Title
stringlengths
10
145
Content
stringlengths
16
23.6k
iOS 15 වලින් නවතින iPhone 7, iOS 16 සංස්කරණය ලැබෙන iPhones ලැයිස්තුව මෙන්​න
Apple සමාගම විසින් iOS සඳහා වන ප්‍රධානතම යාවත්කාලීන සංස්කරණය වන iOS 16 සංස්කරණය එලිදක්වනු ලැබුවා. WWDC 2022 හි keynote එක අතරතුර මෙම න​ව යාවත්කාලීන සංස්කරණයේ පිළිබඳව​ද තොරතුරු නිල වශයෙන් Apple වෙබ් අඩවි​යේ එළිදක්වා ඇති අතර, iOS 16 විසින් සහාය දක්වන iPhone මාදිලි පිළිබඳ විස්තර අපට Apple වෙබ් අඩවියෙන් බලා ගැනීමට හැකිය.පුදුමයට කරුණක් නම්, Apple හි වෙබ් අඩවියට අනුව, iOS 16 සංස්කරණය සඳහා iPhone 8 හෝ පසුව එලිදැක්වුනු iPhone පමණක් සහය දක්වනු ලබයි. මෙයින් අදහස් කරන්නේ Apple විසින් iPhone SE (1st Gen), iPhone 6s සහ iPhone 7 සඳහා යාවත්කාලීන සංස්කරණයන් ලබා දීම අත්හිටුවා ඇති බවයි. පසුගිය මාසයේ නවත්වන ලද iPod touchද නව iOS යාවත්කාලීන කිරීම් සඳහා තවදුරටත් සහය නොදක්වයි.New software features will be available this fall as a free software update for iPhone 8 and later. For more information, visitapple.com/ios/ios-16-preview. Features are subject to change.iOS 16 සමඟ අනුකූල වන iPhone මාදිලිiPhone 8 and 8 PlusiPhone XiPhone XS and XS MaxiPhone XRiPhone 11iPhone 11 Pro and Pro MaxiPhone 12 and 12 miniiPhone 12 Pro and Pro MaxiPhone 13 and 13 miniiPhone 13 Pro and Pro MaxiPhone SE (2nd and 3rd gen)අදින් පසුව මෘදුකාංග සංවර්ධනයන් සඳහා ව​න iOS 16හී developer beta සංස්කරණය ලබා ගැනීමට හැකි අතර Public beta එ​ක ලබණ මාසයේ නිකුත් කෙරෙනු ඇත.
Honor Magic Fold සහ Magic Flip සඳහා චීනයේදී trademarks ලියාපදිංචි කරයි
පසුගිය වසරේ දිHuawei සමාගම විසින් ඔවුන්ගේ Honor Smart Phone සන්නාමය Zhixin සමාගම වෙත අලෙවි කිරිමට කටයුතු කල අතර පසුගිය දිනකදිHonor Smart Phone සදහා Google Services ලබා දෙන බවත් අප විසින්ම වාර්තා කරනු ලැබුවා.ඒ වගේම Honor Smart Phone Brand එක මේ වෙන විට Honor Magic Series එක මගින් Foldable Smart Phone Market එක වෙත පිවිසිමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.ඒ අනුව Honor Magic Fold හා Honor Magidc Flip යන Devices සදහා Trademarks චීනයේ National Intellectual Property Administration මගින් ලියාපදිංචි කර තිබෙනවා.Honor Magic Fold Device එක මිට පෙර නිකුත් වු Huawei සමාගමේ Mate X2 Device එකට සමාන Design එකකින් නිකුත් වෙනු ඇති අතර Honor Magic Flip Device එක Samsung සමාගමේ Galaxy Flip මෙන්ම Motorola සමාගමේ Motorola Razr Deviceවල Design එකට සමානව නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.Huawei Mate X2Honor සමාගමේ මේ Magic Series එකේ Devices මේ වසර දෙවන භාගයේදි නිකුත් කරනු ඇත. ඒ වගේම තවමත් ප්‍රකාශයට පත් කර නොමැති Qualcomm Snapdragon 888 Pro Processor එක මගින් මේ Devices බලගැන්වෙනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.Source :Gizmochina,DealnTech
GitHub වෙනුවට Gitee නමින් විකල්පයක් චීන රජය විසින් හඳුන්වා දේ
වර්තමානය වන විට චීන සමාගම් පාරිභෝගිකයින් සඳහා අන්තර්ජාල සේවා පිළිබඳ දැඩි ග්‍රහණයක් ඇති කර ගෙන ඇති නමුත් දෘඩාංග හා ව්‍යවසාය මෘදුකාංග යටින් පවතින බොහෝ මූලික තාක්ෂණයන් බටහිර සමාගම්වල පවතිනවා. තාක්ෂණික ව්‍යාපාර වඩ වඩාත් පුළුල් භූදේශපාලනික ආරවුල් වලට පැටලෙත්ම, ඔවුන්ගේ පරිශීලකයින්ට සහ සේවාදායකයින්ට ද ඒ වෙනසට සහ එමඟින් ඇති වෙන අවාසි වලට මුහුණ දෙන්න වෙනවා. Huawei සමාගම සඳහා ඔවුන්ගේ චිප් නිපදවීම සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය සැපයීම ඇමරිකානු තාක්ෂණය භාවිතා කරන සමාගම් වලට තහනම් කිරීම මෙයට උදාහරණයක්.තාක්ෂණික ලෝකයේ බහුලව භාවිතා වෙන අංශයක් වන්නේ source coding host වෙබ් අඩවි. මේවා අතරින් වඩාත් ප්‍රචලිත වෙබඩවිය වන්නේ GitHub එකයි. චීන මෘදුකාංග සංවර්ධකයන්ට 2013 වර්ෂයේ සිට රජය විසින් GitHub වෙබ් අඩවිය තහනම් කර තිබෙනවා. එමෙන්ම පසුගිය ජූලි මාසයේ සිට ඉරානය, සිරියාව සහ ක්‍රිමියාව වැනි රටවලට GitHubහි ඇතැ සේවාවන් අවහිර කිරීමට කටයුතු කර තිබෙනවා.ඉතින් මෙයට විසඳුමක් ලෙස චීන ජාතික ව්‍යාපාර වල මෘදුකාංග කේතනයන් host කිරීම සඳහා platform එකක් නිර්මාණය කිරීමට චීනයේ ඉහළම තාක්ෂණික සෙවා සම්පාදකයෙකු වන GITEE නම් ආයතනය කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය විසින් තෝරා ගෙන තිබෙනවා.මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ ෂෙන්සෙන් හි පිහිටි open source community සහ GITEE යන සමාගම්වල නායකත්වයෙන් .“open source නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා චීනයට තමන්ගේම open source community එකක් නොමැති නම්, අපගේ දේශීය මෘදුකාංග කර්මාන්තය පාලනය කළ නොහැකි සාධක වලට ගොදුරු වනු ඇත”යැයි Huawei හි විධායක වැන්ග් චෙංලු පසුගිය අගෝස්තු මාසයේදී පැවති උත්සවයකදී පැවසුවා .Gitee කියා සිටින්නේ මිලියන 10 කට අධික open source repositories පවත්වාගෙන ගොස් ඇති අතර මේ වන විට මිලියන 5කට අධික සංවර්ධකයින්ට සේවා සපයන බවයි. ඔවුන් මෙය සංසන්දනාත්මකව ගෙන හැර පෑමට GitHubහි පසුගිය නොවැම්බර් මාසයේදී ලොව පුරා repositories මිලියන 100 ක් සහ ලොව පුරා සංවර්ධකයින් මිලියන 31ක් පමණ සිටින බව වාර්තා කළා.ප්‍රශ්නය නම්, Gitee හි platform එකට චීන සංවර්ධකයින්ට GitHub වෙතින් සංක්‍රමණය වීමට උනනදු කරවිය හැකිද යන්නයි. ඒ කෙසේ වෙතත් GitHub සඳහා “චීන විකල්පයක්” ලෙස තමන්ට ඉඩක් ඇති බව Gitee පැහැදිලිවම විශ්වාස කරයි.“open source ecosystem එකක් එක රැයකින් ගොඩනගා ගන්න බැහැ . එය වැලි වලින් කුළුණක් තැනීමක් වැනි ක්‍රියාවලියකි. චීන සංවර්ධකයින්ගේ නවෝත්පාදන බලය පිළිබඳව අපට විශ්වාසයක් ඇත. අපගේ උත්සාහය හා උත්සාහය ගැන අපි විශ්වාස කරමු. ” ලෙස චීනය තවදුරටත් පවසා තිබෙනවා.Gitee
තාවකාලික Email එකක් හදාගන්නේ කොහොමද සහ මොනවද මේ temporary email වලින් කරන්න පුළුවන්?
ඔන්න අද අරගෙන ආවේ ගොඩක් අයට වැදගත් වෙන Temp Email ගැන ලිපියක්.මොකද්ද මේ Temp mail කියන්නේ?Temp-Mail කියන්නේ ඔයා ගාව දැනට තියන Gmail address එක වගේ අපිට මේල් ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක්. මේ සේවාව Disposable Email, 10 Minute Mail, TrashMail වගේ නම් වලිනුත් හඳුන්වනවා.මොකක්ද අපිට මේකෙන් ලැබෙන වාසිය?අපිට මේකෙන් වාසි කීපයක් ම ලැබෙනවා.01. Bulk Emailsඅපිට පුළුවන් මේ වගේ temp-mail කීපයක් භාවිතා කරලා එකම සේවාවකට විවිධ නම් වලින් ඇතුල් වෙන්න. මේවගේ වැඩකට Gmail භාවිතා කරොත් ඔයාට සිද්ධ වෙනවා අලුතෙන් account එකක් හදන හැම වෙලේම අලුත් Gmail හදන්න. සාමාන්යෙන් ඒක කරන්න ටිකක් අමාරුයි, මොකද Gmail account එකක් හදද්දි ඔයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලනවා. ඉතිං එක Phone Number එකෙන් Gmail පහක් වගේ තමයි හදන්න පුළුවන්. ඉතින් ඔයාල ගාව Phone Numbers ගොඩක් නැත්තං මේ ක්‍රමය ගොඩක් ප්‍රයෝජනවත්.02. Anonymous Joinමේක නම් ගොඩක් වටින දෙයක්. ඔයාට ඔයාගෙ ඇත්ත නම, ඔයාගේ Personal Email එක හෙළි කරන්නැතුව ඕනම සේවාවට සම්බන්ධ වෙන්න පුළුවන් මේ temp-mail භාවිත කරලා.03. Promotion email and spam protectionහිතල බලන්න ඔයාල මොකක් හරි site එකකට ගිහිල්ලා ඒක newsletter එකට ඔයාගේ email එක දානවා. ඉතින් ඒ දාපු වෙලාවෙ ඉඳලා ඔයාට එක දිගට Promotion's, Coupon Code's වගේ ගොඩක් දේවල් ඔයාගේ ඊමේල් එකට ඇවිල්ලා ඔයාගේ mail box එක සම්පූර්ණයෙන් පිරිලා යනවා.අන්න ඒ වෙලාවට ඔයාට පුලුවන් මේ temp-mail භාවිතා කරන්න. ඔයා ඒ අදාළ site එකට මේ temp mail එකක් දුන්න නම් අර එන ඔක්කොම Email's එන්නේ මේ temp mail එකට නිසා ඔයාගේ personal mailbox එක සම්පූර්ණයෙන්ම පිරිසිදුව තියාගන්න පුළුවන්.04. Unlimited Mailsසාමාන්‍යයෙන් Gmail Account එකක්, Outlook Account එකක් හදනවා නම් අපිට Accounts හදන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඔයාට බැහැ එකම නම්බර් එකකින් account 5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හදන්න. නමුත් මේ temp-mail භාවිතා කරද්දි එහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. ඔයාට ඕන තරම් temp email's හදන්න පුළුවන්.05. Anonymous Mail Sendingමේක නං ඔයාලට ගොඩාක්ම වටින පහසුකමක්. මේකෙන් පුළුවන් ඔයාගෙ ඇත්ත email address එක පෙන්නන්නෙ නැතුව ඕනම කෙනෙක්ට Email එකක් යවන්න.Temp Mail භාවිතයේ අවාසිඉතින් මේ සේවාවේ වාසි වගේම අවාසිත් තියෙනවා. මම මෙතන දකින අවාසියක් තමයි මේකට එන ඊමේල් කාලයක් ඇතුළත, ඒ කියන්නේ දවස් 7ක්‌ හෝ 14ක්‌ ඇතුළත ඩිලීට් වෙලා යනවා. ඒවා ආපහු Recover කරගන්න කිසිම ක්‍රමයක් නැහැ. ඉතින් ඔයා මේ temp-mail භාවිතා කරන්නේ වටින වැඩකට නම් මම ඔයාට කොහොමවත්ම කියන්නේ නැහැ temp-mail භාවිතා කරන්න කියල. ඒ වෙනුවට ඔයාට භාවිතා කරන්න පුලුවන් email service කිහිපයක් ගැන විස්තරයක් මම ඉදිරියේදී ලිපියකින් අරගෙන එන්නම්.Temp Mail හදන්නෙ කොහොමද?දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති කොහොමද temp mail හදාගන්නේ කියලා. ඇත්තටම ඒක හරිම ලේසි වැඩක්. ඔයාට temp-mail හදා ගන්න පුළුවන් වෙබ් සයිට් කීපයක්ම මම පහලින් දාලා තියනවා.temp-mail.orgmail.tmemailondeck.comcryptogmail.comyopmail.comtempr.emailමේ වගේ තව සේවා විශාල ප්‍රමාණයක්Googleඑකේ ඔයාට බලාගන්න පුලුවන්.නමුත් මෙතන තියෙන ගොඩක් සේවා වල තියෙන email address දැනටමත් ගොඩක් අය පාවිච්චි කරලා එක එක දේවල් වලට යොදාගෙන තියෙන නිසා සමහර ප්‍රසිද්ධ සේවාවලින් මේ email Ban කරලා දාලා තියෙනවා. ඒක නිසා ඔයා මේ email address භාවිතා කරල මොකක් හරි සේවාවකට ඇතුළුවෙන්න හැදුවොත් සමහරවිට ඔයාට ඒක කරන්න බැරි වෙන්න ඉඩකඩ තියෙනවා.Ban වෙච්ච සේවාවකට ඇතුල් වෙන්නේ කොහොමද?හොඳයි දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති Ban වෙච්ච සේවාවලට ඇතුල් වෙන්නේ කොහොමද කියලා. ඒක ඉතාමත් ලේසි වැඩක්. මම මේකට යොදාගන්නෙyopmail.comකියන service එක.දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.ඉස්සෙල්ලම අපිමේ සයිට් එකටයන්න ඕනේ. ඒකෙ ෆොටෝ එකක් මම පහලින් දාලා තියනවා.Yopmail Homeඉතින් මම මේ කොටු කරල තියෙන තැනට ඔයා කැමති විදියකට අකුරු ඉලක්කම් දාලා username එකක් හදාගන්න පුළුවන්. මම මේකෙදි recommend කරන්නේ ටිකක් unique username එකක් දාන්න කියලා. ඒ කියන්නේ අකුරු 15ක්‌ 20ක්‌ වගේ තියෙන username එකක්. මම හදපු එකත් ඔයාලට උඩ ෆොටෝ එකෙන් බලාගන්න පුළුවන්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ එතන දකුණු පැත්තෙ තියෙන ඊතලයේ උඩ click කරන්න. ඊට පස්සේ ඔයාව mailbox එකට අරගෙන යයි.දැන් ඔයාට පේනවා ඔයා දාපු username එකත් එක්ක @yopmail.com කියල email address එකක් හැදිලා තියෙනවා.Mail Boxඔයාට කරන්න තියෙන්නෙ මේ email address එක කොපි කරගන්න. ඊට පස්සේ මේ Copy කරගත්ත email address එකේ අගට තියෙන@yopmail.comකියන එක අයින් කරල දාල එතනට@lk-mail.orgකියන එක දාගන්න.ඔයාට මේ @lk-mail.org කියන Domain වගේම පහලින්  දාල තියෙන ඕනෑම domain එකක් භාවිතා කරන්න පුළුවන්[email protected]@[email protected]@[email protected]දැන් ඔයාට පුළුවන් ඔය email address එක භාවිතා කරල ඕනම සේවාවකට join වෙන්න. ඔයා ඒ සේවාවට Join උනාට පස්සේ එන activation email එක, activation code එක ඔයා අර හදපු email box එකට නිකම්ම එනවා.Temp Mail භාවිතා කරලා Anonymous Email එකක් යවන්නේ කොහොමද?මේකත් හරිම ලේසි ක්‍රමයක් මේ වැඩේට භාවිතා කරන සේවාව තමයිᐅ Tempr.emailකියන සේවාව.මේ සේවාවේ ෆොටෝ එකක් මම ඔයාලට පහලින් දාලා තියනවා.TEMPR.EMAIL Homeහරි අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.ඉස්සෙල්ලම ඔයාට කරන්න තියෙන්නෙ අර අපි කලින් කියපු සේවාවේ වගේම Unique Username එකක් ටයිප් කරල ඔයා කැමති Domain එකක් තෝරන එක. ඔයාට Default වැටිල තියෙන ඩොමේන් එක තමයි@temper.email. මම නම් ඔයාට Recommend කරන්නේ මේ ලිස්ට් එකේ යටම කලුපාටින් තියන් Domain එකක් use කරන්න කියලා. (අළු පාට වෙලා තියෙන Domain Use කරන්න එපා).මෙතනදි ඔයා කැමතිනම් ඔයාගේ mailbox එකට password එකක් දා ගන්නත් පුළුවන්.හරි දැන් ඔයාට තියෙන්නේ mailbox එකට enter වෙන්න. Mailbox එකට එන්ටර් උනාට පස්සේ ඔයාලාට බලාගන්න පුළුවන් Write an e-mail කියල button එකක්. ඔයාට තියෙන්නේ ඒක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාට සාමාන්‍ය Gmail වල තියෙනවා වගේ Interface එකක් දකින්න ලැබෙනවා.ඔයාට කරන්න තියෙන්නේ ඔයාට mail එක යවන්න ඕනේ කෙනාගේ email එක, සබ්ජෙක්ට් එක සහ අදාළ content එක එතනට දාලා පහල තියෙන captcha එකත් fill කරලා ඊමේල් එක සෙන්ඩ් කරන්න.ඔන්න ඉතින් ඔයා සාර්ථකව ඊ මේල් එක Send කරා.ඔයාට මේ සේවාවත් අනිත් Temp Mail සේවා වගේම භාවිතා කරන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඉතිං ඔයාට පුළුවන් ඒක ගැන තව ටිකක් අධ්‍යනය කරල බලන්න.
