data
dict |
---|
{
"Text": " මුහුදු පතුලේ සැඟවුණු , බොහෝ දෙනා නොදුටු සුන්දර ලෝකයක් තිබේ. කොරල් පර, මසුන්, මුහුදු තෘණ සහ වෙනත් ජලජ ජීවින්ගෙන් පිරි ඒ පරිසර පද්ධතියේ පැවැත්මට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් වී ඇත. එබැවින් තමන්ට හැකි අයුරින් මුහුදු පතුල පිරිසිදු කර එහි සංරක්ෂණයට කැප වූ සරසවි සිසුවියක අපට හමු විය. තරුෂි දිසානායක වන ඇය සාගර විශ්වවිද්‍යාලයේ සිසුවියක් වන්නීය.",
"Title": "සාගරය : මුහුද පතුලේ සැඟවුණු සුන්දර ලෝකය සොයා යන සරසවි සිසුවිය"
} |
{
"Text": " රජයේ ආරක්ෂක අංශ විසින් පුද්ගලයකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන්, 2018 වසරේ සම්මත කළ පුද්ගල අතුරුදන් කිරීම්වලට එරෙහි සම්මුති පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් අද (ජුනි 13 වැනිදා) නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. පුද්ගලයින් අතුරුදන් කිරීමට එරෙහි සම්මුති පනත 2018 වසරේදී සම්මත වීමෙන් පසුව, රජයේ ආරක්ෂක අංශ විසින් පුද්ගලයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් මෙම පනත යටතේ ඉදිරිපත් කෙරුණු පළමු පැමිණිල්ල මෙය බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතීඥ සේනක පෙරේරා සඳහන් කළේය. \"2018 වසරේ මෙම පනත සම්මත කළත් මේ දක්වා ඒ යටතේ කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ නැහැ. එම පනතේ තුන්වන වගන්තිය යටතේ පුද්ගලයින් පැහැරගෙන යාම සහ අතුරුදන් කිරීම වරදක් ලෙස දක්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමට බලය තිබෙන්නේ නීතිපතිවරයාට.\" ඒ අනුව නීතිපතිවරයා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව නීතිඥ සේනක පෙරේරා සඳහන් කර සිටියේය. STF අත්අඩංගුවට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණේ හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිව සිටි කපිල කුමාර ද සිල්වා නමැත්තා ඉකුත් මාර්තු මස 27 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවය. ඉන් අනතුරුව දින 25ක් පමණ එම පුද්ගලයා අතුරුදන්ව සිටි බවත් පැමිණිල්ලේ දක්වා තිබේ. පසුව එම පුද්ගලයා ඉකුත් අප්‍රෙල් මස 20 වැනිදා පිටිගල පොලිසියෙන් හමුවූ බවත් එහි දක්වා තිබේ. ඒ අනුව අදාළ පුද්ගලයා දින 25 ක් පමණ අතුරුදහන්ව සිටි බවත් එය පුද්ගල අතුරුදන් කිරීම් වලට එරෙහි පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේය. ‘මේ පනත යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ විට නීතිපතිවරයා ඒ පිළිබඳව විමර්ශනයක් කළ යුතුය. එසේ විමර්ශනය පවත්වා ඊට වගකිව යුතු පුද්ගලයින්ට මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගත යුතුයි.’ යනුවෙන් නීතිඥ සේනක පෙරේරා සඳහන් කර සිටියේය. ‘සති දෙකක් තුළ ක්‍රියාමාර්ග ගන්න’ මේ පිළිබඳව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් කියා සිටියේ ‘පුද්ගලයින් පැහැරගෙන යාම සහ අතුරුදන් කිරීම ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර සම්මුතියක් යටතේ වරදක් ලෙස පිළිගෙන තිබෙනවා. ඒ අනුව 2018 වසරේ අංක 5 දරණ පුද්ගලයින් අතුරුදන් කිරීමට එරෙහි සම්මුති පනත ශ්‍රී ලංකා රජය පාර්ලිමේන්තුවේදී නීති ගත කළා. එතැන් පටන් පුද්ගල පැහැරගෙන යාම සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් එම පනත යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට බලය හිමිවී තිබෙනවා. ඒ අනුවයි අප මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපතිවරයා සති දෙකක් තුළ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් නීතිපතිවරයාගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඊට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා\" යනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් සඳහන් කර සිටියේය. මෙම පනත යටතේ 1988- 89 වකවානුවේ පැවති භීෂණ සමයේ අතුරුදහන් වූ පුද්ගලයින් සහ යුද්ධයේදී ඇතිවූ පුද්ගල අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකියාවක් තිබේදැයි නීතිඥ ලක්ෂාන් ඩයස්ගෙන් අප විමසුවෙමු. \"මේ සම්බන්ධයෙන් කෙලින්ම පිළිතුරක් ලබා දීම අපහසුයි. මොකද මේ පනත සම්මත වුනේ 2018 වසරේ. ඒ අනුව 2018 වසරෙන් පසුව සිදුවන අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් තමයි මේ යටතේ නඩු පැවරීමට බලය තිබෙන්නේ. 2018 වසරට පෙර සිදුවූ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකියාවක් තිබේදැයි සෘජුව කියන්න බෑ. ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්වයන් හා පූර්වාදර්ශයන් ගැන අධ්‍යයනයක් කළ යුතුයි.\" යනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් සඳහන් කර සිටියේය.",
"Title": "STF අත්අඩංගුවට පත් සැකකරුවෙකු දින 25ක් අතුරුදන් වූයේ කෙසේ ද? නීතිපතිට පැමිණිල්ලක්"
} |
{
"Text": " '19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ හය වසරක ධූර කාලය වසර පහක් ලෙස වෙනස් කළ අතර, 83 (ආ) ව්‍යවස්ථාව නොසලකා හරිමින් නොවෙනස්ව තබා ඇති අතර, ඉන් ජනාධිපති වික්‍රමසිංහට ඔහුගේ ධූර කාලය දීර්ඝ කිරීමේ හිඩැසක් ලබා දී ඇතැයි' ඉන් පෙන්වා දී තිබිණි. ඇතැමෙකු මෙය ‘ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක්’ ලෙස ද අර්ථ කථනය කර තිබිණි. මේ අතර, මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදාත්මක තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ඇතැමෙකුගේ තර්කය වී ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ පවතින දෝෂයක් නිසා රනිල් වික්‍රමසිංහට සිය ධූර කාලය තවත් මාස 11 දින 28ක් පමණ දීර්ඝ කර ගැනීමේ අවස්ථාවක් ඇති බව ය. එක්සත් ජාතික පක්ෂයේ අදහස මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර බීබීසී සිංහල කළ විමසීමකදී පළ කළේ, මෙවන් අදහසකි. \"ව්‍යවස්ථාවේ තියෙනවා, අවුරුදු 6ක කාලයක් සඳහා කියලා.පසුගිය ව්‍යවස්ථා සංශෝධනයේදී අවුරුදු 6 කාලය ගැන කියන වගන්තිය සංශෝධනයට ලක් කරල නෑ. ඒ නිසා ඒ ව්‍යවස්ථාමය අවසරය තියෙනවා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක එකඟතාව තියෙනවා නම් අවුරුද්දක කාලයක් ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කරන්න පුළුවන්.\" කෙසේ වෙතත්, මෙවැනි ක්‍රමවේදයක් හරහා ජනාධිපති ධූර කාලය දීර්ඝ කර ගැනීමට මෙතෙක් තීරණය කර නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. \"මම කිව්වේ ව්‍යවස්ථාවෙන් එවැනි අවසරයක් තියෙනවා කියන එක විතරයි. ඒක ක්‍රියාත්මක කරන්න යෝජනාවක්වත් ඇවිල්ලා නෑ,\" එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ කුමක් ද? ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තිය මෙසේ ය. 'අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධූර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට, පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයකදී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වන ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන්නේ ය.' ඉහත වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6ක් දක්වා දීර්ඝ කර ගැනීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තක් මෙන් ම, ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව පෙනී යයි. මේ අතර, ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමට පෙර, ජනාධිපති ධූරයට 'අනුප්‍රාප්තික වන යම් තැනැත්තෙකු, ධූරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධූරය දැරිය යුත්තේ ය,' යනුවෙන් 40 (1) (අ) වගන්තියේ පැහැදිලිව දක්වා තිබේ. ධූර කාලය 2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ගත් ගෝඨාභය රාජපක්ෂ 2019 වසරේ නොවැම්බර් මස 18 වන දා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් විය. ඔහු 2022 ජූලි මස 14 වන දා දක්වා එම ධූරය දැරූ අතර, ඔහුගේ වසර 5ක ධූර කාලය අවසන් වන්නේ, 2024 වසරේ නොවැම්බර් මස 17 වන දා ය. ඉහත දක්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 (1) (අ) වගන්තිය අනුව රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට එම ධූරය දැරිය හැක්කේ, 2024 නොවැම්බර් 17 වන දා දක්වා පමණි. ඒ අනුව, එම දිනට පෙර ජනාධිපතිවරණයක් පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත යුතු වේ. ව්‍යවස්ථාවේ හිඩැස් තුළින් රිංගා ජනාධිපති ධූර කාලය දීර්ඝ කර ගත හැකි ද? විවිධ තර්ක සහ අදහස්වල දැක්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බව කියන දෝෂ හෝ හිඩැස් තුළින් රිංගා ජනාධිපති ධූර කාලය දීර්ඝ කර ගැනීමට අවස්ථාවක් ඇත්දැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයෙකු ලෙස සැලකෙන ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, එවැනි අවස්ථාවක් කිසිසේත් හිමි නොවන බව ය. \"අපේ වත්මන් ව්‍යවස්ථාවේ තියෙන හැටියට පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ කාලය අවුරුදු පහ යි. 83 වන වගන්තියේ තියෙනවා, අවුරුදු හයකට වඩා දික් කරන්න අවශ්‍ය නම් ඒක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වෙලා, ජනමත විචාරණයකිනුත් අනුමත වෙන්න ඕන කියලා. නමුත් දැන් කතාව තියෙන්නේ, අවුරුදු 6ට එහා දික් කරන්න නෙවෙයි, අවුරුදු හයකට දික් කරන්න කියලා. ඒ කියන්නෙ ජනාධිපති ධූරය යි, පාර්ලිමේන්තුව යි අවුරුද්ද බැගින් දික් කරන්න.\" \"මගේ මතය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් විතරක් ඇතිව ජනමත විචාරණයක් නැතිව, එසේ දික් කළ හැක්කේ, අනාගත පාර්ලිමේන්තුවක හෝ අනාගත ජනාධිපතිවරයෙකුගේ කාලය විතර යි. ඊට හේතුව තමයි, ජනතාව තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරලා අවුරුදු 5කට බලය දුන්නා ජනාධිපතිවරයෙකුට. ඒ කියන්නෙ ගෝඨාභය රාජපක්ෂට. ඒ වෙලාවෙ ඡන්ද දායකයෝ දැනගෙන හිටියා ඒ ජනාධිපතිවරයාට අවුරුදු 4කින් පසුව අවශ්‍ය නම් ජනාධිපතිවරණයක් තියන්න පුළුවන් කියලා. ඒ වෙලාවෙ ජනතාව ඡන්දය දුන්නෙ අවුරුදු පහක් ඉන්න ජනාධිපතිවරයෙකුට. මහ මැතිවරණයේදී ඡන්දය දුන්නෙත් අවුරුදු පහකට විතර යි. එතකොට ඒ දෙකේ ම උපරිම කාලය අවුරුදු පහක් කියල තමයි ජනතාව දැනගෙන හිටියේ. එතකොට අවුරුදු පහකට පමණක් පත් කරපු ජනාධිපතිවරයෙකුගේ සහ පාර්ලිමේන්තුවක කාලය දීර්ඝ කරන්න පුළුවන් ද කියන එකයි මම අහන්නේ.” \"ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන 4 වන වගන්තිවලින් සහතික වන ඡන්ද බලය කියන සංකල්පයට පටහැනිව යනවා. ඡන්ද බලය කියන්නේ ඡන්දය දෙන්න තියෙන බලය විතරක් නෙවෙයි. ඡන්ද බලය කියන්නේ, ජනතාව ඡන්දය පාවිච්චි කළේ කුමක් වෙනුවෙන් ද, ඒක ආරක්ෂා වෙන්න ඕන. අවුරුදු පහක කාලයකට ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් පත් කරන්න ඡන්දය දීලා, ජනතාවගෙන් අහන්නෙ නැතුව ඒක අවුරුදු 6කට දික් කරන්න බෑ. ඡන්ද බලය උල්ලංඝණය වන ඕනෑ ම සංශෝධනයකට ජනමත විචාරණයක් අවශ්‍ය යි,\" ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැහැදිලි කළේ ය. ජනමත විචාරණයකින් තොරව ධූර කාලය දීර්ඝ කළොත් ජනතාවට කළ හැක්කේ කුමක් ද? ඡන්ද බලය උල්ලංඝණය කරමින් ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තෙන් පමණක් ජනාධිපති ධූරයේ සහ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කළහොත් ජනතාවට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැහැදිලි කළේ ය. \"අවුරුදු පහක කාලය දීර්ඝ කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත අරගෙන ඒක ගැසට් කරපු ගමන් ඕන ම කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් ඒකට ජනමත විචාරණයක් අවශ්‍ය යි කියලා. ඒක ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අභියෝග කරන්න පුළුවන්.\" 'මම ඉන්නේ ඊටත් එහා තැනක' ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළේ, ජනමත විචාරණයකට පවා ව්‍යවස්ථාවේ හරය නැති කිරීමට හැකියාවක් නොමැති බව ය. \"මම තර්ක කරන්නෙ ඊටත් එහා තැනක ඉඳන්. මම කියන්නේ, ජනමත විචාරණයක් කියන්නේ මොකක් ද? සියයට 50ක් සහ ඊට වඩා එක වැඩි ඡන්දය යි නේ අවශ්‍ය. ඒකෙන් පුළුවන් ද, ව්‍යවස්ථාවේ හරය නැති කරන්න? ව්‍යවස්ථාවේ පූර්විකාවේ තියෙනවා, අනුල්ලංඝණීය සංකල්පයක් තමයි, අපේ ව්‍යවස්ථාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් ජනතාව ඡන්දය දුන්න තත්ත්වයන් වෙනස් කරන්න නම් ජනතාවගෙන් අහන්න ඕනෙ. ඒ අනුව, දැන් ඉන්න අවුරුදු 5කට පත්වූ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය දික් කරන්න බැහැ,\" ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අවධාරණය කළේ ය. \"ඊළඟට මේ ජනාධිපතිවරයා ඡන්දෙන් පත්වුණ ජනාධිපති කෙනෙකුත් නෙවෙයි. එයත් සැලකිල්ලට ගත යුතු යි. ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඡන්දයෙන් පත්වුණ ජනාධිපතිවරයෙකුට පුළුවන්, අවුරුදු 4ක් ගිය ගමන් නැවත ජන වරමක් ඉල්ලන්න. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට ඒ බලයවත් නෑ. කලින් ජන වරමක් ඉල්ලන්නවත් බැරි මිනිහෙක් කොහොම ද කාලය දික් කර ගන්නෙ?\"",
"Title": "'ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින්' රනිල්ට ජනපති ධුර කාලය දීර්ඝ කර ගත හැකි ද?"
} |
{
"Text": " සංවේදී සිත් පාරමින් හයක් හතරක් නොතේරෙන සිඟිති දියණියකට අමානුෂික ලෙස පහර දෙන හද කම්පා කරවන විඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග රට තුළ ළමා අයිතිවාසිකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. කුමන හෝ හේතුවක් මත රැකියාවක් කිරිමට බල කෙරී ඇති ලෝක වාසි දරුවන්ට අද සුවිශේෂි වන්නේ ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධි දිනය හේතුවෙනි. මෙවර එහි ගෝලීය තේමාව වන්නේ “අපගේ කැපවීම් මත ක්‍රියා කරමු: ළමා ශ්‍රමය අවසන් කරමු!\" යන්නයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ගණන් බැලීමට අනුව 2020 වසරේ වාර්තා අනුව ලොව පුරා ළමුන් මිලියන 160ක් ශ්‍රමියන් ලෙස සේවයේ යෙදෙනු ලබයි. ඉන් මිලියන 63ක් ගැහැණු දරුවන් වන අතර පිරිමි දරුවෝ මිලියන 97ක් රැකියාවල නිරත වෙති. දරුවන්ට පහර දෙන විට සංවේදී වන සමාජය ළමයින් ශ්‍රමකයින් වන විට කොතරම් සංවේදී දැයි අප තවදුරටත් සිතා බැලිය යුතුය. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙමින් සිටිය දී පිලිස්සි මිය ගිය ඉෂාලිනි ජුඩ් දැරියගේ මරණය මෙරට ළමා ශ්‍රමියන් පිළිබඳ කතාවේ එක් පරිච්ඡේදයක් පමණි. මහපාරේ හඳුන්කූරු හෝ කපුරු බෝල විකුණන දරුවන් හෝ ගරාජයක, කඩ පිලක සේවය කරන දරුවන් එදිනෙදා අපට කොතරම් හමුවෙනවා ද? 'එන්ජින් එකක් ගලවලා හයි කරන්න වුනත් පුළුවන්' තම ශ්‍රමය වගුරවමින් ගරාජයක රැකියාවේ නියුතු පාසල් දරුවෙකු මීගමුව ආසන්න ප්‍රදේශයකින් අපට හමුවුයේ මිතුරෙක් මාර්ගයෙනි. එම ප්‍රදේශයෙන් රැකියාවන්හි නිරත බොහෝ ළමුන් ප්‍රමාණයක් අපට සොයා ගත හැකි වුවත් ඔවුන් අප සමග කතා බහ කිරිමට මැලිකමක් දැක්වුවේය. සුපුන් යැයි අපි නම් කරන ඔහුගේ අනන්‍යතාවය හෙළි නොකරන පොරොන්දුව පිට ඔහු හා කතා බස් කිරිමට ඔහුගේ පියාගෙන් ලද අවසරයෙන් මෙහි සටහන් කරමු. “එන වැඩ ඕන එකක් කරනවා.එන්ජින් එකක් ගලවලා හයි කරන්න වුණත් පුළුවන්.” යැයි ගරාජයේ වැඩ කරමින් සිටිය දී මා මිතුරා කැඳවාගෙන ආ සුපුන් කතා බහ ආරම්භ කරමින් පැවසීය. අවුරුදු 4ක් තිස්සේ පාසලෙන් පසු ගරාජයට අප සුපුන්ව හමුවීමට යන විටත් ඔහු ගරාජයේ වැඩ කරමින් සිටි අතර දැනට වසර 4ක් තිස්සේ ඔහු තම නිවස ආසන්නයේ ඇති යතුරු පැදි අලුත්වැඩියා කරන ගරාජයක රැකියාව කරනු ලබයි. සුපුන් පැවසු පරිදි ඔහුට දැනට රුපියල් 500ක දිනක වැටුපක් හිමි වන අතර පාසල් ගොස් පැමිණ හවස් වරුවේ සහ නිවාඩු දිනවල දී ඔහු ගරාජයේ රැකියාව කරනු ලබයි. “දවසට 500ක් හම්බ වෙනවා. ඒක කැටේට දාලා එහෙම එකතු වුණාම පොතට දානවා.” තමාගේ ආසාවට ගරාජයේ රැකියාවට ගිය මුල් කාලයේ දෙමාව්පියන්ගෙන් විරෝධයක් එල්ල වී තිබුණ ද ඔහු එය අත්හැරියේ නැත. පාසල් යාම අත් නොහරින හේතුව “ඕලෙවල් කරලා එහෙම්ම ඒලෙවල් කරනවා. එහෙම නැතිනම් බයිසිකල් හදන කෝස් එකක් කරලා රට යන්න හිතන් ඉන්නවා.” වයස අවුරුදු 14ක් වන සුපුන් දැනට 10 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි. ඔහුගේ පන්තියේ ළමුන් 42 දෙනෙකු ඉගෙනුම ලබන අතර වාර විභාගවලින් ඔහු පන්තියේ 10 – 12 වැනි ස්ථාන හිමි කරගන්නා බව ද කියා සිටියේය. සුපුන් පාසල් අධ්‍යාපනයේ නිරත වන්නේ ද විදෙස් ගත වීමට සුදුසුකම් සපුරා ගැනිමේ අරමුණ ඇතිවය. “ඉගෙන ගන්නේ නැතුවත් බෑනේ රට යන්න. මුකුත් දන්නේ නෑනේ එතකොට.” යැයි පාසල් ගමන අත්නොහරින හේතුව ලෙස සුපුන් සඳහන් කළේය. පාසලේ පාඩම් වැඩ කටයුතු රාත්‍රී කාලයේ දී සිදු කරන බව කී සුපුන් සෙල්ලමට ලැබෙන ඉඩ ගැන මෙසේ පැවසීය. “හැමදාම සෙල්ලම් කරන්න බෑ ඉතින්. වැඩ නැති වෙලාවට හරි, වැඩ අඩු දවස් තිබුණොත් අහලා යන්න පුලුවන්. වැඩ තියෙන වෙලාවක ඉතින් යන්න බෑ එහෙම.” ළමා ශ්‍රමිකයින් සම්බන්ධ වාර්තා මොනවාද? සුපුන් මෙරට සිටින තවත් එක් ළමා ශ්‍රමිකයෙකු පමණි. බීබීසි සිංහල විසින් තවදුරටත් මෙරට ළමා ශ්‍රමකයින් සම්බන්ධව විස්තර සොයා බලනු ලැබීය. “ළමා ශ්‍රමිකත්වය කියන්නේම ළමයාගේ දිවි පැවැත්මට, ආරක්ෂාවට සහ අධ්‍යාපනයට බාධාවක් වෙන ආකාරයෙන් එයාව වැටුප් ලබමින් හෝ නොලබමින් සේවයේ යෙදවීම තමයි අපි ළමා ශ්‍රමිකත්වය කියලා හඳුන්වන්නේ.” යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පැවසීය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දත්තවලට අනුව 2024 වසරේ මේ දක්වා ළමා ශ්‍රමිකයින් සම්බන්ධව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 50කි. ළමා ශ්‍රමිකයින් සම්බන්ධයෙන් 2023 වසරේ පැමිණිලි 181කුත්, 2022 වසරේ පැමිණිලි 214කුත් ලැබී ඇතැයි එම අධිකාරියේ සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ කියා සිටියේය. කම්කරු දෙපාර්තුමේන්තුවට 2024 මැයි 31 දක්වා ළමා ශ්‍රමිකයින් 32 දෙනෙකු ගැන පැමිණිලි ලැබී ඇත. 2023 වසරේ දී පැමිණිලි 87ක් මෙන්ම 2022 වසරේ පැමිණිලි 145ක් ලැබී ඇතැයි තොරතුරු දැනගැනීමේ පනතට අනුව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් එම දෙපාර්තුමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ එන්. ආර්. රණවක කොමසාරිස්වරියගේ අත්සනින් එවා ඇති වාර්තාවල සඳහන් වේ. ළමයින් ශ්‍රමිකයින් ලෙස යෙදවීම ළමා අපයෝජනයක් ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම ළමා අපයෝජනයක් බව කී ආචාර්ය උදය කුමාර අමරසිංහ ඒ සම්බන්ධව ලැබෙන පැමිණිලි, ඒවා විභාග කිරිමට නෛතික බලය ඇති කම්කරු දෙපාර්තුමේන්තුව වෙත යොමු කරන බව කියා සිටියේය. “ළමා ශ්‍රමිකත්වය අදාළව කම්කරු දෙපාර්තුමේන්තුවට යවන පැමිණිලිවලට නීතිය ක්‍රියාත්මක වෙනවාද කියලා නියාමනය කරන්න කටයුතු කරනවා. ඊට අමතරව මේ විමර්ශන කටයුතු හරියට කෙරෙනවාද කියලා ඒවාගේ ප්‍රගතියත් අපි නියාමනය කරන්න කටයුතු කරනවා.” කෙසේ වෙතත් ලැබෙන පැමිණිලිවලට වඩා ප්‍රමාණයක් ළමුන් කම්කරුවන් ලෙස සේවයේ යෙදෙමින් මෙරට තුළ සිටිනු ඇති බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා විශ්වාසය පළ කළේය. “මේ වගේ ස්වාභාවය තමයි නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට වාර්තා වෙන ප්‍රමාණයට වඩා වැඩි වාර්තා නොවන ප්‍රමාණයකුත් තියෙනවා කියළා අපි හිතනවා.” කම්කරු දෙපාර්තුමේන්තුවේ දත්තවලට අනුව ගෘහස්ත සේවය, අවන්හල්, කුඩා පරිමාණ ව්‍යාපාර මෙන්ම ස්පා, සැලුන්, මල් ශාලා ආදී සේවා සපයන ව්‍යාපාරවල සහ වතු ක්ෂේත්‍රය සඳහා මෙරට දරුවන් ශ්‍රමිකයන් ලෙස යොදා ගනු ලැබේ. ළමයින් ශ්‍රමිකයන් සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 අංකයට ඇමතීමෙන් පැමිණිළි කළ හැකි අතර එසේ නොමැති නම් තැපෑල, දුරකතනය හෝ කම්කරු දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රදේශීය කාර්යාලවලට පැමිණ පැමිණිලි කිරිමේ හැකියාව පවතී.",
"Title": "පාසල ඇරී වැඩට යන මෙරට දරුවන්: 'ඉගෙන ගන්නේ නැතුවත් බෑනේ රට යන්න'"
} |
{
"Text": " අවිස්සාවේල්ල, වග පදිංචි චරිත්මා ජිනේද්‍රි මායිටිපේ, ගංවතුරට කොටු වී සිටි වැඩිහිටියන් දෙදෙනෙකුගේ දිවි බේරාගත් දිරිය දියණියක් වන්නීය. ජුනි දෙවැනි දා රාත්‍රියේ සිදු වූ ක්ෂණික ජල ගැලීමක් නිසා ඇගේ නිවස මෙන්ම යාබද නිවාස ජලයෙන් යට විය. එහිදී විදුලිය ද විසන්ධි වී පරිසරය අන්ධකාරයේ පැවති රාත්‍රියක ඇය පිහිනා ගොස් ජීවිත දෙකක් බේරා ගැනීමට සමත් වූවාය. ''මම නාවික හමුදාවේ අවුරුදු 22ක් සේවය කරලා විශ්‍රාම ගිහින් ඉන්නේ. මගේ උසටත් වැඩියි වතුර පාර. මමයි බිරිඳයි ගෙදර උලුවස්සේ එල්ලිලා ඉන්නකොට තමයි චරිත්මා දුව ඇවිත් අපිව බේර ගත්තේ.'' යනුවෙන් ජී.ඩී මධුරංග BBC සිංහල සේවයට පැවසුවේය.",
"Title": "ගංවතුරක් නොදුටු දියණියක් නිවසක කොටු වී සිටි 'නේවි මාමා' බේරාගත් මෙහෙයුම"
} |
{
"Text": " රත්නපුර දිසාපති කාර්යාලය තුළට හිස් වැසුමක් පැළඳ ඇතුළු වූයේ යැයි චෝදනා කරමින් රත්නපුර පොලිසියේ කොස්තාපල්වරයෙකු සහ කුරුවිට හමුදා කඳවුරේ සාමාජිකයෙකු මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර එවක දිසාපතිවරිය, රත්නපුර පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (ජුනි 11 වැනිදා) එම මාධ්‍යවේදියාගෙන් විවෘත අධිකරණයේදී වැඳ සමාව ගත්හ. ඒ අනුව අදාළ ආරවුල සමථයට පත් කෙරුණු අතර පෙත්සම්කාර මාධ්‍යවේදියාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුකරය ඉල්ලා අස්කර ගන්නා බවත් පෙත්සම්කරුට ඉදිරියේදී කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බවත් වග උත්තරකාර පොලිස් නිලධාරීහූ අධිකරණය හමුවේ එකඟතාවය පළ කළහ. මාධ්‍යවේදී සරත් විමලරත්න ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවන ලැබුණි එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකරුවන් පෙත්සම්කරුගෙන් සමාව අයැද සිටීමට සූදානම් බවත් ඔහුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග නොගන්නා බවට එකඟවන බවත් දැනුම් දුන්නේය. ඒ අනුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි රත්නපුර හිටපු දිසාපති මාලනී ලොකු පෝතාගම, එම කාර්යාලයේ ආරච්චි අනුරාධ බණ්ඩාර, රත්නපුර එවක පොලිස් ස්ථානාධිපතිවරයා, එහි එවක කොස්තාපල් සමීර, කුරුවිට හමුදා කඳවුරේ එවක කෝප්‍රල් සේනානායක යන අය අධිකරණයේ පෙනී සිටි අතර පසුව ඔවුන් විවෘත අධිකරණයේදී පෙත්සම්කාර මාධ්‍යවේදියාගෙන් වැඳ සමාව ගත්හ. පහර දීමට හේතු වූ සිද්ධිය කුමක් ද? 2019 වසරේ මැයි මස 29 වැනිදා රත්නපුර දිසාපති කාර්යාලයෙන් ලැබුණු දැනුම් දීමකට අනුව තමා හිස් වැසුමක් පැළඳ එම කාර්යාලයට ගිය බවත් එම අවස්ථාවේදී එහි සිටි පොලිසියේ හා යුද හමුදාවේ නිලධාරී ඊට විරෝධය පළ කළ බව පෙත්සම්කාර මාධ්‍යවේදියා සදහන් කරයි. පසුව හිස් වැසුම ගලවා තමන් කාර්යාලට ඇතුළු වූවත් ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් එහි සිටි පොලිස් නිලධාරීන් සහ හමුදා සාමාජිකයෙකු තමන්ට පහර දුන් බවත් පෙත්සමේ සඳහන් කර තිබුණි. එහිදී වගඋත්තරකාර දිසාපතිවරිය තමන්ට අමානුෂික ආකාරයෙන් බැණ වැදුණු බවත් පෙත්සම්කාර මාධ්‍යවේදියා සඳහන් කර තිබේ. පසුව ඔවුන් තමන්ව අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිසියට රැගෙන ගොස් එදින සවස තෙක් පොලිස් ස්ථානයේ රඳවා තබා නිදහස් කළ බවත් පෙත්සම්කරු සඳහන් කර තිබුණි. මේ තුළින් වග උත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.",
"Title": "රත්නපුර හිටපු දිසාපතිවරිය, පොලිසිය හා යුද හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මාධ්‍යවේදියෙකුගෙන් සමාව ගනී"
} |
{
"Text": " මෙරට වතු කම්කරුවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් කැඳවූ කම්කරු විනිශ්චය සභාව ( ජුනි 08 වෙනිදා) සිය නිර්දේශ ඉදිරිපත් කරන ලදී. විශ්‍රාමික විනිසුරුවරුන් වන ශිරාණි තිලකවර්ධන, ඉන්දියානු විනිසුරු A.P. ෂා සහ නේපාල විනිසුරු P.K. ඔජාහ් මෙම කම්කරු සභාවේ විනිසුරුවරු ලෙස කටයුතු කළහ. මොකද්ද මේ විනිශ්චය සභාව ? බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ලංකා කම්කරු රතුකොඩි සංගමයේ මහ ලේකම් සිවසුබ්‍රමනියම් ආනන්දී දෙවේන්ද්‍ර කුමාරී කියා සිටියේ මෙම කම්කරු විනිශ්චය සභාව සිය සංගමය විසින් සංවිධාන කළ බව ය. එමෙන්ම ඊට සහභාගි වන ලෙස කම්කරු අමාත්‍යාංශයටත්, කම්කරු දෙපාර්තමේන්තුවටත් නිල වශයෙන් ආරාධනා කළ බව ඇය පැවසුවාය. කෙසේ නමුත් ජාත්‍යන්තර කම්කරු සංගමයේ රැස්වීම් මාලාවකට සහභාගිවීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විදෙස් ගතව ඇති බවට දැනුම් දී තිබුණු බවද ඇය සඳහන් කළාය. එමෙන්ම වතු හාම්පුතුන්ට ද නිල ආරාධනාවක් කර තිබුණද ඔවුන් ඊට ප්‍රතිචාර නොදැක්වූ බව ලංකා කම්කරු රතුකොඩි සංගමය පැවසීය. කම්කරුවන් මුහුණ දෙන ගැටළු ගැන කරුණු කියයි වසර 200ක ඉතිහාසයකට හිමිකම් කියන මෙරට වතු කම්කරුවන් මෙතෙක් විසඳුම් නොලැබුණු ගැටළු රැසකට මුහුණ දෙන බව විනිශ්චය සභාව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් කම්කරුවන් සාක්ෂි දෙනුලැබීය. එලෙස සාක්ෂි දෙනු ලැබූ සේවකයින් රැසක් සිය රැකියාව පිළිබඳ බියෙන් පසුවන බවත්, ඔවුන් ජීවත් වන වතු නිවාස ආශ්‍රිතව පවතින පොදු පහසුකම් නොමැතිවීම, දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමේ පහසුකම් නොමැතිවීම වැනි ගැටළු මෙන්ම වතු ආශ්‍රිතව රැකියාවේ නිරත වන විට පානීය ජල මෙන්ම වැසිකිලි පහසුකම් නොමැති වීම ගැන ද ඔවුහූ කරුණු දැක්වූහ. වසර ගණනාවක් වතු කම්කරු සේවිකාවක ලෙස සේවය කරන කාන්තාවක් කම්කරු විනිසුරු සභාව හමුවේ පවසා සිටියේ ලයිම් කාමර 10ක ජීවත් වන පිරිස් සඳහා භාවිත කිරීමට ඇත්තේ එක් වැසිකිලියක් පමණක් බවත් කාන්තාවන් සහ ගැහැණු දරුවන්ට නෑමට හෝ අවශ්‍ය පහසුකම් නොමැති බවය. එමෙන්ම රැකියාවේ නිරත වන අවස්ථාවන් වලදී උරගයින්, දෙබරුන් සහ කඳුකර කොටියන් ගෙන් එල්ල වන තර්ජන පිළිබඳව ද ඔවුන් එහිදී සිය අදහස් දක්වනු ලැබීය. එමෙන්ම දෛනිකව ලබා දෙන ලෙස නියම කර තිබෙන රුපියල් දහසක වැටුප ද නිසි ලෙස හිමිනොවන බවත් වතු හාම්පුතුන් විසින් පනවා ඇති කොන්දේසි මෙන්ම ඇතැම් අවස්ථාවලදී කම්කරුවන්ට මුහුණ පෑමට සිදුවන හිංසන පිළිබඳව ද වතු කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති 3ක සේවක සේවිකාවන් විනිශ්චය සභාව හමුවේ අදහස් දක්වන ලදී. ‘සාක්ෂි ඇසීමෙන් අප තිගැස්සිමකට ලක්වුණා’ මෙරට තේ සහ රබර් වතු ආශ්‍රිතව සේවය කරනු ලබන කම්කරුවන් මුහුණ දෙන ගැටළු සහ ඔවුන්ට ලබා දී තිබෙන පහසුකම් සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සිය නිගමනයන් සහ නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීය. සිය නිර්දේශ ඉදිරිපත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ වතු කම්කරුවන්ගේ හද කම්පා කරවන සාක්ෂි ඇසීමෙන් තම සිත් තිගැස්සීමට ලක්ව ඇති බවය. කම්කරුවන් මුහුණ දෙන ගැටළු වලට ප්‍රධාන හේතුව දෛනික වැටුප බවට නිරීක්ෂණය වූ බව විනිසුරු මඩුල්ල මෙහිදී පැවසීය. විනිසුරු මඩුල්ලේ නිගමනයන් සහ නිර්දේශ මොනවා ද? වතු කම්කරුවන් ලබන්නේ අවම වැටුපක් බවත්, අතිශය මන්දගාමී වැටුප් වැඩි වීමේ ප්‍රගතිය සහ වැටුප් වැඩි වීම් ක්‍රියාත්මක නොකිරීම පැහැදිලිවම පෙනෙන්නට ඇති බවත් විනිශ්චය සභාවේ නිගමනය විය. මේ හේතුවෙන් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් විය යුතු බවටත් එය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ඇතුළු සියලු පාර්ශවයන් ප්‍රමාදයකින් තොරව සියළු ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් විනිශ්චය සභාව විසින් නිර්දේශ ඉදිරිපත් කරන ලදී. එමෙන්ම වතු කම්කරුවන්ගේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ජීවන වියදම සමාලෝචනය කොට මුලික ජීවනෝපාය වැටුපක් තීරණය කිරීම සඳහා කාන්තා කම්කරුවන් ද ඇතුළුව, සේවා යෝජකයින් සහ ක්ෂෙත්‍රයේ ප්‍රවීණයින් ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත් කළ යුතු බවටද නිර්දේශ කෙරුණි. සේවක අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ද මෙහිදී නිර්දේශ ඉදිරිපත් කෙරුණි. ඉන් එක් ප්‍රධාන කරුණක් වුයේ සාමුහික ගිවිසුම්වල කාලසීමාව ආරක්ෂා කිරීම ය. සාමූහික ගිවිසුම්වල පාරිශුද්ධභාවය ආරක්ෂා කිරීම සඳහා සහ පාර්ශවයන් අත්තනෝමතික ලෙස එවැනි ගිවිසුම් අවලංගු කිරීම වැළැක්වීම සඳහා රජය විසින් නීති / රීති ගෙන ආ යුතු බවට ද නිර්දේශ කෙරුණි. දිගු කාලීන සාකච්ඡා අවශ්‍ය වන සහ කම්කරුවන්ගේ ජීවිතයේ සෑම අංශයකටම බලපාන සාමූහික ගිවිසුම් කැමැත්තෙන් අවසන් කළ නොහැකි බවද විනිසුරු මඩුල්ල විසින් ඉදිරිපත් කළ නිර්දේශ අතරට ඇතුළත්ය. තේ සහ රබර් වතු කම්කරුවන්ට විශේෂීත වන සේවා කොන්දේසි සඳහා අවම ප්‍රමිතීන් රජය විසින් නියම කරන ලෙසට ඉදිරිපත් කළ නිර්දේශ අතරට ශිෂ්ට සම්පන්න වැඩ කරන වේලාවන්, විවේකය සහ ආහාර වේල් සඳහා කාල පරතරයන්, ආරක්ෂිත සනීපාරක්ෂාව සහ ආහාර පරිභෝජනය සඳහා පහසුකම්, පිරිසිදු පානීය ජලය සහ වෛද්‍ය ප්‍රතිකාර සැපයීම ද ඇතුළත් විය. එමෙන්ම වතුකරයේ කාන්තා ශ්‍රමිකයින්ගේ ප්‍රමුඛතාවය සැලකිල්ලට ගෙන, සේවා කොන්දේසි ආරක්ෂාව, මාසික ඔසප් සනීපාරක්ෂාව සඳහාවන අවශ්‍යතා, විවේක කාලය සහ නව මව්වරුන්ට මව්කිරි දීම සඳහා පහසුකම්, ළදරුවන් පෝෂණය කිරීම සහ ළමා නිවාස පහසුකම් ආදිය ගැන කටයුතු කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. සියලුම දීමනා ඇතුළුව සම්පුර්ණ වැටුප මත ගණනය කරන ලද පශ්චාත් විශ්‍රාම ප්‍රතිලාභ (ETF, EPF,පාරිතෝෂිත) සියලුම වතු කම්කරුවන්ට ලැබිය යුතුය යනුවෙන් ද විනිසුරු මඩුල්ල සිය නිර්දේශ ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන් රසායනික ද්‍රව්‍ය සමග කටයුතු කිරීමේදී කම්කරුවන්ට අත්වැසුම්, බූට් සපත්තු, ආරක්ෂිත ඇස් කණ්ණාඩි, මුහුණු ආවරණ වැනි පෞද්ගලික ආරක්ෂක ආම්පන්න ලබා දිය යුතු බවට ද නිර්දේශ ඉදිරිපත් කර ඇත. අවම වැටුප, නීති විරෝධී ලෙස සේවයෙන් පහකිරීමෙන් ආරක්ෂා වීම, සේවා ස්ථානයකදී සිදුවන තුවාල සඳහා වන්දි, විශ්‍රාම ප්‍රතිලාභ වැනි ව්‍යස්ථාපිත අයිතිවාසිකම් අහිමි කිරීම, වතුකම්කරුවන් අනියම් කිරීම / විධිමත් කිරීම වැළැක්වීම සහ අධෛර්යමත් කිරීම සඳහා රජය විසින් නීති රීති ගෙන ඒමට ද නිර්දේශ ඉදිරිපත් කෙරුණි. වතු කම්කරුවන් ආරක්ෂා කිරීමට නව සහ වෙනම නීතියක් ගෙන ඒමට රජය කටයුතු කළ යුතු බව ද විනිශ්චය සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ අතර විය. ‘මේ තීන්දුවෙන් අපිට සතුටක් තියෙනවා’ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව සිටි වතු කම්කරුවන්ට කම්කරු විනිශ්චය සභාව විසින් ලබා දුන් තීන්දුව බලපොරොත්තුවක් ගෙන දුන් බව ලංකා කම්කරු රතුකොඩි සංගමයේ මහ ලේකම් සිවසුබ්‍රමනියම් ආනන්දී දේව්න්ද්‍ර කුමාරී පැවසුවාය. \"අද විනිශ්චය සභාවෙන් දුන් මේ තීන්දුවවෙන් අපිට සතුටක් තියෙනවා.\" \"මොකද බලාපොරොත්තුවක් නැතිව හිටපු කෙනෙක්ට මේක පොඩි හෝ බලාපොරොත්තුවක් ගෙන දුන්නා වගේ හැඟීමක් තියෙන්නේ.\" \"යම් තීන්දුවක් ලැබිලා තියෙනවා, නමුත් ඒක කොලයකට පමණයි සීමා වෙලා තියෙන්නේ.\" \"ඒ කියපු කාරණාව කම්කරුවන් හැටියට අපි සම්පුර්ණයෙන් භුක්ති විදින කොට තමයි අපිට ඒ සතුට ලබා ගන්න පුළුවන් වෙන්නේ.\" \"පඩිය වැඩි කරනවා කියන එක කම්කරුවන්ගේ අයිතියක්. අපි මේ හිඟමන් නෙමෙයි නේ ඉල්ලන්නේ. අපේ අයිතිවාසිකම් ඉල්ලන්නේ.\" \"අපි මේ විනිසුරු සභාවේ තීරණයෙන් පස්සේ ඒක ඉටුකර ගන්නකම් සටන් කරනවා.\" මාධ්‍ය හමුවේදී ඇය පැවසුවාය.",
"Title": "වතු කම්කරුවන් ගැන කම්කරු විනිශ්චය සභාව දුන් නිර්දේශ ක්‍රියාත්මක වෙයි ද ?"
} |
{
"Text": " බ්‍රිතාන්‍ය රජය විසින් ඉන්දීය සාගරයේදී මුදාගෙන රුවන්ඩාව වෙත යවන ලද සංක්‍රමණිකයන් පිරිසක් තමන් ලිංගික හිංසනයන් සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වනු ඇතැයි යන බියෙන් පසුවන බව පවසා තිබේ. එක්සත් රාජධානිය වෙත යන සරණාගතයින් රුවන්ඩාවට යැවීමේ මතභේදාත්මක සැලැස්ම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂ අතර බෙදීම් පැවතිය ද මෙම කුඩා සංක්‍රමණික කණ්ඩායම දැනටමත් වසරකට වැඩි කාලයක් එහි ජීවත් වෙයි. ඒ අනුව, බීබීසීය ඔවුන්ගෙන් සිව් දෙනෙකු හමු වීම සඳහා නැගෙනහිර-මධ්‍යම අප්‍රිකාව බලා ගියේ ය. මෙම කණ්ඩායම පවසන්නේ, ඔවුන්ට හුදෙකලා මෙන් ම අනාරක්ෂිත බවක් දැනෙන බව ත් සහ ඔවුන්ගේ සංකීර්ණ වෛද්‍ය අවශ්‍යතා [ඇතැම් අවස්ථාවල අතීතයේ සිදුවූ ස්ත්‍රී දූෂණ සහ වධහිංසාවලට පැමිණ වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ] ඉටු නොවන බව ත් ය. ඔවුන් සෑම කෙනෙකුට ම ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා සතියකට ඩොලර් 50කට (පවුම් 39) ආසන්න මුදලක් ලැබෙන නමුත් එක්සත් රාජධානියේ සහ රුවන්ඩා රජයන් විසින් එකඟ වනු ලැබ ඇති ඔවුන්ගේ රැඳී සිටීමේ කොන්දේසි යටතේ ඔවුන්ට රැකියාවක නිරත වීමට අවසර නොලැබේ. ඔවුන් සිව් දෙනා ම පවසන්නේ, තමන් මහ මගදී හිරිහැරවලට සහ අනවශ්‍ය ලිංගික අඩන්තේට්ටම්වලට මුහුණ දුන් බව ය. යතාර්ථය දෙස බැලීමේදී ඔවුන් \"ස්වයං-සිරගත වීමකට\" ලක්ව සිටින බව ත් පිටතට යාමට බියෙන් පසුවන බව ත් ඔවුහු පවසති. ජීවත් වීමට ස්ථිර ස්ථානයක් එක්සත් රාජධානිය සොයා දෙනතුරු ඔවුහු බලා සිටිති. \"රුවන්ඩාව කියන්නේ එළිමහන් සිර කඳවුරක්,\" යැයි එක් අයෙක් අප හා පැවසීය. ශ්‍රී ලාංකික දෙමළ වැසියන් පිරිසකගෙන් සමන්විත මෙම කණ්ඩායම ඒ වෙත මාරු කර යවන ලද්දේ ඔවුන්ගෙන් තිදෙනෙකු සියදිවි නසා ගැනීමට තැත්කිරීමෙන් පසුව ය. හතරවන පුද්ගලයා සංක්‍රමණිකයන්ගෙන් එක් අයෙකුගේ පියෙකි. ඔවුහු දැන් හමුදා රෝහලෙන් පිටව ගොස් ඇති අතර බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් මුදල් ගෙවනු ලබන, රුවන්ඩාවේ අගනුවර වන කිගාලි නගරයට ආසන්න ප්‍රදේශයක පිහිටි මහල් නිවාස දෙකක ජීවත් වෙති. රුවන්ඩාව තුළ ඔවුන්ට ඇති නීතිමය තත්ත්වය එක්සත් රාජධානියේ සිට ඍජුව ඒ වෙත ගමන් කරන සරණාගතයින් වෙනුවෙන් හිමි වන නීතිමය තත්ත්වය හා සමාන නොවේ. නමුත් ඔවුන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයෙකු පවසන්නේ, \"දැඩි අවදානමට ලක්විය හැකි සරණාගතයින්\" සඳහා ආරක්ෂිත ස්ථානයක් ලබා දීමට රුවන්ඩාවට ඇති හැකියාව පිළිබඳව තම සේවාදායකයින්ගේ \"ඍණාත්මක අත්දැකීම් බරපතළ කණස්සල්ලක් ඇති කරන\" බව ය. රුවන්ඩාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක බීබීසීයට පැවසුවේ, තම රටේ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි ඇයට \"පූර්ණ විශ්වාසයක්\" ඇති බව ත් පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව සංක්‍රමණිකයන් මතු කරන ගැටලු එරට අනෙක් පුද්ගලයින් වෙතින් අසන්නට නොලැබෙන බව ත් ය. \"විදේශික ජනගහනය මෙහේ හොඳින් ජීවත් වෙනවා,\" ඇය තවදුරටත් පැවසුවා ය. අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා, මෙම සංක්‍රමණිකයන්ගේ නම් වෙනස් කර ඇත. මෙම සිව්දෙනාගෙන් කිසිවෙකු හෝ එක්සත් රාජධානියට ඇතුළු වීමට උත්සහ කළේ නැත. ඒ වෙනුවට ඔවුහු එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ රහසිගත හමුදා කඳවුරක් ලෙස භාවිත කරන ලද ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දූරස්ථ බ්‍රිතාන්‍ය භූමි ප්‍රදේශයක් වන දියෙගෝ ගාර්සියා වෙතින් සරණාගතභාවය සඳහා ඉල්ලීම් කළහ. මීට පෙර බීබීසී වාර්තා කළ පරිදි, ඔවුහු 2021 ඔක්තෝබර් මාසයේදී මෙම දිවයිනට පැමිණි විශාල පිරිස අතර සිටි පුද්ගලයින් වූහ. ඔවුන් කියා සිටියේ, ඔවුන් තාඩන පීඩනවලට ලක් වීම හේතුවෙන් පළා යන බව ත් සරණාගතභාවය ඉල්ලා කැනඩාවට යාත්‍රා කිරීමට උත්සහ කරන බව ත් ය. රුවන්ඩාවේදී අපට මුණගැසුණු සිව් දෙනා පැවසුවේ, ඔවුන් තම මව් රටවලදී වධහිංසාවලට සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ බව ය. ඉන් සමහරක් වසර 15කට පෙර ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් පරාජයට පත් වූ දෙමළ කොටි සංවිධානය සමග පැවති අතීත සබඳතා හේතුවෙනි. නිශ්ශබ්දතාවයෙන් පිරී ගිය අපිරිසිදු මාර්ගයක පිහිටි නිදන කාමර දෙකකින් යුත් මහල් නිවාසයක ජීවත් වන අලග පවසන්නේ, ඔහු දරුණු පශ්චාත් කම්පන ආතති ආබාධ තත්ත්වයකින් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර ඔහුගේ අනාගතය පිළිබඳව ඇති අවිනිශ්චිතතාවය සහ ඔහු සිටින හුදෙකලා තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින බව ය. \"අපිට හරියට වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ. අපිට මානසික ප්‍රශ්න තියෙනවා,\" 23 හැවිරිදි ඔහු පවසයි. \"මොන වෙලේ අපි ගිහින් අපේ ප්‍රශ්න ගැන වෛද්‍යවරුන්ට කිව්වත් එයාලට අපිට උදව් කරන්න බැහැ.\" ඔහු චෝදනා කරන්නේ, රුවන්ඩාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔහුට බැන වැදුණු බව ත් තමා තමාට හානි කර ගත් අවස්ථාවකදී ඔවුන් තමා අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර නැවත දියෙගෝ ගාර්සියා වෙත ගෙන ගොස් දමන බවට පැවසූ බව ත් ය. ඔහුත් සමග මෙම මහල් නිවසේ ජීවත් වන 26 හැවිරිදි මයුර් පවසන්නේ, ඔහු උපදේශනය සඳහා යොමු වීම අතහැර දමා ඇති බව ය. \"මට හරියට බෙහෙත් ලැබෙන්නේ නැහැ, හරියට කතා කරන්නවත් කෙනෙක් නැහැ. ඒක නිසයි මට ඉස්පිරිතාලෙට යන්න ඕනේ නැත්තේ.\" එක්සත් රාජධානියේ Leigh Day නමැති නීති ආයතනයක නීතීඥවරයෙකු ලෙස සේවය කරන ටොම් ෂෝර්ට් පවසන්නේ, ස්වාධීන විශේෂඥ තක්සේරුවකින් \"අපගේ සෑම සේවාදායකයෙකුට ම රුවන්ඩාව තුළදී සපුරාගත නොහැකි සංකීර්ණ වෛද්‍ය අවශ්‍යතා ඇති\" බව පෙනී ගිය බව ය. මෙම දෙමළ වැසියන් සියලු දෙනා ප්‍රතිකාර ලබන හමුදා රෝහල වෙත ප්‍රවේශ වීමට අප උත්සහ ගත් නමුත් එහිදී අපව රුවන්ඩා රජය වෙත යොමු කෙරිණි. එක්සත් රාජධානියේ සිට සරණාගතයින් රුවන්ඩාව වෙත මාරු කර යැවීමේ ගනුදෙනුව භාරව සිටින රුවන්ඩාවේ ඉහළ ම නිලධාරිනිය වන ඩොරිස් උවිචියෙසා පිකාඩ් ඇගේ රටේ සෞඛ්‍ය පද්ධතියට පක්ෂව අදහස් පළ කළේ, සංක්‍රමණිකයින්ට \"අපට හැකි උපරිමයෙන්\" සලකන බව පවසමිනි. සංක්‍රමණිකයින්ගෙන් තිදෙනෙකු එනම්, කණ්ඩායමේ සිටින තරුණයන් දෙදෙනා සහ කාන්තාවක වන ලක්ෂානි දියෙගෝ ගාර්සියාහි පරිපාලනය භාරව සිටින බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර කලාපය (British Indian Ocean Territory [BIOT]) වෙතින් ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා කරන ලද ඉල්ලීම්වලට අනුමැතිය ලබා ගැනීමට සමත්විණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මෙම කණ්ඩායම නියෝජනය කරන නීතිඥයින් පවසන්නේ, මෙය ඔවුන්ට සරණාගත තත්ත්වය ලබා දෙන බව ය. කණ්ඩායමේ සිව්වැන්නා එනම්, ලක්ෂානිගේ පියා වන කාර්තික්ට ඔහුගේ දියණිය සමග යාමට අවසර දී ඇත. එයින් අදහස් වන්නේ මෙම කණ්ඩායමට නැවත ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බව ය. නමුත් එක්සත් රාජධානිය පවසා ඇත්තේ, ඔවුන් මෙම පිරිස භාර නොගන්නා බව ය. කොන්සර්වේටිව් රජය පසුගිය වසරේ බීබීසීයට පැවසුවේ, BIOT \"එක්සත් රාජධානියට ඇතුළු වීමට භාවිත කරන පිටුපස දොරක් නොවිය යුතු\" බව ය. . BIOT බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතුණ ද එය විස්තර කරනු ලබන්නේ, \"ව්‍යවස්ථාපිතව වෙන්ව පවතින්නක්\" ලෙසිනි. රුවන්ඩාවේ සිටින මෙම කණ්ඩායම පසුගිය වසර පුරා අගමැති රිෂී සුනක් ඇතුළු බ්‍රිතාන්‍ය නිලධාරීන් වෙත තමන් වෙනත් තැනකට මාරු කර යවන ලෙස ඉල්ලා යොමු කළ නීතිමය ලියකියවිලි, වට්ස්ඇප් පණිවිඩ, ඊමේල් සහ ලිපි අපට පෙන්වූහ. \"මම දන්නේ නැහැ තවත් අවුරුදු කීයක් නිදහසක් නැතිව ඉන්න හිටින්න රටක් නැති බ්‍රිතාන්‍ය රජයේ සිරකරුවන් විදිහට අපිට ජීවත් වෙන්න වේවි ද කියලා,\" ඉන් එක් පණිවිඩයක සඳහන් විය. වධ හිංසා නිසා තම නිවෙස්වලින් පිටව යාමට තමන් බියට පත් වූ බව ද මෙම සිවුදෙනා අප සමග පැවසූහ. ලක්ෂානි සිටින මහල් නිවාසයේ, අළු පැහැති තිරයක් බාර් සවි කළ ජනේලය හරහා ඇද ඇත්තේ කාමරය බාහිර ලෝකයෙන් වෙන් කරමිනි. \"අපි එළියට යන්නේ නැහැ. අපි හැම වෙලේ ම බය වෙලා ඉන්නේ,\" අපි ඇය සහ 47 හැවිරිදි කාර්තික් බැලීමට ගිය අවස්ථාවේ 23 හැවිරිදි ඇය අප හා පැවසුවා ය. \"මට [කතා කරන්න] මෙතන කිසි ම ගෑනු කෙනෙක් නැහැ. යාළුවෙක් නැහැ.\" ඔවුන් දෙදෙනා ම පවසන්නේ තම මහල් නිවාසය තුළට අවස්ථා ගණනාවකදී පුද්ගලයින් අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ ගත් බව ය. එලෙස අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ ගත් පුද්ගලයින් අසල්වැසියන් විසින් ග්‍රහණයට ගන්නා ලද බවට පෙනෙන වීඩියෝ දර්ශන ඔවුහු අපට පෙන්වූහ. අසල වීදියක සිදුවූ එක් සිදුවීමක් ද ඔවුහු සිහිපත් කළහ. එහිදී, ඔවුන් පවසන පරිදි, මිනිසුන් පිරිසක් ඔවුන්ව වෙන් කර \"ඉතා නුසුදුසු වචන\" භාවිත කරමින් ලක්ෂානි ස්පර්ශ කිරීමට උත්සහ කර තිබේ. මෙම අත්දැකීම් සහ ඒ හා සමාන වෙනත් අත්දැකීම්, මෙම දෙපළට අමිහිරි මතක නැවත සිහියට ගෙන ආ බව ඔවුහු පවසති. ලක්ෂානි පවසන්නේ තමා මීට පෙර ශ්‍රී ලංකාවේදී සහ දියෙගෝ ගාර්සියාහිදී ලිංගික අතවරවලට ලක් වූ බව ය. අලග සහ මයුර් පවසන්නේ, ඔවුන් මහ මගදී ලිංගික අඩන්තේට්ටම්වලට මුහුණ දුන් බව ය. \"කවුද කෙනෙක් ඇවිල්ලා ඇහුවා 'මට ඔයත් එක්ක ලිංගිකව හැසිරෙන්න පුළුවන් ද?' කියලා. මිනිස්සු හිනා වුණා. එතකොට ම අපි ඉස්පිරිතාලෙට දුවලා ගියා.\" ඔවුන් දෙදෙනා ම තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව එක්සත් රාජධානි රජය සමග වැඩ කරන සහ රුවන්ඩාවේ සංක්‍රමණිකයන්ගේ ප්‍රධාන සම්බන්ධතා ස්ථානය ලෙස කටයුතු කරන ලාභ නොලබන ජාත්‍යන්තර සංවර්ධන සමාගමක් වන 'ක්‍රවුන් ඒජන්ට්ස්' (Crown Agents) වෙත දැනුම් දුන්හ. නමුත් ඔවුන් (Crown Agents) ඔවුන්ගේ පැමිණිලි බැරෑරුම් දෙයක් ලෙස නොසැලකු බව සිව් දෙනා ම අපට පැවසූහ. \"ඔවුන් මගෙන් ඇහුවා: 'ප්‍රශ්න ඇති වෙනවා කියලා දැන දැනත් ඇයි ඔයා එළියට යන්නේ?'\" යැයි අලග පවසන්නේ මෙම සමාගම සමග සිදු කළ සංවාදයක් පිළිබඳව සිහිපත් කරමිනි. \"මම ඒ අයගෙන් ඇහුවා: 'ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන දැනත් ඇයි ඔයාලා අපිව මෙහේ තියාගෙන ඉන්නේ?' එයාලා ඒකට උත්තර දුන්නේ නැහැ.\" එක් එක් චෝදනා සම්බන්ධයෙන් අදහස් විමසීමට බීබීසීය උත්සහ කළ කළ ද 'ක්‍රවුන් ඒජන්ට්ස්' ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පැවසුවේ, ඔවුන් ද වීදිවල සිදුවූ හිරිහැර කිරීම් සහ අනවසර ඇතුළු වීමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් BIOT නිලධාරීන්ගේ අවධානයට යොමු කළ බව ය. නමුත් ඔවුහු ඊට \"සැලකිය යුතු ප්‍රතිචාරයක්\" නොදැක්වූහ. මෙම සිව් දෙනා අපට, පැවසුවේ ඔවුන් උදව් ලබා ගැනීම සඳහා රුවන්ඩා පොලිසිය වෙත යොමු නොවූ බව ය. ඔවුන් සියල්ලන් ම කියා සිටියේ, අපයෝජනය පිළිබඳ අතීත අත්දැකීම් මත පදනම්ව නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයින් නීතිය ක්‍රියාත්මක කිරීම ගැන තමන් විශ්වාස නොකරන බව ය. \"රටේ බලධාරීන් වෙත ළඟා වී වෙන්නේ නැතුව අපි උදව් කරන්නේ කොහොම ද?\" යනුවෙන් රුවන්ඩාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනිය වන පිකාඩ් පැවසීය. \"[මේ සංක්‍රමණිකයෝ] කියන ඒ අයගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු වෙනත් කිසි කෙනෙක් කියලා නැහැ. රුවන්ඩා ජාතිකයින්වත්, රටේ වැසියන්වත්,\" ඇය බීබීසීයට පැවසීය. විශේෂයෙන් ම මේ රට හැම කෙනෙකුට ම ආරක්ෂාකාරීව ඉන්න පුළුවන් විදිහේ රටක් බවට පත් කරන්න අපි මෙච්චර වැඩ කරලත්, කෙනෙකුට මේ රටේ ආරක්ෂිත බවක් දැනෙන්නේ නැහැ කියලා ඇහෙන එක හරි ම වේදනාවක්.\" එක්සත් රාජධානි රජයේ විදේශ සංචාරක උපදෙස් අනුව, රුවන්ඩාවේ අපරාධ මට්ටම් සාපේක්ෂව අඩු නමුත් කිගාලිහි ගෙවල් බිදීම්, සොරකම්, බෑග් උදුරා ගැනීම් සහ මංකොල්ලකෑම් වැනි සිද්ධීන් පවතී. රුවන්ඩාවේ යහපත් සමාජ වටපිටාවක් ඇති බව මෙම දෙමළ වැසියන් පිරිස පිළිගත් නමුත් ඔවුන් පවසන්නේ, ඍණාත්මක අත්දැකීම් අතීත කම්පනයන් තවත් උග්‍ර කර ඇති බව ත් ඉන් ඔවුන් බියට පත්ව සිටින බව ත් ය. ලක්ෂානි සහ කාර්තික් පැවසුවේ, රුවන්ඩාවේ ඔවුන්ගේ ජීවන තත්ත්වය දියෙගෝ ගාර්සියාහි සිටි කාලයට වඩා යහපත් බව ය. දියෙගෝ ගාර්සියාහිදී ඔවුන්ට මීයන් සහිත කඳවුරක කූඩාරම්වල නිදා ගැනීමටත් සීමිත දුරකතන පහසුකම් පැවති අතර ඔවුන්ට සිය ආහාර පිස ගැනීමට පවා නොහැකි විය. සියදිවි නසා ගැනීමට තැත්කිරීමෙන් පසු දියෙගෝ ගාර්සියා සිට ගුවන් මගින් ගෙන එන ලද රුවන්ඩාවේ රැඳී සිටින පස්වන දෙමළ වැසියෙක් ද සිටී. ඔහු තවමත් ජාත්‍යන්තර ආරක්ෂාව අපේක්ෂාවෙන් සිටියි. දැනට හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන ඔහුට ඉන් පිටව යාමට අවසර නොමැති බැවින් බීබීසීය ඔහු සමග දුරකතනය ඔස්සේ සම්බන්ධ විය. ඔහුට බාහිර රෝගියෙකු ලෙස ප්‍රතිකාර කළ යුතු බව සඳහන් කරමින්, ඔහු රෝහලෙන් නිල වශයෙන් නිදහස් කර ඇති ලිපියක් බීබීසීයට නිරීක්ෂණය කිරීමට හැකි විය. දියෙගෝ ගාර්සියා වෙත ආපසු යාම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුගේ කැමැත්තට එරෙහිව ඔහු රඳවාගෙන සිටින බව ඔහු පවසයි. ඔහුට විසඳුමක් ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥවරයා BIOT වෙතින් ඉල්ලීමක් ද කර ඇත. අපට හමු වූ සංක්‍රමණිකයන් සිව් දෙනා වෙත පවසා ඇත්තේ, ඔවුන් රුවන්ඩාවේ රැඳී සිටීමට අකමැති නම්, \"ආරක්ෂිත තුන්වන රටක\" නැවත පදිංචි කරන තෙක් ඔවුන්ට නැවත දියෙගෝ ගාර්සියා කඳවුරට යා හැකි බව ය. මෙම කණ්ඩායම ස්ථිරව ම නැවත පදිංචි කිරීම සඳහා රුවන්ඩාව \"ආරක්ෂිත තුන්වන රටක්\" ලෙස සලකනු ලබන්නේ ද යන්න පිළිබඳව බීබීසීය යොමු කළ ප්‍රශ්නවලට විදේශ කාර්යාලය ප්‍රතිචාර දැක්වූයේ නැත. එක්සත් රාජධානියේ සිට පැමිණෙන ඇතැම් සරණාගතයින්ගේ ලියකියවිලි කටයුතු කිරීමට සහ ඔවුන්ට නවාතැන් දීමට රුවන්ඩාව භාවිත කිරීමේ බ්‍රිතාන්‍ය රජයේ සැලැස්ම පිළිබඳව අපි සංක්‍රමණිකයන්ගෙන් විමසූ විට, ඔවුන් සියල්ලන් ම පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ කණස්සල්ලක් බව ය. \"ඒ සරණාගතයින්ටත් අපි මුහුණ දෙන දුෂ්කරතාව විඳගන්න වේවි,\" එක් අයෙක් පැවසීය. Leigh Day නීතිඥ වන ටොම් ෂෝර්ට් පැවසුවේ, රුවන්ඩාවේ සිටින ඔහුගේ සේවාදායකයින් දෙදෙනා එක්සත් රාජධානියේ රජය විසින් නිශ්චිතව ම අත්හැර දමනු ලැබ ඇති බව ය. ලන්ඩනයේ ගොනු කර ඇති අධිකරණ ලේඛන, රුවන්ඩාවේ සහ දියෙගෝ ගාර්සියාහි සංක්‍රමණිකයන්ට සැලකීම \"ජාත්‍යන්තර නීතියට පටහැනි කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලක්\" බවට තර්ක කරයි. රුවන්ඩා නිලධාරිනී පිකාඩ් පැවසුවේ, මෙම දෙමළ වැසියන් කණ්ඩායම සහ එක්සත් රාජධානියේ සිට සංක්‍රමණය වන පිරිස අතර \"කිසිදු සමානකමක් නොමැති\" බව ය. ඇය පැවසුවේ, ඔවුන්ගේ [එක්සත් රාජධානියේ සිට සංක්‍රමණය වන පිරිස] \"ලියකියවිලි ආදී කටයුතු සම්බන්ධ දෑ සිදු කර ඔවුන් අපේ සමාජයට එක් කරාවි,\" යනුවෙනි. දියෙගෝ ගාර්සියා කණ්ඩායම ස්ථීර ලෙස පදිංචි කිරීම පිළිබඳ සංවාද පැවැත්වීම සඳහා තම රට \"සැමවිට ම විවෘතව\" සිටින බව ත්, එය සිදුවුවහොත්, ඔවුන්ට \"සියලු ආරක්‍ෂාව සහ සහතිකයන් සහ සමාජයට අනුකලනය කිරීමේ අවශ්‍යතා සපයා දෙනු ඇති බව ත් පිකාඩ් මහත්මිය පැවසුවා ය. නමුත් \"මේ වන විට ඔවුන්ව සලකන්නේ වෛද්‍ය අවශ්‍යතා සඳහා මෙහාට එවන ලද පිරිසක් විදිහට,\" ඇය පැවසුවා ය. දියෙගෝ ගාර්සියා වෙතින් සංක්‍රමණිකයන් රැගෙන යාමට සහ ඔවුන්ට නවාතැන් ලබා දීමට රුවන්ඩාවට මුදල් ලබා නොදුන් බව ත්, එක්සත් රාජධානි - රුවන්ඩා සරණාගත ගනුදෙනුව සමග ඇති \"එක ම සම්බන්ධය\" වූයේ රටවල් දෙක \"ඉතා ශක්තිමත් හවුල්කරුවන්\" වීම බව ත් පිකාඩ් මහත්මිය පැවසුවා ය. දියෙගෝ ගාර්සියා සම්බන්ධ සැලසුම් පිළිබඳව විස්තර සපයන ලෙස බීබීසීය කළ ඉල්ලීම විදේශ කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇත. එක්සත් රාජධානියේ පාලක කොන්සර්වේටිව් පක්ෂය හෝ රටේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරන කම්කරු පක්ෂය, රුවන්ඩාවේ සිටින දියෙගෝ ගාර්සියා සංක්‍රමණිකයින්ගේ ඉරණම ගැන හෝ ඔවුන් බලය දිනා ගතහොත් මෙම කණ්ඩායම සම්බන්ධයෙන් කුමන පියවර ගනු ඇතැයි ද යන්න පිළිබඳව අදහස් නොදක්වයි. ශුද්ධ සංක්‍රමණය අඩු කිරීමට පක්ෂ දෙක ම ප්‍රතිඥා දී ඇති නමුත් කම්කරු පක්ෂය පවසා ඇත්තේ, එක්සත් රාජධානියේ සිට රුවන්ඩාවට සංක්‍රමණිකයන් ගුවන් මගින් ගෙන යන කොන්සර්වේටිව් පක්ෂයේ සැලැස්ම ඉවත් කරන බව ය. තම \"ජාත්‍යන්තර බැඳීම්වලට\" අනුකූලව, රුවන්ඩාවේ සිටින කණ්ඩායමට සහ තවමත් දියෙගෝ ගාර්සියාහි සිටින පිරිස් වෙත \"දිගු කාලීන විසඳුම්\" ලබා දෙන ලෙස සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය එක්සත් රාජධානියෙන් ඉල්ලීමක් ද කර තිබේ. එවැනි පසුබිමක, මෙම සංක්‍රමණිකයන් පිරිස වෙනත් තැනක අනාගතයක් ගැන සිහින දකිමින් සිටිති.",
"Title": "රුවන්ඩාවට යවන ලද ශ්‍රී ලාංකික සරණාගතයින්: මේක 'එළිමහන් සිර කඳවුරක්'"
} |
{
"Text": " පසුගිය යහපාලන රජය සමයේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හේතුවෙන් විධායක ජනාධිපතිවරයා විසින් ඉටු කරනු ලබන විධායක හා පරිපාලන ක්‍රියාවන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ හිමිකම මෙරට පුරවැසියන්ට හිමි විය. එහි ප්‍රතිඵලයක් ලෙස විධායක ජනාධිපතිවරයා විසින් ඉටුකරනු ලබන විධායක හා පරිපාලන ක්‍රියාවන්ට එරෙහිව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක්ම ගොනු කර තිබෙන අතර ඊට අදාළව නඩු තීන්දු කීපයක්ද නිකුත් වී තිබේ. එම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය හඳුන්වාදීමෙන් පසුව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැඩිම වාර සංඛ්‍යාවක් වරදකරු කෙරුණු ජනාධිපතිවරයා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත්ව සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔහු තුන් වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කර තිබේ. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 103 ක පමණ මුදලක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවටත් අධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේන ට නියෝග කරනු ලැබ තිබේ. මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව පැවරුණු මූලික අයිතිවාසිකම් නඩු මොනවාද? ඔහුට එරෙහිව නිකුත් කෙරුණු තීන්දු කවරේද? මේ විමසා බැලීම ඒ පිළිබඳවය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අහෝසි කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ එනම් 2018 වසරේ නොවැම්බර් මස 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියෝග කළේය. ඒ අනුව 2018 වසරේ නොවැම්බර් මස 9 වැනිදා මධ්‍යම රාත්‍රියේ ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණු අතර මහ මැතිවරණය 2019 වසරේ ජනවාරි මස 5 වැනිදා පැවැත්වීමටද නියම කර තිබුණි. ජනාධිපතිවරයා විසින් සිය බලය අතික්‍රමණය කොට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කර ඇති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටත් තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ. 2018 වසරේ නොවැම්බර් මස 12 වැනිදා එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලන ලදි. දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව එම පෙත්සම් විභාගයට ගැනීමට තීන්දු කළ අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙරට අධිකරණ ඉතිහාසයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද විධානයක් ක්‍රියාත්මක කරවීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සඳහන් කළ හැකිය. ඉන් අනතුරුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුළුල් විභාගයක් පවත්වන ලදී. එම විභාගයෙන් අනතුරුව 2018 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ය. එම තීන්දුව තුළින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකළ හැකි ආකාර පිළිබඳව කරුණු පැහැදිලි කර තිබුණි. \"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල පිළිබඳව 70, 70(1) සහ 70(3) ව්‍යවස්ථාවන්හි පැහැදිලිව සඳහන් කොට තිබෙනවා. එම ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා බලය හිමිවන්නේ අවස්ථා දෙකකදී පමණයි. එනම් පාර්ලිමේන්තුවක් තේරී පත්වී ම් වසර හතරහමාරක් ගතවීමෙන් පසුව එය විසුරුවා හැරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිවෙනවා. දෙවන අවස්ථාව වන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තුනෙන් දෙකකට නොඅඩු බහුතරයකින් යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ අවස්ථාවක එය විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවනවා. එහෙත් මෙම නඩුවට පාදකවන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක්‍රියාවලියේදී එම නීතිමය අවශ්‍යතා දෙක සම්පූර්ණ වී තිබුණේ නෑ.\" යනුවෙන් සඳහන් කළ විනිසුරු මඩුල්ල ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් සඳහන් කළේය. මෙම ක්‍රියාව තුළින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තමන්ට හිමි නොවන බලයක් ක්‍රියාවේ යොදවා අදාළ විසුරුවා හැරීම කර ඇති බවත් එය නීතිය ඉදිරියේ බල රහිත බවත් විනිසුරුවරු තීන්දු කළහ. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරවා හරිමින් 2018 වසරේ නොවැම්බර් මස 09 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය බල රහිත කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. මෙරට ඉතිහාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයක් අධිකරණය විසින් අහෝසි කළ පළමු අවස්ථාව ලෙස සඳහන් කළ හැකිය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම.... පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි චෝදනා කොට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව පාර්ශව 12 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණි. එම පෙත්සම් පිළිබඳව දීර්ඝ විභාගයක් සිදු කළ අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි තීන්දු කළේය. එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කළ අග විනිසුරු ජයන්ත ජයසූරිය \"ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සේනාධිනායකයා ලෙස රටේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම මෛත්‍රිපාල සිරිසේන වෙත පැවරී තිබෙනවා. ඊට අමතරව මහජන ආරක්ෂක ආඥාපනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ත්‍රස්තවාදී ප්‍රහාර වැළැක්වීමේ පනත යනාදී රටේ ජාතික ආරක්ෂාව හා බැඳුනු අතිශය සංවේදී පනත් ක්‍රියාත්මක කිරීමේ බලයත් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේනට හිමිවී තිබුණා. එහෙත් මහජනතාව විසින් ජාතික ආරක්ව තහවුරු කිරීම සම්බන්ධයෙන් පවරාදී තිබූ වගකීම එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පැහැර හැර ඇති බව පැහැදිලි වෙනවා. රටේ ජාතික ආරක්ෂක තත්ත්වය පිළිබඳව සමාලෝචනය කෙරෙන ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් සතිපතා සෑම බදාදා දිනකම 2015 වසර දක්වා නොකඩවා පැවැත්වී තිබෙනවා. එහෙත් 2015 න් පසුව එම ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් පෙර පරිදි ඛණ්ඩව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා ක්‍රියාකර නැහැ . පසුකාලීනව අග්‍රාමාත්‍යවරයා සහ පොලිස්පතිවරයාද එම රැස්වීම්වලට සහභාගී කර නොගැනීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. මෙවැනි ක්‍රියා තුළින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිය වගකීම ඉටු කිරීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකීමකින් තොරව සහ නොසැලිකිලිමත් ආකාරයෙන් කටයුතු කර තිබෙන බව නඩු විභාගයේ දී ඉදිරිපත් වූ කරුණුවලින් පැහැදිලි වෙනවා.” යැයි පැවසීය. “පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එවැන්නක් කිසිවකු තමන්ට දැනුම් නුදුන් බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කරන කරුණු පිළිගත නොහැකියි. සේනාධිනායකයා මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ඔහුට එවැනි වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නැහැ.\" යනුවෙන් සඳහන් කළ විනිසුරු මඩුල්ල ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සේනාධිනායකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන සිය වගකීම ඉටුකිරීම පැහැර හැර තිබෙන බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බවත් තීන්දු කළේය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අගතියට පත් වූවන්ට ගෙවිය යුතු බවත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නියෝග කරන ලදී. තීන්දුව ප්‍රකාශයට පත් කළ දින සිට මාස හයක් තුළ එම මුදල් ගෙවා අවසන් කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් විය. තීන්දුව නිකුත්වී මාස කීපයකින් පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන්ට නියම වූ වන්දි මුදලින් රුපියල් ලක්ෂ 150 මුදලක් ගෙවීමට පියවර ගත්තේය. පසුව සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද සම්පූර්ණ මුදල තමන්ට එකවර ගෙවීමට අපහසු බවත් ඉතිරි මුදල් ප්‍රමාණය වාර්ෂිකව රුපියල් ලක්ෂ 85 බැගින් වසර දහයක් තුළ ගෙවා අවසන් කිරීමට අවසර දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි. එම ඉල්ලීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙතෙක් නියෝගයක් නිකුත් නොකළ අතර හිටපු ජනාධිපතිවරයා සතු වත්කම් හා බැරකම් පිළිබඳ වාර්තාවක් දිවුරුම් ප්‍රකාශ මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙසත් මේ වන විට නියෝග කර තිබේ. රොයල් පාක් මිනී මැරුම් සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ප්‍රදානය කිරීම නීති විරෝධීයි මහත් ආන්දෝලනයකට තුඩු දුන් රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නමැති තරුණියක ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීම තුළින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබීය. අදාළ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි විත්තිකරුට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2018 වසරේ ඔක්තෝම්බර් මස සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට නියෝග කර තිබුණි. අදාළ විත්තිකරු නිදහස් කිරීමේදී ජනාධිපතිවරයා අනුගමනය කළ යුතු පිළිගත් නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බැවින් එම සමාව නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා කාන්තා හා මාධ්‍ය එකමුතුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළහ. එම පෙත්සම එස්.තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනිණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරු තුන්දෙනා වෙන් වෙන් වශයෙන් තීන්දු තුනක් ප්‍රකාශයට පත් කළහ. එම නඩු තීන්දුව පිටු 306 කින් යුක්ත දීර්ඝ නඩු තීන්දුවක් බවට පත්ව තිබීම විශේෂත්වයකි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයි රාජා ප්‍රකාශ කළේ අධිකරණය මගින් මරණීය දණ්ඩනය පනවන ලද මෙම විත්තිකරුට 2016 වසරේ මැයි මස 17 වැනිදා මෛත්‍රිපාල සිරිසේන විසින් සමාව ප්‍රදානය කර එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්කර තිබෙන බව ය. එම අවස්ථාවේදී මෙම විත්තිකරු සමඟ තවත් විත්තිකරුවන් 69 දෙනෙකුට පනවා තිබූ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවත් තීන්දුවේ පෙන්වා දුන්නේය. ඉන් අනතුරුව 2019 වසරේ ඔක්තෝබර් මස 30 වන දා මෙම විත්තිකරුට නියම ව තිබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමින් ඔහු නිදහස් කරමින් සමාවක් ප්‍රදානය කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළේය. \"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව යටතේ වරදකරුවී දඬුවම් නියම වූ සිරකරුවන්ට සමාව දීම සම්බන්ධ ප්‍රතිපාදන ඇතුළත්ව තිබෙනවා. අධිකරණය මගින් වරදකරුවී දඬුවම් ලැබුවෙකුට සමාව දීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු නීති පටිපාටියක් තිබෙනවා. තීන්දුව ලබාදුන් අධිකරණයේ විනිසුරුවරයාගේ වාර්තාවක් කැඳවීම, නීතිපතිවරයාගේ වාර්තාවක් සහ අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීම යනාදිය එම සමාව දීමේ නීතිමය පටිපාටියට ඇතුළත්. එහෙත් මෙම විත්තිකරුට අවස්ථා දෙකකදී සමාව ප්‍රදානය කර තිබුණත් එම නීතිමය පටිපාටිය ජනාධිපතිවරයා විසින් අනුගමනය කර නැහැ. ඒ හරහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන චේතනාවිතවම උල්ලංඝණය කර තිබෙන බව පෙනී යනවා. මහජනතාව සතු පරමාධිපත්‍ය බලය මෙන්ම විශ්වාසයද බරපතළ ලෙස බිඳ හෙළීමට ඔහු කටයුතු කර තිබෙනවා. නීතියේ ආධිපත්‍යයක් බිඳ හෙලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව යටතේ වරදකරුවන්ට සමාව ප්‍රදානය කිරීමේ බලය ජනාධිපතිවරයාට අනන්‍ය බලයක් බවත් එය අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි බවටත් වග උත්තරකාර පාර්ශ්වය මූලික විරෝධතාවක් මතුකර තිබුණා. එම තර්කය මා ප්‍රතික්ෂේප කරනවා. සිරකරුවන්ට සමාව ප්‍රදානය කිරීමේ බලය විධායක ක්‍රියාවක් ලෙසයි සඳහන් කළ යුත්තේ. එවැනි අවස්ථාවක එම විධායක ක්‍රියාව අධිකරණය හමුවේ ප්‍රශ්න කළ හැකියි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අත්තනෝමතික ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට ලබා දී තිබෙන බලය අතික්‍රමණය කොට කටයුතු කිරීම නිසා මෙම නඩුවෙන් මියගිය තරුණියගේ පවුලේ සාමාජිකයින්ට වසර ගණනාවක් දැඩි මානසික පීඩාවකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඔවුන්ට සිදු වූ මානසික පීඩාව මුදලින් ගණනය කිරීමට හැකියාවක් නැති බව අධිකරණය විසින් නිරීක්ෂණය කරනු ලබනවා. මෙවැනි බලයක් ක්‍රියාවේ යොදවන විට ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් පැවතීම වැදගත්. එවැනි මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස මෙම නඩුවේ පෙත්සම්කරු හෝ කිසිදු පාර්ශවයක් අධිකරණය හමුවේ ඉල්ලීම් කළේ නැහැ.\"යනුවෙන් විනිසුරු තුරෙයි රාජා සිය නඩු තීන්දුවේ සඳහන් කර සිටියේය. ඉන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් \" පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, මෙහි විත්තිකරුගේ දෙමව්පියන් සහ විත්තිකරු විසින් පෞද්ගලිකවම කරන ලද ඉල්ලීම් පදනම් කරගෙන සමාව ප්‍රදානය කළ බව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සඳහන් කර තිබුණා. එහෙත් විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අනුගමනය කළ යුතු නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බව පැහැදිලියි. ඔහු වගකීම් විරහිත ආකාරයට සහ අතනෝමතික ලෙස සිය බලය අභිබවා කටයුතු කර තිබෙනවා. ඒ අනුව අවස්ථා දෙකකදී මෙම විත්තිකරුට ප්‍රදානය කළ සමාව බල රහිත මෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළ යුතුයි. එහෙත් මෙම විත්තිකරුට පනවා තිබූ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පත් කරමින් 2016 වසරේ මැයි මස 17 වනදා ප්‍රදානය කරන ලද සමාව නීති විරෝධී බවට අධිකරණය විසින් තීන්දු කළත් එහිදී එම සමාව ලද සෙසු සිරකරුවන් 69 දෙනාට මෙම තීන්දුව අදාළ නොවන බවත් විනිසුරු කෝදාගොඩ සිය තීන්දුවේ සඳහන් කර සිටියේය. විනිසුරු ජනක් ද සිල්වා සිය තීන්දුව තුළින් සඳහන් කර සිටියේ \"මෙහි විත්තිකරුට ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකකදී සමාව ප්‍රදානය කර තිබුණත් ඊට හේතු වූ කරුණු පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා අසමත් වී තිබෙනවා. ඊට අදාළ කරුණු පැහැදිලි කිරීම් අඩංගු සටහන් පවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හමුවුණේ නැහැ. මෙහිදී ජනාධිපතිවරයා බරපතල ලෙස සිය බලය අවභාවිතා කොට තිබෙන ආකාරය පෙනී යනවා. සමාව ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන සුවිශේෂී බලයක්. එය අත්තනෝමතික ආකාරයෙන් පරිහරණය කිරීමට හැකියාවක් නැහැ.\" යනුවෙන් විසුරුවරයා පැවසීය. ඉන් අනතුරුව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් මෙම නඩුකරයේ පෙත්සම්කරුට සහ මියගිය තරුණියගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 30 ක වන්දියක් ගෙවන ලෙසත් අධිකරණය විසින් මෛත්‍රිපාල සිරිසේනට නියෝග කරන ලදී.",
"Title": "මෛත්‍රීපාල සිරිසේන: වැඩිම වාර ගණනක් ව්‍යවස්ථාව සහ මූලික අයිතීන් උල්ලංඝණය කළ එකම ජනපති"
} |
{
"Text": " දීර්ඝ කාලීනව ඇඳක් මත ගත කරන රෝගීන්ගේ සමෙහි තුවාල ඇති වීම අවම කරන මෙට්ටයක් නිෂ්පාදනය කිරීමට කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ චිරාත් බිම්සර සේනානායක සමත්ව තිබේ. එම නිර්මාණය ජාතික මට්ටමින් සහ ජාත්‍යන්තර මට්ටමින් ද ඇගයීමට ලක්විය. රෝගීන් සඳහා දැනට භාවිතා කරන 'එයාර් මෙට්‍රස්' සහ 'වෝටර් මෙට්‍රස්' වලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම නව නිර්මාණය මගින් සමේ තෙතමනය පාලනය කිරීමට ද හැකිවීමය. ''මේ නිර්මාණය සඳහා මූලික පදනම වුණේ මගේ සීයා අසනීප වීම නිසා මම දැකපු දේවල්. මම බලාපොරොත්තු වෙනවා මේක නිෂ්පාදනයක් විදියට ඉදිරියේ දී රෝගීන්ගේ අතට පත් කරන්න'' යනුවෙන් චිරාත් බිම්සර සේනානායක BBC සිංහල සේවයට පැවසුවේය.",
"Title": "සමෙහි තුවාල ඇතිවීම අවම කරන නව 'මෙට්ටයක්' : 'මේ නිර්මාණය සඳහා මූලික පදනම වුණේ මගේ සීයා අසනීප වීම නිසා මම දැකපු දේවල්'"
} |
{
"Text": " ශ්‍රී ලංකාව කියූ සැනින් ලෝකයේ බොහෝ දෙනෙකුට මතක් වන එක් පොදු දෙයක් වන්නේ ශ්‍රී ලංකාව සතු වටිනාම සම්පතක් වන සුන්දර වෙරළ තීරයන් ය. දිවයින වටා පිහිටි මුහුදු තීරය, රට තුළට සංචාකයන් ඇද ගන්නා මාර්ගයකි. වඩාත් සුන්දර මුහුදු වෙරළ රාශියක් හිමි දකුණු පළාතේ වෙරළ තීරයන්ට යා හැකි මාර්ග ගණනාවක් ම නිරිත දිග මෝසමේ දැඩි වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් යටව තිබිය දී අප ගමන් කරමින් සිටියේ වයඹ පළාතේ පිහිටි එවැනිම සුන්දර නමුත් තවමත් වැඩි පිරිසකගේ ඇස නොගැටුණු සුන්දර වෙරළ තීරයක් වෙත ය. වර්ෂාව මධ්‍යයේ උපරිම ජල මට්ටමට ළඟා වෙමින් පැවති ගංගා සහ ඔය කිහිපයක් පසුකරමින් යමින් සිටි අපට හලාවත නගරට ආසන්න වෙත්ම නැගෙනහිර දිශාවෙන් රන්වන් ආලෝකයක් විහිදුවමින් හිරු නැග එන අයුරු දැක ගැනීමට හැකි විය. කොළඹ - පුත්තලම මාර්ගයේ ගමන් කළ අප කල්පිටිය දෙසට ගමන් කිරීම ඇරඹීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඇති දීර්ඝතම සහ විශාලතම කළපු අතරින් එකක් වන පුත්තලම් කලපුවට සමාන්තරව ගමන් කරමින් සිටියෙමු. මාර්ගය දෙපස එක පෙළට වැඩුණු දැවැන්ත පොල්වතු අතරින් සුදු පැහැයෙන් ඉහලට නැගි සුළං පෙති කුළුණු සුන්දරව දිස්වන්නට විය. අපගේ පළමු ගමනාන්තය වූ කුඩාව වෙත ආසන්න වෙත් ම එම සුළං පෙති වඩ වඩාත් ආසන්නයෙන් දැකගැනීමට හැකි විය. උදෑසන අට පමණ වන විට අපගේ පළමු ගමනාන්තය වූ කුඩාවට ළඟා වී සිටි අතර අප සිටියේ සුන්දර මුහුදු තීරයක් අසලයි. නමුත් ඒ අපගේ අවසන් ගමනාන්තය නොවීය. ආ ගිය කතා එදින අපගේ මගපෙන්වන්නා වූයේ පාරිසරික ක්‍රියාකාරිකයෙකු සහ කල්පිටියෙ රජයේ ලියාපදිංචි හෝටල් සංගමයේ ලේකම් ඩබ්.එම්. සුගත් සහ ඔහුගේ සහෝදරයායි. සුගත් කිමිදුම්කරුවෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති අතර ඔහු රැකියාව වශයෙන් මීට පෙර ධීවරයෙකු ලෙස කටයුතු කර තිබේ. අප එහි යන විටත් ඔහු සහ ඔහුගේ සහෝදරයා අපගේ අවසන් ගමනාන්තය වෙත යාමට අවශ්‍ය දෑ ලකලෑස්ති කරමින් සිටිය හ. \"පුත්තලම් කළපුවත් මුහුදත් අතර අර්ධ ද්වීපයක හැටියට තමයි අපි මේ ඉන්න හරිය හැදිලා තියෙන්නේ. අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ ඒකෙ කෙළවරට. ඒ කියන්නේ මුහුදත් කළපුවත් එකතු වන ප්‍රදේශයට,\" සුදත් මෙම ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම සම්බන්ධයෙන් විස්තර කළේ ය. අප මෙදින සංචාරය කිරීමට බලාපොරොත්තුවන ප්‍රදේශය සුන්දරත්වයෙන් පමණක් නොව ජෛව විවිධත්වයෙන් ද අනූන ප්‍රදේශයකි. මෙම මුහුදු තීරය සහ කලපුව ආශ්‍රිතව කුඩා දූපත් 36ක් පමණ තිබෙන බව ඔහු පැවසීය. දේශීය මෙන් ම විදේශීය සංචාරකයන් අතර කඳවුරු බැඳීම සඳහා ජනප්‍රිය බත්තලංගුණ්ඩුව දූපත ඉන් එක් දූපතකි. ප්‍රධාන ගොඩබිමේම කොටසක් වන අප ඒ වන විට රැඳී සිටි වෙරළ ආසන්නයේ සිට කළපුව අතර සැලකිය යුතු යම් දුරක් තිබූ නමුත් එය ඉදිරියට යත්ම කෙමෙන් කෙමෙන් පටු වෙයි. එදින බීබීසී සිංහල අපගේ ප්‍රයත්නය වූයේ එම සුන්දර වෙරළ වෙත ගමන් කිරීමයි. වාරකන් හමුවේ කළපුව හරහා ගමන නිරිතදිග මෝසමත් සමඟ වාරකන් කාලය එළැඹී තිබුණෙන් අප ගමන් කිරීමට බලාපොරොත්තු වූ සුන්දර වෙරළ තීරයට යාමට අප තෝරාගත්තේ මුහුද හරහා යාම නොව කළපුව හරහා බෝට්ටුවෙන් යාමටයි. අප බෝට්ටුවකින් යාමට අදහස් කරගෙන සිටි ගමන යාමට තිබෙන තවත් ක්‍රමයක් වන්නේ වැලි සහිත දුෂ්කර මාර්ගවල ගමන් කිරීමට සුදුසු වාහනයකින් බිම් තීරුව දිගේ ඉදිරියට ගමන් කිරීමයි. මෙම ප්‍රවාහන ක්‍රම දෙක ම එකකට එකක් වෙනස් වූ සුන්දර අත්දැකීම් ලබා දෙයි. බිම් තීරුව හරහා වාහනයකින් ගමන් කරන සංචාරකයෙකුට වම් පසින් නිල්පැහැ අහසත් නිල්පැහැ සාගරයත් යාවෙන ක්ෂිතිජය දිස්වන අතර, දකුණු පසින් කළපුව හා ඈතිස් දිස්වන කොළපැහැති කඩොලාන පරිසරයේ සුන්දරත්වය එකවර විඳිය හැකියි. කළපුව හරහා ගමන් කරන්නේ නම් බිම් තීරුව පටු ස්ථානවල දී එක් පසෙකින් සුන්දරවෙරල තීරය සහිත බිම් තීරුවත් අනෙක් පසින් කඩොලාන පරිසරයත් නරඹමින් යා හැකිය. ලංකාවටම එකයි - මුහුදේ පැරිෂුට් අප බෝට්ටුවට ගොඩවන ස්ථානය අවට තිබූ සර්ෆින් ආම්පන්න සහ පොල් අතුවලින් වටකෙරුණු කුඩා මඩුවල ස්වරූපයක් ගත් ස්ථාන සම්බන්ධයෙන් අප සිතේ ඇති වූ කුහුලත් සමඟ බෝට්ටුවට ගොඩ වූ අප සමඟ අපගේ මඟ පෙන්වන්නා වූ සුගත් දොඩමළු වූවේ ය. \"මේ දැකපු සර්ෆින් ආම්පන්නවලින් කරන්නේ කයිට් සර්ෆින් කියන ක්‍රිඩාවේ නිරත වෙන එක. කයිට් සර්ෆින් කියන්නේ පැරිෂූටයක ආධාරයෙන් සර්ෆින් ක්‍රීඩාවේ නියැළීම. මුහුදේ කයිට් සර්ෆින් කරන්න කලින් බහුතරයක් අය ඒකට පුහුණුවීම් කරන්නේ කළපුවේ,\" ඔහු විස්තර කළේ ය. මේ සඳහා වැඩි උනන්දුවක් දක්වන්නේ විදේශිකයන් බව පෙනෙන්නට තිබුණි. ඒ වන විටත් අප ගමන් කළ බෝට්ටුවට සමාන්තරව තවත් බෝට්ටුවක් යාත්‍රා කරමින් සිටියේ විදේශිකයන් පිරිසක් සමඟයි. එහි සිටි විදේශිකයෝ සතුටින් සිනාසෙමින් කෑගසමින් අප පසු කර ගියහ. ඔවුන් ගමන් කරමින් සිටියේ මුහුදේ ඇති දූපත් ආසන්නයේ මෙම පැරිෂූට් යොදාගෙන කරන රළ මත ලෙස්සා යාමේ ක්‍රිඩාව සිදු කිරීමට බව අපගේ මඟපෙන්වන්නා විස්තර කළේ ය. \"ශ්‍රී ලංකාවේ කයිට් සර්ෆින් කරන එකම පැත්ත තමයි මෙහෙ. මුලින් ම විදේශිකයන් ඇවිල්ලා තමයි පුහුණු කළේ. පුහුණු කරන්න නම් ඒකට අදාල පාඨමාලාවක් සම්පූර්ණ කරලා බලපත්‍රයක් ගන්න අවශ්‍යයි. ඒකට ලක්ෂ කීයපයක් වියදම් වෙනවා. දැන් මේ පැත්තේ ලංකාවේ අය මේ විදිහට කයිට් සර්ෆින් පාසල් පටන් අරන් තියෙනවා. අපි දැකපු පොල් අතු මඩු විදිහට තිබුණේ ඒ ස්ථාන,\" සුදත් පවසයි. සුදත්ගේ පුත්‍රයාත් එලෙස කයිට් සර්ෆින් ක්‍රීඩාව විදේශීය සහ දේශීය සංචාකයන්ට පුහුණු කරන අයෙකි. ජෛව විවිධත්වයෙන් ඔප වැටුණු සුන්දරත්වය අප මහත් කුහුලෙන් බලා සිටි අවසන් ගමනාන්තයට යාමට අප බෝට්ටුවට ගොඩ වූ ස්ථානයේ සිට කිලෝමීටර් 20කට ආසන්න දුරක් පැවතියෙන්, අප ගමන් ගත් බෝට්ටුව හී සැරයක් මෙන් කළපුව දිගේ වේගවත් ගමනක සිටියේ ය. වාරකන් හේතුවෙන් හා නිරිත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ ගිය කළපුවේ නැගි රැළි ප්‍රභල ලෙස බෝට්ටුව සමඟ භයංකාර ලෙස ගැටෙමින් තිබුණි. අප ආරක්ෂිත කබා පැළඳ සිටි නමුත් ඇතැම් අවස්ථාවල ඉහළට නැගි රැල්ලේ වතුර බිඳුවලින් ගැලවීමට අපට ඉඩක් නොවී ය. අප උදෑසන මෙම ප්‍රදේශයට ළඟාවන අතරතුර දී බොහෝ ස්ථානවල ඩොල්ෆින් මසුන් නැරඹීමේ පහසුකම් පිළිබඳ දැන්වීම් පුවරු දැකගැනීමට හැකි විය. අපගේ මගපෙන්වන්නා පැවසුවේ මෙම දීර්ඝ වෙරළ තීරය ආසන්න මුහුදේ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඩොල්ෆින් මසුන් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවයි. \"මේ මුහුද ලස්සනටම තියෙන කාලය තමයි දෙසැම්බර් ඉඳන් මැයි මාසෙ වෙනකන්. ඒ කාලයට මුහුද ලස්සන නිල් පාටට තියෙනවා. ඒ වගේ ම ඒ කාලයට වෙරළ තව ටිකක් පළල් වෙලා ඉඩ හැදෙනවා. මේ කාලයට අපට පුළුවන් ඩොල්ෆින් මාළු රංචු නිරීක්ෂණය කරන්න යන්න. බෝට්ටුවලින් මුහුදේ ගිහින් මේ ඩොල්ෆින් මාළු රංචු බලන්න පුළුවන්,\" ඔහු පැවසුවේ ය. එමෙන් ම මෙම වෙරළ තීරය තුළ කැස්බෑවුන් බිත්තර දැමීම ද සිදු කරන ප්‍රදේශයකි. කලින් කලට විවිධ පක්ෂීන් ද නිරීක්ෂණය කිරීමට හැකි බව සුදත් පැවසුවේ ය. සුදත් පවසන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිණිගෙන මුහුදුබත් වූ කාලයේ විශාල ජලජ ජීවීන් ප්‍රමාණයක් මෙම කල්පිටිය ආශ්‍රිත වෙරළ තීරයට ගොඩ ගැසූ බවයි. \"නැව ගිළුණ කාලේ සෑහෙන්න සත්ත්වයන් වෙරළට ගොඩ ගැහුවා. කැස්බෑවෝ, මාළු සෑහෙන්න ප්‍රමාණයක් මේ විදිහට ගොඩ ගැහුවා.\" මෑතක දී තල්මසුන් 14දෙනෙකුද ඔහුගේ හෝටලය ඉදිරිපස පිහිටා ඇති වෙරළට ගොඩගසා තිබේ. ගම්වාසීන් සහ නිලධාරීන් එක්ව තල්මසුන් දසදෙනෙකු ඉතා දුෂ්කරව මුහුදට යවා ඇති නමුත් තල්මසුන් හතරදෙනෙකු මියගොස් තිබේ. නිල්වන් මුදුතෙර අසල ධවල සුරුවම අපගේ වේගවත් බෝට්ටු ගමන අතරතුර ධීවර ගම්මාන කිහිපයක් ද පසුකරමින් ගිය අතර, ධීවරයෝ දැල් එලා, එම දැල් තිබෙන ස්ථානවල සිට දැල් මගහැර යන ලෙස අනෙක් බෝට්ටුවලට සංඥා කරති. ගමන් ආරම්භ කළ ස්ථානයේ සිට පෑයකට ආසන්න ගමනකින් පසු අපට නිල්පැහැ පසුබිමේ සුදු පැහැති යමක් දර්ශනය වීම ආරම්භ විය. ආසන්නවත්ම කුරුස තුනක දර්ශනය පැහැදිලිව පෙනීම ආරම්භ වූ අතර අප සිටියේ අපගේ ගමනාන්තය වූ උච්චමුනේ වෙරළ තීරය ආරම්භ වන ප්‍රදේශයේ මෑතක ඉදිකිරීම් අවසන් කර ඇති සුන්දර කතෝලික දේවස්ථානයක් අභියසයි. මෙම දේවස්ථානය ඉන්දියාවේ තමිල්නාඩුවේ වෙරළ ආසන්නයේ ඉදිකර ඇති වේලන්කන්නි දේවස්ථානයට සමාන ගෘහ නිර්මාණ ශිල්පයකින් යුතුව සාදා නිම කර ඇති බව අපගේ මගපෙන්වන්නා විස්තර කළේ ය. සති අන්ත දිනවල සහ නිවාඩු දින වල දී මෙම වෙරළ තීරයට කතෝලික බැතිමතුන් විශාල සංඛ්‍යාවක් දේවස්ථානය වැඳපුදාගැනීමට පැමිණෙන බව දේවස්ථානයේ ස්ථානභාර නිලධාරියෙකු ලෙස කටයුතු කරන හැත්තෑ හැවිරිදි රොබට් ඩයස් පැවසුවේ ය. \"අපේ අය ඉස්සර ඉඳන් වේලන්කන්නි පල්ලිය වඳින්න යනවා ඉන්දියාවට. මේ පල්ලිය හදලා තියෙන්නේ ඒ පල්ලියට විදිහට. ඉන්දියාවේ ගිහින් තියෙන අය කියනවා මේ පල්ලිය ඒ වගේ කියලා. වෙලන්කන්නි මාතාවගේ සුරුවම ගෙනාවෙත් ඉන්දියාවෙන්. ඉන්දියාවේ පියතුමන්ලත් ආවා පල්ලිය විවෘත කරන්න,\" ඔහු විස්තර කළේ ය. දේවස්ථානයට යම් සැලකිය යුතු සංචාරකයන් පිරිසක් පැමිණිය ද උච්චමුනේ වෙරළ තවමත් වැඩි පිරිසකගේ අවධානයට ලක් නොවූ වෙරළක් බව දේවස්ථානය ආශ්‍රිතව සිටි ජනතාව සමඟ සාකච්ඡා කිරීමේ දී පැහැදිලි විය. බිම් තීරුවේ අවසානය - උච්චමුනේ වෙරළ දේවස්ථානයෙන් පිටත් වී නැවත බෝට්ටුවට නැග අපගේ ගමන ආරම්භ කළේ උච්චමුනේ වෙරළ තීරය අවසන් වන ස්ථානයට ගමන් කිරීමටයි. ප්‍රධාන ගොඩබිම අවසානය සනිටුහන් වන්නේ එම ස්ථානයෙන් ය. දූපත් රාශියක් ද අප පසුකර ගිය අතර අවසානයේ දී අප ළඟා වූයේ උච්චමුනේ වෙරළ තීරයටයි. වෙරළ තීරයට ළඟා වූ වහාම අපට දිස් වූ එක් දසුනක් වූයේ විවිධ මුහුදු ජීවීන්ගේ කොටස් වෙරළට ගසාගෙන පැමිණ ඇති අන්දමයි. කලාතුරකින් වෙරළ තීරයන්හි හමුවන කිරිගරුඬ පැහැයෙන් දිලෙන විවිධ හැඩයන්ගෙන් යුතු බෙලිකටු රාශියක් වෙරළ පුරා දැකගත හැකි විය. අප සිටියේ මීටර් කිහිපයක් පළල වැලි තීරුවකය. අපගේ එක් පසෙකින් අනන්තය නොපෙනෙණ මහ මුහුදයි. අනෙක් පසින් කොළපැහැ කඩොලාන පසුබිමින් යුතු කළපුවයි. වාරකන් සමය වුවත් වෙරළ තීරය ආසන්නට පැමිණි රළ පහරවල් අපගේ දෙපා සුමුදු ලෙස සිපගත්තේ අප එම වෙරළ තීරයට පිළිගන්නාක් මෙන් ය. ඇතැම් සංචාරකයන් මෙම ස්ථානයේ සිට වෙරළ දිගේ ආපසු ප්‍රධාන ගොඩබිම දක්වා පයින් යෑම මෙන් ම, වැලි සහිත බිම් වල ගමන් කළ හැකි වාහනවලින් සංචාරය කරන බව අපගේ මග පෙන්වන්නා විස්තර කළේ ය. මෙම වෙරළ තීරය නොගැඹුරු වෙරළ තීරයක් වන අතර ඈතින් කයිට් සර්ෆින් ක්‍රීඩාවේ යෙදී සිටි පිරිසකගේ පැරිෂුට් අහසේ සරුංගල් දිස්වන්නක් මෙන් දැකගත හැකි විය. වර්ණවත් පැරිෂුට් ඒ මේ අතට සුළං දිශාවට ගමන් කරන ආකාරය වෙරළේ සිටි අපට දැකගත හැකි විය. වෙරළේ සිට බලනවිට එක් එක් පසින් විශේෂ භූමි සලකුණු දැකගත හැකි විය. කළපුවත්, මුහුදත් හමුවන බිම් තීරුවේ අවසන් ස්ථානයට ගොස් ඉදිරිය බැලූ විට ඈතින් කැළෑවක දර්ශනක් දැකගැනීමට හැකි වූ අතර, ඒ විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් කොටස් බව අපගේ මගපෙන්වන්නා වූ සුගත් විස්තර කළේ ය. \"අපි මේ ඉන්න තැන ඉඳලා කෙලින් ම බැලුවම ඈතින් පේන්නේ විල්පත්තුවට අයිති කැළෑව. එතනින් ටිකක් දකුණු අත පැත්තට වෙන්න කන්දක් වගේ උස කොටසක් ඈතින් පේනවා. ඒ තමයි විජය කුමාරයා ඉන්දියාවේ ඉඳන් ඇවිත් ලංකාවට ගොඩ බැස්ස තම්බපණ්ණි අඩවිය. වම් පැත්තේ මුහුදෙ ටිකක් ඈතින් පේන්න තියෙන්නේ බත්තලංගුණ්ඩුව දූපත. ඒ ආසන්නයේ තියෙන තව දූපත් කීපයක් තියෙනවා. පුහුණු වෙලා ඉන්න කයිට් සර්ෆින් පදින සංචාරකයන් ඒ හරියේ තමයි කයිට් සර්ෆින් පදින්නේ,\" සුගත් පවසයි. මෙම වෙරළ තීරයේ ඇතැම් සංචාරකයන් කඳවුරු බඳින බව සුගත් පැවසුවේ ය. \"වාරකන් කාලය ඉවර වුනාම මේ වෙරළ තව ලොකු වෙනවා. ඒ වගේ ම මුහුදු රැල්ල හරි පැහැදිලියි. මේ වෙරළ තව ටිකක් පාත් වෙනවා. ඒ කාලයට සමහර අය ඇවිල්ලා කඳවුරු බඳිනවා. ඒ කාලයටම තමයි ඩොල්ෆින්ලා, කැස්බෑවො එහෙමත් බලන්න පුළුවන්.\" \"තවම මේ පැත්තේ වෙරළ බලන්න එන ප්‍රමාණය අඩුයි. පල්ලිය වඳින්න එන අය එතැනින් හැරිලා යනවා. නමුත් ලංකාවේ කයිට් සර්ෆින් තියෙන එකම පැත්ත මෙහෙ නිසා විදේශීය සංචාරකයන් යම් ප්‍රමාණයක් මේ පැත්තට එනවා\" සුගත් විස්තර කළේ ය. අප වෙරළ තීරයේ සුන්දරත්වය විඳිමින් සිටින අතරතුර ධීවර රැකියාවට ගොස් මාළු රැගෙන එන බෝට්ටුවක් වෙරළට සේන්දු විය. උච්චමුනේ වෙරළේ ධීවරයෝ බෝට්ටුව වෙරළට සේන්දු වූ පසු එහි සිටි ධීවරයන් දෙදෙනා ඔවුන් දැල් දමා අල්ලාගත් මාළු වෙරළෙන් තබන ආකාරය දුටු අපි ලහි ලහියේ ඒ දෙසට ඇවිද ගියෙමු. උච්චමුනේ ප්‍රදේශයේ ජීවත්වන පාරම්පරික ධීවරයෙකු වන හතලිස් හත් හැවිරිදි අන්තෝනි ලැජ්ජාශීලී නමුත් මිතුරු සිනහවකින් යුක්තව අප සමඟ දොඩමළු විය. \"මගේ තාත්තත් මුහුදු රස්සාව කළේ ඊට පස්සෙ මමත් මුහුදු රස්සාවට ගියා. දැන් මගේ පුතාත් කරන්නේ මුහුදු රස්සාව,\"අන්තෝනි පැවසුවේ ය. \"ඉස්සර නම් මේ පැත්තට කවුරුත් ආවේ නෑ. කැළේ පැත්ත එල්ටීටීඊ එකේ අය අල්ලගෙන හිටියනේ. ඒ කාලෙ අපි මේ පැත්තේ හවස හයෙන් පස්සේ බෝට්ටුවල යන්නේ නෑ. ඒ පැත්තෙන් එල්ටීටීඊ එක. මේ පැත්තෙන් නේවි එක. දෙපැත්තෙන් ම කරදරයක් වෙන්න පුළුවන්. ඒත් යුද්ධෙ ඉවර වුණාට පස්සෙ එහෙම ප්‍රශ්නයක් ආවේ නෑ,\" අන්තෝනි සිහි කරයි. \"ඊට පස්සෙ ඉතින් පල්ලිය හැදුණම මිනිස්සු එන්න ගත්තා පල්ලිය බලන්න. තව පිටරට අයත් එනවා කයිට් සර්ෆින් පදින්න. තවම වැඩිය කට්ටිය මේ හරියටම එන්නේ නෑ,\"ඔහු මිත්‍රශීලීව සිනාසෙමින් පැවසුවේ ය. ඒ අතරතුර මසුන් මිලට ගැනීමට කල්පිටියේ සිට පැමිණි අතරමැදියෙකු ධීවරයන්ගේ මසුන් අස්වැන්න මිලට ගෙන පිටත්ව ගියේ ය. \"අපි ඉපදුන දවසේ ඉඳන් මේ වෙරළේ තමයි ජීවත් වෙන්නේ. ඒත් මේ පැත්තේ කිසිම කෙනෙක්ට ඔප්පු නෑ. ඒ වගේ ම මේ හරියේ ඉස්පිරිතාලයක් නැති නිසා බෝට්ටුවේ ගැස්සි ගැස්සි කල්පිටි ගෙනියන්න වෙනවා. ඉතින් හරි අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ,\"අන්තෝනි නැවතත් පැවසුවේය. මෙම වෙරළ තීරය ආශ්‍රිත ධීවර ජනාවසවල ජීවත් ජනයා විදුලිය ලබා ගන්නේ සූර්යය බලයෙන් බව අප සමග අදහස් දැක්වූවෝ කියා සිටියහ. උච්චමුනේ හුදෙකලා වෙරළ තීරයේ සුන්දරත්වය විඳගත් අප නැවත ඒමට පිටත් වූයේ කයිට් සර්ෆින් ක්‍රීඩාව පුහුණුවෙන විදේශීය සංචාකයන් සොයා යෑමේ අරමුණින් ය. මහවැසි මැද සරුංගල් පදින්නන් සොයා අප නැවත ඒමට පිටත් වී මද දුරක් යත් ම වර්ෂාවක් ඇද වැටීමට පටන් ගත් අතර අප ගමන් කරමින් සිටියේ වර්ෂාවට ප්‍රතිවිරුද්ධ දිශාවටයි. වැසි බිඳු වේගයෙන් අපවෙත පැමිණියේ ඊතල වර්ෂාවක් මෙන් ය. වර්ෂාවත් සමඟ ඈතින් දිස් වූ සර්ෆින් සරුංගල් පහළට එන බවක් දැකගැනීමට හැකි වූ අතර අප ගමන ආරම්භ කළ ස්ථානය පැමිනෙණ විට විදේශිකයන් පිරිසක් වර්ෂාව පහව යනතෙක් වෙරළේ රැඳී සිටින ආකරය දැකගැනීමට හැකි විය. සුගත්ගේ පුත්‍රයාවන බලපත්‍රලාභී කයිට් සර්ෆින් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන සචින් දේවින්ද විදේශීය සංචාරකයෙකුට කයිට් සර්ෆින් මූලික දැනුම ලබා දෙමින් සිටියේ ය. ඒ වෙත ගිය අපට එම විදේශීය කාන්තාව සමග කතා කිරීමේ අවස්ථාව ද හිමිවිය. ස්ටෙෆනි ජර්මනියේ සිට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ඇත්තේ පළමු වතාවටය. ඇය ශ්‍රී ලංකාවේ සති හතරක් රැඳී සිටීමට අපේක්ෂා කරන අතර ඇගේ පළමු සතිය ඇය කයිට් සර්ෆින් අත්දැකීම ලබා ගැනීමට වෙන් කළ බව ඇය පැවසුවා ය. \"මම ඇවිත් තවම දින කිහිපයයි. නමුත් හැමදෙයක් ම හොඳයි. මට ටිකක් නිදහසේ මගේ නිවාඩුව ගත කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා තමයි මම කයිට් සර්ෆින් ඉගෙන ගන්න මෙහෙට එනවා කියන සැලසුමෙන් ආවේ. ඇත්තටම මට ශ්‍රී ලංකාව ගැන තියෙන්නේ හරිම සතුටුදායක හැඟීමක්,\" ස්ටෙෆනි පැවසුවා ය. ඇය සිය කයිට් සර්ෆින් ගුරුවරයා සමග පුහුණු කටයුතු නැවත අරඹා, නැවත අප වෙත පැමිණියා ය. \"ඔයාලා දන්නවද මම ශ්‍රී ලංකාවට එන්න වැඩියෙන් ම හේතුවුණේ මොකක්ද කියලා? ශ්‍රී ලංකාව තමයි කාන්තාවන්ට තනිව සංචාරය කරන්න හොඳම රට,\" යැයි ඇය ඉතාම ප්‍රීතිමත් සිනාවකින් යුක්තව පැවසුවා ය. එතැනින් තරමක් ඔබ්බට ඇවිද ගිය අපට තවත් විදේශිකයන් තිදෙනෙක් හමු වූ අතර එක් අයෙක් මොරොක්කෝ ජාතික කයිට් සර්ෆින් පුහුණුකරුවෙකි. අපගේ මගපෙන්වන්නා පැවසුවේ විදේශීය පුහුණුකරුවන් පවා මෙම ප්‍රදේශයේ කයිට් සර්ෆින් පුහුණු කිරීම් කරන බවයි. ඔහු සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයකට පළමුවරට පැමිණි ස්විට්සර්ලන්ත ජාතිකයෙකු සහ ලිතුවේනියානු ජාතික කාන්තාවක් සිටිය හ. ඔවුන් ද ඉතා සතුටින් බීබීසී සිංහල සමඟ සිය අත්දැකීම් බෙදාගැනීමට එක් වූහ. \"ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළවල් හරිම ලස්සනයි. මේ පැත්ත මම හරිම ආස ප්‍රදේශයක්. මම ආයෙත් අනිවාර්යයෙන් ම ශ්‍රී ලංකාවට එනවා. ඒ වගේ ම ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සුන්දර මුහුදු වෙරළ, ආරුගම්බේ වගේ ගොඩක් තැන්වල සංචාරය කරන්නත් බලාපොරොත්තුවෙනවා,\" මොරොක්කෝ ජාතික යසීන් බීබීසී සිංහල වෙත පැවසුවේ ය. \"ඔයා දන්නවද මම ලංකාවට ආව වෙලාවේ ඉඳන් දැක්කේ හරිම මිත්‍රශීලීව හිනාවෙලා ඉන්න මිනිස්සු. අපේ රටවල්වල දකින්න අමාරුත් ඒ හිනාව තමයි,\" ඔහු පැවසුවේ ය. ඇග්නි ද ශ්‍රී ලංකාව තුළ තමාට මෙතෙක් සුරක්ෂිතභවයක් දැනී ඇති බවත් ඇය ද මෙම වෙරළ තීරයේ කයිට් සර්ෆින් ක්‍රීඩාවේ නිරත වීමට බලාපොරොත්තුවෙන් පැමිණි බවත් පැවසුවා ය. \"මම සහ යානික් ශ්‍රී ලංකාවට ආවේ නේපාලයේ සංචාරයක් අවසන් කරලා. දැන් අපි කයිට් සර්ෆින් ඉගෙන ගනිමින් ඉන්නවා. අපි සතියක් පමණ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම අපි නැවත ශ්‍රී ලංකාවට එන්නත් බලාපොරොත්තු වෙනවා,\" ඇග්නි සිය අත්දැකීම විස්තර කළේ එලෙසින් ය. එම සංචාරකයන් ශ්‍රී ලංකාව පිළිබඳ සහ සුන්දර වෙරළ තීරයන් සම්බන්ධයෙන් බොහෝ දෑ කතා කළ හ. 'සුන්දර වෙරළ අපිරිසිදු කරන්න එපා' ඔවුන් සමඟ සාකච්ඡා කිරීමේ දී ස්විට්සර්ලන්ත ජාතික සංචාරකයෙකු වූ යානික් පැවසුවේ ශ්‍රී ලාංකිකයන් සිය රට සතු වටිනා වෙරළ තීරයන් රැක ගැනීමට මීට වඩා උනන්දු විය යුතු බවයි. \"මම ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළෙන් එළියට ඇවිත් මෙහෙට එන අතර මග දැක්කේ සම්පූර්ණයෙන් ම කොළ පාට විතරයි. සෑහෙන්න ගස් වවලා තිබුණා. මට ඒ කොළ පාට දැක්කම ගොඩක් සතුටු හිතුණා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්. නමුත් වෙරළ තීරයට ආවට පසුව මම දැකපු කණගාටුදායක දෙයක් තමයි වෙරළේ සමහර තැන් වල කුණු එකතුවෙලා තියෙන එක. ඔබේ රටට හරිම සුන්දර පරිසරයක් හිමිවෙලා තියෙනවා. මම දන්නේ නෑ ඇයි ඔබ ඒවා රැකගන්න ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැත්තේ කියලා,\" යානික් පැවසුවේ ය. සුන්දර වෙරළ අසුන්දර කරන කසළ ගැටලුව වෙරළ තීරයේ ඇතැම් තැන් පොලිතින්, ප්ලාස්ටික් වැනි කසළ සහ ධීවරයන්ගේ දැල්වලට හසුවන නමුත් ආහාරය ගැනීමට නුසුදුසු නිසා ඉවත දැමූ මසුන් නිසා තරමක් අපවිත්‍ර වී තිබුණි. \"මෙතැනට එක එක පැතිවලින් කුණු ගොඩගහනවා. සමහර කාලවලට ඉන්දියාවේ කුණුත් එනවා. ඒවා වල තියෙන ලේබල්වලින් හඳුගන්න පුළුවන් ඉන්දියාවේ කියලා. එතකොට අපි ඒවා දන්වන්න ඕන ආයතනවලට කතා කරලා කියනවා,\" සුගත් පැවසුවේ ය. මෙම වෙරළ ආසන්න මුහුදේ ඇති කොරල්පර පිරිසිදු කිරීමට ද වරින් වර කටයුතු කරන බව ඔහු පැවසුවේ ය. ඔහු කිමිදුම්කරුවෙකු ලෙස කටයුතු කළ කාලයේ දී එම කොරල්පර ආශ්‍රිතව එකතු වී තිබූ ධීවරයන් විසින් ඉවත දැමූ දැල්වල කොටස් වල ඡායාරූප කිහිපයක් ඔහු අපට පෙන්වීය. \"අපි අපට පුළුවන් විදිහට මේ පැත්ත සුද්ද කරනවා. කුණු දාන අයත් නොදා ඉන්න සැලකිලිමත් වෙන්න ඕනෑ. අනෙක් පැත්තෙන් මේකට හරි වැඩපිළිවෙළක් යෙදුවොත් වෙරළේ ස්වභාවික සුන්දරත්වය සහ ජෛව විවිධත්වය රැකගෙන මේ පැත්තේ සංචාරක කර්මාන්තය තවත් ඉහළට ගෙන යන්න පුළුවන්,\" සුගත් කියා සිටියේ අපට සුන්දර ගමනාතයක මතක සටහන් ඉතිරි කරමිනි. සංචාරක සටහන : අමන්දිකා කුරේ ඡායාරූප : තාරක සම්මාන්",
"Title": "මෝසම් වැසි, වාරකන් මැද, සැඟවුණු සංචාරක පාරාදීසයක් සොයා"
} |
{
"Text": " පක්ෂය තුළ පවතින බෙදීම් මෙන්ම, අධිකරණ නියෝග හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පැවති අර්බුදකාරී තත්ත්වය තවත් තිව්‍ර වී තිබේ. පාර්ශව දෙකකට බෙදී ඇති පක්ෂයේ නියෝජිතයින් ඒකිනෙකාට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කර වාරණ නියෝග ලබා ගැනීමේ නැඹුරුවක් මෙන්ම එම වාරණ නියෝග ඉවත් කර ගැනීමට දරණ උත්සාහයන් පසුගිය මාස දෙක පුරාවට දක්නට ලැබුණි. පක්ෂයේ අර්බුදය තවත් තිව්‍රවුයේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග ය. එම ඉල්ලා අස්වීමෙහි යටි අරමුණ වූයේ, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට පත් කිරීම ය. (මැයි 13) පස්වරුවේ කෝට්ටේදී පැවති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ විධායක සභා රැස්වීමේදී මෛත්‍රීපාල සිරිසේන සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ අතර, එහිදී ගත් ඒකමතික තීරණයකට අනුව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පක්ෂ සභාපති ධූරයට පත් කර ගැනිණි. ඊට අමතරව, පක්ෂයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක නීතිඥ කීර්ති උඩවත්ත පත් කෙරිණි. පවතින පසුබිම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අධිකරණය ලබා දී ඇති නියෝග මොනවා දැයි බීබීසී සිංහල විසින් විමසා බලනු බැලීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළව මෙතෙක් ලැබුණු අධිකරණ නියෝග මොනවාද ? \n2024 අප්‍රේල් 4 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් ස්ථිර අතුරු තහනම් නියෝගයක් \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 29 වැනිදා\n කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්. \n2024 මැයි 7 වැනිදා\n කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි. \n2024 මැයි 10 වැනිදා\n තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ ස්ථිර අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේනගෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට අභියාචනයක්. \n2024 මැයි 13 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා සහ වැඩබලන ලේකම් ලෙස තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්තට එම තනතුරේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වමින් කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 14 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ලෙස තේරී පත් වූ විජයදාස රාජපක්ෂට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 28 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා හා සාමාජිකයෙකු වශයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 31 වැනිදා\n අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවක් සම්බන්ධයෙන් ජුලි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන වෙත අභියාචනාධිකරණයෙන් නොතිසි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළව මෙතෙක් ලැබුණු අධිකරණ නියෝග මොනවාද ? \n2024 අප්‍රේල් 4 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් ස්ථිර අතුරු තහනම් නියෝගයක් \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 29 වැනිදා\n කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්. \n2024 මැයි 7 වැනිදා\n කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි. \n2024 මැයි 10 වැනිදා\n තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ ස්ථිර අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේනගෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට අභියාචනයක්. \n2024 මැයි 13 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා සහ වැඩබලන ලේකම් ලෙස තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්තට එම තනතුරේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වමින් කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 14 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ලෙස තේරී පත් වූ විජයදාස රාජපක්ෂට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 28 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා හා සාමාජිකයෙකු වශයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 31 වැනිදා\n අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවක් සම්බන්ධයෙන් ජුලි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන වෙත අභියාචනාධිකරණයෙන් නොතිසි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළව මෙතෙක් ලැබුණු අධිකරණ නියෝග මොනවාද ? \n2024 අප්‍රේල් 4 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් ස්ථිර අතුරු තහනම් නියෝගයක් \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 29 වැනිදා\n කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්. \n2024 මැයි 7 වැනිදා\n කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි. \n2024 මැයි 10 වැනිදා\n තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ ස්ථිර අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේනගෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට අභියාචනයක්. \n2024 මැයි 13 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා සහ වැඩබලන ලේකම් ලෙස තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්තට එම තනතුරේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වමින් කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 14 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ලෙස තේරී පත් වූ විජයදාස රාජපක්ෂට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 28 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා හා සාමාජිකයෙකු වශයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 31 වැනිදා\n අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවක් සම්බන්ධයෙන් ජුලි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන වෙත අභියාචනාධිකරණයෙන් නොතිසි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළව මෙතෙක් ලැබුණු අධිකරණ නියෝග මොනවාද ? \n2024 අප්‍රේල් 4 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් ස්ථිර අතුරු තහනම් නියෝගයක් \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 29 වැනිදා\n කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්. \n2024 මැයි 7 වැනිදා\n කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි. \n2024 මැයි 10 වැනිදා\n තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ ස්ථිර අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේනගෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට අභියාචනයක්. \n2024 මැයි 13 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා සහ වැඩබලන ලේකම් ලෙස තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්තට එම තනතුරේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වමින් කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 14 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ලෙස තේරී පත් වූ විජයදාස රාජපක්ෂට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 28 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා හා සාමාජිකයෙකු වශයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 31 වැනිදා\n අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවක් සම්බන්ධයෙන් ජුලි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන වෙත අභියාචනාධිකරණයෙන් නොතිසි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළව මෙතෙක් ලැබුණු අධිකරණ නියෝග මොනවාද ? \n2024 අප්‍රේල් 4 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් ස්ථිර අතුරු තහනම් නියෝගයක් \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 29 වැනිදා\n කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්. \n2024 මැයි 7 වැනිදා\n කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි. \n2024 මැයි 10 වැනිදා\n තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ ස්ථිර අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේනගෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට අභියාචනයක්. \n2024 මැයි 13 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා සහ වැඩබලන ලේකම් ලෙස තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්තට එම තනතුරේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වමින් කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 14 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ලෙස තේරී පත් වූ විජයදාස රාජපක්ෂට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 28 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා හා සාමාජිකයෙකු වශයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 31 වැනිදා\n අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවක් සම්බන්ධයෙන් ජුලි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන වෙත අභියාචනාධිකරණයෙන් නොතිසි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළව මෙතෙක් ලැබුණු අධිකරණ නියෝග මොනවාද ? \n2024 අප්‍රේල් 4 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් ස්ථිර අතුරු තහනම් නියෝගයක් \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 29 වැනිදා\n කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්. \n2024 මැයි 7 වැනිදා\n කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි. \n2024 මැයි 10 වැනිදා\n තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ ස්ථිර අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේනගෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට අභියාචනයක්. \n2024 මැයි 13 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා සහ වැඩබලන ලේකම් ලෙස තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්තට එම තනතුරේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වමින් කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 14 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ලෙස තේරී පත් වූ විජයදාස රාජපක්ෂට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 28 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා හා සාමාජිකයෙකු වශයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 31 වැනිදා\n අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවක් සම්බන්ධයෙන් ජුලි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන වෙත අභියාචනාධිකරණයෙන් නොතිසි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළව මෙතෙක් ලැබුණු අධිකරණ නියෝග මොනවාද ? \n2024 අප්‍රේල් 4 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් ස්ථිර අතුරු තහනම් නියෝගයක් \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 29 වැනිදා\n කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්. \n2024 මැයි 7 වැනිදා\n කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි. \n2024 මැයි 10 වැනිදා\n තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ ස්ථිර අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේනගෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට අභියාචනයක්. \n2024 මැයි 13 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා සහ වැඩබලන ලේකම් ලෙස තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්තට එම තනතුරේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වමින් කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 14 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ලෙස තේරී පත් වූ විජයදාස රාජපක්ෂට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 28 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා හා සාමාජිකයෙකු වශයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 31 වැනිදා\n අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවක් සම්බන්ධයෙන් ජුලි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන වෙත අභියාචනාධිකරණයෙන් නොතිසි. \n2024 අප්‍රේල් 4 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් ස්ථිර අතුරු තහනම් නියෝගයක් \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 29 වැනිදා\n කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්. \n2024 මැයි 7 වැනිදා\n කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි. \n2024 මැයි 10 වැනිදා\n තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ ස්ථිර අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේනගෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට අභියාචනයක්. \n2024 මැයි 13 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා සහ වැඩබලන ලේකම් ලෙස තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්තට එම තනතුරේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වමින් කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 14 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ලෙස තේරී පත් වූ විජයදාස රාජපක්ෂට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 28 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා හා සාමාජිකයෙකු වශයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 31 වැනිදා\n අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවක් සම්බන්ධයෙන් ජුලි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන වෙත අභියාචනාධිකරණයෙන් නොතිසි. \n2024 අප්‍රේල් 4 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් ස්ථිර අතුරු තහනම් නියෝගයක් \n2024 අප්‍රේල් 24 වැනිදා\n ශ්‍රීලනිප වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 අප්‍රේල් 29 වැනිදා\n කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්. \n2024 මැයි 7 වැනිදා\n කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි. \n2024 මැයි 10 වැනිදා\n තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ ස්ථිර අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේනගෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට අභියාචනයක්. \n2024 මැයි 13 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා සහ වැඩබලන ලේකම් ලෙස තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්තට එම තනතුරේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වමින් කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 14 වැනිදා\n ශ්‍රීලනිප සභාපති ලෙස තේරී පත් වූ විජයදාස රාජපක්ෂට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 28 වැනිදා\n ශ්‍රීලනිප සභාපතිවරයා හා සාමාජිකයෙකු වශයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්. \n2024 මැයි 31 වැනිදා\n අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවක් සම්බන්ධයෙන් ජුලි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන වෙත අභියාචනාධිකරණයෙන් නොතිසි. ",
"Title": "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළව මෙතෙක් ලැබුණු අධිකරණ නියෝග මොනවා ද?"
