Title
stringlengths
7
238
content
stringclasses
970 values
දවසකට රෝගීහු 120ක් ඩෙංගු වැඩිවීමක්
පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි ඒ අනුව ගතවූ සතියක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 870 දෙනකු වාර්තා වී ඇති බවත් දිනකට රෝගීන් 120 දෙනකු පමණ වාර්තා වන බවත් එම ඒකකය කියයි වැඩිම ඩෙංගු රෝගීන් ප්රමාණයක් වාර්තා වනුයේ කොළඹ දිස්ත්රික්කයෙන් බව ද එම ඒකකය කියයි මේ අතර මෙම වසරේ 2024 මේ දක්වා ගතවූ මාස 6යි දින 28ක කාලයේදී දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 27871 දෙනකු වාර්තා වන බවත් ඩෙංගු මරණ 9ක් වාර්තා වන බවත් එම ඒකකය කියයි ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත් එම සංඛ්යාව 10511ක් බවත් එම ඒකකය පැවසීය ප්රදීප් ප්රසන්න සමරකෝන්
අදත් වැසි
බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද 28දා වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් සවස් කාලයේ හෝ රාත්රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ සුජීව තත්සර
වෙඩිතලතිව් රක්ෂිතයේ කොටසක් වෙන් කර දුන් පවිත්රාගේ ගැසැට්ටුවට තහනමක්
විල්පත්තුව රක්ෂිතය ආශ්රිතව පිහිටි වෙඩිතලතිව් රක්ෂිත කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කර දෙමින් වනජීවී ඇමැතිනී පවිත්රා වන්නිආරච්චි මහත්මිය නිකුත් කර තිබූ ගැසට් නිවේදනයක් ක්රියාත්මක කිරීම වළක්වමින් ශ්රේෂ්ඨාධිකරණය ඊයේ 27දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය පරිසර ආරක්ෂණ පදනම් ආයතනය ඇතුළු පරිසර ආරක්ෂණ සංවිධාන දෙකක් ගොනුකර තිබූ එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදුන් ප්රීති පද්මන් සුරසේන ශිරාන් ගුණරත්න හා අචල වෙන්ගප්පුලි යන ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය වෙඩිතලතිව් ජාතික රක්ෂිතයේ සැලකිය යුතු කොටසක් ජාතික රක්ෂිත භාවයෙන් ඉවත් කරමින් නිකුත් කළ එකී ගැසට් නිවේදනය මගින් පාරිසරික වශයෙන් විශාල හානියක් සිදුවන බවත් විශේෂයෙන්ම ජලජ ජීවීන්ගේ සුරක්ෂිත භාවයට මෙන්ම ප්රදේශයේ පාරිසරික සමතුලිතතාවයටත් එමගින් දැඩි හානියක් සිදුවන්නේ යැයි එකී පාරිසරික සංවිධාන සිය පෙත්සම් මගින් ශ්රේෂ්ඨාධිකරණයට කියා තිබිණි විෂය භාර අමාත්යවරිය එකී ප්රදේශය රක්ෂිත භාවයෙන් ඉවත් කර ඇත්තේ ඒ සඳහා අනුගමනය කළ යුතු ක්රමවේද කිසිවක් අනුගමනය නොකිරීමෙන් එනම් විශේෂ විද්යාත්මක වාර්තා ලබාගැනීමකින් තොරව වන්නේ යැයිද එම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා හා නීතිඥ සචිනි සෙනෙවිරත්න මහත්මිය අධිකරණයට පැවසූහ මේ වනවිට රක්ෂිතයක් ලෙස නම් කර ඇති යම් ප්රදේශයක් රක්ෂිත භාවයෙන් ඉවත් කිරීමට පෙර සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ දෙවන හා පස්වන වගන්ති යටතේ ගතයුතු ක්රියාමාර්ග කිසිවක් අනුගමනය කර නොමැති බවද පෙත්සම්කරුවන් එමගින් අධිකරණයට කියා තිබිණි වනජීවී හා වනසංරක්ෂණ ඇමැතිනී පවිත්රා වන්නිආරච්චි පරිසර අමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් නීතිපතිවරයා වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වන සංරක්ෂණවරයා මධ්යම පරිසර අධිකාරිය ඇතුළු 10 දෙනකු එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි කාංචනා එස් බාලචන්ද්රන් මෙනවිය මගින් සෙන්ටර් ෆෝ එන්වයර්මන්ට් ජස්ටින් ග්රැරන්ට් ලිමිටඩ් විසින් එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබූ අතර එම පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ දේශානි ගුණතිලක අමායා ප්රනාන්දු සචිනි සෙනෙවිරත්න යන නීතිඥ මණ්ඩලය සමග ජ්යෙෂ්ඨ නීතිඥ නිල්ශාන්ත සිරිමාන්න මහතා පෙනී සිටියේය වනජීවී හා පරිසර ආරක්ෂණ සංගමය වෙනුවෙන් නීතිඥ රුක්ෂාන් සේනාධීර මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය ඒ ජේ ඒ අබේනායක
ජනපති පාලනය හෝ ව්යවස්ථාව අත්හිටුවීම අරමුණ නොවේ ශ්රේෂ්ඨාධිකරණය කියයි
ජනාධිපතිවරයා පාලනය කිරීම හෝ ව්යවස්ථාව අත්හිටුවීම ශ්රේෂ්ඨාධිකරණයේ අරමුණ නොවන බව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස් තුරෙයිරාජා ශිරාන් ගුණරත්න ඒඑච්එම්ඩී නවාස් යන විනිසුරුවරු ඊයේ ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පැවසූහ ඒ ශ්රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇති පෙත්සමට මැදිහත් වීමට අවසර ඉල්ලා පාර්ශ්ව කීපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් ඊයේ කැඳ වූ අවස්ථාවේදී විනිසුරුවරු එසේ පැවසූහ පෙත්සම් ඊයේ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස් තුරෙයිරාජා ශිරාන් ගුණරත්න සහ ඒ එච් එම් ඩී නවාස් යන විනිසුරුවරුන් හමුවේ කැඳවිණි ඉදිරිපත් වූ කරුණු මැනවින් සලකා බලා අදාළ නියෝග ශ්රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කළ බව විනිසුරුවරු වැඩිදුරටත් සඳහන් කළහ පූජ්ය දඹර අමිල හිමි සහ මහාචාර්ය මහීම් මෙන්ඩිස් මහතා විසින් ගොනු කර තිබූ අතරමැදි පෙත්සම් සලකා බැලීම ඊයේ සිදු කෙරුණි පෙත්සම් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී අදාළ නියෝගය වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට කිසිදු පාර්ශ්වයක් විරුද්ධත්වය නොවන බව පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය කියා සිටියේ මෙම පෙත්සම් කඩිනමින් විභාගයට ගෙන තීරණයක් ප්රකාශ කළ යුතු බවයි කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම් විභාගය ජූලි 25 සලකා බැලීමට දින කියම කළහ පෙත්සම් විභාගයට දින නියම කළ විනිසුරු මඬුල්ල පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ප්රතිවිරෝධතා සහ ලිඛිත දේශන ගොනු කරන ලෙස ද දෙපාර්ශ්වයට නියෝග කළහ අගවිනිසුරුවරයා හැර සෙසු විනිසුරුවරුන් ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළකාලමින් ජනාධිපතිවරයා වෙත පසුගිය අප්රේල් මස 30 වන දින අතුරු නියෝගයක් නිකුත් කෙරිණි මෙම අතුරු නියෝගය තුළින් ශ්රේෂ්ඨාධිකරණය විධායකයේ බලතලවලට මැදිහත් වන බවට පාර්ලිමේන්තුවේ දී විවිධ මන්ත්රීවරුන් විසින් විවේචන එල්ල කර තිබෙන බව පෙත්සමේ සඳහන්ය ඒ අතර විශේෂයෙන්ම අමාත්යවරුන් වන විජයදාස රාජපක්ෂ සුසිල් ප්රේමජයන්ත පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර යන මහත්වරුන් විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්රකාශ තුළින් අධිකරණ විනිසුරුවරුන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ කටයුතු දැඩි විවේචනයට ලක් කර තිබෙන බවත් මෙම පෙත්සම්වලින් කියා තිබේ ඒ අනුව තමන්ට මෙම පෙත්සම් විභාගයට මැදිහත් වීමට අවසර ලබාදෙන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය සහ ඩිලාන් පිලිප් යන මහත්වරු පෙනී සිටියහ ව්යවස්ථා දායක සභාව වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන එම් ඒ සුමන්දිරන් සහ කනග ඊශ්වරන් යන මහත්වරු පෙනී සිටියහ නීතිපති වෙනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය ඒජේඒ අබේනායක
අලුත් පනතට විරෝධය දේශීය ආදායම් රේගු සුරාබදු දෙදින වර්ජනයකට
දේශීය ආදායම් ශ්රී ලංකා රේගුව සහ ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර පිහිටුවීමට යන ශ්රී ලංකා ආදායම් අධිකාරි පනතට විරෝධය පළ කරමින් ලබන ජූලි 04 සහ 05 දින වැඩවර්ජනයක නිරත වීමට රේගු දේශීය ආදායම් සහ සුරාබදු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත ආදායම් ඉලක්ක සපුරා ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ මෙම දෙපාර්තමේන්තු ත්රිත්වය අඩපණකොට ආයතනවල කාර්මික සාමය බිඳ දමා අපේක්ෂිත බදු ආදායම් අනතුරේ හෙළමින් මෙම පනත ගෙන ඒමට උත්සාහ දරන බවත් මෙවැනි පනත් හරහා ආර්ථිකයටත් සමස්ත මහජනතාවටත් බලපෑම් ඇති කරන බවත් එ බැවින් එයට එරෙහිව මෙම දෙදින සංඛේත වැඩ වර්ජනය සිදු කරන බවත් ශ්රී ලංකා සුරාබදු නිලධාරින්ගේ සංගමයේ සම ලේකම් නිරෝෂන් ජයකොඩි මහතා පැවැසීය රජය මගින් මෙවැනි පනතක් සාකච්ඡාවකින් තොරව ඒකපාර්ශ්විකව ගෙන ඒමට උත්සාහ කරන බවත් එයට එරෙහිව සිදු කරන වැඩවර්ජනය තුළින් ආර්ථිකයට යම් දුෂ්කරතාවයක් ඇති වුවහොත් එහි වගකීම මුදල් අමාත්යාංශයේ නිලධාරීන් භාර ගතයුතු බවත් ඔහු කීය යෝජිත ශ්රී ලංකා ආදයම් අධිකාරිය මුදල් අමාත්යාංශ ලේකම්වරයා යටතට පත්වන බවත් දේශීය ආදායම් රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තු ප්රධානීන් මුදල් අමාත්යාංශය යටතේ සිටින නිලධාරීන් කිහිපදෙනකු යටතට වැටීම ඇතුළු ගැටලු රැසක් මේ හරහා නිර්මාණය වන බවත් ජයකොඩි මහතා කියා සිටියේය චමින්ද සිල්වා
ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි
මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල මහනාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන මහනාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය එහිදී ශ්රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික සහ මූල්ය ප්රගතිය පිළිබඳ මහනාහිමිවරුන් දැනුවත් කළ ජනාධිපතිවරයා මහනුවර නගර සංවර්ධන සැලැස්ම ද මහනාහිමිවරුන් වෙත පිළිගැන්වීය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ලියන ලද පොතක් දැන් එළිදක්වා තිබේ දේශපාලනය හා ධර්මය යනුවෙන් නම් කර ඇති එම පොත ඊයේ 27දා ජනාධිපතිවරයා මහනුවරට ගිය අවස්ථාවේදී මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයන්ට ද පිරිනැමීම සිදුවිය ලොව පහළ වූ ශ්රේෂ්ඨතම විප්ලවවාදියා ගෞතම බුදුන්වහන්සේ බවත් කලක් මහා සටනක් කොට එහි අනිටු විපාක සියසින් දුටු අශෝක වැනි ප්රතාපවත් නරපතියකු පූර්ණ අවිහිංසාවාදී වූයේ බුදුන්වහන්සේ විසින් කරන ලද මහා විප්ලවයේ ප්රතිඵල වශයෙන් බවත් පොතෙහි සඳහන්ය දේශපාලනය හා ධර්මය මැයෙන් ජනාධිපතිවරයා ලියන ලද ලිපි පහකින් යුක්ත මෙම කෘතිය අන්තර්ගත කරුණුවලදී වත්මන් සමාජය ද බොහෝ දේ සිතන්න මඟ පෙන්වන බව ඊට පූර්විකාවක් ලියන කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් සඳහන් කර තිබේ පොත පිළිගැන්වීමේ කටයුත්තට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ඇතුළු කිහිපදෙනෙක් එක්ව සිටියහ
පාසල් දරුවන්ගේ අධ්යාපනය අහිමි වන්නේනම් ගුරු හා විදුහල්පති සේවය අත්යවශ්ය සේවයක් කරනවා ජනාධිපති රනිල් වික්රමසිංහ
රටේ දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බවත් ඉදිරියේදී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම් සහ පාසල් දරුවන්ට හිමි අධ්යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්යාවශ්ය සේවාවක් බවට පත්කිරීමට අවශ්ය පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ 27 දා පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේ දී උන්වහන්සේ සමග කෙටි පිළිසඳරකට එක් වෙමිනි ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දරුවන්ට ආදර්ශයක් වෙමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කළයුතු බව මෙහිදි පැවසූ ජනාධිපතිවරයා උද්ඝෝෂණ සහ වැඩවර්ජන සඳහා ඇතැම් ගුරුවරු සම්බන්ධ වීමේ දී ඉදිරියේ දී ඔවුන්ට දරුවන්ට අවවාදයක් හා උපදෙසක් ලබාදීමට කෙතරම් හැකියාවක් හිමිවේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය මෙම අර්බුදය සමස්ත ගුරු සේවය තුළම මතුව ඇති අර්බුදයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලන නැඹුරුවක් තිබෙන ගුරුවරුන් පමණක් ඊට සම්බන්ධ වී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් එක් කණ්ඩායමක් නිසා සමස්ත ගුරු වෘත්තියටම කැළලක් සිදුව ඇති බවත් සඳහන් කළේය එසේම මෙම තත්ත්වය දක්නට ලැබෙන්නේ සිංහල පාසල් තුළ පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙමළ මුස්ලිම් සහ පෞද්ගලික පාසල් අඛණ්ඩව දරුවන් වෙනුවෙන් අධ්යාපන කටයුතු පවත්වාගෙන යාමට කැපවී සිටීම අගය කළේය එමෙන්ම පාසලේ මුරකරුවන් විසින් දරුවන් හරවා යවන බවට තොරතුරු වාර්තා වී ඇති අතර එවන් සිදුවීම්වලට අදාළව නීතිය ක්රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන බවද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ 27 දා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය අනතුරුව ඓතිහාසික ශ්රී දළදා සමිඳුන් ඉදිරියේ ආගමික වතාවත්වල නිරත වු ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද පළ කළහ කලාශිල්පී අතුල හේරත් මහතා විසින් කෘත්රීම බුද්ධි තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කර තිබු රජෙකුගේ හා බිසවකගේ පිළිරූ ද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය මේ අතර ඓතිහාසික ශ්රී දළදා මාළිගා පුද බිම වෙත පැමිණ සිටී ජනතාවගේ ද තොරතුරු විමසු ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කතා බහක නිරත විය අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය ඊයේ සිදු කළ විශේෂ ප්රකාශයෙන් පසු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මහ නා හිමිවරුන් බැහැ දුටු පළමු අවස්ථාව මෙය වන අතර මහනුවර සුවිසල් නගර සංවර්ධන සැලැස්ම ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙහිදී මහ නා හිමිවරුන් වෙත පිළිගැන්වීය උද්ඝෝෂණය කරන පිරිසගේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කර විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස මල්වතු මහ නා හිමියන් එහිදී කළ ඉල්ලීමට ප්රතිචාර දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ වැටුප් විෂමතාවක් සිදු නොවන අයුරින් රාජ්ය නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ලබන වසරේ සිට විධිමත් ක්රමවේදයක් සකස් කරන බවයි රාජ්ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් මේ වන විට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා කමිටුවක්ද පත්කර ඇති බව සඳහන් කළේය මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය ගුරුවරුන්ට නැවත වැටුප් වැඩි කිරීමකට අවශ්ය පහසුකම් සලසා දිය හැක්කේ ලබන වසරේදී බව කිවයුතුයි ඒ පිළිබඳ අප ඔවුන්ව දැනුවත් කර තිබෙනවා ඒ වගේම අනෙක් රාජ්ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව ද සලකා බැලීමට සිදුවෙනවා මොකද 2022 වසරේදී ගුරුවරුන්ට රුපියල් 300017000ත් අතර ගණනකින් වැටුප් වැඩිවීමක් සිදුව තිබෙනවා මහනුවර නගර සංවර්ධන සැලැස්මට අනුව පරිපාලන නගරය කුණ්ඩසාලයට ගෙන යෑමට කටයුතු කරනවා එහිදී ඉන්දියානු අයිඅයිටී විශ්වවිද්යාලයත් මහනුවර ස්ථාපිත කිරීමට සාකච්ඡා කර තිබෙනවා පේරාදෙණිය විශ්වවිද්යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා මේ සියලු දේ සිදු කරන අතරම අස්වැසුම උරුමය වැඩසටහන් මගින් ජනතාවට සහන ලබාදීමටත් කටයුතු කර තිබෙනවා අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් උන්වහන්සේ සමඟ ද කෙටි පිළිසඳරක නිරත විය මින් අනතුරුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මහනුවර කටුකැලේ සෙල්වම් විනයාගර් හින්දු කෝවිල වෙත පැමිණි අතර එස් ක්රිෂ්නමුර්ති පූජකතුමා එහිදී ආගමික වතාවත් සිදු කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ ඉන් අනතුරුව මීරම් මක්කම් මුස්ලිම් දෙවස්ථානය වෙත ද පැමිණි ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත් අතර ඕඑල්එම් තාසීම් මවුලවීතුමා එහිදී විශේෂ යාඥා මෙහෙයක් සිදු කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ අමාත්ය මනුෂ නානායක්කාර රාජ්ය ඇමැතිවරුන් වන ලොහාන් රත්වත්තේ දිලුම් අමුණුගම අනුරාධ ජයරත්න පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන වජිර අබේවර්ධන මහින්දාන්නද අලුත්ගමගේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ සිරිල් විමලසුරේන්ද්ර සහ සමන්ති වීරසේකර
අයිඑම්එෆ්ජනපති අත්සන් කළ ගිවිසුම සමග සජබ කටයුතු කරන්න සූදානම් නෑ ආචාර්ය හර්ෂ ද සිල්වා සජබ
ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ සහයෝගය අත්යාවශ්ය බව රජයට මුල සිටම සමගි ජනබලවේගය පෙන්වා දුන් බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ 27 දා පැවැති මාධ්ය හමුවට සහභාගි වූ මන්ත්රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ සහයෝගය අත්යාවශ්ය බව මුල සිටම කිව්වේ සමගි ජනබලවේගය ජනධිපතිවරයා සිදුකළ ප්රකාශය ලියලා දුන්න පුද්ගලයා ඒ බව දන්නේ නැතුව ඇති නමුත් ජනාධිපතිවරයාට සමගි ජනබලවේගය ජාත්යන්තර මූල්ය අරමුදල සම්බන්ධයෙන් සිදුකළ ප්රකාශ පිළිබඳව සොයා බලන්න තිබුණා ජාත්යන්තර මූල්ය අරමුදලේ සහයෝගය ලබාගත යුතු බව සමගි ජනබලවේගය ප්රකාශ කළ කාලසීමාවේ ඒ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කළා නම් රට බංකොළොත් වෙන්නේ නෑ ඒ වගේම ලංකාවේ ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් ඇති වෙන්නේ නෑ ජාත්යන්තර මූල්ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතාවලට විරුද්ධව සමගි ජනබලවේගය ඡන්දය භාවිතා කළේ නෑ ජාත්යන්තර මූල්ය අරමුදල සමග ගනුදෙනු කරන්න එපා කියලා සමගි ජනබලවේගය කිව්වේ නෑ එහෙම කියලා තිබෙනවා නම් ඒ බව සනාථ කරලා පෙන්වන්න ජාත්යන්තර මූල්ය අරමුදලේ සමාජිකයන් සමග විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කබීර් හෂීම් මහතා ඉරාන් වික්රමරත්න මහතා සහ මා සාකච්ඡා කළා ඒ අවස්ථාවේදී අපි ඔවුන් සමග සාකච්ඡා කළා ජාත්යන්තර මූල්ය අරමුදල සමග ශ්රී ලංකාව ඇති කරගත් ගිවිසුමේ සිදුකළ යුතු වෙනස්කම් මොනවාද කියලා ජාත්යන්තර මූල්ය අරමුදල සමග රනිල් වික්රමසිංහ ජනාධිපති අත්සන් කළ ගිවිසුම සමග සමගි ජනබලවේගය කටයුතු කරන්න සුදානම් නෑ ඒ ගිවිසුම වෙනස් කළ යුතුයි ජාත්යන්තර මූල්ය අරමුදල සමග රනිල් වික්රමසිංහ ජනාධිපති අත්සන් කළ ගිවිසුමේ තිබෙන ගැටලු විශ්ලේෂනාත්මක සමගි ජනබලවේගය තේරුම් ගෙන තිබෙන්නේ ඒ වගේම ආණ්ඩුවේ සිටින පිරිසක් ජාත්යන්තර මුල්ය අරමුදල සමග ශ්රී ලංකාව ඇති කරගත් ගිවිසුමට විරුද්ධව ඡන්දය දුන්නා නමුත් ඔවුන් දැන් කියනවා ජාත්යන්තර මුල්ය අරමුදල සමග කටයුතු කළ යුතුයි කියලා චීනය ජපානය ඉන්දියාව ඇතුළු ණය හිමියන්ගේ කණ්ඩායම සමග ශ්රී ලංකාව එකඟතාවයකට පැමීණිම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය සතුටු වෙනවා රජය ඇති කරගන්න ගිවිසුම්වලින් රටේ ජනතාවට සුගතියක් වෙනවානම් ඊට විරුද්ධව කටයුතු කරන්න සමගි ජනබලවේගය කටයුතු කරන්නේ නෑ ණය ප්රතිව්යුහගතකරන ක්රියාවලියේදී අවශ්ය සහාය ශ්රී ලංකාවට ලබාදෙන්නැයි සමගි ජනබලවේගය චීනය ජපානය ඉන්දියාව ඉල්ලා සිටියා චීනය ජපානය ශ්රී ලංකාව සමග වසර ගණනාවක් තිබෙන රාජ්ය තාන්ත්රික සම්බන්ධතාවයේ ප්රතිඵලයක් නිසා තමයි චීනය ජපානය ඉන්දියාව ශ්රී ලංකාවට ණය සහනය ලබාදුන්නේ රටවල් අතර තිබුණ සහයෝගිතාවයේ ප්රතිඵලයක් නිසා තමයි ශ්රී ලංකාවට නිල ණය හිමියන් සමග එකඟතාවකට එන්න පුලුවන් වුණේ ණය හිමියන් සමග එකඟතාව පිළිබඳව වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවත් ඊට සහාය දෙන ලෙසත් ආණ්ඩුව ප්රකාශ කර තිබෙනවා ණය හිමියන් සමග ඇති කරගත් එකඟතාවය පිළිබඳව ණය ගෙවන කාලය 2028 වනතුරු කල් දැමීම හරහා පොලියක් ගෙවීමට සිදුවෙනවාද නැද්ද යන්න පිළිබඳව මේ කාරණා සම්බන්ධයෙන් පරිපුර්ණ විස්තරයක් අවශ්යයි ඒ වගේම දේශිය ණය ප්රතිව්යුහගත කළා සේම ජාත්යන්තර වාණිජ ණයත් ප්රතිව්යුහගත කරන්න සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා කිව්වා ඒ වගේම ශ්රී ලංකාව දේශිය ණය ප්රතිව්යුහගත කිරීම සාර්ථකව සිදු කළේ නෑ දේශිය ණය ප්රතිව්යුහගත කිරීමේදී බැංකු සහ පුද්ගලික ණය හිමියන් ඉවත් කරලා අර්ථ සාධක අරමුදලට බරක් දැම්මේ ශ්රී ලංකාව පමණයි දේශීය ණය ප්රතිව්යුහගත කරපු රටවල් විශ්රාම අරමුදල් පමණක් ඉලක්ක කරගෙන ණය ප්රතිව්යුහගතකරණය සිදුකර නෑ ශ්රී ලංකාව එය ජයග්රහණයක් ලෙස දකිනවානම් අපි ඒ පිළිබඳව කණගාටු වෙනවා ද්වි පාර්ශ්ක ණය හිමියන් සමග ශ්රී ලංකාව එකඟතාවයකට පැමිණියාට ජාත්යන්තර බැදුම්කර හිමියන් සමග සිදුවන සාකච්ඡාව සම්බන්ධයෙන් අපි විරුද්ධයි ජාත්යන්තර බැදුම්කර හිමියන් ඉදිරිපත් කරලා තිබෙන යෝජනාව රටට සුබවාදී නෑ ශ්රී ලංකාවට ණය ගෙවා ගැනීමට හැකියාවක් නෑ ණය පැහැර හරින රටක් ලෙස ස්වාධීන ආයතන විසින් ජාත්යන්තර මුල්ය වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා ශ්රී ලංකාවට ණය ගෙවා ගැනීමට හැකිවෙලා තිබෙන ස්ථානයෙන් උඩට පැමිණියොත් ඒ බව ස්වාධීන ආයතන විසින් ලෝකයට හඳුන්වා දෙනවා වාණිජ ණය ප්රතිව්යුහගතකරණය කිරීම හරහා ගෙවා ගැනීමට නොහැකි ජාත්යන්තර බැඳුම්කර සමග අලුත් ජාත්යන්තර බැඳුම්කර හුවමාරු කරගැනීමට හැකියාවක් ලැබෙනවා අලුත් බැඳුම්කර වෙළඳපොළට ඉදිරිපත් කරනවිට ඊට අලුත් ශ්රේණි ගත කිරීමක් ලබාදෙනවා ඒ හරහා ලංකාව තිබෙන ස්ථානයෙන් ඉහළට පැමිණෙනවා එය දේශපාලඥයෙකුට කියන්න පුලුවන් දෙයක් නෙවෙයි වාණිජ ණය හිමියන් සමග ණය ප්රතිව්යුහගතකරණය කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙනවානම් එය සිද්ධ විය යුත්තේ රටට සුබදායි ආකාරයට 2027 දී රටේ දළ දේශීය නිෂ්පාදනය ටි්රලියන 40 ක් වන බව ජාත්යන්තර මුල්ය අරමුදලේ ඇති අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවා ජාත්යන්තර ණය හිමියන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ තිබෙනවා ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය මැනලා ඒ ප්රමාණය ඔවුන් ඉදිරිපත් කර තිබෙන ප්රමාණවලට අඩුද වැඩිද කියන දේ මත ඔවුන් එකඟවෙන්න යන මුහුණත අගය කපා හැරීම තිරණය වන්නේ 2027 දී කියලා ජාත්යන්තර ණය හිමියන් සමග ලංකාව එකඟ වෙලා තිබෙන ආකාරයට සියයට 28 ක මුහුණත අගය කපා හැරීම සිදුවන්නේ 2028 සිට රටේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 842 නම් පමණයි සියයට 28 ක මුහුණත අගය කපා හැරීම සිදුවන්නේ ඊට වඩා වැඩියි නම් මුහුණත අගය කපා හැරීම අඩුවෙනවා 2027 දී රටේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 96 ට වඩා වැඩිනම් මුහුණත අගය කපා හැරීම සියයට 73 දක්වා අඩුවෙනවා මුහුණත අගය විශාල අගයකින් කපා හැරීමට ආණ්ඩුව එකඟවීම ලංකාවට අහිතකරයි ඒ වගේම රටේ ආර්ථිය තිබෙන්නේ පිහියේ දාරේ කියලා ජාත්යන්තර මුල්ය අරමුදල කියනවා රටේ ජනතාවගේ දරිද්රතාවය පිළිබඳව ජනාධිපතිවරයාගේ කතාවේ ඇතුළත් වුණේ නෑ රටේ දුප්පත් ජනතාව ලක්ෂ 70 ක් ඉන්නවා ඒ ජනතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කතා කළේ නෑ නමුත් සමගි ජනබලවේගයට රටේ දුප්පත් ජනතාව ලක්ෂ 70 ක් ඉන්නාවා කියලා දැනෙනවා ජනාධිපතිවරයා ඔවුන් සම්බන්ධයෙක් එක වචනයක් කතා කළේ නෑ අකිත පෙරේරා
අජිත් නිවාඩ් කබ්රාල් සහ ලලිත් වීරතුංගට එරෙහිව කොටුව මහෙස්ත්රාත් ලබාදුන් නියෝගයට එරෙහිව තිනියාවල පාලිත හිමියන් කළ පැමිණිල්ල දෙවැනි වරටත් ඉවතට
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට එරෙහිව තමන් ගොනු කළ පෞද්ගලික පැමිණිල්ල නිෂ්ප්රභ කරමින් කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා තීනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ ප්රතිශෝධන අයැදුම්පත කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ඊයේ 27දා ප්රතික්ෂේප කළේය කොටුව මහෙස්ත්රාත්වරයා විසින් නිකුත් කර ඇති එම නියෝගය නීතියට අනුකූලව ලබාදී ඇති නියෝගයක් වන බැවින් ලලිත් වීරතුංග හා අජිත් නිවාඩ් කබ්රාල් යන දෙදෙනා චෝදනාවලින් නිදහස් කරමින් ලබාදී ඇති නියෝගයට මැදිහත්වීමේ කිසිදු අවශ්යතාවයක් තම අධිකරණයට නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා මහෙස්ත්රාත් අධිකරණයේ නියෝගය ස්ථිර කළේය ශ්රී ලංකාවේ ප්රතිරූපය ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපදයේ පදිංචි පාකිස්තාන ජාතික ඉමාම් සුබේරි නමැත්තාට ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් නිසි අනුමැතියකින් තොරව ගෙවා ඇති බවට චෝදනා කරමින් තීනියාවල පාලිත හිමියන් විසින් කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් ප්රතික්ෂේප කළ කොටුව මහෙස්ත්රාත්වරයා ලෙස තිළිණ ගමගේ මහතා එම පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නම් කොට තිබූ ලලිත් වීරතුංග හා අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් නිදහස් කරමින් නියෝගයක් නිකුත් කර තිබිණි 20231004 වැනිදා නිකුත් කළ එම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා මහාධිකරණය හමුවේ ගොනු කළ ප්රතිශෝධන පෙත්සමේ පැමිණිලිකාර තීනියාවල පාලිත හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් ජ්යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ හා ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහත්වරු පෙනී සිටියහ ඒජේඒ අබේනායක
