Title
stringlengths
7
238
content
stringclasses
970 values
ලබන වසරේ සිට විදෙස් පර්යේෂණ යාත්රාවලට අපේ මුහුද විවෘතයි
ලබන වසරේ සිට විදේශීය පර්යේෂණ යාත්රාවලට මෙරට මුහුදු කලාපයට ඇතුළුවීමට අවසර දීමට රජය තීරණය කර තිබේ චීන යාත්රාවලට ලංකා මුහුදු තීරයට ඇතුළුවීම වැළැක්වීමට ශ්රී ලංකාවට නොහැකි බව විදේශ අමාත්ය අලි සබ්රි මහතා ජපාන රූපවාහිනිය සමග පැවැති සාකච්ඡාවකදී සඳහන් කර ඇත 2024 වසරේදී ඉන්දීය හා ඇමරිකානු වෙළෙඳාම වන චීන පර්යේෂණ යාත්රාවලට මෙරට මුහුදු කලාපයට ඇතුළුවීමට අවසර ලැබුණේ නැත 2023දී මෙන්ම 2022දී චීන පර්යේෂණ යාත්රා කොළඹ වරායට පැමිණීම ගැන ඉන්දීය රජය බෙහෙවින් කලබලයට පත්විය කෙසේ නමුත් රජය පවසන්නේ එක් එක් රටවල් සලකමින් නාවික යාත්රාවලට තහනම් පැනවිය නොහැකි බවයිචතුර පමුණුව
මැතිවරණ දින වෙනස් කරන්න ගියොත් රටේ කැළඹිලි ඇතිවෙයි
මැතිවරණය පවත්වන දින වෙනස් කරන්න ගියොත් රටේ කැළඹිලි ඇතිවිය හැකි යැයි අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඤාණරතන නාහිමියෝ පවසති සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඊයේ 08දා පෙරවරුවේ අස්ගිරි මහා විහාරයට පැමිණ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ මෙය අනවශ්ය දෙයක් යැයි ද මහනාහිමියෝ ප්රකාශ කළහ එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජීඑල් පීරිස් මහතා ජනපති නිල කාලය වසර පහක් බව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබෙන බවත් ශ්රේෂ්ඨාධිකරණය නඩු තීන්දු දෙකක් මගින් මෙයට පෙර එය තහවුරු කර තිබෙන බවත් පැවසීය මේ අවස්ථාවේ ආණ්ඩුව කළ යුත්තේ මැතිවරණ කොමිෂන් සභාවට ඔවුන්ගේ කාර්යභාරය කරගෙන යෑමට අවකාශ සැපයීම බව ද ඇතැම් ආණ්ඩුකාරවරුන් ඉහළ බලපෑම්වලට යටත්ව මැතිවරණය ඉලක්ක කරමින් තම නියෝජිතයන් ලෙස පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් පත්කර දේශපාලනික වාසි ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඒ සම්බන්ධව මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බව ද මන්ත්රීවරයා පැවසුවේය වත්මන් ජනපතිවරයා අනුප්රාප්තික ජනපතිවරයකු මිස ජනතාවගේ ඡන්දයෙන් පැමිණි පුද්ගලයකු නොවන බවත් ඔහුට පැවරී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වූ ජනවරමට අනුව ඔහුගේ ධුර කාලයට අදාළ ඉතිරි කොටස සඳහා සේවය ලබාදීම පමණක් බවත් පීරිස් මහතා ප්රකාශ කළේය මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ දේශපාලනඥයන් නොයෙක් අවස්ථාවල විවිධ අර්බුද නිර්මාණය කරමින් සිටින බවත් මෙම පසුබිම තුළ ජනතාවට දැඩි පීඩනයකට පත්ව මුංමුළා වූ ස්වභාවයෙන් ජීවත් වන බවත් පැවසූහ ජන ජීවිතය නඟාසිටුවීම සඳහා කළ යුත්තේ කුමක් ද යන්න සම්බන්ධයෙන් දේශපාලනඥයන් අවධානය යොමු කළ යුතු බවත් තමන්ගේ බලය රඳවා ගැනීම හෝ බලයට පත්වීම පිළිබඳව සාකච්ඡා කරමින් එකිනෙකාට අවලාද නඟන ස්වභාවයක් දක්නට ලැබෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන් වන හා ජනතාව ප්රාර්ථනය කරන ආකාරයෙන් නියමිත පරිදි මැතිවරණ පැවැත්වීම සුදුසු දේ යැයි ද ධම්මානන්ද නාහිමියෝ ප්රකාශ කළහසමන්ති වීරසේකර
ටැබ් සහ ස්මාර්ට් දුරකථන මගින් ජන හා නිවාස සංගණනය ජනපතිවරණයට පෙර මේ වසරේ
කොරෝනා වසංගතය නිසා 2021 වසරේ පැවැත්වීමට නොහැකිවූ ජන හා නිවාස සංගණනය ජනාධිපතිවරණයට පෙර මෙම වසරේ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජන ලේඛන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි ඒ සඳහා ගණන් ගැනීමේ නිලධාරීන් බඳවාගෙන මේ මස 15 දා සිට ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පුහුණු කිරීම් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත කොරෝනා වසංගතය නිසා 2021 වසරේ ජන හා නිවාස සංගණනය පැවැත්විය නොහැකි වූ අතර පසුව එය 2023 වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබුණත් රටේ පැවති වාතාවරණය අනුව එම වසරේ ද පැවැත්වීමට නොහැකි විය මේ සම්බන්ධයෙන් ජන ලේඛන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් විමසීමේදී කියා සිටියේ ප්රථම වතාවට ටැබ් පරිගණක මගින් සහ ස්මාර්ට් දුරකථන මගින් මෙවර සංගණනය සිදු කිරීමට බලාපොරෙත්තු වන අතර සංගණනයේ මූලික කටයුතු ආරම්භ කර ඇති බවය ඒ අනුව නිවාසවල රතු ලේබල් අලවා අවසන් කර ඇති බවද එම නිලධාරියා පැවසීය මේ වනවිට ලෝකයේ දියුණු සමහර රටවල් සංගණන පවත්වනු ලබන්නේ පරිගණක තාක්ෂණයෙන් වුවත් මෙවර ශ්රී ලංකාවේ පරිගණක තාක්ෂණය මගින් ජන හා නිවාස සංගණනයක් පවත්වන්නේ ප්රථම වතාවට බව ද ඔහු පැවසීය එම නිලධාරියා වැඩිදුරටත් මෙසේද පැවසීය ජන හා නිවාස සංගණනය සඳහා ග්රාම නිලධාරි වසම් සිතියම්ගත කිරීමේ කටයුතු සහ නිවාසවල රතු ලේබල් ඇලවීම මේ වනවිට අවසන් කර තිබෙනවා ජූලි මාසයේ සිට මුල් අදියරේ නිලධාරීන් පුහුණු කිරීමේ සැසි පැවැත්වීම ආරම්භ කරනවා මෙම සංගණනයේදී වෙනත් සංගණනවලදී මෙන් නිවෙස්වලට ගොස් පෝරම පුරවන්නේ නැහැ සංගණන නිලධාරීන් නිවෙස්වලට ගොස් නිවසේ සිට ටැබ් පරිගණකය මගින් ලබා දෙන තොරතුරු සෘජුවම ප්රධාන කාර්යාලයේ සටහන් වෙනවා ටැබ් පරිගණක ප්රමාණවත් නොවන අවස්ථාවල පමණක් නිලධාරීන් සතු ස්මාරට් ජංගම දුරකථන මගින් එම තොරතුරු ලබා ගන්නවාඅහංගම සුගතපාල දීයගහගේ
ගොවියා ණය උගුලෙන් බේරා ගන්නවා
ගොවියා ණය උගුලෙන් බේරා ගන්නා සැලැස්මක් ජාතික ජන බලවේගය සතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි ජාතික ජනබලවේගයේ නිකවැරටිය ගොවිජන රැලිය අමතමින් දිසානායක මහතා මේ කරුණු ප්රකාශ කළේය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා මෙසේද කීය කුරුණෑගල දිස්ත්රික්කයේ නිකවැරටියේ හේන් වගා කරන කුඹුරු වගා කරන දහස් සංඛ්යාත ගොවි ජනතාවක් පළමු වතාවට මෙතනට ඇවිත් ඉන්නවා අපි මේ සිටින්නේ ජනාධිපති මැතිවරණයක අභියස මැතිවරණ කොමිසමට එළැඹෙන 17දා බලය පැවරෙනවා ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දෙන දිනය කියන්නත් ඡන්දය පවත්වන දිනය කියන්නත් තව තියෙන්නේ මාස දෙකයි එක සතියයි මේ රටේ ජනතාවට අලුත් පාලනයක් ගොඩනඟා ගැනීමට හොඳ අවස්ථාවක් ඇවිත් තිබෙනවා මේ ඡන්දය කල් දාගන්න රනිල් වික්රමසිංහ විවිධ උප්පරවැට්ටි දැම්මත් ඒ කිසිම දෙයක් කරන්න හැකි වෙන්නේ නැහැ කිසිදු සැකයක් තියාගන්න එපා නියත වශයෙන්ම ජනාධිපති ඡන්දය නියමිත දිනයේ පැවැත්වෙනවා අද ජනතාවගේ අපේක්ෂාවක් තිබෙනවා වෙනසක් ඕනැයි කියලා මේ වෙනස මොන වගේ එකක්ද රනිල් වික්රමසිංහට අනුව වෙනස හදන්න ඉන්න ටීම් එක කවුද රවි කරුණානායක කප්පම් අරගෙන මහාධිකරණයෙන් වැරදිකරු වී අවුරුදු හතරකට ඇඟ බැඳපු කෝටි දෙකහමාරක දඩයක් ගහල ලක්ෂ විස්සක වන්දියක් නියම කරමින් තීන්දුවක් ලද පොහොට්ටුවේ ඇමැති ගම්පහ ප්රසන්න රණතුංග පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාපු එයාර් පෝර්ට් එකේ සේවකයෙකුගේ කණට ගහපු ප්රසන්න රණවීර රනිල් වික්රමසිංහ හිරේ දාන තෙක් නින්ද යන්නේ නැති බවට ප්රකාශයක් කළ මහින්දානන්ද අලුත්ගමගේ බීල මහ රෑ බන්ධනාගාරයට පැනලා සිරකරුවන් එළියට ඇදලා දණ ගස්සලා පිස්තෝල ඔලුවට තියපු ලොහාන් රත්වත්තේ මේ කණ්ඩායම් තමයි රටේ දේශපාලන වෙනසක් ඇති කරන්න රනිල් වටා එකතු වෙලා ඉන්නේ මේ අය වෙනසක් ඇති කරනවාද දැන් නම් හරිම සාමකාමියි ඒ ඡන්ද කාලෙ නිසා බලය ගත්ත හැටියේ එයාලගේ පරණ දේශපාලනය පැරණි සතා එළියට එනවා සජිත් පේමදාස කොහොම කෙනෙක්ද කියලා එයාගේ පක්ෂයේ සභාපති ෆොන්සේකා මහත්තයා කියනවා හොරු අල්ලන බලය දෙන්නෙ ෆොන්සේකා මහත්තයාට බව සජිත් පේමදාස කිවුවා ආණ්ඩු බලය ගන්න කලින් හොරෙක් ඇල්ලුවා මේ සල්ලි කොහෙන්ද කැසිනෝකාරයන්ගේ සල්ලි මේවට වන්දි ගෙවන්න සිදුවෙන බව ෆොන්සේකා මහතා කිවුවා ඒ වගේ කෙනෙකුට මේ රටේ වෙනසක් කරන්න බැහැ මේ රටේ වෙනසක් කරනවා නම් එය කළ හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණයි අපි ඔබට කියන්නේ ලංකාවේ ඉතිහාසයේ පළමුවැනි වතාවට බලය පොදු ජනතා ව්යාපාරයක් අතට මාරුකර ගැනීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා මේ අවස්ථාව අපි අත්නොහැරිය යුතුයි
ඡන්දයක් දිනන්න බැරි රටේ නායකයා ව්යවස්ථාවේ හිල් හොයනවා
ජනවරමක් නැති ජනතා විශ්වාසයක් හා පිළිගැනීමක් නැති ඡන්දයක් දිනන්න බැරි වත්මන් රටේ නායකයා ව්යවස්ථාවේ සිදුරු සොයමින් යන පුද්ගලයකු බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය මේ අයට රට ගොඩනගන්න තියා සංවර්ධනය කරන්නවත් නොහැකි බවත් රට වෙනස් කරන්න වුවමනාවක් නොමැති බවත් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ව්යවස්ථාවේ සිදුරෙන් රිංගා ගෙන තමන් පෝෂණය කරන කුඩා කණ්ඩායම් ටික කුප්රකට ගජමිතුරු සංගම් ටික රැකගැනීම බවත් මේ සිටින්නේ අනුප්රාප්තික ජනාධිපතිවරයෙක් බවත් ජනතා බලයෙන් හා ඡන්දයෙන් ආව අයෙකු නොවන බවත් මොහුට පොදු ජනතාව ගැන හැඟීමක් නොමැති බවත් ඔහුගේ අරමුණ තමන් බලයට ගෙන ආ රට විනාශ කළ හොරු කණ්ඩායම ආරක්ෂා කිරීම බවත් සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ගම්පහ පැවැති සමගි ජන බලවේගයේ ජන පවුර වැඩසටහන අමතමිනි සෑම වාර්තාවකින්ම සඳහන් වන්නේ වත්මන් රජය පරාජිතයි කුජිතයි අනාථයි කියා බවත් ඒ නිසා මාලිගා කුමන්ත්රණ හරහා සටකපට වංචාකාරී දේශපාලනය හරහා 24 පැයම 365 දවසම බොරු කියමින් රවටමින් ප්රවෘත්ති ස්ථාපිත කිරීම තුළින් ජනාධිපතිවරයා හොර කල්ලියක් සමඟ ව්යවස්ථාව උල්ලංඝනය කරමින් යන බවත් මේ කුප්රකට බල තන්හා කුමන්ත්රණය ජන බලයෙන් ජන සවියෙන් පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය ජනතාව ඉදිරියට ඒමට මොවුන් බයවී ඇති බවත් ඉතිහාසයේ ප්රථම වතාවට වාමාංශික බලවේග දක්ෂිණාංශික බලවේග සිංහල දමිළ මුස්ලිම් බර්ගර් ආදී බහුතරය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය වටා ඒකරාශී වී ඇති බවත් මෑත කාලයේ ආණ්ඩු බිහි වූයේ බහුතර ජන බලයෙන් නැත්නම් වෙනත් කොට්ඨාසවල සුළු ජනතාවගේ බලවේගවලින් වුවත් මෙවර සමගි ජන බලවේගය ඓතිහාසික වරමක් ලබාගන්නේ ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව බවත් විපක්ෂ නායකවරයා පැවසීය වාර්ගික බෙදීම් ඉක්මවා ගොස් පොදුජන රජයක් ගොඩනගන බවත් සැණකෙළි වෙනුවට සේවය පරම යුතුකම බවට පත් කරන බවත් කල්ලිවාදය නොව සත්ජාතිකත්වය මැද මාවත තුළින් සමාජ ප්රජාත්න්ත්රවාදී ගමනක් තුළින් රට ගොඩගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය තමා අගමැතිකම බාර නොගත් බවට වත්මන් ජනාධිපති කියන බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ ඉල්ලීම සිදුකරන විට ජනතාවගේ කොන්දේසි ප්රජාතන්ත්රවාදී කොන්දේසි ඉදිරිපත් කළ බවත් ජනතාවගේ ජන අරගලය පාවා නොදුන් බවත් එහිදී ගෝඨාභයට කොන්දේසිවලට එකඟ වෙන්න කිව්වත් පස්ස දොරෙන් ගිහින් වත්මන් ජනාධිපති බලයට බාර ගත් බවත් ජනාධිපති බලයට කෑදර වුවත් තමා බලයට කෑදර නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය 2018 ඔක්තෝබර් කුමන්ත්රණය අවස්ථාවේ රනිල් අස්කරලා අගමැති වෙන්න 71 වතාවක් ආරාධනා කළ බවත් තමා ප්රතිපත්තිගරුකව නිසි ස්ථාවරයේ එදා සිටි බවත් කුමන්ත්රණවලින් බලයට එන ගමන සමගි ජන බලවේගයේ ප්රතිපත්තිය නොවන බවත් ආසනයක්වත් දිනා ගත නොහැකි දේශපාලනයේ කුණු කූඩයට වැටුණු අයට බලය නොමැති කොට නින්ද නොයන බවත් කොතැන සිටියත් ජන බලය ඇත්තේ සමගි ජන බලවේගය සතුව බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය මනමාලයාට වඩා පිරුවටේ ඇදගෙන ආව කෙනා ආඩම්බරයි කියා කියමනක් ඇති බවත් අදත් වන්නේ එය බවත් අනුන්ගෙන් ඉල්ලාගත් තනතුරෙන් නිරුවත වසාගෙන ඉන්න ගමන් මනමාලයාට වඩා ආඩම්බරකාර පුද්ගලයෙකු අප රටේ සිටින බවත් මේ රටේ ජනතාවට උත්තර දෙන්න අවස්ථාව එන බවත් එළඹෙන ජනාධිපතිවරයේදී හොරු රකින රට බංකොලොත් කළ හොරු කණ්ඩායම ආරක්ෂා කරන මේ ආණ්ඩුව ගෙදර යවන බවත් වික්ෂ නායකවරයා පෙන්වා දුන්නේය ව්යවස්ථා කුමන්ත්රණවලින් ක්රමයේ වෙනසක් සිදුකළ නොහැකි බවත් ක්රමය වෙනස් කළ හැක්කේ ජනවරමින් පමණක් බවත් සමගි ජන බලවේගයේ සහ තමාගේ ඩීල් එක් ඇත්තේ ලක්ෂ 220 ජනතාව සමඟ බවත් හොරුත් සමග සමගි ජන බලවේගයේ ඩීල් නොමැති බවත් ජඩ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවත් එය ජනවරමත් සමඟ සිදු කරන බවත් හෙතෙම අවධාරණය කළේයගම්පහ සුසිල් රණමුක
සංචාරක ව්යාපාරයෙන් මාස 6ට ඩොලර් බිලියන 15ක ආදායමක්
මේ වසරේ පළමු මාස හය තුළ සංචාරක ව්යාපාරයෙන් ලැබූ ආදායම ඩොලර් බිලියන 15 ඉක්මවා තිබේ මෙය පසුගිය වසරේ ලැබූ ආදායමට වඩා 77ක වැඩි වීමකි ගතවූ මාස හය තුළ පැමිණි සංචාරකයන්ගේ ප්රමාණය මිලියනය ඉක්මවා තිබේ ජුනි මාසයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 113 ඉක්මවා තිබේචතුර පමුණුව
පිටුපස සිටින්නේ ජවිපෙ පෙරටුගාමීන් හා සජබයි
මේ සියලු වැඩවර්ජන පිටුපස සිටින්නේ ජවිපෙ පෙරටුගාමීන් සහ සජබ යන දේශපාලන පක්ෂවල කණ්ඩායම් යැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා පවසයි තව පෝය 03කින් තමන්ගේ ආණ්ඩුවක් පත් කරන බව පවසන වැඩවර්ජන ක්රියාත්මක කරන පිරිස්වල නායකයන් බලයට පැමිණි පසු රුපියල් 25000 රජයේ සේවක දීමනාව දෙනවා දැයි තමන් විමසන බවද රත්නප්රිය මහතා කීය රාජ්ය සේවකයන්ගේ වැටුප් හා දීමනා ගෙවීම සඳහා රජය වාර්ෂිකව රුපියල් බිලියන 93ක් වැයකරන පසුබිමක රජයේ සංවර්ධන කටයුතු ක්රියාත්මක කිරීම රාජ්ය සේවකයන්ගේ වගකීම බවද ඔහු අවධාරණය කරයි රාජ්ය සේවකයන්ට මීට මාස දෙකකට පෙර රුපියල් 10000කින් වැටුප් වැඩිකර තිබියදී නැවතත් රුපියල් 25000ක් ඉල්ලා සිටීම කොතරම් සාධාරණ දැයි රත්නප්රිය මහතා ප්රශ්න කරයි සෞඛ්ය අධ්යාපන ප්රවාහන වරාය විදුලිය දුම්රිය ඛනිජතෙල් බැංකු ආදී ක්ෂේත්ර ගණනාවක සේවකයන් තම සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යනවිට ඇතැම් සේවක කණ්ඩායම් වැඩ වර්ජනයන් සිදුකරන්නේ රට නැවත ආර්ථික වශයෙන් කඩාවැට්ටවීමට බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේයචමින්ද සිල්වා
වර්ජනයට අපි නෑ GMOA කියයි
රාජ්ය සේවය සහ පළාත් රාජ්ය සේවයේ වෘත්තීය සමිති අද 09දා සහ හෙට 10දා ක්රියාත්මක කරන වෘත්තීය සමිති ක්රියාමාර්ගයනට තමන් සහාය පළ නොකරන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි ඉහළ යන ජීවන වියදම ප්රවාහනය සහ බදු ප්රතිපත්තිය වෛද්යවරුන් ඇතුළු සියලු රාජ්ය සේවකයන්ට ගැටලුකාරි වුවත් මෙම තත්ත්වයට යම් සාධනීය විසඳුම් ලැබී ඇති බැවින් මෙම වර්ජන ක්රියාමාර්ග වෙත වෛද්යවරුන් ලෙස තමන් සහාය පළ නොකරන බව ඊයේ 08දා පැවැති මාධ්ය හමුවකදී එම සංගමය කියා සිටියේය කිසිදු වෘත්තීය සමිතියක් මේ දක්වා වර්ජනය පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බවත් එය රාජ්ය සේවයට සහ සෞඛ්ය සේවයට ඇති කරන බලපෑම සැලකිල්ලට ගනිමින් රටපුරා සිටින සිය සංගමයේ සාමාජිකයන් කිසිදු වෘත්තීය ක්රියාමාර්ගයකට එක් නොවීමට තීරණය කළ බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටීසුජීව තත්සර
අනධ්යයන සේවක ප්රශ්නයට ආණ්ඩුව වහා මැදිහත් වී විශ්වවිද්යාල සක්රීය කළ යුතුයි
වහාම අනධ්යයන සේවකයන්ගේ ප්රශ්නයට විසඳුමක් ලබාදී විශ්වවිද්යාල පද්ධතිය සක්රීය කිරීම ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බව සමගි බුද්ධි මණ්ඩපය නියෝජනය කරන විශ්වවිද්යාල ආචාර්යවරු පැවැසූහ විශ්වවිද්යාල පද්ධතිය තුළ විශ්වවිද්යාල ආචාර්වරු අනධ්යයන සේවක කාර්යය මණ්ඩලය සමඟ සුහදව කටයුතු සිදුකරන බවත් විශ්වවිද්යාල ආචාර්වරු සහ අනධ්යයන සේවක කාර්ය මණ්ඩලය අතර ව්යාකූලභාවයක් ඇති කරන්න වර්තමාන රජය කටයුතු කරන බවත් විශ්වවිද්යාල ආචාර්යවරු සඳහන් කළහ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ 08දා පැවැති සමගි බුද්ධි මණ්ඩපයේ මාධ්ය හමුවේදී විශ්වවිද්යාල ආචාර්වරු මේ බව පැවැසූ අතර එම මාධ්ය සාකච්ඡාවට ආචාර්ය මහිම් මෙන්ඩිස් මහාචාර්ය උපුල් දිසානායක මහාචාර්ය අනුර කුමාර ආචාර්ය අජිත් සෙනෙවිරත්න ආචාර්ය සමරකෝන් සහ මහාචාර්ය ගාමිණී රත්න ශ්රී යන මහත්වරු සහභාගි වූහ සමගි බුද්ධි මණ්ඩපයේ මාධ්ය ප්රකාශක ආචාර්ය මහිම් මෙන්ඩිස් මහතා විශ්ව විද්යාල ක්ෂේත්රය සහ අනෙකුත් ක්ෂේත්රවල තිබෙන ප්රශ්නවලට පිළිතුරු ලබාදීමට රජය අපොහොසත් වෙලා තිබෙනවා රටේ විශ්වවිද්යාලවල අනධ්යයන සේවකයන්ගේ ප්රශ්නය සම්බන්ධව පරප්පර විරෝධි ප්රකාශ නිකුත් නොකර හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට රජය වහාම කටයුතු කළ යුතුයි මාස දෙකකට වැඩි කාලයක් ගතවී තිබියදීත් තවම අනධ්යයන සේවකයන්ගේ ගැටලුව විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වී තිබෙන මොහොතක රටේ අනෙකුත් ප්රශ්න විසඳීමට හැකියාවක් වර්තමාන රජයට තිබෙනවාද කියල ප්රශ්නය මතුවෙනවා අනධ්යයන සේවකයන්ගේ ගැටලුව විසඳුමක් ලබාදීමට නොහැකි වී තිබෙන්නේ ඊට විශ්වවිද්යාල ආචාර්යවරුන් විරුද්ධ නිසා බව රජය රට තුළ මතයක් නිර්මාණය කරන්න උත්සහ කරනවා අනධ්යයන සේවකයන් සමඟ විශ්වවිද්යාල ආචාර්යවරුන් විශ්ව විද්යාල තුළදී කටයුතු කරන්නේ ඉතා සමීපව ඒ නිසා විශ්වවිද්යාල ප්රජාව තුළ ව්යාකූල පරිසරයක් ඇති කරන්න රජයට උත්සහ නොකරන්නැයි රජයේ ඉල්ලා සිටිනවා ශිලාචාර රජයක් එවැනි කටයුතු සිදුකරන්නේ නෑ අනධ්යයන සේවකයන්ට රජය ලබාදී තිබෙන පොරොන්දු අනුව ඔවුන්ගේ ගැටලු ඉතාම ඉක්මනින් විසඳිය යුතුයි ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා විශ්වවිද්යාල අනධ්යයන සේවකයන්ගේ වර්ජනයට මේ වනවිට දින 70 ක් පමණ වනවා විශ්වවිද්යාල අනධ්යයන සේවකයන්ගේ වැටුප් ගැටලුව විසඳන බව ඇමැතිවරු පොරොන්දු ලබාදී තිබෙනවා මේ සඳහා මිලියන 400 ක් වෙන් කර තිබෙන බව සුරේන් රාඝවන් ඇමැතිවරයා පවසා තිබෙනවා අනධ්යයන සේවකයන්ගේ වැටුප් ප්රශ්නයට අමාත්යාංශය සතුව මුදල් තිබෙන බව සුසිල් ප්රේමජයන්ත ඇමැතිවරයා පවසා තිබෙනවා නමුත් මේ සඳහා අවශ්ය වන මුදල් නැති බව මහ බැංකුව පවසනවා අනධ්යයන සේවකයන්ගේ ප්රශ්නය විසඳන්න ඇමැතිවරු දෙදෙනාම කැමැති වෙලා තිබෙනවා ඒ සඳහා ඔවුන් පොරොන්දු වෙලා තිබෙනවා ඇමැතිවරු දෙදෙනා තමයි මේ වර්ජනය පවත්වාගෙන යන්නේ ඇමැතිවරු දෙදෙනා ලබාදෙන පොරොන්දු මත වර්ජනය අත්හරින්නත් අනධ්යයන සේවකයන්ට නොහැකි වෙලා තිබෙනවා මේ නිසා විශ්වවිද්යාල පද්ධතිය අකර්මන්ය වෙලා තිබෙනවා විශ්වවිද්යාලවලට අලුතින් ළමුන් ඇතුළත් කරගන්න ක්රමයක් නෑ විශ්වවිද්යාල තුළ සිටින ළමුන්ට නිසි අධ්යාපනයක් ලබාදීමට හැකියාවක් නෑ මෙය ආණ්ඩුවේ ක්රමන්ත්රණයක් විදිහට තමයි අපි දකින්නේ වර්ජනයේ නිරත පිරිසගේ රැකියා නැති කරන බව පවසමින් ඔවුන් බිය ගන්වන්න ආණ්ඩුව උත්සහ කරනවා ආණ්ඩුවේ ප්රධාන ප්රතිපත්තිය වන්නේ රටේ විශ්ව විද්යාල පද්ධතිය වසා දැමීම ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙලගස්වන ආයතනයක් ලෙස විශ්වවිද්යාල පද්ධතිය පත්වෙයි කියන බය ආණ්ඩුවට දැන් දැනිලා තිබෙනවා ඒ නිසා නොවැම්බර් මාසය දක්වා අනධ්යයන සේවක වර්ජනය ඇදගන්න ආණ්ඩුව උත්සහ කරන බවට තොරුතුරු වාර්තා වෙලා තිබෙනවා සමගි බුද්ධි මණ්ඩපයේ සභාපතිවරයෙක් වන මහචාර්ය ගාමිණි රත්නශ්රී මහතා විශ්වවිද්යාල පද්ධතිය තුළ විශ්වවිද්යාල ආචාර්වරු අනධ්යයන සේවක කාර්යය මණ්ඩලය සමඟ කටයුතු සිදුකරනවා විශ්වවිද්යාල ආචාර්වරු සහ අනධ්යයන සේවක කාර්යය මණ්ඩලය බේද කරලා ව්යාකූලභාවයක් ඇති කරන්න වර්තමාන රජය කටයුතු සිදුකරනවා ඒ වගේම ගුරුවරුන්ගේ ප්රශ්නයත් දිග් ගස්සන තැනට ආණ්ඩුව වැඩ කටයුතු සිදුකරනවා දරුවන් සහ ගුරුවරුන් අතර ඝට්ඨනයක් ඇති කිරිමේ අයුරින් රජය කටයුතු සිදුකරනවා එය ඛේදනීය තත්ත්වයක් දින 70 කට අධික කාලයක් විශ්ව විද්යාල වසා දැමීම තුළින් විශාල ධනයක් රජයට ඉතිරි වෙනවා රටේ අධ්යාපනය විනාශ කරනවා කියන්නේ රජයකට තවත් වටිනා දෙයක් ඉතිරි වෙන්නේ නෑ කියන එකයි ඒ නිසා හිතා මතා විශ්වවිද්යාල පද්ධතිය වසා දමා ඒ හරහා ධනය ඉතිරි කරගන්න රජය උත්සහ කරනවා මෙලෙස ඉතිරි කරන ධනයෙන් ආණ්ඩුව ඔවුන්ගේ මඩිය තර කරගන්නවා මිසක වෙන කිසිදු දෙයක් සිදුකරන්නේ නෑ විශ්වවිද්යාල දරුවන් පාරට බැසීම නතර කිරීමට තමයි ආණ්ඩුව මේ වර්ජනය දිග් ගැස්සීමෙන් බලාපොරොත්තු වෙන්නේ එවැනි මර්දනකාරී වැඩපිළිවෙළක් මගින් තමයි රජය පාලනය ගෙන යන්න උත්සහ කරන්නේ
වර්ජකයන් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීමට වැට් බද්ද 20 21 කට ඉහළ දාන්න වෙනවා
වර්ජනයේ නිරත රාජ්ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම ලබාදීමට කටයුතු කළහොත් දැනට පනවා තිබෙන 18ක වැට් බද්ද 2021ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත් මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ 08දා පැවති සාකච්ඡාවට එක් වෙමිනි මේ වන විට රාජ්ය සේවයට අදාළ වෘත්තීය සමිති කිහිපයක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්රියාත්මක කර ඇති වෘත්තීය ක්රියාමාර්ගය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා ලබාදිය හැකි සාධනීය විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ මෙම වසරේදී වැටුප් වැඩිකිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති නමුත් රාජ්ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව මගින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 අයවැය මඟින් රාජ්ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී සඳහන් කෙරිණි රාජ්ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩි වීමක් ලබාදුනහොත් දැනට පවතින වියදමට අමතරව වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්ය වන බවත් රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කළහොත් ඒ සඳහා තවත් රුපියල් බිලියන 280ක් අවශ්ය වන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දුන්නේය මෙම ආදායම සොයාගැනීමට නම් දැනට තිබෙන ආදායම උපරිම ලෙස කළමනාකරණය කර ගත්තද බදු වැඩිකිරීමටද සිදු වන බව පෙන්වා දුන් ඒ මහතා රුපියල් දස දහසකින් වැටුප් වැඩි කිරීමට නම් 2 ක පමණ වැට් බදු වැඩි කිරීමක් සිදු කළ යුතු බවද සඳහන් කළේය එසේම වෘත්තිය සමිති ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම සිදු කිරීමට නම් 3කට වඩා වැට් බදු වැඩි කිරීමට සිදුවන බව පෙන්වා දුන් ඒ මහතා එය මෙම අවස්ථාවේ සිදු කළ නොහැක්කක් බවත් දැනටමත් වැට් බද්ද 18 ක් වැනි උපරිම මට්ටමක පවතින බවත් සඳහන් කළේය රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සමඟ මීට පෙර මෙන් මහ බැංකුවට මුදල් මුද්රණය කිරීමේ අවස්ථාවක්ද නොමැති බව පෙන්වා දුන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා එසේ සිදු කළහොත් ජාත්යන්තර මුල්ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථක කර ගැනීමට අවස්ථාව නොලැබෙන බවද කියා සිටියේය ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්එච්එස් සමරතුංග මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර මෙම වසරේදී රාජ්ය සේවකයන්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම අසීරු කාර්යයක් වුවත් ලබන වසරේ අයවැයෙන් ඒ සඳහා ප්රතිපාදන වෙන් කරන බව ජනාධිපතිවරයා පැහැදිළිව ප්රකාශ කර තිබෙන බව ඒ මහතා සඳහන් කළේය වැටුප් සම්බන්ධයෙන් පවතින විෂමතා අධ්යයනය කර වාර්තා කිරීම සඳහා වෙනම විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවද ඒ මහතා පැවසීය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රජයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ
පුංචි ඡන්දය ලෙසින්ම රජයේ මුද්රණාලය හරහා ජනාධිපතිවරණයත් අතුරුදන් කිරීමේ කුමන්ත්රණයක්
ජනාධිපතිවරණය ආසන්නයේ රජයේ මුද්රණාලය යොදාගනිමින් ජනපතිවරණය කල් දැමීමේ කුමන්ත්රණයක් පවතින බවට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ පිවිතුරු හෙළ උරුමය මාධ්ය හමුවට එක් වෙමිනි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය පසුගිය පළාත් පාලන මැතිවරණය කල්දැම්මේ ඡන්ද පත්රිකා මුද්රණය කරන්න රජයේ මුද්රණාලය මුදල් ඉල්ලීම හරහා ඉතිහාසය පුරාම මැතිවරණවල මුද්රණ වියදම මැතිවරණ කොමිසම විසින් මුද්රණාලයට ගෙව්වේ මැතිවරණය පැවැත්වීමෙන් පස්සේ නමුත් පසුගිය පුංචි ඡන්දයේ දී මුද්රණාලය මැතිවරණ කොමිසමට කිව්වා ඡන්ද පත්රිකා මුද්රණය කරන්න නම් මුදල් කලින් ගෙවන්න කියලා මැතිවරණ කොමිසම ඒ මුදල භාණ්ඩාගාරයෙන් ඉල්ලුවාම භාණ්ඩාගාරය මුදල් නෑ කිව්වා ඒ නිසා පුංචි ඡන්දය අතුරුදන් වුණා ජනාධිපතිවරණය අතුරුදන් කරන්නත් ආණ්ඩුව මුද්රණාලය භාවිතා කිරීමේ කුමන්ත්රණයක් හෙළි කරගන්න අපට පුළුවන් වුණා මුද්රණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දිරි දීමනා ක්රමවේදයක් සකස් කරන්න ඇමැති මණ්ඩලය විසින් කමිටුවක් පත් කළා ඒ කමිටු වාර්තාව පසුගියදා අගමැතිතුමා විසින් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා ඒ වාර්තාව නිසා අද මුද්රණාලයේ නිලධාරීන් කුපිත වෙලා ඉන්නේ එක පැත්තකින් අලුත් දිරි දීමනා ක්රමයෙන් තිබෙන දිරි දීමනාත් කපා දාලා ඒ වගේම බොරැල්ලේ තිබෙන මුද්රණාලය පිහිටි ඉඩම විකුණා මුද්රණාලය ඈත පළාතකට ගෙන යන්නත් යෝජනා කරලා මුද්රණාලය සැපයුම් ලබා දෙන අමාත්යාංශ ආසන්නයේ තිබිය යුතු ද නැතිනම් ඈත පළාතකට ගෙනි යන්න ඕනි ද කියන එක සංවාදය කරලා තීරණය කරන්න ඕනි මාතෘකාවක්එරික් ගාමිණී ජිනප්රිය
පොරොන්දු ඉටු නොකළොත් සෞඛ්ය වෘත්තීය සමිතිත් සටනට අරඅඳී
සෞඛ්ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීමට ඇති කරගත් එකඟතාවන් ලබාදීම තවදුරටත් ප්රමාද කරන්නේ නම් සිය සන්ධානයද රාජ්ය සේවාවේ වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්රියාමාර්ගයට සහාය පළ කිරීමට තීරණය කරන බව දන්වමින් සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය ඊයේ 08දා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත සෞඛ්ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට අදාළ තාක්ෂණික වාර්තාවේ පළමු කොටස ගෙවීමෙන් අනතුරුව ඉතිරි කොටස ගෙවීම පිළිබඳව එකඟතාවන් ලබාදීමට රජය පොරොන්දු වුවත් මෙතෙක් ඒ පිළිබඳව සාධනීය ක්රියාමාර්ග ගෙන නැතැයි ද එම සන්ධානය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ එසේම සෞඛ්ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා රජයට තිබූ ආර්ථික අපහසුතා සත්ය නොවන බව රජය විසින් විවිධ පාර්ශ්ව සඳහා දීමනා ලබාදීමේ ක්රමවේදයන් මගින් මේ වනවිට තහවුරු කර ඇති බැවින් සිය සන්ධානය සමග ඇති කරගත් එකඟතාව යථාර්ථයක් කිරීමට මැදිහත් වන ලෙසද සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතාගේ අත්සනින් යුතු ලිපිය මගින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතසුජීව තත්සර
රාජ්ය සේවක වර්ජනයේ අපේක්ෂාව බිලියන 300ක අමතර වියදමක්
ඊයේ සහ අද 8 9 දෙදින වැඩ වර්ජනය මගින් බලාපොරොත්තු වෙන්නේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 300ක පමණ අමතර වැයක් පිළිබඳවය යැයි මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ 8දා රට පුරා ආරම්භ කර ඇති වැඩවර්ජනය පිළිබඳව අනුරාධපුරයේදී මාධ්ය වෙත අදහස් දක්වමිනි වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්ය අමාත්යවරයා මෙසේ ද කීය පවුල් ලක්ෂ 20කට උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා දීම ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත් දිළිඳු පවුල් ලක්ෂ විසිහතරකට අස්වැසුම ඇතුළු සහනාධාර ලබා දීම අඩු ආර්ථික අපහසුකම් ඇති පවුල් ලක්ෂයක දරුවන්ට ශිෂ්යත්ව ලබාදීම හා සියලුම රාජ්ය සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දීමට කටයුතු කර ඇති මොහොතක බදු වැඩි කිරීමකින් තොරව රට පවත්වාගෙන යෑමට නොහැකියි රාජ්ය සේවකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පවතින බදු මුදල්වලට අමතරව තවදුරටත් බදු පනවා රටේ ජනතාව පීඩනයට ලක් කළ නොහැකියි රජයේ වියදම් සහ ආදායම් මත තක්සේරු කරමින් ඇති කරගත් ණය තිරසර භාවයට බලපෑමක් සිදු වුවහොත් ජාත්යන්තර ණය හිමියන් සමඟ නැවත අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීමෙන් ආර්ථිකය ආපස්සට හැරවීමක් සිද්ධ වෙනවා විපක්ෂයට අවශ්ය පරිදි රජයට කටයුතු කිරීමට නොහැකි බව අපි මතක් කරනවා රටේ පවතින ආර්ථික තත්ත්වය කළමනාකරණය නොකළහොත් රට ආපස්සට යනවා මෙතෙක් ආරක්ෂා කළ මූල්ය විනය සහ එම මූල්ය රාමුව තුළ තවදුරටත් කටයුතු කිරීම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබන මෙම වර්ජනවල කිසිදු සාධාරණත්වයක් නැහැ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුරය පහවන තත්ත්වයට මතවාදීව සහ ආර්ථික වශයෙන් කඩාකප්පල් කිරීමට කටයුතු කළ සාම්ප්රදායික දේශපාලන ගති පැවතුම් ඇති පුද්ගලයන් වර්තමානයේ සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග කටයුතු කරමින් සිටිනවාමිහින්තලේ රංග චතූ
ප්රා ලේකම්වරුසහකාර ප්රා ලේකම්වරු අස්වැසුමෙන් අස්වෙති
අස්වැසුම වැඩසටහනට අදාළ සියලුම රාජකාරිවලින් ප්රාදේශීය ලේකම්වරු හා සහකාර ප්රාදේශීය ලේකම්වරු ඊයේ 08දා සිට ඉවත්වීමට තීරණය කර ඇතැයි ශ්රී ලංකා ප්රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය දන්වා සිටී එම සංගමයේ සභාපති එම් රංජන් ප්රියශාන්ත හා ලේකම් ජීපීඑස්ජේ ද සොයිසා යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම යෝජනා ක්රමයට අදාළව තමන්ට පවතින වෘත්තීය ගැටලු කිහිපයක් නිරාකරණය කරදෙන ලෙස මීට පෙර දෙවතාවක් ඉල්ලීම් කළ ද සාර්ථක ප්රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම ක්රියාමාර්ගය ගත් බවය අස්වැසුම වැඩසටහන ආරම්භයේ සිටම ග්රාමීය මට්ටමෙන් එල්ල වූ විරෝධතා හමුවේ එම වැඩසටහන ක්රියාත්මක කිරීමට සුවිශේෂී නායකත්වයක් ලබාදුන් ප්රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්රාදේශීය ලේකම්වරුන්ගේ මෙහෙවර රජය මගින් නිසි ඇගයීමකට ලක්කර නැතැයි ද එම නිවේදනය මගින් ශ්රී ලංකා ප්රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය අවධාරණය කර සිටීසමන් රණවීර
අඩු කළ බස් ගාස්තු කොන්දොස්තරලාගේ ග්රහණයට
බස් ගාස්තුව අඩු කළ බව ජාතික ගමනාගමන කොමිසම මගින් දැනුවත් කළද පෞද්ගලික බස් රථවල ගමන් කිරීමේදී ගාස්තු අඩු කර නැති බවට එම කොන්දොස්තරවරුන් පැවැසීම නිසා තමන් අපහසුතාවට පත්වූ බව බස් මගීහු කීපදෙනෙක් දිවයින ට පැවැසූහ රුපියල් 28ක අවම බස් ගාස්තුව මෙන්ම අනෙකුත් ගමන්වාරවලට අදාළ බස් ගාස්තු ගැන විමසීමේදී ඇතැම් බස් කොන්දොස්තරවරුන් බැණවැදුනු බවද මගීහු කියා සිටියහ බස් ගාස්තු අඩුවීම සම්බන්ධයෙන් ගාස්තු චක්රයක් ජාතික ගමනාගමන කොමිසම මගින් නිකුත් කර තිබියදී මෙලෙස බස් ගාස්තු අඩු නොකිරීම තමන්ට සිදුකළ බලවත් අසාධාරණයක් බවද ඔවුහු කියා සිටියහ මගීන්ගෙන් එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් අප ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ කියා සිටියාය අවම බස් ගාස්තුව රුපියල් 28යි අනෙකුත් බස් ගමන්වාරවලට අදාළවත් ගාස්තු අඩු කරලයි තියෙන්නේ ගාස්තු අඩු කරලා නැහැ කියලා කොන්දොස්තරවරුන් රියැදුරන් කියනවා නම් 1955ට ඇමතුමක් දාලා පැමිණිලි කරන්න අනිවාර්යයෙන්ම බස් රථයේ අංකය වෙලාව දිනය මොන මාර්ගයේ ධාවනය වන බස් රථයක්ද කියලා කියන්න මගී ජනතාවට වන අසාධාරණය වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම පෙනී සිටිනවා ප්රදීප් ප්රසන්න සමරකෝන්
විධායක නිලධාරීන්ට එකඟ වූ 25000 ඉල්ලා රාජ්ය සේවයේ ලක්ෂ 8ක් අද හෙට ලෙඩ වෙති
විධායක මට්ටමේ නිලධාරීන්ට රජය මගින් ලබාදීමට එකඟ වී ඇති රුපියල් 25000ක දීමනාව සමස්ත රාජ්ය සේවකයන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා රාජ්ය හා පළාත් රාජ්ය සේවා වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති 300කට ආසන්න වෘත්තීය සමිතිවල සාමාජිකයන් අද සහ හෙට 08 දා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයේ නිරතවීමට තීරණය කර ඇත මෙම වෘත්තීය ක්රියාමාර්ගයට එක්වන පිරිස සමස්ත රාජ්ය සේවකයන් ලක්ෂ 14ක් අතරින් ලක්ෂ 08ක් පමණ වන බව රාජ්ය හා පළාත් රාජ්ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා දිවයින ට ඊයේ 07 දා පැවැසීය වෘත්තීය ක්රියාමාර්ගය සඳහා රෙජිස්ට්රාර් ජනරාල් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු සේවකයන් පරිපාලන නිලධාරීන් කෘෂිකර්ම සංවර්ධන නිලධාරී රියැදුරු කාර්යාල කාර්ය සහයක කළමනාකරණ ඇතුළු වෘත්තීය සමිති 300කට ආසන්න පිරිසක් එක්වන බව ද හෙතෙම කීය මෙම වෘත්තීය ක්රියාමාර්ගය සඳහා සෞඛ්ය අධ්යාපන ජල විදුලි වරාය යන සේවකයන් සහභාගි නොවන බවත් තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු නොවුණහොත් එම ආයතනවල සේවකයන් දැවැන්ත වෘත්තීය අරගලයට සහභාගි කර ගැනීමට කටයුතු කරන බවත් සූරියආරච්චි මහතා කීය කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ හෙට 09 දා ගුරුවරුන් ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයට එක්වන බවය එදිනම රුපියල් 20000ක දීමනාවක් ඉල්ලා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයේ නිරත වන බව ඒකාබද්ධ සෞඛ්ය සේවක සංගමයේ ප්රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පැවැසූහ ලෙඩ නිවාඩු වාර්තා කිරීමෙන් අනතුරුව දහවල් 1200ට රාජ්ය පරිපාලන අමාත්යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමටත් හෙට දිවයින පුරා ප්රධාන නගර ආශ්රිතව විරෝධතා පැවැත්වීමටත් කටයුතු කරන බව ද උන්වහන්සේ පැවසූහ වෘත්තීය සමිති ඉල්ලන 25000ක දීමනාව ලබාදීම මේ අවස්ථාවේ අපහසු බව වෘත්තීය සමිති තේරුම් ගත යුතු යැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා දිවයිනට පැවැසීය පසුගිය අප්රේල් මාසයේදී රාජ්ය සේවකයන්ට රුපියල් 10000ක් වැඩි කර ලබාදී තිබියදී තවත් රුපියල් 20000ක දීමනාවක් ඉල්ලා සිටින්නේ රට අකර්මන්ය කර රටේ ආර්ථිකය තවත් අර්බුදයකට ගෙන යෑමට බව ද ඔහු කීය 2022 වර්ෂයේ ගෑස් ඉන්ධන නැතිව පෝලිම්වල මිනිසුන් මැරුණු යුගය අවසන් කර රට යම් තත්ත්වයකට ගෙනඑමින් ආර්ථිකය නගා සිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින විට ඇතැම් වෘත්තීය සමිති දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ දැරීම ඉතාමත් කනගාටුදායක බව ද ඔහු කීය රටට සංචාරකයන් පැමිණීම නව ආයෝජන ලැබීම ඇතුළු සංවර්ධන කටයුතු ආරම්භ වීමට නියමිත වකවානුවක කිසිදු සාධාරණයක් නැතිව ඉල්ලීම් සිදු කරන්නේ එම සංවර්ධන ව්යාපෘති කඩාකප්පල් කිරීමේ අරමුණින් බවට හැඟී යන බව ද රත්නප්රිය මහතා වැඩිදුරටත් පැවැසීය චමින්ද සිල්වා ප්රදීප් සමරකෝන්
ශානිට රවීට එරෙහිව සීඅයිඩියට පැමිණිල්ලක්
තොරතුරු තිබියදීත් පාස්කු ප්රහාරය වළක්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට හිටපු නියෝජ්ය පොලිස්පතිවරයා සහ අධ්යක්ෂවරයා කටයුතු නොකළ බව කියමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස විශ්රාමික නියෝජ්ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා විසින් එම දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කර ඇත මෙම පැමිණිල්ලට අනුව විශ්රාමික නියෝජ්ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ විශ්රාමික සහකාර පොලිස් අධිකාරි සේනක කුමාරසිංහ මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා 06දා පැය 7ක් තිස්සේ ප්රකාශ ලබාගෙන තිබිණි පාස්කු ප්රහාරය එල්ල වන දිනය එය එල්ල කිරීමට සූදානමින් සිටින පිරිස ඇතුළු වැදගත් තොරතුරු රැසක් එවකට පොලිස් බුද්ධි අංශ ප්රධානි නියෝජ්ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්රධානීන් වෙත දැනුම් දී තිබූ බව පාලිත සිරිවර්ධන කළ පැමිණිල්ලේ සඳහන් වෙයි එසේ තොරතුරු ලබා දී තිබියදීත් ප්රහාරයට සම්බන්ධ සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අධ්යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන් කටයුතු නොකළ බවට මෙම පැමිණිල්ල මගින් චෝදනා එල්ල කර ඇත එහෙයින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස පාලිත සිරිවර්ධන සහ සේනක කුමාරසිංහ යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් කරමින් ඉල්ලා තිබේහේමන්ත රන්දුණු
අපි ණයත් නෑ බයත් නෑ රට ගැන සිතා ඉදිරියටත් ජනපති රනිල්ට සහාය දෙනවා
රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27 ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය මේ පක්ෂට ඉදිරියට ගෙනයෑමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතු කරන හැම වේලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව් කළේ කිසියම් බයකටත් නෙමෙයි ඒ වගේම අපි බයත් නෑ ණයත් නෑ කියලා සඳහන් කරන්නේ ඉතාම ගෞරවයෙන් අපේ පක්ෂයේ සියලු දෙනාම තීන්දුවක් අරගත්තා ඒ අවස්ථාවේ හැටියට මේ රට බේරා ගැනීමට හැකියාව තියෙන්නේ ඔබතුමාට කියලා අන්න ඒ අවස්ථාවේදී අපි ඒ සහයෝගය අවංකව දුන්නා අද දක්වා ඉදිරියටත් ඒ සහයෝගය දක්වනවා කියන එක අපි කියනවා ඒ කරන්නේ රට වෙනුවෙන් හා මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක ඒ රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක්කල් ඔබතුමාට සියලු ශක්තිය ලබාදෙනවා කියලත් ඔබතුමාට සඳහන් කරනවා එම උත්සවයට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ අභියෝග භාර ගනිමින් රට ඉදිරියට ගෙනයන නායකත්වය සමග ජනතාව කටයුතු කළ යුතු බවය
කීර්තිමත් පරිපාලන නිලධාරියකු වූ ලයනල් ප්රනාන්දු දිවිසැරිය නිම කරයි
කීර්තිමත් පරිපාලන නිලධාරියකුවූ ප්රකට කලාකරුවකු මෙන්ම යාපනයේ හිටපු මහ දිසාපතිවරයකු හා හිටපු උතුරු නැඟෙනහිර ආණ්ඩුකාරවරයකු ද වූ ලයනල් ප්රනාන්දු මහතා අභාවප්රාප්ත විය මියයන විට 88 වැනි වියේ පසුවූ ලයනල් ප්රනාන්දු මහතා කලක් ටවර් හෝල් රඟහල පදනමේ අධ්යක්ෂ ජනරාල් ධුරය ද අමාත්යාංශ සහ දෙපාර්තමේන්තු කිහිපයක ඉහළ නිලතල ද හෙබවීය දේශමාමක දිසාපතිවරයකු විද්වතකු ලෙස ද ගෞරවාදරයට පාත්රවූ ලයනල් ප්රනාන්දු මහතා ප්රවීණ නාට්යවේදිනි දිවංගත සෝමලතා සුබසිංහ මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අතර ප්රවීණ රංගන ශිල්පිනි කෞශල්යා ප්රනාන්දුගේ පියානන් ද විය ලයනල් ප්රනාන්දු මහතා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රයන්ගේ මනමේ නාටකයේ වැදි දෙටු චරිතය ද රඟපෑවේය හෙතෙම වරෙක කලා විචාරකයකු ලෙස සම දායකත්වය ලබා දුන්නේය මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්යාලයේ ආදි ශිෂ්යයකු වූ ඔහු පේරාදෙණිය සරසවියේ විද්යාර්ථියකු ද වේ දේහය බොරැල්ල ජයරත්න රෙක්ස්පෙක්ට්හි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද 08දා සවස 530ට බොරැල්ල කනත්ත නව සුසානාගාරයේ දී සිදු කිරීමට නියමිතය
රෝහිතගේ උළෙලට ගෝඨාමහින්ද සමග ජනපති රනිලුත් එක්වෙයි
හිටපු ඇමැති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන ජීවිතයට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර පැවති උළෙලට විශේෂ ආරාධිතයකු ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද එක්වී එම උළෙල ඇමැතීය හිටපු ජනාධිපතිවරු දෙපළක් වූ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රි ධම්මික පෙරේරා නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ
ජනපතිවරණ දිනය ලබන 17 ට පසු කියනවා මැකොස කියයි
ජූලි 17 වැනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි එහි සභාපති ආර්එම්ඒඑල් රත්නායක මහතා සඳහන් කළේ ව්යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්රකාශයට පත් කිරීමට ජුලි 17 ට පසු කොමිෂන් සභාවට බලය හිමිවන බවය එය සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කර තිබුණි ඒ අනුව මැතිවරණ කොමිසම රැස්වී ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය තීරණය කරන බව සභාපතිවරයා සඳහන් කළේය මෙවර ජනාධිපතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය යොදාගැනීමට නියමිතව තිබේ
නූතනයට ඔබින ලෙස අධ්යාපනය වෙනස් නොවන්නේ නම් එය දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක්
අප රටේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන් වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වුවත් මෙය තවදුරටත් පුළුල් වියයුතු බවත් මේ අයිතිවාසිකම්වලට අමතරව ආර්ථික සමාජීය සංස්කෘතික අධ්යාපනය සෞඛ්ය ජීවනෝපාය නිවසක හා භූමියක හිමිකම ආදිය ද මූලික අයිතිවාසිකම් බවත් අධ්යාපනය නූතනයට ඔබින ලෙස වෙනස් නොවන්නේ නම් එය දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ ගාල්ල ඕල්කට් මහා විiාලයට සක්වළ සුහුරු බස් රථයක් ලබාදීමේ වැඩසටහනේ 89 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් පරිත්යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි මේ වැඩසටහන් ක්රියාත්මක කරන විට ඒවා උපහාසයට අපහාසයට ලක්කරන බවත් බංකොලොත් රටේ මෙවැනි වැඩසටහන් ක්රියාවට නංවන එකත් වරදක් වී ඇති බවත් මේ විවේචකයන් දරුවන් විඳින දුක නොදන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය පාස්කු ප්රහාරය කොවිඩ් වසංගතය සහ බංකොලොත්භාවය නිසා ඇති වූ තත්ත්වයන්ට අපේ රටේ නිදහස් අධ්යාපනයේ දරුවන්ගේ දෙමාපියන් මුහුණ දුන් බවත් දරුවන්ට එදිනෙදා අවශ්ය ආහාර දෙන්න බැරිව මොවුන් දුක්විඳින බවත් විපක්ෂ නායකවරයා පැවසීය සමහර පාසල්වල දරුවන් ආහාර නොමැතිව ක්ලාන්තේ දාන බවත් එවැනි තත්ත්වයක් උඩ රටේ අධ්යාපනය ඉහළට නැංවීමට කටයුතු කළ යුතු බවත් දරුවන් නොබෙදා කොන් නොකර කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය දරුවන් කුමන අවස්ථාවකවත් නොබෙදිය යුතු බවත් දිවා ආහාරය ලබාදීම පවා බෙදීමකින් තොරව සමස්ත දරුවන්ට ද ලබාදිය යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගය ජාතික ප්රතිපත්තියක් ලෙස ක්රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය මේ දරුවන් අප රටේ වර්තමානය සහ අනාගතය බැවින් ඔවුන් රැකගත යුතු බවත් ඔවුන්ට නවීන අධ්යාපන අවස්ථා ලබාදිය යුතු බවත් ප්රශ්න ගැටලු අභියෝග විශ්ලේෂණය කර විසඳුම් සම්භාරයක් ලබාදිය හැකි සුහුරු පරපුරක් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය අය වැයෙන් අධ්යාපනයට වෙන් කරන මුදල්වලින් ගැටලු විසඳන්න නොහැකි බවත් ඒ සඳහා නව ක්රමවේද යොදාගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය දරුවන්ට භාෂා කුසලතාව ලබාදෙන විට අනාගතයේ රැකියා වෙළෙඳපොළට යොමුවන විට එය මහත් උපකාරයක් බවත් සෑම විටම දිගුකාලීනව සිතිය යුතු බවත් දිගුකාලීන මධ්ය කාලීන සහ කෙටි කාලීන ක්රමෝපායිකව සුහුරු ආකාරයට නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය ප්රභූවරුන්ගේ පුද්ගලයන්ගේ පැවැත්ම තීන්දු කරන අවස්ථාවේ මංමුළා කරන උප්පරවැට්ටි දියත් කරන කුප්රකට ක්රමවේද ප්රතික්ෂේප කළ යුතු බවත් පුද්ගලික පැවැත්ම වෙනුවට දැයේ දේශයේ අවශ්යතාව ප්රමුඛ කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය සක්වළ හුස්ම පටන් ගත්තේ දේශපාලන න්යාය පත්ර කේන්ද්ර කරගෙන නොව සැබවින්ම රටට අගයක් එකතු කිරීමට බවත් රටක් ලෙස අපි සැවොම එකට එක්ව කඩිසරව වැඩ කළ යුතු බවත් ජාතීන් අතර ආගම් අතර එකමුතුභාවය මිත්රත්වය සංහිඳියාව රටේ ශක්තිය පදනම් කරගෙන ජාතික සංග්රාමයකට නියැළිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය සමගි ජන බලවේගය විසින් ක්රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වනවිට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත් සක්වළ බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වළ තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 296ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3250ක් වැය කර තිබේඅහංගම සුගතපාල දීයගහගේ හිනිදුම රවීන්ද්ර චන්ද්රලාල් ගාල්ල ලලිත් චාමින්ද
එක්සත් අරාබි එමීරයේ සයිබර් අපරාධ කළ 11ක් ලංකාවට එවයි
එක්සත් අරාබි එමීර් රාජ්යයේ සයිබර් අපරාධවල නියැළී සිටි බවට චෝදනා එල්ල වී තිබූ 11 දෙනකු එරටින් පිටුවහල් කර පෙරේදා 6දා පෙරවරුවේ ශ්රී ලංකාවට එවා ඇත මෙම පිරිස ඔවුන් පදිංචි නිවෙස්වලට යැවූ බවත් ඔවුන් සම්බන්ධයෙන් එරට සිදුකළ විමර්ශන වාර්තා මෙරටට ලැබීමෙන් පසු විදේශ කටයුතු අමාත්යාංශය සහ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව විමර්ශන සිදුකරන බවත් එම කාර්යාංශයේ කළමනාකරු ප්රචාරක මදුෂාන් කුලරත්න මහතා දිවයිනට පැවසීය ජූලි පළමු වනදා 01දා කලීජ් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්රිකානුවන් සිය ගණනක් එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර තිබුණි ඒ අනුව එරට ශ්රී ලංකා තානාපති කාර්යාලය මගින් සිදුකළ සොයාබැලීමේදී ශ්රී ලාංකිකයන් 37 දෙනකු ද සයිබර් ජාවාරමේ සහ ගණිකා ජාවාරමේ නිරත වීම ඇතුළු විවිධ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය විය ඉදිරි පොලිස් විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු එම ශ්රී ලාංකික පිරිස ද සති දෙකක් තුළ මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කරන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි මෙම පිරිස දිවයිනට පැමිණීමෙන් පසු ඉදිරි විමර්ශන කටයුතු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදු කිරීමට නියමිතයචමින්ද සිල්වා තිස්ස කොටින්කඩුව ජාඇළ අතිරේක
රට ඉදිරියට යනවාද නැද්ද තීරණය ජනතාව අතේ
මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ප්රකාශයට පත් කළ විට රට පවතින තත්ත්වයෙන් ඉදිරියට ගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ බලය ලබන සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේදී ජනතාවට හිමිවන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවැසීය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල උළුවිටිකේ පිහිටි ගාල්ල දිස්ත්රික් ප්රධාන කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ දිස්ත්රික් සමුළුව අමතමිනි මෙම දිස්ත්රික් සමුළුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති අතර පක්ෂයේ ක්රියාකාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ එහිදී වැඩිදුරටත් කතා කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවැසීය ඉෂාක් මොහිදීන් බෙග් මහතා ගීතයක් ගායනා කළා රටේ අනාගතය මගේ අතේ කියලා මම කියන්න කැමතියි මගේ අතේ නෙමෙයි රටේ අනාගතයේ තියෙන්නේ ඔබේ අතේ කියලා මැතිවරණ කොමිසම සැප්තැම්බර් හෝ ඔක්තෝබර් දිනයක් නම් කළාම ඔබ තීරණය කරන්න ඕන අපි මේ මාර්ගයේ යනවද නැද්ද කියල අපි දැන් එතනටයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් දැන් ඔබටයි තිබෙන්නේ මේ අනාගතය ආරක්ෂා කරනවාද නැද්ද කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විපක්ෂයට ආරාධනා කළාම මේ ගැන සාකච්ඡා කරන්න එන්න කියලා ගියේ මමයි දෙමළ පක්ෂයි විතරයි විපක්ෂ නායකයා වගකීම භාරගන්නේ නැතිව පැනලා ගියා ජේවීපී එක හොයාගන්නත් හිටියෙ නෑ පැනල ගියාද බඩගා ගියාද කියලා මම දන්නෑ කොහොමත් කවුරුවත් හිටියේ නෑ කොහොමද මම මේ ආණ්ඩුව ගත්තේ සජබෙන් මම ඇහුවා මට සහයෝගය දෙන්න කියලා මනුෂයි හරිනුයි ආවා පොහොට්ටුවේ කට්ටියක් අනිත් පැත්තට ගියා ගිහින් සජබෙ එක්ක එකතු වෙලා ඉන්නවා දැන් රට බේරගන්න කියලා ආව ගොඩහේවලා දැන් සජබෙ එක්ක එකතු වෙලා ඉන්නවා සමහරු ඇමැතිකම් නැතුවත් ඇවිල්ලා අපිත් එක්ක එකතුවෙලා වැඩ කළා හොඳ කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා හොඳ කණ්ඩායමක් ඉන්නවා රට ගෙනියන්න දේශපාලනය ගැන හිතන්නේ නැතුව වැඩ කරපු නිසා මම හැමවෙලේම කියන්නේ විපක්ෂයට එන්න ඇවිල්ලා අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න කියලා තවත් වැඩ කරන්න තිබෙනවා රටේ තරුණයන්ට හොඳ අනාගතයක් ලබාදෙන්න ඕන මෙම සමුළුව සංවිධානය කළ එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා කතා කරමින් මෙසේ කීවේය අපි බෙදෙන්න හොඳ නැහැ අපිට රමේෂ් පතිරණත් ඕන පොදුජන පෙරමුණේ ඉන්න අයත් ඕන සියලුම f්ශපාලන පක්ෂත් ඕන අන් සියලු දෙනාත් ඕන මුළු ජාතියම එකතු වෙන්න ඕන එතකොට ශ්රී ලංකාව ගොඩඅරගෙන ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් උදාකරන්න පුළුවන් 2024 මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ නමැති ජාතික නාකයාට ඉතිහාසගත ජයග්රහණයක් ලබාදිය යුතුයි එජාප නියෝජ්ය නායක රුවන් විජයවර්ධන උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු ද ජනතාව ඇමතූහහිනිදුම රවීන්ද්ර චන්ද්රලාල්
කතරගම ඇසළ මංගල්යය ඇරඹෙයි
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්යයේ පළමු පෙරහැර පෙරේදා 06දා දින අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය ලෝකයේ ආගම් තුනක බැතිමතුන් එකට එක්ව එකම පුදබිමක සිට දෙවියන් අදහන සර්ව ආගමික කේන්ද්රස්ථානයක් වන කතරගම පුජා භුමියේ පිහිටි මුස්ලිම් පල්ලියේ විශේෂ උත්සවයක් වන සාමයේ කොඩිය එසවීම පෙරේදා 06දා සවස 500ට සිදුවිය මුස්ලිම් හින්දු බෞද්ධ බැතිමතුන් රැසක් මෙම අවස්ථාවට එක්වූ අතර රුහුණු මාගම් පත්තුවේ ප්රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්රී අභිනවරාම විහාරාධිපති ශ්රස්ත්රපති කපුගම සරණතිස්ස හිමි රුහුණු මාගම් පත්තුවේ ප්රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි කතරගම මුස්ලිම් දේවස්ථානයේ සභාපති සහ කාර්ය මණ්ඩලය සහ මුබාරක් මව්ලානා හින්දු පූජක තංගවෙල් කුරුක්කල් සාමි යන පුජකතුමන්ලා මෙම අවස්ථාවට එක්වූහ රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මොණරාගල දිස්ත්රික් ලේකම් කඳවුර භාර නිලධාරී එස්බීරත්නායක යන රාජ්ය නිලධාරීන් මෙම අවස්ථාව සඳහා පැමිණ මෙම කොඩිය එසවීම සිදු කරන ලදීකතරගම කේ ඩී දේවප්රිය
වායුසමීකරණ කැඩිලා කරාපිටිය රෝහලේ ශල්යාගාරයක් වසර දෙකක් තිස්සේ වසාදමලා
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ තෙවැනි ශල්යාගාරයේ වායුසමීකරණ පද්ධතියේ ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් දැනට වසර දෙකකටත් වඩා වැඩි කාලයක සිට ප්රයෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය තුළ ශල්යාගාර තුනක් තිබෙන අතර දැනට හෘද සැත්කම් සිදු කරනු ලබන්නේ ශල්යාගාර දෙකක් තුළ පමණක් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි දැනට වසා දමා ඇති ශල්යාගාරය පැරණි ශල්යාගාරයක් වන අතර එහි වායුසමීකරණ පද්ධතිය අලුතෙන්ම සවි කළ යුතු බවද දැන ගන්නට තිබේ මෙම ශල්යාගාරයේ වායුසමීකරණ පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළේ නම් දැනට සිදුකරනු ලබන හෘද සැත්කම් සංඛ්යාව වැඩි කිරීමට හැකි බවද පැවසේ එමෙන්ම හෘද හා උරස් කුහර ඒකකය සඳහා ප්රමාණවත් වෛද්යවරු සංඛ්යාවක් නොමැති වීම නිසා හෘද සැත්කම් කරගෙන යෑමේ දී හෘද ශල්ය වෛද්යවරු ගැටලු රැසකට ලක්ව සිටිති මේ පිළිබඳ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්ය එස් පී යූ එම් රංග මහතාගෙන් කළ විමසුමකදී මෙසේ කීවේය හෘද හා උරස් කුහර ඒකකය තුළ තිබෙන ශල්යාගාර වසර 10ක් 15ක් පමණ පැරණියි ශල්යාගාරවල වායුසමීකරණ පද්ධති කැඩෙනවා ඊට පසු ඒවා හදනවා ශල්යාගාර තුනම එකම අවස්ථාවකදී හෘද සැත්කම් කිරීම සඳහා යොදා ගන්නේ නැහැ මෙම ශල්යාගාරය නැතිවුණා කියලා හෘද සැත්කම් කිරීමට බලපෑමක් ඇතිවෙලා නැහැ මෙම ශල්යාගාරයේ වායුසමීකරණ පද්ධතිය හදන්න ඕන ශල්යාගාරය සවිකළ සමාගම විසින්ම තමයි නමුත් මේ සමාගම විසින් හරියට නඩත්තු කටයුතු සිදු කරන්නේ නැහැ යැයි රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේයලලිත් චාමින්ද සහ එස් කේ කළුආරච්චි ගාල්ල
අප්රිකානු කැලෑ බළලෙක් අනවසරයෙන් මෙරටට ගෙන ඇවිත් ගුවන්තොටේදී අල්ලයි
අප්රිකානු කැළෑ බළලෙකු African Serval Cat නිසි අවසරයකින් තොරව ඉකුත් 05 දින උදෑසන රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබේ සයිටෙස් SITES සම්මුතිය මගින් ආරක්ෂිත සත්වයෙකු ලෙස නම් කර ඇති මෙම කැළෑ බළලා ශ්රී ලංකාවේ හඳුන් දිවියාට සමානකම් දක්වයි යුරෝපයේ සහ මැදපෙරදිග රටවල මෙම කැළෑ බළල් විශේෂය සුරතලයට ඇති කරන අතර ඒ නිසා ජාත්යන්තර වශයෙන් මොවුන්ට විශාල ඉල්ලුමක් ඇති බව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන රේගු නිලධාරීන් පවසති මහනුවර ප්රදේශයේ පදිංචිකරුවකු විසින් මෙම අප්රිකානු කැළෑ බළලා මෙරටට රැගෙන විත් ඇති අතර එම බළලා 05 දින උදෑසන 0930 ට රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්යූ 288 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත නීති විරෝධී ලෙස ගෙනැවිත් තිබේ මේ වනවිට මෙම කැළෑ බළලා දෙහිවල සත්වෝද්යානය වෙත යවා ඇති අතර ශ්රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකය සහ වනජීවී දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිතිකටුනායක ටීකේජී කපිල
රට ගොඩනැගීමට සියලුම අදහස්වලින් සමන්විත සිස්ටම් එකක් අවශ්යයි
රට ගොඩනැගීම සඳහා සියලුම දේශපාලන නායකයින්ගේ අදහස්වලින් සමන්විත සිස්ටම් එකක් රටට අවශ්ය බවත් එය කළ හැකි එකම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්රී D P Education ආයතනයේ නිර්මාතෘ සහ එහි සභාපති ධම්මික පෙරේරා මහතා සදහන් කළේය ශ්රී ලංකාව දියුණු කිරීම සඳහා වර්තමානයේ පවතින මෙරට අධ්යාපන ක්රමය වෙනුවට ජාත්යන්තරයේ පවතින අධ්යාපනයට සමාන අධ්යාපන ක්රමයක් මෙරට නිර්මාණය කළ යුතු බවද පෙරේරා මහතා පැවසීය ධම්මික පෙරේරා මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්රික්කයේ පිහිටුවා ඇති D P Education ආයතනයේ අයිටී කැම්පස්හි අධ්යාපනය ලැබූ සාමණේර හිමිවරු සහ දරුවන් සඳහා සහතික පත්ර ප්රදානය කිරීමේ අවස්ථාවට ඊයේ 07දා එක්වීමෙන් අනතුරුව මාධ්යවේදීන් නැඟූ ප්රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි එහිදී තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසිය සමාජ මාධ්ය තුළ සිදු කරන වැරදි ක්රියාවන් සම්බන්ධයෙන් කිසිවිටෙක කලබල විය යුතු නැහැ ලෝකයේ අනෙකුත් රටවල දරුවන් සමග තරග කළ හැකි දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කළ යුතු වෙනවා ලංකාවේ විශාලතම පක්ෂය වන පොහොට්ටුවේ මංත්රීවරයෙකු මෙන්ම අමාත්යවරයෙකු ලෙස තමන් ක්රියාවන් සිදුකර පෙන්වා ඇති බවත් ජනතාවගේ ප්රධානතම ඉලක්කය ආර්ථිකය හදන පුද්ගලයෙකු බලයට ගෙන ඒම බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු වේදිකාවල අදහස් ප්රකාශ කර නැහැ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් කිසිදු පක්ෂයක් විසින් මෙතෙක් අදහස් ප්රකාශ කර නොමැතිවී නිසා 44 ක් දෙනෙකු ඡන්දය ප්රකාශ කිරීමට මෙතෙක් තීරණය කර නැති බවත් ආර්ථිකය ගොඩනගන ක්රමය ප්රකාශ කිරීමට තමන්ට දින හැටක කාලයක් ප්රමාණවත් බවත් ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් පැවසියප්රභාත් වනසිංහ නාච්චාදුව
අතරමැදියන්ගේ මාෆියාවෙන් බඩඉරිඟු ගොවියෝ හාන්සියි
රට තුළ බඩඉරිඟු අලෙවි කිරීමේදී අතරමැදියන් මැදිහත් වී මාෆියාවක් ක්රියාත්මක කරන බැවින් එය නතර කරදෙන ලෙස බඩඉරිඟු නිෂ්පාදකයෝ ඉල්ලා සිටිති ගොවීන්ගෙන් බඩඉරිඟු කිලෝවක් රුපියල් 100ත් 110ත් වැනි මිලකට ලබාගන්නා අතරමැදියන් බඩඉරිඟු කිලෝවක් රුපියල් 180ත් 190ත් වැනි මිලකට වෙළෙඳපොළේ අලෙවි කර විශාල ලාභයක් ලබන බවද ඔවුහු පෙන්වා දෙති අතරමැදියන්ගෙන් තොරව බඩඉරිඟු ලබාගත හැකිනම් බිත්තර හා සත්ව මාංස සපයන නිෂ්පාදකයන්ට වෙළෙඳපොළට ඒවා අඩුමිලට සැපයිය හැකි බවද අවධාරණය කර සිටිති රටේ වාර්ෂික බඩඉරිඟු අවශ්යතාව මෙටි්රක් ටොන් ලක්ෂ 06ක් පමණ වුවත් රටේ වාර්ෂික බඩඉරිඟු නිෂ්පාදනය මෙටි්රක්ටොන් ලක්ෂ 03ක් පමණ වන බවද නිෂ්පාදකයෝ පවසති මේ වනවිට ආනයනික බඩඉරිඟු සඳහා බදු ක්රමයක් ක්රියාත්මක වුවත් එය ප්රායෝගික නොවන නිසා සත්ත්ව ආහාර සඳහා ආනයනික බඩඉරිඟු කිලෝවක් රුපියල් 25කට ද අනෙකුත් කර්මාන්තකරුවන්ට කිලෝවක් රුපියල් 50ක බද්දක් ද අයකර විවෘතව ගෙන්වීමට අවස්ථාව ලබාදෙන ලෙස බඩඉරිඟු යොදාගෙන සත්ත්ව ආහාර නොවන නිෂ්පාදන කටයුතු සිදුකරන පිරිස් ඉල්ලා සිටිති ආනයනික බඩඉරිඟු කිලෝවක් සඳහා බදු අය කළ පසු කිලෝව රුපියල් 130ක් වැනි මිලකටත් දේශීය බඩඉරිඟු ගොවියාගේ බඩඉරිඟු කිලෝවක් රුපියල් 120 ක් වැනි මිලකට ද අලෙවි කළ හැකි බවත් ඔවුහු පෙන්වා දෙති එසේ කිරීමෙන් දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂාවීම පමණක් නොව සාධාරණ මිලක් ලැබුණහොත් දේශීය බඩඉරිඟු ගොවියන් වැඩි කර රට තුළ නිෂ්පාදනය ද වැඩිකර ගත හැකි බව ඔවුහු පෙන්වා දෙති මේ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කළත් ඔවුන්ගේ සහ ඇතැම් රාජ්ය නිලධාරීන්ගේ ක්රියාකලාපයන් නිසා මෙරට බඩඉරිඟු ගොවීන් මෙන්ම බඩඉරිඟු යොදාගෙන වෙනත් නිෂ්පාදන සිදු කරන නිෂ්පාදකයන් ද අධෛර්යවත් වී සිය ව්යාපාර කටයුතුවලින් ඉවත් වීමේ අවදානම් තත්ත්වයක් උද්ගත විය හැකි බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙතිචමින්ද සිල්වා
රට දියුණු කිරීමට භේද නොසලකා එක්ව වැඩ කිරීමට ලෑස්තියි ජනපති කළුතරදී කියයි
රට දියුණු කිරීමේ කාර්යයේදී චන්ද්රිකා කුමාරතුංග ද මහින්ද රාජපක්ෂ ද නැතිනම් වෙනත් කණ්ඩායමක් ද යනුවෙන් පක්ෂ විපක්ෂ බේදයක් නොසලකා එක් වී වැඩ කිරීමට තමන් සූදානම් යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පෙරේදා 06 දා පැවැසීය චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සමග එක්ව දේශපාලනය කරද්දී හොඳ කියූ අය මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වී වැඩ කරද්දී දොස් කියන බව කී ජනාධිපතිවරයා වැටුණු අගාධයෙන් රට ගොඩනැගීමට පොදුජන පෙරමුණේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම තමාට හොඳ සහායක් දුන් බව ද කීය ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පොදුජන පෙරමුණේ මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට 27 වසරක් පිරීම නිමිත්තෙන් පෙරේදා කළුතර මහජන ක්රීඩාංගණයේ පැවැති උත්සවයට එක් වෙමිනි වෙනස් වන ලෝකයේ අලුතින් සිතා පැරණි දේශපාලනයේ සිර නොවී ඉදිරියට යමු යැයි පොදුජන පෙරමුණෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිරයා පැවැසීය තමා එම උපදේශය එක්සත් ජාතික පක්ෂයට ද දී තිබෙන බව කී ජනාධිපතිවරයා එකට වැඩ කළ යුත්තේ තරුණයන්ට අනාගතයක් හැදීමේ අභියෝගය ජය ගැනීම සඳහා බව ද අවධාරණය කළේය මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ව්යවසායක ධම්මික පෙරේරා යන මහත්වරුන් ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්රීවරු රැසක් ද එක්ව සිටියහචමින්ද සිල්වා
වැට් ගැහුවොත් බිත්තර කර්මාන්තය ඉවරයි
ලබන වසරේ සිට බිත්තර නිෂ්පාදන කර්මාන්තයෙන් 15ක වැට් බද්දක් අය කිරීමට රජය තීරණය කිරීම නිසා සිය කර්මාන්තය දැඩි අපහසුතාවකට පත්වෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්එම්ඩීආර් අලහකෝන් මහතා පවසයි දැනටමත් තම කර්මාන්තය ඉතා අමාරුවෙන් පවත්වාගෙන යන බව ද මෙම බද්ද නිසා තවදුරටත් කර්මාන්තය කඩා වැටෙන බව ද ඒ මහතා සඳහන් කරයි පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සඳහා මිලක් නියම කළ ද එම මිලට බිත්තර අලෙවි කළ නොහැකි බවත් සිය කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යෑමට සුදුසු පරිසරයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින ඒ මහතා එසේ නොවේ නම් තම කර්මාන්තය බිඳ වැටීමට ද ලක්විය හැකි බව ද වැඩිදුරටත් කියා සිටීධර්මසේන වැලිපිටිය
ඡන්ද කල්දාන්න පොහොට්ටුව ඉඩදෙන්නේ නැහැ
ශ්රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කල්දැමීමට කිසිවිටෙක ඉඩදෙන්නේ නැහැ ජනතාවගේ ඡන්ද අයිතිය රැකීමට අපි දිවිහිමියෙන් කටයුතු කරනවා ඇතැම් දේශපාලඥයින්ගේ දේශපාලන උවමනාවන් ඉටුකරගැනීමට රාජ්ය සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීමට ඉඩදෙන්නේ නැහැ ආයෝජන මුවාවෙන් රජයේ දේපළ විකිණීමටද අප ඉඩ තබන්නේ නැතැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාම නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඒ මහතා මෙලෙස පැවසූයේ මොනරාගල පොළ භූමියේදී ඉකුත් 06දා පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල ආසන බල මණ්ඩලය අමතමිනි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපපොළ අපි ඉඳිකළේ හම්බන්තොට සංවර්ධනය කිරීමට පමණක් නොවේ එම සංවර්ධන වැඩසටහනෙන් මොනරාගල බදුල්ල ප්රදේශ සංවර්ධනය කිරීමට සැලසුම්කර තිබුණා කොළඹ මත්තල අධිවේගී මාර්ගය මොනරාගල හරහා අම්පාර දක්වා දීර්ඝ කිරීමටත් සැලසුම්කර තිබුණා හම්බන්තොට වරාය ආශ්රිතව ආයෝජන කලාපයක් පිහිටුවා කර්මාන්ත දියුණුකිරීමටත් මොනරාගල බදුල්ල දිස්ත්රික්කවල කෘෂිකර්ම කටයුතු නංවාලීමටත් සැලසුම් කර තිබූ අතර මොනරාගල සංචාරකයින්ගේ කේන්ද්රස්ථානයක් බවට පත්කොට ඇල්ල පොතුවිල් මඩකලපුව ප්රදේවලට විදේශ සංචාරකයින් වැඩි වැඩියෙන් ගෙන්වා එම ප්රදේශ දියුණුකිරීමට අප බලාපොරොත්තු වුණා ශ්රී ලංකා පොදුජන පෙරමුණට රට සංවර්ධනය කිරීමේ පැහැදිලි දැක්මක් තිබුණා පසුගිය කාලයේදී ඇතිවූ කොරෝනා තත්වය නිසා රට වසාදැමීමට සිදු වූ හෙයින් නිෂ්පාදන කටයුතු අඩාලවී විදේශ සංචාරකයින්ගේ පැමිණීමද නතර වුණා එම තත්ත්වය මත රටේ ආදායම පහත වැටුණා ජනතාවට දුෂ්කරතාවයන් රාශියකට මුහුණ පෑමට සිදුවුණා ඉදිරියේදී සෑම දරුවෙකුටම ඔවුන්ගේ නිපුණතාව මත නිසි අධ්යාපනයක් සහ පුහුණුවක් ලබාදී ජාත්යන්තර රැකියා වෙළෙඳපොළට සුදුසු තරුණ පිරිසක් බිහිකරනවා විවිධ හේතූන් මත පොදුජන පෙරමුණේ හිතවත් සාමාජිකයින් නිහඬ වුණා නමුත් මහින්ද රාජපක්ෂ කෙරෙහි විශ්වාසය තැබූ විශේෂයෙන් ග්රාමීය ජනතාව පක්ෂය සමඟ තාමත් සිටිනවා ඉදිරි සෑම මැතිවරණයකදීම ඒ පිරිස සමඟ අත්වැල් බැඳගෙන පක්ෂය ජයග්රහණය කරවීමට කටයුතු කරන බවට කිසිම සැකයක් නැහැ රාජ්ය ඇමැතිවරුන් වන ශෂීන්ද්ර රාජපක්ෂ විජිත බේරුගොඩ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන කුමාරසිරි රත්නායක ඩී වීරසිංහ ජානක තිස්සකුට්ටිආරච්චි ජොන්ස්ටන් ප්රනාන්දු යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහබඩල්කුඹුර රවිඳු ගුණතිලක
පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවා වවුචර්වල කාලය දික්කරයි
පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාගැනීම සඳහා ලබාදී ඇති තිළිණපත්වල වලංගු කාලය මෙම මස 10දා බදාදා අවසන් වීමට නියමිත වුවත් එහි වලංගු කාලය අගෝස්තු 10 දක්වා දික්කර ඇතැයි අධ්යාපන අමාත්යාංශය පවසයි සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර මෙම මස 10දා අවසන් වන බවට තිළිණපතේ සඳහන් වවුත් එහි වලංගු භාවය අගෝස්තු 10 දක්වා දීර්ඝ කිරීමට අධ්යාපන අමාත්යාංශ ලේකම්වරයා විසින් අනුමැතිය ලබාදී ඇතැයි ද අධ්යාපන අමාත්යාංශ කියයිචමින්ද සිල්වා
ඇසළ මංගල්යයට එන ජනතාවට වැඩසිටි කන්දේ ජල පහසුකම් නෑ
මේ දිනවල කතරගම ඇසළ පෙරහර සමයේ කතරගම වැඩසිටි කන්දට එන බැතිමතුන්ගේ ප්රයෝජනයට පානීය ජලය ලබාදීමට හා ආරක්ෂාවට යුද හමුදා නිලධාරීන් යෙදවීමට බලධාරීන් පියවර ගෙන නැත මේ නිසා මෙම පුදබිමට එන බැතිමත්හු වැසිකිළි ගොස් සෝදා ගැනීමට පවා ජලය නොමැතිව පීඩාවට පත්වෙති මෙහි එන බැතිමතුන්ගේ ආරක්ෂාවට පොලිසිය පමණක් යොදවා ඇතත් මෙවැනි අවස්ථාවක යුද හමුදා ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නැයි එහි විහාරාධිපති හීල්ලේ ඤාණානන්ද නාහිමියෝ ඉල්ලා සිටිති මේ පිළිබඳව උන්වහන්සේ රුහුණු කතරගම මහ දේවාලය ඇසළ පෙරහර පිළිබඳ පළමු සාකච්ඡාවේදී ද පාද යාත්රාවේ එන බැතිමතුන්ට හා පුදබිම වන්දනාමාන කිරීමට එන බැතිමතුන්ට අවශ්ය පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ එමෙන්ම උන්වහන්සේ මොනරාගල දිසාපතිවරයාට ද ඒ පිළිබඳව දැනුම් දුන්න ද මෙතෙක් පලක්වී නැත
රට පුරා ඩෙංගු ලෙඩ්ඩු 27755ක්ඃ අවදානම් කලාප 13ක්
මෙම වසරේ 2024 ගතවූ මාස 6යි දින 7ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 27755ක් ලෙස වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි මෙම කාලය තුළ ඩෙංගු මරණ 9ක් වාර්තා වී ඇතැයි ද එම ඒකකය කියයි මේ වනවිට සෞඛ්ය වෛද්ය නිලධාරි කොට්ඨාස 13ක් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි ද එම ඒකකය කියයි පවතින වාසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ තවදුරටත් ඩෙංගු රෝගීන් ඉහළ යා හැකි බව පවසන එම ඒකකය පැය 48කට වඩා උණ පවතීනම් කඩිනමින් වෛද්ය ප්රතිකාර සඳහා යොමුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියිප්රදීප් ප්රසන්න සමරකෝන්
අයිඑම්එෆ් එකෙන් වහාම ඉවත් වෙන්න ඕනෑ
ව්යවස්ථා මගඩිගසා මැතිවරණ කල් දැමීමට ඉඩදිය නොහැකි බවත් වහාම ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකාවේ අයිඑම්එෆ් ව්යාපෘතියෙන් ඉවත් විය යුතු බවත් ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා පැවසීය නගරවාසීන් දැනුවත් කිරීමට එම සන්ධානය සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කීවේය ජන අරගල සන්ධානයේ ප්රතිපත්ති පිළිබඳව නගරවාසී දැනුවත්කිරීමේ වැඩසටහනේ දෙවැනි දිනය වූ ඊයේ 7දා එම වැඩසටහන කොළඹ සිට ගාල්ල දක්වා ක්රියාත්මක කෙරිණි එහිදී මොරටුව පානදුර බේරුවල අම්බලන්ගොඩ සහ ගාල්ල නගරවලදී අත්පත්රිකා බෙදාදීම් සහ ජනතාව දැනුවත් කිරීම් සිදුකෙරිණි එම සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියහ මෙම වැඩසටහනේ පළමු දිනය වූ පෙරේදා 6දා දිනයේදී එම වැඩසටහන මහනුවර සිට නිට්ටඹුව දක්වා ක්රියාත්මක කෙරුණිඅනුරාධ හිරිපිටියගේ
2022 උපෙළ සමතුන්ට පෞද්ගලික සරසවියකට යන්න ලක්ෂ 08ක පොලී රහිත ණයක්
රාජ්ය විශ්වවිද්යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්ය නොවන උසස් අධ්යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ අටක 800000 උපරිමයකට යටත්ව පොලී රහිත ණය මුදලක් 2022 උසස් පෙළ සමත් සිසුන් සඳහා අධ්යාපන අමාත්යාංශයේ මැදිහත්වීමෙන් ලබාදීමට කටයුතු කරමින් සිටී මේ වනවිට ශිෂ්ය කණ්ඩායම් හතක් යටතේ සිසු සිසුවියන් 17313 දෙනකුට අධ්යාපන අමාත්යාංශයේ අනුමත රාජ්ය නොවන උසස් අධ්යාපන ආයතන 17ක උපාධි පාඨමාලා 100ක් හැදෑරීම සඳහා පොලී රහිත අරමුදල් සපයා ඇත පළමු දෙවැනි හා තෙවැනි අදියරයන්හි ශිෂ්ය කණ්ඩායම්වල සිසු සිසුවියන් 2353ක් සිය උපාධි පාඨමාලා සම්පූර්ණ කර ඇති අතර තුන්වැනි කණ්ඩායමේ ගෞරව උපාධි අපේක්ෂකයන් සිය උපාධි පාඨමාලා නිම කරමින් සිටින බවද අධ්යාපන අමාත්යාංශය පවසයි එසේම පවත්වන පස්වැන් හා හයවැනි අදියරවල සිසුන් 10258ක් වෙනුවෙන් ණය මුදල් ගෙවීම සිදු වෙමින් පවතින අතර හත්වැනි අදියර යටතේ සිසු සිසුවියන් 3682 ක් සඳහා ණය මුදල් ලබාදී ඇති බවද අමාත්යාංශය පවසයි අධ්යාපන අමාත්යාංශය මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්රතිපත්ති අමාත්යාංශය එක්ව පොලී රහිත ණය මුදල් ලබාදීම ලංකා බැංකුව හා මහජන බැංකුව සමග ගිවිසුම්ගතව සිදු කරනු ලබයිචමින්ද සිල්වා
ආයෝජන වැඩි කරලා නිෂ්පාදන වැඩි වුණාම ලෝකයටම කන්න දෙන්න පුළුවන්
ඉදිරි අවුරුදු තුන ඇතුළත ආයෝජන වැඩි කරලා නිෂ්පාදන ක්රියාවලිය වැඩි කරගත්තහම ලෝකයට කන්න දෙන්න පුළුවන් විදියට රටේ කර්මාන්ත තව ශක්තිමත් කරගත්තහම ගොවියන්ගේ ආදායම වැඩිවෙනවා රටට එන ආදායම වැඩිවෙනවා එහෙම වුණහම ඩොලර් වල තියෙන මිල අඩුවෙනවා ඒ සඳහා තමයි නවීන තාක්ෂණය එක්ක කෘෂිකර්මාන්තය හරහා ගොවියාගේ අක්කරයකින් ගන්න පුළුවන් කිලෝ ප්රමාණය දෙගුණයකින් වැඩි කරගන්න පුළුවන් ක්රමවේදයකට සකස් කරන්න යන්නේ රනිල් වික්රමසිංහ මහත්තයා මේවා කීවේ එතුමා පරාජයට පත්වෙලා පාර්ලිමේන්තුවට එන්නත් කලින් එතුමා මහඉලුප්පල්ලම සමඟ සාකච්ඡා කරලායි තිබුණේ දැන් ගන්න අස්වැන්න මෙන් දෙගුණයක් අස්වැන්න ගන්න අභිජනන ක්රියාවලියකට යන්නේ කොහොමද කියලා එහෙම වෙද්දී අපිට ඩොලර් එක රුපියල් 200 ට විතර අඩු කරගන්න පුළුවන් ඩොලර් එක රුපියල් 400 ක් වෙලා තියෙද්දි ගෙවන්න තිබුණු ණය ඩොලර් එක රුපියල් 200 ක් වෙද්දි ගෙවන එක අපිට වාසි නැද්ද තව මාස හයක් විතර යද්දී ඩොලර් එක රුපියල් 260 ට විතර අඩුවෙනවා ඒ වෙද්දි ගෙවන්න තියෙන ණය සැහැල්ලු වෙනවා යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බංඩාර මහතා පැවසීය රඹෑව කල්ලංචියයේ පසුගිය05දා එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කරමින් රංගෙ බංඩාර මහතා මේබව පැවසීය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා මෙසේද පැවසීය ඉදිරියේදී අපේ රටට සල්ලි එනවා අපට සල්ලි දෙන්න කවුරුත් හිටියේ නෑ අපි බංකොලොත් වෙලා හිඟමනට වැටිලා හිටියේ ලෝකයේ රටවල් සමග එකතු වෙලා රනිල් මහත්තයා විශ්වාස හැදුවා ඒනිසා තමයි ණය ගෙවන එක කල් දාගන්න පුළුවන් උනේ මේ ණය ගෙවන්න තියෙන්නේ ඩොලර්වලින් අපේ සංචිත ශක්තිමත් වෙද්දී අපි ඩොලර් එකට ගෙවන රුපියල් ප්රමාණය අඩුවෙනවා රනිල් වික්රමසිංහ මහත්තයා අමාරු වෙලාවේ රට භාරගනිද්දි ඩොලර් එක තිබුණේ රුපියල් 385න් එහා දැන් ඩොලර් එක රුපියල් 302 ට 303 ට අඩු වෙලා තියෙනවා ලොකයේ රටවල් ගණනාවකින් ණය අරගෙන තියෙනවා නොගන්න තැන්වලිනුත් ණය අරගෙන තියෙනවා බංගලාදේශනුත් ණය අරගත්තා ඩොලර් මිලියන පහක් ගන්න පීචං තැනකටත් අපි වැටිලා ඉවරයි රනිල් වික්රමසිංහ මහත්තයා ඒ ණය ගත්ත හැම රටක් එක්කම කතා කරලා එකඟතාවයකට ආවා 2027 ඉඳලා ණය ගෙවන්නම් කියලා ණය ගෙවන්න කල්දා ගත්තහම ජනතා විමුක්ති පෙරමුණේ අයයි සමගි ජන බලවේගයේ අයයි විවේචනය කරනවා ණය ගෙවන්න කල් දාගත්ත එක ජයග්රහණයක්ද කියලා මෙහි සාධනීය පැත්ත ගැන කතා නොකර ණය ගෙවන්න තියෙන එක කල් දාගත්ත එක ගැන විවේචනය කරනවාරඹෑව දිසානායක
