන් සැඟවී සිට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් විසිතුන් දෙනකු මියගොස් ඇති අතර තවත් තිහකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ. මධ්‍යම ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රදේශයේදී සිදුවූ මෙම ප්‍රහාරය සඳහා මාඕවාදී කැරලිකරුවන් දෙසියයකට අධික පිරිසක් සහභාගි වී තිබේ. පාලක කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රාන්ත සංවිධායකයා සහ මාඕ විරෝධී අතිරේක හමුදාවේ නායකයා ද මියගිය අය අතර සිටින බවයි වාර්තා වන්නේ.
දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් ලියා පදිංචි කරන තෙක් සියලු දේශපාලන පක්ෂ එකමුතුව වැඩ කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
එම එකඟතාවත් සමග මෙතෙක් දෙමල ජාතික සන්ධානයට ඇතුලත් වී සිටි දෙමළ දේශපාලන පක්ෂ තුළ තිබු සියලු මතභේදකාරී තත්වයන් පහව යන බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේය. දෙමළ ජාතික සන්ධානය වශයෙන් තනි පක්ෂයක් පිහිටුවා එය මැතිවරණ ලේකම් කාර්යාලයේ ලියා පදිංචි කළ යුතු බවට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් ඉදිරිපත් කළ මතයක් හේතුවෙන් මාස ගණනාවක සිට දෙමල ජාතික සන්ධානය තුළ දැඩි මතභේදකාරී තත්වයක් හට ගෙන තිබිණ. ඉලංගෙයි තමිල් අරෂු කච්චි පක්ෂය දෙමළ ජාතික සන්ධානය වශයෙන් තනි පක්ෂයක් පිහිටුවා ගැනීමට දැඩි ලෙස විරෝධය පලකිරීමයි මීට මුල්වී තිබුනේ. මෙම මතභේදකාරී තත්වය සමතයකට පත්කිරීමේ අරමුණෙන් , මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හිමිපානන් අද, සෙනසුරාදා රදගුරු නිවසේදී සියලු දෙමළ දේශපාලන පක්ෂ සමඟ සාකච්ජා පැවැත්වීමෙන් අනතුරුව සියලු නායකන් පැවසුවේ දෙමළ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පොදු එකඟතාවයකට ඒමට තමන්ට හැකිවූ බවයි.
දෙසැම්බර් දහතුන් වෙනි දින ඩුබායි හි පැවැත්වුන විස්සයි විස්ස තරඟාවලියේ දෙවැනි තරඟයේ දී පාකිස්තාන් කණ්ඩායම පරාජය කොට ජය ගනිමින් තරඟාවලිය සම තත්වයෙන් අවසන් කිරීමට සමත් වීමත් සමඟ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තමන් ලැබ සිටි පළමු ස්ථානය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ.
තරඟ දෙකකට සීමා වූ ‘ඩුබායි’ විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය පාකිස්තාන් කණ්ඩායම ජයග්‍රහණය කළ අතර, ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තමන් සතු ව පැවති පළමු ස්ථානය ආරක්ෂා කර ගැනීමට නම් ,ශ්‍රී ලංකා කණ්ඩායම සිකුරාදා තරඟය අනිවාර්යයෙන්ම ජයගත යුතු තත්වයකුයි පැවතුණේ. එම දෙවැනි තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර විස්සේ දී ලකුණු 211 ක් ලබා සිටි අතර, ළකුණු 212 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ දුෂ්කර අභියෝගයටයි, පාකිස්තාන් පිති කරුවන් මුහුණ දී සිටියේ. දුෂ්කර අභියෝගයක් කුමාර් සංගක්කාරගේ ප්‍රතිචාරය. එහෙත් ඕවර දහ නවයයි පන්දු දෙකක දී පාකිස්තාන් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දවා ලමින් ඔවුන් ළකුණු 187 කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තව දුරටත් ක්‍රිකට් ලෝකයේ ඉදිරියෙන් ම සිටින කණ්ඩායම වෙති. ශ්‍රී ලංකා පිති කරුවන් අතරින් විශිෂ්ට පිති හරඹයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා ළකුණු 84 ක් ලබා ගත් වේගවත් ක්‍රීඩා ඉරියව්ව ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ අගය කිරීමට ලක් විය. පාකිස්තාන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ශාජිල් ඛාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව පනහකි. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය දෙසැම්බර් 18 වෙනි දින සාජා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු හුදෙක් ඔහුගේ රටේ නායකයා පමණක් නොවේ, ඔහු බොහෝ විට ලොව බලවත්ම පුද්ගලයා ලෙස පිළිගැනේ. ඔහුගේ තීරණ අප සියලු දෙනාගේ ජීවිතයට වෙනස්කම් ගෙනෙනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉන් වෙනස් නොවේ. ට්‍රම්ප්ගේ තීරණවලින් ලෝකය වෙනස් වී ඇත්තේ කෙසේද?
ලෝකය ඇමරිකාව දකින ආකාරය ජනාධිපති ට්‍රම්ප් බොහෝ අවස්ථාවල එක්සත් ජනපදය "ලෝකයේ ශ්‍රේෂ්ඨතම රට" ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එහෙත් 'පිව්' පර්යේෂණ මධ්‍යස්ථානය රටවල් දහතුනක් සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කළ මත විමසුමකට අනුව ඔහු විදේශයන්හි ඇමරිකානු ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා වැඩි යමක් කර නැත. බොහෝ යුරෝපීය රටවල ජනතාව ඇමරිකාව දෙස ධනාත්මක දෘෂ්ටියකින් බැලීම, වසර 20 කට පසු ප්‍රතිශතයක් ලෙස අවම මට්ටමක පවතී. එක්සත් රාජධානියේ 41% ක් ඇමරිකානු හිතවාදී මතයක් දරණ අතර ප්‍රංශයේ එය 31% ක් වේ. එය 2003 න් පසු අවම අගය ලෙස වාර්තා වේ. කෙසේනමුත්, ඇමරිකාව අගය කරන ජර්මානුවන් ඇත්තේ 26% ක් පමණි. මෙම තත්ත්වයට ප්‍රධාන සාධකයක් වී ඇත්තේ කොරෝනාවෛරස් වසංගතයට ඇමරිකාව දැක්වූ ප්‍රතිචාරයයි. ජූලි සහ අගෝස්තු මාසවල සංඛ්‍යාලේඛනවලට අනුව, එක්සත් ජනපදය වෛරසය හොඳින් හසුරුවා ඇති බවට පිළිගන්නේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 15% ක් පමණි. දේශගුණික විපර්යාස ගැන නොතැකීම දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් විශ්වාස කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. විටෙක ඔහු එය "මිල අධික ප්‍රෝඩාවක්" ලෙස හඳුන්වන අතර, තවත් විටෙක "මට ඉතා වැදගත් වන බැරෑරුම් විෂයයක්" යැයි පවසයි. පැහැදිලි වී ඇති කාරණය නම්, ජනාධිපති ලෙස පත් වී සය මසක් ගතවන විට ඔහු විද්‍යාඥයන් කලකිරීමට පත් කරමින් පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වන බව නිවේදනය කිරීමය. මෙම ගිවිසුමට රටවල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ වී ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෙල්සියස් අංශක දෙකකට අඩු සංඛ්‍යාවක පවත්වා ගැනීමට එක් වී කටයුතු කරමින් සිටිති. චීනයට පසු හරිතාගාර වායු විමෝචනය කරන දෙවෙනි විශාලතම ස්ථානය එක්සත් ජනපදය වන අතර ට්‍රම්ප් නැවත තේරී පත්වුවහොත් ගෝලීය උණුසුම පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වනු ඇතැයි පර්යේෂකයෝ අනතුරු අඟවති. පැරිස් ගිවිසුම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ "මේ ගිවිසුමෙන් අධික නියාමන සීමාවන් පැනවීම නිසා ඇමරිකානු නිෂ්පාදකයින් කඩා වැටීමට ඉඩ තිබුණා" යනුවෙනි. ගල් අඟුරු, තෙල් සහ ගෑස් නිෂ්පාදනය සඳහා වන පිරිවැය අඩු කිරීම සඳහා අදාළ පරිසර දූෂණ රෙගුලාසි ඉවත් කිරීමට ද ඔහු ක්‍රියා කළ නිසා, මෙය ජනාධිපති ට්‍රම්ප්ගේ තේමා පාඨයක් ලෙස ද හැඳින්විය හැකිය. කෙසේවෙතත්, එක්සත් ජනපදයේ ගල් අඟුරු ආකර කිහිපයක් තවමත් වසා දමා ඇත. ස්භාවික ගෑස් සහ පුනර්ජනනීය බලශක්ති නිපැයුමට රජයේ සහය ලබා දීමට ගත් උත්සාහයන් මෙම තත්ත්වයට හේතු වී ඇත. වසර 130කට වැඩි කාලයක් තුළ පළමු වරට එක්සත් ජනපදයේ ගල් අඟුරුවලට වඩා පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගෙන වැඩි බලශක්තියක් උත්පාදනය කළ හැකි බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත්වීම නිල වශයෙන් බලපැවැත්වෙන්නේ ජනාධිපතිවරණයෙන් පසු දින එනම් නොවැම්බර් 4 දා ය. ජනාධිපතිවරනයේදී තමන් ජයග්‍රහණය කළහොත් නැවත ගිවිසුමට එක්වන බවට ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබේ. කාබන් විමෝචනය අවම කිරීමේ ප්‍රගතිය අවහිර කිරීම සඳහා බ්‍රසීලයට සහ සෞදි අරාබියට ඇති මාවත සුමට කළ බව සමහර නිරීක්ෂකයින් විශ්වාස කළද, එක්සත් ජනපදය ගිවිසුමෙන් ඉවත්වීම දැඩි බලපෑමක් ඇති කරයි ද යන්න තවමත් හඳුනාගෙන නොමැත. සමහරුන්ට පමණක් වැසුණු මායිම් ජනාධිපති ට්‍රම්ප් සිය ජනාධිපති සමාරම්භක උත්සවයෙන් සතියකට පසුව මුස්ලිම් බහුතරක් වෙසෙන රටවල් හතක සංචාරකයින් සඳහා එක්සත් ජනපද දේශසීමා වසා දැමීය. වර්තමානයේ රටවල් 13ක් දැඩි සංචාරක සීමාවන්ට යටත් වේ. එක්සත් ජනපදයේ වෙසෙන විදේශයක උපත ලද පුද්ගලයින්ගේ සංඛ්‍යාව බැරක් ඔබාමා පාලන කාලයේ අවසන් වසර වන 2016 ට වඩා 2019 දී 3% කින් වැඩි විය. නමුත් එම සංක්‍රමණිකයන් කවුරුන්ද යන්න වෙනස් වී ඇත. ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ මෙක්සිකෝවේ උපත ලැබූ එක්සත් ජනපද පදිංචිකරුවන්ගේ ප්‍රතිශතය ක්‍රමයෙන් පහත වැටී ඇති අතර, ලතින් ඇමරිකානු රටවල් සහ කැරිබියන් දූපත්වලින් සංක්‍රමණය වූවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපදය තුළ පුද්ගලයන්ට ස්ථිර පදිංචි වීසා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය ද දැඩි කර තිබේ. විශේෂයෙන් දැනටමත් එහි වෙසෙන අයගේ ඥාතීන් සඳහා වීසා ලබා ගැනීම අපහසු වී තිබේ. මෙක්සිකෝව දේශ සීමාවේ ඉදිකරන බවට දිවුරුම් දුන් "විශාල, ලස්සන පවුර" නිසැකවම ජනාධිපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තියේ සංකේතයක් ලෙස හැඳින්විය හැකිය . ඔක්තෝබර් 19 වන විට එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වන විට සැතපුම් 371 ක් දුරට පවුර ඉදිකර ඇති බවය. මෙහිදී සිදුව ඇත්තේ එම ප්‍රදේශය තුළ තිබූ මාර්ග බාධක වෙනුවට අලුතින් වැටවල් ආදේශ කිරීමය. කෙසේනමුත්, මෙම ක්‍රියාවලිය ඇමරිකාවට ළඟා වීමට දැඩි අධිෂ්ඨානයක් සහිත පුද්ගලයන් වැළක්වීමට සමත්ව නැත. එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ රඳවාගෙන සිටින සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව වසර 12කට පසු 2019 දී විශාල ලෙස ඉහළ ගොස් තිබේ. වසන්ත කාලය තුළ සංක්‍රමණිකයන්ගේ පැමිණීම වැඩි වීම ද මෙයට හේතුවකි. මෙම පිරිසෙන් අඩකට වඩා වැඩි සංඛ්‍යාවක් ග්වාතමාලා, හොන්ඩුරාස් සහ එල් සැල්වදෝරයෙන් පැමිණි පවුල් වන අතර, ප්‍රචණ්ඩත්වය හා දුගීබව නිසා වෙනත් ස්ථානයක සරණ පතා ඔවුන් පැමිණ ඇත. ඇමරිකාවේ නැවත පදිංචි කළ හැකි සංඛ්‍යාව විශාල ලෙස කප්පාදු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත. එක්සත් ජනපදය 2016 වර්ෂයේදී සරණාගතයින් 85,000 කට ආසන්න සංඛ්‍යාවක් සිය රට තුළට ගත් අතර එය ඊළඟ වසරේදී 54,000 ට වඩා අඩු විය. 2021 දී මෙම සංඛ්‍යාව උපරිම පුද්ගලයින් 15,000 ක් දක්වා අඩු වනු ඇත. 1980 දී සරණාගත වැඩසටහන ආරම්භ කළ තැන් සිට පිළිගනු ලබන අවම පිරිස මෙය වනු ඇත. 'ව්‍යාජ පුවත්' ඉහළ යාම "මම හිතන්නේ මම භාවිත කර ඇති සියලුම යෙදුම්වලින් විශිෂ්ඨතම එක වන්නේ 'ව්‍යාජ' යන්නයි," ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 ඔක්තෝබර් මස පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. ජනාධිපතිවරයා නියත වශයෙන්ම "ව්‍යාජ පුවත්" යන යෙදුම නිර්මාණය නොකළද, ඔහු එය ජනප්‍රිය කළ බව පැවසිය හැකිය. 'ෆැක්ට්බා.සේ' ආයතනය සිදුකරන ලද අධීක්ෂණයන්ට අනුව දෙසැම්බර් මස සිට මේ දක්වා ඔහු දෙදහස් වාරයක් පමණ ට්වීටර් පණිවිඩ තුළ මෙම වැකිය භාවිත කර ඇත. අද දින "ව්‍යාජ පුවත්" යැයි ගූගල් සෙවීම් කළහොත් ඔබට ලොව නන් දෙසින් ප්‍රතිඵල බිලියන 1.1 කට වඩා ලැබෙනු ඇත. කාලයාගේ ඇවෑමෙන්, 2016-17 ශීත සෘතුවේ දී එක්සත් ජනපදය තුළ ව්‍යාජ පුවත් ගැන උනන්දුව ඉහළ ගිය ආකාරය ඔබට දැක ගත හැකිය. එමෙන්ම, ජනාධිපති ට්‍රම්ප් "ව්‍යාජ පුවත් සම්මාන" ලෙස හඳුන්වමින්, ඔහු ව්‍යාජ යැයි සැලකූ පුවත් ලැයිස්තුවක් එළිදැක්වූ සතිය තුළ ගූගල් සෙවුම් විශාල ලෙස ඉහළ ගියේය. 2016 වසරේ ධවල මන්දිරය සඳහා වූ තරඟය අතරතුර, "ව්‍යාජ පුවත්" යන්නෙන් අදහස් කළේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජනාධිපති ධුරය සඳහා ට්‍රම්ප් අනුමත කිරීම වැනි අසත්‍ය වාර්තාය. නමුත් එය ජනප්‍රිය භාවිතයට පිවිසෙත්ම, එහි අරුත වැරදි තොරතුරුවලට පමණක් සීමා නොවීය. තමා එකඟ නොවන පුවත් විවේචනය කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා නිතරම "ව්‍යාජ පුවත්" යන්න භාවිත කර ඇත. 2017 පෙබරවාරි මාසයේදී ඔහු එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් "ඇමරිකානු ජනතාවගේ සතුරන්" ලෙස පුවත් ආයතන කීපයක් හංවඩු ගැසීය. එය තායිලන්තය, පිලිපීනය, සෞදි අරාබිය සහ බහරේනය වැනි රටවල නායකයින් ද නිතර භාවිතයට තෝරාගෙන ඇති යෙදුමක් බවට පත්ව තිබේ. සමහරු විපක්ෂ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් මර්දනය කරමින් සහ නඩු පැවරීම සාධාරණීකරණය කිරීම සඳහා "ව්‍යාජ පුවත්" පතුරුවා හැරීම යන චෝදනාව භාවිත කරනු දක්නට ලැබේ. සිවිල් සමාජ කණ්ඩායම් පවසන්නේ විශ්සවනීය වාර්තාකරණයට එරෙහිව මෙම යෙදුම භාවිත කිරීමෙන් දේශපාලඥයන් මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට වල කපන බවය. ඇමරිකාවේ 'නිමක් නැති යුද්ධ' සහ මැද පෙරදිග ගනුදෙනු 2019 පෙබරවාරි සිය රාජ්‍ය දේශනයේදී (State of the Union address) ජනාධිපති ට්‍රම්ප් සිරියාවෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීමට ප්‍රතිඥා දෙමින් "විශිෂ්ඨ ජාතීන් නිමක් නැති යුද්ධවල සටන් නොකරයි" යනුවෙන් ප්‍රකාශ කළේය. කෙසේනමුත්, ඉලක්කම්වලින් පිළිඹිබු වන්නේ වෙනස් කතාවකි. එම දේශනයෙන් මාස කීපයකට පසු තෙල් ආකර ආරක්ෂා කිරීම සඳහා හමුදා සෙබළුන් 500 ක් පමණ සිරියාවේ රඳවා තැබීමට ට්‍රම්ප් තීරණය කළේය. කෙසේනමුත්, ඇමරිකාව මින් පෙර ඇෆ්ගනිස්ථානය, ඉරාකය හා සිරියාවේ කළ හමුදා රඳවා තැබීම් ට්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ යම් දුරකට අඩු වී තිබේ. එහෙත්, ඔහු බලයට පත්වූ දිනය වන විට ඒ සෑම ස්ථානයකම සිටි ඇමරිකානු හමුදා තවමත් එම ස්ථානවලම රැදී සිටිති. කෙසේනමුත්, හමුදා නොමැතිව මැද පෙරදිගට බලපෑම් එල්ල කිරීමට ක්‍රම තිබේ. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ විරෝධය නොතකා 2018 දී ඊශ්‍රායලයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ටෙල් අවිව් සිට ජෙරුසලමට ගෙනයාමටත් එම නගරය ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමටත් ජනාධිපති ට්‍රම්ප් ක්‍රියා කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය ඊශ්‍රායලය සමඟ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේ ගිවිසුම් අත්සන් කළ විට පසුගිය මාසයේදී ඔහු "නව මැද පෙරදිග උදාව" ගැන ප්‍රශංසා කළේය. එම පියවරට ඇමෙරිකාවේ සහයෝගය ලැබිණි. වචන පසෙක තබා මේ දෙස බැලුවහොත්, මෙය සමහර විට ට්‍රම්ප් පරිපාලනයේ වඩාත්ම වැදගත් රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණය විය හැකිය. 1948 දී නිදහස ප්‍රකාශයට පත් කළ දා සිට ඊශ්‍රායලය පිළිගත් මැද පෙරදිග තුන්වන හා සිව්වන රටවල් බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය පත් විය. වෙළෙඳ ගනුදෙනුවේ කලාව ජනාධිපති ට්‍රම්ප් ඔහු තැරැව්කරුවකු ලෙස ක්‍රියා නොකළ ගනුදෙනුවලට නිග්‍රහ කරනු දැකිය හැකිය. ඔහු සිය ධුරයේ පළමු දිනයේ දී ජනාධිපති ඔබාමා අනුමත කරන ලද, රටවල් 12 ක වෙළෙඳ ගනුදෙනුවක් වන ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය "භයානක" යැයි හංවඩු ගැසීමෙන් පසු එය අතහැර දැමීය. මෙම වෙළෙඳ ගිවිසුමෙන් ඉවත් වීම බොහෝ දුරට චීනයට වාසි සැලසීය. ඔවුන් එම වෙළෙඳ ගිවිසුම දුටුවේ ආසියානු පැසිෆික් කලාපයේ සිය බලපෑම මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙසය. කෙසේනමුත්, එක්සත් ජනපදය තුළ ගිවිසුම මගින් ඇමරිකානු රැකියා අඩපණ වනු ඇතැයි සිතූ විවේචකයෝ එයින් ඉවත්වීම ගැන ප්‍රසාදය පළ කළහ. ට්‍රම්ප් කැනඩාව සහ මෙක්සිකෝව සමඟ උතුරු ඇමරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කළ අතර එය "සමහර විට මෙතෙක් සිදුකර ඇති නරකම වෙළෙඳ ගනුදෙනුව" ලෙස ඔහු හැඳින්වීය. එය ප්‍රතිස්ථාපනය කිරීමේ දී බොහෝ වෙනස්කම් සිදුනොවුණු නමුත්, මෝටර් රථ අමතර කොටස් ලබා ගැනීම සහ කම්කරු සම්බන්ධ නීති දැඩි කෙරිණි. ඇමරිකාව ලෝකය සමඟ වෙළෙඳාමෙන් ප්‍රතිලාභ ලබන ආකාරය ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. එහි ප්‍රතිඵලය වූයේ චීනය සමඟ ඉතා අමිහිරි වෙළෙඳ යුද්ධයකට එළඹීමය. ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක එකිනෙකාගේ භාණ්ඩ සඳහා ඩොලර් බිලියන සිය ගණනක බදු පනවා ගත්හ. එය එක්සත් ජනපද සෝයා බෝංචි ගොවීන්ට සහ තාක්ෂණික හා මෝටර් රථ කර්මාන්තවලට හිසරදයක් වී තිබේ. විවිධ ව්‍යාපාර ඔවුන්ගේ නිෂ්පාදන වියදම අවම කිරීම සඳහා වියට්නාමය සහ කාම්බෝජය වැනි රටවලට ගෙන යාම නිසා චීනයට ද බලපෑම් එල්ල විය. 2019 වර්ෂයේ දී චීනය සහ එක්සත් ජනපදය අතර භාණ්ඩ වෙළෙඳාමේ හිඟය 2016 මට්ටමට වඩා තරමක් අඩු විය. ට්‍රම්ප්ගේ තීරුබදු වළක්වා ගැනීමට උත්සාහ කරමින් ඇමරිකානු සමාගම් ආනයනය අඩු කළහ. කෙසේවෙතත්, කොරෝනාවෛරස වසංගතය පැවතියත් 2020 දී දැඩි බලපෑම් එල්ල වන ප්‍රවණතාවන් ඇතිව තිබේ. ඇමරිකාව තවමත් අපනයනය කරනවාට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කිරීමට ක්‍රියා කරයි. චීනය සමඟ ගැටුම් ප්‍රතිපත්තිමය පසුබෑමක් ලෙස හඳුන්වන ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩයට පාදක වූ දුරකථන ඇමතුම කෙතරම් ආකර්ෂණයක් දිනා ගත්තේද යත් එම ගැටලුකාරී ඇමතුම වෙනුවෙන් විකිපීඩියා පිටුවක් ද ඇත. 2016 දෙසැම්බර් 2 වෙනි දින ට්‍රම්ප් (එවිට ඔහු ජනාධිපති ධුරයට පත් වී තිබිණි) තායිවානයේ ජනාධිපතිවරයා සමඟ සෘජුව දුරකථනය ඔස්සේ කථා කරමින් අතිශය අසාමාන්‍ය පියවරක් අනුගමනය කළේය. 1979 දී තායිවානය සමග සබඳතා නිල වශයෙන් කපා දැමීමේ පූර්වාදර්ශය බිඳ දැමීම ඔහු මෙමගින් සිදු කළේය. එවක බීබීසී චීන සේවයේ කතුවරිය වූ කැරී ග්‍රේසි අනාවැකි පළ කළේ මෙම පියවර හේතුවෙන් බීජිං පාලනය "තැතිගැන්මට සහ කෝපයට" පත් වනු ඇති බවය. චීනය විසින් තායිවානය සිය රටේ පළාතක් ලෙස සලකන අතර එය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගෙන නොමැත. ට්‍රම්ප්ගේ නිර්භීත පියවරත් සමග මහා භූදේශපාලනික ප්‍රතිවාදීන් අතර ගැටුම ඇමරිකාවෙන් ආරම්භ වූ අතර, වසර ගණනාවකට පසු ඔවුන් අතර සම්බන්ධතා අවම මට්ටමකට වැටී ඇත. දකුණු චීන මුහුදට චීනය භෞමික හිමිකම් කීම නීති විරෝධී යැයි ප්‍රකාශ කිරීම, චීන භාණ්ඩ සඳහා අධික තීරුබදු පැනවීම, ජනප්‍රිය ඇප් වන ටික්ටොක් සහ වීචැට් බාගත කිරීම තහනම් කිරීම සහ චීන දුරකථන දැවැන්තයා වන හුආවී ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි කියා අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ඇමරිකාව පියවර ගත්තේය. එහෙත්, මෙම නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම ට්‍රම්ප් යටතේ ආරම්භ නොවූ අතර එයට අර්ධ වශයෙන් චීනයේ ක්‍රියාකාරිත්වය ද වගකිව යුතුය. ෂී ජින් පිං ජනාධිපති 2013 සිට බලයේ සිටින අතර, හොංකොං හි අතිශය මතභේදාත්මක ජාතික ආරක්ෂක නීතියක් පැනවීම සහ චීනයේ මුස්ලිම් සුළුතර උයිගර්වරුන් සමූහ වශයෙන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. ජනාධිපති ට්‍රම්ප් කොවිඩ් -19 "චීන වෛරසය" ලෙස නම් කර ඇති අතර, ඔහු තමන් වසංගතය හසුරවන ආකාරය වෙනතකට යොමු කිරීමට උනන්දු වී තිබේ. කෙසේනමුත්, එක්සත් ජනපද නායකත්වයේ වෙනසක් සිදුවීමෙන් ද මෙම තත්ත්වයේ වැඩි වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය. ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ජනාධිපති ෂී ජින් පිං මැරයකු ලෙස හැඳින්වූ අතර චීන නායකයාට "ඔහුගේ ශරීරයේ [ප්‍රජාතන්ත්‍රවාදී] අස්ථියක් නොමැති" බව කියා සිටියේය. ඉරානය සමග යුද්ධයකට අරඇඳීම "අපට අයත් ඕනෑම ස්ථානයක දී අහිමි වූ ජීවිතවලට හෝ සිදු වූ හානිවලට ඉරානය පූර්ණ වගකීම දැරිය යුතුයි. ඔවුන්ට ඉතා විශාල වශයෙන් විඳවන්න වෙයි! මෙය අනතුරු ඇඟවීමක් නොවේ, මෙය තර්ජනයක්" යැයි ට්‍රම්ප් 2019 අලුත් අවුරුදු දිනයේදී ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය. . "සුභ නව වසරක්!" දින කීපයකට පසු, මැද පෙරදිග තුළ ඉරානයේ හමුදා මෙහෙයුම් මෙහෙයවූ පුද්ගලයා මෙන්ම ඉරානයේ බලවත්ම ජෙනරාල්වරයා වූ ඛාසෙම් සුලෙයිමානි ඝාතනය කිරීමට එක්සත් ජනපදය ක්‍රියා කළේය. ඉරානය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේ ඉරාකයේ පිහිටි ඇමරිකානු කඳවුරු දෙකකට දුසිමකට වැඩි බැලිස්ටික් මිසයිල ප්‍රමාණයක් එල්ල කරමිනි. එක්සත් ජනපද හමුදා සාමාජිකයන් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, දෙරට යුද්ධයක් අභියස සිටින බව විශ්ලේෂකයෝ පැවසූහ. යුද්ධයක් හට නොගත්තද අහිංසක සිවිල් වැසියන් මියගියහ. ඉරානයේ මිසයිල ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු එහි හමුදාව යුක්‍රේන මගී ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළුවේ අත්වැරදීමකිනි. යානයේ සිටි මගීන් 176 දෙනෙක් මරුමුවට පත් වූහ. මෙම තත්ත්වය උදා වූයේ කෙසේද? අවිශ්වාසයට එරෙහිව සිදුකරන ලද වැරදි ගණනය කිරීම් මාලාවක් මෙම තත්ත්වයට හේතු විය. ඉරානයේ එක්සත් ජනපද හිතෛෂී ෂා රජුගේ පාලනය පෙරලා දැමීමත් සමග 1979 සිට එක්සත් ජනපදය හා ඉරානය අතර ගැටුම් හට ගැනිණි. එකල ඇමරිකානුවන් 52 දෙනෙකු ඉරානයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය තුළ ප්‍රාණ ඇපයට ද ගෙන තිබිණි. 2015 දී එළඹුණ න්‍යෂ්ටික ගිවිසුමක් 2018 මැයි මාසයේදී ට්‍රම්ප් අත්හැර දැමීමත් සමග නොසන්සුන්තාවක් ඇතිවිය. ඉරානයට එරෙහිව පැනවුණු ආර්ථික සම්බාධක ඉවත් කර ගැනීම සඳහා එරට සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සීමා කිරීමට එකඟ වී තිබිණි. ට්‍රම්ප් ඉරානයට වෙනත් සම්බාධක පැනවූ අතර, ධවල මන්දිරය එය හැඳින්වූයේ "මෙතෙක් පනවා ඇති දරුණුම සම්බාධක" ලෙසය. ඉරානයේ නායකයින්ට ඔහුගේ අභිමතය පරිදි ගනුදෙනුවලට එළඹීමට බල කිරීම සඳහා මෙම නව සම්බාධක නිර්මාණය කර තිබිණි. කෙසේනමුත්, ටෙහෙරානය ඊට හිස නැමීම ප්‍රතික්ෂේප කළේය. සම්බාධක හේතුවෙන් ඉරානයේ ආර්ථිකය දැඩි අවපාතයකට ඇද වැටුණු අතර 2019 ඔක්තෝබර් වන විට ආහාර පිරිවැය පෙර වසරට සාපේක්ෂව 61% කින් ද දුම්කොළ මිල 80% කින් ද ඉහළ ගොස් තිබිණි. දුක් විඳින ඉරාන වැසියන් මසකට පසුව පුළුල් විරෝධතාවල යෙදුණහ. කොරෝනාවෛරස් අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වීමත් සමග රටවල් දෙකෙහිම දේශපාලන අවධානය වෙනතකට යොමු වී ඔවුන් අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අවම වූවත්, දෙරට අතර බොහෝ අර්බුදකාරී තැන් දැකිය හැකිය. මේ තොරතුරුද කියවන්න:
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විමර්ශන පැවැත්වීමේ දී ජාතික මානව හිමිකම් කොමිසම අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් නවී පිල්ලේ කොමිසමේ සාමාජිකයන්ගෙන් විමසූ බව ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපති ප්‍රියන්ත පෙරේරා ප්‍රකාශ කරයි.
ජාතික මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් ජාතික මානව හිමිකම් කොමිසමේ වාර්ෂික වාර්තා නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් මෙන්ම කොමිසම සිවිල් සමාජය සමග පවත්වන සම්බන්ධතා පිළිබඳව ද කොමසාරිස්වරිය විමසූ බවයි සභාපතිවරයා සංදේශයට කියා සිටියේ. දේශපාලන බලපෑම් ජාතික මානව හිමිකම් කොමිසම දේශපාලන බලපෑම් වලින් තොරව ස්වාධීනව පවත්වා ගෙන යාම සඳහා තමන් ගෙන යන උත්සාහය පිළිබඳව මහ කොමසාරිවරිය දැනුවත් කළ අතර, කොමිසමේ සියලු සාමාජිකයන් දේශපාලන බලපෑමකින් තොරව ක්‍රියාකරන බවට තමන් ඉදිරිපත් කල කරුණු මගින් මහකොමසාරිස්වරිය සෑහීමට පත්වුණු බවයි,ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපති ප්‍රියන්ත පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මාධ්‍ය නිදහස සුරැකීම ශ්‍රී ලංකා රජය මාධ්‍ය නිදහස සුරැකීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වී නොමැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළබඳ මහ කොමසාරිස් නවී පිල්ලේ කැටුව පැමිණි නියෝජිත පිරිසේ සාමාජිකයන් හමු වූ මාධ්‍ය සංවිධාන හතක නියෝජිතයන් මේ අතර පෙන්වා දී ඇත. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම මෙන් ම ඔවුන්ට වධ හිංසා පැමිණවීම දඬුවම් නොලැබෙන අපරාධ බවට පත් වී ඇති ආකාරය පිළිබඳව ඉහත කී සාකච්ඡාවේදී විස්තර කල බවත්, මාධ්‍ය නිදහස සුරැකීම සඳහා එක්සත් ජාතීන්ගේ බලපෑම අවශ්‍ය කරන බව අවධාරණය කල බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර සංදේශය සමඟ සාකචඡාවකට එක් වෙමින් කියා සිටියේය.
අලෙප්පෝ නගරය හා ඒ අවට පවතින ගැටුම් නවතා දමමින් සැබෑ නායකත්වය පෙන්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිරියාවේ මානවීය කටයුතු පිලිබඳ ප්‍රධානී ජෑන් ඉගිලන්ඩ් රුසියාවෙන් සහ ඇමරිකාවෙන් ඉල්ලයි.
අලෙප්පෝ නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක් ගුවන් ප්‍රහාර වලට ලක්වී ඇති අයුරු සහනාධාර රැගත් ට්‍රක් රථ වලට ඇතුළුවීමට ඉඩ සලසමින් කැරලිකරුවන් අත පවතින ප්‍රදේශ වල සිටින සාමාන්‍ය ජනතාව වෙත බෝම්බ හෙලීම නවතා දැමිය යුතු බවයි ඔහු පවසන්නේ. වොෂින්ටනය සහ මොස්කව් අතර වූ සටන් විරාම එකඟතාව බිඳී යාමත් සමග සිරියානු සහ රුසියානු යුද ගුවන් යානා මගින් ප්‍රහාර එල්ලකෙරෙමින් පවතී. සහනාධාර සේවකයන් පවසන ආකාරයට බොහෝ පිරිස් ගොඩනැගිලි සුන් බුන් වලට යටවී සිටින අතර ඔවුන් බේරාගැනීම සඳහා ප්‍රමාණවත් සහන සේවකයන් පිරිසක් නොමැත.
ප්‍රබල ඉරාක පුජකයෙකු වන මොක්ටඩා අල් සදර් ට පක්ෂපාතී ෂියා මුස්ලිම් සටන්කාමීන් දහස් ගණනක් ඉරාක අගනගරය වන බැග්ඩෑඩ් සහ වෙනත් නගර වල වීදි ඔස්සේ පෙළපාලියෙන් ගමන් කළහ.
පෙළපාලි පවත්වන ලෙස මොක්ටඩා විසින් මේධි හමුදාවෙන් ඉල්ලනු ලැබ ඇති බවයි පැවසෙන්නේ මේධි හමුදාව වසර ගණනක් පුරා ඉරාකයේ සිටි ඇමරිකානු හමුදාව සමග සටන් වැදුනහ. ඉරාකය පුරා පෙළපාලි පවත්වන ලෙස පූජක මොක්ටඩා විසින් මේධි හමුදාවෙන් ඉල්ලනු ලැබ ඇති බවයි පැවසෙන්නේ. ඔහුගේ නියෝජිතයෙකු වන රාද් අල් සක්රි විසින් කර්කුක් හි පැවති රැළියකදී මේධි පෙළපාලි කරුවන් අමතනු ලැබූ බවද සඳහන්.
අධිරාජ්‍යවාදී පාලකයන් විසින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනු ලැබූ වතුකරයේ දෙමළ ජනතාව ගේ ජීවන තත්වය වසර එක සිය පණහක් මුළුල්ලේ කිසිදු වෙනසකට ලක් වී නැති බව පෙන්වා දෙමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාර දුන් බව වතුකරයේ සුභ සාධන සමිතියක් පවසයි.
වතුකරයේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමට ආධාර කරන මෙන් චාල්ස් කුමරුගෙන් ඉල්ලීමක් පසුගියදා වතුකරයේ සංචාරයක යෙදුන බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයාගේ අවධානය පිණිස එම සංදේශය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට භාර දුන් බව සෞම්‍යසරණ පදනමේ නායක එස්පී අන්තෝනිමුත්තු බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමිට කියා සිටියේය. "අවුරුදු 150 කට පෙර ගෙන්න ගත්ත කාලේ ඒ ද්‍රවිඩ ජනතාව ජීවත් වෙච්ච ඒ ලයින් කාමරය තාමත් ඒ විදියට තමයි පවත්වන්නේ. ඒ ලයින් කාමරයේ ජීවත්වෙන ජනතාව නිතර නිතරම සෑහෙන ආපදාවලට මුහුණ දෙනවා. ජීවිතේ විනාශ වෙනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. මේ තත්වය පහදා දෙමින් චාල්ස් කුමරු වෙත යොමු කළ ලිපියේ වතුකරයේ දෙමළ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමට ආධාර කරන මෙන් ඉල්ලා සිටි බව පදනමේ සභාපතිවරයා පවසයි. ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමගාමීව පැවැත්වුණු තරුණ සහ ව්‍යාපාරික සමුළුවලදී ගත් තීන්දු වතුකරයේ ජනතාව වෙනුවෙන්ද ක්‍රියාත්මක කරන මෙන් සහ වතුකරයේ ජනතාව වෙනුවෙන් වෙනමම ආපදා කළමනාකරණ කාර්යාලයක් ක්‍රියාත්මක කරන මෙන්ද එම ලිපියෙන් ඉල්ලීමක් කොට තිබේ. වතුකරයේ සංචාරයේදී චාල්ස් කුමරු හමුවීමට තමන් කළ ඉල්ලීම ඉටු නොවූ බවද එස්පී අන්තෝනිමුත්තු බීබීසී යට පැවසීය.
මඩකලපුව දිස්ත්‍රික්කය තුළ සිදු වන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා හා ළමා දූෂණ වලට විරෝධය පළ කර දෙමළ සහ මුස්ලිම් කාන්තාවෝ උද්ඝෝෂණයක නිරත වූහ.
'ළමුන් හා කාන්තාවන් හිංසාවට ලක් නොකරන පිරිමි සමාජයක් බිහි කරමු' පසුගියදා කාත්තන්කුඩි මන්චන්තෝදුවායි ප්‍රදේශයේ අට හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කළ බවට සැක පිට අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ කාන්තාවෝ එම සිදුවීමට විරෝධය පළ කර උද්ඝෝෂණය කළහ. 'ප්‍රචණ්ඩත්වය නැති රටක් නිවසක් අපට ඕනේ' ඊට කාන්තා සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූ බව ශාන්ති සෙල්වදොරේ සංදේශයට කියා සිටියාය. මඩකලපුව ඔරලෝසු කණුව හන්දියේ සිට අධිකරණ සංකීර්ණය දක්වා ගමන් කළ විරෝධතාකරුවෝ ළමුන් හා කාන්තාවන්ට මුහුණ දීමට සිදු වී ඇති ප්‍රචණ්ඩත්වය නිමා කිරීමටත් ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටියහ. ඉහත කී දැරිය දූෂණය කර මරා දැමූ බවට සැක පිට අත්අඩංගුවට පත් පුද්ගලයා වෙනුවෙන් කිසිදු නීතිඥයකු ඉදිරිපත් නොවිය යුතු බවයි විරෝධතාවයට එක් වූ කාන්තාවෝ කියා සිටියේ.
දිල්ලි අගනුවර ප්‍රාන්ත සභාවට සභිකයන් තෝරා ගැනීම පිණිස පැවැත්වුණු මැතිවරණයේදී අලුතින් පිහිටුවන ලද දූෂණ විරෝධී පක්ෂයකයට ප්‍රබල ජනතා සහයක් හිමි වීම හේතුවෙන් ප්‍රාන්තයේ බලය හෙබැවූ කොන්ග්‍රස් පක්ෂයට පාලන බලය අහිමි විය.
පොදු ජනතා පක්ෂයේ නායක අරවින්ද් කේජරිවාල් තේරී පත් වූයේ මහ ඇමතිනී ශීලා ඩික්ෂිට් පරාජය කරමින් දිගු කලක් ප්‍රාන්තයේ මහ ඇමති පදවිය හෙබැවූ ශීලා ඩික්ෂිට්, පොදු ජනතා පක්ෂයේ නායක අරවින්ද් කේජරිවාල් අතින් පරාජයට පත් වූ අතර, ආසන හැත්තෑවකින් යුත් ප්‍රන්නත සභාවේ බලයද කොන්ග්‍රස් පක්ෂයට අහිමි විය. දිල්ලි, රාජස්ථාන්, මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සභා තුනේම භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටින බවද මූලික ප්‍රතිඵලවලින් අනාවරණය වේ. ඒ අතර මධ්‍යම ඉන්දීය චතිස්ගාර් ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂය සහ කොන්ග්‍රස් පක්ෂය අතර කරට කර තරඟයක් පවතින බව වාර්තා වේ. ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙරාතුව ප්‍රධාන පක්ෂ දෙක පිළිබඳ ජන මතය විමසා බැලෙන අවස්ථාවක් ලෙසිනුයි, මේ මැතිවරණ සැලකෙන්නේ.
පළාත් සභා වල ඉඩම් අයිතිය සම්බන්ධයෙන් මීට පෙර දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් පළාත් සභාවලට ඉඩම් අයිතිය ඇති බවට තීරණය කොට ඇති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කරයි.
එහෙත් අලුත්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව ඉඩම් අයිතිය ඇත්තේ මධ්‍යම රජයට බවත් එම තීන්දුව මීට කලින් දී ඇති නඩු තීන්දුවලට පටහැණි බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. “පළාත් සභාවලට බලය තියෙනවා කියල තියෙන්නේ. බලය නැහැ කියල නැහැ” යනුවෙනුයි කලින් දී ඇති නඩු තීන්දු ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ. මේ නිසා ඒ සම්බන්ධයෙන් ගත හැක්කේ කුමන ක්‍රියා මාර්ගයක් ද යන්න ගැන තම පක්ෂය අවධානය යොමු කොට තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ නයක් ආර්.සම්බන්ධන් සඳහන් කළේය. අග විනිසුරු මොහාන් පීරිස් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දී ඇති නඩු තීන්දුව, බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම සහ ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම මගින් අර්ථ ගැන්වෙන අයිතීන් අභිබවා යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
'ලඕයා' චීනයේ හුදෙකලා ප්‍රත්‍යන්ත ගම්මානයක්.
චීන ජාතිකයන් 'ලඕයා' හඳුන්වන්නේ 'තනිකඩ ගම්මානය' යන වචනයෙන්. ගමේ බොහෝ පුරුෂයන් මුහුණ දී සිටින ප්‍රශ්නය විවාහ වීම සඳහා කාන්තාවක් සොයා ගැනීම අසීරු වීම. 'ලඕයා' කාන්තාවන් වැඩි දෙනෙක් වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වී ඇත්තේ ගම්මානයේ පවතින දුෂ්කරතා හේතුවෙන්. එවැනි දුෂ්කරතා නිසා වෙනත් ප්‍රදේශවල කාන්තාවන්ද 'ලඕයා' ගම්මානයේ පුරුෂයන් සමඟ දීග ඒමට මැලි කමකුයි දක්වන්නේ. එම තනිකඩ ගම්මානයේ ජීවත් වන 'තනිකඩයෙක්' ශිඕන් ජිගෙන්. හතළිස් තුන් වියැති ඔහුටත් පෙළවහක් කර ගැනීමට බාධාවක් වී ඇත්තේ ගමට ළඟා වීමට ඇති දුෂ්කරතාවයන්.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානය හිමි කරගෙන තිබේ. පසුගියදා එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගයේ දී ශතකයක් ලබා ගැනීමත් සමග ඔහුට ලැයිස්තුවේ ඉහළම ස්ථානය හිමි විය.
ටෙස්ට් තරග 67කදී ශතක 22ක් ලබා ගැනීමට විරාත් කෝලි සමත් වී ඇත කෙසේවෙතත්, මෙම තරගයේදී එංගලන්තය ලකුණු 31 කින් ඉන්දියානු කණ්ඩායම පරාජය කළේය. ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක එකේ පිතිකරු බවට පත් වූ 29 හැවිදිරි විරාත් කෝලි, එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 149ක් ද, දෙවෙනි ඉනිමේදී ලකුණු 51ක් ද රැස්කර තිබේ. ටෙස්ට් තරග 67කදී ශතක 22ක් ලබා ගැනීමට විරාත් කෝලි සමත් වී ඇත. විරාත් කෝලිට පෙර, මාස 32ක් ලෝකයේ අංක එක ස්ථානයේ රැඳී සිටියේ ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ය. පන්දුව පළුදු කිරීමේ චෝදනාව යටතේ ස්ටීව් ස්මිත් මාස දොළහක තරග තහනමකට යටත් කර තිබේ. 2011දී සචින් තෙන්ඩුල්කාර් මෙම ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයට පත් වූ පසු, එම ස්ථානය හිමි කරගත් පළමු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ විරාත් කෝලිය. ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට (ICC) අනුව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්: මේ තොරතුරුද කියවන්න:
ආණ්ඩුවේ ලොතරැයි මුදල්වලින් ඩොලර් අනූ ලක්ෂයකට ආසන්න මුදලක් අනිසි ලෙස පාවිච්චි කර ඇති බවට චෝදනා ලබන පිලිපීනයේ හිටපු ජනාධිපතිනි ග්ලෝරියා අරෝයෝ උසාවිය ඉදිරියේ පෙනී සිටියාය.
ජනාධිපති පදවියේ සිටියදී සිදු කරන ලද මූල්‍ය අපචාර සම්බන්ධයෙන් ග්ලෝරියා අරෝයෝට එරෙහි ව ඉදිරිපත්ව ඇති තුන්වැනි නඩුවයි මේ හිටපු ජනාධිපතිවරිය අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කිරීම බැහැර කළෙන්, ඇය චෝදනාවලට නිවරදිකාරිය යයි ප්‍රකාශ කළ හැටියට ලේඛනගත කරන මෙන් උසාවිය නියෝග කළේය. ජනාධිපති පදවියේ සිටියදී සිදු කරන ලද මූල්‍ය අපචාර සම්බන්ධයෙන් ග්ලෝරියා අරෝයෝට එරෙහිව ඉදිරිපත්ව ඇති තුන්වැනි නඩුවයි මේ. සියළු චෝදනා බැහැරලන හිටපු පිලිපීන ජනාධිපතිවරිය,වත්මන් ජනාධිපති බෙනිනෝ අකිනෝ තමාට විරුද්ධව ජන්ම වෛරයකින් ක්‍රියා කරන බවයි කියා සිටින්නේ. ග්ලෝරියා අරෝයෝ උසාවියට ගෙන ආ අවස්ථාවේ ඇගේ ආධාරකරුවෝ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටියහ. සබැඳි තේමා
ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වී පදවිය හැර යාම ප්‍රතික්ෂේප කළහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා පොදු විපක්ෂයට විශේෂ සැලසුමක් තිබෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
‘අපිට වැඩ පිළිවෙලක් තියනවා. ඒක දැන් කියන්න බැහැ’ යනුවෙන් ඇය සඳහන් කළාය. හිටපු ජනාධිපතිනිය ඒ බව කියා සිටියේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැස්වීම් අවසානයේ සිය නිල නිවසේදී සංදේශයේ සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකට එක් වෙමින්. ජනාධිපතිවරණයේදී දූෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීමේ සූදානමක් පිළිබඳව තමාට සැලවී තිබෙන නමුත් පවතින ජනතා බලවේග හමුවේ එවැනි ක්‍රියාවල යෙදීම දුෂ්කර වනු ඇති බවද ඇය කියා සිටියාය. ‘අපිත් ඒවට සූදානමින් සිටින්නේ’ යනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවසුවාය. ඇමතිවරයෙකුව සිටි මහින්ද රාජපක්ෂට අගමැති ධුරය පිරිනමා ඔහුට ජනාධිපති පදවියට පත්වීමට අවස්ථාව සලසා දීම පිළිබද දැඩිව කණගාටු වන බවත් ඇය සඳහන් කළාය. ‘විශාල වශයෙන් කණගාටු වෙනවා. මම මැරෙන කල් කණගාටු වෙනවා. දුක් වෙනවා. ඒ වෙලාවේ මම ගත්තේ වැරදි තීරණයක්’ යැයි ඇය පැවසීය. දෙමළ ඩයස්පෝරාව සමග තමාගේ කිසිඳු සම්බන්ධයක් නැති බවත් ඇය කියා සිටියාය. හිටපු ජනාධිපතිනිය සංදේශය හා කළ සාකච්ඡාවේ වීඩියෝ පටය ඉක්මනින්ම ප්‍රකාශයට පත් කරන්නෙමු.
කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සූරියකන්ද, හේයස් සහ පනිල්කන්ද යන වතු දෙකේ කම්කරැවන් 1300 ක් පමණ සිකුරාදා සේවයට වාර්තා නොකොට කොස්ලන්ද, මීරියබැද්දේ නායයාමෙන් මියගිය සහ අතුරුදහන් වූ සහෝදර කම්කරැවන් වෙනුවෙන් ශෝකය පළ කළහ.
ආගම් කිහිපයකට අයත් වතු කම්කරැවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ. හේයස් වත්තේ පන්සියයක් දෙනා මුලින් අසල වූ කෝවිලට ගොස් මියගිය සහ අතුරැදන් වූ පිරිස වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කළහ. පනිල්කන්ද වත්තේ අටසියයක් පමණ දෙනාද මුලින් තම ආගමානුකූලව මියගිය සහ අතුරුදහන්වූවන් සිහිපත් කළහ. පසුව මෙම පිරිස් දෙතැනකට එක්වී අවතැන් වූවන්ට ඉක්මනින් සහන ලැබේවායි ප්‍රාර්ථනා කළහ. අනතුරැව පිරිස තමන්ට හැකි අයුරින් වත්තේ මාර්ග හරහා සුදු සහ කලු කොඩි ඔසවමින් විපතට පත් කම්කරැ සගයන්ට සොව පළ කළහ. රැපියල් පන්සියය බැගින් වූ තම දිනක වැටුප මීරියබැද්දේ නායයාමෙන් විපතට පත්වූවන්ගේ පවුල්වල ඉතිරිව සිටින සාමාජිකයන්ගේ නිවාස සහ වෙනත් සුබසාධන කටයුතුවලට පරිත්‍යාග කිරීමට එම කම්කරැවෝ ඒකමතිකව තීරණය කළ බව ලංකා කම්කරැ කොන්ග්‍රස් වෘත්තිය සමිතියේ රත්නපුර දිස්ත්‍රික් බළමණ්ඩල සාමාජික පෙරැමාල් රාසලිංගම් පැවසීය. මේ අතර සිකුරාදා සවස දෙකයි තිහට පමණ බළන්ගොඩ ඕලුගන්තොට රයි අංක දෙක කොටසේ නිවාස සංකීර්ණයක ගෙපලක කානුවක් කපමින් සිටි හතලිස් දෙහැවිරිදි ගුරැවරයකු සහ ඔහුට සහාය වෙමින් සිටි හැට හැවිරිදි පුද්ගලයෙකු පස්කන්දක් කඩා වැටීමෙන් මියගොස් තිබේ.
පසුගිය ආණ්ඩුව සමයේ සතොසේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචා පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අදාළ චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීම පිණිස අඟහරුවාදා උදෑසන 10 ට පොලිස් මූල්‍ය වංචා විමර්ශන කාර්යාලයට වාර්තා කරන මෙන් ඔහුට දන්වා තිබුණි. අත් අඩංගුවට පත් වූ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබේ. හෙට දින (06) හිටපු ඇමතිවරයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු සමූපකාර සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු ජනාධිපතිවරයාගේ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ඉතා සමීප ආධාරකරුවකු ලෙස සැලකේ. ඔහු ඊට පෙරාතුව වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීප ආධාරකරුවකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, 2001 දී බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ තරුණ කටයුතු අමාත්‍ය ධුරය හෙබැවීය.
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වූ ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ ජනමාධ්‍යවේදීන්ට සහතිකපත් බෙදාදීමේ උත්සවයක් සහ සුහද හමුවක් නොපවත්වන ලෙස සංවිධානාත්මක පිරිසක් තර්ජන එල්ල කිරීම හේතුවෙන් එම උත්සවය රහස් ස්ථානයක දී පැවැත්වීමට සිදුවූ බව සංවිධායකයෝ පවසති.
කොළඹ රහසිගත ස්ථානයක දී රැස්වුණු මාධ්‍යවේදීන් මෙම උත්සවය සහ සුහද හමුව බදාදා (15) උදේ 10.00ට කොළඹ ජානකී හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබුණද මේ වනවිට එය කොළඹ නගරයේ රහසිගත ස්ථානයක පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු කළහ. උත්සවය වහා අවලංගු කරන ලෙසත්, එසේ නොකළහොත් වද හිංසාවලට ලක් කොට මරා දමන බවටත් අඟහරුවාදා (14) සවස 5ට පමණ අනන්‍යතාව හෙළි නොකළ පුද්ගලයකු විසින් දුරකථනය ඔස්සේ තර්ජනය කළ බව වැඩසටහනේ මාධ්‍ය පුහුණුකරුවකු හා උත්සවයේ සංවිධායකයකු වන මාධ්‍යවේදී ජයසිරි ජයසේකර බීබීසී සංදේශයට පැවසීය. එම දුරකථන අංකය මගින්ම ට‍්‍රාන්ස්පේරන්සි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විජේතුංගගේ ජංගම දුරකථනයටද තුන් වතාවක්ම ඇමතුම් ලබාදී ඇතත්, ඔහු එම ඇමතුම්වලට පිළිතුරු දී නැත. අදාළ උත්සවයට සහභාගී වීමට නියමිත, වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනූර් කිචිලාන් ටද ඉහත දුරකථන අංකය ඔස්සේම මරණ තර්ජන එල්ල කොට ඇති බවත් ජයසිරි ජයසේකර පැවසීය. බදාදා රැස්වීම අවලංගු කර ඇති බවත්, එම ‘එල්ටීටීඊ රැස්වීමට’ සහභාගී නොවන ලෙසත්, එසේ ගියහොත් ප‍්‍රහාරයට ලක් වන බවත් ඉන් ටික වෙලාවකට පසුව ජයසිරි ජයසේකරගේ සහ තවත් මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථනවලට එවූ කෙටි පණිවුඩයක සඳහන් වී තිබේ. ‘රට බේරාගත් දේශපේ‍්‍රමී බලකාය’ එහි පණිවුඩකරු ලෙස සඳහන් කොට තිබිණ. ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල සිංහල සහ දෙමළ භාෂාවෙන් මාධ්‍යකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන් 60 දෙනෙකු උත්සවයට සහභාගී වීමට නියමිතව සිටි අතර, රාවය පුවත්පතේ උපදේශක කර්තෘ වික්ටර් අයිවන් සහ ප‍්‍රංශ පුවත් සේවයේ කොළඹ ප‍්‍රධානී අමල් ජයසිංහ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත දේශකයන්ය. ට‍්‍රාන්ස්පේරන්සි ආයතනය සංවිධානය කරන මෙම පුහුණු වැඩසටහනේ වැඩමුළු දෙකකට එල්ල වූ තර්ජන හේතුවෙන් එම වැඩමුළු අවලංගු කිරීමට සිදු වූ අතර පසුගිය මාස කිහිපය ඇතුළත තවත් වැඩමුළු ගණනාවකටම තර්ජන එල්ල විය.
'ඔන්ලයින් අධ්‍යාපනය' ලැබීම සඳහා අන්තර්ලයට සම්බන්ධ වීමට කිලෝමීටර් හතරකට වඩා දුරක් ගොස් ගස්ගල් උඩ නැගීමට අධ්‍යාපනය ලැබීමට සිදුව ඇති දරුවන් පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කලාවන, වැවගම ගම්මානයේ ජීවත් වෙති.
එම ගමට දුරකථන පහසුකම් පවා හරිහැටි නොමැත. එබැවින් ඇතැම් දරුවෝ පාරුවක් ආධාරයෙන් ගගෙන් එගොඩවී, බස් රථයෙන් 10km පමණ දුරගෙවා ගෙන සිය ඥාති හිතමිතුරන්ගේ නිවාසවල රැඳෙමින් අධ්‍යාපනය ලබති. COVID-19 තත්ත්වය හමුවේ බොහෝ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරුණ බැවින් තමන්ට එම අවස්ථාව අහිමිවීමට ඉඩ නොතබන ලෙස මෙම දරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂද සේනානායක පැවසුවේ 'ගමට සන්නිවේදනය' ව්‍යාපෘතිය යටතේ දැනටමත් ආවරණ කලාප වැඩි කෙරෙන අතර, 2021 මාර්තු 31 වැනිදා වන විට මෙම ගැටලුව විසඳීමට හැකිවන බවය. නිෂ්පාදනය/ පටිගත කිරීම/ සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර
බීබීසී මාධ්‍යවේදිනී අයේෂා පෙරේරාගේ වාර්තාව ක් ඇසුරිනි.
අරක්කු ජාත්‍යන්තර වෙළෙඳපොළට ඇතුළු කිරීමට ගත් උත්සාහයන් මේ වන විට සාර්ථක වෙමින් පවතී පොල් මලේ සාරයෙන් නිෂ්පාදනය කරන අරක්කු සියවස් ගණනාවක් පුරා ශ්‍රී ලාකිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙම පානය ලෝකය පුරා ප්‍රචලිත කිරීම නිෂ්පාදකයන්ගේ මීළඟ අරමුණ වී ඇත. මේ වන විට ද ලන්ඩන් නුවර පිහිටි සුපිරි ගණයේ අවන්හල්වලින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අරක්කු මිලදී ගැනීමේ හැකියාව තිබේ. ආහාරපාන සහ සංචාර ගැන ලිපි ලියූ ඇන්තනී බෝඩේන් අරක්කු හඳුන්වා ඇත්තේ, "බර්බන් සහ රම් අතර සිදු වූ කසාදයක් වගේ. හැබැයි බලවත් මෙන්ම පිච්චෙන සැර ගතියක් සහ අමුතු මද්‍යසාර සුගන්ධයක් විහිදෙනවා," යනුවෙනි. පොල්වලින් සෑදූ තද පැහැති රම් වර්ගයකට සමාන අරක්කුවලට මෙතෙක් ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් හෝ අගය කිරීමක් ලැබී නොමැති බව ශ්‍රී ලාංකීය නිෂ්පාදකයෝ පවසති. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව තුළ පවා වැදගත් පානයක් ලෙස අරක්කු ප්‍රසිද්ධ නොවූ අතර, එය හැඳින්වුණේ "පහළ තත්වයේ" මද්‍යසාරයක් ලෙසිනි. කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශවල දිවි ගෙවන ප්‍රභූ පිරිස් අතර පිටරටින් ආනයනය කරන ස්කොච්, විස්කි, වයින් සහ රම් වඩාත් ප්‍රසිද්ධ වී තිබේ. පොල් ගසෙන් බාගත් සැණින් සුදු පැහැයෙන් දිස්වන රාවල ඇත්තේ මිහිරි මෙන්ම ඇඹුල් මිශ්‍ර රසකි මේ අතර, බලයේ සිටි සමහර ආණ්ඩුවලින් අරක්කු නිෂ්පාදනයට වෙළෙඳපොළක් නිර්මාණය කිරීම වෙනුවට මද්‍යසාරවලට දැඩි නීති පනවා එය සමාජයට අහිතකර දෙයක් ලෙස හුවා දක්වා තිබිණි. එම තත්වය අරක්කු නිෂ්පාදනයට අහිතකර ලෙස බලපෑවේය. මද්‍යසාර නිෂ්පාදනය විශාල බදු මුදලකට යටත් විය යුතු අතර, වෙළඳ ප්‍රචාරක කටයුතු කිරීම නීතියෙන් තහනම්ය. කෙසේවෙතත්, බාධක මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අරක්කු උසස් තත්වයකට රැගෙන ඒම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට ඇතුළු කිරීමට ගත් උත්සාහයන් මේ වන විට සාර්ථක වෙමින් පවතී. විශේෂ මිශ්‍රණයකින් සාදා ගත්, මිහිරි රස, වැඩි මිලැති අරක්කු වර්ග ප්‍රවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් රටවල් බොහෝමයක වෙළෙඳපොළ ආකර්ෂණය කර ගැනීමට නිෂ්පාදකයන් සමත් වී ඇත. මෙය කලවම් නොකර හෝ 'කොක්ටේල් (cocktail) ලෙස පානය කළ හැකි මද්‍යසාරයක් ලෙස ප්‍රචාරය කිරීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ පැරණිතම අරක්කු නිෂ්පාදකයන් වන 'රොක්ලන්ඩ් ඉස්කාගාරයේ' කළමනාකර අධ්‍යක්ෂ වන අමල් ද සිල්වා විජේරත්න මෙම මද්‍යසාර වර්ගය ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීමෙහි ලා ඉදිරියෙන්ම සිටින පුද්ගලයන් අතරින් කෙනෙකි. උසස් තත්වයේ අරක්කු නිෂ්පාදනවල අඩංගු වන්නේ පොල් මලේ සාරය සහ ජලය බව ඔහු ඉතා උනන්දුවෙන් විස්තර කළේය. අරක්කු නිෂ්පාදනය "මගේ ලේවල තිබෙන දෙයක්" ඔහු පැවසීය. රා වල අඩංගු ස්වභාවික සීනි සහ යීස්ට්වල ක්‍රියාකාරීත්වයෙන් එය ක්‍රමයෙන් මද්‍යසාර බවට පත් වේ ව්‍යාපාරයක් මට්ටමින් අරක්කු නිෂ්පාදනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග 1924 දී ගිවිසුමකට එළඹුණු අමල් ද සිල්වා විජේරත්නගේ මුත්තාගේ සහෝදරයෙකු වන ජේ බී එම් පෙරේරාට මෙම මිශ්‍රණය නිර්මාණය කිරීමේ පූර්ණ ගෞරවය හිමි වේ. ප්‍රංශයේ නිෂ්පාදනය කරන ලද මත්පැන් පෙරන විශේෂ කල්දේරමක් ද යොදා ගනිමින් ඔහු කළ නිර්මාණය නිසා නොපැසුණු, රළු මද්‍යසාරයක් සුමට මිහිරි පානයක් බවට පත් කර ගැනීමට හැකි වී තිබේ. එම වටිනා නිර්මාණය අනාගතයට රැගෙන යෑම තමන්ගේ උත්සාහය බව අමල් පැවසීය. මෙහි එක් පියවරක් ලෙස රොක්ලන්ඩ් ආයතනය ඉහළ වෙළෙඳපොළක් සඳහා මද්‍යසාර නිෂ්පාදනය ආරම්භ කර තිබේ. දීර්ඝ කාලයක් බැරල්වල දමා පරණ කරන ලද අරක්කු ලොව පුරා මද්‍යසාර භාවිත කරන්නන් අතර ජනප්‍රිය වෙමින් පවතී. මෙමගින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අරක්කුවලට ලෝක වෙළෙඳපොළ තුළ දොරටු විවෘත වෙමින් තිබේ. 2002 වර්ෂයේ දී ප්‍රථම වතාවට එක්සත් රාජධානියට අරක්කු හඳුන්වා දී තිබෙන අතර, එය "ලෝකයේ අමාරුම මද්‍යසාර වෙළෙඳපොළ" ලෙස අමල් හඳුන්වයි. නමුත්, මේ වන විට 'සිලෝන් ඇරැක්' සඳහා ශ්‍රී ලංකාවට වඩා විශාල වෙළෙඳපොළක් එක්සත් රාජධානිය තුළ නිර්මාණය වී ඇති බව ඔහු පැවසීය. වර්තමානයේ දී සිංගප්පූරුව, ජර්මනිය සහ ජපානයට මෙම නිෂ්පාදන ආනයනය කරනු ලබයි. මෙම වසරේ දී ඉන්දියානු වෙළෙඳපොළට ද අරක්කු හඳුන්වාදීමට නියමිතය. "රා මදින්නන්" අනුගමනය කරන ක්‍රම පරම්පරා ගණනාවක් වෙනස් නොවී පවතී සිංගප්පූරුවේ පිහිටා තිබෙන 'නේටිව්' (Native) නම් අවන්හලේ කොක්ටේල් වර්ගයක් සඳහා සිලෝන් අරක්කු යොදන බවත්, එය එහි වැඩියෙන්ම අලෙවි වන පානය බවට පත් වී ඇති බවත් එහි හිමිකරු විජේ මුදලියාර් පැවසීය. "අරක්කු කියන්නේ ඉතා අගනා මද්‍යසාර වර්ගයක්. එයින් එන්නේ ඉතා නැවුම් සහ පිරිසිදු රසක්. තද පැහැති මද්‍යසාර පරිහරණය කරන අයට පරණ කළ අරක්කු කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ තේරීමක්," ඔහු පැවසුවේය. ශ්‍රී ලාංකිකයන් කොපමණ කලක් අරක්කු පරිහරණය කළේ ද යන්න දැන ගැනීමට මාර්ගයක් නොමැති වුවත්, මෙය ලෝකයේ පැරණිතම මද්‍යසාර වර්ගයක් බව විශ්වාස කෙරේ. එයට හේතුවක් ලෙස අමල් ද සිල්වා විජේරත්න පැවසුවේ, "පැසවීමේ ක්‍රියාදාමය ගැන දෙවියන් කොහොමත් බලාගන්නවා" යනුවෙනි. ඔහු මෙයින් අදහස් කළේ රා වල අඩංගු ස්වභාවික සීනි සහ යීස්ට්වල ක්‍රියාකාරීත්වයෙන් එය ක්‍රමයෙන් මද්‍යසාර බවට පත් වීමය. පොල් ගසෙන් බාගත් සැණින් සුදු පැහැයෙන් දිස්වන රා වල ඇත්තේ මිහිරි මෙන්ම තරමක ඇඹුල් මිශ්‍ර රසකි. නමුත් පැසවීමේ ක්‍රියාවලිය ඉතා වේගයෙන් සිදුවන නිසා පැය කිහිපයක් ඇතුළත එහි මද්‍යසාර ප්‍රතිශතය 6%ක් බවට පත් වේ. ශ්‍රී ලංකාවේ පැරණිතම අරක්කු නිෂ්පාදකයන් වන 'රොක්ලන්ඩ්' විස්කි හෝ බ්‍රැන්ඩි සාදන ආකාරයටම රා ආසූත (distilled) කරගත් පසු මධ්‍යසාර ප්‍රතිශතය 60%ක් බවට පත් වේ. නමුත්, ජලය එකතු කර ගැනීමත් සමග එය 40% දක්වා අඩු වේ. කෙසේවෙතත්, රා මැදීම වැනි රැකියාවක නියැලීමට ඉතා ශක්තිමත් මනසකින් හෙබි පුද්ගලයෙකු විය යුතුය. "රා මදින්නන්" අනුගමනය කරන ක්‍රම පරම්පරා ගණනාවක් වෙනස් නොවී පවතී. ඔවුන් දිනකට දෙවරක් ඉතා උස පොල් ගස් මුදුනේ පිහිටා තිබෙන නොපිපුණු මල්වලින් රා එකතු කිරීමේ නියැලේ. හොඳින් වැඩුණ පොල් ගසක උස අඩි 200ක් පමණ වේ. මේ තොරතුරුද කියවන්න: ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදකයන් වන DCSL, IDL, Mendis සහ Rockland යන සමාගම්වලට අයත් විශාල පොල් වතුවල රා මදින්නන් සිය ගණනක් රැකියාවේ නිරත වී සිටී. ඒ සෑම රා මදින්නෙකුටම බලා ගැනීම සඳහා ගස් පෙළක් ලබා දී ඇති අතර, එම ගස් අතර ගමන් කරන්නේ කඳ මුදුනේ බැඳි කඹයක ආධාරයෙනි. පොළොවෙන් උඩ පැය ගණනාවක් සිටින ඔවුහු ගස් අතර ගමන් කරමින් රා එකතු කරති. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් හතර පමණක් විවිධ මිශ්‍රණ සහ විවිධ මට්ටමේ අරක්කු වසරකට ලීටර මිලියන 60ක් නිෂ්පාදනය කරයි. අරක්කුවල ඇති රා ප්‍රමාණය අනුව එහි තත්වය සහ මිල තීරණයේ වේ. ලොව පුරා ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අරක්කු අනර්ඝ තත්වයේ අරක්කු නිෂ්පාදනය කරන්නේ 100%ක් පොල් මලේ සාරය අසූත කිරීමෙන් වන අතර, "එක්ස්ට්‍රා ස්පෙෂල් ඇරැක්" (Extra Special Arrack) ලෙස නම් කර ඇති මිලෙන් අඩු වර්ග පැණි මණ්ඩිවලින් සාදා ගනු ලබයි. මූලික මට්ටමේ අරක්කුවල රා ඇත්තේ 3%ක් වැනි ප්‍රමාණයකි. තවමත් ශ්‍රී ලංකාව තුළ විකිණෙන අරක්කුවලින් 70%ක් මිල අඩු ඒවා වන අතර, ඉහළ මිල අරක්කු වර්ග පරිහරණය කිරීම ආඩම්බරයට කරුණක් බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. "මට හමුවෙන සමාගම් ප්‍රධානීන් බොහෝ දෙනෙක් කියන්නේ ලොව පුරා සිටින ඔවුන්ගේ වැදගත් සේවාදායකයන්ට තෑගි කරන්න අරක්කු බෝතලයක් නැතිව යන්නේ නැහැ කියලා," අමල් ද සිල්වා විජේරත්න පැවසීය. අරක්කු ගැන තිබෙන මතවාදය බිඳ හෙළීමේ ක්‍රියාවලිය ඉතා සෙමින් නමුත් ප්‍රතිඑලදායී ලෙස සිදුවන බවත් ඔහු සඳහන් කළේය. "මේ දේට අවුරුදු ගණනාවක් ගතවෙයි. හැබැයි දිගටම ඇඳගෙන යන්න ඔබට අධිෂ්ඨානයක් තිබිය යුතුයි." "කොහොම වුණත්, අරක්කුවලට ලැබිය යුතු අවධානය සහ පිළිගැනීම ලැබෙන්න තව බොහෝ කාලයක් ගත වෙයි." තවත් තොරතුරු:
පාස්කු ඉරු දින එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර වලින් පියා අහිමිකොට තමන් සහ නැගණියට තුවාල සිදු කළ ද එම බෝම්බකරුවන්ට තමන්ගේ සිහිනය විනාශ කිරීමට නොහැකි වූ බව ග්ලෝරියා ජෝර්ජ් බීබීසී සිංහල සේවයට පැවසුවාය.
2019 අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගිය අවස්ථාවේදී ඔවුහු බෝම්බ ප්‍රහාරයට ලක්වූහ. වත්තල, ඔලියමුල්ලේ පදිංචි ග්ලෝරියා මේ වන විට වාණිජ අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන අතරතුර අගරදගුරු කාර්යාලයේ 'සෙත් සරණිය' සංවිධානයේ තාවකාලික රැකියාවක ද නිරත වන්නීය. ''අද එක එක්කෙනා විවිධ කතා කියනවා. මට දැනගන්න ඕනා මගේ තාත්තාව මරපු හේතුව. ඒක මිනීමැරුමක්ඒ. ඒකට යුක්තිය ඉටු වෙන්න ඕනා. මම වගේ අද කීදෙනෙක් වේදනා විඳිනවාද? යුක්තිය වෙනුවෙන් නැගී සිටින්න අනිත් අයත් එකතු වෙන්න කියල මම ආරාධනය කරනවා.'' යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයේදී කියා සිටියාය. නිෂ්පාදනය / පටිගතකිරීම / සංස්කරණය ෂර්ලි උපුල් කුමාර
ලොව ප්‍රීතිමත් ජනයා වෙසෙන රට ලෙස ඔස්ට්‍රේලියාව තේරී ඇති බව දියුණු රටවල ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහාවූ සංවිධානය (OECD) ප්‍රකාශ කරයි.
එම සංවිධානය විසින් ධනවත් රටවල සිදුකරන ලද සමීක්ෂණයකට අනුව දෙවැනි ස්ථානයට ස්වීඩනයත්, තෙවැනි තැනට කැනඩාවත් තේරී ඇති අතර, යහපත් ජීවිතයක් සඳහාවූ දර්ශකයන් පිළිබඳව සිදුකළ මෙම සමීක්ෂණයේදී ආදායම, සෞඛ්‍ය, ආරක්ෂාව සහ නිවාස පහසුකම් ගැන ජනතාව සෑහීමට පත්ව ඇති ප්‍රමාණය විමසනු ලැබිණ ලැබිණ. මෙම ක්‍ෂේත්‍ර සියල්ල සමබරව අවධානය යොමු කිරීම ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණයට හේතුව ලෙස සංවිධානය ප්‍රකාශ කරයි. ලැයිස්තුවේ අවසාන, තිස් හයවන තැන ලබන්නේ තුර්කියයි. බ්‍රිතාන්‍යය ලබා සිටින්නේ දහවැනි ස්ථානයයි.
"එන්නත් මගින් වසංගතයට එරෙහිව විශාල අපේක්ෂාවක් ලබා දෙනවා" ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් පවසයි.
එම ප්‍රකාශයට ඔහු තවත් දෙයක් එක් කරයි. "නමුත් ලෝකයම ආරක්ෂා කර ගැනීමට නම් - එන්නත් මිලදී ගැනීමට වත්කම සහිත රටවල ජනතාව පමණක් නොව - සෑම තැනකම අවදානමට ලක්වී සිටින සියලු දෙනා එන්නත් කිරීමට අප වගබලා ගත යුතුයි." මෙම වසංගත තත්ත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට නැවත පියවර තැබීමට එන්නත් මගින් විශාල කාර්යභාරයක් ඉටුවන බව අප දනිමු. එය එසේ වී නමුදු, කෙනෙකුට කෙටි කාලයකින් ළඟා විය හැකි එම ඉලක්කය තවෙකෙකුට දීර්ඝ ගමනක් විය හැකිය. උදාහරණයක් ලෙස දක්වතොත්, එන්නත් නිකුත් වූ වහාම එහි සැපයුම් අත්පත් කර ගැනීමට ඇතැම් රාජ්‍යයන් සහ දේශපාලන කණ්ඩායම් තරග වදින්නට පටන් ගත්හ. මෙම "එන්නත් ජාතිකවාදය" නිසා දිළිඳු රාජ්‍යයන් පෝලිමේ පසුපසට තල්ලු කෙරිණ. එමෙන්ම, එන්නත් පිළිබඳව පවතින දෙගිඩියාව, නිෂ්පාදන අවහිරතා සහ සැපයුම් දුෂ්කරතා වැනි බාධක කොවිඩ් 19 එරෙහි අවසාන අභිමතාර්ථය ඉටු කර ගැනීම ඉදිරියේ හරස් වී සිටිති. මෙම මාර්ග බාධක සැලකිල්ලට ගතහොත්, කොවිඩ් වසංගතයට එරෙහි සටනේ දී මුළු ලෝකයම එන්නත් කිරීමේ වැඩසටහන ඵල දැරීමට තව කොපමණ කාලයක් ගතවිය හැකිද? එන්නත් බෙදාහැරීම් සිදුවන්නේ කෙසේද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් කොරෝනා වසංගතයට එරෙහිව මිනිසුන් එන්නත් කිරීමේ වැඩසටහන බොහෝ රටවල් ආරම්භ කර තිබේ. නමුත්, ඉල්ලුම සහ සැපයුම අතර අසමතුලිතතාවක් පවතී. මේ වන විට රටවල් 138ක් පුරා එන්නත් මාත්‍රා මිලියන 565ක් ශරීරගත කර හමාරය. Our World in Data (OWID) සපයා ඇති සංඛ්‍යාලේඛන අනුව, මාර්තු 30 වැනිදා දිනය තුළ දී පමණක් දල වශයෙන් මාත්‍රා මිලියන 13.9ක් එන්නත් කර තිබේ. සමස්ත සංඛ්‍යාව ගත් කළ එය විශාල ප්‍රමාණයක් සේ දැනෙන්නට පුළුවන. නමුත් බිලියන 7.8කට ආසන්න වූ ලෝක මිනිස් ගහනය සලකා බලන විට මෙම ප්‍රමාණය සෑහෙන්නේ පෘථිවිය මත සිටින මානව සංහතියෙන් 7.2%කට පමණි. එයද පළමු මාත්‍රාව සඳහා පමණි. දැනට පවතින වේගයෙන් එන්නත් කිරීමේ වැඩසටහන් දිගටම දියත් වුවහොත් මුළු ලෝකයම එන්නත් කර හමාර වීමට තවත් වසර තුනකට අධික කාලයක් ගතවනු ඇත. දැනට පවතින එන්නත් සියල්ලම පූර්ණ ක්‍රියාකාරිත්වයට පත් වීමට නම් සෑම පුද්ගලයෙකුටම මාත්‍රා දෙකක් බැගින් ලබා දිය යුතු බව විශේෂයෙන් ම සිහි තබා ගත යුතුය. The Economist Intelligence Unit (EIU) විශ්වාස කරන්නේ, දියුණු ආර්ථිකයක් සහිත රටවල සිටින වැඩිහිටි පරම්පරාව සම්පුර්ණයෙන් එන්නත් කිරීම 2022 වසරේ මැද භාගය වනවිට හමාර කළ හැකිවනු ඇති බවය. මැදි ආදායම් සහිත රටවලට මෙම ඉලක්කය සපුරා ගත හැකිවන්නේ 2022 අග භාගයේ හෝ 2023 මුල් භාගයේදී ය. ලොව දිළිඳු රටවල් 2024 තෙක් බලා සිටිය යුතු වේ. එය ද සපුරා ගත හැකි වන්නේ එම රටවල මහා පරිමාණයෙන් එන්නත් වැඩසටහන් දියත් කිරීමක් සිදු වුවහොත් පමණි. භාවිත කරමින් පවතින්නේ කුමන එන්නත් ද? කෙනෙකුට කෙටි කාලයකින් ළඟා විය හැකි එම ඉලක්කය තවෙකෙකුට දීර්ඝ ගමනක් විය හැකිය මුලින් ම අනුමැතිය ලැබුණේ Pfizer-BioNTech එන්නතට ය. ඊට මුල්ම අනුමැතිය හිමි වූයේ එක්සත් රාජධානියෙනි. ඒ පසුගිය දෙසැම්බර් 2වැනිදා ය. අනතුරුව එක්සත් ජනපදය, යුරෝපා හවුල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඊට අනුමැතිය ලබා දුන්හ. ඉන් පසුව තවත් එන්නත් වර්ග කීපයක් අනුමත විය. එක්සත් ජනපදයේ නිෂ්පාදිත Moderna, එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සංවර්ධනය කළ AstraZeneca, චීනය නිපදවූ එන්නත් දෙකක් වන Sinopharm සහ Sinovac මෙන්ම රුසියාවේ නිෂ්පාදිත Sputnik V මෙසේ අනුමැතිය ලද එන්නත් අතර විය. තවත් එන්නත් දෙකක සායනික අත්හදා බැලීම් පිළිබඳ වාර්තා මෑතකදී ඉදිරිපත් වුණි. ඒ Janssen සහ Novavax ය. එම සායනික වාර්තා ඖෂධ නියාමන අධිකාරීන් විසින් මේ වන විට සමාලෝචනය කරනු ලබමින් පවතී. රෝග ව්‍යාප්තිය, රෝහල්ගත කෙරෙන රෝගීන්ගේ ප්‍රමාණය සහ කොවිඩ් මරණ සංඛ්‍යාව එන්නත් ලබා දීම මගින් අඩු වන බවට එක්සත් රාජධානිය සහ ඊශ්‍රායලය වැනි රටවලින් බලාපොරොත්තු තැබිය හැකි යහපත් ලකුණු පළවී තිබේ. තවත් එන්නත් වර්ග 200කට අධික ප්‍රමාණයක් ලොව පුරා තවමත් සායනික අත්හදා බැලීම් සිදු කරමින් සිටී. එම එන්නත් ප්‍රමාණය අනුමැතිය ලබා නිෂ්පාදන ක්‍රියාවලියට පිවිසුනහොත් ලෝකය එන්නත් කිරීමේ වැඩසටහන් අතිශයින් වේගවත් වනු ඇත. නමුත්, එන්නත් නිර්මාණය කිරීම සඳහා දැරූ උත්සාහය පෙර නොවූ විරූ මට්ටමකින් සිදු වුවද, වාර්තාගත කාල පරාසයක දී අනුමත වී නිෂ්පාදනය වුවද ඒවා ලොව පුරා දියත් කිරීම විවිධ බාධක නිසා අතිශය අසමතුලිත මට්ටමකින් සිදුවෙමින් පවතී. "එන්නත් ජාතිකවාදය" යනු කුමක් ද? "මෙය සදාචාරයටත් එහා ගිය කාරණයක්. එය විද්‍යාත්මක සහ ආර්ථිකමය අවශ්‍යතාවයක්" "එන්නත් ජාතිකවාදය" යන යෙදුම භාවිත වන්නේ, එන්නත් සැපයුම අනුන්ගේ වියදමින් තම ජනතාව වෙනුවෙන් වෙන් කරවා ගැනීම සඳහා ජාතික ආණ්ඩු කෑදර සහ අසාධාරණ ලෙස ක්‍රියා කිරීම හැඳින්වීමට ය. ඖෂධ නිෂ්පාදනය කරන රටවල් සමඟ ද්විපාර්ශවික ගිවිසුම් ඇති කර ගනිමින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අතිශයින් වැඩි එන්නත් තොග මිලදී ගැනීමට බොහෝ ධනවත් රාජ්‍යයන් පෙළඹී ඇත. උදාහරණයක් ලෙස දක්වතොත්, මාත්‍රා දෙකම ලබා දීම සඳහා තම රටට අවශ්‍ය ප්‍රමාණය මෙන් පස් ගුණයක එන්නත් ප්‍රමාණයක් කැනඩාව ඇනවුම් කර තිබේ. ඊට අමතරව එක්සත් ජනපදයේ ඉතිරිවන AstraZeneca එන්නත් තොගයෙන් කොටසක් ද කැනඩාවට ලබා දීමට නියමිතය. එක්සත් රාජධානිය ද එන්නත් ගොඩගසා ගන්නා බවට චෝදනා එල්ල වී ඇත. රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක එන්නත් ප්‍රමාණයක් සඳහා එක්සත් රාජධානියට ප්‍රවේශය පවතින බව Wellcome සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙරමි ෆරාර් පවසයි. "අපේ දේශ සීමාවෙන් එහා පිළිබඳවත් හිතන්නට අප පටන් ගත යුතුයි. මෙතරම් මාත්‍රා ගණනක් එක්සත් රාජධානිය තුළ භාවිතා කෙරෙන්නේ නැහැ. ගෝලීය වශයෙන් එන්නත් අත්‍යවශ්‍යව සිටින අය සමඟ අපි මේවා බෙදා ගැනීම අප ආරම්භ කළ යුතුයි." "මෙය සදාචාරයටත් එහා ගිය කාරණයක්. එය විද්‍යාත්මක සහ ආර්ථිකමය අවශ්‍යතාවක්." ඔහු තවදුරටත් පැවසීය. තම භූමි කලාපය තුළ නිෂ්පාදනය කෙරෙන එන්නත් සඳහා අපනයන සීමා පැනවීමට යුරෝපා හවුල ද තර්ජනය කරමින් සිටින්නේ තම රටවල ජනතාව එන්නත් කිරීම සඳහා දියත් කර ඇති වැඩසටහන්වලට ද අවශ්‍ය පමණට එන්නත් නොමැතිවීම හේතුවෙනි. තම රටට අවශ්‍ය ප්‍රමාණය මෙන් පස් ගුණයක එන්නත් ප්‍රමාණයක් කැනඩාව ඇනවුම් කර තිබේ මේ සියල්ලගෙන් ම පෙනී යන්නේ මෙම වටිනා එන්නත් සැපයුම ධනවත් රටවල් අතළොස්සක් තුළ අගුලු දමා ඇති බවය; සාධාරණ ලෙස දිළිඳු රටවල් සමඟ බෙදා ගැනීමට අපොහොසත් වී ඇති බවය. Gavi නමින් හැඳින්වෙන එන්නත් සන්ධානයේ ප්‍රධාන විධායක නිලධාරී සෙත් බර්ක්ලි පසුගිය සතියේ කියා සිටියේ "2009දී (සූකර උන එන්නත) සිදු වූ ආකාරයටම එන්නත් ජාතිකවාදය දිගටම ක්‍රියාත්මක කරගෙන යාමට ආණ්ඩු ක්‍රියා කළහොත් සහ වැඩිම ලංසුවට පමණක් කොවිඩ් එන්නත ලබා දීමට නිෂ්පාදකයන් පියවර ගතහොත් එයින් සිද්ධ වෙන්නේ මෙම අර්බුදය තවත් දිගු වීම පමණයි," යනුවෙනි. "පෝලිමේ අග සිටින සියලුම රටවලට පවා එන්නත් ලබාදීමට පොරොන්දු වුනත්, ඒවා ලොව පුරා බෙදා හැරීම පමා කිරීම නිසා කොරෝනා වෛරසය දිගටම සංසරණය වෙමින්, වෙනත් ප්‍රභේද ඇතිවෙමින් තවත් ශක්තිමත් වෙනවා." එන්නත යැවෙන්නේ යා යුතු තැනට ද? Covax එන්නත මුලින්ම ලැබුනේ ඝානා රාජ්‍යයට ය ඇතැම් මැදි ආදායම් ලාභී රටවල් සහ බොහෝ අඩු ආදායම් ලාභී රටවල් තම ජනතාවට අවශ්‍ය එන්නත් ලබාදීම සඳහා යැපෙන්නේ එන්නත් සන්ධානය විසින් ලබා දෙනු ලබන Covax එන්නත මතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් එන්නත් මාත්‍රා බිලියන 6ක් දිළිඳු රටවලට ලබාදීමට නියමිතය. ඉන් බිලියන 2ක් 2021 වසර තුළදී ම ලබා දීම ඔවුන්ගේ ඉලක්කයයි. Gavi එන්නත් සන්ධානය පවසන පරිදි Covax මාත්‍රා මිලියන 79ක් රටවල් 70කට යවා ඇත. එහි අලුත්ම බෙදා හැරීම් ටොන්ගා රාජ්‍යයට සහ ට්‍රිනිඩෑඩ් - ටොබැගෝ වෙත ලැබෙමින් පවතී. ජන සමූහ වශයෙන් එන්නත් කිරීම සඳහා අප්‍රිකානු රටවලට හැකියාවක් ලැබෙන්නේ අවසානයට ය. ඔවුන්ට යැපෙන්නට සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් ලබා දෙන එන්නත් මතය. Covax එන්නත මුලින්ම ලැබුනේ ඝානා රාජ්‍යයට ය. ඒ පසුගිය මාසයේදී ය. නමුත් මිලියන 31ක් වූ ජනගහනයක් සහිත ඝානාවට ලැබුණේ Covax මාත්‍රා ලක්ෂ 6ක් පමණි. බීබීසී අප්‍රිකානු සේවයේ සෞඛ්‍ය සංස්කාරක ඈන් මවාතේ කියා සිටියේ නිෂ්පාදනයට පෙර ඇනවුම් නොකිරීම හේතුවෙන් එන්නත් සඳහා බටහිර රටවලට වඩා වැඩි මිලක් ගෙවීමට අප්‍රිකානු රටවලට සිදුවිය හැකි බවය. ඇය තවදුරටත් පැවසුවේ, ලොව පුරා එන්නත් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා පේටන්ට් අයිතිය මුදා හරින ලෙස ඖෂධ සමාගම්වලින් ඇතැමුන් ඉල්ලීමක් කර ඇති බවය. නිෂ්පාදනය වැඩි කරගැනීම මෙන්ම අඩු මුදලකට එන්නත් ලබාගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇත. "නමුත් සමාගම් ඊට එකඟ වෙලා නැහැ. ඔවුන් දන්නවා එහෙම වුනොත් ඔවුන්ගේ ලාභය අඩු වෙන බව." අලුත් ප්‍රභේදවලට එන්නත ඵලදායී වේද? බොහෝ අඩු ආදායම් ලාභී රටවල් තම ජනතාවට අවශ්‍ය එන්නත් ලබාදීම සඳහා යැපෙන්නේ එන්නත් සන්ධානය විසින් ලබා දෙනු ලබන Covax එන්නත මතය වෛරසයේ නව ප්‍රභේද මතුවනු ඇති බවට අපේක්ෂිතය. සෑම වෛරසයක් ම තම පැවැත්ම සහ ව්‍යාප්තිය සඳහා සිය අනුපිටපත් බිහි කිරීමේදී වෙනස්වීම් වලට භාජනය වෙයි. ඉන් නව ප්‍රභේද ඇතිවෙයි. බොහෝ ප්‍රභේද එතරම් හානිකර නොවේ. නමුත් යම් අවස්ථාවක ඉතා ශක්තිමත් ප්‍රභේදයක් ඇතිවිය හැකිය. එක්සත් රාජධානියෙන්, බ්‍රසීලයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් හමුවූ ප්‍රභේද ඊට උදාහරණ වෙති. මෙම ප්‍රභේද මගින් රෝගය වඩාත් මාරාන්තික කරන බවට තවමත් සාධක නොමැත. දැනට පවතින එන්නත් කෙටි කාලීනව හෝ ඊට ඵලදායී වනු ඇති බව බොහෝ විශේෂඥයන්ගේ මතය වී තිබේ. නමුත්, කොවිඩ් 19 පරීක්ෂාවකින් තොරව ලොව පුරා ව්‍යප්තවන්නට ඉඩ සැලසුවහොත් දැනට පවතින එන්නත් වලට අවනත නොවන ප්‍රභේද ඇතිවීමේ අවදානමක් පිළිබඳව අවධානය මතුවී තිබේ. එසේ වුවහොත් දැනට එන්නත් වී සිටින ජනයා වුවද නැවතත් රෝගාතුර විය හැකිය. එවැනි අවස්ථාවකදී දැනට පවතින එන්නත් නව ප්‍රභේදයට සරිලන පරිදි සති කීපයකින් හෝ මාස කීපයකින් යළි සංවර්ධනය කළ හැකි බව විශේෂඥයෝ පවසති. එසේ වුවහොත් නව ප්‍රභේද සඳහා තැනෙන නව එන්නත් වසරක් පාසා ලබා ගැනීමට ජනතාවට සිදුවනු ඇත. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සඳහා මේ ආකාරයට එන්නත් ලබා දෙනු ඇත. එන්නත් පිළිබඳ දෙගිඩියාව කුමක්ද? එන්නත් පිළිබඳ වැඩි දෙගිඩියාවක් පවතින ජර්මනියේ එන්නත් මධ්‍යස්ථානයක් මුළු ලෝකයම එන්නත් කිරීමේ දී "එන්නත් දෙගිඩියාව" ද විශාල බලපෑමක් සිදු කරනු ඇත. ඇතැම් ධනවත් රටවලට එන්නත් නොඅඩුව ලැබුණත් ඒ පිළිබඳව පවතින ජන අනවබෝධය හේතුවෙන් ඊට බාධා ඇතිවී තිබේ. උදාහරණයක් ලෙස, ජපානයේ සහ ප්‍රංශයේ මෑතක දී සිදු කරන ලද මත විමසීමකින් හෙළිවී ඇත්තේ එම රටවල ජනගහනයෙන් අඩක් පමණ එන්නත ලබාගැනීමට අකමැති බවය. තුන්වන රැල්ලක් අත්විඳිමින් සිටින ජර්මනිය සහ ඉතාලිය සති කීපයකට පසුව AstraZeneca එන්නත ලබා දීම අත්හිටුවීමට පියවර ගත් අතර එහි සුරක්ෂිතභාවය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කළෝය. දියුණු රටවල පවතින මෙම දෙගිඩියාව දිළිඳු රටවලින්ද මතුවිය හැකිය. විශේෂයෙන් ම එන්නත් බෙදා හැරීම පමා වීමේ දී එවැනි දෙගිඩියාවන් මතුවීමේ ඉඩකඩ වැඩි වනු ඇත. ඇතැම් රටවල - විශේෂයෙන්ම තරුණ ජන විකාශය වැඩි රටවල - රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්නම් (ජනගහනයෙන් වැඩි පිරිසකට රෝගය වැළඳී ප්‍රතිශක්තිය ඇතිවී තිබෙන බැවින්) හෝ ඊට වැය වන මුදල ඉතා ඉහළ නම් එන්නත ලබා ගැනීම සඳහා වැඩි ඉල්ලුමක් ඇති නොවනු ඇත. Economist Intelligence ඒකකයේ පුරෝකථන අධ්‍යක්ෂිකා අගතේ ඩෙමාරයිස් කියා සිටියේ "මුළු ලෝකයම එන්නත් කිරීම 2022 අගභාගය සහ 2023 දක්වා ඇදී යනු ඇති අතර සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවල් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් පවතින හෙයින් අවදානම ඉහළ යනු ඇති" බවය. "එවැනි තත්ත්වයක් ඇති වුණොත් ලෝක ආර්ථිකය යථා තත්වයට පත්වීම තවත් පමා වන අතර වෛරසයේ නව ප්‍රභේද ඇතිවී එන්නත්වලට ඔරොත්තු නොදෙන තත්ත්වයකට පත්වී අපව නැවතත් කලින් පැවති නරක තත්ත්වයටම පත්වෙනවා." බොහෝ දෙනෙකු එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළහොත්, විශේෂඥයන් පවසන පරිදි, මෙම වසංගතය නිමා කිරීම සඳහා පවතින හොඳම අවස්ථාවට එයින් දැඩි බලපෑමක් ඇතිවනු ඇත. 'සමූහ ප්‍රතිශක්තිය' (Herd Immunity) කෙසේ නමුත්, මෙම වසංගතය දෙවන වසරටත් පියවර මැන ඇති හෙයින්... 'සමූහ ප්‍රතිශක්තියට' ළඟා විය හැක්කේ ජනගහනයෙන් සැලකිය යුතු වැඩි පිරිසකගේ ශරීරයේ අදාළ රෝගයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ ඇතිවීමෙන් පසුවය. සාමාන්‍යයෙන් මෙය සිදු වන්නේ එන්නත් කිරීම මගිනි. එවිට එම පිරිස හරහා රෝගය ව්‍යාප්ත නොවීම හේතුවෙන් අනෙක් ජන පිරිස ආරක්ෂා වනු ඇත. මෙය රෝගයෙන් රෝගයට වෙනස් වෙයි. උදාහරණයක් ලෙස, සරම්ප රෝගය සඳහා ජනගහනයෙන් 95%ක් එන්නත් කළ යුතුය. නමුත් පෝලියෝ සඳහා අවශ්‍ය වන්නේ ජනගහනයෙන් 80%ක් එන්නත් කිරීම ය. කොවිඩ් 19 අලුත්ම තර්ජනයක් බැවින් ඒ සඳහා සමූහ ප්‍රතිශක්තිය සැපිරීමට අවශ්‍ය වන ප්‍රතිශතය කෙතරම්දැයි තවම නොදනී. නමුත් එය 70%ක් පමණ විය හැකි බවට වසංගත රෝග පිළිබඳ විශේෂඥයෝ විශ්වාස කරති. කෙසේ නමුත්, මෙම වසංගතය දෙවන වසරටත් පියවර මැන ඇති හෙයින් මෙම ප්‍රතිශත අගය ඉහළට තල්ලු කිරීම සඳහා විශේෂඥයෝ සීරුවෙන් කටයුතු කරමින් සිටිති. එම අගය පිළිබඳව තිබූ තක්සේරුව කාලයත් සමඟ ක්‍රමයෙන් ඉහළ දමමින් සිටින බව එක්සත් ජනපද ජනාධිපති බයිඩන්ගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆවුචි පිළිගත් අතර එය 70% සහ 90% අතර විය හැකි බව ඔහුගේ විශ්වාසයයි. එන්නතකින් කොවිඩ් 19 මුලින් උපුටා දැමිය හැකිද? එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි වරක් මාධ්‍යයට පවසා තිබුණේ, කොවිඩ් 19 ලොවින් සදහටම තුරන් කිරීමට ඇති සම්භාවිතාව "බින්දුවට ආසන්න බැවින් කිසිදු වෙනසක් නොවන තරම්" බවය. "අපිට සදහටම තුරන් කරන්න පුළුවන් වුණේ එකම රෝගයයි. ඒ වසූරිය රෝගය. එය කළ හැකි වුනේ ආශ්චර්යමත් ලෙස ඵලදායී වූ එන්නතක් සමඟ ඉතා දීර්ඝ කාලයක් කටයුතු කිරීමෙන්." මහාචාර්ය ක්‍රිස් විටි තවදුරටත් පැවසීය. නමුත් ඉන් අදහස් කෙරෙන්නේ එන්නත් කිරීමෙන් පලක් නොවන බව නොවේ. අර්ධ වශයෙන් ජනගහනය එන්නත් කිරීම මගින් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් නව වෛරස් ප්‍රභේද ඇතිවන තත්ත්වයක් උදා විය හැකිය. ආසාදිතයන් වාර්තාවීම නතර වූ බැවින් 2020 ජුනි මාසයේ දී නවසීලන්තය කොවිඩ් සීමා සම්පුර්ණයෙන් ම පාහේ ඉවත් කළේය වොෂින්ටන් සරසවියේ ක්‍රිස්ටෝෆර් මරේ සහ සනීපාරක්ෂාව සහ නිවර්තන කලාපීය ඖෂධ පිළිබඳ ලන්ඩන් විද්‍යායතනයේ පීටර් පියෝට් විසින් ලියනු ලැබූ විශ්ලේෂණයකින් අනතුරු අඟවා ඇත්තේ ලොව පුරාම කොවිඩ් එන්නත ලබා දීම අතිශය වේගවත්ව කළ යුතුව පවතින බව පවසමිනි. "නොනැසී පවත්නා සහ සෘතුමය කොවිඩ් 19 රෝගයක් ඉදිරියේදී ඇතිවීම යථාර්ථයක්." ඇමරිකානු වෛද්‍ය සම්මේලනයේ සඟරාවට ඔවුන් සැපයූ ලිපියේ සඳහන් වේ. ඔවුන් නිර්දේශ කරන්නේ, කොවිඩ් 19 පාලනය කිරීම සඳහා පළමු පියවර ලෙස මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන් ගෝලීය වශයෙන් අධි වේගයකින් දියත් කළ යුතු බවය. කොවිඩ් එන්නත් ලබා දීමේ මූලික ඉලක්කය වී ඇත්තේ ජීවිත බේරා ගැනීම වන අතර එමගින් ප්‍රතිශක්තියක් ලබාදීමත් වෛරසය පැතිරීම වලක්වා ගැනීමත් සිදුවන බව ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ වසංගත රෝග අංශයේ ප්‍රධානි, මහාචාර්ය අස්රා ඝානි පැවසුවාය. ඇය තවදුරටත් කියා සිටියේ, "වෛරසය හඳුනාගෙන වසරක් අවෑමෙන් එන්නතක් සංවර්ධනය කර එය බෙදාහැරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පෙර නොවූ විරූ තරම්" වන බවය. මෙම නව වෛරසය පිළිබඳ විද්‍යාත්මක ඥානය ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතින අතර ලොව වටා විද්‍යාඥයෝ ක්‍රියාශීලීව මෙම වෛරසයට එරෙහි එන්නත් පරීක්ෂා කරමින් සහ වැඩි දියුණු කරමින් සිටිති. "ඒ නිසා අපිට ශුභවාදීව හිතන්න පුළුවන්. වෛරසය සදහටම තුරන් කිරීමට නොහැකි වුනත් මෙම උත්සාහයන් මගින් නැවත සාමාන්‍ය ජනජීවිතයට පැමිණීම සඳහා සෘජු සහ වක්‍ර ආරක්ෂාවක් ලබා ගත හැකි බව මම විශ්වාස කරනවා." මහාචාර්යවරිය පැවසුවාය.
ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් දාහතර දෙනකුගෙන් සමන්විත සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් පාලක කමිටුව විසින් නම් කරනු ලැබ තිබේ.
පළමු විස්සයි විස්ස තරඟය සැප්තැම්බර් 06 වනදා මහනුවරදී පැවැත්වීමට නියමිත අතර දෙවන තරඟය සැප්තැම්බර් 09 වනදා කොළඹදී පැවැත්වීමට නියමිතයි. විස්සයි විස්ස තරඟාවලිය සඳහා නම් කොට ඇති ශ්‍රී ලංකා ක්‍රීඩක ලැයිස්තුව: 01. කුසල් ජනිත් පෙරේරා 02. තිලකරත්න ඩිල්ෂාන් 03. දිනේෂ් චන්දිමාල් - නායක 04. ධනංජය ද සිල්වා 05. චාමර කපුගෙදර 06. මලින්ද සිරිවර්ධන 07. කුසල් මෙන්ඩිස් 08. සීක්කුගේ ප්‍රසන්න 09. සචිත්‍ර සේනානායක 10. සුරංග ලක්මාල් 11. තිසර පෙරේරා 12. සචිත් පතිරණ 13. කසුන් රාජිත 14. දසුන් ශානක
වවුනියාවේ ළමා ලිංගික අතවර කරන වැරදි කරුවන්ට දඬුවම් ලබා දීමට නිලධාරීන් නිසි ලෙස කටයුතු නො කරන බවට චෝදනා නගමින් ලිංගික අතවර වලට ලක් වූ ළමුන් හා ඥාතීන් පිරිසක් උද්ඝෝෂණයක් හා පෙළපාලියක් පැවැත්වූහ.
වවුනියාව මහ රෝහල ඉදිරිපිටින් සඳුදා පෙරවරුවේ ආරම්භ වූ පෙළපාලිය දිසාපති කාර්යාලය දක්වා ගමන් කොට වවුනියාව අතිරේක දිසාපතිනි සරස්වතී මෝහනදාස් වෙත විශේෂ සන්දේශයක් ද බාර දෙන ලදී. එහි සදහන් වූයේ වවුනියාවේ ළමා ලිංගික අතවර සිද්ධින් ඉහල යන නමුත් නිලධාරීන් ඒවා අවම කිරීමට කටයුතු නො කරන අතරතුර වැරදි කරුවන්ට එරෙහිව නිසි දඩුවම් කිරීමට උනන්දුවක් නො දක්වන බවයි. ළමා අපචාරකයන් හට දඬුවම් පැමිණ වීමට පියවර ගන්නා බවට ජනාධිපති වරයා විසින් දී ඇති පොරොන්දුවක් ද සිහිපත් කරන පෙත්සම පීඩිතයන්ට වන්දි ගෙවන ලෙස ද ඉල්ලා සිටී. කෙසේ වෙතත් ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක ප්‍රකාශ කළේ වරද කරුවන් මුදා හැරීමට කිසිදු දේශපාලන බලපැමක් වී නැති බවයි. වවුනියාවේ ළමා අපචාර පිළිබඳව උද්ඝෝෂකයන් ගෙනහැර දක්වන සංඛ්‍යාලේඛන සභාපතිනිය ප්‍රතික්ෂේප කළාය.
අලුත්ගම සහ බේරුවල හටගත් කෝලාහල වාර්තා කළ ආකාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය අල් ජසීරා ජාලයේ මාධ්‍යවේදී දිනුක් කොළඹගේ ගෙන් ප්‍රශ්න කරන ලද බව ඔහුගේ නීතිවේදීහු පවසති.
ගැටුම්වලදී මියගිය සංඛ්‍යාව පිළිබඳව අල් ජසීරා ජාලයට ඔහු විසින් සපයන ලද වාර්තාවක සහ ට්විටර් පණිවුඩයක සඳහන් කරන ලද කරුණු පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කෙරුණු බවයි, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශය කළ විමසීමකදී කියා සිටියේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ ගැටුම්වල දී මියගිය සංඛ්‍යාව, ගැටුම් අතරවාරයේ ඔහුගේ වාර්තාවේ සඳහන් වූ සංඛ්‍යාවට වඩා අඩු බව පසුව දැන ගන්නට ලැබිණ බවයි. අල් ජසීරා මාධ්‍ය ජාලය සමඟ පවතින්නේ කවර සම්බන්ධතාවයක්ද යන්න පිලිබඳවත් පොලිසිය පැය හතරක් මුළුල්ලේ දිනුක් කොළඹගේ ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ බවද ඔහුගේ නීතිවේදීහු පවසති.
ඉන්දු- පකිස්තාන දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් සනිටුහන් කරමින් පකිස්තානු නායක නවාස් ෂරීෆ් ඉන්දියාවේ නව අගමැති ලෙස නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට නියමිතය.
පකිස්තානු නායක ෂරීෆ් විසින් ගනු ලැබ ඇත්තේ ඉතා අසීරු තීරණයක් බවයි පැවසෙන්නේ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර හැත්තෑවකට ආසන්න කාලයකට පසු ඉන්දියාව හා පකිස්තානය යන දෙරටේම අගමැතිවරයකු විසින් මෙවැනි උත්සවයකට කෙරුණු ආරාධනයක් පිළිගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ. වසර හයකට පෙර, අවි ගත් පකිස්තානුවන් පිරිසක් විසින් මුම්බායි හි දී සිදු කළ ඝාතනයෙන් පසු දෙ රට අතර සබඳතාවන් පැවතියේ යහපත් මට්ටමක නොවේ. පකිස්තානු නායක ෂරීෆ් විසින් ගනු ලැබ ඇත්තේ ඉතා අසීරු තීරණයක් බව සඳහන් කරන ඉස්ලාමාබාද් නුවර බී සී වාර්තාකරු පවසන්නේ ඉන්දියාව සමග සබඳතා වැඩිදියුණු වීම පකිස්තානු හමුදාවේ නොසතුටට හේතු විය හැකි බවයි.
අලුත්ගම මුස්ලිම් ජනතාව සහ දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් අතර ගැටීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් දැඩි අනතුරු ඇඟවීමේ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
'කුඩා ආගමික කණ්ඩායම් ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ යුතුයි' කුඩා ආගමික කණ්ඩායම් ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ යුතු බවට එම ප්‍රකාශයෙන් අවධාරණය කර සිටියි. ජනතාව කුපිත කිරීමේ ප්‍රකාශ මෙම පහර දීම් වලට පසුබිම වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය පවසන්නේ. මෙම කලබලකාරී වාතාවරණය මුස්ලිම් ජනතාව වෙසෙන වෙනත් ප්‍රදේශවලත් පැතිරී යා හැකි බවට පිල්ලේ මහත්මිය විසින් අනතුරු ඇඟවීමක් ද කර තිබේ.
ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ස්වර්ණවාහිනිය හා දෙරණ රූපවාහිනිය යන නාලිකා හතරක විකාශනය වීමට නියමිතව තිබූ ජනපති ජන හමුව නමැති දේශපාලන වැඩසටහන ජනාධිපතිවරණ දිනය වන ජනවාරි 8 වැනිදා දක්වා නොපවත්වන්නැයි එම රූපවාහිනී නාලිකා වලට කඩුවෙල දිස්ත්‍රික් අධිකරණය විසින් නියෝග කර තිබේ.
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පිරිසක ගේ ඉල්ලීමක් අනුවයි අධිකරණය මෙම වැඩ සහටන හෝ ඒ හා සමාන වැඩසටහනක් විකාශය කිරීමෙන් වළකින ලෙස මෙම රූපවාහිනී ආයතනවලට නියෝග කර තිබෙන්නේ. ජනාධිපතිවරණය අවසන් වන තෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගි වන කිසිදු දේශපාලන වැඩසටහනක් ප්‍රචාරය නොකළ යුතු බව අධිකරණ නියෝගයේ සදහන් බවයි ඒ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නීතීඥයකු වන සදුන් ගමගේ පැවසුවේ. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ප්‍රවර්ධනය නොකරන ලෙසද මෙම වාරණ නියෝගයේ සඳහන් බවයි ඔහු පැවසුවේ. අදාළ වාරණ නියෝග පිළිබඳව මෙම ආයතන දැනටමත් දැනුවත් කර ඇති බව පැවසූ නීතීඥ සඳුන් ගමගේ එම වාරණ නියෝගය පසෙක ලා ඔවුන් මෙවන් වැඩසටහන් විකාශය කළහොත් එම ආයතනවල සභාපතිවරුන්ගේ සිට අදාළ වැඩසටහන පෙළ ගස්වන්නා තෙක් අධිකරණයට අපහාස කල සාපරාධී වරදට දඬුවම් ලැබීමට සිදු වන බවයි පැවසුවේ.
කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදිකෙරෙමින් පැවති ලොව විශාලතම නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන ලෙස වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග නියෝග කරයි.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (දෙසැ. 06) මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලොව උසම නත්තල් ගස ඉදිකිරීමේ ව්‍යාපෘතිය මුදල් නාස්තියක් බවය. දිළිඳු ජනතාව වෙනුවෙන් නිවාස තනාදීමට හෝ දිළිඳු පවුල්වල දරුවන් කීපදෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදීමට මෙම මුදල් යොදවන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කළහ. වැඩි විස්තර: අර්ජුනගේ නත්තල් ගස බාගෙට නවතියි
පීඩාවට සහ වේදනාවට පත් වූ සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කෙරෙන 'අයිතිවාසිකම් ව්‍යවස්ථාවක්' ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාවල බන්දුල පවසයි.
යුද්ධයකට මුහුණ දුන් රටක් යුද්ධය අවසන් වූ වහාම කළ යුත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීම බවත් ඔහු කියා සිටියේ ජාතික සංහිඳියාව සහ ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය යන මැයෙන් ත්‍රිකුණාමලයේ පැවති වැඩමුළුවකදී. ''අපිට තාම බැරි වුනා නව ව්‍යවස්ථාවක් සකස් කර ගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියන්නේ පීඩාවට පත් සුළු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන ව්‍යවස්ථාවක් සැකසීම. දැන් යෝජනා කොට තිබෙන්නෙත් එවැන්නක්," සෙනසුරාදා පැවති වැඩමුළුව අමතමින් ඔහු පැවසීය. ''එවැනි ව්‍යවස්ථා හඳුන්වන්නේ ෆෙඩරල් ව්‍යවස්ථා කියලා නොවෙයි. ඒ කියන්නේ සංධීය ආණ්ඩු නොවෙයි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අයිතිවාසිකම් ව්‍යවස්ථාවක්. දකුණු අප්‍රිකාව එවැන්නක් ඉතා හොඳින් හැදුවා." වත්මන් ව්‍යවස්ථාව රටේ සංහිඳියාව ගොඩ නැගීමට ප්‍රබල බාධාවක් වී ඇති බවත් පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා පවසයි. ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ කොතෙක් කල් මැරුවත් පවතින ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබී නොමැති බවයි පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාවල බන්දුල වැඩිදුරටත් කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයෙහි අඳුරුතම යුගයක් පිළිබඳ වාර්තාව දැන් ලොව අබිමුවය.
වාර්තාව විස්තිර්ණය, වචන එක් ලක්ෂ තිස්දහස ඉක්මවන අතර ඉංග්‍රීසි බසින් ඒ 4 ප්‍රමාණයේ 261කි. තේමාත්මක පරිච්ඡේද එකළොසෙකි එනම් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව ය. එයට විවිධ නම් පටබැඳ ඇතත් මම එයට ජිනිවා වාර්තාව යැයි කියමි. මන්ද යත් එය ලියන ලදදේ ජිනීවා සිට නිසා ය. එමෙන්ම එනමින් අන්තර්ගතයට කිසිදු අර්ථ දැක්වීමක් කෙරෙන්නේ නැත. මේ වනාහී ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස ලොව මානව හිමිකම් අග නගරය වන ජිනිවා සිට බැලීමකි. වාර්තාවේ දෘෂ්ඨි කෝණය මානව හිමිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය යි. ශ්‍රී ලංකාවේ යුද්ධ කාලීන ඉතිහාසය මානව හිමිකම් කෝණයෙන් විමසා බැලෙන ඕනෑම අධ්‍යනයක තීරණාත්මක ස්ථානයක් මෙම වාර්තාව විසින් අල්ලා ගනු නිසැක ය. 'වාර්තාව මගින් රජයේ හමුදා සහ එල්ටීටීඊය යන දෙපාර්ශවයටම අදාළ වන පරිදි මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශනය කර ඇති බව පෙනී යයි' වාර්තාව විස්තිර්ණය, වචන එක් ලක්ෂ තිස්දහස ඉක්මවන අතර ඉංග්‍රීසි බසින් ඒ 4 ප්‍රමාණයේ 261කි. තේමාත්මක පරිච්ඡේද එකළොසෙකි. ඒ මෙසේ ය: 01.අනීතිත ඝාතනයන් 02.නිදහස සීමා කිරිමට අදාළ කෙළෙසීම් 03.බලහත්කාර අතුරුදහන් කිරීම් 04.වධහිංසා පැමිණවීම ඇතුලු වෙනත් ආකාරයන්හි ක්‍රෑර, අමානුෂික සහ ගෞරවය කෙළෙසන ක්‍රියාවන් 05.ලිංගික සහ පුමිතිරිබාවය මත පදනම් වූ ප්‍රචන්ඩත්වයන් 06.වැඩිහිටියන් පැහැර ගැනීම සහ බලහත්කාර බඳවා ගැනීම් 07.ළමුන් බඳවා ගැනීම සහ යුද සටන් සඳහා යෙදවීම 08.සිවිල් ජනයා සහ සිවිල් ස්ථාන වෙත යුද සටන් මගින් ඇතිවන බලපැම් 09.සැරි සැරීමේ නිදහස සීමා කිරීම 10.මානුශීය සහනාධාර වැළැක්වීම 11.අවිවෘත කඳවුරුහිදී විතැන් වූ ජනයාගේ නිදහස ඇහිරීම සහ සෝදිසි කිරීම මිශ්‍ර අධිකරණය අන්තර් ජාතික අධිකරණයක් නොවෙන එය ක්‍රියාත්මක වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුල ය. මෙම තේමා අනුවම වාර්තාව රජයේ හමුදා සහ විමුක්ති කොටි සංවිධානය ( එල්ටීටීඊ) යන දෙපාර්ශවයටම අදාළ වන පරිදි මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශනය කර ඇති බව පෙනී යයි. වාර්තාවේ ප්‍රධාන නිගමනය වන්නේ ද එකී දෙපාර්ශවයම යුද අපරාධ ලෙස සැළකිය යුතු අපරාධයන්ට වග කිව යුතු බවට පිළිගත හැකි සාක්ෂි තිබෙන බවයි. වාර්තාවේ ප්‍රධාන නිර්දේශයන්ගෙන් කියැවෙන්නේ එකී චෝදනා සහ එම චෝදනාවන්ට අදාළව වාර්තාව සඳහන් කරන අදාළ සිදුවීම් අධිකරණමය පරීක්ෂණයකට ලක් කර වරදකරුවන්ට දඩ්වම් ලබා දෙන ලෙස යි. වාර්තාවේ තීරණාත්මකම නිර්දේශය ද ඊට අදාළ වෙයි. එනම් එවැනි පරීක්ෂනයක් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්දතියට තනිව කළ නොහැකි බව ය. එබැවින් වාර්තාව ඒ සඳහා මිශ්‍ර අධිකරණයක් නිර්දේශ කරයි. ඒ සඳහා වාර්තාව අන්තර්ජාතික විනිසුරුවරුන්, පැමිණිලි මෙහෙයවන්නන්, නීතිඥයන් සහ විමර්ශන නිලධාරීන් ඇතුළු අන්තර්ජාතික කාර්යමණ්ඩලයක් බඳවා ගැනීම සඳහා මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකා රජය උනන්දු කරවයි. යුද බිමෙහි සිර වී සිටි ජනයාට ප්‍රමාණවත් ආහාර සහනාධාර නොසැපයීම සහ එළෙස සැපයීමට බාධා කිරීම ශ්‍රී ලංකාන්ඩුවට එල්ල වන තවත් අපරාධ චෝදනාවකි මෙම මිශ්‍ර අධිකරණය අන්තර් ජාතික අධිකරණයක් නොවෙන එය ක්‍රියාත්මක වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුල ය. වාර්තාව තත්කාලීනය. ජන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රගතිය පවා වාර්තාවට ඇතළත් ය. 2015 අගෝස්තු මාසයෙහි ශ්‍රි ලංකාන්ඩුවෙන් ලද කරුණු පවා එහි ඇතුලත්ය. 2015 ජනවාරි මාසයෙහි නව ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු සිදු වූ ප්‍රජාතන්ත්‍රීය වෙනස්කම් ද ප්‍රතිසංධානය සඳහා දක්වා ලැදියාව ද වාර්තාව අගැයීමට ගත කරයි. වත්මන් ආණ්ඩුව විසින් දියත් කර ඇති මූල්‍ය අපරාධ ඇතුළු වංචා දූෂණ පරීක්ෂණයන් ද එහි අගැයීමට ලක් වේ. උක්ත පරීක්ෂණය සඳහා තුන් දහසකට අධික තොරතුරු ලිඛිතව ලැබූ බව සඳහන් කර නමුත් සිය පරීක්ෂණ කණ්ඩායම කොපමණ සාක්ෂිකරුවන් පුද්ගලික සම්මුඛ සාකච්ජාවන්ට භාජනය කරන ලදදේ දැයි වාර්තාව සඳහන් කරන්නේ නැත. ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පවා එක්සත් ජාතීන්ගේ විමර්ශණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණ තොරතුරු ගවේෂණය කිරීමට අවසර නොලැබුණි. එමෙන්ම විමර්ශන කණ්ඩායම හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කරන සේ මානව හිමිකම් කොමිසමෙහි නිත්‍ය ශ්‍රී ලාංකික නියෝජිත සහ ජිනිවාහි ශ්‍රී ලංකා තානාපතිවරයාට කරන ලද ආරාධනය ද නොපිලිගැනුනි. එසේ වෙතත් වැදගත් කරුණ වන්නේ වාර්තාවෙහි සඳහන් කිසිදු යුද නිලධාරියකු කවර හෝ නිශ්චිත යුද අපරාධයකට සම්බන්ධ යැයි ඔවුන්ගේ නම් සඳහන් කිරීම නිසා අදහස් නොවන බව වාර්තාව පැහැදිලිව ප්‍රකාශ කිරීමයි වාර්තාව සඳහන් කරන්නේ එල්ටීටීඊ සංවිධානයේ සියලු නායකයින් ඝාතනය වී ඇති බැවින් එවැනි කිසිවකුගෙන් ද ප්‍රශ්න කිරීමට අවස්ථාවක් නොවූ බවයි. එනමුත් පහළ මට්ටමේ එල්ටීටීඊ සාමාජිකයින්ගෙන් කරුණු විමසීමට විමර්ශන කමිටුවට අවස්ථාව ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මේ තාක් කියැවීමට ලැබී නැති වැදගත් මානව හිමිකම් පරීක්ෂණ ගණනාවක වාර්තා එජා විමර්ශන කමිටුව වෙත ලැබී තිබේ. 2006 වසරේදී ජනාධිපති රාජපක්ෂ විසින් බරපතළ මානව හිමිකම් කෙලෙසීම් 11ක් විමර්ශනය කිරීම පිණිස පත් කරන ලද කොමිෂන් සභාවේ ( අදලාගම කොමිසම) වාර්තාව ඉන් එකකි. අන්තර්ජාතික විද්වත් පුද්ගලයින්ගේ කණ්ඩායම් (International Group of Eminent Persons) වාර්තාව තවත් එකකි. වාර්තාව සඳහන් කරන්නේ වරදකරුවන් අධිකරණමය ක්‍රියාදාමයක් තුලින් තහවුරු කර නිසි දඬුවම් ලබා දිය යුතු බවයි 2006 මාර්තු මාසයේ මඩකළපුවෙහි දේවස්ථානයක් තුළ දී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රි ජෝෂප් පරරාජසිංහම් ඝාතනය කරනු ලැබීම විමසා බැලීමට පත් කරන ලද මහානාම තිලකරත්න වාර්තාව තවත් එකකි. ඊට අමතරව එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරයා විසින් දෙවතාවක දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කරන ලද කමිටු වාර්තා ද සිය විමර්ශනය සඳහා යොදා ගත් බව සඳහන් වේ. මෙකී වාර්තාවෙහි ආරක්ෂක හමුදා නිලධාරීන් ගණනාවකගේම නම් සඳහන් වෙයි. ඒ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අණදෙන ව්‍යුහය පැහැදිලි කිරීමේ දීය. එම සටහන්හි ඉහළින්ම සේනාධිනායකයාද දෙවැනුව ආරක්ෂක ලේකම්වරයා ද සඳහන් වන්නේ නිලයෙන් මිස පුද්ගල නාමයෙන් නොවේ. එල්ටීටීඊ සංවිධනයේ ක්‍රියා කාරකම් සම්බන්ධයෙන්ද එවැනිම ලේඛනයක් වාර්තාවෙහි අඩංඟුය‍. එසේ වෙතත් වැදගත් කරුණ වන්නේ වාර්තාවෙහි සඳහන් කිසිදු යුද නිලධාරියකු කවර හෝ නිශ්චිත යුද අපරාධයකට සම්බන්ධ යැයි ඔවුන්ගේ නම් සඳහන් කිරීම නිසා අදහස් නොවන බව වාර්තාව පැහැදිලිව ප්‍රකාශ කිරීමයි. වාර්තාව සඳහන් කරන්නේ වරදකරුවන් අධිකරණමය ක්‍රියාදාමයක් තුලින් තහවුරු කර නිසි දඬුවම් ලබා දිය යුතු බවයි. ජන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රගතිය පවා වාර්තාවට ඇතළත් ය වාර්තාව ශ්‍රී ලංකාව තුල දෙමළ වර්ග සංහාරයක් ( genocide) සිදු වූ බව පිළිගෙන නැත. ඒ පිළිබඳ තීරණය කිරීම ඉදිරි විමර්ශකයකට ඉතිරි කරයි. එසේ නමුත් යුද්ධ කාලීනව දෙමළ ජනයා මත එල්ල වූ දරුණු මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වගකිව යුතු බව අවස්ථා ගණනාවකදීම කරුණු සහ සාධක ඇතිව පෙන්වා දෙයි. යුද බිමෙහි සිර වී සිටි ජනයාට ප්‍රමාණවත් ආහාර සහනාධාර නොසැපයීම සහ එළෙස සැපයීමට බාධා කිරීම ශ්‍රී ලංකාන්ඩුවට එල්ල වන තවත් අපරාධ චෝදනාවකි. එමෙන්ම එම ජනයා යුද්දයෙන් පසු අවිවෘත රඳවා තැබිමේ කඳවුරු ගත කිරීම ද අන්තර් ජාතික මානුශීය නීතිය කෙලෙසීමක් ලෙස ශ්‍රී ලංකා රජයට චෝදනා කෙරෙයි. ඉන් එක් සිදුවීමක් වන සුදු කොඩි රැගෙන යුද හමුදාවට බාර වූ එල්ටීටීඊ නායකයින් ඝාතනය කළ බවට සාක්ෂි ගණනාවක් වාර්තාවෙහි අඩංඟුය. එලෙස බාර වීමේ කාර්ය සම්බන්ධීකරණය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ සහ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වූ පාලිත කෙහොන වාර්තාව නම් වශයෙන් දක්වයි. සුදු කොඩි රැගෙන බාර වීමේ සාකච්ජාවන් ජනාධිපති රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද දැන සිටි බව වාර්තාව දක්වයි. එල්ටීටීඊ සංවිධානය විසින් කළ බවට වාර්තා වන සමූළ ඝාතනයන් මෙන්ම පුද්ගල ඝාතනයන්ද සාක්ෂි සහිතව වාර්තාව දක්වයි.කැබිතිගොල්ලැව බස් බෝම්බය, කොටුව දුම්රිය පොළෙහි බෝම්බ පිපිරවීම, යනාදිය ඒ අතර වේ. ආරක්ෂක හමුදා අත්අඩංගුවෙහි දී ස්ත්‍රීනට මුහුණ දෙන්නට සිදු වූ ලිංගික අතවර සහ හිංසා වාර්තාවෙහි විශේෂ තැනක් ගනී ළමා සොල්දාදුවන් සම්බන්ධයෙන් එල්ටීටීඊයට මෙන්ම කරුණා අම්මාන් නායකත්වය දුන් ටීඑම්විපීයට ද වාර්තාවෙන් චෝදනා එල්ල වෙයි. එල්ටීටීඊයෙන් ඉවත් වූ පසු කරුණා පාර්ශවය විසින් ළමා සොල්දාදුවන් බලයෙන් බඳවා ගැනීම ශ්‍රී ලංකා රජය දැන සිටි බවද වාර්තාව සඳහන් කරයි. එල්ටීටීඊයට එල්ල වන තවත් චෝදනාවක් නම් එය විසින් පාලනය කල පෙදෙස්හි මහා ජනයාගේ ගමනාගමනය සීමා කිරීමයි. ශ්‍රී ලංකාවෙහි විශාල ලෙස සිදුව ඇති අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා වගකිව යුතු බවට වන චෝදනාව වාර්තාව සනාථ කරයි. සුදු වෑන් මගින් පැහැර ගැනීමට අමතරව යතුරුපැදි ඝාතක කණ්ඩායම් වූ බවට ද වාර්තාව සඳහන් කරන්නේ සිද්ධීන් ගණනාවක් මගිනි. මෙම යතුරු පැදි ඝාතක කණ්ඩායම් රජයේ ආරක්ෂක හමුදා කඳවුරු තුලින් පැමිණි බව ද එය සඳහන් කරයි. ආරක්ෂක හමුදා අත්අඩංගුවෙහි දී ස්ත්‍රීනට මුහුණ දෙන්නට සිදු වූ ලිංගික අතවර සහ හිංසා වාර්තාවෙහි විශේෂ තැනක් ගනී. එවැනි හිංසාවන්ට ලක් වූවන්ගේ සාක්ෂි තමන් සතු බව විමර්ශන කණ්ඩායම වාර්තාව මගින් කියා සිටියි. එපමණක් නොව අත්අඩංගුවට පත් සහ යුද බිමෙහි දී මරණයට පත් එල්ටීටීඊ සාමාජිකාවන් ලිංගික අතවරයන්ට ලක් කෙරුණ වීඩියෝ සාක්ෂි තමන් සතු බව ද එය කියා සිටියි. වාර්තාව අවසානයෙහි නිර්දේශයන් 39ක් වෙයි. ඉන් 33න් ශ්‍රී ලංකාන්ඩුවටය. ශ්‍රී ලංකා ආණ්ඩුවට ඉදිරිපත්ව ඇති නිර්දේශ ආයතනික ප්‍රතිසංස්කරණ, යුක්තිය, සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය, හානි පූර්ණය (වන්දිය) ලෙස දක්වා තිබේ වාර්තාව සඳහන් කරන වීඩියෝ සාක්ෂි අතරින් මේ තාක් ප්‍රසිද්ධියට පත්ව නැති එකක් වන්නේ ප්‍රභාකරන්ගේ 12 හැවිරිදි බාල පුත් බාලචන්ද්‍රන් යුද හමුදා අත්අඩංගුවේ සිටියදී ගන්නා ලදැයි කියවෙන වීඩියෝවකි. බාලචන්ද්‍රන් ඝාතනය කිරීම සඳහා වෙඩි තබා ඇත්තේ අතේ දුරක සිට බව සඳහන් කරන වාර්තාව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා කරයි. වාර්තාව අවසානයෙහි නිර්දේශයන් 39ක් වෙයි. ඉන් 33න් ශ්‍රී ලංකාන්ඩුවටය. ශ්‍රී ලංකා ආණ්ඩුවට ඉදිරිපත්ව ඇති නිර්දේශ ආයතනික ප්‍රතිසංස්කරණ, යුක්තිය, සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය, හානි පූර්ණය (වන්දිය) ලෙස දක්වා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එහි සාමාජික රටවලට ඉදිරිපත් කර ඇති නිර්දේශ 6න් දැක්වෙන්නේ වාර්තාවේ එන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහාය වීම සහ පසු විපරමක් පවත්වා ගැනීම, වාර්තාවේ සඳහන් අපරාධයන් සම්බන්ධයෙන් අන්තර් ජාතික අධිකරණ බලය යටතේ පියවර හැකි අවස්ථාවන්හිදී ගැනීම, විදෙස්ගත දෙමළ වින්දිතයින් සම්බන්ධයෙන් මානුශීය සහන සැපයීම යනාදිය වේ.
යුද්ධය පැවති පසුගිය දශක තුනක කාල සීමාවේ සිදු වූ පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ගෙන ඇති තීරණය තුළ බරපතළ සැකයක් උද්ගත වන බව මානව හිමිකම් ක්‍රියාකාරී නීතිවේදීහු පවසති.
රජය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ යුද්ධය පැවති කාල සීමාව තුළ සිදු වූ අතුරුදහන්වීම් පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කොට ඇති බවයි. අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා පුළුල් විමර්ශනයක් අවශ්‍ය බව උගත් පාඩම් හා සංහිඳියා කොමිසම කළ නිර්දේශයක් පරිදි මෙම පියවර ගත් බවද රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වී තිබිණ. එහෙත් අතුරුදහන්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකු මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ නීතිඥයන්ගේ සම්මේනලයේ ලේකම් චන්ද්‍රපාල කුමාරගේ කියා සිටියේ එවැනි කොමිසන් සභාවක් තුලින් යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බවයි. අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා අතීතයේ දී මෙවැනි කොමිසන් සභා ගණනාවක්ම පත් කලද ඉන් පලක් නොවූ බව සඳහන් කළ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ පැවසුවේ ජාත්‍යන්තර බලපෑම් සමහන් කිරීම සඳහා රජය මෙම පියවර ගෙන ඇති බවයි.
ඔප්රා වින්ෆ්‍රී සමඟ සසෙක්ස් හි ආදිපාදවරිය සහ ආදිපාදවරයා කළ සම්මුඛ සාකච්ඡාව එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ විකාශය කර ඇත - මෙම යුවළ රාජකීය පවුලේ ජීවිතය පිළිබඳ කතාවේ තමන්ගේ පැත්ත එම සාකච්ඡාවේදී බෙදා හදා ගත්හ.
මෙම යුවළ වෙනත් රාජකීයයන් සමඟ ඔවුන්ගේ ඇති සබඳතා, වර්ගවාදය සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බලපෑ ආකාරය ගැන කතා කළහ. හැරී කුමරු සමඟ සම්බන්ධ වීමට පෙර සම්මුඛ සාකච්ඡාවේ බොහෝ වෙලාවක් ඔප්රා සමඟ කතා කළේ මේගන්ය. 1. 'මේගන්ගේ දරුවා කෙතරම් තද පැහැ විය හැකිද යන්න පිළිබඳ සාකච්ඡා' සම්මුඛ සාකච්ඡාවෙන් මතුවූ විශාලම චෝදනාව නම් මේගන් සහ හැරීගේ දරුවා ගේ සමේ වර්ණය කෙතරම් තද පැහැ ගැන්විය විය හැකිද යන්න සම්බන්ධයෙන් රාජකීය පවුල තුළ "සංවාද කිහිපයක්" ඇති වූ බවය. "මම ගර්භණීව සිටි එම මාසවලදී, බබා ඉපදුණු විට ඔහුගේ සම කෙතරම් තද පැහැ ගැන්විය හැකිද යන්න ගැන සැලකිලිමත්බව සහ සංවාද තිබුණා," මේගන් පැවසීය. ඇය කියා සිටියේ මෙම සංවාද හැරී සමඟ ඇති වූ ඒවා වන අතර හැරී එය තමන්ට පැවසූ බවය. එහෙත් කුමන රාජකීය සාමාජිකයා එය කීවාදැයි පැවසීම ඇය සහ හැරී යන දෙදෙනාම ප්‍රතික්ෂේප කළහ. "එම සංවාදය, මම කිසි විටෙකත් බෙදා ගැනීමට යන්නේ නැත," හැරී පැවසීය. "ඒ වෙලාවේ එය අවලක්ෂණයි, මම ටිකක් කම්පනයට පත්වුණා." ප්‍රවෘත්ති සිරස්තල සහ ලිපිවල "යටත් විජිත බව දැනවෙන හීන් ස්වරයක්" පළවීම ගැන ඔහුගේ පවුලේ අය කිසි විටෙකත් කතා නොකිරීම ගැන තමාගේ හිත රිදුම් දුන් බව හැරී පැවසීය. යුවළගේ පළමු දරුවා වන ආචී උපත ලැබුවේ 2019 මැයි මාසයේදීය 2. කේට් 'මේගන් ඇඬෙව්වා' - අනෙක් පැත්ත නොවේ මීට වසර කිහිපයකට පෙර පුවත්පත්වල සංසරණය වූ එක් කතාවක් නම්, මංගල උත්සවය සඳහා මල් කුමරියන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් මේගන් සමග ඇතිවූ අරවුලක් කේම්බ්‍රිජ් ආදිපාදවරියගේ ඇසට කඳුළු ගෙනා බවය. නමුත් මේගන් ඔප්රාට පැවසුවේ, සත්‍යය නම්, සිදුවූයේ එහි අනෙක් පැත්ත බවය. "විවාහයට දින කිහිපයකට පෙර මල් කුමරියන්ගේ ඇඳුම් ගැන කේට් නොසතුටු වූ අතර එහින් මා හඬා වැටුණා" මේගන් පැවසීය. කේට් පසුව සමාව අයැද, වෙනසක් ඇති කිරීම සඳහා මල් සමග සටහනක් ගෙන ආ බව ඇය පැවසුවාය. "මම කේට් ගැන එම කොටස බෙදා නොගන්නේ ඇය නිගාවට පත් නොකරන්නයි," මේගන් පැවසීය. කේට් "හොඳ කෙනෙක්" යැයි පැවසූ ඇය අසත්‍ය කථා නිවැරදි කිරීමට ඇයට අවශ්‍ය වනු ඇතැයි තමා බලාපොරොත්තු වූ බව කීවාය. මාධ්‍යයට "ඇත්ත වශයෙන්ම වීරයෙකුගේ සහ දුෂ්ඨයෙකුගේ කතාවක් අවශ්‍ය බව පෙනෙන්නට තිබුණා," යැයි මේගන් පැවසීය 3. මේගන් කියා සිටියේ ඇය සියදිවි නසාගැනීමේ අද්දර සිටි නමුත් තමන්ට උදව් දීම ප්‍රතික්ෂේප කළ බවයි රාජකීය පවුලට සම්බන්ධ වීමෙන් පසු ඇයට කෙතරම් තනිකමක් දැනුණාද යන්න සහ ඇගේ නිදහස අහිමි වීම ගැන මේගන් කතා කළේය. "මම එම පවුලට සම්බන්ධ වූ දා සිට අප මෙහි පැමිණෙන තෙක්, මගේ විදේශ ගමන් බලපත්‍රය, මගේ රියදුරු බලපත්‍රය, මගේ යතුරු, සියල්ල මගහැරී ගිය අයුරු මම දුටුවා." සිය මානසික සෞඛ්‍යය කෙතරම් නරක අතට හැරුනේද යත් "තවදුරටත් ජීවතුන් අතර සිටීමට අවශ්‍ය වුණේ නැහැ" යනුවෙන් ඇය පැවසුවාය. "මම ඔවුන් වෙත ගියා. මට උදව් ලබා ගැනීමට කොහේ හෝ යා යුතු බව මා කීවා. මට මීට පෙර කවදාවත් එවැන්නක් දැනී නැති බවත් කොහේ හෝ යා යුතු බවත් පැවසුවා. මට එය කළ නොහැකි බවත් එය ඔවුන්ට හොඳ දෙයක් නොවන බවත් මට පැවසුවා." ඇය කියා සිටියේ "ජ්‍යෙෂ්ඨතම පුද්ගලයකු" වෙත ගිය අතර පසුව මාළිගාවේ මානව සම්පත් අංශයට ද ගිය බවය. "ඒත් කිසි විටෙකත් කිසිවක් සිදු වුණේ නැහැ," ඇය තවදුරටත් පැවසුවාය. 4. මේගන් ඩයනාගේ මිතුරෙකු අමතයි සම්මුඛ සාකච්ඡාව පුරාම ඩයනා කුමරියගේ නම බොහෝ වාරයක් මතු විය - රාජකීය පවුල තුළ ඔවුන්ගේ අත්දැකීම් අතර සමානකම් මතු කෙරිණි. "මම කා වෙත යා යුතුදැයි දැන සිටියේ නැහැ," මේගන් පැවසුවේ ඇය පොරබදමින් සිටි කාලය ගැන ය. "මම කතා කළේ දිගටම මිතුරෙකු හා විශ්වාසවන්තයෙකු ලෙස සැලකු අයගෙන් කෙනෙකු වන මගේ සැමියාගේ මවගේ හොඳම මිතුරෙකුටයි. "මොකද ඇතුළේ ඇත්තටම මොන වගේද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන කාටද?" 5. චාල්ස් තමාව 'අතහැර දැමීයැයි' හැරී ට දැනෙයි ඔප්රා, හැරීගෙන් ඔහුගේ පවුලේ අය, විශේෂයෙන් ඔහුගේ පියා වේල්ස්හි කුමරු සහ සහෝදරයා කේම්බ්‍රිජ් ආදිපාදවරයා සමඟ ඇති සබඳතා ගැන විමසීම් කළාය. ජ්‍යෙෂ්ඨ රාජකීයකු ලෙස කටයුතු කිරීමෙන් ඉවත්වීමෙන් පසු එක් අවස්ථාවක චාල්ස් "මගේ ඇමතුම් වලට පිළිතුරු දීම නැවැත්වූවා" යැයි හැරී පැවසීය. "මට ඇත්තටම මාව අතහැර දැමූ බවක් දැනෙන්නේ, ඒ මොකද කීවොත් ඔහුත් ඒ හා සමාන දෙයකට මුහුණ දී ඇති නිසයි. ඒ වේදනාව මොන වගේදැයි ඔහු දන්නවා. ආචී ඔහුගේ මුණුපුරා." "නමුත් ඒ වගේම මම සැමවිටම ඔහුට ආදරය කරනවා. නමුත් ඒක ලොකු සිත් තැවුලක් . එය දැන් සිදුවී හමාරයි. මම සැමවිටම එම සම්බන්ධතාව සුව කිරීම තවදුරටත් මගේ ප්‍රමුඛතාවන්ගෙන් එකක් බවට පත් කරනවා." විලියම් ගැන හැරී පැවසුවේ තමා ඔහුට ආදරය කරන බවත් ඔවුන් දෙදෙනා බොහෝ කරදරවලට මුහුණ දී ඇති බවත්ය. "නමුත් අපි ගියේ වෙනත් මාර්ගවල." 6. නමුත් යුවළ රැජින සමඟ ඇත්තේ හොඳ සබඳතාවක් හැරී පැවසුවේ තම මිත්තණිය සමඟ තමාට ඇත්තේ "ඉතා හොඳ" සම්බන්ධතාවක් වන අතර, වසර ගණනාවක් ඇය සමග කතා කළාට වඩා වැඩි වාර ගණනක් පසුගිය වසරේදී කතා කළ බවය. එම සාකච්ඡාවලට, ආචී සමඟ කළ වීඩියෝ ඇමතුම් ද ඇතුළත් වූ බව ඔහු කීය. "ඇය මගේ කණ්ඩායමේ ප්‍රධානීයා එහෙම නේද? ඇය සැමවිටම එහෙමයි." මේගන් රැජිනට ප්‍රශංසා කළ අතර, යුවළගේ විවාහ ගිවිසගැනීම සඳහා ඇය ලස්සන ආභරණ කිහිපයක් ලබා දුන් බවත්, එකට ගමන් කරන විට උණුසුම්ව සිටීම සඳහා ඇය සමඟ බ්ලැන්කට්ටුවක් බෙදා ගත් බවත් පැවසුවාය. ජ්‍යෙෂ්ඨ රාජකීය තනතුරෙන් ඉවත් වන විට රැජින "අන්ධව මෙන්" හැරීව ප්‍රතික්ෂේප කළේය 7. හැරීව 'මූල්‍යමය වශයෙන් කපා දමයි' 2020 පළමු කාර්තුවේදී හැරී පැවසුවේ ඔහුගේ පවුලේ අය "මාව මූල්‍යමය වශයෙන් මුළුමනින්ම කපා දමා" ඇති බවය. ඔහු කියා සිටියේ තමා සහ මේගන් නෙට්ෆ්ලික්ස් (Netflix ) සහ ස්පොටිෆයි (Spotify) හි නාට්‍ය වලට හෝ පොඩ්කාස්ට් වැඩසටන් සදහා ගනුදෙනු ඇති කරගැනීම කිසි විටෙකත් සැලැස්මේ කොටසක් නොවන නමුත් "අපට අපගේ රැකවරණ සපයා ගත යුතු" බවය. "නමුත් මගේ අම්මා මට ඉතිරි කර ගිය දේ තිබෙනවා. එසේ නොමැතිනම් අපට කිසිවක් කරගත හැකිවන්නේ නැහැ." රජ පවුලෙන් ඉවත්කිරීමෙන් පසු ඇමරිකානු ප්‍රකෝටිපතියෙකු සහ මාධ්‍ය අධිපතියකු වන ටයිලර් පෙරී, කැනඩාවේ සිට දකුණු කැලිෆෝනියාවට ගිය හැරී සහ මේගන් හට නිවසක් සහ ආරක්ෂාව ලබා දුන් බව යුවළ හෙළි කළහ. 8. ඡායාරූපයක් පිටුපස ඇති සත්‍යය තමාට සියදිවි නසා ගන්නට සිතෙනා බව හැරීට පැවසූ දවසේ එදිනම සවස් වරුවේ ඔවුන්ට රාජකීය ඇල්බට් ශාලාවේ පැවති නිල උත්සවයකට සහභාගී වීමට සිදු වූ බව මේගන් පැවසීය. මේගන් මෙම ඡායාරුපය ගැන කතා කළේ එය ඇයට ඇගේ සිතේ හොල්මන් කළ දේ නැවත සිහි ගැන්වූ නිසාවෙනි. "වසා ඇති දොරවල් පිටුපස සිටින කෙනෙකුට කුමක් සිදුවේදැයි ඔබ දන්නේ නැහැ," ආදිපාදවරිය පැවසීය යුවළ කෙතරම් ආකර්ශණීයද කියා මිතුරියක අදහස් දක්වා ඇති නමුත් ඇය මෙසේ පැවසුවාය: "එම පින්තූරය, ඔබ විශාල කළහොත්, මා දකින දෙය නම් කොතරම් තදින් ඔහු මා අල්ලාගෙන ඇත්ද යන්නයි. හැගීම්බරව මේගන් ඔප්රා හට කීවාය. "අපි සිනාසෙමින් අපේ රාජකාරිය කරනවා. නමුත් අපි දෙදෙනාම එම අවස්ථාව දරාගන්නට දැඩි උත්සාහයක් ගත්තා. එම රාජකීය නැරඹුම් කුටියේ විදුලි පහන් නිවීයන සෑම අවස්ථාවකම මම හිටියේ වැලපෙමින්. 9. මේගන් රාජකීය පවුල පිළිබඳ 'කිසිදු පුර්ව පර්යේෂණයක් කළේ නැත' තමා රැජිනව මුණගැසුණු පළමු අවස්ථාව ගැන කතා කරමින් මේගන් පැවසුවේ ඇයට ගෞරව සහිතව අචාරකළ යුතු බව දැනගත් විට තමා පුදුමයට පත් වූ බවය. ඇය කියා සිටියේ එය "පිටස්තර පුද්ගලයන් අතර කෙරෙන කොටසක්" වන අතර එය රාජකීය පවුල තුළ සිදු නොවන බව ඇය සිතා සිටි බවකි. රැජින සමඟ දිවා ආහාරය ගැනීමට පෙර සිටගෙන ගෞරව සහිත අචාර කිරීම පිළිබඳව ඇය විස්තර කළාය. "මම කිව්වා: 'මේ ඔයාගේ ආච්චි,' මේගන් පැවසීය. "ඔහු කිව්වා: 'මේ රැජින.'" සම්බන්ධ වීමට පෙර තමන් පවුල පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොකළ බව මේගන් තවදුරටත් පැවසුවාය.ඇය අවධාරණයෙන් කියා සිටියේ ඔවුන් දෙදෙනා පෙම් සබඳතාවක් පවත්වන අතරතුර ඇය කිසි විටෙකත් අන්තර්ජාලය හරහා ඔහු ගැන සොයා බැලුවේ වත් නැති බවය. 10. විවාහයට දින තුනකට පෙර පොරොන්දු හුවමාරු කරගැනීම 2018 දී වින්ඩ්සර් මාළිගාවේදී හැරී සහ මේගන් අතිනත ගන්නා ආකාරය මිලියන සංඛ්‍යාත ජනතාවක් බලා සිටියහ. එම උත්සවය ඔවුන් නීත්‍යානුකූලව විවාහ වූ අවස්ථාවකි - නමුත් මෙම යුවළ හෙළි කළේ දින තුනකට පෙර කැන්ටබරි අගරදගුරු ඉදිරියේ විවාහ පොරොන්දු ලබාදුන් බවය. මේගන් පැවසුවේ: "අපි අගරදගුරු තුමාට කතා කළා, අපි කිව්වා, 'බලන්න, මේ දර්ශනය, මේ දර්ශනය ලෝකයටයි, නමුත් අපට අවශ්‍ය වන්නේ අප අතර අපගේ එකතුවිමයි... අපේ ගෙමිදුලේ සිටින අප දෙදෙනා පමණයි." 11. ආචීගේ ප්‍රියතම වාක්‍ය ඛණ්ඩය 'ඩ්‍රයිව් සේෆ්' ය හැරී ආචී ගැන කීවේය, පාපැදි ධාවනය සඳහා ඔහු බැහැරට ගෙන යාමෙන් ලැබෙන ප්‍රීතිය පැවසීය. කුඩා දැරුවා සිය දෙමව්පියන් සමඟ වෙරළේ සෙල්ලම් කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් ද සම්මුඛ සාකච්ඡාවට ඇතුළත් විය. පසුගිය සති කිහිපය තුළ ආචී ගේ ප්‍රියතම වචනය "හයිඩ්‍රේට්" (සජල කිරීම) යැයි පවසමින් යුවළ විහිළු කළ අතර හැරී පැවසුවේ යමෙකු නිවසින් පිටවන සෑම අවස්ථාවකම ආචී ඔවුන්ට පවසන්නේ "ඩ්‍රයිව් සේෆ්" (ආරක්ෂිතව රිය පදවන්න) කියායි. මැයි මාසයේදී ආචීට වයස අවුරුදු දෙකකි - දැන් ඔහු තල් ගස සහ නිවස වැනි වචන පවසයි, හැරී පැවසීය 12. ආ ... ඒ කෙල්ලෙක් ගිම්හානයේදී ගැහැණු ළමයෙකු අපේක්ෂා කරන බව යුවළ සනාථ කළහ. "හරි අපූරුයි" යැයි පැවසූ හැරී "ඔබට තවත් ඉල්ලන්න පුළුවන් මොනවාද?" යැයි පැවසීය. නමුත් ඔහු පැවසුවේ ඔවුන් දෙවෙනි දරුවාගේ පැමිණිමෙන් පසු සෑහීමට පත්වන බවය. සම්මුඛ සාකච්ඡාව අවසානයේදී ඔප්රා ඇසුවේ හැරී කුමරු සමඟ මේගන් සතුටුදායක අවසානයක් ලබා ඇත්ද යන්නයි. "ඔබ මෙතෙක් කියවා ඇති ඕනෑම සුරංගනා කතාවකට වඩා විශිෂ්ටයි" ඇය කීවාය.
වැලිවේරියේ උද්ඝෝෂණයේ දී වෙඩි වැදී තුවාල ලබා රෝගී තත්වය උත්සන්න වූ කිහිප දෙනකු කොළඹ මහා රෝහලට මාරු කොට යවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.
කොළඹ මහා රෝහලේ අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහ මේ බව තහවුරු කරමින් හතර දෙනකු දැඩි සත් කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පැවසුවේය. තුවාල ලබා සිටින බොහෝ දෙනකු තරුණ වියේ පසු වන හා උසස් පෙළ විභාගයට සුදානම් වන අය බවයි ගම්පහ මහා රෝහලට ගොස් සුව දුක් සොයා බැලූ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පැවසුවේ. බොහෝ දෙනකු ශල්‍යකර්ම වලට භාජන කොට ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය. තමන් වැලිවේරිය ප්‍රදේශයට ගොස් ජනතාව හා කථා බස් කළ බවත් පිරිසිදු පානීය ජලය ඉල්ලමින් උද්ඝෝෂණය කළ ජනතාවට එල්ල කළ ම්ලේච්ඡ හා කුරිරු ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පැවසුවේය. මේ ඛේදවාචකය දෙස පාට දෘෂ්ටිකෝණයකින් බැලීම තමා හෙලා දකින බවයි ඔහු කියා සිටියේ. ශාරීරික හානි ලබා සිටින පුද්ගලයන්ට රජය වන්දි ලබා දිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස තවදුරත් ප්‍රකාශ කළේය. තමා වැලිවේරිය කතෝලික දේවස්ථානයට ගොස් ඊට සිදු කොට ඇති හානියද සොයා බැලූ බවයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පැවසුවේ.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ මහා වැඩ වර්ජනයක් ආරම්භ වී තිබේ.
ගිනි දැල් වූ ටයර් දමා මහා මාර්ග අවහිර කර තිබූ අතර ඒවා ඉවත් කිරීමට පොලිසිය යොදවා තිබුණි. ආන්ද්‍රා ප්‍රාන්තය දෙකඩ කර තෙලන්ගානා නමින් අලුත් ප්‍රාන්තයක් නම් කිරීමට ගෙන ඇති පියවරට විරෝධය පාමිනුයි මෙම වර්ජනය දියත් වන්නේ. තෙලිඟු භාෂාව කතා කරන ආන්ද්‍රා ප්‍රාන්ත ජනතාව බෙදී වෙන් වන බවයි විරෝධතා කරුවන් කියා සිටින්නේ. නමුත් වෙන් වීමට සහයෝගය දක්වන්නන් කියා සිටින්නේ ඔවුන් ජීවත් වන දිස්ත්‍රික්ක දහයක් මහ ආණ්ඩුව විසින් නො සලකා හැර ඇති බවයි. ගිනි දැල් වූ ටයර් දමා මහා මාර්ග අවහිර කර තිබූ අතර ඒවා ඉවත් කිරීමට පොලිසිය යොදවා තිබුණි.
මානව හිමිකම් උල්ලංඝනය වීම් හා සම්බන්ධ සිදුවීම්වලදී ඒ සඳහා කඩිනමින් සහන සලසා ගත හැකි ව්‍යුහයක් සැකසීමේ අවශ්‍යතාව පොදුවේ සෑම ප්‍රදේශයකම ජනතාව අවධාරණය කරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා වන කමිටුව ප්‍රකාශ කරයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා වන කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී ප්‍රධාන වශයෙන් අදහස් පළ කෙරෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙනුයි. එසේ නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී තම දෛනික ගැටලුවලට පිළියම් සපයා ගත හැකි සංශෝධන ඇතුළත් කරන මෙන් පොදුවේ රටවැසියන් ඉල්ලා සිටින බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා වන කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක පෙන්වා දෙන්නේ. උතුරු නැගෙනහිර පලාත්වල ජනතාව සහ සංවිධාන බලය බෙදාහැරීම පිළිබඳ විවිධ යෝජනා ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳමහජන අදහස් විමසීම මාර්තු මස 31 වනදා වන විට අවසන් කිරීමට නියමිත බව පැවසු කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක කමිටු වාර්තාව අප්‍රේල් මස 31 වනදාට පෙර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි කියා සිටියේ.
ඕස්ට්‍රේලියාවට නීති විරෝධී සංක්‍රමණිකයන් ඇතුළු වීම වලකා ලීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ හමුදාව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම ඉන්දුනීසියාවේ ජනාධිපති සුසිලෝ බම්බන්ග් යුධෝයෝනෝ විසින් අත් හිටවනු ලැබ තිබේ.
චෝදනා පිළිබඳව පූර්ණ ප්‍රතිචාරයක් පළ කරන බව ඕස්ට්‍රේලියාවේ අගමැති පවසයි ජනාධිපති යුධෝයෝනෝ එම තීරණය ගනු ලැබුවේ ඕස්ට්‍රේලියාව ඔහුගේ දුරකථන සංවාද වලට රහසින් සවන් දෙන බවට මාධ්‍ය වාර්තා පළ වීමෙන් අනතුරුවයි. මීට අමතරව ද්විපාර්ශ්වික හමුදා මෙහෙයුම් හා රහස් ඔත්තු හුවමාරුවද තාවකාලිකව අත් හිටුවා තිබේ. මතු වී තිබෙන තත්වය පිළිබඳව අදහස් දැක්වූ ඉන්දුනීසියාවේ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ අර්බුදය විසඳීමේ වගකීම පවතින්නේ ඕස්ට්‍රේලියාවට බවයි. "මොකද ඒගොල්ලන්ගේ ඔත්තු බැලීමේ වැඩපිළිවෙලේ ප්‍රතිපලයක් විදියට මේ වාතාවරණය ඇති කළේ ඕස්ට්‍රේලියාව. මේක අපි බොහොම බැරෑරුම්ව සලකන දෙයක්," යනුවෙන් ඔහු කියා සිටියේය. දුරකථනවලට රහසේ කන් දුන් බවට පළ වූ වාර්තා පිළිබඳව කෝපාවිෂ්ඨ ප්‍රතිචාරයක් පළ කළ ඉන්දුනීසියාවේ පාලනය එයට හේතු පැහැදිලි කරන මෙන් ඕස්ට්‍රේලියාවට දන්වා තිබේ. ඒ සම්බන්ධයෙන් පූර්ණ ප්‍රතිචාරයක් පළ කරන බව ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට් ප්‍රතිඥා දුන්නේය.
උතුරු කොරියාව පසුගියදා ප්යොංයැං නුවරදී පැවැත්වූ දැවැන්ත හමුදා සංදර්ශනයත් සමග එරට සතු මිසයිල ශක්තිය පිළිබඳව පුළුල් කතාබහක් යළි මතුවෙමින් පවතී.
උතුරු කොරියාවේ සමාරම්භක නායකයා මෙන්ම එරට වත්මන් නායකයාගේ මුත්තණුවන් වූ කිම් ඉල්- සුං ගේ 105 වෙනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පැවති එම සංදර්ශනයේදී විවිධ වර්ගයේ විශාල ප්‍රමාණයේ මිසයිල ප්‍රදර්ශනය කෙරිණි. ඒ අතර, මින් පෙර ප්‍රදර්ශනය නොකළ අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල ද (ICBM - Inter Continental Ballistic Missile) විය. කෙසේ වෙතත් උතුරු කොරියාව සතු එම මිසයිලවල හැකියාව පිළිබඳව සැබෑ ලෙසම ලෝකය කුමක් දැන සිටීද? මේ සම්බන්ධයෙන් ආරක්ෂක විශේෂඥයකුවන මෙලිස්සා හැන්හම් පැහැදිලි කිරීමක් කළාය. හමුදා සංදර්ශනයේ කෙරුණු මිසයිල ප්‍රදර්ශනය උතුරු කොරියානුවන්ට තාක්ෂණයේ විසල් බවක් මෙන්ම සමෘද්ධිය විය හැකි වුවද, පිටස්තරයන්ට එය තර්ජනයක් ලෙස හැඟෙනුයේ ආසන්නයේ හෝ දුරින් සිටියද මිසයිල විහිදුම් පරාසය තුළට ඇතුළත් විය හැකි බැවිනි. වත්මන් උතුරු කොරියානු නායකයාගේ පාලන කාලය පුරාම නිරන්තරයෙන් කෙරෙන මිසයිල අත්හදාබැලීම් ඉහළ නැංවුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවනු ලැබ ඇති සම්බාධක ද නොතකමිනි. උතුරු කොරියානු මිසයිල වැඩසටහනේ ඇරඹුම මෙතෙක් ලොව සන්නද්ධ බවින් වැඩිම මිසයිලයක්ව පැවති 'ස්කඩ්' මිසයිලය භාවිතයට ගැනීම සමග අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල වැඩසටහන දක්වා වූ සිය ගමන උතුරු කොරියාව විසින් වර්ධනය කරගනු ලැබීය. මිසයිල තාක්ෂණය සම්බන්ධයෙන් පැවති එකඟතාවකට අනුව, ඊජිප්තුවේ ජනාධිපතිව සිටි අන්වර් සදාත් 1979 දී සෝවියට් දේශයේ නිෂ්පාදිත මිසයිල සුළු ප්‍රාණයක් උතුරු කොරියාව වෙත යවනු ලැබීය. ඉන් අනතුරුව 'ස්කඩ්' මිසයිලයේ තාක්ෂණය වෙනස්කම්වලට ලක්කරමින් තමන්ගේම වූ 'හ්වාසොං-6' සහ 'හ්වාසොං-7'මිසයිල නිපදවීමට මෙන්ම අත්හදාබැලීම උතුරු කොරියාව ආරම්භ කළේය. කාලය ඉකුත්වයද්දී 'ස්කඩ්' මිසයිලයේ පරාසය පුළුල්කරමින් ද එහි දේහය දිගු කරමින්ද නව මිසයිලයක් තැනූ අතර එය 'නොඩොං' නම් විය. පසුව මෙම නොඩොං මිසයිලයේ එන්ජින් කිහිපයක් කැටිකොට 'උන්හා-3' නම්වූ රොකට්ටුවක් උතුරු කොරියාව විසින් නිර්මාණය කරන ලද අතර එයට පෘථිවියෙන් එපිටට ද්‍රව්‍ය ගෙනයාමේ හැකියාවෙන් යුක්තය. 'ස්කඩ්' පවුලේ මිසයිල තාක්ෂණික වශයෙන් වඩා දියුණු නොවුවද ඒවා විශ්වාසදායී මෙන්ම නිෂ්පාදනය වියදම සාපේක්ෂව අඩුය. නොඩොං මිසයිලය න්‍යෂ්ටික අවි ගෙනයාමට සමත් අතර උතුරු කොරියාව එම මිසයිල පාකිස්තානය සහ ඉරානයටද අපනයනයකර ඇත. පහසුවෙන් සැඟවිය හැකි මිසයිල නිෂ්පාදනය මෑතදී, සෝවියට් නිෂ්පාදිත R-27 නම්වූ සබ්මැරීනවල සිට විදින බැලිස්ටික් මිසයිල (SLBM- Submarine-Launched Ballistic Missile) වෙනස්කම්වලට ලක්කරමින්, ගොඩබිම් මාර්ගවලින් ගෙන යා හැකි එසේම ගුවාම් හි ඇමෙරිකානු හමුදාවලට පහරදිය හැකි තරමේ මිසයිල නිපදවීය. 'මුසුඩාන්' යනුවෙන් හැඳින්වෙන මිසයිලය වසර ගණනාවක් ම හමුදා පෙළපාලිවලදී ප්‍රදර්ශනය කෙරුනද, උතුරු කොරියාව එය අත්හදාබැලීම ඇරඹුවේ 2016 වසරේදීය. අත්හදාබැලීම් හයකින් අනතුරුව 2016 ජුනි මාසයේදී එහි සාර්ථකත්වයක් දක්නට ලැබිණි. එහෙත්, සෑම අත්හදාබැලීමක් අතරදී කෙරුණු වැඩිදියුණුකිරීමේ වෙනස්කම් අවධානය යොමු කිරීමට තරම් වටී. උදාහරණයක් ලෙස, එක් වතාවක අසාර්ථක වූ අත්හදාබලීමකදී මිසයිලය ප්‍රවාහනය කෙරෙන හා විදින ට්‍රක් රථය (TEL-Transporter Erector Launcher) දැඩි හානියට ලක්වීම නිසා ඒ සඳහා පසුව යැවුණු රථයේ රෝද සහ චැසියට ආරක්ෂක ආවරණයක් යෙදීය. මෙම 'මුසුඩාන්' මිසයිලය න්‍යෂ්ටික ප්‍රහාරයකට සුදුසු විය හැකියැයි පැවසේ. උතුරු කොරියාව සතු මිසයිල සියල්ලම පාහේ ගොඩබිම් මාර්ග ඔස්සේ TEL ට්‍රක් රථ මතින් රටේ තැන ප්‍රවාහනය කළ හැකි අතර උමං, ගබඩා සංකීර්ණ, බංකර හෝ ගුහා තුළ සඟවා තැබිය හැකිය. නිරන්තරයෙන් තැන ගෙන යාම හා සඟවා තැබීම නිසා එම මිසයිල සොයාගැනීම අසීරු විය හැකිය. ජලයේ සිට විදිය හැකි මිසයිල සබ්මැරින් තුළින් විදිය හැකි බැලිස්ටික් මිසයිල සම්බන්ධයෙන් ද 2016 වසර වැදගත් වසරක් විණි. 2015 වසරේ සිදුවූ ආපදාකාරී අසාර්ථක අත්හදාබලීමකින් අනතුරුව 'පුක්ගුක්සොං' නම්වූ මිසයිලයේ සාර්ථකත්වයක් අත්කරගැනීමට උතුරු කොරියාවට හැකි විය. දිය යට වේදිකාවක් උපයෝගිකරගනිමින් සාර්ථක නෙරපීමක් ලබාගැනීමට උතුරු කොරියානු විද්‍යාඥයින් සමත්වුවද, සැළකිය යුතු දුරක් ළඟාකර ගැනීමට නොහැකිවිය. 2016 අප්‍රේල් මාසයේදී ඝන ඉන්ධන (ද්‍රව නොවන) යොදන එන්ජිමක් අත්හදාබලීමෙන් අනතුරුව සබ්මැරීනවල සිට විදින බැලිස්ටික් මිසයිල (SLBM- Submarine-Launched Ballistic Missile) අත්හදාබැලීම් සාර්ථක කරගැනීමට එරටට හැකිවිය. කෙසේවෙතත්, ඇමෙරිකා, රුසියාව හෝ චීනය සතු SLBM මෙන් නොව උතුරු කොරියානු SLBM තවදුරටත් විශ්වාසදායී නොවන්නේ ඒවායෙහි අත්හදාබැලීම් තවමත් ක්‍රියාත්මකවන බැවිනි. උතුරු කොරියාව සතු සබ්මැරීන වැඩි ශබ්දයකින් යුතුවන බැවින් ඒවා නිරීක්ෂණය කිරීම පහසුය. මේ කරුණු අනුව බොහෝ අතින් සළකනවිට මෙම මිසයිල හමුදාමය පරිහරණයකට වඩා දේශයේ 'කීර්තිය' සඳහා යොදාගැනේ. එසේ වුවද, චන්ද්‍රිකා ඡායාරුප මගින් පෙන්නුම් කෙරෙන පරිදි සින්පෝ ප්‍රදේශයේ පිහිටි සබ්මැරීන අංගනය නවීකරණයට උතුරු කොරියාව විශාල ලෙස යොමුවී ඇත. ඒ අනුව, මෙම වැඩසටහනේ ආරම්භය මෙය ලෙස සැළකිය හැකිය. KN-17 මෑතදී පැවති පෙළපාලියේදී ප්‍රදර්ශනය කෙරුණු KN-17 (ඇමෙරිකාව විසින් නම් කරන ලද) ගොඩබිම සිට විදින නෞකා නාශක බැලිස්ටික් මිසයිලය සින්පෝ ප්‍රදේශය ආසන්නයේදී පරීක්ෂාවට ලක්කර ඇත. දෙවරක් එය අසාර්ථක වුවද, ඉන් දී ඇති පණිවිඩයවන්නේ ඇමෙරිකානු, දකුණු කොරියානු හා ජපාන නැව් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවය. 2016 වසර ආරම්භයේ සිට ඇතිවූ තත්වයන් පෙන්නුම් කරන්නේ නව මිසයිල තාක්ෂණය සංවර්ධනය කෙරෙහි පමණක් නොව, සැබවින්ම ක්ෂේත්‍රයට මිසයිල යොමු කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාව අවධානය යොමු කරන බවය. 2016 සැප්තැම්බර් මාසයේදී උතුරු කොරියාව බැලිස්ටික් මිසයිල තුනක් එකවර විදිනු ලැබූ අතර 2017 වසරේ මාර්තු මාසයේදී තවත් මිසයිල හතරක් විද්දේය. මෙසේ මිසයිල කිහිපයක් එකවර විදීම හඳුනාගැනීම මෙන්ම ඊට බාධා කිරීම අපහසු කරවයි. එසේම එය 'තාඩ්' මිසයිල ආරක්ෂණ පද්ධතියට අභියෝගයකි. ඇමෙරිකාව විසින් මෑතදී 'තාඩ්' මිසයිල පද්ධතිය දකුණු කොරියාවට යැවීම ඇරඹීම අර්බුදකාරී තත්වයක් මතු කිරීමට හේතු විය. උතුරු කොරියාව සතුව දිගු දුර විහිදුම් මිසයිල තිබේද? ඇමෙරිකානුවන් වඩාත් උනන්දු කරවන සුළු මේ ප්‍රශ්නයෙන් විමසන්නේ ඇමෙරිකානු බිමට ළඟාවිය හැකි මිසයිලයක් නිකුත් කිරීමට උතුරු කොරියාවට හැකිද යන්නය. අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) සතුවීමේ අවශ්‍යතාව ඇත්තේ න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහාය. ඒ හැර එවැනි මිසයිලයකට සම්ප්‍රදායික අවියක් යෙදීමේ හැකියාව ඉතා අල්පය. උතුරු කොරියාව 2012 වසරේ සිටම අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල ප්‍රදර්ශනයේ යෙදෙන අතර එම මිසයිල අතරට KN-08 නම්වූ මිසයිලයද අයත්විය. මුලදී එම මිසයිල 'ව්‍යාජ' යැයි විවේචනය කෙරුණද කාලය ඉක්ම යද්දී කෙරුණු වැඩිදියුණු කිරීම් අතරේ ඒවා පිළිගතහැකි තත්වයට පත්විණි. දශක ගණනාවක් පුරා උතුරු කොරියාවේ මිසයිල හැකියාව බාහිර ලෝකය විසින් බැහැර කරනු ලැබුවද ප්‍රධාන වර්ධනයන් කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇත. 2015 වසරේදී උතුරු කොරියාව KN-14 නමින් හැඳින්වෙන අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් හඳුන්වාදුණි. එවැනි මිසයිලයකට එක කෙරෙන කොටස් පිළිබඳ ඡයාරූප මෙන්ම වීඩියෝ දසුන්ද 2016 වසරේදී නිකුත් කළේය. උතුරු කොරියාව අන්තර් මහාද්වීපික මිසයිලයක් අත්හදා බලන්නේ කවදාද යන ප්‍රශ්නයට පිළිතුර නම් ඒ සඳහා සුදුසු මෙන්ම සුදානම් අවස්ථාවේදී එය සිදුවනු ඇත යන්නයි. පසුගියදා පැවති හමුදා පෙළපාලියේදී ප්‍රදර්ශනය කෙරුණු ඝන ඉන්ධන යොදන අන්තර් මහාද්වීපික මිසයිල තවමත් පරීක්ෂා කළ යුතු අවධියක පැවතුනද උතුරු කොරියාවෙන් පළා ගිය ඉහළ පෙළේ නිලධාරියකු වන තී යොං-හෝ පැවසුවේ 2017 වසර අවසානය හෝ 2018 වසර මුලදී අන්තර් මහාද්වීපික මිසයිලයක් නිමකිරීමට උතුරු කොරියාව අපේක්ෂා කරන බවය. මේ අනුව අත්හදා බැලීම සහ සම්පුර්ණ කිරීම එකිනෙකට වෙනස් කරුණු දෙකකි. ඒ අනුව සැළකීමේදී ද්‍රව ඉන්ධන භාවිත කෙරෙන KN-08 අන්තර් මහාද්වීපික මිසයිලය සම්පුර්ණ කිරීමේ අදියරට ළඟාවී ඇති බැවින් මෙම කාල රාමුව තුළදී එය පරීක්ෂා කිරීමට බොහෝ ඉඩකඩ තිබේ.
වයස මාස දහඅටේදී ජූඩි හියුමන් පෝලියෝ රෝගයට ගොදුරු වූවාය. ඒ හේතුවෙන් ඇයගේ දෙපා අකර්මන්‍ය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇයට සිය ජීවිත කාලය පුරා රෝද පුටුවක පිහිට පැතීමට සිදු විය.
එසේ වුවත් සමාජීය ආකල්ප සහ නීතිමය බාධා හමුවේ මුලු ගැන්වීම ඇය ප්‍රතික්ෂේප කළාය. එතකින් නොනැවතුණු ඇය ඇමරිකා එක්සත් ජනපදයේ අබාධ සහිත වූවන්ගේ අයිතීන් දිනා ගැනීමේ සටනේ පුරෝගාමියෙකු බවට පත් විය. ගුරු වෘත්තීය ඔස්සේ ඉදිරියට යාමට සිහින මැවූ ඇය වරෙක ඒ සඳහා නිව්යෝර්ක් අධ්‍යාපන මණ්ඩලයට එරෙහිව නඩු මගට පිවිසියාය. උපස්ථායකයෙකු නොමැතිව තනිව ගමන් කිරීමට අවස්ථාව නොදුන් ගුවන් සමාගමකට එරෙහිව ඇය නැගී සිටියාය. සිය අයිතීන් නීතිගත කිරීමේ සුවිශේෂී කටයුත්ත වෙනුවෙන් ඇය මධ්‍යම ආණ්ඩුවට අයත් ගොඩනැගිල්ලක් අල්ලා ගනු ලැබීමට සැලසුම් සකස් කළාය. ආණ්ඩුවේ ගොඩනැගිල්ලක් අල්ලා ගනිමින් යෙදුනු දීර්ඝතම විරෝධය ලෙස එය ඇමරිකානු ඉතිහාසයට එක් විය. අවසානයේ ඇය එක් ජනාධිපතිවරයෙකු නොව ඇමරිකානු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේම උපදේශිකාවක් වශයෙන් ඇය කටයුතු කළාය. මේ වසරේදී 'ටයිම්' සඟරාව සිය කවරයේ කතාව ලෝකය හැඩ ගැන්වූ දිරිය කාන්තාවන් සිය දෙනෙකු වෙනුවෙන් පුද කළේය. මිෂෙල් ඔබාමා සහ ග්‍රේටා තුන්බර්ග් සමග ජූඩි ද ඒ අතර විය. දැඩි උද්වේගකාරී සිතුවිල්ලක් සැබෑ වෙනසක් බවට පරිවර්තනය කර ගැනීමට ජූඩි සතු හැකියාව නිසා ඇයට සුරතල් නමක් පට බැඳිණි. "චින්ගෝනා": ඇයගේ සැමියා ඈ අමතන්නේ මෙක්සිකෝ ස්පාඤ්ඤ ග්‍රාම්‍ය වචනයක් වූ එනමිනි. "එහි මූලික අරුත යමක් කිරීමට ගට තිබීම, ශක්තිමත් බව," එසේ පවසන ඇය, නොනැමෙන දැඩි කාන්තාවක් ලෙස තමා දිනා ඇති කීර්තිය දෙස බලා සිනහ නගන්නීය. පළමු සංග්‍රාම වැඩ කරන පන්තියට අයත් ජූඩිගේ දෙමව්පියන් ඇයට වෙනස් ලෙස නොසැලකූ නමුත් නිවසින් පිට පූර්ව විනිශ්චයන්ගෙන් සිය දියණිය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. BBC ගුවන් විදුලි වැඩසටහනක් වූ 'Outlook' සමග මෑත පැවති සාකච්ඡාවක් අතරතුර ජූඩි හියුමන් පැවසූ පරිදි ඇයගේ ජීවිතය මල් යහනාවක් නොවීය. ඇයගේ දෙමව්පියන් ජර්මානු යුදෙව් ජාතිකයන්ය. ඔවුන් සිය දෙමව්පියන් අහිමිව ඇමරිකාවට පලා ආ යුද අනාථයන්ය. පශ්චාත් යුද සමයේ නිව්යෝර්ක් නගරයේ හැදී වැඩුණු දරුවෙකු වශයෙන් ජූඩි යුදෙව් පාසලකට ඇතුළු කිරීමට යාමේදී ඇය තරමක දැඩි අභියෝගයන්ට මුහුණ දුන්නාය. ඒ වන විට ඇය පස් වෙනි වියේ පසු විය. "මා ප්‍රමාණවත් තරම් හීබෘ බස දන්නේ නැතැයි පාසලේ විදුහල්පතිවරයා කිව්වා", ඇය අතීතය සිහිපත් කරයි. ඇයගේ මව සිය දියණියගේ භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා උපකාරක පංති ගුරුවරයෙකුගේ සහාය පැතීමට යුහුසුළු විය. නමුත් කුඩා ජූඩි ඇතුළත් කර ගැනීමේ උවමනාවක් පාසල් බලධාරීන්ට නොතිබුණු බව ඕ දැන නොසිටියාය. මව විසින් ජූඩි රජයේ පාසලකට ඇතුළත් කරනු ලැබීමට පෙර ඇයට සිව් වසරක් නිවසේ සිට අකුරු කිරීමට සිදු විය. එතැනින් නොනැවතී ආබාධ සහිත දරුවන් වෙනුවෙන් විශේෂයෙන් සකසන ලද පංතියකට සහභාගී වීමටත් ඇයට සිදු විය. "ආබාධ නැති ළමයි එක්ක අපි කන්න ගියේ නැහැ. සතියකට වරක් ඔවුන් රැස්වීම යයි හඳුන්වපු තැනට පමණයි අපි ගියේ. අපව සම්පූර්ණයෙන්ම වෙන්කර තැබුවා," වෙනස් ලෙස සැලකීම සිය උසස් අධ්‍යාපනය අතරතුර ආබාධ නොමැති වූවන් තමාව දුටු ආකාරය පිළිබඳ ජූඩිට පූර්ණ අවබෝධයක් තිබිණි හැත්තෑ වෙනි වියේදී පවා, සිත දුකට පත් කරවන ඇතැම් සිදුවීම් ඇයගේ මතකයට නැගෙයි. "මම යාළුවෙක් සමග ගෙදරින් පිටව කඩේට ගියා. ළමයෙක් ඇවිත් මගෙන් ඇහුවා මට ලෙඩක් ද කියල. මම හිතන්නේ, මිනිස්සු මාව වෙනස් අයෙකු වශයෙන් දකින බව මා පළමු වරට තේරුම් ගත්තේ එදා කියලයි," ඇයට මහා දුකක් දැනිණි. "මට ලෙඩක් තිබුණේ නැහැ. මට ඒ දවස ඉතා පැහැදිලිව නිසැක වශයෙන්ම මතකයි. එය පෞද්ගලිකව මට විශාල බලපෑමක් ගෙන දුන්නා," දීප්තිමත් ශිෂ්‍යාවක වූ ජූඩිට ගුරු වෘත්තීය ඔස්සේ ඉදිරියට යාමට අවශ්‍ය විය. නමුත් යම් වෘත්තීන් සඳහා ආබාධ සහිත වූවන් වෙත මූල්‍යාධාර ලැබීමට ඇති ඉඩ අල්පය. එබැවින් ඇය කථන චිකිත්සාව (speech therapy) පිළිබඳ අධ්‍යයනය කර, ක්‍රමයෙන් ගුරු වෘත්තීය සඳහා අවශ්‍ය සුදුසුකම් ගොඩ නගා ගත්තාය. උසස් අධ්‍යාපනය අතරතුර ද ඇයට දුෂ්කර අත්දැකීම්වලට මුහුණ දීමට සිදු විය. "එදා සිකුරාදා සවස් කාලයක්. යමෙක් මගේ දොරට තට්ටු කළා," තරුණයන් තිදෙනෙක් සහ තරුණියන් දෙදෙනෙක් එහි වූහ. ජෝඩු වශයෙන් බැහැර ගොස් විනෝද වීම සඳහා තවත් එක් තරුණියක් තම කණ්ඩායම සමග එක් වීමට නියමිතව තිබූ බව කී එහි සිටි එක් තරුණයෙක්, ඇයට එහි පැමිණීමට නොහැකිව ඇති බැවින් ඒ තැන ගත හැකි වෙනත් තරුණියක් ගැන දන්නේ දැයි ජූඩිගෙන් විමසුවේය. එදා ඒ හිස් තැන පිරවිය හැකි අනෙක් තරුණිය ජූඩි විය නොහැකි දැයි යන්න පිළිබඳ එකී තරුණයාට සිතුවිල්ලක් හෝ නොවුණු බව ඇයට පසක් විය. "මම ඇඩුවේ නැහැ. මම කෑ ගැසුවේ නැහැ," "නැහැ.... එමණයි මම ඔවුන්ට කිව්වේ," ඇය අතීතය සිහිපත් කරයි. "ලිංගික ආකර්ශනයක් සහිත අයෙකු හෝ කොල්ලෙකුට කැමැත්තක් ඇති විය හැකි අයෙකු ලෙස නොපෙනීම.... වැඩිහිටියෙකු වශයෙන් පවා මෙවැනි ඇතැම් දේ ගැන සිතීම දැඩි වේදනාවක්," ජූඩි පවසයි. වෛද්‍ය පරීක්ෂණ ඇතැම් පුද්ගලයන් හැසිරුණු ආකාරය නිසා ළමා කාලයේදීම තමන් වෙනස් අයෙකු ලෙසට ඒත්තු ගැන්වීමට බල කෙරුණු බව ජූඩි පවසයි උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු 1970 වසරේදී ගුරු වෘත්තියට අදාළ බලපත්‍රය ලබා ගැනීම සඳහා ඇයට වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට සිදු විය. "වෛද්‍යවරියට ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් අවුලක් තිබුණා. වැසිකිලිය වෙත යන්නේ කොහොමද කියා මට පෙන්වනවද?, වැනි ප්‍රශ්න ඇය මගෙන් ඇහුවා," බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඇය කළ ඉල්ලීම පළමුව ප්‍රතික්ෂේප විය. ආබාධ සහිත සෙසු මිතුරු මිතුරියන්ගේ ද සහාය ඇතිව එම තීන්දුවට එරෙහිව සටන් කිරීමට ඇය ඉටා ගත්තාය. ඇයගේ කතාව 'ද නොව්යෝර්ක් ටයිම්ස්' පුවත්පතේ පළ වූ අතර ඉතා ඉක්මණින් ම ඇයට ඒ සඳහා මහජන සහාය ද ලැබිණි. "සිවිල් අයිතීන් වෙනුවෙන් කතා කරන නීතීඥයකුගෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණා. මා වෙනුවෙන් ඉදිරිපත් වෙනවාදැයි මා ඔහුගෙන් ඇසුවා. ඔහු හා කිව්වා. ඊළඟ දවසේ අපේ තාත්තගේ කඩෙන් බඩු ගන්න පාරිභෝගිකයෙක් ඇවිත් කිව්වා ඔහුට මා වෙනුවෙන් පෙනී සිටිය හැකි බව. ඉතින් නොමිලේම සිය සේවය සපයන නීතිඥ කණ්ඩායමක්ම මට ලැබුණා," ඒ, ඉහළ මට්ටමේ සමාජ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇයගේ කුළුඳුල් අත්දැකීමයි - එය ජයග්‍රහණයකින් අවසන් විය. 'නොව්යෝර්ක් සිටි' කලාපයේ පාසලකට රෝද පුටුවකින් පැමිණි පළමු ගුරුවරයා ලෙස ජූඩි හියුමන් ඉතිහාස ගත වන්නීය. එවිට ඇයගේ වයස අවුරුදු 22 කි. ගුවන් යානයකදී අත්අඩංගුවට තව තවත් සටන් සහ ජයග්‍රහණ ඇය ලුහුබැඳ එනු ඇත. ඒ 1975 වසරයි. ජූඩි වොෂිංටන් ඩීසී හිදී ගුවන් යානයකට ගොඩ විය. තනිව ගුවන් ගමනක යෙදිය නොහැකි බව එහිදී ඈ වෙත දන්වන ලදී. ජූඩිගේ සැමියා ජෝර්ජ් ඇය සතු ධෛර්යය සෑම විටම අගය කරයි "සහායට කිසිවකුත් නැතිව මට ගුවන් යානයේ යා නොහැකි බව කපිතාන්වරයා දැන්වූ බව ගුවන් සේවිකාවක් මා වෙත පැමිණ කියා සිටියා." එවැනි නියාමනයක් නොමැති බව ඇය ගුවන් සේවිකාව වෙත පෙරලා පැවසීය. සංවාදය දුර දිග යාමත් සමග පොලිසිය එහි පැමිණියේය. බලහත්කාරයෙන්ම ගුවන් යානයෙන් පිටතට රැගෙන යන ලද ඇය අත්අඩංගුවට ගනු ලැබිණි. තමා නිව් ජර්සි හි සෙනෙට් මන්ත්‍රීවරයා යටතේ සේවය කරන බව ඔප්පු කෙරෙන ලේඛන ඇය එහිදී ඉදිරිපත් කළාය. පොලිසිය ඇයට එරෙහිව චෝදනා ගොනු කිරීමෙන් වැළකී සිටියේය. "මම නඩු පැවරුවා. දැඩි කෝපයට පත් වූ නිසා මට එය අතහැර දැමීමට පුළුවන් වුණේ නැහැ," ඉතිහාසය වෙනස් කළ සටනක් ආබාධ සහිත බොහෝ දෙනෙක් ඇයගේ විරෝධය පිළිබඳ ආඩම්බර වූහ වෙනස් ලෙස සැලකීමට (Discrimination) එරෙහි සටන ඇය උරදුන් ප්‍රමුඛ සටන් ව්‍යාපාර අතරින් එකකි. එය සිදු වූයේ 1964 සිවිල් අයිතිවාසිකම් පිළිබඳ පනත හඳුන්වා දී වසර කිහිපයකට පසුවය. එම පනත මගින් ප්‍රසිද්ධ ස්ථාන තුළ දී අප්‍රිකානු ඇමරිකානුවන් වෙන් කර තැබීමේ ක්‍රමවේදයට නිල වශයෙන් තිත තැබුණු අතර එමගින් වාර්ගිකත්වය, සමේ වර්ණය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය හෝ සම්භවය මුල් කර ගනිමින් රැකියා ලබා දීමේදී වෙනස් ලෙස සැලකීම තහනම් කෙරිණි. ඒ හා සමගාමීව අයිතීන් මුල් කරගත් සෙසු ව්‍යාපාර ද වෙනසක් ඉල්ලමින් ඉහළට මතු විය. වසර කිහිපයකට පසු ජූඩි විසින් 'Disabled in Action' නමින් සංවිධානයක් පිහිටුවා ගන්නා ලදී. 1973 පුනරුත්ථාපන පනතේ 504 වෙනි වගන්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම සංවිධානය හඬ නැගීය. එම වගන්තියට අනුව මධ්‍යම ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපාදන ලබන ඕනෑම වැඩසටහනක් හෝ ක්‍රියාකාරකමකදී ආබාධ සහිත වූවන්ට වෙනස් ලෙස සැලකීම නීතිවිරෝධී ක්‍රියාවක් විය. එය එක්සත් ජනපදයේ ආබාධ සහිත වූවන්ගේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පළමු ෆෙඩරල් නීතිය ලෙස සැලකේ. සිව් වසරක් පුරා ප්‍රමාද කෙරුණු පනත් කෙටුම්පත නීතිගත කරන මෙන් එම සංවිධානය ඉල්ලා සිටියේය. 1977 අප්‍රේල් 05 වෙනිදා ජූඩි සහ තවත් උද්ඝෝෂකයන් සිය ගණනක් සැන් ෆ්‍රැන්සිස්කෝ හි සෞඛ්‍ය, අධ්‍යාපන සහ සුබ සාධන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට රැස්වූහ. එය රජයේ ගොඩනැගිල්ලක් දීර්ඝතම කාලයක් අල්ලා ගනු ලැබ සිටීමේ ඓතිහාසික කටයුත්තේ ආරම්භය විණි. ක්‍රියාකාරීන් 150 දෙනෙක් පමණ ගොඩනැගිල්ල ඇතුළත කඳවුරු බැඳ ගත්හ. දින ගත වෙත්ම, පිටත සමග කෙරෙන සියලුම සන්නිවේදන නැවැත්වීමේ අරමුණින් බලධාරීහු දුරකථන සබඳතා විසන්ධි කළහ. ගොඩනැගිල්ල ඇතුළත ස්නානය කිරීමට පහසුකම් හෝ නිදා ගැනීමට ඇඳන් නොතිබිණි. "සෑම දිනකම අපට ආහාර ලැබුණා. යමෙක් රෝගාතුර වුණි නම්, වෙනත් ස්වේච්ඡා සංවිධානවලින් පැමිණි ප්‍රතිකාර ලබා දිය හැකි පුද්ගලයන් අපට සිටියා. එය ආශ්චර්යමත් අත්දැකීමක්," යනුවෙන් ජූඩි පවසන්නීය. "වඩාත් වැදගත් දේ, අපි කරන දේ ගැන අබාධ සහිත පුද්ගලයන් ඉතාමත් ආඩම්බරයට පත් වීම," 1964 සිවිල් අයිතිවාසිකම් පිළිබඳ පනතෙන් පසු නීති වෙනස් කරන ලෙස ඉල්ලා විවිධ කණ්ඩායම් උද්ඝෝෂණ පැවැත්වූහ ජූඩි බිම නිදා ගත් අතර රෝද පුටුවෙන් පහළට බැසීමටත් ඊට ගොඩ වීමටත් ඇයට මිතුරෙකුගේ උදව් ලැබිණි. එකිනෙකා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමට ඔවුන්ට සිදු විය. එම විරෝධය "දෑස් නොපෙනෙන, ශ්‍රවනාබාධ සහිත සහ ශාරීරික අබාධ සහිත වූවන් එකට එක් කළ බව" ජූඩි පවසයි. අවසානයේදී කොංග්‍රස් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ගොඩනැගිල්ල තුළදී විශේෂ හමුවක් කැඳවන ලදී. එහිදී ජූඩි හැඟීම්බර දේශනයක් කළාය. "මගේ හඬ වෙව්ලන්නේ නැතිව තබා ගන්න බැරි වුණා. සෑම වචනයකම මතකයන් ගැබ්ව තිබුණා. මගේ ආලින්දයේ තනිව සිටීම, මගේ යාළුවෝ සියල්ල පාසලේ සිටියදී මම ජනේලයෙන් එළිය බලා සිටීම...බෲක්ලින් උසස් පාසලේදී මගේ තාත්තා, අඬමින් සිටි මා උස්සගෙන විත් වේදිකාවෙන් තැබීමත් ඒ අතර වුණා. නේවාසිකාගාරයේ දොරට තට්ටු කිරීම, වැසිකිලිය වෙත යන්න උදව් සෙවීම...ගුවන් යානයෙන් මාව එළියට දාන්න හදපු ගුවන් සේවිකාව, මා දිහා බලා සිටි අනෙක් සියලුම මගීන්..." ගොඩනැගිල්ල තවදුරටත් අල්ලාගෙන සිටියදීම නියෝජිතයන් පිරිසක් ඉක්මණින් වොෂිංටන් ඩීසී වෙත පිටත් කර යැවිණි. වොෂිංටන් හි බීමහලක් තුළ මීළඟ පියවර පිළිබඳ සැලසුම් කරමින් සිටි ජූඩි සහ විරෝධතාවට එක් වූ තවත් සගයෙකු වෙත පැමිණි වාර්තාකරුවෙකු ඔවුන්ට කියා සිටියේ එක්සත් ජනපද ආණ්ඩුව 504 වෙනි වගන්තියට අත්සන් තැබූ බවය. එය උද්ඝෝෂණය ආරම්භ කර දින 24 ක් ගෙවුණු අප්‍රේල් 28 බ්‍රහස්පතින්දා දිනයකි. පසුදින උද්ඝෝෂකයෝ ගොඩනැගිල්ලෙන් ඉවත් වූහ. අද දක්වා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුවට අයත් ගොඩනැගිල්ලක පවත්වන ලද දීර්ඝතම අවිහිංසාවාදී විරෝධතාව එය විණි. 504 වෙනි වගන්තියට අදාළ නීතිය, පොදු ජීවිතයේ සියලුම අංශ තුළ වෙනස් ලෙස සැලකීම (Discrimination) තහනම් කෙරුණු, 1990 අබාධ සහිත වූවන් සඳහා වන පනතට මග හෙළි කළේය. මෑත කාලය තුළ ජූඩි එක්සත් ජනපද ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේම උපදේශිකාවක් ලෙස කටයුතු කළාය ඉන් අනතුරුව 1993 සිට 2001දක්වා කාලයේ අධ්‍යාපනයට අදාළ උපදේශිකාවක් වශයෙන් කටයුතු කිරීම සඳහා ජූඩිට ක්ලින්ටන් පරිපාලනයෙන් ඇරයුමක් ලැබිණි. 2010 වසරේදී ඇය ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ අයිතීන් පිළිබඳ විශේෂ උපදේශිකාවක් බවට පත් විය. ඒ එවක ජනපති බැරක් ඔබාමා කළ පත්වීමකට අනුවය. 'සුදු නොවන' අබාධ සහිත වූවන් වෙහෙස නොබලා ඇය කළ මෙහෙවර දහස් ගණනකගේ ජීවිත වෙනස් කිරීමට හේතු විය. සුදු නොවන (Non-white) අබාධ සහිත වූවන්ට උපකාර කිරීමට දැන් ඇයට අවශ්‍යව ඇත. "අපට තිබෙන බොහෝ නීතිවලින් සුදු සමක් හිමි අබාධ සහිත වූවන් හා සමානව කළු, දුඹුරු සහ ආදිවාසී ප්‍රජාවන්ට අයත් අබාධ සහිත පුද්ගලයන්ට ප්‍රතිලාභ ලැබී නැහැ," ජූඩි විසින් රචිත 'Being Heumann: An Unrepentant Memoir of a Disability Rights Activist' ග්‍රන්ථය ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාවක් (සිය සගයෙකු වූ තවත් සමාජ ක්‍රියාකාරියෙකු සමග) සමාජය අබාධ සහිත වූවන් දෙස බලන ආකාරය වෙනස් වන්නේ ඉතා මන්දගාමීව බව ජූඩි පවසයි. "බොහෝ දෙනෙක් අප වෙනස් ලෙස සැලකීම ලෙස අත්දකින දේ දකින්නේවත් නැහැ. මොකද අප මුහුණ දෙන බාධක පිළිබඳ ඔවුන් දන්නේ ඉතා අල්පයයි," මේ වන විට ඇය, නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ජෝ බයිඩන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයට සක්‍රිය දායකත්වය ලබා දී තිබේ. ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් දැනට පවතින නීති වඩාත් ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම සඳහා ජනාධිපති අපේක්ෂකයන් විසින් ඒ පිළිබඳ යළි විමර්ශන කරනු දැකීම ඇයට අවශ්‍ය කර තිබේ. මීළඟ ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශපාලන නිලතල සඳහා දැනට වඩා වැඩියෙන් ආබාධ සහිත වූවන් පත් කරනු දැකීමටත් ඇයට අවශ්‍ය කර තිබේ. "සක්‍රියව අබාධ සහිත වූවන් රැකියා සඳහා බඳවා ගැනීමට ජනාධිපති කැප විය යුතුයි. එමගින් අපේ වටිනාකම සමාජය ඉදිරියේ පෙන්වීමට අපට ඉඩ ලැබෙනවා," දෛවයට අභියෝග කළ ශ්‍රී ලාංකිකයන් ගැන පුවත්:
අලුත්ගම සහ බේරුවල පසුගිය දා ඇති වූ ගැටුම් වැළැක්වීමට පොලිසිය ක්‍රියා නොකිරීම හේතුවෙන් පීඩාවට පත් වූ පිරිසක් එමගින් තම අයිතිය කඩ වූ බව කියා සිටිමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇත.
එම පෙත්සම් වලින් උත්තර කරුවන් කරනු ලැබ ඇත්තේ පොලිස්පතිවරයා,අලුත්ගම සහ බේරුවල ප්‍රදේශයේ පොලිස් ප්‍රධානීන් සහ නීතිපතිවරයායි. අදාළ පෙත්සම් භාර ගත් බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශකයෙක් කියා සිටියේ, අවශ්‍ය පියවර ගැනීම පිණිස ඒවා අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇති බවයි. ජීවිත සහ දේපොළ හානිය අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල ගැටුම් ඇතිවූ අවස්ථාවේ ඒවා වැළැක්වීමට පොලිසිය ඔවුන්ට නීතියෙන් පැවරී ඇති බලතල ක්‍රියාත්මක නො කළ බවයි පෙත්සම් කරුවන් කියා සිටින්නේ. ජීවිත සහ දේපොළ හානිය පොලිසිය අවශ්‍ය පියවර නො ගත් නිසා ජීවිත මෙන් ම විශාල දේපළ හානියක් ද සිදු වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. විනාශකාරී ක්‍රියා වළක්වා ගැනීමට පොලිසියට හැකියාව තිබුණ බවත් පෙත්සම් කරුවෝ කියා සිටිති. එවැනි තත්වයක් යටතේ පොලිසියේ ක්‍රියාකලාපය නිසා සිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇතැයි චෝදනා කරන පෙත්සම් කරුවෝ ඒ වෙනුවෙන් සුදුසු වන්දි ගෙවන මෙන් රජයට නියෝගයක් කරන ලෙසයි අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.
නඩු විභාගයක් නොමැතිව වසරක කාලයක් රැඳවුම් භාරයේ සිටි මානව හිමිකම් ක්‍රියාධරනියක් වන බාලේන්ද්‍ර ජයකුමාරි ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.
ඇප මත නිදහස ලබා දීමට තීන්දු කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බාලේන්ද්‍ර ජයකුමාරිට රටින් පිටවීම තහනම් කර තිබේ. අතුරුදහන්වූවන් සොයා දෙන මෙන් ඉල්ලා පසුගිය වකවානුවේ උතුරු පළාතේ පැවති උද්ඝෝෂණ ගණනාවකට ජයකුමාරි සහ ඇයගේ දියණිය සක්‍රීයව සහභාගී වූහ. එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයකුට නවාතැන් ලබා දීමේ චෝදනා මත පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන්දීය පරිපාලනය සහිත කාශ්මීරයේ බලධාරීන්, බුද්ගම් (Budgam) දිස්ත්‍රික්කයේ විශාල කලාපයක ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන ඇත.කාන්තා මරණයකින් අනතුරුව ප්‍රාන්තයේ කලබලකාරී තත්වයක් පැතිර යාමත් සමඟයි, එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන්නේ.
කාන්තා මරණයක් සමඟයි ඇඳිරි නීතිය පනවා තිබෙන්නේ. කාන්තාවගේ මරණයට හේතුව පොලිස් භටයකු විසින් ඇයගේ හිසට පහර දීම යයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. එම කාන්තාවගේ ඥාතීන් කියා සිටින්නේ,පහර දීම නිසා ලද තුවාල නිසා ඇය මරණයට පත් වූ බවයි. වයස අවුරුදු පනස් පහක් වූ මරණයට පත් කාන්තාවගේ හිසට රයිෆලයෙන් පහර දුන් බවට චෝදනා එල්ල වෙන පොලිස් භටයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන මෙන් ගම්වාසීහු ඉල්ලා සිටිති. මේ අතර පාකිස්තාන් ආණ්ඩුව, ඉන්දීය හමුදා කිසිදු පූර්ව කුපිතකාරී ක්‍රියාවකින් තොර ව දේශ සීමාව ඔස්සේ වෙඩි තබමින් සිය සෙබළකු මරා දැමූ බවට ඉන්දියාවට චෝදනා කරයි . ඉන්දියාව කියා සිටින්නේ පළමුව වෙඩි තබන ලද්දේ පාකිස්තාන් හමුදා භටයන් වන බවයි.
තායිලන්තයේ යුද නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ හමුදාව බැංකොක් නුවර සහ නගරයෙන් පිට ප්‍රධාන ස්ථානවල මුර සංචාරයේ නිරතව සිටිති.
යුද නීතිය මගින් විශාල බලයක් හිමිවන නමුත් යුද හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් නොකරන බවත් එය ක්‍රියාත්මක කරනුයේ මහජන ආරක්ෂාව සඳහා පමණක් බවත් යුද හමුදාව ප්‍රකාශ කරයි. මහා මාර්ග යුද ටැංකි මගින් අවහිර කොට ඇති අතර ගුවන් විදුලි සහ රූපවාහිනී ආයතන වසා දමා තිබේ. රජයට විරුද්ධ කණ්ඩායම් විසින් ගෙන ගිය ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හිස්ව තිබූ රජයේ ප්‍රධාන ගොඩනැගිලිවලට යුද හමුදාව ගොස් ඇති බවටත් වාර්තා වෙයි. රජය දූෂිත පරිපාලනයක් පවත්වාගෙන යන බව පවසමින් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විරෝධතා දියත් කිරීම හේතුවෙන් එම ගොඩනැගිලි හිස්ව තිබිණ. යුද නීතිය පැනවීමේදී යුද හමුදාව රජය සමග සාකච්ඡා කර නැත.
දෙමළ ජනතාව ජනවාර්ගික ප්‍රශ්නය වෙනුවට දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් ඇති සුදානම සහ එවැනි අරගලයකට සුදානම් බව මෙවර ජනාධිපතිවරනයේදී උතුරේ ජනතාව ප්‍රදර්ශනය කොට ඇති බව යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පෙන්වා දෙයි.
යාපනයේ ජන්ද දායකයන්ගෙන් සියයට හැටක් මෙවර ජනාධිපතිවරනයේදී ජන්ද ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමිනුයි ඔහු ඒ බව ප්‍රකාශ කළේ. ජනවාර්ගික ප්‍රශ්නය ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන් දෙදෙනාම ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව නිශ්චිත කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නොමැති තත්වයක් තුළ මෙම ඡන්දයේ දී විශේෂයෙන්ම දෙමළ ජනතාව විශාල වශයෙන් ඡන්ද ප්‍රකාශ කිරීම වැදගත් ලක්ෂණයක් බවයි ඔහු පවසන්නේ. ඇත්ත වශයෙන්ම උතුරේ ජන්දය තීරණාත්මක එකක් ලෙස දකුණ දකින්නට ඇත්තේ අපේක්ෂකයන් දෙදෙනා අතර තියුණු තරඟයක් පවතිද්දී උතුරේ ඡන්දය මත ජයග්‍රහණය තීරණය වන්නේය යන කාරණය පදනම් කර ගෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. පැවතුන දේශපාලනික තත්වය තුළ යාපනයේ සියයට හැටක් ඡන්දය පාවිච්චි කිරීම, ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටද යන්නට වඩා ඡන්දය ප්‍රකාශ කිරීම බවයි ඔහු පවසන්නේ. පළමු ඡන්ද ප්‍රතිඵලය “ජන්දය දැමීම කියන එක තමයි ඇත්ත වශයෙන්ම ප්‍රධාන අරගලය වෙලා තිබුනේ, කාට ඡන්දය දානවද කියනවට වඩා, ඡන්දය දානවද නැද්ද කියන එක අතරයි අරගලය තිබුනේ. ඉතින් ඒ අනුව මං හිතන්නේ පළමු ඡන්ද ප්‍රතිඵලය හැටියට කියන්න පුලුවන් වන්නේ සියයට 60 ක ප්‍රමාණයක් ජන්ද දැමීම තුලින් ඒ අරගලය දිනල තියනව” යනුවෙනුයි ඔහු උතුරේ ඡන්දය විග්‍රහ කළේ. සමස්ත දේශපාලන ක්‍රියාවලිය තුළ උතුරේ ජනතාවටත් අයිතිවාසිකමක් ඇති බව සහ වගකීමක් ඇති බව අවබෝධ කර ගැනීමක් මෙවර මැතිවරණය තුලින් ප්‍රදර්ශනය කොට ඇති බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේය.
යුද අපරාධ චෝදනා විභාග කිරීමට දැරෙන ජාත්‍යන්තර උත්සාහයට විරෝධය පාන රජය ශ්‍රී ලංකාවේ සංහිඳියාව සඳහා ගෙන ඇති පියවර පළ දැරීම සඳහා තවත් වසර තුනක් වත් කල් අවශ්‍ය බව ප්‍රකාශ කරයි.
ජනාධිපති ලේකම්වරයා මේ දිනවල දීර්ඝ විදේශ සංචාරයක නිරතව සිටියි සංහිඳියා පිළිවෙත ඇරඹි සේ තමන් සලකන 2012 සිට පස් වසරක කාලයක් ඒ සඳහා අවශ්‍ය බවයි, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වොෂින්ටනයේදී සඳුදා කියා තිබුනේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රකාශිකාවක් බීබීසී සංදේශයට කියා සිටියේ නැවත වාරයක් ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් මාර්තුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ගෙන ඒමට එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින බවයි. වගකීම් භාරගැනීම, සංහිඳියාව, ඉඩම් පහර ගැනීම, ආගමික මෙහෙයවීමෙන් සිදු කැරෙන ප්‍රහාර සහ මාධ්‍යවේදීන්ට පහර දීම් පිළිබඳ නඩු නොවිසඳීම ඇතුළු ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ප්‍රගතියක් අත් කොට ගෙන නැති බවයි ප්‍රකාශිකාව වැඩි දුරටත් සඳහන් කළේ.
කිතුනු දේව මධ්‍යස්ථානයකට පහරදීමේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් 13 දෙනකු යළි ඊට වරදකරුවන් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
2008 වසරේ මාලඹේ ප්‍රදේශයේ පිහිටි කල්වාරි නමැති කිතුනු දේව මධ්‍යස්ථානයට පහරදීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කොට තිබිණි. ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය ගත් තීන්දුව නීතියට පටහැණි බව නීතිපතිවරයා සිය පෙත්සමේ සඳහන් කරයි. ඒ අනුව මහාධිකරණයේ තීන්දුව බල රහිත කොට වරදකරුවන්ට දඬුවම් පනවන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි. ඉල්ලීම සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම ජනවාරි මස 20 වනදා විභාගයට ගැනීමට නියම කළේය.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිෂෙල් බැචලේ විසින් මානව හිමිකම් කමිටුවේ 46 වෙනි සැසිවාරය සඳහා ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ ''එම වාර්තාව තරයේ ප්‍රතික්ෂේප'' කරමිනි.
පසුගිය පෙබරවාරි 22 දින ආරම්භ වූ සමුළුව මාර්තු 23 දින අවසන්වීමට නියමිතය. පෙබරවාරි මාසයේ දුරස්ථව සමුළුව ඇමතූ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහකොමසාරිස්වරියගේ වාර්තාව බැහැර කළ අතර එක්සත් රාජධානිය,ජර්මනිය,කැනඩාව,උතුරු මැසිඩෝනියා,මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රටවල් සමූහය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් ද සඳහන් කරමින් මෙසේ කියා සිටියේය. ''මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙම වාර්තාව අසාධාරණ ලෙස සිය විෂය පථය පුළුල් කර ඇති අතර, ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පවතින මූලික දේශීය කාරණා සහ පාලන කරුණු රාශියක් ඇතුළත් කර ඇත'' විදේශ ඇමතිවරයා විසින් මානව හිමිකම් සැසිවාරයට දෙන ලද පණිවුඩයෙහි ඉහත සඳහන් කරන ලද පාඨය තුළ රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව විසින් සිය ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන තර්කය අන්තර්ගත වෙයි. එනම්, ''ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් වන අතර එම දේශීය කරුණු සම්බන්ධයෙන් බාහිර බලවේගයන් මැදිහත්වීම නුසුදුසු'' වන බවය. මහකොමසාරිස්වරියගේ වාර්තාව මගින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාවට නංවනු ලැබීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරමාධිපත්‍යයට හානි කිරීමක්ය යන්න ශ්‍රී ලංකා ආණ්ඩුවේ පමණක් නොව තවත් සංවිධානවල මෙන්ම ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන ඇතැම් රටවලද අදහස වී ඇත. අදාළ යෝජනාව මගින් රාජ්‍ය ස්වෛරීභාවයට හානියක් සිදුකෙරෙන්නේද? එසේ නැත්නම්,මහජන ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් එවැනි ක්‍රියාමාර්ගයක් ගතයුතුව තිබේද? යන මතවාදයන් සාකච්ඡාවට ගැනීමක් මෙම ලිපිය මගින් සිදු කෙරෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලබන ආකාරයේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ආණ්ඩුව අපේක්ෂා නොකරන බව කොළඹ පාලනය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා දුරස්ථ සන්නිවේදනය ඔස්සේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ කරන ලද ඉහත කී ප්‍රකාශය මගින් පෙන්නුම් කෙරුණි. එවැනි ක්‍රියාමාර්ගයක් ''ස්වාධීන රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක්'' බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ද අවධාරණය කළේය. විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති පිටු 17 කින් සමන්විත වාර්තාව මගින්, "මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් විශ්වාස කටයුතු චෝදනා ලැබූවන්" ඉලක්ක කරගත්, යුද අපරාධ විමර්ශනය, වත්කම් අත්හිටුවීම, සංචාර තහනම ඇතුලු සම්බාධක'' නිර්දේශ කරයි. එපමණක් නොව, රාජ්‍ය යාන්ත්‍රණය තුළ විශ්‍රාමික හමුදා නිලධාරීන් නිරත කරවීම, 19 සංශෝධනය වැනි ව්‍යවස්ථාමය ආරක්ෂණ විධිවිධාන ඉවත් කරනු ලැබීම, කෝවිඩ්-19 වසංගතයෙන් මියගිය සියලු දෙනා බලහත්කාරයෙන් ආදාහනය කිරීම (එම නියමය වෙනස්කරනු ලැබ ඇත) ආදී ක්‍රියාමාර්ග මානව හිමිකම් සීමා කිරීමක් ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මගින් හඳුනාගනු ලැබ ඇත. ආණ්ඩුවේ විසඳුම් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය එවැනි ප්‍රතිචාරයක් දක්වනු ලබන්නේ මෙම 46 සැසිවාරය ආරම්භ කරනු ලැබීම අත්‍යාසන්නයේ අදාළ චෝදනා විභාග කරනු ලැබීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසකරුවකුගේ ප්‍රධානත්වයෙන් යුක්ත ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනු ලැබ තිබියදීය. එම කොමිසම පිහිටුවනු ලබන්නේ 2015 ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පෙරට තබන ලද 30/1 යෝජනාවලිය වත්මන් ආණ්ඩුව විසින් ඉවත්කරගනු ලැබ ඇති පරිසරයකය. 30/1 යෝජනාවලිය මගින් එවක ශ්‍රී ලංකා ආණ්ඩුව ඇතිකරගන්නා ලද එකඟතාව ඉවත්කර ගන්නා ලද්දේ එමගින් රටේ ස්වෛරීභාවයට හානියක් සිදුවෙතැයි පවසමිනි. ආණ්ඩුව බලයට පත්වීමට පෙර ම එකී 30/1 එකඟතාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කළ එවක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම, අදාළ යෝජනාවේ අන්තර්ගත කරුණුවලින් ශ්‍රී ලංකාවේ "අභ්‍යන්තර කටයුතුවලට විදේශීය මැදිහත්වීමක් පිළිබිඹු කෙරෙන බැවින්" ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන මෙන් ඉල්ලීමක් කර තිබුණි. ආණ්ඩුව 30/1 එකඟතාවෙන් ඉවත්වුනත් මහකොමසාරිස් වාර්තාව මගින් එම එකඟතා වෙනත් වචනවලින් පුනරාවර්තනය වී ඇත. දැන් වෙනස වන්නේ කලින් එළැඹි 'එකඟතා' දැන් 'නිර්දේශ' බවට පත්ව තිබීමය. මේ අතර කොළඹ බලධාරීන්ගේ ප්‍රයත්නය වී තිබෙන්නේ '' ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණය ''අත්‍යවශ්‍යයෙන්ම මෙම කවුන්සිලය පිහිටුවා ඇති සාරධර්ම හා මූලධර්මවලට පටහැනි දේශපාලන පියවරක් ''මෙන්ම එමගින් '' දක්ෂිණාර්ධ ගෝලයේ ස්වෛරී රාජ්‍යයන් වෙත අධෛර්යමත් කරවන පණිවිඩයක් රැගෙන යන බව'' ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමය. ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා මෙසේ පවසයි. ''විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් (මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව මගින්) පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණි'' මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට ''ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පවතින මූලික දේශීය කාරණා සහ පාලන කරුණු රාශියක් ඇතුළත් කර'' ඇතැයි ශ්‍රී ලංකාවේ රජය ප්‍රකාශ කරන අතරවාරයේ දමිළ දේශපාලන පක්ෂ සහ සංවිධානවලට අතිරේකව වෙනත් විවිධ ශ්‍රේණීන් විසින් ද රජයේ එම ස්ථාවරය ප්‍රශ්න කරනු ලැබෙමින් පවතී. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ පසුගියදා 'Colombo Telegraph' වෙබ් අඩවියට ''ජගත් මානව හිමිකම් කොමිසම ආරක්ෂාකළ​ යුත්තේ පීඩිතයින්ගේ මිස පීඩකයින්ගේ ස්වාධිපත්‍යය​​ නොවේ'' යන මැයෙන් ලිපියක් සැපයූ ආචාර්ය රන්ජිත් සී.පෙරේරා මෙසේ ප්‍රශ්න කර තිබුණි. ''මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවට නතුවන බොහෝ රටවල් එම චෝදනාවෙන් ගැලවීමට යොදන උපක්‍රමය ස්වාධිපත්‍යය​​ මූලධර්මය පෙරට දැමීමයි .රජයේ ස්ථාවරය පිළිගන්නා සමහර විචාරකයින් පවසන්නේ ජගත් මානව හිමිකම් කොමිසම ස්වාධිපත්‍ය යන මූලධර්ම​ යටතේ රටේ අභ්‍යන්තර කරුණුවලට අතපොවන බවයි. අප ඇසිය යුතු ප්‍රශ්නය නම් ස්වාධිපත්‍ය අහෝසිව තිබෙන්නේ පාලකයන්ගේ ද නැත්නම් පාලිතයන්ගේ ද යන්නයි'' නීතිඥ ජයරාජ් පලිහවඩන එම අදහසත් සමඟ සියලු කණ්ඩායම් එකඟ නැත.'London Initiative' සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ජයරාජ් පලිහවඩන බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ''මානව හිමිකම් මණ්ඩලය ඔවුන්ට පැවරෙන බලසීමාවන් ඉක්මවා ගොස් ඇති අතර ඔවුන්ට රටක පරමාධිපත්‍යය කෙරෙහි අභියෝග කළ නොහැකි'' යයි කියා සිටියේය. ''මානව හිමිකම් කමිටුව බලන්නේ 'වගවීම' ගැන විතරයි. ඒ අනුව මේක දඩයමක් බව පේනවා. මානව හිමිකම් කොමිසමට රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම එල්ල වෙනවා. ඒ නිසා තමයි ඔවුන් තමන්ගේ සීමාව ඉක්මවා යන නිර්දේශ ඉදිරිපත් කරන්නේ. ඔවුන්ට රටක පරමාධිපත්‍යයට අභියෝග කරන්න බැහැ." මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවෙන් කරුණු උපුටා දක්වන නීතිඥ ජයරාජ් පලිහවඩන වැඩිදුරටත් තම ස්ථාවරය පැහැදිලි කරමින් '' ඔවුන් ලංකාවේ බලය බෙදන්න කියනව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරන්න කියනව. නීතිරීති වෙනස් කරන්න කියනවා. එම කරුණු සම්බන්ධයෙන් ඔවුන්ට බලයක් පැවරී නැහැ'' යනුවෙන් ද සඳහන් කළේය. මානව හිමිකම් කමිටුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ සම්මානිත මහාචාර්ය පී.අතුකෝරල විසින් පළකරන ලද්දේ වෙනත් අදහසකි. ''මානව හිමිකම් කමිටු නිර්දේශ මගින් රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් සිදුකර ඇතැයි පැවසිය නොහැකියි. ඇත්තෙන්ම එමගින් කියවෙන්නේ සිවිල් ජනතාවට පොදුවේ සිදුව ඇති අසාධාරණ සම්බන්ධයෙන් විභාගයක් කරන ලෙසයි. දැන් රාජ්‍යයේ පරමාධිපත්‍යය ගැන උනන්දුවක් දක්වන කණ්ඩායම් පාලකයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මහජන පරමාධිපත්‍යයට සිදුවෙන හානිය ගැන කතා නොකිරීම ප්‍රශ්නයක්'' සම්මානිත මහාචාර්ය පී.අතුකෝරල තම තර්කය තහවුරු කිරීම සඳහා මහාචාර්ය පී.අතුකෝරල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනය මගින් 19 වෙනි සංශෝධනය අහෝසිකරනු ලැබීම නිදසුනක් කර ගනියි. ස්වාධීන කොමිෂන් සභා සහ ව්‍යවස්ථා සභාව අහෝසි කරනු ලැබීම මහජන අයිතිවාසිකමක් උදුරාගනු ලැබීමක් ලෙස ඔහු දකියි. ''පාලකයන්ගේ පැත්තෙන් සිදුවෙන අසාධාරණයන්ට එරෙහිව යාමට දැන් ඇති එකම ස්ථානය අධිකරණයයි. නමුත් රජය විසින් පත්කරනු ලබන ජනාධිපති කොමිෂන් සභා විසින් අධිකරණය විසින් වැරදිකරුවන් හැටියට තීන්දුකරන ලද පුද්ගලයන් නිදොස්කොට මුදාහරින ලෙස නියෝගකරනු ලැබීම අශුභ නිමිත්තක්. එවිට අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටෙනවා'' එවැනි පරිසරයක් යටතේ පෙරට එන අභ්‍යන්තර බලවේග මර්දනය කෙරෙන හෙයින් අඩුතරමින් බාහිර බලවේගයකවත් මැදිහත්වීම මහජනතාව විසින් අපේක්ෂාකරන වාතාවරණයක් උද්ගත වියහැකි බවත් බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවේ දී මහාචාර්ය පී. අතුකෝරල සඳහන් කළේය. එහෙත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් අභියෝග කරන රටවල් ගත්විට එම රටවලට වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට සෘජු ලෙසම මැදිහත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බව නීතිඥ ජයරාජ් පලිහවඩන පවසයි. උදාහරණයක් ලෙස ඉරාකයේ සහ සිරියාවේ අභ්‍යන්තර දේශපාලනයට සෘජුව මැදිහත්වෙමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරනු ලබන ඇතැම් බලවත් රටවල් බවත් නීතිඥ පලිහවඩන සඳහන් කරයි. බීබීසී සිංහල අංශය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී එම අදහස තවදුරටත් පෙරට ගෙනයමින් විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ '' මානව හිමිකම් මහකොමසාරිස්වරිය මහපොළොවේ තත්ත්වය හරිහැටි නොදැන චෝදනා රාශියක් එල්ල කරන්නට පටන්ගෙන ඇති'' බවය. ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කරයි. "ඒ වගේම මම හිතන්නේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේත් මෑතකදී පනතක් ගෙනවිත් තියෙනවා; තමන්ගේ සොල්දාදුවන් විදේශ රටවල ගිහින් යුද කටයුතුවල යෙදිලා වැරදිකරුවන් බවට පත්වුණොත් ඒ සියලුදෙනා නිදහස් කෙරෙන පනතක්. ඉතින් මේ අය කතා කරන්නේ කුමක් පදනම් කරගෙනද?" "තවත් රටවල් කීපයක් ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් ආක්‍රමණය කරද්දී ඒ පිළිබඳව වචනයක් කතා නොකරපු මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා'' යයිද ඇමතිවරයා පැවසීය. විදේශ ඇමතිවරයා පවසන පරිදි ශ්‍රී ලංකාව සිය අභ්‍යන්තර කටයුතු කරනු ලබන්නේ රටේ ව්‍යවස්ථාපිත මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදිය. "අපේ රට ස්වෛරී රාජ්‍යයක්. අපි කටයුතු කරන්නේ අපේ ව්‍යවස්ථාවට අනුව. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව විදේශීය නඩුකාරවරු ගෙනැවිත් මෙවැනි දෙයක් කරන්න කිසි ලෙසකින් ඉඩක් නැහැ." බොහෝ තුන්වෙනි ලෝකයේ රටවල පාලකයන් සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වචනවලින් දැක්වෙන ස්වෛරීභාවය නම් සංකල්පය පාවිච්චි කරමින් එම සමාජයන්හි පරමාධිපති බලය හිමි මහජනතාව පීඩාවට පත්කරන්නේනම් එවිට එම වින්දිතයන් සඳහා ඇති රැකවරණය කුමක්දැයි සම්මානිත මහාචාර්ය පී.අතුකෝරල ප්‍රශ්න කරයි. ''රාජ්‍යයේ පරමාධිපත්‍යය සංවිධානාත්මක දේශපාලන සමාජවල මුල්බැසගත් සිද්ධාන්තයක්. එහි පරමාර්ථය ප්‍රජා පීඩනය නොවෙයි. ඉන් එහාගිය දෙයක්. නමුත් අද බොහෝ රාජ්‍යයන්හි සිද්ධවෙන්නේ මහජන ඡන්දයෙන් හෝ බලහත්කාරයෙන් රාජ්‍ය බලය හිමිකරගත් කණ්ඩායම් විසින් තම කටයුතු ආවරණය කර ගැනීමට එම සිද්ධාන්තය පාවිච්චිකරනු ලැබීම. මේ නිසා තමයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතනවල මැදිහත්වීම් සිදු කෙරෙන්නේ. මේක ආගන්තුක දෙයක් නොවෙයි. බොස්නියා - හර්සගොවිනා අර්බුදයට එක්සත් ජාතීන් විසින් කරන ලද මැදිහත්වීම් මේ සඳහා අපේ කාලයේ හොඳ නිදර්ශනයක්'' එක්සත් ජාතීන්ගේ ආයතනයක් මගින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ පාරදෘශ්‍යභාවයෙන් (transparency) යුක්තවිය යුතු බවත් මහකොමසාරිස් බැචලේගේ වාර්තාවේ පදනම ඒකපාර්ශ්වීය බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ 'ඉලිනොයි' ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සමාජ විද්‍යාඥයකු වන මහින්ද රණවක පවසයි. ''අපි පිළිගන්නවා මානව හිමිකම් වැදගත් අංගයක්. නමුත් කවුද මානව හිමිකම් උල්ලංඝනය කළේ? ළමුන් බලහත්කාරයෙන් යුද්ධයට ගෙනගොස් මරණයට පත්වීම යුද අපරාධයක් නොවෙයිද? ඒවා කළේ කොටි සංවිධානය. කොහොම වුණත් රටේ ස්වාධිපත්‍යය ඉතාම වැදගත් වෙනවා. අසාධාරණ ලෙස ඊට ඇඟිලිගැසීම වැරදියි'' මහින්ද රණවක බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය. මහින්ද රණවක මානව අයිතිවාසිකම් සහ ස්වාධිපත්‍යය සම්බන්ධයෙන් සම්මානිත මහාචාර්ය පී.අතුකෝරල ඉදිරිපත්කරන අදහස ස්ථාපනය කරමින් ආචාර්ය රන්ජිත් සී.පෙරේරා පළකරන්නේ මෙවැනි අදහසකි. ''ජගත් මානව හිමිකම් කවුන්සලය මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර සංවිධානද ස්වාධිපත්‍යය යන්නට නව අර්ථකතනයක් සැපයීමට කාලය උදා වි තිබේ. කිසිම රටක පාලකයකුට එරටේ ජනතාවගේ මානව හිමිකම් කඩකර චෝදන එල්ලවන විට ස්වාධිපත්‍යය නම් කඩතුරාව යොදාගෙන ගැලවීමට අවස්ථව නොදිය යුතුය. තවද, එසේ එවැනි චෝදනා එල්ල කරන විට ඒවා එල්ල කළ යුත්තෙත් සම්බාධක පැනවිය යුත්තෙත් ඒවාට වගකිව යුතු පාලකයින්ට මිස පාලිතයින්ට නොවීමට ඔවුන්ගේ අවධානය යොමුවීම වැදගත් වේ. ලොවේ සමස්තයක් ලෙස මානව හිමිකම් කඩකිරීම් අවම කිරීමට එවැනි තීරණ අතිශයින්ම වැදගත්වනු නොඅනුමානය'' කෙසේවුවද, නූතන ජාතික රාජ්‍යයේ ප්‍රභවයෙන් අනතුරුව ''රාජ්‍යයේ පරමාධිපත්‍යය'' අන්තර් රාජ්‍ය පද්ධතියෙහි ගරුත්වය ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවා පිළිගනු ලබන මූලික සිද්ධාන්තයක්ව ඇත. එක් රාජ්‍යයන් පමණක් නොව සියලු ජාත්‍යන්තර සංවිධානයන් ද ඒ සඳහා බැඳී සිටිති. එහෙත් මහජන මූලික අයිතිවාසිකම් ක්‍ෂේත්‍රයේ දී ජාතික රාජ්‍යයේ බලසීමාවන්ට පරිබාහිරව ජාත්‍යන්තර ගිවිසුම් මගින් ඇතිකරගනු ලබන බැඳීම් සහ වගකීම් අනුව එම සිද්ධාන්තය මූලධර්මය මට්ටමින් භුක්තිවිඳිනු ලැබීම ප්‍රයෝගික වශයෙන් අභියෝගයක්ව පවතී. තවත් තොරතුරු;
නව ව්‍යවස්ථාව සැකසීමේදී බුදු දහමට ව්‍යවස්ථාව තුළින් ලබා දී ඇති අයිතිය එලෙසින්ම සුරකින බවට සහතිකයක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ස්තුතිය පළ කරන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසති.
නව ව්‍යවස්ථාව සැකසීමේදී ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් ලෙස නම් කළ යුතු බවට ඇතැම් කණ්ඩායම් හඬ නැගූ බව උන්වහන්සේ කියා සිටියේ ගම්පහ සිරිකුරුස දේවස්ථානයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදී. බටහිර ලෝකයේ පවතින අනාගමික සංකල්පය තමන්ට අවශ්‍ය ආකාරයට අර්ථකථනය කොට ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික දිවි පෙවත විනාශ කිරීමේ උත්සාහයක් පවතින බවයි උන්වහන්සේ සඳහන් කළේ. 'දැනට ව්‍යවස්ථාවේ තිබෙන නව වෙනි වගන්තිය අල්ලන්නේ නැතිව එලෙසම තිබිය යුතුයි.' උන්වහන්සේ කියා සිටියහ. වසර තිහක් පැවති යුද්ධය අවසාන කොට නව යුගයක් කරා යන ගමනට ආගමික සමගිය සහ ජාතික සමගිය ඉතා වැදගත් බවයි උන්වහන්සේ කියා සිටියේ.
හිටපු ජනාධිපතිනි චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මුදල් අමාත්‍ය රවී කරුණානායක සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ පසු ගිය පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ආර්ථික පරිපාලනය පිළිබඳව වූ සාරධර්ම බරපතළ ලෙස කඩා වැටුණු බවයි.
හිටපු ජනාධිපතිනිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳව අදහස් පළ කළේ මුදල් අමාත්‍යංශයේ කටයුතු නිරීක්ෂණය කිරීමම සඳහා පැමිණි අවස්ථාවේදීය. සිය ආණ්ඩුවේ අවසන් කාල වකවානුව තුළ චීනය සමඟ අත්සන් කළ ගිවිසුම් පසුගිය ආණ්ඩුව යළිත් වෙනස් කොට විශාල කොමිස් මුදල් සහිතව නැවත අත්සන් කොට ඇති බවයි හිටපු ජනාධිපතිනිය පවසන්නේ. එලෙස චීනය සමඟ ඇතැම් ගිවිසුම් අත්සන් කිරීමේදී සියයට පනහක් තරම් වූ ඉහළ කොමිස් මුදලක් ලබා ගත් අවස්ථා පිළිබඳව තමන්ට ආරංචි වී ඇති බවත් හිටපු ජනාධිපතිනි කුමාරතුංග පැවසුවාය. ආර්ථිකය බංකොලොත් නැහැ ආර්ථික කටයුතු පිළිබඳව ඇති උනන්දුව සහ හිටපු මුදල් ඇමතිවරියක ලෙස ලැබූ අත්දැකීම් හේතුවෙන් මුදල් අමත්‍යංශයේ කටයුතු විමසීමට ලැබුණු අවස්ථාවට සහභාගී වූ බවයි ඇය වැඩි දුරටත් කියා සිටියේ. මුදල් ඇමති රවී කරුණානායක සඳහන් කළේ 'රටේ ආර්ථිකය බංකොලොත් වී ඇති බවට පැතිරෙන කථාවේ ඇත්තක් නැති' බවයි. පසු ගිය ආණ්ඩුව සමයේ නිසියාකාරව මුදල් හොයා ගැනීමකින් තොරව ආරම්භ කළ වැඩසටහන් සම්බන්ධයෙන් ගැටළු ඇති වී තිබෙන නමුත් අළුතින් ආරම්භ කළ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් කිසිදු මුල්‍ය ගැටළුවක් නැතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
ඉන්දීය මහ මැතිවරණයේ තුන් වැනි දිනය අදයි.
පසුගිය දෙදින තුළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට පනහ ඉක්මවයි වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට යැවෙන, අධික ජනගහනයක් සහිත උත්තර් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත එකොළහක කෝටි දහයකට අධික ජනතාවකට අද ඡන්දය ප්‍රකාශ කළ හැකියි. ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි රාහුල් ගාන්ධි පසුගිය දෙදින තුළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට පනහ ඉක්මවා තිබූ බවයි වාර්තා වන්නේ. අලුතින් පිහිටවූ දුෂණ විරෝධී පක්ෂය ඉන්දියාවේ ප්‍රධාන පක්ෂ දෙක වන පාලක කොන්ග්‍රස් පක්ෂයට සහ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට දිල්ලි නුවරදී දැඩි අභියෝගයක් වී ඇති බවයි වාර්තා වන්නේ. මතභේදයට තුඩු දී ඇති ඉන්දීය කාශ්මීර කලාපයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ඉහල මට්ටමක පවතින බව බලධාරීහු ප්‍රකාශ කරති.
ඉන්දියාව සහ පකිස්තානය අතර හට ගෙන ඇති අර්බුද හේතුවෙන් තමන්ට පෙර පරිදි පකිස්තානය සමග වැඩ කටයුතු කරගෙන යා නොහැකි බව ඉන්දීය අගමැති මන් මෝහන් සිං කියා සිටියි.
ඉන්දු -පකිස්තාන් මත බේදයකට තුඩු දී ඇති කාශ්මීර පළාතේදී පකිස්තානු හමුදා විසින් ඉන්දියානු සොල්දදුවන් දෙදෙනෙක් මරා දැමීම සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්ථානයට චෝදනා කිරීමෙන් පසු මෙම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හට ගෙන තිබේ. පකිස්තානය චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඉන්දීය අගමැති මන් මෝහන් සිං කියා සිටින්නේ වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු බවයි. සබැඳි තේමා
ආදරය කරන්නේ කෙලෙසද යන්න පිළිබඳව ලබන වසරේ සිට නව පාඨමාලාවක් ආරම්භ කරන බව ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක් නිවේදනය කොට තිබේ.
කිසිදු ප්‍රායෝගික ක්‍රියාකාරකමක් පාඨමාලාවට ඇතුලත් නැහැ කල්කටාවේ ප්‍රසිඩන්සි විශ්ව විද්‍යාලය ආරම්භ කරන එම පාඨමාලාවේ අරමුණ ආදරයේ සමාජ විද්‍යාත්මක ගැටළු හැදෑරීම බවයි, උප කුලපතිවරිය පවසන්නේ. විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන නව පාඨමාලාව හැදෑරීමට වෙනත් ඕනෑම දෙපාර්තමේන්තුවක අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද අවසරය ලැබේ. කෙසේ නමුත් කිසිදු ප්‍රායෝගික ක්‍රියාකාරකමක් එයට ඇතුලත් නොවන බව උප කුලපතිනි මාලවිකා සර්කාර් අවධාරණය කරන්නීය.
සනීපාරක්ෂක තුවා හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැමට නොමිලේ ලබා දෙන ලොව පළමු රට බවට ස්කොට්ලන්තය පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා කරන්නේ වර්තමානයේදී කාන්තාවන් ඔසප් දුගී බවින් මුදවාගැනීමට ලෝකයේ නොයෙකුත් රටවල් ගනු ලබන ක්‍රියාමාර්ගයන් හි ප්‍රතිඵලයක් වශයෙන් හා එහි වැදගත්කම ලොවට කියාපාමිනි.
එහෙත් ශ්‍රී ලංකාව තුළ නැවතත් සනීපාරක්ෂක තුවා හා ඒ ආශ්‍රිත නිෂ්පාදන දැඩි කතාබහට ලක්වන්නේ ඒ සඳහා අධික බදු අයකරන රටක් බවට පත් වී ඇති බව හා එම බදු අයකිරීම අසාධාරණ බවට චෝදනා නැගෙන පසුබිමක ය. එහෙත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ සනීපාරක්ෂක තුවාවල බදු වැඩිකිරිමක් සිදු කර නොමැති බවය. සනිපාරක්ෂක තුවාවල අදාළ බදු වැඩි කර ඇතැයි යන්න වැරදි තොරතුරක් බව පවසන ඔහු අයවැය ඉදිරිපත් කිරීමට පෙර මේ සම්බන්ධව පැවති "රේගු ආනයන බද්ද" 30% ක් බව පෙන්වා දෙයි. අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව එම බදු ප්‍රමාණය 15% දක්වා අඩු කර 15% ක " සෙස් බද්දක්" එකතු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටී. "ඒ අනුව කිසිදු බදු වැඩි කිරීමක් සිදුව නැහැ. ආනයන බදු ප්‍රමාණය රඳවා ගැනීමේ අවශ්‍යතාව වන්නේ දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහායි. ඒ අනුව රජය විසින් මිල වැඩිවන වෙනසක් සිදුකර නැහැ," යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසා තිබිණි. එහෙත් මෙම තත්ත්වයට ප්‍රතිචාර ලෙස නිවේදනයක් නිකුත් කරමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පැවසුවේ, සනීපාරක්ෂක තුවා යනු අත්‍යවශ්‍ය භාණ්ඩයක් මිස සුඛෝපභෝගී භාණ්ඩයක් නොවන බව ය. ශ්‍රී ලංකාවේ සනිපාරක්ෂක තුවා මත 51% ක බද්දක් පටවා ඇති බව පවසන ඇය, "සෞභාග්‍යයේ ආණ්ඩුවේ 15% 'මෙන්සන් බද්ද' සාධාරණීකරණය කරන්න නරුමයින් පිරිසක් උත්සහ දරනවා" යැයි කියා සිටියාය. 2018 වන විට සනීපාරක්ෂක තුවා මත 101.2% ක බද්දක් අයකළ බවත් යහපාලන ආණ්ඩුව එම බදු අඩු කළේ සමාජ ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමක් ඉටු කිරීමක් මෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ගන්න පියවරක් ලෙස සළකා යැයි ද ඇය සඳහන් කළාය. කාන්තාවන් සියලු දෙනාට දැරිය හැකි මිලකට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට පරිසරයක් නිර්මාණය කිරීම ශිෂ්ඨ සමාජයක වගකීමක් යැයි පෙන්වා දෙන ඇය ලංකාවේ දරුවන්ගෙන් 60% ක් ඔසප් දිනවල පාසලට පැමිණෙන්නේ නැති බව ගුරුවරියක ලෙස තමන් හොඳින් දන්නේ යැයි ද කියා සිටී. "ළමා ඩයපර් විතරක් නෙවෙයි රෝගී වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා භාවිත කරන ඩයපර් පවා නව සෙස් බද්දට යටත් කොට තිබෙනවා. 'මෙන්සස් බද්ද' වගේම රෝගීන් ගේ මල මුත්‍ර ටිකෙනුත් බදු ගන්න ආණ්ඩුවක් බවට රජය පත්වී තිබෙනවා," යැයි ද මන්ත්‍රීවරිය සිය නිවේදනයෙන් කියා සිටී. "වැට්, සෙස්, රේගු, ජාතික ගොඩනැගීම ආදී වශයෙන් සනීපාරක්ෂක තුවායකට 51% ක් දැනට බදු ගහනවා. 'මෙන්සස් බද්ද' අශිෂ්ඨත්වයේ ප්‍රතිමූර්තිය වන්නේ ඒ නිසයි." යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක්ම කාන්තාවන් වන අතර දළ වශයෙන් ඉන් මිලියන 5.7 ක් ඔසප් වන කාන්තාවන් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන පෙන්නුම්කරයි. කෙසේ වෙතත්, ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන සුඛෝපභෝගී භාණ්ඩ වී තිබීම තුළ බොහෝ ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා, ආරක්ෂිත හා දැරිය හැකි ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන අත්කරගැනීම සඳහා ඇති ප්‍රවේශය ඉතා අඩුවී ඇති බව මේ පිළිබඳ නිරීක්ෂණයේ යෙදෙන්නෝ පවසති. ශ්‍රී ලංකාවේ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන අත්පත් කරගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව නම් ආනයනික ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා අය කරනුලබන අධික බදු බවට ඔවුන්ගේ අදහස වී තිබේ. සනීපාරක්ෂක තුවා සහ ටැම්පොන් සඳහා එච්එස් කේතය (HS 96190010) යටතේ බදු අය කෙරේ. ඒ සඳහා අය කරන ආනයන ගාස්තු මේ වන විට 53.7% ක් වන අතර අයවැයට පෙර එය 52% ක් විණි. සනීපාරක්ෂක තුවා සඳහා බද්ද 2018 සැප්තැම්බර් වන තෙක් පැවති බදු ප්‍රමාණය 101.2% ක් විය. ඒ 30% ක අනයන බද්දක් 15% ක වැට්, 7.5% ක පැල් (PAL), 2% ක ජාතිය ගොඩනැගීමේ බදු (NBT) සහ 30% හෝ කිලෝග්‍රැමයකට රුපියල් 300 ක සෙස් යනාදිය ද ඇතුළත් සියලු බදු වල එකතුවක් ලෙසිනි. එහෙත් ඊට සමාජයෙන් එල්ල වූ විරෝධය හමුවේ 2018 සැප්තැම්බර් මාසයේදී මෙම බද්දෙහි සෙස් ප්‍රමාණය එවක සිටි මුදල් අමාත්‍යවරයා විසින් අවලංගු කරනු ලැබීය. ඒ අනුව සමස්ත බදු ප්‍රමාණය 62% විය. තවද, 2019 නොවැම්බරයේදී අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයා විසින් බදු අඩු කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කරන ලද අතර එහි ප්‍රතිඵලය වූයේ වැට් බදු අඩු කිරීම සහ සනීපාරක්ෂක තුවා මත ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීමය. ඒ මගින් සනීපාරක්ෂක තුවා සඳහා වන මුලු ගාස්තුව 52% දක්වා අඩු කළේය. එවැනි බදු අඩු කිරීමක දී වුවද සනීපාරක්ෂක තුවා සහ ටැම්පොන් ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් අතිමහත් බහුතරයකට දැරිය නොහැකි මට්ටමක පවතින බවට විශ්ලේෂකයන් ගේ අදහස වී තිබේ. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ සනීපාරක්ෂක තුවා අලෙවි කෙරෙන්නේ රු. 120 - 175 ත් අතර මිලකට ය. ආනයනික වෙළෙඳනාම රු. 350 දක්වා මිලකට අලෙවි කෙරේ. එම නිසා ආනයනික සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම බහුතර කාන්තවන්ට ඉතා අසීරු කරුණක් සේ ම එයින් එය සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් කර තීබෙන බව විශ්ලේෂකයෝ පවසති. සාමාන්‍ය කාන්තාවකගේ ඔසප් කාල සීමාව දින 5 ක් පමණ වන අතර දිනකට සාමාන්‍යයෙන් සනීපාරක්ෂක තුවා 4 ක් භාවිත කරනු ඇත. ඒ අනුව පෙර බදු ක්‍රමය යටතේ කාන්තාවකට මසකට රුපියල් 520 ක් ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන සදහා වැය කිරීමට සිදුවන බවට ගණන් බලා ඇතැයි ඔවුහු පෙන්වා දෙති. "ඔසප් සනීපාරක්ෂාවෙන් දුගීවීම කියන්නෙ කාන්තාවන්ගේ සනීපාරක්ෂාවට වියදම් කිරීම මිල අධික වීම සහ එම වියදම් දරා ගැනීමට අපහසු වීමයි," ඇඩ්වෝකටා පර්යේෂණ ආයතනයේ පර්යේෂණ කළමනාකාරිනී අනීතා වරුසවිතාරණ බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. ආනයනික සනීපාරක්ෂක තුවා එතරම් මිල අධික වීමට ප්‍රධාන හේතුව රජය අයකරන අසීමාන්තික සහ අසාධාරණ බදු ප්‍රමාණය බව ඇය කියා සිටී. "වෙළෙඳපොළෙන් කැමති භාණ්ඩයක් මිලදී ගැනීමට ඇති අයිතිය කාන්තාවන්ට ලැබිය යුතුයි," අනීතා වරුසවිතාරණ සඳහන් කළාය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත අනුව ශ්‍රී ලංකාවේ දුගී ම කුටුම්භයන්ගේ ඇස්තමේන්තුගත සාමාන්‍ය මාසික කුටුම්භ ආදායම රුපියල් 14,843 කි. මෙම කුටුම්භයන්හි, ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා මාසික පිරිවැය ඔවුන්ගේ වියදමෙන් 3.5% කි. සාපේක්ෂව, ඇඳුම් සඳහා මෙම ආදායම් කාණ්ඩයේ වියදම් ප්‍රතිශතය 4.4% කි. අන්තර්ජාතික වශයෙන්, ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන බදුකරණය අවලංගු කිරීමේ නැඹුරුවක් පවතින අතර ඔසප් නිෂ්පාදන සඳහා විකුණුම් බද්ද අහෝසි කළ පළමු රට බවට කෙන්යාව පත්වූයේ 2004 දී ය. ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, අයර්ලන්තය සහ මැලේසියාව ඇතුළු රටවල් මෑත වසරවලදී එය අනුගමනය කර ඇත. ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන ලබාගැනීමට ඇති නොහැකියාවෙන් බොහෝ විට සිදුවන්නේ තාවකාලික, සනීපාරක්ෂක නොවන ආදේශන භාවිත කිරීම ය. එමගින් ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන අපිරිසිදු ආදේශන භාවිතයට ගැනීමේ ප්‍රවණතා ද වේ. අද වන විට ශ්‍රී ලාංකික කාන්තාවන් අතර දෙවැනි තැන ලා සැලකෙන වඩාත් සුලභ පිළිකා වර්ගය වන ගැබ්ගෙල පිළිකා වර්ධනය හා සම්බන්ධ වන එක් හේතුවක් ලෙස දුර්වල ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය ද සැළකෙන බව පර්යේෂකයෝ පවසති. වර්තමාන ඇස්තමේන්තුවලට අනුව සෑම වසරකදී ම ශ්‍රී ලාංකික කාන්තාවන් 1136 ක් පමණ ගැබ්ගෙල පිළිකා ඇති බවට හඳුනාගෙන ඇති අතර සෑම වසරකම 643 ක් පමණ එම රෝගයෙන් මිය යති. ඔසප් වීම සහ ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ අධ්‍යාපනය අඩු වීම, සමාජයේ ඔසප් වීම පිළිබඳ තිබෙන මිථ්‍යා මත මෙන් ම විවෘතව මෙවැනි මාතෘකාව සාකච්ඡා කිරීමට බිය වීම දුර්වල ඔසප් සනීපාරක්ෂාව සඳහා හේතු වන බව ඒ පිළිබඳ අධ්‍යයනයක යෙදුනු අනුකි ප්‍රේමචන්ද්‍ර පැවසීය. අනුකි ප්‍රේමචන්ද්‍ර තම මුහුණුපොතේ තැබූ ඡායාරුවක් "දුර්වල ඔසප් සනීපාරක්ෂාව නිසා බොහෝ ශ්‍රී ලාංකික කාන්තාවන් අනෙක් රටවල් වල කාන්තාවන්ට වඩා සිටින්නේ පිටුපසින්. ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා භාවිතය සලකන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් විදියටයි. එහෙමත් නැත්තම් කලු වෙළෙඳපොළේ විකිනෙන භාණ්ඩයක් ලෙසටයි. ශ්‍රී ලංකාව තුළ සනීපාරක්ෂක තුවා සහ කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ මිත්‍යා මත සහ සමාජ පීඩනය නිසා දිනපතාම සනීපාරක්ෂාව අතින් අපි අත්ත දුප්පත් තත්ත්වයට පත්වෙමින් තිබෙනවා," යනුවෙන් ඇය පැවසීය. සාමාන්‍යයෙන් කාන්තාවක් සිය ජීවිත කාලය තුළ දින 2535 ක ආර්තව කාලයක් නැතහොත් ඔසප් කාලයක් ගත කරයි. එක්වර බැලූ බැල්මට එය එතරම් දීර්ඝ කාලයෙක් ලෙස නොපෙනුණ ද එය වසර හතක පමණ කාලයකි. කාන්තාවකට ඉතා අවම සනීපාරක්ෂක තත්ත්ව යටතේ ඔසප් කාලවලදී සනීපාරක්ෂකතුවා වල මිල අධික වීම නිසා රෙදි කඩවල් භාවිතයට තල්ලු කිරීම කෙතරම් සාධාරණ දැයි ඇය ප්‍රශ්ණ කළේය. සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්වීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව කී ඈ, මිලෙන් වැඩි අත් ඔරලෝසු සහ සුවඳ විලවුන් සුඛෝපභෝගී භාණ්ඩ ලෙස සැලකෙන්නේ එම භාණ්ඩ සමාජයේ ඉහළ ආදායමක් උපයන පිරිසට පමණක් මිලදී ගත හැකි වීම නිසා යැයි සඳහන් කළාය. ඒ අනුව පවතින බදු ක්‍රමය අනුව සනීපාරක්ෂක තුවා ද සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් කර තිබෙන බව අනුකි ප්‍රේමචන්ද්‍ර කීවාය. "මම පසුගිය දිනක නුවර සිට නැවත කොළඹ පැමිණෙන අතර මඟ සාමාන්‍ය සිල්ලර කඩයෙකින් සනීපාරක්ෂක තුවායක් මිලදී ගත්විට කඩයේ මුදලාලි මෙම සනීපාරක්ෂක තුවාය කඩදාසි ගණාවකින් ඔතා ඉතාම රහසිගතව ලබාදුන්නේ හරියට මම ඔසප් කාලයක් පසුකිරීම මහා අපරාධයක් ලෙස සලකමිනුයි. ඔසප්භාවය ගැන කථාකරන විට සමහරු සංස්කෘතියට බනිනවා. සමහරු සමාජයේ තිබෙන මිථ්‍යා මතවලට දොස් නගනවා. නමුත් අවසාන ප්‍රතිඵලය මිලියන 10.5 තරම් කාන්තාවන් ආර්ථව චක්‍ර දිළිඳුභාවයට පත්වීමයි." අසල්වැසි ඉන්දියාව සමඟ සැසඳීමෙදී ශ්‍රී ලංකාවේ අලෙවි කෙරෙන සනීපාරක්ෂක තුවාවල විවිධත්වය ඉතා අවම මට්ටමක පවතින බව විශ්ලේෂකයන්ගේ අදහස ය. එක් කාන්තාවට අවශ්‍යා සනීපාරක්ෂක තුවා වර්ග එකිනෙකට වෙනස් සහ එය තීරණය වන්නේ එම කාන්තාවගේ කායික ස්වභාවය සහ ලක්ෂණ අනුව බව ඔවුහු පවසති. ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළ දේශීය වශයෙන් නිපදවන සන්නාම කිහිපයක් මඟින් අත්පත් කරගෙන තිබෙන බවත් එම දේශීය වෙළෙඳනාමවලට ආරක්ෂාව සැපයීම සඳහා ආනයනික සනීපාරක්ෂක තුවා මත ඉතා ඉහළ ආනයනික බද්දක් අය කරනු ලබන බවත් ඔවුහු කියා සිටිති. "සනීපාරක්ෂකතුවා කලු වෙළඳපොළේ විකිනෙණ භාණ්ඩයක් ලෙස සැලකෙන නිසා ලෝකයේ අනිත් වෙළෙඳපොළවල්වල දක්නට ලැබෙන නැවත සේදිය හැකි සනීපාරක්ෂක තුවා, කාබනික කපු වලින් නිපදවෙන සනීපාරක්ෂක තුවා, නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා ලෙස ඇති විවිධ නිෂ්පාදන කාණ්ඩ දැක ගැනීමට නොහැකියි. අපිට උදාවී තිබෙන තත්ත්වය තමයි අපිට නොගැලපෙන, අපි අකමැති සනීපාරක්ෂක තුවා වැඩි මිලකට මිලට ගැනීම. මේ පිළිබඳව හඩක් නගන්නටවත් කවුරුවත් එක්නොවෙන තරමට සමාජ මතය සනීපාරක්ෂක තුවා මහා රහසිගත කලුකඩ භාණ්ඩයක් කර හමාරයි," යනුවෙන් අනුකි ප්‍රේමචන්ද්‍ර පැවසීය. "නැහැ, ඔබ මිලදීගන්නා සනීපාරක්ෂක තුවා පැකැට්ටුව කොලවලින් ඔතා ලබාගැනීමට තරම් රහසිගත සහ භයානක මත්කුඩු වර්ගයක් නොවෙයි. නැහැ, අසීමිත ලෙස බදු ගසා සමාජයේ කිහිපදෙනෙකුට පමණක් මිලදී ගැනීමට හැකිවන ලෙස ඉතා ඉහල මිලකට අලෙවි කලයුතු භාණ්ඩයක් නොවේ සනීපාරක්ෂක තුවා." යැයි ඇය අවධාරණය කළා ය. මේ ගැනත් දැනගන්න:
ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජයේ යුද හමුදා සෙබළුන් හා අතුරු හමුදා භටයන් විසින් කරන ලද ලිංගික දුෂණ සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන් දැඩි අදිටනින් යුතුව සිටින බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය, සෛනාබ් බැන්ගූරා (Zainab Bangura) පවසයි.
යුද ගැටුම් වලදී ලිංගික ප්‍රචන්ඩතාව යොදාගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන සෛනාබ් බැන්ගූරා (Zainab Bangura) බීබීසී යට ප්‍රකාශ කළේ ස්ත්‍රී දුෂණයේ යෙදුනු භටයන් පිළිබඳ විභාග පවත්වා, නඩු අසා බන්ධනාගාර ගත කළ යුතු වග. ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරද කරු වන කිසිදු යුද භටයකු තව දුරටත් ආරක්ෂක සේනා වලට බඳවා නොගන්නා බවට ජනාධිපති ජෝසප් කබිලා තමනට පොරොන්දු වූ වගත් ඇය ප්‍රකාශ කළාය. නැගෙනහිර කොංගෝවේ දුෂණයට ලක්වූ බොහෝ දෙනකු, දරුවන් බව පැවසූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ඉන් සමහරකු අත දරුවන් බවත් වැඩි දුරටත් කියා සිටියාය.
බැට්මෑන් චිත්‍රපට මාලාවේ අලුත්ම නිර්මාණයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ ප්‍රදර්ශනය කෙරෙද්දී, එහි කඩා වැදුන මුහුණු ආවරණය කර ගත් තුවක්කු කරුවෙක්, වෙඩි තබා දොළොස් දෙනකු මරා දමා තවත් පහළොස් දෙනකුටවත් තුවාළ සිදු කිරීමේ සිද්ධියක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩෙන්වර් නගරයෙන් වාර්තා වේ.
ඩෙන්වර් නගරය පිහිටා තිබෙන්නේ කොලරාඩෝ ප්‍රාන්තයේ. " ද ඩාර්ක් නයිට් රයිසස්" නම් නව බැට්මෑන් චිත්‍රපටය තිර ගත කෙරෙද්දී කඩා වැදුන තුවක්කුකරුවා දාහතර දෙනකු මරා දැමු බවයි, කලින් ලද පොලිස් වාර්තාවන්හි දැක්වුණේ. අව්රෝරා නම් සිනමා ශාලාවේ දී ඉහත කී චිත්‍රපටය තිරගත කිරීම ආරම්භයේදීම, ගෑස් ප්‍රහාර වලදී පාවිච්චි කෙරෙන මුහුණු ආවරණයක් පැළඳ ගෙන සිටි තුවක්කුකරු, තිරය ඉදිරියේ මතුවෙමින් ගෑස් බඳුනක් විවෘත කොට සිනමා ශාලාව දුමාරයෙන් පිරෙද්දී වෙඩි තබන්නට පටන් ගත් බවයි එහි සිටි ප්‍රේක්ෂකයන් පවසන්නේ. සිනමා ශාලාව අසල පිහිටි රියගාලකදී ජේම්ස් හෝම්ස් නම් ප්‍රහාරකයා අත් අඩංගුවට ගත් බවයි, ඩෙන්වර් පොලිසිය ප්‍රකාශ කළේ. එම අවස්ථාවේ රයිෆලයක් සහ තවත් ගිනි අවි ඔහු සතුව තිබු බවද පොලිසිය සඳහන් කළේය. මේ ඝාතන පිළිබඳ පුවත ඇසීමෙන් පසු තමා බලවත් කම්පාවට සහ තිගැස්මට පත් වූ බවයි ජනාධිපති බරක් ඔබාමා කියා සිටින්නේ.
අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියේ පෙනී සිටින මෙන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට නියෝග කිරීම ඇය "දඩයම් කිරීමේ" ආණ්ඩුවේ ක්‍රියා දාමයේ තවත් පියවරක් බව නීතිවේදීන්ගේ එකමුතුව පවසයි.
මාර්තු 18 වැනිදා කොමිසම ඉදිරියේ පෙනී සිටින මෙන් අගවිනිසුරුවරියට කැඳවීමක් ලැබී ඇති බව නීතිවේදීන්ගේ එකමුතුව පවසයි ලබන මාර්තු 18 වැනිදා කොමිසම ඉදිරියේ පෙනී සිටින මෙන් අගවිනිසුරුවරියට කැඳවීමක් ලැබී ඇති බවයි, නීතිවේදීන්ගේ එකමුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මෙය දෝෂාභියෝග ක්‍රියාදාමයේදී ආචාර්ය බණ්ඩාරනායක දැක්වූ "නිර්භීත ස්ථාවරය" සම්බන්ධයෙන් ඇයගෙන් පාලි ගැනීම පිණිස ආණ්ඩුව ගත ක්‍රියාමාර්ගයක් බව ද එහි සඳහන් වේ. දෝෂාභියෝග ක්‍රියාදාමයෙන් අනතුරුව ශිරාණි බණ්ඩාරනායක සහ දෝෂාභියෝගයට ප්‍රසිද්ධියේ විරෝධය පළ කළ නීතිවේදීන්ට හිරිහැර කිරීම නවත්වන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන නීතිවේදීන්ගේ එකමුතුව, ආණ්ඩුවේ මතයට විරුද්ධ මතයක් දැරීමේ සියලු ශ්‍රී ලංකාවාසීන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන මෙන් ද ඉල්ලා සිටියි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
සාගර නීතිය උල්ලංඝනය කරන ලද බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගනු ලැබ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සිරගත කර සිටි තවත් ධීවරයන් නිදහස් කර ඇති බව වාර්තා වෙයි.
නිදහස ලද ධීවරයන් සිය අඹුදරුවන්ට එක්වෙමින්. පළමු ධීවර සිරකරුවන් මුදා හරිනු ලැබීමෙන් දවසකට පසුවයි, මෙම නිදහස් කිරීම් සිදු කෙරුණේ. සාගර නීතිය කඩ කළ බව පවසමින් පෝක් සමුද්‍ර සන්ධිය දෙපස දෙ රටේ සිර ගෙවල් වල රඳවා සිටින ධීවරයන් අදියරින් අදියර මුදා හැරීමේ එකඟතාවයකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පසු ගිය දා එකඟ වුණි. අලුත් ම වාර්තා වලින් පැවසෙන්නේ, දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ උසාවි දෙකක නියෝග අනුව ශ්‍රී ලංකාවේ ධීවරයන් හැට එක් දෙනකු නිදහස් කරන ලද බවයි. දෙ රටේ ධීවර සිරකරුවන්ගෙන් පළමු කණ්ඩායම බ්‍රහස්පතින්දා නිදහස් කරමින් ඔවුනොවුන්ට භාර දෙනු ලැබුණේ මහා සයුර මැද දී. තවත් දෙසීයක් පමණ ධීවර සිරකරුවෝ දෙ රටේ බන්ධනාගාර වල සිර කරනු ලැබ සිටිති.
ලබන මැයි මස 09 වෙනි දින යළි ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන්, IPL ඉන්දීය ප්‍රීමියර් ලීගයට තරග වදිමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව නිවේදනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, කෙසේ නමුත් වේග පන්දු යවන ලසිත් මාලිංගට තවදුරටත් IPL ඉන්දීය ප්‍රීමියර් ලීගයට ක්‍රීඩා කිරීම සඳහා අවසර දුන් බවද පැවසීය. "මාලිංග ක්‍රම ක්‍රමයෙන් අපි ඕවර හය, අට දාන්න වැඩසටහනක් සකස් කරලා තියෙනව. ඉතින් ඒකෙ ඔහු IPL තරගාවලියේ ඉන්න එක අපිට වාසියක් කියලයි අපි හිතන්නේ මොකද එයා උණුසුම් තරගවල ඉන්නේ." අසේල ගුණරත්න දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ පුහුණුවීම්වල නිරතව සිටියි ලසිත් මාලිංග තවමත් තරගයක් ඇතුලත ඕවර 10 ක් යැවීමට තරම් ශාරීරික යෝග්‍යතාවයක නොසිටින නමුත්, එළැඹෙන චැම්පියන්ස් කුසලානය (Champions Trophy) ශූරතාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීම ඔහුගේ අභිලාශය බවත් තිලංග සුමතිපාල පැවසීය. ඒ සඳහා පුහුණුවීම පිණිස අසේල ගුණරත්න දැනටමත් ශ්‍රී ලංකාවට කැඳවා තිබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එංගලන්තයේ පැවැත්වෙන Champions Trophy වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීම පිණිස දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු වග පන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
කුරුණෑගල ඉපිද හැදී වැඩුණු අසංගගේ සිත කුඩා කළ සිටම යොමු වී ඇත්තේ මූර්ති නිර්මාණකරණයටය. පාසල් කාලයෙන් පසු ආහාර ආශ්‍රිත මූර්ති කලාවේ නියැළුන ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල්වල රැකියාවේ නිරත වී තිබේ.
"මම මුලදී විවිධ ආහාරවලින් මූර්ති නිර්මාණ කරන්න ගත්තා. ලංකාවේ රැකියාව කළාට පස්සේ විශාල මගී නෞකාවල, ඊට පස්සේ මැද පෙරදිග ඇතුළු රටවල් කීපයක ඒ අංශයෙන් රැකියාවේ නිරත වුණා. පසුව සම්ප්‍රදායෙන් ඔබ්බට හිතන්න පටන් ගත්තා. අයිස්වලින් නිර්මාණ කිරීම ආරම්භ කළා." "මට මූර්ති ශිල්පයට ගුරුවරයෙක් හිටියේ නැහැ." වැඩිදුර තොරතුරු: ලොව හොඳම අයිස් නිර්මාණකරුවන් අතරට ගිය අසංග කැමරාකරණය හා වාර්තාව: දැහැමි රණවීර වීඩියෝ සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර
සීතල සුළං හමන, වලාකුළු ගතේ දැවටෙන උස් කඳු මුදුනක සිට පරිසරයේ සුන්දරත්වය විඳින්නට අපි කැමැත්තෙමු. එය මිහිරි අත්දැකීමක් වන්නේ සංචාරකයන් ලෙස අප එවන් ස්ථානයකට ගොස් කෙටි කලක් එහි ගත කරන බැවිනි.
නන්පේරියල් වත්තේ සේවය කිරීමෙන් ලැබෙන අදායමෙන් බොහෝ දෙනා ජීවත් වෙති. එහෙත් වසරේ මාස හයක් හමන සැඩ සුළං අතරේ සීතලට වෙව්ලමින් උස් කඳු මුදුනක සදා කාලිකව හුදෙකලාව දිවි ගෙවන්නෙකුට මෙය ඉතා කටුක අමිහිරි අත්දැකීමක් බව සබරගමුව පළාතේ ඉහළින්ම පිහිටි ජනාවාසය ලෙස සැලකෙන 'නැග්රැක්' ගම්මානයට ගිය අවස්ථාවේදී මට අවබෝධ විය. මුහුදු මට්ටමේ සිට අඩි 6990ක් ඉහළින් වතු නිවාස සහිත මේ ගම්මානය පිහිටා තිබේ. බලන්ගොඩ, 'නොන්පරේල් වතුයාය' (සාමාන්‍ය ව්‍යවහාරයේ 'නන්පේරියල් වතුයාය' - Nonpareil Estate) හරහා, අතිශය දුෂ්කර සහ ත්‍රාසයජනක කඳුකර මාර්ගයක් ඔස්සේ ගිය විට නැග්රැක් වෙත ළඟා විය හැකිය. බලන්ගොඩ නන්පේරියල් හංදියේ සිට එතැනට ඇති දුර 21Km කි. නගරයට යෑමට අවශ්‍ය නම් ගම්වැසියන් නැග්රැක් සිට 14Km ක් පා ගමනින් නන්පේරියල් විවේගානන්ද විද්‍යාලය අසලට පැමිණ බස් රථයට ගොඩ විය යුතුය. එහෙත් එම බස් රථය කෙරෙහි බොහෝ විට විශ්වාසය තැබිය නොහැකි බව ජනතාව පවසති. සබරගමුවේ උසම ජනාවාසය නැග්රැක් ගම්මානය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඹුල්පේ ප්‍රදේශීය සභා බලප්‍රදේශයට අයත් වේ. නන්පේරියල් වතු යායේ සේවය කරන පවුල් 35ක්, එහි සේවයෙන් ඉවත් වූ අය සහ වෙනත් ප්‍රදේශවල රැකියාව සදහා ගොස් මාස ගණනකට පසු නිවසට පැමිණෙන පිරිසක් මෙහි පදිංචිකරුවෝ වෙති. මා එහි යන විට රෙදි පොරවා ගෙන සීතලට ගැහෙමින් වයෝවෘද්ධ පුද්ගලයෙකු සහ කාන්තාවක් එළිමහනේ සිටිනු දක්නට ලැබිණි. ''ඇයි මේ සීතලේ එළියට වෙලා ඉන්නේ?'' මම ඔවුන්ගෙන් ඇසුවෙමි. ''හුළං සැරයි. ලැයින් ටික ඔක්කම කඩාගෙන යනවා. ඉන්න කාමරයක් නෑ. හුළං ටිකක් අඩුවෙනකන් අපි දෙන්නා මෙතනට වෙලා ඉන්නවා.'' යනුවෙන් 72 වැනි වියේ පසුවන අයි. එම් පෙරුමාල් සඳහන් කළේය. ගස්කොලන් ඇඹරි යයි. වතු නිවාස පෙළේ සෙවිලි කළ ඇතැම් තහඩු සුළං පහරට ගැලවී ගොසිනි. තහඩු සුළඟට ගසාගෙන යෑම වැළැක්වීම සඳහා වහල මත ගල්, ලී ආදිය බරට තබා තිබේ. ඇතැම් නිවාස තුළට ගොස් බලන විට හොඳින් අහස පෙනේ. අවුව, වැස්ස සහ හිරු එළිය සියල්ලෙන් ඔවුහු පීඩා විදිති. නිවාස පෙරළීම වළක්වා ගැනීම සඳහා නිවාස පෙළ පිටුපසින් සුළඟට බාධකයක් ලෙස විශාල තාප්පයක් බැඳ තිබුණ ද සුළඟින් බේරීමට එය ප්‍රමාණවත් නැත. නැග්රැක් ගම්මානයට විදුලිය ලබා දී තිබේ. නිවාස අබලන්වීම සහ පවුලේ සාමාජිකයන්ට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. 'අපි කන හැටි ලිපා දනී' ''අපි එක කාමරේ හය දෙනෙක් ඉන්නවා. අපේ ගෙදර නම් ලයිට් නෑ. පඩිය මදි ලයිට් ගන්න. කන්නෙත් හරි අමාරුවෙන්. අද දවල්ට රොටියක් හදා ගන්නවා. අවුරුදු 15ක දුවෙක් ඉන්නවා. වියදම් කරන්න බැරුව එයා ඉස්කෝලේ ගමන නැවැත්තුවා'' යනුවෙන් තමිල් සෙල්වි හැඬු කදුළෙන් පැවසුවාය. මම ඇගේ නිවසට යාබද නිවාස හතරකට ගොස් නිවැසියන් සමග කතාබහ කළෙමි. ඉන් නිවාස තුනක දවල් ආහාරයට තිබුණේ බත් පමණි. කිසිඳු ව්‍යංජනයක් නැත. එක් නිවසක පිරිමි දරුවන් දෙදෙනෙක් වූහ. ඔවුන් එදින පාසල් ගොස් තිබුණේ ද නැත. ''නංගිලා දෙන්නෙක් ඉස්කෝලේ හොස්ටල් එකේ නැවතිලා ඉගෙන ගන්නවා. ඒ දෙන්නට තුන්දාහක් ගෙවන්න ඕනා. අපි හැමදාම ගෙදර ඉඳලා කිලෝමීටර් 28ක් ඉස්කෝලෙට ගිහින් එන්න පයින් යනවා. අද වැස්ස නිසා ගියේ නෑ.'' යනුවෙන් එම දරුවෝ පැවසුහ. එම දරුවන්ට ළඟම පාසල වූ නන්පේරියල් විවේගානන්ද විද්‍යාලය පිහිටා තිබෙන්නේ 14Km දුරිනි. එම පාසලේ 9 ශ්‍රේණිය දක්වා පමණක් ඉගැන්වීම් කෙරේ. 9 ශ්‍රේණියට ඉහළ අධ්‍යාපනය ලබන දරුවන් 30km වඩා දුරින් පිහිටි බලංගොඩට යා යුතුය. 'ඩිස්පැන්සරිය වහලා' සබරගමුව පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදනවලින් ඉදි කළ නැග්රැක් සෞඛ්‍ය මධ්‍යස්ථානය එවක ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් විසින් 2015 නොවැම්බර් 20 වැනි දින ජනතා අයිතියට පත් කරන ලද බව දැක්වෙන සමරු පළකයක් එහි වේ. මහජන මුදල් වැය කර ඉදිකළ එම ගොඩනැගිල්ල අදටත් වසා දමා ඇති බව දැනගන්නට ලැබිණි. ''ඩිස්පැන්සරිය හදනකොට කිවුවා සතියකට සැරයක් ඇවිල්ලා බෙහෙත් දෙනවා කියලා. ඒක හදපු කාලේ ඉඳලා අද වෙනතුරු ඩොක්ටර් කෙනෙක්වත්, මිඩ්වයිෆ් මිස් කෙනෙක්වත් ඇවිල්ලා නෑ. මේක තියෙන විදියවත් ඒ අය දන්නේ නෑ.'' යනුවෙන් ජී.නාගේශ්වරන් කියා සිටියේය. වසා දමා ඇති 'ඩිස්පැන්සරිය' මහමග දී ලැබුණු දරුවා ''රෑ අමාරුවෙලා අපි යනකොට ත්‍රීවිල් එකේදිම බබා ලැබුණා'' - එස්. නාගේෂ්වරී යමෙකු කිසියම් මාර්ගයක දුෂ්කරතාව ගැන සඳහන් කිරීමේ දී 'මේ පාරේ ගැබිණි මවක් ගියොත් රෝහලට යන්න කලින් බබා ලැබෙනවා' යනුවෙන් කියන අයුරු මීට පෙර අසා තිබුණ ද සැබවින්ම එම අත්දැකීමට මුහුණ දුන් මවක් මට නැග්රැක් ගමනේදී හමුවිය. 2020 ජනවාරි 23 වැනිදා එම දරු ප්‍රසූතිය මහමග දී සිදුව තිබේ. ''රෑ අමාරුවෙලා අපි යනකොට ත්‍රීවිල් එකේදිම බබා ලැබුණා. 1990 ට කතා කරහම බබා වෙන් කරන්නේ නැතුව පහළ ඉස්කෝලේ ළඟට අරං එන්න කිවුවා. මට පුදුම බයක් දැනුණේ. වත්තේ ඇම්බියුලන්ස් එකවත් ඒ දවස්වල තිබුණේ නෑ.'' යනුවෙන් තමන් මුහුණ දුන් අත්දැකීම එස්. නාගේෂ්වරී විස්තර කළා ය. ''හැමෝම ටවුමට යන්නේ එකම දවසක'' නිවසට අවශ්‍ය දේ මිල දී ගැනීම සඳහා නැග්රැක් වතු සේවකයෙකු සිය නිවසේ පවත්වාගෙන යන කුඩා කඩයක් ඇත. සාමාන්‍ය මිල ගණන් වලට වඩා එහි භාණ්ඩවල මිල වැඩි ය. අත්‍යවශ්‍ය දෙයක් ඉන් මිල දී ගන්නා අතර අනෙක් අවශ්‍යතා සඳහා මාසයකට එක් වතාවක් ඔවුහු නගරයට යති. ''අපි වත්තේ පඩි ලැබුණාම හැමෝම එකතු වෙලා ටවුමට යන්නේ එකම දවසක. මාසෙකට සැරයක් පහළ ටවුමට ගිහින් බඩු අරගෙන ලොරියක එනවා. ලොරියට විසි දාහක් විතර ගන්නවා. එක බඩු මල්ලක් ගේන්න අපි එක්කෙනෙක් රුපියල් 1200ක් විතර ගෙවනවා. '' යනුවෙන් ඔවුහු සිය ජීවන රටාව විස්තර කළහ. ඇතැමුන් වත්ත හරහා ණය පදනම මත භාණ්ඩ මිල දී ගන්නා බවද ප්‍රකාශ විය. නැග්රැක් යන මාර්ගය වසා දැමීම නන්පේරියල් වතු යාය හරහා නැග්රැක් දක්වා යන මාර්ගය වතු පාලනාධිකාරිය විසින් තේ කර්මාන්ත ශාලාව අසලින් ගේට්ටුවක් යොදා වසා දමා තිබේ. වතුයායේ පදිංචිකරුවෙකු නොවන අයෙකු ඒ මාර්ගයේ ගමන් කරන්නේ නම් වතු අධිකාරිවරයාගෙන් විශේෂ අවසරයක් ගත යුතුය. ඒ තත්ත්වය මත තම ඥාතියෙකුට වුවද බාධාවකින් තොරව ගමට පැමිණීමට හැකියාවක් නොමැති අතර ඇතැම් අවස්ථා වලදී ඉතා දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන අය ද නැවත හරවා යවන බව කේ. සිවකුමාර් පැවසුවේය. ''එලවලා දානවා එන අයව. වාහනයක් ආවොත් එන්න දෙන්නේ නෑ. මමත් ලොකු මහත්තයට කියලා තියෙනවා සර් මගේ නෑදෑයෝ කට්ටියක් එනවා, උඩට එවන්න කියලා. ලොකු මහත්තයා කියනවා මේ ගේට්ටුව උඩින් යවන්න බෑ කියලා. ඒ ගේට්ටුව අරිනවා නම් ලොකු දෙයක් අපිට'' යනුවෙන් ඔහු කියා සිටියේ ය. මේ පිළිබඳව කළ විමසීමක දී නන්පේරියල් වතුයායේ අධිකාරී සේනාල් දිසානායක පැවසුවේ ගේට්ටුව දමා තිබීම සියලු දෙනාගේ ආරක්ෂාවට හේතු වන අතර එය ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ඉහළ පාලනාධිකාරිය බවය. ''මම දැනුවත් වෙලා තියෙන්නේ මේක පුද්ගලික පාරක් විදියට. කලින් ඔය ගේට්ටුව තිබුණේ තවත් පහළින්.'' යනුවෙන් වතු අධිකාරිවරයා පැවසීය. එහෙත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම ප්‍රකාශ කළේ නන්පේරියල් හරහා නැග්රැක් දක්වා මාර්ගය සංවර්ධනය කර තිබෙන්නේ රජයේ වියදමින් වන අතර කිසිවකුට පොදු මාර්ගයක් අවහිර කළ නොහැකි බවය. එබැවින් ගේට්ටුව ඉවත් කර නැග්රැක් දක්වා මාර්ගය විවෘත කිරීමට දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්වීමේදී තීරණයක් ගෙන ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරත් සඳහන් කළාය. අමතර අදායම් මාර්ග අහිමි වෙයි නන්පේරියල් වත්තේ සේවය කිරීමෙන් ලැබෙන අදායමෙන් නැග්රැක් ගම්මානයේ බොහෝ දෙනා ජීවත් වෙති. එහෙත් වර්ෂා සමයෙදී මෙන්ම වෙනත් හේතු මත දිනපතා වත්තේ සේවය කළ නොහැකිය. එවන් දිනවල කුලී රැකියාවක් කිරීමට හෝ නොහැකි වන්නේ ඒ අවට ගම්මාන නොමැති නිසාවෙනි. මේ ගම්මානයේ බොහෝ දෙනෙකු කොළඹ දැක නැත. ඇතැමෙක් ජීවිතයේ එක් වරක් පමණක් කොළඹ ගොස් තිබේ. ඒ සේවක අර්ථ සාධක අරමුදලේ [EPF] මුදල් ලබා ගැනීම සඳහා ය. ඡන්ද පවතින කාලයට දේශපාලනඥයින් ගමට එන අතර ඉන් පසුව ඔවුන්ගෙන් ද සහනයක් නොලැබෙන බවට නැග්රැක් ජනතාව මැසිවිලි නගති. මේ තොරතුරු ද දැනගන්න:
'ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව සඳහා මුල්වන්නේ ආර්ථික සංවර්ධනය' යන මාතෘකාව යටතේ කොතලාවල ආරක්ෂක පීඨයේදී දීර්ඝ දේශනයක් පැවැත්වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ රටේ ආරක්ෂාවට එල්ලවී ඇති අවසාන තර්ජනය පැන නඟින්නේ නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට එමින් අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන ෆේස්බුක්, ට්විටර් වැනි මාධ්‍යය තුලින් බවයි.
ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව වැනි රටවල විප්ලවීය දේශපාලන වෙනස්කම් වලට අනතර්ජාලයේ සමාජ මාධ්‍යය මුල්වූ බවටද අනතුරු හඟවා සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව වැනි රටවල විප්ලවීය දේශපාලන වෙනස්කම් වලට අනතර්ජාලයේ සමාජ මාධ්‍යය මුල්වූ බවටද අනතුරු හඟවා සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සම්ප්‍රදායීක ආරක්ෂක මෙවලම් මගින් පාලනය කළ නොහැකි මෙම නව තර්ජනයට මුහුණදීමට පියවර ගත යුතු බවද කියා සිටියා. 'කළ නොහැකි දෙයක්' මේ අතර සංදේශයට ප්‍රකාශයක් කළ ප්‍රවෘත්ති අමාත්‍යංශ ලේකම් චරිත හේරත් ප්‍රකාශ කර සිටියේ, අන්තර්ජාලයේ වෙබ් අඩවි පාලනය කිරීම ප්‍රයෝගික නොවන බවයි. "ලංකාව සම්බන්ධව ඕනෑම පුවත් පතක හෝ නාලිකාවක පළ වන දේ පාලනය කරන්නට අපට බැහැ. වෙබ් අඩවි ලෝකේ ඕන තැනක සිට පළ විය හැකියි. එක රටක සිට ඒවා පාලනය කිරීම කොහෙත්ම කළ නොහැකි දෙයක්." ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළ කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක යෙදුනු ප්‍රවෘත්ති ලේකම් වරයා කියා සිටියේ, "රටවල් ඇතුලේ සිදුවූ විශාල පෙරළි වලට මේ සමාජ මාධ්‍ය බල පෑව. එයින් පෙනී ගියේ ෆේස් බුක්, ට්විටර් වැනි මාධ්‍ය වල ඇති විශාල බලය පිළිබඳවයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරන්නට ඇත්තේ", යනුවෙන්. ඒත් "අරාබි වසන්තයේ" බලයෙන් විප්ලවීය පෙරැළි සිදුවූ රටවල මෙන් නොව, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නායකත්වයක් පැවතීම අස්ථාවර භාවයට ඉඩ නොසලසන්නේ යැයිද ආරක්ෂක ලේකම් කියා සිටියා.
මියන්මාරයේ මධ්‍යම කලාපයේ භූමි කම්පාවක් ඇති වී තිබෙන අතර පුද්ගලයන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බව වාර්තා වේ.
භූමි කම්පාවත් සමග බගාන් නගරයේ පිහිටි පෞරාණික ගොඩනැගිල්ලක් දෙසින් නැගෙන දුහුවිල්ල කැමරා කාචයේ සටහන් වී තිබේ රික්ටර් මාපකයේ 6.8 ක් සටහන් කළ භූමි චලනයේ කම්පනය දුරින් පිහිටි තායිලන්තයේ බැංකොක් නුවරට, බංගලාදේශයේ ඩකා අගනුවරට සහ ඉන්දියාවට ද දැනී තිබේ. පෞරාණික බගාන් (Bagan) නගරයේ පිහිටි ප්‍රසිද්ධ විහාරස්ථාන කීපයක් සහ ගොඩනැගිලි ගණනාවකට හානි වී ඇති බව බලධාරීහු පවසති. භූ චලනයත් සමග ඉන්දියාවේ කල්කටා නුවර ගොඩනැගිලි තුළ සිට පිටතට පැමිණි පිරිසක්
මංගල දිනයේදී මනාලිය විසින් මනාලයාට ඉදිරිපත් කරන ලද සරල ගණිත ගැටළුවකට නිවැරදි පිළිතුර ලබා දීමට මනාලයා අපොහොසත් වීම නිසා විවාහ වීම ප්‍රතික්ෂේප කර මංගල උත්සවයෙන් පිටව ගිය මනාලියක පිළිබඳව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
පහළොවයි හයයි එකතු කළ විට මුළු එකතුව කීයදැයි මනාලිය මනාලයාගෙන් අසා තිබේ. මනාලයාගේ පිළිතුර වූයේ ‘දා හතක්’ යන්නයි. ඒ මොහොතේදී ම විවාහ වීම ප්‍රතික්‍ෂේප කළ මනාලිය එතැනින් පිටව ගොස් ඇති අතර ඇය නැවත ගෙන්වා ගැනීමට මනාලයාගේ ඥාතීන් උත්සාහ කරද්දී මනාලිය පවසා ඇත්තේ මනාලයාගේ අධ්‍යාපන මට්ටම පහත් බවයි. ඉන් අනතුරුව පොලිසියේ මැදිහත් වීම මත, විවාහයට පෙර පවුල් දෙක අතර හුවමාරු වූ තෑගි භෝග සහ ස්වර්‍ණාභරණ ආපසු එකිනෙකාට භාර දුන් බවයි ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් පැවසුවේ. ඉන්දියාවේ බොහෝ විවාහයන් වැඩිහිටි කැමැත්තට අනුව තීරණය වන හෙයින් ඇතැම් විට විවාහයට පෙර, විවාහ වන දෙදෙනාට එකිනෙකා පිළිබඳව මනා අවබෝධයක් නොමැත. පසුගිය මාසයේදී ද ඉන්දියාවේ මෙවැනි විවාහයක් අතරතුර සිදු වූ අපූරු සිද්ධියක් මාධ්‍යයට වාර්තා විය. විවාහ උත්සවය අතරතුර මනාලයා සිහි සුන් වීම නිසා ඔහු මීමැස්මොර රෝගයෙන් පෙළෙන බව දැන ගත් මනාලිය එම මනාලයා ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට එතැන සිටි ඇයගේ මස්සිනාව විවාහ කර ගෙන තිබේ.
වට්ටුකෝට්ටෙයි සිවන්කෝවිලඩි පොදු වෙළඳ පොළේ නාමය සින්දුපුරම් පොදු වෙළඳ පොළ ලෙසින් මාරු කිරීමට ගෙන තිබූ තීන්දුවක් අහෝසි කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
2005 වසරේදී පොදු වෙළඳ පොළේ නාමය වෙනස් කොට තිබෙන්නේ, එල්ටීටීඊ යේ නියෝගය පරිදියි 2005 වසරේදී එම නාමය වෙනස් කොට තිබෙන්නේ, එල්ටීටීඊ සංවිධානයේ නියෝගය පරිදියි. පොදු වෙළඳ පොළේ නාමය වෙනස් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය චුල්ලිපුරම් ප්‍රාදේශීය සභාවට නියෝග කළේ වට්ටුකෝට්ටෙයි ප්‍රදේශවාසීන් පිරිසක් ගොනු කොට තිබූ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි. පොදු ස්ථානයක නාමයක් වෙනස් කිරීම පිණිස අදාළ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය අවශ්‍ය බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් පෙන්වා දුන්හ. අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රමුඛ ත්‍රි-පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම විභාග කෙරිණ.
දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නන්, ඔස්ට්‍රේලියානු වෙරළට පිටතින් පිහිටි පැපුවා නිව්ගීනියාවට පිටත් කර හැරීම මගින් ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බව එරට මහ අධිකරණය තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියි.
දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දෙදහස් දොළහ වසරේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුව විසින් හඳුන්වා දුන් දේශපාලන රැකවරණය පිළිබඳ වූ නව නීතිය, රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණ පැපුවා නිව්ගීනියාවට පිටත් කර යවන ලද ඉරාන ජාතිකයකු විසින් අභියෝගයට ලක් කරනු ලැබීය. ඕස්ට්‍රේලියානු අධිකරණය හමුවට ගිය මෙම ඉරාන ජාතිකයා, බෝට්ටු මාර්ගයෙන් මිනිසුන් වෙනත් රටවලට ගෙන යන ජාවාරම් කරුවෙකුට ඉන්දුනීසියාවේ සිට ඔස්ට්‍රේලියාවට ඔහුව රැගෙන යාම සඳහා මුදල් ගෙවා තිබේ. මෙම නව නීතිය මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් වී ඇති නමුත් නව නීතිය හා සම්බන්ධ දේශපාලනික පරාසය තුළ ඔවුන්ගේ සහය දෙපාර්ශවයටම හිමි වී තිබේ. මේ වන විට දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ඇති බව සඳහන්.
යුද සමයේදී පවා මන්නාරම මඩුදේවස්ථානයට පැමිණි උතුරේත් දකුණේත් ජනතාව ජාතිභේද ආගම්භේද අතහැර සහෝදරත්වයෙන් යුතුව ජීවත් වූවා සේම යුද්ධයේ කටුක බව අමතක කොට එකිනෙකාට සමාව දෙමින් සමස්ථ ශ්‍රී ලංකා වාසීන් සහෝදරත්වය පෙරදැරි කරගෙන ජීවත් විය යුතුව ඇතැයි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ 14 දා සවස මන්නාරම මරුද මඩු දේවස්ථානයේ පවැත්වූ විශේෂ දේවමෙහෙයෙන් පසුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
අතිඋතුම් ශුද්ධ වූ පාප්වහන්සේ කෙනෙකු උතුරු පළාතට පැමිණි මුල්ම අවස්ථාව මෙයයි අතිඋතුම් ශුද්ධ වූ පාප්වහන්සේ කෙනෙකු උතුරු පළාතට පැමිණි මුල්ම අවස්ථාව මෙය වන අතර එසේ පැමිණි ෆ්‍රැන්සිස් පාප්වහන්සේට මඩු දේවස්ථානයේදී ලැබුණේ ඉතාම ඉහල මට්ටමේ පිළිගැනීමකුයි. 'මුළු රටටම දේව ආශීර්වාදයක්' උතුරු පළාතට ආවේණික වූ සංගීත භාණ්ඩ වයමින් අලංකාර පෙරහැරකින් පාප්වහන්සේව මඩු දේවස්ථානය කරා වැඩම කරවන ලද අතර උන්වහන්සේව දැක බලා ගැනීම පිණිස පන්ලක්ෂයකට අධික පිරිසක් මඩු දේවස්ථානයට පැමිණ සිටියහ. පිළිගැනීමේ කතාව කල මන්නාරම රදගුරු රායප්පු ජොෂප් හිමිපාණන් කිය සිටියේ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති මඩු දේවස්ථානයට ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පැමිණීම නිසා මුලු රටටම එය දේව ආශිර්වාදයක් වූ බවයි. මඩු දේවස්ථානයේ ඉතිහාසය සහ යුද සමයේදී ඊට එල්ලවූ විවිධ බලපැම්ද සිය පිළිගැනීමේ කතාවේදී රායප්පු ජෝශප් හිමිපාණන් විසින් විස්තර කරණු ලැබීය. අනතුරුව පාප්වහන්සේ විසින් මඩුදේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පවත්වා සියලු ජනතාවට කිසිදු කරදරයකින් තොරව ජීවත්වීමට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කළේය. 'සාමය ස්ථාවර කර ගන්න' යුද සමයේදී මෙම භූමිය තුලදීම මිනිසුන් විශාල පිරිසක් මිය ගිය බවත් තුවාල ලැබූ බවත් කී පාප්වහන්සේ එලෙසින්ම ශ්‍රී ලංකාවේ අනෙක් පළාත්වලද එවැනිම තත්ත්වයක් උද්ගත වූ බවද පැවසූහ. නමුත් සාමය උදාවී ඇති මේ අවස්ථාවේදී සියලු දෙනාටම සමාව ලබාදී එකිනෙකා සහෝදරත්වයෙන් යුතුව කටයුතු කොට සාමය තව තවත් ස්ථාවර කර ගත යුතුව ඇතැයිද කියා සිටියේය. යුද සමයේදී මඩු මාතාවගේ පිළිරුව ආරක්ෂාව වෙනුවෙන් වෙනත් පළාතකට රැගෙන යාමට පවා සිදුවූ බව මතක් කළ පාප්වහන්සේ එය ආපසු රැගෙන ඒමට හැකියාව ලැබුණු පරිද්දෙන්ම ශ්‍රී ලංකා වාසීන්ට සහෝදරත්වයෙන් හා සාමයෙන් යුතුව ජීවත්වීමට අවකාශ ලබේවායිද ප්‍රාර්ථනා කළහ.
සහරා කාන්තාරය ඔස්සේ ඇල්ජීරියාව දෙසට ගමන් ගනිමින් සිටි සීයකට අධික සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගත් බව නයිගර් බලධාරීහු ප්‍රකාශ කරති.
ඔවුන් පොලිස් සිර මැදිරිවල රඳවා ඇති බවයි, ප්‍රකාශ කෙරුණේ. එවැනි පියවරක් ගනු ලැබුණේ, සහරා කාන්තාරයේ දී අනූවකට අධික සංක්‍රමණිකයන් පිරිසක් පසුගිය දා පිපාසයෙන් මරණයට පත් වීමේ ඛේදවාචකයෙන් පසුවයි. ඇල්ජීරියාවට හෝ යුරෝපයට පිවිසීමේ අරමුණින් සහරාව ඔස්සේ ගමන් ගනිමින් සිටි එම කණ්ඩායමේ මළසිරුරු අතර වැඩිවශයෙන් දක්නට ලැබුණේ ළමුන්ගේ සහ කාන්තාවන්ගේ මළසිරුරු බවත් වාර්තා වුණි. තම භූමියේ, උතුරු කලාපයේ පවත්වා ගෙන යන සියලුම අනවසර සංක්‍රමණික කඳවුරු වසා දමන බව පවසන නයිගර් ආණ්ඩුව, මිනිසුන් රටින් රටට පැටවීමේ ජාවාරමේ නිරතවූවන් අධිකරණය ඉදිරියට ගෙන එන බවත් කියා සිටියි.
කොරෝනාවෛරස වසංගතයට එරෙහි සටනේ විශාල ගැටලුවක් පැන නැගී ඇත: අපි වාර්තාගත කාලයක් ඇතුළත එන්නත් ගණනාවක් නිපදවා ඇත්තෙමු. නමුත් ඒවා ලබා දී ඇත්තේ ලෝකයේ කුඩා කොටසක පමණි.
බොහෝ විශේෂඥයන් පවසන්නේ ගෝලීය ජනතාව ප්‍රතිශක්තිකරණය සඳහා එන්නත් සමානව ලබා දීම අත්‍යවශ්‍ය බවය මෙම එන්නත් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය, චීනය, රුසියාව සහ ඉන්දියාව යන රටවල නිපදවා ඇත. එම රටවල් ද එන්නත් සැපයුම් මිල දී ගෙන ඇති හෙයින් ඒවා බොහෝ දුරට අදාළ රටවලම භාවිතයට ගෙන තිබෙන අතර මධ්‍යම සහ අඩු ආදායම්ලාභී රටවල අවදානම් සහිත පුද්ගලයින් වෙනුවෙන් යවා ඇත්තේ සාපේක්ෂව කුඩා ප්‍රමාණයකි. සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල් පවසන්නේ අදාළ එන්නත් තමන්ටම නිපදවිය හැකි බවය. එයින් දුප්පත් රටවලට එන්නත් සැපයුම වැඩි කළ හැකිය. එන්නත් නිපදවිය හැක්කේ කාහටද යන්න සීමා කරන පේටන්ට් බලපත්‍ර නීති ලිහිල් කරන ලෙස ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ලෝක වෙළෙඳ සංවිධානයට (WTO) පෙත්සම් ඉදිරිපත් කර තිබේ. එහෙත් මෙම පියවරට ධනවත් රටවල් සහ ඖෂධ සමාගම් විරුද්ධ වී ඇති අතර, එය වසංගතයට දක්වන ගෝලීය ප්‍රතිචාරය සහ අනාගත එන්නත් සංවර්ධනයට සැබවින්ම හානිකර වනු ඇතැයි තර්ක කරති. නමුත්, ධනවත් රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල නිෂ්පාදනය 'අවහිර' කරන්නේ ඇයි? මේ වන විට එන්නත් ඇත්තේ කා ළඟද? එන්නත් ලබා ගැනීමට බලා සිටින පුද්ගලයින්ගේ පෝලිම් බොහෝ ධනවත් රටවල හුරුපුරුදු දසුනකි පෙබරවාරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කොවිඩ් -19 එන්නත් මාත්‍රා මිලියන 200 ක් පමණ ලබා දී ඇති නමුත් ඉන් 75% ක් ලබා දී ඇත්තේ ධනවත් රටවල් 10 ක ජනතාවට බවය. බිලියන 2.5ක ජනගහනයක් වෙසෙන රටවල් 130කට පමණ තවමත් එක් එන්නත් මාත්‍රාවක්වත් හෝ ලැබී නොමැති බව උතුරු කැරොලයිනා ඩියුක් විශ්ව විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය හා මහජන ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්ය ගැවින් යමි පැවසීය. "ධනවත් ජාතීන් රාක්ක හිස් කර ඇති අයුරු දැකීම අතිශයින් කණගාටුවට කරුණක්. 'මට පළමුව' සහ 'මා පමණක්' යැයි කියමින් එන්නත් උදුරාගැනීමක් සිදුවෙලා තිබෙනවා. මෙය ඉතා අසාධාරණ දෙයක් පමණක් නොව එය මහජන සෞඛ්‍ය ගැන ඉතා වැරදි ආකල්පයක්," ඔහු බීබීසීයට පැවසීය. කෙසේවෙතත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් ලබා දීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයන් සඳහා ධනවත් රාජ්‍ය අවම වශයෙන්, මූල්‍යමය සහයෝගය ලබා දී ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් මාත්‍රා බිලියන දෙකක් ලබා දීමේ ගෝලීය වැඩසටහන වන 'කොවැක්ස්' සහ එන්නත් සංවර්ධනය පිළිබඳ තොරතුරු සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් බෙදා ගැනීමේ වැඩසටහන වන 'කොවිඩ් -19 තාක්‍ෂණික ප්‍රවේශ සංචිතය (සී-ටැප්) යන දෙකෙන්ම පුළුල් ලෙස එන්නත් බෙදා හැරීමට බලාපොරොත්තු විය. නමුත් එම සෑම ව්‍යාපෘතියක්ම විවිධ ගැටලුවලට මුහුණ දී තිබේ. කොරෝනාවෛරසයෙන් අවදානමට ලක්විය හැකි ජනගහනයට එන්නත් ලබා දීම සඳහා කොවැක්ස් වැඩසටහන යටතේ ක්‍රමවේදයන් ඇති නමුත්, එන්නත් සැපයුම් ලබා දීමට නොහැකි වීම නිසා මෙය ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත්තේ ඉතා සුළු රටවල් ගණනකට පමණි. ඒ හා සමානව, 2020 ජුනි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්මාණය කරන ලද සී-ටැප් වැඩසටහනට මෙතෙක් ලැබී ඇත්තේ ඉතා සුළු ප්‍රතිචාරයකි. "අද වන විට කිසිදු තාක්‍ෂණයක් බෙදාගෙන නැහැ. කිසිවක් බෙදාගෙන නැහැ. වෙනත් වචන වලින් කිවහොත්, සී-ටැප් හි නිෂ්පාදන ගොනුව ශුන්‍යයි" යැයි MSF රාජ්‍ය නොවන සංවිධානයේ බාහිර සම්බන්ධතා අංශ ප්‍රධානී රාකෙල් ගොන්සාලෙස් පැවසීය. "එය වක්‍රාකාරයෙන් එන්නත් නිෂ්පාදන ඉහළ නංවන වැඩසටහනක්. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට. නමුත් එන්නත් සඳහා පේටන්ට් බලපත්‍ර හිමිකරුවන් වන ඖෂධ සමාගම්වලින් කිසිදු ප්‍රතිචාරයක් ලැබිලා නැහැ." එන්නත් නිෂ්පාදනය හා බෙදා හැරීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා සහ ඉන්දියාවේ සේරම් ඉන්ස්ටිටියුට් හෝ දකුණු අප්‍රිකාවේ 'ඇස්පන් ෆාමකෙයාර්' සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් අතර වැනි ද්විපාර්ශ්වික ගිවිසුම් ඇති නමුත්, විචාරකයින් තර්ක කරන්නේ එය ගෝලීය වශයෙන් එන්නත් බෙදා හැරීමට ප්‍රමාණවත් නොවන බවය. නිෂ්පාදනය අවහිර කිරීම යනු කුමක්ද? තමන්ගේ වැසියන් සඳහා සැපයුම් මිල දී ගත් ධනවත් රටවල් මේ වන විට එන්නත් නිෂ්පාදනය කරනු ලැබේ එන්නත් නිෂ්පාදනය පාලනය කරනු ලබන්නේ පේටන්ට් බලපත්‍ර නීතිය මගිනි. ඖෂධ සමාගම් නව ඖෂධයක් සොයාගෙන සංවර්ධනය කරන විට වෙනත් කිසිවෙකුට ඒවා නිෂ්පාදනය කළ නොහැකි බව සහතික කිරීම මෙයින් සිදුවේ. නිෂ්පාදනය සහ මිල යන දෙකම පාලනය කිරීමට මෙයින් ඔවුන්ට ඉඩ සලසයි. එමඟින් දුප්පතුන්ට සහ රටවලට ඖෂධ ලබා ගැනීමට නොහැකි වී තිබේ. වසංගතයේ කාලසීමාවේ දී එන්නත් සඳහා අදාළ වන බුද්ධිමය දේපළ අයිතිය අත්හිටුවන ලෙස දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉල්ලා ඇති අතර, එයින් පේටන්ට් බලපත්‍ර තාවකාලිකව අවලංගු කිරීමක් අපේක්ෂා කෙරේ. සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් නිෂ්පාදනය වැඩි කිරීමට සහ ඔවුන්ගේ ජනගහනයට එන්නත් ලබා දීමට හැකි වන පරිදි තාක්‍ෂණය හා විද්‍යාත්මක දැනුම හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීම මෙහි අරමුණ බව MSF සංවිධානයේ රාකෙල් ගොන්සාලෙස් පැවසීය. "ඔවුන්ට රසායනාගාර ඇති බවත්, දැනුම බෙදාගනු ලැබුවහොත් නිෂ්පාදනය ආරම්භ කළ හැකි කර්මාන්තශාලා ඇති බවත් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තර්ක කරනවා. දැනුම මේ මොහොතේ බෙදා නොගන්නේ නම්, එන්නත නිපදවිය හැකි වන්නේ පේටන්ට් බලපත්‍ර හිමි සමාගම්වලට පමණයි, "ඇය පැවසීය. මේ ගැටලුව විසඳයිද? කෙසේ වෙතත්, එම ක්‍රමයෙන් ද මේ වන විට නිපදවන එන්නත්වලට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට නොහැකි බව ඖෂධ කර්මාන්ත විශේෂඥයෝ තර්ක කරති. පවතින ගැටලුව බුද්ධිමය දේපළ අයිතිවාසිකම් නොවන බව ඖෂධ නිෂ්පාදකයින් සහ සංගම්හි ජාත්‍යන්තර සම්මේලනයේ (IFPMA) අධ්‍යක්ෂ ජනරාල් තෝමස් කූනි පැවසීය. එන්නත් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය හිඟය සහ ධාරිතාව වැනි බාධක මෙන්ම ඇති අතර විශේෂයෙන්ම අදාළ දැනුම නොමැතිවීම වැනි කාරණා ගැටලු ලෙස ඔහු ගෙනහැර දැක්වීය. පේටන්ට් බලපත්‍ර නීති අත්හිටුවීමෙන් පමණක් එන්නත් නිෂ්පාදනය වේගවත් නොවන බව ඖෂධ සමාගම් පවසයි "පේටන්ට් බලපත්‍ර ගැන විවාදය, පේටන්ට් බලපත්‍ර ඉවත් කිරීම වගේ දේවලින් දැනට ඔබට දැනට වඩා එක මාත්‍රාවක්වත් ලබා දෙන්නේ නැහැ," ඔහු බීබීසීයට පැවසීය. "ඔබට බෙදා ගැනීමට අවශ්‍ය වන්නේ ... කුසලතා සහ අමුද්‍රව්‍ය. ඔබට ඕනෑම බක්කරේ කෙනෙක්ගෙන් කේක් සඳහා වට්ටෝරුවක් ලබා ගන්න පුළුවන්. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ ඔබ ඒ කේක් එක හදන්න දන්නා බව." එපමණක් නොව, ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු ප්‍රධාන ඖෂධ සමාගම් ජනාධිපති ජෝ බයිඩන්ට වෙත ලිපියක් යවමින් කියා සිටියේ පේටන්ට් බලපත්‍ර ලිහිල් කිරීම මගින් එන්නත් නවෝත්පාදන හා ආයෝජනවලට බාධා ඇති වීමට වඩා වැඩි යමක් සිදු විය හැකි බවය. එවැනි පියවරක් අනුගමනය කිරීමෙන් එන්නතේ ආරක්ෂාව පිළිබඳ මහජන විශ්වාසය අඩු කර, ව්‍යාකූලත්වයක් ඇති වී "වසංගතයට ඇති ගෝලීය ප්‍රතිචාරය අඩපණ කරනු ඇතැයි" අදාළ ලිපියේ සඳහන් වේ. ඉතිහාසය පුනරාවර්තනය වේද? සංවර්ධනය වෙමින් පවතින රටවලට ඖෂධ ලබා ගැනීමට ඉඩ ලබා දීම සඳහා පේටන්ට් බලපත්‍ර ලිහිල් කරන ලෙසට ඉල්ලීම් කළ පළමු වතාව මෙය නොවේ. අනූව දශකයේ අප්‍රිකාව එච් අයි වී වසංගතයෙන් පීඩා විඳිද්දී එම මහාද්වීපයේ විවිධ රජයන් ජීවිතාරක්ෂක ප්‍රතිවෛරස ඖෂධ සඳහා තිබූ පේටන්ට් බලපත්‍ර ඉවත්කර ගන්නා ලෙස ඉල්ලා සිටියහ. ජීවිතාරක්ෂක ප්‍රති-වෛරස ඖෂධ සෑම කෙනෙකුටම දැරිය හැකි මට්ටමක තබා ගැනීමට දශකයක් ගත විය අදාළ ඖෂධ නිෂ්පාදනය කළ සහ ඒ වන විට භාවිත කරමින් සිටි ධනවත් ජාතීන් මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළහ. ඉන්පසු, ඖෂධ සමාගම් දැවැන්තයින් මිල නියම කිරීමකින් තොරව අඩු ආදායම්ලාභී ජාතීන්ට ඒවා ලබා ගැනීමට වසර දහයක් ගත විය. මෙම තත්ත්වය නැවත ඇතිවීම වළක්වාලීමට වර්තමාන වසංගතයේදී කොවැක්ස් සහ සී-ටැප් වැනි වැඩසටහන් නිර්මාණය කෙරිණි. ඖෂධ සමාගම් සහ රජයන් පෙන්වා දෙන්නේ එවැනි වැඩසටහන් සඳහා මූලම්‍ය වශයෙන් ඔවුන් උදව් කර ඇති බවය. එහෙත් එම මුදල් ද වෙනත් දිශාවකට ගලා ගොස් ඇත. එන්නත් නිෂ්පාදකයින්ට ඔවුන්ගේ එන්නත් නිපදවීම සඳහා මහජන හා ලාභ නොලබන අරමුදල්වලින් ඩොලර් බිලියන 10 ක් පමණ ලැබී ඇති බව 'ලැන්සෙට්' නම් වෛද්‍ය සඟරාවේ පෙබරවාරි මාසයේ පළ වූ වාර්තාවක දැක්වේ. මෙම ව්‍යාපෘතිවල දත්ත බොහොමයක් හෙළි නොවන බැවින් මෙම සංඛ්‍යාව අඩු තක්සේරුවක් විය හැකි යැයි වාර්තාවේ දැක්වේ. විචාරකයින් තර්ක කරන්නේ ඖෂධ සමාගම්වලට මහජන මුදල් බිලියන ගණනක් ලැබී ඇත්නම් ඔවුන්ගේ තාක්‍ෂණය බෙදාහදා ගැනීමේ යුතුකමක් ඇති බවය. මීට අමතරව, වසංගතය අවසන් වූ වහාමත් ඔවුන්ට විශාල මුදලක් ඉපයිය හැකි බව ක්‍රියාකාරීහු පවසති. ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබඳ ක්‍රියාකාරිනියක සහ බුද්ධිමය දේපළ නීති උපදේශක එලන් හෝඑන් බීබීසී සේවයට පැවසුවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ද "කොටසක්" ලබා දිය යුතු බවය. "වසංගතයේ වඩාත් හදිසි අදියර අවසන් වූ වහාම මේ එන්නත්වල මිල ඉහළ නැංවීම ඔවුන්ගේ දිගුකාලීන සැලැස්ම බව පැහැදිලියි. මෙය, සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ එන්නත් නිපදවීමේ හැකියාව ලබා ගත යුතු යැයි පැවසීමට තවත් හේතුවක්." "ඇත්ත වශයෙන්ම මෙයට තවත් පැතිකඩක් තිබෙනවා. ඔබ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල හෝ සියලුම ප්‍රදේශවල එන්නත් නිෂ්පාදනය පිළිබඳ දැනුම වැඩි කළොත්, ඊළඟ වසංගතය සඳහා වඩාත් හොඳින් සූදානම් වීමට ඔබ උදව් කරනවා" යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිචාරය ලෝකය "විනාශකාරී සදාචාරාත්මක අසාර්ථකත්වයක අද්දර" "එන්නත් වර්ණභේදවාදය" ලෙස නම් කර ඇති මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ලෝකය "විනාශකාරී සදාචාරාත්මක අසාර්ථකත්වයක අද්දර" සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අදනොම් ගෙබ්‍රෙයේසස් ජනවාරි මාසයේදී කියා සිටියේ දුප්පත් රටවල අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට පෙර ධනවත් රටවල තරුණ, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ට එන්නත් ලබා දීම සාධාරණ නොවන බවය. ආචාර්ය ටෙඩ්‍රොස් පැවසුවේ "මම පළමුවෙන්" යන ප්‍රවේශය ස්වයං පරාජයක් වනු ඇති අතර, එය එන්නත් මිල ගණන් ඉහළ නැංවීම සහ රැස් කිරීමට දිරිමත් කරන බවය. "අවසානයේදී, මෙම ක්‍රියාවන් නිසා වසංගතය, එය මැඩ පැවැත්වීමට අවශ්‍ය සීමාවන් සහ මානව හා ආර්ථික දුක් වේදනා දීර්ඝ වෙනවා." ඔහු වැඩිදුරටත් කීය. මේ තොරතුරුද කියවන්න:
පැය 24ම පොලිස් ආරක්ෂාව මැද ජීවත් වෙන තමන්ට පල්ලියට සහ රෝහලට යෑමට පමණක් අවසර ලබා දීම නිසා 'නිවාස අඩස්සියේ සිටිනා මෙන් හැඟීමක්' දැනෙන බව සහරාන් ඇතුළු කණ්ඩායමේ වෙඩි ප්‍රහාරයකට ලක් වූ මාවනැල්ලේ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීම් බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවක දී පැවසුවේය.
''වතුර නැති වෙලාවට ගේ ළඟම තියෙන ඔයට ගිහින් නා ගන්නවත් මට අවසරයක් නෑ. දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. අඩුම ගානේ දේශපාලන නොවන ගමේ පොදු වැඩ වලටවත් සහභාගී වෙන්න අවසර දුන්නොත් මගේ මනසටත් සහනයක්.'' යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. වනතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ බුද්ධ ප්‍රතිමා කැඩීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත සහය ලබා දුන් තස්ලිම් 2019 මාර්තු 09 වැනි දින සහරාන්ගේ කණ්ඩායමේ වෙඩි ප්‍රහාරකට ලක්ව තිබුණි. වෙඩි වැදීමෙන් පසු තස්ලිම්ට රැකියාවක් කිරීමට නොහැකි සේම නිවසින් බැහැරට යෑම සීමා කර ඇති පසුබිමක වසර දෙකකට ආසන්න කාලයක් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් ජීවත්වෙයි. තමන්ට ස්ථිර මාසික අදායමක් ලැබෙන ක්‍රමයක් සකස් කර දෙන්නැයි ඔහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. තස්ලිම්ට එංගලන්තයට ගොස් වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා රජය මුල්‍ය ආධාර මෙන්ම ආරක්ෂාව සැපයිය යුතු බවට පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසම රජයට නිර්දේශ කර තිබේ. ඒ නිර්දේශය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද තස්ලිම් ඉල්ලා සිටී. මේ පිළිබඳව කළ විමසීමේදී බීබීසී සිංහල සේවයට අදහස් දැක් වූ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පැවසුවේ තස්ලීම් ට ආරක්ෂාව සැළසීමට අමතරව අනෙකුත් පහසුකම් සැපයීමට රජය පියවර ගන්නා බවය. ''පොලීසිය දාලා තියෙන්නේ එතුමාගේ ආරක්ෂාවට. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඔහුව කාමරකට දාලා වහලා තියෙන එක. ඒක වැරදියි. ඒ ගැන හොයලා බලන්නම්.'' යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරත් පැවසුවේය. නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය ෂර්ලි උපුල් කුමාර
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් වීසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11 කින් සම්මත විය.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක්ද විපක්ෂව ඡන්ද 11ක්ද ලැබිණි. රටවල් 14ක් ඡන්ද දීමෙන් වැළකී සිටියහ. සාමාජික රටවල් ඡන්දය භාවිත කළ ආකාරය 2021 වසර මුලදී ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් සකස් කළාය. එම වාර්තාව කියා සිටියේ මෙයට වසර 12 කට පමණ පෙර නිමාවූ ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා රජය තවමත් අපොහොසත් වී ඇති බවය. මිෂෙල් බැචලේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ "පසුගිය කාලයේ වූ අපරාධවලට විරුද්ධව නීති ක්‍රියාත්මක නොවීම වර්තමානයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ අවධානය වැඩි කරන අතර ඒවා නැවත සිදු වීමට අනුබලයක් ලැබේ" යැයි පෙන්වා දී ඇත. වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ "පසුගිය කාලයේ වූ අපරාධවලට විරුද්ධව නීති ක්‍රියාත්මක නොවීම මානව හිමිකම් කඩවීම් නැවත නැවතත් සිදුවීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ නංවයි" යනුවෙනි. එය තවදුරටත් පවසන්නේ, "දඩුවම් නොලැබ ගැලවී යාම මෙන්ම රජයේ කටයුතු හමුදාකරණයවීම, වාර්ගික-ජාතිකවාදී ප්‍රකාශ හා සිවිල් සමාජය බිය වැද්දවීම වැනි කනස්සලු සහගත ප්‍රවණතා පසුගිය වසර පුරා" තිබූ බවය. රාජපක්ෂ පාලනයට චෝදනා එල්ල කරන එම වාර්තාව පවසන්නේ "හිතාමතා විමර්ශන හා නඩු කටයුතු වලට බාධා පමුණුවන බවත්, පසුගිය කාලය තුළ ලබාගත් සීමිත වර්ධනය පසුබෑමට ලක්වන අයුරින්" ක්‍රියා කරන බවය. කෙසේවෙතත්, මහ කොමසාරිස් බැචලේ ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහ කොමසාරිස්වරිය "මහපොළොවේ තත්ත්වය නොදැන පදනම් විරහිත චෝදනා" එල්ල කරන බවත්, "විදේශීය නඩුකාරවරු ගෙනැවිත් පරීක්ෂණ පැවැත්වීමට" කිසි ලෙසකින් ඉඩ නොතබන බව කියා සිටියේය. ඔහු මේ බව සඳහන් කළේ බීබීසී සිංහල සේවය සමඟ Zoom තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමිනි. "ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් ඇතුළට තවත් රටවල් කීපයක් ආක්‍රමණය කරද්දී ඒ පිළිබඳව වචනයක් කතා නොකරපු මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා." යනුවෙන් ද විදේශ අමාත්‍යවරයා එහිදී පැවසීය. මේ අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය නැවත සිදුවන බවට චෝදනා නගන ජගත් මානව හිමිකම් ප්‍රධානියා කවුදැයි සොයා බැලීම වැදගත් වේ. චිලී රාජ්‍යයේ දේශපාලනඥ වෙරෝනිකා මිෂෙල් බැචලේ ජෙරියා, 2018 වසරේ සිට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය ලෙස ක්‍රියා කරයි. එම තනතුර හොබවමින් සිටියදී ම චීනය, සෞදි අරාබිය, වෙනිසුවෙලා හා ශ්‍රී ලංකාව මෙන්ම ඇගේම මවුබිම වන චිලී රාජ්‍යයට එරෙහිව ඉතා ප්‍රබල වාර්තා බැචලේ විසින් ඉදිරිපත් කර ඇත. මානව හිමිකම් වෙනුවෙන් බැචලේ සටන් බිමට පිවිසියේ ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දැනට දරන තනතුරට ඒමට බොහෝ කලකට එපිටදීය. චිලී රාජ්‍යය තුළ සිය දේශපාලන ක්‍රියාකරිත්වය ඇරඹීමටත් පෙරය. ඒ සදහා ඇය පොළඹවන්නේ ඇගේ අභියෝගාත්මක ජීවිතය හා පවුල් පසුබිමය. 1951 සැප්තැම්බර් මස උපත ලැබූ බැචලේ, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත් කෙරුණු සැල්වදෝර් අල්යන්ඩේ ගේ ආණ්ඩුව මිලිටරි ජුන්ටාවක් විසින් බලයෙන් නෙරපනු ලබන විට යන්තම් විසි දෙහැවිරිදි විය පසුකළා පමණි. ඇගේ මව ඇන්ජලා ජේරියා ගෝමස් පුරාවිද්‍යාඥවරියක වූ අතර පියා ජනරාල් ඇල්බර්ටෝ බැචලේ මාර්ටිනස්, අල්යන්ඩේ ගේ රජය වෙනුවෙන් සේවය කළේය. අල්යන්ඩේ බලයට පත් වූයේ "සමාජවාදය උදෙසා චිලීහි ගමන් මග" යනුවෙන් හඳුන්වන ලද තේමාවක් මුල් කරගත් සමාජවාදයේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් ක්‍රියාවට නැගීම වෙනුවෙනි. ජනරාල් ඔගොස්ටෝ පිනොෂේ ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ හමුදා කුමන්ත්‍රණයට 1973 වසරේදී විරුද්ධව පිරිසට බැචලේ ගේ පියා ද අයත් විය. ඒ හේතුවෙන් ඇගේ පියාට වසර පුරා කිහිප වාරයක් සිරගත වීමට සිදු විය. එක දිගට මාස ගණනක් පුරා දරන්නට සිදු වූ කුරිරු හිංසා නිසා සිරගතව සිටියදීම 1974 දී මියගියේ ඔහුගේ හදවතට එය තවදුරටත් දරාගත නොහැකි වූ බැවිනි. තුරුණු වියේ පසු වූ බැචලේ හා ඇගේ මවට, පියා අහිමිවීම ගැන ශෝක වන්නට කාලයක් නොවිය. පියාගේ මරණයේ ඇවෑමෙන් මාස කිහිපයකට පසු, එවක චිලි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවියක වූ බැචලේ, ක්‍රියාකාරී දේශපාලනයේ නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත් විය. ඒ ඇයගේ මවත් සමගිනි. රහසිගත සිර කඳවුරකට යැවුණු ඔවුන් දෙදෙනා වධ හිංසනයට ලක් කෙරිණි. 1975 දි නිදහස් කෙරුණු බැචලේ රටින් පිටුවහල්ව ජීවත් වුවාය. පළමුව ඔස්ට්‍රේලියාවට ගිය ඇය ඉන්පසු නැගෙනහිර ජර්මනියේ දිවි ගෙවුවාය.. සිය මවු රටේදී වධහිංසාවට ලක්වුවද ඇය නැවතත් මවුබිමට යාමට තීරණය කළේ ජෙනරල් ඔගස්ටෝ පිනෝෂේ ගේ පාලන සමයේදීය. 1979 දී එසේ නැවත පැමිණි ඇය වෛද්‍ය උපාධිය අවසන් කළාය. ඇගේ දේශපාලන පසුබිම හා පවුල් ඉතිහාසය හේතුවෙන් රැකියාවක් සොයා ගැනිම ඇයට අසීරු විය. නමුත්, වධහිංසාවන්ට ලක්වූ රෝගීන් හට ප්‍රතිකාර සපයන වෛද්‍ය සායනයක රැකියාවක් ඇයට ලැබිණි. 1988 පැවති ජනමත විචාරණයේදී පිනෝෂේ ගේ පසළොස් වසක කුරිරු පාලනය අවසන් කිරීම සඳහා චිලී ජාතිකයෝ ඡන්දය දුන්හ. පිනෝෂේ ගේ පාලන කාලය තුළ අවම තරමින් පුද්ගලයින් 3000 ට වැඩි ගණනක් ඝාතනයට ලක්වූ අතර තවත් දහස් ගණනක් අතුරුදන් වූහ. 1990 දී ජනපති තේරීම සඳහා පවත්වන නිදහස් මැතිවරණය සමග චිලී රාජ්‍යය තුළ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය විය. මේ අතරතුර, නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි බැචලේ 1994 වර්ෂයේදී චිලි හි සෞඛ්‍ය ඇමතිගේ උපදේශක තනතුරටකට පත් කෙරිණි. මෙම වකවානුව තුළදී ඇය චිලී දේශයේ මෙන්ම එක්සත් ජනපදයේ හමුදා කටයුතු පිළිබඳ වැඩිදුර හැදෑරීමක යෙදෙන අතරේ සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයටද තේරී පත් වූවාය. මධ්‍ය වාමාංශික පක්ෂවල එකතුවෙන් තරගවැදී අපේක්ෂකයෙකු වූ රිකාඩෝ ලේගොස් 2000 වසරේදී ජනාධිපති ධුරයට පත්වූයේ සැල්වදෝර් අල්යන්ඩේ ගෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණි ප්‍රථම ජනපතිවරයා වෙමිනි. එවර සෞඛ්‍ය ඇමතිනිය ලෙස පත් කෙරුණු බැචලේ, එම වසරේ අගභාගයේදී ආරක්ෂක ඇමැතිධුරයට පත්වූයේ එම තනතුර දැරූ ප්‍රථම කාන්තාව ලෙස එරට ඉතිහාසයට එක්වෙමිනි. නමුත් ඇගේ ජීවිතයේ නියම ජයග්‍රහණයන් ඇය කරා පැමිණියේ ඉන් පසුව ය. 2006 වසරේදී ඇය චිලී දේශයේ ජනපතිනිය ලෙස පත් වූ අතර එම තනතුරට පත්වූ චිලි හි ප්‍රථම කාන්තාව වූවා පමණක් නොව, ඇමරිකානු කලාපය තුළ එවන් ජයග්‍රහණයක් ලැබූ පළමු කාන්තාව ද වූවාය. ඇගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන තවත් බොහෝය. අදේවවාදියෙකු මෙන්ම විවාහයෙන් වෙන්වූ තිදරු මවක වන බැචලේ, දැඩි සම්ප්‍රදායක කතෝලික පසුබිමක් සහිත චිලි රාජ්‍යයෙහි ජනාධිපති ධුරය දැරීම ම එවන් සන්ධිස්ථානයකි. ඇය 2014 වසරේදී නැවතත් ජනපතිනිය ලෙස තේරී පත් වූ අතර එම ධුර කාලය 2018 දී අවසන් විය. කෙසේ වෙතත් ඇගේ දෙවන ධුර කාලය ප්‍රථම ධුර කාලය මෙන් විචිත්‍ර එකක් නොවූවාය. 2018 දී ජනපති ධුරයට සමුදෙන විට ඇගේ ජනප්‍රියත්වය සියයට 39 දක්වා පහළ බැස තිබිණි. පළමු ධුර කාලය අවසන් කළ 2010 දී ඇයට තිබූ ජනතා අනුමත ප්‍රතිශතය සියයට 89 කි. ඇගේ දෙවෙනි ධුරකාලය අඳුරු, අපකීර්තිමත් එකක් වීමට හේතුවූ කරණා අතරට ඇගේ පුත්‍රයා හා ලේලිය සම්බන්ධ ඩොලර් මිලියන ගණනක දේපල වංචා, ණය අපචාරය යනාදිය හේතු විය. 2018දී ඇය තම ගමන වෙනත් දිශානතියකට යොමුකරවමින් යළි මානව හිමිකම් හා සම්බන්ධ කටයුතුවල යෙදීමට පටන්ගත්තාය. නව තනතුර භාරගත් වසරේදීම ඇය චීනයට බලකර සිටියේ ෂින්ජියැන් පළාතේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා අන්තර්ජාතික නිරීක්ෂකයින්ට අවසර ලබාදෙන ලෙසය. ඇය එම පියවරට එළැඹුණේ මුස්ලිම් ජනතාව කඳවුරුවල රදවාගෙන සිටි බව වාර්තාවීමෙන් අනතුරුවය. ඊට පසු වර්ෂයේදී යේමනයේ තුළ සෞදි අරාබියේ මැදිහත්වීම දැඩි ලෙස විවේචන කළ ඇය, යේමනයේ ජනතාවට එරෙහි ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් සෞදි අරාබිය වගවිය යුතු බව පැවසුවාය. 2019 දී හොංකොං හී පැවති විරෝධතා පිළිබඳ ඇය දැඩි ලෙස හඬ නැගීය. විරෝධතා වලට එරෙහිව ඉහළ යමින් පවතින දැඩි මර්දන ක්‍රියාවන්ට විරුද්ධව ඇය තම හඬ අවදි කළාය. කියවන්න:
ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුව සෙසු පක්ෂද සහභාගී කරගෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මමත කර ගැනීමට කටයුතු කරන බව කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂ මහ සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
එක්සත් ජාතික පක්ෂ සම්මේලනය මෙම නව ව්‍යවස්ථාව තුලින් ඒකීය රටක් තුළ බලය බෙදීමට කටයුතු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ බලතල ආරක්ෂා කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන බවත් අගමැතිවරයා පැවසීය. එක්සත් පෙරමුණක් එක්සත් ජාතික පක්ෂය තනිවම මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සිතා ගෙන සිටියත් රාජපක්ෂ රෙජීමය යළිත් හිස එසවීමට තැත් කළ හෙයින් සෙසු පක්ෂ එකතු කර ගනිමින් එක්සත් පෙරමුණක් පිහිටුවා ගැනීමට අදහස් කළ බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. සෙසු පක්ෂ හා පෙරමුණක් ලෙසින් තරඟ කළත් පාර්ලිමේන්තුවේ දී වෙනමම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ හැකියාව තමන් හා එක් වෙන සෙසු පක්ෂ වලට ඇති බව රනිල් වික්‍රමසිංහ කියා සිටියේය. මේ මැතිවරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙනුවට පංච මහා සැලැස්මක් ඉදිරිපත් කෙරෙන අතර ඒ යටතේ ආර්ථික ප්‍රදේශ හතළිස් අටක් පිහිටුවන බව අගමැතිවරයා කියා සිටියේය.