} |
{
"Text": " \"ඉස්සර මමත්, අම්මාත් දවසේ කුලියට අනුන්ගේ කුඹුරු කොටන්න යනවා. මම වරුවෙන් වැඩ නවත්වලා පන්ති යනවා. අම්මා හවස් වෙනකන් වැඩ කරලා සල්ලි අරන් එනවා ටියුෂන් පන්තියට ගෙවන්න. ඒ විදිහට අමාරුවෙන් තමයි මම ඉගෙන ගත්තේ,\" ඒ ආකාරයට බීබීසී සිංහල සමඟින් දොඩමළු වූයේ මහියංගණය, රිදීමාලියද්ද ප්‍රදේශයේ සිටින අපූරු ගුරුවරයෙකි. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරියෙකු වන ඔහු වර්තමානයේ රජයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරයි. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් පාරම්පරික ගොවීන් ජීවත්වන රිදීමාලියද්ද ප්‍රදේශය යනු දරිද්‍රතාවයෙන් ද පීඩා විඳින ප්‍රදේශයකි. එමෙන් ම පාසල් පද්ධතිය තුළ ද සිසුන්ට ඇත්තේ අවම පහසුකම් ය. දරුවන්ට ඉගැන්වීමට වියදම් කිරීමට මුදල් නොමැතිකම එම ප්‍රදේශයේ බොහෝ දෙමාපියන් මුහුණ දෙන ගැටළුවකි. මෙම ප්‍රදේශයේ වාණිජ විෂය ධාරාව හදාරණ සිසුන්ට නොමිලේ, කිසිඳු මුදලක් නොගෙවා විෂයන් ඉගෙනීමේ අවස්ථාව ඉහත සඳහන් කළ ගුරුවරයා එනම්, අරුණ ප්‍රියංකර ලබා දී තිබේ. 2024 මැයි 31 වන දින නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵල අනුව ඔහුගේ පන්තියේ සිසුන් නව දෙනෙකු විශ්වවිද්‍යාල වරම් ලබා තිබෙන අතර, ඔහුගේ පන්තියට සම්බන්ධ වූ ළමුන් එකොළොස් දෙනා ඔහු උගන්වන ගිණුම්කරණ විෂයට ඒ සාමාර්ථ සහ බී සාමාර්ථ පමණක් ලබා තිබීම ද විශේෂත්වයකි. විශ්වවිද්‍යාලයෙන් ලැබූ පන්නරය \"මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ 2011 වසරේ දී. මම කලින් කිව්වා වගේ ගොඩක් අමාරුවෙන් තමයි මම ඉගෙන ගත්තේ. අපේ අම්මලාගේ තාත්තලාගේ අත්වල රේඛා මැකිලා ගිහින් කුඹුරු කොටලා. මගේ අයියත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගියා. ඊට පස්සෙ තමයි මම රජරට විශ්වවිද්‍යාලයට තේරුණේ,\" අරුණ විස්තර කළේ ය. දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ සිය වැඩිමහල් සහෝදරයා විශ්වවිද්‍යාලයට තේරීපත් වූ පසු අරුණ ප්‍රියංකර අධ්‍යාපනය ලබා ඇත්තේ දෙමාපියන් සමඟ ගොවිතැන් කරමින් සහ සතුන් රැකබලා ගනිමින් ඉතා දුෂ්කර කොන්දේසි යටතේය. ඔහු පවසන්නේ 2011 දී විශ්වවිද්යාලයට ඇතුලත් වූ පසු ඔහු නොදුටු ලෝකයක් ඔහුට දැකගැනීමට හැකි වූ බව ය. \"කැම්පස් යන්න කලින් මම හිතාගෙන හිටියේ මේ කැම්පස්වල ඉන්නේ ඉගෙන ගන්නේ නැති, නිතරම උද්ඝෝෂණය කර කර ඉන්න අය කියලා. නමුත් මම විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න ඔනෑ ඇයි වගේ ම අධ්‍යාපනය වර්තමානයේ මුහුණ දීලා සිටින අර්බුදය මොකක්ද කියන දේවල් ගැන අවබෝධයක් ලැබුණා. ශිෂ්‍ය සංගම් කාර්යාලය පිහිටා තිබුන ආපනශාලාවට ගියාම අපට ගොඩක් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයන් ආශ්‍රය කරන්න ලැබුණා. ඒ අයගෙන් සාහිත්‍ය, දේශපාලනය වගේ ගොඩක් පැති ගැන අවබෝධයක් ලබා ගන්න මට පුළුවන් වුණා.\" විශ්වවිද්‍යාල සමය තුළ සිසු ක්‍රියාකාරිකයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කළ අරුණට තම දැනුම බෙදා දීමේ අවස්ථාව හිමිවන්නේ අහම්බයකිනි. අහම්බයෙන් ආ ඇරයුම \"මම 2017 දී උපාධිය ලබා ගත්තත් පූර්ණ කාලීන දේශපාලනයේ ටික කාලයක් නිරත වෙලා සිටියා. මේ ඉන්න අතරේ දී තමයි මට පෙතියාගොඩ ද්විතීක පාසලේ විදුහල්පතිතුමා කතා කරලා ස්වේච්ඡා ගුරුවරයෙක් විදිහට පාසලේ වැඩ කරන්න එන්න කියලා කියන්නේ. ඒ වෙනකොට පාසලේ වාණිජ අංශයේ හිටියේ දරුවො දෙන්නයි. ඒ අයට ගිණුම්කරණය සහ ව්‍යාපාර අධ්‍යනය උගන්වන්න ගුරුවරයෙක් ඉඳලා තිබුණේ නෑ. ඒ විදිහට තමයි මම ගුරුවරයෙක් වෙන්න අදාල මූලික අඩිතාලම වැටුණේ,\" ඔහු විස්තර කළේ ය. ඔහු මෙම පාසලේ පළමුව ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරන විට වාණිජ විෂය සඳහා සිට ඇත්තේ සිසුන් දෙදෙනෙකු පමණයි. නමුත් ඉගැන්වීම් කටයුතු කරගෙන යාමේ දී එම සංඛ්‍යාව හතරක් දක්වා වැඩි වී තිබේ. \"මේ වගේ පැත්තක දරුවෙක් වාණිජ විෂයන් තෝරන්න බයයි. පන්තිවලට වියදම් කරන්න බැරිකම, ඉස්කෝලවල ගුරු හිඟය වගේ විවිධ හේතු ඒකට බලපානවා. මම මුලින් ම උගන්වනකොට හිටියේ දරුවො දෙන්නයි. ටික කාලයක් වැඩ කරගෙන යනකොට ඒක හතරක් දක්වා වැඩි වුණා. මේ හතර දෙනා අතරින් එක් දරුවෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත්, තවත් දරුවෙක් රජරට විශ්වවිද්‍යාලයටත් අනෙක් දරුවන් දෙදෙනාත් තව විශ්වවිද්‍යාලවලටත් තේරුණා. ඊළඟ අවුරුද්දෙ නැවත ඉස්කෝලෙටම එක දරුවයි වාණිජ විෂය කළේ. ඒ දරුවත් විශ්වවිද්‍යාලයට යන්න තේරුණා.\" මේ තත්වයත් සමඟ මීළඟ වසරවල සිසුන් පෙරට වඩා වාණිජ විෂයන් තෝරාගැනීමට උනන්දු වූ බව ඔහු පෙන්වා දුන්නේ ය. \"දරුවෙක්ට විශ්වාසයක් ඇතිවුණාම තමයි එයා මාත් එක්ක මේ ගමන යන්න එන්නේ. මම එයාට ඒ විශ්වාසය හදලා දුන්නා. උසස්පෙළ කියන්නේ කඩඉම් විභාගයක් නිසා දරුවෙක් මේක ගැන හිතනවා මෙයා එක්ක ගිහින් මට මගේ ජිවිතේ ඉලක්ක වලට යන්න පුළුවන් ද කියලා.\" ඔහු පළමු වරට උපකාරක පන්ති පැවැත්වීම ආරම්භ කරන්නේ 2020 වසරේ දී ය. ඒ 2022 වසරේ උසස් පෙළට පෙනී සිටි කණ්ඩායමටයි. \"අපේ පාසලෙන් වසර 30කින් කිසිඳු ශිෂ්‍යයෙක් කලා විෂය ධාරාවෙන් හෝ විශ්වවිද්‍යාලයට තේරිලා තිබුණේ නැතිවෙලාවක තමයි. දරුවන් මේ විදිහට හොඳ ප්‍රතිඵල ලබා ගත්තේ. ඊට පස්සෙ මම නිදහස් අධ්‍යාපනයෙන් ලබා ගත්ත දැනුම තවත් දරුවන්ට බෙදා දෙන්න මම උපකාරක පන්ති කරන්නත් පටන් ගත්තා,\" අරුණ පවසයි. \"දැනුම කියන්නේ මගේවත් කාගේවත් බූදලයක් නොවෙයි. දැනුම අයිති සමාජයට. රටේ හැම මනුස්සයෙක්ම ගෙවන බදු සල්ලිවලින් ඉගෙන ගත්ත මට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ දැනුම සමාජයට බෙදලා දෙන එක. ඒකට මගේ වටේ ඉන්න ගොඩක් අය මට උදව් කළා.\" 'විනය තමයි ප්‍රතිඵලවල රහස' අරුණට උපකාරක පන්ති පැවැත්වීමට අවශ්‍ය ස්ථානය නොමිලේ ලබා දෙන්නේ ඔහු ස්වේච්ඡාවෙන් සේවය කළ පාසලේ ම ගුරුවරයෙකි. \"මගේ පාසලේ ඉන්න පියරපාන ගුරුතුමා තමයි මට පන්ති කරන්න අවශ්‍ය තැන දුන්නේ. ඒකට ඔහු මගෙන් සතයක්වත් ගන්නේ නෑ. පන්ති පවත්වන කාලය තුල යන වතුර බිල්, විදුලි බිල් සේරම ඒ සර් දරාගන්නවා. ෆෑන් පවා දාලා දීලා තියෙනවා. සමහරවෙලාවට සර් සහ ඔහුගේ බිරිඳ දරුවන්ට තේ ටික පවා හදලා දෙනවා,\" අරුණ පැවසුවේ ය. \"දරුවන්ගෙන් මුදල් අය කරන්නේ නැති නිසා අවශ්‍ය වියදම් පිරිමසා ගන්න මට මගේ විශ්වවිද්‍යාල කාලයේ යාලුවො උදවු කරනවා. බෝඩ් එකේ ලියන පෑන්, කඩදාසි ගන්න අවශ්‍ය වුණාම ඒ අය උදවු කරනවා. ඒ සහෝදර සහෝදරියන් ඉතාම සතුටින් තමයි ඒ දායකත්වය ලබා දෙන්නේ.\" සෑම වසරකම මෙන් මෙම වසරේ දී ද ඔහුගේ පන්තියට සහභාගී වූ සිසුන් නවදෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ. \"මම මගේ පන්තිවල ටියුට් දෙන්නේ නෑ. ඒවා මුද්‍රණය කරන්න විශාල මුදලක් යනවා. ඒ නිසා මම දරුවන්ට ඒ වෙලාවේ උගන්වන දේවල් එක්ක තමයි දරුවන් ඉගෙන ගන්නේ. එතැන දී මම යම් විනයක් පවත්වාගෙන යනවා,\" අරුණ විස්තර කළේ ඔහු පන්ති පැවැත්වීමේ දී කටයුතු කරන ආකාරයයි. \"මම හැමතිස්සෙම දරුවන්ට කියන දෙයක් තමයි මම ඉගෙන ගත්තේ ඔයාලගේ අම්මලා තාත්තලා ගෙවපු බදු සල්ලිවලින්. ඒ නිසා මම උගන්වන දේවල් හොඳින් ඉගෙන ගන්න කියන එක. මම උගන්වන වෙලාවට කිසි කෙනෙක්ට කතා කරන්න දෙන්නේ නෑ වගේම එක දිගට දවස් දෙකක් පන්තියට නෑවිත් ඉන්න මම දෙන්නේ නෑ. මුලින් අවවාද කරලා සාධාරණ හේතුවක් නැතිව එහෙම කරනවා නම් ඒ අයට මේ ගැන උනන්දුවක් තියෙන්න විදිහක් නෑ. ඒ නිසා මම ඒ කියන විනය පන්තිය තුළ පවත්වාගෙන යනවා.\" 'මම කරන්නේ පිං අතේ වැඩක් නොවෙයි.' \"මාව ගමේ දී හම්බුණාම මේ දරුවන්ගේ දෙමව්පියන් මට කියනවා බොහොම පිං කියලා. ඒ මම අහන්න අකමැතිම වචනයක්.\" අධ්‍යාපනය යනු සමාජ අයිතියක් බව අරුණගේ මතයයි. එනිසා තමා සිදු කරන්නේ තමාට හැකි ආකාරයෙන් දැනුම සමාජගත කිරීම බව ඔහු පවසයි. \"මේ වගේ පැත්තක කාටහරි ගොඩ යන්න නම් ඉගෙන ගන්නම වෙනවා. නමුත් වර්තමානයේ මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න එක්ක ඒක කරන්න ලේසි නෑ. මමත් ඉගෙන ගෙන ඉවර වෙලා අපේ අම්මලා තාත්තලා වගේ අමාරුවෙන් කුඹුරු කොටලා ජීවිතේ ගැටගහගන්න හදන මිනිස්සුන්ට මම ඉගෙන ගත්ත දේවල් විකුණනවා නම් ඒක වැරදි වැඩක්. මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ නිදහස් අධ්‍යාපනය රැකගන්න කියලා කෑ ගහලා එළියට ඇවිත් ඒක විකුණන්න බෑ. ඒ නිසා තමයි මම මේ දරුවන්ට මම ඉගෙන ගත්ත දේවල් නොමිලේ ම උගන්වන්නේ.\" වසර හයක ගුරු ජීවිතය 2018 දී ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස පෙතියාගොඩ ද්විතීක පාසලේ ඉගැන්වීම් ආරම්භ කළ අරුණට පසුව සංවර්ධන නිලධාරියෙකු වශයෙන් පත්වීමක් ලැබී තිබේ. \"මට සංවර්ධන නිලධාරී පත්වීම ලැබිලත් තවම මම පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. සංවර්ධන නිලධාරීන්ව වරින් වර විවිධ ස්ථාන මාරුවලට යවනවා. නමුත් ඒ හැමවෙලාවකට අපේ පාසලේ විදුහල්පතිතුමා ඒ අයට ලිපි ලියලා දිගටම මාව පාසලේ තියාගත්තා.\" අරුණ පවසන්නේ වර්තමානය වන විට ඔහුගේ උපකාරක පන්ති සඳහා සහ පාසලේ වාණිජ විෂය සඳහා සැලකිය යුතු සිසුන් ප්‍රමාණයක් සිටින බවයි. \"මේ වසරේ උසස් පෙළ පන්තියට සිසුන් 36ක් පමණ ඉන්නවා. 2025 පන්තියේ සිසුන් 48ක් පමණ ඉන්නවා. අලුතෙන් පටන් ගන්න ඉන්න පන්තියටත් සිසුන් විස්සකට වැඩිය දැන් ලියාපදිංචි වෙලා තියෙනවා. පාසලේත් දැන් සැලකිය යුතු ළමුන් ප්‍රමාණයක් ඉන්නවා. ඉස්සර උසස් පෙළ කරන්න නගරයට ගිය දරුවන් දැන් නැවත ගමේ ඉස්කෝලෙටම එනවා. නමුත් දැන් අපට ඉඩකඩ ප්‍රශ්නය ලොකුවට තියෙනවා. පාසලට අවශ්‍ය ප්‍රතිපාදන නොමැතිවීම නිසා සිසුන්ට ඉඩ පහසුකම් සහිත ශාලා නෑ. ඒ වගේ ම මම උපකාරක පන්ති පවත්වන තැනත් ඉතාම අමාරුවෙන් ඉඩ කළමනාකරණය කරගන්නෙ,\" අරුණ ඔහු මුහුණ දෙන ගැටලුවක් පිළිබඳව විස්තර කළේ ය. \"දැන් පාසලේ දරුවන් උසස් පෙළ විතරක් නොවෙයි සාමාන්‍ය පෙළටත් ගිණුම්කරණය හා ව්‍යාපර අධ්‍යනය විෂය ඉගෙන ගන්නවා.\" 'පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් කතා කළත් මම ගියේ නෑ.' මෑතක දී ඔහුට උපකාරක පන්ති පවත්වන පුද්ගලික ආයතනවලින් ඇරයුම් ලැබුනත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබේ. \"මගේ නංගි උසස් පෙළ කරනවිට මමත් අයියත් දෙන්නම එක ආයතනයකට ගිහින් ඇහුවා නංගිගේ පන්ති ගාස්තු අඩු කරලා දෙන්න බැරිද කියලා. ඔවුන්ගේ මතය වුණේ එහෙම කරන එක ඔවුන්ට පාඩු බව. නමුත් දැන් ඔවුන් මට කතා කරනවා ඔවුන්ගේ ආයතනයේ මුදල් අයකරගෙන පන්ති පවත්වන්න. මම ඒ යෝජනාව සහ මට තවත් ආයතනවලින් ආව යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කළා,\" ඔහු පවසයි. \"මම ඔවුන්ට පැහැදිලිව කිවුවා මම කිසිම වෙලාවක අධ්‍යාපනය ව්‍යාපාරයක් කරගෙන ජීවත්වෙන්නේ නෑ, ඒ වගේම එය මුදලට විකුණන්න ලෑස්ති නෑ කියලා. මොකද මේ දැනුම මට අයිති දෙයක් නොවෙයි. ඉතින් මගේ බලාපොරොත්තුව මේ විදිහට පුළුවන් කාලයක් දරුවන්ට දැනුම ලබා දීලා මේ සමාජය මට පුළුවන් විදිහට හොඳ පැත්තට තල්ලු කරන එක,\" අරුණ අවසාන වශයෙන් පැවසුවේ ය.",
"Title": "නොමිලේ දැනුම බෙදන මහියංගණයේ උපකාරක පන්ති ගුරුතුමා : 'මම කරන්නේ පිං අතේ වැඩක් නොවෙයි'"
} |
{
"Text": " ආන්දෝලනාත්මක විදුලි බල පනත් කෙටුම්පත අද (ජුනි 6 වැනිදා) දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැණුනි. ඒ, විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති පසුබිම තුළයි. අදාළ වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බව, පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය සභාවට ඉදිරිපත් කරමින් කතානායකවරයා (ජුනි මස 04වැනිදා) පැවසුවේය. ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද ( ජුනි මස 6 වෙනිදා) සවස පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් සිදුකෙරුණි. එහිදී මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් සහ විරුද්ධව ඡන්ද 59ක් හිමිවිය. ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 44කින් සම්මත වූ බව ය. ඉන් අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේ දී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට අදාලව සංශෝධන එක් කිරීමෙන් අනතුරුව එම පනත් කෙටුම්පත සම්මත කළ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය. පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත්කර ඇති විදුලිබල පනත් කෙටුම්පතට අදාළව මේ දක්වා සිදුවුයේ කුමක්ද ? පනත් කෙටුම්පත ගැන පාර්ලිමේන්තුවේ උණුසුමක් බලශක්ති පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව (ජුනි 04 වැනිදා) විදුලිබල පනත් කෙටුම්පත සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධන සාකච්ඡා කර අනුමත කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසීය. ඒ අනුව නියමිත පරිදි පාර්ලිමේන්තුවේ විවාදයට සහ අනුමැතිය සඳහා විදුලිබල පනත් කෙටුම්පත (ජුනි මස 06 වෙනිද) ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා කීයා සිටියේය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත සංශෝධන සහිත ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් අවශ්‍ය බව අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. කෙසේවුවත් විදුලිබල පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු විවාදය සඳහා දින දෙකක් ලබා දෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීම් කළද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට එකඟ නොවීය. විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණයේ ආරම්භය ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර 2023 වසරේ පෙබරවාරි මස 24 වෙනිදා සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසීය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සාමූහික ගිවිසුම්වලින් ඉවත් වීම සහ මූල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බවය. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමෙරිකානු නියෝජිත ආයතනය සහ ජයිකා ආයතනය ඒ සඳහා සහය ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව මූල්‍ය විගණනය, මානව සම්පත් විගණනය, වත්කම් විගණනය සහ නීති සම්පාදනය වෙනුවෙන් අදාළ ආයතනවල සහාය ලබා ගැනීමට මේ වනවිටත් එකඟතාව පළකර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේය. විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි ‘ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත’ 2023 වසරේ දෙසැම්බර් මස 5 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලැබුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගේ නියෝගය මතය. ප්‍රකාශයට පත් කළ නව විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජනා ඇත්නම් ඒවා 2024 වසරේ ජනවාරි මස 03 වෙනිදාට පෙර යොමු කරන ලෙස විෂය භාර අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කරන ලදී. ලද යෝජනා සහ අදහස් සැලකිල්ලට ගත් බව පවසමින් නව පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව පසුගිය අප්‍රේල් 8 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. එම පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවු බවත් ඒ අනුව නව විදුලිබල අංශයේ පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමි වූ බවත් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර පැවසීය. ඒ අනුව සංශෝධිත නව පනත් කෙටුම්පත 2024 වසරේ අප්‍රේල් මස 17 වෙනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන ලදී. විදුලිබල කෙටුම්පත පාර්ලිමේන්තුවට යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් අප්‍රේල් මස 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර තිබේ. සති දෙකක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කෙටුම්පත අභියෝගයට ලක්කිරීමට හැකි බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර එහිදී පැවසීය. කෙටුම්පත යටතේ කරන්න යන සංශෝධන මොනවාද ? යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්‍රය තුළ කිරීමට යන සංශෝධන මොනවාද යන්න ගැන රට තුළ විශාල සංවාදයක් ඇති විය. නව පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත අහෝසි වනු ඇත. නව කෙටුම්පත යටතේ විදුලිබල මණ්ඩලය කොටස් කිහිපයකට බෙදා වෙන් කිරීමට යෝජනා කොට ඇත. එහිදී ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට තනිවම සිදුකරගෙන යන මෙහෙයුම් කටයුතු කොටස් 06 කට බෙදා ඒවා සමාගම් ලෙස පත් කිරීමට හැකි ලෙස නව පනත හරහා ඉඩ සැලසේ. විදුලි බල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම, වෙළඳාම, සැපයීම සහ ප්‍රසම්පාදනය යෝජිත කොටස් 06 ලෙස දැක්වේ. මේ හරහා නව තරගකාරී ආයෝජන අවස්ථා ඇති කිරීම රජයේ අපේක්ෂාව බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කරන ලදී. වෘත්තීය සමිති වලින් ලැබුණු ප්‍රතිචාරය සහ ඇමතිගේ පිළිතුර මෙම නව විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති ඇතුළු පාර්ශව රැසකින් විවිධ චෝදනා එල්ල වුණි. අඩුම පිරිවැයකට විදුලිය ජනනය කිරීම ගැන පනතේ ප්‍රතිපාදන තිබූ නමුත් නව කෙටුම්පතේ සඳහන්ව ඇති ' ආර්ථික පිරිවැය' යන වචනයත් සමග ඊට වියදම් එකතු කිරීමෙන් අනතුරුව විදුලි මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේය. එල්ල වන චෝදනාවලට විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පසුගිය අප්‍රේල් මස 19 වැනිදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රතිචාර දැක්විය. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ වෙනම වගන්තියක් පනතේ ඇතුළත්ව ඇති බවය. \"ජනනය, බෙදාහැරීම සහ සම්ප්‍රේෂණය කියන කොටස් තුන වෙන් කිරීම. ලෝකයේ 90%කට වැඩි රටවල්වල විදුලිබල කර්මාන්තයේ කටයුතු සිදුවන්නේ මේ ආකාරයට.\" \"ඒ නිසා අපි යෝජනා කරලා තියෙන්නෙත් අපේ තියෙන ජලවිදුලි බලාගාර 100%ක්ම රජය සතුව පවත්වාගෙන යන්න.\" \"ගල්අඟුරු බලාගාර, ඩීසල් සහ පුනර්ජනනීය බලාගාර මේවට අනිවාර්යයෙන්ම පෞද්ගලික ආයෝජන අවශ්‍ය වෙනවා මෙය සාර්ථක කරගන්න.\" \"වෘත්තීය සමිති කිහිපයක බලය මත තමා විදුලිබල මණ්ඩලයේ කටයුතු පවතින්නේ. ඒ වෘත්තීය සමිතිවලට බැඳුනොත් විතරයි පඩි වැඩි වෙන්නේ, බැඳුනොත් විතරයි ස්ථාන මාරුවක් හම්බවෙන්නේ. ඔවුන්ට ණය ලැබෙන්නේ. මේ කාරණා පනත ඇතුළෙන් ඉවත් වෙනවා.\" \"වෘත්තීය සමිති නායකයින්ට විතරයි පනත සම්මත වුණාම ගැටලුවක් වෙන්නේ. පාරිභෝගික ආරක්ෂාව ගැන වෙනම වගන්තියක් තියෙනවා මේ පනත ඇතුළේ.\" අමාත්‍යවරයා පැවසුවේය. විදුලිබල කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසක් අධිකරණය හමුවට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව විදුලිබල කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 12ක් ගොනු කෙරුණි. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි බල පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් වී තිබේ. ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව, ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජිකයින් වූ පුණ්‍යා ශ්‍රී කුමාර ජයකොඩි සහ මයුර චානක නෙත්ති කුමාර යන අය විසින් මේ වනවිට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ඉදිරිපත් කර ඇත. යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් පැවරෙන බව පෙත්සමේකරුවන් සිය පෙත්සම්වල සඳහන් කර තිබේ. ‘ඉන්දියාවෙන් ස්වීච් එක දානකම් බලන් ඉන්න වෙනවා’ ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ ආණ්ඩුව (ජුනි මස 06 වෙනිදා) දිනයේදීම විදුලිබල පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කර ගැනීමේ උත්සාහයක නිරතවන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා විදුලි සේවක සංගමයේ ලේකම්වරයා කියා සිටියේ; \"ආණ්ඩුව හදන්නේ මේ පනත් කෙටුම්පත සම්මත කරලා ලංකා විදුලිබල මණ්ඩලය සතුව තිබෙන බෙදා හැරීම් පද්ධති 04ම ඉන්දියාවේ ටාටා සමාගමට දෙන්න යනවා කියලා පැහැදිලිවම නිශ්චිත තොරතුරු තියෙනවා.\" \"ඒ වගේම විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ අංශය කොටස් දෙකකට බෙදලා එකෙන් සීයයට 49ක් දෙන්න යනවා අදානි සමාගමට. \" \"අනිත් පැත්තෙන් ගත්තොත් මේ පනතේ කොහවත් නැති වුනාට පැහැදිලිවම මේකේ පෙළ ගැස්මත් එක්ක පැහැදිලිව පේනවා භූ දේශපාලනයත් එක්ක ඉන්දියාව සහ චීනය අපේ රටේ බලශක්ති අංශය අල්ලා ගන්න විශාල උත්සාහයක ඉන්නවා කියලා.\" \"ඒ අනුව ගත්තම අපි රටක් විදිහට චීනයෙන් ගත්තු ණය තවම ගෙවලා නැහැ. රටේ ජාතික විදුලි සැපයුමෙන් සීයයට 80ක් සපුරන්නේ නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන්. ඒ නිසා ඒක අපිට අනිවාර්යෙන්ම චීනයට දෙන්න වෙනවා.\" \"අපි දකින දෙයක් තමයි රටේ ජාතික ආරක්ෂාවට ප්‍රධාන වශයෙන් බලපෑමක් ගෙන එනවා බලශක්ති ක්ෂේත්‍රය විදේශකරණය කිරීම.\" \"විදුලිබල ඇමතිවරයා ලොකු උත්සාහයක් ගන්නවා (ජුනි 06 වෙනිදා) මේක පාර්ලිමේන්තුව හමුවේ සම්මත කර ගන්න.\" \"පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කරනවා මේ පනත ගැන විවාද කරන්න දවස් දෙකක් කල් දෙන්න කියලා.\" \"අතීතය මතක් කරන්න ඕන 2021 ජුනි මස 11 වෙනිදා කෝප් එකට ඇවිල්ලා විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් ෆර්ඩිනැන්ඩ්ස් කිව්වා 2020 වසරේ නොවැම්බර් මාසේ 27 වෙනිදා බලශක්ති සම්බන්ධයෙන් ඉන්දියාවත් එක්ක පැවති සාකච්ජාවකදී තමාව පසෙකට කැඳවලා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වා කියලා ' ෆර්ඩි, මෝදීගේ බලපෑමක් තියෙනවා. ඒ නිසා සුනිත්‍ය බලශක්ති එක අදානිලට දෙන්න පුළුවන් වටපිටාවක් හදන්න කියලා.' ඒක ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක්.\" \"අපේ රටේ බලශක්ති කේෂ්ත්‍රයට ඉන්දියාව සහ චීනය අත තියලා තියෙනවා. ඒක රටේ ස්වාධිපත්‍යට බරපතල ප්‍රශ්නයක්.\" \"ආණ්ඩුව ඉදිරියේදී අසරණ වෙනවා. මොකද ඉන්දියාව තමයි එහෙ ඉදන් ස්වීච් එක දාන්න ඕන.\" \"මේ පනත අනුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය තනිකරම ඉන්දියාවට දීලා තියන්නේ.\" යනුවෙනි. 'පනතේ මුල් පිටූ දෙක ලස්සන වුනාට ඇතුලට යන්න ඒ තරම් ලස්සන නැහැ' ජනතාව වෙනුවෙන් විදුලිබල පනත ගෙන ආ බව ආණ්ඩුව පැවසුව ද එහි ඇතුළත පිටු ඒ තරම් සුබදායි එකක් නොවන බව ජාත්‍යන්තර බලශක්ති උපදේශක ආචාර්ය තිලක් සියඹලාපිටිය බීබීසී සිංහල වෙත කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්යවරයා,\"විදුලිබල පනත් කෙටුම්පත ගැන සම්පුර්ණයෙන් බැලුවොත් විදුලිබල ක්ෂේත්‍රයේ සම්පුර්ණ ප්‍රතිව්‍යුහගතකරණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ.\" \"මේ පනත හරහා පාරිභෝගිකයාට හොඳ සේවාවක්, තරගකාරී මිලක් පනත යටතේ බලාපොරොත්තු වෙනවා කියලා.\" \"ඒ වගේම මේ පනතේ නරක පැත්තකුත් තියෙනවා. \" \"පනතේ අලුතෙන් යෝජනා කර තිබෙනවා අමාත්‍යවරයා විසින් පත් කරන බලශක්ති උපදේශක කවුන්සිලයක්. උපදේශක කියලා නම තිබ්බට ඒක ව්‍යවස්ථාපිත ආයතනයක්.\" \"එතකොට මේ පනතේ දී ඇමතිවරයාට වැඩි වශයෙන් බලය ලබාදීලා තියෙනවා.\" \"මේ පනත මගින් මහජන උපයෝගීතා කොමිසමේ තිබුණු සමහර ඉතා වැදගත්ම තීරණ ගැනීමේ තාක්ෂණික ක්‍රියාවලිය ඇමතිවරයා විසින් පත්කරන කවුන්සිලයේ සාමාජිකයින් වෙත ලබාදීලා තිබෙනවා.\" \"උදාහරණයක් විදිහට ගත්තොත් කාටහරි විදුලි බලාගාරයක් සාදන්න අවශ්‍ය නම් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලුම් පත්‍රයක් යොමු කරලා බලපත්‍රය ලබා ගන්න පුලුවන් කියලා.\" \"නමුත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු නව පනතේ සඳහන් වෙනවා බලපත්‍රය නිකුත් කරන්න ඇමතිවරයාගේ අනුමැතිය අවශ්‍යයි කියලා. ඒක අවුල් සහගතයි.\" \"අලුත් පනතෙන් යෝජනා කරල තියෙනවා ලංකාවේ දිගුකාලින විදුලි සැලැස්ම මහජන උපයෝගිතා කොමිසමෙන් කරුණු දැක්‌වූවාට පස්සේ විෂය භාර අමාත්‍යවරයාගේ අභිමතය පරිදි කැමැති ආකාරයට වෙනස් කරලා අනුමත කරන්න.\" \"ලංකාවේ මේ වෙද්දී ක්‍රියාත්මක වෙන අදානි ඇතුළු විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මකයි රට ඇතුලේ. මේවා එකක්වත් නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව පස්ස දොරෙන් රටට ආපු ව්‍යපෘති.\" \"සමහර දේශපාලඥයෝ බලාගෙන ඉන්නවා ඒ වගේ ව්‍යපෘති ගිවිසුම් අත්සන් කරන්න. \" \"මේ පනතේ එයාලා ලියලා තියෙනවා කැබිනට් එක මේ වගේ ව්‍යාපෘතියක් අනුමත කරලා තිබ්බට තරගකාරිත්වයට ඒක අදාල නැහැ කියලා.\" \"පනත ගේනවා කිව්වේ මහජනතාවට තරගකාරී මිලකට විදුලිය සපයන්න කියලා ගිවිසුමේ මුල් හරියේ කියලා ඇතුළට යන්න යන්න ලියලා තියෙනවා මේ ව්‍යාපෘති වලට තරගකාරිත්වයක් නැහැ කියලා කැබිනට් එක ඒක අනුමත කරලා තියෙන නිසා කියලා. බලන් යද්දි විදුලි ජනන කේෂ්ත්‍රයේ තරගකාරිත්වයක් නැහැ.\" \"පනත ස්ථාපිත වෙද්දී අර ව්‍යාපෘති ඔක්කොම කැබිනට් එකෙන් අනුමත කරල තියේවි. එතකොට පාරිභෝගිකයාට තරගකාරිත්වය නෙමේ රිවර්ස් එකට තමයි යන්න වෙන්නේ.\" \"උදාහරණයක් විදිහට ගත්තම මන්නාරමේ තියෙනවා විදුලිබල මණ්ඩලයට අයිති සුළං විදුලි බලාගාරයක්.\" \"එකෙන් උත්පාදනය කරන විදුලි ඒකකයක් රුපියල් 13 කට විදුලිය නිෂ්පාදනය කරනවා.\" \"ඒ පරිසරයේම අදානි සමාගම විදුලිය නිෂ්පාදනය කරනවා ඒකකයක් රුපියල් 25 කට.\" \"විදුලිබල මණ්ඩලය සුළං බලාගාරය ඉදිකරලා අවුරුදු 05 කට පස්සේ අදානි සමාගම බලාගාරය ඉදිකරන්නේ.\" \"හැබැයි ආදානි සමාගමට හැකිවෙන්න ඕන මීට වඩා අඩු මුදලකට විදුලිය නිපදවන්න. මොකද දැන් නවීන සුළං බල උපකරණ තියෙනවා ඇවිල්ලා.\" \"නමුත් මේ රජය එකඟ වෙලා තියෙනවා ඉදිරි අවුරුදු 20 සඳහා විදුලි ඒකකයක් රුපියල් 25 ගානේ මිලදී ගන්න කැබිනට් යෝජනාවක් එක්ක.\" \"ඒ වගේම නව සමාගම් පිහිටෙව්වාම විදුලිබල මණ්ඩලයේ කොටස් වල අයිතියට මොකද වෙන්නේ කියලා පැහැදිලිව සඳහන් වෙලා නැහැ.\" \"පනතේ පළවෙනි පිටු දෙක තුනේ ලස්සනට ජනතාව වෙනුවෙන් මේක ගෙනාවා කිව්වට පනතේ ඇතුල් පිටුවලට යන්න යන්න ඒක ඒ තරම් සුබදායි එකක් නෙමෙයි කියලයි කියන්න ඕන.\" ජාත්‍යන්තර බලශක්ති උපදේශක ආචාර්ය තිලක් සියඹලාපිටිය කියා සිටියේය.",
"Title": "විදුලිබල පනත් කෙටුම්පත සම්මතයි: දැන් සිදුවන්නේ කුමක් ද?"
} |
{
"Text": " ආහාර ගනිමින් සිටින කුඩා දරුවෙකුට පහර දෙන වීඩියෝවක් කෙරෙහි පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් බොහෝ පිරිසකගේ අවධානයට ලක් විය. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලිසිය, අදාළ දරුවාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු බදාදා (ජූනි 5) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, කාන්තාවන් දෙදෙනා 37 හැවිරිදි හා 46 හැවිරිදි වයස්වල පසු වන වැලිඔය, කල්‍යායාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මේ අතර, අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග නිවසින් පළාගොස් සැඟවී සිටි සැකකරුට නවාතැන් දුන් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සහ කාන්තාවන් දෙදෙනා පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූනි 19 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. ප්‍රහාරයට ලක්වූ වයස අවුරුදු 4 1/2ක ගැහැණු දරුවා ළමා පරිවාස දෙපාර්තමේන්තුව භාරයට පත්කර තිබේ. 'ශාරීරික දඬුවම් දීම අපරාධයක්' ශ්‍රී ලංකාවේ දරුවන්ට ඕනෑ ම ආකාරයක ශාරීරික දඬුවම් ක්‍රියාත්මක කිරීම අපරාධයක් ලෙස අර්ථකථනය කරමින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා අප්‍රේල් 29 වන දා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි විය. පසුදා එනම් අප්‍රේල් 30 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ය. ඒ අනුව, මෙරට ළමා අයිතිවාසිකම් ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ආකාරයට සකස් කර, උසස් සදාචාර සම්පන්න සමාජයක තිබිය යුතු ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා සියලු ම ක්ෂේත්‍රවල ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය. මෑත කාලයේදී මාධ්‍ය ඔස්සේ ද බොහෝ විට පාසල් තුළදී දරුවන්ට අමානුෂික විවිධ පහර දීම් සහ හිංන සම්බන්ධව ප්‍රචාරය වීම් ද නිරන්තරයෙන් දක්නට ලැබුණු බවත්, දරුවන්ට මින්පසු කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික දඬුවම් පැමිණවීම නතර කිරීමට අදාළව දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වැඩිහිටියන් විසින්, ගුරු දෙගුරුන් විසින් ශාරීරිකව හෝ මානසිකව දඬුවම් දීම නීතිය අනුව වැරදිකරු වන ආකාරයට මෙම පනත සංශෝධනය කෙරෙන බව ය. ශ්‍රී ලංකාවේ තත්ත්වය ශ්‍රී ලංකා සංස්කෘතියේ අතීතයේ සිට පැවතියේ ශාරීරික දඬුවම් ලබා නොදී යහපත් දරුවන් බිහි නොවේ ය යන ආකල්පයකි. \"හැඳි නොගා හදන කිරි හොද්දකිනුත්, නොගහ හදන දරුවෙකුගෙනුත් ඵලක් නැහැ.\" \"මූව හදන්න නම් මග්ගොන යවන්න වෙනවා.\" අතීතයේ සිට අප නිතර අසා ඇති ඉහත සඳහන් අදහස්වලින් ශ්‍රී ලංකා සංස්කෘතිය ශාරීරික දඬුවම් පිළිබඳව දැක්වූ ආකල්පය වටහා ගත හැකි ය. 2017 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 6ක තෝරා ගත් පාසල් 32ක් මුල් කරගෙන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කරන ලද සංඛ්‍යාත්මක සමීක්ෂණයේ වාර්තාවට අනුව ඊට භාජනය වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 80.4%ක් ආසන්න පිරිසක් මාස තුනක කාලයක් තුළදී කවර හෝ අන්දමේ කායික දණ්ඩනයකට ලක්වී තිබිණි. මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ආයතන රැසක් ළමුන්ට එරෙහි ශාරීරික දඬුවම් අහෝසි කළ යුතු බවට වසර ගණනාවක් පුරා බලපෑම් කළේ ය. කෙසේ වෙතත්, වැඩිහිටි පුද්ගලයින්ට පහර දීම් සම්බන්ධයෙන් තහනම් පැනවුණ ද, යහපත් චේතනාවකින් යුතුව ළමුන්ට ශාරීරික දඬුවම් පැනවීම නීතිමය වශයෙන් වරදක් නොවන බව ශ්‍රී ලංකාවේ පිළිගැනීම විය. එය දරුවන්ට පහර දීම සඳහා නීත්‍යනුකූල අවසරයක් ලබා දීමක් බවට චෝදනා එල්ල විය. අවසානයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විද්වතුන්ගේ උපදෙස් මත ශාරීරික දඬුවම් අහෝසි කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කළේ ය. එම කමිටුවේ නිර්දේශ මත \"ළමුන්ට එරෙහි සියලු ආකාරයේ ශාරීරික දඬුවම් අහෝසි කිරීමට\" යෝජනා විය. ජනාධිපතිවරයාගේ සහ අධිකරණ අමාත්‍යවරයාගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ, මෙම නිර්දේශ ඇතුළත් යෝජනා මාලාවකි. 'කැබිනට් අනුමැතිය දීලා විතරක් මදි' සිය දියණිය මුහුණ දුන් සැබෑ සිද්ධියකින් පසු ශාරීරික දඬුවම්වලට එරෙහිව දේශීය මෙන් ම ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත හඬක් නැගූ 'ළමා හිංසනයට තිත පදනමේ' සභාපති සහ ළමා ආරක්ෂණ සන්ධානයේ සම කැඳවුම්කරු වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවයට පැවසුවේ, කැබිනට් අනුමැතිය ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බව ය. \"කැබිනට් අනුමැතිය ලැබුණු එක ගැන අපි සතුටු වෙනවා. ඒත්, ඒ සතුට අර්ථ ගැන්වෙන්නේ මේ පාර්ලිමේන්තුව විසුරුවන්න කලින් අදාළ පනත සංශෝධනය කළොත් විතරයි. මේක ඉක්මනින් කෙටුම්පත් කරලා නීතියක් බවට පත් කරන එක බලධාරීන්ගේ වගකීමක්.\" \"අපිට මෙතෙක් කල් පෙනී ගිහින් තියෙන ආකාරයට මේ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනවලට කිසි ම උනන්දුවක් තියෙන බවක් පේන්නෙ නෑ. විශේෂයෙන් මේ කැබිනට් තීන්දුව ප්‍රකාශයට පත් කළාට පස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කිසි ම අදහසක් පළ කරලා නැති බව පේනවා. ඒක ඉතා ම ආන්දෝලනාත්මක යි,\" වෛද්‍ය තුෂ් වික්‍රමනායක වැඩිදුරටත් පැවසීය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ, ශාරීරික දඬුවම් දීමෙන් මිස දරුවෙකු යහමගට යොමු කළ නොහැකි බවට ආකල්ප ඇති රටක ශාරීරික දඬුවම් අහෝසි කිරීම පහසු කටයුත්තක් නොවන බව ය. \"ඇතැම් ජනාධිපතිවරු කිව්වා ගුටි කාලා හැදුණ නිසා තමයි හොඳට හැදුණේ කියලා. මේ වගේ ආකල්ප තියෙන බලධාරීන් මේ තත්ත්වය වෙනස් කරන්න කැප වෙන්නෙ නෑ. ඒ නිසා මේක ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු යි.\" මේ අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පැවසුවේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිය කාර්යභාරය මේ සම්බන්ධයෙන් ඉටු කර ඇති බව ය. \"අපි පත් කරපු කමිටුවකින් තමයි මේ නිර්දේශ ඉදිරිපත් කළේ. ඒකට කැබිනට් අනුමැතිය හම්බ වුණා. දැන් ඒ සම්බන්ධ කෙටුම්පත සකස් කරලා, පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගෙන ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඒක ටිකක් දීර්ඝ ක්‍රියාවලියක්. කොහොම වුණත් ඒක ඉක්මනින් සිද්ධ වෙයි,\" ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළා ය. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය 'දරුවෙකු දෙමාපියන්ගේ හෝ නීත්‍යනුකූල භාරකරුවෙකුගේ හෝ රැකවරණයේ සිටින අතරවාරයේ කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික හිංසනයකට හෝ පීඩාවකට ලක් නොවිය යුතුය,' යනුවෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 19 වන වගන්තියේ සඳහන් වේ. දරුවා කිසිදු ආකාරයක පරිභවයකට ලක් වීම, නොසලකා හැරීමට ලක් වීම මෙන් ම අයථා ලිංගික ක්‍රියාවකට පොළඹවා ගැනීමෙන් ආරක්ෂා කිරීම පිණිස රජය පියවර ගත යුතු බව ද එහි දැක්වේ. ශාරීරික දඬුවම් හේතුවෙන් ළමුන්ට ශාරීරිකව මෙන් ම මානසිකව ද බලපෑම් එල්ල වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. රන්ජන් රාමනායකගේ අත්දැකීම ශාරීරික දඬුවම් නොදී දරුවන් යහමගට ගත හැකි බව වටහා ගත හැකි සුවිශේෂී අත්දැකීමක්, ජනප්‍රිය සම්මානනීය නළුවෙකු මෙන් ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වූ රන්ජන් රාමනායකට තිබේ. පසුගිය දා ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මීගමුව, මාරිස් ස්ටෙලා විද්‍යාලයේ හිටපු විදුහල්පති ක්ලින්ටන් පෙරේරා දේවගැතිවරයා එම අත්දැකීම විස්තර කළේ ය. \"රන්ජන් (ඒ කාලේ) ඉගෙන ගන්නෙ නෑ. හුණු කෑල්ල කඩලා ගුරුවරුන්ට විදිනවා. එයා වෙනස් වුණේ, ජයසිංහ කියලා ටීචර් කෙනෙක් හිටියා, උසස් පෙළට. මේ මනුස්සයා අරයා උගන්වන අතරේ සර්ව ඇඳලා තිබුණා, ඒ සර් පුස්තකාලයාධිපති විදිහට වැඩ කළා. ඉතින් චිත්‍රයක් ඇඳලා තිබුණා, සර් පොත් ගොඩක් උස්සගෙන යනවා, සමහර ඒවා බිම වැටෙනවා. ඒකෙ ලියලා තිබුණා, 'ජයසිංහයා පුස්තකාලෙ පොත් හොරකම් කරනවා' කියලා. ඒ සර්ට තරහ යනවා හරියට. මා ගාවට (රන්ජන්ව) ගෙනාවා. ඒක දැකල මට හිනා ගියා. ඉතින් මම කිව්වා, ඔයාට මම ගහන්නෙ නෑ, ඔයාට දෙන දඬුවම තමයි, චිත්‍ර ප්‍රදර්ශනයක් කරන එක කියලා. පැන්සලෙන් චිත්‍ර සීයක් විතර ඇඳලා මෙයා ඒක කෙරුවා හොඳට. අවට පාසල්වලිනුත් ආවා ප්‍රදර්ශනය බලන්න. ඊට පස්සෙ තමයි එයා වෙනස් වුණා කියලා කියන්නේ,\" ක්ලින්ටන් පෙරේරා දේවගැතිවරයා අතීතය ආවර්ජනය කළේ ය. පසුකලෙක ජනප්‍රිය රංගන ශිල්පියෙකු, දේශපාලනඥයෙකු ලෙස ජනාදරයට පත් රන්ජන් රාමනායක නැවත උසස් පෙළ විභාගයට පෙනී සිට විවෘත විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ද හිමි කර ගත්තේ ය. මේ අත්දැකීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය. \"මම කරපු දේවල්වලට මම හැම දා ම ගුටි කෑවා. ගුටි කෑවා කියල මම හැදුණෙ නෑ. මට වෙනස් වෙන්නවත්, යහපත් විදිහට හැදිරෙන්නවත් ගුටි කෑම නිසා හිතුණෙ නෑ. මට ටික කාලයක් යද්දී ගුටි කෑමත් සාමාන්‍ය දෙයක් බවට පත් වුණා,\" රන්ජන් රාමනායක පැවසීය. එහෙත්, ක්ලින්ටන් පෙරේරා දේවගැතිවරයා දුන් අපූරු දඬුවම, රන්ජන් රාමානායකගේ ජීවිතයට අතිශයින් බලපෑ වෙනස සිදු කිරීමට සමත් විය. \"චිත්‍ර ප්‍රදර්ශනය සාර්ථක වෙලා, අවට පාසල්වල ළමයි ඇවිත් ඒවා බැලුවා. ගොඩක් චිත්‍ර මිල දී ගත්තා සමහර අය. ප්‍රදර්ශනයෙන් ලොකු ආදායමකුත් ලැබුණා ඉස්කෝලෙට. ඒකෙන් ලැබුණ සල්ලිවලින් පාසල් පිට්ටනියේ ක්‍රීඩාගාරයක් හැදුවා. මේ සියලු ගෞරවයන් නිසා මගේ ජීවිතයට ලොකු ආලෝකයක් ලැබුණා. මට ලොකු ආත්ම විශ්වාසයක් ඇති වුණා. මට හිතුණා පිස්සු වැඩ නතර කරලා යහපත් විදිහට ඉන්න,\" රන්ජන් රාමනායක ආවර්ජනය කළේ ය. \"ළමයෙක්ව හදන්න ශාරීරික දඬුවම් දෙන්න අවශ්‍ය නෑ කියන එක මේ සිද්ධියෙන් ම වටහා ගන්න පුළුවන්. මම වාසනාවන්ත වුණා ඒ වගේ ළමා මානසිකත්වය තේරුම් ගත්ත ගුරුතුමෙකුගේ ඇසුර ලබන්න තරම්. ශාරීරික දඬුවම් නොදී දරුවන් නිර්මාණශීලී විදිහට ගොඩ නගන්න පුළුවන් ගුරුවරුන් බිහි කරන්න අවශ්‍ය යි. මේ නීති ගෙන ඒම හොඳ දෙයක්. නීති මගින් විතරක් මේක වෙනස් කරන්න බැරි වෙයි. ගුරුවරුන් සහ දෙමාපියනුත් මේ තත්ත්වය තේරුම් අරගෙන වැඩ කළොත් අපට නිර්මාණශීලී, පෞරුෂයකින් යුත් දරු පරපුරක් බිහි කරන්න පුළුවන් වෙයි,\" ඔහු වැඩිදුරටත් පැවසීය. මේ අතර, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සහ වෛද්‍ය තුෂ් වික්‍රමනායක ද පෙන්වා දුන්නේ, විද්‍යා පීඨ ඇතුළු ගුරුවරුන් පුහුණු කරන ආයතන හරහා ගුරුවරුන්ට ළමා මනෝවිද්‍යාව සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබා දිය යුතු බව ය.",
"Title": "ශාරීරික දඬුවම් අපරාධයක් බවට පත් කිරීමට අනුමැතිය: රන්ජන් රාමනායකගේ අත්දැකීම"
} |
{
"Text": " අද (ජුනි 5 වැනිදා ) ලෝක පරිසර දිනය මෙන්ම නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීමට එරෙහි සටන සඳහා වන ජාත්‍යන්තර දිනයයි. \"මාළු හොඳටම අඩුයි , ඒ කාලේ හිටපු ගිරවා , තඹුවා , කොස්සා , බොරළුවා කියන මාළු ආසාවට දකින්නත් නැහැ.මේ හැම දේම වෙන්නේ තහනම් පන්න වලට ඉඩ දීලා ආණ්ඩුව හා නිලධාරීන් බලා ගෙන ඉන්න නිසයි. ඒ වගේම තමයි සමහර තහනම් පන්නවලට ආණ්ඩුව අවසර දීලා තියනවා කොන්දේසි දාලා. මේක හරියට හොඳට කසිප්පු පෙරන්න කියලා බලපත්‍රයක් දෙනවා වගේ වැඩක්. ගොඩක් දෙනෙක් දන්නවා අද කසිප්පු (නීති විරෝධී මත්පැන් ) පෙරන්නේ කොහොමද කියලා\". බත්තලංගුණ්ඩුව වේලක්කන්නි මතා ධීවර සමිතියේ සභාපතිවරයා වන්නේ ඇන්ටනි ෆොන්සේකා ය. ධීවර පරම්පරාවකින් එන ඇන්ටනීට මුහුද පිළිබද හොඳ අවබෝධයක් තිබේ. තමන්ගේ අත්දැකීමෙන් මුහුදු යන ඇන්ටනී මසුන් ඇල්ලීමටද දක්ෂයෙකි. මීට වසර දහයකට පෙර ඇන්ටනිට වාරකන් හා වලාල යැයි වෙනසක් තිබුණේ නැත. \"මට ධීවර රැකියාව ගැන දැන් විශ්වාසයක් නැහැ.ඒ නිසා මම සංචාරක ක්ෂේත්‍රයටත් යොමු වුණා.ඒ වගේම මාළු එකතු කිරීමේ ස්ථානයක් පවත්වා ගෙන යනවා. මෙහෙ මාළු නැති නිසා මම ගිය සතියේ මුලතිව් ගියා එහෙන් හරි මාළු ගේන්න. නමුත් එහෙත් නැහැ . එදා කල්පිටියේ දුපත් ප්‍රසිද්ධ වුණේ මුළු ලංකාවටම කරවල දෙන තැනක් හැටියට යි. දැන් ඇවිල්ලා බලන්න හාල්මැස්සා ගේ ඉදන් පිටරටින් ගේන්නේ.මොකද්ද මේකට ප්‍රධාන හේතුව? ලයිලා සුරුක්කු” ඔහු කියා සිටියේය. \"මේ රස්සාව කරන්නේ මාළු ව්‍යාපාරිකයෝ පනහකට අඩු පිරිසක් හැබැයි මේ අය තමයි මුළු කල්පිටිය මුහුදේම මාළු ඇල්ලුවේ හා අල්ලන්නේ. මේ පිරිස මේවට ඩයිනමයිට් වගේ පුපුරණ ද්‍රව්‍ය යොදා ගන්නවා. ගල් වටකරලා මාළු අල්ලනවා. කුඩා මාළුවාගේ සිට ලොකු මාළුවා දක්වා අල්ල ගන්නවා. ඉතින් මාළු බෝ වෙයිද? මේ ව්‍යාපාරිකයින් මේ සඳහා හැමෝටම හොඳට වියදම් කරනවා. ඒ නිසා තහනම් \"ලයිලට\" හැම අවුරුද්දකම බලපත්‍ර ලැබෙනවා.\" කවුද මේ ලයිලා ? \"ලයිලා\" හැබිලි හෝ ත්‍රිත්ව දැලට කියන තවත් නමකි. හැබිලි දැල ප්‍රදේශ අනුව විවිධ නම් වලින් හඳුන්වන අතර පුත්තලමේ ධීවරයන් හැබිලි දැලට දමා ඇත්තේ මේ නම ය. ලොකු ඇස් සහිත දැලට පුත්තලමේදී \"ලයිලා\" යැයි පවසන අතර කුඩා ඇස් සහිත දැල \"සුරුක්කු\"වෙයි. 'Parsin Fishing net' ලෙස හදුන්වන්නේද මේ දැල ය. මේ දැලට විදුලි ආලෝකය සම්බන්ධ කිරීමේදී 'ලයිට් කොස්' ලෙස හඳුන්වන අතර මුහුදේ පාවෙන කදන් සම්බන්ධ කිරීමේදී 'කදන් කොස්' ලෙසද හදුන්වයි. ලයිලා ගැන බීබීසී සිංහල වෙත පැහැදි කරනු ලැබුවේ ලෝක ධීවර සම්මේලනයේ ප්‍රධාන ලේකම් හර්මන් කුමාර ය. හර්මන් කුමාර පැවසූ පරිදි ශ්‍රී ලංකාවේ මේ සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ 1996 අංක 02 දරන ධිවර හා ජලජ සම්පත් පනත මගිනි. \"මේ පනත ගේන්න පෙර ඉතා අවිධිමත් ලෙස මේ රැකියාව තිබුණා. නමුත් නීතිමය අවසරයක් තිබුණේ නැහැ. මේ පනත මගින් හැබිලි දැල් සඳහා බලපත්‍ර ලබා දීමක් කර තිබෙනවා. ඒ කොන්දේසි කිහිපයක් ඇතිවයි. ඒ අනුව නිශ්චිත දුරක් නියම කිරීම, කිමිදුම්කරුවන් භාවිතා කිරීම තහනම් කිරීම, මේ සඳහා රැගෙන යන ධීවර යාත්‍රා තීරණය කර තිබීම විශේෂ වෙනවා. නමුත් වෙන්නේ බලපත්‍ර ලාභීන් මේ සියලු කොන්දේසි උල්ලංඝණය කරලා මේ රැකියාව කිරීම.\" ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට වැඩිම විනාශයක් වන්නේ මේ හැබිලි දැලෙන් බවද හර්මන් කුමාර පැවසීය. බොටම් ට්‍රෝලින් 'බොටම් ට්‍රොලින්' ලෙස හඳුන්වන්නේ මුහුදු පතුල සුරා කෑමේ පන්න ක්‍රමයකි. දිවයිනේ ප්‍රදේශ කීපයක මේ පන්න ක්‍රමය ක්‍රියාත්මක කරන අතර එහිදී සිදු කරනු ලබන්නේ රේල් පිලි වැනි යකඩ පටි දෙකක් භාවිතා කර ඊට දැල් සම්බන්ධ කරගනිමින් මුහුදු පතුල සුරා ගැනීම ය. මුහුදු පතුලේ ඇති කොරල් පර , ජලජ ශාක ඇතුළු සියලු මුහුදු සම්පත් මෙමගින් විනාශ වෙයි . මීට අමතරව කුඩා මත්ස්‍යයාගේ සිට සියලු මුහුදු ජීවින් මේ උගුලට අසුවෙයි. බොටම් ට්‍රොලින් හේතුවෙන් මේවන විට හැබිලි දැලට වඩා විශාල විනාශයක් ශ්‍රී ලංකා මුහුදේ සිදුවෙමින් ඇත. මීට ප්‍රධාන හේතුව උතුරු නැගනහිර මුහුදේ මෙන්ම වයඹ හා බටහිර මුහුදු තීරයේ කල්පිටිය ආසන්නයටම පැමිණෙන ඉන්දීය ධීවරයන් විසින් කරනු ලබන විනාශ යයි. බහුතර ඉන්දියානු ධීවරයන් මේ පන්න ක්‍රමය උපයෝගී කර ගනිමින් මසුන් අල්ලන අතර මේ හේතුවෙන් සාගර සම්පතට බරපතල හානියක් සිදුවේ. කල්පිටිය බත්තලංගුණ්ඩුව දුපතේ ධීවර රැකියාවේ නියුතු ඒබට් ජුඩ් ප්‍රකාශ කලේ සතියකට තුන් වරක් ඉන්දියානු ධීවරයන් කල්පිටිය ආසන්නයටම පැමිණෙන බව ය. \"තෙල් ගණන්. මුහුදේ මාළු නැහැ. මුහුදු රැකියාව නවත්වල වෙන රැකියාවක් කරන්න තමයි වෙන්නේ. මේ දුපතේ හිටියා පවුල් 900 ක් විතර දැන් ඉන්නේ පවුල් 500 යි. කලින් තිබුණා බෝට්ටු 600 ක් විතර දැන් තියෙන්නේ බෝට්ටු 250 ක් විතරයි” 'බොටම් ට්‍රොලින්' නිසා විනාශ වූ උතුරේ ධීවර කර්මාන්තය පිළිබදව උතුරේ ධීවර නායකයන් දරන්නේද එවැනිම මතයකි. මන්නාරම පේසාලේ ධීවර සමුපකාර සමිතියේ සභාපති යෝගරාජ් කෲස් ප්‍රකාශ කළේ, ඔවුන් මේ වන විට උතුරු මුහුද මුළුමනින් විනාශ කර ඇති බව ය. \"එදා ඉන්දියාව උඩින් පරිප්පු දැම්මා අපි ගැන අනුකම්පා කරලා අද මොකද වෙන්නේ සම්පුර්ණයෙන් අපේ බත් පතට වැලි දානවා. ඒ විතරක් නෙමෙයි මුළු මුහුදු පරිසරයම විනාශ කරනවා. අපිට මේක බලාගෙන ඉන්න බැහැ\" හානිකර පන්න ක්‍රම ඉහත සඳහන් කළ හානි කර පන්න ක්‍රමවලට අමතරව දකුණේ වැඩි වශයෙන් භාවිතා කරන හානි කර පන්න ක්‍රමයක් වන්නේ 'ලයිට් කෝස්' නමැති වටකරන දැල් (හබිලි දැල්)විශේෂයයි. දකුණේ 'කෝස' ලෙස ප්‍රසිද්ධ මේ පන්න ක්‍රමය රාත්‍රී කාලයේ කරනු ලබන්නේ විදුලි ආලෝකය සහිතවය. එහිදී සිදු වෙන්නේ මේ ආලෝකය වටා එකතු වන මසුන් සියල්ල වටකර දැල දැමීමයි. මෙහිදීද කුඩා හා බිත්තර දැමීමට සිටින මත්ස්‍යා දක්වා කොටු කර ගනී. මීට අමතරව දකුණේ 'කදන් කෝස්' හා 'පොළොවේ දැල් දැමීම' ද ජයටම සිදු වෙයි. දකුණේ ධීවර සංවිධානයේ නියෝජිත දුලිප් රංගජීව ප්‍රකාශ කළේ විනාශකාරී පන්න ක්‍රම සඳහා බලපත්‍ර ලබා දීම වැළැක්වීම සඳහා ඉක්මනින් නීති සම්පාදනය කළ යුතුව ඇති බව ය. \"අද ධීවරයෝ රට අත හැරලා යනවා. කන්න මාලු කුරියෙක් හොයා ගන්න ලේසි නැහැ. කරවලත් ගෙන්වන්නේ පිටරටින්.රට හතර වටෙටම මුහුද් රට ඇතුලේ ජලාශ විශාල ප්‍රමාණයක් තියනවා . මේ සියල්ලටම හේතුව ධීවර ක්ෂේත්‍රයේ කළමනාකරණයක් නොමැතිකම.” යැයි ඔහු පැවසීය. දකුණට සේම නැගෙනහිරටද විනාශකාරී පන්න ක්‍රම මගින් විශාල විනාශයක් ගෙන දී තිබේ.ත්‍රිකුණාමලයේ ධීවරයින්ද ඉන් වැඩි වශයෙන් පිඩාව ට පත්ව සිටිති. ත්‍රිකුණාමලයේ බහුලව සිදුවන්නේ ' ඩයිනමයිට් ගසා මසුන් ඇල්ලීම' හා 'ලයිට් කෝස්' බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගීතාවයේ සම්බන්ධීකාරක විශාඛා රංගනී පැවසුවාය . ඇය පැවසූ ලෙස මෙය ජාතීන් අතර ගැටුමක් බවට මේ වන විට පත්ව තිබේ. \"එක්තරා කණ්ඩායමක් තමයි මේ වැඩේ බහුලව කරන්නේ. මේ නිසා නිතරම ගැටුම්\" විශාඛා රංගනී වැඩිදුරටත් සඳහන් කළාය. සෘජු සහ වක්‍ර බලපෑම් \"මම හලාවත මාළු වෙළඳපොළේ වෙළඳාම් කරන්නේ. අද බලන්න මේ මාළු වෙළඳපොළ පාලුවට ගිහින් තියන හැටි. වෙනදා මොන සුළං ආවත් මේකේ මාළු නැතිව යන්නේ නැහැ\" වර්ණකුලසුරිය නෙස්ටා පැවසුවාය. ඇය පැවසූ ලෙස මෙම මාළු වෙළදපොළ මෙලෙස පාලුවට ගොස් ඇත්තේ පළමු වතාවටය. කාලගුණයට වඩා වැඩි යමක් මේ වන විට සිදුව ඇති බව ඇගේ අදහසයි. \"දැන් ටික කාලයක ඉදලා මාළු අඩුයි.මේකට හේතුවක් කියන්න මට දැනුමක් නැහැ.මාළු අඩුයි කියන එක විතරයි මට කියන්න පුළුවන්. ඒ නිසා මටත් රැකියාව නැහැ \" හලාවත මාළු වෙළදපොළට රටේ ප්‍රදේශ රැසකින් ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් පැමිණෙයි. හෙට්ටිපොල සිට පැමිණි නිමල් ප්‍රනාන්දු කියා සිටියේ මාස කීපයක සිට තමන් රැගෙන යන්නේ දින කීපයක් ශීතකල මසුන් බව ය. \"මම දන්නවා මේ මාළු හලාවත මාළු නෙමෙයි කියලා. නමුත් මම හලාවත මාළු කියලා විකුණනවා. මට කරන්න දෙයක් නැහැ. මමත් දරු පවුලක් රකින්න ඕනෑ. සමහර දවස්වලට මම මාළු නැතිවත් යනවා. දැන් මේ රැකියාවට ආයුබෝවන් කියන්න කාලේ හරි වගේ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? අපි ඔහුගෙන් පෙරළා ඇසිමු. \"ඒක ඉතින් දෙයියෝ තමයි දන්නේ.මාළු නැහැ කියලා විතරයි කියන්න පුළුවන්.” පරිසර විනාශය හානිකර පන්න ක්‍රම යොදා කරන මසුන් ඇල්ලීම හේතුවෙන් මේ වන විට කල්පිටිය කොරල් පරය සැලකිය යුතු ලෙස විනාශ වී තිබේ. ඊට අමතරව කල්පිටිය මුහුදේ ජීවත් වූ ඩොල්ෆින් සත්වයන්ට ද මේ පන්න ක්‍රමය දැඩි ලෙස අහිතකර විය. \"මම අවස්ථා කීපයකදී මුහුදු පරිසරය හා ඊට දැඩි බලපෑම් එල්ල වන පන්න ක්‍රම පිළිබඳව අධ්‍යයන වල නිරත වුණා.අපි කරපු දැනුවත් කිරීම් නිසා තමයි බොටම් ට්‍රොලින් ලංකාවේ තහනම් පන්න ක්‍රමයක් විදිහට නීති සකස් වුණේ\" පරිසරවේදී සජීව චාමිකර බීබීසී සිංහල වෙත කියා සිටියේය. \"මේ නිසා කල්පිටියේ හා මන්නාරමේ බොටම් ට්‍රොලින් නැවතුණා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ ඉන්දියාවෙන් ඇවිල්ලා බොටම් ට්‍රොලින් කරනවා. එතකොට නීතිය කෝ. තහනම් පන්න ක්‍රම නිසා කල්පිටියේ කොරල් පරයට වගේම ත්‍රිකුණාමලය නිලාවේලි හා ගාල්ල කොරල් පරයටත් හානි වෙලා තියෙනවා. මුහුදු පරිසරය ගැන කතා බහ ගොඩක් අඩුයි . ඊට හේතු කීපයක් තිබෙනවා ඉන් ප්‍රධාන වෙන්නේ මුහුදු පරිසරය සම්බන්ධයෙන් කරන පර්යේෂණ වල අඩු බව.” ට්‍රැක්ටර් දමා සිදු කරන මා දැල් කර්මාන්තය නිසා ද මුහුදු වෙරළට හා ජලජීවී පරිසරයට විශාල හානියක් සිදුවෙයි. දිනපතා ට්‍රැක්ටර් විශාල ප්‍රමාණයක් වෙරළේ දැකිය හැකිය. මිනිස් ශ්‍රමය යොදා කෙටි දුරකට දැමු මාදැල් මේ වන විට කිලෝමීටර් දෙක තුන මුහුද දෙසට දමයි. බලධාරීන් කියන්නේ මොකක් ද? ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට ඇති ප්‍රධානතම රාජ්‍ය ආයතනය ධීවර දෙපර්තුමෙන්තුවය. හානිකර පන්න ක්‍රම හේතුවෙන් සිදුව ඇති විනාශය පිළිබඳව කළ විමසීමේදී ධීවර දෙපාර්තුමේන්තුවේ ධීවර කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂක එම් . මාක්ස් කියා සිටියේ නීතියෙන් තහනම් පන්න ක්‍රමවලට තම දෙපාර්තුමේන්තුව අවසර ලබා දී නොමැ ති බවය. \"බොටම් ට්‍රොලින් තහනම්. අපි නාවික හමුදාවට කියල තියනවා අල්ලන්න කියලා. හැබිලි දැල් තහනම් නැහැ. අපි කොන්දේසි සහිතව බලපත්‍ර ලබා දී තිබෙනවා.\" \"ඒ අනුව උසාවි නියෝගය අනුව අපි කල්පිටියේ ලයිලා පන්න ක්‍රමයට බලපත්‍ර 53 ක් දීලා තියනවා . ඊට අමතරව සුරුක්කු බලපත්‍ර සියයකට වැඩි ප්‍රමාණයක් දීලා තියනවා.\" \"අපි මේ කොන්දේසි කඩ කරන ධීවරයන් අල්ලන්න කියලා නාවික හමුදාවට කියලා තියනවා . නාවික හමුදාව අල්ලලා දුන්නම අපි අධිකරණයට ඉදිරිපත් කරලා නඩු පවරනවා.\" මාළු අඩුයි කියලා ධීවරයෝ පැමිණිලි කරලා කර තිබේදැයි බීබීසී සිංහල කළ විමසීමේදී ඔහු කියා සිටියේ, “ඒ ගැන ධීවරයෝ කියනවා. ඒ ගැන පරීක්ෂණ පවත්වන්න ඕනෑ නාරා ආයතනයයි” ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට ඇති ප්‍රධානතම ආයතනයට ඇති කාර්ය ධීවර රැකියාව කිරීම සඳහා බලපත්‍ර ලබා දීම පමණද? ඉන් එපිටට යාමට ධීවර දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති ද යන්න අප හමු වූ සුළු පන්න ධීවරයන් හා පරිසර හිතකාමීන් ඇසු පැනයකි.",
"Title": "තහනම් ධීවර පන්න ක්‍රම: නීති හදන්නන් හා නීති රකින්නන් නිහඬ ද ?"
} |
{
"Text": " පසුගිය දිනවල පැවති අධික වර්ෂාව සමඟ කළු, කැළණි, ගිං, නිල්වලා සහ අත්තනගළු ඔය පිටාර ගලමින් තිබේ. මේ හේතුවෙන් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර ඇතුළු දිස්ත්‍රික්ක වල පහත් බිම් ආශ්‍රිතව මේ වන විටත් ගංවතුර තත්ත්වය පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ගංවතුර තත්ත්වයක් පවතින අවස්ථාවකදී මහජනතාව සිදු නොකළ යුතු දෑ මොනවාදැයි බීබීසී සිංහල සේවය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි ගෙන විමසීමක් කළේය. ඔහු සඳහන් කළේ මේවන විටත් ගංවතුර ඇති ස්ථාන නැරඹීමට යාමෙන් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් පුද්ගල මරණ 10ක් වාර්තා වී ඇති බව ය. සිදුව ඇති ආපදා මොනවා ද? අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ජුනි මස පළමු වෙනිදා සිට අද (ජුනි මස 04 වෙනිදා) උදෑසන 6.00වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේය. රත්නපුර දිස්ත්‍රික්කයේ මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයේ මරණ 03ක්, මාතර දිස්ත්‍රිකයේ මරණ 06ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ එක් මරණයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයේ දැක්වේ. අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පවුල් 40,728 කට අයත් පුද්ගලයින් 159,991ක් දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. 1. ආපදා තත්ත්වයන් ගැන ලබා දෙන නිවේදන නොසලකා හැරීමෙන් වළකින්න ගංවතුර තත්ත්වයන් සම්බන්ධව නිකුත් කරන නිවේදන ගැන ඇතැම් පුද්ගලයින් නොසලකා හැරීම බලවත් වැරැද්දක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේය. ජනතාව එම නිවේදන වලට අවනත වීම ඉතා වැදගත් බව ද ඔහු පැවසීය. 2. ගංවතුර පවතින ස්ථාන නැරඹීමට යෑම සහ විනෝද වීම 03. ගංවතුරේ පිහිනීම සහ ඔරු පැදීමෙන් වළකින්න ගංවතුර ඇතිවූ විට ඔරු, පාරු සහ කෙසෙල් කඳන් සහ බැරල් ආදිය යොදා ගනිමින් ඔරු පැදීම මෙන්ම ගංවතුරේ පිහිනීමට යෑම අතිශය භයානක විය හැකිය. 04. විදුලි රැහැන් ඇල්ලීමෙන් වළකින්න ගංවතුර තත්ත්වය සමග ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල ඇති විදුලි රැහැන් ආදිය ඇල්ලීමෙන් වලකින්න. 05. වාහන ධාවනය හැකිතාක් සීමා කරන්න ගංවතුර තත්ත්වය සමග බොහෝ පුද්ගලයින් ඒ හරහා වාහන, බස් ආදිය ධාවනය කරන අයුරු දක්නට ලැබේ. කෙසේ වුවත් අදාළ මාර්ගවල තත්ත්වය සහ ජල මට්ටම ගැන අවබෝධයක් නොමැති වීම හේතුවෙන් ගංවතුර පවතින අවස්ථාවල එලෙස වාහන ධාවනය අනතුරුදායක විය හැකිය. 06. පානීය ජලය සහ ආහාර හදිසි ආපදා අවස්ථාවකදී කුමක් ද කළ යුත්තේ ? ",
"Title": "ගංවතුර පවතින අවස්ථාවලදී ඔබ නොකළ යුතු දෑ මොනවා ද?"
} |
{
"Text": " අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ජුනි මස පළමු වෙනිදා සිට අද (ජුනි මස 03 වෙනිදා) දක්වා පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේය. රත්නපුර, කොළඹ සහ මාතර යන දිස්ත්‍රික්කවල ජල ගැලීම් හේතුවෙන් මරණ 08ක්, පස් කණ්ඩි කඩා වැටීමෙන් මරණ 03ක් සහ ගස් කඩා වැටීමෙන් එක් මරණයක් වාර්තා වී තිබේ. මීට අමතරව ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් පස් දෙනෙකු අතුරුදන්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. කාලගුණය නිසා ආපදාවට ලක්වූ ජනතාව අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක ජනතාව පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධස්ථානය සඳහන් කළේය. නුවරඑළිය, කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පවුල් 1,489කට අයත් පුද්ගලයින් 5575 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින බව ආපදා කළමනාකරණ මධස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. එමෙන්ම පවුල් 10,975කට අයත් පුද්ගලයින් 41,852ක් අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑමට ලක්ව සිටියි. ගංඟාවන් හි ජල මට්ටම් ගැන දැනුම් දීමක් වැසි තත්ත්වයත් සමග කැළණි, කළු සහ නිල්වලා යන ගංඟාවන් හි මෙන්ම අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම් හි ගංවතුර තත්ත්වය තවමත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කැළණි ගඟේ නාගලම්වීදිය අසල ජල මාපකය අඩි 6.20ක් ලෙස ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේය. කළු ගඟ ආශ්‍රිතව පිහිටි පහත් බිම් සහ නිල්වලා ගඟේ, තල්ගහගොඩ මෙන්ම අත්තනගලු ඔය ආශ්‍රිතව පිහිටි දුනමලේ ප්‍රදේශයේ මහා ගංවතුර තත්ත්වයක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. පාසැල් පැවැත්වීම ගැන දැනුම් දීමක් වැසි සහිත කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (ජුනි මස 04 වෙනිදා) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව, සබරගමුව පළාතට අයත් කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පාසැල් ද, දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් හි සියලුම පාසල් සහ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලුම පාසල් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ සියලුම පාසැල් හෙට (ජුනි මස 04 වෙනිදා) නොපැවැත්වේ. ඉහත සඳහන් කර නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි හෙට දින පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර වැසි සහිත කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී සිටින අතර විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස එහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. කාලගුණයෙන් දැනුම් දීමක් මේ අතර දිවයින වටා පිහිටි මුහුදු කලාපයේ විටින් විට පැයට කිලෝමීටර් 50-60 අතර වේගයෙන් හමා යන තද සුළං සහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා පාර්තමේන්තුව නිවේදනය කරයි. කන්කසන්තුරේ, මන්නාරම සිට කල්පිටිය හරහා ගාල්ල සහ මාතර දක්වා මුහුදු කලාපය රළු විය හැකි බවත් මේ සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප්‍රජාව සිය අවධානය යොමු කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි. ජනතාවට විශේෂ දැනුම් දීමක් හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 117 හදිසි දුරකථන ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක කර තිබේ. එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. මේ අතර ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම්දීම සඳහා පොලීසිය විසින් ආරම්භ කළ විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක යාවත්කාලීන කර තිබේ. (ජුනි මස 02 වෙනිදා) පස්වරු 06 සිට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කිරීමට පියවර ගනු ලැබිය. ඒ අනුව 011 2 42 18 20 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. මීට අමතරව 011 2 43 92 12, 011 20 130 36 හෝ 011 20 130 39 යන දුරකථන ඔස්සේ ද එම මෙහෙයුම් මැදිරියට තොරතුරු ලබා දිය හැකි වේ. එමෙන්ම [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ද තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.",
"Title": "වැසි සහිත කාලගුණය : ආපදාවන් නිසා පුද්ගල මරණ 12ක්. 5ක් අතුරුදන්"
} |
{
"Text": " වාල්මිකී නමැති ඉන්දීය ඍෂිවරයෙකු විසින් ක්‍රි.පූ. 7 වන සියවසේ පමණ රචනා කරන ලදැයි සැලකෙන රාමායණය ලෝක සාහිත්‍යයේ දීර්ඝතම පුරාණ වීර කාව්‍යයන්ගෙන් එකක් ලෙස සැලකේ. රාමා, සීතා සහ රාවණා යන චරිත ගොඩනැගී ඇත්තේ, එම කෘතිය හරහා ය. ශ්ලෝක 24,000ක් සහිත එම කෘතිය කාණ්ඩ 7ක් යටතේ සකස් කර තිබේ. ඉන්දියාවේ අයෝධ්‍යා රාජ්‍යයේ දශරථ රජුගේ පුත්‍රයෙකු වූ රාමා, සීතා සමග විවාහ වන අතර, රජුගේ වෙනත් බිරිඳකගේ පුත්‍රයෙකු වූ භාරතට රජකම භාර දී වනයට ගොස් වාසය කළ බව එහි කියැවේ. එහිදී, යක්ෂ ගෝත්‍රිකයින්ට එරෙහිව ක්‍රියා කරන රාමාට එරෙහිව ශ්‍රී ලංකාවේ යක්ෂ අධිපතියෙකු වන රාවණා සටන් කර ඇති බවත්, පළිගැනීමක් වශයෙන් රාමාගේ බිරිඳ වූ සීතා පැහැරගෙන ලංකාද්වීපයට පැමිණ සිර කරගෙන සිටි බවත් රාමායණ කතා පුවතේ සඳහන් වේ. පසුව, හනුමාන් සමග එක්ව සීතා යළි රැගෙන යාමට රාමා සමත්වූ බව ද එම කතා පුවතේ දැක්වේ. ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ඉහත කී පුරවෘත්තය සමග සම්බන්ධ වී ඇති බවට සැලකෙන ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන 9ක් 'ශ්‍රී රාමායන් ට්‍රේල්ස්' නමින් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය අප්‍රේල් 21 වන දා කොළඹදී ආරම්භ කෙරිණි. \"ඉන්දු – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාව වර්ධනය කිරීම සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින්, අතිනවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නියමිත,\" ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායන මංපෙත) ව්‍යාපෘතිය එහිදී නිල වශයෙන් ආරම්භ විය. ඉන්දියාවේ අයෝධ්‍යයාහි ඉදිකරන ලද ශ්‍රී රාම කෝවිලේ ප්‍රධාන භාණ්ඩාගාරික ගෝවින්ද් දේව්ගිරි මහාරාජ් ස්වාමිගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ වූ අතර, මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එක්විය. මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආයෝජනයක් බව පැවසේ. මෙය ඉන්දියාවේ මග පෙන්වීම අනුව ශ්‍රී ලංකාව විසින් කරනු ලබන ව්‍යාපෘතියක් බව සීතාඑළිය, සීතා අම්මාන් කෝවිලේ භාරකාර කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් බීබීසී සිංහල සේවයට පැවසීය. \"ඉන්දියාවේ රාමා කෝවිල විවෘත කළාට පස්සේ, ඒගොල්ලන්ගෙ බලාපොරොත්තුවක් තියෙනවා, සීතා මෙහෙනෙ හංගල තිබුණේ, ඒ නිසා මේක සංවර්ධනය කරන්න ඕන කියල කියනවා. අපේ සල්ලිවලින් තමයි සංවර්ධනය කරන්නේ. ඒ වුණාට ඒගොල්ලන්ගේ අනුග්‍රහයක් තියෙනවා, මේ ව්‍යාපෘතියට,\" වී. රාධාක්‍රිෂ්ණන් පැවසීය. \"ලෝකයේ එක ම සීතා කෝවිල\" ඉන්දියාවේ රාමා නමින් කෝවිල් පැවතිය ද, ශ්‍රී ලංකාවේ සීතාඑළිය හැර ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක සීතා නමින් කෝවිලක් නැතැයි වී. රාධාක්‍රිෂ්ණන් ප්‍රකාශ කළේ ය. ඔහු පැවසූ පරිදි, ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලපෑ හේතුව ද, සීතාඑළියේ පිහිටි සීතා අම්මාන් කෝවිල යි. නුවරඑළියේ සිට බදුල්ල මාර්ගයේ කිලෝමීටර් 3.6ක් පමණ දුරින් සීතා අම්මාන් කෝවිල පිහිටා තිබේ. රාවණා විසින් සඟවාගෙන සිටි සීතා දේවියට හිරු එළිය දැකීම සඳහා එම ස්ථානයට රැගෙන ආ බවත්, සීතා සොයාගෙන ආ හනුමාන්ට පළමු වරට සීතා දේවිය දැක ගැනීමට හැකි වී ඇත්තේ, එවැනි අවස්ථාවකදී බවත් ඇතැමුන්ගේ පිළිගැනීම යි. ඊට අදාළ බව කියන සලකුණු කිහිපයක් ද එහි ඇති බවත් කියැවේ. ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ව්‍යාපෘතියෙන් සිදුවන්නේ කුමක් ද? ශ්‍රී රාමායන් ට්‍රේල්ස් හෙවත් ශ්‍රී රාමායන මංපෙත් යනුවෙන් හැඳින්වෙන මෙම ව්‍යාපෘතියේදී රාමා - සීතා කතාවට සම්බන්ධ බවට පිළිගැනෙන ශ්‍රී ලංකාවේ ස්ථාන 9ක් සංවර්ධනය කෙරේ. එම ස්ථාන 9 මෙසේ ය. 1. මන්නාරම් ද්‍රෝණියේ ඇති බව කියන ආදම්ගේ පාලම. (එකමුතුකම සහ ශක්තිය සංකේතවත් කරමින් රාම් දෙවියන්ගේ හමුදාව විසින් ඉදිකරන ලද පුරාවෘත්තයෙහි සඳහන් පාලම) 2. අශෝක වතිකා සීතාඑළිය. (සක්‍රීය හරිත හා නිස්කලංක පරිසරයක් මධ්‍යයේ රාවණා විසින් සීතා දේවිය සිර කරනු ලැබ සිටි ස්ථානය බව කියන ශාන්ත වූ අභයභූමිය) 3. වැලිමඩ, දිවුරුම්පොළ. (දරා ගැනීමේ හැකියාව හා දැහැමි බව පිළිබඳ සාක්ෂියක් වන අග්නි පරීක්ෂණය පැවැත්වුණු ස්ථානයේ සිට සීතා දේවියගේ චරිතයේ නිර්මලත්වයට උපහාර දැක්වීම) 4. උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය. (රාමා මුලින් ම ලංකාද්වීපයට ගොඩ බසින ලද ස්ථානයේ සිට හනුමාන්ගේ වීර ගමනට ගෞරව දැක්වීම) 5. ගාල්ල - රූමස්සල. (සංජීවනීය ඖෂධ පැළෑටිය සෙවීමේ හනුමාන්ගේ ගවේෂණයෙන් ලද බව කියන උද්භිද උද්‍යානය) 6. ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල. (ශිව දෙවියන් උදෙසා වන්දනාමාන කරන මෙම පෞරාණික විහාරස්ථානයේ වාස්තු විද්‍යාත්මක වැදගත්කම සහ ආධ්‍යාත්මික වැදගත්කම අත්විඳීම) 7. හලාවත - මානවරි කෝවිල. (කරුණාවේ සහ භක්තියේ සංකේතයක් වන රාම් දෙවියන් විසින් ස්ථාපනය කරන ලද කෝවිලකි) 8. ඇල්ල - රාවණාගේ ගුහාව. (සීතා සඟවා තැබූ බව කියන ස්ථානය) 9. කතරගම නොහොත් දකුණු කෛලාශය. මේ අතර, මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයක් වන්නේ, රාමා - සීතා පුරාවෘත්තය සමග බැඳුණු ඓතිහාසික කතාන්දරය, කෘත්‍රිම බුද්ධිය (AI), Augmented reality, සහ Virtual reality වැනි අතිනවීන තාක්‍ෂණික ක්‍රම ඔස්සේ සජීවීකරණයට ලක්කර පෙන්වීම යි. \"ඉන්දියාවේ පාලනය ලංකාව තුළ ගෙන යන සංස්කෘතික මෙහෙයුමක්\" මෙම ව්‍යාපෘතිය හරහා සිදුවන්නේ, \"ඉන්දියාවේ පාලනය ලංකාව තුළ ගෙන යන සංස්කෘතික මෙහෙයුමක්\" බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරයි. ඔහු මෑතකදී පැවති සම්මන්ත්‍රණයකදී පැවසුවේ, \"රාමායණයට අදාළ පුරාවෘත්තය බල ගන්වන සංස්කෘතික මෙහෙයුම් අලුත් වටයකින් ක්‍රියාත්මක වන,\" බව ය. \"දැන් ඒ අතරේ එනවා තව එකක්. රාම - රාවණා පුරාවෘත්තය පදනම් කර ගත්තා වූ සංචාරක ව්‍යාපාරයක්. අපේ සංචාරක ව්‍යාපාරයේ ඉන්න කට්ටිය මේකට හරි ආසයි. කතරගමත් තියෙනවා, ඒ තැන් හතේ. කෛලේශ්වරී කියල තමයි කතරගම හදුන්වල තියෙන්නේ. තව ස්ථාන ගණනාවක්, ඇල්ල පැත්තේ රාවණා ගුහාව වගේ. ඒවාට බිලියන 50ක් වෙන් කරල තියෙනවා, රාවණා ස්ථාන හැටියට. ඒවා වැඩිදියුණු කරන්න. තමුන්නාන්සෙලා දන්නවා, රාමායණය පොතේ විතරයි, ඔය රාම - රාවණා කතාව තියෙන්නෙ. වෙන කොහෙවත් නෑ. පුරාවිද්‍යාත්මකව කොහෙවත් සනාථ වෙලා නෑ. එතකොට ඔය පොතේ තියෙන විදිහට අන්තිමට රාවණා රජ්ජුරුවො පාවලා දෙන්නෙ සහෝදරයා, විභීෂණ. ටක්කෙට ම බැසිල් රාජපක්ෂ වගේ බඩුවක්. විභීෂණට තමයි, ලංකාව පාලනය කරන්න භාර දුන්නේ. එතකොට රාමගේ පාලනය තමයි, විභීෂණ පවත්වගෙන යන්නෙ. එතකොට විභීෂණ කරන්නෙ රාමට ඕන විදිහට ලංකාව පාලනය කරන එක. ඒ රාමායණයට අදාළ පුරාවෘත්තය බල ගන්වන සංස්කෘතික මෙහෙයුම් අලුත් වටයකින් දැන් බල ගන්වලා ගේනවා,\" විමල් වීරවංශ එහිදී පැවසීය. \"මෙතන යටි අරමුණු නැහැ\" ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ව්‍යාපෘතිය හරහා යටි අරමුණු ක්‍රියාත්මක නොවන බව සීතාඑළිය සීතා අම්මාන් කෝවිලේ භාරකාර කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් පවසයි. ඔහු ප්‍රකාශ කළේ, මේ හරහා ඉන්දීය සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීම වැඩි වන බව ය. \"විමල් වීරවංශලා හැම දේ ම විවේචනය කරනවා. මෙතන කිසි ම යටි අරමුණක් නෑ. එතකොට මම අහන්න කැමතියි, බුද්ධාගම ආවේ මොන රටෙන් ද? කියලා. ඒක හොඳ නම් මේක නරක් වෙන්නෙ කොහොම ද? මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ සංචාරක කර්මාන්තය දියුණු කරන අරමුණින්. ශ්‍රී ලංකාවේ බෞද්ධයින් ඉන්දියාවේ දඹදිව සංචාරය කරනවා වගේ, ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ සංචාරය කරාවි. ඒකයි මෙතනදි සිද්ධ වෙන්නේ,\" වී. රාධාක්‍රිෂ්ණන් පෙන්වා දුන්නේ ය. රාමා - සීතා - රාවණා කතාව මිථ්‍යාවක් ද? රාවණා යනු ලංකාද්වීපයේ සැබවින් ම වාසය කළ සුවිශේෂී දක්ෂතා සහිත ජීවමාන චරිතයක් බවට ඇතැම් පිරිස් තර්ක කරති. ඇතැමෙකු පවසන්නේ, සීගිරිය රාජ මාලිගය පවා රාවණා විසින් නිර්මාණය කරන ලද්දක් බව ය. කෙසේ වෙතත්, රාවණා යනුවෙන් කිසිවෙකුත් ලංකාද්වීපය තුළ විසූ බවට කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් හමුවී නැතැයි ඇතැම් විද්වත්හු පවසති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ මහාචාර්ය සෙනරත් දිසානායක එවැනි විද්වතෙකි. \"රාවණා ගැන කියවෙන්නේ, වාල්මිකීගේ රාමායණය නමැති වීර කාව්‍යයේ විතරයි. ඒක ප්‍රබන්ධයක්. ශ්‍රී ලංකාවෙන් නම් රාවණා හෝ රාමායණයට අදාළ කිසි ම පුරාවිද්‍යාත්මක සාක්ෂියක් හමු වෙලා නෑ. රාවණා ඇල්ල, රාවණා ගුහාව වගේ නම් භාවිත කරලා තියෙන්නේ පසු කාලෙක. ඒ නිසා රාවණා කතාව අපට පිළිගන්න බැහැ,\" මහාචාර්ය සෙනරත් දිසානායක බීබීසී සිංහල සේවයට පැවසීය. මේ අතර, ඔහු ප්‍රකාශ කළේ, තමන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරූ සමයේදී ද 'ශ්‍රී රාමායන් ට්‍රේල්ස්' ව්‍යාපෘතිය ඉදිරිපත් කළ බව ය. \"මීට අවුරුදු පහකට විතර කලින් මම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරපු කාලේ තමයි මුලින් ම ඔය ව්‍යාපෘතිය යෝජනා කළේ. මම ඒකට කැමති වුණේ නෑ. දැන් ආයෙත් ඒක ආරම්භ කරලා තියෙනවා. මම දැන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නෙවෙයි.\"",
"Title": "ශ්‍රී රාමායන් ට්‍රේල්ස්: සීතාඑළියේ සිදුවන්නේ කුමක් ද?"
} |
{
"Text": " අධික වැසි සහිත කාලගුණය සමග ඇතිවු ආපදා හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුලදී පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියි. නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග දිවයිනේ බස්නාහිර, සබරගමුව පළාත් වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වෙත මේවන විටත් ධාරාණිපාත වැසි ලැබෙමින් පවතී. පවතින තත්ත්වය මත ගංවතුර මෙන්ම නාය යාමේ අවදානම් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. මේ අතර පවතින තදවැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට (ජුනි මස 03 වෙනිදා) දිවයිනේ සියලුම රජයේ පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටියි. ගතවූ පැය 24 තුළ ආපදා නිසා වාර්තා වූ පුද්ගල මරණ අධික වැසි සහිත කාලගුණය සමග සීතාවක, පුවක්පිටිය ප්‍රදේශයේදී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 29ක මවක්, ඇයගේ සත් හැවිරිදි දියණිය සහ 78 හැවිරිදි මුත්තනුවන්ය. අද ( ජුනි මස 02 වෙනිදා) අලුයම් කාලයේ දී අදාළ නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් නිවස ජලයෙන් යටවී ඔවුන් මියගොස් තිබේ. මේ අතර අවිස්සාවේල්ල, හේවාහින්න ප්‍රදේශයේදී පස් කන්දකට යට වී 11 හැවිරිදි දැරියක් ද, දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ද මියගොස් තිබේ. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ කළුතර, කොළඹ, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිත ගංවතුර තත්ත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවය. \"මේ වන විට බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 400 ඉක්මවූ වැසි ලැබී ඇති බව වාර්තා වනවා.\" \"පවතින තත්ත්වය මත පවතින සුළු ගංවතුර මට්ටම මහා ගංවතුර මට්ටමක් දක්වා ඉහළ යමින් තිබෙනවා.\" \"ආපදා තත්ත්වයන් පිළිබඳ ලබා දෙන නිවේදන සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටින්න. එය ඉතා වැදගත්.\" ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පැවසීය. මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි නිරිත දිග මෝසම් වැසි තත්ත්වය සක්‍රීයව ඇති බැවින් ඉදිරි පැය 24ක කාලය තුළදී දිවයිනේ නිරිත දිග කොටසට තව දුරටත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව පළාත් වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ. (ජුනි මස 01 වෙනිදා) සිට අද (ජුනි මස 02 වෙනිදා) දක්වා කාලය තුල රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහළියගොඩ ප්‍රදේශයට මිලි මීටර් 436.5, ඉංගිරිය හල්වතුර වත්ත මිලි මීටර් 348.5, අකුරැස්ස මිලි මීටර් 283.5, සාලාව මිලි මීටර් 280.5 සහ පාලින්දනුවර මිලි මීටර් 276.0 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රදේශ රැසකට ගංවතුර පවතින වැසි තත්ත්වය සමග කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. ඒ අනුව බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා ගඟ සහ මගුරු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවනු ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. \"ගතවූ පැය 24ක කාලය තුල ලැබුණු වර්ෂාපතනයත් සමග කළු, කැළණි, ගිං සහ නිල්වලා ගංගා ගංවතුර මට්ටමකට පැමිණ තිබෙනවා.\" \"මේ වන විට නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් වල ගංවතුර තත්ත්වය වර්ධනය වෙමින් පවතිනවා.\" \"විශේෂයෙන් කොටපොල, අකුරැස්ස, කඹුරුපිටිය, මුලටියන, මාලිම්බඩ, අතුරලිය, තිහගොඩ සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ සහ එහි අතු ගංඟාවල ගංවතුර තත්ත්වය ඉහළ යමින් තිබෙනවා.\" \"මීට අමතරව කළු ගඟ ආශ්‍රිතව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇළපාත කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් ගංවතුර තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්.\" \"මේ අතර ගිං ගඟ ආශ්‍රිතව පහත් බිම්වල මේ වන විට ගංවතුර තත්ත්වයක් වාර්තා වෙමින් තිබෙනවා.\" \"නෙළුව, තවලම, නාගොඩ, බද්දේගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව ගිං ගඟ සහ ඒවායේ අතු ගංඟාවන් වල ජල මට්ටම ඉහළ යමින් තිබෙන නිසා පහත් බිම් වල ගංවතුර තත්ත්වයක් වාර්තා වනවා.\" \"මේ අතර කැළණි ගඟ අවට පහත් බිම් වල සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා. විශේෂයෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවතින සුළු ගංවතුර තත්ත්වයේ තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරනු ලබනවා.\" \"මේ ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රථ වාහන රියැදුරන් දැඩි ලෙස අවධානයෙන් පසුවිය යුතුයි.\" යනුවෙන් වාරිමාර්ග අධ්‍යක්ෂක එස්.පී.සී. සුගීෂ්වර පැවසීය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද ( ජුනි මස 02 වෙනිදා) නිකුත් කළ නිවේදනයකට අනුව නිල්වලා ගඟ පිටබැද්දර ප්‍රදේශයෙන් ද කුඩා ගඟ කළවැල්ලාව ප්‍රදේශයෙන් ද මහා ගංවතුර මට්ටමට ළඟාවී තිබේ. දිස්ත්‍රික්ක 9 කට නායයාම් අනතුරු ඇඟවීම් අධික වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 09 ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක් සඳහා නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එමෙන්ම මහනුවර, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, කෑගල්ල, හම්බන්තොට, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 46ක් සඳහා එම නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එම නායයාම් අනතුරු ඇඟවීම් අද (ජුනි මස 02) අලුයම 04 සිට හෙට (ජුනි මස 03 වෙනිදා) අලුයම 04 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ. ජීවිතාරක්ෂක කණ්ඩායම් අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා යුද, ගුවන් සහ නාවික හමුදාවන් හි ජීවිතාරක්ෂක කණ්ඩායම් සුදානම් කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ බීබීසී සිංහල වෙත පැවසුවේ ආපදා මෙහෙයුම් වෙනුවෙන් යෙදවීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා 3ක් සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් මේ වන විටත් අනුයුක්ත කර ඇති බවය. එමෙන්ම නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසුරිය බීබීසී සිංහල වෙත පැවසුවේ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා නාවික හමුදාවේ ජීවිතාරක්ෂක කණ්ඩායම් 10ක් යොදවා ඇති බවය. එමෙන්ම ඕනෑම අවස්ථාවක ආපදා මෙහෙයුම් සඳහා යෙදවීමට තවත් කණ්ඩායම් 116ක් සුදානම් කර ඇති බව ද ඔහු පැවසීය. මේ අතර යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ යුද හමුදා කණ්ඩායම් 07ක් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර, සාලාව සහ මාලිම්බඩ ප්‍රදේශවල අවතැන් වූ ජනතාවට ආහාර ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි. ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කෙරේ කාලගුණ තත්ත්වය හා ජලගැලීම් සැළකිල්ලට ගනිමින් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන බීබීසී සිංහල වෙත පැවසීය. \"ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වය නිසා ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම් විසන්ධි කර තිබෙනවා. ඒ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්.\" \"ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ක සම්බන්ධවෙලා අපි මේ ප්‍රදේශවල විදුලි සැපයුම අත්හිටුවා තිබෙන්නේ.\" \"ගංවතුර තත්ත්වය පහව ගියාට පස්සේ අපි තත්ත්වය බලලා නැවත විදුලි සැපයුම යථා තත්ත්වය ලබා දීමට කටයුතු කරනවා.\" ලේකම්වරයා කියා සිටියේය.",
"Title": "ඉදිරි කාලගුණය ගැන ඔබ දැනගත යුතු දෑ මොනවාද?"
} |
{
"Text": " ගෝලීය දෙමාපිය දිනය යේදී තිබුණේ ජූනි 1 වන දා ය. 2012 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය දෙමාපිය දිනය, සියලු දෙමාපියන් \"දරුවන් වෙනුවෙන් කරන පරාර්ථකාමී කැපවීම සහ මාපිය දූදරු සම්බන්ධතාව පෝෂණය කිරීමට ඔවුන් තම ජීවිත කාලය පුරාවට ම සිදු කරන කැප කිරීම\" ඇගයීම සඳහා අවස්ථාව සලසා දෙයි. මෙවර එහි තේමාව 'The Promise of Playful Parenting' (කෙළිදෙලින් යුත් මාපිය රැකවරණය සඳහා වන පොරොන්දුව) ලෙස එකසත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි, දරුවන්ගේ යහපැවැත්ම සහ සංවර්ධනය සඳහා පවුල, දෙමාපියන් සහ ඔවුන් රැකබලා ගන්නන්ගෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු වේ. ඔවුහු දරුවන්ට සහ නව යොවුන් වියේ පසුවන දරුවන්ට අනන්‍යතාවය, ආදරය, රැකවරණය, ආහාර පාන, ඇඳුම් පැළඳුම් හා ජීවත් වීමට නිවහනක්, ආරක්ෂාව, ආර්ථික සුරක්ෂිතභාවය සහ ස්ථාවරත්වය ලබා දෙති. නමුත් ඇතමෙකු පවසන්නේ, ඔවුන්ගේ එම කැපකිරීම් ඇගයීම සඳහා වෙන්ව ඇති මෙම දිනය තවමත් ශ්‍රී ලාංකියින්ට එතරම් හුරුපුරුදු දිනයක් නොවන බව ය. මෙම ලිපියේ අරමුණ ගෝලීය දෙමාපිය දිනයේදී ඒ ගැන අවධානයට ලක් කිරීම පමණක් නොව, ශ්‍රී ලංකාව තුළ බොහෝ දුරට \"තහනම් සංකල්පයක්\" බවට පත්ව ඇති 'සිංගල් පේරන්ට්' යන සංකල්පය පිළිබඳව විමසා බැලීම ත් මෙරට සමාජය තුළ ‘තනි මවක’ වීම කෙතරම් දුරකට අභියෝගාත්මක ද යන්න පිළිබඳව විමසා බැලීම ත් ය. ඒ සඳහා බීබීසී සිංහල සමග සංවාදයට එක් වූයේ රසංගා ය. ඇය මේ වන විට 31 හැවිරිදි වියේ පසුවන අතර දශයකට ආසන්න කාලයක් මෙරට සමාජය තුළ \"විවිධ අභියෝගවලට\" මුහුණ දෙමින් \"තනි මවක\" ලෙස තම දියණිය පෝෂණය කිරීමට කැපවී සිටින තරුණියකි. 'පේරන්ටින් කියන එක මගේ ජීවිතයේ මම කොහෙත් ම බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි...' \"පේරන්ටින් කියන එක මගේ ජීවිතයේ මම කොහෙත් ම බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි,\" රසංගා සිය ජීවිතයේ අභියෝගාත්මක ම තීරණය ගැනීමට සිදු වූ හේතුව පැහැදිලි කිරීමට මුලපිරුවේ එලෙසිනි. ඇය තමන් ගර්භණී බව දැනගන්නේ තම සැමියාගෙන් වෙන්වීමට තීරණය කර ඇති මොහොතකදී ය. එය ඇයට එතරම් සුන්දර අත්දැකීමක් නොවීය. මවක වීම ඇය ඒ මොහොතේ අපේක්ෂා නොකළ දෙයක් විය. නමුත් ඔවුන් දෙදෙනා අතර පැවති ගැටලුකාරී තත්ත්වයත්, එය තම දියණියට කෙසේ බලපානු ඇති ද යන සැකයත් මත ඇය ඔහුගෙන් වෙන් වීමට තීරණය කළා ය. \"පේරන්ටින් කියන එක මගේ ජීවිතයේ මම කොහෙත් ම බලාපොරොත්තු වුණ එකක් නෙවෙයි. පේරන්ටින් කියන සබ්ජෙක්ට් එක මට පුළුවන් කියලා අදහසක් මගේ ඔළුවේ තිබ්බේ නෑ. ප්‍රෙග්නන්සි එක මම දැනගන්නේ, මම සහ හස්බන්ඩ්, සෙපරේට් වෙලා සති තුනක් වගේ ඇතුළත.\" 'නිදි නැති රැයවල්, නවත්ත ගන්න බැරි තරම් අඬන ඒවා ඇති වෙන්න මට තිබුණා...' රසංගා සඳහන් කළේ, ගර්භණි සමය ඇයට එතරම් සුන්දර කාලයක් නොවුණු බව ය. සැමියාගෙන් ලැබිය යුතු රැකවරණය නොලැබීම, සායනවලට සහභාගී වීමේදී දැනුණු කම්පනය ඇය විස්තර කළේ මෙලෙසිනි. \"මුලදී මට ගොඩක් දේවල්වලට මූණ දෙන්න සිද්ධ වුණා. ගර්භණී කාලයෙන් පටන් ගත්තා ම, ඒ කාලය මට කොහොමත් ම ලේසි වුණේ නැහැ. පවුලේ අනිත් අයගේ සහය මට ලැබුණට, දවස අවසානයේ ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නකොට, හස්බන්ඩ්ගේ රැකවරණය හොයනවනේ වයිෆ් කෙනෙක්. ඕවා මට තිබුණේ නැහැ. ක්ලිනික් යද්දී ඒ කපල්ස් දකින කොට ඒ කම්පනයත් එක මම හරි ම පීඩනයකින් ඒ කාලය ගත කළේ. නිදි නැති රැයවල්, නවත්ත ගන්න බැරි තරම් අඬන ඒවා, ඕව ත් ඇති වෙන්න තිබුණා මට.\" ඒ උණාට හැම වෙලේ ම මගේ ඔළුවේ තිබුණේ, 'නෑ මම එයා වෙනුවෙන් කොහොම හරි මේක කරනවා,' කියන එක,\" ඇය පැවසුවා ය. ඇය මීට වසර තුනකට පෙර 'Being a single parent is not easy' යන මැයෙන් ෆේස්බුක්හි ලියූ ලිපියේ ද සඳහන් කර තිබුණේ, තනි මවකට හෝ පියෙකුට මුහුණ දීමට සිදුවන අපහසු ම දේ චිත්තවේගීය ස්ථාවරත්වය අහිමි වන අවස්ථාව බව ය. එහි ඇය මෙසේ ද ලියා තිබිණි. \"සිංගල් පේරන්ට් කෙනෙක් කියලා කියන්නේ, මව සහ පියා කියන චරිත දෙක ම කරන එක මවකට හෝ එක පියෙකුට.\" බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ඇය පැවසුවේ, දියණිය මෙලොවට බිහි කළ පසු තමා යම් මානසික පීඩාවකට ලක් වුව ද පසුව යළිත් රැකියාවේ නිරත වීමට හැකිවීමත් සමග එම තත්ත්වය පහව ගිය බව ය. \"එයාව හම්බ වුණාට පස්සසේ පොඩි ඩිප්‍රෙසිව් ගතියක් තිබුණා, මොක ද මට හිතුණේ නැහැ මගේ ජීවිතයේ ආයෙත් අර කලින් තිබුණ නිදහස, ඒ තිබුණ විශ්වාසය මට තියේවි කියලා. මම හිතුවේ මගේ ජීවිතේ ආයේ හරවන්න බැරි තරමට, නිකම්, අවුල් වෙලා වගේ කියලා. මට ආයෙත් රස්සාවක් කරන්න බැරි වේවි වගේ කියන එකත් එක්ක මානසික පීඩනයක් තිබුණා. ඒත් ජොබ් එක කරන්න පටන් ගත්තට පස්සේ ඒක හරි ගියා. මට දැනුණා මට ආයෙත් ස්වාධීන වෙන්න පුළුවන් කියලා. මාවත් බලාගෙන එයාවත් බලාගන්න පුළුවන් කියන විශ්වාසය මට ආවා.\" 'ඔයා මට කියන්නේ ළමයෙකුත් ඉන්න දික්කසාද ගෑනියෙක් එක්ක ජීවිත කාලය ම ඉන්න කියල ද?' තමාට පෙර පරිදි යළි ප්‍රේම සම්බන්ධයක් ඇරඹීමට නොහැකි වනු ඇතැයි යන බිය ඉන් පසු ඇති වූ ගැටලුව බව ඇය පෙන්වා දුන්නා ය. ඇය සඳහන් කළේ, එක් අවස්ථාවකදී \"මම කවදාවත් පිරිමියෙක් කසාද බඳින්න කැමති වෙන ජාතියේ කෙනෙක් නෙවෙයි,\" යනුවෙන් තමන් පිළිබඳව යම් අවතක්සේරුමය හැඟීමක් පවා ඇති වූ බව ය. \"මට කලින් වගේ තවත් කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න බැරි වේවි වගේ කියලා එකක් දැනුනා. මොක ද කිසි කෙනෙක් මගේ දිහා කලින් බලපු විදිහට නෙවෙයි බලන්නේ. අන්තිමට මට තිබුණු සම්බන්ධයේදී අපි සම්බන්ධය නවත්තන්න ඔන්න මෙන්න තියෙද්දී එයා මට මැසේජ් එකක් දැම්මා 'ඔයා මට කියන්නේ ළමයෙකුත් ඉන්න දික්කසාද ගෑනියෙක් එක්ක ජීවිත කාලය ම ඉන්න කියල ද,' කියලා. එයා මගේ කතාව දැනගෙන තමයි යාළු උණේ. ඒත් පස්සේ අර වගේ ප්‍රතිචාර දක්වනවා.\" ඇය පැවසුවේ, ඇය සහ දරුවා පිළිගත්තේ ඒ අතරින් එක් තරුණයෙකු පමණක් බව ය. \"කොල්ලෙක් වුණා ම පිරිසිදු කෙල්ලෙක් බඳින්න ඕනේ කියලා එකක් තියෙනවා නේ ලංකාවේ...\" රසංගා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව තුළ තනි පියවරුන් මුහුණ දෙන ගැටලුවලට සාපේක්ෂව තනි මව්වරුන් මුහුණ දෙන ගැටලු තරමක් සංකීර්ණ බව ය. බොහෝ අවස්ථාවලදී සමාජය විසින් තනි පියෙකු, ස්ථාවර සහ වගකීම්සගහත පුද්ගලයෙකු ලෙස දකිනු ලබන බව ඇය පෙන්වා දුන්නා ය. \"ඇයි එහෙම ගෑනු කෙනෙක් දිහා බලන්න බැරි කියන එක මට ප්‍රශ්නයක්,\" ඇය පැවසීය. \"සමහර විට ඒ කන්‍යාභාවයයි, ඒවා මේවා නිසා වෙන්න ඇති. කොල්ලෙක් වුණා ම පිරිසිදු කෙල්ලෙක් බඳින්න ඕනේ කියලා එකක් තියෙනවා නේ ලංකාවේ. ඒකත් එක්ක වෙන්න ඇති.\" රසංගාගේ හත් හැවිරිදි දියණිය දැන් පාසල් යන වියේ පසුවන්නී ය. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරන ඇතැමෙකු පෙන්වා දෙන්නේ, 'සිංගල් පේරන්ට්' සංකල්පය උජාරුවෙන් ප්‍රවර්ධනය කළ යුතු සංකල්පයක් නොවිය යුතු බව ය. එවැනි සටහනක පෙන්වා දී තිබුණේ, ඒ ආකාරයේ තත්ත්වයන් තුළ අර්බුදයට ලක් වන්නේ දරුවන් බව ය. තනි දෙමාපියන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපාර ද එක්සත් රාජධානිය ඇතුළු ලොව පුරා රටවල දක්නට ලැබේ. එමෙන් ම, බොහෝ රටවල් දෙස බැලීමේදී තනි මව්වරුන් ගණන තනි පියවරුන් ගණනට වඩා ඉහළ අගයක් ගන්නේ යැයි පෙනී යන බව ඇතැම්හු පවසති. “දත්ත මගින් මිනිසුන් සවිබල ගැන්වීම” සඳහා 2007 වසරේදී ජර්මනියේදී පිහිටුවන ලද Statista සමාගම පෙන්වා දෙන්නේ, 2022 වන විට එක්සත් රාජධානියේ තනි මාපිය පවුල් මිලියන 2.94කට අධික සංඛ්‍යාවක් සිටි බව ය. නමුත් 2015 වසරේදී, එරට තනි මාපිය පවුල් මිලියන තුනකට වඩා ගණනක් සිට තිබේ. \"වගකීම් දෙගුණ වෙනවා. ඒවා බෙදා ගන්න තවත් කෙනෙක් නැහැ...\" තනි මවක වීමේදී රසංගා මුහුණ දුන් තවත් අහියෝගයක් වූයේ, තම ජීවිතයේ දෙගුණ වන වගකීම් බෙදා ගැනීමට තවත් පාර්ශවයක් නොසිටීම ය. \"වගකීම් දෙගුණ වීමක්. මොක ද පේරන්ට්ස් මීටින්ග් එකක් තිබුණත් මම යන්න ඕනේ. ශ්‍රමදානයක් තිබුණත් මම තමයි යන්න ඕනේ. හැමදේම පැවරෙන්නේ මට. මට ඒ වගකීම් බෙදා ගන්න තවත් කෙනෙක් නැහැ.\" කෙසේ වෙතත්, ඒ දෙස ඇය ධනාත්මකව බැලීමට උත්සහ ගන්නී ය. “වගකීම් දෙගුණ උණත් එක පැත්තකින් බැලුවා ම, මට මට ඕනේ දේ එයාට දෙන්න පුළුවන්. එයාගේ තාත්තා හිටියා නම්, අනිවාර්යයෙන් ම එයාගේ දේවල් ගැන අපිට කතා කරන්න වෙනවා. එතකොට එතන පොඩි කතාබහක් යනවා. තීරණ ගැනීමේදී මට මගේ නිදහස් තියෙනවා තව කෙනෙක් මත යැපෙන්නේ නැතුව. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මට ඕනේ දේවල් මම එයාට (දියණිය) කියලා කරවනවා කියලා. එයාගේ කැමැත්ත අනුව තමයි දේවල් අනිවාර්යයෙන් වෙන්නේ.\" \"සිංගල් පේරන්ට් කෙනෙක් වීම කියන්නේ, ඔයා යන්නේ ඔයාගේ විවාහයේ ප්‍රතිඵලයකුත් එක්ක...\" රසංගා පෙන්වා දුන්නේ, තනි මවක හෝ තනි පියෙකුට සැම විට ම තම විවාහයේ ප්‍රතිඵලය සමග සමාජයට මුහුණ දීමට සිදුවන බව ය. එය කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කළ නොහැකි බව ඇය අවධාරණය කළා ය. කෙසේ වෙතත්, තමාගේ සැබෑ තත්ත්වය සමාජයට පැවසීමට තමන් කිසි විටෙකත් නොපැකිළෙන බව ඇය පැවසුවා ය. \"මම සිංගල් පේරන්ට් කෙනෙක් කියන එක මම හංගන්නේ නැහැ. ජොබ් ඉන්ටර්වීව් එකකට ගියත් මම කියනවා මම සිංගල් පේරන්ට් කෙනෙක්, මම මගේ බබාගේ වැඩත් බලන ගමන් තමයි ජොබ් එක කරන්නේ, ඒ නිසා මට මෙන්න මේ මේ දේවල් අවශ්‍ය වේවි කියලා.\" එවැනි අවස්ථාවලදී තමන්ට මුහුණ දීමට සිදුවූ වෙනස්කම් පිළිබඳව ද ඇය සඳහන් කළා ය. \"ඒ වගේ තැන්වලදී සමහර අවස්ථා තිබුණා පොඩ්ඩක් වෙනස් විධියට බලන. හරියට 'If I take her in, I can get this done,' වගේ එකකින් බලපු කට්ටිය හිටියා. ඔෆිස් එකේ අනිත් අයට මට සිංගල් පේරන්ට් කියද්දී, 'ah okay’, මෙයා සිංගල් පේරන්ට් කියන ඇහෙන් බලපු කට්ටිය හිටියා. නිකම් චාන්ස් එකක් වගේ. ඩිවෝස් කෙනෙක්ට කියන්න පුළුවන්, මම බැඳලා නැහැ කියලා. ඒත් සිංගල් පේරන්ට් කෙනෙක් වීම කියන්නේ, ඔයා යන්නේ ඔයාගේ විවාහයේ ප්‍රතිඵලයකුත් එක්ක. ඒක ඔයාට ප්‍රතික්ෂේප කරන්න බැහැ.\" තම දියණිය පාසලට ඇතුළත් කිරීමේ කටයුතුවලදී අත්විඳින්නට සිදු වුණු අත්දැකීම් පිළිබඳව ඇය මෙසේ පැවසුවා ය. \"බබාව ඉස්කෝලේ දාන්න ගියා ම අම්මගේ තාත්තගේ විවාහ සහතිකය ඉල්ලනවා. ඒක නැත්නම්, මට පෞද්ගලිකව ගිහින් විදුහල්පතිවරයාට මම ඩිවෝස් වෙලා ඉන්නේ කියලා කියන්න සිද්ධ වෙලා තියෙනවා දෙතුන් වතාවක ම. දැනට නම් දුවට ඉස්කෝලෙන් එහෙම වෙනස්කමක් වෙලා නැහැ. ඒ උණාට පොඩි පොඩි ඒවා ටිකක් තියෙනවා. මම ඉස්කෝලෙට යනකොට අමුතු විධියට බලනවා.\" \"දුව මගෙන් දෙතුන් වතාවක් අහලා තියෙනවා ඇයි එයාට තාත්තා කෙනෙක් නැත්තේ කියලා...\" බීබීසී සිංහල සමග සිදුකළ සංවාදයේදී රසංගා පැවසූ තවත් සංවේදී කාරණයක් විය. ඇතැම් අවස්ථාවලදී තම දියණිය ඇයගේ පියා පිළිබඳව ප්‍රශ්න කරන බව ත් එවිට දියණියගේ මනසට හානියක් නොවන ලෙස ඇය ඊට පිළිතුරු දීමට පියවර ගන්නා බව ත් අප හා පැවසුවා ය. \"දුව මගෙන් දෙතුන් වතාවක් අහලා තියෙනවා ඇයි එයාට තාත්තා කෙනෙක් නැත්තේ කියන එක. එතකොට මම එයාට කියන දේ තමයි, ඔයාට තාත්තා කෙනෙක් ඉන්නවා. එයාට මතකයි. අවුරුදු දෙකක් විතර හිටියනේ එයාගේ තාත්තා, co-parenting. එතනදී එයාට මතකයි එයාව. ඒ වෙච්ච සිද්ධියත් මතකයි එයාට, ඇයි අපි දෙන්න වෙන් වුණේ කියන එක. එයා අහනවා, 'එයා ද මගේ තාත්තා,' කියලා. එතකොට මම කියනවා, 'ඔව් එයා තමයි ඔයාගේ තාත්තා. හැබැයි අපි දෙන්න එකට නැහැ දැන්.' ඇයි කියලා අහද්දී එයාට තේරෙන විදිහට සහ එයාගේ ඔළුවට දරන්න පුළුවන් විදිහට මම සාමාන්‍යයෙන් කියනවා.\" ඇය තවදුරටත් පැවසුවා ය. 'සිංගල් පේරන්ට්' යන සංකල්පය සම්බන්ධයෙන් ගම්වල පවතින තත්ත්වය පිළිබඳව ද ඇය පැහැදිලි කිරීමක් කළා ය. \"කොළඹ ඇතුළේ ඉන්න සිංගල් පේරන්ට්ස්ලා ගැන කතා කරද්දී එයාලා ජීවත් වෙන විධියත් එක්ක එයාලට ඒවා පුළුවන් වුණාට, ගම්වල තත්ත්වය වෙනස්. අපි සිංගල් පේරන්ට්ස්ලා කියලා හිතන්නේ නැති කට්ටිය ඉන්නවා ගම්වල. ඒ කියන්නේ මේ ඩිවෝස් වෙච්ච අය ම නෙවෙයි. සමහර වෙලාවට තාත්තා එකකෝ අන්තරා වෙලා. එතකොට ඒ අම්මා තනියෙන් තමයි ළමයි තුන් හතර දෙනෙක් හදා ගන්නේ. ඒ වගේ තැන්වලදී ඒ කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒක අපි සිංගල් පේරන්ට් කියන සංකල්පය ඇතුළට දාන්නේ නැහැ. මොක ද ගොඩක් වෙලාවට සිංගල් පේරන්ට් කියලා දකින්නේ, මේ නූතන සමාජයේ දික්කසාද වුණු අය විතරයි.\" \"අම්මාගේ පෙම්වතාට වඩා එයාගේ තාත්තා වෙනස් කියන එක දරුවා දන්නවා...\" රසංගා පෙන්වා දුන්නේ, මවගේ පෙම්වතා සහ දරුවාගේ පියා අතර ඇති වෙනස තම දියණියට පහදා දීමට ඇයට අවශ්‍ය වූ බව ය. තවත් පිරිමි පුද්ගලයෙකුගෙන් පියා යන බැඳීම බලාපොරොතු විය නොහැකි බව ඇය පැහැදිලි කළා ය. නමුත් එය කාලයත් සමග වෙනස් විය හැකි බව ද ඇය පෙන්වා දුන්නා ය. \"මට මේක විශේෂයෙන් කියන්න ඕන. මුල ඉඳලා ම, අම්මාගේ පෙම්වතාට වඩා එයාගේ තාත්තා වෙනස් කියන එක දරුවට කියලා දෙන්න මට ඕනේ වුණා. ඒක එයා දන්නවා. දරුවා දන්නවා මේ ඉන්නේ අම්මගේ පෙම්වතා, එයාට වගකීමක් තියෙනවා. හැබැයි යම් තැනක් දක්වා විතරයි කියලා සහ මගේ තාත්තා වෙනස් කියලා. එයා දන්නවා එතකොට සීමා මායිම් මොනව ද කියලා. එයා දන්නවා මේ අම්මගේ සහකරුවා. දවසක මට එයාට තාත්තා කියලා කතා කරන්න පුළුවන් වේවි දේවල් හොඳින් සිද්ධ වුණොත් කියලා. එතකොට මට අම්මා විදිහට දේවල් කළමනාකරණය කර ගන්න හරි ලේසියි.\" එසේ නොවන්නේ නම්, ඇතිවන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ද ඇය මෙසේ පැවසුවා ය. \"එහෙම නැතුව මම, 'my kid is your kid' කියලා දරුවාගේ වගකීම් එයාගේ පිටට දැම්මොත් එකක්වත් හරි යන්නේ නැති වෙන්න පුළුවන්. තව පිරිමි කෙනෙකුගෙන් මට 'මේ ඉන්නේ මගේ දරුවා' කියන එක බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් තාත්තා, මාමා, සීයා කියන ලේ බැඳීම නැති කෙනෙකුගෙන් ඒ බැඳීම බලාපොරොත්තු වෙන්න මට බැහැ. මොක ද මට තියෙන අත්දැකීම් එක්ක මොන වෙලාවේ දේවල් අවුල් වේවි ද කියලා මම දන්නේ නැහැ,\" ඇය සඳහන් කළා ය. \"සිද්ධ වුණ දේවල් ගැන මම තැවෙන්නේ නැහැ. මම දන්නවා මට සිද්ධ වුණ දේවල් එක්ක, මගේ දරුවාව කොහොම ද ඒවාට ගොදුරු නොවෙන්න හදා ගන්න ඕනේ කියලා. මට වෙච්ච දේවල් එක්ක මම දන්නවා ගෑනියෙක්ගේ ජීවිතේ වරදින්න පුළුවන් තැන් මොනවා ද කියලා සහ ඒවා වළක්වා ගන්නේ කොහොම ද කියලා.\" \"ගොඩක් වෙලාවට සිංගල් පේරන්ට් කියන වචනය ම අලුත් අපේ මිනිස්සුන්ට...\" මෙරට සමාජය තුළ, විශේෂයෙන් ම මාධ්‍ය තුළ, 'සිංගල් පේරන්ට්' සංකල්පය පිළිබඳව එතරම් කතාබහට ලක් නොවීම එය “තහනම් සංකල්පයක්” වීමට හේතුවක් වී ඇති බව රසංගා පෙන්වා දුන්නා ය. බොහෝ දෙනෙකු 'සිංගල් පේරන්ට්' යන වචනයට ඇති බිය හේතුවෙන් අසාර්ථක, විෂ සහිත විවාහ තුළ සිර වී සිටින බව ද ඇය පැවසුවා ය. \"ලංකාවේ මීඩියා ඇතුළෙත් ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් ගැන කතා කරන්නේ නැහැනේ. මේක තහනම් [taboo] දෙයක් වෙලා තියෙන්නේ, ඕක ගැන කතා නොකරන හින්දා. ඒක අමුතු දෙයක් කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට සිංගල් පේරන්ට් කියන වචනය ම අලුත් අපේ මිනිස්සුන්ට. මාධ්‍ය මගින් හරි සිංගල් පේරන්ටින් කියන්නේ මෙන්න මේකයි කියලා පෙන්නලා දෙන්න පුළුවන් නම්, ඔය taboo ගතිය අපිට සෑහෙන අඩු කර ගන්න පුළුවන්. ගොඩක් අය හරි ම toxic විවාහ ඇතුළේ හිර වෙලා ඉන්නවා සිංගල් පේරන්ට් කියන වචනයට තියෙන බය හින්දා. ඩිවෝස් කියන ටර්ම් එකට තියෙන බය හින්දා, ඔය කියන වචනයට සමාජයෙන් එල්ල වෙන ප්‍රහාර නිසා.\" \"අනේ මිනිහා මැරිච්ච ගෑනි නේ...\" තනි මවක හෝ පියෙකු ඇති වීමට නිශ්චිත සාධක නොමැති වුව ද ඒ පිළිබඳව අදහස් දරන පිරිස් පෙන්වා දෙන්නේ, මරණය, දික්කසාදය, අවිවාහක මාපියන් සහ වෙනත් සාධක ද ඊට බලපෑ හැකි බව ය. නමුත් එය පුද්ගල කැමැත්ත අනුව සිදුවන අවස්ථා ඇති බව ද රසංගා පැවසුවා ය. එවැනි අවස්ථාවලදී සමාජය ඔවුන් දෙස බලන්නේ එතරම් සතුටුදායක කෝණයකින් නොවන බව ඇය කණස්සල්ලෙන් සඳහන් කළා ය. \"සිංගල් පේරන්ට් කෙනෙක් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් කැමැත්තෙන්, අනිත් එක අනපේක්ෂිත සිද්ධියකින්. ඔය දෙවැනි එක අපේ මිනිස්සු හරි සානුකම්පිත විදිහට දකිනවා, 'අනේ මිනිහා මැරිච්ච ගෑනි නේ,' කියලා. හැබැයි ඕක කැමැත්තෙන් වෙන දෙයක් නම්, 'අපෝ' කියන කෝණයෙන් තමයි ගොඩක් වෙලාවට බලන්නේ. ලංකාවේ ගොඩක් වෙලාවට තියෙන දෙයක් තමයි, අපි හැදිලා නැහැ තවත් මනුස්සයෙකුගේ කැමැත්තට ගරු කරන්න. ඔයාගේ තෝරා ගැනීම සංස්කෘතික සීමාවෙන් එහා යන දෙයක් නම්, මිනිස්සු ඒක දිහා බලන්නේ සෑහෙන අමුතු දෙයක් විධියට.\" \"මේ ජීවිතයේ ඔයා ජීවත් වෙන්නේ එක පාරයි. ඒ නිසා ඒ ජීවිතයට සාධාරණයක් කරන්න...\" බීබීසී සිංහල සමග කළ සංවාදය රසංගා අවසන් කළේ මෙලෙසිනි. \"මිනිස්සු ලෝකය දිහා බලන විදිහ අපිට වෙනස් කරන්න බැහැ. මනුස්සයෙක් හැදිලා තියෙන්නේ කොහොම ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ඒ මනුස්සයා ලෝකේ දිහා බලන විධියෙන් සහ තව මනුස්සයෙකුට සලකන විදිහෙන්. ලංකාවේ මේ තියෙන දෘෂ්ඨිකෝණය වෙනස් කරන්න බැහැ. මේක පරම්පරාවෙන් පරම්පරාවට එන ශාපයක්. දැන් අපේ පරම්පරාවේ කට්ටියත් මිනිස්සුන්ට කතන්දර හදනවනේ. අපිට කරන්න පුළුවන් එක ම දේ තමයි, සමාජයට ඕනේ දෙයක් හිතාගන්න කියලා ඔයා ඔයාගේ ජීවිතේ ගත කරන්න. ඔයාට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ හේතුවක් ඇතුව. මේ ජීවිතයේ ඔයා ජීවත් වෙන්නේ එක පාරයි. ඒ නිසා ඒ ජීවිතයට සාධාරණයක් කරන්න. අම්මා තාත්තා උණත් ඔයාට ඇඟිල්ල දික් කරන දවසක් එනවා. එහෙම දවසට ඔයා විතරයි ඔයාට ඉන්නේ.\" කෙසේ වෙතත්, රසංගාගේ මතය 'සිංගල් පේරන්ට්' සංකල්පය කිසිසේත් ම ප්‍රවණතාවක් හෝ විලාසිතාවක් නොවිය යුතු යි යන්න ය. මාපියන් සෑම විට ම තම දරුවාට මාපිය දෙදෙනා ම ලබා දීමට උත්සහ කළ යුතු බව ත් දරුවෙකුට මව සහ පියා යන දෙදෙනා ම සිය ජීවිතය තුළ අවශ්‍ය බව ත් ඇය පෙන්වා දුන්නා ය. නමුත් ඇය අවධාරණය කළේ, එය සිදු විය යුත්තේ ප්‍රීතිමත් නිවහනක් තුළ බව ය. මව සහ පියා යන දෙදෙනා ම දරුවාගේ සිනහවට සහ සාමයට බාධාවක් වන්නේ නම්, ඔවුන් අතරින් සතුටින් සිටිය හැකි පුද්ගලයා සමග දරුවා ජීවත් වීම වඩා ත් යෝග්‍ය බව ඇය පෙන්වා දුන්නා ය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ, තනි මවක හෝ පියෙකු වීමේ වරදක් නොමැති බව ත්, ඔවුන් සැබවින් ම අන් අයට වඩා ශක්තිමත් බව ත් ය.",
"Title": "ශ්‍රී ලාංකීය සමාජයේ 'සිංගල් අම්මා' කෙනෙක් වීම කෙතරම් අභියෝගාත්මක ද?"
