Title
stringlengths
10
145
Content
stringlengths
16
23.6k
Bing සෙවුම් යන්ත්‍රය Microsoft Bing ලෙස නම් කිරීමට Microsoft ආයතයන කටයුතු කරයි
කාලයක් තිස්සේ දිගින් දිගටම Microsoft සමාගම නොනවත්වාම උත්සාහ කරා ඔවුන්ගේ Bing search engine එක දැනට අන්තර්ජාලය ආක්‍රමණයකට නතු කරන් ඉන්න Google සමාගමට එරෙහිව තරඟකරුවෙක් විදිහට develop කරන්න. ඉතින් ඒකේ තවත් එක ප්‍රතිඵලයක් විදිහට Microsoft සමාගම ඔවුන්ගේ search engine එක ‘Microsoft Bing’ හැටියට rebrand කරලා තියෙනවා. ඉතින් මේක පටන් අරගෙන තියෙන්නේ logo එකත් update කරලයි.“The change will better reflect the continued integration of our search experiences across the Microsoft family” - Microsoftඉතින් මේ අලුත් logo එකෙත් ඔවුන් දක්වලා තියෙන්නේ lowercase ‘b’ letter එක. ඒත් අර කලින් square edges එක්ක bloky styling එක මේ වතාවෙදි smoother ribbon-shaped pattern එකකින් replace වෙලා තියෙනවා. මේ වෙද්දී Bing search site එක අලුත් logo එකෙන් update වෙලා තිබුණත් official Bing blog එක සහ අනිත් Microsoft official websites වල icons තවමත් වෙනස් කරල නෑ.Rebranding වලට අමතරව, Microsoft සමාගම ඔවුන්ගේ අලුත් philanthropy program එකත් announce කලා. ඒ තමා ‘Give with Bing’. මේ ගැන කියනව නම් මේක ‘Microsoft Rewards’ වල extension එකක් විදිහට හඳුන්වල දෙන්න පුලුවන්. මේ හරහා usersලට Bing searches හරහා points earn කරන්න පුලුවන්. ඒ වගේම ඒ earn කරපු points වෙන අයට donate කරන්නත් පුලුවන්.ඉතින් මේ rebranding එක සිදු වෙන්නේ Microsoft සමාගමේ product base එක පුළුල් කරගැනීමේ එක පියවරක් හැටියට. මෙහි තවත් පියවර හැටියට Office 365 මෘදුකාංගය Microsoft 365 ලෙසත්, Windows Store මෘදුකාංගය Microsoft Store ලෙසත් rename කෙරුණාSource :Microsoft Bing,The Verge
මරණය සමඟ කරන සෙල්ලම Formula 1
ෆෝමියුලා වන් මෝටර් රථ යනු තනි ආසනයක්,ඉදිරිපස සහ පිටුපස පියාපත් සහිත විවෘත රෝද සහිත මෝටර් රථයක් වන අතර ෆෝමියුලා වන් ධාවන තරඟවලදී තරඟයට භාවිතා කිරීමට අදහස් කරන එන්ජිම රියදුරු පිටුපස ස්ථානගත කර ඇත.මෙහි ඇති විශේෂත්වයක් වන්නේ මෝටර් රථ සැලසුම් සහ නිෂ්පාදනය බාහිරින් ලබා ගත හැකි වුවද මෝටර් රථය මෝටර් රථ ධාවන කණ්ඩායම් විසින්ම සෑදිය යුතු වීමයි.හරි අපි එකින් එක බලමු ෆෝමියුලා වන් කාර් එකක මොනවද තියන කොටස් කියලා.චැසිය(Chassis)වර්තමානයේ නිපදවනු ලබන ෆෝමියුලා වන් මෝටර් රථ සාදනු ලබන්නේ කාබන් ෆයිබර් සහ ඒ හා සමාන අතිශය සැහැල්ලු ද්‍රව්‍ය වලිනි.මෙම මෝටර් රථයක තිබිය යුතු බර ලෙස නියම කර ඇත්තේ රියදුරු ද ඇතුළත්ව 740kg (1631lb) වේ.(ඉන්ධන නොමැතිව)Chassisඑන්ජින්(Engine)2014 වර්ෂයෙන් පසු F1 මෝටර් රථ වල 1.6L V6 turbocharged එන්ජිමක් භාවිතා කරනු ලබයි.මෙම එන්ජිමකට අශ්වබල 1400ක් පමණ බලයක් පවතී.1989 සිට තහනම් කර තිබූ ටර්බෝචාර්ජ් එන්ජින් 2014 වර්ෂයෙන් පසු නැවත ලබාදිමෙන් 29% ක පමණ ඉන්ධන කාර්යක්ෂමතාවක් අත්කර ගැනීමට හැකිව තිබේ.Engineසම්ප්‍රේෂණ (Transmission)ෆෝමියුලා වන් මෝටර් රථ වල පැඩල්-ෂිෆ්ටර් සහිත ගියර් පද්ධතියක් භාවිතා වේ.මෙහි ගියර 8ක් පමණ ඇත.(පිටුපස ගියරයද ඇතුළත්ව(Reverse gear))මෙම ගියර් පෙට්ටිය නිපදවීම සඳහා කාබන් ටයිටේනියම්(Carbon titanium) යොදාගනු ලබයි.වායුගති විද්‍යාව (Aerodynamics)මෙම ක්‍රීඩාවේ සාර්ථකත්වය සඳහා වායුගතික විද්‍යාව ප්‍රධාන වී ඇති අතර කණ්ඩායම් සෑම වසරකම ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන සඳහා ඩොලර් මිලියන ගණනක් වැය කරනු ලබයි.මෙලෙස වායුගතිකව නිර්මාණය මගින් බොහෝ වාසි ලබාගත හැකි වේ.මෝටර් රථයේ ටයර් ධාවන පථයට තල්ලු කර තබාගැනීම,වංගු වලදී වැඩි ස්ථාවරත්වයක් පවත්වාගැනීම,ගැස්සීම් නිසා ඇති වන ඇදගෙනයාම් අවම කිරීම යන වාසි ඒ අතර ප්‍රධාන වේ.වායු පෙට්ටිය (Air Box)රියදුරුගේ නියමු කුටියට පිටුපසින් සිදුරක් සහිත ව්‍යුහයක් ඔබ දැක ඇති.මෙම ව්‍යුහය වායු පෙට්ටිය ලෙස හඳුන්වයි.(Air Box)මෙම වායු පෙට්ටි අරමුණු 2ක් ඉටු කරනු ලබයි.මෙය මගින් අධිවේගීව චලනය වන වාතය ලබා ගන්නා අතර එය එන්ජිමේ අභ්‍යන්තරයට සපයයි.මෙම අධිවේගී වාතය පීඩනයට පත්වන අතර එක සම්පීඩිත වේ.මෙම අධි පීඩන් වාතය එන්ජිමට සපයන විට එහි බලය සැලකිය යුතු ලෙස වැඩි වේ.මෙහි දෙවන වාසිය වන්නේ මෙම වායු පෙට්ටියේ විශාලත්වයයි.විශාල ප්‍රමාණයේ වායු පෙට්ටි වෙළෙඳ දැන්වීම් සඳහා විශාල ආදායමක් උපයා දෙයි.(තේරුනේ නැද්ද?ස්පොන්සර්ස්ලගෙ ඇඩ් ඩිස්ප්ලේ කරනවා කියලා කියන්නෙ.)Air-Boxසුක්කානම (Steering Wheel)ෆෝමියුලා වන් මෝටර් රථ වල සුක්කානම ඉතාම වැදගත් උපාංගයක් වේ.මෙහි සුක්කානම භාවිතා කරමින් ගියර් වෙනස් කිරීම,ඉන්ධන/වායු මිශ්‍රණය සකස් කිරීම,තිරිංග පීඩනය වෙනස් කිරීම,ගුවන් විදුලිය මගින් කණ්ඩායම ඇමතීම,එන්ජින් ආර්පීම්,ලැප් ටයිම්ස්,වේගය සහ ගියර් වැනි දත්ත LCD තිරයක පෙන්වයි.ගියර් මාරු කල යුතු කාලය පෙන්වන LED ලයිට් පේලියක් ද ඇතුළත් වේ.මෙම සුක්කානම පමණක් ඩොලර් 50,000 ක පමණ මිලක් වේ.කාබන් ෆයිබර් භාවිතා කරන අතර බර 1.3kgක් පමණ වේ.මර්සිඩීස් වැනි ඇතැම් කණ්ඩායම් ඔවුන්ගේ සුක්කානම් මත විශාල LCD තිර භාවිතා කිරීම නිසා රියදුරන්ට ඉන්ධන ප්‍රවාහය සහ ව්‍යාවර්ථ භාරදීම වැනි අමතර තොරතුරු දැක ගත හැකිය.වඩා වෙනස් මෘදුකාංග භාවිතා කිරීමට හැකියාව ඇති නිසා ධාවකයන්ට පහසු පරිදි සුක්කානම වෙනස් කල හැකිය.Steering Wheelඉන්ධන (Fuel)F1 මෝටර් රථවල භාවිතා කරන ඉන්ධන සාමාන්‍ය පෙට්‍රල් වලට තරමක් සමානය. නමුත් මේවා සාමාන්‍ය මෝටර් රථ තරඟවලදී භාවිතා කරන මධ්‍යසාර මත පදනම් වූ ඉන්ධන වලට වඩා වෙනස්ව ගැසොලින්(ඔක්ටේන් වැනි) වල අඩංගු සංයෝග පමණක් භාවිතා කරනු ලබයි.ටයර (Tyre)2009 දී 1998 සිට 2008 දක්වා භාවිතා කරන ලද ටයර් වෙනුවට සිනිඳු ටයර් නැවත හඳුන්වා දෙන ලදි.ටයර් පසුපස පළල 405  mm(15.9 in) ට වඩා වැඩි නොවිය යුතු අතර ඉදිරිපස 245  mm-305 mm අතර විය යුතුය.සාමාන්‍ය මෝටර් රථ ටයර් වල ආයු කාලය 80,000km වන අතර ෆෝමියුලා වන් මෝටර් රථ ටයරයක් උපරිම භාවිතා කල හැක්කේ 300km ක පමණ දුරක් පමණි.මාර්ගය වියලිව පවතින විට භාවිතා කරනු ලබන්නේ ඉතාමත් මෘදු මතුපිටක් සහිත ටයර වේ.(slick types).ෆෝමියුලා වන් සඳහා ටයර් වර්ග 5ක් ඇත.මේවා C1 සිට C5 ලෙස ලේබල් කර ඇත.2ක් තෙත මතුපිටට භාවිත කරන අතර වියලි මතුපිට සඳහා වර්ග 3ක් ඇත.Tyreතිරිංග (Breaks)සෑම රෝදයකම ඩිස්ක් බ්‍රේක් භාවිතා වේ.මෙම තිරිංග සෙල්සියස් අංශක 1000ක් දක්වා අධික උෂ්ණත්වයකට ඔරොත්තුදෙන ලෙස නිර්මාණය කර ඇත. F1  මෝටර් රථයක් 200 km/h සිට 0 km/h දක්වා තත්පර 2.9කින් ගෙන ආ හැකිය.Breakත්වරණය (Acceleration)පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා (පැයට සැතපුම් 62):තත්පර 2.4පැයට කිලෝමීටර 0 සිට 200 දක්වා (පැයට සැතපුම් 124):තත්පර 4.4පැයට කිලෝමීටර 0 සිට 300 දක්වා (පැයට සැතපුම් 186):තත්පර 8.4අද වන විට ප්‍රධාන වශයෙන් ෆෝමියුලා වන් මෝටර් රථ එන්ජින් නිෂ්පාදකයින් වන්නේමර්සිඩීස් බෙන්ස්,ෆෙරාරි,හොන්ඩා,රෙනෝල්ට්,මැක්ලරන්යන එන්ජින් නිෂ්පාදකයින් වේ.මෙහි ඇති භයානකම කරුණ වන්නේ මෙම ෆෝමියුලා වන් මෝටර් රථ තුළ එයාර් බෑග්(Air Bag) එකක් හෝ නොමැති වීමයි.
Shell script ලියන්න කලින් නටන්න ඕන Terminal තොවිලය - (Lesson 10)
Bash Shell Scripting එක්ක නටමු Terminal තොවිලය - (Lesson 9)Soft Links, Hard Links එක්ක Terminal තොවිලය - (Lesson 8)File System එකත් එක්කTerminal තොවිලය - (Lesson 7)Terminal එක හරහා Text Editorsවලට Terminal තොවිලය -(Lesson 6)වඩාත්ම වැදගත්Bashcommands 07, Terminalතොවිලයෙන්- (Lesson 5)Linuxaccesspermissions එක්කTerminal තොවිලය - (Lesson 4)Bash Shellඑක්කTerm…Android වැඩකාරයෝ - Premium Sinhala Tech News providerPrabhash Jayaweeraඊළඟ පාඩමේ අපි කෙළින්ම කතා කරන්නෙ Scripting ගැන. ඒත් ඊට කලින් කතා කළ යුතු පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික අද අපි කතා කරලා අවසන් කරමු. ඊට පස්සෙ අපිට පුළුවන් බය නැතිව වැඩේට බහින්න.Background ProcessesBackground processes කියන්නෙ, terminal එකට අපි ලබාදෙන මොකක් හරි කාර්යයක් background processes එකක් බවට පත් කිරීම. මේ ගැන දරුණුවට කතා කරන්න මගෙ බලාපොරොත්තුවක් නෑ. ඒත්, යම් තරමක දැණුමක් තියෙන එක වැදගත්.කමාන්ඩ් එකක් background එකට දාන්න අවශ්‍ය නම්, කරන්න ඕන දේ තමයි ඒ අදාළ කමාන්ඩ් එක පිටුපසට & එකක් එකතු කිරීම.උදාහරණයක් විදියටsleep 20 &මෙන්න මේ command එක ගන්න පුළුවන්. මේ කමාන්ඩ් එක&නැතුව run කළොත් වෙන්නෙ මොකක්ද කියලා ඔයාලා දන්නවා. කලින් අපි සාකච්ඡා කළා.&එකත් එක්ක මේ කමාන්ඩ් එක පාවිච්චි කළාම අපිට ඒ කලින් ලැබුණ ප්‍රතිඵලය ලැබෙන්නෙ නෑ. මොකද ඒ processes එක background එකට යවන නිසා. මේකෙ කිසි ප්‍රයෝජනයක් අපිට නෑ. මම තේරුම් කරවන්න අවශ්‍ය නිසයි මේක ගත්තෙ.අපි background එකට යැව්ව processes බලාගන්න run කරවන command එක තමයිjobsමේකෙන් අපිට පුළුවන් බලාගන්න අපි background එකට දැම්ම processes මොනාද කියලා.දැන් අපි මේකෙ නියම භාවිතයක් බලමු. අපිට අවශ්‍ය වෙනවා ඔයාගෙ Home directory එකේ full backup එකක් අරන් ඒක compressed file එකක් විදියට ලබාගන්න. අපි ඒකට මෙන්න මෙහෙම කමාන්ඩ් එකක් දෙන්න පුළුවන්. (මේ කමාන්ඩ් එක run කරන්න home directory එකේ ඉඩ හොඳට තියෙන්න ඕන.)tar -czf backup.tar.gz /home/userමේකට සෑහෙන වෙලාවක් යනවා. ඒ වෙලාව අතරතුර ඔයාට terminal එක භාවිතා කරන්න ඉඩ ලැබෙන්නෙ නෑ. ඒ නිසා ඔයාට පුළුවන් මේකtar -czf backup.tar.gz /home/user &මෙන්න මේ විදියට වෙනස් කරගන්න. එතකොට, background එකේ අදාළ processes එක වෙලා zip file එක හැදෙනතුරු ඔයාට පුළුවන් terminal එකේ තව වෙන වැඩක් කරන්න.දැන් මං හිතන්නෙ Background processes ගැන අවබෝධයක් තියෙනවා.හැම processes එකකටම processes id එකක් තියෙනවා. මේ id එක අපි processes එකක් background කරද්දි පෙන්නනවා. ඔයාට මේ processes එක අවසන් වෙන්න කලින් නවත්වලා දාන්න පුළුවන්killcommand එක පාවිච්චි කරලා.උදාහරණයක් විදියට,kill 6192මෙතනදි 6192 කියන්නෙ processes id එක.Background processes කතාව මෙතනින් අපි නවත්වමු. මේ ගැන වැඩිදුර විස්තර අවශ්‍ය කෙනෙක්ට අන්තර්ජාලය හරහා බොහෝ විස්තර ලබාගන්න පුළුවන්.Subshellඅපි shell script එකක් run කරවන අවස්ථා වලදි, දැනට භාවිතා වෙන shell එක නොහොත් parent shell එක විසින් අලුත් child shell එකක් හදනවා. ඒකට අපි කියනවා subshell එකක් කියලා. මෙන්න මේ subshell එකේ තමයි අපේ script එක run වෙන්නෙ. Parallel processing වලදි මේ subshells උදව් වෙනවා.Parentheses නැත්නම් වරහන් ඇතුළෙ ලියන කමාන්ඩ්ස් සමූහයක් run කරනකොට මේ subshell කියන concept එක භාවිතා වෙනවා. මේ වරහන් භාවිතා කිරීම අපිට කලින් අහුවුණ දෙයක්.උදාහරණයක් විදියට,(ls; pwd; date)ගන්න පුළුවන්. ඒ වගේම, background එකේ commands execute කරන්නත් මේ subshell උපකාරී වෙනවා.VariablesShell scripting වලදි විතරක් නෙවෙයි, හැම programming හෝ scripting language එකකම වගේ variables නොහොත් විචල්‍යයන් භාවිතා වෙනවා. මේවා ගැන අපි ඉදිරියට සාකච්ඡා කරනවා. අද මූලික දේවල් ටිකක් ඉගෙනගනිමු.Bash scripting වල අපි ප්‍රධාන වශයෙන් variables වර්ග දෙකක් පිළිබඳව කථා කරනවා.Environment variablesShell variablesමේ දෙකේම දත්ත රඳවා ගන්නෙ String format එකට. String එකක් කියන්නෙ වචනයක් කියන අර්ථය වගේ. Programming ගැන මූලික දැණුමක් තියේනම් අනිවාර්යයෙන් මේ ගැන දැණුවත් ඇති.Shell එකෙන් subshell එකක් ඕපන් කරන සැම විටකම parent shell එකේ තියෙන environment variables වල පිටපතක් subshell එකට යැවෙනවා. නමුත් shell variables එහෙම යැවෙන්නෙ නැහැ. Environment variables මඟින් shells අතර දත්ත හුවමාරු කෙරෙනවා.සාමාන්‍යයෙන් අපි Terminal එක විවෘත කරනකොට, predefined environment variables සෙට් එකක්ම එතන තියෙනවා. Predefined කිව්වෙ කලින් සකස් කළ කියන තේරුම. එහෙම හැදෙන predefined environment variables වලට උදාහරණ තමයි,HOME- ඔයාගෙ home directory එකට path එක.SHELL- ඔයා දැන් භාවිතා කරන shell එක.PATH- Shell commands හොයාගන්න භාවිතා වෙන, ඒවා ගබඩා කර ඇති path එක.HOSTNAME- Unix host name එක.PRINTER- දැනට භාවිතා වෙන printer එක.Predefined shell variables අපි ලියන්නෙ කැපිටල් අකුරින් බව සිහියේ තියාගන්න. මේවා ගොඩක් බලාගන්නenvcommand එක රන් කරවලා බලන්න. Environment variables වලට අපි Global variables කියනවා, මොකද මේවා subshells වලදී පවා භාවිතා කරන්න පුළුවන් නිසා.User විසින් define කරන shell variables අපිට රිසි සේ භාවිතා කරන්න පුළුවන් shell scripting කරද්දි. මේවා ලියන්නෙ සිම්පල් අකුරෙන්. මේවට අපි local variables කියලා කියනවා.අදට අපේ පාඩම අවසන්. ඊළඟ පාඩමෙන් අපි බලමු අපේ පළවෙනි shell script එක ලියන විදිය ගැන. නැවත හමුවෙමු, ඔබට ජය!Shell Scripting Terminal තොවිලය පටං ගමු - (Lesson 11)Shell Scripting වල ඇරඹුමඅපි පාඩම් දහයක් පුරාවට බොහෝ දේවල් ඉගෙනගත්තා. මේ පාඩම් ටික අනුගමනය කළ,ප්‍රායෝගිකව පුහුණු වුණ, නව දැණුම එකතු කරගත්ත සහ දැණුම සොයා ගිය කෙනෙක්ට Terminalඑක කියන්නෙ දැන් හුරු පුරුදු තැනක්. දැන් ඉස්සර වගේ කළු පසුබිමේ සුදු අකුරු වලට බියනොවී ඒවට ආදරේ කරන්න පුරුදු වෙන කාලෙ. GUI එකට…Android වැඩකාරයෝ - Premium Sinhala Tech News providerPrabhash Jayaweera
MariSilicon X chipset නිෂ්පාදනය නැවතීමට Oppo සූදානම් වේ
2021 වසරේදී OPPO සමාගම විසින් MariSilicon X Chipset එකත් සමඟින් ඔවුන්ගේම Custom Chipset එකක නිෂ්පාදන කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව ඔවුන් විසින්ම නිෂ්පාදනය කරන ලද MariSilicon X imaging NPU ඔවුන්ගේ OPPO Find X5 series එකට සහ වෙනත් උපාංග සඳහා ඇතුළත් කරනු ලැබුවා. ඉන් පසුව ඔවුන් විසින් MariSilicon Y Bluetooth Audio Chip එකත් එළිදැක්විමට කටයුතු කරනු ලැබුවා.කෙසේ වෙතත් OPPO සමාගමෙන් වාර්තා වන නවතම තොරතුරුවලට අනුව ඔවුන් විසින් ඔවුන්ගේ මේ Custom Chipset නිෂ්පාදනය කිරීමේ අංශය වන ZEKU Chip Design Unit එක වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ ගෝලිය වශයෙන් පවතින ආර්ථික අර්බුදයයි.Image Source -Oppo.comමෙලෙස OPPO සමාගම විසින් ඔවුන්ගේ Custom Chipset නිෂ්පාදනය කිරීමේ අංශය වසා දැමුවද එය දැනට මේ MariSilicon X Chipset භාවිත වන Smart Phones හෝ වෙනත් Devices සඳහා කිසිදු ගැටලුවක් ඇති නොවන අතර ඉදිරියේදි නිකුත් වීමට නියමිත Devices මේ MariSilicon X Chipset එක ඇතුළත් විමේ හැකියාවෙන්ද යුතු වනවා. කෙසේ වෙතත් ඉදිරියේදි නැවත මේ MariSilicon X Chipset නිෂ්පාදනයක් නොවනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.කෙසේ වෙතත් මේ Hybrid AI MariSilicon X Chipset එක ඔස්සේ OPPO සමාගමට ඔවුන්ගේ Devices සඳහා Powerful noise reduction, Better low-light photos & videos, Real-time viewfinder previews සහ Improved 4K HDR video ආදි වැඩිදියුණු කිරීම් ලබා දීමට හැකියාව ලැබුණා.Sources:Android AuthorityGsmarena
ලොව හොඳම දුරකතනය ලෙස Samsung Galaxy S21 Ultra 5G දුරකතනය සම්මානයට ප්‍රාප්ත වේ
මේ වසරේ Samsung සමාගමේ ප්‍රධාන Flagship Series එක ලෙස නිකුත් වුයේSamsung Galaxy S21 Seriesඑක පමණයි. ඊට ⁣හේතු වුයේSamsung සමාගම විසින් මේ වසර සදහා Note Series එකේ Smartphone නිකුත් නොකිරිමයි.ඒ කියන්නේ Samsung සමාගමේ මේ වසරේ හොදම Device එක මේ Samsung Galaxy S21 Series එක මගින් නිකුත් වුණ Galaxy S21 Ultra 5G Smart Phone එක ලෙස හදුන්වා දෙන්න පුලුවන්. Samsung සමාගමේ මේ වෙන විට හොදම Device එක ලෙස නිකුත් වුණ Galaxy S21 Ultra Smart Phone එක ලෙස දක්වන පුලුවන්.පසුගිය ජුනි 30 වෙනි දින පැවැති Mobile World Congress 2021 සම්මාන උළෙලේදි ලොව හොදම Smart Phone එක ලෙස Samsung Galaxy S21 Smart Phone එක සම්මානයට පාත්‍ර වි තිබෙනවා.Galaxy S21 Ultra 5G Smart Phone එක ලොව හොදම Smart Phone එක ලෙස තේරිමට හේතුව ලෙස විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර තිබුණේ Samsung සමාගම විසින් මෙතෙක් නිපදවන ලද හොදම Android Smart Phone එක වෙන අතර එහි ඇති සුපිරි Features, AMOLED Display එක, සුපිරි Camera Setup එක හා තවත් බොහෝ දේ මේ S21 Ultra 5G හි අඩංගු වෙන බවයි.ඒ වගේමSamsung Galaxy S20FESmart Phone එකත් ලොව හොදම Smart Phones අතරට තේරි පත්වි තිබුණා. මේ වෙන විට Samsung සමාගම විසින් ඔවුන්ගේ මිලග Flagship Devices Series එක ලෙස Samsung Galaxy S22 Series එක හදුන්වා දිමට ක⁣ටයුතු කරනු ඇති අතර මේ වසර අවසානයේ දි පමණ ඔවුන් විසින් Galaxy S21 FE Device එකත් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.Sources:Samsung,Sam Mobile
Meta සමාගම විසින් Threadsහි Web Version එක නිල වශයෙන් එළිදක්වයි
Twitter වෙත දැවැන්ත අභියෝගයක් ලබා දෙමින් Meta සමාගම විසින් පසුගියදා Threads නම් නව සමාජ මාධ්‍ය ජාලයක් හඳුන්වා දෙන ලදී. කෙසේවෙතත් මේ සඳහා තවමත් Web Version එකක් නොමැති වීම බොහෝ දෙනෙකුට ගැටලුවක් වී තිබෙන අතරම මුළු Sign Ups ප්‍රමාණය මිලියන 100 ඉක්මවුවද බොහෝ දෙනෙක් සක්‍රීය පරිශීලකයන් ලෙස නොසිටීමටද මෙය හේතුවක් වී තිබෙනවා.කෙසේ නමුත් පසුගිය දාThreads වෙත Web Version එකක් හඳුන්වාදීමට සූදානම් වන බවAndroid වැඩකාරයෝ අපි වාර්තා කළා ඔබට මතක ඇති.ඒ අනුව මෙහි Web Version එක පසුගිය අගෝස්තු 22වන දා නිකුත් කළ අතර ඊයේ දිනයේ පමණ සිට එය මෙරට ජනතාවට ඒ වෙත පිවිසිය හැකි වූවා. සාමාන්‍ය පරිදිම ඔබගේ Instagram ගිණූමෙහි Email, Password ලබාදී මේ වෙත Log විය හැකි අතර තවමත් App එකෙහි මෙන්ම නව ගිණුමක් සෑදීමට නම් මේ හරහාද නොහැකිවනවා.Threads App එකෙහි ඇති සියලු පහසුකම් ද මෙහි සමන්විත වන අතර Dark Mode එක සහ Light Mode එක වෙත Switch වීමේ හැකියාවද මෙහි ලබා දී තිබෙනවා.ඔයත් Threads භාවිතා කරනවා නම්මේ Link එකෙන්ගිහින් Android වැඩකාරයෝ අපිවත් Follow කරන්න අමතක කරන්න එපා. Threads Web Version එක ගැන ඔබේ අදහස කුමක්ද? කතා කරමු Comment Section එකෙන්.
Hard Drive එක Virtual RAM එකක් විදිහට භාවිතා කර​මු
සමහර අවස්ථාවලදී අපි Heavy Software එකක් Run කරාම අපේ Device එකේ Ram එක ඒ අදාල Software එකට අවශ්‍ය විදියට මදී නම් හෝ Background එකෙන් Run වෙන වෙනත් Apps එක්ක Run කරනකොට අපේ Ram එක Overload වෙලා Device එක Freeze වෙන්න ගන්නවා. මෙහෙම Ram එක Overload වෙන එක යම්තාක් දුරකට හරි අපිට අවම කර ගන්න පුලුවන් Hard Drive එකේ කොටසක් Virtual Ram එකක් විදියට භාවිතා කිරීමෙන්.මුලින්ම Task Manager ගිහිල්ලා දැනටමත් Default ම Create වෙන Virtual Memory එකේ Size එක බලාගන්න. ඒක Task Manager එකේ Memory යටතේ තියෙනවා.මේකේ Committed කියලා තියෙන්නේ දැනටමත් දැනටමත් Default ම Create වෙන Virtual Memory එකේ Size එක. ඒකෙන් දැනට Use වෙන ප්‍රමාණය, මුළු ප්‍රමාණයට වඩාත් ආසන්නයි නම් ඔයා Virtual Ram එක වැඩි කරගන්න එක කළ යුතුම දෙයක්. දැන් අපි බලමු කොහොමද Windows වලදී මේක කරගන්නේ කියලා.පියවර 01Windows Search එකේ Advanced System Settings කියලා Search කරලා එන Result එක Open කරගන්න.පියවර 02දැන් එහි Performance යටතේ තියෙන Settings Button එක Click කරන්න.පියවර 03දැන් එන Window එකේ Advanced Tab එකට ගිහින් Virtual Memory යටතේ ඇති Change Button එක මත Click කරන්න.පියවර 04දැන් එන Window එකේAutomatically Manage Paging File Size For All Drivesකියලා උඩින්ම තියෙන Checkbox එකේ Tick එක අයින් කරන්න.ඊට පස්සේ Custom Size කියලා තියෙන තැන Enable වෙනවා එතනInitial sizeකියන තැනටයිMaximum size කියන තැනටයි ඔයාට වැඩි කරගන්න ඕන GB ප්‍රමාණය MB වලින් ලබා දෙන්න.මෙතනදී GB ප්‍රමාණය ඇතුළත් කරන්න ඕන MB වලින් ඔයාට calculator එකේ unit converter එක පාවිච්චි කරලා හරි google search එකක් දාලා හරි ඔයාට අවශ්‍ය GB ප්‍රමාණය MB වලට convert කරගන්න පුළුවන්.පියවර 05දැන් OK කරලා Device එක Restart කරගන්න.මේක කරද්දි ගැටලු ආවා නම් අපේforumඑකට ඇවිලා බොහොම ඉක්මනින් ඒවාට විසඳුම් හොයාගන්නත් පුළුවන්.
U Series එක සමඟින් නැවතත් කරළියට එන hTC
Smart Phone ලොවේ රජු, නැතිනම් අංක 01 ලෙස අතීතයේ හැඳින්වෙන ලොව පළමු Android සහ Windows Smart Phones නිෂ්පාදකයා වු hTC ගැන ඔබ අසා ඇති බව නිසකයි. hTC සමාගමේ අතීතය පිළිබඳ අප මීට පෙර ගෙන ආ ලිපිය මෙතනින් බලන්න. විවිධ හේතුන් නිසා ඇති වු hTC Brand එකේ බිදවැටිම හමුවේ මේ වෙන වෙළෙඳපොළ පවතින Android Smart Phone Brands අතරින් මේ hTC කියන Smart Phone Brand එකත් අපිට ඇහෙන්න දකින්න ලැබෙන්නේ නැති තරම්.මේ ⁣වන විට hTC සමාගම විසින් නිකුත් කර ඇති නවතම Twitter සටහනට අනුව ඔවුන් විසින් නැවතත් ඔවුන්ගේ hTC U Series එකේ Smart Phone එකක් සමඟින් වෙළෙඳපොළ වෙත ඇතුළු වීමට සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්.#seeUsoon#HTC#viversepic.twitter.com/1q5AZKMbIY— HTC (@htc)May 5, 2023කෙසේ වෙතත් මේ Teaser Video Clip එකට අනුව මෙලෙස එළිදැක්විමට නියමිත පවතින hTC U Series Smart Phone එක අවසන් වරට 2018 එළිදැක්වු hTC U12+ Smart Phone එක මෙන් Flagship Device එකක් වේද, නැතිනම් 2020 වස⁣රේදී එළිදැක්වු hTC U20 5G මෙන Mid Range Device එකක් වේද යන්න පිළිබඳව තවමත් තොරතුරු වාර්තා වි නොමැති වුවත් මේය බොහෝ විට Flagship Killer Smart Phone එකක් විය හැකි බවට ඉගි පළ කෙරෙනවා. ඒ වගේම Metaverseහි hTC Version එක වන Viverse සමඟි මෙහි යම් සම්බන්ධතාවක් ඇති බවටත් අපිට දක්වන්න පුලුවන්. නමුත් AI සමඟින් පුවත් මවන 2023 වසරේ, Metaverse ?මේ ප්‍රශ්නාර්ථයත් සමඟින් ඉදිරියේදි නව hTC U Series Smart Phone එක ගැන තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමේ හැකියාව ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වන අතරම මේ Series එක කෙසේ වේවිද, මේ ඔස්සේ hTC Brand එකට Android Smart Phone වෙළෙඳපොළ සඳහා සාර්ථකව ඇතුළු විමේ හැකියාව ලැබේවිය යන්න අපි බලමු.Sources:9to5googleAndroidpolice
රත්තරන් වලට වඩා වටින දත්ත එක්ක ඔබේ ඩිජිටල් උපකරණ පරිස්සන් කරගන්න
ලෝකයම ඩිජිටල් වී ඇති යුගයක ඔබව ඩිජිටල් ලෝකයට සම්බන්ධ කරනු ලබන ඔබගේ පරිගණක සහ දුරකතන කියන්නෙ ඔබට සැබවින්ම ජීවිතයට නැතුවම බැරි උපාංගයන්. මෙම උපකරණවල ඇති විශේෂත්වය වන්නේ ඒවාට කොතරම් වෙළදපල මිලක් නියම කර ඇතිමුත් ඒවා පරිහරණයට ගත් පසු ඔබට ඒවාට මිලක් නියම කරලීමට නොහැකි වීමයි. දත්තයන් ලෙසින් අප සදහන් කරනු ලබන අපට සැබවින්ම මිල කල නොහැකි චායාරූප, වීඩියෝ පට, ලිපි ලේඛණ ආදිය මගින් පුරවනු ලබන ඕනෑම Smart දුරකතනයක් හෝ පරිගණකයක් ඉන්පසු අපගේ ජිවිතයේම කොටසක් වන්නේ ඒවායේ ඇති වටිනාකම මනාව සටහන් කරමිනි. කොතරම් අමිල වුවත් මේ දත්තවල ආරක්ෂාව ගැන නම් අපි සාමාන්‍යයෙන් එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ ඒවා අප සතුව පවතින තාක් අපට ඒවායේ වටිනාකම පසක් නොවන නිසාවෙනි.වර්තමානය වන විට ඔබ සතුව පවතින බොහොමයක් Smart උපකරණ වලට නිශ්පාදනයේදීම දත්තවල ආරක්ෂාව තහවුරු කරන මෘදුකාංගයන් එක් කරනු ලබන්නේ ඔබට පහසුවෙන්ම ඒවා සක්‍රීය කරගැනීමට හැකි ලෙසිනි. මෙම සේවාවන් බොහොමයක මූලිකම අරමුණ වන්නේ ඔබ සතුව පවතින දත්තයන් නිසි ආරක්ෂාවක් සහිතව ගබඩා කොට තබාගෙන ඔබට අවශ්‍යය වූ විට නැවත ලබාදීමයි. බොහෝ විට දත්ත උඩුගත (Upload) වීම සදහා ඔබට අමතර දත්ත ප්‍රමාණයක් ඔබගේ අන්තර්ජාල සේවාව හරහා ලබාදීමට සිදුවීම නිසාවෙන් බොහෝ පිරිසක් ඒවා ක්‍රියාත්මක නොවන ලෙසින් සකස් කරලීම ඇත්තටම එතරම් නුවණට හුරු ක්‍රියාවක් නොවන්නේ ඔබට දත්ත නැති වූ පසු කොතරම් පසුතැවිලි වූවත් ඒවා නැවත ලබාගැනීමට නොහැකිවන නිසාවෙනි.Google DriveAndroid වර්ගයේ Smart දුරකතන සදහා බොහෝ නිශ්පාදකයන් මෙම යෙදවුම නිශ්පාදනයේදීම එකතු කරන අතර එය ඔබට නොමිලේ 15GB දත්ත ප්‍රමාණයක් දක්වා භාවිතා කරලීමට ඉඩකඩ සලස්වා ඇත්තේ පාරිභෝගිකයන්ගේ මුලික අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් වන පරිද්දෙනි. අවශ්‍යය නම් 30Tb දක්වා වුවද මෙම ප්‍රමාණය වැඩි කරගැනීමට හැකියාව ලබාදී ඇත්තේ රුපියල් 300කට ගිගාබයිට් 100ක් ලෙසින් ආරම්භ වන මුදල් ගෙවා ලබාගත යුතු සේවාවක අවසාන දිගුව ලෙසයි.මෙම සේවාව Android Smart දුරකතන සදහා පමණක් සීමා නොවන අතර එය ඉතාමත් පහසුවෙන්ම ඔබට ඔබගේ ඕනෑම වර්ගයේ Smart දුරකතනයක් සදහා මෙන්ම ඔබගේ පරිගණක සදහාද ලබාගැනීමට හැකියාව පවතින්නේ ඔබ විසින් තැන්පත් කරනු ලබන දත්තයන් ඕනෑම අවස්ථාවක ඔබට ලබාගැනීමට අවශ්‍යය ඉඩකඩ ලබාදෙමිනි. මෙම වර්ගයේ අනෙකුත් සේවාවන්ට සාපේක්ෂව දත්ත සදහා ඉතාමත් ඉහළ ආරක්ෂාවක් ලබාදෙන Google drive සේවාව මගින් ඔබට ඔබගේ ජායාරූප, වීඩියෝ පට කාර්‍යාලීය වැඩ කටයුතු වලට අවශ්‍යය වන ලිපි ලේඛණ මෙන්ම ඔබගේ දුරකතන නාමාවලිය මෙන්ම WhatsApp වැනි වෙනත් යෙදවුම් වල දත්තයන්ද ආරක්ෂිතව ගබඩා කරලීමටද හැකියාව ලබාදී ඇත්තේ ඉතාමත් පුළුල් ලෙසින් සේවාව භාවිතා කරලීමට ඉඩකඩ සල්ස්වාලමිනි.Apple iCloudApple නිශ්පාදන සදහාම නිර්මාණය කර ඇති මෙම සේවා මගින් ඔබට නොමිලේ ගිගාබයිට් 5ක් දක්වා දත්තයන් පහසුවෙන්ම අරක්ෂිතව තැන්පත් කරලීමට හැකියාව ලබාදෙයි. එමෙන්ම ඔබට මසකට ඩොලර් 0.99ක් හෙවත් ආසන්නව රුපියල් 350ක වැනි මුදලකට අමතර ගිගාබයිට් 50ක් ලබාගත හැකි අතර අවශ්‍යතාව පරිදි එම ප්‍රමාණය ටෙරාබයිට් 2කක් දක්වා පහසුවෙන්ම ඉහළ දමාගැනීමට ඉඩකඩ ලබාදී ඇත.ඔබ විසින් සාදාගනු ලබන එක් ගිණුමක් සදහා මෙම පහසුකම ක්‍රියාත්මක වන අතර එමගින් ඔබට එම ගිණුම හරහා පාලනය වන සියලුම ඇපල් උපකරණ වල දත්ත පහසුවෙන්ම කළමනාකරණය කරගැනීමට මේ හරහා ඉඩකඩ සල්ස්වා ඇත්තේ තවත් අමතර වාසියක්ද ඔබට ලබා දෙමිනි. මෙම සේවාවන් වලට අමතරව DropBox, OneDrive, PCloud ආදී ලෙසින් තවත් සේවාවන් බොහොමයක් ඔබට අන්තර්ජාලය හරහා සොයාගැනීමට හැකියාව ඇති අතර ඒවා සියල්ලම පාහේ ක්‍රියාත්මක වන්නේ එකම ක්‍රමවේදයකට නිසාවෙන් ඔබට පහසුවෙන්ම ඒවා භාව්තා කරලීමට ඉඩකඩ ඇත්තේ ඔබගෙ දත්තයන් ඔබගේ අවශ්‍යතාවය පරිදි කළමනාකරනය කරමින් ආරක්ෂාකරගැනීමට ඉඩකඩ සලසා දෙමිනි.ඔබ විසින් තෝරාගන්නා ලැබූ සේවාව සදහා ඔබ සම්බන්ධවී සිටින අතරතුර ඔබගේ සියලුම දත්තයන් සේවා සපයන ආයතන මගින් නඩත්තු කරනු ලබන ආරක්ෂිත සර්වර් පරිගණක වල තැන්පත් කරනු ලබන අතර තවදුරටත් ඔබගේ දත්තයන් වල අමතර පිටපතක්ද ආරක්ෂිතව තවත් පරිගණක කිහිපයක තැන්පත් කරනු ලබන්නේ අමතර ආරක්ෂාවක්ද ඔබගේ දත්ත වෙත ලබා දෙමිනි. ඔබගේ පරිගණකය හෝ ජංගම දුරකතනය අහිමිවීමකදී ඔබට තව දුරටත් ඔබගේ දත්ත අහිමිවීමක් මෙම සේවාවන් නිසාවෙන් සිදු නොවන අතර ඒවා නැවත ලබාගැනීමට ඔබට අවශ්‍යය වන්නේ එම සේවාවන් වල ගිණුම් සෑදීමට ලබාදුන් ඊමෙල් ලිපිනය සහ මුරපදය පමණක් වීම මෙහි ඇති විශේෂත්වයයි.දත්ත සෑම විටම පිටපත් කොට තබාගැනීම මෙන්ම දත්තයන් ගබඩා කර ඇති දුරකතන සහ පරිගණකද ආරක්ෂිතව තබා ගැනීම සෑම විටම වැදගත් වන්නේ බොහොමයක් අවස්ථවලදී ඒවායෙ පාලනය ඔබගෙන් ගිලීහීම ඔබට අනවශ්‍යය කරදර රැසකට මුල් වන නිසාවෙනි. වර්තමානය වන විට අපට අප විසින් භාවිතා කරනු ලබන උපකරණ වල ආරක්ෂාව විදික්‍රම දෙකකට සලසා ගත යුතුව ඇත්තේ අන්තර්ජාලය හරහා එල්ල වන හැකර් ප්‍රහාර වෛරස් ප්‍රහාර හරහාද ඔබගේ දත්තයන් පහසුවෙන් අන්සතු වීමට මෙන්ම අහිමිවී යාමට ඉඩ ඇති නිසාවෙනි.මේ වන විට බොහෝ විට හැකර් ප්‍රහාර සහ වෛරස් ප්‍රහාර ආදිය මගින් පිටස්තරයන් බලාපොරොත්තු වන්නේ ඔබට මිල කල නොහැකි ඔබගේ දත්ත වලට අසාධාරණ ලෙස මිලක් නියම කොට ඔබගෙන් මුදල් ලබාගැනීමයි. මෙවැනි ප්‍රහාරයන්ට ලක්වූ විට ඒවා මගින් හානි වන දත්ත නැවත ලබාගැනීම බොහෝ අවස්ථාවන් වලදී කල නොහැකි කාර්‍යයක් වනවා මෙන්ම අනවශ්‍යය ලෙස ඔබගේ දත්ත නිරාවරණය වීම නිසා ඔබගේ පෞද්ගලිකත්වයටද හානි සිදුවන්නේ ඒවා පිටස්තරයන් අතට පත්වන නිසාවෙනි.එමෙන්ම මේවායේ ඇති අනෙක් බැරෑරුම්කම වන්නේ ඒම හානිදායක මෘදුකාංග මගින් පහසුවෙන්ම ඔබගේ දත්ත ගබඩාවලට ලගාවී ඒවාටද හානි සිදු කරලීමට ඔවුන්ට හැකියාවක් ලැබීම නිසාවෙනි. එමෙන්ම සමහර අවස්ථාවන් වලදී ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම්ද මේවායේ පහසු ඉලක්ක බවට පත්වී ඇත්තේ හානිය තව දුරටත් දරුණු කරමිනි. බොහෝ විට මෙවැනි සිදුවිම් වලක්වා ගැනීමට අපට ගත හැකි සරලම පියවර වන්නේ යාවත්කාලීන (Update) කරන ලද ප්‍රතිවෛරස් (Anti Virus) මෘදුකාංග භාවිතා කරලීමයි. Avast, Kaspersky, Mcafee වැනි ඉතාමත් ජනප්‍රිය ප්‍රතිවෛරස් මෘදුකාංග රැසක් මේවන විට වෙළදපලේ ඇති අතර බොහොමයක් ඒවා නොමිලේම භාවිතා කරලීමට අවශ්‍ය ලෙසින් ඔවුන්ගේ සේවාවන් ගෙන් කොටසක් නිකුත් කර ඇති නිසාවෙන් මේවායේ සේවාව ඉතාම පහසුවෙන් මෙන්ම මුදලක් වියදම් කිරීමෙන් තොරවද ඔබට ලබාගැනීමට හැකියාව පවතී.මෙම මෘදුකාංග සියල්ලම පාහේ සෑම විටම නවතම වෛරස් මෘදුකාංග සම්බන්ධයෙන් යාවත්කාලීන වන මුත් සමහර අවස්ථාවන් වලදී අපගේ නොසැලකිල්ල නිසාවෙන් ඒවා මගින් ලබාදෙන ආරක්ෂාවද ඉක්මවා හැකර් ප්‍රහාරයන්ට ලක්වීමට ඉතාමත් විශාල ඉඩකඩක් ඇත්තේ කොපමණ මෘදුකාංග නිර්මාණය උවද සෑම විටම ප්‍රවේසම්කාරී ලෙසින් අන්තර්ජාලය භාවිතා කරලීමේ ඇති වැදගත්කම මනාව පෙන්වා දෙමිනි. ඔබ මොන තරම් දත්තවල ආරක්ෂාව වෙනුවෙන් පිලියම් යොදා තිබුනද ඒවා සියල්ලම වැදගත් වන්නේ ඔබගේ දුරකතනය හෝ පරිගණකය අස්ථාන ගතවී හෝ නැවත භාවිතා කරලීමට නොහැකි අයුරෙන් විනාශවී ගියහොත් පමණි.ඔබට දත්තවල වටිනාකම මෙන්ම ඉතාමත් විශාල මුදලක් වියදම් කරමින් මිලදීගත් ඔබගේ ජංගම දුරකතනය සහ පරිගණකය ඔබට මිල කල නොහැක්කේ වර්තමානය වන විට ඒවායේ මිලද අධික ලෙස ඉහල ගොස් ඇති නිසාවෙනි. අනතුරකින් සිදුවන හානි වලක්වා ගැනීමට ඔබට ඇත්තේ සීමිත ඉඩකඩක් වුවත් ඔබට ඔබගේ දුරකතනය අස්ථාන ගතවීමකදී පහසුවෙන්ම සොයාගැනීමට අවශ්‍යය තාක්ෂණික ක්‍රියාමාර්ගයන් නම් බොහොමයක් ඉන් පෙරදී ස්තාපානය (Install) කරලීමට හෝ ඒවා ක්‍රියාත්මක කරලීමට (Active) අවශ්‍යය පහසුකම් නිශ්පාදනයෙදීම නිශ්පාදකයන් විසින් ලබාදීඇත්තේ බොහොමයක් සිදුවන අස්ථාන ගතවීම් වලට ඉතාමත් හොද පිළිතුරක් ලබාදෙමිනි.ඔබගේ ජංගම දුරකතනයේ වර්ගය කුමක් වුවත් වර්තමානය වනවිට සෑම දුරකතනයකම පාහේ ඇති ප්‍රධානම පහසුකමක් වන්නේ GPS තාක්ෂණයයි. මෙම තාක්ෂණය භාවිතාවෙන් ඔබගේ දුරකතන වලට නිශ්පාදනයේදීම එක්කොට ඇති මෘදුකාංග මගින් සෑම අවස්ථාවකදීම බොහොමයක් දුරකතන වල අවසන් වරට තිබූ ස්ථානයේ GPS සලකුණු ඒවා ගබඩා කරලීමට සකස් කර ඇති සර්වර් පරිගණකය තැන්පත් කරනු ලබන්නේ ඔබටම පමණක් ලබාගැනිමට හැකි ලෙසිනි. මෙම දත්තයන් මගින් ඔබට පහසුවෙන්ම ඔබගේ නැති වූ දුරකතනය සොයාගැනීමට හැකියාව ලැබෙන අතර ඔබ භාවිතා කරනු ලබන්නේ Android වර්ගයේ Smart දුරකතනයක් නම් එක පහසුකම ඔබට Google හරහා ලබාදෙන අතර එම සේවාව ඔබටhttps://www.google.com/android/find/යන වෙබ් ලිපිනය ඔස්සේ ලබා ගැනීමට හැකියාව පවතී.එමෙන්ම ඔබ භාවිතා කරනු ලබන්නේ Apple වර්ගයේ Smart දුරකතනයක් නම් එම සේවාවhttps://www.apple.com/icloud/find-my/හරහා ලබාගත හැකි අතර මෙම සේවාවන් භාවිතා කරලීමේදී ඔබ විසින් දුරකතනයේ තිබූ ඊමෙල් ලිපිනය සහ ඒ සදහා භාවිතා කල මුරපදය ලබාදිය යුතු අතර ඉන්පසු මීටර කිහිපයක නිරවද්‍යතාවකින් යුතුව ඔබට අවසන් වරට ඔබගේ දුරකතනය රැදී තිබූ ස්ථානය පෙන්වනු ලබයි.මෙම සේවාව ඔබට ලැප්ටොප් වර්ගයේ පරිගණකයදී හෝ ඔබගේ ඩෙක්ස්ටොප් වර්ගයේ පරිගණයක් සදහා භාවිතා කරලීමට නොහැකි වුවත් ඒවාද වර්තමානය වනවිට IP Address හෙවත් අන්තර්ජාලයට සම්බන්ධවීමේදී අන්තර්ජාල සේවාදායකයා (ISP) විසින් ලබාදෙන ලිපිනය හරහා හදුනාගැනීමට හැකියාව පවතී.මෙ නිසාවෙන් ඔබ විසින් මෙම භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදුන් ඉන්වොයිස් පත්‍රය ප්‍රවේසමෙන් තබාගත යුත්තේ එය සමග පොලීසියට ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ලක් හරහා ඔබට ඔබගේ නැතිවූ පරිගණකය හෝ ජංගම දුරකතනය නැවත ලබාගැනීමට යම් අවස්ථාවක් ලැබෙන නිසාවෙනි.මෙම පහසුකම් සියල්ලම ඔබට නොමිලේම ලබාදෙන සේවාවන් මගින් මෙන්ම අවශ්‍යය නම් Avast, Kaspersky වැනි මෘදුකාංග හරහා අමතර මුදලක් වැය කරමින් තව දුරටත් වැඩි දියුණු කරන ලද ආරක්ෂාවක් සහිතව ලබාගැනීමට හැකියාව පවතින්නේ ඒවා මගින් ලබාදෙන වෛරස් මෘදුකාංග ආරක්ෂාවට අමතර පහසුකමක් ලෙසයි.බොහෝ විට කාර්‍යාලීය භාවිතාවන් සදහා සුලු මුදලක් ලබාදී මෙවැනි ආරක්ෂක මෘදුකාංග ලබාගැනීමට යොමුවීම සැබවින්ම නුවැණිති කාර්‍යයක් වන්නේ ගෙවන මුදලත් සමග ඔබට අමතර වගකීම් සහතිකයක්ද ඔවුන් විසින් ලබා දෙන නිසාවෙනි.මෙම සියලුම පියවරවල් ඔබ විසින් දුරකතනය හෝ පරිගණකය අස්ථාන ගතවීමට ප්‍රථම ලබාගත යුතු ඒවා වන නිසාවෙන් හැකි සෑම පියවරක්ම නිවැරදිව භාවිතා කරලීම ඔබට අනාගතයේ සිදුවීමට ඇති කරදර රාශියකින් ඔබව පහසුවෙන්ම ආරක්ෂා කරලීමට මග පාදනු ඇත්තේ තාක්ෂණය කොතරම් දියුණු වුවත් සෑම විටම පෙර සූදානමේ ඇති වැදගත්කම නැවත නැවත සිහි ගන්වමිනි.
Samsung Galaxy S24 Series එක සඳහාත් Plus Model එකක්?
Samsung සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Galaxy S Series එක සමගින් සෑම වසරේදීම Galaxy S, Galaxy S Plus සහ Galaxy S Ultra ලෙසින් Models තුනක් නිකුත් කරමින් සිටිනවා. කෙසේ වෙතත් මීට පෙර අන්තර්ජාලය තුළ තොරතුරු වාර්තා වුයේ Samsung සමාගම විසින් එළඹෙන 2024 වස⁣රේදී එළිදැක්විමට නියමිත Galaxy S24 Series එක තුලින් Galaxy S Plus Model එක ඉවත් කිරිමට සුදානමින් සිටින බවයි.අන්තර්ජාලය තුළ වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Samsung සමාගම විසින් සුපුරුදු පරිදිම Galaxy S, Galaxy S Plus සහ Galaxy S Ultra ලෙසින් එළඹෙන වස⁣රේදී ඔවුන්ගේ නවතම Galaxy S24 Series එක නිකුත් කිරිමට සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්.ඒ එළඹෙන වසරේදී එළිදැක්විමට නියමිත Galaxy S24 Series එක "Muse" යන Code Name එකෙන් යුතුව හැඳින්වෙන බවත් මින් Galaxy S24 Model එක "Muse 3" ලෙසින් හැඳින්වෙන බවත් අන්තර්ජාලය තුළ පළවීමත් සමඟයි. එම තොරතුරුවලට අනුව Muse 1 ලෙසින් Galaxy Model  එකත්, Muse 2 ලෙසින් Galaxy S24 Plus Model එකත් සහ Muse 3 ලෙසින් Galaxy S24 Ultra Model එකෙත් Code Names දැක්විය හැකි වනවා.Sources:SammobileAndroidauthorityCover Image Source: Phone Arena
මෙගා පික්සල් 200ක කැමරාවක් සමඟින් රජකරන්න සැ​රසෙන Samsung Galaxy S23 Ultra
Samsung සමාගමේ මීලග S Series ජංගම දුරකථනය ලෙස Samsung Galaxy S23 හා Samsung Galaxy S23 Ultra යන දුරකථන ඉදිරි වසරේදී නිකුත් වීමට නියමිතයි. එහිදී Samsung Galaxy S23 Ultra smartphone එක 200MP ක දැවැන්ත Camera Setup එකකින් සමන්විත වන බව බොහෝ වාර්තාවලින් හෙළි වී තිබෙනවා.Galaxy Club වෙබ් අඩවියෙහී පළවූ වාර්තාවකට අනුව Galaxy S23 Ultra හි 200MP Camera Setup එක ස්ථිර වශයෙන්ම පැමිණෙනු ඇතැයි නිල වශයෙන් දක්වා තිබෙනවා. මෙය Galaxy S22 Ultra සමග සැසදීමේදී Design එකෙහි විශාල වෙනසක් දක්නට නොලැබෙන නමුත් Camera Setup එකේ විශාල වැඩි දියුණු වීමක් සිදුවනු ඇති බවයි විශ්ලේෂකයන්ගේ මතය වන්නේ.කෙසේ වෙතත් ඉහල Pixel ප්‍රමාණයක් තිබු පමණින් හොද තත්වයේ Photos Capture කරගැනීමට හැකි නොවන නමුත් එම Pixel ප්‍රමාණය සමගින් Details ඇතුළුව High Resolution Images Capture කර ගැනීමට Galaxy S23 Ultra එකේ 200MP Sensor එකෙන් හැකි වනවා. මෙම වසරේ නිකුත් වූ Galaxy S22 Ultra හී Camera Setup එක ද හොදම Camera Setup වලින් එකක් වූ හෙයින් S23 Ultra හී Camera Setup එකද විශිෂ්ට අත්දැකීමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කල හැකියි.S23 Ultra හී Camera Setup එක ගත් විට එය 10X Zoom සමගින් 10MP Periscopic Telephoto Lens එකකින් ද, 3X Optical Zoom ලබාදෙන 10MP Telephoto Module එකකින් ද යුක්ත වනවා. කෙසේ වෙතත් මෙහි Ultra-wide Camera Lense පිළිබදව කිසිදු වාර්තාවක් මේ වනවිට ලැබී නැති වනවා.Sources:GizmochinaGalaxy Club
Huawei සමාගම Apple සමාගම මෙන්ම බලවත් බව Qualcomm සමාගමේ නව CEO ප්‍රකාශ කරයි
මෙම මස ආරම්භයේදීම Qualcomm හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නිළ වශයෙන් වැඩ භාරගත් Cristiano Amon මහතා ඔහුගේ පළමු සම්මුඛ සාකච්ඡාව පවත්වා තිබේ. එහි වාර්තාවට අනූව චීන වෙළෙඳපොළෙහි Qualcomm Chips අලෙවිය විශාල හා ශක්තිමත් කරගැනීම මොවුන්ගේ අරමුණ වන අතර තවදුරටත් ආදායම් වර්ධනයක් අපේක්ෂා කරයි.මෙහිදී Huawei සමාගම Android අතහැර යාම පිළිබඳවද මොහු සඳහන් කර තිබේ. මොහු පවසන්නේ Huawei සමාගම Android අතහැර යාම විශාල හිඩැසක් ඇතිකළ බවයි. ඊට අමතරව ඔහු මෙහිදී විශේෂයෙන් ගෙන හැර දක්වා ඇත්තේ Huawei සමාගම යනු Apple සමාගම මෙන්ම විශාල පාරිභෝගිකයන් පිරිසක් සිටින, එමෙන්ම Apple සමාගමට සම කලහැකි බලවත් සමාගමක් වන බවයි.චීන වෙළෙඳපොළ තුළ ව්‍යාපාර කටයුතු කිරීම ගැන කතා කරන විට, Amon මහතා ගනුදෙනුකරුවන්ගේ කොන්ත්‍රාත් ස්වභාවය සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම්වලට ගරු කිරීම පිළිබඳව ප්‍රශංසා කර ඇත.  එමෙන්ම Qualcomm සමාගම Chips අලෙවියෙන් ලබාගත් ඩොලර් බිලියන 16.5 ක ආදායමෙන් ඩොලර් බිලියන 12.8 ක ප්‍රමාණයක් උපයාගෙන ඇත්තේ ජංගම දුරකථන සඳහා නිකුත් කළ Chips හරහාය.  එම නිසා මෙය අතපසු කළ නොහැකි ප්‍රධාන ව්‍යාපාරයක් වන අතර එය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව Cristiano Amon මහතා පවසයි.මීට අමතරව සමහර විශ්ලේෂකයින් සඳහන් කරන්නේ Qualcomm හි වෙළඳනාමය පිළිබඳ දැනුවත්භාවය Intel සහ NVIDIA තරම් හොඳ තත්ත්වයක නොමැති බවයි.  එමෙන්ම Snapdragon චිප්ස් සඳහා නව සන්නාම උපාය මාර්ගයක් (Brand Strategy) සකස් කර ඇති බව Cristiano Amon මහතා ඉඟි ලබාදී තිබේ.Source:GizChina
දුරකථන සඳහා සෘජුව Starlink සම්බන්ධතාව ලබා දීමට T-Mobile සමග SpaceX සුදානම් වේ
Startlinkකිව්වම මේ වෙන විට නොදන්න කෙනෙක් නැති තරම්. කෙටියෙන් මේ Starlink ගැන කියනව නම් ඉතින් ඒක තමයි Elon Musk විසින් සැටලයිට් උපයෝගී කරගෙන දියත් කර තිබෙන අධිවෙිගී අන්තර්ජාල පහසුකම. කෙටියෙන්ම ගත්තොත් මේ ඔස්සේ ලෝකයේ ඕනෑම ස්ථානයක සිට Internet එකට access කරන්න පුලුවන්. ඒක සමහර විට Cell Phone Connection නැති හද්ද පිටිසර ගමක් වෙන්නත් පුලුවන්. එහෙම නැත්තන් ඇලස්කාව, සහරා කාන්තාරය වගේ Isolated වෙච්චි තැනක් වෙන්නත් පුලුවන්.2015 වසරේදී Elon musk විසින් ලෝකයට හදුන්වාදීපු මේ අදහස එක්කම 2019 වසරේ මැද භාගය වනවිට ඔවුන් Startlite Launch කිරීමට කටයුතු කරනවා. ඒ සිට මේ දක්වා Satellite 3580 ඔවුන් විසින් දියත්කර තිබෙනවා.නමුත් මේ දක්ව‍ා මූලිකවම තිබුන ගැටළුව තමයි කොහොමද අතරමැදි Hardware නොමැතිව Mobile Phone එකක් මේ Satellite සමග ‍සම්බන්ධ කරන්නෙ කියන එක. මේ සදහා USA හි T-mobile ආයතනය සමග සම්බන්ද වී වැඩ කටයුතු කරන්න Starlink සමාගම කටයුතු ආරම්භ කර තිබෙනවා.Hofeller: SpaceX plans to "start getting into testing" its Starlink satellite-to-cell service "this year."— Michael Sheetz (@thesheetztweetz)March 13, 2023මූලික ව‍ශයෙන්ම මොවුන් මෙය මේ වසරේදී පරික්ෂා කිරිමට සුදානමින් සිටින අතර මේ ඔස්සේ 2-4Mbits පමණ වේගයක් එක් Cell Zone එකක් සදහා ලබා දිය හැකි වෙනු බවත් දැක්වෙනවා.ඔවුන් මේ මගින් බලාපොරොත්තු වෙන්නෙ පළමුවෙන්ම USA හි මෙතෙක් කිසිදු Cellular Company එකකින්වත් ආවරණය නොවු, කෙටියෙන්ම කිවුවොත් Dead Zone ආවරණය කරන එකයි.Sources:BGREngadget
Samsung සමාගම විසින් Premium Fold අත්දැකීම MidRange පාරිභෝගිකයන් සඳහාත් ලබා දීමට සුදානමක්?