යුරෝපයේ ශ්රී ලාංකික භික්ෂු සංගමයේ දෙවන මහ සඟ සමුළුව
යුරෝපයේ ශ්රී ලාංකික භික්ෂු සංගමයේ දෙවන මහ සඟ සමුළුව ජුනි මස 29 හා 30 යන දෙදින ඉතාලියේ මිලානෝ නගරයේදී පැවැත්විණි භික්ෂු සංගමයේ සාමාජික රටවල් වන ඔස්ටි්රයාව ජර්මනිය ස්වීඩනය ඩෙන්මාර්ක ඉතාලිය සයිප්රසය ග්රීසිය ස්විට්සර්ලන්තය ප්රංශය යන යුරෝපාකරයේ වැඩ සිටින ශ්රී ලාංකික භික්ෂූන් වහන්සේලා මෙන්ම ඇමරිකාව කැනඩාව එංගලන්තය හා දකුණු කොරියාව ආදි රටවලින් ආරාධිතව වැඩම කරවූ භික්ෂූන් වහන්සේලා ද ඇතුළව 60 නමක් පමණ භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙම සඟ සමුළුව සඳහා සහභාගි වූහ ඉතාලියේ සත්කාරකත්වයෙන් පැවැති මෙම සමුළුවේ මූලික තේමාව වූයේ ලෝක සාමය සතුට සහ සහජීවනය පිළිබඳව එකමුතුය යන්නයි
බස් ගාස්තු සංශෝධනයෙන් අපට කිසිදු සහනයක් නෑ මගීන්ගෙන් දෝස්මුර
ජාතික ගමනා ගමන කොමිසම හා ප්රවාහන අමාත්යාංශය විසින් පසුගියදා සිදු කළ බස් ගාස්තු සංශෝධනය තුළින් සමහර බස් කොන්දොස්තරවරුන් විසින් පෙර ගාස්තුවම අයකිරීම නිසා මගී ජනතාවට එම ගාස්තු සංශෝධනයෙන් සහනයක් සිදුවී නැතැයි බොහෝ මගීන් දොස් නඟති මේ පිළිබඳව අප කළ විමසුමකදී සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ඉන්ද්රජිත් මහතා පැවැසුවේ විශේෂයෙන්ම තිබෙන අර්බුදය වී ඇත්තේ සමහර බස් කොන්දොස්තරවරුන් අත මාරු මුදල් සංසරණය නොවන නිසා මගියාට ඉතිරි මුදල් ලබාදීමේදී ඔවුන් දැඩි අර්බුදයකට පත්වීම නිසා එවැනි අවස්ථාවන්වලදී සෑම බස් මගියෙක්ම බස් රථ කොන්දොස්තරවරයාට මාරු මුදල් ලබාදී ඔහුට සහාය වන ලෙසත්ය මෙම සංශෝධනයේදී අප සංගමයත් කැඳෙව්වා නම් මෙවැනි අර්බුදයක් සිදු නොවන බවද විශේෂයෙන්ම අප සංගමයේ අපේක්ෂාව සියලුම මගී ජනතාවට සහනය ලබාදීම බවද ඒ මහතා පැවැසීය කෙසේ නමුත් සෑම බස් රථයකම දුර ප්රමාණය අනුව සංශෝධිත ගාස්තුව ජනතාවට දිස්වෙන ආකාරයට නාම පුවරුවක් සවි කරන ලෙස තමා ඉල්ලා සිටින බවද වැඩිදුරටත් දන්වා සිටී ධර්මසේන වැලිපිටිය
ධූර කාලය දුර නොයවන පනතක්
ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් ද හයක් ද යන්න සම්බන්ධයෙන් පවතින ගැටලු සහගතභාවය නිරාකරණය කිරීමට පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙන ඒමට ආණ්ඩුව තීන්දුකොට ඇත ඒ අනුව ඊට අදාළ යෝජනාවක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ජ්යෙෂ්ඨ ඇමැතිවරයෙක් දිවයින ඉරිදා සංග්රහයට පැවසීය මේ අතර ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ව්යවසායක සී ඩී ලෙනව මහතා ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට 08දා ශ්රේෂ්ඨාධීකරණයේදී අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේදී සලකා බැලීමට නියමිතව ඇත ඒ අනුව ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙනු ලබන තීන්දුව පිළිබඳ දේශපාලන පක්ෂ සහ නීතිඥයන් ඇතුළු සමාජයේ විශාල පිරිසකගේ අවධානය ඊට යොමුව ඇත ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ පාලන සමයේදී ද ශ්රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබිණි එහිදී තීන්දු වූයේ 19 වැනි ව්යවස්ථා සංශෝධන ප්රකාරව ජනාධිපති ධුර කාලය වසර 05ක් බවය ඒ ජේ ඒ අබේනායක
ආවා මම පණ ගහලා
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙහි යළි වැඩ භාර ගැනීමට ශ්රීලනිප පක්ෂ කාර්යාලයට පැමිණි දයාසිරි ජයසේකර මහතා එහිදී පොලිසියේ සහ පාක්ෂිකයන්ගේ උණුසුම් තත්ත්වයකට මුහුණ දුන් අයුරු ඡායාරූපය සුජාතා ජයරත්න
ශ්රී ලංකන් පාඩුව භාගයකින් අඩුවෙයි
ශ්රී ලංකන් ගුවන් සමාගම 20222023 මූල්ය වර්ෂයේ දී රුපියල් බිලියන 733ක පාඩුවක් ලබා ඇති බැව් මුදල් අමාත්යාංශය මගින් නිකුත් කර ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි විනිමය අලාභය හා පොලී පිරිවැය 20222023 මූල්ය වර්ෂයේ දී රුපියල් බිලියන 514 දක්වා සියයට 1305කින් ඉහළ යෑම හේතුවෙන් මෙකී අලාභය සිදු වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි කෙසේ වුවද 20212022 මූල්ය වර්ෂයට සාපේක්ෂව මෙම මූල්ය වර්ෂයේ ශ්රී ලංකන් ගුවන් සමාගම ලබා ඇති පාඩුව සියයට 56කින් අඩු වී ඇත 20222023 මූල්ය වර්ෂයේ දී ශ්රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 3725ක ආදායමක් උපයා ඇත සංචාරක කර්මාන්තයේ වර්ධනයත් සමග ගුවන් මගී ආදායම රුපියල් බිලියන 2933 දක්වා වැඩි වී ඇත ගුවන් සමාගම විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 1025ක හිඟ මුදල පියවීම සඳහා අමාත්ය මණ්ඩලයේ අනුමැතිය මත මහා භාණ්ඩාගාරයෙන් අවශ්ය ප්රතිපාදන ගුවන් සමාගම වෙත ලබා දී තිබුණි ගුවන් සමාගමේ මූල්ය තිරසාරභාවය ඇතිකිරීම සඳහා නව ආයෝජක අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් ගුවන් සමාගමේ අයිතිය බැහැර කිරීමට රජය තීරණය කර ඇත ලලිත් චාමින්ද
හිරුණිකාට සැප නෑ
බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය අනෙක් සිරකාරියන් සමග සාමාන්ය පරිදි සිටින බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක ගාමිණී දිසානායක මහතා කීය ඇයට විශේෂිත වරප්රසාද කිසිවක් නොලැබෙන බවත් ඇයව මෙතෙක් වැඩ අංශයට යොමු කර නැති බවත් හෙතෙම පැවසීය හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය වසර තුනක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමකට ලක් කෙරිණ නෝමන් පලිහවඩන
ජල්තර් බෙහෙත් පොර යළිත් ටෙන්ඩර් දාලා
තත්ත්වයෙන් බාල හියුමන්ඉමියුනෝ ලොබියුලින් හා පිළිකා ඖෂධ සම්බන්ධ නඩුවේ සැපැයුම්කරු තවත් ප්රතිදේහ ජනක ඖෂධ ව්යාජ නිෂ්පාදකයන්ගේ නම් සඳහන් කරමින් මෙරටට ගෙන්වීමට ප්රසම්පාදන ඉල්ලුම් පත් යොමු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත අදාළ ප්රශ්න සහගත ඖෂධ සැපැයුම්කරු බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නඩුව විභාග වෙමින් පවතිද්දී මේ අන්දමට නැවත ඖෂධ ගෙන්වීමට ඉල්ලුම් පත් යොමු කර ඇති බව අනාවරණය වී ඇතැයි විශේෂඥ වෛද්ය ජී ජී චමල් සංජීව මහතා සඳහන් කරයි අදාළ සැපයුම්කරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව තමාට නිත්යානුකූල අයිතියක් නොමැති ඉන්දියානු ඖෂධ සමාගමක නම නිෂ්පාදන සමාගම ලෙස සැකකරු විසින් සඳහන් කර ඇති බවද හෙළිව තිබේ බාල ඖෂධ හියුමන්ඉමියුනෝග්ලොබියුලින් වංචාවට පමණක් සීමා නොවන බැවින් පසු ගියකාලයේ මෙරටට ගෙන්වන ලද සහ දැනට භාවිතයේ පවතින සැලකියයුතු ඖෂධ ප්රමාණයක් සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදු කිරීම අනිවාර්යයෙන් කළ යුත්තක් බවද විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතා කියයි සුජීව තත්සර
කැබිනට් යෝජනාවෙන් මුද්රණාලය නොසන්සුන්
නව දිරි දීමනාවක් ලබාදීමට ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල යෝජනාවක් හේතුවෙන් රජයේ මුද්රණ දෙපාර්තමේන්තු සේවකයන් අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි එහි වෘත්තීය සමිති කියා සිටි ජාතික මැතිවරණ ආසන්නයේ සේවකයන් අතර කැළඹීමක් ඇති කිරීමට එම යෝජනාව හේතු වී ඇතැයි ද එම වෘත්තීය සමිති පවසයි එබැවින් එම නව දිරි දීමනා යෝජනාව ලබාදීම මැතිවරණ අවසන් වනතෙක් මාස 06කින් කල් දමන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති ඒ සම්බන්ධයෙන් සේවකයන් මෙන්ම දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ද එම වෘත්තීය සමිති මේ වනවිට කටයුතු කරමින් සිටී ප්රදීප් ප්රසන්න සමරකෝන්
ඥානසාර හිමිගේ නිදහසට ඇමැති වැට බඳී
බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන මෙන් ඉල්ලා ත්රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතත් ආණ්ඩුවේ ප්රබල ඇමැතිවරයකුගේ මැදිහත්වීම මත එය කල් ගත වෙමින් පවතින බව දිවයින ඉරිදා සංග්රහයට වාර්තාවේ අදාළ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් දක්වන උදාසීන සහ මන්දගාමී ක්රියා පිළිවෙත හේතුවෙන් ජනපති සමාව ලබා දීමේ ක්රියාදාමය මඟ ඇනහිට ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි කියන සිදුවීමකට පූජ්ය ගලගොඩඅත්තේ හිමියන් වෙත පසුගිය මාර්තු 28 වැනිදා සිව් වසරක කාලයක් සඳහා සිර දඬුවම් නියම විය එම හිමියන්ට ජනාධිපති සමාව දෙන මෙන් පසුගිය මැයි 13 වැනිදා ත්රෛනිකායික මහා නායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලීම් කර තිබිණි සිරිමන්ත රත්නසේකර
පක්ෂ කඩලා ඡන්ද දිනන්න බෑ
දේශපාලන පක්ෂ බෙදා වෙන්කොට මැතිවරණ ජයග්රහණය කිරීමට අතීතයේදී හැකි වුවත් වර්තමානයේදී එසේ කිරීමට හැකියාවක් නැතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය පක්ෂ බෙදා වෙන් කර මැතිවරණ ජයග්රහණය කිරීම යල් පැන ගිය උපක්රමයක් බවත් හෙතෙම කීය 2019 දී පක්ෂයේ බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුම වූ අන්ත පරාජය ගැන සිතා වැඩ කළ යුතු බවත් පක්ෂ බෙදීම නිසා සිදුවන්නේ නියත මැතිවරණ පරාජයක් බවත් මන්ත්රීවරයා පැවසීය තව ද ශ්රී ලංකා නිදහස් පක්ෂය ද බෙදී යෑමෙන් සීසීකඩ ගොස් ඇති බවද නාමල් රාජපක්ෂ සඳහන් කළ අතර එම පාඩම් ඉගෙන දේශපාලකයන් කළ යුත්තේ පක්ෂ කැඩීම නොව එකට ශක්තිමත් කර නැගී සිටීම පමණක්ම බව ද කියා සිටියේය එරික් ගාමිණී ජිනප්රිය
රාජ්ය සේවකයන් 29කින් බහී
රාජ්ය අංශයේ සේවා නියුක්ත මුළු සේවක සංඛ්යාව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී සියයට 29කින් අඩුවී ඇති බැව් මුදල් අමාත්යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි ඉකුත් වර්ෂය 2023 අවසානය වන විට රාජ්ය අංශයේ සේවා නියුක්ත මුළු සේවක සංඛ්යාව 1353860කි නව බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීම නව තනතුරු ඇති කිරීම අඩු කිරීම සහ විශ්රාම ගැන්වීම රාජ්ය අංශයේ සේවයේ නියුතු සේවක සංඛ්යාව 2023 වර්ෂයේ දී අඩුවීමට හේතුවී තිබුණි එමෙන්ම ඉකුත් වර්ෂය 2023 අවසානය වන විට අනුමත කළ මුළු තනතුරු සංඛ්යාව අනුව සේවක සංඛ්යා උපයෝජන අනුපාතය සියයට 77කි 2022 වර්ෂය හා සැසඳීමේ දී එය සියයට හතරක අඩුවීමකි රජයේ වියදම අඩු කර ගැනීම සම්බන්ධයෙන් රජය විසින් පනවා ඇති සීමා සේවක සංඛ්යා උපයෝජනය අඩු වීමට ප්රධාන වශයෙන් හේතු වී ඇති බව ද මෙකී වාර්තාවේ සඳහන් වේ ලලිත් චාමින්ද
කැතීටර්කරණ දරහැවකට කර ගහන්න යයි
2007 වර්ෂයේ නිෂ්පාදිත තාක්ෂණික ලක්ෂණවලින් සමන්විත හෘද කැතීටර්කරණ යන්ත්රයක් රුපියල් මිලියන තුන්සිය පනහකට අධික මුදලකට ජර්මනියෙන් මිලදී ගැනීම සඳහා සෞඛ්ය අමාත්යාංශය ප්රසම්පාදන කමිටු අනුමැතිය ද ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි බදුල්ල මහ රෝහල සඳහා ජර්මනියේ නිෂ්පාදිත මෙම පැරණි යන්ත්රය ලබාගැනීමට උත්සාහ කළත් 2017 වර්ෂයේ නිෂ්පාදිත තාක්ෂණික ලක්ෂණවලින් සමන්විත හෘද කැතීටර්කරණ යන්ත්ර මීට අඩු මිලට ලබාදීමට සමාගම් කීපයක් ඉදිරිපත්ව ඇතත් එය නොතකා 2007 නිෂ්පාදිත යන්ත්රයක් මිලදී ගැනීමට යොමුවීම ප්රශ්න සහගත බවද එම සන්ධානය සඳහන් කරයි බදුල්ල කරාපිටිය සහ රත්නපුර රෝහල් සඳහා මේ අන්දමට හෘද කැතීටර්කරණ යන්ත්ර මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හා මුදල් වෙන්වී ඇති බවට තමන්ට තොරතුරු අනාවරණය වී ඇති බවද සඳහන් කරන එම සන්ධානය වසර ගණනාවක් පැරණි මෙම යන්ත්ර රෝහල් පද්ධතියට එක්කිරීමෙන් ඒවා නඩත්තුව පවත්වාගෙන යෑම සහ අමතර කොටස් සම්බන්ධව බරපතළ ප්රශ්න ඇතිවිය හැකි බවද කියයි මෙය බරපතළ මූල්ය අපරාධයක් බවත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසම වෙත පැමිණිලි ගොනු කිරීමට බලාපොරොත්තුවන බවත් එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්ය ජිජී චමල් සංජීව මහතා දිවයින ඉරිදා සංග්රහයට ප්රකාශ කළේය සුජීව තත්සර
රෝහල් සුළු සේවකයෝ අනිද්දා පාරට
ඉල්ලීම් පහක් මුල්කර ගනිමින් දිවයිනේ සමස්ත රජයේ රෝහල්වල සේවය කරන කනිෂ්ඨ කාර්ය සහායකයන් 32000කට අධික පිරිසක් අනිද්දා 09 වැනිදා සිය සේවාවලින් ඉවත් වී සෑම රෝහලක් ඉදිරිපිට දීම දහවල් 1200 සිට උද්ඝෝෂණ ව්යාපාරයක නිරතවන බව ඒකාබද්ධ සෞඛ්ය සේවක සංගමයේ ප්රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ දිවයින ඉරිදා සංග්රහයට පැවසූහ අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරින්ට කීපඅවස්ථාවකම ලිඛිතව දැනුවත් කර ඇතත් මෙතෙක් කිසිදු විසඳුමක් ලබාදී නැතැයි ද උන්වහන්සේ කියා සිටියහ කනිෂ්ඨ කාර්ය සහායකයන්ගේ මූලික වැටුප රුපියල් 20000කින් වැඩි කිරීම රාජ්ය ආයතන විකිණීම වහා නැවැත්වීම රාජ්ය සේවක පුරප්පාඩු වහා පියවීම දැනට සේවය කරනු ලබන දින හයේ වැඩ සේවාව දින 5ක් කිරීම අතිකාල රේටිං ක්රමයට ගෙවීම යන ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා මෙම උද්ඝෝෂණ ව්යාපාරයේ නිරත වන බවද උන්වහන්සේ කීහ දිවයිනේ රෝහල්වල කනිෂ්ඨ කාර්ය සහායකයන් 14000කගේ හිඟයක් පවතින බවද උන්වහන්සේ කියා සිටියහ ප්රදීප් ප්රසන්න සමරකෝන්
ක්ෂය රෝගීන් හැංගිලා
මේ වනවිට හඳුනාගෙන ඇත්තේ ජනගහනයට ලක්ෂයකට රෝගීන් හතළිස් දෙකක් පමණ යැයි ද එයට ප්රධාන හේතුව තමන් මෙම රෝග තත්ත්වයට ගොදුරුව තිබුණ ද නිසි ප්රතිකාර සඳහා යොමු නොවීම හා ඒ පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය අඩු මට්ටමක පැවැතීම යැයි ක්ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කරයි එම වැඩසටහන මඟින් නිකුත්කරැති වාර්තාවකට අනුව 2023 වර්ෂයේ මුළු දිවයින තුළ දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ බල ප්රදේශ 26 අතුරින් රෝගීන් 9732ක පිරිසක් හඳුනාගෙන ඇති අතර එම සංඛ්යාවෙන් 46ක පිරිසක් බස්නාහිර පළාතෙන් හමුවී ඇත එය සංඛ්යාවක් ලෙස 4362කි සමස්තයක් ලෙස මුළු දිවයිනෙන් හමුවූ ක්ෂය රෝග ආසාදිතයන් අතරින් 25ක පිරිසක් කොළඹ දිස්ත්රික්කයෙන් හමුවී ඇතැයි ද ඒ අතුරින් කොළඹ මහා නගර සභා බල ප්රදේශයේදී හමුවූ සංඛ්යාව කොළඹ දිස්ත්රික්කය දෙස සලකා බලද්දී 50ක පිරිසක් බැව් ක්ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ අධ්යක්ෂිකා විශේෂඥ වෛද්ය ප්රමිතා ශාන්තිලතා මහත්මිය පැවසුවාය ක්ෂය රෝගය වැළඳීම ශ්වසන පද්ධතිය ඇතුළු පෙනහලු ආශ්රිතව පමණක්ම නොව ශරීරයේ නිය හා කෙස් හැර ඕනෑම අවයවයක් ආශ්රිතව සිදුවිය හැකි බැව් ද සඳහන් කරන අධ්යක්ෂවරිය මොළය වසා ගැටිති අස්ථි පද්ධතිය සම ඇස් වකුගඩු ආහාර ජීරණ පද්ධතිය ඇතුළු ශරීරයේ ඕනෑම ඉන්ද්රීයක මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බැව් ද සඳහන් කළාය අධික ජන ඝනත්වය ජීවන රටාව ඒකරාශිවීම වැඩිවීම පෝෂණ තත්ත්වයන් අඩුවීම තුළ ඇතිවන ප්රතිශක්ති හීනතාවය මෙන්ම කෙළ ආශ්රිතව මෙම ක්ෂය රෝගය පැතිරිය හැකි බව ද ඇය කීවාය සති දෙකකට වඩා කාලයක සිට පවතින කැස්ස උණ ශරීරයේ බර අඩුවීම රාත්රියේ අධික ලෙස දහදිය දැමීම හා ආහාර අරුචිය පවතින්නේ නම් වහාම රජයේ රෝහලක් වෙත හෝ රජයේ රෝහලකට අනුබද්ධ ලය රෝග පිළිබඳ සායනයක් වෙත ගොස් වෛද්ය උපදෙස් හා ප්රතිකාර ලබාගත යුතු යැයි විශේෂඥ වෛද්ය ප්රමිතා ශාන්ති ලතා මහත්මිය සඳහන් කළාය
කෝටි තිහක රෙපෙයාර් විගණනයට හසුවේ
තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නාරාහේන්පිට යාන්ත්රික ඉංජිනේරු අංශයේ ඉකුත් වසර පහක කාලයේ දී වාහන අමතර කොටස් මිල දී ගැනීම සේවකයන් සඳහා වැටුප් සහ අතිකාල දීමනා ගෙවීම සඳහා රුපියල් තිස්කෝටි හතළිස් හත් ලක්ෂයකට අධික මුදලක් 304702219 වැය කර ඇතත් අලුත්වැඩියා කළ වාහන සංඛ්යාව එක් එක් වාහනයකට යොදනු ලැබූ අමතර කොටස් පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොමැති බවට අනාවරණය වී ඇත එක් එක් වාහනයකට යෙදූ අමතර කොටස් ටයර් ටියුබ් හා බැටරිවල තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි මේ නිසා වියදමේ සාධාරණභාවය පිළිබඳ කිසිදු විගණන පරීක්ෂාවක් සිදුකිරීමට නොහැකි වී ඇත වැඩ ඇණවුම් පත්රිකාවල වාහනවලට යෙදූ අමතර කොටස් හඳුනා ගැනීමට හැකිවන අයුරින් සටහන් කර නොතිබීම ලොග් පොත්වල යෙදු අමතර කොටස් අපැහැදිලිව සටහන් කිරීම පරිගණකගත කරනු ලැබූ ඉන්වෙන්ටි්රයක් නඩත්තු කර නොතිබීම සහ අතින් ලියනු ලැබූ ඉන්වෙන්ටි්රය ද පැහැදිලිව හඳුනාගත හැකි අයුරින් නඩත්තු නොකිරීම හේතුවෙන් යෙදූ අමතර කොටස් පිළිබඳ විගණන පරීක්ෂාවක් සිදුකිරීමට නොහැකි වී ඇත එමෙන්ම මේ පිළිබඳ නිසි අභ්යන්තර පාලන ක්රමවේදයක් ක්රියාත්මක කර නොතිබුණි මේ නිසා 2022 හා 2023 යන වර්ෂවල රටේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ආනයනය තහනම් වූ විශාල වටිනාකම් සහිත නියම අමතර කොටස්වල ආරක්ෂාව සම්බන්ධයෙන් විගණනයට ප්රශ්නගත වී තිබුණි තැපල් දෙපාර්තමේන්තුව සඳහා නාරාහේන්පිට යාන්ත්රික ඉංජිනේරු අංශයක් තිබිය දී වාහන 183ක් ඉකුත් වසර 05 ක කාලයේ දී බාහිර ගරාජවලින් අලුත්වැඩියා කිරීමට රුපියල් තුන්කෝටි විසිඑක්ලක්ෂ අනූඅටදහස් හාරසිය අසූවක මුදලක් 32198480 වැය කර තිබුණි මෙම තොරතුරු අනාවරණය වන්නේ තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේය ලලිත් චාමින්ද
ව්යාපෘති අටක් කැලේ මිලියන 586ක් වළේ
ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසර 08ක කාලයේ දී 2013 සිට 2020 ආරම්භ කරනු ලැබූ ව්යාපෘති 08ක් ඒවායේ වැඩ අවසන් නොකොට අත්හැර දමා ඇති අතර එම ව්යාපෘති සඳහා රුපියල් මිලියන 58602ක මුදලක් වැය කර ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි මෙකී ව්යාපෘති සඳහා ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 160421කි එමෙන්ම වැඩ නිම කළ යුතු ව්යාපෘති 07ක් ඉකුත් වර්ෂය අවසන් වන විටත් නිම කර නොතිබූ අතර ඉන් ව්යාපෘති පහක ප්රමාද කාලය මාස 19 සිට මාස 70 දක්වා කාල පරාසයක් දක්වා විහිදී ඇති බව විගණන වාර්තාවේ සඳහන් වෙයි අනික් ව්යාපෘති දෙකට අදාළව ව්යාපෘති නිමවිය යුතු දිනයන් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ අවසානය වන විට මෙකී ව්යාපෘති සඳහා රුපියල් මිලියන 80252ක වියදමක් දරා තිබුණි ලලිත් චාමින්ද
රටේ සාධාරණය නැත්තේ දේශපාලකයෝ නිසා කාදිනල්තුමා
මේ රටේ සාධාරණ සමාජයක් ඇති කිරීමට නොහැකි වී ඇත්තේ ඇතැම් දේශපාලකයන් ගෙනයන ප්රතිපත්ති නිසා යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා මඩුවන්දනා දෙව්මැඳුරේ පැවති ඓතිහාසික දේවමාතා ඔටුනු පැලඳවීමේ සියවස් ජයන්ති මංගල්යය අමතමින් පැවසීය කාදිනල්තුමා මෙසේද කීවේය ඇතැම් දේශපාලකයන් හා ජාතීන් අතර භේද වපුරවමින් ඔවුන් එකිනෙකා ඇනකොටා ගැනීමට සලස්වමින් ක්රියාකරපු නිසා එහි ප්රතිඵලයක් වූයේ දෙසිය හැත්තෑ හතර දෙනෙකු නිරපරාදේ ඝාතනය කරනු ලැබූ පාස්කු ඉරිදා ප්රහාරයයි ඉදිරියට මෙවැනි දේ නොවිය යුතුයි මෙම මහා මංගල්යය උළෙලට දස දෙසින් බැතිමත්හු විශාල පිරිසක් සහභාගි වූහ නෝමන් පලිහවඩන
මම නම් ඉල්ලන්නේ නෑ පොහොට්ටුවේ අපේක්ෂකයා නැකතටම කියන්නම් මහින්ද
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කළේය ජනාධිපතිවරණය සඳහා කුමන අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ ද යන්න ශ්රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට තීරණය කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වෙමින් පවතින බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නැවත ජනපතිවරණයට ඉදිරිපත් වන බව පවසා ඇති බැවින් තමන්ගේ අපේක්ෂකයා වේලාවට ඉදිරිපත් කරන බව ද හෙතෙම කීවේය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්ය අමතමින් එසේ කීවේය සුජීව තත්සර
මගෙන් රටට සභාපති සංජය මහවත්තට ඇප
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නිලධාරීන් දූෂිත බවට ඔවුන්ට අපහාසයක් වන අයුරින් ප්රකාශයක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඇපමත මුදාහැරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය පොලිස් නිලධාරීන් හෝ රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධාවක් වන පරිදි මින් ඉදිරියට කටයුතු නොකරන ලෙසත් යම්කිසි ගැටලුවක් ඇත්නම් ගත හැකි වෙනත් ක්රියාමාර්ග ඇති බැවින් ඒ අනුව කටයුතු කරනු මිස ප්රසිද්ධියේ යමෙකුට අපහාස කිරීම සුදුසු නොවන බවත් පැවසූ ප්රධාන මහෙස්ත්රාත්වරයා රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළේය එම සැකකරුගෙන් ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසට පෙර නඩු දිනයේ අධිකරණය විසින් නියෝගයක් ලබාදුන් නමුත් ඇඟිලි සලකුණු ලබාදීම සැකකරු ප්රතික්ෂේප කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් අධිකාරි ලසන්ත රත්නායක මහතා අධිකරණයට පැවසීය තම අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළ පසු ඒ අනුව කටයුතු කිරීම පොලිසියේ වගකීම බැවින් ඒ අනුව කටයුතු කළ යුතුව ඇතැයිද ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා පෙන්වා දුන්නේය සිය සේවාදායකයා මින් ඉදිරියට අධිකරණයේ නියෝගය අනුව කටයුතු කරනු ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද එක් එක් පුද්ගලයන්ගේ වුවමනා එපාකම් අනුව අසාධාරණ අයුරින් කටයුතු නොකරනු ඇතැයි තමන් අපේක්ෂා කරන්නේ යැයිද එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පැවසීය එම නඩුව ලබන අගෝස්තු 30 වැනිදා දක්වා කල් තැබිණි නීතිඥ මර්වින්ද සිල්වා තුසිත ගුණසේකර ජ්යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක සහ ජනාධිති නීතිඥ මෛත්රී ගුණරත්න යන මහත්වරු සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ ඒ ජේ ඒ අබේනායක
ඉස්සන්ඉල්මනයිට් ඉඩම් ජිල්මාට් නවත්වනු වාකරේ විරෝධතා
ඉස්සන් වගාවට සහ ඉල්මනයිට් හෑරීමට වාකරේ ජනතාවගේ ඉඩම් රජයේ මැදිගත් වීම මත පෞද්ගලික සමාගම්වලට ලබාදීමට උත්සාහ කරන බව චෝදනා කරමින් වාකරේ ජනතාව 05 දා කතිරවේලි ප්රදේශයේදී විරෝධතා පාගමනක් පවත්වා වහාම මෙම ව්යාපෘති නවතා දමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා කතිරවේලි තැපැල් කාර්යාලයට පැමිණ ලිපි තැපැල් කළහ මෙම විරෝධතා පාගමනට තුන්සියයකට අධික ජනකායක් සහභාගි වූහ වාකරේ හින්දු සහ කතෝලික පූජකවරුන් පරිසර යුක්ති කේන්ද්රයේ නියෝජිතයන් ප්රදේශයේ සිවිල් සංවිධාන නියෝජිතයන් මීට සහභාගි වූ අතර වාකරේ සුරකිමු සංවිධානය මගින් විරෝධතාව සංවිධානය කර තිබිණි මෙහිදී අදහස් දැක්වූ පරිසර යුක්ති කේන්ද්රයේ සභාපති හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ වාකරේ ජනතාවට තම උරුමය රැකගැනීම උදෙසා නැඟී සිටීමට අයිතියක් ඇති බව සහ උද්ගතව ඇති තත්ත්වය හමුවේ මෙම අක්රමවත් ව්යාපෘතිවලට එරෙහිව තම සංවිධානය අධිකරණ ක්රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවය ජගත් කණහැරආරච්චි වාකරේ කතිරවේලි සිට
ශ්රීලනිප මූලස්ථානයේ කලබැගෑනියක් දයාසිරි ඩාලි පාර රත් කරයි