} |
{
"Text": " 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු සොයාගැනීම සඳහා ඔහුගේ බිරිඳ, අත දරුවා සහ ඇයගේ මව අනීතික ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන විත් එහි පැය කිහිපයක් රඳවා ගැනිම තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (මැයි 31 වැනිදා) තීන්දු කළේය. ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට වගකිවයුතු කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නෙවිල් සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. මෙත්තානන්ද යන නිලධාරීන් සිය පුද්ගලික මුදල් වලින් රුපියල් 250000/- බැගින් පෙත්සම්කාරියට වන්දි ගෙවිය යුතු බවත් නියෝග කෙරුණි. ඊට අමතරව අදාළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කරනු ලැබීය. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර නමැත්තාගේ බිරිඳ වූ ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ පදිංචි ආර්.එච්.ඉරේෂා ලක්මාලි විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකගතාවය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු තුරෙයි රාජා සඳහන් කළේ \"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමේදී පවතින නීතිමය රාමුව තුළ එය සිදු කළ යුතු බව මෙම අධිකරණය යලි යලිත් අවධාරණය කර තිබෙනවා. පොලීසියට සාමාන්‍ය \"මැරවරයෙකු\" කටයුතු කරන ආකාරයෙන් ක්‍රියා කිරීමට නීතියෙන් බලයක් දී නැහැ. මේවා \"රාජ්‍ය ත්‍රස්තවාදය\" කියලා කියන්න පුළුවන් \" යනුවෙන් සඳහන් කර සිටියේය. නඩුකරයට පාදක වන සිද්ධිය කුමක් ද? පෙත්සම්කාරිය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ මෙසේ සඳහන් කර ඇත. \"2019 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා රාත්‍රි 9.30 ට පමණ ඉමදුව පොලිසියේ නිලධාරීන් සමග කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් අපේ නිවසට ආවා. ඇවිත් මහත්තයා ඉන්නවාද කියලා ඇහැව්වා. මම කිව්වා මහත්තයා කොළඹ රස්සාව කරනවා කියලා. පස්සේ මගේ දුරකථනයෙන් මහත්තයාව සම්බන්ධ කරලා දෙන්න කිව්වා. නමුත් සම්බන්ධ කරගන්න බැරි වුණා. පස්සේ එයාලත් එක්කම යන්න මට කතාකලා. මම විරුද්ධ වුණා. මම කිව්වා අත දරුවෙක් ඉන්නවා ඒ නිසා බැහැ කියලා\" යනුවෙන් සඳහන් කළ පෙත්සම් කාරිය පසුව තමාත් අත දරුවාත් රැගෙන තම මව සමග බත්තරමුල්ල ජයන්තිපුර ප්‍රදේශයට රැගෙන ආ බවත් පෙත්සමේ දක්වා ඇත. පසුව පෙරවරු 7.30 පමණ අදාල පොලිස් නිලධාරීන් තමන්ව නාඳුනන ස්ථානයකට රැගෙන ආ බවත් එම ස්ථානය කොළඹ අපරාධ කොට්ඨාසය බව පසුව දැනගත් බවත් පෙත්සම්කාරිය සඳහන් කර ඇත. පසුදා දහවල් 12.30 ට පමණ පොලිස් නිලධාරින් විසින් තමන්ව ඉමදුව නිවසට ගෙනවිත් ඇරලවූ බවත් ඇය පෙත්සමේ සඳහන් කර තිබේ. එහෙත් වග උත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතාවලින් සඳහන් කර තිබුණේ පෙත්සම්කාරිය කිසිදු අවස්ථාවක තමන් බලහත්කාරයෙන් රැගෙන නො ආ බවත් ඇය සිය කැමැත්තෙන් පැමිණි බවයි. පොලිසියට මානව හිමිකම් පාඩමක් උගන්වන්න වෙයි ද? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව...... මෙම කරුණු වලට අනුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු තුරෙයි රාජා \"සැකකරුවකු ගෙන්වා ගැනීමට අවශ්‍ය වූ විට ඔහුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගැනීම සාමාන්‍යයෙන් සිදුවන කටයුත්තක්. මෙයත් එවැනි ගණයට අයත් වන සිද්ධියක් බව කිව යුතුයි. මෙය අත්අඩංගුවට ගැනීමක් නොව පැහැර ගැනීමක් ලෙස කිව යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සාම නිලධාරියෙකුට යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැක්කේ ඊට අදාළ නීති රාමුවට අනුකූලවයි. මේ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද නැවත නැවතත් අවධාරණය කර තිබෙනවා. සාමාන්‍ය මැරවරයෙකු ක්‍රියා කරන ආකාරයට පොලිසියට ක්‍රියා කිරීමට බලයක් දීලා නැහැ. එවැනි ක්‍රියා රාජ්‍ය ත්‍රස්තවාදය කියලා කියන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙවැනි ක්‍රියා අනුමත කරන්න බැහැ. මේවා කෲර, ම්ලේච්ඡ ක්‍රියා වශයෙන් සලකන්න ඕන. පුද්ගල නිදහස් සහ ගෞරවය ආරක්ෂා කිරීම මානව හිමිකම්වල ප්‍රධාන අරමුණයි.\" යනුවෙන් විනිසුරු තුරයි රාජා මහතා සිය තීන්දුවේ වැඩිදුරටත් අවධාරණය කළේය. ඉදිරිපත් වූ කරුණු පරික්ෂා කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම ක්‍රියාව තුළින් වග උත්තර කාර පොලිස් නිලධාරීන් දෙදෙනා පෙත්සම්කාරියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි තීන්දු කරනු ලැබීය.",
"Title": "ශ්‍රී ලංකා පොලිසියේ මානව හිම්කම් උල්ලංඝණ ලැයිස්තුව තවත් දිගු වෙයි"
} |
{
"Text": " මීට වසර දහතුනකට පෙර අදවන් දිනක කටුනායක නිදහස වෙළඳ කලාප වැඩ බිම අරගල භූමියක් බවට පත් වුයේ එවක ජනපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජය විසින් සේවක අර්ථසාධක අරමුදල කප්පාදු කර, විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඉදිරිපත් කිරීමට ගෙන එන ලද යෝජනාවට එරෙහිව ය. එම යෝජනාව “අර්ථසාධක අරමුදල කොල්ලකෑමට ගන්නා උත්සාහයක්” ලෙස චෝදනා කරමින් දින කිහිපයක් තිස්සේ රට පුරා කම්කරුවන් විරෝධය දැක්වු අතර පැවති විරෝධයන්ට රජය පාර්ශවයෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් 2011 මැයි මස 30 වැනිදා රජයට එරෙහි විරෝධය තීව්‍ර කරමින් කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයන් වැඩ වරමින් වීදී සටනක් ආරම්භ කළහ. නිරායුධ කම්කරුවන්ගේ එම විරෝධතාවට පොලිසිය විසින් වෙඩි තැබූ අතර කම්කරුවන් 400ක් පමණ එහිදී තුවාල සිදු විය. එම සටන්කරුවන් අතර සිටි රොෂේන් ශානක නිදහස් වෙළඳ කලාප සේවයට ගොස් ගතව තිබුණේ හාර මාසයක් පමණි. එදින වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ ඔහු දෙදිනකට පසුව මිය ගිය අතර පසුව රජය තම විශ්‍රාම වැටුප් යෝජනාව හකුලා ගත්තේය. 'එදා අක්කගෙන් රුපියල් 100 ඉල්ලගෙන තමයි වැඩට ගියේ' තම ජිවිතයෙන් වන්දි ගෙවමින් ලක්ෂ ගණනක් වු පුද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථ සාධකය බේරා දුන් රොෂේන් ශානකගේ ඝාතනයෙන් දහතුන් වසරකට පසුව බීබීසි සිංහල සේවයේ අපි රොෂේන් ජිවත් වු ඔහුගේ මව හා පියා වෙසෙන මිනුවන්ගොඩ නිවස බලා ගියෙමු. “මට දැන් මෙහෙ කවුරුත් නෑ. හිටියා නම් මෙහෙ ඉන්නවනේ මගේ දරුවා මාව බලා ගන්න හරි.” රත් පැහැ ගැන්වුණු දෙනෙතින් දෙකම්බුල් තෙත් කරමින් ඇයගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටුණි. රොෂේන් දිවි ගෙවූ නිවසේ අද සිටිනේ ඔහුගේ මව වන ස්වර්ණා කාන්ති සහ රොෂේන් ගේ පියා පමණි. රොෂේන් ගේ වැඩිමල් සොහොයුරා වාද්දුව ප්‍රදේශයේ දිවි ගෙවන අතර සහෝදරයින් දෙදෙනෙකු විදේශ ගතව සිටියි. ඔහුගේ සහෝදරිය විවාහ වී දෙමාව්පියන් ජීවත්වන ප්‍රදේශයේම අසල නිවසක දිවි ගෙවයි. “එදා අක්කාගෙන් රුපියල් 100 ඉල්ලගෙන තමයි වැඩට ගියේ. ගිහිල්ලා හවස 2.30ට විතර අපිට පණිවිඩයක් ආවා වෙඩි වැදිලා කියලා. මම බැලුවා වෙඩි වදින්න වරදක් කරපු දරුවක් නෙමෙයිනේ. ඒක ආරංචි වුන ගමන් අපි රාගම ඉස්පිරිතාලෙට ගියා. එහෙන් කිව්වා එයාව තියටර් එකට අරගෙන තියෙන්නේ තව වෙලා යනවා කියලා බලන්න දෙන්න. එදා අපි රෑ එළි වෙනකම් හිටියා රාගම ඉස්පිරිතාලෙට වෙලා. එයා බලන්න දුන්නේ නැහැ කාටවත්. පස්සේ ICU දාලා තිබුණා, අපිට එකේ දොරේ පොඩි රවුමෙන් බලන්න දුන්නා.” ඒ රොෂේන් නිවසින් ගිය අවසන් දවස ගැන ඇයගේ මතකයි. වෙඩි වැදී බරපතල ලෙස තුවාල ලබා සිටි ඔහු ඉන් දෙදිනකට පසු රෝහලේ දී මිය ගියේය. 'අපිත් බය වුණා ඒ කාලේ සුදු වෑන් තිබුණානේ' රොෂේන් ඝාතනයෙන් පසුව එවක රජයේ මැති ඇමැතිවරුන් මැදිහත් වී ඔහුගේ අවසන් කටයුතු සිදුකළ කළ අතර ඊට වෙනත් පාර්ශවයකට මැදිහත් විය නොහැකි පරිදි අධිකරණ නියෝග ද ලබා ගෙන තිබුණී. “අපිත් බය වුනා ඒ කාලේ සුදු වෑන් තිබුණානේ. අපේ අනිත් දරුවන්ටත් කරදරයක් වුනොත් කියලා මට හිතුණා. ඉතින් අපි ඒගොල්ලන්ටම ඉඩ දලා නිකං හිටියා.” නිදහස් වෙළඳ කලාප සේවකයන්ට මුදා හරින ලද පොලිස් ප්‍රහාරයේ වගකිම බාර ගෙන ඉල්ලා අස් වූ එවක පොලිස්පති මහින්ද බාලසූරිය බ්‍රසීලයේ තානාපති තනතුරට පත්කර යැවූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන් අනතුරුව ඔහු නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද පත්කරන ලදී. 'මගෙන් ඇහුවා වාර්තාව ඕනේම ද, ඒකේ කොළ දෙකයි, තුනයි තියෙන්නේ කියලා' කටුනායක කම්කරු ඝාතනය හා පහරදීම සම්බන්ධ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොමිසමක් පත්කරනු ලැබූ නමුත් එම කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ නොකළ අතර එය ලබා ගැනීමට ද රොෂේන්ගේ මවට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය. හය වසරකට පසු පරීක්ෂණයේ තොරතුරු ඇතුළත් මහානාම තිලකරත්න වාර්තාව යහපාලන රජයට ලබා දීමට සිදුවන්නේ රොෂේන්ගේ මව විසින් තොරතුරු දැන ගැනිමේ පනත අනුව කරන ලද ඉල්ලීමකට ය. රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් එම වාර්තාව ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර තොරතුරු දැන ගැනිමේ කොමිසමට කරන ලද පැමිණිල්ලක ප්‍රතිඵලයක් ලෙස එම වාර්තාව ලබා ගැනීමට හැකිව ඇත. “වාර්තාව අපිට ලැබුණේ අවුරුදු 6කට පස්සේ. ජනාධිපති කාර්යාලයට ගියා, ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා, ගිහිල්ලා, ගිහිල්ලා තමයි වාර්තාව ගත්තේ. මගෙන් ඇහුව වාර්තාව ඕනේම ද, ඒකේ කොළ දෙකයි, තුනයි තියෙන්නේ කියලා. මම කිව්වා මට ඕනේ කියලා ඒක. තවමත් ඒ වාර්තාවේ තියෙන කිසිම නිර්දේශයක් ක්‍රියාත්මක වෙලා නැහැ.” “කොමිසම් පත් කළාට වැඩක් ඇති කොමිසම් නෙමේ ඕවා. හොරුන්ගේ ඒවාම හොරුමයි.” හය වසරකට පසුව සියතට ලැබුණු වාර්තාවේ නිර්දේශ මේතාක් ක්‍රියාත්මක නොවීම ගැන ඇයගේ වේදනාව එලෙස ප්‍රකාශ විය. රතුපස්වල සහ හලාවත ඇන්ටනී තම පුතු ඝාතනයට එවක රජයෙන්, පොලිසියෙන් හා කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් සුළු වන්දියක් ලැබී ඇතත් ඇය දහතුන් වසරක් නොලද යුක්තිය ඉල්ලා තවමත් හඬ නඟමින් සිටියි. “මගේ දරුවෙක් විතර නෙමෙයි, රතුපස්වල සිද්ධියට, හලාවත ඇන්ටනී ඒ අයටත් සාධාරණයක් වෙන්න ඕනේ.” එවකට රාජපක්ෂ පාලන සමයේ දකුණේ සිදු වු ප්‍රධානතම සිවිල් ඝාතනවලට ඇය එලෙස ඉල්ලා සිටින්නේ යුක්තියයි. රතුපස්වල් සිද්ධියට අදාළව චෝදනා නඟා තිබු හමුදා නිලධාරින් පසුගිය දිනක නිදොස් කොට නිදහස් කළ අතර රොෂේන්ගේ ඝාතනය වෙනුවෙන් එවක දී සීදුව හා කටුනායක පොලිසියේ ඉහළ නිලධාරින් දෙනෙකුට චෝදනා එල්ල වී තිබු අතර ඔවුන් ද එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ. රොෂේන් වෙනුවෙන් මවගේ ඉල්ලීම “මගේ දරුවා ගැන මම සතුටු වෙනවා. මෙහෙම දෙයක් වෙලා හරි පුද්ගලික අංශය අර්ථසාධකය ලැබෙන හින්දා. මගේ පුතා වීරයෙක් වගේ ඒ වෙලාවේ නැති වුණේ. නැත්නම් අදටත් ඕවා හම්බ වෙන්නේ නැහැ.” “සමහරුන්ට මතක තියෙනවා, දැන් අලුතෙන් එන අයට මතක නැතුව ඇති. EPF එකක් ගත්තත් මතක නැතුව ඇති. මම කියන්නේ මගේ පුතා හින්දයි ඒ ඔක්කොටම ඒ දේවල් ලැබුණේ . EPF එක ETF එක වගේ හැමදෙයක්ම. ඉතින් ඒ වෙනුවෙන් මම කියන්නේ EPF ගත්තොත් බෞද්ධ කෙනෙක් නම් බෝධි පුජාවක් තියලා හරි, කතෝලික කෙනෙක් නම් පුජාවක් තියලා හරි, මගේ පුතා වෙනුවෙන් ඒ වගේ දෙයක් කරනවා නම් හොඳයි කියලා\".",
"Title": "රොෂේන් චානක: කම්කරුවන් වෙනුවෙන් දිවි දුන් පුතුට යුක්තිය සොයන මවගේ ඉල්ලීම"
} |
{
"Text": " \"දරුවො පාසලට ඇතුළත් කරද්දි කිව්වෙ නෑ, සාමාන්‍ය පෙළට සෞන්දර්ය විෂයන් ඉගෙන ගන්න ගුරුවරු දෙන්නෙ නෑ කියලා. ඒත් 9 ශ්‍රේණියට යද්දි කියනවා, සෞන්දර්ය විෂය නැතුව ඒ වෙනුවට ඉංග්‍රීසි සාහිත්‍යය අනිවාර්යයෙන් කරන්න කියලා. මේක ළමා අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් නෙවෙයි ද?,\" ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන් කිහිප දෙනෙකුගේ ම දෙමාපියෝ එලෙස චෝදනා කරති. මේ පිළිබඳව අප කළ සොයා බැලීමකදී පෙනී ගියේ, සෞන්දර්ය විෂයන් සඳහා දේශීය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දරුවන් වෙනුවෙන් ගුරුවරුන් බඳවා නොගෙන, සියලු දරුවන්ට ඉංග්‍රීසි සාහිත්‍යය විෂය පමණක් ලබා දීමට ඇතැම් ජාත්‍යන්තර පාසල් කටයුතු කර ඇති බව ය. කෙසේ වෙතත්, යම් ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට ඉංග්‍රීසි සාහිත්‍යය හැර වෙනත් සෞන්දර්ය විෂයක් ඉගෙන ගැනීමට අවශ්‍ය නම් පෞද්ගලිකව එම විෂය ඉගෙනගෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය හැකි බව එම පාසල්වල පරිපාලන අංශ පවසයි. එහෙත්, පෞද්ගලිකව සෞන්දර්ය විෂයක් ඉගෙන ගැනීමේදී, ඉංග්‍රීසි සාහිත්‍යය උගන්වන කාල පරිච්ඡේදවලදී දරුවාට නිකරුණේ කාලය ගත කිරීමට සිදුවීම, වාර විභාගවලදී පන්ති ලකුණු සාමාන්‍යය ගණනය කිරීමේදී එවැනි දරුවන් අසාධාරණයට ලක්වීම ආදී ගැටලු ගණනාවක් පවතින බව දෙමාපියෝ පෙන්වා දෙති. ඉහත සඳහන් කළේ, ජාත්‍යන්තර පාසල්වල දරුවන් මුහුණ දෙන එක් ගැටලුවක් පමණි. ශ්‍රී ලංකාවේ ම දරුවන් පිරිසක් වන, එමෙන් ම අධ්‍යාපනය වෙනුවෙන් රටට බරක් නොවන එවැනි ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන් මුහුණ දෙන ගැටලු රැසක් තිබේ. එම ගැටලු අතර, වසරක් පාසා අධික ලෙස පාසල් ගාස්තු ඉහළ දැමීම විශේෂ ය. ජාතික විගණන කාර්යාලයේ නිරීක්ෂණ 2020 වසරේදී ජාතික විගණන කාර්යාලය 'රජයේ නොවන පාසල් සම්බන්ධයෙන් වන නියාමන ක්‍රියාවලිය' නමින් වාර්තාවක් නිකුත් කළේ ය. එහිදී, ඔවුන් කළ නිරීක්ෂණ අනුව ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ ආයතනයක් නොමැති වීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පෙනී ගොස් තිබේ. එම වාර්තාව මගින් ජාත්‍යන්තර පාසල්වල ගැටලු රැසක් අනාවරණය කර ඇති අතර, ඒ අතරින්, ගුරුවරුන්ගේ සුදුසුකම් හා ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ ගැටලු, ගාස්තු අය කිරීමේ විෂමතා, විෂය නිර්දේශය ආවරණය නොකිරීම විශේෂ ය. ජාත්‍යන්තර පාසල් බිහි වූයේ ඇයි? ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් සංකල්පය බිහි වූයේ, මෙරට ජීවත් වන විදේශිකයන්ගේ දරුවන්ට විදේශ විභාග සඳහා අධ්‍යාපනය ලබා දීම වෙනුවෙනි. එහෙත්, පසුකාලීනව සිය දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීමට කැමති මූල්‍යමය හැකියාවක් සහිත දෙමාපියෝ සිය දරුවන් ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් කිරීමට පෙළඹුණහ. මේ වන විට, එම තත්ත්වය වෙනස් වී ඇති අතර, සිය දරුවන්ට සුදුසු පාසලක් අහිමි වීම, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීම, කොළඹ ආදී ප්‍රධාන නගර කේන්ද්‍රකරගත් ප්‍රමුඛ පෙළේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට ඇති අකැමැත්ත ආදී විවිධ හේතු මත සාමාන්‍ය මධ්‍යම පාන්තිකයින් බොහෝ දෙනෙකුගේ දරුවෝ ද ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබති. 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනත යටතේ, පෞද්ගලික පාසල් පිහිටුවීම තහනම් කර තිබේ. කෙසේ වෙතත්, දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර පාසල් පෞද්ගලික සමාගම් ලෙස ලියාපදිංචි කර පවත්වාගෙන යයි. ජාත්‍යන්තර පාසල් නියාමනය කළ නොහැකි ද? ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කර නොමැති හෙයින් ඒවා නියාමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට හැකියාවක් නැතැයි පැවසේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් බීබීසී සිංහල සේවය කළ විමසුමකදී ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල් අධ්‍යාපන පනතට අනුව නීතිවිරෝධී ආයතන බව ය. \"අපි කියන්නේ ජාත්‍යන්තර පාසල් අහෝසි කළ යුතු යි කියලා. පනත අනුව ඒවා නීතිවිරෝධී ආයතන. ඒ නිසා ඒවා නියාමනය කරල ඒවාට නීතිමය පිළිගැනීමක් ලබා දෙනවාට අපි විරුද්ධ යි,\" ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය. එහෙත්, ලර්න්ඒෂියා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා සහ ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරක ආචාර්ය සුජාතා ගමගේ පවසන්නේ, ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන්නේ ද, ශ්‍රී ලංකාවේ ම දරුවන් පිරිසක් බව ය. එහෙයින්, එම දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීමට අනිවාර්යයෙන් ම නියාමන ආයතනයක් තිබිය යුතු බව ඇය අවධාරණය කළා ය. \"සමාගම් විදිහට පටන් ගත්තත් ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නේ අපේ ම රටේ දරුවන්. විවිධ හේතු නිසා දෙමාපියන් ජාත්‍යන්තර පාසල්වලට දරුවන් ඇතුළත් කරල තියෙනවා. ඒ නිසා ඒ දරුවන් අත් හරින්න අපට බෑ. අනිවාර්යයෙන් ම ජාත්‍යන්තර පාසල් නියාමනය කළ යුතු යි.\" 2018දී ශ්‍රී ලංකාවේ ප්‍රථමයාට සිදුවූ 'අසාධාරණය' 2018 වසරේදී උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ශ්‍රී ලංකාවේ පළමු ස්ථානය හිමි කර ගත්තේ, පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ සෙනාදී දම්‍යා ද අල්විස් සිසුවිය යි. කෙසේ වෙතත්, ඇයට පළමු ස්ථානය ලබා දීම අසාධාරණ බවට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි බන්දුල ගුණවර්ධන ඇතුළු විපක්ෂයේ පිරිසක් චෝදනා කළහ. එවකට අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ, අකිල විරාජ් කාරියවසම් බීබීසී සිංහල සේවයට පැවසුවේ, ජාත්‍යන්තර පාසල්වල සිසු සිසුවියන් සහ රජයේ පාසල් සිසුන් එක්ව නොසලකන ලෙසට තමන්ට බලපෑම් එල්ල වූ බව ය. \"ජාත්‍යන්තර පාසල් දරුවනුත් ශ්‍රී ලංකාවේ දරුවන් ලෙස තමයි මම සැලකුවේ. ඒ නිසා තමයි ජාත්‍යන්තර පාසලක සිසුවියක් ලංකාවේ පළමු වෙනි තැනට ආවේ. ඊට අමතරව මම උත්සහ කළා, සුරක්ෂා සිසු රක්ෂණය ජාත්‍යන්තර පාසල් සිසුන්ටත් දෙන්න. ජාත්‍යන්තර පාසල් නියාමනය කරන්නත් මම පියවර ගනිමින් හිටියා. ඒත් ඒවා ක්‍රියාත්මක කරන්න ඉඩක් ලැබුණේ නැහැ,\" හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය. ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමට කළ යුත්තේ කුමක් ද? 1980 දශකයේ සිට ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශව නියෝජනය කරන නිලධාරී කමිටුවක් පත් කෙරිණි. 2013 වසරේ අගෝස්තු මස 28 වන දා කෙරුණු සාකච්ඡාවක් අනුව ඉදිරිපත් කෙරුණු නිර්දේශ අතර 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනතේ 25 වැනි වගන්තිය සංශෝධනය කර ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කිරීමත්, එම පාසල් නියාමනයට වෙන ම ආයතනයක් පිහිටුවීමත් ඇතුළත් විය. මේ අතර, ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි කර නොමැති වීම හේතුවෙන්, එම පාසල් දරුවන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යංශයට පැමිණිලි කළ ද, ඒවාට විසඳුම් දීමට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපත් වී නැති බව ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් 2020 වසරේ නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන් වේ. \"මෙතනදි කරන්න තියෙන්නේ සුළු දෙයක්. 1961 අංක 8 දරන පනතේ 25 වන වගන්තය සංශෝධනය කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඒක කළොත් මේ රටේ අධ්‍යාපනය ඉතා ම යහපත් මාර්ගයකට අවතීර්ණ වේවි,\" ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නා ය. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරියගෙන් ශුභවාදී ප්‍රතිචාරයක් ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ශුභවාදී ප්‍රතිචාරයක් දැක්වීය. ඇය පැවසුවේ, ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බව ය. \"අපි ඒකට ක්‍රමවේදයක් සකස් කරමින් ඉන්නවා. ඒ අනුව, ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.\"",
"Title": "ජාත්‍යන්තර පාසල් නියාමනය නොකිරීමෙන් 'දරුවන්ට ගැටලු රැසක්'; නියාමනය කිරීමට කළ යුත්තේ කුමක්ද?"
} |
{
"Text": " ලොව පුරා රටවලට මැතිවරණ වසරක් ලෙස සැලකෙන 2024 වසර ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද මැතිවරණ වසරකි. 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුකූලව වර්තමානයේ අනුප්‍රාප්තික ජනාධිපති ධූරය දරන ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමි ධූර කාලය තව මාස කිහිපයකින් අවසන් වන නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ වසරේ දී ජනාධිපතිවරණයක් පවත්වා ජනාධිපතිවරයෙකු පත් කරගත යුතු ය. ඒ සම්බන්ධයෙන් බොහෝ පාර්ශවයන් ද ජනාධිපතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවන අපේක්ෂකයන් සහ ඔවුන්ගේ පක්ෂ විසින් දැඩි උනන්දුවකින් බලා සිටින අවස්ථාවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර විසින් 2024 මැයි 28 පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය වසර දෙකකට කල් දැමිය යුතු බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ සියල්ල සහය දිය යුතු බවත් ය. එම ප්‍රකාශය කිරීමත් සමඟ මේ වන විට ජනාධිපතිවරණය කල් දැමීම පිළිබඳ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර බොහෝ දෙනා එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් බවට අදහස් දක්වා තිබේ. දේශපාලන පක්ෂ රැසක් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර සිවිල් සංවිධාන කිහිපයක් ද මෙම ප්‍රකාශය හෙලා දැක් තිබේ. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කල් දැමීමට හැකියාවක් තිබේ ද? එසේ නම් එය කළ හැක්කේ කෙසේ ද? පුරවැසියන් වශයෙන් ඔබට කළ හැකි දේ කුමක් ද? මේ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයාබැලීමකි. ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කල් දැමීමට හැකි ද? ශ්‍රී ලංකාවේ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කල්දැමීමට කිසිඳු ප්‍රතිපාදනයක් ලබා දී නැතැයි බීබීසී සිංහල විසින් කළ විමසීමක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය අතුල විතානවසම් පෙන්වා දුන්නේ ය. ඔහු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කල් දැමීම කළ නොහැකි බව ය. \"1978 මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණ විදිහට පාර්ලිමේන්තුවත්, ජනාධිපතිවරයාත් මැතිවරණයකින් ඔවුන්ට හිමි වූ වසර හයක ධූර කාලය අවසන් වූ විට ඒවා ස්වභාවිකව විසිරුණා කියලා සලකනවා. ධූර කාලය අවසන් වුණාට පස්සේ ධූරය ස්වභාවිකව ම නැතිවෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේක වසර පහක් දක්වා අඩු කළා. ඒක ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක්. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක දක්වලා නෑ මැතිවරණ කල් දැමීමට පුළුවන් කියලා,\" ආචාර්යවරයා පෙන්වා දුන්නේ ය. මැතිවරණ පැවැත්විය යුතු ඇයි ? මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදයේ යතුර ලෙස හැඳින්වීමට හැකිය. අතීතයේ පැවති සෘජු ප්‍රජාතන්‍රවාදී පාලන ක්‍රමවල දී පුරවැසියන්ට සෘජුව තම මතය තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණි. නමුත් වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය, එසේත් නැතිනම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ දී සිදුවන්නේ මැතිවරණයක් හරහා පුරවැසියන් විසින් තෝරාගන්නා මහජන නියෝජිතයන් විසින් පුරවැසියන්ගේ අභිලාශ ක්‍රියාවට නැංවීමය. ආචාර්ය අතුල විතානවසම් පෙන්වා දෙන්නේ කලින් කලට පවත්වන මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක මූලික පදනම බවයි. \"කලින් කලට පවත්වන මැතිවරණ, එහෙමත් නැතිනම් අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන Periodical Elections කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක මූලික පදනම. මේ විදිහට කලින් කලට මැතිවරණ පවත්වන්නේ නැතිනම් එතැන ජනතාවගේ මතය නිරූපණය වෙන්නේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ වසර පහක ධූර කාලය අවසන් වූ වහාම මැතිවරණ පැවැත්වීම සිදු කළ යුතුයි.\" \"ජනාධිපතිවරණය කල් දැමීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක්\" මැතිවරණ කල් දැමීමට අවස්ථාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී නොමැති අවස්ථාවක දී එය කල් දැමීමට උත්සහ කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ආචාර්යවරයා පෙන්වා දෙයි. \"වර්තමාන ජනාධිපතිවරයා කියන්නේ මහජන ඡන්දයකින් පත්වුන ජනධිපතිවරයෙක් නොවෙයි. ඔහු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වුණාට පසුව පාර්ලිමේන්තුවේ ඡන්දයකින් පත් වුණ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්.ඔහු වැඩබලන ජනාධිපතිවරයෙක් කියලා අපට හඳුන්වන්න පුළුවන්. ව්‍යවස්ථාවේ 40 (1) (අ ) වගන්තියේ දක්වලා තිබෙනවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට ධූරයේ සිටින්න පුළුවන් කලින් හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය විතරයි කියලා.\" \"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල මහජන ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙකුට කරන්න පුළුවන් දේවල් සහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට කරන්න පුළුවන් දේවල් අතර වෙනසක් තියෙනවා. 31 (3) (ඉ) වගන්තියට අනුව ඉහත ආකාරයට අනුප්‍රාප්ත වන තැනැත්තෙකුට වැඩි ධූර කාලයක් සදහා තවදුරටත් ධූරය දැරීම පිණිස ජනතාව වෙත ආයාචනය කිරිමට බලයක් නෑ. ජනාධිපතිවරයා එහෙම කරනවා නම් එය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක්,\" ආචාර්ය අතුල විතානවසම් පැහැදිලි කළේ ය. එනිසා බැවින් වර්තමාන ජනාධිපතිවරයා ගේ ධූර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ ජනාධිපතිවරණය පැවැත්වීම කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. 1982 මාමාගේ උපාය 2024 දී පුතාට ගලපන්න පුළුවන් ද? ජනධිපතිවරණය කල් දැමීමක් සිදුවන්නේ නම් එය සිදු කළ හැකි ආකාරය පිළිබඳව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. එම කොටස පහතින් උපුටා දක්වා තිබේ. \"ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයකින් පමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාව අනුව එවැනි සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වේ. (මන්ත්‍රීවරුන් 150 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම) පසුව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය වේ. තුනෙන් දෙකක බලයක් නැතිව එවැනි පනතකට ජනමත විචාරණයකට යා නොහැක.\" 1977 දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් හයෙන් පහක බලයක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ධූර කාලය තවත් වසර හයකින් දීර්ඝ කරගැනීම සඳහා 1982 වසරේ දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් කැඳවූ ජනමත විචාරණය එසේත් නැතිනම් \"ලාම්පු කළගෙඩි ඡන්දය\" ලෙස ප්‍රසිද්ධ මත විමසීමෙන් බහුතර ඡන්ද ප්‍රමාණයක් ලැබූ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව සිය ධූර කාලය වසර හයකින් දීර්ඝ කරගන්නා ලදි. මැතිවරණ කල් දැමීමට ජනමතවිචාරණය? ආචාර්ය අතුල විතානවසම් ද පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය කල් දමනාව නම් එය සිදු කළ හැකි වන්නේ 1982 දී ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරයට බවයි. \"මුල් ව්‍යවස්ථාවේ කිසිම තැනක ජනමතවිචාරණයක් මැතිවරණ කල් දැමීමට යොදාගත හැකියි කියලා සඳහන් වන්නේ නෑ. වර්තමානයේ වුණත් ජනමතවිචාරණ ප්‍රතිපාදන වල කිසි තැනක එය මැතිවරණ කල් දැමීමට යොදාගත හැකි බව සඳහන් වෙන්නේ නෑ. ඒ කියන්නේ මැතිවරණයක් සහ ජනමතවිචාරණයක් කියන්නේ පැහැදිලිවම දෙකක්.\" \"1982 දී තවත් වසර හයකින් තමන්ගේ බලය දීර්ඝ කරගන්න ජේ.ආර් ජයවර්ධන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තුන්වන සංශෝධනය ගෙනැවිත් ඒ පැවැත්වීමට නියමිත මහමැතිවරණය කල් දැමීමට අදාලව ඒ අවස්ථාවේ ජනමතවිචාරණයක් පැවැත්වීමට අදාලව ව්‍යවස්ථා සංශෝධනයක් කළා. ඒ අනුව තමයි එය සිදුවුණේ. මෙවරත් ජනමතවිචාරණයක් කැඳවලා බලය දීර්ඝ කරගන්නවා නම් ඊට පෙර ව්‍යවස්ථා සංශෝධයකින් මැතිවරණ කල් දැමීමට ජනමතවිචාරණය පවත්වනවා කියලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත කරගන්න අවශ්‍යයි,\" ඔහු පෙන්වා දුන්නේ ය. \"කෙසේනමුත් ජනාධිපතිවරයා මතක තබාගත යුතුයි තමා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් මිස ජනතාවගේ පරම බහුතරයකින් පත්වුණු කෙනෙක් නෙවෙයි කියලා. එවැනි කෙනෙක්ට 31 (3) (ඉ) වගන්තියට අනුව ධූර කාලයට වැඩි කාලයක් ලබා දෙන්න කියලා ආයාචනා කරන්න බෑ.\" එපමණයක් නොව යම් හෙයකින් ඉහත කී ආකාරයට ජනමතවිචාරණයක් පවත්වන්නේ නම් එහි වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවේ 50%ක ප්‍රතිශතයක් යෝජනාවට පක්ෂව ලැබුණොත් පමණක් ධූර කාලය දීර්ඝ කළ හැකි බව ඔහු පවසයි. පුරවැසි ඔබට කළ හැකි කුමක් ද? මැතිවරණ කල් දැමීමට අදාලව ජනමතවිචාරණයක් පවත්වනු ලැබුවහොත් එහි දී සිය විරෝධය පළ කර තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට පුරවැසියන්ට හැකි බව ආචාර්ය අතුල විතානවසම් කියා සිටියේ ය. \"පුරවැසියන්ට පුළුවන් ජනමතවිචාරණයේ දී මැතිවරණය කල් දැමීමට තමන් විරුද්ධයි කියලා ඡන්දය පාවිච්චි කරලා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගන්න. ඊට කලින් මේ වගේ යෝජනා ඉදිරිපත්වෙන මේ වගේ කාලයේ දී ජනතාව දැනුවත් වෙලා මේ ගැන සංවාද කරලා මෙවැනි යෝජනා මුල් අවස්ථාවේ දී ම බිඳලා දාන්නත් පුළුවන්.\" ආචාර්යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ජනමතවිචාරණයකට ගිය හොත් ඔහුට ජය ගැනීමට අපහසු වනු ඇති බවයි.\"මේ වෙනකොට ජනාධිපතිවරයාට විරුද්ධ පක්ෂ සියල්ල මේ යෝජනාවට විරුද්ධ වෙලා තියෙනවා. ඔවුන් වෙන වෙනම ජනාධිපතිවරණයට තරග කළාට මේ කාරණයෙදි එක පාර්ශවයක් බවට පත්වෙනවා. ඒ වගේ ම පුරවැසියන් කැමති වෙන්නේ නෑ තමන් විසින් ම තමන්ගේ අයිතිය නැති කරගන්න\" පාර්ශව රැසක විරෝධය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි විසින් මැයි 28 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වා එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාගේ ප්‍රකාශය දැඩිව හෙළා දකින ලදි. ඔහු එහි දී කියා සිටියේ මෙම යෝජනාව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගැනීමක් බවයි. දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් ද මෙය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවට සිය X සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබේ. අද දින (මැයි 29) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම කැමතිවුවත් මැතිවරණය කල් දැමීමට නොහැකි බවයි.\"පාර්ලිමේන්තුවේ 225 ම මේක අත ඉස්සුවත් මේක ව්‍යවස්ථාවට අනුව, නීතියට අනුව කරන්න පුලුවන් දෙයක් නොවෙයි. ජනතා පරමාධිපත්‍ය අතහරින්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍ය ජනතාව භුක්ති විදිය යුතු දෙයක්. මූලික අයිතිය පැහැරගැනීමට කිසිම අයිතියක් නෑ.මේ කලේ මුට්ටිය දාලා බැලීමක්.\" මෙම යෝජනාව හෙළා දකින බවත්, මෙම මැතිවරණය කල්දැමීමට උත්සාහ කළහොත්, එයට විරුද්ධව මහජනතාව පෙළගස්වා,අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් පසුබට නොවන බවත් මහාචාර්යවරයා එහි දී ප්‍රකාශ කළේය.",
"Title": "බෑණාගේ සූදානම මාමණ්ඩියගේ උපාය අනුගමනය කිරීම ද?"
} |
{
"Text": " හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන උපුල් රංජිත් උපතින්ම ලද ආබාධ නොසලකා ධෛර්යය සම්පන්නව ජීවිතයට මුහුණදෙන තරුණයෙකි. පාදවල අසාමාන්‍ය තත්ත්වයක් සහිත ඔහුගේ අත්වල ඇඟිලි අඩුය. උපුල් පිළිගැනීමේ නිලධාරියෙකු ලෙස සේවය කරයි. එමෙන්ම ඔහු අභියෝග හමුවේ නොසැලී ජීවිතයට මුහුණදෙන ආකාරය ගැන දරුවන් අභිප්‍රේරණය කරන්නෙකි. ''ඕනෑම කෙනක් හිතනවා මම බිම බඩගාගෙන යන කෙනෙක්. ඇයි අරවගේ කෙනෙක් කැමති වුණේ කියලා. ඇය කියන්නේ අබාධ සහිත තත්ත්වයක් මගෙන් දැක්කට අනිත් යට වඩා මම ලෝකය ජයගත්ත පුද්ගලයෙක් හැටියට'' යනුවෙන් උපුල් රංජිත් BBC සිංහල සේවයට පැවසුවේය.",
"Title": "'බිම බඩගාගෙන යන කෙනෙක්ට අර වගේ කෙනෙක් කැමති වුණේ කොහොමද කියලා හැමෝම හිතනවා'"
} |
{
"Text": " ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් හිමිකාරිත්වය දරනු ලබන ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාවේ පහසුකම ලබා ගැනීම සඳහා මෙරට පාරිභෝගිකයින්ට පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව දැන් උදාවී ඇති බව (මැයි මස 27 වෙනිදා) සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. ආපසු ගෙවීමේ කොන්දේසිය මත ඇමෙරිකානු ඩොලර් 9 ක මුදලකට ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින්ට පෙර ඇණවුම් ලියාපදිංචිය කිරීමට අවස්ථාව ඇති බව ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දැක්වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඊලෝන් මස්ක් අතර හමුවක් පසුගිය මැයි මස 19 වෙනිදා ඉන්දුනීසියාවේ දී පැවැත්වුණි. ස්ටාර්ලින්ක් යනු කුමක්ද ? ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව යනු පෘථිවි පෘෂ්ඨයට සාපේක්ෂව ආසන්න කක්ෂයක් හෝ පහළ පෘථිවි කක්ෂය තුළ ස්ථාන ගත කර ඇති චන්ද්‍රිකා මත පදනම් වූ අන්තර්ජාල පද්ධතියකි. ෆයිබර් ඔප්ටික් කේබල් භාවිතා කිරීම වෙනුවට ස්ටාර්ලින්ක්, අධික වේගයෙන් දත්ත හුවමාරු කිරීම සඳහා කුඩා, පහළ-කක්ෂීය චන්ද්‍රිකා දහස් ගණනකින් සැදුම්ලත් පද්ධතියක් භාවිත කරනු ලැබේ. සරලව පැවසුවහොත්, ස්ටාර්ලින්ක් විසින් රේඩියෝ තරංග හරහා අන්තර්ජාල දත්ත, කක්ෂයේ ඇති චන්ද්‍රිකා වෙත යවන අතර, එය පෘථිවියේ විවිධ ප්‍රදේශවල සිටින පරිශීලකයින් වෙත යොමු කරයි. ෆයිබර් ඔප්ටික් කේබල් වලට ළඟා විය නොහැකි දුරස්ථ ප්‍රදේශවලට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට යොමු විය හැක. ඇමෙරිකාවේ ස්ථාපිත එලොන් මස්ක්ගේ අභ්‍යවකාශ ප්‍රවාහන සමාගම වන SpaceX, පළමුව 2019 වසරේ මැයි මාසයේදී චන්ද්‍රිකා 60 ක් පහළ පෘථිවි කක්ෂයට යොමු කර ඉන් අනතුරුව 2020 වසරේ ඔක්තෝම්බර් මාසයේදී Starlink අන්තර්ජාල සේවාව ආරම්භ කළේය. තාරකා විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් පවසන පරිදි 2024 අප්‍රේල් වන විට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 5,874ක් කක්ෂයේ තිබූ අතර ඉන් 5,800ක් තවමත් ක්‍රියාත්මකව පවතී. ස්ටාර්ලින්ක් සේවාව නිසා ඉන්දුනීසියාවේ ඇතිවූ තත්ත්වය ඉන්දුනීසියාවේ දුරස්ථ ප්‍රදේශ, දේශසීමා සහ දූපත් වල සෞඛ්‍ය මධ්‍යස්ථාන ගණනාවකට අන්තර්ජාල ප්‍රවේශය ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගීතාවයෙන් පැවැති සමාරම්භක උත්සවයට සමගාමීව ඊලෝන් මස්ක් ඉකුත්මැයි මස 19 වනදා බාලි හි ඩෙන්පසාර් හි ස්ටාර්ලින්ක් සේවාව දියත් කරනු ලැබීය. ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ඉන්දුනීසියානු සාමාන්‍ය වෙළඳපොළට ඇතුළුවීම සමාජ මාධ්‍ය ඇතුළු මහජනතාව අතර උණුසුම් සංවාදමය මාතෘකාවක් බවට පත්විය. දේශීය ව්‍යාපාරිකයින් ස්ටාර්ලින්ක් උපාය මාර්ගය පිළිබඳව ප්‍රශ්න ඉස්මතු කළ අතර, එය වෙළඳපල තුළ අහිතකර තරගයකට තුඩු දෙනු ඇතැයි බිය පළ කර සිටියේය. එමගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි ත්‍රස්තවාදී හෝ බෙදුම්වාදී කණ්ඩායම් විසින් එහි සේවාවන් භාවිතා කිරීම වැළැක්වීම සඳහා ස්ටාර්ලින්ක් දත්ත ගමනාගමනය නිරීක්ෂණය කරන ලෙසද නිරීක්ෂකයින් රජයෙන් ඉල්ලා ඇත. කෙසේවෙතත් රජය අවධාරණය කර ඇත්තේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව දැනට පවතින සියලුම අවශ්‍යතා සපුරා ඇති බවයි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව වරින් වර අධීක්‍ෂණය සහ ඇගයීම ද සිදු කරනු ලබන බව ඉන්දුනීසියානු රජය පවසා ඇත. කෙසේ වුවත් ලොව ධනවතුන් අතර ප්‍රමුඛ පෙළේ ස්ථානයක පසුවන ඊලෝන් මස්ක් සතු චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල ව්‍යාපාරයක් වන ස්ටාර්ලින්ක් වෙත \"අනුග්‍රහය\" දක්වන ඉන්දුනීසියානු රජයේ ආකල්පය පිළිබඳව එරට දේශීය අන්තර්ජාල සේවා සපයන්නන් ප්‍රශ්න කර සිටියි. ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජන මතු නොවන පරිදි රජය සාධාරණ ව්‍යාපාරික වාතාවරණයක් ප්‍රවර්ධනය කළ යුතු අතර ස්ටාර් හි දත්ත ගමනාගමනය නිරීක්ෂණය කළ යුතු බව නිරීක්ෂකයෝ විශ්වාස කරති. ජනපති - මස්ක් අතර හමුවේ සිදුවුයේ කුමක්ද ? 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය\" යන තේමාව යටතේ මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී පැවැත්විණි. එම සමුළුවට එක්වීම සඳහා ඉන්දුනීසියාව බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් අතර හමුවක් මැයි මස 19 වෙනිදා සිදුවිය. එහිදී ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණි. ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව ද ජනාධිපතිවරයා විසින් එහිදී අවධාරණය කෙරිණි. මේ අතර පසුගියදා යාපනයේදී පැවති තරුණ සමුළුවේදී නගන ලද පැනයකට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දෙමින් ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවය පිළිබඳව කරුණු අනාවරණය කරන ලදී. එහිදී නගන ලද පැනයට ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු ලබා දෙන ලදී, \"මම ඊලොන් මස්ක් සමඟ ගෝලීය “Starlink” ජාලය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කිරීම පිළිබඳව සාකච්ඡා කළා. “Starlink” සමඟින් කොළඹින් පිටත Wi-Fi ප්‍රශ්නය බොහෝ දුරට විසඳෙනවා.\" \"ඒ වගේම ඔහු සමඟ අප රට සතු පුනර්ජනනීය බලශක්තිය විශේෂයෙන්, සූර්ය බලශක්ති විභවය පිළිබඳව ද සාකච්ඡා කළා.\" \"අපේ රටට වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔහුට මෙරටට පැමිණෙන ලෙස මා ආරාධනා කළා.\" \"ඒ වගේම ''Starlink'' ජාලය ගැන සොයා බලන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා.\" \"බොහෝ දුරට එහි වැඩකටයුතු අවසන් වී තිබෙනවා. ඉතිරිව ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අදහස් ලබාගෙන අනුමැතිය ලබා ගැනීම පමණයි.\" ජනාධිපතිවරයා කියා සිටියේය. ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවයේ මිල ගණන් දැරීමට පුළුවන්ද ? ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවය පිළිබඳව මෙරට ජනතාව අතර උනන්දුවක් පැවතුනද එහි මිල ගණන් අනුව එය මෙරට පාරිභෝගිකයින්ට සේවාව ලබා ගැනීමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සයිබර් ආරක්ෂක විශේෂඥවරයෙකු වන අසේල වෛද්‍යලංකාර ගෙන් විමසීමක් කළේය. එහිදී ඔහු කියා සිටියේ මාසිකව ගෙවන ගාස්තුවට අමතරව ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම ලබා ගැනීම සඳහා අවශ්‍ය උපාංගයන් සඳහා වෙනම මුදලක් දැරිය යුතු බවයි. \"මේක ජාත්‍යන්තර සේවාවක්, ලංකාවට එන එක හොදයි. හැබැයි තවමත් මේක තියෙන්නේ රේගුයලේටරි ඇප්රුවල් පෙන්ඩින් එකේ.\" \"එක්සත් ජාතීන්ගේ සංවිධාන යටතේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර විදුලි සංදේශන සමාගම විසින් 2021 හෝ 2022 වසරේදී කරපු සමීක්ෂණයකට අනුව ලෝකයේ අඩුම අන්තර්ජාල සේවා පහසුකම් අවම මිලකට ලබා ගත හැකි රටක් හැටියට ලංකාව නම් කර තිබෙනවා.” \"මෙරට සාමාන්‍ය නිවසකට හෝ පුද්ගලයෙකුට දැරිය හැකි මුදලකට මෙම සේවාව ලබා ගත හැකි වේවිදැයි යන ප්‍රශ්නය ගැන අපට හරියට කියන්න බැහැ.\" \"කීදෙනෙකුට ඒ වෙනුවෙන් ලබා දෙන සේවාව වෙනුවෙන් මුදලක් දරන්න පුලුවන්ද කියන ගැටලුව තිබෙනවා.\" \"මේකේ මාසික ගාස්තුවට අමතරව, යුනිට් කොස්ට් එක රුපියල් 80,000-90,000ක් වගේ වෙන්න පුළුවන්.\" \"ලංකාවේ ස්ටාර්ලින්ක් ඔෆිස් එකක් නැති නිසා අපි දන්නේ නැහැ ඒ අය මේ යුනිට් එක පොස්ට් එකේ එව්වොත් කස්ටම් එකෙන් කොච්චර බදු මුදලක් අය කරයිද කියලා ඒකට.\" \"ලංකාවේ සාමාන්‍ය අන්තර්ජාල පහසුකම් සපයන ආයතනයකට පාරිභෝගියෙකුට ගිහිල්ලා Wi-Fi සබඳතාවයක් ගන්න පුළුවන් පොඩි මුදලක් වියදම් කරලා. එතකොට තමන්ට අවශ්‍ය සේවාව මොකක්ද කියලා තීරණයක් ගන්න පාරිභෝගිකයාට අයිතිය තියෙනවා.\" \"දකුණු ආසියාවේ රටවල්වල ජනතාව සේවා පහසුකම් ලබා ගැනීමේදී මිල සම්බන්ධයෙන් සංවේදී වෙනවා.\" \"උදහරණයක් විදිහට ඉන්දුනීසියාවට ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම් සේවාව ලබා ගැනීමේදී ඔවුන්ගේ ස්ථාවර මිලට වඩා ගාණක් අඩු කළා.\" \"මොකද ඉන්දුනීසියාවේ අන්තර්ජාල පහසුකම් ලබා ගන්න සිටින පිරිස විශාලයි. ලෝකෙන්ම දෙවැනියට හෝ තුන්වැනියට ඉන්න විශාලම අන්ත්ජාල පාරිභෝගිකයින් පිරිස සතුවන්නේ ඉන්දුනීසියාවට.\" \"නමුත් ලංකාවේ අන්තර්ජාල සේවාවන් ලබා ගන්නා පිරිස මිලියන 10ක් වගේ පිරිසක් නිසා ස්ටාර්ලින්ක් සේවාව සඳහා වන ස්ථාවර මිල ගණන් අඩු කරන්න පුලුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ මේ සම්බන්ධයෙන් කරන ඉල්ලීම් මතයි. ඒක කරන්නේ රජයෙන්.\" ඔහු කියා සිටියේය. ස්ටාර්ලින්ක් සේවාව හරහා දත්ත ආරක්ෂිතයි ද ? ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව හේතුවෙන් දත්ත ආරක්ෂාවට ගැටළු මතුවේද යන්න පිළිබඳව කතිකාවතක් ඉස්මතු වූ අතර ඒ පිලිබඳව ද බීබීසී සිංහල සේවය විසින් සයිබර් ආරක්ෂක විශේෂඥ අසේල වෛද්‍යලංකාර ගෙන් විමසුවිට ඔහු ඊට ලබා දුන්නනේ මෙවන් පිළිතුරකි. \"ස්ටාර්ලින්ක් අන්තර්ජාලය සමග සම්බන්ධවෙන්න පහසුකම් සපයන තවත් සේවාවක් විතරයි.\" \"ස්ටාර්ලින්ක් එක සබඳතාවය ලබාදීමේදී සහ බිල්පත් අය කිරීමේදී පාරිභෝගිකයින්ගේ යම් දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.\" \"හොඳම උදාහරණය තමයි ස්ටාර්ලින්ක් එක පාවිච්චි කරනවා යුක්‍රේන්වල. රුසියාව තමන්ගේ බේසික් කමියුනිකේෂන් ඉන්ටර්සෙප් කරයි කියන බයට තමයි යුක්‍රේනය ස්ටාර්ලින්ක් පාවිච්චි කරන්නේ.\" \"ඇත්තටම දත්ත ආරක්ෂාව සහ ඒවායේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.\" ඔහු කියා සිටියේය. මේ අතර මෙරට අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපහසු ස්ථාන වලට ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම් සේවාව ලබා ගැනීමේ හැකියාව පැවතීම වටිනා බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය. \"ලංකාවේ මුහුදු සීමාවේ අන්තර්ජාල පහසුකම් සීමාවෙන් ඔබ්බට ගියාම නාවුක හමුදාවේ යාත්‍රා වලට වගේම බහුදින ධීවර යාත්‍රා වලට මෙම ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම වැදගත් වනවා.\" \"ඒ වගේම අන්තර්ජාල පහසුකම් ලබා දීමට නොහැකිව තිබෙන ග්‍රාමීය ස්ථාන වලට මෙම සේවාව හරහා ඒ පහසුකම් ලබා ගන්න පුළුවන්.\" \"ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයේ දියුණුව ගැන අවදානය යොමු කර තියෙනවා. ඒ නිසා සංචාරකයෙක් ලංකාවට එද්දී ඔහුගේ ස්ටාර්ලින්ක් උපාංගය ගෙන එනවනම් ගුවන් තොටුපොලේදී විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වගේම රේගුව කටයුතු කළ යුතු ආකාරය ගැනත් අවධානය යොමු කරලා අවශ්‍ය කටයුතු කිරීම වැදගත්.\" සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර කියා සිටියේය. ස්ටාර්ලින්ක් සේවාව ලංකාවට වැදගත් වන්නේ කොහොමද ? ස්ටාර්ලින්ක් සේවාව ලංකාවට වැදගත් වන්නේ කෙසේදැයි බීබීසී සිංහල විසින් විද්‍යා ලේඛක සහ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන ගෙන් විමසීමක් කළේය. ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.\"ඊලොන් මස්ක්ගේ Starlink සමාගම දැනටමත් ලෝකයේ රටවල් ගණනාවකට චන්ද්‍රිකා ජාලයක් හරහා ඉන්ටර්නෙට් සේවය ලබා දෙනවා.\" \"ආසියා පැසිෆික් කලාපයේ මෙම සේවාව ලබන රටවල් වන්නේ ජපානය, මොන්ගෝලියාව, ෆිලිපීනය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයයි. එයට අලුතෙන්ම එකතු වූයේ ඉන්දුනීසියාවයි. දකුණු ආසියාවේ අපේ අසල්වැසි කිසිඳු රටක් මේ දක්වා Starlink සේවාව දේශීය වශයෙන්ම අනුමත කොට නැහැ.\" \"එහෙත් ශ්‍රී ලංකාව ඇතුළු සියලු දකුණු ආසියානු රටවල් මේ දිනවල නියාමන මට්ටමෙන් විමර්ශනය කරමින් සිටිනවා.\" \"ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් (TRC) බලපත්‍ර ලබා ගෙන මෙරට තුළ ඉන්ටර්නෙට් සේවා සපයන සමාගම් කිහිපයක්ම (internet service providers, ISP) දැනට ක්‍රියාත්මකයි.\" \"වෙළඳපොළ තරගකාරීත්වය නිසා ඔවුන් පාරිභෝගිකයන් අය කරන ගාස්තු යම් මට්ටමක පවතිනවා. එසේම එම ගාස්තු TRC නියාමනයට යටත්.\" \"අලුත් සමාගමක් මෙම ක්ෂේත්‍රයට පිවිසීමට පෙර දැනට පවතින සමාගම්වලට වඩා වැඩි අගයක් ලබා දෙන්නේ කුමනාකාරයෙන්ද (value-addition) යන්න සීරුවෙන් තක්සේරු කළ බැලිය යුතුයි.\" \"දේශීය බෙදා හැරීමේ ජාලයකින් තොරව, Starlink සමාගම සෘජුවම චන්ද්‍රිකා හරහා එන තරංග මාර්ගයෙන් ඉන්ටනෙට් සබඳතා ලබා දෙන විට එය දේශීය නියාමන රාමුවට නතු වීම තහවුරු කළ යුතුයි.\" \"එමෙන්ම ප්‍රකාශ තන්තු (fibre optics) හෝ ජංගම දුරකථන කුළුණු හෝ හරහා භෞමිකව ඉන්ටනෙට් සේවා ලබා දෙන දැනට ක්‍රියාත්මක සමාගම්වලටත්, Starlink සමාගමටත් සමබිමක් (level playing field) ලබා දීම නියාමන කොමිසමේ වගකීමයි.\" \"දැනට ශ්‍රී ලංකාවේ ඉන්ටනෙට් භාවිත කරන්නන්ගෙන් බහුතරයක් එසේ කරන්නේ smartphones හරහායි.\" \"Starlink සේවාවේ මුල් අදියරේදී සෘජුවම ජංගම දුරකථනවලට සේවාව ලබා ගත නොහැකි වුවත්, දෙවැනි අදියරේදී (2024 පටන්) එම හැකියාව විවෘත වී තිබෙනවා. එහෙත් දැනට මේ Starlink සේවය ක්‍රියාත්මක හැම රටකම පාහේ ඒ හරහා ඍජුවම ජංගම දුරකථනවලට ඉන්ටර්නෙට් ලබා ගැනීමට යන වියදම, ඒ වෙළඳපළවල ක්‍රියාත්මක වන භෞමික දුරකථන සමාගම් අය කරන ගාස්තුවලට වඩා සැලකිය යුතුයි මට්ටමින් වැඩියි.\" \"භෞමිකව ක්‍රියාත්මක වන ජංගම දුරකථන සේවා කිසිවක තරංග ආවරණය නොලබන පෙදෙස් ශ්‍රී ලංකාවේ තවමත් තිබෙනවා.\" \"එවැනි ප්‍රදේශවලට පවතින සේවා ව්‍යාප්ත කිරීමට යන ප්‍රාග්ධන වියදම වැඩියි. එය වෙනුවට චන්ද්‍රිකා හරහා Starlink ජංගම දුරකථන සහ ඉන්ටර්නෙට් සේවා ලැබිය හැකි නම් හොඳයි. එහෙත් එම සේවා ගාස්තු අපේ පාරිභෝගිකයන්ට දරා ගත හැකි මට්ටමක තිබිය යුතුයි.\" ඔහු කියා සිටියේය. සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලබා දීමේ නීති පද්ධතියක් ලංකාව නැහැ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවය ශ්‍රී ලංකාවට සිය සේවාවන් සැපයීම සම්බන්ධයෙන් පවතින නවතම තත්ත්වය කුමක්දැයි බීබීසී සිංහල විසින් තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් ගෙන් විමසීමක් කළේය. ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වැනි චන්ද්‍රිකා තාක්ෂණය හරහා අන්තර්ජාල පහසුකම් සැපයීමේ සේවාවන් සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සැකසීමට අවශ්‍ය කටයුතු ගැන උපදෙස් ලබා ගනිමින් සිටින බවය. \"විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට ස්ටාර්ලින්ක් ආයතනයෙන් ඉල්ලුම් පත්‍රයක් යොමු කරලා තිබෙනවා.\" \"මේ ඉල්ලුම් පත්‍රය අපි සලකලා බලනවා. මොකද මේ සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලබා දෙන එකට අදාළ නීති රෙගුලාසි මොකුත් නැහැ. නීතියකුත් නැහැ, ගාස්තු අය කිරිමේ ක්‍රමවේදයකුත් නැහැ. මේක ප්‍රථම වතාවට අපිට එන නිසා.\" \"ලෝකයේ වෙනත් රටවල් අනුගමනය කරන ක්‍රමවේදය ගැන අධ්‍යනයක් කරනවා. ඒ වෙනුවෙන් අපිට ලෝක බැංකුව වගේම ජාත්‍යන්තර ටෙලිකොම් සංගමයෙන්.\" \"ඒ අයගේ උපකාරයෙන් රෙගුලාසි ටික හැදුවට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඉක්මණින්ම අවශ්‍ය අවසරය ලබා දෙන්න ඔවුන්ට.\" අමාත්‍යවරයා පැවසුවේය.",
"Title": "Starlink : ශ්‍රී ලංකාවට සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලැබෙන්නේ කවදා ද ?"
} |
{
"Text": " “අපේ මස්සිනා මුහුදේ නාන්න ගිහින් ඉන්නකොට දැල් ගුලියක පැටලිලා, දැල් ගුලියත් එක්කම ගොඩ එද්දි දැකලා තමයි මස්සිනා ගොඩ ඇඳලා අරගෙන. ඒකෙන් ගඳක් එද්දි අම්බර කියලා හිතලා අපිට කිව්වේ.” කල්පිටිය ප්‍රදේශයේ ධීවරයකු වු ප්‍රියමන්ත ඇතුළු පිරිසකට පසුගිය දිනක තල්මස් අම්බරයක් ලැබී තිබු අතර ඒ නිසාම ඔවුන්ට පොලිස් අත්අඩංගුවට පත්වන්නට ද සිදුවිය. “අපි ගිහිල්ලා බලලා කරත්තයක් ගෙනිහින් ඒක ඇදගෙන ආවා. කිලෝ තිස් පහක්, හතලිහක් විතර තිබ්බේ හෙන තෙල් තට්ටුවක් එක්ක. ඊට පස්සේ ගෙනල්ලා වත්තට දැම්මාම උණු වෙවි, උණු වෙව් වැක් කෙරුණා. අපි ඒත් හරියට දැනගෙන හිටියේ නැහැ මොනවාද කියලා. ඔහොම තියාගෙන ඉද්දි දවස් අටකට විතර පස්සේ පොලිසියෙන් ආවා. ඒගොල්ලෝ මේකෙන් කෑල්ලක් පුච්චලා බලලා අම්බර තමයි කියලා අම්බරයි, අපිවයි, අරන් ගියා.” නීතිමය හා අධිකරණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව තමන්ට ලැබුණ අම්බරය සම්බන්ධව බීබීසී සිංහල සමග විස්තර බෙදා හදා ගත් ධීවරයෙකු ලෙස රැකියාව කරන ප්‍රියමන්ත පැවසු පරිදි ඔහු මීට පෙර අම්බර ගැන ආසා තිබුණත්, කිසි දිනක අම්බර දැක තිබුණේ නැත. රත්‍රන්වලටත් වඩා වටින ඇම්බ(ර්)ග්‍රීස් රන්, රිදී, මුතු, මැණික් ලෝකයේ ස්වාභාවිකව ලබා ගන්නා අතිශය වටිනා ද්‍රව්‍ය ලෙස ඔබ ආසා ඇති නමුත් සත්ත්වයෙකුගේ අපද්‍රව්‍යයකට ලොව විශාල වටිනාකමක් ලැබී ඇති බව ඔබ දන්නවා ද? එලෙස ලොව ඉහළ වටිනාකමක් ලැබී ඇත්තේ තල්මසුන්ගේ වමනයට ය. ව්‍යවහාරයේ අම්බර ලෙස හඳුන්වන ඇම්බ(ර්)ග්‍රීස් සඳහා ලෝකයේ ඉහළ වටිනාමක් ඇති අතර ඇතැම් විට එය රත්‍රන්වලටත් වඩා ඉහළ අගයක් ගනී. ධීවරයන් විශ්වාස කරන්නේ කණ කැස්බෑවෙක් විය සිදුරින් අහස දකිනවා සේ තල්මස් අම්බරයක් ලැබීම අතිශය දුර්ලභ මෙන්ම වාසනාවට සිදුවන දෙයක් ලෙසයි. අතිශය දුර්ලභ මෙන්ම ලොව ඉහළ වටිනාමක් හිමි වන තල්මසුන්ගේ අම්බර ගැන බීබීසී සිංහල විසින් තවදුරටත් කරුණු සොයා බලනු ලැබීය. අම්බර හැදෙන්නේ කොහොමද? සාගර විද්‍යාඥයෙකු වන මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසන්නේ තල්මසුන්ගේ වමනය අම්බර ලෙස හඳුන්වනු ලබන බව ය. වෘත්තීය කටයුතුවලදි කරන ක්ෂේත්‍ර චාරිකාවන් තුළ හෝ අම්බරයක් හමුවී තිබේද යන්න බීබීසී සිංහල මහාචාර්යවරයාගෙන් විමසු අතර විසි පස් වසරකට වැඩි තම වෘත්තිය ජීවිතය තුළ පවා අම්බරයක් මෙතෙක් හමුවී නැති බව ඔහු පැවසීය. “තල්මසා ආහාරයට ගන්නේ දැලිපොතු සහිත ඉස්සෝ දැල්ලෝ වගේ ජාති. මෙයලගේ කටු ජීරණය නොවිම නිසා තල්මසාගේ ආහාර මර්ගය තුළ කටු තැන්පත් වීම නිසා තමයි මේ ටික හැදෙන්නේ. ඔය අම්බරවල තියෙන්නේ ඒ අදාළ සංඝටක ටික තමයි. ඒවා නොදිරූ ද්‍රව්‍ය ලෙස අම්බරවල තියෙනවා කියලා තමයි හඳුනාගෙන තියෙන්නේ.” මන්දා තල්මසුන්ගේ (Sperm Whale) ශරිරයේ බඩවැල් සහ ආහාර ජිර්ණ පද්ධතියේ අම්බර නිපදවෙන අතර ඒවා අළු-දුඹුරු පැහැති ඉටි වැනි ද්‍රව්‍යයක් ලෙස පවති බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි. “සතාගෙන් එලියට ඇවිල්ලා සුළඟත් එක්ක ප්‍රතික්‍රියා කරළා, ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරළා, අව්වත් එක්ක රත්වෙලා ඒ ක්‍රියාදාම හරහා තමයි අම්බර විදියට සැකසෙන්නේ.” යැයි සාගර විද්‍යාඥවරයා බීබීසී සිංහල වෙත පැහැදිලි කළේය. මෙච්චර වටින්නේ ඇයි? ඇම්බ(ර්)ග්‍රීස්වලට ඉහළ වටිනාකමක් ලැබී ඇත්තේ එහි ඇති අතිශය දුර්ලභත්වය නිසා ය. අපිරිසිදු ගන්ධයකින් යුත් අම්බර කාලයත් සමඟම ප්‍රසන්න සුවඳක් ලෙස වර්ධනය වන බව මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේය. පෙරදිග සංස්කෘතිය තුළ ඖෂධ සඳහා මෙන්ම කුළුබඩුවක් ලෙසත්, ආහාර හා වයින්වල රසයන් වැඩි දියුණු කිරිම සඳහාත් අම්බර යොදාගන්නා බව මහාචාර්යවරයා පැවසීය. බටහිර සුවඳ විලවුන්වල සුවඳ ස්ථාවර කර ගැනීමට මෙන්ම මෑත කාලයේ දී සුඛෝපභෝගි කොක්ටේල්, චොකලට් සහ විශේෂිත කේක් නිපදවීමටත් අම්බර නොහොත් ඇම්බ(ර්)ග්‍රීස් භාවිතා කරනු ලබයි. නීතිමය තත්වය මොකක්ද? ඇම්බ(ර්)ග්‍රීස් ලෝකයේ අලෙවි කළ හැකි මට්ටමේ ද්‍රව්‍යයක් වුවද ඒවා එකතු කිරීම සඳහා ස්පර්ම් තල්මසුන් දඩයම් කිරීම හෝ ලුහුබැඳීම නීති විරෝධී ය. අම්බර ළඟ තබා ගැනිම නිසා මෙරට ද කිහිප දෙනෙකුම අත්අඩංගුවට පත්වු අවස්ථා පවතින අතර අපගේ කතා නායක ප්‍රියමන්ත ඇතුළු පිරිස ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ එම හේතුව නිසාවෙනි. වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ව විශේෂයක් ලෙස ආරක්ෂිත සත්වයෙකු ලෙස ශ්‍රී ලංකාව තුළ තල්මසුන් නම් කර ඇත. එබැවින් ශ්‍රී ලංකාවේ දි ස්වභාවික වශයෙන් හමුවූ අම්බර පවා වෙළඳාම් කිරීම හෝ ළඟ තබා ගැනීම මගින් නීතිමය වශයෙන් ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. ළඟ තබා ගැනීම වරදක් ද? තල්මසුන්ගේ අම්බර ළඟ තබා ගැනීම හෝ විකිණිම නීතියෙන් තහනම් බව වනජීවි සංරක්ෂ දෙපාර්තුමේන්තුව පවසයි. “වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට අනුව එය වරදක්. පනතින් ආරක්ෂිත සත්වයකුගේ කොටසක් ළඟ තබා ගැනිම වරදක්.” යැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ සමුද්‍රිය අංශයේ සහකාර අධ්‍යක්ෂවරියක වන රේඛා සංජීවනී බීබීසී සිංහල වෙත කියා සිටියාය. අම්බර හමුවුවහොත් වහාම වනජීවි දෙපාර්තුමේන්තුව වෙත දැනුම් දිය යුතු බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.",
"Title": "ගොඩබිමේ මුතු මැණික් තරම් වටින මහ මුහුදේ අම්බර ගැන ඔබ දන්නවා ද?"
} |
{
"Text": " නිරිතදිග මෝසම් සමය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වැඩිම වර්ෂාව ලැබෙන කාලයයි. ඒ නිසාම මෙය ශ්‍රී ලංකාවේ සියලුම දිය ඇලි ඉතා මනරම්ව දැකිය හැකි හොඳම කාල සීමාව බව පරිසරවේදීහූ පෙන්වා දෙති. “ලංකාවේ තියෙන දිය ඇලි සියල්ලම වගේ හොඳටම බලා ගන්න පුලුවන් කාල වකවානුව තමා මේක. සියල්ලම, මොකද හේතුව නිරිතදිග මෝසම සක්‍රීයවන කාලයට තමා සියලුම කඳුකර, උපකඳුකර සහ අතරමැදි කලාප සියල්ලටම ජලය හම්බවෙන්නේ. මේ කාලවකවානුව තුළදී තමයි ලංකාවේ දියඇලි සියල්ල සක්‍රීය වෙන්නේ. හොඳටම සක්‍රීය වෙලා බලා ගන්න පුළුවන් මේ කාලවකවනුව තුලදී.” පරිසරවේදී සජීව චාමිකර බීබීසී සිංහල වෙත පැවසීය. ශ්‍රී ලංකාවේ පරිසරය ගැන කියවෙන ජනප්‍රිය ගීත රැසකටම මේ දියඇලි තේමා වී ඇත.මෙම කාලය තුළ ඇතුළු දැකුම්කළු දිය ඇලි මහ ජල කඳක් රැගෙන කඩා හැලෙන්නේ ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්ද්‍රර්යට අමුතුම විභූතියක් එක්කරමිනි. ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කන්නෙලිය රක්ෂිතය තුළ පිහිටි අනගිමල ඇල්ල, නාරංගස් ඇල්ල මෙන්ම නෙළුව දූවිලිඇල්ල, දෙදියගල පිහිටි හත්මාල ඇල්ල සහ ඌරා වැටුණු ඇල්ලද මෙම කාලසීමාව තුළ මනරම්ව දැකිය හැකි බව ද පරිසරවේදීහූ පෙන්වා දෙති. නිරිත දිග මෝසම් සමය මැයි මස අගභාගයේදී සක්‍රීයවන නිරිත දිග මෝසම සැප්තැම්බර් මාසය දක්වා පවතී. නිරිත දිග මෝසම් කාලයේ සුළං සහිත කාලගුණය පළමු අන්තර්මෝසම් කාලය පුරා පැතිර පැවති උණුසුම ඉවත් කරයි. මෙරට ට ලැබෙන වාර්ෂික වර්ෂාපතනයෙන් 30%ක් පමණ ආවරණය කරන මෙම වැසි ප්‍රධාන වශයෙන්ම පතනය වන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටය. නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමග මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තද වැසි පතනය වන අතර එම වර්ෂාවෙන් බොහෝ දියඇලි ක්ෂණිකව පෝෂණය ලබමින් දැකුම්කළුව ගලා බසියි. දිවා රාත්‍රී දෙකෙහිම නිරිතදිග මෝසම් වැසි බලාපොරොත්තු විය හැකි අතර දිවයිනේ ප්‍රධාන වශයෙන් නිරිතදිග ප්‍රදේශයට කඩින් කඩ වැසි බලාපොරොත්තු විය හැකි කාලසීමාවක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම කාලයේ ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 100 සිට මිලිමීටර් 3000 අතර විචලනය වේ. බටහිර බෑවුම්වල මධ්‍ය උස්බිම් වලට වැඩිම වර්ෂාපතනය ලැබේ. (ගිනිගත්හේන මිලිමීටර් 3267, වටවල මිලිමීටර් 3252, නෝර්ටන් මිලිමීටර් 3121) මෙම ප්‍රදේශවල සිට වඩා ඉහළ උස්බිම් දක්වා වේගයෙන් වර්ෂාපතනය පහත වැටෙන අතර නුවරඑළියේ දී එය මිලිමීටර් 853 දක්වා පහළ බසියි. නිරිතදිග වෙරළබඩ තීරය දෙසට මෙම විචලනය වඩා අඩු වේගයකින් යුක්ත වන අතර මෙම මාස 5ක කාලය ඇතුළත නිරිතදිග වෙරළබඩ තීරයට මිලිමීටර් 1000 සිට මිලිමීටර් 1600 ක වර්ෂාපතනයක් ලැබේ. අඩුම වර්ෂාපතන අගයක් උතුරු සහ ගිණිකොණ දිග ප්‍රදේශවලින් වාර්තා වේ. මෙම කාලසීමාව තුළ මාඔය, අත්තනගළු ඔය, කැළණිගඟ, කළු ගඟ, ගිංගඟ, නිල්වලා ගඟ යන ගංඟා පද්ධතිවලට වැඩිම වර්ෂාපතනයක් ලැබෙයි. සජීව චාමිකර පැවසුවේ, “ලංකාවේ වැසි වනානන්තරවලට හොඳම වර්ෂාපතනයක් ලැබෙන්නේ නිරිත දිග මෝසමත් එක්ක තමයි. ශ්‍රී පාද අඩිවිය, සිංහරාජඅඩවිය, කන්නෙලිය වනාන්තර පද්ධතිය ඇතුළු මේ සමස්ත තෙත් කලාපයටම වර්ෂාපතනය ලැබෙන්නේ මේ කාලවකවානුව තුළයි. ඒ වර්ෂාපතනය ලැබුණට පස්සේ මේ වනාන්තර පද්ධතිවලින් ගබඩා කර තියාගෙන අර කියන ගංඟාවලට ක්‍රමාණුකූලව මුදා හරින්නේ නිරිත දිග මෝසමත් එක්ක.” ඔහු පෙන්වා දුන්නේ “මහවැලි ගඟ ගලාගෙන යන්නේ වියලි කලාපයට. නමුත් මහවැලි ගඟේ ආරම්භය තියෙන්නේ හෝටන් තැන්නෙන්. කිරිගල්පොත්ත කන්දෙන් ආරම්භ වෙලා. ශ්‍රීපාද අඩවියෙන් තව පෝෂණය වෙනවා මහවැලි ගඟ. නකල්ස් කඳුකරයෙනුත් පෝෂණය වෙනවා. ඒවායෙන් පෝෂණය වෙලා තමා මහවැලි ගඟ අවුරුද්ද පුරාම වියලි කලාපයට ජලය සපයන්නේ. ඒ නිසා නිරිත දිග මෝසමෙන් තෙත් කලාපයට විතරක් නෙමේ ජලය සපයන්නේ.” ‘දියඇල්ලක් කියන්නේ නිකම්ම නිකං ජලය කඩා හැලෙන තැනක් නෙමේ’ ඔහු පෙන්වා දුන්නේ “බලන්න යෑමට යොමු කිරීම හරහා වෙන්නේ මේවා වේගයෙන් විනාශයට ලක්වීම.මේවා එක්ස්පොස් කරන්න කරන්න වැඩිපුරම වෙලා තියෙන්නෙ විනාශ වෙන එක. ආරක්ෂා වෙන එක නෙමේ. වැඩිපුරම අපි අවධානයට ලක්කරන්න ඕනේ මේටික ආරක්ෂා කර ගන්න ක්‍රමවේදයකට යන එක.” ඔහු පෙන්වා දුන්නේ “විදේශීය සංචාරකයින් කොයිම වෙලාවකටවත් මේවා වැරදි විදිහට භාවිත කරන්නේ නැහැ. ලංකාවේ අය කැලිකසල දානවා. අලුත් පාරවල් හදනවා උඩට යන්න.ජීවිත අවදානම් ඇති කර ගන්නවා.” “දියඇල්ලක් කියන්නේ නිකම්ම නිකං ජලය කඩා හැලෙන තැනක් විතරක් නෙමේ. එවයින් හැදෙනවා ස්ප්‍රේ සෝන් කියලා එකක්. ස්ප්‍රේ සෝන් එකේ තමා මයික්‍රෝ හැබිටැට් ගොඩක් හැදෙන්නේ, ක්ෂුද්‍රවාසස්ථාන ගොඩක් හැදෙන්නේ. එවා තමා බොහෝ දුර්ලබ ජීවී විශේෂවලට වාසස්ථාන දෙන්නේ. අන්න ඒ පද්ධති ටික තමා අපේ ඇතැම් අය විනාශ කරන්නේ.” සජීව චාමිකර පෙන්වා දුන්නේය. ප්‍රවේශමෙන් නරඹන්න නිරිතදිග මෝසමේ ආරම්භක දින කිහිපයේ බොහෝවිට මධ්‍යම කඳුකරයට ධාරාණිපාත වැසි ඇඳ හැලෙන බැවින් ගංවතුර, නායෑයම්, කන්ඩි කඩා වැටීම් වැනි ආපදා සිදුවිය හැකි බැවින් මෙම කාලසීමාව තුළ දිය ඇලි නැරඹීම දැකුම්කළු වුවුත් එය වඩාත් ප්‍රවේශමෙන් කළයුතු කාර්යයක් බව නිතැතින්ම සිහිතබා ගත යුතුය. ඒ , සාමාන්‍යයෙන් සෞම්‍ය ලෙස පහළට ජලය කඩා හැලෙන මෙවැනි දියඇල්ලක් ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනයක් සමග මහා ජලකඳක් සමග ප්‍රචණ්ඩ ස්වරූපයෙන් පහළට කඩා හැලීමට වැඩිවේලාවක් ගත නොවීම හේතුවෙනි. එබැවින් මෙම කාලසීමාව තුළ අදාළ දිය ඇලි නැරඹීමට යන්නේ නම්, ඉදිරි පැය 6 , 12 හෝ 24 ක කාලගුණ අනාවැකිය පිළිබඳ සැලකැලිමත් විය යුතු අතර ඇතැම් විට එම ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයෑම් හා කන්ඩි කඩා වැටීම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුය. “සමහර දියඇලි වල තත්ත්වය තමා ඉහළට වැස්ස හැටියම සමහර විට බලාගෙන ඉන්න කොටම විනාඩි ගාණක් ඇතුලත ජල මට්ටම ඉහළ යනවා. ලොකු ජලකඳක් එනවා. සමහර වෙලාවට ඒක පාමුල ඉන්න කෙනෙක් එකපාරටම මේවා ගැන අවබෝධයක් නැති හින්දා ජීවිත නැති කරගන්න අවස්ථා බොහෝ වෙලාවට තියෙනවා.” “විනාඩි ගාණක් ඇතුලත දියඇල්ලේ වතුර ප්‍රමාණයවැඩි වෙනවා. සමහර වෙලාවට ලොකු කොටන් ගහගෙන එනවා .ඒ දේවල් වගේ අවදානම් ගොඩක් තියෙනවා. ඒවගේ දෙවල් ගැන ගොඩක් අවධානයකින් ඉන්න ඕනේ මේවගේ සංචාරය කරද්දි.”හෙතෙම පෙන්වා දුන්නේය. වැඩිම දිය ඇලි තියෙන්නේ කොහොද? රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්ක ආශ්‍රිතව වැඩිම දියඇලි පිහිටා ඇති බව සජීව චාමිකර පැවසීය. “රත්නපුර දිස්ත්‍රික්යේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමා දිය ඇලි වැඩිපුර තියෙන්නේ. අනෙක් ඒවා පොඩි පොඩි ඒවා.”සජීව චාමිකර පෙන්වා දුන්නේය. “බඹරකන්ද, දියලුම, නිරිත දිගට වඩා ඊසාන දිග මොසමට තමා වඩාත් හොඳින් බලන්න පුළුවන්. ඒවටත් නිරිත දිග මෝසමෙන් යම් කිසි මට්ටමකට වර්ෂාපනතයක් ලැබෙනවා .නමුත් නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන දිය ඇලි තමා හොඳින් දැක ගන්න පුළුවන් වන්නේ.” බදුල්ල, මහනුවර,මාතලේ, කෑගල්ල , ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක ආශ්‍රිතව ද මනරම් දියඇලි විශාල සංඛාවක් පිහිටා ඇත. බොහෝ විට ඊසාන දිග මොසම් කාලය හා දෙවන අන්තර් මොසම් කාලසීමාව තුළ රාවණා ඇල්ලද ප්‍රචණ්ඩ ස්වරූපයකින් දැක ගත හැකිය. බෝඹුරු ඇල්ල ඌව-පරණගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති දිය ඇල්ලකි. නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට සමීපව, වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් පිහිටයි. බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතුරින් පළලින් ඉතා වැඩි දිය ඇල්ලක් සේ සැළකෙයි. සීතා එළිය- කඳපොල රක්ෂිතයේ පිහිටාති ඇති උසින් මීටර් 50ක් පමණ වන දිය ඇල්ල පළලින් මීටර් 20ක් පමණ වේ. ශ්‍රි ලංකාවේ දියඇලි අතරින් වඩාත් ප්‍රසිද්ධ ඇල්ලක් වන මෙය පිහිටා ඇත්තේ හොර්ටන්තැන්න තුළය. මීටර් 20ක් පමණ උස ඇල්ලක් වන මෙය වැසි වැඩි දිනවල වඩාත් චමත්කාර ජනක දර්ශනයක් මවයි. මෙම ඇල්ල නැරඹීමට යාමේදී කිසිදු පොලිතින් දවටනයක් රැගෙන යාමට ඉඩලබා නොදෙයි. කොත්මලේ ඔයෙන් පෝෂණය වන ඩෙවෝන් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ සුන්දර දිය ඇලි වලින් එකකි. නුවර එළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේට බටහිරින් A7 මාර්ගය ආශ්‍රිතව ඩෙවෝන් දිය ඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ලට ඩෙවෝන් යන නාමය ඉංග්‍රීසි ජාතික පුරෝගාමි තේ වැවිලිකරුවෙකු වු ඩෙවෝන්ගේ නාමය නිසා ලැබී ඇත. දිය ඇල්ලේ උස මිටර 97කි. ශ්‍රී ලංකාවේ දිය ඇලි වලින් උස අනුව ඩෙවෝන් දිය ඇල්ල 19 වැනි ස්ථානයේ ඇති අතර මුහුදු මට්ටමේ සිට මිටර 1140ක් උසකින් දිය ඇල්ල පිහිටා ඇත. ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල උසින් 20 වැනි ස්ථානය ගනී. එය අඩි 263ක් නොහොත් මීටර් 80 උසකින් යුක්තය. මෙම ඇල්ල අලංකාර ප්‍රකට දිය ඇල්ලකි. උසින් මීටර් 126 ක් පමණ වන ලක්ෂපාන ඇල්ල උස අනූව ශ්‍රී ලංකාවේ 8වැනි දියඇල්ල වෙයි. එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් නගරයට සමීපව පිහිටා ඇත. කෙහෙල්ගමු ඔයට සම්බන්ධවන ස්ථානයට ආසන්න මස්කෙළිය ඔයෙන් ලක්ෂපාන දියඇල්ල නිර්මාණය වී තිබේ.",
"Title": "නිරිතදිග මෝසමට සක්‍රීයවන ශ්‍රී ලංකාවේ මනරම් දිය ඇලි ගැන ඔබ දන්නවාද?"
} |
{
"Text": " ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන ඇතුළු බුදු දහමේ විවිධ ඉගැන්වීම් අද මුළු මහත් ඉන්දුනීසියාව පුරා පැතිර පවතී. එය ආරම්භ වූයේ කෙසේ ද සහ 1965 ඛේදවාචකයෙන් පසු බුද දහම විවිධ සම්ප්‍රදායන්ට වෙන් වූයේ කෙසේ ද? පාසල් අවධියේ එක් දිනක මම ජකර්තා නුවර දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති මිතුරෙකුගේ නිවස වෙත ගියෙමි. මා මෙන් ම මේ මිතුරා ද චීන සම්භවයක් ඇති අයෙකි. වෙනස ඇත්තේ ඔහු කිතුණුවෙකු වීමත් මා බෞද්ධයෙකු වීමත් ය. යළි නිවස බලා යාමට අවශ්‍ය වූ පසු මා ඔහුගේ මවට සමුදුන් අතර ඇය මා නිවසේ ගේට්ටුව වෙත කැටුව ආවා ය. එහිදී ඇය මා සමග කෙටි සල්ලාපයක යෙදුණා ය: \"මොන පල්ලියට ද ඔයා යන්නේ?\" \"මම බෞද්ධ ඇන්ටි,\" සිනාමුසු මුහුණින් යුතුව මම පැවසුවෙමි. \"අනේ, ඔයා තාමත් බෞද්ධ ද,\" ඇය පිළිතුරු දුන්නා ය. යළිත් වරක් ඇයට සමුදී පිටව යාමට පෙර මම ඊට \"ඔව්\" ලෙස පිළිතුරු දුන්නෙමි. කුමක් හෝ හේතුවක් නිසා මා එම මිතුරාගේ නිවසට ගොස් වසර 15කට වැඩි කාලයකට ගතව තිබුණ ද ඇය එදින පැවසූ \"තවමත් බෞද්ධ\" යන ප්‍රකාශය මා නොසන්සුන්තාවට පත් කළේ ය. ඇයගේ චේතනාව අයහපත් එකක් නොවිණි. ඇය එය පැවසුවේ සාමාන්‍ය ස්වරයකින් මිස සමච්චලයට නොවේ. කෙසේ වෙතත්, එම ප්‍රකාශය සිහියට නැගෙන ඇතැම් අවස්ථාවලදී මම, \"ඉතින් මොක ද, මම තාම බෞද්ධයෙක් වුණා ම?\" යැයි මාගෙන් ප්‍රශ්න කරමි. මගේ පවුල ත්‍රිධර්ම ප්‍රතිපත්තිවල අනුගාමිකයින් වන අතර වචනාර්ථයෙන් ගත් කල එහි අදහස ‘සත්‍යයේ ඉගැන්වීම් තුනක්’ යන්න යි. මෙහි එන ඉගැන්වීම් ත්‍රිත්වය නම්, බුදු දහම, ලාඕ ට්සුගේ තාඕවාදය සහ කොන්ෆියුසියස්වාදය වේ. බොහෝ විට ඒවා චීනයේ සමාජ ජීවිතයේ \"කුළුණු තුන\" ලෙස සැලකේ. චීනයේ, මෙම ශ්‍රේෂ්ඨ ගුරුවරුන් තිදෙනාගේ ම ඉගැන්වීම් භේදයකින් තොරව අනුගමනය කරන අතර ඒවා සමාජ ව්‍යුහයට, රාජ්‍ය පද්ධතියට, දේශීය කලාවන්ට සහ සංස්කෘතියට පවා බලපෑම් කරයි. එකල මට මේ පිළිබඳව වැටහීමක් නොතිබිණි. මා දන්නා තරමින් මා සහ මගේ පවුලේ සාමාජිකයින් ත්‍රිධර්ම ධර්මයේ මග යන බෞද්ධයෝ වෙති. මගේ පියා විවිධ ආරාමවල දේශන පැවැත්වූ බෞද්ධ භික්ෂුවකි. මා සහ තවත් සහෝදරයන් දෙදෙනෙකු (අතීතයේ) සතියකට වරක් නිතිපතා එම දේශනා සඳහා සහභාගී වූ අතර අපි ආරාමයේ තරුණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් ද වූවෙමු. බාලාංශයේ සිට මධ්‍ය විදුහල දක්වා ම මා නිරන්තරයෙන් ඇතුළත් කෙරුණේ බෞද්ධ පාසල්වලට ය. උසස් පාසලකට ඇතුළු වන තුරු ම මා හට කතෝලික පාසලකට ඇතුළු වීමට අවස්ථාව නොලැබිණි. මා \"තවමත් බෞද්ධ\" යැයි අසා විමතියට පත් චීන සම්භවයක් ඇති සෙසු පුරවැසියන්ගෙන් අදහස් ප්‍රථම වරට මට ඇසෙන්නට ලැබෙන්නේ ද මා උසස් පාසලේ ඉගෙනුම ලබන අවධියේදී ය. මීට පෙර, චීන සම්භවයක් ඇති සුළුතරයක් ලෙස සමාජයේ මට ඇති ස්ථානය පිළිබඳව මම දැන සිටියෙමි. කෙසේ වෙතත්, මගේ සහෝදර චීන ජාතිකයන් අතර පවා මම සුළු ජාතිකයෙකු බව මෙම ප්‍රකාශය මගින් මට අවබෝධ විය. දුකින් පිරුණු ජීවිතය ප්‍රාථමික පාසලේ සිටියදී, මම අවම වශයෙන් ගුරුවරුන් තිදෙනෙකුගෙන් ආගමික අධ්‍යාපනය ලැබුවෙමි. නිවසේ වූ මගේ පියා, ආරාමයේ දහම්පාසල් ගුරුවරයා සහ පාසලේ බෞද්ධ ධර්මය ඉගැන්වූ මගේ ගුරුවරයා ඔවුන් අතර වූහ. එකල මා හට බෞද්ධ ධර්මය ඉගැන්වූ ගුරුවරයා වූයේ ජුමාරි මහතා ය. ඔහු මිත්‍රශීලි ජාවා දූපත් වැසියෙකි. ඔහු ඉගැන්වීම් කළ ආකාරයට මම ඇලුම් කළෙමි. දිනක් පාසලේදී ජුමාරි මහතා අදටත් වලංගු වන එක් දෙයක් පැවසීය: \"ජීවිතය දුකින් පිරිලා තියෙන්නේ.\" දුක්ඛ, නැතිනම් ඉන්දුනීසියානු භාෂාවෙන් දුක යනු, අනිත්‍ය දේ කෙරෙහි අප තුළ ඇති බැඳීම නිසා පැමිණෙන වේදනාවකි. වෙනස් වීම නොවැළැක්විය හැකි යථාර්ථයක් වුව ද, සතුටේ උල්පතක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තුවෙන් අපි දේවල් දිගින් දිගට ම අල්ලා ගෙන සිටීමට උත්සහ කරන්නෙමු. අවසානයේ ඉතිරි වන එක ම දෙය දුක පමණකි. ප්‍රාථමික පාසලේ සිටි අවධියේදී, මට මෙය සම්පූර්ණයෙන් නොතේරුණ ද, ජුමාරි මහතාගේ පැහැදිලි කිරීම ඇසීමෙන් මම මවිතයට පත් වීමි. මා වයසින් මුහුකුරා යත් ම, මම වඩ වඩා ත් ඔහුගේ වචන සමග එකඟ වීමි. 35 වන වියේදී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත් වී වැඩි කල් නොගොස්, එනම්, ක්‍රිස්තු පූර්ව 528දී පමණ ඊසානදිග ඉන්දියාවේ බුද්ධගයාවේදී පස්වග මහණුන් වන උන්වහන්සේගේ පළමු ශ්‍රාවකයන් පස්දෙනාට බරණැසට නුදුරින් පිහිටි සාරානාත්හි දේශනා කළේ ද මෙය යි. බුදුන් වහන්සේ ඔවුන්ට චතුරාර්ය සත්‍යය වදාළහ. එනම්, ජීවිතය දුකින් පිරී පවතින බව ත්; එම දුක හට ගන්නේ අකුසල කර්මවලට සහ පුනර්භවයට හේතුවන ද්වේෂය, රාගය සහ මෝහය නිසා බව ත්; දුක නැති කළ හැකි බව ත්; දුක නැති කිරීමට මාර්ග අටක් ඇති බව ත් ය. එම මාර්ග අට, එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මෙසේ ය: නිවැරදි දෘෂ්ටිය, නිවැරදි චේතනාව, නිවැරදි වචන, නිවැරදි ක්‍රියා, නිවැරදි දිවි පෙවත, නිවැරදි උත්සහයන්, නිවැරදි සිහිය සහ නිවැරදි සමාධිය. මෙම මාර්ගයට පිවිසීමෙන් මිනිසුන්ට නැවත නැවත ඉපදීම බිඳ දමා සැබෑ සාමය හෝ නිවන සාක්ෂාත් කර ගත හැකි බව කියනු ලැබේ. \"බුදු හාමුදුරුවෝ දේශනා කළේ, දුක තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, අවසානයක් තියෙනවා, මාර්ගයක් තියෙනවා කියලා,\" බුද්ධයාන භික්ෂු භික්ෂුණීන් අයත් ඉන්දුනීසියාවේ මහා සංඝ (සාගින්) සමූහයේ මහායාන භික්ෂුවක වන නයනගුප්ත හිමි පැවසූහ. \"අපි අට මහා මාර්ග අනුගමනය කළොත් මේ දුකෙන් එතෙර වෙන්න පුළුවන්.\" තම පළමු ශ්‍රාවකයන් පස්දෙනා වෙත ධර්මය දේශනා කිරීමෙන් අනතුරුව බුදුන් වහන්සේ වසර 45ක් ඉන්දියාව පුරා සංචාරය කරමින් තම ධර්මය ඉගැන්වීමේ නිරත වූහ. ඉන් පසුව වසර 80ක් ආයු වළඳා උන්වහන්සේ කුසිනාරා නුවරදී පිරිණිවන් පෑ සේක. විවිධ සම්ප්‍රදායන්වල ආරම්භය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු උදා වූ සියවස් තුන තුළ, උන්වහන්සේගේ අනුගාමිකයින් බෙදී ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව තුළ විවිධ බෞද්ධ නිකායන් හෝ සම්ප්‍රදායන් වර්ධනය වන්නට විය. ඇතැම් පර්යේෂකයන් සත්‍ය සංඛ්‍යාව 30කට වඩා වැඩි ගණනක් ලෙස දක්වා ඇතත්, එම කාලය තුළ බොහෝ විට බිහි වූ බව කියන නිකායන් 18ක් පමණ පවතී. බ්‍රිතාන්‍යයේ උපන් බෞද්ධ විද්වතෙකු වන එඩ්වඩ් කොන්ස් පැවසුවේ, \"සසරින් එතෙරට යන මාර්ගය ගවේෂණය කිරීම\" සඳහා භාවනාවෙහි යෙදී සිටියදී භික්ෂූන් වහන්සේලා මුහුණ දුන් \"දාර්ශනික ගැටලු\" හේතුවෙන් නිකාය භේදය ඇති වූ බව ය. \"දර්ශනය විද්‍යාවේ අනෙකුත් අංශවලට වඩා වෙනස්. එබැවින් දර්ශනය එක් එක් ගැටලුවකට විසඳුම් එකකට වඩා වැඩි ගණනක් ලබා දෙනවා,\" යනුවෙන් කොන්ස් සිය ‘A Short History of Buddhism’ (2010) ග්‍රන්ථයේ ලිවීය. \"ස්වාභාවිකව, බෞද්ධයන් ඔවුන්ගේ ධර්මයේ දාර්ශනික අර්ථය ගැන ගැඹුරින් සොයා බැලීමත් සමග මතභේද වැඩි වුණා.\" අවම වශයෙන් ක්‍රි.පූ. 100 සිට ඉන්දියාවේ මහායාන නමින් නව බෞද්ධ සම්ප්‍රදායක් මතු වූ බව ත් ක්‍රිස්තු පූර්ව 150න් පසු එය ක්‍රමානුකූලව වර්ධනය වීමට පටන් ගත් බව ත් කොන්ස් සඳහන් කළේ ය. එකල, එවකට පැවති ධර්මයේ සඳහන් ප්‍රකාශ \"යල් පැන ගිය හා නිෂ්ඵල\" බවට මතයක් පැවති බැවින් නව යුගයේ අවශ්‍යතා සහ සමාජ තත්ත්වයන්ට සරිලන පරිදි බුදුන් වහන්සේගේ ධර්මය හෝ ඉගැන්වීම \"ප්‍රතිසංස්කරණය\" කිරීමේ අවශ්‍යතාවක් මතු විය. පසුව මහායාන කණ්ඩායම විසින් ප්‍රඥාව පමණක් නොව කරුණාව මත පදනම් වූ \"ගැලවීමේ නව මාර්ගයක්\" මෙන් ම මූලික වශයෙන් \"ශූන්‍යතාව\" යන සංකල්පයට සම්බන්ධ පැවැත්මේ සහ යථාර්ථයේ මූලික ස්වභාවය පිළිබඳව වන ධර්මයක් හඳුන්වා දෙන ලදී. එතැන් පටන් මූලික හරයේ වෙනසක් ඇති විය. ඊට පෙර බෞද්ධයන්ගේ පරමාර්ථය වූයේ බුදුරදුන් වදාළ මග යමින් දුක් නැති කර නිවන සාක්ෂාත් කර ගැනීමට සමත් වූ අරහත්භාවයට පත්වීම ය. නමුත් අනෙක් අතට, මහායාන භික්ෂූන් වහන්සේලා අපේක්ෂා කරන්නේ, බෝධිසත්ව වීමට හෝ බුදු වීමට අපේක්ෂා කරන කෙනෙකු වීමට ය. මෙම ක්‍රියාවලියේදී, බෝධිසත්වයන් තමන් පමණක් නොව සියලු සත්වයන්ට නිවන සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීමට උත්සහ කරන නමුත් එහි ප්‍රතිවිපාකයක් ලෙස ඔවුන්ට බුදු වීමට පෙර සංසාරයේ චක්‍රයේ වැඩි කලක් ජීවත් විය යුතු ය. මෙම සම්ප්‍රදාය මහායාන ලෙස හඳුන්වන්නේ එබැවිනි. එහි වචනාර්ථය \"මහා වාහනය\" යන්න ය. එකල මහායාන ජනයා ගතානුගතික බෞද්ධ නිකායන් 18 සැලකුවේ \"කුඩා වාහනය\" යන අර්ථය ඇති හීනයාන ලෙසිනි. මෙය ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන්නේ හීනයාන කණ්ඩායමේ \"ආත්මාර්ථකාමී\" යැයි හැඟෙන අරහත් බවට පත්වීමේ අභිලාෂයන් සමග බව කොන්ස් පැවසීය. හීනයාන කන්ඩායම දැන් ඔවුන්ගේ සම්ප්‍රදාය ථෙරවාද ලෙස හැඳින්වීමට කැමැත්තක් දක්වන අතර එහි අර්ථය එනම් \"වැඩිහිටියන්ගේ ධර්මය\" යන්න ය. \"කෙටියෙන් කිවහොත්, අපි [මහායාන] බෝධි චිත්ත [උතුම් සිතුවිලි] වර්ධනය කිරීම ගැන අවධාරණය කරනවා. ඒ කියන්නේ සෑම සත්වයෙකුට ම බුද්ධත්වයට පත් වීමට හැකියාව තියෙනවා සහ සෑම සත්වයෙකුට ම සම්මාසම්බුද්ධ විය හැකි යි,\" ඉන්දුනීසියාවේ මහායාන භික්ෂුණියක වන භද්‍රා ලෝක භික්ෂුණීන් වහන්සේ පැවසූහ. සම්මාසම්බුද්ධ යනු, ස්වකීය උත්සහයෙන් බුද්ධත්වයට පත් වී තමන් විසින් සොයා ගන්නා ලද ධර්මය අන් අයට පහදා දෙන කෙනෙකි. \"අපට එකට එකතු වෙලා ඒ දේ ප්‍රගුණ කරන්න පුළුවන්, ඒ සියල්ල සාක්ෂාත් කර ගැනීම සඳහා අපව දියුණු කර ගන්න පුළුවන්. ඉතින්, මට මුලින් ම යන්න අවශ්‍ය නැහැ, මම එතනට එනවා, පසුව මම ඔබට එගොඩ වෙන්න කඹයක් විසි කරනවා, භද්‍රා භික්ෂුණීන් වහන්සේ තවදුරටත් පැවසූහ. ඉන්දුනීසියාවේ මහා සංඝ (සාගින්) සමූහයේ ථෙරවාදී භික්ෂුවක වන ධීරපන්නෝ හිමි පැවසුවේ, ථෙරවාදී භික්ෂූන් තම ඉගැන්වීම් අන් අය සමග බෙදා ගැනීමට උත්සහ කිරීමට පෙර, පළමුව නිවන සාක්ෂාත් කර ගැනීමට උත්සහ කිරීමට වැඩි අවධානයක් යොමු කරන බව ය. \"ඔවුන්ට [මහායාන ඇදහිලිවන්තයන්ට] තියෙන්නේ එක අධිෂ්ඨානයක්. මා වටා දුක් විඳින ජීවීන් ඉන්නවා නම්, මට දැන් ම විමුක්තිය අවබෝධ කර ගන්න අවශ්‍ය නැහැ,\" ධීරපන්නෝ හිමි පැවසූහ. \"නමුත් ථෙරවාදයේදී, මා අවට සිටින සියලු ජීවීන්ට උපකාර කිරීමට හැකි වන පරිදි පළමුව මා විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට උත්සහ කළ යුතු යි.\" පසුව මහායානය නැවතත් ප්‍රධාන ගුරුකුල දෙකකට බෙදී ගියේ ය: දෙවන සියවසේ මැද භාගයේ සිට වර්ධනය වූ මධ්‍යමික සහ හතරවන සියවසේ පමණ සිට වර්ධනය වූ යෝගාචාර එම ගුරුකුල වේ. කොන්ස් පවසන පරිදි, යෝගාචාර ගුරුකුලය, \"ගැඹුරු භාවනාවකින් ලබා ගන්නා අත්දැකීම් ක්‍රමානුකූලව සකස් කර පැහැදිලි කරන්න\" උත්සහ කරයි. යෝගාචාර කණ්ඩායමෙන්, තන්ත්‍ර පිළිබඳ අදහස් සහ භාවිතයන් මතු වූ අතර, ඒවා බොහෝ විට බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමේ උත්සහයන් පහසු කිරීම සඳහා යොදා ගන්නා විවිධ මන්ත්‍ර, සංකේත සහ චාරිත්‍ර විධි සමග සම්බන්ධ වේ. භාරතයේ බුදු දහම පරිහානියට පත්වීමත් එහි අනුගාමිකයින් ආධ්‍යාත්මික අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වීමත් තන්ත්‍රයානික ධර්මයේ වර්ධනයට හේතු වූ බව පැවසේ. \"තමන්ව ආරක්ෂා කර ගැනීමට එහි අනුගාමිකයින් වැඩි වැඩියෙන් හාස්කම්වල බලය පාවිච්චි කරලා දෙවියන්ගෙන් උපකාර ඉල්ලා සිටියා,\" කොන්ස් පැවසීය. තන්ත්‍රයානික ධර්මයේ වර්ධනය අවසානයේ \"විශ්වයේ අද්භූත ශක්තීන් සහ අධ්‍යාත්මික බලවේග පිළිබඳ උපකල්පනවල ව්‍යාකූලත්වයට\" හේතු වූ බව කොන්ස් තවදුරටත් පැවසීය. එතැන් සිට \"පුළුල් ලෙස වර්ධනය වුණු නමුත් අපැහැදිලි වුණු බුදු දහම සම්බන්ධ විවිධ සම්ප්‍රදායන්වලට අර්ථයක් ගෙන ඒමේ අරමුණින්\" වජ්‍රයාන ගුරුකුලය බිහි විය. වජ්‍රයාන ආදි-බුද්ධ හෙවත් පළමු බුද්ධ සංකල්පය හඳුන්වා දුන්නේ ය. ගෞතම බුද්ධ යුගයට පෙර ලොව පහළ වූ තවත් බුදුවරුන් සිටි බවට විශ්වාස කෙරේ. වජ්‍රයාන කණ්ඩායමට අනුව, ඒ සියල්ල ආරම්භ වූයේ ආදි-බුදුන්ගෙනි. ආදි-බුදුන්ව දකින්නේ \"මේ වන විටත් පළමු තැන පවතින, සම්භවයක් නැති, තමා නිසා ම පවතින, නිවනේ සිටින නිසා කිසි දා නොපෙනෙන\", අයෙකු ලෙස බව වරක් යෝග්‍යාකර්තාහි Duta Wacana Theological Collegeහි ප්‍රධානියා වූ වූ දේවධර්මාචාර්ය හරුන් හැඩිවිජොනෝ ඔහුගේ Hinduism and Buddhism (1989) යන ග්‍රන්ථයේ පැවසීය. \"ආදි-බුදුන්ගේ හරය නිර්මල ආලෝකය යි. එය ශූන්‍යත්වයෙන්, හිස්බවෙන් හටගනී,\" හරුන් පැවසීය. පස් ආකාරයක ධ්‍යාන වැඩීම් තුළින් ආදි-බුදුන්ට පංච තථාගතයාණන් වහන්සේලා හෝ බුදුවරුන් පස්නමක් අවධි කර ගත හැකි බවට විශ්වාස කෙරේ. වජ්‍රයාන භික්ෂූහු පසුව සියලු ම \"විශ්වීය බලවේග\" එක් එක් තථාගතයන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන කණ්ඩායම් පහකට බෙදූහ. විශ්වයේ සියලු ම බලවේග සහ කරුණු මෙම කණ්ඩායම් පහට සම්බන්ධ කිරීම සඳහා \"සංකීර්ණ හා පැටලිලිසහගත\" පද්ධතියක් පසුව නිර්මාණය කරන ලද බව කොන්ස් පැවසීය. \"වජ්‍රයාන ඉගැන්වීම්වල සැබෑ අරුත නිශ්චය කිරීම සැමවිට ම පහසු කාර්යයක් නොවෙයි\" යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය. මොක ද මෙහිදී උන්වහන්සේට උන්වහන්සේගේ ඉහළ ම ස්වරූපය පහත් ම ස්වරූපය තුළ සඟවා ගන්න පුළුවන්, විමුක්තිය ළඟා කර ගත්ත කෙනා සාමාන්‍ය කෙනෙක් විදිහට පේන්නේ, නිවන ළඟා කර ගත්ත කෙනා වඩා ත් ම මහ පොළොවේ ජීවත් වෙන කෙනා වෙනවා, සහ ප්‍රඥාව තියෙන්නේ එකිනෙකට පරස්පර අමුතු තැන්වල.\" රාජධානි යුගයේ බෞද්ධයින් කුඩා කාලයේ මගේ ප්‍රධාන විනෝදාස්වාදය වූයේ 'Journey to the West' ටෙලි නාට්‍යය නැරඹීම ය. හොං කොං වෙතින් ලද මෙම ටෙලි නාට්‍යය ප්‍රථම වරට ඉන්දුනීසියාවේ විකාශය කෙරුණේ 1997 වසරේදී ය. කෙසේ වෙතත්, මට මතක පරිදි, මම ප්‍රාථමික පාසලේ සිටියදී 2000 දශකයේ මුල් භාගයේදී පවා එහි නැවත විකාශනයන් උනන්දුවෙන් යුතුව නැරඹුවෙමි. රාත්‍රී ආහාර ගන්නා වේලාවට එය විකාශය වූ අවස්ථාවන්හිදී නිරායාසයෙන් ම මම රූපවාහිනිය ඉදිරිපිට අසුන් ගෙන, ටොං සෑම් කොං භික්ෂුව බටහිර දෙසට උන්වහන්සේගේ ගෝලයන් තිදෙනා වන සන් ගෝ කොං, චූ පැට් කායි සහ ෂා වූ චිං සමග ශුද්ධ වූ පොත් සොයා යන සංකීර්ණ ගමන තුළ ගිලී එය නැරඹුවෙමි. ඊට පසු දා පාසලේදී, මා මගේ පන්තියේ මිතුරන් සමග විකාශය වුණු කොටස් ගැන කතාබහ කළේ, නපුරු බලවේග පරාජය කිරීමට ගෝ කොං දක්වන දක්ෂතාව ගැන අගය කරමින් හෝ පැට් කායිගේ අහංකාර හා අලස හැසිරීම්වලට සිනාසෙමිනි. සන් ගෝ කොං සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය කර ඇති බව ත්, ටොං සෑම් කොං භික්ෂුව සැබවින් ම ශුද්ධ වූ පොත්පත් සොයමින් බටහිර දෙසට ගමන් කළ බව ත් මගේ පියා මට පැවසූ විට මම තවත් පුදුමයට පත් වුණෙමි. මනඃකල්පිත වන්නේ, ඇත්ත වශයෙන් ම, ගෝලයින් තිදෙනා සහ ඔවුන්ට මගදී හමු වන නපුරු බලවේගයන් ය. \"ටොං සෑම් කොං භික්ෂුවගේ ගමන පුරාවට ම නිතර මතුවන මානුෂීය ගුණාංග ගෝලයන් තිදෙනාගෙන් සංකේතවත් කරනවා,\" මගේ පියා පැවසීය. හුදෙක් විනෝදය සඳහා ඉන්ටර්නෙට්හි මම මේ පිළිබඳව යම්තාක් දුරකට සෙවුවෙමි. සත්‍ය වශයෙන් ම, විවිධ මාර්ගගත ෆෝරම්වල මෙන් ම ශාස්ත්‍රීය ලිපි කිහිපයක ම සිටි බොහෝ පරිශීලකයින්, 'Journey to the West' පිළිබඳව සාකච්ඡා කළේ, එය මිනිස් ජීවිතය සහ බෞද්ධ ඉගැන්වීම්වල විවිධ වටිනාකම් ගැන කියැවෙන උපදේශාත්මක කතාවක් ලෙස ය. නිදසුනක් වශයෙන්, ඇතැමෙකු පවසන්නේ, ගෝ කොං, පැට් කායි සහ වූ චිං දුකට ප්‍රධාන වශයෙන් හේතු වන ද්වේෂය, රාගය සහ මෝහය යන ත්‍රිත්වය සංකේතවත් කරන බව ය. මෙම ටෙලි නාට්‍යය එම නමින් ම වූ චෙං'එන් විසින් රචිත ජනප්‍රවාදගත නවකතාවේ අනුවර්තනයක් වේ. එය චීන භික්ෂුවක් වන හියුංසාං හිමි ඍජුව ම බෞද්ධ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමට එය බිහි වූ ඉන්දියාවට ගිය ගමනෙන් ආභාෂය ලබා තිබේ. හියුංසාං හිමි 629 වසරේදී චීනයෙන් පිටත් වී 631 වසරේදී කාශ්මීරයට වැඩම කළහ. 633 වසරේදී ගංගා නදියේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි බෞද්ධයන්ගේ පූජනීය භූමියට වැඩම කිරීමට පෙර උන්වහන්සේ එහි වූ භික්ෂූන් සමග ඉගෙනුම් කටයුතුවලට සම්බන්ධ වූ බව කියනු ලැබේ. ඉන්දියාවේ පිහිටා ඇති බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ පූජනීය ස්ථාන නැරඹීමට අමතරව, උන්වහන්සේ පුරාණ බෞද්ධ ඉගෙනීමේ මධ්‍යස්ථානය වන නාලන්දාවේ බොහෝ කාලයක් ගත කළහ. 643දී හියුංසාං හිමි ඉන්දියාව හැර ගොස් වසර දෙකකට පසුව නැවත චීනයට වැඩම කළහ. උන්වහන්සේ ආපසු වැඩ ම කළේ, සංස්කෘත භාෂාවෙන් ලියැවුණු පූජනීය බෞද්ධ ග්‍රන්ථ 657ක් සහ ධාතු 150ක් සමග ය. ඒ සියල්ල පෙට්ටගම් 520ක අසුරා අශ්වයින් 20 දෙනෙකු විසින් ගෙන යනු ලැබිණි. 664දී හියුංසාං හිමි අපවත්වන තුරු ම උන්වහන්සේට එම ග්‍රන්ථ 657න් පරිවර්තනය කිරීමට හැකි වූයේ 75ක් \"පමණි\". කෙසේ වෙතත්, එයට වැදගත් මහායාන බෞද්ධ ග්‍රන්ථ කිහිපයක් ඇතුළත් වේ. හියුංසාං හිමි මහායානයේ ගුරුකුලයක් වන යෝගාචාර දර්ශනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ බව කියනු ලැබේ. පොදුවේ ගත් කල, පර්යේෂකයන් ගණන් බලා ඇත්තේ, පළමු සියවසේදී පමණ බුදු දහම චීනයට ඇතුළු වූ බව ය. කෙසේ වෙතත්, බෞද්ධ විද්වතෙකු වන එඩ්වඩ් කොන්ස් පැවසුවේ, මෙම ඉගැන්වීම මධ්‍යම ආසියාව හරහා ක්‍රිස්තු පූර්ව 70 සහ 50 අතර චීනයට ගෙන ආ බව ය. එසේ වුව ද, බු දු දහම - විශේෂයෙන් ම මහායාන සම්ප්‍රදාය - චීනයේ වේගයෙන් වර්ධනය වූයේ තුන්වන සියවසේ හන් රාජවංශයේ බිඳවැටීමෙන් පසුව ය. \"වසර 500 පමණ වන විට චීනය පුරා ම බුදු දහම ක්‍රමයෙන් වර්ධනය වුණු අතර, අසංඛ්‍යාත ආරාම ගණනක් සහ භික්ෂූන් වහන්සේලා සඳහා කැටයම් කරන ලද ලෙන් හදමින් එය ශීඝ්‍ර දියුණුවක පැවතිණි,\" කොන්ස් පැවසීය. චීනයේ බුදු දහම වර්ධනය වීම සහ ලාඕ ට්සුගේ තාඕවාදයේ පිබිදීම සිදු වූයේ එක ම කාලයේදී ය. \"පස්වන සියවස දක්වා ම බොහෝ තාඕවාදීන් බුදු දහම තාඕවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තවත් එක් ක්‍රමයක් ලෙස සැලකුවා,\" කොන්ස් පැවසීය. බෞද්ධ ඉගැන්වීම් කොන්ෆියුසියස්වාදයේ අනුගාමිකයින්ට ද පිළිගත හැකි ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම ඉගැන්වීම් තුන එකිනෙක බැඳී පවතින අතර චීන සමාජයේ ජීවිත හැඩගැස්වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 645දී පූජනීය බෞද්ධ ග්‍රන්ථ සිය ගණනක් රැගෙන ආ හියුංසාං හිමි ඉන්දියාවෙන් ආපසු පැමිණීම, චීනයේ බුදු දහමේ දියුණුව තවදුරටත් දිරිමත් කළේ ය. 500-800 කාලය තුළ, මධ්‍යමිකා, යෝගාචාර සහ වජ්‍රයාන උප සම්ප්‍රදායේ දේශීය ගුරුකුල ඇසුරෙන්, අවම වශයෙන් බුදු දහමට සම්බන්ධ ගුරුකුල අටක් චීනයේ බිහි විය. චීනය හරහා මහායාන බුදු දහම පසුව කොරියාවට සහ ජපානයට ව්‍යාප්ත විය. අනෙක් අතට, බුදු දහමේ මුල් ඉගැන්වීමක් වන ථෙරවාදය ක්‍රිස්තුස් වහන්සේගේ උපතට බොහෝ කලකට පෙර නේපාලය, කාශ්මීරය සහ ශ්‍රී ලංකාව දක්වා ව්‍යාප්ත විය. ඉන්දුනීසියාව ඇතුළු අග්නිදිග ආසියාතික රටවලට බුදු දහම ඇතුළු වූයේ, හින්දු බලපෑම්වලින් පසුව බව කොන්ස් පැවසීය. එම කාලය තුළ හින්දූන්ගේ වෙළෙඳ මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම පමණක් නොව ඔවුන්ගේ වන්දනා ක්‍රම සහ සංස්කෘතිය ද ගෙන එන ලද බව කොන්ස් පැවසීය. හත්වන සියවසේ ඉන්දියාවට වැඩම කරමින් සිටියදී සුමාත්‍රාහි නතර වූ චීනයේ භික්ෂුවක වන යී චිං ගේ සටහන්වලට අනුව, එකල ථෙරවාද බුදු දහම ශ්‍රීවිජය රාජධානියේ ආධිපත්‍යය දැරීය. නාලන්දාවට නොඅඩු බෞද්ධ පාසලක් ද, ඉන්දියාවේ මෙන් ම ඉගැන්වීම් හා කාර්යයන්හි නිරත වූ භික්ෂූන් වහන්සේලා 1000කට අධික සංඛ්‍යාවක් එහි වැඩ වාසය කළ බව ද එහි සඳහන් වේ. කෙසේ වෙතත්, ශ්‍රීවිජය රාජධානිය තුළ මහායාන අනුගාමිකයින් කිහිප දෙනෙක් ද සිටිති. සත්‍ය වශයෙන් ම, වජ්‍රයාන සම්ප්‍රදාය ද එහි පවතින බවට සලකුණු ඇති බව දේවධර්මාචාර්ය හරුන් හැඩිවිජොනෝ පැවසීය. පාලෙම්බන්ග් අවටින් හමුවූ ශිලා ලේඛන කිහිපයක සඳහන් වූ කරුණු අනුව පෙනී යන පරිදි, හරුන් පැවසුවේ, ශ්‍රීවිජය රාජධානිය තුළ මහායාන බලපෑම ශක්තිමත් වී ඇත්තේ මෑතකදී ය. මධ්‍යම ජාවාහි, සයිලේන්ද්‍ර රාජවංශයට අයත් මෙඩං රාජධානියේ (මාතරම් රාජධානියේ) රජවරුන් සහ ජනතාව මහායාන බෞද්ධයන් යැයි කියනු ලැබේ. එක් සාක්ෂියක් නම්, බොරෝබුදුර් විහාරයේ ඇති ප්‍රතිමා සමහරක් මහායාන සම්ප්‍රදාය අනුව නිර්මාණය වීමයි. මෙම විහාරය වසර 800 ගණන්වල සයිලේන්ද්‍ර රාජවංශයේ සමරතුංග රජුගේ පාලන සමයේදී ගොඩනගන ලද්දක් බව දන ගැනීම වටී. මේ අතර, හරුන් සඳහන් කළේ, 13 සිට 16 වන සියවස දක්වා මජාපාහිත් රාජධානියේ යුගයේදී \"සමමුහුර්තවාදය එහි උච්චතම අවස්ථාවට පැමිණි\" බව ය. \"ඉන් පෙනී යන්නේ ශිව, විෂ්ණු සහ මහායාන බුදු දහම යනුවෙන් සහජීවනයෙන් හා සාමයෙන් එකට ජීවත්වන චින්තන ගුරුකුල තුනක් ඇති බව යි,\" හරුන් පැවසීය. \"ඒ කියන්නේ සාමාන්‍යයෙන්, මිනිස්සු තවමත් ආගම් තුනට අදාළ වන නමස්කාර ක්‍රම, ජීවන රටාවන් සහ විධි ක්‍රම පවත්වාගෙන යනවා.\" කොන්ස් මෙම පිළිවෙත දකින්නේ, තන්ත්‍රයානික හෝ වජ්‍රයාන-නැඹුරු බුදු දහමේ \"ආන්තික ස්වරූපයක්\" ලෙස ය. කෙසේ වෙතත්, 14 වන සහ 15 වන සියවස්වල හින්දු-බෞද්ධ රාජධානියේ බිඳවැටීමත් සමග බුදු දහම අතුරුදහන් වී යාම සිදු විය. ඉන්දුනීසියාව තුළ ඉස්ලාම් ආගම වර්ධනය වීම ඊට එක් හේතුවක් විය. නිදහසින් පසු බුදු දහම 20 වන සියවසේ මුල් දශකවලදී, ලන්දේසීන් ඉන්දුනීසියාව යටත් විජිතයක් බවට පත් කරගෙන සිටි අවධියේ, බොහෝ බෞද්ධයන් චීන සම්භවයක් ඇති අය වූ අතර ඔවුහු බොහෝ විට මහායාන බුදු දහම, තාඕවාදය සහ කොන්ෆියුසියස්වාදයේ අංග මිශ්‍ර වූ පන්සල් වන්දනා කළහ. චීන සම්භවයක් ඇති ජනයා මෙම ඉගැන්වීම් ත්‍රිත්වය ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන්නක් ලෙස සැලකූහ. කෙසේ වෙතත්, එකල ධර්ම දේශන හෝ ආගමික ඉගැන්වීම් සිදු නොවුණු අතර, විහාරස්ථානවල වැඩ සිටි චීන භික්ෂූන් වහන්සේලා අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කිරීමෙහි ලා වැඩි වශයෙන් සම්බන්ධ වූ \"චාරිත්‍ර විශේෂඥයින්\" යැයි පැවසිය හැකි බව ජැක් මැන්ග්-ටැට් චියා විසින් සිය Kiprah Para Mahabhiksu (2022) නම් ග්‍රන්ථයේ සඳහන් කර ඇත. අනෙක් අතට, යටත්විජිත යුගයේ එවැන්ජලිස්තවරුන්ගේ පැමිණීමත් සමග වැඩි වැඩියෙන් බෞද්ධයන් ආගම වෙනස් කරනු ඇතැයි යන කනස්සල්ල ඇති විය. මේ හේතුවෙන්, දැන් ඉන්දුනීසියානු ත්‍රිධර්මයේ පියා ලෙස හඳුන්වනු ලබන වෙළෙන්දෙකු සහ ලේඛකයෙකු වන ක්වී ටෙක් හෝයි චීන සම්භවයක් ඇති ජනතාව තම මුතුන් මිත්තන්ගේ ඉගැන්වීම් තුන අඛණ්ඩව ආරක්ෂා කිරීම සහතික කිරීමට සටන් කළේ ය. ඔහු 1932 වසරේ සිට බෞද්ධ ඉගැන්වීම් නිතිපතා සාකච්ඡා කළ 'Moestika Dharma' සඟරාව ප්‍රකාශයට පත් කළ අතර විහාරස්ථාන, වැඳුම් පිදුම් කරන ස්ථාන පමණක් නොව බුදු දහම ඉගෙන ගත හැකි ස්ථාන බවට පත් කිරීමට දිරිමත් කළේ ය. 1934 වසරේදී, ක්වී විසින් ත්‍රිධර්මයේ අනුගාමිකයින්ට උපකාර කිරීම සඳහා සම් කව් හ්වී (ආගම් තුනේ සංගමය) පිහිටුවන ලදී. එම වසරේ ම ශ්‍රී ලාංකික භික්ෂුවක වන නාරද මහා ස්ථවිරයන් වහන්සේ ඉන්දුනීසියාවට වැඩම කරවීම ද ඔහු විසින් සංවිධානය කෙරිණි. මෙය වැදගත් වන්නේ, වසර 500කට පසු ජාවා වෙත පැමිණි පළමු ථෙරවාදී භික්ෂුව නාරද මහා ස්ථවිරයන් වහන්සේ වීම හේතුවෙනි. උන්වහන්සේගේ සති තුනක සංචාරය අතරතුර, නාරද හිමි බොරෝබුදුර් විහාරස්ථානයට ගොස් දේශන පැවැත්වූ අතර ජාවා දූපතේ විවිධ ප්‍රදේශවල විහාරස්ථාන සහ දේවධර්ම සංගම් සමග සහයෝගයෙන් කටයුතු කළහ. කෙසේ වෙතත්, බුදු දහමේ පුනර්ජීවනය සඳහා හැරවුම් ලක්ෂ්‍යය සිදු වූයේ නිදහසින් පසු ය. ටී බෝන් අන් එහි පුරෝගාමියා විය. ටී මුල් වරට බුදු දහමට නිරාවරණය වූයේ චීන විහාරස්ථානවලදී වන අතර ඒවායේ ඉගැන්වූ ධර්මය පිළිබඳව දේවධර්ම සංගම්වල සිදු වූ විවිධ සාකච්ඡාවලින් ඉගෙන ගත්තේ ය. ජපන් ආක්‍රමණය අවසන් වූ පසු, ටී නෙදර්ලන්තයේ ග්‍රොනින්ගන් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව හැදෑරීය. ඔහු එහි ගත කළ වසර පහ තුළ බුදු දහම කෙරෙහි ඔහු තුළ වූ උනන්දුව තවත් වැඩි විය. එබැවින්, ඔහු තම අධ්‍යාත්මික මග යාම සඳහා අධ්‍යයන කටයුතු නතර කර 1951දී ඉන්දුනීසියාවට ආපසු යාමට තීරණය කළේ ය. ඉන්දුනීසියාවට පැමිණි පසු ඔහු චීන ප්‍රජාවට බෞද්ධ ඉගැන්වීම් ඉගෙන ගැනීමට හැකි වන පරිදි විහාරස්ථානවල විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කළේ ය. 1953 මැයි 22 දින ඔහු බොරෝබුදුර් විහාරස්ථානයේ ජාතික වෙසක් උත්සවයක් පැවැත්වූ අතර එයට බෞද්ධයන් 3000ක් පමණ සහභාගී වූහ. මෙය ඉතිහාසගත සිදුවීමක් වූයේ, එය මජාපාහිත් යුගයෙන් පසු බොරෝබුදුර්හි පැවති පළමු වෙසක් උත්සවය වූ බැවිනි. ටී පසුව මහායාන භික්ෂූන්ගේ මගපෙන්වීම යටතේ ආධුනික භික්ෂුවක බවට පත් විය. මුලදී, ඔහු චීනයේ පැවිදි වීමට අදහස් කළේ ය. කෙසේ වෙතත්, ඔහුට එහි යාමට අපහසු විය. ඇතැම් විට ඒ චීනය 1949 වසරේදී මහජන චීන සමූහාණ්ඩුව ලෙස ප්‍රකාශයට පත් කළ දා සිට පැවති ආගමික කණ්ඩායම්වලට වූ සීමා කිරීම් නිසා විය හැකි ය. මහායාන පැවිද්ද ලබා ගැනීම දුෂ්කර වූ නිසා ටී ථෙරවාද සම්ප්‍රදාය ඇති වෙනත් රටවල විකල්ප සෙව්වේ ය. ඔහු 1953 දෙසැම්බර් මාසයේදී මියන්මාරයට යාමට තීරණය කළේ ය. එහිදී, ටී, අෂින් ජිනරක්ඛිත නමින් ථෙරවාදී භික්ෂුවක ලෙස පැවිදි වන තෙක් පුහුණුව ලැබීය. මජාපාහිත් යුගයෙන් පසු ඉන්දුනීසියාවෙන් බිහි වූ පළමු භික්ෂුව බවට ද ඔහු නිල වශයෙන් පත්විය. 1955 වසරේදී ඉන්දුනීසියාවට ආපසු වැඩම කිරීමෙන් පසු, අෂින් හිමි වසර දෙකක කාලයක් පුරා ඉන්දුනීසියාව වටා සංචාරය කළේ බෞද්ධ ඉගැන්වීම්, විශේෂයෙන් චීන සම්භවයකින් තොර ප්‍රජාවන් වෙත ප්‍රචාරය කිරීමට ය. ඔහුට අවශ්‍ය වූයේ බුදු දහම සෑම කෙනෙකුට ම ළඟා කර වීම ය. ඒ කාලයේදී ම, අෂින් හිමි බුද්ධායන සම්ප්‍රදාය ආරම්භ කළේ, ඉන්දුනීසියාවේ බහුවිධ සංස්කෘතියට සහ භාෂාවට ගැළපෙන \"ඉන්දුනීසියානු බුදු දහමක්\" ප්‍රවර්ධනය කිරීමේ දැක්ම ඇතිවය. බුද්ධායන, එනම් \"බුදුන්ගේ වාහනය\" යන්න, සියලු සම්ප්‍රදායන් ඇතුළත් බෞද්ධ ප්‍රඥාවේ හරය රැගෙන යන බව කියනු ලැබේ. \"අෂින් ජිනරක්ඛිත හිමි නිකායික බුදු දහම 'පරිශුද්ධ' බුදු දහමක් ලෙස සලකන මත විවේචනය කළා,\" චියා සිය ග්‍රන්ථයේ සඳහන් කර ඇත. \"[බුද්ධායන] බෞද්ධයන්ට මහායාන, ථෙරවාද සහ වජ්‍රයාන බුදු දහමේ ප්‍රතිපත්ති සහ භාවිතයන් අතරින් තෝරා ගැනීම් සිදු නොකර ඒවා ගවේෂණය කිරීමට අවස්ථාව ලබා දෙනවා.\" ප්‍රායෝගිකව, අෂින් හිමි අවධාරණය කළේ, බෞද්ධයන් එක් ගුරුකුලයක පිළිවෙත් කෙරෙහි පමණක් අවධානය යොමු නොකළ යුතු බව ත් අනෙක් පිළිවෙත් වැරදි ලෙස නොසැලකිය යුතු බව ත් ය. 1980 ගණන්වල උන්වහන්සේ ථෙරවාදී පන්නයේ සිවුරු පළඳිමින් මහළු මහායාන භික්ෂුවකගේ පෙනුම ගැනීමට රැවුල පවා වැවූහ. බුද්ධායන සම්ප්‍රදාය වර්ධනය වන්නට විය. ඉන්දුනීසියාවේ නවක භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා දැනුමින් පෝෂණය කිරීමට සහ ක්‍රියාශ්‍රීලී බෞද්ධ ප්‍රජාවක් ගොඩනැගීමට අෂින් හිමි සමත් වූහ. එමෙන් ම, බුදු දහමේ ප්‍රතිරූපය තවදුරටත් චීන සම්භවයක් ඇති ජනයාගේ ආගමක් ලෙස නොපෙනෙන ලෙස වෙනස් කිරීමට ද උන් වහන්සේ සමත් වූහ. \"උන්වහන්සේ නව ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එය චීන ආගමේ සිට බහු වාර්ගික ආගමකට - චීන සහ ස්වදේශිකයන් සඳහා - නූතන ජාතික රාජ්‍යයක් තුළ බුදු දහමේ ප්‍රතිරූපය වෙනස් කළා,\" චියා පැවසීය. 1965 පමණ වන තෙක් සියල්ල හොඳින් පවතින බවක් පෙනිණි. අභ්‍යන්තර බෙදීම් සහ මහා ක්‍රිස්තියානිකරණය කලකට පෙර ඉන්දුනීසියාවේ කොමියුනිස්ට් පක්ෂය යුගයේදී, අදේවවාදය ප්‍රවර්ධනය කිරීම වැඩිහිටියන් පමණක් නොව දරුවන් ද ඉලක්ක කර ගත්තේ ය. ළදරු පාසල්වල දරුවන් පවා එවැනි අදහස්වලින් විෂ ගැන්වීය. නිදසුනක් වශයෙන්, ගුරුවරියක් තම සිසුන්ට දෙවියන්ගෙන් රසකැවිලි ඉල්ලා සිටීමට උගන්වයි. ගුරුවරිය කී මග යමින් දරුවෝ එක්ව දෑස් පියාගෙන දෑත් ඔසවමින් \"අනේ දෙවියනේ අපිට රසකැවිලි දෙන්න,\" යැයි පවසති. එවිට ගුරුවරිය \"දැන් ඇස් අරින්න. ඔබේ අතේ රසකැවිලි තිබේ ද?\" අසයි. \"නෑ මිස්\" යනුවෙන් දරුවන් පිළිතුරු දෙති. එවිට ගුරුවරිය ද පිළිතුරු දෙමින්, \"ඇත්ත වශයෙන් ම නැහැ. ඒ කියන්නේ දෙවියෝ කියලා කෙනෙක් නැහැ,\" යනුවෙන් පවසයි. මෙය බුදියවන් 1970 ගණන්වල ප්‍රාථමික පාසලේ සිට උසස් පාසල දක්වා ඔහුගේ ගුරුවරුන්ගෙන් බොහෝ විට පාසලේදී අසා ඇති ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය ආගම් විරෝධී යැයි ලේබල් කරන ලද කතා කිහිපයෙන් එකකි. එහි සම්පූර්ණ කතාව 'Breaking the Inheritance of Memories: Anti-Communist Discourse and Post-Soeharto Reconciliation Politics (2004)' කෘතියේ ඇතැයි ඔහු පැවසීය. සාමාන්‍යයෙන් ආගමික ගුරුවරුන් සහ පංචශීල සදාචාර අධ්‍යාපනය (PMP) විෂය උගන්වන ගුවරුන් මෙම කතා රෝපණය කිරීමේ මාධ්‍යය වේ. එපමණක් නොව, ගුරුවරු බොහෝ විට එය ජාතික උත්සවලදී, ආගමික නිවාඩු හෝ විශේෂයෙන් සෑම ඔක්තෝබර් 1 දිනක ම පංචශීලයේ \"පාරිශුද්ධත්වය\" සිහිපත් කරන ජාතික නිවාඩු දිනවල සිදු කරති. 1965 සැප්තැම්බර් මස අගදී හමුදා ජෙනරල්වරුන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ මහ මොළකරු බවට චෝදනා එල්ල වූ ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය, \"එක් සර්වබලධාරී දෙවියෙකු කෙරෙහි විශ්වාසය තැබීම\" යන පංචශීලයේ පළමු මූලධර්මය (විශේෂයෙන්) අවලංගු කිරීමට උත්සහ කරන බවට සලකනු ලැබීය. මෙම ක්‍රියාව ඉන්දුනීසියානු ජාතියේ ස්වභාවයට පටහැනි ලෙස සැලකේ. සුහර්තෝගේ ආණ්ඩුව \"එක් දෙවියෙකු කෙරෙහි විශ්වාසය\" තැබීමේ වැදගත්කම අවධාරණය කළ අතර කොමියුනිස්ට්වාදයට එරෙහිව සටන් කිරීමට ආගම මෙවලමක් ලෙස භාවිත කළේ ය. මෙම ප්‍රතිපත්තියට ප්‍රතිචාර වශයෙන් අෂින් ජිනරක්ඛිත භික්‍ෂුව සිය බුද්ධායන ව්‍යාපාරය තුළ සං හියං ආදි-බුද්ධ සංකල්පය හඳුන්වා දෙන ලදී. චියා සිය ග්‍රන්ථයේ \"ආරම්භයක් නොමැති බුදු රජාණන් වහන්සේ\" ලෙස පරිවර්තනය කරන සං හියං ආදි-බුද්ධ, එක ම දෙවියන් යන සංකල්පයේ බෞද්ධ අනුවාදය ලෙස ඉදිරිපත් කරයි. මෙම සංකල්පය නැගෙනහිර ජාවාහි මෙඩං රාජධානියේ (මාතරම් රාජධානියේ) පළමු රජු වූ අම්පූ සින්ඩොක්ගේ පාලන සමයේදී එනම්, 10 වන සියවසේදී ලියැවුණු ග්‍රන්ථයකින් ආරම්භ වූ බව අෂින් භික්ෂුව අවධාරණය කළේ ය. \"බුදු දහම සහ සං හියං ආදි-බුද්ධ සංකල්පය දිගු කලක් පුරා ඉන්දුනීසියානු ඉතිහාසයේ කොටසක් වී තිබුණු බව තහවුරු කරන්න අෂින් ජිනරක්ඛිත හිමි ඓතිහාසික තහවුරු කිරීම් මත විශ්වාසය තබනවා,\" චියා පැවසීය. සුහර්තෝ රජයට මෙම අදහස පිළිගත හැකි නමුත් සියලු ම බුද්ධායන අනුගාමිකයෝ ඊට එකඟ නොවූහ. චියා පැහැදිලි කළ පරිදි, බුද්ධායන සමූහයේ සිටි ථෙරවාදී භික්ෂූන් කිහිප දෙනෙකු අෂින් හිමි සැලකුවේ \"බුද්ධ-ධර්මයේ සත්‍ය ඉගැන්වීම්වලින් බැහැරව\" සිටින භික්ෂුවක ලෙස ය. ශ්‍රී ලංකාවේ නාරද මහා ස්ථවිරයන් වහන්සේ අෂින් හිමිගේ ශිෂ්‍යයෙකුට ලිපියක් පවා යවා, \"කරුණාකර ඔබේ ගුරුවරයාට බුදු දහමේ දෙවියෙකු නොමැති බව කියන්න,\" යැයි පැවසූහ. පොදුවේ ගත් කල, බුදු දහමේ දේවත්වය පිළිබඳ සංකල්පය විශ්වයේ නිර්මාතෘ ලෙස සර්වබලධාරී චරිතයක් විශ්වාස කරන ස්වර්ගීය සැපතක් අපේක්ෂා කරන ආගම්වලට වඩා වෙනස් ය. ඉතා සරලව කිවහොත් බුදු දහමේ දේවත්වය යනු, පුද්ගලකරණය නොවූ නිවන ම වේ. සං හියං ආදි-බුද්ධ සංකල්පය දේශපාලන බලපෑම් මත සහ සුහර්තෝගේ යුගයේ බුදු දහමේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීමට අවශ්‍ය යැයි හැඟී බිහි වුණ ද අවසානයේ එය අභ්‍යන්තර බෙදීම් ඇති කිරීමට හේතු විය. ථෙරවාදී සහ මහායාන සම්ප්‍රදායන්ට අයත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් බුද්ධායනය විසින් පිහිටුවන ලද සංඝ සමාජයෙන් ඉවත් වී තම තමන්ගේ ම සංඝ සමාජයක් පිහිටුවීමට තීරණය කළහ. අනෙක් අතට, ඉන්දුනීසියාවේ චීන සම්භවයක් ඇති පුරවැසියන් තවමත් තම මව් රට සමග සබඳතා පවත්වන බවට ත්, කොමියුනිස්ට ව්‍යාපාරයට සම්බන්ධ බවට ත් ඇති වූ සැකය නිසා සුහර්තෝගේ රජය ද ඔවුන් එරට මහ ජාතියට අන්තර්ග්‍රහණය කර ගැනීමේ ප්‍රතිපත්ති මාලාවක් නිකුත් කළේ ය. එම ප්‍රතිපත්තිය හරහා චීන නම් භාවිතය, භාෂාව සහ එය භාවිත කර ලිවීම තහනම් කරයි. චීන ආගමික ක්‍රියාකාරකම්, විශ්වාසයන් සහ සිරිත් විරිත් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළ නොහැක. චීනයේ මාධ්‍ය, දේශපාලන හා සමාජ සංවිධාන සහ පාසල් ද විසුරුවා හැරිණි. සියලු ම පුරවැසියන් ඉන්දුනීසියාවේ නිල ආගම් පහෙන් එකක් තෝරා ගැනීම රජයේ අවශ්‍යතාවයි. සත්‍ය වශයෙන් ම, මීට පෙර විධිමත් ලෙස ආගම වැළඳ නොගත් චීන සම්භවයක් ඇති ඇතැම් අය අවසානයේ බෞද්ධ වීමට තීරණය කළහ. කෙසේ වෙතත්, චීන සම්භවයක් ඇති බොහෝ ජනයා තමා බුදු දහම හෝ කොන්ෆියුසියස්වාදය වැළඳගතහොත් තමන් චීනයට හෝ කොමියුනිස්ට්වාදයට සම්බන්ධ යැයි රජය සිතනු ඇතැයි බියෙන් ක්‍රිස්තියානීන් වීමට තීරණය කර ඇතැයි කියනු ලබන බව ජර්සන් බෙනියා නාර්චිසෝ සිය Christianization in New Order Indonesia (1965-1998) නම් අධ්‍යයනයේ ලියා ඇත. චීන ජනතාව පමණක් නොව, ජාවා දූපත් ජනතාව ද, විශේෂයෙන් ම කොමියුනිස්ට් පක්ෂයට සහය දැක්වූ බහුතරයක් රෙපරමාදු හෝ කතෝලික දහම වැළඳ ගැනීමට රොක් වූ බව ආමොස් සුකම්ටෝගේ Tensions Between Religious Groups during the Old Order to the Beginning of the New Order (2013) නමැති අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව පෙනී යයි. 1966-1971 කාලපරිච්ඡේදය තුළ මිලියන 2කට වැඩි ජාවා දූපත් වැසියන් පිරිසක් කිතුනුවන් බවට පත් වූ බව නාර්චිසෝ සඳහන් කළේ ය. \"1965න් පසු, මධ්‍යම ජාවාහි, සමහර විට කතෝලිකයන් ලෙස බව්තීස්ම වීමට පෝලිමේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව පල්ලියේ සාමාජික සංඛ්‍යාවටත් වඩා වැඩි වුණා\" නාර්චිසෝ ලිවීය. ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ දත්තවලට අනුව, රෙපරමාදු සහ කතෝලික ක්‍රිස්තියානීන් සංඛ්‍යාව 1971දී ඉන්දුනීසියාවේ මුළු ජනගහනය වන මිලියන 118.37න් 7.4% දක්වා ළඟා විය. මේ අතර, 1990දී එම ප්‍රතිශතය මිලියන 179.25 ජනගහනයෙන් 9.6%ක් දක්වා ඉහළ ගියේ ය. ඒ අතර ම, බෞද්ධයන්ගේ ප්‍රතිශතයේ සාපේක්ෂව වෙනසක් නොවිණි; එය 1971 වසරේදී 0.9%ක් සහ 1990දී ආසන්න වශයෙන් 1%ක් පමණ විය. විනෝදයට මෙන් දශක ගණනාවක් ත්‍රිධර්ම දේශකයකු ලෙස ක්‍රියාකාරීව කටයුතු කරන මගේ පියාගෙන් මම මේ ගැන ඇසුවෙමි. පියා පැවසුවේ, සත්‍ය වශයෙන් ම බෞද්ධයන්ගෙන් \"විශාල පිරිසක්\" ක්‍රිස්තියානුවන් බවට පත් වුණු බව ය. \"කිතුනුවන් සහ කතෝලිකයන් ඉලක්ක කරන්නේ චීන ජාතිකයන්,\" ඔහු පැවසීය. \"ඒ විතරක් නෙවෙයි,චීන ජනතාවගේ ප්‍රතිපත්තිය තමයි, 'කලබල වෙන්න එපා. හැම ආගම ම හොඳයි,\" යන්න ය. ඉන්දුනීසියානු පන්නයේ බුදු දහම මේ වන විට බෞද්ධ ප්‍රජා මාර්ගෝපදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මග පෙන්වීම යටතේ සංවිධාන 40ක් පමණ පවතින බව ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශය සඳහන් කරයි. එක් බෞද්ධ නිකායකට සංවිධාන කිහිපයක් තිබිය හැකි බැවින් මෙම අගයෙන් ඉන්දුනීසියාවේ නිකාය ගණන සත්‍ය ලෙස ම පිළිබිඹු නොවේ. කෙසේ වෙතත්, ඉන්දුනීසියාවේ බෞද්ධයන් සංඛ්‍යාවෙන් සුළුතරයක් ලෙස පැවතුණ ද ඔහු තවමත් නිදහසේ සිට බෞද්ධ ඉගැන්වීම්වල වර්ධනය සිදු වූ ආකාරය පෙන්වා දෙයි. ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ දත්තවලට අනුව, 2022 වන විට ඉන්දුනීසියාවේ බෞද්ධයන් මිලියන 2.02ක් හෝ මුළු ජනගහනයෙන් 0.73%ක් සිටිති. ඉන්දුනීසියාවේ නිල රාජ්‍ය ආගම් හයෙන්, බෞද්ධයන් සංඛ්‍යාව වැඩි වන්නේ කොන්ෆියුසියස් අනුගාමිකයින් සංඛ්‍යාවට පමණි. එය එම වසරේ ම මුළු ජනගහනයෙන් 0.03%ක් හෝ 74,899 ක් ලෙස වාර්තා විය. ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන යන සම්ප්‍රදායන් තුනට විශේෂිත වූ වෙනත් සංවිධාන ද පිහිටුවා තිබුණත් බුද්ධායනය මෙම ඉගැන්වීම් තුන සඳහා වේදිකාවක් ලෙස කටයුතු කරයි. බුද්ධායන යටතේ සිටින පිරිස වෙනස් වන්නේ අෂින් ජිනරක්ඛිත භික්ෂුව විසින් ඇති කරන ලද සං හියං ආදි-බුද්ධ සංකල්පයෙනි. \"[බුද්ධායනයෙන් පිටත] අනෙකුත් බොහෝ සම්ප්‍රදායන්ට මෙම සංකල්පය පිළිගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් එක් ගුරුකුලයකට පමණක් යොමු වන නිසා,\" යනුවෙන් සාගින් ථෙරවාදී භික්ෂුවක වන ධීරපන්නෝ හිමි පැවසූහ. \"අපි ඉන්නේ බුද්ධායනයේ නම්, මම ථෙරවාදියෙක් වුණත්, ඉන්දුනීසියාවේ බුද්ධාගම පිළිබඳ අවබෝධයක් ගන්න මම අනිවාර්යයෙන් ම මහායාන සහ වජ්‍රයාන ඉගෙන ගත යුතුයි.\" එහි වර්ධනයේදී, බුද්ධායනය ඉන්දුනීසියාවේ විවිධ ප්‍රදේශවල ජනතාවගේ සංස්කෘතියට හෝ ජන විඥාණයට ගැළපෙන ලෙස අනුවර්තනය වීමට \"නම්‍යශීලී\" වූ බව ද කියනු ලැබේ. නිදසුනක් වශයෙන්, ජාවා දිවයිනේ ප්‍රදේශ කිහිපයක බුද්ධායනයේ වජ්‍රයාන අනුගාමිකයින් ද කෘතඥතාව පළ කිරීමේ ආකාරයක් ලෙස දේවි ශ්‍රී දෙවියන්ට වන්දනාමාන කරන අතර ඒ හරහා හොඳ අස්වැන්නක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ. 15 වන සියවසේ අග භාගයේ සිට 16 වන සියවසේ මුල් භාගය දක්වා වරක් පජජරන් රාජධානිය මෙහෙය වූ සිලිවංගි රජුගේ අවතාරය යැයි ප්‍රදේශවාසීන් විශ්වාස කරන කළු සහ සුදු පැහැති කොටි ප්‍රතිමාවක් සඳහා බෝගෝර්හි මහා බ්‍රහ්ම විහාරය සහ පන් ඛෝ විහාරය ද ඉඩ ලබා දී තිබේ. එපමණක් නොව, පජජරන් රාජධානි යුගයේ සිට ඉස්ලාමීය දේශකයින් රැසකගේ සොහොන් සහ ස්මාරක ද දක්නට ලැබේ. ඇත්ත වශයෙන් ම, මුස්ලිම් ජාතිකයින්ට යාච්ඥා කිරීමට වෙන්වූ කාමරයක් තිබේ. මෙම විහාරස්ථාන මුලදී බුදු දහම, තාඕවාදය සහ කොන්ෆියුසියස්වාදයේ අංගයන් ඒකාබද්ධ කළ චීන ආගමික ස්ථානයක් වූ දැන ගැනීම වටී. සාමාන්‍යයෙන් චීනයේ ජනප්‍රවාදවල සිටින විවිධ දෙවි දේවතාවුන්ගේ ප්‍රතිමා ද තිබේ. \"බොහෝ විට, ප්‍රතිමාවක් සාදනු ලබන්නේ චීනයේ ගමක් වෙනුවෙන් යම් සේවයක් කළ අයෙකු සඳහා වන අතර එමගින් ප්‍රදේශවාසීන්ට ඔවුන්ගේ සේවය මතකයේ තබා ගන්න අවශ්‍ය ඉඩ සලසන බව,\" මගේ පියා දිනක් පැවසීය. මෙම සම්ප්‍රදාය ඉන්දුනීසියාවට ද ගෙන යන ලදී. එබැවින්, දිවංගත හිටපු ජනාධිපති ගුස් දුර් හෙවත් අබ්දුර්රහ්මාන් වහීඩ්ගේ ඡායාරූපයක් සහිත පූජාසනයක් මාගෙලංහි හොක් අං කියොන්ග් විහාරස්ථානයේ තිබීම සාමාන්‍ය දෙයකි. සෑම විට ම මිනිසුන්ට එහි පැමිණ ඔහු වෙනුවෙන් වන්දනාමාන කළ හැකි පරිදි එය ස්ථාපනය කර ඇත. ගුස් දුර් ඉන්දුනීසියාවේ චීන සම්භවයක් ඇති පුද්ගලයින් සඳහා විශාල සේවයක් කළ බව සැලකේ. විශේෂයෙන් ම ඉහු 2000 වසරේදී චීන ආගමික ක්‍රියාකාරකම්, විශ්වාසයන් සහ සිරිත් විරිත් ප්‍රසිද්ධියේ තහනම් කිරීමේ සුහර්තෝගේ ප්‍රතිපත්තිය අවලංගු කළේ ය. මේ නිසා දැන් චීන අලුත් අවුරුදු උත්සව, විවෘතව හා සජීවීව පැවැත්වීමට ඉඩහසර ලැබී තිබේ. විශේෂයෙන් ත්‍රිධර්මය පිළිපදින චීන ජාතිකයන් සඳහා විහාරස්ථාන වඩා ත් ගැළපෙන ආගමික ස්ථාන ලෙස සැලකේ. කෙසේ වෙතත්, චීන සෑම දෙයක් ම පාහේ කොන් කළ සුහර්තෝගේ ප්‍රතිපත්තිය නිසා බොහෝ විහාරස්ථාන \"ආරක්ෂිත ස්ථාන\" බවට පත් කිරීම සඳහා ආරාම බවට පත් කිරීමට බල කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා බොහෝ විට බෞද්ධයන් සඳහා විශේෂිත පූජනීය ස්ථාන ලෙස දක්නට ලැබේ. සුහර්තෝගේ පාලනයෙන් එල්ල වූ දේශපාලනික බලපෑම් නිසා ඉන්දුනීසියාවේ ත්‍රිධර්ම සංවිධානය අවසානයේ බෞද්ධ ප්‍රජා මාර්ගෝපදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මගපෙන්වීම යටතේ පැවතිණි. ඒ හැරුණු විට තවත් විවිධ බෞද්ධ සම්ප්‍රදායන් ඉන්දුනීසියාවේ බිහි වී වර්ධනය වී ඇත. ජපානයෙන් දායාද වුණු නිචිරෙන් ෂෝෂු ඉන් එකකි. එහි නිර්මාතෘ නිචිරෙන් දයිශෝනින් ධර්මය පරිහානියට පත්වන කාලයේ පහළ වූ බුදුවරයෙකු ලෙස සැලකේ. සිද්ධාර්ථ ගෞතම යුගයෙන් පසු මීළඟ බුදුන් වහන්සේ යැයි කියන මෛත්‍රී බුදුන් ගැන විශ්වාස කරන චීනයේ මෛත්‍රී බුදුන් මුල් කර ගත් සාම්ප්‍රදාය ද ඇත. ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ බෞද්ධ ප්‍රජා මාර්ගෝපදේශ අධ්‍යක්ෂ ජනරාල් සුප්‍රියාදි බලාපොරොත්තු වන්නේ, දැනට පවතින සියලු ම බෞද්ධ සංවිධාන හෝ නිකායන්වලට එක ම කලාපයක සාමකාමීව පවතිමින් එකිනෙකාගේ වෙනස්කම් පිළිගෙන කටයුතු කළ හැකි බව ය. \"[විවිධ සම්ප්‍රදායන්ට අයත් මිනිසුන්] වඩා ත් ම නිවැරදි දහම අපේ, අපේ තමයි පාරිශුද්ධ බව වැඩි ම කියලා එකිනෙකාට දොස් පවරා ගැනීමේ අවදානමක් තියෙනවා,\" සුප්‍රියාදි පැවසීය. \"මෙන්න මේකෙන් තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ.\"",
"Title": "ඉන්දුනීසියාවේ බුදු දහම ගැන ඔබ මෙම කරුණු දැන සිටියා ද?"