Samsung සමාගමේ මේ වන අතිශය ජනප්‍රියත්වයට පත් වී තිබෙන Premium Smartphone Series එකක් ලෙස Galaxy Z Fold සහ Flip Smartphone Series එක දක්වන්න පුලුවන්. වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Samsung සමාගම විසින් ඔවුන්ගේ මේ Premium Fold අත්දැකීම තම Mid-Range පාරිභෝගිකයන් සඳහාත් ලබා දීමට සුදානම් වන බවට දක්වන්න පුලුවන්.ඒ අනුව එළඹෙන වසෙර්දී ඔවුන් විසින් ඩොලර් 400-500ක මිලකින් Galaxy Foldable Smartphone එකක් එළිදැක්වීමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.කෙසේ වෙතත් මෙලෙස Z Fold Device එකක් නිකුත් කිරීමට වඩා Z Flip Device එකක් නිකුත් කිරීමට වැඩි ඉඩ කඩක් පවතින බවට දක්වන්න පුලුවන්. ඒ Z Fold Device එකක් ඩොලර් 1800ක් පමණ වන විට, Z Flip Device එක ඩොලර් 1000 පමණ වීමයි. එම නිසා බොහෝ විට Budget Foldable Device එක ලෙසින් Galaxy Z Flip Device එකක් නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.මෙලෙස ඩොලර් 500 පමණ මිලකට හෝ Galaxy Z Flip Device එකක් නිකුත් කිරීමට Samsung සමාගමට හැකි වුවහොත් මේ වන විට වෙළදපොළ පවතින Motorola RAZR සහ TECNO Phantom V Flip වැනි Foldable Devices සඳහා හොද තරගයත් ලබා දීමට Samsung සමාගමට හැකි වනු ඇතැයි දක්වන්න පුලුවන්.Source:androidauthority.com
අදින් පසු අවසන් ගමන් යන කටාර් හි Stadium 974
පාපන්දු යනු සුවහසක් ලෝකවාසී ක්‍රීඩාලෝලීන්ගේ ජනප්‍රියතම ක්‍රීඩාව බව පාඨක ඔබ මෙන්ම මා ද හොඳින්ම දන්නා කරුණකි. එම පාපන්දු ක්‍රීඩාවේ වසර 4කට වරක් පැමිණෙන උත්කර්ෂවත්, ක්‍රීඩාශීලී හා ජවසම්පන්න තරඟාවලිය මේ වන විට කටාර් රාජ්‍යයේදී පැවැත්වේ. 2010 වසරේදී 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබාගත් කටාර් රාජ්‍ය ඒ සඳහා පෙර නොවූවිරූ අන්දමින් සූදානම් වූයේ ප්‍රේක්ෂකයන් හට මෙන්ම ලෝකවාසී සියල්ලන්ටම නැවුම් අත්දැකීම් සමුදායක් ලබාදීමේ අරමුණ පෙරදැරි කරගෙනය.එලෙස ආරම්භ වූ 2022 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සඳහා කටාර් රාජ්‍ය ඩොලර් බිලියන 220 ක පමණ ආයෝජනයක් සිදුකර තිබීම ප්‍රධාන කරුණකි. එමෙන්ම මේ සඳහා ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩාංගන 8ක් ඉදිකිරීමටත් මොවුන් පියවර ගත්හ. මේ පිළිබඳව සහ තවත් FIFA 2022 හා සම්බන්ධ පාඨක ඔබ වෙත වැදගත් වන තාක්ෂණික කරුණු රැසක් මේ වන විටත් අප විසින් ලබා දී ඇත. ඒ පිළිබඳව දැනුවත් වීම සඳහා පහත සබැඳීන් වෙත යොමුවන්න.FIFA 2022 හා සම්බන්ධ ලිපි වෙත පිවිසීම සඳහා.පාපන්දු ලෝක කුසලානයා සමාරම්භය සහ කටාර් රාජ්‍යයේ සූදානම.Semi-Automated Offside තාක්ෂණය පිළිබඳව.Goal Line Technology පිළිබඳව.FIFA Player App පිළිබඳව.මෙම ලිපිය රැගෙන එනු ලබන්නේ එලෙස නිර්මාණය කළ එක් ප්‍රධානතම ක්‍රීඩාංගනයක් වන Stadium 974 හි නික්මයාම පිළිබඳවයි.Stadium 974 පිළිබඳවStadium 974 ක්‍රීඩාංගනය - www.voanews.comමෙම ක්‍රීඩාංගනය පිහිටා ඇත්තේ කටාර් රාජ්‍යයේ Ras Abu Aboud ප්‍රදේශයේ වන අතර 2017 වසරේදී Fenwick Iribarren නම් නිර්මාණ ශිල්පියා අතින් මෙම ක්‍රීඩාංගනයේ සැකැස්ම නිර්මාණය වී ඇත. එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ මෙම ක්‍රීඩාංගනය නිර්මාණය කිරීම සඳහා කන්ටේනර් බහාලුම් 974ක් යොදාගෙන තිබීමයි. මෙහි නම පවා Stadium 974 ලෙස හැඳින්වීම සඳහා මෙය ඉවහල් වී ඇති බවට වාර්තා වේ. එමෙන්ම කටාර් රාජ්‍යයේ දුරකථන කේතය වන්නේ ද 974 වේ.මෙහි පවතින තරමක් වෙනස් වූ ආකෘතිය නිසාත් ඒ සඳහා වැය වූ ප්‍රාග්ධනයේ අවම ප්‍රමාණය යන කරණු ඔස්සේ ප්‍රේක්ෂකයන් තුළ මෙම ක්‍රීඩාංගනය සඳහා යම් උනන්දුව ඇතිවීම පෙර සිටම ආරම්භ විය. මෙහි ගොඩනැගීමේ කටයුතු 2017 වසරේ ඔක්තෝබර් මස පමණ ආරම්භ වූ අතර එය අවසන් වූයේ 2021 වසරේ නොවැම්බර් මස පමණ වන විට ය. මෙම ක්‍රීඩාංගනය තුළ ප්‍රේක්ෂකයන් 44,000 කට අධික ප්‍රමාණයක් සඳහා පහසුවෙන් අසුන්ගත හැකි වන අතර අනෙක් ක්‍රීඩාංගන මෙන්ම මේ සඳහා ද පහසුකම් සලසා තිබීම දක්නට ලැබෙන කරුණකි.මෙම ක්‍රීඩාංගනය තුළ පැවති ප්‍රථම තරඟය ලෙස වාර්තා වන්නේ 2021 වසරේ නොවැම්බර් මස 30 වන දින පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ සිරියාව අතර පැවති තරඟයයි.අවසන් තරඟයෙන් පසු කුමක් සිදුවේ ද?මෙම ක්‍රීඩාංගනය තුළ තරඟ 7ක් පැවැත්වීමට තීරණය කොට ඇති අතර එයින් අවසන් තරඟය වන බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවැත්වීමට නියමිතය. මෙම තරඟයෙන් අනතුරුව මෙම ක්‍රීඩාංගනය භාවිතයෙන් ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර ඇති අතර එහිදී එය ඉදිකිරීම සඳහා යොදා ඇති අමුද්‍රව්‍ය සියල්ලම ඉවත් කරනු ලබන අතර එම කොටස් යටිතල පහසුකම් සඳහා වෙනත් රටවල් වලට සැපයීමට තීරණය කර ඇත.මෙලෙස මෙම ක්‍රීඩාංගනය ඉවත් කිරීම පිළිබඳව Twitter සටහනක් තබා ඇති ආකාරය ඔබට පහතින් දිස්වේ.Built with 974 shipping containers. the stadium can be fully dismantled and re-purposed post-event 🧱Take a look at Stadium 974 🏟️#FIFAWorldCup#Qatar2022— FIFA World Cup (@FIFAWorldCup)December 5, 2022කෙසේ නමුත් මෙම ක්‍රියාවලිය ආරම්භ කරනු ලබන දිනයක් මේ වන තෙක් කටාර් බලධාරීන් විසින් නිවේදනය කර නොමැති අතර මෙම ක්‍රියාවලියේදී කොටස් පරිසර හානියකින් තොරව නැව්ගත කිරීමට අදහස් කර ඇති බවට ආරංචි මාර්ග පෙන්වා දෙයි.Sources:www.voanews.comwww.fifa.com
WhatsApp beta වෙත වර්ණ මාරු කිරීමේ විශේෂාංගය​ක්
අපි වැඩියෙන්ම භාවිතා කරන instant messaging app එක විදිහට WhatsApp හදුන්වන්න පුළුවන්. Telegram වලට සාපේක්ෂව WhatsApp කියන්නේ සරල සහ භාවිතාවට පහසු app එකක් විදිහට පරිශීලකයන් හදුන්වනවා. කාලයක් පුරාවට WhatsApp සඳහා නව විශේෂාංග සහ පහසුකම් ලබාදී​ම සිදු කෙරුනේ ඉතාමත් සෙමින් සහ පරිශීලකයන්ට දැනෙන ආකාරයේ විශාල වෙනස්කම් නොලැබුනේම නැති තරම්.නමුත් මෑත කාලයේදී Meta සමාගම තුල සිදු කෙරුණු වෙනස්කම් සමඟින් WhatsApp සඳහා විශාල වෙනස්කම් රැසක් සිදු කරමින් නව විශේෂාංග සහ පහසුකම් රැසක් හදුන්වාදීමට Meta සමාගම කටයුතු කරනු ලැබුවා. මේ අතුරින් බොහොමයක් Telegram සතුව පවතින විශේෂාංග සහ පහසුකම් රැසක් වනවා. කාලයක් පුරාවට කිසිම තරඟකරුවෙකු නොමැතිව හිතුවක්කාරව වැජඹුණු WhatsApp වෙත තරඟකරුවෙකුගේ අවදානම බෙහෙවින් දැනෙන්නට ගත්තේ Telegramහි ඇති වූ සීග්‍ර වර්ධනයත් සහ වේගවත් නව පහසුකම් රැසක් හදුන්වාදීමත් සමඟයි.​‍නවතම WhatsApp beta සංස්කරණයත් සමඟින් WhatsApp වෙත chat theme පහසුකම එලිදක්වා තිබෙනවා බවටWABetaInfoවෙබ් අඩවිය වාර්තා කරනවා. මේ වන විටත් WhatsApp Beta for iOS සඳහා මේ පහසුමක හදුන්වාදී තිබෙනවා. මේ හරහා WhatsAppහි chat bubble සහ wallpaper වල වර්ණයන් customize කිරීමේ හැකියාව පරිශීලකයන්ට හිමිවනු ඇත. නමුත් මෙය කොළ, සුදු, නිල්, රෝස සහ දම් ලෙසින් වර්ණයන් පහකට පමණක් සීමා වනවා.මීට අමතරව WhatsAppහි accent color එක වෙනස් කල හැකි පහසුකමක් පිළිබඳවද වාර්තා වන අතර ඒ හරහා in-app button වල වර්ණය වෙනස් කිරීමේ හැකියාවද හිමිවනවා. මෙය තවමත් Android WhatsApp beta පරිශීලකයන් වෙත නිකුත් කර නැති අතර තවමත් සංවර්ධක අවධියේ පවතින මේ පහසුකම සියළුම පරිශීලකයන් වෙත නිකුත් කරන දිනයක් පිලිබඳව තවම සඳහනක් නැහැ.Source:wabetainfo.com
Android 4.0.3 සහ iOS 9 වලට පෙර පැමිණි සංසකරණයන්ට WhatsApp විසින් සහය ලබා දීම අවසන් කරයි
WhatsApp කියනනේ Most Used Cross Platform Instant Messaging App එකක් කිවොත් නිවරදියි. Android හා iOS වලට අමතරව KaiOS Devices සදහාත් WhatsApp App එක ක්‍රියාත්මක වෙනවා. සැම වසරකම අවසානයේ දි Facebook සමාගම විසින් පැරණි OS සදහා WhatsApp හි Support එක ඉවත් කරන බවට නිල වශයෙන් නිවේදනය කරනවා. ඒ අනුව මේ වන විට Facebook සමාගම විසින් තව දුරටත් WhatsApp ක්‍රියාත්මක නොවන iPhone හා Android Smartphones පිළිබඳව නිවේදනය කර තිබෙනවා.Update to the latest version of WhatsApp and learn how to get started for Androidhttps://t.co/EWdkQPOZeeand iPhonehttps://t.co/4lkMokMNYC— WhatsApp (@WhatsApp)December 9, 2020මේ නිවේදනයට අනුව Whatsappහි ක්‍රියාකාරිත්වය Android 4.0.2 හා iOS 8 Devices සදහා මින් පසුව නොලැබෙනවා. එනම් මින් පසුව Android 4.0.3 හෝ iOS 9 මත ක්‍රියාකරන Smartphone එකක් WhatsApp භාවිත කිරිමට නම් අවශ්‍ය වෙනවා. ඒ අනුව Apple iPhone 4, Samsung Galaxy S2, HTC Desire, LG Optimus Black හා Motorola Droid Razr Smartphonesවලට මින් පසුව WhatsApp ලබා ගත නොහැකි වෙනවා.අවසාන වශයෙන් දැනට iPhone 4s (iOS 9), iPhone 5 (iOS 10) හා iPhone 5s (iOS 12) සිට අලුත්ම iPhones දක්වා WhatsApp App එක භාවිත කල හැකි වෙනවා. Android Smartphone ගැන සැලකිමේදි Android Version එක 4.0.3 ඉහලට ක්‍රියාත්මක වෙන සැම දුරකථනයකම WhatsApp App එක ක්‍රියාත්මක වෙනවා.Sources :Gizmochina,WhatsApp
YouTube සඳහා Anti-AdBlocker System එකක් හඳුන්වා දීමට සුදානම් වේ
YouTube කියන්නේ, Content Creatorsට සහ Video බලන හැමෝටම Free Platform එකක් ලෙස දක්වන්න පුලුවන්. ඉතින් මේ Free Platform එක ඔස්සේ YouTube සමාගමට සහ Content Creatorsට Revenue එක එන්නේ Ads වලින් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ වගේම මේ Ads Block කිරිම සඳහා ඔබ දැනටමත් විවිධ AdBlockers භාවිත කරන බවත් නිසකයි. මෙලෙස වර්තමානය වන විට බොහෝ දෙනා Web Browsers තුල AdBlocker Extension භාවිතා කරන නිසා YouTube සමාගමට Ads Display කිරීමේ හැකියාව අහිමි වී තිබෙනවා. ඒ වගේම මෙය Content Creatorsලාට ලැබෙන Revenue එක අඩු වෙන්නත් ලොකු බලපෑමක් වෙනවා.මේ හේතූන් නිසා YouTube සමාගම විසින් YouTube සඳහා Anti - AdBlocker system එකක් හඳුන්වා දෙන්න සුදානමින් මේ දිනවල මේ Anti - AdBlocker System එක Test කරමින් සිටින බව අන්තර්ජාලය තුළින් වාර්තා වනවා. ඒ අනුව මේ සමඟ ඔබ Youtube සඳහා AdBlocker එකක් භාවිත කරනවා නම් ඔබට මේ Anti - AdBlocker System එක නිසා ඔබේ AdBlocker එක Disable කරන්න හෝ Ads නොමැති Youtube Premium Plan එකකට හෝ මාරැ වීමට සිදු වනවා.Credit: U/Sazk100තවමත් මෙය පරික්ෂණ මට්ටමේ තිබෙන අතර ඉතා ඉක්මනින්ම මෙය නිල වශයෙන්ම Youtube සඳහා හඳුන්වා දෙනු ඇතැයි කියාත් බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඉතින් මේ හරහා YouTube Platform එකට AdBlockers හරහා අහිමි වී යන යන Ad Revenue එක නැවත ලබා ගැනීමේ හැකියාව මෙන්ම Youtube Premium Plan එක සඳහා වැඩි Youtube පරිශීලකයන් සංඛ්‍යාවක් පොළඹවා ගන්නත් Youtube සමාගමට හැකි වනු ඇත.Sources:MalwarebytesThedesk
ශ්‍රී ලංකාවේ Apple Authorized Distributor, Sellers සහ Service Providers ගැන නිවැරදිව අවබෝධ කරගමු
පසුගිය දවස් කිහිපය පුරාවටම ශ්‍රී ලාංකීය තරුණ ජනතාව අතර Apple iPhones, එහි අමතර කොටස් සහ විවිධ දෑ ගැන වැරදි මත විශාල වශයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වුනු කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එයට ප්‍රධානම හේතුව වූයේ අදාල පුද්ගලයන් විසින් අන්තර්ජාලය පිවිස ඒ හරහා ලබා ගත් තොරතුරු වග විභාගයකින් තොරව සහ කිසිඳු තහවුරු කිරීමේ මාධ්‍යක් නොමැතිව ඒ පිළිබඳව කිසිඳු දැනුමක් නොමැති අය වෙත ගොස් ඉදිරිපත් කිරීමයි.ඒ වන විටත් එලෙස ව්‍යාජ තොරතුරු සපයන අය විසින් සමාජ ජාලයන්හි පල කල ඇතැම් තොරතුරු නිසා ඔවුන් හට විශාල ප්‍රසිද්ධියක් සහ පිලිගැනීමක් ඇති වී තිබීම ඉහත කී මේ පිළිබඳව දැනුමක් සහ නිවැරදි පැහැදිලි අවබෝධයක් නොමැති අය අතර මෙම ව්‍යාජ තොරතුරු සහ මතයන් වේගයෙන් පැතිර යාමට හේතු වීමක් උනා.එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ලංකාවේ වගකිව යුතු ආකාරයෙන් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ තාක්ෂණික පුවත් සපයන කණ්ඩායමක් විදිහට ක්‍රියා කරන Android වැඩකාරයෝ අපි තීරණය කරන්නේ මෙහි සත්‍ය සත්‍යතාවය පිලිබඳව නිවැරදිව සහ පැහැදිලිව අධ්‍යයනය කරලා මේ ගැන ඔයාලා වෙත අරගෙන එන්න.මේකේ පලවෙනි පියවර විදිහට තමයි අපි අපේ Facebook පිටුව හරහා පහත දැක්වෙන post එක පල කරන්නේ. එහි පරමාර්ථය උනේද මිනිසුන්ගේ ඇති වැරදි මතයන් එලියට ඇද ගැනීමයි.ඉහත දැක්වෙන පෝස්ට් එකේ ආකාරයට ලංකාවේ Apple Authorized Resellers ලෙස කටයුතු කරන ආයතන ලෙස කටයුතු කරන්නේ ආයතන 4ක් පමණයි. ඒ සඳහා අදාල දත්ත ලබා ගැනීමට Apple සමාගමේ වෙබ් අඩවියට පිවිසීමෙනුත් පුළුවන්. මෙහිදී මම පෙර පැවසුවාක් මෙන් ඇතැම් පුද්ගලයන් විසින් ශ්‍රී ලංකාවේ Apple Authorized Resellers පිලිබඳව සමාජ ජාලයන්හි සටහන් තැබීම් සිදු කරනු ලැබූ අතර ඔවුන්ද ඒ සඳහා පාදක කරගෙන තිබුනේ Apple වෙබ් අඩවියේ සඳහන් තොරතුරු පමණි. නමුත් තත්වය සැබැවින්ම ඊට වඩා වෙනස් තත්වයකි.ඔක්කොටම කලින් Apple Authorized Reseller කෙනෙක් කියන්නේ කවුද?Apple Authorized Reseller එහෙමත් නැත්තම් AAR කියන කෙටි යෙදුමෙන් හැඳින්වෙන්නේ Apple සමාගම යටතේ නිපදවෙන මෘදුකාංග සහ/හෝ දෘඩාංග අලෙවි කිරීම සඳහා Apple Computer Inc. සමාගමත් සමඟ ගිවිසුම් ගත බැඳීමකට යටත් වෙන ව්‍යාපාරික සහකරුවෙක්. Apple සමාගම මේ ආකාරයට බලය ලබාදුන් සමාගම් වල නාමලේඛනයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ පවත්වාගෙන යනු ලබනවා.එහෙනම් ඇයි ලංකාවේ සමහර Authorized Resellersලාගේ නම් ඒකේ නැත්තේ?Apple Computer Inc. සමඟ Apple Authorized Reseller කෙනෙක් විදිහට ගිවිසුම් ගත වුවත් Apple සමාගමේ වෙබ් අඩවියේ ඇති නාමලේඛනයට නම ඇතුලත් කර ගැනීම සඳහා Apple Authorized Reseller කෙනෙකු විසින් යම් යම් කාරණා කිහිපයක් සැපිරිය යුතු වෙනවා.එම කාරණා අතරතුර, ඔහු හෝ අදාල සමාගම විසින් Apple උපාංග පමණක් අලෙවි කිරීම සිදු කිරීම කල යුතු වෙනවා. ඒ වගේම ඒ සඳහා වෙනම ස්ථානයක Apple සමාගමේ පිලිගත් තත්වයන් යටතේ Showroom එක සැකසීම කල යුතු වෙනවා. එමෙන්ම කාර්‍ය මණ්ඩලය ඒ සඳහාම විශේෂයෙන් පුහුණු කිරීම සිදු කල යුතු වෙනවා. එහි ඇති ප්‍රධාන අරමුණ වන්නේ එම showroom එකකට පැමිණෙන ඕනෑම අයෙකුට Apple සමාගම විසින්ම පවත්වාගෙන යන showroom එකක ඇති හැඟීම ලබා දීමයි.උදාහරණයකට ගතහොත් Abans සමාගම විසින් නිල වශයෙන් Apple උපාංග ලංකාවට ගෙනත් අලෙවි කිරීම සිදු කලත් ඉහත කී නිර්ණායක යටතේ සකස් කර ති showrooms ප්‍රමාණය සීමිත වීම මත Apple සමාගමේ වෙබ් අඩවියේ සඳහන්ව ඇත්තේ Abans සමාගම විසින් Apple සමාගමේ නිර්ණායකයන්ට යටත්ව පවත්වාගෙන යන showrooms වලින් කිහිපයක් පමණි. එයට හේතුව වන්නේ Apple සමාගම විසින් ඔවුන්ගේ තත්වය නිර්ණායකයන්ට අදාලව ඇති showrooms පමණක් ඔවුන්ගේ නාමලේඛනයේ පවත්වාගෙන යෑම නිසාවෙනිඒ අනුව අපිට Apple සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වන නාමලේඛනයේ සඳහන් නොවුන පමණින් යම් ආයතනයක් Apple Authorized Reseller කෙනෙකු නොවන බව තීරණය කල නොහැක.හරියටම ශ්‍රී ලංකාවේ Apple Authorized Distributor කවුද?ලංකාවේ කවුරුත්ම දන්න දේ තමයි Abans කියනේ Apple Authorized Distributor කියල. නමුත් Genxt ආයතනය ලංකාවට පැමිණීමත් සමඟ මේ තත්වය වෙනස් වෙනවා. මුලින්ම Apple උපාංග ලංකාවට ආනයනය කර බෙදා හැරීම සිදු නොකලත් Genxt සමාගම ඒ වන විටත් සිංගප්පූරුව, මියන්මාරය, නේපාලය, බංගලාදේශය, මාලදිවයින්, මොංගෝලියාව සහ පකිස්තානය ඇතුලු තවත ලෝකයේ රටවල් කීපයක තම මෙහෙයුම් සිදුකරමින් පැවතුන සමාගමක් සහ ඔවුන් එම රටවල Apple සමාගමේ partner කෙනෙක් වශයෙන්ද කටයුතු කරනවා.Genxt සමාගමේ ශ්‍රී ලංකාවේ ආගමනයත් සමඟම ඔවුන් විසින් කල් යාමේදි Apple සමාගමෙන් ලංකාව තුල Apple සමාගමේ නිෂ්පාදන අලෙවි කිරීමේ අවසරය ඉල්ලා සිටින අතර ඒ වන විටත් ඔවුන්ට තිබුණු පිලිගැනීම නිසා Apple සමාගම Abans සමාගම හැරුණු කොට ශ්‍රී ලංකාව තුල තම නිෂ්පාදන අලෙවි කිරීමේ සහ බෙදා හැරීමේ කටයුතු සඳහා අවසරය Genxt සමාගම වෙත ලබා දීම සිදු කරනවා.ඉන් පසුව Genxt සමාගම විසින් ඔවුන් Apple උපාංග සඳහා ලබා දෙන සේවාවන් සහ අනෙකුත් සියළුම සේවාවන් පිළිබඳ පෙන්වමින් Apple සමාගමේ උපාංග (විශේෂයෙන්ම iPhones) ආනයන කර බෙදා හැරීමේ සියළුම මෙහෙයුම් කටයුතු තමන් සතු කර ගැනීමට සමත් වෙනවා.එතකොට ලංකාවේ Apple Authorized Resellersලා කවුද?මේ වෙනකොට ලංකාවේ Apple Authorized Resellersලා විදිහට පහත ආයතන සැලකෙනවා.Dialog AxiataMobitelFuture WorldGenxt StoreSingerSoftlogicAbansiDealz LankaBT Store by BT Options* මීට අමතර යම් ආයතනයක් Apple Authorized Reseller කෙනෙක් ලෙස කටයුතු කරනවා නම් ඒ බව අපට තහවුරු කිරීමෙන් පසුව මෙම ලැයිස්තුවට ඇතුලත්වීමේ හැකියාව පවතිනවා.එතකොට ශ්‍රී ලංකාවේ Apple Authorized Service Providersලා කවුද?ශ්‍රී ලංකාව ඇතුලත Apple Authorized Service Providers ලෙස තම කටයුතු සහ මෙහෙයුම් පවත්වාගෙන යන ආයතනයන් තුනක් පවතිනවා.AbansFuture WorldGenxtමෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතන හරහා සේවය ලබා ගත හැකි වන්නේ TRCSL අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාව සඳහා වන නිල බෙදාහැරීමේ ආයතන හරහා බෙදාහරින ලද ඇපල් ජංගම දුරකතන වලට පමණක් වීමයි. එමෙන්ම එහිදී භාවිතා වන්නේ Apple Care warranty එක වන අතර Abans warranty, Genxt Warranty ලෙස වෙන වෙන හැඳින්වීම සිදු කරන්නේ බෙදාහැරීමේ ආයතනය පහසුවෙන් හඳුනා ගැනීමේ පරමාර්ථයෙන් වන අතර ඔබගේ ජංගම දුරකතනය හෝ ඇපල් උපාංගය සතුව වලංගු Apple care warranty සතුවේ නම් ඉහත සේවා සපයන ආයතන තුනෙන්ම ඔබට Warranty claim කිරීමේ හැකියාව පවතිනවා.ශ්‍රී ලංකාවේදී කුමන Apple Authorized Distributor යටතේ ආනයනය කර බෙදාහරින ලදුව අලෙවි වූ ජංගම දුරකතනයක් වුවත් ඉහත සඳහන් කල Apple Authorized Service Providersලා හරහා warranty claim කල හැකි වුවත් බොහෝ විට සුළු සුලු අපහසුතා ඇති වීමට හැක්කේ මේ ශ්‍රී ලංකාව නිසාවෙනි.එතකොට Genxt ලාංඡනය නොමැතිව Apple care warranty තියෙන iPhone එකක් ලංකාවේදි මිලදී ගතහොත් ඒකට ලංකාවේ Apple Authorized Service Providers හරහා warranty claim කිරීම හෝ සේවා ලබා ගැනීමට හැකිද?බෑ, Apple Care warranty එක තිබුණා උනත් ඉහත සඳහන් කල Apple Authorized Service Providersලාගෙන් සේවය ලබා ගත හැක්කේ ශ්‍රී ලංකාවේ Apple Authorized Distributor විසින් ආනයනය කර බෙදාහරින ලද iPhones සහ අනෙකුත් ඇපල් උපාංග වලට පමණි. එයට හේතුව වන්නේ Apple සමාගම විසින් ඔවුන්ගේ ජංගම දුරකතන සහ අනෙකුත් උපාංග නිල වශයෙන් ලංකාවට ගෙනැවිත් අලෙවි කිරීමේ බලය ලබා දී ඇත්තේ Apple Authorized Distributorලාට පමණක් වීමයි.නිවැරදි කිරීමයි. Future World ආයතනයේ සහ තවත් ආයතනයකින් තහවුරු කල ආකාරයට Apple Care warranty වලංගුව පවතින ඕනෑම Apple නිෂ්පාදනයක් සඳහා Warranty claim කිරීම Apple Authorized Service Providers හරහා ශ්‍රී ලංකාව තුලදී සිදු කර ගත හැකිය. නමුත් ඒ සඳහා සියළුම models සහය දක්වන්නේ නැති බව කරුණාවෙන් සලකන්න.මට Apple Care+ warranty එක ගන්න ඕනේ නම් කොහොමද ශ්‍රී ලංකාවේදී මිලදී ගන්නේ?මේ වෙන විට ලංකාවේ මේ සේවාව සපයන්නේ නෑ. ඒ උනත් අවශ්‍යම අයෙක් ඉන්නව නම් Apple Authorized Service Provider කෙනෙක් සම්බන්ධ කරගෙන ඔවුන් හරහා මෙම සේවාව මිලදී ගැනීම කරන්න පුළුවන්.යම් යම් පුද්ගලයන් විසින් මේ වෙනකොට අපි අතර ඇති කරලා තියෙන ගොඩක් වැරදි මත වලට පිළිතුරු මේ ලිපිය හරහා ඔයාලට හම්බෙන්න ඇති කියල බලාපොරොත්තු වෙනවා. ඒ වගේම Genxt Warranty, Abans Warranty කියන්නේ මොකක්ද කියන එකත් පැහැදිලි වෙන්න ඇති කියල මම හිතනවා.මේ ලිපිය මේ ආකාරයට සකස් කිරීමේදී මට Genxt ආයතනයත්, Apple Authorized Resellers ලෙස ශ්‍රී ලංකාව තුල කටයුතු කරන ආයතන කිහිපයකින්ම සහ The Smart Phone Shop, Maharagama ආයතනයේ අධිපති Foshen Wickramasinghe මහතා විසින් සහය සහ තොරතුරු ලබා දුන්නා. ඇත්තෙන්ම මගෙත් තිබ්බ සමහර වැරදි මත කිහිපයක් මේ ලිපිය සකස් කිරීමේදී නැති වෙලා ගියා.මීට අමතරව තව මොනව හරි ඔයාලට පැහැදිලි කරගන්න අවශ්‍ය නම් අපිට කියන්න. අපි අදාල පාර්ශවයන්ගෙන් හරියට අහල විස්තර සපයන්නම්.සැ. යු. මෙම ලිපිය හුදෙක් කිසිඳු වෙළඳ දැන්වීමක් හෝ ප්‍රවර්ධනාත්මක ලිපියක් නොවන අතර ශ්‍රී ලංකාව තුල ඇති වී ඇති සහ ඇති කරන ලද දුර්මත ඉවත් කිරීම සඳහා අප විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව බලයලත් පාර්ශවයන්ගෙන් විමසා කරුණු සොයා බලා එම කරුණු මත සකස් කරන ලද ලිපියකි. එබැවින් ඇතැම් කරුණු වල ප්‍රායෝගික තත්වයන් මෙයින් වෙනස් විය හැකිය.
නරඹන්නේ කුමක්දැයි අදහසක් නැති විට වඩාත්ම ගැලපෙන දේ සොයා දෙන Play Something නම් පහසුකමක් Netflix විසින් හඳුන්වා දේ
Netflix සමාගම විසින් ඔබට නරඹන්නේ කුමක්දැයි තීරණයක් ගැනිමට නොහැකි හෝ නරඹන්නේ කුමක් දැයි නිසි අදහසක් නොමැති අවස්ථාවක ඔබට නැරඹිමට වඩාත්ම ගැලපෙන දේ සොයා ගැනිම පහසු කිරිමට නව විශේෂාංගයක් හදුන්වා දි තිබෙනවා.ඔවුන් විසින් මේ නව විශේෂාංගය නම් කොට ඇත්තේ Play Something යනුවෙන්.මේ මගින් Netflix හි ඔබගේ කැමැත්ත හා මිට පෙර නැරඹිම් අනුව ඔබට නැරඹිමට සුදුසුම දේ යෝජනා කිරිම සිදු වෙනවා. එනම් මෙය බොහෝ විට ඔබගේ Netflix Watching History එක මත පදනම් වි ක්‍රියාත්මක වෙනු ඇති. මෙය අහඹු ලෙස ක්‍රියාත්මක නොවන අතර Netflix තුල ඔබගේ නැරඹිම් ආදිය අනුව ක්‍රියාත්මක වෙන අතර මේ මගින් අලුත්ම චිත්‍රපට හෝ කතාමාලා මෙන්ම ඔබ විසින් නරඹා නිම නොකරන ලද චිත්‍රපට හෝ කතාමලා ඔබට තෝරා දිම සිදු කරනවා.Play Something යනුවෙන් හදුන්වා දුන් මේ Feature එක මීට පෙර සිටම විවිධ ආකාරවලින් Netflix තුල පරික්ෂා කර තිබෙනවා. මීට වසරකට පෙර Shuffle Play යනුවෙනුත් මෙය හදුන්වා දි තිබුණා. මේ නව Play Something පහසුකම මේ වෙන විට Netflix Tv Usersලාට අත්හදා බැලිමට හැකියාව ලබා දි ඇති අතර ඉදිරියේ දි Mobile Devices සදහාත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.Source :Tech Crunch,Netflix
සුඛෝපභෝගී භාණ්ඩ යටතේ ජංගම දුරකතන සහ තවත් විදුලි උපකරණ ආනයනය නැවැත්වීමට රජය සූදානම් වේ
ශ්‍රී ලංකා රජය විසින් සුඛෝපභෝගී භාණ්ඩ කිහිපයක් මෙන්ම අත්‍යවශ්‍ය නොවන යැයි සැලකෙන වෙනත් භාණ්ඩ ද ආනයනය කිරීම දැඩි ලෙස සීමා කිරීමට කටයුතු කරන බව අද උදෑසනCeylon todayඇතුළු Online පුවත්පත් ගණනාවක්ම වර්තාකොට තිබුණා.Govt to ban import of luxury itemsThe Government has decided to drastically curtail the import of several luxury items, as well as other goods that are deemed non-essential, informed sources revealed.Ceylon TodayCeylon Todayමෙසේ ආනයනය නතර කිරීමට රජය සැලසුම් කර ඇති භාණ්ඩ අතරජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණහාවිදුලි උපකරණආදියද ඇතුලත් බව පුවත්පත්වල සදහන් වී තිබෙනවා.කෙසේ නමුත් මෙලෙස සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීම සීමා කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැත බව මුදල් ලේකම් එස්.ආර්. ආටිගල්ලේ මහතා ප්‍රකාශ කර ඇති බවnews firstවෙබ් අඩවිය වර්තාකොට තිබෙනවා.No decision to halt luxury item imports : AttygalleCOLOMBO (News1st): Finance secretary S.R. Attygalle says that no decision has been made on restricting the import of luxury items. Media reports showed - Get the latest breaking news and top stories from Sri Lanka, the latest political news, sports news, weather updates, exam results, business news,…News 1stStaff WriterSource:News First,Ceylon Today
WWDC20 එකේදි එලි දැක්වුනු iOS 14 වල highlights විස්තරාත්මකව
ඉතිං ඔයාලා දන්නවා හැම අවුරුද්දකම Apple ලා එයාලගේ අලුත්ම software versions announce කරනවා. මෙකට එයාලා Event එකක් පවත්වනවා WWDC ( World Wide Developer Conference ) කියලා. ඒත් මේ පාර Apple ලා මුල්ම වතාවට මේ WWDC Event එක vertual event එකක් බවට පත් කරා. ඉතින් 22 ඒ කියන්නේ ඊයේ ලංකාවේ වෙලාවෙන් රෑ 10.30 ට පවත්වපු මේ WWDC 2020 Event එකේ මුලිකව Software Version කීපයක් Announce කරා ඒ තමා iOS, iPadOS, WatchOS, tvOS, macOS. ඉතිං මෙවගෙන් ලංකාවේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන්නේ iOS ගැන මොකද ලංකාවේ වැඩියම තියන Apple Product එක iPhones නිසා. කොහොම හරි මේ සැරේ අපිට දැකගන්න පුලුවන් උනේ iOS 14 Update එක. ඉතිං මේ තමා ඔයාලා දැනගත යුතුම iOS 14 Feature Highlights.01. Home Screen Designඉතිං iOS වල ගොඩක් කාලෙක ඉදන් native app launcher එකක් තිබ්බේ නෑ මුලිකවම අපේ App icons තිබ්බේ home screen එකේ. ඒත් අපි වැඩිපුර apps use කරන්න කරන්න මේ apps හොයාගන්න ගොඩක් අමාරු වෙනවා. ඔව් අපට search use කරන්න පුලුවන් ඒත් iOS වල මෙක තවත් ලෙසී එයාලා වෙනම App Library section එකක් introduce කරනවා. මෙකෙදි ඔයාගේ Apps Automatically categorize වෙනවා වගේම app suggestions උත් පෙන්නවා. තව recently downloaded apps වලත් වෙනම ඉඩක් තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ මේ layout එක අපේ day to day life එකේ වෙනස්කම් එක්ක වෙනස් වෙනවා. ඒ කියන්නේ smart app suggestion එනවා. ඒ වෙලාවට අපිට ඔනේ apps ඔක්කම category වල උඩින්ම පෙන්නන නිසා එක tap එකකින් මෙවා launch කරන්නත් පුලුවන්.ඒ වගේම අපි මේ App Library එක විතරක් use කරනවා නම් අපිට home screen pages hide කරන්න පුලුවන්. ඒ කියන්නේ කොච්චර home screen වල apps පිරිලා තිබ්බත් ඒ ඔක්කම අපිට hide කරන්න පුලුවන් first page එක තියාගෙන.ඒ වගේම මේ App Library page එකේ උඩම search tab එකක් තියෙනවා මෙකෙන් ඔයාලට කැමති app එකක් A-Z alphabet order එකට scroll කරන්න පුලුවන්02. Home Screen WidgetsiOS වල ගොඩක් දෙනෙක් දකින්න ආසාවෙන්ම හිටපු feature එකක් තමා widget support එක මෙක අපිට ටිකක් ලැබිලා තිබ්බා widget pane එකෙන් ඒ වගේම iPadOS 13 වලින් iPad වල widget pane එක home screen එකටම pin කරන්නත් පුලුවන් උනා ඒත් මේ පාර iOS 14 වලින් අපිට සම්පුර්ණ widget experience එක හම්බවෙනවා.ඉතිං මේ widget වලට ලොකු ආභාශයක් එන්නේ apple watch වලින්. apple watch faces වගේ මේ widget ගොඩක් ලස්සනට වගේම data rich විදියට design කරලා තියෙනවා. ඉතිං වෙනදා වගේම today view එකට ගිය ගමන් වෙනදා වගේම ඔයාලට iOS widgets බලාගන්න පුලුවන් ඒත් ඒ විතරක් නෙවේ මේ widgets ඔයාලට home screen එකට drag and drop කරන්න පුලුවන් ලෙසියෙන්ම. ඉතිං දැන් ඔයාලට home screen එකේම widgets තියන්න පුලුවන්.ඒ වගේම home screen edit mode එකේදී වම උඩ කොනේ තියන Plus icon එක click කරලා ඔයාලට widget select screen එකට යන්න පුලුවන් එකේදි ඔයාලගේ Apps වලට අනුව widget දකින්න පුලුවන් වෙනවා මෙතනින් select කරලත් ඔයාලට home screen එකට Add කරන්න පුලුවන්. ඒ වගේම මේ widget app launch කරන්නත් use කරන්න පුලුවන්. මේ widget gallery එකේ තියන special widget එකක් තමා smart stack කියන්නේ. මෙකෙදි අපිට select කරපු widget කීපයක් stack එකක් වගේ home screen එකට Add කරලා කැමති වෙලාවට මාරු කරලා use කරන්න පුලුවන්. ඒ වගේම smart stack widget එකට මේ widget අතර automatically මාරු වෙන්න පුලුවන් අපේ user habits අනුව. මේ widget වල sizes apps විදියට ගත්තාම 2x2 , 2x1 , 2x4 වගේ range එකකට යන්න පුලුවන් එකම widget එකක් මේ size කීපෙකට transform කරලා ඒ ඒ sizes අනුව වැඩි information ගානක් ලබාගන්නත් පුලුවන්. මේ widget gallery එකේ widget එකක් click කරලා sizes මාරු කරන්න පුලුවන් වෙනවා.03. Picture in PicturePicture in picture කියන්නේ floting video player එකක් වගේ මේකෙන් අපිට පුලුවන් වෙනත් apps උඩින් video එකක් play කරන්න පොඩි window එකක. මේ feature එක නම් iOS වලට අලුත් දෙයක් නෙවේ iPad වල ගොඩක් කාලෙක ඉදන් මේ feature එක දකින්න පුලුවන් උනා. ඒ වගේම iPhone වලත් whatsapp වගේ application ඇතුලේ මේ picture in picture දකින්න පුලුවන් උනා. ඒත් iOS 14 වලදි මේ feature එක OS එකටම baked in වෙන නිසා අපිට ඉස්සරහට ඔනෙම video එකක් picture in picture කරන්න පුලුවන්. ඒ වගේම face time calls උත් මෙර් picture in picture mode එකට ගන්න පුලුවන්. ඒ වගේම ඔයා video එකක් බල බල ඉදලා home screen එකට ගියොත් auto ම මේ picture in picture mode එකට අර video එක එනවා. ඒ වගේම video එකක් අපිට picture in picture mode එකේදි side එකට pin කරන්න පුලුවන් එතකොට video එක background එකේ play වෙන ගමන් අපි. වෙන වැඩක් කරන්නත් පුලුවන්. මේ picture in picture window එකේ time line එකක් වගේම play/pause , forward , backward , enlarge , close වගේ buttons දකින්න පුලුවන්.04. New Siri InterfaceSiri කියන්නේ Apple ලගේ vertual assistant ඉතිං මේ siri interface එක ලොකු redesign එකකට ලක් උනේම නැති තරම්. වෙනදා නම් siri ව wake up කරාම මුලු screen එකම වැහිලා යනවා අපි වැඩ කරපු App එකත් එක්කම ඒත් iOS 14 වල ඉදන් Siri ට අලුත් redesign interface එකක් ලැබෙනවා. මෙක පොඩි globe එකක් siri animation එකක් එක්ක මේ globe එක interface එක උඩින් මතු වෙන නිසා කරන දේට භාදාවක් නෑ. ඒ වගේම ඔයා weather වගේ දෙයක් ඇහුවම results card එකක් වගේ screen එක උඩින් pop වෙනවා. ඒ වගේම Siri ට neural engine එකේ power එකෙන් off line commands වලට respond කරන්න වගේම off line dictation කරන්නත් පුලුවන් වෙනවා.ඒ වගේම මේ Siri ගේ අලුත් voice recognition features යොදාගෙන Apple ලා Translate කියලා අලුත් App එකක් introduce කරනවා මේ App එකට intelligent language detection වගේම off line translation කරන්නත් පුලුවන් වෙනවා. Siri වෙනදටත් වඩා intelligent මේක Siri ට ලොකු update එකක්.05. MessagesMessages and iMessage කියන්නේ Apple ලගේ ලොකු innovation එකක්. ලංකාවේ වැඩිපුර use උනේ නැති උනාට ලොකේ ගොඩක් දෙනෙක්ට Apple device එකක් ගන්න හේතුවක් වෙන්නේත් මේ iMessages. ඉතිං තාම Android වල native service එකක් නෑ iMessage වගේ. ( ඉදිරියට එන්න නියමිතයි ) ඉතිං මේ iMessage වලට ලොකේ තවත් popular messaging apps වල highly requested features ගොඩක් Apple ලා iOS 14 එක්ක Add කරලා තියෙනවා.ඉතිං මේ features අතර ඔයලට conversation එකක් pin කරන්න පුලුවන් වෙන එක. Group message වලදි individual message වලට reply කරන්න පුලුවන් එක ඒ වගේම කෙනෙක් mention කරලා messages යවන්න , group වලට Photo logo එකක් Add කරන්න පුලුවන් වෙන එක ප්‍රදාන වෙනවා.ඒ වගේම කවුරුත් ආසා කරන Animoji හා memoji වලට ගොඩක් customization options add වෙලා තියෙනවා.06. Pop Up Call ScreensiOS වල තිබ්බ annoying ම දේ මොකද්ද කියලා ඔනෙම iOS User කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ Call Screen එක ඔව් අපි මොනවැඩක් කර කර හිටියත් Call එකක් ආව ගමන් මුලු ඔක්කම Block වෙලා යනවා. වෙලාවකට ඒ Call එක Answer කරන්න පුලුවන්එකකුත් නෙවේ ඒ වගේම cut කරන්නත් බෑ. Cut කරා කියලා එයාලා දැන ගන්න නිසා. මේ දේ iOS 14 ඉදලා නම් සදහටම වෙනස් වෙන්නයන්නේ. ඇතියන්තම් කාලයක් තිස්සේ එනවා එනවා කියලා pop up caller windows , iOS 14 වලට finally ආවා. ඉතිං මේ features එක native calls වලට විතරක් නෙවේ whatsapp , viber වගේ service වල call වලත් හම්බවෙනවා. ඉතිං මේක ඔයාල ආසම කරනfeature එකක් වෙනවා නොඅනුමානයි.07. Airpod Software FeaturesAirpods කියන්නේ දැනට තියන ලොකේ ලොකුම true wireless earbud name එකක් ඉතිං මේ Airpods වලත් Apple iOS 14 වලින් ලොකු features ගොඩක් හදුන්වලා දීලා තියෙනවා.මුලිකම දේ තමා Automatic device switching ඒ කියන්නේ ඔයාට apple device කීපයක් තියෙනවා නම් ඔයා Airpods use කරනවා නම් ඔයා iPhone එකෙන් iPad එකට මාරු වෙනකොටත් ආයේ Mac එකට මාරු වෙනකොටත්  ආයේ connect කර කර ඉන්න ඔනේ නෑ intelligently automatic විදියට Airpods වලට device එකෙන් device එකට මාරු වෙන්න පුලුවන්ඒ වගේම තවත් ලොකු features එකක් තමා spatial audio ඉතිං ඔයාලා boom app එක use කරලා ඇතිනේ ඒ වගේම youtube වල 8D කියලා තියන sounds අහලා ඇතිනේ අන්න ඒ වගේ spatial aware audio features එකක් තමා මේ. මෙකෙන් ඔයාලට hall එකක නැත්තන් 3D space එකක ඉන්නවා වගේ rich sounds අහන්න පුලුවන් අනිත් දේ තමා device එක hold කරන්න ඉන්න විදිය ඔලුව තියන් ඉන්න විදිය අනුව 3D space එකේ sounds move වෙන්න තරම් Advance විදියට Apple ලා මේ දේ කරලා තියෙනවා ඒ වගේම මේ feature එක dolby atmos වලත් support කරනවා.හැබැයි මෙක නම් එන්නේ Airpods Pro වලට විතරයි.08. App ClipsApple ලා App store එක introduce කරලා දැනට අවුරුදු 12 ක් වෙනවා මේ කාලය තුල iOS වලට තියෙන ලොකුම support එක තමා මේ App store එක මොකද අපි අපේ device වල වැඩ කරන්නේ ගොඩක්ම මේ Apps වලින් ඉතිං iOS 14 වලදි Apple ලා තවත් අලුත් features එකක් විදියට App Clips introduce කරනවා. මේ App Clips කියන්නේ 10 mb ට වඩා size එකෙන් අඩු NFC tag එකකින් හරි Apple Code එකකින් හරි Active කරගන්න පුලුවන් main app එකක lite version එකක් වගේ. මෙක ගොඩක් වටිනවා අනවශ්‍ය apps අපේ phone ඇතුලේ ගොඩ නොගහා ඉන්න. හිතන්න restaurant එකක order එකක් දාන්න App එකක් use කරනවා නම් එතනින් පස්සේ මේ App එක වැඩක් නෑනේ ඉතිං මාසෙට නැත්තන් මාස කීපෙකට්ද් සැරයක් use වෙන මේ වගේ Apps වෙනුවට්ව් light weight App Clips යොදාගන්න පුලුවන් අපිට. මේක ගොඩක් හොද tool එකක් වෙයි developers ලට වගේම business වලටත්. ඒ වගේම මේ App Clips, App Store එකෙන් download කරන්නත් App Library view එකේ store කරගන්නත් පුලුවන් වෙනවා. ඒ වගේම website වලින් මේ App Clips ගන්න වගේම Message වලින් App Clips Share කරගන්නත් පුලුවන් වෙනවා.09. Apple Map UpdatesApple ලා එයාලගේම map එකක් පටන්ගෙන දැන් ගොඩක් කල් ඒත් මේ Apple maps එතරම් google maps තරම් සාර්තක උනේ නෑ ඒත් එන්න එන්නම මේ Apple Maps දියුනු වෙන්න ගත්තා ඇතැම් රට වල මේ වෙනකොට google map වලටත් වඩා details locations තියෙන මට්ටමට වගේම google street view එකට සමාන feature එකකුත් iOS 13 වලදි add උනා. ලංකාවට වගේ ඇතැම් රට වලට මේ Apple maps තාම ඔබින්නේ නැති උනාට එන්න එන්නම google ලට හොද challenge එකක් දෙන්න Apple Maps වලට පුලුවන් උනා.ඉතිං iOS 14 වලින් මේ features තවත් වැඩි වෙනවා. ඉතිං දැන් Apple Maps වලට tourist guide කෙනෙක් ගේ role එකත් හම්බ වෙනවා guide features එකෙන් . ලොකේ වටේ ඇවිදින ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයිඒ වගේම apple maps දැන් certain locations වලට cycling option එකක් ලබාදෙනවා. ඉතිං ඔයාට පහසුවෙන් එහේ මෙහේ යන්න මෙකත් උදව්වක් වෙවි.ඒ වගේම ලොකේ electric වාහන ඉල්ලුම වැඩි වෙනවත් එක්කම EV routing option එකක් දෙන්න apple ලා කටයුතු කරලා තියෙනවා මෙකෙන් ඔයාලට electric වාහන charging stations තියේන route එකක් පහසුවෙන් හොයාගන්න වගේම වාහනේ battery charge එක අනුව charging station එකක් suggest කරන්නත් පුලුවන් වෙනවා.ඒවගේම traffic අනුව route එක වෙනස් කරන්න air pollution නිසා වාහන restricted area දැනගන්න වගේ ගොඩක් දෙවල් කරන්න පුලුවන් වෙනවා.තව Apple Car Key වගේ features ගොඩක් එක්ක වගේම තව අපි නොදන්න හා ඉස්සරහත් Add වෙන්න තියෙන features ගොඩක් එක්ක iOS 14 beta එක අද release උනා. ඔයාලටත් අදම මේ software එක test කරලා බලන්න පුලුවන්. මේ iOS 14 update එකට Apple Users ලා වෙන ඔයාලා ගොඩක් කැමති වෙයි කියල හිතනවා.iOS 14 support device listiPhone 6S, iPhone 6S Plus andiPhone SE (first generation)iPhone 7 and iPhone 7 PlusiPhone 8, iPhone 8 Plus and iPhone XiPhone XS, iPhone XS Max and iPhone XRiPhone 11, iPhone 11 Pro and iPhone 11 Pro MaxiPhone SE (second generation)
Devil May Cry 5
Android  වැඩකාරයෝ අපිත් සමග එකතු වෙලා ඉන්න අපේ Fans ලට ඔන්න අපෙන් අලුත්ම අද්දැකීමක් ඒ තමා Gaming Side එකේ ඉන්න Gamers ලට ගේන අලුත්ම Post Series එක. ඔන්න හා හා පුරා කියලා අලුත් Post එකක් අරන් ආවා. අද කියන්න යන්නේ ටිකක් අහලා පුරුදු නැති Game එකක් ගැනයි (අහලා පුරුදූ නැ කිව්වට දන්න අය නම් දන්නවා නම කිව්ව ගමන් මොකක් ගැනද කියලා) Devil May Cry 5 ගැන තමා අද පොඩි post අරන් එන්න හිතුවේ Game එක End කරලාම.Devil May Cry 5 ගැන සදහන් කරොත් මේ Game එක Hack And Slash කියන Video Games වලට අයිති වෙන Game එකක් ටිකක් Brutal Fighitings ( Combat Based ) එහෙම තියෙන සුපිරිම Action Game එකක්. Game එක Developed And Published කරන්නේ අපි කවුරුත් දන්න CAPCOM ලා. ඉතින් මේ Series එකේ එන 5 වෙනි Edition එක තමා මේ DMC 5 කියන්නේ දැනට අවුරුදු පහකට කලින් Devil May Cry 4 Release උනා ඒකත් සුපිරිම Story එකක් තියෙන Game එකක්. ඉතින් මේ Game එකේ Main Characters 3ක් ඉන්නවාDante,Nero,Vයනුවෙන් Story එක යන්නේ Demons ලත් එක්ක මෙයාලගෙත් Main Character එක තමා Demon KingUrizenකියන්නේ (Villain Game එකේ ඉන්න) ඉතින් මේ Urizen ඇතුලු Demons ලගෙන් Human World එක බේර ගන්න එක තමා Main Missions 19 බෙදිලා Story එකක් විදිහට යන්නේ Game එකේදි.Missions 19 ම එකදිගට උනත් සෙල්ලම් කරන්න පුලුවන් විදිහට හදලා තියෙනවා තනිකර Actions වලින් පිරුන Game එකක් කිසිම කම්මැලි කමක් නැතුව සෙල්ලම් කරන්න පුලුවන් ව්දිහට Developer ලා හදලා තියෙනවා කිව්වොත් මං හරි. මම ඉහත සදහන් කර Characters 3න් ම අපිට සෙල්ලම් කරන්න අවස්තාව ලැබෙනවා එක එක Missions වලදි ඉතින් මෙයාලාගේ Skills අපිට Customize කරන්නත් ලැබෙනවා සැම Mission එකක් පටන් ගැන්මේදිම. (අනිවාරෙන් මේ Skills Upgrade කර ගන්න වෙනවා Game එකේ ඉස්සරහට යනකොට නැත්තං ලෝක ආමරුවක වැටෙනවා)මේ තුන් දෙනාට තියෙන්නෙ එයාලාටම ආවේනික උන විවිදාකාරයේ Fighting Skills අනිවාරෙන් සෙල්ලම් කරලා බලන්න මෙදේවල් හරියටම තේරුම් ගන්න පුලුවන් වෙයි. මේ Story එක End එක පුරාවටම V කියන Character එක ට්කක්  Mystery Character එකක් විදිහට අරන් යනවා Game එක End එකට ලංවෙනකොට වගේ දැනගන්න පුලුවන් වෙයි Play කරන අයටත් Play කරන්න ඉන්න අයටත් මොකක්ද මේ V කියන Character එකේ Mystery Connection එක කියලා (මේක පොඩි Hint එක්ක Game එකේ End එක Spoil නොකර දුන්න)Devil May Cry 5 Game එකට ගොඩක් Positive Reactions හම්බෙලා තියෙනවා IGN Ratings වලිනුත් 9.5 ගන්න සමත් වෙලා තිබෙනවා. ඒ වගේම 2019/2020 වසර වලදි සුවිශේෂි සම්මන දෙකක්ද ලැබුනා මේ Game එකට. Release එකෙන් සති දෙකකට පසුව වර්තා ගත 2 Millions Copies විකිනිලා තියෙනවා ලැබුන වාර්තා වලට අනුව. Game එක ගැන පොඩි හැදින්වීමක් කරේ දැනටමත් Fitgirl Repack Site එකෙන් මෙ Game එකේ Repack Version එක Download කිරීමේ හැකියාව තිබෙනවා පුලුවන් නම් සෙල්ලම් කරලා බලන්න සුපිරි Game එකක්. ඉතින් තවත් මේ වගේ අලුත් Game එකක් ගැන Post එකක් අරන් එන්නම් එතකන් හැමෝටම ජය.
YouTube විසින් ජූනි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නව Terms & Conditions ත්‍රිත්වයක් හඳුන්වාදේ
මෙම මස 21 වන දා YouTube ආයතනය තම Terms And Service වෙනස් කරනු ලැබුවා. විශේෂ වශයෙන් ශ්‍රීලංකාව, ඉංදියාව ඇතුලු ආසියාතික රටවල් වලට මම කොන්දේසිය විශේෂයෙන් බලපැවැත්වෙන බවයි සඳහන් වන්නේ. මෙම වෙනස්කම් ජූනි පළමුවන දින සිට බලපැවැත්වෙනු ඇත.ඒ අනුව YouTube Contain Creators ලට email මගින් මේ පිලිබඳව දැනුම් දීමට YouTube ආයතනය කටයුතු කර තිබුණා.එලෙස Update වූ කොන්දේසි මෙසේයි.තම YouTube Channelය තුල කිසියම් පුද්ගලයෙකු පිළිබඳව පවසනවානම් ඒ පිලිබඳව අදාල පුද්ගලයාගේ අවසරය තිබිය යුතුයි. ඒ අනුව, YouTube තුල යම් පුද්ගලයෙකුගේනම්, ලිපින ආදී සංවේදී දත්තවිශේෂයෙන් සඳහන් කරනවානම් එම පුද්ගලයාගේ පූර්ණ අනුදැනුම අතවශ්‍ය වේ.ඔබේ  YouTube Channelය YouTube Partnership Program හා සම්බන්ධව නොතිබුණත්,Subscribe 1000හාWatch time පැය 4000නොතිබුණත් ඔබේ YouTube Channel යේ Ads හෙවත් වෙළඳ දැන්වීම් පළවිය හැකි ය.මෙහිදී ඔබ Partnership Program හා සම්බන්ධ නැතිනම්මෙම මුදල් ඔබට නොලැබෙනඅතර ඔබ Partnership Program හා සම්බන්ධ නම් සුපුරුදු පරිදි 55% ක මුදල ඔබට ලැබේ.ඔබේ YouTube Channelය YouTube Partnership Program හා සම්බන්ධනම්මෙම මාසය ඇතුලත අනිවාර්යයෙන්YouTube New Tax Update Formපිරවිය යුතුය. එසේ නොවේනම්, ඔබේ වීඩියෝ වලින් යම් ප්‍රතිශතයක් YouTube විසින් අයකරගන්නා බව සඳහන් කරයි.ඔබත් YouTube Contain Creator කෙනෙක්  නම් මේ පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් වන අතරම, අනෙක් අයත් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වඩා වැදගත් බව අප සිහිපත් කරනවා.Sources:YouTube,The Drum
2021 වර්ෂයේදී ස්මාර්ට් ජංගම දුරකතන ලෝකයේ සිදුවූ විශාලතම අසාර්ථක වීම් 4
2021 වසර කියන්නේ අපි සියලු දෙනාම බලාපොරොත්තු නොවු ආකාරයෙන් ගෙවියව වසරක් බව අමුතුවෙන් කිව යුතු නැ. තාක්ෂණික ක්ෂේත්‍රයටත් එය එලෙසම අදාල වෙනවා.ඒ අනුව තාක්ෂණික ක්ෂේත්‍රයේ Smart Phones නිෂ්පාදනය සමාගම් විසින් මේ වසර තුල සිදු කරන ලද කිසිසේත්ම බලාපොරොත්තු නොවු ආකාරයේ තිරණ, කටයුතු කිහිපයක් මේ ආකාරයෙන් නැවත ගෙන දක්වන්න පුළුවන්.LG සමාගම විසින් තම Smart Phones සදහා වෙන ව්‍යාපාර අංශයේ කටයුතු නවතා දැමිමSmart Phones නිපදවන සමාගම් වැඩිවෙන තරමට එහි ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට ලැබෙන ඒ මගින් එම සමාගම් අතර තරගය වැඩි වෙනු ලබනවා. කෙසේ නමුත් මේ වසරේදි LG සමාගම විසින් නිවේදනය කරනු ලැබුවේඔවුන්ගේ Smart Phones සදහා වෙන ව්‍යාපාර නවතා දමන බවයි.LG සමාගම විසින් ඔවුන්ගේ අතිශය ජනප්‍රිය වු ENv හා Chocolate වැනි Feature Phones සමග වෙළෙඳපොළ තුලට පිවිසි අතර ඔවුන්ගේ G Series එකත්, Nexus 4 මාදිලියත් Smart Phones වෙළෙඳපොළ තුල පෙරළියක් ඇති කිරිමට සමත් වුවා. ඒ වගේම ඔවුන් විසින් Smart Phones නිෂ්පාදන කර්මාන්තය වෙනත්ම දැක්මක් ඔස්සේ රැගෙන යාමට උත්සාහ දැරැ බවට ඔවුන්ගේ LG G5, Dual-screened V20 හා LG Wing ආදි නිෂ්පාදන හරහා දක්වන්න පුළුවන්.Samsung සමාගම ඔවුන්ගේ Galaxy Note Series එක Galaxy Fold Series මගින් Replace කිරිමට උත්සාහ දැරිමGalaxy Note Series එක කියන්නේ Samsung සමාගමේ අතිශය ජනප්‍රියත්වයට මෙන්ම සාර්ථකත්වයට පත් වු Flagship Device Series එකක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්. කෙසේ වෙතත් Samsung සමාගම විසින් මේ වෙන විට තමන්ගේ මේNote Series එක නවතා දැමිමට තිරණය කර තිබෙනවා.Samsung සමාගම විසින් Galaxy Z Fold 3 හා Z Flip 3 Devices හදුන්වා දිමත් සමග ඒ මගින් Note Series එක නවතා දැමිම තුලින් වු අඩුව පුරවා දැමිමට උත්සාහ කරනු ලැබුවා. Galaxy Note Series එකේ තිබු Features බොහෝමයක්ම මේ Fold හා Z Series වෙන ලබා දි ඇති අතර ඒ සදහා S Pen සහයත් ලබා දි තිබෙනවා.කෙසේ වෙතත් මේ වෙන වාර්තා වෙන තොරතුරුවලට අනුව විට එය Galaxy S Series එකේ Device එකක් Note නමින් නිකුත් කරඒ මගින් Note Series එක ප්‍රතිස්ථාපනය කිරිමට සුදානම් බවටත්තොරතුරු වාර්තා වෙනවා.Google Pixel 6 Series එකේ ප්‍රශ්නගත Charging Speed එකGoogle සමාගම විසින් ඔවුන්ගේ Flagship Devices වෙන Pixel 6 Series එක මේ වසරේ නිකුත් කළ අතර එහි Charging Speed එක පිළිබඳ විශාල කතිකාවතක් අන්තර්ජාලය තුල ඇරඹි තිබුණා.Pixel 6 Series එක හදුන්වා දිමේදි Google සමාගම විසින් එම Devices USB Power Delivery PPS charging protocol එක අනුගමනය කරන බවත්, එය ඔවුන්ගේ 30W USB C Adapter එක මගින් උපරිම වේගයෙන් ආරෝපණය කළ හැකි බවත් දක්වා තිබුණා.කෙසේ වෙතත් පසුව තොරතුරු වාර්තා වුයේ Pixel 6 Series එක උපරිම 22W හා සාමාන්‍ය 13W පමණ අගයකින් 30W Adapter එක හරහා ආරෝපණය වෙන බවයි.OnePlus සමාගම Oppo සමාගම සමග ඒකාබද්ධ විමOnePlus සමාගම ඔවුන්ගේ Flagship Killer Devices සමග වෙළෙඳපොළ තුල අතිශය ජනප්‍රියත්වයට පත් වු අතර මෙයත් BBK Electronic Corporation එකට අයත් සමාගමක් වෙන අතර Oppo සමාගම යටතේ ක්‍රියාත්මක වෙනු ලබනවා.කෙසේ වෙතත් මේ වසරේදිOneplus සමාගම Oppo සමාගමත් සමග ඒකාබද්ධ වි​ය. ඒ අනුව චීනයෙන් පිටත OnePlus Devices සදහා ඔවුන්ගේ OxygenOS එක ලැබෙන අතර චීනය තුල Oneplus Devices සදහා Oppo සමාගමේ ColorOS එක ලබා දෙනු ලබනවා.කෙසේ වුවත් මේ ප්‍රධානතම අසමත් වීම් අතර ඇපල් සමාගමේ නම සඳහන් නොවීමද විශේෂත්වයක්.Source:Android Authority
WhatsApp mod භාවිතා කරන්නන්ගේ chat history එක නැති කරගන්නේ නැතුව WhatsApp එකට එන්නේ කොහොමද?
WhatsApp ආයතනයෙන් දැනුම් දීලා තියෙනවා WhatsApp app එක භාවිතා කරන පරිශීකයන්ගේ පෞද්ගලිකත්වය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා WhatsApp mod භාවිතා කරන්නන්ගේ WhatsApp ගිණුම් තහනම් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව. මේ සඳහා GB WhatsApp භාවිතා කරන්නන්ගේ ගිණුමද ඇතුලත් වන බවයි වාර්තාවන්නේ.WhatsApp mods භාවිතා කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි WhatsApp chats cloud එකට backup කිරීමට නොහැකි වීම. ඒ නිසා ඔවුන් WhatsApp mod app එකක සිට WhatsApp app එකට නැවත පැමිණෙන විට පැරණි chats සියල්ලම වගේ නැති වී යාමේ අවදානමක් පවතිනවා. ඔබත් මේ වන විට WhatsApp mod එකක් භාවිතා කරමින් සිටින්නේ නම් එහි පවතින පැරණි chats සියල්ලම වගේ අඩුවක් නැතුව කොහොමද WhatsApp app එකට ලබා ගන්නේ කියන එක තමයි අද මම කියල දෙන්න යන්නේ.මුලින්ම ඔයාගේ WhatsApp ගිණුම පැය 6කට තාවකාලිකව අවහිර කරන බවට දැනුම් දීමක් සිදු සිදු කරනවා. ඉන් පසුව ඔබට නිල WhatsApp app එකට යාමට එක කාලය ලබා දෙන අතර එම කාලයට පසුවත් ඔබ නැවත වතාවක් WhatsApp mod එක හරහා WhatsApp සේවාව ලබා ගැනීමට කටයුතු කලහොත් ඔබගේ ගිණුම ස්ථීරවම තහනම් කිරීමට ඔවුන් කටයුතු කරනවා. එහිදී ඔබට නැවත වතාවක් එම අංකය යටතේ WhatsApp ගිණුමක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව නොලැබෙන අතර ඔබට නව අංකයකින් නව WhatsApp ගිණුමක් භාවිතා කිරීමට සිදු වනවා.දැන් මෙතනදි මතුවන ප්‍රශ්නය තමයි කිසිම chat එකක් නැති වෙන්නේ නැතුව WhatsApp mod එකක සිට WhatsApp app එකකට ඔයාගේ Chat එක import කරගන්නේ කොහොමද කියන එක. මම දැන් කියල දෙන්න යන්නේ ඒක කොහොමද කරන්නේ කියන එක. මේක කරන්න ඔයාව තාවකාලික අවහිර කරනකන්ම ඉන්න එපා දැන්ම කරගන්න. මොකද හදිස්සියේවත් ඔයාට තාවකාලික අවහිර කිරීම මග ඇරිලා mod එක හරහා WhatsApp භාවිතා කිරීම සිදු වුවහොත් ඔයාව ස්ථීරවම තහනම් වෙනවා. එහෙම උනොත් ආයාචනයක් කරලා තමයි තහනම ඉවත් කර ගැනීම සිදු කරගන්න වෙන්නේ. ආයාචයක් කරත් බොහෝ දුරට තහනම ඉවත් කරන්න තියෙන ඉඩ කඩ බොහොම අඩුයි.පල්ලහෙයින් කියල තියෙන පියවරයන් අනුගමනය කරන්න කලින් ඔයාගේ ජංගම දුරකතනයේ WhatsApp app එක මේ වෙනකොටත් install කරල තියෙනව නම් ඒක uninstall කරලා Internal Storage එකේ තියෙන WhatsApp folder එක delete කරලා ඉන්න.මුලින්ම ඔයාගේ WhatsApp mod එකේ More options > Chats > Backup chats කරන්න. මේකෙදි වෙන්නේ ඔයාගේ chats ඔක්කෝම internal storage එකට backup වෙන එක.2. ඊට පස්සේ ඔයාගේ phone එකේ file manager එකට ගිහින් ඔයාගේ mod name එකෙන් තියෙන (ex: GBWhatsApp, FMWhatsApp) folder එක long tap කරලා 3 dot මෙනූ එකෙන් rename වලට ගිහින් ඒක mod name එක අයින් කරලා WhatsApp විදියට rename කරන්න. (WhatsApp යන්නෙහි simple and capital letters ඒ ආකාරයෙන්ම තැබිය යුතුය.3. දැන් ඔයා play/app store එකට ගිහින් WhatsApp install කරගන්න.4. ඊට පස්සේ official WhatsApp එකට ගිහින් ඔයා normal විදියට no. එක name ඒ ටික දෙන්න.5. දැන් ඔයාව mod එකෙන් log out උනා කියලා notification එකක් ඒවි.6. දැන් ඊළඟට official WhatsApp එකේ එන screen එකේ තියෙන restore button එක දෙන්න.දැන් ඔයාගේ chats ඒ විදියටම official WhatsApp එකේ තියෙනවා බලාගන්න පුළුවන්.Android වැඩකාරයෝ විදිහට WhatsApp mod apps භාවිතා කරන එක නම් අපි අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඉදිරියේදී GBWhatsApp, FMWhatsApp වැනි ban වෙන්නේ නැතැයි ප්‍රචලිත WhatsApp mods භාවිතා කරන අය පවා ban කිරීමට Facebook ආයතනය කටයුතු කරගෙන යාමට සූදානම් වෙනවා කියන එකත් මතක තබා ගන්න.
Rotatable Camera සහිත folding smartphone එකක් සඳහා Xiaomi විසින් patent ලබා ගනී
Xiaomi සමාගමෙන් ඉදිරිපත් කරන ලද නව පේටන්ට් බලපත්‍රයක, නව ස්මාර්ට්ෆෝන් ආකෘතියක සටහන් අපට දැකගත හැකිය.  Folding smartphone පසුගිය වසරේ නැවත පැමිණීමත් සමඟ, ස්මාර්ට්ෆෝන් සමාගම්  ඔවුන්ගේ දුරකථන නව ආකාරයකින් ඉදිරියට ගෙන යනු ඇතැයි සිතේ.  Xiaomi වෙතින් ඉදිරිපත් කල මෙම දුරකථනය MOTO Razor හෝ Samsung Galaxy Z Flip වැනි ක්ලැම්ෂෙල් ස්මාර්ට් ජංගම දුරකතන වලට වඩා වෙනස් වේ.මෙම දුරකථනයේ ඉහළ භාගයෙහි තීරුවක් ඇති අතර එය පසුපස කැමරාව ඉදිරිපසට හා පසුපසට තිරස් අතට කරකැවිය හැකිය.  පහත දැක්වෙන පේටන්ට් පින්තූර CNIPA fillingහි පළ කර ඇති චිත්‍ර මත පදනම්ව Let Go Go Digital විසින් නිර්මාණය කරන ලද්දකි.දුරකථනයේ ඉහළ කොටසේ දකුණු පැත්තේ power සහ volume key ඇත.  භ්‍රමණය වන කොටසට මඳක් පහළින් පිහිටා ඇති speaker grill එකක් ද වේ.Xiaomi එවැනි උපකරණයක් නිෂ්පාදනය කර විකුණනු ඇතැයි එයින් අදහස් නොකෙරේ.  දුරකථන නිෂ්පාදකයින් බොහෝ විට මෙවැනි දෘඩාංග සඳහා පේටන්ට් බලපත් ලබා ගන්නා අතර එය බොහෝ අවස්ථාවල වෙළඳපොළට නොපැමිණේ.  මෙයට ඇති ඉල්ලුම සීමාව ඉක්මවා ගියහොත්, එවැනි උපකරණයක් වෙළඳපොළට වඩාත් සුදුසු වනු ඇත, එවිට අපට මෙය වෙළඳපොළේ දැක ගත හැකි වනු ඇත.
ප්‍රෙෂර් කුකර් එකෙන් ගෑස් ගෙදරදීම හදාගැනීමේදී සහ ගෙදරදීම සබන් සාදාගැනීමේදී ඇති විය හැකි මේ අවදානම් වලට පෙර සූදානම් වෙන්නේ මෙහමයි
මේ දවස්වල සබන්, ගෑස් ඉතාම මිල අධික නිසා සබන්, ගෑස් වගෙ දේවල් ගෙදරීම නිෂ්පාදනය කරන්න බොහෝ දෙනා පෙළඹෙමින් ඉන්නවා. මේව ගෙදරදී හැදුවට කමක් නැහැ, හැබැයි හදන්න කලින් නිසි ආරක්ෂක ක්‍රම භාවිතා කරන්න අමතක කරන්නත් එපා. ඉතින් අපි මේ ලිපියෙන් මේ ගැනත් ටිකක් බලමු.ගෙදරදීම ගෑස් නිපදවා ගැනීමමම දැක්කා යම් තැනක LP ගෑස් වෙනුවට Carbide පාවිච්චි කරලා ප්‍රෙෂර් කුකර් එකක් භාවිතයෙන් ගෑස් නිපදවනවා. ඔයාලා නොදන්නවා වුණාට Carbide වලට වතුර දාපුවාම එන්නෙ C2H2( ඇසිටලින් ).Carbide (CaC2) + Water (H2O) = Acetylene (C2H2)ඇසිටලින් කියන්නෙ වෙල්ඩින් සඳහා භාවිතා කරන අධික ලෙස ගිනිගන්නා වායුවක්. මේ වගෙ වායුන් එක්ක කටයුතු කරද්දි බොහොම ආරක්ෂාකාරී ලෙස කටයුතු කළ යුතුයි. නැතිනම් ජීවිත හානියක් පවා සිදු විමේ අවස්ථාව පවතිනවා. මේ ඇසිටලින් කියන අධික දහනශීලි වායුව එක්ක මම වෘත්තිමය වශයෙන් වැඩ කරන නිසා මේ උපදෙ​ස ඔයාලට ලබා දෙන්නේ.මොකද මේක​ට භාවිතා කරන ප්‍රෙෂර් කුකර් එකට දරාගන්ඩ පුළුවන් උපරිම පීඩනයක් තියෙනවා. ඔයාලා හරියට Chemistry ගැන අවබෝධයක් නැතුව මේවා නියමිත අනුපාතයට කළවම් නොකරොත් මේ ප්‍රෙෂර් කුකර් එක අනිවාර්යෙ​න් පුපුරනවා. ​ඒ කියන්නෙ ප්‍රෙෂර් කුකර් එකට දරාගන්න පුළුවන් උපරිම පීඩණ මට්ටමක් තියෙනවා කියන එක​යි. සාමාන්‍ය වෙළෙඳපොළේ තියෙන ප්‍රෙෂර් කුකර් එකකට පුළුවන් 0.8bar - 1bar අතර වගෙ පීඩනයක් දරාගන්න විතර​යි. නමුත් වවෙළෙඳපොළට නිකුත් කරන 8.7Kg (50L) විතර Acetylene Cylinder එකක් නිපදවන්නෙ 40bar (580psi) වගේ විශාල පීඩනයක් දරාගන්න පුළුවන් විදිහටයි.අනික කාරණය ලෙස පීඩනෙ වැඩි නොවෙන විදිහට සරිලන අනුපාතෙට ඔයාලා මේ Carbide හා Water මිශ්‍ර කරාගත්තා කියමුකො, නමුත් අවධානම තවම ඉවර නැහැ. දැන් තමා නිය​ම අවධානම පටන් ගන්නෙ. ඔයාලා මේක ගෑස් ලිපට සම්බන්ද කරලා ගින්දර දල්වද්දි ඔයාලා නොදැනුවත්වම මේ ගිනි පුළිඟුව ගෑස් බටේ දිගෙ ආපස්සට යන්ඩ පුළුවන්. එහෙම ගියොත් ප්‍රශර් කුකර් එක පිපිරෙනවට වඩා ලොකු විනාශයක් වෙලා තමා නතර වෙන්නෙ.ඔයාල මේක දැක්කත් මේකට ඔයාලට පියවරක ගන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. මොකද මේ ගින්දර ඔයාලගේ ගෑස් බටේ හරහා ගෑස් නිපදනවන ප්‍රෙෂර් කුකර් එක වෙත ගමන් කරන්නෙ ශබ්දයේ වේගය වගේ දෙගුණයක වේගයකින්. ඒ කියන්නේ 2450 km/h වගෙ වේගයක්. තවත් සරලව තේරෙන විදිහට කිව්වොත් ඔයාලා ඇහිපිල්ලමක් ගහන වේගෙට වඩා වේගෙකින් මේ ප්‍රෙෂර් කුකර් එකට මේ ගිනි පුලිඟුව ලඟාවෙනවා.මේක වලක්වා ගන්න බටේ අගට Flashback Arrestor එකක් පාවිච්චි කළ යුතුයි. Acetylene Cylinder වලත් දැකලා ඇති බටේ අගට පොඩි පිත්තල බට කෑල්ලක් වගෙ එකක් එනවා, අන්න ඒකට තමා Flashback Arrestor කියන්නෙ. මෙකෙන් කරන්නෙ අර ගිනි පුලිඟුව බටේ හරහා ආපස්සට යන එක වලක්වන එක. Chemistry ගැන දැන ගත්තට ඔලුවට එන අලුත් අදහස් ක්‍රියාත්මක කෙරුවට කමක් නැහැ, හැබැ​යි ආරක්ෂාව සියල්ලටම ප්‍රථමයෙන්.ගෙදරදීම සබන්න් සාදාගැනීමඅනිත් එක තමාගෙදරි සබන් හදන්​නපාවිච්චි කරන Caustic Soda (NaOH) බෑලු බැල්මට මේස ලුණු වගේ පෙනෙන නිසා පොඩි අය එහෙම මේවා අල්ලන්​න, කටෙ දාගන්​න වගෙ දේවල් වලට පෙළඹෙන්න පුළුවන්.මේ Caustic soda කියන්නෙ මිනිස් ශරීරයට අධික ලෙස හාණි පමුණවන්න පුළුවන් රසායණික ද්‍රවයක්. මේ Caustic soda වැරදීමකින් හෝ ඇසේ තැවරීමෙන්, සමේ තැවරීමෙන් පිළිස්සුම් තුවාල ඇති කරවිය හැකි​යි. ​ඒ නිසා පාවිච්චි කරන සෑම විටම අඩුම ගානෙ Medical Gloves එකක් පාවිච්චි කිරීමට වග බලාගන්​න. නමුත් පාවිච්චි කළ යුත්තේ Latex හෝ nitrile Gloves තමා. ඒ වගේම මේවා ආහාර ජීර්ණ පද්ධතියට මුසු වීමෙන් හෝ අධික ලෙස ආශ්වාස කිරීමෙන් පෙනහළු වලට ස්ථිර හානි හෝ ඔබට මරණය ගෙන දිය හැකියි.දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මේවට නිරාවරණය උනොත් වෛද්‍ය ආධාර පැමිණෙනකන් ප්‍රථමාධාර ලබා දෙන්නේ කෙසේද කියලා.ඇ​සේ තැවරුනොත් ගලා යන පිරිසිදු ජලයෙන් විනාඩි 30ක් පමණ සොදා හැරිම. හැකි තරම් ඉක්මනින් ලඟම සිටින වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න.සමේ හෝ ඇඳ සිටි ඇඳුමෙහි තැවරුනොත් හැකි පමණ ඉක්මනින් ඇඳ සිටින ඇඳුම් ඉවත් කරන්​න. අවම වශයෙන් විනාඩි 15ක් වත් ගලා යන පිරිසිදු ජලයෙන් සම සෝදා හරින්​න. හැකි තරම් ඉක්මනින් ලඟම සිටින වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න.ආශ්වාස වීමක් සිදු වුවහොත් ආශ්වාස වීම සිදු වූ පුද්ගලයා හැකි පමණ ඉක්මනින් එම ස්ථානයෙ​න් පිරිසිදු වාතය ඇති විවෘත තැනකට ඉවත් කරගන්​න. ආශ්වාස වීමට ලක් වූ පුද්ගලයාගේ හුස්ම ගැනීම අසාමාන්‍ය යයි නම් (CPR) කෘතිම ස්වසනය ලබා දීම ආරම්භ කරන්ඩ. මේක කරන්ඩ පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ​ඒ ගැන ඔයාලා දන්නෙ නැත්තන් යටින් කමෙන්ට් එකක් දාන්​න මම ඒ ගැන වෙනමම ලිපියකින් කියලා දෙන්නම්.ඉතින් මම නැවතත් කියන්නේ මේවා පාවිච්චි කරාට කමක් නෑ, නමුත් නිසි ක්‍රියා පටිපාටියකට අනුව ආරක්ෂක විධි විධාන වලට අනුව භාවිතා කරන්න කියලා. මතක තියාගන්ඩ රුපියක දෙකක ලාභය බැලුවා වගේ නෙමේ, රුපියලේ දෙකේ ලාභය මරණයකින් කෙළවර උනොත්. ඒක නිසා මතක තියා ගන්න හැමතිස්සෙම Safety First.
iPhone 15 මාදිලිය සඳහා වැඩි ධාරිතාවයකින් යුතු Battery Pack එකක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි
එළඹෙන සැප්තැම්බර් මාසයේදී පමණ එළිදැක්විමට නියමිත නවතම iPhone Series එක වන Apple iPhone 15 Series එක පිළිබඳව මේ වන විට විවිධ තොරතුරු නිකුත් වෙමින් තිබෙනවා. ඒ අනුව මේ iPhone Series එක සඳහාRounded Edges සහිත Titanium Chassis එකක් භාවිත විය හැකි බවත්, මින්iPhone Pro මාලිදි USB Type-C Port එකකින් සමන්විත විය හැකි බවත් සහ මේPro මාදිලීන් සඳහා External Display සම්බන්ධ කිරීමේ හැකියාව ද ලැබෙනු ඇති බවට අප මීට පෙර තොරතුරු වාර්තා කරනු ලැබුවා.අන්තර්ජාලය තුළ වාර්තා වන නවතම තොරතුරුවලට අනුව මේ iPhone 15 Series එක සමඟ Apple සමාගම විසින් ඔවුන්ගේ මේ වන විට නිකුත් කර ඇති iPhone Series සමඟ සැසදිමේදී ධාරිතාවයෙන් විශාල Battery Pack එකක් ලබා දෙනු ඇතැයි කියන්න පුලුවන්.ඒ අනුව iPhone 15 සඳහා 18%කින් විශාල Battery එකකුත්, iPhone 15 Plus සහ iPhone 15 Pro සඳහා 14%කින් විශාල Battery එකකුත්, iPhone 15 Pro Max සඳහා 12%කින් විශාල Battery එකකුත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර ඒ අනුව Battery Capacity පහත පරිදි විය හැකි වනවා.202120222023iPhone 13:3,227mAhiPhone 14:3,279mAhiPhone 15:3,877mAhiPhone 13 mini:2,406mAhiPhone 14 Plus:4,325mAhiPhone 15 Plus:4,912mAhiPhone 13 Pro:3,095mAhiPhone 14 Pro:3,200mAhPhone 15 Pro:3,650mAhiPhone 13 Pro Max:4,352mAhiPhone 14 Pro Max:4,323mAhiPhone 15 Pro Max:4,852mAhමේ අනුව iPhone 15 Series එකේ Battery Capacity එක වැඩිම Model එක බවට iPhone 15 Plus පත් වනු ඇති අතර Battery Capacity එක අඩුම Model එක බවට iPhone 15 Pro පත් වනු ඇත. මෙලෙස Battery Capacity එක වැඩි වීමටත් සමඟින් Battery Pack එකේ Size එකත් වැඩි වීම සිදු වන නිසා iPhone 15 Series එකේ සියලු Models පෙර iPhone 14 Series එකේ Modelsවලට වඩා ඝනකමින් වැඩි වෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේම Apple A16 සහ A17 Bionic Chips ඔස්සේ බලගැන්වෙන මේ iPhone 15 Series එක ඔස්සේ ඉතා හොද Battery Life එකක් ද බලාපොරොත්තු විය හැකි වනවා.Sources:ithome.commacrumors.com
Google සමාගමට බෙල්ජියමින් යුරෝ ලක්ෂ 6ක දඩ මුදලක් නියම වෙයි
මෑතකදි ඉඳන් ම Google සමාගමට විවිධාකාරයේ නීතිමය ගැටළු වලට මුහුණ පාන්න සිදු වුනා. ඒ ගැන Android වැඩකාරයෝ අපි විවිධ අවස්ථාවල තොරතුරු ගෙනාවා. ඉතින් මේත් Google සමාගමට මුහුණ හෙන්නට සිද්ධ උන තවත් නීතිමය ගැටළුවක් ගැනයි.බෙල්ජියමේ පිහිටා ඇති එරට දත්ත ආරක්ෂක අධිකාරිය එහෙමත් නැතිනම් Data Protection Authority එක (APD) Google සමාගමට යුරෝ 600,000 ක දඩ මුදලක් නියම කරල තියෙනවා. ඉතින් මේකට හේතුව වෙලා තියෙන්නෙ යුරෝපයේ “right to be forgotten” කියන නීතිය violate කරපු links ඉවත් නොකිරීම නිසයි.“right to be forgotten” කියන නීතියට අනුව යම්කිසි යුරෝපා වැසියෙකුට හැකියාව තිබෙනවා ඔහුට හෝ ඇයට අදාල data, information වගේ දේවල් වෙන කිසිම තෙවැනි පාර්ශවයකට අත් නොවෙන විදිහට අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සඳහා ඉල්ලීමක් කරන්න. මේක යුරෝපීය පුරවැසියන්ට නෛතිකව හිමිවන වරප්‍රසාදයක්. මේ තුලින් ඔවුන්ගේ privacy එකට වෙන හානිය අවම කරගැනීමෙ හැකියාව පවතිනවා.ඉතින් මේක තමා දැනට APD එකෙන් impose කරලා තියෙන ලොකුම දඩය. මේක සිද්ද උනේ එක්තරා බෙල්ජියම් වැසියෙක් APD එකට appeal කිරීම හරහායි. ඔහුගේ ඉල්ලීම උනේ ඔහුගේ reputation එකට හානි වන විදිහට පල උනු links කීපයක් ඉවත් කිරීමයි.ඉතින් APD එකට අනුව Google සමාගම මේ links ඉවත් කිරීම ගැන කිසිඳු තැකීමක් කරලා නෑ.“Google has declared a serious breach by refusing it. Since the facts have not been established, are old, and are likely to have serious repercussions for the complainant, the rights and interests of the person concerned must prevail”-Translated press release, Data Protection Authority, Belgium.ඒ වගේම APD එක Google සමාගමට දැනුම් දීල තියෙන්නේ මාතෘකාවට භාජනය වෙලා තියෙන ඒ links වලට reference වෙන pages පවා ඉවත් කරන ලෙසයි.කෙසේ වෙතත් Google සමාගම මේ පිලිබඳව අභියාචනයක් ගොනු කරමින් නැවත සටන් කරන්න තීරණය කරලා තියෙනවා. රොයිටර් පුවත් සේවයට ප්‍රකාශයක් ලබා දෙමින් ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ information සහ privacy access වලට මිනිසුන්ට ඇති වෙනුවෙන් ඔවුන් කටයුතු කර ඇති බවයි.“We didn’t believe this case met the European Court of Justice’s criteria for delisting published journalism from search — we thought it was in the public’s interest that this reporting remain searchable”- Google
Microsoft ඕපන් සෝස් වෙයි(ද)
Microsoft සහ Open Source; නයයි මුගටියයි වගේ තමයි. හැබැයි ඒ ඉස්සර. මේ දෙගොල්ලෝ දැන් එන්න එන්නම එකතු වෙනවා. පසුගිය මැයි 14 දා පැවති සමුළුවකදී Microsoft සභාපති Brad Smith කියා සිටියේ "Open Source සම්බන්ධයෙන් Microsoft ගත්තේ වැරදි පැත්තක්" බවයි.Microsoft සභාපති Brad SmithMicrosoft සමාගම Windows හදපු දා පටන් Linux මෙහෙයුම් පද්ධතියට එරෙහිව යුධ ප්‍රකාශ කරලයි තිබුණේ. හිටපු Microsoft ප්‍රධාන විධායක නිලධාරී (CEO) Steve Ballmer විසින් Linux හැඳින්වුයේ බුද්ධිමය දේපල පදනම් කරගෙන පැතිරෙන පිළිකාවක් ලෙසටයි.කෙසේ හෝ අතීතය අමතක කරමින් දැන් Microsoft හි ඉහළ නිලධාරීන් Windows ඒකාධිකාරයක් පවත්වාගන්න (තිරය ඉදිරිපස) තවදුරටත් වෙහෙසෙන්නේ නෑ. "කාලයත් සමඟ අපි බොහෝ දේවල් ඉගෙන ගන්නවා... හොඳම දේ තමයි, අපි වෙනස් වෙන්න ඕනේ බව ඉගෙන ගන්න එක." ස්මිත් තවදුරත් කියා සිටියා.Windows නොසෙල්වෙන ඒකාධිකාරයක් ලෙස ගොඩ නැගීමට Steve Ballmer ප්‍රබලව දායක වුවත් Moible OS පිළිබඳව සුළුකොට තැකීම Windows Mobile හි අසාර්ථකත්වයට බලපෑවා.Microsoft දැන් ලොව Open-Source projects සඳහා වැඩිම දායකත්වයක් සපයන ආයතනයයි. ඒ අතින් ඔවුන් Google, Apache, Facebook  හා Docker වැනි සමාගම් වලටත් ඉදිරියෙන් පසුවෙනවා.මෑතක සිට Microsoft සීඝ්‍රයෙන් Open-Source දෙසට හැරෙමින් සිටිනවා. Powershell (නව Command Prompt) එක, Visual Studio Code වැඩසටහන හා original Edge Browserයේ JavaScript Engine එක පවා මේ වෙනකොට ඔවුන් Open Source කර තිබෙනවා.ඒ වගේම ළඟදීම Unix Bash Shell එක Windows වලට Nativeවම එකතු කරන බවත් පෙරදී ඔවුන් දැනුම් දුන්නා. Cross-Platform mobile app develop කිරීම වේගවත් කරන්නXamarinසමාගම මිලට ගැනීමත්, සුප්‍රසිද්ධGitHubසමාගම මිලට ගැනීමත් Microsoft Open Source පැත්තට වේගයෙන් නැඹුරු වෙන බව තවදුරටත් තහවුරු කරනවා.Bash shell on Windows.මේ මස අවසානයේ Full Linux Kernel එකක් Windows 10 සමඟ නිකුත් කරන බව ප්‍රකාශ කළ Microsoft, තම Official Web Browser එක වන Microsoft Edge එකත් ගිය අවුරුද්දේ Chromium Engine එකට මාරු කළා.මේ විදිහට Microsoft Open Source පැත්තට යොමු වෙන්නේ ඇයි?සරලම උත්තරේ තමයි Windows වලින් ඔවුන්ට කලින් වගේ ආදායමක් ලබන්න බැරි වීම. Microsoft Azure, ඒ කියන්නේ Microsoft Cloud Computing Services, Ofiice හා විවිධ Software Services තමයි දැන් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග වී තිබෙන්නේ . මේ සේවා සඳහා පාරිභෝගිකයින් ගෙන්වා ගන්න තමයි ඔවුන් Windows පාවිච්චි කරන්නේ. පාරිභෝගිකයින් වගේම Developers ලත් ආකර්ෂණය කරගන්න Microsoft භාවිතා කරන වෙළඳ උපායක් ලෙසයි මම නම් මේ Microsoft සහ Open Source ආදරය දකින්නේ.2017 දී Android විසින් Windows market share එක ඉක්මවූ ආකාරය හා Microsoft Cloud හා Office ආදායම වැඩි වී ඇති අයුරු. (Source: StatCounter, GeekWire)මේ ගැන ඔබේ අදහස මොකක්ද? අනාගතයේ Windows OS එකත් Open Source කරයිද? Comment කරන්න. තව අයට කියවන්න share කරන්න.
Android සහ iOS පරිශීලකයන්ට WhatsApp Polls විශේෂාංගය නිකුත් කර​යි
WhatsApp Conversations තුළ මනාප ප්‍රකාශ කිරීමේ (Polling) විශේෂාංගයක් Meta සමාගම විසින් සංවර්ධනය කරමින් සිටි අතර මෙම විශේෂාංගය දැන් ලොව පුරා සිටින සියලු පරිශීලකයින්ට නිල වශයෙන් ලබා දීමට ආරම්භ කොට තිබෙනවා.මේ Polling feature එක Private සහ Group Chat ‍යන දෙකෙහිම භාවිත කර හැකි අතර එක Poll එකක් සඳහා Options 12ක් දක්වා ඇතුළත් කළ හැකි වනවා. තවද Poll එකක් පළ කළ හැක්කේ අවම වශයෙන් එයට Options දෙකක් ඇතුළත් කළහොත් පමණි. මෙහිදී එක් පරිශීලකයෙකුට එක් Option එකක් තෝරාගත හැකි අතර එය වෙනස් කළ හැක්කේ Poll එක අවසන් වීමට පෙර පමණි.ඔබ Android උපාංගයක් භාවිතා කරන්නේ නම්, 📎 click කරන්න, ඔබ iOS උපාංගයක් භාවිතා කරන්නේ නම්, ➕ click කරන්න. දැන් Poll වෙත ගොස් එහිAsk Questionකොටසේ ඔබේ ප්‍රශ්නය type කර අයට අදාළ options ලබා දීමෙන් පසු එය පළ කළ හැකියි.ඔබට එහි මේ Poll feature එක නොපෙන්වනුයේ නම් ඔබේ WhatsApp යෙදවුම යාවත්කාලීන කිරීමෙන් ලබා ගත හැකි වනවා.Source:Gizmochina
Google සමාගම විසින් Pixel Device සඳහා External Display Connect කිරීමේ හැකියාව ලබාදෙයි
High-end Samsung Phone එකක තියෙන සුපිරිම Feature එකක් ලෙස Samsung Dex හඳුන්වන්න පුළුවන්. මේ මඟින් ඔබගේ Phone එක External Display එකකට Connect කළ විට Desktop පරිගණක වටපිටාවක් ලැබෙනවා.මේ පහසුකම Samsung ලගේ OneUI සමග පමණක් ලැබුනද, මෙවර නිකුත් කිරීමට නියමිත Android 14 QPR3 Beta 2 සංස්කරණයත් සමග ප්‍රථමයෙන් Google Pixel සඳහා External Display Output කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.මීට පෙර Android සංස්කරණවලද USB C port එක හරහා Display Output එකක් ලබා ගැනීමේ හැකියාව තිබුණද, ඒවා Software ලෙස Disable කර තිබෙනවා.මෙම නවතම සංස්කරණයත් සමඟ Device එකෙහි USB C port එකට USB-C to USB-C or USB-C to HDMI adapter එකක් මඟින් Display එකක් Connect කළ විට පහත ආකාරයේ Prompt එකක් දිස්වනවා.මෙහි Mirror Display මත Click කළ පසු External Display එක වෙත ඔබගේ Phone Screen එක Mirror වීම සිදුවනවා.බොහෝමයක් වෙබ් අඩවි වල පැතිර යන තොරතුරු අනුව පෙනෙනුයේ නිකුත් වීමට නියමිත Pixel 9 මාදිලියත් සමඟ මෙම පහසුකම Samsung Dex මෙන් Desktop අත්දැකීමක් ලබා ගැනීමට හැකිවන මෙන් සංවර්ධනය විය හැකි බවයි.Source:androidauthority.com
APK භාවිතා කරමින් Android apps install කිරීම MIUI තුල අවහිර කිරීමට Pure mode නම් නව පහසුකමක් Xiaomi විසින් අත්හදා බලයි
සෑම Android Smart Phone එකකටම අනිවාර්‍යෙන්ම පවතින හැකියාවක් ලෙස Apps Sideload කිරිමේ හැකියාව හදුන්වා දෙන්න පුළුවන්. කෙසේ වෙතත් මෙලෙස Apps Sideload කිරීමට ඇති හැකියාව නිසා Android Smart Phone තුලට යම් Malwares ඇතුල් විමේ හැකියාව තිබෙනවා. මේ හේතුන් නිසාම Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone සදහා Apps Sideload කිරිමේ හැකියාව ලබා දෙන්න කටයුතු කරන්නේ නැ.මේ පිළිබඳ සලකා බලමින් Xiaomi සමාගම විසින් මෙලෙස Apps Sideload කිරීමේ හැකියාව තිබියදීම අනවසරයෙන් Apps Sideload වීම වැලැක්වීම සදහා "Pure Mode" නමින් නව Feature එකක් හදුන්වා දිමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. මේ නව Feature එක මගින් Xiaomi Smart Phonesවල Apps Sideload Feature එක අවහිර කිරීමේ අවස්ථාව ලැබෙනවා. මේ තුලින් අනවසරයෙන් Download කරන Apps Install කිරිමට නොහැකි වෙනවා.එමෙන්ම මේ පිළිබඳ Xiaomi සමාගම විසින් වැඩිදුරටත් දක්වා තිබෙන්නේ ඔවුන්ගේ Smart Phones වල තිබෙන Apps වලින් 40%ක් පමණම ආරක්ෂක විගණනය සමත් නොවු Apps බවයි. මින් 10%ක් පමණ අවධානම් සහිත Apps ලෙස ද හදුනාගෙන තිබෙන බවත් ඔවුන් දක්වා තිබෙනවා.Pure Mode Feature එකේ මූලික අරමුණ වන්නේ අහම්බෙන් සිදුවෙන Apps Install විමෙන් වළක්වා, එම Apps නිසා දුරකථනයට ඇති විය හැකි අවධානම් අවම කිරිමයි. මේ Pure Mode Feature එක Beta Usersලා සදහා පමණක් ලබා දී ඇති අතර එයත් චීනයට පමණක් සීමා කර තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී Xiaomi සමාගම මේ Feature එක Xiaomi Smart Phone සදහා නිකුත් කරන දිනයක් ගැන ප්‍රකාශ කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.Source:Android Authority
ZTE සමාගම විසින් 64MP කැමරා තුනකින් සහිත ජංගම දුරකතනයක් නිපදවීමට සූදානම් වේ
ZTE සමාගම කියන්නේලොව ප්‍රථම Under Display Camera Setup එකක් සහිත Smart Phone එකනිකුත් කල සමාගම වෙනවා. ඔවුන්ගේ මිලග Flagship Smart Phones වල Rear Camera Setup එක සදහා 64MP Camera Lens තුනක් භාවිත කිරිමට සුදානමින් සිටින බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව මේ Camera Lenses මගින් අපිට Ultra High Resolution Main Camera එකක්, Ultra-wide Camera එකක් හා Telephoto camera එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනවා.මේ බව ZTE Mobileහි සභාපතිවරයා වෙන Ni Fei මහතා විසින් ඔහුගේ Weibo Post එකක් මගින් තහවුරු කර තිබෙනවා. මේ තහවුරැ කිරිම මගින් ZTE සමාගමේ ඉදිරි Flagship Devicesවල Rear Camera Setup එක සදහා 64MP Camera Lenses තුනක් භාවිත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.微博随时随地发现新鲜事!微博带你欣赏世界上每一个精彩瞬间,了解每一个幕后故事。分享你想表达的,让全世界都能听到你的心声!මේ 64MP 3 Lens Rear Camera Setup එකේ Specs පිළිබඳ තවමත් තොරතුරු වාර්තා නොවුවත් Weibo සටහනට අනුව Full Focal Length එකක් සහිත Camera Lens බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙලෙස 64MP වු Rear Camera Lenses තුනක් ලබා දි තිබුණ ද මේ Camera Setup එකේ Image Quality එක පිළිබඳ වැඩියමක් බලාපොරොත්තු විය නොහැකි වෙනවා. ඊට හේතුව වෙන්නේ මේ 64MP Lens තුන සදහාම යොදා ගන්නා Sensors එක හා සමාන නොවිමයි.එනම් මේ වන විට ඉතා කුඩා Pixels පවතින හොද Low Light Performance එකක් ලබා දෙන Budget 64MP  Sensors වගේම ප්‍රමාණයෙන් විශාල Pixels පවතින High Resolution එකක් ලබා දිමට සමත් වෙන Sony IMX686 වැනි Sensors ද මේ වන විට Smart Phone Industry එක තුල පවතිනවා. එබැවින් මේ Camera Setup සදහි යොදා ගන්නා Sensor එක Image Quality එක සදහා ප්‍රධාන වශයෙන් බලපානු ලබනවා.පසුගිය දිනක නිකුත් වුOPPO Find X3 ProSmart Phone එකේ Rear Camera Setup එක සදහා ද OPPO සමාගම විසින් 50MP වු Camera Lenses දෙකක් භාවිත කර තිබුණා. ඒ Main Camera Lens එක හා Ultra-wide Camera Lens එක විදිහටයි. මේ මගින් OPPO සමාගමට එම Device එකෙන් ලබා ගන්නා Photos සදහා Consistent Colors හා Detail Image ලබා දිමට හැකි වි තිබෙනවා. ඒ අනුව 64MP Lenses තුනක් සමග පැමිණෙන මිලග ZTE Flagship Devices තුලිනුත් මේ හා සමාන හෝ මිට ඉහල ප්‍රගතියත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.Source :Android Authority
Samsung සමාගම විසින් 100% bezel less තිරයකින් සහ sliding cameras වලින් යුතු ජංගම දුරකතනයක් සඳහා patent බලපත්‍ර ලබා ගනී
Samsung සමාගම විසින් ඔවුන්ගේ Foldable Smartphone Series එක සදහා ඔවුන්ගේ Display Technology එක මැනවින් භාවිත කරනු ලැබුවා. මේ වන විට ඔවුන්Blade Bezelනම් Display Technology එකක් පිළිබඳවත් කටයුතු කරමින් සිටිනව බවට අපි තොරතුරු වාර්තා කරනු ලැබුවා. ඒ වගේම Samsung සමාගම විසින් ලබාගත් නවතම Patent බලපත්‍රයට අනුව ඔවුන් All-display Smartphone එකක් නිපදවිම පිළිබඳව කටයුතු කරමින් සිටින බව පැහැදිලි වෙනවා.මේ නව Patent බලපත්‍රයට අනුව 100%ම Display එක සහිත Device එකක් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම මේ Patent බලපත්‍රයේ දැක්වෙන Device එකේ කිසිදු Port එකක් හෝ Physical Button එකක් දැක ගැනිමට හැකියාවක් නැ. ඒ වගේම Device එක On/Off කිරිමට මෙහි Screen එකේ පවතින Piezoelectric sensor එක යොද ගන්නා බව Patent බලපත්‍රය අනුව පැහැදිලි වෙනවා.Display, Transparent Housing designs‌‌මේ Patent බලපත්‍රයෙන් දැකවෙන Device එකේ අපිට Curved Display එකක් බලා ගන්න පුළුවන්. හැබැයි මෙහි Rear Panel එකේ Display එක Flat වෙනවා. Sidesවලදි අපිට Semi Rounded Display එකක් දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ Display එක වටා පවතින Housing එකේ ඉදිරිපස හා පසුපස Transparent ලෙස නිමවා තිබෙනවා. මෙය Transparent “Acrylic Material”වලින් නිමවා ඇති බව කියන්න පුළුවන්.මේ Device එකේ Camera Setup එක Sliding Camera Setup එකකින් සමන්විත වෙනවා. මේ Device එක කොටස් දෙකකින් යුතු වෙන අතර එහි ඉදරිපස කොටසේ Camera Setup එක යුතු වෙනවා. ඒ වගේම මේ Device එකේ දි Rear Camera එක හා Selfie Camera එක විදිහට භාවිත වෙන්නේ එකම Cameraවයි. මිට අමතරව අපිට මේ Device එකේ In-display Fingerprint Sensor, In-display speaker හා In-display Sensors මේ Device එකේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම eSIM හා Wireless Charging Feature බලාපොරොත්තු වෙන්න පුළුවන්.කෙසේ වෙතත් මේ සියලු තොරතුරු Patent බලපත්‍ර ඇසුරෙන් නිකුත් වි තිබුණ ඒවා වන අතර ඉදිරියේදි මේ Device එක පිළිබඳව වැඩි දුර තොරතුරු දැනගැනීමට අපට හැකිවනු ඇති.Sources :LetsGoDigital,Gizmochina
Microsoft විසින් dark mode, custom icons සහ daily wallpapers සමඟ update කළ Android Launcher
Microsoft තම Android සඳහා වූ Launcher app එක version 6 ලෙස අලුත්ම හදුන්වා දීම් සමඟ update කරලා තිබෙනවා. මේ සමඟම මේ software එකට විශාල දෘශ්‍ය වෙනසක් සහ එහි පවතින ක්‍රියාකාරීත්වයට ඉහළින් කාර්‍යසාධනය වැඩි දියුණු කිරීමක් ලැබී තිබෙනවා.Launcher version 6 එකෙහි අලුත් app icon, dark mode, daily wallpaper features සහ customizable icons පවතින අතර එය දැන් landscape orientation එකේදී ද  ක්‍රියා කරනවා.දවස පුරා  personalized news feed update වීම, faster loading සහ battery drain අඩු කිරීම ඇතුළුව සාමාන්‍ය කාර්‍යසාධනය වැඩි දියුණු කර තියෙනවා.ඔයාලට Google play store එකෙන් මේ app එකdownloadකරගන්න පුළුවන්.Launcher app එක Microsoft සඳහා සිත් ඇද ගන්නා සුලු අත්හදා බැලීමක්. එමඟින් සමාගමට ලොව විශාලතම mobile platform එකට මාවතක් ලබා දෙන අතර windows android සමඟ ඒකාබද්ධ වන්නේ කෙසේදැයි ගවේෂණය කිරීමට ස්ථානයක් ලබා දෙනවා.නමුත් මෙම අලුත්ම update එක Microsoftහි  වඩාත්ම අභිලාෂිත Launcher app එක සඳහා තවමත් සූදානම් වෙමින් පවතින බව පේනවා. නව Launcher app එක උපාංගයේ සමහර aesthetics සඳහා පරීක්‍ෂණයක් ලෙස පෙනෙන අතර සහ landscape mode එකක්  ඇතුළත් කිරීම dual-screen duo සඳහා අර්ථවත් කරනවා.
Artificial Intelligence එහෙමත් නැත්තම් කෘත්‍රීම බුද්ධිය ගැන කෙටියෙන්
අද අපි කතා කරමු කෘත්‍රීම බුද්ධිය ගැන එහෙමත් නැත්තන් (AI - Artificial Intelligence) ගැන, කෘත්‍රිම  බුද්ධිය සරලව අර්ථකථනය කළොත් එහෙම යන්ත්‍ර හා  සම්බන්ධ බුද්ධිමත්  ක්‍රියාකාරීත්වය ඇති කිරීමේ වැඩසටහනක්  විදිහට අපිට හඳුන්වන්න පුළුවන්, ඒ වගේම මේ සම්බන්ධව තවත් බොහෝ අර්ථකථන තියෙනවා.ජෝන් මැකාතිකියන විද්‍යාඥයා දක්වන ලද අර්ථකථනයට අනුව ඔහු කියන්නේකෘත්‍රිම  බුද්ධිය යනු  බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරීමේ විද්‍යාව සහ ඉංජිනේරු ක්‍රියාවලියක්කියලා මේ අර්ථකථනය ඔහු ඉදිරිපත් කළේ1956 වසරේ දී.මොහු තමා කෘත්‍රිම බුද්ධියේ පියා ලෙස හදුන්වන්නෙත්,John Mccarthy - Father of AIඅපිට කෘත්‍රිම බුද්ධිය කියන මාතෘකාව යටතේ කතා කරගෙන යද්දි අපිට අමතක කරන්න බැරි පුද්ගලයෙක් ඉන්නවා,ඒ තමයිවිද්‍යාඥ ඇලන් ටියුරින්, ඔහු තමයිනූතන න්‍යායාත්මක පරිගණක විද්‍යාවේ පියාවශයෙන් සැලකෙන්නේ, ඔහු තමයි මේ 1950 වසරේදී ලෝකයටටියුරින් පරීක්ෂාවහඳුන්වා දුන්නේ,Alan Turing - Father of Theoretical Computer Scienceටියුරින් පරික්ෂාව කියල කියන්නෙ යම් කිසි පරිගණක වැඩසටහනක බුද්ධිමත් බව මනින තාර්කික ආකෘතියක්ටියුරින් පරීක්ෂාවේ සරල අදහස මේ වගේ,මේ පරීක්ෂාවට ඕන වෙනවා මිනිසුන් දෙන්නෙක්. ඒ වගේම ඔයා හදපු  පරිගණක වැඩසටහනත් ඉස්සෙල්ලාම කරන්නේ මේ අංගයන් තුනම වෙන් වෙන්න කාමර තුනක තියෙන එක. ඊට පස්සෙ C අකුරෙන් දැක්වෙන පුද්ගලයා  ප්‍රශ්න ඉදිරිපත් කරනවා අර A කියන පරිගණක වැඩ වැඩසටහනට  සහ B  කියන පුද්ගලයාට. ඊට පස්සේ දිගින් දිගටම ප්‍රශ්න අහන්න පටන් ගන්නවා C අකුරෙන් දැක්වෙන පුද්ගලයා.මේ වෙලාවේ වැඩ දෙකක්  කරන්න ඕනේ එකක් ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර නිවැරදි ද කියල බලන දේ සහ පිළිතුර අනුව මේ පිළිතුර ලබා දෙන්නේ B  කියන පුද්ගලයා ද  නැත්තං පරිගණක වැඩසටහන ද කියල හොයල බලන එක, ඉතින් මේ අනුව ලබා දෙන පිළිතුර අනුව පරිගණක වැඩ වැඩසටහන ද පුද්ගලයාද කියන අවස්ථාව තෝරා ගැනීමට නොහැකි වන අවස්ථා ගණන අනුව පරිගණක වැඩසටහනේ බුද්ධිමත් භාවය තීරණය කෙරෙනවාSimple Turing Test Explanationඔයාලට සමහර වෙබ් සයිට් වලට යද්දි කරන්න වෙනCAPTCHA(Completely Automated Public Turing test to tell Computers and Humans Apart)කියන සිම්පල් ටෙස්ට් එකත් ටියුරින් පරික්ෂාවක් තමයි,එතනදි ඒ පරික්ශාව අනුව අපි Human කෙනෙක් ද Bot කෙනෙක්ද කියලා තීරණය කෙරෙනවා.CAPTCHA Testඕගොල්ලො අද ඉන්ටර්නෙට් පාවිච්ච් කරද්දි අහන්න දකින්න ලැබෙන දෙයක් තමා මේ AI කියන Concept එක, ඉන්ටනෙට් එකේදි නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ Analytics, Management, Planning වගේ Purpose වලට ඒ වගේම අපේ අයියලගේ හොර වැඩ අල්ලන්නත් පාවිච්චි වෙනවා. ඒ වගේම ,HealthcareAutomotiveFinancialDigital GamingAdvertising/MarketingLanguage ProcessingIndustry Purposes වලටත් මේ  AI Concepts, Programs පාවිච්ච් කරනවා.වර්තමානය වෙද්දි මේ AI අපිට ගොඩක් සමීප වෙල තියෙනවා.අපි එදිනෙදා වැඩවලට අපි දැනුවත් ව හෝ නොදැනුවත්ව AI පාවිච්චි කරනවා.උදාහරණ විදියට,Google Assistant(Android Devices)Microsoft Cortana(Windows 10)Apple Siri(iOS Devices)Samsung Bixby(Samsung Devices)Amazon Alexaවගේ AI මේ වෙද්දි ස්මාට් ෆෝන්,ස්මාට් හබ් වගේ Devices වලින් අපේ එදිනෙදා ජීවිතයට බද්ධ වෙලා තියෙනවා.ඉතින් මේ වෙද්දි  AI Program එකකට පුලුවන්,මනුස්සයෙක් වගේම Objects එක්ක අන්තර්ක්‍රියා කරන්න.ඒකට හොදම උදාහරණය තමා Google Duplex කියන ප්‍රොජෙක්ට් එක,Google AI - Project Duplexමේක ඉස්සෙල්ලම  Announce කලේ 2018 Google I/O Event එකේදි හැබයි මේක මුලින්ම US වලට විතරක් උනාට මේ වෙද්දි Australia, Canada, සහ  United Kingdom යන රටවල් වලටත් ලෝන්ච් කරල තියෙනවා. මේකේදි අපිට හොටෙල් රිසවේශන් එකක්,ඕඩර් එකක් ප්‍රොසෙස් කරන වැඩේ Google Assistant ට සම්පූර්ණයෙන් බාරදෙන්න පුලුවන්,ඊට පස්සේ  Google Assistant මනුස්සයෙක් කතා කරනවා වගේම කතා කරලා අපේ අවශ්‍යතාව සම්පූර්ණ කරල දෙනවා. ඒ වගේම රිමයින්ඩර් එකක් විදියට අපේ කැලැන්ඩර් වලට ඒක ඇඩ් කරලා අපිට පෙර දැනුවත් කිරීමකුත් කරනවා.Google AI - Duplex Demoඉතින් මේ 2020 අවසන් කාර්තුව වෙද්දි AI කියන්නේ IT Industry එකේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන ෆිල්ඩ් එකක්, ඒ වගේම මේ වෙද්දි මිනිස් ශ්‍රමය මගින් කරන වැඩ ගොඩක් මේ වෙද්දි  AI මගින් ඉතාම කාර්‍යක්ශම විදියට කරගන්න පුලුවන් වෙලා තියෙනවා, අනාගතයේ  කෘත්‍රීම බුද්ධිය මිනිසාගේ වැඩවලින් 80% කට වඩා කරයි කියලා තමයි විද්‍යාඥයන් අනාවැකි පලකරන්නේ. අනාගතයේ AI වල දිශානතිය කොයිපැත්තට ද කියල අපි බලාගෙන ඉමු.Image Sourceshttps://www.wired.comhttps://www.analyticsinsight.nethttps://www.cloudflare.comhttps://voicebot.ai
Samsung Galaxy S8 Devices සඳහා Updates ලැබීම තවදුරටත්?
ඕනෑම ජංගම දුරකථනයක් සදහා නිශ්චිත කාලයකට පසුව අදාළ සමාගම විසින් ඒ සඳහා Updates ලබා දීම නවතා දමනවා. මෑතකදී Samsung සමාගම විසින් සිය දුරකථන සඳහාSecurity Updates වසර 4ක් සහ වැඩිදියුණු කිරීම් වසර 3ක් දක්වාලබා දෙන බව මෑතකදී සඳහන් කළා. නමුත් එය අදාළ වන්නේ 2019 හෝ ඊට පසු නිකුත් වූ දුරකථන සඳහා පමණයි.Samsung Galaxy S8 කියන්නේ 2017 දී නිකුත් වුණ Device එකක් වෙන බැවින් එය පැහැදිලිවම ඉහත Updates Extend කරපු Devices අතරට අයත් විමක් සිදු වෙන්නේ නැ. එම නිසා, මේ වන විට Galaxy S8 කියන්නේ Updates ලැබිම නැවති තිබෙන Device එකක්. කොහොම නමුත්, මේ වන විට, Samsung Galaxy S8 දුරකථනය 2021 නොවැම්බර් මාසයට අදාල Security Update එක ලබා දෙන්න Samsung සමාගම විසින් කටයුතු කර තිබෙනවා.ඒ වගේම Galaxy S8 Smart Phone එකට අනපේක්ෂිත Update ලැබුණු දෙවන අවස්ථාව මෙය වනවා. මේ වසරේ ජූලි මාසයේදී එයට නව Security Patch Update එකක් ද ලැබුණා. කෙසේ නමුත් Galaxy S8 Device එක Samsung ලාගේ Updates Support කරන Devices වලට ඇතුළත් නොවුනත් ඊට පිටතින් Updates ලබා දීම විමතියට කරුණක් ලෙස සදහන් කරන්න පුළුවන්.Samsung සමාගම විසින් මේ දුරකථනය සඳහා දිගටම Updates නිකුත් කරන්නේ කරන්නේ මන්දැයි කිසිවෙකුටත් නිසි අදහසක් නොමැති අතර ඔබටත් Samsung Galaxy S8 දුරකථනයක් තිබේ නම්, Updates පරීක්ෂා කිරීම මගින් මෙය ලැබි තිබේ දැයි පරික්ෂා කළ හැකි වෙනවා. මෙලෙස නොවැම්බර් මාසයට අදාල Security Update එක මේ වන විට ප්‍රංශය සදහා ලැබි ඇති අතර ඉදිරි දින කිහිපය තුළ එය වෙනත් රටවලටත් නිකුත් වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.Source:Android Authority
Asus සමාගම හා එක්ව නවතම gaming phone එකක් නිපදවීමට Qualcomm සමාගම කටයුතු කරයි
Qualcomm සමාගමේ Snapdragon chips යනු ලොව පුරා ප්‍රචලිත හොඳ කීර්තිනාමයක් සහිත SoC එකක් වන අතර Snapdragon chipset යෙදූ flagship වර්ගයේ Android smartphones මිලදී ගැනීමට Android ලෝලීන් බොහොමයක් කැමැත්ත දක්වයි. Samsung සමාගම නිපදවන ජංගම දුරකතන වලින් Exynos වර්ගයේ SoC යොදා නිපදවන ජංගම දුරකතන වලට වඩා Snapdragon වර්ගයේ SoC යොදා ජංගම දුරකතන වලට ඇති ඉල්ලුම වැඩි වීම මෙයට දැක්විය හැකි හොඳම උදාහරණයයි.මේ වන විට Qualcomm සමාගම තම නිපදනවනනවතම Snapdragon 875 chipsetඑක මෙම වසරේ දෙසැම්බර් 01 වනදා නිකුත් කිරීමට සූදානම් වන බවද වාර්තා වනවා. මේ අතරේදීDigitimes වාර්තා කරන්නේQualcomm සමාගම විසින් තමන් විසින්ම නිපදවූ gaming smartphone එකක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් වන බවයි.Qualcomm සමාගම විසින් තම නවතම gaming phone එක නිපදවීම සඳහා Asus සමාගම සමඟ ගිවිසුමකට එළඹ ඇති බව එම වාර්තාවේ සඳහන් වන අතර Qualcomm සමාගමේ ප්‍රථම gaming phone එක මෙම වසරේ අග එලිදැක්වීමට නියමිත බව තවදුරටත් එහි සඳහන්ව ඇත.“Qualcomm reportedly will team up with Asustek Computer to develop and launch its own-brand gaming smartphones at the end of 2020 at the earliest, according to industry sources,”මේ ආකාරයට වාර්තාවී ඇති Qualcomm සමාගමෙන් එළිදැක්වීම සඳහා සූදානම් වන gaming phone එක Snapdragon 875 chipset එක යොදා නිපදවන ප්‍රථම ජංගම දුරකතනය වනු ඇත. Snapdragon 875 නිපදවන Qualcomm සමාගම විසින්ම මෙය නිපදවන නිසා බොහෝ දුරට අනෙකුත් ජංගම දුරකතන වලට වඩා ඉහළ හැකියාවන් පෙනවනු ඇතයි මත පෙලවෙනවා.Asus කියන්නේ ලෝකයේ ඉහළ පෙලේ gaming phone නිපදවන සමාගමක්. මේ වන විටත් ඔවුන්ගේ Asus ROG නමින් gaming phones series එකක් වෙළඳපලට නිකුත් කර ඇති නවතම ROG phone එක වන්නේ Asus Rog Phone 3 නම් ජංගම දුරකතනයයි.ජංගම දුරකතන වලට chipset නිපදවන සමාගම් අතර ඉදිරියෙන්ම සිටින Qualcomm සමාගමේ හා gaming phones නිපදවීමේ ප්‍රවීණයෙකු වන Asus සමාගමේ එකතු වීම මෙවර පෙර නොවූ විරූ ආකාරයේ gaming phone එකක් නිපදවනු ඇතැයි විශ්ලේෂකයන් විසින් මත පල කරනවා.මෙම වසරේ දෙසැම්බර් මාසයේ 01 වෙනිදා Qualcomm සමාගම විසින් තම නවතම Snapdragon 875 chipset එක Snapdragon Tech Summit 2020හිදී හඳුන්වා දීමට සූදානම්ව සිටින අතර එය virtual event ආකාරයෙන් පැවැත්වීමට නියමිතය. එහිදී බොහෝදුරට මෙම නවතම ජංගම දුරකතනය එලිදක්වනු ඇතැයි අප විශ්වාස කරන අතර updates සඳහා අප සමඟ රැඳී සිටින්න.Sources:Gizmo China,DigiTimes
Windows 11 මත Android Apps Install කර Run කරන්නේ කොහොමද?
Microsoft සමාගම windows 11 නිකුත් කිරීමෙන් පසු දැන් එහි Android Apps Run කිරීමේ හැකියාව එක ලබා දීමට කටයුතු කරමින් සිටිනවා . එහි මුල් පියවර ලෙස Microsoft සමාගමWindows insiders ලාට Subsytem එක හරහා insider පරිශීලකයන්ට Android Apps run කිරීමේ අවස්තාව දුන් බවඔබ වෙත මී⁣ට පෙර වාර්තා කරනු ලැබුවා. ඉතින් අද අපි බලමු කොහොමද මේ ක්‍රමයෙන් Windows 11 මත Android Apps Run කරන්නේ කියලා.මේ දේ මුලින්ම කරන්න කලින් අපි බලමු මේකට අවශ්‍ය System Requirements මොනවා ද කියලා.1. Windows 11 Insider Beta Channel Latest Version එක2. Virtualization සඳහා සහාය දැක්විය යුතු වීමTask Manager වෙත ගොස් ඉහත ආකාරයට මෙය පරීක්ෂා කර ගත හැකිය.  යම් හෙයකින් මෙය Disable වී තිබුනොත් පහසුවෙන්ම BIOS වලින් ඔබට  මෙය Enable කරගත හැකිය.3. Microsoft Store හි නවතම සංස්කරණය තිබිය යුතු වීමමේ සඳහා ඔබට Microsoft Store version 22110.1402.6.0 හෝ ඊට වැඩි සංස්කරණයක් තිබිය යුතුය. නැතිනම් ඔබට එහි Library වෙත ගොස් Get updates මඟින් නවතම සංස්කරණයට update කරගත හැක.4. Windows region එක US වලට වෙනස් කරන්න.මෙය ඔබට “Settings -> Time & language -> Language & region -> Country or region”  “United States” මඟින් කරගත හැකිය.5. US Amazon Account එකක් තිබිය යුතුය.මේ ඔක්කෝම requirements ඔයා සපුරලා නම් වැඩේ හරි! දැන් එහෙනම් Android Apps ලේසියෙන්ම Windows 11 මත Run කරන්න පටන් ගනිමු.පියවර 1: Windows Subsystem for Android පරිගණකයට ස්ථාපනය කරගන්න.මෙය ඔබටමෙමඟින්හෝ Microsoft Store එක මඟින් Download කර ගත හැකිය.Windows Subsystem for Android හි User Interface එකපියවර 2: Amazon Apps Store පරිගණකයට ස්ථාපනය කරගන්න.ඔබටමෙමඟින්Amazon Apps Store එක Download කරගත හැකිය.ඉන් පසු ඔබේ US Based Amazon Account එකෙන් Sign in වෙන්න.පියවර 3වැඩේ හරි! දැන් ඔයාට Amazon App Store එකේ තියෙන ඕනම App එකක් දැන් install කරගන්න පුලුවන්. ඒවගේ මම Download කරපු Godus කියන game එකේ Screen Shot එකක් තමයි මේ.ඔයාට මේක install කිරීමේදී ගැටලු තියෙනවා නම් දැන්ම යන්න අපේCOMMIUNITYඑකට..එහෙනම් තවත් වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක්!
Artemis සමඟ selfie ගන්​න හඳ​ට ගිය GoPro කැමරා
ඇමරිකාවේ ජනාධිපති ‌John F. Kennedy ගේ අදහසකට අනුව 1969 සිට 1972 දක්වා කාලයේදී මිනිසුන් 12 දෙනෙක් චන්ද්‍රයා මත පා තබා ඇත. නමුත් ඉන්පසු ඇමරිකාවේ සිදු වූ දේශපාලන වෙනස්කම් මත ඉහළ වියදමකින් යුක්ත Apollo ව්‍යාපෘතිය නවතා දැමුණු අතර දශක 5 ක් පුරාවට පහළ පෘථිවි කක්ෂයෙන් එපිටට මිනිසෙක් ගෙන යා හැකි අභ්‍යවකාශ යානයක් කිසිවෙක් සතු වූයේ නැත. නමුත් ඇමරිකාවේ මෑතකාලීන ආණ්ඩු කිහිපයක පෙළඹවීම යටතේ නැවත වරක් මිනිසුන් චන්ද්‍රයා බලා ගෙන යා හැකි අභ්‍යවකාශ යානයක් සහ එය දියත් කිරීමට රොකට්ටුවක් සංවර්ධනය කිරීමට NASA ආයතනය සමත් වී ඇත.Apollo දෙවියාගේ සහෝදරිය වන Artemis ගේ නමින් නම් කෙරුණු මේ වැඩසටහනේ අරමුණ 2025 දී සිට මිනිසුන් චන්ද්‍රයා මතට යැවීමටයි. නමුත් මේ අළුත්ම Orion යානය සහ අළුත්ම Space Launch System රොකට්ටුව මිනිසුන් ගමන් කරන මෙහෙයුමකට භාවිතා කිරීමට පෙර පරීක්ෂා කිරීම වෙනුවෙන් මිනිසුන් නොමැති මෙහෙයුමක් සිදු කළ යුතුවේ. ඉතින් ඒ මෙහෙයුම නොවැම්බර් 16 වනදා දියත් කළ Artemis I මෙහෙයුමයි.Orion යානය අඩ සියවසකට පමණ පසු සංවර්ධනය කළ මිනිසුන්ට පහළ පෘථිවි කක්ෂයෙන් දුරට ගමන් කළ හැකි පළමු අභ්‍යවකාශ යානයයි. Apollo යානයට වඩා ප්‍රමාණයෙන් විශාල මේ යානයේ ගගනගාමීන් 4 දෙනෙක්ට පහසුවෙන් ගමන් කිරීමට හැක. Orion යානයේ සංවර්ධන කටයුතු ආරම්භ වූයේ ජනාධිපති George W. Bush ගේ ආණ්ඩුවෙන් ආරම්භ කළ Constellation වැඩසටහනේදීය.නමුත් ජනාධිපති Barack Obama ගේ ආණ්ඩුව විසින් එම වැඩසටහන නවතා දමන ලදී. එහිදී එම වැඩසටහන යටතේ සංවර්ධනය වුණු Ares I සහ Ares V රොකට් අතහැර දැමූ නමුත් Orion වැඩසටහන නැවතුනේ නැත. එය පසුව ආරම්භ කළ Space Launch System රොකට් වැඩසටහනට අන්තර්ගත කරන ලදී.SLS රොකට්ටුවේ කොටස්SLS රොකට්ටුව ඝන ඉන්ධන බූස්ටර් 2 ක් සහ ද්‍රව ඉන්ධන අදියර 2 ක් ඇති දැවැන්ත රොකට්ටුවකි. පළමු අදියරේ ඇත්තේ අභ්‍යවකාශ ෂටල්වල භාවිතා කර ඉතිරි වූ RS-25 රොකට් එන්ජින් 4 කි. Interim Cryogenic Propuslion Stage නමින් හැඳින්වෙන දෙවන අදියරේ ඇත්තේ 60 දශකයේ සිට භාවිතා කරනා RL-10 තනි රොකට් එන්ජිමකි. දියත් කරන මොහොතේදී පළමු අදියර එන්ජින් 4 සමඟින් ක්‍රියා කරනා ඝන ඉන්ධන බූස්ටර් 2 මුල් මිනිත්තු 2 දී රොකට්ටුව ඉහළ වායුගෝලය වෙත ගෙනයෑමට උපකාරී වේ.ඉන්පසු පළමු අදියර තවත් මිනිත්තු 6 ක් තනිවම අභ්‍යවකාශය බලා ගමන් කරයි. කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කර පැය 2 කට පමණ පසුව Orion යානය දෙවන අදියරෙන් වෙන් වන්නේ යානයට චන්ද්‍රයා බලා යෑමට අවශ්‍ය පැයට කිලෝමීටර් 36,210 ක පමණ ප්‍රවේගය ලබා දීමෙන් පසුවයි.Artemis I දියත් කිරීමමෙම මෙහෙයුමේදී SLS රොකට්ටුව ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියා කළ අතර Orion යානය නිවැරදිව චන්ද්‍රයා බලා යන ගමන් මාර්ගයකට ඇතුල් කිරීමට සමත් විය. දින 5 ක් පුරා චන්ද්‍රයා වෙත ගමන් කළ යානය නොවැම්බර් 21 වනදා චන්ද්‍රයා වටා ඉලිප්සාකාර කක්ෂයකට ඇතුල් විය.Orion යානය සහ චන්ද්‍රයාදින 25.5 ක් පුරා දිවෙන මේ මෙහෙයුමේදී Orion යානයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමට NASA ආයතනය බලාපොරොත්තු වේ. ඒ තොරතුරු අනාගතයේදී ගගනගාමීන් ගමන් කරන මෙහෙයුම්වලට ප්‍රයෝජනවත් වනු ඇත. නමුත් අන් කවර මෙහෙයුමකටත් වඩා මේ මෙහෙයුමේ කැපී පෙනෙන අංගයක් වන්නේ Orion යානයේ සවි කර ඇති GoPro Hero 4 කැමරාවලින් පෘථිවියට එවන ඡායාරූප සහ වීඩියෝය.යානයේ සූර්ය පැනලවල කෙළවරේ සවි කර ඇති මේ කැමරාවලින් සෙල්ෆි ආකාරයේ දර්ශණ ලබා දෙන නිසා මීට පෙර කිසිදු අභ්‍යවකාශ මෙහෙයුමකින් නොලැබුණු ආකාරයට ලැබෙන මේ ඡායාරූප අභ්‍යවකාශලෝලීන්ව අමන්දානන්දයට පත් කිරීමට සමත් වී ඇත.Orion යානය සහ පෘථිවියමේ වන චන්ද්‍රයා වටා කක්ෂයක පවතින යානය දෙසැම්බර් 05 වනදා නැවත පෘථිවිය බලා පිටත් වනු ඇත. ඉන්පසු දෙසැම්බර් 11 වනදා යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වනු ඇත. තත්පරයට කිලෝමීටර් 11 ක වේගයෙන් ඇතුළු වන යානයේ ඉදිරිපස සෙල්සියස් අංශක 2,760 කට පමණ උණුසුම් වේ. නමුත් මේ උෂ්ණත්වයෙන් යානය ආරක්ෂා කිරීමට තාප ආවරණයක් සවි කර ඇත. එහි ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමත් මෙම මෙහෙයුමේ අරමුණක් වේ. සියල්ලම හොඳින් සිදු වුවහොත් Orion යානය පැරෂුට් මඟින් ශාන්තිකර සාගරයට ගොඩබසිනු ඇත.Orion යානයේ ආකෘතියක් සාගරයේ
Google IO Extended 2022 Sri Lanka event එක පැවැත්වෙන බවට Dialog ආයතනය නිල වශයෙන් නිවේදනය කර​යි
සෑම වසරකම පාහේ Google සමාගම විසින් ඔවුන්ගේ නව නිෂ්පාදන හා නව තාක්ෂණයන් එළිදැක්වීමට මෙන්ම ඉදිරි නිෂ්පාදන පිළිබඳව තොරතුරු දනුම්වත් කිරීම සඳහාත් පවත්වනු ලබන Google I/O Event එකමෙම වසරේ මැයි 11 වන දින මැයි 12 වන දින දක්වා පවත්වන බව Google සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කළ බවත් මේ සඳහා ලියාපදිංචි වන ආකරයත්අපි මීට පෙර ඔබ වෙත ගෙන ආවා මතක ඇති.මේ Google I/O Event එකට සමගාමීව ශ්‍රී ලංකාවේත් Good I/O Event එකක් Dialog Axiata සමාගම, Ideamart සහ GDG Sri Lanka ආයතන සමඟ එක්ව සංවිධානය කරනු ලබනවා.2016, 2017 සහ 2018 දී මේ Google I/O Extended Sri Lanka Event එක අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, 2016 වසරේ Google I/O Extended හි Main Keynote එකේදී Google සමාගමේ CEO වන Sundar Pichai මහතා විසින් පැවසූයේ USA හි ඇති Main Event එක හැරුණු කොට විශාලතම සහ අති උත්කර්ශවත් Event එක පැවැත්වෙනුයේ ​ශ්‍රී ලංකාවේ බවයි.That moment when you heard "Sri Lanka" on the big stageතවද 2018 වසරේ පැවැත් වූ Google I/O Extended Sri Lanka Event එකට එක් කළ නව අංගයක් වූ I/O Awards නම් සම්මාන උළෙලෙහි Android වැඩකාරයෝ අපට 2018 වසරේ විශිෂ්ඨතම තාක්ෂණික පුවත් සපයන්නාට හිමි සම්මානයත් දිනා ගැනීමට හැකි වූවා.කෙසේ නමුත් 2019දී ශ්‍රී ලංකාවේ පැවති තත්වය හේතුවෙන් මේ Google I/O Extended Event එක Social media ඔස්සේ Live Stream එකක් මඟින් ගෙන ඒමට Dialog ආයතනය කටයුතු කළ අතර, ඔබට එය පහතින් නැරඹීමට පුළුවන්.Google I/O Extended 20192020 සහ 2021 වසර වලදී පැවති වසංගත තත්වය හේතුවෙන් මේ Event එක USA වලත් physical ආකාරය​ට නොපැවැත්වූ අතර 2022 වසරේදී Google සමාගම විසින් මෙය මැයි 11,12 යන දිනයන්හීදී පැවැත්වෙන බව නිවේදනය කිරීමත් සමඟ Dialog ආයතනය විසින් Facebook Post එකක් පළ කරමින් මෙවර ශ්‍රී ලංකාවේ Google I/O Extended 2022 Event එක පැවැත්වීමට නියමිත බව නිවේදනය කළේ ය.මේ Google I/O Extended 2022 Sri Lanka Event එක පැවැත්වෙන ආකාරය හා තවත් තොරතුරු ලද සැණින් Android වැඩකාරයෝ අපි ඔබ වෙත ගෙන එන්නම්. සුභ දවසක්!
ඩයිනෝසිරස් යුගයේදී ඔබගේ නගරය තිබුණ තැන බලමුද?
මීට වසර මිලියන 750ක සිට වර්තමානයේ දක්වා පෘථිවි භුතලවල වෙනස් විම අනුව ඔබගේ නගරය ඒ ඒ කාලවකවානුවන්වල තිබු තැන සොයාගත හැකිවෙබ් අඩවියක්නිර්මාණය කිරීමට Google සමාගමේ හිටපු ඉන්ජිනේරුවරයෙකු ⁣වන Lan Webster මහතා කටයුතු කර තිබෙනවා.මේ සඳහා ඔහු විසින් Northern Arizona University එක විසින් පෘථිවිය පිළිබඳව කරන ලද පර්යේෂණවල (Research) දත්ත උපයෝගී කරගෙන ඇති අතර මේ ඔස්සේ වසර මිලියන 750ක් දක්වා අතීතයට ගොස් පෘථිවියේ භුතලවල වෙනස් විම දැක ගන්න පුලුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ පිහිටිම පිළිබඳවත්, රටේ ප්‍රධාන නගරයක (Kurunegala, North Western, LK) පිහිටිම වෙනස් විමත් මේ ඔස්සේ සොයා බැලිය හැකි වෙනවා.Ancient EarthEarth looked very different long ago. Search for addresses across 750 million years of Earth’s history.Ancient Earth වෙබ් අඩවියඉතින් දැන් ඔයාටත් පුලුවන් ඔයා ඉන්න නගරය මේ වෙබ් අඩවිය ඔස්සේ වසර මිලියන ගණනකට පෙර තිබුණ තැන හරියටම බලා ගන්න.
යුධ රහස් සොරා ගැනීම​ට රුසියානු සබ්මැරීනයක් ගොඩ ගත් ඇමරිකා​නු ව්‍යාපෘතිය; Project Azorian
Project Azorian හෙවත් ඇසෝරියන් ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ සීතල යුධ සමයේදී ක්‍රියාත්මක වුණ ඉතාමත් සංකීර්ණ, රහසිගත හා මිල අධික බුද්ධි මෙහෙයුම් වලින් එකක් ලෙසයි.1968 වසරේදී පැසිෆික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ K-129 නම් සෝවියට් සබ්මැරීනය න්‍යෂ්ටික මිසයිල 4 ක් සහ නාවිකයන් 70 දෙනෙක් ද සහිතව උතුරුදිග පැසිෆික් සාගරයේ අනතුරකට ලක්ව මුහුදුබත් විය. අනතුරෙන් පසුව සබ්මැරීනය සොයාගැනීමට සෝවියට් දේශය මාස දෙකක් තිස්සේ මහා පරිමාණ මෙහෙයුමක් සිදුකර කලද ඔවුන්ට කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි විය.K - 129 සබ්මැරීනයමේ සිද්ධිය ඇමරිකාවට අසන්නට ලැබීමත් සමග සෝවියට් න්‍යෂ්ටික අවි පිළිබඳ දැනගැනීමට මෙය ඉතා වටිනා අවස්ථාවක් ලෙස සැලකූ CIA සංවිධානය ඔවුන්ගේ තාක්ෂණය උපරිමයෙන් යොදා සබ්මැරීනය සොයා ගැනීමට මෙහෙයුමක් දියත් කරන ලදී.විශේෂයෙන්ම ඇමරිකාව මෙවැන්නකට අත ගැසුවේ R 21 වර්ගයේ සෝවියට් න්‍යෂ්ටික මිසයිල කිහිපයක් මෙම සබ්මැරීනය තුල තිබුණු නිසයි. R-21 යනු සබ්මැරීනයක සිට නිකුත් කල හැකි (SLBM) පළමු සෝවියට් න්‍යෂ්ටික මිසයිල වර්ගයයි. සෝවියට් න්‍යෂ්ටික මිසයිල තාක්ෂණය අධ්‍යයනය කිරීමට හැකිවීම ඇමෙරිකාවට මේ හරහා ලැබෙන එක් වාසියක් වූ අතර සෝවියට් නාවික කේත කියවීමට හැකි උපකරණ (cryptological documents /equipments) සබ්මැරීනය තුල අනිවාර්යයෙන්ම අඩංගු විය හැකි බව ඇමෙරිකානුවන්ගේ විශ්වාසය විය.සබ්මැරීනය සොයා ගිය CIA වෙතට අවශ්‍ය වූ ඔත්තුව ලැබුණේ ඔවුන්ගේ ම දත්ත මධ්‍යස්ථානයකිනි. 1968 මාර්තු 8 වනදා කැලිෆෝනියාවේ Point Soor මධ්‍යස්ථානය ට පිපිරීමකින් ඇතිවූ ඉතා කුඩා සංඛ්‍යාතයක තොරතුරක් ලැබී තිබුණි. එය විශ්ලේෂණය කිරීමෙන් පසු හවායි වෙතට නාවික සැතපුම් 1900 ක් උතුරින් පිහිටි ස්‌ථානයකින් එම සංඛ්‍යාතය නිකුත් වූ බවට සොයා ගන්නා ලදී. සබ්මැරීනය අනිවාර්යයෙන් එම ස්ථානයේ තිබිය යුතු බව CIA සංවිධානයේ අදහස විය.එම ස්ථානය අධ්‍යයනය කිරීම සඳහා USS halibut නම් සබ්මැරීනය එම ස්ථානයට පිටත් කරන ලදී. ඇමරිකාව සිතුවා නිවැරැදිය. ගිලී ගිය සබ්මැරීනය එම ස්ථානයේ අඩි 16000 ක් ගැඹුරේ තැන්පත්ව තිබිණි. දැන් ඔවුන්ට අවශ්‍ය වූයේ සබ්මැරීනය ගොඩ ගැනීමටයි. Operation Valley dollar මෙහෙයුම යටතේ ගිලුණු සබ්මැරීනයේ ඡායාරූප 20000 ක් පමණ රැස් කර ගත් CIA සංවිධානය ඒ ඡායාරූප අනුසාරයෙන් 1970 වසරේදී සබ්මැරීනය ගොඩ ගැනීම සඳහා රහසිගත සැලසුමක් සකස් කරන ලදී. ඇමරිකානු ආරක්ෂක ලේකම් Melwin layard ගේ අත්සනින් යුතු ඒ සැලසුමට ජනපති රිචඩ් නික්සන්ගේ අනුමැතිය ලැබීමත් සමග මෙහෙයුම CIA සංවිධානය වෙත බාර දෙන ලදී.සබ්මැරීනය ගිලී ගොස්‌ තිබූ ස්ථානයභාරදූරම කාර්යය ඇරැඹුණේ ඉන් පසුවයි. CIA සංවිධානය මේ සදහා තෝරාගෙන තිබුණේ ඉතා අපහසු මාර්ගයකි. ඔවුන්ගේ සැලසුමට අනුව සබ්මැරීනය ගොඩ ගනු ලබන්නේ විශේෂිත නෞකාවක් මගිනි. නැවේ පතුල විවර කල හැකි පියනක් ලෙස පැවැතිය යුතු වූ අතර සබ්මැරීනය අල්ලා ගනු ලබන්නේ එම විවරය තුළින් එළියට දමන අඩි 60 ක දිගින් යුත් යකඩ කේබල් මගින් අල්ලා ගත් අඬුවක් මගිනි. අඩුව මගින් උඩට ගෙන එන සබ්මැරීනය නැව තුළම තැන්පත් කළ හැකි විශේෂිත තටාකයක් ද තිබිය යුතු විය. (Photos වලින් පැහැදිලි වෙයි)ඒ අනුව මෙම නැව ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ.නෞකාවසබ්මැරීනය ගොඩගන්නා අඬු​වසබ්මැරීනය තැන්පත් කරන තටාකයමෙහිදී වැඩි අවධානයක් යොමු කල යුතු වූයේ නැව කෙරෙහි යි. තනි නැවක් මගින් සබ්මැරීනයක‍් ගොඩ ගැනීම පහසු කාර්යයක් නොවේ. විශේෂිත තටාකය ජලයේ ගිල්විය හැකි එකක් විය යුතු අතර එය ඇමරිකාව වෙත පැමිණි පසු තටාකය ගිල්වා දැමීමෙන් සබ්මැරීනය පිටතට ගැනීම සිදුවිය.මෙහෙයුමේ රහසිගත භාවය සලකා බලා ඒ වන විටත් ගැඹුරු මුහුදේ කැණීම් කටයුතු වල  පුරෝගාමියකු වූ Global Marine Incorporation ආයතනය වෙත නෞකාවේ ඉදිකිරීම් කටයුතු බාර දුනි. ඔවුන් මීට පෙරත් CIA වෙත මෙවැනි මෙහෙයුම් සඳහා උදවු කර තිබුණි. ෆිලඩෙල්ෆියාවේ 'ද සන්' නැව් අංගනයේ "හියුස් ග්ලෝමර් එක්ස්ප්ලෝරර්" ලෙස නම් තැබූ එම නෞකාව ඉදිකරන ලදී. විශේෂිත අඬුව නිර්මාණය කරන ලද්දේ Lockheed සමාගම විසිනි.කෝටිපති ව්‍යාපාරික හොවාර්ඩ් හියුස් ගේ ආයතනයේ නමට නෞකාව ලියාපදිංචි කරන ලද්දේ එහි රහසිගත බව ආරක්ෂා කිරීම සඳහායි. එනමුත් ව්‍යාපෘතිය ට සම්පූර්ණ අරමුදල් යොදවන ලද්දේ CIA සංවිධානය විසිනි. මෙම දැවැන්ත මෙහෙයුම ලෝකයෙන් වසන් කරන්නට එක්සත් ජනපදය සාර්ථක සැලැස්මක් නිර්මාණය කර තිබිණි. සියළු මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණේ මෙය මුහුදු පත්ලේ ඛනිජ කැණීමේ මෙහෙයුමක් බවයි. (Economist  magazine). New scientist මගින් වාර්තා කලේ එම නෞකාව මගින් දිනකට ටොන් 5000 ක ඛනිජ කණින ඇති බවටයි.Hughes Glomar Explorer1974 ජූනි 20 දා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සිට ගමන් ඇරඹූ Hughes Glomar Explorer නෞකාව සබ්මැරීනය ගිලීගිය ප්‍රදේශයට පැමිණියේ 1974 ජූලි 4 වෙනිදායි. එතැන් පටන් ඇරඹුණු සබ්මැරීනය ගොඩ ගැනීමේ මෙහෙයුම මාසයක් පුරා සිදුකරන ලදී. නමුත් එම කාර්යය තමන්ට රිසි පරිදි නිවීසැනහිල්ලේ කිරීමට ඇමෙරිකානුවන්ට අවස්ථාවක් නොලැබුණේ එම කාල සීමාව තුල සෝවියට් නෞකා 2ක්   Hughes Glomar Explorer නෞකාව අවට ප්‍රදේශයේ සැරිසැරීම නිසයි.සෝවියට් නැව් එම මුහුදු කලාපයේ සැරිසැරුවේ තම සබ්මැරීනය ගොඩ ගැනීමේ ඇමෙරිකානු උත්සාහයක් ගැන සැක සිතීම නිසා බව 1991 පසු අනාවරණය වී තිබේ. එවැන්නක් සිදුවේ නම් වහාම එය වැළැක්වීමට ක්‍රියා කරන ලෙස සෝවියට් නාවික හමුදාවට උපදෙස් ලැබී තිබුණද සබ්මැරීනය ගිලීගිය ස්ථානය සෝවියට් දේශය විසින් නිවැරදිව හඳුනාගෙන නොතිබූ නිසා එවැන්නකට ඉඩ නොලැබුණි.සෝවියට් නෞකාවල නිරීක්ෂණයට ලක්නොවී සූක්ෂමව සබ්මැරීනය ගොඩගැනීමට ඇමෙරිකානුවන්ට සිදුවිය.සෝවියට් හෙලිකොප්ටර් Hughes Glomar Explorer නෞකාවේ තට්ටුව මත ගොඩබෑම වැළැක්වීමට පථය අවුරා දමන ලදි. නමුත් සබ්මැරීනය මතුපිටට ගෙන එද්දී එහි සුන්බුන් සාගරය ජලයේ ඉලිප්පීමට තිබෙන ඉඩ නිසා මෙහෙයුමේ රහස්‍යබාවය සෝවියට් නාවික හමුදාවට අනාවරණය වීමේ අවදානමක්ද තිබිණි.සබ්මැරීනය ගොඩ ගත් අයුරු දැක්වෙන පරිගණක සටහනක්1974 අගෝස්තු මාසයේ 4 වනදා සබ්මැරීනය මතුපිටට රැගෙන එද්දී එහි කොටසක් යළි කඩා වැටිණි.ඉතිරි වූයේ ඉන් 2/3 කොටසක් පමණි(අඩි 38 කැබැල්ලක්). මෙම අසාර්ථකත්වයට බලපෑවේ සබ්මැරීනය ඩැහැගැනීමට නිර්මාණය කර තිබූ උපකරණයේ ලෝහ නිය ශක්තිමත් ලෝහයෙන් නිර්මාණය කර තිබුණත් ඒවා නැමෙන සුළු නොවීමයි. ගොඩගත් කොටසින් ද බලාපොරොත්තු වූ දෙය ඔවුන්ට නොලැබුණි.ඒ තුළ තිබී ටෝර්පිඩෝ දෙකක් ගොඩගන්නා ලදි.ඊට අමතරව සෝවියට් නාවිකයන් හයදෙනෙක්ගේ මළසිරුරුද සොයාගන්නා ලද අතර ඒවා ලෝහ පෙට්ටිවල දමා හමුදා ගෞරව සහිතව මුහුදේදීම භූමදාන කර තිබේ. Hughes Glomar Explorer නෞකාව 1974 සැප්තැම්බර් මාසයේදී වෙත පැමිණෙන්නේ සබ්මැරීනයෙන් ලබාගත් ද්‍රව්‍යයන් සහිත පෙට්ටි සමගයි.ගොඩගත් සබ්මැරීනයේ කොටස වොෂින්ටන් හි ඹන්ගොර් සබ්මැරීන කඳවුරට ගෙනයන ලදි.කැලිෆෝර්නියාවේ තැන්පත් කල තටාකයපළමුවරට Azorian ව්‍යාපෘතිය සම්බන්ධව එක්සත් ජනපද වැසියන් දැනුවත් කරන්නේ Jack Anderson නැමැත්තාය. ඉන්පසු Seymour Hersh නම් මාධ්‍යවේදියා විසින් මෙම රහස් ව්‍යාපෘතිය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඔස්සේ අනාවරණය කරන ලදී (1975). සබ්මැරීනය ගොඩගැනීමේ මෙහෙයුම CIA සංවිධානය විසින් චිත්‍රපටගත කර තිබූ අතර භූමදාන කල සෝවියට් නාවිකයන්ගේ සිරුරු හය 1992 දී රුසියානුවන්ට භාරදෙන අයුරු එම චිත්‍රපටයේ කොටසක අඩංගුව තිබේ.2010 වසරේදී Azorian ව්‍යාපෘතිය සම්බන්ධව වාර්තාවක්ද CIA සංවිධානය විසින් නිකුත් කරන ලදි. Project Azorian සම්බන්ධව CIA සංවිධානයට මහජන මුදල් විනාශ කිරීම සම්බන්ධයෙන් බොහෝ චෝදනාවන් එල්ල වූ අතර ඇමරිකාව එකල මේ වෙනුවෙන් ඩොලර් මිලියන 800 ක් වියදම් කර තිබීම එයට ප්‍රධාන හේතුව විය.
Google සමාගමේ Recorder App එක හරහා Pixel පරිශිලකයන් හට Audio Clips Edit කිරීමේ සහ Share කිරීමේ පහසුකම් ලැබෙයි
Google සමාගම ගිය අවුරුද්දේ මුලදී නිකුත් උනු ඔවුන්ගේ Pixel 4 series එක හරහා අලුත්ම recorder app එකක් හඳුන්වා දුන්නා. ඉතින් මේ voice recording app එක ඔයා කලින් use කරලා තියෙන සාමාන්‍ය voice recording app එකක් නෙමේ. මේ app එක support කරන්නේ real-time transcription. තවත් විදිහකට කීවොත් මේක journalists ලට musiciansලට boom එකක් වගේ. ඉතින් අලුත් ම 5G-enabled Pixel 4a සහPixel 5 devices එක්ක මේ recording app එකට තවත් අලුත් features කීපයක්ම එකතු වෙන්න නියමිත වෙලා තියෙනවා.ඉස්සෙල්ලම මේ recording app එකට අලුත් audio editing feature එකක් add වෙනවා. ඔයාට හැකියාව ලැබෙනවා audio clip එකක් හරි transcribed text එකක section එකක් හරි select කරගෙන ඒක crop කරගෙන අනවශ්‍ය කොටස් remove කරගන්න. ඔයාට ඕන කොටස highlight කරගත්තට පස්සේ ‘Crop’ සහ ‘Remove’ ලෙස buttons දෙකක් display වෙනවා.ඒ වගේම මේ recorder app එක මගින් ඔයාට හැකියාව ලැබෙනවා transcribed texts වලින් specific words search කරලා හොයාගෙන ඒ දේවල් ඉවත් කරගන්න. උදාහරණයකට ‘uhh’, ‘umm’ වගේ වචන පෙන්නල දෙන්න පුලුවන්.තවදුරටත් Google සමාගම පෙන්වා දෙන්නේ මේ මගින් recorded interview එකක නැත්තන් song idea එකක saved audio clip එකකින් video එකක් generate කරලා quotes විදිහට share කිරීමේ හැකියාව පවතිනවා කියලයි. ඉතින් මේ feature එක ගොඩක් useful වෙන දෙයක් වේවී. ඒ වගේම ගොඩක් creative දේවල් උනත් පහසුවෙන් මේ හරහා කරන්න හැකියාව ලැබෙනවා කියන දේ නම් පැහැදිලීයී.ඉතින් මෙන්න මේ වගේ useful features කීපයක් එක්කයි මේ අලුත්ම voice recorder එක release වෙන්නේ. මේ ගැන ඔයාගෙ අදහසත් පහලින් comment කරන්න අමතක කරන්න එපා.
Instagramහි ඇති දුර්වලතාවයක් App Hijack කරන්න සහ පරිශීලකයන් ගැන ඔත්තු බලන්න හැකර්වරුන්ට ඉඩ සැලසේ
ලෝකයේ ප්‍රසිද්ධ cyber-security research firm එකක් වෙන Check Point එකේ researchers ලා Instagram වල තියෙන major security vulnerability එකක් ගැන අනාවරණය කරලා තියෙනවා. මේ තුලින් එකම එක malicious image file එකක් හරහා hacker කෙනෙක්ට අවකාශය ලැබෙනවා Instagram account එකක් තමන් අතට ගන්න. මේ අවුරුද්දේ මුලදීත් CheckPointලගෙ අනාවරණයකින් පස්සේ එහෙම තවත් vulnerability එකක් Instagramලා fix කරා.මේ researchers ලට අනුව මේ flaw එක තුලින් Instagram app එකේ account user වෙනුවට actions perform කරන්න attackers ලට හැකියාව ලැබෙනවා. ඒ තුලින් user ගේ private messages බලන්න වගේම photos delete කරන්නත් පුලුවන්. ඉන් ඔබ්බට ගිහින් ඔවුන්ට් හැකියාව ලැබෙනවා device එකේ arbitrary code එක execute කරන්න. Check Point ලගෙ වාර්තාවට අනුව මේ තුලින් user ගේ devices spy tool එකක් විදිහට use කරන්න ඉඩ තියෙනවා.When the image is saved and opened in the Instagram app, the exploit would give the hacker full access to the victim’s Instagram messages and images, allowing them to post or delete images at will, as well as giving access to the phone’s contacts, camera and location data - Check Pointඉතින් මේ flaw එක track වෙන්නේ CVE-2020-1895 කියලා. Facebook වල මේ flaw එක describe වෙන්නේ ‘Integer Overflow leading to Heap Buffer Overflow’ කියලයි. මේක Instagram Android version 128.0.0.26.128 ට කලින් versions වලට affect වෙනව කියලයි වාර්තා වෙන්නේ.ඉතින් මේ වෙද්දී Instagram සමාගම මේ issue එක fix කරමින් update එකක් හැම platform එකකම නිකුත් කරලා තියෙනවා. ඉතින් ඔයාටත් පුලුවන් ඔයාගෙ privacy එක ensure කරගන්න ඒ අලුත් update එක install කරලා.Source:Check Point
නොමිලේ දෙන, Android FOSS Apps බාගන්න කියාපු තැන, F-Droid
ඇප් එක ගැන කියන්න කලින්, අපි මුලින්ම බලමු මොකක්ද මේ FOSS කියන්නෙ කියලා. FOSS - Free and Open Source Software, ඒ කියන්නෙ, යම් මෘදුකාංගයක් හැදුවට පස්සෙ, ඒ ඇප් එක හදපු විදිය රහසක් නෙවෙයි නම්, (කේත සටහන හැමෝටම බලාගන්න පුළුවන් විදියට ප්‍රසිද්ධ කරලා නම්.) සහ ඒ ඇප් එක නොමිලේම හැමෝටම ලබාගන්න, වෙනස්කම් කරන්න, බෙදාහදා ගන්න පුළුවන් නම්බොහොම සරලවඒ වගේ මෘදුකාංගයකට/ ඇප් එකකට අපිට කියන්න පුළුවන් FOSS App එකක් කියලා.අපි අද මේ කතා කරනF-Droidව්‍යාපෘතිය ආරම්භ වීමට හේතුව තමයි මම අර කලින් පැහැදිලි කරපු FOSS Android Aps බෙදාහදා ගන්න ක්‍රමයක් හදන්න අවශ්ය වුණ නිසා. මොකද, Google Play Store එකට මේ FOSS Apps දාන එක පාඩු වැඩක්.  Google Play Store එකට Apps දාන්න Google සමාගමට යම් මුදලක් ගෙවන්න වෙනවා. FOSS App එකක් හදලා ඒකෙ Source Code එකත් නිදහස් කරලා ඒක බෙදාහදා ගන්නත් සල්ලි ගෙවන්න වෙන එක හරිම අවුලක් නිසා තමයි මේ වගේ තමන් හදන ඇප්ස් නොමිලේම ඇතුළත් කරවන්න පුළුවන් App Store එකක් හැදුණේ.F-Droid Storeඑකේ තියෙන ඇප්ස් බොහොමයක් FOSS Aps. මේF-Droid Storeඑකේ හැම ඇප් එකක්ම නොමිලේ ලබාගන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම, මේF-Droid Storeඑකෙන් ලබාගන්න Apps ඔයාට මේ Store එක හරහාම යාවත්කාලීන (Update) කරගන්නත් හැකියාව තියෙනවා. Google Play Store එකේ වගේ සංකර, ලස්සන Interface එකක් නැතත්, මේF-Droid Storeඑකෙන් ගොඩක් වටින ඇප්ස් ලබාගන්න පුළුවන්.F-Droid Storeඑකේ තියෙන බොහොම ප්‍රයෝජනවත් Apps ගොඩක් ගැන ඉස්සරහට මම කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා.අපි දැන් බලමු F-Droid Store එක ඔයාගෙ ෆෝන් එකට Install කරගන්නෙ කොහොමද කියලා.මෙන්න මේ අඩවියට(https://f-droid.org/) ගියාම තියෙනDOWNLOAD F-DROIDබොත්තම ඔබලා ඉතා පහසුවෙන් ඔයාට පුළුවන් අදාළ APK file එක බාගත කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ටික වෙලාවකින් ස්වංක්‍රීයව සිදුවෙන Update කිරීමෙන් පස්සෙ ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය කරන Apps හොයලා ඔයාගෙ Android device එකට බාගත කරගෙන Install කරගන්න. මම පහළින් App එකේ Screenshots ටිකක් දාන්නම්.ඉදිරියෙදි, මෙන්න මේF-Droid Storeඑකෙන් ලබාගන්න පුළුවන් බොහොම වටින Apps ටිකක් ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම්, තවත් මෙවැනි පෝස්ට් එකකින් මුණගැසෙමු.
ප්‍රචාලන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක හෙවත් Propulsion Nuclear Reactors කියන්නේ මොකක්ද?
යම් යම් තාක්ෂණික සුවිශේෂීතා නොසලකා හැරියාම ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වර්ග 3ක් හඳුනාගන්න පුළුවන්.න්‍යෂ්ටික විදුලි බලාගාර වල භාවිතා වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවිවිධ අවශ්‍යතා සඳහා යොදාගන්න පර්‍යේෂණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකප්‍රචාලන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (Propulsion Nuclear Reactors)තුන්වැනි වර්ගය එහෙම නැත්තම් මේ අතරින් වඩාත් විශේෂිත වර්ගය ගැන තමයි මේ ලිපිය මගින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.ප්‍රචාලන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක භාවිතා වෙන්නේ ඇතැම් ප්‍රවාහන මාධ්‍යවල බල සැපයුම විදිහටයි. න්‍යෂ්ටික සබ්මැරීන, න්‍යෂ්ටික බලගැන්වූ නෞකා වල ඉඳලා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වෙන රොකට් එන්ජින් වලට එනකම් මේ ප්‍රචාලන ප්‍රතික්‍රියාකාරක නිර්මාණය වෙලා/වෙමින් තියෙනවා.නමුත්, ප්‍රචාලන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක මූලික වශයෙන් භාවිතා වෙන්නෙ හමුදාමය අවශ්‍යතා සහ අරමුණු සඳහා නිසා ඒ සම්බන්ධයෙන් දැකගන්න තියෙන තාක්ෂණික කරුණු තරමක් සීමිතයි. කොහොම නමුත්, මේ ප්‍රචාලන පද්ධති වල තියෙන පොදු තාක්ෂණික කරැණු කීපයක් පිළිබඳව අපි බලමු.සාමාන්‍ය න්‍යෂ්ටික ප්‍රචාලන පද්ධතියක දළ සැකැස්ම (www.wikipedia.org)සරලම මට්ටමේදි, මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක විදුලි බලාගාර වල භාවිතා වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වල ම කුඩා ප්‍රමාණයේ ඒකකයක් කියලා හිතන්න පුළුවනි. න්‍යෂ්ටික ඉන්ධන යොදාගෙන තාපය නිෂ්පාදනය කිරීමත්, ඒ තාපයෙන් හුමාලය ජනනය කර, ඉන් ටර්බයින ක්‍රියාත්මක කිරීමෙන් විදුලිය නිෂ්පාදනය කිරීම තමයි සාමාන්‍යයෙන් කෙරෙන්නෙ. මේක මේ විදියටම ප්‍රචාලන ප්‍රතික්‍රියාකාරක වලත් කෙරෙනවා. අදාල යාත්‍රාවට අවශ්‍ය සමස්ත විදුලි ශක්තිය නිෂ්පාදනය කරගන්න මේ මගින් පුළුවනි.නමුත්, ඊට අමතරව මේ හුමාල ශක්තියෙන් කොටසක් ඍජුව චාලක ශක්තිය විදියට ලබාගෙන අදාල යාත්‍රාවේ (නෞකාවේ හෝ සබ්මැරීනයේ) අවර පෙති කරකවන්න යොදාගැනීමත් නිතරම වෙනවා. නෞකා වලටත් වඩා සබ්මැරීන වල මේ වර්ගයේ ඒන්ජිමක් තියෙන එක විශේෂයෙන් වාසියි. මොකද සාමාන්‍ය ඉන්ධන වගේ දහන වායු නිෂ්පාදනය වෙන්නෙ නෑ. ඔක්සිජන් අවශ්‍ය වෙන්නෙ නෑ. ඩීසල් එන්ජින් වලට සාපේක්ෂව කම්පන අවමයි. ඉතිං, රහසිගත විදියට ක්‍රියාත්මක වෙන්න ඒවා ඉතාම ප්‍රයෝජනවත්.න්‍යෂ්ටික සබ්මැරීනයක ව්‍යුහය (රවුම් කර ඇත්තේ න්‍යෂ්ටික ප්‍රචාලන පද්ධතියේ පිහිටීම වේ) (www.quora.com)ප්‍රචාලන ප්‍රතික්‍රියාකාරක ඉතාම මිල අධිකයි. රෝල්ස්-රොයිස්, වෙස්ටිංහවුස් වගේ ආයතන කීපයකට තමයි දැනට මේ පද්ධති නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික නිපුණතාවය තියෙන්නෙ. මේවා හමුදාමය යෙදීම් වල පමණක් දකින්න ලැබෙන්න ඒකත් ප්‍රධාන හේතුවක්. ඒ වගේම මේ ප්‍රචාලන යන්ත්‍ර ප්‍රමාණයෙන් කුඩා විය යුතු නිසා භාවිතා වෙන ඉන්ධනයත් සාමාන්‍ය න්‍යෂ්ටික බලාගාර වලට වඩා වෙනස්. විශේෂයෙන්ම වැඩි යුරේනියම්-235 සාන්ද්‍රණයක් සහිත ඉන්ධන තමයි සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රචාලන ප්‍රතික්‍රියාකාරක වලට භාවිතා වෙන්නෙ.ප්‍රචාලන ප්‍රතික්‍රියාකාරක මෙගාවොට් 20 - 100 අතර බල උත්පාදනය කරන්න නිර්මාණය කෙරෙනවා. ඇමරිකාව තමන්ගේ නිමිට්ස් (Nimitz) පන්තියේ ගුවන් යානා ධාරක නැව් (Aircraft Carrier) වල භාවිතා කරන්නෙ මෙගාවොට් 100 ප්‍රමාණයේ න්‍යෂ්ටික ජනක දෙකක්. මේ නැව් වල තියෙන ගුවන් යානා ගුවන් ගත කරන්න යොදාගන්න වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වෙන විසි කිරීමේ (Catapult) පද්ධතියට අවශ්‍ය වාෂ්ප ශක්තිය හදා ගන්නෙත් න්‍යෂ්ටික හරයෙන්ම තමයි.USS Nimitz පන්තියේ ගුවන් යානා ධාරක නැවක් (www.wikipedia.org)මේ සඳහා න්‍යෂ්ටික ශක්තිය භාවිතා කිරීමේ ලොකුම ලාභය තමයි නැවත ඉන්ධන යෙදීම නිතර කරන්න අවශ්‍ය නැති වීම. මීට අවුරුදු 40කට කළින් නිෂ්පාදනය කළ ඇතැම් සබ්මැරීන පවා අදටත් ක්‍රියාත්මක වෙන්නෙ තමන්ගේ මුල් ඉන්ධන ප්‍රමාණයෙන්මයි. නිමිට්ස් පන්තියේ නැවකට අවුරුදු 25ක් විතර කාලයක් වරක් ඉන්ධන යෙදීමෙන් පස්සෙ අඛණ්ඩව ක්‍රියාත්මක වෙන්න පුළුවන්.ඉතිං කිසිම රටක වරායකින් ඉන්ධන සැපයුම් ලබාගන්න නවත්තන්නෙ නැතුව ලෝකෙ පුරා යන්න මේ නැවකට කිසි ප්‍රශ්නයක් නෑ. ඒකට හේතු වෙන්නෙ න්‍යෂ්ටික ඉන්ධන සතු අධික ශක්ති ඝණත්වය. සාමාන්‍යයෙන් මෙගාවොට් 1ක තාප ශක්තියක් දවසක් පුරා නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන්නෙ යුරේනියම් ග්‍රෑම් එකක් වගේ. ඉතිං ටොන් කීපයක ඉන්ධන වලින් කොයි තරම් වැඩ කරන්න පුළුවන් ද කියලා ගණන් හදලා බලාගන්න පුළුවනි.න්‍යෂ්ටික ප්‍රචාලන පද්ධති මගින් ක්‍රියාත්මක කෙරෙන, රුසියානු අයිස් බිඳින යාත්‍රාවක් (www.arctictoday.com)ප්‍රචාලන රොකට් එන්ජින් සකස් වෙන්නෙ න්‍යෂ්ටික තාපය මගින් හයිඩ්‍රජන් දහනය කරන ආකාරයට. ඒවා පවතින රොකට් එන්ජින් වලට වඩා ඉතාම කාර්‍යක්ෂමව සහ කුඩා ප්‍රමාණයෙන් නිර්මාණය කරන්න පුළුවනි.න්‍යෂ්ටික ප්‍රචාලන රොකට් එන්ජිමක පෙනුම. (www.wikipedia.org)නමුත්, දැනට මේවා තියෙන්නෙ පර්‍යේෂණ මට්ටමේ නිසා වැඩිදුර කතා කරන්නෙ නෑ.මේවා මේ තරම් වාසිදායක නම්, සිවිල්, භාණ්ඩ ප්‍රවාහන නැව් වලට භාවිතා නොකෙරෙන්නේ ඇයි ?මේවාගේ අවදානමක් ඇති නිසා එහෙම භාවිතා නොවෙනවා කියලා තමයි මුලින්ම හිතෙන්න පුළුවන්. ඒක නෙමෙයි හේතුව. ප්‍රචාලන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ඉතාම ආරක්ෂිතයි. අද වෙනකම් කිසිම අනතුරක් වෙලා නෑ මේවගෙ.ඒක නිසා ප්‍රශ්‍නය තියෙන්නෙ එතන නෙමෙයි. න්‍යෂ්ටික ද්‍රව්‍ය කියන්නෙ අන්තර්ජාතික නීති මගින් නියාමනය සහ අධීක්ෂණය වෙන ද්‍රව්‍ය. යුරේනියම්-235 සාන්ද්‍රණය වැඩි (සුපෝෂණ අගය වැඩි, high-enriched) ඉන්ධන වලට මේ නීති තවත් දැඩියි. හේතුව ඒවා අනවශ්‍ය අය අතට ගියොත් න්‍යෂ්ටික අවියක් උනත් නිෂ්පාදනය වෙන්න පුළුවන් නිසා. ඒක නිසා ප්‍රවාහන යාත්‍රාවක නිතර එහෙ මෙහෙ යන ඉන්ධන ගොඩක් කියන්නෙ නියාමනය කරන්න හරිම අමාරු අභියෝගයක්. මේක තමයි ප්‍රධානම හේතුව මේවා තවම සිවිල් භාවිතා සඳහා යොදා නොගන්න.අනික තමයි මේ වගේ න්‍යෂ්ටික ද්‍රව්‍ය වල ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්කමක් සාමාන්‍ය සිවිල් ආයතන වලට තියෙනවද කියන එක. පුහුණු හමුදා නිලධාරීන් සහ අවි ආයුධ පුරවලා තියෙන නැවක, සබ්මැරීනයක ඉන්ධන වල ආරක්ෂාව ගැන ඒ තරං කරදර වෙන්න අවශ්‍ය නැතත්, සිවිල් නැවක මේ ආරක්ෂාව සැපයීම තවත් සංකීර්ණ කතාවක්. දශක කීපයකට කලින් සිද්ධ වෙච්ච කර්ස්ක් සබ්මැරීන අනතුර වගේ සිද්ධියක් අධ්‍යයනය කළාම මේවා යොදාගැනීමට තියෙන භූ-දේශපාලනික අභියෝග ගැන සරල අදහසක් ගන්න පුළුවනි.න්‍යෂ්ටික ප්‍රචාලන පද්ධති හැම ප්‍රවාහන මාධ්‍යයකටම යොදාගන්න පුළුවන් කියලා ඒකෙන් කියවෙන්නෙ නෑ. දශක ගණනාවකට කළින් ගුවන් යානා සඳහාත් මේවා යොදාගන්න පුළුවන් ද කියලා සෝවියට් සමූහාණ්ඩුවේ පර්‍යේෂණ වෙලා තියෙනවා. ඒත්, න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ විශාලත්වය, බර සහ ගුවන් යානා අනතුරක් උනොත් වෙන්න පුළුවන් හානිය ගැන සැලකුවම මේක ප්‍රායෝගික වැඩක් නොවෙන බව තහවුරු වීමෙන් පස්සෙ, ඒ පර්‍යේෂණ නවතා දැමුණා. ඒක නිසා විශේෂිතම යෙදීම් වන ගුවන් යානා ධාරක නැව්, සබ්මැරීන සහ ධ්‍රැවාසන්න මුහුදු වල අයිස් කඩන්න යොදාගන්නා නැව් වල තමයි දැනට මේවා භාවිතා වෙන්නෙ.කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වල දියුණුවත් එක්ක ඇතැම්විට කිසියම් දවසක මේ පද්ධති සිවිල් ප්‍රවාහන යාත්‍රා වල යෙදෙනවා දැකගන්න පුළුවන් වෙයි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.
5G ජාලය සඳහා Huawei උපාංග භාවිතා කිරීමෙන් වලකින ලෙස ඇමරිකාව විසින් දකුණු කොරියාවට බලපෑම් කරන ලකුණු
එක්සත් ජනපදය සහ චීනය අතර අපවතින ගෝලිය වෙලඳ අර්බුදය හමුවේ විශාල වශයෙන් බැට කන සමාගමක් ලෙස Huawei සමාගම හැඳින්විය හැකිය. මෙම වෙළඳ අර්බුදය හමුවේ Huawei සමාගමට සීමා පැනවුන ආකරය පිලිබඳව මීට පෙර අවස්ථා කිහිපයකදීම අප විසින් ඔබ වෙත පුවත් වාර්තා කල අතර ඇමරිකානු එක්සත් ජනපදය විසින් නැවත වතාවක් එවැනිම ආකාරයේ සීමාවන් පැනවීම සඳහා දකුණු කොරියාව වෙත බලපෑම් කරමින් සිටින බව වාර්තා වනවා.මෙම වෙලඳ අර්බුදය හමුවේ ඇමරිකාවේ බලපෑම්  වලට හිස නමා තම 5G ජාලය සඳහා භාවිතා කරන Huawei සමාගමේ උපාංග මිලදී ගැනීමෙන් වැලකී සිටන සමාගම් බොහොමයක් පවතින අතර දකුණු කොරියාවෙන් වාර්තාවන ආකාරයටඑක්සත් ජනපද කොන්ග්‍රස් කමිටුව විසින් පෙන්ටගනයට ඉදිරිපත් කර ඇති වාර්තාවක සඳහන් වන ආකාරයට, එක්සත් ජනපද යුධ හමුදාවන් විසින් කඳවුරු පිහිටුවා ඇති රටවල ජංගම දුරකතන ජාල සඳහා චීන සමාගම් වල උපාංග යොදා ගැනීමෙන් එම බල ඇණි සහ ඔවුන්ගේ ආයුධ තර්ජනයට ලක් වන බැවින් ඒ පිලිබඳව සලකා බලන ලෙස පවසා තිබෙනවා.මෙලෙස ඉදිරිපත් කර ඇති වාර්තාව ඔවුන් විසින් නම් කර ඇත්තේ the 2021 National Defense Authorization Act ලෙසින් වන අතර එය the Senate Armed Services Committees විසින් අනුමත කර ඇත. නුදුරේදීම එය සම්මත කර ගැනීම සඳහා ඉදිරි පත් වන බව කොරියානු වාර්තාවේ සඳහන් වනවා.යම් හෙයකින් මෙම පනත සම්මත වුවහොත්, එක්සත් ජනපදය විසින් තම බල ඇණි පිහිටුවා ඇති රටවලට Huawei සමාගම හෝ එක්සත් ජනපදයේ ආරක්ෂාවට බලපෑමක් වේයැයි සිතෙන වෙන ඕනෑම සමාගමක් තහනම් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.දකුණු කොරියාව යනු එක්සත් ජනපද හමුදා බල ඇණි හරහා තම රටේ ආරක්ෂාව තර කරගෙන සිටින රටක් වන අතර එම හේතුව නිසා ඉදිරියේදී Huawei සමාගමේ උපාංග භාවිතා කරන සමාගම් වෙත ඒවා භාවිතා කිරීම තහනම් කරන ලෙස බලපෑම් කිරීමට ඉඩ කඩ තිබෙන බව Chosun විසින් වාර්තා කර තිබෙනවා. එහිදී දකුණු කොරියාවේ ප්‍රධානතම ජංගම දුරකතන සේවා සපයන්නෙකු වන LG UPlus ආයතනය තම 5G ජාලය සඳහා Huawei සමාගමේ උපකරණ භාවිතා කිරීම සිදු කරනු ලබනවා.LG UPlus සමාගම විසින් 2013 වර්ෂයේ සිට තම ජංගම දුරකතන ජාලය සඳහා Huawei උපාංග භාවිතා කරන අතර, ඔවුන්ගේ යටිතල පහසුකම් වලින් 30%කට අධික ප්‍රමාණයක් ඔවුන්ගේ ජාලය තුල ස්තාපනය කර ඇත. යම් හෙයකින් ඇමරිකාව විසින් LG UPlus ආයතනය වෙත බලපෑම් සිදු කිරීම කල හොත් ඒ සඳහා වන පිරිවැය දරා ගැනීමේ අපහසු තාවයක් තමන් හට වන බව පවසා ඇත.ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධව තවත් අදහස් දක්වමින් LG UPlus ආයතනය විසින් ප්‍රකාශ කර ඇත්තේ, එවැන් ගැටළුවොක් උද්ගත වුවහොත්, ඇමරිකානු යුධ කඳවුරු පිහිටා තිබෙන Pyeongtaek සහ Uijeongbu ප්‍රදේශයන්ගේ පමණක් පවතින Huawei උපාංග වෙනුවට Ericsson සමාගමේ උපාංග භාවිතා කර ජාලය නැවත පිහිටුවිය හැකි බවයි.දකුණු කොරියානු රජයද මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් පවසා ඇත්තේ, තම දුරකතන සේවා සපයන ආයතනයන් විසින් භාවිතා කල යුත්තේ කුමන උපාංගදැයි යන්න තීරණය කිරීමේ නිදහස සහ අයිතිය එම ආයතන සතු වන අතර ඒ සඳහා තමන්ට බලපෑම් කල නොහැකි බවයි.Source:Gizmo China,CHOSUNILBO
යුද්ධයට නැතුවම බැරි ලෝකයේ තිබෙන ප්‍රබලම යුධටැංකි (දෙවන කොටස)
අද ඔයාල එකතු වෙන්නේ"යුද්ධයට නැතුවම බැරි ලෝකයේ තිබෙන ප්‍රබලම යුධටැංකි"ලිපියේ දෙවනි කොටසත් එක්ක. එදා ඒ ලිපියෙන් ලොව හොඳම යුධ ටැංකි පහ ගැන ඔයාලාට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. ඔයා ඒ ලිපිය කියවන්නේ නැතුව මේකට ආවානම් මුලින්මමෙතනින්ඒ ලිපිය අනිවාර්‍ර්යෙන්ම කියවලා ආවොත් තමයි ඔයාලට මේ ලිපියේ කරුණු ටික හොඳින්ම තේරුම් යන්නේ.06) Challenger 2 යුධ ටැංකියSource:pravda.comBritish Vickers Defence Systems එක විසින් නිපදවපු මේ Challenger 2 යුධ ටැංකිය British Army එකේ සහ Royal Army of Oman හි ප්‍රධානතම යුධ ටැංකිය වන්නේ. මේක නිර්මාණය වන්නෙ බ්‍රිතාන්‍යයන් විසින් කලින් නිපදවපු Challenger 1 යුධ ටැංකියේම වැඩි දියුණු කිරීමක් ලෙසයි. Challanger 1හි වැඩි දියුණු කරන ලද Version එකක් වුවත් මෙය නිර්මාණය කරන්න 1986–1993 දක්වා අවුරුදු 7ක් ගත වෙනවා. මීටත් අවුරුදු හයකට පසුව තමා මෙහි පළවෙනි Prototype එක 1990දි එළිදැක්වනු ලබන්නේ. මෙහි Unit 447ක් මේ වෙන විට නිෂ්පාදනය කර ඇති අතර මේ එක Unit එකක Cost එක £4,217,000 පමණ වනවා.මේ Challanger 2 යුධ ටැංකියේ Main Gun එක 120mm L30 වන අතර Charm Main Armament එක ලෙස භාවිතා වනවා. මෙහි Ammunition ලෙස භාවිතා වන්නේ Armour Piercing, Fin Stabilized, Discarding Sabot (Apfsds), High-Explosive Squash Heads (Hesh), සහ Soke Rounds භාවිතා වනවා. මිට අමතරව C-Axial 7.62mm Chain Cannon එකක් සහ Turret-Mounted 7.62mm Machine Gun එකක් ද ඇත.මෙය බ්‍රිතාන්‍යයේ Perkins Engine Company Ltd විසින් හමුදාව සඳහාම විශේෂයෙන් නිෂ්පාදිත 26.1l V12 (Cv12-1200tca) Engine එකකින් බලගැන්වෙනවා. මේ V12 Engine එක මගින් 1200bhp නිපදවන අතර මේ ඔස්සේ මේ Challanger 2 Tank එකට On-Road වලදි 59 Km/H වේගයකුත් Off-Road වලදි 40 Km/H වේගයකුත් ලබා දෙනවා. මෙහි Internal Fuel Capacity එක 1,592l වන අතර මේ මගින් On - Road එක මතදි 500km Range එකකුත් Off - Road මතදි 250 Km Range එකකුත් ලබාදෙනවා.අන්තර්ජාලය තුළ සඳහන් වන සමහර මුලාශ්‍ර වලට අනුව Bosnia, Kosovo සහ Iraq යුද්ධයන්වලදි භාවිත වුන මේ Challanger 2 යුධ ටැංකිය යුරෝපය සතු Tanks අතරින් Reliability එක වැඩිම Main Battle Tank එක ලෙස දක්වන්න පුලුවන්. ඒ වගේම මේ Challenger 2 යුධ ටැංකිය සතු Second-Generation Chobham Armor එක මගින් Direct Fire Weaponry වලට එරෙහිව ඉතාමත් අනගි Protection සපයනවා.07)  K2 Black Panther යුධ ටැංකියSource:wikimedia.orgSouth Korean Army එකේ Main Battle Tank එක වන්නේ Hyundai හා තවත් සමාගම් කිහිපයක් එක්ව නිපදවපු K2 Black Panther යුධ ටැංකියයි. ඉතාමත් හොඳ මට්ටමෙ Mobility එකක්, Firepower එකක් සහ Self-Defense System එකක් සහිත මේ යුධ ටැංකිය 2014 දී පමණ South Korean Army එක සමග එකතු වෙනවා. 1995 සිට 2008 දක්වා වු අවුරුදු 13ක කාලයක් මෙය සැලසුම් කිරීම සඳහා ගත වෙන අතර 2008දි පළවෙනි Prototype එක නිපදවුවත් ඉන් අවුරුදු පහකට පසු 2013දි පමණ මෙහි Mass Production පටන් ගනු ලබනවා. කෙසේ වුවත් ඊටත් වසරකට පසු 2014දි පමණයි මෙය නිල වශයෙන් සේවයට එක් වන්නේ.මේකෙ Fire Power එක ගැන කතා කලොත් Main Armament එක Hyundai Wia Cn08 120 Mm 55 Caliber Smoothbore Gun එකකින් සමන්විත වෙනවා. ඒ වගේම Russian යුධ ටැංකිවල විශේෂයෙන්ම දැකගත හැකි වන Ammunition Autoloader Technology එකද මේ මගින් අපිට දැක ගන්න පුලුවන්. මේ Autoloader Technology එක නිසා ඉතාමත් රළු කඳු හා පල්ලම් පවතින පරිසර තත්වවලදි පවා ඉතාමත් ඉක්මනට Ammunition එක Canon එකට Load කර Fire කරන්න පුළුවන් හැකියාව ලබා දෙනවා. මීට අමතරව 7.62mm සහ 12.7mm Machine Gun දෙකක්ද මෙහි අඩංගු වෙනවා.මෙහි Power System එක සදහා Engine වර්ග දෙකක් භාවිත වන අතර ඒ අනුව මාදිලි දෙකක් දක්වන්න පුලුවන්. ඉන් එකක් 1500 Hp (1103kw)වලින් සමන්විත Mtu Mt883 Ka-500 4-Short Stroke, 12-Cylinder Water-Cooled Diesel Engine එකක් වන අතර අනෙක 1500 Hp (1110kw)වලින් සමන්විත Hyundai Doosan Infracore Dv27k 4-Long Stroke, 12-Cylinder Water-Cooled Diesel Engine එකක් වනවා.Europowerpack Mt883 Ka-500 Engine එක භාවිත වන යුධ ටැංකිය Forward Gear 5කින්ද Reverse Gears 5කින්ද සමන්විත වන අතරම Hyundai Doosan Dv27k Engine එක භාවිත වන යුධ ටැංකිය Forward Gears 6කින්ද Reverse Gears 3කින්ද සමන්විත වෙනවා. මේ යුධ ටැංකි දෙකේම Fuel Capacity එක 1,296 L (342 U.S. Gal) වන අතර Maximum Range එක 450 Km (280 Mi) වනවා. මේ යුධ ටැංකි වර්ග දෙකෙහිම Maximum Speed එක Paved Road එක මතදි 70 Km/H (43 Mph) ලෙස සඳහන් වන අතර Off Road Condition වලදි Maximum Speed එක 50 Km/H (31 Mph) වලට සීමා වෙනවා. ඒ වගේම මෙහි Power/Weight Ratio එක 27.2 Hp/T (20.28kw/T) ලෙස දක්වන්න පුලුවන්.මෙහි Armor පද්ධතිය Protection System අදියරය කිහිපයකින් ක්‍රියාත්මක වෙනවා. ඒ (Sic) Silicon Carbide, (Era) Explosive Reactive Armour, (Nera) Non-Explosive Reactive Armor එකකින් සමන්විත අතර මෙහි Ammo රඳවා ඇති Ammo Rack එක Blow-Off Panels වලින් ආවරණය කර නිපදවා ඇති අතර ඒ මගින් යුධ ටැංකිය තුළ Explosion එකක් සිදු වුවත් Ammo පිපිරීමට නොදි ආරක්ෂා කිරීමට වග බලා ගන්නවා.08) Leopard 2a7+ යුධ ටැංකියSource:wikimedia.orgමේ දවස්වල පවතින යුක්‍රේන රුසියා යුධ ගැටුම සමග බහුලවම සදහන් වෙන නමක් ලෙස මේ Leopard 2a7+ යුධ ටැංකිය හදුන්වා දෙන්න පුලුවන්. ජර්මනියේ යුධ හමුවේ ප්‍රධාන යුධ ටැංකියක් වන මෙය Krauss-Maffei Wegmann (Kmw) විසින් 2010දි හඳුන්වා දෙන්නෙ එවකට තිබු Leopard 2a6 Main Battle Tank එකේ Modernized Version එකක් ලෙසයි. මේ ඔස්සේ නව Armor System එකක්,Silent Mode එක සදහා Auxiliary Power Unit එකක්, නව Crew Compartment Cooling System එකක් හා නව Weapon Engagement System එකක් හා Auto Parking හා 360 Degree Car View වලදි භාවිතවුන 360° Near Field Surveillance මේ Leopard 2a7+ Tank එක වෙත හඳුන්වා දෙනු ලැබුවා.මේ Leopard 2a7+ හි Primary Weapon එක ලෙස භාවිත වන්නෙ 120mm L55 / L44 Smoothbore Gun එකක් වන අතර මෙය 120mm Round 42කින් සමන්විත වෙනවා. මේ Version දෙකෙන්ම Standard Nato Ammunition Fire කිරීමේ හැකියාවත් තිබෙනවා. මීට අමතරව Programmed 120mm He (High Explosive)-Roundsද භාවිත කිරීමේ හැකියාව මෙයට පවතිනවා. ඒ වගේම Flw Remote Weapon Station එකක් 7.62mm හෝ 12.7mm Machine Gun එකක් හා 40mm Grenade Launcher එකකින් සමන්විතයි.Armor System එක ගැන කතා කළොත් මෙහි තිබෙන Passive Armor Module එක මගින් All-Around (360°) Protection එකක් Leopard 2a7+ වෙත සපයන අතර මේ මගින් Anti-Tank Missiles,Anti-Tank Mines, Improvised Explosive Devices (Ieds),Rpg Fire මගින් යුධ ටැංකිය සදහා විය හැකි හානි නතර කරන්න ක්‍රියාත්මක වෙනවා. අමතරව මෙහි සවිකර තිබෙන Smoke Grenade Launchers මගින් Enemy Tank එකෙ View එකෙන් සැගවි අනතුරින් පලායෑමට උපකාරි වනවා. මේ ආරක්ෂක ක්‍රම වලට අමතරව Land Mine,Anti-Tank Mine Clear කිරීම සදහා Mine Plow, Mine Roller හා Dozer Blade එකක් Extra Attachments ලෙස සවි කළ හැකියි.මේකෙ Power System එක සදහා භාවිත වන්නේ Europowerpack Mt 873 / (1500hp) 12 Cylinder Turbocharged Engine එකක් වන අතර Forward Gears 4කින් හා Reverse Gears 2කින් සමන්විත මේ යුධ ටැංකියේ බර 67.5t (67,500 Kg) පමණ වෙනවා. මෙහි Maximum Speed එක 72km/H වන අතර Maximum Cruising Range එක 450km වනවා.ඒ වගේම මෙතනදි දැක්විය යුතු විශේෂිතම කරැණක් ලෙස Leopard 2 යනු තනි Tank එකකට භාවිතා කරන නමක් නොවන බව සදහන් කළ යුතුයි.මේ Leopard 2 කියන නමෙහි ආරම්භය මීට වසර 44කට පෙර එනම් 1979 වසර දක්වා දිය යන අතර මේ Leopard 2 හී තිබෙන Variant සංඛ්‍යාව ඉලක්කමෙන් සැලකුවහොත් ආසන්න වශයෙන් 16ක් පමණ වනවා.Leopard 2,Leopard 2a1,Leopard 2a2,Leopard 2a3,Leopard 2a4,Leopard 2 Marksman,Leopard 2 Imp,Leopard 2a5,Stridsvagn 122,Leopard 2-140,Leopard 2a6,Leopard 2e,Leopard 2 Pso,Leopard 2a7 සහ Leopard 2 හී Latestම Version එක වන Leopard 2a7+ එක මෙතෙක් නිපදවා ඇති Leopard 2 මාදිලි ලෙස දක්වන්න පුලුවන්. මේ Leopard 2 Versions අතරින් දැනට වාර්තාවන තොරතුරු වලට අනුව යුක්‍රේනය සඳහා යැවීමට එකඟවී ඇත්තේ Leopard 2a6 කියන යුධ ටැංකිය සහ හා ඊට කලින් ආපු මාදිලියකුයි.09) T-90ms යුධ ටැංකියSource:army-technology.com2011 දි Russian Expo Armsහීදි හඳුන්වා දුන් මේ 90ms යුධ ටැංකිය T14armata යුධ ටැංකියෙන් පසුව Russian Army එක විසින් භාවිතා කරන ප්‍රධානම Battle Tank එක ලෙස හදුන්වා දෙන්න පුලුවන්. Leopard 2 වගේම මේ T90 කියන Tank එකෙත් Variants කිහිපයක් තිබෙන අතර මේ T90 කියන යුධ ටැංකිය මුල්ම වතාවට Service එකට එන්නෙ 1992දි පමණ වෙනවා. එ T-90 ලෙසයි. ඉන් පසු 2004දි T-90a ලෙසත් 2016දි T-90m ලෙසත් 2017 T-90ms ලෙසත් සේවයට මේවා එක්වනවා.Automatic Fire Control Systems එකක් සහිත Smoothbore 125mm 2a46m-5 වර්ගයේ Cannon එකකින් සමන්විත වන මෙයට විවිද ජාතියෙ Ammunition භාවිත කර Fire කර හැක. 125mm Rounds 40ක් මෙහි රැගෙන යන අතර මෙහි Main Gun එකට අමතරව 7.62mm Coaxial Machine Gun එකක් හා Turret එක උඩ Mount කර ඇති Remotely Operate කළ හැකි 7.62mm Machine Gun එකකින් ද සමන්විත වෙනවා. ඒ වගේම මෙහි ඇති Kalina Fire Control System එක මගින් Glonas Satellite Navigation System එක භාවිත කර Automatically Enemy Target එක Track කර Fire කිරීමේ හැකියාව ලබා දෙනවා. මෙය T-90ms Tank එකට අමතරව T-72 හා T14 Armata හීද භාවිත වෙනවා.මෙහි Armor System එක සදහා භාවිත වෙන්නේ Explosive Reactive Armor එකක් වෙන අතර මේ මගින් Protects Tanks, Armored Vehicles, Anti-Tank Guided Missiles,Anti-Tank Weaponry ආදි Enemy Threat වලින් මෙම යුධ ටැංකියට ආරක්ෂාව ලබා දෙනවා.මීට අමතරව මේ T-90ms හී ඇති Automatic Aerosol Screen Laying System එක මගින්ද තමා වෙත පැමිණෙන සතුරු ප්‍රහාරවලින් ආරක්ෂාව ලබා දෙනවා.මෙහි (1130hp) V-92s2f නැමැති Turbocharged 12 Cylinder Diesel Engine එකක් භාවිත වෙන අතර Forward Gears 7කින් හා Reverse Gear 1කින් සමන්විත මෙය Road එක මතදි 72km/H Maximum Speed එකක් ලබා දෙන අතර Offroad එක මතදි 50 Km/H Speed එකක් ලබා දෙනවා.ඒ වගේම මෙතරම් අඩු Hp එකකින් වඩා හොද වේගයක් ලබා ගැනිමට මේ යුධ ටැංකියට හැකි වි තිබෙන්නේ Power to Weight Ratio එක ලෙස දක්වන්න පුලුවන්. Fighter Jet වල මෙය සලකන්නේ Thrust to Weight Ratio ලෙසයි. නමුත් යුධ ටැංකිවලදි මෙය Power to Weight Ratio ලෙස සලකන අතර මේ T-90ms වල Power to Weight Ratio එක වන්නේ 23 Hp/T ලෙසයි.10)Type 10 (Tk-X) යුධ ටැංකියSource:army-technology.comType 10 (Tk-X) යනු ජපානයේ Mitsubishi Heavy Industries මගින් නිපදවන Fourth Generation එකෙ Advanced වගේම Japan Ground Self Defense Force එකෙ ප්‍රධානතම Battle Tank එකයි. මෙහි Development Process එක ආරම්භ වන්නේ 1990 දශකයෙ සිට වන අතර 1990 දශකයේ  සැලසුම් ආරම්භ වුවත් මෙහි පළමු Prototype එක 2008 වසරේදි එළිදැක්වනු ලබනවා. ඉන්පසු 2010 වසරේදි පමණ මෙය නිල වශයෙන් ලොවට හඳුන්වා දෙනු ලබනවා.ඒ වකවානුව වෙන විට සේවයේ යෙදි තිබුන Type 74 හා Type 90 කියන යුධ ටැංකි Replace කිරීම මේ Type 10 යුධ ටැංකියේ ප්‍රධානම අරමුණ වෙනවා. Type 74 හා Type 90 හි තිබු Performance, Firepower, Protection,Mobility,Command, Control, Communication, Computing සහ Intelligence System කියන ප්‍රධානතම අඩුපාඩු සදහා මේ Type 10 (Tk-X) යුධ ටැංකිය සමග ජපානය වවිසදුම් ලබා දුන්නා.මෙහි 4-Stroke 22.6-Litre Diesel V8 (Mhi8va34w)K)1,200 Hp Engine එකක් භාවිත වෙන අතර Transmission පද්ධතිය ලෙස භාවිත වන්නෙ Continuously Variable Transmission (Cvt) System එකක් වන අතර මෙය අප කවුරුත් දන්න Auto Gear Scooter වල භාවිත වෙන Cvt  කියන Transmission පද්ධතියයි. මේ Cvt Transmission පද්ධතියට අමතරව මෙහි Excavators,Backhoes,Bulldozers,Trenchers,Loaders වැනි Construction Vehicles වල භාවිත වන Hydraulic-Mechanical Transmission System එකක්ද භාවිත වෙනවා. 48t බර මේ යුධ ටැංකියේ Operational Range එක 500km වන අතර Maximum Speed එක Forward එකට 70 Km/H ලෙසත් Backward එකට 70 Km/H ලෙසත් සඳහන් වනවා.ඒ වගේම මෙය 120mm Smoothbore Canon එකකින් හා 22 Rounds වලින් සමන්විත අතර Secondary Armament එක ලෙස 12.7mm Heavy Machine Gun එකක් හා 74 7.62 Mm Machine Gun එකකින්ද සමන්විත වෙනවා.මෙ යුධ ටැංකියේ Armor System එක එහෙමත් නැතිනම් Hull Protection System එක ගැන කතා කලොත් මේකට Ceramic Modular Composite Armor System එකක් තමා භාවිතා වන අතර ඒ මගින් Rocket-Propelled Grenade (Rpg) Rounds, Heat Projectiles,Anti-Tank Missiles යනාදියට එරෙහිව සාර්ථකව ආරක්ෂාව සපයනවා. ඒ වගේම සතුරු බිමේදි ඇති වන සටනින් Armor System එකට දැඩි ලෙස හානිවි ඇති අවස්ථාවක මෙහි ඇති Modules එකින් එක ගලවා ඉවත් කර නැවත් අලුත් Modules ඉතා ඉක්මනින් සවි කර නැවතත් සටන්බිම තුලට ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර යැවිය හැකි ද වෙනවා.ඉතින් මේ යුධ ටැංකි 10 තමයි මේ වන විට ලොව පවතින බලවත්ම යුධ ටැංකි 10 වෙන්නේ. මෙතනින් ඔයාලා ආසම යුධ ටැංකිය කුමක්ද? ඔයාලා අකමැතිම යුධ ටැංකිය කුමක්ද? යන එක පහලින් Comment එකක් දාන්න.මේ වගේ ලිපි දිගටම කියවන්න ඕනේ නම් Android වැඩකාරයෝ එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්​න කියලත් මතක් කරනවා. එහෙනම් ඊළඟට එන F-35 Vs Su-35 ලිපියෙන් එකෙන් හමුවෙමු. හැමෝටම ජය!
Google Play Pass තවත් රටවල් 24කට ලබා දීමට Google සමාගම කටයුතු කරයි
පසුගිය වසරේ සැප්තැම්බරයේදී ගූගල් සමාගම සිය යෙදුම් සහ ක්‍රීඩා දායකත්ව සේවාව Play Pass එක්සත් ජනපදයේ ක්‍රියාත්මක කළේය. සමාගම දැන් යුරෝපය පුරා රටවල් 24 ක් දක්වා මෙම සේවාව පුළුල් කර තිබේ .මෙම ව්‍යාප්තියට පෙර එක්සත් ජනපදය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, අයර්ලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල Play Pass ලබා ගත හැකි විය. අලුතින් එකතු කරන ලද රටවල් ලැයිස්තුව පහත බලන්න:ඔස්ට්‍රියාවබෙල්ජියමබල්ගේරියාවක්‍රොඒෂියාවසයිප්‍රසයචෙක් ජනරජයඩෙන්මාර්කයඑස්තෝනියාවෆින්ලන්තයග්‍රීසියහංගේරියාවලැට්වියාවලිච්ටෙන්ස්ටයින්ලිතුවේනියාවලක්සම්බර්ග්මෝල්ටාවනෙදර්ලන්තයනෝර්වේපෝලන්තයපෘතුගාලයරුමේනියාවස්ලොවැකියාවස්ලොවේනියාවස්වීඩනයප්ලේ පාස් දැන් රටවල් 34 ක ඇත. අවාසනාවකට මෙන්, ලංකාව තවමත් නිල වශයෙන් සහාය දක්වන රටක් නොවේ. කෙසේ වෙතත්, අවම වශයෙන් මීළඟ ව්‍යාප්තියේ දී ගූගල් විසින් Play Pass අප රට තුළට ගෙන එනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය.ප්ලේ පාස් පුළුල් කිරීමේදී ගූගල් තවමත් සාපේක්ෂව මන්දගාමී වන අතර ඇපල් සමාගමේ සමාන සේවාවක් වන Apple Arcade රටවල් 150කට අධික සංඛ්‍යාවක තිබේ.  ගූගල් ප්ලේ පාස් හි දැනට apps සහ game500 කට වඩා තිබේ. ඔබට ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් හෝ ටැබ්ලටයක් තිබේ නම් ඇන්ඩ්‍රොයිඩ් 4.4 සහ Play Store version 16.6.25 සහ ඊට ඉහළින් තිබේ මෙම ‍සේවාව ලබාගත හැකිය.මෙම සේවාව සඳහා මසකට ඩොලර් 4.99 ක් සහ එක්සත් ජනපදයේ වසරකට ඩොලර් 29.99 ක් වැය වේ. ඔබට තවත් පවුලේ සාමාජිකයන් 5 දෙනෙකු සමඟ දායකත්වය බෙදා ගත හැකිය. සමාගම විසින් දින 10 ක නොමිලේ අත්හදා බැලීමක් ද ලබා දෙන අතර එමඟින් සේවාවෙන් අපේක්ෂා කළ යුතු දේ පිළිබඳව වඩා හොඳ අදහසක් ලබා ගත හැකිය.Sources:XDA Developers,Android Police
AI භාවිතා කොට WhatsApp Stickers සෑදීමේ හැකියාව නුදුරේදීම
Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබටමේ ඔස්සේනැවත කියවිය හැකියි.වර්තමානයේ බොහෝ දෙනා කතාවන මාතෘකාවක් වන Artificial Intelligence එහෙමත් නැත්නම් කෘතිම බුද්ධිය මේ වන විට බොහෝ Apps සහ සේවාවන් වෙත යොදාගෙන තිබෙනවා. ඒ අයුරින් WhatsApp වෙතද මෙසේ කෘතිම බුද්ධිය භාවිතා කරමින් පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. එනම් කෘතිම බුද්ධිය භාවිතා කරමින් Stickers නිර්මාණය කිරීමේ පහසුකමයි.Source:wabetainfo.comඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි Stickers Pannel එක විවෘත කළ පසු එහි Create ලෙසින් Button එකක් දිස්වනවා. එය Click කළ විට ලැබෙන Popup Window එකෙහි ඔබට සෑදීමට අවශ්‍ය Sticker එකෙහි Prompt එකක් ඇතුළත් කළ විට එමඟින් Sticker එකක් හෝ Pack එකක් Generate කර ගත හැකිවනවා.මෙමඟින් පරිශීලකයන්ට Sticker නිර්මාණය කර ගැනීම සඳහා තෙවන පාර්ශවීය Apps යොදාගැනීම තරමක් දුරට පාලනය වනවා. කෙසේනමුත් තවමත් මේ හරහා අපට අවශ්‍ය Image එකක් හෝ Gif එකක් ඇතුළත් කොට Sticker නිර්මාණය කළ නොහැකි වනවා.මේ පහසුකම තවමත් භාවිතා කළ හැක්කේ තෝරාගත් Android Beta පරිශීලකයන් පිරිසක් සඳහා වන අතර නුදුරේදීම සියලු Android සහ iOS පරිශීලකයන් සඳහා බලාපොරොත්තු විය හැකිවනවා.Source:wabetainfo.com
OriginOS එක නොවැම්බර් 18 වන දින නිකුත් කරන බවට Vivo සමාගම නිල වශයෙන් තහවුරු කරයි
Vivo සමාගමේ Smartphoneවල OS එක වෙනFun Touch OS එක OriginOS විදිහට Replace විමට නියමිත බවටතොරතුරු අපි කලින් ලිපියකින් ගෙන ආවා. මේ වන විට Vivo සමාගම විසින් ඔවුන්ගේ OriginOS එක මේ මස 18 වන දින නිකුත් කිරිමට සුදානම් බව නිල වශයෙන් දන්වා තිබෙනවා.ඒ චිනයේ ෂෙන්සෙන් ( Shenzhen ) හි පැවැත්විමට නියමිත Special Event එක මගින්. මේ නව OS එක මගින් Vivo Smartphone Usersලාට නව්‍ය අත්දැකිමක් ලබා ගැනිමට හැකි වනු ඇති බවට ඔවුන් පවසනවා. ඒ වගේම Vivo සමාගම විසින් තම Usersලාට ඔවුන්ගේම OriginOS එක හෝ Stock Android OS එක තම අවශ්‍යතාවයට අනුව තෝරා ගැනිමටත් අවස්ථාව ලබා දෙන බව දක්වා තිබෙනවා.මේ Special Event එකේදි ඔවුන්ගේ නව Android Bases Mobile OS එකට අමතරව නව Apps, Games හා Business Partnerships කිහිපයක් දැනුම්දිමට සුදානමින් සිටිනවා. ඒ වගේම දැනට වෙළදපොල තුල පවතින Smartphone සදහාත් මේ OriginOS එක ලබා දිමට සුදානම් බව දැක්වෙනවා.Sources :Gizmochina
YouTube Rewind 2020 edition එක අත්හිටුවීමට Google සමාගම තීරණය කරයි
දැනට අවුරැදු 10 පමණ පෙර YouTube විසින් වසර අවසානයේ දි විශේෂ Video එකක් නිකුත් කිරිමට කටයුතු කරනු ලැබුවා. මේ Video එක එම වසරේ ජනප්‍රියම වුණු Video Clips හා Trending Videos වලින් සමන්විත වුවා. YouTube විසින් මේ විශේෂ Video එක "YouTube Rewind" නමින් හදුන්වනවා. 2010 වසරේ ඇරඹුන මේ YouTube Rewind Special Video Series එක 2019 දක්වා ඉදිරිපත් කිරිමට ඔවුන් කටයුතු කරා. මේ වසරේදිත් බොහෝ දෙනා මේ YouTube Rewind 2020 Video එක බලාපොරොත්තු වි සිටිනවා.නමුත් YouTube සමාගම විසින් ඔවුන්ගේ නිල Twitter ගිණුම මගින් දක්වා ඇත්තේ මේ වසර අවසානයේදී YouTube Rewind Video එකක් බලාපොරොත්තු නොවිය හැකි බවයි. ඔවුන් එම Twitter සටහනේ දක්වා තිබෙන්නේ “2020 has been different” හා “it doesn’t feel right to carry on as if it weren’t” ලෙසයි. මේ අනුව අපිට මේ වසර අවසානයේ දි Rewind Video එකක් බලාපොරොත්තු විමට හැකියාවක් නම් නැ.About Rewind this year.pic.twitter.com/oVayH8iyqG— YouTube (@YouTube)November 12, 2020මේ YouTube Rewind Videoවල පළමු Rewind Video එක 2010 දි ඉදිරිපත් කරා. ඒ වගේම මේ දක්වා සැම වසරක් අවසානයේදී ම ඔවුන් Rewind Video එකක් ඉදිරිපත් කරන්න කටයුතු කරා. 2016 දි නිකුත් කරපු Rewind Video එකට මිලියන 239ක Views ලැබි තිබුණා. නමුත් 2018 දි ඔවුන් ඉදිරිපත් කල Rewind Video එකට මිලියන 18ක පමණ Dislike ලැබි තිබුණා. කෙසේ වෙතත් මේ වසරේ YouTube Rewind Video එකක් නිකුත් නොවු පමණින් YouTube Rewind Videoවල අවසානය යැයි සිතිය නොහැකි වෙනවා. මේ වසර පුරාම CovID-19 වෛරස් රෝගයෙන් මුලු ලෝකය පිඩා විදිමින් සිටින නිසා Rewind Video එක ශෝඛාකුල Video එකක් විය හැකි නිසා මේ වසරේ Rewind Video එක තාවකාලිකව අතහැර දමා තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරි වසරවලදි අපිට යළිත් YouTube Rewind Video බලාපොරොත්තු වෙන්න පුළුවන්.Sources :Gizmochina
Mi 11 ජංගම දුරකතනය සමඟ charger එකක් ලබා නොදෙන බව Xiaomi ආයතනය නිල වශයෙන් දැනුම් දේ
එළඹෙන වසරේදි නිකුත් කිරිමට නියමිත Xiaomi සමාගමේ නවතම Flagship Smart Phone එක වෙන Xiaomi Mi 11 Smart Phone එකේ සියලු ⁣තොරතුරැ මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් වි තිබෙනවා.ඒ වගේම ⁣මිට පෙර මහත් කතාබහට ලක්වු‌‌iPhone 12, 11, XR, සහ SE (2020) සමඟ EarPods හෝ Power Adapter ලබා නොදීමට Apple සමාගම ගත් තිරණයම Xiaomi සමාගම විසින් ද මේ Xiaomi Mi 11 Smart Phone එක සදහා ලබා ගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. එමෙන්ම ඔබට මතක ඇතිSamsung සමාගමේ මිලග Galaxy S21 Series එක සමගත් Charger එක සහ Earphone ලබා නොදීමට සුදානම්වෙන බවට අපි තොරතුරු ගෙන ආවා.Xiaomi Mobileහි නිල Weibo ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇති Xiaomi Mi 11 Smart Phone එකේ නව Packing Video එකට අනුව මෙහි Inbox Device එක පමණක් අඩංගු වෙන බවට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එම Weibo සටහනට අනුව ඔවුන් පරිසරය ආරක්ෂා කිරිමේ අරමුණෙන් යුතුව Charger එක ඉවත් කර ඇති බවට දක්වා තිබෙනවා.微博随时随地发现新鲜事!微博带你欣赏世界上每一个精彩瞬间,了解每一个幕后故事。分享你想表达的,让全世界都能听到你的心声!Xiaomi Mi 11 Specificationsමේ Flagship Smart Phone එක සදහා අගල් 6.67ක Curved AMOLED Punch-hole Display එකක් යොදා ගෙන තිබෙන අතරම මෙය Quad HD+ Screen Resolution එකකින් හා 120Hz Display Refresh Rate එකකින් යුතු වෙනවා. ඒ වගේම 8GB හා 12GB RAM ධාරිතාවයන්ගෙන් යුතුව 128GB හෝ 256GB Storage Options වලින් තොර ගත හැකි වෙන මෙය නවතම Qualcomm Snapdragon 888 Chipset එක මගින් බලගැන්වෙනවා. ඒ වගේම මේ සදහා Android 11 OS එක මත පදනම් වන MIUI 12 ලබා දෙනු ඇත.මේ Flagship Smart Phone එක Triple Camera Setup එකකින් සමන්විත වෙන්නේ 108MP Main Sensor එකකින් යුතුවයි. ඒ වගේම මෙහි 13MP Secondary Lens එකක් හා 5MP Tertiary Sensor එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙහි Battery Capacity එක 4780mAh පමණ වෙන අතර 50W Fast Charging Technology එකට සහය දක්වනු ඇති බවත් වාර්තා වෙනවා  ග්රැම් 196.4ක පමණ බරකින් යුතු වෙන මෙය Smoke Purple, Blue හා White කියන වර්ණවලින් මිලදි ගැනිමට හැකියාව ලැබෙනු ඇත.Source :Gizmochina,Weibo
Desktop Casing එකෙන් විදුලි සැර වදින එක නවත්වාගන්නේ කොහොමද?
අපි කවුරුත් දන්නා පරිදි, Desktop පරිගණකයේ වැදගත්ම කොටස් වන CPU, GPU, PSU, RAM සහ Motherboard යන සියල්ලම ගබඩා කොට ඇත්තේ Casing එකක් තුළය. මේ Casing සඳහා විවිධ හැඩයෙන් යුත්, බහුකාර්යය Casing වෙළඳපලේ විවිධ මිල ගණන් යටතේ ඇත. නමුත් ඔබ දැන සිටියාද පරිගණකය භාවිතයේදී Computer Casing එකේ වෝල්ටීයතාවයක් පවතින බව?ඔබ පරිගණකය විදුලියට සම්බන්ධ කලවිට පරිගණක Casing එකේ වෝල්ට් 12 ට අඩු වෝල්ටීයතාවයක් හට ගනී. නමුත් එය මිනිස් සිරුරට හානියක් සිදු නොවේ. කෙසේ වෙතත්, Casing එක ස්පර්ශ කළ පසු අපට විදුලිය නිසා හිරිවැටීමක් දැනේ. නමුත් බරපතල ලෙස විදුලි කාන්දුවක් සිදුවුවහොත් එය පුද්ගලික තුවාල හා මාරාන්තික අනතුරු වලටද හේතු වේ. එනිසා ඔබ හැකිතාක් ඉක්මනින් පරිගණකය අලුත්වැඩියා කළ යුතුය.බොහෝ දුරට ඔබට විදුලි කාන්දුව නිවසේදීම විසඳීමට හැකියාව පවතී. දැන් අපි බලමු Casing එකේ විදුලිය කාන්දු වීමට හේතු සහ එම ගැටලු විසඳා ගන්නා ක්‍රම ගැන.පරිගණකයේ අභ්‍යන්තර හේතූන් මත විදුලිය කාන්දු වීම්පරිගණකයේ අභ්‍යන්තර විදුලි කාන්දුවක් ඇති වීමට ප්‍රධාන හේතුවක් ලෙස අනිසිලෙස Power Supply Unit (PSU) එක සවිකිරීම සැලකිය හැකිය. එමෙන්ම වියළි පරිසරයක පරිගණකය නොතිබීම හේතූන් ලෙස සැලකිය හැක.එමෙන්ම බොහෝ කාලයක් පරිගණකය භාවිත් කිරීමේදී මෙම අභ්‍යන්තර විදුලි කාන්දුව පොදු දෙයක් වේ. මන්දයත් Power Supply තුළ ඇති අධික දූවිලි හා තෙතමනය ඇති වීම හේතුවෙන්. එමෙන්ම Power Supply එක Casing එකට බොහෝ සමීප බැවින් අභ්‍යන්තර විදුලි කාන්දුව ඉතා පහසු දෙයකි.බාහිර හේතූන් මත විදුලිය කාන්දු වීම්සමහර අවස්තාවන්වලදී Casing එකේ විදුලිය කාන්දු වීම බාහිර හේතූන් මත සිදු විය හැකිය. එනම් Casing එක වෙනත් විදුලි උපකරණවලට සමීපව තැබීම හෝ කැඩී ගිය වයර් ස්පර්ශ වීම යනාදි හේතු වේ. බාහිර හේතූන් මත සිදුවන විදුලිය කාන්දුව සඳහා ඉතා සරල විසදුම් පහත පරිදි වේ.1. විදුලි කෙවෙනිය පරීක්ෂා කරන්නවිදුලි කාන්දුවක් සොයා ගත් විට මුලින්ම අප භාවිතා කරන විදුලි කෙවෙනිය භූගත කර තිබේද යන්න තහවුරු කර ගත යුතුය. එසේ නොවේ නම් වහාම මාරු කරන්න. ක්‍රමවත් ලෙස භූගත වයරයක් සම්බන්ද කර ඇත්නම් විදුලි කාන්දුවක් සිදු වුවද හානිය අවම කර ගත හැකිය.2. විදුලි රැහැන් පරීක්ෂා කරන්නCasing එක විවෘත කර ඇතුළත සහ පිටත වයර් හානි වී ඇත්ද යන්න සහ එම වයර් තුල ඇති ලෝහ කම්බි Casing එක සමඟ ස්පර්ශ කරන්නේද යන්න පරීක්ෂා කරන්න. එම හේතූන් ඇත්නම් වහාම වයර් මාරු කරන්න. නැතහොත් වඩා හොඳ පරිවාරක බලපෑමක් ඇති කළ හැකි නයිලෝන් දැලක් ඔතා වයර් ආවරණය කරන්න.3. පරිගණකයේ PCB පරිපථ පුවරුව පරීක්ෂා කරන්නCasing එක තුළ ඇති Motherboard එකට හානි වී තිබේද යන්න පරීක්ෂා කරන්න. Motherboard එක හා සම්බන්ධව ඇති වයර් හානි වී හෝ පිළිස්සීම වැනි තත්වයක් තිබේදැයි පරීක්ෂා කරන්න. එසේ වී ඇත්නම් Motherboard එක සහ වයර් නාරු කිරීම හෝ අලුත්වැඩියා කිරීම සිදු කරන්න.4. පරිගණකය වියළි ස්ථානයක තබන්නපරිගණකය තෙතමනය සහිත පරිසරයක ඇත්නම් Casing එක සාපේක්ෂව වියළි හා පිරිසිදු ස්ථානයක තැබීමට වග බලා ගන්න. එමෙන්ම පරිගණක Casing තුළ ඇති සෑම දෘඩාංගයකම දූවිලි නිතිපතා පිරිසිදු කරන්න. මන්දයත් දූවිලි බැඳුන පසු එය විදුලිය සන්නයනය කළ හැකි බැවින් මසකට වරක් හෝ දූවිලි පිරිසිදු කිරීම සිදුකරන්න. එය පරිගණක Casing තුල විදුලිය කාන්දුව නැතිකරන අතර මනා තාපය විසුරුවා හැරීමට උපකාරී වේ. එමගින් පරිගණක කොටස්වල ආයු කාලයද තරමක් දුරට වැඩි කරගත හැක.Source:isumsoft.com
ළඟදීම තම නිෂ්පාදන වල මිල ඉහල යා හැකි බව Xiaomi සමාගමේ සභාපති විසින් ප්‍රකාශ කරයි
ලොව මේ වන විට මුහුණපා ඇති chip හිඟය හේතුවෙන් සමාගමේ වියදම් ඉහළ යා හැකි බවත්, එහි ප්‍රතිපලයක් ලෙස තම නිෂ්පාදන වල මිලද වැඩි කිරීමට සිදු විය හැකි බවත් ලොව තෙවනි විශාලම smartphone නිෂ්පාදකයා වන Xiaomi සමාගමේ සභාපති Wang Xiang පසුගිය 24දා ප්‍රකාශ කර තිබුණා."අප අනිවාර්යෙන් hardware devices උපරිම ඵලදායි ලෙස මිල කරන" බව ඔහු එහිදී කියා සිටියා."ඇත්තටම අප පාරිභෝගිකයින්ට දිය හැකි හොඳම මිල ලබා දීමට කටයුතු කරනවා. නමුත් ඇතැම්විට, මේ වියදම් ඉහල යාම පාරිභෝගිකයින්ටත් දැනෙන්න පිළිවන්", ඔහු තවදුරටත් සඳහන් කළා.චීනයේ chip ආනයනය ඉහල ගොස් ඇති අයුරු. Image: Bloombergමේ වන විට ලොව පුරා පවතින chip හිඟය විවිධ කර්මාන්ත වලට දැන් දැනෙන්න පටන්ගෙන තිබෙනවා. Covid-19 වගේම චීන සමාගම් වලට එරෙහි සම්බාධකත්, ඉල්ලුමට සරිලන සැපයුම දීම සඳහා සුදානම් නොවීමත්, මේ හිඟය ඇතිවීමට බලපෑ බව විදෙස් වාර්තා සඳහන් කරනවා.Xiaomi සමාගමේ ප්‍රධානම සැපයුම්කරුවෙකු වන Qualcomm සමාගමද මේ වන විට, ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට අපොහොසත් වී ඇති බව වාර්තාවනවා."යම් පීඩනයක් දැනුනත්, අපේ අනාගතය සුභදායි" යැයි, ආයෝජකයින් හමුවේ Wang Xiang අවසානයේ කියා සිටියා.Source:Reuters
YouTube Shorts වලට watermark එකක්?
YouTube Shorts වඩාත් ප්‍රචලිත කිරීම ‌සඳහා TikTok අනුකරණය කරමින් YouTube Shorts සඳහා Water Mark එකක් එක් කිරීමට මේ වෙනකොට කටයුතු කරමින් පවතිනවා. ඉදිරියේදී අප විසින් Download කරගන්නා Shorts වලට මේ Water Mark එක එක් වනවා.පසුගිය වසර කිහිපය පුරාවටම TikTok විසින් Short-form Videos වල ආධිපත්‍ය තමන් සතු කරගෙන සිටිනවා. අනෙක් ප්‍රධාන තරඟකරුවන් වෙන Google සමාගම විසින් YouTube Shorts සහ Meta සමාගම විසින් Instagram Reels ලෙසින් සේවාවන් TikTok සමග තරඟ කිරීමට හඳුන්වා දෙනු ලැබුවත් TikTok වලට විශාල තරඟයක් ලබා දීමට තවමත් මේවාට හැකිවී නොමැති වනවා. ඒ සඳහා හේතුවක් වනුයේ TikTok තුළ පළ කරන videos අනෙක් Short form platforms තුළත් Creators ලා විසින් පල කිරීමයි. තවද TikTok තුළ Creator අවසර ලබාදෙනවනම් TikTok videos පරිශීලකයන්ට Download කරගැනීමේ පහසුකමත් අඩංගු වීමත්ය.TikTok Videos on YouTube Shortsමෙලෙස TikTok මගින් Download කරගන්නා Videos තුළ හැම වෙලාවකම Water Mark එකක් දැකගන්න පුලුවන්. සමහර TikTok videos Water Mark එක සහිතවම Instagram Reels සහ YouTube Shorts මත දැකගන්න හැකිවීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. මේක පරිශීලකයන්ට පහසු වූවත්, එකිනෙකට තරඟකාරී සේවාවන් මෙයට කැමත්තක් නොදක්වනවා. මේ නිසා Instagram තුළ අනෙක් platforms promote කරන Water Marks සහිත videos හඳුනාගෙන ඒවා Post කිසීමට අවසර නොදෙන ආකාරයේ Algorithm එකක් පවා මේ වන විට සංවර්ධනය කර තිබෙනවා.මෙලෙස Shorts වලට watermark එකක් එකතු කිරීමෙන් බලාපොරොත්තු වනුයේ Shorts වෙනත් platforms තුළ share වුවහොත් ඒ තුළින් තම සේවාවට ප්‍රසිද්ධියක් ලබා ගැනීමයි. මේ වෙනස්කම තුළින් පෙනීයනුයේ YouTube විසින් Shorts වලට ලොකු අවධානයක් යොමු කරන බවයි.Source:variety.com
Delete උන files, recover කරන්න Microsoft එකෙන්ම දෙන Windows Files Recovery Tool එකෙන් files recover කරන්නේ කොහොමද?
පසුගිය මාසයේ දී Windows 10 2004 Build එක release උනා. ඉතින් මේ Build එකට එකතු උන features අතර ඉතාමත් වැදගත් අලුත් feature එකක් තියෙනවා. ඒ තමා Windows Recovery Tool එක. නමින් ම තේරෙනවනේ මේකෙ purpose එක. මේක හදලා තියෙන්නේ delete උන files recover කරන්න. ඉතින් කොච්චර data recovery softwares තිබුනත් මේකෙ unique ම දේ තමා Windows වලටම native නිසා අනිත් third-party softwares වලට වඩා effective විදිහට මේක ක්‍රියාත්මක කරන්න හැකි වීම. ඒ හේතුවෙන් මේකෙදි data recovery chance එකත් ගොඩක් වැඩී යී. ඒත් එකම එක පොඩි අවුලක් තියෙනවා. ඒ තමා මේ Tool එක Command Line Interface එකකින් එහෙමත් නැති නම් CLI එකකින් තමා function වෙන්නේ.ඉතින් හැමෝටම පහසු දෙයක් නෙමේ ඒ නිසා. කොහොම හරි මට පුලුවන් උපරිමෙන් ම මේක simple විදිහට ලියන්නේ ඔයාට ඔයාගෙ files ලේසියෙන් ම recover කල හැකි නිසා. ඉතින් ඒකත් මතකයේ තියාගෙන අපි බලමු කොහොමද අපි Windows Recovery Tool එකෙන් deleted files එකක් recover කරන්නේ කොහොමද කියලා.Recover deleted files using Windows Recovery Tool.ඉතින් මේ guide එක පටන් ගන්න කලින් මම මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමා HDD, SSD, external hard drives, USB drives සහ SD cards එක්ක උනත් Windows Recovery Tool එක කිසි අවුලක් නැතුව වැඩ කරනවා කියන දේ. ඒක ගොඩක් පහසු දෙයක්. ඊට අමතරව ඔයා Windows 10 2004 build (June 2020 update) එක install කරගෙන තියෙන්න ඕනේ. ඉතින් ඒ කාරණා කීපය මතක තියන් අපි වැඩේට බහිමු.1.ඉස්සෙල්ලම Microsoft Store එකෙන්Windows Recovery Toolඑක download කරගන්න.2. Installation එකෙන් පස්සෙ, Administrator privilege වලින් Command Prompt එක open කරගෙන, winfr run කරන්න ඕනෙ. ඊට පස්සෙ ඔයාට Windows File Recovery එකේ command-line syntax පෙන්නයි. මෙතන හැම දෙයක් ම මම explain කරන්නම්.3. Files recover කරන්න simple ම ක්‍රමය තමා පහල තියෙන syntax එක use කරන එක. winfr විදිහට type කරලා delete උනු files search කරන්න උවමනා drive එක enter කරන්න ඕනෙ. ඊලඟට, recover කරපු ඒ files store කරන්න අවශ්‍ය drive එක enter කරන්න ඕනෙ. උදාහරණයක් විදිහට මෙතනදි මම C එක deleted files වලට search කරලා ඒ files G එකේ store කරනවා.Note: මේ process එකට ලොකු කාලයක් යනවා වගේ දැනෙනවා නම් Ctrl + C press කරලා ක්ෂණිකව abort කරන්න පුලුවන්.winfr C: G:4. උඩ තියෙන command එක run කරාට පස්සේ, scanning progress එක continue කරන්න ‘Y’ press කරන්න කියලා ඔයාව notify කරනවා. ඊට පස්සේ ඔයාගෙ files recover වෙලා G එකේ custom folder එකක store වෙනවා. ඉතින් මේක තමා මේ tool එකෙන් recover කරන්න ලේසිම method එක.5. ඉතින් ඔයාට එක file format එකක් විතරක් recover කරන්න අවශ්‍යයි නම් පහල තියෙන syntax එක follow කරන්න පුලුවන්. මෙතනදි මම search කරන්නේ C එකේ තිබ්බ delete උනු PDF file එකක්. මම ඒක G එකේ store කරනවා.winfr C: G: /r /n *.pdfDOCX files වලට:winfr C: G: /r /n *.docxMP3, MP4, DOC, PPT, ZIP සහ අනෙකුත් file formats වලටත් මේ විදිහට ම syntax එක use කරන්න පුලුවන්.6. පහල තියෙන syntax එකේ විදිහට ඔයාට file name එකෙන් ම search කරලා recover කරන්න පුලුවන්.winfr C: G: /r /n *filename*7. /r සහ /n වල combination එක satisfactory result එකක් දෙන්නෙ නැති නම් ඔයාට පුලුවන් advanced “Signature” mode එක use කරලා deleted files recover කරගන්න. මෙතනදි /r සහ /n ව /x සහ /y වලින් deep scanning වලට replace කරන්න සිද්ධ වෙනවා.winfr C: G: /x /y:PDF8. කිසියම් අවස්ථාවක ඔයාට delete උන files හොයන්න folder එකක් scan කරන්න ඕනෙ නම් පහල තියෙන syntax එක follow කරන්න පුලුවන්. ඉතින් මෙතනදි මම desktop එකේ තිබුන deleted file එකක් scan කරන්නයි යන්නේ. (Desktop එක locate වෙලා තියෙන්නෙ C එකේ). Recover උනු file එක store වෙන්නේ G එකේ. ඒ වගේම මේ command එක සම්පූර්ණ folder එකක් recover කරන්න use කරන්නත් පුලුවන්.Note: Folder එකේ අවසානයට යොදන් backslash එක (\) අමතක කරන්න එපා.winfr C: G: /n \Users\yourusername\Documents\9. Specific folder එකක තියෙන එක file format එකක් recover කරන්න ඕනෙ නම් මෙන්න මේ syntax එක use කරන්න පුලුවන්. උදාහරණයක් විදිහට මෙතනදි C එකේ තියෙන Documents folder එකේ PDF files recover කරන්න පුලුවන්. G එකේ restore වේවී.winfr C: G: /n \Users\yourusername\Documents\*.PDFනිතරම අහන ප්‍රශ්න1. අපිට permanently delete උන files recover කරන්න් පුලුවන්ද?ඔව් පුලුවන්. ඒත් මම recommend කරන්නේ delete උන files ඉක්මනින් recover කරන්න කියලයි. එතකොට files overwrite වෙන්නේ නෑ.2. Windows වල deleted file එකක් recover කරන්නේ කොහොමද?Windows Recovery Tool එක install කරලා උඩ තියෙන විදිහට command prompt එක use කරලා files recover කරන්න පුලුවන්.3.Permanently deleted files recover කරගන්නේ කොහොමද?Windows Recovery Tool එකට modes දෙකක් තියෙනවා: Segment සහ Signature. Segment කියන්නේ default එන mode එක සහ ගොඩක් ලාවට ඒකෙන් වැඩේ කරගන්න පුලුවන්. කෙසේවෙතත්, ඒක අසාර්ථකයි නම් ඔයාට පුලුවන් Signature mode එක use කරන්න. එතනදි අනිවාරෙන් ම ඔයාට පුලුවන් වෙනවා permanently deleted files recover කරගන්න.4.Delete වෙන files යන්නෙ කොතන්ටද?ඔයා file එකක් delete කලාට පස්සේ, ඒක hard disk එකෙන් සම්පූර්ණයෙන් ම අයින් වෙන්නේ නෑ. End-user ගෙන් file එකට තියෙන pointer එක අයින් වෙනවා විතරයි. එතකොට කාටවත් ඒ file එක access කරන්න බැහැ. ඉතින් ඒ file එක තව data set එකකින් overwrite වෙනකල් hard drive එකේම රැඳිලා තියේවි.ඉතින් මෙන්න මේ විදිහටයි Windows Recovery Tool එකෙන් files recover කරන්නේ. ඔව් මේකෙ process එක නම් පොඩ්ඩක් complex තමා ඒත් මේකට හුරු උනාම ඒ ගතිය මග ඇරෙනවා. ඉතින් මේ ගැන ප්‍රශ්න තියෙනව නම් කමෙන්ට් සෙක්ශන් එකේ කතා කරන්න පුලුවන්.
OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකතන දෙක වන Nord N10 සහ N100 එලිදැක්වීමට කටයුතු කරයි
OnePlus සමාගම විසින් මේ වන විට Budget Device නිපදවිමට යොමු වි තිබෙනවා. ඒ අනුව OnePlus සමාගමේ නවතම Nord N10 හා Nord N100 කියන්නේ OnePlus සමාගම විසින් මෙතෙක් එළිදැක්වන ලද මිල අඩුම Devices විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම OnePlus සමාගමෙන් බලාපොරොත්තු නොවුන Features මේ Smartphones වලට එකතු කර තිබෙනවා. මේ Devices දෙකටම 3.5mm Audio Jack එක හා Micro SD Slot එකක් ඇතුලත් කර තිබෙනවා. ඒ වගේම මේ Smartphone දෙකේම Rear-mounted fingerprint sensors එකක් දකින්න පුළුවන්. මේ හේතුන් නිසා OnePlus N10 හා N100 Devices දෙක අතිශය ජනප්‍රිය වෙන බව නිසකයි.OnePlus Nord N100‌‌N100 කියන්නේ මේ Devices දෙකෙන් Budget Device එක කිවොත් නිවරදියි. මෙය අගල් 6.52ක HD+ Resolution එකෙන් යුතු 60Hz Display එකකින් සමන්විත වෙනවා. මෙය බලගැන්වෙනනේ Qualcomm Snapdragon 460 chipset එක මගින්. ඒ වගේම මෙහි RAM එක 4GB වන අතර Internal Storage එක 64GB ප්‍රමාණයෙන් යුතු වෙනවා. ඒ වගේය Micro SD Card එකක් ඇතුලත් කර Storage එක වැඩිකර ගත හැකි වෙනවා. මෙහි OS එක වෙන්නේ OxygenOS මත පදනම් වු Android 10.මෙහි Setup එක Triple Camera Setup එකකින් යුතු වෙනවා. Main Lens එක 13MP වන අතර 2MP Bokeh Lens එකකින් හා 2MP Macro lens එකකින් යුතු වෙනවා. Selfie Camera එක 13MP lens එකකින් යුතු වෙනවා.Nord N100 හි Battery Capacity එක 5000mAh පමණ වෙනවා. ඒ වගේම 18W Wired Fast Charging Feature එකෙනුත් යුතු වෙනවා. මෙය 4G සදහා පමණක් සහය දක්වන අතර Midnight Frost color option එකෙන් ලබා ගත හැකියි.OnePlus Nord N10‌‌Nord N10 අගල් 6.49ක FullHD+ Resolution එකෙන් යුතුව 90Hz Display Refresh Rate එකෙන් යුතු වෙනවා. මෙය Snapdragon 690 processor එකෙන් බලගැන්වෙන අතර 6GB RAM එකකින් සමන්විත වෙනවා. 128GB Internal Storage එකකින් සමන්විත වෙන අතර Micro SD මගින් 512GB දක්වා ඉහල දැමිය හැකියි.Main Camera එක Quad-camera setup එකකින් යුතු වන අතර එහි Main lens එක 64MP වෙනවා. 12MP Ultra-wide lens එකක්, 2MP Macro lens එකක් හා 2MP Monochrome lens එකකින් සමන්විත වෙනවා. Selfie Camera එක සදහා 16MP Sensor එකක් යොදා තිබෙනවා.N10 4300mAh Battery Capacity එකකින් යුතු ⁣වන අතර Warp 30W wired Fast charging Technology එක සහිත වෙනවා. ඒ වගේම මිට නවතම 5G Connectivity එකෙන් යුක්ත වෙනවා. මෙය Midnight Ice color option එකෙන් ලබා ගත හැකියි.මේ Smartphone දෙකම Dual-SIM හෝ Single SIM Model වලින් ඒ ඒ වෙළදපොලට අනුව නිකුත් කිරිමට OnePlus සමාගම සුදානමින් ඉන්නවා. ඒ වගේම මේ Smartphone දෙකම පළමුවෙන්ම යුරෝපය හා එක්සත් රාජධානිය සදහා නිකුත් විමට නියමිතයි.OnePlus Nord N10 ඩොලර් 429කට ආසන්න මිලකටත්, N100 ඩොලර් 233කට ආසන්න මිලකටත් ලබා ගත හැකියි. කෙසේ වෙතත් තවමත් මේ Devices දෙකම නිල වශයෙන් නිකුත් වෙන දිනක් OnePlus සමාගම විසින් ප්‍රකාශ කර නෑ.Sources :Gizmochina
නව per day හා monthly prepaid Package සදහා TRC වෙතින් Dialog TV වෙත අනුමැතිය
Dialog Per Day Tv පාරිභෝගිකයන්ට Dialog සමාගමෙන් අලුත් Packages 4 ලබා දිලා තියෙනවා.‌‌ මේ Packages 04ට TRC එකත් අනුමැතිය ලබා දිලා තියෙනවා.මේ Packages 04 න් 03ක් Normal Packages විදිහටත් එකක් දමිළ ප්‍රේක්ෂකයන්ට ගැලපෙන විදිහටත් ලබා දෙන්න Dialog ආයතනය කටයුතු කරල තියෙනවා.මේ Packages 04 ගැන පොඩි විස්තරයක් කියනව නම් ,Pack A‌‌දෛනික ගාස්තුව රැ.14/= වන අතර මාසික ගාස්තුව රැ.325/= වේ. මෙම Packageය සමග  නාලිකා 50 හිමි ⁣වනවා.Pack B‌‌දෛනික ගාස්තුව රැ.18/= වන අතර මාසික ගාස්තුව රැ.425/= වේ. මෙම Packageය සමග  නාලිකා 60 හිමි ⁣වනවා.Pack C‌‌දෛනික ගාස්තුව රැ.23/= වන අතර මාසික ගාස්තුව රැ.525/= වේ. මෙම Packageය සමග  නාලිකා 70 හිමි ⁣වනවා.Pack D ( For Tamil customers )‌‌දෛනික ගාස්තුව රැ.18/= වන අතර මාසික ගාස්තුව රැ.425/= වේ. මෙම Packageය සමග  නාලිකා 60 හිමි ⁣වනවා.ඒ වගේම ඉදිරියේදි අවශ්‍ය නම් අපිට අපේ Per DTV Package එක මේ Packagesවලට මාරැ කර ගන්න පුලුවන් වෙයි.ඔයා දෛනික Package එකකට කැමති නම් දිනපතා ඒ මුදල ගෙවා භාවිත කිරිමේ හැකියාව ද මාසික Package එකකට කැමති නම් මාසිකව ඒ මුදල ගෙවා භාවිත කිරිමේ හැකියාව පවතිනවා.මෙන්න ඒ Package Planවල අපිට ලබා දෙන Channel List එකSource:TRCSL
න්‍යෂ්ටික පිපුරුමකින් පවා නොනැසී, හිස නොමැතිවත් සතියක් පමණ ජීවත්වෙන කැරපොත්තන්
ටයිටල් එක දැක්කාම තේරෙන්න ඇතිනේ මොනාගැනද කතාකරන්නේ කියලා. අද අපි කතාකරන්න යන්නේ කැරපොත්තො ගැන. ඔව් ඔව් ඔයාට වගේම තමා මටත් පේන්න බැරි ජාතියක්. කවුරු හරි මගෙන් මං අකමැතිම සත්තු කවුද කියලා ඇහුවොත් මගේ ලිස්ට් එකේ කැරපොත්තා උඩින්ම ඉන්නවා.කැරපොත්තො ගැන ඔයාලා මොනවද දන්නේ? කැරපොත්තාට ඔලුව නැතුව ජීවත් වෙන්න පුලුවන් ද, විකිරනවලින් පවා නොමැරී ඉන්න පුලුවන් ද, පලිබෝධ නාශක වලට ඔරොත්තු දෙන්න පුලුවන්ද ඉතින් අද අපි හොයලා බලමු ඇයි මේ කැරපොත්තා මරන්න මෙච්චර අමාරු කියලා.කැරපොතු විශේෂ 4600 කට අධික ප්‍රමාණයක් ලෝකය පුරාවට මේවන විට ජීවත් වන බව අනාවරනය කරගෙන තියෙනවා. මේ අතරින් 99% ක්ම කැරපොතු විශේෂ මියගිය හෝ කාබනික ද්‍රව්‍ය දිරාපත් කිරීමට දායක වෙමින් පරසරය තුල වැදගත් කාර්‍යභාරයක් ඉෂ්ට කරනවා. මේ විශේෂ 4600කට අදික ප්‍රමානය අතරින් විශේෂ 30කට ආසන්න ප්‍රමානයක් තමයි මිනිස් වාසස්තාන ආශ්‍රිතව ජීවත් වෙන්න හැඩ ගැහිලා ඉන්නේ. ඔව් ඔව් ඒ 30 තමා කරදරකාරයෝ සෙට් එක.මේ  විශේෂ අතරිනුත් ලෝකය පුරාවට නිවෙස් ආශ්‍රිතව සීග්‍රයෙන් ව්‍යාප්ත වෙලා ඉන්න කැරපොතු විශේෂ විදියටBrown banded cockroach, German cockroach, සහ American cockroachයන විශේෂ හඳුනා ගන්න පුළුවන්. මෙයින්German cockroach, සහ American cockroachයන විශේෂ ශ්‍රීලංකාව තුලදී අපිට බහුලව දැක ගන්න පුලුවන්.source:businessinsider.nlකැරපොත්තො ගැන පොඩි විස්තරයක් දැනගත්තානේ එහෙනම් දැං යමු අපි අපේ මාතෘකාවට ඇයි කැරපොත්තෝ මරන්න මෙච්චර අමාරු?මේ කැරපොත්තන්ට පරිසරයේ නොනැසී ජීවත් වීමට ඔව්න්ගේ ආහාර රටාව,ශරීර හැඩගැසීම, ප්‍රතිශක්තීකරන පද්ධතිය හා ප්‍රජනන ක්‍රියාවලිය විශාල දායකත්වයක් ලබාදෙනවා.ඉතින් අපි ඒ ගැන විස්තරාත්මකව හොයාලා බලමු.ආහාර රටාවකැරපොත්තොන්ට ඕනෙම දෙයක් ආහාරයට ගන්න පුලුවන් කිව්වත් වරදක් නෑ මොකද මොකද මොවුන්ගේ ආහාර ජීරන පද්ධතිය බහුතරය්ක් කාබනික ද්‍රව්‍ය ජීරනය කරන්න පුලුවන් විදියට තමා හැඩ ගැහිලා තියෙන්නේ. උදාහරණ විදියට හිසකෙස්,නියපොතු,මියගිය සම,කාඩ්බෝඩ් වගේ දේවල් පවා ආහාරයට ගෙන පෝෂන අවශ්‍යතා සපුරාගෙන ඕනෑම පෝෂන ඌන පරිසර පද්ධතියකට හැඩ ගැහෙන්න මොවුන්ට පුලුවන්.ඒ වගේමGerman cockroach, සහ American cockroachයන විශේෂ ඔව්න්ගේම මල ද්‍රව්‍ය,වමනය සහ මියයමින් සිටින හෝ මියගිය ජනපදවාසීන්ව පවා ආහාරයට ගෙන හදිසි අවස්තා වලදී ඔවුන්ගේ පෝෂන අවශ්‍යතා සපුරාගන්නා බව වාර්තා වෙනවා. මේ දේවල් එක්ක කියන්න තියෙන්නේ ඉතින් ආහාර හිගයකින් නම් කැරපොත්තො ලේසියකට මැරෙන්නේ නෑ.source:shutterstock.comශරීර හැඩගැසීමහිසෙහි පිහිටා ඇති ඇන්ටනා යුගලය මොවුන්ගේ පැවැත්මට විශාල කාර්‍යක් ඉටු කරනවා.කැරපොත්තන් ආහාර සොයා ගැනීමට සහ ඔවුන් ඉදිරිපිට ඇති ඕනෑම බාධකයක දුර සහ උස තක්සේරු කිරීමට ඔවුන්ගේ ඇන්ටෙනාව භාවිතා කරනවා. එමෙන්ම ඔවුන්ට සහකරුවන් සොයා ගැනීමට හැකි වන පරිදි ෆෙරමෝන හඳුනා ගැනීමටද,කම්පන දැනීමට, ගන්ධ හදුනා ගැනීමට, වායු තෙතමනය හඳුනා ගැනීමට,උෂ්නත්වය හදුනා ගැනීමට සහ වායුගෝලීය පීඩන වෙනස්කම් දැනීමට මේ ඇන්ටනා යුගලය දායක වෙනවා.තවද පෙනීම අහිමිවූ කැරපොත්තෙකුට තම ඇන්ටනා භාවිතාකරමින් ඉතා හොදින් සංචරනය කිරීමටද හැකියාව පවතිනවා.source:wunc.orgසාමානයෙන් ඇමරිකානු කැරපොත්තෙකුට තම ශරීර ප්‍රමාණයෙක් 1/4 වැනි කුඩා ඉඩකඩක පවා සැගවීමේ හැකියාව තියෙනවා. ඒවගේම කැරපොත්තකුට තත්පරයකට ඔවුන්ගේ සිරුරේ දිග මෙන් 50 ගුණයක් වේගයක් ලබාගන්න පුලුවන්කම තියෙනවා(3mph).එය මිනිසෙකු 210mph වේගයෙන් ගමන් කිරීමක් හා සමානයි. ඒ වගේම මේ කැරපොත්තන්ට  තම බර මෙන් 300 සිට 900 ගුණයක් දක්වා වූ බරක් පවා ශරීරයෙන් දරා සිරීමට පුලුවන්කම ලැබෙනවා.කැරපොත්තෙකුහට තම හිස නොමැතිව සතියක පමන කාලයක් ජීවත් වෙන්න පුලුවන්කම තියෙනවා කියලා ඔයාල දැනන් හිටියද? දැං ඔයාලට ප්‍රශ්න දෙකක් එයි පලවෙනි එක ඔලුව නැතුව කොහොමද හුස්ම ගන්නේ? ඊලග එක ඔලුව ගැලවුනාම ලේ යන්නේ නැද්ද?පලවෙනි එකට උත්තරේ කැරපොත්තන්ගේ ශරීරය පුරාවට spiracles ලෙස හදුන්වන කුඩා සිදුරු විශේෂයක් තියෙනවා. ඒ සිදුරු තුලින් තමයි ඔව්න් තම ස්වසන ක්‍රියාවල සිදුකරන්නේ සහ එම ස්වසන ක්‍රියාවලිය සිදුවෙන්නේ මොලයේ සම්බදතාවයක් නොමැතිව ස්නායු පද්ධතිය හරහා.ඒ නිසා කැරපොත්තෙකුට ඔලුව නැති උනා කියලා හුස්ම ගන්න එක ප්‍රශ්නයක් නැහැ.source:rajusbiology.comදෙවෙනි එකට උත්තරේ කැරපොත්තන්ගේ  රුධිර පීඩනයෙහි පහත වැටීම් සහ පාලනය කළ නොහැකි රුධිර වහනය වැළැක්වීම සඳහා ඔවුන්ගේ රුධිර සංසරණ පද්දතිය ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා හිස වෙන්වීමෙන් පස්සේ රුධිර වහනයක් වෙන්නේ නෑ. හිස වෙන්වූ පසු එම ස්තානය සිවියකින් වැහිලා යනවා හරියට තුවාලයක් හොද වෙනවා වගේ. හිස අහිමි වූ කැරපොත්තෙකුගේ මරනයට මූලික හේතු වන්නේ විජලනය හා ආහාර නොමැති වීමයි .ඒවගේම මොව්න්ට හිස හැර ශරීරයෙන් වෙන්වූ පාද වැනි කොටස් නැවත වර් ධනය කර ගැනීමේ හැකියාවක්ද පවතිනවා.ප්‍රතිශක්තීකරන පද්ධතිය හා ප්‍රජනන ක්‍රියාවලියකැරපොත්තන්ගේ ප්‍රතිශක්තීකරන මට්ටම ඉතාම ඉහල මට්ටමක තිබෙනවා.බොහො සතුන්ට විෂ වන සමහර ද්‍රව්‍ය /ආහාර කැරපොත්තන්ට විශ වන්නේ නැහැ.එසේ ප්‍රතිරෝධය දැක්වීමට මොව්න්ගේ ඉහල ප්‍රතිශක්තීකරන පද්ධතිය හා ක්ෂුද ජීවීන් සදහා ඔරොත්තු දිය හැකි ලෙස සැකසී ඇති ආහාර ජීරණ පද්ධතිය හේතු වෙනවා. ඒවගේම කැරපොත්තන්ට කෘමිනාශක/රසායනික ද්‍රවය වලට ජානමය වෙනස්වීම මගින් ප්‍රතිරෝධය ඇති කරගැනීමටද හැකියාව පවතිනවා. එමෙන්ම මොව්න්ගේ වේගවත් ප්‍රජනන ක්‍රියාවලිය හේතුවෙන් ඉතා ඉක්මනින් පලිබෝදක වලට ප්‍රතිරෝධය දක්වන නව ජනිතයින් බිහි කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.කැරපොත්තන්ට න්‍යෂ්ටික පිපුරුමකින් පවා නොනැසී ජීවත් විය හැකිද?මේක කැරපොත්තන් ගැන තියෙන තවත් එක මිත්‍යාවක්.න්‍යෂ්ටික පිපුරුමක් ආසන්නේ ඉන්න කැරපොත්තන්ට ඉන් ගැලවෙන්න කිසිම අවස්තාවක් නැහැ. සාමන්යෙන් කැරපොත්තෙකුගේ විකිරණ වලට ඔරොත්තු දීමේ හැකියාව මිනිසෙකුගේ ඔරොත්තු දීමේ හැකියාවට  වඩා වැඩි උනත් එය න්‍යෂ්ටික පිපුරුමකින් ආරක්ෂාවීමට කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. පිරුමට සැලකිය යුතු දුරකින් ඉන්න කැරපොත්තන්ට ඉන් ආරක්ශා වීමට හැකියාව ලැබුනත් නිරන්තරයෙන් විකිරණ වලට නිරාවරණය වීමෙන් ඔව්න්ගේ ආයුකාලය අඩු වෙන පුලුවන්කැරපොත්තන් හට ලිංගික ප්‍රජනනය මගින් වර්ගයා බෝ කරන අතර ආයුකාල දින 100ක් පමන වෙනවා. සමහර කැරපොතු විශේෂ වලට (American cockroach) ලිංගික හා අලිංගික යන ප්‍රජනන ක්‍රම දෙක මගින්ම වර්ගයා බෝකල හැකි අතර මෙම අලිංගික ප්‍රජනන ක්‍රමය Parthenogenesis ලෙස හදුන්වනවා. (Parthenogenesis යනු ශුක්‍රාණුවකින් සංසේචනය නොවී බිත්තරයක් කලලයක් දක්වා වර්ධනය විය හැකි ප්‍රජනන ආකාරයකි.)source:scitechdaily.comඑනම් මේ ගැහැනු කැරපොත්තන් හට පිරිමි කැරපොත්තෙකු නොමැතිව පවා ජනිතයින් බිහිකිරීමට හැකියාව පවතිනවා. ඉතින් කැරපොත්තන්ට පරිසරයේ නොනැසී ඉන්න මේ අලිංගිකව වර්ගයා බෝරීමේ කැකියාවත් එක් හේතුවක්.ඔන්න එහෙනම් අද අපි කැරපොත්තො මරන්න මෙච්චර අමාරු ඇයි කියන එක ගැන ගොඩක් දේවල් කතාකරා. අදින් පස්සේ කැරපොත්තෙක් දැක්කොත් මේ ලිපියේ තිබ්බ දේවල් ඔයාලට මතක් වේවි. එහෙනම් මේ වගේ වෙනස් මාතෘකාවක් එක්ක ආපහු හම්බෙමු.
Adobe Photoshop Camera ඇප් එක දැන් ඔබටත්
Photoshop ඉගෙන ගන්න ටිකක් අමාරුයි නේ, නමුත් මෙ Adobe ලගේ අලුත් ඇප් එකෙන් වැඩිය මහන්සි නොවී අපිට හොද Photos හදාගන්න පුළුවන්.Multi-layered, photo එකක් හදාගන්න එක ටිකක් වෙලා යන වැඩක් නේ නමුත් දැන් ඒක අපිට ප්‍රශ්නයක් කරගන්නෝන නෑ. Adobe ලා Launch කරපු මේPhotoshop Cameraකියන app එක හින්දා. Complex Interesting image artwork එකක් filter එකක් apply කරනවා තරම් ලෙසියෙන්ම අපිට create  කරගන්න පුළුවන්.මේක Adobe ලා announce  කරේ 2019 October වල නමුත් මේක release කරේ මේ බ්‍රහස්පතින්දා. මේ app එක artificial intelligence ( Ai ) use කරනවා අපේ photo එකේ subject එක recognize කරගෙන recommendations දෙන්න අපිට හොදම filters ටික use කරන්න පුළුවන් වෙන්න. මේකේ filters ගොඩක් තියෙනවා ඒ වගෙම ගොඩක් ඒවා " lenses " වලට organize කරලා තියෙන්නෙ. මේ Photoshop  camera app එක iOS සහ Android  දෙකටම තියෙනවා කැමති කෙනෙක්ට  install  කරලා බලන්න පුළුවන්.
Windows හානි වූ පරිගණකයක backup කරගැනීම සදහා Hiren boot CD
අද බලමු hiren boot cd භාවිතයෙන් කොහොමද windows crash උන , windows boot වෙන් නැති පරිගකය තිබෙන data, data වලට හානියක් නොවි backup කර ගන්නේ කොහොමද කියලා. Windows OS නිතරම වගේ crash වෙන OS එකක් ඉතින් අපිට ඒක නිසා කොයි වෙලාවේ කොයි මොහොතේ අපේ data නැතිවෙයිද කියන්න බැහැ. ඉතින් දැන් මම කියන්න යන මේ hiren boot cd කියන software එකට පුලුවන් අපේ නැතිවෙන්න යන data අපට ලබා ගන්න. මේ සදහා මුලින්ම දී අති Link එකට ගොස් රූපයේ ආකාරයට ISO  file එක download කර ගන්න.https://www.hirensbootcd.org/download/ඉන් පසු pen drive bootable ලෙස සකසා ගැනීමට අවශ්‍ය software පහත ආකරයට ලබා ගත හැක.ඉන් පසු 4Gb හෝ ඊට වැඩි storage එකක් ඇති pen drive එකක් භාවිතයෙන් pen drive bootable කර ගන්න.ඉන් පසු pen එක ආදාරයෙන් පරිගනකය boot කර ගන්න. ඉන් පසු ඔබට එය පහත ආකාරයට දිස් වේ.ඉන් පසු this pc ගොස් pen drive එකක් or external hard disk එකක් යොදාගෙන ඔබට අවශ්‍ය ඩේටා backup කර ගන්න පුලුවන්.
App Store, Maps සහ තවත් Apple සේවාවන් රැසක් බිඳ වැටෙයි; පැය තුනකට ආසන්න කාලයකට පසුව යථා තත්වයට පත් කිරීමට Apple සමාගම කටයුතු කර​යි
ඊයේ දිනයේදී App Store, iCloud, Maps සහ iMessage සේවාවන් ඇතුලුව Apple සේවාවන් රැසක් බිඳ වැටීමට ලක් වුන අතර ලොව පුරා විශාල පිරිසක් මේ පිළිබඳව Twitter හරහා වාර්තා කරන්නට වුනා. මෙම සේවා බිඳ වැටීම පැය තුනකට ආසන්න කාලයක් පුරාවට පැවති අතර, මේ හේතුවෙන්Maps හරහා navigate කිරීමiMessage හරහා එකිනෙකා අතර පණිවුඩ හුවමාරු කර ගැනීමApple music හරහා online ගීත වලට ශ්‍රවණය කිරීමApp Store හරහා apps download කිරීම, update කිරීමPodcast upload කිරීම සහ ශ්‍රවණය කිරීමApple Store හරහා මිලදී ගැනීම් කිරීමසහ තවත් සේවාව රැසකට පිවිසීමේ හැකියාව අවහිර වී තිබුණු. විශේෂයෙන්ම Find My Device සේවාවට පවා මේ හරහා බාධා පැමිණි තිබුණි. ඒ ආකරයෙ​න් බිඳ වැටී තිබුණු සේවාවන් 19 පිළිබඳව Apple System Status Page එක තුල දැක්වුනේ පහතාකාරයට. මෙම සේවාවන් බිඳ වැටීම පිළිබඳව Apple සමාගම විසින් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැති නමුත් ඔවුන්ගේ System Status Page එක හරහා එම බිඳ වැටීම පිළිබඳව දැනුම් දීම සිදු කර තිබුණි.මෙම බිඳ වැටීම ඊයේ දිනයේදී 12:55 ET (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10:25ට පමණ) වලට පමණ ඇරඹී ඇති අතර දහසකට අධික පරිශීලකයන් ප්‍රමාණයක් මේ පිළිබඳව Downdetector වෙබ් අඩවියට වාර්තා කර තිබුණි. මෙය මුළින්ම වාර්තා වී තිබුණේ Apple App Store හරහා වන අතර එතැන් පටන් Fitness+, Maps සහ iCloud system එක හා සම්බන්ධ සේවාවන් වල බිඳ වැටීම වාර්තා වී ඇත.පැය තුනකට අධික කාලයක් පුරාවට පැවති මෙම සේවා බිඳ වැටීම ක්‍රම ක්‍රමයෙන් ය​ථා තත්වයට පත් කරගැනීමට Apple සමාගම සමත් වූ අතර, පරිශීලකයන් විසින් වාර්තා කරනල ලද්දේ මුලින්ම App Store එකට පිවිසීමට තිබුණු බාධාවන් ඉවත්ව ගොස් ය​ථා තත්වයට පැවති බවයි. කෙසේ නමුත් ඔවුන් වාර්තා කර තිබුණේ පෙරදාට වඩා මන්දගාමී බවක් එහි තිබුණු බවයි. පසුව එක සුපුරුදු රිද්මයට පත්ව තිබුණි. ඉන් පසුව පිළිවෙලින් iMessage, Apple Music සේවාවන් යථා තත්වයට පත් වූ අතර ඉන් පසුව Apple Maps යථා තත්වය​ට පත් වී ඇත.Sources:CNBC,Reuters
බලධාරීන් විසි​න් ඉන්ධන තොරතුරු වෙබ් අඩවිය තාවකාලිකව ක්‍රියා විරහිත කර​යි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්ඉන්ධන පිරවුම්හල්වල ඇති ඉන්ධන තත්වය බලා ගැනීම සඳහා වෙබ් අඩවියක්නිකුත් කළ බව අප ඔබට මීට පෙර වාර්තා කළා.කෙසේ නමුත් ඔබ දැන්fuel.gov.lkවෙබ් අඩවියට පිවිසෙන විට එහි දැක්වෙනුයේ“අපහසුතාවය ගැන අපි ඉතා කණගාටු වෙමු. අදාළ බලධාරීන්ට ලැබුණු උපදෙස් මත මෙහෙයුම තාවකාලිකව නවතා දැමීමට සිදු විය. අපි ඉක්මනින් ආපසු එන්නෙමු. ”ලෙසයි.ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින තත්වය අනුව ඉන්ධන තොග ලැබීම පිළිබඳව නිශ්චිතව මහජනයාට තොරතුරු සැපයීමට ඇති අපහසුව නිසා අදාළ බලධාරීන් විසින් ICTA ආයතනයට මේ වෙබ් අඩවිය නවතා දැමීමට උපදෙස් දුන් බවට අපේක්ෂා කළ හැකි වනවා.කෙසේ වෙතත් මේ වෙබ් අඩවිය තාවකාලිකව නවතා ඇති බැවින් මේ ඇතිවී තිබෙන තත්වය යම්තාක් දුරකට හෝ සමනය වුවහොත් මහජනයාට ලැබෙන ඉන්ධන තොග පිළිබඳව තොරතුරු ලබා දිය හැකි වන පරිදි මේ වෙබ් අඩවිය නුදුරු දිනකදී නැවත සක්‍රීය වනු ඇති බවට බලාපොරොත්තු විය හැකි වනවා.කෙසේ නමුත් හෙළකුරු විසින් ලබා දුන් ඉන්ධන නම් විශේෂාංගය තවමත් ක්‍රියාත්මක බැවින් ඔබට ඒ හරහා තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.Source:Adaderana Biz Sinhala
ලොව සුපතල Dyson උපාංග, Gnext වෙති​න් ශ්‍රී ලංකාවට නිල වශයෙන්
මෙම ලිපිය ඔබ වෙත ගෙන ඒමේ අනුග්‍රහයDyson කියන නම අහපු ගමන් ශ්‍රී ලංකාවේ අපිට එච්චර හුරු පුරුදු නමක් නොවුනත් Dyson කියන්නේ 1991 වර්ෂයේ පටන් ඉලෙක්ට්‍රෝණික භාණ්ඩ අලෙවි ලොව පුරා අලෙවි කරන එංගලන්ත සමාගමක්. මෙම සමාගම James Dysonගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුනු අතර මේ වන විට ලොව වෙළඳපල සඳහා ගුණාත්මක බවින් යුතු ගෘහ උපකරණ රාශියක් සපයන සන්නාමයක් ලෙස සඳහන් කරන්න පුලුවන්. ඔයාලට හොඳටම මේ brand එකේ භාණ්ඩ බලාගන්න පුලුවන් TikTok එකේ තියෙන home appliance ගොඩක් unbox කරල පිලිවෙලට ගෙදර හදාගන්න වීඩියෝස් බැලුවොත්.Dyson උපාංග වල ගුණාත්මක බව කොපමණද යන්න කියනවා නම් යුරෝපා සහ ඇමරිකානු වෙළඳපලවල් වල, විශාල ඉල්ලුමක් පවතිනවා. මෙම සමාගමේ උපාංග ප්‍රධාන කොටස් 5ක් යටතේ බෙදා දැක්වෙන අතර එවා පිලිවෙලින්,Vacuum cleanersHair careAir treatmentLightingHeadphonesලෙසින් දැක්වෙනවා.මේ Dyson සන්නාමය යටතේ නිපදවෙන උපාංග රැසක් නිල වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදා හැරීමට Gnext සමාගම ඉදිරිපත්​ව සිටිනවා. ඒවා පිලිවෙලින් පහත පරිදිවනවා.1. Dyson Pure Cool™ air purifier TP00මේ උපාංග හරහා නිවසේ ඇති වාතාශ්‍රය පිරිසිදු කරගැනීමට හැකි වනවා. මෙහිදී නිවස තුල ඇති වාතාශ්‍රයේ ඇති දූෂිත අංශු 99.95%ක් නසමින් පිරිසිදු වාතාශ්‍රයක් අප වෙත ලබා දීම සිදු කරනු ලබනවා. එමෙන්ම මෙය ඒ සමඟම වාත සිසිලනයක් ලෙසින්ද එකවරම භාවිතා කල හැකියි.2. Dyson Pure Cool Link ™ Air Purifier Fan TP03මෙම උපකරණයත් සිදු කරන්නේ ඉහත උපාංගය විසින් සිදු කරන කාර්යයම වුවත් මෙය ඊට වඩා වැඩිදියුණු කරන ලද මාදිලියක් වනවා. මෙහි ඇති විශේෂතා අතර, අවස්ථාවට අනුකූලව කටයුතු කරන අත​ර මෙය දුරස්ත පාලකයකින් පාලනය කල හැකියි. එමෙන්ම රාත්‍රී කාලයේදී ශබ්දය අඩු කරමින් ක්‍රියාකරනු ලබනවා.3. Dyson Purifier Cool™ Formaldehyde air purifier TP09Dyson Pure Cool Link ™ Air Purifier Fan TP03හි වැඩි දියුණු කල මාදිලියක් වන අතර මෙම මාදිලිය පෙර මාදිලියට වඩා 20%කින් ශබ්දය අඩු අතර, backward airflow mode එකකින් සමන්වි​ත වනවා. තප්පරයකට වාතය ගැලුන් 77ක් සිසිල් කිරීමේ හැකියාව ඇති මෙම උපාංගය voice command හරහා හැසිරවිය හැකියි. ඊට අමතරව අනෙක් මාදිලීන්ට වඩා විශාල ලෙසින් වැඩි දියුණු කල වාත පෙරීම් පද්ධතියකින්ද මෙය සමන්විත වනවා.4. Dyson V12 Detect Slim Absoluteමේ උපාංගය vacuum cleaner එකක් වන අතර මෙය සාමාන්‍ය vacuum cleaner එකකට වඩා හාත්පසින්ම වෙනස් වන්නේ, මේ හරහා අපට පැහැදිලිවම පොළවේ ඇති දූවිලි අංශු බලා ගැනීමට හැකිවීමයි. මෙය cordless ආකාරයෙන් ක්‍රියාතමක වනවා. එය ක්‍රියාකරන ආකාරය වචනයෙන් කියනවට වඩා වීඩියෝවකින්ම නැරඹීමෙන් ඔබට වඩාත් පැහැදිලි අදහසක් ලබා ගත හැකියි. ඒ සඳහා පහත වීඩියෝව නරඹන්න.5. Dyson V12s Detect Slim Submarine™ wet and dry vacuum cleanerDyson V12 Detect Slim Absoluteහි වැඩි දියුණු කල මාදිලියක් වන මෙය Dry සහ wet යන ක්‍රම ද්විත්වයටම vacuum කල හැකි අතර ප්‍රමාණය කුඩා කරමින්ද භාවිතා කල හැකි වනවා.6. Dyson Airwrap™ multi-stylerමේ උපාංගය නම් කාන්තාවන්ටම විශේෂ වන කේශාලංකාර උපාංගයක් වන අතර මේ හරහා විලාසිතා විශාල ප්‍රමාණයක් නිවසේදීම සිදු කර ගැනීමට හැකියාව පවතිනවා. මේ උපාංගා භාවිතා කරන ආකාරය සහ එහි තවත් විශේෂාංග පහත වීඩියෝවෙන් නරඹන්න ඔබට පුලුවන්.7. Dyson Corrale™ straightenerStraightener එකක් කියූ පමණින්ම ඔබට වැඩි විස්තර කියන්න නම් අවශ්‍ය නැති බව මම දන්නවා. ඉතින් මේ උපාංගය අනිත් hair straightener වලට වඩා වෙනස් වන්නේ කොහොමද කියල වීඩියෝවකින්ම අපි බලමු.මේ සියළුම උපාංග මේ වන විට Gnext ආයතනය විසින් ශ්‍රී ලංකාවට ආනයනය කර අලෙවි කරන අතර නොවැම්බර් 11 වන දින සිට ඔබට මෙම උපාංග ශ්‍රී ලංකාවේදී Gnext storesහිදී මිලදී ගැනීමට හැකියාව පවතිනවා.වැඩිදුර විස්තරGnext store වෙබ් අඩවියටපිවිසෙන්න.
iPhone 14හි Front Camera එක සඳහා නව පහසුකමක් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි
Apple සමාගම විසින් නව ජංගම දුරකථන මාදිලියක් එළිදැක්වීමට ඉතිරිව ඇත්තේ තවත් මාස කිහිපයක් පමණක් වනවා. සාමාන්‍යයෙන් මෙය සැප්තැම්බර් මාසයේ සිදු වන අතර ඊට මාස කිහිපයකට පෙර සිට එළිදැක්වීමට නියමිත දුරකථනයේ තොරතුරු කිහිපයක් නිල නොවන අයුරින් වාර්තා වනවා.උදාහරණයක් ලෙස Apple සමාගම විසින් Mini variant එක නවතා iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro, සහ iPhone 14 Pro Max වැනි මාදිලි පෙළකට යාහැකි බව අපි දනිමු. තවදiPhone 14හි Front එක සඳහා pill/hole punch desing එකක් ද යෙදීමට සූදානම් බවත් සඳහන්. මීට දින කිහිපයකට පෙර නිකුත් වූ නිල නොවන වාර්තාවකින් iPhone 14හි Front Camera එක සඳහා Android දුරකථනවල Front Camera එකෙහි පහසුකම් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo විසින් සඳහන් කරන්නේ iPhone 14 series එකෙහි front camera එක fixed focus තුළින් auto focus වෙතට යාහැකි බවයි.The front camera of four new iPhone 14 models in 2H22 would likely upgrade to AF (autofocus) & about f/1.9 aperture (vs. iPhone 13’s FF (fixed-focus) and f/2.2). AF support and a lower f-number can provide a better shallow depth-of-field effect for selfie/portrait mode. In addition, AF can also enhance the focus effect for FaceTime/video call/live streaming.Ming-Chi Kuo විශ්වාස කරන්නේ මෙම වැඩිදියුණු කිරීම් තුළින් FaceTime සහ අනෙකුත් වීඩියෝ ඇමතුම්වල ගුණාත්මකභාවය ඉහළ නංවනු ඇති බවයි. පසුගිය වසර කිහිපය තුළදී බොහෝ දෙනා online conference කිරීම හේතුවෙන් Apple සමාගම විසින් ගත් මේ තීරණය බොහෝ සාර්ථක වීමට ඉඩ කඩ ඇත. මේ තුළින් හොඳ ප්‍රතිලාභයක් ලබා ගැනීමට Apple සමාගමට හැකි වුවහොත් බොහෝ විට Android දුරකථන නිෂ්පාදකයින්ද මෙය අනුගමනයට ඉඩ ඇත.Source:XDA-developers
අපිට වඩා අපි ගැන දන්න Google සහ අපිව නොදන්න DuckDuckGo
මුලින්ම කියන්න ඕන, මේ කතාව ලියන්න පටන්ගන්නවද, නැද්ද කියන තැන තමයි මුලින් මම හිටියෙ, මොකද Online Privacy ගැන කතා කරන්න උත්සාහ කරන හැම වෙලාවකම වගේ ගොඩක් අය කියන "අනේ අපිට හංගන්න මුකුත් නෑ", "ගන්නවා නම් ඔන්නොහේ ගත්තාවෙ", "උන් ඔය සර්විස් දෙන්නෙ නොමිලේ, ඉතින් ඒ නිසා උඹ උන්ට උඹේ ප්‍රයිවට් ඩේටා කලෙක්ට් කරන්න දෙන්න ඕන" වගේ ගොං ටෝක්ස් අහලා මට තිත්ත වුණ නිසා.ඒත්, අපේ Website admin, අපේ leader, තිමිර සහෝදරයාගේ බලවත් ඉල්ලීම් එක්ක, මම නැවතත් අන්තර්ජාලයේ පෞද්ගලිකත්වය ගැන ලියන්න එකඟ වුණා. ඒ නිසා, මුලින්ම කියන්න ඕන අර උඩින් කිව්ව ජාතියෙ පොරවල් ටික දැන් මෙතනින් එහාට කියවන්නෙ නැතත් මට අවුලක් නෑ.DuckDuckGo කියන වචනය ඇහුවමත් සමහර අය හිනා වෙන්න ගන්නවා. මට තියෙන පුදුමෙ, අපේ කට්ටියට ගූගල් කිව්වම හිනා නොයා DuckDuckGo කිව්වම හිනා යන්නෙ ඇයි කියලා. අපි එහෙනම් දැන් බලමු, කවුද කාටද ඇත්තටම හිනා වෙන්න ඕන කියලා.DuckDuckGo කියන්නෙ Google වගේ Search Engine එකක්. Google වගේ කිව්වට ඒ වගේ නෑ, මොකද Google වගේ මේකෙන් ඔයාගෙ පෞද්ගලිකත්වය නැති කරන්නෙ නෑ. ඒකයි මේකෙ තියෙන විශේෂත්වය. ඒ වගේම අපි බලමු, Google වෙනුවට DuckDuckGo භාවිතයෙන් අපිට ලැබෙන්නෙ මොනවාද කියන එක.මෑතකදී Google විසින් හඳුන්වා දුන්න Instant Answers එහෙමත් නැත්නම්, අපි අහන ප්‍රශ්ණයට කෙලින්ම පිළිතුර දෙන ක්‍රමය හොරකම් කළේ කාගෙන්ද දන්නවද? ඒක හොරකම් කළේ අපි මේ කතා කරන DuckDuckGo කියන Search Engine එකෙන්. ඒත් අන්තිමේදී Google සමාගමට තියෙන බලය උපයෝගී කරගෙන ඒ යෙදුම වඩා දියුණු කරගන්න එයාලා සමත් වුණා.DuckDuckGo එකට බය උන GoogleDuckDuckGo කියන්නෙ හැම අතින්ම වගේ Google එක්ක කරට කර සටන් කරන්න පුළුවන් ප්‍රභල සෙවුම් යන්ත්‍රයක්. අන්න ඒ නිසාම Google එකෙන් මේ DuckDuckGo කියන Search Engine එකට මිනිස්සු හුරු වීම නවත්තන්න, කරන්න පුළුවන් හැම සට කපට කමක්ම කරන්න ගත්තා. ඒවයින් කොටසක් මේ ලිපියේ අපි කතා කරමු.හිතුමතේ search results වෙනස් කරන GoogleSearch Engine එකක් කියන්නෙ අන්තර්ජාලයේ තියෙන හැම දෙයක්ම ඔයාට හොයලා දෙන සේවාවක් කියලා දැනටමත් ඔයාලා දන්නවා. අපි අන්තර්ජාලය වෙත පිවිසිලා වැඩි හරියක් කරන්නෙ Search කරන එකනෙ. අන්න ඒ හේතුව නිසා මෙන්න මේ Search Engine එකකට ලොකු බලයක් තියෙනවා. මොකද, Search Engine එකකට පුළුවන් ඔයා දකින දේ වෙනස් කරන්න. ඔයාගෙ ආකල්ප, සිතුම් පැතුම් හෝ යම් කරුණක්, දෙයක් හෝ පුද්ගලයෙක් ගැන ඔයාගෙ හිතේ තියෙන ප්‍රතිරූපය පවා මේ Search Engine එකකට වෙනස් කරන්න පුළුවන්.උදාහරණයක් විදියට, අපි ගනිමු මේ වගේ උදාහරණයක්. ඔයා එක් දේශපාලන පක්ෂයකට ලැදි කෙනෙක්. නමුත් ඒ පක්ෂය ගැන ඔයා අන්තර්ජාලයේ සෙවුමක් කරන කොට ඔයාට හම්බෙන Search results වල බහුතරය ඒ පක්ෂයේ වැරදි, අක්‍රමිකතා, දූෂන වගේ දේවල් ගැන නම්, කාලයක් තිස්සේ ඒවා දැකීමෙන් ඔයාට ඒ අදාළ පක්ෂය එපා වෙන්න පුළුවන්.නමුත්, ඔයාට එහෙම search results ලැබුණේ ඔයා සෙවුම කරන search engine එක විසින් මුලින්ම අදාළ පක්ෂයේ වැරදි ටික පමණක් පෙන්වීම නිසා නම්, එතනදි අවුලක් තියෙනවා. ඇත්තටම ඒ ඔයා සොයා බලපු පක්ෂයටත් වඩා ඒ පක්ෂයේ ප්‍රති විරුද්ධ පක්ෂයේ වැරදී වැඩී නම්, නමුත් search results වල පෙන්නන්නේ ඒ පක්ෂයේ හොඳ ටිකම නම්, එතන ඉතා විශාල අවුලක් තියෙනවා. මං හිතන්නෙ, දැන් ඔයාට අවබෝධයක් ඇති මේ search engine එකකට කරන්න පුළුවන් දේවල් ගැන.නමුත්, කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා ඔයා නිතර දෙවේලෙ පාවිච්චි කරන මේ Google Search Engine එක ඔයාට පෙන්නන්නෙ මම අර කලින් කිව්වා වගේ අතර මැදින් වෙනස් කරපු search results තමයි.විශේෂයෙන්ම "is google spying on me" (Google මං ගැන ඔත්තු බලනවද?) වගේ දෙයක් search කළොත් ඔයාට උඩින්ම එන්නෙ මෙන්න මේ වගේ ප්‍රතිඵලයක්.මේකෙන් කියවෙන්නේ"හැම තැනම Google විසින් මිනිස්සු ගැන ඔත්තු බලනවා කියලා කතා වෙනවා තමයි, Google ඔයා ගැන ගොඩක් දේවල් දන්නවා, ඒත් ඔයාට පුළුවන් එහෙම දැනගන්න එක නවත්තන්න."වගේ සැනසිලි දායක ප්‍රකාශයක්. මෙන්න මේ වගේ, Google Search එකේ යම් සෙවුමක් දැම්මහම, එන පළමු ප්‍රතිඵලය බොහෝ විට Google සමාගමට අවශ්‍ය විදියට වෙනස් කරපු එකක්.මට ඕන එක තමයි මං පෙන්නන්නේඅනික් දේ තමයි, අපි ප්‍රශ්ණයක් විදියට අහලා search කරන සෑම දෙයකදී ම කෙලින්ම දෙන පිළිතුරක් විදියට මුලින්ම මොකක් හෝ Google සමාගම කැමති දෙයක් පිළිතුර විදියට පෙන්වන එක. මේකෙන් කරන්නේ, සාමාන්‍යයෙන් Search Engine එකකින් ලබා දෙන්න ඕන Search Results වෙනුවට, එයාලට ඕන මොකක් හරි උඩින්ම පෙන්නලා, සාමාන්‍ය Results ටික කවුරුත් ගිහින් බලන්නෙ නැති තරමට පිටුවේ පහළට තල්ලු කරන එක. මේකෙන් තේරෙන්නෙ එකම දෙයක් විතරයි, Google Search එකක්දි ඔයාට ලැබෙන්නේ ඇත්තටම Internet එකේ තියෙන ප්‍රතිඵල නෙවෙයි, Google ලගේ න්‍යායපත්‍රයකට අනුව වෙනස් කරපු රිසාල්ට් ටිකක්.Privacy settings, ආ ඒක මේ තිබ්බා අර අතනGoogle විසින් අපි අර කලින් කිව්ව විදියේ රිසාල්ට් එකක් පෙන්නුවත්, ඇත්තටම ඔය කියන විදියට ඒක කන්ට්‍රෝල් කරන්න, Privacy Settings තියෙන්නෙ කොහෙද කියලා වත් අපේ ගොඩක් අන්තර්ජාලය පාවිච්චි කරන අය දන්නෙ නෑ. ඒ වගේම, මේ වගේ පොස්ට් එකක් වත් කියවන්නෙ අන්තර්ජාලයේ සැරිසරන කීයෙන් කී දෙනාද? මේ කිසිවක් නොදැන ගොඩක් මිනිස්සු ඔහේ හරක් වගේ අන්තර්ජාලයේ සැරිසරනවා. ඒ වගේම ඔය privacy Settings ටික කොහොමත් යමක් කමක් දන්න කෙනෙක්ට වත් පේන තැනක නෙවෙයි හංගලා තියෙන්නෙ. පහුගිය කාලෙ ගෙව්ව බිලියන ගණන් දඩ මුදල් වලට පස්සෙ නම් යන්තම් ටිකක් හරි Privacy Settings පේන්න හදලා තියෙනවා, ඕකෙන් අපි Settings හැදුවත් අපිව රවට්ටලා අපේ ඩේටා ටික එකතු කරගන්න කපටි ක්‍රම එයාලා ඕන තරම් දන්නවා.ඔයාල යන එන තැන් අපි බලාගෙන ඉන්නේඒ වගේම Google කම්පනි එකෙන් අපි ඉන්න තැන් යන එන තැන් ගැන වාර්තා තියා ගන්නවා, ඒ වගේම අපේ ඊමේල් ටික කියවනවා, අපි ඉන්ටනෙට් එකේ හොයපු දේවල් ගැනත් වාර්තාවක් තියාගන්නවා, අපි අන්තර්ජාලය හරහා මිළදී ගන්න දේවල් ගැනත් වාර්තා තියාගන්නවා. ඉතින් හිතලා බලන්න, එයාලා මොනවද අපි ගැන නොදන්නෙ?DuckDuckGo පරද්දන්න Googleගේ සටකපට කම්Google කියන්නෙ හොඳින් හෝ නරකින් තමන්ගෙ නම ව්‍යාප්ත කරගන්න උත්සාහ දරපු සමාගමක් කියලා මම මීට කලින් ලියපු ලිපි කියපු ඔයාලා දන්නවා ඇති, බිලියන ගාණක දඩ කනකන්ම, Google සමාගම විසින් නිපදවන Chrome Browser එකේ Default search engine එක විදියට DuckDuckGo search engine එක තෝරාගන්න ඉඩ දුන්නෙ නෑ. ලෝකෙම හූරන් කාලා ට්‍රිලියන ගණන් හොයන Google සමාගම DuckDuckGo එකට මෙච්චර බය වුණේ ඇයි කියලා දැන් තේරෙනවා නේද?ඇත්තටම ඊටත් වඩා කැත වැඩ Google සමාගම විසින් කරලා තියෙනවා. මුලින්ම Google කට්ටිය කරපු දෙයක් තමයි duck.com කියන ඩොමේන් එක සල්ලි වලට ගත්ත එක. ඊට පස්සෙ එයාලා කළේ duck.com කියන අඩවියට යන අයව google.com එකට හරවලා යවපු එක. (redirect) කැත වැඩ ඉවරයක් නෑ, Google එකේ DuckDuckGo කියලා සර්ච් කරලා google search results වලින් DuckDuckGo අඩවියට යන්න උත්සාහ කරපු හැමෝටම Google එකෙන් පහත ආකාරයේ කැත පේජ් එකක් පෙන්නලා බය කළා.පහළින් චුට්ටියට DuckDuckGo එකට යන links පෙන්නුවා. ඕකට කේස් එක ඇදුණම ඒක කළේ අහවල් එකටයි කියලා Rob Shilkin කියන Google එකේ ප්‍රධාන නිළධාරියෙක් Tweet එකක් දැම්ම එක. ඒ Tweet එකට ප්‍රසිද්ධියේම DuckDuckGo නිපදවපු Gabriel Weinberg රිප්ලයි කරලා ඉල්ලීමක් කළා duck.com ඩොමේන් එක අපිට විකුණන්න කියලා.අන්තිමේදි කොහොමින් කොහොම හරි Google පිරිවරට සිදු වුණා duck.com ඩොමේන් එක Gabriel Weinberg ටම ලබාදෙන්න. මෙතන මම දකින විදියට Rob Shilkin ට වුණේ ගලේ පහැරූ පූසෙක්ට වුණා වගේ වැඩක්.ඒ වගේම, Google විසින් පවත්වාගෙන යන විදියේ shadow profile එකක් (ඔයාට හොරෙන් එකතු කරගත්ත ඔයාගෙ විස්තර අඩංගු, ඔයාටත් කවදාවත් බලන්න බැරි, හොර ප්‍රොෆයිල් එකක්.) DuckDuckGo විසින් ඔයා ගැන පවත්වාගෙන යන්නේ නෑ. ඒ හේතුව නිසා Google එකේ වගේ ඕනවටත් වඩා Personalize කරපු, වෙනස් කරපු අමුතු තාලේ Search results ඔයාට DuckDuckGo එකෙන් පෙන්වන්නේ නෑ. DuckDuckGo එකෙන් ඔයාට පෙන්වන්නේ සාමාන්‍ය Search Engine එකකින් අන්තර්ජාලය පුරා හොයලා බලලා ඔයාට results පෙන්වන පිළිවෙලට වැඩ කිරීම පමණයි.අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, Google එක්ක තරඟ කිරීමේ හැකියාවක් DuckDuckGo එකට නෑ කියලා, මොකද ලෝකයේ IT දැණුම තියෙන, යමක් තේරුම්ගන්න පුළුවන්, ඔබ වැනි පිරිස ඉතා සීමිත වීමත්, දැනටමත් සෑම අස්සක් මුල්ලක් නෑර විසිරිලා පැතිරිලා ඉන්න Google සමාගම විසින් ඔවුන්ගේ ඒකාධිකාරය ඇතුළේ බිලියන ගාණක් වෙන ඔවුන්ගේ users ලා හිර කරගෙන සිටීමත් නිසා. ඇත්තටම, DuckDuckGo එකට එහම Google එක්ක තරඟ කිරීමේ අවශ්‍යතාවයකුත් නෑ. DuckDuckGo විසින් කරන්නෙ, Google ඇතුළු ප්‍රධාන පෙලේ පෞද්ගලික දත්ත මංකොල්ල කන Search engine අතර, එහෙම නොකරන වඩා හොඳ තෝරාගැනීමක් වශයෙන් පවතින එක විතරයි.මේ කරුණු තේරුම් ගත්ත සීමිත පිරිස, DuckDuckGo භාවිතා කරයි, ඉදිරියටත් එහෙම වේවි. මෙතන කාරණාව තමයි, DuckDuckGo වලට යන්නෙ IT ක්ෂේත්‍රයේ යමක් දන්න පිරිස වීම. ඒ නිසාම, DuckDuckGo විසින් Google විසින් ලබා නොදෙන ගොඩක් පහසුකම් සපයලා තියෙනවා. තමන්ට ඕන විදියට Search Engine එක වෙනස් කරගැනීම, විවිධ Themes වගේ දේවල් ඉන් ප්‍රමුඛයි.මම මෙතනදි ඉල්ලීම් කරන්නෙ නැහැ. මොකද DuckDuckGo වලට ඔයා මාරු වුණා කියලා මට ලැබෙන කිසිවක් නැති නිසා, මම කියන්නේ, සොයා බලන්න, දැණුවත් වෙන්න, නිවැරැදි දේ ඔබම කරන්න කියන දේ විතරයි. එහෙනම්, ගිහින් එන්නම්. ඔබට ජය!DuckDuckGo — Privacy, simplified.The Internet privacy company that empowers you to seamlessly take control of your personal information online, without any tradeoffs.DuckDuckGoVisit DuckDuckGo!
Xiaomi සමාගම තම නව update policy එක එලිදක්ව​යි
Android Smart Phone User කෙනෙක්ගේ ඔලුවේ තියෙන අදහසක් විදිහට දක්වන්න පුලුවන් Android Smart Phones සඳහා ඒ ඒ සමාගම් විසින් ලබා දෙන Software සහාය Apple Devices සඳහා Apple සමාගම විසින් ලබා දෙන Software සහායට සාපේක්ෂව ඉතා දුර්වල නැති නම් ඉක්මනින් අවසන් වෙන බව.ඒ වගේම Android Smart Phones අතර තියෙන මතයක් ලෙස ලොව පුරා මෙන්ම ලංකාවේත් මේ වෙන විට ඉතාම ජනප්‍රියත්වයට පත් වී තිබෙන Xiaomi Smart Phonesවල Software සහායත් අනෙක් Android Smart Phone Brandsවලට සාපේක්ෂව ඉක්මනින් අවසන් වෙන බව දක්වන්න පුලුවන්. ඉතින් ඇත්තටම Xiaomi Smart Phonesවලට මේ කියන විදිහට අනෙක් Smart Phone Brandsවලට සාපේක්ෂව අඩු කාලයක් Software සහායක් ද හිමි වෙන්නේ කියලා අද අපි කතා කරමු.මුලින්ම මීට ටික දිනකට කලින් නිකුත් වුණ නවතම Xiaomi Smart Phonesවල Update Policy එක ගැන බලලා ඉමු.New Update Policy for Xiaomi Smart PhonesRedmi Series (Redmi 10වලට පසුව නිකුත් වු) - Major Android Updates දෙකක් සහ MIUI Updates තුනක්.Redmi Note Series (Redmi Note 10වලට පසුව නිකුත් වු) - Major Android Updates දෙකක් (Upper Mid Range Note Devices සඳහා Major Android Update තුනක් බලාපොරොත්තු විය හැකියි) සහ MIUI Updates හතරක්.Xiaomi Lite Series (Xiaomi 11 Liteවලට පසුව නිකුත් වු) - Major Android Updates 2 (3 ක් වෙන්න පුළුවන් සමහර Upper Mid Range Category එකේ devices වල) සහ MIUI Updates හතරක්.Xiaomi Series (Xiaomi 10 සහ ඊට පසුව නිකුත් වු) - Major Android Updates තුනක් සහ MIUI Updates හතරක් හෝ පහක්.Xiaomi T Series - Major Android Update තුනක් සහ MIUI Updates හතරක් හෝ පහක්.POCO C Series - Major Android Updates දෙකක් සහ MIUI Updates තුනක්POCO M සහ X Series - Major Android Updates දෙකක් හෝ සමහර Upper Mid Range Devices සඳහා Major Android Updates තුනක් සහ MIUI Updates හතරක්.POCO F Series - Major Android Updates දෙකක් හෝ සමහර Upper Mid Range Devices සඳහා Major Android Updates තුනක් සහ MIUI Updates හතරක්.මේ අනුව Budget සහ Midrange Devices සඳහා මීට පෙර Major Android Update එකක් සහ MIUI Updates තුනක් පමණ ලැබුණ අතර මේ නවතම Update Policy එකත් සමඟ Major Android Updates දෙකක් සහ MIUI Updates තුනක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ අනුව Redmi Note 10 Pro Device එක සඳහා මේ වෙන විට Android 12 සහ Android 13 කියන Major Android Updates දෙක ලැබිලා තිබෙන අතරම MIUI 12.5, 13 සහ 14 කියන MIUI Updates තුනත් මේ වෙන විට ලැබිලා තිබෙනවා. අලුත් Update Policy එකට අනුව මේ Device එක සඳහා ඉදිරියේදි MIUI 15 Update එක ලැබීමට නියමිත අතර ඉන් පසුව ඒ සඳහා software සහාය අවසන් වෙනවා.Xiaomi Flagship Devices පිළිබඳව සැලකීමේදී Major Android Update දෙකක් සහ MIUI Updates තුනක් මීට පෙර ලැබුණ අතර මේ නව Update Policy එකට අනුව Major Android Updates තුනක් සහ MIUI Update තුනක් හෝ හතරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ අනුව Xiaomi 10 Device එක සඳහා දැනටමත් Android 11, 12 සහ 13 කියන Major Android Updates තුනම ලැබි අවසන් අතර MIUI 12, 12.5, 13 සහ 14 කියන MIUI Updates හතරත් දැනට Xiaomi 10 Device එක සඳහා ලැබි අවසන් වෙන අතරම බොහෝ විට මේ සඳහා Bonus Update එකක් විදිහට, එනම් පස්වෙන MIUI Update එක ලෙස MIUI 15 ලැබේවි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්.ඉතින් මේ තොරතුරුත් එක්ක ඔයාලටම දැන් පැහැදිලි වෙනවා ඇති Xiaomi කියන්නේ තමන්ගේ Smart Phones සඳහා ඉතා ඉක්මනින්ම Software සහාය අවසන් කරන Smart Phone Brand එකක් නෙවෙයි කියන එක.Sources:www.youtube.com
2021 අවසාන කාර්තු​වේ වෙළඳපලේ වැඩිම ජංගම දුරකතන ගණන​ක් විකුණූ සමාගම බවට Apple සමාග​ම පත්​වේ
ජංගම දුරකතන වෙළඳපලේ 2021 වර්ෂයේ අවසාන කාර්තුවේදී ලොව වැඩියෙන්ම ජංගම දුරකතන අලෙවි කල දුරකතන නිෂ්පාදන සමාගම ලෙස Apple සමාගම පත්ව තිබෙනවා. එම වසරේ තෙවන කාර්තුවේදී දෙවන ස්ථානය හිමි කරගෙන සිටි Apple සමාගම, එවර පළමු ස්ථානයට පත්ව තිබූ Samsung සමාගම පසු කරමින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මේ සඳහා හේතු වී තිබෙන්නේ iPhone 13 මාදිලියේ ජංගම දුරකතන වලට ඇති වූ අධික ඉල්ලුමත් සමඟයි.Apple සමාගම මෙවැනි විකුණුම් වාර්තාවක් ලබා ගැනීමට සමත් වූයේ ලොව පුරාම පවතින චි හිඟය අතරතුරෙදී වීමත් විශේෂත්වයක්වනවා. මෙම චිප්සෙට් හිඟය අනෙකුත් දුරකතන නිෂ්පාදකයන්ටද දැඩිව බලපා ඇත. ඒ කෙසේ වුනත් එම අභියෝගයට සාර්ථකව මුහුණු දෙමින් Apple සමාගම තම විකුණුම් අගය ඉහල නංවා ගැනීමට සමත් වීම නම් විෂමයක් බව වෙළඳ පල විශෙලේෂකයන් ප්‍රකාශ කර සිටිනවා.2021 වර්ෂයේ පළමු, දෙවන සහ තෙවන කාර්තු වල ප්‍රථම ස්ථානය රැක ගැනීමට සමත් වූ Samsung සමාගම මෙවර දෙවන ස්ථානයට පත් වූවත් එය ඉතාමත් සුළු ප්‍රතිශතයකින් සිදු වූවක් බව වාර්තාවට අනුව දැක්වෙනවා. 2020 වර්ෂයේදීද අවසාන කාර්තුවේදී Apple සමාගම Samsung සමාගම අභිබවමින් ඉදිරියට පැමිණි අතර එහිදී සමාගම දෙක අතර ප්‍රතිශතාත්මක වෙනස 6%ක් පමණ වුවත් මෙවර එය 2% වැනි සුළු අගයක් වී ඇත. සෑම වසරකම අවසාන කාර්තුවේදී Apple සමාගම මේ ආකාරයට පළමු ස්ථානයට පත් වන්නේ සැප්තැම්බර් මාසයේදී එලිදක්වන ඔවුන්ගෙ නවතම ජංගම දුරකතන මාදිලිය නිසා වන අතර ඉන්පසුව නැවතත් ඔවුන් සුපුරුදු පරිදි තම අඩිය පිටුපසට තබනු ලබනවා.කෙසේ වෙතත් 2020 අවසාන කාර්තුවේදී Xiaomi, Oppo සහ Vivo සමාගම ලබාගෙන තිබූ වෙළඳපල කොටස ඉක්මවා යෑමට එම සමාගම් සමත් වී ඇති අතර Oppo සහ Vivo සමාගම 1% බැගින් තම වෙලඳපල කොටස අහිමි කරගෙන තිබෙනවා. නමුත් ඔවුන් තවමත් ලොව වැඩිම දුරකතන අලෙවි කල සමාගම් වල ලැයිස්තුවේ ප්‍රථම ස්ථාන 5 අතර රැදී සිටීමට සමත්ව තිබෙනවා.?විශ්ලේෂකයන්ට අනුව 2022 වර්ෂයේ මැද භාගය වන තුරුම චිප් හිඟය පවතිනු ඇතැයි වාර්තා වනවා.Source:Canalys
Perseverance Rover ගවේෂණ යානය අඟහරු මතට සාර්ථකව ගොඩබසී
මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි තාරකා විද්‍යා සංගමයේ සාමාජික සවන් වංසජ මාපලගම සොයුරා විසින් ලියැවුණකි.අතීතයේදී අඟහරු ග්‍රහයා මත ජීවයක් පැවතුනාද යන්න පිළිබඳව සොයා බැලීම මූලිකවම අරමුණු කරගනිමින්, පසුගිය වසරේ (2020) ජූලි මස 30 වන දින "Perseverance" රෝවරය ඇතුළත් Atlas V 541 රොකට්ටුව අඟහරු ග්‍රහයා බලා පිටත් වූණා.දින 203 ට ආසන්න පියාසර කාලයක් පුරා සැතපුම් මිලියන 230ක් පමණ ගමන් කිරීමෙන් පසුව එය 2021 පෙබරවාරි මස 18 දින සවස 3.55 ට (ශ්‍රී ලංකා වෙලාවෙන් 2021 පෙබරවාරි 19 දින අලුයම 2ට පමණ) "Perseverance" රෝවරය අඟහරු ග්‍රහයාගේ "Jezero" ආවාටය මතට සාර්ථකව ගොඩ බැස්ස බව නාසා ආයතනය මගින් තහවුරු කලා. ඒ වගේම මේ අවස්ථාව සජීවීව දැකබලා ගැනීමටත් ඔවුන් කටයුතු සලාසා දී තිබුනා. ඒවගේම ගොඩ බැස්ස මොහොතේම අඟහරු ග්‍රහයා මත ලබාගත් ඡායා රූප කිහිපයක් නාසා ආයතනයට එවා තිබුනා.මෙම රෝවරය මගින් අඟහරු මතදී ලබා ගත් මුල්ම ඡායාරූප කිහිපයක්.අඟහරු ග්‍රහයා වෙත මින් පෙර අවස්ථා 4කදී විවිධ යානා යවා තිබෙන අතර, මෙය එහි ගොඩබසින පස්වන යානයයි. මෙහි විශේෂත්වය නම් රෝවරය ගොඩ බැසීමේදී යොදාගත් ස්‍වයං දත්ත විශ්ලේෂක තාක්ෂණය. ඒ මගින් රෝවරය ගොඩ බැසීමට ප්‍රථම ඒ අවට පරිසරය ගැන දත්ත විශ්ලේෂණයෙන් ගොඩ බෑමට නියමිතම ස්ථනයට ගමන් කිරීමට හැකිවෙන පරිදි සකසා තිබුනා. (මින් පෙර යැවූ යානා බොහෝමයක් ගොඩ බැසීමට බලාපොරොත්තු වූ ස්ථානයට වඩා කිලෝමීටර ගණනින් ඈතින් වූ ස්ථාන වලට ගමන් කර තිබුනි)තාක්ෂණය අතින් දියුණුම තත්වයේ පවතින මෙහි එක් විශේෂත්වයක් නම් වෙනත් ග්‍රහලෝකයක් වෙතට හෙලිකොප්ටරයක් රැගෙන ගිය ප්‍රථම යානය මෙයයි. එම හෙලිකොප්ටරය නම් කර තිබෙන්නේ Ingenuity ලෙසින්. ප්‍රමාණයෙන් ඉතා කුඩා වන මෙහි ස්කන්ධය කිලෝග්‍රෑම් 1.8 ක් පමණ වන අතර මීටර 1.2 ක් දිග කාබන් ෆයිබර් වලින් සෑදුන අවර පෙති දෙකකින් යුක්තයි. අඟහරු මත වායු ඝනත්වය ඉතා අඩු නිසා ඊට එරෙහිව ක්‍රීයා කිරීමට සුදුසු වන පරිදි අඩු ස්කන්ධයකින් සහ වේගවත් රොටරයකින් සමන්විත වනවා.මීට පෙර යවූ යානාවල නොතිබුනු තවත් විශේෂ අංගයක් මෙහි ඇතුලත් කර තිබුනා. ඒ තමා ග්‍රහලෝකයක් මත ඇසෙන ශබ්ද පටිගත කල හැකි උපාංගයක් මෙම රෝවරයට සවි කර තිබුනා. එමගින් අඟහරු මත ඇසෙන ශබ්ද පටිගත කර අපවෙත එවීමටත් නියමිතයි.රෝවරය ගොඩ බැස්සවීමට Jezero ආවාටයම තෝරාගත්තේ ඇයිද යන්න ගැන ඔබට ප්‍රශ්නයක් තිබෙන්නට පුලුවන්. ඊට හේතුව තමා මෙම ආවාටයේ අතීතයේ ජලය පිරී තිබූ බව විද්‍යාඥයන් සැක කිරීමයි. එහි දෙපසකින් ජලය රැගෙන ඒමට සහ ඉවතට ගලා යාමට හැකි පරිද්දෙන් සැකසුනු අගල් දෙකක් දක්නට ලැබෙනවා. මෙහි ඉහළ ප්‍රදේශයේ ඩෙල්ටාවක් බඳු ස්ථානයක් තෝරා එම ස්ථානයටයි රෝවරය ගොඩ බැස්සේ. ඩෙල්ටාව තෝරා ගැනීමට ප්‍රධානම හේතුව නම්, ජලය පැවතුනා නම් මෙම ඩෙල්ටාව බඳු ස්ථානයේ අතීත ජීවයටන්ට අදාල වන සාධක බොහෝ ප්‍රමාණයක් රැඳී තිබෙන නිසායි.Jezaro ආවාටයJezero ආවාටය තුල තිබෙන ඩෙල්ටාව, සහා ජලය ගෙන ආවා යැයි සැක කරන අගල.මෙය අඟහරු මත තිබෙන පාෂාණ සහ පස් සාම්පල ලබාගෙන වැඩිදුර විශ්ලේෂණය සඳහා ඉදිරි දශකය තුලදී පෘථිවියට එවීමටත් නියමිතයි. සියල්ලම නියමිත පරිදි සිදුවන්නේ නම් එම සාම්පල 2031 වන විට පෘථිවිය වෙතට පැමිනෙනු ඇති.මෙම යානව ඉදිරි වසර දෙකක් පුරා අඟහරු මත ගවේෂණය කරමින් ඡායාරූප, අඟහරු මත ශබ්දයන් වැනි තොරතුරුද ඇතුලුව බොහෝ දේ ලබා දීමට සූදානමින් සිටිනවා.සවන් වංසජ මාපලගමආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය
iPhone SE 3 (2022) එලිදැක්වීම නුදුරේදීම සිදු වන බවට තොරතුරු වාර්තා ​වේ
Apple සමාගම විසින් මිලග වසරේ මුල් කාර්තුවේ දි ඔවුන්ගේ iPhone SE Series එකේ 3rd Generation එක, නැතිනම් iPhone SE 2022 නිකුත් කිරිමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.එමෙන්ම ඔබට මතක ඇති අපි මිට පෙර ඔබ වෙත තොරතුරු ගෙන ආවා මේiPhone SE 2022 මගින් Android පරිශීලකයින් බිලියනයක පමණ ප්‍රමාණයක් Apple Ecosystem එක වෙත ඇද ගනු ඇතැයිමේ වෙන විටත් විශ්ලේෂණය කර ඇති බව. ඒ වගේම වාර්තා වෙන තොරතුරුවලට අනුව iPhone SE 2022 Apple සමාගමේ වඩාත්ම දැරිය හැකි 5G Smart Phone එක වෙනු ඇති බව කියන්න පුළුවන්.Designනිකුත් විමට නියමිත මේ iPhone SE 2022 Device එක 2020 වසරේ නිකුත් වුණ 2nd Generation iPhone SE Device එකේ ආකාරයම වෙනු ඇතැයි මත පළවෙන අතර මෙය iPhone 8 හි Design එකෙන් යුතුව අගල් 4.7ක ප්‍රමාණයේ Display එකකින් සමන්විත වෙනු ඇත. එමෙන්ම Touch ID පහසුකම සහිත Home Button එකෙන් යුතුව Starlight හා Midnight Color Variantsවලින් යුතුව වෙළෙඳපොළ සදහා නිකුත් වෙනු ඇතැයි මත පළ වෙනවා.Processor & StorageiPhone SE 2022 සදහා iPhone 13 Series එකේ භාවිත වු A15 Bionic Chipset එක යොදා ගනු ඇති අතර iPhone 13 Series එකත් 128GB ආරම්භක Storage Option එකෙන් යුතුව නිකුත් වු බැවින් මෙයත් බොහෝ විට 128GB හා 256GB Storage Optionsවලින් යුතුව නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.CameraiPhone 8 ට සමාන Design එකකින් නිර්මාණය වෙන බැවින් මේ සදහා එක් Main Camera Sensor එකක් පමණක් අඩංගු විම සිදු වෙනවා. මේ සදහා ලබා දෙන Main Camera Sensor එක බොහෝ විට iPhone 12 Series එක සදහා ලබා දුන් Main Camera Sensor එකට සමාන Sensor එකක් ලබා දෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුළුවන්. මිට අමතරව portrait Mode, Night Mode හා Cinematic Mode ආදි Features මේ iPhone SE 2022හි Camera Setup එක සදහා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.5G ConnectivityApple සමාගමේ මේ 3rd Generation iPhone SE 2022 සදහා වැඩි අවධානය යොමු විමට හේතුව වෙන්නේ මේ සදහා 5G Connectivity එක ලබා දිමයි. ඒ අනුව මෙය Apple සමගම විසින් නිකුත් කරන පළමු 5G Flagship Killer Smart Phone එක ලෙස හදුන්වා දෙන්න පුළුවන්.දැනට පවතින තොරතුරුවලට අනුව මේ iPhone SE 2022 Device එක මිලග වසර, එනම් 2022 පළමු කාර්තුවේ දි නිකුත් විමට නියමිතව පවතිනවා. එනම් බොහෝ විට මිලග වසර මාර්තු මාසයේදි පමණයි. ඒ වගේම මෙහි මිල බොහෝ විට ඩොලර් 399ක ආසන්නයේ පැවතිය හැකි අතර 5G Connectivity එකත් සමග මිල යම් තරමක් වෙනස් විය හැකි වෙනු ඇතැයි ද මත පළ වෙනවා.Cover image එකේ ඇති ඡායාරූපය iPhone SE 3හි තහවුරු ක​ල ඡායාරූපයක් නොවන අතර එය අන්තර්ජාලයෙන් ලබා ගත් රූපයක් බවට කරුනාවෙන් සලකන්න.Source :9to5 Mac
ඇමරිකානු සම්බාධක වලට මුහුණදීමට Huawei සමාගම තමන්ගේම chipset නිෂ්පාදනාගාරයක් ඇරඹීමට සූදානම් වේ
Huawei සමාගමට 2020 වර්ෂය කියන්නේ ඒ තරම්ම හොඳ වර්ෂයක් නෙවෙයි. 2019න් ඇමරිකාව පටං ගත්තු ආර්ථික සම්බාධක Huawei සමාගමට දැඩි ලෙස දැනෙන්න ගත්තු වර්ෂයක් ලෙස 2020 හඳුන්වන්න පුළුවන්. එයට හොඳම උදාහරණ විදිහට අපි ගෙන ආපු ලිපි කිහිපයක් පෙන්නන්න පුළුවන්.එක්සත් ජනපද සම්බාධක හමුවේ Huawei ජංගම දුරකථන සඳහා වන processor chip වල හිඟයක්Huawei සමාගමට ඇති ඇමරිකානු සම්බාධක පුළුල් වීමත් සමඟ Kirin chipset නිපදවීම සැප්තැම්බර් 15 වනදායින් නිමාවේබ්‍රිතාන්‍යය රජය විසින් 5G networks වලින් Huawei සමාගම ඉවත්කිරීම තහවුරු කරයිඇමරිකානු තාවකාලික වෙලඳ බලපත්‍රය කල් ඉකුත් වීමෙන් Huawei ජංගම දුරකථන සඳහා ඉදිරියේදී Android updates නොලැබීමේ අවධානමක්මේ වෙනකොට Huawei සමාගමට තමන්ගේ Kirin chipset එක සහ අනෙකුත් උපාංග වලට අවශ්‍ය කෙරෙන chipset නිපදවා ගැනීමට ඇති බාධාවන් නිසා විශාල අර්බුදයකට පත්ව සිටින අවස්ථාවකදී Huawei සමාගම තමන්ගේම chipset නිපදවීමේ කර්මාන්ත ශාලාවක් නිපදවීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබෙන්නේ චීනයේ ෂැංහයි ප්‍රදේශයයි.මේ පිළිබඳව වාර්තා කරනFinancial Timesහි වාර්ථාවටඅනුව Huawei සමාගම මුලින්ම මෙහි නිපදවීමට සැරසෙන්නේ 45nm process node එක යටතේ නිපදවෙන chipset වන අතර 2021 වර්ෂයේ අවසානය වන විට එය 28nm process node එක දක්වා වර්ධනය කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. 2022 අවසාන භාගය වන විට 20nm process node එකේ chipset නිපදවීම දක්වා තම කර්මාන්තශාලාව සවර්ධනය කිරීමට Huawei සමාගම බලාපොරොත්තු වන බව එම වාර්තාවේ තව දුරටත් සඳහන් වේ.මේ වන විට ලෝකයේ 5nm process node එකේ chipset නිපදවද්දී Huawei සමාගම විසින් මෙවැනි අඩු අගයක් පවතින chipset නිපදවීම සඳහා පෙළඹෙන්නේ ඇයිදැයි ඔබට ප්‍රශ්නයක් එන්නට පුළුවන. නම්ත් මෙම chipset නිපදවීම සිදු කරන්නේ ජංගම දුරකතන වලට නොවන අතර, මෙම කර්මාන්තශාලාව හරහා මූලික වශයෙන් chipset නිපදවීම සිදු කරන්නේ Huawei සමාගමේ IoT උපකරණ සඳහාය. මේ පිලිබඳව Financial Timesහි වාර්තාවේ පහත පරිදි සඳහන් වී ඇත.The planned new production line will not help with the smartphone business since chipsets needed for smartphones need to be produced at more advanced technology nodes,But if it succeeds, it can become a bridge to a sustainable future for their infrastructure business, in combination with the inventory they have built and which should last for two years or so,Financial Times වෙත ප්‍රකාශය ලබා දී ඇති ආකරයට Huawei සමාගම පැරණි තාක්ෂණය භාවිතා කරමින් තව Kirin chipset නිපදවීම සිදු නොකරන අතර, එම පැරණි තාක්ෂණය උපයෝගි කරගෙන Kirin වැනි බලවත් chipset එකක් නිපදවීමට නොහැකිය. Huawei සමාගම විසින් නිපදවූ නවතම flagship processor එක වන Kirin 9000 එක නිපදවීමට භාවිතා කර ඇත්තේ 5nm process node එකයි.ඊට අමතරව මේ වන විට වෙළඳපලේ තරඟකාරීව තම processors නිපදවන Qualcomm, Samsung, MediaTek සහ අනෙකුත් chipset නිෂ්පාදකයන් 5nm භාවිතා කරමින් smartphones සඳහා chipset නිපදවීම සිදු කරන අතර වාරයේ Huawei සමාගමට 28nm වැනි process node එකක් භාවිතා කර ජංගම දුරකතන සඳහා processors නිපදවීමෙන් වෙළඳපල තරඟකාරීත්වයට එකතු වීමට නොහැකිය.5G telecom උපාංග සඳහාද හාවිතා වන්නේ 14nm සහ ඊට වැඩි තාක්ෂණයකින් නිපදවෙන chipset අතර Hong Kongහි සිටින Semiconductor analyst කෙනෙක් වන Mark Liට අනුව 28nm process node එක හරහා නිපදවන chips හරහා Huawei සමාගම තම IoT උපාංග සහ Smart TV බලගන්වනු ඇත.Huawei සමාගමේ HiSilicon Kirin වර්ගයේ chipset නිපදවූ TSCM සමාගමට ඇමරිකා එක්සත් ජනපදයෙන් ආ පීඩනය සහ බලපෑම් හමුවේ Kirin වර්ගයේ chipset නිපදවීම අත්හිටුවීමට සිදුවූ අතරHuawei සමාගම මේ වන විට Kirin chipset නිපදවීමට අදාලව ඇණවුම් නිකුත් කිරීම නවත්වා ඇත.Sources:Financial Times,C|Net
Redmi Note 11 මාදිලියේ ජංගම දුරකතන සඳ​හා 120W fast charging සහය හිමිවන බවට තොරතුරු වාර්තා වේ
පසුගිය දිනකදීXiaomi සමාගමේ Redmi Note Lineup එකේ නවතම සාමාජිකයින් ලෙස නිකුත් විමට නියමිත Redmi Note 11 Series එකපිළිබඳ අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා. ඒ වගේම මේ වෙන විටRedmi Note 11 Series එක සදහා Samsung AMOLED Displayයොදා ගන්නා බවටත් ඔවුන් ඔවුන්ගේ නිල Weibo ගිණුම මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.මේ Redmi Note 11 Series එක සදහා ඔවුන්ගේ Note Lineup එකේ ප්‍රථම වතාවට 120W Fast Charging පහසුකම ලබා දිමට සුදානමින් සිටින බවත් වාර්තා වෙනවා.ඒ අනුව Redmi Note 11 Series එක 120W Rapid Charging සදහා සහය දක්වනු ලබන අතර මෙය Xiaomi සමාගමේ සැනට පවතින වේගවත්ම Charging Technology එකත් වෙනවා. එමෙන්ම මේ 120W Rapid Charging Technology එක ඔවුන් විසින් මෙතෙක් ලබා දෙනු ලැබුවේ ඔවුන්ගේ Flagship Devices සදහා පමණක් වෙනවා.Redmi Note 11 Series එක යටතේ Note 11, Note 11 Pro හා Note 11 Pro+ ලෙස Devices තුනක් නිකුත් විමට නියමිතව පවතින අතර මින් Note 11 Pro+ Smart Phone එක සදහා පමණක් මේ 120W Fast Charging පහසුකම ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම Redmi Note 11 හා Note 11 Pro Smart Phones සදහා ඔවුන්ගේ 67W Fast Charging පහසුකම ලබා දෙනු ඇත.Source:Gizmochina
Microsoft සමාගම Linux සඳහා Edge Browser හි Stable Version එක ලබා දෙයි
Microsoft සමාගම විසින් Linux මෙහෙයුම් පද්ධති සඳහා ඔවුන්ගේ Edge Browser හි Stable Version එක ලබා දී ඇත. Linux සඳහා Edge Browser එකේ Preview Versions අවුරුද්දකටත් වැඩි කාලයක් ලබා ගත හැකිව තිබුණත් දැන් Microsoft Edge Officially Linux සඳහා නිකුත් කර ඇති නිසා සම්පුර්ණයෙන්ම Linux වලට Edge Browser එක Support කරනු ඇත.බොහෝ විට Linux භාවිතා කරන ඔබ දැනටමත් Chrome හෝ Firefox භාවිත කරනු ඇත. නමුත් Edge යනු Chrome සම්පුර්ණයෙන්ම සහය නොදක්වන Linux Distros මත ක්‍රියා කළ හැකි තවත් Browser එකක් ලෙස හැඳින්විය හැක. Tracking සහ Cookies Limit කිරීම සඳහා Microsoft විසින් Edge සඳහා  Privacy Features ගණනාවක් එක් කර ඇති අතර, Edge හි Linux Version එකට, Windows සහ macOS වල දී ලබා දී ඇති බොහෝ Features ලබා දී අතර, ඉදිරියේදී මෙම version සියල්ලම එකම ආකාරයක් ගනු ඇති.ඔබ තවමත් Edge Browser එකේ Preview Builds භාවිත කරන්නේ නම්sudo apt install microsoft-edge-stableCommand Line එක භාවිත කරමින් Stable Version එක Install කරගත හැක. නැතිනම් Microsoft Website එකෙන් ඔබට Microsoft EdgeDownloadකරගත හැක.Source:The Verge
Virtual Machine එකක් කියන්නෙ මොකක්​ද?
මොකක්ද virtual machine (VM) එකක් කියන්නෙ?Virtual Machine ( සිංහලෙන් කිව්වොත් “අතථ්‍ය යන්ත්‍රයක්‌” ) කියන්නෙ අපේ Computer එකේ හරි Laptop එකේ හරි අපි පාවිච්චි කරන Operating System එකට ( Windows හෝ Linux ) අමතරව Virtual Machine Software එකක් මගින් Computer එකේ හෝ Laptop එකේ තව OS එකක් භාවිත කරන්න දෙන එක. මේක හරියට අපේ Pc එක ඇතුලේ තව Pc එකක් නිර්මාණය කරනවා වගේ වැඩක් කියලත් කියන්න පුළුවන්.අපිට මේකටOracle virtualbox,VMwareවගේ Software එකක් පාවිච්චි කරන්න පුළුවන්.Ubuntu OS එක රන් වෙන virtual machine එකක්එතකොට කොහොමද මේ VM එකක් වැඩ කරන්නේ?අපේ Pc එකේ තියෙන OS (Host OS) එකේ Install කරලා තියෙන Virtual Machine Software එක මගින් අපේ Pc එකේ Virtually RAM එකක්, Processor එකක්, Hard Disk එකක් නිර්මාණය කරනවා. ( Virtual Hard Disk එක විදිහට පාවිච්චි වෙන්නේ අපේ Original Hard Disk එකේ නිර්මාණය වෙන File එකක් ) ඒ Resources උඩ අපි ඉන්ස්ටෝල් කරන OS එක (Guest OS) ක්‍රියාත්මක වෙනවා. මේක Host OS එක පැත්තෙන් බැලුවම එක Software එකක් හරි File එකක් හරි විතරයි.Virtual machine එකක් ක්‍රියාකරන ආකාරයWindows 10,11 වල in-built Virtual machine එකක්?Windows sandbox logoඔව්, 'Windows Sandbox' කියලා හදුන්වන Feature ඒක Windows 10 වල Professional, Enterprise සහ Education Editions ( Home Edition එකේ ඇතුලත් නොවේ ) වල මුලින්ම බලාගන්න පුළුවන් වුවා. මේ Feature එක Windows 11 වලත් Professional, Enterprise සහ Education Editions ( Home Edition එකේ ඇතුලත් නොවේ ) වලත් බලාගන්න පුළුවන්. මේ Feature එක හරහා ඔයාගේ දැනට තියෙන OS එකේම Virtual Machine එකක් ක්‍රියාත්මක වෙන අතර මේ මගින් වෙන කිසිම Software එකක් නැතිව Virtual Machine එකක් පාවිච්චි කරන්න පුළුවන්. ( එකට අවශ්‍ය System Eequirements ගැනයි එක Enable කරන විදිය ඊලග ලිපියෙන් අපි බලමු)Virtual machine එකක් use කරාම අපිට තියෙන වාසිතවත් OS එකක් Use කරන්න පුළුවන් (Windows නම් Use කරන්නේ ඉට අමතරව Linux භාවිත කරන්නත් පුළුවන්)Virus එකක් තියෙන File එකක් Test කරන්න පුළුවන්.සැක හිතෙන E Mail හෝ File එකක් වැනි දේවල් Open කරන්න.RUN කරන්න බැරි sSoftware RUN කරන්න.Virtual OS එකට Malware එකකින් හානියක් වුනත් pc එකේ තියෙන OS (Host OS) එකට හානියක් නොවීම.Virtual machine එකක් use කරාම අපිට තියෙන අවාසිPhysical Machine එකක තියෙන OS එකක් තරම් වේගවත් නොවීම.Virtual OS ගොඩක් එකවර පාවිච්චි කරාම Pc එකේ Performance අඩු වීම.කාර්යක්ෂමතාව අඩු වීම.Host OS එක දුර්වල නම් Virtual OS වල ආරක්ෂාවට ගැටළුවක් වීම.Virtual Machine එකක් කියන්නෙ මොකක්ද , කොහොමද එක වැඩ කරන්නේ කියන එකයි, එකේ තියෙන වාසි සහ අවාසි ගැනයි තමා මේ සරලව, පැහැදිලිව පෙන්වලා දුන්නේ. ඔයාලටත් Virus එකක් තියෙන File එකක් Test කරගන්න, සැක හිතෙන E mail හෝ File එකක් Open කරන්න වගේ දෙයක් තියෙනව නම් අවධානමක් ගන්නේ නැතිව VM එකක් පාවිච්චි කරගෙන කරලා බලන්න.Windows Sandbox එකට අවශ්‍ය System Requirements ගැනයි, එක Enable කරන විදිය ඊලග ලිපියෙන් අරගෙන එන්නම්. එතෙක් Android වැඩකාරයෝ සමග දිගටම රැදී සිටින්න.
ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන Airplane Mode එක සඳහා Patent බලපත්‍රය ලබා ගැනීමට Google සමාගම සමත් වෙයි
Android වැඩකාරයෝ අපිත් සමඟ නිතරම රැදී සිටින ඔබට මතක අති මීට පෙර අප විසින්Airplane Mode එක කියන්නේ මොකක්දකියලා ලිපියක් ඔබ වෙත ගෙන ආ බව. ඒ වගේම ඔබ හොදින්ම දන්නවා මේ Mode එක අප විසින් On හෝ Off කළ යුතු බවත්.Google සමාගම විසින් මේ Airplane Mode එකට සම්බන්ධව ලබා ගෙන ඇති Patent බලපත්‍රයක් පිළිබඳව මේ වන විට තොරතුරු අන්තර්ජාලය තුළ පළ වෙමින් තිබෙන අතර ඒ අනුව ඔවුන් විසින් මෙලෙස අප විසින් Manually මේ Airplane Mode එක On හෝ Off කිරිම වෙනුවට Automatically මේ Mode එක On සහ Off වන ආකාරයෙන් නව විශේෂාංගයක් ජංගම දුරකථන සඳහා හදුන්වා දීමට සුදානමින් සිටිනවා.ඒ අනුව මේ විශේෂාංගය “Connect Flight Mode" නමින් හැදින්වෙන අතර මෙය Smartphones සඳහා පමණක් නොව Tablets සහ Laptops සඳහාත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.මේ Connect Flight Mode විශේෂාංගය ඔස්සේ ඔබගේ Device එක සඳහා ඔබ ගුවන් යානයක් තුළ සිටිනවා ද යන්න හඳුනා ගැනිමේ හැකියාව ලැබෙන අතර ඒ ඔස්සේ Airplane Mode එක Automatically On හෝ Off වීම සිදු වනු ලබනවා.Triggers of connected flight mode │Image: Parkifly.ltමේ විශේෂාංගය Airplane Mode එක On හෝ Off කිරීමට පමණක් සීමා වන්නේ නැති අතර මේ ඔස්සේ වෙනත් Wi-Fi සහ Bluetooth Features සක්‍රීය කර ගැනිමේ හැකියාව ලැබෙනවා. එනම් සාමාන්‍යයෙන් Airplane Mode එක On කළ පසු Cellular Network Disconnect වීමට සමගාමීව Wi-Fi සහ Bluetooth Connections ද Disconnect වනු ලබනවා. නමුත් මේ ඔස්සේ Device එක⁣ට ගුවන්යානා තුළ ලබා දෙන Wi-Fi පහසුකම සඳහා Connect වීමේ හැකියාව Automatically ලබා දෙනවා. ඒ වගේම මෙම Wi-Fi Connection එක ඔස්සේ සාමාන්‍ය Internet Speed එකක් ලැබෙන අතර එම වේගය සමඟ Automatic backups, Background app refreshes සහ Updates ආදිය අක්‍රීය කර වඩාත් හොද Internet Speed එකක් ලබා ගැනිමේ හැකියාව ලබා දෙනවා.කෙසේ වෙතත් තවමත් මෙය Patent බලපත්‍රයක් පිළිබඳව පමණක් පුවතක් වන නිසා ඉතා ඉක්මනින්ම මේ විශේෂාංග නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි අතර සමහර විට මෙම විශේෂාංගය යොදා නොගෙනීමට ද ඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් මේ විශේෂාංගය හෝ මේහා සමාන වෙනත් විශේෂාංගයක් Smartphones සඳහා ලබා දිය හැකි නම් එය ගුවන් ගමන්වලදී මහත් පහසුවක් වන බව නිසකයි.Sources:patentscope.wipo.intandroidauthority.com
Apple සමාගමේ WWDC 2023 එළඹෙන ජුනි 05 පැවැත්වීමට සියල්ල සූදාන​ම්
Apple සමාගම විසින් මේ වසරේදී පැවැත්වීමට නියමිත පළමු WWDC Keynote Event එක එළඹෙන ජුනි මස 05 වන දින Apple Park හිදි පැවැත්වීමට නියමිත බව ඔබ මේ වන විටත් දන්නවා ඇති.Apple සමාගමේ නවතම තාක්ෂණික මෙවලම් හා තාක්ෂණයන් පිළිබඳව තොරතුරු නිකුත් කිරීම සඳහා වන මේ Event එකේ in Depth Session එක ජුනි 6 සිට ජුනි 9 දක්වාත් පැවැත්වීමට නියමිතයි. මේ කාළ සිමාව තුළ Developersලා සඳහා in Depth Session Video 175ක් පමණ සුදානම් කර තිබෙන අතරම Developersලා සඳහා මීලග පරම්පරාවේ Apps සහ Games නිෂ්පාදනය පිළිබඳවත් ඉගෙන ගැනිමට මේ Event එක ඔස්සේ අවස්ථාව උදා වනවා.මේ Event එකෙදී Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone, iPad, Apple TV, Apple Watch, සහ Mac සඳහා වන නවතම Operating System Update එක හඳුන්වා දෙනු ඇති අතර මීට අමතරව Mixed-reality Headset එකකුත් හඳුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මෙලෙස Mixed-reality Headset එකක් හඳුන්වා දුන්නොත් ඒ සඳහාත් Operating System එකක් හඳුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.iOS 17iPadOS 17watchOS 10macOS 14tvOS 17xrOSApple mixed reality glasses render – side view. Image source:Ian Zelboඒ වගේම මේ Apple OSවලට අමතරව බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටින Mixed-reality Headset එකත් බොහෝ දුරට මේ Event එකේදී එළිදැක්වීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. වාර්තා වන ආකාරයට මෙය ඩොලර් 3000ක පමණ මුදලකට හඳුන්වා දෙනු ඇතැයි දක්වන්න පුලුවන්.මීට අමතරව බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටින්නේ Apple Silicon Mac Pro සහ 15-inch MacBook Air එකත් මේ Event එකේදීම හඳුන්වා දෙනු ඇතැයි කියායි. කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් නිල වශයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවුවත් අන්තර්ජාල තුළ වාර්තා වන තොරතුරුවලට අනුව අපට මේවා පිළිබඳවත් යම්කිසි බලාපොරොත්තුවක් තබා ගත හැකි වනවා.ඔබටත් මේ Apple WWDC 2023 Keynote Event එකApple websiteඑක, Apple Developer app එක, Apple TV app එක සහ Apple සමාගමේ නිලYouTube channelඑක ඔස්සේත් නැරඹිමේ හැකියාව ලැබෙනවා.Sources:www.apple.combgr.com
ජාතික ඉන්ධන කාඩ්පත සඳහා (National Fuel Pass) ලියාපදිංචි වන්නේ සහ භාවිතා කරන්නේ මෙහෙම​යි
මහජනතාවට ඉන්ධන ක්‍රමවත්ව ලබාදීමට හදුන්වා දුන් වැඩපිලිවල තවත් ක්‍රමවත් කරමින් ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) මීට සුලු මොහාතකට පෙර නිල වශයෙන් එළිදැක්විම සිදු කරනු ලැබුවා.ඒ අනුව අද දිනයේදි මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) ලබා ගැනිම සදහා ඔබට ලියාපදිංචි විය හැකි වෙන අතර මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) ඔස්සේ ඉන්ධන ලබා ගත හැකි දිනය පිළිබඳ ඉදිරියේදී රජය විසින් නිවේදනය කරනු ඇත.මේ සදහා ඔබටමෙතනින්ලියාපදිංචි විය හැකි වෙනවා.‌‌මේ සදහා ජාතික හැදුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය ඔස්සේ ලියාපදිංචි විය හැකි අතර ජංගම දුරකථන අංකය ඔස්සේ එය සත්‍යාපනය කිරිමත් අවශ්‍ය වෙනවා.ඉන් පසු ඔබගේ නම, ලිපිනය, වාහන අංකය, චැසි අංකය සහ ඉන්ධන වර්ගය ආදිය ඇතුළත් කර ලියාපදිංචි විය හැකි වෙනවා. ලියාපදිංචි වු පසු ඔබේට අදාල QR කේතය ලබා ගත හැකි වෙනවා.ඔබ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කරනවා නම් මෙහි Screen Shot එකක් ලබා ගැනිමෙන් හෝ QR කේතය Download කර ගැනිමෙන් ලග තබා ගත හැකි වෙනවා. ඔබ සතුව ස්මාර්ට් ජංගම දුරකථන අංකයක් නොමැති නම් මෙහි මුද්‍රිත පිටපතක් ලග තබා ගත හැකි වෙනවා. ඉන්ධන ලබා ගැනිමේ ඉන්ධන පිරවුම්හලට මෙම QR කේතය ඉදිරිපත් කිරිම මගින් ඔබට අදලා දිනයේදි අදාල ඉන්ධන ප්‍රමාණය ලබා ගත හැකියි.පහත වීඩියෝ පටය මගින් ඔබට මේ සදහා ලියාපදිංචි වෙන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැක.මෙම වෙබ් අඩවියට පිවිසිම මගින් ඔබට ලබා ගත හැකි ඉන්ධන ප්‍රමාණය, එම ඉන්ධන ප්‍රමාණය කල් ඉකුත් වෙන දිනය සහ ඔබගේ ඉන්ධන ප්‍රමාණයෙන් ඉතිරි ප්‍රමාණය ආදිය දැන ගත හැකි වෙනවා.එමෙන්ම ඔබට අදාල ඉන්ධන ප්‍රමාණය සහ ඉතු​රු ඉන්ධන ප්‍රමාණය පහත ආකාරයෙන් බලා ගත හැකි වෙනවා. මේ සදහා FUEL<හිස්තැනක්>BAL<හිස්තැනක්>CAF<හිස්තැනක්>වාහන අංකය යොදා 0766220000 අංකය කෙටි පණිවිඩයක් යැවිය යුතු වෙනවා.ඔබට ඔබගේ QR කේතය ලබා ගැනිමට අවශ්‍ය නම් පහත ආකාරයෙන් ලබා ගත හැකි වෙනවා.ඔබ සතුව වාහන කිහිපයක් පවතී නම් ඔබ පවුලේ වෙනත් සාමාජිකයෙකුට මේ සදහා එම වාහනය සමගින් ලියාපදිංචි විය හැකි වෙනවා.එමෙන්ම මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) ඔස්සේ එක් සතියකට ලබා ගත හැකි ඉන්ධන ප්‍රමාණය එම සතිය තුල පමණක් ඔබට ලබා ගත හැකි දිනයේදී නිකුත් කරන අතර ඔබ ඉන්ධන ලබා නොගත් පසුගිය සතිවල ඉන්ධන නව සතියකදී ලබා දිමක් සිදු නොවනවා. එනම් ඔබට එම සතියට නියමිත ඉන්ධන ප්‍රමාණය ලබා ගත හැක්කේ එම සතියට ඔබට අදලා දිනයේදී පමණි.ඉන්ධන ලබා දීම සදහා වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම් අනුව සතියට දින දෙකක් ලබා දෙනු ලබනවා.මේ සදහා ලියාපදිංචි විමට හදිසි නොවි ඉදිරි දින කිහිපය තුල මේ සදහා ලියාපදිංචි වී, ඇති වෙන තාක්ෂණික ගැටලු මගහරවා ගැනිමට ක්‍රියා කරන ලෙසත් මෙම මාධ්‍ය සාකච්ඡාවේදි දක්වනු ලැබුවා.මෙය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ විසින් ශ්‍රී ලංකා සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ආයතනයේ තාක්ෂණික සහය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් වෙනවා.‌‌Sources:Department of Government Information - Sri Lanka
තව මාස 6කින් Neuralink Microchips මිනිස් මොළය සම​ඟ සම්බන්ධ කල හැකි බ​ව Elon Musk ප්‍රකාශ කර​යි
ඔබත් නවීන තාක්ෂණය පිළිබඳව වඩා උනන්දු පාඨකයෙක් නම් මීට පෙරNeuralink වැඩසටහනපිළිබඳව දැන තිබෙන්නට ඇති බව නොඅනුමානය. තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙකු වන Elon Musk විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාප්තිය පෘථිවිය තුළ වූ මානවයා විසින් තබන යෝධ පිම්මක් ලෙස අර්ථ දැක්වීම මා විසින් සඳහන් කිරීමේ වරදක් නැත. මන්දයත් අපහට පෙර නොවූවිරූ අන්දමේ තාක්ෂණික දියුණුවක් මෙමNeuralinkහරහා සිදුවන බව ලොව පුරා සිටින විද්වතුන්ගේ මතයයි.මෙමNeuralinkව්‍යාපෘතිය හරහා සිදුවන්නේ නව ස්නායු අතුරුමුහුණත් තාක්ෂණයක් නොහොත් Neural Interface Technology ගොඩනැගීමයි. මේ පිළිබඳව මීට වසර ගණනාවක සිටම Elon Musk ගේ මූලිකත්වයෙන් විවිධ ආකාරයේ පර්යේෂණ සිදුකළ අතර එහි සාර්ථකත්වය පසුගිය කාලය තුළදී පෙන්නුම් කිරීමට හැකි විය.මෙහි මූලික අදියරේ පර්යේෂණ සඳහා වඳුරන්, ඌරන් වැනි සත්ත්වයින් යොදාගෙන සිදුකළ පර්යේෂණ ප්‍රතිඵල වල සාර්ථකත්වය හේතුවෙන් ඉදිරි මාස 6ක කාලය තුළ Neuralink Microchips මිනිසාගේ මොළය හා සම්බන්ධ කිරීමට සූදානම් බව ඔහු විසින් සිය Twitter ගිණුම හරහා සඳහන් කර ඇත.We are now confident that the Neuralink device is ready for humans, so timing is a function of working through the FDA approval process— Elon Musk (@elonmusk)December 1, 2022Elon Musk විසින් පළකර තිබූ Twitter සටහනNeuralink විසින් මෙම ව්‍යාපෘතිය සඳහා නිර්මාණය කර ඇති ඉලෙක්ට්‍රෝඩ වලින් සමන්විත වන මෙම ඉතා කුඩා Microchip එක මිනිස් පුද්ගලයෙකුගේ හිස්කබලේ කැබැල්ලක් කපා මිනිස් මොළයට බද්ධ කිරීම සිදුකරයි. මෙලෙස ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා අවසර ලබාගැනීම උදෙසා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (US Food and Drug Administration/USFDA) සමග මේ වන විට සාකච්ඡා පවත්වන බව වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.Neuralink Microchipමෙලෙස සාර්ථකත්වයක් ලැබූ මෙම්  Neuralink ව්‍යාපෘතිය හරහා සිදුකිරීමට අදහස් කරනු ලබන තවත් ප්‍රධානතම ක්‍රියාවලීන් දෙකක් වන්නේ "මිනිසාගේ පෙනීම වැඩිදියුණු කිරීම සඳහා හෝ යථා තත්ත්වයට පත්කිරීම සඳහා අදහස් කෙරෙන අක්ෂි බද්ධ කිරීමක්"සහ "අංශභාග රෝග තත්ත්වයෙන් පෙළෙන රෝගියෙකුගේ කොඳුඇට පෙළ ආශ්‍රිතව සිදුකළ හැකි ක්‍රියාවලියක් ඔස්සේ රෝගියාට නැවත චලනය ලබාදීම"යන ක්‍රියාවලීන් වේ.මේ පිළීබඳව බොහෝ දෙනාගේ දැඩි විවේචන සහ විවිධ මත එල්ල වුවද ආ විසින් දැනගත යුතු ප්‍රධානතම කරුණක් වන්නේ මෙම Neuralink හා සමානවම පවතිනSynchron Inc.මගින් මිනිසාගේ මොළය හා විවිධ උපකරණ සම්බන්ධ කිරීම සිදුකර සාර්ථකත්වයක් අත්කරගෙන තිබීමයි. එම සමාගම මගින් මිනිස් මොළය සමග කුඩා Stent සමබන්ධ කිරීමට කටයුතු කර ඇති අතර එමගින් චලනය වීමට හෝ කතා කිරීමට අපහසු රෝගීන් සඳහා රැහැන් රහිතව පණිවුඩ හුවමාරු කිරීම සඳහා එමගින් අවස්ථාව සැලසේ.ඊට අමතරවOnward Inc.මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් කොඳුඇට පෙළ හා සම්බන්ධ ආබාධ පවතින රෝගීන් හට යම් ආකාරය චලනයන් සිදු කිරීම සඳහා ද මෙවැනිම උපකරණ සම්බන්ධ කිරීම මගින් අවස්ථාව උදා වී ඇත.  එලෙස විවිධ සමාගම් විසින් සිදුකර ඇති පර්යේෂණ සහ එහි ප්‍රතිඵල පිළිබඳව සැලකීමේ දී මෙම Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප හට ඉදිරියේදී බලාපොරොත්තුවක් තබාගත හැකි බව මාගේ අදහසයි. ඔබගේ අදහස් පහතින් සඳහන් කිරීමට හැකියාව ඇත.මේ ආකාරයට Neuralink හා සම්බන්ධව පවතින මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව නිරන්තරයෙන් ඔබ වෙත දැනුවත් කිරීමට අප සූදානම්. එම නිසා Android වැඩකාරයෝ වන අප සමග රැඳී සිටින්න.Sources:www.reuters.comSamsung Communitywww.bloomberg.comwww.euronews.com
Safari web browser එක පසු කරමි​න් ලොව දෙවනිය​ට ජනප්‍රියම web browser එක බවට පත් වීමට Microsoft Edge සූදානම් වේ
Web Analytics සේවාවක් වනStatscounterවෙබ් අඩවියට අනුව Most Popular Web Browser එක Chrome Web Browser එක වන අතර දෙවන ස්ථානයේ රැදී සිටි​න්​නේ Safari Web Browser එකයි.2021 ජනවාරි මාසයේ Safari Web Browser එකට තිබූ Market Share එක 10.38% වන අතර මේ වන විට එම අගය 9.84% දක්වා පහත බැස ඇති අතර Edge Web Browser එකට හිමි Market Share එක 9.54% වේ. ඒ අනුව Edge Web Browser එක Safari Web Browser එකට වඩා 0.3% පිටුපසින් සිටිනවා. පහතින් දැක්වෙන ප්‍රස්තාරය අනුව පෙනී යන්නෙ මේ වන විටත් Safari Web Browser එකට තවදුරටත් තම Market Share එක අහිමිවී යමින් තිබෙන බවයි.මේ අයුරින්ම Safari Web Browser එකෙහි Market Share එක අඩු වෙමින් ගියහොත් හතරවන ස්ථානයේ රැදී සිටින Market Share එක 9.18% දරා සිටින Firefox Web Browser එකටත් වඩා පහළ බසිනු ඇත. කෙසේ වෙතත් නිතරගයෙන්ම ප්‍රථම ස්ථානයේ රැදී සිටින්නේ Chrome Web Browser එකයි.උතුරු ඇමෙරිකාවවේදි පමණක් මෙම අගයන් සැලකූවිට Safari Web Browser එකට 16.87% ක Market Share එකක් පවතින අතර Edge Web Browser එක⁣ට පවතින්නේ 11.93% පමණ Market Share එකකුයි. නමුත් දැනටමත් යුරෝපයේ සහ ආසියාවේ Market Share අනුව නම් Edge Web Browser එක මේ වන විටත් Safari Web Browser එක අභිබවා ගොස් අවසන්. ඒ සියල්ලම එසේ සිදු වන ඉහත දැක්වූ කලාප වලත් ප්‍රථම ස්ථානය දරා සිටින්නෙ Chrome Web Browser එකයි.Source :macrumors
POCO සමාගම විසින් මාර්තු 22 වන දින global launch event එකක් පැවැත්වීමට කටයුතු කරන බවට තහවුරු කරයි
POCO සමාගමේ Global Launch Event එකක් මේ මස 22 දින පැවැත්විමට නියමිත බවට ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.Watch out! The new beast is in town!#KingPOCOis coming.#PowerMeetSpeedpic.twitter.com/FNtOaLwpAl— POCO (@POCOGlobal)March 15, 2021දැනට තිබෙන තොරතුරුවලට අනුව මේ Event එකේදි POCO Devices දෙකක් නිකුත් විමට නියමිත වෙනවා. ඒ POCO X3 Pro හා POCO F3 / POCO F3 කියන Devices දෙකයි.POCO Global නිල Twitter ගිණුම ඔස්සේ පල කර ඇති Tweet එකට අනුව මෙය 2021 වසර සදහා වෙන විශාලතම නිකුත් කිරිම වෙනු ඇත. මේ Event එකේ Tag line එක විදිහට මොවුන් දක්වා ඇත්තේ “When Power Meets Speed” යනුවෙන්.#PowerMeetSpeedWho is ready for the biggest#POCOlaunch of the year?Stay tuned for March 22nd!pic.twitter.com/WknIRzAon6— POCO (@POCOGlobal)March 15, 2021තවමත් මේ Event එකේ දි POCO සමාගමේ කුමන Devices එළිදැක්වෙනු ඇත්දැයි ප්‍රකාශයට පත් කර නොමැති වෙනවා. දැනට නිකුත් වෙන තොරතුරුවලට අනුව මේ Event එකේදි බොහෝ විට POCO Devices දෙකක් නිකුත් වෙනු ඇතැයි කියන්න පුළුවන්.මින් එක් Device එකක් විදිහට POCO F3/POCO F3 Pro Device එක හදුන්වා දෙන්න පුළුවන්. මෙය චිනය සදහා පමණක් නිකුත් වු Redmi K40 Device එකේ Rebrand විමක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්. ඔබට මතක ඇතිRedmi K40 Device එක POCO Brand එක යටතේ නිකුත් විමට ඉඩ ඇති බවටඅපි මිට පෙර ඔබ වෙත තොරතුරු ගෙන ආවා.ඒ වගේම මෙහි අනෙක් Device එක විදිහට POCO X3 Pro Device එක නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙය මිට පෙර නිකුත් වු POCO X3 Device එකේ Pro Version එකක් ද වෙනවා. දැනට තිබෙන තොරතුරුවලට අනුව මෙහි Display Refresh Rate එක 120Hz වෙන අතරම AMOLED FHD+ Display එකක් ද වෙනු ඇත. මෙය Qualcomm Snapdragon 860 Chipset එක මගින් ද බලගැන්වෙනු ඇති බව පැවසෙනවා. මෙලෙසනිකුත් විමට ඉඩ ඇති POCO X3 Pro Device එකපිළිබඳවත් මිට පෙර ලිපියක් ගෙන ආවා.මෙලෙස POCO Devices Global Market එකට නිකුත් විමේ Event එකට අමතරව මේ මස 30 වෙනි දින ඉන්දියාවේදි ද POCO Launching Event එකක් පැවැත්විමට නියමිතව පවතිනවා. මේ බව POCO සමාගමේ ඉන්දියාව සදහා වෙන නිල Twitter ගිණුම ඔස්සේ ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.Time to break the price-performance(P:P) benchmark. Brace yourselves as we get ready to unleash MAD#PROformanceon 30.03Remember: Only a POCO can beat a#POCO.Guesses?pic.twitter.com/Nu5Zy9A0JG— POCO - Madder By the Minute (@IndiaPOCO)March 15, 2021Source :Poco,Gizmochina
මොකක්ද මේ ”Spotify’’ කියන්නේ?
අපි කවුරුත් කැමතියි සින්දු අහන්න. හැබැයි ඉතින් අපි සින්දු අහන විදිය එකිනෙකාට අනුව වෙනස් වෙන්න පුලුවන් . ඒ අතරින් Spotify කියන්නේ දැනට ලෝකේ පවතින Android, Windows, Linux, iOS, MacOS යන Computer හා Mobile OS වලට පවතින හොඳම Music App එක. ඒක අවිවාදයෙන් තොරව බොහෝ අය මේ වන විටත් පිලිගන්න දෙයක්. ඒ වගේම තවමත් Google Play Store මත හා Apple App Store එකෙහි Music Category එක යටතේ Rankings වල ලෝකේ #Number 01 තියෙන Music App ඇප් එක.ඉතින් මෙහෙම කියද්දි ඔයාලට හිතෙනවා ඇති මොකක්ද ඔය තරමට ඕකෙ තියෙන විශේෂත්වෙ කියලා. ඔව් ඒකට හේතු කිහිපයක් තියෙනවා මට දැනෙන පෞද්ගලික හැඟීම අනුව මූලිකම දේ තමයි සින්දුවක් හෝ සම්පූර්ණ ගීත ඇල්බමයක් ඩවුන්ලෝඩ් කරගැනීමේදී මෙහි තියෙන පහසුව සහ කාර්‍යක්ෂම බව. අනෙකුත් හේතුන් කිහිපය මම ඔයාලට විස්තර කරගෙන යද්දි එකින් එක තේරෙන්න ගනීවී.ප්‍රතිශතයක් විදියට ගත්කල ලෝකේ Spotify වැඩි වශයෙන් පාවිච්චි කරන්නෙ iOS User ලා. ඒකට එක් හේතුවක් තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙ වගේ Browser එකක් හරහා Directly Music Download කරගැනීමට iOS මෙහෙයුම් පද්ධතිය තුල ඇති නොහැකියාව. නමුත් මම එහෙම කිව්වට අදටත් ලෝකේ වැඩි වශයෙන් Spotify පාවිච්චි කරන්නෙ Android Users ලා. ඒ වගේම මම පුද්ගලිකව අඳුරන ඇන්ඩ්‍රොයිඩ් මිතුරන් පවා Music රසවිඳින්නේ මෙම Spotify ඇප් එකෙන්. ඉතින් ඔයාලටම දැන් වැටහෙනවා ඇති ඇන්ඩ්‍රොයිඩ් Users ලත් මේ තරම් Spotify Use කරනව නම් ඒක කොච්චර Friendly ඇත්ද කියලා. හරි දැන් මම පියවරෙන් පියවර අදාල වැදගත්ම පොයින්ට්ස් වලට එන්නම්.Spotify ශ්‍රී ලංකාවට නෑ කියන්නෙ ඇත්තද?ඔව්! මේ ඇප් එක ලංකාවට ලෝන්ච් කරල නැහැ. කවුරු ලෝන්ච් කරනව කිව්වත්, මගේ මතය නම් අපේ රටට Spotify දෙන එකක් නැහැ. දකුණු ආසියාවෙ කිසිම රටකට මේ වනවිටත් Spotify දීලා නැහැ ඒවගේම මුලු ආසියා මහද්වීපයෙනුත් සිංගප්පුරුව, මැලේෂියාව, ජපානය, හොංකොං වැනි දියුණු රටවල් 8කට පමණයි මෙම ඇප් එක ලබාදීල තියෙන්නේ. ඒ වගේම අප්‍රිකා මහද්වීපයෙ කිසිදු රටකට Spotify ලබා දී නැති අතර සමස්තයක් විදියට ගත්කල මුලු ලෝකෙන්ම Spotify ලබාදී තිබෙන්නෙ දියුණුතම රටවල් 62කට පමණයි!ඒ කියන්නෙ අපිට ‘Spotify’ ඩවුන්ලෝඩ් කරගන්න බැරිද ?ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්! මම ඒකට පහසුම ක්‍රම දෙකක් කියන්නම්.01. ක්‍රමයඔයාලගෙ දුරකතනය iOS හෝ Android වේවා Spotify වලංගු රටක Apple ID එකක් හෝ Google Account එකක් හදාගන්න. දැන් මේක බලපු ගමන් ඔයාලට හිතෙන්න පුලුවන් අපෝ මේක මහ අමාරු වැඩක් කියල ඇත්තම කිව්වොත් කොහෙත්ම මේක අමාරු වැඩක් නෙවෙයි. තවත් විදියකින් කියනවනම් ඔයාට තනියම Sri Lankan Apple ID එකක් හදාගන්න පුලුවන් නම් Spotify තියෙන (US, Canada, UK සහ ඕනෑම spotify support රටක) ඕනෑම Store එකක් ඔයාට ඉක්මනින්ම හදාගන්න පුලුවන්. ඒ වගේමයි Android Account එකක් හදාගන්න විදිහ.02. ක්‍රමයපලවෙනි ක්‍රමය ඔයාලට අමාරු වගේනම් ඔයාලට පුලුවන් Vshare, TutuHelper , 25PP Helper, Tongbu යන Stores වලින් Spotify ඩවුන්ලෝඩ් කරගන්න. මොකද ඔය 3rd Party Stores වලින් ඇපල් ID එකක් නැතුවම උනත් ඇපස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සහ Android / iOS යන දෙකටම ඒ Stores හතර Support කරන නිසා.වැදගත්ම දේ තමයි ඔය කියන මොන විදියෙන් ගත්තත් ඔයාලට Spotify ඇප් එකට Log වෙන්න පුලුවන් වෙන්නෙ, ඔයාගේ ෆෝන් එකේ VPN ON කරලා තිබුනොත් විතරයි. මොකද මේක ලංකාවට නැති ඇප් එකක් නිසා ඇප් එකට ලොග් වෙන්න VPN එකක් ඕන නිසා.(මෙතනදි මම VPN කියන්නෙ මොකක්ද කියල එක්ස්ප්ලේන් කරන්න යන්නෙ නෑ මොකද ඒ මාතෲකාව මේකට අදාල නැති නිසා. ඔයාගෙ ෆෝන් එකේ VPN එකක් නැතිනම් ඔයාලා AppStore එකෙන් VPN එකක් ඩවුන්ලෝඩ් කරල Connect කරගන්න. මම Use කරන්නෙ ‘Betternet’ කියන VPN ඇප් එක)එතකොට මේ Spotify, FREE ඇප් එකක් ද? Paid ඇප් එකක් ද?මේක FREE ඇප් එකක්. හැබැයි Trial Version එකක්. ඒ කියන්නෙ මම උඩ කියල තියෙන විදි දෙකෙන් මොන විදියකට ඔයාලා මේක FREE ඩවුන්ලෝඩ් කරගත්තත්, අදාල Trial එක ඉවර වෙනකම් විතරයි ඔයාලට FREE MUSIC ඩවුන්ලෝඩ් කරන්න / OFFLINE අහන්න පුලුවන්. ඉස්සරනම් Free trial එක දවස් 14ක් තිබුනා. ඒත් දැන්නම් දෙන්නෙ දවස් 7ක් විතරයි. ඒ කියන්නෙ ඔයාලා Spotify ඩවුන්ලෝඩ් කරගෙන දවස් 7ක් ගියාට පස්සේ ඔයා Download කරගත්ත Songs ඔයාට OFFLINE අහන්න බැරි වෙනවා. ඊට පස්සෙත් ඔයාට Spotify කලින් වගේම Use කරන්න හිතෙනව නම් ඔයාට සිද්ධවෙනවා මාසෙකට 9.99$ ක් ගෙවන්න.ඒ උනත් අපිට data කපන් ඔන්ලයින් ස්ට්‍රිමින් විදිහට අහන්න පුළුවන්.එතකොට ‘Spotify PREMIUM’ කියන්නෙ මොකක්ද ?ඇත්තම කිව්වොත් Spotify Premium කියන්නෙ ඔයාලට ලැබෙන Free Trial එක ඉවර වුනාම ඔයාලා ගෙවලා ගන්න Spotify Package එකට. Premium Version එකෙයි අර දවස් 7ක් අහන්න දෙන FREE Trial එකෙයි පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් Free Trial එකේ අපි කැමති Stream එකකින් සින්දු අහන්න බෑ. එයාලා දෙන කොලිටි එකෙන්ම(128kbps) තමයි අහන්න වෙන්නෙ. ඒත් Premium Version එක මිලදීලා ගන්න අයට High quality(256kbps) සහ Extram (320kbps) කියල අමතර ඔප්ෂන් දෙකක් ලැබෙනවා වඩා හොඳ කොලිටි එකකින් සින්දු අහන්න. ඉතින් මම ඔය කිව්වෙ Free Trial එකෙයි, අපි ගෙවලා ගන්න Premium Version එකෙයි, එක වෙනස් කමක් විතරයි.Spotify Premium Version එක FREE ගන්න විදියක් නැතිද?ඒක කරන්න බැරි දෙයක්. Trial Apps Crack කරලා වෙනම ඩුප්ලිකේට් ඇප් එකක්( Ex : YouTube++ , What’s App++ ) විදියට නිපදවන්න ගොඩක් අමාරුයි & එහෙම වෙනවත් ලෝකෙ ගොඩක් අඩුයි.එතකොට 3rd Party Stores වල තියෙන Spotify++/Patched කියන ඇප් එක මොකක්ද ?කෙටියෙන්ම කිව්වොත් ‘ඒක වෙනම ආතල් එකක්’ලංකාවේ iOS ගැන දන්නවා කියල පුරාජේරූ හලන උදවිය කියන කතාවක් තමයි Spotify++ කියන්නෙ Spotify PREMIUM කියලා. එතකොට මම එහෙම කියන අයගෙන් අහනවා Spotify PREMIUM කියන්නේ සින්දු දවස් 7ක් අහන්න ලැබෙන එකටද කියලා ? මොකද ඔය කියන Spotify++ ඇප් එකෙනුත් OFFLINE MUSIC අහන්න පුලුවන් වෙන්නෙ දවස් 7ක් විතරක් නිසා. ඒක නිසා මේ ගැන නිසි අවබෝධයක් නැති අයගෙන් උපදෙස් ලබාගද්දි සැලකිලිමත් වෙන්න කියලා මං ඔයාලට මතක් කරනවා.ඒ වගේම තමා අය. එයාලටත් එමම තමා.එතකොට ඔය YouTube එකෙයි, Blogs වලයි තියෙන Spotify PREMIUM FREE කියන කතා බොරුද ?ඔව් ඇත්තෙන්ම! ඒ හැම විඩීයෝ එකකම / ලිපියකම පාහේ තියෙන්නෙ අර මම කියපු 3rd Party Stores වලින් ඩවුන්ලෝඩ් කරන Spotify++ මෙතඩ් එක. ඒක කිසිම තේරුමක් නැති වැඩක් දවස් 7ක් විතරයි එහෙම OFFLINE අහන්න පුලුවන්! ඉතින් එහෙම බැලුවම ඔයාලට වුනත් තේරුම් ගන්න පුලුවන් එයාලගෙ Video එක මාර්කට් කරගන්න එයාල යොදන ෆේක් ටොපික් එකක් කියලා.එතකොට ලංකාවටත් Spotify නැතිනම්, Free Trial එකත් දවස් 7යි නම් කොහොමද එහෙනම් ඔය ලංකාවෙ සමහර අය Spotify Use කරන්නෙ?හොඳ ප්‍රශ්නයක්! ඔය ප්‍රශ්නෙට මමත් වගේම ශ්‍රී ලංකාවේ දැනට Spotify වලින් සින්දු අහන හැමෝම වගේ අදාලයි. ඔය දේ අපේ රට ඇතුලෙ වෙන්නෙ ක්‍රම දෙකකට. පලවෙනි එක තමයි Spotify අපේ රටට නැති නිසා PREMIUM Version එකත් අපිට ශ්‍රී ලංකාවේ Card වලින් Pay කරන්න බෑ. ඒක නිසා එයාල Spotify වලංගු රටක ඉන්න නෑදෑයෙක්ගෙ මාර්ගයෙන් හෝ මිතුරෙකුගේ මාර්ගයෙන් ඔහුගේ Bank Details හරහා Spotify මිලදී ගන්නවා. සහ ඔවුන් සමඟ හවුලේ(Family Sharing Pack) Spotify Use කරනවා. (මේ Page එකේ ඇඩ්මින් තිමිරයාත් එහෙම තමා කරන්නේ)දෙවනි ක්‍රමය නම්, මෑතකාලයේ Spotify Premium Accounts Hack වෙන්න පටන් අරන් තියෙනවා.ඒ වගේම පිටරට වල ඇතැම් පිරිස් තවත් කෙනෙක්ගෙ Spotify Premium Accounts Hack කර Email & Passwords Sale කරනවා. ඉතින් ඔය ක්‍රම දෙකින් එකක් යටතේ තමයි ශ්‍රී ලංකාවේ කෙනෙක් Lifetime Spotify Premium Music අත්විඳින්නේ.ඉතින් මම හිතනවා Spotify කියන්නෙ මොකක්ද කියල ඔයාල හැමෝටම අයිඩියා එකක් එන්න ඇති එකක් කියලා. ඒ වගේම සමහර අයට හිතෙනවා ඇති මෙච්චර කට්ටක් කාලා මොන හෙතූවකටද Spotify ගන්නෙ කියලා. ඉතින් එහෙම හිතන අයට මට කියන්න තියෙන්නේ රසවින්දනට සීමා මායිම් නෑ සහ හැමදේම යටයි කියල විතරයි !මෙය Sagara Mihiran Jayawickrama සොහොයුරා විසින් අප වෙත ලියූ ලිපියකි.