අධිකරණ නියෝගයකින් ශ්රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරය තහවුරු වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා ඊයේ 05දා එම තනතුරේ රාජකාරි ආරම්භ කිරීමට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණීමත් සමග එම ප්රදේශයේ විශාල කලබැගෑනියක් හට ගත්තේය ඊයේ 05දා අලුයම සිට ශ්රීලනිප මූලස්ථානය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණු අතර පොලිස් කැරලි මර්දන ඒකකය ජල ප්රහාරක රථ ආදියද කැඳවා තිබුණි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාර්යාලයට ඇතුළුවන ගේට්ටුවට ඉබි යතුරු යොදා වසා දමා තිබුණි එහි පැමිණි ශ්රීලනිප සංවිධායකවරු කිහිපදෙනකු ඇතුළු පිරිසක් දයාසිරි ජයසේකර මහතාට පක්ෂ ලේකම් ධුරයේ වැඩ භාර ගැනීමට අවශ්ය පහසුකම් සැපයිය යුතු බැවින් තමාට පක්ෂ මූලස්ථානයට ඇතුළුවිය යුතු බව පැවසූහ එහිදී උසස් පොලිස් නිලධාරීන් ඔවුන්ට පැවසූයේ පක්ෂ මූලස්ථානයේ හා ගේට්ටුවේ ඉබි යතුරු කඩා දැමීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බවයි එහිදී පොලිසිය හා සංවිධායකවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය අනතුරුව එම ස්ථානයට පැමිණි දයාසිරි ජයසේකර මහතා අධිකරණ නියෝගයේ පිටපතක් පෙන්වමින් පොලිසියට දන්වා සිටියේ තමාට පක්ෂ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීමට අධිකරණය මගින් අවසර ලබාදී ඇති බැවින් ඊට අවස්ථාව සලසා දෙන ලෙසයි එහිදී ද පොලිසිය පැවසුවේ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පක්ෂ මූලස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම පොලිසියේ වගකීමක් බවයි එහිදී දයාසිරි ජයසේකර මහතා අධිකරණ නියෝගයේ පිටපතක් පක්ෂ මූලස්ථානයේ දොරටුවේ ඇල වූ අතර අධිකරණ නියෝගය ක්රියාත්මක කිරීම පොලිසියේ වගකීමක් බව කීවේය කෙසේ වෙතත් පක්ෂ මූලස්ථානයේ දොරගුළු විවෘත කිරීමට පොලිසිය අවසර ලබා නොදීම හේතුවෙන් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට නවතා තිබුණු ලොරියකට නැඟ ඒ මත සිට පක්ෂ මහ ලේකම් තනතුරේ වැඩ භාරගත් දයාසිරි ජයසේකර මහතාට එහි වැඩම කර සිටි භික්ෂුන් වහන්සේ නමක් පිරිත් දේශනා කර ආශිර්වාද කළ අතර රැස්ව සිටි පාක්ෂිකයෝ ජය ඝෝෂා නැඟූහ අනතුරුව ලොරි තට්ටුව මත සිට රැස්ව සිටි පිරිස ඇමතූ දයාසිරි ජයසේකර මහතා මෙසේ කීවේය අධිකරණ නියෝගයකට අනුවයි මම අද වැඩ භාර ගැනීමට පැමිණියේ පොලිසිය බැඳිලා ඉන්නවා අධිකරණ නියෝගය ක්රියාත්මක කරන්න ඊයේ මම පොලිස්පති ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට අධිකරණ නියෝගයේ පිටපතක් යැව්වා ඒ කරලා මට කිව්වා ඒ අයට අද මට වැඩ භාරගන්න එනවා ඊට අවශ්ය පහසුකම් සපයන්න කියලා පොලිසිය කියනවා නිමල් සිරිපාලගෙන් අහල එන්නලු නිමල් සිරිපාල කවුද එයාගෙන් අහන්න පක්ෂයේ ඉන්න චෞර සභාපතිලට ඕනෑ විදියට වැඩ කරන්න මම ලෑස්ති නැහැ මමයි නීත්යනුකූල මහ ලේකම් මේ ආණ්ඩුව තව මාස දෙක තුනකින් ඉවරයි ආණ්ඩු බලය යොදාගෙන කරන මේ වගේ වැඩවලට අපි එදාට උත්තර දෙන්නම් ඇමැති බලතල වාහන ගෙවල් නැතුව ඉන්න බැරි ඇමැති කටු සූප්පු කරන අයට මේ පක්ෂය විනාශ කරන්න මම ඉන්න කල් ඉඩ දෙන්නේ නැහැ හෙට අනිද්දාට මම පක්ෂ මූලස්ථානයට ඇවිත් නිමල් සිරිපාලට එරෙහිව විනය පරීක්ෂණයක් තියලයි නවතින්නේ මේක උසාවියට අපහාස කිරීමක් මෙතන ඉන්න හැම පොලිස් නිලධාරියකුටම විරුද්ධව මම මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා අධිකරණ නියෝගය ක්රියාත්මක නොකළ හැම කෙනකුටම උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරනවා අපි බලමු මොකද වෙන්නේ කියලා යැයි කීවේය කමල් බෝගොඩ අරුණ බෝගහවත්ත පින්තූර සුජාතා ජයරත්න
අකුරණ ගිනි කෝටි ගණනක පාඩුවක්
බේකරි නිෂ්පාදන අලෙවි කරන අකුරණ පිහිටි ප්රධාන පෙළේ ආයතනයක තෙමහල් ගොඩනැඟිල්ලක ඊයේ 5 දා උදෑසන හටගත් ගින්නක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවරයාපනය ඒ9 ප්රධාන මාර්ගය යළි විවෘත කිරීමට පොලිසිය පියවර ගත්තේය විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනි ගැනීම සිදුව ඇතැයි සැක කෙරේ පෙරවරු 0700ට පමණ ගින්න ආරම්භ වී ඇත මේ හේතුවෙන් තෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශවී ඇති අතර ඊට යාබදව පිහිටි ජාත්යන්තර පාසලකට හා තීන්ත අලෙවි සලකට ද ගින්න ව්යාප්ත වී තිබේ ගින්න ආරම්භයත් සමග පාසලේ දරුවන් කඩිනමින් ඉවත්කිරීමට අලවතුගොඩ පොලිසිය හා ප්රදේශවාසීහු කටයුතු කළහ අනිත් වෙළෙඳ සලේ වූ තීන්ත ද විශාල ප්රමාණයක් ඉවත්කිරීමට කටයුතු කිරීම නිසා ගින්න තවදුරටත් පැතිරීම වැළැක්වී ඇත ගින්න පැතිරීම නිසා ජාත්යන්තර පාසලේ ගොඩනැගිලි හතරකට හානි සිදුව තිබේ ගින්නෙන් සිදුවූ සමස්ත පාඩුව කොතෙක් දැයි තවමත් ගණනය කර නැත නමුත් එය කෝටි ගණනක් වෙතැයි අනුමාන කෙරේ මහනුවර නාගරික ගිනි නිවීමේ සේවා ඒකකයේ නිලධාරීහුපොලිසිය යුද හමුදා නිලධාරීහු සහ ප්රදේශවාසීහු එක්ව ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට සමත් වූහ පසුව අබලි ද්රව්ය ඉවත්කොට මාර්ගය සෝදා දැමීමෙන් පසු මාර්ගය යළි විවෘත කොට තිබේ හානිවූ ගොඩනැඟිල්ලේ කොටස් ප්රධාන මාර්ගයට කඩාවැටීමට ඉඩ ඇති බැවින් වාහන ධාවනයේ දී සුපරික්ෂාකාරී වන ලෙස අලවතුගොඩ පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටීමට පියවර ගත්තේය මේ පිළිබඳව අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්රපොප සුජීව ගුණතිලක මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති ජානක සම්පත් බණ්ඩාර ගුන්නෑපාන
කෙහෙළියලාගේ මිලියන 97 මාස 3කට අත්හිටුවයි
හිටපු සෞඛ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ හා ඔහුගේ බිරිඳ ඇතුළු හය දෙනෙකුගේ නමින් පෞද්ගලික බැංකු කිහිපයක පවත්වාගෙන යන රුපියල් මිලියන 97125ක වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස තුනක කාලයකට ක්රියාවිරහිත කිරීමට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ 05දා නියෝග කළේය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය හිටපු සෞඛ්ය අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්රියදර්ශනී ඈපා මීහේන චමිත්රි ජයනිකා රඹුක්වැල්ල චන්ද්රානි රමාලි රඹුක්වැල්ල අමාලි නයනිකා රඹුක්වැල්ල හා ඉසුරු පුලස්ති බණ්ඩාර දෙහිදෙණිය යන හයදෙනාගේ නමින් පවත්වාගෙන යන එකී ගිණුම්වලට අදාළ සැක සහිත බවට සාක්ෂි ඉදිරිපත්වී ඇති බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විනිසුරුවරයාට පැවසීය ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එකී ස්ථාවර බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු දින හතක කාලයකට තාවකාලිකව තහනමට ලක්කර තිබිණි මෙම අධිකරණ නියෝගය නිකුත් කෙරුණේ ඉන් පසුවය ඒ ජේ ඒ අබේනායක
ණය ප්රමාණයෙන් ඩො බිලියන 8ක සහනයක් ජනතාවට ලබාදීමට හැකි වුණා ජනපති කුරුණෑගලදී කියයි
ණය ප්රතිව්යුහගතකරණ ක්රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපාහැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වූ බව ඊයේ 05 දා පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්රවණාගාරයේදී පැවැති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය එම ඔප්පු ප්රදාන උළෙලට පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු අසංක නවරත්න මංජුලා දිසානායක සුමිත් උඩුකුඹුර හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම් වයඹ ආණ්ඩුකාර නසීර් අහමඩ් ජනපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ
ත්රාඩ දූෂිත දේශපාලන වළල්ලෙන් අපේ රට ගලවා ගැනීමම ජාතික පුනරුදයක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක
ත්රාඩ දූසිත දේශපාලන වළල්ලෙන් අපේ රට ගලවා ගැනීමම ජාතික පුනරුදයක් යැයි විසිවන සියවස ඉතිහාසයේ මඟහැරුණු මොහොත සහ ජාතික පුනරුදය පොත එළිදැක්වීමේ උළෙලේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ කීය අපේ රටේ ඇතිවී තිබෙන තත්වයත් එය ඇතිවීමට හේතු සාධක පිළිබඳවත් ඉතාමත් හොඳින් කැටිකොට සම්පිණ්ඩනය කොට ඉලක්ක සහගතව ඉදිරිපත් කිරීමට මේ කෘතිය විශාල වෑයමක් දරා තිබෙනවා ඒනිසා මේ කෘතිය සම්පාදනය කරන්න වෙහෙස වුණු සියලුදෙනාටම පළමුව ස්තුතිවන්ත වෙනවා සමාජය තුළ වෙනසක් අවශ්ය බවට කතිකාවකත් නිර්මාණය වී තිබෙනවා වෙනසක් පිළිබඳව පිපාසයෙන් ඉන්න ජනතාවට ඕනෑ කවරාකාරයේ වෙනසක්ද යන්න පෙන්වාදීමට අපට අවශ්ය වුණා රටක් හැටියට කඩා වැටී තිබෙන තත්වයෙනුත් ජනතාවක් හැටියට පත්වී තිබෙන ව්යසනයෙනුත් ගොඩ ඒම සඳහා රට කවර දිශාවකට පරිවර්තනය කළ යුතුයිද කියන කාරණය පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක අවශ්යතාව තිබුණා ඒ අවශ්යතාවයේ මූලික පදනම තමයි මේ කෘතියෙන් ඉදිරිපත් කරන්නේ මේ කෘතිය මත පදනම් වූ අපේ ආර්ථික වැඩපිළිවෙළ එළිදක්වන්න සූදානම් කර තිබෙනවා දැනටමත් මේ මත පදනම් වූ ඉංජිනේරු ක්ෂේත්රයේ අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කොට තිබෙනවා මහාචාර්ය ගෝමික මහතාගේ ප්රධානත්වයෙන් විද්යා හා තාක්ෂණ පර්යේෂණ ක්ෂේත්රයේ දිශානතිය පිළිබඳ වැඩපිළිවෙළ ඉදිරිපත්කොට තිබෙනවා 14 වන සියවසේ සිට 19 වන සියවස දක්වා ලෝකයේ විවිධ කඳවුරුවල විවිධ කලාපයන් ඇතුලේ විශාල සාකච්ඡාවන් පැන නැගුණා යුරෝපයේ පුනරුද යුගයේ චින්තකයන් දේශපාලකයන් කලාකරුවන් විද්යාඥයන් මේ ආදී කණ්ඩායම් අනාගත ලෝකයක් පිළිබඳව විවිධ අංශවලින් චිත්රණය කළා ඒ චින්තනමය අදහස් මත භෞතික ලෝකය ගොඩනැගෙන්නේ විසිවන සියවසේ ඒ නිසාම හැම සියවසකට වඩා විසිවන සියවස වැදගත් වෙනවා ලෝකයේ මෑතක සංවර්ධනය අත්පත් කර ගත් රාජ්යයන් දියුණුව අත්පත් කර ගැනීම සඳහා පදනම නිර්මාණය කළේ විසිවන සියවසේ මීට පෙර සියවස්වල සුවිශේෂී තත්වයන් කිහිපයක් තිබුණා එකක් තමයි පාරම්පරික පවුල් කිහිපයක ලේ උරුමය මත සහ දිවියේ කැමැත්ත අනුව රාජ්ය බලය හිමිවෙමින් පැවතුණා මේ බලය විසිවන සියවසේදී ජනතාවගේ කැමැත්තේ පොදු ජනයාගේ නියෝජනයන් හරහා රාජ්ය බලය ස්ථාපිත වෙන්න පටන් ගත්තා පුරවැසියන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන පුරවැසියන් බවට පත්වෙනවා පුරවැසියන් තමන්ගේ අතට බලය ලබා ගැනීම සඳහා සක්රීයව ක්රියාකාරී වෙනවා 1917 සෝවියට් රුසියාව වැනි රටවල් ගණනාවක යටත්භාවයට පත්ව සිටි පුරවැසියන් සක්රීය ක්රියාකාරිත්වයෙන් යුතු පුරවැසියන් බවට පරිවර්තනය කරනවා ඒ වගේම විසිවන සියවසේ කෘෂිකර්මාන්තයෙන් වෛද්ය විද්යාවෙන් තාක්ෂණයෙන් විශාල පරිවර්තනයක් ගෙනදුන්නා ලෝකයේ ජනතාවට ප්රමාණවත් ආහාර නිෂ්පාදනය කර ගන්න හැකි වෙනවා වෛද්ය විද්යාවේ දියුණුව විසින් සමහර රෝග ලෝකයෙන් තුරන් කරනවා හෘද සැත්කම් හා වෙනත් සැත්කම් හරහා මානවයාගේ ආයු කාලය වැඩි කරනවා ඒ වගේම දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ මානව හිමිකම් පිළිබඳ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ පරිසරයේ පැවැත්ම පිළිබඳ ආරක්ෂණයක් පිළිබඳ කතිකාවන් නිර්මාණය වෙනවා සාමූහිකත්වය පිළිබඳ නව ආකල්ප ගොඩනැඟණු සියවසක් මිනිස් ශිෂ්ටාචාරය අත්පත් කර ගන්නා ලද අත්දැකීම් වර්ධනයන් විසින් බොහෝ දේවල්වල ප්රතිලාභ අත්පත් කර ගන්නවා වෛද්ය විද්යාවේ තාක්ෂණයේ කෘෂිකර්මාන්තයේ විශාල ජයග්රහණ අත්පත් කරගත් සියවසක් තමයි විසිවන සියවස කියන්නේ විසිවන සියවසේ කලාවේ සාහිත්යයේ චිත්රපටයේ විශාල පරිවර්තනයන් ඇති වුණා සංගීතය විශාල ලෙස වර්ධනය වෙන්න පටන් ගන්නවා නමුත් විසිවන සියවසේ අත්පත් කර ගත් ජයග්රහණ සහ ඇති වූ පරිවර්තනයන් මත පදනම් වෙලා ජයග්රාහී රාජ්යයක් බවට අපේ රට නිර්මාණය කර ගැනීමට පාලකයෝ අසමත් වුණා නමුත් ඒ ඇති වූ ජයග්රහණයන් රටට කැඳවාගෙන ඒමට ප්රයත්නයක් දැරූ කණ්ඩායම් අපේ රටේ හිටියා එලෙස ඇති වූ චින්තනයන් සමාජ සාධාරණත්වය දේශපාලනය වමේ ව්යාපාර අපේ රටට කැඳවාගෙන ආවා ඒ කිසිවක් සාර්ථකත්වයේ ඉම දක්වා ගමන් නොකළේ අපේ රට දූෂිත ප්රභූවාදී පැළැන්තියක් විසින් ගිලගෙන සිටීම නිසයි පළමුවෙන්ම දේශපාලන බලය පවුල් සංස්ථා කිහිපයක් අත ගොඩ නැගෙනවා ඒ දේශපාලන අධිකාරියත් එක්ක ගැටගැසුණු දූෂිත ව්යාපාර කණ්ඩායමක් ඒ යාන්ත්රණය ක්රියාත්මක කරගෙන යාමට දූෂිත රාජ්ය නිලධාරී කණ්ඩායමක් ගොඩනැගෙනවා ඉහළ සිට පහළට ත්රාඩ අපරාධකරුවන්ගේ බලග්රහණයට මේ රාජ්ය පත්වෙනවා මේ කණ්ඩායම් අධි පරිභෝජනවාදී සදාචාරය ධනය ඉපයීමේ සීමා මායිම් කිසිවක් නැති පිරිසක් බවට පත්වෙනවා කැලෑවල ඉන්න ඇත් පැටවුන් ගෙනැවිත් ප්රභූත්වය ආරූඪකර ගන්න ගෙවල්වල ඇති කරන්න පටන් ගන්නවා මේකෙන් ඇති වුණු ප්රතිඵලය කුමක්ද මහජනතාවගේ එවැනි නැගිටීමක් එන්නේ එක් නිමේෂයකදී එය වසර දෙක තුන අඛණ්ඩව සිදුවන්නේ නැහැ පුරවැසියන්ට තමන්ටමවු ජීවිතයක් තිබෙනවා පුරවැසියන් නිමේෂයකදී තමන්ගේ ආවේගය ක්රියාකාරිත්වය ඉදිරියට ගෙනියනවා ඊළඟ නිමේෂයකදී සාමාන්ය ජන ජීවිතයට යොමුවෙනවා ජාතික ජන බලවේගයේ අපි සිතනවා සාමාන්ය ජනතාවගේ ජීවිතය ගලාගෙන යාම සාමාන්ය ප්රවාහයකට වැළැක්විය හැකි එකක් නෙවෙයි නමුත් අරගලයේදී මතුකරන ලද අදහස් ජනතාවගෙන් ඈත්වෙලා නැහැ අරගලය නිසා මතු වූ සාධක දෙකක් තිබෙනවා එකක් තමයි 74 වසරක සාපය ඒක තමයි දිගුකාලීන අත්හැරීම දෙවැන්න සිස්ටම් චේන්ජ් එක ඒක තමයි අපි යෝජනා කරන පුනරුදය මේ කරුණු අපි දශක ගණනාවක් තිස්සේ සමාජයට ඉදිරිපත් කර තිබීම අප කෙරෙහි විශ්වාසය තබන්නත් මේ පරිවර්තනයේ කේන්ද්රය ජාතික ජන බලවේගය බවට පත්කරන්නත් ඉවහල් වී තිබෙනවා අත්හැරුණු දේ වේගයෙන් උකහා ගැනීමත් ජනතාව නව පරිවර්තනීය යුගයක් කරා මෙහෙයවීමත් අපි දැන් කළ යුතුයි එහිදී අපි සංවාදයට ලක්කළ යුතුයි ජාතික පුනරුදයක ලක්ෂණ මොනවාද කියලා අපේ රටේ තිබෙන විභවතාවන් සැලකිල්ලට ලක්කර ගනිමින් අපේ විශිෂ්ටතමයින් උත්සාහ කරන ලද නිෂ්පාදනය මත ආර්ථික ප්රවේශයකට වේගයෙන් අවතීර්ණ විය යුතුයි මූලික වශයෙන් අපේ ප්රාථමික නිෂ්පාදනයන් වර්ධනය කර ගත යුතුයි කොවිඩ්වලින් පසු රාජ්යයන්වලට තමන්ගේ ආර්ථික ප්රතිපත්තීන් ගැන නැවත සලකා බලන්න බලකර තිබෙනවා කොවිඩ් කාලේ වරායවල්වල ඉඩ මදිවෙන තරමටම නැව් ඇන්කර් කර තබන්න සිදුවුණා ගුවන් යානා ගොඩබස්සන ඉඩ මදිවෙන තරමට ගුවන් යානාවලින් පිරෙන්න පටන් ගත්තා සයිබර් ලෝකයේ අපි ඒකාබද්ධ වුණාට ලෝකයේ සෑම රාජ්යයක්ම තමන්ගේ ජාතික සීමාවන් ඇතුලේ හුදකලා වෙන්න පටන් ගත්තා හැමෝටම බල කළා තමන්ගේ මූලික අවශ්යතා වන ආහාර නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කිරීමට අපි පුනරුද යුගයේ ආරම්භයේදී ජාතික ආරක්ෂාවටත් ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙනුත් කෘෂි නිෂ්පාදන මත්ස්ය නිෂ්පාදන කිරි බිත්තරවලින් යළි වර්ධනයක් අත්පත් කරගත යුතුයි අපේ ඛනිජ සම්පත් මත ලෝකයේ තාක්ෂණික උවමනාවන් මත ගොඩනැගෙන නව කර්මාන්ත අවධියකට අපේ රට පරිවර්තනය කළ යුතුයි එදා ඉංජිනේරු විමලසුරේන්ද්ර මහතාට තිබූ සිහිනය ඊට සියවසකට පසුව හරි මේ රටේ සම්පූර්ණ කිරීමේ අවශ්යතාවය තිබෙනවා ඒ වගේම සමාජ සාධාරණත්වය පිළිබඳ භාවිතාවක් අපට අවශ්යයි හැමදෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි සැම දෙනාටම සාධාරණ ලෙස ආර්ථිකයට ප්රවිෂ්ටවීමේ අයිතියත් එහි ප්රතිලාභ සාධාරණ ලෙස බෙදී යාමත් සිදුවිය යුතුයි සමාජය තුළ භාවිතාවේ සාධාරණත්වයක් ස්ථාපිත කළ යුතුයි ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරනවා කියලා අප ඉදිරියේ ප්රතිරූපයක් මවන මේ නායකයන් කවුද ජේආර් ජයවර්ධන ලංකාවේ පළමු විධායක ජනාධිපති කීවාට ඔහු ජනතාව විසින් පත්කර නොගත් පළමු විධායක ජනාධිපතියි 1972 ආණ්ඩුක්රම ව්යවස්ථාවට ගෙන එන සංශෝධනයකින් ජනාධිපති වී 1978 ව්යවස්ථාවෙන් බලය තවදුරටත් තහවුරු කරගත්තා 78 ව්යවස්ථාව අනුව අවුරුදු හයකට පසු ජනාධිපතිවරණය පැවැත්විය යුතු වුවත් ව්යවස්ථාවට තුන්වැනි සංශෝධනය ගෙනත් ඔහුම තරග වදින්නේ නම් වසර හතරක් ඉක්මවූ පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකි තත්වට ව්යවස්ථාව වෙනස් කර 1982 ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වූවා ජනාධිපතිවරණයේ ජයග්රහණයෙන් උදම්වීමත් සමග පාර්ලිමේන්තුවේ ධුර කාලය තව වසර හයකින් දීර්ඝ කරගන්න ව්යවස්ථා සංශෝධනයක් ගෙනාවා ව්යවස්ථා සංශෝධනය අනුමැතිය වෙනුවෙන් ජනමත විචාරණයක් අවශ්ය බව ශේෂ්ඨාධිකරණය තීරණය කළා නියමිත පරිදි මහා මැතිවරණය පැවැත්වූවා නම් හයෙන් පහක බලයක් නොලැබෙන නිසා ජනමත විචාරණ ප්රෝඩාව ගෙනාවා විසිවැනි සියවසේ දේශපාලන සංකල්ප ක්රියාකාරිත්වයට ලක්කෙරෙමින් ප්රජාතන්ත්රවාදය මානව හිමිකම් පුළුල් කර ගත්තත් අපේ පාලකයන් ඒ තත්වයට ගියේ නැහැ තමන්ගේ ධුර කාලය වසර පහ දක්වා අඩුකර ගත් බවට උදම් අනමින් සිටි මෛත්රීපාල සිරිසේන වසර පහ අවසන් වෙන්න යනකොට වසර හයක් ඉන්න පුළුවන්ද කියලා ශේෂ්ඨාධිකරණයේ මතය විමසුවා ඒ වෙලාවේ නීතිපතිගේ තර්කය වුනේ මෛත්රීපාල ජනාධිපතිවරයාට නොව ඊළඟ පත්වෙන ජනාධිපතිවරයාට තමයි වසර 05 අදාල වෙන්නේ කියලා එහෙම තියෙද්දී දැන් ඉන්න ජනාධිපති වසර හයක් ඉන්න බැරිද කියලා ශේෂ්ඨාධිකරණයෙන් අහනවා මේ මොන නායකයොද බලය බලය මත වැජඹෙන දුෂ්ට විනාශකාරී ත්රාඩ පංතියක් මේ ඉන්නේ සමාජ සාධාරණත්වයේ භාවිතයේ පුනරුදයක් අවශ්යයි නීතිය තියෙන්නේ සාමාන්ය ජනතාව වෙනුවෙන් මිස පාලකයන්ට බලයේ ඉන්න නොවෙයි 19වැනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයන් ලෙස පත්විය නොහැකි කියලා සංශෝධනයක් ආවා ගෝඨාභය රාජපක්ෂ බලයට ආවට පස්සේ ඒක වෙනස් කළා ඒ සංශෝධන දෙකටම පාර්ලිමේන්තුවේ අත උස්සන අය ඉන්නවා ත්රාඩ දේශපාලකයන් ජාවාරම්කාර ව්යාපාරිකයන් දූෂිත නිලධාරීන් අපේ රට ගිලගෙන තිබෙන්නේ වෙන මොනවා නැතත් මේ ත්රාඩ දූෂිත වළල්ලෙන් මේ රට ගැලවීමම පුනරුදයක් කියලයි මටනම් හිතෙන්නේ
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවයි ධම්මික පෙරේරා ශ්රීලපොපෙ
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තමන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින බව ව්යාපාරික ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා මහතා ඊයේ 05දා පැවැසීය ඒ මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීයවේදීන්ගේ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිණි එම කාර්යාලය ඊයේ 05දා දිනයේදී එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වූ අතර එම අවස්ථාවට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මෙන්ම වෘත්තීයවේදීන් විශාල පිරිසක් එක්ව සිටියහ එහිදී මාධ්ය වෙත අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා මෙසේද පැවැසීය ශ්රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ශ්රී ලංකාවේ තිබෙන ලොකුම පක්ෂයයි දැන් මේ රටේ තිබෙන ලොකුම ප්රශ්නය තමයි ආර්ථිකය දියුණු කරන්නේ කොහොමද කියන එක රටක ආර්ථික දියුණුව ඒකපුද්ගල ආදායමෙන් තමයි මනින්නේ 2005 දී මහින්ද රාජපක්ෂ මහතා රට භාර ගන්න කොට ඒකපුද්ගල ආදායම ඩොලර් 1250යි 2005 දී ආරම්භ කළ මහින්ද චින්තන හා බැඳුණු ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ නිසා 2014 දී මහින්ද රාපක්ෂ මහතා යළි රට භාර දෙන කොට ඒකපුද්ගල ආදායම 3850 දක්වා වැඩිවී තිබුණා එදා සිට අද වනවිට වසර 10ක් ගත වී තිබෙනවා දැන් ඒකපුද්ගල ආදායම 3830යි ඒ කියන්නේ 2014ට වඩා ඩොලර් 20ක් පිටුපසින් සිටින්නේ පසුගිය වසර 10ක කාලය තුළ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ ඒක තමයි ඔබලාට දැනෙන ප්රශ්නය මේ රටේ ජනතාවගෙන් 40ක් තවම තීරණය කරලා නැහැ කාටද ඡන්දය දෙන්නේ කියලා තව දවස් 90න් මැතිවරණය තිබෙනවා ශ්රී ලංකා පොදුජන පෙරමුණ සෑම දෙයක්ම නිවැරදි වෙලාවෙ දි තීරණය කරලා තිබෙනවා රටේ ආර්ථිකය නැංවීමට අවශ්ය වැඩපිළිවෙළක් මම සකස් කරලා තිබෙනවා මට අපේක්ෂකත්වය දෙනකොට ඒ පිළිබඳව විමසාවි කියලා මම සිතනවා එහිදී තවදුරටත් අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා සඳහන් කර සිටියේ රටේ ආර්ථිකය හදන්නේ කෙසේද කියා ජතාවට පැහැදිලි කර දී තවමත් ඡන්දය ප්රකාශ කරන්නේ කාට ද කියා තීරණය කර නොමැති 40ක් ජනතාවගේ ඡන්දය ලබාගැනීමට තමන්ට දින 60ක කාලයක් ප්රමාණවත් බවයි එරික් ගාමිණි ජනප්රිය
මැතිවරණවලට බය ජනපති අනීතිකව බලයේ රැඳී සිටීමට උත්සාහ දරනවා සජබ හිටපු පා මන්ත්රී චමින්ද විජේසිරි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සහායෙන් ජනාධිපති වුණ රනිල් වික්රමසිංහ මහතා විවිධ කූට උපක්රම යොදමින් රාජ්ය සම්පත් අවභාවිතා කරමින් ජනාධිපති ධුරකාලය දීර්ඝ කරගැනීමට අනීතිකව කටයුතු කරන බවත් ඊට එරෙහිව නැගී සිටිය යුතු බවත් සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පැවැසීය කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා 05 දා පස්වරුවේ පැවැති මාධ්ය හමුවට සහභාගි වෙමින් වැඩිදුරටත් මෙසේ පැවසීය රටේ වර්තමාන ආර්ථික දේශපාලනික සමාජීය විනාශයට හේතුව රට පාලනය කරන දේශපාලන කණ්ඩායම්වල තීන්දු තීරණයි ඒ තීන්දු තීරණවලට සහාය දුන්න ඇතැම් රාජ්ය නිලධාරීනුත් ඒ සඳහා වගකිව යුතුයි පාලකයන් රට බංකොලොත් කරන්න ගත්ත ඇතැම් තීන්දුවලට ඇතැම් රාජ්ය නිලධාරීන් අත්උදව් ලබාදී තිබෙනවා මේ මොහොතේ දී රට අගාධයට ඇඳ දමන එවැනි තීන්දු තීරණ ගන්න එපා කියලා සියලුම රාජ්ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයා සහභාගි වන රැස්වීම්වලට අමාත්යාංශවල තිබෙන මුදල් තමන්ගේ ජනාධිපතිවරණය සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කනගාටුව ප්රකාශ කරනවා මාතර පැවැති රැස්වීමට පැමිණි ජනතාවට බඩු මල්ල ලබාදුන්නේ සතොස ආයතනය හරහා කියන දේ ඔප්පු වෙලා තිබෙනවා ආර්ථිකව පීඩාවට පත්ව සිටින ජනතාවගේ සෑබෑ ප්රශ්නය පිළිබඳව අවධානය යොමු නොකර ජනාධිපතිවරයාගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් හොරකම් කරන්න උදව් කරන්නේ ඇතැම් රාජ්ය නිලධාරීන් පෙළැඹිලා ආරක්ෂක අමාත්යාංශය සහ නීතිය හා සාමය අමාත්යාශය මගින් සිවිල් ආරක්ෂක කමිටුවල සිටින සමාජිකයන් වැල්ලවායට ගෙනල්ලා ජන හමුවක් පවත්වන්න කටයුතු කරන බව වාර්තා වෙලා තිබෙනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණය සඳහා යොදාගන්න තමයි මේ උත්සාහ කරන්නේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හෝ පොලිසිය භාර ඇමැතිවරයා දැනුවත්ද නොදැනුවත්ද කියන සැකය මතුවෙනවා එක ගමකින් 5 දෙනෙක් නියෝජනය වන ආකාරයට බදුල්ල දිස්ත්රික්කයෙන් බස් 65 ක් ගේන්න සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා ඒ වගේම මේ බස් රථ සඳහා ලක්ෂ 17 ක් නීතිය හා සාමය අමාත්යාශය හරහා ගෙවීම් සිදුකරන බවත් වාර්තා වී තිබෙනවා මෙය සත්යක්ද අසත්යක්ද කියලා පොලිස්පතිවරයා සහ පොලිසිය භාර ඇමැතිවරයා රටට හෙළි කළ යුතුයි ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව පරාජය කරන්න රටේ ජනතාව සුදානමින් සිටින බව සමීක්ෂණ හරහා සනාථ වෙලා තිබෙනවා ඒ නිසා අනීතිකව බලයේ රැඳිලා ඉන්න ජනාධිපතිවරයා කටයුතු කරනවා
ජපුර රෝහලට නව බස් සේවයක්
සුව සැරිය රෝහල් සේවාව නමින් ශ්රී ජයවර්ධනපුර රෝහලට විශේෂ බස්රථ සේවාවක් ඊයේ ඇරඹිණි සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් සහ ප්රවාහන මහාමාර්ග සහ ජනමාධ්ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් සුව සැරිය රෝහල් සේවා විශේෂ බස්රථ සේවාව ඊයේ 05දා පෙරවරුවේ ශ්රී ජයවර්ධනපුර රෝහල් පරිශ්රයෙන් ආරම්භ කරන ලදී මීට පෙර සෞඛ්ය හා කර්මාන්ත ඇමැති වෛද්ය රමේෂ් පතිරණ මහතා ශ්රී ජයවර්ධනපුර රෝහලේ නිලධාරීහු සහ කාර්ය මණ්ඩලය සමග රෝහලේ ප්රගතිය පිළිබඳව සොයාබැලීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී රෝහල් කාර්යමණ්ඩලය සහ ප්රතිකාර ලබාගැනීමට පැමිණෙන ජනතාව මුහණදෙන ප්රධාන ගැටලුවක් ලෙස ප්රවාහන දුෂ්කරතාවය පෙන්වා දෙන ලදී මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් සෞඛ්ය අමාත්යවරයා ප්රවාහන මහා මාර්ග සහ ජනමාධ්ය අමාත්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් කළ ඉල්ලීමට ප්රතිචාරයක් ලෙස කඩිනමින් මෙම විශේෂ බස්රථ සේවාව ආරම්භ කිරීමට පියවර ගනුණි මහරගම තලවතුගොඩ බොරැල්ල කොටුව 138212174 නගර ආවරණය වන පරිදි ශ්රී ජයවර්ධනපුර රෝහල දක්වා මෙම ප්රවාහන සේවාව ක්රියාත්මක වේ මෙහිදී අදහස් දැක්වූ සෞඛ්ය හා කර්මාන්ත ඇමැති වෛද්ය රමේෂ් පතිරණ මහතා කුමන අර්බුද පැමිණියත් ඉතාම කෙටි කාලයකින් පෙර පුරුදු තත්ත්වයට පැමිණීමේ විශිෂ්ටතාවයක් මෙරට නිදහස් සෞඛ්ය සේවාව තුළ පවතින බව කීවේය ජපන් රජය විසින් හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාට උපහාරයක් ලෙස ලබාදුන් මෙම රෝහලට වසර 40ක කාලයක් ගත වුවත් එය ඉතා විශිෂ්ට නිර්මාණයක් බවද පැවසූ ඇමැතිවරයා රෝහල තිබෙන තත්ත්වයට වඩා විශිෂ්ට සෞඛ්ය සේවාවක් ජනතාවට ලබාදෙන තත්ත්වයට පත් කිරීමට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද පැවසීය මෙහිදී අදහස් දක්වමින් ප්රවාහන හා ජනමාධ්ය අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා ද කතා කළේය මෙම අවස්ථාවට සෞඛ්ය රාජ්ය ඇමැති සීතා අරඹේපොල සෞඛ්ය ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල ශ්රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්ය සාරංග අලහප්පෙරුම අධ්යක්ෂ වෛද්ය රත්නසිරි හේවගේ යන මහත්ම මහත්මීහු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ
අභාවප්රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන්ගේ දේහය කොළඹ සිට ගුවන්නින් යාපනයට
අභාවප්රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මන්ත්රීවරයාගේ දේහය කොළඹ සිට ගුවන් මගින් පෙරේදා 4 දා යාපනය වෙත රැගෙන එනු ලැබීය යාපනයේ මාර්ටින් පාරේ පිහිටි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ මුලස්ථානයේ දේහය තැන්පත් කිරීමෙන් පසුව ඊට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ වල නායකයන් හා සාමාජිකයන් උපහාර දක්වනු ලැබීය උතුරු පළාත් ආණ්ඩුකාරිනී පී එම් එස් චාර්ල්ස් මහත්මිය ඇතුලු යාපනයේ රාජ්ය නිලධාරීන් රැසක්ද යාපනයේ සිටින නියෝජ්ය ඉන්දීය මහ කොමසාරිස් සෙවිති සායි මුරලි මහතාද සම්පන්ධන් මන්ත්රීවරයාට ගෞරව දැක්වූ අය අතර විය සම්පන්ධන් මන්ත්රීවරයාගේ අවසන් කටයුතු 7 වෙනි ඉරිදා ත්රිකුණාමළයේදී පැවැත්වෙන අතර දේහය යාපනයෙන් 5 දා ත්රිකුණාමලය බලා රැගෙන යෑමට නියමිතය දිනසේන රතුගමගේ
සෝලාවලට ගෙවන ගණන් අඩු කළේ නව විදුලිබල පනතට පිටින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික චෝදනා කරයි
විදුලිබල ඇමැති කංචන විජේසේකරගේ හිතුවක්කාර තීරණය හේතුවෙන් මෙගා වොට් 70කට ආසන්න සූර්ය බල ව්යාපෘති අකර්මණ්ය වී ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ 5 දා චෝදනා කළේය එම සංගමය කොළඹදී ඊයේ පැවැත් වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීවේය එහිදී සංජීව ධම්මික මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය පසුගියදා විදුලිබල ඇමැතිවරයා විසින් සූර්ය බල ව්යාපෘති සඳහා ගෙවන මිල ගණන් හදිසියේම අඩු කළ බවට කළ ප්රකාශයක් හේතුවෙන් දේශීය ආයෝජකයින්ගේ නව විදුලි බල ව්යාපෘති ඇනහිටලා සෝලා විදුලි බල පද්ධතිවලින් විදුලිය මිලදී ගැනීමේදී මෙතෙක් ඒකකයට ගෙවූ රුපියල් 37ක මුදල රුපියල් 27 දක්වා අඩු කළ බවට ඇමැතිවරයා ප්රකාශ කළේ ජුලි 2 වැනිදායි නමුත් එම තීරණය ජුලි 1 වැනිදා සිට බලපවත්වන බවටද අමාත්යවරයා ප්රකාශ කර තිබුණා මේ ආකාරයට හදිසියේ පුනර්ජනනීය විදුලිය මිලදී ගැනීමේ මිල අඩු කළේ ඉදිරියේදී අධික මිලට හදිසි විදුලිය මිලදී ගැනීමේ අරමුණ ඇතිව ද කියා අපට සැකයි පසුගිය කාලයේදී ඇඹිලිපිටිය ඒස් බලාගාරයෙන් ඒකකය රුපියල් 110 වැනි අධික මිල ගණන්වලට මිලදී ගෙන ඇති අවස්ථාද තිබෙනවා මේ සැරසෙන්නේ එවැනි කොල්ලයකට විය හැකියි වහල මත සවිකරන සූර්ය බල පද්ධතිවල ආයෝජනය කරන්නේ දේශීය ව්යවසායකයින් සූර්ය බල පද්ධතිවලින් විදුලිය මිලදී ගැනීමේදී ගෙවීම් කරනු ලබන්නේ දේශීය රුපියල්වලින් ඩීසල් විදුලිය මිලදී ගැනීමේදී ඩොලර්වලින් ගෙවීමට සිදුවන නිසා ඩීසල් නැප්තා හා දැවිතෙල් සඳහා මෙරට විදේශ විනිමය පිටරටට ඇදී යනවා මෙරට දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව සඳහා පුනර්ජනනීය විදුලි බලාගාර වැඩි වශයෙන් ප්රවර්ධනය කළ යුතු අවධියක වත්මන් විදුලිබල ඇමැතිවරයා විසින් ඩීසල් ඇතුළු ආනයනික පොසිල ඉන්ධන මත පදනම් විදුලි බලාගාර ප්රවර්ධනයක් කරනවා අමාත්යවරයා විසින් සූර්ය බල විදුලිබලාගාරවලට ගෙවන ගාස්තු සංශෝධනය කර ඇත්තේ නව විදුලි බල පනතේ 29 වන වගන්තිය උල්ලංඝනය කරමින් එම වගන්තියට අනුව මෙවැනි ගාස්තු සඳහා ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරය තිබිය යුතුයි නමුත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව එවැනි අවසරයක් ලබා දී නැති බව තහවුරු කර තිබෙනවා ඒ අනුව මෙම ගාස්තු සංශෝධනයට කිසිදු නීත්යානුකූල භාවයක් නැත සූර්ය බල ව්යාපෘතිවල ආයෝජන කළ දේශීය ව්යවසායකයින් සියලු දෙනා එක්ව විදුලි බල ලේකම්වරයාට ලිඛිතව හා වාචිකව පැමිණිලි කරන ලෙසද මම ඉල්ලා සිටිනවා අනුරාධ හිරිපිටියගේ
එක තැන පල්වෙන සෞඛ්ය සේවාවට තාක්ෂණය මුසුකර නව මඟකට යොමුකළ යුතුයි විශේෂඥ වෛද්ය ජී ජී චමල් සංජීව
වසර තිහක් එක තැන පල්වෙමින් පවතින මෙරට සෞඛ්ය පද්ධතිය නූතන තාක්ෂණය සමග අනුගතකර සෞඛ්ය රක්ෂණ හා සංචාරක වෛද්ය කර්මාන්තය ආදී නවාංග ද එකතු කර නව මඟකට යොමු කළයුතු බව විශේෂඥ වෛද්ය ජී ජී චමල් සංජීව මහතා සඳහන් කළේය වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ හෙල්ත් 2030 ජාතික සෞඛ්ය ප්රතිපත්ති සම්මන්ත්රණය පෙරේදා 04දා අමතමින් වෛද්යවරයා මේ බව සඳහන් කර සිටියේය විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතාගේ සංකල්පයක් අනුව පැවැත්වුණු මෙම සම්මන්ත්රණය සඳහා පක්ෂ විපක්ෂ දේශපාලකයන් හා සෞඛ්ය සේවයේ වෘත්තීයවේදීන් රැසක් එක්ව සිටියහ නිදහස් සෞඛ්ය ආරක්ෂා කර ගනිමින් සෞඛ්ය ජාතික සංවර්ධනයට ආයෝජනයක් ලෙස භාවිත කළ හැකි ආකාරය සහ දළ දේශීය නිෂ්පාදනයට සෞඛ්ය පද්ධතිය හරහා ආදායම් ලබාගැනීමට නව උපායන් අනුගමනය කළ හැකි ආකාරයන් පිළිබඳව මෙම සම්මන්ත්රණයේ දී සාකච්ඡාවට ගැනිණ මෙහිදී අදහස් දැක්වූ හිටපු සෞඛ්ය ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කර සිටියේ මෙරට සෞඛ්ය සඳහා වෙන්කෙරෙන මුදල් දූෂණ වංචා අක්රමිකතාවලින් තොරව යොදාගත හැකි නම් ඉන් විශාල ප්රතිලාභ ජනතාවට ලබාදිය හැකි බවයි මෙරට සෞඛ්යය මහජන විශ්වාසය ගොඩනැඟෙන ලෙස වෙනස් කිරීම සඳහා නව අදහස් රැසක් අවශ්ය බවත් ඒවා ප්රායෝගිකව ක්රියාත්මක කළයුතු බවත් මෙම සම්මන්ත්රණය අමතමින් විශේෂඥ වෛද්ය වින්යා ආරියරත්න මහතා ප්රකාශ කළේය ඖෂධ නියාමන අධිකාරියේ පැවැති අඩුපාඩු සම්පූර්ණ කරමින් නව මානයන් රැසක් ආරම්භ කර ඇති බව මෙහිදී අදහස් දැක්වූ එම අධිකාරියේ විධායක අධ්යක්ෂ විශේෂඥ වෛද්ය සවින් සේමගේ මහතා පැවසීය රටට ගැළපෙන ආකාරයෙන් පෞද්ගලික වෛද්ය විද්යා අධ්යාපනය ස්ථාපිත කළයුතු බව හා ඒ හරහා විදේශ ආයෝජන ලබාගැනීමට ක්රියාකළයුතු බව විශේෂඥ වෛද්ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙම සම්මන්ත්රණය අමතමින් ප්රකාශ කර සිටියේය සුජීව තත්සර
ඡන්දෙ කල්දාන්න ආණ්ඩුවට හෝ ජනපතිට අවශ්යතාවක් නෑ ඇමැති මහින්ද අමරවීර බුලත්කොහුපිටියේදී කියයි
ජනාධිපතිතුමාට හෝ ආණ්ඩුවට ඡන්ද කල්දැමීමට හෝ ඡන්ද නොතියා සිටීමට අවශ්යතාවක් නොමැති බවත් ජනාධිපතිවරණය පවත්වා ඉන් අනතුරුව මහා මැතිවරණයත් ඉන් අනතුරුව පළාත් පාලන ඡන්දය හා පළාත් සභා ජන්දය පැවැත්වීමටත් කටයුතු කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි අමාත්යවරයා එසේ පැවැසුවේ පෙරේදා 04 දා බුලත්කොහුපිටිය නව ගොවිජන සේවා මධ්යස්ථානය විවෘත කිරීමේ උළෙලේදීය වසන්ත සමරවර්ධන බුලත්කොහුපිටිය
බ්රිතාන්ය ඡන්ද සටනට ශ්රී ලාංකීය සම්භවය ඇති හයදෙනෙක් තරග වදිති
ජූලි හතර වෙනිදා ආරම්භ වූ බ්රිතාන්ය මහ මැතිවරණය සඳහා ශ්රී ලංකාවේ සම්භවයක් ඇති දෙමළ ජාතිකයින් හය දෙනෙකු තරග කරන අතර ඉන් කාන්තාවන් දෙදෙනා අනෙක් හතර දෙනාට වඩා ඉදිරියෙන් සිටින බව බ්රිතාන්ය පුවත් වාර්තා කොට තිබුණි එම කාන්තාවන් දෙදෙනාම යාපනයේ ඉපිද පසුව විවිධ හේතූන් මත බ්රිතාන්යයට ගොස් එහි අධ්යාපනය ලබා මේ වන විට බ්රිතාන්යයේ නීතිඥවරින් බවට පත්ව සිටින දෙදෙනෙකි එම කාන්තාවන් දෙදෙනාම නීතිඥයින් වශයෙන් සේවය කරනු ලබන්නේ මහජන සුබ සිද්ධිය උදෙසා වූ අයතන දෙකකය කම්කරු පක්ෂයට තරග වදින ක්රිෂ්ණා රිෂිකරන් ශ්රී ලංකාවේ ඉපිද දෙමව්පියන් අහිමි වීමෙන් පසුව ඥාතියකු සමග බ්රිතාන්යට ගොස් එහි ළමා නිවාසයක ජීවත් වී අධ්යාපනය ලැබූ කාන්තාවකි උමා කුමාරන් නැමැත්තියද තවත් දේශපාලන පක්ෂයකින් බ්රිතාන්ය මහ මැතිවරණයට තරග වදියි ශ්රී ලාංකික සම්භවයක් ඇති ඉතිරි හතර දෙනා පිරිමි අපේක්ෂකයින් වන අතර බ්රිතාන්යයේ දේශපාලන වාර්තාවලට අනුව පිරිමින් හතර දෙනා අභිබවා කාන්තාවන් දෙදෙනා මැතිවරණයේ ඉදිරියෙන්ම සිටියි දිනසේන රතුගමගේ
නැගෙනහිර මුහුදේ ගිලුණු HMS Hermes නැවේ කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් උපහාර උළෙලක්
දෙවැනි ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්රහාර හමුවේ මඩකලපුව ප්රදේශයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් HMS Hermes නමැති ගුවන් යානා ප්රහාරක නෞකාව හා ඒ ආශ්රිත මුහුදු ප්රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්යාසයක් පසුගිය 30දා සාර්කථව නිම කෙරුණි ඒ සඳහා සහභාගී වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් පියල්ද සිල්වා විශ්රාමික විසින් HMS Hermes නෞකාව මුහුදුබත් වීමෙන් ජීවිතක්ෂයට පත් එම නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් පොපි මල් කළඹක් ඔවුන් වෙත උපහාර පුද කෙරිණි දෙවැනි ලෝක යුද සමයේදී කොළඹට බෝම්බ හෙළීමෙන් අනතුරුව බි්රතාන්ය නාවික හමුදාවට අයත් මෙම නෞකාව 1942 අප්රේල් මස 09 දා ගුවනින් බෝම්බ හෙළා ගිල්වා ඇත නාවික හමුදා මගින් සංවිධානය කෙරෙන මෙවැනි ගවේෂණාත්මක කිමිදුම් අභ්යාස මගින් ත්රිකුණාමලය අවට මුහුදු තීරයේ කිමිදීම සඳහා කිමිදුම් සංචාරක ආකර්ෂණය ලබා ගැනීමටත් එමගින් දිවයිනේ කිමිදුම් සංචාරක කර්මාන්තය ප්රචලිත කිරීමටත් නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත
සාගලලාගේ රථ පෙළ වීඩියෝ කළ සිසුවා අත්අඩංගුවට
ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව කියන 22 හැවිරිදි සිසුවකු පෙරේදා 04 දා සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් පදිංචි සිසුවෙකි කොල්ලුපිටිය 28වැනි පටුමග හන්දිය අසලදී ඔහු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි තමන් 40 හැවිරිදි පුද්ගලයකු සමග ඩුබායි තානාපති කාර්යාලය වෙත පැමිණි බවත් එහිදී පොලිස් ආරක්ෂාව මැද ධාවනය වූ වීඅයිපී රථ පෙළක් දුටු බවත් මීට පෙර එවන් අවස්ථාවක් දැක නැති නිසා සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බවත් පොලිසියේ ප්රශ්න කිරීම් හමුවේදී සැකකාර සිසුවා පවසා තිබේ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ පින්සිරි ආරියරත්න රත්මලාන
විදෙස් නඩු තීන්දු පිළිගැනීමේ පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය අවසන්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදේශ නඩු තීන්දු අන්යොන්යව පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ විශේෂ පෙත්සම් තුනක් සම්බන්ධයෙන් විභාගය ශ්රේෂ්ඨාධිකරණය ඊයේ 05දා අවසන් කළේය එම විශේෂ පෙත්සම් තුන එස් තුරෙයිරාජා කමුදුනී වික්රමසිංහ සහ කේ ප්රියන්ත ප්රනාන්දු යන ත්රීපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි ලබන අට වැනිදා ලිඛිත දේශන ගොනු කරන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළ විනිසුරු මඬුල්ල නීතිපතිවරයාගේ ලිඛිත පිළිතුරු දේශන ලබන 10 වැනිදා ගොනු කිරීමට දින නියම කළේය එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම අධිකරණයේ නිගමනය කඩිනමින් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යැවීමට පියවර ගන්නා බවද විනිසුරු මඬුල්ල නිවේදනය කළහ පැරණි සෝල්බරි ව්යවස්ථාව පැවැති සමයේ මෙන් නොව 1972 පළමු ජනරජ ව්යවස්ථාව සම්මත කිරීමෙන් හා එය ක්රියාත්මක වීමෙන් පසුව මේ ආකාරයට විදෙස් නීති බලාත්මක කිරීම සඳහා විදේශ නඩු තීන්දු අන්යොන්යව පිළිගැනීම ලියාපදිංචි කිරීම 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 3 වන ව්යවස්ථාවට අනුකූල බවත් එම පෙත්සම් මගින් පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී තිබිණි ඒ ජේ ඒ අබේනායක
කුලී ඝාතකයා ගල්කිස්සේදී අල්ලයි ලක්ෂ 11ක කොන්ත්රාත්තුවකට පීඑච්අයි මරලා
මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකව සිටි රොෂාන් කුමාර මහතා සාහසික අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ කුලී ඝාතකයා ඝාතනයට යොදා ගත් ස්වයංක්රිය පිස්තෝලය ද සමග ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත ඩුබායි රාජ්යයේ සිටින පාතාල නායකයකු ලබාදුන් රුපියල් ලක්ෂ 11ක මුදල් කොන්ත්රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ විමර්ශන කණ්ඩායම් සැකපහළ කරන්නේ මෙම කුලී ඝාතකයා මහජන සෞඛ්ය පරීක්ෂකවරයාගේ නිවසට යාබද නිවසේ පදිංචිව සිටි විශ්රාමික පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කරන්නට පැමිණි බවත් අත්වැරදීමකින් මෙම ඝාතනය සිදුකර ඇති බවත්ය එහෙත් ඒ සම්බන්ධයෙන් තවමත් සාක්ෂි කිසිවක් ලැබී නොමැති බවද පොලිසිය පවසයි තමන් ඝාතනය කළේ මහජන සෞඛ්ය පරීක්ෂකවරයකු බව නොදැන සිටි බව අත්අඩංගුවට ගත් කුලී ඝාතකයා පොලිස් ප්රශ්න කිරීම් හමුවේ ප්රකාශ කර ඇත ගල්කිස්ස මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා ඇතුළු නිලධාරීන් ඉකුත් මස 22 වැනිදා ගල්කිස්ස බඩෝවිට ප්රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී මත්ද්රව්ය සමග 52 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිණි එම සැකකරු ඇහැළියගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී හෙළි කර ඇත්තේ කරන්දෙණියේ මහජන සෞඛ්ය පරීක්ෂකවරයා ඝාතනය කරනු ලැබුවේ තමා විසින් බවයි එහිදී දීර්ඝ ලෙස ප්රශ්න කිරීමේදී එම ඝාතනයට යොදාගත් ඇමරිකාවේ නිෂ්පාදිත මිලිමීටර් 99 වර්ගයේ අවිය බඩෝවිට ප්රදේශයේ සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවිය ඔහුගෙන් තවදුරටත් ප්රශ්න කිරීමේදී ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක් ඌරගස්මංහන්දිය ප්රදේශයේ පාසලක් අසල සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවිය මෙම සැකකරු රැඳවුම් නියෝග මත තබාගෙන දීර්ඝ ලෙස ප්රශ්න කිරීමේදී තවත් තොරතුරු රැසක් හෙළි විය මොහු කරන්දෙණිය මහජන සෞඛ්ය පරීක්ෂක ඝාතනය සඳහා ගොස් එම ප්රදේශයේ නිවසක දින 15ක් තිස්සේ නවාතැන් ගෙන සිට ඇත එසේ මොහුට නවාතැන් දුන් අඹු සැමි යුවළක් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ සැකකරු තවදුරටත් පවසා ඇත්තේ ඩුබායි රාජ්යයේ සිටි පාතාල කල්ලියක් විසින් මෙම කොන්ත්රාත්තුව තමන්ට භාරදුන් බවත් අදාළ මුදල් ගෙවීමේ කටයුතු සමන්කොල්ලා නමැති පාතාල ප්රබලයා විසින් තම බිරිඳගේ බැංකු ගිණුමට දමා තිබූ බවත්ය මෙම ඝාතනය සඳහා යෑමට යතුරුපැදිකරුවකු ඩුබායි හි සිටින පාතාල කල්ලිය විසින් තමන්ට ලබාදුන් බවත් එම පුද්ගලයා තමන් නොදන්නා බවත් කුලී ඝාතකයා පවසා ඇත මෙම කුලී ඝාතකයා තවත් අපරාධ මිනීමැරුම් රැසකට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ බස්නාහිර දකුණ නියෝජ්ය පොලිස්පති ඒ මාරපන ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්රසන්න බ්රාහ්මන පොලිස් අධිකාරි රොෂාන් පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක චමින්ද කුමාරගේ කොස්තාපල්වරුන් වන 67091 චතුරංග 34274 පියසිරි 25426 වීරසේකර 105087 අක්ෂාන් 104770 සලේ 93299 කුමාර ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව විමර්ශන පවත්වාගෙන යති ඉකුත් පෙබරවාරි මස 26 වැනිදා උදෑසන කරන්දෙණියේ පිහිටි නිවසට කඩාවැදුණු සන්නද්ව පාතාල සාමාජිකයන් දෙදෙනකු තම දරුවා පාසල් රැගෙන යෑමට සූදානම් කරමින් සිටි මහජන සෞඛ්ය පරීක්ෂක රොෂාන් පුෂ්පකුමාර මහතාට වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබිණි හේමන්ත රන්දුණු සහ පින්සිරි ආරියරත්න රත්මලාන
කෙහෙළියලාගේ මිලියන 93ක ගිණුම් තහනම්
ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් සෞඛ්ය අමාත්යාංශයේ සැපයුම් අංශයට ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවකු වන හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ දියණියන් තිදෙනාගේ සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයාගේ නමින් පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන රුපියල් මිලියන 93125ක වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු දින 7ක කාලයකට තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ එකී ගනුදෙනු සැක සහිත බවට ඉදිරිපත් වූ සාක්ෂි අනුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 53 1 වගන්තිය ප්රකාරව මුදල් විශුද්ධිකරණ වරද යටතේ ස්ථාවර තැන්පතු 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 3ක් තහනම් කිරීමට කොමිෂන් සභාව පියවර ගෙන තිබූ අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් මහාධිකරණයට වාර්තා කර තහනම් නියෝග ලබා ගැනීමට පියවර ගැනීමට නියමිතය ඒ ජේ ඒ අබේනායක
උසාවි ගිය වැඩේට ජනපතිගේ සම්බන්ධයක් නෑ මාධ්ය අංශය නිවේදනය කරයි
2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා චමින්ද්ර දයාන් ලේනව යන අය විසින් ශ්රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම පිළිබඳව තමාගෙන් හෝ තමාගේ නීතිඥවරුන්ගෙන් අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කර සිටින බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය අදාළ පෙත්සම ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබෙන්නේ ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 121 826 3 4 118 සහ 125 වගන්ති සමග කියවිය යුතු 126 වැනි වගන්ති ප්රකාරව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 19 වන සංශෝධනයෙහි 3 වන වගන්තිය මගින් සංශෝධනය කරන ලද 302 වැනි වගන්තිය අර්ථ නිරූපනය නොකළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් බව සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් ශ්රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳ අවසන් තීන්දුව ප්රකාශයට පත් කරන තුරු 2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ය
රටම ආවරණය කරමින් ජාත්යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා විපක්ෂ නායක සජිත් ප්රේමදාස
සමගි ජන බලවේග රජයක් තුළ උතුරු නැඟෙනහිර පළාත් දෙකම කේන්ද්ර කර ගෙන රට ම ආවරණය වන ආකාරයට ජාත්යන්තර ආධාරක සමුළුවක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය මඩකලපුව දිස්ත්රික්කය හා නැඟෙනහිර පළාත දළදේශීය නිෂ්පාදිතයට සිදු කරන දායකත්වය සම්බන්ධයෙන් සොයාබැලූ අවස්ථාවේ උතුර නැඟෙනහිර පළාත් දෙක මගින් ලබාදෙන දායකත්වය අවම බවත් බස්නාහිර පළාත දදේනි 42ක් දායකත්වය ලබාදෙන බවත් සෙසු 58ක ඉතිරිය පළාත් 8ට බෙදෙන බවත් නැඟෙනහිර පළාත 5කට අඩු බවත් විපක්ෂ නායකවරයා පැවසීය ලෝකයේ බොහෝ රටවල් යුද්ධයක් අවසන් වූ පසු ජාත්යන්තර ආධාරක සමුළුවක් පැවැත්වුවත් අප රටේ යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත් එදා මෙදා සිටිය කිසිදු නායකයකුට ජාත්යන්තර ආධාරක සමුළුවක් කැඳවීමට නොහැකි වුවත් සමගි ජන බලවේග රජයක් තුළ උතුරු නැඟෙනහිර පළාත් දෙකම කේන්ද්ර කර ගෙන රට ම ආවරණය වන ආකාරයට ජාත්යන්තර ආධාරක සමුළුවක් පවත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ ජූලි 03 මඩකලපුව එරාවුර් අල් මුනීරා බාලිකා විද්යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 281 වැනි අදියර යටතේ රුපියල් 1177000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි මෙහි දී පාසලේ පුස්තකාලය සඳහා ඉංග්රීසි පොත්පත් ලබාගැනීම සඳහා පාසල් සංවර්ධන ගිණුමට රු ලක්ෂයක මුදලක් පරිත්යාග කළේය මේ පළාත් දෙකේ කාන්තා මූලික පවුල් යුද්ධයෙන් අවතැන් වූ ස්වාමි පුරුෂයන් අහිමි පවුල් සිවිල් ප්රජාවගේ මෙන්ම රණවිරු ප්රජාවගේ ද සිටින බැවින් පශ්චාත් යුද සමයේ අප සැවොම එකට එකතු වී රටම දුක්ඛිතභාවයට පත්ව ඇති මොහොතක තවදුරටත් බෙදී සිටියහොත් රටට අනාගතයක් නොමැති බැවින් ජාතින් ආගම් වශයෙන් එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය මේ අවස්ථාව සඳහා සමස්ත ලංකා මහජන කොංග්රසය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමීර් අලී මහතා සහ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මෙන්ම හිටපු ආණ්ඩුකාර ආචාර්ය එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා ද එක්විය
පොඩිත්තන් ඇමතූ හඳ නැන්දා දිවියට සමුදෙයි
ජාතික ගුවන්විදුලියෙන් ඇසුණු මේ පද පෙළ ඔබේ සිත් අද්දර මතකයේ රැඳී තිබෙනු නොඅනුමානය ඔබේ අපේ ළමා කාලය දැනුමින් හා ආකල්පමය වශයෙන් සුපෝෂණය කළ ශ්රී ලංකා ගුවන්විදුලියේ හඳමාමා ළමා වැඩසටහනින් දැයේ පොඩිත්තන් ඇමතූ සම්මානිත ජ්යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්යවේදිනි සුමනා ජයතිලක මහත්මිය හෙවත් හඳ නැන්දා පෙරේදා 03දා රාත්රි සිය දිවි සැරිය නිමා කළාය 1963 දෙසැම්බර් 13 වැනිදා ජාතික ගුවන්විදුලිය තුළින් ආරම්භ කළ හඳ මාමා ළමා වැඩසටහන ගුවන්විදුලි මාධ්ය ඔස්සේ ළමා මනස සුපුෂ්පිත කරන්නට දැරූ අසීරු උත්සාහය ඉතා සාර්ථක ප්රතිඵලයක් ගෙනදීමට සමත් විය ඒ තරමටම ගතවූ වසර ගණනාවක කාලය තුළ දැයේ ආදරණීය දූ දරුවන් අතිවිශාල පිරිසක් හඳ මාමා වැඩසටහන සමග එක් රොක්වන්නට වූහ බොහෝ දරුවෝ මෙම වැඩසටහන ශ්රවණය කිරීමට ඇඟිලි ගනිමින් බලා සිටියහ ඒ තරමටම දරුවෝ ද හඳ නැන්දාට ආදරය කළහ සුප්රකට මහා ගත් කතුවරයකු වූ දිවංගත කේ ජයතිලක මහතාගේ ආදරණීය බිරිඳ වූ සුමනා ජයතිලක මහත්මිය මියයන විට 88 වැනි වියේ පසු වූවාය ඇය දූ දරුවන් සිව් දෙනකුගේ ආදරණීය මවකි ප්රකට සිනමාකරුවකු වූ මෙන්ම ජාතික ගුවන්විදුලියේ වැඩසටහන් සම්පාදකවරයකු ලෙස කටයුතු කළ කේ ඩබ් පෙරේරා සූරීන් විසින් හඳ මාමා නමින් ගුවන්විදුලි ළමා වැඩසටහනකට මුලින් නම් යොදන ලද බව සඳහන්ය හඳ මාමා ගුවන්විදුලි ළමා වැඩසටහන ජාතික ගුවන්විදුලියේ මේ දක්වාම දීර්ඝ කාලයක් තිස්සේ එකම නිවේදිකාවක විසින් මෙහෙයවනු ලැබූ දීර්ඝතම වැඩසටහන ලෙස ද ඉතිහාසගත වේ ඇය මියයන මොහොත දක්වාම විවිධ බාධක කම්කටොලු මැද හඳ මාමා වැඩසටහන මෙහෙයවීම ද විශේෂත්වයකි ඇය සමග හඳ මාමා ගුවන්විදුලි ළමා වැඩසටහන ප්රවීණ නිවේදකයකු වන ලැම්බට් පෙම්මාවඩු මහතා විසින් මෙහෙයවනු ලැබීය ඇය පාසල් දූ දරුවන්හට ද සිය දැනුම බෙදා හදා දීමට ද නිරතුරුවම කටයුතු කළාය ඇය වරෙක මා සමඟ මෙසේ පැවසුවාය සමහර අධ්යක්ෂවරුන් ආව වෙළෙඳ සේවයට ඇවිත් කිව්වා දැන් හඳ මාමා ඕනෙ නැහැනෙ ඔය වැඩසටහනට සල්ලි හම්බවෙන්නෙ නැහැනෙ කියලා මම ඇහුවා ඒ අයගෙන් සල්ලි හම්බවෙන්න විතර ද හඳ මාමා කරන්න ඕනෙ කියලා උල්කටු අරෙහෙන් මෙහෙන් අනුණා ගොඩක් ඕවා මම ගනන් ගත්තේ නැහැ ඕවා ගනන් ගත්තා නම් අද මං මෙතන ඉන්නේ නැහැ අභාවප්රාප්ත සුමනා ජයතිලක මහත්මියගේ දේහය ඊයේ 04දා දහවල් 1230 සිට පස්වරු 300 දක්වා ඇය සිය හඳ මාමා වැඩසටහන මෙහෙයවූ ගුවන්විදුලි මහගෙදරට රැගෙන එන ලදී එහිදී ඇයට ආදරය කරන ආදරණීය දූ පුතුන් ජාතික ගුවන්විදුලියේ හිතවතුන් ඇතුළු බොහෝ පිරිසක් අවසන් ගෞරව දක්වන්නට පැමිණ සිටියහ ඉන් අනතුරුව සවස 330ට ඇයගේ දේහය බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් වෙත රැගෙන ගොස් තැන්පත් කරන ලදී මේ වනවිටත් ඇයගේ දේහය ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට 06දා සෙනසුරාදා පෙරවරු 1100 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ ප්රදීප් ප්රසන්න සමරකෝන්
මට ලියුම් ගහන්න සිරිපාලට බලයක් නෑ දයාසිරි කියයි
අධිකරණයෙන් ලැබුණු නියෝගය අනුව තමන් අද දිනයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගොස් මහ ලේකම්වරයා ලෙස වැඩ භාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා දිවයිනට ඊයේ පැවසීය මෙම අවස්ථාවට එක්වන ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ට හා දිස්ත්රික් සංවිධායකවරුන්ට ආරාධනා කරන බවද හෙතෙම කීවේය මෙම අවස්ථාවට පූර්ණ පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ඇමැති ටිරාන් අලස් මහතාටත් පොලිස්පතිවරයාටත් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාටත් ලිඛිතව දැනුම් දුන් බව ජයසේකර මහතා වැඩිදුරටත් කීවේය ශ්රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම වෙනුවෙන් තම දිවි පරදුවට තබා කටයුතු කරන බවද හෙතෙම කීවේය තමා දරන ශ්රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයට එරෙහිව නිමල් සිරිපාල ඇමැතිවරයා එවන ලද ලිපිය තරයේ ප්රතික්ෂේප කරන බව ද දයාසිරි ජයසේකර මහතා පැවැසීය තමා දරන ලේකම් තනතුරට එරෙහිව ලිපියක් එවන්න තරම් බලයක් නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාට නැතැයි ද දයාසිරි ජයසේකර මහතා සිනාමුසුව කියා සිටියේය නෝමන් පලිහවඩන අරුණ බෝගහවත්ත
ජනාධිපති ධුර කාලය දීර්ඝ කරගන්නවා නම් එය ප්රජාතන්ත්ර විරෝධී කටයුත්තක් පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක
ජනාධිපති රනිල් වික්රමසිංහ මහත්තයා ව්යවස්ථාවේ තිබෙන හිඩැස භාවිත කර ඔහුගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ගැනීමට උත්සහ කරනවානම් එය ප්රජාතන්ත්රවාදීව වැරදි කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක මහතා පැවැසීය කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ 04දා පැවැති මාධ්ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක මහතා මේ බව සඳහන් කළේය වැඩිදුරටත් අදහස් දැක්වූ මයන්ත දිසානායක මහතා මෙසේද පැවැසීය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ධුර කාලය නිමාවන දින වකවානු සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට ලැබෙන බලය වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පුද්ගලයෙක් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා කෙසේ නමුත් රටේ ප්රජාතන්ත්රවාදය සහ ආණ්ඩුක්රම ව්යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ශ්රේෂ්ඨාධිකරණය නිවැරදි තීන්දුවක් ලබාදෙයි කියලා සමගි ජන බලවේගය විශ්වාස කරනවා ඒ වගේම ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරමින් මැතිවරණ කොමිසමට කිසිදු බාධාවක් නොකර මැතිවරණය පැවැත්වීමට අවශ්ය වාතාවරණය ආණ්ඩුව සකස් කරදිය යුතුයි ඒ වගේම රටේ ජනතාවට ප්රජාතන්ත්රවාදීව අයිතිය ලබාදිය යුතුයි ඊළඟ රාජ්ය නායකයා තෝරාගැනීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අනිවාර්යෙන් මෙවර ජනාධිපතිවරණය ඉදිරිපත් වෙනවා ඒ වගේම ජාතික ජන බලවේගය ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර දිසානායකව පත් කරලා තිබෙනවා නමුත් රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ද නැද්ද කියලා නිල වශයෙන් ප්රකාශයක් නිකුත් කරලා නෑ ඒ වගේම පොදුජන පෙරමුණත් තවම නිල වශයෙන් ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ප්රකාශ කරලා නෑ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වසර 5ක් සඳහා බලය ලබාදුන්නා මේ වසර 5 පිළිබඳව ව්යවස්ථාවේ යම් හිඩැසක් තිබෙනවානම් ඒ හිඩැස භාවිත කරලා රනිල් වික්රමසිංහ මහත්තයා ඔහුගේ ධුර කාලය දීර්ඝ කරගන්න උත්සහ කරනවානම් එය ප්රජාතන්ත්රවාදීව වැරදි කටයුත්තක් ඒ වගේම වර්තමාන පාර්ලිමේන්තුවට ද රටේ ජන මතයක් නෑ ඒ නිසා ජනාධිපතිවරණයකින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් අනිවාර්යෙන් පැවැත්විය යුතුයි ඒ වගේම මගේ වැඩිමහල් සහෝදරයා ඇතුළු විවිධ පුද්ගලයන් ප්රකාශ කරනවා මම සමගි ජන බලවේගය අත්හැරලා ආණ්ඩුවට එකතුවීමේ සූදානමක් තිබෙනවා කියලා ඒ සියලු ප්රකාශ අසත්යයක් මම දැනට සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්රික්කයේ නායකයා ලෙස කටයුතු සිදුකරනවා ඒක මට අලුත් දේශපාලන ගමනක් ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ නෑ මේ අවස්ථාවේදී ආණ්ඩුව සමග එකතු වෙන්න අනිවාර්යයෙන් ඊළඟ ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී විශාල ජයග්රහනයක් සමගි ජන බලවේගය ලබාගන්නවා ජනාධිපතිවරණයෙන් සජිත් ප්රේමදාස මහතා ජයග්රහණය කරන බව රටේ සමස්ත ජනතාවම මේ වනවිට දන්නවා සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළින් රට ඉදිරියට ගෙන යා හැකි ප්රතිපත්ති සහ සංවර්ධන වැඩසටහන් ද දියත් කරන්න සමගි ජන බලවේගය සැලසුම් කරලා තිබෙනවා ආණ්ඩුව ජනතාවට සහන ලබාදෙන්නේ ආර්ථික අර්බදුයට විසඳුමක් ලෙස නෙවෙයි ජනාධිපතිවරණය ඉලක්ක කරලා තමයි ජනාතාවට විවිධ සහන දෙන්න ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කටයුතු කරන්නේ රටේ සිටින බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින ආණ්ඩුවේ දේශපාලන උප්පරවැට්ටිවලට රැවටෙන්න එපා කියලා ප්රතිපත්තියක් තිබෙන වැඩපිළිවෙළක් තිබෙන දක්ෂ කණ්ඩායමක් සිටින සමගි ජන බලවේගය වටා ජනතාවට එකතුවෙන්නැයි ආරාධනා කරනවා
විත්තියෙන් පළිගන්න නඩු කල් තබා ගන්න හදන්න එපා කොළඹ ප්රධාන මහ අධිකරණ විනිසුරු
කුමක් හෝ අධිකරණයට පවසා විත්ති පාර්ශ්වයෙන් පළිගැනීමේ චේතනාවෙන් නඩු කල් තැබීමට උත්සාහ නොකළ යුතු බවත් අධිකරණය හමුවේ ගොනු කර ඇති චෝදනා සනාථ කිරීමට ප්රමාණවත් සාක්ෂි නොමැති නම් විත්තිය නිදහස් විය හැකි වුවත් සැබැවින්ම විත්තිය වරදක් කර ඇති නම් ඒ අයට එහි විපාක සොබාදහම හෝ ලබාදෙනු ඇති බවත් කොළඹ ප්රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ 04දා විවෘත අධිකරණය හමුවේදී පැවැසීය කොළඹ වරායට පැමිණ තිබූ පිටරටකට අයත් භාණ්ඩ ප්රවාහන නෞකාවක් වරායෙන් නැවත පිටව යෑමට පෙර එහි තිබූ අපද්රව්ය අපද්රව්ය ප්රතිග්රහන පහසුකම් මගින් පිට කිරීමට කටයුතු නොකළේ යැයි චෝදනා කරමින් සමුද්ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ තුන්වන සාක්ෂිකරු අසනීප තත්ත්වයක් මත අධිකරණය හමුවේ පෙනී නොසිටින බැවින් නඩු විභාගය කල්තබන ලෙසට පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස පැවැසීය නඩු විභාගය ආරම්භ කොට වසර එකහමාරක කාලයක් ගතවී ඇතත් පැමිණිල්ලේ ප්රධාන සාක්ෂිකරුවකු වන ශ්රී ලංකා වරාය අධිකාරියේ වැඩබලන හාබර් මාස්ටර් ලෙස කටයුතු කරන සාක්ෂිකරු අධිකරණයට කැඳවා සාක්ෂි ලබා ගැනීමට පැමිණිල්ල අපොහොසත්වීම කෙරෙහි සිය අප්රසාදය පළ කළ විනිසුරුවරයා එම සාක්ෂිකරුගේ වෛද්ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නැයි නියෝග කළේය එම නෞකාවට සේවා සැපැයූ සී කොන්සෝටියම් ලංකා ප්රයිවට් ලිමිටඩ් ආයතනයේ සහකාර කළමනාකරු ලෙස කටයුතු කරනා රොෂාන් අසංක ප්රේමරත්න නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ සාක්ෂි විභාගය ලබන 12 වැනිදා පැවැත්වීමට ද ප්රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා දින නියම කළේය විත්තිකරු වෙනුවෙන් නීතිඥ නිපුන විමලසේකර මහතා පෙනී සිටි අතර දිගින් දිගටම නඩු විභාගය කල්යෑමෙන් සිය සේවාදායකයාට දැඩි අගතියක් සිදුවන්නේ යැයි හෙතෙම අධිකරණයට පැවැසීය ඒ ජේ ඒ අබේනායක
ගෝලීය ව්යාපාරිකයන් තුළ ශ්රී ලංකාව කෙරෙහි ඇති උනන්දුව සහ විශ්වාසය වැඩිවෙලා ලෝක ආර්ථික සමුළුවට එක් වූ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති ජීවන් තොණ්ඩමන්
චීනයේ ඩාලියාන් හී දින හතක් පුරා 2430 දක්වා පැවති ලෝක ආර්ථික සමුළුවට එක් වූ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා සාර්ථක සංචාරයක් නිමවා මෙරට පැමිණ ඇත ඔහු තරුණ ගෝලීය නායකයකු සහ රජයේ ඇමැතිවරයකු ලෙස මෙම සමුළුවට එක් වූ අතර එහිදී ගෝලීය සහයෝගීතාවය සඳහා ශ්රී ලංකාවේ කැපවීම සහ තිරසාර සංවර්ධනය සඳහා වන දැක්ම හෙතෙම රාජ්ය නායකයන් ප්රමුඛ දූත පිරිස් වෙත ඉදිරිපත් කර තිබේ මෙම සංචාරය අතරතුර චැනල් නිවුස් ඒෂියා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා ගෝලීය ව්යාපාරික ප්රජාව අතර ශ්රී ලංකාව කෙරෙහි ඇති උනන්දුව සහ විශ්වාසය වැඩි වී ඇති බව සඳහන් කර ඇත එසේම ණය ප්රතිව්යුහගතකරණය කිරීමෙන් අනතුරුව ශ්රී ලංකාව පිළිබඳ ගෝලීය උනන්දුව ඉහළ යනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කරයි මෙම සමුළුවේ ඇමැති තොණ්ඩමන් මහතා ප්රධාන සැසි තුනකදී සිය දේශන සිදුකර ඇත රැකියා තත්ත්ව මාරුවීම job transition සිදුකිරීම සඳහා යොදන උපායමාර්ග සම්බන්ධයෙන් නව ආරම්භක අවස්ථා සඳහා අවශ්ය කුසලතා සහ රැකියා Skills and Jobs for New Beginnings මැයෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සැසියක් අමතමින් ගෝලීය සහ දේශීය ශ්රම බලකායන්වල කුසලතා යළි ගොඩනැංවීම reskilling සඳහා පවතින හදිසි අවශ්යතාව ඔහු මතු කර තිබේ නිපුණතා පරිණාමනය Transforming Talent මැයෙන් පැවැත්වූ සැසියේ දී අනාගතයට වැදගත්වන කුසලතා සඳහා සේවකයන් සූදානම් කරවීම පිළිබඳව අවධානය යොමු කර ඇති ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා විශේෂයෙන්ම වතු කම්කරු ප්රජාවේ තරුණ තරුණියන් සතුව වතුකරයෙන් පරිබාහිරව පවතින රැකියා අවස්ථා සඳහා පවතින කුසලතා ගොඩනැංවීම reskilling සහ ඉහළ නැංවීම upskilling සහ තාක්ෂණික උන්නතිය උදෙසා ඔවුන් හුරුකරවීම සඳහා රජය විසින් සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳව කරුණු මතු කර ඇත අවසන් වශයෙන් සොබාදහමේ කියවීම අවබෝධකර ගැනීමUnderstanding Natures Ledger මැයෙන් පැවැත්වූ සැසියේ දී ශ්රී ලංකාව ස්වභාවික ප්රාග්ධනය ආර්ථික තීන්දු තීරණ ගැනීම හා අනුකූලකරන්නේ කෙසේද යන්න සහ ජල සම්පත් දේශගුණික විපර්යාසවලට හුරුකරවීම තුළින් කාබන් ඩයොක්සයිඩ් වහනයවීම අවම කොට තිරසාර ක්රියාකාරකම් ක්රියාත්මක කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් හඳුන්වා දුන් නව දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම සඳහා වූ මාර්ගගත සිතියම Climate Change Resilience Roadmap පිළිබඳව හෙතෙම කරුණු පැහැදිලි කර තිබේ තොණ්ඩමන් මහතා සංසදය තුළ දී ද්වීපාර්ශ්වික සාකච්ඡා 16 කට අධික සංඛ්යාවකට සහභාගී වී ඇත එක්සත් ජාතීන්ගේ නියෝජ්ය මහලේකම්වරයා හමුවීම මැලේසියාවේ ආයෝජන සහ වෙළඳ කටයුතු නියෝජ්ය ඇමැතිවරයා හමුවීම ට්රීනා සෝලාර් Trina Solar හි ප්රධාන විධායක නිලධාරීවරයා හමුවීම සහ සූවස් වෝටර් Suez Water හි ආසියානු ප්රධාන විධායක නිලධාරීවරයා හමුවීම මෙම හමුවීම් අතර වේ එක්සත් ජාතීන්ගේ නියෝජ්ය මහලේකම් අමීනා මොහොමඩ් Amina Mohammed සමග ඇමැතිවරයා පැවති සාකච්ඡාවේ දී ශ්රී ලංකාවේ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා එක්ව කටයුතු කිරීම සහ දිළිඳුකම අවම කිරීම සහ ප්රජාවන් සවිබල ගැන්වීම සඳහා සහයෝගීතාව පවත්වා ගැනීමේ අවශ්යතාව පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා සිදුකර ඇත මැලේසියාවේ ආයෝජන වෙළෙඳ සහ කර්මාන්ත නියෝජ්ය ඇමැති ලිව් චින් ටොංග් Liew Chin Tong සමග ඔහු පැවති සංවාදයේ දී ශ්රී ලංකාව සහ මැලේසියාව අතර ද්වීපාර්ශ්වික සබඳතා දේශසීමා ආයෝජන සහ රැකියා අවස්ථා ශක්තිමත් කිරීම පිළිබඳව ඔවුහු සාකච්ඡා කර ඇත ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා ට්රීනා සෝලාර් Trina Solar හි ප්රධාන විධායක නිලධාරී කැතරින් ගාවෝ Katherine Gao ද හමුවූයේය ශ්රී ලංකාව සූර්යපැනල නිෂ්පාදන මධ්යස්ථානයක් බවට පත් කිරීම රජය විසින් අනුගමනය කරනු ලබන නව නිදහස් වෙළෙඳ සහ වරණීය වෙළෙඳ ගිවිසුම්වල ප්රතිලාභ භාවිතය සහ ජල ක්ෂේත්රය පුනර්ජනනීය බලශක්තිය බවට පරිවර්තනය කිරීම සඳහා තමා සතු සැලසුම් යොදාගැනීම පිළිබඳව ඔවුහු සාකච්ඡා කර තිබේ සම්මානලාභී ජීවනෝපාය සහ දේශගුණික ව්යාපෘතියක් වන සංකල්ප්තාරු SankalpTaru හි නිර්මාතෘවරයා ද හමු වූ තොණ්ඩමන් මහතා විශේෂයෙන්ම වතු සහ ග්රාමීය ප්රජාවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ කාබන් ඩයොක්සයිඩ් වහනය අවම කිරීම සඳහා ශ්රී ලංකාව තුළ ක්රියාත්මකවන සාර්ථක රුක්රෝපණ ආකෘතිය ප්රතිවලිත කිරීම යෝජනා කර ඇත කුසලතා යළි ගොඩනැංවීම reskilling යන ක්ෂේත්රය තුළ දී කුසලතා යළි ගොඩනැංවීම reskilling සහ ඉහළ නැංවීම upskilling සඳහා වන යෙදුමක් app වන ගුඩ්වෝල් Goodwall හි සමාගමේ තම සහාය ශ්රී ලාංකිකයකුවන ඔමාර් බාවා Omar Bawa සහ ඇමැතිවරයා අතර හමුවක් සිදුවිය සංචාරක තාක්ෂණ සහසේවා යන ක්ෂේත්රයන්වල නව අවස්ථා සඳහා වතුකරයේ තරුණ ප්රජාවගේ කුසලතා ඉහළ නැංවීම සඳහා ගැළපෙන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට දෙපාර්ශවය එකඟතාව පළකළහ තොණ්ඩමන් මහතා ෆැට්හෝප්ස් එනර්ජි FatHopes Energy සමාගමේ ප්රධාන විධායක නිලධාරීවන තරුණ ජෛව ඉන්ධන ව්යවසායක විනේෂ් සින්හා Vinesh Sinha සමග ද සාර්ථක සාකච්ඡා පවත්ව්වා ගෝලීය ජෛව ඉන්ධන වෙළෙඳපොළ තුළ ශ්රී ලංකාව කලාපීය කේන්ද්රස්ථානයක් බවට පත්කිරීමේ හැකියාව පිළිබඳවදෙපාර්ශවයම එකඟතාව පළකළහ සූවස් ඒෂියා Suez Asia හි ප්රධාන විධායක නිලධාරී ෆ්රූස්වර් ෆෙව්රියර් Francois Fevrier සමග පැවති සාකච්ඡාවේ දී ශ්රී ලංකාවේ ජල ක්ෂේත්රය තුළ පෞද්ගලික අංශයේ සහභාගීත්වය සහ රටේ පළමු ලවණ ඉවත් කිරීමේ බලාගාරය desalination plant ඉදිකිරීම අවසන් කිරීම පිළිබඳ කරුණු සාකච්ඡාවීම සිදුව තිබේ නැගී එන කෘත්රිම බුද්ධි Artificial Intelligence AI තාක්ෂණයන් කෙරෙහි උක්ත සංසදයේ වැඩි අවධානයක් යොමු වූ බව තොණ්ඩමන් මහතා පවසයි ශ්රී ලංකාව තුළ කෘත්රිම බුද්ධිය ස්ථාපිත කිරීම ඉලක්ක කළ සෘජු ආයෝජන සහ පර්යේෂණ සඳහා ජනාධිපතිවරයා සතු දැක්ම අගය කළ බව ද සඳහන් කළේය එකී කරුණු දැක්වීමේ දී ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ ජල කාන්දුවීම් හඳුනා ගැනීමට සහ ජලය නාස්ති වීම සහ පාරිභෝගික බිල්පත් සැලකිය යුතු ලෙස අවම කිරීමට කෘත්රිම බුද්ධි තාක්ෂණය භාවිතා කරන ස්මාර්ට්ටෙරා SmartTerra සමාගමේ කණ්ඩායම හමු වූ බව ද ඇමති ජීවන් තොණ්ඩමන් මහතා පවසයි විශේෂයෙන්ම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනෙන මේ මොහොතේ ශ්රී ලංකාව තුළ ආයෝජනය සහ සංවර්ධනය සඳහා නව මාවත් විවරවන බවට ලෝක ආර්ථික සංසදයේ WEF සහභාගීත්වය ඉඟිකරන බවට තමා විශ්වාස කරන බව ද තොණ්ඩමන් ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය සිරිමන්ත රත්නසේකර
පියුමිගේ ක්රීම්පැක් විකුණුවේ 3500 යි කුරියර් එක සීඅයිඩීයට කියයි
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ සම පැහැපත් කරවන ක්රීම් වර්ග අලෙවි කළ කුරියර් සේවයේ ප්රධානියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්රශ්න කිරීම්වලදී ඔවුන් අලෙවි කර ඇත්තේ ක්රීම් පැක් 3500 කට ආසන්න ප්රමාණයක් බව අනාවරණය වී ඇත එහෙත් පියුමි හංසමාලි ප්රසිද්ධ මාධ්ය හමුවේ කියා තිබුණේ එකක් රුපියල් 35000ක් වටිනා ක්රීම් වර්ග පාර්සල් 25000ක් කුරියර් සේවය හරහා තමන් අලෙවි කළ බවයි එම ක්රීම් අලෙවියෙන් තමන් රුපියල් කෝටි 87ක් උපයා ගත් බවද ඇය ප්රකාශ කර තිබිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ පියුමි හංසමාලි කුරියර් ආයතන දෙකක් හරහා මෙම ක්රීම් වර්ග අලෙවි කර ඇති බවයි ඉන් එක් ආයතනයක හිමිකරු ඇතුළු සේවකයන් සිව් දෙනකුගෙන් ප්රකාශ සටහන් කර ගත් අතර අනෙක් කුරියර් ආයතනයේ හිමිකරුවන්ගෙන් ද ප්රශ්න කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියේය මේ අතර පියුමි හංසමාලිට අයත් බැංකු ගිණුම් සියල්ල ද මේ වනවිට පරීක්ෂා කරගෙන යන අතර ඒ සියලු විමර්ශන කටයුතුවලින් අනතුරුව ඇයගෙන් ප්රශ්න කිරීමට කටයුතු කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියේය ඉපයූ ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි ගණනක මුදලක් පියුමි හංසමාලි විසින් උපයාගෙන ඇති බවට සමාජ ක්රියාකාරිකයකු වන සංජය මහවත්ත සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කෙරිණි හේමන්ත රන්දුණු
වතු වැටුප රු 1700 කරන ගැසට්ටුවට අතුරු තහනමක්
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමිය යුතු බවට කම්කරු අමාත්යාංශයේ ලේකම්වරයා විසින් මැයි 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය ක්රියාත්මක කිරීම වළක්වාලමින් ශ්රේෂ්ඨාධිකරණය ඊයේ04දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය ගාමිණී අමරසේකර කුමුදුනී වික්රමසිංහ සහ ජනක් ද සිල්වා යන ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම ඊයේ කැඳවිණි පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් කම්කරු ඇමැතිවරයා විසින් ඉකුත්දා නිකුත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර කර තිබිණි එම පෙත්සම් ඉකුත් ජුනි 3 වැනිදා සලකා බැලූ අතර අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දුන් අභියාචනාධිකරණය වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය නමුත් කම්කරු අමාත්යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්රතික්ෂේප කරන ලදී අභියාචනාධිකරණය විසින් ලබා දුන් එම තීරණය නීතියට පටහැනි බවත් කම්කරු අමාත්යවරයා විසින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය ක්රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා වතු සමාගම් විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි පෙත්සම නැවත ලබන වසරේ පෙබරවාරි 18 කැඳවීමට නියමිතයි නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය වතු සමාගම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා හා ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියහ ඒජේඒ අබේනායක
කතරගම ඇසළ මංගල්යය හෙට ඇරැඹෙයි
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්යය හෙට 06 දා ආරම්භ කෙරේ එදින සිට දිනපතා පෙරහැර පැවැත්වෙන අතර අවසාන මහා පෙරහැර 21 වැනිදා වීදි සංචාරය කරයි 22 වැනිදා අලුයම මැණික් ගඟේ දියකැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත්වේ උතුරු නැගෙනහිර ප්රදේශවල සිට පාද යාත්රාවෙන් පැමිණෙන බැතිමත්හු මේ දිනවල කුමන සහ යාල වනෝද්යාන හරහා කතරගම පුදබිමට පැමිණෙමින් සිටිති වාර්ෂිකව පහළොස් දහසකට අධික බැතිමත්හු පිරිසක් මෙලෙස පැමිණෙති ඉකුත් 03 වැනිදා ආරක්ෂක රාජ්ය ඇමැති ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාද යාත්රාවෙන් පැමිණෙන බැතිමතුන් සමග එක්වී පුදබිමට පැමිණියේය මෙම අවස්ථාවේදී බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්රමරත්න ගුණසේකර මහතා ඇමැතිවරයා පිළිගත්තේය මෙවර ඇසළ මංගල්යය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට බස්නායක නිලමේ ඩිෂාන් වික්රමරත්න ගුණසේකර මහතා කටයුතු යොදා ඇත පැරණි චාරිත්රානුකූලව අලි ඇතුන් සහිතව උඩරට පහතරට සහ සබරගමු සාම්ප්රදායික ගැටුම්වලින් පෙරහැර පැවැත්වේ උත්සව සමයේ කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්ය සියලුම පොදු පහසුකම් සැලසීමට මොනරාගල දිසාපති පසන් රත්නායක මහතා කටයුතු කර ඇත බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ශ්රී ලංකා පොලිසිය හා ශ්රී ලංකා යුද්ධ හමුදාව විශේෂ වැඩසටහනක් ක්රියාත්මක කර ඇති අතර ජල සහ සෞඛ්ය පහසුකම් සැලසීමට ද කටයුතු යොදා ඇත බඩල්කුඹුර රවිඳු ගුණතිලක
බළපිටිය ප්රාචීන භික්ෂු විද්යාලය රජයේ අනුග්රහයක් නැතුව සිදු කරන අනගි සේවාව අගය කරනවා දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන
විශ්වවිද්යාලවල ඉගෙනුම ලබන තරුණ භික්ෂුන් වහන්සේලාගේ අප්රසන්න හැසිරීම් සහ සිද්ධීන් දැක්කම බලවත් කනගාටුවක් ඇතිවන අතර සඟ පරපුරට තිබෙන ගෞරවය නැති වී යනවා යැයි දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය 2021 වසරේ දී කරන ලද සමීක්ෂණය අනුව ලෝකයේ දාහත් දෙනකුගෙන් එක් අයෙක් මත්ද්රව්ය පාවිච්චි කරන අතර 2023 වසරේ දී කරන ලද සමීක්ණය අනුව ලංකාවේ තුන් ලක්ෂ අසූ දහසක් දෙනා ගංජා භාවිත කරන බවත් අනූඅට දහසක් හෙරොයින් පාවිච්චි කරන බවත් ඒ මහතා කීය බළපිටිය වැලිතර මහා කප්පින වලව්ව විහාරස්ථ ප්රාචීන භික්ෂු විද්යාලයට 2024 වසර සඳහා නවක ශිෂ්ය භික්ෂුන් වහන්සේලා බඳවා ගැනීම නිමිත්තෙන් 03 වැනිදා සවස පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කීය ගාල්ල කළුවැල්ල ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානාධිපති අමරපුර මහා නිකායේ මහනායක රාජකීය පණ්ඩිත කණුමුල්දෙණියේ චන්දවිමල නාහිමියන්ගේ ප්රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී තව දුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කීය රජයේ අනුග්රහයක් නැතුව පවත්වාගෙන යන මෙම විද්යාලයෙන් වන අනගි සේවාව අගය කරනවා අමරපුර නිකාය බිහිවුණෙත් රාජ්ය අනුග්රහයක් නැතුවයි පසුව ඉංග්රීසි ආණ්ඩුවට අමරපුර නිකාය පිළිගන්න සිදු වුණා මෙම ආයතනයෙන් බුද්ධ ශාසනයට සිදුවන්නේ අතිවිශාල සේවාවක් මෙන්ම කාලීන අවශ්යතාවයක් අනුරාධපුර භික්ෂු විද්යාලය පළමුවෙන් තිබුණේ විශ්වවිද්යාලවලට භික්ෂුන් වහන්සේලා බඳවා ගත්තේ පසුවයි උන්වහන් සේලාගේ අප්රසන්න හැසිරීම් දැකල අප කාටත් ඇතිවන්නේ බලවත් කනගාටුවක් මේ නිසා සංඝ පරපුරටම තිබෙන ගෞරවය නැති වී ගෙන යනවා මේ නිසා මධ්යම සහ ඉහළ පන්ති පවුල්වල ළමයින් යවන්නේ පෞද්ගලික විශ්වවිද්යාලවලටයි මගේ දරුවන්වත් යැව්වේ පෞද්ගලික විශ්වවිද්යාලවලටයි බුදු දහම විකෘති වී ගෙන යන අවස්ථාවක් මේක ටියුෂන් පන්තිවලින් අධ්යාපනයක් ලැබුවත් එහි අධ්යාපනය අයිසිං දැමූ කේක් ගෙඩියක් වගෙයි ළමයින්ගේ මනස විකෘති කරනවා යුරෝපයේ අද බුද්ධධර්මය පිළිගෙන තිබෙනවා නමුත් යුරෝපීය රටවල්වල විදේශීය භාෂාවලින් බණ කියන්න පුළුවන් තරුණ භික්ෂුන් වහන්සේලාගේ හිඟයක් තිබෙනවා විදේශිකයෝ භාවනා කරල සිත නිවා ගන්න අපේ රටට එනවා ලෝකයටම ථෙරවාදී බදුදහම දෙන්න අපේ රටෙන් විතරයි අමරපුර මහා නිකායේ මහනායක රාජකීය පණ්ඩිත කණුමුල්දෙණියේ චන්ද විමල ප්රාචීන භික්ෂු විද්යාලයේ මහෝපාද්ය අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී දර්ශනපති රාජකීය පණ්ඩිත බළපිටියේ සිරි සීවලී තපෝවනයේ පියසුමන හේන්පිටගෙදර මහින්ද තපෝවනයේ නාරද හිමිවරු ද ප්රාචීන භික්ෂු විද්යාල පාලක මණ්ඩලයේ සභාපති දේශමාන්ය එච් ධර්මසිරි ද සිල්වා මහතා ද මෙහිදී කතා කළහ බළපිටිය අනුර යසමිත්
