text
stringlengths 13
21.3k
| lang
stringclasses 1
value | src
stringclasses 1
value |
---|---|---|
ඉන්න ඉන්න එනවා" ආන්යා කිව්වේ ආයෙම පාරක් කඩා දාල උන්නු හිසකේ පීරන ගමන්. | si | CulturaX |
ආන්යා එලියට යද්දි පොඩ්ඩක් ඈත් වෙලා ඈ දිහා බලපු අනුහස් කිව්වේ අමුතු හිනාවක් පාලා. | si | CulturaX |
අනේ යන්න අනූ...ඔයා හරිම නරකයි" ආන්යා කිව්වේ අනුහස් මගෑරලා සාලෙට යන ගමන්. | si | CulturaX |
ඒක දණහිසගාවට විතරක් දිග, පුංචි බෝරිච්චි අත් දෙකක් දාපු චාම් ගවුමක් වුණත් ඒක ඇන්දාම ආන්යගේන් දිස් වුණේ හුරතල් පෙනුමක්. | si | CulturaX |
කාමරේ ඉඳන් ලෑස්ති වෙලා ආපු තාත්තා ඇහුවේ සාලේ උන්නු අනුහස්ගෙන්. | si | CulturaX |
එයි එයි..ආ...මේ ඉන්නේ ලස්සනට" ආන්යව දැකපු තාත්තා කිව්වේ හිනාවෙලා. | si | CulturaX |
ආන්යා ලැජ්ජාවෙන් රතු වුණා, ඈ බිම බලාගත්තේ අනුහස් එක එක අංගවිකාර දක්වමින් ඈට විහිලු කරද්දි. | si | CulturaX |
ගෝපි නම් ඔන්න කලින්ම ගිහින්...හදිසියකට ගෙදර පිරිමි පුලුටක් නෑ රාධාලගේ තනියට" එහෙම කිව්වේ සාලෙට එමින් උන්නු අම්මා. | si | CulturaX |
අපි ඉක්මණට එනවනේ...මම කියන්නම් මුත්තුසාමිට ඇවිත් බලන්න කියලා" තාත්තා කිව්වේ ඉස්ටෝරුවේ මුරකාරයා ගැන. | si | CulturaX |
කොහමහරි කට්ටියම එකතු වෙලා අභීලා උන්නු බංගලාවත යද්දි, එතනට තව කට්ටිය ඇවිත් උන්නු වග ආන්යට පෙනුනා. | si | CulturaX |
මනී මහත්තයා හොඳ පාටියක් ඔර්ගනයිස් කරලා වගේ කාලෙකින්" තාත්තා කිව්වේ සතුටින්. | si | CulturaX |
එහෙනම් ඉතින් අද ගොඩක් අය යද්දි හතරගාතෙන් යයි" අම්මා කිව්වේ ඇනුම්පදයක්. | si | CulturaX |
තද නිල් පාට සල්වාර් ඇඳුමක් ඇඳලා උන්නු ඈ අභීගේ අම්මට වඩා අක්කා කෙනෙක් කියලා දැන් කිව්වහැකි කියලා ආන්යට හිතුණා. | si | CulturaX |
මැඩමුත් අද හරි ලස්සනයි" ආන්යා කිව්වේ ඒකයි. | si | CulturaX |
අභී දවල් ඇවිත් නිදියගත්තු පාර තාම නිදි...ඔයා ආවාම ඇහැරවන්න කිව්වා, ඒත් පව් නේ නේද? | si | CulturaX |
ඇහැරවන්න ඕන නෑ පව්" එහෙම කියලා ආන්යා ඇතුලට ගියා අම්මලා එක්කම. | si | CulturaX |
ඒ යද්දි එක පැත්තක මනී මහත්තයා අනෙක් මැනේජර්ලා වටකරගෙන බර කතාවක්. | si | CulturaX |
සාලේ ඉතිරි වුණේ අනුහස් එක්ක ආන්යා විතරයි, මැනේජර්ස්ලගේ පොඩි ළමයි ටික ඇරෙන්න. | si | CulturaX |
කොහෙද දන්නෑ මේ ආර්යන්...ආවට පස්සේ දැක්කෙම නෑනෙ" අනුහස් වටපිට බලද්දි ආන්යටත් නොබලා ඉන්න බැරි වුණා. | si | CulturaX |
මම හොයාගෙන එන්නම් මීනු...ඔයා මේ පොඩ්ඩෝ ටික එක්ක ඉන්න" අනුහසුත් සෙනග අස්සේ අතුරුදහන් වුණා. | si | CulturaX |
වැඩට උන්නු ගෑණු ළමයි දෙන්නෙක් ආන්යලට කේක් එක්ක බීම ඇල්ලුවා. | si | CulturaX |