ඕනෑම මැතිවරණයක් ජයග්රහණය කරන්න අපිට ශක්තිය තියෙනවා ශ්රීලපොපෙ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ
රටේ මැතිවරණ සිතියම අකුලන්න කිසිවෙකුට අපි ඉඩ දෙන්නේ නෑ ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්නත් ජයග්රහණය කරන්නත් අපිට ශක්තිය තියෙනවා යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පෙරේදා 26 දා මැදවච්චියේදී පැවසීය ඉදිරිදියේදි පැවැත්වෙන මැතිවරණ ඉලක්කර ගනිමින් ශ්රී ලංකා පොදු පෙරමුණ රට පුරා ආසන මට්ටමෙන් පවත්වනු ලබන ආසන සමුළු මාලාවේ හත්වන සමුළුව මැදවච්චිය බස් නැවතුම්පළ අසල දී පැවැත්විය එහිදී තවදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ලෝක ඉතිහාසයේ ප්රථම වරට ත්රස්තවාදී සංවිධානයක් පරාජයට පත් කළ එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතායි එතුමා ඒ සඳහා මුල් ආරම්භය තැබුවේ මැදවච්චියේදියි එතුමා නියම එඩිතර තීරණය ගත්තේ කැබිතිගොල්ලෑවෙදි ත්රස්තවාදීන් එල්ල කල ම්ලේච්ඡ බස් රථ බෝම්බය නිසයි ඒ නිසාම මැදවච්චිය අප ඉතිහාසයේ සුවිශේෂී ආසනයක් මැදවච්චිය ආසන යනු මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම මේ රටේ ගමන් මග වෙනස් කළ ආසනයක් එදා යුද්ධය අවසන් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැඩි තීරණයක් ගත් නිසා අද අපි සියලු දෙනා නිදහසේ හුස්ම ගන්නවා එතුමා මේ රට ඒකීය රටක් බවට පත්කළා අපි රට හැදුවා රට සංවර්ධනය කළා ඕනෑම ආණ්ඩුවකින් අඩුපාඩු වැරදි සිදුවිය හැකියි අපි පිළිගන්නවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලය තුළද අඩුපාඩු වැරදි සිදුවුණා මේ රටේ කෘෂිකාර්මික ප්රතිපත්තිය වන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කෘෂිකාර්මික ප්රතිපත්තිය බව අපි වගකීමෙන් ඔබට ප්රකාශ කරනවා නමුත් එදා මහින්ද රාජපක්ෂ පාලනය වෙනස් වුණා රාජ්ය සේවය අපි ගොඩනැගිය යුතුයි ජනතාවට කාර්යක්ෂම රාජ්ය සේවයක් ලබා ගැනීමට තාක්ෂණය සමග අප ඉදිරියට යා යුතුයි අද රට යවන හිස් දරුවන් වෙනුවට වෘත්තීය පුහුණක් සහිත දරුවන් විදේශ වෙළඳපොළට යොමු කිරීමට අපි කටයුතු කළ යුතුයි අද සමහර දේශපාලන පක්ෂ දෙපැත්තට බෙදිලා තමන් ගැන විවාද කරනවා නමුත් අපි වැඩ කරන වැඩ කරල පෙන්නපු දේශපාලන පක්ෂයක් ඉදිරියටත් මේ රටේ සෑම බිම් අඟලකටම වටිනාකමක් දීමේ ප්රතිපත්තිය අපි ක්රියාත්මක කරනවා අදටත් මේ රටේ තියෙන එකම ශක්තිමත්ම දේශපාලන පක්ෂය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගූ ශ්රී ලංකා පොදු ජන පෙරමුණු බව අපි ප්රකාශ කරනවා මේ රටේ ඊළඟ ප්රබලතම දේශපාලන බලවේගය තමයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ඔබේ දරුවාගේ හෙට දවසේ අනාගතේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ බාරගන්නා බව අපි ස්ථිරවම කියනවා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිපත්ති ක්රියාත්මක කිරීම සඳහා අපි අපේ රජයක් බිහිකර ගැනීම වෙනුවෙන් ඉදිරියේදී ඔබ තමුන්නාන්සේලාගේ සහයෝගය ලබාදෙන ලෙස අවසාන වශයෙන් මා ඉල්ලා සිටිනවා නොචිචියාගම එම් එම් පී ජී පෙරේරා
සුරාබදු බිලියන 6ක් අයකර ගන්න වසර 15ක සිට නඩු
සුරාබදු දෙපාර්තමේන්තුවට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් 2023 දී අයවිය යුතු හිඟ බදු රුපියල් බිලියන හතයි දශම දෙකෙන් 72 බිලියන 06ක් පමණ අයකර ගැනීමට වසර 15ක පමණ කාලයක සිට නඩු කියන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පවසයි එසේ අයවිය යුතු මුදල්වලින් 2024 වර්ෂයේ මත්පැන් නිෂ්පාදකයන් යම් මුදල් ප්රමාණයක් ගෙවීම නිසා ගෙවීමට ඇත්තේ අධිකරණවල නඩු පවතින ඒවා සමග බිලියන හයයි දශම හතක් 67 බව ද ඒ මහතා කීය 2023 වර්ෂයට පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවට නිෂ්පාදකයන් බදු වශයෙන් රුපියල් බිලියන එකක් ගෙවීමට තිබූ බවත් ඉන් මිලියන 507 ක් ගෙවා තිබෙන බවත් ඉතිරි මුදල් මේ වසරේ නොවැම්බර් වනවිට ගෙවා දැමීමට එම සමාගම එකඟ වී ඇති බවත් ඔහු කීය 2024 වර්ෂයේදී සුරාබදු ආදායම රුපියල් බිලියන 105 ක් අපේක්ෂා කළ බවත් මාස හයක් ගතවී ඇති මේ මොහොත වන විට ඉන් බිලියන 88 ක් අයකර ගෙන තිබෙන බවත් ඒ මහතා කීය මෙය 2023 වර්ෂයේ මාස 06 හා සංසන්දනය කර බැලීමේදී සියයට 24ක ආදායමේ වැඩිවීමක් බවද ගුණසිරි මහතා කීය චමින්ද සිල්වා
සිඟාකෑම නීතියෙන් තහනම්
සිඟාකෑම නීතියෙන් තහනම් බැවින් යාචක සංගම් බිහිකිරීමට කිසිසේත් ඉඩක් නොමැති බව නීතිඥ වෛද්ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පවසයි 1941 අංක හතර පාදඩ ආඥා පනතේ තුන හතර වගන්ති මත සහ දණ්ඩ නීති සංග්රහයේ 288 වගන්තිය යටතේ සිඟා කෑම තහනම් ක්රියාවක් බවත් මහමග සිට සිරුරේ විකෘතිතා හෝ තුවාල පෙන්වමින් සිඟා කෑම පුණ්ය කටයුතුවලට හෝ රෝගී තත්ත්වයන්ට ප්රතිකාර පිණිස බව කියමින් මුදල් රැස් කිරීම දරුවන් පෙන්වමින් සිඟා කෑම නීතියෙන් සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇති බව නීතිඥ වෛද්ය සුභසිංහ මහතා පෙන්වා දෙයි එවැනි නීති විරෝධී කණ්ඩායමකට කිසිසේත්ම සංගමයක් පවත්වාගෙන යාමට ඉඩක් නැති බවද එවන් තත්ත්වයක් ඇත්නම් ඔවුන්ට නීතිය මඟින් දඬුවම් ලබාදීමට ක්රියාත්මක විය හැකි බවද ප්රකාශ කරයි හෙතෙම මේ බව ප්රකාශ කළේ පෙරේදා 26දා පස්වරුවේ නගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය විසින් පෙරහර කමිටු රැස්වීමේදී මහනුවර යාචක සංගමයක් ඇති බවට කළ ප්රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි මේ සම්බන්ධයෙන් මහනුවර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා කියා සිටියේ නාගරික කොමසාරිස්වරිය එවැන්නක් ප්රකාශ කළ නමුත් මහනුවර යාචක සංගමයක් ඇති බවට තොරතුරු අනාවරණය වී නොමැති බවය යම් හෙයකින් එවැනි සංගමයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරවරයා දිවයිනට කියා සිටියේය සමන්ති වීරසේකර
විශ්වවිද්යාල වෘත්තීය සමිති ගාල්ල බස් නැවතුම ළඟ විරෝධතාවක
විශ්වවිද්යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ දහවල් ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට පවත්වන ලදී මෙම උද්ඝෝෂණයට රුහුණ විශ්වවිද්යාලයේ පීඨ අටේම සියලුම අනධ්යයන කාර්යමණ්ඩල සේවක පිරිස සහභාගි වී සිටියහ උද්ඝෝෂකයන් කියා සිටියේ අධ්යයන දීමනාවට සාපේක්ෂව ගෙවන තමන්ගේ මාසික හිලව් දීමනාව සියයට විසිපහකින් වැඩි කළ යුතු බවය අහංගම සුගතපාල දීයගහගේ වංචාවල ගැමුණු චන්ද්රලාල්
හංසමාලිගේ කුරියර් වැඩ කළ 4කගෙන් සීඅයිඩීය ප්රකාශ ගනී
නිරූපණ ශිල්පනි පියුමි හංසමාලිට අයත් පෞද්ගලික ආයතනයේ කුරියර් සේවයේ සේවය කළ පුද්ගලයන් සිවු දෙනෙක්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ 27 දා ප්රශ්න කර ප්රකාශ ලබාගෙන ඇත මෙම කුරියර් සමාගමේ ප්රධානියා ඇතුළු සිවු දෙනකුගෙන් ප්රශ්න කර ප්රකාශ ලබාගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා 26 දා අවසර ලබාදුන්නේය අසීමිත ධනස්කන්ධයක් ඉපයීම සම්බන්ධයෙන් පියුමි හංසමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී මූල්ය විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි ඒ අනුව හංසමාලිට අයත් බව කියන සම පැහැපත් කරන ආයතනයේ කුරියර් සේවය භාරව සිටි නිලධාරියා කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය එහෙත් එම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොපැමිණි අතර අධිකරණයෙන් ඊට අවසර ලබා ගැනීමට කටයුතු කර තිබිණි ඒ අනුව ඊයේ පෙරවරු 1000 ට පමණ මෙම කුරියර් ආයතනයේ ප්රධානියා ඇතුළු සිවු දෙනකු නීති විරෝධී වත්කම් ඒකකය හමුවේ පෙනී සිටි අතර ඊයේ සවස් වනතුරුම ඔවුන්ගෙන් ප්රකාශ සටහන් කර ගැනීමට කටයුතු කර තිබිණි හේමන්ත රන්දුණු
ග්රාමනිලධාරි වර්ජනය සඳුදා තෙක් ඇදෙයි
සේවා ව්යවස්ථාවක් සකස් කිරීමටත් දීමනා වැඩි කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබිය දී ඒවා මෙතෙක් ලබා නොදීමට විරෝධය පළ කරමින් දිවයින පුරා ග්රාම නිලධාරීන් ඊයේ ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටීම සඳුදා තෙක් ක්රියාත්මක කරන බවත් විසඳුමක් නොලැබුණහොත් සඳුදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බවත් සමස්ත ලංකා නිදහස් ග්රාම නිලධාරි සංගමය පවසයි මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ මාධ්ය සාකච්ඡාවක් එම සංගමය විසින් ඊයේ 27 දා ගාල්ලේ දී පවත්වන ලදි එහි දී සමස්ත ලංකා නිදහස් ග්රාම නිලධාරි සංගමයේ ප්රධාන ලේකම් ජගත් චන්ද්රලාල් මහතා මෙසේ පැවසීය පරිපාලන නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමෙන් පසු ඔවුන්ගේ ඉල්ලීම් එක රැයකින් ලබා දුන්නා නමුත් අපට සේවා ව්යවස්ථාවක් සකස් කිරීමටත් දීමනා වැඩි කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබුණත් තවම ක්රියාත්මක කර නැහැ ඉදිරි අයවැයෙන් දෙනවා කියලා ආණ්ඩුව ප්රමාද කරනවා මේක අසාධාරණයි මේ කරන්නේ ග්රාම නිලධාරිවරු මුලා කිරීමක් එනිසා අප ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටිනවා නිසි විසඳුමක් නොලැබුණහොත් සඳුදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවා සමස්ත ලංකා නිදහස් ග්රාම නිලධාරි සංගමයේ නියෝජ්ය සභාපති බීඑම් තික්ෂණ මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය අහංගම සුගතපාල දීයගහගේ වංචාවල ගැමුණු චන්ද්රලාල්
ගුරු සටනට ස්ටාලින්ලා අදත් සාකච්ඡා
ගුරු විදුහල්පතිවරුන් සඳහා රජය එකඟ වී ඇති වැටුප් වර්ධක දෙක ලබාගැනීම සඳහා ඉදිරියේදී ගනු ලබන තීරණය පිළිබඳව අද 28දා ගුරු විදුහල්පති එකමුතුව එක්ව සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා දිවයිනට ඊයේ 27දා පැවසීය ගුරු විදුහල්පතිවරුන් සඳහා රජය ලබාදීමට එකඟ වී තිබූ වැටුප් වර්ධක තුනෙන් එකක් ලබාදී තිබෙන බවත් ඉතිරි වැටුප් වර්ධක දෙක ලබාගැනීම සඳහා පෙරේදා 26දා කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතාවයට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් ඊයේ 27දා දිනයේදී ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කළ බවත් ස්ටාලින් මහතා කීය පොලිසිය එල්ල කළ ප්රහාරයෙන් ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුවේ සාමාජිකයන් දසදෙනකු තුවාල ලැබූ බවත් ඉන් කිහිපදෙනකු ඊයේ 27දා වනවිටත් රෝහල් ගතව සිටි බවත් ඔහු කීය ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටු සාමාජිකයන් ලෙස ගුරුවරුන් විදුහල්පතිවරුන් පිරිසක් ගුරුවරුන් සහ ගුරු උපදේශකයන් කටයුතු කරන බවත් ඊයේ 27දා අසනීප නිවාඩු වාර්තා කර සිදුකළ වැඩ වර්ජනය හේතුවෙන් රට පුරා පාසල් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්ව තිබූ බවත් එහි වගකීම රජය භාරගත යුතු බවත් ස්ටාලින් මහතා කීය චමින්ද සිල්වා
ශල්ය ගෝස් පොල්ල මිලියන 300 ක්
මාස හයකට වැඩි කාලයක සිට රෝහල්වලට ශල්ය ගෝස් සපයන නිෂ්පාදකයන් සඳහා රුපියල් මිලියන 300 ක පමණ මුදල් ගෙවීම ප්රමාදවීම නිසා ශල්ය ගෝස් රෝහල්වලට සැපයීමේ හිඟයක් ඇතිවිය හැකි යැයි ශල්ය ගෝස් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි මෙය හදිසි මිලදී ගැනීම් සඳහා යෑමට දරන උත්සාහයක්ද යන්න සැක කරන බවද ඔවුහු කියා සිටිති රෝහල්වලට සැපයීම් සිදුකරන නිෂ්පාදකයන්ට ගෙවීම් කිරීම සඳහා මුදල් අමාත්යාංශයෙන් වරින්වර මුදල් ලබාදීම් සිදු කළත් වෛද්ය සැපයුම් අංශයේ ඇතැම් නිලධාරින් තම හිතවතුන්ට සහ විශාල ලෙස මුදල් ගෙවිය යුතු පිරිසට ප්රමුඛතාව දෙමින් ගෙවීම් සිදුකරන බවත් එසේ කරන්නේ කුමන අරමුණකින් ද යන්න පැහැදිලි නැති බවත් එම සංගමයේ නිලධාරියෙක් දිවයින ට පැවසීය ශල්ය ගෝස් නිෂ්පාදකයන් සඳහා මුදල් ගෙවීම් ප්රමාදවීම් සම්බන්ධයෙන් මුදල් අමාත්යාංශයෙන් සෞඛ්ය අමාත්යාංශයෙන් සහ වෛද්ය සැපයුම් අංශයෙන් විමසන අවස්ථාවල තම සංගමයේ සාමාජිකයන් වටේ යවන ක්රමයක් ක්රියාත්මක වන බවත් එම නිලධාරියා කීය මෙරට රෝහල් පද්ධතියට වසර 52ක පමණ කාලයක සිට දේශීය වශයෙන් ශල්ය ගෝස් සැපයීම මෙරට නිෂ්පාදකයන් විසින් සිදුකරන බවත් ශල්ය ගෝස් නිෂ්පාදකයන්ට යම් ප්රමාදයන් යටතේ මුදල් ගෙවීම් සිදු කරමින් සිටියත් එය 2024 වර්ෂයේ සිට අඩපණව සිදුවන බවත් ඔහු කීය ශල්ය ගෝස් නිෂ්පාදකයන් රටපුරා 300 ක් පමණ සිටින බවත් රැකියාවල 10000ක පමණ සහ යැපෙන්නන් ලක්ෂයක් 100000 පමණ සිටින බවත් නිෂ්පාදකයන් සඳහා නිසිලෙස මුදල් නොලැබීම නිසා සේවක වැටුප් ගෙවීම විදුලි ජල බිල් ගෙවීම් ඇතුළු ගැටලු රැසක් පැනනැගී ඇති බවත් ඇතැම් ආයතනවල පුහුණු ශ්රමිකයන් වෙනත් රැකියා සොයාගෙන යෑම ක්ෂේත්රයට බරපතළ පහර වැදීමක් බවත් ඔහු කීය චමින්ද සිල්වා