Hacking ගැන සරලව සිංහලෙන්
No content found
වර්තමානය වන විට සුපිරි Quantum පරිගණක වල ආගමනය
LEGO කැට මගින් කුඩා දරුවන් නැව්, රොබෝ ආකෘති, නිවාස, අතිවිශාල ගොඩනැගිලි ආකෘති ආදිය නිර්මාණය කර තිබෙනු ඔබ දැක ඇතිවාට කිසිදු සැකයක් නෑ. මෙම විශාල සහ විශ්මිත ආකෘති සියල්ලම නිර්මාණය වන්නේ ඉතාමත් කුඩාම කුඩා LEGO කැට වල එකතුවකින්.මෙම ආකෘති නිර්මාණය වී ඇති ආකාරයටම ඔබ අවට ඇති සියලු දෑ නිර්මාණය වී ඇත්තේ පරමාණුවලටත් වඩා කුඩාම කුඩා තැනුම් ඒකකයකින්. මේවා කොතරම් කුඩාද යත් ඒවා සාමාන්‍ය විද්‍යාගාර තුල ඇති අන්වීක්ෂයකින්  නිරීක්ෂණය කිරීමට නොහැකි අතර Spectroscopy, Photoelectric Effect, Scanning Tunneling Microscope (STM) වැනි විශේෂිත ක්‍රම මගින් පමණක් ඒවායේ ගති ලක්ෂණ නිරීක්ෂණය කිරීමට හැකියි.මෙම කුඩා තැනුම් ඒකක Quanta (ක්වන්ටා)  ලෙස හදුන්වන්න අතර මේවා නිරීක්ෂණයේදී වටහාගෙන ඇති ආකාරයට මේවා ඉතාමත් පුදුම සහගත හැසිරීම් පෙන්වන්නේ නිව්ටන් නියම අනුව පවා ක්‍රියා නොකරමින්. ඔබ විසින් කෙසේ හෝ මෙම Quanta දෙකක් එක ලගට ගත් විට ඒවා එකිනෙකා සන්නිවේදනය කර ගැනීමට ආරම්භ කලා යැයි සිතන්න; දැන් මෙම Quanta දෙක ඔබට පුලුවන් තරම් ඈතකට ගෙන ගියත් මේවා තවමත් එකිනෙකා හා සන්නිවේදනය කර ගන්නවා වැනි අතිශයින්ම විශ්මිත හැසිරීම් රටා පවා පෙන්නුම් කරන මෙම Quanta ලෝකය ගැන නිරීක්ෂණය කිරීම 19 වන සියවසේ අග භාගයේ ආරම්භ වූ අතර 20 සියවසේ  මුල් භාගයේදී Max Planck, Albert Einstein, Niels Bohr වැනි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් විසින් එය තව දුරටත් විද්‍යාවක් ලෙස වැඩි දියුණු කරන ලද අතර එම විශය Quantum Mechanics ලෙස වර්තමානය වන විට හඳුන්වනු ලබනවා.20 සියවස අගභාගය වනවිට න්‍යෂ්ටික විද්‍යාත්මක පරීක්ෂණ වල ලබාගෙන තිබූ දියුණුවත් සමගම මෙම Quantum Mechanics අනෙකුත් ක්ෂේත්‍රවලට යොදාගන්නා ආකාරය ගැන පරික්ෂණ ආරම්භ වෙමින් තිබූ අතර ඇමරිකානු ජාතික භෞතික විද්‍යාඥයෙකු වන Richard Feynman සහ රුසියානු ජාතික ගණිතඥයෙකු වන Yuri Manin විසින් එය පරිගණක විද්‍යාවට යොදාගන්නා ආකාරය සම්බන්ධයෙන් අදහස් පලකරමින් සිටියේ 1980ටත් පෙරය. නමුත් මෙම පරිගණක නිර්මාණය සහ ඒවා ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය සම්බන්ධව  1985 දී බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයෙකු වන David Deutsch විසින් ඉදිරිපත් කරන ලද අදහස නිසාවෙන් එතෙක් Binary මගින් තම ගණනයන් සහ දත්ත ගබඩා කිරීම සිදු කල  Digital පරිගණකත් සංඥා මගින් පාලනය වූ  Analog පරිගණකත් ලෙස පමණක්  වර්ගීකරණය වූ පරිගණක වර්ගීකරණයට Quantum mechanics මගින් පාලනය වන Quantum පරිගණක එකතු වන්නේ ලෝකයේම ගමන්මග නවමු මාවතකට හරවමිනි.Digital පරිගණක ගැන ඔබ හොදින්ම දන්නා පරිදි ඒවා තම ගණනය කිරීම්, දත්ත ගබඩා කරගැනීම සදහා යොදාගනු ලබන්නේ Bits ලෙස හදුන්වන මූලික තැනුම් ඒකකයයි. ඒවා සාමාන්‍ය ස්විච ලෙස ක්‍රියා කරන අතර යාන්ත්‍ර භාෂාව වන 0 සහ 1 පෙන්වීම සදහා ස්විච On සහ Off අවස්තාව යොදාගනී. මේවා ට්‍රිලියන ගණනක් භාවිතා කර වර්තමාන Digital  පරිගණක නිර්මාණය කරනු ලබන අතර Quantum ලෝකය තුලදී අපිට මේ ආකරයටම Quantum bits (qbits) ලෙස හදුන්වන ස්විච වර්ගයක් හමුවන අතර ඕනෑම අවස්තාවක on සහ off යන අවස්තා දෙකම එකවර පෙන්විය හැකි ලෙස ක්‍රියාත්මක වෙයි. Quantum Mechanics වල ඇති වූ දියුණුවත් සමග අපට මෙම ස්විච මගින් ක්‍රියාත්මක වන පරිගණක සෑදිමට අවකාශ සැලසෙන්නේ මෙතෙක් Digital සහ Analog පරිගණක භාවිතාවෙන් ලගා කරගත නොහැකි වූ තරමේ ගණනය කිරීම්වලට අවකාශය සලසමිනි.2019 වර්ශයේදී Google සහ NASA ආයතනය එක්ව Quantum පරිගණකයක් නිර්මාණය කර එමගින් මෙතෙක් නිර්මාණය කර තිබූ සාම්ප්‍රදායික පරිගණකයට කිසිදාක සිදු කල නොහැකි ගණනය කිරීමක් සිදුකරන ලදී. එම අවස්ථාව Quantum Supremacy ලෙසද හදුන්වනු ලබනවා. Sycamore ලෙස හදුන්වනු ලැබූ මෙම Quantum ප්‍රොසෙසරය තුල Q-bits 53ක් ඇති ලෙස නිර්මාණය කර ඇත.මේ මගින් ඔවුන් සාමාන්‍ය පරිගණකයකට වසර 10,000ක් පමණ ගතවන ක්‍රියාවලියක් මිලි තප්පර 200කින් අවසන් කර ඇති බවට ඔවුන් එලිදැක්වූ පරීක්ෂණ පත්‍රිකාවක් මගින් හෙලි කර තිබෙනවා. IBM ආයතනයද මේ සම්බන්ධව තමන්ගේ පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින අතර ඔවුන් විසින් Qiskit නමින් ක්වන්ටම් මෘදුකාංග නිර්මාණය කිරීමේදී උදව් වන Software Development kit එකක් නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම IBM ආයතනය විසින් 2022 වසරේදී Eagle නමින් Quantum bit 127 කින් සමන්විත වන Quantum පරිගණකයක් නිර්මාණය කරන ලද්දේ Google සමාගමට නොදෙවෙනි කාර්‍යක්ෂමතාවකින් තම පරීක්ෂණ කටයුතු සිදු කරමිනි.Quantum පරිගණක කිසිසේත්ම සාම්ප්‍රදායික පරිගණකවල අනුප්‍රාප්තිකයා ලෙස හදුන්වා නොදිය යුතු වන්නේ ඒවා මත ක්‍රියාත්මක කිරීමට අලුතෙන්ම නිර්මාණය කරන ලද පරිගණක ඇල්ගොරිතම් අවශ්‍ය වන බැවින් සහ ඒවා සාම්ප්‍රදායික ද්විමය යාන්ත්‍රික භාෂාවට වඩා වෙනස්ම ආකරයකට ක්‍රම ලේඛනය කල යුතු නිසාවෙනි. මේ වනවිටත් සොයාගෙන ඇති Shor's Algorithm මගින් විශාල ඉලක්කම් පහසුවෙන් හසුරවන අතර දත්ත ගබඩා වලින් ඉතාමත් ඉක්මනින් දත්ත සොයාගැනීමට Grover's Algorithm ලෙස නව ඇල්ගොරිතමයක් නිර්මාණය කර ඇත්තේද මේ නිසාවෙනි. ඔබටද මෙම Quantum පරිගණක ආශ්‍රිතව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සදහා D-Wave සහ IBM සමාගම් විසින් අවස්ථාවන් සලසා ඇත්තේ මෙම Quantum Computing ක්ෂේත්‍රය තුල පරීක්ෂණ කටයුතු තව දුරටත් පුළුල් කිරීම සදහායි.Quantum පරිගණකවල අනාගතය මේ ආකරයට ඉතාමත් තරගකාරී ලෙස නිර්මාණය වෙද්දී අනෙකුත් ක්ෂේත්‍රවල විශේෂඥයන් මේවා තම තමන්ගේ ක්ෂේත්‍රවලට යොදාගන්නා ආකාරය ගැන මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ එම ගණන හැකියාවන් මගින් ලබා ගත හැකි ප්‍රයෝජන ගැන මනාව අවබෝධ කරගෙන ඇති නිසාවෙනි. වර්තමානය වන විට පරිගණක සෑම ක්ෂේත්‍රයකටම තම දායකත්වය සපයන අතර ඒවා බොහොමයක් මිනිසාට තම බුද්ධියේ සහ ගණිත හැකියාවෙන් පමණක් කිසිදා ඉෂ්ට කරගැනීමට නොහැකි තරමේ සංකීර්ණ ක්‍රියාවලින් වෙනවා. කෙසේ නමුත් මෙම සාම්ප්‍රදායික පරිගණක හැකියාවන්ගෙන්ද ඔබ්බට යන ගැටලු මේ ඕනෑම ක්ෂේත්‍රයක තවමත් නොවිසිදී ඉතුරු වී තිබේන්නේ ඒවා ආකෘති ගත කිරීමේ සහ ඒවා මගින් ගණනය කිරීමේ ඇති සංකීර්ණත්වය නිසාවෙනි.Quantum පරිගණක භාවිතාවෙන් බොහෝ ක්ෂෙත්‍රවල දියුණුවක් අපේක්ෂා කරන්නේ ඒමගින් ලැබෙන පරිගණක හැකියාව නිසාවෙනි.Cyber Securityඅප විසින් භාවිතා කරන ඕනෑම පරිගණක පද්ධතියක ඇති ආරක්ෂණ ක්‍රමවේදයන් සෑම විටම ඉතාමත් ඉහල තාක්ෂණයකින් සහ කිසිදා බිද නොහැලිය ලෙස සෑම විටකම සකස් කරන්නේ ඒවායේ ඇති දත්ත සහ මෘදුකාංග මගින් ඉතාමත් විනාශකාරී දේවල් පහසුවෙන්ම ඉටු කරලිය හැකි නිසාවෙනි. නමුත් ඒ සියලුම පද්ධතිවල ආරක්ෂාවට යොදා ඇති ඇල්ගොරිතම සියල්ලම පාහේ ක්වන්ටම් පරිගණක වල දියුණුවත් සමග අහෝසි වී යන්නේ ඒවා මගින් මේ වනවිට ඇති සාම්ප්‍රදායික පරිගණක මගින් බිද හෙලීමට වසර ට්‍රිලියන ගණනක් ගතවන සමහර ආරක්ෂණ අගයන් මාස කිහිපයක් ඇතුලත මෙම ක්වන්ටම් පරිගණක මගින් බිද හෙලීමට සමත්වන නිසාවෙනි.මෙහි ඇති වාසි දායක තත්වය නම් Quantum පරිගණක මගින් නිර්මාණය කරනු ලබන Encryptionවැඩ සටහනක් බිද හෙලීමට සාමාන්‍ය පරිගණකයටත් ඉතාමත් අසීරු වන අතරම ඒවා Quantum පරිගණක මගින්ද නැවත බිද හෙලීමටද නොහැකි වන ලෙස නිර්මාණය වන නිසාවෙනි. මෙනිසා Quantum Encryption ඇල්ගොරිතම මගින් බල ගැන්වන ආරක්ෂණ පද්ධති වලට මින් පෙර කිසිදාක නොතිබූ ආරක්ෂණ හැකියාවක් ලැබීමට ඉඩකඩ ඇත්තේ Cyber Security අංශයේ පෙරලියක් ඇති කරලමිනි.වෛද්‍ය ක්ෂේත්‍රයලෙඩ රෝග වලට අවශ්‍ය කරන බෙහෙත් වර්ග සොයා ගැනීමේදී වර්තමානයේ භාවිතා කරන ක්‍රමවේද අනුව ඉතාමත් දීර්ඝ කාලයක් සහ ඉතාමත් විශාල මුදලක් වැයවන්නේ ඒවාට අවශ්‍ය පරීක්ෂණ ආදිය සිදුකිරීම වෙනුවෙනි. ක්වන්ටම් පරිගණක මගින් පොරොන්දු වී ඇති පරිගණක හැකියාව මගින් මෙම ක්ෂේත්‍රය තුල ඉතාමත් විශාල දියුණුවක් පරීක්ෂකයන් බලාපොරොත්තු වන්නේ සංකීර්ණ ජීව විද්‍යාත්මක ආකෘති ක්වන්ටම් පරිගණක තුල පහසුවෙන් ප්‍රතිනිර්මාණය කර ඒවා විවිධ රසායනිකයන් සමග ක්‍රියාත්මක වී ලබා දෙන ප්‍රතිපල ඉතාමත් නිවැරදිව සහ වේගවත්ව නිරීක්ෂණය කිරීමට හැකි වීම නිසාවෙනි.ව්‍යාපාර සහ ආර්ථික කටයුතුව්‍යාපාර සහ ආර්ථික කටයුතු සෑම විටම ඉතාමත් සංකීර්ණ පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වන අතර සමහර මූල්‍ය පද්ධති වල ආකෘති සකස් කර ගැනීම සැබවින්ම පරිගණකයකයට අභියෝගකාරී වී ඇත්තේ ඒවා ඉතාමත් සංකීර්ණ ලෙස බොහෝ පද්ධතීන් සමග සම්බන්ධ වී ඇති නිසාවෙනි. මෙම ක්ෂේත්‍රය Quantum පරිගණකවල ගණන හැකියාව මගින් ඉතාමත් දියුණුවට පත්වීමට නියමිත වී ඇත්තේ ඒවා මගින් ඉතාමත් පහසුවෙන් සංකීර්ණ පද්ධති ආකෘති ගත කර ගණනය කිරීම් සිදු කිරීමට හැකි නිසාවෙනි.භාණ්ඩ බෙදා හැරීම සහ ප්‍රවාහනයලෝකයේ ඕනෑම තැනක ඇති භාණ්ඩයක් ඉතාමත් කෙටි කාලයක් තුල ඔබේ අතට ගෙනවිත් දීමට තරම් දියුණු වී ඇති මෙම ක්ෂේත්‍රය තුළ තවමත් විසදීමට සමත් නොවූ ගැටලු මෙන්ම පවතින ක්‍රම වේදයන් තුලද සෑහෙන තරමේ කාර්‍යක්ෂම නොවීමේ ගැටලුද රැසක් ඇති අතර ඒවා බොහොමයක් අවශ්‍ය පරිගණක හැකියාව නොමති වීම නිසාවෙන් සිදු වී ඇති ගැටලුය. යම් සිද්ධියක් නිසා සිදුවන ප්‍රමාදයන් පුරෝකතනය කර ඊට අදාල විකල්ප ක්‍රම ලබාදීමට වර්තමානය වනවිටත් හැකියාව ලබා තිබුණද ඒවා ඉතාමත් නිවැරදිව ගණනය කිරීමට සැලකිය යුතු පරිගණක හැකියාවක් අවශ්‍ය වෙයි. මෙයද Quantum පරිගණක මගින් අනාගතයේ විශාල වෙනසක් ඇති කිරීමට නියමිත ක්ෂේත්‍රයන් වන්නේය.බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව හා ඒ ආශ්‍රිත නිර්මාණGPT4, Midjourny වැනි බුද්ධිමත් මෘදුකාංග සෑම විටම ඉතාමත් විශාල ගණනය කිරීම් රැසක් යොදාගනු ලබන්නේ අප විසින් ඒවායින් අසන ගැටලු වලට අවශ්‍ය පිලිතුරු ලබාදීම වෙනුවෙනි. මෙම මෘදුකාංගයන් සෑහෙන තරමේ නිවැරදිතාවයකින් සහ කාර්‍යක්ෂමව ක්‍රියාත්මක කිරීමට සාමානෙයෙන් ඉතාමත් වේගවත් පරිගණක රාශියකින් සමන්විත පද්ධතියක් අවශ්‍ය වන අතර ඒවා ස්ථාපනය සහ පවත්වාගෙන යාම වෙනුවෙන් අධික පිරිවැයක් යෙදවීමටද සිදු වේ. Quantum neural networks, Quantum Boltzmann machines වැනි AI ඇල්ගොරිතම මේ වනවිටත් Quantum පරිගණක මත ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය පරීක්ෂණ සිදු කරමින් සිටින අතර අනාගතයේ මෙම ක්ෂේත්‍රවල ඇතිවන දියුණු වීම් සමග ඒවා මගින් වර්තමානයේ ඔබ විසින් අත්දකින බුද්ධිමත් මෘදුකාංග වල හැකියාවන්ද අභිබවා යන නිර්මාණයන් අනිවාර්‍යෙන්ම ඔබට අත්දැකීමට ලැබෙනු ඇත.කාළගුණ විද්‍යාවස්වාභාවික පරිසරයේ සිදුවන වෙනස්කම් නීරීක්ෂණය මගින් අනාවැකි නිකුත් කරන මෙය වර්තමනාය වන විට බොහෝ පැහැදිලි වැසි තත්ව කුණාටු සම්බන්ධයෙන් තම අනාවැකි නිකුත් කලද භූමිකම්පා වැනි ස්වභාවික ආපදා තත්වයන් වැනි අවස්තා සම්බන්ධයෙන් නම්  තවමත් එතරනම් දියුණුවක් ලබාගෙන නැත්තේ ඒවායේ ඇති සංකිර්ණත්වය නිසාවෙනි. ඇමසන් වනාන්තරයේ සිදුවන ඉතාමත් සුලු පරිසර වෙනස් වීමක් වුවද ලෝකයේම කාලගුණය වෙනස් කරවන තරම් සංකීර්ණ මෙම ක්ෂේත්‍රය Quantum පරිගණකවල දියුණුව සමග ඉතාමත් විශාල වෙනසකට බදුන් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.තවත් ක්ෂේත්‍ර ගණනාවක් මේ ආකාරයට තම පරීක්ෂණ කටයුතු මෙම Quantum පරිගණක සමග සිදු කරමින් සිටින්නේ ඒවා මගින් ලබාගත හැකි ඉමහත් වාසි නිසාවෙනි. කෙසේ වුවද ඉතාමත් සීඝ්‍ර දියුණුවක් පෙන්නුම් කරමින් ඇති මෙම Quantum පරිගණක තවමත් විද්‍යාගාර තුල ඇති නිසාවෙන් ඒවා මගින් ප්‍රතිපල ලබා ගැනීමට තවත් ටික කාලයක් ගතවීමට ඉඩ ඇත්තේ ඒවා සාමාන්‍ය භාවිතාවට නිකුත් කිරීමට පෙර විසදාගත යුතු ගැටලු රාශියක් තවමත් Quantum පරිගණක නිර්මාණයේ ඉතුරු වී ඇති නිසාවෙනි.දශක ගණනාවක සිට දියුණු වී ඇති සාම්ප්‍රදායික පරිගණක හා සැලකීමේදී  මෙම Quantum  පරිගණක වල ඇති ප්‍රධානම ගැටලුව නම් ඒවායේ ඇති දත්ත කාලයත් සමග සියුම් ලෙස වෙනස් වීමට ඇති හැකියාවයි. එමෙන්ම මෙම ක්වන්ටම් පරිගණක වල ගණනය කිරීම් වලදී ඉතාමත් ඉහල දෝෂ ප්‍රමණයක් වාර්තා වීම තවත් සැලකිය යුතු අවාසියක් ලෙස හදුනාගත හැකිය. එමෙන්ම මෙම පරිගණක භාවිතා කිරීමට ඉතාමත් ඉහල දැනුමක් තිබිය යුතු වන්නේ ඒම පරිගණක තවමත් විද්‍යාගාර තුල විශේෂිත උපකරණ සහ තත්ව භාවිතාවෙන් නිර්මාණය කර ඇති නිසාවෙනි. කෙසේ වුවත් ලොව පුරා බොහෝ විද්‍යාඥයන් සහ ආයෝජකයන් තමන්ගේ දායකත්වය ඉතාමත් ඉහලින් මෙම පරීක්ෂණ කටයුතු වෙනුවෙන් ලබාදෙන්නේ ඉන් ලැබීමට නියමිත ප්‍රතිපල මගින් ලෝකයේ සැබෑ වෙනසක් ඉටු කිරීමට හැකිවන නිසාවෙනි.මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.