දෝණි...එන්නකෝ පොඩ්ඩක් අභීව බලලා එන්න යන්න" හදිසියේම කොහෙන්දෝ ආපු අභීගේ අම්මා කතා කලේ ආන්යා පොඩි ළමයි එක්ක සෙල්ලම් කරමින් ඉද්දි. | si | CulturaX |
මම ඉක්මණට එන්නම් ඈ" එහෙම කියපු ආන්යා අනුලා මැඩම් පස්සෙන් ඇදුනා. | si | CulturaX |
අභීගේ කාමරේට ආන්යා එක පාරක් ඇවිත් තිබුණත් අද අභීගේ අම්මා එක්ක, එද්දි ඈට දැනුනේ වෙනස්ම හැඟීමක්. | si | CulturaX |
ඇඳේ උඩුබැලි අතට හොඳටම නින්ද ගිහින් උන්නු අභීව දැක්කාම ආන්යටත් දැනුනේ දුකක්. | si | CulturaX |
කමක් නෑ අම්මා" ආන්යා මුල්ම වතාවට එහෙම කිව්වා. | si | CulturaX |
සාලෙට ඇවිදගෙන එන අතරේ ආන්යා ඇහුවේ ඈ පේන්න නොහිටපු නිසයි. | si | CulturaX |
ඒ ආන්යා ඒකට ඇත්තම හේතුව දන්න නිසා වෙන්න ඇති. | si | CulturaX |
අභීගේ අම්මා එහෙම කිව්වාම ආන්යට දාඩියකුත් දැම්මා. | si | CulturaX |
ඈ අනුහස් හොයාගෙන එලියට බැස්සේ ගේ ඇතුලේ තනියෙම ඉන්න පාලු හන්දා. | si | CulturaX |
ඒ හඬ ඇහුණේ ආන්යා උන්නු තැනට එහායින් තිබ්බ සමර් හට් එක ලඟ ක්රෝටන් පඳුරු අතරින්. | si | CulturaX |
)...නී පොයිට්ට එඩතිට වා...(උඹ ගිහින් අරගෙන වරෙන්)" ආන්යට ඒ හඬ ඇහුනේ ඈතක ඉඳන් එන්නා වගේ. | si | CulturaX |
ඈ යද්දි හිස් විස්කි බෝතලයකුයි, වොඩ්කා බෝතලයකුයි අතේ තියාගෙන උන්නු ගෝපිත්, අසල පුටුවකට වාරු වෙලා වෙරිමතින් උන්නු ආර්යනුත් ඈ දිහා බැලුවේ පුදුමෙන්. | si | CulturaX |
ආන්යා ඇහුවේ ඇඬෙන්න ඔන්න මෙන්න හඬකින්, කෑ ගහලා වගේ. | si | CulturaX |
ආන්යා..." ආර්යන් කෙලින් වෙන්න උත්සාහ කරමින් කිව්වා. | si | CulturaX |
ගෝපි...යනවා යන්න මෙතනින් ඔය බෝතලුත් අරගෙන...යනවා ඉතින්" ආන්යා කවදාවත් නැතිව ගෝපිටත් සැර වුණා. | si | CulturaX |
අයියෝ බේබි කේගාන්න යෙපා බේබි...කාට හරි ඇහුණොත් මොකද වෙයි? | si | CulturaX |
ආර්යන් අයියා...අභී ඔයාගේ මල්ලි, මං... මං...එයාගේ" ආන්යා කිව්වේ ඇස් වලින් කඳුලු වැටෙද්දිමයි. | si | CulturaX |
ආර්යන් ඈ දිහා බලාගෙන උන්නේ, වේදනාව පිරුණ මුහුනින්. | si | CulturaX |
ඔර් වස් ඉට් ලවින්ග් යූ, ආන්යා ටෙල් මී... | si | CulturaX |
ගෝපි මෙන්න මෙයාව අරන් ගිහින් වෙරි බහින්න මොනා හරි දෙන්න...මෙයාගේ අම්මා දන්නවනම් පොලවේ පස් කයි...දෙයියන්ගේ නාමෙට ඔච්චර බොන්න එපා ආර්යන් අයියා. | si | CulturaX |
ආන්යා කිව්වේ හිතේ ලොකු දුකක් පෙරලි කරද්දි. | si | CulturaX |
මම බොන්නේ ඔයාව අමතක කරන්න, සිහියෙන් ඉද්දි ඒක කරන්න බෑ... | si | CulturaX |
අම්මා දැක්කොත් හොඳ නෑ...ප්ලීස්" ආන්යා බැගෑපත් වුණා. | si | CulturaX |
වාංග පෝලාම් දොරේ.. වාංග පෝලාම්...වාංග (මහත්තයා එන්න යන්න..එන්න) ගෝපි වාරු නැති ආර්යන්ව ඇදගෙන ගියේ ඔහු තවත් මොනවද මුමුණද්දිමයි. | si | CulturaX |