පාසල් ඉදිරිපිට අද සිට කළු කොඩි
ගුරු විරෝධතාවට පෙරේදා එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්රහාරවලට එරෙහිව අද දින සිට සියලුම පාසල් ඉදිරිපිට කළු කොඩි ඔසවා සහ බැනර් ප්රදර්ශනය කරමින් විරෝධතාවය පළ කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ 27දා පැවසීය විරෝධතාවට එක් වූ පරිවාස කාලයේ සිටින ගුරුවරුන් සම්බන්ධයෙන් ක්රියාමාර්ග ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා ප්රකාශ කර ඇති බවත් හැකි නම් එවැනි එක් හෝ ක්රියාමාර්ගයක් ගෙන පෙන්වන ලෙස ඔහුට අභියෝග කරන බවත් හෙතෙම සඳහන් කළේය ගුරු වර්ජනයට එරෙහිව අදහස් දැක්වූ දෙමව්පියන් පිළිබඳව කිසිදු අහිතක් නොසිතන්නයි සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය තමන්ට හිමි වැටුප් වර්ධක නිසි ලෙස ලබාදෙන ලෙස ඉල්ලා ගුරුවරුන් පෙරේදා කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කර තිබුණි අනුරාධ හිරිපිටියගේ
අනතුරුදායක වැල් පාලමෙන් ලංකා මාතාව ඉදිරියට ගෙනාවා ජනපති ජාතිය අමතයි
ශ්රී ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදරියට ගෙනආ බවත් හුණුවටයේ කතාවේ මෙන් දරුවා රැකගන්න කිසිදු සහයෝගයක් නුදුන් කණ්ඩායම් අද දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ 26 දා විශේෂ ප්රකාශයක් කරමින් පැවසීය මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිදු රටක් කෙටි කාලයක් තුළ මෙවැනි සුවිශේෂි ජයග්රහණයක් ලබාගෙන නැති බවත් මෙම ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කළ අය අනාගතයේ දිනක රටට ද්රෝහි වීමේ හේතුව මත තමන්ගේ දූ දරුවන් ඉදිරියේ ලැජ්ජාවට පත්වේවි යන්න ද ජනාධිපතිවරයා ඊයේ 26 දා විදේශීය ණය ප්රතව්යුහගත කිරීමට අදාළ ශ්රී ලංකාවේ සාර්ථකත්වය පිළිබඳ අදහස් ප්රකාශ කරමින් මෙම විශේෂ ප්රකාශය ඊයේ 26 දා රාත්රි සිදු කළේය ඩොලර් බිලියන 42ක ණය ප්රතිව්යුහගතකරණයට අදාළව ශ්රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමග ඊයේ 26දා බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට එළැඹිණි චීනයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ දී චීනයේ ශ්රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය ඉන් අනතුරුව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දී ශ්රී ලංකාවේ චීන තානාපති ක්වි ශෙන්හොන්ග් Qi Zhenhong සහ මහා භාණ්ඩාගාරයේ නියෝජ්ය ලේකම් ඒ කේ සෙනවිරත්න යන මහත්වරුන් එම අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය ඊයේ 26 දා පෙරවරුවේ පැරිස් නුවරදී ශ්රී ලංකාවේ ප්රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමග ණය ප්රතිව්යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමග අවසන් එකඟත්වයට එළැඹුණු බවත් එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමග ද ඊයේ 26 දා බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය රටට ආදරය කරන සියලුදෙනාට මෙය සුබ ආරංචියක් බව පැවසූ ජනාධිපතිවරයා ඇතැමුන් ජනාධිපති ධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී තමන් වෙහෙසෙන්නේ රට වෙනුවෙන් බවත් ඔවුන් තමන්ට ලැබෙන තනතුරු ගැන සිහින මවද්දී තමන් රටේ දියුණුව ගැන සිහින මවන බවත් සඳහන් කළේය එදා තමන් ජනතාවට ලබාදුන් පොරොන්දු පරිදිම ලංකා මාතාව යන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ඉදිරියට ගෙන ඒමට හැකි වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා හුණුවටයේ කතාවේ මෙන්ම අසීරු අවස්ථාවේ දරුවා රැක ගැනීමට බිය වූ සහ ඊට කිසිඳු සහායක් ලබා නොදුන් පිරිස් දරුවා වැල් පාලමෙන් එගොඩ වන්නත් පෙර දරුවාගේ අයිතිය ඉල්ලීමට සටන් කරන බවද කියා සිටියේය ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් ලේබලය වැදී සිටි රටක් ලෙස වසර දෙකක් තුළ මෙවැනි ප්රගතියක් ලබාගැනීම ජයග්රහණයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා මෑත ඉතිහාසයේ ආර්ථික ආගාධයට වැටී තිබූ ලොව කිසිඳු රටක් මෙතරම් කෙටි කාලයක් තුළ එම තත්ත්වයට පත්ව නොමැති බවද පෙන්වා දුන්නේය රට මුහුණදී ඇති අභියෝගය සැබෑ ලෙසම තේරුම්ගෙන ඊට ප්රායෝගික විසඳුම් ලබා දී ප්රතිඵල පෙන්වූ තමන් සමග එක්වී රට ඉදිරියට ගෙනයනවාද එසේ නැත්නම් තවමත් ප්රශ්නය තේරුම් ගෙන නැති අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමග එක් වෙනවාද යන්න රටේ ජනතාව තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා පැවසීය වැරදි පාරකට හැරුණොත් නැත්නම් පාර වරද්දා ගත්තොත් එහි භයානකකම පිළිබඳ සියලුදෙනාට අවබෝධයක් ඇති බැවින් එම තීරණය ගැනීමේ පූර්ණ අයිතිය සහ නිදහස ජනතාවට හිමිවන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව ගන්නා තීන්දුවෙන් තීරණය වන්නේ රනිල් වික්රමසිංහගේ අනාගතය නොව රටේ සහ දරු පරපුරේ අනාගතය බව ද අවධාරණය කළේය බංකොලොත්ව ආර්ථික අගාධයකට ඇද වැටී තිබුණු රට තමා ගොඩ ගත්තේ තම පක්ෂයට බලය තිබූ පාර්ලිමේන්තුවක් තමා පත් කළ රාජ්ය නිලධාරීන් හෝ තමා පත් කළ ඇමැති මණ්ඩලයක් සමග නොවන බවද පැවසූ ජනාධිපතිවරයා එම කිසිවක් නොමැතිව වසර දෙකක කාලයක් තුළ ලෝකයම විස්මයට පත් කරන ආකාරයට ආකර්ශනීය ස්ථාවර මට්ටමකට රට ගොඩනැගීමට තමාට හැකිවූ බවද වැඩිදුරටත් සඳහන් කළේය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ ප්රකාශය මෙසේය අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක් සුවිශේෂී සංධිස්ථානයක් පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක යහපත් ප්රතිඵල දැන් අපේ රටට ලැබිලා තිබෙනවා අද පෙරවරුවේ පැරිස් නුවරදී ශ්රී ලංකාවේ ප්රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමග ණය ප්රතිව්යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමග අවසන් එකඟත්වයට එළැඹුණා ඒ වගේම චීනයේ එක්සිම් බැංකුව සමගත් අප අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණියා මීට අදාළ වන විධිමත් ක්රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා රටට සැබැවින්ම ආදරේ අයට මේක සුබ ආරංචියක් ද්වීපාර්ශ්වික ණය හිමියන් සමග මෙවැනි එකඟතාවකට එළැඹීම සඳහා අප පසුගිය වසර දෙක පුරාම වෙහෙසුණා දීර්ඝ ලෙස සාකච්ඡා කළා පසුගිය කාලය තුළ ලබා ගත් ආර්ථික සාර්ථකත්වය මේ සාකච්ඡාවලදී අපට ලොකු ශක්තියක් වුණා මේ සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා අපේ ණය හිමියන් වන චීනය සහ චීනයේ එක්සිම් බැංකුවත් නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය දරන ඉන්දියාව ජපානය සහ ප්රංශයත් ඒ කමිටුවේ අනෙකුත් සාමාජිකයන් සහ පැරිස් සමාජයීය ලේකම් කාර්යාලයත් අපට ලබා දුන් සහාය පිළිබඳව මා කෘතඥ වෙනවා මේ සාකච්ඡාවලට එක්වු ශ්රී ලංකාවේ සහ අනෙකුත් රටවල නියෝජිතයන් සහ අපට උපදෙස් ලබා දුන් ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතන නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙනවා මේ එකඟතාවන් සමගම විදේශ රටවල සියලු ද්විපාර්ශ්වික ණය වාරික ගෙවිම් 2028 වසර දක්වා කල් දමා ගැනීමට අපට හැකි වේවි ඉන් පසු සහනදායි කොන්දේසි මත සියලු ණය ගෙවා අවසන් කරන්නට 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නටත් අපට අවස්ථාව ලැබේවි 2023 වසරේ අප දේශීය ණය ප්රතිව්යුහගතකරණ කටයුතු අවසන් කළා දැන් විදේශීය රටවල ද්විපාර්ශ්වික ණය ප්රතිව්යුහගතකරණ කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට අපට හැකි වී තිබෙනවා ඊළගට අපට තිබෙන්නේ විදේශීය බැදුම්කර හිමියන් ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමග එකඟතාවකට එළැඹීම මේ මාර්ගයේම ඉදිරියට යාමෙන් අපට එම එකඟතාව ඇති කර ගන්න පුළුවන් ඒ පිළිබඳ සාකච්ඡා අප අඛණ්ඩවම පවත්වාගෙන යනවා ඊයේ අප ඇතිකරගත් එකඟතාවන් නිසා අපේ ආර්ථිකයට හුස්මක් ගන්නට පුළුල් අවකාශයක් ලැබෙනවා 2022 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 92ක ප්රමාණයක් විදේශ ණය ගෙවීම් සඳහා වැය කිරීමට අපට සිද්ධ වුණා 2027 සිට 2032 දක්වා කාලය තුළ ණය ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 45කටත් අඩු ප්රමාණයක පවත්වාගෙන යාමට දැන් අපට ඉඩ සැලසේවි 2022 දී රජයේ වාර්ෂික දළ මූල්ය අවශ්යතාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 346ක් මේ එකඟතාවයන් නිසා එය 2027 2032 කාලය වන විට මෙම අවශ්යතාවය සියයට 13කට වඩා අඩු වේවි 2022 අප්රේල් මාසයේ ශ්රී ලංකාව ණය ගෙවන්න බැරි බව නිල වශයෙන් ප්රකාශ කළා ඒ ප්රකාශයත් සමගම ලෝකයේ රටවල් අපත් සමග ගනුදෙනු කිරීම නවතා දැමුවා ණය ගෙවන්න බැරි තරමට බංකොලොත් වුණු රටක් සමග මූල්ය සම්බන්ධතා පවත්වන්න කිසිම රටක් ඉදිරිපත් වන්නේ නැහැ ණය ලබා දෙන්නේ නැහැ අඩු තරමින් ණයවර ලිපියක් පවා පිළිගන්නේ නෑ මේ පසුබිම මත විදේශීය ණය ආධාර මත අපේ රටේ ක්රියාත්මක වූ සියලු ව්යාපෘති නැවතුනා ඒ රටවල් සිය ව්යාපෘති කාර්යාල වසා දමා තම තමන්ගේ රටවලට ආපසු ගියා සංවර්ධන කටයුතු මුළුමනින්ම ඇණ හිටියා නමුත් දැන් මේ අප ණය ප්රතිව්යුහගත කාර්යයේ වැදගත්ම පියවර සාර්ථක කරගත් නිසා විදේශ අරමුදල් යොදාගෙන සිදු කළ ඒ සියලු ව්යාපෘති නැවත ආරම්භ කිරීමට ඒ ඒ රටවලට නීත්යානුකූල අවකාශය උදා වෙනවා කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය සැහැල්ලු දුම්රිය මාර්ගය අධිවේගි මාර්ගය ඇතුළු ව්යාපෘති ගණනාවක් යළි ආරම්භ වෙනවා ඒ විතරක් නොවෙයි අලුත් සංවර්ධන ව්යාපෘති ගණනාවක් අපට ලබා ගැනීමට පුළුවන් ද්විපාර්ශ්වීය ණය හිමියන් අප සමග එකඟත්වයට පැමිණීම නිසා අපේ රට පිළිබඳ ජාත්යන්තර විශ්වාසය වැඩි වැඩියෙන් තහවුරු වෙනවා මෙය එක්තරා අන්දමක ජාත්යන්තර සහතිකයක් අපේ ණයවර ලිපියක් පවා පිළිගන්නේ නැතිව සිටි ජාත්යන්තරය දැන් අපට විශ්වාසය පිළිබඳ සහතිකය ලබා දෙන තත්ත්වයට පත්ව සිටිනවා අද අප ඇතිකරගත් මෙම එකඟතාවන් දෙකම අප පාර්ලිමේන්තුව හමුවේ තබනවා අපේ අගමැතිතුමා ලබන ජූලි 02 වනදා පාර්ලිමේන්තු විශේෂ සභා වාරයකදී එම එකඟතාවන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා එය අනුමත කරන්න කියා පාර්ලිමේන්තුව නියෝජනය කරන රටට ආදරය කරන සියලු කණ්ඩායම්වලින් මා ඉල්ලා සිටිනවා අප මෙතෙක් ආවේ ලෙහෙසි පහසු ගමනක් නොවෙයි පසුගිය කාලයේදී ද දුෂ්කර හා කටුක මාවතක අප ගමන් කළා අපේ ඇමතිවරු නිලධාරින් මේ කාර්යය වෙනුවෙන් වෙහෙසුණා අපේ රටේ බහුතර ජනතාව ඉවසීමෙන් යුතුව අපට සහාය වුණා අප සියලුදෙනාම විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා අසීරුතාවන්ට මුහුණ දුන්නා තවමත් මුහුණ දෙනවා සුළු පිරිසක් මේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කළා තවමත් කරනවා හැබැයි මේ ගමන නැවැත්වීමට ඔවුන්ට බැහැ අනාගතයේ දවසක ඔවුන්ට රටට ද්රෝහී වීමේ හේතුව මත තම තමන්ගේ දූ දරුවන් ඉදිරියේත් ලැජ්ජාවට පත් වෙන්න සිදුවේවි ආර්ථිකය යහපත් වෙන්න වෙන්න අප සහන ලබා දුන්නා ඒ සහන ලබා දුන්නේ ආර්ථිකයට හානියක් නොවන ආකාරයටයි ඉදිරියටත් එහෙමයි නිවැරදි මාර්ගයේ ගියොත් ආර්ථිකය ශක්තිමත් වෙද්දි වර්තමානයේ විඳින දුෂ්කරතා දවසින් දවස අපට අඩු කර ගන්න පුළුවන් දැන් අප දරන බර ක්රමයෙන් අඩු කර ගන්න පුළුවන් වර්ජනවලින් තර්ජනවලින් මේ ප්රශ්නවලට විසඳුම් සොයන්න බැහැ අප සියලුදෙනා එක් වී ආර්ථිකය ශක්තිමත් කරන්න කරන්න අපට විසදුම් මෙන්ම සහනත් ලැබෙනවා මීට අවුරුදු දෙකකට පෙර රට භාරගත් අවස්ථාවේ අපට ගමන් කරන්න තිබෙන්නේ අතිශය දුෂ්කර මාර්ගයක බව මා පෙන්වා දුන්නා සතියෙන් දෙකෙන් මාස තුන හතරකින් අවුරුද්දකින් මේ ප්රශ්න විසඳන්න බැරි බව මම කිව්වා අපට යන්න තිබෙන්නේ පතුල නොපෙනෙන දරුණු ආගාධයක් උඩින් වැටුණු වැල් පාලමේ ගමනක් බව හුණුවටයේ කතාව නාට්යය උදාහරණ කර ගනිමින් මා අවධාරණය කළා එදා අපේ රට ආර්ථික අපායකට වැටිලා තිබුණෙ රට එතැනින් ගලවා ගැනීමට ඉදිරිපත් වෙන්න බොහෝ දෙනෙක් මැලි වුණා බය වුණා නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුයි තවත් ටිකකුයි ඕන කිව්වා වගේ එක එක හේතු කිව්වා මුළු ආණ්ඩු බලයම දෙනවා නම් අප රට භාර ගන්නවා කියලා එක් පිරිසක් කිව්වා ඇමති මණ්ඩලයට තමන්ගේ අය පත් කරන්න දෙනවා නම් භාර ගන්නම් කියලා