} |
{
"Text": " බොහෝ යුවතියන් මෙන් රොෂෙල් ද යුග දිවියට එළඹුණේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳ ගෙන ය. නමුත්, විවාහ වී වසරකුත් ගත වීමට ප්‍රථම ඇය මැවූ සිහින බිඳ වැටුණේ ඇය ද නොසිතු අයුරිනි. මේ වන විට 29 හැවිරිදි වියේ පසුවන රොෂෙල් දික්කසාද නඩුවක පැමිණිලිකාර පාර්ශවය වී අවසන් ය. තම රැකියාවෙන් උපයා ගන්නා මුදල් නීති කටයුතු සඳහා වැය කිරීමට දැන් ඇයට සිදුවී ඇත. රොෂෙල් යනු, මෙම ලිපියේ කතා නායිකාවගේ සත්‍ය නාමය වෙනුවට ඇයගේ අනන්‍යතාව සුරැකීම වෙනුවෙන් අප විසින් භාවිත කරනු ලබන අන්වර්ථ නාමයකි. ඉකුත් මාසයේ මෙරට මාධ්‍ය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ, 2020 වසරේ සිට \"ශ්‍රී ලංකාවේ විවාහ වන්නන් අතර දික්කසාදවල ඉහළ යාමක්\" දක්නට ලැබෙන බව ය. රොෂෙල් විශ්වාස කරන පරිදි තම විවාහය දෙදරා යාමට බලපෑ ප්‍රධානතම සාධකය, තම ස්වාමි පුරුෂයා සහ ඔහුගේ මව අතර පැවති \"පමණ ඉක්මවූ බැඳීම\" ය. ඔවුන් වෙන්ව වෙනත් නිවසක වාසය කළ ද එය ඔවුන්ගේ පවුල් ජීවිතයට දිගින් දිගට ම බලපෑම් එල්ල කළ බව ඇගේ මතය යි. අවස්ථා ගණනාවකදී ම රොෂෙල් තම විවාහය රැක ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරුවා ය. නමුත් ඒ සියලු ප්‍රයත්නයන් නිෂ්ඵල වූ තැන ඇයට සිදු වූයේ නීතියේ පිහිට පැතීම ය. සමාජ විද්‍යාත්මකව බැලූ කල, සමාජ ව්‍යුහයේ කුඩා ම සංවිධානාත්මක ඒකකය පවුල ය. පවුල කුඩා ම සමාජ ඒකකය වුවත් එයට සමාජය තුළ හිමි වන්නේ, ඉතා වැදගත් ස්ථානයක් යන්න සමාජ විද්‍යඥයින්ගේ මතයයි. ඊට හේතුව පුද්ගලයින්ගේ කායික, මානසික, සමාජයීය හා භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට පවුල දායක වන බැවින් යැයි ඔවුහු පෙන්වා දෙති. \"ලංකාවේ දික්කසාදවලට හේතුවක් දරුවෝ කසාද බැන්දට පස්සෙවත් ඒ අයව අත් නොහරින කෙහෙල්මල් දරු සෙනෙහස,\" එක්තරා සමාජ මාධ්‍ය සටහනක සඳහන් විය. රොෂෙල් පමණක් නොව, එවැනි ආකාරයේ අර්බුදවලට මැදි වූ තරුණ කතුන් බොහෝ දෙනෙකුගේ ගැටලු සමාජ මාධ්‍ය පිරික්සීමේදී සොයා ගැනීම අපහසු නොවේ. නයෝමි [සැබෑ නම නොවේ] ද විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තම පෙම්වතා සහ ඔහුගේ මව අතර ඇති අසීමාන්තික බැඳීම නිසා උභතෝකෝටික ගැටලුවකට මැදි වී සිටින තරුණියකි. මෙරට ඇතැම් මාධ්‍ය විසින් ද \"අම්මා එක, බිරිඳ දෙක,\" යන සංකල්පය උත්කර්ෂයට නංවන අයුරු පසුගිය කාලය තුළ අපි දුටුවෙමු. ඒ අනුව, \"පවුල් සංස්ථා බිඳ දමන සමාජයේ ඔඩු දුවන ගැටලුවක් බවට පත්ව ඇති\" මෙම මව-පුතු බැඳීම වටා ඇති ප්‍රශ්න සඳහා සාධනීය පිළිතුරක් සෙවීමේ අභිප්‍රායෙන් බීබීසී සිංහල, උපදේශන මනෝ විද්‍යාඥවරියක වන ආචාර්ය භාග්‍යා අබේසිංහ සමග සහ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් සමග සංවාදයක යෙදුනෙමු. මේ ඒ සම්බන්ධයෙන් ලියැවෙන ලිපියකි. 'මේ සර්කල් එක ඇතුළේ ඉන්න ඕනේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විතරයි...' මනෝවිද්‍යාව සහ උපදේශනය සම්බන්ධ කථිකාචාර්යවරියක ද වන පෞද්ගලික රෝහල් රැසක උපදේශන මනෝ විද්‍යාඥවරියක ලෙස ද සායනික කටයුතුවලට සම්බන්ධ වන ආචාර්ය භාග්‍යා අබේසිංහ මෙම සංවාදයට මුල පිරුවේ මෙලෙසිනි. \"පුතෙක් විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ, ඒ විවාහ ජීවිතය ඇතුළේ එයාගේ සර්කල් එකේ ඉන්න පුළුවන් තමන්ගේ බිරිඳ පමණයි. ඒ කියන්නේ, මේ සර්කල් එක ඇතුළේ ඉන්න ඕනේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විතරයි. දරුවෙක් තමයි ඒ සර්කල් එකට අලුතින් එකතු වෙන්නේ.\" ඇය පැහැදිලි කළේ, දෙවම්පියන් ඇතුළත් විය යුත්තේ, දෙවන පිරිසට බව ය. ඉන්, මව හෝ පියා නොසලකා හැරීමක් අදහස් නොකරන බව ඇය පෙන්වා දුන්නා ය. විවාහ ජීවිතයකට ඇතුළු වූ පසු තම සහකරු හෝ සහකාරිය සමග යහපත් සහසම්බන්ධතාවක් පවත්වා ගෙනයාමේ වගකීම දෙපාර්ශවයට ම පැවරෙන බව ඇය අවධාරණය කළා ය. \"අන්න එතැනදී පුතාලා දැන ගන්න ඕනේ, අම්මා කියන්නේ අම්මට, බිරිඳ කියන්නේ බිරිඳට. බිරිඳට අම්මා වෙන්නත් බැහැ, අම්මාට බිරිඳ වෙන්නත් බැහැ. මෙන්න මේ කියන කාරණාව තේරුම් ගන්නවා නම් සහ බිරිඳ ඉන්න ඕනේ තැන බිරිඳට දීලා, අම්මා ඉන්න ඕනේ තැන අම්මාට දුන්නා නම්, ඔය ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ,\" ඇය පැවසුවා ය. මවත් පිරිමි දරුවත් අතර පවතින බැඳීම එම දරුවා වැඩිහිටි වියට පත්වීමත් සමග යම් ආකාරයකින් වෙනස් විය යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ ය. 'මගේ පුතා, මගේ පුතා, මගේ පුතා…' ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නේ, සායනවලදී තමන් ලද අත්දැකීම් අනුව, බිරිඳ කෙතරම් සමබරව සිටිය ද තම පුත්‍රයාගේ පවුල් ජීවිතයට ගැටලු ඇතිවන ලෙස කටයුතු කරන මව්වරුන් සිටින බව ය. \"බිරිඳ කෙතරම් සමබරව හිටියත්, අම්මලා ඉන්නවා මගේ පුතා, මගේ පුතා, මගේ පුතා කියලා කියාගෙන. ඇත්ත, පුතා තමයි, නමුත්, පුතා කසාද බැන්දට පස්සේ, පුතාගේ පවුල් ජීවිතයට ප්‍රශ්න ඇතිවෙන විදිහට ම කටයුතු කරන අම්මලත් ඉන්නවා,\" ඇය පැවසුවා ය. විවාහ වන වයසේ පුතෙකු සිටින මවක යනු, බොහෝ විට මැදිවියේ පසුවන කාන්තාවක බව ඇය සඳහන් කළා ය. එවැනි කාන්තාවන්ගේ සිතුම් පැතුම් චර්යාවන් සහ වෙනස් කිරීම අපහසු බව ඇය පෙන්වා දුන්නා ය. එවැනි අවස්ථාවක, තම මවගේ ස්වභාවය අවබෝධ කරගෙන ඒ අනුව පුරුෂයෙකු කටයුතු කළ යුතු බව ඇය පැහැදිලි කළා ය. ඇය අවධාරණය කළේ, විවාහ දිවියට එළඹීමෙන් පසු හෝ දරුවන් ලැබුණු පසු එවැනි ගැටලුකාරී තත්ත්වයන් විසඳෙනු ඇතැයි සිතීම නිෂ්ඵල ක්‍රියාවක් බව ය. තම විවාහයට ප්‍රථම එවැනි අත්දැකීම් රොෂෙල් ලබා තිබුණ ද ඒවා වර්තමානයේ තමන් සිටින තත්ත්වය දක්වා උග්‍රවනු ඇතැයි ඇය නොසිතුවා ය. ආචාර්ය භාග්‍යා අබේසිංහ සඳහන් කළේ, තම සායනවලදී එලෙස පීඩාවට පත් වුණු කාන්තාවන් සැලකිය යුතු ගණනක් තමන්ට හමු වී ඇති බව ය. 'ගොඩක් වෙලාවට පුතාලා තමයි වැරැද්ද කරන්නේ...' දෙවම්පියන් කෙරෙහි ඇති ආදරය නොවෙනස්ව පවත්වා ගෙන යා යුතු බව ආචාර්යවරියගේ මතය යි. නමුත් අනවශ්‍ය ලෙස මව, පියා, සහෝදර සහෝදරියන් හෝ යහළුවන් තම පවුල තුළට එකතු කර ගැනීම එතරම් සුබදායී නොවන බව ඇය පැහැදිලි කළා ය. \"ගොඩක් වෙලාවට පුතාලා තමයි වැරැද්ද කරන්නේ. පුතා අම්මගේ හැටිත් දන්නවා බිරිඳගේ හැටිත් දන්නවා. හැබැයි, ‘නෑ... ඕක දෙන්න එකට ඉන්නකොට හරි යාවි,’ කියලා දෙන්නත් එක්ක එක ගෙදරක ඉන්නවා,\" ඇය තම අත්දැකීම් ඇසුරින් සඳහන් කළා ය. \"ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර තියෙන ප්‍රශ්නය, දැන් අද හවස ඇවිළුණොත්, අද රෑට රණ්ඩු වෙලා නිදාගෙන, හෙට උදේ වෙනකොට මේ ප්‍රශ්නේ ඉවරයි. හැබැයි උදේ නැගිට්ටට පස්සේ, අම්මා පුතාට තියෙන ආදරේ හින්දා, අම්මා එතැනින් දවස පටන් ගන්න පුළුවන්. 'ඊයේ රෑ මගේ එකාට කන්නත් නැහැ, ඊයේ රෑ දෙන්න හොඳට ම රණ්ඩු වුණා,' මෙහෙමයි කියලා. ඔන්න එතකොට අම්මලාගේ ස්වභාවය එළියට එන්න පුළුවන්.\" විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද සඳහන් කළේ, පුතෙකු තම මව කෙරෙහි පවතින ආදරය අඩු නොකළ යුතු බව ය. නමුත් එම ආදරය බාහිර පුද්ගලයින් සමග ජීවත් වීමට බාධාවක් නොකර ගත යුතු බව ඔහු පැවසීය. \"අපි දකිනවා සමහර වෙලාවට මේ පවුල් ජීවිතවල ගැටලු ඇති වෙනවා විවාහයෙන් පස්සේ. ඒ ස්වාමි පුරුෂයා භාර්යාවත් එක්ක අලුත් ජීවිතයක් ගත කරන්න පෙළඹෙනවාට වඩා, අර මවගේ ආදරය නිරන්තරයෙන් ලබා ගන්න, ඒ නිවසට ම වෙලා ඉන්න, සහ මවගෙන් සුළු වේලාවකට හරි වෙන්ව සිටීමට දක්වන අකමැත්ත නිසා භාර්යාව සමග හොඳ බැඳීමක් ඇති කර ගන්න නොහැකි වෙන අවස්ථා,\" මනෝවෛද්‍යවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, එවැනි අවස්ථාවලදී යහපත් තීරණ ගැනීමට නොහැකි වන බව ත් මව දරුවන්ගේ කටයුතුවලට \"ඇඟිලි ගැසීම නිසා\" බිරිඳ මව \"සතුරෙකු\" ලෙස දකින බව ත් ය. \"මවත් දුක් වෙනවා තමන්ට දරුවාගේ ආදරය අහිමි වුණා කියලා. එතකොට මවත් තමන් සමග වැඩි කාලයක් ගත කරන්න කියලා දරුවට බල කරනවා. භාර්යාව සමග ගත කරන කාලය ගැන ඊර්ෂියාසහගතව බලන්න පුළුවන්. පවුල් ජීවිතේ කටයුතුවලට අනවශ්‍ය විදිහට උපදෙස් දෙන්න යනවා. ඒ වගේ දේවල් නිසා පවුල් ඇතුළේ අවුල් ඇති වෙන්න පුළුවන්.\" ඔහු පැහැදිලි කළේ ය. 'මොකට ද ඔය ෆෝන් එක ඇඳට අරගෙන යන්නේ?' විවාහ වී දින කිහිපයකට පසු රොෂෙල් අත්විඳි තවත් සිදුවීමක් විය. ඒ, තම සැමියා රාත්‍රී නිදි යහනට පැමිණෙන විට ජංගම දුරකතනය රැගෙන ඒම ත්, එය ත් සමග වැඩි කාලයක් ගත කිරීමත් ය. රොෂෙල් පවසන පරිදි තම සැමියා ඔහුගේ මව සමග දුරකතනයෙන් කතා බස් කිරීමට තෝරා ගත්තේ, තමා සමග ගත කිරීමට තිබුණු කාලය යි. එය වරක් දෙවරක් නොව, නොනවත්වා සිදුවීම ඇය කලකිරීමට පත් කරවන්නක් විය. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ සන්නිවේදනය මුළුමනින් ම පාහේ බිඳ වැටීම පමණක් නොව, ඔවුන්ගේ ලිංගික ජීවිතයට ද ප්‍රබල ලෙස බලපෑම් එල්ල විය. \"දෙන්නා තමන්ගේ නිදා ගන්න ඇඳට ගියා ම, දෙන්නත් එක්ක ලිංගිකව හැසිරෙන්න ම ඕනේ නැහැ. තුරුළු වෙලා ඉන්න, කතා කරන්න, ආගිව්මන්ට් එකක් යන්න, අදහස් හුවමාරුවක් කරන්න, මොනවා හරි දෙයක් ප්ලෑන් කරන්න පුළුවන්. මොකට ද ඔය ෆෝන් එක ඇඳට අරගෙන යන්නේ? එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ,\" ආචාර්ය භාග්‍යා අබේසිංහ පැහැදිලි කළා ය. ඇය පෙන්වා දුන්නේ, යුවළක් වෙන්ව ජීවත් වීමේදී තම දෙවම්පියන් පිළිබඳව සොයා බැලිය යුතු බව ත් එය නිදි යහනට පැමිණීමට ප්‍රථම සිදු කිරීමට හැකියාවක් පවතින බව ත් ය. \"රෑට නිදාගන්න ඇඳට ගිහිල්ලා අම්මා එක්ක කතා කරන්න අවශ්‍යතාවක් නැහැනේ. ඊට කලින් පුතා දැනගන්න ඕනේ අම්මට කතා කරන්න. දුව දැනගන්න ඕනේ අම්මට කතා කරන්න. අම්මා ගැන හොයලා බලන්න. හදිසි කෝල් එකකදී ඇරෙන්න.ඇඳට ආවට පස්සේ ම, මම නම් කියන්නේ ෆෝන් එක පැත්තකින් තියන එක තමයි වඩා ත් ම සුදුසු,\" ඇය පෙන්වා දුන්නා ය. 'අම්මා එක්ක කතා කළ ත් වැරදි වෙන බිරින්දෑවරු ඉන්නවා... එතකොට වින්දිත පාර්ශවය වෙලා තියෙන්නේ පිරිමියා...' උපදේශන මනෝ විද්‍යාඥවරිය සඳහන් කළේ, බිරින්දෑවරුන් විසින් ගැටලු ඇති කරනු ලබන අවස්ථා ද තම වෘත්තීය ජීවිතයේදී හමුවී ඇති බව ය. එවැනි අවස්ථාවලදී වැඩි වශයෙන් ස්වාමි පුරුෂයා පීඩාවට පත්වන බව ඇය පෙන්වා දුන්නා ය. \"තවත් සමහර අවස්ථා තියෙනවා. ඕකේ ම අනිත් පැත්ත. අම්මගේ කිසි ම වරදක් නැහැ. ඇත්තට ම අම්මා අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න එන්නෙත් නැහැ. අම්මා ඉතින් පුතාට කතා නොකර ඉන්නේ නැහැනේ. කතා කරලා කොහොම ද කින්ද මන්ද කියලා හොයලා බලනවනේ. හැබැයි ඒක දරා ගන්න බැරි බිරින්දෑවරු ඉන්නවා,\" යැයි ඇය සඳහන් කළේ තම වෘත්තීය අත්දැකීම් ඇසුරෙනි. \"එතකොට ඒ වෙලාවට පුතා අසරණ වෙනවා, අම්මා එක්ක කතා කරන්නත් ඕනේ, අම්මව බලන්නත් ඕනේ, හැබැයි අම්මා එක්ක කතා කළත් වැරදි වෙන බිරින්දෑවරු ඉන්නවා. මට එහෙම බිරින්දෑවරුත් මුණගැහිලා තියෙනවා. එතකොට වැඩිපුර ම පීඩාවට පත් වෙලා තියෙන්නේ, වින්දිත පාර්ශවය වෙලා තියෙන්නේ පිරිමියා,\" ඇය තව දුරටත් පැවසුවා ය. ඇය සඳහන් කළේ, අවස්ථා තුනකදී මෙවැනි ගැටලු ඇති විය හැකි බව ය. ඉන් එකක් ලෙස ඇය පෙන්වා දුන්නේ, මව සහ බිරිඳ සමග ඇති සම්බන්ධතාව කළමනාකරණය කර ගැනීමට ඇතැම් ස්වාමි පුරුෂයින් අපොහොසත් වීම ය. අනෙක් අවස්ථාව, මවක තම ලේලියට වෙනස්කම් කිරීම ය. \"අම්මා පුතාට ආදරෙයි, හැබැයි ලේලිව ගණන් ගන්නේ නැහැ. ලේලිට ආදරේ නැහැ. පුතාට මාළු කෑලි දෙකක් බෙදනවා. ලේලිට මාළු හොදි ටිකක් විතරක් බෙදනවා. එහෙම නැත්නම්, කසාද බැඳපු පුතාට, සුදු පුතා, චූටි පුතා, මගේ පුතා කියලා කතා කරනවා. හැබයි බිරිඳට කතා කරන්නේ නම කියලා.\" තුන්වන අවස්ථාව, \"බිරින්දෑවරු හිතාගෙන ඉන්නවා, කසාද බැන්දට පස්සේ අම්මා ගැන ඔච්චර හොයන්නේ මොකට ද? මෙයා විතර ද ළමයෙකුට ඉන්නේ? මෙයාගෙයි අම්මගෙයි තියෙන්නේ පුදුම කතාවක් නේ. මට හොරෙන් මොනවා ද අම්මලා පුතාලට තියෙන කතා,\" ලෙස ඇය පැහැදිලි කළා ය. ඇතැම් බිරින්දෑවරුන්ගේ එවැනි හැසිරීම් සඳහා ඔවුන්ගේ පෙර අත්දැකීම් බලපෑ හැකි බව ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නා ය. කුඩා කල සිට ම අවධානය යොමු කළ යුතු යි මෙවැනි ගැටලු ඇති වීම වළක්වා ගැනීමට දෙවම්පියන්ට දරුවන් කුඩා කල සිට ම පියවර ගත හැකි බව ආචාර්යවරියගේ මෙන් ම මනෝවෛද්‍යවරයාගේ ද අදහස විය. විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, දෙමව්පියන් සහ දරුවන් අතර පවතින බැඳීම වඩා ත් නිරෝගී විය යුතු බව ය. එම බැඳීමේ පවතින ගුණාංග අනුව ඉන් ලැබෙන ප්‍රතිඵලවල ස්වභාවය තීරණය වන බව ඔහු පැවසීය. ඔහු පෙන්වා දුන්නේ, \"කුඩා කාලයේදී දෙවම්පියන් සහ දරුවන් අතර වෙනස් නොවන බැඳීමක් තියෙන්න ඕනේ. නැත්නම් දරුවන් වැඩිහිටි වුණා ම බැඳීම් ගැන අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්,\" යනුවෙනි. එසේ නොවන අවස්ථාවලදී දරුවෙකු වැඩිහිටි බවට පත් වූ පසු ඔහු හෝ අයට සබඳතා පිළිබඳ ගැටලු පැන නගින බව මනෝවෛද්‍යවරයා පැහැදිලි කළේ ය. නමුත් මවක සහ පිරිමි දරුවෙකු අතර පවතින බැඳීම එම දරුවා නව යොවුන් වියට පත් වීමේදී යම් ආකාරයක වෙනස් වීමකට භාජනය විය යුතු බව ඔහු පැවසීය. \"මවත් පිරිමි දරුවත් අතර බැඳීම ළමා කාලයේදී වැදගත් වුණාට තරුණ කාලය වන විට ඒ බැඳීම්වල වෙනස්කම් ඇති වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට, පිරිමි දරුවා නව යොවුන් වයසට එනකොට ඔහු වඩා ත් ස්වාධීන වෙන්න උත්සහ ගන්නවා. ඒ උත්සහ ගන්නේ, සමාජයට ගැළපෙන සහ අත්‍යවශ්‍ය වන පෞරුෂත්ව ලක්ෂණ ඉගෙන ගන්න. අලුත් අත්දැකීම් ලබන්න උත්සහ ගන්නවා, අලුත් යහළුවෝ හොයා ගෙන යනවා, අනන්‍යතාවක් ගොඩනගා ගන්නවා, අවදානම් ගන්න පෙළඹෙනවා. මෙන්න මේ වගේ දේවල්වලදී ඔහු ස්වාධීනව වැඩ කරන්න ඉගෙන ගන්නවා,\" ඔහු සඳහන් කළේ ය. ආචාර්ය භාග්‍යා අබේසිංහ ද මනෝවිද්‍යාඥවරයෙකු වන එරික් එරික්සන්ගේ ළමා සංවර්ධන අවධි ඇසුරින් ඒ පිළිබඳව පැහැදිලි කළා ය. \"අපි මනෝවිද්‍යාවේදී කතා කරනවා යහපත් දෙමව්පියකරණය. අනවශ්‍ය විදිහට දරුවාට බලපෑම් කරන්න ගිහිල්ලා, දරුවාගේ පෞරුෂයට හානි නොකර ඉන්න එකේ වගකීම තියෙන්නේ අම්මාට තාත්තාට. ඒ වගකීම දරුවා ඉපදිච්ච දවසේ ඉඳන් ම තියෙනවා. දරුවා එක එක අවධි පහු කරගෙන යනකොට, ඒ දරුවාට අවශ්‍ය කරන රැකවරණය, සහයෝගය අවබෝධයෙන් යුතුව දෙන්න ඕනේ.\" ඇය පෙන්වා දුන්නේ, දරුවන් ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවධීන් පසුකර යාමේදී ඔවුන්ගේ පෞරුෂය ගොඩනැගෙන ආකාරයට දෙමව්පියන් කටයුතු කළ යුතු බව ය. \"එතැනදී මුල් ළමා විය සංවර්ධනය කියන කාල සීමාව, නව යොවුන් අවධිය කියන කාල සීමාව විශේෂයෙන් ම වැදගත් වෙනවා. මොක ද ඒ අවධීන්වලදී නිසි දැනුවත්භාවය, ඒ සහයෝගය නැති වුණාට පස්සේ තමයි අර දරුවාගේ පෞරුෂය නැති වෙලා යන්නේ. නැත්නම් හීන පෞරුෂයක් ගොඩනැගෙන්නේ. එහෙම දරුවෙකුට කසාද බැන්දත් ඊළඟට කරන්නේ මොකක් ද කියලා හිතා ගන්න බැහැ. අම්මා ද නෝන ද කියලා හිතා ගන්න බැහැ. හරි වෙලාවට හරි තීරණයක් ගන්න බැහැ,\" ඇය පැවසුවා ය. රොෂෙල් පැවසූ පරිදි ඇගේ සැමියා ද තීරණ ගැනීමේදී දුර්වලතා පෙන්වා තිබේ. ඔහු පහසුවෙන් අන් අය පවසන දෑ අනුව තම ස්ථාවරය වෙනස් කරන පුද්ගලයකු ලෙස රොෂෙල් හඳුනා ගෙන තිබේ. විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද පෙන්වා දුන්නේ, සමාජයට ගැළපෙන පෞරුෂයක් නොමැති, සමාජ කුසලතා නොමැති පුද්ගලයෙකු විවාහ ජීවිතයට ඇතුළු වූ පසු ගැටලු ඇති විය හැකි බව ය. \"දරුවෙකුට සහකම්පනය කියන එක දිය යුතු ම යි,\" ආචාර්ය භාග්‍යා අබේසිංහ අවධාරණය කළා ය. \"හේතුව සහකම්පනය නැති මිනිස්සු කසාද බැන්දත්, සහකම්පනය නැති මිනිස්සු රස්සාවක් කළත්, සහකම්පනය නැති මනුස්සයෙක් පවුලක හිටියත්, එක හා සමානව දුක සහ වේදනාවක් තමයි අනෙක් වටේ ඉන්න පාර්ශවයන්ට ලැබෙන්නේ.\" රොෂෙල් තම ස්වාමි පුරුෂයා සමග එක්ව ගත කළ කෙටි කාලය තුළ ලද \"දරුණුතම\" අත්දැකීම ඔහු තුළ සහකම්පනය නොමැති වීම ය. මේක අපේ සංස්කෘතියේ අවුලක් ද? අප \"යහපත්\" සංස්කෘතියක් ඇති රටක ජීවත් වුව ද එහි ඇති ඇතැම් ලක්ෂණ දරුවන්ගේ පෞරුෂයට හානි කරන බව ආචාර්ය භාග්‍යා අබේසිංහ බීබීසී සිංහල සමග අදහස් දක්වමින් පැවසුවා ය. ඇය සඳහන් කළේ, දරුවන්ට තීරණ ගැනීමේ අයිතිය පවා නොදෙන දෙමව්පියන් සිටින බව ය. \"පුතා හොඳට ම දන්නවා, මට ගැළපෙන්නේ මේ වගේ කෙනෙක්, මේ වගේ කෙනෙක් තමයි කසාද බඳින්න ඕනේ කියලා. හැබැයි වැරදිලාවත් ඒ කෙනාට අම්මා තාත්තා අකමැති වුණොත්, අපේ මේ සංකෘතිය ඇතුළේ තියෙන සමහර කාරණා නිසා, 'නෑ... නෑ... අපි කියන කෙනා තමා බඳින්න ඕනේ. ඔය මගුල කරගත්තොත් අපි නෑ කියලා හිතන්න,' ඕනේ කියලා ඔන්න අර නොගැළපෙන කෙනෙක්ව අම්මලා තාත්තලා එකතු වෙලා කසාද බන්දලා දෙනවා,\" ඇය පැහැදිලි කළා ය. රොෂෙල්ගේ මතය වූයේ, බටහිර සමාජයේ මෙන් විවාහ වීමට ප්‍රථම, යුවළක් එකට වාසය කිරීම (living together) වැනි සංකල්ප සඳහා මෙරට තුළ ඇති තහංචිය කෙනෙකුට වඩා ත් සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක තෝරා ගැනීමට එක් අතකට අහිතකර බලපාන බව ය. විසඳුමක්? ප්‍රයෝගික ගැටලු නොමැති නම්, විවාහයෙන් පසු පවුල් ජීවිතය වෙන ම ස්ථානයක ආරම්භ කිරීම සුදුසු යැයි යෝජනා කරන බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද පෙන්වා දුන්නේ ආචාර්යවරියගේ ද එම අදහසට එකඟ වෙමිනි. යම් හෙයකින් විවාහය සම්බන්ධ ගැටලුවක් පවුල තුළ විසඳා ගැනීමට අපොහොසත් වේ නම්, ඒ සඳහා වෘත්තීයමය පළ පුරුද්දක් ඇති මනෝ උපදේශකවරයෙකු, මනෝ චිකිත්සකවරයෙකු, මනෝ විද්‍යාඥයෙකු හෝ මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම සුදුසු බව ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නේ ය. කෙසේ වෙතත්, මනෝවෛද්‍ය රූමි රූබන් සඳහන් කළේ, දෙවම්පියන් සමග පවතින අසීමිත බැඳීම සම්බන්ධ ගැටලු \"විවාහයට පෙර ම, ඇති වීමේ ලකුණු තියෙනවා නම්, විවාහය වෙනකම් සිටීමට අවශ්‍ය නැහැ, විවාහට පෙර ම පූර්ව විවාහ උපදේශනය සඳහා යොමු වෙන්න පුළුවන්,\" යනුවෙනි. \"ලේලිලාව පීඩනයට පත් කරන අම්මලාගෙන් මං අහන්නේ, ඒ අම්මා කැමති ද ඒ අම්මට දුවෙක් හිටියා නම්, ඒ දුවගේ මහත්තයා ඔය වගේ හැසිරෙනවාට. තමන්ගේ දුවට ඒක වෙනවට කැමති ද? කැමති නෑනේ. එහෙනම් අර දුවටත් ඒක වෙන්න ඉඩ තියන්න එපා. ඊළඟට මම බිරින්දෑවරුන්ගෙන් අහන්නේ, ඔයාට පුතෙක් හිටියා නම්, ඔයා කැමති ද ඔයාගේ ලේලි ඔය වගේ හැසිරෙනවාට? පුතාලගෙන් මං අහන්නේ, අම්මට අම්මගේ තැන දීලා, බිරිඳට බිරිඳගේ තැන දීලා, හරි විදිහට මධ්‍යස්ථව, තීරණ ගන්න පුළුවන් පෞරුෂයක් තියාගෙන හිටියා නම්, මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙනවා නේ ද? එහෙම ඇහුවට පස්සේ ගොඩක් වෙලාවට මේක සමථයකට පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා,\" ආචාර්යවරිය සඳහන් කළා ය. \"මම ඒ නිසා පොදුවේ කියන්නේ, අම්මා අම්මා ම යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ලොකු කැප කිරීමක් කරලා තමයි අම්මා කෙනෙක් වෙන්නේ. බිරිඳට ඒක දැනෙන්නේ, බිරිඳ අම්මා කෙනෙක් වෙච්ච දවසට. නමුත් මම යෝජනා කරන්නේ, මට තියෙන අත්දැකීම් එක්ක, විවාහ වුණාට පස්සේ, ප්‍රශ්නයක් වෙලා, නොහොඳ වෙලා වෙන් වෙනවාට වඩා, දෙපාර්ශවයේ ම අම්මලා තාත්තාලට සලකන්න, ආදරය කරන්න, බැඳීම් තියාගන්න, නොසලකා හරින්න එපා. හැබැයි, දෙන්න වෙන ම ඉන්න එක තමයි හොඳ ම,\" ඇය අවසන් වශයෙන් පැවසුවා ය.",
"Title": "පවුල් ජීවිත අවුල් කරන අසීමාන්තික මව-පුතු බැඳීම"
} |
{
"Text": " සුනඛයින් යනු වසර දහස් ගණනක සිට මිනිසා සමීපයේ සිටින සත්ත්වයෙකි. එහෙත් කිසිවෙකුගේ රැකවරණයක් නොමැතිව සුනඛයෝ විශාල පිරිසක් වීදිවල ජිවත් වෙති. එලෙස අම්පාරේ සිටින වීදී සුනඛයන් 150කට පමණ දිනපතා අහාර ලබා දෙන උප පොලිස් පරීක්ෂකවරයෙකු ගැන අපට අසන්නට ලැබිණි. ''මම හැමදාම සේවය අවසන් වෙලා කෑම දෙනවා. කොච්චර වර්ෂාව ආවත් වරද්දන්නෙ නෑ. අවුරුදු 13ක් තිස්සේ මේක කරනවා. මේ සතුන්ට බඩගිනි දැනුනට කතා කරන්න බෑ. ජීවත්වෙලා ඉන්නකන් මගේ වියදමින් මේක කරනවා.'' යනුවෙන් උප පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ BBC සිංහල සේවයට පැවසුවේය.",
"Title": "වීදී සුනඛයින්ට වසර 13ක් රැකවරණය දෙන පොලිස් SI"
} |
{
"Text": " ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මෙවර දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන ඉම්පීරියල් ස්පෝර්ට්ස් ගෘප් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදී ඉන් ඉවත් කිරීමට තරග සංවිධායකවරුන් විසින් තීරණය කර ඇත. ඒ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ සම හිමිකරු ලෙස කටයුතු කරන තමීම් රහ්මාන් නමැත්තා තරග පාවා දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මැයි 22 වෙනිදා නියෝග කිරීමත් සමගය. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංවිධායකත්වය මෙන්ම සන්නාම හිමිකාරිත්වය දරනු ලබන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් FZE හෙවත් IPG සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. එමෙන්ම LPL තරගාවලියේ 05 වන අදියර පෙර සැලසුම් කළ පරිදි ඉදිරියේ දී පැවැත්වෙන බවත් දඹුල්ල කණ්ඩායම සඳහා වූ නව හිමිකරුවන් පිලිබඳව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ. 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු මේ මස 31 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මැයි මස 22 වෙනිදා නියෝග කරනු ලැබීය. තමීම් රහ්මාන් නමැති මෙම සැකකරු මැයි මස 22 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදේශගත වීමට යාමේදී ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිය. ඔහු බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි බංග්ලාදේශ ජාතිකයෙකු වන බව පැවසෙයි. එල්ල වී ඇති චෝදනා මොනවාද ? ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල් පී එල් ක්‍රිකට් තරගාවලියේදී සිදුකිරීමට නියමිතව තිබූ මහා පරිමාණ තරග පාවාදීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගත් ගෙන ඇති බවය. \" ස්වාමීනි.... ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල් පී එල් ක්‍රිකට් තරගාවලියේදී සිදුකිරීමට නියමිතව තිබූ මහා පරිමාණ තරග පාවාදීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා\" \"මෙම සැකකරු මෙම සිද්ධියේ පැමිණිකරු සමග දීර්ඝ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. \" \"එසේම ඉකුත් අප්‍රේල් මස 22 වනදා මෙම සැකකරුගේ නියෝජිතයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැමිණිලිකරු හමු වී තිබෙනවා.\" \"හමුවී තරග පාවාදීම සිදුකරන ආකාරය පිළිබඳව පැමිණිලිකරු සමග සාකච්ඡා කර තිබෙනවා. ඊට අදාළ සියලු හඬ පට ද විමර්ශකයින් සතුව පවතිනවා.\" \"දඹුල්ල කණ්ඩායමට තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින් යොදාගෙන එල්. පී.එල් තරඟාවලියේදී තමන්ට අවශ්‍ය ආකාරයට තරග පාවාදීම් කටයුතු සිදු කිරීම මෙම සැකකරුගේ අරමුණ වී ඇති බව විමර්ශනවලදී පෙනී ගියා.\" \"තමා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් රැගෙන ආ බවත් සැකකරු සඳහන් කර තිබෙනවා\" රජයේ නීතිඥ උදාර කරුණාතිලක අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරණු ලැබිය. ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතේ 05 සහ 06 යන වගන්තිය යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී නොමැති නිසාත් තව දුරටත් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන නිසාත් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටින ලදී. 'ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ආයෝජනයක් අහිමිවී යන්න පුළුවන්' මේ අතර සැකකාර තමීම් රහ්මාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගොඩ්ෆ්‍රී කුරේ අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පැවසුවේ සාධාරණ සැකයකින් තොරව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඔහු විසින් මෙරටට රැගෙන ආ ආයෝජනය අහිමි වී යා හැකි බවය. \" ස්වාමීනි... මෙම සැකකරු අවුරුදු තිස් අටක් පමණ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි පුද්ගලයෙක්.\" \"ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සන්නාමයක් එක් කිරීමටයි.\" \"ඔහු මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් රැගෙන විත් තිබෙනවා. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඔහු අත්අඩංගුවට ගැනීම නිසා එම මුදල ශ්‍රී ලංකාවට අහිමිවීමට හැකියාව තිබෙනවා.\" \"පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කිසිදු සාක්ෂියකින් තොරවයි.\" \"මෙම සැකකරු මුදල් ගනුදෙනුවක් සිදුකළ බවට තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් හෝ වීඩියෝ සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ. \" \"මෙම සැකකරුගේ මුදල් කටයුතු භාරව ශ්‍රී ලංකාවේ කටයුතු කරන්නේ \"ශෂිකා\" නමැති අයෙක්. එම අයට සැකකරු විසින් ඇමෙරිකානු ඩොලර් 6000 ක මුදලක් ලබාදී තිබෙනවා. ක්‍රීඩකයින්ගේ කටයුතු මෙහෙයවීම සඳහායි එම මුදල ලබාදී තිබුණේ.\" \"මෙම සැකකරු මුදල් ගනුදෙනුවලට කිසිදු ආකාරයක සම්බන්ධ වී නැහැ.\" යනුවෙන් සඳහන් කළ විත්තියේ නීතිඥවරයා සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටින ලදී. එම අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ මෙම සැකකරු ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විශේෂ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් මෙම අවස්ථාවේදී ඇප සම්බන්ධයෙන් සලකා බැලීමට හැකියාවක් නොමැති බවය. ඒ අනුව සැකකරු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදී. රජයේ නීතිඥවරයාගෙන් ඉල්ලීමක් රජයේ නීතිඥවරයා තවත් ඉල්ලීමක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම නඩුකරයේ පැමිණිලිකරුගේ අනන්‍යතාවය සහ ඊට අදාළ ලේඛන සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ රහසිගත ලෙස අධිකරණය භාරයේ තාවකාලිකව රඳවා ගන්නා ලෙස ඉල්ලීමක් කරන ලදී. එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාල ලේඛන මීළඟ නඩු දිනය දක්වා අධිකරණයේ ආරක්ෂිත සේප්පුවේ රඳවා තැබීමට ද නියෝග කරන ලදී. 'දඹුල්ල තන්ඩර්ස්' හිමිකරුවන් කවුද ? පසුගිය වසරේ පැවති LPL තරගාවලියේ 'දඹුල්ල අවුරා' කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කළ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල මෙම වසරේදී එම කණ්ඩායමේ හිමිකාරිත්වයෙන් ඉවත් විය. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර දඹුල්ල කණ්ඩායමේ නව හිමිකරුවන් ලෙස ඉම්පීරියල් ස්පෝර්ට්ස් ගෘප් සමාගම ගිවිසුම් ගතවිය. එම සමාගමේ සම හිමිකරුවන් වන්නේ බංගලාදේශ ජාතිකයින් වන තමීම් රෙහෙමාන් සහ ගලාම් රාකීබ් වේ. තමීම් රෙහෙමාන් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකු වේ. මැයි මස 21 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ද දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මාන් එක්ව සිටියේය.",
"Title": "LPL තරගාවලිය : 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකාරිත්වය අහෝසි කරයි"
} |
{
"Text": " ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පැවැත්වෙන ජාතික මට්ටමේ ප්‍රධාන විභාග තුන ලෙස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග හැඳින්විය හැකිය. වසරකට මෙම විභාග තුන සඳහා ලක්ෂ ගණනක් සිසුහු පෙනී සිටිති. මුල් විභාග දෙකෙන් ම ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් වැඩි පාසලකට යාමට ද අවස්ථාව හිමිවන නිසා සහ උසස් පෙළ විභාගය යනු විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය කරන තීරණාත්මක විභාගයක් ද වන නිසා බොහෝ සිසු සිසුවියන් උත්සහ කරන්නේ තමාට හැකි උපරිමයෙන් මෙම විභාග සමත් වීමට ය. කෙසේ නමුත් මෑතක දී දිගින් දිගටම මෙම විභාග සම්බන්ධයෙන් විවිධ ගැටළුකාරී තත්වයන් පැන නැගුණි. මෑතක දී පැවැත්වූ බොහෝ විභාග වල දී ප්‍රශ්න පත්‍රය පිට වූ බවට ප්‍රචාරයන් පැතිරුණු අතර, ඇතැම් ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න වල නිරවද්‍යතාවය, පිළිතුරු සම්බන්ධ ගැටළු, විෂය නිර්දේශයෙන් පරිබාහිර කරුණු අඩංගු වීම වැනි ප්‍රශ්න මතු වී තිබුණි. ප්‍රශ්න පත්‍ර කලින් පිට වූ අවස්ථා මෑතක දී සිදු වූ කැපීපෙනෙන ප්‍රශ්න පත්‍ර පිටවීමක් ලෙස 2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිදුවීම හැඳින්විය හැකිය. ඒ අවස්ථාවේ දී පිට වූ ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර, ඒ වෙනුවට නැවත කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයට සහ දෙවන ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට එම විෂය හැදෑරූ සිසුන්ට සිදු විය. මීට අමතර ව වාර විභාග වල විවිධ පළාත්වලට අදාළ ප්‍රශ්න පත්‍ර පිටවීම් ද පසුගිය කාලයේ වාර්තා විය. 2012 වසරේ දී ද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයද කලින් පිට වූ අතර එහි දී විභාග දෙපාර්තමේන්තුව විසින් නිදහස් ලකුණු 19ක් එවර විභාගයට පෙනී සිටි සිසුන්ට ලබා දෙන ලදි. මෙවර ගැටළුව කුමක් ද? මැයි මාසයේ දී පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක්ම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයන් පැන නැගී තිබුණි. පළමුව එහි ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිට වූවේ යැයි මාධ්‍ය වාර්තා පළ වූ තිබූ අතර, විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබුණේ එය එවැනි සිදුවීමක් නොව, එක් ශිෂ්‍යයෙකු ප්‍රශ්න පත්‍රය ඡායාරූපගතකර ජංගම දුරකතනය හරහා හුවමාරු කරගැනීමේ සිදුවීමක් බවය. පසුව විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගුණු අතර එහි ද විභාගයට අදාළ විෂය නිර්දේශයට අයත් නොවන ප්‍රශ්න කිහිපයක් අඩංගු වී තිබූ බව වාර්තා විය. ඒ සම්බන්ධයෙන් සලකා බැලූ විභාග දෙපාර්තමේන්තුව එම ප්‍රශ්න සඳහා නිදහස් ලකුණු ලබා දීමට කටයුතු කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය. ඉන්පසු සිංහල ප්‍රශ්න පත්‍රයේ ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය සම්බන්ධ ගැටළු මෙන් ම චිත්‍ර ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රායෝගිකව චිත්‍රය ඇඳීමට ලබා දෙන කඩදාසියේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ද ගැටළුකාරී තත්වයක් ඇති වී තිබේ. විභාගයට පෙනී සිටි සිසුන් කියන්නේ කුමක් ද? කවිඳු සත්සර ඒකනායක යනු ත්‍රීකුණාමලයේ කන්තලේ, අග්බෝපුර ප්‍රදේශයේ ජීවත්වන සිසුවෙකි. ඔහු මෙවර සමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර, ඔහුගේ වැඩිමහල් සොයුරිය වන කාවින්ද්‍යා සිත්මි ඒකනායක පසුගිය වසරේ දී තාක්ෂණ විෂය ධාරාව යටතේ උසස් පෙළ සඳහා කෘෂි විද්‍යාව විෂයට පෙනී සිටි ශිෂ්‍යාවකි. කවිඳු පවසන්නේ මෙවර විභාගයට විවිධ හේතු නිසා තමා තරමක් චකිතයෙන් මුහුණ දුන් බවයි. \" ගිය අවුරුද්දේ අක්කට කෘෂි විද්‍යාව පේපර් එක ආපහු ලියන්න වුණාම අක්කා ආපහු අඬ අඬ තමයි පාඩම් කළේ. ඊට පස්සේ මේ පාර මම විභාගය ලිවුවම මුලින් ම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිට වෙලා කියලා ආරංචියක් ආවම නම් මටත් බය හිතුණා ආපහු විභාගේ ලියන්න වෙයිද දන්නේ නෑ කියලා. හොඳ වෙලාවට ඒක එහෙම වෙලා නෑ කියලා පස්සේ දැනගත්තා,\" ඔහු පවසයි. \"විද්‍යාවට අපට විභාගයට එන කොටස් ගැන කලින් ම ඉස්කෝල්න් කිවුවා. සැරින් සැරේ ඉස්කෝල වහන්න වුණ නිසා තමයි එහෙම කරන්න කියලා තියෙන්නේ කියලා අපට ඉස්කෝලෙන් කිව්වේ. ඒ නිසා විභාගයට එන්නෙ නෑ කියපු ඒවා වැඩිය පාඩම් කරන්න ගියේ නෑ. නිකන් බලාගෙන ගියා. ඒ වුණාට ඒ කොටස්වලිනුත් ප්‍රශ්න ඇවිල්ලා තිබුණා. අක්කලාට වුණ දේත් එක්ක ආයේ විභාගෙ ලියන්න වෙයිද කියන බය සැරින් සැරේ හිතුණා මේ දේවල් ආරංචි වෙද්දි.\" ඔහුගේ සොයුරිය කාවින්ද්‍යා ද බීබීසී සිංහල වෙත අදහස් දැක්වූවා ය. \"මුලින් ම කෘෂි විද්‍යාව ලියලා ආවට පස්සේ තමයි ආරංචි වුණේ පේපර් එක කලින් ම එළියට ගිහින් කියලා. ඊට පස්සෙ විෂයන්වලටත් මම හරිම පීඩනයෙන් තමයි උත්තර ලිවුවේ. ආපහු කෘෂි විද්‍යාව ලියන්න තියෙනවා කියන බය හිතේ තිබුනා. ප්‍රතිඵල ගැනත් බයක් තියෙනවා. තවම ප්‍රතිඵල ආවේ නෑනේ,\" ඇය පවසයි. ගුරු සංගම්වල ප්‍රතිචාරය ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ මෙම ගැටළු විභාගවල විශ්වසනීයත්වයට සහ දරුවන්ගේ මානසිකත්වයට බලපෑම් කරන බවයි. \"ශ්‍රී ලංකාවේ විභාගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ලෝකයේ යම් පිළිගැනීමක් තියෙනවා. අතීතයේ පටන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මේ තත්ත්වය රැකගෙන ආවා. නමුත් මෑතක දී පටන් හැම වතාවකම විභාගයක දී මොකක් හරි ප්‍රශ්නයක් මතුවෙනවා. මෙවරත් ඉංග්‍රීසි, විද්‍යාව, චිත්‍ර හා සිංහල වගේ ප්‍රශ්න පත්‍ර ගණනාවක ම ගැටළු මතුවෙලා තියෙනවා. මේ ප්‍රශ්න නිසා බිඳවැටෙන්නේ විභාගවල විශ්වසනීයත්වය. මේක වක්‍රාකාරයෙන් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය ගැන තියෙන විශ්වාසය බිඳ දාන්න කරන සැලසුමක් ද කියලා අපට සැකයක් පවතිනවා,\" ඔහු පෙන්වා දෙයි. \"විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම වළවක්වන්න කියලා විභාගයට සතියකට කලින් උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හැම දෙයක්ම නවත්වනවා. ඒත් ගිය පාර කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර දෙකම පිටවුණේ නැද්ද?\" මහින්ද ජයසිංහ විමසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි තත්ත්වයක් දරුවන්ගේ මනසිකත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි. \"මේ වගේ ප්‍රශ්නයක් විභාගේ මුලදිම සිදුවුණාම ළමයා විභාගයට මුහුණ දෙන්නේ පීඩනයක් එක්ක. මේ තත්ත්වය ළමයා හොඳින්ම සූදානම් වෙලා ඉන්න විෂයන් වලට පවා බලපෑමක් ඇති කරනවා.\" ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් පෙන්වා දෙන්නේ මෙවර චිත්‍ර ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ගැටළුව රජයට අත් හල නොහැක්කක් බවයි. \"මෙවර අපි දැක්කා විවිධ ප්‍රශ්න පත්‍රවල විවිධ ගැටළු ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන් ම චිත්‍ර ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ගැටළුව රජයට අත් හරින්න බැරි ප්‍රශ්නයක්. දරුවන්ට චිත්‍රය අඳින්න මෙවර ලබා දීලා තිබෙන කඩදාසිය දිය සායම් සඳහා සුදුසු කඩදාසියක් නොවෙයි. දිය සායම් වලින් පාට කළාට පස්සේ ඒවා බොඳ වෙලා ගොස් තියෙනවා. මේ වගේ තත්ත්වයක දි දරුවෙක් මොකක්ද කරන්නේ? අනික දරුවට පිළිතුරු සපයන්න සුදුසු මට්ටමේ කඩදාසියක්වත් දීගන්න රජයට හැකියාවක් නැද්ද කියන ප්‍රශ්නය මෙතැන තියෙනවා,\" ඔහු පෙන්වා දෙයි. \"ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රශ්න තිබුණත් සාමාන්‍යයෙන් විභාග දෙපාර්තමේන්තුව කියන්නේ ජනතාවගේ විශ්වාසය දිනා ගත් තැනක්. ඉඳලා හිටලා මොනවා හරි වැරදීමක් වෙන එක අපට පිළිගන්න පුළුවන්. නමුත් දිගින් දිගටම මේ වගේ විවිධ ප්‍රශ්න ඇතිවෙන එක විශාල ගැටළුවක්. අවම වශයෙන් පළාත් වාර විභාග ටිකවත් හරියට තියාගන්න බෑ ඒ ප්‍රශ්න පත්‍ර පිට වෙලා. මෑතක දි රජය ගෙන ආව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව යටතේ වර්තමාන අධ්‍යාපන ක්‍රියාවලියට විවිධ සංශෝධන යෝජනා කරලා තියෙන නිසා, විභාග දෙපාර්තමේන්තුව මේ විදිහට වට්ටවන්න හදන්නේ එහි වැඩක් විදිහට ද කියන එක ගැන අපට සැකයක් තියෙනවා,\" අමිල සඳරුවන් පෙන්වා දුන්නේ ය. 'මෙවර ප්‍රශ්න පත්‍ර උසස් මට්ටමක තියෙනවා' මෙම ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළුව පිළිබඳව බීබීසී සිංහල විසින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගෙන් විමසීමක් කරන ලදි. කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ මෙවර ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් තමා සෑහීමකට පත්වන බවයි. \"මෙවර ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීමක් සිදුවුණා කිවුවාට එහිදී සිදුවෙලා තිබුණේ ශිෂ්‍යයෙක් විභාගය අතරතුර දී ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකරගෙන ජංගම දුරකතනය හරහා හුවමාරු කරගැනීමේ සිදුවීමක්. මේ සම්බන්ධයෙන් අපි මේ වන විට ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා,\" කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය. විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ඔහු පළ කළේ මෙවන් අදහසකි. \"වසංගත තත්ත්වය සහ ඉන්ධන හිඟය වගේ ප්‍රශ්න නිසා පාසල් වරින් වර වහලා තබන්න සිදුවුණා. ඒ නිසා සිසුන්ට සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරන්න බැරිවුණා. විභාග දෙපාර්තමේන්තුව විසින් ඒ අනුව පාසල්වලට දැනුම් දීලා තිබෙනවා අත්‍යවශ්‍යයෙන් ම විෂය නිර්දේශවල ආවරණය කළ යුතු කොටස්. ඒවායින් තමයි ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ. මෙවර විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ අපි ඒ සලකුණු කරපු කොටස්වල නොමැති නමුත් සම්පූර්ණ විෂය නිර්දේශයේ ප්‍රශ්න කිහිපයක් ඇතුළත් කර තිබුණා,\" ඔහු පවසයි. \"ඒ සම්බන්ධයෙන් විවිධ අය දරුවන්ට අසාධාරණයක් වුණා කියලා පෙන්වා දුන්න නිසා අපි තීරණය කළා ඒ ප්‍රශ්න වලට නිදහස් ලකුණු දෙන්න. නමුත් අපට සමහර දරුවන්ගෙන් දුරකතන ඇමතුම් පවා ලැබුණා එහෙම නිදහස් ලකුණු ලබා දෙන්න එපා, ඔවුන් ඒවාට පිළිතුරු ලිව්වා කියලා. ඇත්තෙන්ම මෙවර විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් මම සෑහීමකට පත්වෙනවා. ඒවා හොඳ ප්‍රමිතියක් සහිත ප්‍රශ්න පත්‍ර විදිහට මම දකිනවා.\" ඉදිරියේ දී විභාග වල රහසිගතභාවය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් ගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය. \"පසුගිය වසරේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියට අදාල අයට විරුද්ධව අපි මේ වන විට නඩු පවරලා නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. සාමාන්‍යයෙන් විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ ක්‍රියාවලිය ඉතා රහසිගතව සිදුවන්නක්. එයට සම්බන්ධවන හැමෝම ගිවිසුමක් අත්සන් කරනවා. ඒ වගේ මුද්‍රණය, බෙදා හැරීම පවා සිදුවන්නේ පොලිස් ආරක්ෂාව යටතේ. මීට අමතරව ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න සම්බන්ධ ගැටළු මඟහරවා ගැනීමට, විශේෂ කේත ක්‍රමයක් යටතේ ප්‍රශ්න බැංකුවක් සැකසීමට අදාළ කටයුතුත් කරගෙන යමින් ඉන්නවා.\" 'පරීක්ෂණ සඳහා ස්වාධීන කමිටුවක්' මෙවර විභාගය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු පිළිබඳව විමර්ශනය කිරීමට ස්වාධීන කමිටුවක් පත් කරන බව අධ්‍යාපන අමත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර බීබීසී සිංහල කළ විමසීමක දී පැවසුවා ය. එය අධ්‍යාපන අමාත්‍යංශයට පරිබාහිර ස්වාධීන පුද්ගලයන්ගෙන් සහ විශ්‍රාමික අධ්‍යාපන නිලධාරීන්ගෙන් යුක්තව සකස් කිරීම සිදුකරන බව ඇය පැවසුවා ය. \"විවිධ ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් වුණා කියන වැරදි දැන් සිදුවෙලා ඉවරයි. ඒ නිසා ඒවා ගැන සොයා බලලා කළ යුතු දේවල් සහ ඉදිරියට ඒවා වළක්වා ගන්නේ කොහොමද කියන එක ගැන සොයා බලන්න අපි ස්වාධීන කමිටුවක් පත් කරන්න තීරණය කරලා තිබෙනවා. මේ දිනවල ඒ සඳහා සාමාජිකයන් නම් කිරීම කරනවා. ඉදීරියේ දී ඒ කමිටුව සොයාගත් දේවල් අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.\"",
"Title": "ශ්‍රී ලංකාවේ ජාතික විභාග: මෑතක සිට ප්‍රශ්න සහගත වන්නේ ඇයි?"
} |
{
"Text": " තොරණ නිර්මාණය කාන්තාවන්ට අකැප, වස් වදින ක්‍රියා බවට සමාජ සම්මත පැවතුන ද තමන්ට තොරණක් නිර්මාණය කිරීමට හැකි වීම සතුටක් බව ජනනි අලුදෙනිය BBC සිංහල සේවයට පැවසුවාය. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ගොඩකවෙල, අරඹදෙනිය ගම්මානයේ ජිවත්වන ඇය අදට යෙදෙන (මැයි 23) වෙසක් පොහොය නිමිත්තෙන් තොරණක් නිර්මාණය කිරීමට මූලිකත්වය ගත්තාය. භද්‍රඝට ජාතකය විස්තර කෙරෙන, අඩි 40ක් උස එම තොරණ විදුලි බුබුළු 30,000කින් සමන්විත වේ. ''තොරණ නිර්මාණ ඉතිහාසයේ කාන්තා දායකත්වය ඉතා දුර්ලභයි. කාන්තාවන් මේ වැඩ සඳහා සම්බන්ධ වෙලා තිබුණට සමාජ මාධ්‍යයෙන් ප්‍රසිද්ධ වුණාට පස්සේ තමයි මම දැන ගත්තේ කාන්තාවක් තොරණක් නිර්මාණය කරපු පළමු අවස්ථාව මේක කියලා.'' යනුවෙන් ජනනි අලුදෙනිය පවසන්නීය.",
"Title": " 'කාන්තාවන්ට අකැපයි, වස් වදිනවා කිවුවට මම තොරණක් හැදුවා'"
} |
{
"Text": " කුරුණෑගල අවට ජනතාව අදටත් සිසේරියන් සැත්කම් සිදු කර ගැනීමට තමන් ළඟට පැමිණෙන බවත් වඳ සැත්කම් කළ බවට නැගු චෝදනාවන්ට සමාව ඉල්ලා සිටින බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි පවසයි. ශ්‍රී ලංකාව තුළ අනාගත පරපුරට සතුටින් ජීවත් වීමට අවස්ථාව සැලසිය යුතු බවට විශ්වාස කරන තමන් රට හැර යෑමේ සුදානමක් නොමැති බවත් කවදා හෝ මේ බෞද්ධ රට වෙනත් රටවලට ආදර්ශයක් වෙන රටක් බවට පත කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි. 'අවස්ථාවාදී අරමුණු උදෙසා නීතිය, විද්‍යාව සහ ජනමධ්‍ය අවභාවිත කිරීම' යන තේමාව යටතේ මැයි 21වෙනිදා කොළඹ දී 'අයිතිය උදෙසා මාධ්‍යවේදීන්' විසින් සංවිධානය කළ සංවාදයකට එක්වෙමින් වෛද්‍ය ෂාෆි මේ අදහස් පළ කළේය. කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී සිංහල මව්වරුන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා ලබා, අනිවාර්ය නිවාඩු ගන්වා අත්අඩංගුවේ සිටි වෛද්‍ය ෂාෆි පසුව එම චෝදනාවලින් නිදහස් වී නැවත කුරුණෑගල රෝහලේම සේවය කරයි.",
"Title": "වෛද්‍ය ෂාෆි : 'සමස්ත සිංහල අය වෙනුවෙන් මගෙන් සමාව ඉල්ලපු කිහිපදෙනෙක් ඉන්නවා'"
} |
{
"Text": " සිතු සේ රිසි තැන බස් රථයක, දුම්රියක හෝ කුලී රථයක නැග බොහෝ දෙනෙකුට ගමන් කළ හැකි වුව ද, තමා සිටින ස්ථානයෙන් ඉවතට පැමිණීම පිළිබඳව එක් වරක් නොව, සිය දහස් වාරයක් සිතිය යුතු පුද්ගලයින් පිරිසක් ඔබ අතර ම සිටින බව ඔබ දැන සිටියා ද? \"හුදු වචන වෙනස් කරා කියල විතරක් ආකල්ප වෙනසක් ඇති කරන්න බැහැ. මොක ද ඒ වචන වෙනස් කරා කියලා මිනිස්සුන්ට ඒක දැනේනෙත් නැහැ,\" යන්න ඉසුරු මහේෂ් පණ්ඩිතගේ ගේ අදහසයි. ඉසුරු යනු, මෙම ලිපිය සඳහා අප වෙත හේතු කාරණා සැපයූ ආබාධ සහිත තැනැත්තන් දෙදෙනාගෙන් කෙනෙකි. දෘශ්‍යාබාධිත තත්ත්වයකින් පෙළෙන ඔහු වෘත්තීයෙන් නීතිඥවරයෙකි. ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාකාරිකයෙකු මෙන් ම රාජ්‍ය නොවන සංවිධාන සමග ස්වාධීන පර්යේෂකයෙකු ලෙස සහ නීතිය පිළිබඳ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන්නෙකු ලෙස ඔහු කටයුතු කරයි. ඉසුරු උපන්නේ ගාල්ලේදී ය. උපතින් අබාධ සහිත තැනැත්තෙකු වීම හේතුවෙන් පූර්ණකාලීනව රෝද පුටු භාවිත කරන ටිකිරි කුමාර ජයවර්ධන බිබිලේ උපන්න ද ඔහු ද මේ වන විට ඉසුරු මෙන් කොළඹට පැමිණ ඇත්තේ, තම වෘත්තීය නිසා ය. ටිකිරි රාජ්‍ය සේවකයෙකි. ඔහු ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ උපසභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සාමාජිකයෙකු ද වෙයි. තව ද ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ සංවර්ධන නිලධාරියෙකු ලෙස ද රාජකාරි කරයි. ඊට පෙර ආබාධ සහිත පුද්ගලයන්ගේ වෙල්ලස්ස සංවිධානයේ සභාපතිවරයා ලෙස ද ටිකිරි කටයුතු කළේ ය. වෘත්තීමය ස්වභාවයෙන් ඉසුරුගේ සහ ටිකිරිගේ ස්වභාවය වෙනස් වුව ද ඔවුන් දෙදෙනා ම ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරති. ඉසුරු සහ ටිකිරි බීබීසී සිංහල සමග සංවාදයට එක්වන්නේ, ආබාධ සහිත පුද්ගලයින් මෙරට තුළ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව සාකච්ඡා කිරීමට ය. තම ගමන් බිමන් යාම සඳහා ඇතැම් අවස්ථාවලදී ඉසුරු පොදු ප්‍රවාහනය මත යැපෙයි. ඒ, බොහෝ විට තම ගම් පළාත වෙත යාමට ය. නමුත් කොළඹ අවට තම ගමනාගමන කටයුතු සිදු කර ගැනීමට කුලී රථ මත යැපීමට ඉසුරුට සිදුව තිබේ. 'ලොකු ම ප්‍රශ්නය තමයි දරිද්‍රතාව' \"අපි පෞද්ගලික ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරද්දී, නැත්නම් පෞද්ගලික වාහනයක් පාවිච්චි කරද්දී එන ප්‍රශ්නය තමයි, ඒක හැමෝට ම කරන්න බැහැ. අපි දන්නවා ආබාධ සහිත පුද්ගලයින්ට තියෙන ලොකු ම ප්‍රශ්නය තමයි දරිද්‍රතාව. ඒ දරිද්‍රතාවය නිසා ගොඩක් වෙලාවට පොදු ප්‍රවාහනය තමයි පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ,\" ඉසුරු සංවාදයට මුල පිරුවේ ය. දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට සුදු සැරයටියක් භාවිත කර තනිව මහමග ගමන් කළ හැකි වුව ද ඉසුරු පෙන්වා දුන්නේ, මෙරට මහාමාර්ගවල ඇති තත්ත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් කල ඔවුන්ට තම ගමන් බිමන් යාම සඳහා සහයකයෙකුගේ උපකාරය පැතීමට සිදුව ඇති බව ය. \"ගොඩක් වෙලාවට දෘශ්‍යාබාධිත පුද්ගලයින් පවා පුරුදු වෙලා තියෙනවා සහයකයෙක් එක්ක ගමනක් යන්න. එතකොට ගමන් වියදම දෙගුණ වීමේ තත්ත්වයක් ඇතිවෙනවා.\" ඔහු පෙන්වා දුන්නේ, දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට බස් රථයකට ඇතුළු වීමට හැකියාවක් තිබුණ ද රෝද පුටුවක් භාවිත කරන පුද්ගලයෙකුට ඇතුළු විය හැකි ලෙස මෙරට තුළ බස් රථ සකස් කර නොමැති බව ය. දුම්රිය භාවිතයේදී ද බොහෝ අවස්ථාවලදී ආබාධ සහිත පුද්ගලයින් අපහසුතාවට පත්වන බව ඉසුරු පැවසීය. \"සමස්ත රෝද පුටු භාවිත කරන්නන්ගෙන් අතිබහුතරයකට ප්‍රවාහනය කියන එක, යාමේ ඒමේ අයිතිවාසිකම කඩවෙලා තියෙනවා, මේ පොදු ප්‍රවාහනයේ තියෙන දුර්වලතා නිසා.\" 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වෙනස් විය යුතු බව ත් ඒ හරහා ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මග සැලසිය යුතු බව ත් ඉසුරුගේ මතය යි. ටිකිරි කුමාර ජයවර්ධන පෙන්වා දුන්නේ, එම පනත හරහා ආබාධ සහිත පුද්ගලයින්ගේ ප්‍රවේශය, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු හා රැකියා යන අයිතිවාසිකම් ත්‍රිත්වය පිළිබඳව අවධාරණය කෙරෙන බව ය. \"මේ පනත ක්‍රියාත්මක වෙලා අවුරුදු 25ක් 30ක් වෙනවා, තවමත් ඒ අයිතිවාසිකම් තුන අපිට ලැබිලා නැහැ,\" ඔහු පැවසුවේ බලධාරීන් විසින් ගනු ලබන තීන්දු තීරණ \"වචනවලට පමණක් සීමා වීම\" පිළිබඳව ඇති කලකිරීම ද ඇතිව ය. 'පොදු ප්‍රවාහනය කියන්නේ අපිට එහා මෙහා යන්න තියෙන ප්‍රධාන බාධාව' පොදු ප්‍රවාහනය සැමට එක සේ භාවිත කළ හැකි ලෙස පැවතිය යුතු බව ත් සැමට ගැළපෙන ලෙස සකස් කළ යුතු බව ත් ටිකිරිගේ මතය යි. \"පොදු ප්‍රවාහනය කියන්නේ අපේ එහා මෙහා යන්න තියෙන ප්‍රධාන බාධාව. කියමනක් තියෙනවා සංවර්ධිත රටක් නම්, බහුතරයක් පොදු ප්‍රවාහන සේවාව භාවිත කරන්න ඕනේ කියලා. පොදු ප්‍රවාහන පද්ධතිය හැමෝට ම භාවිත කරන්න පුළුවන් පරිදි ආකාරයට පැවතිය යුතු යි,\" ඔහු පැවසීය. මසකට වරක් තම උපන් ගම වන බිබිල බලා යාමට බස් රථය තම ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිත කරන ටිකිරි එහිදී තමන්ට අත්විඳින්නට සිදුවන අපහසුතා පිළිබඳව මෙසේ පැවසීය. \"මගේ ගම බිබිල. වැඩ කරන්නේ කොළඹ. මාසෙකට එක වතාවක් ගමේ යනවා. එතකොට භාවිත කරන්නේ පොදු ප්‍රවාහනය. බස් එකක රෝද පුටුවක ගමන් කරන කෙනෙක්ට යන්න පුළුවන් කිසි ම ආකාරයක පහසුකමක් නැහැ. අපි රෝද පුටුව දාගන්නේ පිටිපස්සේ ඩිකියේ. අපිට තනියෙන් නගින්න බැහැ, උස්සලා තියන්න ඕනේ. ඒ ක්‍රියාවලිය හරි සංකීර්ණයි. නවත්තලා තියෙන තැන්වලදී ඒක පහසුයි. නමුත් මග බහිනවා නම්, මගදී නගිනවා නම්, ඒක කිසිසේත් ම පහසු නැහැ.\" දුර ගමන් සේවා බස් රථ ටිකිරි නංවා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇතැම් දිනවලදී ඔහුට පැය 3-4ක කාලයක් වෙනත් බස් රථයක් පැමිණෙන තුරු මහමග කාලය ගත කිරීමට සිදු වූ ආකාරය ඔහු සිහිපත් කළේ ය. දුම්රිය ගමන්වලදී ද තමන් දැඩි ලෙස අපහසුතාවට පත් වුණු අත්දැකීම් ටිකිරි බීබීසී සිංහල සමග බෙදා ගත්තේ ය. \"මම දවසක් මානව හිමිකම් එකේ වැඩකට පොළොන්නරුවේ යන්න ගියා කෝච්චියේ. ටිකට් ගන්න ගියා ම අත් වැට අතර පරතරය හරි අඩු යි. ගේට්ටුවෙන් එහාට යන්නත් බැහැ රෝද පුටුවකින්. පටුයි. ඒ වෙලාවේ පොලිසියේ හිටපු මහත්තුරු තමයි වැටෙන් උඩින් උස්සල්ල ගිහින් තිබ්බේ. අපිට කෝච්ච පෙට්ටියට නගින්න බැහැ. ප්ලැට්ෆෝම් එකයි දොරයි අතර උස වැඩියි. බස් එකකදී නම් කොන්දොස්තර මහත්තුරු උදව් කරනවා. ගොඩක් හොඳ අය ඉන්නවා. මේකේ ප්‍රශ්නේ එහෙම කවුරුවත් අපිට නැහැ. යන මගියෙක්ගෙන් තමයි අපිට උදව් ගන්න වෙන්නේ. නමුත් දුර යන්න යන්න දුම්රිය මැදිරිවල කට්ටිය අඩු වෙනවනේ. 'කාන්තාවක් වුවණොත් තත්ත්වය සංකීර්ණයි' මැතිවරණ ක්‍රියාවලියේදී ආබාධිත ප්‍රජාව ඊට අන්තර්ග්‍රහණය කර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමග එක්ව ජාතික මට්ටමින් කටයුතු කරන ටිකිරි පෙන්වා දුන්නේ, ආබාධ සහිත කාන්තාවන් පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී දැඩි ලෙස දුෂ්කරතාවලට මුහුණ දෙන බව ය. ඇතැම් අවස්ථාවලදී පුද්ගලයින් උපකාර කරන මුවාවෙන් එම කාන්තාවන් අයුතු ලෙස ස්පර්ශ කරන බව ඔහු සඳහන් කළේ ය. \"ආබාධ සහිත පිරිමි කෙනෙක් නම් උස්සලා තියන්න ගැටලුවක් නැහැනේ. උස්සන මුවාවෙන් අතන මෙතන අල්ලන්න, වෙන අරමුණුවලින් ඒ ගෑනු කට්ටියව ස්පර්ශ කරන්න පෙළඹෙනවා. පැහැදලිව ම අතවරයට ලක් වෙනවා. එහෙම ගොදුරු වුණු අවස්ථා ත් අපිට ගොඩක් හම්බ වෙලා තියෙනවා. ඉතින් හරි ම දුෂ්කරයි,\" ටිකිරි පැවසුවේ දැඩි කණගාටුවෙනි. 'අතරමගදී නතර කළාට අපිට එහෙම ටොයිලට් එකට යන්න බැහැ' බස් රථයකට ඇතුළු වීම සඳහා එය අදාළ ස්ථානයට පැමිණෙන මොහොතේ ම යා යුතු බව ටිකිරි පවසයි. \"බිබිලේ යද්දී බස් එක ගහද්දි ම යන්න ඕනේ. මොක ද කට්ටිය නගින්න කලින් නගින්න ඕනේ. එහෙම නැති වුණොත් සීට් එකේ වාඩිවෙන්න බැහැ.\" කෙසේ හෝ බස් රථයට ගොඩ වී ගමන් ඇරඹුව ද එක ම ඉරියව්වකින් බොහෝ වේලාවක් ගමන් කිරීමට සිදූවීම ඉතා අපහසු බව ඔහු පැවසීය. තමන් මුහුණ දෙන අපහසුතා ගැන ටිකිරි සඳහන් කළේ මෙලෙස ය: \"හවස 5.45 ගියොත්, බහින්නේ පාන්දර 1ට. ඔය අතරතුරේ ආහාරයක්වත් වතුර උගුරක්වත් නැහැ. මොක ද අතරමගදී නතර කළාට අපිට එහෙම ටොයිලට් එකට යන්න බැහැ.\" ඇතැම් දුම්රිය තුළ අබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් දුම්රිය මැදිරි වෙන් කර තිබුණ ද ඒවා තුළට ප්‍රවේශ වීමට නොහැකි බව ඉසුරු සහ ටිකිරි යන දෙදෙනා ම පෙන්වා දුන්හ. දුම්රිය වේදිකාව සහ දුම්රිය මැදිරිය අතර ඇති පරතරය වැඩි වීම ඊට හේතුව බව ඔවුහු පැවසූහ. පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී බොහෝ අවස්ථාවලදී තම රෝද පුටුව හකුලා තමන් සිටින ස්ථානයේ ම තබා ගන්නේ ඊට හානි වීම වළක්වා ගැනීමට බව ටිකිරි පැවසීය. \"මේක අපේ ඇඟේ කොටසක් නේ. එළියට දැම්ම ගමන් ඒක එහෙට මෙහෙට පෙරළිලා කැඩෙනවා. අපිව බස්සලා ඒ අය යනවනේ. රෝදයක් ගැලවුණොත් සම්පූර්ණයෙන් ම අසරණ වෙනවා. ඒ නිසා මම මගේ ළඟ ම තමයි රෝද පුටුව තියා ගන්න බලන්නේ.\" ඇතැම් විට, රෝද පුටුව සඳහා බස් රථ ගමන් ගාස්තු අය කරන බව ඔහු සඳහන් කළේ ය. ටිකිරි පෙන්වා දුන්නේ, උත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළද ඉන් තම ප්‍රජාවට සිදුවන්නේ දැඩි අසාධාරණයක් බව ය. ආබධ සහිත පුද්ගලයින් සඳහා නම් කෙරුණු ආසන එම කාලයේදී ක්‍රියාත්මක නොවන බව ඔහු පැවසීය. ආසනවල ඇති අනාරක්ෂිත බව සහ ගුණාත්මකභාවයෙන් තොරවීම පිළිබඳව ද ඔහු චෝදනා කළේ ය. \"අපේ ඇඟට බැලන්ස් නැහැ. තියෙන සීට් එකත් ගැටලුසහගතයි. සීට් අතර පරතරය, සීට් බෙල්ට් එක. ඊට පස්සේ අයිනේ තියෙන ආරක්‍ෂිත ආවරණය. ඒවා මුකුත් නැහැනේ මේ බස්වල,\" ටිකිරි පැවසීය. ඉන්ටර්නෙට් හරහා ආසන වෙන් කරවා ගැනීමේදී ද ආබාධ සහිත පුද්ගලයින් සඳහා නම් කෙරුණු ආසන ලබා නොදෙන බව ඔහු පෙන්වා දුන්නේ ය. \"හයිවේ බස්වල ආබාධිත සීට් එකක් නැහැ නම් කරලා. එක දොරයි තියෙන්නේ.\" ආබාධ සහිත පුද්ගලයින් සඳහා ආසන නම් කිරීමේ වැදගත්කම ටිකිරි පැවසූ පරිදි ආබාධ සහිත පුද්ගලයින් සඳහා ආසන නම් කිරීමේ වැදගත්කම් ත්‍රිත්වයකි. ඉන් එකක් ලෙස ඔහු පෙන්වා දුන්නේ, යම් හෙයකින් ආබාධ සහිත පුද්ගලයෙකු අතරමගදී බස් රථයට හෝ දුම්රියට ඇතුළු වුවහොත් ඔහු හෝ ඇයට ප්‍රමුඛතාව දිය යුතු යි යන්න ඉන් සන්නිවේදනය වන බව ය. එමෙන් ම, යම් හෙයකින් අනතුරක් සිදුවුවහොත් එම ආසනයේ අසුන් ගෙන සිටින්නේ ඉක්මනින් මුදාගත යුතු පුද්ගලයෙකු බව ගලවාගැනීමේ කණ්ඩායම් වෙත පහසුවෙන් අවබෝධ කර ගත හැකි වීම අනෙක් වැදගත්කම ලෙස ඔහු පෙන්වා දුන්නේ ය. තුන්වැන්න ලෙස ඔහු පැවසුවේ, \"එතන ඉන්න කෙනාට අනිත් සීට්වලට වඩා යම් සුවපසුවක් දෙන්න ඕනේ,\" යන්න ය. \"තරගයක් තියෙනවා වාඩි වෙන්න. පොඩි ආබාධයක් තියෙන කෙනෙක් ටක් ගාලා ගිහින් වාඩි වෙනවා. මොක ද අපේ රටේ හඳුනා ගැනීමක් නැහැනේ. අපි කියන්නේ ආසනය ඉස්සරහ ම නෙවෙයි දෙවන සීට් එක දෙන්න. සමහර විට තුන්වෙනි හතරවෙනි සීට් එක තමයි දීලා තියෙන්නේ. අපිට ඇවිදන් යන්න බැහැනේ ඇත්තට ම. මම උස්සල තියන්න ඕනේ. මාව උස්සන කෙනාට බස් එකේ ඉස්සරහා හැරෙන්නවත් බැහැනේ. ඒ වගේ තියෙනවා ප්‍රමිතියෙන් තොර දේවල්. මම NTC එකට පැමිණිලි ගොඩක් දාලා තියෙනවා. නමුත් අද වෙනකම් කිසි ම පැමිණිල්ලක් කැඳවලා නැහැ. පිළිගන්නේ නැහැ, මේක එච්චර බරපතළ වැරද්දක් නෙවෙයි වගේ,\" ටිකිරි තවදුරටත් පැවසීය. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ ආබාධ සහිත පුද්ගලයින් සඳහා සලසා ඇති පහසුකම් පිළිබඳව ටිකිරි තුළ ඇත්තේ ප්‍රසාදයකි. 'ලංකාවේ ඉස්සරහට එන්නේ වැඩිහිටි ජනගහනක්' ඉසුරු මහේෂ් පණ්ඩිත පෙන්වා දුන්නේ, පොදු ප්‍රවාහන සේවා ක්‍රමවත් කිරීම ආබාධ සහිත පුද්ගලයින්ට පමණක් නොව ඉදිරියේදී මෙරට තුළ වැඩිහිටියන් බවට පත් වන ප්‍රජාවට පවා වැදගත් වනු ඇති බව ය. \"අපි දකින දෙයක් තමයි ලංකාවේ ඉස්සරහට එන්නේ වැඩිහිටි ජනගහනක්. මේක හුදු ආබාධ සහිත පුද්ගලයින්ට පමණක් සීමා වෙන එකක් නෙවෙයි. අනාගතයේදී අපි දන්නවා, වැඩිහිටියන් වුණත් අපිට සිද්ධ වෙනවා වැඩ කළ යුතු ජනගහනය කියන එක වැඩි කරන්න. විශ්‍රාම වයස සමහර විට 60 ඉඳලා 70-75 වෙනකම් වැඩි කරන්න වේවි. ඒ කාරණාවේදී සංචරණ අපහසුතා ඇති වීම ස්වාභාවිකයි. එතකොට එවැනි පුද්ගලයින්ට, දීර්ඝකාලීනව කරන ආයෝජනයක් මේක,\" ඔහු පැහැදිලි කළේ ය. 'රජය අරගෙන තියෙන ප්‍රවේශයේ වරදක් තමයි මම දකින්නේ' රජය විසින් ආබාධ සහිත පුද්ගලයින් වෙත ප්‍රවේශ වීම දකිනු ලබන්නේ පුණ්‍ය කටයුත්තක් ලෙස බව ඉසුරු පැවසීය. ඒ ඔස්සේ විවිධ දීමනා ලබා දීමට රජය උත්සහ කරන බව ඔහු පෙන්වා දුන්නේ ය. නමුත් ඊට වඩා වැදගත් වන්නේ අබාධ සහිත පුද්ගලයින් පුරවැසියන් ලෙස රජයට අන්තර්ග්‍රහණය කර ගැනීම බව ඔහු පැවසීය. \"එහෙම නැත්නම් වෙන්නේ ඔවුන්ව යැපෙන්නන් බවට පත් කරනවා. ක්‍රියාකාරිකයෙක් විදිහට මම දකින්නේ, අබාධ සහිත පුද්ගලයින්ගේත් යැපුම් මානසිකත්වය වැඩි වෙලා තියෙනවා,\" ඔහු සඳහන් කළේ ය. ඉසුරු අවධාරණය කළේ, දීමනා ලබා දීම හරහා මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බව ය. \"පොදු ප්‍රවාහනය නිසි ආකාරයෙන් නැති වීම නිසා, රෝද පුටු භාවිත කරන කෙනෙකුට රස්සාවක් කරන්න යන්න බැහැ. එතකොට ඒ මනුස්සයට ආණ්ඩුවෙන් දෙනවා රු. 5000ක දීමනාවක් මාසෙකට. හැබැයි මම කියන්නේ අපි 5000 ගාණේ ඒ මනුස්සය අවුරුදු 50ක් ජීවත් වුණොත් ඒ දෙන ගාණ, ලෝ-ෆ්ලෝ බස් වගේ ගෙන්නන්න යොදවන්න පුළුවන් නම්, අර මනුස්සය රස්සාවකුත් කරලා, රටට ජාතික ආදායමකුත් උත්පාදනය කරනවා,\" ඔහු තවදුරටත් පැවසීය. ඇයි මේ ලෝ-ෆ්ලෝ (low-floor) බස් ? ඉසුරු සහ ටිකිරි යන දෙදෙනා ම පෙන්වා දුන්නේ, ආබාධ සහිත පුද්ගලයින් ප්‍රවාහනය සඳහා තට්ටුව පහත් බස් රථ, එනම් ලෝ-ෆ්ලෝ බස් (low-floor) රථ යොදා ගැනීම යෝග්‍ය බව ය. අවම වශයෙන් දිස්ත්‍රික්කයකට එවැනි බස් රථ එකක් හෝ යෙදවිය යුතු බව ටිකිරිගේ මතය විය. \"ක්‍රමිකව ලෝ-ෆ්ලෝ බස් ටිකක් ගෙන්න ඕනේ. ඒවා දාන්න ඕනේ. අඩු ම ගාණේ දිස්ත්‍රික්කයට එක ගාණේ දාන්න. කැම්පස් යන ළමයි ඉන්නවා රෝද පුටුවේ. ඒ ළමයි නිවාඩුවට ගෙදර යද්දී රු. 80,000ක් 90,000ක් වියදම් කරන්න වෙනවා. එක බස් එකක් හරි තිබුණා නම් අපි ඒකට හුරු වෙනවා නේ,\" ඔහු පැවසීය. බස් රථ ආනනයනය කිරීමේදී සීමා පනවා නව බස් රථ තට්ටුව පහත් බස් රථ විය යුතු බවට නියාමනය කළ යුතු බව ඉසුරු පවසයි. \"රජය නියාමකයාගේ කාර්යභාරය හරියට කරලා නැති එකක් තමයි මෙතන පේන්නේ. කැබිනට් අමාත්‍යවරයාත් මේ සමාජ සවිබල ගැන්වීම සම්බන්ධයෙන් ඉන්නේ ජනාධිපතිවරයා. එතකොට මුදල් අමාත්‍යවරයා වෙන්නෙත් ජනාධිපතිවරයා. ඒ නිසා ඉතා පැහැදිලිව ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න.\" එපමණක් නොව දැනට ඇති බස් රථ ආබාධ සහිත පුද්ගලයින්ට උචිත ලෙස සකස් කිරීමට නීතියක් පනවා ඊට යම් කාල සීමාවක් ලබා දිය යුතු බව ද ඔහු පැවසීය. ටිකිරි සඳහන් කළේ, තමන් ඇතුළු කණ්ඩායමක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග මෙම බස් රථ ගෙන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ය. එහිදී ඔවුන් ලද පිළිතුර මෙය බව ඔහු පැවසීය: \"ඒගොල්ලෝ කියන්නේ, ඒක ලංකා රජයෙන් ඉල්ලන්නේ නැහැ. නැත්නම් අපි දෙන්න සූදානම් කියලා කියනවා.\" 'දුම්රිය දෙපාර්තමේන්තුවට අධික ලෙස මහා භාණ්ඩාගාරය මුදල් වියදම් කරනවා' ඉසුරු පෙන්වා දුන්නේ, දුම්රිය ස්ථාන විගණනය කර ආබාධ සහිත පුද්ගලයින් සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති දුම්රිය ස්ථාන හඳුනා ගෙන ඒවා අවශ්‍යතාවට ගැළපෙන පරිදි නිර්මාණය කළ යුතු බව ය. ඒ සඳහා අයවැයෙන් යම් මුදලක් වෙන් කළ යුතු බව ද ඔහු පැවසීය. \"දුම්රිය දෙපාර්තමේන්තුවට අධික ලෙස මහා භාණ්ඩාගාරය මුදල් වියදම් කරනවා,\" යැයි ඉසුරු අවධාරණයෙන් යුතුව සඳහන් කළේ ය. ටිකිරි පවසන්නේ, නිසි සන්නිවේදන විධික්‍රම ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ශ්‍රවණාබාධ සහිත පුද්ගලයින් දුම්රිය ස්ථාන තුළදී අපහසුතාවට පත්වන බව ය. \"බිහිරි කෙනෙක් වුණොත්, සමහර වෙලාවට හදිසියේ වේදිකාව වෙනස් වෙනවා. භාෂා තුනෙන් ම කියනවා. නමුත් බිහිරි කෙනෙක් ඉන්නකොට එයාට 'අහවල් වේදිකාවට දුම්රිය ධාවනය වෙනවා,' කිව්වට ඇහෙන්නේ නැහැනේ. ඉතින් අරයා බලන් ඉන්නවා, දුම්රිය තාම නෑ කියලා. අපේ අය එහෙම වෙලාව පහු වෙලා රෑට අසරණ වෙච්ච කට්ටිය අනන්තවත් ඉන්නවා,\" ඔහු පෙන්වා දුන්නේ ය. යෝජනා සහ චෝදනා ඉසුරු පවසන පරිදි, සමාජයේ සැබෑ ආකල්පමය වෙනස ඇති වන්නේ, රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලින් මිස \"වචන වෙනස් කරන්න ගහන ගැසට්වලින්,\" නොවන බව ය. \"කිසියම් වැඩපිළිවෙළක් හදලා, නිශ්චිත කාල සීමාවක් තුළ පොදු ප්‍රවාහන සේවා අපි හැදුවොත්, අන්න එතකොට පැහැදිලිව බලන් ඉන්න මනුස්සයටත් තේරෙනවා, 'ආ මේක හදලා තියෙන්නේ, මේ රෝද පුටු භාවිත කරන අය වෙනුවෙන්, ඒ නිසා අපි ආබාධ සහිත පුද්ගලයින්ට මේ විදිහටයි සලකන්න ඕනේ. ඒ මිනිස්සුත් ලංකාවේ සමාජයට අන්තර්ග්‍රහණය කර ගත යුතුයි' කියන පණිවිඩයත් දෙනවා,\" ඔහු පෙන්වා දුන්නේ ය. තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම හරහා යම් ආබාධයක් සහිත පුද්ගලයකු පොදු ප්‍රවාහන සේවාවකට ප්‍රවේශ වුවහොත් ඔහුගේ ගමනාන්තය පිළිබඳව මෙන් ම ඔහුගේ අවශ්‍යතා පිළිබඳව රියැදුරු සහ ඔහු ගමන නිමා කරන නැවතුම වෙත දැනුවත් කළ හැකි බව ටිකිරි පැවසීය. \"මෙහෙම කෙනෙක් එනවා. එයාව බලන්න. එයාට උදව් කරන්න, කියන්න පුළුවන්.\" රියැදුරුට සහ කොන්දොස්තරට තම බස් රථයේ ගමන් ගන්නා පුද්ගලයින් පිළිබඳව දැනුවත්භාවයක් තිබිය යුතු බව ද ඔහු පැවසීය. ඒ හරහා ආබාධ සහිත පුද්ගලයින්ට අවශ්‍ය ප්‍රමුඛතාව සැපයිය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය. \"බස් නැවතුම්පොළවල් ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ විය හැකි ලෙස හදන්න. මාකුඹුර හදන්න පුළුවන් නම්, ඇයි අනිත් ඒවා බැරි? අලුතින් හදන ඒවා වත්?,\" ටිකිරි ප්‍රශ්න කළේ ය. \"කොල්ලුපිටිය පාරේ දැකලා ඇති ටැක්ටයිල් එක උඩ බස් හෝල්ට් එකක් හදලා තියෙනවා. එතකොට දෘශ්‍යාබාධිත කෙනා අමාරුවේ වැටෙනවනේ. ඒ ටැක්ටයිල් එක එතනින් වැහිලානේ. එයා හැප්පෙනවා. ඕකට රෝද පුටුවක ඉන්න කෙනෙකුට ගොඩ වෙන්න බැහැනේ. වැස්සකටවත්. උස නිසා. කොළඹ වටේ හදන ඔක්කොම හදන්නේ ඒ විදිහට. අපිට පේමන්ට් එකේවත් අදාළ තැනට යන්න බැහැ.\" ඔහු පෙන්වා දුන්නේ, බස් රථ සහ දුම්රිය තුළ තමන් ඒ වන විට සිටින ස්ථානය තිරයක් හරහා ප්‍රදර්ශනය කිරීම යෝග්‍ය බව ය. \"බස්වල ටීවී එකේ පුළුවන් නම් මැප් එක දාන්න. අපිට සිස්ටම් එකක් හදන්න පුළුවන්නේ නගරයෙන් නගරයට යද්දී දැන් ඉන්නේ මෙතන කියලා. ඕක රෑට යද්දී ගොඩක් වැදගත් වෙනවා තමන් ඉන්නේ කොහේ ද කියලා දැනගන්න. අනිත් යටත් ගොඩක් වැදගත්,\" ටිකිරි යෝජනා කළේ ය. 'ප්‍රවාහන අමාත්‍යංශය දැනට කිසි ම පියවරක් අරගෙන නැහැ' - සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් ඉසුරු සහ ටිකිරි යොමු කරන මෙම ගැටලුව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් වෙත බීබීසී සිංහල යොමු කළේ ය. එහිදී ඔහු චෝදනා කළේ, \"පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය කිසි ම පියවරක් අරගෙන නැහැ. ආබාධිත අය වෙනුවෙන්, බස් සේවාවලදී,\" යනුවෙනි. කෙසේ වෙතත්, දුම්රිය සේවාවලදී යම් සහන ලබා දී ඇති බව ඔහු පැවසීය. නමුත් එය ප්‍රමාණවත් යැයි තමන් නොසිතන බව ඔහු සඳහන් කළේ ය. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඊට අවශ්‍ය මැදිහත්වීම තම පාර්ශවය විසින් සිදු කරනු ලැබ ඇති බව ය. \"ජාත්‍යන්තර ආබාධිත සමුළුව නිව් යෝක්වල තිබුණ එකේ, එතනට සහභාගී වෙලා, එතැනදී ප්‍රකාශනයක් කළා ලංකාවේ වැඩකටයුතු කරන්න ඕනේ කොහොම ද කියන එක ගිය අවුරුද්දේ, ජූලි මාසයේදී. ඒ අනුව, අපිට ස්ටේටස් රිපෝට් එකක් හදන්න එවලා තියෙනවා ඩොලර් 70,000ක්. ඒක ආවම අපි ස්ටේටස් රිපෝට් එක හදනවා සංචාරක මණ්ඩලයත්, ප්‍රවාහන අමාත්‍යංශයත් කැපවෙලා ඒ අයගේ තොරතුරු අරගෙන, දත්ත අරගෙන හැදුවට පස්සේ, එකට අනුව ලැබෙනවා තව අරමුදලක් අවශ්‍ය කටයුතු කරගෙන යන්න. ප්‍රවේශයට තමයි අංක එකේ ප්‍රමුඛතාව දෙන්නේ.\" ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික සභාව හරහා මීට වසරකට පමණ පෙර ආබාධ සහිත පිරිස් වෙත ප්‍රවේශ විය හැකි ලෙස ප්‍රවාහන සේවා සකස් කරන ලෙස ප්‍රවාහන අමාත්‍යංශය වෙත දැනුම් දුන් බව ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ජයමාලි සී. වික්‍රමාරච්චි බීබීසී සිංහල සමග පැවසුවා ය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාවක ද අවධානයට ලක් කෙරුණු බව ඇය පෙන්වා දුන්නා ය. එම කාරක සභාව සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් ද සම්බන්ධ වූ බව ඇය පැවසුවා ය. ඇය පෙන්වා දුන්නේ, \"ඉදිරියේදී ආබාධ සහිත තැනැත්තන්ට ද ප්‍රදේශ විය හැකි බස් රථ ගෙන්වීමට\" කැබිනට් තීරණයක් ගෙන තිබුණු බව ය. 2006 වසරේදී ප්‍රවේශ නියෝග ඇතුළත් කර ගැසට් පත්‍රයක් ද පළ කර ඇති බව ඇය සඳහන් කළා ය. \"මේ ගැසට් පත්‍රයේ කොහොම ද ආබාධ සහිත අයට ප්‍රවේශය, බස් හෝල්ට් එක කොහොම වෙන්න ඕනේ ද, බස් එකේ දොර කොච්චරක් පළල වෙන්න ඕනේ ද, වීල්චෙයාර් එක කොයි විදිහට දාන්න තියෙන්න ඕනේ ද, දුම්රියට ගොඩ වෙන්න රෑම්ප් එක කොහොම ද, ඒ වගේ හැම එක ගැන ම ඒ ගැසට් එකේ තියෙනවා. \" එම ගැසට් පත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන ලෙස මේ වන විට සංශෝධනය කරමින් පවතින බව ඇය තවදුරටත් පැවසුවා ය. \"ඒක දැන් අවසන් අදියරේ තියෙන්නේ. ආබාධ සහිත අය වගේ ම සියලු පාර්ශව සම්බන්ධ කරගෙන මේක කරන්නේ.\" ආබාධ සහිත පුද්ගලයින් ද තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී සම්බන්ධ කර ගන්නා බව ඇය වැඩිදුරටත් පැවසුවා ය. \"මගේ පඩියෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ ඒකට [ප්‍රවාහනයට]. ආබාධිත අයගේ ජීවිතවල ගොඩක් අයගේ වැඩිපුර ම විදයම වැටෙන්නේ ප්‍රවාහනයට. ගෙවල්වල ඉන්න ආබාධ සහිත අයට එළියට එන්න තියෙන ප්‍රධාන අභියෝගය තමයි මේ පොදු ප්‍රවාහන පද්ධතියට ප්‍රවේශය නොමැති වීම. ඒක තමයි ලොකු ම අභියෝගය,\" ටිකිරි බීබීසී සිංහල සමග කළ සංවාදය අවසන් කළේ එලෙසිනි.",
"Title": "ආබාධ සහිත පුද්ගලයින්ට පොදු ප්‍රවාහනය ‘අකැප’ ද?"
} |
{
"Text": " එක්සත් ජනපදයේ බොල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ හි ගැටීමෙන් මාස දෙකකට ආසන්න කාලයකට පසු ඩාලි භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඉවත් කිරීමට කාර්ය මණ්ඩලය ටග් යාත්‍රා භාවිතා කළහ. මාර්තු 26 වැනිදා නෞකාව අනතුරට පත් වූ අතර පාලම කඩා වැටීමෙන් ඉදිකිරීම් කම්කරුවන් හය දෙනෙකු මිය ගියේය. අඩි 948 (මීටර් 289) දිග නෞකාවට යාත්‍රා කිරීමට ඉඩ සැලසීම සඳහා පසුගිය සතියේ සැලසුම් කළ ක්‍රියාවලියක් තුළින් පාලමේ ඉතිරි කොටස් කඩා ඉවත් කෙරුණි.",
"Title": "බොල්ටිමෝර් පාලම කඩා වැටීම: මාස දෙකකට පසු නෞකාව ඉවත් කෙරේ"
} |
{
"Text": " මීකුණකින් ධනපතියෙකු බවට පත්වූ ධෛර්යවන්තයින් පිළිබඳ කතා අපි අසා ඇත්තෙමු. මේ එවැනි ධෛර්යවන්ත ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ කතාවකි. ඔහු මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකය වෙනුවෙන් විදේශ විනිමය උපයන නිර්මාණකරුවෙකි. ගුවන් යානා ආකෘති නියමාකාරයෙන් දැව යොදාගෙන නිර්මාණය කිරීම ඔහු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යයි. 32 හැවිරිදි වියේ පසු වන ඔහු, මාතර ඉපිද පන්නිපිටියේ පදිංචිව සිටින ශයනක ලියනගේ ය. \"මම ගොඩක් ම ආකෘති කරන්නේ පිට රටවල ඇණවුම්වලට. ගොඩක් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් ඇණවුම් කරනවා. ගොඩක් වෙලාවට ඇණවුම් ලැබෙන්නේ, ගුවන් නියමුවන්ගෙන්. ඒගොල්ලො මුලින් ම පැදපු ගුවන් යානය, පළවෙනි ගුවන් ගමන ගිය ප්ලේන් එක. ඒ වගේ ආකෘති මට කියලා හදව ගන්නවා. ලෝකෙ හොයා ගන්න ම බැරි ආකෘති තියෙනවා. ඒගොල්ලො කලින් පාවිච්චි කරල තියෙන යානා තියෙනවා, ඒත් ඒගොල්ලන් ළඟ ආකෘතියක් නෑ. අන්න ඒ වගේ ඕනෑ ම ආකෘතියක් මම හදනවා,” බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ශයනක ලියනගේ ප්‍රකාශ කළේ ය. ඔහුගේ නිර්මාණවල විශේෂත්වය වන්නේ, මුල් ආකෘතියේ සියලු අංග සහිතව දැවමය ආකෘතිය නිර්මාණය කිරීම ය. ආරම්භය පොප්සිකල් කෝටුවකින් ඔහු ගුවන් යානා ආකෘති නිර්මාණය කිරීමට පෙළඹී ඇත්තේ, අහම්බෙනි. 2018 වසරේදී එය ආරම්භ වීමට බලපෑ හේතුව ඔහු විස්තර කළේ, මෙලෙසිනි. \"අයිස්ක්‍රීම් කෝටුවකින් තමයි මුලින් ම හදන්න පටන් ගත්තේ. ඒක හදලා අපේ ගෙවල් ළඟ පොඩි ළමයෙකුට ඒක තෑග්ගක් විදිහට දුන්නා. ඒක දුන්නා ම ඒ ළමයා ඒකට ගොඩක් කැමති වුණා. එයා ඒක එයාගෙ ජීවිතේ ම කර ගත්තා. ඊට පස්සෙ තමයි මම තීරණය කළේ, මේක තවත් අයට වටින්න පුළුවන් කියලා.\" \"මට ගුවන් යානා ආකෘතියක් ගන්න ආශාවෙන් හිටියා පොඩි කාලෙ. ඒත් ඒ කාලෙ ඒකක් ගන්න රුපියල් 8000ක් විතර ඕන වුණා. ඉතින් මට ඒකක් ගන්න විදිහක් තිබුණෙ නැති නිසා, මට හිතුණ එකක් හදා ගන්න ඕනෙ කියලා. මගේ ආශාව තමයි මම මෙච්චර දුරක් අරගෙන ආවෙ.\" අයිස්ක්‍රීම් කෝටුවකින් ගුවන් යානා ආකෘති නිර්මාණය කිරීම ආරම්භ කළ ද, ඔහු මේ වන විට ආකෘති නිර්මාණය සඳහා යොදා ගන්නේ, බල්සා, (ආනයනික), මැහෝගනී සහ පයින් වුඩ් යන ලී වර්ග තුනකි. ඔහු යන්ත්‍ර භාවිතයෙන් තොරව දෑතින් මෙම ආකෘති නිර්මාණය කිරීම විශේෂත්වයකි. ශයනකගේ පාසල් සමය මාතර, මලිදූව මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය නිම කළ ශයනක, උසස් පෙළ අධ්‍යයන කටයුතු සඳහා මාතර, තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. එහිදී, ඔහු චිත්‍ර කලාව, සිංහල සහ භූගෝල විද්‍යාව යන විෂයයන් හැදෑරුව ද විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සුදුසුකම් ලබා ගැනීමට සමත් වී නැත. චිත්‍ර කලාව කෙරෙහි තමන් සතුව තිබූ හැකියාව පිළිබඳව විශ්වාසය හේතුවෙන් ඔහු පරිගණක ග්‍රැෆික් නිර්මාණකරණය හදාරා කොළඹ පිහිටි පෞද්ගලික ආයතනයක රැකියාවක් ආරම්භ කළේ ය. ඔහුගේ ගුවන් යානා ආකෘති නිර්මාණය කිරීමේ ආශාව දලු දා වැඩුණේ, පන්නිපිටියේ පදිංචියට පැමිණ රැකියාව කරමින් සිටි කාලයේදී ය. මුදලක් ඉපයූ පළමු ආකෘතිය \"පළවෙනි එක විකුණුවේ, මට මතක හැටියට චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ඉගෙන ගනිමින් හිටිය ශිෂ්‍යයෙකුට. නම නම් දැන් මට මතක නෑ. ඒ කාලේ මම ඒකට රුපියල් 3000ක් තමයි ගත්තේ. විකුණපු පළවෙනි ගුවන් යානා ආකෘතිය CW 26 කියන එයාර් ක්‍රාෆ්ට් එක,” ඔහු ආවර්ජනය කළේ ය. මුල් යුගයේදී ඔහු ගුවන් යානා ආකෘතිවල සැබෑ ස්වරූපය නිර්මාණය නොකළ අතර, පසුකාලීනව සැබෑ ආකෘතිය නිර්මාණය කළ යුතු බව ඔහු වටහා ගත්තේ ය. \"හිමිහිට ටික ටික කරගෙන යනකොට මට තේරුණා, මේක නිකං කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, මේක හොඳට අධ්‍යයනය කරල කරන්න ඕන දෙයක් කියලා. මගේ ළඟට එක අය බලාපොරොත්තු වෙන්නෙ, ප්‍රොෆෙෂනල් දෙයක්. මම හරියට ආකෘතියක් හදන්න නම්, ඒ ආකෘතිය ගැන ඉගෙන ගන්න ඕනෙ. ඉතින් මම ගුවන් යානා හදන්න කලින් ඒ ගුවන් යානා මාදිලියේ ඉංජිනේරු කොටස ඉගෙන ගන්නවා.\" මේ වන විට ඔහු එක් ගුවන් යානා ආකෘතියක් වෙනුවෙන් අය කරන අවම මුදල රු. 18000කි. ශයනක ලියනගේ ප්‍රකාශ කළේ, ඔහු මේ වන විට ගුවන් යානා ආකෘති 500කට අධික සංඛ්‍යාවක් අලෙවි කර ඇති බව ය. විශේෂ නිර්මාණ ඔහු මේ වන විට විශේෂ පුද්ගලයින් කිහිප දෙනෙකුට ගුවන් යානා ආකෘතිය නිර්මාණය කර දී තිබේ. ‘එයාර් ලංකා’ නිල ලාංඡනය නිර්මාණය කළ ශාන්ත සපරමාදු වෙනුවෙන් නිර්මාණය කළ ගුවන් යානා ආකෘතිය එවැන්නකි. \"මේ ළඟදි මම ආකෘතියක් කළා එයාර් ලංකා ලෝගෝ එක ඇඳපු ශාන්ත සපරමාදු මහතාට. එයා ළඟ තියෙන ට්‍රයිස්ටාර් ආකෘතිය හැදුවෙ මම, එයාර් ලංකා ලෝගෝ එක දාලා. එයා කිව්වා එයා ඇඳපු ලෝගෝ එක මුලින් ම ගැහුවේ ට්‍රයිස්ටාර් ගුවන් යානයක කියලා. ඒ නිසා ට්‍රයිස්ටාර් එකක් කරල දෙන්න කියල කිව්වා.” ඊට අමතරව, ප්‍රසිද්ධ ගුවන් නියමුවෙකු වූ කපිතාන් එල්මෝ ජයවර්ධන වෙනුවෙන් මේ දිනවල ආකෘතියක් නිර්මාණය කරමින් සිටින බව ඔහු පැවසීය. “ඩෙන්මාර්ක්වල අවුරුදු විස්සක් විතර වැඩ කරපු කැප්ටන් කෙනෙකුටත් මම ආකෘතියක් කරල දුන්නා. එයා දැනටත් ලංකාවෙ ඉන්නේ. එයා කියනවා මේක පුදුම වැඩක් කියලා. ඇස් දෙකට නොදැක්ක දෙයක් ෆොටෝ එකක් දිහා බලාගෙන හදන එක ගැන එයා පුදුම වෙනවා.\" \"මගේ හීනයක් වෙලා තිබුණා ජාතික ගුවන් සේවා සමාගමට ආකෘතියක් දෙන එක. ඒක මම ඉටු කරගෙන ඉන්නෙ මේ වෙද්දී. ඊළඟට මගේ ඉලක්කය වුණේ, ලෝකෙ තියෙන ගුවන් සමාගම්වල වැඩ කරන අයට මගේ ආකෘතියක් දෙන එක. මම ඒකත් ඉටු කර ගත්තා. එමිරේට්ස් එකට තමයි ඒ ආකෘති දුන්නේ. මගේ දැනට තියෙන හීනේ තමයි, ඩයි කාස්ට් ආකෘතියක් විදිහට මේක රටේ නිෂ්පාදනය කරලා ඩොලර් ගේන එක. ඒකත් දැනට හිමිහිට කරගෙන යනවා.” සැබෑ ගුවන් යානය මෙන් 200 ගුණයක් කුඩා ආකෘති නිර්මාණය කිරීම ඔහු මෙම ආකෘති නිර්මාණය කරන්නේ, සැබෑ ගුවන් යානයේ විශාලත්වයට සාපේක්ෂව ය. එහිදී, ඔහු සැබෑ ගුවන් යානයේ විශාලත්වය මෙන් 200 ගුණයක් කුඩා කර ආකෘතිය නිර්මාණය කරයි. \"ඕන ම ගුවන් යානයක සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම මම සැබෑ ප්‍රමාණය වගේ 200 ගුණයක් කුඩා කරනවා. ඒකයි මේකෙ තියෙන විශේෂත්වය. ඒක හදන්නම් වාලේ කරන දෙයක් නෙවෙයි. උදාහරණයක් විදිහට මම හදන එකේ ඒ රෝදෙ ලොකු ප්ලේන් එකක තියෙන රෝදෙ වගේ දෙසිය ගුණයක් පොඩියි.\" විදේශ විනිමය උපයන මාර්ගයක් ශයනක ලියනගේ පවසන පරිදි මෙය විදේශ විනිමය ඉපයිය හැකි සාර්ථක ව්‍යාපාරයකි. \"මේක අනිවාර්යයෙන් ම රටට ඩොලර් ගේන මාර්ගයක්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ම ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයට මම ආකෘති දෙනවා. සූවනියර්ස්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවටත් දෙනවා. අනික් ගුවන් සමාගම්වලටත් දෙනවා. මේ වගේ නිර්මාණාත්මක දේවල් තියෙනවා රටට විදේශ විනිමය උපයන්න පුළුවන් විදිහේ.\" රැකියා නොමැති බවට මැසිවිලි නොකියා සාර්ථකත්වයට පත්විය හැකි මාර්ග විශාල සංඛ්‍යාවක් ඇතැයි ශයනක ලියනගේ විශ්වාස කරයි. \"මිනිස්සු ගොඩක් වෙලාවට අදහස් හිතේ තියාගෙන ඉන්නව, ඒවා ක්‍රියාත්මක කරන්නෙ නෑ. අපට වැඩිය දක්ෂයෝ තවත් රටේ ඉන්නවා. හැබැයි ඒගොල්ලො උත්සහ කරන්නෙ නෑ. මට කියන්න තියෙන්නේ බය නොවී හිතට එන අදහස් ක්‍රියාත්මක කරල බලන්න, අපට නොපෙනෙන මාර්ගයක් ඒ හරහා නිර්මාණය වෙන්න පුළුවන් කියන එක. මේක පටන් ගනිද්දි මම හීනෙකින්වත් හිතුවෙ නෑ මෙච්චර දුරක් යන්න පුළුවන් වෙයි කියලා. මම දැන් ඉන්න තැන ගැන මම ගොඩක් සතුටු වෙනවා.”",
"Title": "පොප්සිකල් කෝටුවකින් ඩොලර් උල්පතකට මග පාදා ගත් ගුවන් යානා ආකෘති නිර්මාණකරුවා"
} |
{
"Text": " ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැවේ සහ සෙවනගල, කිරිඉබ්බන් වැවේ පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමේ නියමු ව්‍යාපෘතිය මේ වසරේ ජූලි නිම කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පවසා තිබේ. කොරියානු රජයේ මුල්‍යාධාර සහ තාක්ෂණික සහය මත ක්‍රියාත්මක මේ නියමු ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. නමුත් ජාතික පාරිසරික පනත අනුව මූලික අවසරයන් ගෙන නොමැති බවත්, බදු ගිවිසුම නීති විරෝධී බවත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර BBC සිංහල සේවයට පැවසුවේය. මෙමගින් ධීවරයන්ට, ගොවීන්ට සහ ජල පාරිභෝගිකයන්ට සිදුවිය හැකි බලපෑම ගැන ජනතාව මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළහ.",
"Title": "පාවෙන සූර්ය බලාගාර : 'ඇඹිලිපිටිය පාලනය කරන්නේ සුනිත්‍ය බලශක්ති අධිකාරියයි, කොරියන් සමාගමකුයි ද?'"