ආපහු ගේ ඇතුලට යන්න බෑ හිතුණත්, අභී නිසා නොයා ඉන්න ඈට පුලුවන්කමක් තිබුනේ නෑ. | si | CulturaX |
ආන්යා ගිලිලා උන්නු කල්පනාවෙන් මිදුනේ අභී කතා කලාම. | si | CulturaX |
ආපු වෙලේ ඉඳන් කල්පනා කර කර ඉන්නේ" අභී ඇහුවේ නොසතුටකින් වගේ. | si | CulturaX |
මේ වෙච්ච දේවල්, හරි ඉක්මණට මෙහෙම වුණා නේද කියලයිමං හිතුවේ" ආන්යා කිව්වේ ඇත්ත කියන්න ඈට බැරි හන්දා. | si | CulturaX |
කකුල ටීපෝව උඩ තියාගෙන, සුදු දිග සැටියේ වාඩි වෙලා උන්නු අභී අසුනේ හරි බරි ගැහුණා. | si | CulturaX |
මෙහෙම ඉඳලා ඉඳලා කොන්දත් අමාරුයි" අභී කිව්වේ ඇඹරෙමින්. | si | CulturaX |
එහෙනම් ඔයා මේ සැටියෙම දිගෑදෙන්න..." ආන්යා සැටියෙන් නැගිටිමින් කිව්වා. | si | CulturaX |
ඊට පස්සේ ආන්යා ඔහුට සැටියේ දිගෑදෙන්න උදව් කලා. | si | CulturaX |
ඔව්, ඔව්,දැන්ම ඉඳන් ස්වාමියාට සලකන්න පුරුදු වෙන එක හොඳයි" එහෙම කිව්වේ කොහෙදෝ ඉඳන් මොනවදෝ හපමින් ආපු අනුහස්. | si | CulturaX |
නැත්තං...මොකෝ ඔයාට ගෙදරදි ඕවා කරලා පුරුද්දක් තියෙන එකක්යැ? | si | CulturaX |
මම හදලා ගන්නම්කෝ" අභී කිව්වේ හිනා වෙවී. | si | CulturaX |
අනුහසුත් ඈ පස්සෙන්ම ආවේ බොන්න දෙයක් ගන්න. | si | CulturaX |
අන්න අරහේ බොනපාට්ලා ඉන්න හරියේ...ඔයා දන්නවද, ආර්යන් ඔහොම හිටියට පට්ට බෙබේ කෙනෙක්නේ" අනුහස් එහෙම කිව්වාම ආන්යගේ හිත සසැලුණා. | si | CulturaX |
අනේ මන්දා බැරිනම් මොකට බොනවද කියලා" අනුහස් කිව්වේ කජු දාපු දීසියක් අතට ගන්න ගමන්. | si | CulturaX |
නෑ...නෑ...මම බිව්වේ ස්ප්රයිට්...හැබැයි කලින් බියර්ද කොහෙද බීපු කෝප්පයක් සෝදන්නැතුව" අනුහස් කිව්වේ ඇඟට පතට නොදැනී. | si | CulturaX |
අනූ..." ආන්යා ඇස් ලොකු කරගෙන ඔහු දිහා බැලුවා. | si | CulturaX |
ඇයි...ඉතින් කෝප්පේ හෝද හෝද ඉන්න බැරි නිසා එහෙමම බිව්වා | si | CulturaX |
අනේ මේ පිස්සු නම් කෙලින්න එපා කෙල්ලේ ඈ. | si | CulturaX |
තමන් බිබී අනික් අයට පද හදන හැටි? | si | CulturaX |
හරි ඉතින් අපි කන් පාත් වෙන්න බොන්නෑනෙ නගා | si | CulturaX |
ඔහු කවදා තමන්ගේ හිත නිදහස්කරාවිද කියලා ආන්යා හිතුවා. | si | CulturaX |
ඔහු අසල උන්නු ආන්යා බයවෙලා වගේ වටපිට බැලුවා. | si | CulturaX |
අනේ බොරු බොරු..." ආන්යා කිව්වේ අභීට රවන ගමන්. | si | CulturaX |
අනේ කියන්නකෝ දෝණි අපටත් අහන්න" අනුලා මැඩම් කිව්වා. | si | CulturaX |
අනුහස් පියානෝ ගහයි...එයත් මෙයාට දෙවනි නෑ" එහෙම කිව්වේ කොහේදෝ ඉඳලා ආපු නාරද. | si | CulturaX |
මට නම් බෑ අභී..." ආන්යා හෙමින් කිව්වා. | si | CulturaX |
ආන්යා හිස වන වන වටපිට බලද්දි ඈ දැක්කේ මේ දැන් නෑවා වගේ තෙත හිසකෙ පිටින් උන්නු ආර්යන්ව. | si | CulturaX |
ප්ලීස් මීනු..." ඒ අස්සේ අභී වදේ ගහන්වා. | si | CulturaX |
ඔන්න ඔහේ එකක් කියන්න මීනු...මම පියානෝ ප්ලේ කරන්නම්" අනුහස් කිව්වා. | si | CulturaX |
ඒ එක්කම ඈට මතක් වුණේ අනුහසුයි, ඇයයි දෙන්නම් ආදරේ කරපු ගීතයක්...අදට ගැලපෙනම එකක්. | si | CulturaX |
අරක...දීපිකා ප්රියදර්ෂනී මැඩම්ගේ..." ආන්යා අනුහස්ට මතක් කලා. | si | CulturaX |
එකපාරටම හැමෝම මීයට පිම්බා වගේ නිෂ්ශබ්ද වුණා. | si | CulturaX |
ආර්යන් සේරම අමතක වෙලා වගේ ඈ දිහා බලාගෙන උන්නා. | si | CulturaX |
මේ පුර හඳකට පෝය ලැබෙන අන්තිම දවසයි | si | CulturaX |
මොන හේතුවකටදෝ ආන්යගේ ඇස් වලට කඳුලු එකතු වුණා, ඒ ගීතයේ අරුත නිසාද, අභීගේ ලයාන්විත වාදනය නිසාද, නැත්තම් ඈත උන්නු ආර්යන්ගේ දිලිසෙන ඇස් දෙක නිසාද කියලා ඈට තෝරගන්න පුලුවන් වුණේ නෑ. | si | CulturaX |
ඇස් වල කඳුලු පිට පනිනවා ඈට දැනුනා. | si | CulturaX |
අනික් හැමෝම අත්පුඩි ගැහුවා, මොන මොනවදෝ කියමින්. | si | CulturaX |
ඒත් අනික් අයගේ ඇස් තිබුණේ තමන් අසල නිසා ආන්යා අමාරුවෙන් හිනාවක් මුවට නගාගත්තා. | si | CulturaX |
අනුහස්ගේ පියානෝ වාදනෙත් නොම්මර එකයි" නාරද කිව්වේ හැමෝම ඒක අනුමත කරද්දි. | si | CulturaX |
ස්ටාර් ශ්රී ලංකා" හොඳටම බීලා උන්නු කවුදෝ කෑ ගහනවා ආන්යට ඇහුණා. | si | CulturaX |
ආන්යගේ ඇස් හෙව්වත් ඊටපස්සේ ආර්යන්ව ඈට දකින්න ලැබුණේ නෑ. | si | CulturaX |
අභී හන්දා ආන්යට පැදුරට යන්න ඕන වුණේ නෑ. | si | CulturaX |
මට ඩ්රයිව් කරන්නත් බෑනෙ...ඔයා මාව බලන්න එනව්ද මීනු? | si | CulturaX |
බලන්නකෝ ඒ දවස් ටිකේ අපට එකට ඉන්න බැරිවුණ හැටි නේද? | si | CulturaX |
එහෙම හිතන්න එපා...අපට කෝල් කරන්න පුලුවන් නේ | si | CulturaX |
අභී ගැන තියෙන සෙනෙහස ආයෙම හිතේ ඉස්මතු වුණා. | si | CulturaX |
ආන්යට දැනුනා ආයෙම හිත පිච්චීගෙන යන හැඟීම. | si | CulturaX |
ඊට පස්සේ මාස තුනකින් විතර වෙඩින් එක...ෂෝක් නේ" අභී කිව්වේ හිනාවෙලා. | si | CulturaX |
ඒත් ඈ දැන් ඒ ගැන හිතන්න ඕන කෙනෙක් නෙවෙයි කියලා ඒ එක්කම ඇගේ හිත මතක් කරලා දුන්නා. | si | CulturaX |
ඔයාව දාලා යන්න තාමත් හිත හදාගන්න බෑ" ඈ හිනැහෙන දිහා බලාගෙන උන්නු අභී කිව්වා. | si | CulturaX |
යන්නෙ ඔයා සනීප වෙන්නනේ...මං හැමදාම කතා කරන්නම්. | si | CulturaX |
අයි මිස් යූ ඕල් රෙඩී ප්රින්සස්..." අභී සුසුමක් හෙලලා කිව්වේ ආන්යගේ දෝතම සිපගන්න ගමන්. | si | CulturaX |
අයැම් ගෝන මිස් යූ ටූ..." ආන්යා මිමිණුවා. | si | CulturaX |
ආන්යා හිනාවුණා විතරයි, ඇස් අග කඳුලක් එක්ක. | si | CulturaX |
පරෙස්සමින් ඉන්න අභී, ඔයාට ඉක්මණට සනීප වෙයි... | si | CulturaX |