තවත් පිරිසක් කිව්වා ජනාධිපතිකම දුන්නොත් භාරගන්නවා කියලා තවත් අය කිව්වා හැබැයි මා කිසිම කොන්දේසියක් නොමැතිව මේ අභියෝගය භාරගත්තා අපේ රට අපේ රටේ ජනතාව ආර්ථික ආගාධයෙන් ගලවා ගන්න ශක්තිය මට තිබුණා වැඩ සැලැස්මක් මට තිබුණා මේ වගේ අවස්ථාවලින් රටවල් ගොඩ ආපු විධි ක්රම ගැන අවබෝධයක් සහ අත්දැකීම් මට තිබුණා ඒ වගේම මගේ සැලැසුම් සහගත ප්රතිපත්තිවලින් හා කැපවීමෙන් ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා ඒ සඳහා ජාත්යන්තර සහයෝගය දිනා ගන්න මට පුළුවන් බව මා දැනගෙන හිටියා මට තිබුණේ එච්චරයි මටම කියා මන්ත්රීවරු හිටියේ නැහැ මටම කියා ඇමති මණ්ඩලයක් හිටියේ නැහැ මටම කියා ආණ්ඩුවක් තිබුණෙත් නැහැ නමුත් මම එම අභියෝගය බාරගත්තා ඒ වෙලාවෙ මට මතක් වුණේ ලෝක ප්රකට නිර්මාණවේදී වෝල්ට් ඩිස්නිගේ කියමනක් යමක් ආරම්භ කිරීමේ නිවැරදි ක්රමය කයිවාරුව නවතා වැඩේට අත ගැසීමයි මා බය නැතුව වැඩේට අත ගැහුවා 2022 අගෝස්තු 03 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ කතාවේදී මම කඩා වැටී තිබුණු ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා අනුගමනය කරන සිව් වැදෑරුම් සැලැස්ම රටට ඉදිරිපත් කළා මා එදා සඳහන් කළ වැඩ සැලැස්ම පිළිබඳවත් එය ක්රියාත්මක කරන ආකාරය පිළිබඳවත් සියලු තොරතුරු මා විටින් විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මේ කිසිදෙයක් අප රහසිගතව කළේ නෑ සියල්ල සිදු කළේ පාරදෘශ්ය භාවයෙන් සිව් වැදෑරුම් වැඩපිළිවෙලේ මුල් කරුණු තුනම දැන් සාර්ථකව ඉදිරියට ගමන් කරනවා එයින් සනාථ වන්නේ අපේ වැඩ සැලැස්මත් අප ගමන්ගත් මාර්ගයත් නිවැරදි බවයි ණය ගෙවාගන්න බැරුව බංකොලොත් ලේබලය වැදී සිටි රටක් හැටියට වසර දෙකක් තුළ මෙවැනි ප්රගතියක් ලබා ගැනීමට හැකිවීම විශාල ජයග්රහණයක් අපි වගේම ආර්ථික ආගාධයකට වැටී තිබුණු අනෙක් රටවල්වලට මෙවැනි සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට දීර්ඝ කාලයක් ගත වුණා මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිම රටක් කෙටි කාලයක් තුළ මේ වගේ සුවිශේෂි ජයග්රහණයක් ලබාගෙන නැහැ අපේ ආර්ථිකය වැටී තිබුණු ආගාධය ගැන පැහැදිලි අවබෝධයක් අපට තිබුණා ඊට ලබා දිය යුතු නිවැරදි විසඳුම් අප දැන සිටියා අපේ දැක්ම සැලැස්ම සහ කැපවීම නිසා මේ තත්ත්වය උදාකර ගැනීමට අපට පුළුවන් වුණා ඉතින් මේ මාර්ගයේම ගියොත් හතරවැනි කරුණ එනම් 2048 වන විට සංවර්ධිත දේශයක් බවට පත්වීමත් සාර්ථක කර ගන්න පුළුවන් බව දැන් පැහැදිලි වෙලා තිබෙනවා 2022 වසර වෙද්දි පතුලටම ඇද වැටී ආර්ථික ආගාධයක තිබුණු රටක වර්තමාන තත්ත්වය මොකද්ද එක දිගට කාර්තු 6ක් හැකිලෙමින් තිබුණු අපේ ආර්ථිකය 2023 වසරේ තුන්වැනි කාර්තුවේ සිට වර්ධනය වෙන්න පටන් ගත්තා 2022 අප්රේල් වෙද්දි පත්ලටම හිඳී නන්නත්තාරව තිබුණු අපේ විදේශ සංචිත දැන් ඩොලර් මිලියන 5500 ක් දක්වා ඉහළ නැංවී තියෙනවා රුපියල ශක්තිමත් වෙලා බැංකු පොළී අනුපාත අඩුවෙලා 2022 සැප්තැම්බරයේ සියයට 70 ක්ව පැවති උද්ධමනය දැන් සියයට 09ක් දක්වා පහළ වැටිලා අය වැය ප්රාථමික ගිණුමේ ශේෂය අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකි වෙලා ඒ වගේම ගිය අවුරුද්දේ අපේ විදේශ ගිණුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්න අප සමත් වුණා මෙසේ අතිරික්තයක් ඇති කරගන්නට අප සමත් වුණේ 1977න් පස්සෙ මුල් වතාවට මේවා යහපත් ආර්ථික කළමණාකරණයක් ඔස්සේ බංකොලොත්භාවයෙන් මිදීම සඳහා අප අත්පත් කරගත් ජයග්රහණ මේ ජයග්රහණ නිසාත් ණය ප්රතිව්යුහගත කිරීමට අපේ නිල ණය හිමියන් එකඟත්වය පළ කළ නිසාත් දැන් යළිත් ජාත්යන්තර විශ්වාසය අප වෙත ලැබී තිබෙනවා මේ සමගම අප මෙතෙක් පැමිණි ගමන් මඟ නිවැරදි බව යළි යළිත් සනාථ වෙලා තිබෙනවා එය ජාත්යන්තරය ද පිළිගෙන තිබෙනවා එදා මේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව හමුවේ තබමින් රට ගැන සිතා මේ වැඩ පිළිවෙළට එක්වෙන්න කියලා සියළු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට මා ආරාධනා කළා සමහර දේශපාලන පක්ෂ ඒ ආරාධනාව පිළිගෙන අදත් මා සමග එකට එක්ව මේ ගමනට සහාය දක්වනවා හැබැයි තවත් සමහර දේශපාලන පක්ෂ විවේචනය කර කර ඉන්නවා මේ විවේචන ගැනත් යමක් සඳහන් කිරීම වැදගත් ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න කාලෙ අයිඑම්එෆ් එකෙන් තොර විසඳුමක් නෑ කියලා පම්පෝරි ගහපු අය දැන් කියන්නෙ අයිඑම්එෆ් එපා කියලා ජනතාව දුෂ්කරතා විඳිද්දි ආර්ථිකය දියුණු කරලා වැඩක් නැහැ කියපු අය දැන් කියන්නේ ඒ අය බලයට ආවාම කිරි තේ වෙනුවට කහට බොන්න වෙනවා කියලා මේ සමහර අය කරන්නේ ජනප්රිය දේශපාලනය නැත්නම් ඉස්කොල දේශපාලනය ඔවුන්ගෙ දේශපාලන ආර්ථික සහ රාජ්ය ධර්ම දැනුම ප්රාථමික පංතියෙන් ඉහළට ගිහින් නෑ කොහොම වුණත් මේ අර්බුදය ඇතිවුණු අවස්ථාවේදීම මා මේ ප්රශ්නයේ දිග පළල ගැඹුර තේරුම් ගත්තා පාර්ලිමේන්තුවේ තනි මන්ත්රීවරයෙක් හැටියට මා මේ ගැටලුව ගැන කතා කළා විසඳුම් පෙන්වා දුන්නා නමුත් සමහර අයට තාමත් මේ බරපතලකම සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට බැරි වෙලා තියෙන්නේ මා මේ රට බාර ගත්තාට පස්සෙ රට ගොඩ නැංවීමට පියවර ගණනාවක් ගත්තා ඒ පියවර නිවැරදියි කියලා තේරුම් ගන්න මේ අයට අවුරුදු දෙකක පමණ කාලයක් ගත වුණා වර්තමානයේ මා ගන්නා පියවර නිවැරදියි කියලා තේරුම් ගන්නත් ඔවුන්ට තව අවුරුදු කීපයක් ගත වේවි නිවැරදි දේ තේරුම් යන තුරු ඔවුන් කරන්නේ කෑ ගහන එක එහෙම කයිවාරු ගහන අය දිගටම කයිවාරු ගහයි පම්පෝරි ගහන අය දිගටම පම්පෝරි ගහයි ඒ ගැනත් මා ඔබට යමක් කියන්න කැමතියි අපේ රට අයිඑම්එෆ් සහාය ලබා ගත් පළවෙනි වතාව මේක නෙවෙයි මීට කලින් 16 වතාවක් අපේ රට අයිඑම්එෆ් සහාය ලබාගෙන තිබෙනවා ඒ හැම වතාවෙම ශ්රී ලංකාව අසාර්ථක වුණා ඇයි අපි කොන්දේසි කැඩුවා පොරොන්දු වූ දේවල් කළේ නෑ මූල්ය විනය රැක්කේ නැහැ අපේ රටේ ඉතිහාසයටම අයිඑම්එෆ් වැඩ සැලැස්මක් සාර්ථක කරගත් මුල්ම අවස්ථාව මෙයයි කලින් 16 වතාවෙම අප අයිඑම්එෆ් සහය ඉල්ලුවේ ණය ගෙවා ගන්න බැරි රටක් විදියට නෙවෙයි නමුත් බංකොලොත් ලේබලය වැදී තිබුණ රටක් හැටියට සහාය ඉල්ලා එවැනි සාර්ථකත්වයක් ලැබූ අවස්ථාවට නායකත්වය දීම පිළිබඳ මා සතුටු වෙනවා අවසානය මෙතැන නෙවෙයි මේ අපේ ගමනේ සංධිස්ථානයක් පමණයි මෙතැනින් අප අලුත් ආරම්භයක් ලබා ගත යුතුයි දැන් අපට ජාත්යන්තර සහතිකය ලැබී තිබෙනවා යළිත් ජාත්යන්තර විශ්වාසය ලැබී තිබෙනවා අපි එයින් ප්රයෝජන ගෙන දියුණු ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි පූර්ණ සාර්ථකත්වය ලබා ගත යුතුයි අපි පූර්ණ සාර්ථකත්වය ලබා ගත්තොත් ආයෙ කවදාවත් අපේ රටට අයිඑම්එෆ් යන්න අවශ්ය වෙන්නේ නෑ මා වෙහෙසෙන්නේ අන්න ඒකටයි මා වෙහෙසෙන්නෙ නැවත කිසි දිනෙක අයිඑම්එෆ් යන්න අවශ්ය වෙන්නෙ නැති ශක්තිමත් සහ විනයානුකූල දියුණු ආර්ථිකයක් මේ රටේ බිහි කිරීමටයි ඒ සඳහා අප වැඩ කරනවා මමත් අපේ ඇමති මණ්ඩලයත් අපේ ආණ්ඩුවත් වැඩ කරනවා වැඩ කරනවා විතරක් නෙවෙයි ඒවායේ ප්රතිඵලත් අප පෙන්නනවා අපව විවේචනය කරන සමහර කණ්ඩායම්වලට අවශ්ය දේශපාලන බලය ලබා ගැනීම පමණයි අනාගතයේ බලයට පැමිණීමට අපේක්ෂා කරන මේ දේශපාලන කණ්ඩායම් මේ වන විට ජනාධිපතිවරු පත් කරගෙනත් ඉවරයි සමහරු මේ දිනවල ගැඹුරෙන් සාකච්ඡා කරන්නේ බලයට පත් වූ විට පත් කරන ඇමති මණ්ඩලය ගැනයි තවත් අය දැනටම ඇමතිකම් බෙදා ගෙන එහෙම සමහර සිහින ඇමතිලා තමන්ගෙ ඇමතිකම බිරිඳට ලබා දෙන විදිය ගැනත් සැලසුම් කරන බව අපට ආරංචියි සිහින ඇමතිකම්වලින් ඔළුව කුරුවල් කරගත්තු අය කීදෙනෙක් අද මා මේ කරන ප්රකාශය ගැන රටට මොන තරම් බොරු කිව්වාද පුවත්පත් සාකච්ඡා පවත්වමින් බොරු කිව්වා අද මා මේ කරන කතාව සම්බන්ධයෙන් ඔවුන් කියූ සියල්ල බොරු බව දැන් රටම දන්නවා රටට කිසියම් ජයක් ලැබෙන එකට ඒ අය මේ තරම් කුපිත වෙන්නේ ඇයි රටට ලැබෙන සුබ ආරංචියක් ඔවුන් අසුබ විදියට දකින්නේ ඇයි හැම දෙයකින්ම දේශපාලන වාසි ලබා ගන්න ඔවුන් උත්සාහ කරන්නේ ඇයි බලය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් රටට ද්රෝහි වෙන්නේ ඇයි මෙවැනි අවස්ථාවාදී දේශපාලන සංස්කෘතියක් ඔවුන් නඩත්තු කරන්නේ ඇයි මෙන්න මේකයි හේතුව ඒ අය ජනාධිපති තනතුර වෙනුවෙන් වෙහෙසෙනවා අපි රට වෙනුවෙන් වෙහෙසෙනවා ඒ අය තමන්ට ලැබෙන තනතුරු සහ පට්ටම් ගැන හීන මවනවා අපි රටේ දියුණුව ගැන හීන මවනවා ඒ අය ඇමතිකම් බෙදා ගන්න සැලසුම් කරනවා අපි රට ගොඩනංවන සැලසුම් හදනවා ඒ අය ලංකාව පුරා ඇවිදිමින් බලය ඉල්ලනවා ඉස්කෝල ගාණේ ගිහින් බලය ඉල්ලනවා ලෝකය පුරා සංචාරය කරමින් බලය ඉල්ලනවා දිවා රෑ නොබලා බලය වෙනුවෙන් වෙහෙසෙනවා මා දිවා රෑ නොබලා රට වෙනුවෙන් වෙහෙසෙනවා ලංකාව පුරා ඇවිදිමින් ජනතා අවශ්යතා ඉටු කරනවා ආර්ථිකය ශක්තිමත් කරලීමේ වැඩ සටහන් දියත් කරනවා මා ලෝකය පුරා යමින් අපේ රට දියුණු කිරීම සඳහා ජාත්යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරනවා එවන් පසුබිමක මම ඔබෙන් මෙන්න මේ ප්රශ්නය අහන්න කැමතියි මුලදීම ප්රශ්නය තේරුම්ගෙන ඊට ප්රායෝගික විසඳුම් ලබා දී ප්රතිඵල පෙන්වූ මා සමග එක්වී රට ඉදිරියට ගෙනයනවාද එහෙමත් නැත්නම් තවමත් ප්රශ්නය තේරුම් ගෙන නැති අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමග එක් වෙනවාද මෙතෙක් පැමිණි නිවැරදි මාර්ගයේම ඉදිරියට ගොස් ඔබේත් රටේත් අනාගතය යහපත් කරගන්නවාද නැතිනම් මාර්ගය වෙනස් කරනවාද වැරදි පාරකට හැරුණොත් නැත්නම් පාර වරද්දා ගත්තොත් එහි භයානකකම අප සියලුදෙනා දන්නවා ඒ නිසා නිවැරදි තීරණය ගන්න ඒ තීරණය ගැනීමේ පූර්ණ අයිතිය සහ නිදහස ඔබට තිබෙනවා ඔබ ගන්නා තීරණයෙන් තීන්දු වෙන්නේ රනිල් වික්රමසිංහගේ අනාගතය නෙවෙයි රටේ අනාගතයයි ඔබේ අනාගතයයි ඔබේ දුවා දරුවන්ගේ අනාගතයයි බංකොලොත්ව ආර්ථික ආගාධයකට ඇද වැටී තිබුණු රට මම ගොඩ ගත්තේ මගේ පක්ෂයට බලය තිබූ පාර්ලිමේන්තුවක් සමග නෙවෙයි මම පත් කළ රාජ්ය නිලධාරීන් සමග නෙවෙයි මම පත් කළ ඇමති මණ්ඩලයක් සමග නෙවෙයි ඒත් ඒ කිසිවක් නැතුව අවුරුදු දෙකක කාලයක් තුළ ලෝකයම විස්මයට පත් කරන ආකාරයට ආකර්ශනීය ස්ථාවර මට්ටමකට රට ගොඩගන්න මට පුළුවන් වුණා ටිකක් හිතන්න මීට අවුරුදු දෙකකට කලින් පාරට බැස්සාම අපි දැක්කෙ මොනවාද අද අපි පාරට බැස්සාම දකින්නේ මොනවාද මා එදා ඔබට පොරොන්දු වුණා වගේම ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙන එන්නට මට පුළුවන් වෙලා තිබෙනවා දැන් වෙලා තියෙන්නෙ මොකද්ද හුණුවටයේ කතාව නාට්යයේ වගේම අසීරු අවස්ථාවේ දරුවා රැක ගන්න බය වුණු කණ්ඩායම් දරුවා රැක ගන්න කිසිදු සහයෝගයක් නොදුන් කණ්ඩායම් දැන් මේ දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා වැල් පාලමෙන් එගොඩ වෙන්න කලින්ම දරුවාව අයිති කරගන්න වෙහෙසෙනවා දරුවාව දෙපැත්තට විතරක් නෙවෙයි හැම පැත්තටම අදින්න හදනවා හැබැයි අප දන්නා හුණුවටයේ කතාව අවසානයේ දරුවාගේ හිමිකම සැබෑ මව් ගුණය ඇති අම්මාටම ලැබෙනවා නාට්යයේ පොතේ ගුරු මෙන්න මෙහෙම කියනවා දෙයක් වේ නම් යම් සුදුස්සාටම ලැබිය යුතු ය රියකරු මනාවූ ලැබිය යුතු වූ සේම අස්රිය ඉතින් හුණුවටය නාට්යයේ විනිසුරු අසඩක් වගේම ඔබ නිවැරදි තීරණය ගන්න එතකොට සුදුස්සාට සුදුසු දේම ලැබේවි අපේ රටට දීප්තිමත් අනාගතයක් උදාවේවිචමින්ද සිල්වා
1 ශ්රේණියට සිසුන් ගන්න චක්රලේඛය එයි
2025 වර්ෂය සඳහා පළමු ශ්රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක්රලේඛය අධ්යාපන අමාත්යාංශය විසින් ඊයේ 26දා නිකුත් කෙරිණ ආකෘති පත්රයට අනුව සකස් කළ අයදුම් පත්රය පුරවා සියලු ලේඛන සමග තමන්ට අදාළ වන පාසල්වල ප්රධානීන් වෙත ජූලි 31ට ප්රථම ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය සියලුම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2024 ජුනි 30 දිනට වලංගු වන පරිදිය සෑම අයදුම්කරුවකුම අවම වශයෙන් තමාට ආසන්න පළාත් සභා පාසල් 03ක් ද ඇතුළුව පාසල් 06කට ඉල්ලුම් කිරීම අනිවාර්ය වේ චමින්ද සිල්වා
පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් ගුරු උද්ඝෝෂණයට කඳුළු ගෑස් ජල ප්රහාර