චීන හැකර්වරු Facebook ඔස්සේ මහා පරිමාණ ඔත්තු බැලීමක නිරතවී ඇති බව Facebook ආයතනය විසින් නිවේදනය කරයි
Facebook සමාගමෙන්ම නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වී තිබු අතර, මෙලෙස ක්‍රියා කළ හැකර්වරුන්ගේ ජාලයක්ම අඩපණ කිරීමට ඔවුන් සමත් වී ඇත. මෙයින් 500කට අධික Facebook පරිශීලකයින් පිඩාවට පත්වී ඇති බවත්, ඒ බව ඔවුන්ට දැන්වූ බවත් එහිදී දන්වා තිබුණා.මෙම links හරහා malware යැවීමෙන් ඔවුන් බලාපොරත්තු වී තිබුණේ, ඒවා install වන උපාංග භාවිතා කර ඔත්තු බැලීමේ නිරත වීමට බව Facebook සමාගම කියා තිබුණා.මේ සඳහා හැකර්වරුන් විසින් ව්‍යාජ ප්‍රවෘත්ති වෙබ් අඩවි මෙන්ම, ව්‍යාජ App Store ද සාදා ඇති බවත්, ඒ ඔස්සේ malware apps තම device එකට install වීමට සලස්වා ඇති බවත් මේ වන විට හෙළි වී ඇත.මෙලෙස හැකර්වරුන්ගේ බලපෑමට ලක්වූ සංඛ්‍යාව ඉතා කුඩා වුවත් (~500) මෙවැනි ප්‍රහාරයක ප්‍රතිඵල භයානක විය හැකි බැවින් තම කණ්ඩායම සැමවිටම මෙවැනි ප්‍රහාර බරපතළ ලෙස සලකන බව Facebook Security Policy ප්‍රධානි Nathaniel Gleicher සඳහන් කර සිටියා.Source:ZDNet
වෙළඳපල අගය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවා ගිය ලොව ප්‍රථම සමාගම බවට පත්වීමට ඇපල් සමාගම සමත් වේ
පසුගිය සදුදා දිනයේදී Apple සමාගමේ කොටස් වල අගය 3%කින් ඉහල ගිය අතර ඒ සමග ඔවුන්ගේ වෙළෙඳපොල කොටසක අගය ඩොලර් 182.88 දක්වා වැඩිවිය. මෙයත් සමගම ඔවුන් වෙළෙඳපොල කොටස් වල වටිනාකම ට්‍රිලියන 3 ඉක්මවූ ලොව පළමු සමාගම බවට පත් වීමේ අවස්ථාව උදාකරගන්නා ලදී.පසුගිය කාල සිමාව පුරාවටම Apple සමාගම ඔවුන්ගේ කොටස් වල වටිනාකම් එක දිගට වැඩිකරගත් අතර ඔවුන් ට්‍රිලියන 1ක සීමාව ඉක්මවා ගියේ 2018 වසරේ අගෝස්තුවේ දීය. එලෙස 2018 දී ඔවුන් එම අවස්ථාව හිමි කරගත්තේ ඇ.ඩො. ට්‍රිලියන 1හි වෙළෙඳපොල වටිනාකම් සීමාව ඉක්මවා ගිය ප්‍රථම ඇමෙරිකානු සමාගම ලෙසටයි.ඉන් දෙවසරක කාල සීමාවක් තුලදී එනම් 2020 වසරේ අගොස්තුවේදී ඔවුන් වෙළෙඳපොල වටිනාකම ට්‍රිලියන 2 පසු කිරීමට සමත් විය. ඉන් මාස 17ක් වැනි කෙටි කාලයක් තුලදී ඔවුන් ට්‍රිලියන 3 පසු කල ලොව පළමු සමාගම බවට පත්විය.2007 වසරේ සමාගම අරඹන විට සහ දැන් අවස්ථාව සලකන විට ඔවුන් 5800% ගුණයකින් ඔවුන්ගේ වත්කම් වැඩිකර ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් පසුගිය වසරේ ඔවුන් අනෙකුත් සමාගම් වලට වඩා අඩු දළ වර්ධන වේගයක් පෙන්වූවත්‌‌ ඔවුන් වසරේ මුල් සතිය තුලම මෙම ඉලක්කය ලගා කර ගැනීමට සමත්විය.මේ වන විට Microsoft සමාගමේ වෙළඳපල අගයද ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.6 ඉක්මවා ඇති අතර නුදුරු අනාගතයේ දිනකදී Microsoft සමාගමද ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3 සීමාව පසු කරන ලද සමාගම අතරට එක්වනු ඇත.The Economics Timesහි සඳහන් වන ආකාරයට ලොව ඇති රටවල් 186ක දළ දේශීය නිෂ්පාදිතය එකින් එක ගත් කල ඒවාහි අගය ඇපල් සමාගමේ වෙළඳපල අගයට වඩා අඩු අතර ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය සහ ජර්මනිය යන රටවල් 4 පමණක් ඇපල් සමාගමට වඩා ඉදිරියෙන් සිටී.Sources:The Economics Times,Aljazeera
iPhone වල Battery Cycle Count එක හරියට බලාගමු
ගොඩාක් දෙනා නිතරම අහන ගැටලුවක් තමයි iPhone එකේ බැට්‍රි එක නරක් වෙලාද නැත්තම් අලුත් බැට්‍රි එකක් දාන්න ඕන කොයි කාලෙන්ද කියන එක. මේකට සරලව iPhone එකේ Battery Health Feature එක පාවිච්චි කරන්න පුලුවන් උනත් අද මම පෙන්නන්නේ ඊට ටිකක් එහාට ගිහින් කොහොමද Battery Cycle Count එක බලන්නේ කියලා.මේකට මුලින්ම කරන්න කරන්න ඕන Settings —> Privacy —> Analytics & Improvements —> Analytics Data කියන section එකට යන එක.ඊට පස්සේ Scroll Down කරන්න අන්තිමට තියෙන Log-Aggregated File එකට.File එක Open කරලා Text සියල්ල Copy කරගන්න. (Text කොටසක් සිලෙක්ට් කර Scroll Down කරලා එන Contextual Menu එකෙන් Copy Option එක තෝරන්න)Copy කර ගනිපු Text එක අලුත් Note එකකට Paste කර ගන්න.ඊලගට Note App එකේ Share Option එකට ගිහින් Find in Note Select කර BatteryCycleCount කියන වචනය Search කරන්න. [Image 3] [Image 4]මේ ක්‍රමයට ඔයාගේ iPhone එකේ Battery Cycle Count එක බලා ගන්න පුලුවන්. එතන තියෙන අගය 500ට ආසන්න නම් ගොඩක් වෙලාවට Battery එක Replace කරන්න වෙයි.
Windows 10හිදී රාත්‍රී කාලයට Dark mode එකට ස්වයංක්‍රීයව මාරුවන ආකාරයට සකසා ගමු
Windows 10 සමඟින් Dark සහ Light ලෙස colour options දෙකක් ලබා දෙන බව ඔබ දන්නවා. සමහර අය දවසම dark mode එකේ ඉන්න අතර සමහර අය දිගටම light mode එකේ ඉන්නවා.නමුත් දවල් කාලයට dark mode එකත්, රාත්‍රියේදී light mode එකත් අපහසුයි වගේ හිතෙනවා නම්, ඔබට එය ස්වයංක්‍රියව මාරු වීමට සකසන්න පුළුවන්. Windows වලින් මේ සඳහාම settings option එකක් නම් ලබා දී නෑ. නමුත් ඔබට Task Scheduler හරහා මෙය automate කළ හැකියි.මෙහෙදී registry ය සම්බන්ධ කරගැනීමට අපට සිදු වනවා. Windows OS එකකට ලේසියෙන්ම හානි කළ හැකි app එකක් වන නිසා registry එක සමඟ ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් වෙන්න කියා ඔබෙන් ඉල්ලනවා. (හැකි නම් දැන්ම regedit ගොස් (Windows Key + R -> Type regedit ->OK),  File -> Export හරහා registry backup එකක් කර, ආරක්‍ෂිත තැනක save කරගන්න. එසේනම්, මෙම automate කිරීම ආරම්භ කරමු.අඳුරෙන් ආලෝකයටDark mode එකෙන් Light mode එකට මාරු වීම සඳහා මෙම පියවර ටික නිවැරදිව කරන්න.01. Start open කර Task Scheduler ලෙස type කර එය open කරගන්න.Start -> Task Scheduler.02. වම් පස ඇති Task Scheduler Library එක expand කරන්න.03. ඒ මත right click කර, New Folder තෝරන්න. නමක් ලබා දී OK කරන්න. (උදා: MyTask)04. ඔබගේ folder එක මත right click කර, Create Task තෝරන්න.05. එවිට විවෘත වන window එකෙහි ඇති, General Tab එක select කරන්න.06. එහි ඇති "Name" කොටසේ task එක සඳහා නමක් ලබා දෙන්න. (උදා: switch_light_mode)07. එහි පහල Security Options යටතේ ඇතිRun whether user is logged on or notනමැති option එක තෝරන්න.08. එයට පහලින් ඇතිDo not store passwordoption එකත් තෝරන්න.09. ඉන්පසුTriggersTab එකට යන්න.10. New... button එක click කරන්න.11. එහි Begin the task යටතේ ඇතිOn a scheduleතෝරන්න.12. Settings යටතේ ඇති, Daily option එක තෝරන්න.13. එයට පසෙකින් ඇති Start යටතේ, ඔබට Light Mode එක active විය යුතු වේලාව තෝරන්න. (උදා: 6.30 a.m.)14. දැන් OK click කරන්න.15. එයට පසුව Actions tab එක තෝරන්න.16. New... button එක click කරන්න.17. "Start a program" action එක යටතේ ඇති "Settings" කොටසෙහි, පහත code එක copy paste කරන්න.%SystemRoot%\system32\WindowsPowerShell\v1.0\powershell.exe18. "Add arguments (optional)" කොටසෙහි පහත command එක copy paste කරන්න.New-ItemProperty -Path HKCU:\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Themes\Personalize -Name SystemUsesLightTheme -Value 1 -Type Dword -Force; New-ItemProperty -Path HKCU:\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Themes\Personalize -Name AppsUseLightTheme -Value 1 -Type Dword -Forceඑම command එක මගින් SystemUsesLightTheme සහ AppUseLightTheme යනුවෙන් රෙජිස්ට්‍රියේ DOWRD සාදන අතර, ඒවායේ අගයන් '1' ලෙස සකසයි. එමගින් dark mode disable වී light mode ක්‍රියාත්මක වෙයි.19. OK click කරන්න.20.Settingstab එක තෝරන්න.21.Run task as soon as possible after a scheduled start is missedයන්න තෝරන්න. එමගින් ඉහත තෝරන ලද වෙලාවේ පරිගණකය ක්‍රියාත්මක නොවී නොතිබුනත්, නැවත ක්‍රියාත්මක වූ විගස එම command එක run කරනු ලබනවා.22.If the task fails, restart everyයන්න තෝරන්න. එහි 1 minute සහ 3 times ලෙස සකසන්න.23. OK කරන්න.දැන් ඔබ ලබා දුන් වෙලාවට Windows 10 මෙහෙයුම් පද්ධතිය ස්වයංක්‍රියවම Light Mode එකට මාරු වනු ඇති.ආලෝකයෙන් අන්ධකාරයට01. Task Scheduler app එකෙහිම අප පෙර සාදාගත් folder එක මත right click කර create task option එක තෝරන්න.02. General tab එක click කරන්න.03. Name යටතේ task එකට නමක් දෙන්න.  (උදා: switch_dark_mode)04. පහත security options යටතේRun whether user is logged on or notයන්න තෝරන්න.05. එසේම Do not store passwords. යන්නත් තෝරන්න.06. Triggers tab එක click කරන්න.07. New... button එක තෝරන්න.08. Begin the task හි ඇතිOn a scheduleයන්න තෝරන්න.09. Settings යටතේDailyයන්න තෝරන්න.10. Dark Mode එකට මාරු විය යුතු වෙලාව තෝරන්න. (උදා: 6.30 p.m.)11. OK කරන්න.12. Actions tab එක තෝරන්න.13.Newbutton එක click කරන්න.14. Start a program action යටතේ ඇති Settings කොටසේ පහත code එක copy paste කරන්න.%SystemRoot%\system32\WindowsPowerShell\v1.0\powershell.exe15. Add arguments (optional) කොටසේ පහත command එක copy paste කරන්න.New-ItemProperty -Path HKCU:\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Themes\Personalize -Name SystemUsesLightTheme -Value 0 -Type Dword -Force; New-ItemProperty -Path HKCU:\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Themes\Personalize -Name AppsUseLightTheme -Value 0 -Type Dword -Forceපෙර සේම මෙමගින් dark mode එක activate කරනු ලබයි.16. OK click කරන්න.17. Settings tab එක තෝරන්න.18.Run task as soon as possible after a scheduled start is missedතෝරන්න.19.If the task fails, restart everyයන්න තෝරන්න. 1 minute සහ 3 restart attempts ලෙස සකසන්න.20. OK කරන්න.මෙම සැකසීම් වලින් පසුව ඔබ තෝරාදුන් වේලාවට Windows 10 dark mode වෙත මාරු වනු ඇති.සටහන්ඔබ සැකසු task නිවැරදිව ක්‍රියාත්මකවනවා ද කියා  task එක මත right click කර, Run තෝරන්න.ඔබට මෙම සැකැස්ම අවශ්‍ය නැතිනම් task එක මත right click කර delete කළ හැකියි.එසේම මේ සඳහා දැන්app එකක්දනිර්මාණය කර තිබෙනවා. ඔබට මෙම පියවර අනුගමනය කිරීම අපහසු නම් එයinstallකරගත හැකියි. කෙසේ වුවත් අලුතෙන් software install කිරීමට වඩා ඔබට task scheduler එක ගැනත් මෙයින් අවබෝධයක් ලැබුණා යැයි සිතනවා.AutoDarkMode appSource:WindowsCentral
Twitter සමාගම විසින් ඔවුන්ගේම Podcasting Platform එකක් ලබා දීමට සූදානම් වෙයි
Twitter විසින් මෑතකදී සිට නව විශේෂාංග සංවර්ධනය කරමින් නිකුත් කරනු ලබනවා. මීට පෙර ඔවුන් විසින් Website එක හෝ mobile app එක හරහා directly communities සෑදීමට ලබා දීම සහ Twitter blue subcribers ලාට 1080p video upload පහසුකමද ලබා දෙනු ලැබුවා. දැන් ඔවුන් විසින් තමන්ගේම podcasting platform එකක් සංවර්ධනය කරන බවට වාර්තා වනවා.Twitter is working on Podcasts tabpic.twitter.com/64tTd3XPdu— Jane Manchun Wong (@wongmjane)March 2, 2022ඉහත රූපයේ ඇති පරිදි twitter හි පහළ navigation bar එකෙහි podcast සඳහා නව tab එකක් යොදා තිබෙනවා. මේ විශේෂාංගය පිළිබඳව පරිශීලකයන් විවිධ මත පළ කර තිබෙනවා. සමහර පරිශීලකයන් මේ සඳහා podcasting එකතු වීම වඩාත් කැමැත්තෙන් පිළිගනු ලබන අතර බොහෝ අය පවසන්නේ මේ නිසා twitter අනවශ්‍ය ලෙස සංකීර්ණ වන බවයි. මේ podcasts සඳහා recorded clips upload කිරීමට හැකිද නැතිනම් live podcasts කිරීමට සිදුවේද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් ලැබී නැහැ. කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවක, podcasting අංශයට සමාජීය පැතිකඩක් හිමිවනවා. අන්තර්ජාලයේ විවිධ පුද්ගලයන්ට දායක වීමට සහ ඔවුන්ගේ අදහස් බෙදා ගැනීමට හැකි වනවා.මේ පහසුකම ලැබෙන දින පිළිබඳවත්, මෙහි විශේෂාංග පිළිබඳවත් තවම නිශ්චිත තොරතුරක් ලබා දීමට නොහැකි වනවා. ඒ ඉහත screenshot එක තුළින් පෙනෙනුයේ icon එක සහ tab name එක පමණක් වන නිසා ය. ඉදිරියේදී සිදුවීමට නියමිත දේ පිළිබඳ වඩා හොඳ අදහසක් ලබා ගැනීමට අපට තවත් තොරතුරු මතු වන තෙක් බලා සිටීමට සිදු වනවා.Source:XDA-developers
Pinned Messages 2.0, Improved Live Locations, Playlists සහ තවත් විශේෂාංග රැසක් සමඟ Telegram 7.20.0 නිකුත් වේ
Telegram කියන්නෙ අද කාලෙ බහුතරයක් තරුන පරපුර පාවිච්චි කරන App එකක් කීවොත් නිවැරදිය. ඉතින් මේ Telegram App එකේ latest version එක දවස් කීපයකට කලින් release කරා. අපි අද කතා කරමු මොනවද මේ අලුත්  update එකත් එක්ක  ආපු විශේශතා කියලා.Multiple Pinned Messagesතමන්ගේ ප්‍රධාන chatting app එක විදිහට telegram පාවිච්චි කරන කෙනෙකුගේ දවසකට අවම වශයෙන් Chats 150 / 200 ක ප්‍රමාණයක්වත් හුවමාරු වීමක් සිදුවෙන එක සාමාන්‍ය දෙයක්. ඒ අතරින් Telegram Groups / Channels වලින් දිනකට 1000 ඉක්මවා ගියපු Chat ප්‍රමාණයක් දැකගන්න පුලුවන්. ඒ වගේම ඉතා විශාල සාමාජිකයින් ප්‍රමාණයක් ඉන්න Group එකක නම් මොකක් හරි පණිවුඩයක් දැම්මොත් ඒක දකින්නෙ group එකේ ඉන්න සම්පූර්ණ ප්‍රමාණයෙන් 30% කටත් අඩු පිරිසක්. ඒකට හේතුව වෙන්නෙ පැයක වගේ කාලසීමාවක් ඇතුලත ඉතාමත් විශාල ප්‍රමාණයක පණිවුඩ හුවමාරුවයි.ඉතින් මේ අලුතෙන් හඳුන්වාදීපු telegram multiple messages option එක use කරලා අපිට වැදගත් පනිවිඩ එකක් හෝ කිහිපයක් Chat screen එකේ pin කරලා තියන්න අපිට පුලුවන්. ඉතින් මේ feature එක නිසා Important messages මග ඇරෙන එක වලක්වා ගන්න අපිට පුලුවන්.Live Location Alertsඅද කාලෙ වෙනකොට තමන් ආදරය කරන කෙනෙක් ඉන්න තැන දැනගන්න හෝ තමන් ආදරය කරන කෙනෙක් සිටින තැනකට යන්න අපි හැමෝම වගේ පාවිච්චි කරන Option එකක් තමයි Live location tracking කියන්නෙ. අපි අපේ මිතුරෙක් මුනගැසීමට යනවා කියා සිතමු. එවැනි අවස්තාවකදී අපිට නිතරම අපේ Phone එක අතට අරන් මිතුරා සහ තමන් අතර කොපමන දුරක් තියෙනවද කියලා නිතර නිතර පරීක්ශා කරලා බලන්න වෙනවා.හැබැයි මේ Telegram Live Location Alert Option එක නිසා අපිට නිතර පරීක්ශා කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. මේ option එකෙන් වෙන්නෙ අපි මිතුරාට සමීප වෙන දුර ප්‍රමානය අඩු වෙනවත් එක්කම විටින් විට අපේ phone එකට මේ හරහා notification එකක් ලැබෙන්න සැලැස්වීමයි. ඉතින් මේ Option  එක නිසා අපිට අපේ වෙලාව මෙන්ම Phone එකේ Battery / Data දෙකම ඉතුරු කරගන්න පුලුවන්.Media GroupingMedia Grouping කියන්නෙත් telegram latest update එකත් එක්ක ආපු ගොඩක් වැදගත් feature එකක්. සාමාන්‍යෙන් අපි එකවර Photos / Videos කීපයක්ම Send කරනකොට  අපිට ඒ Media files ඔක්කොම එකම Album එකක් විදිහට තමයි දකින්න හම්බෙන්නෙ. ඉතින් මේ අලුත් feature එක නිසා අපිට අපි එක වර යවන Audio clips / Songs වගේ දේවල් ද එකම Play list එකක් යටතේ බලාගන්න පුලුවන් වගේම Autoplay Feature එක යටතේ  Playlist එකේ තියෙන හැම Audio clip එකක්ම එක දිගට play වෙන විදිහට හදන්නත් පුලුවන්.මේ හැර තවත් වෙනස්කම් ගනනාවක් සමඟ Telegram 7.20.0 කියන මේ version  එක දැන් අපේ Play store  එකෙන් හෝ App store එකෙන් අපිට update කරගන්න පුලුවන්.Source:Telegram
Online ආකාරයට විදේශයන්ගෙන් මිලදී ගෙන ආනයන කරන භාණ්ඩ සඳහා බද්දක් පැනවීමට ශ්‍රී ලංකා රජයේ අවධානය
Online ආකාරයට විදේශිය රටවල්වලින් ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන සදහා බදු ක්‍රමයක් හදුන්වා දිම කෙරෙහි රජයේ අවධානය යොමු වි පවතින බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දිනක දි පාර්ලිමේන්තුවේ පවසා සිටියා.පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් (Mohamad Muzamil) මහතා විසිව් පාර්ලිමේන්තුවේ දි යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිබඳව දෙමින් අමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කර සිටියා. ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ විවිධ Online ක්‍රමයන් ඔස්සේ විදේශි භාණ්ඩ හා නිෂ්පාදන ආනයනයේදි දැනට බදු පැනවිමක් සිදු නොවන අතර ඉදිරයේදි මෙම භාණ්ඩ හා නිෂ්පාදන සදහා පාරිභෝගිකයාට අවාසියක් අත් නොවන අයුරින් යම් බදු පැනවිමක් සිදු කිරිම පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.එමෙන්ම මෙලෙස බදු පැනවිමේදි වෙනත් රටවල මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අධ්‍යනය කර මේ පිළිබඳව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයත්, වාණිජ දෙපාර්තමේන්තුව හා මෙලෙස භාණ්ඩ හා නිෂ්පාදන සේවා ආනයනය කර සේවය ලබා දෙන පුද්ගලික සමාගම් සමගත් සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වෙන බවත් ඔහු විසින් ප්‍රකාශ කර සිටියා.එමෙන්ම වර්තමානයේ දි Online ක්‍රම ඔස්සේ මෙලෙස භාණ්ඩ හා නිෂ්පාදන ආනයනයේදි එම භාණ්ඩවල හා නිෂ්පාදනවල ගුණාත්මක භාවය පිළිබඳව විවිධ ගැටලු මතු වි තිබෙනවා.Source :NewsWire
iPhone 12 වල camera එක replace කිරීමේ හැකියාව Apple සමාගමේ බලයලත් technicialsලාට පමණක් ලබා දේ
Apple සමාගම තමන්ගේ ජංගම දුරකතන නිපදවීමේදී තම ජංගම දුරකතන මිලට ගෙන පරිශීලනය කරනු ලබන පාරිභෝගිකයාගේ පෞද්ගලිකත්වය සහ ඔහුගේ දත්ත වලට ලැබෙන ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙස සලකා බලන සමාගමක් ලෙස හැඳින්විය හැකිය. එයට හොඳම උදාහරණය වන්නේ Apple සමාගම විසින් හඳුන්වා දී ඇති iCloud තාක්ෂණය. යම් හෙයකින් යමෙකුගේ iPhone එකක් අස්ථාන ගත වුවහොත් එය ආරක්ෂා කර ගැනීමට දැඩි ආරක්ෂිත පද්ධතියක් iCloud හරහා ලබා දී ඇත.මෙය 100%ක්ම සාර්ථක නොවුනත් මේ වන විට වෙළඳපලේ පවතින ජංගම දුරකතන වලින් හොඳම ආරක්ෂණ පද්ධතිය ලෙස දෙවන ස්ථානයට ලකුණු හිමිවන පද්ධතියකි. පළමු ස්ථානය ගන්නේ තවමත් Blackberry OS එකයි.එමෙන්ම Apple ස්මාගම තම ජංගම දුරකතන වලට මෘදුකාංග වලින් ලබා දෙන ආරක්ෂාව මෙන්ම දෘඩාග වලින්ද ලබා දෙන ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වී කටයුතු කරන්නේ අද ඊයේක නොවන බව ඔබ හොඳින් දන්නා කාරණාවකි. Apple සමාගම විසින් මුල්ම වතාවට Fingerprint sensor එකක් සහිතව ජංගම දුරකතනයක් ලෙස නිපදවා වෙළඳපලට නිකුත් කරන්නේ iPhone 5S ජංගම දුරකතනයයි.එහිදී fingerprint එකේ ඇතිවන දෝෂයකදී එය සඳහා replacement එකකට යා යුතු නම් එය සදහා බලයලත් තාක්ෂණික නියෝජිතයෙකුගෙන්ම කර ගත යුතුව තිබුණි. එසේත් නොමැති වුවහොත් fingerprint sensor එක ක්‍රියාවිරහිත වීම සිදුවුනි. නමුත් පසුව මේ සඳහා විවිධ පිලියම් යෙදුනු අතර, ඉතාමත් ලේසියෙන් fingerprint sensor එක replace කිරීම සිදු කරගැනීම කර ගත හැකි උනා.වසරින් වසර ගතවත්ම, Apple සමාගම විසින් මෙම සීමාවන් තවත් උපාංග වෙත ගෙන යාම සිදු කලා.උදාහරණයකට ගතහොත්, XS, XS MAX, XR යන ජංගම දුරකතන වල සිට නිකුත් වන ජංගම දුරකතන වල FaceID සහ batteries වෙනුවට වෙනත් ඒවා යෙදීම සිදු කල නොහැකි ආකාරයට සීමාවන් පැනවීම සිදුකලා. යමෙයකින් යම් උපාංගයක් replace කරන්නේ නම් එය සිදු කිරීමට Apple සමාගමේ server එකකා සම්බන්ධ වී අදාල නව උපාංග reprogramming කිරීම සිදු කල යුතු වෙනවා.Apple සමාගමේ මෙම ප්‍රතිපත්තිය හමුවේ iPhone 12 series එකේ සිට නිකුත් වන ජංගම දුරකතන වල display එක සහ cameraවද වෙනස් කරන්නේ නම් ඒ සඳහා බලයලත් තාක්ෂණික ශිල්පියෙකු හරහා ඔබට එම replacement සිදුකරන්නට වෙනවා.iFixit නම් ප්‍රසිද්ධ YouTuber විසින් සිදු කලiPhone 12හි teardown එකේදී සහ testing එකේදී ඔහු විසින් cameraව සහ display එක ඉවත් කර වෙනත් cameraවක් සහ display එකක් යොදා ජ්ංගම දුරකතනය ක්‍රියාත්මක කිරීමේදී"Unable to verify that this iPhone has a genuine Apple display"ලෙස පණිවුඩයක් අදාල ජංගම දුරකතනය විසින් ලබා දී තිබෙනවා.නමුත් කැමරාව සඳහා මෙවැනි පණිවුඩයක් ජංගම දුරකතනය විසින් ඔහුට ලබා නොදෙන අතර, එහිදී කැමරාව ultrawide mode එකට යොමු කල විට ක්‍රියා කිරීම සිදුනොවන අතර ඇතැම් කැමරා මෝඩ් වලදී එය මුළුමනින්ම ක්‍රියාත්මක නොවන නමුත් videos සඳහා හොඳින් ක්‍රියා කිරීම සිදු වෙන බව iFixitගේ වීඩියෝවක සටහන් වෙනවා.නමුත්iPhone 12 Proජංගම දුරකතනයට වෙනත් කැමරාවක් යොදා පරික්ෂා කිරීමේදී කිසිඳු ගැටළුවකින් තොරව wide, ultrawide, tele camera ඇතුළු සියළුම camera modes ක්‍රියාත්මක වීම සිදු වනවා. එය ඔහුගේ පහත වීඩියෝවෙන් ඔබට නැරඹිය හැක.මේ පිළිබඳව iFixit වීසින් පැහැදිලි කිරීමේදී ඔහු විසින් ප්‍රකාශ කර සිටින්නේ Apple සමාගම විසින් නිකුත් කල නවතම training manuals හරහා නවතම වෙනස් කම් කිරීම සිදු කර ඇති අටහර iPhone 12 series එකේ සිට display සහ camera වෙනස් කරන්නේ නම් නවතම උපාංග නිසිලෙස ක්‍රියාත්මක වීම සඳහා Apple server හා සම්බන්ධ වී reprogram කරන system configuration tool එක භාවිතා කල යුතු බවයි. ඒ සඳහා Apple සමාගම විසින් නිකුත් කරල training manual එකේ කොටසක් ඔහුගේ blog අඩවියේ සටහන් කර තිබුනේ පහතකාරයටය.This chart from Apple’s internal repair and training suggests that iPhone 12 models require a technician run “System Configuration” to properly replace a battery, or, new to the 12 series, the display or camera.iFixitට අමතරව YouTubeහි තවත් එක විශාලතම tech repair channel එකක් වන Hugh Jeffreysගේ වීඩියෝවකද මේ පිළිබඳව සඳහන් වී ඇත. පහත දැක්වෙන්නේ එම වීඩියෝව වන අතර 8:50 වෙනි මිනිත්තුවේ සිට ඔබට එය නැරඹිය හැක.Source:Ifixit
SpaceX තම Starlink Internet beta සේවාව $100ක මාසික ගාස්තුවකට ඇමරිකාවට හදුන්වා දීමට කටයුතු කරයි
SpaceX සමාගම විසින් ඔවුන්ගේ Starlink Internet සේවාවේ Public Beta Service එක ආරම්භ කිරිමට සුදානම් බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ එක්සත් ජනපදය සදහායි. ඔවුන් මේ Public Beta සේවාව Service එක හදුන්වන්නේ "Better Than Nothing" යනුවෙන්. මේ වන විට එක්සත් ජනපදයේ සමහර Newsletter Subscribersලා වෙක සමාගම මගින් මේ Beta සේවාවේ Speed එක වගේම මිල ගණන් පිළිබඳවත් Email මගින් යොමු කර තිබෙනවා.එයට අනුව ඔවුන් 50Mbps සිට 150Mbps දක්වා Data Speed එකකුත් 20ms සිට 40ms දක්වා වු Latency එකකුත් බලාපොරොත්තු විය හැකි බව දක්වා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදි තවත් චන්ද්‍රිකා කක්ෂය ගත කිරිමත්, තවත් Ground Stations ස්ථාපිත කිරිමත් හා Networking Software හි කරන Update සමගත් වැඩි වේගවත් අන්තර්ජාල සබධතාවයත් බලාපොරොත්තු විය හැකි බවත් ඔවුන් දක්වා තිබෙනවා. 2021 ජුනි-සැප්තැම්බර් පමණ වන විට Latency එක 16ms සිට 19ms දක්වා අඩු කර ගැනිමට ඔවුන් බලාපොරොත්තුව සිටිනවා.Mounting tripod එක හා Wi-Fi Router එක ඩොලර් 499ක මිලකට මිලදි ගත හැකි අතර Up-front Antenna එක සදහා ඩොලර් 1000 මිලක් ඔවුන් අය කරනවා. මෙහි මාසික ගාස්තු වෙන්නේ ඩොලර් 99ක්. මේ මිල ගණන් බලාපොරොත්තු වු මිල ගණන්වලට වඩා අඩු වුවත්, එලෙස අඩු කර තිබෙන්නේ හදුන්වා දිමේ Offer එකක් ලෙස කියන්න පුළුවන්.දැනට මේ Starlink Internet Service එක ලබා ගත හැකි වන්නේ එක්සත් ජනපදයේ අංශක 44ට වැඩි අක්ෂාංශ පරාසයක සිටින අයට පමණි. ඒ මොන්ටානා හා  වොෂිංටන් ප්‍රදේශවලට වන අතර විස්කොන්සින් හා මිනසෝටාවල සමහර ප්‍රදේශවලද මේ Service එක ලබා ගත හැකියි. හැබැයි මේ ප්‍රදේශවලට කිසිදු ප්‍රධාන නගරයක් අයත් වෙන්නේ නැ.ඒ වගේම Apple’s App Store හා Google Play සදහා App එකක් නිකුත් කර තිබෙන අතර ඒ මගින් Starlink Internet Usersලාට අවශ්‍ය තොරතුරු ලබා දිම සිදු කරනවා. iOS App එකේ ඇති AR Feature එක මගින් Antennaව සවිකිරීමට අවශ්‍ය සහය ලබා දෙනවා. Public Beta Service එක සමාගම විසින් තෝරාගත් අයට පමණක් ලබා දිම සිදු කරමින් පවතිනවා.මෙය තවමත් හඳුන්වා දීමේ අවධියේ පසුවන නිසා සහ තවමත් සුළු ප්‍රදේශයකට පමණක් භාවිතා කිරීමට හැකියාව පවතින නිසා ඉහත පැවසු ආකාරයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන නමුත් ලොව පුරා මෙය ක්‍රමක්‍රමයෙන් පැතිර යෑමේදී සහ වැඩි ග්‍රාහකයන් පිරිසක් Starlink සමඟ එකතු වීමේදී එක් අයෙකුට දැරීමට සිදුවන පිරිවැය ඉතාමත් අඩු වනු අතැයි Android වැඩකාරයෝ අපගේ අදහස.Sources:Android Authority
එකම දුරකථන අංකය සෑම දුරකථන සේවා සපයන්නෙක්ගෙන්ම ලබා ගැනීමේ හැකියාව ඇති කිරීමට TRCSL එක ක්‍රියාමාර්ග අරඹයි
මීට පෙරත් අපි විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් ආ පුවත් කිහිපයක් ගෙන ආ අතර මෙවර අප විසින් රැගෙන එන්නේ ඒ ගෙන ආ පුවත් වලට හාත්පසින්ම වෙනස් ආකාරයේ පුවතකි.මෙවර අපට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව දෙසින් වාර්තාවන්නේ දැනට යම් අයෙකු විසින් භාවිතා කරන දුරකථන අංකයක් වේ නම් එය සියළුම ජංගම දුරකථන සේවා ජාල ඔස්සේ එම අංකය වෙනස් නොකර ලබා ගැනීමේ හැකියාව හෙවත් Number Portability යන සේවාව ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරීමට යන බවයි.මේ පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් තම නිල ෆේස්බුක් පිටුව හරහා පණිවිඩයක් තබා තිබුනේ මෙසේය.භාවිතා කරනු ලබන ජංගම දුරකථන අංකය වෙනස් නොකර එකම දුරකථන අංකය ඕනෑම විදුලි සංදේශ ක්‍රියාකරුවෙකුගෙන් ලබගැනීමට හැකි වන පරිදි...Posted byTelecommunications Regulatory Commission of Sri LankaonMonday, August 24, 2020මේ සඳහා මේ වන විට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් මූලික් අපියවරයන් ආරම්භ කර ඇති අතර එහිදී ඔබගේ දැනට පවතින් දුරකථන අංකය දැනට භාවිතා වන ජාලහංදුනා ගැනීම කේත අංකයන් සඳහා පොදු අංක ක්‍රමයක් වන බවත් (070, 071, 072, 075, 077, 076, 078) එයට ඕනෑම සබඳතාවයක් භාවිතා කල හැකිවනු ඇති බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබෙනවා.මෙහි මූලික ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් ලංකාවේ ජංගම දුරකථන සේවා සපයන ආයතන සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ කැමැත්ත විමසා සිටීමේදී ඔවුන් එයට කැමැත්ත ප්‍රකාශ කල සිටි බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කර සිටී.මේවන විටත් මෙම number portability සේවාව ඉන්දියාව සහ මැලේසියාව වැනි රටවල ක්‍රියාත්මක වන අතර මෙම නව ක්‍රමවේදය ලංකාව වෙත හඳුන්වාදීමට ගතවන කාලය පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් පවසා ඇත.මේ සම්බන්ධයෙන් මහජන මත විමසුමක් ද කිරීමට අපේක්ෂා කරන අතර මෙය සම්පූර්ණයෙන් ස්ථාපනය කිරීම සඳහා ගත වන කාලය නිශ්චිත වශයෙන් කිව නොහැකි බවද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.Source:TRCSL via Facebook
PayPal විසින් cryptocurrency හරහා ගණුදෙනු කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරයි
PayPal සමාගම විසින් අද දිනයේදී (මාර්තු 30, 2021) ඇමරිකානු පාරිභෝගිකයන් හට cryptocurrency හරහා ගෙවීම් කටයුතු කිරීමේ පහසුකම ලබා දීමට කටයුතු කරා. ඒ අනුව දැන් PayPal digital wallet වල රඳවාගෙන සිටින bitcoin, ether, bitcoin cash සහ litecoin භාවිතා කරමින් සාමාන්‍ය මුදල් ඒකක වලින් කරන ගණුදෙනු කිරීම සඳහා අවස්ථාව සැලසී ඇත.මේ පහසුකම ඉදිරි මාස කිහිපය තුල දි ලොවපුරා පිහිටි මිලියන 29ක පමණ PayPal හවුල්කාර වෙළෙඳ ආයතන මගින් ලබා ගත හැකි වෙනවා.PayPal හි President හා CEO වෙන Dan Schulman මහතා විසින් දක්වා තිබෙන්නේ Credit Cards හෝ Debit Cards මෙන්ම Cryptocurrencies ද PayPal Wallet එක ඔස්සේ භාවිතයට ගැනිමට ප්‍රථමවරට මේ ඔස්සේ අවස්ථාව හිමිවෙන බවයි. ඒ වගේම මිට පෙර සාම්ප්‍රදායික ලෙස සිදු වු Cryptocurrencies මිලදි ගැනිම හෝ විකුණා දැමිමට අමතරව මේ මගින් මිලියන ගණනක වු වෙළද සමාගම් සමග සැබැ ලොකයේ ගනුදෙනු සිදු කල හැකි වෙන අතරම Cryptocurrencies මගින් ගණුදෙනු කිරිමට මේ ඔස්සේ නිත්‍යානුකූල තත්වයක් ද ඇති වෙන බව ඔහු වැඩි දුරටත් පෙන්වා තිබෙනවා.මේ සමගින් PayPal භාවිතා කරන්නන්ට Cryptocurrencies මිලදි ගැනිම, ලග තබා ගැනිම හා විකිණිමේ පහසුකම් ද ලැබෙනවා. ඒ අනුව Cryptocurrencies මගින් ගණුදෙනු කිරිමට තම පාරිභෝගිකයන්ය අවස්ථාව සලසා දුන් ලොව විශාලතම මුල්‍ය සමාගමක් බවට PayPal සමාගම පත් වෙනවා.මිට සතියකට පමණ ඔබට මතක ඇතිTesla සමාගම විසින් Tesla මොටර් රථ මිලදි ගැනිම සදහා Bitcoin භාවිත කිරිමට අවස්ථාවලබා දෙනු ලැබුවා. එහිදි සෘජුව Bitcoin හරහා අවශ්‍ය මිලදි ගැනිම් කටයුතු සිදු කිරිමට අවස්ථාව ලබා දි තිබුණත් PayPal මගින් Cryptocurrencies යොදා ගෙන සිදු කරන ගණුදෙනුවලදි Fiat Currency එකක් මගින් ගණුදෙනුව සිදු වෙනවා.මෙලෙස Cryptocurrencies මගින් සිදු වෙන ගණුදෙනු Fiat Currency ඔස්සේ හවුල්කාර වෙළදසැල් වෙත ලබා දිම තුලින් ඔවුන් කිසිදු අවධානමකට ලක් නොවන බවත් සදහන් කර තිබෙනවා. ඒ වගේම Cryptocurrencies මගින් සිදු කරන ගණුදෙනුවලදි PayPal විසින් කිසිදු සේවා ගාස්තුවක් අය නොකරන අතර මේ ගණුදෙනු සදහා එක විටක භාවිත කල හැක්කේ එකම වර්ගයේ Cryptocurrency ඒකකයක් වෙනවා.Source:Reuters,Businessday
iPhone පරිශීලකයන්ට GeForce NOW හරහා නැවත වතාවක් Fortnite ක්‍රීඩාවේ යෙදීමේ හැකියාව හිමි ​වේ
Apple සමාගමත් Epic Games සමාගමත් අතර තිබූ නීතිමය අරගලයනිසා Apple සමාගම විසින්Fortnite Game එක App Store එකෙන් ඉවත් කර දමනු ලැබුවා. මේ නිසා 2020 අගෝස්තු මාසයේ සිට Apple iPhone හෝ iPad භාවිතයෙන් Fortnite Game එක Play කිරිමේ අවස්තාව අහිමි වුවා.නමුත් මේ වන විට Nvidia සමාගමේ GeForce NOW Gaming Service එක හරහා නැවතත් iOS හි Fortnite Game එක Play කිරීමට අවස්ථාව ලැබි තිබෙනවා.GeForce NOW කියන්නෙ Web Browser එක මත ක්‍රියා කරන Gaming Service එකක් වන අතර මේ හරහා iPhone සහ iPad භාවිතා කරන්නන් හට Safari Web Browser එක ඔස්සේ Fortnite Game එක Play කිරීමට අවස්ථාව ලැබෙනවා.Fornite Game එක මෙලෙස GeForce Now සදහා ලබා දීම Nvidia සහ Epic Games යන සමාගම් පසුගිය 2020 නොවැම්බර් මාසයේදි සිදු කළ අතර, පසුගිය ජනවාරි මාසයේදි මෙම සමාගම් විසින් නිවේදනය කළේ Limited Time Beta Version එකක් නිල එළිදැක්වීමට පෙර ලබාදෙන බවයි.මෙම Beta Version එක ලබාගැනීමට නම් ඔබට Nvidia Geforce NOW හි Sign Up වීWaiting Listඑකෙහි රැදීසිටීමට සිදුවන අතර එවිට ඔබගේ Email ලිපිනයට මෙහි Access ලබාදෙනු ඇත. මෙය Close Beta Version එකක් නිසා හැම දෙනෙක්ටම අවස්ථාව ලබා දීමක් සිදු වෙන්නේ නැත.Source:MacRumors
DXOMark කියන්නෙ මොකක්ද? කොහොමද score එක දෙන්නේ?
මොකද්ද මේ DXOMark mobile score කියන්නේ? හරි, මං දන්නවා හැමෝම වගේ අනිවාරෙන්ම මේකට උත්තරේ දන්නවා කියල. හැබැයි කව්ද පිළිගන්නේ මම කිව්වොත් DXOMark mobile score ගැන දන්නා අයගෙන් 95%කට වඩා මේක ගැන දන්නේ එක්කෝ බාගෙට නැත්තං වැරදි කරුණු කියලා..? එහෙනම් අපි මේකෙන් බලමු කව්ද මේ DXOmark කියන්නේ එතකොට මොකද්ද මේ DXOmark mobile score එක කියන්නේ කියලා සරලව කරුණු වශයෙන්.DXOMark image Labs කියන්නේ දැන් අවරුදු ගානක් තිස්සේ ඉදං camera වලට සහ lens වලට quality එක සම්බන්ද ratings දීපු industry එකේ standard එකක්. මෙයාලා mobile camera testings වලට ඇවිත් දැනට වසර 6කට ආසන්න වෙනවා.DXOMark කියන්නේ ලෝකයේ දැනට තියන විශාලතම image quality database එක. ඒකට එයාලා දැනට test කරපු devices 10000 කට අධික ප්‍රමාණයක් ඇතුලත්.DXOMark score එක එයාලාම හදුන්වගන්නේ එක්තරා විදියක benchmark score එකක් විදියට. 2017 දී DXOMark ලා එයාලගේ mobile testing ක්‍රමවේදයේ විශාල වෙනසක් කරනවා mobile industry එකට අවශ්‍ය විදියට එයාලගේ testing වලට bokeh සහ zooming ද ඇතුලත් කරමින්.DXOMark ලා mobile camera එකක් test කරද්දී images 1500 ක් විතර ප්‍රමාණයක් ලබාගන්නවා. ඒවගේම පැය 2 කට අධික ප්‍රමාණයක video clips ලබාගන්නවා. මේ සදහා ඔවුන්ගේ පළපුරුදු කණ්ඩායමක් සතියක පමණ කාලයක් පුරාවට වෙහෙසෙනවා.මෙයාලා ප්‍රධානව photo සහ video යන කාණ්ඩ දෙකෙන්ම testings සිදුකරනු ලබනවා. ඒවගේම මෙයාලා Exposure & contrast, Color, Autofocus, Texture, Noise, Artifacts, Flash, Zoom, bokeh සහ Stabilization යන අණු කාණ්ඩ 10න් මොවුන්ගේ testings සිදුකරනු ලබනවා. මෙයාලා test කරන සෑම device එකක්ම test කිරීමට එකම lab setups, එකම scenes, එකම crop rankings, එකම software භාවිතා කරනු ලබනවා. ඒනිසා test කරන එක device එකකටවත් අසාදාරනයක් නම් වෙන්නේ නැහැ.මෙයාලා device test කරද්දී සෑම ආලෝක තත්වයක් යටතේම ඒවගේම සෑහෙන්න shootings conditions ප්‍රමාණයක් යටතේ lab testings වගේම සාමාන්‍ය outdoor testingsනුත් එක සමානව සිදුකරනවා. මෙයාලා natural scenes වලද testings කිරීම විශේෂත්වයක්.ඒවගේම මෙයාලා මෙයාලාගේ testings සදහාම සෑදු විශේෂිත charts, විශේෂිත equipments භාවිතා කරනවා. එමගින් මෙයාලා බලාපොරොත්තු වෙන්නේ අදාල camera එකට පුළුවන් උපරිම දුරට challenge කිරීමයි. ඒවගේම මේ හේතුව නිසා මෙයාලගේ testing results අනිත් අයට වඩා සුවිශේෂී වෙනවා.මෙයාලා testing කරන devices වලින් ලබාගන්න images analyze කිරීමට විශේෂ analyzer එකක් භාවිතා කෙරෙනවා. මෙය DXO analyzer ලෙස හැදින්වෙනවා. මේ මගින් මොවුන්ට කරන ලද testings වලින් device එකකට overall score එකක් දීමටද හැකිවෙනවා. DXOMark overall score එක 100ක් වැනි ප්‍රමානෙකින් නම් නවතින්නේ නැහැ. ඒවගේම මේකට කිසිදු limit එකකුත් නැහැ.මෙයාලට අනුව මෙයාලගේ තිබෙන resources ප්‍රමාණය ඉතාම අවම වනවා. එමනිසා බොහෝ විට මෙයාලා devices testings සදහා තෝරාගන්නා විට එම devices සදහා මිනිසුන්ගේ ඇතී උනන්දුව ද සොයා බලනවා. විශේෂයෙන්ම මොවුන් මිනිසුන්ගේ වැඩි කැමැත්ත, ආකර්ෂණය ඇති devices වල reviews ඉක්මනින් සිදුකරනවා. මීට අමතරව device manufacturersලට අවශ්‍ය නම් හැකියාව තිබෙනවා මොවුන්ව hire කිරීමක් සිදුකර device එකක් announcement එකට කලින් වුවද testings කර ගැනීමටත්.අවසාන වශයෙන් කියන්න ඕනේ DXOMark ලගේ දත්ත කියන්නේ නිදහස් ඒවගේම අවරුදු ගණනක පළපුරුද්ද ඇතී අය විසින් ලබාගන්නා ලද එවායි. ඒවගේම මොවුන් ඔවුන්ගේ testing protocol එක සාදා තිබෙන්නේ camera වල ඒවගේම lens වල quality testing වලදී ඉතාම විශාල ප්‍රමාණයක් ආවරණය වන පරිදියි. එම නිසා ඔබට මොවුන්ව විශ්වාස කිරීමේදී නම් ලොකු ප්‍රශ්න ඇතිවේවි කියලා මම නම් හිතන්නේ නැහැ. උදාහරණයක් විදියට මුලින්ම mobile camera ලෝකේ Pixel camera එක උඩින්ම තිබ්බේ මේ DXOMark ලා විසිනුයි. නමුත් එයට reputation එකක් ඇතී වෙන testers ලා කව්රුත් ඇගිල්ල දිගු කලේනම් නැහැ. DXOMark විසින් ඔවුන්ගේ testings ගැන කියවෙන video එක පහලින්.
Snapchat Web දැන් සෑම කෙනෙකුටම භාවිතා කිරීමට හැකි බව Snapchat සමාගම පවසයි
ජංගම දුරකථනයෙන් ඔබ්බට වේදිකාව පිරිනැමූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් Snapchat ජූලි මාසයේදී නව වෙබ් යෙදුමක් නිවේදනය කළේය. දැන්, Snapchat පවසන්නේ web version - paid ග්‍රාහකයින්ට පමණක් භාවිතා කිරීමට හැකි වූ බවය නමුත් දැන් එය සියලුම පරිශීලකයින්ට විවෘත බව ඔවුන් පවසයි.web version එක පරිශීලකයින්ට එකම window එක තුළ මිතුරන් සමඟ කතාබස් කිරීමට සහ වීඩියෝ ඇමතුම් සඳහා වැඩි surface space එකක් ලබා දෙයි. මිලියන සියයක් පරිශීලකයින් සෑම මසකම Snapchat භාවිතා කරමින් අන් අයට කතා කරන බව සමාගම ජූලි මාසයේදී පැවසීය.Web සඳහා Snapchat මුලින් නිකුත් කරන ලද්දේ Snapchat Plus ග්‍රාහකයින් සඳහා වන ප්‍රධාන දීමනාවක් ලෙස වන අතර, ඔවුන් විශේෂාංග වෙත කලින් සහ සුවිශේෂී ප්‍රවේශය සඳහා මසකට ඩොලර් කිහිපයක් ගෙවයි. ගෙවූ ස්ථරය Snap මුදල් ඉපයීමට බලාපොරොත්තු වන නව ක්‍රමයක් වන අතර, එය දැනටමත් සාර්ථක වී ඇති බවට මුල් සංඥා පෙන්වා දෙයි සහ පළමු සති හය තුළ මිලියනයකට වඩා පරිශීලකයින් snapchat තුල ලියාපදිංචි වී ඇත.Sources:Tech CrunchThe Verge
OxygenOS 12 මඟින් 3rd party cameras සඳ​හා ඉවත් කරන ලද auxiliary camera access නැවතත් ලබා දීමට OnePlus ආයතනය සූදානම් ​වේ
OnePlus සමාගම විසින් ඔවුන්ගේ OnePlus 9 හා OnePlus 9 Pro Devices සදහා Android 12 මත පදනම් වු OxygenOS 12 Stable Update එක නිකුත් කළ අතර මේ Software Update එක මගින්OnePlus 9 හා 9 Pro Devicesවල 3rd Part Camera Apps සදහා Auxiliary Camera Access Block වි තිබෙන බවපරිශීලකයින් විසින් වාර්තා කරනු ලැබුවා.එහිදි OnePlus 9 හෝ 9 Pro Usersලාට ඔවුන්ගේ Devicesවල Ultra-wide camera හෝ Telephoto Camera, Google Camera App වැනි 3rd Party Camera Apps ඔස්සේ භාවිත කළ ⁣නොහැකි වුවා.කෙසේ වෙතත් මේ වෙන විට Oneplus සමාගම විසින් විසින් 3rd Party Camera Apps සමග Auxiliary Cameras භාවිත කිරිමට නොහැකි විමේ දෝෂය නිවරදි කිරිම පිළිබඳ කටයුතු කරමින් සිටින බව ඔවුන්ගේ Blog Post එකක් හරහා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉදිරි Software Update එකක් ඔස්සේ මේ ගැටලුව නිවරදි කිරිමට Oneplus සමාගම විසින් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.Regarding the other reported problems, please rest assured that they are also covered in the follow-up update plan, such as the auto-fill feature in Chrome and the temporary lack of access to the Ultra HD 48M / AUX camera on GCam. We will continue focusing our efforts on improving the software experience and will work on addressing these issues rapidly.මීට පෙර Oneplusහි මව් සමාගම වෙන OPPO ColorOS හි ආකාරයටම 3rd Party Camera Apps සදහා auxiliary cameras භාවිත කිරිමට ඉඩ නොදෙනු ඇතැයි වාර්තා වුව ද මේ Blog Pist එක මගින් එලෙස සිදු නොකර එය ඉතා ඉක්මනට නිවරදි කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.Sources:XDA Developers,OnePlus