} |
{
"Text": " ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ වරින් වර ඇතිවූ පුරප්පාඩු හේතුවෙන් කල් යමින් පැවැති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ තිබේ. ඒ අනුව අදාළ නඩුව විභාග කරනුයේ නාමල් බලල්ලේ, මහේන් වීරමන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ නඩුව පසුගිය මැයි 17 වැනිදා කැඳවන ලද අතර නඩුව ජුනි මස 28 වැනිදා සිට යළි විභාගයට ගැනීමටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය. විනිසුරු මඩුල්ල පුරප්පාඩු වීම මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් මුලින්ම සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලදී. නඩුව විභාගය ආරම්භ වීමත් සමගම සම්පත් අබේකෝන් සහ සම්පත් විජයරත්න යන විනිසුරුවරු අභියාචනාධිකරණයට උසස් වීම් ලැබීම නිසාත්, සාමාජික විනිසුරු ගිහාන් කුලතුංග විදේශගත වීම නිසාත් විනිසුරු මඩුල්ලේ වරින් වර පුරප්පාඩු ඇති විය. ඒ අනුව අදාළ නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් චමත් මොරායස්, දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබුවේය. අනතුරුව එම විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි විභාගය ආරම්භ විය. එහෙත් 2023 වසරේ අගෝස්තු මස එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු චමත් මොරායස් අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් උසස් වීමක් ලැබීම හේතුවෙන් අදාළ විනිසුරු මඩුල්ලේ යළි පුරප්පාඩුවක් ඇතිවිය. ඉන් අනතුරුව එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම විභාගය පැවතුණි. එහෙත් අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු වශයෙන් කටයුතු කළ දමිත් තොටවත්ත ද පෞද්ගලික හේතු මත තමා මෙම නඩු විභාගයෙන් ඉවත්වන බව දැනුම් දී තිබුණි. ඉන් අනතුරුව මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් මෙම නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නම් කරනු ලැබීය. චෝදනා සහ විත්තිකරුවන් 2010 වසරේ ජනවාරි මස මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා 17 ක් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබේ. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාර රත්න, ඩබ්ලිව්.ඩී . උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකු නම් කරනු ලැබ සිටිති. සාවද්‍ය සාක්ෂි ලබා දීම 2019 වසරේ නොවැම්බර් මස 27 වැනිදා මෙම නඩුවේ විභාගය ආරම්භ විය. එදින මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනාට එරෙහිව අධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදුන් අතර ඉන් අනතුරුව සාක්ෂි විභාගය ආරම්භ විය. ඒ අනුව නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක වන අතුරුදන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලි ගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩගේ සාක්ෂි සටහන් කර ගැණුනි. මෙතෙක් පැවති නඩු විභාගයේ දී වාර්තා වූ සුවිශේෂී සිද්ධීන් වන්නේ මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටි යුද හමුදා හිටපු සැරයන් රන්බණ්ඩා සහ හිටපු LTTE බුද්ධි අංශ සාමාජිකයකු වන සුරේෂ් කුමාර් හෙවත් මුරලි යන සාක්ෂිකරුවන් විසින් අධිකරණය හමුවේ පැමිණිල්ලට අගතිදායක ලෙස සාක්ෂි ලබාදීම (සාවද්‍ය සාක්ෂි) සඳහන් කළ හැකිය. හිටපු යුද හමුදා සැරයන් රන්බණ්ඩා සහ හිටපු LTTE සමාජිකයෙකු වන සුරේෂ් කුමාර් (මුරලි) යන අය මුලින්ම සැකකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව මොවුන් නිදහස් කොට රජයේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කරන ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කට උත්තරයේ අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ යුද හමුදා කඳවුරේ විත්තිකරුවන්ගේ අත්අඩංගුවේ සිටි බව සඳහන් කරමින් එම සාක්ෂිකරුවන් විසින් සඳහන් කර තිබුණි. ඒ අනුව මෙම පුද්ගලයින් දෙදෙනා නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා පියවර ගත්තේය. නමුත් හිටපු යුද හමුදා සැරයන් රන්බණ්ඩා සාක්ෂිය සඳහා කැඳවූ අවස්ථාවේදී අතුරුදන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ කඳවුරේ සිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ බලපෑම් හේතුවෙන් බව සඳහන් කර තිබුණි. තමන් සඳහන් කරන ආකාරයේ ප්‍රකාශයක් ලබා දුනහොත් තමන්ව නිදහස් කරන බවට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බලපෑම් කිරීම නිසා තමා පොලිසියට එවැනි ප්‍රකාශයක් ලබා දුන් බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියේය. පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවකු වන හිටපු LTTE බුද්ධි අංශ සාමාජිකයකු වන සුරේෂ් කුමාර් (මුරලි) නමැත්තාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබාදෙමින්, තමා ගිරිතලේ කඳවුරේ සිටියදී ප්‍රගිත් එක්නැලිගොඩ එහි සිටි බවට ප්‍රකාශයක් ලබාදී තිබුණි. එහෙත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි මෙහෙයවීමේදී සාක්ෂිකාර සුරේෂ් කුමාර් නමැත්තා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ගේ බලපෑම් හේතුවෙන් තමා මෙවැනි ප්‍රකාශයක් කළ බව ය. මෙවැනි ප්‍රකාශයක් කළොත් අත් අඩංගුවේ පසුවන තමන්ව නිදහස් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළ බවත් ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ආකාරයට තමන් හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ ලබාදුන් බවත් එම සාක්ෂිකරු ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි. ඉන් අනතුරුව සාක්ෂිකරුවන් දෙදෙනා පැමිණිල්ලට අවාසිදායක ලෙස සාක්ෂි ලබාදීම හේතුවෙන් ඔවුන් අගතිදායක සාක්ෂිකරුවන් වශයෙන් නම් කොට ඔවුන්ට එරෙහිව \"සාවද්‍ය සාක්ෂි\" ලබාදීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දෙන ලදී. 'චෝදනා පවත්වාගෙන යන්න බැහැ' පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කට උත්තරයට පරිබාහිර සාක්ෂියක් ලබාදීම නිසා විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරුන් වන අනිල් සිල්වා, අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්හ. එහෙත් නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සාක්ෂිකරුවන් පැමිණිල්ලට අගතිදායක ආකාරයට සාක්ෂි ලබා දී තිබුණත් නඩුවේ සෙසු සාක්ෂි උපයෝගී කරගෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි. 'වැදගත් සාක්ෂිකරුවන් නම් කර නෑ' මෙම නඩුවට පාදකවන විමර්ශනය කළ ප්‍රධාන නිලධාරියෙකු මෙම නඩුවේ සාක්‍ෂියක් ලෙස නම් කර නොමැති බව අගතියට පත් සන්ධ්‍යා එක්නැළිගොඩගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම වරක් අධිකරණයේ අවධානයට යොමු කර සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙම නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා බවත් ඔහු විසින් කළ විමර්ශන පදනම් කරගෙන නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබෙන බවත් ජනාධිපති නීතිඥ කුමරප්පෙරුම සඳහන් කර තිබුණි. එහෙත් ශානි අබේසේකර මෙම නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් නම්කර නොතිබීම විශාල ඌනතාවක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ඔහු මෙම නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් නම් කිරීමට පියවර ගතයුතු බවත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් එම අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් සඳහන් කළේ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ය. මෙම වාතාවරණය හමුවේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එළඹෙන ජූනි මස 28 වනදා යළි ආරම්භ කිරීමට නියමිත ය.",
"Title": "ප්‍රගීත් එක්නැලිගොඩ: නඩු විභාගයට තුන්වන වරටත් නව විනිසුරු මඩුල්ලක් පත් කෙරුණේ ඇයි?"
} |
{
"Text": " ''යුද්ධයේ අවසන් වෙලාවේ අපි යනකොට මුලතිව්වල රතුපාට CTB බස් එකකට ටික දෙනෙක් නග්ගගෙන තියෙනවා. ආමි එකෙන් නගින්න කියලා, බස් එකට නග්ගගෙන තියෙන්නේ. එතන මගේ මහත්තයත් හිටියා කියලා මගේ මස්සිනා දැකලා අපිට කිව්වා.'' යනුවෙන් වසර 15ක් තිස්සේ සිය සැමියා සොයන සෙල්වරාසා පද්මිණි BBC සිංහල සේවයට පැවසුවාය. යුද්ධයෙන් මිය ගිය සහ අතුරුදහන්වූවන් සිහි කිරීමට අද (මැයි 18) ඔවුන්ගේ පවුල්වල ඥාතීහු මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළට පැමිණ සිටියහ. \"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන මගින් ගැටුමට සම්බන්ධ දෙපාර්ශවයම විසින් සිදු කරන ලද ජාත්‍යන්තර නීතියට අනුව අපරාධ, ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ විශ්වසනීය සාක්ෂි සොයාගෙන ඇති නමුත් එවැනි බරපතල අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන හෝ අපක්ෂපාතී ජාතික පරීක්ෂණයක් අදටත් සිදු වී නැහැ. ගැටුම අතරතුර බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඔවුන්ගේ සමීපතමයන් අදටත් සොයා යාමට සිදු වෙලා. වින්දිතයින් කොපමණ කාලයක් නිෂ්ඵල ලෙස යුක්තිය ඉල්ලා සිටියද යන්න අසන්නට ලැබීම ඇත්තෙන්ම හද කම්පා කරවනවා.'' යනුවෙන් මුල්ලිවලික්කාල් හි පැවති අනුස්මරණ උත්සවයට සහභාගී වූ ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ මහලේකම් ඇග්නස් කැලමාර්ඩ් පැවසුවාය.",
"Title": "මැයි 18: වසර 15ක් මුල්ලිවයික්කාල් වෙරළ තීරයෙන් ඇසෙන යුද්ධයේ අමිහිරි දෝංකාරය"
} |
{
"Text": " පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව අද (මැයි මස 17) වෙනිදා ප්‍රකාශයට පත් කරන ලදී. එම නඩු විභාගය පැවැත්වුයේ ගම්පහ මහාධිකරණයේ දීය. එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (මැයි මස 17) සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා යටතේ මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ නිසි විමර්ශනයක් නොකිරීම සම්බන්ධයෙන් මෙන්ම විමර්ශකයින්ගේ දෝෂ සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත්වීමට හැකියාවක් නැති බැවින් විත්තිකාර යුද හමුදා මේජර් ජනරාල්වරයකු සහ හමුදා සෙබළුන් තිදෙනෙකු සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන බවය. සිද්ධිය වු ස්ථානයේ මෙම විත්තිකරුවන්ට අමතරව කළු ඇඳුම් සහ ටී ෂර්ට් හැඳ ගිනි අවි අත දැරූ පිරිස් සිටි බවට සාක්ෂි ඉදිරිපත් වුවත් ඔවුන් හැර මෙම විත්තිකරුවන්ට එරෙහිව පමණක් චෝදනා ඉදිරිපත් කිරීමට හේතූ වු සුවිශේෂි හේතූව පමිණිල්ල විසින් අධිකරණයට හෙළි කර නැතැයි තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඩුල්ල වෙනත් හමුදා නිලධාරීන් මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් නොකිරීම මඟින් ඇතිවන සැකයේ වාසිය විත්තිකරුවන්ට ලබාදෙන බවද සඳහන් කළේය. රතුපස්වල සිදුවීම යනු කුමක්ද? 2013 අගොස්තු මස 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිවේරිය රතුපස්වලදී අත් වැසුම් නිපැයුම් කම්හලකින් පිට කෙරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එක්වන බව පවසමින් උද්ඝෝෂණයේ යෙදුණු ජනතාව විසුරුවාහැරීමට යුද හමුදාව මැදිහත්වීමේ දී වෙඩි ප්‍රහාර ද එල්ල කෙරුණි. නිතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් අකිල දිනේෂ්, ශම්ලි රම්සාන් පෙරේරා සහ නිලන්ත පුෂ්පකුමාර නමැත්තන්ට වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුවන් වන යුද හමුදා මේජර් ජනරාල්වරයකු වන අනුර දේශප්‍රිය ගුණවර්ධන, මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ කෝප්‍රල් ලලිත් ග්‍රේ නමැත්තන්ට එරෙහිව චෝදනා නඟා ඇත. එම අවස්ථාවේදීම පුද්ගලයින් 12 දෙනෙකුට වෙඩි තබා තුවාල කළ බවටත් තවත් පුද්ගලයින් 08 දෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල කළ බවටත් තවත් පුද්ගලයින් 21 දෙනෙකුට තුවක්කු වලින් සහ පොලු වලින් පහරදී බරපතල නොවන තුවාල කළ බවටත් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 94 ක් යටතේ නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි. නඩු තීන්දුවේදී විනිසුරු මඩුල්ල පැවසුවේ කුමක්ද? මීට වසර 11කට පෙර රතුපස්වල ප්‍රදේශයේදී විත්තිකාර හමුදා නිලධාරීන් මෙම අපරාධය කළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරු මඩුල්ල, විත්තිකරුවන් පොදු චේතනාවකින් යුතුව අපරාධමය ආකාරයෙන් කටයුතු කර ඇති බවක් පැමිණිල්ලෙන් ඔප්පු කර නැති බවත් උද්ඝෝෂණයක් මැඩපැවැත්වීම සඳහා නීත්‍යානුකූලව කැඳවු මෙම විත්තිකරුවන් නීතී විරෝධි රැස්වීමක සාමාජිකයින් වශයෙන් කටයුතු කළ බවක් පැමිණිල්ලෙන් ඔප්පු කර නැති බවත් විනිසුරු මඩුල්ල ඒකමතිකව ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන් කළේය. වසර 05ක කාලයක් පුරා විත්තිකරුවන්ට එරෙහි චෝදනා විභාග කිරීමෙන් අනතුරුව අදාළ චෝදනාවන්ට විත්තිකරුවන් නිවැරදිකරුවන් බව තීරණය කරමින් මෙලෙස නිදොස් කර නිදහස් කරන ලද්දේ යුද හමුදා මේජර් ජනරාල්වරයකු වන අනුර දේශප්‍රිය ගුණවර්ධන, මාණ්ඩලිකක සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ කෝප්‍රල් ලලිත් ග්‍රේ නමැත්තන්ය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ මහාධිකරණ විනිසුරුවරුන් වන නිමල් රණවීර (සභාපති), සහන් මාපා බණ්ඩාර සහ රශ්මි සිංගප්පුලිගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. 2013 වසරේදී සිදුවු මෙම සිද්ධියෙන් වසර හයකට පසු රතුපස්වල ප්‍රදේශයේදී සාමාන්‍ය වැසියන්ට වෙඩි තබා ඝාතනය කොට තවත් පිරිසකට තුවාල සිදුකරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉෂ්ඨ කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීමට අවසර දෙන්නැයි එවකට නීතීපතිවරයාව සිටි ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසුරිය විසින් මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද (මැයි මස 17 වෙනිදා) පෙරවරු 10.20ට පමණ පිටු 242කින් යුත් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ අතර පුරා පැය 2 1/2කට අධික කාලයක් තුළ සභාපති විනිසුරු නිමල් රණවීර විසින් විවෘත අධිකරණයේදී තීන්දුවේ සුවිශේෂි කොටස් කියවා තීන්දුව ප්‍රකාශයට පත් කන ලදී. බැලුම්මහර රතුපස්වල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ‘වෙනින්ග්‍රොස්’ නමැති කර්මාන්ත ශාලාවෙන් පිටකරන රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් එම ප්‍රදේශයේ ජල මුලාශ්‍ර අපවිත්‍ර වන බව සඳහන් කරමින් අදාළ කර්මාන්තශාලාව ප්‍රදේශයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් විසින් ගන්නා විවිධ ක්‍රියාමාර්ග සඳහා නිසි පිළිතුරක් නොලැබු පසු ප්‍රදේශවාසීන් විසින් ආරම්භ කරන ලද උද්ඝෝෂණයකින් අනතුරුව මෙම නඩුවට පාදක වු සිද්ධීන් ඇති වූ බවට පමිණිල්ලෙන් සාක්කි ඉදිරිපත් කළ බවත්, විත්තිකරුවන් නිත්‍යානුකුල අන්දමින් කටයුතු කර ඇති බව විත්තියෙන් කරුණු ඉදිරිපත් කළ බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේය. නඩුවට අදාළ සාක්ෂි කැඳවීම් මෙම නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දීම සඳහා කැඳවනු ලැබු 65 දෙනා අතර සිද්ධියට සම්බන්ධ වු 08 දෙනෙකු ද වින්දිතයින් 27 දෙනකුද, විශේෂඥයින් 06 දෙනෙකු සහ විමර්ශන නිලධාරීන් 10 දෙනෙකුද වන බව තීන්දුවේ සඳහන් වෙයි. බැලුම්මහර, රතුපස්වල හා වැලිවේරිය යන ප්‍රදේශ වල ඇති වු මෙම උද්ඝෝෂණ වැළැක්වීම සඳහා විවිධ හමුදා කඳවුරු වලින් හමුදා සෙබළු 289 දෙනකුට අධික පිරිසක් කැඳවා සිටි බවටත් ඊට අමතරව කළු ඇඳුම් හා ටී ෂර්ට් හැඳගෙන ගිනි අවි අතදරා සිටි පිරිස්ද සිටි බවටත් නඩු විභාගයේදී සාක්කි ඉදිරිපත් විය. මෙම සිද්ධිය වීමට පෙර එවකට සිටි ජනාධිපතිවරයා විසින් ගම්පහ ප්‍රදේශයට හදිසි නීතීය පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබු බවත් උද්ඝෝෂකයින් විසින් මාර්ග වසා දමා කළහකාරී අන්දමින් හැසීරීම නිසා හිටපු ආරක්‍ෂක අමාත්‍යශයේ ලේකම්වරයාගේ නියෝගයකට අනුව ඔවුන් විසුරුවා හැරීම සඳහා මෙම විත්තිකරුවන් කටයුතු කර ඇති බවට නඩු විභාගයේදී සාක්කි ඉදිරිපත් වු බව සඳහන් කල විනිසුරු මඩුල්ල සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ගිනි අවි 89 අතුරින් මෙම විත්තිකරුවන් තිදෙනාගේ ගිනි අවි වලින් නිකුත් වු උණ්ඩ 12ට අමතරව තවත් හමුදා නිලධාරීන් 07 දෙනෙකුට නිකුත් කළ ගිනි අවි 07කින් උණ්ඩ 21ක් නිකුත් වී ඇතත් ඔවුන් මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර අධිකරණයට ඉදිරිපත් නොකිරීම බරපතල සැක මතු කරවන තත්වයක් බව තීන්දුවේ සඳහන් කළේය. විවිධ හමුදා කඳවුරු වලින් කැඳවනු ලැබු හමුදා සෙබළුන් විසින් විවිධ ස්ථානවල පැවැත්වු උද්ඝෝෂණ මැඩලීම සඳහා කටයුතු කිරීමේදී ඇති වු සිද්ධීන් වල අපරාධමය වගකීම පළමු විත්තිකරු මත පැවරීමේ සුවිශේෂි තත්වය ඔප්පු කිරීම පැමිණිල්ල සතු වුවත් කිසිම අවස්ථාවක පැමිණිල්ල විසින් විත්තිකරුවන් නීතී විරෝධී රැස්වීමක සාමාජිකයින් වශයෙන් කටයුතු කර ඇති බවක් ඔප්පු කර නැතැයිද, විත්තිකරුවන් පොදු චේතනාවෙන් යුතුව අපරාධමය ආකාරයෙන් කටයුතු කළ බවට සාක්කි ඉදිරිපත් වී නැතත් උද්ඝෝෂකයින් නීතිවිරෝධී ආකාරයෙන් මහජන සාමය කඩවන පරිදි කටයුතු කර ඇති ආකාරය පිළිබද සාක්ෂි පැමිණිල්ල විසින්ම ඉදිරිපත් කර ඇතැයිද විනිසුරු මඩුල් සිය තීන්දුවේ සඳහන් කළේය. නඩු විභාගයේදී ඉදිරිපත් වු කරුණු වලින් පැමිණිල්ලේ නඩුව කෙරෙහි සැක උපදවන තැන් බොහෝමයක් ඇතැයි ද ඉන් ඇතිවන සැකයේ වාසිය විත්තිකරුවන්ට දිය යුතු යැයිද තීන්දු කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් ඔප්පු කර නැතැයි තීන්දු කළ විනිසුරු මඩුල්ල සියළු චෝදනා වලින් විත්තිකරුවන් සියළු දෙනාම නිදොස් කර නිදහස් කරන ලදී. යුද හමුදාව අධිකරණයෙන් කළ ඉල්ලීම් යුද හමුදා නීතී නිලධාරී මේජර් නීතීඥ සම්පත් විජයරත්න කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව පොලිසිය භාරයට ගත් ගිනි අවි අතුරින් මෙතෙක් අධිකරණය භාරයේ ඇති ගිනි අවි 03ක් සහ ජීව උණ්ඩ 3943ක් යුද හමුදාවට නිදහස් කරන්නැයි කළ ඉල්ලීම සලකා බැලු විනිසුරු මඩුල්ල අභියාචන කාලයෙන් පසු අදාළ ගිනි අවි සහ උණ්ඩ යුද හමුදාවට මුදා හැරීමට නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ පද්මාල් ද සිල්වා වීරසිංහ, රජයේ නීතීඥ ක්‍රිෂාන් ද අල්විස් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා පෙනී සිටියහ. පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥවරුන් වන ඩේල් ගුණරත්න, ශිරාණී දිසානායක සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා ද අනෙකුත් විත්තිකරුවන් තිදෙනා වෙනුවෙන් නීතීඥවරුන් වන සන්දීප්ත සුරියආරච්චි නීතීඥ චමත් වික්‍රමසිංහ මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්නද පෙනී සිටියහ.",
"Title": "රතුපස්වල නඩු තීන්දුව:'විමර්ශකයින්ගේ දෝෂ සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත්වීමට හැකියාවක් නැහැ'"
} |
{
"Text": " 2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් 8 දෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (මැයි 17 වැනිදා) නියෝග කරනු ලැබීය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (මැයි 17 වැනිදා) කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු කෙරුණි. පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති සමාව ලබා නිදහස් වූ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක යන අයට අධිකරණය හමුවේ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්නට ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය. ඊට අමතරව අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටි ජනාධිපති සමාව මත නිදහස් කෙරුණු යුද හමුදා සැරයන් සුනිල් රත්නායකටද මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබීය. ඉන් අනතුරුව අදාළ පෙත්සම සැප්තැම්බර් මස 4 වැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් අධිකරණ නියෝග කළේය. මිරිසුවිල් සමූහ ඝාතනය සහ නඩු තීන්දුව 2000 වසරේ දෙසැම්බර් මස 19 වැනිදා යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේදී කුඩා ළමයකු ඇතුළු සිවිල් වැසියන් 8 දෙනෙකු කපා කොටා මරා දමා වල දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබීය. නඩුවේ විභාගයෙන් අනතුරුව වරදකරු කෙරුණු සුනිල් රත්නායක නමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළේය. ඉන් අනතුරුව එම මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සුනිල් රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි. එම අභියාචනා පෙත්සම විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකාර සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම කරමින් කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් තීන්දුව 2017 වසරේ මැයි මස 20 වැනිදා තහවුරු කරනු ලැබීය. ඉන් අනතුරුව මරණීය දණ්ඩනය ලබා සිටි සුනිල් රත්නායක නැමැත්තා 2020 වසරේ මාර්තු මස 26 වැනිදා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ප්‍රදානය කොට නිදහස් කරනු ලැබීය. 'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි' පෙත්සම්රු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ අධිකරණය විසින් වරදකරු කරනු ලබන පුද්ගලයින්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා වෙත බලය පැවරී තිබෙන බව ය. එහෙත් එම සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු නීතිමය පටිපාටියක් පවතින බවත් පෙත්සම්කරු පෙන්වා දී තිබේ. එම නීතිමය පටිපාටිය අනුගමනය නොකොට අදාළ විත්තිකරු වෙත ජනාධිපති සමාව ප්‍රදානය කොට ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් පෙත්සම්කරු සඳහන් කර සිටියි. මේ හරහා හිටපු ජනාධිපතිවරයා අධිකරණය සතු බලය අවභාවිතාවට ලක් කර ඇති අතර ඒ තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් කර ඇතැයි චෝදනා කළ පෙත්සම්කරු ඒ තුළින් ඔහු ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කර තිබෙන බවත් අධිකරණය හමුවේ සඳහන් කළේය. ඒ අනුව සුනිල් රත්නායකට ජනාධිපති සමාව ප්‍රදානය කර මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගනු ලැබූ තීරණය තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.",
"Title": "මිරිසුවිල් සමූහ ඝාතනය: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගෝඨාභය රාජපක්ෂට නොතීසි"
} |
{
"Text": " දශක තුනක් පැවති සිවිල් යුද්ධය නිමා කර, 15 වැනි සැමරුමට අපි ළඟා වී සිටිමු. එහෙත් තමන් තවමත් 'අනාථයින්' ලෙස ජීවත්වෙන බව මුලතිව්, කෝකිලායි මොට්ටුආරම ගම්මානයේ ජනතාව BBC සිංහල සේවයට පැවසූහ. මේ ගම්මානයේ පවුල් 300ක් පමණ ජීවත් වෙන අතර බහුතරය සිංහල ජාතිකයන් වේ. 1930 දශකයේ දී ජනාවාස වූ මේ ගම්මානය යුධ ගැටුම් නිසා කෙටි කාලයක් හැර යාමට ද ජනතාවට සිදු විය. පරම්පරා කිහිපයක් ජීවත් වුව ද අදටත් ඔවුන්ට ඉඩම් සඳහා රජයෙන් බලපත්‍රයක් හෝ ලැබී නැත. ධීවර රැකියාවෙන් ජීවත්වෙන ජනතාවට භූමිතෙල් සැපයීමට ඉන්ධන පිරවුම්හලක් ඉදි කර ඇතත් අදටත් එය විවෘත කර නොමැත. ගම්මානයේ මූලික පහසුකම් නොමැති අතර කිසිඳු දේශපාලනඥක් ඒ පිළිබඳව සොයා නොබලන බව ද කෝකිලායි වැසියෝ පැවසූහ.",
"Title": "යුද ගැටුම් නිමා වී වසර 15 ක් ගත වී ඇතත් තවමත් 'කුඩම්මාගේ සැලකිලි' ලබන සිංහල ගම්මානය"
} |
{
"Text": " ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂත්,වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්තත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය; එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවත්, කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සළකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය. තීරණය ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ හතරවන සහ පස්වන විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය පදනම් කරගෙන මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බවයි. එම විත්තිකරුවන්ගේ පදිංචිය වශයෙන් කොළඹ ටී.බී. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය නම්කර තිබෙන බවත් ඒ තුළින් ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය. මේ ආකාරයෙන් පදිංචිය තහවුරු කර නොමැති අවස්ථාවක සිවිල් නඩු නිධාන සංග්‍රහයේ 46(2) වගන්තිය යටතේ පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කිරීමට හෝ එය සංශෝධනය කර ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දිය හැකි බවත් විනිසුරුවරයා සඳහන් කළේය. ඒ අනුව මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි වාරණ නියෝග සඳහා කරුණු තහවුරු කිරීමට පැමිණිල්ලට අයිතිය ලබාදෙමින් පැමිණිල්ල විසින් ඉල්ලා සිටි වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා කියා සිටියේය. පැමිණිලිකරු කියා සිටින්නේ ඉකුත් 12 වන දා පැවැත් වූ බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී තම පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත පත් කර ගැනීමට ගනු ලැබූ තීරණ සම්පූර්ණයෙන්ම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත යන අය පත්කර ගැනීමට ගනු ලැබූ තීරණ මත එම පක්ෂය හා එහි සංවිධාන මෙන්ම නිලධාරීන් කටයුතු කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණි. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායකගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි. ඊට අමතරව විජයදාස රාජපක්ෂ හා කීර්ති උඩවත්ත පක්ෂයේ නිලතල සඳහා පත්කර ගැනීමට ගනු ලැබූ තීරණ බල ශූන්‍ය බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය. නඩු විභාගයේ දී ඉදිරිපත් වූ කරුණු පැමිණිල්ල සළකා බැලීම සඳහා පෙරේදා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් \" ඉකුත් 12 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් ගනු ලැබූ තීරණයට අනුව විජයදාස රාජපක්ෂ මහතා එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. එම කරුණට අදාළව ගොනු කළ පැමිණිල්ලක් සළකා බැලූ කඩුවෙල දිසා අධිකරණය විසින් විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට බාධා කිරීම වළක්වාලමින් ඊයේ දින වාරණ නියෝගයක් නිකුත් කළා. එම වාරණ නියෝගයට පටහැනිවයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ අනුව පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කිරීමට මෙම අධිකරණයට හැකියාවක් නැහැ. මෙම නඩුව ගොනුකර තිබෙන්නේ අධිකරණ බලය අවභාවිතා කරමින්\" පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය සළකා බැලීම සම්බන්ධයෙන් තමා විරුද්ධ වන බව සඳහන් කළේය. ඉන් අනතුරුව පෙත්සම්කාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් \"කඩුවෙල දිසා අධිකරණය විසින් නිකුත් කළ බව කියන වාරණ නියෝගය හෝ ඊට අදාළ නොතීසි කිසිවක් මාගේ සේවාදායකයාට ලැබී නෑ. එම නිසා එම වාරණ නියෝගය මාගේ සේවාදායකයාට අදාළ නොවන බව සඳහන් කළ යුතුයි. එමෙන්ම කඩුවෙල අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය මගින් කොළඹ දිසා අධිකරණයේ බලය සීමා කිරීමට හැකියාවක් නෑ. ප්‍රශ්නගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම යැයි කියන රැස්වීමක් ඉකුත් 12 වනදා පැවැත් වුණේ ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ. එසේ තිබියදී කඩුවෙල දිසා අධිකරණය හමුවේ අදාළ නඩුව පවරනු ලැබුවේ කෙසේ ද? කියා ප්‍රශ්නයක් මතු වෙනවා. මේ ආකාරයෙන් නඩු පැවරීමට ගියහොත් මාතර, යාපනය, ත්‍රිකුණාමලය වැනි අධිකරණ වලට ගොස් නඩු පැවරීමට හැකියාවක් තිබෙනවා. මාගේ සේවාදායකයාට ඕනෑම අධිකරණයක නඩු පැවරීමට හිමිකමක් තිබෙනවා. ඒක ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකමක්. එම මූලික අයිතිය සීමා කිරීමට හැකියාවක් නෑ. එසේම කඩුවෙල නඩු තීන්දුවෙන් කොළඹ දිසා අධිකරණයේ බලය සීමා වීමක් සිදුවන්නේත් නෑ\" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය. නඩුව යළි කැඳවෙයි ඉහත වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කල පැමිණිල්ල සංශෝධන සිදුකොට කොළඹ දිසා අධිකරණය හමුවේ අද යළි කැඳවනු ලැබීය. මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 93 වන වගන්තිය අනුව මෙවැනි නඩුවක් සලකා බැලීමට පෙර ඊට සිදුකිරීමට යන සංශෝධන මොනවාද? යන්න පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කළ යුතු බව සඳහන් කළේය. එහෙත් මෙම පැමිණිල්ලට සිදු කරන සංශෝධන පිළිබඳව සිය සේවාදායකයාට දැනුවත් කොට නොතිසි ලබාදීමක් සිදුකර නොමැති හෙයින් මෙම අවස්ථාවේදී අදාළ පැමිණිල්ල සළකා බැලීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව හෙතෙම සඳහන් කළේය. එම අවස්ථාවේදී පැමිණිලිකාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ හතරවන සහ පස්වන විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අයගේ පදිංචිය තහවුරු කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත පැමිණිල්ලෙන් ඉල්ලා තිබූ වාරණ නියෝගය නිකුත් කිරීම විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව පැවසීය. එහෙත් අදාළ පැමිණිල්ල සංශෝධනය කර යළි වාරණ නියෝගය ලබා ගැනීම සඳහා කරුණු තහවුරු කිරීමේ අයිතිය පැමිණිල්ලට විනිසුරුවරයා විසින් ලබා දුන් බවත් ඔහු සිහිපත් කළේය. ඒ අනුව හතර වන සහ පස්වන විත්තිකරුවන් මෙම අධිකරණ බල සීමාව තුළ පදිංචිකරුවන් බව තහවුරු කොට අදාළ පැමිණිල්ල සංශෝධනය කර මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එය බාරගෙන වාරණ නියෝගය සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට අවසර ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය ඒ පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා අදාළ පැමිණිල්ල ලබන සඳුදා(20) කැඳවන ලෙසත් නියෝග කළා.",
"Title": "ශ්‍රීලනිප සභාපතිවරයා වශයෙන් පත්වී සිටින විජයදාසට එරෙහිව දුමින්ද ඉල්ලා සිටින වාරණ නියෝග නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි"
} |
{
"Text": " ශ්‍රී ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය මීට වසර 15 කට පෙර යුදමය වශයෙන් නිමාවුව ද යුද්ධය විසින් දෙපාර්ශවයටම ඉතිරි කළ අමිහිරි මතක රාශියකි. මෙරට පැවති යුද්ධය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව සම්බන්ධයෙන් නිශ්චිත සංඛ්‍යාව මෙපමණ යැයි සඳහන් කළ නොහැකි අතර, යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හා ආබාධිතවූවන් සහ වින්දිතයින් බවට පත්වූ පිරිස මෙතකැයි කිව නොහැක. යුද්ධයේ අවසන් සමය යුද්ධයේ අවසන් සමයේදී යුධ හමුදාව හා එල් ටී ටී සංවිධානයේ ප්‍රහාරයන්ට මැදි වු සිවිල් ජනතාව අතුරින් බොහෝ පිරිසක් ජිවිතක්ෂයට පත්වු අතර, දමිළ ජනතාව විශාල පිරිසක් මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ සීමාවේ සීමිත ඉඩකට කොටු වී සිටියහ. අවසන් යුධ සමයේ උතුරු නැගෙනහිර ජනතාව වෙත භාණ්ඩ හා සේවා සැපයීම සීමා කොට තිබු අතර, යුද්ධයේ අවසන් දිනවල දී එල් ටී ටී සංවිධානයේ පාලන සීමාවේ සිටි ජනතාවට අවශ්‍ය ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවිය. එල් ටී ටී සංවිධානයට සිය සීමාවන් තුළ සිටි ජනතාවට ලබාදීමට ප්‍රමාණවත් ලෙස භාණ්ඩ නොතිබු අතර, යුද්ධයට මැදිව සිටි සිවිල් ජනතාව තමන් සතු සියල්ල අතහැර කෑමට අවශ්‍ය දෑ පමණක් රැගෙන දිවි බේරා ගැනීමට ගමන් කරමින් සිටියහ. යුද්ධයේ අවසන් දිනවල ලක්ෂ තුනකට වැඩි පිරිසක් ආහාර සපයා ගැනීමට ක්‍රමයක් නොමැතිව සිටි අතර, ඇතැමෙක් සතුව හාල් පමණක් තිබු බව යුද්ධයේ අවසන් දිනවල මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ සිටි පිරිස් පවසති. අවසන් සටන් දිනවලදි මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ සිටි ඇතැමෙක් තමන් සතුව පැවති රන් පවුම් කිහිපයක් ලබා දී සහල් කිලෝ දෙක තුනක් ලබාගත් බව වැසියෝ පැවසූහ. මුල්ලිවයික්කාල් කැඳ යුද්ධය අවසන්වීමේ ජයග්‍රාහි සැමරුම පිරිසක් සමරන අවස්ථාවේ, උතුරු නැගෙනහිර ජනතාව යුද්ධයේ අවසන් දිනවල තමන් ගෙවු අමිහිරි මතක සිහි කරමින් විවිධ ස්මරණයන් පවත්වති. යුද්ධය නිමා වී 2024 වන විට වසර 15 ක් ගෙවී ඇති අතර, පසුගිය වසර 15 ක කාලය තුළම සෑම වසරකම මැයි මස 11 වැනිදා සිට මැයි 18 වැනිදා දක්වා මුල්ලිවයික්කාල් කැඳ බෙදාදීමේ වැඩසටහන් පැවැත්වීමට උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව කටයුතු කරමින් සිටිති. මෙවරද මුල්ලිවයික්කාල් කැඳ බෙදාදීමේ වැඩසටහන් රැසක් උතුරු නැගෙනහිර පළාත්වල සංවිධානය කොට තිබිණ. මුල්ලිවයික්කාල් කැඳ බෙදීම ආරම්භ වූයේ කෙසේද? එය සකස් කරන්නේ කෙසේද? මුල්ලිවයික්කාල් කැඳ බෙදීම ආරම්භ වූයේ කෙසේද? එය සකස් කරන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් යුද්ධයේ අවසන් දිනවල මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ රැදී සිටි එම්.ශිවපාලමුහුන්දන් කියා සිටින්නේ මෙවැන්නකි. “යුද්දේ අවසන් දවස්වල එල් ටී ටී සංවිධානයයි,හමුදාවයි දෙපැත්තෙන්ම වෙඩි තියා ගන්නවා.අපිට කර කියාගන්න දෙයක් නැතුව අපි යුද්දෙට මැදිවෙලා හිටියේ.\" \"ඒ දවස්වල අපිට කියලා අපේ කිසිම වස්තුවක් අපි අරන් ගියේ නෑ.අපේ ඇස් ඉදිරිපිට මිනිස්සු මැරිලා වැටෙනවා.තුවාල වෙනවා.කවුරු තියන වෙඩිද කියලා අපි දන්නේ නෑ.අපි කරන්නේ මැරිලා වැටිලා ඉන්න අය වළදාලා,තුවාල වුණ අයට පුළුවන් විදියට බෙහෙත් දාන එක.\" \"ඒ වෙලාවේ අපිට කන්න බොන්න දෙයක් නෑ.බොන්න නන්දිකඩාල් කලපුවේ වතුර තිබුණා.එහෙම නැත්නම් මුහුදු වතුර තමයි.\" \"කන්න කියලා බත්,මාළු පිනි වර්ග මොකුත් නෑ.තියෙන හාල් ටිකෙන් කැඳ හදාගන්නවා.හැමොටම කැඳ හදන්න හාල් තිබුණේ නෑ.විවිධ සංවිධාන හා මිනිස්සු ළඟ තිබුණ හාල් එකතු කරලා තමයි කැඳ හැදුවේ.\" \"ඒ කැඳ ටික බිව්වොත් තමයි ජිවිතේ රැක ගන්න පුළුවන් වෙන්නේ.පොඩි දරුවෝ කන්න බොන්න ඉල්ලලා අඩනවා.ඒත් කරන්න දෙයක් නෑ.ලොකු පොඩි හැමෝටම බඩගින්න වෙනුවෙන් තිබුණේ කැඳ විතරයි\". \"කොහෙන් හරි හාල් ටිකක් එකතු කරගෙන, කලපුවේ වතුර හරි,මුහුදු වතුර හරි මුට්ටියකට දාලා රත් කරලා කැඳ ටික හදාගන්නවා.\" \"ඒ කැඳ එකට දාන්න පොල්කිරි,සීනි,හකුරු,ලුණු කියන මොකවත් නෑ.ඒ කැඳ එකෙන් තමයි අපි යුද්ධයේ අවසන් දවස්වල ජිවත්වුණේ.\" \"යුද්දේ ඉවරවුණාට පස්සේ අපි දකිනවා හැම අවුරුද්දෙම මැයි මාසයේදී මුල්ලිවයික්කාල් කැඳ හදනවා කියලා විවිධ පිරිස් කැඳ හදලා බෙදනවා.පාරේ යන එන හැමෝටම බෙදනවා.\" \"ඒත් ඒ කැඳවලට රතු කැකුළු හාල් දාලා,පොල් කිරි දාලා,සීනි දාලා,සමහර වෙලාවට හකුරුත් දාලා දෙනවා අපි දැකලා තියෙනවා.\" \"ඒක විවිධ දේශපාලන කණ්ඩායම්,විවිධ සංවිධාන විසින් සිද්ධ කරන වැඩක්.හැබැයි කවුරුහරි මිනිහෙකුගේ බඩගින්න එයින් නිවෙනවා නම් ඒකේ ඇති වැරැද්දක් නෑ. \"ඒත් ඇත්තටම යුද්ධයේ අවසන් දිනවල මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ හිටපු මිනිස්සු බීපු කැඳ එකෙයි,දැන් ඔය පාරවල් අයිනේ දෙන කැඳ එකයි සම්පූර්ණයෙන්ම වෙනස්.\" \"මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ අවසන් දවස්වල හිටපු මිනිස්සු ජිවිතේ අවසන් දිනය කියලා හිතාගෙන තමයි ඒ කැඳ එක බිව්වේ.ඒ කැඳ එකට ලුණු තිබුණත් එකයි,නැතත් එකයි.\" \"මිනිස්සු නොමැරී ඉන්න හාල් ටිකට වතුර ටිකක් දාලා රත්කරලා බිව්වා.ඒක තමයි මුල්ලිවයික්කාල් කැඳ කියලා කිව්වේ.දැන් ලබාදෙන මුල්ලිවයික්කාල් කැඳ කියන එකෙන් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ අපි බීපු කැඳ එක මතක් වෙනවා.ඒත් ඒ රහ නෑ.\" \"ලුණු නැති වුණත් මුල්ලිවයික්කාල් කැඳ බීපු මිනිස්සුන්ට යුද්ධයේ අවසන් දිනවල ඒක දිව්‍ය භෝජනයකට වඩා රසයි.දැන් පාරවල් අයිනේ තියාගෙන සීනි,ලුණු,හාල්,පොල් කිරි හෝ එළකිරි හා තවත් රස කාරක දාලා මුල්ලිවයික්කාල් කැඳ කියලා දුන්නත් ඒ කැඳවල අපි ජිවත්වුණ අතීතයේ රස නෑ කියලා තමයි මට හිතෙන්නේ.\" \"යුද්ධයේ අවසන් දවස්වල මිනිස්සු තමන්ගේ අතට අහුවුණු කෝප්පය,පිගාන,හට්ටිය,මුට්ටිය අරගෙන ගිහිල්ලා කැඳ පෝලීමේ ඉඳලා කැඳ අරගෙන තමයි බ්ව්වේ.\" \"ඒත් දැන්නම් පාරවල් අයිනේ පොල්කටු පිරිසිදු කරලා, ඒකට කැඳ දාලා පිළිවෙලකට දෙනවා.” මුල්ලිවයික්කාල් කැඳ බෙදීම සෑම වසරකම සිදුකරන්නේ ඇයි? මුල්ලිවයික්කාල් කැඳ බෙදීම යනුවෙන් කැඳ බෙදීමේ වැඩසටහන් සෑම වසරකම පවත්වන්නේ ඇයිද? යන්න වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කේ.රාජ්කුමාර්ගෙන් අපි විමසුවෙමු. \"යුද්දේ අවසන් දවස්වල උතුරු නැගෙනහිර ජනතාව විශාල පිරිසක් යන්න එන්න තැනක් නැතුව මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ රැදී හිටියා.\" \"ඒ වෙලාවේ ඒ අයට කන්න බොන්න දෙයක් තිබුණේ නෑ.ඒ අය කැඳ විතරක් බීලා තමයි ජිවත් වුණේ.දැන් යුද්දේ ඉවරයි.ඒත් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ හිරවෙලා හිටපු අපේ ඥාතීන් කැඳ බීලා ජිවත්වුණ අතීතයක් තිබුණා.ඒ අතීතය සිහි කරන්න තමයි අපි හැම අවුරුද්දකම මුල්ලිවයික්කාල් කැඳ බෙදාදීමේ වැඩසටහන් සංවිධානය කරන්නේ.\" \"ඒ හරහා අපේ ඥාතීන් විදපු වේදනාව, යුද්ධයෙන් මියගිය අය,යුද්ධයෙන් අතුරුදහන්වු පිරිස,යුද්ධයෙන් තුවාල වුණ පිරිස සිහි කිරීමත් සිදු කරනවා\"හෙතෙම කියා සිටියේය.",
"Title": "'මුල්ලිවයික්කාල් කන්ජි' නොහොත් කැඳ යනු මොනවාද? එය සකස් කරන්නේ ඇයි?"
} |
{
"Text": " පොලීසිය බලහත්කාරයෙන් අයිස් දමා තරුණයෙකු රිමාන්ඩ් කළ බවට ලැබුණු පැමිණිල්ලක් ගැන විමර්ශන ඇරඹේ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ බවට ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් කිතුල්ගල පොලීසිය විසින් තරුණයෙකු රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බවට අද (මැයි 15) පොලිස් කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබේ. පොලීසිය තුළ දී පටිගත කළ බව කියන හඬ පටයක් ද එම තරුණයාගේ බිරිඳ විසින් පොලිස් කොමිසමට සහ සබරගමුව පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත භාර දී තිබේ. පොලිස් නිලධාරීන් තර්ජනය කරන ආකාරය එහි ඇතුලත්වෙන බව ඇය පැවසුවාය. ගංජා අලෙවි කිරීම නිසා අදාළ තරුණයා සහ ඇගේ නැන්දනිය මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. නමුත් දැන් තම පවුල යහපත්ව ජීවත් වීමට උත්සාහ කළ ද පොලීසිය ඊට ඉඩ ලබා නොදෙන බවට අහිංසා සඳමාලි පවසන්නීය. මේ සිදුවීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් පැවැත්වීමට උපදෙස් දුන් බව සබරගමුව පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මවර්ධන BBC සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.",
"Title": "පොලීසිය බලහත්කාරයෙන් අයිස් දමා තරුණයෙකු රිමාන්ඩ් කළ බවට ලැබුණු පැමිණිල්ලක් ගැන විමර්ශන ඇරඹේ"
} |
{
"Text": " යුද්ධයෙන් මිය ගිය තම ආදරණීයයන් සිහිපත් කිරීම සදහා උතුරු නැගෙනහිර දෙමළ ජනයා සිදු කරනු ලබන අනුස්මණයන්ට පහළොස් වසරක් ගත වී තිබේ. කෙසේ වෙතත් පසුගිය වසර ගණනාව පුරා මෙම සිහිපත් කිරීමේ අවස්ථා සංවිධානය කිරීමේදී ඔවුන්ට විටින් විට විවිධ පාර්ශවයන්ගෙන්; නොයක් ආකාරයේ බාධා එල්ල වීම් දක්නට ලැබුණි. මේ අතර පසුගිය දින දෙකක් තුළ පොලිසිය විසින් “මුල්ලිවයික්කාල් කන්ජි” ලෙස ඉතිහාස ගතවී ඇති කැඳ දන්සල් දෙකක් උසාවි නියෝග ලබා ගනිමින් තහනම් කරන ලද්දේ උතුරු නැගෙනහිර පුරා මෙම සතියේදී එවැනි තවත් දන්සල් පැවැත්වෙමින් තිබියදී ය. අධිකරණ නියෝග සම්පුර් හි පැවැති කැඳ දන්සලක් තහනම් කරමින් උසාවි නියෝගයක් ලබා ගත් පොලීසිය දෙමළ කාන්තාවන් තිදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර තිබේ. මැයි 12 වැනි ඉරිදා රාත්‍රියේ දී අත්අඩංගුවට ගන්නා ලද කමලේස්වරන් තෙන්නිලා(22), කමලේස්වරන් විජිතා (40), සෙල්ව විනෝද් සුජානි(40) සහ නවරත්න රාසා හරිහර කුමාර්(43) යන සිව් දෙනා මුතුර් අධිකරණය විසින් මැයි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය පවසයි. යුද්ධයේ දී ඝාතනය ලක්වු තම සමීපතමයන් සිහි කරමින් ඔවුහු මැයි 12 වැනිදා ත්‍රිකුණාමලය සාම්පුර්, සේනයුර් පිල්ලයාර් කෝවිල ඉදිරිපිට දී මුල්ලිවයික්කාල් කැඳ ප්‍රදේශවාසී ජනතාවට බෙදා දීමට කටයුතු කර තිබුණි. එම අවස්ථාවේ දී වෙල්ලමුල්ලිවයිකාල්හි දී මියගිය පුද්ගලයන් අනුස්මරණය කිරීම මෙන්ම ජනයා ඒකරාශි කිරීම හා ආහාර පාන ලබා දීම තහනම් කරමින් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් සහිතව එම ස්ථානයට පැමිණි සාම්පුර් පොලිස් නිලධාරීන් අධිකරණ නියෝගය එම පිරිසට ලබා දීමට උත්සාහ කළ අවස්ථාවේ ඔවුහු එය ප්‍රතික්ෂේප කර තිබේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තියට අනුව, නඩු අංක A 12 211/24, පැමිණිලිකරු වන සම්පුර් පොලිස් ස්ථානය භාර නිලධාරියාගේ ඉල්ලීම අනුව මැයි 12 වැනිදා මුතූර් අධිකරණය විසින් මුල්ලිවයිකාල් අනුස්මරණ තහනම් කිරිමට හේතු ලෙස නිකුත් කළ අධිකරණ නියෝගයේ සරල අදහස පහත පරිදි වේ. “සාම්පූර් පොලිස් බල ප්‍රදේශයට අයත් පාසල්, පන්සල් වැනි පොදු ස්ථානවල වෙල්ලමුල්ලිවයිකාල්හි දී මියගිය අය සිහිකර නීතිවිරෝධී ලෙස ජනතාව එක් රැස් කිරිම, මෝටර් රථ පෙළපාලි සහ ජනතාවගේ සෞඛ්‍යයට බාධා වන අයුරින් ජනතාවට බෝවන රෝග ඇති වන අයුරින් මහජන සෞඛ්‍යට අහිතකර ලෙස ඕනෑම බෝවන රෝගයක් ඇති වන පරිදි ජනතාවට ආහාර භාජන හෝ කැද, ඕනෑම බීමක් පිරිනැමිමේ ස්ථානයකට රැස්වී මහජන අපහසුතාවයට පත් කිරීම ජන ජීවිතයට අනතුරක් විය හැකි කිසිදු ක්‍රියාකාරකමක්;” යනුවෙන් දෙමළ භාෂාවෙන් නිකුත් කළ අධිකරණ නියෝගයේ සඳහන් වේ. මහවිරු සංගමයේ සභාපති කන්දයියා කාන්ඩීපන්, මහවිරු සංගමයේ උප සභාපති සාන්තලිංගම් කෝපිරාසා , මුතුර් මහවිරු සංගමයේ භාණ්ඩාගාරික නවරත්න රාසා හරිහර කුමාර්, මුතුර් මහවිරු සංගමයේ ලේකම් සෙල්ව විනෝද් සුජානි, මහවිරු සංගමයේ සාමාජිකයන් සහ වෙනත් පුද්ගලයන්ට අධිකරණය විසින් දින 14කට බලපැවැත්වෙන පරිදි මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත. එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීමක් ද? මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මැයි 14 වැනිදා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ යම් පිරිසක් මියගිය එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් සැමරීම සඳහා නැගෙනහිර පළාතේ පොලිස් වසම් කිහිපයක සැමරුම් උත්සව සංවිධානය කිරීමට සුදානම් වන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබු බවට යි. එම පිරිසගේ අරමුණ 2009 වසරේ වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීම බව පොලීසිය වෙත තොරතුරු වාර්තා වු බව ද එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව ත්‍රීකුණාමලය සාම්පූර් පොලිස් වසමේ මෙවැනි සැමරුම් උත්සවයක් පැවැත්වෙන බවට ලැබී තිබූ තොරතුරු අනුව එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීම නීති විරෝධී ක්‍රියාවක් වන බැවින් සාම්පූර් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර එම උත්සවය තහනම් කරමින් නියෝගයක් ලබා ගැනිමට කටයුතු කළ බව එහි දැක්වේ. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත 'අත්අඩංගුවට ගත්තේ කැඳ බෙදා දීම නිසා නොවෙයි' පොලිසිය විසින් යම් යම් නිශ්චිත පුද්ගලයන් සදහා මෙන්ම වෙනත් පුද්ගලයන් වෙනුවෙන් ද එම අධිකරණ නියෝගය ලබා ගෙන තිබේ. සැමරුම් උත්සවයක් සුදානම් කර තිබු ස්ථානයකට සාම්පූර් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ගොස් එම පිරිසට අධිකරණ නියෝගය පෙන්වා එය දැනුම් දීමට කටයුතු කළ ද එම අධිකරණ නියෝගය ඔවුන් පිළිනොගන්නා බව පවසා එය ප්‍රතික්ෂේප කරමින් අධිකරණ නියෝගය භාර නොගෙන පසුව සැමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු කළ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගනු ලැබූවේ කැඳ වර්ගයක් බෙදා දිමට කටයුතු කළ නිසා බවට සමාජ මාධ්‍යජාලා තුළ පුවත් පල වන අතර, එය සිදුවීම වැරදි ලෙස වාර්තා කිරිමක් බව පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. අධිකරණ නියෝගය කඩ කරන ලද සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ඇයගේ නිවසට ගිය අවස්ථාවේ සැකකාරියගේ දියණිය ඇයගේ ගෙලට පිහියක් තබා ගෙන සියදිවි නසා ගන්නා බවට පවසමින් පොලිස් නිලධාරින් වෙත තර්ජනය කර ඇති බව ද පොලිසිය පවසයි. එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ පොලිස් නිලධාරින් විසින් තත්වය පාලනය කර එක් සැකකරුවෙකු සහ සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි. මෙම සිදුවීමේදී එක් සැකකාරියක් විසින් තියුණු ආයුධයකින් සිදු කරනු ලද පහරදීමක් හේතුවෙන් කාන්තා පොලිස් නිලධාරිනියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ද පොලිසිය පවසයි. චෝදනා මොනවාද? “දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වැරදි ලෙස දැක්වෙන අධිකරණ නියෝගයකට අකීකරු වීම, අන්තරාදායක ආයුධ වලින් , ක්‍රම වලින් හෝ කැමැත්තෙන්ම තුවාල සිදු කිරීම, කැමැත්තෙන්ම බරපතල තුවාල සිදු කිරිම , රජයේ සේවකයකු නිසි පරිදි ප්‍රකාශ කරනු ලැබූ ආඥාවකට අකීකරු වීම හා සාපරාධී බිය ගැන්වීම යන වැරදි මත ඉහත සැකකරු සහ සැකකාරියන් සාම්පූර් පොලිස් ස්ථානයේ නිලධරයන් විසින් 2024.05.12 වන දින අත්අඩංගුවට ගත් අතර 2024.05.13 වන දින මූතූර් ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මැයි මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි .” යනුවෙන් එම නිවේදනයේ සඳහන් ය. මීට අමතරව ත්‍රීකුණාමලය වරාය සහ උප්පුවේලි යන පොලිස් වසම් තුළ ත් මෙම සැමරුම් උත්සව පැවැත්වෙන බව බුද්ධි අංශ විසින් වාර්තා කර තිබූ අතර ඒ අනුව එය වැලැක්වීම සඳහා එම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් අධිකරණ නියෝග ලබා ගෙන ඇති අතර එම අධිකරණ නියෝගයන්ට අවනත වෙමින් අදාළ පාර්ශයන් එම පොලිස් වසම් තුළ සැමරුම් උත්සව නොපැවැත්වීමට කටයුතු කර ඇතැයි එම නිවේදයේ සඳහන් කර ඇත. 'වෙසක් එකට දන්සල් තියෙනවා. ඒවත් තහනම් කරන්න පොලිසිය උසාවි නියෝග ගන්නවාද?' මානව හිමිකම් නීතීඥවරියක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන අම්බිකා සත්කුනනාදන් බීබීසී සිංහල සේවයට පැවසුවේ මැයි මාසයේදී දෙමළ ජනතාව යුද්ධයෙන් මියගිය සියලු දෙනා, විශේෂයෙන් අවසන් අදියරේදී මියගිය සියලු දෙනා අනුස්මරණය කරන බවයි. “මේ මාසයේ ඔවුන් යුද්ධයෙන් මියගිය සියලු දෙනා අනුස්මරණය කරනවා. ආණ්ඩුව ඔවුන්ට බාධා කරන්න හදනවා, එල්.ටී.ටී.ඊ.ය අනුස්මරණය කරන්න යනවා, ත්‍රස්තවාදයට පණ දෙන්න යනවා කියලා.” යැයි කන්ජි බෙදාහැරීම තහනම් කිරීමට ගත් උත්සාහයන් පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියාය. සන්නද්ධ අරගලයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිහිපත් කිරීම නොවැම්බර් මාසයේ මහවීර දිනයේදී සිදුවන බවත්, මැයි මාසයේදී යුද්ධයෙන් මියගිය සියලුම දෙනා සිහිපත් කරන බව නීතිඥවරිය පැවසුවාය. කන්ජි දන්සල් තහනම් කිරීමට පොලිසිය දක්වන එක් හේතුවක් වන්නේ සනීපාරක්ෂාවයි. ඇය මේ බව ප්‍රශ්න කළේ වෙසක් දන්සල් උදාහරණය යොදා ගනිමිනි. “මැයි දින රැලි තිබුණා, ඔවුන් කෑම බෙදා ගත්තා. දහස් ගණන් ජනතාව ද එහි රැස්ව සිටියා. ලබන සතියේ වෙසක්. වෙසක් එකට දන්සල් තියෙනවා. ඒවත් තහනම් කරන්න පොලිසිය උසාවි නියෝග ගන්නවාද?” 'ඔවුන් සිතන්නේ සංහිඳියාව යනු අපට සිදුවූ සියල්ල අමතක කිරීම කියලා' නීතීඥ අම්බිකා සත්කුනනාදන් අවධාරණය කරන්නේ යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත් මියගිය අය සිහිපත් කිරීමේ අයිතිය කඩ කිරීම රටේ සංහිඳියාවට බාධාවක් බවයි. සංහිඳියාව යනුවෙන් රජය සිතන්නේ කුමක්දැයි ඇය පැහැදිලි කළාය. “ඔවුන් සිතන්නේ සංහිඳියාවෙන් යුක්තිය ඉටුවන බවයි. සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට අයිතියක් නැහැ. මේ වගේ සමරු පවත්වන්න අයිතියක් නැහැ. ඔවුන් සිතන්නේ සංහිඳියාව යනු අපට සිදුවූ සියල්ල අමතක කිරීම සහ යුද්ධය සහ එහි ප්‍රතිඵල ගැන රජය ඉදිරිපත් කරන අනුවාදයට අපි අභියෝග නොකර සිටීම කියලා. සංහිඳියාව කියලා ඔවුන් සිතන්නේ එයයි.” රට තුළ සංහිඳියාව ඇති කිරීමට නම් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සත්‍යය දැන ගැනීමටත්, යුක්තිය ඉටු වීමටත්, අනුස්මරණය කිරීමේ අයිතිය තිබිය යුතු බව මෙන්ම සිදු වූ අහිමි වීම් සඳහා වන්දි ලබා ගැනීමට අයිතිවාසිකම් තිබිය යුතු බව ද ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය. 'සිහිකිරිමේ අයිතිය' ගැන මානව හිමිකම් පැමිණිල්ලක් මේ අතර මෙම සිදුවිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් සිදු කරන තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය සිහිපත් කර දෙන්නේ අධිකරණ නියෝග ලබා ගනිමින් පොලිසිය මෙම සිහි කිරිම්වලට බාධා කරමින් සිටින්නේ 2016 දී “සිහිකිරිමේ අයිතිය” තහවුරු කරන ලෙස මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබිය දී බවයි. එමෙන්ම ඔවුන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සම්මුති පනත (ICCPR) යටතේ වන වරදක් සිදුකර ඇත්දැයි සොයා බලන බව කියමින් ඔවුන් රිමාන්ඩ් කරවීමට ද කටයුතු කර ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ. යුද්ධයක් පැවති රටක පොලිසිය මිලේච්ඡ ලෙස කටයුතු කිරිමෙන් පෙන්නුම් කරන්නේ තවදුරටත් යුක්තිය, සංහිඳියාව හා සත්‍ය සෙවීම පමණක් නොව වින්දිතයන්ගේ සමාන්‍ය අයිතිවාසිකම්වලට රාජ්‍ය ගරු නොකරන බව යැයි තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන සිය පැමිණිල්ල මගින් කියා ඇත. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත තවත් තහනම් නියෝගයක් මේ අතර මැයි 14 වැනි අඟහරුවාදා පෙරවරුවේ කල්මුනේ පාන්ඩිරිප්පු අරසඩි අම්මාන් කෝවිල අසල කැඳ දන්සලක් පැවැත්වීමට දැරු උත්සාහයක් අධිකරණ නියෝග ලබා ගනිමින් නතර කිරීමට පොලීසිය කටයුතු කර ඇත. පෙරියනිලාවනෙයි පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව නියෝගය නිකුත් කරමින් කල්මුණේ මහේස්ත්‍රාත් එස්.එම්. එස්. එම් සම්සුදීන් නිකුත් කළ නියෝගයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන් සිහිපත් කිරීමේ අරමුණින් මෙවැනි ක්‍රියාකාරකම් සිදු කිරීම ත්‍රස්තවාදය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට අවස්ථාවක් වන බැවින් මෙම තහනම් නියෝගය නිකුත් කරන බවයි. මැයි 14 වැනිදා සිට මැයි 17 වැනිදා දක්වා බලපැවැත්වෙන අධිකරණ තහනම දෙමළ ජාතික ජනතා පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක පුෂ්පරාජ් තුෂානන්දන්ගේ නමට නිකුත් කර ඇත. 'මුල්ලිවයික්කාල් කන්ජි' යනු කුමක්ද ? 2009 යුද්ධයේ අවසාන දිනවල දී මුහුදුබඩ බිම් තීරුවකට කොටු වී සිටි දෙමළ ජනතාවගෙන් සමහරකට පණ ගැට ගසා ගන්නට පිහිටවුයේ “මුල්ලිවයික්කාල් කන්ජි” නම් කැඳ මාත්‍රාව බව පිළිගැනෙයි. එම ජීවන මාත්‍රාව පිසුවේ වතුරත්, සහල් මිටකුත්, සොයා ගත හැකි වුවොත් ලුණු බිඳකුත් එක්කොට යි. සෑම වසරකම මැයි 12 සිට 18 දක්වා දොරින් දොර ගොස් රැස් කරගත් සහලින් පිසූ කන්ජි දන්සල් උතුරු නැගෙනහිර පුරා පවත්වනු ලබති.ස්වකීය ආදරණීයයන් සිහිපත් කරමින් මැයි 18 වැනිදා මුල්ලිවයික්කාල් හී පවත්වනු ලබන අනුස්මරණ රැළියකින් මෙම අනුස්මරණ සතිය නිමාවේ.",
"Title": "මුල්ලිවයික්කාල් කැඳ දන්සැල් තහනම් කිරීම සහ අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ ඇයි?"
} |
{
"Text": " 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාසය කළ දමිළ හා මුස්ලිම් තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැර ගෙන ගොස් පසුව අතුරුදන් කිරීමේ සිද්ධියේ විත්තිකරුවකු වශයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නම් කළ හැකි බවට නීතිපතිවරු තුන්දෙනෙකුම තීරණය කර තිබිය දී, 2019 වසරෙන් පසුව වසන්ත කරන්නාගොඩට එරෙහිව අදාළ චෝදනා නොපවත්වාගෙන යාමට එවකට සිටි නීතිපතිවරයා කටයුතු කිරීම ගැටලු සහගත බවත් එම අතුරුදන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මැයි 13 වෙනිදා අභියාචනාදීකරණය හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේ දී කරුණු දැක්වීමක් සිදු කළේය. 2008 වසරේ කොළඹ හා ප්‍රදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන නඩුවක තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිඥවරයා මේ බව සඳහන් කළේය. අදාළ පෙත්සම අභියායචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් ඉදිරියේ කැඳවිණි. චෝදනා නොපත්වාගෙන යාමට නීතිපතිවරයා ගත් තීරණය එම අවස්ථාවේදී පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙලෙස අභියායචනධිකරණය හමුවේ අදහස් දැක්වූවේ ය. \"ස්වාමීනී, හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව මෙම සිද්ධියට අදාළව ගොනු කෙරුණු අධි චෝදනා පත්‍ර තවදුරටත් පවත්වාගෙන නොයාමට 2021 වසරේ අගෝස්තු මස 08 වනදා නීතිපතිවරයා තීරණය කළා. ඒ අනුව එම තීරණය නීතිපතිවරයා විසින් අදාළ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලටත් දැනුම් දී තිබෙනවා. මාගේ සේවා දායකයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවමින් අභියාචනාධිකරණය මේ වන විටත් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මාගේ සේවා දායකයාට එරෙහිව ගොනුකර තිබෙන චෝදනාපත්‍රය නීතිපතිවරයා විසින් මහාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගන්නේ නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි,\" යැයි පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේය. '2019 න් පසුව නීතිපති ස්ථාවරය වෙනස් වීම ගැටළු සහගතයි' පෙත්සම්කාර පාර්ශවයේ මෙම ඉල්ලීමට අතුරුදන් වූ තරුණයින්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ විරෝධය පළ කළේ ය. \"ස්වාමීනි, මෙම ඉල්ලීමට මා තරයේ විරුද්ධ වෙනවා. නීතිපතිවරු තුන්දෙනෙකුම පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව චෝදනා පවත්වාගෙන යා හැකි බව තීරණය කර තිබූණා. එහෙත් 2019 වසරින් පසුව නීතිපතිවරයාගේ එම ස්ථාවරය වෙනස් වී තිබෙනවා. මේක පිළිගත නොහැකි තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා,\" යනුවෙන් නීතිඥ නුවන් බෝපගේ අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඒ අවස්ථාවේදී කරුණු දැක්වූ විනිසුරු ලෆාර් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා අමතමින්, \"යම් විත්තිකරුවෙකුට චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් බලය පැවරී තිබෙන්නේ නීතිපතිවරයාට. ඒ අනුව විත්තිකරුවෙකුට එරෙහිව චෝදනා පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා තීරණය කරන්නේ නම් ඔහුට එරෙහිව සැබෑ නඩුකරයක් නොපවතින බව තමයි පිළිගැනීම,\" යයි ප්‍රකාශ කළේ ය. එහි දී විනිසුරුවරයා එවැනි අවස්ථාවක මෙම රිට් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් තිබේදැයි අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයාගෙන් විමසා සිටියේ ය. 'මහාධිකරණයෙන් තීරණයක් නැහැ' එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු මෙලෙස කරුණු දැක්වූවේ ය. \"ස්වාමීනී, පෙත්සම්කරුට එරෙහි අධිචෝදනා පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා විසින් ගෙන තිබෙන තීරණය, අදාළ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලටත් දැනුම් දී තිබෙනවා. එහෙත් අදාළ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් තවමත් නියෝග කිසිවක් නිකුත් කර නැහැ.\" මෙම පෙත්සම සම්බන්ධයෙන් ගත යුතු තීරණය දැනුම් දීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙස වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර, පෙත්සම්කාර පාර්ශ්වය දිගින් දිගටම කරුණු පෙන්වා මෙම පෙත්සම දිගින් දිගටම පවත්වාගෙන යාමට උත්සාහ කරන බවත් ඒ සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බවත් අගතියට පත් පාර්ශවයේ නීතිඥ නුවන් බෝපගේ යළිත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.මේ හරහා අගතියට පත් වූවන්ට අසාධාරණයක් සිදුවන බවත් ඔවුන්ට යුක්තිය ඉටුවීම පමාවන බවත් නීතීඥ බෝපගේ වැඩිදුරටත් පවසා සිටියේය. එහිදී විනිසුරු ලෆාර් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේ, 'පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද ? එසේත් නැතිනම් ඉල්ලා අස්කර ගන්නේ ද ?,' යන්න තීන්දු කිරීම සඳහා පෙත්සම්කාර පාර්ශවයට අවසන් වශයෙන් ලබන ජුනි මස 03 වනදා දක්වා කල් ලබාදෙන බවයි. එදිනට මේ සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවය තීරණයක් ලබා නොදෙන්නේ නම් අදාළ පෙත්සම සම්බන්ධයෙන් තමන් තීන්දුවක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කරන ලදි. 'අපි අවුරුදු 15ක් තිස්සේ කඳුළු හලමින් මේ යුක්තිය ඉටු කරගන්න උසාවි ගානේ යන්නේ' මෙම නඩුවට අදාළ අතුරුදහන් වූ තරුණයක් 11 දෙනා අතුරින් එක් තරුණයෙකුගේ මවක් බීබීසී සිංහල වෙත මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූවා ය. ජෙනිෆර් වීරසිංහ වන ඇයගේ පුත්‍රයා අතුරුදහන් වන විට 24 හැවිරිදි වියේ පසුව ඇති අතර, ඇගේ පුත්‍රයා ඇතුළු තරුණයන් පස් දෙනෙකු එකට පැහැගෙන ගොස් තිබේ. \"මගේ දරුවා ඇතුළු දරුවන් පස්දෙනෙක් පැහැරගෙන ගිය සිදුවීම සමබන්ධයෙන් පැහැදිලි සාක්ෂි තියෙනවා. මේ චෝදනා වසන්ත කරන්නාගොඩට එල්ල කළේ අපි නොවෙයි, නීතිපති දෙපාර්තමේන්තුවෙන්. ඒ වගේ ම පරීක්ෂණ පැවැත්වුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. අපි මැයි 13 නඩුවට ගියාම අපි වෙනුවෙන් පෙනී සිටිය යුතු නීතිපතිවරයා පෙනී ඉන්නේ චූදිතයන් වෙනුවෙන් කියලා තමයි අපට දැනුණේ,\" ඇය පවසයි. ඔවුන්ට නීතිපතිවරයාව විශ්වාස කළ නොහැකි තත්වයක් ඇතිව තිබිය දී නඩුවට අදාළ යුක්තිය ඉටුවේ දැයි කෙලෙස විශ්වාස කරන්නේදැයි ඇය විමසයි. \"චෝදනා 667ක් සහ සාක්ෂි 200කට අසන්න සංඛ්‍යාවක් දැනට උසාවියට ඉදිරිපත් කරලා තිබෙනවා. අපි අවුරුදු 15ක් තිස්සේ කඳුළු හලමින් මේ යුක්තිය ඉටු කරගන්න උසාවි ගානේ යන්නේ.\" \"වසන්ත කරන්නාගොඩ ඇත්තටම මේ සිද්ධියට සම්බන්ධ නැතිනම් ඔහුට පුළුවන් හොඳ මහත්තයෙක් වගේ උසාවියට ඇවිල්ලා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න. නමුත් මේ විදිහට පෙත්සම් දමමින් ඒවා ඇදගෙන යන ආකාරයට දරුවා අහිමි වුණ අම්මා කෙනෙක් විදිහට මටත් හිතෙන්නේ ඔහුගේ අත්වලත් ලේ ගෑවිලා තියෙනවා කියලා,\" ජෙනිෆර් පැවසුවා ය. \"දැන් ඔහුගේ නීතීඥයො එදා උසාවියේ දි කිවුවා සේවාදායකයා සමඟ සාකච්ඡා කරලා මේ රීට් පෙත්සම ඉල්ලා අස් කරගන්නාවද කියලා උසාවියට දන්වන්නම් කියලා. එහෙනම් මෙච්චර අවුරුදු හතරක් ඇයි මේ නඩුව බොරුවට ඇදගෙන ආවේ? කලින් නීතිපති අධිචෝදනා එල්ල කළේ දැනගෙන නෙවෙයිද? කවුද අපේ කඳුළු වලට වග කියන්නේ? කවුද අපට යුක්තිය ඉටු කරන්නේ?\" ජුනි 03 වනදා හෝ වින්දිතයන් වශයෙන් තමාට සහ අනෙක් දරුවන්ගේ දෙමවුපියන්ට යුක්ති සහගත තීරණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජෙනිෆර් පැවසුවා ය. \"ජුනි 03 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා නීතිපති අපි වෙනුවෙන් පෙනී ඉන්න හරි තීරණයක් ගනීවි කියලා. අපට අධිකරණය විතරයි දැන් විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා අධිකරණය තුළින් අවුරුදු 15ක් තිස්සේ අපි වගුරපු කඳුළු වලට සාධාරණයක් ඉටුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.\". 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාසය කළ දමිළ හා මුස්ලිම් තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ඉකුත් යහපාලන රජය සමයේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු පවරන ලදි. එම නඩුවේ 14 වන විත්තිකරු ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නම් කර තිබූ අතර නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී.දසනායක ද එහි විත්තිකරුවකු වශයෙන් නම්කර තිබේ.",
"Title": "තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ නඩුව : වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නොපවත්වාගෙන යාමට ගත් තීරණයට සිදුවන්නේ කුමක්ද?"
} |
{
"Text": " ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පැවති අර්බුදකාරී තත්ත්වය තවත් මුහුණුවරක් ගෙන තිබේ. මෙම තත්ත්වය උද්ගත වූයේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග ය. එම ඉල්ලා අස්වීමෙහි යටි අරමුණ වූයේ, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට පත් කිරීම ය. ඉරිදා (මැයි 13) පස්වරුවේ කෝට්ටේදී පැවති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ විධායක සභා රැස්වීමේදී මෛත්‍රීපාල සිරිසේන සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ අතර, එහිදී ගත් ඒකමතික තීරණයකට අනුව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පක්ෂ සභාපති ධූරයට පත් කර ගැනිණි. ඊට අමතරව, පක්ෂයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක නීතිඥ කීර්ති උඩවත්ත පත් කෙරිණි. මේ පිළිබඳව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් ද තබා තිබිණි. වාරණ නියෝග මැද මෙම පත් කිරීම් කරන ලද්දේ, විජයදාස රාජපක්ෂ වැඩබලන සභාපති ධූරයේ කටයුතු කිරීමට එරෙහිවත්, දුෂ්මන්ත මිත්‍රපාල වැඩබලන ලේකම් ධූරයේ කටයුතු කිරීමට එරෙහිවත් අධිකරණය විසින් වාරණ නියෝග පනවනු ලැබ ඇති තත්ත්වයක් තුළ ය. ඉදිරියේදී මැතිවරණ සමයක් එළඹීමට නියමිත හෙයින් පක්ෂයේ සභාපති සහ මහ ලේකම්වරුන්ට විවිධ රාජකාරී යෙදෙන අතර ස්ථිර සභාපතිවරයෙකු සහ ස්ථිර ලේකම්වරයෙකු පත් කළේ, ඒ හේතුවෙන් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මාහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස බීබීසී සිංහල සේවයට පැවසීය. \"විජයදාස රාජපක්ෂ මහතාට වාරණ නියෝගය දීලා තියෙන්නේ, වැඩබලන සභාපති ධූරය දැරීමට එරෙහිව නේ. ඒ නිසා අපි ඔහුව ස්ථිර සභාපති බවට පත් කළා. දැන් අර වාරණ නියෝග ඔහුට අදාළ වෙන්නෙ නෑ. හැබැයි ඉදිරියේදී අනෙක් පාර්ශවය මොන අධිකරණ ක්‍රියාමාර්ග ගනියි ද කියලා අපි දන්නෙ නෑ,\" මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස පැවසීය. \"අලුතෙන් පත් කරපු දෙන්නාට එරෙහිවත් වාරණ නියෝගයක් ගත්තොත් ඒ ගැනත් අවශ්‍ය පියවර ගන්න අපි සූදානම්.\" කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් මේ අතර, ඉරිදා (මැයි 12) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණවලට පටහැනිව ක්‍රියා කිරීම වළක්වාලමින් කඩුවෙල දිසා අධිකරණය සඳුදා (මැයි 13) වාරණ නියෝගයක් පැනවීය. එම නියෝගය නිකුත් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභිකයින් දෙදෙනෙකු වන ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජයමුනි ද සොයිසා, තවත් විධායක කාරක සභිකයින් 20 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී ය. ඒ අනුව, මැයි 12 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලැබූ තීරණවලට පටහැනිව කටයුතු කිරීමෙන් වළකින ලෙසට වාරණ නියෝගයක් පනවා තිබේ. මෙම වාරණ නියෝගය අනුව, විජයදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීමට අවස්ථාව හිමි වනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය \"සමූල ඝාතනය කිරීමක්\" මේ අතර, මෛත්‍රීපාල සිරිසේනට එරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන විජයදාස රාජපක්ෂට සභාපති ධූරය පිරිනැමීම, පක්ෂය විනාශ කිරීමක් බව ය. එය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සභාපති බණ්ඩාරනායක ඝාතනය කිරීමට වඩා ඔබ්බට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය \"සමූල ඝාතනය කිරීමක්\" බව පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඉරිදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මේ අතර, එම මාධ්‍ය හමුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ තනතුරු හුවමාරු කිරීමේදී ක්‍රමවේදයක් ඇති බවත්, අධිකරණ අමාත්‍යවරයා මෙම කරුණු නොදැන සිටීම විහිළුසහගත බවත්, මෙය අධිකරණය හෑල්ලු කිරීමක් බවත් ය. ශ්‍රී ලනිපයේ ඉදිරි මැතිවරණ සැලැස්ම කුමක් ද? අර්බුදකාරී තත්ත්වයක් පැවතිය ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණය සඳහා මුහුණ දීමට සූදානම් බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස බීබීසී සිංහල සේවයට පැවසීය. \"අපි තවමත් දන්නෙ නෑ මුලින් පැවැත්වෙන්නේ, ජනාධිපතිවරණය ද, මහ මැතිවරණය ද? කියලා. ඒ මොන මැතිවරණය ආවත් ඒකට මුහුණ දෙන්න අපි සූදානමින් ඉන්නේ. ඒ සඳහා සූදානම් වෙන්න තමයි, අපි ස්ථිර සභාපති කෙනෙක් සහ ලේකම් කෙනෙක් පත් කළේ.\" මේ අතර, ඔහු ප්‍රකාශ කළේ, රටේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට පක්ෂයේ ම කොටසක් උත්සහ කරමින් සිටින බව ය. 'මෛත්‍රී පක්ෂය විජයදාසට වික්කා' ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍ර අතට පත් කරමින් පසුගිය දා, එහි වැඩබලන සභාපති ධූරයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කෙරිණි. මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය විසින් ඔහු එම ධූරයට පත් කරනු ලැබුවේ, පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් විසින් වැඩබලන සභාපති ධූරයට නිමල් සිරිපාල ද සිල්වා පත් කරනු ලැබ ඇති පසුබිමක ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම ද වළක්වාලමින් (අප්‍රේල් 24 වැනිදා) කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ, පක්ෂය තුළ පැවති අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍ර අතට පත් කරවමිනි. විජයදාස රාජපක්ෂ සභාපති වූ හැටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය පසුගිය 20 වන දා රැස්වූ අවස්ථාවේ ගත් තීරණයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක රැස්වීමක් අප්‍රේල් 21 වන දා පෙරවරුවේ පැවැත්විණි. ඒ, ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයකදී ය. මෙම විධායක සභා රැස්වීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ද සහභාගී වී සිටි අතර, එහිදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරයට පත් කර ගැනිණි. මෛත්‍රී පාර්ශවය පවසන්නේ, විධායක සභිකයින් 116 දෙනෙකුගේ කැමැත්ත මත විජයදාස රාජපක්ෂ වැඩබලන සභාපති ධූරයට පත්වූ බව ය. 'නඩුවලින් බේරෙන්න පක්ෂය වික්කා දැයි සැකයි' කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසන්නේ, නඩු විශාල සංඛ්‍යාවකට මුහුණ දී සිටින මෛත්‍රීපාල සිරිසේන, එම \"නඩුවලින් බේරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂය විකුණා දැමුවා දැයි ඇති වූ සැකය මේ වන විට තහවුරු වී ඇති,\" බව ය. පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව විජයදාස රාජපක්ෂ පක්ෂයේ වැඩබලන සභාපති ධූරයට පත් කිරීම සිය පාර්ශවය පිළිනොගන්නා බවත්, එය නීතිවිරෝධී බවත් දුමින්ද දිසානායක පවසයි. “විජයදාස රාජපක්ෂ පක්ෂයේ වැඩබලන සභාපති ධූරයට පත් කරන්න කලින් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක ආරාධිත දේශනයක් සඳහා ඔහු කැඳවූ අවස්ථාවේ අපට සැකයක් ඇති වුණා පක්ෂය ඔහුට විකුණුවා කියලා. වැඩබලන සභාපති ධූරයට පත් කිරීමත් එක්ක ඒ සැකය දැන් ඔවුන් ම තහවුරු කරලා තියෙනවා.” ඔහු ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රුපියල් මිලියන 100ක වන්දි ගෙවීමටත්, තවත් නඩු 400කට අධික සංඛ්‍යාවකට මුහුණ දීමටත් සිදුව ඇති බව ය. 'පක්ෂය එජාපයට දෙන්න යන අය බොරු චෝදනා කරනවා' - ශ්‍රී ලනිප වැඩබලන මහ ලේකම් මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් පාර්ශවයකට එම පක්ෂය එක්සත් ජාතික පක්ෂයට එකතු කිරීමේ අවශ්‍යතාවක් මතු වී ඇතැයි පක්ෂයේ වැඩබලන මහ ලේකම් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, අධිකරණයෙන් ලැබුණු වාරණ නියෝග හේතුවෙන් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සඳහා වැඩබලන සභාපතිවරයෙකු පත් කර ගැනීමට අවශ්‍ය වූ හෙයින් ඒ සඳහා විජයදාස රාජපක්ෂ පත් කළ බව ය. “අපි මේ පක්ෂය එක්සත් ජාතික පක්ෂයට මූට්ටු කරන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ වෙනුවෙන් තමයි අපි මේ පියවර ගත්තේ. විජයදාස රාජපක්ෂ පත් කිරීම නීත්‍යනුකූලයි.” 'දෙන්නා ම පත්වුණ හැටි නීතිවිරෝධීයි' - දයාසිරි ජයසේකර මේ අතර, බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ, නිමල් සිරිපාල ද සිල්වා සහ විජයදාස රාජපක්ෂ යන දෙදෙනා ම වැඩබලන සභාපතිවරුන් ලෙස පත් කළ ආකාරය නීතිවිරෝධී බව ය. \"දෙන්නා ම පත්වුණ හැටි නීති විරෝධීයි. ඒත්, නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීතුමා පත්වීම සම්බන්ධයෙන් කිසි ම අධිකරණයක වාරණයක් නෑ. විජයදාස රාජපක්ෂ පත් කරපු විදිහත් සම්පූර්ණයෙන් ම වැරදියි. එයාව හරි නම් පත් කරන්න තියෙන්නෙ මධ්‍යම කාරක සභාවෙන් තමයි. විධායක සභාවට සභාපති පත් කරන්න බැහැ. මධ්‍යම කාරක සභාවේ එයාලට ඡන්ද නැතුව ගියා. ඒ නිසා ඒගොල්ලො අනික් පැත්තට කරකව ගත්තා. පක්ෂ ව්‍යවස්ථාවේ 23 වන වගන්තිය අනුව කියනවා, පක්ෂයේ අපේක්ෂිත සාමාජිකත්වය දීලා මාස හයක් යනවා සාමාජිකයෙක් විදිහට පිළිගන්න. මාස හයක් යනකම් අදාළ තැනැත්තා සාමාජිකයෙක් වෙන්නෙ නෑ. මේ විජයදාස රාජපක්ෂ මහත්තයාට දීලා තියෙන්නේ මාසයයි. මාසයකදී ඔහුට ඡන්දයක් ඉල්ලන්නත් බෑ. කිසි ම තනතුරක් ගන්නත් බෑ,\" පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර බීබීසී සිංහල සේවයට පැවසීය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයාගේ සහය විජයදාස රාජපක්ෂ පත් කිරීම සදහා ලැබී ඇති හෙයින් ඔහුගේ පත්කිරීම පිළිගත හැකි බව ය. මෛත්‍රීපාලට සිරිසේනට එරෙහි වාරණ නියෝග හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් (අප්‍රේල් 24) තවත් ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මෙම ස්ථිර අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවට විනිසුරු එහිදී සඳහන් කර ඇත. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය මැයි මස 09 වන දා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අප්‍රේල් 18 වන දා නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් අප්‍රේල් 04 වන දා එම වාරණ නියෝගය නිකුත් කර තිබිණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමේ සඳහන් කර තිබුණේ, මෛත්‍රීපාල සිරිසේන, පක්ෂයේ සභාපතිවරයා වශයෙන් වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කිරීම නිසා පක්ෂයට විශාල හානියක් සිදුවූ බව ය. පක්ෂයේ සභාපතිවරයා මෙන් ම රටේ සේනාධිනායකයා වශයෙන් ද කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන, වගකීම් විරහිත ආකාරයට කටයුතු කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම නිසා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය ඇති වූ බව පෙත්සමේ සඳහන් වෙයි. එසේ ම මෛත්‍රීපාල සිරිසේන තමන්ට ලැබුණු ජනවරමට පිටුපාමින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම තනතුරින් නීති විරෝධී ලෙස ඉවත් කර, පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති පාර්ශවයකට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට කටයුතු කළ බවත් එම ක්‍රියාව තුළින් මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට අධිකරණය විසින් ද තීන්දු කරනු ලැබූ බවත් පෙත්සමේ සඳහන් වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා සහ වැඩ බලන ලේකම්වරයාගේ කටයුතු වළක්වාලමින් වාරණ නියෝග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය (අප්‍රේල් 24 වැනිදා) වාරණ නියෝගයක් නිකුත් කළේය. එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් ද නිකුත් කෙරුණි. එසේම වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද විනිසුරුවරයා විසින් නිකුත් කරනු ලැබීය. මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම වාරණ නියෝග නිකුත් කළේය. මෙම වාරණ නියෝගය මැයි මස 08 දක්වා බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් ය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් දා වාරණ නියෝගයක් නිකුත් කළ බව පැවසීය. ඉන් අනතුරුව පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා වශයෙන් කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාල ද පත් කෙරුණු බවත් ඔහු සඳහන් කළේය. ඉන් අනතුරුව වගඋත්තරකාර දුෂ්මන්ත මිත්‍රපාල විසින් පක්ෂයේ විධායක සභාව නැමැති රැස්වීමක් ඉකුත් 21 වනදා කැඳවා පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කර ගැනීමට කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය. 'නීතියට පටහැනියි' ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව වැඩ බලන සභාපති ධුරය සඳහා දුෂ්‍යන්ත මිත්‍රපාල විසින් පත්කිරීමක් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැනි විධායක සභා රැස්වීමක් කැඳවීමට වැඩ බලන මහලේකම්වරයාට බලයක් නොමැති බවත් සඳහන් කළේය. වැඩ බලන සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබූ විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු නොවන අතර ඔහු මේ වන විටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව සඳහන් කර ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා විජයදාස රාජපක්ෂ මේ වන විටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය දරන අයෙකු බැවින් ඔහුට නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත නොහැකි බවත් සඳහන් කර සිටියේය. විජයදාස රාජපක්ෂ මාසයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බව සඳහන් කර තිබුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයකුගේ පක්ෂ සාමාජිකත්වය ස්ථිර වන්නේ එය ලබා ගත් දින සිට මාස 06 ක් ගතවීමෙන් පසුව බවත් ඒ අනුව විජයදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයක් නොමැති බව පෙනී යන බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා විසින් අනතුරුව මෙම නියෝග නිකුත් කරනු ලැබීය.",
"Title": "මෛත්‍රී ශ්‍රී ලනිප සභාපති ධූරයෙන් හදිසියේ ඉල්ලා අස්වූයේ ඇයි? ඉදිරියට කුමක් වෙයි ද?"
} |
{
"Text": " කොරෝනාවෛරස් වසංගතය සම්බන්ධයෙන් ලෝකයේ පැවති බිය පහවී ගියේ, කොවිඩ් එන්නත් හරහා වසංගතය යම් ආකාරයක පාලනයකට නතු වූ හෙයිනි. එහෙත්, වසර කිහිපයකට පසු කොවිඩ් එන්නත්වලින් ඇති වන අතුරු ආබාධ සම්බන්ධයෙන් මේ වන විට බියක් මතු වී තිබේ. මෙම බිය නිර්මාණය වූයේ, සිය කොවිඩ් එන්නත මගින් \"රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ (TTS) ඇති විය හැකි\" බවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කළ සමාගම, බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේ පිළිගැනීමත් සමග ය. ඉන්පසුව, බිලියන තුනකට අධික මාත්‍රා ගණනක් ලබා දීමෙන් පසුව \"වාණිජමය හේතු මත යාවත්කාලීන කරන ලද නව එන්නතක් හදුන්වා දීමේ අරමුණින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි එම සමාගම නිවේදනය කළේ ය. එම සමාගම විසින් මෙම තීරණය ගනු ලැබුවේ, රුධිරය කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට සමාගමට එරෙහිව නඩු කිහිපයක් පැවරීමෙන් අනතුරුව ය. ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දුන්නා ද? බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිපදවන ලදී. එම එන්නත ඉන්දියාවේ මහා පරිමාණ එන්නත් නිෂ්පාදන ආයතනයක් වන සීරම් ආයතනය විසින් කොවිෂීල්ඩ් නමින් නිපදවන ලදී. කොවිඩ්වලට එරෙහි එන්නතක් අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලංකාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 250,000ක් පරිත්‍යාග කළේ ය. ඒ, අසල්වැසියාට ප්‍රමුඛත්වය සංකල්පය අනුව ය. ඒ අනුව, ශ්‍රී ලංකාව, මාලදිවයින් සහ බංග්ලාදේශය යන අසල්වැසි රටවලට කොවිෂීල්ඩ් එන්නත් නොමිලේ පරිත්‍යාග කෙරිණි. ශ්‍රී ලංකාවට මුලින් ම ලැබුණු එන්නත් මාත්‍රා තොගය වූ එය, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ රෝහල් සේවකයින්ට ලබා දීමට තීරණය කළේ ය. ඒ අනුව, බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6ක සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන 2021 වසරේ ජනවාරි 29 වන දින ආරම්භ විය. පසුව, එම වසරේ මාර්තු මාසය වන විට කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට ගෙන්වා තිබිණි. ඉන්පසු, තවත් මාත්‍රා මිලියන ගණනක් මෙරට ජනතාව වෙනුවෙන් මිල දී ගැනිණි. ශ්‍රී ලාංකිකයින්ට අතුරු ආබාධ ඇති වූයේ නැති ද? කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුට මුල් කාලයේදී ම අතුරු ආබාධ ඇති වූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, එන්නත නිකුත් කිරීමට පෙර අදාළ සමාගම පුද්ගලයින් 40,000කට ලබා දී පරීක්ෂා කර තිබූ බවත්, ලක්ෂයකට දශම ගණනක් වැනි අඩු මට්ටමේ අතුරු ආබාධ සම්බන්ධයෙන් වාර්තා වී තිබූ බවත් ය. \"මේ එන්නත දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත. ඒ වෙලාවේ එන්නත නිසා ඇති විය හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධවලට වඩා එන්නත නිසා කොවිඩ් මරණ අවම කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වෙලා තිබුණා. ඒ අවස්ථාවේ හැටියට ගත යුතු හොද ම පියවර විදිහට තමයි, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක නිර්දේශ කළේ,\" ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පැහැදිලි කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, අතුරු ආබාධ පිළිබද බිය හදිසියේ මතුව ඇත්තේ, සමාගමට එරෙහිව නඩු පැවරීම හේතුවෙන් බව ය. ශ්‍රී ලංකාවේ ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර, කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ, තමන්ට යම් යම් අතුරු ආබාධවලට මුහුණ දීමට සිදුවූ බව ය. ඒ අතරින්, හෘදයාබාධ සහ රුධිරය කැටි ගැසීම් ආදී රෝග ලක්ෂණ මතු වූ බව ඔවුහු පැවසූහ. කෙසේ වෙතත්, එම සංකූලතා පසුකාලීනව මගහැරී ගිය බව ද ඔවුහු පැවසූහ. \"මුල සිට ම අතුරු ආබාධ තිබුණා\" මේ අතර, කොවිෂීල්ඩ් පමණක් නොව සියලු කොවිඩ් එන්නත්වල අතුරු ආබාධ මුල් කාලයේ සිට ම පැවතුණු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය සමත් ධර්මරත්න පවසයි. බීබීසී සිංහල සේවය කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ, කොවිඩ් එන්නත්වල අතුරු ආබාධ හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් ඇතැයි ඇස්තමේන්තු කරන බව ය. කෙසේ වෙතත්, ඔවුන් ඍජුව එන්නත නිසා මිය ගිය බව කිව නොහැකි අතර, හෘදයාබාධ ආදී රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමෙන් මිය ගිය බව තහවුරු වී ඇති බව ය. \"මම නම් කියන්නේ මේ සියලු එන්නත් නතර කළ යුතුයි. මේ එන්නත්වල අතුරු ආබාධ තිබුණු බව මුල ඉදලා ම තේරුණා. ඒත් ඒ වෙලාවේ තිබුණ අවශ්‍යතාව තමයි, කොරෝනාවෛරසය පාලනය කරන එක. ඒ නිසා මේ ගැන රජයට දොස් කියලා වැඩකුත් නෑ. අනිත් එක රජය මේක පාවිච්චි කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මත. සාමාන්‍යයෙන් ලෝකයට ම බලපාන වසංගතයක් මර්දනය කරන්න මේ වගේ තීරණ ගන්න සිද්ධ වෙනවා.\" \"මේ එන්නත ලබා දෙනකොට ඒකෙ උපදෙස් පත්‍රිකාවේ දක්වලා තිබුණා Not time tested කියලා. මොක ද, ඒ අවස්ථාවේ හැටියට එන්නත අත්හදාබලන්න ලොකු කාලයක් ගත කරන්න හැකියාවක් තිබුණෙ නෑ. මම දන්න විදිහට සියලු එන්නත්වලින් ශ්‍රී ලංකාවේ මරණ 7ක් විතර සිද්ධ වෙලා තියෙනවා,\" මහාචාර්ය සමත් ධර්මරත්න පැවසීය. \"කලබල විය යුතු නැහැ\" කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයින් බියට හෝ කලබලයට පත් විය යුතු නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේ, එවැනි අතුරු ආබාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ බරපතළ තත්ත්වයක් මතු වී නොමැති බව ය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය ඇස්ට්‍රාසෙනෙකා සහ කොවිෂීල්ඩ් එන්නත් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ සහ ඉන්දියාවේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කුමන පියවරක් අනුගමනය කරන්නේ ද යන්න පිළිබදව බීබීසී සිංහල සේවය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගෙන් විමසීමක් කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, මෙතෙක් එම එන්නත ලබා ගත් පුද්ගලයින්ගෙන් අතුරු ආබාධ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නොමැති බව ය. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවට කොවිෂීල්ඩ් දුන් ඉන්දියාවේ තත්ත්වය කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ සීරම් ආයතනයට සහ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළ රජයේ බලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය දෙමාපියන් පිරිසක් සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ, සිය දරුවන් එන්නත නිසා ඇති වූ අතුරු ආබාධ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවට චෝදනා කරමිනි. කේරළ, මුම්බායි, කොයිම්බතූර්, හයිදරාබාද්, බෙංගලූරු සහ කපූර්තාලා යන ප්‍රදේශවල පදිංචි දෙමාපියන් පිරිසක් මෙලෙස නඩු මාර්ගයට පිවිසීමට තීරණය කර තිබේ. සීරම් ආයතනයේ ප්‍රකාශකයෙකු ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබුණේ, \"අපි දැනට පවතින තත්ත්වය සම්පූර්ණයෙන් ම තේරුම් අරගෙන තිබෙනවා. මේ චෝදනා සම්බන්ධයෙන් විනිවිදභාවය සහ ආරක්ෂාව සඳහා අපගේ කැපවීම අවධාරණය කරන්න කැමතියි. මේ එන්නතට අදාළව දුර්ලභ හා ඉතා දුර්ලභ අතුරු ආබාධ සියල්ල අපි මුල සිට ම ඒ කියන්නෙ 2021 වසරේ සිට ම හෙළිදරව් කර තිබෙනවා,\" යනුවෙනි.",
"Title": "ඇස්ට්‍රාසෙනෙකා අතුරු ආබාධ: ශ්‍රී ලංකාවේ එන්නත ගත් අයට සිදුවන්නේ කුමක් ද?"
} |
{
"Text": " 'පැසිපියා' යන නම ඇසූ පමණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ 'සර්කස්' කණ්ඩායමකි. දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක් නියෝජනය කළ ජනතාව පුදුමයට පත් කරවමින් සර්කස් පෙන්නූ 'සර්කස් පැසිපියා' තවමත් සංදර්ශන පවත්වයි. පරම්පරා ගණනාවක ජනතාව අමන්දානන්දයට පත් කළ, තවමත් 'සර්කස් පෙන්වන' සර්කස් පැසිපියා වත්මන් හිමිකරු වන නිරෝෂන් කපුගීකියනගේ හමුවීමට අපි මතුගම, අගලවත්තට ගියෙමු. දශක ගණනක් අතීතයට දිවෙන සර්කස් පැසිපියා ආරම්භය ගැන එහි වත්මන් හිමිකරු සමග කළ සාකච්ඡාවකින් සකස් කළ වාර්තාවකි මේ. දේවාලේ පිනුම්කරුවන් සර්කස්කරුවන් වූ හැටි \"අපේ සීයා තමයි මුලින් ම මේක පටන් ගන්න මුල් වුණේ. කේ.ජී. සුගතදාස තමයි මගේ සීයා. 1940 ගණන්වල කපුගම දේවාලේ මංගල්‍යය කාලයට පිනුම්කරුවෙක් විදිහට තමයි සීයා මුලින් ම කටයුතු කරලා තියෙන්නේ. ඒ පිනුම්කරුවන් විදිහට අලුත්ගම කරුණාසේන, කුඩලිගම කළුආරච්චි, දොඩංගොඩ පබිලිස් කියලා කීප දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ තුන් දෙනා යි මගේ සීයායි තමයි සර්කස් පැසිපියා පටන් අරන් තියෙන්නේ,\" නිරෝෂන් කපුගීකියන ඔහු දන්නා ඉතිහාසය අනාවරණය කළේ ය. නිරෝෂන් පවසන පරිදි, ඉහත කී සිව් දෙනා සර්කස් කණ්ඩායමක් ආරම්භ කිරීමට පෙළඹී ඇත්තේ, එවකට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළ විදෙස් සර්කස් කණ්ඩායම්වල සංදර්ශන නැරඹීමෙන් පසුව ය. දෙවොල් මඩුවේ ගම් වැසියන් පිරිසක් ඉදිරියේ පිනුම් ගැසූ මේ සිව් දෙනා පසුව ශ්‍රී ලංකාව ම අඳුනන සුප්‍රසිද්ධ සර්කස්කාරයින් බවට පත්වීම සඳහා තැබූ පළමු පියවර එය විය. පැසිපියා නම ලැබුණු හැටි \"මුලින් කියපු හතර දෙනාගෙන් දොඩංගොඩ පබිලිස් කියන කෙනාට තමයි සල්ලි තිබිලා තියෙන්නේ. ඒ නිසා එයාගේ වියදමෙන් හට් එකක් ගහලා පළවෙනි වතාවට සර්කස් පෙන්නලා තියෙනවා. එයා තමයි ඒ සර්කස් කණ්ඩායමට පැසිපියා කියන නම දාලා තියෙන්නේ,\" නිරෝෂන් පැවසීය. කෙසේ වෙතත්, පැසිපියා යන නම දැමීමට බලපෑ හේතුව පිළිබඳව නිරෝෂන්ට මතකයක් නැත. Pasipia යන්න විදෙස් රටවල පෙළපත් නාමයක් ලෙස භාවිත කරන බව නිරීක්ෂණවලින් පෙනී යයි. \"අපේ සීයා, පබිලිස් දොඩංගොඩ, අලුත්ගම කරුණාසේන, කුඩලිගම කට්ටියක්, මේ කට්ටිය එකතු වෙලා කතා වෙලා තියෙනවා, සර්කස් කණ්ඩායමක් හදමු කියලා. ඊට පස්සෙ පබිලිස් දොඩංගොඩ වියදම් කරලා 'සර්කස් පැසිපියා' කියල නමක් දාලා ඒක පටන් අර ගත්තා කියලා තාත්තා අපට කියලා තියෙනවා.\" මුල් කාලයේ පුහුණුවීම් කළ හැටි සිය මුත්තණුවන් සහ පියා සර්කස් පුහුණු වූ සමයේ ආරක්ෂිත දැල් නොතිබූ අතර, ඔවුන් අනතුරුදායක සර්කස් අංග පුහුණු වීම සඳහා නිවස පහළින් ගලා යන ඇළ මාර්ගයක් භාවිත කර ඇතැයි නිරෝෂන් පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, යකඩ බාර් මත ඇවිද යන අංග, ඔංචිල්ලාවේ කෙරෙන අනතුරුදායක අංග ආදිය එහිදී පුහුණු වී තිබේ. එකල බාලවයස්කාරයින් සර්කස් සඳහා යොදා ගැනීමට බාධා නොපැවතුණු අතර කුඩා දරුවන් ද සර්කස් සංදර්ශනවලට සහභාගි වී තිබිණි. \"අපේ අම්මාත් සර්කස් කළා. එයා අවුරුදු 7දී තමයි සර්කස් කණ්ඩායමට බැඳිලා තියෙන්නේ. ඒ කාලේ පුංචි කාලේ ඉඳලා සර්කස්වලට පුරුදු කරලා තියෙනවා. ඒත් දැන් තත්ත්වය ඊට වඩා වෙනස්. දැන් සර්කස් පුහුණු කරන්න පුළුවන් පාසල් අධ්‍යාපනය ඉවර වුණාට පස්සේ තමයි.\" නිරෝෂන් පවසන පරිදි ඔහුගේ මව 1967 වසරේදී විජේ සර්කස් කණ්ඩායමේ සාමාජිකාවක බවට පත්වී ඇති අතර, ශ්‍රී ලංකාවේ සර්කස් ඉතිහාසයේ තුන් වන පරම්පරාව නියෝජනය කළා ය. \"සීයලාගේ කාලේ යකඩ බාර් පාවිච්චි කළේ නෑ. උණ ගස් තමයි ඒ වෙනුවට පාවිච්චි කළේ. සීමිත සම්පත්වලින් තමයි ඒගොල්ලො සර්කස් පෙන්නුවේ,\" නිරෝෂන් පැවසීය. තුන් වන පරපුරේ නිරෝෂන් සර්කස් පැසිපියා කණ්ඩායමේ තුන් වන පරම්පරාවේ හිමිකරු වන නිරෝෂන්, එහි ආරම්භකයා වූ කේ.ජී. සුගතදාසගේ මුණුපුරා ය. එමෙන් ම දෙවන පරපුරේ හිමිකරු වූ කේ.ජී. නිමල් පියශාන්තගේ පුත්‍රයෙකි. ඔහුට වැඩිමල් සහෝදරයින් දෙදෙනෙක් සහ බාල සොහොයුරෙක් වෙති. 1981 වසරේ උපන් නිරෝෂන් මේ වන විට විවාහ වී සිටින අතර දූවරුන් දෙදෙනෙකුගේ පියෙකි. \"මගේ කාලය වෙද්දී බාලවයස්කාරයින්ට සර්කස් කරන්න දුන්නේ නෑ. ඉතින් මම සර්කස් කරන්න පටන් ගත්තේ 1997 ඉස්කෝලේ අධ්‍යාපනය ඉවර වුණාට පස්සේ. තාත්තා අපිට සර්කස් ඉගැන්නුවේ නෑ. අපේ ජානවල ඒ හැකියාව තිබුණා. ඉතින් තාත්තලා පුරුදු වෙන තැනට ගිහින් බලාගෙන ඉඳලා තමයි මම ඉගෙන ගත්තේ,\" නිරෝෂන් මතකය අවදි කළේ ය. \"දැන් තියෙන සර්කස් කලාව රැකිලා තියෙන්නේ අපේ තාත්තා නිසා. එයා හදපු ගෝලයෝ තමයි දැන් සර්කස් කලාව කරගෙන යන්නේ. තාත්තා අවුරුදු 50ක් විතර වෙනකම් සර්කස් කළා. ඊට පස්සෙ අපිට භාර දීලා එයා නතර වුණා. මේ වන විට සර්කස් පැසිපියා කණ්ඩායම නිසා පවුල් 15ක් පමණ ජීවත් වන බව නිරෝෂන් පවසයි. 'ගෙදර ඉන්නේ මාසයකට දවස් තුන හතර යි' වසරේ සෑම මසක ම පාහේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සර්කස් සංදර්ශනය පවත්වන අතර, තමන්ට නිවසේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන්නේ මසකට දින තුන හතරක් පමණක් බව නිරෝෂන් පැවසීය. \"අපි එක ගමකට ආයෙත් යන්නෙ අවුරුදු 5කට විතර පස්සේ. නිතර නිතර ගියොත් මිනිස්සුන්ට සර්කස් ගැන අගයක් නැති වෙනවා. ඒ නිසා අපි ටික කාලයක් ගියාට පස්සෙ තමයි ආයෙත් එක ම ගමට යන්නේ.\" මේ අතර, විනෝද බදු ආදිය හේතුවෙන් සර්කස් සංදර්ශනවලින් රජයට සැලකිය යුතු මුදලක් ගෙවන බවත්, එක් සංදර්ශනයක් පැවැත්වීම සඳහා මූලික වශයෙන් රු. ලක්ෂයකට අධික මුදලක් වැය වන බවත් ඔහු සඳහන් කළේ ය. සාමාන්‍යයෙන් ඔවුහු සර්කස් සංදර්ශනයක් සති කිහිපයක් තිස්සේ පවත්වති. දුෂ්කරතා මේ වන විට සර්කස් කණ්ඩායමක් පවත්වාගෙන යාම දුෂ්කර කටයුත්තක් වී ඇතැයි නිරෝෂන් පවසයි. \"ප්‍රධාන කාරණේ තමයි සර්කස්වලට පුහුණු කරන්න ළමයි හොයා ගන්න අමාරුයි. හොයා ගත්තත් වයස 18 පැන්නාට පස්සේ ඔවුන්ට පුරුදු කරන්න අමාරුයි. පොඩි කාලේ ඉඳලා පුරුදු කරන එක තමයි ලේසි. අනික් අතට දැන් ඉන්න දරුවෝ මහන්සි වෙලා වැඩ කරන්න කැමති නෑ. ඒ කාලේ ගෑනු උදවිය කරපු සර්කස් තමයි දැන් පිරිමි කරන්නේ.\" ඉදිරි මාස කිහිපය තුළදී තමන් ද සර්කස් සංදර්ශනවලින් ඉවත් වීමට තීරණය කර ඇති බවත්, එසේ වුවහොත් සිය බාල සොහොයුරා ද ඉන් ඉවත් වනු ඇති බවත් නිරෝෂන් පැවසීය. \"ශ්‍රී ලංකාවේ සර්කස් ක්ෂේත්‍රය ඉදිරියේදී කඩා වැටෙයි කියලයි මට හිතෙන්නේ. අපි ගැන කිසි බලධාරියෙක් බලන්නෙ නෑ. අපි බදු නම් ගෙවනවා ලොකු ගාණක්. මං හිතන්නේ දේශපාලනඥයොවත්, නිලධාරියොවත් සර්කස් බලල නැතුව ඇති. ඒකයි අපි ගැන කිසි ම තැකීමක් නැත්තේ.\" සර්කස් සංදර්ශන සහ පුහුණුවීම් අතරතුර අනතුරට ලක්ව ඔත්පල වී සිටින පිරිසක් ද වෙති. ඔවුන් රැක බලා ගැනීමට ද සිදුව ඇත්තේ, සර්කස් කණ්ඩායමේ හිමිකරුට ය. \"මේක කලාවක්. අනතුරුදායක කලාවක්. අපිට මේක කරන්න පුළුවන් ඇඟේ හයිය තියෙනකම් විතරයි. ඉතින් මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා සර්කස්කාරයින් කියන අපි ගැනත් ටිකක් හොයලා බලන්න කියලා,\" නිරෝෂන් අවසාන වශයෙන් පැවසීය.",
"Title": "සර්කස් පැසිපියා: පරම්පරා ගණනක් ශ්‍රී ලාංකිකයින් පුදුම කරවූ 'සැබෑ සර්කස්කාරයින්' රටට අහිමි වෙයි ද?"
} |
{
"Text": " මේවන විට ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවන අතර, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගයද කැපීපෙනෙන ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි. රටේ උද්ධමනය 1.5% ක අගයකට පහළ වැටී ඇත. වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6 ක අතිරික්තයක් පෙන්නුම් කරයි.දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ (මැයි 09 වැනිදා) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පෙන්වා දුන්නේය. මීට වසර දෙකකට අධික කාලයක සිට ශ්‍රී ලංකාවේ දිනපතා පුවත් නිර්මාණය කළ ඇමෙරිකානු ඩොලරයේ අගය වැඩි වීම, වර්තමානය වන විට ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් පවතියි. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සිඳී යාම, උද්ධමනය ඉහළ යාම වැනි බොහෝ ආර්ථිකමය කාරණා හේතුවෙන් විවිධාකාරයෙන් ජනතාවට පීඩනයක් එල්ල කරන ලදි. විශේෂයෙන් ම ආනයනය ක්ෂේත්‍රයට අදාලව එය සෘජුව බලපෑම් එල්ල කළ අතර, එනිසාම වර්තමානය දක්වාත් ක්‍රියාත්මක වන ආනයන සීමා රැසක් ද ක්‍රියාත්මක කෙරුණි. ඉන්ධන, ගෑස් වැනි අත්‍යවශ්‍ය දේ පවා ගෙන්වීමට බාධා ඇති වූ අතර, දිවයින පුරා දැවැන්ත පෝලිම් ප්‍රමාණයක් ද නිර්මාණය විය. කෙසේ නමුත් වර්තමානය වනවිට රුපියල වෙනත් මුදල් ඒකක සමග සැසදීමේදී සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත. රුපියල ශක්තිමත් වීම නිසා ආනයන භාණ්ඩවල මිල ගණන් සැලකිය යුතු ප්‍රමාණයකට පහළ යාමක් මේ වන විට දකින්නට ලැබෙන බව පාර්ලිමේන්තුවේදී පෙන්වාදුන් ජනාධිපතිවරයා ගෑස්, ඛනිජ තෙල්, කිරිපිටි ආදී භාණ්ඩවල මිළ පහළ දැමීම සඳහා රුපියල ශක්තිමත් වීම හේතු වූ බව පැවසුවේ ය. එසේම පොළී අනුපාතය පහළ යාම නිසා ව්‍යවසායක අංශයට ද වඩාත් පහසුවක් ඇතිව තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. රුපියල ශක්තිමත් වීම යනු කුමක් ද?ආර්ථිකයේ මෙම සුබවාදී ප්‍රතිලාභ සාමාන්‍ය මහජනතාව වෙත ලැබෙන්නේ ද? මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් මහාචාර්ය අමින්ද මෙත්සිල සමඟ පැවැත් වූ සාකච්ඡාවේ දී මතුකරගත් කරුණු මෙතැන් සිට කියවන්න. රුපියල ශක්තිමත් වීම කියන්නේ මොකක්ද? රුපියල ශක්තිමත් වීම යනු අප විදේශ විනිමයන් සඳහා ගෙවිය යුතු මුදල අඩු වීම බව මහාචාර්ය අමින්ද මෙත්සිල පැහැදිලි කළේ ය. \"සරළව ම අපිට ඇමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ගණන අඩු වෙනවා. අපි මීට කලින් ඩොලර් එකක් වෙනුවෙන් රුපියල් 360ක් ගෙවුවා නම් දැන් ගෙවන්නේ 300යි අපට රුපියල් ඉතිරි වෙලා තියෙනවා,\" ඔහු පෙන්වා දුන්නේ ය. ඒ අනුව භාණ්ඩ ආනයනයේ දී ශ්‍රී ලංකාවෙන් වැය කළ යුතු මුදල අඩු වන බව ඔහු පවසයි. \"රුපියල අවප්‍රමාණ වුණාම අපට ආනයන වලට වැඩියෙන් රුපියල් ගෙවන්න වෙනවා. නමුත් ශක්තිමත් වුණාම සිදුවන්නේ ඒකෙ අනිත් පැත්ත. එතකොට රුපියලේ අගය වැඩිවෙලා අපි ආනයනයේ දී ගෙවිය යුතු මුදල අඩු වෙනවා.\" ආනයනයට සහ අපනයනයට බලපාන්නේ කොහොමද? මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ආනයනයේ දී අඩු පිරිවැයක් දැරීමට සිදුවනවා මෙන් ම අපනයනයේ දී අඩු ආදායමක් ලැබීමට ද සිදුවන බවයි. \"කලින් කිවුවා වගේ ම අපට ආනයනයට වැය වන මුදල අඩු වෙනවා. එතැන අපට වාසියක් තිබෙනවා. කලින් අපි වැය කළ තරමට ම අපට ආනයන වලට මුදල් වැය කරන්න අවශ්‍ය නෑ. නමුත් අපනයනයේ දී තත්ත්වය වෙනස් වෙනවා.\" \"අපනයනයේ දී ඔබට කලින් එක් ඇමරිකානු ඩොලර් එකකට රුපියල් 360ක් 370ක් ලැබුණා නම් ඔබට දැන් ලැබෙන්නේ රුපියල් 300යි. අපනයනයේ දී මෙහෙම දෙයක් වුණත් ආනයනයේ දී සිදුවන වාසිය නිසා වක්‍රාකාර වාසියක් තිබිය හැකියි,\" මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය. 'වසර දෙකකදී ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 25ක් රට හැර ගිහින්; ඩොලර් මිලියන 10,000ක් ශ්‍රී ලංකාවට එවලා' සාමාන්‍ය ජනතාවට ලැබෙන වාසිය මොකක්ද? \"ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රධාන පරිභෝජන ද්‍රව්‍ය සියල්ල පිටරටින් ආනයනය කරන දේවල්. හාල්, සීනී, පිටිවල සිට පෙට්‍රල්, ඩීසල්, ගෑස් දක්වා සියල්ල ආනයනය කරනවා. පසුගිය කාලයේ රුපියල අවප්‍රමාණ වුණ එකත් එක්ක අපට ආනයනයේ දී ඩොලර් එකක් වෙනුවෙන් ගෙවන්න සිදුවුණ අධික රුපියල් සංඛ්‍යාව නිසා භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. නමුත් දැන් එය පහළ යමින් තිබෙනවා.\" මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ තවම ජනතාවට දැනෙන ආකාරයේ වාසිදායක තත්වයක් නිර්මාණය වී නැතත් ඉදිරියේ දී භාණ්ඩ මිල අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවය. \"වෙළඳපොළේ ගෑස් මිල යම් තරමකින් අඩු වෙලා තිබෙනවා. සමහර භාණ්ඩ වල මිලත් ඒ විදිහමයි. වෙළඳපොළේ තවම පරණ තොග සඳහා වෙළඳාම් සිදුවෙනවා. නමුත් අලුත් තත්ත්වය සමඟ ආනයනය කළ පසු භාණ්ඩ මිල අඩුවීමක් ජනතාවට ලැබෙනවා,\" ඔහු පැවසුවේ ය. “ගෙදර කෙනෙක් පිටරටක ඉඳන් සල්ලි එවනවා නම් ඒ එන මුදල අඩු වීමක් වෙන්නත් පුළුවන්.” ව්‍යාපාරික ඔබට බලපාන්නේ කොහොමද? ඔබ ව්‍යාපාරයක නියැලෙන්නේ නම් පසුගිය කාලයේ දැරීමට සිදුවූ වූ අධික පිරිවැය ඔබගේ ව්‍යාපාරයට නිසැකවම බාධකයන් වූ බව නොඅනුමානයි. එසේ ම ආනයන සීමා හේතුවෙන් ඇතිව තිබූ අමුද්‍රව්‍ය හිඟයට ද ඔබ මුහුණ දී තිබීමට හැකියි. මහාචාර්ය අමින්ද මෙත්සිල පෙන්වා දෙන ආකාරයට ඉහත කී අතිරේක වියදම් අඩු වීමක් රුපියල ශක්තිමත් වීම නිසා සිදුවේ. \"අමුද්‍රව්‍ය ආනයනයේ දී වියදම් අඩු වීම අනිවාර්යයයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හට වාසිදායක තත්වයක්. ඒ වගේම ඉන්ධන මිල අඩුවීමත් ඔවුන්ට වාසිදායකයි. ඔවුන්ගේ වැඩිවෙලා තිබුණු නිෂ්පාදන වියදම් අඩු කරන්න රුපියලේ ශක්තිමත් වීම බලපාලා තිබෙනවා,\" මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය. කෙසේ නමුත් සංචාරක කර්මාන්තය සහ අපනයන ව්‍යාපාරිකයන් හට යම් අවාසිදායක තත්ත්වයක් ද මෙයින් නිර්මාණය වන බව මහාචාර්යවරයා පවසයි. \"උපයන විදේශ විනිමයට ලංකාවේ දී ලැබෙන්නේ අඩු රුපියල් ප්‍රමාණයක් නිසා අපනයන ව්‍යාපාරිකයන්ට යම් ආදායම් අඩු වීමක් වෙන්න පුළුවන්. කලින් ඔවුන්ට ලැබුණු රුපියල් ප්‍රමාණය දැන් ක්‍රම ක්‍රමයෙන් අඩු වේගෙන යනවා. ඒ වගේ ම සංචාරක කර්මාන්තයේ නියැළිලා සිටින අයටත් මේ විදිහටම මේ ප්‍රශ්නය බලපානවා.\" තත්ත්වය මෙසේ වුවත් සමස්තයක් වශයෙන් වැඩි බරක් තැබිය හැක්කේ වාසිදායක පැත්තට බව මහාචාර්ය අමින්ද මෙත්සිලගේ මතයයි. \"අපනයන හා සංචාරක ක්ෂේත්‍රවල ඉන්න අය උපයන රුපියල් ප්‍රමාණය අඩු වුණත්, ආනයනයේ දී සහ වෙනත් රටවල් වලට සිදු කරන ගෙවීම් වලදී ලැබෙන වාසිය නිසා ලොකු පාඩුවක් සිදුවන්නේ නෑ. එනිසා මේ තත්ත්වය පොදුවේ රටට හොඳ තත්ත්වයක් විදිහට සලකන්න පුළුවන්.\" උද්ධමනය සමඟ ඇති සම්බන්ධය එහි දී බීබීසී සිංහල විසින් මහාචාර්යවරයාගෙන් විමසා සිටියේ රුපියල ශක්තිමත් වීම සහ එයින් උද්ධමනයට ඇති බලපෑම කුමක් ද යන්නයි. එහි දී මහාචාර්යවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි. \"උද්ධමනය එහෙමත් නැතිනම් අපේ සාමාන්‍ය මිල මට්ටම ඉහළ ගියේ ඩොලරයට වැඩි රුපියල් ගණනක් ගෙවන්න සිදුවුණ නිසා. ආර්ථිකට කඩාවැටෙන්න පෙර පෙට්‍රල් ලීටරයකට රු. 140ක් ගෙවුවත් වර්තමානයේ අපි රු. 350ක් ගෙවනවා. එකට හේතුව තමයි ඒ දවස් වල රු. 180ට තිබුණ ඇමෙරිකානු ඩොලර් එකකට අද රු. 300ක් ගෙවීම. මිල මට්ටම් වල මිල වැඩිවීමට හේතුව අපි උද්ධමනය කියලා හඳුන්වන විට, ඒකට හේතුව ඩොලරයේ අගය වැඩිවීම කියල අපට කියන්න පුළුවන්,\" මහචාර්යවරයා පෙන්වා දුන්නේ ය. \"ඒ කියන්නේ ඩොලර් එකේ මිල අඩු වෙනවා කියන්නේ අනිවාර්යයෙන් ම භාණ්ඩවල මිල අඩු වෙන්න ඕනෑ. ගිය මාසයේ වාර්තා බලනකොට සමහර අංශවල උද්ධමනය සෘණ අගයක තියෙන්නේ. කලින් 70%ක පමණ ඉහල ගිය උද්ධමනය වර්තමාන්යේ තනි ඉලක්කමකට ඇවිත් තියෙනවා. ඒකට හේතුව තමයි රුපියල ශක්තිමත් වීම. ඒ කියන්නේ පැහැදිලිවම උද්ධමනය අඩු වෙන්න රුපියල ශක්තිමත් වීම බලපානවා.\"",
"Title": "රුපියල ශක්තිමත් වීම පුරවැසි ඔබට බලපාන්නේ කොහොම ද?"
} |
{
"Text": " ශ්‍රී ලංකා රජය සතු ශ්‍රීලංකන් ගුවන් සමාගම දිගින් දිගට ම පාඩු ලැබීම හේතුවෙන් වෙනත් පාර්ශවයකට පැවරීම සම්බන්ධයෙන් වසර ගණනක සිට අදහස් පළවෙමින් තිබේ. 1998 වසරේ සිට 2008 වසර දක්වා මෙම ගුවන් සේවය එමිරේට්ස් ගුවන් සමාගම යටතේ ක්‍රියාත්මක විය. මේ වන විට, යළිත් ශ්‍රීලංකන් ගුවන් සමාගම \"රාජ්‍ය මූල්‍යවලට බරක් නොවන තිරසර ව්‍යවසායන් නිර්මාණය කිරීම\" අරමුණු කර ගනිමින් පෞද්ගලිකරණය කිරීම සඳහා 'රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට' (SRU) භාර දී තිබේ. ලංසු 6ක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා වන ලංසු ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය 2024 අප්‍රේල් මස 22 වන දා පස්වරු 2.00ට අවසන් විය. ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා පාර්ශව 6කින් ලංසු ඉදිරිපත් වී තිබේ. එම සමාගම් 6 මෙසේ ය. 1. AirAsia Consulting Sdn. Bhd. 2. Dharshaan Elite Investment Holding (Pvt) Ltd 3. FITS Aviation (Private) Limited 4. Sherisha Technologies Private Limited 5. Treasure Republic Guardians Limited 6. Hayleys PLC මෙම සමාගම් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අයැදුම් පත් අගැයීමට ලක් කරමින් සිටින බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්පතිරණ බීබීසී සිංහල සේවයට පැවසීය. \"සමාගම් හයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සම්බන්ධ විශේෂ තාක්ෂණ කමිටු වාර්තාව, කැබිනට් මණ්ඩලය පත් කළ විශේෂ ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒගොල්ලො තමයි අවසන් තීරණයක් ගත යුත්තේ. ඒ තීරණය එනකම් අපි දැන් බලාගෙන ඉන්නවා,\" වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අර්බුද ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවල ප්‍රමාදයන් පිළිබඳව චෝදනා රැසක් දෙස් විදෙස් ගුවන් මගීන්ගෙන් පසුගිය කාලය පුරා එල්ල විය. ශ්‍රීලංකන් ගුවන් යානා ප්‍රමාද වීමට මූලික හේතුව වී තිබුණේ, ගුවන් සේවාව සතු ගුවන් යානා ප්‍රමාණවත් නොවීම ය. ශ්‍රීලංකන් ගුවන් සේවයට සිය දෛනික ගුවන් මෙහෙයුම් සඳහා ගුවන් යානා 24ක් අවශ්‍ය වුව ද, ගුවන් සේවය සතුව සක්‍රීය තත්ත්වයෙන් පවතින ගුවන් යානා සංඛ්‍යාව ඊට වඩා අඩු ය. ඊට අමතරව, ගුවන් නියමුවන් ඇතුළු සේවක හිඟයක් ද පවතින අතර ගුවන් යානා ප්‍රමාදයට එය ද බලපා තිබිණි. 2021 සිට 2023 දක්වා ලාභ අලාභ ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 වසරේදී ලබා තිබූ අලාභය රුපියල් බිලියන 166.37කි. 2022 වසරේදී කරන ලද යම් යම් වෙනස් කිරීම් මත අලාභය අඩකින් පමණ අඩු වූ අතර, සංඛ්‍යාත්මකව එම වසරේ අලාභය රු. බිලියන 74.67ක් විය. මේ අතර, 2023 වසරේදී එය රු. මිලියන 79.78ක ලාභයක් ලැබීය. ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලැබීමට බලපා ඇති ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේ ය. \"ශ්‍රීලංකන් ගුවන් සේවයේ තියෙන ගුවන් යානා ගොඩක් කල්බදු ක්‍රමයට ගත්ත ඒවා. ඒවා නඩත්තු කරන්නත්, කල්බදු ගෙවන්නත් විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේ ම, අවුරුදු ගාණක් තිස්සේ දේශපාලනඥයින් තමන්ගේ හිතවතුන්ට රැකියා සපයන ආයතනයක් විදිහටත් ඔය ගුවන් සමාගම පාවිච්චි කළා. මේවා නිසා තමයි මේක දිගින් දිගට ම පාඩු ලබන්න ගත්තේ. 1998 ඉඳලා 2008 දක්වා කාලය තුළ එමිරේට්ස් සමාගම කළමනාකරණය කරපු කාලේ මේක ලාභ ලැබුවා. මෙතන තියෙන්නේ, කළමනාකරණ ගැටලුවක්,\" මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දුන්නේ ය. ජාතික ගුවන් සේවාව පෞද්ගලීකරණය කළ යුතු ද? මහාචාර්ය වසන්ත අතුකෝරළගේ අදහස වී ඇත්තේ, රජය විසින් සමාගම් පවත්වාගෙන යනු ලැබීම නතර කළ යුතු බව ය. රටේ සාමාන්‍ය ජනතාව ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් කිසිදු සේවාවක් නොලැබුව ද, ශ්‍රීලංකන් ගුවන් සේවයේ අලාභ පියවීම සඳහා රටේ සියලු ජනතාව බදු ගෙවිය යුතුව ඇතැයි ඔහු පෙන්වා දෙයි. \"රටේ කිහිප දෙනෙක් විතරයි මේ ගුවන් සේවයේ සේවා ලබන්නේ. හැබැයි මේ 'සුදු අලියා' නඩත්තු කරන්න රටේ හැම මනුස්සයෙක් ම බදු ගෙවන්න වෙලා තියෙනවා. මේ තත්ත්වය නතර කළ යුතුයි.\" ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රීලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරන බව ය. \"පාඩු ලබන ආයතනයක් පවත්වාගෙන යන්න ජනතාවගේ බදු මුදල් යොදවන්නෙ නැතුව, ඒ බදු මුදල්වලින් අධ්‍යාපනය, යටිතල පහසුකම් වගේ දේවල් සංවර්ධනය කළා නම් රටේ ජනතාවට ලොකු වාසියක් අත් වෙනවා. ඒ නිසා මේක පෞද්ගලීකරණය කළ යුතුයි කියන මතයේ තමයි මම නම් ඉන්නේ.\" මේ අතර, ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් මූලික විරෝධයක් නොමැති බව නිදහස් සේවක සංගමය පවසයි. එම සංගමයේ සභාපති ජනක විජයපතිරත්න බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කළේ, ප්‍රධාන කොන්දේසි දෙකක් යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට එකඟ වන බව ය. එම කොන්දේසි දෙක වන්නේ, 51%ක කොටස් රජය යටතේ තබා ගැනීම සහ ශ්‍රීලංකන් ගුවන් සේවය යටතේ ක්‍රියාත්මක වන ලාභ ලබන ආයතන වෙන වෙන ම සමාගම් වෙත නොපැවරීම යි. ජාතික ගුවන් සේවයක් පැවතීම රටකට වැදගත් ද ? ශ්‍රීලංකන් ගුවන් සේවය රටේ ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාම නිසා අත් වුණු වාසි ද තිබේ. ඉන් කිහිපයක් මෙසේ ය. මීට වසර කීපයකට පෙර ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවට ගොස් සිටි වැඩිහිටි පිරිසක් හදිසියේ ම ඉන්දියාවේ ඇති වූ දැඩි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දකුණු ඉන්දීයාවේ කොටු වී සිටියහ. ඔවුන් ඉන්දියාවට රැගෙන ගිය ගුවන් සේවා වෙත මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ආපසු ගෙනැවිත් දෙන ලෙස දැනුම් දීම් කීපයක් කර තිබුණ ද, ඔවුන් එම ඉල්ලීම් සඳහා ප්‍රතිචාර නොදක්වා නොතිබිණි. මෙම පසුබිම යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමග සම්බන්ධ වී මෙම වන්දනාකරුවන් පිරිස යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පියවර ගෙන තිබිණි. ඊට අමතරව, පසුගිය කොවිඩ් වසංගත සමයේ ආරම්භක අවධියේ චීනයේ කොටු වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස අවදානම ද නොතකා විශේෂ ගුවන් යානයක් මගින් යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගත්තේ ය. ජාතික ගුවන් සේවාවක් පවත්වාගෙන යාමෙන් යම් යම් වාසි අත්වුව ද, ඇතැම් රටවල් අලාභ ලැබීම හේතුවෙන් සිය ජාතික ගුවන් සේවා පෞද්ගලීකරණයට පියවර ගෙන තිබේ. ඊට නිදසුනක් වන්නේ, ලෝකයේ විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාවේ රජය සතුව තිබූ එයාර් ඉන්දියා ගුවන් සේවය, ටාටා සමාගමට පැවරීම ය. ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන කෙටියෙන් 1979 වසරේදී ආරම්භ කළ ශ්‍රීලංකන් ගුවන් සේවයට මේ වන විට වසර 45ක ඉතිහාසයක් තිබේ. මෙය කටුනායක පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කේන්ද්‍රගත කරගෙන ක්‍රියාත්මක වේ. වර්තමානයේ ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් 59ක පිහිටි ගමනාන්ත 113ක් වෙත ගුවන් සේවා සපයයි.",
"Title": "SriLankan Airlines: පෞද්ගලීකරණය කිරීමේ අලුත් ම තත්ත්වය කුමක් ද?"
} |
{
"Text": " ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයට භාජනය වී සිටින හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 09 වැනිදා) තහනම් නියෝගයක් නිකුත් කළේය. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් සහ සමගි ජන බලවේගයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. විදේශ ගමන් බලපත්‍ර තුනක් සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් \" ස්වාමීනී..... ඩයනා ගමගේ නමැත්තිය බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි කාන්තාවක් බවට ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවකින් නිගමනය කර තිබෙනවා. ඇය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් මේ රටට පැමිණි තැනැත්තියක්. එසේ පැමිණ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇය මෙරටදී රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජකාරී ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය සැකකාරියක් වශයෙන් නම් කළ යුතු තැනැත්තියක්. එසේ තිබියදී ඇය සතුව මේ වන විට විදේශ ගමන් බලපත්‍ර තුනක් පවතිනවා. \" යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා එම විදේශ ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන ඇය රටින් පිටවීමේ අවධානමක් පවතින හෙයින් ඩයනා ගමගේ නමැත්තිය රටින් පිටවීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. සමගි ජන බලවේගයේ නීතිඥවරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තුසිත ගුණසේකර අධිකරණය හමුවේ කරුණු දක්වමින් \"ඩයනා ගමගේ නමැත්තිය ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2021 වසරේ මාර්තු මස 9 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අධිකරණයට කරුණු වාර්තා කළ බව සඳහන් කළා. ඉන් අනතුරුව වසර දෙකක් ගත වී තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගත්තේ නෑ. ඉන් අනතුරුව අපගේ නීතිඥවරු දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීන්දු කළා මෙම තැනැත්තියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ සැකකාරියක් වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව. ඒ බව ඊයේ නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ද සඳහන් කර තිබෙනවා. ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබියදීත් ඩයනා ගමගේ සැකකාරියක් වශයෙන් නම්කර අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් වී තිබෙනවා. ඇය සතුව බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් සහ දේශීය ගමන් බලපත්‍ර දෙකක් තිබෙන බවටත් කරුණු වාර්තා වී තිබෙනවා\" එම තත්ත්වය යටතේ අදාළ තැනැත්තිය රටින් පිටව යාමේ අනතුරක් තිබෙන හෙයින් ඇය විදේශගත වීම වළක්වාලන තහනම්ක් නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය. මෙම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර උපදෙස් ලබා ගැනීම සඳහා අදාළ නඩු ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බව ය. මෙම සිද්ධියට අදාළ විමර්ශන කරනු ලබන්නේ නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ අංශයෙන් බවත් මේ සම්බන්ධයෙන් තමන්ට වැඩිදුර උපදෙස් ලැබී නොමැති බවත් එම නිලධාරියා සඳහන් කළේය. දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා\"මෙම නඩුවේ විමර්ශනයට භාජනය වී සිටින ඩයනා ගමගේ නමැත්තියට බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් සහ මෙරට විදේශ ගමන් බලපත්‍ර දෙකක් පවතින බව නඩු වාර්තාව පිරික්සීමේදී අනාවරණය වෙනවා. මෙම තැනැත්තියට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන බව පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා. මෙම නඩුවට අදාළ වැඩිදුර වාර්තා සහ ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුව පරික්ෂා කිරීමේදී ඩයනා ගමගේ නමැත්තිය ආගමන හා විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනාවට සැකකාරියක් වශයෙන් නම් කිරීමට ප්‍රබල හැකියාවක් තිබෙන බව අධිකරණයට පෙනී වනවා. එවැනි අවස්ථාවක අදාළ තැනැත්තිය රටින් පලා ගියහොත් නඩුව විභාගයට බාධා සිදුවිය හැකියි \" යනුවෙන් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ඩයනා ගමගේ නමැත්තිය සතුව විදේශ ගමන් බලපත්‍ර තුනක් පවතින හෙයින් ඇය රටින් පිටවීම වළක්වාලමේ තහනම් නියෝගයක් නිකුත් කරන බවට නියෝග කළේය. එම තහනම් නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය වෙත යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය. \"නිදහසින් පසු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පාර්ලිමේන්තුවේ සිටි ප්‍රථම අවස්ථාව\" (මැයි 8 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් විසින් මාධ්‍ය වෙත අදහස් දැක්වනු ලැබීය. \"නිදහසින් පසු පළමු වතාවට බ්‍රිතාන්‍ය ජාතිකයෙක් අවුරුදු හතරකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ සිටියා. ඇය ජනතාවගේ බදුමුදලින් වරප්‍රසාද ලැබුවා. පසුගිය වසර ගණනාවකම මම ගෙන ගිය සටනට අද හොඳ උත්තරයක් ලැබිලා තිබෙනවා.\" \"අධිකරණ නියෝගය ලැබුණු වහාම ක්‍රියාත්මක වෙනවා.\" රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව හරහා සිදුවන්නේ කුමක්දැයි විමසීමට බීබීසී සිංහල විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂක ජනකාන්ත ද සිල්වා සම්බන්ධ කරගන්නා ලදි. එහි දී ඔහු පැවසුවේ මෙතෙක් පාර්ලිමේන්තුව වෙත අධිකරණ නියෝගය ලැබී නොමැති බවත් එය අද දවස තුළ පාර්ලිමේන්තුව වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය. \"අධිකරණ නියෝගය එනතෙක් අපට කරන්න වෙන්නේ මොකක්ද කියන එක ගැන මට අදහස් ප්‍රකාශ කරන්න බෑ. අධිකරණ නියෝගයේ තිබෙන විධිවිධාන මොනවද කියලා බලලා තමයි අපට ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙක් මිය ගිහින් හෝ ඉල්ලා අස් වෙලා හෝ මන්ත්‍රීධූරයක් පුරප්පාඩු වූ වහාම අපි මැතිවරණ කොමිසමට දැනුම්දීම සිදු කරනවා. නමුත් මේ අවස්ථාව විශේෂ සිදුවීමක් නිසා අපට නියෝගය ලැබෙන තෙක් ඒ ගැන කියන්න හැකියාවක් නෑ,\" සන්නිවේදන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ය. \"අපට කරන්න කිසි දෙයක් නෑ\" මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙලෙස අදහස් පල කළේ ය. \"මේ ගැන අපට කරන්නවත් කියන්නවත් කිසි දෙයක් නෑ. අධිකරණ නියෝගය දීලා ඉවරයි. එතැනින් පස්සේ අපට එහෙම කරන්න දෙයක් නෑ. අධිකරණයෙන් එන්න එපා කියනවා නම් එයාට පාර්ලිමේන්තුවට එන්න බෑ, එච්චරයි.\" සජබට හිමි වූ ආසනය සහ ඩයනාගේ නිහඬතාවය ඩයනා ගමගේ 2020 දී පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙසයි. කෙසේනමුත් ඇය පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වූ අතර, මෙම තීන්දුව ලැබෙන විට ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව යටතේ රාජ්‍ය ඇමති ධූරයක් දරමින් සිටියා ය. අධිකරණ තීන්දුවට අනුව ඩයනා ගමගේගේ මන්ත්‍රී ධූරය අහෝසිවන නිසා පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් වෙනත් අයෙකු යෝජනා කිරීමේ අවස්ථාව නැවත සමගි ජන බලවේගයට හිමිව තිබේ. මාධ්‍ය කිහිපයක් ම වාර්තා කර තිබුණේ එම මන්ත්‍රී ධූරය නීතීඥ මුජිබර් රහුමාන්ට ලබා දෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළ බවයි. අද දින සමගි ජනබලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වා මන්ත්‍රීධූරය සඳහා වන යෝජනාව මැතිවරණ කොමිසමට යවන බවය. මෙලෙස මන්ත්‍රී ධූරය අහිමි වූ ඩයනා ගමගේ විසින් ඉදිරියට සිදු කරන්නේ කුමක් ද, ඇයගේ අනාගත දේශපාලන කටයුතු සිදු කරන්නේ කෙසේද යන කාරණා පිළිබඳ විමසීමට බීබීසී සිංහල විසින් දුරකතනය හරහා ඇයව සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවක දී උත්සහ කළ නමුත් ඇය දුරකතනයට පිළිතුරු දුන්නේ නැත. මන්ත්‍රී ධුරය දැරීම අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් පූර්ණ තීන්දුව කුමක් ද? ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් (මැයි 8 වැනිදා) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය. එමෙන්ම පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වග උත්තරකාර ඩයනා ගමගේ ට නියෝග කරන ලදි. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තැනැත්තයක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් මුලින්ම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණි. එම පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය. එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය. එම අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කොට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි. ‘බලය අයුතු ලෙස පරිහරණය කරලා’ එසේම ඩයනා ගමගේ ගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිබාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය. දීර්ඝ විභාගයකින් අනතුරුව ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ \"වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් පත්‍රයක් හිමි තැනැත්තියක් බව ඇය විසින් නඩු විභාගයේදී පිළිගෙන තිබුණා. බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයකින් 2014 වසරේ ඔක්තෝම්බර් තම මස 05 වනදා දිවයිනට පැමිණි බව නඩු විභාගයේදී අනාවරණය වුණා. ඉන් අනතුරුව ඇය විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජකාරී ගමන් බලපත්‍රයක් ලබාගත් බවත් නඩු විභාගයේදී කරුණු සඳහන් වුණා. මෙරට පුරවැසි පනත අනුව යම් ලාංකිකයෙකු විදේශයක පුරවැසිභාවය ලබාගත් විගස ඔහුගේ හෝ ඇගේ මෙරට පුරවැසිභාවය ඉබේම අහෝසි වී යනවා. ඒ අනුව වග උත්තරකාර ඩයනා ගමගේ විසින් බ්‍රිතාන්‍ය පුරවැසින් භාවය ලබාගත් විගස ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි වී යාම පැහැදිලි කරුණක්. එසේ තිබියදී වගඋත්තරකාරිය බලය අයුතු ලෙස පරිහරණය කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබෙන බවත් පැහැදිලි වෙනවා\" යනුවෙන් සඳහන් කළේය. තීන්දුව වැඩිදුරටත් ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා \"වග උත්තරකාර ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා. එම විමර්ශනයට අදාළව ආගමන හා විගමන පාලකවරයා විසින්ද පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නා. එම ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී පෙනී යනවා ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභවය හිමි තැනැත්තියක් බව. එවැනි වාතාවරණයක් මත වග උත්තර කාරියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව මහේස්ත්‍රාත්වරයා විසින් ද නිගමනය කර තිබුණා. අධිකරණය විසින් නියෝගයක් නිකුත් නොකළත් වග උත්තරකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලිසියට බලය තිබෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු කළේ නැහැ. එසේ කටයුතු නොකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඕනෑ තරම් හේතු තිබෙන්න පුළුවන්. නමුත් නීතියේ දෙවඟනගේ ඇස් බැඳ තිබෙන්නේ නිලය, බලය, ධනය වැනි කරුණු ඉදිරියේ වෙනස්කම් නොවීමට වග බලා ගැනීමටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙකුම සමාන සැලකිලි ලැබිය යුතු බව ත් අවධාරණය කර තිබෙනවා.\" යනුවෙන්ද සඳහන් කළේය. (copy paste) තීන්දුව ඩයනාගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මුලින්ම අභියාචනාදීකරණය හමුවේ නඩු පැවරූ අතර එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත එය ප්‍රතික්ෂේප කිරීමටද නියම කර තිබුණි. ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ \"අභියාචනාධිකරණය ඉදිරියේ පැවතින නඩු විභාගයේ දී එම නඩුකරයට අදාලව ඉදිරිපත් කෙරුණු ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් නොකිරීම නිසා එය ප්‍රතික්ෂේප කරන බව එම අධිකරණය සඳහන් කර තිබූ එක් කරුණක්. එහෙත් ඒක පිළිගන්න බෑ. අපරාධ නඩු විධාන සංග්‍රහයට අදාළ කාරණා රිට් පෙත්සම්වලදී අදාළ කරගන්න බැහැ. අභියාචනාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ නඩු තීන්දුව පිරික්සීමේදී පෙනී යනවා එම අධිකරණයට වග උත්තරකාර ඩයනා ගමගේ ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ බොහොමයක් කොටස් පිටපත් කර (copy paste) ඒවා ඒ ආකාරයෙන්ම අලවා තිබෙන බව. එවැනි ස්ථාන 80 ක් පමණ නඩු තීන්දුවේ ඇතුළත්ව තිබෙනවා. අලුතින් ඇතුලත් කර තිබෙන්නේ ඡේද සුළු සංඛ්‍යාවක් පමණයි. ඒවාද වැරදි සහගතයි\" යනුවෙන් සඳහන් කර සිටියේය. වගඋත්තරකාර ඩයනා ගමගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බව විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය. \"මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තියට අනුව මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීම, අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසි භාවය අත්‍යවශ්‍ය සුදුසුකමක් බව දක්වා තිබෙනවා. එහෙත් ඩයනා ගමගේ මහත්මිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත් හල බවක් කිසිදු අවස්ථාවක සඳහන් කර නෑ. එසේම ඇය ශ්‍රී ලාංකික පුරවැසිභාවය විෂය භාර අමාත්‍යවරයාගෙන් ලබාගත් බවක්ද කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නැහැ. ඒ අනුව ඇයට මෙරට පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව පැහැදිලි වෙනවා\" යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල ශුන්‍ය කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාදීකරණය විසින් ප්‍රකාශ කර තිබු තීන්දු සියල්ල ඉවත දමන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියේය. ඒ අනුව ඩයනා ගමගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය හිමි තැනැත්තියක් බවට තහවුරු කිරීමට ඇය විසින් අපොහොසත් වී ඇති නිසා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බව තහවුරු කරමින් \" කෝ වොරන්ටෝ\" රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශය කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය. එසේම පෙත්සන්කරුට නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වග උත්තරකාර ඩයනා ගමගේ ට නියෝග කරන ලදී. මෙහිදී පෙත්සම්කාර ඔෂල හේරත් වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් පෙනී සිටි අතර වග උත්තරකාර ඩයනා ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පෙනී සිටියේය.",
"Title": "ඩයනා ගමගේ ට විදේශගත වීම වළක්වාලමින් තහනම් නියෝගයක්"
} |
{
"Text": " රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි බල පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී තිබේ. ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව, ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජිකයින් වූ පුණ්‍යා ශ්‍රී කුමාර ජයකොඩි සහ මයුර චානක නෙත්ති කුමාර යන අය විසින් මේ වනවිට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ඉදිරිපත් කර ඇත. යෝජිත පනත් කෙටුම්පතින් සිදුවන්නේ කුමක්ද? යෝජිත පනත් කෙටුම්පත හරහා සිදුවන පරිවර්තනයන් කුමක් දැයි පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ මෙසේ සඳහන් කර තිබේ. \"යෝජිත පනත් කෙටුම්පත තුළින් ලංකා විදුලි බල මණ්ඩල වත්මන් පනත අහෝසි කෙරෙනවා. ලංකා විදුලි බල මණ්ඩල පනත යටතේ විදුලි බලය නිෂ්පාදනය, බෙදාහැරීම , විකිණීම පිළිබඳ අනන්‍ය බලය ලංකා විදුලි බල මණ්ඩලය වෙත පැවරී තිබෙනවා. ජල විදුලියෙන් මෙගාවොට් 1383 ක් ද ඉන්ධන භාවිතයෙන් මෙගා වොට් 654ක් ද ගල් අඟුරු භාවිතයෙන් මෙගාවොට් 900 ක්ද යනාදී වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය නිෂ්පාදනය කරනු ලබනවා. නමුත් යෝජිත පනත සම්මත වීමෙන් පසුව ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කොට එහි කටයුතු පරිපාලනය කිරීම සමාගම් පනත යටතේ ස්ථාපිත කරනු ලබන පෞද්ගලික සමාගම් කිහිපයකට පැවරීමටත් අදාළ පනත් කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා.\" යනුවෙන් පෙත්සම් වල සඳහන් වෙයි. පළාත් සභාවල අනුමැතිය ලබාගෙන නෑ... \"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විදුලිය පළාත් සභාවලට ද අදාළ වන විෂයක් වශයෙන් සඳහන් කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාව යටතේ පළාත් සභා වලට අයත් වන විෂයක් සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳව පළාත් සභා වලින්ද අනුමැතිය ලබාගත යුතුයි. එහෙත් මෙම විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පෙර එලෙස පළාත් සභාවල අනුමැතිය ලබාගෙන නැහැ. \"ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සමේ සඳහන් කර ඇත. ‘විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් පැවරෙනවා’ යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් පැවරෙන බව පෙත්සමේ සඳහන් කර තිබේ. \"යෝජිත පනත් කෙටුම්පත තුළින් ජාතික විදුලිබල උපදේශන සභාව පත්කිරීමේ බලය, ජාතික විදුලි බල ප්‍රතිපත්තිය තීන්දු කිරීමේ අභිමතය, ප්‍රසම්පාදන කටයුතු, විදුලි බලය බෙදා හැරීම පිළිබඳ බලපත්‍ර නිකුත් කිරීමේ බලය, ඇතුළු අතනෝමතික බලතල රාශියක් විෂය භාර අමාත්‍යවරයාට පවරා තිබෙනවා.\" යනුවෙන් සඳහන් කරන පෙත්සම්කරුවන් මේ තුළින් විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික ආකාරයෙන් යුතු කිරීමට අවස්ථාව සැලසෙන බවත් ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන බවටත් අනතුරු අඟවා තිබේ. සේවකයින්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය අනතුරේ හෙළීම... යෝජිත පනත් කෙටුම්පත තුළින් මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන සේවකයින්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය අනතුරේ හෙළා තිබෙන බවත් චෝදනා කර තිබෙන කරුණකි. \"යෝජිත පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් මාස දෙකක් තුළ අදාළ පනත් කෙටුම්පත යටතේ ස්ථාපිත කෙරෙන පෞද්ගලික සමාගම්වල සේවය කිරීම සඳහා සිය අභිලාෂය ප්‍රකාශ කළ යුතුයි. එහෙත් එම සේවකයින් බඳවා ගන්නා ආකාරය පිළිබඳව පනත් කෙටුම්පත තුළ කිසිදු මාර්ගෝපදේශයක් සපයා නෑ. එමෙන්ම සේවකයින්ගේ වැටුප් හා දීමනා, සෞඛ්‍ය දීමනා, විශ්‍රාම දීමනා, වැටුප් වර්ධක හා ප්‍රසාද දීමනා යනාදී කරුණු සම්බන්ධයෙන් යෝජිත පනත් කෙටුම්පතේ කිසිවක් සඳහන් කර නෑ\" යනුවෙන් සඳහන් කරන පෙත්සන්කරුවන් මේ තුළින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට තමන් කැමති වෘත්තියක නිරත වීමට තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝණය කිරීමක් සිදුවන බවත් සඳහන් කර තිබේ. අත්තනෝමතික ලෙස විදුලි ගාස්තු වැඩි කිරීමට ඇති හැකියාව.... යෝජිත පනත් කෙටුම්පත සම්මත වුවහොත් මේ යටතේ ස්ථාපිත කෙරෙන සමාගම්වලට අත්තනෝමතික ලෙස විදුලි ගාස්තු වැඩි කිරීමට අවකාශ සැලසෙන බව පෙත්සමේ සඳහන් කර තිබෙනවා. \"වත්මන් විදුලිබල පනත යටතේ විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව තීරණ පිළිබඳව සුපරීක්ෂණය කිරීමේ බලය මහජන උපයෝගීතා කොමිසමට පැවරී තිබෙනවා. එහෙත් ම යෝජිත සමාගම් ස්ථාපිත කිරීමෙන් පසුව එම අධීක්ෂණ බලය අවම වන අතර ඒ හරහා එම සමාගම් වලට අත්තනෝමතික ලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීමට අවස්ථාව සැලසෙන බව සඳහන් කළ යුතුයි. මෙය සෘජුවම ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝණය කිරීමක්.\" යනුවෙන් සඳහන් කරන පෙත්සම්කරුවන් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අදාළ පෙත්සම් වලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.",
"Title": "මතභේදයට තුඩු දී ඇති විදුලිබල පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන්නේ කෙසේද ?"
} |
{
"Text": " බැංකු මගින් ප්‍රදානය කළ ණය අය කර ගැනීමේ විශේෂ විධි විධාන (සංශෝධන) පනත් කෙටුම්පත තුන් වන වර කියවීම සංශෝධන රහිතව අඟහරුවාදා (මැයි 7) පාර්ලිමේන්තුවේදී සම්මත විය. කාරක සභා අවස්ථාවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ඉදිරිපත් කළ සංශෝධන සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 30කින් එම සංශෝධන පරාජයට පත්විය. සංශෝධනවලට විරුද්ධව ඡන්ද හතලිස් නවයක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 19ක් පමණි. ඒ අනුව, පරාටේ නීතිය 2024 දෙසැම්බර් මස 15 වන දා දක්වා අත්හිටුවනු ඇත. පරාටේ නීතිය කරළියට ආ හැටි පාස්කු ප්‍රහාර මාලාව, කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ කඩාවැටීමකට ලක්වීමෙන් පසු සාමාන්‍ය ජනතාව මෙන් ම ව්‍යාපාරික ප්‍රජාව ද අසරණ තත්ත්වයකට පත්වූ බව නොරහසකි. එහි ප්‍රතිඵලය වූයේ, බැංකුවලින් ණය ලබා ගත් බොහෝ ව්‍යාපාරිකයින්ට සහ සාමාන්‍ය ජනතාවට එම ණය පියවීමේ හැකියාවක් නොමැති වීම ය. මෙවැනි තත්ත්වයක් යටතේ පරාටේ නීතිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ, 2023 වසරේ දෙසැම්බර් 21 වන දා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කළ ප්‍රකාශයක් සමග ය. ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාව මේ වන විට මුහුණ දී සිටින පරාටේ නීතිය යටතේ සිය වත්කම් සහ දේපළ පවරා ගැනීමේ ක්‍රියාදාමය තාවකාලිකව අත්හිටුවා ඔවුන්ට කිසියම් නීතිමය රැකවරණයක් ලබා දීම අරමුණු කර ගනිමින් පරාටේ නීතිය යටතේ දේපොළ අත්පත් කර ගත් හා අත්පත් කර ගැනීමට නියමිත ව්‍යාපාරිකයින්ගේ එකමුතුව පැවැත්වූ විශේෂ සමුළුවකදී අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ ය. එහිදී ඔහු ප්‍රකාශ කළේ, \"පරාටේ නීතිය පිළිබඳව විශාල සංශෝධනයකින් පසු එම නීතියට අදාළව නව පනතක් ගෙන එන,\" බව ය. ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ, පෞද්ගලික රෝහලක් වෙත ලබා දී තිබූ ණය ගෙවීම් පැහැර හැරීමෙන් පසු පෞද්ගලික බැංකුවක් එම රෝහල වෙන්දේසි කර ණය පියවා ගැනීමට පියවර ගැනීමත් සමග මේ සම්බන්ධයෙන් රජයේ අවධානයක් යොමු වූ බව ය. මොකක් ද මේ පරාටේ නීතිය? යම් දේපළක් බැංකුවට උකස් කර ණය මුදලක් ලබා ගත් පසු, ඒ ණය මුදල සහ ඊට අදාළ පොළී මුදල මුලින් එකඟ නියමිත කාලවකවානුවේදී ගෙවීමට නොහැකි වුවහොත් ඔබ බැංකුවට ණය මුදල ගෙවීම දිගින් දිගට ම පැහැරහැරිය විට අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය අය කර ගැනීම සඳහා බැංකු වෙත බලයක් ලබා දී තිබේ. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව යමෙකු බැංකුවට උකස් කළ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින් බැංකුවට අය විය යුතු ණය හා පොළී මුදල අය කර ගැනීම පරාටේ නීතිය යනුවෙන් සරලව හැදින්විය හැකි ය. 1990ට පෙර මෙම පරාටේ නීතිය යටතේ එන බලතල ලබා දී තිබුණේ ලංකා බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වැනි රාජ්‍ය අංශය යටතේ ක්‍රියාත්මක වූ බැංකු සඳහා පමණි. එහෙත්, 1990 අංක 04 දරන බැංකු මගින් ප්‍රදානය කරන ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ බලපත්‍රලාභී සෑම වාණිජ බැංකුවකට ම, එනම්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු සියල්ලට ම මේ පරාටේ නීතිය යටතේ එන බලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව හිමි විය. පරාටේ නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේ ද? යම් බැංකුවකට උකස් කළ දේපළක් පරාටේ නීතිය යටතේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකිණීමට තීරණය කළහොත් ඒ පිළිබඳ ප්‍රසිද්ධ දැන්වීමක් රජයේ ගැසට් පත්‍රයේ සහ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂාවලින් අවම වශයෙන් පුවත්පත් තුනකවත් පළ කළ යුතු බව නීතිඥ ප්‍රියන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ වෙබ් සම්මන්ත්‍රණයකදී පැහැදිලි කළේ ය. එමෙන් ම, එම වෙන්දේසිය පිළිබඳ දැන්වීම ණය ලබා ගත් පුද්ගලයා එනම්, අදාළ දේපළෙහි හිමිකරු වෙත ද ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු ය. එම පනතේ 15 වන වගන්තිය අනුව, වෙන්දේසියකදී දේපළ විකිණීමෙන් පසුව එම දේපළ මිල දී ගත් පාර්ශවයට විකිණීමේ සහතිකයක් නිකුත් කිරීම සදහා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට බලය තිබේ. එවැනි විකිණීමේ සහතිකයක් නිකුත් කිරීමෙන් පසුව අදාළ දේපළ සම්බන්ධයෙන් ණය ගෙවීම පැහැර හැර තිබූ පුද්ගලයාට තිබූ අයිතිවාසිකම් සියල්ල එම දේපළ, මිල දී ගන්නා තැනැත්තාට හිමි වෙයි. සෑම ණය මුදලකට ම පරාටේ නීතිය අදාළ ද? මේ අතර, 2011 අංක 01 දරන බැංකු මගින් ප්‍රදානය කරන ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන ) (සංශෝධන ) පනත හරහා පරාටේ බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යම් සීමාවන් පනවන ලදී. එනම් යම් ණය මුදලක් රු. මිලියන 05කට අඩු වන අවස්ථාවක එම ණය මුදල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් පරාටේ බලය ක්‍රියාත්මක කිරීමට බැංකුවට හැකියාවක් නොමැති බවය. එවැනි අවස්ථාවක ණය ආපසු අය කර ගැනීමට උකසට තබා ඇති දේපළ වෙන්දේසි කිරීමට බැංකුවට බලයක් නොමැති අතර, අදාළ දේපළ වෙන්දේසි කිරීමට අවසර ඉල්ලීමට හෝ ණය සහ පොළිය පියවා ගැනීමට බැංකුව අධිකරණය හමුවට යා යුතු ය. මේ අතර, රු. මිලියන 5ට ඉක්මවන ණය සදහා පරාටේ ක්‍රමය අනුව සම්පූර්ණ ණය හා පොළී මුදල අය කර ගැනීමෙන් පසුව ඉතිරි වන මුදල ණය ලබා ගත් පුද්ගලයාට බැංකුව විසින් ගෙවනු ලැබිය යුතු ය. 'පරාටේ නීතිය අත්හිටුවීමෙන් බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක්' බැංකු මගින් ණය ලබා දෙන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් භාවිත කරමින් වන හෙයින් මුදල් තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පරාටේ නීතිය අත්‍යවශ්‍ය බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ වසරේ ජනවාරි මාසයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ ය. “බැංකු විසින් ණය පහසුකම් ලෙස දෙනු ලබන්නේ, තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල්. මේ තැන්පතු මුදල්වලින් ණය ගන්නා අය ඒවා නිසි ලෙස ආපසු නො ගෙවන්නේ නම්, බැංකුවලට අභියෝගයකට ලක් වීමට සිදු වනවා. නිසි ලෙස බැංකු ණය ආපසු නො ගෙවන විට ඒවා නැවත අය කර ගැනීමට සුරැකුම් ලෙස තැබූ වත්කම් බැංකු විසින් පවරා ගැනීමක් කළ යුතු යි. ඒ සඳහා පවතින නීතිය වනුයේ පරාටේ නීතිය යි. මෙම පරාටේ නීතිය මගින් තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. එය ඒ සඳහා අත්‍යවශ්‍ය දෙයක්. මේ නීතිය ඉවත් කර ගන්නා ලෙස විවිධාකාර බලපෑම් කරන්නේ, බැංකු ණය නොගෙවන සුළු පිරිසක්. ඒ නීති ඉවත් කළහොත් එය අනාගතයේදී තැන්පත්කරුවන්ටත්, බැංකු පද්ධතියටත් සිදු කරන විශාල අහිතකර ක්‍රියාවක්” මේ අතර, ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක ද බීබීසී සිංහල සේවයට පැවසුවේ, පරාටේ නීතිය අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් නිර්මාණය විය හැකි බව ය. \"අපි පිළිගන්නවා ඇත්තට ම ණය ගෙවා ගන්න බැරි තත්ත්වයේ ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් යම් සහනයක් ලබා දිය යුතු යි. හැබැයි මේ පරාටේ නීතිය අත්හිටුවීමෙන් සිද්ධ වෙන්නේ, ණය නොගෙවා ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙකුට වාසි අත්වෙන එකයි. බැංකුවක් සතු මුදල් ණය ලෙස දෙන්නේ දේපළ සුරැකුමක් තබාගෙනයි. ඒ දේපළ බැංකුව සතු වුණාට බැංකුව පවත්වාගෙන යන්න බෑ. බැංකුව පවත්වගෙන යන්න නම් මුදල් අවශ්‍ය යි. ණය ගත්ත පිරිස් ණය සහ පොළිය ගෙවන්නේ නැත්නම් බැංකුවේ මූල්‍ය ශක්තිය හීන වෙනවා. මෙහෙම වුණොත් සමස්ත බැංකු පද්ධතිය ම කඩා වැටෙන්න පුළුවන්.\" ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පරාටේ නීතිය අත්හිටුවීම වෙනුවට ණය ගෙවා ගැනීමට නොහැකි පුද්ගලයින් හෝ ව්‍යාපාරිකයින් වෙනුවෙන් සොයා බලා සහන සැලසීමට වෙන ම කාර්යාලයක් පිහිටුවීම වඩාත් සුදුසු පියවරක් බව ය. 'ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට විශාල සහනයක්' මේ අතර, පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් ආරක්ෂා කිරීමට ගත් වැදගත් පියවරක් බව ලාංකික ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම ව්‍යවසායක සංසදය පවසයි. එහි උපසභාපති මහේන්ද්‍ර පෙරේරා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාර මාලාව එල්ල වීමේ සිට මේ දක්වා ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව දැඩි ලෙස අසරණ තත්ත්වයකට පත්ව සිටි බව ය. \"පාස්කු ප්‍රහාර මාලාව, කොරෝනා වසංගතය, ආර්ථික අර්බුදය කියන ව්‍යසන හැම එකකදි ම වැඩියෙන් ම පීඩාවට ලක්වුණේ ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්. ඔවුන් ගත් ණය හෝ පොළිය ගෙවා ගන්න බැරුව අසරණ තත්ත්වයක ඉන්නේ. පරාටේ නීතිය නිසා ඔවුන්ගේ වත්කම් සියල්ල අහිමි වන අවදානමක් තිබුණා. ඒ නිසා ඒ තත්ත්වය තේරුම් ගත් රජය පරාටේ නීතිය අත්හිටුවන්න ගත්ත තීරණය ව්‍යවසායකයින්ට ලොකු සහනයක්. මේ මාස 7ක් වගේ කාලය ඇතුළත ආයෙත් ව්‍යාපාර ශක්තිමත් කරගන්න අතරේ, බැංකු ණය ප්‍රතිව්‍යුහගත කරලා ව්‍යාපාරිකයින්ට සහනයක් සලසන්න අපි මැදිහත් වෙනවා. ඊට අමතරව, ව්‍යාපාර ගොඩ ගන්න අවශ්‍ය අයට අඩු පොළී අනුපාත යටතේ ණය ලබා දීම සදහා බැංකු සමග සාකච්ඡා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා,\" ලාංකික ක්ෂුදු, සුළු හා මධ්‍ය ව්‍යවසායක සංසදයේ උපසභාපති මහේන්ද්‍ර පෙරේරා පැවසීය.",
"Title": "පරාටේ නීතිය යනු කුමක්ද ? එය අත්හිටුවීමට ගත් තීරණය හරි ද? වැරදි ද?"
} |
{
"Text": " වසර 20ක කාලය සදහා ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. අනුමැතිය හිමිව ඇත්තේ මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන අදානි සමාගමට අයත් සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහාය මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය ( මැයි මස 07 වෙනිදා) අනුමැතිය ලබා දෙනු ලැබීය. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම කැබිනට් යෝජනාව ඉදිරිපත් කරන ලදී. මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ස්ථාපනය සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට 2022 මාර්තු 07 වනදා කැබිනට් අනුමැතිය හිමිවිය. 2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී තිබේ. ටෙන්ඩරයේ ඇතුළත් කරුණු මොනවාද ? අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත්කර තිබූ ටෙන්ඩරය අනුව වසර 20ක් සඳහා ඔවුන්ගෙන් එම ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය මිලදී ගැනීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කැබිනට් තීරණ දැනුම් දීමේ පත්‍රිකාවේ සඳහන් වේ. එම ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට ඇමෙරිකානු ඩොලර් 8.26ක අගය (සැබෑ විනිමය අනුපාතය ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් එහිදී යෝජනා කර තිබේ. ඒ අනුව මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර දෙකක් පුනරීන් සහ මන්නාරමේ දී සංවර්ධනය කිරීමට නියමිතය. විදුලි ව්‍යාපෘතියට එරෙහිව විරෝධතාවයක් කැබිනට් මණ්ඩලය විසින් අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ටෙන්ඩරය අනුමත කරනු ලැබුවේ ඒ පිළිබඳව මෙරට පරිසරවේදීන් ඇතුළු පාර්ශව ගණනාවක් එල්ල කළ විරෝධතාවය මධ්‍යයේ ය. පරිසරවේදීන් විසින් මතු කළ ප්‍රධාන චෝදනාව වුයේ සෑම වර්ෂයකම මෙරටට පැමිණෙන සංක්‍රමණික කුරුල්ලන්ට මෙය බාධාවක් වන බවය. රටවල් 30කින් සංක්‍රමණික කුරුල්ලන් ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන අතර එලෙස පැමිණෙන කුරුල්ලන් මිලියන 15ක් පමණ වසරකට ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ශ්‍රී ලංකාවට සංක්‍රමණික කුරුල්ලන් ඇතුළුවන ප්‍රධාන මාර්ගයක් වන්නේ මන්නාරමයි. ඊට අමතරව උතුරු පළාතට අයත් මන්නාරම දූපත යනු ධීවර ප්‍රජාව ජීවත් වෙන, ඊටම අවේණික වූ සුවිශේෂී පරිසර පද්ධතියකින් හෙඹි ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා බැඳුනු, කලාපයේ භූ දේශපාලනික වශයෙන් ද ඉතා සංවේදී ප්‍රදේශයක් වේ. එබැවින් මන්නාරමේ නව සුළං බලාගාර ව්‍යාපෘතිය කුරුල්ලන්ට පමණක් බලපාන ගැටලුවක් ලෙස ලඝු කළ නොහැක. මේ අතර සංක්‍රමණික කුරුල්ලන් ශ්‍රී ලංකාවට නොපැමිණෙන කාලයක, අවිද්‍යාත්මක පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කර නීති විරෝධී අයුරින් සීමාසහිත අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගමට මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතියක් සඳහා අවසර ලබා දීමට රාජ්‍ය ආයතන ද ක්‍රියා කරමින් සිටින බවට පාර්ශව රැසකින් චෝදනා එල්ල විය. මේ ව්‍යාපෘතියට අදාළ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව පිලියෙල කර තිබෙන්නේ රමණි ඇල්ලේපොලගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් විසිනි. කුරුල්ලන් හා සතුන්ට වන බලපෑම කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දෙවක වීරකෝන්, ශාක වලට වන බලපෑම ආචාර්ය හිමේෂ් ජයසිංහ, ජලජ පරිසරයට වන බලපෑම ඩී.ඒ.ජේ රන්වල යන විද්වතුන් විසින් සලකා බලා තිබේ. විශේෂඥයින් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා දායක වූ බව දැනගන්නට තිබේ. ජනතාවගේ වාචික අදහස් විමසන්න ගත් තීරණයට මොකද වුනේ ? අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සුළං බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාවගේ වාචික අදහස් විමසීමට (Public hearing) මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කරන ලදී. ඒ ගැන ලිඛිත අදහස් දැක්වීම සඳහා මාර්තු 06 තෙක් ඉඩ ලබා දී තිබුණි. මේ සම්බන්ධයෙන් ලද මහජන අදහස් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි බීබීසී සිංහල සේවය විසින් මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එන්. එස් ගමගේ ගෙන් විමසීමක් සිදුකළේය. මේ ඔහු ඊට ලබා දුන් පිළිතුරයි. \"මෙම ව්‍යාපෘතියයේ යෝජක පාර්ශවය වන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අදාළ පරිසර අධ්‍යන වාර්තාව සකස් කරලා අපට ඉදිරිපත් කළා.\" \"ඒ වාර්තාව අධ්‍යනය කරලා ඒකෙ තිබුණු අඩුපාඩු සලකා බලලා ඒවා නැවත වැඩිදියුණු කළාට පස්සේ ඒක අපි මහජනතාවට විවෘත කළා ඒ අයගේ අදහස් දැන ගන්න.\" \"ඒ අනුව අපිට ලැබුණු මහජන අදහස් නැවත අපි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත යොමු කළා ඒවාට අදාළ තාක්ෂණික පැහැදිලි කිරීම් සිදුකරන්න කියලා. නමුත් මේ දක්වා ඒ පැහැදිලි කිරීම් අපිට ලැබිලා නැහැ.\" \"ඒ පැහැදිලි කිරීම් ලැබුණට පස්සේ මේ වාර්තාව සම්බන්ධයෙන් ජාතික පරිසර පනතට ඇතුළත් ප්‍රතිපාදන ඔස්සේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.\" නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද ? මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දීමෙන් පසුව ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට බීබීසී සිංහල සේවය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන්ගෙන් විමසීය. ඊට පිළිතුරු දෙමින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාළ ලියැවිලි මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවය. එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය විසින් උත්සහ කළද ඊට ලේකම්වරයාගෙන් නිසි ප්‍රතිචාරයක් හිමි නොවීය. කවුද මේ ගෞතම් අදානි කියන්නේ ? ගෞතම් අදානි ගේ නම මෙරට ජනතාව අතර වඩාත් කතාබහට ලක්වන්නේ 2021 වසරේදී කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය අදානි සමූහයත් සමග ගිවිසුම් අත්සන් කිරීමත් සමගය. ඉන් පසුව යෝජනා කෙරුණු මන්නාරමේ ඉදිකිරීමට නියමිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙරට ජනතාව අදානි සමාගමට එරෙහිව විරෝධතා ව්‍යාපාර පවා සිදුකළේය. අදානි සමාගමේ හිමිකාරිත්වය දරන ගෞතම් අදානි උපත ලබන්නේ 1961 වසරේ ජුනි මස 24 වෙනිදා ඉන්දියාවේ අහමබදාබාද් හිදීය. ඔහු ගේ පියා වන්නේ ශාන්තිලාල් අදානි වන අතර වෘත්තියෙන් ඔහු ව්‍යාපාරිකයෙක් වේ. ගෞතම් අදානිට පවුලේ සහෝදර සහෝදරියන් 06 දෙනෙකු විය. පොතපතින් පාඩම් උගැනීම පමණක් තමාට වැඩදායී නොවන බව වටහා ගත් තරුණ ගෞතම් අදානි ඔහු වාණිජ උපාධියේ දෙවැනි වසරේ සිටිය දී විශ්වවිද්‍යාලයයෙන් ඉවත්විය. ඔහුගේ දෙවැනි තීරණය වූයේ පවුලේ රෙදිපිළි ව්‍යාපාරය සියතට ගැනීම ප්‍රතික්ෂේප කර, දියමන්ති ව්‍යාපාරය තෝරා ගැනීම යි. ඒ අනුව ඔහු තමන්ට වයස අවුරුදු 20ක් වන විට නිවසින් බැහැරව මුම්බායි බලා පැමිණෙන ලදී. එලෙස මුම්බායි බලා පැමිණි ඔහු දියමන්ති වෙළඳාම සඳහා ප්‍රසිද්ධ සවේරි මාර්කට්හි රැකියාවක නිරත විය. පළමු වසර දෙක-තුන ඇතුළත දියමන්ති වර්ගකිරීමේ කාර්යයේ නියැලුණු ඔහු ඉන්පසු තමාගේම දියමන්ති තැරැව්කාර ව්‍යාපාරයක් ඇරඹී ය. ඊළඟ වසර තුන ඇතුළත දියමන්ති ව්‍යාපාරයේ දසලක්ෂපතියන්ගේ ගොන්නට එකතු වන විට ගෞතම් අදානි ගේ වයස අවුරුදු 30ක්වත් නොවීය. වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේ දක්ෂයෙකු ලෙස ප්‍රසිද්ධ ගෞතම් අදානි, 2015 වසරේ දී ඔහුගේ 'අදානි පවර් කම්පනි' නම් බලශක්ති සමාගම විසින් උඩුපි ජල විදුලි ව්‍යාපෘතිය ඉන්දියානු රුපියල් කෝටි 6,300කට (ශ්‍රී ලංකා රු. බිලියන 171ක් පමණ) මිලටගත් අවස්ථාවේ දී, පැය 100ක වාර්තාගත කාලයක් තුළ සාකච්ඡා අවසන් කරන්නට ඔහු සමත්විය. පාසල් කාලයේ පටන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා ජල මාර්ග සංවර්ධනය කිරීමට උනන්දුවක් දැක්වූ ගෞතම් අදානි කෙටි කාලයක් තුළදී අදානි එක්ස්පෝට්ස් (අදානි අපනයන) සහ අදානි පෝට්ස් (අදානි වරාය) සමාගම් හරහා කර්මාන්ත ලෝකයට පිවිසෙන ලදී. 1991 සිට විසි වසරක් තුළ, ඇමෙරිකානු ඩොලර් බිලියන 78ක් වටිනා ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනංවන්නට ගෞතම් අදානි සමත් වී තිබේ. ෆෝබ්ස් සඟරාවට අනුව අදානි ගේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 78.4ක් වේ. ගෞතම් අදානිට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග තිබූ සමීප සබඳතා නිසා, ඉතා වැදගත් ජාතික මට්ටමේ ව්‍යාපෘතීන් කීපයක සහභාගීත්වය හිමිකර ගැනීමට ඔහුට හැකිවූයේයැ යි චෝදනා එල්ල වී ඇත. එමෙන්ම ව්‍යාපාර සඳහා රාජ්‍ය සබඳතා යොදා ගැනීමට අමතරව පරිසර විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේයැ යි ඔහුගේ බලශක්ති සහ පතල් කැණීම් සමාගම්වලට චෝදනා එල්ලවී තිබේ.",
"Title": "අවුරුදු 20කට අදානි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය: මීළඟට සිදුවන්නේ කුමක් ද?"
} |
{
"Text": " විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් සඳහා තීරු බදු සහන සහිතව වාහන ආනයනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. මෙලෙස තීරු බදු සහන සහිතව වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කර ඇති බව පසුගියදා වාර්තා පළ විය. මේ අතර වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට රජය විසින් කමිටුවක්ද පත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබුණි. වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් කවුද ? අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරීමත් සමග එම කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු සහනය ලබාදීමට නියමිත ය. ඒ අනුව විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරින් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න විසින් ඊට අදාලව නිකුත් කළ චක්‍රලේඛයේ ඒ බව සඳහන්ව තිබේ. මාර්තු 11 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වෙයි. ‘ලියුම තවම මගේ අතේ’ මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් පවතින නවතම තත්ත්වය ගැන බීබීසී සිංහල සේවය කතානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් (මැයි 07 වැනිදා) විමසීමක් කරන ලදී. එහිදී කතානායකවරයා පැවසුවේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ ලිපිය තමන් සතු බව ය. \"තීරුබදු සහන සහිත වාහන බලපත්‍ර ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු ලිපිය තවම මා ලඟ තියෙනවා.” “ඒක ජනාධිපතිතුමාට භාර දෙන්න මට අවස්ථාවක් ලැබුනේ නැහැ තවම. ඉදිරියේදී ඒක කරනවා.\" කතානායකවරයා පැවසුවේය. වාහන බලපත්‍ර ඉල්ලා ඇති මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සහ වාහන බලපත්‍ර ඔවුන්ට ලබා ගැනීමට හැකි වේවිදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට කතානායකවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. \"වාහන බලපත්‍ර ඉල්ලා ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කීදෙනෙක්ද කියලා ගණන් කළේ නැහැ. වාහන බලපත්‍ර ලබා දීම ආණ්ඩුව ගන්නා තීරණයක්.\" ඔහු පැවසීය. වාහන බලපත්‍ර නිකුත් කරනවාද ? තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර ඇත්දැයි පසුගිය අප්‍රේල් මස 30 වෙනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගෙන් ද මාධ්‍යවේදීන් විමසීමක් කරන ලදී. මේ ඒ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශකවරයා ලබා දුන් පිළිතුරයි. \" මන්ත්‍රීවරුන්ට පමණක් නෙවෙයි රාජ්‍ය සේවකයින් සඳහාත් විවිධ තීරුබදු සහන යටතේ වාහන බලපත්‍ර ලබා දීම දීර්ඝ කාලයක පටන් සිදුකරගෙන එන ක්‍රියාවලියක්.\" \"නමුත් පසුගිය කාල සීමාවේදී රටේ විදේශ විනිමය අර්බුදය තුළ රාජ්‍ය සේවකයන් සඳහා සමහර අංශ සඳහා වාහන බලපත්‍ර නිකුත් කළත් ගෙන්වන්න පුළුවන්කමක් තිබුනේ නැහැ වාහන ආනයනය තහනම් කර තිබු නිසා.\" \"දැනට විශේෂ අවසරයක් ලබා දුන්නේ, සංචාරක ව්‍යාපාරය සඳහා වාහන දහසක් ආනයනය සඳහා කැබිනට් මණ්ඩලය බලපත්‍රය ලබා දුන්නා.\" \"බොහොම ප්‍රවේශමෙන් විදේශ විනිමය කෙරෙහි ඇතිවන බලපෑම අධ්‍යනය කරමින් තමයි වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබා දීම සිද්ධ කරන්නේ.\" අමාත්‍යවරයා පැවසීය.",
"Title": "පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර වාහන පර්මිට් හිමිවූ රාජ්‍ය නිලධාරින් කවුද ?"
} |
{
"Text": " ඊ- වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ( මැයි 6 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කරුණු පැහැදිලි කිරීමක් කරනු ලැබීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ටිරාන් අලස් අමාත්‍යවරයා විසින් ඊ- වීසා ගැටලුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කළ මාධ්‍ය හමුවේදී වැරදි කරුණු ගණනාවක් ප්‍රකාශ කළ අතරම ඇතැම් කරුණු වසන් කිරීමට කටයුතු කළ බව ය. \"ටිරාන් අලස් ජනතාවගෙන් හංගපු, හොර වැඩක් විදිහට කරපු ඒ ක්‍රියාවලියට අඩංගු සමස්ත ලිපි ලේඛණ අපි ළඟ තියෙනවා. මේ ලිපි ලේඛණ හරහා අපිට තියෙනවා ටිරාන් අලස් ගෙන් ප්‍රශ්න කිහිපයක්ම අහන්න. ඒ මාධ්‍ය හමුවේදී ඔහු පිළිතුරු නොදුන් ප්‍රශ්න.\" \"මුලින්ම 2023 වසරේ සැප්තැම්බර් මාසේ 08 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් යොමු කරනවා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලිපි ශීර්ෂයෙන් ටිරාන් අලස් ගේ අත්සනින් යුතුව.\" \"ඒකෙ තියෙනවා ලංකාවේ ඊ- වීසා සහ ඔන් ඇරයිවල් වීසා නිකුත් කිරීමේ කටයුතු සඳහා පෞද්ගලික සමාගමක් වන IVS GBS කියන සමාගම මැදිහත් කර ගන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා.\" \"කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ ටිරාන් අලස්. දැන් ඒක නැහැ කියලා කියන්න ඔහුට බැහැ.\" \"ඒ වගේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැරදි කරුණු තොරතුරු ඇතුලත් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා මේකට අදාලව ටෙන්ඩර් කැඳවීමක් සිදුකළා කියලා. කැබිනට් පත්‍රිකාව අනුව එහෙම දෙයක් වෙලා නැහැ.\" \"ටිරාන් අලස් අද කියනවා නව තාක්ෂණය ගෙන එනවා කියලා ලොකු කතාවක්. නමුත් ඇත්ත දේ තමයි මේ IVS GBS කියන සමාගම යෝජනාවලියක් ඉදිරිපත් කරනවා ලංකාවේ වීසා නිකුත් කිරීමේ බලය ඔවුන්ට දෙන්න කියලා.\" \"IVS GBS ග්ලෝබල් සමාගම 2023 වසරේ ජුනි මාසයේ දී තමයි මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ.\" \"මේ යෝජනාවලිය ටිරාන් අලස් පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී කැබිනට් පත්‍රිකාවක් විදිහට අමාත්‍ය මණ්ඩලයට යොමු කරලා ඉල්ලීමක් කරනවා මේ සමාගමට මේක දෙන්න කියලා.\" \"එතකොට ආන්දෝලනයට ලක්වූ VFS සමාගම කියන්නේ අද ටිරාන් අලස් මේකේ උත්තර දෙන VFS සමාගම කියන්නේ ටෙන්ඩරය ගත්ත සමාගම නෙමේ.\" \"මේ ඉදිරිපත් කළ යෝජනාවේ පැහැදිලිව තියෙනවා Presented by IVS GBS Global Services powered by with VFS Global as a Technical Partner කියලා.\" \"VFS ග්ලෝබල් සමාගම මේකට සම්බන්ධ වෙන්නේ තාක්ෂණ සහකරු ලෙසයි මැදිහත් වෙන්නේ. මේක භාර දීලා තියෙන්නේ IVS GBS කියන සමාගමට. ටිරාන් නම කියන්න බය සමාගමට තමයි භාර දීලා තියෙන්නේ.\" \"මේ අතර ( මැයි මස 06 වෙනිදා) දිනය යටතේ VFS සමාගම මාධ්‍ය නිවේදනයක් යොමු කරලා තියෙනවා.\" \"ඒ මාධ්‍ය නිවේදනයේ දෙවන පිටුවේ පැහැදිලිව කියලා තියෙනවා IVS GBS කියන සමාගම තමයි මුලික කොන්ත්‍රාත්කරු මේ ව්‍යාපෘතියේ, VFS සමාගම තාක්ෂණික සහයකයා කියලා.\" \"මේකට මුළුමනින්ම පටහැනි දෙයක් තමයි ටිරාන් අලස් මාධ්‍ය හමුවට ඇවිත් කිව්වේ.\" ඔහු කියා සිටියේය. ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි ? මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙරට ඊ- වීසා නිකුත් කිරීමට අදාළ මුල් සමාගම ඉන්දීය සමාගමක් බවත්, අමාත්‍ය ටිරාන් අලස් එම සමාගමේ නම හෙළි කිරීමට කටයුතු නොකළ බවයි. \"අපි බලමු IVS GBS කියන සමාගම මොකක්ද කියලා. ඒ සමාගම කාගේද කියලා? IVS කියන නම කියන්න ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි ? මොකක්ද ඒ රහස.\" \"IVS කියන සමාගම අයිති කවීරාජ් බන්ධාරි කියන ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරිකයාට.\" \"කවීරාජ් බන්ධාරි කියන්නේ හිටපු ඉන්දීය විදේශ ලේකම් රොමේෂ් බන්ධාරි ගේ පුතා. \" \"මේක ඉන්දීය විදේශ සේවය, ඉන්දීය ඔත්තු සේවා ඔක්කොම එක්ක ගැට ගැහිච්ච කතාවක්\" \"මේක IVS සමාගමට දෙන කොට ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දන්නවා ඒ ගැන. මේක ඉන්දීය සමාගමකට දීලා තියෙනවා කියලා කට්ටිය කියද්දී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කලබල වෙලා, හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ නිවේදනයක් නිකුත් කරනවා නැහැ නැහැ ඒක ඉන්දීය සමාගමක් නෙමෙයි කියලා.\" \"දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ඊනියා විපක්ෂයේ අය එහෙ කියවනවා මේක ඩුබායි සමාගමක් කියලා.\" \"IVS කියන සමාගම ඉන්දීය සමාගමක්, ඒක ඉන්දීය රජයත් එක්ක සමීප සම්බන්ධතා පවත්වන සමාගමක්. ඒ සමාගම ගැන තොරතුරු හංගන්න ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මැදිහත් වුනේ ඇයි මේකේ හැංගිච්ච න්‍යාය පත්‍රයක් නැත්නම්. ඇයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය බොරු කිව්වේ.\" \"අපි හිතනවා ලංකාවේ ජනතාවගේ ආරක්ෂාවට, ජාතික ආරක්ෂාවට, ලංකාවේ සංචාරකයන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව හානියක් වෙනවා කියලා.\" ඒ වගේම අපි අහනවා ටිරාන් අලස් ගෙන් ලෝකයේ කොයි රටේ ද VFS ආයතනයට ගුවන් තොටුපොළේ කවුන්ටර් එකක් දාලා වීසා ලබා දෙන්න ඉඩ දීලා තියෙන්නේ කියලා.\" \"VFS එක කරන්නේ රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාගේ වීසා අයදුම්පත අරන් දීලා තානාපති කාර්යාලයට ඒක ප්‍රොසෙස් කරලා ගාස්තුවක් අය කරන එක.\" \"ඒ වගේම මොන රටේද වීසා ඉල්ලුම්කරුගේ අතිශය රහස්‍ය තොරතුරු VFS සමාගමට දීලා තියෙන්නේ. නිකම් බොරුවට ටිරාන් අලස් රටවල් 60 ගානක් ගැන කියවනවා අනිත් මිනිස්සු ඒවා ගැන දන්නේ නැහැ කියලා.\". ඔහු පැවසීය. මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විද්‍යුත් සංචරණ පද්ධති මෘදුකාංගය 2021 වසරේ කැබිනට් අනුමැතිය යටතේ ටෙලිකොම් සමාගම විසින් යාවත්කාලීන කර ඇති බවට මෙම ඊ-වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇති බව පුබුදු ජාගොඩ පැවසුවේය. එහිදී ඇමෙරිකානු ඩොලර් එකක ගාස්තුවක් යටතේ විදේශිකයෙකු ගෙන් වීසා ලබාදීම සඳහා ගාස්තු අය වන ආකාරයෙන් පද්ධතිය සකස් කොට එය ක්‍රියාවට නැංවීමට සුදානම් කර ඇති බවට අදාළ කමිටු වාර්තාවේ සඳහන් කර ඇති බව ඔහු මෙහිදී පැවසුවේය. 'මේ දේම තමයි කෙහෙළියත් කළේ' බාල ඖෂධ ගෙන්වීමේ චෝදනාවට මේ වන විට බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද සිදුකර ඇත්තේ ටිරාන් අලස් ප්‍රසිද්ධියේ කළ බවට පිළිගත් ආකාරයේ කරුණක් බව මෙහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේක්ම්වරයා පෙන්වා දුන්නේය. \" ඊ- වීසා නිකුත් කිරීමේ දී ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකළ බවත්, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ නිසා අදාළ ව්‍යපෘති යෝජනාව ඉදිරිපත් කළ සමාගමට අවසර දුන් බවත් අමාත්‍ය ටිරාන් අලස් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය. \"හරි එතකොට දැන් හිරේ ඉන්න කෙහෙළියත් කළේ ඔය ටිකමයි.\" \"එයාටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා, ඊට පස්සේ ටෙන්ඩර් කැඳවන්නේ නැතුව බාල ඖෂධ ගෙන්නුව නිසා දැන් හිරේ ඉන්නවා.\" \"එතකොට ටිරාන් කියනවා කැබිනට් අනුමැතිය ලැබුණු නිසා ටෙන්ඩර් කැඳවන්නේ නැතිව මේක කළා කියලා.\" \"මේ කරල තියෙන දේට එයාව කවද්ද හිරේ දාන්නේ? හරිනම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමාව ඉල්ලන්න ඕන ජනතාවගෙන් එයාලා නිකුත් කරපු අසත්‍ය ප්‍රකාශයට.\" \"බෙහෙත් ගේන්න හොඳ නැහැ, හැබැයි වීසා දෙන්න හොදයි ටෙන්ඩර් කැඳවන්නේ නැතිව.\" \"මේක ගැන කතා කරන්න ඇවිල්ලා ටිරාන් අලස් කොටුවෙලා ඉන්නේ.\" ඔහු පැවසුවේය. එමෙන්ම ඊ - වීසා නිකුත් කිරීමට අදාළව සමාගම් සමග ගිවිසුම් ගතවීමේදී ඔවුන්ගේ සේවා ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් 18.5ක් සඳහන්ව තිබුණත්, පහසුකම් ගාස්තු ලෙස ඩොලර් 7.27ක් අය කරන බවත් එය කිසිදු ගිවිසුමක ඇතුලත් නොවන බව ඔහු පැවසීය. කැබිනට් මණ්ඩලය ගත් තීරණය මේ අතර විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එලෙසම ක්‍රියාත්මක බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බව ද රජය අවධාරණය කළ බව එහි දැක්වෙයි. සංචාරක කර්මාන්තයේ සාර්ථක ප්‍රගතියක් මේ වන විට රට තුළ ඇති වී තිබෙන බැවින්, විදේශිකයෙකු මෙරටට පැමිණිමේදී නිකුත් කරන වීසා බලපත්‍රයක උපරිම ගාස්තුව ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන ලෙස සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශව රැසක් ද පසුගිය දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. ඇමති හරීන් ගේ ඉල්ලා අස්වීම ? සංචාරක අමාත්‍යවරයා ලෙස තමන් ඉල්ලා අස්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක් හුවමාරු වන බවත්, එය සත්‍ය නොවන බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ. මේ අතර ඊ- වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මතු කර තිබු පැනයකට ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය X ගිණුම හරහා පිළිතුරු ලබා දීමක් සිදුකරන ලදී. \"රටවල් 50කට අධික ප්‍රමාණයකට නොමිලේ වීසා ලබාදීමේ යෝජනාව අපි අවසන් කරමින් සිටියදී මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ රේඛීය අමාත්‍යාංශයට වඩා විපක්ෂ නායකවරයාට එය මා මත පැටවීමට අවශ්‍ය වීම පුදුමයක් නොවේ.\" \"නව යෝජනාව ඉදිරිපත් කරන විට VFS ගාස්තු ගැන සඳහන් කර නොතිබුණි. එය හෙළි වූ දා සිට මම එම යෝජනාවට විරුද්ධ වීමි.\" \"මුල සිටම සඳහන් කළ පරිදි, මැයි 7 වැනි දින සිට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් සඳහා නොමිලේ වීසා සඳහා වන අපගේ යෝජනාව අවසන් වන තෙක් සියල්ල ඇතුළත්ව ඩොලර් 50කට දින 30ක කාලයක් සඳහා තනි පිවිසුම් වීසා බලපත්‍රයක් නිකුත් කෙරේ. එතෙක් රටවල් 7ක් සඳහා පෙර පරිදිම නොමිලේ වීසා පහසුකම හිමිවේ.\" අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ‘විදේශිකයින්ගේ වීසා ගාස්තු වැඩියි කියලා කෑගහන ලංකාවේ අය රට යන්න ඊට වඩා ගාස්තු ගෙවනවා’ “VFS එක ආපු ගමන් අපේ සිස්ටම් එක ඕෆ් කරලා. ඉතින් එවැනි ප්‍රශ්න නිසා තමයි මේ වගේ දෙයක් වුණේ. ආගමන විගමන එකෙන් තමයි ඒක කරලා තියෙන්නේ.ඒ දේ කරපු අය ගැන වගේම ඒවා වීඩියෝ කරපු අය ගැනත් මම දන්නවා. එයාලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා.\" යැයි ඊ- වීසා නිකුත් කිරීමේදී මතුවූ ගැටළු ගැන කරුණු පැහැදිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් (මැයි 6 වැනිදා) අවධාරණය කළේය. මැයි 01 වැනිදා වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී On Arrival වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු සහගත තත්ත්වය සහ වීසා ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ සහභාගීත්වයෙන් (මැයි 06 වැනිද) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණි. වීසා ගාස්තු පිළිබඳවත් එවා සම්මත කරගත් යෝජනාවලට අනුකූල බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.\"වීසා ප්‍රශ්නය ගැන කතා කලොත් ඒක කොටස් දෙකකට තියෙන්නේ. එකක් වීසා වලට අප අය කරන මුදල වැඩි කිරීම. අනිත් එක VFS සමාගම වීසා නිකුත් කිරීමේ කර්තව්‍යයට එකතු කර ගැනීම.\" 'ගැටළු සහගත වීසා කාණ්ඩය' \"අපි වීසා ගාස්තු වැඩි කිරීම ගැන කතා කලොත් අපි ප්‍රතිපත්තිමය තීරණයක් අර ගත්තා වෙනත් වීසා කාණ්ඩ ලබා දෙන්න.\" \"මාර්ගගත ක්‍රමයට ලබා දීම සිදුකලේ දින 30 වීසා කාණ්ඩය පමණයි. ඒ දවස් 30 වීසා එක කාණ්ඩ කිහිපයක් යටතේ වෙනස් කිරීමට කටයුතු කළා.\" \"විශේෂයෙන් නොමෑඩ් කියන වීසා කාණ්ඩය, ඔන්ලයින් සේවාවන් කරන අයෙකුට ලංකාවට ඇවිල්ලා හෝටලයක නැවතිලා ඉදගෙන තමන්ගේ රැකියාව කරන් යන්න හැකියාව තියෙනවා මේ වීසා එක යටතේ.\" \"දකුණු පළාතේ සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ගිය අවස්ථාවේදී හමුවූ විදේශිකයින් ගේ ඉල්ලීම් සැලකිල්ලට අරගෙන නව වීසා ක්‍රමවේදය සකස් කරන්න කටයුතු කළේ.\" \"නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් යෝජනාව පාර්ලිමේන්තුවේ දී විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් මස 23 වන දින සම්මත වූනා.\" \"දැන් මේ ඩොලර් 75 වීසා එකක් ගැන කතා කරනවා. ඒ වීසා එකත් තියෙන්නේ මේ සම්මත කරපු ලිස්ට් එකේ. යෝජනාව සම්මත කරලා ගැසට් කළා.\" \"දැන් ගැසට් කළාට පස්සේ අපිට තිබුණ ප්‍රශ්නය තමයි අපේ විද්‍යුත් සංචරණ අනුමැති පද්ධතියේ මේ එකක්වත් කරන්න බැහැ.\" \"නොවැම්බර් මාසේ සම්මත වුන එක අපිට ඉන්න වුණා අප්‍රේල් මාසයේ 17 වෙනිදා වෙනකම් ක්‍රියාවට නංවන්න. ඒක VFS පද්ධතිය එනකම් ඉදලයි මේක කරන්න පුළුවන් වුනේ.\" \"අපේ තිබ්බේ විද්‍යුත් සංචරණ අනුමැති පද්ධතියේ පින්තූරයක්වත් එවන්න බැහැ. ඔන්ලයින් වීසා එනවා අකුරු විතරයි එන්නේ. එහෙම තමයි අපේ පද්ධතිය තිබුණේ.\" \"අප්‍රේල් මාසයේ 17 වැනිදා ඩොලර් 75 වීසා එකට විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් විරෝධය පළකරලා ප්‍රවෘත්ති සාකච්ඡා පවා තිබ්බා.\" \"මේක සම්මත වුණා කියලා මම පාර්ලිමේන්තුවේදී කියද්දී ඔවුන්ට ඒකවත් මතකයේ තිබුනේ නැහැ. අඩුම තරමින් ඔවුන් සම්මත කරාපු එක ගැනවත් ඔවුන්ට මතකයක් නෑ.\" \"ඩොලර් 75 වීසා එක කියන්නේ මාස 06 ක ඩබල් එන්ට්‍රි වීසා එකක්. සින්ගල් එන්ට්‍රි දවස් 30 වීසා එකට ඩොලර් 50ක ගාස්තුවක් අය කරන්නේ.\" අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර සිටියේය. මොකක්ද මේ VFS කියන ආයතනය මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා ලබාදීම සිදුකරන VFS ආයතනය සම්බන්ධයෙන් ද අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් කළේය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ VFS ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබු බවයි. එමෙන්ම රටවල් ගණනාවක ඔවුන් සිය සේවාවන් පවත්වාගෙන යනු ලබන බවද ඔහු පැවසුවේය. \"රට යන ලංකාවේ අය පවා දන්නවා VFS කියන්නේ මොකක්ද කියලා. මේ ආයතනය රජයන් 67ක, රටවල් 151ක මධස්ථාන තුන්දහසකට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන සමාගමක්.\" \"ඒ සේවාවට ඒගොල්ලෝ එක්ක තරග කරන්න කවුරුත් නැහැ. යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන්නේ VFS සේවාවයි.\" \"එක් චෝදනාවක් එල්ල වුණා මේක ඉන්දියානු සමාගමක් කියලා. ඒ වගේම ඉන්දියන් අය ඇවිල්ලා එතන වාඩි වෙලා ඉන්නවා කියලා.\" \"මම ඒ ගැන සොයා බැලුවා. ඒක ඉන්දියානු සමාගමක් නෙමෙයි.\" \"මේ සිදුවීම වූ අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ කවුන්ටර්වල ඉදලා තියෙන්නේ ලංකාවේ 13 දෙනෙක්.\" \"VFS එක කරන්නේ ලියකියවිලි සම්බන්ධයෙන් කටයුතු සොයා බැලීම පමණයි. වීසා ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය තියෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ටයි.\" \"මේ ව්‍යාපෘතිය ගැන වසර 07කට පෙර කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඇවිල්ලා තිබුණා. එක ලංකාවේ සමාගමක් වසර කිහිපයක් උත්සාහ කළත් ඔවුන්ට ඒක සාර්ථක කර ගන්න හැකියාව ලැබුණේ නැහැ.\" \"ඒ වගේම චීනයේ සමාගමක් වසර 04ක් උත්සහ කරලත් ඔවුන්ට මේක සාර්ථක කර ගන්න බැරි වුණා.\" \"අපිට අවශ්‍යතාවයක් තිබුණා වීසා ලබා දීමේ නව ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ අතර වාරයේ දී තමයි VFS ආයතනය විසින් මේ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළේ.\" \"පස්සේ ඒක ගැන බලලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කළා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී.\" \"මේ සම්බන්ධයෙන් සොයා බලන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කළා. ඒ වගේම නීතිපතිවරයා නිර්දේශ ඉදිරිපත් කරලා තිබුණා. ජනාධිපතිතුමා පවා ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කර තිබුණා.\" \"ලංකාවේ ඉන්න ජනතාව විදේශගත වෙද්දී VFS එකට ගෙවනවා එක එක රටවල් සඳහා විවිධ මිල ගණන් යටතේ ගාස්තු.\" \"උදාහරණයක් විදිහට UAE වලට යද්දී ඇමෙරිකානු ඩොලර් 25ක් ගෙවනවා.\" \"නමුත් විදේශ රටක ඉදලා ලංකාවට එන විදේශිකයෙක් ඩොලර් 18.5ක් ගෙවනවා කියලා මේ රටේ ඉන්නේ අය කෑගහනවා.\" අමාත්‍යවරයා පැවසීය. මේ අතර මෙරට ගුවන් තොටුපොළවල් සහ ආගමන විගමන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග ගැන අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙස සිංගප්පුරු රජයෙන් කළ ඉල්ලීමක් මත විශේෂ කණ්ඩායමක් ඉදිරි දිනයකදී මෙරටට පැමිණීමට නියමිත බව ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය. කටුනායක ගුවන්තොටුපොළේ ඇතිවූ ගැටළුව කුමක් ද? මැයි මස 01 වෙනිදා කටුනායක ගුවන් තොටුපොළේ VFS කවුන්ටරය අසලදී තරුණයෙකු සිදුකළ විරෝධය පළ කිරීම ගැන ද අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලදී. \" එදා එතන ලංකාවේ නිලධාරින් තමයි ඉදලා තියෙන්නේ.\" \"මේක පටන් ගත්ත නිසා VFS සමාගමේ ඩුබායි කාර්යාලයේ ඉන්න උප සභාපතිවරයා ඉන්දීය ජාතිකයෙක් එදා එතනට ඇවිත් ඉදලා තියෙනවා.\" \"අර කෑ ගහන තරුණයා එයාගේ බිරිඳ එක්ක යනවා ආගමන විගමන අංශයට. එයාට වීසා නෑ. එතන ඉන්න නිලධාරියා කියනවා අතනට ගිහිල්ලා වීසා එක ගන්න කියලා.\" \"මේ තරුණයා ඇවිල්ලා එතන ඉන්න අර ඉන්දීය ජාතික උප සභාපතිවරයා අතට තමයි පාස්පෝර්ට් එක දෙන්නේ.\" \"ඒ නිලධාරියා පාස්පෝර්ට් එක බලලා කියනවා පෝලිමට යන්න කියලා. ඒ වෙලාවේ ඉදලා එයා කෑගහලා තියෙනවා.\" \"එයාට ඕන වෙලා තියෙන්නේ කෙලින්ම ගිහිල්ලා පෝලිමේ ඉන්නේ නැතුව වයිෆ් ගේ වීසා එක අර ගන්න. ඒක තමයි වෙලා තියෙන්නේ.\" අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර සිටියේය. ආගමන විගමන නිලධාරින් ගැනත් අවධානය මේ අතර කටුනායක ගුවන් තොටුපළේ පිහිටි VFS කවුන්ටරයේ සේවාවන් පවත්වාගෙන යාමට පසුගිය මැයි මස 01 වෙනිදා බාධා සිදුවීම ගැන ද පියවර ගන්නා බවට අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී කරුණු සඳහන් කර සිටියේය. \" එදා පළවෙනි දවස. VFS එකට හරියට WiFi පහසුකම් ලබාදීලා තිබිලා නැහැ. එයාලා ඩොන්ගල් යොදා ගෙන තමයි රාජකාරි ආරම්භ කරලා තිබුණේ.\" \"එදා මම හිටියේ නැහැ. ලේකම්තුමා රැස්වීමක් කැඳවලා තීරණය කරලා තියෙනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වගේම VFS ආයතනයේ සිස්ටම් දෙකම සමානව පවත්වාගෙන යන්න දවස් කිහිපයක්.\" \"ඒ දේ වුනේ නැහැ, VFS එක ආපු ගමන් අපේ සිස්ටම් එක ඕෆ් කරලා. ඉතින් එවැනි ප්‍රශ්න නිසා තමයි මේ වගේ දෙයක් වුණේ.\" \"ආගමන විගමන එකෙන් තමයි ඒක කරලා තියෙන්නේ.\" \"ඒ දේ කරපු අය ගැන වගේම ඒවා වීඩියෝ කරපු අය ගැනත් මම දන්නවා. එයාලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා.\" අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ( මැයි මස 01 වැනිදා) උණුසුම් තත්ත්වයක් ඇති විය. ඒ කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටියේ ( මැයි මස 01 වැනිදා) සවස ඇතිවූ ගැටළු සහගත තත්ත්වයක් හේතුවෙනි. කටුනායක ගුවන් තොටුපොළේදී සිදුවුයේ කුමක් ද? මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පෞද්ගලික සමාගමකට පැවරීමත් සමග ( මැයි මස 01 වෙනිදා) සවස 05.00 සිට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී තිබුණි. ඒ හේතුවෙන් දිගු පෝලිම් ඇති වී දෙස් විදෙස් සංචාරකයන් ඊට එරෙහිව දැඩි විරෝධයක් පළ කිරීමත් සමග ගුවන් තොටුපොළ තුළ උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය විය. කෙසේ වුවද මීට පෙර ආගමන විගමන නිලධාරින් විසින් මිනිත්තු කිහිපයක් තුළදී මාර්ගගත වීසා නිකුත් කිරීමට කටයුතු කර තිබුණි. නව නිලධාරින් ඉවත් වෙයි කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීම ( මැයි මස 01 වැනිදා) සිදු කළ පෞද්ගලික සමාගම එය නිසියාකාරව ඉටු කර ගැනීමට අපොහොසත් වීම නිසා රාත්‍රී 11.30 ට පමණ සේවයෙන් ඉවත් වී ගොස් තිබුණි. ඉන්පසුව එම කාර්යය යළිත් පැරණි ගාස්තු ක්‍රමය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පවරා සිදු කර ගෙන යන ලෙස ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය නියෝග කරනු ලැබීය. කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කර ගෙන යන බවත් ,එම කටයුතු වෙනදා මෙන් සාමාන්‍ය පරිදි සිදු වන බවත් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු පැවසීය. ඒක පද්ධතියේ ඇතිවූ දෝෂයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පැවසුවේ එය වීසා නිකුත් කිරීමේ පද්ධතියේ ඇතිවූ දෝෂයක් නිසා සිදුවූ බව ය. \"අලුත් සිස්ටම් එකක් දාන්න ගිහිල්ලා ඒ සිස්ටම් එකේ ගැටළු කිහිපයක් ඇති වෙලා මේ තත්ත්වය සිද්ධ වුනේ.\" \"අපි තාවකාලිකව ඒක නතර කරලා පැරණි ක්‍රමයට වීසා නිකුත් කිරීම සිදුකරන්නේ. ඉදිරියේදී නැවත තීරණය කරන දිනයක නව ක්‍රමය නැවත ක්‍රියාත්මක කරනවා.\" \"මේක සිස්ටම් එකේ තාක්ෂණික වශයෙන් ඇතිවූ දෙයක්. ඒ නිසා ඒක නිවැරදි කරලා ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා.\" අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේය. මේ අතර කටුනායක ගුවන් තොටුපොළේ වීසා නිකුත් කිරීම කළ පෞද්ගලික ආයතනයේ නිලධාරින් විසින් විදේශිකයින් ගෙන් අමතර ගාස්තු අය කිරීම සහ එකතු කරගෙන තිබු මුදල් ද රැගෙන රාත්‍රියේ පිටව ගිය බවට පලව තිබු මාධ්‍ය වාර්තා සත්‍යදැයි බීබීසී සිංහල විසින් කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. \"එහෙම කිසිම දෙයක් වෙලා නෑ. ඒ වගේම විදේශිකයින්ගෙන් ගාස්තු අය කිරීම් පිළිබඳව විධිමත් වැඩපිළිවලක් අදාළ අනුමැතීන්වලට යටත්ව තමයි සිදුකර තියෙන්නේ.\" ඔහු පැවසීය. “වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගමකට පවරලා” වසර 12 කට ආසන්න කාලයක් පුරාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන පැමිණි මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පෞද්ගලික සමාගමකට පැවරීමට රජය විසින් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ආගමන සහ විගමන නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ජයසිංහ බණ්ඩාර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් සඳහන් කළේය. \"ලංකාවට සංචාරකයෙක් එන්න ඉන්නවා නම් ඒ කෙනාට සෘජුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන්න බැහැ.\" \"අර තියෙන පෞද්ගලික සමාගම හරහා තමයි වීසා ඉල්ලුම් කරන්න ඕන ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා.\" \"එතකොට ඒ ආයතනය තමයි අදාළ වීසා ඉල්ලීමට අදාල කරුණු ගොනු කරලා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන්නේ. ඊට පසුවයි අපේ දෙපාර්තමේන්තුව හරහා වීසා එක නිකුත් කිරීම සිදුවෙන්නේ.\" \"මේක පැරණි ක්‍රමයම තමයි, නමුත් අතරමැදියෙක් ලෙස මේ ආයතනය මේකට සම්බන්ධවෙලා ඉන්නවා.\" \"ඔවුන් මේ සේවාව ලබා දෙන්න එක් වීසා එකකින් ඇමෙරිකානු ඩොලර් 18.5ක් අවම අය කිරීමක් කරනවා වගේම ඊට අමතරව තවත් අමතර ගාස්තු අය කරනවා.\" \"ලංකා රජය සංචාරක කර්මාන්තය වැඩිදියුණු කරන්න කියලා ප්‍රතිපත්තියක් ලෙස රටවල් රැසකට වීසා සහන ලබා දුන්නා ගාස්තු වලින් නිදහස් කරලා.\" \"නමුත් ඒ වගේ වීසා ගාස්තු ඉවත් කරපු රටවල සංචාරකයින් මේ ආයතනය හරහා ලංකාවට එන්න වීසා ලබා ගනිද්දී අර කලින් කිව්ව ඇමෙරිකානු ඩොලර් 18.5 ගාස්තුව ඇතුළු වෙනත් ගාස්තු වලට යටත් වෙන්න වෙලා තියෙනවා.\" \"හැබැයි මේ අය කරන කිසිම ගාස්තුවක් රජයට අය වෙන්නේ නැහැ. එක ඒ පෞද්ගලික සමාගමටයි බැර වෙන්නේ.\" \"(මැයි මස 01 වැනිදා) වෙනකම් ඔන් ඇරයිවල් වීසා නිකුත් කිරීම කළේ ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්. \" \"නමුත් එක්වරම අදාළ සමාගම විසින් ඒ ඔන් ඇරයිවල් විසා නිකුත් කිරීම ඔවුන් යටතේ සිදුකරන්න ගිහින් මේ තත්ත්වය ඇතිවුනේ. ඒක ලංකාවේ සංචාරක කර්මාන්තයට ඒතරම් හොඳ දෙයක් විදිහට දකින්නේ නැහැ.\" යැයි ශ්‍රී ලංකා ආගමන සහ විගමන නිලධාරීන්ගේ සංගමයේ උප සභාපතිවරයා පැවසුවේය. වීසා නිකුත් කිරීමේ නව ක්‍රමවේදය කුමක්ද ? ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී නව වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකරන ලදී. එහිදී ඔහු සඳහන් කලේ 2012 වසරේදී හඳුන්වා දුන් මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ හඳුන්වා දුන් විද්‍යුත් සංචරණ අනුමැතිය මේ හරහා යාවත්කාලීන කිරීමට කටයුතු කළ බවයි. ඒ සඳහා පෞද්ගලික සමාගමක් සමග ගිවිසුම් ගතව කටයුතු කරනු ලබන බව ඔහු සඳහන් කළේය. \" 2012 වසරේ දී අපි මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ වීසා නිකුත් කිරීම ආරම්භ කළා. ඒ ETA කියල අපි අඳුන්වපු Electronic Travel Authorization නැත්නම් විද්‍යුත් සංචරණ අනුමැතිය.\" \"මේ මගින් තමයි අපි ලංකාවෙ වීසා ක්‍රමවේදය ජාත්‍යන්තරයට ගෙනිච්චෙ. ඒ ක්‍රමවේදය ඔස්සේ අපි කටයුතු කරමින් ඉන්නකොට අපිට දැනුණු දේ තමයි ඒ ක්‍රමවේදය වර්තමානය වෙන විට යාවත්කාලීන වෙලා තිබුණෙ නෑ. ඉතිං ඒ නිසා තමයි අපි කල්පනා කලේ නව ක්‍රමවේදයක් ඔස්සේ සියලුම වීසා මාර්ගගත ක්‍රම ඔස්සේ ලබාගැනීමේ හැකියාව.\" \"ඇතැම් රටවල් වලට වීසා ගැනීම සඳහා පාවිච්චි කරන ක්‍රමවේදයන් වලදී අදාල රටට යන්නට මත්තෙන් වීසා ගැනීමේ හැකියාව හරි අඩුයි. නමුත් මේ ක්‍රමය ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නෙ සම්පූර්ණ වීසා ක්‍රමවේදයම මාර්ගගත ක්‍රමය ඔස්සේ තමන්ගෙ රටේ ඉඳලම මේ රටට පැමිණෙන්න පෙර වීසා ලබාගෙන මෙරටට පැමිණෙන්න පහසුකම් මේ වන විට අපි හදල දීල තියෙනවා.\" \"අපි තව බලාපොරොත්තු වන දෙයක් තියෙනව , කෙනෙකුට රට තුලට එන කෙනෙකුට නැවත නැවත වීසා අයදුම් කිරීමට අවශ්‍ය නැතිව එක්වර වීසා අරගෙන දීර්ඝ කාලයක් ලංකාවෙ රැදී සිටින්නටත්, ඒ දීර්ඝකාලය තුල වරින් වර තමන්ගෙ රටට ගිහින් ඒමට ඉඩප්‍රස්ථාව හැදෙනව. මේ කාරණය සංචාරක කර්මාන්තයට ඉතාමත් වැදගත්.\" \"දැනට අපේ තිබුණ ETA හරහා දින 30හේ වීසා එක දුන්නාම දින 30යි රට තුන්න ඉන්න හැකි වෙන්නෙ.\" \"දින තිහට පස්සෙ ආපහු වීසා අයදුම් කරන්න ඕන.\" \"නමුත් මේ අලුතින් අපි හඳුන්වල දීපු වීසා ක්‍රමවේදය යටතේ අයදුම්කරුට මෙවැනි සංචාරක වීසා කාණ්ඩ විශාල ප්‍රමාණයක් අපි හඳුන්වල දීල තියෙනවා.\" \"දින 60 වීසා, දින 90වේ වීසා, දින 180 වේ වීසා , වසර 05 සහ 10 දක්වා සංචාරක වීසා අපි මේ යටතේ හඳුන්වාදී තිබෙනවා.\" \"අවුරුදු 10ක වීසා එක ගන්න කෙනෙකුට නැවත වීසා ගැනීමකින් තොරව ඒ අවුරුදු දහය පුරාවට කැමති කාලයක ලංකාවට ඇවිල්ල සංචාරය කරල යන්න පුළුවන්.\" \"නැවත නැවත වීසා අයදුම් කරල සංචාරය කිරීමට වඩා බොහෝ දෙනෙක් මේ ක්‍රමවේදයට කැමතියි. පළවෙනි වීසා එකේම එක මාසෙ සිට මාස හයක් දක්වා වැඩි කරල රැඳී සිටීමේ කාලය දීර්ඝ කලේ සංචාරකයින්ට වීසා එක ගැන වැඩිය හිතන්නෙ නැතුව ඕන වෙලාවක එන්න හැකි වෙන්න. ඒ නිසා සංචාරක වීසා විශාල ප්‍රමානයක් මේ යටතේ හඳුන්වල දීල තියෙනවා.\" \"මීට කලින් අපි වීසා සඳහා ඔන්ලයි Electronic Travel Authorization (ETA) එක දින 30 හේ වීසා එක සඳහා විතරයි පාවිච්චි කලේ. නමුත් මේ නව ක්‍රමය යටතේ සියළුම වීසා කාණ්ඩ මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අයදුම් කර ලබාගන්න පුළුවන්.\" \"මේ සේවාව www.srilankaevisa.lk වෙබ් අඩවිය මගින් ලබාගන්න පුළුවන්.\" \"මේ වෙබ් අඩවිය හරහා ඕනම කෙනෙකුට වීසා ලබාගන්න පුළුවන්.\" \"වෙබ් අඩවිය නඩත්තු කිරීම සහ ඒ හරහා සංචාරකයින් ගෙන්වාගැනීමට අපි ගිවිසුම්ගත වෙලා තියෙනව VFS ආයතනයත් එක්ක, ඒ ආයතනය රටවල් 145 තුර ඒ රටවල් වල මව් භාෂා වලින් තොරතුරු ලබාගෙන වීසා අයදුම්කරුවන්ට ලංකාවට ඒමට අවශ්‍ය පහසුකම ඇති කරල තියෙනවා.\" \"සෑම අවස්ථාවකදීම වීසා අනුමත කිරීම, ගාස්තු තීරණය කිරීම, ගාස්තු ලබාගැනීම ගැන තීරණ ගැනීම සිදු වෙන්නෙ ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව හරහා.\" \"වීසා එකක් දීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු වෙන්නෙ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හරහා පමණයි.\" \"එම නිසා නීතිමය වශයෙන් කිසිදු ගැටළුවක් නැහැ.\" \"වෙබ් අඩවිය නඩත්තු කිරීම සහ තොරතුරු සැපයීමේ අංශය පමණයි අපි VFS ආයතනය හරහා කරන්නේ.\" \"අපි බලාපොරොත්තු වෙනව අපි ඉලක්ක කර තිබෙන විදිහට මිලියන 03ක් හෝ ඊට වැඩි විශාල සංචාරක ප්‍රමාණයක් අපේ මේ අලුත් ක්‍රමවේදය හරහා ලංකාවට ගෙන්වාගන්න පුළුවන් වෙයි කියල.\" ආගමන විගමන පාලකවරයා එහිදී පැවසීය.",
"Title": "‘IVS කියන නම කියන්න ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි’ ?"
} |
{
"Text": " එක් එක් පක්ෂය තමන්ට ජනාධිපතිවරණයේදී වැඩි වාසියක් ඇතැයි පෙන්වීමට මෙන් පැවැත්වූ මැයි දින රැලි දැන් අවසන් ය. ජනාධිපතිවරණය පිළිබඳ පැවති උනන්දුව යළිත් ඇල්මැරුණු ස්වභාවයක් ගෙන තිබේ. කෙසේ වෙතත්, විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර විවාදයක් පිළිබඳ උණුසුම් තත්ත්වයක් මතු වෙමින් තිබේ. මෙම විවාදය පැවැත්වීමට මාධ්‍ය ආයතන පවා ඉදිරිපත් වී සිටිය ද, විවාදයේ උණුසුමක් මෙතෙක් මතු වී නැති අතර, විවාදය පැවැත්වෙන දිනය පිළිබඳ විවාද පමණක් සිදුවන බවක් පෙනේ. විවාදය කරළියට ආවේ කොහොම ද? මෙම විවාදය පිළිබඳ සංවාදය ආරම්භ වූයේ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර දේශපාලන රැලි අතරතුර සිදු කළ විවේචනවල දිගුවක් ලෙසිනි. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු අතර ප්‍රසිද්ධ විවාදයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වූ අතර, එහිදී, ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය එම විවාදය සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ පුද්ගලයින් දෙදෙනෙකු ද පත් කිරීමට පියවර ගත්තේ ය. ඒ අනුව, සමගි ජන බලවේගය පාර්ශවයෙන් එහි මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පත් කළ අතර, ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කෙරිණි. මෙම විවාදයට පහසුකම් සැපයීමට ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක් ම කැමැත්ත පළ කර තිබෙන අතර, එය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අධීක්ෂණය යටතේ පැවැත්විය යුතු බවට සමගි ජන බලවේගය යෝජනා කර ඇත. පක්ෂ දෙකෙන් ම කඹ ඇදිල්ලක්? මේ අතර, මෙම විවාදය සම්බන්ධයෙන් පක්ෂ දෙකෙන් ම කඹ ඇදිල්ලක් සිදු වන බව පෙනී යන්නේ, දෙපාර්ශවය ම යම් යම් කොන්දේසි ඉදිරිපත් කරමින් විවාදය කල් දැමීමට උත්සහ කරන බව පෙනී යන හෙයිනි. \"අපි මුලින් ම යෝජනා කළේ රටේ ආර්ථිකය ගොඩ නගන ආකාරය ගැන විවාද කරන්න පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදයක් පවත්වමු කියලා. ඒත් ඒ අභියෝගය ජාතික ජන බලවේගය භාර ගත්තෙ නෑ. ඒ වෙනුවට, ඔවුන් යෝජනා කළේ, විවාදට සජිත් සහ අනුර අතර පැවැත්විය යුතුයි කියලා. අපි කිව්වා අපි ඒකටත් එකඟයි හැබැයි ආර්ථික කමිටු අතර විවාදයකුත් පැවැත්විය යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ. ජාතික ජන බලවේගය ඒකට උත්තරයක් දෙන්නෙ නෑ,\" සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර පවසයි. ඊට පිළිතුරු ලෙස ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, \"ඊළඟ පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නිසා විවාදය පැවැත්විය යුත්තේ, පක්ෂ දෙකෙන් ජනාධිපතිවරණයට තරග කරන නායකයින් දෙදෙනා අතර කියන ස්ථාවරයේ අපි ඉන්නේ. ඒ නිසා අපි සූදානම් මේ විවාදය සජිත් සහ අනුර අතර පවත්වන්න,\" යනුවෙනි. මෙම ආර්ථික කමිටු අතර විවාදය සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් සූදානමින් සිටි අතර, ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ආර්ථික කවුන්සිලය නියෝජනය කරන සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත සහ මහාචාර්ය සීතා බණ්ඩාරට ඇරයුම් කර තිබිණි. ජාතික ජන බලවේගය දින දෙයි සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර විවාදයක් පැවැත්වීමට කැමති දිනයක් තෝරා ගන්නා ලෙස ඉල්ලා මැයි 07, 09, 13 සහ 14 යන දින හතර ජාතික ජන බලවේගය විසින් යෝජනා කරන ලදී. එහෙත්, එම දින හතර තුළ විවාදය පැවැත්වීමට සමගි ජන බලවේගය එකඟත්වය පළ නොකළ බව වෛද්‍ය නලින්ද ජයතිස්ස රූපවාහිනී සාකච්ඡාවකදී පැවසීය. ඊට පිළිතුරු දෙමින් නලින් බණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, විවාද දෙක ම පැවැත්වීමට ජාතික ජන බලවේගය එකඟත්වය පළ නොකළ හෙයින් විවාදයට දින නියම කරගත නොහැකි වී ඇති බව ය. මේ අතර, ජාතික ජන බලවේගයේ අදහස වී ඇත්තේ, මුලින් නායකයින් දෙදෙනා අතර විවාදය පවත්වා, පසුව ආර්ථික කමිටු අතර විවාදය පැවැත්විය යුතු බව ය. ඒ අනුව, නායකයින් අතර විවාදය සඳහා මැයි මස 20 වන දාට පෙර කැමති දිනයක් දැනුම් දෙන ලෙස ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගයට දැනුම් දී ඇතැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. එහෙත්, විවාද දෙකට ම එකඟ වන තුරු නායකයින් අතර විවාදයට දින නියම කළ නොහැකි බව සමගි ජන බලවේගයේ මතය වී තිබේ. කෙසේ වෙතත්, නායකයින් අතර විවාදයකට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, නලින් බණ්ඩාර සහ ආචාර්ය හර්ෂ ද සිල්වාට දැනුම් දුන් බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ. 'විවාද කතාව පක්ෂය ඇතුළෙන් ම සජිත්ව පහළට දාන්න කරන කුමන්ත්‍රණයක්' - ආචාර්ය හරිනි අමරසූරිය \"දැන් තියෙන අලුත් ම මාතෘකාව විවාදයකට එන්න ලු. විවාද කරන්න අපි සූදානම් ඒකට පිළිවෙළක් කලාවක් තියෙනවා. ඉස්සර වෙලා ම එන්නේ ජනාධිපතිවරණය, මැතිවරණයට ඉදිරිපත් වෙන්නැති අය සමග විවාද කරලා තේරුමක් නෑ. ඕනෑ ම කරුණක් සඳහා අපි අපේ අපේක්ෂකයා විවාද කරන්න එවන්න සූදානම්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් ගෙනත් ජනතාව ඉදිරියේ අපි විවාදය පවත්වමු. ඒක කිව්ව ම මුහුණ දෙන්න බැරුව යට යනවා ඔය විවාද මාතෘකාව අරන් තියෙන්නේ ප්‍රේමදාස මහත්තයාව යට යවන්න. මේක ඇතුළෙන් ම සිදුවෙන කුමන්ත්‍රණයක් හැටියට මට හිතෙනවා,\" යනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය ත්‍රිකුණාමලයේදී පැවති ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් පැවසීය. මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද විවාදයට එක් කර ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය පවසයි. 'මෙවැනි විවාද පැවැත්වීම ඉතා හොඳ දෙයක්' ආර්ථිකය ගොඩ නැගීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ප්‍රසිද්ධ විවාද පැවැත්වීම \"ඉතා හොඳ ප්‍රවණතාවක්\" බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පවසයි. බීබීසී සිංහල සේවය කළ විමසුමකදී ඔහු පෙන්වා දුන්නේ, එවැනි විවාද පැවැත්වීමෙන් අදාළ දේශපාලන පක්ෂවල චින්තනය සහ ඉදිරි දැක්ම පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමට ඡන්දදායකයින්ට අවස්ථාවක් සැලසෙන බව ය. \"එවැනි විවාද කල් මරන්නෙ නැතුව අනිවාර්යයෙන් ම පැවැත්විය යුතුයි. ඒක ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වෙන ක්‍රමයක්. ඒ නිසා මේ විවාදයට සම්බන්ධ සියලු පාර්ශව ඒක මග නොහැර විවාදය පවත්වන්න පියවර ගත යුතුයි කියන එකයි මගේ අදහස,\" ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සඳහන් කළේ ය.",
"Title": "සජිත් - අනුර විවාදයට 'බාලගිරි දෝෂය' ද? පක්ෂ දෙක ම 'කඹ අදින්නේ' ඇයි?"
} |
{
"Text": " අපරාධකරුවෙකු යැයි සිතා ශ්‍රී ලාංකික වින්දිතයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියෙකුට සති 12ක අත්හිටවූ සිර දඬුවමක් නියම කර තිබේ. 2022 නොවැම්බර් මාසයේදී නැගෙනහිර ලන්ඩනයේ රොම්ෆෝර්ඩ්හි සායනයක නාම පුවරුවකට හානි කළ පුද්ගලයෙකු පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වන ජොනතන් මාෂ් ක්‍රියාත්මක වී තිබිණි. ඔහු 999 හදිසි දුරකතන අංකය ඇමතූ රසික අත්තනායකට පහර දී අත්අඩංගුවට ගත්තේ ය. දැනට සේවය අත්හිටුවා සිටින මාෂ්ට වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය පැය 150ක් වැටුප් රහිතව රාජකාරියේ නිරත වන ලෙස නියම කළේ ය. ඔහු වන්දි වශයෙන් පවුම් 1500ක් ද ගෙවිය යුතු ය. 'පිළිකුල්සහගත සහ අයුතු ක්‍රියාවක්' තමන්ට යම් වැරදීමක් සිදුව ඇති බව වටහා ගෙන වෛද්‍ය සේවකයෙකු වූ අත්තනායක මහතා මුදා හැරීමට පෙර පොලිස් නිලධාරීහු ඔහුට අත්විලංගු දමා පොලිස් මෝටර් රථයක් පිටුපසට ගෙන ගියහ. එසෙක්ස්හි කැන්වී අයිලන්ඩ් නගරයේ පදිංචි මාෂ්, පොදු පහරදීම යන චෝදනාව යටතේ වරදකරු විය. මාෂ්ට පූර්ව චෝදනා නොමැති බවට ත්, ඔහුගේ චරිතය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවට ත් අධිකරණයේදී සඳහන් වුව ද විනිසුරු ඇනබෙල් පිලින්ග් ඔහුගේ ක්‍රියාව විස්තර කළේ, \"පිළිකුල්සහගත සහ අයුතු\" ක්‍රියාවක් ලෙස ය. ඇය අධිකරණයට මෙසේ පැවසුවා ය: \"මම පිළිගන්නවා ඒක ඔබේ සාමාන්‍ය චරිත ස්වභාවය නෙවෙයි සහ ඔබට ඔබව පාලනය කර ගන්න බැරි වුණා කියලා. \"පොලිස් නිලධාරියෙක් විදිහට ඔබ සිටියේ සැලකිය යුතු වගකීමක් සහිත තනතුරක. මේ වගේ ක්‍රියා පොලිසිය කෙරෙහි ඇති විශ්වාසය හා පැහැදීම අඩු කරනවා.\" 'කිසි කෙනෙක් නීතියට ඉහළින් නැහැ' නඩු විභාගයෙන් පසුව අදහස් දැක්වූ ශ්‍රී ලාංකික දෙදරු පියෙකු වන 42 හැවිරිදි අත්තනායක පැවසුවේ, මෙම පහරදීම තමාට මානසිකව හා ශාරීරිකව හානියක් කර ඇති බව ය. ඔහු මෙසේ පැවසීය: \"මම පන්දු යවන්නෙක් විදියට ක්‍රිකට් ක්‍රීඩා කරනවා, නමුත් මට දැන් මගේ උරහිසේ තියෙන ප්‍රශ්න නිසා ක්‍රීඩා කරන්න බැරි වෙලා තියෙන්නේ. ඒක හොඳ වේවි. ඒත් මට මේ වෙනකොටත් සීසන්ස් දෙකක් මග හැරිලා තියෙන්නේ. \"මානසික වශයෙන් ගත්තා ම, මම දැන් එලාම් සද්දෙ ඇහුණා ම, නිල ඇඳුම් ඇඳගෙන ඉන්න මිනිස්සු දැක්කා ම තිගැස්සෙනවා. මම එක්සත් රාජධානියේ ජීවත් වුණු කාලය පුරා ම නීතිගරුක පුරවැසියෙක් විදිහට කටයුතු කළේ.\" තමාගෙන් තවමත් මෙට්‍රොපොලිටන් පොලිසිය සමාවක් ලබා ගෙන නොමැති බව ත්, ඔවුන් මෙම සිද්ධිය හුදෙක් \"අනන්‍යතාව වරදවා වටහා ගැනීමක්\" පමණක් බව පවසා ඇති බව ත් අත්තනායක මහතා පැවසීය. දඬුවම් නියම කිරීමෙන් පසු ඔහු මෙසේ පැවසීය: \"යුක්තිය ඉටු වෙලා තියෙන්නේ. මේකෙන් පේන්නේ අපේ නීති පද්ධතිය කොයි තරම් හොඳින් ක්‍රියාත්මක වෙනවා ද කියන එක. කිසි කෙනෙක් නීතියට ඉහළින් නැහැ.\" \"මේ සිද්ධියත් එක්ක ප්‍රදේශයේ පොලිසිය ගැන මට තියෙන විශ්වාසය පළුදු වෙලා ගිහින් තියෙන්නේ. මේ වගේ සිදුවීම්වලදී කටයුතු කරන්න වැඩි පුහුණුවක් අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. \"නමුත් මට පොලිසිය ගැන අමනාපයක් සහ නරක හැඟීමක් නැහැ. යුක්තිය ඉටු වුණා ද? නියත වශයෙන් ම.\"",
"Title": "අපරාධකරුවෙකු යැයි සිතා ශ්‍රී ලාංකිකයෙකුට පහර දුන් මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියෙකුට අත්හිටවූ සිර දඬුවමක්"
} |
{
"Text": " යාපනය, කන්කසන්තුරය සිට දකුණු ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය දක්වා වන මගී ප්‍රවාහන නැව් සේවාව මැයි 13 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කන්කසන්තුරය වරාය මෙහෙයුම් භාර නිළධාරි සමන් පෙරේරා පැවසූවේ කන්කසන්තුරය සිට නාගපට්ටිනම් දක්වා වන නැව් ගමන් සේවාව ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සඳහා වන ප්‍රවේශපත් ලබාදීම මේ වන විට ප්‍රවේශපත් අලෙවි නියෝජිත ආයතන විසින් ආරම්භ කොට ඇති බව ය. ඉන්දු ලංකා මගී නැව් ගමන් සේවාව 2023 ඔක්තෝම්බර් මස 14 වැනිදා සිට ඔක්තෝම්බර් මස 23 වැනිදා දක්වා පළමු අදියරේදී ක්‍රියාත්මක කළ අතර, ඊසාන දිග මෝසම් වර්ෂාව හේතුවෙන් නෞකා ගමන් සේවාව තාවකාලිකව නතර කර තිබුණි. ඉන්දු - ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව වසර 41 කට පසුව 2023 ඔක්තෝම්බර් මස 14 වැනිදා ආරම්භ කිරීමත් සමග මෙරට බොහෝ දෙනෙක් නැවෙන් ඉන්දියාවට යාමේ අපේක්ෂාවෙන් පසුවූහ. මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක වන්නේ දකුණු ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය සිට යාපනය,කන්කසන්තුරය වරාය දක්වාය. නැවෙන් ඉන්දියාවට යාමට පෙර පළමුවෙන් කළ යුතු දේවල් මොනවා ද? යාපනය සිට ඉන්දියාවට නැවෙන් ගමන් ගැනීමට අපේක්ෂා කරන ඔබ පළමුව කළ යුත්තේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් ඉන්දියාවට ඇතුළු විම සඳහා වීසා ලබා ගැනීමයි. නාවික ගමන් සේවාව සඳහා වන වීසා අයදුම්පත සම්පූර්ණ ලියවිලි සමඟ ලබාදුනහොත් දින තුනක් ඇතුළත ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් වීසා පහසුකම් ලබා ගැනීමට හැකියාව පවතින බව යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය. වීසා ලබාගන්නා අයෙකු මෙම මගී යාත්‍රා සේවයෙන් ඉන්දියාවට යෑම සඳහා ටිකට් ලබා ගතයුතු අතර, ඉන්දියාවට යෑමට හා නැවත මෙරට ඒමට රුපියල් 53500 ක ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අය කෙරේ. ඉන්දියාවට යෑමට පමණක් රුපියල් 27000 ක මුදලක් වැය වන බව ටිකට්පත් අලෙවි නියෝජිතායතන සඳහන් කළ අතර, මගියෙකුට කිලෝග්‍රෑම් 50 ක උපරිමයකට යටත්ව ගමන්මළු රැගෙන යාමට හැකියාව ලැබෙයි. මගී යාත්‍රාව පිටත්වන වේලාව හා වරායට පැමිණිය යුතු වේලාව මගී නෞකාව ඉන්දියාවේ, නාගපට්ටිනම් වරායෙන් උදැසන 8.00 ට යාපනය බලා ගමන් ඇරඹීමට නියමිත අතර, ඉන්දියාවෙන් නැව් නැගීමට අපේක්ෂා කරන පුද්ගලයින් උදැසන 5.00 ට ගමන් මළු පරීක්ෂා කිරීමට නාගපට්ටිනම් වරාය වෙත පැමිණිය යුතු වේ. ඉන්දියාවේ සිට මගීන් රැගෙන එන නෞකාව උදැසන 11.00 ට යාපනය,කන්කසන්තුරය වරාය වෙත පැමිණීමට නියමිත අතර, මුහුදේ තත්ත්වය මත වෙලාවේ යම් වෙනසක් විය හැකි බව සමන් පෙරේරා සඳහන් කළේය. කන්කසන්තුරය වරාය සිට ඉන්දියාවේ නාගපට්ටිනම් දක්වා වන නෞකා ගමන පස්වරු 2.00 ට ආරම්භ කිරීමට සැළසුම් කොට ඇති අතර, නෞකාවෙන් ගමන් කිරීමට අපේක්ෂිත පුද්ගලයින් පෙරවරු 9.30 ට පමණ සිය ගමන් මළු පරීක්ෂාව වෙනුවෙන් වරාය පරිශ්‍රයට පැමිණිය යුතුය. කන්කසන්තුරය වරාය පරීශ්‍රයේදී මගීන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීම හා අනෙකුත් සේවාවන් අවසන් කිරීමෙන් අනතුරුව ඉන්දියාවේ සිට පැමිණෙන නැවට මගීන් නැංවීම කරන බවද සමන් පෙරේරා සඳහන් කළේය. ශ්‍රී ලංකා වරාය අධිකාරි කාර්යාලය, ආගමන විගමන කාර්යාලය, රේගු පරීක්ෂක කාර්යාල, විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකක කාර්යාලය වැනි ආයතන රැසක් කන්කසන්තුරය වරාය පරීශ්‍රය තුළ ස්ථාපිත ඇත. ඒ ආයතන සියල්ල හරහා වන සේවාවන් කන්කසන්තුරය වරාය පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වන බවද වරාය මෙහෙයුම්භාර නිළධාරිවරයා පැවසීය. අතීතයේ පැවති ඉන්දු ලංකා නෞකා සේවය අතීතයේ සිට ඉන්දියාව හා ලංකාව අතර නෞකා සේවාවන් පවත්වා තිබු අතර, ශ්‍රී ලංකාව තුළ යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ 1982 වසරේ සිට ඉන්දු ලංකා මගී නෞකා සේවය නවතා තිබිණ. යුද්ධයෙන් අනතුරුව නැවත වතාවක් දෙරට අතර මගී නෞකා සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් 2011 වසරේ ගිවිසුම්ගත වු අතර, විවිධ බාධා හේතුවෙන් මගී නෞකා සේවය ආරම්භ කිරීමට නොහැකිවිය. දකුණු ඉන්දියාවේ පවතින සුප්‍රසිද්ධ කෝවිල් නැරඹීම වෙනුවෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි තමිල්නාඩු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි. “මට දැන් මගේ නැදෑයෝ බලන්න කෙලින්ම ඉන්දියාවට යන්න පුළුවන්” වවුනියාව ප්‍රදේශයේ පදිංචි එම්.මරියදාස් ඉන්දු - ලංකා මගී නැව් සේවය ආරම්භ කිරීම සම්බන්ධයෙන් පැවසූවේ මෙවැන්නකි. “මම වවුනියාවේ පදිංචිවෙලා හිටියාට මගේ නැදැයෝ ගොඩාක් දෙනෙක් ඉන්දියාවේ ආරනි ප්‍රදේශයේ තිබෙන අවතැන් කඳවුරුවල තවමත් ජීවත්වෙනවා.යුද්ධයෙන් අවතැන්වෙලා ගියපු පවුල් රැසක් තවමත් ඉන්දියාවේ ආරනි ප්‍රදේශයේ ඉන්නවා.යාපනයේ ඉඳලා නාගපට්ටිනම්වලට නැව් සේවය ආරම්භ කරපු එක ගැන මට ගොඩාක් සතුටුයි.” “දැන් අපිට චෙන්නායි දක්වා නැවෙන් යන්න පුළුවන්.යාපනයට ගිහිල්ලා එතනින් කෙලින්ම ඉන්දියාවට යන්න පුළුවන්.ඒක ලොකු පහසුවක්. නැත්නම් අපි කටුනායකට ගිහිල්ලා,එතනින් ප්ලෙන් එකකින් තමයි චෙන්නායිවලට යන්න ඕනේ.එහෙම යනවාට වඩා කෙලින්ම නාගපට්ටිනම්වලට නැවෙන් යන්න ලැබෙන එක වාසියක්.” “මට දැන් මගේ නැදෑයෝ බලන්න කෙලින්ම ඉන්දියාවට යන්න පුළුවන්.යාපනයේ ඉදලා ඉන්දියාට යන එක අපිට ලේසියි.” ඔහු සඳහන් කළේය.",
"Title": "කන්කසන්තුරේ සිට නැවෙන් ඉන්දියාවට යන්න අවශ්‍ය දෑ මොනවා ද?"
} |
{
"Text": " මෙවර කම්කරු දිනයේ දී කැපීපෙනෙන සිදුවීමක් වූයේ වසර ගණනාවක සිට වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දැමීමේ යෝජනාවට ධනාත්මක පිළිතුරක් හිමිවීම ය. මැයි 01 වැනිදා ජනාධිපතිවරයා විසින් ලංකා කම්කරු කොංග්‍රසය විසින් කොටගලදී සංවිධානය කළ කම්කරු රැළියට සහභාගිවෙමින් ප්‍රකාශ කළේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ දමන බව ය. ඊට අදාල ගැසට් පත්‍රය ද එදින ම නිකුත් කරන ලදි. මෙම වතුකම්කරු ඉල්ලීම් ඇතුළුව ශ්‍රී ලංකවේ කම්කරුවන්ගේ ඉල්ලීම් ඈත අතීතයේ පටන් ඔවුන් දිනාගත් අයුරු සනිටුහන් වන මංසන්ධි ගණනාවක් ඉතිහාසය පිරික්සීමේ දී අපට දැකගත හැකි ය. ඇතැම් කම්කරුවන් සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවමින් පවත්වන ලද ශ්‍රී ලංකාවේ මැයි රැළි වල ඉතිහාසය සම්බන්ධයෙන් බීබීසී සිංහල සොයා බැලීමක් කළේය. ශ්‍රී ලංකාවේ මුල් ම මැයි සැමරුම 1890 සිට ලන්ඩනයේ කම්කරුවෝ මැයි දින සමරුව ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ පළමු මැයි රැලිය පවත්වනු ලැබුවේ 1933 වසරේදී ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නිර්මාතෘ ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන්ය. එම රැලිය කොළඹ ගාලු මුවදොරින් ආරම්භ වී වික්ටෝරියා (විහාරමහා දේවි) දක්වා ගමන් කර එහිදී රැස්වීම පවත්වා තිබේ. එහි සටන් පාඨය වූයේ “රාජපාක්ෂික වෙමු” යන්නයි. 1934 මැයි 01 දින දී වාමාංශික කම්කරු සමිති පහක් කොළඹ නගරයේ රැස්වීමක් පැවැත්වූ අතර, ඔවුන් 1935 දී මැයි දිනය දා කොළඹ ප්‍රයිස් පාක් පිටියේ සිට පෙළපාලියක් ගොස් නැවත ප්‍රයිස්පාක් පිටියටම පැමිණ තිබේ. එහි සටන් පාඨ අතර “බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය භංග වේවා!,” යන්න ප්‍රධාන සටන් පාඨයක් වී තිබේ. එය අධිරාජ්‍යවාදයට එරෙහි පළමු කම්කරු දින සටන් පාඨය ලෙස සැලකේ. මෙම කාලවකවානුව වන විට ශ්‍රී ලංකාව තුළ විවිධ වෘත්තීය සමිති ගොඩනැගී තිබූ අතර, ඔවුන් වැඩවර්ජන හා අරගල දියත් කරමින් ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීමට උත්සහ කළ හ. මුද්‍රණ කරුවන්ගේ වර්ජනය, කරත්තකරුවන්ගේ වර්ජනය, රෙදි මෝල් වර්ජනය යනු ප්‍රසිද්ධ වැඩවර්ජන කිහිපයකි. පොලිස් වෙඩි පහරකින් පළමුව මිය ගිය කම්කරුවා ලෙස සැලකෙන්නේ වතු කම්කරුවෙකු වූ ගෝවින්දන් ය. ඒ 1940 ජනවාරි 12 වන දා මුල්ඔය වතුකම්කරු සටනේ දී ය. මෙලෙස විවිධ වැඩවර්ජන, මර්දන සටන් හමුවේ අදවනතෙක් ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ඉදිරියට පැමිණ තිබේ. මැයි දින ඉතිහාසයේ විශේෂ සිදුවීම් මැයි දිනයට වැදගත්කමක් දෙමින් එය මෙරට රජයේ නිවාඩුවක් බවට පළමුව පත් කළේ 1956දී අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ රජයයි. හිටපු කම්කරු අමාත්‍ය ටී. බී. ඉලංගරත්න විසින් එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය. මෙරට ඉතිහාසයේ පළමු වරට මැයි දින සැමරුමක් නොපවත්වනු ලැබුවේ 1971 වසරේදීය. ඒ 1971 වසරේ ඇතිවූ අප්‍රේල් කැරැල්ල හේතුවෙන් රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ය. 1987 වසරේ අප්‍රේල් මාසයේදී එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයක් ඇතුළු සිදුවීම් කිහිපයක් නිසා එම වසරේ ද මැයි දින සැමරුම් තහනම් කරන ලදී. මැයි දින සැමරුම් මැයි මස 22 වෙනිදා දක්වා කල් තබන ලෙස ඉල්ලීම් කරනු ලැබීය.කෙසේ වුවත් රජයේ එම මැයි දින තහනම බිඳගෙන මැයි රැලියක් සහ පෙළපාළියක් පැවැත්වීමට මව්බිම සුරැකීමේ ව්‍යාපාරය තීරණය කළේය. ඒ අනුව නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මැයි දින සැමරුමෙන් පසු පැවැත්වූ විරෝධතා පෙළ පාලියට පොලිසිය විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ කිත්සිරි මෙවන් රණවක සහ කම්කරුවෙකු වූ ආනන්දලාල් කිරිබත්ගොඩ ජීවිතක්ෂයට පත්වූහ. 1993 වසරේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට ආමර් වීදියේදී එල්ලවූ එල්.ටි.ටි.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ජීවිතක්ෂයට පත්විය. එල්.ටි.ටි.ඊ. සංවිධානයේ තර්ජනයන් හේතුවෙන් 2006 වසරේ මැයි දින පෙලපාලි නොපවත්වන ලෙස සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරන ලදී. නමුත් ලංකා සම සමාජ පක්ෂය රැළියක් පැවැත්වූ අතර එයට පොලිස් ප්‍රහාරයක් එල්ල විය. 2018 වසරේදී මැයි සැමරුම මැයි 1 වැනිදා නොව මැයි 7 වැනිදා පවත්වනු ලැබුවේ ඒ වසරේදී වෙසක් පොහොය අප්‍රේල් 29 වැනිදාට යෙදී තිබීම නිසාය. 2019 වසරේ අප්‍රේල් 21 එල්ල වූ පාස්කු ප්‍රහාරය නිසා එම වසරේ මැයි දින පෙළපාලි සහ රැස්වීම් නොපැවැත්වුණි. කොවිඩ් -19 වසංගතය නිසා 2020, 2021 යන දෙවසර තුළදී මෙරට මැයි දින පෙළපාලි සහ රැස්වීම් නොපැවැත්වීමට තීරණය කෙරුණි. ප්‍රධාන පක්ෂවල මැයි රැළි මහජන එක්සත් පෙරමුණ තුළ සන්ධාන ගතව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1987 තහනම් වූ මැයි දින පෙළපාලියට ද සහය ලබා දී ඇත. එතැන් පටන් ඔවුන්ගේ සන්ධාන සමඟ මැයි දින සැමරීම සිදු කර තිබේ. එක්සත් ජාතික පක්ෂය ද සෑම වසරකම පාහේ මැයි දින රැලි පැවැත්වීම සිදු කරන අතර 1993 මැයි රැලිය පැවති ආමර් වීදියේදී එල්ලවූ එල්.ටි.ටි.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ජිවිතක්ෂයට පත්වීම සුවිශේෂී සිදුවීමකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රි ලංකා මහජන පක්ෂය, මුස්ලිම් ජාතික එක්සත් සන්ධානය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක එකමුතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිවුයේ 2004 වර්ෂයේ දිය. 2005 වසරේ දී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි පෙළපාලිය බොරැල්ල කැම්බල් පිටියේ සිට ගාලු මුවදොර ක්‍රීඩාංගණය දක්වා ගමන් කරනු ලැබිය. ඔවුන්ගේ මැයි දින සැමරුම පවත්වනු ලැබුවේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර ක්‍රීඩා පිටියේදීය. ඉන් පසුව 2007 වසරේ සිට 2014 වසර දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි දින පෙළපාලි සහ රැස්වීම් පවත්වනු ලැබීය. කෙසේ වුවද 2015 වසරේ ජනවාරි මස 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසුව දේශපාලනික වශයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකට බෙදුණු අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම නියෝජනය කරන පාර්ශවය සිය මැයි දින රැළිය කිරුළපන ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබීය. එමෙන්ම එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය 2015 වසරේ සිය මැයි දින රැළිය පවත්වනු ලැබුවේ කොළඹ හයිඩ් පාක් පිටියේදීය. 2016 නොවැම්බරයේදී ඒකාබද්ධ විපක්ෂය ලෙස බිහිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු මැයි දින සැමරුම පවත්වනු ලැබුවේ 2017 වසරේ කොළඹ ගාලුමුවදොර පිටියේදීය. එම පක්ෂයේ දෙවන මැයි දින රැළිය පවත්වනු ලැබුවේ 2018 වසරේ ගාල්ලේ දීය. කෙසේනමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2022 වසරේදී මැයි දින පෙළපාලියක් නොපවත්වන ලද අතර එම පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් නුගේගොඩදී මැයි දින සැමරුමක් පවත්වන ලදී. ජ.වි.පෙ. රතු මැයි රැළියේ ආරම්භය 1977 දී ජනතා විමුක්ති පෙරමුණ පළමු මැයි දින රැස්වීම පැවැත් වූ අතර, 1978 දී පළමු මැයි දින පෙළපාලිය සහ රැලිය පවත්වා ඇත. “රතු මැයි රැළිය” යෙදුම භාවිත වී ඇත්තේ එතැන් සිටයි.ඔවුන් 1978 සිට 1983 දක්වා අඛණ්ඩව මැයි රැළි පවත්වා ඇත. 1983 වසරේ ජූලි මාසයේදී ජනතා විමුක්ති පෙරමුණ තහනමින් පසු එහි අනුගාමී සංවිධානයක් වූ සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය මගින් 1985 සහ 1986 දී ජවිපෙ නිල නොවන මැයි රැලි නව නගර ශාලාවේදී පවත්වන ලදි. 1987 තහනම් මැයි දින පෙළපාලියට ද ජවිපෙ වෘත්තිය සමිති සහභාගි විය. පක්ෂ තහනමෙන් පසුව ප්‍රතිසංවිධාන කටයුතු කිරීමෙන් පසුව පළමු වරට නැවත ජවිපෙ මැයි රැළියක් පවත්වන්නේ 1995 වසරේදී ය. 2004 දී ජවිපෙ වෙනම මැයි පෙළපාලියක් පවත්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ ඒකාබද්ධ මැයි රැළියක් පවත්වා තිබේ. ඔවුන් ජාතික ජන බලවේගය ලෙස පළමු වරට කම්කරු දිනය සැමරුවේ මෙවර ය. ජ.වි.පෙ. න් වෙන් වුණු පෙ.ස.ප. සැමරුම 2011 සැප්තැම්බර් මාසයේ දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඛණ්ඩනය වූ එම පක්ෂයේ හිටපු සාමාජිකයන් පිරිසක් 2012 අප්‍රේල් මාසයේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආරම්භ කළ අතර, 2012 මැයි 01 ඔවුන්ගේ පළමු මැයි රැළිය කොටහේනේ දී පවත්වන ලදි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් එවකට පැන නැගී තිබූ ගැටලු නිරාකරණය වී ඔහු පළමුව සහභාගී වූ මැයි රැළිය 2017 රැලියයි. 2018 වෙසක් පොහොය නිසා කම්කරු දින සැමරුම බොහෝ පක්ෂ විසින් නොපැවැත් වූ නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය එදින මැයි දින සැමරුම පවත්වන ලදි. 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව මැයි දිනය පැවැත්වීම සම්බන්ධ ගැටළුකාරී තත්වයක් තිබිය දී පෙ.ස.ප. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී මැයි දින සැමරුම සිදු කරන ලදි. වසංගත සමයේ 2020 මැයි දින සැමරුම මාර්ගගතව පවත්වා ඇති අතර, 2021 නුගේගොඩ පක්ෂ කාර්යාල පරිශ්‍රයේ දී මැයි දිනය පවත්වා ඇත. ඔවුන් 2012 සිට මේ දක්වා අඛණ්ඩව මැයි රැළි පවත්වා තිබේ.",
"Title": "ශ්‍රී ලංකාවේ මැයි දින සැමරුම්: ජීවිතයෙන් වන්දි ගෙවූ විරුවන් කවුද?"
} |
{
"Text": " උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කරඳගොල්ල විදුලි බලාගාරය ආසන්නයේ පිහිටි මලිත්තගොල්ල ගම්මානය නාය යෑමට හේතුව සොයා ගැනීම සඳහා තවදුරත් පරීක්ෂණ කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන පවසයි. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඔහු ඇතුළු විශේෂඥ කණ්ඩායමක් මැයි 01 වැනි දා අදාල ප්‍රදේශය නිරීක්ෂණය කරන ලදී. ''අපිට නිල නොවෙන විදියට වාර්තා වෙනවා ඩයරබා ජලාශයේ සිට ඇතුළු කරන ජල ප්‍රමාණය කරඳගොල්ලෙන් පිට කිරීමේ දී සැලකිය යුතු අඩුවීමකට ලක්වෙනවා කියලා. ඒ නිසා වැස්ස නැතුවත් නාය යන්නේ මේක නිසාදැයි සැක මතුවෙන බව, උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න BBC සිංහල සේවයට පැවසුවේය.",
"Title": "උමා ඔය ව්‍යාපෘතිය : 'වැස්ස නැතුව නාය යන්නේ උමගේ ලීක් එකක් නිසා බවට සැකයක් තියෙනවා'"
} |
{
"Text": " ඔන් මැක්ස් ඩී.ටී පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (මැයි 02 වැනිදා) අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළේය. මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදා හැර සිටින ඔන් මැක්ස් සමාගමේ අධ්‍යක්ෂවරු හතර දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ. පැමිණිලි 345 ක්.. මේ ගැන විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව පැමිණිලි 345 පමණ ලැබී තිබෙන බව සඳහන් කළහ. ඊට අමතරව සිද්ධියට පුද්ගලයින් ගණනාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඔවුන්ගෙන් හය දෙනෙකු විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ පුද්ගලයින් හය දෙනා විදේශගතවීම වළක්වාලමින් නියෝගයක්ද නිකුත් කරනු ලැබීය. වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර අධ්‍යක්ෂවරයකුගේ භාරයේ තිබී ඕන් මැක්ස් පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළ ලේඛන සොයාගෙන තිබෙන බවත් ඒවා රජයේ සැකකටයුතු අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමද පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාල ලේඛන රජයේ සැක කටයුතු අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය. මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කළ හැකිද? මෙහිදී මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරු අමතා අගතියට පත් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකියාවක් තිබේදැයි විමසුවේය. ඊට පිළිතුරු දුන් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ අනුර මැද්දෙගොඩ යන සඳහන් කර සිටියේ තම සේවා දායකයින්ට අයත් බැංකු ගිණුම්, නිශ්චල හා චංචල දේපළ සියල්ල අධිකරණය විසින් තහනමට ලක් කොට ඇති නිසා එම මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව ය. අදාළ තහනම ඉවත් කරන්නේ නම් මාස හයක් තුළ සියලු තැන්පතු මුදල් ආපසු ගෙවීමට හැකියාව තිබෙන බවත් විත්තියේ නීතිඥවරු පෙන්වා දුන්නහ. එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශවයට දැනුම් දුන්නේ අගතියට පත් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ විදිමත් සැලැස්මක් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය. එම මුදල් ආපසු ගෙවීමේ සැලැස්ම අධ්‍යයනය කොට එය ක්‍රියාත්මක කළ හැකි මට්ටමක පවතින්නේ නම් මහ බකුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ දැනට පනවා තිබෙන බැංකු ගිණුම් හා දේපළ සම්බන්ධ තහනම ඉවත් කිරීමට තිබෙන හැකියාව සොයා බලන බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.",
"Title": "Onmax DT: මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අධිකරණයෙන් නියෝග"
} |
{
"Text": " \"මම සෑහෙන වැටුපක් උපයන මනුස්සයෙක්. නමුත්, මට හරියන වාහනයක් ගන්න මේ වෙලාවේ ලංකාවේ ඇතුළේ නැහැ. හැම වාහනයක් ම අවුරුදු 10කට වඩා පරණයි. ඒවා ලංකාවට ආනනයනය කරලා, ඊට පස්සෙත් අවුරුදු 10ක් විතර දුවලා, දැන් ආනයනය කරපු මිලටත් වඩා තුන් ගුණයකට ළං වෙන මිලකට විකුණනවා...\" එලෙස බීබීසී සිංහල සමග අදහස් දැක්වූයේ, මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක, ඉහළ ශ්‍රේණියක තනතුරක් දරන නිලධාරියෙකි. ඔහුගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා අපි ඔහු 'කෙවින්' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නෙමු. කෙවින් අපේක්ෂාවෙන් සිටින්නේ, ඔහු දැනට භාවිත කරන වාහනය අලෙවි කර, ඔහුගේ අවශ්‍යතාවට ගැළපෙන ආකාරයේ, ඔහු මෙතෙක් කල් පැදවූ වාහනයට වඩා තරමක් හෝ නවීන, භාවිත කරන ලද වෙනත් වාහනයක් මිල දී ගැනීමට ය. නමුත් එය, මෙරට බොහෝ දෙනෙකුට මෙන් ඔහුට ද එය සපුරා ගත නොහැකි ඉලක්කයක් බවට පත්ව ඇත්තේ, මේ වන විට වෙළෙඳපොළේ වාහන මිල \"කෘත්‍රිම\" ලෙස ඉහළ ගොස් ඇති නිසා ය. මීට වසර කිහිපකකට පෙර, ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදය හමුවේ, මෙරට ඩොලර් සංචිත පහළ යාම වැළැක්වීමේ අරමුණින් වාහන ආනයන තහනම් කිරීමට රජය පියවර ගත්තේ ය. ඒ හේතුවෙන් වෙළෙඳපොළ තුළට ඉතා අලුත් තත්ත්වයේ (brand new) වාහන පැමිණීම නතර වුණු අතර, මෙරටට ගෙන්වන ලද භාවිත කරන ලද වාහන පාරිභෝගිකයින් අතර හුවමාරු වීම පෙරට වඩා ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. නමුත් ඒත් සමග ම වෙළෙඳපොළ තුළ භාවිත කරන ලද වාහනවල මිල ගණන් ද අහස උසට නැගිණි. කෙවින් අප හා සඳහන් කළ පරිදි ආනයනය සීමා පැනවීමට පෙර රුපියල් ලක්ෂ 30කට පමණ අලෙවි වූ මෝටර් රථයක් දැන් රුපියල් ලක්ෂ 60කටත් අධික මුදලකට අලෙවි වේ. ඒ බව වාහන අලෙවි කිරීම් සම්බන්ධයෙන් ඇති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය සමූහ පිරික්සා බැලීමේදී ද තහවුරු වේ. ඇතැම් පුද්ගලයින්, භාවිත කරන ලද වාහනයක් සඳහා ඒ වෙනුවෙන් තක්සේරු කළ හැකි මිලට වඩා වැඩි ගණනක් සඳහන් කර, එම වැඩි මිලට තමන්ට අදාළ වර්ගයේ වාහනයක් අවශ්‍ය බව දක්වා, කෘත්‍රිම ලෙස මිල ඉහළ දැමීමට උත්සහ ගන්නා සමාජ මාධ්‍ය සටහන් ද දක්නට ලැබේ. කෙවින් පැවසුවේ, ඒ හරහා එම පුද්ගලයින් \"අයුතු ලෙස ලාභ උපයා ගැනීමට\" උත්සහ කරන බව ය. ඔහු වැනි බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නේ, වෙළෙඳපොළ තුළ භාවිත කරන ලද වාහන අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම රජයේ මැදිහත් වීමකින් නියාමනය කළ නොහැකි ද යන්න පිළිබඳව ය. \"මේකට මොනවා හරි නියාමනයක් කරන්න පුළුවන් නේ? රජයට? රජය මැදිහත් වෙන්න පුළුවන් නේ. ඇයි මේක මෙහෙම කරන්නේ?\" කෙවින් ප්‍රශ්න කරයි. \"වාහන ආනයනකරුවෝ නෙවෙයි මිල තීරණය කරන්නේ, සාමාන්‍ය පාරිභෝගික ජනතාව\" - ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, සාමාන්‍ය පරිදි රට තුළට වාහන ආනයනය වුණු කාලය තුළ මෙවැනි කෘත්‍රිම වෙළෙඳපොළක් නිර්මාණය නොවූ බව ය. ඔහු පෙන්වා දුන්නේ, මේ වන විට වාහනවල මිල තීරණය කරනු ලබන්නේ, සාමාන්‍ය පාරිභෝගික ජනතාව විසින් මිස වාහන වෙළෙඳසල් හිමියන් හෝ ආනනයකරුවන් විසින් නොවන බව ය. \"මේ වෙලාවේ වාහන ආනයනකරුවෝ නෙවෙයි මිල තීරණය කරන්නේ සාමාන්‍ය පාරිභෝගික ජනතාව. ඇත්තට ම මිනිස්සුන්ගේ මතයක් තියෙනවා, මේ සේල්කාරයෝ වාහනවල මිල උස්සනවා, එහෙම නැත්නම් ආනයනයකරුවෝ උස්සනවා කියලා. නමුත් ඇත්තට ම වෙන්නේ, වාහන පාවිච්චි කරන අය තමයි ඒ අය ගාව තියෙන වාහනවලට ඉහළ මිලක් කියන්නේ.\" වෙළෙඳපොළ තුළ මිල සංසන්දය කිරීම සඳහා අලුත් තත්ත්වයේ වාහන ආනයනය නොකිරීම හේතුවෙන් ජනතාවට මිල සංසදනය කිරීම සඳහා ඇති අවස්ථාව අහිමි වී යන බව ඔහු පැවසීය. \"වෙළෙඳපොළේ මිල සංසන්දය කරන්න වාහන අලුතෙන් එන්නේ නෑ නේ. නැවත වාහන ලංකාවට ආනයනය කළොත්, මේ මිල ඔය තියෙන ප්‍රමාණයට වඩා භාගෙකින් අඩු වේවි. වාහන වෙළෙඳපොළට එන්නේ නැති නිසා තමයි මේ මිල.\" ඔහු පෙන්වා දුන් කරුණු සනාථ කරමින් කෙවින් පැවසුවේ, \"මම ගෙදරින් දුර ඉන්නේ. ඉතින් මට මම කරන රස්සාවත් එකක් යන්න එන්න වාහනයක් ඕනේ. මට ඒක සපුරා ගන්න වැටුපක් තියෙනවා. හැබැයි ඒ දේට අවශ්‍ය, ගැළපෙන වාහනයක් ගන්න මට මේ වෙලාවේ මාකට් එකේ නැහැ. තියෙන්නේ බොරු ගණන්වලට තියෙන වාහන,\" යනුවෙනි. මිල නියාමනය කළ හැකි එක ම ක්‍රමය... ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග පැවසුවේ, වාහන මිල ගණන් නියාමනය කිරීම සඳහා ඇති එක ම ක්‍රමය, යම් ප්‍රමාණයකට හෝ නැවත වාහන ආනයනය කිරීම බව ය. \"උදාහරණයක් විදිහට අපි අන්තිමට වාහන ආව 2020 අවුරුද්ද ගමු. එතකොට ඒ 2020 වාහනයට සාමාන්‍ය තරගකාරී වෙළෙඳපොළ තුළ මිලක් නියම වෙනවා. එතකොට ඒ මිලේ ඉඳලා පිටිපස්සට තමයි අනිත් වර්ෂවල වාහන පෙළ ගැහෙන්නේ. නමුත් වෙළෙඳපොළේ මිල තීරණය කරන්න වාහන ආනයනය වෙන්නේ නැති හින්දා, වාහන පාවිච්චි කරන අය ඒ අයට කැමති කැමති මිල කියනවා. ඒ තුළ වාහනයේ මිල කෘත්‍රිම ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා.\" මෙම අවස්ථාවේදී සිදුවන්නේ, පාරිභෝගිකයින්, පාරිභෝගිකයින් අසාධාරණයට ලක් කර ගැනීමක් බව ඔහු පැවසීය. එබැවින් මෙම තත්ත්වය සඳහා ඇති එක ම විසඳු ම යළිත් ආනයන ප්‍රකෘතිමත් කිරීම බව ඔහු අවධාරණය කළේ ය. \"අපි හිතමු වාහන 2,000ක්වත් රජය ආනයනය කරන්න දුන්නොත්, මේ මිල ටක් ගාලා පහළට වැටෙනවා.\" ආනයනය සීමා පැනවීමට පෙර මසක වාහන 6000 - 7000ත් අතර ගණනක් මෙරටට ආනයනය කළ බව කුලතුංග පෙන්වා දුන්නේ ය. ඔහු සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ 80%ක් පමණ වාහන අලෙවිසල් වැසී ගොස් ඇති බව ය. රජයට යෝජනාවක් සහ චෝදනාවක්... ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් යෝජනා කළේ, මෙම අවස්ථාවේදී රජය වැඩි බද්දක් ලැබෙන, අඩු විදේශ විනිමය ප්‍රමාණයක් වැයවෙන ක්‍රමවේදයකට අනුගත විය යුතු බව ය. ඒ සඳහා රජය වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බව ද ඔහු පැවසීය. \"අපි රජයට යෝජනා දීලා තියෙනවා. අපි කියන්නේ මේ අවුරුදු 3ක් දක්වා වාහන ගෙන්වන්න දෙන එක 7ක් දක්වා කරන්න කියලා. ප්‍රමිති සහතිකයක් ඇතිව ඒ වාහන ගෙන්නන්න දෙන්න කියලා. එතකොට අවුරුද්දත් 3ත් අතර වාහනයක මිලට අර වගේ වාහන 3ක් ගන්න පුළුවන්. අපි කියන්නේ බද්ද වෙනස් කරන්න එපා. බද්ද තියන්න ඔය මට්ටමේ ම. අවුරුදු ගාණ වැඩි කරන්න. එතකොට අඩු විනිමය ප්‍රමාණයකින් වැඩි බද්දක් රජයට අය වෙනවා. කෙසේ වෙතත්, නැවත රටට වාහන ආනයනය කළ හැකි ද යන්න සොයා බැලීම රජය විසින් පත් කරන ලද විශේෂ කමිටුවට වාහනය ආනයනකරුවන් සම්බන්ධ කර නොගැනීම පිළිබඳව ඔහු රජයට චෝදනා කළේ ය. මීටර් ආපස්සට කරකැවීම... මේ වන විට වෙළෙඳපොළේ පවතින වාහනවල තත්ත්වය ගැන සහතිකයක් නොමැති බව කෙවින් බීබීසී සිංහල සමග කනස්සලෙන් පැවසුවේ ය. \"දැන් ගන්න තියෙන්නේ පාවිච්චි කරපු වාහනයක් නේ. ඒ ගන්න තියෙන වාහනේ තත්ත්වය ගැන සහතිකයක් නැහැ. මීටරේ කරකවනවා. අවුරුදු 17ක් 20ක් ලංකාවේ දුවපු වාහනයක මයිලේජ් එක 85,000යි. ඒක වෙන්න පුළුවන් ද? ගණන් වැඩියෙන් දෙන්න මීටරේ කරකවනවා. ඒකට නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ,\" කෙවින් පැවසීය. මෙම චෝදනාව සම්බන්ධයෙන් බීබීසී සිංහල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහගෙන් විමසීමක් කළේ ය. එහිදී ඔහු සඳහන් කළේ, කෙවින් පවසන පරිදි \"මීටර් ආපස්සට කරකැවීම\" පිළිබඳව මෝටර් රථ පනතේ නිශ්චිතව දක්වා නොතිබුණ ද වාහනයක් අනුමැතියකින් තොරව වෙනස් කිරීම වරදක් බව සඳහන් කර ඇති බව ය. \"වාහනයක බාහිර හෝ අභ්‍යන්තර වෙනසක්, ඒ කියන්නේ මූලාකෘතියේ වෙනසක් කොමසාරිස් ජනරාල්ගේ අවසරයකින් තොරව සිද්ධ කරන්න බැහැ. මීටරේ කරකවනවා කියන එකත් වෙනස් කිරීමක් නේ. ඒක කළොත් පොලිසියට දඬුවමක් දෙන්න පුළුවන් වරදක් එතන තියෙනවා.\" වාහනයක් මිල දී ගැනීමේදී ඊට නිකුත් කර ඇති දුම් සහතික පිරික්සා බැලීමෙන් එය ධාවනය කරන ලද සැතැප්ම ගණනේ වෙනසක් සිදුව ඇති බව හඳුනා ගත හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය. \"දුම් සහතිකයක් ගන්නකොට, ඒකෙ හැම වෙලාවේ ම මීටරේ සටහන් වෙනවා නේ.\" කෙසේ වෙතත්, එය හයිබ්‍රිඩ් වාහන සඳහා අදාළ නොවන බව ඔහු පැවසීය. \"එන්ජිම ගෙවෙනවා, රෝද ගෙවෙනවා, මේන්ටනන්ස් එනවා...\" කෙවින් මූල්‍ය ආයතනයක සේවය කරන බැවින්, ඔහුට වාහන තක්සේරු කිරීම සම්බන්ධයෙන් යම් අවබෝධයක් පවතී. ඔහු පෙන්වා දුන්නේ, \"වාහන තක්සේරු කරන අය, දැන් වෙළෙඳපොළේ තියෙන මිලට තමයි වාහන තක්සේරු කරන්නේ,\" යනුවෙනි. \"වාහනයක වටිනාකම ක්ෂය වෙනවනේ පාවිච්චි කරන කාලයත් එක්ක. එන්ජිම ගෙවෙනවා, රෝද ගෙවෙනවා, මේන්ටනන්ස් එනවා, එතකොට ඒවත් එක්ක මිල අඩුවීමක් නේ වෙන්නේ. එතකොට ලංකාවේ තියෙන හැම මූල්‍ය ආයතනයක්මත් දැන් තියෙන, මිල ගණන්වලට ඒ පහසුකම හදලා දෙනවා. මහ ජනතාව නියාමනය කරන්න බැරි නම්, අඩු ම මූල්‍ය ආයතනවලට දාන්න බැරි ද නියාමනයක්? එතකොට වාහනවල මිල තක්සේරු කරන්නන්ට?\" ඔහු ප්‍රශ්න කළේ ය. ඒ අනුව බීබීසී සිංහල, පළපුරුදු වාහන තක්සේරු කරන්නෙකු වන භාග්‍ය උරේෂ් අරවින්දගෙන් විමසීමක් කළේ ය. ඔහු මෙරට ප්‍රමුඛ පෙළේ තක්සේරු ආයතනයක තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කරයි. ඔහු පෙන්වා දුන්නේ, යම් වාහනයක් සඳහා තක්සේරුවක් ලබා දීමේදී වෙළෙඳපොළේ අදාළ වහනයට ඇති වටිනාකම පිළිබඳව අවධානය යොමු කිරීමට සිදු වන බව ය. \"නැත්නම් බැංකුවට වැඩකුත් නැහැ. කස්ටමර්ට වැඩකුත් නැහැ, අපි අර එළියේ තියෙන මිල ගණන් එක්ක සසඳලා තක්සේරුව දුන්නේ නැත්නම්. මොක ද අපිත් එක්ක තර්ක කරන්න පුළුවන් නේ. 'මම මේක ගන්නේ 45කට නම්, ඇයි ඕගොල්ලෝ 35ක් 36ක් දෙන්නේ 'කියලා. අපි 36ක් දීලා එයාට ලීස් එක ගන්නත් බැහැ. බැංකුවට වටිනාකමකුත් නැහැ. ඒ නිසා තක්සේරුව සාධාරණ විදිහට දෙන්න වෙනවා.\" රජයේ ප්‍රතිචාරය... කෙවින් ඇතුළු පාරිභෝගික ප්‍රජාවට උද්ගතව ඇති මෙම ප්‍රශ්නය බීබීසී සිංහල අපි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වෙත යොමු කළෙමු. එහිදී ඔහු පැවසුවේ, ඒ පිළිබඳව නැවත රටට වාහන ආනයනය කළ හැකි ද යන්න සොයා බැලීම සඳහා පත් කර ඇති විශේෂ කමිටුව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ය. ඒ අනුව, මෙම ගැටලුව සම්බන්ධයෙන් එම කමිටුවේ අදහස් විමසීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේ ය. මේ අතර, විශේෂ බදු සහන ලබා දීමකින් තොරව සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ආනයනය කිරීමට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඒ, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ය. එහිදී සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ආසන 06-15 සහිත වෑන් රථ (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) 750ක් සහ ආසන 16-30 සහිත කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30- 45ක් සහිත බස් රථ 250ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබිණි. එවැනි පසුබිමක රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉකුත් සතියේ ජාතික පුවත් පතක් වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ, වාහන ආනයනය කිරීම සඳහා පත්කර ඇති කමිටු නිර්දේශය මත රටට අත්‍යවශ්‍ය වාහන අනුපිළිවෙළක් සකසා ගෙන්වීම කෙරෙහි ඉදිරියේදී බලාපොරොත්තු තබා ගත හැකි බව ය.",
"Title": "අහස උසට ඉහළ යන වාහන මිල පාලනය කරන්න රජයට බැරි ද?"
} |
{
"Text": " අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ, කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (අප්‍රේල් 30) වැනිදා නියෝග කළේය. තීන්දුව ලබා දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසිනි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ප්‍රශ්නගත නිවස මිලදී ගැනීම සඳහා යෙදවූ රුපියල් මිලියන 27ක මුදල විත්තිකරුට අයත් වාහන බලපත්‍රයක් විකිණීමෙන් ලබාගත් රුපියල් මිලියන 26ක මුදලින් සහ බැංකු ණයක් වශයෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් යොදා ගෙන ඇති බවත් සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බව ය. විත්තිකරු විත්ති කූඩුවේ සිට කරන ලද ප්‍රකාශය තුළින්ද මෙම කරුණ අනාවරණය කර තිබේ. අවශ්‍ය සාක්ෂිකරුවන් කැඳවා නෑ... මේ පිළිබඳව කරුණු දැක්වූ විනිසුරුවරයා \"මෙම විමර්ශනයට අදාළව ජාලිය ගුණසේකර නමැති පුද්ගලයෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. එම ප්‍රකාශය තුළින් අදාළ පුද්ගලයා සඳහන් කර තිබුණා විත්තිකරු රුපියල් මිලියන 26ක මුදලක් ඔහුගේ වාහන බලපත්‍රය විකුණා ලබාගෙන තිබූ බව. එම පුද්ගලයා සාක්ෂිකරුවකු වශයෙන් නම් කර තිබුණත් ඔහුගේ සාක්ෂි කැඳවීමට පැමිණිල්ල පියවර ගත්තේ නැහැ. එවැනි සාක්ෂි කැඳවීමක් සිදු කළා නම් මෙම කරුණ නඩු විභාගයේදී අනාවරණය කර ගැනීමට හැකියාව තිබුණා.\" යනුවෙන් පැවසීය. මෙම නඩුවට අදාළව විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි විසින් ලබා දුන් සාක්ෂිය තුළින් ද එම කරුණ ඔහු විසින් පිළිගෙන තිබේ. මුදල් සාපරාදී පරිහරණයක් සිදුවී නෑ... නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි පිරික්සීමේදී නඩුවට පාදක වන රුපියල් මිලියන 27 ක මුදල විත්තිකරු විසින් නීති විරෝධී සාපරාදී පරිහරණයකින් හෝ අල්ලසක් වශයෙන් ලබාගෙන ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් විනිසුරුවරයා සඳහන් කළේය. විත්තිකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර ඇති අතර මුදල් විශුද්ධිකරණය චෝදනා යනු බරපතළ චෝදනාවක් බවත් විනිසුරුවරයා පැවසීය. \"මුදල් විශුද්ධිකරණය කියන්නේ ඉතා බරපතල චෝදනාවක්. එම චෝදනාව ඔප්පු කිරීමට නම් ඊට අදාළ සංඝටක කිහිපයක් සම්පූර්ණ වී තිබිය යුතුයි. ඒවා සාක්ෂි මගින් තහවුරු කළ යුතුයි. එහෙත් මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන මුදල් විශුද්ධිකරණය වැළැක්වීම යටතේ වූ චෝදනා තහවුරු කිරීමට පැමිණිල්ල ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නැහැ.\" යනුවෙන් විනිසුරුවරයා ප්‍රකාශ කළේය. එසේම විත්තිකරු විත්ති කූඩුවේ සිට කරන ලද ප්‍රකාශය තුළින් සිය වාහන බලපත්‍රය විකිණීමෙන් ලබාගත් රුපියල් මිලියන 26ක මුදලක් සහ ණයක් වශයෙන් ලබා ගත් රුපියල් මිලියන 10 ක මුදලක් යොදවා අදාළ නිවස මිලදී ගත් බව ප්‍රකාශ කර තිබුණි. විත්තිකරු කළ එම ප්‍රකාශයේ සත්‍ය භාවය සම්බන්ධයෙන් සැකයක් මතු වී නොමැති බවත් විනිසුරුවරයා මෙහිදී සඳහන් කර සිටියේය. ඒ අනුව විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් විත්තිකරු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. අදාළ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.",
"Title": "මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් වුයේ කෙසේ ද?"
} |
{
"Text": " ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජන බලය ප්‍රදර්ශනය කරමින් මෙවර මැයි දින රැලි සහ පෙළපාලි සංවිධානය කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කටයුතු කරමින් සිටී. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය කොළඹ, මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතව ඇත. ජාතික ජන බලවේගය කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුරයේ දී මැයි රැලි හතරක් සංවිධානය කරනු ලැබේ. කොළඹ චැතම් වීදියේ සහ වතුකරයේ මැයි රැලි දෙකක් පැවැත්වීමට සමගි ජන බලවේගය සුදානම් වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බොරැල්ල, කැම්බල් පිටියේ දී මැයි රැලිය පැවැත්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය ගම්පහ දී මැයි රැලිය පවත්වන බවට පවසා තිබේ.",
"Title": "මැයි දිනය : ජනපති සටනට ශක්තිය පෙන්වමින් මැයි ප්‍රධාන මැයි රැලි කොළඹ දී"
} |
{
"Text": " පරිසර හිතකාමී නිෂ්පාදන කෙරෙහි කාන්තාවන්ට වැඩි අවධානයක් යොමු කිරීම තුළින් ආර්ථික වාසියක් ලබා ගැනීමට මෙන්ම පරිසර සංරක්ෂණයට දායක වීමට හැකි බව නිලුකා ප්‍රියදර්ශනී පවසන්නීය. සැමියාගේ වියෝවෙන් පසු ඇය සිය දියණියන් දෙදෙනා සමග එක්ව පරිසර හිතකාමී නිෂ්පාදන වෙළඳපොළට සපයන්නීය. ''අපේ නිෂ්පාදන මහපොළවට එකතු වුණහම ගස් පැළ වෙනවා. ඉවත දමන දේවල්වලට අගය එකතු කරලා නැවත වෙළඳපොළට නිකුත් කරන එක තමයි අපි කරන්නේ. මං වගේම අසරණ වෙච්ච කාන්තාවෝ මේ සමාජයේ ගොඩක් ඉන්නවා. ඔයාලා අසරණයි කියලා හිතන්න එපා.'' යනුවෙන් ඇය BBC සිංහල සේවයට පැවසුවාය.",
"Title": "'අපේ නිෂ්පාදන මහපොළවට එකතු වුණහම ගස් පැළ වෙනවා.'"
} |
{
"Text": " ඔබ ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන්නේ නම්, ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝගයක් ඕනෑම අවස්ථාවක ඔබට වැළඳීමේ හැකියාවක් පවතින බව ඔබ දැන සිටියා ද? HIV/AIDS පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහන (UNAIDS) විසින් 2023 දී නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2022 වසර වන විට ලොව පුරා මිලියන 39ක් ඒඩ්ස් සහ HIV සමඟ ජීවත් වන බව ය. 2022 වසරේ දී මිලියන 1.3කට වෛරසය අලුතෙන් ආසාදනය වී තිබේ. එම සංවිධානය විසින් ම නිකුත් කළ වාර්තාවකට අනුව 2023 තුන්වන කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාවේ නව HIV ආසාදිතයන් 485ක් හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් හා ලිංගාශ්‍රිතව බෝ වන රෝග මර්දනය සඳහා වන රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ 2023 හතරවන කාර්තුවේ වාර්තාවට අනුව 2023 එම කාර්තුව වන විට HIV සමඟ ජීවත් වන සංඛ්‍යාව 5705කි. එමෙන් ම එම වසරේ දී ඒඩ්ස් සම්බන්ධ මරණ ද 710ක් සිදු වී තිබේ. ඒඩ්ස් හැරුණුවිට තවත් ලිංගාශ්‍රිත රොග ගණනාවක රෝගීන් ශ්‍රී ලංකාව තුළ හමුවන අතර එවැනි රෝගයක් තමාට වැළඳී තිබෙන්නේ දැයි පුද්ගලිකව සහ රහසිගතව පරීක්ෂාකරගත හැකි ආකාරය කුමක්දැයි යන්න ගැන මෙතැන් සිට කියවන්න. ඔබ ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණයක් කළ යුත්තේ කුමන අවස්ථාවේ දී ද? ඔබ අනාරක්ෂිත ලිංගික සබඳතාවයක් පැවැත්වූයේ නම්, ඔබ ලිංගික සබඳතා පැවැත්වූ අයට එවැනි රෝගයක් වැළඳී ඇතැයි දැනගතහොත් හෝ, ඔබට ලිංගාශ්‍රිත රෝගයක රෝග ලක්ෂණ දිස් වන්නේ නම් ඔබට පරීක්ෂණයක් සිදු කර ඔබේ සෞඛ්‍ය තත්ත්වය විමසා බැලිය හැකිය. ලිංගික අවයවයේ ඇතිවන අසාමාන්‍ය වේදනාව, අසාමාන්‍ය රුධිර වහනය, කැසීම හෝ වණ, මුත්‍රා කිරීමේ දී වේදනාවක් ඇති වීම පොදුවේ ඇතිවන රෝග ලක්ෂණ කිහිපයකි. නමුත් HIV වැනි රෝගයක් පරීක්ෂණයක් නොකර හඳුනාගැනීම අපහසුය. HIV ශරීරයට ඇතුළු වීම සහ පරීක්ෂණයකින් වෛරසය හඳුනා ගත හැකි කාලය අතර හෝ වෛරසයට එරෙහිව ශරීරය තුළ වර්ධනය වූ ප්‍රතිදේහ අතර කාල ප්‍රමාදයක් පවතී. එය \"කවුළු කාලය\" ලෙස හැඳින්වේ. එනිසා ඔබ ඉතා ඉක්මනින් පරීක්ෂා කළහොත්, ඔබට සාවද්‍ය ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ තිබේ. සෑම HIV ආසාදිත පුද්ගලයෙකුටම පාහේ මාස 3කදී හඳුනාගත හැකි ප්‍රතිදේහ තිබේ. රහසිගතව සහ පහසුවෙන් පරීක්ෂණයක් කරගැනීමට හැකිවන්නේ කොහොම ද? ඔබට ඕනෑම ලිංගාශ්‍රිත රෝග සායනයකින් HIV සඳහා පරීක්ෂා කර ගත හැක. ලිංගාශ්‍රිත රෝග සායනවලදී පුහුණු වෛද්‍ය කාර්ය මණ්ඩලය රහස්‍ය භාවය රැක ගනිමින් පූර්ව සහ පශ්චාත් පරීක්ෂණ උපදේශන කටයුතු සිදු කරති. දිවයින පුරා එවැනි සායන 41 ක් ඇති අතර ඔබට නොමිලේ HIV පරික්ෂා කර ගත හැකිය. එම සායන වල දත්ත www.aidscontrol.gov.lk වෙබ් අඩවියේ පළ කර තිබේ. තවද ඔබට ඒවාට යාමට නොහැකි නම් HIV ස්වයං පරීක්ෂණයක් නොමිලේ කර ගත හැකිය. ලිංගාශ්‍රිත රෝග සම්පූර්ණයෙන් සුව කළ හැකි ද? ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර තිබෙන අතර, සමහර ලිංගාශ්‍රිත රෝග සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය. සමහර රෝග ලක්ෂණ සමනය කිරීම මඟින් රෝගය පාලනය කළ හැකිය. බැක්ටීරියා මගින් ඇති වන ලිංගාශ්‍රිත රෝග වලට ප්‍රතිජීවක මගින් ප්‍රතිකාර කළ හැකි නමුත් වෛරස් මගින් ඇති වන ලිංගාශ්‍රිත රෝග පාලනය කළ හැකි වුවද සුව කළ නොහැක. HIV සුව කළ නොහැකි නමුත් වෛරසය පාලනය කළ හැකිය. එබැවින්, ඔබ ජීවිත කාලය පුරාම ඖෂධ ලබා ගත යුතු අතර ගුණාත්මක, සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඔබට හැකිය. ඔබට ලිංගාශ්‍රිත රෝග හෝ HIV වැළඳී ඇත්නම් විවාහ වීමට බාධාවක් නොමැති නමුත් ඔබේ විවාහ සහකරුට ඔබෙන් රෝගය වැළඳීම වැළැක්වීමට ඔබ සියලු පූර්වාරක්ෂාවන් ගත යුතුය. එය HIV නම්, ඔබ නිතිපතා සායන වෙත පැමිණිය යුතුය. ඔබේ වෛරස් මට්ටම අවම මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය. සෑම විටම කොන්ඩම් භාවිතා කළ යුතුය. මට එච් අයි වී වැළඳීම වළක්වා ගැනීමට නොමිලේ ලබා ගත හැකි සේවා මොනවාද? Prep (Pre- Exposure Prophylaxis) යනු HIV ආසාදනයට නිරාවරණය වීමට පෙර ගත යුතු HIV වැළැක්වීමේ ක්‍රමයකි. එය දිනපතා හෝ සිදුවීම් මත පදනම් වී ලබා ගත හැකියි. මෙය ලිංගාශ්‍රිත රෝග සායන ජාලයෙන් ලබාගත හැකියි. ඊට අමතරව කොන්ඩම් සහ ලිහිසි තෙල් ද මෙම සායනවලින් හෝ එසේත් නොමැති නම් ඔබට ක්ෂණික දුරකතන අංක (0716379192/ 0112667163) අමතා හෝ www.know4sure.lk වෙබ් අඩවිය හරහා නිවසට ගෙන්වාගැනීමට පුළුවන. මූලාශ්‍රය - ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන",
"Title": "ඔබට ලිංගාශ්‍රිත රෝගයක් වැළඳී ඇත්දැයි සැක හැර දැන ගන්නේ කෙසේද?"
} |
{
"Text": " \"අපෝ එයා කුකුල් කේන්ති කාරයෙක් නේ...\" \"එයාට හොස්ස ළඟින් මැස්සෙක්වත් යන්න බෑ...\" ඉහත දැක්වෙන කියමන් අප එදිනෙදා ජීවිතයේ පුද්ගලයින් ඇසුරු කිරීමේදී පමණටත් වඩා අසා තිබේ. එපමණක් නොව එවැනි අධික ලෙස කෝපයට පත්වන පුද්ගලයින් ද අපට අපගේ ජීවිතය තුළ විවිධ අවස්ථාවලදී හමු වී තිබේ. 'හදිසි කෝපය' ඉතා සරල දෙයක් ලෙස මතුපිටින් පෙනුන ද එය පාලනය කර නොගැනීම නිසා සිදුවන අවාසනාවන්ත සිදුවීම් විටෙක මරණයකින් පවා කෙළවර වන අවස්ථා අපි දැක ඇත්තෙමු. මෙරට සිවිල් සමාජය තුළ දෛනිකව වාර්තා වන, සංවිධානාත්මක අපරාධ හෝ පාතාල ක්‍රියා නොවන පුද්ගල ඝාතන සම්බන්ධයෙන් විමසා බැලීමේදී ද හදිසි කෝපය ඒ සඳහා ඉවහල් වී ඇති ආකාරය ඇතැම් අවස්ථාවලදී පැහැදිලි වෙයි. පුද්ගලයෙකු තුළ කෝපයක් හට ගන්නේ ඇයි? ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, කෝපය ඇති වීමට බොහෝ අවස්ථාවලදී කලකිරීම හේතු වන බව ය. ඊට අමතරව පුද්ගලානුබද්ධ අත්දැකීම් ද ඊට හේතුවන බව ඔහු පෙන්වා දුන්නේ ය. \"ඒ කියන්නේ ළමා කාලයේ ඇතිවන මාසින සහ කායික පීඩා නිසා. එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් ලෙස සලකන සමාජයක එම පුද්ගලයා ජීවත් වීම නිසා. මෙන්න මේ වගේ හේතු නිසා සමහර පුද්ගලයෝ අනෙක් අයට වඩා ප්‍රචණ්ඩකාරී වෙනවා, දරුණු වෙනවා, තරහ ගිය වෙලාවට ඒ අය පහසුවෙන් තව කෙනෙකුට හානි කරන්න පෙළඹෙන්න පුළුවන්.\" එවැනි පුද්ගලයින් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී, \"ඔවුන් තම ක්‍රියාව නිසා අනෙක් පුද්ගලයාට සිදුවන හානිය පිළිබඳව සංවේදී බවකින් තොරවීම\" වැනි පොදු රටාවක් හඳුනා ගෙන ඇති බව විශේෂඥ මනෝවෛද්‍යවරයා සඳහන් කළේ ය. \"ඒ වෙලාවට ඒ අය දෙපාරක් හිතන්නේ නැහැ, තමන් කරන දෙයින් තව කෙනෙකුට හානියක් වෙනවා කියලා. සමහර වෙලාවට ඒකෙන් තමන්ට පසුවිපාක විඳින්න සිද්ධ වෙනවා කියලවත් හිතන්නේ නැහැ.\" අවේග පාලනය කර ගැනීමට ඇති නොහැකියාව ද ඊට තවත් හේතුවක් බව ඔහු පෙන්වා දුන්නේ ය. ඇතැම් අවස්ථාවලදී තමන් තුළ ඇතිවන කෝපයෙන් සිදුවන හානිය පිළිබඳව අවබෝධයක් තිබුණ ද තම ආවේගය නතර කර ගැනීමට ඔවුන්ට අපහසු බව විශේෂඥ මනෝවෛද්‍යවරයා පැහැදිලි කළේ ය. \"ආවේගයක් හටගෙන යම් කිසි ක්‍රියාවක් පටන් ගත්තට පස්සේ, නැවත සිතා බලා ඒක වෙනස් කිරීමට හෝ නවතා දැමීමට ඒ අයට බැහැ.\" ඒවා එම පුද්ගලයින්ගේ පෞරුෂත්වය සම්බන්ධ ගැටලු බව ඔහු සඳහන් කළේ ය. ඔහු පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ද කෝපය ඇති කිරීමට ත් ඉන් පුද්ගලයින් බිහිසුණු අපරාධ කිරීමටත් පෙළඹිය හැකි බව ය. මත්ද්‍රව්‍ය සහ මත්පැන් කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව මොළයට බලපෑම් ඇති කරන අතර එමගින් අවේග පාලනය දුර්වල කරන බව ත් ඒ ඔස්සේ දරුණු තීරණ ගැනීමට පෙළඹවීම් ඇති කරන බව ත් ඔහු සඳහන් කළේ ය. \"[මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය] නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අඩු කරනවා, හොඳ නරක අවබෝධ කර ගැනීමට නොහැකි වෙනවා.\" භින්නෝන්මාදය, විශාදය, මේනියා මානසික රෝගී තත්ත්වලින් පෙළෙන විට ද හදිසි කෝපය ඇති වීමට ඉඩ ඇති බව පෙන්වා දුන් විශේෂඥ මනෝවෛද්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, එවැනි තත්ත්ව අපරාධ සඳහා හේතු වීම ඉතා කලාතුරකින් සිදු වන බව ය. 'ඒකත් එක්ක එයාලාට අහිමි වෙන ගොඩක් දේවල් තියෙනවා. පවුල් පසුබිම. එයා හිටපු සමාජය...' - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක මනුෂ්‍ය ඝාතන කිරීම නිසා වරදකරුවන් වී මේ වන විට බන්ධනාගාරගතව පසුවන සිරකරුවන් සම්බන්ධයෙන් බීබීසී සිංහල, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායකගෙන් විමසීමක් කළේ ය. එහිදී ඔහු සඳහන් කළේ, මිනීමැරුම් චෝදනාවලට සිරගතව සිටින ගම්බද ප්‍රදේශවල බොහෝ දෙනෙකු හදිසි කෝපය පාලන කර නොගැනීම හේතුවෙන් එම වරදේ යෙදී ඇති බව ය. ඔවුන් බොහෝ අවස්ථාවලදී තම ක්‍රියාව සම්බන්ධයෙන් පසුතැවෙන බව ඔහු පැවසුවේ, තම බන්ධාගාර වෘත්තීය ජීවිතයේ අත්දැකීම් ඇසුරෙනි. \"ගම්බද මිනිස්සු ගොඩක් වෙලාවට මිනීමැරුම්වලට එන්නේ ඔය වගේ හේතු [හදිසි කෝපය] හින්දා. ඒ අය පසුතැවෙනවා. එක මිනී මැරුමකට වගේ ආව කට්ටිය. ඒකත් එක්ක එයාලාට අහිමි වෙන ගොඩක් දේවල් තියෙනවා නේ. පවුල් පසුබිම. එයා හිටපු සමාජය. ගෙවල්වල අයට ප්‍රශ්න ඇති වෙනවා. ඒ අය මේ වැරදිවලට පසුතැවෙනවා.\" මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ගත වුණු උත්සව සමයේ දින කිහිපය තුළ සංවිධානත්මක හෝ අපරාධ කල්ලි අතර නොවන මනුෂ්‍ය ඝාතන සිදුවීම් 10ක් පමණ වාර්තා වුණු බව ය. \"අවුරුදු දවස්වල මීනීමැරුම් 10ක් විතර වාර්තා වුණා. ඒ හැම එක ම බීලා එක එක ආරවුල් තමයි. ඒ කියන්නේ ක්ෂණික කේන්තිය. අවුරුද්දේ බොනවා, එකට බීලා ගහගන්නවා. මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙන එක හේතුවක් තමයි හදිසි කෝපය,\" ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසීය. වත්මන් සමාජයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැඩිවීමට හේතුව කුමක් ද යන්න විමසූ විට විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පළ කළේ මෙවන් අදහසකි: \"සමාජයේ අද ප්‍රචණ්ඩත්වය කියන දේ සාමාන්‍යකරණය වෙලා තියෙනවා. ඒකට බොහෝ වෙලාවට හේතු වෙලා තියෙනවා සමාජ මාධ්‍යවල තිබෙන දේවල්. ඒවා මිනිස්සු එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න විසඳගන්න ක්‍රමවේද හැටියට හඳුනා ගන්නවා. ඒක නිසා ඒ ක්‍රමවේද අත්හදා බලනවා තමන්ට ගැටලුවක් ආවට පස්සේ. අනෙක් පැත්තට මිනිස්සු පීඩනයකින් ඉන්නකොට අවේග පාලනය කර ගැනීමේ හැකියාව ගිලිහී යන්න පුළුවන්. සමස්ත සමාජයේ ම තියෙන, සමාජ, ආර්ථික පීඩනයත් බලපාලා තියෙනවා මිනිස්සුන්ට තරහා යන්න.\" හදිසි කෝපය වළක්වාගන්නේ කෙසේ ද? විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පවසන්නේ, හදිසි කෝපය ඇති වීම වැනි තත්ත්ව වළක්වා ගැනීමට පෞරුෂත්ව සංවර්ධනයට ළමා කාලයේ සිට ම වැඩි ඉඩක් ලබා දිය යුතු බව ය. ඒ සඳහා විධිමත් සහ අවිධිමත් ක්‍රම ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. විධිමත් ක්‍රම ලෙස: ගැටලු විසඳා ගැනීමේ උපක්‍රම, අවේග පාලනය කර ගැනීමේ උපක්‍රම ආදිය සමාජ කුසලතා ලෙස දරුවන්ට කුඩා කල සිට ම ප්‍රයෝගික වශයෙන් කියා දීම සිදු කළ යුතු බව ඔහු පැවසීය. අවිධිමත් ක්‍රම ලෙස: දරුවන් ක්‍රීඩා, කලාව, සාමූහික ක්‍රියා ආදී බාහිර ක්‍රියාකාරකම් සඳහා යොමු කළ යුතු බව වෛද්‍යවරයා පැවසීය. ඒ හරහා දරුවන්ට ගැටුම් ඇතිවීම තුළින් ගැටලු විසඳා ගැනීමේ පුහුණුවක් ලැබෙන බව ත් ඉන් දරා ගැනීමේ හැකියාව වර්ධනය වන බව ත් ඔහු සඳහන් කළේ ය. කෙසේ වෙතත්, පසුකාලීනව ද දිගින් දිගට ම ඇතැම් පුද්ගලයින්ට කෝපය පාලනය කර ගැනීමේ ගැටලු පවතිනවා නම්, අවේග පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දෙන මනෝසෞඛ්‍ය සේවා සායනයක් සඳහා යොමු විය යුතු බව ඔහුගේ මතය විය. වැඩිහිටි පුද්ගලයෙකු නිතර කෝපයට පත්වනවා නම් ඒ සඳහා මුල් වන හේතුව හඳුනා ගෙන, ඒ අනුව ඊට ගත යුතු උපක්‍රම මොනවා ද යන්න තීරණය කළ යුතු බව ඔහු පැවසීය. \"කෝපයට පත්වන්නේ ආතතිය නිසා නම්, ආතතිය අඩු කර ගැනීමට අවශ්‍ය මනස සැහැල්ලු කිරීමේ ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ. සංගීතයට සවන් දීම, හොඳ විවේකයක් ලබා ගැනීම, විනෝදාස්වාද කටයුතුවල යෙදීම, ස්වභාව සෞන්දර්යයත් සමග සිටීම වැනි දේවල් කරන්න පුළුවන්.\" ඊට අමතරව කෝපයට පත් වන අවස්ථාවක, එම අවස්ථාව මගහැර සිටීමට පියවර ගැනීම හරහාත් ඊට ප්‍රතික්‍රියා දැක්වීමෙන් වැළකී සිටීම හරහාත් අවාසනාවන්ත තත්ත්ව ඇතිවීම වළක්වා ගත හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය. \"එවැනි අවස්ථා මගහැරලා ඉඳලා තරහා අඩු වුණාට පස්සේ තමයි සුදුසු පියවරක් ගන්න ඕනේ. අපි තරහ ගිහිල්ලා ක්‍රියා කරන හැම අවස්ථාවකදී ම වැරදි දෙයක් සිද්ධ වෙනවා. තව කෙනෙකුට හානියක් වෙනවා. ඒ වගේ ම නිවැරදිව අපිට ඒකට පිළිතුරු සපයන්නත් බැහැ.\" කෝපයක් හටගත් අවස්ථාවක පුද්ගලයින් ගැඹුරු හුස්මක් ගැනීම, සටහන් තැබීම, යහපත් නින්දක් ලබා ගැනීම, ව්‍යායාම කිරීම, පරිසරය වෙනස් කිරීම සහ ගණනය කිරීම ආදී සරල උපක්‍රමවල ද නිරත වීම ද බොහෝ විට දැකගත හැකි වේ.",
"Title": "'කුකුල් කේන්තිය' අවාසනාවන්ත ඉරණමකින් කෙළවර නොවන්නට ඔබ දැන ගත යුතු දේ"
} |
{
"Text": " සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ග්‍රන්ථ කර්තෘවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අප්‍රේල් 25 පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පස්වරුවේ ඇප මත මුදා හැරිණි. වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන නියෝග කළේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත ඔහු මුදා හරින ලෙස ය. 'අදාළ මුදල හිමිකරුට ගෙවා තිබුණා' නුවන් ප්‍රදීප් නමැති කඳාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා බව පවසමින් ලබා ගත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ආපසු නොගෙවීම සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගෙන තිබිණි. අදාළ ව්‍යාපාරිනකයා පැමිණිල්ල් ඉදිරිපත් කර තිබුණේ, කඳාන පොලිසියට ය. කඳාන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය. චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා මාසයක කාලයක් තුළ ආපසු ගෙවීමේ පොරොන්දුවක් මත උපුල් ශාන්ත සන්නස්ගල, පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන ඇති බවත්, එම මුදල නියමිත දිනයේදී ලබා නොදී විශ්වාසය කඩ කර ඇති බවත් කඳාන පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි. ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඳාන පොලිසියේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. මේ අතර, උපුල් ශාන්ත සන්නස්ගල වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ, තම සේවාදායකයා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන බව දැනගෙන පැමිණිලිකරු රුපියල් ලක්ෂ 10ක මුදලක් ප්‍රදානයක් වශයෙන් ලබා දී තිබූ බව ය. කෙසේ වෙතත්, පසුව උපුල් ශාන්ත සන්නස්ගල, පැමිණිලිකරුට අදාළ මුදල ගෙවූ බව නීතිඥවරු අධිකරණය හමුවේ තහවුරු කළහ. ඊට අදාළ රිසිට් පත් ද උසාවියට ඉදිරිපත් කළ නීතීඥවරුන් අධිකරණය හමුවේ පැවසුවේ, මේ පිළිබඳව පොලිසිය දැනුවත් කළ ද, ඔවුන් එය නොසලකා උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කළ බව ය. ඒ අනුව, දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ. අප කළ විමසුමකදී කඳාන පොලිසියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, අදාළ මුදල පැමිණිලිකරුගේ බැංකු ගිණුමකට බැර කර තිබූ බව පසුව දැනගත් බව ය. මේ අතර, මැයි මස 26 වන දා මේ සම්බන්ධයෙන් අවසන් නඩු වාරය කැඳවා ඇතැයි ද ඔහු පැවසීය. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මේ සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල කිසිදු ප්‍රකාශයක් මෙතෙක් කර නොමැති අතර, අප්‍රේල් 25 වන දා ෆේස්බුක් ඔස්සේ සජීවීව පෙනී සිටියද එහිදී ඔහු නඩු කටයුත්ත සම්බන්ධයෙන් කිසිදු සඳහනක් සිදු කළේ නැත. උපුල් ශාන්ත සන්නස්ගල යනු කවුද? උපුල් ශාන්ත සන්නස්ගල යනු උසස් පෙළ සිංහල විෂය සඳහා උපකාරක පන්ති පවත්වමින් ජනප්‍රියත්වය පත් ගුරුවරයෙකි. ඊට අමතරව, ඔහු සරසවි දියණියෝ, අම්මා, වස්සාන සිහිනය ආදී නවකතා රැසක් රචනා කළ ජනප්‍රිය ලේඛකයෙකි. ඔහු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය තිරරචකයෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටියේ ය.",
"Title": "අත්අඩංගුවට ගෙන පැය කිහිපයකින් උපුල් ශාන්ත සන්නස්ගලට ඇප ලැබුණේ කොහොම ද?"
} |
{
"Text": " මම ලියන හැටි සංවාද මාලාවේ අවසාන කොටස වෙනුවෙන් අප තෝරා ගෙන ඇති ආරියවංශ අබේසේකර යනු සිය කෘතීන් ඔස්සේ අද්විතීය ප්‍රබන්ධ ලෝකයක් නිර්මාණය කරන සිංහල සාහිත්‍ය ඉතිහාසයේ අපට හමුවන සුවිශේෂී නවකතාකරුවෙකි. 'දාගේ' කෘතිය ඔස්සේ 1988 දී නවකතාකරණයට ප්‍රවේශ වන ඔහු චාරුමන්දා, මතකවත, මාතෘකාවක් සොයන වචන අනූ තුන්දාහක් සහ ආරාමදාස යන නවකතා රචනා කරමින් සිය අනන්‍යතාව සිංහල සාහිත්‍යය තුළ සලකුණු කර ඇත. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව තුළ දී උත්සාහ කළේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මේ සංවාදය ආරම්භ කිරීමට මම මුලින්ම ඔබෙන් අහන්න කැමතියි ඔබේ නවකතා වල සමාරම්භක මොහොත ගැන. නවකතාවක පළවෙනි වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුලුවන් ද? ආරියවංශ: මම ලියන්නේ මට මුණ නොගැසුන පිරිසකටනේ, මුණ නොගැහුනා කියන්නෙ අඳුරන්නේ නැහැ කියන එක නෙමෙයි. අඳුරනවා නමුත් හමුවෙලා නැහැ. එතකොට මේ පිරිස මම මේ කතාව කියන්න ග්‍රහණය කර ගන්න ඕනෙනේ. ඒ නිසා මට මේ ආරම්භක වාක්‍යය සහ වාක්‍ය කිහිපය ඉතාම වැදගත් වෙනවා. ඒකෙන් ලැබෙන උත්තේජනය මත තමයි ඔවුන් මගෙත් එක්ක දිගටම රැඳෙනවද කියන එක තීරණය වෙන්නේ. මට හිතෙන්නෙ මේ ආරම්භක වාක්‍යය කියන්නේ හරියට මම අරින දොරක් වගේ. මම මවන්නේ කල්පනා ලෝකයක්නේ. පාඨකයා මේ කල්පනා ලෝකයට ඇතුල් වෙන්නෙ මං අරින මේ දොරෙන්. මේ දොර ලස්සන වෙන්නත් ඕනෙ ඒ වගේම ශක්තිමත් වෙන්නත් ඕන. මොකද ඒ ගොල්ලො ඇතුල් වුනාට පස්සෙ අපි මේ දොර වහනවනෙ. එතකොට මේ ඇතුල් වෙච්ච කෙනාට පිටතට යන්න බැරි වෙන්න ලොක් වෙන්නත් ඕන. කඩාගෙන යන්න බැරි වෙන්න ශක්තිමත් වෙන්නත් ඕන. ඒ වගේම මම හිතන දෙයක් තමයි මම මවන ලෝකයට කෙනෙක් ඇතුල් වුනාම එයාට දැනෙන්න ඕන මේ ලෝකය මම හඳුනන තැනකුත් නෙමෙයි නාඳුනන තැනකුත් නෙමෙයි කියන එක. ඒ දෙගිඩියාව තමයි මට වැදගත් වෙන්නෙ මගෙ කතාව ඉස්සරහට ගෙනියන්න. ඔන්න ඔය කාරණාව නිසා මට පළවෙනි වාක්‍ය සහ වාක්‍ය කිහිපය මට හුඟක් වැදගත් වෙනවා. ඒක හැබැයි මම නවකතාවක් ලියන්න පටන් ගන්නකොටම ලියවෙනවා නෙමෙයි. මේ නවකතාවේ මැදකදි එහෙමත් නැත්තං අවසන් වුනාට පස්සෙ වෙන්නත් පුළුවන් මේ මුල ටික ලියවෙන්නේ. කෞශල්‍ය: ලියන්න පටන් ගන්නකොට ලියන්න යන නවකතාව ගැන ඔබ මොනතරම් දුරට දැනුවත්ද? ආරියවංශ: ලියන්න පටන් ගන්නකොට මගෙ ඔලුවෙ කතාවක් තියනවා ඇත්තටම. හැබැයි කවදාවත් ඒක ලියවුණේ නැහැ. මම චරිත ගන්නවා. ටික වෙලාවක් ගියාට පස්සෙ ඒ චරිත වලට පණ එනවා. පණ ආවට පස්සේ මට ඒගොල්ලන්ව කන්ට්‍රෝල් කරන්න බැහැ. කන්ට්‍රෝල් කරන්න යනව නං මම ඒකාධිපතියෙක් වෙනවනෙ. ඒ චරිත හිතේ ක්‍රියා කරන්න ගත්තට පස්සේ මම අපේක්ෂා නොකල අන්තයන් කරා යන අවස්ථා තියනවා. මම චරිතයක් ගොඩනැගුවට පස්සෙ යම් වෙලාවකින් මේ චරිතයට ස්වකීයමය බවක් එනවා. ඊට පස්සේ ඒ චරිතයට අවශ්‍ය දේ ඒ චරිතයට යන්න අවශ්‍ය තැනට ගෙන යනවා මිස මට අයිතියක් නැහැ මට ඕන දේවල් කරන්න. ඒ නිසා මගේ හැම නවකතාවකම මම අපේක්ෂා කළ අවසානය ලැබිලත් නැහැ. මම ඇතුල් කරන්න ඕන කියල හිතාගෙන හිටපු සමහර සිදුවීම් ඇතුල් කරන්න ඉඩ ලැබිලත් නැහැ. සමහර වෙලාවට මම ලියපු පදාස පිටින් මට ඉවත් කරන්න සිද්ධ වෙලා තියනවා. මහන්සි වෙලා ලියපු දේවල්. නමුත් ඒ දේවල් මට ඕන වුනාට ඒ චරිත වල ක්‍රියාදාමයන්ට අදාළ නැහැ. එක අවස්ථාවක් වෙනකන් නවකතාව මගේ හැබැයි යම් අවස්ථාවක් එනවා ඒක තවදුරටත් මගෙ නෙමෙයි. මේ විදිහට තමයි නවකතාව ඉදිරියට යන්නේ. ඒ නිසා ඕන නං මට කියන්න පුලුවන් නවකතාවක් ලියන්න පටන් ගන්න මොහොතෙදි ලියවෙන්න යන නවකතාව ගැන මම කිසිම දෙයක් දන්නෙ නැහැ කියල. මොකද මගෙ ඔලුවෙ තියන කතාවයි මගෙ අතින් ලියවෙන නවකතාවයි අතර හැම විටම ලොකු පරතරයක් තියන නිසා. කෞශල්‍ය: එතකොට ලියන්න පටන් ගන්න කලින් ඔලුවේ හැදිල තියන කතාවට අදාළව යම් ආකාරයක සටහන් තබා ගැනීමක් කරනවද? ආරියවංශ: නැහැ. මම කිසිම ආකාරයට සටහන් තබා ගැනීමක් කරන්නේ නැහැ. සමහර වෙලාවට ලිවීම පටන් ගත්තට පස්සෙ පරිගණකයේ තැනක චරිත වලට අදාළ යම් යම් දේවල් ලියල තියාගන්න ඉඩ තියනවා. නමුත් ලිවීම පටන් ගැනීමට පෙර එවැන්නක් කරන්නේ නැහැ. යම් යම් අවස්ථා වල නවකතාවක් ලිවීමට හොඳයි කියල හිතෙන වස්තු බීජයන් පරිගණකයේ තැනක ලියල තියාගන්න අවස්ථා තියනවා. නමුත් ලිවීමට අදාළව සැලසුම් ලෙස කරන කිසිදු සටහන් තබා ගැනීමක් මගෙ අතින් සිද්ධ වෙන්නෙ නැහැ. කෞශල්‍ය: ඔබ නවකතාව කියන ආකාරය, ඒකේ ආඛ්‍යාන ශෛලිය ගැන කලින් දැනුවත්වද ඉන්නෙ? ආරියවංශ: ඒ රටාව ලිවීම තුළම තමයි හොයා ගන්නෙ. සමහර අවස්ථා වලදි මට පණ තියන මිනිස්සු පාවිච්චි කරන්න බැරි වෙනවා. මළගිය ආත්ම ඕනෙ වෙනවා. යම් අවස්ථා වල සැබෑ මිනිහෙකුගෙන් කරගන්න බැරි දේ මම මළගිය ආත්මෙකින් ඉල්ලා හිටිනවා. ඒක සිද්ධ වෙන්නෙ පූර්ව සැලැස්මකට අනුව නෙමෙයි. උදාහරණයක් හැටියට මගෙ චාරුමන්දා කියන නවකතාව ගත්තොත්, ඒක ලියවෙන්නෙ හෙණකඳ බිසෝ බංඩාර කියන චරිතය ආශ්‍රයෙන්. හෙණකඳ බිසෝ බංඩාර කියන්නෙ දෙවියෙකුට සහ රජෙකු මැදි වෙච්ච කාන්තාවක්. කතරගම දෙවියෝ එයාව මරලා එයා ළඟට ගන්නවා. එතෙන්දි මම හිතුවෙ නැහැ මළගිය ආත්ම වැනි දේවල් මගේ පොතට ගන්න. මට ඕන වුනේ භෞතික සහ අභෞතික ආශාවන්ට මැදි වුණ කාන්තාවක් ගැන ලියන්න. එතෙන්දි මම හෙණකඳ බිසෝ බංඩාර චරිතය ආශ්‍රයෙන් වෙනත් ගැමි චරිතයක් ගොඩනගනවා චාරුමන්දා කියන. එතෙන්දි මම දේවාත්මය වැනි දේවල් ගැන හිතුවෙත් නැහැ. නමුත් කතාව ගොඩනැගෙද්දි අර මළගිය ආත්ම වැනි දේවල් නැතුව මට ඒ කතාව කියා ගන්න බැරි වුණා. මම කලින් කිව්ව වගේ නවකතාවක සැලැස්ම ඉස්සෙල්ලා හදා ගන්නෙ නැහැ. මට ඇත්තටම ප්‍රධාන වෙන්නෙ චරිත කිහිපයක්. ඒ චරිත ටික අතර ඇති වෙන සම්බන්ධය විදාරණය කර ගන්න අවශ්‍ය වෙන ආකෘතියක් ඒක ඔස්සේ හැදෙනවා. මගෙ පැත්තෙන් ගත්තොත් හදනවා කියන එකට වඩා හැදෙනවා කියල කියන එක තමා නිවැරදි කියල මට හිතෙන්නේ. දැන් 'මගෙ මාතෘකාවක් සොයන වචන අනූ තුන්දාහක්' කියන නවකතාව ගත්තොත්, ඒකෙන් මට කියන්න ඕන වුනේ අපි මේ සියලුම මිනිස්සු බොරුවට ඇනකොටා ගෙන ප්‍රශ්න ඇති කර ගන්නවා අපි සේරම එකයි කියන දේ. ඒක කියන්න මට තිබුණ ක්‍රමය තමයි මියගිය සිංහල සොල්දාදුවෙකුගෙ කයට එන ඕපපාතික උත්පත්තියක්. එතකොට එයා එල්ටීටීඊ සෙබලෙක්. අපි දන්නවා පුනරුත්පත්තිය වගේ දේවල් අපේ ජනතවගෙ හිතේ කා වැදුණු දේවල්. එතකොට මම එවැනි දේවල් මගේ නවකතා ලිවීමේදී ප්‍රයෝජනයට ගන්නවා. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද නවකතාවක් ලියන්න පටන් ගත්තට පස්සෙ ඔබේ කාලය ගත වෙන හැටි ගැන? ආරියවංශ: ලියන්න විශේෂ කාලයක් කියල එකක් නැහැ. මම උදෙත් ලියනවා දවලුත් ලියනවා රෑත් ලියනවා. ලියන්නෙ පරිගණකයෙන් නිසා මට කාමරේ ඉන්න සිද්ධ වෙනවා. ලියන වෙලාවට කවුරුහරි ආවොත් ගිහින් කතා කරනවා. වෙන වැඩක් තිබුණොත් ඒකටත් නැගිටල යනවා. ලියන එක මගෙ රොමෑන්ටික් වැඩක් නෙමෙයි. මගෙ හිතේ තියන දෙයක් එළියට දාගන්න මං දරන මහන්සියක් මිසක් ඒක තවත් වැඩක් මිසක් ඒක මට මහා නිකං භාවනානුයෝගී වැඩක් නෙමෙයි. අර කටුවක් ඇනුණම දැනෙන වේදනාවෙන් ගැලවෙන්න ඒ කටුව අයින් කරන්න ඕනෙනෙ. ඉතින් කටුව අයින් කරන්න කලක් වේලාවක් නැහැනෙ. ඒ ගලවල අයින් කරනවා වගේ මම ලියන එකට මහන්සි වෙනවා. ඒ මහන්සි වෙන්නේ මගෙ ජීවිතේ අනිත් වැඩත් එක්ක. මං මේ මාර කාර්යභාරයක් කරනවා වගේ මට හැඟීමක් නැහැ. මට ඕන අර කටුව ගලවල අයින් කරන්න. අනිත් එක මම ලියන ඒව කියවල මට හොඳ කිව්වත් මට බැන්නත් ඒකෙන් මට වැඩක් නැහැ. සාමාන්‍යයෙන් නවකතාවක් ලියන්න මට අවුරුදු දෙක තුනක් වත් ගතවෙනවා. ලියන්නෙ නැතුව ඉන්නව නෙමේ අතර මැද, හැමදාම ලියනවා. නමුත් ලියන දේවල් නැවත නැවත වෙනස් කරනවා. ප්‍රකාශකයෙකුට භාර දෙනතුරු මගෙ ළඟ තියන තුරු නවකතාව වෙනස් වෙනවා. මොකද මම ඒකත් එක්ක ජීවත් වෙනවා. මම ඒකත් එක්ක ජීවත් වෙන එක නතර වෙන්නෙ මම ඒක ප්‍රකාශකයට භාර දුන්නට පස්සෙ. ඊට පස්සෙ මං ඒකෙන් අයින් වෙනවා. ඊට පස්සේ තියෙන්නෙ අනිත් අයගෙ වැඩ. කියවනවද නැද්ද කියන එක. ඒක ඉතින් මං අදාළ කර ගන්නෙ නැහැ. මොකද මෙතනින් පස්සෙ නවකතාවෙ චරිත මට තවදුරටත් කරදර කරන්නෙ නැහැ. ඒක එතනින් අවසානයි. කෞශල්‍ය: ලිවීම තුළ ඔබ පවතින ආකාරය ගැන, ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන්ද අවසාන වශයෙන්? ආරියවංශ: එහෙම විශේෂ දෙයක් නැහැ. තමන්ගෙ හිතට ආව කිසියම් දෙයක් එළියට දාගන්න උත්සාහ කරන කෙනෙක් එතෙන්දි මම. ඒ වෙලාවෙදි මම ඒ චරිතත් එක්ක ජීවත් වෙනවා. දැන් මම ආරාමදාස නවකතාව ලියද්දි වෙනදට වඩා මම පොලොන්නරුවෙ නටඹුන් අතර ගැවසුණා. වාමන රූප, මුරගල්... ඒවත් එක්ක ආශ්‍රය තියෙන්න ඕන. මගෙ මාතෘකාවක් නැති වචන අනූතුන්දාහක් නවකතාව ලියද්දි මම ඔය හමුදාවට ගිය තරුණයෝ, තුවාල ලබපු කට්ටිය වගේ අය ආශ්‍රය කළා. ඒ ගැන පොතපත කියෙව්ව. අන්න ඒ වගේ මම ලියන දේට අදාළ පරිසරය තුළ තමයි මම ජීවත් වෙන්නේ. ලියන කාලයට නවකතාවේ චරිත අපේ කට්ටිය බවට පත් වෙනවා. ඒ අය විඳින දුක් වේදනවා දැනෙනවා. ඒක කටුක වෙන අවස්ථා වලදි ඒක පැත්තකට දාපු අවස්ථාත් තියනවා ඒක ටිකක් සමහන් වෙනකන් හිතේ. මුලින්ම මං ගන්න චරිත මගෙ අතේ රූකඩ වගේ හිටියට ටිකකින් ඒ අය මිත්‍රයෝ බවට පත් වෙනවා. ඊට පස්සෙ මිත්‍රයෝ විඳින දේවල් අපිටත් කාන්දු වෙනවනේ. සිංහල නවකතාකරුවන් ලියන මොහොතේ පවතින අකාරය, ලිවීම සම්බන්ධ තාක්ෂණයන් සහ ඒ හා සම්බන්ධ ඔවුන්ගේ හැඟීම් ගවේෂණය කළ 'මම ලියන හැටි' සංවාද මාලාව මෙයින් සමාප්ත වෙයි. අපට අවශ්‍ය වූයේ විවිධාකාර ආස්ථානයන්ගේ සිට සිංහල සාහිත්‍ය පෝෂණය කරන නවකතාකරුවන් සහ නවකතාකාරියන්ගේ ලිවීම හා සම්බන්ධ ජීවිතය හෙළිදරව් කර ගැනීමට ය. එහිදී අපට ලංකාවේ මේ මොහොතේ සිටින සියලු නවකතාකරුවන් සහ කාරියන් එක්කර ගැනීමට අවකාශ නොපැවතුන බව අවධාරණය කළ යුතුය. එම නිසා තරුණ, පරිණත, ජනප්‍රිය, ජනප්‍රිය නොවන යනාදී වශයෙන් වෙනස් තල වල සිටින, නවකතාකරණය කෙරෙහි කැප වුණු කතුවරුන් යම් පිරිසක් මේ සඳහා අප විසින් තෝරා ගන්නා ලදි. මෙයට එක් කර ගත නොහැකි වූ තවත් බොහෝ පිරිසක් සිටින බවත් ඔවුන් අතර අතිශය වැදගත් නවකතාකරුවන් සිටින බවත් සිහිපත් කළ යුතුය. මේ සංවාද මාලාව අප අපේක්ෂා කල ප්‍රමාණයටත් වඩා දුරක් ගමන් කළේ එයට ලැබුණු සාධනීය පාඨක ප්‍රතිචාර නිසා ය. ලිවීම සහ කියවීම කෙරෙහි උනන්දු විශාල පිරිසක් මේ සංවාද මාලාව සමඟ බැඳී සිටි අතර ඔවුන්ගේ උනන්දුව අපට විශාල ශක්තියක් විය. එසේම මේ සංවාද වලට එක් වූ කතුවරුන් හා කතුවරියන් අපට දැක් වූ සහයට ද අපගේ ආචාරය හිමි විය යුතු ය. බොහෝ අය අපට ලියා එවූ පරිදි මේ සංවාද මාලාව ලිවීමට ඇති ඔබගේ ආශාව දැල් වූයේ නම් එය අපට සතුටකි. අතිශය වැදගත් ලේඛක ලේඛිකාවන් තිස් දෙකක් සමඟ සිදුකළ ඒ සෑම සංවාදයටම මෙතැනින් ප්‍රවේශ විය හැකි ය. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වූ කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. ",
"Title": "'මම ලියන හැටි': ආරියවංශ අබේසේකර"
} |
{
"Text": " වගා කටයුතුවලට මෙන්ම ජන ජීවිතයට ගැටලුවක් වී ඇති රිලවුන්ගේ ගහනය පාලනය සඳහා ගැහැණු සතුන්ට 'ලූප්' දැමීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය ආරම්භ කර තිබේ. ඒ අනුව උපත් පාලනය සඳහා කාන්තාවන් භාවිත් කරන 'ලූප්' අවශ්‍ය ලෙස වෙනස්කම් කර රිලවියන්ට දැමීම සිදු කෙරේ. අඩු වියදම, ඒ අවස්තාවේ දී ම සතුන් පරිසරයට මුදා හැරීමට ඇති හැකියාව සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පශු වෛද්‍යවරුන්ට එය කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගැනීමේ දී රිලා ගහනය පාලනයට මෙය සාර්ථක විසඳුමක් වනු ඇතැයි මහාචාර්ය අශෝක දංගොල්ල පවසයි. 'රිලා කරදරය' නිසා ජනතාවට වායු රයිෆල් බෙදා දීම සහ රිලවුන් වෙනත් ප්‍රදේශවලට රැගෙන යෑම පසුගිය කාලයේ සිදු විය. එමෙන්ම රිලවුන් ලක්ෂයක් චීනයට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය ගත් උත්සාහයක් අභියාචනාධිකරණය විසින් වලක්වාලන ලදී.",
"Title": "රිලවියන්ට 'ලූප්' දමා රිලා ගහනය පාලනයට නව උත්සාහයක්"
} |
{
"Text": " දියතලාව 'Fox Hill Supercross 2024' මෝටර් ධාවන තරගය අතුරතුර පුද්ගලයින් 7 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ ධාවන තරගකරුවන් දෙදෙනා බදාදා (අප්‍රේල් 24) ඇප මත මුදාහැරිණි. ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි. එම මෝටර් රථ ධාවකයින් දෙදෙනා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය දා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. එලෙස අත්අඩංගුවට ගැනුණේ, මාතර පදිංචි 36 හැවිරිදි මෝටර් රථ ධාවන තරගකරුවෙකු සහ 47 හැවිරිදි පේරාදේණියේ පදිංචි තරගකරුවෙකි. තරගකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තර්ක කරන්නේ, මෝටර් රථ ධාවන තරගයක් අතරතුරදී සාමාන්‍ය මාර්ග නීති පද්ධතිය අනුව කටයුතු කළ නොහැකි බවට ය. 'පොලිසිය විහිළුවක් වෙලා' මෝටර් රථ ධාවන තරගයක් අතරතුර අනාරක්ෂිතව රිය පැදවීම සහ අනතුරක් වළක්වා ගැනීමට උත්සහ නොකිරීම යන චෝදනා යටතේ නඩු පැවරිය නොහැකි බව නීතිඥ උපුල් කුමරප්පෙරුම බීබීසී සිංහල සේවයට පැවසීය. \"සාමාන්‍ය මාර්ග නීති මේ තරගවලදී බලපැවැත්වෙන්නෙ නෑ. ධාවන තරගයකදී බලපාන නීති කිහිපයක් තියෙනවා. එකක් තමයි, ධාවන පථය අවහිර නොකිරීම. දෙක පසුපසින් ගොස් හිතාමතා අනතුරක් කිරීම. තුන වමෙන් ඉස්සර කිරීම. ඒ වගේ නීති කිහිපයක් තමයි බලපාන්නේ, ධාවන තරගයකදී,\" නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසීය. \"අනතුරක් වළක්වා ගැනීමට උත්සහ නොකිරීම හෝ අනාරක්ෂිතව රිය පැදවීම යටතේ නඩු පවරනවා නම් පොලිසිය විහිළුවක් වෙනවා. මොක ද, ධාවන තරගයක් කියන්නේ තරගයක්. එතනදී සාමාන්‍ය මාර්ග නීති අදාළ වෙන්නෙ නෑ. මේ ප්‍රශ්නයේදී පොලිසිය විහිළුවක් වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මීට අවුරුදු කීපයකට කලින් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් මැරුණා බෝලයක් හිසේ වැදිලා. ඒ අනතුර සම්බන්ධයෙන් පන්දු යවපු ෂෝන් ඇබට්ව අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කළේ නැහැ. මොක ද ඔහු හිතාමතා ෆිල් හියුස්ව මරන්න උත්සහ නොකළ නිසා.\" ධාවකයින් අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා පොලිසියේ පැහැදිලි කිරීම කෙසේ වෙතත්, අනතුරට ලක්වූ මෝටර් රථ දෙකෙහි ධාවකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැහැදිලි කළේ මෙලෙසිනි. \"තරගාවලියක් වුණත් අපට පරීක්ෂා කරන්න වෙනවා, මොක ද, මෙවැනි අනතුරකදී මේක සාමාන්‍ය රථවාහන අනතුරක්. එහිදී මෝටර් රථවාහන පනත යටතේ මෙවැනි තරගාවලියක් සංවිධානය කරනකොට පනතේ තියෙනවා, ප්‍රතිපාදන නියම කරලා. ඒ අනුව තමයි කටයුතු කළ යුත්තේ. ඊළගට අපි දන්නෙ නෑ තරගකරුවන් මොන තත්ත්වයෙන් ඒකට සහභාගි වුණා ද කියලා. අපි අධිකරණයේ අවශ්‍යතාව සදහා සහ අනාගතයේදී යම්කිසි පාර්ශවයකින් එල්ල විය හැකි චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි වශයෙන් අපට අවශ්‍යයි රියැදුරන් විදිහට ඔවුන් මත්ද්‍රව්‍ය පානය කරල තිබුණ ද?, මත් පැන් පාවිච්චි කරල තිබුණ ද?, ඔවුන් ඒවා පානය කරල තිබුණා කියලා හිතන්නෙ නෑ. ඒත් අපි අනාගතයේදී යම්කිසි පාර්ශවයකින් චෝදනාවක් ආවොත් ඒවාට පිළිතුරු දෙන්න නම් සියලු ආකාරයේ පරීක්ෂා කිරීම් කරන්න වෙනවා,\" යනුවෙන් අදාළ රියැදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හේතු වූ කරුණු පිළිබදව එදින පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැහැදිලි කිරීමක් කළේ ය. මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ අදහස මේ අතර, ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව බීබීසී සිංහල සේවයට පැවසුවේ, ධාවන පථයක පවත්වන මෝටර් රථ ධාවන තරගයක් සම්බන්ධයෙන් පොලිසියට ක්‍රියාත්මක විය නොහැකි බව ය. කෙසේ වෙතත්, ධාවන තරගයක් අතරතුර මාරාන්තික අනතුරක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කළ යුතු බව ය. මේ අතර, සිය අත්දැකීම් අනුව, අදාළ අනතුර සම්බන්ධයෙන් සංවිධායකයින් නිසි විමර්ශනයක් නොකරන බව හෝ ඔවුන්ගේ විමර්ශනය ප්‍රමාණවත් නොවන බව හෝ හැඟී ගියහොත් අදාළ විමර්ශන කටයුතුවලට මැදිහත් වීමට ද පොලිසියට හැකි බව ඩිලන්ත මාලගමුව පැවසීය. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගවලදී අනුගමනය කරන ක්‍රමවේදය පැහැදිලි කරමින් ඔහු ප්‍රකාශ කළේ, තරගයට පෙර ධාවකයින්ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව ය. එම ප්‍රකාශයේ පහත කරුණු සම්බන්ධයෙන් ධාවකයා සහතික විය යුතු ය. 1. ධාවකයා සතුව පිළිගත් රියැදුරු බලපත්‍රයක් තිබීම. 2. රක්ෂණාවරණයක් තිබීම. 3. බාල වයස්කාරයෙකු නම් දෙමාපිය අවසරය. 4. තරගකරු ධාවන තරගය අතරතුරදී තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා බව. 5. ධාවන පථය සහ සහය සේවාවල තත්ත්වය ඉතා යහපත් මට්ටමක පවතින බව තරගකරු තේරුම්ගත යුතුය. මේ දිනවල ස්පාඤ්ඤයේ ධාවන තරගයකට සූදානම් වන ඩිලන්ත මාලගමුව පැවසුවේ, එම තරගය සම්බන්ධයෙන් ඉහත කී කොන්දේසි අදාළ වන බව ය. ඕනෑ ම රටක ධාවන තරග පැවැත්වීමේදී මෙවැනි කොන්දේසි ඇතුළත් ප්‍රකාශයකට අත්සන් තැබිය යුතු බව ඔහු ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, යම් හෙයකින් ධාවන පථයේ අඩුපාඩුවක් හෝ අනාරක්ෂිතභාවයක් තිබේ ද යන්න පිළිබදව තරගයට පෙර ධාවකයින් තහවුරු කර ගත යුතු බව ය.",
"Title": "Fox Hill අනතුර: සාමාන්‍ය මාර්ග නීති මෝටර් රථ ධාවන තරගයකටත් අදාළ කර ගත හැකි ද?"
} |
{
"Text": " උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඊයේ (අප්‍රේල් 24) ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමත් සමග ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබේ. ඒ කාන්තාවන් දෙදෙනා 'දසුනි' සහ 'සුලෝචනා' ය. දැවැන්ත ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මේ කාන්තාවන් දෙදෙනාගේ නාමයන් දැඩි අවධානයකට පාත්‍ර වූයේ ඇයි? ඒ පිළිබඳව විමසා බැලීමේදී බීබීසී සිංහල සේවයට දැන ගන්නට ලැබුණේ, උමා ඔය ව්‍යාපෘතියට අයත් ටර්බයින් යන්ත්‍ර දෙක ඉහත කී කාන්තාවන් දෙදෙනා නමින් නම් කර තිබීම මෙම විශේෂත්වයට හේතුව බව ය. එක් ටර්බයින් යන්ත්‍රයකට යෙදූ නාමයේ හිමිකාරිය වන දසුනි ලුවිස් සමග කතාබහ කිරීමට බීබීසී සිංහල සේවයට අවස්ථාවක් හිමි විය. 'උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ අහම්බෙන්' - දසුනි ලුවිස් දසුනි ලුවිස්, කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි සිසුවියක වන අතර, මේ වන විට ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වී සිටී. උමා ඔය ව්‍යාපෘතියේ ටර්බයින් යන්ත්‍ර දෙකෙන් එකක් දසුනි නමින් නම් කර ඇති අතර, ඇය එම ව්‍යාපෘතියට සම්බන්ධ වී ඇත්තේ, අහම්බයකින් බව ඇය බීබීසී සිංහල සේවයට පැවසුවා ය. ඇය එම ව්‍යාපෘතියට සම්බන්ධ වී තිබුණේ, 2016 වසරේදී ය. \"මම හස්බන්ඩ් එක්ක එකතු වෙලා ඇල්ල ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගියා. උමා ඔය ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයෙකු විදිහට කටයුතු කරපු කෙනෙක් අපේ හෝටලයට කෑම ඇණවුමක් දීලා තිබුණා. ඒ වැඩකට ආපු වෙලාවක මගේ ඉංග්‍රීසි කථන හැකියාව ගැන ගොඩක් පැහැදිලා මට කිව්වා උමා ඔය ව්‍යාපෘතියට එකතු වෙන්න කියලා. ඊට පස්සෙ ව්‍යාපෘතිය භාරව හිටපු ඉරාන ජාතික කළමනාකාර තුමාවත් එක්කගෙන ඇවිත් මගෙන් ඉල්ලීමක් කළා ව්‍යාපෘති ලේකම් හැටියට වැඩ භාර ගන්න කියලා. ඒ කාලේ ඉරාන ජාතිකයින් සහ ශ්‍රී ලාංකිකයින් අතර භාෂා බාධකයක් තිබිලා තියෙනවා. ඒ නිසා ඒකට විසඳුමක් විදිහට තමයි, මට එන්න කිව්වේ. ඒකට මම කැමති වුණේ නෑ. ඊට පස්සේ ඒගොල්ලො මගේ හස්බන්ඩ්ගෙනුත් අහලා පෙරැත්ත කරපු නිසා අන්තිමට තීරණය කළා රැකියාව භාර ගන්න. මට සම්මුඛ පරීක්ෂණයක්වත් තිබ්බෙ නෑ. කෙලින් ම වැඩ භාර ගන්න කිව්වා,\" දසුනි ලුවිස් අතීතය ආවර්ජනය කිරීම ආරම්භ කළේ, එලෙසිනි. \"මම වැඩ භාර ගත්තාට පස්සේ සම්බන්ධීකරණ වැඩ, වැටුප්වලට අදාළ වැඩ, මුදල් කටයුතු, භාෂා පරිවර්තනය වගේ ගොඩක් වැඩ කළා. ඒගොල්ලො මම වැඩ කරපු විදිහට මට ගොඩක් ගෞරවයෙන් සැලකුවා. ඉරානයේ කට්ටිය ගොඩක් ආචාරශීලී වගේ ම විනයගරුක පිරිසක්. මගේ කාමරයට කිසි ම කෙනෙක් ආවෙ නෑ දොරට තට්ටු නොකර. ඒ වගේ ම, මගේ කම්පියුටර් එක පාවිච්චි කළත්, සමාව ඉල්ලලා හරි ම ආචාරශීලීව වැඩ කළේ.\" \"දවසක් මට ව්‍යාපෘති කළමනාකරු කිව්වා ඔයාගේ නමින් ටර්බයින් එකක් නම් කරන්න තීරණය කළා කියලා. මට එදා හිතුණේ ඒක විහිළුවක් කියලා. හැබැයි ඔවුන් ඒක ඇත්තට ම කළා. මට හිතා ගන්න බැරි තරම් සතුටක් ඒක,\" දසුනි ලුවිස් පැවසීය. 2020 වසරේදී දසුනි ලුවිස් උමා ඔයා ව්‍යාපෘතියෙන් ඉවත් වී තිබිණි. ඊට හේතු වී තිබුණේ, පැනනැගුණු බාධා කිහිපයක් හේතුවෙන් ව්‍යාපෘතිය ටික කලක් නතර කිරීමට සිදුවීම ය. ඒ අනුව, ඉන් ඉවත් වූ දසුනි, කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සූප ශාස්ත්‍ර ගුරුවරියක ලෙස සේවය කරන්නී ය. 'චුලෝචනා' නමැති ටර්බයිනය නම් කිරීමට හේතු වූ සුලෝචනා කවුද? සුලෝචනා යනු ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එවකට පාසල් අධ්‍යාපනය නිම කර සිටි කුඩා දැරියක බව දසුනි ලුවිස් පැවසුවා ය. \"සුලෝචනා සේවය කළේ සංග්‍රහ කරන්නියක් විදිහට වුණත්, ව්‍යාපෘතියේ හැමෝම ඇයටත් සැලකුවේ මට වගේ ම යි. කිසි ම වෙනසක් කළේ නැහැ. එයා ගොඩක් පුංචි ළමයෙක් ඒ කාලේ. ඉරාන ජාතිකයන් සුලෝචනා කියන නම උච්චාරණය කළේ, චුලෝචනා කියලා.\" සුලෝචනා ද පසු කලෙක ව්‍යාපෘතියෙන් ඉවත් වී තිබිණි. \"සුලෝචනා අයින් වුණාට පස්සෙ එයා ගැන තොරතුරක් මට දැන ගන්න හම්බ වුණේ නෑ. මමත් කුරුණෑගල පදිංචියට ආව නිසා මට එයා එක්ක කතා කරන්නවත් බැරි වුණා. මට හරි දුකයි, එයා ගැන. එයා දන්නව ද දන්නෙත් නෑ එයාගෙ නමින් ටර්බයින් එකක් නම් කළා කියලා. සුලෝචනා මේක කොහෙන් හරි දැක්කොත් මම ඉල්ලා සිටිනවා මට ඉක්මනින් කෝල් එකක් දෙන්න කියලා,\" දසුනි වැඩිදුරටත් සඳහන් කළා ය. දසුනි සහ සුලෝචනා නමින් ටර්බයින් නම් කළේ ඇයි? උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ටර්බයින් දෙක දසුනි සහ සුලෝචනා නමින් නම් කිරීමට බලපෑ හේතු කිහිපයක් දසුනි ලුවිස් පැහැදිලි කළා ය. ඇය පැවසූ පරිදි ඊට බලපෑ ප්‍රධාන ම හේතුව, ඉරානයේ සම්ප්‍රදාය අනුව යම් ඉදිකිරීමකට හෝ යන්ත්‍රයකට නමක් යෙදීමේදී කාන්තා නම් භාවිත කිරීම යි. \"මේ ව්‍යාපෘතියේ පිරිමි තුන් සිය දෙනෙක් විතර හිටියා. කාන්තාවන්ට හිටියේ අපි දෙන්නා විතරයි. ඉතින් අපි දෙන්නා ඔවුන්ට කරපු සේවය සලකලා අපේ නම් ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න ඇති. මගේ නමින් ටර්බයින් එකක් නම් කරපු දවසේ මට කිව්වා, \"මේක ඔයා අපි දුන්න කරදර ඉවසගෙන හිටියාට දෙන තෑග්ගක්\" කියලා. ඒ වගේ ඔවුන් අපේ සේවය අගයන්නත් මේක හරහා කටයුතු කළා,\" දසුනි පැවසීය.",
"Title": "උමා ඔය ව්‍යාපෘතියේ ටර්බයින් යන්ත්‍ර 'දසුනි' සහ 'චුලෝචනා' ලෙස නම් කෙරුණේ ඇයි? - දසුනි කතා කරයි"
} |
{
"Text": " විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 24 වැනිදා) නියෝග කළේය. මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පිළිබඳ වැඩිදුර විස්තර ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ආගමන හා විගමන පනත යටතේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන අතර සැකකාර දමිතා අබේරත්නගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය නියෝග කළේ මෙම සැකකරුවන්ට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව ය. ඒ අනුව සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඇප තැබීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටත් නියෝගයක් නිකුත් කළේය. ඊට අමතරව විදේශ ගමන් තහනමක් ද පැනවුණු අතර සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කෙරුණි. 'ආගමන හා විගමන පනත යටතේ විමර්ශන සිදු කරනවා' ( අප්‍රේල් 17 වැනිදා) පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ \"ස්වාමීනී.. විදේශ රැකියා ලබාදන බව පවසා මුදල් ලබා ගැනීම, එම කටයුතු සංවිධානය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදු කරනවා. මීට අදාළව මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යයි. එම වැඩිදුර ප්‍රකාශය ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. මෙය සංකීර්ණ විමර්ශනයක්. මෙම විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා.\" යනුවෙන් සඳහන් කරමින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියහ. 'ආගමන හා විගමන පනත යටතේ සැකකරුවන්ට එරෙහිව කරුණු ඉදිරිපත් වී නැහැ' එම අවස්ථාවේදී දමිතා අබේරත්න ඇතුළු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් \" ස්වාමීනි..... ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමේදී ඊට අදාළ කරුණු සම්පූර්ණ වී තිබිය යුතුයි. එහෙත් මෙම සැකකරුවන් එරෙහිව ආගමන හා විගමන පනත යටතේ කරුණු ඉදිරිපත් වී තිබෙනවාද? යන්න ගැටළු සහගතයි. එම නිසා මෙම සැකකරුවන්ට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ සාක්ෂි ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මොනවාද? යන්න පිළිබඳව වාර්තාවක් කැඳවන ලෙස පොලීසිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි මා ඉල්ලා සිටිනවා. එසේම මෙම සැකකරුවන්ට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කරන්නේ නම් එය විභාග කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලයක් තිබෙනවාද? යන ගැටලුවක් මතු වෙනවා\" යනුවෙන් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මෙම සැකකරුවන්ට එරෙහිව පවතින සාක්ෂි වල සම්පින්ඩනයක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඉන් අනතුරුව සැකකරුවන් ලබන අප්‍රේල් 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී. අප්‍රේල් 05 : දමිතා අබේරත්න සැමියා සමග රක්ෂිත බන්ධනාගාරයට අප්‍රේල් 04 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔවුහු අප්‍රේල් 05 වනදා දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකරන බව යි. විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් අප්‍රේල්17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි. මේ අතර විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඉකුත් දා ( අප්‍රේල් මස 02 වනදා) තීන්දු කළේය. දමිතා අබේරත්න සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. දමිතා අබේරත්න වෙනුවෙන් නීතිඥ අස්තික දේවේන්ද්‍ර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කර තිබුණේ තම සේවාදායිකාවට එරෙහිව පොලීසිය විසින් මුලින්ම දණ්ඩ නිති සංග්‍රහය යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර විමර්ශන සිදු කළ බවයි. ඉන් අනතුරුව ඇයට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ තුළින් තම සේවාදායිකාවට දැඩි අගතියක් සිදුවන බව ද පෙන්වා දුනි. එබැවින් ඇය ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට තීරණය කරමින් පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළේය. ඉන් අනතුරුව පෙත්සම යළි මැයි මස 16 වනදා කැඳවීමට ද නියම කෙරිණි.",
"Title": "දමිතා අබේරත්න : ආගමන හා විගමන පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බව අධිකරණය තීරණය කරයි"
} |
{
"Text": " ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසිගේ සහභාගිත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය අද (අප්‍රේල් 24) විවෘත කෙරිණි. එමගින් මෙගාවොට් 120 ක ජල විදුලි බලයක් නිෂ්පාදනය කෙරෙන අතර බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල කුඹුරු අක්කර 15000කට යල මහ දෙකන්නයේම වගාවන් සඳහා ජලය සපයනු ලැබේ. එමෙන්ම බදුල්ල, මොණරාගල සහ බණ්ඩාරවෙල ප්‍රදේශවලට පානීය ජලය ලබා දීම ද සිදු වේ.මේ ව්‍යාපෘතිය නිසා පිරිසකට ප්‍රතිලාභ ලැබෙන අතරේ ඉඩම් සහ දේපළ අහිමි වූ එතැම්හු අදටත් පීඩා විදිති. මෙම ව්‍යාපෘතිය නිසා ඉඩම් හා දේපල අහිමිවූවන්ට වන්දි සහ විකල්ප ඉඩම් ලබා දීමට රජය පියවර ගෙන තිබුණ ද අදටත් නොවිසඳුණු ගැටලු රැසක් තිබේ.",
"Title": "උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය: ආණ්ඩුව සහ ජනතාව කියන්නේ කුමක්ද?"
} |
{
"Text": " මෑත කාලයේ දී පොලිසිය විසින් සිදු කළ ආන්දෝලනාත්මක වෙඩි තැබීම් කිහිපයක් ම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයක් එල්ල විය. කුරුණෑගල, නරම්මල ප්‍රදේශයේ දී ලොරි රථ රියැදුරෙකුට සිදු කළ වෙඩි තැබීමද එවැනි ආන්දෝලනාත්මක සිදුවීමකි. ඒ සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය තුල නඩු විභාගයක් ද සිදු වන අතර එම ලොරි රථ රියැදුරාව වෙඩි තැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් හඹාවිත් ඇත්තේ ඔහු රථය නොනවත්වා ධාවනය කළේ යැයි පවසමින් ය. තත්වය මෙසේ තිබිය දී අප්‍රේල් 22 දින රත්‍රියේ දී මිල්ලෑව, මොරගහහේන ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් පොලිස් අණ නොතකා ධාවනය කළේ යැයි පොලිසිය විසින් වෙඩි තබා ඇති අතර එයින් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මිය ගොස් තිබේ. තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන එම පුද්ගලයන් පොලිස් අණ නොතකා ධාවනය කිරීමට ප්‍රථම ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සහ කළේ යැයි පොලිසිය විසින් චෝදනා කරයි. මෙලෙස රථයක් නොනවත්වා ධාවනය කිරීමේ දී රථයේ ගමන්ගන්නා පුද්ගලයන් මරණයට පත්වන ආකාරයෙන් වෙඩි තැබීමට පොලිසියට හැකියාවක් තිබේ ද? ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් සොයා බැලීමක් සිදු කරන ලදි. පොලිස් ආඥා පනතේ විධි විධාන වෙඩි තැබිය හැකි අවස්ථා සම්බන්ධයෙන්, 1865 අංක 16 දරන පොලිස් ආඥාපනතේ 55 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව පොලිස්පතිවරයා විසින් නිකුත් කළ පොදු නියෝග ඇතුළත් කරමින්, 1986 දී පොලිස් නිලධාරීන් වෙත නිකුත් කරන ලද පොලිස් අත්පොතෙහි 4.10 වගන්තිය යටතේ විස්තර කර තිබේ. එහි ඇති ආකාරයට, \"තුවක්කු භාවිතා කළ යුතු වන්නේ විශේෂිත අවස්ථාවලදී වන අතර, ඒවා පාවිච්චි කළ යුතු වන්නේ ආත්මාරක්ෂාවට හෝ බරපතල තුවාල හෝ මරණීය තුවාල සිදුවීමට ඉඩ ඇති අවස්ථාවන්වලදී හෝ ඊට අත්‍යාසන්න අවස්ථාවන්වලදී ය.\" එහි වෙඩි තැබීමට හැකි අවස්ථා කිහිපයක් ද විස්තර කර තිබේ. මිනීමැරීම හෝ බරපතල තුවාල සිදුකිරීම, මංකොල්ලකෑම, දේපල සඳහා අනර්ථය සිදු කිරීම, රාත්‍රී කාලයේ දේපල කඩා ඇතුල්වීම, පදිංචි වී සිටින අයකුට බරපතල තුවාල සිදුකිරීමට හෝ මරණය සිදුවීමට හේතුවන පරිදි දිවා හෝ රාත්‍රී දේපලකට පහරදීම වැනි අවස්ථා එහි දක්වා තිබේ. එමෙන් ම වෙඩි තැබීමට ප්‍රථම \"වෙඩි තැබීමට ප්‍රථමයෙන්, එසේ වෙඩිතැබීම වහාම කළයුතු දැයි කල්පනා කර බලනු.\" යනුවෙන් එම නියෝගයේ දැක්වේ. කෙසේ නමුත් වෙඩි තැබිය යුතු ආකාරය, වෙඩි තැබීමේ දී අවම හානියක් වන ආකාරයෙන් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් හෝ කිසිඳු අර්ථකථනයක් මෙහි අඩංගු නොවේ. පිරිසක් රැස්ව කලහකාරී ලෙස හැසිරෙන අවස්ථා හැර අන් අවස්ථා ගැන ද එහි සඳහන් නොවේ. පොලිසිය මොකද කියන්නේ ? අණ නොතකා යන රථ වාහන නතර කර ගැනීම සම්බන්ධයෙන් පොලිසියට ගතහැකි ක්‍රියාමාර්ග මොනවා ද? යන්න පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූවගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය. එහිදී ඔහු කියා සිටියේ පොලිසියට ගත හැකි පළමු පියවර යතුරු පැදියක් හෝ වෙනත් වාහනයකින් අදාළ රථය පසුපස ලුහුබැඳීම බවය. දෙවැනි ක්‍රියාමාර්ගය ලෙස අවට පොලිස් ස්ථාන හෝ අවශ්‍යතාව පරිදි දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත, පොලිස් අණ නොතකා රථයක් ධාවනය කරන බවට දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. තුන් වැනි ක්‍රියාමාර්ගය ලෙස වාහනය පසුපස ගොස් වාහනය නතර කරන ලෙස දැනුම් දීමට යළි පියවර ගන්නා බවත් ඔහු පැවසීය. “අපි හිතමු සංඥා කලාම නැවතුනේ නැහැ. ඒ නැවතුනේ නැත්තේ දැක්කෙ නැති නිසා හෝ හියුමන් එරර් එකක් නිසා වෙන්න පුළුවන් නේ. හියුමන් එරර් ඒකක් වුනොත් පොලිසිය කියලා දැනගත්තොත් ෆලෝ කරන කොට නවත්වනවා නේ. පොලිසිය අපි කියලා නවත්තන්න... නවත්තන්න කියලා නවත්තන්නේ නැතිව යනවා කියන්නේ ප්‍රශ්නයක් නේ. අන්න ඒතකොට අපි උත්සහ කරනවා නවත්ත ගන්න යම් කිසි උපක්‍රමයක්. අපිට හිතුනොත් තවදුරටත් මේ ගොල්ලෝ ළඟ සැකයක් තියෙනවා කියලා අපි වාහනයට.. ටයර් එකට වෙඩි තියලා අපි නවත්ත ගන්න උත්සහ කරනවා.” “ඒ පැත්තෙන් වෙඩි තැබීමක් වුනොත්, ඒ ගොල්ලෝ වෙඩි තැබීමක් කලොත් වෙඩි තියනවා. නැත්නම් වෙඩි තියන්නේ නැහැ. ෆලෝ කරලා ෆලෝ කරලා අපි කොහොමහරි ගන්න බලනවා.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. “ඒගොල්ලන්ගෙන් අපිට හානියක් වෙන ආකාරයේ ආයුධයක්..වෙඩි තැබීම කියලා නැහැ. ජීවිතය රැක ගන්න අපි ඒකට සාපේක්ෂ බලයක් පාවිච්චි කරනවා.” “දැන් මේ සිද්ධියෙදී වෙඩි තැබීම් දෙසැරයක්ම සිද්ධ වෙනවා. මුලින්ම රෝඩ් බ්ලොක් එකේදී ඒගොල්ලෝ වෙඩි තියෙනවා. ඊට පස්සෙත් වෙඩි තියනවා. ඒකෙන් ජීප් ඒකට තමා හානි වෙන්නේ.” “මේ වගේ කාරණයකදී රථය නතර කර ගැනීම සඳහා අපි සාධාරණ බලයක් පාවිච්චි කරනවා. හැබැයි අපි වෙඩි තැබීම කියන ඒකට යන්නේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය රැක ගන්න අවස්ථාවක් උදා වුනොත් තමයි. පුද්ගලික ආරක්ෂාවේ අයිතිය රැක ගන්න වුනොත් ඒකට ක්‍රමවේදයක් පාවිච්චි කරන්න වෙනවා නේ.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. 'පවතින නීතියේ හිඩැසක් තිබෙනවා' රථවාහන පොලිස් අණ නොතකා ධාවනය කිරීමේ දී ඔවුන් නවත්වාගැනීමට අවශ්‍ය බලය යෙදවීමට පොලිසියට වෙඩි තැබීමට ඇති බලය සහ ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා යම් සම්මතයක් තිබේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතීඥ කුසල් කාවින්ද අමරසිංහගෙන් විමසීමක් කරන ලදි. කථිකාචාර්යවරයා පෙන්වා දුන්නේ එවැනි ජාත්‍යන්තර වශයෙන් පොදුවේ පිළිගත් නියමයක් නොමැති බවයි. ශ්‍රී ලංකාව තුළ පවතින නීති රාමුව අනුව ඉහත විස්තර කළ පොලිස් ආඥාපනත ප්‍රකාරව උපදෙස් ලබා දී ඇති නමුත්, වෙඩි තැබීමක දී වෙඩි තැබිය යුතු ආකාරය පිළිබඳව හෝ කලහයක දී නොවන වෙනත් අවස්ථාවකදී, එනම් අණ නොතකා රථයක් නොනවත්වා ධාවනය කිරීමකදි වැනි අවස්ථාවලදී වෙඩිතැබිය යුතු ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපාදන නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. \"ඕනෑම පුද්ගලයෙක් අධිකරණයකින් වරදකරු වෙන්න ප්‍රථම නිර්දෝෂී පුද්ගලයෙක් හැටියටයි සලකන්නේ. ඒ කියන්නේ ඔහු හෝ ඇය සැකකරුවෙක් පමණයි. පොලිසිය සැමවිටම උත්සහ කරන්න අවශ්‍ය ඒ සැකකරුව ජීවග්‍රහයෙන් අල්ලාගෙන, ඔහුට එරෙහි සාක්ෂි තිබෙනවා නම් ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීම. ඒක පොලිස් නිලධාරියෙකු සතුව පැවතිය යුතු වගකීමක්. \" \"ගිනි අවියක් තිබූ පමණින් පොලිස් නිලධාරියෙකුට වෙඩි තියන්න හැකියාවක් නෑ. ඒ කලහය හෝ ගැටළුකරී තත්වය මැඬපවත්වා ගැනීමට වෙඩි තැබීම අත්‍යවශ්‍යයි කියලා නිලධාරියාට සිතෙනවා නම් පමණයි වෙඩි තැබීමක් සිදු කරන්න පුලුවන්. ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් සැකකරුවෙකුට වෙඩි තබන්න පොලිස් නිලධාරියෙකුට බලයක් නෑ,\" ඔහු පෙන්වා දෙයි. නමුත් නිශ්චිත නීතිමය සීමාවන් නැති වීම ගැටළුවක් බව කථිකාචාර්යවරයා පෙන්වා දෙයි. \"වාහනයක් නැවැත්වීමට වෙඩි තැබිය යුත්තේ කෙසේද, එහෙමත් නැතිනම් දණහිසෙන් පහළට වෙඩි තබන්න ඕනෑ වගේ පිළිගැනීම් ගැන කිසිම නිශ්චිත නීත්‍යානුකූල සඳහනක් නෑ. මේ සමබ්න්ධයෙන් තියෙන්නේ පොලිස් ආඥා පනත යටතේ පොලිස්පතිවරයා නිකුත් කළ පොදු නියෝග පමණයි. ඒ නිසා ඒ එක එක ආකාරයෙන් වෙඩි තැබීම් සිදු කරනවා.වාහනයක් නවත්වාගන්න නම් වාහනයේ ටයර්වලට හෝ වාහනයට වෙඩි තබා නවත්වාගන්න පුළුවන්. නමුත් එහෙම නිශ්චිත නියමයක් නෑ\" ඔහු පෙන්වා දෙන්නේ එවැනි වෙඩි තැබීමක දී පොලිස් නිලධාරීන්ට දණ්ඩනීති සංග්‍රහය තුළ ව්‍යතිරේඛයක් පවතින බවයි. \"වෙඩි තැබීමකින් මේ විදිහට පුද්ගලයෙක් මිය ගියා ම තමන් සද්භාවයෙන් රාජකාරියේ යෙදී සිටිය දී රාජකාරිය සඳහා වෙඩි තැබුවා කියන විත්තිවාචකය අනුව ඔවුන් මිනීමැරුමක් කළා කියලා සලකන්නේ නැතිව ඉන්න ව්‍යතිරේඛයක් තියෙනවා.ඒ නිසා නිශ්චිත නියෝග හෝ උපදෙස් නොමැති වීම විශාල ගැටළුවක්.\" 'වින්දිතයන්ට මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුළුවන්' එහි දී අප විමසා සිටියේ මෙවැනි අවස්ථාවක වින්දිත පාර්ශවයට ගත හැකි පියවර මොනවාද යන්නයි. \"රථවාහන සම්බන්ධ හෝ එවැනි පොලිස් වෙඩි තැබීමකින් මිය ගිය සිදුවීමක දී මිය ගිය පුද්ගලයාගේ පවුලේ අයට හැකියාවක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට. 2010 දී ඇඹිලිපිටිය පොලීසියේ දී සිදු වූ සැකකරුවකුගේ මරණයක් සම්බන්ධයෙන් මරණකරුගේ බිරිඳ විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක (රත්නායක තරංගා ලක්මාලි එ. නිරෝෂන් අබේකෝන් ඇතුළු තවත් අය - SC/FR 577/ 2010 ) තීන්දුව 2019 වසරේ දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථනිරූපණය කළා රජයට කිසිම කෙනෙක්ගෙ ජීවිතය අත්තනෝමතික උදුරාගන්න බෑ කියලා. ඒ පදනම යටතේ පොලිසිය විසින් තමන්ට සිදු කළ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් හෝ මරණයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට වින්දිත පාර්ශවයට අයිතිය තිබෙනවා.\" මීට අමතරව වින්දිතයා වධ හිංසාවට හෝ අඩම්තේට්ටම්වලට ලක්ව ඇති අවස්ථාවක දී අපරාධ නඩු ගොනු කිරීමේ හැකියාව පවතින බව ද ඔහු පෙන්වා දුන්නේ ය. 'වෙඩි තැබීම් ගැන නිර්දේශ පොලිසියට මෙතෙක් යවා නෑ' අත්අඩංගුවේ සිටින සැකකරුවන් මිය යාම සහ පහරදීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලිසියට නිර්දේශ සහ උපදෙස් ලබා දී ඇති නමුත් මෙතෙක් රථවාහන වලට වෙඩි තැබීම් සම්බන්ධයෙන් කිසිදු නිර්දේශයක් යවා නොමැති බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු වන නිමල් පුංචිහේවා පවසයි. එවැනි සිදුවීමක් සිදුවූ වහාම ජනතාව ඒ බව මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීම සිදු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේ ය. \"මෑතක දි වෙඩි තැබුවා කිවුවාට අපට වාර්තා වුණේ නාරම්මල සිදුවීම විතරයි. ඒ ගැන අපේ පරීක්ෂණ නිර්දේශ අධිකරණයට යවලා තියෙනවා. නමුත් අනෙක් සිදුවීම් ගැන අපට පැමිණිලි ලැබිලා නෑ. ජනතාව අපට පැමිණිලි ඉදිරිපත් කරනවා නම් අපට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා.\"",
"Title": "අණ නොතකා වාහනය පදවන්නන්ට උරුම වෙඩි කා මිය යාම ද?"
} |
{
"Text": " ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (අප්‍රේල් 24 වැනිදා) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් 2022 වසරේ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කළේය. දිසා විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ 2019 සහ 2021 වසර වල පක්ෂයේ විධායක සභාව පත්වූ ආකාරය පිළිබඳව පෙත්සම්කරු අභියෝගයට ලක්කර ඇති බව ය. ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීන්දු කළ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම ස්ථිර අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණි. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදාළ පැමිණිල්ලේ විත්තිකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් නීතිඥ ජයමුදිතා ජයසූරිය පෙනී සිටිමින් පෙරකලාසි ඉදිරිපත් කළාය. ඉන් අනතුරුව නඩුවට අදාළ උත්තර ජුනි මස 24 වැනි දා ඉදිරිපත් කරන ලෙසත් දිසා විනිසුරුවරයා නියෝග කළේය. පෙත්සම්කාර මොන්ටේගු සරත්චන්ද්‍ර කියා සිටින්නේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජික වශයෙන් කටයුතු කරන බව ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට අනුව පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපතිවරයෙකු විශ්‍රාම යාමෙන් පසුව ඔහු නිල බලයෙන් පක්ෂයේ අනුශාසක ධුරයට පත් කරන බව ඔහු පෙන්වා දුන්නේය. එහෙත් මෛත්‍රිපාල සිරිසේන, ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුවත් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් අත්තනෝමතික ආකාරයෙන් රැඳී සිටීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව පැමිණිලිකරු කියා සිටියි. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය ( අප්‍රේල් 18) නියෝග කරන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් අප්‍රේල් 04 වනදා එම වාරණ නියෝගය නිකුත් කළේය. එම පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ මෙදින යළිත් කැඳවනු ලැබිණි. එම අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල සහ පක්ෂයේ උප සභාපතිවරුන් වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් පෙරකලාසි අධිකරණය හමුවේ ගොනු කළහ. ඉන් අනතුරුව නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ කොළඹ දිසා විනිසුරුවරයා දෙපාර්ශවයේ එකඟත්වය සහිතව දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා දීර්ඝ කරන බව නියෝග කරන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීර්ති නාමයට දැඩි හානියක් කර ඇති බවට චෝදනා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමේ සඳහන් කර තිබුණේ මෛත්‍රිපාල සිරිසේන පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කිරීම නිසා පක්ෂයට විශාල හානියක් සිදුවූ බව ය. පක්ෂයේ සභාපතිවරයා මෙන්ම රටේ සේනාධිනායකයා වශයෙන් ද කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම නිසා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය උද්ගත වූ බව පෙත්සමේ සඳහන් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ළමුන් ඇතුළු පුද්ගලයින් 269 දෙනෙකු මිය ගොස් තවත් 500 පමණ තුවාල ලැබූ බවත් පෙන්වා දෙන පැමිණිලිකාරීය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වලින්ද මෛත්‍රිපාල සිරිසේන වරදකරු වී ඔහුට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවීමට නියම කෙරුණු බවත් පෙත්සමේ දක්වා තිබේ. එසේම මෛත්‍රීපාල සිරිසේන තමන්ට ලැබුණු ජනවරමට පිටුපාමින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම තනතුරින් නීති විරෝධී ලෙස ඉවත්කොට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති පාර්ශවයකට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට කටයුතු කළ බවත් එම ක්‍රියාව තුළින් මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට අධිකරණය විසින් ද තීන්දු කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි. මේ මගින් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝණය කරමින් ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවක ආණ්ඩු කිරීම වැළැක්වීමට ක්‍රියා කළ බවත් චෝදනා කර තිබේ. එසේම මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වය යටතේ පක්ෂයෙහි අභිවෘද්ධිය සඳහා කලක් තිස්සේ ක්‍රියා කළ ප්‍රබල ක්‍රියාකාරිකයින් රැසක්ම අත්තනෝමතික ආකාරයෙන් නෙරපා හැරීමට ඔහු කටයුතු කර ඇති බවත් පෙත්සමෙන් එල්ල කර තිබෙන තවත් චෝදනාවකි. 2015 වසරේ පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ ආසන 95 ක් දිනා ගැනීමට හැකි වුවද මෛත්‍රිපාල සිරිසේනගේ අත්තනෝමතික හා ඒකාධිපති පාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් එම මන්ත්‍රී සංඛ්‍යාව මේ වන විට කුඩා සංඛ්‍යාවක් බවට පත්ව තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපතිවරයෙකු ඉන් විශ්‍රාම ගිය පසු ඉබේම ඔහු පක්ෂයේ අනුශාසක ධුරයට පත්වන නමුත් මෛත්‍රීපාල සිරිසේන ධුරයෙන් විශ්‍රාම ගිය පසුව ද අත්තනෝමතික ලෙස සභාපති ධුරයේ රැඳී සිටීම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන පැමිණිලිකාරිය ඔහුට එම ධුරයේ රැඳී සිටීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත් සඳහන් කර තිබේ. විත්තිකාර මෛත්‍රිපාල සිරිසේනගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ලංකා නිදහස් පක්ෂයේ කීර්ති නාමයට දැඩි හානියක් සිදු වී ඇති බවත් එබැවින් ඔහුට පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට නෛතික සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් චන්ද්‍රිකා කුමාරතුංග සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. පැමිණිල්ලිකාර චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් පූර්ණිමා රත්නායක, අමිල දිසානායක යන නීතිඥවරු සමග ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කරුණු ඉදිරිපත් කළහ.",
"Title": "මෛත්‍රිපාල සිරිසේන: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණය දුන් ස්ථිර අතුරු තහනම් නියෝගය කුමක් ද?"
} |
{
"Text": " මැදපෙරදිග පවතින යුද උණුසුම මැද එහි ප්‍රබල පාර්ශවකරුවෙකු වන ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි අද (අප්‍රේල් මස 24 වෙනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේය. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව ය. දින 03ක පකිස්ථාන නිල සංචාරයක් නිමා කරමින් ඉරාන ජනාධිපතිවරයා අද පෙරවරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය. ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේ ඇමෙරිකානු මෙරීන් බලකා සාමාජිකයින් පිරිසක් ද ත්‍රිකුණාමලයට පැමිණ සිටින අවස්ථාවකදී ය. ඒ, එම මෙරීන් බලකා සාමාජිකයින් දිවයිනට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහාය. ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරය කරන්නේ ඇයි ? ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන්නේ ද්වි පාර්ශ්වීය මුල්‍ය ආධාර මත ඉදිකෙරුණු උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. මෙම සංචාරය තුළදී ඉරානය සහ ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 05 කටද අත්සන් තැබීමට නියමිතව ඇති බව කොළඹ ඉරාන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල වෙත තහවුරු කළේය. ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි බීබීසී සිංහල වෙත කියා සිටියේ දේශපාලන, සංස්කෘතික මෙන්ම ආර්ථික වශයෙන් දෙරට අතර ඈත අතීතයේ සිට හොඳ සම්බන්ධතාවයක් පැවති බව ය. \"ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව සහ ඉරානය අතර හොඳ සම්බන්ධතාවයක් පැවතුණා. ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් සම්බාධක පැනවීමට පෙර.\" \"ශ්‍රී ලංකාව ඉරානයෙන් ඉන්ධන මිලදී ගැනීම සිදුකළා. ඒ වගේම අද ලංකාවේ තියෙන එකම ඉන්ධන පිරිපහදුව අපට ලබා දුන්නෙත් ඉරානය.\" \"මීට අවුරුදු 10 කට කලින් උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඉරානය ලංකාවට ආධාර සැපයුවේ. නමුත් ඒක ඇතිවුණ යම් අවාසනාවන්ත සිදුවීම් නිසා ප්‍රමාද වුණා.\" \"මේ ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට අධික වටිනාකමකින් යුත් ව්‍යාපෘතියක්.\" \"ඉරාන ජනාධිපතිතුමා සිය ආසියානු සංචාරය අතර වාරයේදී ලංකාවට පැමිණ මේ ව්‍යාපෘතිය විවෘත කිරීම මෙරට ආර්ථිකයට ලොකු හයියක් වෙනවා.\" විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය. මේ අතර පසුගිය දස වසරක කාලය තුළ දී අහිමිවී තිබු වෙළෙඳපොළ නැවත ඇති කරමින් ශ්‍රී ලංකාවේ තේ අපනයන වෙළෙඳපොළ ශක්තිමත් කරමින් ඉරානය පසුගිය දෙවසරක කාලය තුළදී ශ්‍රී ලංකාවේ තේ වැඩි වශයෙන් මිලදී ගන්නා රට බවට පත්වෙමින් අපනයන ආර්ථිකයට ශක්තියක් ලබාදී ඇති බවද විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පැවසුවේය. ‘අනිත් අයගේ හතුරෝ අපේ හතුරෝ නෙමෙයි’ ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රි ලංකා සංචාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව නොසතුට පළකර අති බවට පසුගිය දින කිහිපයේදී ඇතැම් මුද්‍රිත මාධ්‍ය වල පළ කර තිබු පුවත සම්බන්ධයෙන් ද බීබීසී සිංහල විසින් අමාත්‍ය අලි ස්බ්රි ගෙන් විමසීමක් කරන ලදී. ඊට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබා දුන්නේය. \" නැහැ.. ඇත්තටම අපිට කවුරුවත් කනස්සල්ල හෝ විරුද්ධත්වය පළකරලා නැහැ.\" \"අනිත් අයගේ හතුරෝ අපේ හතුරෝ නෙමෙයි. \" \"ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ඇවිල්ලා සියල්ලන්ටම මිත්‍රත්වයේ දෑත දික් කරනවා. කිසිවෙකුත් සමග පස මිතුරු සම්බන්ධකමක් පවත්වාගෙන යන්නේ නැහැ. ඒ විදේශ ප්‍රතිපත්තිය උඩ කටයුතු කරමින් අපිත් එක්ක වැඩ කරන අයත් එක්ක වැඩ කරනවා.\" \"අනිත් එක ඉරාන ජනාධිපතිතුමාගේ සංචාරය අද ඊයේ හදිසියේ සැලසුම් කරපු එකක් නෙමෙයි.\" \"උමා ඔය ව්‍යාපෘතිය ඉවර කරලා අපිට දිගටම අවශ්‍ය වෙලා තිබුණා එතුමාට විවෘත කිරීමට එන්න කියන්න.\" \"පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මම ඉරානයේ සංචාරයක් සඳහා ගිය අවස්ථාවේදී ජනාධිපතිතුමා මට උපදෙස් දුන්නා ඉරාන ජනාධිපතිතුමාට නිල ආරාධනාවක් කරන්න කියලා. එතැනින් තමයි මේක පටන් ගත්තේ.\" \"හැම තැනම වෙන දේවල් නිසා අපේ සම්බන්ධකම් පළුදු කර ගන්න අවශ්‍යතාවයක් නැහැ.\" \"අපි ස්වාධීන රටක් ලෙස නොබැඳි මිතුරු විදේශ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ.\" අමාත්‍යවරයා පැවසීය. ‘මෙම සංචාරයේ දී අපිට වාසි වගේම අවාසිත් තියෙනවා’ ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ජාත්‍යන්තර මෙන්ම ආර්ථික සහ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම කෙසේද යන්න බීබීසී සිංහල,ජාත්‍යන්තර සබඳතා පර්යේෂක සහ උපදේශක ආචාර්ය හසිත් කන්දඋඩහේවාගෙන් විමසීමක් කළේය. ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය මගින් වාසි මෙන්ම අවාසි කිහිපයක් මතුවීමේ හැකියාවක් පවතින බවය. \"මුලින්ම කියන්න ඕන ඊශ්‍රායල් සහ ඉරානය අතර අප්‍රේල් මස 13 වෙනිදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට පෙර ඉදලා ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රහිම් රයිසි ගේ ශ්‍රී ලංකා සංචාරය සැලසුම් කර තිබුණේ.\" \"මේ සංචාරයත් එක්ක ලංකාව එක්තරා ආකාරයේ රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට මුහුණ පාලා තියෙනවා.\" \"මොකද අනෙකුත් බටහිර රටවල් ප්‍රතික්ෂේප කරද්දී ශ්‍රි ලංකාවේ පැවතුණු සිවිල් යුද්ධයේදී ඊශ්‍රායලය යුදමය වශයෙන් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආධාර කරපු රටක්.\" \"අනෙක් පැත්තෙන් මේ වෙද්දී ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, රැකියා මෙන්ම විවිධ වාණිජ ගිවිසුම් ක්‍රියාත්මකයි.\" \"මේ නිසා ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය යම් ආකාරයකින් ඊශ්‍රායලය සමග පවතින සබඳතාවන්ට යම් පසුබෑමක් ඇති කරන්න පුළුවන්.\" \"අනෙක් අතින් බැලුවම ඇමෙරිකාව ඇතුළු බටහිර කඳවුර ඊශ්‍රායලයේ සහයට ඉන්නවා.\" \"එතකොට මේ වෙනකොට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැපිළිවෙලත් එක්ක ඉන්න නිසා අපිට වැදගත් වෙනවා ඇමෙරිකාව ඇතුළු ඒ බටහිර රටවල සහාය මේ වැඩපිළිවෙලට.\" \"ඒ අතින් බැලුවම ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයත් එක්ක බොහෝ විට ඇමෙරිකාව ඉදිරියේදී නිල වශයෙන් මේ ගැන සිය විරෝධතාවය ලංකාවට දක්වන්න ඉඩ තිබෙනවා.\" ඔහු පැවසීය. ආචාර්ය හසිත් කන්දඋඩහේවා වැඩිදුරටත් පැවසුවේ බටහිර රටවල් මෙන්ම ශ්‍රී ලංකාවට ඉරානය සමග පවතින සබඳතාවය ගැඹුරු බව ය. ශ්‍රී ලංකාවේ තේ ඇතුළු අපනයන භාණ්ඩ මිලදී ගන්නා ප්‍රධාන රටක් වන ඉරානයට මෙම අවස්ථාවේදී මෙරට සංචාරය සඳහා නොපැමිණෙන ලෙස දැනුම් දුනහොත් එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රබල පහරක් වනු ඇති බව ද ඔහු පැවසීය. එමෙන්ම මෙවැනි තත්ත්වයක් මත ඉදිරියේදී ඉරානයෙන් ලංකාවට ලැබීමට හැකි ආර්ථික සහයෝගීතාවයන් අහිමි වී යාමට ද ඉඩ පවතින බව ඔහු සඳහන් කළේය. ඉරාන ජනපතිගේ සංචාරය සහ රටේ අභ්‍යන්තර දේශපාලනය ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රි ලංකා සංචාරය රටේ අභ්‍යන්තර දේශපාලනමය වශයෙන් ද වැදගත් භූමිකාවක් නිරූපණය කරනු ඇති බව ආචාර්ය හසිත් කන්දඋඩහේවා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය. \"මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බටහිර රටවලට නැඹුරු විදේශ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ.\" \"මේ වසරේ අග භාගයේදී බොහෝ දුරට රටේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. මේ වගේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත කාල සීමාවක මෙරටේ මුස්ලිම් ප්‍රජාවගේ ඡන්දය ඉතා වැදගත් වනවා.\" \"යම් විදිහකින් ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය ලංකාවේ ඉල්ලීමක් මත අවලංගු කරන්න වුනොත් ඒකෙන් රටේ අභ්‍යන්තර දේශපාලනයට බලපෑමක් වෙන්න පුළුවන්.\" \"විශේෂයෙන් මුස්ලිම් ඡන්ද පදනම වගේම රජයේ ඉන්න මුස්ලිම් දේශපාලඥයින් විරෝධය පළ කරන්න පුළුවන්.\" මොකද්ද මේ උමා ඔය ව්‍යාපෘතිය කියන්නේ ? එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩිනෙජාඩ්ගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව වැල්ලවාය, අලිකොටආර ප්‍රදේශයේදී 2008 අප්‍රේල් 29 වැනිදා දින මුල් ගල් තබමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට අධිකය. ඊට ඉරානය මෙන්ම ශ්‍රී ලංකාව මුල්‍ය දායකත්වය සපයා තිබේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය (UOMDP) ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛ ව්‍යාපෘතියක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීම ය. මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය. සුළු සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් වෙන්වූ ටර්බයින් යන්ත්‍ර මේ අතර උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ භූගතව ස්ථානගත කර ඇති ටර්බයින යන්ත්‍ර දෙක හරහා මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කෙරේ. එම ටර්බයින යන්ත්‍ර දෙක සුළු සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර ඇත. මීටර 300ක් පමණ ගැඹුරක සිට ඉංජිනේරුවන් සහ කම්කරුවන්ට සහය වෙමින් තේ පැන් ආදිය සකසා දුන් සුලෝචනා සහ දසුනි යන සේවිකාවන් දෙදෙනාට ගෞරවයක් ලෙස ඉරාන ජාතිකයින් ඔවුන්ගේ නම් එම යන්ත්‍ර දෙකට තබා ඇති බව සඳහන් ය. එක් සේවිකාවගේ නම සුලෝචනා වුවත් ඉරාන ජාතිකයින්ගේ උච්චාරණය අනුව එය නම් කර ඇත්තේ චුලෝචනා ලෙස ය. උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇතිවූ හානිය මහත් ආන්දෝලනයට ලක්වූ උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 13,000ක් පමණ හානියට පත්වූ බවත් පවුල් 500 කට අධික සංඛ්‍යාවකට සිය නිවෙස් අහිමි වූ බවත් උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සහ ජාතික ජනබල වේගය පක්ෂයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසීය. \"ආණ්ඩුව මේ වෙලාවේ වැරදි මතයක් සමාජ ගත කරන්න හදනවා විශාල ප්‍රතිලාභයක් ගෙනත් දුන්න ව්‍යාපෘතියක් අඩපණ කරන්න ඒ කාලේ අපි කිසිදු සාධාරණ හේතුවකින් තොරව විරෝධතා දැක්වුවා සහ බාධා කළා කියලා. ඒක සහමුලින්ම වැරදි.\" \"මෙම ව්‍යාපෘතියට මුල් ගල තැබීම ම රටේ නීතියට අනුව වැරදි. ඒ මුල්ගල තැබීම නීතිවිරෝධී කියලා අපි කියන්නේ ජාතික පාරිසරික පනතට අනුව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන්න පෙර පාරිසරික ශක්‍යතා වාර්තාවක් සකස් කරලා එය අනුමත කර ගත්තාට පස්සේ.\" \"අපි අධිකරණයට යද්දී ආණ්ඩුව කළේ බාගෙට කරගෙන යමින් තිබු ව්‍යාපෘතිය වෙනුවෙන් පාරිසරික ශක්‍යතා වාර්තාවක් හදලා ඒක ඉදිරිපත් කරලා වැඩ කටයුතු ඉදිරියට කරගෙන ගියා.\" \"එහෙම කරන් යද්දී මහා විනාශයක් වෙන්න පටන් ගත්තා. ඒ නිසා අපි උද්ඝෝෂණ උත්සන්න කරන්න පටන් ගත්තා. \" \"ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට සංවර්ධන ව්‍යාපෘතියක් නිසා පීඩාවට විනාශයට පත්වෙච්ච ගම්බිම් වෙනුවෙන් සහන සලසන්න කියලා රාජ්‍ය ආයතනයක් පිහිටෙව්වේ මේ උමා ඔය ව්‍යාපෘතියයි.\" \"බණ්ඩාරවෙල නගරයේ 'උමාඔය සහන ලේකම් කාර්යාලය' කියලා පිහිටුවලා අමාත්‍යාංශ ලේකම්වරයෙක්, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස පත් කරලා පිඩාවට පත්වූ ජනතාවට සහන සලසන්න පටන් ගත්තා.\" \"ඒ කාර්යාලය මාසිකව නිකුත් කරපු වාර්තා අපි සතුව තිබෙනවා. ඒ වාර්තා අනුව මෙ වෙද්දී උමා ඔය ව්‍යාපෘතිය නිසා සම්පුර්ණයෙන්ම හානියට පත්වූ නිවාස සංඛ්‍යාව 13,000ක්.\" \"දැන් මාස දෙකකටත් උඩදී විදුලි බලාගාරයේ සිට මීටර් 500ක් දුරින් පිහිටි නිවාස 7ක් විනාශ වුණා වැසි තත්ත්වය එක්ක ඇතිවූ නාය යෑම් නිසා.\" \"මේ ව්‍යාපෘතිය නිසා සම්පුර්ණයෙන්ම නිවෙස් වලින් ඉවත් කරපු පවුල් සංඛ්‍යාව 506ක්. මේ විනාශය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 කට බලපෑම් එල්ල කර තිබෙනවා.\" \"මේ ජනතාවට තමන්ගේ නිවාස, කුඹුරු ගොවි බිම් හානි වුණා වගේම ජන ජීවිතයට විශාල වශයෙන් බලපෑම් එල්ල වුණා.\" \"අපි සංවර්ධන ක්‍රියාවලිය නිසා මිනිසුන්ට වගේම පරිසරයට වෙලා තිබෙන හානිය ගණනය කරලා නැහැ තවම. ඒ නිසා මේ ව්‍යාපෘතිය හරහා මෙච්චරක් ලාභයි කියලා ගණනය කරලා කියන කතා ගැනත් අපිට අහන්න ලැබෙනවා.\" \"මේ උමා ඔය ව්‍යාපෘතිය කරන තෙවන විවෘත කිරීම ජනතා මුදල් වියදම් කරලා.\" \"එක පාරක් ලොකු මහජන මුදලක් වියදම් කරලා උමා ඔය හදලා ඉවරයි කියලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විවෘත කිරීමක් කළා.\" \"ඒ වගේම රාජක්ෂවරු විවෘත කළා, දැන් අද රනිල් රාජපක්ෂ විවෘත කිරීමක් කරනවා.\" \"මේ ව්‍යාපෘතියට මුල්ගල තියෙන උත්සවයට කොපමණ මුදලක් වැය වුනාද කියලා එවකට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව ඉද්දි වාරි මාර්ග ඇමති චමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කරලා ඇහුවම ඔහු කියා සිටියා ලක්ෂ වලින් ගත්තොත් ලක්ෂ 287ක් ගියා කියලා.මේ හරහා අතයට සිදුවුණු ගණුදෙනු පවා තිබෙනවා.\" \"මේ ව්‍යාපෘතිය නිසා පරිසරයට සිද්ධ වුණු හානිය තවම අවසන් නැහැ. අනාගතයේ නාය යෑම්, ගිලා බැසීම් වාගේ දේවල් වලට අපේ අනාගත දරු පරපුරට මුහුණ දෙන්න වෙයි.\" \"කියන්න තියෙන්නේ අධිකරණයට ගිහින් හානියට පත්වුණු ජනතාවට කොහොම හරි වන්දී අරන් දුන්නට පරිසරයට, ගහට කොළට සිද්ධ වුණු හානියට වන්දි අරන් දෙන්න විදිහක් නැහැ කියලා.\" ඔහු කියා සිටියේය. ඇමෙරිකානු මෙරීන් භටයින්ගේ හමුදා අභ්‍යාසය ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ ( අප්‍රේල් මස 21 වෙනිදා) ඇමෙරිකානු නාවික හමුදාවේ මෙරීන් භටයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේ දී ආරම්භ කෙරුණු බවට ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිල වශයෙන් නිවේදනය කරන ලදී. \"අප්‍රේල් 22 සිට 26 වැනි දින දක්වා ත්‍රිකුණාමලයේ දී Cooperation Afloat Readiness and Training (CARAT) Sri Lanka 2024 අභ්‍යාසය\" පැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන් වේ. ඇමෙරිකා එක්සත් ජනපද බලඇණි ත්‍රස්ත මර්දන ආරක්ෂක කණ්ඩායම (FAST), නාවික අංශයේ ආරක්ෂාව සහ ත්‍රස්ත මර්දනය සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් දක්වන මැරීන් බලකායේ විශේෂ ඒකකයක් මෙම අභ්‍යාසය සඳහා එක්ව සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. ඊබ්‍රාහිම් රයිසි යනු කවුද ? 1960 දෙසැම්බර් 14 වනදා උපත ලබා ඇති ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි එරට ප්‍රතිපත්තිවාදී දේශපාලනඥයෙකි. එමෙන්ම ඔහු මුස්ලිම් නීතිවේදියෙකි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ අටවැනි ජනාධිපතිවරයා වන්නේ ද ඊබ්‍රාහිම් රයිසි. ඔහු 2021 මැතිවරණයෙන් ජනාධිපති ධූරයට තේරී පත්වීමෙන් පසුව, 2021 අගෝස්තු 3 සිට ඉරානයේ ජනාධිපති ධූරය හොබවනු ලබයි. ඊබ්‍රහිම් රයිසි 2004–2014 දක්වා ඉරානයේ අධිකරණ පද්ධතියේ නියෝජ්‍ය අගවිනිසුරු ලෙසත්, 2014–2016 දක්වා නීතිපති ලෙසත් සහ 2019–2021 දක්වා අගවිනිසුරු ලෙසත් කටයුතු කර තිබේ. ඔහු 1980 සහ 1990 ගණන් වලදී ටෙහෙරානයේ නියෝජ්‍ය නීතිපතිවරයා සහ නීතිපති ලෙස ද කටයුතු කර තිබේ. ඔහු 2006 මැතිවරණයෙන් ප්‍රථම වරට තේරී පත් වූ දකුණු කොරාසන් පළාතේ විද්වතුන්ගේ රැස්වීමේ සාමාජිකයෙකි. ඊබ්‍රහිම් රයිසි 2017 දී ඉස්ලාමීය විප්ලවීය බලකායේ කොන්සර්වේටිව් ජනප්‍රිය පෙරමුණේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර හිටපු ජනාධිපති හසන් රොහානී හමුවේ පරාජයට පත්විය. එමෙන්ම ඊබ්‍රහිම් රයිසි 1988 දී ඉරානයේ දේශපාලන සිරකරුවන් දහස් ගණනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නඩු පවරන කමිටුවේ සිටි සිව් දෙනාගෙන් එක් අයෙක් වේ. එබැවින් ඔහු \"මරණ කමිටුව\" ලෙස බටහිර රටවල් විසින් නම් කර ඇත. 13876 විධායක නියෝගයට අනුව ඇමෙරිකානු විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් ඔහුට සම්බාධක පනවා තිබේ. එමෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් විසින් ද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කර ඇත. කෙසේවෙතත් ඊබ්‍රහිම් රයිසි 2021 දී දෙවන වරටත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී 62.9% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපති හසන් රොහානී පරාජය කර ඉරානයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.",
"Title": "ඊබ්‍රහිම් රයිසි: මැද පෙරදිග යුද උණුසුම මැද ඉරාන ජනපති ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි ?"
} |
{
"Text": " පසුගිය වසර දෙකක, එනම්, 2022 සහ 2023 වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයින් 2,565,365 දෙනෙකු විවිධ හේතු මත රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්තුමය වාර්තාවලින් තහවුරු වී තිබේ. එම සංඛ්‍යා ලේඛන අනුව, 2022 වසරේදී ශ්‍රී ලාංකිකයින් 1,127,758 දෙනෙකු සහ 2023 වසරේදී ශ්‍රී ලාංකිකයින් 1,437,607 දෙනෙකු විදේශ රටවලට සංක්‍රමණය වී ඇත. 'රැකියා සඳහා විදේශගත වී ඇත්තේ 24%ක් පමණයි' සංඛ්‍යා ලේඛනවල දැක්වෙන පරිදි 2022 සහ 2023 වසරවලදී රැකියා සඳහා විදෙස්ගත වී ඇත්තේ, සමස්ත විදේශගත වූවන්ගෙන් 24%ක් පමණි. එනම්, ශ්‍රී ලාංකිකයින් 608,925 දෙනෙකි. ඒ, 2022 වසරේදී 311,269 දෙනෙකු සහ 2023 වසරේදී 297,656 දෙනෙකු වශයෙනි. මෙම දත්ත අනුව, 2022 වසරේදී රැකියා සඳහා විදෙස් රටවලට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින්ගේ මාසික සාමාන්‍යය 25,939 දෙනෙකි. 2023 වසරේදී එම සාමාන්‍යය මසකට 24,805 දෙනෙකි. 2023 වසරේදී විදේශ රටවලට සංක්‍රමණය වූවන්ගෙන් 70%ක් කුසලතා සහ වෘත්තීය සුදුසුකම් සහිත ශ්‍රමිකයින් බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වේ. 2022 සහ 2023 වසරවලදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ විනිමය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද කාර්තුමය වාර්තා අනුව 2022 සහ 2023 වසරවලදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, 2022 වසරේදී පමණක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,789.4කි. ඉන් වැඩි ම ප්‍රමාණයක් කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් එවනු ලැබූ අතර, සංඛ්‍යාත්මකව එම මුදල, අමෙරිකානු ඩොලර් මිලියන 139.7කි. කටාර් (අමෙරිකානු ඩොලර් මිලියන 131.9), සෞදි අරාබිය (අමෙරිකානු ඩොලර් මිලියන 106.8), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (අමෙරිකානු ඩොලර් මිලියන 103.6) සහ දකුණු කොරියාව (අමෙරිකානු ඩොලර් මිලියන 89) ශ්‍රී ලංකාවට 2022 වසරේදී වැඩි ම විදේශ විනිමය ප්‍රමාණයක් එවූ රටවල් වේ. ඊට අමතරව, 2023 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 5,969.6ක් ශ්‍රී ලංකාවට එවා තිබේ. එහිදී ද, වැඩි ම විදේශ විනිමය ප්‍රමාණයක් එවා ඇත්තේ, කුවේට් රාජ්‍යයේ සිට ය. 2022 වසරට සාපේක්ෂව එහි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන අතර, සංඛ්‍යාත්මකව එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 170.9කි. 2023 වසරේදී ශ්‍රී ලංකාවට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් එවූ රටවල් අතර කටාර් (අමෙරිකානු ඩොලර් මිලියන 156.9), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (අමෙරිකානු ඩොලර් මිලියන 155), සෞදි අරාබිය (අමෙරිකානු ඩොලර් මිලියන 154.9) ද සිටී. ඒ අනුව, එම වසර දෙක තුළදී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 9,759කි. 2023 විශේෂත්වයක් 2023 වසරේදී විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබුණු විදේශ විනිමය විශ්ලේෂණය කිරීමේදී සුවිශේෂී තත්ත්වයක් දක්නට ලැබේ. එම විශේෂත්වය වන්නේ, අමෙරිකාවෙන් ඩොලර් මිලියන 132.8ක විදේශ විනිමය සහ බ්‍රිතාන්‍යයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 102.7ක විදේශ විනිමය ශ්‍රී ලංකාවට ලැබීම ය. එම වසරේදී කුසලතා සහ වෘත්තීය සුදුසුකම් සහිත ශ්‍රමිකයින් එම රටවලට වැඩි වශයෙන් සංක්‍රමණය වීම ඊට හේතු විය හැකි ය. මේ අතර, 2022 වසරට සාපේක්ෂව විදෙස්ගත ශ්‍රමිකයින් හරහා 2023 වසරේදී ශ්‍රී ලංකාවට ලැබී ඇති විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2,180.2කින් ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි. කුසලතා සහිත ශ්‍රමිකයින් විදේශගත වීමේ වාසි සහ අවාසි කුසලතා සහිත ශ්‍රමිකයින් විදේශගත වීම හරහා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට කෙටි කාලීන අවාසි ඇති වුව ද, දිගු කාලීන වාසි ඇති වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සුවිශේෂී සේවාවන් සඳහා විශේෂඥයින්ගේ හිඟයක් පවතින හෙයින් එවැනි විශේෂඥයින් විදේශගත වීමෙන් තාවකාලිකව අවාසි ඇති විය හැකි බව ය. \"ඒ වගේ අවස්ථාවක විශේෂඥයින් බිහි කර ගන්න සැලකිය යුතු කාලයක් ගත වෙනවා. ඒ නිසා ඒ ක්ෂේත්‍රවලට ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්,\" මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කළේ ය. එහෙත්, ශ්‍රමිකයින් තාවකාලිකව විදේශගත වීම හරහා දීර්ඝ කාලීනව ධනාත්මක බලපෑමක් ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය. \"කුසලතා සහිත ශ්‍රමිකයින් විදෙස්ගත වුණා ම ඔවුන් ඒ රටවල සේවය කරලා ලබන අත්දැකීම්, ආකල්ප සහ පළපුරුද්ද ගොඩක් වැදගත්. ඒ දැනුම, පළපුරුද්ද සහ ආකල්ප එක්ක ආයෙත් ඒගොල්ලො මේ රටට ආවා ම මේ රටේ විවිධ වෘත්තීන්වල සැලකිය යුතු වර්ධනයක් ඇති වෙන්න පුළුවන්. මේ විදෙස්ගත වන ගොඩක් අය තාවකාලිකව යන අය නිසා ඒ අය ආයෙත් මේ රටට එන්න තියෙන ඉඩකඩ වැඩියි. රට නැවත ආර්ථික වශයෙන් ගොඩ නැගුණොත් ඔවුන් අනිවාර්යයෙන් ම ආයෙත් ඒවි,\" මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය.",
"Title": "'වසර දෙකකදී ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 25ක් රට හැර ගිහින්; ඩොලර් මිලියන 10,000ක් ශ්‍රී ලංකාවට එවලා'"
} |
{
"Text": " මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පුදුකුඩිඉරිප්පු, කයිවේලි ගම්මානයේ ජීවත්වෙන ගුණසිංහම් කසේන්ද්‍රන්ගේ උස අඩි 07යි අඟල් 02කි. ශ්‍රී ලංකාවේ උසම පුද්ගලයා තමන් බවට විශ්වාස කරන බව ඔහු BBC සිංහල සේවයට පැවසුවේය. හිටපු LTTE සාමාජිකයෙකු වූ ඔහු දෛනික කටයුතු සිදු කිරීමේ දී උස නිසා ඔහු මුහුණ දෙන තත්ත්වයන් සහ සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර ගැන ඔහු අදහස් පළ කළේය.",
"Title": "අඩි 07යි අඟල් 02ක් උස ගුණසිංහම් ලංකාවේ උසම මිනිසා ද ?"
} |
{
"Text": " ශ්‍රී ලංකාව කිහිප වතාවක්ම ගූගල් අන්තර්ජාල සෙවුම හරහා ලෝකයේ SEX වචනය වැඩිම පිරිසක් සොයා බැලු රට බවට පත් විය. ලිංගිකත්වය පිළිබඳව කතා කිරිම තවමත් මෙරට තුළ රහසක් සේ පවතින අතර ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට එක් කිරිමට ගත් උත්සාහයන්ට ආගමික සංස්ථා ඇතුලුව සමාජයේ ඇති වූ විරෝධය මැද හකුලා ගන්නට සිදුවිය. වත්මන් රජය විසින් මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ වු පනත ගෙන එන අවස්ථාවේ දී ප්‍රකාශ කළ එක් ප්‍රධන හේතුවක් ලෙස සඳහන් කළේ දරුවන්ට හා කාන්තාවන්ට අන්තර්ජාලය හරහා වන අපරාධ වැළැක්වීම ය. එවන් පසුබිමක් තුළ මාර්ගගත ක්‍රම හරහා දරුවන් සම්බන්ධ ප්‍රකාශන හෙවත් ළමුන්ගේ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ සම්බන්ධව ලැබෙන පැමිණිලි වැඩි වී ඇතැයි බීබීසී සිංහල වෙත අනාවරණය කර ගැනීමට හැකි විය. ළමුන් සම්බන්ධ අසභ්‍ය පළකිරිම් 10 ක් සම්බන්ධව මේ වසරේ මුල් මාස තුනේ දී පමණක් වාර්තා වී ඇති බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය අනාවරණය කළේය. මෙවැනි සිදුවීම් සම්බන්ධව පසුගිය වසර දෙකකට සාපේක්ෂව මේ වසරේ පැමිණිලි ලැබීම ඉහළ ගොස් ඇති අතර එම කාර්යංශයේ දත්තවලට අනුව 2022 වසරේ පැමිණිලි 13ක් සහ 2023 වසරේ දී පැමිණිලි 12ක් ලැබී තිබේ. ළමුන්ගේ අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ ලක්ෂයකට වැඩි වාර්තා මීට අමතරව 'International Centre for Missing & Exploited Children' සංවිධානයේ NCMEC දත්ත පද්ධතිය හරහා ළමුන් සම්බන්ධ අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ ලක්ෂයකට වැඩි වාර්තා තමන් වෙත ලැබෙන බව බීබීසී සිංහල සේවය හා සම්බන්ධ වු ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර කියා සිටියාය. සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහරින්නේ නම්, සමාජ මාධ්‍ය තුළ බෙදාහරින්නේ නම් හෝ එවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු අදාළ සමාජ මාධ්‍ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් NCMEC දත්ත පද්ධතිය වෙත යොමු කෙරේ. පසුව එම දත්ත පද්ධතිය විසින් එම තොරතුරු අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට යොමු කරනු ලබන අතර ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ද එම දත්ත පද්ධතිය සමග සමීපව කටයුතු කරනු ලබයි. මෙම දත්ත පද්ධතිය හරහා 2022 වසරට අදාළව 146,000ක තොරතුරු ලැබී ඇති අතර 2023 වසරට අදාළව 98,000කට වැඩි වාර්තා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත ලැබී තිබේ. “සයිබර් ටිප් එකක් විදියට තමයි අපිට මේක එන්නේ. එතකොට කවුරු හරි මේ සයිට් එකකට වැරදිලා ගියත් ඒකත් ටිප් එකක් විදියට එනවා. ඒ විදියට ලක්ෂ ගානක් එනවා. 2022 ලක්ෂ ගාණක් තියෙනවා. 2023ත් ලක්ෂයකට ආසන්න ගාණක් තියෙනවා. ඒවායින් ප්‍රමුඛතාවය දීලා එවලා තියෙනවා ඒවා තමයි අපි දැන් කරගෙන යන්නේ.” යැයි නියෝජ්‍ය පොලිස්පතිනිය පැවසුවාය. මෙම වාර්තාවේ දත්ත එකින් එක සොයා බලා නිවැරදි ලෙස මෙම අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා ගැනීම කළ යුතු අතර ඇතැම් වාර්තා ප්‍රමුඛතා ලෙස දත්ත පද්ධතිය මගින් නම් කර එවනු ලබයි. අපරාධය වළක්වාගෙන වින්දිතයා ගලවා ගැනිමේ හැකියාව මෙය මෙරටට තවමත් ආගන්තුක ක්‍රමයක් වන අතර තාක්ෂණික දුර්වලතා මෙන්ම අඩු පහසුකම් මැද මෙය ක්‍රියාත්මක කිරිම ආරම්භ කරන ලද්දේ මීට මාස 5කට පමණ පෙර බව ඇය සඳහන් කළාය. “අපි හැමවෙලාවෙම මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත් ඕනානේ. ටිප් එකක් අපු ගමන් ගිහිල්ලා මිනිස්සුන්ව ඇරෙස්ට් කරන්න බෑනේ. අපි ඒකට හොඳ ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න ඕනේ, ඉන්වෙස්ටිගේෂන් එකකින් අපිට දෙන තොරතුරු සත්‍ය බවට පැහැදිලි වෙන්න ඕනේ. ඒ විදියට විමර්ශනවලින් එයා ළමයින්ගේ පොනෝග්‍රැෆි නිර්මාණය කරලා තියෙනවා කියලා තහවුරු වුනාට පස්සේ අපි ඇරෙස්ට් එක කරනවා. අපි ඒ වගේ කේසස් තුනක් ඉවර කරා.” ඒ සිද්ධි තුනට සම්බන්ධ වින්දිතයන්ගෙන් දෙදෙනෙකු වයස අවුරුදු 10ක දරුවන් වන අතර එක් දරුවෙකුගේ වයස අවුරුදු 8 කි. මෙම දත්ත පද්ධතිය හරහා වින්දිතයා නොදැනුවත්ව හෝ පැමිණිල්ලක් නොමැතිව වුවද ළමුන්ට එරෙහි මාර්ගගත ක්‍රම ඔස්සේ සිදුවන අපරාධ හඳුනාගෙන එම අපරාධ වළක්වා ගෙන ඉක්මනින්ම වින්දිතයා ඉන් ගලවා ගැනීමට හැකියාව ලැබෙන බව නියෝජ්‍ය පොලිස්පතිනිය සඳහන් කළාය. ගැහැණු දරුවන් මෙන්ම පිරිමි ළමුන් ද මෙහි ගොදුරක්වන මුත් ගැහැණු ළමුන් වින්දිතයන් වන අවස්ථා වැඩි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනිය ද බීබීසී සිංහල වෙත පැවසුවාය. ‘ලිංගිකත්ව අධ්‍යාපනයෙන් ලිංගිකව හැසිරෙන හැටි කියා දෙන්නේ නැහැ’ ලිංගිකත්ව අධ්‍යාපනය ලබා දීම හරහා දරුවන් මෙවැනි අපරාධවල ගොදුරක් වීම වළක්වා ගැනිමේ හැකියාවක් තිබේ දැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයාගේ අප විමසනු ලැබීය. “ලිංගිකත්ව අධ්‍යාපනය ලබා දීම තුළින් ලිංගික අපයෝජන වළක්වා ගැනිම කියන එක තමයි අපේ ප්ලෑන් එක. අපි පාර්ලිමේන්තුවේ ළමයින් හා කාන්තාවන් සම්බන්ධ පාර්ලිමේන්තු සංසදය, ආංශික අධීක්ෂණ කමිටු කිහිපයක්ම ඒ වෙනුවෙන් වැඩ කළා. සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය වගේ ආයතන එකට එකතු වෙලා මැටිරියල් ගණනාවක් හැදුවා අන්තර්ජාලයට ඒවා මුදා හැරලා ඒ හරහා යම් දැනුවත් කිරිමක් කරන්න කියලා. දෙවැනි අදියර යටතේ අපි හිතනවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් අධ්‍යාපනය තුළට ලිංගිකත්ව අධ්‍යාපනය ගැන අවදානයක් දෙන ක්‍රමවේදයක් හදන්න.” ජීව විද්‍යාත්මක වශයෙන් කායික වෙනස්කම් සිදුවන නව යොවුන් වයසේ දරුවන් වැඩි වශයෙන් ලිංගික අපයෝජනවල ගොදුරක් වන බව කී ආචාර්ය උදයකුමාර අමරසිංහ ලිංගිකත්ව අධ්‍යාපනය හරහා සිදුවන්නේ දරුවන්ට ලිංගිකව හැසිරෙන ආකාරය කියා දීම නොව එහි බරපතලකම, අවදානම සහ වගකීම ගැන දැනුමක් ලබා දීම බව කියා සිටියේය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදයකුමාර අමරසිංහ පෙන්වා දෙන්නේ කුඩා කළ සිටම අදියර වශයෙන් දරුවන්ට එම දැනුම ලබා දිය හැකි බව ය. “අපි පොඩි කාලේ ළමයින්ට කියලා දෙනවා පාරේ යන්න ඕනේ මොන පැත්තෙන් ද කියලා, කලර් ලයිට්ස් තියෙනවා නම් අපි කියලා දෙනවා රතු ලයිට් තියෙනවා නම් යන්න එපා, කොළ ලයිට් තියෙනවා නම් යන්න කියලා. පාරේ දකුණු පැත්තෙන් යන්න ඕනේ කියලා දෙනවා. එතකොට ඒක ජීවිතේ හැබිට් එකක් වෙනවානේ. එතකොට මේක වුණත් ළමයින්ගේ සේෆ්ටි කියන එක පොඩි කාලේ ඉඳලාම කියලා දෙන්න පුලුවන්.” ළමා වින්දිතයන්ට නීතියෙන් ලැබී ඇති සුවිශේෂි අවස්ථාව වින්දිත දරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොවන ආකාරයට පුද්ගලිකත්වය ආරක්ෂා කර ගනිමින් නීතිමය කටයුතු කරන ආකාරය ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදයකුමාර අමරසිංහ බීබීසි සිංහල වෙත විස්තර කළේය. “ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තියෙනවා වීඩියෝ සාක්ෂි පටිගත කිරිමේ මධ්‍යස්ථානයක්. ඒක දැනට ප්‍රධාන කාර්යාලයේ තියෙනවා, රාගම වෛද්‍ය පීඨයේ එකක් තියෙනවා, ලංකාව පුරා පළාත් කාර්යලවල පටන් ගන්න අදහස් කරගෙන ඉන්නවා. එතනදි වීඩියෝ කැමරාවක් ඉදිරි සාක්ෂි දෙන්න පුලුවන්. පුහුණු කරපු කවුන්සලස්ලා, පුහුණු කරපු පොලිස් නිලධාරින් තමයි ඒ සාක්ෂි ටික ගන්නේ. ඒක ස්වාධීන, අපක්ෂපාතී සාක්ෂියක්. ඒක අපි සම්පුර්ණයෙන්ම ටයිප් කරලා ඩොකියුමන්ට් එකකටත් ගන්නවා. ඒක අපි අධිකරණයට සහ නීතිපතිවරයාට ඉදිරිපත් කරනවා. වරින් වර සාක්ෂි ගන්නත් නීතිපතිවරයාට හා නීතිඥයින්ට මේ හරහා පුලුවන්. ඒක ළමා වින්දතයින්ට ලැබෙන සුවිශේෂි අවස්ථාවක්.” ඊට අමතරව අධිකරණයට නොපැමිණ දුරස්ථ ස්ථානයක සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දිමේ හැකියාව ද පවතී. එම අවස්ථාවේ දී අදාළ සිද්ධියේ සැකකරුවාට දරුවා නොපෙනන ලෙස එම කටයුතු සිදු කෙරේ. පිටරටක සිටින වින්දිතයෙකුට වුවද මෙම ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් නීතිමය කටයුතු කිරිමේ ප්‍රතිපාදන ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය. දරුවන් ගොදුරක් වෙන්නේ කොහොමද? “ගොඩක් වෙලාවට මෑත කාලිනව දැකපු තත්වයක් තමයි සෝෂල් මීඩියා හරහා ඇති කරගත්ත හිතවත්කම් මත පස්සේ ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන මේ ළමයින්ව සෙක්ෂුවලි ඇබියුස් කරපු එහෙම සැලකිය මට්ටමකින් මීඩියාවල රිපෝර්ට් කරනවා අපි දැකලා තියෙනවා. හැබැයි ඒ රිපෝර්ට් වෙන ප්‍රමාණයට වඩා විශාල වශයෙන් රිපෝර්ට් නොව ප්‍රමාණයක් තියෙනවා.” යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදයකුමාර අමරසිංහ දරුවන් අශ්ශිල ප්‍රකාශනවලට ගොදුරුවන ප්‍රධානතම ආකාරය විස්තර කළේය. සභාපතිවරයා පවසන පරිදි ඔවුන් වෙත වාර්තාවන බොහෝ සිදුවිම්වල වින්දිතයන්ට නීති ක්‍රියාත්මක කරවා ගැනීමට වඩා අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වීඩියෝ හෝ ඡායාරූප අන්තර්ජාලයෙන් ඉවත් කර ගැනීම ය. “මේ දරුවෝ තමන්ගේ හොඳ පොටෝ සෝෂල් මීඩියා දානවානේ ඒවා අරගෙන නියුඩ් පොටෝ එකකට ඔලුව බද්ධ කරලා ඒ වගේ පොටෝ හදලා අප්ලෝඩ් කරළා ළමයින්ව බ්ලැක් මේල් කරපු පැමිණිලිත් ලැබෙනවා. හොරෙන් වීඩියෝ කරනවා නානකොට හරි, ඇඳුම් මාරු කරනකොට හරි ඒවාගේ ඒවා. ඊළඟට ළමයි ළමයි වීඩියෝ කෝල් ගන්නවා ඒවා ස්ක්‍රීන් රෙකෝඩ් කරගන්නවා, ඒ ස්ක්‍රීන් රෙකෝඩ් කරගෙන ඒවා යූස් කරනවා. ළමයි යාලුවෙලා ඉන්න කාලේ නිරුවත් ෆෝටෝ යවලා පස්සේ ඒවා ශෙයාර් කරගෙන. ඒවා තමයි එන්නේ වැඩිපුර.” යැයි ලැබෙන පැමිණිළි ගැන නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර කියා සිටියාය. පැමිණිලි කළ හැක්කේ කෙසේ ද? මාර්ගගත ළමා ලිංගික අපයෝජන සම්බන්ධව https://report.iwf.org.uk/lk_en වෙත පිවිස හෝ පැය 24 පුරා ක්‍රියාත්මක 1929 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කිරිමේ හැකියාව පවතී. ඊට අමතරව පැය 24 පුරා ක්‍රියාත්මක 109 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ 071 – 8595843 වට්ස්ඇප් අංකය ඔස්සේ මෙන්ම [email protected] දරණ විද්‍යුත් ලිපිනය හරහා ළමා අපයෝජන සම්බන්ධව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිලි කළ හැකිය.",
"Title": "මෙරට දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක් පොලිසියට"
} |
{
"Text": " දියතලාව, නරියා කන්ද හිදී පැවති \"Fox Hill Supercross 2024\" මෝටර් රථ ධාවන තරගය අතර වාරයේදී අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබීය. මියගිය පිරිස අතර වයස අවුරුදු 08ක පමණ දැරියක් ද සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර බීබීසී සිංහල සේවයට පැවසුවේය. \"ෆොක්ස් හිල් ට්‍රැක් එක අයිති යුද හමුදාවට. මෙම ධාවන තරගය ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන්නේ.\" \"අනතුරෙන් මිය ගිහින් ඉන්න පිරිස අතර තරගාවලියේ සේවයේ යෙදී සිටිය ට්‍රැක් මාෂල්ස්ලා සිව්දෙනකු වගේම නරඹන්නන් තිදෙනෙකුත් ඉන්නවා.\" \"එයින් එක් අයෙකු අවුරුදු 08 ක පමණ දැරියක්\" යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ එම ෆොක්ස් හිල්-2024 මෝටර් රථ ධාවන තරගයට සහභාගි වූ රියැදුරන් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය බීබීසී සිංහල සේවයට පැවසීය. එලෙස අත්අඩංගුවට පත්වූ රියැදුරන් දෙදෙනා දියතලාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඔවුන් දෙදෙනාව රෝහලට ගොස් පරික්ෂා කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මෙම මස 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන ලදී. අනතුරට හේතුව කුමක්ද ? පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේ ධාවන තරගයක් අතර වාරයේදී මෝටර් රථයක් ධාවන මංතීරුවෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. \"ධාවන මංතීරුවෙන් ඉවතට පැන්නා වූ එම මෝටර් රථය තරගාවලියේ සේවයේ යෙදී සිටි නිලධාරීන් සහ නරඹන්නන් පිරිසක් ගැටීමෙන් මෙම අනතුර සිද්ධ වෙලා තිබෙනවා.\" \"සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙක් පමණ ඉන්නවා. ඒ අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතලයි.\" \"මෙම අනතුර සම්බන්ධයෙන් මේ වන විට දියතලාව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.\" පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 'මේක හරිම අවසනාවන්ත සිදුවීමක්' ෆොක්ස් හිල් 2024 ධාවන තරගය අතර වාරයේ දී සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ මෙය ඉතා අවසනාවන්ත සිදුවීමක් බවයි. \"ඇත්තටම කිව්වොත් මෙතැනදී කාටවත් චෝදනා කරන්න අවශ්‍යතාවයක් නැහැ.\" \"මේ සිදුවීම හරිම අවාසනාවන්ත දෙයක් කියලයි මට කියන්න තියෙන්නේ.\" \"ඊයේ ෆොක්ස් හිල් ධාවන තරගයේ සමස්ථ තරග 24ක් පවත්වන්න සුදානම් කරලා තිබුණේ. මේ ධාවන පථයේ මුළු දුර කිලෝමීටර් 1.2ක් වෙනවා. සාමාන්‍යයෙන් ධාවන පථයේ එක වටයක් යන්න තත්ත්පර 55ක වගේ කාලයක් ගත වෙන්නේ.\" 'මේ අනතුර සිද්ධ වුණේ තරගාවලියේ 18 වන තරග ඉසව්වේදී' \"තරගය ආරම්භ කරලා පළමු වටයේ මීටර් 80 - 100ක් වගේ ගියාම එක් රථයක් අනතුරට ලක්වෙලා ධාවන පථයේ වම් කෙලවරේ තිබුණා. ( මෙම කාර් රථයේ රියැදුරු විසින් ස්ථානීය පරික්ෂාවට පැමිණි බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හමුවේ ප්‍රකාශයක් දෙමින් පැවසුවේ ධාවන තරගය ආරම්භ වී මීටර් 300ක් පමණ දුරක් ගිය පසු තම රථය අනතුරට ලක්වූ බවය.)\" \"ඒ පළවෙනි කාර් රථය අනතුරට ලක්වුණාම අපේ ධාවන පථයේ සේවයේ ඉන්න නිලධාරින් ඒ වාහනය ලඟට ගියා ඒ රියදුරුව එළියට ගන්න.\" \"ඒ වෙද්දීත් ධාවන තරගයට එක්වෙලා හිටිය අනෙක් මෝටර් රථ තමන්ගේ තරගයේ දෙවන ධාවන වටයට පිවිසිලා තිබුණේ.\" \"ඒ එක්කම අනෙක් ට්‍රැක් මාර්ෂල්ස්ලා ධාවන තරගයේ යෙදී ඉන්න අනෙක් රියැදුරන්ට අනතුරක් සිදුවෙලා කියලා සංඥා කරන ' කහ පැහැති' කොඩිය වනලා සංඥා කරන්න කටයුතු කළා. ඊට පස්සේ රතු පැහැති කොඩිය වනලා සංඥා කරනවා තරගය අත්හිටුවන්න කියලා.\" \"කොහොම හරි මේ අවස්ථාවේදී ධාවන පථයේ වම් අත පැත්තේ අනතුරට ලක්වී තිබු වාහනය බේරන්න අනෙක් වාහන දකුණු අත පැත්තෙන් ධාවනය කෙරෙනවාත් එක්කම එක ළඟින් පැමිණි වාහන දෙකක් ගැටිලා ලිස්සලා ගිහින් අර යොදලා තිබුණු පස් බැම්ම උඩ ඒකරාශි වෙලා හිටිය නරඹන්නන් ගේ වගේම අපේ නිලධාරීන්ගේ ගැටුණා.\" එම නිලධාරියා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම නිලධාරියා පැවසුවේ පළමු මෝටර් රථය අනතුරට ලක්වීමෙන් පසු තරගය නරඹන්නන් ඔවුන්ට රැඳී සිටීමට වෙන් කර තිබු ස්ථානයෙන් ඉදිරියට පැමිණ ධාවන පථය ආසන්නයට පැමිණීම නිසා අවාසනාවන්ත ලෙස පුද්ගලයින් ජිවිතක්ෂයට පත්වූ බවයි. \"ධාවන පථයේ ඉදලා නරඹන්නන්ට තරගය නරඹන්න අපි අඩි 30ක් දුරින් ආරක්‍ෂිත වැටක් ඉදි කරලා තිබ්බේ.\" \"එතන වැට ලඟට යුද්ධ හමුදාවෙන් වගේම පොලිසියේ නිලධාරින් ආරක්ෂාවට යොදවලා තිබුණා.\" \"මේ පළමු කාර් රථය අනතුරට ලක්වුණාට පස්සේ නරඹන්නන්ගෙන් කොටසක් ධාවන පථය ළඟ අර ඉදි කරල තිබ්බ පස් බැම්ම උඩටම ආවා.\" \"ඒ වෙලාවේදී අර පස් කණ්ඩිය උඩට වෙලා හිටිය අපේ ට්‍රැක් මාර්ෂල්ස්ලා පිටි පස්සෙන් ආපූ තෙරපුමත් එක්ක පස් කන්ඩියෙන් පල්ලෙහට තල්ලු වෙලා ගිහින් තිබුණා.\" \"ඒ එක්කම තමයි මේ අවසනාවන්ත අනතුර සිද්ධ වුණේ. අර විදිහට නරඹන්නන් එකතු වෙලා පස් කණ්ඩිය උඩට වෙලා හිටියේ නැත්නම් මේ වගේ මිනිස් ජිවිත හානි වෙන්නේ නැහැ.\" ඔහු පැවසුවේය. අනතුරේ දර්ශන සමාජ මාධ්‍යය දර්ශන මේ අතර සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ වීඩියෝ කිහිපයක් ම පළ වී තිබේ. එහි එක් වීඩියෝවක දැක්වෙන්නේ එක් මෝටර් රථයක් ධාවන තරගය අතරවාරයේදී ධාවන පථයේ දී අනතුරට ලක්වී තිබිය දී ධාවන තරගයේ සේවයට යොදවා සිටි නිලධාරින් පිරිසක් එහි රියැදුරු පිටතට ගැනීමට යුහුසුළුව සිටින ආකාරයයි. එම අවස්ථාවේ දී පැවැත්වෙමින් තිබූ ධාවන තරගයට එක් වී සිටි මෝටර් රථ කිහිපයක් එම අනතුර සිදුවූ ස්ථානය පසුකර යනවාත් සමගම එක් මෝටර් රථයක් නරඹන්නන් අතරට කඩා වැදෙන අයුරු එම වීඩියෝවේ සටහන්ව ඇත. අනතුරට ලක්වූ පළමු රථයේ රියදුරු කියූ කතාව මේ අතර පළමුවෙන් අනතුරට ලක් වූ මෝටර් රථයේ රියැදුරු ධාවන පථයේ ස්ථානීය පරික්ෂාවට පැමිණි වැඩබලන මහේස්ත්‍රාත් හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් මෙලෙස පවසා තිබුණි. \"තරගය පටන් අරගෙන මීටර් 300ක් වගේ දුරක් එද්දී වම් පැත්තේ වාහනේට ඉස්සරහ කරන්න යද්දී මගේ වාහනේ ඒ වාහනේ පිටි පස්සේ වැදිලා පෙරළුනා ටයර් 04ම උඩට තියෙන විදිහට.\" \"ඒ එක්කම අනිත් පැත්තෙන් කෙනෙක් ඇවිල්ලා මාව වාහනෙන් එළියට ගන්න උත්සාහ කළා. දොර හිරවෙලා.\" \"ඒ වෙද්දීත් මට ඇහෙනවා රේස් එක කන්ටිනියු වෙනවා. මට දැනුණා මොකක් හරි දෙයක් වුනොත් ඩැමේජ් එක වැඩි වෙන නිසා මම කාර් එක අනෙක් පැත්තෙන් රිංගලා එළියට එන්න හදනකොට මගෙ හෙල්මට් එක සයිඩ් එකෙන් මම දැක්කා අර හැප්පිච්ච කාර් දෙක රෝල් වී ගෙන එනවා.\" \"සමහර විට ඒ වාහන දෙකට ටිකක් ඈත ඉදලා මොකක් හරි දෙයක් වෙලා තියෙන්න ඕන.\" \"මගේ වාහනේ අනතුරට ලක්වෙලා දෙවනි ලැප් එකේ වාහන කිහිපයක් මෙතන පහුකරන් ගියත් මැද්දට වෙන්න ආපු වාහන දෙක තමයි මේ විදිහට ට්‍රැක් එකේ පෙරලිලා වගේ එනවා මම දැක්කේ.\" එම රියැදුරා වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් පැවසීය. නරඹන්නන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දුන්නාද ? ෆොක්ස් හිල් 2024 තරගාවලිය නැරඹීමට පැමිණි නරඹන්නන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට තරග සංවිධායකවරුන් අපොහොසත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාගෙන් වීමසීමක් සිදු කරන ලදී. එහිදී ඔහු පැවසුවේ පෙර පැවති ෆොක්ස් හිල් ධාවන තරගාවලිවලට සාපේක්ෂව මෙවර තරගාවලියේදී නරඹන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් තරග සංවිධායකයින් විසින් යොමු කර තිබූ බවයි. \" අපේ හැම ප්‍රවේශ පත්‍රයකම අපි මුද්‍රණය කරලා තිබුණා මෝටර් රථ ධාවන තරගාවලියක් කියන්නේ අනතුරක් සිදුවෙන්න පුළුවන් නිසා අවධානයෙන් ඉන්න කියලා.\" \"ඒ එක්කම අපි තරගය පැවැත්වෙන ධාවන පථය දෙපැත්තේ අඩි 04ක් උසට පස් බැම්මක් හදලා තිබ්බේ. ටයර් වලින් ආරක්ෂිත වැටක් හදනවට වඩා මේක ආරක්ෂිතයි.\" \"තරගය නරඹන්න ආපු ජනතාවට ධාවන පථයේ ඉදලා අඩි 30ක් පිටි පස්සට වෙන්න ආරක්‍ෂිත වැටක් හදලා තිබ්බේ ඔවුන්ට අනතුරක් නොවෙන්න. \" \"නමුත් එතැන දී සිද්ධ වුණේ මම අර කලින් කියපු විදිහට ජනතාව ධාවන පථය ලඟට ඒකරාශී වීමයි.\" ඔහු පැවසුවේය. ෆොක්ස් හිල් ධාවන තරගාවලිය යනු කුමක්ද? ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය විසින් සංවිධාන කරනු ලබන මෙම මෝටර් රථ ධාවන තරගය සෑම වසරකම අප්‍රේල් මාසයේදී පවත්වනු ලබන ප්‍රධාන පෙළේ ධාවන තරගාවලියක් වේ. මෙම ධාවන තරගාවලිය පළමු වරට සංවිධානය කෙරුණේ 1993 වර්ෂයේ දීය. මෙවර පැවති ෆොක්ස් හිල් ධාවන තරගාවලියේ පුර්ව ප්‍රචාරක දැන්වීම් සඳහා සංවිධායකවරුන් \"ත්‍රාසයෙන් වික්ෂිප්තයට\" යන තේමා පාඨය යොදා තිබුණි.",
"Title": "'Fox Hill Supercross 2024' ධාවන තරගය: දියතලාවේ දී සිදුවූ අනතුරට හේතුව කුමක්ද ?"
} |
{
"Text": " පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමට අදාළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීම සඳහා රටවල් සහ සංවිධාන කිහිපයක් සමග කටයුතු කරමින් සිටින බව කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ BBC සිංහල සේවය සමග පැවති සංවාදයක දී පැවසූහ. පාස්කු ප්‍රහාරය සිදුවී අදට (අප්‍රේල් 21) වසර පහක් සම්පුර්ණ වුව ද එහි මහමොලකරුවන් සහ කුමන්ත්‍රණකරුවන් හෙළි කිරීමට රජය මේ දක්වා අපොහොසත් වී ඇති බවට කාදිනල් හිමිපාණෝ පෙන්වා දෙති. යුක්තිය ඉටු කරන බවට වාචික පොරොන්දු ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ එම පොරොන්දු කඩ කළ ද ජාතික ජනබලවේගය සහ සමගි ජන බලවේගය ලබා දී ඇති ලිඛිත ප්‍රතිඥා කෙරෙහි විශ්වාසයෙන් පසුවන බවත්, රටේ පාලනය භාරගත යුතු අනාගත නායකයා සතු ලක්ෂණ ගැනත් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ මෙම සංවාදයේ දී සඳහන් කළහ. පාස්කු ප්‍රහාරය සිදුවන විට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද රටේ ජනාධ්පති වේ. රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වූ හුදෙක් පණිවිඩකරුවෙකු ලෙස කටයුතු කළ බවට පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සදහන් එවකට කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පොලිස්පතිවරයා ය. එමෙන්ම ඉන්දීය බුද්ධි අංශ මගින් තොරතුරු ලබා දුන්න ද එය වළක්වා ගැනීමට පියවර නොගත් බවට චෝදනා ලබා සිටින එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අද පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස ක්‍රියා කරයි. එවන් පසුබිමක් මත තවදුරටත් යුක්තිය අපේක්ෂා කළ හැකිදැයි විමසූ පැනයට මෙන්ම පාස්කු ප්‍රහාරයේ නොවිසඳුණු ගැටලු ගැන අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ BBC සිංහල සේවය සමග කළ සංවාදයේ දී අදහස් පළ කළහ.",
"Title": "පාස්කු ඉරිදා ප්‍රහාරය : 'ජාත්‍යන්තර විමර්ශනයකට බල කෙරෙන යෝජනාවක් ගේන්න කටයුතු කරමින් සිටිනවා'"
} |
{
"Text": " 'මරියා සිලොනිකා වස්තුව' නවකතාව 2013 වසරේ දී ප්‍රකාශයට පත් කරමින් සිංහල නවකතාකරණයට ප්‍රවේශ වන පී. බී. ජයසේකර 'අවලමා සහ ඇහැටුව', 'ඉක්බිතිව ඔහු මරාපීහ', 'බලව, කඳුළු ගිනි', 'මා ප්‍රති. මා', සහ 'උසාවි ගිය නෙරූඩා නොහොත් කාමඝෝර කවියා' යනා දී නවකතා ඔස්සේ සුවිශේෂී පාඨක විචාරක අවදානයකට පාත්‍ර වී ඇත. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැදුණු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍යඃ සුපුරුදු පරිදි මං මුලින්ම ඔබගෙන් අහන්නෙත් නවකතාවක සමාරම්භක මොහොත ගැන. ඔබ ලියපු නවකතා ඇසුරෙන් මේ ගැන යමක් කියන්න පුලුවන්ද? ජයසේකර: මං උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. මගෙ 'ඉක්බිතිව ඔහු මරාපීහ' නවකතාවට පදනම් වෙන්නේ බන්ඩාරනායක ඝාතනය. මේ සිදුවීම පාදක කර ගෙන නවකතාවක් ලියන්න ඕන කියන අදහස ආවට පස්සෙ මේක වස්තු බීජයක් හැටියට මගෙ හිතේ වැඩ කරනවා. අපි දන්නවා මේක ඇතුළේ කුමන්ත්‍රණ තියනවා, දේශපාලනය තියනවා, ප්‍රේමය තියනවා, ඝාතනයක් සිද්ධ වෙනවා, ඝාතනකරුවා ඔහුමද කියල සැක හිතෙන පරිදි ඝාතනකරුවා බන්ධනාගාරගත වෙනවා, එල්ලා මරනවා. මේ සියල්ල මෙහෙම තිබිය දී මේ නවකතාව ආරම්භ කරන්න ඕන කියලා මට හිතෙන්නේ සෝමාරාම බන්ධනාගාර ගතවෙන තැනදි. ඒක සිත් කාවදින තැනක්. බන්ධනාගාරගත වෙලා ඉන්න කෙනෙක් සිතන ආකාරය, ඔහුගෙ දවස ගෙවෙන ආකාරය...මේ ඇසුරෙන් තමයි මම ඒ නවකතාවෙ සමාරම්භක මොහොත සොයා ගන්නේ. සමාන්‍යයෙන් ලෝකෙ නවකතාකරුවන් අතර සහ ප්‍රකාශකයන් අතර අදහසක් තියනවා පළමු වාක්‍යය සහ පළමු පරිච්ඡේදය අතිශය වැදගත් කියල. දැන් මම ඉංග්‍රීසියෙන් නවකතා දෙකක් ලියල තියනවා. මම එකක් සම්බන්ධයෙන් විදේශීය ප්‍රකාශකයන් සමග ඊමේල් ඔස්සේ සාකච්ඡා කරන කොට ඔවුන් මගෙන් ඉල්ලපු එකක් තමයි නවකතාවෙ පළමු පරිච්ඡේදය එවන්න කියන එක. ඒකෙන් පේනවා ඔවුන් ආරම්භය ගැන දක්වන උනන්දුව. කෞශල්‍ය: සාමාන්‍යයෙන් ලිවීම ආරම්භ කරනකොට ලියන්න යන නවකතාව ගැන ඔබ මොනතරම් දැනුවත් ද? ජයසේකර: මම නවකතාවක් ලියන්න පටන් ගන්නේ මුලු නවකතාවෙම සිද්ධි ඔලුවෙ තියාගෙන. මං ලියපු හැම නවකතාවක්ම පටන් ගන්න කලින් ඒ නවකතාවට වඩා වැඩි ප්‍රමාණයක් තොරතුරු මම අතින් ලියාගෙන තියනවා. ඒ වගේම මගෙ ඔලුවෙත් තියනවා. දැන් මම කුසුමාසන දේවිය ගැන ලියපු නවකතාව හෝ බන්ඩාරනායක ඝාතනය ගැන ලියපු නවකතාව ගත්තොත් විශාල වශයෙන් ඒ ඓතිහාසික තොරතුරු මම කියෙව්ව සහ සටහන් තබා ගත්ත. නමුත් නවකතාවේ සැකිල්ලක් වැනි දෙයක් කොළයකට එන්නේ නැහැ. ඒක ලියන ක්‍රියාවලිය ඇතුළේ තමයි ගොඩනැගෙන්නේ. නමුත් ලියන්න යන සමස්තයම මගෙ ඔලුවෙ පැහැදිලිව තියනවා ලිවීම ආරම්භ කරන මොහොතෙදි. දැන් ඓතිහාසික නවකතාවක දී අඩුවැඩි වශයෙන් ඉන්න චරිත ගැන පැහැදිලිතාවක් තියනවා. නමුත් එහෙම නොවෙන පරිකල්පනය තුළම නිර්මාණය වන නවකතාවක දී මා විසින්ම නිර්මාණය කරන චරිත සම්බන්ධයෙන් ඒ පැහැදිලිතාව ගොඩනගා ගත යුතු එකක්. ඒ නිසා ඒ චරිත ගැන ඉතා හොඳ විශ්ලේෂණයක් ලිවීමට පෙර මා තුළ තිබිය යුතු වෙනවා. කෞශල්‍ය: දැන් මේ විදිහට සැලසුම් කළ ආකාරයටම ලිවීමේ ක්‍රියවලිය තුළ දේවල් සිද්ධ වෙනවද එහෙමත් නැත්නම් ඔබ අපේක්ෂා නොකළ වෙනස් වීම් සිදු වෙනවද? ජයසේකර: අපේක්ෂා නොකළ දේවල් අනන්තවත් සිද්ධ වෙනවා ලිවීමේ ක්‍රියාවලිය තුළ. නමුත් මං හිතන දෙයක් තමයි ලේඛකයන්ට අදාළ විවිධ විධි ක්‍රම තියනවා. මටත් තියනවා මට අනන්‍ය වූ විධික්‍රමයක් මේකට මුහුණ දෙන්න. ඒක තමයි මගේ ලියවිල්ලක් තුළ ලොජිකල් ෆ්ලෝ එකක් තියෙන්න ඕන කියන එක. මේ තාර්කික ගලායාම, ආගමික අර්ථයෙන් කිව්වොත් හේතු ඵල සම්බන්ධය. මං හරිම කැමතියි මේ ලොජිකල් ෆ්ලෝ එකට, ඒක නැති තැන් වල මං ඒක හැමවිටම හදල ගන්නවා. දැන් අපි දන්නවා, මාර්කේස් හෝ මුරකාමී වැනි ලේඛකයන්ට ඔවුන්ගේ විධික්‍රම අනුව මේ තාර්කික ගලායාම කියන එක ඒ තරම් වැදගත් නැහැ. නමුත් අපි හෙමිංවේ වැනි ලේඛකයෙක් ගත්තොත් එතෙන්දි තාර්කික ගලා යාම වැදගත්. ඔබේ ප්‍රශ්නයට නැවත ආවොත් මට කියන්න තියයෙන්නේ ලිවීමේ ක්‍රියාවලිය තුළ මම කලින් සැලසුම් නොකළ දේවල් අනන්තවත් සිද්ධ වුණත් මේ දේවල් නවකතාවට ඇතුල් වෙන්නේ අර තාර්කික ගලායාමේ ක්‍රමවේදය අර්බුදයට නොයන විදිහට කියන එකයි. කෞශල්‍ය: නවකතාවක් ලියන්න පටන් ගත්තට පස්සෙ මේ ලිවීමේ කාලය ගත වෙන්නේ කොහොමද? ජයසේකර: මම අගනුවරින් දුරබැහර ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා මගෙ ජීවිතේ ගතවෙන්නෙ අගනුවර ජීවත්වෙන කෙනෙකුට වෙනස් විදිහට. මෑත කාලෙ ගත්තොත් දවසෙ පැය විසිහතරම මං ගෙදර තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් නම් මම කියවන්න විශාල කාලයකුත් ලිවීමට මඳ කාලයකුත් ගත කරන කෙනෙක්. මං ලියන්නේ කම්පියුටර් එකෙන්. මේ දවස් වල මම ලියන්නේ ඉංග්‍රීසි නවකතාවක්. අද පාන්දර හතරෙ විතර ඉඳන් උදේ හත හමාර වගේ වෙනකං මං ලිව්වේ එක ඡේදයයි. සිංහලෙන් ලිව්වත් මෙහෙම තමයි. මං ඉතාම හෙමින් ලියන කෙනෙක්. පාසල් ශිෂ්‍යයෙක් රචනාවක් ලියනව වගේ සීග්‍රයෙන් මට ලියන්න බැහැ. මම ලියන ගමන් ම සංස්කරණය කරනවා. මේකත් එක්ක ලිවීම තවත් මන්දගාමී වෙනවා. කතාවේ නොගැලපීම් තියනවාද, තාර්කිකව ගලායනව ද මේ දේවල් පරීක්ෂා කරමින් තමයි ලියන්නේ. හැබැයි ලියල ඉවර වුනාට පස්සෙ මේක නවකතාවක් වෙලා කියල මට දැනෙනවා නම් මං තව එක පාරක් කියවල වැඩේ අවසන් කරනවා. මං හිතන්නේ මේක මගෙ අඩුපාඩුවක්. හැබැයි මං හිතන්නෙ දැන් මගේ ශ්‍රමය මේ වෙනුවෙන් යෙදවිලා අවසන්. මේක තවත් සංස්කරණය කරන්න නං ජාත්‍යන්තර ප්‍රකාශන ආයතන වල වගේ සංස්කාරකවරු අවශ්‍යයි. ලංකාවෙ අපිට එහෙම නැති එක විශාල අඩුවක්. මං දැඩිව විශ්වාස කරන දෙයක් තමයි ලියල ඉවර වුණාට පස්සෙ සංස්කාරකට දෙන්න ඕන පූර්ණ හිමිකමක් අවශ්‍ය පරිදි දේවල් කපන්න සහ අලුත් දේවල් යෝජනා කරන්න. මට මතක හැටියට ෂෙහාන් කරුණාතිලක 'සෙවන් මූන්ස්' කෘතිය ගැන කියල තිබුණා එහි මුල් පිටපතේ තිබුණු පිටු මොනතරම් අඩු වුණා ද කියල මුද්‍රණය කරන පිටපතට එනකොට. මේ ආකාරයේ විධිමත් සංස්කරණයක් අපිට ඉතාම අවශ්‍යයි. නමුත් ලංකාවේ ලේඛකයෝ මං අහල තියනවා මේකට ඒ තරම් කැමති නැහැ. අනික් අතට ලෝකය තුළ නවකතා සංස්කාරකවරු කියන්නේ සාහිත්‍ය ඉතා හොඳින් දන්න, සමකාලීන සාහිත්‍යය ගැනත් සාහිත්‍යයේ විවිධ ප්‍රවණතා ගැනත් නවකතා ලිවීමේ තාක්ෂණය ගැනත් මේ හැම දෙයක් ගැනම සමහර වෙලාවට නවකතාකාරුවටත් වඩා අවබෝධයක් තියන කෙනෙක්. කෞශල්‍ය: අවසාන වශයෙන් මම කැමතියි ඔබගෙන් අහන්න ලිවීම ඔබ විඳින හැටි ගැන? ජයසේකර: මම ඔබට කලින් කිව්ව වගේ මම වැඩිපුර කැමති කියවන්න. කියවීම නිසා තමයි මම ලේඛකයෙක් වුණේ. මම ඇත්තටම නවකතාකරුවෙක් වෙන්නේ මගෙ වයස අවුරුදු හැට වුණාට පස්සෙ. ඊට පෙර ඓතිහාසික ලිපි ලියල තිබුණත් නවකතා ලියල තිබුණේ නැහැ. ඇලෙක්සැන්ඩර් සොල්සෙනිට්සින් වගේ ලේඛකයන් ලිවීම පටන් ගන්නෙත් වයස් ගතවෙලා. ඔහු ගණිතඥයෙක්. ඔහුගෙ කෘති වලත් ඉතාම පැහැදිලිව පේන දෙයක් තමයි ලොජිකල් ෆ්ලෝ එක. මමත් ගණිතයට කැමති කෙනෙක්. මම ගුරුවරයෙක් හැටියට ඉගැන්නුවෙත් ගණිතය. මේ නිසා මාත් ඉතාම කැමති දෙයක් තමයි මේ තාර්කික ගලායාමක් සහිතව ලියන එක. ඒ ආකාරයට ලිවීම මට විශාල තෘප්තියක් ලබා දෙනවා. මේ ආකාරයට පී.බී. ජයසේකරගේ ලිවීමේ භාවිතය සහ ඒ සමඟ බැඳුණු හැඟීම් අප වෙත නිරාවරණය වීම ඔහුගේ කෘති කියවීමට අලුත් ආලෝකයක් සපයන්නට ඉඩ ඇත. ඔහු සේම මේ සංවාද මාලාව තුළ තම ලිවීමේ අත්දැකීම් හෙලිදරව් කරන ලේඛක ලේඛිකාවන් නවකතාකරණයට උනන්දු නමුත් තවමත් එය ඇරඹීමට පෙරුම් පුරන අනාගත නවකතාකරුවන්ට අනුප්‍රාණය සපයන්නේ නම් එය අපට සතුටකි. මේ වෙනුවෙන් ලබන සතියේ අප හා එක් වන්නේ තවත් සුවිශේෂී නවකතාකරුවෙකු වන ආරියවංශ අබේසේකර යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. ",
"Title": "'මම ලියන හැටි' : පී. බී. ජයසේකර"
} |
{
"Text": " ආරම්භක අවධියේ දී රෝග ලක්ෂණ නොපෙන්වා, අවසාන අදියරේ දී රෝග ලක්ෂණ මතුවීම නිසා මූලය හඳුනා නොගත් වකුගඩු රෝගයේ භයානක බව තේරුම් ගෙන එය කල්තියා හඳුනා ගැනීමට පැවැත්වෙන සායන වෙත ජනතාව පැමිණීම වැදගත් බව දෙහිඅත්තකණ්ඩිය, වකුගඩු රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය සිතුමිණි හේරත් පවසන්නීය. අම්පාර දිස්ත්‍රික්කයේ මූලය හඳුනා නොගත් වකුගඩු රෝගීන් වැඩිපුරම වාර්තා වී තිබෙන්නේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙනි. විශේෂයෙන් මැදිවියේ පිරිමි පුද්ගයින් මේ රෝගයට ගොදුරු වීම නිසා පවුලේ ආර්ථිකය සහ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී ඔවුහු ගැටලු රැසකට මුහුණ දෙති.",
"Title": "මූලය හඳුනා නොගත් වකුගඩු රෝගී තත්වයෙන් පීඩා විදින මහවැලි C කලාපයේ වැසියෝ"
} |
{
"Text": " ශ්‍රී ලංකාවේ මේ දිනවල යළිත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ සංවේදී තත්ත්වයක් ඉස්මතු වෙමින් පවතී.ඒ, කොවිඩ්-19 මරණ කිහිපයක් සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් වාර්තා වීමත් සමග ය. ‘කොවිඩ් මරණ 3ක්’ අප්‍රේල් 12 වන දා සිට අප්‍රේල් 17 වන දා දක්වා ගතවූ දින 5ක කාලය තුළ කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුවූ බවට සැකකෙරෙන මරණ 3ක් වාර්තා වී තිබේ. ඉන් ආසන්නතම මරණය වාර්තා වූයේ, බදාදා (අප්‍රේල් 17) වන දා ය. කොවිඩ් ආසාදනය වීමෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු 17 වන දා මිය ගිය බව මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඒ.එස්.ආර්. වික්‍රමාරච්චි වාර්තා කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, දෙමන්හංදිය නව නගරයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකි. මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ, වෛද්‍ය වාර්තා හා සාක්ෂි අනුව අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොවිඩ් නියුමෝනියාව වැළඳීමෙන් මෙම මරණය සිදුව ඇති බව ය. මේ අතර, කොවිඩ් ආසාදනය වී යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 62 හැවිරිදි කාන්තාවක් අප්‍රේල් 12 වන දා මියගොස් තිබිණි. ඊට අමතරව, කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වූ කාන්තාවකට කොවිඩ් 19 වැළඳී තිබුණු බව අනාවරණය වී ඇතැයි මාධ්‍ය වාර්තා පළ කර තිබේ. කෙසේ වෙතත්, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ, මෙම මරණ කොවිඩ්-19 ආසාදනයෙන් සිදුවූ මරණ බවට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ය. මේ අතර, කොවිඩ්-19 බවට සැකකෙරෙන මරණ තුනක් වාර්තා වූ පමණින් අනියත බියක් ඇති කර ගත යුතු නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය පාලිත රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් සොයා බැලීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බව ය. \"යම් මරණයක් සිදුවුණ හේතුව නිශ්චය කර ගන්න අමාරු අවස්ථාවකදී කොවිඩ්-19 පරීක්ෂාවක් කරන්න පුළුවන්. නැත්නම් කොවිඩ් පරීක්ෂණ කටයුතු මේ වෙනකොට නතර කරල තියෙන නිසා ආසාදිතයින් හමු වෙන්නෙ නෑ. ඒ වුණත් ඒක බියක් ඇති කර ගන්න කාරණයක් නෙවෙයි. දවසකට රිය අනතුරුවලින් මිනිස්සු කී දෙනෙක් මැරෙනවා ද? බෝ නොවන රෝගවලට කී දෙනෙක් ගොදුරු වෙනවා ද? ඒ නිසා සතියක් ඇතුළත කොවිඩ්වලින් බවට සැක කෙරෙන මරණ තුනක් සිද්ධ වුණා කියන එක බයක් ඇති කර ගන්න කාරණයක් නෙවෙයි. කොහොම වුණත්, කොවිඩ් හෝ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින් ප්‍රතිකාර ගැනීම වැදගත්,\" වෛද්‍ය පාලිත රාජපක්ෂ ප්‍රකාශ කළේය. ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ වර්ධනයක් මේ අතර, ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි. ඔහු ප්‍රකාශ කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් එම රෝගීන් හඳුනාගෙන ඇති බව ය. ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් වෛද්‍ය ප්‍රතිකාර ලබා නිවෙස්වල රැඳී සිටිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය. \"ඉන්ෆ්ලුවෙන්සා රෝගය වෛරසයක් නිසා ඇති වෙන එකක්. ඒ නිසා ඒක ගොඩක් බෝවෙන තත්ත්වයක් තියෙනවා. එවැනි රෝගීන් වෙනත් අයගෙන් ඈත්ව සිටීම වැදගත්. ඒ සඳහා ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙනුත් ඵලක් නැහැ. මේ රෝගය සුව වෙන්න සතියක පමණ කාලයක් ගත වෙනවා,\" වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසීය. ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ මොනවා ද? ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ කිහිපයක් පවතී. *උණ *කැස්ස *උගුරේ ආබාධ *නාසයේ සොටු ගැලීම *මස් පිඩු වේදනාව *හිසරදය *තෙහෙට්ටුව *වමනය රෝගය වැළඳීම සහ සුවවීම පළමු දින 1 සිට 3 දක්වා - උණ, හිසරදය, මස්පිඩු වේදනාව, උගුරේ අපහසුතා, වියළි කැස්ස සහ ඇතැම් විට නාසයේ බර ස්වභාවක් ඇති විය හැකි ය. 4 වන දිනය - උණ සහ මස්පිඩු වේදනාව තරමක් අඩුවෙයි. එහෙත්, උගුරේ වේදනාව, කැස්ස සහ හෘදයේ සුළු වේදනාවක් ඇති විය හැකි ය. 8 වන දිනය - රෝග ලක්ෂණ පහව යන නමුත්, කැස්ස සහ තෙහෙට්ටුව සති දෙකක පමණ කාලයක් පැවතිය හැකි ය. මැයි සිට ජූලි දක්වා රෝගය උච්ච වීමේ අවදානමක් ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඇති වන්නේ, ලෝකයේ සෑම ප්‍රදේශයක ම සංසරණය වන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මගිනි. 'ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳෙන බොහෝ අය සතියක් ඇතුළත උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ වෙනත් රෝග ලක්ෂණ වලින් සුවය ලැබුව ද, රෝගයේ බරපතළකම වෙනස් විය හැකි අතර, විශේෂයෙන් වයෝවෘද්ධ පුද්ගලයින්, කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන් සහ දිගු කාලීන සංකූලතා තත්ත්වයන් ඇති ඉහළ අවදානම් කණ්ඩායම්වල, රෝහල්ගත වීම් හා මරණයන්ට මෙම රෝගය හේතු විය හැකි,' බවට වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවයි. එම අංශය පවසන්නේ, ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල වර්ෂා කාලවලදී ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැඩි විය හැකි අතර, වැඩි රෝගීන් සංඛ්‍යාවක් ඇති විට ප්‍රධාන උච්ච අවස්ථා දෙකක් ඇති බව ය. එම උච්ච අවස්ථා දෙක වන්නේ, මැයි මස සිට ජූලි මස දක්වා සහ නොවැම්බර් මස සිට ජනවාරි මස දක්වා ය. ඉන්ෆ්ලුවෙන්සා රෝගය යනු එක ම ආකාරයකට සමාජයේ පැතිර නොයන විවිධාකාර මුහුණුවර කිහිපයක් සහිත රෝගයක් බව වෛද්‍යවරු පවසති.",
"Title": "කොවිඩ්-19 සහ ඉන්ෆ්ලුවෙන්සා යළිත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට අභියෝගයක් වෙමින් තිබේ ද?"
} |
{
"Text": " මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගේ කීර්තියට අපහාස වන ආකාරයට ඔහුගේ පුද්ගලිකත්වය හා සම්බන්ධ වීඩියෝ දර්ශන හා ඡායාරූප ඇතුළු තොරතුරු සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (අප්‍රේල් 18) ඔහුගේ හිටපු පෞද්ගලික සහායිකාව වශයෙන් කටයුතු කළ ගයත්‍රි බිම්බා වෙත වාරණ නියෝගයක් නිකුත් කළේය. එමෙන්ම විත්තිකාරිය සතුව පවතින එවැනි වීඩියෝ දර්ශන හා ඡායාරූප තුන්වන පාර්ශවයක් වෙත ලබාදීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කරනු ලැබීය. කොළඹ දිසා අධිකරණයේ විභාග වන නඩුව ජනක රත්නායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝග නිකුත් කළේය. ඊට අමතරව පැමිණිලිකරුට අපහාසාත්මක වන ආකාරයේ \"මී මැස්සෝ ටී.වී\" යූ ටියුබ් නාලිකාව ඔස්සේ විකාශය වූ අන්තර්ගතයන් වෙනත් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීම වළක්වාලමින් එම යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වූ කල්ප ගුණරත්න ඇතුළු ඔහුගේ නියෝජිතයින් වෙත තවත් වාරණ නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කරනු ලැබීය. මෙම වාරණ නියෝග මැයි මස 02 වනදා දක්වා බල පැවැත්වේ. ඊට අමතරව ඉකුත් මාර්තු මස 14 වනදා විත්තිකාරිය \"මී මැස්සෝ ටී. වී. \" නැමැති යූ ටියුබ් නාලිකාවට සාකච්ඡාවක් ලබා දෙමින් තමා අල්ලස් ලබා දෙන පුද්ගලයෙකු බවටත් තමා විත්තිකාරියට තර්ජනය කර ඇති බවටත් ඇය විසින් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවද ජනක රත්නායක සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. මේ තුළින් තමා දූෂිත පුද්ගලයෙකු , අල්ලස් දෙන්නකු බවටත්, දේශද්‍රෝහියෙකු, මහජන මුදල් අවභාවිතා කරන්නෙකු බවටත් හුවා දැක්වීමට විත්තිකාරිය කටයුතු කර ඇති බවත් පැමිණිලිරු චෝදනා කරයි. මේ තුළින් සිය කීර්තියට සිදු කළ හානිය වෙනුවෙන් විත්තිකරුවන්ගෙන් රුපියල් බිලියන 2 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ජනක රත්නායක විසින් මෙම නඩුව ගොනු කර තිබේ. මෙහිදී ම පැමිණිකාර ජනක රත්නායක වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල් ප්‍රගාසම්ගේ උපදෙස් මත නිරන්ජන් අරූල් ප්‍රගාසම්, සජන ද සොයිසා යන නීතිඥවරු සමඟ ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා පෙනී සිටියහ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව : ඉල්ලා සිටි තහනම් ආඥාවට වගඋත්තරකරුවන්ගෙන් විරෝධය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට හිරිහැර සිදු කිරීමේ අරමුණින් ඔහුගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් අද (අප්‍රේල් 18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විරෝධතා මතු කරන ලදී. ජනක රත්නායක ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් රජය විසින් මෑතකදී සම්මත කළ මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ අප්‍රේල් 04 වනදා කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය. එම නඩුකරය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත ඉදිරියේ අද (අප්‍රේල් 18) යළි කැඳවනු ලැබිණි. එම අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම නඩුවට අදාළව අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කරන බවයි. මෙම නඩුකරයට අදාළව තමන් වෙත නොතිසි ලැබී නොමැති බව සඳහන් කළ වග උත්තරකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වූ සාලිය පිරිස්, නලින්ද ඉන්දතිස්ස සහ චමින්ද අතුකෝරාල , හෆීල් ෆාරිස්, හර්ෂණ නානායක්කාර යන නීතිඥවරු මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියහ. ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි එහි සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න කියා සිටියේ මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා සම්බන්ධ වැදගත් නඩුකරයක් බැවින් එම නඩු කටයුත්ත නිරීක්ණය කිරීම සඳහා තම සංගමය මැදිහත් වන බවයි. එම අවස්ථාවේදී පෙත්සම්කාර ජනක රත්නායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙන තිබුණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25(7) වගන්තිය තුළින් එම අයිතිය භුක්ති විඳීමේ සීමාවන් පනවා තිබෙන බවයි. මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳව පනත සම්බන්ධයෙන් මතභේදකාරී තත්ත්වයක් සමාජය තුළ පැවතියද මෙම නියෝගය ලබා ගැනීමේ ක්‍රියාවලියට රජයේ මැදිහත් වීමක් නොමැති බවත් මෙම නියෝගය ලබාගෙන තිබෙන්නේ පෞද්ගලික පාර්ශවයක් බවත් ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස පෙන්වා දුන්නේය. එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙන්වා දුන්නේ මෙම පනත හරහා රජයට පමණක් නොව පෞද්ගලික පාර්ශවයන්ට ද සිය අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා අවභාවිතා කිරීමට හැකියාව තිබෙන බවයි. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල නැවත මැයි මස 02 වනදා කැඳවන ලෙස නියෝග කළාය. එදින මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් පාර්ශවකරුවන්ට දැනුම් දුන්නාය. අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස පැමිණිලිකාර ජනක රත්නායකගේ පුද්ගලික සහායිකාවක වශයෙන් කටයුතු කළ මේ වන විට තායිවානයේ වෙසෙන ගයත්‍රී බිම්බා, ජනක රාජපක්ෂ , ඔෂල හේරත්, ටෝක් විත් ලාල් සහ මී මැස්සෝ යන යූටියුබ් නාලිකාවල මාධ්‍යවේදීන් ඇතුළු පාර්ශ්ව 08 ක් නම්කර තිබේ. ජනක රත්නායක සම්බන්ධ පෞද්ගලික ඡායාරූපයක්, වීඩියෝ දර්ශන ඇතුළු පුද්ගලික තොරතුරු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා මෙම වගඋත්තරකරුවන් වෙත අදාළ කොන්දේසි සහිත ආඥාව නිකුත් කළේය. එහිදී මෙම තහනම් ආඥාව පිළිබඳව ගූගල් සහ වට්ස්ඇප් සමාගම් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. පැමිණිල්ල කුමක් ද? පැමිණිලිකරු කියා සිටින්නේ වග උත්තරකාර ගයත්‍රි බිම්බා නමැත්තිය 1999 වසරේ සිට සිය පුද්ගලික සහයිකාව වශයෙන් කටයුතු කළ අතර ඇය සමග තමා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බව ය. එම නිසා පැමිණිලිකරුගේ පුද්ගලික සහ රාජකාරී ජීවිතයේ තිබෙන අතිශය රහසිගත තොරතුරු වග උත්තරකාරිය දැන සිටි බව පැමිණිල්ලේ සඳහන් වේ. පැමිණිලිකරු සහ වග උත්තරකාරිය ලිංගිකව එක්ව ජීවත්ව ඇති අතර එය ප්‍රසිද්ධ කරුණක් බවත් එවැනි අවස්ථාවලදී දෙපාර්ශවය විසින්ම ඡායාරූපගත කර තිබෙන බව පිළිගන්නා බවත් පැමිණිකරු කියා සිටියි. කෙසේ වෙතත් 2023 වසරේ පැමිණිලිකරු සහ වගඋත්තරකාරිය අතර පැවැති සමීප සම්බන්ධය බිඳී ගිය අතර ඉන් පසුව අදාල රහසිගත ඡායාරූප හා වීඩියෝ ගබඩා කර තිබූ තම දුරකථනයේ මුරපදය ඇය විසින් ලබාගෙන ඒවායේ පාලනය මේ වනවිට සම්පූර්ණයෙන්ම තමන් සතු කරගෙන ඇති බවත් පැමිණිලිකරු චෝදනා කරයි. මෙවැනි වීඩියෝ දර්ශනයක් මෑතකදී වගඋත්තරකාරිය විසින් වට්ස්ඇප් [WhatsApp] හරහා හුවමාරු කරගෙන ඇති බවට තම මිතුරෙකු මාර්ගයෙන් දැනගන්නට ලැබුණු බවද පැමිණිලිකරු සඳහන් කර ඇත. ඊට අමතරව talk with ලාල් සහ මී මැස්සෝ යනාදී [YouTube]නාලිකා ඔස්සේ වගඋත්තරකාරිය පෙනී සිටිමින් පැමිණිලිකරුට අගතියක් වන ආකාරයේ තොරතුරු ප්‍රකාශ කර තිබෙන බවත් පැමිණිල්ලේ සඳහන් වේ. වග උත්තරකාරියගේ ක්‍රියාකලාපය පිරික්සීමේදී ඇය පැමිණිලිකරු ඉලක්ක කර ගනිමින් ඔහු හිරිහැරයට පත් කිරීමේ අදහසින් ඔහුට අදාළ පෞද්ගලික තොරතුරක් පැතිරවීමට හෝ සන්නිවේදනය කිරීමට උත්සාහ කරන ආකාරයක් පෙනී යන බවද ඔහු සඳහන් කරයි. නීතිමය තර්ක මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය. \" ස්වාමීනී... මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත තාව පිළිබඳ පනතේ 20(1) වගන්තිය යටතේ යම් ඉලක්කගත පුද්ගලයෙකුට හිරිහැර කිරීමේ චේතනාවෙන් එම පුද්ගලයා පිළිබඳ පුද්ගලික තොරතුරු පළ කිරීම, ප්‍රචාරය කිරීම හා සන්නිවේදනය කිරීම වරදක් ලෙස දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ තුළ පමණක් නොව ඉන් පිටතදී පවා සිදුකරනු ලබන වැරදි ක්‍රියා මීට ඇතුළත්. යම් පුද්ගලයෙකු එවැනි චෝදනාවකට වරදකරු කරනු ලැබූ විට වසර පහක් නොඉක්මවන සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයක් නියම කිරීමට අධිකරණයට බලය තිබෙනවා. එසේම අදාල වගන්තිය යටතේ \"පෞද්ගලික තොරතුරු\" යන්නට යම් ඡායාරූපයක්, හඬ පටයක්, වීඩියෝ පටයක් ඇතුළත් වෙනවා.\" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා තමා මෙම අවස්ථාවේදී වග උත්තරකරුවන්ට එරෙහිව නඩු විභාගයක් අපේක්ෂා නොකරන බවත් සඳහන් කළේය. එහෙත් පැමිණිලිකරු සම්බන්ධයෙන් වූ පෞද්ගලික තොරතුරු ඔහු හිරිහැරයට පත් කිරීමේ චේතනාවෙන් පළ කිරීම, ප්‍රචාරය කිරීම සහ සන්නිවේදනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ වන කොමිසම මේ දක්වා ස්ථාපිත කර නොතිබුණද පනතේ විධිවිධාන ප්‍රකාරව මහේස්ත්‍රාත් අධිකරණයකින් එවැනි තහනම් ආඥාවක් ඉල්ලා සිටිය හැකි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකරු සම්බන්ධයෙන් වන පෞද්ගලික තොරතුරු ඔහු හිරිහැරයට පත් කිරීමේ චේතනාවෙන් සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය කිරීම හා සන්නිවේදනය කිරීම වළක්වාලමින් කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන බව නියෝග කළේය.",
"Title": "ජනක රත්නායක සහ ගයත්‍රි බිම්බා:අපහාස කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්"
} |
{
"Text": " සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුද්දේ උණුසුම කෙමෙන් මැකී යද්දී අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් උණුසුමක් මතු වෙමින් තිබේ. ඒ, සූර්ය මංගල්‍යය වෙනුවෙන් මීට වසර කිහිපයකට ඉහතදී නිර්මාණය වූ ගීතයක් විකෘති කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි. 2014 වසරේ ස්වාධීන රූපවාහිනී සේවයේ 'සූර්ය මංගල්‍යය' වැඩසටහන වෙනුවෙන් නිරමාණය කරන ලද එම ගීතයට, ගීත් තරංග නමැත්තෙකු පද රචනයෙන් ද, සහන් රන්වල ගී තනු නිර්මාණයෙන් ද, රෝහණ බැද්දගේ සහ රන්වල බළකාය ගායනයෙන් ද දායක වී තිබේ. තුන් හෙළේ හැඩ අලුත් කරන් එන්නෙ අවුරුදු කුමරු බොලන් සූරිය මංගල්ලේ... සූරිය මංගල්ලේ... යනුවෙන් එම ගීතය ආරම්භ වේ. කෙසේ වෙතත්, මෙම ගීතයේ පද විකෘති කර, එම පද වෙනුවට අසභ්‍ය වචන පද පෙරළා එම තනුවට අනුව ම ගායනා කළ වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළ කර තිබිණි. 'මෙවැනි නොමනා දේවල් නතර කළ යුතුයි' - රෝහණ බැද්දගේ මෙම ගීතය විකෘති කර ගායනා කර, සමාජ මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙන් එම ගීතයේ මුල් ගායන ශිල්පියා වන ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ කනස්සල්ලෙන් පසු වෙයි. ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙවැනි දේ කිරීම හරහා ගායකයාට, සංගීත නිර්මාණ ශිල්පියාට සහ පද රචකයාට පමණක් නොව එම ගීත රස විඳින රසිකයින්ට ද අසාධාරණයක් සිදු වන බව ය. \"මේ වගේ දේවල් මීට කලිනුත් වෙලා තියෙනවා. ඒක නිර්මාණකරුවන්ට විතරක් නෙවේ රසිකයින්ටත් කරන අසාධාරණයක්. ඒ නිසා මේ වගේ දේවල් නතර කරන්න පියවර ගත යුතුයි. මීට කලින් මගේ 'මල්සරා' ගීතය ඇතුළු ගීත දෙකක් විකෘති කරලා සංගීත සංදර්ශනවල ගායනා කරලා තිබුණා. මම ඒවාට අධිකරණයට ගිහින් වන්දි ගත්තා. මේ ගීතයටත් ඒ වගේ වන්දි ගන්න පුළුවන්. ඉදිරියේදී මේ වගේ දේවල් නොවෙන්න නිසි ක්‍රියාමාර්ග ගන්නවා නම් ගොඩක් හොඳයි,\" රෝහණ බැද්දගේ පැවසීය. තනු නිර්මාණය කළ සහන් රන්වලගේ අදහස මෙම ගීතයේ තනු නිර්මාණය කළ සහන් රන්වල බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ගීතයක පද විකෘති කිරීම ගීතයේ හිමිකරුවන්ට කරන අසාධාරණයක් වන අතර, රසිකයින් ඇතුළු සියලු දෙනාගේ හිත් රිදවීමක් ඉන් ඇති විය හැකි බව ය. කෙසේ වෙතත්, මීට පෙර ද මෙවැනි ගීත විකෘති කිරීම් සිදුව ඇති අතර, තමන් එවැනි දේ ගැන වැඩි අවධානයක් නොදක්වන බව ද ඔහු සඳහන් කළේ ය. \"ගීතයක පද විකෘති කරන එක අනුමත කරන්න බෑ. ඒ වගේ ම ඒ වගේ දෙයක් කරලා සමාජ මාධ්‍යවල පළ කිරීමත් වැරදි වැඩක්. ඒත්, මේ වගේ දේවල් මීට කලිනුත් වෙලා තියෙනවා. මම නම් ඔය දේවල් වැඩිය ගණන් ගන්නෙ නෑ. මොක ද, ඒවා එනවා යනවා, මිනිස්සුන්ට ඒවා වැඩි කල් මතක හිටින්නෙ නෑ. මුල් නිර්මාණය රස විඳින කෙනා ඒක රස විඳිනවා,\" සහන් රන්වල පැවසීය. මේ අතර, සෑම ජාතියක් ම තම සංස්කෘතිය ආරක්ෂා කළ යුතු බවත් එය විනාශ කිරීමට හෝ විකෘති කිරීමට උත්සහ ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දිය යුතු බවත් පැල්පොළ විපස්සි ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අග්නිදිග ආසියානු කලාපයේ සංඝ නායක පැල්පොළ විපස්සි නාහිමියන් පවසා තිබිණි. සංස්කෘතික උරුමයන් විනාශ කිරීමට ගන්නා උත්සහයන් මැඩ පැවැත්විය යුතු බව ද උන් වහන්සේ පවසති. 'නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා' - සංස්කෘතික කටයුතු ඇමති අදාළ ගීතය විකෘති කළ සහ එය සමාජ මාධ්‍යවල පළ කර පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු ආරම්භ කිරීමට තමන් උපදෙස් දුන් බව ය. \"මේ වගේ දේවල් විනෝදයට කරලා කිහිප දෙනෙක් අහනවා වගේ නෙවෙයි, සමාජ මාධ්‍යවල පළ කරන එක. ඒකෙන් නිර්මාණකරුවන්ට වගේ ම රසිකයින්ටත් අසාධාරණයක් සිද්ධ වෙනවා. මේ සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ පනත, ඔන්ලයින් ආරක්ෂණ පනත ඇතුළු පනත් කිහිපයක් යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපි ඒ ගැන ක්‍රියාත්මක වෙනවා.\" 'සිවිල් සහ අපරාධ වගකීම යටතේ පැමිණිලි කළ හැකියි' - ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් මෙන් ම අපරාධ වගකීම යටතේ පැමිණිලි කළ හැකි බව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක පැවසීය. ඇය ප්‍රකාශ කළේ, මෙවැනි සිද්ධියකදී බුද්ධිමය දේපළ යටතේ නඩු පැවරීමකින් වරදකරු වුවහොත් දඩ මුදලක් මෙන් ම සිර දඬුවමක් ද නියම කළ හැකි බව ය. \"මහේස්ත්‍රාත් අධිකරණයේ බුද්ධිමය දේපළ යටතේ පැමිණිල්ලකින් වරදකරු වුණොත්, රුපියල් ලක්ෂ 5ක් දක්වා උපරිම දඩයක් නියම කරන්න පුළුවන්. ඒ වගේ ම, මාස 6ක සිර දඬුවමක් නියම කරන්නත් පුළුවන්. නැත්නම් ඒ දෙක ම නියම කරන්නත් පුළුවන්. ඒ වගේ ම, සිවිල් වගකීම යටතේ පැමිණිල්ලක් කළොත් අගතියට පත් පාර්ශවයට තමන්ට සිදුවුණ හානිය අනුව වන්දි මුදලක් ඉල්ලා සිටින්නත් පුළුවන්,\" ගීතාංජලී රණවක පැහැදිලි කළා ය. මේ අතර, මීට පෙර වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය අළලා අසභ්‍ය වචන ඇතුළත් කැසට් පටයක් නිර්මාණය කර තිබූ අතර, ඉන්ද්‍රාණි පෙරේරාගේ ‘සුදු අසු පිට නැගලා’ වැනි ගීතවලට වෙනත් වචන යොදා ගී සකසා තිබිණි. කෙසේ වෙතත්, ඒවා සමාජ මාධ්‍යවල පළ කර තිබුණේ නැත. සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ රාජකාරි තාවකාලිකව තහනම් මේ අතර ඉහත සිදුවීමට පාදක වූ ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගායනා කළ ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ රාජකාරි තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) නීතිඥ චන්න වීරක්කොඩි පැවසීය. ඔහු සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ය. මෙම නිලධාරියා වරදක් සිදු කර ඇති බවට අධිකරණය මගින් තහවුරු වුවහොත් ඊට අදාළව පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය. ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සුරාබදු නිලධාරියා අප්‍රේල් 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (අප්‍රේල් 17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. සැකකරු තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.",
"Title": "අවුරුදු ගීතයක් විකෘති කිරීම: 'මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්න පියවර ගත යුතුයි' - රෝහණ බැද්දගේ"
} |
{
"Text": " අප්‍රේල් මස 13 වෙනිදා සිට අප්‍රේල් මස 16 වෙනිදා දක්වා මියන්මාර ජනතාව \"තින්ග්යන්\" නව අවුරුදු උත්සවය සමරනු ලැබීය. මෙම නව අවුරුදු උත්සවයට සමගාමිව මියන්මාරයේ රාජ්‍ය පරිපාලන සභාව විසින් සිරකරුවන් තුන්දහසකට අධික සංඛ්‍යාවක් පොදු සමාව යටතේ නිදහස් කිරීමට තීරණය කර ඇත. එලෙස පොදු සමාව යටතේ නිදහස් කරනු ලබන සිරකරුවන් 3,303ක් අතර විදේශීය ජාතිකයින් 36 දෙනෙකු සිටින බව සඳහන් ය. ශ්‍රී ලාංකිකයින් පිරිසකට පොදු සමාව බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පැවසුවේ ලබා දී ඇති පොදු සමාව යටතේ ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකුට ද නිදහස හිමිව ඇති බවයි. එලෙස පොදු සමාව යටතේ නිදහස ලබා ඇති සියලුම ශ්‍රී ලාංකිකයින් ධීවරයින් බව තානාපතිවරයා පැවසීය. \"පසුගිය වසරේදී මියන්මාර මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රා දෙකක් මියන්මාර් බලධාරීන් සිය භාරයට ගත්තා\" \"ඒ අවස්ථාවේදී එම ධීවර යාත්‍රාවල සිටි ධිවරයින් 15 දෙනාට තමයි මේ වෙද්දී පොදු සමාව යටතේ නිදහස ලැබිලා තියෙන්නේ\" \"ඔවුන් සියළු දෙනා හලාවත සහ මීගමුව ප්‍රදේශයන් වලින් ධීවර කර්මාන්තය සඳහා පිටත්වූ ධීවරයින්.\" \"ඔවුන්ගේ වැරදි වලට මියන්මාර අධිකරණයෙන් වසර 07ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබුණා.\" \"ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වගේම බුරුමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම පිරිසට සමාව ලබා ගන්න කැපවෙලා කටයුතු කළා.\" \"පසුගිය මාර්තු මාසයේදී මියන්මාර් අග්‍රාමාත්‍යවරයා මට හමුවූ අවස්ථාවේදී එතුමාගෙන් මම ඉල්ලීමක් කළා අපේ ධිවරයින් පිරිසට සමාව ලබා දෙන්න කියලා.\" \"ඒ අවස්ථාවේදී එතුමා පොරොන්දු වුණා ඔවුන්ගේ අලුත් අවුරුදු සැමරීම වෙනුවෙන් ලබා දෙන පොදු සමාව යටතේ මෙම ලාංකිකයින් පිරිසට සමාව දෙන්න පියවර ගන්නවා කියලා. ඒක ඉටු වෙලා තියෙනවා.\" \"ඉදිරි දිනවලදී මියන්මාර තානාපති කාර්යාලයට මෙම පිරිස භාරදෙන්න නියමිතයි. ඉන් පසුව ඔවුන් නැවත ලංකාවට එවීමට පියවර ගන්නවා.\" තානාපති ජනක බණ්ඩාර පැවසීය. සයිබර් කඳවුරු වලින් නිදහස් කර ගත් ලාංකිකයින්ට මොකද වුණේ ? මේ අතර පසුගියදා මියන්මාරයේ සයිබර් වහල් කඳවුරු වල රඳවා ගෙන සිටියදී නිදහස් කර ගෙන තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාරදුන් ලාංකිකයින් 08 දෙනා හෙට ( අප්‍රේල් මස 18 වෙනිදා) පෙරවරු 9.35 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බවද මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේය. \" මේ අය ලංකාවට එවන්න පරක්කු වුනාම සමහර අය කියලා තිබ්බා මේ නිදහස් කරගත්තු කතාව බොරුවක් කියලා.\" \"ඒත් මේ කටයුතු සිදුවෙන ක්‍රමවේදයක් තියෙනවා.\" තානාපතිවරයා පැවසීය.",
"Title": "මියන්මාර අවුරුදු දා සමාව ලැබෙන එරට සිරගතව සිටින ලාංකිකයින් පිරිස කවුද ?"
} |
{
"Text": " ශ්‍රී ලංකාවේ විශාලතම සහ පුළුල් ම ව්‍යාප්තියක් සහිත රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සැලකෙන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න අඟහරුවාදා (අප්‍රේල් 16) අභාවප්‍රාප්ත විය. කොළඹ, පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන විට ඔහු 93 වන වියේ පසු විය. \"දිළිඳුකම තුරන් කිරීම සහ ගැටුම් රහිත සමාජයක් ගොඩනැගීම\" සිය මෙහෙවර කර ගත් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය හරහා ආචාර්ය ඒ.ටී. ආරියරත්න ශ්‍රී ලංකාවේ දහස් ගණනක් පවුල් ආර්ථික වශයෙන් නගා සිටුවීමට කැපවූ අයෙකි. ඒ.ටී. ආරියරත්න යනු කවුද? අහංගමගේ ටියුඩර් ආරියරත්න හෙවත් ඒ.ටී. ආරියරත්න 1931 වසරේ නොවැම්බර් මස 05 වන දා ගාල්ල, උණවටුනේදී උපත ලැබීය. උණවටුන බෝන විස්ටා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු, ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය. පසුව, ගුරු අභ්‍යාස විද්‍යාලයට බැඳී ගුරුවරයෙකු බවට පත්වූ ඒ.ටී. ආරියරත්න, 1972 වසර වන තුරු කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළේය. ඒ අතරතුර, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද උපාධියක් ලබා ගත් ඔහුට, එම විශ්වවිද්‍යාලයෙන් ම සම්මාන අචාර්ය උපාධියක් පිරිනැමිණි. පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැනු දරුවන් තිදෙනෙකු ඇතුළු දරුවන් 6 දෙනෙකුගේ පියෙකු වූ ඔහු, මුණුබුරු මිණිබිරියන් 12 දෙනෙකුගේ මුත්තණුවෙකු ද විය. සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපරයේ ආරම්භය ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ මූලිකත්වයෙන් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ආරම්භ වූයේ, 1958 වසරේදී ය. ඔහු 1958 වසරේදී කොළඹ නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍යයින් 40 දෙනෙකු සහ ගුරුවරුන් 12 දෙනෙකු සමග ගාල්ල, කතළුව ගම්මානයේ කළ ශ්‍රමදාන ව්‍යාපාරයකින් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ආරම්භ වූ බව පැවසේ. ඔවුන් කුලයෙන් පහත් ලෙස සැලකෙන ගම්මානයක් වෙත රැගෙන ගොස් එම ගම් වැසියන් අතර පැවති එම මත වෙනස් කිරීමට සහය වීම අරමුණු කර ගත්, \"අධ්‍යාපනික අත්හදාබැලීමක්\" ලෙස එය ක්‍රියාත්මක කෙරිණි. මෙවැනි \"අධ්‍යාපනික අත්හදාබැලීම්\" කිහිපයක් ම සිදු කළ අතර, ඒවා සාර්ථකව අවසන් කිරීමට හැකි වී තිබිණි. සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ගොඩ නැගී ඇත්තේ, ඒ තුළිනි. වසර 65ක් පුරා සිදුවූ සේවාව ශ්‍රී ලංකාවේ පිහිටි ගම්මාන 38,000න් ගම්මාන 15,000කට සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ප්‍රතිලාභ ලබා දීමට හැකි වී ඇතැයි ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ දෙටු පුත් සර්වෝදය ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය වින්‍යා ආරියරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. \"පවුල් වශයෙන් ගත්තොත් අපේ සාමාන්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වෙන පවුල් ලක්ෂ 3ක් විතර තියෙනවා. ඊට අමතරව, ආර්ථික අර්බුදය වැනි ආපදා අවස්ථාවල අපි සහන සේවා ලබා දුන්නා, පවුල් ලක්ෂ 5කට. සමස්තයක් වශයෙන් ගත්තා ම ලංකාවේ ග්‍රාමීය සහ නාගරික ගම්මානවල 30-40%ක පමණ ප්‍රතිශතයකට සර්වෝදය සේවාවන් අවුරුදු 65ක කාලය තුළදී තාත්තා ලබා දීලා තියෙනවා,\" වෛද්‍ය වින්‍යා ආරියරත්න පැවසීය. මේ වන විට, තවදුරටත් වර්ධනය වී ඇති සර්වෝදය ව්‍යාපාරය අධ්‍යාපන ආයතන, මූල්‍ය ආයතන හරහා ද තරුණ ප්‍රජාවට මෙන් ම ආර්ථික ගැටලුවලට මුහුණ ග්‍රාමීය ප්‍රජාවට ද සහන සලසයි. 'ස්වේච්ඡා සේවය, සංවර්ධන දර්ශනයක් බවට පත් කළා' ආචාර්ය ඒ.ටී. ආරියරත්න \"ස්වේච්ඡා සේවයට වටිනාකමක් ලබා දී එය සංවර්ධන දර්ශනයක් බවට පත් කළ බව වෛද්‍ය වින්‍යා ආරියරත්න පැවසීය. \"එතුමාට තිබුණා පුළුල් දැක්මක් රට ගැනත්, ඒ වගේ ම ලෝකය ගමන් කළ යුතු තැන ගැනත්. එතුමා ඒ වෙනුවෙන් මුළු ජීවිත කාලය ම අවංකව ම කැප කළා. නිර්භයව එයා විශ්වාස කළ දර්ශනය වෙනුවෙන් පෙනී හිටියා. ඒ වගේ ම, දිවා රෑ නොතකා වැඩ කළා. ඒ වගේ ම එතුමාට විශාල පෞරුෂයක් තිබුණා, හැම දෙනාගෙ ම හිත් දිනාගෙන, ස්වේච්ඡා සේවය කියන එකට වටිනාකමක් දීලා, ඒක සංවර්ධන දර්ශනයක් හැටියට ඉතා ම විද්‍යාත්මක ක්‍රමයකට මුළු රට පුරා ම ත්, ඒ වගේ ම මේ පණිවුඩය ලෝකයට ගෙන යන්නත් එතුමා කටයුතු කළා. ඉතින් මම එයාගේ ජ්‍යෙෂ්ඨ පුතා හැටියට ආඩම්බර වෙනවා, එතුමා කරපු සේවය ගැන. අපිටත් ඒ සේවය දිගට ම කරගෙන යන්න පුළුවන් විදිහට අපේ සර්වෝදය හරහා නායක නායිකාවන් පරම්පරා තුන හතරක් ම හදලා තමයි එයා දැන් අපෙන් නික්ම යන්නේ.\" ලැබූ සම්මාන ආචාර්ය ඒ.ටී. ආරියරත්න දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. ඒ අතරින්, 1969 වසරේදී ප්‍රජා නායකත්වය වෙනුවෙන් ලැබූ රැමෝන් මැග්සේසේ සම්මානය විශේෂ ය. 1994 වසරේදී මිනිසෝටා විශ්වවිද්‍යාලයෙන් හ්‍යුබර්ට් එච්. හම්ෆ්‍රි ජාත්‍යන්තර මානුෂීය සම්මානය පිරිනැමිණි. ඊට අමතරව, 1996 වසරේදී ඉන්දීය රජය ඔහුට ගාන්ධි සාම ත්‍යාගය පිරිනැමීය. 2005 වසරේදී සුෂිල් කුමාර් ජාත්‍යන්තර සාම සම්මානයෙන් ද පිදුම් ලැබීය. 2007 වසරේදී ශ්‍රී ලංකාවේ පිරිනැමෙන ඉහළ ම සම්මානයක් වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය. ඇතැමුන් ඔහු \"ශ්‍රී ලංකාවේ ගාන්ධි\" නමැති විරුදාවලියෙන් ද හඳුන්වා තිබේ. අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අභාවප්‍රාප්ත වූ සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්නගේ දේහය බදාදා (අප්‍රේල් 17) පස්වරුවේ සිට මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කිරීමට නියමිත ය. අප්‍රේල් 20 වන දා දහවල් 12.00 දක්වා එම ස්ථානයේ තැන්පත් කර තැබෙන දේහය එදින පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට සැලසුම් කර තිබේ. 20 වන දා පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත ය.",
"Title": "ආචාර්ය ඒ.ටී. ආරියරත්න: ශ්‍රී ලංකාවේ ගම්මාන 15,000කට සහන සැලසූ සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා"
} |
{
"Text": " කුලියාපිටිය සාරනාත් විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන එච්.ඒ මිහින් නිදුවර නව නිපැයුම් තරගවලින් සමස්ත ලංකා ජගග්‍රහණ ලද සිසුවෙකි. ඔහු විසින් නිපදවන ලද ජීවිතාරක්ෂක බෝට්ටුවකට 2022 දී සමස්ත ලංකා පාසල් නව නිපැයුම් තරගයෙන් ප්‍රථම ස්ථානයක් හිමි වී ඇත. එමෙන්ම ඔහු නිපදවන ලද දරුවන්ගේ ආරක්ෂාව සහතික කෙරෙන 'ගෝ කාට්' එකක් සඳහා 2023 දී තවත් සමස්ත ලංකා ජයග්‍රහණයක් හිමි වූ අතර එම දරුවා අධ්‍යාපන කටයුතු ද ඉතා සමබරව සිදු කරන බව සාරනාත් විද්‍යාලයේ විදුහල්පති චමින්ද රන්දෙනි BBC සිංහල සේවයට පැවසුවේය. ''මම මේ නිර්මාණ කරන්න අවශ්‍ය තාක්ෂණය, දැනුම ලබා ගත්තේ කුඩා කාලයේ පටන් ලබපු අත්දැකීම් වලින් සහ අන්තර්ජාලයෙන්. මට ලොකු ආසාවක් තියෙනවා මේ පැත්තෙන්ම ඉදිරියට ගිහින් රටට, ලෝකයට වැඩදායි පුරවැසියෙක් වෙන්න.'' යනුවෙන් මිහින් නිදුවර සිසුවා කියා සිටියේය.",
"Title": "Made in Sri Lanka : නව නිපැයුම් වලින් සමස්ත ලංකා ජය ලැබූ කුලියාපිටියේ මිහින්"
} |
{
"Text": " එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද (අප්‍රේල් මස 16 වෙනිදා) අභාවප්‍රාප්ත විය. 1960 මැයි මස 3 වැනිදා උපත ලැබූ පාලිත තෙවරප්පෙරුම මිය යන විට 64 වන වියේ පසුවිය. බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ප්‍රකාශ කළේ මතුගම, යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත් පොල් වත්තක දී සිදුවූ අනතුරකින් පාලිත තෙවරප්පෙරුම ජිවිතක්ෂයට පත්වී ඇති බවයි. \" අපිට හරියටම කියන්න අමාරුයි සිදුවුණු අනතුර මොකක්ද කියලා. ඒ ගැන පරීක්ෂණයක් සිදුකරනවා.\" පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. පාලිත තෙවරප්පෙරුම ගේ දේශපාලන ගමන් මග පාලිත තෙවරප්පෙරුම 2002 වසරේ පැවති මැතිවරණයෙන් දේශපාලනයට පිවිසි අතර ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වුයේ මනාප 7,000ක් ලබා ගනිමිනි. පසුව ඔහු බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ අතර, එම මැතිවරණයේදී ඔහු ලබා ගත් ජන්ද සංඛ්‍යාව 39,167කි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 2010 වසරේ පැවති මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ පාලිත තෙවරප්පෙරුම පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වුයේ මනාප 51,153 ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වෙමිනි. 2015 වර්ෂයේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ඔහු මනාප 118,128 ක් ලබා ගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානයට පත්වෙමින් නැවත වරක් පාර්ලිමේන්තුවට තේරී පත්විය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මෙන්ම යහපාලන ආණ්ඩුව නියෝජනය කරමින් පාලිත තෙවරප්පෙරුම අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරිය. 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ ඔහුට නැවත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමි නොවූ අතර සක්‍රීය දේශපාලනයෙන් ද ඔහු ඈත්විය. අමතක නොවන සිදුවීම් දේශපාලඥයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම ආන්දෝලනාත්මක සිදුවීම්වලට සම්බන්ධ වීම නිසා අවස්ථා කිහිපයක දී රක්ෂිත බන්ධනාගාර ගතවීමට පවා සිදුවිය. 2010 වසරේ පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වන විටත් පාලිත තෙවරප්පෙරුම දින 400 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේ දේශපාලන පලි ගැනීමේ සිදුවීමක් ලෙස එල්ල කෙරුණු චෝදනාවක් හේතුවෙනි. 2016 වසරේ දී කළුතර මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනා මත නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. ඒ එම පාසැලට සිසුන් කිහිප දෙනෙකු ඇතුලත් කර ගන්නා ලෙස ඉල්ලමිනි. එහිදී ඇතිවූ සිදුවීමේදී ඔහු ගෙල වැල ලා ගැනීමට උත්සාහ කරන ලදී. 2019 වර්ෂයේදී මතුගම, නෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය යෑමෙන් අනතුරුව එම වත්තේ පිහිටි සුසාන භූමියේ දේහය භූමිදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි. මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ දී ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් වලට සම්බන්ධවීම නිසා පාර්ලිමේන්තුව තහනමට ද ලක්වූ අවස්ථා කිහිපයකට ද මුහුණ දීමට පාලිත තෙවරප්පෙරුමට සිදුවිය. ජනතාව වෙනුවෙන් කැපවී කළ සේවයන් මන්ත්‍රීවරයෙකු ලෙස පමණක් නොව තමන්ට තනතුරු අහිමිව ගොස් තිබියදී පවා පාලිත තෙවරප්පෙරුම ජනතාවට සේවය කළ පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ ය. 2020 වසරේදී ඇතිවූ කොවිඩ් වසංගතය සමග පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අසරණ භාවයට පත්වූ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා ඔහු මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබිය. එමෙන්ම ගංවතුර ඇතුළු ස්වාභාවික ව්‍යවසනයන් හිදී අවතැන්වූ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා ඔහු සක්‍රීයව කටයුතු කරනු ලැබීය. 2014 වසරේ ජුනි 15 සහ 16 වෙනි දිනවල බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල හටගත් ගැටුම් මැඩ පැවැත්වීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම කටයුතු කරනු ලැබු ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ පැසසුමට ඔහු ලක්විය.",
"Title": "පාලිත තෙවරප්පෙරුම : දිවි ගමනට සමුදුන් ජනතා සේවකයා"
} |
{
"Text": " 1862 වසරේ දී ගාල්ලේ ආරම්භ කරන ලද ලංකෝපකාර මුද්‍රණාලය ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ සුවිශේෂී සංකේතයකි. මේ මුද්‍රණාලය ගැන තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් පෙළ පොත්වලට ද ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකාවේ පළ කළ ප්‍රථම සිංහල පුවත්පත ලෙස සැලකෙන 'ලංකාලෝකය' එහි මුද්‍රණය කර ඇත. (ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ පළමු පුවත්පත ලක්මිණි පහන -1862) වේ. 2012 වසරේ ඇති වූ ගින්නකින් ගාල්ල, කතළුව රන්වැල්ල පුරණ විහාරස්ථානයේ පැවති ඉපැරණි මුද්‍රණාලය විනාශ විය. එය ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි කළ ඉල්ලීම ශ්‍රී ලංකාවේ බලධාරීන් සැලකිල්ලට නොගත්ත ද තායිලන්ත රජය විසින් ඊට සහයෝගය දැක්වූ බව පූජ්‍ය මාරකොල්ලියේ විමලජෝති හිමියෝ BBC සිංහල සේවයට පැවසූහ.",
"Title": "ශ්‍රී ලංකාවේ මුද්‍රණ ඉතිහාසයේ සංකේතයක් වූ ලංකෝපකාර මුද්‍රණාලය"
} |
{
"Text": " 'ළමයා යන්නෙන් වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු අදහස් වන' බව 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙහි නිර්වචනය කර තිබේ. ළමුන්ගේ ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම හරහා විවිධ ළමා අපයෝජන සිදු විය හැකි බව විශේෂඥ මතයයි. කෙසේ වෙතත්, දෙමාපියන් සහ ගුරුවරුන් දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරනු බහුලව දැකිය හැකි ය. සාමාන්‍ය තත්ත්වයන් යටතේ යමෙකුගේ ඡායාරූපයක් වෙනත් අයෙකු විසින් සමාජ මාධ්‍යවල පළ කිරීම සඳහා අදාළ ඡායාරූපයේ සිටින තැනැත්තන්ගේ අවසරය ගත යුතු ය. එහෙත්, ළමුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීමට ඔවුන්ගේ දෙමාපියන්ගෙන් හෝ අදාළ ළමුන්ගෙන් අවසර ගැනීම ද සාර්ථක ක්‍රමයක් නොවන බව සයිබර් ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින විශේෂඥයින්ගේ අදහස වී තිබේ. \"ළමයින්ගේ ඡායාරූප පළ කරනවා නම් අවසර ගන්න පාර්ශව දෙකයි නේ තියෙන්නේ. එක් පාර්ශවයක් තමයි දෙමව්පියන්. අනෙක් පාර්ශවය ඒ දරුවන්. දරුවන් ගැන තීරණ ගන්න දෙමාපියන්ට පුළුවන් වුණාට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන්න දෙමාපියන්ට අයිතියක් නෑ. මොක ද දරුවන් වැඩිවියට පත්වුණා ම ඒ ඡායාරූප පළ කිරීම ගැන අකැමැති වෙන්න පුළුවන්. අනික් අතට දරුවන්ට තමන් ගැන තීරණ ගන්නත් හැකියාවක් නෑ. ඒ නිසා දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරද්දී ගොඩක් ප්‍රවේශම් විය යුතු යි,\" සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර බීබීසී සිංහල සේවයට පැවසීය. කෙසේ වෙතත්, ගුරුවරුන් සහ ගුරුවරියන් බොහෝ අවස්ථාවල සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සිටින ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කර තිබෙනු දැකිය හැකි ය. දරුවන්ගේ ඕනෑ ම ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරන්න දෙමාපියන්ට පුළුවන් ද? ඊට අමතරව, දෙමාපියන් විසින් තමන්ගේ ම කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කර තිබෙන අවස්ථා ද පවතී. \"දරුවන් වැඩිවියට පත් වුණාට පස්සේ ඔවුන්ගේ මේ ඡායාරූප සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුණොත් එදාට දෙමාපියන් මොනවා ද කරන්නේ? දරුවා වැඩි වියට පත්වුණ කාලෙක හිතෙන්න පුළුවන් දෙමාපියන් පළ කරල තියෙන තමන්ගේ ඡායාරූප නිසා තමන්ට අගතියක් වෙනවා කියලා. ඒක නිසා තමන්ගේ දරුවන්ගේ වුණත් හැම ඡායාරූපයක් ම සමාජ මාධ්‍යවල පළ කරන්න දෙමාපියන්ට අයිතියක් නෑ,\" අසේල වෛද්‍යාලංකාර පෙන්වා දුන්නේ ය. අසේල වෛද්‍යාලංකාර පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය භාවිතය සහ සිය දරුවන්ගේ ආරක්ෂාව මෙන් ම ඔවුන්ගේ රුචි අරුචිකම් පිළිබඳව දෙමාපියන් සහ ගුරුවරුන් සතු දැනුමේ අඩුකම මෙම තත්ත්වය බොහෝ සෙයින් බලපාන බව ය. \"මෙතනදී දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කරන්න ඕනෙ, දරුවන්ගේ ඡායාරූප භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන. ඒ වගේ ම තමන් වැඩිදුර නොසිතා කරන ක්‍රියාවන් හේතුවෙන් දරුවන්ගේ අනාගතයට සිදුවිය හැකි හානි ගැනත් දැඩි ලෙස අවධානය යොමු කළ යුතු යි.\" දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු 1. දෙමාපියන් ඇතුළු ඕනෑ ම වැඩිහිටියෙකු දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීමට පෙර එම දරුවන්ගේ කැමැත්ත විමසීම ඉතා යහපත් ක්‍රියාවක් බව අමෙරිකාවේ එම්රෝයි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා කථිකාචාර්ය සාරා වැලන්සියා බොටෝ වොෂිංටන් පෝස්ට් වෙබ් අඩවිය වෙත පවසා තිබේ. ඇය පෙන්වා දෙන්නේ, එලෙස කැමැත්ත විමසීම තුළින් වැඩිහිටියන්ගෙන් ඔවුන් වෙත ගෞරවයක් ලැබෙන බව ය. කෙසේ වෙතත්, දරුවන් එක් අවස්ථාවකදී ඡායාරූපයක් පළ කිරීමට කැමැත්ත පළ කළ ද, පසු අවස්ථාවක එම අදහස වෙනස් වීමේ අවදානමක් පවතින බව ද ඇතැම් විශේෂඥයෝ පෙන්වා දෙති. 2. වැඩිහිටියන් දරුවන්ගේ ඡායාරූප පළ කිරීමේදී සැලකිය යුතු තවත් කරුණක් වන්නේ, තමන් පළ කරන්නේ කුමන ආකාරයේ ඡායාරූපයක් ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම ය. අදාළ ඡායාරූපය පළ කිරීමෙන් දරුවාට අගතියක් හෝ හානියක් ඇති වීමේ ඉඩකඩක් පවතී ද යන්න සිතා බැලිය යුතු ය. 'දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීම නිසා දරුවා අනාරක්ෂිත වෙන්න පුළුවන්' දරුවන්ගේ මුහුණු හොඳින් නිරාවරණය වන පරිදි සමාජ මාධ්‍යවල ඡායාරූප පළ කිරීම හරහා විවිධ අපයෝජනයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇති බව නීතිඥ අචලා සෙනෙවිරත්න පැවසීය. \"සමහර දෙමාපියෝ, ගුරුවරු දරුවන්ගේ ඡායාරූප පළ කරනවා, පාසල් නිල ඇඳුම සහිතව. ඊට අමතරව, ඔවුන් යන පාසල් ගැනත් තොරතුරු දානවා. මේ තොරතුරු ප්‍රසිද්ධියේ අන් අයට ලබා දීමක් තමයි, මෙතනදි සිද්ධ වෙන්නේ. ඒක දරුවන් සම්බන්ධයෙන් ලොකු අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කරනවා.\" සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී ද දරුවන්ට අගතියක් නොවන පරිදි ක්‍රියා කළ යුතු බව නීතිඥ අචලා සෙනෙවිරත්නගේ අදහස යි. \"පහුගිය කාලෙ අපි දැක්කා දරුවෙක් ගුරුවරිය අහන ප්‍රශ්නවලට අඬමින් උත්තර දෙන ආකාරය වීඩියෝ කරලා සමාජ මාධ්‍යවල දාලා තිබුණා. ඒක මිනිස්සු දහස් ගණනක් ෂෙයාර් කරලා තිබුණා. ඒ හැමෝම අදාළ ගුරුවරියට දොස් පැවරුවත්, දරුවාගේ මුහුණ පේන විදිහට ෂෙයාර් කරපු සියලු දෙනා නිසා දරුවාට අපයෝජනයක් සිදධ වුණා. මම දැක්කෙ එක් කෙනෙක් විතර යි, දරුවාගේ මූණ නොපෙනෙන විදිහට ෂෙයාර් කරල තිබුණේ.\" මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන්, දරුවන්ගේ පෞරුෂත්වයට, ආත්ම විශ්වාසයට සහ පෞද්ගලිකත්වය හානි සිදු වන බව නීතිඥ අචලා සෙනෙවිරත්න පැවසීය. දරුවන් සමග සිටින ඡායාරූප පළ කළ යුතු \"හොඳ ම ආකාරය\" දරුවන් සමග සිටින ඡායාරූපයක් පළ කිරීමට අවශ්‍ය නම් අදාළ දරුවන්ගේ මුහුණු නොපෙනෙන පරිදි ඡායාරූපය සංස්කරණය කළ හැකි බව නීතිඥ අචලා සෙනෙවිරත්න පැවසීය. යම් හෙයකින් දරුවෙකුගේ අනවශ්‍ය ඡායාරූපයක් සමාජ මධ්‍යවල පළ කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සමාගම්වලට පැමිණිලි කළ හැකි ය. මෙටා සමාගම එසේ කළ හැකි පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් පළ කර තිබේ. ඊට අමතරව, අනුදැනුමකින් තොරව දරුවන්ගේ ඡායාරූප පළ කළහොත් ඒ පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය මෙන් ම පොලිස් ළමා හා කාන්තා කාර්යංශය දැනුවත් කළ හැකි බව ද නීතිඥ අචලා සෙනෙවිරත්න පැවසීය. ඊට අමතරව, 'ළමුන්ට අදාළව කරනු ලබන අසභ්‍ය පළ කිරීම්, ප්‍රදර්ශන ආදිය' දණ්ඩ නීති සංග්‍රහයේ 286 (අ) වගන්තිය යටතේ වරදක් වන අතර, අවුරුදු දෙකකට නොඅඩු, අවුරුදු 10කට නොවැඩි බන්ධනාගාරගත කිරීමක් සහ/හෝ දඩයකින් දඬුවම් කළ හැකි,' බව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙහි සඳහන් කර තිබේ.",
"Title": "දෙමාපියන්ට, ගුරුවරුන්ට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කළ හැකි ද?"
} |
{
"Text": " ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ ජනතාව එක්ව සමරන අලුත් අවුරුද්ද යනු සංස්කෘතියකි. මහාචාර්ය විමල් දිසානායක පෙන්වා දී ඇති පරිදි, සංස්කෘතිය ප්‍රකට වන \"සිරිත් විරිත්, ගති පැවතුම්, ආචාර විචාර\" ආදිය අලුත් අවුරුදු සංස්කෘතියට ඇතුළත් වේ. කෙසේ වෙතත්, අලුත් අවුරුදු සංස්කෘතිය මෙරටට ආවේණික අංගවලින් සමන්විතව ගොඩ නැගුණු \"ආවේණික, පාරිශුද්ධ සංස්කෘතියක් නොවන,\" බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල බීබීසී සිංහල සේවයට පැවසීය. \"මේ උත්සවයේ වැඩිපුර තියෙන්නේ බාහිරින් එකතු වුණ අංග. ඒ නිසා මම මේ උත්සවය හඳුන්වන්නේ, සංස්කෘතික සම්මිශ්‍රණයක් කියලා,\" මහාචාර්ය රත්නසිරි අරංගල පෙන්වා දුන්නේ ය. \"සංස්කෘතිය යනු කිසියම් ස්ථානයක වෙසෙන ජන සමූහයකගේ සාමූහික ජීවන ක්‍රමය යි. ඔවුන්ගේ සිරිත් විරිත්, ගති පැවතුම්, ආචාර විචාර, සමාජ සංස්ථා, කලාව හා ආගම තුළින් සංස්කෘතිය ප්‍රකට වෙයි,\" යනුවෙන් මහාචාර්ය විමල් දිසානායක සංස්කෘතිය යන සංකල්පය නිර්වචනය කර තිබේ. සංස්කෘතිය යනු පුළුල් පරාසයක විහිදී ඇති නිර්වචන රාශියක් සහිත සංකල්පයකි. අනෙක් අතට, සංස්කෘතිය යනු විවිධ බාහිර ලක්ෂණ සමග සම්මිශ්‍රණය වෙමින් වර්ධනය වන සජීවී ක්‍රියාවලියක් හඳුන්වන සංකල්පයකි. \"බාහිර සමාජයේ ලක්ෂණ සමග සම්මිශ්‍රණය වෙමින් වර්ධනය නොවන සංස්කෘතියක්, මළ සංස්කෘතියක් ලෙස සලකන,\" බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. මෙම ලිපිය මගින් උත්සහ කරනුයේ, සිංහල හා දෙමළ ජනයා අලුත් අවුරුදු සැමරීමේදී සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර ගැන විමසා බැලීම සහ ක්‍රමිකව අලුත් අවුරුද්ද සමග මිශ්‍ර වී ඇති බාහිර සංස්කෘතික අංගයන් පිළිබඳව සරලව පැහැදිලි කිරීම ය. සුබ දවස් සහ නැකැත් අලුත් අවුරුදු දිනයන්, නැකැත් ආදිය සකස් කරනුයේ, ශක රාජ වර්ෂ ක්‍රමය අනුව ය. ශක යනු ඉන්දියාවේ බිහිවූ අධිරාජ්‍යයෙකි. ශක රජු ක්‍රි.ව. 78දී උජ්ජයිනී නුවර වික්‍රමාදිත්‍ය නමැත්තෙකුට එරෙහිව ලැබූ විජයග්‍රහණය සැමරීමට ශක වර්ෂ ක්‍රමය ආරම්භ කළ බව කියැවේ. ඒ අනුව, 2024 වසර ශක රාජ වර්ෂ ක්‍රමය අනුව 1946 වන වසර ලෙස සැලකේ. ශක රාජ වර්ෂ ක්‍රමය අනුව, අලුත් වසර ආරම්භ වන්නේ, අප්‍රේල් මස 13 හෝ 14 වන දිනක ය. ඒ අනුව, එම දිනවලින් එක් දිනක් අලුත් අවුරුදු දිනය ලෙස නම් කෙරේ. ඒ අනුව, අලුත් අවුරුද්ද සඳහා දින සහ නැකැත් පිළියෙළ කරනුයේ, ඉන්දියාවේ ශක රාජ වර්ෂ ක්‍රමය අනුව ය. 'හිරු එලියත් එක්ක තමයි අපේ නැකත් පටන් ගන්නේ' සිංහල ජනයාට බලපාන නැකත් සම්බන්ධව වාද විවාද ඇති වටපිටාවක දෙමළ ජනතාව අලුත් අවුරුදු සමරන්නේ කෙසේ දැයි බීබීසි සිංහල සේවය සොයා බලන්නට විය. “අප්‍රේල් 13 රෑ 8.15ට තමයි අවුරුද්ද ඉපදෙන්නේ. හිරු එලියත් එක්ක තමයි අපේ නැකත් පටන් ගන්නේ.” යැයි බීබීසී සිංහල සේවය දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත් බොරැල්ල ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිලේ සිවකුමාරන් විනයාගන් කුරුක්කල්තුමා පැවසීය. දෙමළ බසින් අවුරුද්ද යන්න හඳුන්වනු ලබන්නේ “තමිල් පුත්තාන්ඩු” ලෙසයි. දෙමළ අවුරුදු යෙදෙන්නේ සෑම වසරකම අප්‍රේල් 13 සහ 14 බව කුරුක්කල්තුමා පෙන්වා දුන්නේය. මෙවර සිංහල අවුරුදු සැමරුම් 12 සහ 13 වැනිදාට යෙදී ඇති අතර කුරුක්කල්තුමන්ගේ මතකයට අනුව මීට පෙර සිංහල හා දෙමළ අවුරුදු සැමරුම් වෙනස් දින වලදී යෙදී නොමැත. “අපි ඖෂධ වතුර එකක් හදනවා ඒකට දෙමලෙන් කියන්නේ මර්තිනියර් කියලා. ඒ ඖෂධ වතුර බොහෝම කැපවීමකින් සාමිගොල්ලෝ හදන්නේ. කස්තුරි, පච්ච මංජල්, කොරෝෂණ ඖෂධ සෑහෙන දේවල් දානවා. ඒක උදේ පාන්දර හරි කලින් දවසේ හරි කෝවිල්වලට ගිහිල්ලා අරගෙන ගෙදර ගෙනල්ලා තියාගන්නවා. ඊට පස්සේ අවුරුදු උදා වුණාට පස්සේ අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා හිතලා ඉර දෙවියෝ නමස්කාර කරලා, ගෙදර ඉන්න වැඩිහිටියන්ට කියලා ඒ ඖෂධ වතුර ගාලා නාලා ඒ දවසට අදාළ පාටින් ඇඳුම් ඇඳලා කෝවිල් ගිහිල්ලා දෙවියන් වඳිනවා.” රාජ්‍ය නැකත් කමිටුවේ නැකත් සීට්ටුවට අනුව සිංහල ජනතාවට මෙවර ඇතැම් නැකත් යෙදී ඇත්තේ මධ්‍යම රාත්‍රියේ දීය. එහෙත් දෙමළ ජනතාව සෑම වසරකම සිය අවුරුදු සැමරුම් සිදු කරනු ලබන්නේ ඉර උදාවත් සමගම වන අතර දහවල් 12ට පෙර එම චාරිත්‍ර කර අවසන් කරනු ලබයි. “අලුත් අවුරුද්ද 13 රෑ ඉපදුනත් ඒ වෙලාවට අපි කිසිදෙයක් කරන්නේ නැහැ. අපිට පුරාණේ සඳහන් වෙලා තියෙන්නේ ඉර එළිය එක්ක සමරන්න කියලා. එළියනේ වටින්නේ අපිට, අඳුරේ කරන දේවල් නෙමෙයි නේ. ඉර උදාවෙන කොටනේ මල් පවා පිපෙන්නේ. ඒකත් එක්ක සමරන්න කියලා තමයි පුරාණේ තියෙන්නේ.” නැකත් දෙකකින් අවුරුදු සැමරීම සිවකුමාරන් විනයාගන් කුරුක්කල්තුමන් පවසන පරිදි හින්දු වත් පිළිවෙත් වලට අනුව අවුරුදු සැමරීමට ඔවුන්ට ඇත්තේ නැකත් දෙකක් පමණි. ඒවා නම් අවුරුදු උදාවන අවුරුදු ඉපදීමේ නැකත සහ ගනුදෙනු කරන නැකත යි. එම නැකත කෛයි විශේෂම් ලෙස හඳුන්වනු ලබයි. කෛයි විශේෂම් නැකත සඳහා නිශ්චිත වෙලාවක් නොමැති අතර කෝවිලට ගොස් දෙවියන් නමස්කාර කිරිමෙන් පසුව ගනුදෙනු කිරීම සිදු කරනු ලබයි. පවුලේ හෝ ගමේ වැඩිමහල් පුද්ගලයකු සමග ගනුදෙනු කරනු ලබන්නේ අය වැඩි වී වැය අඩු වෙන ලෙස ප්‍රාර්ථනා කරමින් ය. කුරුක්කල්තුමා පවසන පරිදි ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින දෙමළ ජනයා අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම ඒ සඳහා අවශ්‍ය වර්ණයන් සහ අනෙකුත් දෑ පිළිබඳව අනුගමන කරනු ලබන්නේ ඉන්දීය සංස්කෘතික අමාත්‍යංශය විසින් ලබා දෙනු ලබන නැකත් හා වර්ණවලට අනුවය. සිංහල චාරිත්‍ර මෙන් වැඩ ඇල්ලීම හා ආහාර අනුභවය කරනු ලැබුව ද ඒ සඳහා දෙමළ ජනතාව හට විශේෂ නැකතක් හෝ වෙලාවක් නොමැත. අවුරුදු කැවිලි මේ වන විට සිංහල අලුත් අවුරුදු කෑම මේසයක සුලබව දැකිය හැකි කැවිලි රැසක් ද වෙනත් රටවලින් සහ සමාජයන්ගෙන් ආගමනය වූ ඒවා බව මහාචාර්ය රත්නසිරි අරංගල පවසයි. කිරිබත්: කිරිබත් යන්න ඉන්දියාවේ බුදුන්ගේ සමයේ පවා පැවති කිරිපිඬු යන ආහාරය බව විද්වතුන්ගේ මතයකි.\"කිරිබත් පවා ශ්‍රී ලංකාවේ කෑමක් නෙවෙයි. සුජාතා සිටු දියණිය බුදුන් වහන්සේට කිරි පිඬු දානයක් පිරිනැමූ කතාව අපි අසා තිබෙනවා. ඒ කියන්නේ, කිරිවලින් පිසින ලද බත් ඉන්දියාවේ ඈත ඉතිහාසයේදී පැවති බව පෙනී යනවා,\" මහාචාර්ය රත්නසිරි අරංගල පැවසීය. කොකිස්: කොකිස් යනු අලුත් අවුරුදු මේසයේ බොහෝවිට දැකිය හැකි කැවිල්ලකි. එය ලන්දේසි බසෙහි koekje (කුඩා කේක්) යන වචනයෙන් සිංහල බසට කොකිස් ලෙස පැමිණ ඇතැයි මහාචාර්ය රත්නසිරි අරංගල පැවසීය. පසුව එය cookies යනුවෙන් ඉංග්‍රීසි බසට හැරවී ඇතැයි යන්න ඔහුගේ අදහස යි. ඒ අනුව, අවුරුදු මේසයේ කැවිලි අතර ඇති කොකිස් ද වෙනත් සංස්කෘතියකින් පැමිණි ආහාරයකි. අච්චාරු: අච්චාරු යන යෙදුම පිළිබඳව අදහස් කිහිපයක් තිබේ. මහාචාර්ය රාජ් සෝමදේව පවසන පරිදි එහි දෙමළ භාෂා ඌරුවක් දක්නට ලැබෙන අතර, මහාචාර්ය රත්නසිරි අරංගල පැවසුවේ, පෘතුගීසින්ගෙන් අපට ලැබුණු ආහාරයක් බව ය. කේක්: අවුරුදු කෑම මේසයේ නිරන්තරයෙන් දක්නට ලැබෙන කේක් මෑත කාලීනව එක් වූවකි. කේක් යනු යුරෝපා ජාතීන්ගෙන් අපට ලැබුණු ආහාරයකි. දෙමළ අවුරුදු කෑම මේසය සැරසෙන්නේ කොහොමද? දෙමළ අවුරුදු කෑම මේසයේ ද සිංහල කෑම මේසයේ මෙන් කිරිබත්, කැවුම්, කොකිස්වලින් සමන්විත බව කුරුක්කල්තුමන් පැවසීය. “අපේ ලඩ්ඩු තියෙනවා, කේසරී, වඩ, මුරුතැන් බත් කියන්නේ මුං කිරිබත් හදනවා. සහෝදර සිංහල කට්ටිය අනුභව කරන ඒවාම තමයි අපිටත් තියෙන්නේ.” යැයි සිවකුමාරන් විනයාගන් කුරුක්කල්තුමන් සඳහන් කළේය. ගුණය හා පෝෂණය ගැන උනන්දුවක් දක්වන දෙමළ ජනයාගේ අවුරුදු කෑම මේසයේ උඳු මිශ්‍ර ආහාර බහුලව දැක ගත හැකි අතර සිංහල ක්‍රමයේ මෙන් පළාතින් පළාතට ඇතැම් අවස්ථාවල කෑම මේසයේ කැවිළි පෙවිළි සුළු වශයෙන් වෙනස් වේ. අවුරුදු ක්‍රීඩා අලුත් අවුරුදු ක්‍රීඩා අතර ද විදෙස් රටවලින් පැමිණි ක්‍රීඩා කිහිපයක් ද ඇතැයි මහාචාර්ය රත්නසිරි අරංගල පෙන්වා දුන්නේ ය. කඹ ඇදීම: කඹ ඇදීම බොහෝවිට යුරෝපා රටවලින් මෙරටට පැමිණි ක්‍රීඩාවක් විය හැකි බව මහාචාර්යවරයාගේ අදහස යි. \"කඹ ඇදීම කියන ක්‍රීඩාව ඇති වුණේ, නැව්වල දුර ගමන් යන සෙබළුන්ගේ ශාරීරික ව්‍යායාමයක් විදිහට කරපු ක්‍රියාකාරකමක් නිසා යි. ඒ අනුව, මේ ක්‍රීඩාව බොහෝදුරට යුරෝපයෙන් ආපු එකක් වෙන්න පුළුවන්.\" ගම හරහා දිවීම: ගම හරහා දිවීම යනු ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඇති මැරතන් තරග ඉසව්ව සිහි කැඳවන ක්‍රීඩාවකි. මැරතන් ක්‍රීඩා ඉසව්ව ග්‍රීසියෙන් ඇරඹුණු බව පිළිගැනේ. අවුරුදු ක්‍රිඩා සහ නෑගම් යාම සමාන ද ? දෙමළ ජන සමාජය ද කඹ ඇදීම, කණා මුට්ටි ගැසීම, කොට්ටා පොර ගැසීම වැනි ක්‍රිඩාවල නිරත වෙති. “කොළඹ අය නම් මේ වගේ ක්‍රීඩා කරනවා අඩුයි. යාපනය පැත්තේ, හැටන්, නුවරඑළියේ පැත්තේ ඒවා සමරනවා, ක්‍රීඩා උත්සව තියෙනවා.” දෙමළ ජනයා අවුරුදු දිනයේ දී කෝවිල් ගොස් දෙවියන් නමස්කාර කර නිවසට පැමිණි පසුව එදින දවල් 12න් පසුව සිරිතක් වශයෙන් ගේ දොර වසා දමා පිටතට යාම නොකරති. ඔවුන් නෑගම් යාම හා හිත මිතුරු සාද පවත්වනු ලබන්නේ අප්‍රියෙල් 15 හෝ ඊට පසුවය. අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනයන් හැර අනෙකුත් දිනවල දී සුබ වෙලාවක දී නෑගම් යාම සිදු කරනු ලබයි. සම්ප්‍රදායික දෙමළ ජනයාගේ සූර්යය දින දර්ශනයේ මුල්ම මාසය අප්‍රියෙල් මාසයයි. එබැවින් අනිකුත් දෙමළ උත්සවයන්ට වඩා ඔවුන් අලුත් අවුරුදු උදාව ඉහළින් සමරනු ලබයි. වෙනත් සැමරුම් විධි අලුත් අවුරුද්ද වෙනුවෙන් විවිධ ශබ්ද භාවිත කරන අතර, බොහෝවිට නැකැත් ඇරඹෙන බව කියාපෑමට රතිඤ්ඤා ආදී ගිනි කෙළි ද්‍රව්‍ය භාවිත කෙරේ. මුල් යුගයේ රතිඤ්ඤා වෙනුවට 'උණ වෙඩි' භාවිත කෙරුණු බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. උණ වෙඩි යනු උණ බටයක් යොදාගෙන වෙඩි හඬක් පිට කිරීම සඳහා සකස් කරනු ලබන්නකි. පසු කාලීනව, යුරෝපා ජාතීන්ගේ බලපෑමෙන් උණ වෙඩි වෙනුවට රතිඤ්ඤා භාවිතයට පැමිණ තිබේ. 'නොමළ සංස්කෘතියක් නිරන්තරයෙන් වෙනස් වනවා' මහාචාර්ය රාජ් සෝමදේව බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, අලුත් අවුරුද්ද සමග විදෙස් හෝ බාහිර අංග සම්මිශ්‍රණය වී තිබීම වැඩෙන සංස්කෘතියක දැකිය හැකි සාමාන්‍ය තත්ත්වයක් බව ය. නොමළ සංස්කෘතියක් නම් එය බාහිර සංස්කෘතික අංග සමග මිශ්‍ර වී වර්ධනය විය යුතු බව ඔහු පැවසීය. \"යම් සංස්කෘතියක් වෙනස් නොවී, බාහිර අංග සමග මිශ්‍ර නොවී තියෙනවා නම් ඒ සංස්කෘතිය මළ සංස්කෘතියක් විදිහට යි හඳුන්වන්නේ. සජීවී සංස්කෘතියක් නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වෙනවා. ඒ නිසා අලුත් අවුරුද්ද කියන සංස්කෘතිය ඇතුළට බාහිර අංග එකතු වෙලා තියෙනවා,\" මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය. මේ අතර, මහාචාර්ය රත්නසිරි අරංගල ප්‍රකාශ කළේ, මෙවන් අදහසකි. \"සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියලා මේක හැඳින්වුවත්, මේක මම හඳුන්වන්නේ, සංස්කෘතික සම්මිශ්‍රණයක් කියලා. මේ සංස්කෘතිය ඇතුළේ බාහිර සංස්කෘති රැසක ලක්ෂණ සහ අංග සම්මිශ්‍රණය වෙලා තියෙනවා.\" මේ අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අංජලී වික්‍රමසිංහ පෙන්වා දුන්නේ, අලුත් අවුරුද්ද ජන කොටස් කිහිපයකට වෙන් නොකර සාමූහික වශයෙන් සැමරිය යුතු සංස්කෘතික උත්සවයක් බව ය. \"සංස්කෘති රැසක සම්මිශ්‍රණයක් තියෙන මේ සංස්කෘතික උත්සවයේ අයිතිය ජන කොටස් කිහිපයකට නොබෙදා, සියලු ජන කොටස් එකතු කළ හැකි සංස්කෘතික සහයෝගීතාවක් විදිහට පවත්වාගෙන යාම තමයි සුදුසු ම දේ.\"",
"Title": "සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හා මුසු වී ඇති බාහිර සංස්කෘතික අංග ගැන විමසා බැලීමක්"
} |