ගුරු විදුහල්පතිවරුන් සඳහා ලැබිය යුතු වැටුප් වර්ධක දෙක ඉල්ලා ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුව අසනීප නිවාඩු වාර්තා කර කොටුව දුම්රියපළ ඉදිරිපිට ඊයේ 26 දා ආරම්භ කළ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කර විසුරුවාහැරීමට පොලිසිය කටයුතු කළේය විරෝධතාකරුවන් කොටුව දුම්රිය පළ ඉදිරිපිටින් විරෝධතාව ආරම්භ කර චෛත්ය පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය අනතුරුව පොලිසිය අවස්ථා තුනකදී පමණ කඳුළු ගෑස් හා ජල ප්රහාර එල්ල කළහ තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම සහ ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් අද 27 දා දිනයේ ද අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා නොකරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය අද 27දා පිළිතුරු පත්ර පරීක්ෂක රාජකාරියෙන් ද ඉවත්වන බව ද ඔහු කීය ගුරු විදුහල්පති සමිති සන්ධානය විසින් සිය ඉල්ලීම් ඉල්ලා කොටුව ප්රදේශයේ සිදුකිරීමට කටයුතු කළ විරෝධතාවය වැළැක්වීම සඳහා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ජෝසප් ස්ටාලින් මහින්ද ජයසිංහ ඇතුළු වගඋත්තරකරුවන් 08 දෙනකුට කොටුව දුම්රිය ස්ථානයේ සිට ඕල්කොට් මාවත චෛත්ය පාර ජනාධිපති මාවත ගාලුමුවදොර ඇතුළු ඒ අවට ප්රදේශයට ඇතුළුවීම වැළැක්වීම සඳහා කොටුව මහෙස්ත්රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ද ලබාගෙන තිබුණි විරෝධතාවය සඳහා ගුරු විදුහල්පතිවරු පිරිසෙන් ගුරුවරු සහ ගුරු උපදේශක යන ක්ෂේත්ර නියෝජනය කරමින් 5000කට වැඩි පිරිසක් එක්ව සිටියහ විරෝධතාකරුවන් විසුරුවාහැරීම සඳහා කඳුළු ගෑස් හා ජල ප්රහාර එල්ල කිරීමත් සමග ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුවේ සාමාජිකයන් මෙන්ම මාර්ගයේ ගමන් කළ සාමාන්ය ජනතාව ද දැඩි අපහසුතාවයට පත්ව සිටියහ නොසන්සුන් අවස්ථාවේ කොටුව අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් ද ඇතිවී තිබිණි උද්ඝෝෂකයන් කිහිපදෙනෙකුම කඳුළු ගෑස් හා ජල ප්රහාර හේතුවෙන් දැඩි අපහසුතාවයන්ට ලක්ව සිටි අයුරු ද දක්නට ලැබිණි උද්ඝෝෂකයන් විසුරුවාහැරීමට කටයුතු කළත් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමක් හෝ තුවාල සිදුවීමක් වාර්තාවී නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය අසනීප නිවාඩු වාර්තා කර ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුව ආරම්භ කළ වැඩ වර්ජනය ඉතාම සාර්ථක බවත් ඒ සඳහා ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුවේ සාමාජිකයන්ගේ සහය සියයට සියයක් ලැබී තිබූ බවත් ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය තම ඉල්ලීම් ජයග්රහණය කර ගැනීම සඳහා හෙට 28 දා ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුව නැවත සාකච්ඡා කර ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව තීරණය කරන බව ද ඔහු කීය ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුව අසනීප නිවාඩු වාර්තා කර දීපව්යාප්තව ආරම්භ කර තිබූ වෘත්තීය ක්රියා මාර්ගය හේතුවෙන් දරුවන් සහ දෙමාපියන් ද අපහසුතාවයට පත්ව තිබුණි ඇතැම් පාසල් සිසුන් පාසල්වලට පැමිණ ගුරුවරුන් නොමැතිවීම නිසා නිවෙස් වෙත ගමන් කිරීමත් ඇතැම් ප්රදේශවල සිසුන් නැවත නිවෙස් කරා දෙමාපියන් විසින් රැගෙන යන අයුරු ද දක්නට ලැබුණි ගුරු විදුහල්පතිවරුන් සඳහා සුබෝධනී කමිටු වාර්තාව මගින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා කාණ්ඩ තුනක් යටතේ වැටුප් වර්ධක ලබාදීමට එකඟවී ඉන් එක් කොටසක් ලබාදීමට මීට පෙර පියවර ගෙන තිබුණි ඉතිරි වැටුප් වර්ධක දෙක ඉල්ලා විරෝධතාව සංවිධානය කර තිබුණිචමින්ද සිල්වා ප්රදීප් ප්රසන්න සමරකෝන්
ග්රාම නිලධාරීහු අදහෙට වර්ජනයේ
සේවා ව්යවස්ථාව ග්රාම නිලධාරි සේවාවලට අවශ්ය විදිහට ලබානොදීම සහ දීමනා වර්තමානයට ගැළපෙන පරිදි ලබානොදීම යන ගැටලුවලට රජය මැදිහත් නොවීම නිසා අද 27දා සහ හෙට 28දා සියලු සේවාවලින් ඉවත්ව ග්රාම නිලධාරීන් වැඩවර්ජනයේ නිරත වන බව ශ්රි ලංකා එක්සත් ග්රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා දිවයිනට පැවැසීය අද සහ හෙට ජනතාවට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවද හෙතෙම කීය මෙම වැඩවර්ජනය සඳහා දිවයිනේ ග්රාම නිලධාරීන් 11700 දෙනකු සම්බන්ධ වන බවද හෙතෙම කියා සිටියේයප්රදීප් ප්රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය
සජිත් සංවිධායකලාට කොළඹ එන්න කියයි
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විසින් සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකයන් කොළඹට කැඳවා ඇත එම සංවිධායකයන් පසුගිය 24 දා සිට සජබ ප්රධාන කාර්යාලයට දිස්ත්රික්ක වශයෙන් වෙන වෙනම කැඳවා තිබේ මෙම සතිය පුරාම එම සංවිධායකයන් කැඳවා විවිධ දැනුවත් කිරීම් සිදු කෙරෙන බව සජබ ප්රකාශකයෙක් දිවයිනට සඳහන් කළේයඅකිත පෙරේරා
ඊ ක්රමය මග එයි ජූලි 1 කල් පනින පාස්පෝට්වලට වසරක දිගුවක්
ජූලි 01 වැනිදා සිට කල් ඉකුත් වන ගුවන් ගමන් බලපත්ර කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ ඊ පාස්පෝට් ලබා දීමේ අරමුණින් එම තීරණය ගත් බවත් ගුවන්ගමන් බලපත්රයක් වලංගු වසර 10ක කාලසීමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බවත්ය ලබන නොවැම්බර් මාසයේ සිට ඊ පාස්පෝට් නිකුත් කිරීම අරඹනු ලබන බවත් සාමාන්ය විදෙස් ගමන් බලපත්ර හිමියන් කඩිනමින් ඊ පාස්පොර්ට් ලබා ගන්නා ලෙසත් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියිඅකිත පෙරේරා
අරලියගහ මැඳුර උඩින් ඩ්රෝනා යැවූ ඉන්දියානුවෝ දෙදෙනා අත්අඩංගුවට
අරලියගහ මන්දිරයට ඉහළින් ඩ්රෝන කැමරාවට සමාන ආලෝකය සහිත උපකරණයක් ගුවන්ගත කළ ඉන්දියන් ජාතිකයන් දෙදෙනකු කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත මෙම දෙදෙනා පවසා ඇත්තේ ඉන්දියාවේ සිටින තම දරුවන්ට රැගෙනයෑම සඳහා මෙම උපකරණය කොළඹින් මිලට ගෙන එය අත්හදා බැලූ බවය කොල්ලුපිටිය පොලිසිය වැඩිදුරටත් ප්රශ්න කරගෙන යයිනෝමන් පලිහවඩන
ජනතාව පතන සුබ ආරංචිය මේ සෙට් එක එළෙව්වා කියන එක
කිරිබත් කටේ හිර කරලා ජනතාවගේ කට වහන්න නම් ආණ්ඩුව හදන්නේ ඒක හරියන්නේ නෑ ජනතාවට අහන්න තියෙන හොඳම සුබ ආරංචිය වෙන්නේ මේ හැත්ත බුරුත්තම එළෙව්වා කියන ආරංචිය මේ ජනතාව මත බර පටවන ණය උගුලක අපව හිර කරන ඉනේ තියෙන රෙද්දේ ඉඳලා ඔක්කොම විකුණන ප්රතිපත්තිය පරාජය කළා කියන ආරංචිය ඒ ආරංචිය නිකම් එන්නේ නෑ ඒක කරන්න ඕන ඒ සඳහා ජන අරගල සන්ධානය සමග එක් වෙන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා යැයි ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා පැවසීය ඊයේ 26දා සවස කොළඹ විජේරාම මාවතේ සිංහ සමාජ ශාලාවේ ජන අරගල සන්ධානයේ මාධ්ය හමුවවේදී ඔහු මේ අදහස් දැක්වීය එහිදී මුදලිගේ මහතා මෙසේ ද කීවේය රට පුරා පෝස්ටරයක් අලවලා තියෙනවා ආරංචිය සුබයි කියලා මීට කලිනුත් අපි ඔහොම පෝස්ටර් දැකලා තියෙනවා ආසියාවේ ආශ්චර්යය සුබ අනාගතයක් දින සීයෙන් අලුත් රටක් මෛත්රී පාලනයක් සෞභාග්යයේ දැක්ම වගේ ඒවා ඕවා අහලම තිත්ත වෙලා ජනතාව ඉන්නේ මේ ආණ්ඩුවට දෙන්න තියෙන්නේ ජනතාවගෙන් ලක්ෂ 70කට කන්න නෑ කියන ආරංචිය ගෙවල් ලක්ෂ 11ක විදුලි ගාස්තු ගෙවා ගන්න බැරිව විදුලිය විසන්ධි කළා කියන ආරංචිය ළමා මන්දපෝෂණය ඉතිහාසයේ වැඩිම ප්රතිශතය වන 261ට වැඩි වෙලා කියන ආරංචිය ලංකාව ලෝකයේ අඩුම වැටුප් ගෙවන රටවල් අතර 4 වෙනි තැන කියන ආරංචිය ආර්ථික අසීරුතා නිසා ඉතිහාසයේ වැඩිම පාසල් හැරයෑමේ අගය 2023දී වාර්තා වුණා කියන ආරංචිය ආණ්ඩුව පාසල් ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණයට පහර දුන්නා කියන ආරංචිය ඕවා තමයි රනිලුයි පොහොට්ටුවයි අපට දෙන සුබ ආරංචි මේවාට එරෙහිව ජන අරගල සන්ධානය සමග එක් වෙන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවාඅනුරාධ හිරිපිටියගේ
හිටපු ජනපතිවරු නඩත්තුවට වෙන් කර ඇති මුදල් මාලිමා රජයක් යටතේ කපා දමනවා සමන්ත විද්යාරත්න
2024 අයවැයෙන් හිටපු ජනාධිපතිවරු 4කට හා හිටපු ජනපති බිරිඳකට වෙන් කර ඇති සියලු මුදල් වියදම් ප්රතිපාදන නිල නිවාස ඇතුළු සියලු වරප්රසාද කපා දමන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්යාරත්න මහතා පවසයි මාලිමාවේ රජයක් යටතේ පළමු කැබිනට් තීන්දුව ලෙස එම පියවර ගන්නා බව ද දෙහිඅත්තකණ්ඩියේ ගොවි රැළිය අමතා ඔහු කීය ජනතාව බදු බරින් පීඩාවට පත්ව සිටින විට ධනපතින් විශාල ප්රමාණයක් බදු ගෙවන්නේ නැතිව සිටින බව ද ඔවුන්ට බදු නිදහස දී ඇති බව ද ඔහු කීය අපට අවශ්ය මනුෂ්යත්වය තිබෙන ජනාධිපතිවරයකු පත්කර ගැනීම බවත් මේ දක්වා විනාශකාරී ලෙස විධායක ජනපති ක්රමය දියත් වී ඇති බවත් ඔහු කීය ජාත්යන්තර මූල්ය අරමුදල සමග සිය පාලනයක් යටතේ සාකච්ඡා කරමින් ජනතාව බදු බරින් හා වෙනත් පීඩනයන් ගෙන් නොපෙළවන තත්ත්වයකට පත්කරන බව ද විද්යාරත්න මහතා එහිදී පවසා තිබේ
උසාවි නියෝගය නොතැකු ජෙරොම්ට නොතිසි
ප්රසිද්ධ ආගමික වැඩසටහනකදී සිදුකළ ප්රකාශයක් මගින් අන්ය ආගම්වලට අපහාස කළේ යැයි කියන ජෙරොම් ප්රනාන්දු නමැති දේවගැතිවරයාට ලබන මස 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට කොටුව මහෙස්ත්රාත් කෝසල සේනාධීර මහතා ඊයේ 26දා නියෝග කළේය එකී සැකකරුට ඇප ලබාගත් වහාම රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වී කටහඬ සාම්පල ලබාදෙන ලෙස අධිකරණය විසින් මින්පෙර නියෝග කර ඇතත් මේ දක්වා එම නියෝගය අනුව කටයුතු කර නොමැති බව පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්රාත්වරයා එම නිගෝය කළේයඒජේඒ අබේනායක
ප්රසන්නගේ පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්
බස්නාහිර පළාත් ප්රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ව්යාපාරිකයකු බියකර රුපියල් මිලියන 64ක මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කර මහාධිකරණය විසින් නියම කළ අත්හිටවූ සිරදඬුවම් දඩ හා වන්දි නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා අමාත්ය ප්රසන්න රණතුංග මහතා ගොනු කර තිබූ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 4 වැනිදා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ 26දා දින නියම කළේය එම ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී ශෂි මහේන්ද්රන් යන මහත්වරුන් හමුවේදී කැඳවිණි එම පෙත්සම ලබන මස 4 වැනිදා මේනකා විජේසුන්දර සම්පත් විජේරත්න පී කුමාරත්නම් සම්පත් අබේකෝන් හා මායාදුන්නේ කොරයා යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවීමට නියමිතය විත්තිකාර අභියාචක වෙනුවෙන් ජ්යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය ඉදිරිපත්වූ විමර්ශන වාර්තා සලකා බැලූ නීතිපතිවරයා විසින් ප්රසන්න රණතුංග මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා 15 ක් ගොනු කර නඩු පවරා තිබිණි එම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩුවේ පළමු වන විත්තිකාර ප්රසන්න රණතුංග මහතා අධිචෝදනා පත්රයේ 13 වන චෝදනාවට වරදකරු කර වසර පහක අත්හිටවූ බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් නියම කොට තිබිණි එයට අමතරව ඔහුට මිලියන 25ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ පළමු වන සාක්ෂිකාර ගිහාඩ් මෙන්ඩිස් නමැත්තාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසට ද 20220606 වැනිදා නිකුත් කළ එම තීන්දුව මගින් නියමකොට තිබිණි එකී දඬුවම් නියෝග විශේෂයෙන් තමන්ට නියම කළ දඩ මුදල අහෝසි කරන ලෙස ප්රසන්න රණතුංග මහතා සිය ප්රතිශෝධන අයැදුම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණිඒජේඒ අබේනායක
බ්රිතාන්ය මැතිවරණයට යාපනයේ කාන්තාවක්
යාපනයෙන් ලන්ඩනයට ගිය දෙමළ කාන්තාවක් මෙවර බ්රිතාන්ය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වී සිටියි ක්රිෂ්ණා රිෂිකරන් නමැති ඇය සිය දෙමව්පියන් අහිමි වීමෙන් පසුව ඥාතියකු සමග ලන්ඩනයට ගොස් එහි ජීවත් වී ඇත්තේ ළමා නිවාසයකය කටුක අත්දැකීම් සම්භාරයක් මැද තමන් මේ ගමන පැමිණි බව කියන ඇය දැනට ලන්ඩනයේ පුණ්යායතනයක හා තවත් ප්රජා සංවර්ධන මධ්යස්ථානයක සේවය කරයි ගෘහස්ථ ප්රචණ්ඩත්වයට එරෙහිව කටයුතු කිරීමත් සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටීමත් තම එකම බලාපොරොත්තුව බව පවසන ඇය තමන් බ්රිතාන්ය මහ මැතිවරණයේදී චැටන් සහ සෙම් යන පළාත්වලට තරග කරන බව ද පවසයි දැනට ඇය ජීවත් වන්නේ ද චැටන් ප්රදේශයේය ඇය තරග කරනු ලබන්නේ ලිබරල් ඩිමොක්රටික් පක්ෂය සමග සන්ධානගත වූ කොන්සර්වේටිව් පක්ෂයෙනිදිනසේන රතුගමගේ
ඩයනාගේ නඩුවෙන් විනිසුරුවරු දෙදෙනෙක් ඉවත් වෙති