Apple සමාගම 120Hz ProMotion display එකකින් යුතුව iPhone 13 Pro මාදිලියේ ජංගම දුරකතන හඳුන්වා දීමට කටයුතු කරයි
Apple සමාගම 2021 පවත්වන ප්‍රධානතම event වලින් එකක් ඊයේ දිනයේදී (සැප්තැම්බර් 14) දින පැවැත්වූවා. එහිදී ඔවුන් විසින් ඔවුන්ගේ නවතම flagship iPhones වන iPhone 13 Pro සහ iPhone 13 Pro Max එළිදැක්වීම සිදු කරනු ලැබුවා.Apple සමාගම මුලින්ම විස්තර කරනු ලැබුවේ iPhone 13 Pro මාදිලි සඳහා යොදාගෙන ඇති නවතම display එක ගැනයි. මෙහි කැපී පෙනෙන විශේෂත්වයක් වූයේපෙර එළිදැක්වූ iPhones වල තිබූ display notch එකට වඩා ප්‍රමාණයෙන් 40%ක ප්‍රමාණයකින් Display notch එක කුඩා කර තිබීමයි.iPhone 13 සහ iPhone 13 mini යන මාදිලි වල ජංගම දුරකතන වන notch එක කුඩා කර තිබුණේ 20%ක ප්‍රමාණයකිනි. ඊට අමතරව ඔවුන් විසින් iPhone 13 Pro මාදිලි සඳහා Super Retina XDR වර්ගයේ display යොදාගෙන තිබෙනවා.මෙම Super Retina XDR display 1,000-nitක උපරිම දීප්තිමත් භාවයකින් යුක්ත වන අතර ඒ හරහා එළිමහනේදී වැඪි එළියක් පවතින අවස්ථාවකදී වුවද පැහැදිලිව තිරය මත සඳහන් වන දෑ පහසුවෙන් සහ පැහැදිලිව නැරඹීමේ හැකියාව ලැබී තිබෙනවා.මීට අමතරව වැඩි දෙනා බලා සිටි සහ වැඩි දෙනෙක් හාස්‍යට ලක් කරමින් තිබූ iPhone වල අඩුපාඩුවක් ලෙසින් දැකි 120Hz refresh rate එකකින් යුතු display එකක් නොමැති වීමට Apple iPhone 13 Pro මාදිලියේ ජංගම දුරකතන හරහා Apple සමාගම පිළිතුරු ලබාදී ඇත්තේ 120Hz adaptive referesh rate එකකින් යුතු ProMotion display එකක් ලබා දීමෙනි.  මේ වන විටත් 120Hz refresh rate එකකින් යුතු Android ජංගම දුරකතන විශාල ප්‍රමාණයක් වෙළඳ පලේ පැවතියත් ඒවා භාවිතා කරන අය වැඩි වශයෙන් එල්ල කරන චෝදනාවක් වනුයේ battery එක වරක් ආරෝපණය කිරීමෙන් පසුව වැඩි කාලයක් භාවිතා කිරීමේ හැකියාවක් නොමැති වීමයි.නමුත් එම ගැටළුව මග හරවා ගනිමින් Apple සමාගම විසින් ඔවුන්ගේ මේ ProMotion display සඳහා යොදාගෙන ඇති adaptive refresh rate එක මඟින් එම අවස්ථාවට අදාල වන refresh rate එක සක්‍රීය කරනෞ ලබනවා. එමඟින් බැටරි ආයු කාලය ඉක්මනින් අඩු වීම අවම කර ගැනීමට Apple සමාගම සමත්ව තිබෙනවා. මෙහි අවම refresh rate එක ලෙසින් 10Hz වැනි අඩු අගයක්ද භාවිතා වීම තවත් විශේෂත්වයක්. මේ නවතම adaptive refresh rate පහසුකම සඳහා ඔවුන්ගේ නවතම CPU එක වන A15 Bionic CPU එක හරහා විශාල සහයක් ලැබෙන බවද Apple සමාගම ප්‍රකාශ කර සිටියා.Display එකට පස්සේ Apple සමාගම විසින් ඉදිරිපත් කලේ iPhone 13 Pro සඳහා ඔවුන් විසින් යොදා ඇති කැමරාව පිළිබඳවයි. iPhone 13 Pro මාදිලි සඳහා නවතම කැමරා සෙන්සර්ස් යොදාගැනීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. අඩු ආලෝක තත්වයන්හිදී හොඳින් ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීමට සඳහා f/1.5 aperture අගයකින් යුතු ප්‍රධාන  කැමරා සෙන්සර් එකක් සහf/1.8 aperture එකකින් යුතු ultra-wide කැමරාවක් සහ 3x telephoto lens එකකින් සමන්විත වනවා. Apple සමාගම විසින් මෙවර යොදා ඇති ultra-wide sensor එක මඟින් සෙන්ටිමීටර් 2ක දුරකින් macro photos ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඊට අමතරව macro slow motion videoද පටිගත කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.ඊට අමතරව A15 Bionic CPU එක සතුව ඇති නව image signal processor එක හරහා ගුණාත්මක බවින් වැඩි ඡායාරූප ලබා ගැනීමේ හැකියාවද මෙම ජංගම දුරකතනය සතු වෙනවා. මේ නව image signal processor එක හරහා වීඩියෝ පටිගත කිරීමටද නව විශේෂතා කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ හරහා ඔබට Dolby Vision 4K 60fps වීඩියෝ පටිගත කල හැකි අතර නව cinematic mode එක හරහා ඔබට වඩාත් හොඳ වීඩියෝ පටිගත කිරීමේ හැකියාවද හිමිවනවා. ඊට අමතරව ProRes videoද පටිගත කිරීමට මෙම ජංගම දුරකතන මාදිලි වලට පුළුවන්.iPhone 13 මාදිලිය සඳහා යොදා ගත් A15 Bionic CPU එකම මෙහි chipset එක ලෙස යොදාගෙන තිබෙනවා. A15 Bionic chipset එක පිළිබඳව කෙටියෙන් විමසා බැලුවහොත් එය 6 core chipset එක වන අතර ඒ සතුව high performances cores 2ක් සහ high-efficiency cores 4කින් සමන්විත වනවා. ඊට අමතරව වැඩිදියුණු කල නව nural engine එකකින්ද මෙම chipset එක සමන්විත වනවා.බැටරි බලය පිළිබඳව විස්තර කල Apple සමාගම විසින් ප්‍රකාශ කර සිටි අන්දමට iPhone 13 Pro දුරකතනය iPhone 12 Pro එකට වඩා පැය 1.5ක බැටරි ආයුකාලයකින්ද සහ iPhone 13 Pro Max දුරකතනය iPhone 12 Pro Max එකට වඩා පැය 2.5ක බැටරි ආයුකාලයකින්ද යුක්ත වෙනවා.මෙම ජංගම දුරකතන නව ජංගම දුරකතන වූවත් Apple සමාගම විසින් මෙම ජංගම දුරකතන මිල කර ඇත්තෙ iPhone 12 Pro මාදිලියේ ජංගම දුරකතන වෙළඳපලට නිකුත් කල මිලටමය. ඒ අනුව iPhone 13 Pro දුරකතනය $999ක සිට ඉහළටත්, iPhone 13 Pro Max දුරකතනය $1,099ක සිට ඉහළටත් මිලදී ගත හැකිය. මෙවර base storage එක Apple සමාගම විසින් ලබා දී ඇත්තේ 128GB වන අතර 256GB, 512GB සහ 1TB යන storage options වලින්ද ඔබට සැප්තැම්බර් 24 වන දින සිට මිලදී ගත හැකිය. iPhone 13 Pro මාදිලිය ප්‍රධාන වශයෙන් Graphite, Gold, Silver, සහ Sierra Blue යන වර්ණයන්ගෙන් යුක්ත වේ.මෙම ලිපිය California Streaming YouTube Live එක ආශ්‍රයෙන් නිම වූ ලිපියකි.
Infrared හරහා ක්‍රියාත්මකවන Under display TouchID එකක් සඳහා Apple සමාගම patent බලපත්‍ර ලබා ගනී
Touch ID වල ඊලඟ generation එක වෙනුවෙන් මෑතකදී Apple සමාගම patent බලපත්‍රය ලබාගත්තා. මේ සඳහා ඔවුන් අයදුම් කරේ පසුගිය 2019 වසරේදී යී. ඒ patent බලපත්‍රය ඔවුන් ලබාගත්තේ display එක යටින් පිහිටන infrared light technology එකෙන් යුතු TouchID එකක් සඳහායි.ඉතින් මේ patent එක ලබා දුන්නේ United States Patent and Trademark Office එකෙන්. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි device screen එකේ යටින් feature වෙන අලුත් image sensor එක. Patent එක දිහා බලනකොට දැකගන්න පුලුවන් වෙන primary element එක තමයි user ගේ ඇඟිල්ල map කරන්න photosensitive element එකක් use වෙන අතරේ display එක පුරාවට shortwave light එකක් emit කරන අලුත් optical imaging system එක.වෙනත් වචන වලින් කීවොත් මේක appear වෙන්නේ in display fingerprint scanner එකක් විදිහටයි. මෙතන Apple ලා highlight කරන “Shortwave Infrared light” කියන දේ next generation touch ID වල crucial component එකක් වේවි.කොහොම උනත් මේක දැනට patent එකක් විතරයි. සහ දැනට මේක ඇත්තටම develop කරනවාද කියන දේ ගැන කිසිම confirmation එකක් නෑ. තව පැත්තකින් ගත්තොත් Apple ලා ඔවුන්ගේ flagship iPhones වලට Face ID සඳහා ලොකු focus එකක් දෙමින් හිටියේ අද ඊයෙක ඉඳන් නෙවෙයි. ඉතින් මේ technology එක ඉදිරියේදී budget iPhones කීපයකට වගේම iPads සඳහත් implement වේවි.Source :Gizmochina
නව Mac උපාංග එලිදක්වන Scary fast event එක ඔක්තෝම්බර් 30 වෙනිදා පැවැත්වෙන බව Apple සමාගම ප්‍රකාශ කර​යි
Apple සමාගම විසින් පසුගිය මාසයේදී ඔවුන්ගේ නවතම iPhone මාදිලිය වන iPhone 15 Series එක නිකුත් කිරීමෙන් පසුව Scary fast නමින් එළඹෙන ඔක්තොම්බර් 30 වනදා තවත් Event එකක් පැවැත්වීමට නියමිත බව මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.එළඹෙන 30 වෙනිදා පැවැත්වීමට නියමිත මේ Scary fast Event එක මාර්ගගතව පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30ට ආරම්භ වීමට නියමිතව පවතින මෙය Apple වෙබ් අඩවිය හෝ YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකි වනවා.පසුගිය දිනවල වාර්තා වු තොරතුරුත් සමඟ මේ Event එක ඔස්සේ Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම Macs පෙළ එළිදක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතරම මේවා බොහෝ විට M3 processor එකෙන් සමන්විත විය හැකියි. ඒ අනුව මෙහිදි නව M3 Processor එකෙන් බල ගැන්වෙනු ලබන iMac එකක් සහ නව High-end MacBook Pro model එකක් එළි දැක්වෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.මේ Scary fast Event එක ඔස්සේ එළිදැක්වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි උපාංග ලෙස අගල් 13ක MacBook Pro, අගල් 14ක iMac සහ High-end MacBook Pro උපාංගයන් දැක්විය හැකියි. කෙසේ වෙතත් මේවා පිළිබඳව දැනට කිසිදු නිල තොරතුරක් නොපවතින අතර එළඹෙන ඔක්තොම්බර් 30 වන දින මේ උපංගයන් එළිදැක්වු සැනින් ඒ පිළිබඳව ඔබ වෙත තොරතරු ගෙන ඒමට අප සුදානම්.Source:www.theverge.comwww.androidauthority.comwww.macrumors.com
WhatsApp හරහා forward කරන පණිවිඩ අන්තර්ජාලය ඔස්සේ තහවුරු කරගැනීමේ පහසුකමක් අත්හදා බලයි
WhatsApp හරහා Forward කර එවන messages ගැන සොයා බැලීමට පහසු කිරීමේ යෙදුමක් WhatsApp වෙත එක් කර ඇත.WhatsApp Platform එක මඟින් "Forwarded" ලෙස වර්ග කළ පණිවුඩ සඳහා පමණක් මේ සේවාව සැපයේ. WhatsApp පරිශීලකයන් වෙත ආරක්ෂාවක් මෙන්ම නිවැරැදි තොරතුරු දැනගැනීමත්, අසත්‍ය තොරතුරු ප්‍රචාරණය අවම කිරීමටත් මෙයින් පහසුව සැලසේ.ඔබට Forward කරන ලද message එකක් ලැබුණ විට, එය පසෙකින් මෙවැනි අත් කාචයක සලකුණක් මතුවේ.එය උඩ tap කිරීම මඟින් ඔබට එම message එක හා සම්බන්ධව වෙබ් සෙවුමක් යෙදිය හැක.පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස, මෙම කාර්යය සිදු කිරිමේදී අදාළ message එක පරිශීලකයාගේ web browser එක හරහා සිදු වන බව දැක්වේ. මේ ආකාරයෙන් End-to-End encryption යෙදුම සුරැකෙන අතර අදාළ පණිවුඩ වල අන්තර්ගතය WhatsApp සමාගම වෙත යැවීමක් නොකෙරේ.2018 වර්ෂයේ සිටම WhatsApp ආයතනය විසින් Forwarded Messages, Flag කිරීම අරඹා තිබුණි. මෙම වසරේ මුලදී නීති තවත් දැඩි කරමින් එක් වරකට එක Chat එකකට වඩා මෙම පණිවුඩ forward කිරීමට සීමා පැණවුණි. මෙම නව යෙදුම මඟින් පරිශීලකයන් හට පහසුවෙන් අනවශ්‍ය දේ වලින් මිදිය හැක.මෙම පහසුකම බ්‍රසීලය, ඉතාලිය, අයර්ලන්තය, මෙක්සිකෝව, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල අද දින සිටම ක්‍රියාත්මක බව WhatsApp ආයතනය පවසයි. මෙය ඉහත රටවල Android, iOS සහ WhatsApp Web යන Platform සඳහා ක්‍රියාත්මක වේ. මෙම පහසුකම මෙම වසරේ මුල සිට WhatsApp Beta සංස්කරණ වල පැවතුණි. එමෙන්ම මේ වන විට Beta පරීක්ෂණ මට්ටමේ පවතින multi-device access හෙවත් උපාංග කීපයකින් එකවර WhatsApp භාවිතා කිරීමේ පහසුකම සහ Search by date ආදී පහසුකම් ඉදිරියේදී Stable හෙවත් සාමාන්‍ය භාවිතය සඳහා ද හඳුන්වා දෙනු ඇති.Source -XDA Developers
ජාතික ඩිජිටල් පෙරළියකට SLTMOBITEL සූදානම් වෙයි
මෙරට ප්‍රමුඛත ම සන්නිවේදන සහ තාක්ෂණික සේවා සැපයුම් කරුවෙකු වන SLT-MOBITEL සමාගම විසින් අතවශ්‍ය සේවා හා එම අංශ කාර්යක්ෂම කිරීමට සහ පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා වන සිය ජාතික යෝජනාවලියක් පසුගියදා එළිදක්වනු ලැබුවා.පුරවැසි අනන්‍යතා ඩිජිටල්කරණය සහ සවිමත් ඩිජිටල් ආරක්ෂක පද්ධති සමගින් පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම, නව ජාතික ඩිජිටල් පෙරළියක් සඳහා සැරසෙන SLT-MOBITEL සමාගම යෝජනාකරන යෝජනාවලියේ පදනමයි. SLT-MOBITEL සමාගම සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, අධිකරණ ක්‍රියාවලි සහ බැංකුකරණය යන අංශ මෙම නව ක්‍රමවේදය හරහා වඩාත් කාර්යක්ෂම විය යුතු අංශ ලෙස නම් කර තිබෙනවා.E-සෞඛ්‍ය සේවාSLT-MOBITEL සමාගම යෝජනාකරන යෝජනාවලිය මගින් මෙම අංශය ඩිජිටල්කරණය කිරීමට මෙන්ම පුළුල් පරිවර්තනයකට ලක් කිරීමට අපේක්ෂිතය. එමගින් තත්කාලීන තොරතුරු ලබා ගැනීමටත්, දුරස්ථ රෝගී අධීක්ෂණය ක්‍රියාත්මක කිරීමටත්, ලෙඩරෝගවලින් ආරක්ෂා වීමේ ක්‍රමවේද පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමටත්, ප්‍රමාදයකින් තොරව අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටත්, දත්ත පුද්ගලිකත්වය සහ ආරක්ෂාව සමගින් සමස්තයක් ලෙස වඩාත් යහපත් රෝගී පරික්ෂා ක්‍රමවේදයක් දියත් කිරීමටත් අවස්ථාව සැලසේ.E-අධ්‍යාපනයCOVID-19 වසංගත තත්ත්වය සහ මෑතකදී ඇති වූ ආර්ථික අභියෝග හේතුවෙන් දරුවන්ටත්, ගුරුවරුන්ටත් මාර්ගගත අධ්‍යාපනයට පිවිසීමට සිදු වී තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධව තවත් සපුරාලිය යුතු කරුණු රැසක් පවතී. ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් සහ ගුරුවරුන් හට ඩිජිටල් තාක්ෂණයට සහ මාර්ගගතව අධ්‍යාපනය සඳහා ඇත්තේ සීමිත පහසුකම් වන අතර, දුරස්ථ අධ්‍යාපනය සහ Smart පංති කාමර යන සංකල්ප ප්‍රවර්ධනය කිරීමට මෙමඟින් අපේක්ෂිතව තිබෙනවා.ඩිජිටල් මෙවලම් සහ තාක්ෂණය හඳුන්වාදීම හරහා ක්‍රියාවලි ස්වයංක්‍රියකරණය කිරීමසියලු දෙනාට පරිහරණය කළ හැකි සහ අඛණ්ඩ ප්‍රවේශය සහිතවන ලෙස පුස්තකාල ඩිජිටල්කරණය කිරීමවඩාත් පුළුල් සහ ඵලදායී අධ්‍යාපන ක්ෂේත්‍රයක් ගොඩනැගීම සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධති (LMS) ගුරුවරුන් සහ සිසුන් හට හඳුන්වා දීමවැනි කරුණු SLT-MOBITEL සමාගම, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම සඳහා ගත යුතු පියවර ලෙස හඳුන්වාදී ඇත.E-ප්‍රවාහනයමෙරට සිදුවන ශීඝ්‍ර නාගරීකරණය හේතුවෙන් සිදුවන ප්‍රවාහනය සහ තදබදය මෙරට ආර්ථිකයට සෘජු බලපෑමක් ඇති කරයි. ගමනාගමනයේදී අහිමිවන කාලය, අධික ඉන්ධන දහනය, රථ වාහන හානි වැඩි වීම සහ මාර්ග අනතුරු ඉහල යාම ආදී සියලු කරුණු ජාතික ඵලදායිතාවයට සෘණාත්මක ලෙස බලපායි.ඒ හේතුවෙන් මෙරට ගමනාගමන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කළ යුතු බවට SLT-MOBITEL යෝජනාකර සිටියි.බහු ආකෘතික සංචාරක සැලසුම්අන්තර්ජාල ප්‍රවේශපත් වෙන්කරවා ගැනීම්බස්රථ සහ දුම්රිය තිබෙනා තැන නිශ්චිතව පෙන්වන ජංගම දුරකථන යෙදවුම්නොමිලේ ස්ථානීය Wi-Fi පහසුකම්මුදල් රහිත ගෙවීම්සමගින් මෙරට ගමනාගමන ක්ෂේත්‍රයට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී අංශයක් බවට පත්වීමේ හැකියාව පවතී.E-කෘෂිකර්මයමෙරට ගොවි ජනතාවට රටේ ආහාර අවශ්‍යතාවය සපුරාලීමට බාධා පමුණුවන ගැටලු රැසක් හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව ජාතික ප්‍රමුඛතාවක් බවට පත්ව තිබේ. අනපේක්ෂිත කාලගුණික වෙනස්වීම්, කෘමි සහ පළිබෝධ හානි, මිල පිළිබඳ ඇති අවිනිශ්චිතතාව, නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අපහසුව ආදී කරුණු ගොවීන්ගේ ලාභයට සෘජු බලපෑමක් ඇතිකරන අතර, බෙදාහැරීමේ අකාර්යක්ෂමතාව සහ අසංවිධිතබව හේතුවෙන් ආහාර අධික ලෙස නාස්ති වීමට ලක් වේ.මෙයට කදිම විසඳුමක් ලෙස SLT-MOBITEL සමාගම ගොවීන් හට පහසුවෙන් තොරතුරු සහ අදහස් ලබා ගත හැකි සහ විනිවිදභාවයෙන් යුතුව ගනුදෙනු සිදු කළ හැකි ආකාරයේ පදනමක් ලෙස'හෙළවිරු'ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය හඳුන්වා දුන්නේය. තවද මෙවැනි සුහුරු ගොවි විසඳුම් හඳුන්වා දීම හරහා ගොවි ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කටයුතු කරමින් සිටියි.E-සංචාරක කර්මාන්තයSLT-MOBITEL සමාගම මෙරට සංචාරක අංශය ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සඳහා, මෙරටට පැමිණීමට අපේක්ෂාකරන සියලු සංචාරකයින් සඳහා තනි වෙබ් අඩවියක් එකක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත. Centralized tourist center ලෙස මෙම වෙබ් අඩවිය එක සංචාරකයින් හට ඔවුන්ගේ සංචාරය සැලසුම් කිරීමට අවශ්‍ය තොරතුරු ලබා දීමටත්, පෙර සැලසුම් කරන ලද විකල්ප සහිත Tuprist Guiders ලා සමග ඔවුන් සම්බන්ධ කිරීමටත් අවශ්‍ය පහසුකම් සපයනු ලබනවා. මෙරටට සංචාරය කරන සංචාරකයින්ගේ ratings & reviews ද මෙම වෙබ් අඩවිය තුළ ප්‍රදර්ශනය කෙරෙන බැවින් එය සංචාරක කර්මාන්තයේ වර්ධනයට ද ඉවහල්වනු ඇත.E-අධිකරණ හා නීතිමය කටයුතුමුළුමනින් ම ඩිජිටල්කරණය කරන ලද අධිකරණ පද්ධතියක් යනු SLT-MOBITEL සමාගමේ යෝජිත විසඳුමයි. ඩිජිටල් වාර්තා තබා ගැනීමේ ක්‍රමවේදයක සිට වාණිජ මහාධිකරණවල නඩු විභාග කෙරෙන දින ස්වයංක්‍රිය කිරීම, ගමනාගමන ආදී අභියෝග ඇතිවන විට දෘශ්‍ය අන්තර්ජාල මාධ්‍යය විසඳුමක් ලෙස හඳුන්වා දීම සහ පොලිසිය වැනි වෙනත් ආයතන අතර ඩිජිටල් අනුකලනයක් ඇති කිරීම ආදී විසඳුම් මගින් මෙරටට වඩාත් කාර්යක්ෂම අධිකරණ ක්‍රියාවලියක් හඳුන්වා දිය හැකිය.E-බැංකුකරණයඅන්තර්ජාලය ඔස්සේ වැඩි වශයෙන් රැකියාවේ නිරතවන ජීවත්වන තත්ත්වයක් තුළ ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයින්ට සහ ව්‍යවසායකයින් හට අවස්ථාවලින් පිරුණු ලොවක් නිර්මාණය වී ඇත. අනාගත ඉල්ලුම සපුරාලීම සඳහා වත්මන් බැංකුකරණ සහ මුල්‍යයන අංශය පරිවර්තනයකට ලක් කිරීම සඳහාවන SLT-MOBITEL  සමාගමේ දැක්මට අනුව, මෙම තීරණාත්මක අංශය ඩිජිටල්කරණය කිරීමට කටයුතු කෙරෙනු ඇත. එමගින් මුදල් රහිත ගනුදෙනු බලගැන්වීම සහ වාණිජ කටයුතු ප්‍රවර්ධනය කිරීම අපේක්ෂිත වනවා.Sources:Ada Derana
Ubisoft වෙතින් Assassin Creed Educational Tours Greece & Egypt නොමිලේ ලබාගන්න
හෑමෝම GTA V ගන්න පොරකන අතරේ Ubisoft ලත් වටින දෙයක් Free දීලා තියෙනවා. Ac Odyssey සහ Ac Origins Play කරලා තියෙන කට්ටිය දැකලා සහ දන්නවා ඇති මේ Discovery Tour එක ගැන. මෙතනදි Ancient Greece සහ Egypt ලස්සනට ඒ තිබ්බ වටින ස්තාන සහ ගොඩනැගිලිත් එක්ක recreate කරලා තියෙන හින්දා මේ Discovery Tour එකෙන් ගෙදර ඉන්න අයට වැඩක් ගන්න පුළුවන් හින්දා Ubisoft ලා Free දෙන්න තීරනය කරලා තියෙනවා. මේක අපිට 21st May වෙනකන් Claim කරගන්න පුලුවන් කැමති කට්ටියට,Click To Claim.Take a historic journey from home with Discovery Tour: Ancient Greece & Discovery Tour: Ancient Egypt FREE to download and keep ??‍♀️#PlayApartTogether?https://t.co/UVftq2CaBr— Ubisoft (@Ubisoft)May 14, 2020Ancient Greece  Discovery Tour  එකේ අපිට දකින්න පුළුවන් දේවල් මෙන්න.Regions 29ක් අතර Travel කරන්නත්, Ancient Greece වල philosophy , Famous Cities , Daily Life , wars සහ Myths ගැන අපිට ඉගන ගන්න පුලුවන් ආසාවෙන්.Ancient Egypt Discovery Tour එකේන් අපිට ගන්න පුළුවන් දේවල්.Historical Tours 75ක් මේකට ඇතුලත්ලු ඒ වගේම Life, Habits ,customs ගැනත් අපිට ඉගෙන ගන්න පුලුවන් Explore කරන්න පුළුවන්.මේ ඔක්කොම කම්මැලි නැතුව බෝට්ටුවක් පදින ගමන් පිරමීඩ් එකක් උඩට නගින ගමන්, Athens වල තියෙන Temples උඩට නගින ගමන් අපිට ඉගෙන ගන්නත් පුළුවන්.ඒ වගේම ඔරිජිනල් Games දෙක ගන්න ඕනේ අයට Steam එකෙන් $14 ත් $19ත් අතර මුදලකට ගන්න පුලුවන් Sale තියෙන වෙලාවක.ගේම් එහෙක ඉන්න ගමන් කම්මැලිකම නැති වෙන්න කරන්න හොද වැඩක් මේක කැමති අය ට්‍රයි කරලා බලන්න.