රේගු ලෙඩ සුව වෙයි බහාලුම් 5000ක් හිරවෙලා
අසනීප නිවාඩු වාර්තා කරමින් රේගු වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කර තිබූ වෘත්තීය ක්රියාමාර්ගය ඊයේ 04දා සවස අත්හිටුවනු ලැබීය මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සහ රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය සමග පැවැති සාකච්ඡාවකින් පසු එම තීරණයට එළැඹි බවත් ඒ අනුව රේගු කටයුතු සාමාන්ය පරිදි සිදුවන බවත් රේගු මාධ්ය ප්රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවැසීය රේගු දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර පිහිටු වීමට යෝජිත ශ්රී ලංකා ආදායම් අධිකාරි පනතට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වර්ජනය අරඹා තිබිණි මෙම වැඩ වර්ජනය හේතුවෙන් බහාලුම් 5000කට අධික සංඛ්යාවක් කොළඹ වරායේ සිරවී ඇතැයි බහාලුම් ප්රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා දිවයින ට පැවැසීය කෙසේ වෙතත් පෙරේදා 03දා රාත්රියේ බහාලුම් 1200ක පමණ නිෂ්කාශන කටයුතු සිදු කර ගැනීමට හැකියාව ලැබුණු බවද හෙතෙම කීය ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධතා
මහාධිකරණය විසින් පසුගිය 28 වැනිදා බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනි හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මියට ඇප ලබාදීම සම්බන්ධයෙන් ලිඛිතව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා ඊයේ 04දා කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ගම්පහ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවකට පෙනී සිටින බැවින් එකී ලිඛිත විරෝධතා ගොනු කිරීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය එම කරුණු දැක්වීම සලකා බැලූ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නීතිපතිවරයාගේ ලිඛිත විරෝධතා හා විත්තියේ ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 11 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය 20151221 වැනිදා දෙමටගොඩදී තරුණයකු පැහැර ගැනීම සඳහා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා 18කට වරදකාරිය කරනු ලැබූ හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මියට පසුගිය 28 වැනිදා මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 33ක සිරදඬුවම් නියම කර එකී දඬුවම් කාලය එකවර එනම් වසර තුනකින් ගෙවී යන ලෙස ලබාදීමට නියම කර තිබිණි එයට අමතරව රුපියල් 360000ක දඩයක් ද විත්තිකාරියට මහාධිකරණය විසින් නියම කළ අතර එකී සිරදඬුවම් හා දඩ නියෝගයන් බලරහිත කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිකාරිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කර තිබිණි එකී අභියාචනාවට යටත්ව සිය සේවාදායිකාව ඇප මත මුදාහරින ලෙස විත්තිකාර හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා මහාධිකරණයෙන් ඉල්ලීමක් කළේය ඒ ජේ ඒ අබේනායක
ප්රසන්න රණතුංගගේ පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්
ව්යාපාරිකයකු බියගන්වා අවස්ථා පහකදී රුපියල් මිලියන 64ක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කර කොළඹ මහාධිකරණය විසින් නියම කළ අත්හිටවූ සිරදඬුවම් හා රුපියල් මිලියන 25ක දඩ ගෙවීමේ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා අමාත්ය ප්රසන්න රණතුංග මහතා විසින් ගොනු කර ඇති පෙත්සම ලබන සැප්තැම්බර් 12වැනිදා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ 04 දා දින නියම කළේය එම පෙත්සම ඊයේ 04 දා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී ශෂි මහේන්ද්රන් යන මහත්වරුන් හමුවේදී කැඳවිණි එම පෙත්සම මේනකා විජේසුන්දර සම්පත් විජේරත්න සම්පත් බී අබේකෝන් පී කුමාරත්නම් හා මායාදුන්නේ කොරයා යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී විභාගයට ගැනීමට නියමිතය පෙත්සම්කාර ප්රසන්න රණතුංග මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය පායිස් මුස්තාපා මහතා පෙනී සිටි අතර ජ්යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය ප්රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් සභාවේ ප්රධාන අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේදී සුරංජිත් ක්රිස්ටියන් ගිහාඩ් මෙන්ඩිස් නමැත්තාගෙන් එම මුදල ලබා ගැනීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා 20220606 වැනිදා ලබාදුන් තීන්දුව මගින් ප්රසන්න රණතුංග මහතාට එම දඬුවම් නියම කර තිබිණි ඒ ජේ ඒ අබේනායක
රනිල්ට වැඩිපුර එක දිනයක්වත් දෙන්නේ නෑ සාගර කාරියවසම්
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරම හිමිවූයේ වසර 5ක කාලයක් සඳහා පමණක් වන බැවින් එම ධුර කාලයේ අනුප්රාප්තිකයා ලෙස පත්වූ රනිල් වික්රමසිංහ මහතාට එම කාලසීමාවට වඩා එක් දිනක් හෝ බලයේ රැඳී සිටීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ලබානොදෙන බව එම පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය මහ ලේකම්වරයා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමාවන දිනය පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබාදෙනතුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ව්යාපාරිකයකු විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව කළ විමසීමට ප්රතිචාර දක්වමිනි ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක පසුබිමක් නොමැති බවත් ප්රකාශ කළ මහ ලේකම්වරයා එම නඩුවට පාර්ශ්වකරුවකු ලෙස සම්බන්ධ වනවාද යන්න පිළිබඳව මේ වනවිටත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ තුළ සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවත් පැවැසීය ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හොත් ඊට එරෙහිව ඡන්දය ප්රකාශ කරන බවයි එරික් ගාමිණි ජිනප්රිය
ධුර කාලය වසර 5ද6ද ශ්රේෂ්ඨාධිකරණය නිශ්චිත කරන තෙක් ජනපතිවරණය එපා
ජනාධිපතිවරයකුගේ ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩුකළ 19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයේ තෙවන කොටසේ 30 2 අනුව්යවස්ථාව සංශෝධනයවී නොමැති බවටත් එය පාර්ලිමේන්තුව තුළදී නිසියාකාරව සංශෝධනය වූ බවට අර්ථකථනය නොකරන ලෙසටත් ඉල්ලා සිවිල් පුරවැසියකු මෙන්ම ව්යවසායකයකු ද වන සී ඩී ලේනව මහතා විසින් ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ සිය පෙත්සම විභාගයට ගෙන තමන් ඉස්මතු කර ඇති පෙරකී කරුණ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහද නොමැති නම් වසර හයද යන කරුණ නිශ්චිත කරන තුරු ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන නියෝගයක් ලබාදෙන ලෙසට ද පෙත්සම්කාර ලේනව මහතා ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ නීතිඥ සහයක් නොමැතිව තමන් විසින්ම ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලේකම්වරයා හා සෙසු සාමාජිකයන් මෙන්ම නීතිපතිවරයා ද නම් කර ඇත ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 82 6 ව්යවස්ථාවට අනුව ඉහතින් කී 302 අනුව්යවස්ථාව සංශෝධනයවී නොමැති බැවින් එවන් තත්ත්වයක් යටතේ ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම ව්යවස්ථා විරෝධී බවත් එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම්කාර චමින්ද්ර දයාන් ලේනව මහතා අධිකරණයට පෙන්වා දී තිබිණි තමා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනුයේ පෙත්සමට පාදක වූ පෙරකී කරුණු මහජන උනන්දුවක් සහිත කරුණක් වන්නා සේම එමගින් තමන් ඇතුළු රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීමත් නිසා යැයි ද ව්යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියකු මෙන්ම නීතිවේදි උපාධිධාරියකු ද වන පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබිණිඒ ජේ ඒ අබේනායක
රත්ගම විදුරලා සමග මුදල් ගනුදෙනු කළ දකුණේ හිටපු පොලිස් ලොක්කෙක්
රත්ගම විදුර නමැති පාතාල නායකයා සහ ඔහුගේ මස්සිනා සමග සමීප සබඳතා පවත්වමින් මහා පරිමාණ මුදල් ගනුදෙනුවල නිරත වූ බව කියන දකුණු පළාතේ හිටපු ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පාතාල අපරාධකරුවන් සමග සිදුකළ මූල්ය ගනුදෙනු හෙළිදරව් වීමෙන් පසු මෙම ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කොළඹට මාරුකර යැවීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ මෙම ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දී පවා රාජකාරි කර ඇත්තේ දකුණු පළාතේ පොලිස් ස්ථානවල බව හෙළිවී ඇත පාතාලය සමග සබඳතා පැවැත්වූ බව කියන මෙම ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ රත්ගම විදුර නමැති පාතාල නායකයාගේ මස්සිනා අත්අඩංගුවට ගෙන විමර්ශන පැවැත්වීමේදීය රත්ගම විදුරගේ මස්සිනා පොලිසියට කොටුවී ඇත්තේ වැලිගම ප්රදේශයේ අවන්හලකදී ය වැලිගම ප්රදේශයේ අයිස්ක්රීම් දන්සලක් අසලට පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණි අවස්ථාවේ එහි සිටි එක්තරා පුද්ගලයකු පොලිස් බල්ලන්ට අයිස්ක්රීම් දෙන්න එපා යනුවෙන් පවසා ඇත මෙම ප්රකාශය කළ පුද්ගලයා එසැණින් එම ස්ථානයෙන් ඉවත්වී ඇති අතර පොලිස් නිලධාරීන් ඔහු ලුහුබැඳ ගොස් තිබේ ප්රදේශයේ අවන්හලක සිටියදී පොලිස් නිලධාරීන් විසින් ඔහු සිය භාරයට ගෙන ප්රශ්න කිරීමේදී තමන් රත්ගම විදුර නමැති පාතාල නායකයාගේ මස්සිනා බව පවසා ඇත ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී චෝදනා එල්ලවී සිටින ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමග ඔහු මුදල් ගනුදෙනු කළ ආකාරය එහි සටහන්ව තිබී සොයාගෙන තිබේ රත්ගම විදුරගේ මස්සිනා සිය රැකවරණයට පොලිස් නිලධාරීන් පිරිසකගේ ආරක්ෂාව ද ලබාගෙන තිබූ බවට ලැබී ඇති තොරතුරු මත ඒ පිළිබඳව ද විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පවසයිහේමන්ත රන්දුණු
කොස් ගෙඩි තුනක් කැඩූවැයි මවගේ නිකට කැඩෙන්න විදුලි පන්දමෙන් ගහලා
දොඹගහවෙල පොලිස් වසමට අයත් හෙරලිගස්යාය ප්රදේශයේ පදිංචි 58 හැවිරිදි තම මවට පහරදී ප්රදේශයෙන් පලාගොස් සිටින ඇයගේ බාල පුතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත ඉකුත් 29 දා තිදරු මවක වන එම් ඒ ශ්රියානි නමැත්තිය ඇයගේ ඉඩමේ මායිමේ පිහිටි කොස් ගසකින් ගෙඩි තුන හතරක් කඩා ඇති අතර ඒ පිළිබඳව උරණ වූ ඇයගේ බාල පුතා මවට බැණ වැදී අතේ තිබූ විදුලි පන්දමකින් පහරදීමෙන් ඇයගේ නිකට ප්රදේශයට පහරදී තිබේ නිකටට තුවාල වූ ඇය ලේ ගලන තුවාල සහිතව දොඹගහවෙල පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳව ප්රකාශයක් කරමින් මෙසේ සඳහන් කර ඇත මට දියණියක් සහ පුතුන් දෙදෙනකු ඉන්නවා දියණිය සහ වැඩිමහල් පුතා විවාහ වී වෙනත් ප්රදේශ වල පදිංචිව ඉන්නේ අපි පදිංචි මගේ ඉඩමේ කොටසක් බාල පුතාට වෙන්කර දුන්නා කොස් ගහ තියෙන්නේ ගෙදරට යන ඉඩමේ පාර අයිනේ වැටෙන් මේ පැත්තේ අඩි 12 ක පාරකුත් දුන්නා වැටෙන් මේ පැත්තේ තියෙන කොස් ගහේ තමයි මම ගෙඩි කැඩුවේ ඉඩමින් පැත්තක් එයාට දුන්නා ඒ පැත්තේ කිසිම දෙයක් මම අතපත ගාන්න යන්නේ නැහැ මං ගහේ කොස් ගෙඩි තුන හතරක් කඩාගත්තා එක සැරයකුත් තොල් පටියට පිහියකින් තදකළා යට තොල් පටියෙන් ලේ ආවා ඒත් මම ඉවසලා හිටියාමේ සැරේ මට හොඳටම අමාරුයි ඒ නිසා මම පොලිසියට ආවා සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති ඩී එම් කුමාරසිංහ හෙරලිගස්යාය ප්රදේශයේ පදිංචිකාරියක් පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළා කොස්ගෙඩි තුන හතරක් කැඩූවයි බාල පුතා විසින් පහරදුන් බවට ඇයගේ රුධිරය වහනයවීම නිසා ප්රකාශ සටහන් කරගැනීම නතර කර ඇයව රෝහල් ගතකිරීමට කටයුතු කළා පසුව අපි සිද්ධිය වූ ස්ථානයට ගියා කොස් ගහ ළඟ ගෙඩි තුන හතරක් වැටී තිබුණා ඒවා කෑලි කෑලිවලට කපා තිබුණා සැකකරු විසින් මවට පහරදීමෙන් පසුව ඔහු කොස් ගෙඩි ටික එසේ විනාශ කර ඇති බව අපට තේරුණා සිද්ධියට සම්බන්ධ කොටියාගල ප්රදේශයේ හේන් කරන සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇති බවට දැනගැනීමට ලැබුණා ඔහුව අත්අඩංගුවටගැනීමට කටයුතු කරගෙන යනවාබඩල්කුඹුර රවිඳු ගුණතිලක
සම්පන්දන්ගේ දේහය පාර්ලිමේන්තුවට
හිටපු විපක්ෂ නායකවරයකු සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක අභාවප්රාප්ත රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු 03 පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව දැක්වූහ එමෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා ඇතුළු කැබිනට් අමාත්යවරු හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්රීවරු රැසක් ඒ මහතාට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා වෙනුවෙන් විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුද මෙහිදී දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ එසේම හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්රමුඛ මහලේකම් මඩුල්ල පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විදෙස් තානාපතිවරුන් රාජ්ය නිලධාරීන් හිටපු මහලේකම්වරුන් ඇතුළු හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයෝ හා පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩල සාමාජිකයෝ මෙන්ම පවුලේ ඥාතීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ සම්පන්දන් මහතාගේ දේහය රැගත් අවමංගල රථ පෙරහැර ඊයේ පව 200 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්රධාන පියගැටපෙළ අසලට පැමිණි අවස්ථාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන නියෝජ්ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහත්වරුන් සහ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ කාර්ය මණ්ඩල ප්රධානී සහ නියෝජ්ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු පිරිස විසින් දේහය භාරගැනීම සිදුවිය අනතුරුව දේහය වේත්රධාරි නියෝජ්ය වේත්රධාරි සහ සහකාර වේත්රධාරි පෙරටුකොට ගනිමින් රතු පලස මතින් රැගෙන විත් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි විශේෂ උත්සව ශාලාවෙහි තැන්පත් කිරීම සිදුවිය
රනිල්ට ධුර කාලය දික්කර ගන්න බැහැ අනුර කුමාර දිසානායක
ජනාධිපති ධුරයේ කොටයක් අදින්න ආපු රනිල්ට කිසිසේත් ධුර කාලය දීර්ඝ කර ගැනීමට හැකියාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසයි ජනාධිපති හා ඔහුගේ ගෝලබාලයන් විවිධ උපක්රම සටකපටකම් දියත් කළත් සහතික ලෙසින්ම පරාජයට පත්වන බවත් රනිල් වික්රමසිංහත් ඔහුගේ කුමන්ත්රණත් එකට තබා පරාජය කිරීමට සූදානම් බවත් පැවසූ දිසානායක මහතා රජය ගෙනයන මෙම ව්යාකූලත්වයන් හා නොසන්සුන්තාවන් ඇතිකිරීමේ කුමන්ත්රණවලට ජනතාව හසු නොවන ලෙසත් ඉල්ලා සිටී
ගමේ ව්යවසායකින් බිහි කර ගමේ දියුණුවට අපිට හොඳ ආර්ථික සැලැස්මක් තිබෙනවා
ගමේ තරුණයින් ව්යවසායකින් බවට පත් කරන්නත් ගම දියුණු කරන්නත් අපිට හොඳ ආර්ථික සැලැස්මක් තිබෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පැවසීය සූරියවැව පැවති ගොවි සමුළුව අමතමින් වැඩි දුරටත් කතා කළ මහතා මෙසේද පැවසීය ගොවිතැන සඳහා ලබා දෙන රසායනික පොහොර නතර කරන්න පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ තීන්දුවක් ගත්තා ඒ තීන්දුව ගන්න කොට මහින්ද අමරවීරලා නාමල් රාජපක්ෂලා කැබිනට් ඇමැතිවරු මහින්ද රාජපක්ෂ අගමැති ගොවියන්ට සිදු වුණා පොහොර ලබාදියල්ලා කියලා උද්ඝෝෂණ කරන්න ඒ විතරක් නෙවෙයි චන්ද්රිකා වැවෙන් වතුර නිදහස් කරන එක නතර කළා ගොවිබිම් විනාශ වෙන්න ඉඩහැරියා ගොවියන්ට සිදු වුණා උද්ඝෝෂණය කරල වතුර ලබාගන්න මීට කලින් අපි විවිධ පක්ෂවලට බෙදිලා ඉන්න ඇති ඒ ඉතිහාසය අපි ප්රශ්න හමුවේ විඳවන කොට යූඑන්පී ශ්රීලංකා ජේවීපී බේදයක් නැහැ හැමෝම විඳවනවා ආණ්ඩුව අපිව පක්ෂ වශයෙන් බෙදනවා ගම්වල ඒ බෙදුණු යුගය අවසන් කරලා අපි අලුත් ආණ්ඩුවක් හදන්න එකතු වෙමු රටේ සාමාන්ය ජනයා අලුත් බලාපොරොත්තුවක් එක්ක පෙළ ගැහිලා ඉන්නවා ජනතාව පාරම්පරික යූඑන්පී ශ්රීලංකා පක්ෂ පාට අතහැරලා මාලිමාව තෝරා ගන්නකොට ඒගොල්ලොත් උඩින් එකතු වෙනවා ඔයගොල්ලන් හිතුවද මහින්ද රාජපක්ෂයි රනිල් වික්රමසිංහයි එකම ආණ්ඩුවක හම්බවෙයි කියලා ඒගොල්ලෝ එකතු වෙනවා මෙතන ඉන්න අම්මලා තාත්තලා හිතුවද රනිල් වික්රමසිංහ කාංචන විජේසේකර ප්රසන්න රණවීර රනිල් හිරේ දානකල් නින්ද යන්නේ නෑ කියපු මහින්දානන්ද අලුත්ගමගේ ලක්ෂ්මන් යාපා මහින්ද අමරවීර නාමල් රාජපක්ෂ එක වේදිකාවක එක ආණ්ඩුවක දකින්න ලැබෙයි කියලා ගම්වල ජනතාව මාලිමාව වටා එකතු වෙනකොට ඒ ගොල්ලන් මාලිමාවට මුහුණදීම සඳහා උඩින් එකතු වෙනවා පසුගිය දවසක අම්බලන්තොට රනිල් වික්රමසිංහගේ රැස්වීමක් තිබ්බා පොහොට්ටුවෙන් බාගයකට වැඩිය ඒ වේදිකාවේ මහින්ද අමරවීර සුසිල් ප්රේමජයන්ත නිමල් ලංසා ඒ වේදිකාවේ මීට අවුරුදු තුනකට හතරකට ඉස්සර කිව්වේ හරියන්නේ නෑ හම්බන්තොට වරාය වික්කේ රනිල් රට විනාශ කරන්නේ රනිල් තමයි රනිල්ගෙන් රට බේරගන්න ඕන කියලා ඒ කිව්ව කටින්ම අද කියන්නේ රට හදන්නේ රනිල් තමයි කියලා ඇයි ඒ ඒගොල්ලන්ට බේරෙන්න ඕනෑ වෙලා තිබෙනවා එහෙනම් අපි මොකක්ද කරන්න ඕනැ ඒකට මුහණ දෙන්න ගම්වල අපිත් පරණ කෝන්තර වෙනස්කම් අමතක කරලා එකතු වෙන්න ඕනෑ මේ සූරියවැවෙන් ලොකු ජයග්රහණයක් ගන්න ඕනෑ මම ඕගොල්ලන්ගෙන් අහන්නේ ජීවිතේ ඇතිවෙලා නැද්ද දැන්නම් හොඳටම ඇතිවෙලා කියලා කොච්චර නම් හිතිලා ඇද්ද වහ ටිකක්වත් කනවා කියලා හිතෙන වාර අනන්තයි ජීවිතේ ගැන කළකිරිලා එපා වෙලා තිබෙන්නේ මොන කරුමයක්ද මේ කියලා හිතෙන වාර අනන්තයි
ඉතිරි වූ මත්ජාවාරමුන් 530ක් අල්ලන්න යුක්තිය දෙවැනි අදියර අද සිට ඇරැඹෙයි
පාතාලය සහ මත්ද්රව්ය ජාවාරම මර්දනය කිරීමේ අරමුණෙන් ආරම්භ කළ යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර අද 04දා සිට ක්රියාත්මක කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය යුක්තිය මෙහෙයුමේ පළමු අදියරට මාස 06ක් පිරීම නිමිත්තෙන් එහි ප්රගතිය මාධ්යට දැනුවත් කිරීම සඳහා විශේෂ හමුවක් ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නිවස්නයේ පෙරේදා 02දා පැවැත්විණි පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ එම හමුවේදීය යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ පාතාල කල්ලි මුළුමනින්ම මර්දනය කිරීමටත් මත්ද්රව්ය ජාවාරම සම්පූර්ණයෙන්ම පාලනය කිරීමටත් කටයුතු කරන බව දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී කියා සිටියේය යුක්තිය මෙහෙයුමේ පළමු අදියර යටතේ මෙරට හඳුනාගත් මත්ද්රව්ය ජාවාරම්කරුවන් 5975 දෙනකු අතරින් 5449 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී ඇත ඉතිරිව සිටින මත්ද්රව්ය ජාවාරම්කරුවන් 530 දෙනා යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිස්පතිවරයා පවසයි මේ අතර මත්ද්රව්ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි ජාවාරම්කරුවන් 709 දෙනකු නැවත මත්ද්රව්ය ජාවාරම්වල නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන බව ද තෙන්නකෝන් මහතා කියා සිටියි එමෙන්ම මත්ද්රව්ය ජාවාරමට අලුතින් එකතු වී ඇති ජාවාරම්කරුවන් 1079 දෙනකු පිළිබඳව තොරතුරු මේ වනවිට පොලිසිය වෙත ලැබී තිබේ යුක්තිය මෙහෙයුම මගින් මාස 06ක කාලසීමාවක් තුළදී මත්ද්රව්ය ජාවාරම් පාතාල අපරාධ සහ විවිධ අපරාධ ඇතුළු සැකකටයුතු පුද්ගලයන් 152077 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි මෙම පුද්ගලයන් අතරින් 5447 දෙනකු රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්රශ්න කරගෙන යන අතර 837 දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මක කර තිබෙන බව ද පොලිස්පතිවරයා පවසයි මත්ද්රව්ය මර්දනය මෙන්ම මත්ද්රව්ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ද රට පුරා පුනරුත්ථාපන මධ්යස්ථාන 286ක් ආරම්භ කර ඇති බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්ය හමුවේදී කියා සිටියේය මෙම මධ්යස්ථානවලදී මත්ද්රව්ය භාවිතයට ඇබ්බැහිවූවන් 12800 දෙනකු පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා පවසයි මෙම වැඩපිළිවෙළ ඉදිරි මාස 02 තුළ ක්රියාත්මක කෙරෙනු ඇතහේමන්ත රන්දුණු චමින්ද සිල්වා
දෙමටගොඩ චමින්දගේ බිරිඳ අල්ලන්න නියෝග
නීති විරෝධී ආකාරයෙන් රුපියල් කෝටි 50කට අධික මුදලක් උපයාගෙන ඇතැයි කියන දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද රවි ජයනාත් නමැත්තාගේ බිරිඳ වහාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඊයේ 03දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය මේ වනවිට විදේශගත වී සැඟවී සිටින්නේ යැයි කියන වජිරා වාසනා නමැති එම කාන්තාව ගුවන් තොටුපළින් මෙරටට පැමිණියහොත් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගන්නා ලෙසට ද ප්රධාන මහෙස්ත්රාත්වරයා ආගමනවිගමන පාලකවරයාට වැඩිදුරටත් නියෝග කළේය මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නමැත්තා නීති විරෝධී ආකාරයෙන් උපයා ගන්නා ලද රුපියල් කෝටි පනහකට අධික දේපළ රට හැරගොස් සැඟවී සිටින ඔහුගේ බිරිඳ නමට පවරා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හඒ ජේ ඒ අබේනායක
එක්ස්ප්රස් පර්ල් නඩුව අත්හිටුවයි
ශ්රී ලංකා මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්වී එක්ස්ප්රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් ශ්රේෂ්ඨාධිකරණය ඊයේ 03දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය එම නෞකාව හිමි සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ කළමනාකාර අධ්යක්ෂවරයා කපිතාන්වරයා ඇතුළු විත්තිකරුවන් ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක් සලකා බැලූ ඒඑච්එම්ඩී නවාස් කුමුදුනී වික්රමසිංහ හා කේ ප්රියන්ත ප්රනාන්දු යන විනිසුරු මඬුල්ල පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය එම පෙත්සම් තුන ලබන වසරේ පෙබරවාරි 17 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල දින නියම කළේය 2021 වසරේ මැද භාගයේදී සිදුවූ එම ගිනි ගැනීමෙන් එම නෞකාවේ ගබඩා කොට තිබූ විෂ රසායනික ද්රව්ය විශාල ප්රමාණයක් මුහුදු ජලයට මිශ්රවී තිබූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ සමුද්රීය දූෂණ වැළැක්වීමේ අධිකාරිය ඇතුළු ආයතන ඉදිරිපත් කළ වාර්තා සලකා බැලූ නීතිපතිවරයා එම සමාගමේ කපිතාන්වරයා ඇතුළු නවදෙනකුට එරෙහිව සමුද්රීය දූෂණ වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණිඒජේඒ අබේනායක