හිටපු රාජ්ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් කළ බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමේ කටයුතුවලින් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් ඊයේ ඉවත් වූහ ප්රීති පද්මන් සූරසේන කුමුදුනී වික්රමසිංහ ජනක් ද සිල්වා යන ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම ඊයේ කැඳවිණි ඉන් කුමුදුනී වික්රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරු දෙදෙනා පෙත්සම විමසා බැලීමේ කටයුතුවලින් ඉවත් වූහ ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 5 කැඳවීමට නියම කෙරුණි වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්රම මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ හිටපු රාජ්ය ඇමැතිනී ඩයනා ගමගේ යන අයට මෙරට පාර්ලිමේන්තුවේ අසුනක් දැරීමට සුදුසුකමක් නොමැති බවට ඉකුත් 08 වැනිදා ශ්රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන් බවත් ඉන් පසුව ඉකුත් 09 වැනිදා ඇය විසින් පැවැත් වූ මාධ්ය හමුවකදී අදාළ ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් කළ ප්රකාශවලින් ශ්රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් කියා ඇත පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙනී සිටියේයඒජේඒ අබේනායක
ෆොන්සේකාගේ පොත රනිල්ගේ ප්රධානත්වයෙන්
පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත ග්රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී හෙට 28 දා සවස 400 සිදු කෙරේ මෙම අවස්ථාවට මැති ඇමැතිවරුන් ඇතුළු ආරාධිතයන් සඳහා ආරාධනා කර ඇතචමින්ද සිල්වා
කෝටි 500 මත්කුඩු තොගයේ මහ මොළකරු රටින් පනින්න හදලා
නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 500කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගය මෙරටට රැගෙන ඒමේ ප්රධානියා ලෙස කටයුතු කළ ජාවාරම්කරු හොර රහසේම මාලදිවයිනට පලා යෑමට උත්සාහ කරද්දී කටුනායක ගුවන්තොටුපළ මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් විසින් පෙරේදා 25දා රාත්රී අත්අඩංගුවට ගෙන ඇත අයිස් සහ හෙරොයින් කිලෝග්රෑම් 200ක් මෙරටට රැගෙන ආ ජාකොබ් පුතා ට්රෝලර් යාත්රාවේ හිමිකරු වන මෙම ජාවාරම්කරු මීගමුව පලඟතුරේ ප්රදේශයේ පදිංචිකරුවෙකි මේ අතර ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් අයිස් කිලෝ 150 හෙරොයින් කිලෝ 50 සහ සැකකරුවෝ හයදෙනා ඊයේ 26දා පෙරවරුවේ දික්වැල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූහ මෙම ට්රෝලර් යාත්රාවේ තිබූ අයිස් මත්ද්රව්ය පාර්සල් 138 සහ හෙරොයින් සහිත පාර්සල් 45ක් නාවික හමුදාව විසින් පොලිස් මත්ද්රව්ය නාශක අංශය වෙත භාරදී තිබේ මෙම මත්ද්රව්ය තොගය නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා මහතා විසින් ඊයේ පෙරවරුවේ පරීක්ෂා කරනු ලැබීය මෙම මත්ද්රව්ය තොගය මෙරටට රැගෙන ඒමේ ප්රධානියා ලෙස කටයුතු කළ මීගමුව පලඟතුරේ පදිංචි මත්ද්රව්ය ජාවාරම්කරු රටින් පලායන්නට සැලසුම් කර ඇත්තේ හෙරොයින් තොගය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව සැලවීමත් සමගය සැකකරු හොර රහසේම මාලදිවයින බලා යෑම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පෙරේදා හවස 630ට පමණ පැමිණ තිබේ එමිරේට්ස් ගුවන් යානයකින් එදින රාත්රී 830ට මාලදිවයින බලා යෑමට සූදානම් වූ සැකකරු ගුවන් සේවා නිෂ්කාශන කටයුතු සියල්ල නිමකර ගුවන්තොටුපළ අවසාන ආරක්ෂක කවුන්ටරය වෙත පැමිණ සිටියදී මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන්ට කොටුවී ඇත අත්අඩංගුවට ගත් ජාවාරම්කරු පොලිස් මත්ද්රව්ය නාශක අංශ මූලස්ථානය වෙත රැගෙන ගිය අතර ඔහු රැඳවුම් නියෝග මත තබාගෙන ප්රශ්න කිරීමට කටයුතු කර තිබේ පොලිස් මත්ද්රව්ය නාශක අංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයිහේමන්ත රන්දුණු සහ ටී කේ ජී කපිල
විධායක නිලධාරි වර්ජනය අත්හිටුවයි
ඉල්ලීම් දෙකක් මුල්කරගෙන රජයේ විධායක නිලධාරි සංගමය ආරම්භ කර තිබූ දෙදින වැඩ වර්ජනය ඊයේ 26දා තාවකාලිකව අවසන් කළ ද සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා ගන්නා ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව සංගමයේ සාමාජිකයන් එක්වී තීරණය කරන බව එම සංගමයේ කැඳවුම්කරු එච්ඒඑල් උදයසිරි මහතා දිවයිනට ඊයේ 26දා පැවසීය වැඩ වර්ජනය අවසන් කළත් රජයේ විධායක නිලධාරීන් ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට සම්බන්ධවීම තවදුරටත් වර්ජනය කරන බවද ඒ මහතා කීය ක්රමසම්පාදන ගණකාධිකාරී දේශීය ආදායම් පශු වෛi කෘෂිකර්ම අධ්යාපන පරිපාලන තාක්ෂණික විද්යාපීඨ ආචාර්යවරු ඇතුළු කණ්ඩායම් 18ක සාමාජිකයෝ වැඩවර්ජනය සඳහා එක්ව සිටියහ විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත්කර ගැනීම සහ අන්තර් පළාත් දීමනාවක් ලබාගැනීම යන කරුණු දෙක පදනම් කරගෙන වෘත්තීය ක්රියාමාර්ග ගත් බවද උදයසිරි මහතා කීයචමින්ද සිල්වා
අද විටින් විට වැසි
බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි අද 27දා ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි සබරගමුව පළාතේත් මහනුවර හා නුවරඑළිය දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි මාතලේ සහ හම්බන්තොට දිස්ත්රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුර උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය හම්බන්තොට සහ මොනරාගල දිස්ත්රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 4050ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි ප්රදීප් ප්රසන්න සමරකෝන්
ගෝලීය ශ්රී ලාංකික සංසදයෙන් ඡන්දය ඉල්ලන අයට දෙන ප්රශ්න මාලාවක්
ජාතික න්යාය පත්රයක් මත සමස්ත ජාතියම පෙළගැස්වීමේ අරමුණින් ගෝලීය ශ්රී ලංකා සංසදය මගින් මහජනයා විසින් ජනපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් හා පක්ෂ වෙත ඉදිරිපත් කරමින් සම්මුතියක් ඇතිකර ගැනීමට යොමු කළ යුතු ප්රශ්න මාලාවක් ඊයේ ප්රකාශයට පත් කරන ලදී දේශීය කාර්මිකයන් නිෂ්පාදනය නවෝත්පාදනය දිරිගැන්වීමට කරන යෝජනා ජාතික සම්පත් රැකගැනීමට ගන්නා පියවර සමාජ සුබ සාධන ජාතික සැලැස්ම ජනතාවගේ බදු පීඩනය අඩු කරන යෝජනා විධායක බලය විමධ්යගත කිරීමට කරන යෝජනා ජාත්යන්තර මෙහෙයුම් හා බලපෑම් පරාජය කිරීමට කරන යෝජනා නිදහස් අධ්යාපනය රැකදීම මත්ද්රව්යවලට එරෙහිව හා ජාතික ආරක්ෂාවට ගන්නා පියවර ගැන ආදී යෝජනා 20ක් එහිලා ඉදිරිපත් කර තිබේ
ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබරයට කල් යයි
සමුපකාර හා අභ්යන්තර වෙළෙඳ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එනම් 20140101 සිට 20141231 දක්වා වූ කාලය අතරතුරදී සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමෙන් රජයට රුපියල් එක්කෝටි විසිඅට ලක්ෂයකට අධික මුදලක් පාඩු සිදුකිරීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 23 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ 26දා නියෝග කළේය එම නඩුවේ පැමිණිල්ලේ 4 සහ 5 වැනි සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට ද නියෝග කළ විනිසුරුවරයා එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඊයේ 26දා අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිල්ලේ තුන්වන සාක්ෂිකරුට නියෝග කළේය ජොන්ස්ටන් ප්රනාන්දු සතොස හිටපු සභාපති එරාජ් ප්රනාන්දු සහ සතොස හිටපු ක්රියාකාරි අධ්යක්ෂ කාජා මොහිදින් සාකිර් යන විත්තිකරුවෝ තිදෙනා ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ අමා විජේසිංහ මහත්මිය සමග නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥ නිරෝෂන් සිරිවර්ධන නවින් ජයමාන්න නීතිඥ අජිත් වික්රමසිංහ යන මහත්වරුන් සමග නීතිඥ නෙරංජන් ඊරියගොල්ල මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේයඒ ජේ ඒ අබේනායක
එළවළු මිල අහස උසට
පවතින අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගාවන්ට සිදුවූ හානිය හේතු කොටගෙන කොළඹ මැණිං වෙළෙඳපොළේ එළවළු වල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව මැණිං වෙළෙඳපොළේ සංවිධායක අනිල් ඉන්ද්රජිත් මහතා ඊයේ 26දා දිවයිනට පැවසීය ඒ අනුව ඊයේ 26දා ගෝවා කිලෝව රුපියල් 180200 කැරට් 500600 ලීක්ස් 600700 මාළු මිරිස් 700 තක්කාලි 500600 දෙහි 12001300 ඉඟුරු 28003000 අතර මිල ගණන්වල පවතින බවද ඔහු කීවේය අනිකුත් සෑම එළවළු වර්ගයකම මිලද අධික ලෙස ඉහළ ගොස් ඇති බව ඒ මහතා සඳහන් කළේයධර්මසේන වැලිපිටිය
ජනාධිපති පරිසර සම්මාන ප්රදානය 28 දා
ශ්රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් මධ්යම පරිසර අධිකාරිය සංවිධාන කරන ජනාධිපති පරිසර සම්මාන 2024 සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මේ මස 28 වැනිදා පෙරවරු 10 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වෙයි මෙම අවස්ථාවට පරිසර රාජ්ය ඇමැති ජානක වක්කුඹුර වෙළෙඳ හා පරිසර රාජ්ය ඇමැති එස් වියාලේන්ද්රන් පරිසර අමාත්යාංශයේ ලේකම් නීතිඥ ප්රභාත් චන්ද්රකීර්ති යන මහත්වරුන් චීනය ඊජිප්තුව ඉන්දියාව ඇමරිකා එක්සත් ජනපදය පකිස්ථානය බංගලාදේශය එක්සත් රාජධානිය කැනඩාව සහ ඉරානය ආදී රටවල තානාපතිවරුන් මධ්යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්රනාන්දු මහතා මධ්යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් පී බී හේමන්ත ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් සම්මානලාභීන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය මෙවර ජනාධිපති පරිසර සම්මාන උළෙල සඳහා අයදුම්පත් 901ක් ලැබී තිබුණු අතර ඒ අතුරින් රන් රිදී ලෝකඩ සහ කුසලතා ආදී වූ ජනාධිපති සම්මාන 124ක් පිරිනැමීමට නියමිතය
රටේ පාලකයන් ඉතා දක්ෂ ලෙස පුරවැසියන් රවටනවා ඉහළ ණය බරතාව ගැන පොදු ජනතාව දැනගත යුතුයි
අප රට දෙස් විදෙස් ඩොලර් බිලියන 92කට වැඩිය ණය බවත් ඊට අමතරව තවත් ඩොලර් බිලියන 16ක ණය පොළියක් ඇති බවත් මේ ඉහළ ණය බරතාව ගැන අප රටේ පොදුජනතාව අවබෝධයක් ලබා ගත යුතු බවත් එවිට පාලකයන්ට තවදුරටත් නොමග යවන්න හෝ රැවටීම්වලට ලක් කිරීමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය ද්විපාර්ශ්වීය බහු පාර්ශ්වීය සහ පෞද්ගලික ජාත්යන්තර ස්වරී බැදුම්කර ණය අප රටට ඇති බවත් අප රට අයිඑම්එෆ් එකත් සමග අවබෝධතාවකට පැමිණ ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියක නිරත වන බවත් එහි දී ණය ප්රතිව්යුහගත කරන කොට සාධාරණ ප්රමාණයක් ණය ගෙවන්න අවස්ථාව ලබා දෙන්න කියා ඉල්ලීම් සිදු කරන බවත් මේ ගිවිසුම්වලට එළැඹෙන විට ලක්ෂ 220ක් ජනතාව ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය නමුත් මේ වන විට රටේ දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ දී රටේ වැඩකරන ජනතාවගේ කරපිට වැඩි බරකුත් විදේශීය ණය හිමිකරුවන්ට සහනදායී වැඩපිළිවෙළක් ක්රියාත්මක වන ආකාරයේ ගිවිසුමක් ක්රියාත්මක බවත් මේ ගැන රටේ පුරවැසියා දැනුවත් විය යුතු බවත් එසේ නොතිබුණහොත් පාලකයෝ කියන කියන පදයට ලක්ෂ 220ට නටන්න සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ ජුනි 25 කොළඹ කඩුවෙල මුණිදාස කුමාරතුංග විද්යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 261 වැනි අදියර යටතේ රුපියල් 1177000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමේ කණ්ඩායමේ දූදරුවන්ට ඇඳුම් ලබා ගැනීම පාසල් සංවර්ධන ගිණුමට රු ලක්ෂයක මුදලක් පරිත්යාග කළේය සමස්ත ලංකා ජයග්රහණ ලැබීමට අපේක්ෂාවෙන් සිටින දක්ෂ බෙරවාදනයක නිරත වූ දරුවන් දෙදෙනාට එක් දරුවකට රු25000 බැගින් රු50000ක මුදලක් ද පරිත්යාග කළේය මේ වන විට අර්ථසාධක අරමුදල් කප්පාදුවක් පවා සිදුව ඇති බවත් පාසල් දරුවන් මෙන්ම පුරවැසියන් ද මේවා ගැන අවබෝධයෙන් සිටිය යුතු බවත් රටේ තාවකාලික භාරකරුවන් වන පාලකයන් මොනවගේ ගිවිසුම්වලට ද එළැඹෙන්නේ කියා දැන ගැනීමේ අයිතිය හැමෝටම ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය රටේ පාලකයන් දක්ෂ ලෙස පුරවැසියන් නොමග යැවීම රැවටීම සිදු කරන බවත් වැරදි දත්ත වැරදි තොරතුරු අදහස් ජනතාව අතර ප්රචලිත කරන බවත් මේ රට දියුණු වීමට ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඉහළ යා යුතු