විස්සයි විස්ස ලෝක ශූරතා තරඟවලිය නවතම ආකාරයෙන් ඩිජිටල්කරණය කිරීමට ICCය කටයුතු කරයි
2022 ICC T20 ලෝක කුසලානය සඳහා එළිදක්වන ලද ICC හි නව ඩිජිටල් අත්දැකීම් හරහා ක්‍රිකට් ලෝලීන්ට ඔවුන් ආදරය කරන ක්‍රීඩාව මින් පෙර කිසි දිනක දැක නැති අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.2021දී ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක කුසලානය මිලියන 618 ක ප්‍රේක්ෂක පිරිසක් digital platforms හරහා තරඟාවලිය නැරඹූූ අතර, එය 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට වඩා 28%ක වැඩිවීමකි.ICC නිල mobile app එක (iOS සහ android) සහt20worldcup.comවෙබ් අඩවිය තුළින් ලොව ප්‍රමුඛ පෙළේ නව තාක්ෂණික මාලාවන් සමඟින්, ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරඟාවලිය සඳහා ඩිජිටල් ආවරණය දැන් නවමු මට්ටමට ගෙන යමින් සිටී.තරඟ මධ්‍යස්ථානයේ තරඟාවලියේ විශාලතම හයේ පහරවල් ලොව ප්‍රථම අංශක 360 දෘශ්‍යකරණයක් නිර්මාණය කර ප්‍රේක්ෂකයන්ට පෙන්වීමට නව තාක්ෂණයන් භාවිතා කරයි.පළමු වතාවට, ICC හි නිල දත්ත සැපයුම්කරු SportRadar වෙතින් ලබා දෙන සජීවී දත්තවලින් ප්‍රේක්ෂකයින්ට සජීවීව පන්දු රකින්නන් සිටින ස්ථාන දැකීමට හැකි වනු ඇත.AI මඟින් බලගැන්වෙන නව vertical වීඩියෝ අත්දැකීමක් ලබා දීම සඳහා ICC app එකෙහි ඇති නවතම තාක්‍ෂණය උපයෝගී කර ගනු ඇත. එය ICC නව හවුල්කාරිත්වයේ කොටසක් ලෙස Facebook සහ Instagram හි නිල ICC පිටු හරහා තරඟ වල විශේෂ අවස්ථා සමාජ මාධ්‍ය වෙත යොදනු ලබනවා.ICC හි මූලික අරමුණ වනුයේ Digital Media හරහා තරඟ නරඹන රසිකයින්ටද ඔවුන් ක්‍රීඩාංගනයේ සිටම තරඟ නරඹන ලෙසින් අත්දැකීමක් ලබා දීමයි.මෙවර ICC T20 කුසලානයේ ශ්‍රී ලංකාවේ නිල විකාශන අයිතිය ඇත්තේ සිරස TV මාධ්‍ය ජාලයටයි.Source:ICC
කොළඹ වරාය නගරය තුළ Crypto Currency භාවිතා කිරීමට හැකි වන බවට තොරතුරු වාර්තා වෙයි
ශ්‍රී ලංකාව තුළ Crypto Currency  භාවිතා කිරීමට හැකි බවත්සහ එයින් පසුවශ්‍රී ලංකාව තුළ Crypto Currency භාවිතයට අවසර නොමැති බවපිළීබඳවත් අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා.කෙසේ වෙතත් කොළඹ වරාය නගරය තුලදි ඉදිරියේදී Crypto Currency භාවිතා කිරීමට හැකි වන බව වරාය නගර ආර්ථික කලාපයේ පාලන කොමිෂන් සභාවේ සභාපති සාලිය වික්‍රමසූරිය මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.“We have included digital assets in the asset classes that the Port City will entertain in terms of exchanges in the future,”“We expect that will spur a list of other requirements such as settlement banks, correspondent banks.”ඒ අනුව අනාගතයේදී Port City එක තුළ කෙරෙන බොහෝ ආර්ථික කටයුතු වෙනුවෙන් Crypto Currency භාවිතා කිරීමට හැකි වෙනු ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.වර්තමානයේදී ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ මේ Crypto Currency පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වූ හෙයින් මේ පියවර ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.වරාය නගරය තුළ Crypto Currency හා ශ්‍රී ලංකා රුපියල් වලට අමතරව ඇමෙරිකානු ඩොලරය වැනි විදෙස් මුදල් ඒකක හරහා ඍජුවම ගනුදෙනු කිරීමටත් හැකි වන බව වාර්තා වනවා.Source -Economy Next
One UI 3.1 හරහා Samsung Dex පහසුකම wireless ආකාරයට භාවිතා කිරීමේ හැකියාව ලබා දීමට Samsung ආයතනය කටයුතු කරයි
Samsung Galaxy S21 Series එකත් සමග ඔවුන්ගේ One UI 3.1 Version එකත් නව Features බොහෝමයක් සමග හදුන්වා දෙනු ලැබුවා. ඒ අනුව මිට පෙර සිට පැවතිSamsung Dexපහසුකම Wireless ලෙසත් භාවිත කල හැකි ආකාරයට Wireless Dex Feature එක සමග හදුන්වා දි තිබෙනවා.ඒ අනුව මේ Wireless Dex Feature එකත් සමග මේ Dex පහසුකම ලබා ගත හැකි Samsung Galaxy Devices සියල්ල ඒ සදහා අනුකුල වෙන පරිගණක සමග Wireless ආකාරයට භාවිත කල හැකි වෙනවා. One UI 3.1 Version එකත් සමග මේ Wireless Dex පහසුකම Samsung Flagship Smart Phone සදහා ලබා දි තිබෙනවා. ඒ අනුව S10 Series එකේ සිට නිකුත් වුණ සියලු Flagship Smart Phone සදහා මේ Feature එක ලබා දි තිබෙනවා. ඒ අතරට පහත Galaxy Flagship Devices අයත් වෙනවා.Galaxy S10 series‌‌Galaxy S20 series, including FE‌‌Galaxy S21 series‌‌Galaxy Note10 series‌‌Galaxy Note20 series‌‌Galaxy Z Flip and Z Flip 5G‌‌Galaxy Fold‌‌Galaxy Fold 2Samsung Dex Wireless Feature එක භාවිත කිරිමට නම් ඔබ macOS හෝ Windows 10 සදහා වු Samsung Dex App එක පරිගණකය  සදහා Install කල යුතු වෙනවා. ඒ වගේම මේ සදහා භාවිත කරන පරිගණකය හා ඔබගේ Galaxy Device එක එකම WIFI Network එකට සම්බන්ධ වි පැවතිය යුතු වෙනවා.මේ Wireless Feature එක ලැබුණත් Samsung Dex පහසුකම USB Type-C to HDMI Cable මගින් Monitor හෝ Tv සමග සම්බන්ධ කල හැකි වෙනවා.Source :Sammobile
iPhone හි Hide කළ ඡායාරූප බලන්නේ කෙසේද?
ඔබ ඔබගේ iPhone එකේ ඡායාරූප සඟවා ඇතත් එම ඡායාරූප කුමන ස්ථානයක ඇතිදැයි ඔබට අදහසක් නැද්ද? ඔබ සැඟවූ ඡායාරූප ඉතා පහසුවෙන් නැවතත් ඔබට බැලීමට පහත පියවර අනුගමනය කරන්න.iOS 14 සිට ඔබට Photos App තුළ "Hidden" Albumය අක්‍රිය කළ හැක. එමෙන්ම එය නැවත සක්‍රිය කිරීම iPhone's Settings තුළට පිවිස සිදු කර ගත හැක.පළමුව iPhone හි Hidden Photo Albumය සක්‍රිය කරන්න.එසේ කිරීමට, ඔබගේ iPhone හි Settings App විවෘත කර "Photos" වෙත පිවිසෙන්න.එහි ඇති "Show Hidden Album" සක්‍රිය කරන්න.දැන් ඔබගේ Album එක Photos App තුළ දිස්වෙන අතර ඔබට Hide කල ඡායාරූප වෙත පිවිසිය හැක.දැන් ඔබ iPhone හි Photos App එක Open කර එහි ඇති Album Tab මත Click කරන්න.Album List හි පහළටම Scroll කර Utilities යටතේ ඇති "Hidden" Album මත Touch කරන්න. (නමුත් පැරණි iOS Version එකක් නම් මෙම Hidden Album එක Others Albums යටතේ ඇත.)"Hidden" Albumහි ඔබ සැඟවූ සියලු ඡායාරූප සහ වීඩියෝ පෙන්වයි. ඔබට Unhide කිරීමට අවශ්‍ය ඡායාරූපය හෝ වීඩියෝව මත Touch කරන්න.දැන් එහි ඉහළ දකුණු කෙළවරේ ඇති තිත් තුන Touch කර "Unhide" මත Touch කරන්න.මෙහිදී ඔබ Unhide කළ ඡායාරූපය හෝ වීඩියෝව Photos තුළ දැක ගත හැක.Source:howtogeek.com
Apple "Find iPhone" පරදන Samsung "SmartThings Find" ගැන දැන ගනිමු
බොහෝ දෙනෙක් දුරකථනයක් මිලදී ගනිද්දී බලන කරුණක් තමයි දුරකථනයට තිබෙන ආරක්ෂාව. අද කාලයේ ඇති වී තිබෙන දුරකථන සොරාගැනීමකට හසු උවහොත් එයින් දුරකථනය වගේම එහි තිබෙන දත්ත ආරක්ෂා කරගැනීම හා දුරකථනය සොයා ගැනීම ටිකක් අපහසු කාර්යයක්. ඒත් අප දුරකථන වල තිබෙන යම් විශේෂාංග වලින් දුරකථනය ආරක්ෂා කරගැනීමට හැකියාව සලසයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ Samsung දුරකථන සදහා ලබාදෙන SmartThings Find Service එක ගැනයි.මොකක්ද මේ SmartThings Find කියන්නේ?Source:smartthingsfind.comසරලවම මේක ඔයාගේ දුරකථනය නැති උනහොත් එය තිබෙන ස්ථානය සොයාගැනීමට ඇතුලු අත්‍යවශ්‍ය විධාන කිහිපයක් කිරීමට හැකියාව ලබාදෙන දුරකථනයේම ඇති Service එකක්. හරියට Apple දුරකථන වල ඇති Find iPhone වගේ. විශේෂත්වය වන්නේ මේක අපගේ Samsung දුරකථනට පමණක් පැමිණෙන system app එකක්. එමනිසා මෙය download කිරීමක් නොකොට භාවිතා කල හැකිය.මොනවද මේකේ තියන Features?මෙවැනි ඕනෑම වැඩසගහනක මෙන්ම මෙමගින් අපවෙත Battery percentage එක, Device Model, Live Location සහ IMEI විස්තර පහසුවෙන්ම බලාගත හැකි අයුරින් සකස් කර තිබෙනවා. මීට අමතරව අපට පහත විශේෂාංගද SamsungThings Find මගින් ලබාගත හැකිවෙනවා.1. Ringඕනෑම විටෙක දුරකනයෙන් උබරිම ශබ්ද සහිත නාදයක් නිකුත් කිරීමට හැකියාව මෙමගින් ලැබෙයි.2. Lockමෙමගින් අපගේ දුරකථනයට නව PIN lock එකක් දැමීමට හැකියාව ඇත. එමෙන්ම එහි දර්ශනය වීමට දැන්වීමක්, ඔබව සම්බන්ධ කරගත හැකි අනෙකුත් international සහ Domestic යන දෙවර්ගයෙන්ම දුරකථන අංකයක් ලබාදිය හැකිය.3. Track Locationමෙමගින් සෑම මිනිත්තු 15 කට සැරයක් දුරකථනය තිබෙන තැන ගැන සදහනක් ලබාගත හැකිවේ. එමනිසා දුරකථනය රැගෙන යන ගමන් මගෙහි සම්පූර්ණ විස්තරයක් map එකක ආධාරයක් පෙන්වනු ඇත. තවද එම දත්ත දවස් 7 ක් ඇතුලත අපට දැකගන්නත් පුලුවන්.4. Erase Dataමෙමගින් සියලුම දත්ත reset වීමක් සිදුවේ. එමගින් memory card සහ internal storage යන දෙකෙහිම ඇති දත්ත reset වීමක් සිදුවේ.5. Backupමෙමගින් අපගේ දුරකථනයේ ඇති Call logs, Messages, Contacts, Calendar, Clock, Settings, Home screen, Apps, Voice recordings ඇතුලු දෑ Samsung cloud තුලට backup කරගත හැකිය. එමනිසා නැවත දුරකථනය නොලැබුනත් ඒම දත්ත නැවත නව Samsung දුරකථනයකට ලබා ගැනීමට පුලුවන්.6. Retrieve Call/Messageමෙමගින් පභසුවෙන්ම දැනට ලැබී ඇති calls සහ messages 50 ක් එහි අංකය, දිනය, වේලාව සහ ඇමතුම් කාලයද ලබාගැනීමට පුලුවන්.7. Unlockමෙමගින් සම්පූර්ණයෙන්ම screen lock ඉවත් කිරිමට හැකියාව ලබාදේ. එමගින් Pattern, PIN , Password, Biometrics ඇතුලු සියලු දෑ ඉවත් වී යයි. එමනිසා ඔබගේ දුරකථනයේ password අමතක වීමක් උවහොත් එය reset කිරීමට මෙය උපයෝගී කරගත හැකිය.8. Extended Battery Lifeමෙමගින් අපට අපගේ දුරකථනයේ ඇති Maximum power saving mode එක සක්‍රිය කරගැනීමට හැකියාව ලැබෙන අතර එමගින් අපට දුරකථනය තිබෙන තැන සොයාගැනීමට දින කිහිපයක් උවද කාලය ගත කර හැකිය.කෙසේ නමුත් හොදින් මතක තබාගත යුතු දෙය වන්නේ මෙම දේවල් බැලීමටනම් ඔබගේ Samsung දුරකථනයේ data on කර හෝ Wi-Fi ක්‍රියාත්මක කර අන්තර්ජාලයට සම්බන්ධව සිටීම අනිවාර්යයි.Source:smartthingsfind.comඑහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක් !
Arithmetic එක්ක Terminal තොවිලය - (Lesson 12)
Shell Scripting Terminal තොවිලය පටං ගමු - (Lesson 11)Shell script ලියන්න කලින් නටන්න ඕන Terminal තොවිලය - (Lesson 10)Bash ShellScripting එක්ක නටමු Terminal තොවිලය - (Lesson 9)Soft Links, HardLinks එක්කTerminal තොවිලය - (Lesson 8)File System එකත් එක්කTerminal තොවිලය -(Lesson7)Terminal එක හරහා Text Editorsවලට Terminal තොවිලය -(Lesson6)වඩාත්මවැදගත්Ba…Android වැඩකාරයෝ - Premium Sinhala Tech News providerPrabhash Jayaweeraඔන්න තොවිලෙ 12 වෙනි කොටස. දැන් තමයි හොඳ හොඳ නර්තන බලාගන්න පුළුවන්. දැන් මෙච්චර දුර ආව ආතුරයෙක්ගෙ බය දුරු වෙලා තියෙන්න ඕන අනිවාර්යයෙන්. හොඳයි, අපි තවදුරටත් ඉගෙනගනිමු. එහෙනම් පසුගිය පාඩමෙන් පොරොන්දු වුණ ඉතිරිය, Arithmetic Expressions වලින් පටන්ගනිමු.Arithmetic ExpressionsArithmetic Expressions කියන්නෙ ගණිතමය ප්‍රකාශනය කියන එකනෙ. Arithmetic Expressions කරන්න Bash Shell එකේ නිකන් බෑ, ඒකට ක්‍රම තියෙනවා.අපි උදාහරණයක් ගනිමු.num=3echo $num + 2Shell Script එකක මේක ලියලා Run කළොත් අපිට හිතෙන්නෙ මේකට 5 ඒවි කියලානෙ. හැබැයි ඒක එහෙම නෑ. අපි ස්ක්‍රිප්ට් එකකට නොයා නිකන් terminal එකේ ගහලා බලමුකො.ඔන්න ඔහොමයි වෙන්නෙ. අපිට මේකෙන් එකතු කිරීමක් බලාගන්න බැරි වුණා. අපි ඒ නිසා expr utility එකේ උදව් ලබා ගනිමු.දැන් හරිනෙ, ඔන්න උත්තරේ ඇවිල්ලා. අපි ඊළඟට බලමු අපිට මෙහෙම කරන්න පුළුවන් ගණිතකර්ම මොනාද කියලා.මේ වගුවේ මූලික ගණිතකර්ම ටික හොඳට practice කරන්න. දැන් variables ගැනත් දැණුවත් නිසා, විවිධ variables භාවිතා කරමින් විවිධ ගණිතකර්ම පරීක්ෂා කරලා පුහුණුව ලබාගන්න.මතක තියාගන්න, වරහන් භාවිතා කරලා ගණිතකර්ම වල පිළිවෙල වෙනස් කරන්න පුළුවන්. මතකනෙ වන්බෙගුධරි නොහොත් BODMAS ක්‍රමය. මූලිකම ගණිතය.echo `expr ( 2 + 3 ) * 5`නිතරම තනිව පුහුණු වෙන්න. එතකොට තමයි ප්‍රවීණයෙක් වෙන්න පුළුවන්. අනෙක් ඔපරේටර්ස් ගැන අපි ඉදිරියෙදි කතා කරමු. දැනට මේ ටික හොඳින් මතක තියාගන්න.Interactive shell scriptsඅපි දැන් බලමු bash script එකකින් කොහොමද user input එකක් ගන්නෙ කියලා.මේකට අපි පාවිච්චි කරන්නෙ read කියන කමාන්ඩ් එක.Read command එකෙන් user ඇතුළත් කරන දේ variable එකකට save කරගන්න පුළුවන්. අපි උදාහරණයක් අරන් පැහැදිලි කරගනිමු.echo “Enter your username: ”read usernameecho “You have successfully logged in $username!”මෙන්න මගේ script එක.මෙන්න මම script එක run කරවලා output එක ගත්ත විදිය.echo commandecho කමාන්ඩ් එක ගැන නම් දැන් මට වඩා ඔයාලා දන්නවනෙ. හැබැයි, මේ කමාන්ඩ් එකෙන් තව වැඩ ටිකක් ගන්න පුළුවන්.ඒවායින් ටිකක් අපි දැන් ඉගෙනගනිමු. මේවට අපි කියනවා escape sequences කියලා. මේවා භාවිතා කරන්න නම්-eකියන formatting option එක පාවිච්චි කරන්න වෙනවා.\t- tab space එකක් print කරගන්න පුළුවන්\n- අලුත් ලයින් එකකට cursor එක යවන්න පුළුවන්\c- මේකෙන් පිටිපස්සෙ තියෙන ටික මඟහරින්න පුළුවන්.මම මේ ටික run කළේ මෙන්න මෙහෙමයි.Script එක Run වෙන්න කලින්ම inputs ලබාගන්නෙ මෙහෙමයි.Script එකේ නම මෙන්න මෙහෙම /.scriptname ටයිප් කරලා අපි script එක run කරවන අවස්ථාවේදීම අපිට පුළුවන් මේ script එකට අවශ්‍ය inputs ලබාදෙන්න. ඒ inputs පිළිවෙලින් ලබාගැනීමේ ක්‍රමවේදයක් bash scripting වල තියෙනවා.අපි උදාහරණයක් ගනිමු.මෙන්න මේ script එක මම run කරවනවා මෙන්න මේ විදියට, මේ inputs නොහොත් positional parameters එක්ක.Output එක අධ්‍යනය කළොත් ඔයාට වැටහේවි.$0කියන variable එකෙන් දැක්වෙන්නෙ script file එකේ නම.$1,$2,$3විදියට ගන්න variables වලින් දැක්වෙන්නේ පිළිවෙලින් ඔයා ඇතුළත් කරන inputs නොහොත් positional parameters.$#එකෙන් පෙන්වන්නෙ ඔයා ඇතුළත් කරපු inputs ගණන.$*සහ$@දෙකෙන්ම ඔයා ඇතුළත් කරපු arguments list එක පෙන්වනවා. මේ දෙකේ වෙනස තමයි, $* එකෙන් ඔයා ඇතුළත් කරන positional parameters ගන්නෙ තනි වාක්‍යයක් විදියට. නමුත් $@ එකෙන් ඒවා ගන්නේ වෙන් වෙන්ව වචන විදියට. මේ output එකෙන් නම් ඒකෙ වෙනසක් දකින්න අපිට බැහැ.විශේෂ Shell Variablesමේ විශේෂ variables අපිට පුළුවන් පාවිච්චි කරන්න විශේෂ අවශ්‍යතා වලදි.$?- මේකෙන් පුළුවන් අපි අන්තිමට execute කරපු command එකේ status එක ලබාගන්න.$$- මේකෙන් පුළුවන් දැන් භාවිතා වන shell එකේ Pid එක නොහොත් processes number එක ලබාගන්න.$!- අන්තිමට background එකට යැව්ව command එකේ Pid එක ලබාගන්න පුළුවන් මේකෙන්.හොඳයි, එහෙනම් අදට පාඩම අවසන් කරන්නම්. ඉදිරියටත් ප්‍රායෝගික පාඩම් තොගයක්ම බලාපොරොත්තු වන්න. ගිහින් එන්නම්, ඔබට ජය!Shell Script තවත් ඉගෙන ගමු Terminal තොවිලය - (Lesson 13)අපි Terminal තොවිලය පටන් අරගෙන සෑහෙන දුරක් දැන් ඇවිල්ලා. දැන් නම් කට්ටියට මේපාඩම් එපා වෙලත් ඇති. එකෙක් හරි කවදා හෝ කියවයි කියන බලාපොරොත්තුව ඇතුව මම මේලියන්නෙ. තව වැඩිය මම මේක කරගෙන යන්නෙ නෑ. වැඩේ ඉවර කරන්නත් දැන් ගොඩක් කිට්ටුයි.එහෙනම් අපි අදත් මූලික දේවල් ටිකක් ඉගෙනගනිමු. Shell script එකක් debug…Android වැඩකාරයෝ - Premium Sinhala Tech News providerPrabhash Jayaweera
Gamersලාගේ ලැප්ටොප් මහගෙදර, MSI වෙතින් ශ්‍රී ලංකාවේදී එළිදැක්වුනු නවතම Gaming Laptop එක, MSI Katana GF66 12U; Review
මෙම ලිපිය ඔබ වෙත ගෙන ඒමේ අනුග්‍රහයමේ වෙනකොට ලෝකය පුරාවටම උන්මාදයක් වගේ පැතිරගෙන යන දෙයක් තමයි පරිගණක ක්‍රීඩා කියන්නේ. මේ පරිගණක ක්‍රීඩා වලට මේ වන විශාල තරුණ තරුණියන් පිරිසක් පෙළඹෙමින් සිටින්නේ තමන් ක්‍රීඩා කරන පරිගණක ක්‍රිඩාවන් online stream කිරීම හරහා පහසුවෙන් විශාල මුදලක් ඉපයීමේ හැකියාව නිසාවෙනි. මේ සඳහා ඔවුන් පරිගණක ක්‍රීඩාවන් ක්‍රීඩා කිරීම සඳහාම විශේෂිත වූ පරිගණක නිර්මාණය කරගැනීමේ නියැලී සිටිනවා.ඒ අතරතුරේදී එයිනුත් පිරිසක් වෙනමම පරිගණකයක් නිර්මාණය කිරීම, එහෙමත් නැත්තම් Gaming PC එකක් build කිරීම වෙනුවට පරිගණක ක්‍රීඩාවන් ක්‍රීඩා කිරීම සඳහාම නිර්මාණය කෙරුනු ලැප්ටොප් පරිගණකයන්, එසේත් නැති නම් Gaming Laptops මිලදී ගැනීමට පෙළඹී සිටින්නේ Gaming PC එකක් build කරනවා වෙනුවට අඩු මුදලක් වැය කරමින් Gaming Laptop පරිගණකයක් මිලදී ගැනීමට ඇති හැකියාව නිසාවෙනි.මීට පෙරදීලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමට පෙර අප විසින් සලකා බැලිය යුතු කරුණුසහලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේදී එම ලැප්ටොප් පරිගණකය සතුව තිබිය යුතු ගුණාංගයන්පිළිබඳව ලිපි ද්විත්වයකින් ඔබට කරුණු ගෙන ආවා මතක ඇති. ඉහත ඇති සබැදියන්ගෙන් ඔබට එම ලිපි වෙත පිවිසිය හැකියි.Gaming Laptop එකක් කියන්නේ Gaming PC එකකට ආසන්න වශයෙන්ම බලය ලබා දෙන පරිගණක විශේෂයකි. සාමා​න්‍ය ලැප්ටොප් පරිගණකයකට වඩා Gaming Laptop එකක ඇති වේගවත් බව සහ එහි ඇති අනෙකුත් බලවත් උපාංග හේතුවෙ​​න් ඉක්මනි​න් සහ පහසුවෙ​න් තම වැඩකටයුතු කරගැනීමට ඇති හැකියා​ව හේතුවෙන් මේ වන විට Gamersලාට අමතරව විවිධ ක්ෂේස්ත්‍රයන්ගේ නියැලී සිටින විශාල පිරිසක් Gaming Laptop මිලදී ගැනීම සඳහා පෙළඹී සිටින්නේ, ඒවා​ගේ වේගවත් බවත්, තැනින් තැනට පහසුවෙන් රැගෙන යාමේ හැකියාව සහ වැඩි වේලාවක් බැටරි බලයෙන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව නිසාවෙනි.Software engineerවරුන්, graphic design ශිලිපීන්, video editorsලා වැනි වෘත්තිකයන් මේ වන විට බහුලව Gaming Laptop පරිගණක භාවිතා කිරීමට පෙළඹී සිටිනවා. ඒ සඳහා වඩාත්ම බලපාන ලද කාරණාව වී ඇත්තේ Gaming Laptops වල ඇති බහුකාර්ය හැකියාවට ඇ​ති හේතුව නිසා ලෙහෙසියකට හිරනොවී, කල් නොයවා වඩාත් පහසුවෙන් තම කාර්යයන් කරගැනීමට හැකිවීමයි. ඒ වගේම Gaming Laptop සඳහා ලබා දී ඇති මනා heat management system එක හේතුවෙන් ඉතාමත් බර වැඩි ක්‍රියාවකදී වුව​ද එම පරිගණකයන් වල ඇති කාර්යසාධනය (performances) ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින් එම කටයුතු සිදු කරගැනීමට ඇති හැකියාවයි.විශේෂයෙන්ම Android Studio, Photoshop, Illustrator වැනි බහුකාර්ය මෘදුකාංගයන් භාවිතා කරමින් නිර්මාණකරණයේ යෙදෙන අය විසින් මෙවැනි Gaming laptop මිලදී ගැනීමට බහුල පෙලඹී සිටිනවා.අපි අද ඔයාලට අරගෙන එන්න යන්නේ ලෝකයේ පෙරලිකාර Gaming පරිගණක නිපදවන ආයතනයක් වන MSI, එහෙමත් නැත්ත​ම් Micro-Star INT'L CO., LTD ආයතනය විසින් මෑතකදී ශ්‍රී ලංකාව තුල එලිදක්වනු ලැබූ Intel i7 12th Gen Processor එකකින් බලගැන්වෙ​න MSI Katana GF66 මාදිලියේ නවතම Gaming laptop එක පිළිබඳවයි.බාහිර පෙනු​මඅපි ඕනම දෙයක් ගන්න ගියාම සලකා බලන ප්‍රධානතම කාරණාවක් වන්නේ එහි බාහිර පෙනුම. ඒක නිසා මුලින්ම අපි අවධානය යොමු ක​රේ මේ laptop එකේ බාහිර පෙනුම සහ එහි build quality එක පිළිබඳවයි. Katana GF66 laptop එක නිමවා තිබෙන්නේ කලුපැහැති ප්ලාස්ටික් වලින් වන අතර අඟල් 15.6ක තිරයකින් යුක්ත වන​වා. තරමක් විශාල හැඩයකින් යුක්තව නිමවා තිබෙන මෙම laptop පරිගණකය කිලෝග්‍රෑම් 2.25ක බරකින් යුක්ත වනවා.Heat Managementසාමාන්‍යෙන් Gaming device එකක් කියන්නේ සෑහෙන්න heat එකක් එන device එකක්. ඉතිං අපි gaming Pc එකක් build කරත් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන කාරණාවක් වෙන්නේ build එකේ ventilations ගැන. ඒ සඳහා අපි තරමක් විශාල casing එකක් සහ වැඩිදියුණු කල cooling system එකක් භාවිතා කරනු ලබනවා. නමුත් laptop එකකට, gaming console එකකට වගේ එනකොට අපිට ඒ වගේ customize කරපු cooling system එක භාවිතා කරන්න නම් ලැබෙන්නේ නෑ. නමුත් Gaming laptops නිර්මාණය කරන සමාගම් විසින් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නේ heat management එක සඳහා වඩාත් වැඩිදියුණු කරපු heat management system එකක් ලබා දීම සඳහායි.MSI Kata GF66 laptop එක සඳහා MSI ආයතනය විසින් Cooler booster 5 තාක්ෂණය උපයෝගී කරගෙන තියෙන්නේ වඩාත් කාර්යක්ෂමව heat management එක සිදු කර ගැනීම සඳහායි. මේ සඳහා ඔවුන් විසින් තඹ වලින් නිමැවූ heat pipes 6ක් භාවිතා කර තිබෙනවා. අනෙකුත් gaming laptop වලට වඩා මෙහිදී heat pips දෙකක් වැඩියෙන් භාවිතා කිරීමට MSI ආයතනය කටයුතු කර තිබෙන අතර, සිහින් බවින් අඩු heat pipes භාවිතා කිරීම නිසා ඉතාමත් ඉක්මනින් තාපය අවශෝෂණය කර ගැනීමේ හැකියාව පවතිනවා. මේ ආකාරයට heat pipes හරහා අවශෝෂණය කරගනු ලබන තාපය පිට කිරීම සඳහා fans දෙකක් භාවිතා කර තිබෙනවා. එහි වේගය පාලනය කිරීමේ හැකියාවද පවතිනවා.පොඩ්ඩක් හෝව්... ඇයි මේ අන්තිම ටික මුලින්?දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඇති ඇයි මේ review එකක මුලින්ම මේ laptop එකේ performance ගැන කියන්නේ නැතුව laptop එක නිමවා ඇති ආකාරය සහ එහි heat management system එක ගැන කිව්වේ කියල. කොච්චර performances තිබුණත් gaming laptop විශාල වශයෙන් අසමත් වන ප්‍රධානතම කාරණා දෙක තමයි heat management ස​හ ඒවා නිමවා ඇති ආකාරය, එහි බර, එහි හැඩය, එහි කල්පැවැත්​ම යන කාරණාවන්. බොහෝ දෙනා gaming laptops මිලදී ගැනීමේදී මේ කාරණා වලට වඩා වැඩියෙන් අවධානය යොමු කරන්නේ performances වලට පමණක් වීම නිසා ඔවුන්ගේ මුදල් නිරපරාදේ නාස්ති වීමට ලක්වන්නේ කාලයක් යාමේදී එම laptop වල performances throttle වීමට ලක්වීමත් සමඟයි. අපි එහෙනම් දැන් බලමු MSI GF66 12UD එකේ අනිත් කාරණාවන් ගැන.තිර​යමේ laptop එකට අපිට ලැබෙන්නේ අඟල් 15.6ක IPS මට්ට​මේ FHD, එහෙමත් නැත්තම් Full HD display එකක්. මේ display එක මිලි මීටර් 5ක් තරම් සිහින් දාරයකින් ආවරණය වී තිබෙනවා. ඒ කිව්වේ display bezels වල ප්‍රමාණය 5mm වගේ කුඩා අගයක් තමයි ගන්නේ. ඒ වගෙම screen-to-body ratio එක ගත්තොත් 81%-85% අතර පවතින design එකකින් තමයි මේ display එක අපිට දක්නට ලැබෙන්නේ.Gamersලා විශේෂයෙන්ම තිරය සම්බන්ධයෙන් සලකා බලන ප්‍රධානතම කාරණාව වන්නේ ඒ display එකේ refresh rate එක. මේ laptop එක සතුව 144Hz වැනි විශාල අගයක් ගන්නා තිරයක් තමයි තියෙන්නේ. ඒ හරහා වඩා සුපට සහ සුපැහැදිලි දසුන් ලබා දීමට MSI ආයතනය කටයුතු කර තිබෙනවා.යතුරු පුවරුවMSI ආයතනය විසින් මේ laptop එක සඳහා Num-pad එකකින් යුතු යතුරුපුරුවක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම මේ යතුරු පුවරුව backlit මාදිලියේ යතුරුපුවරුවක් වන අත​ර මෙහිදී අපට backlit එක වශයෙන් දක්නට ලැබෙන්නේ රතු පැහැය පමණක් වන අතර වෙනත් වර්ණයන් සඳහා මාරු කිරීමේ හැකියාවක් නම් ලබා දී නෑ. ඒ වගේම එය off කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.ESC සහ F1-F12 යතුරු පේළිය ලබා දී ඇති අතර, Fan speed පාලන යතුරු ද එහි Fn keys ලෙස යොදා තිබෙනවා. සාමාන්‍යයෙන් ලැප්ටොප්වල Fn key එක ඇත්තේ වම් අත පැත්තෙන් වුවත් මෙහි සාමාන්‍ය ස්ථානයෙන් තොර​ව කීබෝඩ් එකේ දකුණු පස කෙළවර Home, Page Up/Down බොත්තම් සමඟි​න් Fn key එක ස්ථාන ගත කර තිබෙනවා. ඒ අනුව වම් අ​ත පැත්තේ ඇති Ctrl key එක සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. ඒ හරහා ඉතාමත් හොඳ gaming අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.GPU එ​කමේ වෙනකොට Gamersලා processor එකටත් ව​ඩා ප්‍රධාන වශයෙන්ම සලකා බලන දෙයක් තමයි තමන් භාවිතා කිරීමට සැරසෙන GPU එක මොකක්ද කියල. Intel Core i7 12th Gen processor එකකින් බල ගැන්වෙන මෙම laptop එක සතුව Display VGA සහ Render GPU ලෙසින් GPU දෙකක් දක්නට ලැබෙනවා.Display VGA එක වශයෙන් Intel Iris Xe මාදිලියේ VGA එකක් භාවිතා වන අතර එහි vRam එක 128MB ලෙසත්, shared memory එ​ක 8042MB ලෙස​ත් සඳහන් වනවා.Render VGA එක ලෙසින් මේ laptop එකට යොදාගෙන ඇත්තේ 4GB ධාරිතාවයකින් යුතු NVIDIA®GeForce RTX™ 3050Ti මාදිලියේ laptop GPU එකක් වන අත​ර 1535MHz දක්​වා Boost Clock කිරීමේ හැකියාවෙන්ද යුක්ත වනවා.මේ GPU එක මඟින් Realtime Ray Tracing පහසුකම සක්‍රීය කිරීමේ හැකියාව පරිශීලකයාට ලැබෙන අතර DLSS 2.0 හරහා AI Enhanced Graphic පහසුකම ලබා දී තිබෙනවා.අනෙකුත් පද්ධති පිරිවිතරය​න්අපට review එක සඳහා ලැබුනු MSI GF66 12UD ලැප්ටොප් පරිගණකය බල ගැන්වෙන්නේ 12th Gen Intel®Core™ i7 12700H මාදිලියේ cores 20කි​න් සමන්විත වන processor එකකින් වන අතර එහි clock speed එක ලෙස 2.7GHz දැක්වෙනවා.16GB RAM එකකින් සමන්විත වන මෙම laptop පරිගණකයේ RAM slots දෙකක් සමන්විත වනවා. මේ laptop එකට 64GB පරිමාණ​යේ උපරිම RAM ධාරිතාවයක් දක්වා වැඩි කිරීමේ හැකියාව පවතිනවා. ප්‍රධාන storage එක වශයෙන් මෙහිදී ලබා දී ඇත්තේ 512GB M.2 SSD එකක් වන අතර මේ සතුව NVMe PCIe Gen4 මාදිලි​යේ M.2 SSD slot එකක් සතුවනවා.මෙම ලැප්ටොප් පරිගණකය සමඟින් Windows 11 Home Single Language සංස්කරණය පෙර ස්ථාපිත ආකාරයට ලැබෙන අතර ව්‍යාපාර කටයුතු සඳහා මෙය භාවිතා කරන්නේ නම් Windows 11 Pro සංස්කරණය වෙත upgrade වන ලෙසින් MSI ආයතනය නිර්දේශ කරනු ලබනවා.Gaming වලදී නැතුවම බැරි තවත් එක් අංගයක් වන්නේ sound. මේ ලැප්ටොප් එක සතුව Hi-res audio පහසුකම ලබා දී තිබෙනවා. ඒ සඳහා ඔවුන් භාවිතා කර තිබෙන්නේ  2W speakers 2ක්. මේ සඳහා MSI ආයතනය විසින්ම හදුන්වාදී තිබෙන Speaker Tuning Engine එක හරහා වඩාත් හොඳ ශබ්දවාහිනී පද්ධතියක් ඉදිරිපත් කිරීමට ඔවුන් සමත්ව ඇති අතර, NAHIMIC Sounds Sharing+ හරහා එකවර Headphones/earbuds දෙකකට sounds share කරගැනීමේ හැකියාවද ඇතුලත් කර තිබෙනවා.මේ වන විට බොහොමයක් gamersලා live streaming සඳහා පෙළඹී ඇති බැවින් ඔවුන්ට වඩාත් හොඳ තත්වයකින් යුතුව තම streaming කටයුතු සිදු කිරීමේ පහසුව ලබා දීමට MSI ආයතනය විසින් Wifi 6 Gig+ තාක්ෂණය ඇතුලත් කිරීමටත් අමතක කරලා නෑ. ඒ හරහා ඉතාමත් වේගයෙන්, බාධාවකින් තොරව හොඳ ගුණාත්මක බවකින් යුතු streaming කිරීමේ හැකියාව streamersලාට ලැබී තිබෙනවා.Type-C USB 3.2 port එක​ක්, Type-A USB  3.2 ports දෙකක්, Type-A USB 2.0 port එකක්, 60fps 4K දක්වා සහය දක්වන HDMI port එක​ක් මෙන්​ම RJ45 port එකකින් මෙම ලැප්ටොප් එකට ඇතුලත් කර තිබෙනවා. බැටරිය ආරෝපණය කර ගැනීම සඳහා 180W ඇඩැප්ටරයක් ලබා දී ඇති අතර ඒ හර​හා වේගවත් ආරෝපණයක් ලබා ගත හැකියි. මීට අමතරව මෙම ලැප්ටොප් එක සතුව Bluetooth 5.1 පහසුකමද පවතිනවා.මි​ලශ්‍රී ලංකා​වේ අන්තර්ජාල වෙළඳ පලේ මෙම ලැප්ටොප් පරිගණකයේ මිල රුපියල් 365,000 සිට 450,000 දක්වා සඳහන් වනවා.
WhatsApp status සඳහා වන replies හදුනාගැනීමට නව සලකුණක් නුදුරේදී​​ම
ප්‍රමුඛ පෙළේ Encrypted Messaging Platform එකක් වන WhatsApp, අනෙකුත් Messaging Platforms වෙත අභියෝග එල්ල කරමින් වර්තමානය වන විට WhatsApp වෙත බොහෝ අලුත් පහසුකම් හඳුන්වා දෙමින් සිටිනවා. WhatsApp හි Status සඳහා ද බොහෝ නව විශේෂාංග ඇතුළත් කර අතර අවසන් වරටWhatsApp status වල link share කිරීමේදී එහි previews ලබා දීමටඔවුන් කටයුතු කළා.දැන් WhatsApp Status සඳහා තවත් එක් විශේෂාංගයක් සංවර්ධනය වෙමින් පවතින බවWABetaInfoවෙබ් අඩවිය වර්තා කරනවා. ඒ WhatsApp Status එකක් සඳහා Reply කළවිට Chat Screen එකෙහි එය Status Reply එකක් බවට සලකුණක් මඟින් Indicate කිරීමයි.Source -wabetainfo.comමෙම Screenshot එක පරිදි Status Update එකක් සදහා Reply එකක් පැමිණි විට ඒ සදහා වෙනස් ආකාරයේ Icon එකක් පෙන්වනවා. මෙය කුඩා Feature එකක් වුවද, Status update එකක් සදහා ක්ෂණික ප්‍රතිචාරයක් ලැබීම වෙනුවෙන් මෙය ප්‍රයෝජනවත් වනවා. ඉදිරියේදි මේ තුළින් Chat එක විවිවෘත කිරිමට පෙරම මෙය සාමාන්‍ය Message එකක්ද එසේත් නැතිනම් Status Reply එකක්ද කියා හඳුනාගැනීමට හැකි වනවා. කෙසේ වෙතත් මෙම screenshot එක WhatsApp Desktop Version එකෙන් ගෙන ඇති අතර නුදුරේදීම මේ පහසුකම WhatsApp Android හා iOS සඳහා ද නිකුත් කිරීම Meta සමාගම විසින් කටයුතු කරමින් සිටිනවා.සංවර්ධන කටයුතු අතරතුරදී සිදුවිය හැකි වෙනස්වීම් මත මෙම විශේෂාංගය ප්‍රයෝජනවත් ද නැත් ද යන බව සලකමින් එය Public Version සඳහා නිකුත් කරනු ලබනවා.Source:WABetaInfo
ඕනම YouTube Channel එකක් monetize enableද දැනගමු
YouTube කියන්නේ අපි හැමෝම දන්න, ලොව ජනප්‍රියතම Video Stream Platform එකක් ලෙස හඳුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම Video Based Search Engine එකක් කියලා කියන්නත් පුලුවන්.ඉතින් ඔයා වෙනස් විදිහට හිතන Creator කෙනෙක් නම් ඔයාටත් Channel එකක් හදලා Video Upload කරන පුලුවන්. ඒ විතරක් නෙවේ මෙහෙම Video Upload කරන Creatorsට පුලුවන් YouTube Partner Program(YPP) එකට Join වෙලා හොඳ Revenue එකක් ගන්න.හැබැයි ඒකට ඔයා Task ටිකක් Complete කරන්න ඕන. ඒ කියන්නේ, අද ඉඳලා පහුගිය දවස් 360 ඇතුළත Watch Time පැය 4000ක් සහ 1000 Subscribers හෝ පහුගිය දවස් 90 ඇතුලත Shorts Video Views 10 Million ලබා ගෙන තියෙන්න ඕන.ඒ අතරේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා තමන් කැමති YouTube Channel එක Monetize කරලද කියලා දැන ගන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයා මේ වැඩේ කරන්න ඕන නම් ඔයාට Desktop එකක් ඕන වෙනවා.මුලුන්ම Desktop හෝ Laptop එකේ ඔයා කැමති Browser එකක් Open කරගන්න. Browser එකේ Adblocker එකක් තියෙනවනම් Temporally Disable කරන්න.දැන් ඔයාට Monetize Enable කරලද බලන්න ඕන YouTube Channel එකේ Home එකට යන්න.ඊළඟට Page එකේ Empty තැනක Right click කරලා Inspect යන්න. එහෙම නැත්තම් Ctrl + U press කරන්න. එහෙමත් නැතිනම් F12 key එක Press  කරන්න.ඔයාට බලාගන්න පුලුවන් Page එකේ Inspect elements tab එකක් Popup වෙනවා. ඒකේ Elements කියන Tab එකට යන්න.දැන් Ctrl + F Press කරලා search box එක open කරගන්න. ඊළඟට මේ විදිහට "is_monetization_enabled" Search Box එකෙ Type කරලා Enter කරන්න.ඔයාට Highlight වෙලා පේන Text එකට ඉදිරියෙන්,( "value":true"} )  නම් Channel එක Monetized කරලා තියෙන අතර( "value":false"} නම් channel එක not monetized තත්වයේ පවතිනවා.දැන් ඉතින් ඔයාට කැමති Creator කෙනෙක්ගේ Channel එකක් YouTube Partner Program එකට Join වෙලාද නැද්ද කියලා බලාගන්න පුලුවන්.
Apple MagSafe battery pack හරහා iPhones අරෝපණය කිරීමේ වේගය වැඩි කිරීමට කටයුතු කර​යි
MagSafe Battery Pack එක සදහා ලබා දුන් නව Firmware Update එකත් සමගින් MagSafe Battery Pack එක මගින් iPhone එක Recharge විමේ වේගය වැඩි කිරිමට Apple සමාගම විසින් කටයුතු කර තිබෙනවා.20W Charger එකකට MagSafe Battery Pack එක සම්බන්ධ කර ඇති විට එයට 15W ප්‍රමාණයෙන් iPhone එක Charge කළ හැකි වුවත් MagSafe Battery Pack එක 20W Charger එකෙන් ඉවත් කර iPhone එක Recharge කිරිමේදි 5W ප්‍රමාණයෙන් Charge කර ගැනිමේ හැකියාවයි මීට පෙර පැවතියේ. මෙලෙස MagSafe Battery Pack එකට ලබා දුන් Firmware Update එක මගින් MagSafe Battery Pack එක මගින් Recharge කිරිමේ දි 7.5W ප්‍රමාණයෙන් iPhone එක Charge කර ගැනිමේ හැකියාව ලබා දි තිබෙනවා.මේ MagSafe Battery Pack එක Update කිරිම සදහා ඔබට iPhone, iPad හෝ Mac එකක් භාවිත කළ හැකි අතර මෙය iPhone එක හා MagSafe Battery Pack එක සම්බන්ධ කර කරනු ලබනවා නම් ඒ සදහා සතියක පමණ කාලයක් ගත වෙනු ඇති බවත් iPad හෝ Mac එකක් ඔස්සේ මෙම Update එක සිදු කරන්නේ නම් මේ සදහා මිනිත්තු 05ක් පමණ ගත වෙන බවත් Apple සමාගම විසින් දක්වා තිබෙනවා.Source :Apple,Gsm Arena
විදේශයක සිට පැමිණෙන අයෙකුගේ පෞද්ගලික දුරකතනය හෝ පෞද්ගලික පරිභෝජනයට ජංගම දුරකතනයක් ගෙන්වන්නෙකු TRCSL අනුමැතිය ලබා ගන්නේ කෙසේද?
ඔබ ලංකාව තුලදී SIM කාඩ්පත් භාවිත වන උපාංගයක් මිලදි ගැනිමට බලාපොරොත්තු වෙනවා නම් එය අනිවාර්යයෙන්ම TRCSL හි අනුමැතිය සහිත ලියාපදිංචි උපාංගයක් විය යුතු වෙනවා. එමෙන්ම ඔබ විදේශයක සිට පැමිණෙන්නෙකු වුවද, ඔ​බ විසින් රැගෙන එන ජංගම දුරකතනය හෝ IMEI එකකින් යුතු උපකරණයක් වේ නම් එය ශ්‍රී ලංකාව තුල සක්‍රීයව ජංගම දුරකතන ජාලයකට සම්බන්ධ කර භාවිතා කිරීම සඳහා TRCSLහි ලියාපදිංචි කල යුතු වනවා.මේ ආකාරයට අදාල උපකරණ ලියාපදිංචි කල නොමැති නම් ඒ උපකරණ දුරකතන ජාලයකට සම්බන්ධ කිරීමේදී ඒවා අවහිර කිරීම සිදු කරනවා. ඒ සඳහා අවශ්‍ය විදිවිධාන මේ වන විටත් අදාල ජංගම දුරකතන සේවා සපයන ආයතන වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිශන් සභාව විසින් පවරා ඇත.ඔබ මිලදි ගන්නා Device එක සදහා TRCSL අනුමැතිය තිබේදැයි දැන ගැනිම සදහා එම Device එකේ IMEI අංකය 1909ට SMS කිරිමෙන් දැන ගත හැකි වෙනවා. මේ සදහා *#06# Dial කර හෝ Device එකේ Box එකේ ඇති ඉලක්කම් 15 කින් යුත් IMEI අංකය සොයාගත හැකියි. ඉන් පසු IMEI<15digit IMEI number> ලෙස 1909ට SMS කිරිමෙන් ඒ Device එක නිල වශයෙන්ම අනුමැතිය ලත් Device එකක් දැයි දැනගත හැකි වෙනවා. යම් හෙයකින් ඔබගේ ජංගම දුරකතන TRCSL අනුමැතිය නොමැති ජංගම දුරකතනයක් නම් එය ඔබට දන්වා සිටිනු ලබනවා. මෙම කෙටි පණිවුඩය යොමු කිරීමට ඕනෑම ජංගම දුරකතනයක් භාවිතා කල හැකිය.මෙමම් ක්‍රියාවලිය ආරම්භ වූයේ 2020 ඔක්තෝම්බර් මස පළමුවන දින සිට වුවත් මෙහිදී වඩාත් අපහසුතාවයට පත් වූයේ විදේශ ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ය. ඔවුන්ටද සාමාන්‍ය පරිදිම TRCSLහි ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්නට වූ අතර, තම පෞද්ගලික පරිභෝජනය සඳහා Aliexpress, eBay වැනි වෙබ් අඩවි වලින් ජංගම දුරකතන මිලදී ගෙන ගෙන්වා ගන්න අයද එම අපහසුතාවයටම පත් වුනි.මෙය හදුනාගන් TRCSL විසින් මේ සඳහා වැඩපිලිවෙලක් සකස් කරන ලදී. ඒ අනුව විදේශගතව සිට ශ්‍රී ලංකාව පැමිණෙන අයගේ පෞද්ගලික පරිභෝජනය සඳහා වන ජංගම දුරකතනය හෝ, පෞද්ගලික පරිභෝජනය සඳහා ගෙන්වා ගන්නා ජංගම දුරකතනය ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා online ක්‍රම වේදයක් හදුන්වාදෙන ලදී. ඔබට මේ සඳහා සිදු කිරීමට ඇත්තේමෙම සබැදිය ඔස්​සේපිවිස එහි ඇති පෝරමය පුරවා තොරතුරු ලබා දීම පමණයි. ඉන් පසුව අදාල තොරතුරු සත්‍යාපනය කිරමෙන් අනතුරුව ඔවුන් TRCSL විසින් ඔබගේ ජංගම දුරකතනයට අනුමැතිය ලබා දීම සිදුකරනු ඇත.ඇතැම් විට මෙවැනි ක්‍රියාපටිපාටියක් හමුවේ ඔබ අප සැම අපහසුතාවයට පත්වනවා මෙන් හැඟුනත් මෙවැනි පියවරක් හරහා නවීකරණය කරන ලද (ව්‍යාජ) දුරකථන ශ්‍රී ලංකාවට විවිධ පුද්ගලයින් විසින් ගෙන්වන අතර මෙවැනි දුරකථනවල විකිරණ නිකුත් කිරිමේ හැකියාව ද ඉහල බැවින් මෙවැනි Devices හදුනා ගැනිමට මේ තුලින් අවස්ථාව ලැබෙන බවත් TRCSL​හි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩිදුරටත් පවසා තිබෙනවා.
Free Video Calls සදහා යොදා ඇති මිනිත්තු 40ක සීමාව Thanksgiving day එක වෙනුවෙන් ඉවත් කරන බව Zoom සමාගම නිවේදනය කරයි
Zoom කියන්නේ CovID-19 වසංගත සමයත් සමග දුරස්ථ රාජකාරි කටයුතු හා අධ්‍යාපන කටයුතු සදහා ප්‍රධාන ලෙස යොදා ගැනුණු, අතිශය ජනප්‍රියත්වය පත්වුණ App එකක් විදිහට හදුන්වන්න පුළුවන්. මේ වන විට Zoom සදහා ලොව පුරා මිලියන 300කට අධික Usersලා ප්‍රමාණයක් සිටිනවා.Thanksgiving Day එක වෙනුවෙන් ඔවුන්ගේ Free Video Calls සදහා යොදා ඇති මිනිත්තු 40ක සිමාව එදිනට ඉවත් කිරිමට කටයුතු කරන බව ඔවුන්ගේ Twitter සටහනකින් දක්වා තිබෙනවා. මේ අනුව නොවැම්බර් 27 වන දිනය පුරා කිසිදු සිමාවක් නොමැතිව Zoom Meeting පැවැත්විමට හැකි බව ඔවුන් දක්වා තිබෙනවා. එදිනට ලබා දෙන මේ මිනිත්තු 40 සිමාව ඉවත් කිරිම ලොව පුරා සිටින Zoom Usersලාට භාවිත කල හැකි වෙනවා. එනම් Zoom හි Free Plan එක භාවිත කරන Usersලාට එදිනට Time limit එකක රහිතව Zoom භාවිත කිරිමේ අවකාශය ලැබෙනවා.As a thank you to our customers, we will be lifting the 40-minute limit for all meetings globally from midnight ET on Nov. 26 through 6 a.m. ET on Nov. 27 so your family gatherings don't get cut short. ❤️?#ZoomTogetherpic.twitter.com/aubsH0tfxG— Zoom (@zoom_us)November 10, 2020Zoom හි Free plan එක භාවිත කරන Usersලාගේ Zoom meetingවල Duration එක මිනිත්තු 40කට සිමා වෙන අතර කොහොම නමුත් Zoom සේවාවේ free plan එක භාවිතා කරන්නන් හට තවමත් ඔවුන් සිදු කරනු ලබන Zoom meetings වල duration එක මිනිත්තු 40කට සීමා කර ඇති අතර Enterprise-grade Plans මගින් මේ මිනිත්තු 40 Limit එක ඉවත් කරගත හැකි වෙන අතරම Meeting එක සදහා සහභාගි කර ගත හැකි Participants සංඛ්‍යාවද වැඩි කර ගත හැකි වෙනවා.Sources :Gadgets 360°
Electron Framework එක භාවිතා කරමින් නිමැවූ WhatsApp Desktop App එක Discontinue කිරීමට Meta සමාගම කටයුතු කරයි
Meta සමාගම විසින් ඔවුන්ගේ Electron-based WhatsApp Desktop App එක නවතා දැමීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව තවමත් මේ Electron-based WhatsApp Desktop App එක භාවිත කරන පරිශීලකයන්ට එම යෙදුම තුළනව WhatsApp Desktop App එකසඳහා මාරැ වන ලෙසත්ට නිවේදනයක් දිස් කිරීමත් සිදු වනු ලබනවා.Image Source - WabetaInfo.comමෙලෙස මේ Electron-based WhatsApp Desktop App එක නවතා දැමීමට ඔවුන් තීරණය කර ඇත්තේ මෙය වෙනස් Operating Systemsවල ක්‍රියාත්මක වීමේදී ඇති වු Optimization ගැටලු සහ Resources රැසක් භාවිත වීම නිසයි. මෙයට විසදුම් ලෙස Meta සමාගම විසින් පසුගිය වසරේදී හඳුන්වා දුන්නව WhatsApp Desktop Appඑකත් සමඟ මෙය නවතා දැමීම සිදු වනවා. මේ නව Desktop App එක ඔස්සේ පෙරට වඩා Smooth සහ intuitive user interface එකක් සමඟින් stability එකෙන් වැඩි reliable messaging service එකක් පරිශීලකයන්ට ලබා දීමට හැකියාව ලැබි තිබෙනවා.කෙසේ වෙතත් මේ නව Desktop App එක ඔස්සේ ඔබට Business Features ලබා ගත නොහැකි වනු ඇති අතර පෙර Electron-based WhatsApp Desktop App එක සමඟ සැසදිමේදී ඇති එකම අවාසිය මෙය වනවා.Electron-based WhatsApp Desktop App එක මේ වන විට නවතා දමා ඇති නිසා නව Desktop App එකMicrosoft Store එක ඔස්සේ Download කර ගත හැකිඅතර ඔබට පෙර මෙන් Business Features භාවිත කිරීමට අවශ්‍ය නම් තාවකාලික විසඳුමක් ලෙස WhatsApp Web පහසුකම භාවිත කළ හැකි වනවා. කෙසේ වෙතත් මේ ගැටලුව සඳහා නිශ්චිත පිළියමක් නව WhatsApp Desktop App එක සඳහා ඉක්මනින්ම ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.Sources:WabetainfoCover Image Source: wabetainfo
Windows install කරද්දි MBR partition එකක් GPT partition එකක් කරන්නේ කොහොමද?
Windows 10 හෝ 11 Bootable Media එකකින් Install කරද්දී ඔයාටත් “Windows cannot be installed to this disk MBR” කියලා මේ Error එක ඇවිල්ලා ඇති.මේකෙන් කියන්නේ ඔයාගේ Disk එකට Master Boot Record (MBR) Partition Table එක තියෙනවා කියලා සහ EFI Systems වල WIndows Install කරන්න පුළුවන් වෙන්නේ Guided Partition Table (GPT) එකේ තියෙන Disk වලට විතරයි කියලා.මේක විසඳගන්න ගොඩක් අය කරන්නේ ඒ Disk එක වෙන System එකකට Plug කරලා ඒ OS එකේ Disk Management මඟින් Disk එකේ Partition Table එක වෙනස් කරන එක, නමුත් අපි බලමු මේ Windows Installation එකේ ඉන්න ගමන්ම මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා.පියවර 1මුලින්ම ඔයාWhere do you want to install windows?කියන Window එකෙන් Back වෙලා Shift + F10 press කරලා CMD එක Open කරගන්න.පියවර 2දැන්diskpartකියලා Type කරලා Enter කරන්න.පියවර 3list diskකියලා Type කරලා Enter කරන්න.පියවර 4දැන් select disk කියලා Type කරලා Space එකක් තියලා උඩ ආපු list එකේ ඔයාගේ Disk එක Select කරන්න. ඔයාට තියෙන්නේ එක Disk එකයි නම් මේකේ ගන්නේ 1.Ex:select disk 10 නම් තෝරන්න එපා මොකද 0 කියලා පෙන්නන්නේ ඔයාගේ Windows Installation media එක.පියවර 5cleanකියලා Type කරලා Enter කරන්න.මේකෙන් ඔයාගේ Disk එකේ Data ඔක්කෝම Delete වෙනවා. ඔයාට වැදගත් Data තියෙනවා නම් මේකට කලින් Backup කරලා තියාගන්න.පියවර 6Clean වෙලා ඉවර උනාට පස්සේconvert GPTකියලා Type කරලා Enter කරන්න.ඉහත සාකච්ඡා කළ සියලුම පියවරවැඩේ හරි දැන් ඔයාට Windows Installation එක ඉදිරියට කරගෙන යන්න පුළුවන්.මේ MBR to GPT හැරවීම, disk එකේ data erase නොවී කරන්න ක්‍රමයකුත් තියෙනවා. හැබැයි ඒකට ඔයා Windows 10 version 1703 ට උඩ සංස්කරණයක් භාවිත කරන්න ඕනේ.එකටත් ඔයා කලින් විදියටම එක Step එකක් Back වෙලා CMD එක Launch කරගන්න ඕන. ඊට පස්සේmbr2gpt /convert /disk: n /allowfullOSමේ Command එක දීලා Enter කරන්න.සැ. යු. - මේ Command එකේ disk: n හි n යනු ඉහත පියවර 04දී තෝරාගත් පරිදි Disk number එක වනවා.ඔයාට මේක කරද්දී ගැටලු එනවා නම් අපේCommunityඑකට ගිහින් බොහෝම ඉක්මනින්ම සහ ලේසියෙන් ම ගැටලුවට පිළිතුර හොයාගන්න පුළුවන්.
පළමු Flash sale එකේදීම Redmi K50 මාදිලියේ gaming ජංගම දුරකතන ඒකක 70,000ක් විකිණීමට Xiaomi සමාගම සමත් ​වේ
මින් පෙර නිකුත්වුණු Xiaomi Redmi K50 දුරකථන මාලාවෙ Gaming සදාහාම නිකුත් කළ Redmi K50 Gaming දුරකථනය පසුගිය බදාදා එලිදැක්වුනා. මෙය එලිදක්වා පළමු Flash Sale එක තුළ දුරකථන 70000 කට අධික සංඛ්‍යාව​ක් අලෙවි වී තිබුණා. එහෙනම් අද අපි එම Redmi K50 දුරකථනයෙහි විශේෂානග කෙටියෙන් විමසා බලමු.Displayimage source-gsmarenaමෙම දුරකථනයට අගල් 6.67 ක OLED display එකක් අඩංගු වන අතර එහි resolution එක 1080 x 2400 අකාරගනී.මේ display එකට 120 Hz  ක refresh rate එකක් සහ මෙහි aspect ratio එක වන්නෙ 20:9 කි. මෙම display එක Corning Gorilla Glass Victus ආරක්ෂා කර ඇති අතර HDR10+ තාක්ෂණයට ද සහය දක්වයි.Chipset, GPU, Ram, StorageXiaomi Redmi K50 Gaming දුරකථනය බලගැන්වෙන්නෙ 4nm architecture එකෙන් නිමැවුනු Qualcomm SM8450 Snapdragon 8 Gen 1 chipset එකෙනි.මෙහි GPU එක වෙන්නෙ Adreno 730.මෙම දුරකථනය මාදිලි 3 කින් මිලදී ගන්න හැකියාව පවතිනවා. එනම්, 8 GB RAM එකක් සමග 128GB Storage එකක්, 12 GB RAM එකක් සමග 128GB Storage එකක් සහ 12GB RAM එකක් සමග 256GB Storage එකක් ආදී ලෙසිනි.OSimage source-techtictok.comමෙහි මෙහෙයුම් පද්ධතිය යොදාගෙන ලෙස යොදා තිබෙන්නේ Android 12 මූලික කරගෙන නිර්මාණය වුණු MIUI 13 වේ.BatteryXiaomi Redmi K50 Gaming හි battery එක විදියට Li-Po 4700mAh non-removable battery එකක් සහ එයට 120W fast charging පහසුකමත් පවතිනවා.Cameraමෙම device එකට ලබාදී ඇත්තෙ triple rear camera setup එකක් වන අතර එය 64-megapixel  f/1.7 aperture එකක් පවතින primary sensor එකකිනුත් secondary sensor එක විදියට 8-megapixel ultra wide camera එකක් හා 2-megapixel macro camera එකක් ලෙසින් camera 3 කින් සමන්විත වෙනවා.ඒ වගේම මෙම camera එක භාවිතයෙන් 4K videos 60fps දක්වා සහ 1080p videos 120fps දක්වාත් වන වීඩියෝ පටිගත කරගැනීමේ හැකියාව පවතිනවා.මෙහි selfie camera එක විදියට 20MP එකක් තියෙන camera එකක් ලැබෙන අතර එයට 1080p video 60fps දක්වත් 720p videos 120fps දක්වාත් වන වීඩියෝ පටිගත කරීමේ හැකියාව පවතිනවා.Sensorsමීට අමතරව sensors විදියට Side mounted Fingerprint sensor එකක් සහ accelerometer, gyro, compass යන sensors  මෙම දුරකතනය තුළ අඩංගු වෙනවා.මීට අමතරව මෙය Gaming මූලික කරගෙන නිමැවුණු දුරකථනයක් නිසා මෙහි විශේෂාංගයක් ලෙස Physical magnetic pop-up gaming triggers ලබාදී තිබෙනවා.Source:Gsmarena
Qualcomm සමාගමේ ඩොලර් 1,500ක දුරකතනයට මාස තුනකි​න් security updates ලැබී නෑ
පසුගිය වසරේ ජුලි මාසයේදී පමණQualcomm සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම ජංගම දුරකථනය වෙන Snapdragon Insiders ජංගම දුරකථනයනිකුත් කිරිමට කටයුතු කරනු ලැබුවා. මෙය විසින් Premium Device එකක් ලෙස ඔවුන්ගේ Insider Program එකේ සමාජිකයින් සදහා පමණක් නිකුත් කිරිමටයි ඔවුන් කටයුතු කරනු ලැබුවේ. එමෙන්ම ඔවුන් විසින් Android 11 OS එකෙන් යුතුව නිකුත් කළ මේ Devices එක සදහාවසර 04ක් දක්වා Security Updatesලබා දෙන බවත් ප්‍රකාශ කරනු ලැබුවා.කෙසේ වෙතත් මේ වෙන විට වාර්තා වන ආකාරයට මේ Qualcomm Smart Phone එක සදහා අවසන් Update එක ලෙස January Security Patches Update එක ලැබි තිබෙන්නේ පසුගිය මාර්තු මාසයේදී පමණ වෙනවා. එමෙන්ම මේ දක්වා ඔවුන් මෙම Device එකට නියමිත පෙබරවාරි, මාර්තු, අප්‍රේල් සහ මැයි මාසයන්ට අදාල Security Patches ලබා දිමට හෝ ක්‍රියාත්මක වි නොමැති වෙනවා.කෙසේ වෙතත් මේ පිළිබඳ ඔවුන්ගෙන් ලැබි ඇති පිළිිතුර ⁣වන්නේ මිලග Security Patche Update එක මේ මස 20 වෙනි දින නිකුත් කිරිමට සුදානම් බවත් ඉන් පසුව මාස දෙක - තුනකට වරක් Security Patches නිකුත් කිරිමට ඔවුන් බලාපොරොත්තු වෙන බවයි. එමෙන්ම තවමත් Android OS එකේ නවතම සංස්කරණය වෙන Android 12 ලබා දිම පිළිබඳ කිසිදු සදහනක් ඔවුන් විසින් සිදු කර නොමැති වෙනවා.Source :Android Authority
Toyota සමාගම විසින් Electric මෝටර් රථ සඳහා මැනුවල් ගියර් පද්ධතියක් හදුන්වාදීමට සූදානම් වේ
Manual gear box එකක feel එක වෙනම feeling එකක් බව වාහනයක ගිහින් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා. වාහන පදවන අයගෙන් පිරිසක් තවමත් manual වාහනම මිලදී ගන්නේ ඒ feel එක වගේම වාහනයේ control එකත් manual gearbox එකකින් ලැබෙන නිසා.Toyota සමාගම හිතන විදිහට, බොහෝ දෙනා නව පන්නයේ වාහන වලට මාරු නොවෙන්නෙත් මේ gearbox භේදය නිසා. ඉතින් ඔවුන් මේකට විසඳුමක් ලෙස gear නැති වාහන වර්ගයකට manual gear දෙන්නට සූදානම්වනවා. ඒ, එවැනි තාක්ෂණයක් සඳහා පේටන්ට් බලපත්‍ර කිහිපයක්ම ලබා ගනිමින්.EV වලට මොකටද ගියර්?EV එහෙමත් නැති නම් Electric Vehicle කියන්නේ බැටරි බලයෙන් ක්‍රියාත්මක වන මෝටරයකින් පණ ගැන්වෙන මෝටර් රථ. මේවට gear නැති නිසාම පෙට්‍රල්, ඩීසල් එන්ජින් වලට සාමාන්‍යයෙන් ලබා ගැනීමට අපහසු විශාල ත්වරණයක් (acceleration) එකවර ලබා ගන්න පුළුවන්.දොර 4 saloon ඉලෙක්ට්‍රික් කාරයක් වන Tesla Model S Plaid රථයට 0-60mph සඳහා ත්වරණය වීමට තත්ත්පර 2ක කාලයක් පමණයි ගත වන්නේ. Image: TopGearමොකද මෝටරයට බලය සැපයීම එක වර සිදු කරන්න පුළුවන් නිසා සහ, auto/manual වලදී මෙන් gear කැඩීමක් සිදු නොවන නිසා ඒවාට පියවර වශයෙන් ත්වරණය වීමක් අවශ්‍ය නැ.ඉතින් මොකක්ද මේ Toyota සමාගම ගියර් නැති වීම හේතුවෙන්ම වාසි ලබන වාහන පෙළකට ගියර් දෙන්න යන්නේ?ජිවිතේ විඳින්න (Car එකේ)කලින් සඳහන් කළා වගේ මේ සියල්ල manual ගියර් පද්ධතියක තියෙන "දැනීම" (feeling) එක ලබා දෙන්න කරන ලද උපායක් (trick) එකක් විතරයි.Toyota සමාගම EV තරඟයට ප්‍රමාද වුණත් මේ වන විට ඒ සඳහා විශාල ආයෝජන හා සැලසුම් ප්‍රමාණයක් ඉදිරිපත් කොට තිබෙනවා. Image: The VergeToyota සමාගම ප්‍රකාශ කරන විදිහට මෙම නව තාක්ෂණය මගින් manual වාහනයක මෙන් clutch එකක් සහ H-shifter එකක් EV වලට ලබා දෙනවා.එසේම clutch එක drag  කරන විට දැනෙන සෙලවීම ලබා දෙන්නත් මෙම පද්ධතියට හැකියාව තිබෙනවා. Car එක stall වීමත් මේ හරහා අනුකරණය කරන්න පුළුවන් බවයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන තිබෙන්නේ.Manual H-Shifter. Image: Cars.comමෙවැනි (කූට) උපක්‍රම දැන් බොහෝ වාහන නිෂ්පාදකයන් තම EV වලට ඇතුලත් කරනවා. Accelerate වන විට වාහනයේ ඇතුළත speakers හරහා ව්‍යාජ ශබ්දයක් (EV වලදී engine ශබ්දයක් නැති නිසා) නිකුත් කිරීම බොහෝ EV වල දැන් option එකක්.මෙවැනි manual අනුකරණයක් දැන් Ford සමාගමත් සැදීමට යන බව විදෙස් ප්‍රවෘත්ති වෙබ් අඩවි සඳහන් කරනවා.ඔබේ අදහස මොකක්ද? Manual ගියර් පද්ධතියක් අනුකරණය කළ පමණින් වාහන පිළිබඳ උද්යෝගයක් තිබෙන අය EV වලට මාරු වෙයිද?Source:Interesting Engineering
$14.95 සිට Apple One subscription bundles ඔබ අතට
අලුත්මApple iPad Air,8th-Gen iPad,Apple Watch Series 6 සහ Apple Watch SEසමඟම Apple සමාගම ඔවුන්ගේ Apple One subscription bundle එකත් announce කලා. ඉතින් මේ Apple One එක්ක customersලට හැකියාව ලැබෙනවා තනි තනිව apps වලට අදාල subscriptions purchase කරන්නේ නැතුව bundles විදිහට purchase කරලා cost එක අඩු කරගන්න.ඉතින් මේ විදිහට Apple සමාගම App bundles 3ක් announce කරලා තියෙනවා.Apple One Individual PlanThe Apple One Individual Plan එක price වෙන්නේ මාසයකට $14.95 ක්. මේ තුලින් GB 50 ක් iCloud storage එකක්, Apple Music, Apple TV+, සහ Apple Arcade කියන සේවාවන් offer කරනවා.Apple One Family Planඉතින් මේක පවුලෙ හැමෝටම එන plan එකක්. Apple Music, Apple TV+, සහ Apple Arcade එක්ක GB 200 ක iCloud storage එකක් මසයකට $19.95 ක මිලකට ලැබෙනවා.Apple One Premier Planමේක offer කරන්නේ තෝරාගත් regions කීපයක විතරයි. මේ තුලින් Apple Music, Apple TV+, Apple Arcade, එක්ක Apple News+ සහ Apple Fitness+ ද ඒත් එක්ක TB 2 ක iCloud storage එකකුත් ලැබෙනවා. මේ සියල්ලම Apple ලා offer කරන්නේ මාසයකට $29.95 කට.ඉතින් ලඟදීම මේ app bundles නිකුත් වෙනව. මීට අමතරව ඔයාට 30 day free trial එකකුත් ලැබෙනවා ඔයා තෝරගත්ත plan එක ඔයාට හරියටම ගැලපෙනවද කියලා බලාගන්න.
Microsoft සමාගමේ ලේඛනයකින් GTA 6 නිකුත් වන දිනය පිළිබඳව ඉඟි පළවෙයි
GTA (Grand Theft Auto) යනු සෑම කාලයකම වඩාත්ම ජනප්‍රිය පරිගණක ක්‍රීඩා වලින් එකක් මෙම පරිගණක ක්‍රීඩා මාලාවේ පස්වන Game එක (GTA 5) 2013 වසරේදී නිකුත් වුවද, එය තවමත් වෙනත් පරිගණක ක්‍රීඩා වල විකුණුම් වාර්තා බිඳ දමනවා. කෙසේ වෙතත්, බොහෝමයක් ක්‍රීඩකයින් දිගු කලක සිට Rockstar සමාගම විසින් GTA 6 නිකුත් කරන තෙක් බලා සිටිනවා.මීට පෙර Android වැඩකාරයෝ අප මේGTA 6 game එක rockstar සමාගම විසින් එළිදක්වන බවටවාර්තා කළා ඔබට මතක ඇති. වාසනාවකට මෙන්, Microsoft සමාගම වෙතින් GTA 6 නිකුත් කරන දිනය පිළිබඳ කුඩා ඉඟියක් ලැබී තිබෙනවා.Microsoft සමාගම විසින් Activision-Blizzard අත්පත් කර ගැනීම පිළිබඳව බ්‍රිතාන්‍යයේ නියාමන ආයතනයක් වන තරඟ සහ වෙළඳපල අධිකාරිය (CMA) විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඩොලර් බිලියන ගණනක මෙම ගනුදෙනුව පරීක්ෂා කර තිබෙනවා. මෙම විමර්ශනයට Microsoft සමාගමේ ප්‍රතිචාරය ඉතා ඉක්මන් වූ අතර ඔවුන් මේ සඳහා එක් ලේඛනයක් ඉදිරිපත් කරමින් ආරක්ෂාවීමට තැත් කර තිබෙනවා. පුදුමයට කරුණ නම්, මෙම ලේඛනයේ සමහර තොරතුරු තුළින් GTA 6 නිකුත් කරන දිනය පිළිබඳ ඉඟි ලබා ගත හැකි වීමයි.Microsoft සමාගම පවසා සිටිනුයේ Call of Duty game එක පමණක් තරඟකාරීත්වයට මුහුණ දීමට ප්‍රමාණවත් වෙළඳපල කොටසකින් සමන්විත නොවන බවයි. වඩාත්ම කැපී පෙනෙන කරුණ සඳහන් වනුයේ ලේඛනයේ 24 පිටුවේ ය.2024 GTA 6 නිකුත් වන බවට ලේඛනයේ සඳහන්ව තිබූ අයුරුMicrosoft සහ Rockstar යන සමාගම් අතර ඇති සහයෝගීතාවය සැලකිල්ලට ගනිමින්, මෙම තොරතුරු නිවැරදි යැයි අපට පැවසිය හැකිය. කෙසේ වෙතත්, සමාගම තවමත් CMA විමර්ශනය යටතේ පවතින අතර, ඩොලර් බිලියන ගණනක ගනුදෙනුවක් අවදානම් මට්ටමේ පැවතිය හැකිය. ඒ හේතුවෙන් මේ තොරතුරු වල නිරවද්‍යතාවය නිශ්චිත නොවනවා.2024 දී නිකුත් කිරීමේ දිනයක් බලාපොරොත්තු නොවන බවක් පෙනෙන්නට තිබුණද, 2025 වන විට මෙය එළිදැක්වීමට සූදානම් විය හැකි බව වාර්තා යෝජනා කර ඇත. Rockstar සමාගම විසින් 2024 දී නිකුත් කරන දිනයක් මුලින් ප්‍රකාශයට පත් කර එය ඊළඟ වසර දක්වා ප්‍රමාද කිරීමට හොඳ අවස්ථාවක් තිබෙනවා. කෙසේවෙතත් Grand Theft Auto 6 වැනි ක්‍රීඩාවකට ලබා ගත හැකි උපරිම කාලය ලබා ගෙන ඉතා හොඳ Output ලබා දීමට එම සමාගම අපේක්ෂා කරනවා.Source:gizmochina.com
WhatsApp group chat වල​දී profile photos දර්ශනය කිරීමේ නව පහසුකමක් නුදුරේදී​ම
ලොව පුරා වෙසෙන පුද්ගලයන් විසින් බහුලව පණිවිඩ හුවමාරුව සදහා භාවිතා කරනු ලබන සමාජ මාධ්‍යයක් ලෙස WhatsApp හැඳින්විය හැකියි. වර්තමානය වන විට Meta සමාගම සතුව වන මෙය රටවල් 108ක බිලියන දෙකකට අධික පරිශීලකයන් ප්‍රමාණයක් විසින් භාවිතා කරනු ලබන යෙදවුමක් වී හමාරයි.පසුගිය දිනෙක WhatsApp වෙත Community පහසුකමක් සහ Group එකක් සඳහා සම්බන්ධ විය හැකි පරිශීලකයන් ප්‍රමාණය 256 සිට 512 දක්වා ඉහළ දැමීම වැනි නව පහසුකම් රැසක් WhatsApp Group Chats සඳහා හඳුන්වා දෙනු ලැබුවා.WhatsApp හි Group Chats වල Chat Bubble එකට වම් පසින් යවන්නාගේ Profile Picture එක පෙන්වන නව Feature එකක් පිළිබඳව WABetaInfo වෙබ් අඩවිය වාර්තා කරන ලදී.මේ කුඩා Visual Change එක තවමත් පරීක්ෂණ මට්ටමේ ඇති අතර නුදුරේදීම සියලුම iOS සහ Android පරිශීලකයින්ට හිමිවේ යැයි අපේක්ෂා කළ හැකි වනවා.Source:beebom.com
Pixel Density අගය 1000 වන ජංගම දුරකතන තිර නිෂ්පාදනයට Samsung සමාගම සූදානම් වේ
Samsung සමාගම කියන්නෙ මේ වෙද්දි Smartphones Industry එකට වගේම ඉලෙක්ට්‍රොනික උපාංග ආදිය නිෂ්පාදනයේ දැවැන්තයෙක්. හරියටම කියනව නම් දකුණු කොරියානු යෝධය. ඉතින් මේ වෙද්දි දකුණු කොරියානු Samsung සමාගම කටයුතු කරමින් ඉන්නෙ PPI අගය 1000 වන AMOLED Display නිෂ්පාදනයට. නැවත කියනව නම් අඟලකට තියෙන පික්සල් ප්‍රමාණය තමයි මේ PPI කියල කියන්නෙ. එහෙම නැත්නම් Pixels Per Inch (අඟලකට ඇති Pixels ප්‍රමාණය). ඉතින් Samsung සමාගම බලාපොරොත්තු වෙන්නෙ 2024 වසර වෙද්දි මේ නිෂ්පාදනයන් වෙළඳපොළට නිකුත් කරන්න.මේ විදියට ඉහළ පික්සල්ස් ප්‍රමාණයක් සහිත Display එකක් නිෂ්පාදනය කරන්න Samsung සමාගම භාවිත කරන්නෙ උසස් තත්ත්වයෙන් යුත් TFT උපස්ථරයක්. ඉතින් වාර්තාවෙන විදියට මේ උසස් තත්ත්වයෙන් යුත් TFT Screens දැනට වෙළඳපොළේ තිබෙන විකල්පයන්ට වඩා දස ගුණයක් වේගවත් වෙනව. එ වගේම Samsung සමාගම බලාපොරොත්තු වෙන්නෙ මේ ඉහළ Resolution එකක් සහිත Display, දැනට තියෙන තුනී Transistors මත පදනම් වෙන Display නිෂ්පාදනයට වඩා ලාභදායි ආකාරයට නිෂ්පාදනය කරන්න.දැනට තියෙන Theory වලට අනූව නම් මේ වගේ ඉහළ Resolution එකක් යෝග්‍ය වෙන්නෙ VR Headsets වලට. නමුත් මේ වගේ Displays නිෂ්පාදනය කරන්න පැහැදිලි හේතුවක් Samsung සමාගමෙන් ඉදිරිපත් කරල නැහැ. කොහොම උනත් මීට වසර 4කට වගේ කළින් Samsung සමාගමේ Gear VR අංශයෙදි මේ ආකාරයේ Display නිෂ්පාදනයෙහි ඇති වාසීන් ගැන සාකච්ඡා කරල තියෙනව.ඉදිරියෙදි මේ ගැන තවත් තොරතුරු දනගන්න ලැබෙයි.Source:GizChina
Windows සහ Android අතර Clipboard එක Sync කරන්නේ කොහොමද?
ඔබට කවදා හෝ Windows පරිගණකය සහ Android Device එකක් අතර Text සහ පින්තූර ගෙනයාමේ අවශ්‍යතාවයක් දැනී ඇතිද? මේ සඳහා Microsoft විසින් ඔබට පහසු ක්‍රමයක් සලසා තියෙනවා. ඒ Device අතර Clipboard Sync කිරීම මඟින් ඔබට ඔබේ Windows PC, Laptop සහ Android Device අතර ඔබට අවශ්‍ය‍ය Text හෝ පින්තූර ඉතා පහසුවෙන් ගෙන යාමයි. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ Microsoft Account එකක් පමණයි.Windowsහි Clipboard Syncing Enable කරගන්නේ කෙසේද?මුලින්ම අපි Windows වල Clipboard Enable කරන ආකාරය සහ Syncing කරන ක්‍ර්‍රමය බලමු. මේ සඳහා පහසුම ක්‍රමය වන්නේ Setting Menu තුළ ඇති Clipboard Syncing On කර ගැනීමයි.පියවර 01Windows හි Settings open කර ගන්න.(මේ සඳහා Win + I එකවර Press කිරීමෙන් හෝ Start Menu තුළ Settings ලෙස type කිරීම මඟින් Settings Open කර ගත හැක.)පියවර 02පහළට Scroll කර Clipboard මත click කරන්න.පියවර 03Clipboard historyඉදිරියේ ඇති Toggle එක on කරගන්න.පියවර 04ඔබ මුල් වරට මෙම Setting එක Enable කරන්නේ නම්, ඔබටShare across devicesලෙස දැක ගත හැකි වෙයි. එහිදීGet Startedමත click කරන්න.පියවර 05මෙහිදී Pop Up Window එකක් Open වී Email එක Verify කිරීමක් සිදුවන අතර ඔබගේ Password ලබා දී Continue කරන්න.පියවර 06අවසාන වශයෙන් ඔබට අවශ්‍යය පරිදිSync Across Your Devicesයටතේ ඇතිAutomatically Sync Text That I CopyහෝManually Sync Text That I CopySelect කරගන්න.Windows සහ Android අතර Clipboard Syncing Enable කර ගන්නේ කෙසේද?ඉහත පරිදි ඔබ Windowsහි Clipboard Syncing Enable කරගැනීමෙන් පසු ඔබට අවශ්‍යය Text Windows සහ Android අතර කරගත හැක. මේ සඳහා ඔබට Microsoft SwiftKey Keyboard එක අවශ්‍ය වේ.පියවර 01SwiftKey AI Keyboard එක Play Store තුළින් Download කර Install කරගන්න.පියවර 02App එක Open කර Basic Settings Setup කරගන්න.පියවර 03Windows Device තුල භාවිතා කළ Microsoft Account එක ‍යොදා ගෙන Login වෙන්න.පියවර 04අවසාන ලෙසRich input> Clipboard තුළ ඇතිSync Clipboard Historyයන්න Turn on කරන්න.දැන් ඔබට Windows Desktop හෝ Laptop තුළ Copy කරන ලද ඕනෑම Text එකක් හෝ Image එකක් පහසුවෙන් Android Device එක තුළ Paste කරන්න පුළුවන්.Source:xda-developers.com
Snapdragon 888 processor එකකින් සහ HarmonyOS වලින් බල ගැන්වෙන Huawei P50 මාදිලියේ ජංගම දුරකතන එලිදක්වයි
Huawei සමාගම විසින් චීන වෙළඳපොළ සඳහා ඔවුන්ගේ නවතම Smart Phones වන P50 සහ P50 Pro මේ වෙද්දි ප්‍රකාශයට පත් කරලා අවසන්. ඔවුන්ගේම Operating System එක වන HarmonyOS සමඟ Launch කරන පළමු ප්‍රධානතම දුරකථන වෙන්නෙ මේ P50 සහ P50 Pro තමයි.එම දුරකථන සඳහා Huawei විසින් සැකසූ Camera සහ Hardware Features සමඟ මනාව සම්බන්ධ වන අතර ඔවුන්ගේ සමහර Models වලට Qualcomm හි ප්‍රමුඛතම Snapdragon 888 ප්‍රොසෙසරය ද ඇතුළත් වේ.P50 series එකට Google Apps ඇතුළත් නොවන බවට වාර්තා වේ.වාර්තා වන ආකාරයට බොහෝමයක් Huawei P50 දුරකථන වලට Kirin Chip භාවිතා නොකරයි.  ඔවුන්ගේ වෙබ් අඩවියේ ඇති Spec Sheets වලට අනුව, P50 සහ P50 Pro හි එක් Version එකක් Qualcomm හී Snapdragon 888 ප්‍රොසෙසරය භාවිතා කරයි. පසුගිය වසරේදී Huawei වෙත නැවත Chips විකිණීමට Qualcomm සමාගම වෙත අවසර ලබා දෙන ලදී.  Huawei Kirin 9000 ප්‍රොසෙසරයෙන් බලගැන්වෙන P50 Pro Version එකක් ද නිකුත් වනු ඇත.  P50 Pro 8GB හෝ 12GB RAM සමඟ 512GB දක්වා Internal Storage එකකින් ලබා ගත හැකි අතර P50 දුරකථනය 8GB RAM සහ 256GB දක්වා Storages සමඟ ලබා ගත හැකිය.Launching Event එකේදි අදහස් දක්වමින් Huaweiහී පාරිභෝගික ව්‍යාපාර ප්‍රධාන විධායක Richard Yu මහතා පැවසුවේ ඇමරිකානු සම්බාධක හේතුවෙන් එම දුරකථන වලට 5G පහසුකම නොලැබෙන බවයි.P50 Pro දුරකථනයට අඟල් 6.6 ක 120Hz 1228p OLED Display එකක් ඇති අතර P50 දුරකථනයට තරමක් කුඩා අඟල් 6.5 ක 90Hz 1224p OLED Display එකක් ඇත.  P50 Pro වලට 4,360mAh Batteryක් ඇති අතර P50 සඳහා 4,100mAh Batteryක් ඇත. මෙම Battery දෙකම 66W Fast Charge කළ හැකි අතර P50 Pro දුරකථනය 50W Wireless Charge සඳහා Support කරයි.  Dust හා Water Resistance සඳහා IP68 ශ්‍රේණිගත කිරීමක් ද මේවාට ඇත.Huawei හි  Flagship දුරකතන සඳහා අවධානය යොමු කිරීමේදී ඒවායේ Camera එක ප්‍රධානම අංගයක් වේ.  P50 series එකේද Cameraව වඩාත්ම ආකර්ශණීය විශේෂාංගය වනු ඇත.   P50 Pro සතුව පසුපස Camera හතරක් ඇත. ඒවා නම්, 50MP ක ප්‍රධාන Cameraව, 64MP Telephoto සමඟ 3.5x Optical Zoom, 40MPක Monochrome සහ 13MPක Ultra-Wide වේ.P50 දුරකථනයට 50MP ප්‍රධාන Camera එකක්, 12MP ක Telephoto සමඟ 5x Optical Zoom සහ 13MP ක Ultra-Wide Camera එකක් එහි ඇත.  P50 Pro හා P50 දුරකතන වලට 13MP ක Selfie Camera ලබා දී ඇත.Source:The Verge
Instagram Reels සහ IGTV සඳහා Shopping පහසුකම් එකතු කිරීමට Facebook සමාගම කටයුතු කරයි
Facebook සමාගම ඔවුන්ගේ Instagram platform එක තුල monetization expand කිරීමේ අරමුණින් IGTV සහ Reels වෙත shopping පහසුකම ඇතුළත් කිරීමට කටයුතු කරලා තියෙනවා. දැනටමත් මේ shopping පහසුකම IGTV පරිශීලකයන්ට ගෝලීය වශයෙන් නිකුත් කරලා තියෙන මොහොතක මේ අවුරුද්දෙ අවසාන කාලයේදි වගේ Instagram විසින් තම shopping integration එක test කරනු ඇතයි මත පලවෙනවා.මේ පහසුකම් සමඟ පරිශීලකයන්ට IGTV videos බලලා creators ලා දාලා තියෙන links වලට ගිහින් අර කලින් IGTV video වල දර්ශනය වෙන භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ හඳුන්වාදීම එක සිය platform එකේ monetization ව්‍යාප්ත කිරීමට Instagram විසින් හඳුන්වා දුන් එක කොටසක් විතරයි.අවිවාදයෙන්ම මේ වෙනස්කම් Instagram Influencers ලට නම් ඉතාමත් වාසිදායකයි. Verge ලා වාර්තා කරන විදිහට, ඉදිරි කාලය තුල Instagram app එකේ Explore tab එකේ තියෙන  dedicated shopping space එකක් වෙන Instagram shop එකේ IGTV videos feature වේවි.ඊට අමතරව Instagram සමාගම IGTV videos වලට advertisements add කිරීම ගැනත් test කරමින් ඉන්නවා. Instagram ලට අනුව මේ ads වල maximum duration එක තත්පර 15ක වගේ අගයක් ගන්නවා. ඒ වගේම creators ලට ආදායමෙන් 55%කට නොඅඩු ප්‍රමාණයක් ලබාදීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඉතින් මීට අමතරව TikTok ලට තර්ජනයක් උන Instagram Reels platform එකත් monetize කිරීමේ වෑයමක් පවතිනවා කියලයි වාර්තා වෙන්නේ.කෙසේ වෙතත් Reels වලට shopping features add වෙන කාලයක් ගැන තවම සඳහනක් නෑ.Source :Engadget
WhatsApp Desktopහි Group Calls සඳහා නව විශේෂාංග කිහිපයක් හඳුන්වා දෙයි
WhatsApp හි Windows Client එක සඳහා නව විශේෂාංග කිහිපයක් එක් කරමින් Update එකක් නිකුත් කර තිබෙනවා. ඒ සමඟින් මීට පෙර Beta මට්ටමේ පැවති විශේෂාංග රැසක් ද Public Version සදහා නිකුත් කර තිබෙනවා.එහිදී මීට පෙර Beta මට්ටමේ පැවති Multi Device පහසුකම (දුරකථනය ක්‍රියා විරහිත වුවද web/desktop මඟින් WhatsApp භාවිතා කිරීමට හැකියාව) Public Version සදහා නිකුත් කර තිබෙනවා.Source:whatsapp.netතවද මීට අමතරව Group Calls සඳහා Video Call එකක් නම් එකවර පුද්ගලයින් 8ක් ද, Voice Call එකක් නම් එකවර පුද්ගලයින් 32ක් ද සම්බන්ධ කරගැනීමේ හැකියාව WhatsApp Desktop for Windows සඳහා ලබා දී තිබෙනවා.Source:techcrunch.com
Google සමාගම සිය 22 වැනි උපන්දිනය සමරයි, තෝරාගත් නිෂ්පාදන කිහිපයකට 22%ක වට්ටම් ලබා දේ
Google සමාගම 1998 සැප්තැම්බර් 4 වැනිදා සමාගම් ගත උනත් ඔවුන් එය සමරන්නේ සැප්තැම්බර් 27 වෙනිදායි. ඉතින් කලින් අවුරුද්ද වගේම මෙවරත් ලොව පුරා Google Stores ඔවුන්ගේ 22 වෙනි උපන්දිනය විවිධ discounts සහ offers ලබා දෙමින් සැමරුම් කරනවා.යුරෝපය සඳහා, තෝරාගත් items කීපයකට Google සමාගම සීයට 22ක straightforward discounts ලබාදෙනවා. ඒ GOOGLEBDAY22 කියන checkout promo code එකත් එක්ක. කෙසේ වෙතත් Pixel 4a, Pixel Buds, Pixelbook Go සහ Nest Aware කියන items වලට applicable වෙන්නේ නෑ.එක්සත් රාජධානිය තුල Nest Hub Max, Nest WIFI, Chromecast, Nest Hub, Nest Mini, Stadia Premiere Edition, Nest Protect, Nest Cam IQ, Nest Cam Outdoor, Nest Cam Indoor කියන items වලටයි discounts සහ offers ඇතුලත් වෙන්නේ.මේ වගේම deals ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ස්පාඤ්ඤය, නෝර්වේ, නෙදර්ලන්තය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ෆින්ලන්තය, ඩෙන්මාර්කය, බෙල්ජියම සහ ඔස්ට්‍රියාව යන රටවල available වෙනවා. මේ සියලුම offers සැප්තැම්බර් 27 වෙනිදා පස්වරු 11:59ට ඉකුත් වෙනවා.ඕස්ට්‍රේලියාවේදී ඔයාට හැකියාව ලැබෙනවා Nest WIFI, Nest Mini, Nest Hub Max, Nest Hub, Chromecast, Chromecast Ultra සහ Google Home මිලට ගද්දී සීයට 22ක Google Store credit එකක් ලබා ගන්න. මේ deal එක සැප්තැම්බර් 28 ප.ව. 11:59ට කල් ඉකුත් වෙනවා.ඒ වගේම මේ offer එක ජපානයටත් වලංගු වෙනවා. ඒ අතරෙ පහලින් තියෙන ආසියාතික රටවලටත් direct discounts ලැබෙනවා.දකුණු කොරියාව සඳහා, Nest Hub සහ Home Mini සඳහා 20% ක direct discounts.සිංගප්පූරුව සඳහා, Nest Mini, Nest WIFI, Nest Hub සහ Chromecast වලට 22%ක discounts.තායිවානයට, Nest Miniසහ. Chromecast සඳහා 22%ක discounts.කෙසේ වෙතත් පහත Asia Pacific Google Stores සඳහා offers කිසිවක් available වෙලා නෑ.හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, නවසීලන්තය, පිලිපීනය සහ තායිලන්තය.Source :9to5google
Non-Pixel devices වල ‘Flip to Silence’ feature එක අත්හදා බැලීමට Google සමාගම කටයුතු කරයි
Pixel 3 series එක එක්ක Google සමාගම ‘Flip to Shhh’ නමින් device එක පහලට face කරලා තිබ්බම silent mode එකට switch වෙන අලුත් feature එකක් add කරා. ඉතින් වාර්තා එන විදිහට Google සමාගම මේ feature එක Google phone app හරහා Pixel නොවන devices වලටත් ලබා දීමට සූදානම් වෙනවා.XDA Developers ලා වාර්තා කරන විදිහට Google phone app එකට incoming calls silent කරන්න ‘Flip To Silence’ toggle එකක් add වෙනවා. මේ option එක තියෙන්නේ app එකේ settings වල advanced section එකේ. මේ විදිහට මේ toggle එක තිබ්බත් XDA වාර්තාවට අනුව මේ function එක හැමෝටම functional නෑ.ඉතින් මේ toggle එක දැනට Essential Phone, Samsung Galaxy Note 20 Ultra, iQOO 3, Redmi Note 5 Pro, ASUS ZenFone 6, POCO F1, සහ OnePlus Nord වගේ non pixel devices කීපයකට නිකුත් වෙලා තියෙනවා.ඉතින් අපිට පේන විදිහට Google ලා මේ අලුත් feature එක test කරන්නේ users ලා විශේෂිත පිරිසක් සමගයි. මේ toggle එක pixel users ලට ලැබෙන්නේ නෑ මොකද Flip to Shhh feature එක ලබා දීලා තියෙන තියෙන නිසා.කෙසේ වෙතත් මේ ගැන නිල වශයෙන් Google සමාගම confirm කරලා නෑ. ඒත් අපිට ඒක ඉක්මනට වෙයි කියලා බලාපොරොත්තු වෙන්න නම් පුලුවන්. ඒක සිද්ද උනාම මේ feature එක devices වල තියෙන වැදගත්ම key feature එකක් විදිහට හඳුන්වන්න පුලුවන්.Source :XDA-Developers
කොරෝනා වයිරසය පරදන හැටි Bill Gates කියයි
කොරෝනා වයිරස් අවධානම ඉහළ යන්න පටන්ගත්ත මුල් කාලයේ Bill Gates ගේ නම කරළියට ආවා ඔබට මතක ඇති.ඒ 2015 දී ඔහු TED talks වැඩසටහනකදී කළ දේශනයක, 'අප ඉදිරියේ දී මුහුණ දෙන විශාලම අභියෝගය ලෝක යුද්ධයක් නොව, ඉබෝලා වැනි ලෝක ව්‍යාප්ත දරුණු වසංගත තත්වයක් විය හැකි' බව ප්‍රකාශ කළ වීඩියෝව නැවත සමාජ හා විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වූ බැවින්.එම වීඩියෝවඒ අතර මෙමස 23 දා  (2020.04.23 දින) නැවත ඔහුගේබ්ලොග් අඩවියේ"Pandemic I: The First Modern Pandemic"යන ශීර්ෂයෙන් යුතුව තරමක් දීර්ඝ ලිපියකින්,'කොරෝනා වයිරසය පරදා නැවත සුපුරුදු ජිවිතයට අනුගත වීමට අප ගතයුතු ක්‍රියාමාර්ග'ගැන ඔහු සඳහන් කරනවා.(සම්පුර්ණ ලිපිය ඔබටමෙතනින්ලබා ගන්න පුළුවන්).මෙම උවදුරින් ගැලවීමට නම් ක්ෂේත්‍ර 5කින් ලෝකය නවෝත්පාදනය විය යුතු බව ඔහුගේ යෝජනාවයි. එම ක්ෂේත්‍ර 5 නම්,ප්‍රතිකාර. (Treatments)එන්නත්. (Vaccines)අත්හදාබැලීම්/පර්යේෂණ. (Testing)සම්බන්ධතා ගවේෂණය. (Contact Tracing)ආර්ථිකය යළි නගාසිටුවීමේ ප්‍රතිපත්ති. (Policies for Reopening the Economy)මෙහි සඳහන් කළ ඇතැම් ක්ෂේත්‍ර වල විවිධ පර්යේෂණ සඳහා Gates බොහෝ කාලයක පටන් දායක වෙනවා. විශේෂයෙන් 2000 වසරේදී ආරම්භ කල Bill & Melinda Gates පදනමෙන් (අප්‍රිකානු කලාපය මුලික කරගත්) එන්නත් පර්යේෂණය සඳහා විශාල සේවාවක් සිදුකරනවා. මේ වන විට තම ධනයෙන් ඩොලර් බිලියන 38ක් ඒ සඳහා වෙන් කර තිබෙන අතර, මෑතකදී කොරෝනා වයිරස එන්නතක් සෑදීම ම අරමුණු කරගත් විශේෂ ව්‍යාපෘතියක් ද ඔහු දියත් කරනු ලැබුවා.අප්‍රිකානු කලාපයේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමට Bill & Melinda Gates පදනම විශාල උත්සහයක් දරනවා. Image: CNN"කොරෝනා වසංගතය මුළු මානව සංහතියම වයිරසයක් ඉදිරිපිට දැනගස්වනු ලැබුවා. මෙයත් ලෝක යුද්ධයක් වගේ තමයි. එකම වෙනස මේපාර අපි ඔක්කොම එකම පැත්තේ," යි ඔහු කියා සිටිනවා.

No dataset card yet

New: Create and edit this dataset card directly on the website!

Contribute a Dataset Card
Downloads last month
4
Add dataset card