බවත් පාලකයන් කියූ පමණික් හැමදේම පිළිනොගෙන විවේචනාත්මකව ඒ දෙස බැලිය යුතු බවත් නිවැරදි දත්ත හා නිවැරදි තොරතුරු දැන ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය වැටී තිබෙන ආර්ථිකයෙන් රට ගොඩ ගන්න නම් දැනුම කේන්ද්රීය ආර්ථිකයක් ගොඩගත යුතු බව රටම පිළිගන්නා බවත් දැනුම කේන්ද්රීය ආර්ථිකයක් ඇති කරන්න නම් සුහුරු අධ්යාපනය ප්රවර්ධනය කළ යුතු බවත් බංකොලොත් අපේ රටේත් පාසල් පද්ධතිය ශක්තිමත් කළ යුතුව තිබියදීත් රටේ පාසල් 10096න් උසස් පෙළ ඇත්තේ පාසල් 3000ක පමණක් බවත් එතරින් ගණිත හා විද්යාව ඇත්තේ පාසල් 1000කට අඩු ප්රමාණයක බවත් මේ රටේ මුළු පාසල් ප්රමාණයෙන් 10ක ගණිත හා විද්යාව ක්ෂේත්රය තිබීම බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය විවිධ අය අප රටේ තොරතුරු තාක්ෂණ විප්ලවයක් ඩිජිටල්කරණයට ලක් කිරීමක් කරන බව කිව්වත් තොරතුරු තාක්ෂණ විෂය උගන්වන්නේ 6 වැනි ශ්රේණියේ සිට බවත් එය 113 ඉංග්රීසි භාෂාවෙන් ඉගැන්විය යුතු බවත් ඊට අමතරව අනිවාර්ය විෂයක් කළ යුතු බවත් මේවා කියද්දී සමහර අය කළබල විය හැකි බවත් තමා මේ දේවල් කරන්නේ නිසි භෞතික හා මානව සම්පත් වර්ධනය කිරීමෙන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය අපි රටක් ලෙස ලෝකයත් එක්ක තරග කරන අතරතුර නිදහස් අධ්යාපනය රැක ගත යුතු බවත් අද වන විට යමක් කමක් ඇති පවුල්වල නිදහස් අධ්යාපනය ලැබූ දූදරුවන් පෞද්ගලික අධ්යාපනය ලබන බවත් එයට හේතුව රජයේ පාසල්වල සම්පත් හිඟකම සහ ගුණාත්මක බව අඩු වීම බවත් මේ නිසා ඉහළ ප්රතිඵල ලැබූ කලා උපාධිධාරීන් පවා රැකියා නොමැතිව මහපාරේ උද්ඝෝෂණය කරන බවත් මේ වන විට උපාධිධාරීන් 50000ක් පමණ රැකියා නොමැතිව සිටින බවත් මොවුන්ට පෞද්ගලික ආයතනවල පවා රැකියා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීයසුගත් ප්රේමතිලක කඩුවෙල
අධිකරණ ඇමැතිගේ ප්රකාශය විවේචනය කරමින් නිවේදනයක් නිකුත් කළ විනිසුරු දෙදෙනා වරප්රසාද කමිටුවට කැඳවන්න
පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර අධිකරණ ඇමැතිවරයා විසින් අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් සිදු කරන ලද ප්රකාශයක් පිළිබඳව කරුණු දක්වමින් පෙරේදා 24දා ප්රකාශයක් නිකුත් කළ විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් සිදුකොට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ 25දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේය 2010 සැප්තැම්බර් 1 වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ චක්රලේඛය මගින් දිසා විනිසුරුවරු හා මහෙස්ත්රාත්වරු ප්රසිද්ධ ප්රකාශ කිරීම් කළහොත් විනයානුකූල පියවර ගත හැකි බව සඳහන්ව ඇති බවද ඇමැතිවරයා තම ලිපියෙන් පෙන්වා දී තිබේ සමස්ත අධිකරණ පද්ධතියටම බලපෑම් වන පරිදි අධිකරණ ඇමැතිවරයා එම විවේචනයන් අසත්යයෙන් සත්ය වෙන් කර නොගෙන කරන ලද බවත් දේශපාලන වශයෙන් තමන්ගේ පැවැත්ම අභියෝගයට ලක් කර නඩුකරයන්වලදී අධිකරණයෙන් නීතියට අනුකූලව නිකුත් කළ තීන්දු හා නියෝගවලින් අතෘප්තියට පත්වීම මතම සැලසුම් සහගතව කරන ලද බවට හා තවත් දීර්ඝ ලෙස කරුණු දැක්වුවත් අධිකරණ සේවා සංගමය විසින් එම ප්රකාශය නිකුත් කර තිබිණි කෑගල්ල දිසා විනිසුරු හා එම සංගමයේ සභාපති රුවන් දිසානායක සහ මහලේකම් ගාල්ල මහෙස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාරගේ යන මහත්වරුන් එම ප්රකාශය ඇතුළත් නිවේදනයට අත්සන් තබා තිබිණි මේ අනුව ඊයේ කථානායකවරයාට ලිඛිතව දීර්ඝ ලිපියකින් කරුණු දක්වා ඇති අධිකරණ ඇමැතිවරයා එහි මෙසේද සඳහන් කර තිබේ අධිකරණ සේවා සංගමය නිකුත් කළ දීර්ඝ ලිපිය ද අප සංක්ෂිප්තව පළ කළ නිසා ඇමැතිවරයාගේ දීර්ඝ ලිපිය ද සංක්ෂිප්තව පළ කරන බව කරුණාවෙන් සලකන්න එහි මෙසේද දැක්වේ මම අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්යවරයා වශයෙන් කටයුතු කරන අතර 2024 ජුනි මස 19 වන දින පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා විසින් අධිකරණයන්ට අදාළව නඟන ලද ප්රශ්න කිහිපයක් අලළා පිළිතුරු දෙමින් පහත සඳහන් කරුණු පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙමි මම සඳහන් කළ කරුණු කිහිපයක් මෙහි සඳහන් කරමි මා විසින් පෙර ඉදිරිපත් කළ අතර යම් කාරණා සම්බන්ධව නීතිමය තත්ත්වය පැහැදිලි කිරීමක් සභානායක අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත ඇමැතිතුමා විසින් ද සිදු කරන ලදී එකී ප්රකාශය සම්බන්ධව අධිකරණ සේවා සංගමයේ සභාපති ලෙස දිසා විනිසුරු රුවන් දිසානායක මහතා සහ ලේකම් ලෙස ඉසුරු නෙත්තිකුමාරගේ මහතා විසින් 2024 ජුනි 24 වන දින නිකුත් කර ඇති මාධ්ය නිවේදනය අනුව මා විසින් වගකීම් විරහිතව වෛරී සහගතව සිදුකරන ලද්දක් බව සඳහන් කර ඇත තවද එය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා ඉවත් කිරීම සඳහා සිදුකළ ව්යාපෘතියක් ලෙසද හඳුන්වා ඇත ඉහත කී චෝදනාවලට එම කොමිසමේ ලේකම්වරයාගේ යම් රැකවරණයක් ලැබී ඇති බව එම නිවේදනය මගින්ම තහවුරු කර ඇත එම මාධ්ය නිවේදනයේ පිටපතක් X 1 ලෙස මීට අමුණා ඇත 2010 සැප්තැම්බර් 01 දින අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ අංක 328 දරන චක්රලේකය මගින් සියලුම දිසා අධිකරණ විනිසුරුවරු සහ මහෙස්ත්රාත්වරු වෙත දන්වා ඇත්තේ ප්රසිද්ධ ප්රකාශ සිදු කිරීමෙන් එම විනිසුරුවරුන් වැළැකී සිටිය යුතු බවත් එය උල්ලංඝනය කළහොත් විනයානුකූල පියවර ගන්නා බවත්ය ශ්රී ලංකා ජනරජයේ ජනතාවගේ අධිකරණ බලය පිළිබඳ අවසාන වගකීම පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවටය පාර්ලිමේන්තුව විසින් නිශ්චිතව පවරා දෙනු ලබන බලතල ක්රියාත්මක කිරීම අධිකරණය විසින් සිදුකරනු ලබයි එම අධිකරණ ක්රියාවලිය අනීතික ලෙස සිදුකරනු ලබන්නේ නම් හෝ අයුතු ලෙස යොදාගනු ලබන්නේ නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරමින් ඒ හරහා ජනතාවට දැනුවත් වීමට අවස්ථාව ලබාදීම අධිකරණ අමාත්යවරයා වෙත පැවරී ඇති අනුල්ලංඝනීය වගකීමක් වේ ඉහත කී කාරණා පිළිබඳ සත්ය සොයා බලා නීතිමය පියවර ගැනීමට කටයුතු කිරීම අධිකරණ ක්ෂේත්රයේ සියලු විනිසුරුවරුන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමක්ව තිබියදී එම කරුණු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ද්වේෂසහගතව මාධ්යයට ප්රකාශ නිකුත් කිරීමට කිසිවකුටත් අයිතිවාසිකමක් නොමැත ඒ ජේ ඒ අබේනායක
විනිසුරුවරුන්ට අභූත චෝදනා කළොත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් නීතිඥ ප්රජාව පෙරට එනවා කොළඹ නීතිඥ සංගමයේ ප්රධානී කියයි
අධිකරණ අමාත්යවරයා පාර්ලිමේන්තු වරප්රසාදවලට මුවාවී නීතියට අනුව හා ස්වාධීනව තීන්දු ලබාදෙන විනිසුරුවරුන්ට අභූත චෝදනා නඟමින් තවදුරටත් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණයේ ස්වාධීනත්වය රැකීම සඳහා 20000ක් වූ නීතිඥ ප්රජාව පෙරට එන්නේ යැයි කොළඹ මහෙස්ත්රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ජ්යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පැවසීය දේශපාලනඥයන් විනාශ කළ අප රටේ ගෞරවය මෙතෙක් දුරට හෝ රඳා පවතින්නේ මේ රටේ අධිකරණ පද්ධතිය නීතියට අනුව හා ස්වාධීනව තීන්දු තීරණ ලබාදීම නිසා බවද පැවසූ ජ්යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණ අමාත්යරවයා උත්සාහ දරනුයේ දේශපාලනඥයන්ට හීලෑ කරගත නොහැකි කීර්තිමත් විනිසුරුවරුන් පලවා සිය හිතවතුන් එකී තනතුරුවලට පත්කර ගැනීමට බවද පැවසීය අධිකරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු වරප්රසාදවලට මුවාවී අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කළ ප්රකාශයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කැඳවා තිබූ මාධ්ය සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජ්යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මෙසේ ද පැවසීය අධිකරණ අමාත්යවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ එම ප්රකාශය නීතිඥවරුන් හැටියට අප දැඩි ලෙස හෙළා දකිනවා අධිකරණ අමාත්යවරයකු හෝ වෙනත් දේශපාලනඥයකු කුමන අභූත චෝදනාවක් නැඟුවත් ඒවාට පිළිතුරු දෙන්න විනිසුරුතුමන්ලාට අවස්ථාවක් නොමැති නිසයි අපි මේ ප්රවෘත්ති සාකච්ඡාව පවත්වන්නේ අධිකරණ අමාත්යවරයාගේ එකී ප්රකාශය ද්වේෂසහගත ප්රකාශයක් වගේම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ ප්රහාරයක් අධිකරණ අමාත්යවරයාට යම් අසාධාරණයක් වුණා නම් එය අගවිනිසුරුවරයාට හෝ ජනාධිපතිවරයාට පැමිණිලි කර විසඳාගත යුතුව තිබුණා අද අපි මේකට ඉඩ දුන්නොත් හෙටත් තවත් දේශපාලනඥයෙක් ඕනෑම පාදඩ වැඩක් කරලා තමන්ට වාසිදායක තීන්දුවක් අධිකරණයෙන් නොලැබුණ විට පාර්ලිමේන්තු වරප්රසාදවලට මුවාවෙලා විනිසුරුවරුන් විවේචනය කරන්න පුළුවන් නීතිඥවරුන් ලෙස අපි ඒවාට ඉඩදෙන්න සූදානම් නෑ අද අපේ රටේ විධායකය හා ව්යවස්ථාදායකය විනාශ වෙලා තියෙන්නේ අධිකරණයේ පමණයි ගෞරවය රැකිලා තියෙන්නේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ අරමුණින් අධිකරණයට හා විනිසුරුවරුන්ට ප්රහාර එල්ල කරන්න එපා එහෙම වුණොත් අධිකරණයේ ස්වාධීනත්වයත් විනාශ වේවි අධිකරණ අමාත්යවරයා කාගේ හරි ලණුවක් කාලා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයාව හා තවත් ඉලක්කගත විනිසුරුවරුන් කිහිපදෙනකු විවේචනය කිරීමෙන් පෙන්නුම් කරන්නේ තමන් ඇතුළු දේශපාලනඥයන් කියන දේ නොකළොත් ඔවුනට අහිතකර ප්රතිඵල ලැබනෙවා කියන එකයි ඔබලා රට කාලා විනාශ කළා එනිසා අධිකරණයත් විනාශ කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා එම ප්රවෘත්ති සාකච්ඡාවට කොළඹ නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ චින්තක ප්රනාන්දු උප සභාපති නීතිඥ සංජීව ඇන්තනි විධායක සභික නීතිඥ අසංක පෙරේරා හා ජ්යෙෂ්ඨ නීතිඥ රෙක්සි ගොඩ්වින් පියදාස යන මහත්වරු ද සහභාගි වූහ ඒජේඒ අබේනායක
ගුරු විදුහල්පතිවරු අද ලෙඩ වෙති
ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ඇතුළු ගැටලු කීපයකට රජය විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද 26දා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දස දහසකට අධික පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට කැඳවා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්රියන්ත ප්රනාන්දු මහතා දිවයිනට ඊයේ 25දා පැවැසීය එසේම අද දිවයින පුරා පාසල් දස දහසකට අධික ප්රමාණයක සේවය කරන විදුහල්පතිවරුන් දහසය දහසක් හා ගුරුවරුන් දෙලක්ෂ හතළිස් දහසක් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකරන බවත් දරුවන්ගේ පාසල් අධ්යාපන කටයුතුවලට සිදුවන බාධාවලට අධ්යාපන බලධාරීන් වගකිවයුතු බවත් හෙතෙම කීය ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් සංවිධානය කරනු ලබන මෙම දැවැන්ත විරෝධතාව අද උදෑසන පැවැත්වෙන බවද ඒ මහතා කියා සිටියේය ගුරු විදුහල්පතිවරුන්ගේ උසස්වීම් ලබා නොදීම අධ්යාපන ප්රතිපත්ති රාමුවක් මුවාවෙන් අධ්යාපනය පෞද්ගලීකරණය කිරීම දෙමාපියන්ට අධ්යාපනික බර පැටවීම ඇතුළු ගැටලුවලට විසඳුම් ඉල්ලා මෙම විරෝධතාව ක්රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය ප්රදීප් ප්රසන්න සමරකෝන් චමින්ද සිල්වා සහනොච්චියාගම එම්එම්පීජී පෙරේරා
අගමැතිගේ ඉල්ලීමට පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් ජූලි 2දා
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 02 වැනිදා පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ 25දා නිවේදනය කළේය ජූලි මාසයේදි එළැඹෙන 09 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට මීට පෙර තීරණය කර තිබිණි නමුත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි 02 වැනිදා පෙරවරු 930ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව කථානායකවරයා සඳහන් කරයි එම නිසා මෙම රැස්වීමට සහභාගි වන ලෙස හෙතෙම සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් ඉල්ලා ඇත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්රකාරව මෙම රැස්වීම කැඳවා ඇත රනිල් ධර්මසේන
ජනපති අද ජාතිය අමතයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද 26දා රාත්රී 800ට ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදු කිරීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි