data
dict |
---|
{
"Text": " නිශ්ශංක විජේමාන්න යනු සමකාලීන සිංහල සාහිත්‍යය තුළ කිසිසේත්ම මඟහැර යා හැකි නවකතාකරුවෙකු නොවේ. ඔහු වඩාත් සම්භාවනාවට පත් වී ඇත්තේ කෙටිකතාකරුවෙකු ලෙස වුවත් 'වැලන්ටයින් කුමාරයා' නවකතාවෙන් පටන් ගෙන 'තාරා මගේ දෙව්දුව' , 'හඳ පළුව තනි තරුව' හරහා 'කඳ අරනි' දක්වා ඔහු අතින් ලියවුණු නවකතා තේමාත්මක සහ ආකෘතික විචිත්‍රත්වයකින් අනූන සුවිශේෂී කෘති ලෙස හැඳින්විය හැකිය. නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් මම ඔහු සමග කතාබහක යෙදුනෙමි. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති නිම්නාගේ ඉතිහාසය (2019) සහ මේ රහස් කවුලුවෙන් එබෙන්න (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මේ සංවාදය ආරම්භ කිරීමට මම මුලින්ම ඔබගෙන් අහන්න කැමැතියි නවකතාවක් ලිවීමේ සමාරම්භක මොහොත ගැන? නිශ්ශංක: මම ලියපු නවකතා සියල්ලම ගත්තොත් නවකතාවේ ආරම්භයට ගැලපෙන කොටස ලියන්නේ අවසානයේ. මගෙ පළවෙනි නවකතාව වැලන්ටයින් කුමාරයා ගත්තොත් ඒක මම ලියන්න පටන් ගත්තේ මැද්දෙන්. මොකද ඒකෙ ආකෘතිය තුළ ඒ කොටස් වලට ස්වායත්ත පැවැත්මක් තියනවා. එක විවිධ ආකාරයට පෙළ ගැස්විය හැකියි. 'කඳ අරනි' වගේ නවකතාවක් ගත්තොත් ඒක ලිවීම පටන් ගන්නේ මුලින්. මෙතෙන්දි ලිවීම පටන් ගන්න තැන තීරණය වීමට ඒ කෘතියේ ආකෘතිය බලපානවා. කොහොම නමුත් කෘතියට ප්‍රවේශ වන සමාරම්භක ඡේදය හෝ කොටස මගේ හැම නවකතාවකම වගේ මම ලියන්නේ අවසානයේ. කෞශල්‍ය: ලිවීම ආරම්භ කරන අවස්ථාවෙදි ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද? නිශ්ශංක: සීයයට සීයක්ම දැනුවත් කියල ඕනෙ නම් කියන්න පුලුවන්. මම සාමාන්‍යයෙන් නවකතාවක් ලිවීමට පෙර ඒ නවකතාවට අදාළව ලිපි ගොනුවක් විවෘත කරනවා. ඒකෙ තියනවා මේ නවකතාව වෙනුවෙන් මම කරන හැදෑරීම. ඒ වගේම චරිත සහ සිදුවීම් වලට අදාළ විස්තර. දැන් මම අවුරුදු විස්සක් විතර තිස්සේ එක් නවකතාවක් වෙනුවෙන් හැදෑරීමක් කරනවා. ඒක ලියන්න පටන් ගත්තට මට හිතුන තවමත් මම ලියන්න සූදානම් නැහැ කියල. මම ලියපු පරිච්ඡේද නමයක් වරක් මම ගිනිබත් කළා. මොකද මට අලුතෙන්ම ඒක ලියන්න ඕන කියල හිතුන නිසා. පස්සෙ නං හිතුන එහෙම කරපු එක මෝඩ වැඩක් කියල. නමුත් මට අවශ්‍ය වුණේ ඒක ලියවිලා තිබුණු විදිහට වඩා වෙනස්ම ආකාරයකට ඒක ලියන එක. මේ විදිහට නවකතාවක තේමාව වගේම ආකෘතියට අදාළ ගැටලු තියනවා විසඳගත යුතු. ඒ නිසයි මම කිව්වෙ ලිවීම පටන් ගන්න මොහොතෙදි මම සැළකිය යුතු තරම් ලියන්න යන නවකතාව ගැන දැනුවත් කියල. මොකද මේ හැම දෙයක්ම අතිශය තීරණාත්මක ලෙස නවකතාවක් සම්බන්ධයෙන් වැදගත්. චරිතයක බාහිර ස්වරූපයට අදාළ ඉතා සියුම් තොරතුරු වැනි දේ වගේම නවකතාව කියන ආකාරය මොකද්ද කියන එක දක්වා සැලකිය යුතු තරම් දේවල් තියනවා අවදානයට ලක් කළයුතු. කෞශල්‍ය: ඔබ නවකතාවෙ ආකෘතිය ගැන විශේෂ උනන්දුවක් දක්වන කෙනෙක්. ඒ ගැන යමක් කියන්න පුලුවන් ද? නිශ්ශංක: මෙතෙන්දි මං හිතනවා මට චිත්‍ර ශිල්පියෙක් හැටියට චිත්‍ර කලාවේ බලපෑමත් තියනවා මේ ආකෘතිය ගැන උනන්දුව පිටුපස කියල. සමහර ලේඛකයන්ට වගේ මට කතාවේ තේමාවත් එක්කම ඒක ලියන්න ඕන ආකෘතිය එන වාසනාව හෝ අවාසනාව නැහැ. මට ආකෘතිය හොයන්න සිද්ධ වෙනවා. මං විශ්වාස කරනවා පාඨකයෙක් හැටියට හිතන කොටත් එකම ලේඛකයාගේ කෘති කීපයක් කියවන කොට සමහර විට ඉක්මනින් දැනෙනවා මේ ලියල තියෙන්නෙ මීට පෙර ලියපු ආකාරයටම තමයි කියන එක. මේ නිසා මම උනන්දු වෙනවා පිකාසෝ වගේ ආකෘති අලුතෙන් හොයන්න. මගෙ ඔලුවට විවිධ ආකාරයන් එනවා. ටෝච් එකක් අල්ලගෙන යන කෙනෙක්ද? ගමන් මාර්ගයක පේන දර්ශනද? එහෙම නැත්තං බර්ඩ්ස් අයි පර්ස්පෙක්ටිව් එකක් ද මෙන්න මේ වගේ ආකෘති සිය ගානක් අධ්‍යයනය කරමින් තමයි ඉන්නේ. කෞශල්‍ය: දැන් මේ ආකාරයට ලිවීම ආරම්භ කලාට පස්සෙ කොහොමද ඔබේ කාලය ගත වෙන්නෙ? නිශ්ශංක: දැන් මාකේස් 'සියක් වසරක හුදෙකලාව' ලියන කොට එයා හිතුවෙ නැහැනෙ ගෙදර කන්නෙ බොන්නෙ කොහොමද කියන එක ගැන. ඒවා බැලුවේ මර්සිඩීස්, එයාගෙ බිරිඳ. මාකේස්ට ඒව ගැන සිහියක් තිබුණේ නැහැ. නමුත් අපිට ඒ වගේ ලියන්න බැහැ. අපිට සිද්ධ වෙනව ගෙදර දොර දේවල් වලට මැදිහත් වෙන්න. නමුත් ලිවීමට ඉඩක් ලැබෙන හැම වෙලාවකම අපේ ගෙදර උඩුමහලේ මම ලියන තැනට ගිහින් ලියනවා. මම කැමතියි එක දිගට ලියන්න ලැබෙනවා නම්. මොකද ලියාගෙන ගිහින් දවස් කීපයක් ඒක කැඩුනම තරමක් අපහසු වෙනවා නැවත කෘතියේ විවිධ දේවල් අතර අන්තර්-සම්බන්ධය සොයා ගන්න. 'තාරා මගේ දෙව්දුව' සහ 'හඳ පළුව තනි තරුව' කියන නවකතා ලියද්දි මට මෙහෙම එක දිගට ලියන්න පහසුකම තිබුණා. මගේ පුස්තකාලයාධිපතිනි, මගෙ මිනිබිරී සසින්දිගෙ ආදරණිය බාධාවන් පමණයි තිබුණේ. මේ කාලෙ ඉතින් උදේ හතට විතර පටන් අරන් දවල් දොළහ විතර වෙනකන් ලියනවා. ඊට පස්සෙ ගෙදර යම් යම් වැඩ එහෙම කරල නැවත රෑ අටට විතර පටන් අරන් පාන්දර එක විතර වෙනකන් ලියනවා. මම ඉතාම හෙමින් ලියන්නෙක්. මගෙ තියෙන එක දුර්වලතාවක් හෝ ප්‍රබලතාවත් තමයි ලියන දේවල් නැවත නැවත කියවීම සහ නැවත ලිවීම. ඉතින් මේ විදිහට මුළු පොතම ලියල ඉවර වුනාට පස්සෙ මම යම් කාලයක් ඒක පැත්තකින් තියනවා. මොකද මේක ලියල ඉවර වුණාට මේක මගෙ ඇතුළේ තවදුරටත් පැසවනවා. ඒකත් එක්ක මම නැවත බලනකොට මට දැනෙනවා තවත් ඇතුළත් කල යුතු දේවල්. දැන් 'කඳ අරනි' නවකතාව එහෙම කියෙව්වම මට දැනුණ කෘතියේ තියන පාලුවක්. එතකොට මම කරන්නේ තව දේවල් එකතු කරනවා. මේ විදිහට මම තුන් වරක් විතර කෘතිය සංස්කරණය කරනවා. මේ හැම වරම අලුත් පිටපතක් ලියනවා. නමුත් කෙටිකතා වලදි නං එකවරම ලියවෙන කෙටිකතා තියනවා. ඒක හරිම ප්‍රීතිමත් අත්දැකීමක්. හදන්න ඕනෙ කියල හිතුණත් මම හදන්නෙ නැහැ ඒ වගේ කෙටිකතා. කෞශල්‍ය: නවකතාකරුවෙක් හැටියට ඔබේ පැවැත්ම ගැන ඔබට යමක් කියන්න පුලුවන්ද? නිශ්ශංක: ලිවීමට තියන ලාලසාව ගොඩනැගෙන්නෙ කියවීමෙන්. මම ගොඩක් කුඩා කාලේ කියවීම පටන් ගත්ත කෙනෙක්. පහේ ශිෂ්‍යත්වේ පාස් වෙලා පස්සර සෙන්ට්‍රල් එකට ගිහාම මට තිබුණු එකම ඉලක්කය තමයි දහයේ පන්තියට යන කොටම පුස්තකාලේ තියන ඔක්කොම පොත් කියවල අවසන් කරන එක. ඒ වගේම මම එක්සයිස් පොතක මේ කියවන පොත් ගැන විස්තරත් ලිව්ව. අපේ තාත්තා, මහප්පලා දිනපොත් ලියපු නිසා මටත් ඒ භාවිතය ආවා. මම ලියපු දිනපොත් සටහන් කියනවනකොට මට දැනුණා ඒව එදිනෙදා විස්තර ඉක්මවා ගිය ප්‍රබන්ධ ලක්ෂණ සහිත ඒව කියන එක. මොකද කියවීමෙදිත් මම වඩාත් ආශක්ත වුණේ විචිත්‍ර ලියවිලි වලට. මේ විදිහට තමයි කියවීමෙන් ලිවීමට තියන ආශාව රෝපණය වෙලා වර්ධනය වෙන්නේ. ඊට පස්සෙ ලිවීම මගෙ ප්‍රමෝදය බවට පත් වෙනවා. හැබැයි ඒක මගේ ප්‍රමෝදය විතරක් නෙමෙයි. ඒක විසින් කියවන්නාගේ චර්යාත්මක වෙනසක් ඇති කිරීමට බලපානවද කියන එක පිළිබඳවත් මම උනන්දු වෙනවා. එහෙම දෙයක් සිද්ධ වෙනවා කියල දැනෙන කොට මට ඒ ගැන දැනෙන සතුටකුත් මෙතන තියනවා. නිශ්ශංක විජේමාන්න නම් වූ විශිෂ්ට ලේඛකයාගේ නිර්මාණ කියවමින් අප විස්මයට පත් වන විට ඒ විස්මය නිර්මාණය කරන්නට වචන සහ ආකෘති සමග අනුරාගී ලෙස ක්‍රීඩා කරන ඔහු ගැන ද දැන් අපට පරිකල්පනය කළ හැකිය. එසේම නවකතාකරුවෙක් ලෙස ඔහු සිය නවකතා පිටුපස ගත කරන ජීවිතයේ ස්වභාවය, ඒවා ලියන විට ඔහු අත්විඳින හැඟීම් සහ ඔහුටම අනන්‍ය වූ තාක්ෂණයන් ගැන කරන ලද මෙම කතා බහ නවකතා ලිවීමට ආශාවෙන් සිටින අනාගත ලේඛකයන්ට බොහෝ දේ කියා දෙනු ඇත. මීලඟ සතියේ සිය ලේඛන ජීවිතයේ ඇතුලාන්තය අප වෙත නිරාවරණය කරනු ලබන්නේ අපට සිටින විශිෂ්ට නවකතාකරුවෙක් වන පී. බී ජයසේකරයි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. ",
"Title": "'මම ලියන හැටි' : නිශ්ශංක විජේමාන්න"
} |
{
"Text": " අවවාදය යි: ඇතැම් පාඨකයින්‌ට පීඩාකාරී විය හැකි ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළු ප්‍රචණ්ඩත්වයට අදාළ තොරතුරු මෙහි ඇතුළත් විය හැකි ය. මේ සඳහා සහභාගි වූ එක් පුද්ගලයෙකුගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ නම - රවී - ලෙස වෙනස් කර තිබේ. \"උන් මගේ ඇඳුම් ගලවලා, මාව පුටුවක ඉන්දවලා, මගේ කකුලට කරන්ට් එක ඇල්ලුවා. මට හිතුණෙ ඒක මගේ ජීවිතේ අවසානය කියලා.\" රවී, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට තායිලන්තයට ගොස් තිබූ නමුත් බැංකොක්හි දැවැන්ත කාර්යාල ගොඩනැගිල්ලක වාඩි වී සිටිනවා වෙනුවට 24 හැවිරිදි එම ශ්‍රී ලාංකිකයා මියන්මාරයේ අඳුරු ස්ථානයක සිරවී සිටියේ ය. ඔහු පැහැරගෙන ගොස් තායිලන්ත දේශ සීමාවේ පිහිටි නගරයක් වන මේ සොට් (Mae Sot) ආසන්නයේ ඇති ගංගාව හරහා ගෙන ගොස් මිනිස් ජාවාරමකට හසු කරගෙන තිබිණි. එහිදී, ඔහු පවසන පරිදි, ඔන්ලයින් වංචා පවත්වාගෙන යන චීන බස කතා කරන කල්ලි විසින් මෙහෙයවන ලද කඳවුරු ගණනාවකින් එක් කල්ලියකට ඔහු විකුණා තිබිණි. ඔවුහු ජාවාරම්වලට ලක්වන රවී වැනි පුද්ගලයින්ව, ව්‍යාජ ඔන්ලයින් අනන්‍යතා භාවිත කරමින් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් අමෙරිකාවේ සහ යුරෝපයේ හුදෙකලා පිරිමින් රැවටීම සඳහා දීර්ඝ පැය ගණනක සේවයේ යොදවති. ඉක්මනින් ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් ඔවුහු, ව්‍යාජ ඔන්ලයින් වෙළෙඳ වේදිකාවල විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට ඉලක්කගත පුද්ගලයින් පොළඹවති. රවීගේ \"සයිබර් වහල්\" කඳවුර මියන්මාරයේ හමුදා ආණ්ඩුවේ සෘජු පාලනයට යටත් නොවන ප්‍රදේශයක් වන මියාවඩ්ඩිහි කැලෑබද ප්‍රදේශයකි. ජාත්‍යන්තර පොලිසියට අනුව, ආසියාව, නැගෙනහිර අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ බටහිර යුරෝපයේ තරුණ තරුණියන් දහස් ගණනකට පරිගණක ආශ්‍රිත රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙම සයිබර් අපරාධ කඳවුරුවල සේවය කිරීමට සලස්වා තිබේ. අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කරන්නන්ට පහර දීම, වදහිංසා කිරීම හෝ ලිංගික වශයෙන් දූෂණයට ලක් කිරීම සිදු කෙරේ. \"ඔවුන්ට කීකරු නොවුණ නිසා මට දවස් 16ක් පුංචි කුටියක් ඇතුළෙ ඉන්න වුණා. උන් මට බොන්න දුන්නේ, සිගරට් කොට සහ අළු මිශ්‍ර වෙච්ච වතුර විතර යි,\" රවී බීබීසී පුවත් සේවයට පැවසීය. \"පස් වෙනි හෝ හය වෙනි දවසේ මම කුටියේ ඉන්නකොට, ළඟ තිබුණ තවත් කුටියකට ගෑනු ළමයි දෙන්නෙක් ගෙනාවා. ඒ දෙන්නාව පිරිමි 17 දෙනෙක් අතින් මගේ ඇස් ඉස්සරහ ම දූෂණය වුණා,\" ඔහු පැවසීය. \"ඒ දෙන්නගෙන් එක ගෑනු ළමයෙක් පිලිපීන ජාතිකයෙක්. අනික් කෙනා මොන රටේ ද කියලා මට කියන්න අමාරු යි.\" මිනිස් ජාවාරම්වලට ගොදුරු වන්නෝ කවරහු ද? 2023 අගෝස්තු මාසයේදී, මියන්මාරයේ 120,000කට අධික පිරිසක් සහ කාම්බෝජයේ තවත් 100,000කට අධික පිරිසක් නීතිවිරෝධී සූදුවේ සිට ක්‍රිප්ටොකරන්සි මුදල් වංචා දක්වා මෙවැනි සහ වෙනත් මාර්ගගත වංචා වෙනුවෙන් වැඩ කිරීමට බලපෑම් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබිණි. ජාත්‍යන්තර පොලිසිය පසුගිය වසරේ නිකුත් කරන ලද වාර්තාවක් මගින් ලාඕසය, පිලිපීනය, මැලේසියාව, තායිලන්තය සහ අවම වශයෙන් වශයෙන් වියට්නාමය යන රටවල ඉන්ටර්නෙට් වංචා සඳහා තවත් කේන්ද්‍රස්ථාන සොයාගෙන තිබේ. ජාත්‍යන්තර පොලිසියේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසුවේ, මෙම ප්‍රවණතාව කලාපීය ගැටලුවක සිට ගෝලීය ආරක්ෂක තර්ජනයක් දක්වා වර්ධනය වී ඇති අතර තවත් බොහෝ රටවල් වංචනික මධ්‍යස්ථාන, සංක්‍රමණ මාර්ග හෝ ජාවාරමට ගොදුරු වූවන් පැමිණෙන රටවල් වශයෙන් සම්බන්ධ වී ඇති බව ය. මේ මස මුලදී, කාම්බෝජයට ප්‍රවාහනය කරන ලද සිය පුරවැසියන් 250 දෙනෙකු මුදාගෙන ඇති බව ඉන්දීය රජය නිවේදනය කළ අතර, මාර්තු මාසයේදී චීනය ප්‍රකාශ කළේ, මියන්මාරයේ වංචා මධ්‍යස්ථානවලින් සිය පුරවැසියන් සිය ගණනක් ආපසු ගෙන්වා ගත් බව ය. මෙම මධ්‍යස්ථාන වසා දමන ලෙස මියන්මාරයේ මිලිටරි ආණ්ඩුවට සහ සන්නද්ධ කන්ඩායම් යන දෙපාර්ශවයට ම චීනය දැඩි පීඩනයක් එල්ල කර තිබේ. මියන්මාරයේ ස්ථාන හතරක සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් අවම වශයෙන් 56 දෙනෙකු පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් දන්නා අතර, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර බීබීසීයට ප්‍රකාශ කළේ, ඔවුන්ගෙන් අට දෙනෙකු මියන්මාර බලධාරීන්ගේ සහය ඇතිව මෑතකදී බේරා ගත් බව ය. කඳවුරු පවත්වාගෙන යන්නන්ට, ඉලක්කගත සංක්‍රමණික සේවකයින් සොයා ගැනීම ස්ථාවර තත්ත්වයක පවතී. සෑම වසරක ම, දකුණු ආසියාවේ සිට ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ රැකියා සොයා විදේශයන් වෙත සංක්‍රමණය වෙති. පරිගණක විශේෂඥයෙකු වන රවී බැංකොක්හි දත්ත ඇතුළත් කිරීමේ රැකියා ලබා දෙන රැකියා සපයන්නෙකු පිළිබඳව දැන ගත් අවස්ථාවේ ආර්ථික අර්බුදයකට ලක්ව තිබූ ශ්‍රී ලංකාව හැර යාමට අපේක්ෂා කළේ ය. ඩුබායිහි පාර්ශවකරුවෙකු සමග සිටි එම රැකියා සපයන්නා, ඔහුට තහවුරු කර තිබුණේ, රුපියල් 370,000ක මූලික වැටුපක් හිමි වන බව ය. මෑතකදී විවාහ වී සිටි රවී සහ ඔහුගේ බිරිඳ මෙම නව රැකියාව මගින් ඔවුන්ට නිවසක් ඉදිකිරීමට අවස්ථාවක් හිමි වනු ඇතැයි සිහින මැවූ අතර, දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම සඳහා විවිධාකාරයෙන් ණය ලබා ගත්හ. තායිලන්තයේ සිට මියන්මාරය දක්වා 2023 වසර මුලදී, රවී සහ ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් පළමුව බැංකොක් වෙත යවා ඇති අතර, පසුව තායිලන්තයේ බටහිර දිගින් පිහිටි මේ සොට් නගරය වෙත ගෙන ගියහ. \"අපිව හෝටලයකට අරන් ගියා. ඒත් ටික වෙලාවකින් අපිව තුවක්කුකරුවන් දෙන්නෙකුට භාර දුන්නා. ඔවුන් ගඟක් හරහා අපිව මියන්මාරයට අරන් ගියා,\" රවී පැවසීය. පසුව චීන බස කතා කරන මැර කල්ලියක් විසින් පවත්වාගෙන යනු ලබන කඳවුරකට ඔවුන් මාරු කරන ලද අතර, පින්තූර නොගන්නා ලෙස පැහැදිලිව උපදෙස් දී තිබිණි. \"අපි බය වුණා. ශ්‍රී ලාංකිකයන්, පකිස්ථාන වැසියන්, ඉන්දියානුවන්, බංග්ලාදේශ වැසියන් සහ අප්‍රිකානු රටවලින් පැමිණි කාන්තාවන් සහ පිරිමින් 40 දෙනෙක් විතර ඒ කඳවුරේ බලහත්කාරයෙන් රඳවාගෙන හිටියා,\" ඔහු පැවසීය. උස් බිත්ති සහ කටු කම්බි මෙම කඳුවුරුවලින් ගැලවී යාම වැළැක්වූ බව රවී පැවසූ අතර තුවක්කුකරුවන් සෑම වේලාවක ම දොරටු ආරක්ෂා කළහ. රවී පවසන පරිදි, ඔහුට සහ සෙසු පිරිසට දිනකට පැය 22ක් වැඩ කිරීමට බල කර ඇති අතර, නිවාඩුවක් ලැබී ඇත්තේ මසකට වරක් පමණි. සෑම දිනක ම අවම වශයෙන් පිරිමින් තුන් දෙනෙකු අල්ලා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන් පැන යාමට නොහැකි වුවහොත්, අකීකරු වන්නන්ට පහරදීම් සහ වදහිංසාවලට පත්වීමට සිදුවනු ඇත. එය හරියටම කළ එක් පුද්ගලයෙකු වූයේ, බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 21 හැවිරිදි තරුණයෙකු වන නීල් විජේ නමැත්තෙකු වන අතර, ඔහු 2022 වසරේ අගෝස්තු මාසයේදී තවත් ඉන්දියානු පිරිමින් පස් දෙනෙකු සහ පිලිපීන කාන්තාවන් දෙදෙනෙකු සමග මියන්මාරය වෙත රැගෙන ගොස් තිබිණි. ඔහුගේ මවගේ ළමා කාලයේ මිතුරෙකු බැංකොක්හි ඇමතුම් මධ්‍යස්ථානයක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වූ බවත්, ඔවුන්ගෙන් ඉන්දීය රුපියල් 150,000 (ඩොලර් 1,800) ක නියෝජිත ගාස්තුවක් අය කළ බවත් ඔහු බීබීසීයට පැවසීය. \"චීන භාෂාව කතා කරන මිනිස්සු කරගෙන යන සමාගම් කීපයක් තියෙනවා. ඒ ඔක්කොම වංචාකාරයෝ. අපිව ඒ සමාගම්වලට විකිණුවා,\" නීල් පැවසීය. \"එතනට ළං වෙද්දී මගේ බලාපොරොත්තු සුන්වුණා. මගේ අම්මා කප්පම් සල්ලි උන්ට නොදුන්නා නම් අනිත් අය වගේ මටත් වද විඳින්න වෙනවා.\" නීල් වංචාවට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුව නිදහස් කිරීමට ඔහුගේ පවුලේ අය ඉන්දීය රුපියල් 600,000ක් ($7,190) ගෙවා තිබිණි. එහෙත්, ඉලක්ක සැපිරීමට නොහැකි වූ හෝ කප්පම් මුදල් ගෙවිය නොහැකි පුද්ගලයින්ට දෙන කුරිරු දඬුවම් දැකීමට පෙර නිදහස ලැබීමට ඔහුට නොහැකි විය. ඔහු මුදා හැරීමෙන් පසු, තායිලන්ත බලධාරීහු ඔහුට ආපසු ඉන්දියාවට යාම සඳහා සහය වූහ. ඔහුගේ පවුලේ සාමාජිකයින් දේශීය නියෝජිතයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි. වින්දිතයින් ඔවුන්ගේ රටවලට යැවීමට සහය වීම සඳහා තායිලන්ත බලධාරීහු අනෙක් රටවල් සමග ක්‍රියා කරමින් සිටිති. කෙසේ වෙතත්, තායිලන්ත අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසීයට කියා සිටියේ අසල්වැසි රටවල ක්‍රියාත්මක කඳවුරුවල බලහත්කාරයෙන් රඳවාගෙන සිටින පුද්ගලයින් සංඛ්‍යාවට සාපේක්ෂව මුදාගත් සංඛ්‍යාව ඉතා අඩු බව ය. \"මේ අපරාධ කල්ලි ගැන ජනතාව දැනුවත් කරමින් ලෝකය සමග සන්නිවේදනය කරන්න අපි මීට වඩා පියවර ගත යුතු යි. එහෙම කළොත් ඔවුන්ට මේ ජාවාරම්වලට ගොදුරු නොවී ඉන්න හැකි වෙයි,\" තායිලන්තයේ විශේෂ විමර්ශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පියා රක්සාකුල් පැවසීය. මිනිස් ජාවාරම්කරුවන් බොහෝ විට මෙම කලාපය තුළ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස බැංකොක් භාවිත කරනුයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල පුද්ගලයින්ට බැංකොක් වෙත පැමිණීමෙන් පසු වීසා බලපත්‍රයක් ලබාගෙන තායිලන්තයට ඇතුළු විය හැකි නිසා බව ඔහු පවසයි. \"ඒ නිසා, අපරාධකාරයෝ මේකෙන් ප්‍රයෝජන ගන්නවා. ජාවාරම්කාරයෝ ඔවුන්ට වැඩ කරනවා,\" ඔහු වැඩිදුරටත් පැවසීය. ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය සොරකම් කරන ලද දුරකතන අංක, සමාජ මාධ්‍ය සහ පණිවිඩ හුවමාරු වේදිකා භාවිත කරමින් ප්‍රේම සබඳතා ගොඩනගා ගනිමින්, විශේෂයෙන් බටහිර රටවල ධනවතුන් ඉලක්ක කර ගැනීමට තමාව යොමු කළ බව රවී හෙළි කළේ ය. ඔවුන් වින්දිතයන් ඍජුව ම සම්බන්ධ කර ගත් අතර, සාමාන්‍යයෙන් පළමු පණිවිඩය - බොහෝ විට සරල \"හායි\" යන ආමන්ත්‍රණය - වැරදීමකින් යවන ලද බවට ඔවුන් තුළ විශ්වාසයක් ඇති කරවයි. ඇතැම් පුද්ගලයින් එවැනි පණිවුඩ ගැන තැකීමක් නොකරන බව රවී පවසයි. එහෙත්, හුදෙකලා වී සිටින්නන් හෝ ලිංගික ආශ්‍රයකට කැමැත්තෙන් පසුවන්නෝ නිරන්තරයෙන් මෙම ඇමට බිලි වෙති. ඔවුන් එසේ කළ විට, කඳවුරේ සිටි තරුණියන් පිරිසකට සිය ඉලක්කගත පුද්ගලයා තවදුරටත් ආකර්ෂණය කර ගැනීම සඳහා පැහැදිලි පින්තූර ගැනීමට බල කෙරිණි. දින කිහිපයකින් පණිවිඩ සිය ගණනක් හුවමාරු කර ගැනීමෙන් පසු, වංචාකරුවන් මෙම පුද්ගලයින්ගේ විශ්වාසය දිනා ගන්නා අතර ව්‍යාජ ඉන්ටර්නෙට් වෙළෙඳ වේදිකාවල විශාල මුදලක් ආයෝජනය කිරීමට ඔවුන්ව පොළඹවනු ඇත. පසුව, ව්‍යාජ ඇප් ව්‍යාජ ආයෝජන සහ ප්‍රතිලාභ තොරතුරු පෙන්වයි. \"එක් කෙනෙක් ඩොලර් 100000ක් එව්වොත්, එයාගේ ලාභය කියලා ඒකෙන් ඩොලර් 50000ක් ආපසු යවනවා. ඒ හරහා ඔවුන් සතුව ඩොලර් 150000ක් ඇති බවට ඔවුන් තුළ හැඟීමක් ඇති වෙනවා. ඒත් ඇත්තට ම සිද්ධ වෙන්නෙ ඔවුන්ගේ ආයෝජන මුදලෙන් භාගයක් විතරයි ඔවුන්ට ලැබෙන්නේ, ඉතිරි ටික ඔවුන් ගන්නවා,\" රවී පැහැදිලි කළේ ය. වින්දිතයින්ගෙන් ගැනීමට හැකි සියල්ල ගැනීමෙන් පසු, පණිවුඩ යැවූ ගිණුම් සහ සමාජ මාධ්‍ය ගිණුම් අතුරුදන් කෙරේ. මෙම ක්‍රියාකාරකමේ පරිමාණය ඇස්තමේන්තු කිරීම අපහසු ය. එහෙත්, ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය සිය 2023 ඉන්ටර්නෙට් අපරාධ වාර්තාවෙන් සොයා ගත්තේ, අමෙරිකාවේ විශ්වාසය හෝ ආදර වංචා පිළිබඳ පැමිණිලි 17,000කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවත් පාඩුව ඩොලර් මිලියන 652ක් වූ බවත් ය. මානසික සහ ශාරීරික කැළැල් මාසයක කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු, රවී පවසන්නේ, ඔහු මුලින් සේවය කළ \"සමාගම\" \"බංකොලොත්\" වූ නිසා වෙනත් කල්ලියකට විකුණා තිබූ බව ය. - ඔහු මියන්මාරයේ කොටු වී සිටි මාස හය තුළ විවිධ කල්ලි තුනකට මාරු කරන ලදී. තමන්ට තවදුරටත් මිනිසුන් රැවටීමට නොහැකි බව ඔහු සිය නව කල්ලියේ නායකයින්ට පවසා, යළි ශ්‍රී ලංකාවට යාමට අවසර ඉල්ලා තිබිණි. දිනක් කණ්ඩායම් නායකයා සමග පැවති හමුවක් ගැටුමකට හැරුණු අතර රවී කුඩා කුටියකට ගෙන ගොස් දින 16ක් තිස්සේ වධ හිංසා පමුණුවා තිබිණි. අවසානයේ \"චීන ප්‍රධානියා\" රවී හමුවීමට පැමිණ ඔහුට නැවත වැඩ කිරීමට \"අවසාන වරට එක් අවස්ථාවක්\" ලබා දුන්නේය - එය පරිගණක මෘදුකාංග පිළිබඳ ඔහු තුළ පැවති ප්‍රවීණත්වය නිසා ලබා දුන් අවස්ථාවක් විය. \"මට කරන්න වෙන දෙයක් තිබුණෙ නෑ. ඒ වෙනකොට මගේ ශරීරයෙන් භාගයක් අඩපණ වෙලා තිබුණෙ,\" ඔහු පැවසීය. තවත් මාස 4ක කාලයකදී, රවී VPN, කෘත්‍රිම බුද්ධි යෙදුම් සහ ත්‍රිමාණ වීඩියෝ කැමරා යොදාගෙන ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යාමට සමත් විය. මේ අතරතුර, සිය රෝගී මව බැලීමට ශ්‍රී ලංකාවට යාම සදහා රවී අයාචනා කළේ ය. රුපියල් 600,000ක කප්පම් මුදලක් සහ ගංගාව තරණය කර තායිලන්තයට ඇතුළු වීම වෙනුවෙන් තවත් අතිරේක රුපියල් 200,000ක් ගෙවා දැමිය හැකි නම් රවීට ඉන් පිටව යාමට අවසර දීමට කල්ලි නායකයා එකඟ විය. ඔහුගේ දෙමාපියන් ඔවුන්ගේ නිවස ඇපයට තබා ණය මුදලක් ලබාගෙන රවී වෙත යැවීය. රවී ආපසු මේ සොට් වෙත රැගෙන යන ලදී. වීසා නොමැති වීම හේතුවෙන් ඔහුට තායි බාත් 20,000ක දඩ මුදලක් නියම වූ පසු, රවීගේ දෙමාපියන්ට තවත් ණය ලබා ගැනීමට සිදු විය. \"මම ලංකාවට එනකොට, රුපියල් 1,850,000ක් ණය වෙලා තිබුණා,\" ඔහු පැවසීය. ඔහු ආපසු නිවසට පැමිණ සිටිය ද, රවීට සිට නව මනාලිය දැක ගත හැක්කේ කලාතුරකිනි. \"මේ ණය පියවන්න ඕන නිසා දිවා රාත්‍රී මම ගරාජ් එකක වැඩ කරනවා. ණය පොළිය ගෙවන්න අපි දෙන්නාගෙ ම මගුල් මුදු උකස් තියල තියෙන්නෙ,\" ඔහු ශෝකයෙන් යුතුව පැවසීය.",
"Title": "'මට අපායක් වූ මියන්මාරයේ සයිබර් වහල් කඳවුර'"
} |
{
"Text": " අලි ඇතුන් බොහෝ දෙනෙකු දක්නට තිබුණ ද ඔවුන් නිදා සිටින අයුරු දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. අලි පිළිබඳ පර්යේෂකයෙකු වන මහාචාර්ය පෝල් මැන්ගර් පවසන පරිදි ක්ෂීරපායි සතුන් අතරින් ඉතාමත් කෙටි නින්දක් ලබන සත්ත්වයා අලියා ය. ස්වාභාවික පරිසරයේ දී අලි ඇතුන්ගේ විවේක කාලය දිනකට පැය දෙකකට පමණ සීමා වේ. නමුත් සත්වෝද්‍යාන තුළ වෙසෙන අලි ඇත්තු දිනකට පැය 4 - 6ක් අතර කාලයක් නින්දේ විවේකීව ගත කරති. සාමාන්‍යයෙන් ශරීරය ප්‍රමාණයෙන් විශාල ක්ෂීරපායි සතුන්ට වඩා කුඩා ක්ෂීරපායි සතුන්ගේ නිදන කාලය වැඩිය.",
"Title": "අලි නිදා සිටින අයුරු ඔබ දැක තිබෙනවා ද?"
} |
{
"Text": " අනුරාධපුරය, මැදවච්චිය ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා වාහනයක් ධාවනය කළ බව කියන සිදුවීමකට පොලිසිය විසින් සිදුකළ බව කියන පහර දීමකින් තුවාල ලැබූ තරුණයෙකු මේ වන විට රෝහල් ගත කර සිටියි. ඉකුත් අප්‍රේල් මස 07 වෙනිදා රාත්‍රියේදී සිදු වූ බව කියන එම සිදුවීමට මුහුණ පා ඇත්තේ මැදවච්චිය, තුලාවේලිය ගම්මානයේ පදිංචිකරුවෙකු වන 23 හැවිරිදි තරුණයෙකු යි. දැනට අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති එම තරුණයා පවසන්නේ පොලිසියෙන් සිදුකළ පහරදීමෙන් සිය වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ බවයි. පොලිසියේ දෙදෙනෙකු අත්අඩංගුවට මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. රෝහල් ගත කළ තරුණයා විසින් රෝහල් පොලිසියට ලබා දුන් ප්‍රකාශයක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය විසින් මෙම පොලිස් නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ එම පොලිස් නිලධාරින් දෙදෙනා අද ( අප්‍රේල් මස 11 වෙනිදා) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි. 'අපිට ගහන්න හේතුවක් කිව්වේ නැහැ' පොලිසියේ පහර කෑමට ලක්ව දැනට අනුරාධපුරය රෝහලේ ප්‍රතිකාර ලබන 23 හැවිරිදි තරුණයා පැවසුවේ එලෙස තමන්ට සහ තම මිතුරාට පහර දීමට හේතුව කුමක්ද යන්න පොලිසිය නොපැවසූ බවයි. \"අප්‍රේල් 07 වෙනිදා මමයි යාළුවයි දෙන්නා ටවුන් එකට ගිහිල්ලා එද්දී මග හරියේ අපි දැක්කා පොලිසියේ ට්‍රැෆික් එකෙන් ඉන්නවා.\" \"වාහන ගොඩක් නතර කරලා තිබ්බා. අපි ඒ වාහන ඔක්කොම ඉස්සර කරන් ඉදිරියට ආවා.\" \"එහෙම කිලෝමීටරයක් වගේ එද්දී අපිව ඉස්සර කරලා ට්‍රැෆික් බයික් එකක් ඇවිල්ලා නතර කළා.\" \"එහෙම නතර කරලා ඒ ආපු දෙන්නා මාවයි යාළුවාවයි වාහනෙන් ඇදලා ගත්තා එළියට. එහෙම ඇදලා අරන් අපි දෙන්නට ගහගෙන ගහගෙන ගියා.\" \"පස්සේ මගේ අත් දෙක පස්සට කරලා බැඳලා වාහනේට දාලා ආපහු ගැහුවා. ගහලා වාහනේට දාලා දොර වැහුවා.\" \"ඊට පස්සේ දෙන්නවම අරන් ගියා. අරන් ගිහිල්ලා දෙන්නවම ඇරස්ට් කළා.\" \"පිටි පස්සෙන් ත්‍රීවිල් එකක ආවා කට්ටියක්. ඒ අය ඇවිල්ලා මගේ යාලුවට පොලු වලින් ගැහුවා.\" \"එහෙම ඇරස්ට් කරලා ඉද්දි මට අසනීප වුණා. පස්සේ මම රෑ කිව්වා මට අසනීපයි කියලා.\" \"පස්සේ මාව ඩොක්ටර් ළ ඟට දැම්මා. ඩොක්ටර් කිව්වා මට ගොඩක් අමාරුයි ඒ නිසා අනුරාධපුරය ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා එහෙන් මාව මෙහෙට එව්වා.\" \"අනුරාධපුරයට ගෙනාවට පස්සේ ස්කෑන් එකක් කළා.ඊට පස්සේ කිව්වා මේ යට හරිය තැලිලා ලේ බැහැලා කියලා. ඊට පස්සේ ඔපරේෂන් එකක් කරන්න ඕන කියලා කිව්වා. දැන් ඔපරේෂන් එක කරලා ඉන්නේ.\" \"බයික් එකේ දෙන්නෙක් වගේම ත්‍රිවිල් එකේ ආපු හතර දෙනෙක් තමයි අපිට පහර දුන්නේ. හේතුවක් අපිට කිව්වේ නැහැ. සමහර විට අපි වාහන ඉස්සර කරන් ආපු නිසා වෙන්න ඇති කියලා හිතනවා.\" \"මගේ බෙල්ලට, ඒ වගේම කොන්දට ගොඩක් අමාරුයි. ඊට අමතරව ඔපරේෂන් එකක් කරලා තියෙනවා.\" තුවාල ලැබූ තරුණයා පැවසීය. 'පුතා කොරියාවේ යන්න පාස්පෝර්ට් පවා හදලා හිටියේ : දැන් එයාගේ අනාගතයම ඉවරයි' මේ අතර තරුණයාගේ මව වන කේ.බී. චන්ද්‍රිකා ප්‍රියදර්ශනී තම පුත්‍රයාට අත් වූ ඉරණම පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ඔහුට සිදුකළ ශල්‍යකර්මයෙන් වෘෂණ කෝෂයක් ඉවත කර ඇති බවයි. \"පුතා ගෙදරින් ගියා ඩිමෝ බට්ටා වාහනෙන් වාහනේ පොඩි වැඩක් තියනවා හදාගෙන එන්නම් කියලා.\" \"යාලුවෙක් එක්ක ගිහින් තියෙන්නේ. එහෙම ගිහිල්ලා එද්දී පොලිසියෙන් වාහනේට අත දාලා තියෙනවා කියලා කියනවා, හැබැයි ඒක එයාලා දැකලා නැහැ.\" \"පස්සේ පුතාලා පස්සෙන් මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ අය පන්නගෙන ඇවිල්ලා වාහනේට ඉස්සරහ කරලා නතර කරන් තියෙනවා.\" \"පස්සේ පුතාව වාහනෙන් බස්සලා එයාගේ අත් දෙක පිටි පස්සට තියලා බැඳලා බිම දාලා යටි බඩ හරිය පාගලා, බෙල්ලෙන් එහෙම ඇදලා ගහලා තියෙනවා.\" \"පස්සේ පුතාට අමාරු වෙලා එතැනින් අරන් ගිහිල්ලා තියෙනවා මැදව්ච්චිය රෝහලට. එතැනින් අනුරාධපුරයට එවලා එහෙදි ශල්‍යකර්මයකට භාජනය කරලා තියෙනවා.\" \"දැන් එයාගේ එක වෘෂණ කෝෂයක් අයින් කරලා තියෙන්නේ. ඒ දුක මම කාටද කියන්නේ.\" \"පුතාට වයස අවුරුදු 23යි. එයා කොරියන් කෝස් එකක් කරනවා. හෙට එයාගේ කෝස් එකත් පටන් ගන්නවා. කොරියාවේ යන්න පාස්පෝට් එක පවා හදලා ඉන්නේ.\" \"දැන් එයාගේ අනාගතයට මොකද වෙන්නේ? එයාගේ අනාගතය සම්පුර්ණයෙන්ම විනාශ වෙලා.\" \"අපි දොස්තරටත් කතා කළා. දොස්තරත් කිව්වා එයාගේ වෘෂණ කෝෂයක් අයින් කරන්න වුණා කියලා.\" \"මම පුතාට ඇවිල්ලා කෑම කැව්වා. එයා කිව්වා අම්මේ මගේ බඩ යට හොඳටම රිදෙනවා, මට කන්න බැහැ කියලා. එයා වේදනාවෙන් ඉන්නේ.\" \"වාහනේ නතර කළේ නැහැ කියලයි මේ වගේ අපරාදයක් කරලා තියෙන්නේ මගේ පුතාට.\" \"මේ ගැන අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අපි පැමිණිල්ලක් ගොනු කළා. පොලිසියෙන් කියනවා සිද්ධිය ගැන විමර්ශනයක් කරනවා කියලා.\" \"මේ වගේ අපරාධයක් කරන්න තරම් මගේ පුතා කිසිම වරදක් කරලා නැහැ.\" \"පුතාට පොලිසියේ දෙන්නෙක් පහරදීලා තියෙන්නේ. එයාගේ යාලුවට ත්‍රීවිල් එකේ ආපු හතර දෙනෙක් පහර දීලා තියෙන්නේ.\" \"එයාගේ යාලුවා පොලිසියේ තියාගෙන ඉදලා පස්සේ ඇප දීලා යවලා තියෙනවා. එයාටත් තුවාලයි. ඒත් ඒ ළමයා රෝහල් ගතවෙන්න කැමති නැහැ.\" ඇය පැවසීය. පොලිසිය කියන්නේ කුමක්ද? මේ අතර පොලිස් නිලධාරින් විසින් පහර දීමක් සිදුකළ බව කියන මෙම සිදුවීම පිළිබඳ බීබීසී සිංහල සේවය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගෙන් විමසීමක් සිදු කරන ලදී. එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එම තරුණයින්ට පොලිස් නිලධාරීන් විසින් පහර දීමක් සිදුකර නොමැති බවය. එමෙන්ම පොලිස් අණ නොතකා වාහනය ධාවනය කළ වාහනයේ රියැදුරු ලෙස කටයුතු එම තරුණයා ඇතුළු අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් කටයුතු කිරීමේදී විරෝධය පා ඇති බවත් එහිදී පොලිස් නිලධාරීන්ට එය මැඩ පවත්වා තරුණයින් අත්අඩංගුවට ගැනීමට සිදුව ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය. \"මැදවච්චිය පොලිස් වසමේ මැදවච්චිය - මන්නාරම මාර්ගයේ පොලිස් රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනෙක් රාජකාරියේ යෙදී ඉදිලා තිබුණා අප්‍රේල් 07 වෙනිදා.\" \"ඩිමෝ බට්ටා වර්ගයේ වාහනයක් ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේදී මේ නිලධාරින් දෙදෙනා අර වාහනේට නවත්වන්න කියලා සංඥා කරද්දී එයාලා වාහනේ නතර කරන්නේ නැතුව ගිහින් තිබුණා.\" \"පස්සෙ මේ නිලධාරින් දෙදෙනා යතුරුපැදියෙන් අර ඩිමෝ බට්ටා ලොරිය පස්සේ ගිහින් තියෙනවා. ඒත් නතර කරලා නැහැ.\" \"ඔය වෙලාවේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා එළි යට ඇවිල්ලා හිටිය පොලිස් නිලධාරින් කණ්ඩායමකටත් මේ සිදුවීම ගැන දැනුම් දීලා තියෙනවා.\" \"ඒ දෙගොල්ලන්ම මේ වාහනේ ෆලෝ කරලා තියෙනවා.\" \"කොහොම හරි වාහනේ ස්ලෝ වුණ වෙලාවක එක් නිලධාරියෙක් ඩිමෝ බට්ටා ලොරියේ වාහනේ දොරේ එල්ලිලා නතර කරගන්න උත්සාහ කරලා තියෙනවා. එයාවත් තල්ලු කරලා වාහනේ නැවත ඇදලා ගිහිල්ලා තියෙනවා.\" \"කිලෝමීටර් 09ක් වගේ දුරක් ගිහිල්ලා අන්තිමේදී කැළෑබද ප්‍රදේශයක දී වාහනේ නතර කරගන්න පොලිස් නිලධාරින් සමත් වෙලා තියෙනවා.\" \"ඊට පස්සේ මේ අය පැනලා යන්න හදලා තියෙනවා. කොහොම හරි පොලිස් නිලධාරින් ඒ අයව අල්ලා ගෙන තියෙනාවා.\" \"මේ අයව ලුහුබැඳගෙන යද්දී ලොරියේ ඉදලා ගැලුමක් වීසි කරලා තියෙනවා. ඒක පිටිපස්සෙන් ආපූ පොලිස් නිලධාරින් දැකලා ඒ අයගේ භාරයට අරන් තියෙනවා.ඒකෙ තිබිලා තියෙන්නේ කසිප්පු.\" \"ලොරියේ රියැදුරු ලෙස කටයුතු කරපු කෙනා බීමත්ව ඉදලා තියෙන්නේ. ඒ ගැන සිදු කරපු ශ්වසන පරීක්ෂණයෙන් ඔප්පු වෙලා තියෙනවා. ඊට අමතරව එයාලා නීති විරෝධී මත්පැන් ළඟ තබාගෙන ඉදලා තියෙනවා.\" \"නොනවත්වා වාහනය ධාවනය කිරීම, බිමත්ව රිය පැදවීම සහ නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීම කියන චෝදනා යටතේ එයාලව අත්අඩංගුවට අරන් පොලිසියේ භාරයේ හිටියා.\" \"රෑ 11.00 ට විතර වෘෂණ කෝෂ රිදෙනවා කියලා මේ පුද්ගලයා කිව්වම පොලිසියෙන් එයාව රෝහලට අරං ගිහින් තියෙනවා.\" \"ඊට පස්සේ එයාව අනුරාධපුරය රෝහලට මාරු කරලා යවලා තියෙනවා එහිදි එයාගේ වෘෂණ කෝෂයක් අයින් කරන්න වුණා කියලා මාධ්‍ය වලින් වාර්තා කරලා තියෙනවා. නමුත් නිල වශයෙන් රෝහලෙන් පොලිසියට තවම දැනුවත් කිරීමක් ලැබිලා නැහැ මේ වෙනකම්.\" \"තමන්ට පහරදීමක් සිදුකළා කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙන නිසා ඒ ගැන පොලිසිය විමර්ශනයක් කරන්න කටයුතු යොදලා තියෙනවා.\" \"මේ තරුණයා ඇතුළු පිරිසක් සාදයක් පවත්වලා තියෙනවා. එතැනදී මත්පැන් මදිවෙලා කසිප්පු අරන් එන්න එද්දී තමයි පොලිසියට අහුවෙලා තියෙන්නේ.\" \"මේ තරුණයාගේ පියා මැදවච්චිය පොලිසියේ සාජන්වරයෙක් ලෙස සේවය කරනවා.\" \"අත්අඩංගුවට ගන්න කටයුතු කරපු නිලධාරින් කියන්නේ කිසිම පහරදීමක් කළේ නැහැ කියලයි. අත්අඩංගුවට ගන්න හදන කොට එයාලා ප්‍රතිවිරෝධය පාලා තියෙනවා, ඒ වෙලාවේදී වාහනේ ඇතුලේ එහාට මෙහාට මේ අය පැනලා තියෙනවා කියලා. එතැනදී මොනවා හරි වුණාද කියලා දන්නේ නැහැ කියලයි ඒ නිලධාරීන් කියන්නේ.\" පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ අතර පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට යාමේදි පොලිසිය විසින් බලය අයුතු ලෙස භාවිත කිරීමේ සිදුවීම් රාශියක් පසුගිය කාල සීමාව පුරාවට වාර්තා විය. ඒ අතරින් ඉකුත් ජනවාරි මස 18 වෙනිදා නාරම්මල ප්‍රදේශයේ දී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් වාහනයක් නතර කිරීමට සංඥා කිරීමෙන් පසු එම වාහනය නොනවත්වා ධාවනය කළ බව පවසා සිදුකළ වෙඩි තැබීමකින් 41ක් හැවිරිදි තිදරු පියෙකු ජිවිතක්ෂයට පත්විය.",
"Title": "මැදවච්චියේ තරුණයෙකුට වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදු ව ඇත්තේ පොලිස් පහරදීමෙන් ද?"
} |
{
"Text": " ''එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි'' මේ අවුරුදු සමයේ නිතර අසන්නට ලැබෙන ඉතා ජනප්‍රිය ගීතයකි. නමුත් ගීතයෙන් විස්තර කෙරෙන එරබදු මල් අද දක්නට නොලැබෙන තරම් ය. බොහෝවිට එරබදු ලෙස අදවන විට ඡායාරූප සහ වීඩියෝ දර්ශන පලවන්නේ පිටරටින් රැගෙන ආ විසිතුරු ශාකවල ඒවා ය. එබැවින් අතීතයේ පටන් ගැමියාගේ ජීවිතය හා බැඳුණු, 'අපේ එරබදු' මොනවා ද යන්න සහ ඊට සිදුවූ දේ කුමක් ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ. 'අපේ එරබදු' ලෙස පැරැණි ගැමියා හඳුනාගත් ශාක විශේෂ දෙකක් තිබේ. ඒ 'එරබදු' සහ 'යක් එරබදු' ය. ඉන් අවුරුදු සමයේදී මල් පිපෙන, අවුරුද්ද හා බැඳුණු එරබදු විශේෂය වන්නේ Erythrina variegata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන එරබදු ශාකය වේ. අප්‍රේල් මාසය වන විට මල් හට ගන්නා සමයේ දී එම එරබදු ශාකයේ පත්‍ර හැලී යයි. එමනිසා ඉතා අලංකාර, රතු පැහැති මලින් ගස පිරී යයි. නමුත් එම විශේෂයේ එරබදු ශාකයක් හෝ මලක් දැකීම අදවන විට කළුනික සෙවීම තරම් දුෂ්කර ක්‍රියාවක් බව උද්භිද විද්‍යාඥයෝ පවසති. මේ එරබදු ශාකය හැඳින්වීමට එරමුදු, කටු එරමුදු , වැට එරබදු යන නම් ද භාවිත කෙරේ. එරබදු ශාකයට ඉංග්‍රීසි බසින් නම් කිහිපයක් භාවිත කෙරේ. ඒ, Coral tree , Indian Coral tree, Thorny dadap යන නම් ය. යක් එරබදු (කටු කෑල) උද්භිද විද්‍යාත්මකව හඳුන්වන්නේ Erythrina fusca ලෙස වන අතර ඒවායේ මල් හට ගැනීම සාමාන්‍යයෙන් පෙබරවාරි සහ මාර්තු වන විට සිදු වේ. මේවා 'අපේ එරබදු' ලෙස ජන ජීවිතය හා බැඳී තිබුණ ද එම ශාක විශේෂ දෙකම ශ්‍රී ලංකාවට අවේණික ශාක නොවන උද්භිද විද්‍යාඥ, මහාචාර්ය සිරිල් විජේසුන්දර පැවසුවේය. එමෙන්ම ඒවා වනාන්තර ආදී ස්වභාවික පරිසර පද්ධතිවල දක්නට නොලැබෙන බව ද ඔහු සඳහන් කළේය. මීට අමතරව කඳුකරයේ තේ වතු ආශ්‍රිතව පොහොර සහ සෙවන ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් විදේශීය එරබදු විශේෂයක් තිබේ. දඩබ් (Dadap) ලෙස හඳුන්වන, උද්භිද විද්‍යාත්මකව Erythrina subumbrans යන විශේෂය සෙවන ලබා ගැනීමට සහ නයිට්‍රිජන් තිර කිරීමට තේවතුවල වගාකර ඇත. එමෙන්ම විසිතුරු ශාක ලෙස හඳුන්වා දුන් එරබදු විශේෂ කිහිපයක් දක්නට ලැබේ. ඒවායේ වසර පුරාම මල් දක්නට ඇත. ගමේ ඉනි වැට අහිමි වීම සහ එරබදු ගහ වැනසූ කෘමි උවදුර ''අපි සාමාන්‍ය එරබදු කියලා හඳුන්වන Erythrina variegata දැන් ගොඩක් දකින්න අඩුයි. ඒ නිසා අපි 2020 රතු දත්ත පොත සකස් කිරීමේ දී vulnarable species කියන (වඳවීමේ ක්‍රියාවලියට පත්වීමට ආසන්න) කාණ්ඩයට තමයි දාලා තියෙන්නේ. අපි පොඩි කාලේ මේවා වැටවල් වලට වවලා තිබුණේ. ඒ නැතත් වතුර කිට්ටුව, වෙල් අයිනේ තිබුණා ගම්වල. එකක් සජීවී වැටවල් හදන සංකල්පය දැන් අඩුවෙලා. මේවා දුර්ලභ වෙන්න වැඩිපුරම හේතුව විදියට මම හිතන්නේ Erythrina Gall Wasp කියන කෘමියගෙන් වෙන හානිය වෙන්නැති කියලා.'' යනුවෙන් උද්භිද විද්‍යාඥ, මහාචාර්ය සිරිල් විජේසුන්දර BBC සිංහල සේවයට ප්‍රකාශ කළේය. Erythrina Gall Wasp (Quadrastichus erythrinae) ලෙස හඳුන්වන එම කෘමියා (කුඹලෙක් වැනි කෘමියෙකි) පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන, ඌ මගින් අනාගතයේ දී ශ්‍රී ලංකාවේ එරබදු ශාකවලට තර්ජනයක් විය හැකි බවට 2006 දී පළමු අනතුරු ඇඟවීම සිදු කළේ කේරළ කෘෂි විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම කීට විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය කේ.ඩී ප්‍රතාපන් විසිනි. ඔහු සිය සොයාගැනීම් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් මගින් ප්‍රකාශයට පත්කර ඇත. රත්නපුරයේ සිට කලවාන දක්වා ද කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලින් ද මෙම කෘමි හානිය සිදු වූ එරබදු ශාක හඳුනාගත් ආචාර්ය කේ.ඩී ප්‍රතාපන් මහනුවර, මාතලේ සහ නුවරඑළිය වැනි තේ වගාව සහිත කඳුකර ප්‍රදේශවලට එය ව්‍යාප්ත වුවහොත් සැලකිය යුතු ආර්ථික පාඩුවක් සිදුවිය හැකි බවට 2006 වසරේ දී පෙන්වා දුන්නේය. බරපතල පළිබෝධයක් ලෙස හඳුනාගෙන ඇති එම කෘමියා චීනය, ගුවාම්, හොංකොං, ඉන්දියාව, ජපානය, මොරිෂස්, පිලිපීනය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් ද වාර්තා වී තිබේ. 'අපි මේ කෘමියා ගැන විශේෂ අවදානයක් යොමු කරන්න ඕනා' ''මම දන්නා විදියට එරබදු ශාකයට හානි කරන මේ ජීවියා (Erythrina Gall Wasp) අපේ රටේ ආගන්තුක, ආක්‍රමණික ජීවියෙක් විදියට සලකලා නෑ. පලිබෝධකයෙක් විදියට සැලකිල්ලක් දෙන්නෙත් නෑ. මේ වගේ දේශීය ශාකයක් විනාශ කරන්න පුළුවන් සතෙක් නම් අපි ඒ ගැන විශේෂ අවදානයක් යොමු කරන්න ඕනා. මම මෑතක දී අවුරුද්ද හා බැඳුනු එරබදු මල් දැක්කේ නෑ.'' යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන BBC සිංහල සේවයට පැවසුවේය. මෙම ලිපිය සමග පළ කර ඇති එරබදු සහ යක් එරබදු මල් ඇතුළත් ඡායාරූප දෙක කොළඹ දියසරු උද්‍යානයේ දී සහ මහනුවර වරාතැන්න-හත්කිඳ පරිසර ආරක්ෂණ ප්‍රදේශයේ දී ආචාර්ය ජගත් ගුණවර්ධන විසින් කලකට පෙර ලබාගෙන තිබිණි. ''මේ කෘමියා එරබදු ශාකයේ ළපටි පත්‍ර සහ ළපටි කඳ සිදුරු කරලා තමයි බිත්තර දාන්නේ. ඉන් එන කීටයා ශාක පටක වලින් තනාගන්නා ගෝලාකාර ගැටිත්තක් සකස් කර ගෙන, සුහුඹුලෙක් වෙලා එය සිදුරු කරගෙන පිටතට එනතෙක් එහි කල්ගත කරනවා. මේ වන විට තෙත් කලාපයේ බොහෝ ස්ථානවල තිබූ එරබදු ශාක පසුගිය කාලයේ දී විනාශ වෙන්න ප්‍රධානම හේතුව මෙම කෘමි උවදුර බවයි පෙන්නේ. මේක කොයිතරම් දරුණු වෙන්න පුළුවන් ද කියන එකට උදාහරණයක් කිව්වොත් හවායි දූපත්වල එරබදු වලින් 95% විනාශ වුණේ මේ කෘමි උවදුර නිසා. නමුත් මේ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ නිසියාකාර අවධානයක් යොමු වී නොමැති බවක් පෙන්නේ'' යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන විස්තර කළේය. එරබදු සහ යක් එරබදු හඳුනා ගන්නේ කෙසේද ? එරබදු මීටර් 10ක් පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ගසකි. වියළි පහතරට, අතරමැදි කලාපයේ සහ පහතරට තෙත් කලාපයේ එරබදු දක්නට ලැබෙන අතර යක් එරබදු එම කලාපවලම ජලය ආශ්‍රිතව වර්ධනය වේ. යක් එරබදු මල තද දම් රතුය. පියාපත් සහ නැවිති දම් පාටය. එරබදු මල දිලිසෙන රතු පැහැතිය. පියාපත් සහ නැවිති තද දම් රතුය. යක් එරබදු බීජවල කළු වෛරම් දැකිය හැකිය. එරබදු බීජ රතු පාටට හුරු දුඹුරු පැහැතිය. යක් එරබදුවල කඳ කටු සහිත වන අතර පොත්ත දුඹුරුය. එරබදුවල කඳෙහි පොත්ත සුමුදුය. අළුය. මේවා බීජ වලින් හෝ දඬු මගින් රෝපණය කරගත හැකිය. එරබදු වලට වඩා යක් එරබදු දැකීම දුර්ලභය. 2020 ජාතික රතු දත්ත ලේඛනයට අනුව යක් එරබදු වඳවීමට ආසන්න (Near Threatened) කාණ්ඩයට ඇතුලත් කර තිබේ. ''ඉස්සර එරබදු හඳුන්වන්න Erythrina indica කියන උද්භිද විද්‍යාත්මක නාමය භාවිත කළා. පසුව ඒක Erythrina variegata ලෙස වෙනස් කළා. මම නම් ළඟදී මල් දැක්කේ නෑ. අනික් කාරණය දැන් සීසනල් ෆ්ලවර්ස් පිපෙන කාලයත් වෙනස් වෙලා. දේශගුණ විපර්යාස වගේ හේතු නිසා දැන් ඒවා නිශ්චිත කාලයට පිපෙන්නේත් නෑ. '' යනුවෙන් උද්භිද විද්‍යාඥ, මහාචාර්ය සිරිල් විජේසුන්දර විස්තර කළේය. එලෙස විද්‍යාත්මක නාමය වෙනස් වීමට හේතු වුණේ Erythrina indica ලෙස නම් කළ මල ඊට පෙර අයෙකු විසින් Erythrina variegata ලෙස නම් කර තිබු බවට පසුව අනාවරණය වීමයි. එරබදු ශාකය වඳවීමට හේතුව සහ Erythrina Gall Wasp යන කෘමියාගේ ඊට සම්බන්ධතාවය විද්‍යාත්මකව තහවුරු කර ගැනීම ශ්‍රී ලංකාවේ පර්යේෂකයන්ට පැවරී ඇති වගකීමකි.",
"Title": "කෘමියෙකු නිසා ශ්‍රී ලංකාවට අහිමි වූ 'අපේ එරබදු'"
} |
{
"Text": " ස්මාර්ට් ජංගම දුරකතන අද වන විට කුඩා දරුවන්, තරුණ තරුණයින් අතර පමණක් නොව වැඩිහිටි ප්‍රජාව අතර ද වැඩි වශයෙන් ජනප්‍රිය තාක්ෂණික මෙවලමක් බවට පත්ව තිබේ. අතීතයේ විවිධ ක්‍රමවේද භාවිත කරමින් දුරකතන සංවාද පටිගත කිරීම සිදු වුව ද මේ වන විට එය ඉතා පහසු කාර්යයක් බවට පත්ව ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකතන නිසා ය. නමුත් ඇතැම් දුරකතන නිෂ්පාදන සමාගම් පෞද්ගලිකත්වය පදනම් කරගත් ප්‍රතිපත්ති මත ලෝකයේ ඇතැම් කලාප සඳහා ඊට අවශ්‍ය පහසුකම් ලබා දීමෙන් වැළකී සිටියි. තාක්ෂණයේ දියුණුවත් සමග දුරකතන සංවාද පටිගත කිරීම පහසු වුව ද එය පසුපස ඇති සදාචාරය සම්බන්ධ කරුණු පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති. ශ්‍රී ලංකාවේ මෑත කාලය දෙස හැරී බැලීමේදී ද සමාජයීය වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන් ද ආන්දෝලනාත්මක සිදුවීම් ඇති වීමට දුරකතන සංවාද පටිගත කිරීම් තුඩු දුන්නේ ය. ඉන් එක් සිදුවීමක් ලෙස රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ රන්ජන් රාමනායක විසින් රහසිගතව පටිගත කරන ලද දුරකතන සංවාදත් සමග ඇති වුණු සිදුවීම් මාලාව හුවා දැක්විය හැකි ය. එපමණක් නොවන සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ඇතැම් පළ කිරීම් හරහා විවිධ පාර්ශව අපහසුතාවට පත්වන අවස්ථා ද අපි දැක ඇත්තෙමු. එවැනි පසුබිමක එහි නීතිමය තත්ත්වය පිළිබඳව සොයා බැලීම වටී. දුරකතන සංවාද පටිගත කිරීම නීති විරෝධී ක්‍රියාවක් ද? දුරකතන සංවාදයක් පටිගත කළ පමණින් එය නීති විරෝධී ක්‍රියාවක් බවට පත් නොවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් විජේසිරි බීබීසී සිංහල සමග අදහස් දක්වමින් පැවසීය. ඔහු පෙන්වා දුන්නේ, සුහදශීලිව සිදු කෙරෙන සංවාදයක් පටිගත කිරීම හරහා සිදුවන්නේ සදාචාරාත්මක බැඳීමක් උල්ලංඝණය වීමක් බව ය. \"දුරකතන සංවාදයක් පටිගත කිරීම තුළින් පුද්ගලයෙකුගේ සදාචාරාත්මක අයිතියක් විනාශ වෙනවා ඇරෙන්න, අපරාධමය හෝ සිවිල් නීතිය යටතේ ගැනෙන මූලික වරදක් සිද්ධ වෙන්නේ නැහැ,\" ඔහු පැවසීය. සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් නොවන තාක් දුරකතන සංවාදයක් පටිගත කිරීම සිවිල් නීතිය යටතේ ප්‍රශ්නගත නොවන අතර ම අපරාධ නීතියට යටතේ ගැනෙන වරදක් සිදු නොවන තාක් එය අපරාධමය වරදක් නොවන බව ද ඔහු සඳහන් කළේ, අපරාධ නීතියේදී එය අදාළ වන ආකාරය පැහැදිලි කරමිනි. \"අපරාධමය කරුණක් සම්බන්ධයෙන් පටිගත කිරීමක් සිද්ධ වෙනවා. අන්න එතකොට ඒක සාක්ෂිමය කරුණක්. මූලික අපරාධයට අනුබල දීම, මූලික අපරාධයට පොදු චේතනාවෙන් කටයුතු කිරීම, එහෙම නැතිනම් මූලික අපරාධයට ඍජුව හෝ වක්‍රාකාරව අදාළ වීම යටතේ යම් පුද්ගලයෙක් විත්තිකරුවෙක් විදිහට නම් කළ හැකියි. ඒ ඇරෙන්න, සාමාන්‍ය කතාබහක් පටිගත කළ පමණින් එයට කිසි ම අපරාධමය වගකීමක් එන්නේ නැහැ.\" කෙසේ වෙතත්, \"කෝල් රෙකෝඩ් කිරීම තහනම් කියලා, ඒක වරදක් කියලා ලංකාවේ කිසි ම නීතිමය තත්ත්වයක් නැහැ,\" යනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් විජේසිරි පෙන්වා දුන්නේ ය. \"කෝල් රෙකෝඩින්ග් එකක් කාට හෝ කිසියම් කෙනෙකුගේ සිවිල් අයිතිවාසිකමක්, වගකීමක් උල්ලංඝණය වුණා කියන තැනට පත් වෙන්න පුළුවන් නම්, එය නීතිමය තත්ත්වයට අදාළ කර ගන්න පුළුවන් නම්, ඒක වගකීමකට බැඳෙනවා.\" යම් සංවාදයක් තුළින් පුද්ගලයෙකුට අපහාසයක් සිදු වූ බවට තහවුරු කළ යුතු බව ත් නොඑසේ නම් එය ද වරදක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව ත් ඔහු සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ද විමසීමක් කළ අතර, එහිදී දැන ගැනීමට ලැබුණේ, දුරකතන සංවාද පටිගත කිරීම සම්බන්ධයෙන් මෙරට තුළ ඍජු නීතියක් නොපවතින බව ය. කෙසේ වෙතත්, යම් පාර්ශව දෙකක් අතර සිදුවන සංවාදයකට තුන්වන පාර්ශවයක් මැදිහත් වී සන්වන්දීම තහනම් බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් පැවසීය. එය 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ දක්වා ඇති බව ද ඇය සඳහන් කළා ය. ඊට අමතරව විදුලි සංදේශ ආයතනවල සේවකයින්ට තම පාරිභෝගිකන්ගේ පණිවිඩවලට සවන්දීම වළක්වන නීතිරීති පවතින බව ද එහිදී දැනගන්නට ලැබිණි. \"දැන් සංවාදයක් යනකොට මම ඒක රෙකෝඩ් කරන එකට නීතියක් විශේෂයෙන් එහෙම නීතියක් නැහැ. හැබැයි ට්‍රාන්ස්මිෂන් එකක් හරි, පණිවිඩයක් හරි හොරෙන් ගන්න, ඒ වගේ මොකක් හරි තියෙනවා නම් ඒවා, අපේ නීතිය යටතේ වරදක්.\" ලෝකයේ අනෙක් රටවල තත්ත්වය නමුත් ලෝකයේ ඇතැම් රටවල්වල එම තත්ත්වය වෙනස් ය. මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ මාධ්‍ය නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූ එක්සත් ජනපදය පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයක් වන Reporters Committee for Freedom of the Press සඳහන් කරන්නේ, කැලිෆෝනියාවේ නීතියට අනුව, ඕනෑ ම රහසිගත සංවාදයක් පටිගත කිරීම සඳහා ඊට සම්බන්ධ වන සියලු පාර්ශව කැමැත්ත පළ කළ යුතු බව ය. එමෙන් ම, සෙලියුලර් හෝ රැහැන් රහිත දුරකතන හරහා සිදුවන ඇමතුම් සඳහා, රහස්‍යභාවය නොසලකා, ඒවා පටිගත කිරීමට පෙර සියලු පාර්ශවයන් එකඟ විය යුතු බවට ද ඔවුන් සිය වෙබ් අඩවියේ දක්වා තිබේ. නීති විරෝධී පටිගත කිරීම්වලට ගොදුරු වූවන්ට සිවිල් සහ අපරාධ නීතිය යටතේ කටයුතු කළ හැකි බවට ද එහි වැඩිදුරටත් දක්වා ඇත. එක්සත් ජනපදයේ ප්‍රාන්ත අනුව මෙන් ම, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, අයර්ලන්තය, එක්සත් රාජධානිය, මාලදිවයින ආදී රටවල ද දුරකතන සංවාද පටිගත කිරීම සම්බන්ධ නීති ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනිය ද සඳහන් කළේ, දුරකතන සංවාද පටිගත කිරීම සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල නීති පවතින බව ය. \"රෙකෝඩ් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී පමණයි රෙකෝඩ් කරන්න පුළුවන්. ලංකාවේ එහෙම නීතියක් නැහැ රෙකෝඩ් කිරීම සම්බන්ධයෙන්.\" 'වාචිකව ලිංගික අතවරයක් සිදු විය හැකියි' ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් විජේසිරි බීබීසී සිංහල සමග පැවසුවේ, දුරකතන සංවාදයකදී වාචිකව ලිංගික අතවරයක් සිදු විය හැකි බව ය. එවැනි අවස්ථාවල එය මෙරට ක්‍රියාත්මක නීතියට අනුව, ලිංගික හිංසනයකට අදාළ කරුණක් ලෙස අර්ථ නිරූපණය කිරීමට හැකියාව පවතින බව ඔහු පෙන්වා දුන්නේ ය. \"ක්‍රියාවකින් බැහැරව වාචිකව පවා ලිංගික අතවරයක් සිදු විය හැකියි. ඒ තත්ත්වය වෙනයි. උදාහරණයක් වශයෙන් මම ළමයෙකුට හෝ කාන්තාවකට කතා කරලා නීතිවිරෝධී ලෙස ලිංගිකව හිංසනයට ලක්වන ක්‍රියාවක් වාචිකව සිදු කරනවා. එම සැල කිරීම නීතිය අනුව ලිංගික හිංසනයකට අදාළ වන කරුණක් වශයෙන් අර්ථ නිරූපණය කරන්න හැකියාව තියෙනවා.\" ඔහු සඳහන් කළේ, දුරකතන සංවාද පටිගත කිරීම තුළ \"සදාචාරාත්මක වගකීමක්\" පවතින බව ය. සංවාදයක සිදුවන වචන හුවමාරුව තුළින් වර්තමානයේ පවතින දණ්ඩ නීති සංග්‍රහයේ හෝ අපරාධ නීතිය යටතේ ගැනෙන වරදකට සම්බන්ධ යම් වාචික සැල කිරීමක් සිදු වනවා නම්, නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය පමණක් අදාළ කරගත හැකි බව ඔහු නැවතත් පෙන්වා දුන්නේ ය. ඕනෑ ම අයෙකුට දුරකතන සංවාදයක් පටිගත කළ හැකි ද? මෙම ප්‍රශ්නය වෙත පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් විජේසිරි මෙසේ පැවසීය: \"පුළුවන්.\" ඔහු සඳහන් කළේ, පසුගිය කාල වකවානුව තුළ දුරකතන සංවාද පටිගත කිරීමත් ඒවා සමාජ මාධ්‍ය සහ මාධ්‍ය හරහා විකාශය වීමත් සමග දේශපාලනය තුළ ආන්දෝලනාත්මක සිදුවීම් ඇති වීම සහ විවිධ පුද්ගලයින්ගේ චරිත ඝාතනය වීම් පවා සිදු වුණු බව ය. නමුත් එම සංවාද පටිගත කිරීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් නීතිමය පියවරක් නොගත් බව ඔහු පෙන්වා දුන්නේ ය. \"ඒක සදාචාරාත්මකව කරනු ලබන වැරැද්දක්. අපි සිදු කරන වැරදිවලින් නඩු පවරන්නේ, අපරාධ නීතිය යටතේ හෝ සිවිල් නීතිය යටතේ ගැනෙන වරදක් කළා ම. නමුත් කරන වැරදිවලින් වැඩිමනක් වැරදි සදාචාරාත්මක වැරදි. අපරාධ හෝ සිවිල් නීතියට අදාළ නොවන වැරදි පවතිනවා. ඒක හොඳාකාරව දැක්කා පහුගිය වකවානුවේ ඔය, කෝල් රෙකෝඩින්ග් තුළින්.\" එවැනි සංවාදයක් ප්‍රචාරය කළ පමණින් හෝ බෙදා ගත් පමණින් එය වරදක් නොවන බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පැවසීය. ඔහු සඳහන් කළේ, පවතින නීතිමය තත්ත්වය තුළ දුරකතන සංවාදයක් පටිගත කිරීම සඳහා අනෙක් පාර්ශවයෙන් අවසර ලබා ගැනීම අනිවාර්යයෙන් සිදු කිරීම අවශ්‍ය නොවන බව ය. පුද්ගලයින් දෙදෙනෙකු ස්වභාවික තත්ත්වයක් යටතේ (බිය ගැන්වීමකින් හෝ තර්ජනය කිරීමකින් තොරව) සිදු කරන දුරකතන සංවාදයක් ප්‍රසිද්ධියට පත් කිරීම \"සදාචාරාත්මක වරදක්\" බව ඔහු පැවසුවේ ය. පසුගිය දා වැඩි වශයෙන් කතාබහට ලක්වුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ආදී පනත් තුළ ද මේ සම්බන්ධයෙන් \"විශේෂිතව\" දක්වා නොමැති බව ඔහු සඳහන් කළේ ය. මේ අතර, පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් මෙරට නීතිමය විධිවිධාන නොමැතිවීම පිළිබඳව අදහස් දක්වමින් නීතිවේදීන් මීට පෙර අවස්ථාවක බීබීසී සිංහල සමග පවසා තිබුණේ, එවැනි නීති පද්ධතියක් සැකසෙන්නේ නම් \"ඉතා යහපත්\" බව ය. 'සැකයක් තියෙනවා නම් රෙකෝඩ් කරනවා ද කියලා අහන්න' සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර බීබීසී සිංහල සමග අදහස් දක්වමින් යෝජනා කළේ, යම් පාර්ශවයකට තම දුරකතන සංවාදය පටිගත කරන බවට සැකයක් පවතින්නේ නම් ඒ පිළිබඳව අනෙක් පාර්ශවයෙන් ප්‍රශ්න කරන ලෙස ය: \"සැකයක් තියෙනවා නම් රෙකෝඩ් කරනවා ද කියලා අහන්න.\" එවැනි ක්‍රියාවක් සිදු කිරීම සදාචාරාත්මකව සුදුසු ද යන අවබෝධය පැමිණෙන්නේ 'ඩිජිටල් සාක්ෂරතාව' හරහා බව ඔහු පෙන්වා දුන්නේ ය. \"මේක කළ යුතු ද නැත් ද? සදාචාරාත්මකව මේක කරන්න හොඳ ද නරක ද? මේ අවබෝධය එන්නේ ඩිජිටල් සාක්ෂරතාවත් එක්ක. රෝග නිධානය ඒක.\" ඩිජිටල් සාක්ෂරතාව මද බව දුරකතන සංවාද පටිගත කිරීම වැනි ගැටලුසහගත තත්ත්ව නිර්මාණය කිරීමටත් සයිබර් ආරක්ෂාව සම්බන්ධ ගැටලු නිර්මාණය කිරීමටත් තුඩු දෙන බව ඔහුගේ අදහස විය. ඔහු පෙන්වා දුන්නේ, යම් දුරකතන සංවාදයක අව්‍යාජ බව පරීක්ෂා කර බැලීම ද අභියෝගාත්මක බව ය. \"ගැටලුව තියෙන්නේ කොහොම ද ඒක ඔප්පු කරන්නේ. තාක්ෂණික වශයෙන් විශ්ලේෂණය කරලා තමයි බලන්න ඕනේ හරියට ම මේක ඇත්ත රෙකෝඩින්ග් එකක් ද? දැන් ඔය යි මමයි කතා කරනවා. එතකොට මට පුළුවන් ඔයා කතා කරන එක යම් යම් විදිහට සංස්කරණය කරලා වෙන දෙයක් කියන විදිහට ඒත්තු ගන්වන්න. එහෙම වෙලා තියෙනවා.\" \"දැනුවත් කරන්නේ නැතුව රෙකෝඩ් කරනවා නම් ඒක සදාචාරාත්මක නැහැ,\" ඔහු අවධාරණය කළේ ය. සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පෙන්වා දුන්නේ, දුරකතන සංවාද පටිගත කිරීම හරහා පෞද්ගලික දත්ත පිළිබඳව ගැටලුවක් මතුවන බව ත් දත්ත ආරක්ෂණය සබන්ධයෙන් මෙරට සමාජය තුළ සැලකිය යුතු මට්ටමේ කතිකාවතක් ඇති වී නොමැති බව ත් ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඩිජිටල් පුරවැසිභාවය (Digital citizenship) සම්බන්ධයෙන් සමාජයට යම් අධ්‍යාපනයක් ලබා දිය යුතු බව ය.",
"Title": "ඔබේ හිතුමනාපයට දුරකතන සංවාදයක් පටිගත කළ හැකි ද?"
} |
{
"Text": " ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරු වශයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය අප්‍රේල් 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කරනු ලැබීය. මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ අද (අප්‍රේල් 09 වැනිදා) සලකා බැළුණි. එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය. තමා අත් අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බවත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් පවතින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය. එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් දෙන තුරු මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම රිට් පෙත්සමේ සඳහන් කර නොමැති අතර එය අධිකරණය හමුවේ කළ කරුණු වසන් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කර සිටියේය. තමන්ට මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ප්‍රතික්ෂේප වූ අවස්ථාවක ඊට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී එම නීතිමය පියවර අනුගමනය කිරීම මග හැර පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවට පැමිණීම සම්මත නීතිමය පටිපාටිය උල්ලංඝණය කිරීමක් බවත් එය අධිකරණ බලය අවභාවිතයට ලක් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය. පෙත්සම්කරු නීතිය මගහැර තමාට රිසි අධිකරණ තෝරා මෙවැනි නඩුකර ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය. එම අවස්ථාවේදි ප්‍රශ්නයක් මතු කළ විනිසුරු සමරකෝන් \"ඔබ මේ අධිකරණයට චෝදනා එල්ල කරනවාද?\" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගෙන් විමසීය. ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා \" ස්වාමීනි...මා කිසිම අවස්ථාවක ඔබ තුමාගේ අධිකරණයට චෝදනා එල්ල කරන්නේ නෑ. මා චෝදනා කළේ පෙත්සම්කරුට. පෙත්සම්කරු නීතිය අවභාවිතයට ලක් කිරීම මැඩ පැවැත්විය යුතුයි .\" යනුවෙන් කියා සිටියේය. මෙම පෙත්සමට අදාළ දිවුරුම් පෙත්සම පෙත්සම්කරු විසින් අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී බව එහි සඳහන් වන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පෙත්සම්කරුට පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වීම සඳහා පමණක් අනුමැතිය හිමි වී තිබෙන බවත් කියා සිටියේය. බන්ධනාගාර රෙගුලාසිවලට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකු දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කළ යුත්තේ බන්ධනාගාර නිලධාරිකු ඉදිරිපිට බවත් මෙම නඩුවට අදාල දිවුරුම් පෙත්සම අත්සන් කිරීමේදී පෙත්සම්කරු එම නීතිමය ප්‍රතිපාදනය අනුගමනය කර නොමැති බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කරු බන්ධනාගාර පනත යටතේ වරදක්කර ඇති අතර පාර්ලිමේන්තු වරප්‍රසාද ද අවභාවිතයට ලක් කර තිබෙන බවත් චෝදනා කළේය. ඒ අනුව අධිකරණය ඉදිරියේ පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් නෛතික පදනමක් එම පෙත්සම තුළ අන්තර්ගත වී නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් සිය පිළිතුරු දේශන ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා පෙත්සම්කරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වැරදි සහගත බවත් ඔහුට එරෙහිව පොලිසිය විසින් පොදු දේපළ පනත යටතේ විධිමත් සහතිකයක් ඉදිරිපත් කර නොතිබූ බවත් සඳහන් කළේය. මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ නඩුකරයේ සෙසු සැකකරුවන් සදහා ඉදිරිපත් කළ සහතිකය පෙත්සම්කරු සඳහා ද අදාළ කරගන්නා ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු චෝදනා කර සිටියේය. ඒ අනුව පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොදු දේපළ පනත යටතේ වු සහතිකයක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බව පෙනී යන්නේ යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ මත පදනම්ව නඩුව අවසන් වන තුරු පෙත්සම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීතියට පටහැනි බවත් කියා සිටියේය. පොදු දේපළ පනත යටතේ විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කරනු ලබන්නේ මහාධිකරණය හමුවේ බවත් මහාධිකරණය හමුවේ එවැනි නඩු විභාගයක් ආරම්භ වී නොමැති අවස්ථාවක මෙම පෙත්සම්කරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අතරමැදි පෙත්සමක් මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කියා සිටියේ මෙම නඩුකරයට සම්බන්ධ අපරාධමය ක්‍රියාවලිය හේතුවෙන් මහජනතාව අගතියට පත්ව ඇති බවයි. ඒ අනුව මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන මෙම නඩුකරයට මැදිහත්වීමට ලංකා නීතිඥ සංගමය තීරණය කළ බවත් මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ සියලු මූලික විරෝධතා තමන් පිළිගන්නා බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීම සිදු කර ඇත්තේ ඉන්දියානු ණය ක්‍රමය යටතේ බවට පෙත්සම්කරු ප්‍රකාශ කළත් එය මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් බවට කරුණු අනාවරණය වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් මාතර, මාතලේ, මහනුවර වැනි රෝහල් වල ප්‍රතිකාර ගත් රෝගීන්ට සංකූලතා මතුවී තිබෙන බවත් කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ගත් රෝගියෙකු මියගොස් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. සියලු කරුණු සලකා බලා මෙම පෙත්සම විභාගයට ගැනීමට නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් කෙහෙළිය ඇතුළු සැකකරුවන් රිමාන්ඩ් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේදී රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත් දෙනකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය (මාර්තු 14 වැනිදා) නියෝග කළේය. ඒ අනුව අදාළ සැකකරුවන්ට පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නිකුත් කළ ඇප නියෝගයේ සඳහන් විය. ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා පොදු දේපළ පනතට අදාළ වන බව අධිකරණය විසින් පිළිගනු ලබන බව ය. පොදු දේපළ පනතේ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළ විට ඔහු ඇපමත මුදා හැරීම සඳහා සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. සැකකරුවන්ට අදාළ විමර්ශන තවමත් පැවැත්වෙන බවත් එවැනි අවස්ථාවක මොවුන්ට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුවේ සඳහන් කළාය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් CID අත්අඩංගුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් (මාර්තු මස 01 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබීය. ප්‍රශ්නගත මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව බීබීසී සිංහල වෙත තහවුරු කළේය. අධිකරණයෙන් දුන් නියෝගය ප්‍රශ්නගත මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකට (මාර්තු මස 01 වැනිදා) පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය (පෙබරවාරි මස 29 වැනිදා) නියෝග කළාය. ඒ අනුව පැය 07 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයේ දී මීට පෙර සිදුවුයේ කුමක්ද ? මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන පිටු හතක වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය. එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම පවසා සිටියේ \"ශ්‍රී ලංකාවට බෙහෙත් ආනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින්. එහෙත් මෙම නඩුකරයට පාදකවන සිද්ධියේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බෙහෙත් ආනයනය කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කොට සම්මත පටිපාටියට පරිබාහිරව මෙම බෙහෙත් මිලදී ගැනීමට සැකකාර අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා. මෙම බෙහෙත් තොගය ආනයනය කිරීම සඳහා සැකකාර අමාත්‍යවරයා අවස්ථා හතරක දී කැබිනට් සංදේශ හතරක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ බෙහෙත් වර්ග 182ක් නොමැති බවත් ඇතැම් බෙහෙත් වර්ග තිබෙන්නේ ඉදිරි මාස තුනක කාලයකට පමණක් බවත් සැකකාර අමාත්‍යවරයා එම කැබිනට් සංදේශය තුළින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා. එම අවස්ථාව වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට අවශ්‍ය ඖෂධ ලබා දීමට එකඟතාව පළ කර තිබුණා. එවැනි තත්ත්වයක් තිබියදී ශ්‍රී ලංකාව තුළ බෙහෙත් හිඟයක් මතුවිය හැකි බවට බොරු බිල්ලෙක් අමාත්‍ය මණ්ඩලය තුළ මවා මෙම බෙහෙත් ආනයනය කිරීමට සැකකාර අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා. මෙම බෙහෙත් ආනයනය කිරීමට අදාළ සියලු වගකීම් පැවරී තිබෙන්නේ සැකකාර අමාත්‍යවරයා මතයි\" යනුවෙනි. සැකකාර අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෑතකදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද උත්සන්න වී අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පෝලිම් නිර්මාණය වී තිබූ අවස්ථාවක මෙම බෙහෙත් තොගය ආනයනය කිරීමට සිදු වූ බව පැවසීය. එම අවස්ථාවේදී රට තුළ උග්‍ර බෙහෙත් හිඟයක් පැවැති බවත් ජනතාවගේ සෞඛ්‍යය රැක ගැනීම සඳහා මෙලෙස බෙහෙත් ආනයනය කිරීම වරදක්දැයි ඔහු අධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටියේය. මෙම ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලියේ සියලු ලේඛන වලට අනුමැතිය ලබා දී තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් තම සේවා දායකයා ඊට මැදිහත් වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය. එහෙත් මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ කරුණු දක්වමින් \"ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මෙම සැකකරු පත් කරනු ලැබුවේ මහජන සෞඛ්‍ය නඟා සිටුවීමේ අරමුණින්. මහජන සෞඛ්‍යයේ භාරකරු වශයෙන් කටයුතු කිරීමේ වගකීම සහ වගවීම සැකකාර අමාත්‍යවරයා වෙත පැවරී තිබෙනවා. ඒ නිසා 'මේවා ගැන දන්නෙ නෑ' කියා කීමට ඔහුට හැකියාවක් නෑ. \" කියා සිටි මහේස්ත්‍රාත්වරිය සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළාය. එමෙන්ම මෙම නඩුවට පාදකවන ප්‍රශ්නගත ඖෂධය භාවිත කිරීම හේතුවෙන් සංකූලතාවලට මුහුණ දුන් රෝගීන් හා එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ අගතිදායක තත්ත්වයන්ට මුහුණ දුන් වෛද්‍යවරු පිළිබඳව විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියාය. හිටපු සෞඛ්‍ය ඇමති චුදිතයෙක් වෙන්නේ කොහොමද? ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සිවිල් සංවිධාන විසින් දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටියි. එම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට පැමිණෙන ලෙස දැනුම් දුන්නද පසුගිය ජනවාරි 31 වැනිදා ඔහු එහි නොගියේ තමන්ට වෙනත් කටයුත්තක් මෙන්ම මහාධිකරණය හමුවේ පෙනී සිටීමට ඇති බවට CID යට ලිඛිතව ලිපියක් යොමු කරමින් ය. මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 02 උදෑසන 9.00ට පමණ අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. ඒ එම දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් (පෙබරවාරි 01 වැනිදා) නියෝග කරනු ලැබීමෙන් අනතුරුවය. අධිකරණයේදී සිදුවුයේ කුමක්ද ? මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය විසින් නියෝග කරන ලදී. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සෙසු සැකකරුවන් 6 දෙනා පෙබරවාරි 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කෙරුණි. හිටපු සෞඛ්‍ය ඇමති චුදිතයෙක් වෙන්නේ කොහොමද? 'හදිසි සහ අත්‍යවශ්‍ය වුවමනා' බව සඳහන් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඖෂධ වර්ග 183ක්, ඇගයීම් කමිටුවක් හරහා දින 4ක් තුළදී ඇගයීමකට ලක් කර ඇති බවත්, එලෙස ඇගයීමට ලක් කළ ඖෂධ අතර මෙම ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සහ චෝදනාවට ලක්වූ තවත් ඖෂධ 3ක් තිබී ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් බීබීසී සිංහල සේවයට පැවසුවේය. ඔහු කියා සිටියේ අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමුකරන විටත් ඖෂධ මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩර් කැඳවීම සිදුකොට ඊට අදාළ කටයුතු සිදුකර තිබෙන අයුරු මෙහිදී පෙනී යන බවයි. \"උදාහරණයක් විදිහට කෙහෙළිය රඹුක්වැල්ල චුදිතයෙක් වෙන්නේ කොහොමද කියලා අහන කොට අපිට එතන තියෙන ප්‍රශ්නේ තමයි සෞඛ්‍ය ලේකම්වරයා කැබිනට් පත්‍රිකාව අනුමත වුණා කියලා හිතාගෙන ටෙන්ඩර් පළ කරද්දී කැබිනට් පත්‍රිකාව අනුමත වෙලා තියෙන්නේ ඊට සතියකට පස්සේ කියන එක.\" \"මේ කාරණා කොහොමද නිල වශයෙන් ඇමතිවරයා විසින් ලේකම්වරයාට ලබා දෙන්නේ කියන එක ගැන රටේ ක්‍රමවේදයක් නැති නිසා එතැනදී ඇමතිවරයා අහුවෙන්නේ නෑ.\" \"නමුත් ලේකම්වරයාගේ ඉදන් පල්ලෙහාට ඉන්න කණ්ඩායම අහුවෙනවා ඔවුන් ලිඛිත තොරතුරු පදනම්කර ගෙන වැඩකරන කණ්ඩායමක් නිසා.\" ඔහු පැවසුවේය. 'හුඟ දෙනෙක් වහලා කතා කරන්නේ - මමයි පළවෙනි පැමිණිල්ල කලේ' ප්‍රශ්නගත මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ තමන් මෙය දකින්නේ දේශපාලන වැඩපිළිවලක් ලෙස බවයි. \"කවුරුත් මේක දැන ගෙන නෙමේ කතා කරන්නේ.මම මේක දකින්නේ දේශපාලන වැඩපිළිවෙලක් විදිහටයි.\" “මේ සම්බන්ධව මම සියලුම කැබිනට් පත්‍රිකා, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකළ ආකාරය ඇතුළු සියලුම කරුණු CID එකට භාරදීලා තියෙනවා.\" \"ඊට අමතරව දැන් තියෙන කරුණු ටිකත් මම ඔවුන්ට භාර දෙනවා.\" \"කවුරුත් අමතක කරපු, ඒ වගේම හුඟ දෙනෙක් වහලා කතා කරන දෙයක් තමයි මේ නඩුවේ පැමිණිලිකරු මම කියන එක.\" \"මමයි පළවෙනි පැමිණිල්ල කරන්නේ.ඊට පස්සේ තමයි අනිත් අය ගිහින් පැමිණිලි කරන්නේ ගිහිල්ලා.\" \"මට අඳුනගන්න ලැබුණා හොර බෙහෙත් ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා කියලා. පස්සේ මම ඒ ගැන පැමිණිල්ලක් කළා.\" \"ඊට පස්සේ මට ඒ කොම්පැනියේ අයිතිකාරයා තර්ජනාත්මකව ලියවිල්ලක් එව්වා. මම ඒ ලියමන CID එකට භාර දුන්නා. ඒවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඕක තමයි ඇත්ත.\" ඔහු පැවසුවේය. ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන එල්ලවූ චෝදනා සහ විමර්ශන කමිටු පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා නිරීක්ෂණය කිරීමට යාමේ සිදුවීමක් පිළිබඳව ද සෞඛ්‍ය සේවාවන්ට අදාළ වෘත්තීය සමිති විසින් එවකට ප්‍රශ්න කරන ලදී. රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ මිලදී ගැනීමට ප්‍රමාණවත් විදෙස් මුදල් නොතිබීම නිසා හදිසි මිලදී ගැනීම් ලෙස මෙරට රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ ඇණවුම් කිරීම සිදුකරනු ලැබුවේ ඉන්දීය රජය විසින් ලබාදුන් ණය පහසුකම යටතේය. වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද සමයේදී රජයේ රෝහල් මගින් ප්‍රතිකාර සඳහා ලබාදුන් ඖෂධ ප්‍රමිතියෙන් තොර බාල ඒවා බවට අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල විය. එහිදී ශල්‍යකර්ම සඳහා යොදා ගැනෙන නිර්වින්දන ඖෂධ සහ භාවිතයට ගැනුණු ප්‍රතිජීවක එන්නත් වර්ග ආසාත්මික වී රෝගීන් මිය යාමේ සිදුවීම් සහ ඇසේ සුද ඉවත් කිරීමෙන් පසු ශල්‍යකර්මයට ලක්වූ පුද්ගලයින්ට ලබා දුන් ඖෂධයක් නිසා පිරිසකගේ දෑස් නොපෙනී යෑම වැනි සිදුවීම් රැසක් වාර්තා විය. ඒ අතර නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගැබිණි මවක ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු මියයාම මෙන්ම උදරාබාධයකට ප්‍රතිකාර ලබන අතරවාරයේ 21 හැවිරිදි තරුණියක මිය යාමේ සිදුවීම් රටේ මහත් ආන්දෝලනයක් ඇති කරනු ලැබූ සිදුවීම් විය. අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේ පසුගිය වසරේ ජුලි මාසයේදීය. එම කමිටු වාර්තාව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඉකුත් වසරේ අගෝස්තු 9 වෙනිදා භාර දුන් අතර එහිදී ආසාත්මිකතා හේතුවෙන් ඇති වූ සංකූලතා හා මරණ සම්බන්ධ වූ විශ්ලේෂණයන්ට අනුව වාර්තා වූ මරණ 6 යෙන් පහක්ම දරුණු ආසාත්මිකතා (Anaphylaxis) හේතු කොටගෙන සිදු වූ බවට සඳහන් කර තිබිණි. හිටපු සෞඛ්‍ය ඇමතිට එරෙහිව එල්ලවූ චෝදනා සහ විශ්වාස භංගය ඖෂධ හිඟය, ඇතැම් ඖෂධ භාවිතා කිරීමෙන් පසු රෝගීන් මිය යෑම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම් පදනම් කරගෙන එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබිය. පුරා දින 3ක විවාදයෙන් පසුව පැවති ජන්ද විමසීමේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 40කින් පරාජයට පත්කිරීමට ආණ්ඩුව සමත් විය. ‘තාක්ෂණිකව හොරකම් කරන්න පුලුවන් ක්‍රමයක් හැදිලා තියෙනවා’ සෞඛ්‍ය සේවයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ තාක්ෂණිකව හොරකම් කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවසුවේය. බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ වනවිට සෞඛ්‍ය සේවයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින්නේ ගැටළු සහගත තත්ත්වයක් බවයි. \"මේ කතාව ආරම්භ වෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ගැටළු සහගත තත්ත්වයත් එක්ක.\" \"මේක කෙහෙළිය රඹුක්වැල්ලගේ කතාවට සම්බන්ධ වෙන්නේ මෑත කාලීනව. \" \"සෞඛ්‍ය සේවාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉතා නරක විදිහට තාක්ෂණිකව හොරකම් කරන්න පුළුවන් විදි ක්‍රමයක් හැදිලා තිබෙනවා.\" \"ඒ ක්‍රමයට අනුව සෞඛ්‍ය කේෂ්ත්‍රයට ඇවිල්ලා නියම ආකාරයෙන් ව්‍යාපාරයක් කරන්න විදිහක් නැහැ කොමිස්, අල්ලස් හෝ වෙනත් වරදාන ලබා නොදී.\" \"ඒක වෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ඇතුලේ වැඩකටයුතු සිදුවන ක්‍රමවේදය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටු, ප්‍රසම්පාදන කමිටු වැඩ කරන ක්‍රමවේදය හරහායි.\" \"ඖෂධ සමාගමකට එක පැත්තකින් ඒකාධිකාරියක් හදා ගන්න පුලුවන් වගේම අනෙක් පැත්තෙන් තත්ත්වයෙන් උසස් කියන ලේබල් එක ගහ ගන්න පුලුවන් මුදල් වියදම් කරලා.\" ඔහු කීයා සිටියේය. මෙවැනි කටයුතු සිදුවන බවට වෘත්තීය සමිති කණ්ඩායම් ඒ පිළිබඳව පෙන්වා දුන්නද, ඒ පිලිබඳ විමර්ශනය නොකර ඒවා හෙළි කළ තමන් ඇතුළු කණ්ඩායම චෝදනාවන්ට ලක් කොට වැඩ තහනම් කිරීම දක්වා ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කමිටුව උත්සහ දැරූ බව රවී කුමුදේශ් මෙහිදී පැවසුවේය. \"ඒ සියල්ලම සිදුකලේ දේශපාලන මැදිහත්වීමක් එක්ක. එතකොට ඒ දේශපාලන මැදිහත්වීම් එක්ක අපට පෙනී ගිය එකක් තමයි මේකේ තාක්ෂණික ක්‍රමවේදය හරහා හොරකම් කරන්න ඉඩ හැර තිබෙනවා කියන එක.\" \"ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය එක්ක ඇතැම් සමාගම් මෙය ව්‍යාපාර මොඩලයක් බවට පත් කර ගැනීමට කටයුතු කළා.\" ඔහු කියා සිටියේය. ඉල්ලුම් නොකළ ලංසු නිසා ඇතිවූ තත්ත්වය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ සමයේදී ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී ඉන්දියාවට ගොස් එක් සමාගමක් තෝරා ගෙන ඉන් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියකට යොමු වූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන ලදී. \"හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඉන්දියාවට ගිහින් එක් සමාගමක් තෝරා ගෙන ඒ සමාගමෙන් විතරක් ඖෂධ මිලදී ගන්න, කැබිනට් පත්‍රිකාවක් දාලා ඉල්ලුම් නොකළ ලංසු කියන ක්‍රමවේදයට යන්න ගියා.\" \"මේක ඇතුලේ අපිට පෙනුණා යම් ගැටළු සහගත තත්ත්වයක් තිබෙනවා කියලා. අපි ඉතා අසීරුවෙන් සමහර කාරණා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. \" \"එසේ කරද්දී සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන්න වුණා; මොකද කියනවනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය කළේ ප්‍රශ්නය ගැන හොයන්නේ නැතුව ඒක ගැන හෙළි කරන සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට එරෙහිව කටයුතු කිරීමයි.\" ඔහු පැවසුවේය. 'හොර සහතික නිකුත් කළේ කවුදැයි මෙතෙක් හෙළිවෙලා නෑ' ප්‍රශ්න සහගත ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් හොර සහතික නිකුත් කර ඇති බවට ඖෂධ නියාමන අධිකාරිය විසින් ප්‍රකාශ කළේ සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් දිගින් දිගටම සිදුකළ චෝදනා හේතුවෙන් බව ද මෙහිදී රවී කුමුදේශ් පැවසුවේය. \"ඖෂධ නියාමන අධිකාරිය එයාලගේ ගැලවීම සඳහා මේ සමහර ගණුදෙනු කරලා තියෙන්නේ හොර සහතික වලින් කියලා කියන්න ගත්තා.\" \"හොර සහතික ගැහුවේ ඖෂධ නියාමන අධිකාරියද , සමාගමද එහෙම නැත්නම් අධිකාරිය දැනුවත්ව ගහපු හොර සහතික ද කියලා තවම අපි දන්නේ නැහැ. \" \"ඒ ගැන හෙළිදරව්වක් වෙලා නැහැ තවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශන වලින්.\" \"නමුත් ඒ හොර ව්‍යාජ සහතික සිදුවීමත් එක්ක තමයි අපිට හෙලිවෙන්නේ මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කියන එන්නත් ඉන්දියාවේ ඉදලා ගේනවා කිව්වට එහෙන් ගෙන්නලත් නැහැ, ඒ සමාගම මේ වගේ එන්නතක් හදලත් නෑ, ඒ වගේම මේ එන්නත් වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පස්සේ ලක්ෂ 1400 ක මුදලක් ගෙවලා තියෙනව කියන එක වගේම මේ එන්නත් රජයේ රෝහල් වලට බෙදා දීලා ඒවා ලබලා දුන්නා කියලා රෝගීන්ට.\" \"හැබැයි ඒ එන්නත් දුන්න රෝගීන්ට මොකක්ද වුණේ කියලා අද වෙනකන් අපි දන්නෙත් නෑ.\" \"මෙතනින් අපි අවුරුදු 4-5ක් පුරාවට කිව්ව ලංකාවේ සෞඛ්‍ය සේවයේ සිද්ධ වෙනවා කියන තාක්ෂණික හොරකම කියන එක ගැන හෙළිදරව් වෙනවා.\" \"ඒ එක්කම කියන්න ඕන මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කතාවෙන් අපි අදහසක් ගන්න හොද නැහැ ලංකාවේ සිද්ධ වුන එකම ගනුදෙනුව මේක කියලා හරි ඖෂධ වලින් ගසා කෑම හරි පගා ගත්ත කියන එකම සිදුවීම මේක කියලා.\" ඔහු කියා සිටියේය. 'කෙහෙළිය ගෝ ගම' විරෝධතාවය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිදුවීම සඳහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ජනවාරි මස 31 වැනිදා වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී \"කෙහෙළිය ගෝ ගම\" යනුවෙන් විරෝධතාවයක් ආරම්භ කරනු ලැබීය. කෙසේ වුවද එලෙස විරෝධතාවය ආරම්භ කළ සිවිල් ක්‍රියාකාරීන් 10 දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන (පෙබරවාරි 01) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ඔවුන්ට ඇප නියම විය.",
"Title": "කෙහෙළිය රඹුක්වැල්ලගේ රීට් පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? තීරණය අප්‍රේල් 30 වැනිදා"
} |
{
"Text": " ලොව පුරා ජීවත් වන මිලියන ගණනක ජනතාව නව වසර උදාව ජනවාරි පළමුවන දා සමරන නමුත්, මුහුදෙන් වට වූ කුඩා දිවයිනක් වන සුන්දර ශ්‍රී ලංකාවේ ජීවත් වන බහුතරයක් ජනතාව අවුරුදු උදාව සමරන්නේ අප්‍රේල් මාසයේ දී ය. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීමත් සමඟ නව වසරක ආරම්භය සනිටුහන් වන බව ඔවුන්ගේ විශ්වාසයයි. දුර ඈත අතීතයේ සිට වගාවන්හි අස්වනු නෙලා, කිරට නැමුණු රන්වන් ගොයම් කපා රට වැසියන් නව අවුරුදු උදාවට සූදානම් වෙද්දී, පරිසරය ද නව පනක් ලැබුවා සේ රත් පැහැ එරබදු මලින් පමණක් නොව විවිධ පැහැ මල් පිපී කොහාගේ කොහෝ කොහෝ යන මියුරු නදින් ඇලලී යයි. සෘතු භේදය අන් රටවල මෙන් නිරීක්ෂණය කළ නොහැකි වුවත් වසන්ත ඍතුවක ස්වභාවය කැටිකරගත් අප්‍රේල් මාසයේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම පදනම් වී ඇත්තේ ජ්‍යොතිෂය මත සැකසුණු නැකැත් චාරිත්‍ර මතයි. නැකැත් විවාදය අධික අවුරුද්දක් වන මේ වසරේ පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද යන දෙදින අප්‍රේල් 12 සහ 13 වන දින ලෙස නිවේදනය කර තිබේ. රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඒ සඳහා නැකැත් සකස් කර ප්‍රසිද්ධ කර තිබෙන අතර එම නැකැත් රටට අහිතකර බව පවසමින් වෙනත් කණ්ඩායමක් තවත් නැකැත් කිහිපයක් යෝජනා කර තිබේ. මෙම තත්ත්වය විවාදයකට තුඩු දී ඇති අතර බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ මුලින්ම රාජ්‍ය නැකැත් කමිටුව විසින් ප්‍රකාශයට පත් කළ නැකත් නිවැරදි බවට ය. අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් මෙවැනි උනන්දුවක් සහ කතාබහක් නිර්මාණය වී ඇති වටපිටාවක් තුළ අලුත් අවුරුදු නැකැත් ආරම්භය සිදු වූයේ කෙසේදැයි යන්න පිළිබඳව බීබීසී සිංහල විසින් සොයා බැලීමක් සිදු කරන ලදී. 1993න් ඇරඹි සම්ප්‍රදාය අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර ඇතුළත් ලියවිල්ල සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලෙස ය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ දක්වා ඇති ආකාරයට \"ප්‍රවීණ ජ්‍යෝතිර්වේදීන්ගෙන් සමන්විත රාජ්‍ය නැකැත් කමිටුව රැස්වී අදාළ වර්ෂය සඳහා වන නැකැත් සීට්ටුව සකසා ප්‍රසිද්ධ කිරීම\" සම්ප්‍රදායක් වශයෙන් ආරම්භ වී තිබෙන්නේ 1993 වසරේ දීයි. එලෙස සකස් කරන නැකැත් සීට්ටුව රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයන්ගේ අත්සනින් යුතුව විෂය භාර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කෙරෙන අතර විෂය භාර අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වූ පසු එය ප්‍රසිද්ධ කෙරේ. සාමාන්‍යයෙන් නව කැලැන්ඩර් වර්ෂයක් ආරම්භ වීමට මාස කිහිපයකට පෙර මෙලෙස නැකැත් සීට්ටුව ප්‍රසිද්ධ කරනු ලබයි. නව වර්ෂයක් ආරම්භ වීමට ප්‍රථම මගතොටේ, කඩපිළේ සැම තැනකම පාහේ නව වසරට අදාල ලිත් විකිණීම සුලභ දර්ශනයකි. මෙම ලිත් අතුරින් ප්‍රසිද්ධම ලිත වන්නේ ඈපා පංචාංග ලිත ය. පුස්කොළවල ලියැවුණු නැකැත් සීට්ටු ඉතිහාසය පුස්කොළ පොත් ලිවීමට ගන්නා තල්පත්වල ලියා දුන් නැකැත් ලේඛනය නැකැත් සීට්ටුව ලෙස නම් ලද බව ජනශ්‍රැතිවේදී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පවසයි. \"අතීතයේ ලිත් තිබුණේ නෑ තමයි. නමුත් නැකැත් සීට්ටු පිළිවෙතක් තිබුණා. පුස්කොළ පොත් ලිවීමට ගන්නා තල්පත්වල තමයි නැකැත් සීට්ටුව ලිවීම සිදු කළේ. මේ විදිහට තල්පතේ නැකැත් ලියා දීම හැඳින්වූයේ නැකැත් සීට්ටුව කියලා,\" කථිකාචාර්යවරයා පැහැදිලි කළේ ය. පළමු ලිත - 1863 ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තය ආරම්භ වීමත් සමග ලිත් මුද්‍රණය ඇරඹි බව ඔහු පෙන්වා දුන්නේය. \"පළමු ලිත මුද්‍රණය වන්නේ 1863දියි. පංචාංග ලිත කියන නමින් තමයි මුලින්ම මුද්‍රණය වෙන්නේ.\" \"ටික කාලයකට පසුව ඈපා ලිත මුද්‍රණය වීමට පටන් ගන්නවා. සමහර අයගේ මතයක් තියෙනවා පංචාංග ලිතට කලින් මුද්‍රණය වුණේ ඈපා ලිත කියලා. ලිත් මුද්‍රණය පටන් ගැනීමත් සමග සමග අලුත් අවුරුදු චාරිත්‍ර සියල්ල ලිත තුළ මුද්‍රණය කරලා බෙදා හැරීම සිදු කළා,\" කථිකාචාර්යවරයා පවසයි. අතීතයේදී නැකැත් රාළවරුන් සැදූ නැකැත් සීට්ටුව එක් එක් ප්‍රදේශවල ජීවත් වූ නැකැත් රාළවරුන් අලුත් අවුරුදු නැකැත් සකසා තල්පත්වල ලියා ඔවුන් වෙත එන ජනතාවට නැකැත් සීට්ටුව ලබා දීම, මුද්‍රණ කර්මාන්තය ඇරඹීමට පෙර ශ්‍රී ලංකාව තුළ පැවති සම්ප්‍රදාය බව කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පවසයි. \"නැකැත් රාළවරුන්ගේ රාජකාරිය වෙලා තිබුණේ ජ්‍යෝතීර්වේදීන්ගේ කාර්යභාරයයි. මේ නැකැත් රාළවරුන් තමයි බක්මහේ අලුත් අවුරුද්දට අදාළ සියලුම නැකැත් පිළියෙල කළේ. ඉතින් මේ ප්‍රදේශවල ජීවත් වෙන අය නැකැත් රාළ හමුවෙන්න ගිහින් අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ඉල්ලාගන්නවා. තෙල් වලං ලිප තියෙන නැකතේ සිට පිළිවෙලින් සියලු නැකැත් ටික මේ නැකැත් සීට්ටුවේ අඩංගු වෙනවා,\" ඔහු පැවසුවේ ය. \"රෝපණ නැකත, අලුත් අවුරුදු අත්හැරීමේ නැකත පවා මේ තුළ අඩංගු වෙලා තිබුණා. පිළිපදින්නේ නෑ. වර්තමානයේ දී අලුත් අවුරුදු චාරිත්‍ර නැකැත් කිහිපයකට පමණක් ලඝු වෙලා තිබෙනවා.\" කෝට්ටේ යුගයෙන් ඇරඹි සම්ප්‍රදාය වත්මන් සම්ප්‍රදායට අනුව අලුත් අවුරුද්ද සැමරීම ආරම්භ වන්නේ කෝට්ටේ යුගයේදී බව කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පෙන්වා දුන්නේය. \"වර්තමානයේ අපි සමරන අලුත් අවුරුද්ද සූර්ය කේන්ද්‍රීය උත්සවයක්. නමුත් මේ සූර්ය කේන්ද්‍රීය අවුරුදු සැමරුම අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, ගඟ සිරිපුර යන කිසිම රාජධානි කාලයක දකින්න ලැබෙන්නේ නැ. මුලින්ම මේ සූර්ය කේන්ද්‍රීය අවුරුදු සැමරුම පැවැත්වූවා කියන මූලාශ්‍ර අපට හමුවන්නේ කෝට්ටේ යුගයේ සයවන පරාක්‍රමබාහු රජු සමයේදීයි.\" \"කෝට්ටේ අවධිය කියලා කියන්නේ විවිධ ආගම් සහ සංස්කෘතීන් එකට එකතු වුණු අපූරු අවධියක්. ඒ කාලයේදී මේ පිළිවෙත් අනුගමනය කරලා තිබෙනවා. මීළඟට ආරම්භ වන සෙංකඩගල රාජධානි සමයේදී තමයි වර්තමානයේදී අපි සමරන සියලුම අලුත් අවුරුදු චාරිත්‍ර විධි සූර්ය කේන්ද්‍රීයව තහවුරු වෙලා සනිටුහන් වෙන්නේ. සෙංකඩගල රාජධානිය බිඳ වැටුණාටත් පසුව පටන් අද දක්වාම අපි පවත්වාගෙන ඇවිත් තිබෙන්නේ ඒ නැකැත් සම්ප්‍රදාය,\" ඔහු පෙන්වා දුන්නේ ය. දුරාතීතයේදී චන්ද්‍රයාට අනුව සැකැසුණු නැකැත් කෙළිය සූර්ය කේන්ද්‍රීය වර්ෂ ක්‍රමය වන ශක වර්ෂ ක්‍රමයට පෙර දුරාතීතයේදී ජනතාව චන්ද්‍රයා මූලික කරගත් සම්ප්‍රදායක් අනුගමනය කළ බව කථිකාචාර්යවරයා පෙන්වා දෙයි. වර්තමානයේ බක් මහා අලුත් අවුරුදු සැමරුමට සමාන සැමරුම අතීතයේදී සිදු වූයේ චන්ද්‍ර සම්ප්‍රදායට අනුව \"නැකැත් කෙළිය\" නමින් බව ඔහු පැවසුවේය. \"චන්ද්‍රයා ගමන් කිරීමේදී පුර පස හා අව පස යනුවෙන් පස දෙකක් තිබෙනවා. මූලාශ්‍ර වලට අනුව අතීත මුතුන් මිත්තන් හිරුට සැලකුවේ රජු විදිහට. ඒ වගේම මිනිස්සු සඳටත් ගරු කළා. රාත්‍රියට තිබුණු එකම ආලෝකය වුණේ සඳ එළිය. ඒවගේම සඳේ ගමන් රටාව අනුව ගොවිතැන් කිරීම සහ ජීවන රටාව බැඳිලා තිබුණා. මේ දේවල් වලට අනුකූලව තමයි අතීතයේදී නැකැත් කෙළිය කියන සම්ප්‍රදාය පැවතුණේ. ඒ කියන්නේ අපි අතීතයේදී සිට නැකැත් ක්‍රමයක් අනුගමනය කරලා තිබෙනවා. නමුත් එය වර්තමාන ශක රාජ වර්ෂ නැකැත් ක්‍රමයට වඩා වෙනස් නැකැත් ක්‍රමයක්,\" කථිකාචාර්යවරයා පැහැදිලි කළේය. අතීතයේ තිබූ වත්මනේ නැති නැකත් මොනවද? බීබීසී සිංහල විසින් කථිකාචාර්ය මහින්ද කුමාර දළු පොත ගෙන් විමසා සිටියේ අතීතයේ පැවති නමුත් වර්තමානයේ එතරම් පිළිනොපදින නැකැත් මොනවාද යන්නයි. එමෙන් ම එසේ නැකැත් මඟ හැරී යාමට ද හේතුව විමසන ලදි. එයට ඔහු ලබා දුන්නේ මෙවැනි පැහැදිලි කිරීමකි. \"ලිත මුද්‍රණය කිරීමේදී ඈපා අප්පුහාමිට සිදුවෙනවා වසර පුරාම තිබෙන සියලුම වැදගත් නැකැත් එක කොළයකට අරගෙන මුද්‍රණය කරන්න. අලුත් අවුරුද්දට අදාල විවිධ පළාත්වල තිබෙන පළාත්බද නැකැත් සියල්ල මේ තනි පිටුවට ගන්න බැරිවෙනවා. ඒ නිසා ඔහු එක් දිනයකට දෙකකට පමණක් සීමා වූ නැකැත් කිහිපයක් පමණක් ලිතේ මුද්‍රණය කරලා අනෙක් නැකැත් ටික අතහරිනවා.\" \"ඒ වගේම 1896 වර්ෂයේදී සිංහල බෞද්ධ ව්‍යාපාරය නිදහස ලබා ගැනීම ඉලක්ක කර ගෙන කර ගෙන අලුත් අවුරුදු උත්සවයක් පවත්වන්න යෝජනා කරනවා. එහි මුහුණුවර අපි වර්තමානය දක්වා දකිනවා. ඒ සමරුමත් එක දවසකට ලඝු වෙනවා. මෙන්න මේ කාරණා දෙක නිසාම සමහර නැකැත් මගහැරීම ආරම්භ වෙනවා,\" කථිකාචාර්යවරයා හේතුව පැහැදිලි කළේ ය. \"අපේ සියලුම නැකත් ඉටු කරන්න සති දෙකකටත් සති තුනකටත් ආසන්න කාලයක් ගත වුණා.\" තෙල් වළං ලිප තැබීමේ නැකත වත්මනේ පිළිනොපදින චාරිත්‍රයක් බව ඔහු පෙන්වා දුන්නේය. \"තෙල් වලං ලිප තැබීමේ චාරිත්‍රය සිදු කරන්නේ අවුරුදු උදාවට කලින්. ඒ වගේම කලින් සිදුකරන චාරිත්‍රයක් තමයි දුර සිටින දෙමව්පියන් බලලා එන්න යන නැකත. ඒ වගේ ම අවුරුදු ශබ්ද පූජා නැකත කියලා නැකතක් තිබුණා. බෙර, දවුල් වාදනය කිරීම ඒ නැකතේ දී සිදු කළා. කුණු මුත්තා පිදීම, රෝපණ නැකත, අවුරුදු ගෙවැදුම් නැකත, අස්වනු නෙළීමෙන් පසුව කරන කිරි ඉතුරුම් මංගල්ල නැකත ඇතුළු ප්‍රාදේශීය වශයෙන් අනන්‍ය වූ බොහෝ නැකැත් වර්තමානය වන විට මගහැරිලා තිබෙනවා.\" මෙවැනි නැකැත් වර්තමානය වන විට අත්හැරී තිබුණත් ඒවා අපගේ සංස්කෘතිය හා අනන්‍ය වූ වටිනා චාරිත්‍ර විධි බව කථිකාචාර්ය දළුපොත පැවසීය.",
"Title": "අවුරුදු නැකත: නැකත් සිට්ටුව හා සැමරීම් සම්ප්‍රදාය ආරම්භ වූයේ කවදාද?"
} |
{
"Text": " ශ්‍රී ලංකාව දෙවැනි ලෝක යුද්ධයේ පාර්ශවකරුවෙකු නොවූවත් එවකට ශ්‍රී ලංකාවේ පාලනය ගෙන ගිය බ්‍රිතාන්‍යයන් සතුරු පර්ශවීය සාමාජිකයන් වූ නිසා ජපානයේ ගුවන් ප්‍රහාරයකට මුහුණ දීමට 1942 දී ශ්‍රී ලංකාවට සිදු විය. හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ මෙහෙයවීමෙන් සිදු වූ මෙම ගුවන් ප්‍රහාරය 1942 වසරේ අප්‍රේල් 5 සිට අප්‍රේල් 9 දක්වා වරින් වර එල්ල වී ඇති අතර, අප්‍රේල් 5 කොළඹට එල්ල වූ ගුවන් ප්‍රහාරය එම වසරේ පාස්කු ඉරිදා දිනයේ එල්ල වීම විශේෂත්වයකි. මේ වන විට එම ප්‍රහාරය එල්ල වී වසර 82කි. ගුවන් යානා 125කින් එල්ල වූ ප්‍රහාරය පාස්කු ඉරිදා දිනයේ දී අනපේක්ෂිත ලෙස ගුවන් යානා 125කින් කොළඹ වට කළ ජපාන ගුවන් යානාවලට රත්මලාන සහ රේස්කෝස් හි පැවති රාජකීය ගුවන් හමුදා බැරැක්කවලින් ප්‍රතිප්‍රහාරයක් එල්ල වු අතර එයින් ගුවන් යානා 27ක් පමණ බිම හෙලූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල වෙබ් අඩවියේ දක්වා තිබේ. කෙසේ නමුත් මෙම අනපේක්ෂිත ගුවන් ප්‍රහාරයට මුහුණ දුන් රාජකීය ගුවන් හමුදාවට ද විශාල පාඩුවක් ඉන් සිදුවිය. සෙබළුන් ගණනාවක් මිය ගොස්, යාත්‍රා කිහිපයක් ද දියේ ගිලී ඇති අතර ගුවන් යානා කිහිපයක් ද විනාශ වී තිබේ. ඒ කාලේ පත්තර මේ ගැන කිව්වේ මොනවා ද? 1942 වන විට ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් කර්මාන්තය ඉතා දියුණු මට්ටමක පැවති අතර, 1942 අප්‍රේල් 05 කොළඹටත්, අප්‍රේල් 09 ත්‍රීකුණාමලයටත් එල්ල වූ ජපාන ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් එකළ පුවත්පත් වාර්තා කර තිබුණේ මේ ආකාරයෙන් ය. 1942 අප්‍රේල් 10 දින දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ කොළඹ දී ප්‍රති ප්‍රහාරවලින් බිම හෙළු ජපාන ගුවන් යානයක ඡායාරූපයක් පළ කර තිබෙන්නේ \"ඉරිදා ගගනාක්‍රමණයේදී බිම හෙලනලද ජපන් ගගන යාත්‍රාවක සුන්බුන්\" යන ශීර්ෂපාඨය යටතේයි. එම පුවත්පත ත්‍රීකුණාමලයට එල්ල වූ ප්‍රහාරය වාර්තා කර තිබෙන්නේ මෙලෙසින්ය. \"විශාල ජපන් ගගන යාත්‍රා කණ්ඩායමක් විසින් ඊයේ උදේ ත්‍රීකුණාමලයට පහර දෙන ලදි. එහි දී සතුරු ගගන යාත්‍රා හයක් නිශ්චිත වශයෙන් ම විනාශ කර තිබේ.\" පුවත්පතේ වාර්තා කර ඇති අන්දමට මෙම ප්‍රහාරයෙන් සාමාන්‍ය ජනතාවට හානියක් සිදුව නොමැති නමුත් වරායට හා වරාය ගොඩනැගිලිවලට හානි සිදු වී තිබේ. එදිනම නැවත කොළඹට ද ජපන් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ගොස් ඇති නමුත් රාජකීය ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාර හමුවේ එම යාත්‍රා දෙකක් හරවා ගොස් තිබේ. එමෙන් ම කොළඹ ජනතාවට අනතුරු හැඟවූ වහාම ආරක්ෂිත ස්ථානවලට ගොස් සහය ලබා දීම පිළිබඳව පුවත්පත ප්‍රශංසනීයව පළ කර තිබේ. 'ජනතාවට හානියක් නෑ' \"ද ටයිම්ස් ඔෆ් සිලෝන්\" ඉංගීසි පුවත්පත ද එහි මුල් පිටුවේ කොළඹ දී බිම හෙලූ ජපන් ගුවන් යානයක ඡායාරූපයක් පල කර තිබේ. ඒ ත්‍රීකුණාමලයට ප්‍රහාරය එල්ල වූ 1942 අප්‍රේල් 09 දින සවස පුවත්පතේ ය. එහි තුන්වැනි පිටුවේ ඒ පිළිබඳ විස්තරයක් පළකර ඇති අතර සාමාන්‍ය වැසියන්ට කිසිඳු හානියක් සිදු වී නොමැති බව වාර්තා කර තිබේ. එමෙන් ම සතුරු ගුවන් යානා දෙකක් එදිනම උදෑසන 08ට පමණ කොළඹ නගරයේ සැරිසැරූ බවත් එම අවස්ථාවේ සයිරන් නළා හඬවා ජනතාවට අනතුරු හඟවා, සේවා ස්ථානවලට යමින් සිටි අය ආරක්ෂිත ස්ථානවලට යැවූ බව පුවත්පතේ සඳහන් ය. 'ත්‍රීකුණාමලය අද වටලයි' \"ද සිලෝන් ඔබ්සර්වර්\" ඉංග්‍රීසි පුවත්පතේ ද 1942 අප්‍රෙල් 09 සන්ධ්‍යා පුවත්පතේ ත්‍රීකුණාමලය ගුවනින් වැටලූ බව වාර්තා කර තිබේ. මෙම පුවත්පත් කිහිපයේ ම වාර්තාවල ඇති විශේෂත්වය වන්නේ එහි රාජකීය ගුවන් හමුදාවට සිදු වූ අලාභහානි සම්බන්ධයෙන් වාර්තා කිරීමක් සිදු කර නොමැති අතර, බෝම්බ හෙළීමෙන් සිදු වූ අනතුරු සම්බන්ධයෙන් ද වාර්තා කර නොතිබීමයි. ජනතාව කලබල නොවන ආකාරයේ, ප්‍රහාරය එතරම් බරපතල නොවන්නක් සේ ඔවුහු වාර්තා කර තිබේ. එහි කොළඹ හෝ ත්‍රිකුණාමල්යේ සිදු වූ ප්‍රහාරයන්ගේ තොරතුරු වාර්තා කර තිබෙන්නේ ඉතා ලුහුඬින් ය. කෙසේ නමුත් එල්ල වූ ප්‍රහාරයෙන් ත්‍රීකුණමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ එක් තෙල් ටැංකියන් මුලුමනින් ම විනාශ වී තිබේ. 1924 දී ඉදි කළ තෙල් ටැංකි 101න් 91 වැනි ටැංකිය මෙලෙස ගුවන් ප්‍රහාර හේතුවෙන් විනාශ වී ඇති අතර එහි දැනට ඇඹරී ගිය ලෝහ කැබලි සහිත නටඹුන් දැකගත හැකියි. මිත්‍ර පක්ෂයේ හමුදාවන්ට සැපයුම් මධ්‍යස්ථානයක් වූ ත්‍රිකුණාමලය වරායත්, ඉන්ධන සැපයුම් අංශය වූ තෙල් ටැංකි සංකීර්ණයට ජපන් ප්‍රහාරයේ ඉලක්ක වූ නමුත් රාජකීය ගුවන් හමුදා ප්‍රති ප්‍රහාර හමුවේ එම ප්‍රහාර ඔවුන් සැලසුම් කළ අන්දමට සිදු කරගැනීමට නොහැකි වී ඇත. කෙසේ නමුත් එක් ප්‍රහාරක යානයක් ටැංකි අංක 91 වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වී ඇති අතර එහිදී අදාළ තෙල් ටැංකියේ හටගත් ගින්න දින හතක් පමණ පැවති බව ජනවහරේ කියවේ. කෙසේ නමුත් එහි ලෝක සියල්ලම දියවී ඇඹරී ගොස් තිබේ. දෙවන ලෝක යුද්ධය මීට වසර අසූවකට පමණ ඉහත දී ලෝකය ම කැළඹූ දෙවැනි ලෝක යුද සමය ලෝක ඉතිහාසයට එක් වූ කළු පැල්ලමක් ලෙස තවමත් සැලකෙන්නකි. ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය, ජපානය විසින් පර්ල් වරායට පහර දීම හා පළමු ලෝක යුද්ධයේ ඉතිරි ව තිබූ අඳුරු සෙවණැලි 1939 සිට 1945 දක්වා කාලය තුළ ජිවීත මිලියන ගණනක් සහ දැවැන්ත දේපළ විනාශයක් පමණක් සිදු කරන ලදි. ඕපන්හයිමර් චිත්‍රපටය හරහා මෑතක දී නැවත සාකච්ඡාවට පැමිණි ජපානයට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල වන්නේ ද දෙවැනි ලෝක යුද්ධයේ අවසන් භාගයේදීය.",
"Title": "දෙවන ලෝක යුද්ධය: වසර 82කට පෙර ජපානය ශ්‍රී ලංකාවට බෝම්බ හෙළු හැටි ජාතික පුවත්පත් වාර්තා කලේ කොහොමද?"
} |
{
"Text": " පාස්කු බෝම්බ පිපිරීම, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ බිඳ වැටුණු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්තමානය වන විට නැවත නැගී එමින් පවතියි. සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත පවසා තිබුණේ මුල් මාස තුන තුළ සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායම ඩොලර් බිලියනයක් පමණ වන බවයි. වර්තමානය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයන් තනිව සංචාරය (solo travel) කිරීමේ අරමුණින් පැමිණෙන්නන් ය. බොහෝ විදේශීය කාන්තාවෝ එලෙස තනිව සංචාරය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙති. Timeout.com නමැති සඟරාවක් ශ්‍රී ලංකාව තනිව සංචාරය කරන කාන්තාවන්ට හොඳම ගමනාන්තය ලෙස නම් කර තිබෙන්නේ එවැනි වටපිටාවක් තුළය. සමාජ මාධ්‍යයේ ප්‍රතිචාර කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ අදහස් පළ කර තිබූ බොහෝ කාන්තාවන් සහ බොහෝ පුද්ගලයන් අදහස් දක්වා තිබුණේ එය එසේ නොවන බවට ය. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුළ මිශ්‍ර ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමට හැකි වූ අතර බහුතරයක් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ආරක්ෂිතව බස් රථයක හෝ ගමන් කිරීමට අපහසු බව ය. එසේ නම් කාන්තාවන්ට තනිව සංචාරය කිරීමට ශ්‍රී ලංකාව ආරක්ෂිත තැනක් වන්නේ කෙසේදැයි ඔවුහු ප්‍රශ්න කර තිබුණි. ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මේ සම්බන්ධයෙන් වීඩියෝ පවා නිර්මාණය කර තිබුණි. ප්‍රතිවිරෝධතා මතුකර තිබූ බොහෝ පාර්ශවකරුවන්ගේ මතය වූයේ ශ්‍රී ලංකාවේදී කාන්තාවන්ට පහසු ඇඳුමක් ඇඳ, නිදහසේ තනිව සංචාරය කිරීමට අපහසු බවට ය. ඔවුහු පෙන්වා දෙන්නේ අවම වශයෙන් වාචික හිංසනයකට හෝ ලක්වීමට එම කාන්තාවන්ට සිදුවන බවය. එදිනෙදා බස් රථවල රැකියා සඳහා ගමන් කරන බොහෝ කාන්තාවන් සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කර තිබුණේ, එහිදී තමා මුහුණ දී ඇති අත්දැකීම් නිසා ශ්‍රී ලංකාව තුළ තනිව සංචාරය කිරීමට කාන්තාවකට හැකි යැයි ඔවුන්ට ආරක්ෂිත හැඟීමක් මෙතෙක් නොදැනී ඇතැයි යනුවෙනි. තවත් සමහරුන් අදහස් දක්වා තිබුණේ විදේශීය කාන්තාවන්ට ශාරීරික හිංසන කිරීමට සාමාන්‍යයෙන් කිසිවෙකුත් නොපෙළඹෙන බැවින් සහ ඔවුන්ට සිංහල භාෂාව පිළිබඳ අවබෝධයක් නොමැති හෙයින් යමෙක් යම්කිසි වාචික හිංසනයක් කළ ද ඔවුන්ට එය නොවැටහෙන බවයි. මෙම මිශ්‍ර ප්‍රතිචාර නිරීක්ෂණය කළ බීබීසී සිංහල ශ්‍රී ලංකාවේ වෙසෙන තනිව සංචාරය කරන කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන්ගේ අත්දැකීම් විමසන ලදී. 'වසර නවයක කාලයක දී කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ' තමා තනිව සංචාරය කිරීම අරඹා වර්තමානය වන විට වසර නමයක් වන කාල පරාසය තුළදී, තමාට ශ්‍රී ලංකාව තුළ කිසිදු ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු නොවූ බව ශ්‍රී ලංකාව තුළ තනිව සංචාරය කරන කාන්තාවක් වන දිලිනි උදාරි පවසයි. \"මම සංචාරය කරන්න පටන් ගත්ත මුල් කාලයේදී මට බෑග් එකක් පැක් කරන්නේ කොහොමද කියලාවත් අදහසක් තිබුණේ නෑ. යන තැන් ගැන සැලසුමක් තිබුණේ නෑ. නමුත් මම ටික කාලයක් සංචාරය කරන විට මට තේරුණා මම ඒ දේවල් ගැන හරියට සැලසුමක් හදාගත්තොත් ඒවා මගේ ආරක්ෂාවට වැදගත් කියලා. ඒ නිසා මම දැන් හොඳ සැලසුමක් සහිතව තමයි මම යන සංචාර යන්නේ. ඒ නිසා මට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ,\" ඇය පවසයි. ඇය පවසන්නේ ශ්‍රී ලංකාවේ තනිව සංචාරය කිරීම සම්බන්ධයෙන් බොහෝ අය සමාජ මාධ්‍ය තුළ දක්වා තිබූ අදහස් සම්බන්ධයෙන් ඇයට ප්‍රශ්නයක් ඇති බව ය. \"සමහර කමෙන්ට්ස් දැක්කම මට හිතුනේ මේ අය ඇත්තටම ට්‍රැවල් කරපු අයද කියලා. මම දැන් මේ වසර ගණනාව තුළදීම හොඳට සැලසුම් සහගතව මගේ සංචාරයන් ගිහින් තියෙනවා. මම දන්නවා අදාළ තැනට මොන වගේ ඇඳුමක් ඇඳගෙන යන්න සුදුසුද, ඒ වගේම මම ඒ පළාත ගැන මොනවද දැනගෙන යන්න ඕනේ සහ මම ගෙනියන්න ඕනේ මොන වගේ දේවල්ද කියලා. මේ දේවල් ගැන හොඳ අවබෝධයකින් යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ආරක්ෂිතව තමන්ගේ ගමන ගිහිල්ලා එන්න ඕනෑම කාන්තාවකට පුළුවන්.\" දිලිනි පෙන්වා දෙන්නේ එවැනි සැලසුම් සහගත සංචාරයක් තුළදී කාන්තාවකට එල්ල විය අවදානම ඉතා අවම මට්ටමක පවතින බව ය. \"අපි යන්නේ නොදන්නා පළාතකට වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ ස්ථානය ගැන ඒ අවට පරිසරය ගැන හොඳ අවබෝධයකින් යා යුතුයි. අපි ඒ පළාතට ගියාට පස්සේ ඒ ඉන්න අය අපේ මුහුණේ තියෙන හැඟීම්වලින් හඳුනා හඳුනාගන්නවා අපි ඒ පැත්ත ගැන දන්න අයද එහෙමත් නැතිනම් නොදන්න අයද කියලා. අපි මොකුත් දන්නේ නැතිව වගේ බයෙන් වගේ හිටියොතින් ගොඩක් අය එන්න පුළුවන් විවිධ දේවල් කියාගෙන. මම හිතන්නේ අපි හොඳ අවබෝධයකින් සහ අවධානයකින් හිටියොතින් මේ කියන ප්‍රශ්නවලින් අපට බේරෙන්න පුළුවන්.\" දිලිනි පවසන්නේ බොහෝ විට ඇයට සංචාරවලදී හමුවන පුද්ගලයන් ඇයට බොහෝ උදව් කර ඇති බව ය. \"එක වතාවක් මම මඩොල්සිම තියෙන ශ්‍රී ලංකාවේ සූර්යාලෝකය අඩුවෙන්ම ලැබෙන ගමක් වන කඳු වලින් වට වූ කොහොනාව කියන ගමට සංචාරයක් සඳහා ගියා. ටික දුරක් පයින් යන්න තියෙන නිසා මම යද්දි ටිකක් රෑ වුණා. ගමන අතර මඟ මට එක වයසක පුද්ගලයෙක් හමුවුණා.\" \"ටික දුරක් යද්දි ඔහු කිව්වා මමත් මගේ බිරිඳත් දියණියත් තමයි මේ ගෙදර ඉන්නේ ඔයාට පුළුවන් කැමතිනම් අපිත් එක්ක මේ ගෙදර නතර වෙලා හෙට උදේම මේ ගමන යන්න කියලා. මොකද ඒ වෙනකොටත් මම නවතින්න සැලසුම් කරගෙන ඉඳපු තැනට සෑහෙන දුරක් තිබුණා. මම එම පවුලේ අය සමග එකඟ වෙලා ඒ නිවසේ රාත්‍රිය ගත කළා ඔවුන් මට එදා ලොකු උදව්වක් කළා.\" \"ඒ නිසා මම හිතන්නේ නෑ මිනිස්සු හැම විටම අපට කරදර කරන්න එනවා කියලා. ගොඩක් මිනිස්සු හරිම හොඳ අය. ඉතින් මම කලින් කිව්වා වගේ අපි අවධානයෙන් අපේ ගමන යන එකයි වැදගත්,\" දිලිනි විස්තර කළේ ඇගේ අත්දැකීමකි. 'එක වරක් පමණයි අපහසුතාවයට පත්වුණේ' පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන විශ්වනී ජයවීර වසර දෙකක පටන් තනිව ශ්‍රී ලංකාව තුළ සංචාරය කරයි. ඇය youtube නාලිකාවක් පවත්වාගෙන යන අතර කාන්තාවක් වශයෙන් ඇය තනිව සංචාරය කරන වීඩියෝ පට එහි පළ කරන්නීය. ඒවා විශාල පිරිසක් නරඹති. විශ්වනී ද පවසන්නේ වසර දෙකක කාලය තුළ තමාට සංචාරය කිරීමේ දී මුහුණ දීමට සිදුවූ ගැටලු ඉතා අවම බවයි. \"මගේ පළවෙනි සංචාරය මම ගියේ යකාගේ පඩිපෙළ කියන සංචාරක ගමනාන්තයට. මම එතැන සිට ඔහිය දක්වා පයින් ගමන් කළා. ඒ ගමන යද්දි මට එක එක කණ්ඩායම් මුණ ගැහුණා. ඒ ගොඩක් අය මාව දිරිමත් කළා. කවුරුවත් අනවශ්‍ය දේවල් කියන්නේ නැහැ. වර්තමානයේත් මම තනිව සංචාරය කරනවා කියලා දැන ගත්තම ගොඩක් අය මාව දිරිමත් කරලා තියෙනවා. ඇත්තටම සංචාරය කරන කෙනෙක් විදියට මම හිතන්නේ නෑ ඒ තරම් අනාරක්ෂිත බවක් ශ්‍රී ලංකාව තුළ තියෙනවා කියලා,\" ඇය පවසයි. විශ්වනී බොහෝ අවස්ථාවල සංචාරක ගමනාන්තයන්හි කඳවුරු බැඳීම සිදුකරන්නියකි.ජනශූන්‍ය ප්‍රදේශවල පවා කඳවුරු ගැසීම සිදු කරන ඇය පවසන්නේ මෙතෙක් ඇයට එවැනි නරක අත්දැකීමක් ලැබී නොමැති බවයි. \"මම සාමාන්‍යයෙන් කෑම්ප් කරන්න යනකොට මම යන ස්ථානය අවට තියෙන ගම්වල අය එක්ක කතා කර කර යනවා. ඒ යන ගමන් එයාලා එක්ක සම්බන්ධතා ඇති කරගන්නවා. එතකොට මට පුළුවන් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒ අයට කතා කරන්න.\" ඒ ඇය අනුගමනය කරන එක් උපක්‍රමයකි. 'ඒ වගේම අපි යනකොට අපි කෑම්ප් කරන ප්‍රදේශය ගැන හොඳ අවබෝධයකින් යන්න ඕනෑ.' විශ්වනීට එක් වරක් පමණක් ගැටළුවකට මුහුණ දෙන්නට සිදු වූ බව ඇය පවසයි. \"වැඩිය මිනිස්සු නැති ගම්වල පවා කෑම්ප් කරන මට ඇත්තටම ප්‍රශ්නයක් සිදුවුණේ නුවරඑළිය ටවුන් එකේදි. එදාත් මම තනියෙන් සංචාරය කරන ගමන් හිටියේ. නුවරඑළියේ සීතල විඳගන්න ආසා නිසා මම එදා අත් නැති ස්කිනි එකක් ඇඳගෙන ගියේ. ත්‍රීරෝද රථ රියදුරෙක් දිගින් දිගටම මගේ පස්සෙන් එන්න ගත්තා. ඊට පස්සේ එක තැනකදී එයා නැවතිලා මගේ ළඟට ඇවිත් අතින් අල්ලන්න වගේ උත්සාහ කළා. මම ඒ වෙලාවෙදි මගේ අතේ තිබුන Gopro එකේ ස්ටික් එක ඔහුට පෙන්වලා කිව්වා ළඟට ආවොත් මේකෙන් ගහනවා කියලා. එතකොට ඔහු යන්න ගියා. මම ඒ වෙලාවෙදි බය නැතුව එහෙම කිව්වේ නැතිනම් ඔහු ඇවිත් මට අනවශ්‍ය කරදර කරන්න ඉඩ තිබුණා.\" විශ්වනී පෙන්වා දෙන්නේ තමා තනිව සංචාරය කිරීමේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් බව ය. \"ශ්‍රී ලංකාවේ තියෙන්නේ වෙනම සංස්කෘතියක්. විදේශීය කාන්තාවන් කැමති ඇඳුමක් ඇඳලා සංචාරය කරනවා වුණත් අපට ඒක ටිකක් අපහසු වෙලා තියෙනවා. ඒ නිසා සංචාරය කරනකොට මම මගේ ඇඳුම ගැන බොහොම සැලකිලිමත් වෙනවා. ඒ වගේම මම හොඳට කතා කරනවා. මම ඒ ප්‍රදේශය ගැන දන්න බව වටපිටාවේ ඉන්න අයට අඟවනවා. මේ වගේ උපක්‍රම අනුගමනය කළොත් අපේ ආරක්ෂාව ගැන අපටම සහතික වෙන්න පුළුවන්.\" 'බස් එකකවත් යන්න බැරිනම් තනිව සංචාරය කරන්නේ කොහොමද? තනිව සංචාරය කරන තරුණියන් එලෙස පවසද්දී තනිව සංචාරය කිරීමට කැමැත්තෙන් පසුවන එනමුත් මෙතෙක් තනිව සංචාරය කිරීමට ආරක්ෂිත හැඟීමක් දැනී නොමැති යැයි පවසන තරුණියන් සමඟ ද අප සාකච්ඡා කරන ලදී. මීට පෙර අවස්ථාවකදී බීබීසී සිංහල විසින් බස් රථවලදී කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් වාර්තා කරන ලදී. වර්තමානය වන විට කාන්තාවන්ට බස්රථවල සිදුවන හිංසන සොයා බැලීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක්ද ක්‍රියාත්මක වේ. තනිව සංචාරය කිරීමට කැමති නමුත් මෙතෙක් ඒ සඳහා ආරක්ෂිත හැඟීමක් දැනී නොමැති යැයි පවසන තරුණියක් බීබීසී සිංහල වෙත අදහස් පළ කළාය. විසි හත් හැවිරිදි තරුණියක් වන රනූෂා සිය මිතුරු මිතුරියන් සමඟ නිතරම සංචාරයේ යෙදෙන්නියකි. ඇය පවසන්නේ ඇය තනිව සංචාරය කිරීමට කැමති නමුත් ඒ සඳහා තවමත් ආරක්ෂිත හැඟීමක් දැනී නොමැති බව ය. \"ඇත්තටම අපි උදේ හවස බස් එකක යනකොට වුනත් කොයිතරම් සිදුවීම් දකිනවද? ඒ වගේම තමයි අපි කැමති ඇඳුමක් ඇඳලා අපට ඇත්තටම පාරෙ බැහැලා යන්න පුළුවන්ද? ඉතින් බස් රථයකවත් තනියම යන්න බැරි නම් කොහොමද තනියම සංචාරය කරන්නේ කියන ප්‍රශ්නය තියෙනවා,\" රනූෂා පවසයි. \"මම යාළුවන් සමග සංචාරය කරන විට දැකලා තියෙනවා විදේශීය කාන්තාවන්ට වුණත් සමහර අය සමහර දේවල් කියනවා. නමුත් ඒ අයට ඒ කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් නෑ. ඒ නිසා ඒ කාන්තාවන්ට ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. ඒත් අපට ඒ කියන දේවල් තේරෙනවා.\" \"ඒ වගේම ත්‍රිකුණාමලය, ගාල්ල වගේ මුහුදු වෙරළවල් තියෙන සහ උෂ්ණත්වය වැඩි පළාත්වල සංචාරය කරන විට අපට ඔළුවේ ඉඳන් වහගෙන ඇඳුම් ඇඳන් යන්න බෑ. අපට පුළුවන්කමක් තියෙන්න ඕනෑ අපට පහසු ඇඳුමක් ඇඳගෙන යන්න. නමුත් අපට තනියම එහෙම යන්න බෑනේ. එහෙම ගියොත් අඩුගානේ අපට ඇහෙන නෑහෙන ගානට හෝ මොනවා හරි කියනවා,\" ඇය අවසන් වශයෙන් විස්තර කළා ය. ඉහත කී Timeout.com සඟරාව ශ්‍රී ලංකාව තනිව කාන්තාවන්ට සංචාරය කිරීමට හැකි හොඳම ගමනාන්තය බවට නම් කිරීම සම්බන්ධයෙන් වාර්තා කර තිබූ facebook post, X සහ විවිධ සමාජ මාධ්‍යවලට ලැබී තිබුනේ ද මේ ආකාරයේ මිශ්‍ර ප්‍රතිචාරයි. ඇතැමුන් ගමනාගමනයේදී තමාට මුහුණ දීමට සිදුවූ විවිධ අත්දැකීම් ඇසුරෙන් ශ්‍රී ලංකාවේ තනිව සංචාරය කිරීමට ආරක්ෂාවක් නොමැති යයි තර්ක කර තිබූ අතර, ඇතැමුන් එසේ අන්තර්ජාලයේ ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකාව විවේචනය කිරීම වැරදි යැයි දක්වා තිබුණි.",
"Title": "කාන්තාවන්ට තනිව සංචාරය කිරීමට ශ්‍රී ලංකාව ආරක්ෂිතද? සමාජ කථා බහක් මතුව ඇත්තේ ඇයි?"
} |
{
"Text": " ශ්‍රී ලාංකික දේශපාලනයේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ ප්‍රධාන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ. එහි කූටප්‍රාප්තිය වාර්තා වූයේ, සඳුදා (අප්‍රේල් 08) දිනයේදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වූ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීමකදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කිරීමත් සමග ය. මේ වන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයින් ප්‍රසිද්ධියේ ම දෙපිලකට බෙදී ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ, මෛත්‍රීපාල සිරිසේන හිතෛෂී සහ මෛත්‍රීපාල සිරිසේන විරෝධී වශයෙනි. නිමල් සිරිපාල වැඩබලන සභාපති වුණු හැටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සඳුදා (අප්‍රේල් 8) පෙරවරුවේදී රැස් වූ අවස්ථාවේදී පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත් කෙරිණි. මෙම රැස්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක නිරීක්ෂකවරියක ලෙස සහභාගි වූ බව පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසීය. නිමල් සිරිපාල ද සිල්වා පක්ෂයේ වැඩබලන සභාපති ධූරයට පත් කිරීමට බලපෑ හේතුව දුමින්ද දිසානායක පැහැදිලි කළේ, මෙසේ ය. \"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගේ වැඩ කටයුතු කිරීම උසාවියෙන් තහනම් කරල තියෙනවා. ඒ අනුව, පක්ෂයකට නායකයෙක් නැතුව, සභාපති කෙනෙක් නැතුව ඉදිරි වැඩකටයුතු කරන්න පුළුවන්කමක් නෑ. විශේෂයෙන් ම, මේ වගේ දේශපාලනික වශයෙන් තීරණාත්මක වෙලාවක. ඒ නිසා දේශපාලන මණ්ඩලයට ව්‍යවස්ථානුකූලව බලය තියෙනවා, මෙවැනි අවස්ථාවක කොහොම ද ක්‍රියා කළ යුත්තේ කියලා. ඒ අනුව, ව්‍යවස්ථානුකූලව දේශපාලන මණ්ඩලය අද රැස්වුණා. රැස් වෙලා අපි තීන්දුවක් ගත්තා, වැඩබලන සභාපතිවරයා විදිහට නිමල් සිරිපාල ද සිල්වා පත් කර ගන්න.\" අධිකරණ වාරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය දැරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන අප්‍රේල් 4 වන දා වාරණ නියෝගයක් නිකුත් කළේ, එම පක්ෂයේ හිටපු සභාපතිනිය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ගොනු කරනු ලැබ තිබූ පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී ය. මේ අතර, අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වන දා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය සඳුදා (අප්‍රේල් 8) නියම කළේ ය. තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම මන්ත්‍රීවරුන් විසින් ගොනු කරන ලද පැමිණිලි කැඳවූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කර තිබිණි. \"දේශපාලන මණ්ඩලය රැස් කිරීම නීතිවිරෝධී යි. අධිකරණයට යනවා\" - දුෂ්මන්ත මිත්‍රපාල මේ අතර, සඳුදා දේශපාලන මණ්ඩලය රැස්වීම නීතිවිරෝධී බවත්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් යන තනතුර යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල අත්සන් කළ නිවේදනයක සඳහන් වේ. එහි දක්වා ඇත්තේ, තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා මෛත්‍රීපාල සිරිසේන බවත්, නිමල් සිරිපාල ද සිල්වා නීත්‍යනුකූලව පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කළ නොහැකි බවත් ය. සඳුදා පැවති \"නීතිවිරෝධී දේශපාලන මණ්ඩල රැස්වීමට එක්ව සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් නොවන,\" බව ද එහි වැඩිදරටත් සඳහන් කර තිබිණි. \"මේ තත්ත්වය ඇති වුණේ මෛත්‍රීගේ අතනෝමතික ක්‍රියා නිස යි\" - දුමින්ද දිසානායක ප්‍රබල පක්ෂයක්ව පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානය වන විට කඩා වැටී ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේන වරින් වර අත්තනෝමතික ලෙස ක්‍රියා කළ හෙයින් බව පක්ෂයේ ‘ජාතික සංවිධායක’ දුමින්ද දිසානායක පැවසීය. \"මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පහුගිය කාලය පුරාවට ම ඉතා ම අත්තනෝමතික විදිහට පක්ෂයේ නිලධාරීන් අයින් කිරීමත්, එයාට හිතෙන හිතෙන විදිහට කටයුතු කිරීම නිසාත්, උසාවිය මගින් එතුමාට වාරණ නියෝග ලබා දුන්නා. අවසාන තීන්දුව විදිහට මාවත්, ලසන්ත අලගියවන්න මැතිතුමාවත්, මහින්ද අමරවීර මැතිතුමාවත් තමයි අයින් කළේ. ඒ අයින් කළේ, කිසි ම නීත්‍යනුකූල පදනමකින් නෙවෙයි. ඊට එරෙහිව අපි අධිකරණයට ගියා. ඊට පස්සෙ ඒකට වාරණ නියෝගයක් නිකුත් කළා. දැන් ඒ වාරණ නියෝගය 24 වෙනි දා දක්වා දීර්ඝ කරල තියෙනවා,\" යනුවෙන් දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ ය. \"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වැටිලා ඉන්න තත්ත්වයට සම්පූර්ණයෙන් ම වග කිය යුත්තේ, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි,\" දුමින්ද දිසානායක වැඩිදුරටත් පැවසීය. \"කුමන්ත්‍රණයක්\" මෛත්‍රීපාල සිරිසේන සභාපති ධූරයෙන් ඉවත් කර එම ධූරයට නිමල් සිරිපාල ද සිල්වා පත් කිරීම කිසිසේත් නීත්‍යනුකූල කටයුත්තක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මාහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, මෙය යම් ආකාරයක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට සාමාජිකයින් 15 දෙනෙකු අයත් වන අතර, එම මණ්ඩලයේ තීන්දු ගැනීම සඳහා අවම වශයෙන් 8 දෙනෙකු හෝ 9 දෙනෙකු සිටිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය. \"මම දන්න ආකාරයට මෙතන රැස්වීමට සහභාගි වෙලා හිටියෙ පහක් හෝ හය දෙනෙක් විතර යි. ඒ අනුව, බහුතර සාමාජික සංඛ්‍යාවවත් නැතුව තමයි මෙතන යෝජනා සම්මත කරගෙන තියෙන්නේ. ඒ නිසා මේක ව්‍යවස්ථාවට එකඟ නැහැ,\" මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, පක්ෂය දුර්වල කිරීම සඳහා දීර්ඝ කාලීනව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට තිබෙන බව ය. \"ගෝඨාභය රාජපක්ෂ පාලනය අසමත් වෙද්දී අපි යෝජනා කළා එවකට ආණ්ඩුවේ ඇමතිකම් දරපු අයට ඒවායින් අයින් වෙන්න කියලා. ඔවුන් ඒවා ඇහුවෙ නෑ. ඒ යෝජනාව කරපු දවසට පස්සෙ දවසේ ගෝඨාභයට ජනාධිපතිකම දාලා පැනල යන්න සිද්ධ වුණා. අපි ඊට කලින් ආණ්ඩුවෙන් ඉවත් වුණා නම්, ඒක ඒ මොහොතේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන තීරණය බවට පත් වෙන්න තිබුණා. ඒත් තනතුරු බදාගෙන හිටිය අය ඒවා අත්හැරියේ නෑ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනතා විරෝධයට ලක්වුණා. ඒ කුමන්ත්‍රණකාරී වැඩ නිසා පක්ෂය කඩා වැටුණා.\" ඔහු පෙන්වා දුන්නේ, \"කුමන්ත්‍රණයට සහය දෙන සියලු දෙනාගේ අරමුණ වී ඇත්තේ ආණ්ඩුව සමග එක්වීම\" බව ය. \"මොන කොන්දේසිය තිබුණත් අවසානයේදී සියලු දෙනා ම උත්සහ කරන්නෙ මේ පක්ෂය ගෙනිහිල්ලා ආණ්ඩුවට එකතු කරන්න, මැතිවරණයක් තියෙන කාලය තුළ. මේ මහා දැවැන්ත පක්ෂයට හැම ගමක ම අද සාමාජිකයො ඉන්නවා. ලංකාව පුරා ම සංවිධායක මණ්ඩලයක් තියෙනවා. ඒක පැත්තකට දාලා යම් පිරිසක් තමන්ට අවශ්‍ය විදිහට පක්ෂය ඇදගෙන යන එකට විරුද්ධ පක්ෂයේ සංවිධායකයින් පෙළ ගැසෙමින් ඉන්නවා.\" කෙසේ වෙතත්, කිසිදු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන බවත්, පක්ෂය රැක ගැනීම වෙනුවෙන් තමන් ඇතුළු පිරිස ක්‍රියා කරන බවත් දුමින්ද දිසානායක පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය හා ගමන් මග එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වර්ෂ 1951 සැප්තැම්බර් 02 වන දා කොළඔ නගර ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන ලදී. එදින පැවති පක්ෂ මංගල සැසි වාරයේදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. ශ්‍රී නිශ්ශංක එම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස නම් කළේ ය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරණායකට සහය පළ කරමින් 44 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එදින නගර ශාලාව වෙත පැමිණ සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතීත වාර්තාවල සඳහන් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා මාස 7ක් පමණ ගත වෙද්දී මහ මැතිවරණයකට මුහුණ දීමට එම පක්ෂයට සිදු විය. එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක ගාලු මුවදොර පිටියේදී අශ්වයෙකු පිටින් යද්දී ඉන් ඇද වැටී අභාවයට පත්වීම නිසා හදිසි මැතිවරණයක් පැවැත්වීම ඊට හේතු විය. අගමැතිවරයාගේ හදිසි අභාවයෙන් පසු අගමැති ධූරයට පත් වූ ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක 1952 අප්‍රේල් 08 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීයේ ය. මේ අනපේක්ෂිත සිදුවීම නිසා හදිසි මැතිවරණයක් කැඳවීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයකට මුහුණ දීමට සිදුවූ අතර අපේක්ෂකයන් 48 දෙනෙකු මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පියවර ගත්තේ ය. 1952 මැයි 24,26,28 සහ 30 යන දින හතර තුළ පැවති එම මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 09 ක් ජයග්‍රහණය කර තිබිණි. ලැබූ මුළු ඡන්ද සංඛ්‍යාව තුන් ලක්ෂ හැට එක්දහස් දෙසිය පනහකි. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක ඡන්ද 32,544 කින් අත්තනගල්ල ආසනය දිනා විපක්ෂ නායක ධූරයට පත්විය. 1956 වර්ෂයේ පැවති මහ මැතිවරණය ශ්‍රී ලංකා දේශපාලනයේ නව පරිච්ඡේදයක ආරම්භයක් සනිටුහන් කළේ ය. එහිදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට ඉදිරිපත් කළ අපේක්ෂකයන් 60 දෙනාගෙන් 51 දෙනෙක් ජයග්‍රහණය කළහ. 1959 වසරේදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනයට ලක්වීමෙන් පසු, ලොව ප්‍රථම කාන්තා අගමැතිවරිය ලෙස වාර්තාවක් තබමින් වර්ෂ 1960 ජූලි 21 දින ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය බවට සිරිමාවෝ බණ්ඩාරනායක පත් විය. පසුව, 1970 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක යළිත් අගමැති ධූරයට පත්වූවා ය. ඉන්පසු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් 1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිනිය බවට පත්වූවා ය. ඇය එතැන් සිට දෙවරක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය දැරුවා ය. ඉන්පසු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය දැරූ මහින්ද රාජපක්ෂ 2005 වසරේ සිට 2015 වසර දක්වා ජනාධිපති ධූරය දැරීය. පසුව, 2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළින් ජනාධිපති ධූරයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට පත් කෙරිණි.",
"Title": "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ ක්‍රියාත්මක වන්නේ කුමන්ත්‍රණයක් ද?"
} |
{
"Text": " නුදුරේදීම විශේෂ ගුවන් යානාවක් ඇමෙරිකාවෙන් මෙරටට ලබා දීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. ඒ, ශ්‍රී ලංකාව අවට මුහුදේ ආවේක්ෂණ කටයුතු සඳහා ය. ඉන්දියන් සාගරයේ භූ ගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබෙන ශ්‍රී ලංකාව ගැන ලෝකයේ අවධානය යොමු වන්නේ ඈත අතීතයේ සිටය. එම පිහිටීම නිසා දූපත් රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර නාවුක ගමන් මාර්ගයේ ඉතා වැදගත් ස්ථානයක් හිමිවන්නේ නිතැතිනි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සහ ගුවන් කලාපය රටේ ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් ලෙස සැලකෙයි. ඇමෙරිකාවෙන් ලංකාවට පැමිණි ඔත්තු බැලීමේ යානය කුමක් ද? ගුවනේ සිට සමුද්‍රීය නිරීක්ෂණ කිරීමේ හැකියාව සහිත ඇමෙරිකානු ආරක්ෂක අංශ වලට අයත් ආවේක්ෂණ ගුවන් යානයක් ඉකුත් මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණියේය. එලෙස පැමිණි ගුවන් යානය චැලෙන්ජර් 605 වර්ගයේ නිරීක්ෂණ යානයක් වන අතර එය ගුවනේ සිට ආවේක්ෂණ කටයුතු සඳහා යොදා ගනු ලැබේ. බීබීසී සිංහල සේවය කළ විමසීමේදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ පැවසුවේ සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මෙරට ත්‍රිවිධ හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා එම ගුවන් යානය මෙරටට පැමිණි බවයි. \"අපේ ගුවන් හමුදා නියමුවන් වගේම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පුහුණු කිරීම සඳහායි මෙම ගුවන් යානය මෙරටට පැමිණියේ. එම ගුවන් යානය සමග නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ලංකාවට පැමිණියා.\" ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම පුහුණු කටයුතු කොළඹ, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සිට ක්‍රියාත්මක කළ බවයි. ඇමෙරිකාවෙන් ලංකාවට ලබා දෙන ගුවන් යානය කුමක් ද? ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේදී ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ලබා දීමට නියමිත බවය. \"අපිට ඇත්තටම ඇමෙරිකාවෙන් සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු වලට ගුවන් යානයක් ලබා දෙනවා.\" \"ඒක Beech King Air 360er වර්ගයේ ගුවන් යානයක්. මේක අලුත්ම ගුවන් යානයක් ඇමෙරිකාවේ රජයෙන් ලැබෙන. එම ගුවන් යානය මේ වසරේ ජුනි හෝ ජුලි මාසය වන විට ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි.” \"ඒ ගුවන් යානයේ සවි කර තිබෙන උපකරණ වලට මෙහෙ ඉන්න අපේ ගුවන් නියමුවන් වගේම ත්‍රිවිධ හමුදාවේ නිලධාරින්ට පුහුණුවක් ලබා දෙන්න තමා ඇමෙරිකානු කණ්ඩායමක් ලංකාවට පැමිණියේ.\" \"ඒම ගුවන් යානයේ සහ අපට ලැබෙන ගුවන් යානයේ සවිකර තිබෙන උපකරණ ඔක්කොම එක සමානයි.\" \"අලුත් ගුවන් යානයක් දුන්නට අපේ ඔක්කොම අයට පුහුණුවීම් කරන්න ප්‍රතිපාදන නැති නිසා ඊට කලින් අපේ අයට පුහුණුවීම් ලබා දෙන්න ඒ අය පැමිණියේ.\" \"ගුවන් නියමුවන්, තාක්ෂණික නිලධාරීන් වගේම ආවේක්ෂණ කටයුතු කරන නිලධාරින් එම පුහුණුවට අයත්\" ඔහු කියා සිටියේය. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් දස දෙනෙකු පමණ අප්‍රේල්, මැයි සහ ජුනි මාසයේදී පුහුණුවීම් සඳහා ඇමෙරිකාව බලා යාමට නියමිත බවය. නව ආවේක්ෂණ ගුවන් යානයේ ඇති විශේෂතා මොනවාද ? ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයේ අඩංගු විශේෂ පහසුකම් මොනවාදැයි බීබීසී සිංහල සේවය විසින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කරන ලදී. ඊට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. \"ගුවනේ සිට මුහුදේ නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට හැකියාව සහ ඊට අවශ්‍ය උපකරණ මේ යානයේ තියෙනවා.\" \"උදාහරණයක් විදිහට මේ ගුවන් යානයට පුළුවන් මුහුදේ බෝට්ටු දාහක් තියෙනවා කියලා. ඒ බෝට්ටුවල හැසිරීම ගැන නිරීක්ෂණය කරන්න හැකියාව.\" \"ඒ වගේම මේ ගුවන් යානයේ තිබෙනවා Forward Looking Infrared කැමරාවක්. මේකට අපි FLIR කැමරා කියලත් කියනවා. ඒකෙන් අපිට තාප තරංග හඳුනා ගන්න පුළුවන්. ඒවායෙන් අපි දත්ත ලබාගන්නවා.\" \"යම් කිසි ධීවර යාත්‍රාවක් මසුන් අල්ලන්න ගියානම් අපි ඒ මුහුදු ප්‍රදේශය නිරීක්ෂණය කළාම හඳුනාගන්න හැකියාව තියෙනවා ඒ ධිවර යාත්‍රා සංඛ්‍යාව.\" \"එතකොට සැකකටයුතු ධීවර යාත්‍රා එනවානම් ඒ ධීවර යාත්‍රා අසලට අපට ඒවා හඳුනාගන්න හැකියාව ලැබෙනවා.\" \"ඒ වගේම ධීවර යාත්‍රා මුහුදු සීමාවන් උල්ලංඝණය කරනවාද කියා අපට නිරීක්ෂණය කරන්න පුළුවන්.\" ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 350ක් දක්වා වූ දුරක් දක්වා විහිදෙන මුහුදු කලාපය ශ්‍රී ලංකාවට අයත් බව මෙහිදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.",
"Title": "ඇමෙරිකාවෙන් ලංකාවට ලබා දෙන ඔත්තු බැලීමේ යානය කුමක් ද?"
} |
{
"Text": " ශ්‍රී ලංකා පොලිසියට මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධව දිගින් දිගටම චෝදනා එල්ල වීම හේතුවෙන් පොලිසියේ මානව හිමිකම් චර්යාව පිළිබඳව නැවත විමසා බලන්නට සිදුව තිබේ. වත්මන් පොලිස්පතිවරයා මුලික මිනිස් අයිතිවාසිකම් කඩ කළ නිලධාරියෙකු බව අධිකරණය තීන්දු කිරීම මෙන්ම මුලික අයිතිවාසිකම් කඩ වීම සම්බන්ධ නඩුකරයන් කිහිපයක්ම සමථය කර ගැනීම සඳහා අදාළ වින්දිතයින්ගෙන් වැඳ සමාව ගැනීමට පොලිසියට සිදුවීම ඉන් කැපී පෙනන සිද්ධි කිහිපයකි. පොලිස්පති දේශබන්දු තෙන්කෝන් 2010 වසරේ නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ සමයේ පුද්ගලයෙකුට වධ හිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් කඩ කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදා ය. සුමති ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සමථ කර ගැනීමට 2024 මාර්තු 01 වැනිදා කොල්ලුපිටිය පොලිසියේ නිලධාරියා විසින් පෙත්සම්කාර පාර්ශවයේ නියෝජිතයින්ගෙන් විවෘත අධිකරණයේ වැඳ සමාව ගන්නා ලදී. නාරාහේන්පිට පොලිසියේ සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පෙබරවාරි මාසයේ දී 71ක් වයසැති ගොඩ්වින් පෙරේරා නමැති ජ්‍යේෂ්ඨ පුරවැසියාගෙන් දණ ගසා සමාව ඉල්ලීමට සිදු වුයේ පොලිස් නිලධාරින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සමක් සමථ කර ගැනීමට ය. මෑතකදී පොලිස් නිලධාරින් හට සිවිල් පුරවැසියන්ගෙන් සමාව ගැනීමට සිදුවුයේ පාස්කු ප්‍රහාරයෙන් පසු හොරොව්පතාන ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ය. එහිදී එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි එවකට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව, එම පොලිසියේ පොලිස් සැරයන් ප්‍රේමරත්න, සැරයන් සිසිර, පොලිස් කොස්තාපල් ජයතිලක සහ කැබිතිගොල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේ පෞද්ගලිකව පෙනී සිටිමින් පෙත්සම්කරුවන් වු සෙනූල් ආබ්දීන් ඉර්ෆාන්, සෙනුල්ආබ්දීන් කලීෆාතුල්ලා සහනූර්ගේ සකරියා ගෙන් සමාව අයදින්නට සිදුවිය. ‘හිටපු පොලිස්පති හා වත්මන් පොලිස්පතිටත් වන්දි ගෙවන්න වෙලා’ බීබීසි සිංහල සේවය මීට පෙර වාර්තා කළ පරිදි මානව හිමිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් 2023 වසරේ දී සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් පහළොස් කෝටි විසි තුන්ලක්ෂ හැත්තෑ දහසක ( රුපියල් 152,370,000) මුදලක් අගතියට පත් වූවන්ට වන්දි වශයෙන් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස් නිලධාරීන්ට නියෝග කරනු ලැබ තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා පෙන්වා දෙන පරිදි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික අයිතිවාසිකම් හඳුන්වාදීමෙන් අනතුරුව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම නිසා වසරක් තුළ පොලිස් නිලධාරීන්ට සිය පුද්ගලික මුදල්වලින් ගෙවීමට සිදු වූ වැඩිම වන්දි මුදල එය ලෙස සැලකෙයි. මානව හිමිකම් පෙත්සම්වලට අදාළ නඩු තීන්දු 8ක් මගින් මෙසේ වන්දි ගෙවන ලෙස නියම වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 20 කි. මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් අතර හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර සහ සී.ඩී වික්‍රමරත්න, වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ ද වීම සුවිශේෂත්වයකි. පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් වෙනුවෙන් රජයට ගෙවීමට සිදුව ඇති වන්දි මුදල රුපියල් 3,250,000 කි. වෘත්තියභාවයකින් යුත් පොලිස් සේවයක් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක පවසන්නේ පොලිස් නිලධාරින් පුහුණු කිරිමේ දී මානව හිමිකම් හා මුලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධව ඔවුන්ව දැනුවත් කරන බව ය. මුලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම රටේ නීතිය පාලනය සහතික කරන නිලධාරින්ගේ වගකීමක් වුවද පොලිසිය ඒ පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැතැයි, නීතිඥවරයා චෝදනා කර සිටියේය. “පොලිසිය කරන වධ හිංසා ගැන ඉතාම අල්ප ප්‍රමාණයක් තමයි නඩු කියන්නේ. ඊට වඩා වැඩියෙන් මුලික අයිතිවාසිකම් කඩවිම් විශේෂයෙන් වධ හිංසා පැමිණවිම් තිබෙනවා. මානව හිමිකම් කොමිසමේ සංඛ්‍යාලේඛන ගත්තත් පොලිසියේ මුලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධ පැමිණිලි තමයි වැඩිම.” විවිධ මෙහෙයුම් හරහා පොලිසියට ඉලක්ක ලබා දීම ද මානව හිමිකම් කඩවීමට ප්‍රධාන හේතුවක් බව ද නීතිඥවරයා සඳහන් කළේය. මානව හිමිකම් විහිළුවට ලක් නොකර වඩා වෘත්තිය භාවයකින් යුත් පොලිස් සේවයක් හරහා මෙම ගැටලුව විසඳා ගත හැකි වනු ඇති බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක පැවසීය. අත්අඩංගුවට ගත් පසු රාජ්‍යයට පැවරෙන වගකීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අප්‍රේල් 3 වැනිදා පැවැත්වු මාධ්‍ය හමුවක දී ඒහි කොමසාරිස් නිමල් පුංචිහේවා කියා සිටියේ 2024 මේ දක්වා පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් ඇති බවයි. 2023 වසරේ පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබේ. අත්අඩංගුවට ගැනීමට යාමේදී 11 දෙනෙකු මරණයට පත්ව ඇත. “කෙනෙක් රාජ්‍යයේ අත්අඩංගුවට ගත්තයින් පස්සේ ඔහුගේ ආරක්ෂාව සැපයිමේ වගකීමත් රාජ්‍යයට, ආණ්ඩුවට තියෙනවා.” යැයි කොමසාරිස්වරයා අවධාරණය කළේය. “අපි කිව්වේ නීතියට අනුව ක්‍රියාත්මක වෙන්න, නීතියෙන් පිටස්තරව ක්‍රියා කරන්න එපා කියලා.” යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනිම් සම්බන්ධව පැමිණිලි 44ක් ලැබී ඇතැයි පැවසු මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතීඥ නිමල් පුංචිහේවා ඒ පිළිබඳව විමර්ශන සිදුවන බව ද සඳහන් කළේය. “මේ රටේ මේ තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම බරපතල කාරණයක්, සමාජ ව්‍යසනයක්, ඒක අද පාසල්වලට පවා පැතිරිලා ඒක අනාගතය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් හැටියට තියෙනවා. ඒක නිසා පොලිසියට වගකීමක් තියෙනවා, පොලිසියට බලතල තියෙනවා ඒක වළක්වන්න. අනිත් එක ඒක වැළැක්වීම ආණ්ඩුවේ වගකීමක්. නමුත් ඒ වගකීමේ බලතල ක්‍රියාත්මක කරනකොට, ක්‍රියාත්මක කරන්න ඕනේ කොහොමද කියලත් නීතියේ තියෙනවා. කොමිසම විදියට අපි කිව්වේ නීතියට අනුව ක්‍රියාත්මක වෙන්න, නීතියෙන් පිටස්තරව ක්‍රියා කරන්න එපා කියලා.” මාර්ගෝපදේශ අනුව කටයුතු කිරිම වගකීමක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිස මාර්ගෝපදේශ ලබා දී තිබියදීත් තවදුරටත් පොලිසිය මගින් සිදුවන මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධව බීබීසී සිංහල, ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමේ කොමසාරිස් නිමල් පුංචිහේවාගෙන් විමසීමක් කළේය. “කොමිසම හැටියට අපිට තියෙන්නේ මාර්ගෝපදේශ ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කරන මාර්ගෝපදේශ අනුව කටයුතු කිරිම තමයි ඒ අයගේ වගකීම වෙන්නේ. එතකොට ඒ මාර්ගෝපදේශ අනුව කටයුතු නොකර කෙනෙක් අත්අඩංගුවට ගන්නවා නම් ඒක පැමිණිල්ලක් හැටියට අපට ඉදිරිපත් කළාම ඒක මුලික අයිතිවාසිකම් කඩ කිරිමක් හැටියට සලකළා අපි විභාගයට කැඳවනවා.” මානව හිමිකම් කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි බොහෝමයක්ම පොලිසිය විසින් නිසි ආකාරයට ක්‍රියාත්මක නොවීම සම්බන්ධ පැමිණිලි බව කී කොමසාරිස් නිමල් පුංචිහේවා ඒ අතර අත්අඩංගුවට ගැනීම් හා පහර දීම් සම්බන්ධ පැමිණිලිත් ලැබී ඇති බව පැවසීය.",
"Title": "පොලිසියට මානව හිමිකම් පාඩමක් උගන්වන්න වෙයි ද?"
} |
{
"Text": " 1990 සුවසැරිය ගිලන්රථ සේවය මගින් සපයන සේවාව දේශීය මෙන්ම ජාත්‍යන්තරයේ ද ඇගයීමට ලක්ව තිබේ. ඩිජිටල් තාක්ෂණය යොදාගත්, නොමිලේ ක්‍රියාත්මක, ලෝකයේ වේගවත්ම ගිලන්රථ සේවාවලින් එකක් ලෙස 1990 නම් කිරීමට ලෝක බැංකුව 2024 මාර්තු මාසයේ දී කටයුතු කරන ලදී. මෙම ගිලන්රථ සේවාවට ඇමතුමක් ලබා දීමෙන් පසු ළඟම රෝහලට හෝ ප්‍රාථමික ප්‍රතිකාර මධ්‍යස්ථානයට රෝගියකු රැගෙන යෑමට ගතවන සාමාන්‍ය කාලය විනාඩි 12කි. ඉන්දීය රජයේ ප්‍රධානයක් ලෙස මේ ගිලන්රථ සේවය 2016 දී ආරම්භ කරන අවස්ථාවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් මෙන්ම දේශපාලන පක්ෂවලින් දැඩි විරෝධයක් එල්ල විය. නමුත් ගතවූ කාලය තුළ 1990 ගිලන්රථ සේවය ඉටු කළ මෙහෙවර ඇගයීමට ලක් කරමින් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව පසුගිය අප්‍රේල් 02 වැනිදා පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් ඉදිරිපත් කළ එහි නියමුවන්ට සහ කාර්ය මණ්ඩලයට කෘතවේදීත්වය පළ කළහ. ආරම්භයේ දී ඉන්දීය විරෝධයට හසු වූ 1990 සුවසැරිය ලෝකයේ හොඳම ගිලන්රථ සේවාවක් දක්වා පැමිණි ගමන මෙහි ඇතුළත් වේ. ලෝක සෞඛ්‍ය දිනය අදට (අප්‍රේල් 07) යෙදී ඇති අතර මේ වසරේ තේමාව 'මගේ සෞඛ්‍ය, මගේ අයිතිය' ('My health, my right’) යන්න වේ.",
"Title": "1990 සුවසැරිය : 'අපි දවසකට දාහක් පමණ රෝහල්ගත කිරීම් කරනවා'"
} |
{
"Text": " යම් පසුබෑමකට ලක්ව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා කැපීපෙනෙන අයුරින් ඉස්මතු වන ආකාරය මේ වන විට දැක ගත හැකි ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයේදී දැක්වූ දක්ෂතා, කාන්තා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු වරට පන්දු වාර 20 තරගාවලි ජයග්‍රහණයක් ලැබීම මෙන් ම 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෑතකදී දැක්වූ දක්ෂතා ද ඊට නිදසුන් සපයයි. අප්‍රේල් 03 වන දා අවසන් වූ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා - එංගලන්ත 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අනුශූරයින් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. අප්‍රේල් 03 වන දා පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත් විය. කෙසේ වෙතත්, තරග 6කින් සමන්විත වූ මෙම තරගාවලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම එක් වර බැගින් පරාජය කිරීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් විය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත 'බට්ටි' හෙවත් චමුදි ප්‍රබෝධා මෙම තරගාවලියේදී කැපීපෙනෙන දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සිටි අතර, එක් සුවිශේෂී 'පුංචි' ක්‍රීඩිකාවක කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මෙන් ම සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ද අවධානය යොමු වී තිබිණි. ඒ, තවමත් වයස අවුරුදු 14ක පසු වන මොනරාගලින් බිහි වූ දක්ෂ ක්‍රීඩිකාවක දෙස ය. තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග 4කට ක්‍රීඩා කළ වමතින් පිට දඟ පන්දු යවන ඇය, කඩුලු දෙකක් දවා ගත්තා ය. තවමත් වයස අවුරුදු 14ක පසු වන චමුදි ප්‍රබෝධා අනාගතයේදී දක්ෂ ක්‍රීඩිකාවක වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීහු විශ්වාසය පළ කරති. ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනූ චමුදි පැමිණි 'දුෂ්කර ගමන්මග' ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ සහ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ දැඩි අවධානයකට ලක්වූ මෙම පුංචි ක්‍රිකට් ක්‍රීඩිකාව වයස අවුරුදු 14 වන විට 19න් පහළ කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට තරම් දක්ෂ මෙන් ම වාසනාවන්ත වූවා ය. ඒ, දක්ෂතාව සහ වාසනාව පිටුපස ඇගේ දෙමාපියන් පවසන පරිදි 'දුෂ්කර ගමනක කතාවක්' තිබේ. එම දුෂ්කර කතාව දැන ගැනීමට ඇගේ මව වන අනෝමා නිශාන්ති සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය. ඇය පැවසූ පරිදි ඇය මෙන් ම චමුදිගේ පියා ද දෛනික කුලී වැඩවල නිරත වෙමින් එදිනෙදා ජීවිතය ගත කරන අතර, උසස් පෙළ විභාගයට පෙනී සිටි දියණියක් ද, 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුතෙක් ද ඔවුන්ට සිටිති. කොළඹ සිට කිලෝමීටර් 300කට අධික දුරින් පිහිටි මොනරාගල සිට කිලෝමීටර් 12ක් පමණ ඈතින් පිහිටි කුඹුක්කන නමැති ගම් ප්‍රදේශයේ ජීවත් වන චමුදි ප්‍රබෝධා ඉගෙනුම ලබන්නේ, මොනරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ ය. ඇය තවමත් 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, අධ්‍යාපන වැඩ කටයුතු ද සාර්ථකව කරගෙන යන බව මව පැවසීය. 'දුව කුඩා කාලෙ ඉඳල සෙල්ලම් කළේ ක්‍රිකට් විතරයි' \"මගේ අක්කාගේ පුතා එක්ක දුව හැම දා ම ක්‍රිකට් ගැහුවා. සෙල්ලමකට කියලා කළේ ක්‍රිකට් ගහන එක විතර යි. ඒ පුතා එක්ක ක්‍රිකට් ගහනකොට අපට තේරුණා දුවට ක්‍රිකට්වලට හැකියාවක් තියෙනවා කියලා. අපේ පවුලේ වෙන කෙනෙක් ක්‍රිකට් ගහලත් නෑ,\" චමුදි ප්‍රබෝධාගේ මව සිය දියණිය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීමට බලපෑ මූලික හේතුව විස්තර කළේ, එලෙසිනි. පසුව, චමුදි සමග එක්ව පවුලේ සියලු දෙනා ක්‍රිකට් ක්‍රීඩා කළ බව මව පැවසුවා ය. අහම්බෙන් ලැබුණු අවස්ථාව චමුදි ප්‍රබෝධාට කෙටි කලක් තුළ 19න් පහළ කාන්තා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුණේ, අහම්බයකින් ලැබුණු අවස්ථාවකින් බව ඇගේ මව පැවසුවා ය. \"දුවගේ ඉස්කෝලේ ක්‍රිකට් පුහුණුවීම්වලට පැති විකට්ටුවක් හැදුවා. ඒක විවෘත කරන දවසේ පන්දු යවන්න මගේ දුවටත් අවස්ථාව ලැබුණා. ඒක විවෘත කරන්න ආවෙ, පාසල් ක්‍රිකට් කැඳවුම්කාරිය විදිහට වැඩ කරන අප්සාරි තිලකරත්න මැඩම්. මගේ දුව පන්දු යවන හැටි දැකලා ඒ මැඩම් තමයි, දුවට මේ තරම් දුර ගමනක් යන්න අවස්ථාව සලසලා දුන්නේ. ඊට පස්සේ දුව ඉස්කෝලේ ක්‍රිකට් පුහුණු කරවපු සර් යටතේ පුහුණු වුණා. ඊට පස්සේ තවත් පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබුවා. අප්සාරි මැඩම්ගේ මැදිහත් වීමෙන් ඒ සර්ට මාසිකව මුදලක් පවා ලැබෙන්න සැලැස්සුවා. ඒ උපකාර නිසා තමයි දුවට මේ අවස්ථාව හිමි වුණේ,\" චමුදිගේ මව පැවසීය. ඒ අතරතුර, චමුදිගේ මුල් පුහුණුකරුවාට පාසලෙන් ඉවත් වීමට සිදු වූ බව ඇය ප්‍රකාශ කළා ය. \"දුවගේ පුහුණුකරු විදිහට වැඩ කරපු සර් හොඳ නෑ කියලා දෙමාපියන් කට්ටියක් එකතු වෙලා ඒ සර්ව අයින් කළා. ඒක මගේ දුවට ලොකු පාඩුවක්. දැන් දුව ඒ සර්ගෙන් පුහුණුව ලබන්න වෙන පිට්ටනියකට යනවා. ඒ නිසා මම දුව ඉස්කෝලෙන් අයින් කරන්න හිතාගෙන ඉන්නේ. දුවට තැන් දෙකකට යන්න අමාරු යි. ඒත් දුවව අස් කර ගන්නත් ඉඩ දෙන්නෙ නෑ.\" 'මේ දුර දුවව ගෙනාවේ ඉඩම් පවා විකුණලා' චමුදි ප්‍රබෝධා වෙනුවෙන් දැරිය යුතු වියදම් සොයා ගැනීමට තමන් සතුව තිබූ ඉඩමක් ද විකිණීමට සිදුවූ බව ඇගේ මව පැවසුවා ය. \"අපි දැනට මේක අමාරුවෙන් කරගෙන යනවා. දුවගේ අනාගතය වෙනුවෙන් කරන්න තියෙන දේවල් අපි කරනවා. මේ දේවල් කරගෙන යන්න කාගෙන් හරි උපකාරයක් ලැබෙනවා නම් ලොකු සහනයක් අපිට. තාමත් දුව පාවිච්චි කරන්නේ ඉස්කෝලෙන් ලැබුණ ක්‍රිකට් බඩු ටික. අපි හිතාගෙන ඉන්නවා අලුත් බඩු ටිකක් අරන් දෙන්න. ඇත්තට ම පාසල, අප්සාරි මැඩම් ඇතුළු ගොඩක් අයගේ උපකාර නිසා තමයි මගේ දුව මෙතනට ආවෙ. ඒ ගැන සියලු දෙනාට ස්තුති කරන්න කැමතියි.\" \"දුව හොඳට ඉගෙනීමේ කටයුතුත් කරගෙන ගියා. පහුගිය අවුරුද්දේ නම් එයාට පාඩම් වැඩ ටිකක් මග ඇරුණා. ඒත් එයා කැමතියි ඉගෙන ගන්නත්. එයාට ඉගෙනීමත්, ක්‍රීඩාවත් දෙක ම සාර්ථකව කරගෙන යන්න අපි පුළුවන් විදිහට උදව් කරනවා. දුවගේ අදහස කාන්තා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන එක තමයි,\" චමුදිගේ මව අපේක්ෂාසහගත ස්වරයකින් පැවසීය.",
"Title": "චමුදි ප්‍රබෝධා: 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 14 හැවිරිදි 'බට්ටි'"
} |
{
"Text": " කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොන්නාවේලි හා කිරාංචි ප්‍රදේශයන්ගේ ඉඩම් සිමෙන්ති කර්මාන්තශාලාවකට හුණුගල් ලබා ගැනීමට ලබාදීමේ සුදානමකට එරෙහිව පොන්නාවේලි ප්‍රදේශයේ අද (අප්‍රේල් 05 වැනිදා ) විරෝධතාවයක් පැවැත්විණි. අදාළ ගම්මානවල ඉඩම් සිමෙන්ති කර්මාන්ත ශාලාවකට ලබාදීම සම්බන්ධ ගැටළුව පිළිබඳ සොයා බැලීමට ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පොන්නාවේලි ගම්මානය වෙත පැමිණීමට විරුද්ධව ද ගම්වාසීන් එහිදී විරෝධය පළ කළහ. ගම්වාසීන් පැවසූවේ අමාත්‍යවරයා සිය හිතවාදීන් පිරිසක් සමඟ පැමිණ තම ඉඩම් සිමෙන්ති කර්මාන්ත ශාලාවකට පැවරීමේ සුදානමක් පැවති බැවින් ඊට විරුද්ධව තමන් විරෝධතාවය දැක්වු බවයි. අමාත්‍යවරයාට පක්ෂපාතී පිරිස් හා ගම්වාසීන් අතර එහිදි නොසන්සුන්තාවයක්ද හටගත් අතර, තත්ත්වය පාලනයට පොලිසියද කැඳවා තිබුණි. ගම්වාසීන්ගේ විරෝධතා හමුවේ අමාත්‍යවරයා අදාළ ස්ථානයෙන් ඉවත්ව ගියේය. 'සිමෙන්ති ෆැක්ටරිය හින්දා ඇතිවන බලපෑම කියලා නිමාකරන්න බෑ' කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොන්නාවේලි ගම්මානයේ ජනතාව යුද්ධය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිය උපන් ගම්මාන අතහැර ගොස් වසර ගණනාවක් අවතැන්ව සිට නැවත පදිංචියට පැමිණි පිරිසකි. ඔවුන් යුද්ධය හේතුවෙන් සිය මුල් ගම්මාන අතහැර මුලතිව් වෙත ගොස් අවසන් යුද සමයේ යුද හමුදාවට භාරවී අනතුරුව වවුනියාව,සෙට්ටිකුලම්හි අවතැන් කඳවුරු තුළ කාලයක් රැදී සිට 2010 හා 2011 වසරවල යුද්ධයෙන් විනාශ වු ගම්මාන වෙත නැවත පැමිණ තිබේ. එම ජනතාව දැන් බියෙන් පසුවන්නේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත හුණුගල් හෑරීමේ ව්‍යාපෘතියක් නිසා තම ගම්බිම් යළි අහිමී යයි ද පිළිබඳවය. වර්තමානයේදී පොන්නාවේලි ගම්මානය ආශ්‍රිතව හුණුගල් හෑරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මේ වන විට හුණුගල් පවතින සීමාවන් සොයා බැලීමට පොන්නාවේලි ගම්මානය අවට සීමාවේ භූ කැණීම් කර පරීක්ෂණ පවත්වා ඇතැයි ගම්වැසියෝ පවසති. ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් හෙක්ටයාර් 1000 කට ආසන්න ප්‍රදේශයක හුණුගල් කැනීමට අවශ්‍ය මුලික අනුමැතිය සිමෙන්ති කර්මාන්තශාලාවකට ලබාදී ඇති බවත්, හුණුගල් කැනීම ගම්මානය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ හොත් තමන්ට ගම්මානයේ ජිවත්විය නොහැකි බවටත් සඳහන් කරමින් පොන්නාවේලි ගම්වාසීහූ අඛණ්ඩව දින 100ක් ඉක්වමා මේ වන විට විරෝධතාව පවත්වමින් සිටිති. පොන්නාවේලි ගම්මානයේ පිහිටීම හා භූගෝලීය වැදගත්කම යාපනය මන්නාරම A32 මාර්ගයේ කිරාංචි මංසන්ධියේ සිට කිලෝමීටර් 12 ක පමණ දුරකින් පොන්නාවේලි ගම්මානය පිහිටා ඇත.පොක් සමුද්‍ර සන්ධියට සීමාවන උතුරු වෙරළ කලාපයට අයත් පොන්නාවේලි සුන්දරත්වයෙන් බහුල බොහෝ දෙනාගේ ඇස නොගැටුණ ගම්මානයකි. ශ්‍රී ලංකාවට අයත් දූපත් අතරින් ඉරණතිව්, එරුමතිව් හා කාක්කතිව් යන කුඩා දූපත් වෙත ආසන්නම ගොඩබිම් ප්‍රදේශය පොන්නාවේලි ගම්මානය අවට ගොඩබිම් ප්‍රදේශයයි. තලෙයිමන්නාරමට පසුව දකුණු ඉන්දියාව වෙත ආසන්නම ස්වභාවික වරාය සහිත භූමිය පොන්නාවේලි ගම්මානයට අයත් වලෙයිපාඩු ධීවර වරාය වන බව ගම්වාසීන් පැවසීය. ඉංග්‍රීසීන් මෙරට පාලනය කරන අවධියේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සෘජු බෝට්ටු ගමනාගමනයක් පොන්නාවේලි ආශ්‍රිත සාගර කලාපය හරහා ක්‍රියාත්මක වී ඇත. ගම්මානය වෙත පිවිසීමට ඇති මාර්ග කලපුවක් හරහා වැටී ඇති බැවින් ජනතාවට ගම්මානය වෙත පිවිසීමට ඇත්තේ කලකින් ප්‍රතිසංස්කරණය නොකළ අබලන් මාර්ගයක් ඔස්සේය.වැසි දිනවල අදාළ මාර්ගයේ වාහන ගමනාගමනය ඉතා අවදානම්ය. පොන්නාවේලි ග්‍රාම සේවා වසමට අයත් කිරාංචි,පොන්නාවේලි,වලෙප්පාඩු, වේරාවිල් හා පලාවි ගම්මාන තුළ පවුල් 1600 කට වැඩි සංඛ්‍යාවක් ජීවත්වන අතර, ගම්වාසීන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය වන්නේ ධීවර කර්මාන්තය හා ගොවිතැනයි. පොන්නාවේලි ගම්මානයේ ඉතිහාසය ගම්මානයේ ඉතිහාසය ඉන්දු - ලංකා සම්බන්ධතා ආරම්භය දක්වා දිවෙන බව ගම්වාසීහූ පවසති.ඉංග්‍රීසීන් මෙරට පාලනය කළ අවධියේ ස්ථාපිත කළ වලෙයිපාඩු බයොබැබ් ගස හා කිතුණු දේවස්ථාන රැසක්ද වෙරළ සීමාවේ පවති. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කළ පළමු විද්‍යාලය වන පොන්නාවේලි සෛවප්‍රකාශ විද්‍යාලය පොන්නාවේලි ප්‍රදේශයේ ස්ථාපිත කොට ඇති අතර, ඉංග්‍රීසි පාලන සමයේ දෙමළ සාහිත්‍යධරයෙකු වු ආරුමුගම් නාවලර් විසින් විද්‍යාලය ආරම්භ කරනු ලැබ ඇති බවද ප්‍රදේශවාසීන් පැවසීය. ආරුමුගම් නාවලර් සාහිත්‍යධරයා සිය කෘතියක්ද පොන්නාවේලි සෛවප්‍රකාශ විද්‍යාලය තුළ එළිදක්වා ඇති බවද ගම්මානයේ වැඩිහිටියෝ සඳහන් කළහ. 1990 දක්වා සෛවප්‍රකාශ විද්‍යාලය පවත්වාගෙන ආ බවත්, යුද්ධය හේතුවෙන් ජනතාව ගම්මානයෙන් ඉවත්වීමෙන් අනතුරුව නැවත පාසල ක්‍රියාත්මක නොවු බවද ජනතාව පැවසීය. ගම්මානයේ පවතින අන්නාමලෙයි ශිව කෝවිලේ ඉන්දියාවේ අන්නාමලෙයි ප්‍රදේශයෙන් ගෙනා ශිව ලිංගයක් තැන්පත් කොට ඇති අතර, ශිව කෝවිලට ඉංග්‍රීසි පාලන අවධියට එපිට සමයේ ඉතිහාසයක් පවති. කුමාරස්වාමි අරුනාචලම් නමැති උඩයාර්වරයෙකු (ප්‍රාදේශීය පාලකවරයෙකු) ඉංග්‍රීසි පාලන සමයේ ගම්මානයේ ජීවත්වු බවත්, ඔහු ජීවත්වු නිවස වර්තමානයේ ගම්මානයේ හුණුගල් කැනීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාර්යාලය දැමීමට යොදාගෙන ඇති බවටද ගම්වාසී හූ චෝදනා කළහ. ගම්මානයට වර්තමානයේ එල්ල වී ඇති තර්ජනය මේ වන විට හුණුගල් පවතින සීමාවන් සොයා බැලීමට පොන්නාවේලි ගම්මානය අවට සීමාවේ නළ ළිං රැසක් හාරා පරීක්ෂණ පවත්වා ඇතැයි ප්‍රදේශවාසීන් සඳහන් කළේය. ගැටළුව සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත ගම්මානය සුරකීමේ ප්‍රජා සංවිධානයේ සභාපති වි.බාස්කරන් පැවසූවේ මෙවැන්නකි, “අපි යුද්ධය හින්දා අවුරුදු 30 කට වැඩි කාලයක් දුක් වින්දා. යුද්ධයෙන් ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ වුණා.අවුරුදු ගාණක් අපි අවතැන්වෙලා ඉඳලා දැන් තමයි නැවත යම් ප්‍රමාණයකට ගොඩනැගෙමින් එන්නේ.එහෙම එනකොට දැන් නැවත වතාවක් අපේ ගම්මානවල මිනිස්සුන්ගේ ජීවිතවලට නැති ප්‍රශ්නයක් ඇවිල්ලා.” “ගමේ කුඹුරු ඉඩම් සහිත ගම්මානයේ ජනතාවගේ ඉඩම් හෙක්ටයාර් 1000 ක් ප්‍රදේශවාසීන් කවුරුවත් දන්නේ නැතුව හුණුගල් හාරන්න ලබාදීලා තිබෙනවා.” “හුණුගල් හාරලා ගම්මානය සීමාවේ සිමෙන්ති ෆැක්ටරියක් හදන්න යනවා.ගමේ මිනිස්සු බත් ටිකක් කන්න වගා කරපු කුඹුරු ඉඩම් අයිති සීමාවක් තමයි එහෙම දීලා තියෙන්නේ.” “ගමේ ඉඩම් සිමෙන්ති ෆැක්ටරියකට දුන්නාම ගමේ මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරිවෙයි. සිමෙන්ති ෆැක්ටරිය හින්දා ඇතිවන බලපෑම කියලා නිමාකරන්න බෑ.ගමට සිමෙන්ති ෆැක්ටරියක් ආවොත් ගමේ මිනිස්සුන්ට ගම අතහැරලා යන්න තමයි වෙන්නේ.” ඔහු පැවසීය. බාස්කරන් සඳහන් කළේ “මාළු වැඩි ප්‍රමාණයක් බිත්තර දාන්න,පැටව් හදන්න එන්නේ පෝක් සමුද්‍ර සන්ධියට මුහුණලා තියෙන අපේ ගම්මාන අශ්‍රිත මුහුදු කලාපයට.ලංකාවේ ඉන්න හොඳම කකුළුවෝ ඉන්නේ මේ මුහුදු කලාපයේ.සිමෙන්ති ෆැක්ටරියක් ගමමානයේ දැම්මොත් සිමෙන්ති ෆැක්ටරිවලින් ඉවතලන සිමෙන්ති කුඩු කාලයක් යනකොට මේ මුහුදු සීමාවේ තැන්පත් වෙනවා.එතකොට මාළු මේ කලාපයට එන්නේ නැතිවෙයි.” “ගම්මානයේ ජීවත්වන ජනතාවට මාළු නැතුව ධීවර කර්මාන්තය කර ගන්න බැරිවෙනවා.ගමේ කුඹුරු අක්කර 800 ක් විතර තියෙනවා.ඒ ප්‍රමාණය හුණුගල් කඩන්න අරගනියි. එහෙම වුණොත් ගමේ මිනිස්සුන්ට ජීවත්වෙන් ක්‍රමයක් නැතිවෙයි. “මේ හුණුගල් කඩන ව්‍යාපෘතිය ගමට එනකම් ගමේ මිනිස්සුන්ගෙන් ඒ ගැන රජයේ ආයතන කවදාවත් ඇහුවේ නෑ.සමහර දේශපාලන පක්ෂ නායකයෝ තමන්ගේ පක්ෂයේ හිතවතුන් කිහිපදෙනෙකුගෙන් අහලා තමයි මේ වැඩේට අවසරය දීලා තිබෙන්නේ.”ඔහු චෝදනා කළේය. “මේ සිමෙන්ති ෆැක්ටරිය හදන්න සුදානම් වෙන සමාගම දන්නවා අපේ ගම්මාන යටින් තිබෙන හුණුගල් නිධියේ වටිනාකම.ඒ හින්දා එයාල මොන සෙල්ලමක් දාලා හරි ගම්මානයේ ජනතාවගේ ඉඩම් අරගන්න කටයුතු කරනවා.” බාස්කරන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ “මේ වැඩේ මුලික කටයුතු දැන් අවුරුදු ගාණක ඉදලා කරගෙන ගිහිල්ලා තිබ්බත් ගමේ අය ඒක දැනගන්නකොට මුලික වැඩකටයුතු සියල්ල ඉහළ තැන්වලින් කරගෙන අවසන්.ඒත් අපි සියළුදෙනාම ගමේ හුණුගල් කඩන වැඩේ කරන්න දෙන්නේ නෑ.මැරිලා හරි අපි අපේ ගම්මාන රැක ගන්නවා.” “ඔය හුණුගල් කැණීමේ ව්‍යාපෘතිය හරහා ගම්වාසීන්ට සිදුවන බලපෑම දීර්ඝ කාලීන බලපෑමක්.ගම්වාසීන් මේ ප්‍රශ්නය ගැන සඳහන් කරලා විරෝධතා පැවැත්වුවා,මීට විරුද්ධව ගම්වාසීන් විසින් වගකිව යුතු රාජ්‍ය ආයතන වෙත පෙත්සම් ලබාදුන්නා.” ඔහු පැවසීය. “කන්කසන්තුරය,පුත්තලම වාගේ පැතිවලත් ඔය වාගේ හුණුගල් කඩන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා.එවායින් ජනතාව පීඩාවට පත්වෙනවා මිසක් ජනතාවට සහනයක් ලැබිලා නෑ”යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. වගකිවයුතු රාජ්‍ය ආයතන මොකද කියන්නේ ? පොන්නාලෙයි ප්‍රදේශයේ ඉඩම් හුණුගල් කැණීමක් වෙනුවෙන් ලබාදී ඇත්දැයි පුනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසීමේදී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් පැවසූවේ මේ දක්වා පොන්නාලෙයි ප්‍රදේශයේ කිසිදු ඉඩමක් හුණුගල් කැණීම වෙනුවෙන් ලබාදී නොමැති බවය. හුණුගල් සම්බන්ධ පරීක්ෂණයක් අදාළ සීමාවේ සිදුකොට ඇති අතර, ඉඩම් නිදහස් කිරීම හෝ හුණුගල් කැණීම සම්බන්ධයෙන් කිසිදු අවසරයක් ලබාදි නොමැති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේය. පුනරීන් ප්‍රාදේශීය සභාව පැවසූවේ පොන්නාලෙයි ප්‍රදේශයේ භූගත කැණීමක් සම්බන්ධයෙන් ගම්වාසීන් චෝදනා කර ඇති අතර, අදාළ ආයතනයට පොන්නාලෙයි ප්‍රදේශයේ භූගත කැණීම් නොකරන ලෙසට ලිඛිතව දැනුම් දී ඇති බවයි. හුණුගල් කැණීම් සම්බන්ධයෙන් විද්වත් මතය කුමක් ද? උතුරු පළාතේ හුණුගල් නිධිය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.එම්.ටී.ජී.ඒ.පිටවලගෙන් අදාළ ප්‍රදේශයේ පවතින හුණුගල් සම්බන්ධයෙන් අපි කරුණු විමසීමු. “උතුරු පළාතේ වෙරළ සීමාවේ හුණුගල් නිධිය විශාල ප්‍රදේශයක පැතිරිලා තිබෙනවා.වෙරළ සීමාවේ ඇතැම් ස්ථානවල අඩි දෙක තුනක ගැඹුරේ සිට හුණුගල් ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා.” “පුනරීන්, පොන්නාවේලි කියන ප්‍රදේශවලත් හුණුගල් නිධියේ පිහිටීමත් එලෙසමයි.ඔය කියන ප්‍රදේශයන්හි වතුර මට්ටම භූගත මට්ටමේ සිට අඩි දෙක තුනකින් තමයි තිබෙන්නේ.සාමාන්‍යයෙන් ලවණ සහිත වතුරක් තමයි පුනරීන් ප්‍රදේශයේ තිබෙන්නේ.” “හුණුගල් කැඩීමට භූමිය හෑරීම තුළින් ලවණ ජලය ගොඩබිමට ගලාඒමේ අවධානමක් තිබෙනවා. ඔය කියන ව්‍යාපෘතිය වෙනුවෙන් පරිසර වාර්තාවක් ලබාගෙන තිබිය යුතුයි.එහිදි සියළු වාර්තාවන්ට අනුමැතිය ලබාගත යුතු වෙනවා.පරිසරයට කිසිදු හානියක් නොවන අයුරින් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි.” මහාචාර්යවරයා පැවසීය. “පුනරීන් ආශ්‍රිත ප්‍රදේශවල අධි සංවේදි පරිසර භූමියක් තිබෙන්නේ.එවැනි භූමියක පරිසර හානියක් සිදුවුවහොත් නැවත ප්‍රතිනිර්මාණය කිරීම ඉතා අපහසු විය හැකියි” “කෙසේ නමුත් රට සංවර්ධනයට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතුයි නම් පරිසරයට දිගු කාලීනව හා කෙටි කාලීනව කිසිදු අයුරකින් හානියක් නොවන අයුරින් ක්‍රියාත්මක කළ යුතුයි.” යනුවෙන් ඔහු අවධාරණය කළේය. හුණුගල් කැණීමේ ව්‍යාපෘතිය භාර ආයතනයේ ප්‍රතිචාරය හුණුගල් කැණීමේ ව්‍යාපෘතිය භාර ආයතනයෙන් කරුණු විමසීමේදී අදාළ ව්‍යාපෘතියේ සේවයේ නිරත නම හෙළි නොකරන ලෙස සඳහන් කළ නිලධාරියෙකු අප වෙත පැවසුවේ ,“අපි දැනට පොන්නාවේලි කියන ගම්මානයේ හුණුගල් කැණීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අවසර ඉල්ලලා තිබෙනවා. ඒ වැඩසටහනෙන් ගම්මානය දියුණු වෙනවා මිසක් ගම්මානයේ ජනතාවට පීඩාවක් ඇතිවෙන්නේ නෑ.අපේ ව්‍යාපෘතිය හරහා අවට ගම්මානවල ජනතාවට රැකී රක්ෂා විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්.නියමිත පාරිසරික වාර්තා හා පාරිසරික ආරක්ෂණ ක්‍රම අනුගමනය කරලා,පරිසරයට හානියක් නොවන විදියට,සියළු රාජ්‍ය ආයතන අවසරය මත තමයි අපි අපේ ව්‍යාපෘතිය සිදු කරන්න බලාපොරොත්තුව.” ",
"Title": "පොන්නාවේලි හුණුගල් කැණීම්: සිමෙන්ති කර්මාන්ත ශාලාවකට ඉඩම් ලබා දීමට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවක"
} |
{
"Text": " තරංගනී රෙසිකා ප්‍රනාන්දු නවකතාකාරියක ලෙස අවදානයට පාත්‍ර වන්නේ 'දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය' නවකතාව සමගින් ය. ‘ජේරුසලම් දූවරුණි’ යනු ඇගේ දෙවන නවකතාව යි. සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වය, දේවධර්මය සහ ලෞකිකත්වය අතර දෝලනය වන නව සෞන්දර්යයක් නවකතාවට හඳුන්වා දෙන ඇය සමකාලීන සිංහල සාහිත්‍යය තුළ සිටින සුවිශේෂී ලේඛිකාවක් ලෙස සැලකිය හැකිය. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියටය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මේ සංවාදය ආරම්භ කිරීමට මම ඔබගෙන් අහන්න කැමැතියි ඔබේ නවකතා වල සමාරම්භක මොහොතට ඔබ මුහුණ දුනුනු ආකාරය ගැන. තරංගනී: දැන් මගේ පළමු නවකතාව ගත්තොත් මේක කාලයක් තිස්සේ මගෙ හිතේ වැඩකරපු එකක්. යුද්ධයේ අවසාන කාලය තුළ අපි දැක්ක මොන තරම් වේගයෙන් මිනිස්සුන්ව දේශද්‍රෝහීන් සහ දේශප්‍රේමීන් හැටියට නම් කෙරුණ ද කියන එක. අපි අතරම හිටිය සමහර අය මේ විදිහට දේශද්‍රෝහීන් හැටියට නම් කෙරුණා විතරක් නෙමෙයි සමහර අය අතුරුදන් වුණා, ඝාතනය කෙරුණා. සමහරුන්ට රට අතහැර යන්න සිද්ධ වුණා. සමහරු හැමදේම අතහැරල සමාජයෙන් කොන් වෙන තැනට පත් වුණා. හැබැයි මම දැක්ක විදිහට මේ දේශද්‍රෝහීන් විදිහට නම් කෙරුණේ රටට, මනුෂ්‍යත්වයට ගොඩක් ආදරය කරන මිනිස්සු. මේක තමයි මූලික වශයෙන් මේ නවකතාව සම්බන්ධයෙන් මට තිබුණු රාමුව. නමුත් ඉන්පසුව 'විමුක්ති දේවධර්මය' පිළිබඳ අදහස් වලින් මේක යම්තාක් දුරකට හැඩ ගැහුණා. දැන් උදාහරණකට ගත්තොත් මේ නවකතාවට සිස්ටර් කෙනෙක් එකතු වෙන්න බලපාන්නෙ මේ කාලේ මට සිස්ටර්ස්ලගෙ ඥාණ කාන්තියකට සම්බන්ධ වෙන්න අවස්ථාවක ලැබීම. මේක සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට ලැබෙන අවස්ථාවක් නෙමෙයි. එතෙන්දි මං ඒ අයත් එක්ක ගත කරපු කාලය, අපි කරපු අධ්‍යයනයන්, එකට බලපු චිත්‍රපට, අපට ලැබෙන බයිබල් පාඨ එක්ක කරපු කතා බහ මේ දේවල් මේ නවකතාවෙ තවත් තලයක් ගොඩනඟන්න බලපානවා. කොහොමටත් මගෙ පවුල ගත්තොත් තද කතෝලික පසුබිමකින් එන එකක්. හැබැයි මම මගෙ පවුලෙ අය වගේ වතාවත් කරමින් ආගම අදහන කෙනෙක් නෙමෙයි. නියමිත ආකාරයට පල්ලියට ගිහින් යාඥා කරන එක මගෙ අතින් තවදුරටත් සිද්ධ වෙන්නෙ නැහැ. මං හිතන්නෙ මගෙ එක්තරා හැරවීමක් සිද්ධ වෙන තැනක් හැටියට මට සලකන්න පුලුවන් කිතුසර කණ්ඩායමත් එක්ක වැඩ කරන්න පටන් ගැනීම. කිතුසර සංවිධානය කියන්නෙ 88/89 කාලෙ විවිධ අභියෝගයන්ට මුහුණ දීල ජීවිතය ගලවගත්ත තරුණ පිරිසක්, දැන් අපි ඉදිරියට ජීවත් වෙන්නනේ කොහොමද, මොකද්ද කරන්නෙ කියන එක වටා කරන සංවාදයක් එක්ක තමයි මේක බිහිවෙන්නේ. පසුකාලීනව උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් වුණත් ඔවුන් ඉතා ප්‍රගතිශීලී ස්ථාවරයක් දැරුවා. මේක ලංකාවෙ කතෝලික සභාව ඇතුලෙ තියෙන විකල්ප සංවිධානයක්. කතෝලික විමුක්ති දේවධර්මයට මගේ නැඹුරුතාව ඇතිවෙන්නෙ මේ සම්බන්ධයත් එක්ක. විමුක්ති දේවධර්මය කියන්නෙ කතෝලික ආගම පීඩිතයාගේ විමුක්තිය අරමුණු කරගත් ආගමක් කියන එක මත පදනම් වුණු අදහස් පද්ධතියක්. මේක විසිනුත් මගේ සාහිත්‍ය භාවිතය ඉතාම බරපතල විදිහට සකස් කරනවා කියන එක කියන්න ඕන දෙයක්. මොකද මේ කාලෙ අපි අතර කතාබහක් ඇති වෙනවා ලංකාවෙ කතෝලික සාහිත්‍යයක් තිබුනට ලංකාවෙ කතෝලික ලේඛක හවුලක් තිබුණට විමුක්ති දේවධර්මය පිලිබඳ සාහිත්‍යයක් නැහැ කියන එක. මං හිතන්නෙ මම නවකතාකරණයට එලඹෙන කොට මෙන්න මේ අඩුව පිලිබඳ අදහසත් මට බලපෑවා. කෞශල්‍ය: මම තරමක අතුරු ප්‍රශ්නයක් ඔබෙන් අහන්න කැමැතියි. ක්‍රිස්තියානි ආභාෂය සහිතව නවකතා ලිවීම ඇතුළේ මේ නවකතා කිසියම් සීමා වීමකට ලක් වෙනවා කියල ඔබට හිතෙන්නෙ නැද්ද? තරංගනී: මං හිතන්නෙ අපි උනන්දු වෙන්න ඕන මේ නවකතා වල තියන විශ්වීයත්වය දිහා බලන්න. අපි මේවා කතෝලික නවකතා කියල නම් කළොත් එතනදි තමයි ගැටලුව ඇති වෙන්නෙ. මට ගොඩක් පාඨකයෝ මුණ ගැහිලා තියනවා ක්‍රිස්තියානි නොවන අය ඔවුන් මේ නවකතා වල තියන ඒ විශ්වීය ගුණය එක්ක සම්බන්ධ වුණු. අනිත් අතට ඔබට ඔය ප්‍රශ්නය එන තැන ගැනත් අපි ටිකක් කල්පනා කළ යුතුයි. දැන් මාර්ටින් වික්‍රමසිංහ 'බව තරණය' ලිව්වම; එහෙමත් නැත්තං සුනේත්‍රා රාජකරුණානායක හෝ ජයසේන ජයකොඩි වැනි කෙනෙක් බෞද්ධ සාහිත්‍ය ඇසුරෙන් නවකතා ලිව්වම ලංකාව තුළ කවුරුවත් මේ ප්‍රශ්නය අහන්නේ නැහැ. නමුත් ක්‍රිස්තියානි දේවධාර්මික ආභාෂය සහිතව ලියන කොට ඒ ප්‍රශ්නය ඇහෙනවා. ඒක වෙලා තියෙන්නෙ නූතන සිංහල සාහිත්‍ය තුළ බෞද්ධ ආගම සහ සංස්කෘතිය ස්වභාවික වෙලා තියනවා. නමුත් අනෙකුත් ආගම් සහ සංස්කෘතීන් සම්බන්ධයෙන් තත්ත්වය වෙනස්. කෞශල්‍ය: ඇත්තටම මේක ඉතාම වැදගත් අදහසක්. මෙතෙන්දි සිහි කරන්න ඕන තව දෙයක් තමයි අපිට දැන් අමතක වෙලා තියනවා ලංකාවේ නූතන සාහිත්‍යය බිහිවෙන්න ක්‍රිස්තියානි භාවිතයන් දක්වපු දායකත්වයේ වැදගත්කම කියන එකත්. දැන් නැවතත් අපි අපේ මූලික සාකච්ඡාවට අවොත්, එතකොට ඔබ මේ නවකතාවේ පළමු වාක්‍යය ලියන්න ප්‍රවේශ වෙන මොහොත වෙනකොට ලියන්න යන නවකතාව ගැන සැලකිය යුතු තරම් දැනුවත් වෙලා ඉන්න බවක් තමයි පේන්නෙ ඔබේ කතාවෙන්. තරංගනී: ඔව්. ඇත්තටම ලියන්න පරිගණකය ඉදිරියේ වාඩි වෙන කොට මගෙ හිත ඇතුළේ මේ නවකතාව සම්පූර්ණයෙන්ම වගේ ගොඩනැගිල තමයි තියෙන්නේ. මේක හිතේ වැඩෙමින් තියන කාලය ඇතුළේ මං ගාව තියනවා පරණ ඩයරි කීපයක් මං නොට් බුක්ස් හැටියට පාවිච්චි කරන. මට වැදගත් වෙයි කියල හිතන හැම දෙයක්ම වගේ මං සටහන් කරනවා. විශේෂයෙන්ම සිදුවීම් වලට අදාළ අවශේෂ කරුණු. අදාළ කාලයේ සිද්ධ වෙච්ච වැදගත් සමාජ දේශපාලන සිදුවීම්, සමහර පාරිසරික කරුණු වගේ දේවල්. උදාහරණයක් හැටියට මගේ පළමු නවකතාව ලියද්දි ඒකෙ ප්‍රධාන චරිත දෙක වන ආදිත්‍ය සහ සෙව්වන්දිගේ උපන් දින වල සිට ඒ කතාව දිගහැරෙන කාලය දක්වා සිද්ධ වුණු වැදගත් සමාජ දේශපාලන සිදුවීම් සටහන් කරපු චාට් එකකුත් තිබුණා. දැන් මගේ 'ජේරුසලම් දූවරුණි' නවකතාව ලියන්න සැලසුම් කරමින් ඉන්න කාලෙ ගත්තොත් මම ඒ දවස් වල ඊශ්‍රායලයේ හිටිය මගෙ මිතුරෙකුට කියල එහෙ සමහර තැන් වීඩියෝ කරල පවා ගෙන්න ගත්ත. මේකෙන් අදහස් වෙන්නෙ නැහැ. ඒ දේවල් ඒ ආකාරයෙන්ම නවකතාව තුළ ප්‍රකාශමාන වෙනවා කියල. නමුත් සැලසුම් කරන කාලය තුළ පරිකල්පනීය ගොඩනැංවීමට මේ දේවල් අතිශය වැදගත් වෙනවා. හැබැයි මම මේ දේවල් සටහන් කලාට චරිත ගොඩනැංවීම සහ සිදුවීම් පෙළ ගැහෙන ආකාරය ගැන සැලසුම් කරන්නේ නැහැ. ඇත්තෙන්ම කිව්වොත් මගෙ පළමු නවකතාවෙදි මම එහෙම කළා. නමුත් ලියන ක්‍රියාවලිය ඇතුළේ මේ දේවල් සැලකිය යුතු තරම් වෙනස් වෙනවා. අපි මොනතරම් කලින් සැලසුම් කලත් ලිවීම ඇතුළේ අපි අපේක්ෂා නොකරන දේවල් හැමවිටම සිද්ධ වෙනවා. මගෙ දෙවන නවකතාව සැලසුම් වෙලා තිබුණේ නවකතා දෙකක් හැටියට. නමුත් අවසානයේ මේ කතා දෙක එකක් වෙලා තනි නවකතාවක් වුණා. මං හිතන්නෙ ලිවීම කියන ක්‍රියාවලිය ඇතුළේ තියන අසිරිමත් කමත් ඒකයි. දැන් පළමු වාක්‍යය ගැන කිව්වොත් ඇත්තටම මම පළමු වාක්‍යය ලෙස ලිවීමේ ක්‍රියාවලිය ආරම්භ කරපු ඒ කොටස් තියෙන්නේ නවකතා වල වෙනත් තැන් වල. එහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ. කෞශල්‍ය: ඔබ ලියන හැටි ගැන ටිකක් කතා කරමුද? තරංගනී: මම සාමාන්‍යයෙන් ලියන්නේ පරිගණකයෙන්. මම නේවාසිකව ඉන්න තැන තමයි බොහෝ විට ලියන්නේ. ලියන තැනට වඩා ඇත්තටම මට වැදගත් වෙන්නේ නිදහස් කාලයක් තියන එක. ලියන්න පටන් ගත්තම එක දිගට දවස් දෙක තුනක්වත් වැඩ කරන්න පුලුවන් නම් ඒක මට ගොඩක් වැදගත්. නමුත් දිගටම එහෙම කරන්න ලැබෙන්නේ නැහැ. මේ අතර හිටිගමන් විදුලි කෙටුව වගේ එන අදහස් තියනවා ලිවීම පටන් ගත්තට පස්සේ. ඒවා සටහන් පොතක ලියල තියා ගන්නවා. මේ වගේ දේවල් නං සැලකිය යුතු තරම් එකතු වෙනවා. ඊට පස්සෙ සමහර දේවල් නවකතාවට එකතු වෙනවා. සමහර ඒවා එකතු වෙන්නේ නැහැ. මේ විදිහට අඛණ්ඩව ලිව්වෙ නැති වුනාට ලියන්න පටන් ගත්තට පස්සෙ නවකතාවත් එක්ක තමයි ජීවත් වෙන්නේ. මම මේ විදිහට ලියාගෙන ගිහින් පළමු පිටපත අවසන් කළාට පස්සෙ මං කැමතියි යම් කාලයක් ඒක පැත්තකින් තියල තියන්න. ඊට පස්සෙ නැවත ඒකට ප්‍රවේශ වුනහම ඒකෙ සීමාවන් පේන්න ගන්නවා. මගෙ පළමු නවකතාව ගත්තොත් ඒක ලියා අවසන් කරල වසර තුනකට විතර පස්සේ තමයි මම නැවත සංස්කරණය කරන්නේ. මේ විදිහට සංස්කරණය කළාට පස්සෙ මුද්‍රණයට යාමට පෙර නැවතත් සංස්කරණය කිරීමක් සිද්ධ වෙනවා. මම ගොඩක් උනන්දුයි වාක්‍ය වල රිද්මය, වචන යොදල තියන ආකාරය වගේ දේවල් ගැන. ඒ කියන්නෙ භාෂාවේ කාව්‍යමය බව. ඒකට එක හේතුවක් වෙන්න ඇත්තේ කවියට මගේ තියන සමීපත්වය. කෞශල්‍ය: නවකතාකාරියක් හැටියට ඔබට ඔබේ පැවැත්ම ගැන දැනෙන්නේ කොහොමද? තරංගනී: දැන් ලංකාවේ වෘත්තීය ලේඛකයෝ ඉන්නවා, වෘත්තීය නොවුණත් ඉතා විශාල කාලයක් ලිවීම වෙනුවෙන් කැප කරන ලේඛකයෝ ඉන්නවා, මේ අය අතර මට දැනෙන්නෙ මං කම්මැලි ලියන්නියක් හැටියට. මට තවමත් ලිවීමට ඒ තරම් විශාල කාලයක් දෙන්න ලැබිල නැහැ. නමුත් මගේ ජීවිතය ඉදිරියට ගෙනියන අදිසි හස්තය හැටියට මට දැනෙන්නේ ලිවීම. අනෙකුත් බොහෝ දේවල් අතරේ මට හුස්ම දෙන්නෙ, මාව ඉස්සරහට තල්ලු කරන්නෙ, මට ගමනක් තියනවා කියල මතක් කරන්නේ ලිවීම කියල තමයි මට හිතෙන්නේ . එහෙම බැලුවම එක තලයකදි මගේ පැවැත්ම රඳා පවතින්නෙ ලිවීම මත තමයි. තරංගනී රෙසිකා ප්‍රනාන්දු නවකතාකාරිය ගේ ලිවීමේ භාවිතයන් තුළ ඇති සුවිශේෂත්වය හා ඈ ලිවීම ආත්මීය කර ගන්නා ආකාරය අපට ඇගේ නවකතා කියවීමේ දී ඒවා වින්දනය කිරීමට අලුත් ආලෝකයක් සපයනු ඇත. එසේම ලිවීමට උනන්දුවන්නන්ට තමන් දෙස නැවත හැරී බැලීමට එය ඉවහල් වනු ඇත. ලබන සතියේ අප හා එක් වන්නේ සිංහල සාහිත්‍යයේ මගහැර යා නොහැකි සාහිත්‍යකරුවෙකු වන නිංශ්ශංක විජේමාන්න යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. ",
"Title": "'මම ලියන හැටි' : තරංගනී රෙසිකා ප්‍රනාන්දු"
} |
{
"Text": " යුක්තිය මෙහෙයුම යටතේ රාජකාරියේ නිරතව සිටි නාරම්මල පොලිසියේ නිලධාරියෙකු විසින් ලොරි රථ රියදුරකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය. ඒ අනුව මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ නාරම්මල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන සහ පොලිස් සැරයන් චමුදිත බණ්ඩාර කුලසේකර යන අයට මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේය. එහෙත් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පෙත්සම් විභාගයක් නොපැවැත්වීමට තීන්දු කළ විනිසුරු මඩුල්ල ඔවුන් වෙත නොතිසි නිකුත් නොකිරීමට ද නියෝග කරනු ලැබීය. මෙම සිද්ධියෙන් මියගිය රොෂාන් කුමාරසිරි නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වූ කමණී රූපිකා ප්‍රියංගනී විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කෙරිණි. පෙත්සම ඉදිරිපත් කර තිබූ මිය ගිය තැනැත්තාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් \" ස්වාමීනී... යුක්තිය මෙහෙයුමේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම අපරාධය සිදුකර ඇති බව මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා. මෙම නිලධාරින් සිවිල් ඇඳුමින් සැරසිලා තමයි රාජකාරිය කළේ. සිවිල් ඇඳුමින් සැරසී සිටි මෙම පිරිස් වලට නිල ආයුධ රැගෙන යාමට අවසර දුන්නේ කවුද? මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මෙම සිද්ධියට නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙන්ම පොලිස්පතිවරයා ද වගකිවයුතුයි. ඔවුන් සාමූහික ලෙස වගකීමට බැඳී සිටිනවා.\"යනුවෙන් ප්‍රකාශ කළේය. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණයට කරුණු දක්වමින් \"ස්වාමීනී... මෙම නඩුවේ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා පෙනී සිටින්නේ නැහැ. අප පෙනී සිටින්නේ නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස්පතිවරයාට පමණයි. නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා හා පොලිස්පතිවරයා මෙම සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වන්නේ නැහැ. මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව මේ වන විට ලඝු නොවන නඩු විභාගයක් ආරම්භ කර තිබෙනවා. අපක්ෂපාතී ආකාරයෙන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු චෝදනාවක් එල්ල වී නැහැ. එම නිසා නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයාට හා පොලිස්පතිවරයාට නඩු විභාගයක් පැවැත්වීම සඳහා නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් මා විරුද්ධ වෙනවා.\"යනුවෙන් සඳහන් කළේය. ඒ අනුව දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව ඉහත නියෝග නිකුත් කරනු ලැබීය. පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන් තිදරු මවක් බවය. ඇය පෙත්සමේ දක්වා ඇත්තේ, ඉකුත් ජනවාරි මස තම සැමියා ලොරියක යමින් සිටියදී \"යුක්තිය\" මෙහෙයුමේ නිරතව සිටි නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තම සැමියා මරණයට පත් වූ බවයි. මීට අදාළව සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තම සැමියා වෙඩි පහරකින් මියගිය බව අනාවරණය වූ බවත් එහි සඳහන්ය. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් එල්ලකළ වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ. ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත්, වාහන පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා යළි රිමාන්ඩ් වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ නඩුව පෙබරවාරි 16 වැනිදා නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අතර සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කෙරුණි. මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ලාල් කුමාරපේළි, නීතිඥ එස්. කොටගොඩහෙට්ටි, ලක්දිනු දීරසේකර, නිවිණි පතිරාජ ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ. විත්ති පාර්ශවය වෙනුවෙන් දහම් රාජපක්ෂ, සුසන්ති වීරසේකර, රජවි විජේරත්න යන නීතිඥවරු පෙනී සිටියහ. පෙරවරු 9.50ට පමණ අධිකරණ කටයුතු ආරම්භ කළ අතර පෙරවරු දහයට පමණ මෙම නඩුවේ මූලික සාක්ෂි විමසීම් ආරම්භ කළ අතර දහවල් දොළහ පමණ වන තෙක් සාක්ෂි ගොනු කිරීම සිදුවිය. මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කුලියාපිටිය අපරාධ විමර්ශන ඒකකය මගින් ක්‍රියාත්මක කරන අතර එම නිලධාරීන් විසින් පෙබරවාරි 16 වැනිදා දිනයේදී අධිකරණය වෙත නඩු භාණ්ඩ භාර දෙන ලදි. ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා භාවිතා කළ ගිනි අවිය, එහි පතුරන් කොපුව, මරණකරු ඇඳ සිටි ඇඳුම්, පොලිස් නිලධාරියා ඇඳ සිටි ඇඳුම්, ගිනි අවිය බහාලන ඇසුරුම ආදී භාණ්ඩ අද දින නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. මෙහිදී අධිකරණය වෙත ඉදිරිපත් කළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට කටයුතු කරන බව කුලියාපිටිය අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේය. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විමසා සිටියේ යතුරුපැදියේ ගමන් ගත් අනිත් පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගැනීමක් නොකරන්නේ ඇයිද යන්න පිළිබඳවය. මේ අතර මරණකරුගේ ලොරි රථයේ තිබූ, වඩු මැෂිම සහ වඩු වැඩ සදහා භාවිතා කරන උපකරණ, ජංගම දුරකථනය, බැඳුම්කර රහිතව මරණකරුගේ බිරිඳ වෙත ලබාදීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය. වීඩියෝ දර්ශන මුලින්ම සමාජ මාධ්‍ය වෙත මුදා හැරී පුද්ගලයා ගැන සෙව්වේ කවුද? නාරම්මල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් කළ වෙඩි තැබීමෙන් මියගිය වඩු කාර්මික ශිල්පියා මරණයට පත් වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන පළමු වරට සමාජ මාධ්‍ය වෙත මුදා හැරී පුද්ගලයා පිළිබඳ කිසියම් පුද්ගලයෙකු විසින් සොයා බලා ඇතැයි, නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයේදී (පෙබරවාරි 2 වැනිදා) අනාවරණය විය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු යම් සංවිධානයකින් යැයි පවසා වඩු කාර්මික ශිල්පියා ඝාතනය වූ ස්ථානයේ පිහිටි එළවළු වෙළඳ සැලෙහි සේවකයින්හට (පෙබරවාරි 01 වැනිදා) පවසා ඇත්තේ මෙම සිද්ධියෙහි වීඩියෝ දර්ශන මුලින්ම සමාජ මාධ්‍ය වෙත මුදා හැරී පුද්ගලයා පිළිබඳ හෙළි කරන්නේ නම් මුදල් ත්‍යාගයක් දෙන බවය. මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද දෙවැනි දිනටත් නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සාක්ෂි දෙමින් එළවළු වෙළෙඳසැලේ සේවකයින් අධිකරණය හමුවේ මේ බව කියා සිටියේය. ඔහු නැවත පැමිණෙන බව ප්‍රකාශ කර පිටව ගිය බව ද සාක්ෂි කරුවෙකු සඳහන් කළේය. ඒ අනුව මේ පිළිබඳ විමර්ශනයක් කරන බව පොලිසිය විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබීය. පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු යෙදූ එකක් බව හෙළිවෙයි පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු සවි කරගෙන භාවිතා කළ එකක් බව වෙනම බී වාර්ථාවක් මගින් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය (පෙබරවාරි 02වැනිදා) අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය. එම යතුරු පැදිය 2007.07.20 දින පෞද්ගලික වෙළදසැලකින් මිල දී ගෙන ඇති බවත් එය මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි කර හෝ ආදයම් බලපත්‍ර, දුම් සහතික හෝ රක්ෂණය කර නොමැති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය. එම වරද සම්බන්ධයෙන් අධිකරණය සැකකාර පොලිස් නිලධාරියාට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක්ද නියම කරනු ලැබීය. කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියා සිටියේ මෙම යතුරු පැදිය වෙනත් සාපරාදී ක්‍රියාවකට යොදා ගෙන තිබේදැයි යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බවය. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් සිද්ධියට අදාළ නඩුව (පෙබරවාරි 02වැනිදා) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිව්වැනි දිනට කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පෙබරවාරි 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර පොලිස් නිලධාරියා නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට (පෙබරවාරි 02වැනිදා) ඉදිරිපත් කරනු ලැබීය. සාක්ෂි විමසීම පෙරවරු 10ට පමණ ආරම්භ වූ අතර අධිකරණ කටයුතු ආරම්භ වී පස්වරු 12.30 පමණ වනතුරු පළමු නඩුව ලෙස මෙය විභාගයට ගැනිණි. එහිදී වින්දිත පාර්ශවය නියෝජනය කරමින් තිදෙනක් සාක්ෂි ලබා දුන්හ. සාක්ෂි ලබා දුන්නේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ එළවළු වෙළෙඳසැලේ හිමිකරු සහ සේවකයින් දෙදෙනෙකි. යතුරු පැදියේ පැමිණි අනෙක් පොලිස් නිලධාරියාගේ විදෙස් ගමන් තහනම් වින්දිත පාර්ශවය වෙනුවෙන් එස්. කොටගොඩහෙට්ටි , ජයතිලක තෙන්නකොන් ඇතුළු නීතිඥවරුන් තිදෙනෙක් අද දින අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම නීතිඥවරුන් විමසා සිටියේ, යතුරු පැදියේ පසු පස ගමන් ගත් දෙවැනි පොලිස් නිලධාරියා සැකකරුවෙකු වශයෙන් තවමත් අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්ද යන්න පිළිබඳවය. ඔහුත් මෙම මරණයට සම්බන්ධ වූ පුද්ගලයෙකු නිසා ඔහුද සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව නීතිඥවරුන් අවධාරණය කළේය. සාක්ෂි වලින් හෙළි වූ කරුණූ අනුව මරණයට පත්වූ පුද්ගලයාට මුලින්ම අසභ්‍ය වචනයෙන් බැන වැදි කමිස කොලරයෙන් අල්ලා අත්තේ මෙම දෙවැනි පොලිස් නිලධාරියා ය. එහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ඔහු පිළිබඳ වෙනම විමර්ශනයක් සිදුවන බවත් දැනට ඔහුව අත්තඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තරම් සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවත් ය. වැඩිදුර විමර්ශනය කර මීට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් අත්ඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරිය පොලිසියට දැනුම් දුන්නාය. දෙවැනි පොලිස් නිලධරියාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීම අනුව ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළේය. නඩුව ලබන 16 වැනිදා දක්වා කල් තැබූ නාරම්මල මහේස්ත්‍රාත්වරිය සැකකරු එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. මෙය 'වෙඩි වැදීමකින් සිදුවු මරණයක් බවට' මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් කරමින් අධිකරණය නිගමනය කළ බව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. කොටගොඩහෙට්ටි බීබීසී සිංහල වෙත පැවසීය.",
"Title": "නාරම්මල පොලිස් වෙඩි තැබීම: පොලිස් නිලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර"
} |
{
"Text": " දරුවෙකු බිහි කිරීමට කුසතුළ දරාගෙන සිටින ගැබිනි මවුවරුන්ට හොඳ ශාරීරික සෞඛ්‍යක් සේම මානසික සෞඛ්‍ය ද යහපත් මට්ටමකින් පවත්වාගෙන අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව විශේෂඥ මතයයි. බොහෝ රටවල්වල කාන්තාවක් ගැබ්ගත් පසුව ඇගේ පවුලේ සාමාජිකයන් ඇය කෙරෙහි විශේෂ සැලකිල්ලකින් කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජය තුළ තවමත් එවැනි අක්මුල් දැකගත හැකි අතර, සාමාන්‍යයෙන් ශෝකජනක හෝ කෝපයට පත්වන පුවතක්වත් ගැබිනි මවකට නොකීමට ඔවුහු වග බලා ගත්තේ ඇගේ මානසික යහපැවැත්ම උදෙසායි. නමුත් වර්තමානය වන විට බොහෝ දෙනෙකු ජීවත්වන කාර්‍යබහුල සමාජය හා විවිධ ආර්ථික හා සමාජීය හේතු නිසා ගැබිනි මවුවරුන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් බොහෝවිට අවධානයක් යොමු නොවන මට්ටමට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව මෙම තත්ත්වය ඇති වීමට අදාළ බොහෝ හේතු සාධක තිබේ. 'නූපන් දරුවන්ට සංගීතය' - 'Music for the unborn' මෙලෙස නාගරික සමාජය තුළ ජීවත්වන ගැබිනි මවුවරුන් සංගීතයෙන් සනසාලීම අරමුණු කරගත් වැඩසටහනක Nonames Collective සංගීත කණ්ඩායම හා කලා එකතුව නියැළී සිටියි. එහි ආරම්භකයා වන සංජීව සෙනවිරත්න බීබීසී සිංහල සමඟ සිය වැඩසටහන සමබ්න්ධයෙන් අදහස් පළ කළේ ය. \"අපි එකතුවක් විදිහට Nonames collective එක හදගන්නකොට අපි කල්පනා කළා අපට කලාවෙන් මොකක්ද සමාජයේ කරන්න පුලුවන් වෙනස කියලා. එතැනදී අපට අවශ්‍ය වුණා ගොඩක් කතා කරනවා වෙනුවට ගොඩක් වැඩ කරන්න. මමත් බිරිඳත් ජීවත් වෙන්නේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව. ඉතින් බිරිඳ ගර්භනී කාලයේ දී මම එයාට ඇහෙන්න සංගීහ භාණ්ඩ වාදනය කළා, සින්දු කිව්වා. මේ දේවල් එයාට වගේම දරුවටත් හොඳ බව දැනුණා,\" ඔහු විස්තර කළේ ය. ඔහු ඇතුළු කණ්ඩායමට 'Music for the Unborn' සඳහා මුල් අදහස පැමිණ ඇත්තේ ඒ ආකාරයෙන් ය. \"අපි කටින් කතා කරන දේවල්වලට වැඩිය දෙයක් සංගීතය ඇසුරින් කරන්න පුළුවන්. Nonames සංගීත කණ්ඩායම පටන් ගත්ත කාලයේ පටන් අපි විවිධ අත් හදා බැලීම් කළා. සිංදු කිව්වා. කවි කිව්වා. සමාජ මාධ්‍යයේ ගොඩක් ජනප්‍රිය වුණ 'මල්ලිකා මිස්ට මාව මතකද?' කවිය නාට්‍යානුසාරීව ඉදිරිපත් කිරීමත් එහි එක ප්‍රයත්නයක්,\" සංජීව විස්තර කළේ ය. 'ශ්‍රී ලංකාවේ parenting සම්බන්ධ ලොකු ගැටළුවක් තියෙනවා' සංජීව පෙන්වා දෙන්නේ නාගරික සමාජය තුළ බොහෝවිට හදිසි ගැබ්ගැනීම් වැනි සිදුවීම් නිසා සැලසුම් සහගතව දෙමවුපියන් වීමේ අදහසක්වත් ඇතැමුන්ට නොතිබෙන බවයි. \"ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජය එක සංසන්දය කරනවිට නාගරික සමාජය තුළ බොහෝ අය දරුවෙක් හදන්න සැලසුමක්වත් නැතිවෙලාවල් වල දරුවො ලැබෙන්න එනවා. නාගරික මහල් නිවාස, වතු ආශ්‍රිතව ජීවත් වෙන සමහර අය වයස අවුරුදු 17න් 18න් දෙමවුපියන් වෙනවා. සමහර අය දෙමවුපියෙක් වෙන්න හිතලවත් නැති අය. ඉතින් මේ නිසාම ලංකාවේ parenting කියන කාරණාවම ලොකු ගැටළුවක් වෙලා තියෙනවා,\" ඔහු පවසයි. මේ නිසාම දරුවන් ලැබීමෙන් පසු ඇතැම් පවුල් සංස්ථා තුළ ගැටළු ද පැන නැගින බව සංජීවගේ මතයයි. \"දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඒ අම්මාගේ මානසික යහපැවැත්ම හොඳින් තිබිය යුතුයි කියලා සැමියාට සහ පවුලේ අනෙක් අයට අදහසක් නෑ. දරුවා ලැබුණායින් පසුව 'පසු ප්‍රසව විශාදයට' කාන්තාවන් මුහුණ දෙනවා. ඒකට සැමියාගෙන් බොහෝ විට කාන්තාවට සහයෝගයක් ලැබෙන්නෙ නෑ. මොකද ඔහු දන්නෙ නෑ එහෙම දෙයක් තියෙනවා කියලාවත්.\" මෙවැනි ගැටළුකාරී තත්වයන් හමුවේ සිය ගර්භිණී කාලය ගෙවා දමන මවුවරුන් වෙනුවෙන් මෙම වැඩසටහන නිර්මාණය කළ බව සංජීව පවසයි. \"මේ ඔක්කොම කරදර මැද්දෙ උදේට චූන්පාන් සද්දෙට ඇහැරිලා දවසම විවිධ ශබ්ද ගොඩක් අහගෙන ඉඳලා රෑට කොත්තු ගහන සද්දෙ අහගෙන නින්දට යන්න තමයි නාගරික ගැබිනි මවුවරුන්ට සිදුවෙලා තියෙන්නෙ. ඒ අයව සංගීතයෙන් සුවපත් කරන්න තමයි අපේ වැඩසටහන නිර්මාණය කළේ.\" 'සායන වලින් හොඳ සහයෝගයක් ලැබුණා' ඔවුන් මේ වැඩසටහන පවත්වා ඇත්තේ මාසික ගැබිනි මවුවරුන්ගේ සායන ඉලක්ක කරගෙනයි. \"අපි මුලින්ම මේ සායන වලට ගිහින් ඒ ඉන්න නිලධාරීන් සමඟ අපේ අදහස් බෙදාගත්තා. ඒ අය ඉතාමත් සතුටු වුණා මෙවැනි වැඩසටහනක් පවත්වන්න. විශේෂයෙන් ම පවුල් සෞඛ්‍ය සේවිකාවන් මේ සඳහා ලොකු සහයෝගයක් ලබා දුන්නා.\" මේ වන විට මෙම Music for the Unborn වැඩසටහන් 17ක් පමණ කොළඹ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිත සායන වල පවත්වා තිබේ. මෙම වැඩසටහන හුදෙක් ගැබිනි මවට පමණක් සිදු කරන්නක් නොව ඇගේ සැමියා ද සම්බන්ධ කරගන්නකි. 'සජීවී සංගීත වාදයනක් අහලා නැති අය හිටියා' වැඩසටහන සිදුකෙරුණු ආකාරය සංජීව විසින් විස්තර කළේ ය. \"අපි අම්මාටත් තාත්තටත් දෙදෙනාටම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කළා. මුළු වැඩසටහනම පවත්වාගෙන ගියේ නාට්‍යක් විදිහට. ගැබිනි මවක් සහ පියෙක් ඔවුන්ගේ ගර්භිණී සමයේ විවිධ කාල ගත කරන විදිහ සහ ඔවුන්ට එන ප්‍රශ්න නාටකීය විදිහට නිරූපණය කරන අතරේ අපි සංගීතය වාදනය කළා.\" ඔහු පවසන්නේ ශබ්ද පරිපාලනය එහි දී තරමක් අභියෝගාත්මක වූ බවයි. \"ගැබිනි මාතාවන් ට සුදුසු හරිම සන්සුන් සංගීතය ගැන අපි අධ්‍යනය කරලා සංගීත ඛණ්ඩ හදාගත්තා. ඒ වගේම එක් එක් ප්‍රදේශවල සායනයේ ස්වභාවය අනුවත් අපි වෙනස්කම් සිදු කළා. ගැබිනි මාතාවන් නිසා අපිට ලොකුවට ශබ්ද පාවිච්චි කරන්න බෑ. ඒ නිසා අඩු ප්‍රමාණයක ශබ්ද සන්සුන් විදිහට ගලායන්න තමයි සංගීතය නිර්මාණය කළේ.\" සංජීව පැවසුවේ ඇතැම් අය ඒ දක්වා සජීවී සංගීත භාණ්ඩ වාදනයක් හෝ නොදැක තිබූ අය බවයි. \"සමහර අම්මලා තාත්තලා සජීවිව ගිටාරයක්, බටනළාවක් හෝ වයලීනයක් වාදනය කරනවා දැකලා තිබුණ අය නොවයි. ඉතින් ඒ අය ගොඩක් මේ වැඩසටහන රසවින්දා. ඒ අතරතුරේ දි අපට සමාජයට දෙන්න තියෙන පණිවුඩය අපි ඒ අයට දුන්නා.\" වැඩසටහනට සම්බන්ධ වූ බොහෝ දෙනෙකු ඔවුන්ට යහපත් ප්‍රතිචාර ලබා දී තිබේ. Nonames Collective Youtube නාලිකාවේ එක් වැඩසටහනක වීඩියෝවක් පළ කර ඇති අතර, එහි අදහස් දක්වන වැඩසටහනට සමබන්ධ වූ අය වැඩසටහනෙන් තමන් මෙතෙක් නොදැන සිටි බොහෝ දේ ගැන දැනුවත් වූ බව පවසති. 'අමාරුවෙන් වුණත් කරනවා' වර්තමානය වන විට වැඩසටහන පැවත්වීම දුෂ්කර වී ඇති බව සංජීව පවසයි. \"අපි කලින් අපේ යාලුවො එකතු කරගෙන, යාලුවන්ගේ සහ අපේ සල්ලි දාලා තමයි මේ වැඩේ කරගෙන ආවේ. නමුත් දැන් වෙනකොට සංගීත භාණ්ඩ ටික කුලියට ගන්න, ඒ ටික අදාළ තැන්වලට ගෙනියන්න සහ අවශ්‍ය ශබ්ද පරිපාලන උපකරණ ගන්නම විතරක් ලොකු මුදලක් වැය වෙනවා. ඒ නිසාම මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන එක දුෂ්කර කාර්‍යයක් වෙලා තියෙනවා.\" නමුත් ඔහු පවසන්නේ කලාවෙන් සමාජයට යහපත් දෙයක් ලබා දීම සිය කණ්ඩායමේ ඒකායන අරමුණ බවයි. \"මේ දිනවල අපි තරුණ අය වෙනුවෙන් Harmony Centre නමින් වැඩසටහන් කීපයක් කරගෙන යනවා. සින්දු කියන්න, නටන්න, නාට්‍ය බලන්න, උයන්න ඒ වගේ ගොඩක් දේවල් එතැනදි අපි කරනවා. නිවසේ හුදෙකලාව ඉන්න වැඩිහිටියන් සවසට එකතු කරගෙන ඔවුන් එක්ක සින්දු කියන සංගීත වැඩසටහනක් අපි මේ දිනවල සැලසුම් කරගෙන යනවා,\" සංජීව විස්තර කළේ ය. \"අපට කොච්චර අමාරු වුනත් අපට කලාවෙන් සමාජයට කරන්න පුළුවන් දේ කරනවා. එක එක අයට එක එක දේවල් තමන්ගේ බලය විදිහට පෙන්වන්න පුළුවන්. අපට තියෙන එක ම ආයුධය කලාව. ඉතින් අපි කලාව යොදාගෙන සමාජය වෙනුවෙන් වැඩ කරනවා,\" ඔහු අවසන් වශයෙන් පැවසුවේ ය.",
"Title": "ලංකාවේ නාගරික ගැබිනි මවුවරුන්ගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් 'නූපන් දරුවන්ට සංගීතය'"
} |
{
"Text": " සේනක බටගොඩ යනු ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයක ම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි සංගීත ශිල්පියෙකි. දැවැන්ත රසික ආකර්ෂණයක් හිමි කර ගත්, ඔහු ගැයූ ගීත 7ක් සම්බන්ධයෙන් අප්‍රේල් 03 වන දා වාරණ නියෝගයක් නිකුත් කෙරිණි. කොළඹ මහාධිකරණය විසින් එම වාරණ නියෝගය නිකුත් කළේ, 'අපි කවුරු ද', 'අපි සැනසිල්ලේ', 'රස්තා', 'අළු යට ගිනි', 'හීනවලට පණක් තිබෙනවා', 'හොඳ ම දේ' හා 'සැනසෙන්නම්' යන ගීත 7 සම්බන්ධයෙනි. කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම වාරණ නියෝගය නිකුත් කළේ, ජනත් කුලතිලක නමැත්තෙකු විසින් ගොනු කළ නඩුවක් විභාගයට ගනිමිනි. ජනත් කුලතිලක සංගීත නිර්මාණයට දායක වූ බව කියන ගීත 7ක් වෙනුවෙන් බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු කර්තෘ භාගය නොගෙවූ බවට වන චෝදනා යටතේ එම ගීත මින් ඉදිරියට ගායනා කිරීම වළක්වමින් ගායන ශිල්පී සේනක බටගොඩට එරෙහිව එම වාරණ නියෝගය නිකුත් කෙරිණි. එසේ ම, ජනත් කුලතිලක නමැති පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශවයක් වෙත පැවරීම වළක්වමින් ද වාණිජ මහාධිකරණය වාරණයක් නිකුත් කර තිබිණි. පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා තිබුණේ, අදාළ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපළ හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝණය කළ නොහැකි හිමිකමක් වන බවත් සේනක බටගොඩ විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපළ හිමිකම උල්ලංඝණය කරනු ලැබ ඇති බවත් ය. මෙම නඩුව 2024 අප්‍රේල් 16 වන දා යළි කැඳවීමට නියම කෙරිණි. 'ගීත නිර්මාණය කිරීමට බුද්ධිමය වශයෙන් දායක වුණා' - ජනත් කුලතිලක තමන් අදාළ ගීත නිර්මාණය කිරීම සඳහා බුද්ධිමය දායකත්වයක් ලබා දුන් බව සංගීත ශිල්පියෙකු වන ජනත් කුලතිලක පවසයි. ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වන හෙයින් වැඩි දුර අදහස් පළ කළ නොහැකි බව ය. සේනක බටගොඩගේ කළමනාකරු පළ කළ අදහස් මේ සම්බන්ධයෙන් සේනක බටගොඩගේ පාර්ශවයෙන් අදහස් විමසීමේදී ඔහුගේ කළමනාකරු බීබීසී සිංහල සේවයට පැවසුවේ, \"ජනත් කුලතිලක කළේ කී බෝර්ඩ් වාදනය කිරීම පමණක්\" බව ය. එහෙයින්, අදාළ ගීත වෙනුවෙන් කර්තෘ හිමිකම් ඉල්ලා සිටීම පිළිගත නොහැකි බව ඔහු ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, අදාළ ගීත සඳහා පැනවුණු වාරණ නියෝගය මෙතෙක් ලිඛිතව තමන්ට ලැබී නොමැති බවත්, එය අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය. ඒ අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශනවලදී අදාළ ගීත ගායනා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. අදාළ ගීත 7ට කුමක් වෙයි ද? ශ්‍රී ලංකාවේ වත්මන් බුද්ධිමය දේපළ පද්ධතිය පාලනය කරනු ලබන්නේ, විවිධ ආකාරයේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ ඒවායේ උපාර්ජනය, කළමනාකරණය සහ බලාත්මක කිරීම සඳහා විධිවිධාන සලස්වා ඇති 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මගිනි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බුද්ධිමය දේපළ පනතට 2021 සහ 2022 වසරවල සංශෝධන දෙකක් බලාත්මක කර තිබේ. ඒ අනුව, ගීතයක අයිතිය පද රචකයා, ගායකයා සහ සංගීත නිර්මාණ ශිල්පියා යන පාර්ශව තුනට ම හිමි වන බවත්, එම පාර්ශව තුනට ම සම සේ කර්තෘ භාගය බෙදිය යුතු බවත් නියෝග කර ඇතැයි ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක බීබීසී සිංහල සේවයට පැවසීය. ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය පවසන පරිදි, 'බුද්ධිමය දේපළ' සාම්ප්‍රදායිකව කොටස් දෙකකට බෙදේ. (1) නව නිපැයුම් සඳහා පේටන්ට් බලපත්‍ර, වෙළඳ ලකුණු සහ සේවා ලකුණු. කාර්මික සැලසුම් සහ භූගෝලීය දර්ශක අන්තර්ගත කාර්මික දේපළ. (2) ශාස්ත්‍රීය හා කලාත්මක කෘති ආවරණය කරන ප්‍රකාශන අයිතිය ප්‍රාසාංගික කලාකරුවන්ගේ, ශාබ්දික පටිගත කිරීම් හෝ තැටිගත කිරීම් නිෂ්පාදකයන්ගේ සහ විකාශන සංවිධානවල අයිතිවාසිකම් සම්බන්ධිත අයිතිවාසිකම් හෝ සමීපස්ථ අයිතිවාසිකම්. මෙම නීති ප්‍රකාරව අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් වාරණ නියෝගයට අනුකූලව කටයුතු කිරීමට සේනක බටගොඩ පාර්ශවයට සිදු වන බව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක පැවසීය. ඒ අනුව, අදාළ ගීත 7 ප්‍රසිද්ධියේ ගායනා කිරීම සහ ඉන් මුදල් ඉපයීම වාරණයට ලක් වනු ඇත. ඊට අමතරව, එම ගීත වෙනත් පාර්ශව වෙත පැවරීම ද නොකළ යුතු ය. \"බුද්ධිමය දේපළ සම්බන්ධ නඩුවකින් පැමිණිලි පාර්ශවය ජය ගත්තොත්, ඔහු තමන්ට වූ අලාභය පෙන්වා දී ඇති ආකාරයට විත්තිකාර පාර්ශවය කර්තෘ භාගයක් පැමිණිලිකරුට ගෙවිය යුතු යි. ඒක තීරණය වෙන්නේ, පැමිණිලිකරු අධිකරණය ඉදිරියේ තහවුරු කරන මුදල් ප්‍රමාණය මත යි.\" රසිකයින්ට වන බලපෑම මෙම වාරණ නියෝගය අනුව නඩු විභාගය අවසන් වී තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ ගීත සජීවීව රස විඳීමේ අවස්ථාව රසිකයින්ට අහිමි වනු ඇත. එම ගීතවලට ප්‍රිය කරන රසිකයෙකු ෆේස්බුක්හි පළ කර තිබූ අදහසක සඳහන් වූයේ, 'ඒ හැම සින්දුවක් ම ගොඩක් ලස්සන යි. ඒවා අපට ආයෙ අහන්න වෙන එකක් නෑ,' යනුවෙනි. කෙසේ වෙතත්, දැනට යූටියුබ් ඇතුළු මාධ්‍යවල පළ කර ඇති ගීත රස විඳීමට රසිකයින්ට බාධාවක් ඇති නොවනු ඇතැයි ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ ය.",
"Title": "සේනක බටගොඩ: 'අපි කවුරු ද?' ඇතුළු වාරණයට ලක්වූ රසික හදවත් පිනවූ ගීත 7ට කුමක් වෙයි ද?"
} |
{
"Text": " ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වැරදිකරුවන් වී වසර 33 ක් සිර දඬුවම් ලබා නිදහස ලැබූ ලාංකිකයින් තිදෙනකු අද (අප්‍රේල් 03 වැනිදා) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 62 හැවිරිදි ශන්මුගලිංගම් ජෙයකුමාර් , 53 හැවිරිදි වෙන්ට්‍රිවල් මුරුගන් ශ්‍රීහරන් සහ 53 හැවිරිදි බාලසුන්දරම් රොබර්ට් පියර්ස් යන අය මෙලෙස දිවයිනට ඒවා අතර ඔවුන් සමග ඉන්දීය නීතීඥවරයෙකු ද පැමිණ තිබේ. මොවුන් තාවකාලිකව සකස් කළ ගමන් බලපත්‍ර මත මෙරටට එවා තිබුණි . රජීව් ගාන්ධිගේ ඝාතනයට සම්බන්ධ වීමේ චෝදනාව මත වසර 33 ක් සිර දඩුවම් විදීමෙන් පසුව 2022 නොවැම්බර් මස 11 දින නිදහස ලබා තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රිචිනාපොලි විශේෂ කදවුරේ රඳවා තබා ගැනීමෙන් පසුව මොවුන් මෙලෙස ශ්‍රී ලංකාවට පිටුවහල් කර එවා තිබේ. දිවයිනට ගොඩබැසීමෙන් පසු මෙම පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන කටුනායක ගුවන් තොටුපොලේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී තිබේ. මොවුන් තිදෙනා ඉන්දියාවට නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් පළා ගොස් තිබූ බැවින් ඒ පිළිබඳව ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. සාන්තන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යාපනයේදී ඉන්දීය හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනයට වරදකරුවන් වූ විත්තිකරුවන් හත් දෙනෙකු සිරගත කොට සිටි අතර,ඉන් පුද්ගලයින් සිව් දෙනෙක් ලාංකිකයින් වූහ. ඔවුන් සිව්දෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඝාතන චෝදනාවන්ට සිරගතව නිදහස ලබා සිටි ටි.සුදෙන්ද්‍රරාජා නොහොත් සාන්තන් රෝගාතුරව චෙන්නායි පිහිටි රජීව් ගාන්ධි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි 28 වැනිදා මිය ගියේය. ජීවිතක්ෂයට පත්වු සාන්තන්ගේ මළ සිරුර ගුවනින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් අනතුරුව ඔහුගේ නිවස පිහිටි යාපනය,උඩුප්පිට්ටි වෙත රිය පෙරහැරකින් රැගෙන යනු ලැබුණි. එහිදි උතුරු පළාතේ විශාල පිරිසක් සාන්තන්ගේ දේහය වෙත අවසන් ගෞවර දැක්වු අතර, මාර්තු 04 වැනිදා යාපනය උඩුප්පිට්ටි හින්දු සුසාන භූමියේදී ඔහුගේ සිරුර අදාහනය කෙරිණි. දේහය පිළිබඳ අවසන් කටයුතු හින්දු චාරිත්‍රානුකූලව උඩුප්පිට්ටි හින්දු සුසාන භූමියේදී පැවැත්වීණි. මළ සිරුර කටුනායක ගුවන්තොටුපොළ සිට යාපනය දක්වා රැගෙන යන අවස්ථාවේ අවමංගල්‍යය පෙරහැර (මාර්තු 03 වැනිදා) වවුනියාව නගරයෙන් ආරම්භ කළ අතර, මාන්කුලම, කිලිනොච්චිය ඇතුළු උතුරු පළාතේ ප්‍රධාන නගරවලදී දේහය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමේ වැඩසටහන් සංවිධානය කොට තිබුණි. දකුණු ඉන්දීය නීතිඥවරු දෙපළක් සාන්තන්ගේ සිරුර රැගෙන 01 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. රජීව් ගාන්ධි ඝාතනය 1991 මැයි මස 21 වැනිදා තමිල්නාඩු ප්‍රාන්තයේ පැවැත්වු ජන හමුවකට සහභාගිවු ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්විය. එවක වයස අවුරුදු 22 ක් වු කලෙයිවානි රාජරත්නම් නොහොත් ධනු නමැති මරාගෙන මැරෙන බෝම්බකාරියක් විසින් හිටපු අගමැතිවරයා ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබීය. බෝම්බ ප්‍රහාරයට ලක්ව රජීව් ගාන්ධි ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර, තවත් පුද්ගලයින් 35දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් LTTE සංවිධානයට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගත් අතර, ඝාතනය LTTE සංවිධානයේ මෙහෙයවීම යටතේ සිදුවු බවට චෝදනා එල්ල විය. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස ප්‍රධාන බෝම්බකාරිය බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වු අතර, ඝාතනය මෙහෙයවු හා ඝාතනයට සම්බන්ධ පිරිසක් ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය විසින් එවකදී අත්අඩංගුවට ගනු ලැබීය. නලිනි ශ්‍රීහරන්, මුරුගන් ශ්‍රීහරන්, ටි.සුදෙන්ද්‍රරාජා නොහොත් සාන්තන්, රොබර්ට් පියර්ස්, ජෙයකුමාර්, රවිචන්ද්‍රන් නොහොත් රවී හා ඒ.ජී.පෙරාරිවලන් යන අය හිටපු අගමැතිවරයා ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් පිරිසට තමිල්නාඩු හා ඉන්දීය මධ්‍යම රජයේ අධිකරණවල නඩු පවරා තිබු අතර, නඩු විභාගයන්ගෙන් අනතුරුව හා ගාන්ධි පවුලේ ඉල්ලීම් මත වරදකරුවන් වු පිරිසට 2022 නොවැම්බර් 11 වැනිදා නිදහස හිමිවිය. සාන්තන් ජීවිතක්ෂයට පත්වීම හිටපු අගමැති ඝාතනයට සහයෝගය ලබාදීම වෙනුවෙන් ඉන්දීය ආරක්ෂක අංශ විසින් එවක සාන්තන් අත්අඩංගුවට ගෙන 2 වැනි වරදකරු ලෙසට සිරගත කොට තිබුණි. සිරගතව වසර 30 ක් දඬුවම් ලැබීමෙන් අනතුරුව සාන්තන් නිදහස් වු අතර, නිදහස ලැබීමෙන් අනතුරුව සාන්තන්ගේ ඉල්ලීම වූයේ යාපනයේ ජීවත්වන සිය මව සමඟ තමන්ගේ අවසන් සමය ගතකිරීමට අවසරය ලබාදෙන ලෙස ය. සාන්තන්ගේ ඉල්ලීම මත ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග යටතේ හා ඉන්දීය මධ්‍යම රජයේ සහයෝගය මත සාන්තන්ට සිය මුල් ගම්මානය වෙත යාමට අවසරය හිමිව තිබු අතර, ශ්‍රී ලංකා බලධාරීන් ද සාන්තන්ට මෙරටට පැමිණීමට අවසරය ලබාදී තිබිණි. සාන්තන් මාර්තු මසදී මෙරටට පැමිණීමට නියමිතව තිබු අතර,එහෙත් සාන්තන්ට පැවති අක්මා රෝගී තත්වයක් මත සාන්තන් පෙබරවාරි 28 වැනිදා චෙන්නායි රජීව් ගාන්ධි රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය. සාන්තන්ගේ මරණය ගැටළුවක් වන බව සාන්තන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කොට තිබු අතර, ඇතැමෙක් පැවසූවේ සාන්තන්ගේ මරණය සම්බන්ධයෙන් සැක කරන බවයි. රජීව් ගාන්ධි ඝාතන සිද්ධියේ සෙසු සැකකරුවන් වු නලිනි, මුරුගන් ඇතුළු පිරිසක්ද, දකුණු ඉන්දීය දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක්ද චෙන්නායිහිදී සාන්තන්ගේ මළ සිරුරට අවසන් ගෞරව දක්වා තිබිණ. සාන්තන්ගේ මරණය සම්බන්ධයෙන් උතුරේ දේශපාලඥයින්ගේ මතය “සාන්තන්ගේ මරණය ස්වභාවික මරණයක් කියලා තමයි වෛද්‍යවරුන් සඳහන් කරලා තිබෙන්නේ.ඒත් තවත් පිරිසක් මරණය සම්බන්ධයෙන් සැක සහිතයි කියලා සඳහන් කරලා තිබෙනවා. සාන්තන් සිරගතව ඉන්න අවස්ථාවේදීත් විවිධ රෝග වෙනුවෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. වෛද්‍යවරුන් කණ්ඩායමක්ම මරණය ස්භාවික මරණයක් කියලා තමයි නිගමනය කරලා තිබෙන්නේ.” “ඒ හින්දා ඒ ගැන සැකයක් හිතන්න හේතුවක් නෑ.” යනුවෙන් ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සඳහන් කළේය.",
"Title": "රජීව් ගාන්ධි ඝාතනය: සිර දඬුවම් ලබා පසුව නිදහස් වූ ලාංකිකයින් තිදෙනා දිවයිනට"
} |
{
"Text": " “තූල් දැම්මා, පෙති ජාති ගැහුවා, KG, ගංජා වර්ග ඔක්කෝම ගහලා තියෙනවා. සිගරට් බීලා තියෙනවා.” ඒ කසුන් මීට වසරකට පමණ පෙර භාවිතය නවතා දැමීමට පෙර ඇබ්බැහි වී සිටි මත්ද්‍රව්‍ය කිහිපයකි. උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්තේ පාසලේ 6 -7 වසරවල සිට ය. පසුගිය වසරේ දෙසැම්බර් සිට විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ අරමුණින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් පසු ඒ පිළිබඳව සමාජයේ කතා බහක් ඇති වු අතර පාසල් දරුවන් මතට යොමු වීම සම්බන්ධ සිද්ධි ද වාර්තා වී තිබුණි. කසුන් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් වී තිබු අතර මේ වන විට ඔහු ඉන් සම්පුර්ණයෙන් මිදි ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ ආකාරය හා ඉන් ගැලවී ගෙවන ජීවිතය ගැන අත්දැකිම් බෙදා හදා ගැනීමට බීබීසී සිංහල හා කතා බහකට එක්වුයේ ඔහුගේ අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලමින්ය. කසුන් මෙන්ම මෙම ලිපියට තොරතුරු ලබා දුන් බොහෝ දෙනෙකුගේ අනන්‍යතාවය මෙන්ම පාසල්වල සත්‍ය නම් ගම් අප හෙළි නොකරන්නේ එම පාසල්වල කීර්ති නාමය ආරක්ෂා කිරිමට මෙන්ම තොරතුරු ලබා දුන් අයගේ ආරක්ෂාව වෙනුවෙනි. ‘මටත් ආසාවක් ඇති වුණා එක්පීරියන්ස් කරලා බලන්න’ “මාත් එක්ක ඉන්න ළමයි දානවා දැකලා තමයි පුරුදු වුණේ. ඒගොල්ලෝ දාද්දි මම නිකම් තනියෙන් වගේ. ඒගොල්ලෝ දානවා දැකලා මටත් ආසාවක් ඇති වුනා එක්පීරියන්ස් කරලා බලන්න. මට ඒ අය බල කරලා නැහැ මම ඉල්ලපු නිසයි දුන්නේ.” පාසලේ 7 වසරේ දී ඉගෙනිම ලබමින් සිටියදී කසුන් මතට යොමු වී ඇත්තේ එසේය. පාසලේ පන්ති කාමරය තුළ ඉගෙනුම් කටයුතු කරන ලබන අවස්ථාවලදී පවා දුම් කුඩු භාවිතා කර සිටි බව ඔහු සඳහන් කළේය. ඔහු එවක දී බොරැල්ලේ පිහිටි පාසලක ඉගෙනුම ලබා ඇති අතර උසස් පෙළ සඳහා උතුරු කොළඹ ප්‍රදේශයේ පාසලකට ඇතුළත් වී තිබේ. පාසල මාරු වුවද කසුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නැවතී නැත. සිදුව ඇත්තේ අලුත් පාසලේ සිසුන් ද සමග එක් වී ඒවා භාවිතා කිරිම ය. “මම වොෂ් රූම් ගියාම එහෙම දකිනවා පොඩි අය පාවිච්චි කරනවා. දැකලා ඉල්ලා ගත්තා එහෙම තමයි මෙහෙ ඉස්කෝලේ අය සෙට් වුනේ. මමත් ක්ලාස් ගියාම අරන් එනවා, මම ගේන ඒවා ඒ අය එක්ක ෂෙයාර් කරනවා. ඒ අය ගෙනාපුවාම මටත් දෙනවා.” “දවසක් වොෂ් රූම් යද්දි එකපාරට සර්ලා චෙක් කරන්න ගත්තා. මම මගේ අතේ තිබුණ එක එකපාරට පිටිපස්සට විසික් කළා. හැබැයි ඒක බිත්තියේ වැදිලා ආයේ මගේ කකුල ගාවටම ආවා. ඒකෙන් පස්සේ තමයි සර්ට අහුවුනේ. සර් පොලිසියටත් කතා කළා, අම්මා තාත්තත් ගෙන්නුවා. ගෙනල්ලා පොලිසියට ගිහිල්ලා අවවාද කරලා ලියුමක් අරන් ආයේ ඉස්කෝලේට එව්වා.” ‘ටික ටික පාවිච්චිය නවත්වපු හැටි’ මත්ද්‍රව්‍යයක් සමගම කසුන් ගුරුවරුන්ට හසුවු පළමු හා අවසන් අවස්ථාව එයයි. ඉන්පසුව ඔහු මතින් තොර වීමට අදින්ට කරගෙන ඒ වෙනුවෙන් ක්‍රියා කළේය. “මිස්ලා, සර්ලා ගොඩක් අවවාද කළා, අනික මනුස්සයෙක්ට මුහුණ දෙන්න බෑ, හකු බැහැලා, හිනා වෙන්න බැහැ, දිගටම එක එක ඒවා පාවිච්චි කරන අයට වෙලා තියෙන දේවල් දැක්කා.” ඉන් පසුව කෙමෙන් කෙමෙන් මත්ද්‍රව්‍ය භාවිතය අඩු කරන කසුන් අද වන විට සම්පුර්ණයෙන්ම මතින් ඈත් වී සිටි. “පාවිච්චිය අඩු වුණා. ක්ලාස් යන එකත් නැවතුනා. ඉස්කෝලෝ කොල්ලෝ එහෙම හම්බ වෙන්නෙත් නැහැ. එහෙම අයින් වෙන්න ගත්තාම මට පාවිච්චි කරන්න උවමනාවක් එහෙම ආවේ නැහැ. දුකක් හිතුන වෙලාවට පාවිච්චි කළා. ඒ ඇරෙන්න ඊට පස්සේ කළේ නැහැ. දැන් සම්පුර්ණයෙන්ම නවත්තලා තියෙන්නේ.” යැයි වසරකට පමණ පෙර මත්ද්‍රව්‍ය භාවිත සම්පුර්ණයෙන්ම නවතා දැමු කසුන් පැවසීය. කසුන් පැවසු පරිදි අමතර පන්තිවලට සහභාගි වු විට තම පාසලේ මිතුරන් මෙන්ම වෙනත් පාසල්වල මිතුරන් සමග තූල්, සිගරට් හෝ ගංජා භාවිතා කරන බව ඔහු සඳහන් කළේය. පුද්ගලික පන්තිවලදි කොළඹ ඉහළ පෙළේ පාසල්වල දරුවන් ද තමන් හා එක්ව මත්ද්‍රව්‍ය භාවිතා කළ බව ඔහු කියා සිටියේය. මත්ද්‍රව්‍ය භාවිතයට තරාතිරම, වයස් භේදය හෝ ගැහැනු හා පිරිමි භේදයක් නොමැති බව කසුන් කියා සිටියේ ඔහුගේ අත්දැකිමෙනි. පොලිසියට නොකියන හේතුව කසුන් උසස් පෙළ සඳහා ඇතුළත් වු විදුහලේ විදුහල්පතිවරයා මෙන්ම පාසලේ විනය භාර ගුරුතුමන් ඇතුලු ගුරු මණ්ඩලය ඔවුන්ගේ රාජකාරියට එහා ගොස් මතට ලොල් වු දරුවන් මත්ද්‍රව්‍යවලින් ගලවා ගැනීමට මහත් වෙහෙසක් දරනු ලබයි. “අපි බොහෝ වෙලාවට පොලිසියට කියන්නේ නැහැ සිද්ධිය. පොලිසියට කියන්න ඕන විදියට සම්බන්ධ වෙලා තියෙනවා නම් විතරයි පොලිසියට කියන්නේ. අපි බලන්නේ ඊට මෙහා තියෙන ආයතන මාර්ගයෙන් ළමයාව ගොඩ දාන්න පුලුවන් ද කියන එක.” යැයි විදුහල්පතිවරයා බීබීසි සිංහල වෙත පැවසීය. පොලිසිය යොදා ළමුන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම වැළැක්විය නොහැකි බව මෙන්ම එය මනෝවිද්‍යාත්මකව වැරදි ක්‍රියාවක් බව කී විදුහල්පතිවරයා උපදේශනය හා ඇතැම් විට පරිසරය වෙනස් කිරිමෙන් දරුවන් ඉන් මුදා ගත හැකි බව පැවසුවේ ඔහුගේ අත්දැකිමෙනි. “ඉස්පිරිතාලේට ලෙඩෙක් ඇතුලත් කළාම හොඳ කරන්න බැරි වුනොත් ලෙඩා යන්නේ කනත්තටනේ. ඉතින් අපි කනත්තට ගෙනියන්නේ නැහැ. අපි උත්සාහ කරනවා කොහොම හරි ගොඩ දාන්න. ඒක තමයි අපේ දැක්ම අපේ මෙහෙවර අපි ඒකට වග වෙලා ඉන්නවා.” ‘ඇබ්බැහි වෙච්ච දරුවෝ නැහැ’ අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ, සහකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කුමාර කොහොලානේගෙදර පවසන ආකාරයට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු දරුවන් නොමැති අතර මෙරට පාසල් තුළ සිටිනුයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හෝ අත්හදා බැලු දරුවන් ය. මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලබන දරුවන් සිටින පාසල් බහුතරය බස්නාහිර පළාත තුළ පිහිටා ඇති බව ඔහු බීබීසි සිංහල වෙත කියා සිටියේ මතට ලොල් වු දරුවන් සම්බන්ධව අප කරන ලද විමසීමක දී ය. “බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රිත්කය අංක එක, දෙක ගම්පහ, තුන ගාල්ල, කුරුණෑගල වගේ පැතිවල තියෙන්නේ. ඔය වගේ පැතිවල අමතර පන්ති තියෙනවා ඒ වගේ පැතිවල තමයි තත්ත්වය ඉහළ තියෙන්නේ.” යැයි ඔහු පැවසීය. “ගොඩක් තැන්වල තියෙන්නේ තූල් කියන එක, දැන් මේ ඊ සිගරට් කියනවා ඒවා පාවිච්චි වෙනවා. ඒවා පාසල්ම නෙමෙයි කැම්පස්වල ළමයි තමයි පාවිච්චි කරන්නේ.” යනුවෙන් දරුවන් අතර වැඩි වශයෙන් භාවිතා වන මත්ද්‍රව්‍ය සම්බන්ධව ප්‍රදීප් කුමාර කොහොලානේගෙදර සඳහන් කළේය. දොරටු මත්ද්‍රව්‍ය අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය හදුනාගෙන ඇති පරිදි මෙරට පාසල් දරුවන් හෙරොයින් හෝ අයිස් වැනි විෂ මත්ද්‍රව්‍ය භාවිතයට හුරුව නැති අතර ඔවුන් භාවිතා කරනුයේ තූල්, විවිධ බුලත් විට වර්ග, පෙති වර්ග වැනි දොරටු මත්ද්‍රව්‍යය ය. කලාපයේ අනෙකුත් රටවල් හා සලකා බැලිමේ දී මෙරට මත්ද්‍රව්‍ය භාවිතය හුරු වු දරුවන් ප්‍රමාණය ඉතාම අඩු බව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ, සහකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කුමාර කොහොලානේගෙදර කියා සිටියේය. හෙරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන පාසල් දරුවෝ ඉන්නවා ද? “මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝම තමයි ඊළඟ සෙට් එක ඒගොල්ලන් ඩ්‍රග්ස්වලට හුරු කරගන්න බාල අවධියේ යම් යම් මත්වෙන දේවල්වලට හුරු කරගන්න කරන දේවල්නේ මේ.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව බීබීසී සිංහල වෙත පැවසීය. හෙරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන පාසල් දරුවන් හමුවී නැති තරම්ම බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම උවදුර ව්‍යසනයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදී පාලනය කර ගැනීමට හැකි වී ඇති බව ද සඳහන් කළේය. යුක්තියට සමගාමීව “පවුර සංසදය” විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ අරමුණින් ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස්පතිවරයාගේ සංකල්පයකට අනුව “පවුර සංසදය” නිර්මාණය කරන ලද්දේ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීම වැළැක්වීමට බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. “පවුර සංසදයේ ඉන්නවා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරු, ශිෂ්‍ය නායකයෝ, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, අවට ඉන්න ප්‍රභූවරු සහ එවැනි කණ්ඩායම් සහ පොලිස් නිලධාරියෙක් මේකේ ඉන්නවා. අවට ඉන්න අය එකතු කරලා සංසදයක් හැදුවාම පාසල සහ ගමට වගකීමක් භාර වෙනවා. එතකොට තොරතුරක් තියෙනවා නම් දෙනවා. ඒ වගේම ඒ ගැන සැලකිල්ලෙන් හොයාලා බලනවා.” දැනට පාසල් 5000කට වැඩි පාසල් සංඛ්‍යාවක පවුර සංසදය නිර්මාණය කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේය. එම සංසදයේ ප්‍රතිඵල ඇති බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා පාසල් අවට වෙළඳසැල්වල මත්ද්‍රව්‍ය සහිත දේවල් නැති තත්වයට පත්ව ඇතැයි කියා සිටියේය. මෙම ලිපියේ ප්‍රධාන කතා නායකයා වු කසුන් බීබීසි සිංහල සේවයට මුණ ගැසුනේ ඔහු අවසන් වරට අකුරු කෙරු පාසලේ විනය භාර ගුරුතුමා මාර්ගයෙනි. උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ඔහු දැනට මෙරට පිහිටි ජාත්‍යන්තර අවන්හලක පුහුණු සේවයකු ලෙස සේවය කරනු ලබයි. අප හමුවීමට කලකට පසු පාසලට පැමිණි පසුව පාසලේ ගුරුවරුන්ගෙන් ලැබුන ආදරණීය පිළිගැනීම ගැන කසුන්ට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. “මටත් ඕනේ කාව හරි හදන්න. මේක බලලා, දැකලා එක්කෙන් හරි හැදුනොත් මට ඇති.” කසුන් බීබීසි සිංහල සේවය සමග පැයක පමණ කළ කතා බහ නිම කරමින් කියා සිටියේය.",
"Title": "පාසල් යන ඔබේ දරුවාත් මතට ලොල් වෙලා ද?"
} |
{
"Text": " ප්‍රතිචක්‍රීකරණය (Recycling) ගැන අවදානය යොමුව තිබුණ ද ඒවාට අගය එකතු කර නව නිෂ්පාදනයක් (Upcycling) කිරීම ගැන වැඩි අවධානයක් ශ්‍රී ලංකාවේ යොමුව නැති බව නේෂා රත්නායක පවසන්නීය. කටාන, බටහිර කළුවාරිප්පුව ප්‍රදේශයේ ජීවත්වෙන ඇය සිය පියා සමග එක්ව එවැනි පරිසර හිතකාමී ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලැබේ. ''අප්සයිකල් වලදී රීසයිකල් වලට වඩා කලාත්මක, කාලයක් පවතින නිර්මාණයක් අපිට කරන්න පුළුවන්. ඒ වගේම විශාල සමාජයේ ආකල්ප වෙනසක් ඇති කරන්න පුළුවන්'' යනුවෙන් ඇය BBC සිංහල සේවයට පැවසුවාය. පාසල් සිසුන්, සරසවි සිසුන් සහ පරිසරය කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස් දැනටමත් ඉවතලන දේ ඔවුන්ට බාර දෙති. ''මේ තියෙන්නේ ලෙඩෙක් එයාගේ බෙහෙත් වල ඉතුරු කවර ටික අපිට එවලා. මහපොළවට බරක් නැති මේ වගේ මිනිස්සුන්ගේ හදවත් කොයිතරම් සුන්දර ද? මේ ආකල්ප වෙනසයි අපි හදන්න ඕනා. මේ පොත හදන්න වර්ග කිලෝමීටර් 2.5ක් තරමේ ටොෆි, චොක්ලට් කොළ එකතු කරලා දාන්න ඕනා.'' යනුවෙන් ආර්. එම් ජයන්ත කුමාරසිරි BBC සිංහල සේවයට කියා සිටියේය.",
"Title": "'මේ පොත හදන්න වර්ග කිලෝමීටර් 2.5ක් තරමේ ටොෆි, චොක්ලට් කොළ ඕනා'"
} |
{
"Text": " ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බලා යාත්‍රා කරමින් තිබියදී ඇමෙරිකාවේ බොල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමෙහි (Francis Scott Key Bridge) ගැටුණු සිංගප්පූරු ධජය සහිත ඩාලි (Dali) නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය (hazardous materials) ටොන් 764ක් තිබූ බව වෙබ් අඩවියක් විසින් අනාවරණය කරනු ලැබ තිබේ. එම වෙබ් අඩවිය වාර්තා කළේ, බහාලුම් 56ක් තුළ විඛාදනයට ලක්වනසුලු, ගිනිගන්නාසුලු, විවිධ අනතුරුදායක ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය මෙන් ම, ලිතියම් බැට්රි ඇතුළු 9 වන පන්තියේ අන්තරායදායක ද්‍රව්‍ය (විදුලි උපකරණ ආදී ද්‍රව්‍ය) තිබූ බව අනාවරණය වී ඇති බව ය. අදාළ වෙබ් අඩවිය එම ලිපිය පළ කර ඇත්තේ, \"ඇමෙරිකාවේ විෂ සහිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවට රැගෙන යමින් තිබූ නෞකාව බොල්ටිමෝර් පාලමේ ගැටෙයි,\" (Ship Exporting US Toxic Waste to Sri Lanka Crashes Baltimore Bridge) යන සිරස්තලය යටතේ ය. මෙම නෞකාවේ බහාලුම් 4,700ක් තිබී ඇති අතර, සෙසු බහාලුම් 4,644 තුළ ඇත්තේ මොනවා ද යන්න ඇමෙරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (US National Transportation Safety Board) පරීක්ෂා කරමින් සිටින බව ද එම වාර්තාවේ දැක්වේ. ජාත්‍යන්තර මුහුදු ගමන් නිරීක්ෂණය කරන www.marinetraffic.com දක්වා ඇති පරිදි, මාර්තු 26 වන දා බොල්ටිමෝර් වෙතින් පිටත්වූ මෙම නෞකාව, කොළඹ වරායට ළඟා වීමට නියමිතව තිබුණේ, අප්‍රේල් 22 වන දා ය. කොළඹ වරායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නැව්පතිගේ කරුණු දැක්වීම කෙසේ වෙතත්, නෞකාවේ තිබූ බහාලුම්වල තිබූ ද්‍රව්‍ය මොනවා ද යන්න මෙතෙක් තහවුරු කළ නොහැකි බව කොළඹ වරායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නැව්පති ලක්ෂි වසන්ත සිව්රත්න බීබීසී සිංහල සේවයට පැවසීය. \"අපි ඉල්ලලා තියෙන්නේ නැවක තියෙන ද්‍රව්‍ය ගැන වරායට ළඟා වෙන්න පැය 48කට කලින් දැනුම් දෙන්න කියලා. ඒ නිසා මේ නැවේ තියෙන දේවල් ගැන අපට දැනුම් දීමක් කරලා තිබුණෙ නෑ. ඒක කොළඹට එන්න තිබුණේ, අප්‍රේල් 22 වෙනි දා,\" කොළඹ වරායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නැව්පතිවරයා සඳහන් කළේ ය. කෙසේ වෙතත්, ඔහු ප්‍රකාශ කළේ, කොළඹ වරායට පැමිණෙන නෞකාවක අන්තරායදායක ද්‍රව්‍ය හෝ අපද්‍රව්‍ය තිබූ බව කී පමණින් ඒවා ශ්‍රී ලංකාවට ගොඩ බෑමට රැගෙන එන ද්‍රව්‍ය ලෙස අර්ථකථනය කළ නොහැකි බව ය. \"මාධ්‍ය මොන ඇජෙන්ඩාවල ඉඳලා කරුණු ඉදිරිපත් කරනවා ද කියලා අපි දන්නෙ නෑ. හැබැයි ගොඩක් විශාල නැව්වලින් අපද්‍රව්‍ය හෝ අන්තරායකර ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා. ඒවා කොළඹ වරායට ගොඩ බාන්නේ රට ඇතුළට මුදා හරින්න නෙවෙයි. කොළඹ වරාය කියන්නේ නැව් මාර්ගවල මධ්‍යස්ථානයක්. ඉතින් විශාල නැව්වලින් ගේන අපද්‍රව්‍ය වෙනත් කුඩා වරායවල්වලට ගෙනියන්න බැහැ විශාල නෞකාවලට. ඒ නිසා ඒ ද්‍රව්‍ය කොළඹ වරායේ තාවකාලිකව ගොඩබාලා කුඩා නැව්වලට පටවලා අදාළ රටවල්වලට යවනවා. මේක සාමාන්‍යයෙන් දිගට ම සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ අපද්‍රව්‍ය කිසි ම ආකාරයකින් රට ඇතුළට යන්නෙ නෑ.\" \"අපද්‍රව්‍ය ගොඩබාන්න පුළුවන් අපි අවසර දුන්නොත් විතර යි\" - මධ්‍යම පරිසර අධිකාරිය විශාල නෞකාවලින් වෙනත් රටවල් කරා රැගෙන යාම සඳහා කුඩා නැව්වලට පටවන තෙක් තාවකාලිකව අපද්‍රව්‍ය කොළඹ වරායට ගොඩබෑම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවරසයක් ගත යුතු බව එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර බීබීසී සිංහල සේවයට පැවසීය. \"තාවකාලිකව අපද්‍රව්‍ය අඩංගු බහාලුම් ගොඩබාන්න අපෙන් අවසර ඉල්ලුවොත් ඒ ගැන සලකා බලල අවසරයක් දෙනවා. එවැනි අවසරයක් ලැබුණා ම නිශ්චිත කාල සීමාවකට තාවකාලිකව ගොඩබාලා ආපහු නැව්ගත කරන්න අපි අවසර දෙනවා. අපි සහතික කරල කියනවා කිසි ම අපද්‍රව්‍යයක් රට ඇතුළට එන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලා,\" මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේ ය. මේ අතර, ඩාලි නෞකාවේ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් වාර්තාවක් ලැබී නොතිබූ හෙයින් එහි තිබූ ද්‍රව්‍ය පිළිබඳව අදහසක් පළ කළ නොහැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. \"තාවකාලිකව ගොඩබෑමත් වරදක්\" - ආචාර්ය ජගත් ගුණවර්ධන බලධාරීන් කුමක් පැවසුව ද, වෙනත් රටක අපද්‍රව්‍ය තාවකාලිකව හෝ කොළඹ වරායට ගොඩබෑම වරදක් බව පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි. \"තාවකාලිකව ගොඩබාන අපද්‍රව්‍ය අරන් ගියේ නැත්නම් මොක ද කරන්නේ? මේ වගේ සිද්ධි කිහිපයක් මීට කලිනුත් වෙලා තියෙනවා නේ. එංගලන්තයෙන් ගෙනාපු අපද්‍රව්‍ය තොගය කිසි ම රටකට ගෙනියන්නෙ නැතුව කොළඹ වරායේ කුණුවෙමින් තිබුණ හැටි අපට මතක යි. ඒ නිසා තාවකාලිකව හරි මේ වගේ නුසුදුසු දේවල් වරායට ගොඩබාන්න ඉඩ දෙන එක වැරදි යි.\" ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කළේ, මේ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති හඳුන්වා දීමට බලධාරීන් පියවර ගත යුතු බව ය. බාසල් සම්මුතිය යනු කුමක් ද? බාසල් සම්මුතිය යනු, උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රවාහනය පාලනය කිරීම සහ ඒවා බැහැර කිරීම පිළිබඳව ඇති සම්මුතියකි. එය රටවල් අතර අන්තරායකර අපද්‍රව්‍ය ප්‍රවාහනය අවම කිරීම සඳහා සහ විශේෂයෙන් සංවර්ධිත රටවල සිට අඩු සංවර්ධිත රටවලට අන්තරායකර අපද්‍රව්‍ය ගෙන යාම වැළැක්වීම සඳහා අත්සන් තබන ලද ජාත්‍යන්තර ගිවිසුමකි. මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව ද අත්සන් තබා තිබේ. මෙම සමුළුව 1989 මාර්තු 22 දින අත්සන් සඳහා විවෘත කරන ලද අතර 1992 මැයි 5 දින සිට බලාත්මක කෙරිණි. 2018 ඔක්තෝබර් වන විට රටවල් 188ක් සහ යුරෝපා සංගමය සමුළුවේ පාර්ශවකරුවෝ වෙති. '1970 ගණන්වල සංවර්ධිත රටවල පාරිසරික නීති දැඩි කිරීම සමඟ අන්තරායකර අපද්‍රව්‍ය බැහැර කිරීමේ පිරිවැය විශාල ලෙස ඉහළ ගියේ ය. ඒ අතර ම, නැව්ගත කිරීම ගෝලීයකරණය වීමත් සමග අපද්‍රව්‍ය සම්ප්‍රේෂණය කිරීම වඩාත් පහසුවෙන් කළ හැකි වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, විශේෂයෙන් ඌණ සංවර්ධිත රටවල් වෙත අන්තරායකර අපද්‍රව්‍ය ප්‍රවාහනය වේගයෙන් වර්ධනය විය. මෙම සම්මුතියට අනුව දේශසීමා හරහා අපද්‍රව්‍ය ගෙනයාම සඳහා දැනුම්දීම, කැමැත්ත සහ පසුවිපරම අත්‍යවශ්‍ය කරුණක් විය. පසුව එම සංශෝධනය 2019 දී සම්මත විය.ඒ අනුව සංවර්ධිත රටවල් වලින් සංවර්ධනය වෙමින් පවතින රටවලට අන්තරායකර අපද්‍රව්‍ය අපනයනය කිරීම සපුරා තහනම් කර ඇති අතර, ප්‍රතිචක්‍රීකරණය ඇතුළු ඕනෑ ම හේතුවක් ඉදිරිපත් කරමින් සිදුකෙරෙන අපනයනයන් සඳහා බාසල් තහනම අදාළ වන,' බව පරිසර යුක්ති කේන්ද්‍රයේ යොහානි විහංගා සඳහන් කරයි. කසළ නෞකා පිළිබඳ ශ්‍රී ලංකාව ලත් අත්දැකීම් මීට පෙර නෞකා මගින් ශ්‍රී ලංකාවට කසළ රැගෙන ආ සිද්ධි කිහිපයක් ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඉන් ප්‍රධාන සිද්ධියක් වන්නේ, 2019 වසරේදී අනාවරණය වූ එංගලන්තයේ සිට කසළ අඩංගු බහලුම් 100ක් පමණ මෙරටට රැගෙන ඒමේ සිද්ධිය යි. එක්සත් රාජධානියෙන් ලංකාවට ආනයනය කළ කන්ටේනර් 98ක තිබූ භාවිත කළ මෙට්ට තොගයක් රේගුවේ පාරිභෝගික ආරක්ෂක ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. එම කන්ටේනර් පෙට්ටි ඇතුළත කුරුලු පිහාටු, දිලීර, දිරාගිය ශාක අපද්‍රව්‍ය, ප්ලාස්ටික් හා පොලිතින් ඇතුළු තවත් අපද්‍රව්‍ය තිබූ බව වාර්තා විය. මේ අතර, 2021 වසරේදී හානිකර බැක්ටිරියා අඩංගු බව පැවසූ, චීන කාබනික පොහොර රැගත් නෞකාවක් දින 70ක් පුරා ශ්‍රී ලංකා මුහුදේ නැන්ගුරම් ලා තිබිණි. පසුව එය සිංගප්පූරුව බලා පිටත් විය. මීටර 154ක් දිග 1996 දී නිෂ්පාදිත HIPPO SPIRIT [IMO 9135523] නමැති එම නැව පැනමාවේ ලියාපදිංචි කළ නෞකාවකි. චීනයේ 'කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම (Qingdao Seawin Biotech Group Co., Ltd)' නිෂ්පාදනය කරන කාබනික පොහොරවල අහිතකර බැක්ටිරියා අඩංගු බව අවස්ථා දෙකකදී මෙරට ශාක නිරෝධායන සේවය විසින් තහවුරු කරන ලදී. මේ අතර, 2021 වසරේදී ශ්‍රී ලංකා මුහුදේ දින 13ක් තිස්සේ ගිනි ගැනීමට ලක්වූ X-PRESS PEARL නෞකාව හේතුවෙන් ද සාගරයට දැඩි අහිතකර බලපෑම් එල්ල විය. මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබිණි. 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මැයි 20 වන දින ගින්න හටගෙන තිබිණි.",
"Title": "බොල්ටිමෝර් සිට කොළඹට එද්දී පාලමක ගැටුණු ඩාලි නැවේ තිබුණේ ‘විෂ අපද්‍රව්‍ය’ ද?"
} |
{
"Text": " පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට නිදහස් කර ඇති හොරොව්පතාන ප්‍රදේශයේ පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනෙක් අද (අප්‍රේල් 01වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආචාර කර සමාව ඉල්ලා සිටියහ. තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මාස හයකට වැඩි කාලයක් රඳවා තබා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් සෙනූල් ආබ්දීන් ඉර්ෆාන්, සෙනුල්ආබ්දීන් කලීෆාතුල්ලා සහනූර්ගේ සකරියා යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෙලෙස සමාව ගනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ගෙන් යලි ප්‍රශ්න කිරීම් නොකරන බවත් අදාළ පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය. එස්. තුරෙයි රාජා , කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය. මෙම පෙත්සම්වල වගඋත්තර කරුවන් ලෙස නම්කර සිටි එවකට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව, එම පොලිසියේ පොලිස් සැරයන් ප්‍රේමරත්න, සැරයන් සිසිර, පොලිස් කොස්තාපල් ජයතිලක සහ කැබිතිගොල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේ පෞද්ගලිකව පෙනී සිටිමින් පෙත්සම්කරුවන්ගෙන් සමාව අයැද සිටියහ. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් මාධව තෙන්නකෝන් සඳහන් කළේ මෙම පෙත්සම්කරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ හොරොව්පතාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ බව ය. 2022 වසරේදී එම නඩු වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ලැබුණු පැමිණිලිවලට අනුව මෙම පෙත්සම්කරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගේ ගිණුම්වල රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවට මාධ්‍ය වලින් වාර්තා කර තිබූ බවත් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි. එහෙත් පසුව තමන්ව සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මේ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණි.",
"Title": "පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු රඳවාගෙන සිටි සැකකරුවන් තුන්දෙනෙකුගෙන් පොලිසිය සමාව ගනියි"
} |
{
"Text": " මේ වන විට ශ්‍රී ලංකාවට අයත්ව තිබෙන කච්චතීව් දූපත ඉන්දියාවේ මැතිවරණය ඉලක්ක කර ගත් ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්තු 31 වන දා සිය නිල එක්ස් (මීට පෙර ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, \"ඉන්දීය ජනතාව ගැන නොසිතා කොංග්‍රස් පක්ෂය කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට පිරිනැමීම සම්බන්ධයෙන් නව කරුණු අනාවරණය වී ඇති,\" බව ය. මේ සම්බන්ධයෙන් සෑම ඉන්දියානුවෙකු ම කෝපයට පත්ව සිටින බවත්, කොංග්‍රස් පක්ෂය සම්බන්යෙන් තවදුරටත් විශ්වාසයක් තැබිය නොහැකි බවත් ජනතාවට යළිත් තහවුරු වී ඇති බව ද එහි දැක්වේ. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත කච්චතීව් දූපතේ පිහිටීම කච්චතීව් දූපත මෙරටට අයත් දූපත් සමූහයට අයත් එක් දූපතක් වන අතර, ශ්‍රී ලංකාවට වඩාත් දුරින් ම පිහිටි දූපත වන්නේ ද කච්චතිව් දූපත යි. දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් නගරයට වඩාත් ආසන්නව කච්චතිව් දූපත පිහිටා තිබේ. දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් සිට කච්චතීව් දූපත දක්වා ඇති දුර කිලෝමීටර 24කට ආසන්න වන අතර, යාපනය සිට කච්චතීව් දූපත දක්වා කිලෝමීටර 63කට ආසන්න දුරක් පවතින බව ගූගල් සිතියම අනුව පැහැදිලි වෙයි. කච්චතීව් දූපතේ භූමි ප්‍රමාණය අක්කර 280කට ආසන්න වපසරියකින් යුක්ත වේ. මෙම දූපත ශ්‍රී ලංකාවට මෙන් ම ඉන්දියාවට ද ධීවර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් හේතුවෙන් ඉතා වැදගත් ය. කච්චතීව් ශ්‍රී ලංකාවට පිරිනැමූ ගිවිසුම කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ගැටලුව ඉතිහාසය පුරාවට ම දක්නට ලැබුණු අතර, මෙරට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක හා ඉන්දීය අග්‍රාමාත්‍යවරියව සිටි ඉන්දිරා ගාන්ධි අතර 1974 ජූනි 26 වන දා අත්සන් කළ ගිවිසුමක් මගින් කච්චතීව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි විය. කච්චතීව් දුපත ඉන්දියාවේ කොටසක් නොවන බවත්, එය ශ්‍රී ලංකාවේ කොටසක් වන බවත් ගිවිසුමේ සඳහන් වෙයි. කච්චතීව් දූපතේ අයිතිය 1974 දී ශ්‍රී ලංකාවට හිමි වූ අතර, කච්චතිව් අයිතිය හා කච්චතීව් සාගර සීමාව සම්බන්ධ ගැටලුව 20 වන සියවසේ මුල් කාලවකවානු දක්වා දිව යයි. කච්චතීව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් 1921 වසරේ ඉන්දීය නියෝජිතයින් පිරිසක් හා ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසක් අතර, සාකච්ජාවක් පවත්වා තිබූ අතර, එහිදී ඉන්දීය නියෝජිතයින් සඳහන් කර තිබුණේ, කච්චතීව් දූපත බ්‍රිතාන්‍ය පාලන සමයේ රාමන්ඩි පාලකයෙකු යටතේ පැවති බව ය. එහිදී ශ්‍රී ලංකා නියෝජිතයින් පවසා ඇත්තේ, කච්චතිව් දූපත කිසිදු කාලයක ඉන්දියාවට අයත්ව නොතිබු බව ය. වර්ෂ 1800 දී පමණ ලන්දේසි යුගයේ ඇඳි සිතියමක් පාදක කර කරමින් 1950 දී ආර්.එල්. බ්‍රෝහියර් සම්පාදනය කළ කෘතියක ද කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව දක්වා ඇති අතර, ඉංග්‍රීසි ජාතික සිවිල් පරිපාලකයෙකු වු ශ්‍රීමත් ජේම්ස් එමර්සන් 1860 දී \"සිලෝන්” නමින් එළිදක්වා තිබූ ග්‍රන්ථයක සිතියමක ද කච්චතීව් දූපත ඇතුළත් කර තිබූ බව පුරාවිද්‍යා නිලධාරීහු පෙන්වා දෙති. 1974 දී අත්සන් කළ ගිවිසුම අනුව කච්චතීව් දූපත ආශ්‍රිත ධීවර කටයුතු හා කච්චතීව් දූපත ආශ්‍රිත සාගර සීමාව සම්බන්ධයෙන් වූ ගැටලු හේතුවෙන් එදා සිට මේ දක්වා ඉන්දීය ධීවරයින් හා ශ්‍රී ලංකා ධීවරයින් අතර ගැටුම් පවතී. 1976 වසරේ ඉන්දු - ලංකා නායකයින් අත්සන් කළ තවත් ගිවිසුමක් අනුව කච්චතීව් දූපත ආශ්‍රිතව මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට අවසරය අහිමි කෙරිණි. මේ හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ජනතාවට කච්චතීව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනීම අතිශය වැදගත් කරුණකි. ඉන්දීය මහ මැතිවරණය 2024 අප්‍රේල් මස 19 වන දා ඉන්දීය මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද විමසීම ආරම්භ වන අතර එය අදියර 7ක් යටතේ ජූනි 01 වන දා තෙක් පැවැත්වේ. කච්චතීව් දූපත සම්බන්ධ ගැටලුව යළි කරළියට එන්නේ මෙම මැතිවරණ පසුබිම තුළ ය. මෙම මහ මැතිවරණයට අදාළව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය තමිල්නාඩු ප්‍රාන්තය තුළ තහවුරු කර ගැනීමට කච්චතීව් දූපත පිළිබද ගැටලුව වැදගත් කරුණක් බව ජාත්‍යන්තර දේශපාලන පර්යේෂකයින්ගේ අදහස යි. ජාත්‍යන්තර සබදතා පර්යේෂක සහ උපදේශකවරයෙකු වන ආචාර්ය හසිත් කන්දඋඩහේවා බීබීසී සිංහල සේවයට පැවසුවේ, තමිල්නාඩු ඡන්දදායකයින් අතර කොංග්‍රස් පක්ෂය කෙරෙහි විරෝධයක් මතු කිරීම සහ භාරතීය ජනතා පක්ෂය කෙරෙහි විශ්වාසයක් ඇති කිරීම අරමුණු කර ගනිමින්, නරේන්ද්‍ර මෝදි කච්චතීව් දූපත සම්බන්ධ අර්බුදය මතු කරන බව ය. කච්චතීව් දූපත යළි ඉන්දියාවට පවරා ගත හැකි ද? කච්චතීව් දූපත ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාවට පවරා ඇතත්, දූපත සම්බන්ධ අයිතිය ඉන්දීය ව්‍යවස්ථාවෙන් ඉවත් කර නොමැති බව ආචාර්ය හසිත් කන්දඋඩහේවා පවසයි. ඒ අනුව, කච්චතීව් දූපත ඉන්දියාවට යළි පවරා ගත හැකි මාර්ග කිහිපයක් ඇතැයි ඔහු පැවසීය. \"පළවෙනි එක තමයි, ඉන්දීය රජයට පුළුවන් ඒ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ලැබුණොත් දූපතේ අයිතිය කිසි ම ප්‍රශ්නයකින් තොරව ආයෙත් පවර ගන්න. එහෙම නැත්නම් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා හරහා ආයෙත් අයිතිය ලබා ගන්නත් පුළුවන්. ඒක ටිකක් සංකීර්ණ වැඩක්.\" කෙසේ වෙතත්, මැතිවරණය ඉලක්ක කර නරේන්ද්‍ර මෝදි යම් යම් ප්‍රකාශ කළ ද, ඒවා ඒ අයුරින් ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ද ආචාර්ය හසිත් කන්දඋඩහේවා පෙන්වා දුන්නේ ය. \"මෙතන තවත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට අයිති නිසා ඒ කලාපය ගැන චීනයේත් අවධානය යොමු වෙලා තියෙනවා. ඉන්දියාවට ඒක බලපෑමක් නිසා ඉන්දියාව ඒ ගැන උනන්දු වෙමින් සිටිනවා.\" කච්චතීව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ලැබීමෙන් අත්වන වාසි කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට අයත් වීමෙන් වාසි කිහිපයක් අත් වී තිබේ. ප්‍රධාන වාසියක් වන්නේ, යුද්ධ කාලයේදී ධීවර කටයුතු නොකෙරුණු මෙම ප්‍රදේශයේ මත්ස්‍ය සම්පත බහුලව පැවතීමයි. ඊට අමතරව, දැනට කර ඇති අධ්‍යයනයන්ට අනුව ගෑස් නිධියක් පිහිටා ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. ඊට අමතරව, කච්චතීව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි වීම නිසා ; නාවික සැතපුම් 12ක සාගර පර්යේෂණ කටයුතු සදහා වන සාගර කලාපය පුළුල් වී තිබේ. කච්චතීව් දූපත ඉන්දියාවට අයත් වුවහොත්, එම කලාපය ගණනය කරනුයේ, මන්නාරම සිට බව ආචාර්ය හසිත් කන්දඋඩහේවා පැවසීය. එසේ වුවහොත්, ශ්‍රී ලංකාවට අයත් වන පර්යේෂණ සාගර කලාපයේ වපසරිය අඩු වනු ඇත. කච්චතීව් ඉන්දියාවට පවරා ගැනීම පහසු වැඩක් ද? කෙසේ වෙතත්, කච්චතීව් දූපත ඉන්දියාවට පවරා ගැනීම පහසු කටයුත්තක් නොවන බව ඇතැම් ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ. Indian Express වෙබ් අඩවිය ඉරිදා (මාර්තු 31) පළ කර ඇති ලිපියක, 2014 වසරේදී එවකට ඉන්දියාවේ නීතිපතිවරයාව සිටි මුකුල් රෝතාගි විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ ප්‍රකාශයක් උපුටා දක්වා ඇත්තේ මෙසේ ය. \"කච්චතීව් ශ්‍රී ලංකාවට පැවරුණේ, 1974 වසරේදී ගිවිසුමක් මගින්. අද කොහොම ද ඒක ආපහු ගන්නේ? කච්චතීව් ආපහු ගන්න ඕන නම් යුද්ධයකින් තමයි ඒක ගන්න වෙන්නේ.\"",
"Title": "කච්චතීව් දූපත: ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට යළි පවරා ගත හැකිද ? "
} |
{
"Text": " චලක සිරිවර්ධන යනු කොළඹ පිහිටි මෘදුකාංග නිෂ්පාදන සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන්නෙකි. වසරක් සහ මාස 8ක සේවා පළපුරුද්දක් සහිත ඔහුගේ වයස තවමත් අවුරුදු 19 ඉක්මවා නැත. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය A සම්මාන 8ක් සහ B සම්මානයක් සමගින් ඉහළින් සමත් වූ චලක, උසස් පෙළ විභාගයට පෙනී සිටියේ නැත. \"මම දැන් සැලකිය යුතු වැටුපක් ලබන අවුරුද්දයි මාස අටක පළපුරුද්දක් සහිත මෘදුකාංග ඉංජිනේරුවෙක්. මාත් එක්ක සාමාන්‍ය පෙළ කරලා, උසස් පෙළ විභාගය ලියපු යාළුවො තාම විශ්වවිද්‍යාලයට යන්න බලාගෙන ඉන්නවා. මට වඩා වයසින් වැඩිමල් අය මට වඩා පහළ තනතුරුවල සේවය කරනවා,\" චලක සිරිවර්ධන තමන් ආ ගමන් මග දෙස ආපසු හැරී බලන්නේ සතුටිනි. ඔහු පැවසූ පරිදි, සිය පියාගේ අභාවයෙන් පසු යම් ආර්ථික දුෂ්කරතාවලට ද මුහුණ දුන් ඔහුට උසස් පෙළ විභාගය කිරීමට වසර කිහිපයක් ගත කිරීම කාලය අපතේ යැවීමක් වනු ඇතැයි සිතට දැනී තිබුණේ, 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කාලයේ සිට ය. ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබීමෙන් පසු ඔහු මෙතෙක් පැමිණි ගමන් මග මෙලෙස විස්තර කළේ ය. \"NIBM එකේ ඩිප්ලෝමා එක කරන්න අවශ්‍ය වුණේ ඉංග්‍රීසි, ගණිතය සහ තොරතුරු තාක්ෂණය එක්ක C සාමාර්ථ 5ක් විතර යි. ඊට පස්සෙ මම අවුරුදු 16දී ඒක පටන් ගත්තා. ඊට පස්සෙ අවුරුදු 17දී උසස් ඩිප්ලෝමා එක කළා මෘදුකාංග ඉංජිනේරු විෂයෙන්. එතනදි මම සීමාවාසික .net මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස සීමාවාසික පුහුණුවකට ගියා. ඊට පස්සේ වයස අවුරුදු 18 වෙනකොට ඒ ආයතනයේ ම සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විදිහට පත්වීමක් ලැබුවා. දැන් මට වයස අවුරුදු 19යි. දැන් මම වෙනත් ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විදිහට වැඩ කරනවා. ඒ අතරේ මම B. Eng. උපාධිය හදාරමින් ඉන්නවා. ඒක දෙසැම්බර් මාසයේදී ඉවරයි,\" චලක සිරිවර්ධන පැවසීය. චලක, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, ඔහු එහිදී විද්‍යාලය වෙනුවෙන් රග්බි ක්‍රීඩාවේ නිරත විය. \"උසස් පෙළ නොකරපු නිසා මට පාසල් ජීවිතේ අවුරුදු දෙකක් මග හැරුණා. ඒ ගැන පොඩි දුකක් තියෙනවා. ඒත් මට අවශ්‍ය වුණේ, අම්මාට බරක් නොවී මගේ ම සල්ලිවලින් ජීවිතය විඳින්න. එදා මම ගත්ත තීරණය ගැන දැන් මම සතුටු වෙනවා,\" ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. උසස් පෙළ මග හැර අධ්‍යාපන ගමන කෙටි කර ගැනීම චලක මෙන් ම තවත් දරුවන් රැසක් උසස් පෙළ විභාගය මග හැර අධ්‍යාපන ගමන් මග කෙටි කර ගැනීමට උත්සහ දරමින් සිටිති. ඉන් වැඩි පිරිසක් ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන අතර රජයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන් ද ඒ අතර සිටිති. පානදුර පිහිටි ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ වයස අවුරුදු 15ක දරුවෙක් ද මේ වන විට මෘදුකාංග ඉංජිනේරු උපාධියක් හැදෑරීමේ අදහසින් පදනම් පාඨමාලාවක් හදාරමින් සිටී. ඔහුගේ පියා පැවසුවේ, කාලය සහ මුදල් යන කරුණු දෙක ම සලකා මෙම තීරණයට එළඹි බව ය. “ජාත්‍යන්තර පාසලක උසස් පෙළ කරනවා කියන්නේ ලොකු වියදමක් යන වැඩක්. එඩෙක්සෙල් උසස් පෙළ විභාගය කරන නිසා අපේ පුතාට රජයේ විශ්වවිද්‍යාලවලට යන්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා, උසස් පෙළ කරලා ආයෙත් වියදම් කරන්න වෙනවා උපාධියක් කරන්න. උසස් පෙළට අවුරුදු දෙකක් ගත වෙනවා. ෆවුන්ඩේෂන් කෝස් එක මාස 10න් ඉවරයි. ඉතින් සල්ලිත්, කාලයත් දෙක ම ඉතිරි කර ගන්න පුළුවන් උසස් පෙළ නොකර පදනම් පාඨමාලාව කරන එකෙන්,” ඔහු පැහැදිලි කළේ ය. උසස් පෙළ මග හැර උපාධියක් හදාරන්නේ කොහොම ද? සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු උසස් පෙළ විභාගයට පෙනී නොසිට ඍජුව උපාධි පාඨමාලාවක් හැදෑරීමට මේ වන විට අවස්ථාව හිමි වී තිබේ. විශේෂයෙන්, තොරතුරු තාක්ෂණය, මෘදුකාංග ඉංජිනේරු සහ කළමනාකරණය ආදී ක්ෂේත්‍ර කිහිපයකට සම්බන්ධ උපාධි හැදෑරීමේ අවස්ථාව පවතී. එවැනි උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය, ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය විෂයයන්ට අවම වශයෙන් C සාමාර්ථ සහිතව විෂයයන් 5කින් සමත්ව තිබිය යුතු ය. එවැනි සුදුසුකම් සහිත දරුවන්ට පදනම් පාඨමාලාවක් සමත් වීමෙන් පසු උපාධිය හැදෑරීමට සුදුසුකම් ලබා ගත හැකි ය. වයස අවුරුදු 15දී පදනම් පාඨමාලාව අරඹන දරුවෙකුට වයස අවුරුදු 19 හෝ 20 වන විට පළමු උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව හිමි වනු ඇත. අදියර 12කට බෙදුණු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන යෝග්‍යතා මට්ටම් (Sri Lanka Qualification Frame) ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ගමන් මග අදියර 12කට බෙදී තිබේ. එම අදියර 12 මෙසේ ය. අධ්‍යාපන යෝග්‍යතා මට්ටමේ ඉහළට යාම සඳහා මෙම අදියර 12 ම අනුපිළිවෙළින් පසු කිරීමේ අවශ්‍යතාවක් මතු වන්නේ නැත. උදාහරණයක් ලෙස උසස් පෙළ සාර්ථකව සමත් වීමෙන් 3 වන සහ 4 වන අදියර දෙක ම මග හැර 5 වන අදියරේ හෝ 6 වන අදියරේ ඇති උපාධියක් හැදෑරීමට අවස්ථාව හිමි වෙයි. ඊට අමතරව, 6 වන මට්ටමේ විශේෂ උපාධියක් ගෞරව සම්මාන සහිතව සමත් වීමෙන් 7,8,9 අදියරයන් පසු කර ඍජුව ම 11 වන අදියරේ දර්ශනපති උපාධියක් හැදෑරිය හැකි ය. මේ අනුව, මෙම සාමාන්‍ය ක්‍රමවේදය ඔස්සේ වුව ද, අධ්‍යාපන ගමන් මග කෙටි කර ගැනීමට අවස්ථා පවතී. 'වසර 13ක පාසල් අධ්‍යාපනයෙන් දරුවන් හෙම්බත් වනවා' ශ්‍රී ලංකාව තුළ මේ වන විට විශ්වවිද්‍යාල වරම් හිමි කර ගන්නා සිසුවෙකු හෝ සිසුවියක සිය මූලික උපාධිය අවසන් කරන්නේ, වයස අවුරුදු 25 සිට 27 අතර දක්වා වන කාල පරාසය තුළ දී බව හඳුනාගෙන තිබේ. වෙනත් රටවල් සමග සැසඳීමේදී එය දීර්ඝ කාලයකි. ඉන්දියාව ඇතුළු රටවල් රැසක වයස අවුරුදු 21-23 වන විට මූලික උපාධිය සම්පූර්ණ කිරීමේ හැකියාවක් පවතී. ශ්‍රී ලංකාවේ වසර 13ක් පුරා පාසල් අධ්‍යාපනය ලබන බොහෝ දරුවන් පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසු පශ්චාත් හෝ වෘත්තීය අධ්‍යාපන කටයුතුවල නිරත වීමට මැළිකමක් දක්වන බව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජපන් විශ්වවිද්‍යාලයක් වන KIU විශ්වවිද්‍යාලයේ තත්ත්ව ආරක්ෂණ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පර්යේෂක ආචාර්ය පියවි විජේවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය. “අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය ලබන දරුවෙක් අවම වශයෙන් අවුරුදු 15ක් තිස්සේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. ඔහු උසස් පෙළ ලියලා ඉවර වුණා ම හෙම්බත් වෙලා ඉන්නේ. ඉතින් විශ්වවිද්‍යාල වරම් ලැබුණොත් කොහොම හරි උපාධියක් කරනවා. එහෙම නැති වුණොත් ඒ දරුවන්ගේ අධ්‍යාපනය එතනින් ඉවර යි. උපාධිය ගත්ත බොහෝ දෙනෙක් එතනින් විධිමත් අධ්‍යාපනය අවසන් කරනවා. ඒ ගැන අපි කරල තියෙන සමීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රමයේ යම් වේගවත් බවක් තිබුණොත් දරුවන් වැඩිදුර අධ්‍යාපනයට යොමු වීම යම් තරමකට වැඩි වෙයි,” ආචාර්ය පියවි විජේවර්ධන පැවසීය. ඔහුගේ අදහස වී ඇත්තේ, දරුවන් දීර්ඝ කාලීන අධ්‍යාපන ක්‍රමවේදයකින් හෙම්බත් නොකර සාර්ථක කෙටි මාර්ග තෝරා ගැනීම වාසිසහගත බව ය. “සාමාන්‍ය ක්‍රමවේදයට ගියොත් ශ්‍රී ලංකාව ඇතුළෙදි ආචාර්ය උපාධියක් හිමි කර ගන්න වයස අවුරුදු 40ක්වත් ගත වෙන්න පුළුවන්. සමහර විට ඊට වඩා කාලයක් ගත වෙන්නත් පුළුවන්. ඒත්, දැන් උසස් පෙළ මග හැරලා පදනම් පාඨමාලා හරහා උපාධියක් ලබා ගන්න පුළුවන් වයස අවුරුදු 19 වෙද්දී. මේක දරුවෙකුට ලොකු වාසියක්. වෘත්තිය කලින් ආරම්භ කරන්න පුළුවන්, අඩු වයසින් වෘත්තීය පළපුරුද්දක් ලබා ගන්න පුළුවන්, උසස්වීම් ලබා ගන්න පුළුවන්. ඒ දරුවන් බොහෝ විට ආචාර්ය උපාධි දක්වා ඉගෙන ගන්න පෙළඹෙනවා.” අධ්‍යාපන මග කෙටි කර ගැනීමේ අවාසි සහ ඊට විසඳුම් අධ්‍යාපන ගමන් මග කෙටි කර ගැනීමේ අවාසි ද පවතින බව ආචාර්ය පියවි විජේවර්ධන පැහැදිලි කළේ ය. “ඉක්මනින් සුදුසුකම් ලබා ගන්න එක යම් වාසිසහගත දෙයක් වුණත්, ඒකෙන් අවාසි වෙන අවස්ථාත් තියෙනවා. මොක ද, කෙටි මාර්ගවලදී දරුවන් විභාග පදනම් කරගෙන ඉගෙන ගන්න තමයි බොහෝවිට පෙළෙඹෙන්නේ. විෂය පදනම් කරගෙන ඉගෙනීම් කරන්නෙ නැති නිසා ඔවුන් ලබන විෂය දැනුම සීමාසහිත යි. කෙටි මාර්ගවලින් ගියත් නියමිත විෂය දැනුම ලබා ගන්න දරුවන් උත්සහ කළ යුතු යි.” මෙම තත්ත්වය අවම කිරීම සඳහා තමන් ක්‍රමෝපායයන් කිහිපයක් අනුගමනය කරන බව ආචාර්ය පියවි විජේවර්ධන පැවසීය. “මම කරන මූලික ම දෙයක් තමයි ප්‍රශ්න බැංකු සංකල්පය වෙනස් කරන එක. මම සකස් කරන ප්‍රශ්න පත්‍රවලට පාවිච්චි කරන්නේ අලුත් ම ප්‍රශ්න. මීට පෙර පාවිච්චි කරපු ප්‍රශ්න අනුසාරයෙන් ප්‍රශ්න පත්‍ර සකස් කිරීම මම කරන්නෙ නෑ. එතකොට ප්‍රශ්න පත්‍රවලට උත්තර හොයලා විභාග සමත් වෙන්න දරුවන්ට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඔවුන් සමස්ත විෂය ම හැදෑරුවෙ නැත්තම් විභාගය සමත් වෙන්න බෑ. එහෙම වුණා ම දරුවන්ගේ විෂය දැනුම පුළුල් වෙනවා,” ඔහු සඳහන් කළේ ය.",
"Title": "උසස් පෙළ නොකර ම වයස අවුරුදු 19 වන විට උපාධිධරයෙක් වන්නේ කෙසේ ද?"
} |
{
"Text": " පසුගිය දිනවල අරුණ ප්‍රේමරත්න වඩාත් ජනප්‍රිය වන්නේ ‘කොඩි ගහ යට’ ටෙලිනාට්‍යයේ රචකයා ලෙස වුවත් ඔහු මේ වන විට පාඨක විචාරක සම්භාවනාවට පාත්‍ර වූ නවකතා දෙකක් ‘තරු විසුළ රැය' සහ ‘දවස් තුනක කතාවක්’ සිංහල සාහිත්‍යයට දායක කර ඇත. එසේම පරිවර්තකයෙක් ලෙස සිය සාහිත්‍ය ප්‍රවේශය සළකුණු කරන ඔහු අතින් විශ්ව සාහිත්‍යය තුළ වැදගත් කෘතීන් සිංහල පාඨකයාට හඳුන්වා දී ඇති බව ද අමතක කල නොහැකිය. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගනන, ලිවීම තමන්ම විඳින හැටි, වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මේ කතාබහ ආරම්භ කරන්න මං මුලින්ම ඔබගෙන් අහන්න කැමතියි නවකතාවක සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතා වල පළමු වාක්‍යය ලියවුණු හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? අරුණ: මම නවකතාවකට ප්ලොට් එකක් ආවම ලියන්න පටන් ගන්න කලින් ඒක මනසින් ගොඩනංවනවා. මේක පොඩි ක්‍රීඩාවක් වගේ දෙයක්. දේවල් එහා මෙහා කරමින් මං ඒක මනස තුළ නිර්මාණය කරනවා. මොන විදිහට ද චරිත එකතු වෙන්නෙ, මොන විදිහට ද අවසන් වෙන්නේ, ආකෘතික වශයෙන් මට මොකද්ද මේකෙ කරන්න පුලුවන් මේ වගේ දේවල් විවිධ විදිහට එහා මෙහා කරමින් මම බලනවා. මේක මට හරිම තෘප්තිමත් දෙයක්, ඇත්තටම ක්‍රීඩාවක් වගේම තමයි. ලිවීමටත් වඩා මම සමහරවිට සතුටු වෙන්නේ නවකතාවක් මනස තුළ ගොඩනංවන කාලය ඇතුළේ තමයි. මං පොඩි කාලෙ ඉඳන් ලියන එක ගැන අදහසක් නැතුවත් මේ විදිහෙ කල්පනා ලෝකවල ඉඳල තියනවා. එතනදිත් සිද්ධ වුණේ ලිවීමේ බලාපොරොත්තුවක් නැතුව කතන්දරයක් ඇතුලට යාමක් තමයි. ඒ නිසා ඒක කාලාන්තරයක් තිස්සේ මගෙ ජීවිතේට සම්බන්ධ භාවිතයක්. දැනටත් නවකතාවක් ලියන්න සුදුසු වස්තු බීජ කිහිපයක් ඔලුවේ වැඩ කරනවා. ඒවත් එක්ක නිරන්තරයෙන් මනස් ක්‍රීඩාවක මං නිරත වෙනවා. මේ ක්‍රීඩාව ඇතුළේ තමයි මට අහුවෙන්නේ මේක පටන් ගන්න ඕන කොතනින්ද, මේක ගලාගෙන යන්නෙ කොහොමද, මේකෙ ආකෘතිය මොකද්ද, මේක අවසන් වෙන්නෙ කොහොමද වගේ දේවල්. සමහර වෙලාවට මෙහෙම කරගෙන ඇවිල්ල ආපහු ඒක හොඳ නැහැ කියල හිතල මුල ඉඳන් මේ මානසික ගොඩනැංවීම කරනවා. යම් වෙලාවක මේ ක්‍රියාවලිය මට සෑහීමකට පත් වෙන තැනකට ආවම තමයි මම ලියන්න පටන් ගන්නෙ. බොහෝ වෙලාවට මේ වෙනකොට පළමු වාක්‍යයත් මගෙ ඔලුවට ඇවිත් තියෙන්නේ. මම පළමු වාක්‍යය ගැන විශේෂයෙන් උනන්දු වෙනවා. ඒක තමයි ඇන්ජින් එක වගේ නවකතාව ඉදිරියට ගෙනියන්න දායක වෙන්නේ. කෞශල්‍ය: දැන් මේ කාලය තුළ ඔබ කිසිම දෙයක් සටහන් තියා ගන්නෙ නැද්ද? අරුණ: නැහැ. කිසිම සටහනක් තියා ගන්නෙ නැහැ. කිසිම ආකාරයකින් අර මනස් ක්‍රීඩාව ඇතුළේ මම අකුරු පාවිච්චි කරන්නේ නැහැ. සටහන් තබා ගන්නව නම් ඒක කරන්නේ ලියන්න පටන් ගත්තට පස්සේ . ලියන්න ගත්තට පස්සේ අර මනස් ක්‍රීඩාව අවසන් වෙනවා. එතෙන්ට විචාර බුද්ධිය එන්න පටන් ගන්නවා. අපි ඇතුළේ ඉන්න විචාරකයාත් අවදි වෙන්න පටන් ගන්නවා. අර මනස් ක්‍රීඩාවෙදි ඒක දැනෙන්නේ නැහැ. ලියනවා කියන්නේ මං තව කෙනෙකුට දෙන දෙයක්. ඒ කියන්නේ මෙතෙන්දි මගේ පරිකල්පනීය පාඨකයාත් එතෙන්දි මගෙ ඉස්සරහ ඉන්නවා. නමුත් මනස් ක්‍රීඩාවෙදි මේ කවුරුවත් නැහැ. මං විතරයි ඉන්නේ. මේක අකුරු වලට පෙරලෙන තැනදි තමයි පාඨකයා මැවෙන්නේ. මේක මං හිතල කරන දෙයක් නෙමෙයි. නවකතා දෙකක් ලිව්වට පස්සේ මං මගෙ ක්‍රියාවලිය දිහා බලන කොට මට පේන දෙයක්. කෞශල්‍ය: දැන් මේ මනසේ ගොඩනඟන නවකතාව ලිවීම ඇතුළේ ඒ ආකාරයෙන්ම ලියවෙනවද? අරුණ: නැහැ එහෙම වෙන්නෙ නැහැ. සමහර දේවල් වෙනස් වෙනවා. අර පරිකල්පනීය පාඨකයා එක්ක සිද්ධ වෙන මගේ ගනුදෙනුවත් එක්ක දේවල් වෙනස් වෙනවා. මොකද මං හිතන්න ගන්නවා මගේ හිතේ ගොඩනැගුණු දේවල් තවත් කෙනෙකුට දැනෙන විදිහ ගැන. උදාහරණයක් හැටියට මම ගොඩනගල තියන සමහර සිදුවීම් වල පසුබිම් කතාව මං අවිඥානිකව දන්නවා වෙන්න පුලුවන්. නමුත් පාඨකයා ඒක දන්නේ නැහැ. අන්න ඒ වෙලාවට මට හිතෙනවා ඒ පසුබිම ලියන්න. මේ විදිහට පාඨකයා වෙනුවෙන් සමහර දේවල් එකතු කරන්න වෙනවා; සමහර දේවල් අයින් කරන්නත් වෙනවා. මෙතෙන්දි ඇත්තටම මගේ තෘප්තිය වෙන්නේ පාඨකයාගේ තෘප්තිය වෙන්න පුලුවන්. ඒක හරියට සම්භෝගය වගේ දෙයක්. අපි ලිංගික එක් වීමකදි අපේ සතුටේ විශාල කොටසක් රැඳී තියෙන්නෙ අනෙකා ගේ සතුට මත නේ. අපි තෘප්තිමත් වෙනවා වගේම අපි අනෙකා ගේ තෘප්තියෙනුත් තෘප්තිමත් වෙනවා. අන්න ඒ වගේ. එතකොට ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ පාඨකයා තෘප්තිමත් වෙයි කියල හිතන ආකාරයට මං මගේ හිතේ ගොඩනැගුණු දේවල් යම් සංස්කරණයකට ලක් කරනවා. මේකට විචාරක මිනුම් දඬු වගේ දේවල් අදාළ වෙන්නෙ නැහැ. ඒක ලිවීම තුළින්ම වෙන දෙයක්. මේ මනසින් හදා ගත්ත පාඨකයාත් එක්ක කරන ගනුදෙනුව තමයි මම ලිවීම කියල හිතන්නේ. ඔහු තෘප්තිමත් කිරීම මගේ වගකීමක් කියල මට හිතෙනවා. එතෙන්දි තමයි නිර්මාණය මගේ පෞද්ගලිකත්වයෙන් ගිලිහෙන්නේ. කෞශල්‍ය: දැන් මනසේ ගොඩනැගෙන නවකතාව සහ කොළයක වචන බවට පත්වෙන නවකතාව කියන මේ දෙක අතර පරතරය මොන වගේ එකක් ද? අරුණ: ලොකු පරතරයක් තියනවා කියල මට කියන්න බැහැ. මූලික හැඩය අනිවාර්යෙන් සමානයි. නමුත් චරිත වල සිදුවීම් වල යම් යම් වෙනස්කම් තියනවා. කොහොමත් ලිවීම පටන් ගත්තට පස්සෙ අර මානසික ක්‍රීඩාව අවසන් වෙලා යනවා. සාමාන්‍යයෙන් ලිව්වට පස්සේ මට මගෙ නවකතාවල සිදුවීම් සහ සමහර චරිත පවා එකවර මතකයට නගා ගන්න බැහැ. මට ඒව අමතක වෙලා යනවා. හිතල කරන දෙයක් නෙමෙයි. ඒක එහෙම වෙනවා. වෙන දෙයක් එතෙන්ට ආදේශ වෙනවා. මේක ටෙලි නාට්‍යය රචනයේදිත් මට වෙනවා. සමහර වෙලාවට ටෙලි නාට්‍යය විකාශය වෙද්දි මට මතක නැහැ මේව මම ලියපු දේවල් ද කියලවත්. නවකතාවක් ලියල අවසන් වුණු ගමන් නැවත කියවද්දි මට හිතුනු ආකාරය අනුව තමයි මම මේ ප්‍රශ්නයට උත්තර දුන්නේ. ඒ අනුව බලන කොට මට හිතෙන්නෙ ලොකු පරතරයක් නැහැ කියල තමයි. කෞශල්‍ය: අපි දැන් ටිකක් කතා කරමුද ලියන කාලය ගත වෙන හැටි ගැන? අරුණ: මං සාමාන්‍යයෙන් ලියන්නෙ පරිගණකයෙන්. වැඩි පුර ලියන්නෙ දහවල් කාලයට තමයි. රාත්‍රියට ලියන දේවල් ගොඩක් වෙලාවට මට වෙනස් කරන්න සිද්ධ වෙනවා. කොහොම වුනත් මගේ වැඩිපුර කාලය ගත වෙන්නේ ලිවීමට පෙර සිද්ධ වෙන මනසේ ගොඩනැංවීමට. නවකතාව ලියන්න පටන් ගත්තම සතියට දවස් තුන හතරක් වත් ඒක ලිවීමත් එක්ක ගත කරනවා. හැබැයි සමහර දවස් තියනවා කිසිම දෙයක් ලියවෙන්නෙ නැති. ඒ වගේ දවස් වලට මම බලෙන් ලියන්නෙ නැහැ. තෘප්තිමත්ව ලියවෙනව නම් විතරයි ලියන්නේ. කෞශල්‍ය: නවකතාවක සංස්කරණය කොහොමද සිද්ධ වෙන්නෙ? අරුණ: නවකතාව ලිව්වට පස්සෙ මගෙ අර මනස් ක්‍රීඩාව නතර වෙන නිසා මට ඒක දිහා තරමක් දුරින් ඉඳන් බලන්න පුලුවන් වෙනවා. ඒ නිසා ලිවීමෙන් පස්සේ කිහිප සැරයක් සංස්කරණය කරනවා. ඒකටත් මම සැළකිය යුතු කාලයක් ගන්නවා. මේකෙදි මං සිද්ධි මාලාවෙ යම් කිසි නොගැලපීමක් තියනවද, චරිත වල විකාශයේ යම් ගැටලු තියනවද වගේ දේවල් ගැන උනන්දු වෙනවා. ඒ වගේම වාක්‍ය රටාවන් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. මං කැමතියි ධ්වනියක් එක්ක වාක්‍යයෙන් වාක්‍යයට යන කොට තියන රිද්මය පවත්වාගෙන යන්න. සමහර වෙලාවට මගෙ ළඟම ඉන්න කෙනෙකුට කියවන්න දීල ඒ අයගෙ අදහස් අර ගන්නවා. ඒවත් උදව් වෙලා තියනවා නැවත සංස්කරණයට. කෞශල්‍ය: මේ සංවාදය අවසාන කිරීමට මං ඔබෙන් අහන්නෙ ලිවීම ඔබ විඳින හැටි ගැන? අරුණ: එක කාලෙකදි තිර රචනා ලිවීම මගෙ වෘත්තිය බවට පත් වෙනවා. නවකතා ලියන්න මගෙ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඇත්තටම මම නවකතාවට ප්‍රවේශ වෙන්නෙම තිර රචනයෙන් බිහිවන නිර්මාණ තුළ මට සම්පූර්ණයෙන්ම මගේ දෙයක් කියා ගන්න තියන අවකාශය අඩු වීමත් එක්ක. ටෙලි නාට්‍යය කියන්නෙ කර්මාන්තයක්, ඒකෙදි සම්පූර්ණයෙන් ප්‍රාග්ධනයත් එක්ක තියන සම්බන්ධයෙන් නිදහස් වෙන්න බැහැ. ඒ නිසා ඒක විසින් මගේ ලිවීම පාලනය කරනවා. ඒක වරදක් නෙමේ ඒක තමයි ඒ කර්මාන්තයේ හැටි. ඉතින් මගෙ බිරිඳයි දියණියයි එක්ක මගෙ හිත ඇතුළේ තියන දේවල් කතා කරන අවස්ථා තියනවා. ඒ දෙන්න තමයි මාව නවකතාවට යොමු කලේ ඇත්තටම. ඒ දෙන්න තමයි කිව්වෙ ඔයාගෙ දේකුත් කරන්න මේ අතරේ කියල. මොකද මං හිතන්නෙ මගෙ දෙයක් නොලිව්වොත් මට අමාරුවෙයි කියන එක ඒ ගොල්ලන්ට දැනෙන්න ඇති. ඉතින් නවකතා ලියන්න ගත්තට පස්සෙ මට දැනුන ඒකෙන් එක පැත්තකින් මාව නිදහස් වෙනවා; අනිත් අතින් ඒක ඉතාම තෘප්තිමත්. මට වෙළඳපල වටිනාකම වගේ දේවල් වල බලපෑමකින් තොරව මගේ දෙය කියන්න පුලුවන්. අරුණ ප්‍රේමරත්න නවකතාකරුවා සිය නවකතා පිටුපස ගත කරන ජීවිතයේ ස්වභාවය, ඒවා ලියන විට ඔහු අත්විඳින හැඟීම් සහ ඔහුටම අනන්‍ය වූ තාක්ෂණයන් ගැන කරන ලද මෙම කතා බහ නවකතා ලිවීමට ආශාවෙන් සිටින අනාගත ලේඛකයන්ට බොහෝ දේ කියා දෙනු ඇත. එසේම ඔහුගේ නවකතා කියවන විට ඒවායේ ඇති චරිත, සිදුවීම් දෙස පෙර නොදුටු මානයකින් බලන්නටද සමහර විට මේ කතාබහ දායක වනු ඇත. ලබන සතියේ අප හා එක් වන තරංගනී රෙසිකා ප්‍රනාන්දු යනු සමකාලීන සිංහල සාහිත්‍යයේ තවත් සුවිශේෂී නවකතාකාරිනියකි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. ",
"Title": "'මම ලියන හැටි' : අරුණ ප්‍රේමරත්න"
} |
{
"Text": " \"ලංකාවට ඇවිල්ලා තේරුමක් තියෙනවාද කියන ප්‍රශ්නේ තියෙනවා, රටේ තියෙන ආර්ථික, දේශපාලන ප්‍රශ්න එක්ක රට ගොඩ යයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා මෙහේ සෙටල් වෙන්න තමයි බලන්නේ.” හිරුණි විදේශගත වුයේ ඇයගේ උසස් අධ්‍යාපනය සඳහා පමණක්ම නොවේ. මෙරට තුළ යහපත් අනාගතයක් නැතැයි සිතන ඇයගේ තවත් එක් අරමුණක් වන්නේ විදෙස් රටක ස්ථිර පදිංචිය හෝ පුරවැසි භාවය ලබා ගැනීම ය. අපගේ කතා නායිකාව ඇය වන අතර ඇය මෙන්ම බොහෝ දෙනෙකු උසස් අධ්‍යාපනයට යැයි පවසා විදේශ ගතවී ඇත.තවත් බොහෝ දෙනෙකු කෙසේ හෝ විදේශ රටකට යාමට අපේක්ෂාවෙන් පසුවෙයි. ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක ගිලි තිබෙන අවස්ථාවක විදෙස් ගතවීමට ඒ සෑම දෙනා අතේම මුදල් තිබේ ද? ඒ සඳහා ඔවුන් කරන්නේ කුමක් ද? මේ බීබීසී සිංහල ඒ පිළිබඳව කළ සොයා බැලිමකි. “මම ඉස්සෙල්ලාම ෆින්ලන්ඩ් යන්න ගියේ, ඒත් සල්ලි පෙන්නන ඒකේ ප්‍රශ්නයක් වෙලා වීසා ලැබුණේ නැහැ. ඊට පස්සේ තමයි මම එංගලන්තයට එන්න වැඩ කළේ. ඇත්තටම ලොකු ගානක් අතේ තියෙනවා කියලා පෙන්නන්න උනා විසා ගන්න, ඒත් එච්චර මුදලක් අතේ තිබුනේ නැහැ. එතකොට තමයි මම වැඩේ බාර දුන්න ඒජන්ට්ට. මට ෂෝ මනී කරන කෙනෙක්ව සම්බන්ධ කරලා දුන්නේ ඒ හරහා තමයි සේරම වැඩ කරගෙන වීසා ගහගත්තේ.” විදෙස් රටක අධ්‍යාපනයට ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ අතලොස්සකට පමණකි. එසේ නොමැතිනම් අදාළ රටේ වීසා ලබා ගැනීමට අධ්‍යාපනයට හා එම රටේ දී වියදම් සඳහා ඔබ සන්තකයේ මුදල් ඇති බව තහවුරු කිරිම අනිවාර්ය වේ. රටින් රටට පෙන්විය යුතු මුදල් ප්‍රමාණය වෙනස්වන අතර එම මුදල ලක්ෂ අසූවේ සිට ලක්ෂ 100, 200 දක්වා හෝ ඊටත් වඩා වැඩි විය හැකි බව බීබීසි සිංහල කළ සොයා බැලීමක දී දැනගන්නට හැකි විය. “අතේ තිබුනා මුදලක් ඒකට ෂෝ මනී පෙන්නන කෙනාගේ කොටසත් දාලා තමයි බැංකුවට දැම්මේ. බැංකුවේ වැඩ ටික සේරම ෂෝ මනි කරන කෙනා කරළා දුන්නා මට තිබුනේ එයාගේ ගාන ගෙවන එක විතරයි.” 'කෑෂ් බැක් කියලා එක විදියක් තියෙනවා, ෆුල් කෑෂ් කියලා තවත් ක්‍රමයක් තියෙනවා' බීබීසි සිංහල මේ පිළිබඳව තවදුරටත් කරන ලද සොයා බැලීමක දී වීසා ලබා ගැනීමට අවශ්‍ය මුදල් පෙන්වීමට, මුදල් සොයා ගත් ආකාරයට අවශ්‍ය ලියකියවිලි සැකසීමට තැරැව්කරුවන් බොහෝමයක් සිටින බව දැනගන්නට ලැබුණි. එසේ මුදල් පෙන්වීමට අවශ්‍ය එක් තැරැව්කරුවකු සම්බන්ධ කරගෙන විස්තර ලබා ගැනීමට බීබීසී සිංහල වෙත හැකි විය. “කෑෂ් බැක් කියලා එක විදියක් තියෙනවා, ෆුල් කෑෂ් කියලා තවත් ක්‍රමයක් තියෙනවා. කෑෂ් බැක් එකේ දී වැඩි කොටසක් අපි දානවා, ඉතිරි 10% වගේ ඔයා දාන්න ඕනේ. ෆුල් කෑෂ් කරනවා නම් අපි ඔයාට අවශ්‍ය ගාන බැංකුවට දානවා. කෑෂ් බැක් කරනවා නම් දාන මුදලින් 1.5% වගේ ෆුල් කෑෂ් කරනවා නම් 3% වගේ තමයි අපේ ගාන වෙන්නේ.” යැයි තරිඳු යන අන්වර්ථ නාමයෙන් අප හඳුන්වාදෙන තැරැව්කරුවා කියා සිටියේය. “ලක්ෂ සීයක් වගේ පෙන්නවා නම් කෑෂ් බැක් මෙතඩ් එකේදී වෙන්නේ අපි ලක්ෂ 90ක් දානවා ඉතිරි ලක්ෂ 10 ඔයා දාන්න ඕනේ. ඒ දාලා ඔයාගේ නමට එෆ් ඩී එක දාලා. ඔයාට අවශ්‍ය එෆ් ඩී සෙටිෆිකර්ට් එකයි, බැලනස් කන්ෆමේෂන් එකයි බෑන්ක් එකෙන් ගත්තාට පස්සේ අපි අර දාන එෆ් ඩී එකෙන් 90%ක ලෝන් එකක් අරගෙන අපි දාපු ලක්ෂ 90 අයින් කරගන්නවා. ඒක කරන්න තමයි 1.5% ක් ගන්නේ අපි. ඒක වන් ටයිම් පේමන්ට් එකක්.” “ෆුල් කෑෂ් මෙතඩ් එකේදී වෙන්නේ ඔයා සල්ලි දාන්න ඕනේ නැහැ. ලක්ෂ 100 අපි දානවා, දාලා එකවුන්ට් එකේ තියෙනවා. ඒකට රේට් එක 3% මාසෙකට. ඒක එම්බසින්යෙන් චෙක් කළත් ප්‍රශ්නයක් නැහැ. මොකද එකවුන්ට් එකේ ජෙනුවින් සල්ලි තියෙනවා.” තරිඳු පැවසීය. ඔහු මේ සඳහා පුද්ගලික බැංකු කිහිපයක් යොදා ගන්නා අතර සමාන්‍ය වශයෙන් දිනකට පුද්ගලයින් 5 දෙනෙකුට වඩා ගණක් ඔහුගෙන් සේවය ලබා ගන්නා බව ද පැවසීය. තරිඳු මෙන්ම මෙම සේවය සපයන තවත් බොහෝ දෙනෙකු සිටින බව බීබීසී සිංහල වෙත දැන ගැනීමට හැකි වු අතර ඇතමුන් පුවත්පත් දැන්වීම් හෝ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයක් ලබා දෙමින් සේවය සපයනු ලබයි. සල්ලි ලැබුණ විදිය පෙන්වන ක්‍රමය ඉගෙනීමට මෙන්ම අදාළ රටේ ඔබ ඉන්නා කාලය තුළ ජීවත් වීමට අවශ්‍ය මුදල් පෙන්වීම වීසා ලබා ගැනීමට අනිවාර්ය අතර එම මුදල් ලැබුණ ආකාරය මෙන්ම නැවත පෙරළා මව්බිමට යෑමට හේතු ඇති බවද පෙන්වීම අනිවාර්ය වේ. තැරැව්කරුවන් හරහා මුදල් ලබා ගන්නා බොහෝ දෙනකු එම මුදල් යම් දේපළක් විකිණිමෙන් සොයා ගන්නා ලද බවට වීසා නිලධාරින්ට දන්වන අතර නැවත පෙරළා පැමිණෙන බව පෙන්වීමට මෙරට වටිනා දේපළක් ඇති බව ද සඳහන් කරනු ලබයි. තැරැව්කරු විසින් ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස් කරනු ලබයි. ඒ ආකාරයට ව්‍යාජ ලෙස ලිපි ලේඛන සකස් කරන තැරැව්කරුවකු සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල වෙත හැකි වූ අතර විදෙස් විශ්ව විද්‍යාලයේ මෙරට ඒජන්තවරයා අවශ්‍ය බවට දන්වන ලිපි ලේඛන ඔහු විසින් සකස් කර දෙනු ලබයි. කැළුම් ඔහුගේ සැබෑ නම නොවෙයි, විදෙස් විශ්ව විද්‍යාලයක මෙරට ඒජන්තවරයකු හරහා ඔහුගේ සම්බන්ධතාවය ලැබුණු අතර මුදල් ලැබුණු ආකාරය පෙන්වීමට අවශ්‍ය කරන ලිපි ලේඛන පිළිබදව දැනුම් දී බීබීසි සිංහල වැඩි විස්තර ලබා ගන්නා ලදි. ඔහු පැවසු පරිදි ලිපි ලේඛන සකස් කිරිම නීතිඥවරයකු විසින් සිදු කරනු ලබන අතර එම නීතිඥවරයා මුණ ගැසීමට හෝ දුරකතනයෙන් හෝ වෙනයම් මාර්ගයකින් සම්බන්ධ කර ගැනීමට අයදුම්කරුට අවස්ථාව නොලැබේ. සියලු සම්බන්ධීකරණ කටයුතු මෙන්ම මුදල් ලබා ගැනීම සිදු කරන්නේ ද කැළුම් විසිනි. “සල්ලි ලැබුන විදිය පෙන්වන්න සේල්ස් ඇග්රිමන්ට් එකයි, දැනට ඔයාගේ ඉඩමක් හරි ගෙයක් හරි ලංකාවේ රෙන්ට් කරලා තියෙනවා කියලා පෙන්නන්න ඩොකියුමන්ට් ටික හදලා දෙන්න පුලුවන්. ඔයාගේ නමට ඉඩමක් තියෙනවා නම් ඒ විස්තර දෙන්න.” නීතිඥවරයා සමග කතා කිරිමෙන් පසුව කැළුම් දැනුම් දුන්නේය. එම සියලුම ලිපි ලේඛන සඳහා කැළුම් රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් අය කරනු ලබයි. ව්‍යාජව සෑදීමට අවශ්‍ය ලිපි ලේඛන වැඩි වන විට අය කිරීම ද ඉහළ යයි. “රටින් යන ගොඩක් අය ආපහු එයි කියලා හිතන්න බැහැ, රටේ තියන තත්වෙත් එක්ක. මමත් ඉතින් එහෙම එන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ.” යැයි රට හැර යන උගත් පරම්පරාව ගැන කතා බහ අවසන් කරමින් හිරුණි කියා සිටියාය.",
"Title": "ආර්ථික අර්බුදය මැද හැමෝම ඉගෙන ගන්න රට යන්නේ කොහොම ද?"
} |
{
"Text": " අඟහරුවාදා අලුයම බහාලුම් ප්‍රවාහන නෞකාවක් එක්සත් ජනපදයේ බොල්ටිමෝර් නගරයට නුදුරින් පිහිටි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටුනේ එහි වැඩි කොටසක් කඩා වැටීමට සලස්වමිනි. එම අවස්ථාවේ පාලම හරහා ගමන් කරමින් තිබුණු වාහන කිහිපයක් පැටැප්ස්කෝ නදියට ඇද වැටුණු අතර ජලයට වැටී ඇති බවට විශ්වාස කෙරෙන පුද්ගලයින් 7ත් 20ත් අතර සංඛ්‍යාවක් මුදා ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් දියත් කර තිබේ. පැටප්ස්කෝ ගඟට වැටුණු පිරිස අතර ඉදිකිරීම් කම්කරුවන් හය දෙනෙක් සිටින අතර ඔවුන් සියල්ලන්ම මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ. අනතුරින් පසු මේරිලන්ඩ් ආණ්ඩුකාර වෙස් මුවර් විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. පාලම ගැන අප දන්නා තොරතුරු? බොල්ටිමෝර් පාලම, බොහෝ දෙනා දන්නා පරිදි කී පාලම, 1977 වසරේදී විවෘත කරන ලද්දේ එක්සත් ජනපද ජාතික ගීය වන 'Star Spangled Bannerහි පද රචනා කළ 19 වන සියවසේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ විසූ කවියෙකු වන ෆ්‍රැන්සිස් ස්කොට් කීට ගෞරවයක් වශයෙනි. මෙම පාලම අඩි 8,636ක් (මීටර් 2,632) දිගින් යුක්ත වූ අතර එය පැටැප්ස්කෝ නදිය සහ බොල්ටිමෝර් වරාය හරහා විහිද ගොස් තිබිණි. පැටැප්ස්කෝ නදිය එක්සත් ජනපදයේ විශාලතම මෝය වන චෙසපීක් බොක්ක වෙත ගලා බසී. එය ට්‍රස් වර්ගයේ පාලමක් ලෙස විස්තර කර ඇති අතර, එහි මධ්‍ය කොටස එනම්, ආධාරක නොමැතිව එක් කෙලවරක සිට අනෙක් කෙලවර දක්වා විහිදෙන පාලමේ දිග ම කොටස අඩි 1,200ක් වන අතර එය ලොව ඇති එවැනි ආකාරයේ පාලම්වලින් තුන්වන දිග ම පාලම ද විය. ඩාලී නමැති එම නෞකාව පාලමේ ආධාරකයක ගැටීමෙන් පසු එය ක්ෂණිකව කඩා වැටෙන ආකාරය වීඩියෝ දර්ශනවලින් පෙනේ. එම අවස්ථාවේ පාලම මත පුද්ගලයන් කිහිප දෙනෙකු සිටිනු දැකගත හැකි වූ අතර පසුව එය බොල්ටිමෝර් ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජේම්ස් වොලස් විසින් තහවුරු කරන ලදී. අනතරුව බලධාරීන් පැවසුවේ, පාලමේ අලුත්වැඩියා කටයුතු කරන කොන්ත්‍රාත්කරුවන් පිරිසක් ද ඔවුන් අතර සිටින බව ය. අලුයම 01:50ට එම ස්ථානයට පැමිණි ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ පළමු කණ්ඩායම වාර්තා කළේ, පාලම සම්පූර්ණයෙන් කඩා වැටී ඇති බව ය. වරායේ සහ නදියේ අයිස් සහිත ජලයට ඇද වැටී විපතට පත් වූවන් සොයා කිමිදුම්කරුවන්ගේ සහය ඇතිව පුළුල් මට්ටමේ සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී. \"පාලම මත එල්ලෙමින් තිබෙන ඇතැම් භාණ්ඩ හෝ පාලමේ කොටස්\" අනාරක්ෂිත සහ අස්ථාවර තත්ත්වයක් නිර්මාණය කිරීමට තුඩු දුන් අතර, ඒ හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රවේශම්සහගතව මෙහෙයුම්වල නිරතව සිටි බව නිලධාරීහු පැවසූහ. මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජලයෙන් ගොඩ ගෙන ඇති අතර, ඉන් එක් අයෙකු බරපතළ තත්ත්වයෙන් පසුවන අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා නොමැති බව වොලස් පැවසීය. දැනට වරායේ අවට ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9ක් (48F) පමණ වන බව පැවසේ. පුද්ගලයෙකුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ට වඩා අඩු වූ විට හයිපෝතර්මියා තත්ත්වය ඇතිවිය හැක. බොල්ටිමෝර් ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැවසුවේ, සෝනාර් මගින් ජලයේ ගිලී ඇති වාහන හඳුනාගෙන ඇති බව ය. නෞකාව ගැන අප දන්නේ මොනවා ද? දකුණු කොරියාවේ Hyundai Heavy Industries විසින් සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් වන ඩාලි, මුල් වරට ඉදි කරනු ලැබ තිබුණේ, ග්‍රීක නෞකා හිමි සමාගමක් වන Oceanbulk සඳහා ය. එය දැනට ක්‍රියාත්මක වන්නේ වරලත් යාත්‍රා සමාගමක් වන Synergy Group යටතේ වන අතර, එය බහාලුම් ප්‍රවාහනයේ දැවැන්තයෙකු වන Maersk සමාගම විසින් තාවකාලික පදනමක් යටතේ බද්දට ගනු ලැබ ඇති බව Maersk සමාගමේ ප්‍රකාශයක සඳහන් විය. අනතුරට ලක් වන අවස්ථාවේ නෞකාව Maersk පාරිභෝගිකයින්ගේ භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිට ඇති නමුත් එම අවස්ථාවේ සමාගමේ කිසිදු සේවකයෙකු එහි නොසිටි බව සමාගම පැවසීය. නෞකාව ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බලා ගමන් කරමින් සිට ඇති අතර එය අඟහරුවාදා එරට වේලාවෙන් 00:24ට පමණ බොල්ටිමෝර්හි සීගර්ට් මරීන් පර්යන්තයෙන් පිටත් වී තිබේ. වේගය ක්‍රමයෙන් වැඩි කරමින් එය පැටැප්ස්කෝ නදිය දිගේ ගිනිකොන දෙසිට ඍජුව ගමන් කරමින් තිබිණි. පසුව අලුයම 01:25ට MarineTraffic දත්ත පෙන්නුම් කරන්නේ, නෞකාව හදිසියේ ම එහි ඍජු ගමන් මාර්ගය වෙනස් කර වේගය අඩු කිරීම ආරම්භ කළ බව ය. මෙම අවස්ථාවේදී, නෞකාවේ පිටත ඇති සියලු ම විදුලි පහන් එක වර ම නිවී ගොස් එහි දුම් නළයෙන් දුමාරයක් පිටවීමට පටන් ගත් බව වීඩියෝවේ දැක්වේ. ඉන් මද වේලාවකට පසු එය පාලමේ ගැටිණි. බීබීසී පුවත් සේවයේ ඇමෙරිකාවේ හවුල්කාර පුවත් සේවාව වන සීබීඑස් පුවත් සේවය US Cybersecurity and Infrastructure Agency වෙතින් ලබා ගන්නා ලද රහසිගත නොවන තොරතුරක සඳහන් වූයේ, ඩාලි නෞකාව, \"ප්‍රචාලන පද්ධතියේ දෝෂයකට\" ලක්ව ඇති බව ය. නෞකාවේ නියමුවන් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු ම සාමාජිකයින් ඉන්දීය ජාතිකයින් වන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුවී ඇතැයි වාර්තා වී නොමැති බව Synergy සමාගම පැවසීය. සමාගම පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කිහිපයක් ඇති නමුත් නියමුවන් දෙදෙනෙකු සමග එවැනි අනතුරක් සිදුවීම අසාමාන්‍ය දෙයක් බව ය. එන්ජින් ක්‍රියා විරහිත වීම, සුක්කානම් පද්ධතිය ක්‍රියා විරහිත වීම හෝ ජනක යන්ත්‍ර අක්‍රිය වීම නිසා මෙම අනතුර සිදු වන්නට ඇති බව නාවික කටයුතු පිළිබඳ විශේෂඥයෙක් බීබීසීය වෙත පැවසීය. මෙය ඩාලි සම්බන්ධ පළමු සිදුවීම නොවේ. 2016 වසරේදී බෙල්ජියමේ ඇන්ට්වර්ප් වරායෙන් පිටවීමට උත්සහ කරන අතරතුර නෞකාවේ පසු පසකොට ගැටී එහි බඳට හානි විය. නමුත් තුවාල සිදුවීම් හෝ ද්‍රව කාන්දුවීම් කිසිවක් වාර්තා වී නොවිණි. පාලම කඩා වැටීමේ බලපෑම කුමක් විය හැකි ද? කී පාලම පිහිටා ඇති ස්ථානය අනුව හැඟී යන්නේ, මාස කිහිපයක් සහ ඇතැම් විට තවත් වසර ගණනාවක් දක්වා රථවාහන ගමනාගමනයට විශාල බාධා එල්ල වනු ඇති බව ය. එය බල්ටිමෝර් වරායේ නාවික කටයුතුවලට ද දැඩි ලෙස බලපානු ඇත. මංතීරු හතරකින් යුත් මෙම පාලම \"බොල්ටිමෝර් බෙල්ට්වේ\" ලෙස හැඳින්වෙන බොල්ටිමෝර් නගරය වටා දිවෙන පිටත වටරවුම් මාර්ගය වන Interstate 695හි කොටසක් වූ අතර ඒ හරහා වසරකට වාහන මිලියන 11.5ක් ගමන් කළේ ය. නගරයට ආසන්න උමං මාර්ගයක් ඔස්සේ බොල්ටිමෝර් වරාය හරහා ගමන් කිරීමට ඉඩ පවතින නමුත් සිද්ධියෙන් පසු සැලකිය යුතු රථවාහන තදබදයක් සම්බන්ධ ගැටලු අපේක්ෂා කරන බව සඳහන් කරමින් ප්‍රාදේශීය බලධාරීන් \"දැඩි රථවාහන තදබදයක් ඇති වීමේ අනතුරු ඇඟවීමක්\" ප්‍රකාශයට පත් කර ඇත. විශේෂයෙන් ම, පාලම හරහා ගමන් කිරීමට අවසර ලැබුණු, නමුත් විකල්ප උමං මාර්ගය හරහා ගමන් කිරීම තනනම් කෙරුණු අන්තරායකර ද්‍රව්‍ය රැගෙන යන ලොරි රථවලට පාලම කඩා වැටීම බරපතළ ගැටලුවක් වනු ඇත. මෙම සිද්ධිය නාවික කටයුතුවලට ද නොඅඩුව ගැටලු නිර්මාණය කර ඇත. බහාලුම් ප්‍රවාහනය පිළිබඳ විශේෂඥ ලාර්ස් ජැන්සන් පැවසුවේ, සිදුවී ඇත්තේ \"එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ එක්සත් ජනපද ආනයනකරුවන් සහ අපනයනකරුවන් සඳහා සැලකිය යුතු ගැටලු ඇති කරන\" විශාල ව්‍යසනනයක් බව ය. ඊට අමතරව, කලාපයේ අනෙකුත් වරායන් හරහා යා යුතු භාණ්ඩ ඒකක 21,000ක් පමණ ඇති අතර ඔහු පවසන්නේ, \"විවිධ වෙළෙඳ යාත්‍රා දැන් බොල්ටිමෝර් වරායේ සිරවී ඇති\" බව ය. ඒවා කිසිවක් බහාලුම් ප්‍රවාහන නෞකා නොවන නමුත් තොග භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා වේ. 2023 වසරේදී වාහන 800,000ක් පමණ වරාය හරහා ගමන් කළ බවට ගණන් බලා ඇති අතර, ආනයනික භාණ්ඩ ටොන් මිලියන 1.3ක වාර්තාගත ප්‍රමාණයක් ඒ හරහා ගෙන යන ලදී. කෙසේ වෙතත්, ජැන්සන් පවසන්නේ යම් ප්‍රමාදයන් සහ අමතර වියදම් ඇති වුව ද, ගෝලීය දෘෂ්ටිකෝණයෙන් බැලූ කල මෙම සිද්ධිය සැලකිය යුතු බලපෑමක් ඇති නොකරන බව ය.",
"Title": "බොල්ටිමෝර් පාලම කඩා වැටීම ගැන අප දන්නා තොරතුරු"
} |
{
"Text": " ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සවි එසවීමේ ක්‍රීඩාවේ ජාත්‍යන්තර පදක්කම් 60කට අධික සංඛ්‍යාවක් ජයග්‍රහණය කර තිබේ. වයස අවුරුදු 7 සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් සවි එසවීමේ නිරතව සිටිය ද, රන්සිළු ජයතිලක නමැති ක්‍රීඩකයෙකු පිළිබඳව රටේ කතාබහක් ඇති වූයේ, මෑතකදී ය. ඒ, සවි එසවීමේ ලෝක ශූරයින් තරග වැදුණු ආර්නෝල්ඩ් ස්වොට්සනේගර්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කෙරුණු Arnold Sports Festival UK 2024 සවි එසවීමේ තරග ඉසව්වේ ඉහළ ම මට්ටමේ තරගයක (Powerlifting Pro) deadlift තරග ඉසව්වේ ලෝකයේ ම තුන් වන ස්ථානය හිමි කර ගැනීමෙන් පසුව ය. මෙම තරග ඉසව්වේ සමස්ත ලකුණු සටහන අනුව ඔහුට 9 වන ස්ථානය හිමි වී තිබිණි. එම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලාංකිකයින් මිලියන ගණනක් සතුටු වුව ද, එම තරගයට සහභාගි වීම මෙන් ම ඉන් ජය ගැනීම පසුපස ඇති කතාව සතුටුදායක එකක් නොවේ. ඒ පිළිබඳව සවි එසවීමේ ශූර රන්සිළු ජයතිලක බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේ ය. \"මීට් එක තිබුණෙ එංගලන්තයේ. මට වීසා ලැබෙන්න පරක්කු වුණා. අන්තිමට හරින් ප්‍රනාන්දු ඇමතිතුමා තමයි මට පාස්පෝර්ට් එක ගෙන්න ගන්න උදව් කළේ. බ්‍රහස්පතින්දා තමයි ඒක ලැබුණේ. පැය 23ක ගමනකින් පස්සේ සිකුරාදා තමයි මම එංගලන්තෙට ගියේ. සෙනසුරාදා මීට් එක තිබුණා. මට තරගයට සූදානම් වෙන්න තිබුණේ විනාඩි 30ක වගේ කාලයක් විතරයි,\" රන්සිළු ජයතිලක පැවසීය. ඔහුට එහිදී, පුහුණුකරුවෙකු, සහයකයෙකු හෝ වෙනත් කිසිවෙකු නොසිටීම හේතුවෙන් තරගයට මුහුණ දීමට සිදුවූයේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ ය. \"මම තනියම තරගයට මුහුණ දුන්නේ ගොඩක් අමාරුවෙන්. තනියම ඒ ඇඳුම් ඇඳගන්න එක පවා ගොඩක් අමාරුයි, ඒවා ඇඟට තද නිසා. වෙනත් ක්‍රීඩකයින්ට පුහුණුකරු හැරුණා ම සහයට 5 දෙනෙක් විතර ඉන්නවා. ඒ වගේ ම, ලකුණු පුවරුව සැරින් සැරේ බලන්න වෙනවා. ඒකත් කර ගන්න වුණේ මට ම යි. ඒ නිසා මම ලොකු අපහසුතාවකට මුහුණ පෑවා. අනිත් අය ලෝක ශූර ක්‍රීඩකයො නිසා ඔවුන්ට ම වෙන්වුණ මාධ්‍යවේදියො පවා හිටියා.\" මෙම තරගයට ශ්‍රී ලාංකිකයෙකු සහභාගි වූ පළමු අවස්ථාව මෙය වූ අතර, ඔහුට ඒ සඳහා අවස්ථාව හිමි වූයේ, ආසියානු වාර්තාව බිඳ හෙළීම හේතුවෙනි. කෙසේ වෙතත්, රන්සිළු ජයතිලක එම තරගාවලියේ deadlift ඉසව්වේ තුන් වන ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඒ, කිලෝග්‍රෑම් 322ක් බර ඔසවමිනි. එය ඔහු ම තබා තිබූ වාර්තාව යළි සම කිරීමකි. \"මම කොච්චර ජයග්‍රහණ ලැබුවත් මං ආපහු ලංකාවට එන කවදාවත් මාව පිළිගන්න මාධ්‍යවේදියෙක් ආවෙ නෑ. මම තනියම කැබ් එකක් දාගෙන ගෙදර ආවෙ. මටත් හිතා ගන්න බෑ එහෙම වුණේ ඇයි කියලා,\" ඔහු පැවසීය. රන්සිළු ජයතිලක යනු කවුද? රන්සිළු ජයතිලක මහනුවරදී උපත ලැබුවේ, 1987 වසරේ දෙසැම්බර් මස 15 වන දා ය. මහනුවර, කිංග්ස්වුඩ් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රන්සිළු, මුලින් ම බර එකවීම තරග ඉසව්ව ආරම්භ කළේ, වයස අවුරුදු 7දී ය. ඔහු පැවසූ පරිදි, බර එසවීමේ ශූරයෙකු වූ මොතිලාල් ජයතිලක නමැති ඔහුගේ පියාගේ මග පෙන්වීම යටතේ මෙම ක්‍රීඩාවට යොමු වී තිබිණි. 13 වන වියේදී ඔහු එම වයස් කාණ්ඩයේ ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් විය. වයස අවුරුදු 15 වන විට රන්සිළු, 2001 වසරේදී පැවති ආසියානු කනිෂ්ඨ බර එසවීමේ ශූරතාව හිමි කර ගත් අතර, 2002 වසරේදී ලෝක ශූරතා තරගාවලියේ දෙවන ස්ථානය හෙවත් රිදී පදක්කම දිනා ගත්තේ ය. පාසල් සමයේදී රග්බි ක්‍රීඩාවේ ද නිරත වූ ඔහු පසුව සවි එසවීමේ ක්‍රීඩාවට යොමු වී තිබේ. ජයග්‍රහණ ජාත්‍යන්තර පදක්කම් 60කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට හිමි කර දුන් රන්සිළු ජයතිලක, 2016 වසරේ සිට අඛණ්ඩව හය වරක් ආසියානු ශූරයා බවට පත්විය. ඊට අමතරව, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අඛණ්ඩව තුන් වරක් රන් පදක්කම දිනා ගැනීමට ද ඔහු සමත් වී තිබේ. කෙසේ වෙතත්, 2023 ආසියානු ශූරතාවලියට සහ 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගි වීමට ඔහුට නොහැකි විය. \"ඒ තරග දෙකට යන්න මට අනුග්‍රාහකයෙක් හොයා ගන්න බැරි වුණා. මේ අවුරුද්දෙ දකුණු අප්‍රිකාවෙ තියෙන ලෝක ශූරතා තරගාවලියට යන්න තියෙන නිසා සල්ලි ඉතුරු කර ගන්න මම ඒ තරගාවලි දෙකට ගියෙ නෑ. ඒ නිසා මට ඒ පදක්කම් අහිමි වුණා,\" රන්සිළු ප්‍රකාශ කළේ ය. ඔහු සවි එසවීමේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පසු වන්නේ, 7 වන ස්ථානයේ ය. 'ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යාමට ලොකු වියදමක්' මෙම ක්‍රීඩාවේ නිරත වීම සඳහා ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යාම වෙනුවෙන් අධික වියදමක් දැරීමට සිදුවන බව ඔහු සඳහන් කළේ ය. \"දවසකට බිත්තර 15ක්වත් කන්න වෙනවා. බිත්තර 15කට විතරක් කොයිතරම් මුදලක් වැය වෙනවා ද? ඒ විතරක් නෙවෙයි, පෝෂ්‍යදායී කිරි වර්ග, විටමින් වගේ දේවල්වලට ලොකු වියදමක් යනවා. මේ ක්‍රීඩාවේ නිරත වෙන්න අඳින ඇඳුම්වල මිල ගොඩක් වැඩි යි. බෙල්ට් එක විතරක් රුපියල් ලක්ෂ දෙකක් වෙනවා. දණහිස් ආවරණ රුපියල් ලක්ෂයක් විතර වෙනවා. ඒ නිසා මම ගොඩක් අමාරුවෙන් මේක කරගෙන යන්නේ.\" ඔහු දැනට තමන්ට අවශ්‍ය මුදල් සපයා ගන්නේ, ආදායම් මාර්ග කිහිපයක් ඔස්සේ ලැබෙන \"සුළු ආදායම්වලිනි\". \"මට ජිම් එකක් තියෙනවා පැලවත්තෙ. ඒ වගේ ම ශාන්ත පීතර විද්‍යාලයේ රගර් කණ්ඩායමේ පුහුණුකරුවෙක් විදිහට වැඩ කරනවා. ඒ දේවල් කරලා තමයි මම සල්ලි හොයා ගන්නේ. මේ වගේ ක්‍රීඩාවක් කරන්න ඒ ආදායම් මදි ඇත්තට ම. මට අනුග්‍රහයක් ලැබෙනවා නම් ලොකු සහනයක්,\" ඔහු සඳහන් කළේ ය. 'ලොකු ම සිහිනය' රන්සිළුගේ ක්‍රීඩා දිවියේ \"ලොකු ම සිහිනය\" වී ඇත්තේ, සවි එසවීමේ ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දීම ය. \"2024 දකුණු අප්‍රිකාවේ තියෙන ලෝක ශූරතාවලිය ජය ගන්න එක තමයි මගේ ලොකු ම සිහිනය. මගේ තාත්තාගේ හීනයත් ඒක. මොන බාධක තිබුණත්, ඒ ගැන දුක් නොවී ඒ හීනය සැබෑ කර ගන්නවා මම කොහොම හරි,\" ඔහු අපේක්ෂාකහගත ස්වරයකින් පැවසීය. රන්සිළුගේ ක්‍රීඩා දිවියේ \"ලොකු ම සිහිනය\" වී ඇත්තේ, සවි එසවීමේ ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දීම ය. \"2024 දකුණු අප්‍රිකාවේ තියෙන ලෝක ශූරතාවලිය ජය ගන්න එක තමයි මගේ ලොකු ම සිහිනය. මගේ තාත්තාගේ හීනයත් ඒක. මොන බාධක තිබුණත්, ඒ ගැන දුක් නොවී ඒ හීනය සැබෑ කර ගන්නවා මම කොහොම හරි,\" ඔහු අපේක්ෂාකහගත ස්වරයකින් පැවසීය. එමෙන් ම, ඔහු තවත් ඉල්ලීමක් කළේ ය. \"මම තව අවුරුදු 5කින් විතර මේ ක්‍රීඩාව නතර කරයි. මටත් වඩා ගොඩක් දක්ෂ ළමයි ගම්වල ඉන්නවා. මේ ක්‍රීඩාව කොළඹ, මහනුවර වගේ නගරවලින් ගමට යා යුතු යි. මම ගම්වල ඉන්න දක්ෂයින් ගෙන්නලා පුහුණු කරවනවා. ඒත් මේකට අවශ්‍ය උපකරණ ගොඩක් මිල අධික යි. ඒ වගේ ම, පෝෂ්‍යදායී ආහාර ගන්න ඒ අයට හැකියාවක් නෑ. ඒ නිසා ටික දවසක් ඇවිත් ඒ ළමයි නවතිනවා. මේ තත්ත්වය වෙනස් විය යුතු යි. ක්‍රීඩා බලධාරීන්ගෙන් සහ අනුග්‍රාහකයින්ගෙන් සහයක් නැතුව මේක දියුණු කරන්න බැහැ. අඩු තරමින් මගෙන් පස්සෙවත් මේ ක්‍රීඩාව දියුණු කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා මම ඉල්ලා සිටිනවා.\"",
"Title": "රන්සිළු ජයතිලක: 'පුහුණුකරුවෙකු, අනුග්‍රාහකයෙකු නැතිව' රට දිනවූ සවි එසවීමේ ශූරයා"
} |
{
"Text": " භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් ඇමෙරිකාවේ බොල්ටිමෝර් නගරයේ පිහිටි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම (Francis Scott Key Bridge) කඩා වැටී තිබේ. කිලෝමීටර් 2.6 (සැතපුම් 1.6)ට වඩා දිගින් යුත් එම පාලම හරහා ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් පැටැප්ස්කෝ නදියට ඇද වැටිණි. බොල්ටිමෝර් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසූ පරිදි, පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජලයට වැටී ඇති බවට විශ්වාස කරන බව ය. හදිසි සහන සේවා නිලධාරීන් කඩිනමින් එම ස්ථානය ගොස් ඇති අතර අනතුරට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක වේ. නාගරික බලධාරීන් පවසන්නේ, දේශීය වේලාවෙන් අලුයම 01:30ට (මෙරට වේලාවෙන් පෙරවරු 11ට) වසර 47ක් පැරණි පාලම මත නෞකාවක් ගැටීමෙන් එය කඩා වැටී ඇති බව ය. \"ට්‍රැක්ටර් ටේලරයක ප්‍රමාණයේ වාහනයක්\" ඇතුළු වාහන කිහිපයක් ම පහතින් තිබූ නදියට වැටුණු බව ඔවුහු පැවසූහ. සිංගප්පූරු ධජය සහිත ඩාලි නමැති එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවේ කොළඹ වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බව දත්ත වාර්තා අනුව අනාවරණය වී තිබේ. සාගර රේඩාර් පද්ධතියට අනුව, එය අලුයම 00.45ට පෝර්ට් බ්‍රීස් වරායෙන් පිටත් වී තිබේ. බොල්ටිමෝර් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, ඇමෙරිකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ මේරිලන්ඩ් ප්‍රාන්තයේ සෙසු ආයතන කිහිපයක් එක්ව දැවැන්ත මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. බොල්ටිමෝර් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සන්නිවේදන ප්‍රධානී කෙවින් කාර්ට්රයිට් මෙම අනතුර පැහැදිලි කළේ, \"බරපතළ හදිසි තත්ත්වයක්\" ලෙස ය. \"මේ මොහොතේ අපි අවධානය යොමු කරල තියෙන්නේ, මේ මිනිස්සු බේරා ගන්න එක සහ ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන එක ගැන යි,\" ගඟට වැටුණු ජනතාව පිළිබඳව අවධානය යොමු කරමින් ඔහු ප්‍රකාශ කළේ ය. කාර්ට්රයිට් පැවසුවේ, \"පාලම මත එල්ලෙමින් තිබෙන ඇතැම් භාණ්ඩ හෝ පාලමේ කොටස්\" හේතුවෙන් අනාරක්ෂිත සහ අස්ථාවර තත්ත්වයක් උද්ගත වී ඇති අතර, විදුලි විසන්ධි වීමක් මධ්‍යයේ හදිසි මුදා ගැනීමේ කණ්ඩායම් ප්‍රවේශම්සහගත ලෙස මෙහෙයුම්හි නිරතව සිටින බව ය. නැව තුළ සිටි නාවික නියමුවන් දෙදෙනෙකු ඇතුළු සියලු ම කාර්ය මණ්ඩල සාමාජිකයින් පිළිබඳව සොයා බලා ඇති බවත්, කිසිදු තුවාල ලැබීමක් වාර්තා වී නොමැති බවත්, \"සිද්ධියට නිශ්චිත හේතුව තවමත් නිශ්චය කර නොමැති\" බවත් Synergy Marine Group නැව් සමාගම පැවසීය.",
"Title": "ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවක් ගැටී ඇමෙරිකාවේ දැවැන්ත පාලමක් සුණුවිසුණු වෙයි"
} |
{
"Text": " මිනිසුන් වැඩියෙන් ආසා කරනුයේ නිදහසේ ජීවත් වීමටය. කෑමට බීමට මෙන්ම නිදහසේ ගමන් බිමන් යෑමටය.ඇතමුන් නවීණ ඇඳුම් විලාසිතාවන්ට කැමැතිය. නමුත් බොහෝ විට ආසියාව ඇතුළු බොහෝ රටවල පවතින සංස්කෘතික සීමා මායිම් නිසා පිරිමි පාර්ශවයට ලැබෙන නිදහස කාන්තාවන්ට හිමිවන්නේ ඉතා සීමිත ලෙසය. කුඩා කාලයේ සිට තමන්ගේ සිතේ ඇතිවූ එම ආශාව සපුරා ගැනීමේ ත්‍රාසජනක අභියෝගාත්මක ඉලක්ක කරා යන කාන්තාවක් සමග සාකච්ජා කිරීමට බීබීසී සිංහල වෙත අවස්ථාව හිමිවිය. ඇය නමින් විණා ජයමාන්නය. කවුද මේ විණා ජයමාන්න කියන්නේ ? වෘත්තීමය වශයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවයේ මැදිරි කාර්ය මණ්ඩල අධීක්ෂකවරියක් ලෙස සේවය කරනු ලබන ඇය නමින් සුමුදුනී විණා නිර්මලිනි ජයමාන්නය. මෙරට සමාජ මාධ්‍ය තුළ ඇය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ත්‍රාසජනක ක්‍රීඩාවන් හි නිරත වන කාන්තාවක් ලෙසය. කුඩා කාලයේ මහනුවර ප්‍රදේශයේ ජීවත්ව ඇති ඇය එහිදී සිය මුලික අධ්‍යාපනය හදාරා ඇත්තේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන්ය. ඉන් පසුව දංකොටුව ප්‍රදේශයේ පදිංචියට පැමිණීමෙන් පසු වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් සහ උසස් පෙළ සඳහා මීගමුව නිව්ස්ටඩ් බාලිකා පාසැලට ඇතුළත්ව ඇය සිය ද්විතීක අධ්‍යාපනය හදාරා ඇත. ත්‍රාසජනක ක්‍රීඩාවන්ට පෙළඹුණේ කොහොමද ? කුඩා කාලයේදී සිය සොහොයුරා සමග මහනුවර නිවසේ ගත කළ සමයේදී තමන් ඔහු සමග කාලය ගත කළ බවත්, එහිදී පරිසරය අත්විදීමට හුරු පුරුදු වූ බවත්, වීණා ජයමාන්න බීබීසී සිංහල සේවයට පැවසුවාය. \"මගේ පවුලේ තාත්තයි, අම්මයි එක්ක මට වැඩිමහල් සහෝදරයින් තුන්දෙනෙක් ඉන්නවා.මම තමයි පවුලේ බාලයා.\" \"නුවර අපේ ගෙදර තිබ්බේ කන්දක් උඩකට වෙන්න.\" \"මගේ අයියලා තුන් දෙනාගෙන් බාලම චුටි අයියා තමයි මට ගොඩක් ළඟින් හිටියේ.\" \"චුටි අයියට සමහර දවස් වලට කඩේ යන්න කිව්වම එයා කඩේ යන්නේ නැහැ පාරෙන්. ගෙදර තිබ්බ කන්ද බැහැලා තව කන්දක් තියෙනවා. ඒක හරහා ගිහින් කුඹුරු මැද්දේ යන ගමන් මාළු එහෙම බලලා කොච්චි පාර දිගේ ගිහිල්ලා තමයි කඩේට ගිහින් කරගෙන එන්න කියපු වැඩේ කරන් එන්නේ. මමත් යනවා චුටි අයියගේ පස්සෙන්.\" \"එහෙම අපි කඩේට ගිහිල්ලා එන්න පැය දෙකක් වගේ යනවා.\" \"ඒ වගේම පොඩි කාලේ අයියලාගෙන් ගුටි කන්න වෙනවා දඟ වැඩ කළාම. ඒ වෙලාවට ගහක් උඩට නැගලා තමයි බේරෙන්නේ.\" \"වයසින් ලොකු වෙනකොට හැමෝම කියන්න ගත්තා මුරණ්ඩු වැඩ නවත්තලා ගැහුණු ළමයෙක් නිසා අම්මා වගේ හොඳට හැදෙන්න කියලා.\" ඇය පැවසුවාය. “මම ගැහුණු ළමයෙක් නිසා අවසර ලැබුනේ නැහැ.\" සංචාරය කිරීම තමාගේ විනෝදාංශය වුවත් ඊට තමන්ගේ නිවැසියන් ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි නොවූ බව ඇය මෙහිදී සඳහන් කළාය. \"අයියලට ගෙදරින් ඇවිදින්න යන්න අවසර දුන්නට මම ගැහුණු ළමයෙක් නිසා අවසර ලැබුනේ නැහැ.\" \"මම ඒ ගැන ප්‍රශ්න කරද්දී ගෙදරින් කිව්වේ එක්කෝ අයියලා එක්ක යන්න, නැත්නම් කසාඳ බැඳලා ස්වාමි පුරුෂයා එක්ක යන්න කියලා.\" \"ඇවිදින්න ආසා නිසා රැකියාව වෙනස් කළා.\" උසස් පෙළ විභාගයෙන් පසුව තමන්ට ගුරුවරියක් ලෙස සේවය කිරීමට අවස්ථාව උදාවූ බව ඇය සඳහන් කළාය. තමාගේ කැමැත්ත වූ ශ්‍රී ලංකාව තුළ සංචාරයේ යෙදීමේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට ගුරුවරියක් ලෙස ලැබෙන මුල්‍ය පසුබිම තුළ සිදුකළ නොහැකි නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වීමට තිරණය කළ බව ඇය පැවසුවාය. \"මම ඒකත් ගෙදරට කියන්නේ නැතුව නුවර ගිහිල්ලා තනියම යාලුවෙකුගේ ගෙදර ඉදලා එයාගේ නංගි ගේ සාරියක් ඇඳගෙන ගිහිල්ලා තමයි ශ්‍රී ලන්කන් එකේ ඉන්ටර්විව් එකට ගිහින් සිලෙක්ට් වුණේ.\"ඇය පැවසුවාය. ත්‍රාසජනක ක්‍රීඩාවේ පළමු අත්දැකීම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රාජකාරි කිරීම ආරම්භ කිරීමෙන් පසු තමන්ට පළමු වරට ත්‍රාසජනක ක්‍රීඩාවක යෙදීමට අවස්ථාව උදාවූ බව වීණා ජයමාන්න පැවසීය. \"ශ්‍රී ලන්කන් එකේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ 2008 අවුරුද්දේ දී තායිලන්තයේ බැංකොක් වල ඉන්න කොට පතායා වලට මම තනියම ගියා ට්‍රිප් එකක් බුක් කරගෙන.\" \"එහිදී මට අවස්ථාව ලැබුණා 'පැරා සේලින් සහ ජෙට් ස්කි' කරන්න.\" \"මට මාරම ආසයි ඒ ලැබුණ නිදහස ගැන.මොකද පොඩි කාලේ ගෙදරදී මම ආසා දේ කරන්න ඉඩ නොලැබුණු නිසා. \" \"ඒ කාලේදී ලංකාවේ ඒ තරම් ත්‍රාසජනක ක්‍රීඩාවන් තිබුණේ නැහැ.\" \"2010 වසරේදී මගේ තව යාලුවෝ දෙන්නෙක් එක්ක බ්‍රසීලයේදී ' හැන්ග් ග්ලයිඩීං' කියන ක්‍රීඩාවේ නිරත වුණා.\" \"විදේශ රටවලට ගියාම එහෙ තියෙන සුවිශේෂී ස්ථාන නරඹන්නන ගියා වගේම ලංකාවේදීත් යාල, වස්ගමුව වගේ තැන්වල ඇවිදින්න ගියා.\" ඇය සිය මතකයින් ආවර්ජනය කළාය. ගමන් මග වෙනස් කළ ඡායාරූපය මේ ආකාරයෙන් දෙස් විදෙස් ආකර්ෂණීය ස්ථානවල තමන් සංචාරය කරමින් සිටියත් 2017 වසරේදී දුටු එක් ඡායාරූපයක් නිසා එහි සංචාරය කිරීමේ තදබල ආසාවක් තමන් තුළ ඇතිවූ බව විණා ජයමාන්න පැවසීය. \" එක සැරයක් 2017 වසරේදී දැක්කා දුවිලි ඇල්ලේ ෆොටෝ එකක්. මට එතනට යනකම් ඉවසුමක් නැතුව හිටියේ.\" \"කොහොම හරි යාලුවෝ ටික දෙනෙකුත් එකතු කරගෙන, ගයිඩ් කෙනෙකුත් එක්ක ගෙන ගියා \" \"ඒත් මගේ යාලුවන්ට ඒ ගමන ඒ තරම් සුන්දර වුණේ නැහැ. මොකද කැලෑවල් ඇතුලෙන් ගිහින්, කුඩෑල්ලෝ එල්ල ගෙන යන්න වුණ නිසා ගොඩක් දුර පයින්ම.\" \"එයාලා කිව්වා ආපහු මේ වගේ ගමන් යන්න නම් කතා කරන්නවත් එපා කියලා.\" \"ඒත් මට නම් එතනට ගියාම දැනුණේ දිව්‍ය ලෝකයකට ගියා වගේ හැඟීමක්. ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියනවද කියලා හිතුණා.\"ඇය කියා සිටියාය. මෙම සංචාරයෙන් පසු තමන් මාර්ගෝපදේශකවරයෙකු ගේ සහය සහිතව ලංකාවේ පිහිටා ඇති කඳු, දිය ඇළි ආදිය නැරඹීමට කටයුතු කළ බවත් පසුව තනිවම සංචාරය කිරීමට පෙළඹුණු බවත් ඇය කියා සිටියාය. \"පස්සේ පස්සේ මම වාහනෙන් තනියම සංචාරය කරන්න පුරුදු වුණා. හෝටලයක් වෙන් කරගෙන එතනට ගිහිල්ලා මම යන්න අවශ්‍ය තැන් වල සංචාරය කරනවා.\" \"මම එක පාරක් හෝටලයක කාමරයක් වෙන් කරලා යද්දී වෙනත් කෙනෙක් ඒ කාමරේ වෙන් කරලා. ඉතින් මට සිද්ධ වුණා හෝටලේ රියැදුරන්ට ලබා දෙන නවාතැනක එදා දවසේ ඉන්න.\" ඇය තමන් ලද අත්දැකීම් පිළිබඳව සඳහන් කර සිටියාය. 'තනියම සංචාරය කරද්දී හිතන්නේ වෙනත් විදිහකට' ශ්‍රී ලංකාව තුළ තරුණියක් හෝ කාන්තාවක් සංචාරය කරන විට බොහෝ දෙනා හිතන්නේ ඇය විදේශ ජාතිකයෙකු ලෙස බව විණා ජයමාන්න කියා සිටියාය. \" ඔහොම මම ට්‍රැවල් කරද්දී ගොඩක් අය හිතන්නේ මම විදේශීය ජාතිකයෙක් කියලා.\" \"මම ලංකාවේ වටා පාපැදි සවාරියක් ගියපු වෙලේ ඒ අය හිතුවේ ලංකාවේ තනියම ගැහුණු ළමයෙක් ඇවිදිනවා නම් ඒ විදේශිකයෙක් කියලා.\" \"මොකද අපේ රටේ මිනිස්සු හිතනවා ලංකාවේ තරුණියකට තනියම සංචාරයකට යන්න තරම් හැකියාවක් හෝ ආත්ම විශ්වාසයක් නැහැ කියලා. මට තියෙන ප්‍රශ්නේත් ඒකයි.\" ඇය කියා සිටියාය. ‘ලංකාවේ උසම දිය ඇල්ලෙන් පහළට බැස්ස පළමු කාන්තාව මමයි’ තමන් තනිවම සංචාරය කරමින් සිටින විට මෙරට තුළ ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩාවන් හි නිරත කන්ඩායමක් වන 'මාර්වල් ශ්‍රී ලංකා' නිර්මාතෘවරයා වන ඉෂාන් රොක්ස් 2020 වසරේදී මුණ ගැසුණු බවත් පසුව ඔවුන් සමග එක්ව සංචාරය කිරීමට පෙළඹුණු බවත් විණා ජයමාන්න කියා සිටියාය. එම කණ්ඩායම සමග එක්වීමෙන් පසු තමන්ට කඹ ආධාරයෙන් දිය ඇලිවල මුදුනේ සිට පහළට බැසීමට අවස්ථාව උදාවුණු බව ඇය පැවසුවාය. \"මේ කණ්ඩායම මටම ගැලපෙන අය ඉන්නේ. එයාලා තැනක් බලන්න යනවනම් ඒ හැම තැනම ඇවිදිනවා. නිකම් විව් පොයින්ට් එකට ගිහිල්ලා ෆොටෝ එකක් විතරක් අරන් එන අය නෙමේ.\" \"ඒ අයත් එක්ක තමයි මම මුලින්ම දිය ඇලි වලින් ඇබ්සේල් (කඹ ආධාරයෙන් පහළට බසින්න) කරන්න පටන් ගත්තේ.\" \"ඇබර්ඩීන්, ගාට්මෝ, ඹබරකන්ද, බෝඹුරු ඇල්ල වගේ දිය ඇලි 10 කට අධික සංඛ්‍යාවක් ඇබ්සේල් කරන්න හැකියාව ලැබුණා.\" ඇය කියා සිටියාය. ලංකාවේ උසම දිය ඇල්ල ඹබරකන්ද නිසා ඒකෙන් පහළට බැසීම සඳහා අවශ්‍ය කරන කඹ සහ ආධාරක විදේශ රටවලින් වෙනම ගෙන ඒමට සිදුවූ බව ද ඇය පැවසීය. ඒ අනුව 2023 වසරේදී ඹබරකන්ද දිය ඇල්ල කඹයක ආධාරයෙන් බැසීමට හැකිවූ බවත් එවැනි දස්කමක් සිදුකළ පළමු කාන්තාව තමන් බවද ඇය පැවසුවාය. එමෙන්ම කොළඹ පිහිටි නෙලුම් කුලුනද කඹයක ආධාරයෙන් පහළට බසින ලද පළමු කාන්තාව තමන් බව විණා ජයමාන්න පැවසුවාය. තනිව සංචාරය කරද්දී ලද අත්දැකීම් තනිවම සංචාරය කිරීමේදී තමන්ට මුණ ගැසුණු බොහෝ දෙනා උපකාර කළ බව ඇය මෙහිදී සිහිපත් කළාය. \"ලංකාවේ මිනිස්සුන් ගෙන් බොහෝම ටික දෙනෙක් විතරයි තව කෙනෙකුට අයුතු දෙයක් කරන්න පෙලඹෙන්නේ.\" \"මට සමහර වෙලාවට තනියම යනකොට පාරවල් එහෙම වැරදුණාම මුණ ගැසුණු අය ඉන්නවා ඔවුන් එයාලා කරන් ඉන්න වැඩේ නතර කරලා උදව් කරන්න ඉදිරිපත් වුනු.\" \"මට අවශ්‍ය අපේ රටේ ඕනෑම කෙනෙක්ට නිදහසේ ආරක්‍ෂිත වටාපිටාවක් තියෙනවා කියලා තනියම සංචාරය කරන්න.\" \"ඒ වගේම තනියම සංචාරය කරද්දී තමන් දැන ගන්න ඕන තමන් යන වටපිටාව ගැන අවධානයෙන් ඉන්න. මොකද අපිට මොළයක් දීලා තියෙන්නේ ඒකටනේ.\" ඇය කියා සිටියාය. මුහුණ දුන් අමතක නොවන අත්දැකීම් මොනවාද ? ත්‍රාසජනක ක්‍රීඩාවන් වල නියැලීමේදී තමන්ට මුහුණ දීමට සිදුවූ අමතක නොවන සිදුවීම් මොනවාදැයි බීබීසී සිංහල ඇය ගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඇය ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. \"ගිය අවුරුද්දේ තමයි අමතක නොවන සිදුවීමකට මුහුණ දුන්නේ මම.\" \"නකල්ස් වල තියෙනවා නාඇල්ල කියලා ඇල්ලක්. මම ගයිඩ් කෙනෙක් එක්ක ගියා ඒක බලන්න කියලා.\" \"ඒ ඇල්ල උඩට යන්න යන්න තව පොඩි පොඩි දිය වළවල් වගේ තියෙනවා.\" \"ගයිඩ් පල්ලෙහා ඉද්දි මම ඇල්ල පටන් ගන්න තැන උඩටම නැග ගෙන ගියා.\" \"එහෙම ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න හදනකොට ලිස්සලා වැටුණා අර දිය ඇල්ලේ වතුර වැටෙන්න පටන් ගන්න වලට.\" \"කොච්චර ට්‍රයි කළත් උඩට එන්න මට විදිහක් තිබුනේ නැහැ මොකද අර උඩින් වැටෙන වතුර පාරේ සැරට වල ඇතුලටමයි යන්නේ. මම හිතුවේ නම් එදා මගේ අවසානේ කියලා. ඒත් කොහොම හරි ට්‍රයි කරලා උඩට ආවා. ඒක තමයි මට මේ ගමන් වල මුහුණ දුන්න අමතක නොවන අත්දැකීම.\" ඇය කියා සිටියාය. අනාගත බලාපොරොත්තුව මේ වන විට තමන් ලංකාව වටේම යතුරු පැදියෙන් ගමන් කර ඇති බවත්, රටේ සියලුම ප්‍රධාන ගංගා ' කයාක් ඔරු' හරහා තරණය කර ඇති බවත් ඇය පැවසුවාය. එමෙන්ම රටේ ප්‍රධාන දිය ඇලි රැසක් කඹ ආධාරයෙන් ඉහළ සිට පහළට බැස තිබෙන අතරම සුප්‍රසිද්ධ දොළුකන්ද කඹ ආධාරයෙන් පැනීම මෙන්ම කඹ ආධාරයෙන් තරණය කළ බව ද ඇය පැවසුවාය. තමන් කරන රැකියාව සහ විනෝදාංශය සමබරව කරගෙන යාම සඳහා සැමවිටම කටයුතු කරන බව පැවසූ විණා ජයමාන්න ඉදිරියේදී තමන්ට එවරස්ට් සහ කිලිමංජාරෝ කඳු තරණය කිරීමේ බලාපොරොත්තුවක් අති බවද කියා සිටියාය. ‘නිදහස දෙන්න අපිට’ මේ ආකාරයෙන් සංචාරය කිරීමට කැමැත්තක් දක්වන තරුණියන්ට සහ කාන්තාවන්ට අත්දැකීම් සහිත කාන්තාවක් ලෙස ලබා දීමට කැමති උපදෙස කුමක්දැයි බීබීසී සිංහල සේවය ඇයගෙන් විමසීමක් කරන ලදී. එයට ඇය ලබා දුන්නේ මෙවන් පිළිතුරක්, \"අපේ පවුල්වල අයට ඥාතීන්ට කියන්න තියෙන්නේ අපිට නිදහස දෙන්න කියලා.\" \"මට වුනත් මෙච්චර කාලයක් බලන් ඉන්න වුණා. අපිට ආසාව තියෙනවා. නමුත් තහංචි සීමාවල් පනවලා තියෙනවා. අපිට කරන්න ඉඩ නොදෙන එකයි තියෙන්නේ.\" \"තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගෙන නිදහසේ වැඩ කරන්න ඉඩ ලබා දෙන්න ඕන. එතකොට එයාලටම දැනෙනවා තමන් කළ යුතු දේ මොකක්ද සහ නොකළ යුටු දේ මොකක්ද කියලා. \" \"මම කියන්නේ කවුරු හරි නංගි කෙනෙක් ආසාවෙන් ඉන්නවා නම් ට්‍රැවල් කරන්න, කඳු නගින්න, ඒ දේවල් පොඩියට පටන් ගන්න. මොකද පොඩියට පටන් ගන්න දේවල් වලින් තමයි අපි අපේ ජීවිතේ පාඩම් ඉගෙන ගෙන පන්නරයක් ලබන්නේ.\" \"කවුරුත් කරන දේම තමන් කරන්න හදන්න එපා. තමන්ට ගැලපෙන සහ ආරක්ෂාව ගැන හිතලා කටයුතු කරන්න.\" ඇය වැඩිදුරටත් පැවසුවාය.",
"Title": "විණා ජයමාන්න: ලංකාවේ උසම දිය ඇල්ල සහ නෙලුම් කුලුණෙන් පහළට බැස්ස ලංකාවේ පළමු කාන්තාව"
} |
{
"Text": " පාස්කු ප්‍රහාරය යළිත් වරක් ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහකට මාතෘකාවක් වී තිබේ. ඒ, තවත් දින කිහිපයකදී පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සම්පූර්ණ වීමට නියමිතව තිබීම හේතුවෙන් නම් නොවේ. සිකුරාදා (මාර්තු 22) හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙනි. වසර ගණනාවක් පුරා විවිධ කොමිෂන් සභාවලට සාක්ෂි දෙමින්, විවිධ නඩු විභාගවලට මුහුණ දෙමින් සිටි මෛත්‍රීපාල සිරිසේන හදිසියේ සිකුරාදා දිනයේ ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න තමන් දන්නා බව ය. \"පාස්කු ප්‍රහාරයත් අපි දන්නවා කොහෙන් ද සිද්ධ වුණේ කියලා. ඔය නඩු අහන ඒවෑ ඒ අල්ලලා තියෙන ත්‍රස්තවාදියෝ ඒක හරි. ඒ මම අල්ලපු අය තමයි දැන් ඔය නඩු අහන්නෙ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින්. අනිත් පැත්තෙන් ගත්තා ම ප්‍රධාන වශයෙන් ම පාස්කු ප්‍රහාරය සැබෑ ලෙස ම කළේ කවුද කියලා තව ම කිසි කෙනෙක් කියල නෑ. හැබැයි ඒක මම දන්නවා කවුද කළේ කියලා. මට අධිකරණයෙන් යම්කිසි ඉල්ලීමක් කළොත්, නැත්නම් නියෝගයක් කළොත් ඇවිල්ලා මට මේ ගැන ප්‍රකාශයක් කරන්න කියලා, මම ලෑස්තියි කවුද මේ පාස්කු ප්‍රහාරය කළේ කියන එක. අනික් කාරණය තමයි, ප්‍රධාන වශයෙන් ම එය ඉතාමත් රහසිගතව තබා ගැනීම ඒ විනිශ්චයකාරතුමන්ලාගෙත් වගකීමක් වෙනවා,\" ඔහු ප්‍රකාශ කළේ ය. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහා ම විමර්ශනයක් සිදුකරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පතිවරයාට නියෝග කළේ ය. ඒ අනුව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබදව වහා ම විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝග කර තිබේ. ඒ අනුව අද (මාර්තු 25 වැනිදා) පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය. පෙරවරු 10.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ ලබාදීමෙන් පසු අද පස්වරු 3.50ට පමණ ඉන් පිටව ගියේය. 'විමර්ශනවලදී සහ නඩු විභාගවලදී සත්‍යය හෙළි නොකළේ ඇයි?' - අගරදගුරු පදවියේ මතය පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු දැන සිටියේ නම් විමර්ශනවලදී සහ නඩු විභාගවලදී එය හෙළි නොකළේ මන්ද යන්න ගැටලුසහගත බව අගරදගරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා බීබීසී සිංහල සේවයට පැවසීය. \"එයා මිලියන 100ක් ගෙවන්න වුණ නඩුවේදිවත් කිව්වෙ නෑ මේ ගැන දන්නවා කියලා. පාස්කු කොමිෂන් සභා වාර්තාවලත් එයා කිව්වේ, එයා දන්නෙවත් නෑ කියලා. එහෙම කියපු එක රටේ අධිකරණය, ජනාධිපති කොමිෂන් සභා හෑල්ලුවට ලක් කිරීමක්. සත්‍ය වසන් කිරීමක්.\" \"ඒ නිසා මෙයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරගෙන රඳවා තබාගෙන කට උත්තර ගන්න ඕන බැරෑරුම් දෙයක්,\" බව ද ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් පැවසීය. \"අනිත් එක ඔහු කියලා තියෙනවා, තමන් හෙළි කරන කරුණු රහසිගතව තියා ගන්න එක විනිසුරුවරුන්ගේ වගකීමක් කියලා. ඒක එහෙම වෙන්න බෑනෙ. මොක ද, වරදකරුවෙකු හොයා ගත්තා නම් ඔහුට එරෙහිව නඩු විභාගයක් කරල දඩුවම් දිය යුතු යි. එහෙම නැතුව වැරදිකරුට නිදැල්ලේ ඉන්න කියන්න පුළුවන් ද ඔහුට?\" පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් පිළිබදව කරුණු දැනගෙන එය වසන් කිරීමේ වරදට සැකකරුවෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන වහා අත්අඩංගුවට ගත යුතු බව විවිධ පාර්ශවවල මතය වී තිබේ. කෙසේ වෙතත්, මාධ්‍යවල විකාශය වූ ප්‍රකාශයක් මත මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගත නොහැකි බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉරිදා (මාර්තු 24) මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. \"රූපවාහිනියේ විකාශය වුණ එතුමාගේ ප්‍රකාශය දිහා බලලා, එතුමා අත්අඩංගුවට ගන්න කියලා කියන අයගේ ප්‍රකාශවල කිසිදු පදනමක් නෑ. එතුමාගේ ප්‍රකාශය සටහන් කරගෙන ඒ පිළිබඳව විමර්ශනයක් කරලා අවසානයේදී ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් අපට ඒ වගේ තීරණයක් ගන්න පුළුවන් වෙයි. කෙනෙක්ගෙ ප්‍රකාශයක් මාධ්‍යවලින් දැකල අත්අඩංගුවට ගන්න කියල කියනවා නම් මේ රටේ පුදුම තත්ත්වයක් නෙ ඇති වෙන්නේ,\" පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර, අදාළ ප්‍රකාශය ලබා දීමෙන් පසුව ඔහුට ආරක්ෂාව අවශ්‍ය නම් එය සලසා දිය හැකි බව ද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ය. 'තොරතුරු වසන් කිරීම වරදක්' ශ්‍රී ලංකාවේ නීතිය අනුව අපරාධයක තොරතුරු හෝ සාක්ෂි වසන් කිරීම වරදක් බව නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසයි. බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුද යන්න දැනගෙන මෛත්‍රීපාල සිරිසේන එම තොරතුරු හෙළි නොකර සිටියා නම් එය බරපතළ වරදක් බව ය. \"තොරතුරු වසන් කිරීම කියන්නේ වරදක්. දණ්ඩ නීති සංග්‍රහය යටතේත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේත් ඒක වරදක්. ලංකාවේ ක්‍රියාත්මක නීතිය යටතේ තොරතුරු වසන් කරන්න හැකියාවක් නැහැ. මේක මේ පොල් ගෙඩි කීපයක් හොරකම් කිරීම වගේ සුළු ප්‍රශ්නයක් නෙවේ. මේක රට මුහුණ දුන්න විශාල ඛේදවාචකයක් ගැන රටේ පළමුවෙනි පුරවැසියා ලෙස කටයුතු කරපු ජනාධිපතිවරයෙක් කරන ප්‍රකාශයක්. ඒ නිසා ඔහු මේ බරපතළ තොරතුරු වසන් කරගෙන හිටියා නම් ඒක දඩුවම් ලැබිය යුතු වරදක්.\" මේ අතර, බොරු සාක්ෂි හෝ බොරු තොරතුරු ඉදිරිපත් කිරීම ද බරපතළ වරදක් බව නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පැවසීය. \"යම් අපරාධයක් සම්බන්ධයෙන් බොරු සාක්ෂි දීම එම අපරාධයේ ස්වභාවය අනුව ඊට ලැබිය යුතු දඩුවම ලැබිය හැකි වරදක්. මරණීය දණ්ඩනය ලැබෙන වරදක් සම්බන්ධයෙන් බොරු සාක්ෂි දීම මරණීය දණ්ඩනය ලැබිය යුතු වරදක්,\" නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පැහැදිලි කළේ ය. නිදොස්කොට නිදහස් වූ සැකකරුවෝ මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු බවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් ද වසර ගණනාවක් සිර දඩුවම් වින්දෝ ය. තවත් කිහිප දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියහ. ඒ අතරින්, වසර ගණනක් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදොස් කොට නිදහස් වූ කිහිප දෙනෙක් වූහ. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වූ හේමසිරි ප්‍රනාන්දු ද ඒ අතර වූහ. \"මේ වගේ නිකරුණේ බන්ධනාගාරවල මිනිස්සුන්ට දුක් විදින්න සිද්ධ වුණේ හරි තොරතුරු සහ සාක්ෂි නොතිබුණ නිසා නෙ. ඉතින් මෛත්‍රීපාල සිරිසේන නිවැරදි තොරතුරු දැනගෙන ඒවා වසන් කරගෙන හිටියා නම් ඒක ලොකු වරදක්,\" නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසීය. වසර දෙකකට පෙර කීවේ කුමක් ද? කෙසේ වෙතත්, 2020 ජූනි මස 14 වන දා බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ, ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව නඩු විභාග වෙමින් පවතින බව ය. \"හිස් තැන ඉතින් අද පරීක්ෂණ වලින් බොහොම පැහැදිළිව පෙනී ගිහින් තියෙනවනේ. කවුද වගකිව යුත්තෝ කියල මේ වන විට බොහොම පැහැදිලිව පෙනී ගිහිං තියෙනවා. ඒ හිටපු වගකිවයුතු අයගේ තමා සේවය තහනම් කරලා දැන් ඔය නඩු විභාග වෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු දාලා තියෙනවා ඒ අයට. ඉතිං ඕක මේ බොහොම පැහැදිළියි. තව තියෙන තත්ත්වයන් ගත්තම හාරහාර කවුද මේක කියන්න තරම් මහා යටට යන්න දෙයක් නෑ. දැන් මේක පරීක්ෂණවලින් ඔක්කොම එළිවෙලා තියෙනවා කවුද වගකිව යුත්තෝ කියලා. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු දාලා දැන් නඩු විභාග වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙන දෙයක්. ඉතිං ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙන දෙයක්, දැන් ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු කෙරීගෙන යනවා. ඒ නිසා මේක අපි මාධ්‍ය තුළ කතා කිරීමත් සුදුසු වෙන්නේ නෑ.\"",
"Title": "මෛත්‍රීපාල සිරිසේන: ‘පාස්කු ප්‍රහාරකයින් ගැන දැනගෙන තොරතුරු වසන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්’"
} |
{
"Text": " ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට අනුව වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකු සැලකෙන්නේ දරුවෙකු ලෙසයි. වයස අවුරුදු 18ට වඩා අඩු අයට විවාහ වීමට ද අවසර නොමැත. 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනතට අනුව වසය අවුරුදු 16ට අඩු ගැහැණු දරුවෙකු සමඟ, ඇගේ එකඟතාවය හෝ කැමත්ත මත යම් පුද්ගලයෙකු විසින් ලිංගිකව හැසිරීම සලකන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසයි. එය \"ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය\" ලෙස හඳුන්වයි. එවැනි සිදුවීමක් වාර්තා වීමේ දී එය ස්ත්‍රී දූෂණයක් ලෙස සලකා දඬුවම් ලබා දීම සිදු විය. කෙසේ නමුත් මෙම තත්වය ලිහිල් කිරීමට මේ වන විට අධිකරණ අමාත්‍යාංශය විසින් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබේ. මොකක්ද මේ කෙටුම්පත වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් සමඟ ලිංගිකව හැසිරීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ය' යන නීතිය වෙනස් කරමින්, වයස් අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවන් සිය කැමැත්තෙන් වයස අවුරුදු 22 දක්වා පිරිමි පුද්ගලයෙකු සමඟ ලිංගිකව හැසිරුණු අවස්ථාවක දී එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස නොසලකා දඬුවම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳ කෙටුම්පතක් පිළිබඳ ව 2024 මාර්තු 20 දින පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් කැඳවා තිබුණි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතීඥ තලතා අතුකෝරළ සභාපතීත්වය දරණ කාන්තාවන් සහ ළමුන් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් කැඳවා තිබූ මෙම සාකච්ඡාවට, ජාතික ළමාරක්ෂණ අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සායනික මනෝවෛද්‍යවරුන් හා ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන් රැසක් එක් වී සිටි බව ජාතික ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ එම කමිටු රැස්වීමට සහභාගී වී සිටි සියලු දෙනාගේ ඒකමතික තීරණය වූයේ මෙම සංශෝධනය නොකළ යුතු බව ය. 'අපි මේ සංශෝධනයට එකඟ නෑ' ජාතික ළමාරක්ෂණ අධිකාරිය ඉහත කී සංශෝධනයට එකඟ නොමැති බව කමිටුව හමුවේ දැනුම් දුන් බව ආචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ ය. \"ගැහැණු දරුවාට වයස අවුරුදු 14 – 16 අතර වුණත් අපට එය අපරාධයක් නොවෙයි කියලා සලකන්න බෑ. ඒ නිසා අපි මේ යෝජනාවට එකඟ නැති බව දැනුම් දුන්නා. 18ට අඩු අය පමණයි ළමුන් හැටියට සලකන්නේ. නමුත් මෙතැන අවුරුදු 22ක් කියන්නෙ 18 සිට 22 දක්වා වයස් කාණ්ඩ හතරක වැඩිහිටියන් ලෙස සලකන පුද්ගල කණ්ඩායම් හතරක් ඉන්නවා. ඒ තරම් ලොකු ප්‍රමාණයකට දඬුවම් ලිහිල් කරන්නේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා,\" සභාපතිවරයා පෙන්වා දුන්නේ ය. සභාපතිවරයා පැවසුවේ මෙම සංශෝධනය සඳහා සාධක වශයෙන් අධිකරණ තීන්දු කිහිපයක් ඉදිරිපත් කර තිබූ බවයි. කමිටු සභා වාරයේ දී කිසිවෙකු මේ සංශෝධනයට එකඟතාවය පල නොකළ බව අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දීමට කටයුතු කරන බවට කමිටුව අවසානයේ ප්‍රකාශය වූ බව සභාපතිවරයා වැඩිදුරටත් ඔඑන්වා දුන්නේ ය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දැඩි විරෝධය වෛද්‍ය විද්‍යාත්මක කරුණු පදනම්කරගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය දක්වා තිබේ. ළමා ගැබ්ගැනීම් ඉතාමත් අවධානම් සහගත බව ඔවුහු එයින් පෙන්වා දී තිබේ. මෙම පනත් සංශෝධනයෙන් එවැනි අවධානමකට ඉඩකඩ ලබා දීම නිසා මෙය වහාම නවත්වා දැමිය යුතු බව ඔවුන්ගේ මතයයි. 2023 සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා ළමා මවුවරුන් 22ක් ආචාර්ය උදය කුමාර පෙන්වා දෙන්නේ පසුගිය වසරේ එනම්, 2023 වසරේ සැප්තැම්බර් 01 සිට නොවැම්බර් 30 දක්වා කාලය තුළ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය නිසා ගැබ් ගත් දැරියන් සංඛ්‍යාව 22ක් බවයි. ඔවුන් සියලු දෙනා වසය අවුරුදු 13 -15 වයස් කාණ්ඩයේ අය බව ඔහු පැවසුවේ ය. \"ළමා අපචාර සම්බන්ධයෙන් ළමාරක්ෂණ අධිකාරියට වඩා පැමිණිලි ලැබෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. පොලිසියට 2022 වසරේ ලැබී තිබෙන ස්ත්‍රී දූෂණ පැමිණිලි අතුරින් 167ක් ගැනෙන්නේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ ඛාණ්ඩයට. 2023 වසරේ පැමිණිලි 1639ක් අතරෙන් 51ක් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ. නමුත් මතක තබා ගත යුතුයි මේවා වාර්තා වන සිදුවීම් පමණයි කියන එක. 2023 සැපැතැම්බර් 01 සිට නොවැම්බර් 30 දක්වා මාස තුනක කාලයේ පමණක් ගැබ්ගත් ළමා මවුවරුන් සංඛ්‍යාව 22ක්. ඔවුන් වයස අවුරුදු 13ත් 15ත් අතර පසුවෙන අය.\" ශ්‍රී ලංකාවේ විවාහ නීතිය අනුව දෙදෙනෙකුට නීත්‍යානුකූලව විවාහ විය හැකි වන්නේ වයස අවුරුදු 18න් පසුව නමුත් ලිංගික හැසිරීමකට කැමැත්ත දීමේ වයස අවුරුදු 16 වන විට 16 හා 18 අතර කාලයේ ඇති හිස්තැන සම්බධයෙන් ද ආචාර්යවරයා අදහස් පළ කළේ ය.\"මේ සම්බන්ධයෙන් ලොකු සාකච්ඡාවක් පවතිනවා. ඒ ගැන අධ්‍යනයක් කරලා තීරණයක් ගන්න අවශ්‍යයි.\" පොළඹවාගැනීම හා කැමැත්ත වෙන් කරන්නේ කොහොම ද? ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම හා ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාකරන සංවිධානයක් වන බකමූණෝ සංවිධානයේ ආරම්භක පබා දේශප්‍රිය විමසන්නේ අවුරුදු 14ත් 16ත් අතර දැරියන් කැමැත්තෙන් ලිංගිකව හැසිරෙනවා ද එසේත් නැතිනම් එය පොළඹවාගැනීමක් ද යන්න වෙන් කර හඳුනාගත හැකි වන්නේ කෙසේද යන්නයි. \"වයස අවුරුදු 14 කියන්නේ දැරියන් වැඩිවියට පැමිණෙන වයස. මේ කාලයේ දී ඔවුන්ට ලිංගික ආකර්ෂණයක් දැනෙන එක ස්වභාවිකයි. ඇතිවෙන කුතුහලය නිසා සමවයස් කණ්ඩායම් සමඟ මේවා ගැන කතා කිරීම, සෙවීම සහ අවුරුදු 22ක වැඩිහිටි පිරිමියෙකුගෙන් වෙන්න පුළුවන් අපයෝජනයක්, පොළඹවාගැනීමක් වෙන් කර හඳුනාගන්නේ කොහොම ද කියන ගැටළුව තියෙනවා.\" ඇය පෙන්වා දෙන්නේ වයස අවුරුදු 14ක දැරියකට ලිංගිකව හැසිරීමට කැමැත්ත පල කළ හැකි ද යන්න ප්‍රශ්නාර්ථයක් බවයි. \"වයස අවුරුදු 14ක දරුවෙකුට තමගේ ශරීරය ගැනවත් තමන්ගේ කැමැත්ත කියන්නේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් නෑ. පාසලේ දී තමන්ගේ ශරීරය ගැන, ලිංගික අධ්‍යාපනය තබා කවුරු හරි අකමැති දෙයක් කරන්න ආවොත් එපා කියලා එතැනින් දුවන්න කියන සරළ අධ්‍යාපනවත් දෙන්නේ නෑ. කුඩා කාලයේ ඉඳන් ම දෙමවුපියන් වුණත් දරුවන්ට බල කනවා නෑදෑයන්ව ඉඹින්න කියලා. පොඩි කාලෙදිම දරුවන්ට තමන්ගේ ශරීරය ගැන අයිතියක් තියෙන බවට හැඟීමක් නෑ.\" ඇය පෙන්වා දෙන්නේ කැමැත්ත කුමක් ද යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබිය දී කැමැත්ත ලබා දීමට වයස අවුරුදු 14 දී හැකිය යන්න ගැටළුවක් බවයි. \"කුරුණෑගල අපට හමුවුණ දැරියක් ව හතර දෙනෙක් එකතුවෙලා අපයෝජනය කරලා තිබුණේ ඇයට කොත්තුවක් අරන් දීලා පොළඹවාගෙන. ඒ විදිහට පොළඹවාගැනීම් වල දී එහෙනම් ඒ අපයෝජනය සිදු වෙලා තියෙන්නේ දරුවාගේ කැමැත්ත ඇතුව කියලා ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය තමයි දරුවා දන්නේ නෑ කැමැත්ත කියන්නේ මොකක්ද කියලා සහ අකමැති නොවී ඉන්නේ කොහොම ද කියලා.\" 'අපයෝජකයන්ට රිංගා යා හැකි සංශෝධනයක්' එමෙන් ම ඇය පෙන්වා දෙන්නේ වයස අවුරුදු 22 දක්වා පිරිමි පුද්ගලයන් හට දඬුවම් ලිහිල් කිරීම අපයෝජකයන් හට ගැලවීමට අවස්ථාවක් ලබා දෙන්නක් බවයි. පවතින නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු පිරිමි ළමයෙක් අතින් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් සිදුවුණොත් වසර 10ක සිර දඬුවමක් ලබා දෙන්නේ. මේ සංශෝධනයෙන් යෝජනා කරන්නේ ඒක වයස අවුරුදු 22ක් දක්වා වැඩි කරන්නනේ. වයස අවුරුදු 22ක කෙනෙක් කියන්නේ විවාහක පුද්ගලයෙක් වුණත් වෙන්න පුළුවන්. මෙතන ලිහිල් කර තිබෙන පරාසය ඉතා වැඩියි. ඒ නිසා මෙයින් අපයෝජකයන්ට රිංගන්න අවස්ථාවක් හදලා දෙනවා,\" පබා පවසයි. පාර්ශව රැසක දැඩි විරෝධය යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් ම විරෝධය දක්වා තිබුණි. 2024 මාර්තු 20 දින ජාතික සංවිධාන එකතුව විසින් පැවැත් වූ මාධ්‍ය හමුවක දී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙම සංශෝධනය දැඩිව ප්‍රතික්ෂේප කළේ ය.\"මෙම සංශෝධනය අපි දකින්නේ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී දූෂණ ළමා අපචාර ප්‍රචලිත කරන්න හදන උත්සාහයක් විදිහට.මේ වෙලාවේ මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නයක් ද මේ කරන්න හදන්නේ? කවුද මේ සංශෝධන කරන්න කියලා ඉල්ලන්නේ?\" මහලේකම්වරයා විමසුවේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ විරෝධය දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ජේදය සංශෝධනය කිරීම සඳහා 2024 පෙබරවාරි 09 වැනි දින ගැසට් කොට ඇති පනත් කෙටුම්පත වහා අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 364 වගන්තියට සිදුකිරීමට යෝජිත සංශෝධනය පිළිබඳව තම දැඩි කනස්සල්ල පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් සිය ලිපියෙන් දන්වා ඇත. එමෙන්ම මෙරට කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා යුක්තිය තහවුරු කරන ලෙසත් මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු හෝ විකල්ප යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිය සංසදය ඕනෑම අවස්ථාවක සූදානම් බවද ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය තවදුරටත් සිය ලිපියෙන් දන්වා තිබේ. “ඉල්ලා අස් කරගන්නවා” අධිකරණ ඇමති කියයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මාර්තු 23 දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2024/2025 නීතිඥ සභා රැස්වීම සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 50 වන සංවත්සරය වෙනුවෙන් තලවතුගොඩ පැවති උත්සවයකට එක්වීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමිනි. “දණ්ඩ නීති සංග්‍රහයේ පවතින විධි විධාන අනුව වයස අවුරුදු 16 කට අඩු දැරිවියකට ලිංගික හිංසනයක් කිරීම හෝ කායික සබදතාවයක් පවත්වා ගනු ලබන තැනැත්තෙකුට එරෙහිව ලබාදිය යුතු අවම අනිවාර්ය දඩුවම් ප්‍රමාණයක් පවතිනවා. බොහෝ අවස්ථාවලදී අවුරුදු 14 ට වැඩි අවුරුදු 16ට අඩු දැරිවියන් ඒ අය ආදර සම්බන්ධතා පවත්වා ගෙන යනු ලබන අය සමග මෙවැනි තත්ත්වයන්ට මුහුණ දී ඇති බවට වන වාර්තා හේතුවෙන් වසර තුනක් හතරක් පමණ අධ්‍යනය කරලා අධිකරණ අමාත්‍යාංශයට නිර්දේශයක් ඉදිරිපත් කර තිබුණා දණ්ඩ නීති සංග්‍රහයේ දඩුවම් ලබාදීමේ ක්‍රමවේදය යම් කිසි ආකාරයකට සංශෝධනය කරලා අභිමතය පරිදි පවතින තත්ත්වය අනුව සුදුසු දඬුවමක් නියම කරන්න විනිසුරුවරයාට අවස්ථාව දෙන්න කියලා,” අමාත්‍යවරයා පවසා තිබේ. “නමුත් මෙම පනත ඉදිරිපත් කිරීමෙන් පසුව සමාජයේ බොහෝ සිවිල් ක්‍රියාකාරීන් කාන්තා සංවිධාන මෙම පනත සම්මත කිරීම අත්හිටුවන ලෙස මගෙන් ඉල්ලීමක් කළා.ඒ අනුව මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළ අවස්ථාවේ නීතිපතිවරයාට උපදෙස් ලබා දුන්නා මේ පනත ඉදිරියට ගෙන යන්නේ නැහැ කියලා. ඒ අනුව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. සාකච්ඡා කිරීමෙන් පසුව කරනු ලබන සංශෝධන කුමන ආකාරද යන්න පිළිබදව තීරණයක් ගත හැකියි. ඉදිරිපත් කළ පනත් කෙටුම්පත ඉදිරියට ගෙන යන්නේ නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. එය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරනවා.” “මේ පනත ඉදිරිපත් කළේ මා විසින් කරනු ලැබු අධ්‍යනයකට අනුව නෙවෙයි. විනිසුරුවරුන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම පනත ඉදිරිපත් කළා එය තවදුරටත් සාකච්ඡා කරනවා. ඉදිරියේ තවත් පනත් 60 ක් පමණ ගෙන එනවා. ඒ සෑම පනතක්ම ගෙන එනු ලබන්නේ නීතිපතිවරයාට ඉදිරිපත් කර ව්‍යවස්ථානුකූලභාවය තහවුරු කිරීමෙන් පසුවයි,” අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.",
"Title": "ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අඩු කිරීමේ ප්‍රතිවිපාක මොනවා ද?"
} |
{
"Text": " කවියෙකු ලෙස සම්භාවනාවට පත් ව සිටි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නවකතාකරුවෙකු ලෙස ඇගයුමට පාත්‍ර වන්නේ අතිශය ජනප්‍රියත්වයට පත් වන ඔහුගේ පළමු නවකතාව සෙංකොට්ටං සමගිනි. එතැන් පටන් ඔහු සමකාලීන සාහිත්‍යයේ වැදගත් නවකතාකරුවෙක් ලෙස විචාරක සහ පාඨක අවදානයට ලක් විය. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: සුපුරුදු පරිදි මෙම සංවාදය ආරම්භ කිරීම සඳහා මම ඔබගෙන් අහන්න කැමතියි නවකතාවක සමාරම්භක මොහොතට ඔබ මුහුණ දෙන හැටි ගැන. ඔබේ නවකතා වල පළමු වාක්‍යය ලියවුනු හැටි ගැන අත්දැකීම් එක්ක මේ ගැන යමක් කියන්න පුළුවන් ද? මහින්ද: මම ඇත්තටම ප්‍රබන්ධ රචකයෙක් වෙනවා කියන අදහසින් ප්‍රබන්ධකරණය හදාරපු කෙනෙක් නෙමෙයි. මගේ මූලික අඩවිය වුණේ කවිය. ස්වයං හැදෑරීමක් කරලා මගේ කල්පනා ලෝකයේ වැඩි ඉඩක් වෙන් වෙලා තිබුණේ කවියට. ප්‍රබන්ධකරණයට මගේ ලොකු කැමැත්තක් තියනවා. නමුත් ඇත්තටම සෙංකොට්ටං නවකතාව ගත්තොත් ඒක එක්තරා විදිහකට අහම්බයක් වගේ තමයි මට පේන්නේ. නමුත් ඉන් පසුව මම ප්‍රබන්ධකරණය ගැන සංවිධානාත්මකව කල්පනා කරන්න පටන් අරගෙන තියනවා. දැන් සෙංකොට්ටං නවකතාව ගත්තොත් මට මුලින් අවශ්‍ය වුණේ ඒක තිර නාටකයක් හැටියට ලියල ටෙලි නාට්‍ය මාධ්‍යයට අරන් එන්න. ඒ නිසා ඒක වෘත්තාන්තමය ස්වභාවයෙන් තමයි මම ආරම්භ කලේ. කොහොමටත් මම නවකතාවක් පටන් ගන්න කැමති ආකර්ෂණීය තැනකින්. චරිත වලට සහ කතාවට අදාළ සිදුවීමක් මැද්දෙන් හෝ කෙළවරකින් වගේ පටන් ගන්න මම කැමැතියි. දැන් සෙංකොට්ටං නවකතාව පටන් ගන්නේ ශබ්දයකින්. ඒ වගේ කතාවේ මධ්‍යයකින් පටන් ගන්න ක්‍රමවේදයට මගේ කැමැත්තක් තියනවා. කෞශල්‍ය: දැන් මේ වෙනකොට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද? මහින්ද: මේ වෙනකොට මම ලියන්න යන නවකතාව පිළිබඳ සැලැස්මක් ඉතාම හොඳින් මගේ මනෝ ලෝකය තුළ සකස් වෙලා තියෙන්නේ. ඒක ලිඛිත එකක් නෙමෙයි. නමුත් ආරම්භයේ සිට අවසානය දක්වා සිදුවීම් පෙළගැසෙන ආකාරය ගැන චරිත ගොඩනැඟෙන ආකරය ගැන මම දැනුවත්. එම නිසා මේ පටන් ගන්න වාක්‍යය කියන්නේ කිසිසේත්ම අහම්බයක් නෙමෙයි. මට ඒ වාක්‍යයට අදාළ සිදුවීම ගැන හොඳ අවබෝධයක් තියනවා. කෞශල්‍ය: ඔබගේ සෙංකොට්ටං සහ මාණික්කාවත කියන නවකතා දෙකම ඓතිහාසික පසුබිමක දිගහැරෙන නවකතා. මෙවැනි නවකතාවක් පරිකල්පනය කරන්න ඓතිහාසික තත්වයන් ගැන දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ දැනුම සම්පාදනය වෙන ආකාරය ගැන යමක් කියන්න පුළුවන් ද? මහින්ද: මේ නවකතා දෙකේම පරිසරය මට සමීප එකක්. මොකද ඒ මං ඉපදුණු ජීවත් වුණු ගම් පළාත. නමුත් කාලය මට දුරස්. මේ නවකතා දෙකම ගොඩනැගෙන්න මුලින්ම බලපාන්නේ මං කුඩා කාලයේ සිට මං අහපු දේවල්. ගමේ වැඩිහිටියන් විසින් කියපු කතා. ඒවා ඉවහල් වුණා මට මගේ පරිකල්පන ලෝකය ගොඩනගා ගන්න ආධුනිකයෙක් හැටියට. මේ විදිහට සියයට විස්සක් විතර දේවල් මගෙ ඇඟේ තියනවා. නමුත් ඉතිරි කොටස මට සොයා ගන්න සිද්ධ වෙනවා දත්ත සහ තොරතුරු හැටියට. පාරිසරික දේවල් වෙන්න පුලුවන්, සිදුවීම් වෙන්න පුලුවන්, භූමියට අදාළ යම් යම් දේවල් වෙන්න පුලුවන්, එම කාලයට අදාළ සමාජ දේශපාලනික තොරතුරු වෙන්න පුලුවන් මේ ආදී දේවල් මට පොතින් පතින් සොයා ගන්න සිද්ධ වෙනවා. පැරණි පත්තර පොත් පත් ආදියෙන් තමයි ඒ වකවානුව සම්බන්ධ බාහිර පරිසරය නිර්මාණය කර ගත්තේ. මේ හැදෑරීමේදි මට ලිඛිත සටහන් තබා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය ඇතුළේ මං අනුමාන කරනවා 1930 වර්ෂයේ දි කෙනෙක් කඩපොලට ගියොත් මොනවගේ දේවල් කතා කරන්න ඇති ද? මොන වගේ බලපෑමක් බාහිර ලෝකයෙන් මේ ගැමි ජීවිත වලට තියෙන්න ඇති ද? ඒ කාලෙ ආදරය කරන දෙන්නෙක්ගේ ලෝකය මොන වගේ වෙන්න ඇති ද? මේ වගේ දේවල් මං අනුමාන කරනවා. ඒ සඳහා අවශ්‍ය දේවල් මගේ මනෝ ලෝකය ඇතුළේ තැන්පත් වෙලත් තියනවා. මේ සඳහා මං මේ වෙනකොට බලල තියෙන පැරණි චිත්‍රපටි, කිය වූ පොත පත ආදිය බලපානවා. ඒ දේවල් අවිඥානිකව තැන්පත් වෙලා තියෙනවා. මං හිතන්නේ කතාවට අදාළ මනෝමය වර්ණය නිර්මාණය කර ගන්න ඒ දේවල් බලපානවා. ඇත්තටම විධිමත් ව මේ කාලය ගැන කරන හැදෑරීමට පෙර මා තුළ තිබුණු දේවල් වලින් කතාවේ මූලික සැකැස්ම නිර්මාණය වෙලා තියෙන්නේ මේ වෙනකොට. නමුත් මේ හැදෑරීමට තමයි වැඩිපුරම කාලයක් ගත වෙන්නේ. දැන් මේ දෙකම එකට කඹයක් ගොතනවා වගේ ගෙතෙන කොට තමයි මං අපේක්ෂා කරන කතාව ගොඩනැගෙන්නේ. කෞශල්‍ය: දැන් ඔබ කියන ආකාරයට ලිවීම ආරම්භ කරන්න කලින් ඔබ කතාව සැළකිය යුතු ආකාරයකට ගොඩනඟල තියෙන්නේ. දැන් ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ ඔබ කලින් සැලසුම් කරපු ආකාරයටම කතාව දිගහැරෙනව ද? මහින්ද: මං හිතන්නෙ ලිවීම කියන ප්‍රායෝගික ක්‍රියාවලියට එනකොට මං බර ගොඩක් එකතු කර ගෙන තියෙන්නෙ. ලිවීම තුළ සිද්ධ වෙන්නේ මේ බර ටිකෙන් ටික සැහැල්ලු වෙන එක. හැබැයි මේක ඇතුළේ මං එකතු කර ගත්තු බරෙන් සමහර කොටසක් ලිවීමට ඇතුළත් නොකර ඉවත දාන්න මට සිද්ධ වෙනවා. ඒ එක්කම ලිවීමේ ක්‍රියාවලියට ඇතුල් වුනාට පස්සේ අර එකතු කර ගත්ත බරට අමතරව කොහෙන්දෝ ඉඳල මා වෙත එන දේවල් ටිකක් කතාවට එකතු වෙන අවස්ථාත් තියනවා. ඒකට හේතුව මං කලින් කරපු ව්‍යායාම වලට මා දක්වපු අවංකභාවය සහ ඒ සඳහා ගත කරපු කාලය කියලත් මට හිතෙනවා. කොහොම නමුත් සමහර අවස්ථා තියනවා මම පරිකල්පනය කරපු ආකාරයට වෙනස් විදිහට ලිවීම තුළ චරිත සකස් වුණු. උදාහරණයක් හැටියට 'සෙංකොට්ටං' නවකතාවෙ 'ලුවිස් හේනයා' කියන චරිතය මම පරිකල්පනය කරල තිබුණේ අනෙකුත් චරිත එක්ක යම් ගැටීමක් එක්ක ගොඩනගන්න. නමුත් ලිවීම ඇතුළේ ඔහු නිර්මාණය වුණේ වෙනස් ආකාරයකට. ඔහුගේ හඬ අපට ඇහෙන්නේ නැහැ. ඔහු ගැන තොරතුරු පමණයි අපිට එන්නේ. මෙවැනි දේවල් සිද්ධ වෙනවා. නමුත් සාමාන්‍යයෙන් මම ලිවීමට පෙර ගොඩනඟන මූලික සිදුවීම් සහ චරිත බොහෝ දුරට ලිවීම තුළ දී කතාවට එකතු වෙනවා. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ඔබ ලියන හැටි ගැන? මහින්ද: මම වෙන රස්සාවක් කරන ගමන් ලියන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ලියන එකට තමයි මගේ ජීවිතේ වටිනාම කාලය වෙන් වෙන්නෙ. ලිවීමට පරිබාහිරව මං කරන සෑම දෙයක්ම මං හිතන්නෙ මගේ ලිවීම කිසියම් ආකාරයකට පෝෂණය කරන දේවල් හැටියට. ඉතින් නවකතාවක් ලියන්න පටන් ගන්නකොට මං ඒ වෙනුවෙන් නිශ්චිත කාලයක් වෙන් කර ගන්නවා, මාස දෙකක් හෝ තුනක්. මං ලියන්නේ පෑනෙන් කොළ වල. ඉතින් ලියන්න පටන් ගත්තම කිසියම් පරිච්ඡේදයක් මගේ හිතට හරියන තුරු මම නැවත නැවත ලියනවා. මම විශාල කොළ ප්‍රමාණයක් මේ කාලය තුළ අහක දානවා මගේ හිතට හරියන තුරු. මම ලියන දේවල් යතුරු ලියනයට බාර දෙන වෙලාව වෙන කොට මං ඒ දේවල් අවම වශයෙන් හය සැරයක් වත් නැවත නැවත ලියල තියෙන්නේ. මං මේ නැවත ලියනව කියල කියන්නේ අලුත් කොළ වල නැවත මුල සිට ලියන එක. එතෙන්දි අර කලින් ලියපු දේවල් තියනවා නමුත් අලුතෙන් එකතු වීම් සහ අඩුවීම් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් දවසකට සමහර විට පැය හතරක් විතර ලිවීම සඳහාම වැය වෙන්න පුළුවන් නමුත් ඒ දවසේ අනෙක් කාලයත් මම මේකත් එක්කම තමයි ගත කරල තියෙන්නේ. යම් අවස්ථාවක ඉතාම සතුටට පත් වෙන ආකාරයට මගේ අතින් ලිවීම සිද්ධ වුණොත් ටිකක් එළියට ගිහින් ඇවිදල යාලුවෙක් හම්බවෙලා, ඕනෙනම් පොඩි අඩියක් ගහල එන අවස්ථා තියනවා. ලිවීම සතුටුදායක නොවන කිසියම් හිරවීමක් තියන වෙලාවක මං එතනින් ඈතට යන්නෙම නැහැ ඒ ගැටලුව ජය ගන්නා තුරු. කෞශල්‍ය: ඔබ මේ කියපු දේවල් වලින් සංස්කරණය ගැන තියන උනන්දුවත් ඉතාම පැහැදිලිව පේනවා. මේකට යම් දෙයක් තව එකතු කරන්න තියනවද සංස්කරණය පැත්තෙන් බැලුවොත්? මහින්ද: ඇත්තටම මං සංස්කරණයට ඉතාම උනන්දු කෙනෙක්. මගේ නවකතා ලියල අවසන් වුනාට පස්සෙ ඊළඟ අදියරට යන විට මට උදව් කරන දෙන්නෙක් තමයි ජයප්‍රිය දසුන් සහ ලහිරු කරුණාරත්න කියන දෙන්නා. ඒ දෙන්නා මට පෙන්වා දීලා තියනවා සමහර රිපීට් වෙන වාක්‍ය, සමහර මට මඟහැරුණු සියුම් තැන්, යම් වෙලාවක මේ වාක්‍ය මේ විදිහට නැතුව මෙහෙම ලියවුණොත් හොඳයි කියන එක වගේ දේවල්. මේ සඳහා අපි සැළකිය යුතු කාලයක් අරගෙන තියෙනවා මේ කාරණා වෙනුවෙන්. මීට අමතරව භාෂාව පිළිබඳ සංස්කරණයත් සිද්ධ වෙනවා. කොහොම වුණත් අපි අවම වශයෙන් තුන් වතාවක් වත් නැවත නැවත මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. මේක තමයි අවසාන වතාවට මැණිකක් ඔප දානව වගේ කෘතියට ඒ අවශ්‍ය ආලෝකය ලබා දෙන අවස්ථාව. කෞශල්‍ය: අවසන් වශයෙන් මම ඔබගෙන් අහන්න කැමතියි ඔබ ලිවීම විඳින හැටි ගැන? මහින්ද: ඇත්තටම ලිවීම කියන්නේ ඉතාම සතුට දනවන ක්‍රියවලියක්. ඒක මගෙ ජීවිතේ ඉතාම රමණීය දෙයක් හැටියටයි මම දකින්නේ. ඒක මම කරන ගොඩනැඟීමක්; ඒක මගේ මැවීමක්. මම දේවල් හොයමින් එකතු කරමින් ලෝකයට වින්දනය කළ හැකි යමක් ප්‍රදානය කරනවා කියන එක. එහි සතුට මෙතරම් කියල කියන්න බැරි තරම්. ඒක විශාල ආත්මීය සතුටක්. මීට අමතරම මගේ දේවල් කියවල ඒවාට ප්‍රතිචාර ලැබෙන කොට ඒවත් එක්කම ජීවත් වෙන කොට මේ මට විශාල අභිමනයක්, වින්දනයක් ලැබෙනවා. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ නවකතා භාවිතය හා ඒ සමඟ බැඳුණු හැඟීම් අපට ඔහුගේ නවකතා කියවීමට අලුත් කවුළුවක් විවර කරන්නට ඉඩ ඇතුවා සේම නවකතාකරණයට උනන්දුවන්නන්ට එයට ප්‍රවේශ වීමට තල්ලුවක් සපයන්නට ඉඩ ඇත. ලබන සතියේ අප අරුණ ප්‍රේමරත්න නවකතාකරුවා මුණගැසෙන්නේ ද මේ මූලික අරමුණු දෙක සිහි තබා ගෙනය. එනම් අදාළ ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ සාහිත්‍යය විඳ ගැනීමට නැවුම් ප්‍රවේශයක් සහ ලිවීමට ආශා කරන්නන්ට අනුප්‍රාණයක් යන්නයි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. ",
"Title": "'මම ලියන හැටි' : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල"
} |
{
"Text": " ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාව තුළ පැවති විශ්වාසය කලක සිට බිඳ වැටී ඇති ආකාරයක් දැකිය හැකි ය. වසර ගණනක සිට බොහෝ පිරිසකගේ අදහස වී ඇත්තේ, \"පාර්ලිමේන්තුව සුදු අලියෙක්\", \"පාර්ලිමේන්තුව අපට එපා\", \"පාර්ලිමේන්තුව නැති කළ යුතු යි\" යන මතයන් ය. මේ අදහස්වලින් පෙනී යන්නේ, සැලකිය යුතු කාලයක සිට ශ්‍රී ලංකාවේ ජනතාව අතර පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විශ්වසය බිඳ වැටී ඇති ආකාරය යි. මේ අතර, පාර්ලිමේන්තුව පවත්වන එක් දිනක් සඳහා රුපියල් මිලියන 4කට ආසන්න මුදලක් වැය කිරීම 'නාස්තියක්' බවට ද ඇතැමෙක් චෝදනා කරති. පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය බිඳ වැටීමට බලපෑ අලුත් ම සිදුවීම් දෙක වන්නේ, කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සහ කෝප් කමිටුව පිළිබඳව මතුව ඇති අර්බුදකාරී තත්ත්වය යි. කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුව ද, එවැනි යෝජනාවක් ඉදිරිපත් වීම ම පාර්ලිමේන්තුව පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටීමක් බව ඩිලාන් පෙරේරා සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරු බ්‍රහස්පතින්දා (මාර්තු 21) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළ හ. '225 ම එපා' 2019 වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම, පාර්ලිමේන්තුව තුළ මිරිස් කුඩු ප්‍රහාර එල්ල කිරීම, කතානායකවරයාගේ කටයුතුවලට බාධා කිරීම ආදී ක්‍රියා රැසක් හරහා පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තුළ පැවති විශ්වාසය බිඳ වැටී තිබිණි. පසුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඇති වූ ආර්ථිකමය කඩා වැටීම හමුවේ ගොඩනැගුණු 'අරගලය' විරෝධතා අතරතුරදී නිරන්තරයෙන් ඇසුණු සටන් පාඨයක් වූයේ, '225 ම එපා' යන්න ය. 225 යනු පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයින් 225 දෙනා ය. ඔවුන් සියලු දෙනා ප්‍රතික්ෂේප කිරීම යන්නෙන් අදහස් වන්නේ, වත්මන් පාර්ලිමේන්තුව පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටී ඇති බව ය. කෙසේ වෙතත්, 'පාර්ලිමේන්තුව එපා' යනුවෙන් ක්‍රියාත්මක වන මතය සම්බන්ධයෙන් යම් ප්‍රශ්න කිරීම් ද ජනතාව අතරින් ද පැන නැගුණු අවස්ථා තිබේ. ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා විශ්වාසය - වෙරිටේ සමීක්ෂණය වෙරිටේ රිසර්ච් ආයතනය විසින් 2024 වසරේ පෙබරවාරි මාසයේදී කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව වත්මන් ආණ්ඩුවට හිමි වන ජනතා අනුමැතිය 7%ක් දක්වා පහළ ගොස් තිබේ. එම අගය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී 9%ක් වූ අතර, මාස කිහිපයක් තුළ තවත් 2%ක පහළ යාමක් පෙන්නුම් කරයි. මේ අතර, මේ වන විට පවත්වාගෙන යන ආර්ථික තත්ත්වය 90%ක ප්‍රතිශතයක් ප්‍රතික්ෂේප කර තිබීමෙන් ද පෙනී යන්නේ, ජනතාව තුළ පවතින විශ්වසය බිඳ වැටී ඇති ආකාරය යි. පාර්ලිමේන්තුව වැදගත් ආයතනයක් නොවේ ද? පාර්ලිමේන්තුව යනු ප්‍රජාතන්ත්‍රවාදය රඳවාගෙන සිටින කුළුණු තුනෙන් එකකි. එම කුළුණු තුන වන්නේ, විධායකය, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය යි. \"අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළදී විධායකයට යම්කිසි වගකීමක් තියෙනවා. අධිකරණයට වගකීමක් තියෙනවා. ඒ වගේ ම ව්‍යවස්ථාව හෙවත් පාර්ලිමේන්තුවට වගකීමක් ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. ඒ කුළුණු තුනෙන් එකක් අයින් කරන්න බැහැ, මොන ආකාරයකින්වත්. මගේ අදහස තමයි, පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතයින් තමන්ගේ වගකිම් සහ වගවීම් හඳුනාගෙන කටයුතු කළ යුතු යි,\" වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ කළමනාකාර නිවංක ජයතිලක බීබීසී සිංහල සේවයට පැවසීය. \"පාර්ලිමේන්තුව ගැන විශ්වාසය බිඳ වැටීම ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු ප්‍රශ්නයක්\" මේ අතර, සමානුපාතික නියෝජනය ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ පැවැත්මට සහ දේශපාලනික යහ පැවැත්ම සඳහා පර්ලිමේන්තුව නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම අවශ්‍ය වන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පැවසීය. \"ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුව ප්‍රධාන ආයතනයක්. එතන විශ්වාසය බිඳ වැටෙනවා නම් ජනතාව අතර, ඒක ලොකු ප්‍රශ්නයක්, ප්‍රජාතන්ත්‍රවාදයට. ඉතින්, ඒක වළක්වගන්න සුදුසු පියවර ගත යුතු යි. අනිත් එක පාර්ලිමේන්තුවට සුජාතභාවයක් තිබිය යුතු යි. ඒක ආයෙමත් ඇති කර ගන්න නම්, අනිවාර්යයෙන් ම මැතිවරණයක් පැවැත්විය යුතු යි. සුජාතභාවය නැතුව ජනතාවගේ විශ්වාසය ගොඩ නගා ගන්න බැහැ.\" \"පද්ධතිය ගැන ම ජනතා විශ්වාසය බිඳ වැටිලා\" පාර්ලිමේන්තුව ඇතුළු සමස්ත දේශපාලන පද්ධතිය ම පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටී ඇතැයි දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජයදේව උයන්ගොඩ බීබීසී සිංහල සේවයට පැවසීය. \"ලංකාවේ පාර්ලිමේන්තුව, දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකත්වය පිළිබඳව තිබෙන මහජන විශ්වාසය විශාල ලෙස පිරිහිලා තියෙන්නෙ. ඒක අද ඊයෙ ඇති වුණ දෙයක් නෙවෙයි. කාලයක සිටි සිදුවුණ දෙයක්. 'අරගලය' වෙලාවෙත් තිබුණ ප්‍රධාන සටන් පාඨයක් වුණේ මන්ත්‍රීවරුන් 225 ම ගෙදර යන්න කියලා නේ. ඒ වගේ තත්ත්වයක් තමයි අපේ සමාජයේ දැනට තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි, ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දශක ගණනාවක් තිස්සේ සිදුවුණු ක්‍රියාවලියක් තුළින් දැඩි ලෙස පරිහාණියට පත්වෙලා තියෙන එක. ඒ නිසා මහ ජනතාවගේ විශ්වාසය බිඳ වැටිල තියෙනවා. පාර්ලිමේන්තුව රටේ ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන ප්‍රධාන ආයතනය වුණත් ජනතාව හිතන්නේ, පාර්ලිමේන්තුවෙන් නියෝජනය වෙන්නෙ ජනතා පරමාධිපත්‍යය නෙවෙයි, දේශපාලන පක්ෂවල නැත්නම් ප්‍රභූ පන්තියේ පෞද්ගලික වුවමනාවන් කියල යි. ඉතින් ශ්‍රී ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා, පාර්ලිමේන්තුව සහ දේශපාලන පක්ෂ සම්බන්ධව විශ්වාසයක් යළි ගොඩ නගන්නේ කෙසේ ද? කියන එක ගැන. මේ දවස්වල පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන දේවල් බැලුවා ම පේනවා, ජනතා නියෝජිතයින් තුළ ඒ පිළිබඳව කිසි ම තැකීමක් නැහැ කියන එක.\" කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංගය තුළින් ද ඔහුගේ කාර්යභාරය ව්‍යවස්ථාවට පටහැණි බවට යෝජනාවක් සහ මතයක් ජනතාව අතර පවතින බව පෙනී යන්නේ යැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දුන්නේ ය. නැවත විශ්වාසයක් ගොඩ නගා ගන්නේ කෙසේ ද? පාර්ලිමේන්තුව ඇතුළු සමස්ත දේශපාලන පද්ධතිය පිළිබඳව ජනතාව අතර විශ්වාසයක් ගොඩ නැගීම සඳහා මූලික පියවර කිහිපයක් ගත යුතු බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ නෙවංක ජයතිලක පැවසූහ. පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසයක් ඇති කිරීම සඳහා, \"මුලින් ම මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් පැවැත්විය යුතු,\" බව ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පැවසීය. ඊළඟ පියවර ලෙස පක්ෂ නායකයින් ජනතා නියෝජිතයින් තෝරා ගැනීමේදී, ජනතාව නියෝජනය කිරීමට සුදුසු පුද්ගලයින් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඉහත කී විද්වතුන් තිදෙනා ම පෙන්වා දුන්හ. ඊට අමතරව, මෙම විශ්වාසය නැවත ඇති කිරීම සඳහා වන ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ, මහ ජනතාවට ම බව ඔවුන් තිදෙනාගේ ම අදහස යි. \"ඡන්ද දායකයෝ තමයි මේ දැන් ඉන්න නියෝජිතයොත් පාර්ලිමේන්තු යැව්වේ. නුසුදුස්සන් පාර්ලිමේන්තු යැව්වොත් ඔවුන් විශ්වාසවන්ත විදිහට වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා ඡන්දය ප්‍රකාශ කරන්න කලින් තමන් ඡන්දය දෙන්නේ මොන වගේ නියෝජිතයෙකුට ද? මොන වගේ පක්ෂයකට ද? පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ මොනවා ද? කියලා අධ්‍යයනය කරන අවශ්‍ය යි,\" මහාචාර්ය ජයදේව උයන්ගොඩ පැවසීය. පාර්ලිමේන්තුව තුළ සිදුවන වාද විවාද පවා ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතු වී ඇතැයි මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය. \"ගොඩක් වෙලාවට පාර්ලිමේන්තුවේ කෙරෙන වාද විවාදවල කිසි ම ඵලදායීතාවක් නෑ. නිකම් රණ්ඩු වෙනවා විතර යි. ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් ජනතා විශ්වාසය ඇති කරන්න නම් පාර්ලිමේන්තු වාද විවාද මීට වඩා ඵලදායී විදිහට පැවැත්විය යුතු යි.\"",
"Title": "'පාර්ලිමේන්තුව ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා': මෙහෙම ගියොත් කුමක් සිදුවෙයි ද?"
} |
{
"Text": " සංචාරක පාරාදීසයක් වූ ගාලු කොටුව තුළ දෙස් විදෙස් සංචාරකයන්ට නොමිලේ නැරඹිය හැකි කෞතුකාගාරයක් තිබේ. පුද්ගලික කෞතුක භාණ්ඩ එකතුවක් ලෙස එය පවත්වාගෙන යනු ලබන්නේ ව්‍යාපාරිකයෙකු වන අමීන් හුසේන් විසිනි. 1992 දී ඔහුගේ පියා විසින් මෙම කෞතුකාගාරය ආරම්භ කළ අතර යටත් විජිත යුගයේ මෙන්ම ඊට පෙර කාලයට අයත් ඉපැරණි දේවල් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. ''මම හිතනවා මෙතන තියෙන සමහර දේවල් ලෝකේ මං ළඟ විතරයි තියෙන්නේ කියලා. මගේ ආසාව තියෙන්නේ ඉදිරි පරම්පරාවට ලංකාවේ ඉතිහාසය පෙන්වන්න. මේකට එන දේශීය හෝ විදේශීය සංචාරකයන්ගේ මම සතයක්වත් අය කරන්නේ නෑ.'' යනුවෙන් අමීන් හුසේන් BBC සිංහල සේවයට පැවසුවේය.",
"Title": "'මගේ ආසාව අනාගත පරම්පරාවට ලංකාවේ ඉතිහාසය පෙන්වන්න.'"
} |
{
"Text": " ඔබ බස් රථයක දිනපතා ගමන් කරන පුද්ගලයෙකු නම් ඔබ බස් රථයට ගොඩ වූ මොහොතේ සිට ගමනාන්තයට ළඟා වන තෙක් විවිධ හේතු ඉදිරිපත් කරමින් ඔබගෙන් මුදල් අයැද සිටින යාචකයන් හා විවිධාකාරයේ පුද්ගලයන් ඔබට හමුවනු ඇත. එමෙන් ම ඔබ වාහනක ගමන් කරවිට මාර්ග සංඥා පද්ධති ඇති මංසන්ධි අසළ නවත්වාගෙන සිටීමේ දී ද බොහෝ විට වාහනයට අත පාමින් මුදල් ඉල්ලා සිටින යාචකයන් මෙන්ම ඇතැම් විට එම යාචකයන්ගේ බැනවැදීම් සම්බන්ධ අත්දැකීම් ද ඔබට ලැබී තිබිය හැකිය. ශ්‍රී ලංකාවේ යාචකයන් යනු කලින් කලට විවිධ ප්‍රවෘත්ති මවන කොටසකි. ඔවුන්ගේ දිනක ආදායම්, යාචකයන් යොදාගෙන සිදු කරන ජාවාරම් වැනි දෑ සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු හෙළිදරවු වේ. වරක් එවැනි වීදි යාචකයන් ඝාතනය කිරීමේ රැල්ලක් ද පැවතුණි. මෑතකදී යාචකයෙකු යැයි සිතා පොලිසිය විසින් නුගේගොඩ දී අත්අඩංගුවට ගනු ලැබූ පෙදරේරුවෙකු මිය යාම සම්බන්ධයෙන් ද සමාජය තුළ සාකච්ඡාවක් නිර්මාණය විය. ශ්‍රී ලංකාවේ යාචකයන්ගේ ස්වභාවය යාචකයන් සම්බන්ධයෙන් සිදු කළ පළමු විධිමත් අධ්‍යනය ලෙස සැලකෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ මහාචාර්ය නන්දිසේන රත්නපාල විසින් සිදු කළ අධ්‍යනයන් ය. මහාචාර්වරයා යාචකයෙකු සේ වෙස්වලාගෙන යාචක සමාජය තුළ සැරිසරමින් සහභාගීත්ව පරීක්ෂණයක් සිදු කර ඇති අතර, එහි දී යාචකයන්ගේ චර්යාවන් හා ස්වභාවය සම්බන්ධයෙන් ලබා ගත් දැනුම එකතු කර ඔහු ග්‍රන්ථයක් ලියා පළ කර තිබේ. එහි නම \"ශ්‍රී ලංකාවේ යාචකයා\" ය. මෑතක දී යාචකයන් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය මයුර සමරකෝන් සහ එම අධ්‍යනාංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් කළ පරීක්ෂණයක දී සොයා ගත් තොරතුරු පිළිබඳ සමාජයේ විශාල අවධානයක් යොමු විය. එම පරීක්ෂණයේ දී අනාවරණය කරගත් කරුණු සම්බන්ධයෙන් මහාචාර්ය මයුර සමරකෝන් විසින් බීබීසී සිංහල වෙත අදහස් දක්වනු ලැබුවේය. මහාචාර්යවරයා හඳුනාගෙන ඇති ආකාරයට මේවන විට මෙරට යාචකයන්ගේ ස්වභාවය කෙසේදැයි බීබීසී සිංහල වසින් ඔහුගෙන් විමසන ලදි. \"ශ්‍රී ලංකාවේ යාචකයන් වර්ග කීපයන් හඳුනාගන්න පුළුවන්. දීර්ඝකාලීනව රෝගාබාධවලට ලක් වෙලා පවුල් වලින් අතහැර දාපු අය, රැකවරණයක් නොමැති වයස්ගත පුද්ගලයන්, ආබාධිත පුද්ගලයන් සිටිනවා මෙවැනි පුද්ගලයන්ව යොදාගෙන කරනු ලබන යාචක ව්‍යාපාරයක් තමයි වර්තමානයේ ශ්‍රී ලංකාවේ තියෙන්නෙ,\" මාහාචාර්යවරයා පෙන්වා දුන්නේය. ඔහු පවසන්නේ මෙම තත්ත්වය නගරාසන්නයේ බහුලව නිරීක්ෂණය කළ හැකි බවයි. \"මේ යාචකයන්ව රැකබලාගන්න අදාල ක්‍රමවේදයන් නැති නිසා, විවිධ පුද්ගලයන් මේ අයව රැකබලාගන්නවා කියලා පෙන්වමින් ඔවුන්ව යාචක වෘත්තියේ යෙදවීමක් තමයි සිදුවන්නේ. මේ ව්‍යාපාරවලට හිමි කරුවෙක් ඉන්නවා. ඔහු මේ මුදල් ලබාගෙන යාචකයන්ට යම් කොමිස් මුදලක් ලබා දෙනවා. මේ තත්ත්වය තමයි වර්තමානයේ යාචක සමාජයේ තිබෙන පොදු සංස්කෘතිය වෙන්නේ.\" මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ තනිව යාචක වෘත්තියට එළඹීම අපහසු නිසා බහුතරයක් යාචකයන් මෙවැනි කල්ලි කණ්ඩායම් සමඟ එක්ව වැඩ කරන බවයි. \"කතරගමදී යාචක වෙස් ගත් ශිෂ්‍යයන්ට බලපෑම් සිදුවුණා\" මෑතක දී මහාචාර්ය මයුර සමරකෝන් සහ ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායමක් කතරගම පූජා නගරය ආසන්නයේ සිදු කළ සහභාගීත්ව පරීක්ෂණයේ දී එලෙස වෙස් වලාගත් සිසුන්ට යාචකයන්ගේ යම් යම් බලපෑම් සිදු වූ බව මහාචාර්යවරයා පැවසුවේ ය. \"කතරගම කිරිවෙහෙර ආසන්නයේ කියලා කියන්නේ ප්‍රසිද්ධ සහ විශාල පිරිසක් එකතුවෙන පූජා භූමියක් නිසා සෘජුවම තර්ජන ආවේ නෑ. නමුත් ආබාධිත යාචකයෙක් විදිහට වෙස්වලාගෙන හිටපු ශිෂ්‍යයා ළඟින් ඇවිද යන ගමන් ම ඇතැම් යාචකයන් එතනින් වහාම යන්න කියලා තර්ජනය කරලා තිබුණා. ඒ වගේම සමහර යාචකයන් ළඟ ඉන්න දරුවන් යොදාගෙන උසුළු විසුළු කිරීම් සිදු කරන තිබුණා,\" මහාචාර්යවරයා විස්තර කළේය. \"අපේ එක් ශිෂ්‍යයෙක් වෙස්වලාගෙන සිටියේ අන්ධ යාචකයෙකු විදිහට. එතැන දී එක් වයස්ගත කාන්තාවක් ඔහුට හරියට උදවු කරලා තිබුණා. තනියම ඉන්නේ නැතිව ඔවුන්ගේ කණ්ඩායමට එකතුවෙන්න කියලා පොළඹවාගන්නත් උත්සහ කර තිබුණා. ඒ වගේම ඒ කාන්තාව මව ලෙසත් ශිෂ්‍යයා දරුවා ලෙසත් පෙනී සිටිමු'යැයි ඒ කාන්තාව යෝජනාවකුත් කර තිබුණා.\" \"ආබාධිතයෙකු විදිහට වෙස්වලාගෙන හිටිය ශිෂ්‍යයා පැය දෙකක පමණ කාලයක දී රුපියල් හාරදහසකට වැඩි මුදලක් ඉපැයුවා.\" 'යාචක සමාජය ඉතා සංවිධානාත්මකයි' කතරගම දී යාචක සමාජය සම්බන්ධයෙන් සිදු කළ නිරීක්ෂණයක් මහාචාර්යවරයා විස්තර කළේ මෙලෙසින් ය. \"කතරගම යාචක සමාජය ඉතා සංවිධානාත්මක බව අපට හොඳින් නිරීක්ෂණය කරන්න හැකි වුණා. උදේම යාචකයන්ව මිනිස්සු ගැවසෙන තැන් බලලා ස්ථානගත කරනවා. ඊට පස්සෙ ඔවුන්ට අවශ්‍ය ආහාරපාන වරින්වර ලබාදෙනවා. යාචකයන්ට දානයක් දෙනවා වගේ තමයි කෑම බෙදන්නේ. නොදන්නා කෙනෙක් දැක්කොත් කවුරු හරි දානයක් දෙනවා කියලා හිතන්නෙ. නමුත් අපි සති ගාණක් නිරික්ෂණය කළ නිසා මේ තත්ත්වය හඳුනාගන්න හැකිවුණා. දවස අවසානයේ දී මේ අයව එකතු කරගෙන යනවා. මේ දේවල් බොහොම සූක්ෂමව නිරීක්ෂණය කළොත් විතරයි හඳුනාගන්න පුළුවන්.\" දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ නිරීක්ෂණයන් අවසානයේ අවසන් පියවර වශයෙන් යාචකයන් සේ වෙස්වලාගෙන සහභාගීත්ව පරීක්ෂණය සිදු කළ බව මහාචාර්ය මයුර පෙන්වා දුන්නේ ය. දරුවන් යොදාගෙන සිඟමන් යැදීම එමෙන් ම නුගේගොඩ සහ කොළඹ ආශ්‍රිත ප්‍රධාන නගර ආසන්නයේ තමන්ගේ නොවන දරුවන් තමන්ගේ ලෙස පෙන්වමින් සිදු කරන යාචක ජාවාරමක් ද පවතින බව ඔහු පෙන්වා දුන්නේ ය. \"නුගේගොඩ හා කොළඹ නගර ආශ්‍රිතව මේ ජාවාරම පැහැදිලිව ම හඳුනාගන්න පුළුවන්. දරුවන් යොදාගෙන මේ අය සිඟමන් යදිනවා. නමුත් මේ දරුවන් ඔවුන්ගේ අය නොවෙයි. මේ දරුවන් දවසේ කොයිවෙලෙත් නිදාගෙන ඉන්නේ. ඒ ගැනත් සොයා බැලිය යුතුයි,\" මහාචාර්යවරයා පවසයි. එලෙස දරුවන් සමඟ සිඟමන් යැදීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි. \" දරුවන් සිඟමනේ යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදක්. අපට තොරතුරක් ආව ගමන් අපි ඒ අය අත්අඩංගුවට අරගෙන දරුවන්ව පරිවාස භාරයට යවනවා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනවා.\" දරුවන් කෲරත්වයට ලක් කිරීම යටතේ ද මේ වරදට චෝදනා ගොනු කරන බව ඔහු පෙන්වා දුන්නේ ය. ‘රජයට වැඩපිළිවෙලක් නෑ’ මාහාචාර්ය මයුර පෙන්වා දෙන්නේ යාචකයන් සම්බන්ධයෙන් රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි. \"ප්‍රධාන නගර ආශ්‍රිතව තියෙන හැම වර්ණ සංඥා පද්ධතියක්ම ළඟ වගේ මේ අය සිඟමන් යදිනවා. වර්තමානයේ යාචකයන් වගේ වැරහැළි ඇදලා ඉන්නෙ නැතිව, විවිධ දානමානවලට, ඉගෙන ගන්න වගේ විවිධ හේතු ඉදිරිපත් කරමින් සිඟමන් යැදීමේ ප්‍රවණතාවයකුත් තිබෙනවා. නමුත් යාචකයන් සම්බන්ධයෙන් වැඩ කරන රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ පොලිසියට මේ සම්බන්ධ නිශ්චිත වැඩපිළිවෙලක් නෑ. රිදියගම පුනරුත්ථාපන හා සමාජ සවිබල ගැන්වීමේ කඳවුරක් තියෙනවා. හරියට වැඩපිළිවෙලක් තිබුණා නම් කොළඹ ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිතව සිටින යාචකයන් ප්‍රමාණය අඩු කරගන්න හැකියාවක් තිබෙනවා.\" ‘රිදියගම ඉඩකඩ නෑ’ රිදියගම යාචකයන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයේ වර්තමානය වන විට ඉඩකඩ සම්බන්ධයෙන් ද ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව බීබීසී සිංහල කළ විමසීමක දී සමාජ සේවා දෙපාර්තමේන්තුවේ යාචකයන් සම්බන්ධ සංගණන නිලධාරී චම්පා ජානකී පැවසුවා ය. ඇය පෙන්වා දුන්නේ එම මධ්‍යස්ථානයේ රඳවා තැබිය හැක්කේ 450ක පමණ පිරිසක් වුවත් වර්තමානය වන විට 518 දෙනෙකු රඳවා ඇති බවයි. \"මේ ජනවාරි මාසයේ දී අපි නාගරික ප්‍රදේශවල ජීවත් වන යාචකයන් සම්බන්ධයෙන් සංගණනනයක් කරලා අවුරුදු 18ට අඩු සිඟමන් යදින දරුවන් ගැන පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් සිදු කළා. මේ සංගණනයේ වාර්තාව ඉදිරි සතියක දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි,\" ඇය පැවසුවා ය. යාචකයන් රඳවා තබන මධ්‍යස්ථානයේ දී වැඩ කිරීමට හැකියාවක් පවතින යාචකයන් හට වෘත්තීය පුහුණු ලබා දීමට කටයුතු කරන බව නිලධාරිනිය පවසයි. \"අධිකරණයෙන් මධ්‍යස්ථානය වෙත එන යාචකයන් අතරින් පවුලේ අය ජීවත්ව සිටින යාචකයන් ව නැවත එම පවුල් හා එක්ව ජීවත් වීට අදාලව සමාජගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ වගේ ම වැඩ කිරීමට හැකියාව ඇති අයට කෘෂිකර්මය, පිරිසිදු කිරීම් වැනි පුහුණු ලබා දීලා රැකියාවලට යොමු කරන්න කටයුතු කරනවා.\" පූර්ණ ආබාධිත හෝ වයස්ගත යාචකයන් හට මෙම මධ්‍යස්ථානයේ දිගටම රැඳී සිටීමට හැකියාව තිබෙන බව ඇය පෙන්වා දෙයි. \"පවුලේ කිසිවෙක් හොයාගන්න බැරි වයස්ගත අයව අපි වැඩිහිටි නිවාස වෙත යොමු කරන්න උත්සහ කරනවා. එහෙම බැරිවුණ අයටත් පූර්ණ ආබාධිතයන්ටත් මධ්‍යස්ථානයේ ම ජීවත් වෙන්න පුළුවන්. නමුත් වර්තමානයේ ප්‍රතිපාදන සීමිත වීම සමඟ එය තරමක් දුෂ්කර වී තිබෙනවා.\" 'කඳවුරුවල ඉඩ නැති නිසා අත්අඩංගුවට ගන්නේ අඩුවෙන්' පාදඩ ආඥා පනත යටතේ පොලිසියට යාචකයන් අත්අඩංගුවට ගැනීමට බලය ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. එහි දී අප විමසා සිටියේ දිනකට කෙතරම් පිරිසක් එලෙස අත්අඩංගුවට ගන්නේ ද යන්නයි. එයට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. \"පාදඩ ආඥා පනත යටතේ අපට අත්අඩංගුවට ගන්න පුළුවන් වුණාට දවසකට එහෙම ලොකු සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්න බෑ. මේ අයව උසාවියට ඉදිරිපත් කළාට පස්සේ පුහුණු කඳවුරු වලට යවනවා. ඒවාගෙ ඉඩ නෑ. එහෙම අත්අඩංගුවට අරගෙන තියාගන්න බෑ විශාල පිරිසක්. ඒ නිසා දවසකට පොඩි සංඛ්‍යාවක් තමයි අත්අඩංගුවට ගන්නේ.\"",
"Title": "ශ්‍රී ලංකාවේ යාචකයෝ: දැන් ක්‍රියාත්මක වන්නේ යාචක ව්‍යාපාරයක් ද?"
} |
{
"Text": " පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් වීමත් සමග එම කමිටුවේ සාමාජිකයින් බොහෝ දෙනෙක් දිගින් දිගට ම ඉල්ලා අස්වෙමින් සිටිති. මාර්තු 18 වන දා සිට දින තුනක් තුළ එහි සාමාජිකයින් 10 දෙනෙකු මේ දක්වා ඉල්ලා අස්වී තිබේ. මේ අතර, අද (මාර්තු 20) යෝජනා කරන ලද වසන්ත යාපා බණ්ඩාර එම යෝජනාව ප්‍රතික්ෂේප කළේ ය. රෝහිත අබේගුණවර්ධන සභාපති වීම පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩි ඡන්දයෙන් තේරී පත්වූයේ, නව වන පාර්ලිමේන්තුවේ පස් වන සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පැවති මාර්තු 7 වන දා ය. එහිදී සභාපති ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ගාමිණී වලේබොඩ යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. රෝහිත අබේගුණවර්ධනගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ යෝජනා කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න එය ස්ථිර කළේ ය. ගාමිණී වලේබොඩගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් යෝජනා කරන ලද අතර ඩිලාන් පෙරේරා විසින් ස්ථිර කරන ලදී. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී රෝහිත අබේගුණවර්ධන වැඩි ඡන්දයෙන් සභාපති ධූරය සඳහා තේරී පත්විය. ඉල්ලා අස්වූ සාමාජිකයින් සහ ඊට බලපෑ හේතු 1.ඉරාන් වික්‍රමරත්න (සමගි ජන බලවේගය) රෝහිත අබේගුණවර්ධන සභාපති ධූරයට පත්වීමෙන් පසු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස්වූ පළමු සාමාජිකයා වූයේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ය. ඔහු මේ බව මාර්තු 18 වන දා කතානායකවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබූ අතර, එහි සඳහන් කර තිබුණේ, 'මේ දක්වා කෝප් කමිටුව හෙළිදරව් කළ වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවත් කෝප් කමිටුවේ අකාර්යක්ෂමතාව පිළිබඳව ජනතාව කලකිරීමට පත් වී ඇති,' බවත් ය. ඊට අමතරව, කෝප් කමිටුවට පත් කර ඇති සාමාජිකයන්ට එරෙහිව චෝදනා පවතින බව ද ඔහු එම ලිපියේ වැඩිදුරට ත් සඳහන් කර තිබිණි. 2. දයාසිරි ජයසේකර (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද පසුව කෝප් කමිටුවෙන් ඉල්ලා අස්විය. සිය එක්ස් (මීට පෙර ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණේ, චෝදනා එල්ල වී ඇති සභාපතිවරයෙකු සමග කටයුතු කිරීමට තමන්ට නොහැකි හෙයින් සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අරගලයෙන් පාඩම් ඉගෙන ගැනීමට මෙන් ම ජනතාවට ගරු කිරීමට අසමත් වීම කනගාටුවට කරුණක් බව ද ඔහු සඳහන් කර තිබිණි. 3. මහාචාර්ය චරිත හේරත් (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් ඊයේ කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වූ අතර, එම ඉල්ලා අස්වීමට නිශ්චික හේතුවක් සිය එක්ස් (මීට පෙර ට්විටර්) ගිණුමේ තබා තිබූ සටහනේ සඳහන් කර නොතිබිණි. ඔහු කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකි. 4. එස්.එම්. මරික්කාර් (සමගි ජන බලවේගය) ඉල්ලා අස්වූ සිව් වැන්නා වූයේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර තිබුණේ, 'මෙරට රාජ්‍ය ආයතනයන්හි සිදුවන දූෂණ වංචා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වීම සහ සභාපතිත්වය සඳහා නුසුදුස්සෙකු පත්වීම නිසා' කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ය. 5. හේෂා විතානගේ (සමගි ජන බලවේගය) කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් හේෂා විතානගේ ද ඉවත් වූයේ, නව සභාපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙනි. 6. ශානකියන් රාජපුතිරන් රාසමාණික්කම් (දෙමළ ජාතික සන්ධානය) දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් ඉල්ලා අස්වූ බව දැනුම් දෙමින් මාධ්‍ය හමුවකදී පැවසුවේ, \"කෝප් කමිටුව තවදුරටත් පොදු ව්‍යාපාර සම්බන්ධ කාරක සභාවක් නොව පොහොට්ටු ව්‍යාපාර කාරක සභාවක් බවට පත්ව ඇති,\" බව ය. 7. නලීන් බණ්ඩාර (සමගි ජන බලවේගය) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ අතර ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව අදහස් දැක්වීය. \"කෝප් කමිටුව කියන්නේ ගෞරවණීය කමිටුවක්. විශේෂයෙන් ම කෝප් කමිටුවේ සභාපතිවරයා, විගණකාධිපතිවරයාත් එක්ක එකට ඉඳගෙන තමයි, කෝප් කමිටුව මෙහෙයවන්නෙ. දැන් අපි දන්නවා කෝප් කමිටුවේ සභාපතිවරයාට විශාල විරෝධයක් පළ වෙලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා, මේ සභාපතිවරයා ඉවත් කරලා, මේකෙ සම්ප්‍රදාය තියෙන්නේ විපක්ෂයට දෙන්න. විපක්ෂයේ කෙනෙකුට මේ සභපතිකම දෙන්න කටයුතු කරන්න. පාර්ලිමේන්තුව හෑල්ලු වීම හරහා අපට තිබුණු විරෝධය ඔබතුමාලා දැක්කා. ඒක තවදුරටත් හෑල්ලු කිරීමක් මේ පත්කරපු සභාපතිවරයා. ඒ නිසා මේක වහා ම නිවැරදි කරන්න.\" මේ අතර, නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා අද (මාර්තු 20) පාර්ලිමේන්තුවේදී පැවසුවේ, සභාපතිවරයා ඉවත් කිරීමට පියවර නොගතහොත් උපවාසයක් ආරම්භ කිරීමට සිදුවන බව ය. 8. ගාමිණී වලේබොඩ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) මෙවර කෝප් කමිටුවේ සභාපති ධූරයට ද තරග කළ ගාමිණී වලේබොඩ කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය. 9. වසන්ත යාපාබණ්ඩාර (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර කෝප් කමිටු සාමාජිකයෙකු ලෙස යෝජනා කළ අතර, එය නිවේදනය කළ සැණින් ඔහු ඉන් ඉල්ලා අස්වන බව පැවසීය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර නම් කළ බව නියෝජ්‍ය කතානායකවරයා අද (මාර්තු 20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී නැගී සිටි වසන්ත යාපාබණ්ඩාර \"තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බව,\" සඳහන් කළේ ය. 10. දුමින්ද දිසානායක (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වූ 10 වන සාමාජිකයා වූයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර තිබුණේ, \"පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තුළ රටේ ජනතාව බලාපොරොත්තු වන විනිවිදභාවය පිළිබිඹු නොවීම හේතු කොටගෙන එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ,\" බව ය. 11. අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය) මේ අතර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් අද (මාර්තු 20) ඉල්ලා අස්විය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව යනු කුමක් ද? පොදු ව්‍යාපාර කාරක සභාව යනු, රාජ්‍ය සංස්ථාවල සහ යම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් සහ ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තා පරික්ෂා කරන කමිටුව යි. එම කමිටුව පවත්වාගෙන යාමේ අරමුණ වන්නේ, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය පවත්වාගෙන යාම සහතික කිරීම ය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126හි සඳහන් වන පරිදි පාර්ලිමේන්තු සැසි වාරයක් ආරම්භයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පත් කෙරේ. පක්ෂ සංයුතිය නියෝජනය වන ආකාරයට එහි සාමාජිකයින් පත් කිරීම සිදුවන අතර, කාරක සභාවේ ප්‍රථම සැසි වාරයේදී ම එහි සාමාජිකයින් විසින් සභාපතිවරයෙකු පත් කර ගැනීම සිදු වෙයි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ගණ පූර්ණය සාමාජිකයින් 4 දෙනෙකි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව 1979 වර්ෂයේදී ස්ථාපනය කරන ලදී. කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු සභාපතිවරයා වූයේ, ජෝර්ජ් අබේගුණසේකර ය. රෝහිත අබේගුණවර්ධනට එරෙහි චෝදනා කිහිපයක් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අවස්ථා කිහිපයකදී දූෂණ චෝදනා කිහිපයක් එල්ල වී තිබේ. රුපියල් මිලියන 41.1කට වැඩි ප්‍රකාශ නොකළ සහ නීති විරෝධී ලෙස උපයා ගත් වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම අබේගුණවර්ධනට එරෙහිව 2016 වසරේදී කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ අතර ඒ පිළිබඳව ඩේලි නිව්ස් පුවත්පත ද වාර්තා කර තිබිණි. මේ අතර, ඔහු නීති විරෝධී මූල්‍ය ගනුදෙනු 66ක් සිදු කර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා චෝදනා කර තිබිණි. මේ අතර, පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් චෝදනා කළේ, රෝහිත අබේගුණවර්ධන තමන්ට තර්ජනය කළ බවට ය. කෙසේ වෙතත්, අදාළ චෝදනා සම්බන්ධ විමර්ශන කිහිපයක් අතරමග නතර වීම නිසා ඔහු එම චෝදනාවලට වරදකරු බවට නම් කර නැත. සභාපති වීමෙන් පසු රෝහිත අබේගුණවර්ධන කළ ප්‍රකාශය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීමේදී සභාපති ධූරයට පත්වීමෙන් පසුව සභාව අමතමින් මාර්තු 7 වන දා රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ, කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා සියලු සාමාජිකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ය. එසේ ම කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව එක ම කමිටුවක සාමාජිකයන් ලෙස සියලු දෙනා සමග කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු එහිදී පැවසීය. මීට පෙර කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් ලද අත්දැකීම් සමගින් එම කටයුතු සාර්ථක ලෙස ඉටු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.",
"Title": "කෝප් කමිටු සාමාජිකයින් දිගින් දිගට ම ඉල්ලා අස් වන්නේ ඇයි?"
} |
{
"Text": " ජන අරගල ව්‍යාපාරය අද (මාර්තු 20) කොළඹ දී කළ විරෝධතාවක දී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් ඇති විය. ඒ අවස්ථාවේ දී පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී. ආණ්ඩුවේ මර්දනය සහ රටේ පවතින ගැටලු ගැන සඳහන් කරමින් පැවති මේ විරෝධතාවයේ දී ආර්ථික හා විදේශ ප්‍රතිපත්ති විවේචනයට ලක්විය. සැකකරුවන් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.",
"Title": "ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයේ දී 29ක් පොලිස් අත්අඩංගුවට"
} |
{
"Text": " බුලත් යනු සිංහල සංස්කෘතිය සමග ඈත අතීතයේ සිට අත්‍යන්ත බැඳීමක් සහිත ශාකයක් වන අතර ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි ද බුලත්වලින් බලපෑම් සිදුවූ අවස්ථා මෑත ඉතිහාසයේ පවා දැකිය හැකි ය. \"බුලත් විට වෙනුවට චුවින්ගම් හැපීමට සලසන ආර්ථිකයක් නිර්මාණය කරන,\" බවට ජනාධිපතිවරණයකදී මහජන රැලියක් අමතමින් වරක් රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් විරුද්ධ පක්ෂවල නිර්දය ලෙස විවේචනයට ලක්වූයේ, \"රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුවහොත් රටේ සංස්කෘතිය ඉවරයි,\" යනුවෙන් චෝදනා නගමිනි. එම චෝදනා රනිල් වික්‍රමසිංහගේ දේශපාලනික ගමන්මගට බෙහෙවින් බලපෑවේ ය. රනිල් වික්‍රමසිංහ 'සිංහල සංස්කෘතිය' සමග බද්ධ නොවන චරිතයක් ලෙස අර්ථ දැක්වීමට එම චෝදනා දැවැන්ත බලපෑමක් එල්ල කළේ ය. ඊට අමතරව, රනිල්ට එල්ල වූ ප්‍රතිරෝධයට සමගාමීව ජනතා ආකර්ෂණය දිනා ගැනීමට මෙන් එක්සත් ජනතා නිදහස් සන්ධනයේ ඡන්ද සලකුණ ලෙස 'බුලත් කොළය' භාවිත කෙරිණි. එම ඡන්ද සලකුණ යටතේ තරග කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය වසර ගණනක් පුරා ශ්‍රී ලංකාවේ පාලන බලය රඳවා ගැනීමට සමත් විය. (කෙසේ වෙතත්, ඔවුන්ගේ පාලන බලය තහවුරු වීමට බලපෑ එක ම හේතුව 'බුලත් කොළය' බව පැවසිය නොහැක) ඒ අනුව, බුලත් යනු ශ්‍රී ලාංකික දේශපාලනය තුළ ද යම් බලපෑමක් කළ සංස්කෘතික වශයෙන් ප්‍රබල ස්ථානයක් ගන්නා ශාකයකි. කෙසේ වෙතත්, බුලත් සැපීම මේ වන විට ජනතාවට කරදරයක් වී ඇත්තේ, බුලත් සපන්නන් තැන නොතැන නොබලා කෙළ ගැසීම හේතුවෙනි. බුලත් කෙළ නැති පාරක්? මෙම ලිපියෙහි රචකයා මෙය ලියන්නේ, වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ විවිධ මාර්ගවල ගමන් කිරීමෙන් නිරීක්ෂණය කරන ලද කරුණු ආශ්‍රය කර ගනිමිනි. අපගේ නිරීක්ෂණය අනුව කොළඹ ඇතුළු ශ්‍රී ලංකාවේ මාර්ග නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේ, බුලත් කෙළවලින් තොර මාර්ගයක් සොයා ගැනීම අතිශය දුෂ්කර බව ය. නිරීක්ෂණය කළ කිසිදු මාර්ගයක් බුලත් කෙළවලින් තොර නොවී ය. බස් නැවතුම් පොළ ආශ්‍රිතව කරන ලද නිරීක්ෂණවලදී පෙනී ගියේ බුලත් කෙළ ගැසීමෙන් එම පරිශ්‍රයන් අතිශයින් අපවිත්‍ර වී තිබූ බව ය. ඊට අමතරව, මාර්ගවල බස් නැවතුම් අසල රියැදුරන් විසින් ගසන ලද බුලත් කෙළවලින් මාර්ග වැඩි වශයෙන් අපවිත්‍ර වී තිබේ. බුලත් කෙළ ගැසීම \"සාපරාධී ක්‍රියාවක්\" බුලත් කෙළ ගැසීම සාපරාධී වරදක් බව පොලිස් පරිසර ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා පැවසීය. \"දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තය යටතේ තියෙනවා, පොදු අප්‍රසන්නතාවය. ඒක සාපරාධී වරදක්. ඒ නිසා පාරට බුලත් කෙළ ගහන අයව අත්අඩංගුවට ගන්න පුළුවන් පොලිස් නිලධාරීන්ට,\" ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා සඳහන් කළේ ය. 'කිසියම් පුද්ගලයෙකු සමාජයට කරදර වන ආකාරයට ශබ්ද පිට කිරීමක්, දුර්ගන්ධය ඇති කිරීමක් හෝ වෙනත් ආකාරයක අප්‍රසන්නතාවක් ඇති කිරීම තහනම්' බව දණ්ඩ නීති සංග්‍රහයෙහි සඳහන් වෙයි. මාර්ගවලට බුලත් කෙළ ගැසීම සාපරාධි වරදක් වන හෙයින් ඒ සඳහා අධිකරණයකින් දඬුවම් කල හැකි ය. \"දණ්ඩ නීති සංග්‍රහය ළඟකදී සංශෝධනය වුණේ නෑ. ඒකෙ දඬුවම නම් බොහොම පොඩි දඬුවමක්. රුපියල් 50ක හෝ 100ක මුදල් දඩයක් සහ,හෝ මාස දෙකක සිර දඬුවමක් තමයි තියෙන්නේ,\" ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා පැවසීය. කෙසේ වෙතත්, සංස්කෘතිකමය සහ සාම්ප්‍රදායික කරුණු හේතුවෙන් ප්‍රසිද්ධ ස්ථානවල බුලත් කෙළ ගසන්නන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. කොරෝනා සමයේ නීතිය 2020 සහ 2021 වසරවල කොරෝනාවෛරස් ව්‍යාප්තිය පැවති සමයේදී ප්‍රසිද්ධ ස්ථානවල බුලත් කෙළ ගැසීමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවට නිවේදනය කෙරිණි. කෙසේ වෙතත්, එම කාලයේ පවා පොදු ස්ථානවල කෙළ ගැසූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධි පිළිබඳව සුලභව වාර්තා වූයේ නැත. සෞඛ්‍යයට ඇති බලපෑම බුලත් විට යහපත් සෞඛ්‍යය කෙරෙහි අහිතකර ලෙස බලපාන බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ. 2015 වසරේදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වූයේ, වයස අවුරුදු 18 - 69ත් අතර වැඩිහිටි පිරිමි ජනගහනයෙන් 26%ක් සහ වැඩිහිටි කාන්තාවන්ගෙන් 5%ක් බුලත් විට භාවිත කරන බව ය. ඊට අමතරව, වයස අවුරුදු 65 - 74 අතර ජනගහනයෙන් 47.7%ක් බුලත් සැපීම කරන බවට 2003 වසරේදී කරන ලද සමීක්ෂණයකදී හෙළි විය. මේ අතර, '2010 වසරේදී පිරිමින් අතර වාර්තා වූ නව පිළිකා රෝගීන් අතරින් 24%ක් තොල්, මුඛ කුහරය සහ මුඛ ග්‍රසනිකාව ආශ්‍රිත පිළිකා රෝගීන් වූ අතර මුඛ පිළිකා රෝගය වැළඳීමට ප්‍රධාන සාධකය බුලත් හැපීම,' බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය. දිනකට බුලත් විට 3කට වඩා සැපීම සිදුකරන්නන්ට මුඛ පිළිකා වැළඳීමේ වැඩි අවදානමක් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පවසන්නේ, මුඛ පිළිකා හේතුවෙන් සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයින් දෙදෙනෙකු මිය යන බව ය. 'රටේ පිරිසුදුකම ගැන හිතන්න' බුලත් සහ ශ්‍රී ලංකාවේ සමාජය අතර බැඳීමක් පැවතිය ද, ප්‍රසිද්ධ ස්ථානවල බුලත් කෙළ ගැසීම සංස්කෘතියෙහි වරදක් නොවන බව කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අංජලී වික්‍රමසිංහ පවසයි. \"බුලත් හපන අය හිතන්න අවශ්‍ය යි, තමන්ගේ රටේ ප්‍රසිද්ධ ස්ථාන, මහාමාර්ග පිරිසුදුවට තියාගන්න දායක වෙන්න තමන්ට යුතුකමක් තියෙනවා කියලා. තමන්ගේ නිවස පිරිසුදුවට තියා ගන්නවා වගේ පොදු ස්ථානත් පිරිසුදුවට තියාගන්න ඔවුන් කටයුතු කළ යුතු යි. මේක සංස්කෘතියේ ප්‍රශ්නයක් නෙවෙයි, මිනිස්සු හිතන පතන විදිහේ ප්‍රශ්නයක්. ඒ නිසා රටේ පවිත්‍රතාව පවත්වාගෙන යන්න ඔවුන් දායක විය යුතු යි.\" සෞඛ්‍යමය කාරණාවලට අමතරව, සංචාරක කර්මාන්තය ද ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව වැනි රටක පොදු ස්ථාන පිරිසුදුව තබා ගැනීම අතිශයින් වැදගත් බව පොලිස් පරිසර ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා පෙන්වා දුන්නේ ය. බුලත් සහ සිංහල සංස්කෘතිය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ජන ජීවිතය සමග සම්බන්ධ බොහෝ උත්සවවලදී බුලත්වලට වැදගත් ස්ථානයක් හිමි වේ. මංගල, අවමංගල උත්සවවලදී පමණක් නොව වැඩිහිටියන්, ගුරුවරුන්, භික්ෂූන් පිදීමේදී ද බුලත් භාවිත වෙයි. සිරිත් විරිත්වලදී 'බුලත් අත' ප්‍රබල වන අතර, දුම්කොළයක් සහිත බුලත් අතක් දී ගුරු දෙගුරුන් නැමදීම, සමාව ගැනීම, අතීතයේ පටන් ම පැවැති සිරිතකි. රොබට් නොක්ස්ගේ An Historical Relation Of The Island Ceylon ග්‍රන්ථයෙහි බුලත් පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබේ. \"අන් සැම දෙයකටම වඩා ඔවුහු බුලත් හැපීමට ආශා ඇත්තෝ ය. නින්දට යන විට බුලත් විටකින් කට පුරවා ගන්නා ඔවුහු අවදි වන විටත් එහි හපය සුරැකිව මුව තුළ ඇත්දැයි පරික්ෂාකාරීව බලති. නොකා නොහැඳ සිටියත් බුලත් විටක් නොකා නම් සිටින්නට නොහැකි ය යනු ඔවුන්ගේ කතාවකි.\" බුලත් කොළයේ ඉතිහාසය බුලත් කොළයේ ආරම්භය මහා සම්මත රජු දවස දක්වා දිව යන බව පුරාවෘත්තවල සඳහන් වන අතර, මැණික් පාලී නම් බිසවකට ඇති වූ උපන් දොළදුකක් සංසිඳවීම සඳහා නාග ලෝකයෙන් පැමිණි නාග කන්‍යාවක බුලත් කොළය ලෝකයට රැගෙන ආ බව කියවේ. එම බුලත් කොළයේ නටුව හා අග්ගිස්ස මුවෙහි රඳවාගෙන රැගෙන ආ හෙයින් බුලත් කොළයේ එම කොන් දෙකෙහි නයි විෂ ඇතැයි මතයක් පැවති අතර, බුලත් කොළයේ දෙකොන කඩා ඉවත් කර ආහාරයට ගැනීම සිදු වන්නේ ඒ හේතුවෙන් බව පිළිගැනේ. මේ අතර, බුලත්වල මූලාරම්භය මැලේසියාවේ හෝ නැගෙනහිර ආසියානු කලාපයේ සිදුව ඇතැයි විශ්වාස කෙරෙන අතර, එය චීන හා අරාබි වෙළෙන්දන් විසින් ශ්‍රී ලංකාවට සහ සෙසු රටවලට හඳුන්වා දුන් බවට පසු කාලීන පර්යේෂණ අනුව පැවසේ.",
"Title": "'සාපරාධී ක්‍රියාවක්' වූ පාරට බුලත් කෙළ ගැසීමේ නීතිය ගැන ඔබ දන්නවා ද?"
} |
{
"Text": " අධ්‍යාපන කටයුතු කරන අතරේ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන සිදු කරන සහෝදරියන් දෙදෙනෙකු ගැන කෑගල්ල, රංවල ප්‍රදේශයන් අසන්නට ලැබිණි. අවුරුදු 12ක් සහ 13ක් වයසැති එම දියණියන් දෙදෙනා 'V & S බේකර්ස්' නමින් තම නිෂ්පාදන අලෙවි කරති. 'නංගිගෙයි මගෙයි බිස්නස් එක තමයි V & S බේකර්ස්'. අම්මලාට සල්ලි නැති වෙලාවට ඉගන ගන්නේ අපි කේක් හදන සල්ලි වලින්'' යනුවෙන් පෙමින්දි සේනාරත්න BBC සිංහල සේවයට පැවසුවාය. කොරෝනා වසංගතය පැවති සමයේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ජංගම දුරකතන භාවිතයත් සමග ආහාර සකස් කරන වීඩියෝ නැරඹීමෙන් මේ ගැන උනන්දුවක් ඇති වූ බව ඇය පවසන්නීය. ඒ සඳහා පාසලේ ගුරුවරුන්ගේ ද සහය සහ මග පෙන්වීම ලැබෙන අතර දරුවන් හොඳින් අධ්‍යාපන කටයතු සිදු කරන බව ද මව්පියෝ පවසති.",
"Title": "'නංගිගෙයි මගෙයි බිස්නස් එක තමයි V & S බේකර්ස්'"
} |
{
"Text": " කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අඟහරුවාදා (මාර්තු 19) ආරම්භ විය. ඒ, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත සහ පොලිස්පතිවරයා පත්කිරීමේදී කතානායකවරයා පක්ෂපාතී ආකාරයට කටයුතු කළ බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, සමගි ජන බලවේගය විසිනි. විවාදයට දවස් තුනක් මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම මාර්තු 14 වන දා දින නියම කරනු ලැබුවේ ද, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ම ය. මේ අනුව, මාර්තු 19 වන අඟහරුවාදා පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා ද, 20 වන බදාදා පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා ද විවාදය පැවැත්වීමට නියමිතව තිබිණි. විවාදයේ දෙවන දිනය වන 20 වන බදාදා ප.ව 4.30ට පමණ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවත්වීමට තීරණය කර තිබුණ ද, අද දිනයේ එහි යම් වෙනසක් සිදුවිය. අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළේ, විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය 21 වන බ්‍රහස්පතින්දා දිනයේදීත් පැවැත්වීමට ය. ඒ අනුව, ඡන්ද විමසීම 21 වන දා පස්වරු 4.30ට සිදු කෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ කතානායකවරුන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විවාදයට ගැනෙන විශ්වාසභංග යෝජනාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයෙකුට එරෙහිව ඉදිරිපත් වූ පස් වන විශ්වාසභංග යෝජනාව වේ. මීට පෙර, කතානායකවරයෙකුට එරෙහිව අවස්ථා 4කදී ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා කිසිවක් ජයග්‍රහණය කර නැතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ එච්.ඊ. ජනකාන්ත සිල්වා BBC සිංහල සේවයට පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, \"කථානායකවරුන් හතර දෙනෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා පහක් අද වන විට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉන් විශ්වාසභංග දෙකකට මුහුණ දෙන්න එම්. එච්. මොහොමඩ් කතානායකතුමාට සිද්ධ වුණා. නමුත් එකක්වත් ජයග්‍රහණය කරලා නෑ,\" යනුවෙනි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායකවරයෙකුට එරෙහිව පළමු වරට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූයේ, 1963 වර්ෂයේදී ය. ඒ, එවකට කතානායකවරයා වශයෙන් කටයුතු කළ ආර්.එස්. පැල්පොළට එරෙහිව ය. එම විශ්වාසභංග යෝජනාව ඇතුළු සෙසු විශ්වාසභංග යෝජනාවල තොරතුරු මෙසේ ය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ කතානායකවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී ඇත්තේ, වසර 32කට පසුව ය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා සංඛ්‍යා දත්ත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ වන විට විවාදයට ගැනෙන කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ඉතිහාසයේ 50 වන විශ්වාසභංග යෝජනාව ලෙස ඉතිහාසයට එක් වෙයි. මීට පෙර, විශ්වාසභංග යෝජනා 49ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. ඒ අතරින්, 27ක් ආණ්ඩුවකට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා වේ. අගමැතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා 4ක් ඉදිරිපත්ව ඇති අතර, ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා 14ක් ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකාවේ කතානායකවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ, 5 වන වරට ය.",
"Title": "මහින්ද යාපා අබේවර්ධන: ශ්‍රී ලංකාවේ කතානායකවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවලට මෙතෙක් සිදුවූ දේ"
} |
{
"Text": " හිරු එළියෙන් සිතුවම් මවන කලාකරුවෙකු ගැන අපිට මඩකලපුවෙන් අසන්නට ලැබිණි. 26 වැනි වියේ පසුවන ඔහු නමින් ශිවනේෂරාසා ලිංගේෂ්වරන් ය. හිරු එළියෙන් සිතුවම් මවන ඉන්දීය කලාකරුවකුගේ නිර්මාණ දැකීමෙන් මේ සඳහා තමන් තුළ පෙළඹවීමක් ඇති කළ බව ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.",
"Title": "හිරු එළියෙන් සිතුවම් මවන මඩකලපුවේ ශිවනේෂරාසා"
} |
{
"Text": " කැනඩාවේ ඔටාවාහිදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් හය දෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු (මාර්තු 17 වැනිදා) සිදු කෙරුණි. ඒ සඳහා ඔටාවා හි පැවැති බහු ආගමික අවමංගල්‍යය උත්සවයට පුද්ගලයින් 200 කට අධික පිරිසක් සහභාගී වූහ. සිද්ධියෙන් මිය ගිය පිරිසෙන් පස් දෙනෙකු කැනඩාවට මෑතකදී පැමිණි පවුලක මව සහ දරුවන් සිව්දෙනාය. මියගිය අනෙක් පුද්ගලයා මිය ගිය පිරිසගේ පවුලේ මිතුරෙකි. ඔවුන් වෙනුවෙන් පැවැති අවමංගල්‍යය උත්සය ඔටාවාහි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්විණි. එය සංවිධාන කර තිබුණේ කැනඩා බෞද්ධ සම්මේලනය යි. ටොරොන්ටෝ සහ ඔටාවා හි වැඩවෙසෙන මහා සංඝරත්නය විසින් අවමංගල්‍ය උත්සවයේ ආගමික වතාවත් සිදු කරනු ලැබූහ. ඝාතන සිද්ධිය වාර්තා වූ වහාම ඒ සම්බන්ධයෙන් පළමුව ප්‍රතිචාර දැක්වූ පිරිසට සහ ඔවුන් දක්වන ලද සහයෝගයට එහිදී ස්තූතිය පළ කෙරුණි. ඝාතනයට ලක්වූ 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායකගේ සැමියා වන සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි ධනුෂ්ක වික්‍රමසිංහ ද අවමංගල්‍ය උත්සවයට එක්ව තිබේ. එහෙත් ඔහු එහිදී මාධ්‍ය වෙත කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැත. එහෙත් අනතුරුව ඔහු ප්‍රකාශනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පළමුව ප්‍රතිචාර දැක්වූවන්, රෝහල සහ කැනඩාවේ බෞද්ධ සම්මේලනය මෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රජාව ඇතුළු විවිධ කණ්ඩායම්වලට ස්තූතිය පුද කරන බව ය. තම බිරිඳ, දරුවන් සහ හිතාදර මිතුරෙකුගේ මරණයෙන් තමා විශාල පරිහානියකට හා කඩා වැටීමකට ලක්ව ඇති බව ද ඔහු පැවසීය. \"මෙම ඛේදවාචකය මා සහ මගේ පවුල ගැඹුරින් කම්පනයට පත් කර තිබෙනවා. මෙම ඛේදවාචකයෙන් පසු මා මුහුණ දී සිටින දුෂ්කර ගමනේදී ජනතාව කළ යාඥාවන් මෙන්ම කාරුණික සිතුවිලිවලට මගේ හෘදයාංගම කෘතඥතාව පුද කරනවා,\" යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබේ. මේ අතර අදාළ ඝාතන සිද්ධියේදී මිය ගිය 40 හැවිරිදි වියේ පසුවූ ගාමිණී ඒකනායකගේ බිරිඳ වන ඩිෂානි අසංගිකා ප්‍රනාන්දු නිකුත් කළ වීඩියෝවක් ද අවමංගල්‍යය උත්සවයේදී ප්‍රචාරය කර තිබේ. \"ආදරණීය ස්වාමිපුරුෂයෙක් [සහ] සෑම විටම පුදුමාකාර පියෙක්.\" වීම ගැන ඇය ඔහුට ස්තුති කළාය. \"ඔබ (මෙහි ආවේ) අපේ දරුවන්ට හොඳ අනාගතයක් දෙන්න. ඒත් අපි නොහිතපු විදියට අපේ හීන ඔක්කොම බොඳවෙලා ගියා.\" යනුවෙන් ඇය එහිදී පවස තිබුණි. අවමංගල්‍යයට පෙර කැනඩා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කැනඩාවේ බෞද්ධ සම්මේලනයේ සභාපති නාරද කොඩිතුවක්කු ප්‍රකාශ කර තිබුණේ, එම ඛේදවාචකය බැර්හැවන් හි ශ්‍රී ලාංකික සහ සංක්‍රමණික පවුල්වලට දැඩි ලෙස බලපාන බවයි. \"ඔවුන් මෙහි පැමිණ මෙතරම් කෙටි කාලයකින් ඔවුන්ගේ ජීවිත අහිමි වීම නිසා අපි කඩා වැටීමට ලක්ව සිටිනවා\" කොඩිතුවක්කු පැවසීය. ටොරොන්ටෝ හි ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රදීප් බාලසුබ්‍රමනියන් ද අවමංගල්‍යයට පැමිණ සිටියේ වින්දිතයින්ගේ පවුලේ අය වෙත ශෝකය පළ කිරීම වෙනුවෙනි. මේ අතර කැනඩාවේ ලිබරල් මන්ත්‍රීවරුන් වන ගැරී ආනන්දසංගරී සහ චන්ද්‍රා ආර්යා, ප්‍රගතිශීලී කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී ලීසා මැක්ලියෝඩ් සහ ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් ඇතුළු පිරිසක් අවමංගල්‍ය උත්සවයේදී අදහස් පළ කරන ලදී. \"ඔබේ ප්‍රජාව ඔබ සමඟ සිටින බව ඔබට දැන්වීමට මට අවශ්‍යයයි\" නගරාධිපති සට්ක්ලිෆ් විපතට පත් වූවන්ගේ පවුල්වලට පැවසීය. \"මෙවැනි කාලයකදී අපි ප්‍රජාවක් ලෙස එකට එකතු විය යුතුයි.\" ඔහු පැවසීය. ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබු 19 හැවිරිදි සැකකරු රක්ෂිත භාරයට කැනඩාවේ ඔටාවාහි දී මෙම ශ්‍රී ලාංකිකයින් හය දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 19 හැවිරිදි සැකකරු රක්ෂිත භාරයට පත් කර ඇත. කැනඩා මාධ්‍ය වාර්තාකරනු ලැබුවේ ෆෙබ්‍රියෝ ඩි සූසා නැමති මෙම සැකකරු (මාර්තු 14 වැනිදා) අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු බවය. සැකකරුට එරෙහිව පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. කැනඩා මාධ්‍ය අනාවරණය කළේ මෙම නඩුව මාර්තු 28 දක්වා කල් තබා ඇති බවය. සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පවුලේ හය දෙනාගේ අවසන් කටයුතු කැනඩාවේදී කැනඩාවේ, ඔටාවාහි දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලංකික පවුලේ සාමාජිකයින් හය දෙනාගේ අවසන් කටයුතු කැනඩාවේ දී සිදු කරන බව ඥාතීහු ප්‍රකාශ කළහ. එම සිදුවීමේ දී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින 34 හැවිරිදි ධනුෂ්ක වික්‍රමසිංහගේ පියා සහ සහෝදරයා අවසන් කටයුතු සිදු කෙරෙන අවස්ථාවට ශ්‍රී ලංකාවේ සිට සහභාගී වනු ඇත. කෙසේ නමුත් අවසන් කටයුතු සිදු කෙරෙන දිනයක් මේ දක්වා වාර්තා නොවේ. ''මට පෙට්ටි පහක් ගෙනල්ලා මෙතන තියාගෙන වේදනා විඳින්න අමාරුයි. මිනී ගේන්නේ නෑ. සියලුම කටයුතු එහෙ. පන්සලේ හාමුදුරුවෝ අවශ්‍ය කරන සියලු දේවල් කරනවා. හස්බන්ගේ පැත්තේ අප්පච්චියි, මල්ලියි යනවා.'' යනුවෙන් මියගිය දර්ශනී දිලන්තිකාගේ මව වූ ජයන්ති ඒකනායක BBC සිංහල සේවයට පැවසුවාය. මේ අතර තුවාල ලබා සිටින ධනුෂ්ක වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ සිටින පවුලේ ඥාතීන් සමග කතා කර තිබේ. කැනඩාවේදී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පවුල ගැන තවත් තොරතුරු හෙළිවෙයි පසුගිය බදාදා තම සේවය නිම කොට නිවසට පැමිණි තමන් දුටුවේ තම බිරිඳ සහ කුඩා දරුවන් හතර දෙනා මරා දමා ඇති බව යැයි කැනඩාවේදී සිය පවුල සමූහ වශයෙන් ඝාතනය කිරීමේ සිද්ධියෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වන එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ පවසා තිබේ. 34 හැවිරිදි ධනුෂ්ක වික්‍රමසිංහ ද එහිදී ප්‍රහාරයට ලක් වූ නමුත් සැකකරුගෙන් බේරීමට සමත් විය. ඔහුගේ ඇසේ සහ එක් අතක කැපුම් තුවාලයක් ඇති අතර මේ වන විට රෝහල්ගතව සුවය ලබමින් සිටියි. මෙම මරණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ එම පවුල සමඟ ම ජීවත් වූ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකුට ය. වික්‍රමසිංහ පවුල ඝාතනය කළ රාත්‍රිය ගැන නවතම තොරතුරු රැසක් අනාවරණය වූයේ එම පවුලේ අය නිතර ආගිය ඔටාවාහි බෞද්ධ ආරාමයක වැඩ වෙසෙන පූජ්‍ය භන්තේ සුනීතහිමි සමඟ මාධ්‍ය විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡා මාලාවකින් ය. බ්‍රහස්පතින්දා ධනුෂ්ක වික්‍රමසිංහ බැලීමට රෝහලට ගිය සුනීත හිමි පැවසුවේ සිදු වූ දෙය පිළිබඳව ඔහු “මහත් කම්පනයකින්” සිටින බව ය. ඔටාවා පොලිසිය විසින් බදාදා එරට දේශීය වේලාවෙන් 22:52ට (ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා උදෑසන 9.22 ට පමණ) ලැබුණු හදිසි ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් පසු බාර්හේවන් ප්‍රදේශයේ නිවසකින් ඝාතනයට ලක්වූ පවුලේ අයගේ සිරුරු සොයා ගන්නා ලදී. ඔටාවා පොලිස් සේවයේ ප්‍රධානී එරික් ස්ටබ්ස් පැවසුවේ, පුද්ගලයෙකු විසින් අසල්වැසියන්ගෙන් උදව් ඉල්ලා කෑගැසීමෙන් පසුව එම ඇමතුම් ලැබී ඇති බවයි. එලෙස උදව් ඉල්ලා කෑගසා ඇත්තේ ධනුෂ්ක වික්‍රමසිංහ යැයි පසුව නිගමනය කර තිබේ. හදිසි දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වූ පොලිස් නිලධාරීන් විසින් පසුව ධනුෂ්ක වික්‍රමසිංහගේ බිරිඳ වන 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඔවුන්ගේ කුඩා දරුවන් සිව්දෙනාගේ මළ සිරුරු සොයා ගන්නා ලදී. ඒ අතර හත් හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, තුන් හැවිරිදි රනායා වික්‍රමසිංහ, සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ ද වූහ. පවුලේ අය සමඟ ජීවත් වූ 40 හැවිරිදි අමරකෝන් මුදියන්සේලාගේ ගාමිණී අමරකෝන් නමැති අයගේ මළ සිරුරද පොලිසිය විසින් සොයා ගන්නා ලදී. ඔටාවා හි ශ්‍රී ලංකා කැනඩා සංගමයේ හිටපු සභාපති වන නාරද කොඩිතුවක්කු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ඔවුන් පසුගිය වසරේ කැනඩාවට පැමිණ ඇති බව ය. CBC සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, සුනීත හිමියන් විසින් එම පවුල ගැන විස්තර කළේ විහාරස්ථානයට බොහෝ විට උදව් කරන කාරුණික පුද්ගලයන් ලෙසය. \"ඔවුන් අහිංසකයි. ඒ වගේම ගොඩක් උදව් කරන මිනිස්සු. කවුරු උදව්ක් ඉල්ලුවත් එහෙමයි,\" සුනීති හිමියෝ පැවසූහ. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු වන ෆෙබ්‍රියෝ ඩි සූසා කිසිදු ප්‍රතිරෝධයකින් තොරව නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, \"පිහියක් වැනි දෙයක්\" භාවිතා කරමින් සිදු කර ඇති බවට පොලිසිය පවසන මෙම ඝාතන සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත. ඔටාවාහි Algonquin විද්‍යාලය බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ෆෙබ්‍රියෝ ඩි සූසා තම විද්‍යාලයට ඇතුළත් අයෙකු බවත්, ඔහු විද්‍යාලයට පැමිණි අවසන් වාරය 2023 ශීත ඍතුව බවත් තහවුරු කළේය. ෆේස්බුක් හි ප්‍රකාශයක් පළකරමින් ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය විපතට පත් වූවන්ගේ පවුලේ අයට සහ මිතුරන්ට සිය ශෝකය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සිට විදෙස් රටවලට ගොස් අධ්‍යාපනය ලබන අයගේ දෙමාපියන්ට ඔවුන් අනතුරු අඟවා සිටියේ “තම දරුවන් කැනඩාව වැනි විදෙස් රටකදී එම රටවලට අනුගත වන සංක්‍රාන්තික කාලසීමාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන” ලෙස ය. පොලිසිය මෙම අපරාධය සඳහා හේතුව නිශ්චිතව සඳහන් කර නොමැති අතර, එම පවුල \"අහිංසක වින්දිතයන්\" බවත්, ඔවුන්ගේ විමර්ශන සිදුවෙමින් පවතින බවත් සඳහන් කළේය. ෆෙබ්‍රියෝ ද සොයිසා ඉකුත් බ්‍රහස්පතින්දා ඔටාවා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහුට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නිල වශයෙන් චෝදනා ගොනු කෙරුණි. ඉකුත් සෙනසුරාදා මෙම පවුල වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් පවත්වනු ලබන අතර, කැනඩාවේ බෞද්ධ සම්මේලනය විසින් ධනුෂ්ක වික්‍රමසිංහ වෙනුවෙන් දියත් කරන ලද GoFundMe ව්‍යාපාරය මගින් සිකුරාදා පස්වරුව වන විට කැනේඩියානු ඩොලර් C$53,000 ($39,300; £30,500) ට වැඩි මුදලක් රැස් කර ඇත. මෙම සිදුවීම ඔටාවා හි මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම ඝාතන සිදුවීම බවත්, එය කැනඩාවේ අගනුවරට \"සැළකිය යුතු\" බලපෑමක් ඇති කරන \"සැබෑ ඛේදවාචකයක්\" ලෙස හඳුන්වන බව පොලිස් ප්‍රධානි ස්ටබ්ස් පැවසීය. \"ප්‍රජාවට ඇති කරන බලපෑම විශාල බව තමන් විශ්වාස කරන බව \" පැවසූ ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ප්‍රදේශවාසීන් සහ ප්‍රජාවේ සාමාජිකයින් සිදුවීම වූ එම ප්‍රදේශයෙන් දිගටම ඉවත්ව සිටිම සුදුසු බවයි. පසුගිය බ්‍රහස්පතින්දා CBC ප්‍රවෘත්ති සමඟ වෙනම සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු මෙම සිද්ධිය \"සමූහ වෙඩි තැබීමක්\" ලෙස කළ වැරදි ලෙස අර්ථකථනය කළ අතර පසුව එය නිවැරදි කරන ලදී. එදිනම ටොරොන්ටෝහිදී, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එය \"කම්පනය සහ භීතිය\" ගෙන දුන් \"බිහිසුණු ප්‍රචණ්ඩත්වයක්\" සිදුවීමක් බවයි. ඔටාවා නගරාධිපති මෙම සමුහ මනුෂ්‍ය ඝාතන සිදුවීම හැඳින්වූයේ තම නගර ඉතිහාසයේ සිදු වූ වඩාත්ම කම්පන සහගත ප්‍රචණ්ඩ සිදුවීම ලෙසිනි. X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් පැවසුවේ \"ආරක්ෂිත ප්‍රජාවක් තුළ ජීවත් වීම ගැන අපි ආඩම්බර වෙනවා, නමුත් මෙම පුවත සියලුම ඔටාවා වැසියන්ට කම්පනයට පත් කොට තිබෙනවා \" යනුවෙනි. \"මෙම බිහිසුණු සිදුවීමෙන් පීඩාවට පත් වූවන් පිළිබඳව විමර්ශනය කරන සහ එයින් බලපෑමට ලක්වූවන්ට සහාය දක්වන අපගේ හදිසි ප්‍රතිචාරක සේවයන්ට ස්තූතියි,\" ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබුණි.",
"Title": "ඔටාවාහිදී ඝාතනයට ලක්වූ ලාංකිකයින් හය දෙනාගේ අවසන් කටයුතු සිදුවුයේ කෙසේද ?"
} |
{
"Text": " ශ්‍රී ලංකා සිනමා ගීත ඉතිහාසය පිරික්සීමේදී අපට පෙනී යන විශේෂ කරුණක් නම් භාරතීය තනු අනුසාරයෙන් සිංහල ගීත නිර්මාණය කිරීම ය. මුල් යුගයේදී සිංහල සිනමා ගීත බොහොමයක් නිර්මාණය කෙරුණේ, භාරතීය තනු අනුසාරයෙනි. ස්වතන්ත්‍ර ගීත නිර්මාණය වූයේ, ඉතා අල්ප වශයෙනි. එවන් තත්ත්වයක පැවති සිංහල සංගීතය මේ වන විට ජාත්‍යන්තර මට්ටමට ඉහළට එසවුණු අවස්ථා රැසක් තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ නිර්මාණය වන ගී තනු ඉන්දීය චිත්‍රපට ගීත සඳහා භාවිත කරන තත්ත්වයක් උදා වී ඇත. මෙහි නවතම ජයග්‍රහණය ලෙස වාර්තා වූයේ, ශ්‍රී ලාංකික යොවුන් ගායන ශිල්පී සහ සංගීත නිර්මාණ ශිල්පී රවී රොයිස්ටර්ගේ ගී තනුවක් දකුණු ඉන්දීය දැවැන්ත සිනමා පටයක් සඳහා යොදා ගැනීම ය. විනායක් වෛතියනාදන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'රෝමියෝ' ලෙස නම් කර ඇති එම සිනමා පටය දෙමළ සහ තෙළිඟු යන භාෂා දෙකෙන් ම රචනා කර තිබේ. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ ජනප්‍රිය නළු විජේ ඇන්තනි සහ මිල්නාලිනී රවී දෙපළ ය. එම සිනමා පටයේ ප්‍රධාන ගීතය වන 'වෙතල' (Vethala) නමැති ගීතය මාර්තු 13 වන දා යූටියුබ් ඔස්සේ එළි දැක්වූ අතර, දින 4ක් ගත වීමටත් පෙර මිලියන 2.2ක වාර ගණනක් එය නරඹා තිබේ. එය ඉන්දියාව තුළ යූටියුබ්හි Trending for music යටතේ 11 වන ස්ථානයේ ද පසු විය. රවි රොයිස්ටර්ගෙන් ම අහමු දකුණු ඉන්දීය දැවැන්ත සිනමා පටයක ප්‍රධාන ගීතයේ තනු නිර්මාණ ශිල්පියා මෙන් ම ගායන ශිල්පියා බවට පත්වීමට හිමි වූ අවස්ථාව සම්බන්ධයෙන් අපි රවී රොයිස්ටර්ගෙන් අදහස් විමසීමු. \"විජේ ඇන්තනි සර්ගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් තමයි මට කතා කළේ, මගේ සිංහල සින්දුව බලලා. මගේ නම්බර් එක හොයාගෙන එයා මගේ වට්ස්ඇප් එකට මෙසේජ් එකක් දාලා තිබුණා. එයා කියලා තිබුණා මගේ සින්දුවේ තනුව විජේ සර්ගේ ඊළඟ චිත්‍රපටයට ගන්න කැමතියි කියලා. ඊට පස්සෙ අපි සාකච්ඡා කරලා මම ඉන්දියාවට ගිහින් වැඩේ ඉවර කළා,\" ගායන ශිල්පී රවී රොයිස්ටර් බීබීසී සිංහල සේවයට පැවසීය. එවැනි දැවැන්ත අවස්ථාවක් හිමි වීමට යන බව මුලින් ම දැන ගත් අවස්ථාවේ ඔහුට ඇති වූ හැඟීම විස්තර කළ රවී රොයිස්ටර් මෙසේ ප්‍රකාශ කළේ ය. \"ඇත්තට ම මම බලාපොරොත්තු වුණේ නෑ මේ වගේ දෙයක්. මගේ හීනයක් තිබුණා මෙහෙම වැඩකට දායක වෙන්න. ඒත් මෙතරම් ඉක්මනට මේ වගේ දෙයක් මට ලැබෙයි කියල හිතුවේ නෑ. ඒ මොහොතේ ඇති වුණ වචනවලින් විස්තර කරන්න අමාරුයි.\" දෙමළ සහ තෙළිඟු බසින් ගීතය ගැයූ හැටි රෝමියෝ චිත්‍රපටයේ 'වෙතල' ගීතය දෙමළ සහ තෙළිඟු බසින් ගැයීමට ද සිදු වූයේ, රවී රොයිස්ටර්ට ය. ඔහු එම භාෂා දෙක ම නොදැන සිටි අතර ගීතය ගායනා කිරීම තමන්ට අභියෝගයක් වූ බව ඔහු සඳහන් කළේ ය. \"මට ලොකු අභියෝගයක් වුණා දෙමළ සහ තෙළිඟු භාෂාවලින් සින්දුව ගායනා කරන එක. මම ඒ වචන ශබ්ද කරන හැටි සිංහලෙන් ලියාගෙන තමයි ගීතය ගායනා කළේ. කොහොමහරි ආධුනික බවක් නොදැනෙන්න මට ගායනා කරන්න පුළුවන් වුණා කියලා හිතනවා.\" රවී රොයිස්ටර් මෙතෙක් පැමිණි මග රවී රොයිස්ටර් උපන් ගම මාතර වන අතර ඔහු අධ්‍යාපනය ලැබුවේ, මාතර රාහුල විද්‍යාලයෙනි. \"මම සංගීතයට නැඹුරු වුණේ පාසල් කාලයේ ඉඳලා ම යි. ඊට පස්සේ උසස් අධ්‍යාපනයට මම ඉන්දියාවේ විශ්ව භාරතී විශ්වවිද්‍යාලයට ගියා. එහෙදි මම ඉගෙන ගත්තේ නාට්‍ය හා රංග කලාව. උප විෂයක් විදිහට සම්භාව්‍ය ගායනය කළා. මගේ පවුලේ සංගීතයට සම්බන්ධ කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒත් පොඩි කාලෙ ඉඳලා මම සංගීතයට ගොඩක් කැමැත්තෙන් හිටියා. ඒ නිසා මට පොඩි කාලෙ ඉඳලා අවශ්‍ය වුණේ, සංගීතඥයෙක් වෙන්න.\" ඔහු මුල් අවධියේදී යූටියුබ් ඔස්සේ ගීත කිහිපයක් නිකුත් කර තිබිණි. පසුව දෙරණ රූපවාහිනියේ ඩ්‍රීම්ස්ටර් 8 වන වැඩසටහනේ 5 වන ස්ථානය දිනා ගනිමින් මෙරට සංගීත ක්ෂේත්‍රයේ යම් ජනප්‍රියත්වයක් හිමි කර ගත්තේ ය. මෑතකදී ඔහු ගායනා කළ ‘හමාර බණවර’ ගීතයට විශාල රසික ප්‍රතිචාරයක් හිමි විය. 'හොඳ ප්‍රවණතාවක්' භාරතීය ගී තනු අනුසාරයෙන් ගීත නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ තනු භාරතීය නිර්මාණ සඳහා භාවිත කිරීම \"හොඳ ප්‍රවණතාවක්\" බව රවී රොයිස්ටර්ගේ අදහස යි. \"මේ තනුව මගේ ම නිර්මාණයක්. කිසි ම සංගීතයක් අනුසාරයෙන් මේ තනුව නිර්මාණය කළේ නැහැ. ඒ නිසා මට මේ ගැන ගොඩක් සතුටුයි. ඉස්සර අපි ගත්තේ භාරතීය තනු. දැන් ඔවුන් අපේ තනු අරගන්නවා. ඒක හොඳ ප්‍රවණතාවක්.\" ඔහු ප්‍රකාශ කළේ, රෝමියෝ චිත්‍රපටයෙන් පසු තමන්ට තවත් දකුණු ඉන්දීය චිත්‍රපට දෙකක් සඳහා ගීත නිර්මාණය කිරීමට ආරාධනා ලැබී ඇති බව ය. ඉදිරියේදී තවත් සාර්ථක නිර්මාණ කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.",
"Title": "රවී රොයිස්ටර්: දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්ත සලකුණක් තැබූ ශ්‍රී ලාංකික තරුණ සංගීතවේදියා"
} |
{
"Text": " \"වේගය මරුවා කැඳවයි\" යන කියමන මෙරට ජනතාව අතර නිරතුරුවම මුවඟ රැදෙන කියමනකි. එහෙත් දිනෙන් දින මෙරට තුළ සිදුවන රිය අනතුරු නිසා සිදුවන පුද්ගල මරණ සහ තුවාලකරුවන් ගණන සංඛ්‍යාත්මකව ඉහළ යමින් තිබේ. ඒ අතුරින් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන පිරිසද ඉහළ අගයක් ගනී. වාර්ෂිකව මෙරට තුළ සිදුවන රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් අවම වශයෙන් 2,000 - 2,500ත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වේ. ගතවූ 05 වසර තුළ සිදුවූ රිය අනතුරු 2019 වසරේ සිට 2023 වසර දක්වා සිදුවූ රිය අනතුරු වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13,264ක් බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කළ දත්ත ඔස්සේ අනාවරණය වේ. එමෙන්ම එම කාල සීමාව තුළදී සිදුව තිබෙන බරපතල අනතුරු සංඛ්‍යාව 33,470ක් බව එම වාර්තා පෙන්වා දෙයි. ‘මේක ආර්ථිකය ලොකු බලපෑමක් එල්ල වනවා’ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු වැළැක්වීම පිළිබඳව විද්වත් කමිටු සභාපති සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමත් ධර්මරත්න බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙලෙස වාර්ෂිකව සිදුවන රිය අනතුරු නිසා රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වන බව ය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් විශාල ප්‍රමාණයක් රිය අනතුරු නිසා අහිමිවන බවයි. \"මේ රිය අනතුරු නිසා රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් ඇතිවනවා.ලෝක බැංකුව විසින් කලකට ඉහතදී කරපු ගණනය කිරීමකට අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් අහිමි වනවා\" \"සාමාන්‍යයෙන් සෞඛ්‍ය සේවාවන් සඳහා වාර්ෂිකව වෙන් කරන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව සමාන මුදල් ප්‍රමණයක් මේ රිය අනතුරු නිසා අපට අහිමි වනවා.\" මහාචාර්යවරයා පැවසීය. ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත්තේ මාර්ග අනතුරු නිසා සිදුවන මරණ සහ තුවාල හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට වාර්ෂිකව ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3-5% අතර මුදලක් වැය විය හැකි බවය. රටේ ශ්‍රම බලකායට ඇතිකරවන බලපෑම කුමක් ද? රිය අනතුරු වලින් සිදුවන පුද්ගල මරණ මෙන්ම තුවාල ලබන පුද්ගලයින් නිසාද රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල වන බව මහාචාර්ය සමත් ධර්මරත්න පැවසීය. \"මාර්ග අනතුරු වලින් බරපතල තුවාල ලබන පිරිසෙන් තුනෙන් එකක් පමණ මුළු ජිවිත කාලයටම බලපාන විදිහට ශාරීරක දුබලතාවයන්ට පත්වනවා.\" \"මෙතැනදී ගොඩක් මිය යන්නේ සහ තුවාල වෙන්නේ තරුණ වයසේ සිටින පිරිමි පුද්ගලයින්.\" \"ඒකෙන් අපේ ආර්ථිකයට ලොකු බලපෑමක් එල්ල වනවා. මොකද මේ තරුණ පිරිස් තමයි ජාතික සංවර්ධනය සඳහා කෙලින්ම දායක වෙන සහ වෙන්න පුළුවන් අය.\" \"ඉතින් මේ විදිහට එහෙම තරුණ පිරිස් රිය අනතුරකින් තුවාල වෙලා හරි මියගියොත් නැත්නම් ජීවිත කාලයටම බලපාන අබාධයකට ලක්වුනොත් ඒකත් අපිට බලපානවා.\" ඔහු කියා සිටියේය. ලෝක බැංකුවේ මහා මාර්ග ආරක්ෂාව පිළිබඳව නිකුත් කර තිබෙන වාර්තාවට අනුව රිය අනතුරු හේතුවෙන් විපතට පත්වන පිරිසෙන් තුනෙන් දෙකක් අවුරුදු 16-64ත් වන රටේ ශ්‍රම බලකායට දායකත්වය දක්වන වයස් කාණ්ඩයේ පසුවන අය බව දක්වා ඇත. රිය අනතුරු වැඩි වීමට බලපාන හේතු මොනවාද ? ලෝක බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ 2011-2018 යන කාල සීමාව තුළ වාහන වල හිමිකාරිත්වය දරනු ලබන සංඛ්‍යාව සියයට 67ක ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව දැක්වේ. එමෙන්ම මේ හේතුවෙන් වාහන වල විවිධත්වය සහ වේගය නිසා අවදානමට ලක්විය හැකි මාර්ග භාවිතා කරන්නන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැතිව බව ලෝක බැංකුව සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත. මෙරට සිදුවන රිය අනතුරු වලට ගොදුරු වූවන්ගෙන් 90% කට වඩා පදිකයින්, පාපැදිකරුවන් සහ යතුරුපැදිකරුවන් බව එම වාර්තා වේ සඳහන් ය. එමෙන්ම මෙරට තුළ පවතින මාර්ග පද්ධතිය ද රිය අනතුරු බහුල වීමට හේතුවක් වන බව ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ දුර්වල මාර්ග ආරක්ෂණ කාර්ය සාධනයට හේතුව අඩු ආයෝජනය බව පෙන්වා දෙන ලෝක බැංකුව, ජාතික මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව සියයට 50 කින් අඩු කිරීම සඳහා ඉදිරි දශකය තුළ ඩොලර් බිලියන 2 ක පමණ අමතර ආයෝජනයක් අවශ්‍ය වනු ඇතැයි එම වාර්තාවේ සඳහන් කර තිබේ. රටේ විදේශ විනිමයට සිදුවන බලපෑම වාර්ෂිකව සිදුවන රිය අනතුරු හේතුවෙන් රටේ විදේශ විනිමය සංචිතයට ද බලපෑමක් එල්ල කරන බව මහාචාර්ය සමත් ධර්මරත්න පෙන්වා දුන්නේය. ඔහු සඳහන් කළේ අනතුරු වලට ලක්වන මෝටර් රථ නැවත සකස් කිරීම සඳහා අවශ්‍ය අමතර කොටස් විදේශ රටවලින් ගෙන ඒමට සිදුවන නිසා වාර්ෂිකව ඒ වෙනුවෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අහිමි වන බවය. \"ඒ සඳහා අපිට ලොකු වියදමක් දරන්න වෙනවා වගේම රටේ තියෙන ඩොලර් සංචිතය ඒ සඳහා වියදම් වෙනවා. \" \"මේක ලොකු ජාතික ප්‍රශ්නයක්. රිය අනතුරු සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යනවා කියන්නේ විදෙස් සංචිත ක්ෂය වනවා කියන එකට වඩා අහිමි වන ජිවිත සංඛ්‍යාව සහ සෞඛ්‍ය වියදම් එක්ක බලද්දී රටකට ඒක ලොකු පාඩුවක්.\" ඔහු කියා සිටියේය. රිය අනතුරු වළක්වා ගැනීමට ගත හැකි පියවර මොනවාද ? රිය අනතුරු අවම කර ගැනීමට රටක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි බීබීසී සිංහල නගන ලද පැනයට පිළිතුරු දෙමින් මහාචාර්ය සමත් ධර්මරත්න කියා සිටියේ ඊට කෘතිම බුද්ධිය මෙන්ම ඩිජිටල් තාක්ෂණය ද උපයෝගී කර ගැනීම වැදගත් වන බවය. \"පහුගිය කාලේ අපේ රටේ පවා කෘතිම බුද්ධිය ගැන ලොකුවට කතාබහක් නිර්මාණය වෙලා තිබුණා.\" \"ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලොකු කමිටුවක් දාලා තියෙනවා. රිය අනතුරු වලක්ව ගන්න AI තාක්ෂණයත් අපිට ප්‍රයෝජනයට ගන්න පුලුවන්.\" \"ඒ වගේම ගොඩක් රටවල දැන් රථවාහන වැරදි සඳහා දඩ පනවන්නේ ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන.\" අපේ රටේ රථ වාහන පොලිස් නිලධාරින් සිටින පිරිස අඩුයි. උදාහරණයක් විදිහට උදේ පාසැල් සහ කාර්යාල වේලාවන් වලදී රියැදුරෙක් වැරැද්දක් කළොත් ඒකට දඩේ ලියන්න වාහනේ නතර කළොත් ඇතිවන මාර්ග තදබදය කොහොමද ? \"මේ නිසා CCTV කැමරා පද්ධති සවි කරලා මාර්ග නීති කඩ කරන අයගේ ගෙවල් වලට ෆොටෝ එකත් එක්ක දඩ කොලය යවන්න පුළුවන්. ඒක රටපුරා ක්‍රියාත්මක කළ යුතුයි.එතකොට රියැදුරන් අතර හික්මීමක් ඇති වෙයි.\" \"පොලිසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහා මාර්ග අමාත්‍යාංශය වෙනම වැඩ කරනවා. ඒ අය එකට එකතු වෙන්න ඕන මාර්ග ආරක්ෂාව වෙනුවෙන්. මේ නිසා ජාතික වෛද්‍ය සංගමය හැටියට අපි ඉල්ලීම් කරලා තියෙනවා බලය තියෙන ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන්න කියලා.\" \"ඒ වගේම මාර්ග ආරක්ෂාව වෙනුවෙන් කෙටි කාලින, මධ්‍ය කාලීන හෝ දිගු කාලීන වැඩසටහනක් මේ දක්වා නැහැ රටේ. ඒ නිසා වහාම අපි ඒ කටයුතු සිදුකරන්න අවශ්‍ය වෙනවා.\" මහාචාර්යවරයා පැවසීය. 'එකේ ප්‍රගතියක් තියෙනවා' මේ අතර පසුගිය ජනවාරි මස 22 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිසිය විසින් මාර්ග නීති කඩ කරන රියදුරන් සොයා CCTV කැමරා යොදා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කය තුළ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලදී. එම මෙහෙයුම මැද කොළඹ, උතුරු සහ දකුණු කොළඹ ආවරණය වන පරිදි ක්‍රියාත්මක බව වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිලිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ බීබීසී සිංහල සේවයට පැවසුවේය. වැඩිදුරටත් එම මෙහෙයුම ගැන අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ පැවසීය. \"මෙම මෙහෙයුම ආරම්භ කළ කාලයේදී දෛනිකව මාර්ග සංඥා අසලදී නීති කඩකරන රියැදුරන් 60-70ක් අතර ප්‍රමාණයක් අපට වාර්තා වුණා.\" \"නමුත් දැන් දැන් ඒ විදිහට වැරදි කරන පිරිසේ අඩුවක් දකින්න ලැබෙනවා. (මාර්තු 12 වැනිදා දවසේදී) ඒ ආකාරයෙන් මාර්ග නීති කඩ කරපු රියැදුරන් වාර්තා වුණේ 30 දෙනෙක් පමණයි.\" නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. මාර්ග අනතුරු අවම කිරීම පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාවක් අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මාර්ග අනතුරු අවම කිරීම පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලීමක් කරමින් කතානායකවරයා වෙත පසුගියදා ලිපියක් යොමු කරනු ලැබිය. වර්තමානයේ සිදු වන මාර්ග අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත අකාලයේ අහිමි වීමත්, ඔවුන් පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන වශයෙන් ආබාධිත තත්වයට පත්වීමත් සම්බන්ධයේ එහිදී අමාත්‍යවරයා විසින් කථානායකවරයාගේ අවධානය යොමු කරවා තිබේ. පොදුවේ රට තුළත්, එසේම පවුල් සංස්ථාව තුළත් බරපතළ ගැටලු ඇති කරන බව ද අධිකරණ අමාත්‍යවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ. අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ, මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ අසාමාන්‍ය ලෙස මාර්ග අනතුරු ඉහළ යාම වළක්වා ගැනීම ජාතික වගකීමක් වශයෙන් සැලකිය යුතු බවයි.",
"Title": "ඉහළ යන රිය අනතුරු නිසා රටේ ආර්ථිකයට ඇතිවන බලපෑම ගැන ඔබ දන්නවා ද?"
} |
{
"Text": " දර්ශනා ශම්මි විජේතිලක යනු වර්තමාන සිංහල සාහිත්‍ය හඳුනන පාඨකයාට කිසිසේත්ම හැඳින්වීමක් අවශ්‍ය නවකතාකාරියක නොවේ. දෙවත, ගිරග සසල විය, නිසල දියවත, මන්දාරම් උයන, අසනග වැසි, විසඹසර වැනි ඇගේ නවකතා පාඨකයන් අතර සේම විචාරකයන් සහ සාහිත්‍ය විනිශ්චය මණ්ඩල තුළ ද නිරන්තර සම්භාවනාවට පාත්‍ර වී ඇත. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : සුපුරුදු පරිදි මම ඔබගෙනුත් අහන්නේ නවකතාවක සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතා වල පළමු වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? දර්ශනා: ඇත්තටම පළවෙනි වාක්‍යය ලියන එක තමයි අමාරුම දේ. පාඨකයාට මොකද්ද මේ කියල හිතන්න සිද්ධ වෙන තැනකින් තමයි මම නවකතාවක් පටන් ගන්න කැමති. ඉතින් ලියන්න යන කතාව මොන තරම් හිතේ ගොඩනැගිල තිබුණත් මෙහෙම තැනක් මතුවෙන තුරු ඉන්න සිද්ධ වෙනවා. දැන් මගෙ 'මන්දාරම් උයන' කියන නවකතාව පටන් ගන්නේ පින්තූරයක් පොළවේ ගහල ඒක උඩට මුත්‍රා කරන දර්ශනයකින්. එතකොට 'අසනග වැසි' පටන් ගන්නේ කිරිබත් වඩවන දර්ශනයකින්. 'ගිරග සසල විය' නවකතාවෙ ආරම්භයේ තියෙන්නෙ කාන්තාවක් දරු ප්‍රසූතියකදි වේදනාවෙන් කෑගහන හඬ. මේ හැම ආරම්භයකම මම අපේක්ෂා කළේ පාඨකයාට මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ කියන එක ගැන හිතන්න දෙයක් ලබා දෙන්න. කෞශල්‍ය: මේ පළවෙනි වාක්‍යය ලියන මොහොත වෙන විට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද? දර්ශනා: මම මුළු නවකතාවම ගොඩනඟා ගත්තට පස්සෙ තමයි පළවෙනි වාක්‍යය ලියන්නෙ. මේ වෙනකොට ගොඩනැගිල නැත්තෙ නවකතාවෙ අවසානය විතරයි. ආරම්භය වගේම සහ සමහරවිට ඊටත් වඩා අපහසු දෙයක් තමයි නවකතාවක අවසානය ලියන එක. මගෙ 'මන්දාරම් උයන' නවකතවේ අවසානය ලියන්න මට අවුරුද්දක් විතර ගත වුණා. ඉතින් පළමු වාක්‍යය ලියන මොහොත වෙන කොට අවසානය හැර අනෙක් දේවල් මුළුමනින්ම ගොඩනැගිල තියෙන්නේ. මොකද ලිවීමට වඩා මට කාලය ගත වෙන්නේ මෙන්න මේ ගොඩනැගීමට. සමහර වෙලාවට අවුරුදු කීපයක් ගත වෙනවා නවකතාවක් ලියන්න පටන් ගන්න කලින් ඒක හිතේ ගොඩනගා ගන්න. 'අසනග වැසි' වලට අවුරුදු දෙකහමාරක් විතර ගත වුණා ඒක හිතේ ගොඩනගා ගන්න ඒ වගේම ඒකට අදාළ දේවල් හොයන්න. කෞශල්‍ය: දැන් ඔබ සැළකිය යුතු කාලයක් ගත කරනවා නවකතාව ලියන්න පෙර ඒක ගොඩනඟා ගන්න. දැන් මේ කාලය තුළ ඔබ යම් සටහන් තබා ගැනීමක් කරනවාද? දර්ශනා: නැහැ, මම කිසිම දෙයක් සටහන් තියා ගන්නේ නැහැ. හැම දෙයක්ම තියෙන්නේ මගෙ හිතේ. කොටින්ම පොතේ ශ්ලෝකයක් තියනවා නං ඒකත් තියනවා ඔලුවේ. කරුණු හොයන කාලෙම ඒකත් හිතේ තියාගන්නවා. ලියන කොට නැවත පොතක් බලල ලියන්නෙ නැහැ. කතාව ගලාගෙන යන අනුපිළිවෙල, චරිත වල ඇඳුම් පැළඳුම්, ආහාර රටාවන්, අංග චලන මේ හැමදෙයක්ම හිතේ මැවිල තියෙන්නේ. අනික මම ලියන්න පටන් ගත්තම එක දිගට ලියාගෙන යනවා. කප කප වෙනස් කර කර එහෙම නෙමෙයි මම ලියන්නේ. මේ දේවල් අයින් කරන්න ඕන, ආයෙ නැවත නැවත ලියන්න ඕන, මේ චරිතය මෙතනින් අයින් කරල අතෙන්ට දාන්න ඕන වගේ දේවල් නැහැ. එහෙම ලියන්න පුළුවන් වෙනතුරු මම මහන්සි වෙනවා ඒක හිතේ ගොනු කර ගන්න. ඒක මගෙ අඩුපාඩුවක්ද දන්නෙත් නැහැ. හැබැයි එහෙම තමයි ලියවෙන්නෙ. එහෙම නොකලොත් මගෙ අතින් ඒ කතාව හරියට ලියවෙන්නෙ නැහැ. ඉතින් මම අවුරුදු කීපයක් නවකතාව හිතේ ගොනු කර ගන්න ගත කරල හරිම වේගෙන් ලියනවා. මාස එකහමාරක් දෙකක් හෝ තුනක් ඇතුළත නවකතාව ලියල අවසන් කරනවා. මට චරිත වල නම් පැටලෙන නිසා පොතේ අන්තිම පිටුවේ නම් ලියල තියා ගන්නව ලියන අතරෙම. කෞශල්‍ය: දැන් මේ හිතේ ගොනු වුණු කතාව ඒ විදිහටම ලියවෙනව ද? එහෙම නැත්නම් ඔබ නොහිතපු විදිහට සමහර එතරම් නොවැදගත් චරිත මේ ලියන ක්‍රියාවලිය ඇතුළේ ප්‍රබල චරිත බවට පත්වෙන අවස්ථා වගේ දෙවල් සිද්ධ වෙනවද? දර්ශනා: ඔව් එහෙම දේවල් සිද්ධ වෙනවා. දැන් 'අසනග වැසි' නවකතාවේ 'පොකුටා' කියන චරිතය ගත්තොත් ඒක මම හිතේ ගොනු කරන් හිටියට වඩා වෙනස් විදිහට මුලු කතාව පුරාම පැතිරුණු චරිතයක් බවට පත් වුණා. මන්දාරම් උයන නවකතාවේ උපුල්ගෙ අම්මගෙ චරිතයත් එහෙම එකක්. ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙනවා ලියන ක්‍රියාවලිය ඇතුළේ. ඒ ඇරුනම සාමාන්‍යයෙන් හිතේ ගොඩනැඟුණු විදිහට තමයි නවකතාව ලියවෙන්නේ. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද මේ ලියන කාලය ගතවෙන හැටි ගැන? දර්ශනා: දවසෙ පැය විසි හතරෙ ඕනම වෙලාවක ලියන එක සිද්ධ වෙන්න පුළුවන් ආවේශයත් එක්ක. මම ලියන්න වැඩිපුර කැමති නිස්කලංක පරිසරයක, එළියෙ ගහක් යට, මල් වැලක් යට වගේ. මට මගෙ ගෙදර ඒ පහසුකම තියනවා. ලියන වෙලාවට පොඩි කෑමක් ළඟ තියා ගන්නවා, ඔය පළතුරු ටිකක් කජු ටිකක් වගේ. බත් වගේ දේවල් කනව අඩුයි ඒ වෙලාවට. සමහර දාට දෙහි වීදුරු දහයක් විතර බොනවා. සමහර වෙලාවට ලියන්න ගත්තම නිදාගන්න ගත කරන පැය හතරක් පහක් ඇරුනම අනිත් කාලය ලියන්න ගත වෙන දවස් තියනවා. සමහර දාට ලියන්නෙ පැයක් විතර වෙන්නත් පුලුවන්. ඒකෙ එහෙම පිළිවෙලක් නැහැ. මම සාමාන්‍යයෙන් පැයක් හෝ පැය භාගයක් එක දිගට වේගෙන් ලියාගෙන ගිහින් විනාඩි දහයක් විතර නවත්තල පොඩ්ඩක් ඇවිදිනවා. සමහර වෙලාවට ලියන්න තියන ඩයලොග්ස් එහෙම තනියෙන් කියවනවා මේ අතරෙ. මම ලියන කාලෙට වෙන පොත් කියවන්නේ නැහැ. සංගීතයට සවන් දෙනවා. ඒ අරුනම මගෙ ජීවිතේ අනිත් දේවල් අතහැරල ලියනව කියල එකක් නැහැ. පාටි එකකට යන්න තිබුණත් ෂොපින් යන්න තිබුණත් ඒ දේවල් කරනවා. ලියන වෙලාවට විතරයි නවකතාව ඇතුළේ ඉන්නේ. හැබැයි ඉතින් මට වේගෙන් ලියන්න පුළුවන්. සමහර වෙලාවට අකුරු වල කෑලි තියෙන්නේ. කෞශල්‍ය; ඔබ මුලින් කිව්වා ලිවීම පටන් ගනිද්දි ඔබ නොදන්නා එකම දේ නවකතාවෙ අවසානය කියල. මේ අවසානය කොහොමද ඔබ හොයා ගන්නෙ? දර්ශනා: පාඨකයාට මගෙන් ප්‍රශ්න කරන්න දෙයක්, හිතන්න දෙයක්, අපි හිතපු විදිහ හරිද වගේ නැවත සිතා බැලීමක් කරා යන්න පුලුවන් තැනකින් තමයි මම නවකතාවක් අවසන් කරන්න කැමති. සමහර වෙලාවට මට මේ අවසානය හොයා ගන්න ටික කාලයක් ගත කරන්න වෙනවා. සමහර නවකතා වල ඉතාම පහසුවෙන් මේක ලියවෙනවා. නමුත් මගෙ මන්දාරම් උයන වගේ නවකතාවක මට අවුරුද්දක් විතර ගත වුණා මේ අවසානය ලියන්න. කෞශල්‍ය: ඔබ නවකතාවක් ලියල අවසන් වුණාට පස්සෙ හෝ ලියන අතර තුර සංස්කරණය කිරීමක් සිද්ධ කරනව ද? දර්ශනා: නැහැ. සංස්කරණයක් සිද්ධ වෙන්නෙ නැහැ. මම කලින් කිව්ව වගේ ලියන දේවල් මම කප කප හිත හිත නෙමෙයි ලියන්නෙ. ඒව එකවර ලියවෙනවා. මට නැවත ඒව හදන්න ඕනෙ වෙන්නෙ නැහැ. දැන් මම අත්පිටපත ම තමයි දෙන්නෙ ටයිප් සෙට් කරන්න. ඒකෙ ඔය අකුරක් එහෙම වැරදිලා කපපු තැනක් ඇරුනම වෙන කිසිම ආකාරයකට කප කපා ලියපු තැන් නැහැ. කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුලුවන් ද? දර්ශනා : මම ලියන දේවල් මම නැවත කියවමින් මම ඒව විඳිනවා. මගෙ අතින් යම් කොටසක් ඉතාම හොඳට ලිය වුණා කියල මට දැනුනොත් මම ඒ කොටස් නැවත නැවත කියවමින් රසවිඳිනවා. දැන් උදාහරණයක් හැටියට මගෙ අලුත්ම නවකතාව 'විසඹසර' , ඒකෙ ප්‍රධාන චරිතය 'සසඳරා' එයාගෙ ජීවිතේ ඟඟත් එක්ක සම්බන්ධයි. ගේ තියෙන්නේ හුදෙකළා ගම්මානයක ඟඟක් අයිනේ. එයා ලොකු ළමයෙක් වෙන්නෙත් ඟඟේ, එයාගෙ සැමියා එක්ක පළමු වතාවට ලිංගිකව එක්වෙන්නෙත් ඟඟේ, දරුවා බිහි කරන්නෙත් ඟඟේ. මගෙ හැම පොතකම සෙක්ස් කියන දේ තියනවා. නමුත් අමුවෙන් නෙමෙයි. සුන්දර විදිහට තමයි තියෙන්නේ. දැන් මේ නවකතාවේ මේ දෙන්න එකතු වෙන තැන ලිව්වම මට විශාල සන්තෝෂයක් දැණුනා. සසඳරා ගේ සැමියා, ඔවුන් විවාහ වෙන්න කලින්, ගලක් උඩ වාඩිවෙලා ඉන්නවා. මේක දැකල එයත් එතෙන්ට පීනගෙන යනවා, ඟඟේ ස්වාභාවය, හුළඟ හමන හැටි මේ දේවල් එක්ක. ඇයම තමයි ඉස්සර වෙන්නෙත් මෙතෙන්දි. සාමාන්‍යයෙන් ඉතින් ගැමි පරිසරයක් ඇතුළේ ගෑනු කෙනෙක් ඉස්සර වෙන්නේ නැහැනෙ සෙක්ස් වලදි. ඉතින් මේ වගේ යම් දර්ශනයක් ඉතාම හොඳින් ලියවුණා කියල දැනුණම මට විශාල සතුටක් දැනෙනවා. නැවත ඒවා කියවමින් මම ඒක විඳිනවා. දර්ශනා ශම්මි විජේතිලක නවකතාකාරිය ගේ ලිවීමේ භාවිතයන් තුළ ඇති සුවිශේෂත්වය හා ඈ ලිවීම ආත්මීය කර ගන්නා ආකාරය අපට ඇගේ නවකතා කියවීමේ දී ඒවා වින්දනය කිරීමට අලුත් ආලෝකයක් සපයනු ඇත. එසේම ලිවීමට උනන්දුවන්නන්ට තමන් දෙස නැවත හැරී බැලීමට එය ඉවහල් වනු ඇත. ලබන සතියේ අප මුණගැසෙන්නේ තවත් සුවිශාල පාඨක ආකර්ෂණයක් දිනා ගත් නවකතාකරුවෙක් වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. ",
"Title": "'මම ලියන හැටි': දර්ශනා ශම්මි විජේතිලක"
} |
{
"Text": " අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සුළං බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාවගේ වාචික අදහස් විමසීමට (Public hearing) මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ. ඒ ගැන ලිඛිත අදහස් දැක්වීම සඳහා මාර්තු 06 තෙක් ඉඩ ලබා දී තිබුණි. ''විද්‍යඥයින්, පරිසර සංවිධාන සහ මේ ගැන උනන්දුවක් දක්වන විශාල පිරිසක් අපිට ලිඛිත අදහස් දැක්වීම් කරලා තියෙනවා. අපිට දැන් තියෙන්නේ මේ අදහස් සියල්ල ව්‍යාපෘතිය යෝජක පාර්ශවය වන ශ්‍රී ලංකා සුනිත්‍ය බලෂකිති අධිකාරිය වෙත යවලා නැවත තාක්ෂණික පැහැදිලි කිරීම් සඳහා ඉදිරිපත් කරන්න. ජනතාව අපෙන් ඉල්ලා තියෙනවා වාචිකවත් අදහස් දක්වන්න අවස්ථාවක් දෙන්න කියලා. අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා ඒකටත් අවස්ථාවක් ලබා දෙන්න.'' යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එන්. එස් ගමගේ BBC සිංහල සේවයට පැවසුවේය. මේ අතර දැනටමත් මන්නාරමේ ඉදි කර ඇති සුළං බලාගාර නිසා අලුතින් ගංවතුර තර්ජනයක් හා පානීය ජල අර්බුදයක් මතු වී ඇති බවත් සංක්‍රමණික කුරුල්ලන්ට වන බලපෑම නිසා ඉදිරියේ දී සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට ජනතාව පවසති. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම ව්‍යාපෘතියේ, ව්‍යාපෘති යෝජකයා ලෙස කටයුතු කරයි. 2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වේ.",
"Title": "අදානිගේ සුළං බලාගාර ව්‍යාපෘතිය ගැන ජනතාවගේ වාචික අදහස් විමසන්න පරිසර අධිකාරිය තීරණය කරයි"
} |
{
"Text": " මෙරට දේශපාලනයේ විවිධ අවස්ථාවල ප්‍රධාන මාතෘකාවක් වු කුරුඳු ශ්‍රී ලංකාවේ කෘෂි කාර්මික අපනයන කාණ්ඩයේ, කුළුබඩු අතර ප්‍රධාන තැනක් ගන්නා බෝගයකි. 2018 වසරේ දී එකම දේශපාලන පක්ෂයක දෙපිරිසක් අතර ඇති වු ගැටුමක දි එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයට කුරුඳු පොලුවලින් පහර දීම හේතුවෙන් ඔවුන්ව හඳුන්වනු ලැබුවේ ‘කුරුඳු පොලු හමුදාව’ ලෙස ය. පසුගිය වසරේ දී විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයකට හමුදාව කුරුඳු පොලු රැගෙන පැමිණ තිබු බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සංසරණය වු අතර ඒ පිළිබඳව ද සමාජයේ දැඩි කතා බහක් ඇති විය. ඉන් නොනැවති කුරුඳු ගැන ආන්දෝලනය යළිත් වරක් දේශපාලන කරලියට පැමිණ ඇති අතර ඒ හරහා මෙරට කුරුඳු වගාවේ හා වෙළඳාමේ ඉතිහාසය ගැන සමාජ මාධ්‍ය තුළ වාද විවාද සිදුවන අයුරු ද දක්නට ලැබේ. රජ්පුරුවන්ට කුරුඳු තැලු සලාගම ජන කණ්ඩායම ලංකාවේ යටත් විජිත සමයේ කුරුඳු ඉතිහාසය සම්බන්ධව අධ්‍යනය කර තිබෙන කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ මහාචර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් කුරුඳු හා සම්බන්ධ ඉතිහාසය ගැන බීබීසී සිංහල විමසා සිටියේය. ඉබේ වැවෙන ශාකයක් ලෙස මෙරට පරිසරය තුළ කුරුඳු ව්‍යප්ත වී තිබු බව මෙන්ම එකල ද ඒ සඳහා වෙළදපොළක් තිබු බව මහාචාර්යවරයා කියා සිටියේය. “සමාන්‍යයෙන් දන්න කාලේ තිබුනේ රජ්පුරුවෝ ශ්‍රමිකයෝ පාවිච්චි කරලා කුරුඳු තලලා ඒවා කොළඹ එහෙම වරායවල්වලට ආපු වෙළෙන්ඳන්ට වික්කා. ඒක තිබුනේ රජවරුන්ගේ ඒකාධිකාරයක් විදියට.සලාගම කියලා කියන ජන කණ්ඩායම ඉන්නවානේ ඒගොල්ලෝ තමයි ඒක කළේ. ඒගොල්ලන්ගේ රාජකාරියට අයිතිය වෙලා තිබුන දෙයක් තමයි ඒගොල්ලෝ කුරුඳු ප්‍රමාණයක් රජ්පුරුවන්ට තලලා දෙන්න ඕනේ වාර්ෂිකව. ඒක සංවිධානය වෙලා තිබුන දෙපාර්තුමේන්තුවට කිව්වේ මහ බද්ද කියලා.” පෘතුගිසි විසින් ලංකාව ආක්‍රමණය කිරිමෙන් පසුව රජු විසින් කුරුඳු වැවීමට හා කැපීමට අවසර ලබා දී ඇති අතර පසුව ඔවුන් කුරුඳු මිල දී ගන්නා එකම ගැනුම්කරුවන් බවට පත්ව තිබේ. කුරුඳු වගාව නිසා ඇති වුණ කැරළි කැරළි කෝලහාල මැදින් කුරුඳු වගා කිරිම පටන් ගත් ආකාරය හා ඒ ඉතිහාස සම්බන්ධයෙන් ද නිර්මාල් දේවසිරි මහාචාර්යවරයා සඳහන් කළේය. “කුරුඳුවලට පාවිච්චි කරන්න පුලුවන් සලාගම ජනයා විතරයි අනිත් අයව එහෙම සම්ප්‍රදායිකව ගන්න බැහැ. සලාගම ජනයා සීමිත ප්‍රමාණයක් හිටියේ එතකොට අවශ්‍ය කුරුඳු ප්‍රමාණය අමාරුයි ඒගොල්ලන්ගෙන් ගන්න. ඒ කාලේ වසංගත රෝග තිබුනා, යුද්ධ තිබුනා, සමහර වෙලාවට පැනලා යනවා ඒ නිසා ජනගහනය අඩු වෙලා තිබුනේ. ඒක නිසා නීති දාන්න වුණා ඒ ශ්‍රමය ලබා ගන්න ඒක ටිකක් පීඩනයක් වෙලා කැරළි ඇති වුණා, ඒ වගේ ප්‍රශ්න වුණා. අනිත් එක හේන් කොටනකොට කුරුඳු ගස් විනාශ වුණා ඉතින් ඒකටත් නීති දාන්න වුණා එතකොටත් මිනිස්සු කැරළි ගැහුවා ඒ වගේ ප්‍රශ්න තිබුනා.” “ඔය අතර එක්දහස් හත්සිය හැත්තෑ ගණන්වල තමයි කුරුඳු වගා කරන්න පටන් ගත්තේ. ඒගොල්ලෝ ඒක කාලයක් හිතමින් හිටියා. හේතු කිහිපයක් හින්දා ඒගොල්ලෝ කුරුඳු වගා කරන එක පටන් ගන්නේ නැතුව හිටියා. එක විශ්වාසයක් තිබුනා කුරුඳු වගා කරන්න බෑ කියලා. තව බයක් තිබුනා කුරුඳු වගා කරන්න ගත්තොත් මේක තව තැන්වලට ගෙනිහින් වෙන අය වගා කරයි කියලා. කොහොමහරි එක්දාස් හත්සිය ගණන්වල කුරුඳු ප්ලාන්ටේෂන් විදියට වගා කරන්න පටන් ගත්තා.” යැයි තම අධ්‍යනයන්ගෙන් උගත් දේ මහාචාර්යවරයා එලෙස විස්තර කළේය. මීගමුවේ හොඳම කුරුඳු කුරුඳු වතු ව්‍යාප්තිය සම්බන්ධව මහාචාර්යවරයා කියා සිටි අතර එකල මීගමුව ප්‍රදේශයෙන් ලබා ගන්නා කුරුඳු හොඳම තත්ත්වයේ ඒවා බවට ප්‍රචලිතව තිබු බව සඳහන් කළේය. “මීගමුව, කදිරාන හරියේ ඉදලා පෑලියගොඩ හරියට වෙනකම් ලොකු වත්තක් තිබුනා. කොල්ලුපිටියේ ඉදන් මීතොටමුල්ල හරියට වෙනකම් වගේ වත්තක් තිබුනා ඒකට කිව්වේ මරදාන වත්ත කියලා. ඒක අඩු වෙලා, අඩු වෙලා තමයි දැන් ඔය කුරුඳුවත්ත කියන හරියේ විතරක් ඉතුරු වුණේ. තව මොරටුව පැත්තේ එහෙම තිබුනා. පස්සේ ඕවා නැති වෙලා ගිහින් කළුතර, ගාල්ල දිස්ත්‍රික්කවලට සීමා වුණා කුරුඳු වතු. මීගමුව පැත්තේ එහෙම ගොඩක් කුරුඳු වතු තිබුනා. ඒ පැත්තේ කුරුඳු තමයි හොඳම කුරුඳු විදියට සැලකුණේ.” වසර 200කට වඩා පැවති ගැටලු විසඳු ජාන පරික්ෂණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක කුරුඳු සම්බන්ධව ජාන පරික්ෂණයට සම්බන්ධව ක්‍රියා කරන ලද විද්‍යාඥවරියකි. ඇමෙරිකාවේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටිය දී ශ්‍රී ලංකාවේ කුරුඳුවල ගුණාත්මක භාවය සම්බන්ධව පළ වු ලිපියක් කියවිමෙන් පසුව කුරුඳු පිළිබඳව පර්යේෂණ කිරිමට උනන්දුවක් ඇති වුවා යැයි මහාචාර්යවරිය බීබීසී සිංහල වෙත කියා සිටියාය. “1826 දී බොටනිකල් නම දෙනකොට ඒ කට්ටිය පාවිච්චි කරළා තියෙන්නේ ඉන්දියාවේ ටයිප්ස්පෙසිමන් (Type specimen) එකක් එතකොට තමයි ඔය සිනමාමම් වේරම් (Cinnamomum verum) කියන නම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපේ අය ගිහිල්ලා සිනමාමම් සෙලනිකම් (Cinnamomum zeylanicum) නම අපිට ඕන කියලා තියෙනවා. එතකොට එයාලා අපේ එකත් ඉන්දියාවේ එක වගේ කෙමිකලුත් එක සමානයි ඒක නිසා අපිට ඕගොල්ලන්ට නම දෙන්න බැහැ මේක අපිට කන්සිඩර් කරන්න පුලුවන් වෙන්නේ සිනෝනිම් එකක් විදියට කියලා තියෙනවා.” යැයි මෙරට කුරුඳුවල විද්‍යාත්මක නාමයේ ගැටලු ඇති වු ඉතිහාසය ඇය පැහැදිලි කළාය. සිලෝන් සිනමන් හෙවත් සත්‍ය කුරුඳු ඇත්තේ ලංකාවේ පමණක් බව මෙන්ම ඉන්දියාවේ ඇති කුරුඳුවලට වඩා වෙනස් ඒවා බව වසර 200කට පමණ පසුව මහාචාර්යවරිය ඇතුළු පිරිස සිය ජාන තාක්ෂණික දැනුම උපයෝගි කරගෙන කරන ලද පර්යේෂණවලින් හඳුනාගෙන එය පර්යේෂණ පත්‍රිකාවක පළ කර එම අනන්‍යතාවය ලංකාවට ලබා ගැනිමට සමත්ව ඇත. ඉන්දියාවේ කුරුඳු හා ලංකාවේ කුරුඳු බැලු බැල්මට එක හා සමාන මුත් ජාන තාක්ෂණයේ දී එහි වෙනස්කම් හඳුනාගැනීමට හැකි වු බව මහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක බීබීසී සිංහල වෙත පැවසුවාය. “අපි හොයාගත්ත ජාන සංයුතියක කොටසක් අපි දෙගොල්ලො වෙනස් වෙන තැනක්, ඒකෙන් අපි ටෙස් කිට් එකක් හදලා තියෙනවා. එතකොට පිසීආර් ටෙස්ට් කරනවා වගේ කොවිඩ් ටෙස්ටින් වගේ එතකොට අපිට බෝතලයක් ගත්තොත් කියන්න පුලුවන් චීන එකයි, ඉන්දියාවේ එකයි, අපේ එකයි වර්ග තුනම තියෙනවා හෝ මේකේ තියෙන්නේ අපේ එක විතරයි කියලා.” එම ක්‍රමය හරහා ලංකාවේ කුරුඳු සඳහා සහතියක් ලබා දෙන ක්‍රමයක් ලබා දී අපනයනය කිරීමට හැකි වුවහොත් ලෝක වෙළඳපළේ මෙරට කුරුඳු සඳහා වඩා වැඩි ඉල්ලුමක් ලබා ගැනීමට හැකි වනු ඇති බව ද මහාචාර්යවරිය කියා සිටියාය. කුරුඳු සංවර්ධන දෙපාර්තුමේන්තුව මෙරට ආර්ථිකයට කුරුඳුවලින් ලැබෙන දායකත්වය නිසාම එහි වැදගත්කම සලකා රජය විසින් පසුගිය වසරේ සිට කුරුඳු සංවර්ධන දෙපාර්තුමේන්තුව ආරම්භ කර ඇත. එහි ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ කුරුඳු වගාව වැඩියෙන්ම සිදුවන ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ප්‍රදේශයේ ය. “කුරුඳු බෝගයේ වගාවේ ඉඳලා අපනයනය දක්වා සියලුම කටයුතු නියාමනය වෙන්නේ මේ දෙපාර්තුමේන්තුවෙන්. කුරුඳු අලුතින් වගා කරන්න, තියෙන ඉඩම්වල ඵලදායිතාවය වැඩි දියුණු කරන්න, සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව අගය වැඩි කරපු නිෂ්පාදන හදලා අලුත් වෙළඳපොළවල්වලට ඒවා යවන්න කටයුතු කරමින් යනවා මේ දෙපාර්තුමේන්තුවෙන්.” යැයි එම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර බීබීසී සිංහල වෙත පැවසීය. ලෝක වෙළඳපොළේ වාර්ෂික කුරුඳු ඉල්ලුම මෙට්‍ර්ක්ටොන් එක් ලක්ෂ පනස් දහස ඉක්මවයි. 2023 වසරේ දී මෙරටින් කුරුඳු ටොන් දහනම දහස් හයසියකට ආසන්න ප්‍රමාණයක් අපනයනය කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.",
"Title": "වසර 200කට පසුව ලෝකයට ගිය 'සිලෝන් සිනමන්' අනන්‍යතාවය"
} |
{
"Text": " අද (මාර්තු මස 14 වැනිදා) සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (මාර්තු මස 14) රාත්‍රී 7.00 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම කළ හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මගීන් ගේ පහසුව වෙනුවෙන් දුම්රිය ආසන කලින් වෙන්කිරීම සම්පුර්ණයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට පියවර ගත් බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව මසකට පෙර තම දුම්රිය ගමන සඳහා කලින් ආසනයක් වෙන්කරවා ගැනීමට මගීන්ට අවකාශ ලැබෙනු ඇත. දුම්රිය ආසන වෙන් කිරීමේ නව ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද ? අද ( මාර්තු 14 වෙනිදා) සිට ක්‍රියාත්මක නව ක්‍රමවේදයට අනුව දුම්රිය ආසන වෙන් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් https://seatreservation.railway.gov.lk/mtktwebslr/ වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ බීබීසී සිංහල වෙත පැවසුවේය. “මීට කලින් 100%ක්ම ඔන්ලයින් බුකින් කරන්න හැකියාව තිබුණේ නැහැ.\" \"දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේදී කොටසක් දුම්රිය ස්ථාන වලට ගිහිල්ලා බුක් කර ගන්න විදිහටත් අනිත් ප්‍රමාණය ඔන්ලයින් ක්‍රමවේදයට වෙන් කර ගන්න විදිහටයි අවස්ථාව ලබා දී තිබුණේ.\" \"නමුත් දැන් 100%ක්ම ඔන්ලයින් ක්‍රමවේදය විදිහට වගේම දුම්රිය ස්ථානවලට වුනත් ගිහිල්ලා ආසන වෙන් කර ගන්න හැකියාව ලබා දීලා තියෙනවා.\" \"ඒ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ තිබෙන ආසන වෙන් කරවා ගැනීම කියන එකෙන් වගේම ජංගම දුරකථන ඇප් එක ඔස්සේ ආසන වෙන් කරවා ගැනීම කරන්න පුළුවන්.\"ඔහු පැවසීය. ජංගම දුරකථනය මගින් ආසන වෙන් කර ගැනීමට අවස්ථාව මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මොබිටෙල්, හච් සහ එයාර්ටෙල් ජංගම දුරකථන සේවා ඔස්සේ අංක 365 ඇමතීමෙන් සහ ඩයලොග් දුරකථන සේවා ඔස්සේ අංක 444 ඇමතීමෙන් ද, ටෙලිකොම් දුරකථන ඔස්සේ නම් අංක 1265ට ඇමතිමෙන් මගීන්ට දැන් ආසන වෙන් කරවා ගැනීමේ හැකියාව පවතින බව ය. \"ඉස්සර වගේ මගීන්ට දුම්රිය ස්ථානයට ඇවිල්ලා ටිකට් එකක් අර ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔවුන්ට මුදල් ගෙවීමෙන් පස්සේ ලැබෙන ටිකට් එකේ ෆොටෝ එකක් ලඟ තබා ගත්තානම් ඇති.\" දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ පැවසුවේය. රාජ්‍ය සේවකයින්ටත් අවස්ථාවක් රාජ්‍ය සේවකයින්ට හිමිවන නිදහස් බලපත්‍රය වෙන් කිරීමේ අවස්ථාව ද මාර්ගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ පැවසුවේය. ඔන්ලයින් ආසන වෙන් කරවා ගැනීම නිසා සාමාන්‍ය මගීන්ට යම් අගතියක් සිදු වෙයිද? දුම්රිය ආසන මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙන් කරවා ගැනීමට ඉඩ ලබාදීම නිසා එක් පාර්ශවයකට අදාළ දුම්රිය ආසන සියල්ල එකවර වෙන්කරවා ගැනීමට හැකියාවක් තිබේද ? ඒ හරහා සාමාන්‍ය මගීන්ට යම් අගතියකට මුහුණ දීමට සිදුවේදැයි බීබීසී සිංහල විසින් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසන ලදී. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ පැවසුවේ එකවර දුම්රිය ආසන විශාල සංඛ්‍යාවක් වෙන්කරවා ගැනීමට කිසියම් අයෙකුට අවශ්‍ය නම් ඊට වෙනත් ක්‍රමවේදයක් පවතින බව ය. \" දැනට ඔන්ලයින් හරහා එක් අයෙකුට වෙන් කරවා ගන්න පුළුවන් උපරිම ආසන සංඛ්‍යාව 05ක් විතරයි. එතකොට එක් පුද්ගලයෙකුට එකවර සියලුම ආසන වෙන් කරවා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.\" \"යම් සංචාරක නියෝජිත ආයතනයකට හෝ පුද්ගලයෙකුට දුම්රිය ආසන විශාල සංඛ්‍යාවක් වෙන් කරවා ගන්න අවශ්‍ය නම් ඔවුන්ට හැකියාව තියෙනවා ඉදිරි මාස 03ක කාලයේදී ඒ ආසන වෙන් කරවා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වෙලා.\" ඔහු පැවසුවේය. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ දෛනිකව ආසන වෙන් කරවා ගැනීමේ හැකියාව සහිත දුම්රිය ගමන් වාර 20ක් පමණ ක්‍රියාත්මක වන බවයි.",
"Title": "අද සිට ඔන්ලයින් මගින් දුම්රිය ආසන වෙන්කර ගන්නේ කොහොමද ?"
} |
{
"Text": " ඔබේ දරුවාට කුඩා කාලයේ ආහාර දීමට හෝ නිහඬ කරවා ගැනීමට දරුවා අතට දෙන ජංගම දුරකතනය නිසා දරුවාගේ ජීවිතය පවා අහිමි විය හැකි අවදානමක් ඇති බව ඔබ දන්නවා ද? එය වටහා ගැනීම සඳහා පහතින් පැහැදිලි කරන සත්‍ය සිදුවීම දෙස බලමු. පානදුර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පිරිමි දරුවෙකුගේ දෙමාපියෝ ඛේදනීය අත්දැකීමකට මුහුණ දෙමින් සිටිති. එම දරුවාගේ පියා සමාගමක නීතිඥවරයෙකු වන අතර මව ද නීතිඥවරියකි. සිය පුත්‍රයා ගෙවන ජීවිතය පිළිබඳව ඔහුගේ මව මෙලෙස පැහැදිලි කළා ය. \"පුතා පාන්දර වෙනකම් ගේම්ස් ගහනවා. උදේට නැගිටින්නෙ නෑ. කෑම කන්නෙ නෑ. උදේ නැගිටින්නෙ නැති නිසා කිසි ම දෙයක් කරන්න බැහැ. එයාව කම්පියුටර් කෝස් එකකට දැම්මා. ඒකට යන්නත් බෑ. එයාට රස්සාවකට යන්න විදිහකුත් නෑ. මොනව කරන්න ද කියලා හිතාගන්න බැරුව අපි ඉන්නේ.\" අදාළ දරුවාගේ මව පවසා ඇති සියලු ලක්ෂණවලින්, පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූවන් ගෙවන දෛනික ජීවිතය කියා පායි. එවන් දරුවන් සමග ගනුදෙනු කිරීම දෙමාපියන්ට පහසු කටයුත්තක් නොවේ. ඒ, පරිගණකය හෝ ජංගම දුරකතනය ඔහුගෙන් ඉවත් කිරීමට තැත් කිරීම සිය දිවි හානි කර ගැනීමක් දක්වා දුරදිග යාමට ඉඩ ඇති බැවිනි. මාතර - රොටුඹ ඛේදවාචකය ජංගම දුරකතනයෙන් ඉන්ටර්නෙට් ඔස්සේ පරිගණක ක්‍රීඩාවකට ඇබ්බැහි වී සිටි සිසුවෙකු ඉන් මුදවා ගැනීම සඳහා එම ජංගම දුරකතනය මවගේ භාරයට පත් කර ගැනීම සම්බන්ධයෙන් උරණ වූ 15 හැවිරිදි සිසුවෙකු නිවසේ බාල්කයක එල්ලී ගෙළ වැලලාගෙන මිය ගිය පුවතක් 2021 වසරේ අගෝස්තු මාසයේදී මාතර, රොටුඹ පොලිස් වසමෙන් වාර්තා විය. රොටුඹ, පල්ලෙකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 10 වසරේ ඉගනුම ලැබූ ශිෂ්‍යයෙකු එම ඛේදවාචකයට මුහුණ පෑවේ ය. එම සිසුවා පාසලේ අධ්‍යාපන කටයුතුවලට සහභාගි නොවන බවට පාසලේ ගුරුවරුන් දෙමාපියන්ට දැනුම් දී තිබූ අතර, ඒ අනුව දෙමව්පියන් කළ සොයා බැලීමකදී පෙනී ගොස් තිබුණේ, පාසලේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පසෙක ලා ඔහු පරිගණක ක්‍රීඩාවකට ඇබ්බැහි වී සිටි බව ය. පසුව දරුවාගේ මව ජංගම දුරකතනය සිය භාරයට ගෙන ඇති අතර ඊට උරණ වූ දරුවා දෙමව්පියන් නිවසේ නොමැති අවස්ථාවක මුළුතැන්ගෙයි බාල්කයක පොරවනයක් ආධාරයෙන් එල්ලී ගෙළ වැලලාගෙන තිබුණු බව පොලිසිය සඳහන් කළේ ය. මෙම සිද්ධිය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇති දරුවන් ඉන් මුදා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමේදී අතිශයින් ප්‍රවේශම්සහගත විය යුතු බව ය. ඇබ්බැහි වීම යනු කුමක් ද? එය හඳුනාගන්නේ කෙසේ ද? දරුවෙකු පරිගණකයට, ජංගම දුරකතනයට හෝ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇත්දැයි දෙමාපියන් නිවැරදිව වටහා ගත යුතු වේ. ඇබ්බැහි වීම යනු \"සාමාන්‍ය දෛනික කටයුතු පසෙක ලා පරිගණක ක්‍රීඩා කිරීම වෙනුවෙන් කාලය ගත කිරීම,\" බව මනෝවිද්‍යාඥයෝ පෙන්වා දෙති. යම් දරුවෙකු පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇත්දැයි දැන ගැනීමට විශේෂ ලක්ෂණ කිහිපයක් ඇතැයි මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පෙන්වා දෙයි. පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ දරුවෝ ජංගම දුරකතනයක් හෝ පරිගණකයක් නොමැති විට පහත ලක්ෂණ පෙන්නුම් කරති. \"මේ වගේ තත්ත්වයක් ඇති වුණා ම ඒ දරුවන් සාංකාවට පත් වෙනවා. මේවා අඩු කර ගන්න නැවත ඒගොල්ලො ඒකට ම යනවා. ඒ නිසා ඒගොල්ලන්ට අනිත් දේවල් කරන්න තියෙන කාලය නැති වෙලා යනවා. යහළුවොත් එක්ක ගැවසෙන්න, ක්‍රීඩා කරන්න, පාඩම් කරන්න, වෙනත් ක්‍රියාකාරකම්වල යෙදෙන්න ඒ අයට වෙලාවක් නැති වෙනවා. අන්න ඒ ලක්ෂණ තියෙනවා නම් ඇබ්බැහි වීමක් කියලා හඳුනාගන්න පුළුවන්,\" මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පැවසීය. ඇබ්බැහි වූවන් පැය දෙකක සිට පැය 24ක කාලයක් දක්වා දෛනිකව දුරකතනය සමග ගත කරන බව මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පැවසීය. ඇබ්බැහි වූ දරුවෙකු සමග ගනුදෙනු කළ යුත්තේ කෙසේ ද? ඇබ්බැහි වූ දරුවෙකු සමග ගනුදෙනු කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙන් බවත්, දෙමාපියන් ඒ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවත් මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසයි. “මුලින් ම දරුවා පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වෙලා ද කියලා දැන ගත යුතු යි. ඊට පස්සේ ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා.” මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසන පරිදි, ඇබ්බැහි වී සිටින දරුවෙකු ඉන් මුදා ගැනීම සඳහා දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් ඉවසීමෙන් කටයුතු කළ යුතු බව ය. එවන් දරුවන්ගෙන් පරිගණකය හෝ ජංගම දුරකතනය ඈත් කළ යුත්තේ, ක්‍රම ක්‍රමයෙන් බව ද ඔහු අවධාරණය කළේ ය. “එවැනි දරුවන්ට ගොඩක් තරහ යනවා. දුකට පත් වෙනවා. ඒ නිසා ඔවුන්ගෙන් ක්‍රම ක්‍රමයෙන් තමයි, පරිගණක සහ ජංගම දුරකතන ඈත් කළ යුත්තේ. එහෙම නැති වුණොත් ඔවුන් වැරදි තීරණ අරගෙන ක්ෂණික තීරණ ගන්න ඉඩ තියෙනවා. වයස අවුරුදු 5ට අඩු කිසි ම දරුවෙකුට පරිගණක හෝ ජංගම දුරකතන භාවිතය කිසිසේත් ම සුදුසු නැහැ. අවුරුදු 5ට වඩා වැඩි දරුවන්ටත් දිනකට උපරිම පැය දෙකක් තමයි නිර්දේශ කරන්නේ.” ඇතැම් අවස්ථාවල දරුවන් සම්පූර්ණයෙන් ම ඉන්ටර්නෙට් භාවිතයෙන් මුදා ගැනීමට නම් දෙමාපියන් ද යම් කැපකිරීම් කළ යුතු බව වෛද්‍යවරයා සඳහන් කළේ ය. “ඒ වගේ අවස්ථාවක දෙමාපියන් පවා ඉන්ටර්නෙට් පාවිච්චිය නතර කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, ගුරුවරුන්ටත් ඒ ගැන දැනුම් දීලා ජංගම දුරකතනවලට පාසල් වැඩ එවීම නතර කරන්න වෙනවා. ගුරුවරුන් ස්මාර්ට් දුරකතනවලට පාසල් වැඩ එවීම වර්තමානයේ ලොකු ම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදා ගන්න ලොකු ගැටලුවක් වෙලා තියෙනවා, මේ ආකාරයට දුරකතනවලට වැඩ එවීම නිසා. ගුරුවරුන් මේකට විකල්ප ක්‍රම හොයා ගත යුතු යි. මුද්‍රිත පිටපත් ලබා දීම ඒකට හොඳ විසඳුමක්.” ශාරීරික ක්‍රියාකාරකම් ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදා ගැනීමේදී ඔවුන් ශාරීරික ක්‍රියාකාරකම්වලට වැඩි වශයෙන් යොමු කළ යුතු බව මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් සඳහන් කළේ ය. ඒ සඳහා, කෙසේ වෙතත්, මේ සියල්ලට පෙර නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවත්, වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකරන ලෙසත් මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළේ ය. සංඛ්‍යා දත්ත ලෝක ජනගහනයෙන් 6.09%ක් ඉන්ටර්නෙට් ඇබ්බැහිවීම්වලින් පෙළෙන බව සංඛ්‍යා දත්තවලින් අනාවරණය වී තිබේ. අමෙරිකාව ආශ්‍රිතව මෑතකදී කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, එරට ජනතාව අතරින් 46%කට ඉන්ටර්නෙට් භාවිතයෙන් තොරව ජීවිතය ගත කළ නොහැකි බව ය. එරට වැඩිහිටියන්ගෙන් 98%ක් ඉන්ටර්නෙට් භාවිත කරන බව ද හෙළි වී තිබේ. ලෝකයේ වැඩි ම ජනගහනයක් ඉන්ටර්නෙට්වලට ඇබ්බැහි වී සිටින රට වන්නේ, චීනය යි. එම සංඛ්‍යාව මිලියන 746කි. මේ අතර, ‘ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් අතර අර්බුදකාරී ඉන්ටර්නෙට් භාවිතය’ සම්බන්ධයෙන් අමෙරිකාවේ ජාතික වෛද්‍ය පුස්තකාල වෙබ් අඩවියේ පළ කර ඇති පර්යේෂණ පත්‍රිකාවක සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගෙන් 27.6%ක් ඉන්ටර්නෙට් භාවිතය සම්බන්ධ සංකූලතාවලට මුහුණ පා සිටින බව ය.",
"Title": "අන්තර්ජාල මෙවලම් හෝ පරිගණක ක්‍රීඩා වෙත ඇබ්බැහි වී සිටින දරුවෙකු ඉන් මුදා ගන්නේ කෙසේ ද?"
} |
{
"Text": " ශ්‍රී ලංකාවේ ඇති වන රක්ෂිත අතුරින්, ජෛව විවිධත්වය අතින් ශ්‍රී පාද රක්ෂිතයට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබේ. මධ්‍යම කඳුකරයේ කොටසක් වන ශ්‍රී පාද රක්ෂිතය තුළ ශ්‍රී ලංකාවට ආවේණික සතුන් හා ශාඛ මෙන් ම වඳ වී යාමේ තර්ජනයට මුහුණදී ඇති ශාඛ සහ සත්වයෝ රැසක් ජීවත් වෙති. එමෙන් ම ශ්‍රී පාද රක්ෂිතය යනු ප්‍රධානත ම ජල පෝෂක ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා කිහිපයක ම ආරම්භක ජල මූලාශ්‍ර ඇත්තේ එහි ය. ශ්‍රීපාදස්ථානය වන්දනාමාන කිරීමට වාර්ෂිකව ලක්ෂ ගණනක වන්දනාකරුවන් ගමන් කරන්නේ රක්ෂිතය හරහා ය. දෙසැම්බර් මාසයේ උඳුවප් පොහොය දිනය සිට මැයි මස වෙසක් පොහොය දින දක්වා ඇති කාලවකවානුවේදී මෙලෙස ගමන් ගන්නා වන්දනාකරුවන් විසින් ගෙන යන කසළ තැන තැන විසි කර යාම වර්තමානය වන විට දැවැන්ත පාරිසරික ගැටළුවක් බවට පත් වී තිබේ. වසරකට ටොන් ගණනක කසළ මෙලෙස වන්දනා කිරීමට පැමිණෙන පිරිස් විසින් ක්‍රමවත්ව බැහැර නොකර තැන තැන විසි කර දමා යන අතර, එහි මඟ දෙපස ගොඩගැසුණු කුණු ගොඩවල් ඉතා සුලභ දර්ශනයක් බවට පත් වී තිබේ. එලෙස විසි කර යන කුණු කඳු මුදුනේ සිට නැවත එකතු කර පහළට රැගෙන ඒම ද දුෂ්කර ක්‍රියාවක් බව කිවයුතු නොවේ. සමාජ මාධ්‍යය කතා බහ මෙලෙස කුණු දමා යාම සම්බන්ධයෙන් මෑත වසර කිහිපය තුළ සමාජ මාධ්‍යයේ විශාල කතා බහක් නිර්මාණය වූ නමුත් මෙම කසළ ගැටළුව තවමත් විසඳීමට නොහැකි ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ශ්‍රී පාදස්ථානය තරණය කිරීමට ප්‍රථමයෙන් සාම්ප්‍රදායික චාරිත්‍ර සිදු කරන \"සීත ගඟුල\", \"ඉඳිකටුපාන\" වැනි සුවිශේෂ ස්ථාන ආශ්‍රිතව දැවැන්ත කසළ ගොඩවල් සෑම වසරක ම පාහේ දැකගත හැකි අතර, මස්කෙළිය නගර සභාව විසින් වර්තමානය වන විට කසළ වර්ගීකරණය කර බැහැර කිරීමට කසළ බඳුන් තබා තිබුණත් වන්දන කිරීමට පැමිනෙණ පිරිස් එම මාර්ගෝපදේශ යටතේ කසළ බැහැර නොකරන බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඒ. රාජවීරන් බීබීසී සිංහල කළ විමසීමක දී ප්‍රකාශ කළේ ය. මෙම දත්ත නිරීක්ෂණය කිරීමේ දී කොරෝනා හේතුවෙන් වන්දනා කිරීම සීමා කෙරුණු 2020 හා 2021 වසර හැරුණු විට අනෙක් වසරවල දැවැන්ත කසළ ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශිය සභාව විසින් එකතු කරනු ලැබ තිබේ. 2022, 2023 හා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ද සැලකිය යුතු කසළ ප්‍රමාණයක් එකතු වී තිබේ. මෙහි වසරක ප්‍රමාණය සලකා ඇත්තේ පෙර වසරේ දෙසැම්බර් මසයේ සිට අදාළ වසරේ මැයි මාසය දක්වා ය. “සීමා දැම්මාට වැඩක් නෑ මිනිස්සු ඒවා පිළිපදින්නේ නෑ” බීබීසී සිංහල වෙත අදහස් දැක් වූ මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් එස්. රාජවීරන් පැවසුවේ දිරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයක් මගින් කොම්පෝස්ට් නිෂ්පාදනයට යොදාගන්නා බව ය. නොදිරන අපද්‍රව්‍ය ද ප්‍රතිචක්‍රීයකරණය කටයුතු සිදු කරන අතර, හිස් ප්ලාස්ටික් බෝතල් මිලදී ගන්නා ආයතන වෙත ඒවා විකුණන බව ඔහු පැවසුවේ ය. \"කාලෙන් කාලෙට විවිධ සීමා දැම්මාට වැඩක් නෑ මිනිස්සු ඒවා පිළිපදින්නේ නෑ. කසළ වර්ගීකරණය කරලා දාන්න අපි නම් ගහලා පාර දෙපැත්තේ කසළ බඳුන් තියලා තිබුණත් කවුරුත් ඒවා පිළිපදින්නේ නෑ.මේ වසරේ මැයි මාසයෙන් පසුව අවාරයේ දී ජල සම්පාදන ව්‍යාපෘතියක් කිරීමට නියමිත නිසා ලබන වසරේ සිට අපට ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් ගෙන යාම සීමා කරන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා,\" රාජවීරන් පැවසුවේ ය. කඳු මුදුන හා අවට මාර්ගයේ කසළ එකතු කිරීම හැරුණු විට කාසල් රී, මා උස්සාකැලේ වැනි ජලාශවලට එක් වී ඇති ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය ද බෝට්ටුවලින් ගොස් එකතු කරන බව ද ඔහු පැවසුවේ ය. \"ශ්‍රී පාදය ආසන්නයේ දී බස් වලින් වන්දනාවේ එන අය පාර අයිනේ කෑම උයාගෙන කාලා ඒ අපද්‍රව්‍යත් ඒ තැන්වලම දාලා යන එකත් වර්තමානයේ ලොකු ගැටළුවක් වෙලා තිබෙනවා. මේ කසළත් විශාල වශයෙන් අපට එකතු කරන්න සිදු වෙලා.\" “වතුර පහරවල් දිගේ පුදුම කුණු ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා” මෙම කසළ රක්ෂිතය හරහා වැටී ඇති මාර්ග කිහිපය ආසන්නයේ පමණක් නොව මුළු රක්ෂිතයටම ඇති ගැටළුවක් බව පාරිසරික උපදේශකයෙකු වන භාතිය ගොපල්ලව පෙන්වා දෙයි. ශ්‍රී පාද රක්ෂිතය ආශ්‍රිත ජෛව විවිධත්වය සම්බන්ධයෙන් පර්යේෂණ කිහිපයකට ම සහභාගී වී ඇති ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික ශාඛ හා සතුන් මෙන් ම වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාඛ හා සතුන් ද සැලකිය යුතු ප්‍රමාණයක් මෙම රක්ෂිතය නිවහන කරගෙන සිටින බව ය. \"සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානක් වර්ෂයකට මේ රක්ෂිතය හරහා ගමන් කරනවා. වැඩිපුරම ගමන් කරන්නේ හැටන් මාර්ගයේ. එක් වරක් අපි මේ ශ්‍රීපාදයට යන ප්‍රධාන මාර්ග තුන දෙපැත්තෙ තියෙන ජෛව විවිධත්වය සම්බන්ධයෙන් පර්යේෂණයක් කළා. ජාතික උද්භිද සංගණනනයක් යටතේ. සංඛ්‍යා බැලුවාම, තියෙන ශාඛ වලින් 50% පමණ ඒක දේශීය ශාඛ වගේම බහුතරයක් ඖෂධීය පැලෑටි. මේ වගේ ශාඛවලට කසළ දැමීමෙන් බලපෑමක් තියෙනවා,\" ඔහු පැවසුවේ ය. භාතිය පෙන්වා දෙන්නේ මෙම කසළ අක්‍රමත්ව බැහැර කිරීම මිනිසුන්ට ද බලපාන බව ය. \"පොලිතින් විතරක් නෙවෙයි මිනිස්සු මළපහ පවා මේ විදිහට දාලා යනවා. ජල මූලාශ්‍රවල ඉන්න ජීවීන්ටත් මේකෙන් බලපෑමක් තියෙනවා. ඒ වගේ ම උඩින් ගලාගෙන එන වතුරම තමයි පහළ දි මිනිස්සු පරිභෝජනය කරන්නේ. අපද්‍රව්‍ය කලවම් වුණු ජලයෙන් නාන එක හෝ පරිභෝජනය කිරීම නිසා මිනිස්සුන්ටත් බලපෑමක් තියෙනවා.\" \"මෑතක දී අපි 'නෙලු\" කියන ශාඛ විශේෂයක් ගැන විස්තර කළා. 2018 දි මුල් අවස්ථාවේ නිරීක්ෂණය කරද්දි පැල සියයකට වැඩිය තිබුණා. 2020 දි නැවත බලන විට පඳුරු 10ක් විතර තමයි තිබුණේ. ඒවාට කසළ දාලා ඒවාත් විනාශ වුණොත් ඒ ශාඛය තුරන් වෙලාම යන්න පුළුවන්.සාමාන්‍ය පරිසරයක දි කුණු දැමුවාම තියෙන බලපෑම දෙගුණයක් තෙගුණයක් වෙලා තිබෙනවා ශ්‍රීපාදයේ දි.\" \"ශ්‍රී පාදයේ ඉහළම කොටස දැඩි ස්වභාවික රක්ෂිතයක්. හරිවිදිහට නම් මේ වගේ පාරක්වත් ඒක මැද්දෙන් තියෙන්න බෑ. පිදුරුතලාගල හෝ හග්ගල මේ විදිහට යන්න බෑ. නමුත් ශ්‍රීපාදය හරහා මිනිස්සු ලක්ෂ ගාණක් ගමන් කරනවා,\" ඔහු පෙන්වා දෙයි. ජල පෝෂක ප්‍රදේශෙවල කසළ දැමීමෙන් ජලයේ ගුණාත්මක භාවය පහළ යාම නිසා ජල පහරවල් වල ජීවත් වන කුඩා සතුන් හා උභය ජීවින්ට ද තර්ජනයක් ඇතිවන බව ඔහු පෙන්වා දෙයි. \"පුල්ලි මැඩියා වසර 150කට පමණ පසුව හමුවුණේ පළාබද්දළ පාර ආශ්‍රිතව. ඒ වගේ සතුන්ට අනිවාර්යයෙන් ම තර්ජනයක් ඇතිවිය හැකියි. හැටන් පාරේ තියෙන සීත ගඟුලේ එක් කොටසක් හරහා මම උඩට ගිහින් තියෙනවා. ඒ වතුර පහරවල් දිගේ පුදුම කුණු ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. ඒවා ප්‍රාදේශිය සභාවෙන්වත් සුද්ද කරන්නේ නෑ. එයාලා සුද්ද කරන්නේ ප්‍රධාන වශයෙන් ම මාර්ග දෙපස කුණු විතරයි.\" භාතිය පැවසුවේ ය. ප්‍රාදේශීය සභාවට අමතර ව විවිධ සංවිධාන ද කසල එකතු කීරීමේ ව්‍යාපෘති කරන නමුත් ඒවා මඟින් පාලනය කළ නොහැකි මට්ටමේ කසළ ප්‍රමාණයක් සෑම වර්ෂකයම එකතු වේ. වන්දනා කරන මාස හය තුළ එකතුවන කසළ අනෙක් මාස හය තුළ පිරිසිදු කරන නමුත් නැවත නැවතත් කසළ එක් රැස්වීම වළක්වා ගැනීමට නම් ශ්‍රීපාදය තරණය කරන සියළු දෙනා වගකීම් සගත ව කසළ තැන තැන නොදමා ඒම මෙන් ම රජය විසින් ද එය පාලනයට යම් යම් සීමා පැනවීම සිදු කළ යුතු බව සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා තිබූ බොහෝ අයගේ අදහස විය.",
"Title": "ටොන් ගණනින් කසළ ගොඩගැසෙන ජලපෝෂක ශ්‍රීපාද රක්ෂිතය"
} |
{
"Text": " තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂන් දෙමළ මහා විද්‍යාලයේ සිසුවෙකු මැරතන් තරගයක් අතරතුර හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මිය යෑමේ සිද්ධිය ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. පවතින උණුසුම් කාලගුණ තත්ත්වය මැද මෙවැනි ක්‍රීඩා තරග පැවැත්වීම පිළිබඳවත්, තිරුක්කෝවිල් රෝහලේදී සිදුවු බව කියන ප්‍රමාදය පිළිබඳවත්, ප්‍රදේශවාසීන් අතර මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයක් ද මතුව තිබුණි. 16 හැවිරිදි ජෙයකුමාර් විදූෂන් සිසුවාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සි.ටී.මහනාම විසින් අද (මාර්තු 12 වැනිදා) පැවත්වනු ලැබීය. මෙම සිසුවාගේ මරණයට හේතුවුයේ කුමක්ද ? ඒ පිළිබඳ මතුවන කරුණු පිළිබඳ බීබීසී සිංහල විමසා බැලීමක් කළේය. මොකද්ද මේ මැරතන් තරගය? නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්විමට තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂන් දෙමළ මහා විද්‍යාලය කටයුතු සංවිධානය කරමින් තිබිණි. එයට සමගාමිව පවත්වනු ලබන මැරතන් ධාවන තරගය (මාර්තු 11වැනිදා ) උදෑසන පවත්වනු ලැබීය. මෙම මැරතන් ධාවන තරගයට ළමුන් 30 දෙනෙකු පමණ සහාභාගි වීමට නියමිතව තිබිණි. විදුහලේ ක්‍රිඩා භාර ආචාර්ය යු.කේ.ප්‍රසාද් විසින් මැරතන් ධාවනයට සහාභාගි වෙන දරුවන් තිරුක්කෝවිල් රෝහලට ගෙනවිත් තරගයට පෙර එම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලැබීය. පසුව පෙරවරු 6.45 ට පමණ මැරතන් ධාවන තරගය තිරුක්කෝවිල් ඔරලෝසු කණුව අසළින් ආරම්භ කරනු ලැබීය. එම ස්ථානයෙන් ආරම්භ කරන ලද මැරතන් ධාවන තරගය කලුදාවලි පුල්ලයාර් කෝවිල අසළට ගොස්, එතැනින් හැරී නැවත තිරුක්කෝවිල් ඔරලෝසු කණුව අසළින් නිමා කිරීමට නියමිතව තිබුණි. මෙම මැරතන් ධාවන තරගයේ දුර කිලෝමිටර් 8 ක් පමණ වූ අතර තරගයට මෙම විදුහලේ ජෙයකුමාර් විදූෂන් සිසුවාද සහාභාගි විය. “පුතා උදේ ස්කොලේ ගියා. මම මේසන් වැඩ කරන්නේ මම වැඩට ගියා. පුතා උදේ කෑම කැවේ නැහැ මැරතන් ධාවනය සහාභාගි වෙන හින්දා. මම වැඩ කරමින් ඉන්න කොට මට පණිවිඩයක් ආවා පුතා රෝහල් ගත කරා කියලා මම එනකොට පුතා අක්කරපත්තුව රෝහලට යවලා පස්සේ දැනගන්න ලැබුණා පුතා මැරුණා කියලා. මම දන්න විදියට අවුරුදු හයේ ඉදන් මගේ පුතා මැරතන් ධාවනය කරනවා. මැරතන් ධාවනය කරල එයා ගොඩක් ජයග්‍රහණ කරා. මේ වගේ දෙයක් වෙයි කියලා මම හිතුවේ නැහැ.” මියගිය ජෙයකුමාර් විදූෂන් සිසුවාගේ පියාවන එල්.ජෙයකුමාර් කීය. “මේ මැරිලා තියෙන්නේ මගේ අක්කගේ පුතා මැරතන් තරගය අවසන් කරන්න මීටර් 50 ක් විතර තිබුණා. ඒ වෙලාවේ පුතා යාලුවෙකුට කියලා තියෙනවා මට ටිකක් අමාරුයි රෝහලට යමු කියලා.තරගයව අවසන් වෙනකොටම පුතා රෝහලට ගියා ඔහු වෛද්‍යවරුන්ට ඔහුගේ නම පවා ප්‍රකාශ කරලා තියෙනවා.රොහලේදී දරුවට ප්‍රතිකාර කරත් එතැන තියෙන පහසුකම් මදි නිසා අක්කරපත්තුව රෝහලෙන් පහසුකම් තියෙන ගිලන් රථයක් ගෙනත් තමයි දරුවා අරගෙන ගියේ.තිරුක්කෝවිල් රෝහලේ වුණ ප්‍රමාදය නිසා තමයි දරුවා මියගියේ. මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා” යැයි මියගිය ජෙයකුමාර් විදූෂන් ගේ මාමා වන මුර්ති විජයකුමාර් බීබීසී සිංහල වෙත පැවසීය. මෙම දරුවාගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විමට නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම් ගිතාංජන දිසානායක විසින් විශේෂ කණ්ඩායමක් මේ වෙනවිට තිරුක්කෝවිල් ප්‍රදේශය වෙත යවා තිබේ. නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් ගිතාංජන දිසානායක බීබීසී සිංහල වෙත ප්‍රකාශ කරේ “අපි චක්‍ර ලේඛණ යවල තියෙන්නේ අව්වේ දරුවන් කියන්න එපා කියලා විතරයි.ක්‍රීඩා තරග පවත්වන එපා කියලා නැහැ. තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂන් විදුහලේ මෙම මැරතන් තරගය පවත්වන්න පෙර විදුහලේ ක්‍රීඩා ගුරුවරයා විසින් මෙම දරුවන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරලා තියෙනවා. වෛද්‍ය පරීක්ෂණයෙන් පසු තමයි සියලුම දරුවන් තරගයට යොමු කරල තියෙන්නේ. මැරතන් තරගය තියල තියෙන්නේ උදේ පාන්දර. දැනට කරන ලද මුලික විමර්ශනවලදි විදුහලේ පරිපාලනය විසින් නිවැරැදි අයුරින් කටයුතු කරල තියෙනවා” යැයි ඔහු පැවසීය. “තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කරලා තියෙන දරුවාගේ මරණය සම්බන්ධව දැනට අපි මුලික පරීක්ෂණ ආරම්භ කරල තියෙනවා.දැනට තිරුක්කෝවිල් වෛද්‍ය අධිකාරිවරයාගෙන් සහ ප්‍රථිකාර කරපු වෛද්‍යරයාගෙන් ප්‍රකාශ ගන්න අපි සුදානම් කරල තියෙනවා.මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ත්‍රිකුණාමලය පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කරනවා. එයට කලින් අපි මුලික විමර්ශන සිදුකරනවා. රෝහලෙන් වැරුද්දක් වුණාද නැද්ද කියලා කියන්න වෙන්නේ පරීක්ෂණ අවසන් වීමෙන් පසුව\" බව කල්මුනේ නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ෂකිලා ඉෂදින් බීබීසී සිංහල වෙත පැවසුවාය. මැරතන් ධාවනයේදී මියගිය ජෙයකුමාර් විදූෂන් පවුලේ පළමු දරුවා වන අතර ඔහුට තවත් සහෝදරයෙක් සිටියි. තිරුක්කෝවිල් රෝහල ඉදිරිපිට විරෝධතාවයක් මෙම සිද්ධියෙන් පසු කුපිතවු ප්‍රදේශයේ ජනතාව සහ පාසැල් දරුවෝ තිරුක්කෝවිල් රෝහල ඉදිරිපිට (මාර්තු 11 වැනිදා) විරෝධතාවයක් ද පවත්වනු ලැබූහ. එහිදි ඇතැම් පිරිස් ගල්මුල් වලින් පහරදුන් අතර මාර්ගය අසල තිබු රෝහලේ නාමපුවරුව ද විනාශ කරනු ලැබූහ. තත්ත්වය පාලනය කිරිමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ද පැමිණි අතර පසුව ශ්‍රි ලංකා යුද හමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරිගේ උපදෙස් පරිදි 241 බල සේනාධිපති බ්‍රිගේඩියර් දනික පතිරත්න ඇතුලු යුද හමුදා සාමාජිකයින් කණ්ඩයමක්ද පැමිණියේය. පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව කුමක් ද? මියගිය දරුවාගේ මරණය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සි.ටී.මහනාම විසින් සිදුකළ අතර ඔහු මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. මියගිය දරුවාගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා එයින් ලැබෙන ප්‍රතිඵල අනුව තීන්දුව ප්‍රකාශයට පත් කරන බව අධිකරණ වෛද්‍ය විශේෂඥ සි.ටී.මහනාම බීබීසී සිංහල වෙත පැවසීය. අධ්‍යාපන අමාත්‍යංශයෙන් සිහිකැඳවීමක් මේ අතර, පවතින අධික උෂ්ණත්වය සහිත කාළගුණය මත පාසල් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ව නිර්දේශ පිළිබඳ යළි සිහිකැඳවමින් සියලු ම පාසල් වෙත අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා අද (මාර්තු 12 වැනිදා) ලිපියක් යවා තිබේ. උණුසුම් කාලගුණය හමුවේ අනුගමනය කළ යුතු පියවර මොනවාද? වෛද්‍ය උපදෙස් අනුව: උණුසුම අවම කර ගැනීම සඳහා ගත හැකි පියවර ",
"Title": "තිරුක්කෝවිල්හි මැරතන් තරගයක් අතරතුර මියගිය සිසුවාගේ මරණයට හේතුව කුමක් ද?"
} |
{
"Text": " වසර 34 කට ආසන්න කාලයක් උතුරේ හමුදා කඳවුරු සීමා තුළ පැවති සිවිල් ජනතාව භාවිතා කළ කෝවිල් හතක පූජා පැවැත්වීම සඳහා පමණක් ගමන් කිරීමට යුද හමුදාව පසූගියදා යාපනය වලිකාමම් ජනතාවට අවසර ලබා දී තිබුණි. උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හමුදා කඳවුරු ආශ්‍රිතව පිහිටි කෝවිල් හා කතෝලික දේවස්ථාන ආශ්‍රිත ඉඩම් මුදා හරින ලෙසය. පූජාවන් සඳහා අවසර සතියකට එක් දිනක් හා කෝවිල්වල විශේෂ පූජාවන් පැවැත්වෙන අවස්ථාවන්හි දී පමණක් කෝවිල් සීමාව වෙත සිවිල් ජනතාව වෙත ගමන් කිරීමට අවසර ලබාදී ඇති අතර යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි අවසරයක් ලබා ගැනීමෙන් පසුව, යුදහමුදා පරීක්ෂා කිරීම්වලින් අනතුරුව කෝවිල් පූජාවන් වෙනුවෙන් සීමිත පිරිසකට ගමන් කිරීමට අවසරය ලබාදී ඇති බව වලිකාමම් ජනතාව පවසති. කෝවිල් තුළ පූජාවන්ට අවශ්‍ය භාණ්ඩ පමණක් රැගෙන යාමට අවසරය ලබාදී ඇති අතර, තමන්ගේ දුරකථන පවා යාපනය අධි ආරක්ෂිත කලාපය තුළ පිහිටි කෝවිල් තුළට රැගෙන යාමට අවසර නොලැබෙන බව වලිකාමම් ජනතාව ප්‍රකාශ කළහ. යාපනය, පලාලි උතුර ජේ 254 ග්‍රාමසේවා වසමේ පිහිටි රාජේශ්වරි අම්මාන් කෝවිල, නාගතම්පිරාන් අම්මාන් කෝවිල හා ජේ 238 ග්‍රාම නිළධාරි වසමේ ඇති මුත්තුමාරි අම්මාන් කෝවිල තුළ පූජාවන් කිරීමටද, යාපනය, වාසවිලාන් බටහිර ජේ 245 ග්‍රාම සේවා වසමේ පිහිටි මලාම්පිරායි ගණදෙවි කෝවිල, ශිවන් කෝවිල, නාගතම්පිරාන් කෝවිල, සත්තිවුඩයාල් අම්මාන් කෝවිල වැනි කෝවිල්වල පූජාවන් පැවැත්වීම වෙනුවෙන් බැතිමතුන් වෙත ගමන් කිරීමට යුද හමුදාව විසින් අවසර ලබාදී තිබුණි. යාපනය හමුදා කඳවුරු ආශ්‍රිතව කෝවිල් කීයක් පිහිටා තිබේ ද? යාපනය, වලිකාමම්, රාජජීවරි අම්මාන් කෝවිලේ පූජක එම්.නවරත්නම් පූජකවරයාගෙන් ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල විමසා සිටියේය. “දැනට යාපනය හමුදා කඳවුරු පිහිටලා තිබෙන ඉඩම් යුද්ධයට පෙර 1990 අවුරුද්ද විතර වෙනකොට සිවිල් මිනිස්සු පදිංචිවෙලා හිටපු ඉඩම්.” “පලාලි හා වාසවිලාන් ග්‍රාම නිළධාරි කොටස්වල තිබුණ ඉඩම් තමයි ඔය කඳවුරු හදන්න අරගත්තේ. යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව ජීවත්වු වටිනාකමින් වැඩි ඉඩම් ඔය සීමාව තුළ තමයි තිබ්බේ.” “මගේ මතකය හැටියට දැනට ඔය කඳවුරු සීමාව තුළ තවත් කෝවිල් 20 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා නිදහස් කරලා නැතුව.” “දැන් ටික දවසකට කලින් කෝවිල්වල පූජාවන් කරන්න මිනිස්සුන්ට යන්න අවසරය ලබාදීලා තිබ්බා. ඒත් ඒ ඉඩම් තවමත් නිදහස් කරලා නෑ.කෝවිලේ පූජාවන් තියන්න විතරයක් හමුදාවේ අය සිවිල් ජනතාව අරගෙන යනවා.විශේෂ පූජාවන් තියෙන දවස්වලට.” “පලාලි හා වාසවිලාන් ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් වගා ඉඩම්.යාපනය ජනතාවගේ වගා ඉඩම් විශාල ප්‍රමාණයක් කඳවුරු සීමාව තුළ තියෙනවා.” “තවම නිදහස් කරලා නැති රාජේශ්වරි අම්මාන් කෝවිල වටේටම වගා ඉඩම් තමයි ඒ දවස්වල තිබුණේ.විශාල වගා ඉඩම් ප්‍රමාණයක් ඔය කෝවිල සීමාවේ තිබ්බා. ඒත් ඒ ඉඩම් තවමත් නිදහස් කරලා නැති හින්දා ඒ ඉඩම්වල මිනිස්සුන්ට තවමත් වගා කටයුතු කරගන්න යන්න බැරිව ඉන්නවා.” ඔය කෝවිල් හා කතෝලික දේවස්ථාන නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරලා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, යාපනය යුද හමුදා මූලස්ථානයට ගම්වල මිනිස්සු ඉල්ලීම් කරලා තිබෙනවා. ඒත් ඒ ගැන තවම ස්ථිර පිළිතුරක් ලැබිලා නෑ.” යාපනය දිස්ත්‍රික් ලේකම් මොකද කියන්නේ ? යාපනය ආරක්ෂක අංශ සතුව යාපනය සිවිල් ජනතාවගේ ආගමික ස්ථාන හා ඉඩම් කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද?යන්න සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ.සිවපාදසුන්දරන්ගෙන් බීබීසී සිංහල විමසා සිටියේය. “යාපනය දිස්ත්‍රික්කය තුළ සිවිල් ජනතාව 1990 වසර හා ඊට කලින් භාවිතා කළ ආගමික ස්ථාන 14 ක පමණ ප්‍රමාණයක් තිබෙනවා කියලා සිවිල් ජනතාව දැනුම් දීලා තිබෙනවා. කිතුණු දේවස්ථාන දෙකක් හා කෝවිල් 12 ක වගේ ප්‍රමාණයක් තමයි තවමත් නිදහස් කරන්න තිබෙන්නේ.ඒ ආගමික ස්ථාන ඉදිරියේදී නිදහස් කරන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.\" “යාපනය ආරක්ෂක අංශ සතුව සිවිල් ජනතාවගේ ඉඩම් අක්කර 3000 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට තිබෙනවා. යාපනය, වලිකාමම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ තමයි දැනට වැඩිම ඉඩම් ප්‍රමාණයක් ආරක්ෂක අංශ සතුව තිබෙන්නේ.” “සිවිල් ජනතාවගේ ඉඩම් හා ආගමික ස්ථාන නිදහස් කරන්න කියලා ගම්වාසීන් ඉල්ලීම් කරලා තිබෙනවා. ඒ ගැන රජයේ වගකිව යුතු අංශ දැනුවත් කරන්න අපි කටයුතු කරලා තිබෙනවා.” “අදාළ වගකිව යුතු අංශවල අවසරය ලැබුණ විගස සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා.” දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. ආරක්ෂක අංශ කියන්නේ කුමක්ද ? කඳවුරු සීමා තුළ පිහිටි කෝවිල්වල පූජාවන් පැවැත්වීමට අවසරය ලබාදීම සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාරගෙන් විමසීමේදී ඔහු පැවසූවේ, පලාලි හා වාසවිලාන් ගම්මානවල ජනතාවගේ ඉල්ලීම් අනුව දැනට ආරක්ෂක අංශ කඳවුරු සීමාවේ පිහිටි කෝවිල් හතක පූජා පැවැත්වීමට පසුගියදා සිවිල් ජනතාවට අවසරය දුන් බවය. “කෝවිල්වල පූජාවන් පවත්වන දිනවල හා විශේෂ පූජාවන් පවත්වන කාලවල දී කෝවිලේ පූජාවන් කරන්න අවස්ථාව ලබාදීලා තිබෙනවා.” “කඳවුරු සීමාව තුළ කෝවිල් පිහිටා තිබෙන බැවින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචිය ලබාගත් හා අවසරය ලබාගත් පිරිසට තමයි කෝවිල් පූජාවන් වෙනුවෙන් ගමන් කරන්න පූළුවන්.” “දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අවසරය ලබාගත් පිරිස යුද හමුදාව මඟින් අදාළ කෝවිල් වෙත රැගෙන ගොස් පූජාවන් පවත්වලා නැවත රැගෙන එනවා.මොකද ආරක්ෂක අංශ කඳවුරු සීමාව තුළ තමයි කෝවිල් පිහිටලා තිබෙන නිසා.” “තවත් කොපමණ ආගමික ස්ථාන ප්‍රමාණයක් ආරක්ෂක අංශ සීමාවන් තුළ තිබෙනවාද කියා නිශ්චිත අගයක් දැනට අප සතුව නෑ.” හමුදා ප්‍රකාශකවරයා පැවසීය. මුලතිව් දිස්ත්‍රික්කයේ හමුදා කඳවුරු ආශ්‍රිතව ආගමික ස්ථාන කීයක් පිහිටා තිබේ ද? “මුලතිව් දිස්ත්‍රික්කයේ කේපාපිලව් හා මුල්ලිවයික්කාල් කොට්ඨාස තුළ තමයි දැනට සිවිල් ජනතාවගේ වැඩි ඉඩම් ප්‍රමාණයක් ආරක්ෂක අංශ පවරාගෙන තිබෙන්නේ.” මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සඳහන් කළාය. “වට්ටුවාල් සීමාවේ නාවික හමුදා කඳවුරක් වෙත මුලතිව් ජනතාවගේ ඉඩම් අක්කර 600 ක් විතර පවරාගෙන තිබෙනවා. කේපාපිලව් යුද හමුදා කඳවුර වෙතත් සිවිල් ජනතාවගේ අක්කර 150 ක් විතර පවරාගෙන තිබෙනවා.ඒ ඉඩම් සීමාවන් තුළ අපේ ජනතාගේ ආගමික ස්ථාන දෙකක් තිබෙනවා.” “ඒ ඉඩම් හා අපේ ආගමික ස්ථාන නිදහස් කරලා දෙන්න කියලා අපි අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළා.ඒත් තවමත් ඒ ඉඩම් නිදහස් කරලා දුන්නේ නෑ., “දැන් යුද්ධයක් නැති හින්දා සීමිත ඉඩම් ප්‍රමාණයක් ආරක්ෂක අංශ වෙත පවරාගෙන අනෙක් ඉඩම් නිදහස් කරන්න පුළුවන් කියලා තමයි අපි කියන්නේ” ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සඳහන් කළාය. උතුරු පළාතේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අතර සාකච්ජාවක් ඉකුත් 5 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වා ඇති අතර, එහිදී යාපනය දිස්ත්‍රික්කයේ මෙතෙක් නිදහස් නොකළ සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට තිබේ.",
"Title": "උතුරේ හමුදා කඳවුරු සීමා තුළ නිදහස් නොකළ ආගමික ස්ථාන කීයක් තිබේද?"
} |
{
"Text": " දකුණු පළාතට පමණක් ආවේණික බීරළු රේන්ද කර්මාන්තය පෘතුගීසි හා ලන්දේසි යුගයේ මෙරටට පැමිණි බව සඳහන්ය. ගාල්ල සිට වැලිගම සහ දික්වැල්ල යන වෙරලාශ්‍රිත ප්‍රදේශවල පැවති මෙම කර්මාන්තය මේ වනවිට ගාල්ල සහ වැලිගම නගර ආශ්‍රිතව පමණක් දක්නට ලැබේ. ඉන් ගාල්ල නගරය වැදගත් ස්ථානයක් උසුලයි. ගාල්ල අතීතයේදී ජනප්‍රියත්වයක් ඉසිලුවේ වෙළඳ නගරයක් ලෙසිනි. ඒ සමගම විවිධ භාණ්ඩ හුවමාරු වූ වෙළඳ පොළක් ලෙස ප්‍රසිද්ධියට පත්වූ අතර විවිධ කර්මාන්ත හරහා විදේශිකයන්ට මෙරට භාණ්ඩ අලෙවි කිරීම සිදුවිය. ඒ අතරින් කැස්බෑ ලෙලි කර්මාන්තය, කරුවල ලී කැටයම් කර්මාන්තය, ඇත්දල නිර්මාණ, ස්වර්ණාභරණ, බීරළු රේන්ද යනාදිය ප්‍රසිද්ධ විය. බීරළු රේන්ද කර්මාන්තයේ ඉතිහාසය මෙම කර්මාන්තයන් අතුරෙන් බිරළු රේන්ද කර්මානතය පිළිබඳ සොයා බැලීමේදී එහි ආරම්භය කෙසේ සිදුවීද යන්න පැහැදිලි සාක්ෂි නොමැති වූවත් එය පෘතුගීසි සමයේ මෙරටට පැමිණි බව ලිඛිත සාක්ෂි සනාථ කරයි. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණයන්ට පෙර අතීතයේ විජය රජුගේ මෙරට සම්ප්‍රාප්තියත් සමඟ වෙරලබඩ තීරයේ මෙය ආරම්භ වන්නට ඇති බව තවත් එක් ජනප්‍රවාදයකි. කෙසේ නමුත් ශ්‍රි ලාංකීය සම්ප්‍රදාය තුල බීරළු රේන්ද කර්මාන්තයේ ඉතිහාසය පැහැදිලි ලෙස අධ්‍යයනය කළ හැක්කේ පෘතුගිසි යුගයේ සිටය. පෘතුගීසීන් විසින් 1580 දී ගාල්ල වරාය අල්ලාගත් පසු රේන්ද ගෙතීම ද මුහුදුබඩ පෙදෙස්වල ජනප්‍රිය විය. ඉතිහාස සාක්ෂි පවසන්නේ බීරළු රේන්ද ගෙතීමේ කලාව පෘතුගීසි කාන්තාවන් විසින් ලාංකික කාන්තාවන්ට පුරුදු කළ බව ය. පසුව පැමිණි ලන්දේසි කාන්තාවන්ද රේන්ද අල්ලා මැසූ ඇඳුම් ඇඳීමට දැඩි කැමැත්තක් තිබී ඇති අතර ඉංග්‍රීසි යුගයේද එය ජනප්‍රිය කලාවක් ලෙස පැවැතියේය. පෘතුගීසි යුගයේ මෙරට වෙරළ තීරයේ වැදගත්ම වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වූයේ ගාලු වරාය ය. බොහොමයක් නැව් ගාලු වරාය වෙත පැමිණීමට විශාල කැමැත්තක් දැක්වූ අතර එවක ගාලු වරාය කාර්ය බහුල වරායක් විය. පෘතුගීසි කාල වකවානුව තුළ කාන්තාවන් විසින් බීරළු රේන්ද කර්මාන්තය තම නිවෙස්වල කරගෙන ගිය අතර හැඩට වැඩට ඇඳුම් මෝස්තර ඇදීමට කැමති ඔවුන් ඔවුන්ගේ කබා කුරුත්ත සහ විවිධ ඇඳුම් සඳහා බිරළු රේන්ද යොදා ගනිමින් හැඩ වැඩ කර ගත්හ. පෘතුග්‍රීසීන්ගෙන් පසු මෙරට ලන්දේසීන්ගේ ආගමනයත් සමඟ බීරළු රේන්ද කලාව තවදුරටත් ප්‍රචලිත විය ඉන්පසු පැමිණි ඉංග්‍රිසි පාලන යුගයේද රේන්ද කලාව මෙරට ප්‍රචලිත විය. බීරලු රේන්ද යනු... 'බීරළු' හා 'රේන්ද' යන වචන දෙකම පෘතුගීසි භාෂාවෙන් එකතු වූ වචන වේ. බීරලු යනු Bilros යන පෘතුගීසි භාෂාවේ ආභාෂයෙන් ලද වචනයකි. බීරළු යනු බොබින් ලේස් වර්ගයකි. බීරළු බීරළු සෑදීම සදහා දිගින් අඟල් 3 – 3 1/2ක් අතර දිගකින් තිබිය යුත් බීරළු තිබිය යුතු අතර පේර, ඇට්ටේරියා සහ මල් කෑර වැනි ලී වලින් ඒවා සාදන අතර අඩු බරකින් යුතු වීම, නිවැරදි ප්‍රමාණයෙන් යුතු වීම, නූල් ඔතන කොටසේ යෝග්‍යකම බීරළුවකට තිබිය යුතු වැදගත්ම කරුණු වේ. රේන්ද නිෂ්පාදනයේ දී යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ සාමාන්‍ය සුදු පැහැති කපු නූල් වන අතර අද වන විට අමු නූල් මෙන් ම ඇතැම් විට දිළිසෙනසුලු රන් සහ රිදී පැහැති නූල් ද යොදා ගෙන රේන්ද ගෙතීම සිදු කරයි. බිරළු කොට්ටය මුල් කාලයේ බීරළු කොට්ට වර්ග 3 කින් බීරළු රේන්ද නිර්මාණය කර තිබේ. රෝද කොට්ටය, ගෝනි කොට්ටය සහ රවුම් කොට්ටය ලෙස මේවා හදුන්වනු ලබයි. නමුත් වර්තමානයේදී වැඩි වශයෙන් භාවිතා වන්නේ රෝද කොට්ටයයි. අනෙක් කොට්ට වර්ග දෙක භාවිතා වන්නේ ඉතා අඩු වශයෙනි. රෝද කොට්ටය භාවිතයෙන් පුළුල් පරාසයක නිර්මාණ කිරීමට හැකි බව රේන්ද නිර්මාණයේ යෙදෙන කාන්තාවන් පවසයි. රේන්ද නිර්මාණයේ ස්වභාවය අනුව ඛීරළු කොට්ටයේ ප්‍රමාණය තීරණය වේ. එහි කුඩා බැරලයක් වැනි කැරකැවිය හැකි කොටසක් සවිකර තිබේ. කලින් සැළසුම් කරගන්නා මෝස්තරය සහිත “ඉස්බීසලය” නමින් හැඳින්වෙන සටහන මේ බැරලයේ සවිකර අවශ්‍ය තැන්වලට අල්පෙනෙත්ති සවිකරමින් ඒවායේ නූල් පටලවමින් කාන්තාවෝ අපූරු වියමන සිදු කරති. අතේ හුරුවෙන් සිදු කරන මේ වියමනේ දී නූල් ගැටගැසූ බීරලු ඒ මේ අතට මාරු කරන අයුරු ද අපූරුය. මේ සඳහා කපු නූල් හෝ අමු නූල් භාවිතා කරයි. බිරළු භාවිතයේ ගෙතුම් ක්‍රම හා නම් බිරළු ගෙතීමේදී භාවිතා වන ක්‍රම කිහිපයක් තිබේ එවා නම් හතරපට ගෙතීම, දෙපට ගෙතීම, ඝණ දැමීම හා දම්වැල ගෙතීම, ඉස්පින්සලය, මුදු ගෙතීම, පුටු මුදු ගෙතීම, ඇල්පෙනෙති කටුව සිටුවා හතර පටෙන් ගෙතීම, කොට සැලැක්කය, දිග සැලැක්කය, කටු හිල් ගෙතීම, රෙදි වියමන, හැඩ වියමන යන නම්වලින් හඳුන්වයි. පිච්ච මල, බකිනි මල, කපුරු මල, අලි අඩිය, ලේන හත්ත, චීන රේන්දය, නූල්පෙත්ත, රඹටන් පෙත්ත, නියපොත්ත, අඩු පිච්ච, ඇද ලියවැල, ලියවැල් පිච්ච යන නම් වලින් ඉන් කරන නිර්මාණ හඳුන්වනු ලබයි. බිරළු රේන්ද කර්මාන්තයේ අනාගතය ගාල්ල සහ වැලිගම වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශවල සීමිතව දැනට මෙලෙස සිදුකරන නිර්මාණ සිය නිවෙස් සහ සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව අලෙවි කරන බවත් කොවිඩ් වසංගතයට පෙර මෙම නිර්මාණ සඳහා සංචාරකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තිබුණත් වර්තමානයේ එම තත්ත්වය බොහෝ දුරට අඩු වී ඇතැයි රේන්ද කර්මාන්තයේ යෙදී සිටින මාගල්ල පදිංචි එම්.එස් කාන්තිලතා පැවසුවාය. බීරලු රේන්ද කර්මාන්තය තුළ හදුනාගෙන ඇති ගැටලු කිහිපයක් පවතින බවත් ශ්‍රී ලංකාවේ සීමිත ප්‍රදේශ කිහිපයක පවතින රේන්ද ගෙතීම සඳහා විශාල කාලයක් ගතවීම නිසා මේ සඳහා තරුණ කාන්තාවන් යොමු නොවීම ප්‍රධාන ගැටලුවක් ලෙස සැලකිය හැකි බවත් බීරළු කර්මාන්තයේ නිරත මාලනී මුණවීර සඳහන් කළාය. තවද ප්‍රමාණවත් නිෂ්පාදන වෙළඳ පොළ තුළ නොමැතිවීම සහ අනුකරණ නිෂ්පාදන සුලබ වීම තවත් එක් හේතුවක් බවද ඇය පැවසුවාය. මේ හේතුවෙන් වර්තමානයේ රේන්ද කර්මාන්තයේ නිරතව සිටින කාන්තාවන් මෙම කර්මාන්තයේ යෙදෙන අවසන් පරපුර වීමට බොහෝ දුරට ඉඩ ඇති බව අප කළ සංචාරයේදී එම කාන්තාවෝ අප සමග පැවසූහ. “ඇත්තටම අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ රේන්ද සඳහා හොඳ වෙළඳපොළක් හදලා දෙන්න කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අතින් නිර්මාණය කරන රේන්ද නිෂ්පාදනවලට ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් තියෙනවා අපි ඉල්ලන්නේ අන්න ඒ ජාත්‍යන්තර වෙළඳපොළ අපිට විවර කර දෙන්න කියලා මොකද මේ රේන්ද අතින් නිර්මාණය කරන හින්දා ඒවා ඉහළ මිලකට මිලදී ගන්න ජාත්‍යන්තර වෙළඳපොළක් තියෙනවා රජය ඒ සඳහා වැඩපිළිවෙළක් හදලා දෙනවා නම් හොඳයි” රේන්ද නිර්මාණයේ යෙදෙන ගාල්ලේ පදිංචි තනුජා ගුණරත්න කියයි. මොරටුව විශ්ව විද්‍යාලයේ, වාස්තු විද්‍යාපීඨයේ (Faculty of Architecture), නිර්මාණවේදය (Department of Integrated Design) පාඨමාලාවක් හදාරමින් සිටින ඒ.එල් ඉන්දුපා මිහිරිනී ද සිල්වා සිසුවිය විසින් සිය අවසන් වසර නිබන්දනය (Final year Research - Dissertation) සඳහා මෙම රේන්ද කලාව තෝරාගෙන ඇති අතර එහිදී මෙම කර්මාන්තයට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් පුළුල් ලෙස ගවේෂණය කරමින් සිටියි.",
"Title": "දකුණේ බීරළු රේන්ද කර්මාන්තය: නොනැසී ඉදිරියට රැගෙන යා හැක්කේ කෙසේ ද?"
} |
{
"Text": " බත්තලංගුණ්ඩුව වයඹ දිග මුහුදු තීරයේ පිහිටි රමණිය දුපතකි.කුඩා දුපත් දාහහතරකින් වටවු බත්තලංගුණ්ඩුව දුපත මේ දුපත් සමුහයේ විශාලතම දුපත වන අතර එහි වපසරිය හෙක්ටයාර් 145 කි. මෙහි වෙසෙන ජනගහනය කලින් කලට වෙනස් වන අතර අද වන විට පවුල් 600 ක් පමණ එහි ජිවත් වෙති. මෙහි වෙසෙන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාළු ඇල්ලීම ය. ඊට අමතරව අල්ලන මාළු වේලීම ජයටම සිදු කරයි. අපි කල්පිටි කරවල කියා බොහෝවිට හදුන්වන්නේ මේ බත්තලංගුණ්ඩුව දුපතේ නිෂ්පාදනය කරන කරවල ය. මාළු ඇල්ලීම මේ දුපතේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වුවත් දැන් දැන් මෙහි වෙසෙන ජනතාවගෙන් සුළු පිරිසක් සංචාරක කර්මාන්තයට ද නැඹුරුවක් පෙන්නුම් කරයි. ඉතිහාසය බත්තලංගුණ්ඩුව දුපත මුලින් හඳුන්වා ඇත්තේ වහල් දුපත නමිනි. ඊට හේතුව මීට වසර සියයකට එපිටින් මේ දුපතේ පැවති තත්ත්වයයි.මෙහි තිබු මාදැල්වල සේවය සදහා බලහත්කාරයෙන් දරුවන් රැගෙන ආ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.මේ දරුවන් යොදා ගෙන ඇත්තේ මාදැල් වලින් අල්ලන මසුන් කරවල කිරීම සඳහා වන අතර එය වහල් සේවයක් සේ සලකා තිබේ. අද මෙන් තාක්ෂණයෙන් පිරිපුන් ධීවර යාත්‍රා එදා නොතිබූ හෙයින් දුපතට පැමිණි අයෙකුට නැවත යාමට හැකි වී ඇත්තේ දුපතේ සිටින පුද්ගලයෙකුගේම අධාරයෙන්ම පමණි. කරවල වේලීම සදහා ඒ දිනවල රටේ ප්‍රදේශ රැසකින් දරුවන් රැගෙන පැමිණ ඇති බව කියා සිටියේ බත්තලංගුණ්ඩුව කාර්දුව වේලක්කන්නි මාතා ග්‍රාමීය ධිවර සංවිධානයේ සභාපති ඇන්ටනි ෆොන්සේකා ය. \"මේ දුපතට මුලින්ම කිව්වේ වහල් දුපත කියාලා ඊට හේතුව තමයි ලංකාවේ ප්‍රදේශ කීපයකින් ළමයි අල්ලාගෙන ඇවිල්ලා මේ දුපතේ තියාගෙන බලහත්කාරයෙන් වැඩ ගැනීම නිසා.ඒ කියන්නේ කරවල වේලන්න යොදා ගැනීම.මගේ සීයා ඒ කියන්නේ චාල්ස් රුද්‍රිගු ඇතුළු පිරිසක් තමයි මිට වසර අසූවකට පමණ පෙර මීගමුවේ ඉදලා ඇවිල්ලා මේ දුපතේ ඉදලා ධීවර රැකියාව කරන්න කටයුතු කරලා තියෙන්නේ.ඊට පස්සේ මගේ පියාත් මේ දුපතේ රැකියාව කළා.මම දැන් අවුරුදු 26 ක ඉදලා මේ දුපතේ පදිංචි වෙලාම රැකියාව කරනවා.\" ඇන්ටනි මේ වන විට මාළු මිලදී ගැනීම හා සංචාරක කර්මාන්තයේ නිරත වෙයි. බත්තලංගුණ්ඩුවට යන්නේ කොහොමද ? ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය අර්ධද්වීපයේ කෙළවරක මුහුදින් හා කලපුවෙන් වටව මේ දුපත පිහිටා තිබේ. කොළඹ සිට කල්පිටියට සාමාන්‍ය වාහනයකින් පැමිණීමට පැය හතරක පමණ කාලයක් ගතවන අතර කල්පිටියේ සිට කුඩා බෝට්ටුවකින් දුපතට ළඟා වීමට ගත වන්නේ පැය දෙකක් වැනි කාලයකි. එහෙත් දුපතට යාමට යොදවා ඇති නිත්‍යානුකූල මගී ප්‍රවාහන බෝට්ටුවෙන් ගියහොත් පැය හතරකට ආසන්න කාලයක් ගත වෙයි . මේ බෝට්ටුව ඉරිදා දිනවල හැර දිනපතා පෙරවරු 8ට කල්පිටිය ජැටියෙන් ගමන් ආරම්භ කරන අතර නැවත එදිනම පස්වරු 2.30 ට පමණ බත්තලංගුණ්ඩුව දුපතේ සිට කල්පිටිය බලා ගමන් ආරම්භ කරයි. මේ මගී ප්‍රවාහන බෝට්ටුව එක් පුද්ගලයෙකුගෙන් එක් ගමන් වාරයක් සඳහා රුපියල් එක් දහස් දෙසිය පනහක් අය කරයි. ‘මාර්ක් බෝට්ටුව’ ලෙස ප්‍රසිද්ධ මේ බෝට්ටුව මගී ප්‍රවාහනයට අමතරව මේ දුපතේ සියලු දෙනාගේ සියලු ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් දායකත්වය සපයනු ලබයි. බෝට්ටු ගමන කුඩා බෝට්ටුවකින් දුපතට යාමට රුපියල් හතලිස් දහසකට වැඩි මුදලක් වැය වන හෙයින් අපේ ගමනට තෝරා ගත්තේද ‘මාර්ක් බෝට්ටවයි.’ පෙරවරු 07 .30 පමණ වන විට අප මෙහි ළඟා වන විට විස්සකට ආසන්න පිරිසක් බෝට්ටුව තුළ සිටියහ.\" අපි අටට තමයි පිටත් වෙන්නේ \" මා කළ විමසීමේදී බෝට්ටුවේ නියමුවා පැවසීය. ඔහුගේ ප්‍රකාශය නිවැරදි වූ අතර හරියටම අටට බෝට්ටුව දුපත කරා ගමන් ආරම්භ කරන ලදී . ඒ වන විට බෝට්ටුවේ තිහකට ආසන්න පිරිසක් සිටි අතර බොහෝ දෙනා බෝට්ටුව තුළ වැතිර නිදා සිටින අයුරු දකින්න ලැබිණි . බෝට්ටුව ගමන් ආරම්භ කර පැයක් පමණ ගිය තැන බෝට්ටුවේ සිටි අයෙකු එකවර කලපු ජලය දෙසට දෑස් යොමා \"අන්න බලන්න ඩොල්පින්\" මගේ අතේ තිබු කැමරාව ඒ දෙස යොමු විණි . සැනකින් දිය මතු පිටට පැමිණ සැනකින් දිය යටට යන මේ අපුරු ඩොල්ෆින් දෙස බෝට්ටුවේ සිටි බහුතරයකගේ නෙත් යොමු වී තිබිණි. \"මේ බෝට්ටුවේ ගියාම ඔය වගේ දෙන්නෙක් තුන් දෙනෙක් තමයි බලන්න පුළුවන් හැබැයි පොඩි බෝට්ටුවකින් ගියා නම් ඩොල්ෆින්ලා දාස් ගණනක් බලන්න පුළුවන්.\" බෝට්ටුවේ ගමන් කළ මේරි නෝනා පැවසුවාය.\" ඩොල්ෆින්ලා විතරක්ද තල්මසුන් බලන්නත් පුළුවන්.ගිය සතියේ තල්මස්සු දහයකට වැඩිය ඉදලා තියනවා \" එවර හඬ අවදි කලේ කතරිනා ප්‍රනාන්දු ය. මේ දෙදෙනාම බත්තලංගුණ්ඩුවට යන්නේ එතැන සිට වෙනත් ස්ථානයකට යාමට ය. ඔවුන් දෙදෙනා ජීවත් වන්නේ විල්පත්තුව මායිමේ පිහිටි \"පුක්කුලම \"නමැති ගම්මානයේයි. කල්පිටියේ සිට පුක්කුලම ගම්මානයට යාමට විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය වන බැවින් දැන් දැන් මේ ගම්මාන වල ජීවත් වන ජනතාව ‘මාර්ක් බෝට්ටුවේ’ පිහිට පතන අතර පසුව එතැන් සිට කුඩා බෝට්ටුවකින් තම ගම්මාන කරා යති. මේ බෝට්ටුවේ පැය දෙකක් පමණ ගමන් කළ තැන බෝට්ටුවේ සිටි බහුතරයක් තමන් රැගෙන පැමිණි අහාර ගැනීම ආරම්භ කළහ. ඉන් බහුතරයක් බත් අහාරයට ගත් අතර සුළු පිරිසක් පාන් ,බනිස් ,ඉදි ආප්ප වැනි දෑ ආහාරයට ගන්නා ලදී. බෝට්ටුවේ ගමන් කළ පැය කීපයේදී ඔවුන් සමග ලොකු මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට අපිට හැකිවිය. දහවල් 12 පමණ වනවිට ‘මාරක් බෝට්ටුව’ දුපතට සේන්දු වූ අතර අපි බෝට්ටුවේ සිටි සියලු දෙනාගෙන් සමුගත්තේ ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණෙන බවට පොරොන්දුවක්ද දෙමිනි. නවාතැන අපව පිළිගැනීමට පැමිණ සිටියේ ඇන්ටනි ෆොන්සේකා ඇතුළු පිරිසකි. මිට වසර විස්සකට පමණ පෙර මා මුල් වතාවට මේ දුපතට පැමිණෙන විට දැක ගන්නට ලැබුණේ කුඩා ධීවර වාඩිවුවත් දැන් බොහෝ තැන්වල ස්ථිර නිවාස ඉදි වී තිබෙනු දක්නට ලැබිණි. අප මුලින්ම ගියේ මේ දුපතේ ඉදි වූ පළමු ස්ථිර හෝටලයට ය. ඇන්ටනි ෆොන්සේකා විසින් ඉදිකර තිබු මේ හෝටලය මහල් දෙකට ඉදිකර තිබු අතර පහළ අහාර ගැනීම සඳහා වෙන්කර තිබු අතර ඉහළ මහල කාමර දෙකක් සඳහා වෙන් කර තිබුණි. අපි දුපතට පැමිණ පැයක් පමණ ගතවූ අවස්ථාවේ දිවා අහාරය සඳහා අපිට ආරාධනා ලැබිණි.\"මෙහෙ ඉතින් වැඩි පුර තියෙන්නේ මුහුදු ආහාර තමයි \". ඇන්ටනිගේ සේවකයෙකු පැවසීය. ඔහුගේ කතාව නිවැරදි වූ අතර බත් සමග මාළු වර්ග තුනක් ඉස්සා, කකුළුවා හා දැල්ලන් හොද්දක් දිවා ආහාරයට එක් කර තිබිණි. දිවා අහාරයෙන් පසු පැයක පමණ කාලයක විවේකයෙන් පසු අපි දුපතේ සංචාරය ආරම්භ කළෙමු. සංචාරය “මේ දුපතේ බලන්න මොනවාද තියෙන්නේ ?” මගේ ප්‍රශ්නය යොමු වුයේ ඇන්ටනි වෙතය. \" මොනවාද බලන්න නැත්තේ කියලා තමයි අහන්න ඕනෑ , ගොඩක් දේවල් තියනවා මේ දුපතේ වගේම මේ අවට .\" ඇන්ටනි මුලින්ම පෙන්වුයේ විජය කුමාරයා ලංකාවට ගොඩ බසින ලදැයි කියන ස්ථානයයි. \"අර දුරින් පෙන්නේ එතනට තමයි විජය කුමාරයා ගොඩ බැහැලා තියෙන්නේ.එතන තාමත් තියෙන්නේ රතු පස තමයි. ඊට මෙහායින් තියෙන්නේ පුක්කුලම , පලුගහතුරේ කියන ගම්මාන. අර ඊට මෙහායින් පෙන්නේ විල්පත්තුව මෙතන ඉදන් පැයකට අඩු කාලයකින් මේ ස්ථාන වලට යන්න පුළුවන්\" ඇන්ටනි අපිට පෙන්වුයේ එක පැත්තක් පමණි. තවත් පැති කීපයක් ඇන්ටනි ට කීමට ඉතිරිව තිබිණි. \"දවස් දෙකක් විතර ඉන්නවා නම මේ සියල්ල බලන්න පුළුවන් දවසකින් මේ ඔක්කොම බලන්න අමාරුයි.”ඇන්ටනි කීවේය. \"ලෝකයේ තිබුණු ලස්සනම කොරල් පරයක් තිබුණේ මිට ඉදිරියෙන්.ඒ කියන්නේ ඔය උච්ච්මුනේ දුපතට ඉදිරියෙන්.ඒ වගේම තමයි ලෝකයේ ඩොල්ෆින් ,වේල්ස් (තල්මසුන් ) බලන්න පුළුවන් සුපර් ස්පොට් එකක් විදිහට මේ මුහුදු තීරය හඳුන්වනවා.ඒ කියන්නේ එකවර ඩොල්ෆින් දහාක් විතර ,වේල්ස්ලා සියයක් විතර බලන්න පුළුවන් ලෝකයේ ස්ථාන කීපයක් අතරින් එක් ස්ථානයක් මේකයි. ඒ වගේම තමයි ලංකාවේ තිබෙන එකම ස්ථානය අවුරුද්දේ තුන්සිය හැට පස් දවසෙම සංචාරකයන් පැමිණෙන.මේ මුහුද මේ කලපුව සල්ලි ආකාරයක්. සුළං වැඩි කාලයට ඒ කියන්නේ මුහුද ‘වාරකන්’ කාලයට කයිට් සර්ෆින් වලට සංචාරකයෝ එනවා. මුහුද ‘වළාල’ කාලයට ඒ කියන්නේ සුළං අඩු කාලයට ඩොල්ෆින් බලන්න , වේල්ස් ලා බලන්න සංචාරකයෝ එනවා .\" මේ වන විට බත්තලංගුණ්ඩුව දුපතේ හෝටල් දෙකක් ඇති අතර ඊට අමතරව ඕනෑම ප්‍රමාණයකට ලැගුම් ගැනීමට හැකි පරිදි පහසුකම් වැඩි දියුණු වී තිබීම හේතුවෙන් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ වැඩි බවක් පෙන්නුම් කරයි . වලේ නෑම \"මේ දවස් වල මුහුද සැර නැහැ.මුහුදේ නාන්න පුළුවන්.කලපුවේ නාන අයත් ඉන්නවා නැත්නම් වලක් හාරාගෙන නාන්නත් පුළුවන් \" ඇන්ටනිගේ කතාවේ අලුත් දෙයක් මට නැත. මේ දුපතේ ජීවත් වන ජනතාවගේ ප්‍රධාන ජල මුලාශය වන්නේ එදිනෙදා හාරන වලවල් වලින් ලබා ගන්නා ජලයයි . මේ ජලයේ ලවණතාවය අඩු අතර බීමට හා අනෙකුත් කටයුතු සදහා භාවිතා කළ හැකි ය. බත්තලංගුණ්ඩුවට වර්ෂාව ලැබෙන්නේ මාස කීපයක් පමණි. ඒ දිනවලදී වලවල් වලින් ජලය වැඩිපුර ලබා ගත හැකි වුවත් අනෙක් දිනවලදී එසේ කළ නොහැකිය. ඒ දිනවලදී මේ ජනතාවට කල්පිටියේ පිහිට පැතීමට සිදුවන අතර ඒ සදහා ලොකු මුදලක් වැය කිරීමටද සිදු වෙයි . \"දැනුත් සංචාරකයින්ට දෙන්න ජලය ගේන්නේ කල්පිටියෙන්. ඒ අයට නාන්න ,බොන්න සියලුම දේට ජලය ගේන්නේ කල්පිටියෙන් මේ සඳහා බෝට්ටුවට විශාල මුදලක් දෙන්න අපිට සිදු වෙලා තියනවා.\" ඇන්ටනි ෆොන්සේකා පැවසීය. මේ වන විට නාවික හමුදාව මේ දුපතේ ජලය පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති අතර ඉන් නාවික හමුදාවේ අවශ්‍යතා සපුරා ගනී. ලංකාවටම කරවල බත්තලංගුණ්ඩුව දුපතේ මීට වසර දහයකට පමණ පෙර පවුල් දාහකට වැඩි ප්‍රමාණයක් ජීවත් වී තිබේ. එහෙත් අද වන විට එම ප්‍රමාණය ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී තිබේ. ඊට ප්‍රධාන හේතුව මේ දුපතේ ජීවත් වන ජනතාවට අවශ්‍ය මුලික පහසුකම් නොමැති වීමය. ජලය ,විදුලිය , සෞඛ්‍ය, පාසැල ,මාර්ග මේ දුපතේ නොමැති අතර ඒ සියල්ල සපුරා ගැනීම සදහා මේ ජනතාවට කිලෝමීටර් 30ක් පමණ දුර ගෙවා කල්පිටියට යා යුතු අතර මේ හේතුව නිසාම දිනෙන් දින මෙහි වෙසෙන ජනතාව දුපත අත හැර යති. \"අපිට ලංකාවටම කරවල දෙන්න පුළුවන් ආණ්ඩුව කරුණු දෙකයි කරන්න ඕනෑ අපිට බොන්න වතුර ටිකක් දෙන්න. අනෙක් කරණය තහනම් දැල් පන්න යොදා ගෙන මාළු ඇල්ලීම නවත්වන්න කටයුතු කරන්න.” “ලෝකයේ ලස්සනම කොරල් පරයක් තමයි කල්පිටියේ තිබුණේ.ඒක විනාශ කලේ කවුද? මේ තහනම් දැල් යොදා ගෙන මාළු අල්ලන උදවිය. ඒ වගේම තමයි මේ දැල් වලට පැටලිලා ඩොල්ෆින් ලා විශාල වශයෙන් මැරෙනවා.නීතිය මේ සදහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ . මේ නීති විරෝධී පන්න කරන ඒක නවත්වපු දවසට අපිට වගේම රටටත් හොදයි. අද මේ දුපත සංචාරකයන්ගෙන් පුරවන්න පුළුවන් අවම පහසුකම් ටික දෙනවනම්.පහසුකම් අඩු වුණත් ලෝකයේ ගොඩක් රටවලින් දැන් සංචාරකයෝ මේ දුපතට පැමිණෙනවා \" ඇන්ටනි ෆොන්සේකා දුපතේ දියුණුව මන්දගාමී වීමට හේතු පැහැදිලි කළේය. පසුගිය කාලය පුරාම ඉන්දියානු ධීවරයන් විසින් බත්තලංගුණ්ඩුව දුපත ආසන්නයටම පැමිණ මෙරට මුහුදේ නීති විරෝධී පන්න ක්‍රමයක් ලෙස හැදින්වෙන බොටම් ට්‍රොලින් නැමති පන්න ක්‍රමය යොදා ගෙන මසුන් ඇල්ලීම සිදු කරන ලදී . දුපතේ රාත්‍රිය පස්වරු හත පමණ වන විට ඇන්ටනිගේ හෝටලය ඉදිරිපිට විශාල ගිනි මැලයක් ගසා තිබිණි.එසේම රාත්‍රී ආහාරය සුදානම් ව තිබු අතර ඒ සදහා පුච්චන ලද කකුළුවන් ,ඉස්සන් හා දැල්ලන් තිබිණි. ඉදි ආප්ප ,බත් හා පාන් සහ තවත් මාළු වර්ග කීපයක්ද රාත්‍රී ආහාරය සඳහා එක් කර තිබුණි. දිවා කාලයේ තිබු රස්නය රාත්‍රියේ නොමැති වූ අතර මුහුදු සුළං හේතුවෙන් නුවරඑළියේ වැනි සීතලක්ද දැනිණි. අලුත් මාළු සමග රාත්‍රී ආහාරය ඉතා ප්‍රණිත විය. මුහුදේ අභය භුමිය පසුදා උදෑසනින් අපි කල්පිටිය බලා පිටත් වූ අතර ඇන්ටනි ඒ සඳහා අපට කුඩා බෝට්ටුවක් ගෙන්වා තිබිණි . පැයට සැතැපුම් හයක පමණ වේගයකින් බෝට්ටුව ගමන් කළ අතර වැඩි වෙලාවක් යන්නට මත්තෙන් අපිට ඩොල්ෆින් රෑන්ක් දැක ගැනීමේ හැකියාව ලැබිණි . මීට කෙලින් තමයි කොරල් පරය තියෙන්නේ . මේක වන ජීවී අභය භූමියක් ලෙස නම් කරලා තියනවා. අපි ගමන් කළ බෝට්ටුවේ නියමුවා මඩුරාජ් ප්‍රනාන්දු පැවසීය. \"මේ සියල්ල බලන්න අවම වශයෙන් පැය හතරක් පහක් ඕනෑ.ගොඩක් අය එන්නේ පැයයි දෙකයි කියලා නමුත් මෙතනට ආවම මේක දාලා යන්න කාටවත් හිතෙන්නේ නැහැ” “මීට අවුරුදු හත අටකට පෙර මේකේ ලස්සන කොරල් තිබුණා.ඒ කොරල්වල ලස්සන මාළු හිටියා නමුත් දැන් ඒ තත්ත්වයම දකින්න නැහැ.නමුත් සංචාරකයෝ විශේෂයෙන් විදේශික සංචාරකයෝ ගොඩක් එනවා මේ මුහුදේ කාලය ගත කරන්න ලෝකයේ ගොඩක් තැන්වල දැක ගන්නට නොලැබෙන මුහුදු සත්තු මේ ප්‍රදේශයේ ඉන්නවා. කිලර් වේල්ස් ඉන් එක් සත්ව විශේෂයක්. ඒ වගේම මුහුදු ඌරා. මුහුදු අශ්වයා. දුර්ලභ කැස්බෑ විශේෂ , සංචාරක පක්ෂීන් මෙහිදී දැකගන්නට පුළුවන් . අපි ගිය සතියේ නිල් තල්මසා දැක්කා. අද දවසත් අපිත් එක්ක ඉන්න පුළුවන් නම් ගොඩක් දේවල් බලන්න පුළුවන් \" අවසානයේ අපේ බෝට්ටුවේ නියමුවා පැවසීය. අපි ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළේ වෙනත් දිනයක නැවත පැමිණෙන බවට පොරොන්දුවක් වෙමිනි . පැය දෙකක් වැනි කාලයක දී අපිට කල්පිටිය ජැටියට ළඟා වීමට හැකිවිය. රාජුගෙන් (මඩුරාජ්) සමුගත් අපි ජැටිය දිගේ පැමිණියේ බත්තලංගුණ්ඩුව දුපතේ සංචාරයේදී අපි විදි ඒ සුන්දර අත්දැකීම ලොවට කිව යුතු අකාරය ගැන සිතමිනි . ඊට හේතුව පැය විසි හතරකදී මෙවැනි සුන්දරත්වයක් විදි එකම අවස්ථාව මෙය වීම නිසාය. සංචාරක සටහන හා ඡායාරූප: ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න",
"Title": "එදා වහල් දුපතක් වූ බත්තලංගුණ්ඩුව බලන්න යමු ද?"
} |
{
"Text": " සමන් වික්‍රමාරච්චි යනු සිංහල සාහිත්‍යය තුළ ගණනාවකින් පෝෂණය කරන සාහිත්‍යකරුවෙකි. ඔහු අතින් ලියවුණු 'අසංධිමිත්තා' සහ 'අප්පච්චි ඇවිත්' යන නවකතා සුවිශාල පාඨක සහ විචාරක ඇගයීමකට ලක් විය. එසේම ඔහු සාහිත්‍ය විචාරකයෙක්, පරිවර්තකයෙක් සහ කෙටිකතාකරුවෙක් ලෙස දශක කිහිපයක් තිස්සේ සිංහල සාහිත්‍ය එහි සීමාවන්ගෙන් ඉදිරියට ගෙන යාමට දරන වෑයම කිසිසේත්ම අමතක කල නොහැකිය. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළ කර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: සුපුරුදු විදිහට මම ඔබගෙනුත් අහන්නෙ නවකතාවක් ලිවීම ආරම්භ කරන මොහොත ගැන. ඔබ ලියූ නවකතා ගැන කල්පනා කරන විට පළමු වාක්‍යය ලියවුනු ආකාරය ගැන යමක් කියන්න පුළුවන්ද? සමන්: මම කොයිම වෙලාවකවත් දැන් මම නවකතාවක් ලියන්නයි යන්නෙ කියලා මේසේ ඉස්සරහ වාඩි වෙලා ලියන්න පටන් අරගෙන නවකතාවක් ලියපු අවස්ථාවක් නැහැ. මගෙ නවකතාවෙ පළවෙනි වාක්‍යය මොකද්ද කියන එක හරියටම කියන්නත් බැහැ. දැන් 'අප්පච්චි ඇවිත්' නවකතාව ගත්තොත් ඒකෙ මුලට තියන කොටස මම පසුව එකතු කරපු එකක්. නවකතාව පටන් ගන්නේ ඊට පස්සේ. නමුත් එතෙන්දි පවා මම මුලින් ලියපු දේවල් කපල හුඟක් විට වෙනත් දේවල් ලියල. ඒ නිසා ලිවීමේ ක්‍රියාවලිය තුළ පළවෙනි වාක්‍යය වුනේ මොකද්ද කියන එක දැන් හොයන්න බැහැ. ඒක අතුරුදන් වෙලා. 'අසංධිමිත්තා' නවකතාව ගත්තත් එහෙම තමයි. මගෙ ලිවීම දිග හැරෙන්නේ මේ වගේ අපිළිවෙළක් එක්ක. එහෙම නැතුව පිළිවෙලට පොතක් අරගෙන නවකතාව ලියන්න වාඩි වුනොත් මම හිතන්නෙ නැහැ මට එක වචනයක්වත් ලියන්න පුලුවන් වෙයි කියල. මම නවකතාව ලියන්න පටන් ගන්නේ හදිසියේ හිතට එන අදහසක් එක්ක. එතකොට ඒ වෙලාවේ අතට අහුවෙන කොළයක ඒක ලියනවා. එහෙම නැති වුණොත් මම හිතන්නෙ මට අර රයිටර්ස් බ්ලොක්, මම ඒකට කියන්නෙ 'ලේඛක අඩස්සිය' කියල, අන්න ඒකට මුහුණ දෙන්න වෙනවා. දැනටත් මම නවකතාවක් ලියමින් යනවා. ඒකෙත් දැනට ලියවිලා තියෙන්නෙ එහෙම ලොකු පිළිවෙලක් නැති සටහන් ගොඩක් සහ ආරම්භයන් ගොඩක්. කොහොම වුණත් මගේ ලිවීම ගැන සලකා බලන කොට ඒකේ අපහසුම මොහොත මේ ආරම්භය. පටන් ගත්තට පස්සේ මට ඉතාම ඉක්මනට ලියාගෙන යන්න පුලුවන් වෙලා තියනවා. කෞශල්‍ය: මේ විදිහට ඔබ ලිවීම පටන් ගන්න මොහොත වෙන කොට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත් ද? සමන්: ලියන්න පටන් ගන්න කොට සැළකිය යුතු තරම් දේවල් හිතේ ගොඩනැගිල තියෙන්නේ. චරිත ගැනත් සැළකිය යුතු අදහසක් තියනවා. මගේ නවකතා වල මම උත්සාහ කරන්නේ සමාජයට ඇතුල් වීමට වඩා ආත්මීයත්වය ගවේෂණය කරන්න. ඉතින් ලිවීම පටන් ගන්න කලින් කරන සිතීම තුළ මේ චරිත වල මනෝභාවයන් ගැනත් මම කල්පනා කරනවා. හුඟක් විට මම මුලින්ම හිතන්න පටන් ගත්ත දේ ඒ මගේ මේ සිතීම ඇතුළේ ගොඩක් වෙනස් වෙලා තියෙන්නත් පුලුවන්. ලියන ක්‍රියාවලිය ඇතුලෙත් මේක නැවත වෙනස් වෙනවා. ලියන්න යන නවකතාවේ තේමා වෙනස් වෙන්නේ නැහැ බොහෝ විට. වෙනස් වෙන්නේ කතා වින්‍යාසය, කතාව ගලාගෙන යන අනුපිළිවෙල. චරිත ගැන මම හිතපු දේවල් ලිවීමේ ක්‍රියාවලිය තුළ වෙනස් වෙනවා. සමහර වෙලාවට ලියන්න යන නවකතාවේ වාක්‍ය පවා හිතෙන් ලියවිලා ඒවා මට කට පාඩම් වෙලා වගේ තියන වෙලාවලුත් තියනවා. ලියන්න යන මොහොතෙදි ඒවා මතකයට නැඟිලා වෙනස් වෙලා නැවත ලියවෙනවා. කොහොම වුණත් නවකතාවේ අවසානය ගැන අදහසක් නිශ්චිතතාවක් මේ වෙන කොට නැහැ. ලියාගෙන ලියාගෙන ගිහින් නවකතාව අවසන් වෙන්නේ මමවත් හිතන්නේ නැති තැනකින් වෙන්න පුළුවන්. අනිත් එක තමයි, නවකතාවේ සැකැස්ම ගැන මම කිසිම සටහනක් තියා ගන්නේ නැහැ. දැන් සමහර ලේඛකයෝ ඉන්නවා ලියන්න පටන් ගන්නේ සිදුවීම් ගැන චරිත ගැන පරිච්ඡේද අනුපිළිවෙල ගැන බොහෝ දේවල් සටහන් තියාගෙන. මට එහෙම කරන්න බැහැ. ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ තමයි මට මේ දේවල් සිද්ධ වෙන්නෙ. සමහර චරිත ගොඩනැගෙන්නේ, අලුත් චරිත එකතු වෙන්නේ, මේ හැමදෙයක්ම වෙන්නේ ලියන ක්‍රියාවලිය ඇතුළේ. මේ දේවල් ගොඩක් විට මගෙ ඔලුව ඇතුළේ තියෙන්නේ සිනමාත්මක ස්වරූපයකින්. හරියටම කිව්වොත් ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් වගේ. සමහර වෙලාවට නවකතාවේ ආඛ්‍යාන ශෛලිය වෙන්නෙත් ඒ වගේ එකක්. තවත් දෙයක් කියන්න ඕන. කලා කෘතියක, අපි නවකතාව ගත්තොත් මම ඉහළින් තියන්නේ ඒකෙ ආකෘතිය. ආකෘතියම තමයි අන්තර්ගතය කියන තැන ඉඳල මම ආකෘතිය ගැන ටිකක් වද වෙනවා. දැන් උදාහරණයක් හැටියට සිහිනයක් ගන්න, ෆ්‍රොයිඩියන් විදිහට ගත්තොත් සිහිනයක් විශ්ලේෂණය කරන්න අන්තර්ගතයට වඩා වැදගත් වෙන්නෙ ආකෘතියනේ. අපි ඒ හීනය දකින විදිහ. හීනය ඇතුළේ දේවල් කැටි වෙලා තියෙන විදිහ, සමහර දේවල් හීනය ඇතුළේම වාරණය වෙලා තියන විදිහ, දැන් මේ දේවල් හරහා නේ හීනයෙ ඇත්ත අර්ථය හොයා ගන්න වෙන්නේ. අන්න ඒ වගේ මම ලියන නවකතාවෙත් ෆෝම් එක මම හදනවා. ඒ අර්ථයෙන් තමයි මම ආකෘතියම තමයි අන්තර්ගතය වෙනව කියන එක කිව්වේ. මෙතෙන්දි තවත් දෙයක් වෙනවා, ඒ තමයි මේ නවකතාව විශ්ලේෂණය කරන්න අවශ්‍ය වෙන විචාර ප්‍රවේශයකුත් ඒක තුළම ගොඩනැගෙන එක. කෞශල්‍ය: දැන් එතකොට මේ ආකෘතිය ගොඩනැගෙන එක සිද්ධ වෙන්නේ කතාවෙ තේමාවත් එක්ක ඔබ සිදු කරන තාර්කික සංවාදයක ප්‍රතිඵලයක් හැටියට ද නැත්තං තේමාව විසින්ම මෙන්න මේ ආකාරයේ ආකෘතියක් ගොඩනැගීමට ඔබව මෙහෙයවනවාද? සමන්: මං හිතන්නේ තේමාවත් එක්ක තාර්කික සංවාදයක් තමයි ඇතුළේ ගොඩනැගෙන්නේ. ඒ තාර්කික සංවාදය ඇතුළේ මම සමහර වෙලාවට ඒ ගැන වෙනත් කියවීම් වලටත් යනවා. දැන් සමහර නවකතාකරුවන් නවකතා ලිවීමට අදාළව රිසර්ච් පවා කරනවනේ. ලේඛනාගාරයට එහෙමත් ගිහින්. සමහර වෙලාවට ඒ නිසාම ඒ කෘති වල නවකතාමය ගුණය යට ගිහින් ඒ රිසර්ච් එකෙන් හොයා ගන්න දේ අධිනිශ්චය වෙන්නත් පුලුවන්. මං කියන්නේ වැරැද්දක් හැටියට නෙමෙයි. දැන් මටත් යම් තාක් දුරකට මේක වෙන්න පුලුවන්. මං කරන රිසර්ච් එක අර වගේ එකක් නෙමෙයි. මම කිසියම් විදිහකට දාර්ශනික, න්‍යායාත්මක කියවීම් වලට යනවා. දැන් උදාහරණයක් හැටියට පශ්චාත් නූතන ධාරාවට අදාළ ෆෙඩ්රික් ජෙම්සන්ගෙ 'පොලිටිකල් අන්කොන්ෂන්' වගේ පොතක් කියවනවා කියල හිතන්න. දැන් මේක කියවද්දි මට නවකතාව මතක් වෙනවා. එතකොට මගෙ නවකතාව ඒවයෙනුත් පෝෂණය වෙනවා. තවත් දෙයක් තමයි ඉතින් මට නූතනවාදී නවකතාවේ ස්වරූපය ගැන අදහස් ටිකකුත් කියනවනේ. ඒක හැදෙන්න මිලාන් කුන්දේරා වගේ නවකතාරුවන් මට බලපාල තියනවා. ඒවත් එක්ක මගෙ නවකතාවල දී චරිත ගැන සිද්ධි ගැන ඒවයේ ඉතිහාසය ගැන දීර්ඝ විස්තර කිරීම් වලට මම යන්නේ නැහැ. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද මේ ලියන කාලය ගත වෙන විදිහ ගැන? සමන්: ඇත්තටම ලියන්න පටන් ගත්තට පස්සෙ මට තියන දෙයක් තමයි මේක කොහොම හරි ඉක්මනින් ලියල ඉවර කරන්න ඕන කියන හැඟීම. කතාව ඔලුවේ වර්ධනය වෙන කාලෙදි මේ හැඟීම නැහැ. ඒක එන්නේ ලියන්න පටන් ගැනීමත් එක්ක. ලියල ඉවර කරල බලන්න ඕන කියන හැඟීම තමයි එන්නේ. මේ ලිවිල්ල වුණත් අර මේසයක් ඉස්සරහ පිළිවෙලකට ඉඳගෙන ලියන එකක් නෙමෙයි. ගෙදරම වුණත් එක එක තැන් වල ඉඳන් ලියවෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ කාලය තුළ ඒක කෙරෙනවා. දැන් මේ දවස් වල මම ලියන්න සැලසුම් කරමින් ඉන්න නවකතාව, සමහර දේවල් ලියලත් තියෙන්නෙ, ඒත් මට හිතෙන්නෙ මං තාම ඒක පටන් ගත්තෙ නෑ කියලා. ඒක පටන් ගත්තොත් එහෙම ඉක්මනට ලියල ඉවර කරන්න පුලුවන් වෙයි කියල මට හිතෙනවා. මගෙ තියන එක දුර්වල චරිත ලක්ෂණයක් තමයි දේවල් කල් දාන එක. හැබැයි කල් දාන කොට මට විශ්වාසයක් තියෙනවා පටන් ගත්තොත් ඉතාම ඉක්මනින් මේක අවසන් කරන්න පුලුවන් කියන එක ගැන. ලියන්න පටන් ගත්තම බොහෝ විට දිනපතා ලියනවා. දැන් 'අසංධිමිත්තා' නවකතාව ගත්තොත් මම මාස හයක් විතර ඇතුළත ලියල අවසන් කළා. 'අප්පච්චි ඇවිත්' නවකතාව මම හිතන්නේ අවුරුද්දකට අඩු කාලයක් තුළ අවසන් කළා. දැන් හැබැයි 'අසංධිමිත්තා' වගේ නවකතාවක් ගත්තොත් ඒකෙ තේමාව මගෙ ඔලුවට ඇවිල්ල අවුරුදු දහයකටත් වැඩියි. තවත් දෙයක් තමයි මම ලියන දේවල් ගෙදර ඉන්න කාට හරි ඇහෙන්න කියවනවා සමහර වෙලාවට. ඒක ලිවීමේ මුල ඉඳන් සිද්ධ වෙන දෙයක්. විශේෂ පාඨක සමාජයකට නෙමෙයි. ගෙදර සමීප කෙනෙකුට. ඒ වගේම මේ ලියන දේවල් මමත් නැවත නැවත කියනවා. වේ නැවත කියවීම ඉදිරියට ලියාගෙන යන්න විශාල උත්තේජනයක් සපයනවා. දැන් මට හිතුනොත් එහෙම මේ ලියවිලා තියන එක මදි කියල මං හිර වෙනවා. මට ලියාගෙන යන්න බැරුව යනව දිගට. වෙන කෙනෙකුට ඇහෙන්න කියවන එකෙත් මම ම නැවත කියවන එකෙනුත් කරන්නෙ ඒ මම තෘප්තිමත් ද කියන එක සොයා බලන එක. කෞශල්‍ය: දැන් මෙහෙම ලිවීම ආරම්භයේදී කොටසක් කියෙව්වම වෙන කෙනෙකුට එයා ඇහුවොත් මේක ඉදිරියට යන්නෙ කොහොමද කියල එයාට කතාව කියනවද? සමන්: ඔව් සමහර විට මම යම් ආකාරයකට ඒක කියනවා. නමුත් මට දැන් හිතිල තියෙන්නෙ ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියල. මොකද මම මේක ලියල අවසන් කරල ගන්න තියන තෘප්තිය ඊට පෙර ලැබෙනව වගේ දෙයක් එතනදි සිද්ධ වෙනවා. කෞශල්‍ය: ඔබ කිව්ව ඔබේ ලිවීම කිසියම් අපිළිවෙල ආකාරයකට තමයි සිද්ධ වෙන්නෙ කියල. නවකතාව ප්‍රකාශයට පත් කිරීමට පෙර සිද්ධ වෙන සංස්කරණ ක්‍රියාවලිය ගැන යමක් කියන්න පුලුවන් ද? සමන්: දැන් 'අප්පච්චි ඇවිත්' සහ 'අසංධිමිත්තා' කියන නවකතා දෙකම ගත්තොත් ඒ නවකතා ආරම්භ වන ආකාරය මම ලියල තියෙන්නේ ලිවීම අවසන් කළාට පස්සෙ. මේකත් සංස්කරණ ක්‍රියාවලියේ එක් වැදගත් තැනක්. සමහර වෙලාවට මම ලියල තියන කොටසක් ඇතුල් වෙන්න ඕන ස්ථානය ලිවීම අවසන් වුණාට පස්සේ මට තීරණය කරන්න වෙන්න පුළුවන්. දැන් මම ලියාගෙන යන නවකතාව ගත්තොත් මම පිටු තිහක විතර කොටසක් ලියල තියෙන්නෙ. නමුත් ඒක ආරම්භය නෙමෙයි. හැබැයි මේ ලියපු කොටස යම් යම් වෙනස්කම් සහිතව ඒ නවකතාවෙ කොහේ හෝ තැනකට එනවා. මෙන්න මේ විදිහට කිසියම් අපිළිවෙල ලිවීමක් අවසානයේ දී පිළිවෙලක් අත් කර ගන්නවා සංස්කරණය හරහා. මේ සංස්කරණය නවකතාව ලියන අතරෙත් ලිවීමෙන් පස්සෙත් සිද්ධ වෙනවා. සමහර කොටස් ඉවත් වෙනවා, ඒ වෙනුවට අලුත් කොටස් ලියවෙනවා. මේ වගේ දේවල් හරහා තමයි පිළිවෙල හොයා ගන්නේ. විසිවන සංවාදය : කැත්ලීන් ජයවර්ධන විසිඑක් සංවාදය : මංජුල සේනාරත්න විසි දෙවන සංවාදය :රූපා ශ්‍රියානි ඒකනායක විසි තුන්වන සංවාදය : කේ කේ සමන් කුමාර විසි හතර වන සංවාදය : චන්දි කොඩිකාර කෞශල්‍ය: ඔබ ලිවීම විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? සමන්: මම ලිවීමෙන් විශාල ආශ්වාදයක් ලබනවා. මම ආශ්වාදයක් කියන්නෙ අර මනෝවිශ්ලේෂණාත්මක එන්ජෝයිමන්ට් කියන අර්ථයෙන්. දැන් එන්ජෝයිමන්ට් කිව්වම එතන පොඩි වේදනාත්මක සතුටක් නේ තියෙන්නෙ. ලිවීම කියන්නෙ වේදනාවක් ඒ වගේම ඒක විශාල සතුටක්. සමන් වික්‍රමාරච්චි නවකතාකරුවා ගේ ලිවීමේ භාවිතයන් තුළ ඇති සුවිශේෂත්වය හා ඔහු ලිවීම ආත්මීය කර ගන්නා ආකාරය අපට ඔහුගේ නවකතා වින්දනය කිරීමට අලුත් ආලෝකයක් සපයනු ඇත. එසේම ලිවීමට උනන්දුවන්නන්ට තමන් දෙස නැවත බැලීමට ඔහුගේ අදහස් කැඩපතක් වන්නට ඉඩ ඇත. ලබන සතියේ අප හා එක් වන්නේ සුවිශාල පාඨක විචාරක අවදානයකට පාත්‍ර වූ නවකතාකාරියක වන දර්ශනා ශම්මි විජේතිලක යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. ",
"Title": "'මම ලියන හැටි' : සමන් වික්‍රමාරච්චි"
} |
{
"Text": " කැනඩාවේ, ඔටාවාහි දී කුඩා දරුවන් සිව් දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් හය දෙනෙකු ඝාතනයට ලක් වීම ගැන ජාත්‍යන්තරයේ ද අවදානය යොමුව තිබේ. සිය දියණිය සහ ඇගේ දරුවන් ඇතුළු පිරිස අහිමි වීම ගැන මිය ගිය කාන්තාවගේ මව වූ ජයන්ති ඒකනායක BBC සිංහල සේවයට අදහස් පළ කළාය. ''අනේ මගේ කෙල්ල, බුදු බණ එක්ක ජිවත් වෙච්ච දරුවා මගේ. මොනවා හිතෙන්න ඇද්ද ඒ වෙලාවේ. මේ ගේ දොර ගැන කියන කොටත් කියනවා මට නම් මුකුත් එපා අයියට ඔක්කොම දෙන්න කියලා. අපි අද හිටියා, හෙට ගියා. අපි මැරෙන මොහොත කියන්න බෑ අම්මා. එයා නිතරම එහෙම කිවුවා.'' යනුවෙන් ජයන්ති ඒකනායක පැවසුවා ය. මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එම පවුල සමඟ ජීවත් වූ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.",
"Title": "'අනේ බුදු බණ එක්ක ජීවත් වෙච්ච දරුවා මගේ. මොනවා හිතෙන්න ඇද්ද?'"
} |
{
"Text": " වේලාව උදෑසන හය යි... මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යි... මෙන්න ප්‍රවෘත්ති, ප්‍රකාශය රම්‍යා වනිගසේකර විසින්... දැවැන්ත හඬ පෞරුෂයකින් මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලාංකික ගුවන් විදුලි ශ්‍රාවකයින්ට ප්‍රවෘත්ති ඉදරිපත් කළ, රම්‍යා වනිගසේකරගේ හඬ සිකුරාදා (මාර්තු 08) පෙරවරුවේ නිවී ගියේ ය. කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මිය යන විට ඇය 73 වන වියේ පසු වූවා ය. චරිතාංග රංගන ශිල්පිනියක, ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිවේදිකාවක සහ පසුබිම් ගායිකාවක ලෙස ද දැවැන්ත පෞරුෂයක් හිමි කරගෙන සිටි ඇය පිළිබඳ මතකාවර්ජනයකි, මේ. මුල් විය කෑගල්ල, කොටියාකුඹුර ප්‍රදේශයේදී 1950 ජූලි මස 17 වන දා රම්‍ය වනිගසේකර උපත ලැබුවේ, දරුවන් 7 දෙනෙකුගෙන් යුත් පවුලේ පස් වැන්නා ලෙස ය. ඇයගේ පියා හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වතු අධිකාරිවරයෙකු වූ අතර, මව ඇහැලියගොඩ ප්‍රදේශයේ උපන් කාන්තාවකි. රම්‍යා වනිගසේකර සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළේ, කොටියාකුඹුර අම්පේ මහා විද්‍යාලයෙනි. ඉන්පසු පාසල් කිහිපයකින් ම අධ්‍යාපනය ලැබූ ඇය, ද්විතීක අධ්‍යාපනය අවසන් කළේ, රුවන්වැල්ල රාජකීය විද්‍යාලයෙනි. රංගන දිවිය 1974 වසරේදී ඇය මුල් වරට වේදිකා නාට්‍ය කලාවට එක් වූයේ, චන්දි ගුණතිලක නිෂ්පාදනය කළ 'හේවායෝ' වේදිකා නාට්‍යයේ පසුබිම් ගායිකාවක ලෙස ය. ඉන්පසු ඇය ජයතිස්ස අලහකෝන් විසින් නිෂ්පාදනය කරන ලද වේදිකා නාට්‍ය රැසක පසුබිම් ගායිකාවක ලෙස කටයුතු කළා ය. රම්‍යා වනිගසේකර පළමු වරට වේදිකා නාට්‍යයක් සඳහා රංගනයෙන් දායක වූයේ, 1976 වසරේදී ය. ඒ, රංජිත් ධර්මකීර්තිගේ 'හස්තිරාජ මහත්තයා' නමැති නාට්‍යයේ සුළු චරිතයකට පණ පොවමිනි. පසුව, රංජිත් ධර්මකීර්තිගේ 'අංගාරා ගඟ ගලා බසී' නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ ප්‍රේමසිරි කේමදාස යටතේ එහි පසුබිම් ගායිකාවක ලෙස කටයුතු කිරීමට ද ඇයට අවස්ථාව හිමි විය. ඊට අමතරව, ඇය එහි සුළු චරිත කිහිපයකට ද රංගනයෙන් දායක වූවා ය. වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස ඇය ස්ථාවරත්වයකට පත්වූයේ, 1978 වසරේදී වේදිකාගත කෙරුණු චූලා කාරියවසම්ගේ 'මන රංජන වැඩ වර්ජන' නාට්‍යයේ ගුණවතී චරිතය හේතුවෙනි. පසුව, ආර්. ආර්. සමරකෝන්ගේ 'කැලණි පාලම' නාට්‍යයේ 'මැටිල්ඩාගේ' චරිතය නිරූපණය කළ චන්ද්‍ර කළුආරච්චි ගැබිනි මවක වීම නිසා එම චරිතයට රම්‍යා වනිගසේකර තෝරා ගැනිණි. එය, ඇයගේ රංගන දිවියේ පමණක් නොව සැබෑ දිවියේ ද කඩඉමක් බවට පත් විය. ඒ, 'කැලණි පාලම' නාට්‍යයේ නිෂ්පාදක ආර්.ආර්. සමරකෝන් පසුකලෙක ඇයගේ ස්වාමි පුරුෂයා බවට පත්වූ හෙයිනි. 'කැලණි පාලම' නාට්‍යයෙන් පසු ඇය, අහසින් වැටුණු මිනිස්සු, ඉඩම, මූදු පුත්තු, මා හේනේ රීරි යකා, ලියතඹරා, සිරි සඟබෝ, හිරු නැති ලොව ආදී වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූවා ය. 'කැලණි පාලම' නාට්‍යයේ මැටිල්ඩාගේ චරිතය වසර 41ක් පුරා ඇය නිරූපණය කළා ය. ඇය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක බවට පත්වූයේ, ශ්‍රී ලංකාවේ තුන් වන ටෙලිනාට්‍යය ලෙස සැලකෙන 'පළිඟු මැණිකේ' ටෙලිනාට්‍යයෙනි. එම නාට්‍යය ප්‍රවීණ රංගධර ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ද පළමු ටෙලිනාට්‍යය විය. \"ඇත්තට ම රම්‍යා වනිගසේකර කලා ශිල්පිනිය මට හමුවෙන්නෙ මගේ රංගන ජීවිතයේ හිමිදිරි උදෑසන. පළිඟු මැණිකේ කියන්නේ ලංකාවේ ටෙලිනාට්‍ය වංශ කතාවේ තුන් වෙනි ටෙලිනාට්‍යය. එහිදී ඇය ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. රම්‍යා ඊට පස්සේ අවසාන කාලය වන තුරු ම සිනමාව, වේදිකාව ආදියේ නිර්ව්‍යාජව වැඩ කටයුතු කළ කාන්තාවක්. මේ අභාවය කලාකරුවෙකු විදිහට ලොකු කනගාටුදායක සිද්ධියක්. ඇය ගුවන් විදුලි හඬ පෞරුෂයත් බොහොම ශක්තිමත්ව නිරූපණය කරපු කාන්තාවක්. ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී ඇයගේ ප්‍රේමණීය හඬ පෞරුෂය අපට අහන්න ලැබුණා. රංගනයේදීත් ඇය චරිත නිරූපණ කලාවේදී බොහොම ශක්තිමත්ව නිරූපණය කළා. 'සඳ තනිවෙලා' කියන ටෙලිනාට්‍යයේ ඇය මගේ මව ලෙස රඟපෑවා. ඇය ඉන්න තැන බොහොම ප්‍රේමණීය යි,\" ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් සිය මතකය ආවර්ජනය කළේ, එලෙසිනි. පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයට අමතරව, ඇය, කන්දෙ ගෙදර, දියණියෝ, කූඹියෝ, මැණික් නදිය ගලා බසී, නෑනාලා, යර්ස් බොස් ඇතුළු ටෙලිනාට්‍ය රැසක විවිධ චරිත නිරූපණය කළා ය. රිදී නිම්නය චිත්‍රපටයේ රඟපාමින් 1982 වසරේදී සිනමාවට පිවිසි ඇය, මාරුතය (1995), ටිකිරි සුවඳ (2010), සරිගම (2016) ආදී චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායක වූවා ය. ප්‍රවෘත්ති නිවේදිකාව දැවැන්ත ගුවන් විදුලි හඬ පෞරුෂයකට හිමිකම් කී රම්‍යා වනිගසේකර, ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ද ජනාදරයට පත්ව සිටියා ය. ඇය, එවකට රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක් වූයේ, 1982 වසරේදී ය. එතැන් සිට 2006 දක්වා වසර 26ක කාලයක් ඇය ගුවන් විදුලියේ විවිධ වැඩසටහන් ඉදිරිපත් කළා ය. ඇය සමග ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ සමකාලීන නිවේදිකාවක වූ තිලකා රණසිංහ සිය මතකය අවදි කළේ, මෙලෙසිනි. \"ඇය රංගන ශිල්පිනියක් වීමෙන් පස්සේ තමයි, ගුවන් විදුලියට එකතු වුණේ. මම ඇය රඟපාන කාලේ ඉඳලා දැනගෙන හිටියත්, ගොඩක් සමීපව ඇසුරු කළේ, ගුවන් විදුලියට ආවට පස්සේ. ඇය ඉතා ම සුහදශීලී, වගකීමෙන් තමන්ගේ සේවය ඉටු කළ දැවැන්ත චරිතයක්. ඒ හඬ පෞරුෂයට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කළා. ඒ විතරක් නෙවෙයි, ඇය රංගනයත් ඉතා ම සාර්ථකව කළා. ඒ නිසා ඇයට බොහෝ දෙනෙකුගේ ආදරය හිමි වුණා. ඇය අසනීප තත්ත්වයේ සිටිද්දීත් මාත් එක්ක නිතර කතාබහ කළා. ඇයගේ අභාවය ඇත්තට ම ලොකු පාඩුවක් වගේ ම ලොකු දුකක්,\" ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා තිලකා රණසිංහ පැවසීය. සම්මාන රම්‍යා වනිගසේකර සම්මානනීය රංගන ශිල්පිනියක පමණක් නොව සම්මානනීය ගුවන් විදුලි ශිල්පිනියකි. 1991 වසරේදී ඇයට වේදිකා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය ම කාන්තාව වෙනුවෙන් වූ රාජ්‍ය සම්මානයත්, ලංකාදීප විජය සම්මාන උළෙලේ වසරේ ජනප්‍රිය ම රංගන ශිල්පිනියට හිමි සම්මානයත් හිමි විය. 1993 වසරේදී රාජ්‍ය සම්මාන උළෙලේ ජනප්‍රිය ම නිළියට හිමි සම්මානය හිමි විය. 1994 වසරේදී ද ඇයට ජනප්‍රිය ම නිළියට හිමි OCIC සම්මානය ලැබිණි. 1995 වසරේදී 'ලිහිණි' වේදිකා නාට්‍යය වෙනුවෙන් හොඳ ම සහය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබී ය. 2010 වසරේදී රංගන ශිල්පිනියක ලෙස ඇය දැක්වූ දායකත්වය වෙනුවෙන් කලාභූෂණ සම්මානය ඇයට පිරිනැමිණි. ඊට අමතරව, 1994/95 වසර සඳහා හොඳ ම ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස ජනාධිපති සම්මානය හිමි වූයේ ද, රම්‍යා වනිගසේකරට ය.",
"Title": "රම්‍යා වනිගසේකර: දැවැන්ත හඬ පෞරුෂය සහ විශිෂ්ට රංග පෞරුෂය නිවී යයි"
} |
{
"Text": " දකුණු යේමනයට ආසන්න මුහුදු සීමාවේ හූති සටන්කරුවන්ගේ (මාර්තු මස 06 වෙනිදා) මිසයිල ප්‍රහාරයකට ලක්ව හානියට පත්වූ වෙළෙඳ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසුරිය බීබීසී සිංහල වෙත පැවසීය. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය නාවික හමුදාව විසින් අදාළ නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගෙන ඇති බවය. \"ඉන්දීය නාවික හමුදාවට අයත් INS කොල්කටා කියන නෞකාවෙන් මෙම පිරිස බේරාගෙන තිබෙනවා.\" \"ඒ අතර මිසයිල ප්‍රහාරය එල්ලවූ වෙළෙඳ නෞකාවේ සේවයට යොදවා සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනාත් සිටින බව දැනුම් දීලා තියෙනවා.\" \"ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්ට තුවාල වෙලා තියෙනවා කියලා කියනවා. අනෙක් කෙනා හොඳින් ඉන්නවා කියලයි වාර්තා වෙන්නේ.\" \"මොවුන්ව ජිබුටි රාජ්‍යට රැගෙන යනවා කියලා දැනුම් දීලා තියෙනවා.\" නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. True Confidence නමැති බාබඩෝස් ධජය සහිත මෙම නෞකාවට හුති කැරලිකරුවන් විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු එහි සිටි නාවිකයින් නෞකාව අතහැර දමා තිබූ අතර එය ගින්නක් සමග මුහුදේ පාවෙමින් තිබුණි. ග්‍රිනිච් වේලාවෙන් පෙරවරු 11.30 ට පමණ ඒඩන් බොක්කේදී නෞකාවට ප්‍රහාරය එල්ල වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව පැවසීය. මේ අතර එම මිසයිල ප්‍රහාරයෙන් වෙළෙඳ නාවිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවට ඇමෙරිකානු හමුදාව පැවසීය. මෙය හූතින් රතු මුහුදේදී වෙළඳ නෞකාවලට එල්ල කළ ප්‍රහාරවලින් මරණ වාර්තා වූ පළමු අවස්ථාව ය. හූතින් පවසන්නේ ගාසා තීරයේ ඊශ්‍රායලය සහ හමාස් අතර පවතින යුද්ධයේදී පලස්තීනුවන්ට සහාය දැක්වීම සඳහා තමන් මෙම ප්‍රහාර එල්ල කරන බවය. මැද පෙරදිග මෙහෙයුම් අධීක්‍ෂණය කරන ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම විධානය (Centcom) පැවසුවේ ප්‍රහාරයෙන් නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි. එමෙන්ම අවම වශයෙන් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම විධානය සඳහන් කළේය. \"හූතින් විසින් සිදු කරන මෙවැනි අදූරදර්ශී ප්‍රහාර, ගෝලීය වෙළඳාම කඩාකප්පල් කරන අතර ජාත්‍යන්තර නාවිකයින්ගේ ජීවිත බිලිගෙන ඇත,\" යනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම විධානය සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ පළ කර තිබේ. ඉරානයේ සහය ලබන හූති කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නෞකාවේ කාර්ය මණ්ඩලය හූති නාවික බලකායේ අනතුරු ඇඟවීම් නොසලකා හැර ඇති බවයි. යේමනයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය පැවසුවේ නාවිකයින්ගේ මරණ කනගාටුදායක නමුත් හූති සටන්කාමීන් නොසැලකිලිමත් ලෙස ජාත්‍යන්තර නැව් ගමනාගමනයට එල්ල කරන මිසයිල ප්‍රහාරවල නොවැළැක්විය හැකි ප්‍රතිවිපාකයක් බවයි. මෙම ප්‍රහාර නැවැත්විය යුතු බවද ඔවුහූ අවධාරණය කළහ. ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය නිලධාරීන් මීට පෙර මරණ දෙකක් සහ තුවාලකරුවන් 6 දෙනෙකු පිළිබඳ වාර්තා කර තිබුණි. 20 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් යාත්‍රාවේ සිටි අතර ඉන්දියානුවෙක්, වියට්නාම ජාතිකයන් හතරදෙනෙකු සහ පිලිපීන ජාතිකයින් 15 දෙනෙකු ඒ අතර වේ. නෞකාව තුළ සන්නද්ධ ආරක්ෂකයින් තිදෙනෙකු ද සිට ඇති අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සහ නේපාල ජාතිකයෙකු ඒ අතරට අයත් ය. නෞකාවේ හිමිකරුවන්ගේ සහ කළමනාකරුවන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකයෙකු පැවසුවේ ප්‍රහාරය යේමනයේ ඒඩන් නගරයට නාවික සැතපුම් 50ක් (කිලෝමීටර් 93ක්) පමණ නිරිත දෙසදී එල්ල වූ බවයි. ප්‍රහාරයෙන් පසුව හූතිවරු පාලනය කරන අල්-මසිරා රූපවාහිනිය බදාදා පස්වරුවේ වාර්තා කළේ හූති පාලනය යටතේ පවතින රතු මුහුදේ වරාය නගරයක් වන හුඩයිඩා හි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා සන්ධානය ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කළ බව ය. රතු මුහුදේ යාත්‍රා කරන නෞකා සඳහා ප්‍රහාර එල්ල කරන හූතීන් කවුද? බ්‍රිතාන්‍යයේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒජන්සියට අනුව \"යේමනයේ නාවික හමුදාව\" ලෙස හඳුන්වන කණ්ඩායමක් විසින් VHF ගුවන්විදුලිය හරහා True Confidence නෞකාව අමතා ඇති අතර නෞකාවේ නාවික ගමන් මග වෙනස් කරන ලෙස දන්වා තිබේ. අනතුරුව අසල තිබූ යාත්‍රාවලට විශාල ශබ්දයක් ඇසී ඇති අතර අනතුරුව විශාල දුමාරයක් ද නෞකාවෙන් පිටවී ඇත. බ්‍රිතාන්‍යයේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒජන්සිය පැවසුවේ True Confidence නෞකාවට ප්‍රහාරයක් එල්ල වු බවත් හා ඉන් නෞකාවට අලාභ හානි සිදු වූ බව ය. එමෙන්ම ඇමෙරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර සමුද්‍ර සන්ධානයේ නාවික යාත්‍රා, එම නෞකාවට සහ එහි කාර්ය මණ්ඩලයට සහය දක්වන බවද පවසා ඇත. අප්‍රිකාව වටා දිවෙන නෞකා මාර්ගයේ යුරෝපා සංගමයේ සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය ද පැවසුවේ මුදාගැනීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. හූතිවරු කළ ප්‍රකාශයක දැක්වුණේ True Confidence “ඇමෙරිකානු නෞකාවක්” බව ය.. නමුත් ප්‍රකාශකයා කියා සිටියේ නෞකාවට දැනට ඇමෙරිකාව සමග කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව ය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙම ප්‍රහාර සඳහා හුතිවරුන්ට වගකීම පැවරිය යුතු අතර එලෙස කරන ලෙස ලොව පුරා රජයන්ගෙන් ද ඉල්ලා සිටින බවයි. රතු මුහුද හරහා සංක්‍රමණය වන අහිංසක සිවිල් වැසියන්ගේ යහපැවැත්ම නොසලකා හූතීන් මෙම අදූරදර්ශී ප්‍රහාර දිගටම දියත් කර ඇති බවත්, මේවනවිට ඔවුන් අවාසනාවන්ත ලෙස හා ඛේදජනක ලෙස අහිංසක සිවිල් වැසියන් මරා දමා ඇති බවත් මැතිව් මිලර් පැවසුවේය. බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් පැවසුවේ \"ගෝලීය නෞකා ගමනාගමනය ඉලකක් කර එල්ල වන හූති සටන්කාමීන්ගේ නොසැලකිලිමත් ප්‍රහාර හෙළා දකින බවයි. ඒවා නවත්වන ලෙස බල කරන සිටින බව ද ඔහු පවසයි. නාවික ගමනා ගමන නිදහස වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින අතර දී ඇති පොරොන්දුව ක්‍රියාවෙන් ඔපුප්කර සිටින බවද ඔහු සමාජ මාධ්‍යවල පළ කර ඇත. True Confidence නෞකාව අයත් වන්නේ True Confidence Shipping SA සමාගමටයි. එය ලයිබීරියාවේ ලිපිනයක ලියාපදිංචි කර ඇති අතර එය Third January Maritime Ltd නමැති ග්‍රීසියට අයත් නාවික සමාගමක් විසින් නෞකාව මෙහෙයවනු ලබන බව සමාගම් දෙකම ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත. කෙසේ වෙතත් එය මීට පෙර ඇමෙරිකාව පදනම් කරගත් Oaktree Capital Management සතු වූ බව AP පුවත් සේවය වාර්තා කරයි. එහෙත් Oaktree Capital සමාගම AP පුවත් සේවය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත. රතු මුහුදේ හූති තර්ජන නිසා ගෝලීය වෙළෙඳාම නව 'අර්බුදයකට' මැදිවීමේ අවදානමක් 'සිදුවීම ගැන සොයා බලනවා' මේ අතර හුති කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ වෙළෙඳ නෞකාවේ ආරක්ෂාවට යොදවා සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන්නේ දැයි බීබීසී සිංහල විසින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ගෙන් විමසීමක් කරන ලදී. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් තොරතුරු සොයා බලමින් සිටින බව ය.",
"Title": "හූති ප්‍රහාරයට ලක්වූ නෞකාවේ සිටි ලාංකිකයින් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩලය බේරා ගැනෙයි"
} |
{
"Text": " ශ්‍රී ලංකාවේ විශාලම ජාතික වනෝද්‍යානය වන විල්පත්තුව ලෝකයේ ජනප්‍රිය කොටි පරාදීසයකි. පැටවුන් සමග සිටින කොටි ධේනුවෝ අට දෙනෙක් මේ දිනවල දක්නට ලැබෙති. ''2018 අපි කළ පර්යේෂණයකට අනුව දැනට ආසියාවේ වැඩිම කොටි ඝනත්වය තියෙන වනාන්තරය විල්පත්තුව. මේ දිනවල ගැහැනු සතුන් අට දෙනෙක් පැටව් දාලා. මරදන්මඩුව ප්‍රදේශයේ පැටව් බිහි කළ ගැහැනු සත්ත්වයා මේ පැටව් බිහි කළ පස්වැනි අවස්ථාව. මම 2011 ඉඳලා විල්පත්තුවේ කොටි ගැන පර්යේෂණ කරනවා. නමුත් මෙහෙම දෙයක් වාර්තා වූ පළවැනි අවස්ථාව මේක'' යනුවෙන් වනජීවී පර්යේෂක කිත්සිරි ගුණවර්ධන BBC සිංහල සේවයට පැවසුවේය. විල්පත්තුවේ කොටි 313ක් පමණ ජීවත් වෙන බවට ගණන් බලා තිබේ.",
"Title": "කොටියා : 'අපේ පර්යේෂණය අනුව ආසියාවේ වැඩිම කොටි ඝනත්වය තියෙන වනාන්තරය විල්පත්තුව'"
} |
{
"Text": " පොලිසිය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වෙනිදා සිට ආරම්භ කළ \"යුක්තිය\" මෙහෙයුම මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. එම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේය. මේ අතර හලාවත කොට්ඨාසයේ පොලිස් විෂ මත්ද්‍රව්‍ය අංශය ක්‍රියාත්මක කළ වැටලීමක් අතරතුර පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මාදම්පේ පොලිස් වසමට අයත් පම්බල ග්‍රාමයෙන් ( මාර්තු 6 වැනිදා) වාර්තා විය. පොලිස් මෙහෙයුම කුමක්ද ? හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයට ලැබුණු තොරතුරක් මත එම අංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ත්‍රිරෝද රථයක් ලුහුබැඳ ගොස් ඇති අතර එහිදී එම ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රිරෝද රථයෙන් පැන දිව ගොස් ඇති බව පොලිසිය පැවසුවේය. එම මෙහෙයුමේදී සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙකු මෙලෙස මරණයට පත්ව තිබේ. ‘අංකල් අපි පොලිසියෙන් කියාගෙන පස්සෙන් දිව්වා’ මෙම සිද්ධියේ දී මියගිය පුද්ගලයා සහ අත්අඩංගුවේ පසුවන සැකකරු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සහ කළ බව සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීහූ බීබීසී සිංහල වෙත පැවසුහ. \" මගේ නම ඇන්ටනි හර්මන්. මේ තියෙන්නේ මගේ නිවස. අද උදේ 10 .20 ට පමණ එකවරම මගේ නිවස පිහිටි මේ වත්තට දෙදෙනෙක් ඇතුළු වුනා. ඔවුන් මගේ අවසරයකින් තොරවම මගේ නිවස පිටුපසට දිව ගියා. මමත් පස්සෙන් ගියා. \" \"මම දැක්කා එක්කෙනෙක් බිම අද වැටෙනවා. වැටුණු කෙනා නැගිටලා ආයේ දිව්වා. ඒ පිටිපස්සෙන් ආපු කෙනෙක් අන්කල් අපි පොලිසියෙන් කියලා දිව්වා. ඒ පොලිස් නිලධාරියා කියාගෙන ගියා කුඩු කාරයෝ දෙන්නෙක් පැන්නා කියලා.\" \"කොහොම හරි වැටුණු කෙනාව ඒ පොලිස් නිලධාරියා අල්ල ගත්තා. ඒ වෙලාවේ ලොකු පොර බැදීමක් වුනා. ඒ නිලධාරියා මගෙන් උදව් ඉල්ලුවා.\" \"මාංචු දෙක බයික් එකේ තියනවා ගෙනල්ල දෙන්න කිව්වා. මම ගෙනල්ලා දුන්නා. ඒ වෙලාවෙදිත් දෙන්නා පොර බැදුවා.\" ඔහු පැවසීය. “ඒක නිකම් චිත්‍රපටියක ජවනිකාවක් වගේ” මේ අතර සිද්ධිය ඇසින් දුටු සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති තවත් පුද්ගලයෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ එම සිදුවීම චිත්‍රපට ජවනිකාවක් බඳු වූ බවය. \"දෙන්නෙක් දුවගෙන ආවා. ඒ පිටුපස්සේ පොලිසිය අවා. කොහොම හරි දෙන්නවම අල්ල ගත්තා.\" \"අන්තිමට එක්කෙනෙක් මැරිලා වැටුනා. හරියට චිත්‍රපටියක ජවනිකාවක් වගෙයි.\" \"මේ වගේ දෙයක් වුනාම අපි හැමදාම සැක කලේ පොලිසිය නමුත් අද වුන දේ ඇස් දෙකෙන්ම දැක්කා.\" \"මගේ නම නම් දාන්න එපා මම දැක්ක දේ තමයි කිව්වේ.මෙතන හිටිය හැමෝම මේ සිදුවීම දැක්කා.\" එම සිදුවීම දුටු අයෙකු පැවසිය. එම සිදුවීමෙන් පසු යම් අසනීප තත්ත්වයක් පෙන්නුම් කළ සැකකරුව පොලිසිය විසින් වහාම හලාවත රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ. මියගිය සැකකරු ගැන අනාරණය වූ කරුණු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ පම්බල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරවාරයේදී ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. \"පොලිස් නිලධාරීන් පිරිසක් සිදුකරපු මත්ද්‍රව්‍ය වැටලීමක් අතර වාරයේදී සැකකරුවන් දෙදෙනෙක්ව ෆලෝ කරලා තියෙනවා.\" \"පස්සේ ඔවුන් ගමන් කරපු ත්‍රිරෝද රථය අත් ඇරලා දුවලා තියෙනවා. එහෙම දුවද්දී ඒ දෙන්නා ගෙදරක වත්තකට ඇතුල් වෙලා ඒ වත්ත මැද්දෙන් දුවන කොට මියගිය පුද්ගලයා බිම ඇද වැටිලා ආපහු නැගිටලා දුවලා නැවත වැටිලා තියෙනවා.\" \"ඒ පුද්ගලයා පොලිස් නිලධාරින් ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගනිද්දී සිහිසුන් භාවයෙන් ඉන්නවා කියලා නිරීක්ෂණය වෙලා වහාම හලාවත රෝහලට ගෙනිහින් තියෙනවා.\" \"හලාවත රෝහලට ඇතුල් කරද්දී ඔහුව පරික්ෂා කරපු වෛද්‍යවරයා කියලා තියෙනවා ඒ පුද්ගලයා මියගිහින් කියලා.\" \"පස්සේ මියගිය පුද්ගලයාගේ සන්තකයේ තිබිලා හෙරොයින් ස්වල්පයක් සහ ලයිටරයක් තිබිලා; වෛද්‍යවරයාට හම්බ වෙලා ඒක රෝහලේ වාට්ටුවට භාරදීලා තියෙනවා.\" \"මේ පුද්ගලයා එක්ක සිටි අනෙක් සැකකරුවත් පොලිසිය අත්අඩංගුවට අරන් තියෙනවා. ඔහු සන්තකයේ තිබිලා අයිස් වර්ගයේ ග්‍රෑම් 06 කට අධික ප්‍රමාණයක් 2023 වසරේදී සොයා ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් පවරලා තිබෙනවා.\" \"ඒ වගේම මියගිය පුද්ගලයා මේ වසරේ පෙබරවාරි මාසයේදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඉදලා පොලිස් අත්අඩංගුවට පත්වෙලා නඩු පවරපු කෙනෙක් කියලා වාර්තා වනවා.\" පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. අනෙක් සැකකරු මඩ වලකින් හමුවෙයි මේ අතර මෙම මෙහෙයුමේදී පලා ගිය අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ මඩ වලක වැටී සිටියදී බව ප්‍රදේශවාසීහූ පැවසුහ. ප්‍රදේශවාසීන් කළ විමසීමේදී එම සැකකරු පවසා ඇත්තේ තමන් තවත් සතියකින් විදේශ ගත වීමට නියමිත බවයි. මිට පෙර මොහු ඩුබායි රාජ්‍යයේ සේවය කර ඇති අතර එහිදීද මොහුට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී තිබෙන බවට කරුණු අනාවරණය වී ඇත. පොලිසියට මීට පෙර ඇති චෝදනා සිදුකරනු ලබන මෙහෙයුම් අතර වාරයේදී අත්අඩංගුවට ගැනෙන සැකකරුවන් හිංසනයට ලක්වීම, තම අත්අඩංගුවේ පසුවීමේදී මියයාම හා විමර්ශන සඳහා පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන ගිය අවස්ථාවලදී වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට පත්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් දිගින් දිගටම ශ්‍රී ලංකා පොලිසියට චෝදනා එල්ල වී තිබේ. මීට පෙර අවස්ථා රැසකදී මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් අවධාරණය කොට ඇත්තේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පවතින ජාත්‍යන්තර හා දේශීය නීතීන්ට අනනුකූලව අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය අසමත්ව ඇති බවයි. කෙසේ වෙතත් පම්බල ප්‍රදේශයේ සිදුකළ පොලිස් මෙහෙයුම අතර වාරයේදී මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් සිදුකර නොමැති බව අප බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු තහවුරු කළේය.",
"Title": "හලාවත මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර පලා යාමට තැත්කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු මිය යයි"
} |
{
"Text": " 2024 ඔලිම්පික් තරගාවලිය ලබන ජුලි මාසයේදී ප්‍රංශයේ පැරිස් අගනුවරදී ආරම්භ කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව අවසන්වරට ඔලිම්පික් පදක්කම දිනා වසර 24ක් ගෙවීයන මොහොතේ නැවත වරක් ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තුවක් ගෙන දීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර හැකි වෙයි ද ? ඔලිම්පික් සඳහා තෝරා ගැනීම් අවසන් කරන්නේ කවදා ද ? ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීම සඳහා තමන්ගේ දක්ෂතා අනුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම සඳහා මේ වසරේ ජුනි මාසය තෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව හිමිවන බව ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු පැවසුවේය. \"එක් එක් තරග ඉසව් වෙනුවෙන් තරගකරුවන් හෝ තරගකාරියන් තෝරා ගන්නා කාල සීමාව වෙනස්.\" \"කොහොම වුනත් ජුනි මාසය අවසන් වෙද්දී එක් එක් ක්‍රීඩාවන්ට අදාළව තියෙන ශ්‍රේණිගත කිරීම් වැදගත්.\" \"මොකද තරගාවලිය පටන් ගන්නේ ජුලි මාසය අවසානයේ දී.\" ඔහු පැවසුවේය. මෙවර ඔලිම්පික් නියෝජනය කරන්න හැකිවෙතැයි අනුමාන කරන ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුද ? මෙවර ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොපමණ පිරිසකට අවස්ථාව උදාවේදැයි කිව නොහැකි වුවත් අවම වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට එම අවස්ථාව උදාවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු පැවසුවේය. \"අද වෙද්දී බැඩ්මින්ටන් ඉසව්වේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලදී ලංකාවෙන් ඉස්සරහින්ම ඉන්න ක්‍රීඩකයා හමයි විරේන් නෙත්තසිංහ කියන්නේ.\" \"ගිය අවුරුද්දේ අපි ඔහුව තෝරා ගද්දි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල හිටියේ 90 ගණන්වල. දැන් ඔහු 78 වන ස්ථානයේ ඉන්නේ. ඔහු 64 වගේ ස්ථානයට ආවොත් ඔලිම්පික් නියෝජනය කරන්න හැකියාව ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.\" \"ඒ වගේම යුපුන් අබේකෝන්ට මම ගිය සතියේ කතා කරද්දී ඔහුත් පුහුණුවීම් වල නිරත වන බව කිව්වා. යුපුන්ටත් හොඳ අවස්ථාවක් තියෙනවා ඔලිම්පික් යන්න.\" මලල ක්‍රීඩා ඉසව්වෙන් තරුෂි කරුණාරත්න, හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ වගේ ක්‍රීඩිකාවන් ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඔලිම්පික් යන්න අවස්ථාව ලැබෙයි කියලා. මොකද මේ අය ආසියානු ක්‍රීඩා උළලේදී හොඳින් දස්කම් දැක්වූ අයයි.\" \"ඒ වගේම අපේ පිරිමි සහ මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම් දෙකටත් ඔලිම්පික් නියෝජනය කරන්න අවස්ථාව ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.\" \"ඊට අමතරව බැඩ්මින්ටන්, පිහිණුම්, කිමිදුම්, බර ඉසිලීමේ ඉසව් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.\" ඔහු පැවසීය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඉහළ කාර්ය සාධක වැඩසටහනක් මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රීඩා ඉසව් කිහිපයක් වෙනුවෙන් ඉහළ කාර්ය සාධක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු සඳහන් කළේය. එම වැඩසටහන ක්‍රියාවට නැංවිමට මුලික හේතුව වුයේ ඉදිරි කාලයේ දී පැවත්වෙන ජාත්‍යන්තර තරග සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගිවිමේදී ඇතිවිය හැකි අපහසුතා මග හරවා ගැනීම බව ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය. \"අපේ රටේ ක්‍රීඩා 72ක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩා ඉසව් 30ක් පමණ ඇතුලත් වෙනවා.\" \"ඒ නිසා අපි හැම ක්‍රීඩාවකටම සමාන අවස්ථාවක් ලබා දෙන්න මේ වැඩසටහන ක්‍රියාත්මක කළේ.\" \"එතැනදී අපි දැනුම් දුන්නා සියලුම ක්‍රීඩා සංගම් වලට දක්ෂතාවයක් තියෙන ඕනෑම ක්‍රීඩකයෙක්ට හෝ ක්‍රීඩිකාවකගේ නම ඔවුන්ගේ දෙමව්පියන්ට, පුහුණුකරුට හෝ ඕනෑම කෙනෙක්ට අපට යෝජනා කරන්න කියලා. ඒ විදිහට ක්‍රීඩක ක්‍රිඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගේ නම් අපිට ලැබුණා.\" \"ඒ වගේම ගිය අවුරුද්ද අවසන් වෙනකොට අපිත් එක්ක හිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ක දැන් වෙද්දී 58 දෙනෙකුගේ කණ්ඩායමක් එකතු වෙලා තියෙනවා.\" \"ඒ විදිහට හදලා තියෙන කණ්ඩායම ඇතුළේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනෙක් ඉන්නවා.\" ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසීය. ‘ක්‍රීඩා සංගම් වලින් ලැබෙන සහයෝගය අවමයි’ දැනට ආරම්භ කර තිබෙන වැඩපිළිවෙලට ක්‍රීඩා සංගම් හරහා ලැබෙන සහයෝගය ඉතා අවම මට්ටමක පවතින බව ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා කරුණු පැහැදිලි කරමින් පැවසීය. \"මම ගිය අවුරුද්දේ සියලුම ක්‍රීඩා සංගම්වලට දැනුම් දුන්නා ජාත්‍යන්තර තරගාවලි සඳහා යන්න බලාපොරොත්තු වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවනම් අවම දින 40 කට කලින් දැනුම් දෙන්න කියලා. \" \"ඒ ගමනට අවශ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගන්න වගේම ප්‍රමාදයකින් තොරව වීසා ආදිය ලබා ගන්න.\" \"ඒ ලියුම යැව්ව දවසේ ඉදන් ඒ වගේ දවස් 40 කට කලින් ඉල්ලීම් ලැබුනේ කිහිපයක් විතරයි.\" \"ඒ වගේම ගොඩක් ක්‍රිඩා සංගම් එනවා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විදෙස් ගතවන්න මුදල් හෝ වෙනත් සහයෝගයක් ඉල්ලගෙන. \" එක් ජාත්‍යන්තර තරගයක් වෙනුවෙන් සහභාගී වෙන්න ක්‍රීඩක ක්‍රීඩිකාවකට අවම රුපියල් ලක්ෂ 10ක් වියදම් වෙනවා. පුළුවන් හැමදේම අපිට තියෙන මුල්‍ය ශක්තිය ඇතුලත කරන් යනවා.\" ඔහු පැවසුවේය. ‘මේ අවුරුද්දේ වයිල්ඩ් කාඩ් නැහැ’ මෙවර පැරිසියේ දී පැවැත්වෙන 2024 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත හැක්කේ ක්‍රීඩාවට අදාළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් පමණක් බවද ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේය. ඒ අනුව ඉදිරි මාස කිහිපය සියලුම තරගකරුවන්ට සහ තරගකාරියන්ට තම තමන්ගේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යාම අනිවාර්ය වී ඇති බව ද ඔහු කියා සිටියේය. “දැන් වයිල්කාඩ් සිස්ටම් එකක් මේ අවුරුද්දේ නැහැ. එතකොට දක්ෂතාවය මත විතරමයි ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්න පුලුවන්.\" \"උදාහරණයක් විදිහට ඔලිම්පික් තරගාවලි නියෝජනය කරපු අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩක්ම ගියේ තේරිලා නෙමේ. මේ වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේයි.\" ඒ නිසා අපි මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උනන්දු කරනවා එයාලගේ උපරිම දස්කම් අතරට එන්න කියලා.\" ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ඉතිහාසය 1948 වසරේදී ඩන්කන් වයිට් විසින් පළමු වරට ඔලිම්පික් පදක්කමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු නැවත වරක් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දීමට සමත් වුයේ සුසන්තිකා ජයසිංහ ය. ඇය 2000 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හිදී පැවති ඔලිම්පික් තරගාවලියේදී එම දස්කම දැක්වීමට සමත් වුවාය. ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහ යන දෙදෙනාම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියකදි රිදී පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් විය.",
"Title": "ඔලිම්පික් 2024: ශ්‍රී ලංකාවේ පූර්ව සුදානම කොහොමද?"
} |
{
"Text": " ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ දී LTTE සංවිධානයට බැඳුනු බොහෝ දෙනෙකු අද ජීවිතයේ අසරණව කල් ගෙවති. මඩකලපුව, පුතුමන්ඩපත්තඩි ප්‍රදේශයේ ජීවත් වන වඩිවේල් වසන්ති ඒ අතරින් එක් අයෙකු වන්නීය. අලිමංකඩ සටනේ දී ඇගේ මුහුණට හානි සිදු විය. ''මිනිස්සු වෙනුවෙන් හා භූමිය වෙනුවෙන් තමයි අපි සටන් වැදුණේ. අපිට මොනවාද ලැබුණේ. රුපියල් 10 ක් ලැබුණාද? පඩියක් ලැබුණා ද? සටන් වැදිලා අපිට කිසිම ප්‍රයෝජනයක් ලැබුණේ නෑ. දැන් කරුණා අම්මාන්, පිල්ලෙයාන් වුණත් අපි දිහා හැරිලවත් බලන්නේ නෑ. මම එයාලට සපොර්ට් එකට හිටියා කියලා අහලවත් බලන්නේ නෑ.'' යනුවෙන් ඇය BBC සිංහල සේවයට පැවසුවාය. තමා සමග සිටි බොහෝ දෙනෙකු අද ඉතා දුක්ඛිත ජීවිත ගත කරන බව ඇය පවසන්නීය.",
"Title": "'මිනිස්සු වෙනුවෙන්, භූමිය වෙනුවෙන් අපි සටන් වැදුණේ. අපිට මොනවාද ලැබුණේ ?'"
} |
{
"Text": " එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වන සැසිවාරය පසුගියදා (පෙබරවාරි මස 26) ජිනීවා නුවර දී ආරම්භ විය. මෙවර මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අප්‍රේල් මස 05 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත ය. මෙම සැසිවාරයේ ආරම්භයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටොනියෝ ගුටේරස් සහ මානව හිමිකම් පිලිබඳ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් දේශන සිදුකරන ලදී. මානව හිමිකම් කඩවීමේ වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින් සිහිකරමින් සැසිවාරය ආරම්භයේදී ඊට සහභාගී වූ සියලුම දෙනා මිනිත්තුවක කාලයක් නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන ලදී. මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවෙන් චෝදනාවක් ගාසා තීරයේ ඇති වූ දරුණු මානුෂීය තත්ත්වයන්ට ඵලදායී ලෙස ආමන්ත්‍රණය කිරීමේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දෙබිඩි පිළිවෙත්වලින් වැළකී සිටීමේ වැදගත්කම ගැන අවධාරණය කිරීමට කැමති බවට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රී විසින් 55 වන මානව හිමිකම් සැසිවාරය අමතමින් පැවසුවේය. පසුගිය පෙබරවාරි මස 27 වෙනිදා පෙර පටිගත කරන ලද වීඩියෝවක් මගින් මානව හිමිකම් කවුන්සිලය ඇමතු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමේදී අහිංසක සිවිල් වැසියන්ගේ දුක් වේදනා නොසලකා හැරීම සිදු නොකළ යුතු අතර ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය සමනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වන බව යි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ද විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මානව හිමිකම් සැසිවාරයට මෙලෙස කරුණු වාර්තා කරන ලදී. \"පසුගිය කාලයේ ඇතිවූ අභියෝග ජය ගැනීමේදී 2022 වසරේ පැතිර ගිය සමාජ විරෝධය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී, ආයතනික සහ ව්‍යවස්ථාමය රාමුව තුළ රට තුළ දේශපාලන පරිවර්තනයක් ඇති කිරීමට ජනතාව සහ රජය වග බලා ගත් බව ප්‍රකාශ කරමි.\" \"ජාත්‍යන්තරය දන්නා පරිදි, පසුගිය වසර පුරා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාර්යය වූයේ ආර්ථික ප්‍රකෘතිය ඇති කර ගැනීමයි.\" \"එමෙන්ම ජාතික සමගිය සහ සංහිඳියාව ප්‍රධාන ප්‍රමුඛතාවයන් ලෙස රජය විසින් අඛණ්ඩව ගෙන ගියේය.\" \"ඉදිරියේ මුහුණ පෑමට ඇති අභියෝග සහ ජනතාව දිගින් දිගටම මුහුණ දෙන සමාජ ආර්ථික දුෂ්කරතා පිළිබඳව අපි ඉතා හොඳින් දනිමු\" \"ඉලක්කගත සමාජ ආරක්ෂණ පියවරයන් සහ සහනාධාර ඇතුළුව, සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටියි.\" අමාත්‍යවරයා පැවසුවේය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත කොමසාරිස්වරයාගෙන් ශ්‍රී ලංකාව ගැන වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී කොලොම්බියාව, ගෝතමාලාව, හොන්ඩුරාස්, නිකරගුවාව, සයිප්‍රසය සහ ශ්‍රී ලංකාව යන රටවල මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන කිරීම් සිදුකරමින් මහ කොමසාරිස් වෝල්ටර් ටර්ක් විසින් සිය දේශනය සිදුකරන ලදී. එහිදී ශ්‍රී ලංකාවේ ඇතිවූ ආර්ථික අර්බුදය, රජය විසින් ගෙන එන ලැබූ සහ ඉදිරියේදී ගෙන ඒමට නියමිත පනත්, උතුරු - නැගෙනහිර පළාතේ ඉඩම් ගැටළු සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්වරයා සිය අවධානය යොමු කරනු ලැබිය. එමෙන්ම අතීත සහ වර්තමාන මානව හිමිකම් කඩවීම් සහ ආර්ථික අපරාධ විමර්ශනය කිරීමට හා නඩු පැවරීමට විශ්වාසනීය වගවීමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. 2023 දී ප්‍රධාන වශයෙන් රටේ උතුරේ නැගෙනහිර පොලිසිය විසින් සිදු කළ බව කියනු ලබන ලිංගික ප්‍රචණ්ඩත්වය, පැහැරගැනීම්, නීතිවිරෝධී රඳවා තබා ගැනීම් සහ වධහිංසා පැමිණවීම් පිළිබඳව තමා දැඩි අවධානයෙන් පසුවන බව මහ කොමසාරිස්වරයා පවසා සිටියේය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාවක් සඳහා රජය විසින් නීති කෙටුම්පතක් හඳුන්වා දුන්නද, විශ්වසනීය සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් සඳහා පරිසරයක් නොපවතින බව අවධාරණය කළ මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ සිවිල් සමාජ නියෝජිතයන්, ජනමාධ්‍යවේදීන් සහ වින්දිතයන් මෙන්ම යුද්ධයෙන් විපතට පත්වූවන් සැමරීමේ උත්සව සංවිධානය කිරීමට සම්බන්ධ වූ පුද්ගලයන් ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීම්, හිරිහැර කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ චෝදනා තම කාර්යාලයට දිගටම ලැබෙමින් පවතින බවයි. මාර්ග ගත සුරක්ෂිතතාවය පිළිබඳ පනත, සංශෝධිත ත්‍රස්ත විරෝධී කෙටුම්පත, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණ පනත කෙටුම්පත ඇතුළු නව පනත් මගින් මහජතාවගේ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් සීමා කිරීමට රජය ප්‍රයත්න දරන අතරම මේ හරහා ආරක්ෂක අංශ වලට ඒවාට මැදිහත් වීමට මග සලසන බවටද මහ කොමසාරිස්වරයා අදහස් දක්වමින් පැවසීය. 2010 දී පුද්ගලයෙකුට වධහිංසා පැමිණවීමේ සිද්ධියකට සම්බන්ධ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෙළිදරව් කර තිබියදීත් නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් ගේ පත්කිරීම පසුගිය සතියේදී තහවුරු කිරීම පිළිබඳව සිය කනස්සල්ල පළකළ මහ කොමසාරිස්වරයා, මේ තත්ත්වය මත ආරක්ෂක අංශ තුළ වෙනස් කිරීමක් සිදුකළ යුතු බවටද කරුණු අවධාරණය කළේය. චෝදනා වලට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු මෑත අතීතයේ අභියෝග ජය ගැනීම සඳහා, රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ආයතන සෑම විටම ස්ථාවරව පවතින බව සහතික කරන අතරම රටේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසන්ධාන අරමුණු සඳහා ප්‍රමුඛත්වය ලබා දුන් බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හිමාලී අරුණතිලක පැවසුවාය. ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳව සංවේදී වීම, දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය කෙරෙහි ඇති අභියෝගවල බලපෑම මැඩපැවැත්වීම සඳහා රජය විසින් සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කර ඇති බව ඇය එහිදී සඳහන් කළාය. දැඩි බාධාවන් මධ්‍යයේ වුවද, ජාතික සමගිය, පශ්චාත්-ගැටුම් සංහිඳියාව සහ මානව හිමිකම් යන පදනම ශක්තිමත් කිරීම සඳහා වන අඛණ්ඩ ප්‍රයත්නයන් කඩිනම් කිරීම සඳහා රජයේ අරමුණු ස්ථීර සහ නොසැලී පවතින බවට සඳහන් කළ ඇය, දැනටමත් ස්ථාපිත දේශීය යාන්ත්‍රණ හරහා ප්‍රගතියක් කරා යාමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව එහිදී ඇය පැවසුවාය. සත්‍යය, සංහිදියාව සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ උපදේශන රජය, සිවිල් සමාජය, ආගමික නායකයන් සහ නීති විශාරදයින්ගේ සහභාගීත්වයෙන් සිදුවෙමින් පවතින බවත්, පනත් කෙටුම්පත 2024 ජනවාරි 1 වන දින ගැසට් කරන ලද අතර, කෙටුම්පත පිළිබඳ මහජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කියා සිටියාය. කොමිෂන් සභාව සඳහා අඩිතාලම දැමීම සඳහා අතුරු ලේකම් කාර්යාලයක් 2023 මැයි මාසයේ සිට දැනටමත් ස්ථාපිත කර ඇති අතර එහි කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යන බව ද ඇය පැවසුවාය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත දේශීය නීතියක් වන මාර්ග ගත සුරක්ෂිතතාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් සිවිල් සමාජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද අතිරේක යෝජනා සැලකිල්ලට ගනිමින් රජය සද්භාවයෙන් යුතුව මේවනවිට සංශෝධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බව ද ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය පැවසීය. එමෙන්ම සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අදාලව ඉදිරිපත් වූ පෙත්සම් සමාලෝචනය කිරීමෙන් පසුව, ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පත පිළිබඳ සිය තීරණය ලබා දී ඇති බව ද සඳහන් කළාය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය රජය විසින් පිළිගෙන ඇති අතර පනත් කෙටුම්පත නීතියට සම්මත කිරීමට පෙර සුදුසු පරිදි සංශෝධනය කරනු ලබන බවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පනත (NGO ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණ පනත් කෙටුම්පත) සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන සමඟ උපදේශන වට හයක් සිදු කර ඇති බව ද ඇය පැවසුවාය. ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය වැනි කරුණු සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන විසින් මතු කරන ලද සියලු කරුණු සලකා බලා පනත් කෙටුම්පතට ඒකාබද්ධ කර ඇති අතර ඒවා විසඳීම සඳහා පනත් කෙටුම්පතට ප්‍රතිපාදන ඇතුළත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ඇය විසින් එහිදී අවධාරණය කරන ලදී. 'මේ තත්ත්වයට හේතුව රටේ අව පාලනයයි' රටේ ඇති වූ ආර්ථික අර්බුදය වේවා වෙනත් මානව හිමිකම් ගැටළු වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ පවතින අවපාලනය, එසේත් නැත්නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ නීති අධ්‍යයන අංශයේ මූලාසන මහාචාර්ය දීපිකා උඩගම බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවාය. ඇය පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ යාවත්කාලින කිරීම හරහා ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කරන පරිසරයක ජාතීන් අතර සුහදතාවය වර්ධනය කරන්නේ කෙසේද යන්න පිලිබඳ අවධානය යොමු කර ඇති බවය. \"ඇත්තටම මේ ප්‍රකාශය දිහා බැලුවම පෙනෙන්න තියෙන්නේ පහුගිය දශක කිහිපය පුරාම දිගින් දිගටම ලංකාව පිළිබඳව ඉස්මතු කරපු කරුණු කිහිපයක් තවමත් විසඳිලා නැහැ කියලා.\" \"නමුත් කාට හරි කියන්න පුලුවන් ඉස්සර වගේ දැන් අතුරුදන්වීම් සිදුවෙන්නේ නැහැ, දේශපාලන ඝාතන අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා රටේ මානව හිමිකම් සාධනීය මට්ටමක තිබෙනවා කියලා.\" \"නමුත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය ගැන පුරවැසියන් විදිහට අපිට එකඟ වෙන්න පුලුවන්, මොකද අපි හැමදාම දකින දේවල්.\" \"ඔහුගේ ප්‍රකාශය පටන් ගන්නෙම 2022 අවුරුද්දේ සිදුවුණු ආර්ථික අවපාතය සහ ඒකට අදාලව ඇතිවුණු මහජන කැළඹීම ගැන අදහස් දක්වලා. තවමත් ආර්ථික අවපාතයට හේතු වුණු අයට දඬුවම් පමුණුවලා නෑ කියන එක ගැන අවධානය යොමු කරවලා තියෙනවා.\" \"ඒ වගේම ජනතාවගේ භාෂණයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රබල විදිහට සීමා කරන්න අණ පනත් ගෙනල්ලා තියනවා. ඒවා අවශ්‍ය නැහැ. නමුත් මහ කොමසාරිස්වරයා ගේ අවධානය යොමු වෙලා තියෙනවා ජනතාවගේ නිදහස සීමා කරන ඒ අණ පනත් ගෙන එන එක සම්බන්ධයෙන්.\" \"ඒ වගේම අතුරුදන්වූ පුද්ගලයින් ගැන කිසිම තොරතුරක් නැහැ. ඒ පවුල්වල සාමාජිකයින්ට යුද්ධය අවසන් වෙලා වසර ගණනාවක් ගතවෙලත් තවම දැන ගන්න ලැබිලා නැහැ. ඒ වගේම 2019 සිදුවුණු පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට තවමත් පිළිසරණක් නැහැ කියන එක ගැන මානව හිමිකම් කොමසාරිස්වරයා ගේ ප්‍රකාශය තුළ සඳහන් වනවා.\" \"ඒ වගේම ප්‍රශ්න කරනවා ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල ඌනතා තියෙන අවස්ථාවක, ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කරන පරිසරයක කොහොමද ජාතීන් අතර සුහදතාවය වර්ධනය කරන්නේ කියලා.\" \"ඒ වගේම මේ රටේ ඇතිවූ ආර්ථික අර්බුදය වේවා වෙනත් මානව හිමිකම් ගැටළු වලට ප්‍රධාන හේතුව තමයි රටේ පවතින අවපාලනය එසේත් නැත්නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය කියන එකයි මට කියන්න තියෙන්නේ.\" \"ඒ වගේම මහ කොමසාරිස්වරයා සිය කරුණු දැක්වීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා ප්‍රබල විදිහට ආර්ථික අර්බුදයෙන් පීඩාවකට ලක්වෙලා ඉන්න ජනතාවට සහය දෙන්න අවශ්‍ය පියවර ගන්න කියලා.\" ඇය කියා සිටියාය.",
"Title": "මානව හිමිකම් කවුන්සිලයේ 55 වන සැසිවාරය: රජය ගෙනා නව පනත් සහ පොලිස්පතිවරයාගේ පත් කිරීම පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්"
} |
{
"Text": " 2005 වසරේ පෑලියගොඩ පොලිසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහරදී මරණය සිදු කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අද (මාර්තු 04 වැනිදා) මරණීය දණ්ඩනය නියම කළේය. පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සේවය කළ උප පොලිස් පරීක්ෂක චමින්ද කුමාර සහ පොලිස් සැරයන් අනුර වීරවර්ධන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම දඬුවම් නියම කරනු ලැබීය. මහජනතාව යුක්තිය පතා පැමිණෙන්නේ අධිකරණයට බවත් ඒ අනුව නීතියෙන් නියම කළ හැකි උපරිම දඬුවම් අධිකරණය විසින් විත්තිකරුවන්ට නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය. 2005 වසරේ ජූලි මස 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රැහැන් රහිත දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අබේසිංහ නොහොත් රංජිත් නැමැති විත්තිකරුවකුට පොලිස් ස්ථානය තුළදී විකට් පොලු වලින් පහරදී මරණය සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් හතර දෙනකුට එරෙහිව නඩු පවරා තිබුණි. එහෙත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පෑලියගොඩ පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන එල්. දසනායක සහ සැරයන් මොහොමඩ් අජිස් යන නිලධාරීන් දෙදෙනා චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් නිදොස් කොට නිදහස් කිරීමටත් විනිසුරුවරයා නියෝග කළේය. 'අමානුෂික ආකාරයෙන් පහර දීලා' තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ රැහැන් රහිත දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරු පොලිස් ස්ථානයේ ජනේලයකට හේත්තු කර මාංචු දමා විත්තිකරුවන් දෙදෙනා විසින් පහර දීමක් සිදු කර ඇති බව ය. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ සටහන් යෙදීමට විත්තිකරුවන් කටයුතු කර නොමැති බවත් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පසුදා මරණයට පත්වන තුරු අදාළ සැකකරුට විත්තිකරුවන් විසින් අමානුෂික ආකාරයෙන් පහර දී ඇති ආකාරය සාක්ෂි වලින් අනාවරණය වී ඇතැයි විනිසුරුවරයා සඳහන් කළේය. වෛද්‍ය වාර්තාවේ අන්තර්ගත කරුණු උපුටා දක්වමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා “මෙම සැකකරු බිම ඇද වැටීමෙන් ඔහුගේ තුවාල ඇතිවූ බව විත්තිකරුවන් සඳහන් කර තිබුණා. එමෙන්ම අදාල මරණකරු මත් ලෝලියකු බවටත් විත්තිය විසින් ප්‍රකාශ කර තිබුණා.” “එහෙත් වෛද්‍ය වාර්තාවලට අනුව මියයන අවස්ථාව වන විට ඔහු කිසිදු මත්ද්‍රව්‍යක් භාවිත කර තිබූ බවක් අනාවරණය වුණේ නෑ. එසේම මෙම විත්තිකරුගේ සිරුරේ තුවාල 26 ක් දක්නට ලැබෙනවා. එසේම මරණකරුගේ උරහිසට යටින් තිබෙන අස්ථි සියල්ල බිඳී ගොස් තිබෙනවා.” “මෙම තුවාල බිම ඇද වැටීමෙන් ඇති වූ තුවාල නොවන බවයි වෛද්‍යවරුන්ගේ මතය. මෙම තුවාල මොට ආයුධයකින් පහර දීම නිසා ඇති වූ තුවාල බව වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. විකට් පොල්ලක් වැනි දෙයකින් පහර දුන්නොත් මෙවැනි තුවාල ඇතිවිය හැකි බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.\" ඒ අනුව මොට ආයුධයකින් පහර දීම නිසා පේෂි හානි වී අධික ලෙස රුධිරය වහනය වීමෙන් මෙම මරණය සිදුවී ඇති බව වෛද්‍යවරයා නිගමනය කර තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබේ. වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ රෝහල්ගත කරන අවස්ථාව වන විටත් මෙම විත්තිකරු මරණයට පත්වී සිටි බව සාක්ෂි වලින් අනාවරණය වී ඇති බව ය. 'සෙසු පොලිස් නිලධාරීන්ටත් ආදර්ශයක් වන පරිදි උපරිම දඩුවමක් නියම කරන්න' දඬුවම් නියම කිරීමට පෙර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයින්ට ලිහිල් දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ චතුරි විජේසිංහ අධිකරණය හමුවේ සඳහන් කළේ සමාජයේ සිටින සෙසු පොලිස් නිලධාරීන්ට ද ආදර්ශයක් වන පරිදි උපරිම දඩුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටින බව ය. නීතිය අතට ගෙන තමන්ට ඕනෑම දෙයක් සිදුකළ හැකි බව සිතන පොලිස් නිලධාරීන්ට ආදර්ශයක් විය හැකි දඬුවමක් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය. මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වු විත්තිකරුවන් දෙදෙනා කියා සිටියේ තමන් සෑම අවස්ථාවකදීම කටයුතු කළේ උසස් නිලධාරීන්ගේ නියෝග අනුව බවත් දැන් සියලු උසස් නිලධාරින් බේරී ගොස් සියලු වැරදි තමන් මත පැටවී ඇති බව ය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පොලිස් නිලධාරින් යනු සාමය රැකීම සඳහා නීතියෙන් බලය පැවරී තිබෙන නිලධාරී පිරිසක් බවත් ඔවුන්ට විමර්ශන සිදු කිරීම හැර සැකකරුවන්ට දඬුවම් පැමිණවීමේ බලයක් නීතියෙන් හිමිවී නොමැති බවත් කියා සිටියේය. මහජනයා යුක්තිය පතා පැමිණෙන්නේ අධිකරණයට වන අතර මෙම වරදට අධිකරණයෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් විත්තිකරුවන්ට නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.",
"Title": "සැකකරුවෙකුට පහරදී මරා දැමීම: හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඬුවම"
} |
{
"Text": " සීෂෙල්ස් රාජ්‍ය භාරයේ ඇති ‘ලොරෙන්සෝ පුතා 04’ බහුදින යාත්‍රාවේ ධීවරයන් හය දෙනා ආරම්භකර ඇති උපවාසය තවදුරටත් ක්‍රියාත්මකය. උපවාසයේ නිරත ධීවරයන් වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා රජය මාසයක් ඉක්ම යන තෙක් තමන් ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා ස්ථිර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ බව ය. ලොරෙන්සෝ පුතා 04 බහුදින යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කරන දුශාන් ප්‍රනාන්දු මේ වීඩියෝව නිකුත් කර ඇති අතර ඔහු ඉන් කියා සිටින්නේ ` තමන් ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා නොගතහොත් දැඩි තීරණයක් ගන්නා බවයි . මේ අතර, මෙම ධීවරයන්ගේ පවුල් වල සාමාජිකයෝ (මාර්තු 01 වැනිදා) දහවල් මාරවිල තොඩුවාව ට රැස් වූහ. එහිදී ඔවුන් කියා සිටියේ තම ඥාතීන් ට බීමට ජලය පවා සපයා ගැනීමට නොහැකිව ඇති බව ය. \"සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගත් ධීවරයින් 06 දෙනා සහ මගේ යාත්‍රාව තවමත් සීෂෙල්ස්හි වික්ටෝරියා වරායේ නැංගුරම් ලා තිබෙනවා. ඔවුන් බේරාගෙන මාසයයි. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අපේ රජය සිදු කරන නීතිමය කටයුතු ඉතා මන්දගාමීයි. ගිහින් කන්නලව් කරන්න මට වෙන තැනක් නෑ, වගකිවයුතු හැම තැනකටම ගියා\" යැයි 'ලොරෙන්සෝ පුතා - 4' බහුදින යාත්‍රාවේ හිමිකරු වන ඩබ්ලිව්. ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා මෙහිදී ප්‍රකාශ කළේය. \"බය වෙන්න එපා, අපිට කාලය ඕනේ. තව දවස් දෙක තුනකින් කියන්නම් හරියටම එයාලව කවදා ද ගේන්න පුලුවන් කියලා.\" යනුවෙන් තමන් පසුගිය බදාදා දින (පෙබරවාරි 28 වැනිදා) විදේශ කටයුතු අමාත්‍යංශයට කතාකළ විට එහි නිලධාරියෙකු එසේ පිළිතුරු දුන් බව ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා කීවේය. ඔහු පැවසූ පරිදි, සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගෙන් යාත්‍රාව සහ ධීවරයින්ව නිරුපද්‍රිතව බේරාගෙන ( පෙබරවාරි 29 වැනිදාට ) මාසයක් සම්පූර්ණ වී තිබේ. “නමුත් ධීවරයින් පිරිස සහ යාත්‍රාව තාමත් ෂීෂෙල්ස් රටේ.” ධීවරයින් සහ යාත්‍රාව බේරා ගැනීමට ශ්‍රී ලංකාවේ රජයෙන් අවශ්‍යකරන ලියකියවිලි සහ ගත යුතු නිසි නීතිමය පියවර ගැනීමට විශාල ප්‍රමාදයක්පවතින බව ඔහු සඳහන් කළේය. \"කිසිම කරදරයක් නැතිව බේරාගත්ත ධීවරයින්ව සහ යාත්‍රාව ලංකාවට ගෙන්වා ගන්න මෙච්චර කාලයක් , මාසයක් යන තුරු ධීවර අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය , ධීවර ඇමතිවරයා යන අය මේ වැඩේ මේ තරම් ප්‍රමාද කරන්නේ ඇයි කියලා අපිට හරිම ප්‍රශ්නයක්\" යැයි ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා කීවේය. ජනවාරි 17 වැනිදා ‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින ධීවර යාත්‍රාව - දික්ඕවිට ධීවර වරායෙන් අරාබි මුහුද දෙසට සිය මංගල මුහුදු ගමන ආරම්භ කළේ සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟිනි. එහෙත්, ජනවාරි 27 වැනිදා, ‘ලොරෙන්සෝ පුතා 4’ මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්විය. අවසානයේදී, ජනවාරි 29 වෙනිදා, සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මෙම ධීවරයින් පිරිස නිරුපද්‍රිතව බේරා ගනු ලැබුවේ, ධීවර අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙනි. එහිදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් 03 දෙනෙකු ද සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන තිබුණි. ෆ්‍රැන්සිස් මිල්රෝයි පවසන පරිදි, යාත්‍රාව පැහැරගැනීමෙන් පසු, සෝමාලියාව දෙසට තම ගමන ආරම්භ කළ හැකි පරිදි සංඥා ක්‍රියාත්මක කරන ලෙස මුහුදු කොල්ලකරුවන් නියමුවාට උපදෙස් දී තිබේ. යාත්‍රාවේ නියමුවා වන දුශාන්ගේ මව ස්වර්ණා මල්කාන්ති කියා සිටියේ ,” අපි හැමෝම ලොකු තිගැස්මක ඉන්නේ අපේ පුතාලාව දකිනකම්. ස්කිපර් දුශාන් මගේ පුතා. මගේ බෑනාත් ඒ අය එක්ක ඉන්නවා.” “දැන් අපේ පවුල්වලට ආර්ථික ප්‍රශ්න බලපා තියෙනවා. දැන් මාසයක් වෙනවා එයාලට රස්සාවක් නෑ. එ නිසා මාසයක් ආදායම නැහැ. රජය ඔවුන්ගේ රාජකාරි කඩිනම් කළහොත් ඔවුන්ට ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණිය හැකියි.\" ඇය පැවසුවාය. \"වාර්ෂිකව අපි යාත්‍රාවේ බලපත්‍රය ලෙස රජයට රුපියල් 50000.00 ක් ගෙවනවා. තවත් රුපියල් 120,000.00 ක් VMS රේඩාර් සිස්ටම් එකට ගෙවනවා.” ගුවන්විදුලි බලපත්‍රය සඳහා අපි තවත් රුපියල් 20,000.00 ක් වසර පහකට වරක් ගෙවනවා. ඒ වගේම යාත්‍රා නැංගුරම් ලෑම සඳහා අපි දිනකට රුපියල් 1300.00 ක් ගෙවනවා. යාත්‍රාව වෙනුවෙන් අපි රජයට විශාල මුදලක් ගෙවනවා. රටට තවත් විශාල මුදලක් උපයා දෙනවා. නමුත් අපි අමාරුවේ වැටුණහම ඔවුන්ට උදව් කරන්න බැහැ \" යැයි ෆ්‍රැන්සිස් මිල්රෝයි පැවසීය. “අපේ ජනතාව බේරා ගැනීමට ශ්‍රී ලංකා රජය මුලදී අපට උදව් කළ බව ඇත්ත. නමුත් අපේ මිනිසුන් සහ මගේ යාත්‍රාව නිදහස්කරගෙන ශ්‍රී ලංකා මුහුදු සීමාවට ගෙන ඒම ට අපේ රජයට වගකීමක් තිබෙනවා. තවත් පමා නොවී රජය වහා මැදිහත් විය යුතුයි.” ඔහු වැඩිදුරටත් පැවසීය. “මට පැහැදිලි නැති එක කාරණයක් තියනවා . ඒ මොකද්ද දන්නවද අපේ ධීවරයන්ව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහර ගත්තද නැත්නම් අපේ ධීවරයන් ඔවුන්ව පැහැර ගත්තද කියලා. මොකද අවසානයේ දඬුවම් විදින්නේ අපි නිසා” යැයිද ෆ්‍රැන්සිස් මිල්රෝයි පැවසීය. ලොකු සටනක් කරලා තමයි අපේ ධීවරයින්වයි යාත්‍රාවයි බේරා ගෙන තියෙන්නේ’ \"ලොකු සටනක් කරලා තමයි අපේ ධීවරයින්වයි යාත්‍රාවයි බේරා ගෙන තියෙන්නේ.වෙඩි හුවමාරුවක් පවා සිදුවෙලා තිබෙනවා. මේ වෙන කොට මගේ යාත්‍රාව සීෂෙල්ස් රටට ආසන්නවයි තිබෙන්නේ හෙට උදේ වෙන කොට අපේ ධීවරයින්ට ඒ රටට ගොඩ බසින්න පුළුවන් 'යැයි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගත් ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ හිමිකරු ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා පැවසීය. ශ්‍රී ලංකා රජයට හා සීෂෙල්ස් රජයට ස්තූති කිරීම සඳහා (ජනවාරි 30 වැනිදා) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේබව කියා සිටියේය. සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය මේ මාධ්‍ය හමුව කැඳවා තිබු අතර එහිදී එහි ලේකම් රුවන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ මෙවැනි අත්දැකීමක් ලැබුණු පළමු අවස්ථාව මෙය බවය. ධීවර දෙපාර්තුමේන්තුව හා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම එක් දිනක් ප්‍රමාද කළේ නම් මේ යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරා ගැනීමට නොහැකි වන බවද ඔහු පැවසීය. \"මේ සිදුවීම සැලවුණු වහාම මම ධීවර දෙපාර්තුමේන්තුව දැනුවත් කළා.විශේෂයෙන්ම ධීවර අමාත්‍යවරයා,අමාත්‍යංශ ලේකම්වරිය, ධීවර දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා දැනුවත් කළා. මේ සියලු දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවත් සමග එකතුව අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කළා.මේ සඳහා රටවල් රැසක සහය ලැබුනා .ඒ සියලු දෙනාට ස්තුතිය පුද කරනවා.” යැයි ඔහු සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගත් ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ හිමිකරු ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා ප්‍රකාශ කළේ සීෂෙල්ස් රාජ්‍යයෙන් අවශ්‍ය ඉන්ධන ආහාර හා අනෙකුත් අවශ්‍යතා ලබා ගැනීමෙන් පසු තම යාත්‍රාව මෙරට බලා ගමන් ආරම්භ කිරීමට නියමිත බවය. \"අපිට දැනගන්නට තියෙන විදිහට මුහුදු මංකොල්ලකරුවන් මේ යාත්‍රාව මංකොල්ල කාලා තියෙන්නේ අප්‍රිකාවට විකුණන්න.එහෙම වුනා නම් අපේ ධීවරයන්ට මොකද වෙන්නේ.මගේ බෝට්ටුව මංකොල්ල කද්දී ඉරාන යාත්‍රාවට අමතරව තවත් ඩිංගි බෝට්ටුවක් තිබිලා තියෙනවා.ඒ බෝට්ටුවේ ඉරාන ජාතිකයන් හා සෝමාලියානු ජාතිකයන් කීප දෙනෙක්ම ඉදාලා තියනවා.පස්සේ ඔවුන් මගේ යාත්‍රාවේ තිබුණු අහාර භාගයක්ම ඒ බෝට්ටුවට දීලා තියනවා.අපේ ධීවරයෝ (ජනවාරි 30 වැනිදා) උදේ පැයක් විතර මාත් එක්ක කතා කළා . ඒ අය හොඳ ශරිර සෞඛ්‍ය තත්ත්වයකින් පසු වෙනවා.මුල්ම අවස්ථාවේ අපේ ස්කිපර් ට පහර දීමක් කරලා තියනවා.නමුත් පසුව උයාගෙන කන්න දීලා තිබෙනවා.තවත් කරුණු තිබෙනවා මාධ්‍යට අනාවරණය කරන්න බැරි.” ඔහු පැවසීය. “මේ සිමාවේ අපේ යාත්‍රා පන්සියයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා.මේ සියල්ල අනාරක්ෂිතයි මේ නිසා ශ්‍රී ලංකා රජයෙන් හා ධීවර දෙපාර්තුමේන්තුවෙන් මේ සදහා වැඩපිළිවෙලක් අවශ්‍යයි.'මේ මාධ්‍ය හමුවට එක්වූ වෙන්නප්පුව බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් රන්ජන් පැවසීය ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනා බේරා ගැනෙයි අරාබි මුහුදේදී පැහැර ගැනීමට ලක්වූ ‘ලොරෙන්සෝ පුතා 4’ යාත්‍රාව සහ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ඇතැයි යාත්‍රාවේ හිමිකරු වන ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා (2024 ජනවාරි 29 වැනිදා දක්වා) බීබීසී සිංහල වෙත පැවසීය. ඔහු කියා සිටියේ සීෂෙල්ස් ආරක්ෂක අංශ විසින් යාත්‍රාව සහ ධීවරයින් පිරිස බේරා ගෙන ඇති බවය. ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන්ට ඒබව දැනුම් දුන් බවද ඔහු කියා සිටියේය. ‘ලොරෙන්සෝ පුතා 4’ හිමිකරු පැවසුවේ යාත්‍රාවේ සිටි සිටින කාර්ය මණ්ඩල සමාජිකයින් සමග තමන් කතා කළ බවය. ඔවුන් සුවෙන් පසුවන බවත් යාත්‍රාව සීෂෙල්ස් වෙත රැගෙන යමින් ඇති බවත් ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා නාවික හමුදාව මොකද කියන්නේ ? අරාබි මුහුදේදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස තම සම්බන්ධීකරණයෙන් මුදවා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. නාවික හමුදාව නිවේදනය කළේ, අරාබි මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, කලාපීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සමඟ එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන්, සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා (06) (2024 ජනවාරි 29) මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමට සමත්වූ බවය. නාවික හමුදාව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීෂෙල්ස් සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඇතුළු කලාපීය සෙවීම් සහ මුදවා ගැනීම් මධ්‍යස්ථාන දැනුවත් කර ඒකාබද්ධ මුදවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු මංකොල්ලකරුවන් මැඩපැවැත්වීමේ මෙහෙයුම් (Anti-Piracy Operations) සිදුකරනු ලබන ඒකාබද්ධ සමුද්‍රීය බලකාය (Combine Maritime Force – CMF) සහ කලාපීය නාවික හමුදාවන් වෙතින් මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් ධීවර යාත්‍රාව මුදවා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස දැනුවත් කර ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව තොරතුරු හුවමාරු කරගනිමින් සාමූහිකව සිදුකල මෙම මෙහෙයුමෙහි ප්‍රතිඵලයක් ලෙස, සීෂෙල්ස් ආරක්‍ෂක බලකාය (Seychelles Defence Forces) විසින් එරට වෙරළාරක්‍ෂක බලකායට අයත් “TOPAZ” නමැති වෙරළාරක්‍ෂක මුර සංචාරක නෞකාව, එරට ප්‍රධාන දූපත වන “මාහේ” දූපතේ සිට නාවික සැතපුම් 230ක් දුරින් පිහිටි එරට අනන්‍ය ආර්ථික කලාපයට අයත් මුහුදු ප්‍රදේශය වෙත යොමු කර තිබේ. ඒ අනුව, අද දින (2024 ජනවාරි 29) එම මුහුදු ප්‍රදේශයේ මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයේ තිබූ ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාව මුහුදු මංකොල්ලකරුවන්ගේ තිදෙනෙකු (03) සමඟින් සීෂෙල්ස් වෙරළාරක්‍ෂක බලකායේ “TOPAZ” වෙරළාරක්‍ෂක නෞකාව මඟින් අත්අඩංගුවට ගෙන මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිටි මෙරට ධීවරයින් හය (06) දෙනා මෙලෙස නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය. මේවන විට “TOPAZ”නෞකාව මඟින් මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගත් ධීවරයින් හය දෙනා (06) සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා වරාය වෙත රැගෙන යමින් පවතියි. ‘ලොරෙන්සෝ පුතා 4’ ‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින ධීවර යාත්‍රාව සමග ශ්‍රී ලංකික ධීවරයන් හයදෙනෙකු පසුගිය 27 වැනි දින දහවල් පැහැර ගැනීමට ලක්විය. ඉරානයට අයත් අඩි හැටක් පමණ දිග යාත්‍රාවකින් පැමිණි තිදෙනෙකු මේ කොල්ලය සිදු කර ඇති බව දැනුම් දුන් බව ‘ලොරෙන්සෝ 4’ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා බීබීසී සිංහල වෙත පැවසීය. ජනවාරි 12 වැනිදා මෙම යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ දික්ඕවිට ධීවර වරායෙනි. \"අඩි හැටක් විතර දිග ඉරානයට අයිති යාත්‍රාවකින් ඇවිල්ලා තමයි මගේ බහුදින ධීවර යාත්‍රාව කොල්ල කලා තියෙන්නේ.මගේ යාත්‍රාවෙන් දැනුම් දීලා තියෙන්නේ සෝමාලියාවේ තුන්දෙනෙක් තමයි යාත්‍රාවට නැගලා අහසට වෙඩි තියලා මේ දේ කලේ කියලා. එදා උදේ මම පැයක් විතර කතා කළා බෝට්ටුවේ හිටපු හය දෙනාත් එක්කම.ඒ අය සියලු දෙනා හොඳින් ඉන්නවා කියලා කිව්වා \" මහා මුහුදේ ඉරාන මිතුදම ජාත්‍යන්තර මුහුදේදී ධීවරයන් කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර නීතියට අනුකුලවය.ඊට අමතරව අවශ්‍යතාවයක් වූ විට ධීවරයින් එකිනෙකා සුහදව සහයෝගය දැක්වීමද සිදුවේ. විශේෂයෙන්ම මෙරට ධීවරයින් ඉරාන ධීවරයන් සමග හොඳ මිතු දමක් පවතින අතර අහාර බෙදා ගැනීම ඇතුළු ඕනෑ එපාකම් සඳහා පිහිට වීම මෙහිදී සිදුවේ. මෙදින ඉරාන යාත්‍රාව ලොරෙන්සෝ පුතා 4 වෙත කිට්ටු කරද්දී එහි සිටි ධීවරයන් සිතා ඇත්තේ මොවුන් ඉරාන ධීවරයන් බවය. එහෙත් නිමේෂයකින් ඇසුණු වෙඩි හඬත් සමග බෝට්ටුවේ සිටින්නේ සෝමාලියානු ජාතිකයන් තිදෙනෙකු බව ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාවේ ධීවරයන්ට අවබෝධ වන විට සියල්ල සිදුව ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන නියමුවා තම අනෙක් යාත්‍රාවට දැනුම් දී ඇත්තේ තමන් ඉරාන යාත්‍රාවකින් පැමිණි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට අසුව ඇති බවය. මේ නිවේදනය දැනුම් දෙනවාත් සමග වහා ක්‍රියාත්මක වන මුහුදු කොල්ලකරුවන් යාත්‍රාවේ සියලු පාලන කටයුතු සියතට ගෙන තිබේ.ඊට පෙර නියමුවාට බෝට්ටුවේ රතු බොත්තම දැල්වීමට හැකිව ඇති අතර ඒ අනුව ලොරෙන්සෝ 4 බහුදින යාත්‍රාවට අනතුරක් සිදුව ඇති බවට ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන නැව් හා ශ්‍රී ලංකාවේ යාත්‍රා වලට හා ධීවර දෙපාර්තුමේන්තුවේ මෙහෙයුම් පද්ධතියට දැනගන්නට ලැබිණි .මේ වන විට මේ යාත්‍රාවේ වී.එම්. එස් (වෙසල් මොනිටර් සිස්ටම්) පද්ධතිය අක්‍රීයව ඇති අතර ඒ හේතුවෙන් යාත්‍රාව ගමන් කරන දිශාව හඳුනාගැනීමට නොහැකිව ඇත. යාත්‍රා අනාරක්ෂිත ද? ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බහුදින ධීවර යාත්‍රා ගණන 5600 ක් බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි . එහි සභාපති ටිරෝන් මෙන්ඩිස් බීබීසී සිංහල වෙත කියා සිටියේ මේ වන විට අරාබි ජාත්‍යන්තර මුහුදේ බහුදින ධීවර යාත්‍රා පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රැකියාව කරන අතර ඔවුන් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවය. මේ සම්බන්ධයෙන් රජය හා ධීවර දෙපාර්තුමේන්තුව විශේෂ අවධානය යොමු කර ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රා 1600 කට ආසන්න ප්‍රමාණයක් ජාත්‍යන්තර මුහුදේ රැකියාව කරන අතර ඔවුන්ගේ ප්‍රධාන පන්නය ටුනා මසුන් වන අතර ඉන් රටට විශාල විදේශ විනිමයක් ලැබේ.පසුගිය 27 වැනි දින සිදුවීමෙන් පසු තවත් සිදුවීම කීපයක් වාර්තා වූ බව ලොරෙන්සෝ පුතා 4 බහුදින යාත්‍රාවේ හිමිකරු පැවසීය. \"මගේ යාත්‍රාව මංකොල්ල කාපු කණ්ඩායම මගේ යාත්‍රාව අරගෙන ලංකාවේ තවත් යාත්‍රාවකට කිට්ටු කරලා තියනවා.කලින් දැනුම් දීම නිසා ඒ යාත්‍රාව දිසාව වෙනස් කරලා තියනවා. 28 වැනිදා රාත්‍රියේත් සොමාලියාවේ යාත්‍රාවක් අපේ යාත්‍රාවකට කිට්ටු කරලා.දැන් අපේ යාත්‍රා රැකියාව කරන්නේ බයෙන්.අපි ණය වෙලා තමයි මේ රැකියාව කරන්නේ.මම කොටි ගණනක් ණයයි.ලොරෙන්සෝ 1 මම විකුණුවා.ලොරෙන්සෝ 2,3 තියෙනවා.මේ තත්ත්වය තුළ අපි කොහොමද මේ රැකියාව කරන්නේ?” ඔහු විමසා සිටියේය. ‘අපි අසරණයි’ ‘ලොරෙන්සෝ පුතා 4’ ධීවර යාත්‍රාවේ ධීවරයන් 6 දෙනෙකු සිටින අතර ඉන් තිදෙනෙකු එකම පවුලකට අයත් ඥාතීන් වෙයි. මේ ධීවරයෝ මාරවිල තොඩුවාව , කුඩාමඩුවැල්ල හා කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.\" මේ බෝට්ටුවේ මගේ පුතා ඉන්නවා. බෑනා තමයි ස්කිපර් තව ඥාති පුතෙක් ඉන්නවා.එක්කෙනෙකුගේ නෝනට බබා ලැබිලා දවස් තුනයි.තව කෙනෙක්ගේ නෝනා ට බබෙක් ලැබෙන්න.අපේ පිරිස ජාත්‍යන්තර මුහුදේ නිත්‍යානුකුලව රැකියාව කරද්දී තමයි මේ දේ වුනේ.” ජාතික ධීවර සහයෝගිතාවයේ පුත්තලම හිටපු සම්බන්ධිකාරක ලොයෙල් පිරිස් පැවසුවේ,\"අපේ ජනාධිපතිවරයා මීට සතියකට පෙර ජාත්‍යන්තර නැව් ආරක්ෂා කරන්න නාවික හමුදාව යවන්න සුදානම් කළා. දැන් අපේ ධීවරයන් ඉන්නේ අනතුරේ රැකියාව කරන්න අමාරුයි.ඒ නිසා අපි ඉල්ලනවා ජනාධිපතිවරයාගෙන් අරාබි මුහුදට ශ්‍රී ලංකාවේ නාවික යාත්‍රා දෙකක් යවන්න කියලා . ඉන්දීය නාවික හමුදා මෙහෙයුම මේ අතර ඉන්දීය ආරක්ෂක බලධාරීන් (ජනවාරි 29වැනිදා) ප්‍රකාශ කළේ අරාබි මුහුදේ කොචි සිට නාවික සැතපුම් 700 ක් බටහිර දෙසින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් තවත් ධීවරයින් පිරිසක් ඉන්දීය නාවික හමුදාවේ INS සුමිත්‍රා නෞකාව විසින් බේරාගෙන ඇති බවයි. කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකුගෙන් පමණ සමන්විත MV Iman නමැති ඉරාන ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන තිබුණි. \"INS සුමිත්‍රා, සෝමාලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ සහ ඒඩන් බොක්ක ආශ්‍රිත මුහුදු කොල්ලකෑම් මර්දන මෙහෙයුම්වල යෙදී සිටියදී ඉරාන ධජය සහිත ධීවර යාත්‍රාවක් MV ඉමාන් පැහැර ගැනීම සම්බන්ධ ආපදා පණිවිඩයකට ප්‍රතිචාර දක්වා ඇත.යාත්‍රාවට ඇතුළුවූ මුහුදු කොල්ලකරුවන් යාත්‍රාවේ සිටි පිරිස ප්‍රාණයට ගෙන ඇත,\"ඉන්දීය නාවික හමුදා නිලධාරීන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේය.",
"Title": "‘ලොරෙන්සෝ පුතා 04’ : සීෂෙල්ස් බලධාරීන් භාරයේ සිටින ශ්‍රී ලංකා ධීවරයින් උපවාසයක"
} |
{
"Text": " \"මම දවසක් පාන්ර දෙකට විතර වතුර බොන්න කුස්සියට යන ගමන් දැක්කා විෂාන්ගේ (මෙය දරුවාගේ අනන්‍යතාව හෙළි නොකිරීම සඳහා භාවිත කරන වෙනත් නමකි) කාමරයේ ලයිට් එක දාලා තියෙනවා. මේ ළමයාට තවම වයස අවුරුදු 13යි. ඉතින් මෙච්චර වෙලා පාඩම් කරන්න හේතුවක් නැති නිසා මම කාමරයට එබිලා බැලුවා ම එයා ගේම් එකක් ගහනවා, කම්පියුටර් එකේ,\" මෙම අත්දැකීම අනාවරණය කළේ, විෂාන් නමින් හඳුන්වන ඉහත කී දරුවාගේ මුත්තණුවන්ය. ජාත්‍යන්තර පාසලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම දරුවාගේ මව මහනුවර සිට රැකියාවක නිරත වන අතර, පියා බ්‍රිතාන්‍යයේ රැකියාවක නිරත වෙයි. දෙමාපියන්ගේ රැකවරණය නොලබන එම දරුවා හදාවඩා ගනු ලබන්නේ, පියගේ මව සහ පියා විසිනි. දරුවාගේ පෙරැත්ත කිරීම් අනුව පරිගණක ක්‍රීඩා මෙවලමක් ද පියා ලබා දී ඇතැයි මුත්තණුවන් හෙළි කළේය. මේ අතර, විෂාන්ගේ මිතුරෙකු ද ඔහුට වෙන ම කාමරයක් දෙන ලෙස දෙමාපියන්ට ඇවිටිලි කරන බව එම දරුවාගේ මව අප සමග පැවසීය. දරුවන්ට වෙන ම කාමරයක් ලබා දීම සඳහා සුදුසු වයසක් තිබේ ද? එවැනි කාමරයක් ලබා දිය යුත්තේ කුමන ආකාරයට ද? යන්න පිළිබඳව බොහෝ දෙමාපියන්ට ගැටලුසහගතය. 'පෞරුෂ වර්ධනයට වෙන ම කාමරයක්' දරුවන්ගේ පෞරුෂ වර්ධනය සඳහා ඔවුන් වැඩිවියට පත්වෙද්දී වෙන ම කාමරයක් ලබා දීම සුදුසු බව මනෝ වෛද්‍ය කපිල රණසිංහ පැවසීය. \"සාමාන්‍යයෙන් වැඩිවියට පත්වන වයස, ඒ කියන්නෙ 11,12,13 වයසෙදි එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක්. අඩු වයසින් ස්වාධීන කරන එක පෞරුෂයට හොඳයි. ලිංගික පරිණතභාවය ගෑනු ළමයින්ගේ කලින් එනවා. ඒ කියන්නේ වයස අවුරුදු 9-12 අතර. පිරිමි ළමයින්ගේ නම් වයස 12-14 අතර තමයි ලිංගික පරිණතභාවය ඇති වෙන්නේ. ඒ කාලෙදි වෙන ම කාමරයක් ඔවුන්ට ලැබෙනවා නම් පෞරුෂ වර්ධනයට හොඳයි කියන එක තමයි පිළිගැනීම.\" \"ශ්‍රී ලංකාවේ ගැහැනු ළමයින්ගේත්, පිරිමි ළමයින්ගේත් පෞරුෂ දුර්වලතා තියෙනවා. අතීතයේ වගේ දෙමාපියන් එක්ක එක ම කාමරයක තරුණ වයස වෙනකම් ඉන්න එක ඒකට ප්‍රධාන වශයෙන් බලපානවා. ළමයින්ව කාමර ඇතුළේ තියාගෙන හදන එක පෞරුෂ වර්ධනයට හානියක්,\" ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, වෙන ම කාමරයක් දීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව ද මනෝ වෛද්‍ය කපිල රණසිංහ පැහැදිලි කළේය. \"හැබැයි වෙන ම කාමරයක් දෙනවා කියන්නේ අනවශ්‍ය විදිහට පරිගණක, ස්මාර්ට් ජංගම දුරකතන වගේ මෙවලම් අතට දෙන එක නෙවෙයි. ඒවා භාවිතයේදී දෙමාපියන් ගොඩක් සැලකිලිමත් වීම අවශ්‍යයි. නැත්නම් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වීම වැනි දේවල්වලට යොමු වීමේ අවදානමක් තියෙනවා. කාමරයක් දෙනවා නම් දරුවාට ස්වාධීන වෙන්න අවස්ථාවක් ලබා දෙන ගමන් ඒ දරුවාගේ ආරක්ෂාව ගැනත් දෙමාපියන් විමසිලිමත් විය යුතුයි\" යුරෝපයේ ක්‍රමය හරි ද? සාමාන්‍යයෙන් යුරෝපයේ දරුවන් වයස අවුරුදු 3-5 අතර පසුවෙද්දී දෙමාපියන්ගේ කාමරයෙන් පිට කර වෙන ම කාමරයකට හුරු කරයි. කෙසේ වෙතත්, මෙවැනි තීරණයක් ගැනීමේදී දරුවන් වෙන ම කාමරයක සිටීමට සූදානම් ද? යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව විශේෂඥයින්ගේ අදහස වී තිබේ. එසේ නැතහොත්, දරුවන් තුළ හුදෙකලා වීම, සාංකාව වැනි හැඟීම් වර්ධනය වීමෙන් පෞරුෂත්වයට හානි සිදුවිය හැකි බවට ද පර්යේෂණ හරහා මත පළවී තිබේ. \"අවුරුදු 5 වෙනකම් වත් දරුවෙක් දෙමාපියන් එක්ක ඉන්න එක තමයි හොඳ. ඒ දෙමාපියන දූදරු බැඳීම දරුවන්ගේ පෞරුෂ වර්ධනයට වැදගත් වෙනවා. ඊට පස්සේ ඔවුන් වැඩිවියට පත්වෙද්දී වෙන ම කාමරයක් දෙන එක වරදක් නැහැ. හැබැයි, ඒ දරුවන්ගේ හැසිරීම් ගැන අවබෝධයක් ඇතිව තමයි ඒ තීරණය ගත යුත්තේ. සමහර දරුවෝ ඉන්නවා, ඉන්ටර්නෙට් හෝ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිකමක් දක්වන අය. ඒ වගේ දරුවන්ට ඒවාට අදාළ මෙවලම් එක්ක කාමරයක් ලබා දීම භයානක වෙන්න පුළුවන්. මොන තත්ත්වයක් යටතේ වුණත් දරුවන්ගේ ක්‍රියාකාරකම් දිහා දෙමාපියන් විමසිල්ලෙන් බැලිය යුතුමයි,\" මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් බීබීසී සිංහල සේවයට පැවසීය. 'තාක්ෂණික මෙවලම් ගැන දෙමාපියන්ගේ දැනුම ගොඩක් අඩුයි' මේ අතර, දරුවන්ට වෙන ම කාමරයක් දීමේදීත්, තාක්ෂණික මෙවලම් ලබා දීමේදීත් දෙමාපියන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ඇතැයි සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පවසයි. \"ඉන්ටර්නෙට් කියන දේ ගින්දරට සමාන කරන්න පුළුවන්. ගින්දර අපට ගොඩක් ප්‍රයෝජනවත්. ඒත් ඒකෙන් අපි ගිනි තියා ගත්තොත් වෙන්නේ විනාශයක්. ඉන්ටර්නෙට් එකත් ඒ වගේ. අවශ්‍ය ප්‍රයෝජනය නොගෙන අනවශ්‍ය දේට ඉන්ටර්නෙට් පාවිච්චි කළොත් වෙන්නේ විනාශයක්. ඒක දරුවන්ට වටහා දිය යුතුයි. මෙතන තියෙන ලොකු ම ප්‍රශ්නය තමයි දෙමාපියන්ට ඉන්ටර්නෙට් හෝ තාක්ෂණික මෙවලම් ගැන දැනුමක් නොතිබීම. ඔවුන් දන්නෙ නෑ, දරුවන් ඉන්ටර්නෙට් භාවිත කරමින් කරන්නේ මොනවා ද කියලා.\" දරුවන් ඉන්ටර්නෙට් භාවිත කිරීම සම්පූර්ණයෙන් නතර කළ නොහැකි බවත්, ඉන්ටර්නෙට් හරහා දරුවන්ට හානියක් සිදු නොවීමට ගත යුතු පියවර කිහිපයක් ඇති බවත් අසේල වෛද්‍යාලංකාර පැහැදිලි කළේය. \"දරුවන් වැරදි දේට යොමු වෙන එක වළක්වන්න යම් යම් සීමා තියෙනවා. අනවශ්‍ය වෙබ් අඩවිවලට පිසිසෙන එක වළක්වන මෘදුකාංග තියෙනවා. 'Internet safety for kids' කියලා සර්ච් කළා ම ඒ මෘදුකාංග හඳුනාගන්න පුළුවන්. ඊට අමතරව, යූටියුබ් භාවිතයේදී දරුවන්ට YouTube kids භාවිත කරන්න සැලැස්වුවහොත් දරුවන්ට නුසුදුසු වීඩියෝ සජෙස්ට් වෙන්නෙ නෑ. මේ වගේ දේවල් ගැන දෙමාපියන් දැනුවත් විය යුතුයි. ඊට අමතරව, ප්‍රධාන ම දෙයක් තමයි, වෙන ම කාමරයක් භාවිත කරන දරුවන්ට එම කාමරය තුළ ජංගම දුරකතන, පරිගණක, Playstation, Xbox වගේ පරිගණක ක්‍රීඩා මෙවලම් නොතැබිය යුතුයි.\" දරුවෙකුට වෙන ම කාමරයක් දීමේ ක්‍රමවේදය දරුවෙකු දෙමාපියන්ගේ කාමරයේ සිට වෙන ම කාමරයකට යොමු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ඉන්දියාවේ බැංගලෝර්හි ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය උපදේශිකාවක වන වෛද්‍ය සුරේඛා තිවාරි පැහැදිලි කර ඇත්තේ මෙසේය. \"දරුවන් වැඩිවියට පත් වෙද්දී ඔවුන්ට තමන්ගේ ම අවකාශයක්, ස්වයං ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා. ඒ නිසා වසය අවුරුදු 7 අවසන් වුණා ම ඔබ ඔබේ දරුවාට කියන්න පටන් ගත යුතුයි, 'මේක ඔයාගේ කාමරය කියලා. ඔබ පැහැදිලි කළ යුතුයි, කාමරය සැකසිය යුත්තේ කොහොම ද කියලා. දරුවාට කැමති පාට, කැමති ඇඳක් සහ කාමරය තුළ තිබිය යුත්තේ මොකක් ද කියන එක දරුවාට තෝරා ගන්න ඉඩ දිය යුතුයි. දරුවා ඒ කාමරය තුළ වැඩි කාලයක් ගත කරනවා ද කියලා සොයා බැලිය යුතුයි. දරුවා ඒ අනුව තමන්ගේ අවකාශයකට හුරු පුරුදු වෙනවා. කොහොම වුණත් මේ වයස හැමෝට ම පොදු නෑ. දරුවන්ගේ පෞරුෂය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්.\" කෙසේ වෙතත්, දරුවන් වෙන ම කාමරයකට යොමු කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙන් වන අතර නිරන්තරයෙන් දරුවන් පිළිබඳව සොයා බැලීම අඛණ්ඩව කළ යුතු බව මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් වැඩිදුරටත් පැවසීය.",
"Title": "දරුවන්ට වෙන ම කාමරයක් දිය යුතු වයස කුමක් ද? දෙමාපියන් දැනගත යුතු කරුණු"
} |
{
"Text": " ලෝක වනජීවී දිනය අදට (මාර්තු 03) යෙදී තිබේ. වනසතුන් ගැන තොරතුරු බෙදා ගැනීමට සහ උන් සංරක්ෂණය ගැන අද බොහෝ දෙන අවදානය යොමු කරති. ඉතා ඉහළ ජෛව විවිධත්වයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වනසත්ත්ව විශේෂ 07ක් (Top Seven Wild Sri Lanka) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ ප්‍රකාශයට පත්කර තිබේ. එම 'වනජීවී තරු හත' ඔබ හඳුනනවා ද? ක්ෂීරපායි විශේෂ හතරක්, උරග විශේෂ දෙකක් සහ එක් කුරුලු විශේෂයක් ඊට ඇතුළත් වේ.",
"Title": "ලෝක වනජීවී දිනය : ශ්‍රී ලංකාවේ 'වනජීවී තරු හත' ඔබ හඳුනනවා ද?"
} |
{
"Text": " චන්දි කොඩිකාර යනු සිංහල පාඨකයන්ගේ සුවිශාල ආදරයකට ලක් වන නවකතාකාරියකි. හිම යායක මල් පිපිලා නවකතාවෙන් ඇරඹෙන ඇගේ නවකතාකරණය සාහිත්‍ය වෙත එක් කර ඇති නවකතා ගණන මෙහි සඳහන් කළ නොහැකි තරමට සුවිශාලය. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: සුපුරුදු පරිදි මේ සංවාදය ආරම්භ කිරීමට මම ඔබගෙනුත් අහන ප්‍රශ්නය තමයි නවකතාවක ආරම්භයට මුහුණ දෙන ආකාරය. ඔබේ නවකතාවල පළවෙනි වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? චන්දි: ඇත්තටම නවකතාවක් කොච්චර හිතේ කැරකුණත් ඒකේ පළවෙනි වාක්‍යය ලියන එක තමයි අමාරුම දේ. මම නවකතාව හිතේ තියාගෙන සෑහෙන වෙලාවක් කල්පනා කරනවා කොහොමද ලියන්න ඕනෙ කියලා. කීප සැරයක් පටන් ගන්නවා කීප සැරයක් මකලා දානවා. එහෙමත් බැරි වුණොත් මම කරන්නේ ඒක අතහැරලා දාල හොඳට නිදා ගන්නවා. සාමාන්‍යයෙන් මට හීනත් එක්ක තියෙන්නෙ පුදුම සබැඳියාවක්. මට දැන් පටන් ගන්න අමාරුවෙලා තියන එක සමහර වෙලාවට මම හීනෙන් දකිනවා මෙතනින් තමයි පටන් ගන්න ඕන කියල. මම ඒක දකින්නේ කවුරුහරි හීනෙන් ඇවිත් මට කියනවා වගේ මෙතනින් පටන් ගන්න කියල. සමහර වෙලාවට නවකතාවක් හිතේ අහලකවත් නැති වෙලාවල් වලත් මට හීනෙන් පේන වෙලාවල් තියෙනවා මෙහෙම කතාවක් මෙතනින් පටන් අරගෙන ලියන්න කියල. එතකොට මම නැගිට්ට ගමන් ඒක සටහන් කරල තියාගන්නවා. ඇත්තටම අමාරුම දේ තමයි පළවෙනි වාක්‍යය ලියන එක. කෞශල්‍ය: පළවෙනි වාක්‍යය ලියන්න හදන මොහොත වෙන කොට ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද? චන්දි: දැන් මම හුඟක් ලියන්නේ පුවත් පත් නවකතා නෙ, ඒ නිසා ගොඩාක් හිත හිත ඉන්න බැහැ ටිකක් ඉක්මනට ලියන්න වෙනවා. සතියෙන් සතිය මම කොටස කොටස දෙන්න ඕනෙ නේ. සමහර වෙලාවට පළවෙනි වාක්‍යය ලියන කොට කතාවෙ අඩක් විතරයි හිතේ තියෙන්නේ. මේක කොහොම වෙයිද අවසානය මොනවගේද කියන ඒව ගැන හැඟීමක්වත් නැහැ. සමහර වෙලාවට මම පටන් ගන්න චරිතය නෙමෙයි මූලික වෙන්නේ වෙනස්ම චරිතයක්. අතුරු චරිතයක්. සමහර වෙලාවට කතාවේ දුෂ්ඨයා වෙන්න පුලුවන් ඉස්සරහට එනකොට ප්‍රධාන චරිතය වෙන්නෙ. මොකද මම පටන් ගන්නෙ කිසියම් අදහසක තදින් එල්ඹගෙන ඉන්නව කියන හැඟීමෙන් නෙමෙයි. මේ වගේ කතාවක් ලියන්නේ, මෙහෙම චරිත ඉන්නව කියන අදහස තියනවා. මම දැකපු අහපු දෙයකින් තමයි කතාවේ සැකිල්ල හැදිල තියෙන්නේ. මම ඒ ඔස්සේ තමයි ගොඩක් කල්පනා කරන්නේ. දැන් මම මගෙ නමින් ලියපු පළවෙනි නවකතාව, 'හිම යායක මල් පිපිලා' පොත නං ලිව්වෙ ඉංග්‍රීසි නවකතාවක් ඇසුරෙන්. මම ගොඩක් ඉංග්‍රීසි නවකතා කියවනවා. මගෙ හිතේ නං තියෙන්නෙ ඒක පරිවර්තනයක් කියලා. නමුත් අනුවර්තනයක් හෝ මේ දෙක අතර එකක් කියල කියන්න පුලුවන්. මම ඒකෙ කතාව අරගෙන අපේ පරිසරයට ගැලපෙන විදිහට මගෙ පරිකල්පනය එකතු කරල තමයි ලියන්නේ. ඒ නවකතාව ගොඩක් ජනප්‍රිය වුණා. කෞශල්‍ය: දැන් ඔබ කිව්ව ඔබේ නමින් ලිව්ව පළවෙනි නවකතාව හිම යායක මල් පිපිලා කියලා. ඒ කියන්නෙ ඊට කලින් ඔබ වෙනත් නමකින් නවකතා ලියල තියනවද? චන්දි: ඒක මෙහෙමයි. ඒ කාලේ පුවත්පත් ජනප්‍රිය කර ගන්න ජනප්‍රිය නළු නිළියෝ, ක්‍රීඩකයෝ ලියන විදිහට ලියනවා. ඉතින් මමත් මගෙ මුල්ම නවකතාව ලිව්වෙ ජනප්‍රිය නළුවෙකුගේ නමින්. ඇත්තටම කියනව නං සනත් ගුණතිලකගේ නමින්. සනත් අයිය දන්නෙත් නෑ මම එහෙම නවකතාවක් ලිව්ව කියල. මෑතකදි හම්බෙච්ච වෙලාවක මම එයාට කිව්වම එයා පුදුම වුණා. ඒ කාලෙ සනත් ගෙ ස්වර්ණමය කාලේ . එයා තමයි ලංකාවෙ යුවතියන්ගෙ සිහින කුමාරයා. ඉතින් මගෙ කතෘතුමා මගෙන් ඇහුවා සනත් ගුණතිලකගේ නමින් ලියන්න පුලුවන්ද කියල. මම ඒ වෙලාවෙ එකඟ වුණා. 'වතුසුදු මල්' තමයි නවකතාවෙ නම. කුමරි පත්තරේට තමයි ලිව්වෙ. ඒක තමයි මගෙ පළවෙනි නවකතාව. සති පතා ලිව්වෙ. එක කාලයක් තිබුණා මම නවකතා හතක් ලියනවා පත්තර හතකට. ඒක ඉතාම කාර්ය බහුල කාලයක්. හුඟක් දෙනෙක් අහනවා එහෙම නවකතා ගොඩක් එකට ලියන කොට චරිත පැටලෙන්නෙ නැද්ද කතාව පැටලෙන්නෙ නැද්ද කියල. ඇත්තටම මට කවදාවත් එහෙම වෙලා නැහැ. මොකද මම නවකතාවක් ලියන කොට ඒ නවකතාවේ විතරමයි ඉන්නෙ. අනික ඒ හැම නවකතාවකටම වෙන වෙනම ෆයිල්ස් තියනවා. ඒකෙ තියනවා චරිත ගැන සහ කතාවේ සාරාංශයක්. ඒ නිසා කොහොමටවත් පැටලෙන්නෙ නැහැ. හැබැයි පත්තර වලට නවකතා ලියන එක අභියෝගාත්මක දෙයක්. විවිධ වර්ගයේ පාඨකයන් ඇද බැඳ තබා ගන්න පුලුවන් භාෂාවකින් ලියන්න ඕන. සිදුවීම්, කුතුහලය තියෙන්න ඕන. ඒ සතියෙ කොටස අවසන් වෙන්න ඕන පාඨකයා ඊළඟ සතියෙ කොටස එනකන් බලන් ඉන්න විදිහට. ඒ වගේම තමයි පත්තරයකට ලියද්දි අපිට යම් යම් සීමාකම් දාගන්න වෙනවා. උදාහරණයක් හැටියට අපි නිදන කාමරයක දර්ශනයක් ඒ නිදන කාමරයේ දොර ළඟින් නවත්තන්න වෙනවා. පොතක දි එහෙම නැහැ අපිට නිදහසේ ලියන්න පුලුවන්. අනිත් එක තමයි සති පතා ලැබෙන පාඨක ප්‍රතිචාර. අපි ලියන්න පටන් ගන්න කාලෙ අන්තර්ජාලය තිබුණේ නැහැ. දුරකථන පවා මේ විදිහට තිබුණේ නැහැනෙ. ලියුම් තමයි ලැබෙන්නේ. ඉතින් සමහරු විවේචනය කරල එවනවා සමහරු හොඳ කියල එවනවා. හුඟක් අය මේ චරිතත් එක්ක බැඳෙනවා. අපි මේ චරිතයකට අසාධාරණයක් කළොත් අපිත් එක්ක තරහ වෙනවා. මං ලිව්ව 'සුදු මල් පියවිලි' කියල නවකතාවක්. මේක ක්‍රිකටර් කෙනෙක් වටා තමයි ගොඩනැඟිල තියෙන්නේ. මේ ක්‍රිකටර් කසාද බැඳපු කෙනෙක් හැබැයි එයාට තියෙනවා විශේෂ සම්බන්ධයක් එයාගෙ පළමු පෙම්වතිය එක්ක. ඇය තමයි එයාව මෝටිවේට් කරන්නෙ. ඉතින් ගොඩක් පාඨකයන්ට කතාව අවසානයේ මේ දෙන්නව එකතු කරන්න ඕන වුනා. නමුත් මට එහෙම කරන්න ඕන වුණේ නැහැ. මේ නවකතාව කොටස් 5 කට පොත් පහක් හැටියට තමයි ආවෙ. ඒ කාලෙ මට හිටිය ගොඩක් හොඳ පාඨකයෙක් ඇය ග්‍රීසියේ හිටියෙ. සාමාන්‍යයෙන් සතියකට සැරයක් විතර කෝල් කරල විස්තර එහෙම කියනවා. ඇය මම අවසාන කොටස ලියන කාලෙ මට කිව්ව ඔයා මධුරංගිට, ඒ කියන්නේ අර පළමු පෙම්වතියට, අසාධාරණයක් කළොත් මම ආය ඔයත් එක්ක කතා කරන්නෙ නැහැ කියල. කොහොම හරි පොත ආවට පස්සෙ මං එයාට කතා කරල කිව්ව පොත පිට වුණා කියල. එතකොට එයා ලංකාවට ඇවිත් හිටියෙ. එයා දැන්මම පොත ගන්නව කියල මට කිව්ව. එයා මට පහුවදා කෝල් කරල කිව්ව, මම පොත කියෙව්වා, මම පොරොන්දු කඩ කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මං කවදාවත් ආය ඔයාට කතා කරන්නෙ නැහැ කියල. අද වෙනතුරු එයා මට කතා කළේ නැහැ. කෞශල්‍ය: දැන් මේ විදිහට නිරන්තරයෙන් නවකතාව ලියන අතරෙ එන පාඨක අදහස් වලින් ලියන නවකතාව වෙනස් වෙන්නේ නැද්ද? චන්දි: නැහැ, මොකද ඒ වෙනකොට මගෙ හිත ඇතුලෙ නවකතාව සැලසුම් වෙලා ඉවරයි. නමුත් මෙහෙම දෙයක් වුණා. දැන් මගෙ මුල් කාලෙ නවකතා වල අවසානයේ ප්‍රධාන චරිත දෙකෙන් එකක් මිය යනවා. මේකට මට පාඨකයන්ගෙන් විශාල විවේචන ආවා. සමහරු මගෙ පොත් කියවන්නෙ නැහැ කියල තර්ජනය කළා. ඉතින් මගෙ පසුකාලීන නවකතා වල ඒක වෙනස් වුණා. ඒක එහෙම වෙන්න ඒ පාඨක විවේචන බලපෑවා. කෞශල්‍ය: දැන් ඔබ කිව්ව නවකතා කිහිපයක් එකවර ලියනවා කියල. විවිධ හැඟීම් තියන, විවිධ දුක් කරදර වලට මුහුණ දෙන චරිත ගොඩක් එක්ක ජීවත් වෙන එක ගැන මොකද්ද කියන්න තියෙන්නේ? චන්දි: මම හුඟක් වෙලාවට මගෙ නවකතා ලියන්නෙ සත්‍ය කතා ඇසුරෙන්. බොහෝ අය මට ඒ අයගෙ කතා කියනවා. අනිත් එක මම ගොඩක් විට කාන්තා චරිත මූලික කරගෙන තමයි ලියන්නෙ. සමහර අයගෙ කතා ඇහුවම මට දවස් කීපයක් නින්ද යන්නෙ නැහැ. කොහොමද ගැහැනු මේ තරම් දුක් විඳින්නෙ කියල හිතෙනවා. අපිට හිතා ගන්න බැරි තරම් දුක්විඳිමින් ඒත් ඒ ඉන්න තැන් වලින් ගැලවිලා එන්නෙ නැතුව ඉන්න හැටි ගැන පුදුම හිතෙනවා. ඉතින් මේ කතා මගෙ නවකතා වලට එද්දි මං ඒ අයගෙ දෛවය නවකතාව තුළ වෙනස් කරනවා. කෞශල්‍ය: දැන් මේ සිද්ධ වෙන වෙනස ඔබ හිතාමතා කරන දෙයක් ද? චන්දි: සමහර වෙලාවට හිතාමතා කරන දෙයක් නෙමෙයි. අපේ හිත ඇතුළේ වස්තු බීජයක් තියන කොට ඒක පියාපත් ලැබිල වගේ පියාඹන්න හදනවනේ. ඒක අපේ පාලනයෙන් තොර වෙනවා. එතකොට චරිත යන දිහාට අපිට ඒ අයව යවන්න වෙනවා. විසිවන සංවාදය : කැත්ලීන් ජයවර්ධන විසිඑක් සංවාදය : මංජුල සේනාරත්න විසි දෙවන සංවාදය :රූපා ශ්‍රියානි ඒකනායක විසි තුන්වන සංවාදය : කේ කේ සමන් කුමාර කෞශල්‍ය: දැන් මෙහෙම ලියාගෙන යද්දි නවකතාවක් අවසාන වෙන තැන වටහා ගන්නේ කොහොමද? චන්දි: පොතක අවසානය ගොඩක් ප්‍රබල වෙන්න ඕන. අර පළමු වාක්‍යය ලියන්න කල්පනා කරනවා වගේ දවස් ගානක් කල්පනා කරල තමයි අවසානයත් ලියන්නෙ. සමහර වෙලාවට පෲෆ් බලන කොට පදාස පිටින් වෙනස් කරනවා අවසානය ප්‍රබල එකක් කරන්න ඕන නිසා. සමහර වෙලාවට මම අවසාන කොටස් නැවත අලුතෙන්ම ලියල තියනවා. කෞශල්‍ය: ඔබ ලියන හැටි ගැන ටිකක් කියන්න පුලුවන්ද? චන්දි: මම වැඩිපුරම ලියන්න කැමති පාන්දරට. නමුත් රාත්‍රියට තමයි වැඩි පුර ලියන්න වෙන්නෙ. හැබැයි මට ඕනෙම තැනක ඕනෙම වෙලාවක ලියන්න පුලුවන්. දැන් ඉස්සර මගෙ දරුවො පොඩි කාලෙ ඒ ගොල්ලන්ව පන්ති වලට දාන්න යනකොට මම කාරෙකේ ලියන්න අවශ්‍ය දේවල් දාගෙන තමයි යන්නෙ. ඒ දෙන්න එනකන් ඉන්න අතරෙ මම ලියනවා. එහෙම නිස්කලංක පරිසරයක් ඕනෙ වගේ දෙයක් නැහැ. හැබැයි පාන්දර තමයි මම වඩාත්ම ප්‍රිය කරන වෙලාව. එතකොට ලියාගෙන ලියාගෙන යන්න පුළුවන් නවත්තන්නේ නැතුව. දැන් කම්පියුටර් එකෙන් ලියන නිසා ගොඩක් වෙලාවට ලියන කාමරේ තමයි ලියන්නේ. දැන් වුණත් හදිස්සියේ දුර පළාතක විනෝද ගමනක් වගේ ගියොත් මං අතින් ලියනවා. මොකද මං කොහෙ හරි ගියොත් ඒ පරිසරයේ හැම පුංචි දෙයක් ගැනම අවදානයෙන් ඉන්නේ. ඉතින් ඒ දේවල් නිර්මාණයක් කරන කොට ඒකට එකතු වෙනවා. නවකතා ලියන්න ගත වෙන කාලය ගත්තොත් සමහර නවකතා මාස දෙක තුනකින් ලියල ඉවර කරන්න පුලුවන්. සමහර නවකතා වලට ලොකු කාලයක් යනවා. දැන් මං 'ස්වප්න මායා' කියල නවකතාවක් ලිව්වා ඒකට අවුරුදු හයක් විතර ගියා. ටිකක් ලියනවා නවත්තනවා ආය ලියනවා. ඒකට මං කොච්චර කැප වුණා ද කිව්වොත් මං හින්දි භාෂාව පවා ඉගෙන ගත්තා. කොහොම වුනත් දැනටත් මම නවකතා දෙකක් තුනක් සමාන්තරව ලියනවා. 'අහස් උයන' කියල මගෙ පේජ් එකක් තියනවා ඒකට එකක් ලියනවා. පොතක් හැටියට තව එකක් ලියනවා. ඒ වගේම මම කම්පියුටර් එකෙන් ලිව්වට එක පොතක් තාමත් පෑනෙන් ලියනවා අකුරු කැත වෙයි කියලා. සාමාන්‍යයෙන් මම ලියාගෙන යද්දි හිර වීමක් ආවොත් හරි ඒ චරිතත් එක්ක ගැටිල ටිකක් බෝරින් වුනොත් මං වෙන එකක් ලියනවා. එහෙම නැත්තං පොත් කියවනවා. කොහෙ හරි ගමනක් ගිහින් ඇවිත් නැවත වාඩි වෙනවා. නැත්තං අලුත් කෑමක් හදනවා, එක්කෝ වත්තෙ වැඩක් කරලා නැවත එනවා. මෙහෙම තමයි. කොහොම හරි අඩුම තරමෙ දවසකට පැය තුනක්වත් ලියනවා. නොලියා හිටියොත් නොකා හිටිය වගේ අඩුවක් දැනෙනවා. කෞශල්‍ය: ලිවීම විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? චන්දි: මම ඇත්තටම ලියන්න පටන් ගත්තෙ දැන් මට අහිමි දෙයක් තියනවානෙ, මේක හිමි කරගන්න. දැන් හිතන්නකො මට අලුත් ගවුමක් නෑ කියල. හැබැයි මගෙ නවකතාවල ඉන්න අය ලස්සනට ගවුම් ඇඳල ඉන්නවා. මේක මං උදාහරණයක් හැටියට කිව්වෙ. මට අහිමි දේවල් ඔක්කොම මං නවකතා ලෝකය තුළ විඳිනවා. අනිත් අතින් ඉතින් මගෙ විනෝදාංශයත් ලියන එක, මගෙ වෘත්තියත් ලියන එක. හුස්ම ගන්නවා වගේ දෙයක් තමයි ලියන එක මට. සිංහල පාඨකයන් අතර සුවිශාල ආදරයකට පාත්‍ර වූ නවකතාකාරියක වන චන්දි කොඩිකාර ගේ ලිවීම සමඟ බැඳුණු අදහස් හා හැඟීම් ඇගේ නවකතා දෙස නැවත බලන්නට කෙනෙකුට බල කරන්නට ඉඩ ඇත. ලබන සතියේ අප හා එක් වන්නේ සමකාලීන සිංහල සාහිත්‍යය තුළ සුවිශේෂී සලකුණක් තැබූ නවකතාකරුවකු වන සමන් වික්‍රරමාරච්චි ය. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. ",
"Title": "'මම ලියන හැටි' : චන්දි කොඩිකාර"
} |
{
"Text": " පොලිසිය වර්තමානයේ කඩා වැටී තිබෙන තත්ත්වය ගැන කණගාටුවට පත්වන බව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් අද (මාර්තු 01 වැනිදා) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය. සුමති ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි පුද්ගලික සමාගම විසින් කොල්ලුපිටිය පොලිසියට එරෙහිව ගොනු කළ රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා මේ බව සඳහන් කර සිටියේය. මෙම පෙත්සම මොහොමඩ් ලෆාර් සහ ඛේමා ස්වර්ණාධිපති යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුණි. එහිදී විවෘත අධිකරණයේදී ප්‍රකාශයක් කළ අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මෙසේ පැවසීය. \" දවසක් මම ඇවිදින්න ගියා. ඒ අවස්ථාවේදී වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු මාව නැවැත්තුවා. කවුද කියලා ඇහුවා. මම හැදුනුම්පත පෙන්වා සිටියා. ඒ අවස්ථාවේදී හැඳුනුම්පත බලා ඒ නිලධාරියා මට කිව්වා ඉන්න කියලා. පස්සේ මම ඒ ස්ථානයේ ඉඳලා පොලිස්පතිවරයාට කතා කළා. පසුව පොලිස්පතිවරයා ඒ නිලධාරියාට ඇමතුමක් දුන්නා. පසුව ඒ නිලධාරියා පොලිස්පතිවරයාගෙන් ඇහුවා ඔබ කවුද? කියලා. පොලිස්පතිවරයාගෙන් පවා ඔබ කවුද කියලා අහන නිලධාරීන් ඉන්න ආයතනයක් මේක. පසුව මට යන්න කිව්වා. එහෙත් මම ගියේ නෑ. පසුව ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයා පැමිණ මට කතා කරලා සිද්ධිය ගැන කණගාටුව පළ කළා. අභියාචනාධිකරණ විනිශ්චකාරවරයෙක් වන මටත් මෙහෙම සිද්ධියකට මුහුණ දෙන්න වුනානම් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාවක්ද?\" පොලිසියට පාතාලය මෙන් හැසිරීමට නොහැකි බවත් පොලිසිය අද පත්වී තිබෙන තත්ත්වය ගැන තරහක් නොව කණගාටුවට පත්වන බවත් විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. වැඳ සමාව ගනී සුමති ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමේ සඳහන් කර තිබුණේ තම ආයතනයේ විගණන පරීක්‍ෂණයක් පැවති අතර එහිදී පුද්ගලයෙකු රඳවාගෙන සිටින බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සඳහන් කරමින් වග උත්තරකාර කොල්ලූපිටිය පොලිසිය නිලධාරීන් ආයුධ සන්නද්ධව එම ස්ථානයට කඩා වැදුණු බවට ය. එම අවස්ථාවේදී පොලිස් නිලධාරින් කළහකාරී ආකාරයෙන් හැසිරීම නිසා ආයතනික කටයුතුවලට බාධා සිදුවූ බවත් එම නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අදාළ සමාගම අධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර සමාගමේ අදාල විගණන පරීක්ෂණයට සම්බන්ධ වූ නීතිඥවරයෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර කොල්ලූපිටිය පොලිසිය වෙනුවෙන් නිලධාරියෙකු ද අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම පෙත්සම සමථයකට පත්කර ගැනීමට සූදානම් බව ය. ඒ අනුව අධිකරණයේ හමුවේ පෙනී සිටි කොල්ලුපිටිය පොලිසියේ නිලධාරියා විසින් පෙත්සම්කාර පාර්ශවයේ නියෝජිතයින්ගෙන් විවෘත අධිකරණයේ වැඳ සමාව ගත් අතර ඉන් පසුව නඩු විභාගය අවසන් කිරීමටද අධිකරණය තීන්දු කළේය.",
"Title": "'අභියාචනාධිකරණ විනිශ්චකාරවරයෙක් වන මටත් මෙහෙම සිද්ධියකට මුහුණ දෙන්න වුනානම් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාවක්ද?'"
} |
{
"Text": " හඬමින් සිටින කුඩා දරුවෙකුගෙන් ගුරුවරියක් විසින් ප්‍රශ්න විමසන වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස විවාදයකට තුඩු දී තිබේ. එම කෙටි වීඩියෝව පෙබරවාරි 27 දිනට ආසන්න දිනයක පටන් සමාජ මාධ්‍යවල හුවමාරු වූ අතර, වයස අවුරුදු හයක් පමණ වන පළමු පන්තියේ සිසුවෙකු යැයි අනුමාන කළ හැකි දරුවා හඬමින් සිටින අතර ගුරුවරිය දරුවාගෙන් විමසන ප්‍රශ්න වලට දරුවා හඬමින් පිළිතුරු දෙන ආකාරය එම වීඩියෝවේ දැක් වේ. මුල් අවස්ථාවේදී දරුවාගේ සුරතල් බව සම්බන්ධයෙන් අදහස් සමග වීඩියෝව හුවමාරු වුවද එහි ඇති බරපතලභාවය සම්බන්ධයෙන් මේ වන විට අදහස් හුවමාරු වෙමින් පවතියි. එමෙන් ම බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් එම වීඩියෝව සමාජ මාධ්‍යට එක් කළ අයට සහ එය සිදුවීම වීඩියෝ කළ ගුරුවරියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට අදහස් දක්වා තිබේ. 'විනය පරීක්ෂණයක් කරනවා' ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් අදාල පාසලේ ගුරුවරිය පිළිබඳ පරීක්ෂණයක් කරන්නේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු අංශයෙන් විමසීමක් කළ අතර, එහි නිලධාරියෙකු පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ය. කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අංශයෙන් කළ විමසීමක දී එම අංශයෙන් ප්‍රකාශ කළේ එවැනි පරීක්ෂණයක් සම්බන්ධයෙන් සිය අංශය මෙතෙක් දැනුවත් කර නොමැති නිසා අදාළ පරීක්ෂණය පාසල අයත් පළාත් සභාව යටතේ සිදු කරනු ඇති බවයි. 'නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කළා' මෙවැනි ක්‍රියාවක දී නීතිය ක්‍රියාත්මක කළ හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳ බීබීසී සිංහල ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් විමසීමක් කළ අතර එහි මාධ්‍ය අංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ සිය ආයතනය උක්ත සිදුවීම නිරීක්ෂණය කළ වහාම මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන සියල්ල දැනුවත් කිරීමට පියවරගත් බවයි. එම නිලධාරියා මෙම සිදුවීමේ ස්වභාවය වැඩිදුරටත් විස්තර කළේ මේ අයුරිණි. \"අපේ ආයතනය විසින් ළමා අපයෝජන ශාරීරික අපයෝජන, ලිංගික අපයෝජන, මානසික අපයෝජන සහ නොසලකාහැරීම කියන ප්‍රධාන වර්ග හතර යටතේ හඳුනාගන්නවා. මේ සිදුවීම නිරීක්ෂණය කළ විට ඒ ගුරුවරිය දරුවාව මානසික අපයෝජනයකට ලක් කරන බවක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම ඒ සිදුවීම වීඩියෝගත කරලා සමාජ මාධ්‍යට මුදාහැරලා දරුවාට අනවශ්‍ය නිරාවරණයක් සිදුවෙලා තියෙනවා.\" එහි දී අප එම නිලධාරියාගෙන් විමසුවේ මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක් ද යන්නයි. \"ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පනතට අනුව මේ සිදුවීමට අදාලව කටයුතු කරන්න අපට මුලින් පැමිණිල්ලක් ලැබිය යුතුයි. නමුත් මෙතෙක් අපට කවුරුවත් පැමිණිල්ලක් යොමු කරලා නෑ. එ නිසා තමයි අපි Law enforcement එහෙමත් නැතිනම් නීතිය ක්‍රියාත්මක කරවීමේ ක්‍රියාවලියේ කොටසක් විදිහට අදාල ආයතන දැනුවත් කරලා තියෙන්නේ.\" මෙම නිලධාරියා පැවසුවේ දරුවන්ගේ ඡායාරූප හෝ වීඩියෝපට සමාජ මාධ්‍යට මුදාහැරීම ඉතා අවධානම් සහගත බවයි. \"සමාජ මාධ්‍ය තුළ දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ හුවමාරු වෙලා සිදුවන නරක සිදුවීම් ගැන අපට වසරකට විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙනවා. දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ ඕනෑ තරම් වැරදි ආකාරයට පාවිච්චි කරන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවල අපි පුළුවන් තරම් උත්සහ කරනවා ඒ දේවල් සමාජ මාධ්‍යයෙන් ඉවත් කරන්න. CERT ආයතනය සමඟ සහයෝගයෙන් අපි ඒ වැඩේ කරනවා. නමුත් සමහර දේවල් අපට වුණත් ඉවත් කරන්න බැරි අවස්ථා තියෙනවා. ඒ නිසා දරුවන්ගේ භාරකාරයන් මේවා සම්බන්ධයෙන් හොඳින්ම සැලකිලිමත් විය යුතුයි.\" විවාදයට තුඩු දී ඇති සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව වසර පහක් දක්වා සිර දඬුවමක් හෝ අධිකරණය විසින් නියම කරන දඩයක් හෝ එම දඬුවම් දෙකම හෝ ලබා දීමට දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තියට අනුව හැකි බව නිලධාරියා පෙන්වා දුන්නේ ය. නව ඔන්ලයින් පනත තවත් සංශෝධන මට්ටමේ පවතින නිසා මේ සඳහා එහි ප්‍රතිපාදන යොදාගත නොහැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය. ‘වර්ධනය වෙමින් සිටින අවධියක සිටින දරුවෙකුට සිදුවිය හැකි නරකම සිදුවීමක්’ මෙවැනි වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් වීම හා එය පුළුල් ලෙස හුවමාරු වීම දරුවාගේ මානසික යහපැවැත්මට සහ පෞරුෂ වර්ධනයට කුමනාකාරයේ බලපෑමක් එල්ල කරන්නේ ද යන්න පිළිබඳව ළමා උපදේශිකාවක් වන සුබෝධිනී දිසානායකගෙන් විමසීමක් කළ අතර ඇය ප්‍රකාශ කළේ වර්ධනය වෙමින් සිටින අවධියක දරුවෙකුට මෙය නරක බලපෑමක් ඇති කරන බවයි. \"මේ දරුවා සිටින්නේ ඔහුගේ මොළයේ වර්ධනයන් සිදුවෙමින් පවතින වයසක. මේ වීඩියෝ එක නිසාම මිනිස්සු එයාව හඳුනාගන්නවිට, වීඩියෝ එක නිසා ඔහුට විහිළු තහළු කරනවිට වගේම වීඩියෝ එකෙන් තමන්ගේ දුර්වලතාවයක් සමාජයේ අය අතරට ගියා කියන එක දරුවාගෙ මනසේ තැන්පත් වුණොත් එයාට දිගුකාලීන සමාජයට මුහුවීමේ බය වගේ තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තත්ත්වය මානසික රෝගයක් දක්වා වුණත් පරිවර්තනය වෙන්න පුළුවන්.\" එනිසා මෙම දරුවාට ගොඩනැගීමට හොඳ සහයෝගයක් ඔහුගේ අවට සිටින අයගෙන් ලැබිය යුතු බව ඇය පෙන්වා දෙයි. \"දරුවාගේ අවට ඉන්න කවයෙන් හොඳ සහයක් ලැබුණොත් හොඳ අභියෝග ජයගන්නා ශක්තිමත් පෞරුෂයක් හැටියට පරිවර්තනය වීමේ හැකියාවත් තිබෙනවා. \" \"දෙමවුපියන් සහ ගුරුවරුන් දැනගත යුතුයි දරුවන්ව සමාජ මාධ්‍යවලට නිරාවරණය නොකර සිටීමට. මම සේවය කරන ආයතනයේ ප්‍රතිපත්තියක් විදිහට අපි වැඩ කරන ළමයින්ගේ ඡායාරූපයක්වත් ගන්නේ නෑ. ප්‍රධාන මාධ්‍යක වුවත් දරුවන්ව නිරාවරණය වෙන එක ගැන දෙමවුපියන් මීට වඩා හිතන්න ඕනෑ. වීඩියෝ ඡායාරූප අපි දැකලා තියෙනවා දරුවන්ගේ විවිධ තරග වගේ දේවල්වල දි. නමුත් මේවැනි අනවශ්‍ය ජනප්‍රිත්වය දරාගන්න බැරිවීම නිසා විවිධ දේවල්වලට ගොදුරුවුණු දරුවන්ගේ උදාහරණ ලෝකයේ වගේ ම ශ්‍රී ලංකාවේත් තියෙනවා. දැනට මේ සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් නැති වුණත් ඉදිරියේ දී හොඳ ශක්තිමත් ප්‍රතිපත්තියක් තිබුණොත් දරුවන්ගෙ අනන්‍යතා නිරාවරණය වීමෙන් සිදුවන බලපෑම් අඩු කරගන්න පුළුවන්,\" මනෝ උපදේශකවරිය අවසන් වශයෙන් ප්‍රකාශ කළා ය. ‘දරුවාගේ ආත්ම ශක්තියට බලපෑමක් විය හැකි සිදුවීමක්’ හඬන දරුවාගෙන් ප්‍රශ්න විමසන ආකාරය සහ එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යට මුදාහරින සිදුවීම දක්වා සමස්ත සිදුවීමේ ප්‍රශ්න සහගත තැන් කිහිපයක් හඳුනාගත හැකි බව රාගම වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ අංශාධිපති හා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පෙන්වා දෙයි. \"දරුවෙක් සහ ගුරුවරියක් අතර තියෙන සම්බන්ධතාවය දරුවෙක් සහ දෙමවුපියන් අතර තියෙන සම්බන්ධතාවය වගේ ම ගෞරවණීය සම්බන්ධතාවයක්. දරුවන් ගුරුවරියකට මොනවා හරිදෙයක් කියන්නේම ඒක හරි වුනත් වැරදුණත් ඒක ආදරයෙන් පැහැදිලි කරයි කියලා. එහෙම දරුවා දෙන උත්තරයක් දරුවාගේ දෙමවුපියන්ගේ කැමැත්තකින් තොරව බාහිර පාර්ශවයක් දැනගන්නවා නම් ඒක ගුරුවරයා හා දරුවා අතර තියෙන සම්බන්ධයේ පුද්ගලිකත්වය බිඳ දැමීමක්. මේ දරුවා කුඩා නිසා මේ තත්ත්වය නොතේරෙන්න ඉඩ තිබුණත් ඔහුට වැඩිය අවුරුද්දක් දෙකක් වැඩිමල් දරුවෙක්ට මෙය සිදුවුණා නම් ඒ දරුවා නැවත ගුරුතුමිය ප්‍රශ්නයක් ඇහුවොත් හරි උත්තරය දීමේ පීඩනයට සහ උත්තරය වැරදුණොත් ලැජ්ජාවට පත් වෙන්න වෙයි කියලා එන සිතුවිල්ලේ පීඩනයට ලක් වෙනවා. \" \"මෙහෙම වුණොත් දරුවාගේ සංජානාන කුසලතා වර්ධනය කරගන්න හිතසැහැල්ලුවෙන් උත්තරයක් දෙන්න දරුවා බය වෙනවා.\" \"මගේ දෙවනි ප්‍රශ්නය තමයි හඬමින් ඉන්න දරුවාව වීඩියෝ කරනවා වෙනුවට සහකම්පනය ඇතිකරගෙන දරුවාව සැනසුවාද කියන එක. දරුවෙක් හඬනවිට අපි මුලින්ම කරන්න ඕනෑ දරුවාව අස්වසලා සනසන එකයි. මොකද දෙමවුපියන් නොමැති පාසල් වෙලාවෙ දරුවාගේ ශාරීරික හා මානසික යහපැවැත්ම ගුරුවරියගේ වගකීමක්.\" මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ මෙම වීඩියෝව බෙදාගැනීම සදාචාර සම්පන්න ක්‍රියාවක් ද නොවන බවයි. ඕනෑම දරුවෙකුගේ ඡායාරූපයක්, වීඩියෝ පටයක් හෝ දරුවා විසින් ලියන ලද දෙයක් ප්‍රසිද්ධ කිරීමට නම් ඒ සඳහා දෙමවුපියන්ගේ ලිඛිත අවසරය තිබිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය. එහි දී අප විමසා සිටියේ මෙවැනි තත්ත්වයක් දරුවාගේ පෞරුෂ සංවර්ධනයට බලපාන්නේ කෙසේද යන්නයි. එයට මහාචාර්යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේ ය \" මේ දරුවා ගොඩක්ම පොඩි දරුවෙක් නිසා මේ වෙලාවෙදි කෙටි කාලීන බලපෑම් ඇති වෙන්න පුළුවන්. වීඩියෝ එක දකින යාලුවො, අහල පහළ අය 'අපි ඔයාගෙ වීඩියෝ එක දැක්කා' කියලා උසුළු විසුළු කරන විට දරුවා ටික දවසක් වැඩි කතා නැතුව ඉන්න හෝ බියෙන් ඉන්න හෝ සන්තාපයෙන් ඉන්න පුළුවන්. ඉතාම කලාතුරකින් පාසල් යාම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. පාසල් යාම දරුවෙකුට අත්‍යාවශ්‍ය දෙයක් නිසා එය බරපතල තත්ත්වයක් වෙන්න පුළුවන්.\" \"දරුවා ටිකක් ලොකුවෙලා වයස අවුරුදු දහයෙදී විතර කවුරු හරි එයාට මේක පෙන්නුවොත් එයාට වෛරයක් ඇතිවෙන්න පුළුවන් ඇයි ගුරුතුමිය මෙහෙම දෙයක් ප්‍රසිද්ධ කළේ කියලා. දරුවන්ට තියෙන්නේ ගොඩක්ම සංවේදී මනෝභාවයක් නම් ඒක දැකලා එයාගෙ ආත්ම විශ්වාසය අඩු වෙන්න පුළුවන්. මේ ළමයාගේ මුළු ජීවිත කාලයේම මේ වීඩියෝ එක අන්තර්ජාලයේ තියෙනවා. ඒක ඕන කාලෙක උඩ එන්න පුළුවන්,\" දරුවෙකුට මෙවගේ සිදු වීමක් නිසා ඇතිවිය හැකි දිගුකාලීන බලපෑම ද මහාචාර්ය මියුරු විස්තර කළේ ය. \"ඇමෙරිකාව වගේ අපි අහලා තියෙන සමහර රටවල්වල.මිඅනිස්සු මේ වගේ සමච්චලයට ලක් වෙන වීඩියෝ නිකුත් වුණාට පස්සෙ තමන්ගේ පෙනුම සම්පූර්ණයෙන් ම වෙනස් කටගෙන, මේකප් දාලා, තමන් පදිංචි වෙලා හිටිය ස්ථාන පවා අතැරලා ගිය අවස්ථා වාර්තා වෙලා තියෙනවා.එනිසා පැහැදිලිවම මෙවැනි සිදුවීම් පුද්ගලයෙකුගේ දිගුකාලීන ආත්මශක්තියට බලපාන්න පුළුවන්.\"",
"Title": "හඬමින් සිටින කුඩා දරුවාගේ වීඩියෝව සමාජ මාධ්‍යයට දැමූ ගුරුවරිය ගැන විමර්ශනයක්"
} |
{
"Text": " විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන අතරතුර අර්ධකාලීන රැකියාවක නිරත වෙමින් තම අධ්‍යාපන කටයුතුවලට මෙන් ම අනෙකුත් අවශ්‍යතා සඳහා ද මුදල් උපයා ගන්නා සිසුන් ලොව සුලබව දක්නට ලැබුණ ද ශ්‍රී ලංකාව තුළ එවැනි පුරුද්දක් එතරම් දක්නට නොලැබෙන බව සමාජ මතය යි. නමුත් රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ සිසුන් එවැනි අර්ධ කාලීන රැකියා සඳහා දැන් පෙරට ත් වඩා වැඩියෙන් යොමුවන අවස්ථා නැතුවා නොවේ. ඒ සම්බන්ධයෙන් මෑත කාලයේ මාධ්‍ය වාර්තා ද පළ වී තිබෙනු දක්නට ලැබිණි. බොහෝ විට පෞද්ගලික ආයතනයක අර්ධ කාලීන රැකියාවක නිරත වෙමින්, කුඩා ව්‍යාපාර කටයුත්තක නියැළෙමින් හෝ උපකාරක පන්ති පවත්වමින් මුදල් උපයන විධි අප දුටුව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයෙන් ඇසෙන්නේ ඊට හාත්පසින් ම වෙනස් කතාවකි. තම පීඨය තුළ ආර්ථික දුක්ෂරතාවලින් පෙළෙන සිසුන්ට ඔවුන්ගේ වියපැහැදම් කළමනාකරණය කර ගැනීමට උපකාර කිරීමේ අරමුණින් එම පරිශ්‍රය තුළ ම ආරම්භ කළ 'The Kiosk' (ද කියෝස්ක්) අවන්හලේ පළමු සංවත්සරය යෙදී මේ වන විට දින කිහිපයක් ද ගත වී ගොසිණි. කළමනාකරණ කටයුතුවල සිට ආහාර පිසීම, පිළිගැන්වීම සහ පිරිසිදු කිරීම දක්වා ඇති සියලු කටයුතු කෘෂිකර්ම පීඨයේ සිසුන් විසින් ම සිදු කරනු ලබන \"ශිෂ්‍ය කේන්ද්‍රීය ව්‍යාපාරයක්: වන The Kioskහි අලෙවිකරණ ප්‍රධානී මෙන් ම, එහි ආරම්භක සාමාජිකාවක ද වන ඕෂනී වර්ණපුරගේ බීබීසී සිංහල සමග සංවාදයට එක් වූයේ ඒ පිළිබඳ කතා බහක යෙදීමට ය. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ම සත්ව විද්‍යාව හදාරන අවසන් වසර ශිෂ්‍යාවකි. 'යැපුම් මානසිකත්වය බිඳ දැමීම එක අරමුණක්...' \"අපේ ෆැකල්ටි එකේ ආර්ථික දුෂ්කරතා තියෙන ළමයින්ට ශිෂ්‍යත්වයක් වගේ දීලා උදව්වක් කරන්න කිව්වා ම, දැන් ඒ වගේ දෙයක් දුන්නොත් එක පාර ඉවරයි නේ, එහෙම නැතුව ළමයින්ට එයාල ම සල්ලි උපයාගෙන ව්‍යවසායකත්වය දියුණු කරන්න, වෘත්තීය හැකියා සංවර්ධනය කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි පටන් ගත්තේ,\" යැයි ඕෂනී අප හා පැවසුවා ය. ඇය සඳහන් කළේ, ඇතැම් ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් තුළ ඇති යැපුම් මානසිකත්වය (welfare mentality) බිඳ දැමීම ද එහි එක් අරමුණක් වූ බව ය. \"හැම තිස්සේ ම ළමයෙක් ශිෂ්‍යත්වයක්, ශිෂ්‍යාධාරයක් වගේ බලාපොරොත්තු වෙනවනේ... එහෙම නැතුව එයාලට ම එයාලට තියෙන ෆ්‍රී ටයිම්වල වැඩ කරලා සල්ලි උපයන්න අවස්ථාවක් දෙන එකත් එක අරමුණක්.\" The Kiosk ආරම්භ වන්නේ, 2023 වසරේ ජනවාරි මස 9 වන දා ය. එහි වාර්ෂික තිරසර කාර්ය සාධන වාර්තාව අනුව, The Kiosk යනු, 'Hummingbird' නමැති ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම පීඨයේ 92/93 කණ්ඩායම විසින් අරමුදල් සපයා එම පීඨය තුළ ක්‍රියාත්මක කරන ලද පළමු ව්‍යාපෘතිය වේ. ඒ සම්බන්ධ මූලික සාකච්ඡා ඇරඹෙන්නේ 2022 වසරේ ජූනි මාසයේදී ය. මේ දක්වා ඔවුන් විසින් ඒ සඳහා සිදු කර ඇති මුළු ආයෝජනවල වටිනාකම රුපියල් 6,000,000ක් බව ද එම වාර්තාවේ සඳහන් ය. 2016, 2017, 2018, 2019 සහ 2022 යන වසරවලට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 58 දෙනෙකු මේ දක්වා The Kiosk අවන්හලේ සේවය කර ඇති හෝ තවමත් සේවය කරන බව ද එම වාර්තාව පෙන්වා දෙයි. ගත වුණු මාස 12 තුළ කෝකියන් සිව් දෙනෙකු එහි සේවය කර ඇති අතර දැනට පූර්ණ කාලීනව කෝකියන් තිදෙනෙක් එහි සේවය කරති. ඕෂනී පවසන්නේ, තම පීඨයේ වැඩි වශයෙන් සිසුවියන් සිටින බැවින් අවන්හල තුළ වැඩි වශයෙන් සේවය කරන්නේ ද සිසුවියන් බව ය. 'සාමාන්‍යයෙන් මාසයකට රු. 15,000ක් විතර හොයන්න පුළුවන්...' ඕෂනී බීබීසී සිංහල සමග සඳහන් කළේ, මෙම අවන්හලේ සේවය කරන ශිෂ්‍යයෙකු සාමාන්‍යයෙන් මාසයකට රු. 15,000ක පමණ මුදලක් උපයන බව ය. සතියේ දින 7 පුරාවට ම ක්‍රියාත්මක මෙම අවන්හල විවෘත වන්නේ උදෑසන 10:00ට ය. එතැන් සිට රාත්‍රී 8:00 දක්වා ම එය විවෘතව පවතී. විශ්වවිද්‍යාලයේ සිටින ශිෂ්‍යයින්ට, අධ්‍යයන - අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට මෙන් ම, විශ්වවිද්‍යාලයට පිටින් පැමිණෙන අමුත්තන්නට පවා මෙහි ආහාර රස විඳීමට අවස්ථාව සලසා තිබේ. විදේශිකයින් පවා තමන් පිළියෙළ කරන ආහාර භුක්ති විඳීමට පැමිණෙන බව ඇය සඳහන් කළේ අභිමානයෙනි. එසේ වුව ද අවන්හලේ කටයුතු අවසන් වන්නේ රාත්‍රී 9:00ට ය. ඒ දක්වා බෙදුණු සේවා වැඩ මුර 4කට සම්බන්ධ වෙමින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඔවුන්ට අධ්‍යාපන කටයුතු අතර ලැබෙන විවේක කාලවලදී මෙහි සේවය කරති. සාමාන්‍යයෙන් අප ආහාරයට ලබා ගන්නා ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, නූඩ්ල්ස් ආදී ප්‍රධාන ආහාර කෝකියන් අතින් පිළියෙළ කෙරුණ ද බන් වර්ග, බර්ගර් වර්ග, හොට්ඩෝග් ආදී සෙසු ආහාර පිළියෙළ කරනු ලබන්නේ සිසුන් විසින් ම ය. The Kioskහි පිළිගැන්වෙන මිල්ක්ෂේක් වැනි කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදන විශ්වවිද්‍යාල ගොවිපළෙන් ලබා ගන්නා කිරිවලින් පිළියෙළ කිරීම විශේෂත්වයක් බව ඕෂනී පැවසුවා ය. දවස අවසාන වන්නේ අවන්හල පිරිසිදු කිරීමේ ක්‍රියාවලියෙනි. ඕෂනී පවසන පරිදි The Kioskහි ආකෘතිය සාමාන්‍ය ව්‍යාපාරයක ආකෘතියකට බෙහෙවින් සමාන ය. ඒ ඔස්සේ සිසු සිසුවියන්ට එහි ඇති Finance, HR, supply, event management සහ marketing යන අංශවලට ද සම්බන්ධ වී කටයුතු කිරීමට අවස්ථාව හිමි වේ. ඇය සඳහන් කළේ, සිසු සිසුවියන් තම සේවා වැඩමුරයට අමතරව මෙම අංශවලට සම්බන්ධ වී වැඩ කිරීම හරහා ද අමතර මුදලක් උපයන බව ය. එම කණ්ඩායම් සඳහා වෙන් වූ කණ්ඩායම් නායකයින් ද සිටින අතර අවන්හල සඳහා සාමාන්‍යධිකාරීවරයෙකු ද සිටියි. අනෙක් පීඨවල සිසුන්ට ද මෙහි පැමිණ තම දක්ෂතා [ගීත ගායනය] ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සලසා දී ඇති බව ඇය අප හා පැවසුවා ය. ඇය පෙන්වා දුන්නේ, නව නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම ආදී කටයුතු ද එහි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ය. \"ළමයින්ට එයාලගේ ෆුඩ් ප්‍රඩක්ට්ස් හදලා ඒවා කොහොම ද මාර්කට් කරන්නේ කියන එකත් ඉස්සරහට පටන් ගන්න හිතාගෙන ඉන්නවා.\" ඊට අමතරව රාජකාරියේ නිරතවන සිසුන්ට අදාළ සේවා වැඩමුරයේදී නොමිලේ ආහාර වේලක් ලබා දෙන බව ඇය අප හා පැවසුවා ය. තව ද විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා පමණක් 'බජට් රයිස්' ලෙස හඳුන්වා ඇති ආහාර වේලක් රු. 350ක මුදලකට මිලට ගැනීමට ඉඩ සලසා ඇති බව ද ඇය සඳහන් කළා ය. 'අධ්‍යාපන කටයුතු එක්ක සමබරව පවත්වා ගෙන යන්න පුළුවන්...' අවන්හලේ රාජකාරි කටයුතු තම අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් සිදු කිරීමට හැකි බව ඕෂනී පැවසුවා ය. \"ප්‍රධාන ම දේ තමයි රෝස්ටර් එක එයාලට කැමති විදිහට තෝරා ගන්න පුළුවන්.\" ඇය පෙන්වා දුන්නේ, අවන්හලේ කළමනාකරණ කටයුතුවලට ද සම්බන්ධ වීමට ද අවස්ථාව සැලසෙන බැවින් සිසු සිසුවියන්ට එම අංශ පිළිබඳව ද \"වෘත්තීය මට්ටමේ\" පුහුණුවක් The Kiosk හරහා ලැබෙන බව ය. අවන්හලෙන් උපයන ලාබය \"සේවය කරන සිසු සිසුවියන්ගේ මාසික පඩි ගෙවීම සඳහා\" වැය කෙරෙන බව ඇය පැවසුවා ය. \"ඊට අමතරව අපි තව CSR ප්‍රොජෙක්ට්ස් [ආයතනික සමාජ වගකීම් වැඩසටහන්] කළා. විශ්වවිද්‍යාලයේ Health Centre එකට අපි දහවල් ආහාර ලබා දුන්නා... එතන ඉන්න රෝගීන්ට. ඊට පස්සේ, පිළිකා රෝහලේ වැඩසටහනකට දායක වුණා. අපේ පළවෙනි ඇනිවසරි එක තිබුණා ජනවාරිවල, එතනදිත් පිළිකා රෝහලටයි, පන්සලට දානයක්... ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් පවා කරනවා.\" 'සම්පූර්ණ බිස්නස් එකක් ක්‍රියාත්මක වෙන්නේ කොහොම ද කියන අත්දැකීම ලැබෙනවා...' ඕෂනී සඳහන් කළේ, ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳ පූර්ණ දැනුමක් The Kiosk හරහා සිසු සිසුවියන්ට ලැබෙන බව ය. ඒ සඳහා විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් ද \"විශාල සහයෝගයක්\" හිමිවන බව ඇය පැවසුවා ය. \"දැන් අපේ ඇතුළේ ම ඉන්නවා ළමයි එයාලගේ බිස්නස් පටන් ගත්ත. දැනට කරගෙන යන අයත් ඉන්නවා [කැෆේ එකේ වැඩ කරන ළමයි],\" යැයි ඇය බීබීසී සිංහල සමග පැවසුවේ තම අනාගත අරමුණ පිළිබඳව ද සඳහන් කරමිනි. \"මගෙත් බිස්නස් එකක් කරන අරමුණක් තියෙනවා. කලින් ඉඳලා ඒ අදහස් තිබ්බා. හැබැයි කැෆේ එකේ වැඩ කරනකොට ඒක ඇත්තට ම කරන්න පුළුවන් දෙයක් කියලා තහවුරු කර ගන්න පුළුවන් වුණා අත්දැකීම් එක්ක.\" අවන්හල තුළ සනීපාරක්ෂාව උපරිම මට්ටමින් පවත්වාගෙන යාමට තමන් ඇතුළු කාර්ය මණ්ඩලය සැමවිට ම උත්සහ ගන්නා බව ද ඇය පැවසුවා ය. ඊට අමතරව ආහාර නාස්තිය අවම කර ගැනීමට උපරිම උත්සහ කරන බව ඇය සඳහන් කළා ය. \"ෆුඩ් වේස්ට් එක පොඩ්ඩක් හරි තියෙනවා නේ. ඒක අපේ ෆාම් එකට ම දීලා වේස්ට් මැනේජ්මන්ට් කරනවා.\" විශ්වවිද්‍යාල මගින් පිරිනමන උපාධි පාඨමාලාව ඔස්සේ විවිධ විෂයයන් පිළිබඳ දැනුම තමන් වෙත ලබා දෙන බව ත් The Kiosk හරහා එම න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව අත්හදා බැලීමට අවස්ථාව උදාවන බව ත් ඕෂනී සඳහන් කළේ, තම අදහස්වලට තවත් කරුණක් එක් කරමිනි. ඇය බීබීසී සිංහල සමග වැඩිදුරටත් මෙසේ පැවසුවා ය. \"[මේ හරහා සිදුවන] ආකල්ප වෙනසත් එක්ක යැපුම් මානසිකත්වය නැතුව තමන්ට ම තමන්ගේ දෙයක් කරලා වෙනසක් කරන්න... ඒ කියන්නේ අභියෝග කොහොම ද අවස්ථා බවට පත් කර ගෙන කළමනාකරණය කර ගන්නේ කියන හැමදේ ම කර ගන්න පුළුවන්.\" 'කැම්පස් ළමයින්ගේ තියෙන අධිමානය නැති කරන්නත් මේක හොඳ දෙයක් කියලා හිතුවා...'- ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් එස්. කොඩිතුවක්කු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් එස්. කොඩිතුවක්කු ද The Kiosk අවන්හලේ මූලාරම්භය පිළිබඳව සඳහන් කරමින් බීබීසී සිංහල සමග පැවසුවේ, දරුවන්ට \"නිකන් සල්ලි දෙනවා වෙනුවට වැඩ කරලා අභිමානයක් එක්ක සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක් හදමු,\" යන 92/93 කණ්ඩායමේ යෝජනාව මත එය බිහි වූ බව ය. \"කොවිඩ් කාලෙට පස්සේ ආර්ථික අර්බුදයත් එක්ක එක පාරට ම කෑම මිල වැඩි වුණා, ළමයින්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වුණා නේ. ඊට පස්සේ අපි ලෝකේ වටේ ම ඉන්න අපෙන් ඉගෙන ගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ආධාර ඉල්ලුවා. දැනටත් දෙනවා ඒ ගොල්ලන්. ඊට පස්සේ එක කණ්ඩායමක් කිව්වා අපි මෙහෙම දෙයක් කරමු ද කියලා.\" මහාචාර්යවරයා සඳහන් කළේ, ආහාර ලබා දීම හෝ මුදල් උපයා ගැනීමට අවස්ථාව සලසා දීම පමණක් නොව, \"කැම්පස්වල ගොඩක් ළමයින්ගේ තියෙනවනේ අධිමානයක් එළියට යනකොට. ඕක නැති කරන්නත් අපි හිතුවා මේක හොඳ දෙයක් කියලා. මොක ද මේ අය හැම දෙයක් ම කරනවා. කුස්සියේ ඉඳලා, අතුගාන එක, මේස පිරිසිදු කරන එක පවා ඒ අය තමයි. ටීම්ස් හදා ගෙන කරන්නේ,\" ආදී ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අරමුණු ද ඊට මුල් වූ බව ය. මෙම කාර්යය සඳහා එම සිසු සිසුවියන්ට මග පෙන්වමින් පූර්ණ සහය විශ්වවිද්‍යාලයෙන් ඔවුන්ට ලබා දෙන අතර, ඔවුන් සඳහා සහතික පත්‍රයක් ද පිරිනැමීමට කටයුතු කර බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් එස්. කොඩිතුවක්කු පැවසීය. ඔහු පෙන්වා දුන්නේ, එහි සිදුවන සියලු කාර්යයන් තමන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් අධීක්ෂණය කරනු ලබන බව ය. \"අපි ඒක කරන්න යන්නේ නෑ. ඒ අයට තමයි කරන්න දෙන්නේ. වැරද්දක් උණොත් කොහොම ද ඊළඟ පාර ඒ වගේ දෙයක් නොවෙන්නේ කියන මග පෙන්වීම තමයි දෙන්නේ. ළමයින් ම තේරුම් අරගෙන ළමයින් ම තීරණ අරගෙන පාලනය කරන එකක් තමයි ඔතන තියෙන්නේ. අපි පැත්තක ඉඳලා තමයි සහය දෙන්නේ.\" ඔහු අවධාරණය කළේ, මේ හරහා දරුවන්ට ලැබෙන ආකල්පමය වෙනස ඉතා වැදගත් බව ය. 'ව්‍යවසායකත්වය දියුණු වෙනවා...' එමෙන් ම, ප්‍රධාන පෙළේ හෝටල් සම්බන්ධ කර ගනිමින් මෙම කාර්ය සඳහා අවශ්‍ය පුහුණුවක් ලබා දීම ද සිදු කරන බව ඔහු පැවසීය. \"ළමයින්ට තියෙන හැකියාවන් ප්‍රදර්ශනය කරන්නත් ඒවා ටෙස්ට් කරන්නත් කැම්පස්වල අවස්ථාවක් නෑනේ, පොතට ම නේ මේ අය හුරු වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ දෙයක් වෙනකොට අර පීඩනය දරා ගන්නත් ඒ අය හුරු වෙනවා. මොක ද ඉගෙන ගැනීම පමණක් නෙවෙයි මේ වගේ දෙයක් කරලා මේ වගකීම් දරා ගෙන ඉඳලා ඒ වගේ දේකින් මට හිතෙනවා සම්පූර්ණ හොඳ උපාධිධාරියෙක් හදන්න පුළුවන් කියලා.\" මහාචාර්යවරයා සඳහන් කළේ, ඇතැම් දරුවන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමග දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලීම පවා නතර කර ඇති බව ය. යැපුම් මානසිකත්වය නැති කිරීමට මෙය ඉවහල් වන බව ඔහු පෙන්වා දුන්නේ ය. \"දැනට මෙනූ අයිටම්ස් ගොඩක් දෙන්න පුළුවන් කමක් නැහැ. මොක ද කළමනාකරණය කර ගැනීමේ අපහසුතාවක් තියෙනවා නේ. නමුත් මේ දරුවන් අලුත් ආහාර වර්ග මෙනූ එකට එකතු කරන්න උත්සහ කරනවා. ඒ වගේ දේවල් එක්ක බිස්නස් එකක් කරන එකත්, ව්‍යවසායකත්වය දියුණු වෙන එකත් මෙතනින් වෙනවා කියලා මම හිතනවා,\" යැයි ඔහු වැඩිදුරටත් බීබීසී සිංහල සමග පැවසීය. 'සිසුන් 100ගෙන් ව්‍යවසායකයන් බවට පත් වන්නේ 1 කෙනෙක් පමණයි...' - මහාචාර්ය රුක්මාල් වීරසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ මහාචාර්ය රුක්මාල් වීරසිංහ බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මෙම වැඩපිළිවෙළ අගය කළ යුතු බව ය. ඔහු සඳහන් කළේ, 2011 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශය ද එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට උත්සහ කළ බව ය. වසර එකහමාරකට ආසන්න කාලයක් එහි සිසුන් සිය පවත්වා ගෙන ගිය බව ඔහු සඳහන් කළේ ය. දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලොව විශ්වවිද්‍යාල තුළ එවැනි ආකෘති ක්‍රියාත්මක වන අවස්ථා බොහොමයක් දක්නට ඇති බව ද ඔහු පැවසීය. \"ඒ වගේ විශ්වවිද්‍යාලයටකට තමන්ගේ තියෙන ඉඩ පහසුකම්, වෙළෙඳපොළ අවස්ථා ටික ළමයින්ට මූලිකත්වය දීලා දෙන්න පුළුවන් නම් හොඳයි. එතකොට අපි ලොකු ලාබයක් ගත්තේ නැති වුණත් ඒකෙන් ලැබෙන අත්දැකීම වටිනවා. බිස්නස් එකක් පටන් ගන්න. ඒක නිසා ඒ වගේ අවස්ථා අනෙකුත් ආයතන තුළත් හැදෙනවා නම් හොඳයි. පාසල්වල උණත් අපි දකිනවා ව්‍යවසායකත්ව කව හදාගෙන ඉන්නවා. ඒවා හරහාත් ළමයින්ට බිස්නස් මොඩල්ස් හදන්න සමහර ගුරුවරු උදව් කරනවා.\" මහාචාර්ය රුක්මාල් වීරසිංහ පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ සිටින සිසු සිසුවියන්ගෙන් ව්‍යවසායකයන් බවට පත් වන්නේ 1%ක් පමණක් බව ය. ලොව ඇතැම් විශ්වවිද්‍යාලවල එම අගය 10%ත් 20%ත් අතර අගයක් ගන්නා බව ඔහු පෙන්වා දුන්නේ ය. \"ඒ අතින් ගත්තා ම අපේ රටේ සෑහෙන අඩු ව්‍යවසායකයෝ බිහිවෙන අනුපාතයක් තියෙන නිසා යම් යම් උපාය ක්‍රම තෝරා ගන්න වෙනවා මේ අයව දිරිමත් කරන්න. මේක එක උපාය ක්‍රමයක්.\" කෙසේ වෙතත්, එවැනි ව්‍යාපාරවක තිරසරභාවය ගැන ගැටලුවක් ඇති බව ඔහු සඳහන් කළේ ය. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ, මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් අතර ඇති අඩු ක්‍රය ශක්තිය ය. \"විශ්වවිද්‍යාලයක් ඇතුළේ කරලා ලාභ ප්‍රතිශතයක් තියා ගන්න එක ටිකක් අමාරු වෙනවා. ඒක අභියෝගයක්. ඊට පස්සේ ළමයින්ගේ ආකල්පවලත් තියෙනවනේ ප්‍රශ්නයක්. කරන කණ්ඩායම දිරිමත් කරන්න සහ ඒ අයගේ ධෛර්යය තවදුරටත් වැඩි කරන්න විශ්වවිද්‍යාලයේ අනෙක් ප්‍රජාවගේත් වගකීමක් වෙනවා. අලුත් ව්‍යාපාර නේ, අඩු පාඩු තියෙන්න පුළුවන්, ඒවා අපිට දරා ගන්න වෙනවා. අන්න ඒ වගේ පොඩි සංස්කෘතියකුත් හැදෙන්න ඕනේ. සමාජ මාධ්‍ය මගින් මේවා ප්‍රචලිත කරන එක හොඳයි.\" අනාගතයේදී කිහිප දෙනෙකු හෝ මේ හරහා ව්‍යවසායකයන් බවට පත් වීම වටිනා කාරණයක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය. 'අනාගතයේදී රජයේ රස්සා ගැන නම් බලාපොරොත්තු තියා ගන්න එපා...' මහාචාර්ය රුක්මාල් වීරසිංහ අවධාරණය කළේ, තරුණ තරුණියන් අනාගතයේදී රජයේ රැකියා පිළිබඳව බලාපොරොත්තු තබා නොගත යුතු බව ය. \"අනාගතයේදී නම් රජයේ රස්සා පිළිබඳව නම් බලාපොරොත්තුවක් තියාගන්න එපා කියන එක තමයි මම කියන්නේ. පෞද්ගලික අංශයේ උණත් සෑහෙන දුරට තමන්ගේ වියදම් පාලනය කරන්න අවශ්‍යයි. ඒ නිසා ඒ ගොල්ලෝ වුණත් ඉස්සර තරම් රැකියා මිනිස්සුන්ට විසි කරන එකක් නැහැ. ඒක නිසා රැකියාවක් හොයා ගැනීම ඉතාමත් ම අභියෝගාත්මක දෙයක් වෙනවා අනාගතයේදී.\" ඒ සඳහා ඇති \"හොඳ ම විකල්පය\" අනුන් මත යැපීමකින් තොරව ස්වාධීනව ජීවත් වීමට අඩිතාලම දමා ගැනීම බව ඔහු පෙන්වා දුන්නේ ය. \"අපි ඉස්සර වගේ බලන් ඉන්න නරකයි, මම උපාධිය ඉවර කරලා මොකක් හරි කරලා හම්බ කරන්න. අනිවාර්යයෙන් මේ විශ්වවිද්‍යාලයට එනකොට ම තමන් අනුන් මත යැපෙන්නේ නැතුව තමන් තමන්ගේ ආදායම සරි කර ගන්න ශක්තිමත් වෙන්න පුළුවන් නම්, හැම දරුවෙකුට ම හොඳයි. ඒකට විශ්වවිද්‍යාලයකින් යම් ආකාරයක සහයෝගයක් ලැබුණා හෝ නැතා හැම දරුවා ම හිතට ගන්න ඕනේ දේ තමයි තමන්ට තමන්ගේ ආදායමෙන් මිසක් අනාගතයේදී කාගෙන්වත් යැපිලා ජීවත් වෙන්න බෑ කියන එක. දෙමව්පියෝ මත වුණත් යැපෙන්න නරකයි.\" ශ්‍රී ලංකාව තුළ මුදල් අය කිරීමකින් තොරව නොමිලේ අධ්‍යාපනය ලබා දෙන බැවින් එහි උපරිම වාසිය රැගෙන තවදුරටත් දෙමව්පියන්ට හෝ රටට බරක් නොවී දරුවන් තම ස්වාධීනත්වය තමන් විශ්වවිද්‍යාල තුළ ගත කරන සිව් වසර තුළ සකසා ගැනීම සිදු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය. \"අවුරුදු 4 ඉවර වෙලා එළියට යනකොට රස්සාවක් අනුන්ගෙන් ඉල්ලන්නේ නැති වෙන්න තමන් අනිත් අයටත් රස්සා දෙන්න පුළුවන් තත්ත්වෙකට හැදෙන්න ඕනේ. එතකොට තමයි ඒ දැනුම සහ කුසලතා ලබා ගත්ත කණ්ඩායම රටට සේවයක් කළා වෙන්නේ.\"",
"Title": "The Kiosk: 'යැපුම් මානසිකත්වයට තිත තබන' පේරාදෙණිය සරසවි සිසුන්ගේ අවන්හල"
} |
{
"Text": " දේශබන්දු තෙන්නකෝන්ගේ ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පහිවරයා ලෙස අද (පෙබරවාරි 29) රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි. ඔහුගේ අතීත ක්‍රියා කලාපය මෙන්ම පොලිස්පතිවරයා ලෙස පත් කළ ආකාරය සමාජයේ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රශ්න කෙරෙන පසුබිමක ඔහු නව පොලිස්පතිවරයා ලෙස රාජකාරි ආරම්භ කිරීම ගැන බොහෝ දෙනා අදහස් පළ කරති. ''තෙන්නකෝන් මහත්තයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක තීරණය වෙලා තියෙනවා ඔහු වද හිංසාවට සහ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු වෙනවා කියලා. ඒ වගේම විවිධ අවස්ථා වලදී නීතිපතිවරයා තීරණයක් අරගෙන තිබුණා අධි චෝදනා නගන්න. ඒ තීරණය අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරලා තියෙනවා. ඒකට එරෙහිව රජයේ නීතිපතිවරයාම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. පොලීසිය ගැන තිබෙන මහජන විශ්වාසය කඩ වෙලා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයම තීරණය කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන්නේ ආදර්ශවත් පුද්ගලයෙක් පොලිස්පති ධූරයට'' යනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් BBC සිංහල සේවයට පැවසුවේය. නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රසාදය පළ කරන අතර තවත් පිරිසක් විවේචනාත්මක අදහස් පළ කරති . විවිධ පාර්ශවයන දක්වන එම අදහස් මේ වීඩියෝවේ අන්තර්ගත වේ.",
"Title": "දේශබන්දු තෙන්නකෝන් : 'නව පොලිස්පති පත් කිරීම කිසිසේත් සුදුසු හෝ ව්‍යවස්ථානූකූල තීරණයක් නොවේ'"
} |
{
"Text": " ශ්‍රී ලංකාවට පිවිසෙන රන් දොරටුව ලෙස හදුන්වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවක විරෝධතා, වර්ජන සහ ගුවන් ගමන් ප්‍රමාද වීම් සහ අවලංගු වීම් නිසා ගුවන් මගීන්ගේ විරෝධතා බහුල ස්ථානයක් බවට පත් වී තිබේ. සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය (පෙබරවාරි 27 වැනිදා) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා අවලංගු වීම් සහ ප්‍රමාද වීම් නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට සිදු වන අපහසුතා පිළිබඳ තමන් අතිශයින් කනගාටුවට වන බව ය. පුරුද්දකට ගිය ශ්‍රී ලංකන් ගුවන් ගමන් ප්‍රමාදය ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාද වීම් සහ අවලංගු වීම් නිසා පසුගිය මාස කීපය තුළම ගුවන් තොටුපොළ තුළ විදේශීය සංචාරකයන් මහත් කළබැගෑනි සිදු කර තිබුණි. එහෙත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෙම ගැටළු නොදුරු දිනකදී නිවැරැදි වේ යැයි උපකල්පනය කිරීම අපහසු වී තිබේ. ඒ, ගුවන් යානා හියඟය, යානා සඳහා අවශ්‍ය අමතර කොටස් ලැබීම ප්‍රමාද වීම හා සේවක හිඟයයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් පසුගිය දා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ගමන් අරඹා පියාසර කරමින් තිබියදී යානයේ වායු සමනය කිරීමේ පද්ධතියේ හටගත් ගැටළුකාරී තත්ත්වයක් මත එම යානය මෙල්බර්න් ගුවන් තොටුපොළ වෙත යළි ගොඩ බැස්සවීමට සිදුවිය. පකිස්ථානයේ ලාහෝර් නුවර දී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළට මීයෙකු රිංගීම නිසා එම ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට ප්‍රමාද විය. පසුගිය පැය 24 ක කාලය තුළ ශ්‍රී ලන්කන් ගුවන් යානා 9 ක් පමණ අවලංගු වී තවත් ගුවන් යානා 16 ක් පමණ ප්‍රමාද වීමට ලක්ව තිබේ. ජාතික ගුවන් සේවයේ යානා ප්‍රමාදයන් සමග කටුනායක ගුවන් තොටුපොළේ මෙවැනි ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ සංචාරකයින් බහුල වශයෙන් පැමිණෙන සහ ඉදිරියේදී පැමිණීමට නියමිතව ඇති පසුබීම තුළය. සංචාරකයින් පැමිණිමේ වර්ධනයක් ඉන්දීය සංචාරකයන්ට හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයශංකර් මීට ඉහතදී පියවර ගෙන තිබුණි . ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ ගුවන් තොටුපොළ රැසක සිට එයාර් ඉන්ඩියා ( ඉන්දීය ගුවන් සේවය ) , ඉන්ඩිගෝ , ශ්‍රී ලන්කන් , ෆිට්ස් එයාර් සහ විස්තාරා යන ගුවන් සේවා දෙරට අතර දෛනික ගුවන් මෙහෙයුම් නව ප්‍රවණතාවන්ට ගැලපෙන පරිදි , ගුවන් මෙහෙයුම් වාර වැඩි කරමින් ක්‍රියාත්මක කරමින් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස දැනට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතරින් වැඩිම පිරිස ඉන්දීය ජාතිකයන් බවට පත් වී තිබේ. මීට අමතරව එරොෆ්ලොට් ගුවන් සේවය ( Aeroflot ),අසූර් එයාර් ( Azur Air ) ,එයාර් අස්තානා සහ රොසියා යන ගුවන් සේවා රුසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් සිටිති. එසේම රෙඩ් වින්ග්ස් ( Red Wings ) ගුවන් සේවය ද රුසියාවේ සිට හම්බන්තොට මත්තල ගුවන් තොටුපොළ වෙත සිය ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටියි. 2023 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් අතුරින් වැඩිම පිරිස අතර ප්‍රමුඛ ස්ථානයක් රුසියානු සංචාරකයින්ට හිමිවන බව මේ පිළිබඳ විමසීමක දී කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාරවරිය අනාවරණය කළාය. එමෙන්ම බටහිර යුරෝපා රට වලින් මෙන්ම නැගෙනහිර යුරෝපා රටවලින් සහ චීනයෙන් ද මේ වනවිට විශාල වශයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර එම ප්‍රමාණය 2024 වසරේ ජනවාරි 31 වැනිදා වනවිට ලක්ෂ දෙක ඉක්මවා ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාරවරිය වැඩිදුරටත් පැවසුවාය. ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත 10 න් එකක් බවට ලොව ප්‍රමුඛ සංචාරක වෙඩ් අඩවි කීපයක් විසින නම් කරනු ලැබ තිබීම ද ශ්‍රී ලංකාව විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී තිබේ. ආගමන විගමන කවුළු පෝලිම කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිශ්කාශන කවුළු දැනට 22 ක් පමණ ඇති අතර මෙම දෙපාර්තමේන්තුවේ පරිගණක සහ දත්ත පද්ධතිය නඩත්තු කිරීම පෞද්ගලික සමාගමක් විසින් සිදු කරනු ලබයි. එම පද්ධතිය නිතර බිඳ වැටීම් වලට ලක් වේ. එනිසා සමහර අවස්ථාවල පැය ගණනාවක් විදේශීය සංචාරකයන්ට පෝලිම් තුළ රස්තියාදු වීමට සිදුව තිබේ. කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන පරිගණක පද්ධතිය වරින්වර බිද වැටීමට විසඳුමක් ලෙස අලුත් (Server) පද්ධතියක් ස්ථාපිත කිරීම සහ මෙතෙක් භාවිතා කළ තොරතුරු හුවමාරුව සදහා Fiber Optic ක්‍රමෝපායන් භාවිතා කිරීමට පියවර ගෙන ඇති බවත් , මෙම විසදුම් මගින් මෙතෙක් පැවති බිඳ වැටීම් නිමාවට පත් වනු ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවසීය . මීට අමතරව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළු තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා විද්‍යුත් කවුළු ( e - counter ) පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වෙත හදුන්වා දීමට පියවර ගනිමින් ඇති බවද ඔහු පැවසීය. අභ්‍යන්තර ගුවන් පහසුකම් ගුවන් තොටුපොළ වෙත පැමිණෙන විදේශීය සංචාරකයන්ට රට අභ්‍යන්තරයට යෑම සදහා විවිධ ප්‍රවාහන ක්‍රම කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ. ඒ අතුරින් කටුනායක සහ යාපනය පලාලි ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් සේවාවක් ෆිට්ස් එයාර් ගුවන් සේවය මගින් ක්‍රියාත්මක කර තිබේ. මීට අමතරව සිනමන් එයාර් වැනි අභ්‍යන්තර ගුවන් සේවා ආයතන සීගිරිය , කොග්ගල , පුත්තලම වැනි ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සිය ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි . කටුනායක ගුවන් තොටුපොළ තුළ ප්‍රධාන සංචාරක ප්‍රවාහන ප්‍රභවයක් ලෙස සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් තම සමාගම යටතේ ලියාපදිංචි ටැක්සි රථ 1,005 ක් පමණ සේවයේ යොදවා තිබේ. මෙම රථ අතර බොහොමයක් පැරණි මදක් අබලන් වූ රථ පවතින බව එහි ගමන් ගන්නා සංචාරකයන් පැමිණිලි කර තිබේ . මැදපෙරදිග සිට පැමිණෙන ගෘහ සේවිකාවෝ බොහෝ විට මෙම ප්‍රවාහන මාධ්‍ය තෝරා ගැනීමට පෙළඹී සිටිති. සංචාරක කවුන්ටර් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ පැමිණෙන විදේශීය සංචාරකයන්ට මීළඟට මුණ ගැසෙන්නේ සංචාරක කවුන්ටර් ( Travel Counter ) ගණනාවකි . ඒවා සංඛ්‍යාත්මකව 06 කි.ඒවා මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙත සේවා රැසක් ඉටු කරනු ලබයි . සංචාර සඳහා සංචාරකයින්ට සහන පැකේජයන් ක්‍රියාත්මක කිරීම, හෝටල් වෙන් කිරීම , හදිසි අවස්ථා වලදී ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීම,සංචාරකයන්ට තමන්ටම පදවා ගෙන යා හැකි පදනම මත (Rent a Car ) පා පැදියේ සිට ඕනෑම වාහනයක් සපයා දීම, විදේශ රටවල රියදුරු බලපත්‍ර විනාඩි 20 ක් තුළ ශ්‍රී ලංකාවේ වාහන ධාවන කිරීමට අවසර ලැබෙන පරිදි පරිවර්තනය කර දීම , සංක්‍රමණික ගුවන් මගීන් සඳහා කෙටි කාලීන සංචාර සංවිධානය කර දීම , මධුසමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සදහා නිස්කලංක , යහපත් දේශගුණික ස්වභාවයන් ඇති හෝටල් වෙන් කර දීම වැනි සේවා රාශියක් සිදු කරයි. මෙම කවුටර් තුළ නවීන සුඛෝපභෝගී රථ 720 ක් පමණ පළපුරුදු සංචාරක ප්‍රවර්ධන රියදුරන් සමග සේවා සැපයීම සදහා ලියාපදිංචි වී සිටිති. ගුවන් තොටුපොළ ආශ්‍රිතව උබර් (Uber ) සහ පික් මී ( Pick me ) රථ සේවා ද ක්‍රියාත්මක ය. සංවිධානාත්මක තැරැව්කරුවන් ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත සංවිධානාත්මක තැරැව්කරුවන් කල්ලියක් සූදානම් වී සිටින බව ද අප කළ සොයා බැලීමේදී අනාවරණය විය. විදේශීය සංචාරකයින් තම ගමන් පහසුකම් සළසා ගැනීම සදහා ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණෙන විට , පෙර කී සංවිධානාත්මක කල්ලිය අඩු මිළට ප්‍රවාහන පහසුකම් සපයන මුවාවෙන් සංචාරකයන් රැගෙන යාම සිදු කරනු ලබයි. මෙවැනි සිදුවීම් නිසා සංචාරකයින් විශාල ගැටළුකාරී අවස්ථාවන්ට ද මුහුණ පෑමට ද සිදූව අවස්ථාද වාර්තා වී තිබේ. එසේම මෙම සංචාරකයන්ට ආහාරපාන සහ නවාතැන් සපයන හෝටල් ද අත්තනෝමතික ලෙස ඉහළ මිළ ගනන් සිතු සේ අය කළ අවස්ථා පිළිබඳ පැමිණිලි ද වාර්තා වෙමින් තිබේ . කටුනායක ගුවන් තොටුපොළ පොහොසතුන්ට පමණ ද ? අසල්වැසි ඉන්දියාව, තායිලන්තය, ජපානය ඇතුළු බොහෝ රටවල පොදු ප්‍රවාහන සේවා තුළින් ගුවන්තොටුපල තුළටම පිවිසීමට හා පිටවීමට මගීන්ට අවකාශ සලසන අතර පොදු ප්‍රවාහන බස් සේවා හෝ මෙට්‍රෝ දුම්රිය භාවිත කරමින් ගුවන් තොටුපොළේ සිටම අවශ්‍ය ගමනාන්ත වෙත යෑමට සංචාරකයින්ට පහසුකම් සැලසීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ට කටුනායක එවැනි පහසුකම් නොමැති වීම හේතුවෙන් විවිධ පෞද්ගලික රථ වාහන වලින් පැමිණෙන පුද්ගලයින්ට හැර පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් පැමිණෙන මගීන්ට එය හිස රදයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංගම , පෞද්ගලික බස් රථ , යතුරු පැදි , ත්‍රිරෝද රථවලට එය තහනම් කලාපයක් වී ඇත. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කටුනායක - ඇවරිවත්ත නගරයේ බස් නැවතුම් පොළෙන් බැස , එතැන් සිට සිය ගමන් මලු කර මත තබා ගෙන ගුවන් තොටුපොළ වෙත ගමන් කිරීමට සිදු වී තිබේ. මෙහිදී මගීන් මුහුණ දෙන වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ වැසි දින වලදී මෙම ගුවන් මගීන්ට කිලෝ මීටර් දෙකකට ආසන්න දුරක් සිය ගමන් මළු ද රැගෙන තෙත බරිත වෙමින් ගුවන් තොටුපොළ වෙත පිවිසීමට සිදු වීම ය . පොදු ප්‍රවාහනය භාවිත කරමින් පැමිණෙන මගීන් සඳහා විශේෂ ඉඩකඩක් වෙන් කළ යුතු ස්ථානයක ඔවුන්ට මෙලෙස සීමා පැනවීම කනගාටුදායකය. එහෙත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පහසුවෙන් ගමන් කළ හැකි පොදු බස් රථ සේවාවක් ක්‍රියාත්මක කෙරෙන බස් රථ නැවතුම් පොළක් හෝ ගුවන්තොටුපොළ දුම්රිය නැවතුම් පොළ යළි සක්‍රීය කිරීමට පියවර ගත හොත් අඩු ප්‍රවාහන පිරිවැයක් යටතේ දෙස් විදෙස් සංචාරකයන්ට සිය ගමන් පහසුව සළසා ගත හැකිය . කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසීමේ දී පමණක් නොව විවිධ රටවල සිට පැමිණෙන ගුවන් මගීන් විශාල වශයෙන් තම ගමන් මලු ඉතා අසීරුවෙන් රැගෙන කටුනායක ඇවරිවත්ත නගරය වෙත පැමිණ , එතැන් සිට සිය ගමන් පහසුකම් සළසා ගන්නා ආකාරය ද සුලභ දසුනක් වී තිබේ . කල්මුණේ , අම්පාර වැනි නැගෙනහිර පළාතේ නගර කීපයකින් ගමන් ගන්නා ශ්‍රී ලංගම බස් රථ කීපයකට පමණක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට දැනට අවසර ලබා දී තිබේ. දැනට මෙම ගුවන් මගීන් තම ගමන් පහසුකම් දුම්රිය සේවය මගින් සළසා ගන්නේ නම් ඒ සඳහා කටුනායක 18 කණුව නිදහස් වෙළෙඳ කලාප දුම්රිය ස්ථානය වෙත පැමිණිය යුතුව තිබේ . ‘කැනඩා මිත්‍ර මාවත’ මේ අතර, කොළඹ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රථ වාහන වලින් පැමිණීමේදී , \"කැනඩා මිත්‍ර මාවත \" නමින් හැඳින්වෙන පිවිසුම වෙත පැමිණි විට , එකවර මාර්ග කිහිපයකට ප්‍රවේශ වන ලෙස පැවතීම නිසා සංකීර්ණ තත්ත්වයට මුහුණ දීමට රියදුරන්ට සිදු වී තිබේ . මෙම මාවත ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත , කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ මිනුවන්ගොඩ දෙසට ගමන් කළ හැකි මාර්ග පද්ධතිය විහිදී ඇති බැවින් , එම මාවත ඔස්සේ ගමන් කරන මගීන් විපිළිසරභාවයට පත් වේ . මෙම සංකීර්ණභාවය මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය , ගුවන් තොටුපොළ සමග සාකච්ඡා කර වඩාත් සරළ මාර්ග පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගත යුතු බව රියදුරන් පෙන්වා දෙයි.",
"Title": "කටුනායක ගුවන් තොටුපොළ: මගීන්ට හිසරදයක් වූ ශ්‍රී ලංකාවට පිවිසෙන රන් දොරටුව"
} |
{
"Text": " ශ්‍රී ලංකාවේ සුවිශේෂී දේශපාලනඥයෙකු මෙන් ම හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මෙල් අඟහරුවාදා (පෙබ: 27) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. පවුලේ ඥාතීන් පවසන්නේ, 98 වන වියේ පසු වූ ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව ය. පරිපාලන නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවය ආරම්භ කර ඇති රොනී ද මෙල්, පසුකාලීනව වඩාත් කතාබහට ලක්වූ ප්‍රබල දේශපාලනඥයෙකු බවට පත්විය. මුල් අවධිය රොනී ද මෙල් උපත ලබා ඇත්තේ, 1925 වසරේ අප්‍රේල් 11 වන දා ය. ඔහුගේ දෙමාපියන් 1948 වසරේදී ලංකා සිවිල් සේවයට එක්වූ ඔහු, කර්මාන්ත දෙපාර්තමේන්තුව, වවුනියාව කච්චේරිය, පුත්තලම කච්චේරිය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවලට අනුයුක්තව සේවය කළේ ය. වූයේ, රොජට් ද මෙල් සහ ග්ලැඩිස් මෙන්ඩිස් දෙපළ ය. රොනී ද මෙල් යනුවෙන් සිය නම භාවිත කළ ද, ඔහුගේ සැබෑ නම රොනල්ඩ් ජෝසෆ් ගොඩ්ෆ්‍රි ද මෙල් ය. ගල්කිස්ස, සාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත්තේ ය. ඔහු එහිදී හැදෑරූ ප්‍රධාන විෂයයන් වූයේ, ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක් සහ ඉතිහාසය යි. සිවිල් සේවකයා 1948 වසරේදී ලංකා සිවිල් සේවයට එක්වූ ඔහු, කර්මාන්ත දෙපාර්තමේන්තුව, වවුනියාව කච්චේරිය, පුත්තලම කච්චේරිය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවලට අනුයුක්තව සේවය කළේ ය. 1950 වර්ෂයේදී ඔහු කම්කරු හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර ලේකම්වරයෙකු ලෙස පත් කරනු ලැබූ අතර, 1952 වසරේදී එහි නිත්‍ය සහකාර ලේකම්වරයෙකු ලෙස පත් කරන ලදී. පසු කලෙක ඔහු ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙකු ලෙස ද සේවය කළේ ය. 1964 වසරේදී ඔහු සිවිල් සේවයෙන් විශ්‍රාම ගත්තේ ය. දේශපාලන ගමන්මග ලංකා සිවිල් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු දේශපාලනයට පිවිසියේ ය. 1965 වසරේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසියේ, පරාජයක් කරපින්නාගෙන ය. එම වසරේදී පැවති මහ මැතිවරණයේදී බිබිල ආසනය නියෝජනය කරමින් තරග වැදුණු රොනී ද මෙල්, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූ ධර්මදාස බණ්ඩා හමුවේ පරාජයට පත්විය. ඉන්පසු ඔහු 1970 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවිනුවර අපේක්ෂකයා ලෙස තරග වදිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. 1977 වසරේදී ඔහු යළිත් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, ඒ, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි. අයවැය අඛණ්ඩව 11 වරක් ඉන්පසු ඔහු 1977 වසරේ සිට 1988 වසර දක්වා වසර 11ක් පුරා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යටතේ මුදල් අමාත්‍ය ධූරය දැරීය. ශ්‍රී ලංකා අයවැය ඉතිහාසයේ වැඩි ම වාර ගණනක් අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරුන් දෙදෙනාගෙන් රොනී ද මෙල් එක් අයෙකි. අනෙකා මහින්ද රාජපක්ෂ ය. ඔවුන් දෙදෙනා ම 11 වරක් අයවැය ඉදිරිපත් කර ඇති අතර, අඛණ්ඩව 11 වරක් අයවැය ඉදිරිපත් කර ඇත්තේ, රොනී ද මෙල් ය. මේ සම්බන්ධයෙන්, ලංකාදීප පුවත්පතට නිහාල් ජගත්චන්ද්‍ර සැපයූ 'රොනීගේ හපන්කම්' නමැති ලිපි මාලාවේ එක් ලිපියක මෙසේ සටහන් කර තිබිණි. \"1977 සිට එක දිගට අයවැය ලේඛන එකොළහක් ඉදිරිපත් කර ලෝක වාර්තාවක් පිහිටුවා ඇති රොනී ද මැල් නම් ඔහු තනිකර ම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නිෂ්පාදනයක් ලෙස හැඳින්වීම වඩාත් යුක්තිසහගත ය. අප එසේ කියන්නේ, ජේ.ආර්. ජයවර්ධන 1977 දී තමන් බලයට පත්වූ වහා ම රොනී ද මැල්ට තම ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය ලබා දුන් බැවිනි.\" (නිහාල් ජගත්චන්ද්‍ර - 2018 නොවැම්බර් 04) විවෘත ආර්ථිකය ඇති කිරීමේ පුරෝගාමියා ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය ස්ථාපනය කිරීම සඳහා මූලික මෙහෙවරක් කළ රොනී ද මෙල් වර්ෂ 2004 දක්වා පාර්ලිමේන්තුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පමණක් නොව සංස්කෘතිය, දේශපාලනය, සමාජය ඇතුළු සියල්ල උඩුයටිකුරු කළ විවෘත ආර්ථික සංකල්පයේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස සැලකෙන්නේ, රොනී ද මෙල් ය. නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවේ ඇති කිරීම සම්බන්ධයෙන් පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ ඔහු, වික්ටෝරියා, රන්දෙණිගල ආදී දැවැන්ත ව්‍යාපෘති, නිදහස් වෙළෙඳ කලාප ආදිය ඉදිකිරීම සඳහා යුරෝපා රටවල සහ මෙරිකාව වැනි ප්‍රබල රටවල් සමග සාකච්ඡා කර අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමට සමත් විය. හාස්‍යමය යෙදුම් රොනී ද මෙල් පිළිබඳව විවිධ අදහස් ජනතාව අතර පැවතිණි. ඒ අනුව, ඔහු සම්බන්ධයෙන් හාස්‍යමය යෙදුම් ද එවකට සමාජයේ පමණක් නොව මාධ්‍යවල ද භාවිත විය. ඉන් එකක් වන්නේ, 'රොනී පනී' යන්න ය. ඔහු වරින් වර පක්ෂ මාරු කිරීම සැලකිල්ලට ගනිමින් සමාජය තුළ ඔහුට මෙම යෙදුම පටබැඳී තිබිණි. තවත් යෙදුමක් වන්නේ, 'රොනී ද මෙල් - රොටී ද පොල්' යන්න ය. ඔහු දිගු කලක් අයවැය ඉදිරිපත් කිරීම හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාව කෙරෙහි ඔහු යම් බලපෑමක් වී තිබිණි. ඒ අනුව, ඔහුට මෙවැනි යෙදුම් භාවිත කෙරිණි.",
"Title": "රොනී සමුගනී: අයවැය වාර්තා තැබූ 'ශ්‍රී ලංකා විවෘත ආර්ථිකයේ පුරෝගාමියා' ගැන මේ කරුණු දැන සිටියා ද?"
} |
{
"Text": " ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පිහිටි සංචාරක අවන්හලක පැවැත්වීමට නියමිතව තිබූ සාදයක් පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර අවධානයක් යොමු වී තිබේ. එම සාදයට ජාත්‍යන්තර අවධානයක් හිමි වූයේ, එය \"සුදු මුහුණු සහිත\" සංචාරකයින්ට පමණක් වෙන්වූවක් බවට සංවිධායකයින් ප්‍රචාරණය කර තිබීමත් සමග ය. අදාළ සාදය පෙබරවාරි 24 වන සෙනසුරාදා Sarayka Lounge නමැති අවන්හලෙහි පැවැත්වීමට සැලසුම් කර තිබිණි. කෙසේ වෙතත්, පෙබරවාරි 23 වන දා ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් Sarayka Lounge සඳහන් කර තිබුණේ, වහා ක්‍රියාත්මක වන පරිදි අදාළ සාදය නතර කිරීමට පියවර ගත් බව ය. සිය අවන්හලෙහි විවිධ ඉසව් සඳහා සත්කාරකත්වය සපයන අතර, මෙය ද එවැනි ඉසව්වක් බවත් ජාතිවාදී ප්‍රකාශන හෝ සංවිධානවලට මීට පෙර හෝ ඉදිරියේදී හෝ සහය නොදෙන බවත් එහි සඳහන් විය. ඒ සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ද එහි දැක්වේ. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය: නවතම තත්ත්වය කුමක්ද? දැඩි විරෝධයක් \"සුදු මුහුණු පමණක් ඇති\" සංචාරකයන්ට සීමා කර තිබූ මෙම රාත්‍රී සාදය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා කරන ලද ප්‍රචාරණයේදී ම එල්ල වූයේ, දැඩි විරෝධයකි. මෙවැනි සාද හරහා වර්ණ භේද වාදයට මග විවර වන බවට දෙස් විදෙස් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ දැඩි විවේචන එල්ල විය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත දිගින් දිගට ම එල්ල වූ මෙම විරෝධය හමුවේ එම සාදය අහෝසි කිරීමට සිදුවී තිබිණි. සංවිධායකයෙකුගේ පසුතැවිල්ල මෙම සාදය සංවිධානය කිරීමට සහය දුන් බව පවසන geo_ecstatic නමින් පෙනී සිටින DJ ශිල්පියෙකු ඉන්ස්ටග්‍රෑම්හි සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින්, සමාව ඉල්ලා තිබේ. ඔහු සිය සටහන සිංහල බසින් ද පළ කර තිබීම විශේෂත්වයකි. රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රතිචාරය මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සඳහන් කර තිබුණේ, \"අදාළ සාදය පැවැත්වීමට නියමිතව තිබූ අවන්හල සහ ප්‍රධාන සංවිධායකයින් රුසියානු පුරවැසියන් බව තහවුරු නොවන දත්තවලින් පෙනී යන,\" බව ය. කෙසේ වෙතත්, එහි සඳහන් කර තිබුණේ, එය \"Dress-code: White\" එනම් සුදු පැහැති ඇඳුමින් සැරසී පැමිණිය යුතු සාදයක් බව ය. රුසියානු රජය සියලු ම ආකාරයේ වාර්ගික නොසලකා හැරීම් හා ජාතිවාදය දැඩි සේ හෙළාදකින බවත්, කුමන ආකාරයේ වුව ද, එවැනි කෲරකම්වලට එරෙහිව කටයුතු කරන බවත් එහි දැක්වේ. එසේ ම, ශ්‍රී ලංකාවේ නීතියට හා චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරන්නැයි රුසියානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත 'බීබීසී ආයතනයට කිසිදු අදහසක් දක්වන්න බෑ' - රුසියානු තානාපති කාර්යාලය සැලසුම් කර තිබූ උණවටුන රාත්‍රී සාදය සම්බන්ධයෙන් සහ සංචාරක වීසා මත ශ්‍රී ලංකාවේ රැඳී සිටින රුසියානු ජාතිකයින් ව්‍යාපාරවල නිරතව සිටින්නේ ද? යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් අප දුරකතනය ඔස්සේ විමසීමක් කළ අතර, එහිදී එය ඊමේල් පණිවුඩයක් හරහා යොමු කරන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව, අප යොමු කළ ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය දැනුම් දී තිබුණේ, 'බ්‍රිතාන්‍ය බලධාරීන් \"Russia Today\" පුවත් ඒජන්සිය සමග සහයෝගයෙන් කටයුතු නොකරන හෙයින්, BBC ආයතනයට කිසිදු අදහස් දැක්වීමක් කළ නොහැකි,' බව ය. ආගමන විගමන පාලකගේ නියෝගයට ජනපතිගෙන් වැට මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට නියෝගයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙබරවාරි 22 වන දා සිට දින 14ක කාලයක් ලබා දෙන බවට ය. කෙසේ වෙතත්, පූර්ව කැබිනට් අනුමැතියකින් තොරව ආගමන විගමන පාලකවරයා නිකුත් කළ එම නියෝගය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කළේය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මීට පෙර දීර්ඝ කළ වීසා ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීන්දුවක් ගෙන නොමැති බව ය. මේ සම්බන්ධයෙන්, ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියගෙන් අප කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් කිසිවක් මේ මොහොතේ සඳහන් කළ නොහැකි බව ය. 'පුංචි මොස්කව්' ගාල්ල, උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටල් ව්‍යාපාරය වැඩි වශයෙන් රුසියානු ජාතිකයින් අතට පත්ව ඇතැයි උණවටුන සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති නීතිඥ රූපසේන කොස්වත්ත පැවසීය. ඔහු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය හමුවේ නෝර්වේ වැනි ස්කැන්ඩිනේවියානු රටවල සංචාරකයින් උණවටුන ප්‍රදේශය අතහැර මිරිස්ස ප්‍රදේශයට යාමේ ප්‍රවණතාවක් ඇති වී ඇති බව ය. \"මගේ මිතුරෙක් ඉන්නවා නෝර්වේවල. ඔහු මට කිව්වා, ස්කැන්ඩිනේවියානු රටවල සංචාරකයින් උණවටුන පුංචි මොස්කව් කියලා හඳුන්වනවා කියලා. ඇත්තට ම උණවටුනේ සංචාරක අවන්හල් වැඩි සංඛ්‍යාවක් කරගෙන යන්නේ රුසියානු ජාතිකයින්. ඔවුන් ඒ ව්‍යාපාර කරගෙන යන එක වරදක් නෙවෙයි. මගේ හෝටලයත් රුසියානුවෙකුට බදු දීලා තියෙන්නේ. හැබැයි නීති විරෝධී විදිහට ව්‍යාපාර කරනවා නම් දේශීය වුණත් විදේශීය වුණත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි,\" නීතිඥ රූපසේන කොස්වත්ත පැවසීය. ‘උණුවටුන ආක්‍රමණය කරමින් සිටින රුසියානු පරපෝෂිත කණ්ඩායමක්.’ උණවටුන සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් ගීගනගේ පැවසුවේ,“අපි මේ මොහොතේ කතා කරන්නේ උණුවටුන ආක්‍රමණය කරමින් සිටින රුසියානු පරපෝෂිත කණ්ඩායමක් පිළිබඳවයි. ඔවුන් රුසියානු සංචාරකයන් නොවේ. ඒ නිසා අපි ඒ දෙක පළමුව වෙන්කර හඳුනාගත යුතුයි. අපි රුසියානු සංචාරකයන්ට කැමතියි. මොකද උණවටුන ගත්තම සියයට 60ක්ම ඉන්නේ රුසියානු සංචාරකයන්.” “එයාලගෙන් අපිට හොඳක් මිසක් නරකක් නැහැ නමුත් එයාල උණුවටුණ ප්‍රදේශයට ගොඩක් එන හින්දා එයාලගේ පස්සෙන් ආපු සංචාරකයන් නොවන කුමක් හෝ ක්‍රමයකින් වීසා ඇතුව හෝ නැතුව රටට ඇවිල්ලා මේ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය කරගෙන ගියපු අයගේ එක්කෝ කම්මැලිකම නිසා එක්කෝ නොදන්න නිසා එක්කෝ තමන්ට කරගෙන යන්න බැරි නිසා ඒ බිස්නස් බද්දට අරගෙන කරන රුසියන් බිස්නස්කාරයෝ ගැන තමයි අපිට කතා කරන්න වෙන්නේ.” “මෙයාල සංචාරකයෝ නෙවෙයි. එයාල කරන්නේ අපේ ගමේ මිනිස්සුන්ට හම්බවෙන්න තියෙන ප්‍රතිලාභ ඒගොල්ලො හූරගන්න එක.” ‘ඒගොල්ලො නොකරන බිස්නස් එකක් නැති තරම්’ \"අපි මේ අවස්ථාවේ හිස්ව තිබිච්ච හෝටල් ඒවා පුරවන්න Travel agencies වලට අඩු මුදලකට දිලා තියනවා. අපි බලාපොරොත්තු වෙන්නේ කෑම බීම සේවා සපයලා අමතර ආදායමක් ලබන්න. හැබැයි දැනට වෙලා තියෙන්නේ උණවටුනට එන රුසියානු සංචාරකයන්ට සැපයීම අපෙන් ගිලිහිලා රුසියානු කූට වෙළඳුන් අතට පත්ව තියනවා. ඒගොල්ලත් නොකරන බිස්නස් එකක් නැති තරම්. දැනට උණවටුන ගියොත් ඒගොල්ලන්ගේ නීති විරෝධී club සහ සුදු තියෙනවා. ප්‍රසිද්ධියේ බෝඩ් දාගෙන කරන පෝකර් games සහ ක්ලබ්ස් තියෙනවා. ඒ වගේම ඇප්ස් හරහා කරන බිස්නස් ගොඩයි. සිගරට් ඉඳලා විස්කි වෙනකම් නීති විරෝධීව බිස්නස් සිදුවෙනවා. රජයට කිසි ආදායමක් ගෙවන්නැතුව මෙයාලට මේවා කොහොමද හම්බවෙන්නේ? ඒ ගැනත් හොයන්න ඕනේ. සමහර වෙලාවට එයාලගේ රටේ ඉඳලා අතේ ගෙනල්ලා මේ බිස්නස් එක කරන වෙන්නත් පුළුවන්.” නිමල් ගීගනගේ පැවසීය. \"ඒ වගේම අනෙක් සංචාරකයන් උණවටුනට එන එක අඩුවෙලා තියෙනවා විශේෂයෙන්ම යුරෝපියන්. මේකෙ අතුලේ හුඟාක් කතා කරන්නේ රුසියානු භාෂාව ඉන්නේ රුසියන් අය ඒ නිසා යුරෝපීය අය මෙහෙ එන්නේ නැහැ. අනික් සංචාරක ව්‍යාපාර කරන අයටත් තමන්ගේ ව්‍යාපාරය කරගන්න බැරිවෙනවා අන්තිමට එයාලා කරන්නේ ඒ බිස්නස් එක රුසියන් කෙනෙක්ට දෙන එක. මේ විදියට ගියොත් අපේ ව්‍යාපාර නැතිවෙනවා තව අවුරුදු කිහිපයක් යනකොට උණවටුනේ සංචාරක ව්‍යාපාරය රුසියානු සංචාරක ව්‍යාපාරයන් අතට යනවා ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා වගකිවයුතු බලධාරී මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන්න ඕනේ.\" යැයි ඔහු පැවසීය. \"රුසියන් නෙමෙයි ඕනෑම විදේශිකයෙකුට මෙරට ආයෝජනය කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. අපි ඒක පිළිගන්නවා එහෙම වෙන්න ඕන එතකොට තමයි දියුණුවක් ලබන්න පුළුවන්. හැබැයි එන්න ඕනෙ ආයෝජකයෝ නැතුව පරපෝෂිතයන් නෙවෙයි. රජයක් විදියට ආයෝජකයින් අඳුරගෙන දිරිමත් කරනවා වගේම අපේ රටේ ආයෝජනය කරපු අපිවත් බේරගෙන පිටින් එන ආයෝජකයොත් බේරගෙන මේ පරපෝෂිතයන් ගෙන් මේ ක්ෂේත්‍රය බේරාගත යුතුයි.” ඔහු අවධාරණය කළේය. නම සඳහන් කිරීමට අකමැති තවත් සංචාරක ව්‍යාපාරිකයෙක් බීබීසී සිංහල වෙත පැවසුවේ \"මේ වන විට යම් යම් ආරංචි තියෙනවා රුසියානු ගණිකාවන් යොදාගෙන කරන ව්‍යාපාර උණුවටුන තුළ තියෙනව කියලා වගේම ඒවා සැපයෙන්නෙත් රුසියානු සංචාරකයන්ටම පමණක් කියලා. යම් හෙයකින් මේ වගේ හේතුවක් මුල් කරගෙන ශ්‍රී ලාංකිකයන් සමඟ ගැටුමක් ඇතිවුණහොත් මාධ්‍යයෙන් ඒක කියන්නේ අන්න සංචාරකයන්ට පහර දීලයි කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු කරන්න ඕනේ.” ඔහු පැවසීය.",
"Title": "'පුංචි මොස්කව්' බවට පත්වූ උණවටුනේ 'සුදු මුහුණු සාදය' "
} |
{
"Text": " ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් (පෙබරවාරි මස 26 වෙනිදා) පත් කරන ලදී. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව,මෙම පත්කිරීම සිදු කර ඇති බවය. එහෙත් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට එරෙහිව නීතිඥවරුන්, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව රැසක් සිය විරෝධය පළ කරනු ලැබිය. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව එකඟ වුණා ද නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවූයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස තබන ලද X සටහනක් හේතුවෙනි. විපක්ෂ නායකයාගෙන් චෝදනාවක් පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඊට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඉල්ලා තිබුණි. කෙසේ වුවද (පෙබරවාරි මස 26 වෙනිදා) රැස්වූ ව්‍යවස්ථා දායක සභාව විසින් ඊට අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය X ගිණුම ඔස්සේ ප්‍රශ්න කර තිබිණි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත \"ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිගේ පත්වීම අනුමත කළේ නැහැ. ඡන්ද 4ක් ප්‍රකාශ වුණා. ජන්ද 2ක් පක්ෂව සහ ජන්ද දෙකක් එරෙහිවයි. තීරණයක් ගැනීම සඳහා අවම වශයෙන් ඡන්ද 5 ක් අවශ්‍ය වේ. කථානායකවරයාට ඡන්දයක් ඇත්තේ ඡන්දය සම වූ විට පමණි. ජන්ද 4/2 සම වීමක් නොවේ. දෙවන වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. ලැජ්ජයි කතානායකතුමනි!\" විපක්ෂ නායකවරයා සිය X ගිණුමේ සඳහන් කර තිබිණි. ව්‍යවස්ථාදායක සභාවට ලිපියක් මෙරටේ ඉහළම අධිකරණය විසින් වරදකරුවෙකු ලෙස නම් කළ අයෙකු රටේ පොලිස්පතිවරයා ලෙස නම් කර ඇති බව මාධ්‍යවේදි තරිදු ජයවර්ධන විසින් කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ. \"ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් අතුරෙන් වැඩිම චෝදනා ලත් පොලිස් නිලධාරියා මෙන්ම මූලික අයිතිවාසිකම් කඩ කළ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය විසින් තීන්දු කරනු ලැබූ නිලධාරියකු වීම විශේෂත්වයකි.\" යනුවෙන් තරිදු ජයවර්ධන විසින් යොමු කළ එම ලිපියේ දැක්වේ. ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන තමන් 2021 වසරේ දී වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනයට ලක්වීම පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කළ බවටද ඔහු එම ලිපියේ කරුණු සඳහන් කර ඇත. එමෙන්ම ඊට අදාල පැමිණිලිවලින් පොලිස් පැමිණිල්ල ගැන සාධාරණ විමර්ශනයක් සිදු නොවූ අතර මානව හිමිකම් කොමිෂන් සභා පැමිණිල්ල තවමත් විභාග වෙමින් තිබෙන බව ද ඔහු සිය ලිපියේ සඳහන් කර තිබේ. එවැනි තත්ත්වයක දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම විමර්ශනවලට දැඩි බාධාවක් මෙන්ම තමන්ගේ ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් බවද මාධ්‍යවේදී තරිදු ජයවර්ධන පෙන්වා දෙයි. ‘චෝදනා රැසක් එල්ලවී ඇති කෙනෙක් මේ පත්කරලා තියෙන්නේ’ මේ අතර ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් කියා සිටියේ නව පොලිස්පතිවරයාගේ පත් කිරීමත් සමග විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් පවතින බවයි. \"දැනට තිබෙන තොරතුරු අනුව විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් පවතිනවා \" \"පොලිස්පතිවරයා පත්වන්නේත් ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්ත, නියමිත ඡන්දය නොමැතිව කියලයි ආරංචි වන්නේ. \" \"මේ පොලිස්පතිවරයාට චෝදනා රැසක් එල්ල වී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ නියමිත ක්‍රියාපටිපාටියකින් තොරව ජනාධිපතිවරයා ගේ කැමැත්ත පරිදි අධිකරණයෙන් වැරදිකරුවෙකු ලෙස නම් කළ අයෙකු මහජන සාමය ආරක්ෂා කරන දෙපාර්තමේන්තුවක ප්‍රධානියා ලෙස පත් කිරීම බරපතල තත්ත්වයක් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට.\" \"ඒ වගේම දැනට පත්කර ඇති පොලිස්පතිවරයා මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය, සිදුකළ දේවල් සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධානයක් විදිහට අපේ කිසිම පැහැදීමක් නැහැ.\" \"අපිට බරපතල ගැටලුවක් තියෙනවා ආණ්ඩුව ගෙන එන අණපනත්, මර්දනකාරි වැඩපිළිවෙල සඳහා අවශ්‍ය වෙන්නේ මේ වගේ පොලිස්පතිවරයෙක් ද කියලා ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉටුකරන්න.\" ඔහු කියා සිටියේය. අධිකරණය හමුවේ වැරදිකරු වූ දේශබන්දු තෙන්නකෝන් පුද්ගලයකුව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රඳවා තබා ගනිමින්, කෲර අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකීම සම්බන්ධයෙන් 2010 වසරේ නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මූලික අයිතිවාසිකම් කඩ කළ පුද්ගලයකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය SC FR 107/2011 දරණ මූලික අයිතිවාසිමක් නඩුවේදී තීන්දු කර තිබේ. එහිදී වත්මන් පොලිස්පතිවරයා ඇතුළු චෝදනාවට වැරදිකරු වූ චුදිතයින්ට සිය පෞද්ගලික මුදලින් පැමිණිලිකරුට වන්දි ගෙවන ලෙසත්, රාජ්‍ය නිලධාරින් වීම නිසා ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවේ ප්‍රකාශ කර තිබිණි. මීට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම විසින් එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දුන් අවසන් වාර්තාව අනුව ප්‍රහාරය එල්ල වන මොහොතේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කොළඹ උතුරු දිසාව භාර කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද නිර්දේශ කර තිබුණි. ඒ, එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පාලන බල ප්‍රදේශයේ පිහිටි කටුවාපිටිය කතෝලික දේවස්ථානයට ද පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අනුවයි. එසේම ගාලුමුවදොර සාමකාමී විරෝධතා භූමියට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද සැකකරුවකු ලෙස නම් කරන ලෙසට නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබා දී තිබිණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊට එරෙහිව අභියාචනාධිකරණයට යොමු කරන ලද පෙත්සමක ප්‍රතිඵලයක් ලෙස එම විමර්ශන නතර වුවද නීතිපතිවරයා විසින් මේ වන විට එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කර තිබේ. මේ ආකාරයෙන් වත්මන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු කිහිපයක් ගොනු වී ඇත. මේ අතර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තොන්නකෝන් පත්කිරීම ප්‍රතික්ෂේප කරන බවයි. \"ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කරලා තියනවා ඔහු වද හිංසාවට සම්බන්ධයෙන් වැරදිකරුවෙක් කියලා.\" \"වද හිංසාව කරපු මනුස්සයව කොහොමද පොලිස්පති තනතුරට පත් කරන්නේ? කොයි රටේද එහෙම කරන්නේ? ඒක සම්පුර්ණයෙන්ම වැරදි.\" \"අනෙක් එක ප්‍රශ්නයක් තියෙනවා ව්‍යවස්ථාදායක සභාව මේකට එකඟ වුනාද නැද්ද කියලා. මේක සම්පුර්ණයෙන්ම හරි නැහැ.\" \"අපි බලනවා ඉදිරියට කරන්න පුළුවන් මොකක්ද කියලා.\" අචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු පැවසුවේය. 'අපිට එහෙම තොරතුරක් ලැබිලා තිබුණේ නැහැ' නව පොලිස්පතිවරයාගේ පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නගා ඇති චෝදනාව සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් විමසීය. ඊට කථානායකවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. “ඇතුළේ සිද්ධ වුනු (ව්‍යවස්ථාදායක සභාව තුළ) දේවල් ගැන අපි එළියේ කතා කරන්නේ නැහැ. ඒක හැමෝම එකඟ වුණු තීරණයක්.\" \"මම දන්නේ නැහැ විපක්ෂ නායකතුමා ඔය වගේ ප්‍රකාශයක් කළේ ඇයි කියලා.\" \"නමුත් අපේ මුලික එකඟතාවයක් තියෙනවා මේක ඇතුළේ මොන විදිහට කතා කළත් පිටත දී ඒ ගත්තු තීරණවල ඉන්නවා කියලා.\" කතානායකවරයා පැවසීය. නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමේදී ඔහු සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබාදී ඇති තීන්දු පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ අවධානය යොමු නොකළ බවට එල්ල වන චෝදනාව ගැන ලබා දෙන පිළිතුර කුමක්දැයි බීබීසී සිංහල සේවය කතානායකවරයාගෙන් විමසීමක් කරන ලදී. ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ සිදුකළ සොයා බැලීම් වලදී එවන් දෙයක් අනාවරණය නොවූ බවයි. \"අපි සොයා බලපු විදිහට නම් නැතෙයි කියලයි තියෙන්නේ. එයාට විරුද්ධව චෝදනාවක් නැහැ කියලයි. ඒ රුපියල් 50,000 වන්දියක් ගෙවන්න කියලා තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව එහෙමයි තියෙන්නේ.\" කතානායකවරයා පැවසීය. පොලිස්පති පත් කිරීමේ ලේඛණ අධිකරණය හමුවට ගොනු කරන්න අවසර මේ අතර නව පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට අදාළ තීන්දු තීරණවලට සම්බන්ධ සියලු ලේඛන හා දත්ත අධිකරණය හමුවේ ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද පාර්ශවකරුවන්ට අවසර ලබා දෙන ලදී. පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මීට පෙර කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 ක් අද (පෙබරවාරි 27 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මෙම පෙත්සම අද (පෙබරවාරි 27 වැනිදා) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ පොලිස්පතිවරයාගේ පත්වීම මේ වන විට සිදුකර අවසන්ව ඇති හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව ය. අදාළ පෙත්සම්වල වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටින දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ද අධිකරණය හමුවේ මෙසේ කරුණු දක්වා සිටියේය. \"ස්වාමීනී. මෙම පෙත්සම් වලින් ඉල්ලා තිබෙන්නේ මාගේ සේවාදායකයා වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඊයේ (පෙබරවාරි මස 26 වෙනිදා) දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් මාගේ සේවා දායකයා පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. එම තත්ත්වය හමුවේ මෙම පෙත්සම් පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. ඔහුගේ පත්කිරීම තුළ යම්කිසි ගැටළු සහගත තත්ත්වයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් වෙනත් නඩුවක් ඉදිරිපත් කළ යුතුයි. මෙම නඩුකර තුළින් එම කරුණු අභියෝගයට ලක් කිරීමට පෙත්සම්කරුවන්ට හැකියාවක් නැහැ.\"යනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රකාශ කළේය. එම අවස්ථාවේදී අරගලයේ ක්‍රියාකාරිකයින් වශයෙන් කටයුතු කළ නීතිඥ මනෝජ් නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම නීතියේ ආධිපත්‍යයට සිදුකළ අභියෝගයක් බව ය. \"ස්වාමීනි.වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ බලන පොලිස්පති ධුර කාලය මේ මස 29 වන දා අවසන් වීමට නියමිතව තිබුණා. ඒ නිසයි අධිකරණය අදාළ පෙත්සම් අද දින සලකා බැලීමට දින නියම කළේ. එසේ තිබියදී වගඋත්තරකරුව ඊයේ දින පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. මේක නීතියේ ආධිපත්‍යයට සිදුකළ අභියෝගයක්. මාගේ පෙත්සමෙන් පොලිස්පතිවරයා පත් කිරීමත් අභියෝගයට ලක් කර තිබෙනවා. ඒ නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නැහැ.\"යනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසුවේය. තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ නව පොලිස්පතිවරයා පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවයි. එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ \" මෙම නඩුකරවලට අදාළව ඊයේ දින විශේෂ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සඳහන් වෙනවා. ඊට අදාළ තොරතුරු මෙම පෙත්සම් වල අන්තර්ගත කර නැහැ. උදා වී තිබෙන අලුත් තත්ත්වයන් පිළිබඳ තොරතුරු නොමැතිව අධිකරණයට තීන්දුවක් ගැනීමට අපහසුයි.\" යනුවෙනි. එමෙන්ම විනිසුරුවරයා මෙම කරුණට අදාළව වර්තමානයේ උද්ගත වී තිබෙන නව තත්ත්වයන් පිළිබඳ තොරතුරු ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පෙත්සම් සලකා බැලීම සුදුසු බව පෙන්වා දෙන ලදී. එහිදී අදාළ පෙත්සම්වල වග උත්තරකරු වශයෙන් නම්කර සිටින ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සාමාජික කබීර් හෂිම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ නව පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව ඊයේ දින පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභා රැස්වීමේ කාර්ය සටහන් තමන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව නව පොලිස්පතිවරයා පත්කිරීමට අදාළ සියලු ලිපි ලේඛන හා දත්ත අධිකරණය හමුවේ ගොනු කිරීමට පාර්ශ්වකරුවන්ට අවසර දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අප්‍රෙල් මස 02 වන දා යළි කැඳවන ලෙසට නියෝග කරන ලදී.",
"Title": "දේශබන්දු තෙන්නකෝන්: පොලිස්පති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව එකඟ වුණා ද නැද්ද?"
} |
{
"Text": " “මගේ නහරයක් හරි කපා ගත්තොත් කවුරුත් නැහැ මාව මැරෙයි, මම නාද්දි හිතෙනවා හොට් වෝටර්වලින්ම පිච්චිලා මාව මැරෙයි, නැත්තනම් තව ටිකක් මේක වැඩි කර ගත්තොත් රස්නෙට මාව මැරෙයි. ඒ වගේ මට මං ගැනම බය හිතෙන දේවල් හිතෙන්න ගත්තා.” මීගමුවට නුදුරුව ජිවත් වු ව්‍යාපාරික කාන්තාවක් වු තාරුකා මීට වසර දෙකකට පමණ ඉහත දී ඇගේ සැමියා රැකියාවේ නියුතු නවසීලන්තය බලා යන්නේ තම දරුවන්ට වඩා යහපත් අනාගතයක් උරුම කර දීමේ ප්‍රර්ථනාව සිතෙහි දරාගෙනය. ලංකාවේ ගෙවු කාර්ය බහුල ජිවිතයෙන් මිදි දරු දෙදෙනා සමග නවසීලන්තයේ වාසයට ගිය තාරුකාට එහි ගොස් මාස කිහිපයකට පසුව නොසිතු දෙයකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ ඇයටත් නොදැනීම ඇය විෂාදයේ ගොදුරක් බවට පත්වීමයි. මේ වන විට ප්‍රතිකාර ලබමින්, සුව අතට පත්වෙමින් සිටින අතර විදෙස් රටකට යෑම නිසාවෙන් ඇය මුහුණ දුන් බරපතල මානසික සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් බෙදා හදා ගත්තාය. ඇයගේ හෝ පවුලේ අනන්‍යතාවය ආරක්ෂා වනු පිණිස ඇයට අපි \"තාරුකා\" යැයි අමතමු. 'ළමයි දෙන්නගේ අනාගතේට හොඳක් වෙයි කියලා තමයි අපි මෙහෙ ආවේ' “ලංකාවේ ඉදන් යන්න ලොකුම හේතුව අපිට ඉන්න තැනක් තිබුනේ නැහැ. අපි හිටියෙත් අම්මලාගේ ගෙදර. ඒ එක්කම රටේ ඇති වෙච්ච ප්‍රශ්න එක්ක තමයි රට යන්න හිතුවේ. ඉන්න තැනක් හදාගෙන, පොඩි දෙන්නගේ අධ්‍යාපන දේවලුත් හොඳට කරගෙන, ලංකාවේ ජිවත් වෙනවට වඩා හොද ජිවිතයක්, ආර්ථික මට්ටමක් වගේම ළමයි දෙන්නගේ අනාගතේට හොඳක් වෙයි කියලා තමයි අපි මෙහෙ ආවේ.” යැයි නවසිලන්තයේ සිට දුරකතනය ඔස්සේ බීබීසි සිංහල සේවය හා සම්බන්ධ වෙමින් තාරුකා කියා සිටියාය. “අපි අවේ ගම්බද පැත්තකට, ලංකාවේ ග්‍රාමීය කිව්වාම ගම්වල මිනිස්සු ගොඩක් ඉන්නවා පහසුකම් අඩු වගේ දෙයක් නේ. මෙහේ එහෙම නැහැ. මෙහේ මිනිස්සුත් ගොඩක් අඩුයි, කිලෝ මීටර් 10 – 15 යනකම් ටවුන් එකක්වත් කිසිම දෙයක් නැති අක්කර ගණන් ෆාම් තියෙන ගොඩක් පාලු පරිසරයක් තියෙන පැත්තක්.” තාරුකා ගේ සැමියා නවසිලන්තයේ ගොවිපළක රැකියාවේ නිරත අතර ඔවුන්ට නතර වීමට සිදුව ඇත්තේ කිසිඳු මිනිස් වාසයක් නොමැති එම ගොවිපළ තුළය. “මම මෙහේ ඇවිල්ල මුල් කාලේ මාස තුන හතරක් විතර කැලේ ගිහින් ඇවිදලා එහෙම හිටියා. ලංකාවේ අපි මනුස්සයෝ එක්ක ආශ්‍රය කරලා , කතා බහ කරලා , රස්සාවත් එක්කත් වැඩිපුර කාලයක් ඉන්නේ මනුස්සයෝ එක්ක. එහෙම නැතුව මාස හතරක් විතර යද්දි එක පාරට දවල් කාලේ තනියම ඉද්දි සමහර වෙලාවට නිදාගන්න හිතෙනවා, මනසට තෙහෙට්ටු ගතියක් තියෙනවා, ඒ වගේ කොයි වෙලාවෙත් වැඩිපුර නිදාගන්න හිතෙන මානසිකත්වයක් ඇති වුණා මුලදිම.” “ඒකත් එක්ක ලංකාවේ රෙස්ට් එකක් නැති ජිවිතයක්නේ තිබ්බේ කියලා ඒත් හිත හදාගෙන වැඩිපුර රෙස්ට් එකක් ගන්නවා කියලා හිතාගෙන ඔලුව හදාගෙන ඉන්න හැදුවා. එක පාරට මාස හතරකට විතර පස්සේ තමයි ලොකු වෙනසක් ඇඟට දැනෙන්න ගත්තේ . මම මනස ගැන ලොකු දෙයක් හිතුවේ නැහැ.” යැයි ඇයටත් නොදැනීම වෙනස ආරම්භ වු හැටි තාරුකා විස්තර කළාය. 'කොහෙ බැලුවත් තණකොල පිට්ටනි, ගෙයක් දොරක් නැහැ' හිමිදිරි උදෑසන රැකියාව සඳහා ගොවිපළට පිටත්ව යන ඇයගේ සැමියා නැවත සුළු වෙලාවකට උදෑසන ආහාරයටත්, දිවා ආහාරය ලබා ගැනිමටත් නිවසට පැමිණ කඩිමුඩියේ පිටව යයි. ඒ අතරතුර ඔවුන්ට කතා බහ කිරිමට වෙලාවක් ලැබෙන්නේ නැත. දරු දෙදෙනා ද උදෑසන පාසලට ගිය විට නැවත නිවසට පැමිණෙන්නේ සවස 3ත් පසු වී බව ඇය කියා සිටියාය. උදෑසන සිටම සවස් වරුව වන තෙක්ම ඇය නිවසේ තනිව ගත කරන අතර කතා බහ කිරිමට කිසිවෙක් නැත. බැලු බැලු අත ඇත්තේ වගාවන් සහිත ගොවිපළවල්ය. දෙරට වෙලාවෙන් අතර පවතින පරතරය හේතුවෙන් ලංකාවේ කිසිවෙක් හෝ සම්බන්ධ කර ගැනිමට හැකි වන්නේ කලාතුරකින් බව ද තාරුකා පැවසුවාය. “හස්බන්ඩ් වැඩ ඇරිලා එන්නේ හවස 5ට විතර. ඒ ඇවිල්ලා මහන්සි නිවලා, වොෂ් එකක් දාලා අපි එක්ක කතා කරන්න එන්න පුලුවන් වෙද්දි රෑ 7.30 වගේ වෙනවා. පොඩි දෙන්නා උදේ ඉස්කෝලෙට ගියාම ආපහු එද්දි හවස 3 විතර වෙනවා. ඒ අය එනකම් මට කතා කරන්න කවුරුත් නැහැ. මම ඉන්නේ තනියම.” “අහල පහළ ගෙයක් නැහැ, දකින්න කතා කරන්න මනුස්සයෙක් නැහැ. කොටින්ම කියනවා නම් මම යන පාරේ වාහනයක් යනවා දකින්නේ පැය 2කට විතර සැරයක්. ඒ ගියත් යන්නේ කිරි ලොරි වගේ දේවල්. මනුස්සයෙක් දකින්න නැහැ, කොහෙ බැලුවත් තණකොල පිට්ටනි, ගෙයක් දොරක් නැහැ.” යි මිනිස් වාසයෙන් මිදී ගෙවන්නට සිදුවු ජිවිතය ඇය විස්තර කළාය. තාරුකා යම් රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කළ ද එය ද අසාර්ථක වී ඇත්තේ ඔවුන් ජිවත් වන ප්‍රදේශයේ ගොවිපළවල් හැර වෙනත් කිසිවක් නොමැති නිසාය. නගරයක් පිහිටා ඇත්තේ ද කිලෝ මීටර් 10-15 පමණ දුරින් බව ද ඇය කියා සිටියාය. 'අයන් නෝමල් වුනාට මම නෝමල් නැහැ කියන එක මට තේරුණා ' “මුලදි අනවශ්‍ය විදියට නිදිමත ගතියක් ආවා. සමහර වෙලාවට පෝන් එක බලනවා ඒකෙන් මිදෙන්න අමාරුයි. එතකොට ඒක කරන්නේ ලොකු මහන්සියක් දාලා. කම්මැලි ගතිය, නිදිමත ගතිය එනවා. මහන්සි ගතියක් දැනෙන්න ගත්තා. ඊට පස්සේ ක්ලාන්තය, කැරකිල්ල එක්ක කිසිම දෙයක් කන්ට්‍රොල් නැති ගතියක් ආවා. ඇගේ මොකක් හරි ලෙඩක් තියෙනවා කියලා තේරෙන්න ගත්තා. ඒත් මනසේ එකක් කියලා තේරුනේ නැහැ මට මුලදි. මුලින් නින්ද යනවා වැඩි වුනාට පස්සේ නිදමත එන එක අඩු වුනා.” “බෙහෙත් ගන්න ගියාම ඒ අය බලලා කිව්වා අයන් පොඩ්ඩක් ලෝ, කොලෙස්ටරෝලුත් වැඩියි කිව්වා. නින්ද යන්නේ නැහැ කිව්වාම ඒ අය කිව්වා රටත් වෙනස්; හැමදේම වෙනස් ඒ නිසා ඇක්ටිව් ඉන්න, ඇවිදින්න, එක්සර්සයිස් කරන්න, එක තැන ඉන්න එපා කියලා.” තාරුකා අවුරුද්දක් තිස්සේ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුව ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ශරිරයේ යකඩ අඩුවීම සහ මේදය වැඩි විම හේතුවෙන් ඇය රෝගාතුර වී ඇති බවයි. “අයන්වලට කොලොස්ටරෝල්වලට බෙහෙත් අරන් ඒවා නෝමල් වුනා. ඒ වුනාට මට නින්ද යන්නේ නැහැ, හිස් මුදුන රිදෙනවා, දෙයක් කරන්න ගත්තාම ඒකට ෆෝකස් කරන්න බැහැ, අනික රෑට ඇඳට ගියාම නින්ද යන්නේ නැහැ. අයන් නෝමල් වුනාට මම නෝමල් නැහැ කියන එක මට තේරුණා.” 'මට මං ගැනම බය හිතෙන දේවල් හිතෙන්න ගත්තා' “මට තියෙන රෝග ලක්ෂණ මම සර්ච් කරලා බලපුවාම හැමතැනදිම ඇන්සයිට්, ඩිප්රෙෂන්වල රෝග ලක්ෂණ කියලා පෙන්නනවා. මම ඒ රෝග සර්ච් කරලා බලපුවාගේ සියයට අනුවක්ම රෝග ලක්ෂණ මට තියෙනවා.” යි ඇය විසින්ම ඇයගේ රෝගය සොයා ගත් ආකාරය කියා සිටියාය. “මට නින්ද යන්නේ නැති බෙහෙත් දුන්නාට ඒවාට නින්ද යන්නෙත් නැහැ. එහෙම වුනාම පහුවෙනිදා දවසම අමාරුයි. ඔහොම දවස් ගාණක් නින්ද යන්නේ නැතුව ඉඳලා දවල් කාලෙක දවසක්, මට මැරෙන්න වෙනවා මීට වඩා මට දරාගන්න බැහැ කියලා, මම බාත්රූම් එකට ගියාම ආයේ මට කුස්සියට යන්න හිතෙනවා. කුස්සියට ගියාම මම බලනවා ඇයි මම කුස්සියට ආවේ කියලා. ආයේ හිතෙනවා මගෙ නහරයක් හරි කපා ගත්තොත් කවුරුත් නැහැ මාව මැරෙයි කියලා. ආයේ මම හිතනවා පිස්සුද මොනවාද මේ මට හිතෙන්නේ කියලා. ආයේ මම නාද්දි හිතෙනවා හොට් වෝටර්වලින්ම පිච්චිලා මාව මැරෙයි, නැත්තනම් තව ටිකක් මේක වැඩි කර ගත්තොත් රස්නෙට මාව මැරෙයි. ඒ වගේ මට මං ගැනම බය හිතෙන දේවල් හිතෙන්න ගත්තා, කවුරුහරි මං දිහා බලන් ඉන්නවා, මම ඉන්නේ පාලුවෙන් මොකක් හරි වුනත් මට කියන්න කෙනෙකුත් නැහැ එහෙම මගෙ හිතින්ම හිතිලා මාව පැටලි පැටලි එක එක දේවල් හිතෙනවා. මට දැන් සමහර දේවල් මතකත් නැහැ.” 'මේ රටේ තත්වේ එක්ක පිටරටවලින් ආපු ගොඩක් අයට මේ වගේ මානසික ලෙඩ තියෙනවා' වසරක් පමණ යන තුරු ඇයගේ මානසික පීඩාව හරිහැටි හඳුනා ගැනීමට වෛද්‍යවරුන් අසමත් වු බව පවසන තාරුකා ඉන් පසුව ඇයට විෂාදයේ රෝග ලක්ෂණ ඇති බවට හඳුනා ගත්ත ද ඇයගේ වයස සැළකිල්ලට ගෙන නවසීලන්තයේ වෛදවරු ඒ සඳහා ඖෂධයක් ලබා නොදෙන බව ඇය කියා සිටියාය. “අවුරුද්දකට විතර පස්සේ මගේ හිස් මුදුනේ රිදිල්ලක් එක්ක ඔලුව අස්සෙන් සද්දයක් එන්න ගත්තා. මම බලපු හැම රිපෝර්ට් එක නෝමල්. හැබැයි මට දැනෙන දේවල් ඒ අවුරුද්දෙම තිබ්බා. ඔලුවේ සද්දේ එක්ක ආයේ බෙහෙත් ගන්න ගියාම මට පොඩි ටැබ්ලට් එකක් දුන්නා. මේ වයසත් එක්ක ඩිප්රෙෂන්වලට බෙහෙත් කරන්න හොඳ නැහැ. කරන්න තියෙන එකම දේ බිසි ප්ලේස් එකකට යන්න, පඩියක් බලාපොරොත්තු වෙන්නේ නැතුව කට්ටියක් වැඩ කරන තැනට ගිහින් වැඩ කරලා මෙන්ටලිටි එක හදාගන්න කියලා තමයි කිව්වේ.” “ඩොක්ටර් කිව්වා ඩොක්ටර්ගේ වයිෆ්ට පවා මේ වගේ තත්වයක් ඇති වුණා කියලා. මේ රටේ තත්වේ එක්ක පිටරටවලින් ආපු ගොඩක් අයට මේ වගේ මානසික ලෙඩ තියෙනවා කියලා කිව්වා. ආසියාතික රටවල මිනිස්සුන්ට අම්මා තාත්තා, අහල පහළ අසල්වැසියෝ ඉන්නවානේ මේ රටවල්වල ෆාමින් ලයිෆ් එකේ එහෙම නැහැ. දැන් මම හිතලම දුවන්න, ඇවිදින්න යනවා. ගෙදර උයලා තියෙලා ටවුන් එකට ගිහින් හවස ගෙදර එන්න ගත්තා.” යි තාරුකා කතා බහ අවසන් කරමින් කියා සිටියාය. ඇය මේ වන විට රැකියාවක් හෝ මිනිසුන් සමගම එක්ව කළ හැකි දෙයක් සොයමින් සිටි. විෂාදය උග්‍ර වීමට ප්‍රථම සුව අතට හැරීමට ඇය තවමත් උත්සාහ දරන්නීය. විෂාදය හෙවත් 'ඩිප්රෙෂන්' (Depression) යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි. එය වරින් වර හටගන්නා ශෝකයක් හෝ මානසික වේදනාවකට වඩා බරපතළ මානසික පීඩාවකි. විෂාදයෙන් පෙළෙන්නෙකු බොහෝ අවස්ථාවල 'ඇන්සයටි'(Anxiety) නැතහොත් යමක් කෙරෙහි අධික ඇල්මක් දැක්වීමේ හෝ සාංකාවෙන් පෙළීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඇතැම් අවස්ථාවල දී සිතට වේදනාවක් දැනීම සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතිවන හැඟීමක් වුවත් විෂාදය යනු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු රෝගී තත්වයකි. සහාය අවශ්‍ය ඔබට උපකාරක සේවා අර්බුදකාරී අවස්ථාවන්හිදී හෝ මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් ශ්‍රී ලංකාව තුළදී මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකිය. ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය හරහා සපයනු ලබන මනෝචිකිත්සක සේවාවන්, මානසික රෝග සහ ඒවාට ප්‍රතිකාර කිරීම පිළිබඳ සාක්ෂි පදනම් කරගත් තොරතුරු සඳහා මහජනතාවට slcpsych.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය. ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ විශාලතම රෝහල -ජාතික මානසික සෞඛ්‍ය ආයතනය, ශ්‍රී ලංකාව",
"Title": "ආර්ථික අර්බුදයේ අඳුරු පැතිකඩ : 'ලංකාවේ ජිවත් වෙනවට වඩා හොඳක් වෙයි කියලා තමයි අපි මෙහෙ ආවේ'"
} |
{
"Text": " 'Rat Rod' කලාව අනුව වඩාත් පැරණි පෙනුමක් ලැබෙන පරිදි නවීකරණය කළ ශ්‍රී ලංකාවේ මෝටර් රථයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානය යොමු වූ වීඩියෝවක් සංසරණය වේ. එබැවින් එම කලාව සහ එම මෝටර් රථයේ හිමිකරු ගැන අපි සොයා බැලුවෙමු. තමන්ගේ වාහනයට අලුත් පෙනුමක් ලබා දීමට බොහෝ දෙන උනන්දු වුව ද කඩවත පදිංචි තාරුක තියුම් දාබරේට අවශ්‍යව තිබෙන්නේ ඔහුගේ මෝටර් රථයට පැරණි, වෙනස් පෙනුමක් ලබා දීමය. ''මේ කාර් එක පුරා එල්ලලා තියෙන්නේ, ඇඳලා තියෙන්නේ මගේ සිතුවිලි. මේක මගේ ප්‍රකාශන මාධ්‍යය.'' යනුවෙන් තාරුක තියුම් දාබරේ BBC සිංහල සේවයට පැවසුවේය.",
"Title": "Rat Rod : 'කාර් එක පුරා එල්ලලා, ඇඳලා තියෙන්නේ මගේ සිතුවිලි'"
} |
{
"Text": " ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පති ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අද (පෙබරවාරි 26 වැනිදා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දේශබන්දු තෙන්නකෝන් වෙත පිරිනමා තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් (නොවැම්බර් 29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබීය. ඒ, වසර 150කට අධික දිර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන පොලිස් දෙපාර්තමේන්තුවේ මුල් පුටුව සඳහා සුදුස්සෙකු පත් කිරීමට නොහැකිව මාස 8 කට අධික කාලයක් ගතවූ පසුබිම තුළය. නොවැම්බර් 24 වෙනිදා ධුරයෙන් විශ්‍රාම ගිය පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න හට අවස්ථා 4 කදී සේවා දිගු ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය. අප කළ විමසීමකදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බීබීසී සිංහල සේවයට තහවුරු කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මාස 3 ක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවය. හිටපු පොලිස්පතිට ලබා දුන් සේවා දිගු පසුගිය මාර්තු 25 වනදා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබු සී.ඩී. වික්‍රමරත්න හට මාස 3ක සේවා දිගුවක් ලබාදුන් අතර එම කාලය අවසන්වීමෙන් පසු ජූලි මස 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 3ක සේවා දිගුවක් ඔහුට හිමිවිය. තෙවන වරට තවත් සති 3ක සේවා දිගුවක් පසුගිය ඔක්තෝබර් 13වනදා ඔහුට ලබාදුන් අතර සිව්වන වරට ලබාදුන් සේවා දිගුව නොවැම්බර් මස 3 වනදා සිට නොවැම්බර් මස 24 වෙනිදා දක්වා බලපැවැත්වුණි. කෙසේවුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සී.ඩි. වික්‍රමරත්නට පොලිස්පති ධුරය සඳහා තෙවන සහ සිව්වන අවස්ථාවලටත් සේවා දිගු ලබා දීමට ව්‍යවස්ථාදායක සභාවෙන් අවසරය හිමිවුයේ නැත. ව්‍යවස්ථාදායක සභාවට ජනපතිගෙන් එල්ලවූ චෝදනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පළමු අවස්ථාවේදී සි.ඩි.වික්‍රමරත්න පත් කිරීමෙන් පසු ඔහුගේ නම නැවත නැවතත් යෝජනා කිරීම නිසා ව්‍යවස්ථාදායක සභාව විසින් හිටපු පොලිස්පතිවරයාගේ නම ප්‍රතික්ෂේප කෙරුණි. මේ අතර පසුගිය නොවැම්බර් මස 23 වෙනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාදායක සභාවට මෙවන් චෝදනාවක් එල්ල කළේය. \"විශේෂයෙන් දැන් වෙලා තියෙන්නේ පොලිස්පතිවරයෙකුත් නැහැ ඒ වගේම විනිශ්චයකාරවරයෙකුත් නැහැ. මම දන්නේ නෑ ඉතින් කොහොමද යුක්තිය පසිඳලන්නේ කියලා.\" \"පොලිසියටත් වැඩ කරන්න බැහැ, උසාවියටත් වැඩ කරන්න බැහැ.\" \"විශේෂයෙන් ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න සමහර සාමාජිකයෝ මේ වැඩකටයුතු කඩාකප්පල් කරන්න කියලා ඇතුළෙන් ගෙනියනවා නම් අපිට මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ලබන සතිය වෙනකොට මේ කොමිසම ගැන විමර්ශනය කරන්න කියලා වෙනම තේරීම් කමිටුවක් පත් කරන්න යනවා\" ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. ජනාධිපතිට එල්ලවූ චෝදනා වත්මන් පොලිස්පති ධුරය වෙනුවෙන් සුදුස්සෙකු නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකරන බවට විපක්ෂයේ දේශපාලඥයින් කලක සිටම චෝදනා එල්ල කළේය. සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න වරක් මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ චෝදනා ඇති පුද්ගලයින් පොලිස්පති තනතුරට පත් නොකළ යුතු බවයි. රට හැදීමට නම් සුදුසු පුද්ගලයින් තනතුරු වලට පත්කළ යුතු බව මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය. මේ අතර පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේදී පසුගියදා අදහස් දක්වමින් පැවසුවේ චෝදනා එල්ල වී නොමැති නිලධාරියෙකු පොලිස්පතිවරයා ලෙස පත්කළ යුතු බවයි. ඔහු පැවසුවේ එම තනතුර සඳහා පත් කළ හැකි චෝදනා නොමැති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිටින බවයි. පොලිස්පති පුටුවට හිමිකම් කීමට ලැයිස්තුවේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කවුද ? පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් යුත් නිලධාරීන් කිහිපදෙනෙකු පොලිස්පති ධුරයට පත්වීම සඳහා පොරොත්තු ලැයිස්තුවේ සිටියේය. ඒ අතරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන (පරිපාලන අංශය), ලලිත් පතිනායක (වයඹ පළාත), දේශබන්දු තෙන්නකෝන් (බස්නාහිර පළාත) සහ ප්‍රියන්ත වීරසුරිය (අපරාධ කොට්ඨාශය භාර) යන නිලධාරීන් ගේ නම් පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්ව ලැයිස්තුව අනුව මීළඟ පොලිස්පති ධුරය සඳහා ඉදිරියෙන් තිබේ. ඒ අතරින් දේශබන්දු තෙන්නකෝන් (බස්නාහිර පළාත) නව පොලිස්පතිවරයා ලෙස පත්වෙනු ඇති බවට බොහෝ ඉඟි පසුගිය කාලය පුරා විටින් විට ලැබී තිබු පසුබිමක අද දින ඔහු වැඩබලන පොලිස්පති ධුරයට ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු කෙරිණි. වැඩබලන පොලිස්පති ලෙස පත්වූ දේශබන්දු තෙන්නකොන් කියන්නේ කවුද ? 2019 අප්‍රේල් මස 21 වෙනිදා කොළඹ කොච්චිකඩේ දේවස්ථානය ඇතුළු දිවයින පුරා ඉලක්ක 08කට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවූ අවස්ථාවේදී එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොළඹ - උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබිය. එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පාලන බල ප්‍රදේශයේ පිහිටි කටුවාපිටිය කතෝලික දේවස්ථානයට ද පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබිය. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට එවක සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2019 වසරේ සැප්තැම්බර් මස 20 වනදා පංච පුද්ගල කොමිසමක් පත් කළේය. කොමිසම විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දුන් අවසන් වාර්තාව අනුව එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කොළඹ උතුරු දිසාව භාර කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කර තිබුණි. ඒ, පාස්කු ඉරුදින ප්‍රහාරයේ දී හුදෙක් පණිවුඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත් වීම හේතුවෙන්ය. දේශබන්දු තෙන්නකෝන් 2006 වර්ෂයේදී පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලබුවේය. අනතුරුව ඔහු 2006 – 2009 වකවානුව තුළ බස්නාහිර පළාතේ නුගේගොඩ පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කරනු ලැබීය. 2011වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලබන ඔහු 2012 – 2015 කාලසීමාව තුළ මාතර පොලිස් කොට්ඨාසය භාර නිලධාරියා වශයෙන් කටයුතු කළේය. ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වීම් ලබන්නේ 2015 වර්ෂයේදීය.වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ද, පසුව බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මෙන්ම අපරාධ, අපරාධ බුද්ධි සහ ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ද කටයුතු කළේය. 2019 වර්ෂයේ නොවැම්බර් මස 29 වෙනිදා දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වන ඔහු 2020 වසරේ ජනවාරි මස 01 වෙනිදා දින සිට එම තනතුරේ ස්ථිර පත්විම් ලබුවේය. 2019 වසරේ දෙසැම්බර් මස 05 වෙනිදා සිට මේ දක්වා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් දේශබන්දු තෙන්නකෝන් කටයුතු කරනු ලබයි. ඒ අනුව අද (නොවැම්බර් 29 වැනිදා) සිට ඉදිරි මාස තුනක කාලය සඳහා ඔහු වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරනු ඇත. ජාතික ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම ප්‍රමුඛතා ලැයිස්තුවේ පෙරමුණට තම ප්‍රමුඛතා ලැයිස්තුවේ පළමුවැන්න ජාතික ආරක්ෂාව බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය. පත්වීම ලබා ගැනීමෙන් අනතුරුව කොළඹ ගංඟාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේබව පැවසීය. \"මමත් අවුරුදු 25ක පමණ කාලයක් පොලීසියේ විවිධ තනතුරු දරපු නිලධාරියෙක්. ඉතින් අපිට අත්දැකීම් තිබෙනවා. ශ්‍රී ලංකා ජනතාවගේ යහපත සඳහා ශ්‍රී ලංකා පොලිස් සේවය ඉදිරියට ගෙනයනවා.\" \"මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පළවෙනි එක තියෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කරන කාර්යයන්.\" \"දෙවැනි ප්‍රමුඛතාව මේ රටේ මත්ද්‍රව්‍ය තත්ත්වය තුරන් කිරීම. අද ගම් දනව්වල වගේම පාසල් දරුවන්ටත් මේක විශාල ගැටලුවක් වෙලා තිබෙනවා.. මේ හැමතැනම පැතිරිලා තිබෙන්නෙ මත්ද්‍රව්‍ය.\" \"ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රමුඛතාවයක් සහ මගේ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.\" \"ඒ වගේම සංවිධානාත්මක අපරාධවලින් ඇතිවෙලා තිබෙන තර්ජනය.. කප්පම් වගේ දේවල් සම්බන්ධව ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා තමයි මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන්නේ.\" \"මගේ සේවා ලබාගත්තු අය දන්නවා මම කොහොමද ක්‍රියා කළේ කියලා. මා සමග වැඩ කළ නිලධාරීනුත් ඒක දන්නවා. දැන් මගේ ක්‍රියාවෙන් ඒක දැකගන්න පුළුවන් වෙයි.\"",
"Title": "ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්වීම දක්වා සිදුවුයේ කුමක්ද? "
} |
{
"Text": " රට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමට පසුගිය දෙසැම්බර් මස 17 වෙනිදා සිට ආරම්භ කෙරුණු යුක්තියේ මෙහෙයුමට අද (පෙබරවාරි 26වැනිදා) වන විට දින 70ක් ගෙවී ගොස් අවසන් ය. පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් විදේශගතව සිටිමින් මෙරට තුළ එවැනි ක්‍රියාකාරකම් කරන බවට කරුණු හෙළි වී ඇති බව පොලිසිය අවස්ථා ගණනාවක දී ප්‍රකාශ කර තිබේ. විදේශගතව සිටියදි අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන පැමිණි අපරාධකරුවන් කවුද ? විදේශ ගතව සිට මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කළ අවස්ථා කිහිපයක් මෑත කාලයේදී දැක ගත හැකිවිය. 2015 වසරේදී ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජාවාරම්කරුවකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි සමන්ත කුමාර නොහොත් 'වෙලේ සුදා' පකිස්ථානයේදි අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලදී. එමෙන්ම 2019 වර්ෂයේ ඩුබායි හිදී මෙරට තුළ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවීමේ චෝදනාවන්ට අවශ්‍යව සිටි මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක ඇතුළු පිරිසක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු දිවයිනට රැගෙන එනු ලැබිය. එමෙන්ම මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හරක් කටා සහ කුඩු සලිඳු යන දෙදෙනා මැඩගස්කර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලද්දේ 2023 වසරේදීය. මේ අතර පසුගිය පෙබරවාරි මස 15 වෙනිදා කුඩු සලිඳු ගේ ප්‍රධාන ගෝලයා වන පියුම් හස්තික නමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබිය. විදේශගතව සිටින සැකකරුවන් නැවත ගෙන්වා ගන්නේ කෙසේද ? මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරටට අත්‍යවශ්‍යව සිටින විදෙස්ගත සැකකරුවන් නැවත ගෙන්වා ගැනීමට රතු වරෙන්තු 46ක් ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව බීබීසී සිංහල වෙත පැවසුවේය. \"මීට සති දෙකකට කලින් තිබුණු වාර්තාව අනුව ඉන්ටර්පෝල් එක හරහා අත්‍යවශ්‍ය සැකකරුවන් 46 දෙනෙකු ගැන රතු වරෙන්තු නිකුත් කරලා තිබුණා.\" \"ඉන්ටර්පෝල් එක කරන්නේ අපි නිකුත් කරන රතු වරෙන්තුව හරහා අදාළ සැකකරුවන් ගැන තොරතුරු සොයා බලා ඔවුන් ඉන්න රටේ බලධාරීන්ට වගේම රතු වරෙන්තුව නිකුත් කරපු රටේ බලධාරීන්ට දැනුම් දෙනවා.\" \"ඒ අනුව අදාළ රටවල් දෙකේ බලධාරීන් සාකච්ජා කරලා ඒ සැකකරුව අත්අඩංගුවට ගෙන නැවත අදාළ රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා.\" පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ විදේශ රටක සිටින අපරාධකරුවෙකු මෙරට නිලධාරීන්ට ගොස් අත්අඩංගුවට ගෙන නැවත ගෙන ඒමට නොහැකි බවයි. \"වෙන රටක ඉන්න අපරාධකරුවෙක්ව අපට ඒ රටට ගිහිල්ලා අත්අඩංගුවට ගන්න විදිහක් නැහැ. ඒ රටේ තියෙන නීති රීති අනුවයි ඒ දේවල් කෙරෙන්නේ.\" \"අපේ රතු වරෙන්තුවක් තිබ්බම ඒ අය දැනුම් දෙනවා මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. එතකොට අපි ඒකට අදාළ සාක්ෂි ආදිය සියල්ල ලබා දෙනවා. සමහර ඒවා තියෙනවා අපි මෙහේ මහාධිකරණයේ නඩු දාලා තියෙන්න ඕන අදාළ සැකකරුවන් ගැන කටයුතු කරනවද කියලා සලකා බලන්න හරි. ඔය වගේ ලොකු කටයුත්තක් තියෙනවා සිදුකරන්න.\" අමාත්‍යවරයා පැවසුවේය. මේ දක්වා යුක්තියේ මෙහෙයුමෙන්... යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කළේය. \"මෙම මෙහෙයුමෙන් පොලිසිය භාරයට ගත් වාහන සහ ගොඩනැඟිලිවල වටිනාකම රුපියල් මිලියන 725ක. එතකොට අපි වැටලීම් සිදුකර තිබෙනවා 58,562ක්. අත්අඩංගුවට ගෙන තියෙන පිරිස 58, 234ක්.\" \"ඒකෙන් රඳවා තබා ගැනීමේ නියෝග මත 1,871ක් රඳවා ගෙන ඉන්නවා. වත්කම් විමර්ශන ආරම්භ කර තියෙනවා සැකකරුවන් 234 දෙනෙකුගේ. පුනුරුත්ථාපනයට යොමු කරලා තියෙනවා සැකකරුවන් 2,100ක් විතර.\" \"මෙහෙයුම පටන් ගද්දි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4,715ක් ලේඛණ ගත කරලා තිබ්බා. ඉන් 3,234ක් මේ වෙද්දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.\" එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේය. ‘මටයි පොලිස්පතිතුමාටයි ජීවිත තර්ජන තියෙනවා’ යුක්තියේ මෙහෙයුමත් සමග තමන්ට සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජනයක් තිබෙන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව ටිරාන් අලස් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම දැනට වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයට පත්වීම වැළැක්වීම සඳහා ද ඇතැම් පිරිස් කටයුතු කරන බවට මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය. \"මටයි පොලිස්පතිතුමාටයි ජිවිත තර්ජනයක් තියෙනවා කියලා බුද්ධි තොරතුරු ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම පොලිස්පතිතුමාව කොහොම හරි පොලිස්පති ධුරයෙන් අයින් කර ගන්න සමාජ මාධ්‍යවලට විතරක් නෙමේ සමහර දේශපාලඥයින්ටයි, සමහර නිලධාරීන්ට පවා මුදල් පවා වියදම් කරනවා කියලා කතාවක් තියෙනවා.\" අමාත්‍යවරයා පැවසුවේය. මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම සම්බන්ධයෙන් වන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ( පෙබරවාරි 21) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේය. \" මේ රටේ කුඩු සහ පාතාලය සියයට සියයක් ඉවර කරනවා කියලා මට කියන්න බැහැ. එහෙම ලෝකෙ කොහෙවත් එහෙම වෙන්නේ නැහැ. හැබැයි ලොකු වෙනසක් සිදුවුනාට පස්සෙත් මේ මෙහෙයුම නතර කරන්නේ නැහැ, සමහර විට මෙහෙයුමේ සැර අඩු වෙන්න පුළුවන් වැඩේ ඉවර වුණාට පස්සේ. එතකම් මේක නතර කරන්නේ නැහැ.\" අමාත්‍යවරයා එහිදී පැවසුවේය.",
"Title": "රතු වරෙන්තු: අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගන්නේ කෙසේද ?"
} |
{
"Text": " 2024 ජනවාරි මාසයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ වාන් දැමීම නිසා මසුන් මෙට්‍රික් ටොන් හාර දහසකට වඩා ජලාශවලින් ඉවතට ගසාගෙන ගොස් ඇතැයි ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය ඇස්තමේන්තු කර තිබේ. සේනානායක සමුද්‍රයේ ධීවරයෙකු එය වාන් දැමීමට පෙර දිනකට මාළු කිලෝ ග්‍රෑම් සීයකට වැඩි අස්වැන්නක් ලබා ගත්ත ද දැන් එය කිලෝ ග්‍රෑම් අටකට පමණ අඩු වී ඇතැයි ධීවරයෝ පවසති. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති අතර ආහාර සඳහා අවශ්‍ය වියදම හෝ සොයා ගැනීමට නොහැකි වී ඇති බව ධීවරයෝ BBC සිංහල සේවයට පැවසූහ. කෙසේ වෙතත් ජලාශවල යළි මසුන් බෝ කිරීමට තවත් වසරක් පමණ ගත වනු ඇත.",
"Title": "ධීවර කර්මාන්තය : 'කුඹුරු වලට මාළු ඇවිත්. සුනාමියට මිනී ගොඩ ගැහුවා වගේ.'"
} |
{
"Text": " යුරෝපීයයන් නැව්නැගී පෙරදිගට යාත්‍රා කර සිය බල පරාක්‍රමය ලොව පුරා පැතිර වූ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙසට ශ්‍රී ලංකාවටත් බටහිර ජාතීන්ගේ බලපෑමට යටත්වන්නට සිදු විය. පෘතුගීසි ජාතික ලොරෙන්සෝ ද අල්මේදා විසින් ශ්‍රී ලංකාවට ගොඩබැසීමෙන් පසුව පෘතුගීසීන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ අත්පත් කරගත් අතර, ඔවුන්ගේ බලය රැකගැනීම උදෙසා තීරණාත්මක මුහුදුබඩ ප්‍රදේශවල බලකොටු ගොඩනැගීමේ පුරෝගාමී කටයුත්ත ද සිදු කරන ලදි. පෘතුගීසි පාලනයෙන් හෙම්බත්ව සිටි ලක් වැසියන් \"ඉඟුරු දී මිරිස් ගත්තා සේ\" පෘතුගීසීන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහය ලබා ගැනීමෙන් පසුව ලන්දේසීන් එම බලකොටු අත්පත් කර ගත් අතර වත්මනේ අප දකින බොහෝ බලකොටුවල නටඹුන් ලන්දේසීන් විසින් වැඩිදියුණු කරන ලදුව 1796 දී ඉංග්‍රීසීන් විසින් අත්පත් කරගත් ඒවා යි. සියවසකටත් වඩා වැඩි කාලයක් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගෙන සිටි ලන්දේසීන්, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) හරහා පවත්වාගෙන ගිය බලකොටු සිය ඉතාලි ආභාසය සහිත ගෘහ නිර්මාණශිල්පයන් සහිතව සුන්දර ලෙස ඉදි කර තිබේ. නාවික ගමනාගමනයට වැදගත් සංධිස්ථානයක් වූ පෝක් සමුද්‍ර සන්ධියට ආසන්න උතුරු පළාතේ ආරක්ෂක කටයුතු සඳහා වැදගත් බලකොටු කිහිපයක්ම පවත්වාගෙන යාමට ඔවුහු අමතක නොකළ හ. පෘතුගීසී, ලන්දේසි හා ඉංග්‍රීසි යන මෙම පාලන යුග තුනෙහිදී ම මේ උතුරේ බලකොටු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලදි. උතුරු පළාතේ එවැනි ප්‍රධාන බලකොටු කිහිපයක් ම පිහිටා තිබේ. නිලට මැදි වූ සොඳුරු පංචාස්‍ර බලකොටුව - යාපනය යාපනය නගරයේ එක් කෙළවරක නිල්පැහැ මුහුදටත්, නිල් පැහැ අහසටත් මායිම් ව පිහිටා ඇති යාපනය බලකොටුව මුලින් ම ඉදි කරන්නේ 1618 දී පමණ පෘතුගීසීන් විසින් ය. යාපනය නගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් හොඳම ස්ථානක් වීමත් ගොඩබිමින් හා මුහුදෙන් පහසුවෙන් පාලන කටයුතු මෙහෙයවීමට හැකි වීමත් නිසා පෘතුගීසීන් මෙම ස්ථානයේ බලකොටුවක් ඉදි කිරීමට තෝරාගෙන තිබේ. දෙසැම්බර් මාසයේ දිනක අප එහි සංචාරය කරන විට උත්සව සමය හේතුවෙන් විශාල පිරිසක් බලකොටුව නැරඹීමට පැමිණ සිටිය හ. බලකොටුවට ඇතුළුවීමට නම් ඔබ පළමුව ටිකට් පතක් මිලට ගත යුතු අතර ටිකට් පතේ මිල ගණන් දේශීය සංචාකයන්ට රුපියල් පනහකි. විදෙස් සංචාරකයන් හට ඊට වඩා වැඩි මුදලක් ගෙවා ප්‍රවේශපතක් මිලට ගැනීමට සිදු වේ. දැවැන්ත දිය අඟලකින් වට වූ මෙම පංචාස්‍ර හැඩැති බලකොටුව අක්කර ගණනාවක් පුරා පැතිරී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇති බලකොටුවේ කෞතුක භාණ්ඩ ද ප්‍රදර්ශනය කර තිබේ. පෘතුගීසීන් ඉදි කළ මුල් ගොඩනැගිලි ස්වරූපය වෙනස් කර ලන්දේසීන් විසින් මෙම බලකොටුව අලංකාර පංචාස්‍ර හැඩයකයට ඉදි කර ඇති අතර ඔවුන්ට එය වටා ඇති දැවැන්ත දිය අඟල ඉදිකිරීමට දශක ගණනාවක් ගත වී තිබේ. නමුත් එහි වැඩකටයුතු අවසන් වී වැඩිකල් නොගොස් ඉංග්‍රීසීන් විසින් බලකොටුව අත්පත්කරගන්නා ලදි. බලකොටුවේ ප්‍රාකාරය වටා ඇවිද යාමට හැකි අතර ඉහළ සිට යාපනය නගරය විවිධ කෝණවලින් නිරීක්ෂණය කිරීමට හැකිය. එක් පසෙකින් කයිට්ස් දෙසට දිවෙන පන්නෙයි පාලම සහිත කළපුවත් තවත් පැත්තකින් නගරයත් මනරම් ලෙස නිරීක්ෂණය කළ හැකි මෙම බලකොටුවේ බලකොටුවකට අවශ්‍ය සියලුම අංග සහිතව ඉදි කර තිබේ. ආරක්ෂක උපායමාර්ගික අංග, ළිං, මුරකුටි, වෙඩිබෙහෙත් ඇතුළු භාණ්ඩ ගබඩා, නවාතැන් ඇතුළු විවිධ අංග රැසකින් සමන්විත බලකොටුවට ඇතුළුවීමට ඇත්තේ දිය අඟල හරහා ඉදි කර ඇති පාලමකින් එතෙර වී දැවැන්ත ආරුක්කුවක් තුළින් ය. මෙම බලකොටුව හුණුගල් හා කොරල් ගල් යොදාගෙන ඉදි කර තිබීම විශේෂත්වයකි. මුහුද අද්දර කොරල් බලකොටුව - ඩෙල්ෆ් ප්‍රධාන ගොඩබිමේ සිට කිලෝමීටර දාහතරකට වැඩි දුරින් මුහුද මැද පිහිටා ඇති සුන්දර දූපතක් වන ඩෙල්ෆ් දූපත පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටා ඇති විශාලතම දූපතයි. පෝක් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන නාවික කටයුතු අධීක්ෂණයටත්, උතුරින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරීක්ෂණයටත් ඩෙල්ෆ් කදිම ස්ථානයක් යැයි පෘතුගීසීන් ද සිතුවාට සැකයක් නැත. එනිසා ඔවුන් ඩෙල්ෆ් දූපතේ කුඩා බලකොටුවක් ඉදි කළ හ. නමුත් ටික කාලයකින් එය අත්පත් කරගත් ලන්දේසීන් එය දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදි කර ඇති අතර අනෙක් බලකොටු තරම් විශාල එකක් නොවූවත් කාමර කිහිපයක නටඹුන් දැකගත හැකියි. මෙම බලකොටුව නැරඹීමට කිසිඳු සංචාරකයෙකුගෙන් මුදලක් අය කෙරෙන්නේ නැත. කෙසේනමුත් එහි ගිය අපට දැකගත හැකි වූයේ බලකොටුවේ කිසිඳු සංරක්ෂණ කටයුත්තක් සිදු කෙරී නොමැති බවයි. එහි පුරාවිද්‍යා කාර්යාලයක් හෝ නිලධාරියෙකු හෝ දැකගැනීමට නොහැකි වූ අතර ඕනෑම අයෙකුට පැමිණ ඕනෑම හානියක් වුවත් කර යාමේ ඉඩක් ඇති බව නිරීක්ෂණය විය. එනිසා ම නටඹුන් සහිත ප්‍රදේශය තුළ බොහෝ ගරාවැටීම් හා සිතාමතා සිදු කර ඇතැයි හැඟෙන හානි ද දැකගත හැකියි. ඩෙල්ෆ් බලකොටුවේ ඉහළට නැගි විට නිල්පැහැ සුන්දර මුහුද දිස්වෙයි. බලකොටුව ඉදිකර ඇත්තේ කොරල් ගල්වලින් නිසා එක් එක් බිත්තිවල සුන්දර රටා එහි යන ඔබට දැකගත හැකියි. හිරු අවරට යනවිට දිලෙන රන්වන් බලකොටුව - මන්නාරම ප්‍රධාන ගොඩබිම හා මන්නාරම් දූපත යා කෙරෙන පාලමෙන් ඔබ මන්නාරම් දූපත වෙත ඇතුළුවන විටම ඔබට දකුණු පසින් දිස්වන දැවැන්ත බලකොටුවකි. ඔබ සැන්දෑ වේලාවක හිරු බැසයමින් තිබියදී එහි ගියහොත් දැකගත හැකි වන්නේ එක ම රන්වන් බලකොටුවකි. යුද සමයේ පුපුරුවා හැරි පැරණි මන්නාරම පාලමත්, ජපාන ආධාර යටතේ ඉදි කළ නව පාලමත් අසල පිහිටා ඇති මෙම දැවැන්ත බලකොටුව පෘතුගීසීන් ඉදි කරන ලදුව ලන්දේසීන් විසින් අත්පත් කරගෙන වැඩිදියුණු කළ තවත් බලකොටුවකි. වෙළඳ හා නාවික කටයුතු සඳහා යොදාගත් මෙම බලකොටුව ආසන්නයේ මන්නාරම් ධීවර වරාය පිහිටා තිබේ. ඔබ හිරු උදාව සිදුවන අවස්ථාවක මෙහි ගියහොත් බලකොටුවේ එක් පසෙකින් හිරු උදාවන සුන්දර දර්ශනය දැකගත හැකියි. හිරුබැස යන විට බලකොටුවේ සිට සුන්දරව එය නිරීක්ෂණය කළ හැකි අතර අලුත් හා පැරණි පාලම් පසුබිමේ හිරු මුහුදේ ගිලී යන ආකාරය නැරඹීමට බලකොටුව කදිම ස්ථානයකි. මෙම බලකොටුවේ කොටස් රාශියක් ඇති අතර ප්‍රාකාරය වටා ගමන් කිරීමේ හැකියාව පවතී. දෙමහල් ඉදි කිරීමක් වන මෙහි එක් පසෙක දැවැන්ත ඝණ්ඨාර කුළුණකි. පහත මාලය මැද මිදුලක් සහිතව ඉදි කර ඇති මෙම අලංකාර ගොඩනැගිලි සංකීර්ණයේ විශේෂම කොටසක් වන්නේ එහි ඇති දේවස්ථානයයි. එහි බිත්ති හා පොළොවේ විවිධ ලන්දේසි හා ඉංග්‍රීසි නිලධාරීන්ගේ හා ඔවුන්ගේ පවුල් වල අයගේ නම් සඳහන් පුවරු දැකගත හැකියි. මෑත වසර කිහිපයක් තුළ දී සංරක්ෂණ කටයුතු ආරම්භ වූ මෙම නටඹුන් සංකීර්ණය මීට පෙර භාරව සිටියේ යුද හමුදාව බව එහි සිටි පුරාවිද්‍යා නිලධාරියෙකු විසින් පැවසුවේ ය. බලකොටුව යුද සමයේ හමුදා කඳවුරක් පවත්වාගෙන යාමට භාවිත කර ඇති බවත්, එනිසා බලකොටුවේ පිවිසුමේ තිබී ඇති ආරුක්කුව කඩා ඉවත් කර ඇති බවත් එම නිලධාරියා පැවසුවේ ය. ඔහු පෙන්වා දුන්නේ එම භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා දුන්නේ මෑතක වීම නිසා සංරක්ෂණ කටයුතු කිරීම ප්‍රමාද වූ බව ය. බලකොටුව නැරඹීමට මෙතෙක් කිසිඳු ප්‍රවේශ පත්‍රයක් නිකුත් නොකරන අතර, මන්නාරම් කොටුවේ පුරාවිද්‍යා වටිනාකම පැහැදිලි කරගැනීමට ඔබට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මිත්‍රශීලී හා ස්වේච්ඡා සහය ලබා ගත හැකියි. මෙම ප්‍රධාන බලකොටුවලට අමතර ව, යාපනයේ හැමන්හිල් බලකොටුව, මුලතිව් බලකොටුව හා අරිප්පු බලකොටුව උතුරු පළාතේ ඇති යටත් විජිතසමයේ ඉදි කළ බලකොටුවල නටබුන් ය. හැමන්හිල් බලකොටුවේ වර්තමානය වන විට නාවික හමුදාව විසින් පවත්වාගෙන යන හෝටලයක් පවතින අතර, කැමති අයෙකුට සිරකරුවෙකු සේ දිනක් ගත කිරීමේ අත්දැකීම ලබා ගැනීමට හැකියි. මුලතිව් බලකොටුව මේ වන විට බොහෝ සෙයින් විනාශ වී ඇති අතර එහි ඉතිරිව ඇත්තේ කුඩා කොටස් කිහිපයක් පමණි. මන්නාරමේ ම අරිප්පු ප්‍රදේශයේ පිහිටා ඇති අරිප්පු බලකොටුවේ ද නටඹුන් ප්‍රමාණයක් වර්තමානවන විට ඉතිරිව පවතියි. අරිප්පු කොටුවේ හැඩය තරමක් යාපනය බලකොටුවේ හැඩයට සමාන ය. කොරල්, හුණු ගල් හා ගඩොල් වලින් එය ඉදි කර තිබේ. ශ්‍රී ලංකාවේ පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාර සර් ෆෙඩ්‍රික් නෝර්ත්ගේ නිවහන වූ මුහුද අද්දර පිහිටා ඇති ඩොරික්බංගලාවේ නටඹුන්ද ඇත්තේ මෙම බලකොටුවට අසන්නයේ යි. සංචාරක සටහන : අමන්දිකා කුරේ",
"Title": "පෘතුගීසීන් හැදූ, ලන්දේසීන් වැඩිදියුණු කළ, ඉංග්‍රීසීන් අල්ලාගත් උතුරේ බලකොටු"
} |
{
"Text": " ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව පසුගිය සමයේ දකුණු ඉන්දීය ධීවරයෝ විරෝධතා මාලාවක් දියත් කළහ. එහිදී ඔවුන් පැවසූවේ ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන දකුණු ඉන්දීය ධීවරයින් නිදහස් නොකරන්නේ නම් තමන් 2024 කච්චතිව් දේව මංගල්‍යයට සහභාගි වීම වර්ජනය කරන බව ය. කච්චතිව් දූපතේ පිහිටීම කච්චතිව් දූපත මෙරටට අයත් දූපත් සමූහයට අයත් එක් දූපතක් වන අතර, ශ්‍රී ලංකාවට වඩාත් දුරින්ම පිහිටි දූපත වන්නේද කච්චතිව් දූපතයි. දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් නගරයට වඩාත් ආසන්නව කච්චතිව් දූපත පිහිටා ඇති අතර, ඇතැම් අවස්ථාවල රාමේශ්වරන්හි පවතින උසින් වැඩි කුළුනු ශීර්ෂ කච්චතිව් දූපත අවට මුහුදු සීමාවට නිරීක්ෂණය වන බව ධීවරයෝ පවසති. දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් සිට කච්චතිව් දූපත දක්වා කිලෝමීටර 24 කට ආසන්න දුරක් පවතින අතර, යාපනය සිට කච්චතිව් දූපත දක්වා කිලෝමීටර 63 කට ආසන්න දුරක් පවතින බව ගූගල් සිතියම පෙන්වාදෙයි. කච්චතිව් දූපත භූමි ප්‍රමාණය අක්කර 280 කට ආසන්න වපසරියකින් යුතු අතර,ඉන්දු ලංකා ධීවරයින්ගේ ධීවර නවතැන්පොළක් ලෙස එකල කච්චතිව් දුපත භාවිත කෙරුණි. ස්වභාවික සම්පත්වලින් අනූන කච්චතිව් දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ඉන්දීය ධීවරයින් හා ශ්‍රී ලංකා ධීවරයින් බහුලව ධීවර කර්මානයේ නිරත වෙයි. කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථාන දේව මෙහෙය ඉන්දු - ලංකා ධීවරයින් සහෝදරත්වයෙන් යුතුව සමරනු ලබන දේව මංගල්‍ය වන්නේ කච්චතිව්හි පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මංගල්‍යයයි. ඉන්දීය ධීවරයින් හා ශ්‍රී ලංකා ධීවරයින් සෑම වසරකම පෙබරවාරි මස හෝ මාර්තු මාසයේදී කච්චතිව් මංගල්‍ය පවත්වන අතර, මෙවර කච්චතිව් මංගල්‍යය පෙබරවාරි 23 වැනිදා හා 24 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. කච්චතිව් සාගර සීමාවේ මසුන් ඇල්ලීමට හා සාමාන්‍යයෙන් කච්චතිව් දූපතට පිවිසීමට ඉන්දීය ජනතාවට ආගමන විගමන නීති අනුගමන කළ යුතු වුවත්, කච්චතිව් ශාන්ත අන්තෝනි දේව මංගල්‍ය සමයේ වීසා නොමැතිව ඉන්දීය බැතිමතුන්ට කච්චතිව් මංගල්‍යය වෙනුවෙන් සහභාගිවීමට හැකිය. දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් ධීවර වරායේ ඉන්දීය බළධාරීන්ගේ අවසරය හා ලියාපදිංචිය මත ඉන්දීය බැතිමතුන්ට කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ මෙහෙයට සහභාගිවීමට හැකිය. ශාත්ත අන්තෝනි දේව මංගල්‍ය වසර සිය ගණනාවක සිට පැවැත්වෙන අතර, සෑම වසරකම ඉන්දීය බැතිමතුන් 3000 කට ආසන්න පිරිසක් හා ශ්‍රී ලංකා බැතිමතුන් 5000 කට ආසන්න පිරිසක් වාර්ෂික දේව මංගල්‍යයට සහභාගි වෙති. මෙරට පැවති සිවිල් යුද්ධය හේතුවෙන් 1982 වසරේ සිට 2010 වසර දක්වා ඉන්දු ලංකා බැතිමතුන්ට කච්චතිව් දේව මංගල්‍යය වෙනුවෙන් සහභාගිවීමට අවස්ථාව අහිමිවූහ. 2010 වසරේ සිට මේ දක්වා යාපනය දිසාව භාර රඳගුරු සභාව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්වීම මත කච්චතිව් වාර්ෂික මංගල්‍යය අඛණ්ඩව පවත්වති. කච්චතිව් දූපත සම්බන්ධයෙන් වන ඉන්දු ලංකා ගිවිසුම කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ගැටළුව ඉතිහාසය පුරාවටම දක්නට ලැබුණු අතර,මෙරට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනාය හා ඉන්දීය අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඉන්දිරා ගාන්ධි අතර 1974 ජුනි 26 වැනිදා අත්සන් කළ ගිවිසුමක් මත කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවිය. ‘කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට’, ‘මව්බිමේ අයිතිය මැතිණිය දිනාගනී’ යනුවෙන් එකල පුවත්පත්වල ශීර්ෂපාඨ වාර්තා තිබුණි. කච්චතිව් දුපත ඉන්දියාවේ කොටසක් නොවන බවත්, දූපත ශ්‍රී ලංකාවේ කොටසක් වන බවත් ගිවිසුමේ සඳහන් වෙයි. කච්චතිව් අයිතිය 1974 දි ශ්‍රී ලංකාවට හිමිවුවද, කච්චතිව් අයිතිය හා කච්චතිව් සාගර සීමාව සම්බන්ධ ගැටළුව 20 වැනි සියවසේ මුල් කාලවකවානු දක්වා දිවගොස් තිබුණි. කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් 1921 වසරේ ඉන්දීය නියෝජිතයින් පිරිසක් හා ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසක් අතර, සාකච්ජාවක් පවත්වා තිබු අතර, එහිදි ඉන්දීය නියෝජිතයින් සඳහන් කොට ඇත්තේ කච්චතිව් දූපත බ්‍රිතාන්‍ය පාලන සමයේ රාමන්ඩි පාලකයෙකු යටතේ පැවති බවය. එහිදී ශ්‍රී ලංකා නියෝජිතයින් පවසා ඇත්තේ කච්චතිව් දූපත කිසිදු කාලයක ඉන්දියාවට අයත්ව නොතිබු බව ය. වර්ෂ 1800 දී පමණ ලන්දේසි යුගයේ ඇඳි සිතියමක් පාදක කර කරමින් 1950 දී ආර්. එල්. බ්‍රෝහියර් සම්පාදනය කළ කෘතියක ද කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව දක්වා ඇති අතර, ඉංග්‍රීසි ජාතික සිවිල් පරිපාලකයෙකු වු සර්.ජේම්ස් එමර්සන් 1860 දී \"සිලෝන්” නමින් එළිදක්වා තිබු ග්‍රන්ථයක සිතියමක ද කච්චතිව් දූපත ඇතුළත් කොට තිබු බව පුරාවිද්‍යා නිලධාරීන් පෙන්වා දෙයි. 1974 දී අත්සන් කළ ගිවිසුම අනුව කච්චතිව් දූපත ආශ්‍රීත ධීවර කටයුතු හා කච්චතිව් දූපත ආශ්‍රිත සාගර සීමාව සම්බන්ධයෙන් වු ගැටලු හේතුවෙන් එදා සිට මේ දක්වා ඉන්දීය ධීවරයින් හා ශ්‍රී ලංකා ධීවරයින් අතර ගැටුම්හට ගනිමින් පවති. 1976 වසරේ ඉන්දු ලංකා නායකයින් අත්සන් කළ තවත් ගිවිසුමක් අනුව කච්චතිව් දූපත ආශ්‍රිතව මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට අවසරය අහිමිකොට තිබුණි. කච්චතිව් දූපත සම්බන්ධයෙන් තමිල්නාඩු මතය 1974 ගිවිසුම මඟින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සිදුකළද, දකුණු ඉන්දීය ධීවරයින් හා දකුණු ඉන්දීය දේශපාලන නායකයෝ කච්චතිව් දූපත ඉන්දියාවට නැවත පවරා ගත යුතු බවට ඉල්ලීම් කරති. දකුණු ඉන්දීය හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් වු ජෙයලලිතා ජෙයරාම් හා එම්. කරුණානිධි ඉන්දීය මධ්‍යම රජයට අවස්ථා ගණනාවකදී බලපෑම් කරමින් පැවසූවේ කච්චතිව් දූපත නැවත ඉන්දීයාවට පවරාගත යුතු බව ය. දකුණු ඉන්දීය ධීවරයින්ගේ ඉල්ලීම අනුව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය ලෙස පත්වු ජෙයලලිතා ජෙයරාම්ගේ මෙහෙයවීම යටතේ 2008 වසරේදී දකුණු ඉන්දීය නියෝජිතයින් පිරිසක් විසින් 1974 වසරේ ගිවිසුම්ගත කළ ගිවිසුම අහෝසි කරන ලෙසට ඉල්ලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද ගොනු කර තිබුණි. ඉන්දීය කොංග්‍රස් පක්ෂයට විරුද්ධව වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට හිතවාදී කණ්ඩායම ගෙනගිය විරෝධතා වලදී, ඔවුන් ප්‍රකාශ කොට තිබුණේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරාදීමට ඉන්දිරා ගාන්ධි ඇතුළු කොංග්‍රස් පක්ෂය සිදුකළ ක්‍රියාව අනුවණ තීරණයක් වන බවය. ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව පසුගිය සමයේ දකුණු ඉන්දීය ධීවරයින් විසින් විරෝධතා මාලාවක් දියත් කළ අතර, එහිදි ඔවුන් පැවසූවේ ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන දකුණු ඉන්දීය ධීවරයින් නිදහස් නොකරන්නේ නම් තමන් 2024 කච්චතිව් මංගල්‍ය වර්ජනය කරන බව ය. ශ්‍රී ලංකාව භාරයේ සිටින දකුණු ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙසට ඉල්ලා වර්තමාන තමිල්නාඩු මහ ඇමති එම්.කේ.ස්ටාලින් විසින් එරට විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයශංකර්ගෙන් ඉල්ලීම් කොට තිබිණ. රාමේශ්වරම්, විශාකපට්ටිනම් ධීවර සංගමයේ සභාපති ඒ.ජේසුරාජ් ඉන්දු - ලංකා ධීවර ගැටළුව හා කච්චතිව් මංගල්‍ය වර්ජනය කිරීම සම්බන්ධයෙන් පැවසූවේ මෙලෙසය. “අපේ ධීවරයින් 30 කට වැඩි පිරිසක් දැනට ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ අය නිදහස් කරන්න කියලා අපි ඉල්ලීම් කළා.ඒත් ශ්‍රී ලංකා රජය අපේ ධීවරයෝ හා අපේ ධීවරයින්ගේ බෝට්ටු තවම නිදහස් කරලා නෑ.අපි කියන්නේ අපේ ධීවරයෝ නිදහස් කරලා දෙන්න කියලා.” අපි අවස්ථා ගණනාවකදි තමිල්නාඩු රජය එක්ක මේ ගැන කතා කළා.ඒත් තමිල්නාඩු රජය අපේ ධීවරයෝ නිදහස් කරලා දුන්නේ නෑ.ශ්‍රී ලංකා රජය එක්ක කතා කරලා අපේ ධීවරයෝ නිදහස් කරන්න ඕනේ.” “කච්චතිව් කියන්නේ රාමේශ්වරම්වලට ඉතාම ආසන්න දූපතක්. රාමේශ්වරම්වලට ආසන්න දූපතක් වන කච්චතිව් මුහුදේ මාළු ඇල්ලුවත් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව අපේ අය අල්ලගෙන යනවා ශ්‍රී ලංකා මුහුදේ මාළු ඇල්ලුවා කියලා.” “අපිට ආසන්න දූපතක අපිට මාළු අල්ලන්න බැරි නම් ඒක මොන තරම් අසාධාරණද. මේ 2024 අවුරුද්දේ බෝට්ටු 100 කින් කච්චතිව් මංගල්‍යය වෙනුවෙන් සහභාගිවෙන්න දකුණු ඉන්දීය ධීවරයින් බලාපොරොත්තුවෙලා හිටියේ.” \"ඒත් ශ්‍රී ලංකා රජය අල්ලපු අපේ ධීවරයින් නිදහස් කරන්නේ නැත්නම් අපි ඒකට විරෝධය දක්වමින් කච්චතිව් මංගල්ලයට සහභාගි වෙන්නේ නැතුව ඉන්න අපේ ධීවර සංගම්වල ධීවරයින් තීරණය කළා. මංගල්‍යයට අපේ රටේ බැතිමතුන් පිරිසක් යයි.ඒත් අපේ ධීවරයෝ යන්නේ නෑ.\"හෙතෙම කියා සිටියේය. ඉන්දු ලංකා ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ධීවර නියෝජිතයින්ගේ මතය ඉන්දීය ධීවර ගැටළුව හේතුවෙන් යාපනය,මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයින් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින අතර, ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදුකරන මත්ස්‍ය ජාවාරම නවතා දෙන ලෙසට ඉල්ලීම් කරමින් යාපනය දිස්ත්‍රික් ධීවරයින් පසුගිය සති කිහිපයේම විරෝධතා වැඩසටහන් හා රැස්වීම් මාලාවක් පැවැත්වූහ. යාපනය ධීවර සංගම් සභාපතිවරයෙකු වන එස්.පුනිදප්‍රකාශ් ඉන්දීය ධීවර ගැටළුව සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි. “අපි දැක්කා පහුගිය දවස්වල තමිල්නාඩුවේ ධීවරයෝ විරෝධතාවයක් තියලා කියනවා ශ්‍රී ලංකා අත්අඩංගුවේ ඉන්න ඉන්දීය ධීවරයෝ නිදහස් කරේ නැත්නම් ඒ අය කච්චතිව් මංගල්ලයට එන්නේ නෑ කියලා.” “දකුණු ඉන්දීය ධීවරයෝ ආවේ නෑ කියලා මංගල්‍යය නවත්වන්නේ නෑ.ඒත් දකුණු ඉන්දීය ධීවරයෝ දැන ගන්න ඕනේ ලංකාවේ මුහුදු සීමාවේ අනවසරයෙන් මාළු අල්ලන්නේ නැතුව ඉන්න.” “ඒත් ඒ අය එහෙම කරන්නේ නෑ.එයාලා ලොකු ට්‍රෝලර් යාත්‍රාවලින් ඇවිල්ලා අපේ මුහුදු සීමාවේ මාළු අල්ලගෙන යනවා.සමහර අවස්ථාවල ඉන්දීය ධීවරයෝ එකතුවෙලා මුහුද මැදදී ලංකාවේ ධීවරයොන්ට ගහනවා.ඒ වගේ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේදී සිදුවුණා.” “ඉන්දීය ධීවරයෝ අපේ මුහුදු සීමාවේ කරන මාළු ජාවාරම නවත්වලා දෙන්න කියලා අපි අවස්ථා ගණනාවකදී ධීවර ඇමතිතුමාට, ආණ්ඩුවට හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට දැනුම්දුන්නා.\" \"ඒත් ඒ අය කියනවා මාස හයකින්,අවුරුද්දකින්, අවුරුදු දෙකකින් ප්‍රශ්නය විසදනවා කියලා.ඒත් අද වෙනකම් විසදපු ප්‍රශ්නයක් නෑ.”",
"Title": "කච්චතිව්: මංගල්‍යයට හරස්වන ඉන්දු - ලංකා ධීවර ගැටළුව"
} |
{
"Text": " කේ කේ සමන් කුමාර යනු සමකාලීන සිංහල සාහිත්‍යයේ මඟහැරයා නොහැකි නවකතාකරුවෙකි. එසේම සිංහල සාහිත්‍ය නවීකරණය කිරීමට අධිපති ආකෘතීන්ට නිරන්තරයෙන් අභියෝග කරන නවකතාකරුවෙකි. නේරංජනේ ඉස්නානේ, පිණි අහුරක් ඉහිරුණා, මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා, මහිලාවංශය වැනි නවකතා ඔස්සේ සේම ඔහු විශිෂ්ට කෙටිකතා, කවි සහ විචාර ග්‍රන්ථ ඔස්සේ සිංහල සාහිත්‍යයේ වර්ධනයට සුවිශාල ලෙස දායක වී ඇත. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති නිම්නාගේ ඉතිහාසය (2019) සහ මේ රහස් කවුලුවෙන් එබෙන්න (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මම මුලින්ම ඔබගෙන් අහන්න කැමතියි ඔබ නවකතාවක සමාරම්භක මොහොතට මුහුණ දෙන හැටි ගැන. ඔබේ නවකතා වල පළමු වාක්‍යය ලියවුණු ආකාරය ගැන යමක් කියන්න පුලුවන් ද? සමන්: හැම පොතකදිම එකම විදිහයි කියල කියන්න බැහැ. නමුත් බොහෝ වෙලාවට මගෙ තියෙන්නේ සැලසුම් නොකළ ලිවීමක්. අපි ඔය ස්වයං සිද්ධ ලේඛනය කියල කියන්නේ. ඒ කියන්නේ කිසිම දෙයක් සැලසුම් නොකරනවා කියන එක නෙමෙයි. සමහර වෙලාවට අවුරුදු ගාණක් ඒ ප්ලොට් එක ඔලුවේ තියාගෙන ඉඳලා ඒකෙ ආකිටෙක්චර් එක නෝට්ස් ගහලා එහෙම තියෙන්නත් පුලුවන්. දැන් මෙතෙන්දි තව දෙයක් කියන්න ඕන. මගෙ තියෙන එකක් තමයි ස්ටෝරි කියන එකට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒකෙන් කියන්නෙ මං ස්ටෝරි එන්ටර්ටේන් කරන්නෙ නැහැ කියන එක නෙමෙයි. වෙන අයගෙ ඒවා මං එන්ටර්ටේන් කරනවා. නමුත් ස්ටෝරි ලයින් එක පුලුවන් තරන් මකන්න තමයි මගෙ ඇඟෙන් එන්නෙ. ඒක මේ තියරිටිකලි එන එකක් නෙමෙයි. මට ඔය අංකොං, ඔය අනවශ්‍යයි කියල බැහැර කරන ඒව තියෙන්නෙ, ඒ වගේම උපාඛ්‍යානමය කෑලි, කිසිම සම්බන්ධයක් නැති ඒව මගෙ ලිවීම ඇතුළේ උඩට එනවා. එක රටාවකට ගොනු කරගෙන යන එකම මට හිතෙන්නේ උන්නතිකාමී යමක් ලුහුබඳින එකේ ප්‍රක්ෂේපණයක් කියල. මට ලයිෆ් එක ගැනත් එහෙමයි හිතෙන්නේ. ඕකට එක එක අර්ථකථන දෙන්න පුළුවන්. ධනේෂ්වර මධ්‍යම පාංතික ආශාවන් ලුහුබැඳීම කියල කියන්න පුලුවන්. ස්ත්‍රීවාදී විදිහට ඕනෙනම් පිරිමි සුරතාන්තය හඹායාම කියල කියන්න පුලුවන්. මේක මට හරි පීඩාකාරී. මොකද මගෙ ලයිෆ් එක යන්නෙ එහෙම නෙමෙයි. තවත් විදිහකට කිව්වොත් දැන් ලෝකයේ සෞන්දර්ය විද්‍යාව ඇතුළේ හෙජමොනියක් හැදිල තියනවානෙ ඓතිහාසිකව. බටහිර ගත්තොත් ඇරිස්ටෝටලියන් ආඛ්‍යානය, මෙහෙ ගත්තොත් භරතමුණිගේ සංස්කෘත එක. මොඩර්නිසම්, පෝස්ට් මොඩර්නිසම් මොනවා ආවත් අවසානයේ ඒව අතෙන්ට සම්බන්ධ වෙනවා. ලෝකයේ තියන හෙජමොනික දේවල් ඔය බුකර්, නොබෙල් ප්‍රයිස් වගේ ඒවා ගත්තත්, මෙහෙ සාහිත්‍ය විනිශ්චය මණ්ඩල, සාහිත්‍ය පිටු සංස්කාරකවරු ගත්තත්, ඇකඩමියාවේ උගන්නන ඒව ගත්තත් එක හෙජමොනික ආඛ්‍යානයක් තියනවා. ඒක ඇතුළේ විවිධත්වයන් තියනවා. ඒක මම පිළිගන්නවා. ඒක බිඳ දමන දේවලුත් ඒක ඇතුළෙම තියනවා. හැබැයි මේ ඔක්කොම අවසානයේ අරකටම තමයි යන්නේ. දැන් කොටින්ම මනෝවිශ්ලේෂණය පවා යනවනෙ එතෙන්ට අන්තිමට ඔය සංකේතීය පියා වැනි සංකල්ප එක්ක සහ සමහර ලිංගිකත්වයන් විපරීත හැටියට සලකුණු කිරීම එක්ක. මේකෙ මට අවසානයේ පේන්නේ දෙවියන්වහන්සේම තමයි. අනිත් පැත්තෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගේන පොලිටිකල් කරෙක්ට්නස්, එතික්ස්, ඩයිවර්සිටි වගේ දේවල් ගත්තොත් මට අවසානයේ පේනවා බයිබලයේ කෝඩ් එක, ඒ දස පනතම. දැන් මෙහෙන් ගත්තොත් පංච ශීලය හරි දස සීලය හරිම පේනවා. අපි සාමාන්‍යයෙන් සෞන්දර්ය විෂුවල් එකක් පවා හදන්නේ මේක ඇතුළේ ස්ටීරියෝ ටයිප් කරපු විදිහකට. දැන් මේකෙදි යටපත් කරන ලද චිත්තවේග තියනවා, භාවවේග තියනවා, සංස්කෘතික භාවිත තියනවා. මං මේ වෙනකොට මගෙ ලිවීම ඇතුළේ අල්ලන්න හදන්නේ අන්න එවැනි මේ හෙජමොනික ආඛ්‍යානය විසින් බැහැර කරන දේවල් තමයි. හැබැයි යම් කාලයක් මමත් අරකෙ හිටියා. දැන් මං ආපහු ඔබගේ ප්‍රශ්නයට එන්නම් පළවෙනි වාක්‍යය ලියවෙන හැටි ගැන. මට හුඟක් වෙලාවට ප්ලොට් එකත් හදිසියේ පහළ වෙනවා, ඒකත් එක්කම පළවෙනි වාක්‍යයත් එනවා. ඒක නිකං අවිඥ්ඥානික, කොහෙන්දෝ තියන ලෝකයකින් එන එකක් වගේ. අර ආධ්‍යාත්මික සාහිත්‍යයේ කියන්නේ විශ්වයෙන් එන පණිවිඩයක් කියල. ඒ විදිහට හදිසියේ පහළ වෙලා සති දෙකෙන් විතර ඉවර කරපු වැඩත් තියනවා. සමහර ඒව තියෙනවා පළවෙනි වාක්‍යය ලියන මුල් ඡේදයක් දෙකක් ලියල ඔහේ කාලයක් පල් වෙමින් තියන වැඩ. හැබැයි ඒ මොහොතෙ ඉඳන් ඉන්නෙ ඒකත් එක්ක. හැබැයි පළවෙනි වාක්‍යය අර සරච්චන්ද්‍රගේ සිංහබාහු නාට්‍යයේ තියෙන්නෙ හෙණයාක් සේ පතිත වූ අහසින් කියල. එතෙන්දි අපි හෙණය කියන එක හරි මිහිරි එකක් හැටියට ගමුකෝ. අන්න ඒ වගේ එක පාරටම එන විදුලියක් වගේ තමයි එන්නේ. කෞශල්‍ය: දැන් එතකොට මේ පළවෙනි වාක්‍යය ලියවෙන මොහොතෙදි මේ ලියන්න යන නවකතාව ගැන තියන දැනුම මොනවගේ ද? සමන්: ඒක එකිනෙකට වෙනස්. දැන් මාව සාහිත්‍යකරුවෙක් හැටියට මුලින්ම වැඩිදෙනෙක් අඳුරගන්න 'සර්පයෙකු හා සටන් වැද' කෙටිකතාව ගත්තොත් ඒකට එහෙම ප්ලොට් එකක් ඔලුවෙ තිබුණේ නැහැ. හැබැයි මම සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කියවල ඒකට වශී වෙලා හිටියෙ. එතකොට මං අහල තිබුණ මං හිටපු පළාතේ එක ගෙදරක තාත්තයි දුවයි අතර සම්බන්ධයක් තියනවා කියල. මේ අසූවෙ මුල. ඒ වෙනකොට මට කිසිදු ලිංගික අත්දැකීමක් නෑ. පෝර්න් කියලත් ඒ දවස් වල අපිට තිබුනෙත් පත්තරනේ. චිත්‍රපටයකවත් ලිංගික දර්ශනයක් දැකල නැහැ. හැබැයි දවසක් මං කඩේට ගිහින් එන විනාඩි පහක මොහොත ඇතුළේ එකපාරට මේ ප්ලොට් එක ස්පාර්ක් වුණා. ගෙදර ආවා වාඩි වුණා ලිව්වා. විනාඩි විස්සක් විතර ඇතුළත මේ කෙටිකතාව මං ලියල ඉවර කළා. අදටත් ඒකෙ කිසිම දෙයක් වෙනස් කරල නැහැ. හැබැයි නවකතාවක් වගේ එකකදි එහෙම බැහැ නෙ. එතෙන්දි අපි කොච්චර විරුද්ධ වුණත් මහා ආඛ්‍යානයක් තියනවනේ. අපි කොච්චර ස්ටෝරි ලයින් එකට විරුද්ධව කතා කළත් ස්ටෝරි ලයින් එකක් තියනවනේ ඒකෙ ආකිටෙක්චර් එක හැටියට හරි. දැන් මගෙ 'නේරංජනේ ඉස්නානේ' නවකතාව මං ලිව්වෙ ඒ වෙනකොට මාත් එක්ක ජීවත් වුණු චරිතයක් මගෙන් ඈත් වෙන මොහොතක. එයාටත් වෙන සම්බන්ධයක් ගොඩනැගිල තිබුණා ඒ වෙනකොට. දවසක් රෑ එයා ඇඳේ නිදාගෙන හිටියා. මම ලියන්නේ බිම කුෂන් එකක් දාගෙන දණගහගෙන වගේ තමයි ඒ දවස් වල. මම එකපාරටම හැරිල බලද්දි මං දැක්ක මෙයාව, එයා නිරුවතින් තමයි නිදාගෙන හිටියෙ. එයාගෙ පිටුපස තමයි මට පේන්නේ. මට එකවරම හිතුනා මේ ගෑනි මේ බුදුවෙන්න නේද ට්‍රයි කරන්නෙ කියල. එහෙම තමයි නේරංජනේ ප්ලොට් එක ආවෙ. ඒක ලියවුණේ මාසයක් වගේ ඇතුළත. දැන් මේ ප්ලොට් එක දවස් දෙකක් විතර ඔලුවෙ වැඩ කරන අතරෙ මං නැදිමාලේ බෞද්ධ මධ්‍යස්ථානයට ගිහින් සමහර පිටක අරගෙන ආවා. මං කලින් ඒවා කියවලත් තිබුණා. ඊට අමතරව ඔය බෞද්ධ විද්වත්තු එක්ක යම් යම් දේවල් කතා කළා. මේ විදිහට සතියක විතර කාලයක් ගියා. ඉන් පස්සෙ මාසයක් විතර ඇතුළත නවකතාව ලියල ඉවර වුණා . දැන් 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' නවකතාවෙ පළවෙනි වාක්‍යය ලියවෙන කොට මට ප්ලොට් එකක් තිබුණේ නැහැ. ප්ලොට් එක ආවෙ පස්සේ. ඒකත් මම මාස තුනක් විතර ඇතුළත ලියල ඉවර කළා. ඒක එක විදිහක්. දැන් 'මහිලාවංශය' වගේ නවකතාවක් ගත්තොත් ඒක තුළ මගෙ අම්මගෙ ඉඳල මගෙ කුඩම්මගෙ ඉඳල මගෙ ස්ත්‍රී සම්බන්ධතා ඉඳල මේ සියල්ල මට ගොනු කරන්න ඕනෙ වෙනවා. මං මේව තුළ විඳපු සයිකොලොජිකල් දේවල් මට ගේන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒක තුළ ආකයිවල් ෆෙමිනිස්ට් ලයින් එකක්, ඒ කියන්නේ ඔය කුවේනි ගෙ දේවතාවියන්ගෙ වගේ දේවල් සහිත ලයින් එකක් ගේන්න ඕනෙ වෙනවා. මේ වගේ තව බොහෝ දේවල් මේක තුළ ගොනු වෙලා තිබුනා. හැබැයි මම 2005 විතර ඉඳන් මේක ලියන්න ට්‍රයි කරනවා ඒ හැම අවස්ථාවකම මොකක් හරි දෙයක් ඇවිත් ඒකට බාධා වෙනවා. හොඳට ලියාගෙන යද්දි ජීවත් වෙන්න සල්ලි නැතිම තත්වෙට පත්වෙනවා, වතාවක් මගෙ අත පණ නැති වෙනවා, ජීවිතේ විශාල බිඳවැටීම් එනවා. මේක ලියන්න දෙන්නෙම නෑ. මේකම සයිමන්ටත් උනා ස්වර්ණ වන්නියේ වල්ලිඅම්මලා ලියද්දි. ඒක ලියන්න දුන්නෙම නෑ. වතාවක් අත්පිටපත නැති වෙනවා. අදටත් ඒ පොත තියෙන්නෙ මැද්දෙන් ඉවර වුණු එකක් හැටියට. දැන් මේ සයිමන් ගේ පොත ඇතුළේ එයාගෙ සම්භවය පිලිබඳ අවිඥ්ඥාණික ට්‍රෝමා එක තිබුණා කියන එක මම දැනගෙන හිටියා. ඒක මම විචාර වල සඳහන් කරලත් තියනවා. එතකොට මගෙ මහිලාවංශය ඇතුළෙත් අම්මා සහ තාත්තා පිළිබඳ යම් ට්‍රෝමා එකක් තිබුණා. දැන් මේකෙ එක ඩ්‍රීම් එකක් තේරුම් ගන්න මං මනෝවිශ්ලේෂණයේ සියලු ගුරුකුල ඇසුරු කරනවා, අභිධර්ම කියවනවා, කර්මය පිළිබඳ ඉන්දියානු සම්භාව්‍ය ග්‍රන්ථ හොයාගෙන යනවා. දැන් මේක මැද්දේ මගෙ අත පණ නැති වෙන කොට මට හිතෙනවා මේක මගෙ මනසෙ ඇති වෙන සයිකොසිස් එකක්. මට මේක ලියන්න දෙන්නේ නැහැ. ඒ අතම පණ නැති කරනවා. එතෙන්දි මං සයිකියැට්රිස්ට් කෙනෙක් ගාවට මාස හයක් විතර දිගටම යනවා. පස්සෙ ෆිසියොතෙරපි එහෙම කරල ඒක හොඳ වෙනවා මේ 2008 වගේ කොහොම හරි අන්තිමට 2015 දි මට උදව් කරන මිත්‍රයෙක් එයා මට අවුරුද්දක් විතර වෙන කිසිම වැඩක් නොකර මේ පොත ලියන්න මට ස්පොන්සර් කරනවා. එහෙම තමයි අන්තිමට 'මහිලාවංශය' පළවෙනි වෙලුම ලියල ඉවර කරන්නෙ. ඉතින් මේක තවත් විදිහක්. කෞශල්‍ය: මේ ලියන ක්‍රියාවලිය ඇතුළේ ඔබගෙ ජීවිතය ගෙවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? සමන්: මගෙ තියනවා අර මලපෙරේතයා වගේ ලියන එක. සමහර වෙලාවට දවස් දෙක තුන දත් මදින්නේ නෑ මූණ හෝදන්නේ නැහැ. සුලු ආහාරයකින් ඉන්නේ. ඔය කෝපි වගේ දෙයක් වැඩිපුර ගන්නවා. අනිත් සමහර වෙලාවට බස් එකෙත් ලියනවා. ඉඩක් අහුවෙන තැනක ලියනවා. මේ අවස්ථාවේ මං ලියන එක ගත්තොත් එහෙම සිතිවිල්ල එක එක හිතේ තියාගෙන ඉන්න බැහැ. මොකද මම ලියන්නෙ කතාන්දරයක් හැටියට නෙමෙයිනෙ. එන සිතිවිලි, අපි උදාහරණයක් හැටියට ගම්මුකො චක්කු විඥ්ඥානය කියල. දැන් අපි නිකන් පිරිමි බැල්ම තුළින් හිතුවොත් අපිට ගෑනියෙක් දැක්කම ඒ රූපය මොලේට යන්න කලින් ඇහේම පහළ වෙනවනෙ සිතිවිල්ලක්. මේක මේ විද්‍යාත්මක අර්ථ නිරූපනයක් නෙමේ. මං මේ කියන්නේ අපි දකින කොටම එන සිතිවිල්ල ගැන. දැන් මේක හිතේ තියාගෙන ඉඳල ලියන්න බැහැ. මේ වැඩේදි මං පාරෙ යන කොටත් නෝට් පොතක් තියනවා. හිටිගමන් ලයිට් කණුවක් ගාව නතර වෙලා ලියනවා. එතකොට මගෙ කොමෝඩ් එක ලඟ නොට් බුක් එකක් තියනවා, උයන තැන තව එකක් තියනවා. වෙන වෙනම එක එක තැන් වල මං කඩදාසි තියල තියෙන්නෙ. දැන් මේ ලියවෙන ඒවයෙ සමහර වෙලාවට කිසිම සම්බන්ධයක් නෑ. අර විශ්වයේ කේඕස් එක වගේ. දැන් මගෙ සංවිධානාත්මක ලිවීම ගත්තොත් මං පාන්දර හතරට විතර ඇහැරෙනවා. එතකොට අර ඇහැරෙනකොටම එන සිතිවිලි. කුරුල්ලන්ගෙ සද්ද යන්තමට ඇහෙද්දි. ඇඳේ ටෝච් එකක් තියනවා. කඩදාසි තියනවා. නයිට් ලෑම්ප් එකකුත් දාල තියෙන්නෙ. මං ඕකෙ කුරුටු ගානවා. සමහර වෙලාවට හරියට නැගිටින්නෙත් නෑ. ඒක අර්ධ නින්දක්. ඒක ඊලඟට මං ගන්නෙ ලුසිඩ් ඩ්‍රීම් එකක් හැටියට. ලුසිඩ් ධ්‍රීම් එකක් කියන්නෙ නිදිත් නෑ නිදි නැත්තෙත් නෑ. මේක ටිකක් පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. සමහර වෙලාවට මේකෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඒකට මං දැන් ටොටම් එකක් තියාගෙන ඉන්නෙ මේකෙන් ගැලවෙන්න. මං අතරමං වෙච්ච වෙලාවට එලියට එන්නෙ ඒකෙන්. ඔහොම පාන්දරින් පටන් ගන්න ලිවීම නතර වෙන්නෙ මුත්‍රා බරක් ඇවිල්ල, කෝපි එකක් හදා ගන්න එළියට ඇවිත් වගේ දේකින්. දැන් ඊට පස්සෙ ලිවීම සිද්ද වෙන්නෙ අර පාන්දර එකට වඩා සවිඥ්ඥානිකව. මේක නවතින්නෙ දරා ගන්න බැරි බඩගින්නක් ආවම. මේ විදිහට මුලු දවසම ලියන එක තමයි කරන්නෙ. දැන් අවුරුදු හතක් විතර තිස්සෙ මං මේ ලියන නවකතාව ගත්තම ඒකෙ මං වැඩිපුරම උනන්දු වෙන්නෙ මේ සවිඥ්ඥානිකත්වයේ මැදිහත් වීමෙන් තොරව එන දේවල් ලියන භාෂාව හොයා ගන්න. කෞශල්‍ය: දැන් ඔබේ නවකතා අවසන් කරන තැන ඔය කොහොමද හොයා ගන්නේ? සමන්: ඒකත් නිකං එක ෆීලිං එකක් මේක තමයි අන්තිම වාක්‍යය කියල. ඒකත් අර පළවෙනි එක වගේ, අර සමාරම්භක වාක්‍යය වගේ, ඒ තරං හොඳ වාක්‍යයක් තවත් නෑනේ. මං කවදාවත් පළවෙනි වාක්‍යය ලියල පැත්තකට දාලා ආයා ලියල එහෙම නෑ. ඒක එකපාරටම පහළ වෙනවා. අවසානයත් ඒ වගේ තමයි එන්නෙ. ඒක මගෙ පාලනයෙන් පරිබාහිරයි. හැබැයි හරියටම ඒ අන්තිම වාක්‍යය ලියන්න කලින් ඊට කලින් වාක්‍යකදි දැනෙනවා මේ අවසානය කියල. ඊලඟ වාක්‍යය තමයි අවසාන වන තැන කියල. ඒක තාර්කිකව නෙමෙයි හිතෙන්නෙ. ඒක ඉවක් වගේ දෙයක්. සමහර වෙලාවට තවදුරටත් යා හැකිව තිබිය දී, නිකං තව දුරටත් රමණය කළ හැකිව තිබිය දී තෘප්තියෙන් ඉන්න විට නවතිනවා වගේ දෙයක් වෙන්නත් පුලුවන්. ඒක කලින් සැලසුම් කරන්න බැහැ. දැන් මේ ලියමින් ඉන්න නවකතාව ගත්තොත් ඒකෙ ප්‍රින්ටඩ් වර්ෂන් එක පිටු 2000ක් විතර වෙයි. මේකෙ සමහර කොටස් මම පළ කරන්න හිතන් ඉන්නෙ මගෙ මරණයෙන් පස්සෙ. ඒක වෙබ් වර්ෂන් එකක් හැටියට මගෙ මරණයෙන් පස්සෙ පළ වෙයි. එතකොට මුලු පොත පිටු 3000ක් විතර වෙයි. කෞශල්‍ය: නවකතාවක් ලියල අවසන් වුනාම දැනෙන්නේ කොහොමද? සමන්: මට 'මහිලාවංශය' පළවෙනි කොටස ලියල ඉවර වුනාම තමයි මම ලොකුම අර්බුදයට ගියේ. ඒක අවුරුද්දක් ඇතුළත එක දිගට ලිව්වනෙ. මිනිස් ආශ්‍රයක් නෑ. එළියේ යථාර්ථයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. මේක ලියන අතරෙත් වතාවක් මාව ටිකක් අවුල් වුනා ඔය නිසා. ඉතින් 'මහිලාවංශය' ලියල ඉවර වෙලා මං කොළඹ පාරවල් වල ඔහේ ඇවිද්දා. ඔය අසූව දශකයෙ අපි චිත්‍රපටි බලන්න ගියපු තැන් වල, ඒ කාලෙ තේ බීපු පෙට්ටි කඩ තිබුණ තැන් වල. අර හදවතට වැදිච්ච තැන් තියෙන්නෙ අපේ තැන් කියල. ඒ හැම තැනකම මං ඇවිද්දා. මොකද නවකතාවක් ලියල ඉවර වුනාම අර නොදන්නා රටකට ආවා වගේ එකක් තියනවා. මේක නෝමල් වෙනකං මං ඇවිදිනවා. යාලුවො හම්බ වෙනවා. කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුලුවන් ද? සමන්: ලිවීම මට පේන්නෙ එක පැත්තකින් තාපසයෙකුගෙ සොයා යාමක් වගේ. අනිත් පැත්තෙන් විද්‍යාඥයෙකුගේ සොයා යාමක් වගේ. තවත් පැත්තකින් මානසික ලෝකයක් තුළ අමු සල්ලාලයෙක්, පාදඩයෙක්, මේ විදිහෙ ජීවිත ගණනාවක ට්‍රිප් එකක්, ඇඩ්වෙන්චර් එකක් ගන්න උත්සාහ කරන රෝල් එකක් විදහට තමයි මට මේක පේන්නෙ. ජීවිතයේ පරම ප්‍රමෝදය ලුහුබඳින දෙයක්, දැන් පරම ප්‍රමෝදය විවිධාකාරයි නේ. සමහරු මේක ස්ත්‍රීන් එක්ක කරනවා, දැන් මට ඒක නෑ, මට ලව් එක්ක විපරීත සම්බන්ධයක් තියනවා ඒක වෙන ආකාරයකට. දැන් මට ඩ්‍රග්ස් වගේ එකක් කොහොමටවත් නෑ. ඇල්කොහොල් වුණත් යම් ප්‍රමාණයකටනේ ගන්න පුලුවන්. ඒව ඉවර වෙනවා. හැබැයි ලිවීමේ ප්‍රමෝදය කියන්නෙ මේ කිසි එකක් වගේ නෙමෙයි. ඉවර වෙන්නෙ නැහැ. ඒක මේ පාඨකයෙක් කියවන්න ඕන කියල එකක් නෑ. ඒ ලියන ප්‍රොසෙස් එක තුළ තමයි මේක තියෙන්නේ. කාලාන්තරයක් තිස්සේ ලිවීම සිය ජීවන පැවැත්මේ අත්‍යන්ත අංගයක් බවට පත්ව ඇති නවකතාකරුවෙකුගේ අත්දැකීම් සහ අදහස් අපට ලිවීමට අනුප්‍රාණය සපයනු ඇතුවා සේම ඔහුගේ කෘතීන් කියවන විට ඒ වචන පිටුපස සිටින ඔහුගේ ආත්මය ගැන අවලෝකනය කරන්නට ද බල කරනු ඇත. මීළඟ සතියේ අප මුණගැසෙන්නේ සිංහල සාහිත්‍ය ඉතිහාසයේ අතිශය ජනප්‍රිය නවකතාකාරියක වන චන්දි කොඩිකාර යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. ",
"Title": " 'මම ලියන හැටි' : කේ කේ සමන් කුමාර"
} |
{
"Text": " සමාජ මාධ්‍ය හරහා මුදල් රැස් කරමින් සිදුකරන දැවැන්ත ආගමික ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන් කලින් කලට අපට අසන්නට දක්නට ලැබේ. විශේෂයෙන් ම කඳු මුදුන්වල සිදු කරන එවන් ඉදිකිරීම් සම්බන්ධයෙන් යම් ප්‍රතිරෝධයක් ද සමාජය තුළ ඇතැම් අවස්ථාවන්හි නිර්මාණය වූ අතර, එනිසාම ඇතැම් ඉදිකිරීම් අතරමඟ නවතා දැමීමට ද සිදු විය. අලුතෙන් ඉදිකෙරෙන මහා පරිමාණ ඉදිකිරීම් වලින් පරිසරයට සිදුවන බලපෑම හැරුණුවිට, මෙවැනි ඉදිකිරීම් සිදු කිරීමට පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන තෝරාගැනීමේ ප්‍රවණතාවයක් ද තිබේ. මෑතකාලීනව මුහුදු මහා විහාරය, කුරුන්දි විහාරය, කූරගල මෙන් ම ආසන්නතම සිදුවීම වන කවුඩාගල ඒ සඳහා නිදසුන් ය. වර්තමානයවන විට කුරුන්දිය සම්බන්ධයෙන් නඩුවක් ක්‍රියාත්මක ය. දාගැබක නටඹුන් හමුවී ඇති කවුඩාගල ඉදිකිරීම් සති කිහිපයකට පෙර ආරම්භ වූ අතර, ඒ සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර සමාජ මාධ්‍ය පුරා දැකගතහැකි විය. කෙසේ නමුත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානවල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඉදි කිරීම් සිදු කිරීමට නීතිමය බලයක් නොමැති නිසා මෙම ඉදිකිරීම් සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ දැයි අප එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂක ජනරාල් හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහගෙන් විමසීමක් කරන ලදි. 'කවුඩාගල ඉදිකිරීම් සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියට අනුවයි' \"කුරුන්දි විහාරය සම්බන්ධයෙන් නඩුවක් තිබෙන නිසා මට ඒ ගැන කිසිවක් කියන්න බෑ. නමුත් කූරගල හා කවුඩාගල ඉදිකිරීම් සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියට අනුවයි,\" යැයි වැඩබලන අධ්‍යක්ෂක ජනරාල්වරිය ප්‍රකාශ කළා ය. එහි දී ඇය පැවසුවේ එම ඉදිකිරීම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවයි. \"කවුඩාගල ස්ථූපය නැවත ගොඩනගන්නේ පුරාවිද්‍යා නිලධාරීන් විසින්. ස්වාමීන් වහන්සේ විසින් අපට අවශ්‍ය භාණ්ඩ සපයනවා විතරයි.\" බීබීසී සිංහල විසින් ඇයගෙන් විමසා සිටියේ එවැනි ඉදිකිරීම් වලින් මුල් පුරාවිද්‍යා වටිනාකම් වලට හානියක් සිදුවීමට ඉඩක් නොතිබෙන්නේ ද යන්නයි. එහි දී ඇය ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි. \"කූරගල පන්සලේ හාමුදුරුවෝ අපි සමඟ ඉතාම අවබෝධයෙන් වැඩ කරනවා. ගිය වසරේ නව ගොඩනැගිල්ලකට අවසර ඉල්ලුවාට අපි එය ලබා දුන්නේ නෑ. වන්දනාමාන කරන්න ගොඩක් පිරිස ඇවිල්ලා මේවාට හානිවෙන්න පුළුවන්නම් අපට සීගිරියටත් යන්න දෙන්නෙ නැතිව තමයි ඉන්න වෙන්නේ. සීගිරියට දවසකට කොයිතරම් පිරිසක් යනවද? එහෙනම් සීගිරියට යන්න දෙන්නත් බෑ. ජනතාව මේ පුරාවිද්‍යා වටිනාකම් ගැන දැනගන්න එක හොඳ දෙයක්.\" 'පුරාවිද්‍යා අධ්‍යක්ෂකට වැඩ කරන්න වෙලා තියෙන්නෙ ඇමති කියන විදිහට' මෙම ඉදිකිරීම් නිසා පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට බලපෑමක් සිදුවන්නේ ද යන්න පිළිබඳ ව බීබීසී සිංහල විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය කේ.එම්. ඇලෙක්සැන්ඩර්ගෙන් විමසීමක් සිදු කරන ලදි. \"පුරාවිද්‍යාත්මක සාධකයක් ලැබුණාම මුලින් ම කරන්නේ කැණීමක් කරලා ස්මාරකය පාදා ගැනීම. එහෙම කරන්නේ එක්කෝ ඒ ගොඩනැගිල්ල හඳුනාගෙන පර්යේෂණයක් සිදු කරන්න. අනෙක් අරමුණ නැවත ඒවා සංරක්ෂණය කිරීම. ඊට අමතරව සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අවශ්‍ය වුණාම ඒ ස්ථානවල පුරා විද්‍යා වැදගත්කමක් තිබෙනවා නම් හදිසි කැණීම් සිදු කරන අවස්ථාත් තිබෙනවා,\" මහාචාර්‍යවරයා පැහැදිලි කළේ ය. \"එවැනි කැණීම් කරලා පාදාගත් අභයගිරිය , ජේතවනය වගේ ස්ථූප අපි පාදාගන්නාකොට තිබුණු හැඩයටම තමයි සංරක්ෂණය කරලා තියෙන්නේ. ඒවායේ මුල් ස්වභාවයට හානියක් නෑ. ඒ විදිහට සංරක්ෂණය සහ ප්‍රකෘතිකරණය කරනවා වගේම මිරිසවැටිය වගේ ස්ථූපයක් සම්පූර්ණයෙන්ම නැවත හදලා තිබෙනවා. ඒ නිසා පුරාවිද්‍යාත්මක ස්ථානයේ ස්වභාවය සහ ගොඩක් කරුණු සැලකිල්ලට අරගෙන තමයි ඒ ස්ථාන සංරක්ෂණය කරනවාද, ප්‍රකෘතිකරණය කරනවාද නැතිනම් ප්‍රතිසංස්කරණය කරනවාද කියා තීරණය කරන්නේ,\" මහාචාර්ය ඇලෙක්සැන්ඩර් පවසයි. එහි දී අප මහාචාර්‍යවරයාගෙන් විමසා සිටියේ රජයේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු අනුරාධපුර, පොළොන්නරුව සංරක්ෂණ ව්‍යාපෘති හැරුණු විට මෑතක දී ඉදි කිරීම් සිදු කළ කූරගල හා කවුඩාගල වැනි ඉදි කිරීම් වලින් සිදුවන බලපෑම කුමක් ද යන්නයි. ඒ සඳහා මහාචාර්යවරයා ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි. \"මෑතක දි සිදු කළ මෙවැනි ව්‍යාපෘතිවලින් පුරාවිද්‍යාවට හානියක් වෙන බව මම කියන්න ඕනෑ. කවුරුහරි හාමුදුරුවෝ කෙනෙක් සල්ලි ටිකක් හොයාගෙන ඉන්න මැති ඇමතිලා ටික අල්ලා ගන්නවා. ඊට පස්සෙ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්ට කියනවා මේක හදන්න ඉඩ දෙන්න කියලා. එහෙම නැතිනම් අධ්‍යක්ෂක ජනරාල්ට එහෙම හදන්න අවසර දෙන්න බෑ. පුරාවිද්‍යා ආඥා පනතේ වුණත් අවසන් තීරණ ගන්න බලය තියෙනෙ විෂය භාර ඇමතිට.\" \"ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ හෝ, පොළව යට හෝ මෙතෙක් හොයාගෙන තිබෙන ඕනෑම පුරාවිද්‍යාත්මක වටිනාමක් ඇති දෙයක භාරකාරීත්වය තියෙන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්ට. ඒ තනතුරේ ඉන්න කෙනාට යම් යම් තීරණ ගන්න පුලුවන් වගේම විෂය භාර ඇමතිවරයාට තත්වය පැහැදිලි කරලා දෙන්න පුලුවන්. නමුත් අපේ රටේ ඉන්න ඇමතිලා නිලධාරීන් කියන දේවල් අහන අය නොවෙයිනේ,\" මහාචාර්‍යවරයා පැවසුවේ ය. \"මේ එක එක අයගේ දේශපාලන බල ව්‍යාපෘති නිසා තමයි කූරගල කන්දක්ම සම්පූර්ණයෙන් විනාශ කළේ.\" \"අනෙක් අතට, මේ ඉදිකළ ස්ථාන වල නඩත්තු කටයුතු කරන්න ඕනෑ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු මැදිහත්වීමක් තිබිය යුතුයි. නමුත් වර්තමානයේ මෙවැනි බොහෝ ඉදිකිරීම් කරපු ස්ථානවල නඩත්තු කටයුතු සිදු කරන්නේත් ඒ ඒ හාමුදුරුවරුන්ට ඕනෑ විදිහට මිසක් පුරා විද්‍යා මැදිහත්වීමකින් නොවෙයි. ඉදිකිරීම් නිසා වෙන හානිය වගේම මේ විදිහට නඩත්තු කරන්න ගිහින් කරන හානියත් අපට සුළුකොට තකන්න බෑ,\" මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කියා සිටියේය. 'මාධ්‍ය කුරුන්දියට, කවුඩාගලට ගිහින් බලන්න' මෙලෙස පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානවල සිදු කරන ඉදිකිරීම්වලට ඇමතිවරයාගේ කිසියම් මැදිහත්වීමක් තිබේ ද යන්න විමසීමට අප බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමතිවරයා වන විදුර වික්‍රමනායක සම්බන්ධ කරගත් අතර ඔහු ඒ සඳහා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි. \"පුරාවිද්‍යාව කියන්නේ මගේ විෂයේ තාක්ෂණික කොටසක්. ඒ සම්බන්ධ තීරණ ගැනීම කරන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්. මම එහෙම ඡන්දවලට ඉල්ලන්නත් බලාපොරොත්තු නොවෙන නිසා බලපෑමක් කරන්න අවශ්‍යතාවයක් නෑ. ඒ අය තමයි අවසරදීම් සියල්ල කරන්නේ.\" වැඩිදුරටත් අදහස් පළ කළ ඇමතිවරයා පැවසුවේ මෙවැනි ස්ථානවලට ගොස් එහි සැබෑ තත්වය නැරඹීම මාධ්‍ය විසින් සිදු කළ යුතු බවයි. \"වර්තමානයේ පුරා විද්‍යාව සහ මාධ්‍ය අතර ලොකු ගැටීමක් මම දකිනවා. මම මාධ්‍යට යෝජනා කරන්න කැමතියි මේ තැන්වලට ගිහින් බලන්න කියලා. කුරුන්දි ගැන ගොඩක් මාධ්‍ය වාර්තා කරන්නෙ එතැනට ගිහින් නෙවෙයි. කොහෙ හරි සමාජ මාධ්‍යක තිබුණු එකක් අල්ලගෙන කෑගහනවා. දැන් කවුඩාගල වුණත් අවසර ලබාදීලා තියෙන තැන විතරයි ඉදිකිරීමක් කරනවා නම් කරන්නේ. එතැනින් එහාට කිසිම තැනක මොකුත් කරන්නේ නෑ.\" \"සාමාන්‍යයෙන් පුරා විද්‍යා ස්ථානයක කැණීම් කරලා කෞතුක වස්තු ගොඩ අරගත්තාට පසුව තමයි ඉදිකිරීමක් කරන්න දෙන්නේ,\" ඇමතිවරයා පැවසුවේය. \"දැන් කතාවෙන තැනත් නටඹුන් විදිහට තිබෙන ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීමක් පමණයි වෙන්නේ.\" හෙතෙම කියා සිටියේය. ",
"Title": "ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථානවල නව ඉදිකිරීම්, පෞරාණික වටිනාකම්වලට සිදු කරන හානියක්ද?"
} |
{
"Text": " ප්‍රභූ තන්ත්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා ද? නැතිනම් පොදු ජනතාවගේ වුවමනාවට පෙළ ගැසෙනවා ද? යන්න ගැන රටේ ජනතාව තීන්දුවක් ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක BBC සිංහල සේවය සමග පැවති සාකච්ඡාවක දී සඳහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජාතික ජන බලවේගය නම් කර ඇති අපේක්ෂකයා ඔහු වේ. ''ප්‍රභූ තන්ත්‍රය රකිනවා ද? පොදු ජනතාවගේ උවමනාවට පෙළ ගැසෙනවා ද? කියන එක අතර ගැටුම තමයි අනාගත දේශපාලන ගැටුම. ඒ නිසා මම හිතන්නේ මේ නිමේෂයේ දී නම් අපේ රටේ කිසිදු පුරවැසියෙකුට තමන් ස්වාධීනයි, අපි පැත්තකට වෙලා ඉන්නවා කියන මතය නියෝජනය කරන්න බෑ. එක්කෝ මේ ආපු දූෂිත ප්‍රභූ තන්ත්‍රයේ ආරක්ෂාවට යන්න ඕනා. එක්කෝ පොදු ජනතාවගේ වුවමනාවට එන්න ඕනා.'' යනුවෙන් අනුර කුමාර දිසානායක කියා සිටියේය. රට ගොඩනැගීමට ඉදිරිපත් කරන වැඩපිළිවෙල, ඒ සඳහා ජාතික ජන බලවේගය වට සිටින කණ්ඩායම, විදේශ ප්‍රතිපත්තිය, ආර්ථික උපාය මාර්ග ආදී ක්ෂේත්‍ර ගණනාවක් ගැන ඔහු මේ සංවාදයේ දී අදහස් පළ කළේය.",
"Title": "අනුර කුමාර දිසානායක : 'ප්‍රභූ තන්ත්‍රයේ ආරක්ෂාව ද? පොදු ජනතාවගේ අපේක්ෂාව ද? තීන්දුවක් ගන්න'"
} |
{
"Text": " යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ උතුරු - නැගෙනහිර පළාත් ඥාතීන් පවත්වන අඛණ්ඩ විරෝධතා හා උපවාස මාලාවට වසර හතක් ගතවීම නිමිත්තෙන් අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීහූ ( පෙබරවාරි මස 20 වැනිදා) කිලිනොච්චිය නගරයේදී විරෝධතා පාගමනක් පැවැත්වූහ. ඔවුන් කිලිනොච්චිය කන්දසාමි කෝවිල අසළින් පාගමන ආරම්භ කරමින් කිලිනොච්චිය නගරය ඔස්සේ ගමන් කරමින් විරෝධතාව පවත්වනු ලැබීය. කිලිනොච්චිය, යාපනය, වවුනියාව, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගම් විසින් විරෝධතාවය පැවැත්වනු ලැබූහ. යුද්ධයෙන් අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් 2017 පෙබරවාරි මස 20 වැනිදා අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය ආරම්භ කරනු ලැබීය. ‘දේශීය ක්‍රමවේදයකින් ගැටළුවට විසදුම් ලැබෙන්නේ නෑ’ විරෝධතාවයට එක්වු කිලිනොච්චිය දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ සංගමයේ සභාපති කේ.කනගරංජනි මෙසේ පැවසුවාය. “යුද්දේ කාලයේ අතුරුදන්වු අපේ ඥාතීන් සොයාදෙන ලෙසට ආරම්භ කළ විරෝධතාවයට අදට අවුරුදු හතක් ගතවෙනවා, ඒත් අපිට කිසිදු සාධාරණයක් මේ වෙනකම් ඉටුවෙලා නෑ” “යුද්ධය ඉවරවෙලා අවුරුදු පහළොවකට වැඩි කාලයක් ගතවෙලා.ඒත් මේ දක්වා පත්වුණු කිසිදු රජයක් යුද සමයේ අතුරුදන්වූවන් සොයාදීමට කටයුතු කරලා නෑ.” “කිසිම ආණ්ඩුවක්, කිසිම පාලකයෙක් තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සාධාරණය ඉටුකරදීමට උත්සහ කරලාවත් නෑ.අපි ඉල්ලන්නේ අපේ ඥාතීන් කොහේද කියලා හොයලා දෙන්න කියලා විතරයි.” ඇය පැවසුවාය. “අපි අවුරුදු හතක් කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට ඉඳගෙන අපේ ඥාතීන් හොයලා දෙන්න කියලා ඉල්ලීම් කළා.ඒත් අපේ ගැටළුවට මේ දක්වා කිසිම සහනයක් ලැබුණේ නෑ.” “අපි ඉල්ලන්නේ ජාත්‍යන්තරයේ රටවල් මැදිහත්වෙලා අපේ ගැටළුවට සාධාරණය ලබාදෙන්න කියලා. දේශීය ක්‍රමවේදයකින් අපේ ගැටළුවට විසදුම් ලැබෙන්නේ නෑ කියලා අපි දන්නවා.” “ඊශ්‍රායල, පලස්තීන ගැටළුව වෙලාවේ දකුණු අප්‍රිකාව ආදි රටවල් මැදිහත්වෙලා ඒ යුද්ධය වෙලාවේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් වන ගැටළුවට සාධාරණ පිළිතුරක් ලබාදෙන්න ක්‍රමයක් හැදුවා. ඒ වගේ අපේ අතුරුදන්වූවන් වෙනුවෙන් ජාත්‍යන්තර රටවල් මැදිහත්වෙලා සාධාරණයක් ලබාදෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.” “අපේ රටේ නායකයෝ හදන බොරු වැඩසටහන්වලින් අපිට යහපතක් ලැබෙයි කියලා විශ්වාස කරන්න බෑ.” කිලිනොච්චිය දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමයේ ලේකම් ඒ.ලීලාවති පැවසුවාය. “අතුරුදහන්වූවන් සොයාදෙන බවට පවසමින් රජය විසින් අතුරුදහන්වූවන් සොයාදීමේ කාර්යාලයක් ස්ථාපිත කළා.තවත් විවිධ ආයතන බිහිකරලා අතුරුදන්වූවන්ට සාධාරණය ඉටු කරන්න කටයුතු කරනවා කිව්වා.ඒත් මේ දක්වා අපිට ඉටු වුණු යහපතක් නෑ.” “දැනට යුද්දේ ඉවරවෙලා ආණ්ඩු තුනක් බිහිවුණත් මේ කිසිදු රජයකින් අතුරුදහන්වූවන්ගේ ගැටළුවට විසදුම් ලබාදීලා නෑ.” “අතුරුදහන්වූවන්ගේ අම්මලාගේ ඉල්ලීම මේ පාලකයින් කවදාවත් අහන්නේ නෑ.ඒ වෙනුවෙන් ඒ අය සාධාරණයක් ලබාදෙන්නෙත් නෑ.මේ පාලකයෝ පාරවල් ගානේ දුක්විදින අම්මලා වෙනුවෙන් ඇහුම්කන් දෙන්නේ නෑ.” යනුවෙන් විරෝධතාවයට එක්වු සන්ධ්‍ය එක්නැළිගොඩ පැවසුවාය. 'ජාත්‍යන්තරය මැදිහත්ව තමන්ගේ ගැටළුව වෙනුවෙන් විසදුම් ලබාදිය යුතුයි' වවුනියාව දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතී සංගමයේ සභාපති කේ.රාජ්කුමාර් පැවසූවේ, “අතුරුදන්වූවන්ගේ ගැටළුව වැනි දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙත විසදුම් ලබාදීමට සෑම රජයක්ම අපොහොසත් වෙලා තියෙනවා. අතුරුදහන්වූවන්ගේ ගැටළුවට විසදුම් ඉල්ලීම් කරමින් අපි වර්තමාන ජනාධිපතිවරයා අගමැතිවරයා සිටි අවදියේ පවා ඉල්ලීම් කළා.ඒත් අද දක්වා ඒ වෙනුවෙන් සාධාරණය ඉටුවෙලා නෑ.” “එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපා සංගමය,ඇමෙරිකාව ඇතුළු රටවල් මැදිහත් වෙලා යුද්ධයෙන් අතුරුදහන්වු උතුරු නැගෙනහිර වැසියන් පිළිබඳ සොයා බලා සාධාරණය ඉටුකරදිය යුතුයි.” යනුවෙන් ඔහු පැවසීය. අවස්ථා ගණනාවකදී රජය විසින් අතුරුදන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් පිළිතුරු ලබාදෙන බවට ප්‍රකාශ කළද තමන්ගේ ගැටළුව වෙනුවෙන් මෙතෙක් පිළිතුරක් නොලැබීම කණගාටුවට කරුණක් වන බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීහූ පැවසූහ. අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වැඩිදුරටත් සඳහන් කළේ උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ දේශපාලන නායකයින්ද තමන්ගේ ගැටළුවට විසදුම් ලබාදීම වෙනුවෙන් නිසි මැදිහත්වීමක් නොකරන බව ය. ජාත්‍යන්තරය මැදිහත්ව තමන්ගේ ගැටළුව වෙනුවෙන් විසදුම් ලබාදිය යුතු බවද විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන්ගේ ඥාතීහූ ඉල්ලා සිටියහ. යුද්ධය නිම වී එළැඹෙන වසර වන විට වසර 15 ක් ගතවුවද අතුරුදන්වූවන් සම්බන්ධයෙන් නිසි සඳහනක් හෝ නිසි සොයා බැලීමක් නොමැතිවීමෙන් තමන් මහත් අසරණ වි සිටින බව විරෝධතාකරුවෝ පැවසූහ.",
"Title": "අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවට වසර 7: 'ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍යයයි'"
} |
{
"Text": " මෙරට බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන් සංඛ්‍යාව මෙන් තුන් ගුණයක පමණ රැඳවියන් පිරිසක් මේ වන විට බන්ධනාගාරවල රඳවා තිබේ. ඇතැම් බන්ධනාගාරවල මෙම අගය කීප ගුණයකින් ඉහළය. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ සිදු කළ ඉල්ලීමකට අනුව එක් එක් බන්ධනාගාරවල තත්ත්වය පිළිබඳ දත්ත ලබා ගැනීමට බීබීසී සිංහල වෙත හැකි විය. වැඩිම තදබදයක් ඇති බන්ධනාගාර ලෙස, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ නව මැගසින් බන්ධනාගාරය හඳුනාගත හැකියි. ඒවායේ රඳවා තැබිය හැකි රැඳවියන් සංඛ්‍යාවට සාපේක්ෂව, පිළිවෙලින් හත්ගුණයකට හා සයගුණයකට ආසන්න රැඳවියන් පිරිසක් රඳවා තිබේ. වර්තමානයේ ක්‍රියාත්මක වන “යුක්තිය” මෙහෙයුම යටතේ සාමාන්‍යක් ලෙස දිනකට 700 ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනෙන අතර ඒ අතුරින් පිරිසක්ද රක්ෂිත බන්ධනාගාරගත වන බැවින් එයද මෙම තත්ත්වය උග්‍රවීමට හේතුවී තිබේ. ",
"Title": "බන්ධනාගාරවල අධික තදබදය: ඉහළ ගොස් ඇත්තේ කෙසේ දැයි ඔබ දන්නවා ද?"
} |
{
"Text": " මේ වන විට ලෝකයේ විවිධ මත දරන සහ විවිධ කණ්ඩායම් ලෙස ක්‍රියාකරන බව පෙනී යන රටවල් රැසක නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටිති. විශේෂයෙන් මැද පෙරදිග රටවල් කිහිපයක් අතර සහ සටන්කාමී සංවිධාන කිහිපයක් අතර මතවාද සහ ගැටුම් නිර්මාණය වෙමින් පවතින අවස්ථාවක මෙම සංචාරයන් සිදු වීම විශේෂත්වයකි. ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලට තර්ජනයක් වී ඇති හූතිවරුන්ට එරෙහි මෙහෙයුම් සඳහා රතු මුහුද වෙත යුද නෞකාවක් යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පසුගියදා නිවේදනය කළේය. මෙම පසුබිම තුළ ඊශ්‍රායල්, ඇමෙරිකානු හා ඉරාන රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ ශ්‍රී ලංකාවේ සංචාරවල සැබෑ අරමුණ කුමක් ද? රාජ්‍ය නියෝජිතයින්ගේ සංචාර මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ මහජන කටයුතු සම්බන්ධ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් එලිසබෙත් ඇලන් ශ්‍රී ලංකාවට පැමිණ සාකච්ඡාවලට සහභාගි වූවාය. ඇය එහිදී, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට තවදුරටත් සහයෝගය ලබා දෙන බවට පොරොන්දු දුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය. මේ අතර, ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් පෙබරවාරි 19 වන දා සිට 21 වන දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මේ අතර, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිට, ජර්මනියේ මියුනිච් නුවර පැවැත්වෙන 60 වන මියුනික් ආරක්ෂක සම්මේලනය සඳහා ඇරයුම් ලැබී තිබිණි. ඊශ්‍රායලය සමග සබඳතා අලුත් වීම ගාසා තීරයේ යුද්ධය හරහා ලෝකයේ බහුතර රටවල අප්‍රසාදයට ලක්ව සිටින ඊශ්‍රායලය සමග ශ්‍රී ලංකාව ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ ප්‍රවණතාවක් ද දක්නට තිබේ. එම සබඳතාවල මෑතක ම සිදුවීම වූයේ, ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ඍජු ගුවන් ගමන් සේවා සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමය. එම ගිවිසුමට අත්සන් තැබීම සඳහා ඊශ්‍රායලයේ ප්‍රවාහන සහ මාර්ග ආරක්ෂණ අමාත්‍යවරිය වන මීරි රෙගෙව් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. මේ අතර, ගාසා තීරයේ යුද්ධය උත්සන්න වෙමින් පැවති නොවැම්බර් මාසයේදී ශ්‍රී ලාංකික කෘෂි කම්කරුවන් 10,000ක් ඊශ්‍රායලය වෙත යැවීම සඳහා ගිවිසුමකට ද එළඹිණි. මෙම සබඳතා වර්ධනය වන්නේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී පලස්තීනයට සහය පළ කරමින් ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකාව ද එකඟත්වය පළ කර තිබියදී ය. ඊශ්‍රායල – හමාස් ගැටුමේදී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පලස්තීනයේ විදේශ කටයුතු හා සංක්‍රමණිකයින් පිළිබඳ අමාත්‍ය ආචාර්ය රියාද් මල්කි (Dr. Riyad Malki) සමග 'G77 සහ චීනය' 3 වන දකුණු සමුළුවට සමගාමීව ජනවාරි 21 වන දා උගන්ඩාවේදී පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ගැටුම් නවත්වා සාමය ස්ථාපනය කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වසර 5ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ යෝජනාව බව ද කියා සිටියේය. එසේම පලස්තීනයේ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ ඔවුන්ට ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ස්ථාපනය කර ගැනීමට ඇති අහිමි කළ නොහැකි අයිතිවාසිකම සඳහා ඉහළ ම ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඉරාන යුද්ධ නෞකා දෙකක් ශ්‍රී ලංකාවට ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකා දෙක නිල සංචාරයක් සඳහා පෙබරවාරි 16 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය. එම නෞකා දෙක පෙබරවාරි 19 වන දා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය. IRINS ‘Bushehr’ නෞකාව, දිගින් මීටර් 107 හා නැව් මුළුව දෙසිය හැත්තෑ දෙනෙකුගෙන් (270) සමන්විත වූ අතර, ‘Tonb’ නෞකාව, දිගින් මීටර් 94.94 හා නැව් මුළුව දෙසිය පනස් දෙනෙකුගෙන් (250) සමන්විත විය. මැද පෙරදිග ඇතුළු රටවල් රැසක රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයින් මෙන් ම යුද්ධ නෞකා ශ්‍රී ලංකාවට පැමිණීමට හේතුව ශ්‍රී ලංකාව 'හූති' කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා ශ්‍රී ලංකාව සහය දීම හේතුවෙන් ඇති වූ දේශපාලනික බලපෑමක් ද? යන්න ඇතැමෙක් සැක මතු කරති. කෙසේ වෙතත්, ඉරාන යුද්ධ නෞකා දෙකක් ශ්‍රී ලංකාවට පැමිණියේ නිල සංචාරයක් සඳහා වන අතර වෙනත් කිසිදු අරමුණක් ඒ පසුපස නැතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය බීබීසී සිංහල සේවයට පැවසීය. 'ආණ්ඩුව ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන ආකාරය ඉතා හොඳයි' - මහාචාර්ය රොහාන් ගුණරත්න මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්නගේ අදහස් විමසීමු. ඔහු ප්‍රකාශ කළේ, කඩා වැටුණු ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව මෙම අවස්ථාවේදී ඉතා කල්පනාකාරී ලෙස ජාත්‍යන්තරයේ සියලු පාර්ශව සමග ගනුදෙනු කළ යුතු බවය. \"ආර්ථිකයක් කඩා වැටුණා ම ඒ ආර්ථිකය ආයෙත් හදන්න අවුරුදු ගාණක් යනවා. ඒකට ලංකාව, ඇමෙරිකාවත් චීනයත් යුරෝපයත්, මැද පෙරදිගත් සමග බොහොම කල්පනාකාරීව ගනුදෙනු කළ යුතුයි. දැනට ලංකාවට වැඩියෙන් ම උදව් ඇවිල්ලා තියෙන්නෙ ඉන්දියාවෙන්. ලංකාව මේ අවස්ථාවේදී ඒ රටවල් සමග බොහොම කල්පනාකාරීව සාකච්ඡා කරලා ලංකාවේ ආර්ථිකය හැදිය යුතුයි. මොක ද ආර්ථිකය හදාගත්තෙ නැත්නම් ලංකාවට ස්වාධීනව තව ඉස්සරහට යන්න අපහසුතාවක් ඇති වෙනවා. ඇමෙරිකාවයි - චීනයයි, යුරෝපයයි - චීනයයි, ඉන්දියාවයි - චීනයයි අතර හුඟක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඊළඟට චීනය මැද පෙරදිග තියෙන ඉරානයත් සමග හොඳ මිත්‍රත්වයක් ඇති කරලා රුසියාවත් සමග ඒ කට්ටිය එක පැත්තක වැඩ කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ලංකාව මේ ඔක්කොම රටවල් සමග එකට එකතු වෙලා වැඩ කරන්න අවශ්‍යයි, ලංකාවේ ආර්ථිකය හදාගන්න,\" මහාචාර්ය රොහාන් ගුණරත්න පැවසීය. මේ අතර, හූති කැරලිකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරන ස්ථාවරය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට බලපාන ආකාරය ඔහු පැහැදිලි කළේ මෙලෙසිනි. \"හූති කට්ටිය යේමන්වල අරාබි මුහුදු සහ රතු මුහුදු ප්‍රදේශවලින් එන නැව්වලට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉතින් ඒ කට්ටිය ජාත්‍යන්තර නීතිවලට පටහැණිව ක්‍රියා කරලා තියෙනවා. මේ ත්‍රස්තවාදී සංවිධානවලට මේ වගේ ප්‍රහාර එල්ල කරනවා නම් ඒවාට ලංකාව විරුද්ධ විය යුතුයි. ඒකට සමහර වෙලාවට ඉරානය විරුද්ධ වෙන්න පුළුවන්. මොක ද, ඉරානය හූති කැරලිකරුවන් සමග එකට එකතු වෙලා වැඩ කරන රටක්. හැබැයි ලංකාව වෙනත් ප්‍රතිපත්තියක් ඇති රටක් වශයෙන් මේ අවස්ථාවේදී ඒ ත්‍රස්තවාදී සංවිධාන, ඒ කියන්නෙ හමාස්, අන්සාරුල්ලා සංවිධානය, හිස්බුල්ලා සංවිධානය ඇතුළු සංවිධානවලට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුයි. මොක ද, ලංකාවේ අවුරුදු 30ක් ත්‍රස්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වුණානේ. ඉතින් එවැනි සංවිධානවලට විරුද්ධව ලංකාව ක්‍රියා කළ යුතුයි. මොක ද, ලංකාව කියන්නේ ත්‍රස්තවාදයෙන් හුඟක් දුක් විඳපු රටක්.\" 'මැරීගෙන යන ආණ්ඩුවක විකාර හැසිරීමක්' - ආචාර්ය දයාන් ජයතිලක වත්මන් ආණ්ඩුවේ ජාත්‍යන්ත සබඳතා සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස ද සේවය කළ ආචාර්ය දයාන් ජයතිලක දරන්නේ මහාචාර්ය රොහාන් ගුණරත්නගේ අදහස්වලට ප්‍රතිවිරුද්ධ අදහසකි. “රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජාත්‍යන්තර සබඳතා සහ චර්යාවන් ගත් විට ඒකෙ තියෙන්නෙ අතාර්කික, අරාජිකභාවයක්. දැන් බලන්න හූති කැරලිකරුවන් ගාසා යුද්ධයේදී පලස්තීනයට සහය දෙන්න කියල ඊශ්‍රායලයට සම්බන්ධ නැව්වලට ගහන්න උත්සහ දැරුවා. එතකොට ඇමෙරිකාවයි, බ්‍රිතාන්‍යයි යුද්ධමය පියවර ගත්තා. දැන් ඒක අස්සට මේ පුංචි ලංකාව අපේ නැවක් යවන්න ලෑස්ති වුණා. ඒක යැව්වා නම් රතු මුහුදේ ගිලිලා මැරෙනවා අපේ මිනිස්සු. ඒක ඉතා ම අතාර්කික, මෝඩ දෙයක්. වේලුපිල්ලේ ප්‍රභාකරන්ට විරුද්ධව යුද්ධය නවත්තපු රනිල් වික්‍රමසිංහ, හූති කැරලිකරුවන්ට විරුද්ධව අපේ යුද්ධ නැවක් යවනවා.” මෙම හැසිරීම “සම්පූර්ණයෙන් අසාර්ථක, අතාර්කික, මැරීගෙන යන ආණ්ඩුවක විකාර හැසිරීමක්” බව ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් පැවසීය. “ඊට පස්සේ ඊශ්‍රායලය සමග ඍජු ගුවන් ගමන් අවශ්‍යයි කියලා අපි දැක්කා, ඊශ්‍රායලයේ කොඩිය සහිතව මෙතන ගිවිසුම් අත්සන් කරනවා. හැම රටක් සමග ම මිත්‍ර සබඳතා පවත්වාගෙන යාම හොඳ දෙයක්. නමුත්, ඒවාට නිසි කාලයක් තියෙනවා. දැන් මේ මුළු ලෝකය ම වගේ ඊශ්‍රායලය මේ කරන ජන ඝාතක, සමූල ඝාතක ගාසා යුද්ධයට විරුද්ධව නැගී සිටලා තියෙනවා. අද වෙනකොට ඇමෙරිකාව පවා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ගේන්න සූදානමින් ඉන්නවා, රෆාවලට ඊශ්‍රායලය ගහන්න යන එකට විරුද්ධව. ඒ වගේ ලෝක ජනමතයක් ගොඩනැගිලා තියෙන්නේ. ඒ අස්සේ ඊශ්‍රායල් ඇමතිවරියක් ලංකාවට ගෙන්නගෙන ඊශ්‍රායල් කොඩිය මෙතන දාගෙන මේ ආණ්ඩුව ගිවිසුම් ගහනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි මොහොතක්. දකුණු අප්‍රිකාවේ ලෝක අධිකරණයෙත් නඩුවක් දාලා තියෙනවා, මේ අයට විරුද්ධව. ඒ වගේ තත්ත්වයක් තියෙද්දි මොන වගේ පිස්සු විකාරයක් ද ඊශ්‍රායලය බදා ගන්න එක? මේක සම්පූර්ණයෙන් අසාර්ථකයි, අතාර්කිකයි, මැරීගෙන යන ආණ්ඩුවක විකාර හැසිරීම් හැටියට තමයි මම මේවා දකින්නේ.”",
"Title": "ඉරාන, ඊශ්‍රායල්, ඇමෙරිකා නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ: මේ සිදුවන්නේ කුමක් ද?"
} |
{
"Text": " ලෝකයේ කුරුල්ලන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග අටෙන් එකක් වන මධ්‍යම ආසියානු සංක්‍රමණික මාර්ගයේ (Central Asian Flyway) ගමනාන්තය වූ ශ්‍රී ලංකාව කුරුලු පරාදීසයකි. කිලෝමීටර් දහස් ගණනක් දුර ගෙවාගෙන රටවල් 30කින් සංක්‍රමණික කුරුල්ලෝ ශ්‍රී ලංකාවට පැමිණෙති. එලෙස පැමිණෙන කුරුල්ලන් මිලියන 15ක් පමණ වසරකට ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත. මන්නාරම ශ්‍රී ලංකාවට කුරුල්ලන් ඇතුළුවන ප්‍රධාන මාර්ගයකි. ඊට අමතරව උතුරු පළාතට අයත් මන්නාරම දූපත යනු ධීවර ප්‍රජාව ජීවත් වෙන, ඊටම අවේණික වූ සුවිශේෂී පරිසර පද්ධති දක්නට ලැබෙන, ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා බැඳුනු, කලාපයේ භූ දේශපාලනික වශයෙන් ද ඉතා සංවේදී ප්‍රදේශයකි. එබැවින් මන්නාරමේ නව සුළං බලාගාර ව්‍යාපෘතිය කුරුල්ලන්ට පමණක් බලපාන ගැටලුවක් ලෙස ලඝු කළ නොහැක. නමුත් එම වටිනාකම් නොසලකා, සංක්‍රමණික කුරුල්ලන් ශ්‍රී ලංකාවට නොපැමිණෙන කාලයක, අවිද්‍යාත්මක පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කර නීති විරෝධී අයුරින් සීමා සහිත අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගමට මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතියක් සඳහා අවසර ලබා දීමට රාජ්‍ය ආයතන ද ක්‍රියා කරමින් සිටින බවට පාර්ශව රැසකින් චෝදනා එල්ල වේ. 'මන්නාරමේ කුරුල්ලෝ මිලියනයක් විතර නතර වෙනවා' මේ ගැටලුව දැන් කරලියට පැමිණ තිබෙන්නේ අදාළ සුළං බලාගාර ව්‍යාපෘතිය අනුමැතිය ලබා දීම සඳහා සකස් කළ පරිසර ඇගයීම් වාර්තාව (EIA - Environmental Impact Assessment) මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රසිද්ධ කර මාර්තු 06 වැනිදා තෙක් මහජන අදහස් සඳහා විවෘත කර ඇති බැවිනි. නමුත් නැගෙන චෝදනා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙන්ම පරිසර ඇගයීම් වාර්තාව සකස් කල විශේෂඥ කමිටුව ප්‍රතික්ෂේප කරති. ''ලංකාවට එන කුරුල්ලන්ගෙන් මිලියනයක් විතර ඔක්තෝම්බර් සිට මාර්තු අතර කාලයේ මන්නාරමේ නතර වෙනවා. නමුත් සංක්‍රමණික කුරුල්ලෝ නැති කාලයක අධ්‍යනයක් කරලා ඒකෙන් සංක්‍රමණික කුරුල්ලන්ට ගැටලුවක් වෙන්නේ නෑ කියලා මේ වාර්තාවෙන් කියනවා. ඒක බරපතල තාක්ෂණික වැරද්දක්. දෙවැනි කාරණය මේ වාර්තාව හදපු අය උදේ 6 ඉඳන් හවස 6 වෙනකං දවල්ට කැලේ ඇවිදලා තමයි තොරතුරු රැස්කලා කියන්නේ. චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරලා අපි විද්‍යාත්මකව පෙන්නලා දීපු කාරණයක් තමයි සංචාරක කුරුල්ලෝ දහස් ගාණක් පියාඹන්නේ රෑට. සමහර විට එක රංචුවේ කුරුල්ලෝ ලක්ෂ දෙකහමාර, ලක්ෂ හතර ඉන්නවා. ඉතිං දවල්ට කැලේ ගිහිං රෑට අහසේ පියාඹන කුරුල්ලෝ ගැන කියන්නේ කොහොමද? යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සම්පත් සෙනවිරත්න BBC සිංහල සේවයට පැවසුවේය. ''අනික් විහිළුව මේකේ කියනවා කුරුල්ලන්ට යන්න කොරිඩෝවක් ඇඳලා තියෙනවා. ඒකෙ දිගේ යන්න නම් හැරෙන තැන්වල බෝඩ් ගහලා තියෙන්න ඕනා. අදානිගේ මැප් එකයි EIA වාර්තාවයි සමපාත කළහම පේනවා කොරිඩෝව මැද්දේත් සුළං මෝල් තියෙනවා. අදානිගේ කොරිඩෝව දිගේ යන්න නම් කුරුල්ලන්ට අට ගහන්නත් පුරුදු කරන්න වෙනවා. මේක ඇඳලා තියෙන්නේ මෙතන කොහොම හරි සුළං මෝල් ව්‍යාපෘතියට අවසර දෙන්න කියලා පේනවා.'' යනුවෙන් මහාචාර්ය සම්පත් සෙනවිරත්න වැඩිදුරත් කියා සිටියේය. කුරුලු පාරාදීසයක් බවට පත්ව ඇති මන්නාරම දූපත සහ ඒ අවට කලාපයේ පරිසර විද්‍යාත්මක වැදගත්කම සැලකිල්ලට ගෙන ආදම්ගේ පාලම ජාතික වනෝද්‍යානයක් ලෙස ද, වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයක් ලෙස ද, වන්කලෙයි අභය භූමිය අන්තර්ජාතික වශයෙන් වැදගත් රැම්සා තෙත් බිමක් ලෙස ද ප්‍රකාශයට පත්කර ඇත. එහෙත් ආදම්ගේ පාලම ජාතික වනෝද්‍යාන ලැයිස්තුවෙන් ඉවත් කිරීමටත් වෙඩිතලතිව් රක්ෂිත තත්ත්වයෙන් නිදහස් කිරීමටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති පසුබිමක සුළං බලාගාර ව්‍යාපෘතිය කරලියට පැමිණ තිබේ. අදානිගේ මේ ව්‍යාපෘතිය කුමක් ද? යෝජිත මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය (අදියර II) යටතේ මෙගා වොට් 250ක ධාරිතාවක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර අලුතින් සුළං ටර්බයින් 52ක් ස්ථාපිත කෙරේ. පරිසර ඇගයීම් වාර්තාවේ දැක්වෙන පරිදි දැනට ක්‍රියාත්මක තම්බපවනි සුළං බලාගාරයට සමාන්තරව, මන්නාරම දූපතේ බොහෝ ප්‍රදේශයක් ආවරණය වන පරිදි නව සුළං ටර්බයින් ස්ථානගත කෙරේ. වාර්ෂිකව ගිගාවොට් පැය 1048ක විදුලිය නිෂ්පාදනය කිරීමට සැලසුම් කෙරේ. එමගින් වාර්ෂිකව හරිතාගාර වායු මෙට්‍රික් ටොන් මිලියන 0.8කින් අඩු කෙරෙන අතර වාර්ෂිකව ඉන්ධන සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 18ක ඉතිරියක් වන බවට ගණන් බලා තිබේ. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2014 අප්‍රේල් 17 වැනි දින අංක 1852/2 දරණ ඇති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 'බලශක්ති සංවර්ධන ප්‍රදේශය තුළ' හෙක්ටයාර 202ක භූමි ප්‍රදේශයක් තුළ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. රජයේ නියාමන ආයතනයක් ව්‍යාපෘති යෝජකයා වුණේ කොහොම ද? ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම ව්‍යාපෘතියේ, ව්‍යාපෘති යෝජකයා ලෙස කටයුතු කරයි. ඔවුන් මේ සඳහා කර ඇති මැදිහත්වීම නීති විරෝධී බව ආචාර්ය ජගත් ගුණවර්ධන BBC සිංහල සේවයට පැවසුවේය. ''මෙතන වැරදි තුනක් වෙනවා. හරිනම් පරිසර බලපෑම් තක්සේරු වාර්තාව (EIA) එක කරලා ඒක අනුවයි හරි තැනක් තෝර ගන්න ඕනා. නමුත් මෙතන විකල්ප ස්ථාන හඳුනා ගැනීමකින් තොරව මන්නාරම මුලින් තෝරාගෙන බොරුවට EIA එකක් කරන්නේ. පරිසර පනතේ හැටියට ඒ විකල්ප ස්ථාන හඳුනා ගැනීම මෙතන දී සිද්ධ වෙලා නෑ. දෙවැනි කාරණය ව්‍යාපෘති පාලනය කරන රජයේ නියාමන ආයතනයක් වෙච්ච ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙතන දී අදානි වෙනුවෙන් ව්‍යාපෘති යෝජකයා වුණේ කොහොමද කියන එක. තුන්වෙනි කාරණය එහෙම ව්‍යාපෘති යෝජකයා විදියට අරගෙන තුන්වැනි පාර්ශවයකට දෙනවා නම් ඒ ක්‍රමවේදය මොකක්ද කියන එක. එහෙනම් අයදුම්පත් කැඳවලා සුදුසුම කෙනා තෝරගෙන කළ යුතුයි. දැන් අදානිව කලින්ම තෝරාගෙන එයාට දෙන්න මේක කරනවා නම් ඒක බලවත් විෂමාචාරයක්.'' යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කළේය. 'නීතිය මම දන්නේ නැහැ ඉන්ටර්ප්‍රිට් කරන විදිය' නියාමන ආයතනයක් ලෙස කටයුතු කරන රජයේ ආයතනයක් ව්‍යාපෘති යෝජකයා ලෙස කටයුතු කිරීමේ නීතිමය පසුබිම කුමක්දැයි අපි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ඉංජිනේරු රංජිත් සේපාලගෙන් ද විමසීමක් කළෙමු. නමුත් ඔහු එහි නීතිමය තත්ත්වය පැහැදිලි කරනු වෙනුවට ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ වැදගත්කම විස්තර කළේය. ''නීතිය මම දන්නේ නැහැ ඉන්ටර්ප්‍රිට් කරන විදිය. අපි ඇප්ලිකේෂන් එකක් දැම්මම අපි තමයි ව්‍යාපෘති යෝජකයා. එකෙන් ගම්‍ය වෙන්නේ නෑ ඒ ව්‍යාපෘතිය අපේ අධිකාරියෙන් කරනවා කියලා. අපි කරන්නේ මේ ව්‍යාපෘතියට අවශ්‍ය කරන සියලු අනුමතින් අරන් දෙන එක. එහෙම කරන්නේ ආයෝජකයෙක් ඇවිත් මේවා ඩිවලොප් කරන්න ගියොත් අවුරුදු දෙක තුනක් යනවා. එතකොට ආයෝජකයෙක් ඉන්නේ නැහැ. 'රෙඩි ටූ ඉන්වෙස්ට්' කියන පදනම යටතේ තමයි අපි මේක කරන්නේ. එකේදී අපෙන් යම් මුදලක් වියදම් වුණා නම් ඒක අයකර ගන්නවා. මේක තමයි අපේ ප්‍රතිපත්තිය.'' යන්න ඔහුගේ පිළිතුර විය. 'සුළං බලාගාරවල කුරුල්ලෝ වදිනවම තමයි' මේ ව්‍යාපෘතියට අදාළ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව පිලියෙල කර තිබෙන්නේ රමණි ඇල්ලේපොලගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමියුවක් විසිනි. කුරුල්ලන් හා සතුන්ට වන බලපෑම කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දෙවක වීරකෝන්, ශාක වලට වන බලපෑම ආචාර්ය හිමේෂ් ජයසිංහ, ජලජ පරිසරයට වන බලපෑම ඩී.ඒ.ජේ රන්වල යන සලකා බලා තිබේ. විශේෂඥයින් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකක් මේ සඳහා දායක වූ බව දැනගන්නට තිබේ. පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානි රමණි ඇල්ලේපොල BBC සිංහල සේවය කළ විමසීමක දී මෙසේ පැවසුවාය. ''අපි අදානිට ඕනා සැලැස්ම අනුමත කළා කියන්න බෑ. අපි පරිසර තත්වයන් බලලා සමහර ටර්බයින් ඉවත් කළා. ඒ වගේම ඇතැම් ටර්බයින් ස්ථාපිත කළ තැන වෙනස් කළා.'' මේ අතර මහාචාර්ය දේවක වීරකෝන් පවසන්නේ 2017 සැප්තැම්බර් සිට 2018 සැප්තැම්බර් දක්වා කාලය තුළ සංක්‍රමණ සමය ඇතුලත් වන පරිදි කුරුල්ලන් ගැන අධ්‍යනය සිදු කළ බවයි. නමුත් රාත්‍රී කාලයේ කුරුල්ලන් අධ්‍යනය නොකළ බව ඔහු තහවුරු කළේය. ''රෑට කුරුල්ලෝ කළුවරේ දකින්න තියෙන සමභාවිතාව අඩුයි කළුවරේ හින්දා. අනික අපි ටෙස්ට් රන් වගයක් කළාම අපිට ලොකු මුමන්ට් එකක් පෙනුනේ නැහැ. අපි එකතු කරපු දත්ත සහ පේස් වන් එකේ දත්තයි අනුව මොඩල් එකක් රන් කරලා තමයි මේ වාර්තාව සකස් කළේ. සුළං බලාගාරවල කුරුල්ලෝ වදිනවම තමයි. අපිට බින්දුවට ගේන්න බෑ. කුරුල්ලෝ වදින එක අඩු කරන්න තමයි අපි උත්සාහ කරන්නේ'' යනුවෙන් මහාචාර්ය දේවක වීරකෝන් සඳහන් කළේය. 'මන්නාරමේ ජල ගැටළුවක් වගේම ගංවතුර අවදානම වැඩිවෙයි' තම්බපවනි නමින් දැනටමත් මන්නාරමේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සතු සුළං බලාගාරයක් ක්‍රියාත්මක වේ. එය ඉදි කිරීමේ දී ද මෙවැනිව පරිසර බලපෑම් තක්සේරුව් වාර්තාවක් සකස් කරන ලදී. නමුත් එම බලාගාරය නිසා සිදුවන කුරුලු මරණ සංඛ්‍යාව ඇස්තමේන්තු කළ අගයට වඩා වැඩිය. එම බලාගාරයේ ටර්බයින් ස්ථාපිත කර තිබෙන්නේ වෙරළ ආසන්නයේ එක් සීමාවක ය. නමුත් අදානි සමාගමේ ව්‍යාපෘතිය නිසා මන්නාරම දූපතේ විශාල වපසරියක ටර්බයින් ක්‍රියාත්මක වන බැවින් ඉන් සිදුවිය හැකි හානිය වැඩි බව පරිසරවේදීහු පවසති. යෝජිත සුළං බලාගාරයේ එක් ටර්බයිනයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය මීටර් 27ක විස්කම්භයක් සහිත ප්‍රදේශයකි. එමෙන්ම සෑම ටර්බයිනයක් වෙතම මීටර් 17ක් පළල ප්‍රවේශ මාර්ගයක් සාදනු ලැබේ. එලෙස මාර්ග ඉදි කිරීමේ දී ස්වභාවික ජලවහන රටාවට බාධා සිදු වීම නිසා මන්නාරමේ ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පෙන්වා දෙයි. ''අපි ගියපාර සුළං බලාගාර හදනකොට හඳුනාගෙන තිබුණේ නෑ මන්නාරමේ ගංවතුර ඇතිවෙයි කියලා. නමුත් පාරවල් දැම්මට පස්සේ ගංවතුර ආවා. දැන් මේ EIA එකේ හඳුනාගෙන තියෙනවා ස්ථාන හතඅටක්ම ගංවතුර ගලන ස්ථාන විදියට. මන්නාරමේ ගොඩක් තැන්වල වියළි ස්ථාන තියෙන්නේ. වතුර තියෙන තැන් තමයි මිනිස්සු බීමට ගන්නේ. අපි අනවශ්‍ය විදියට ඒ පරිසරය වෙනස් කළොත් මන්නාරමේ ජීවත්වෙන 70,000කට විතර වතුර නැති වෙනවා. ඊට අමතරව සුළං පෙතිවල සෙවනැළි බලපෑම තදින් දැනෙන්න පුළුවන්.'' යනුවෙන් ඔහු කියා සිටියේය. පරිසර බලපෑම් තක්සේරු වාර්තාව මගින් හඳුනාගෙන ඇති ගැටලු අවම කර ගැනීම සඳහා ඔවුන් සකස් කළ වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියට ගොස් එය ඕනෑම කෙනෙකුට සිංහල , ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් කියවීමට මෙන්ම බාගත කර ගැනීමට හැකියාව ඇත. එමෙන්ම ඒ ගැන අදහස් ඉදිරිපත් කරන්නේ නම් මාර්තු 06 වැනිදාට පෙර [email protected] විද්‍යුත් තැපෑලට යොමු කළ හැකිය.",
"Title": "සුළං බලාගාර : 'අදානිගේ කොරිඩෝව දිගේ යන්න නම් කුරුල්ලන්ට අට ගහන්න පුරුදු කරන්න වෙනවා.'"
} |
{
"Text": " කතෝලික ආගමේ ආරම්භයේ සිටම ධීවරයන් සමග ඇත්තේ ආත්මීය බැඳීමකි.ජේසුස් වහන්සේ තම ගෝලයන් ලෙස ද තෝරා ගත්තේ ධීවරයෙන් දොළොස් දෙනෙකි. මීගමුව පිටිපන ධීවරයන් පිරිසක් අද (පෙබරවාරි 19 වැනිදා) කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුයේ කතෝලික සභාව තමන් රැකියාව කරනු ලබන ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් ය. ධීවරයින් පිරිස විසින් ශූද්ධෝත්ම පාප් තුමන්ගේ කොළඹ සිටින නියෝජිත හිමියන්ට ද තම ගැටලු ඇතුළත් සංදේශයක් භාර දෙන ලදි. ඉන් අනතුරුව කොළඹ අගරදගුරු නිවාස බලා ගිය ඔවූහූ, ධීවර ලෙල්ලමේ අයිතිය තමන්ට දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයක නිරත වූහ. මේ ආරවුල කුමක් ද? 2008 වසරේ දී එවකට කොළඹ අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන් විසින් පිටිපන එක්සත් ධීවර සමිතියට එරෙහිව නඩු පවරා ඇත්තේ ලෙල්ලම ලබා දීමේ දී පනවා ඇති කොන්දේසි කඩ කළ බවට චෝදනා කරමිනි. අදාළ ඉඩම කොළඹ අගරදගුරු හිමියන්ට අයත් බවට නියෝගයක් ලබා දෙන ලෙසත් එසේ නියෝගය ලබා දෙන තුරු තම නියෝජිතයෙකු ලෙල්ලමේ පරිපාලනයට හා භාරකාරීත්වයට පත් කරන ලෙසත් කොළඹ එවකට සිටි අගරදගුරු හිමිපානන් පෙත්සමෙන් ඉල්ලා තිබේ. එම ඉල්ලීමට අනුව පෙබරවාරි 02 වැනිදා මීගමුව දිසා අධිකරණය විසින් අතුරු නියෝගයක් ලබා දෙමින් ලේලලමේ පරිපාලනයට සහ කළමනාකාරිත්වයට නියෝජිතයෙකු පත් කරන ලෙස නියෝග කර ඇති අතර එසේ පත්කරන ලද භාරකරුට එම දේපළට අදාළ ගිණුම් සහ අත ඉතිරි සියලු මුදල් ද භාර දෙන ලෙසටත් නියෝ කර තිබුණි. ධීවර ජනතා වෘත්තිය සංගමයේ ජාතික සංවිධායක ප්‍රසංග ප්‍රනාන්දු චෝදනා කරන්නේ මුදල් අර්බුදයක සිටින කතෝලික සභාව ධීවරයන් සතු ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට ය. \"අපේ ධීවරයෝ අවුරුදු 65 ක් තිස්සේ භුක්ති විඳින එයාලා මාළු විකුණන ධීවර ලෙල්ලම අද වෙනකොට කාදිනල් උන්වහන්සේ අතුරු තහනම් නියෝගයක් අරගෙන ලේලලම භාර ගන්න යනවා. අපි ගරු අධිකරණයේ තීන්දුවට ගරු කරන ගමන් අපි කියන්නේ අපි අවුරුදු 65ක් භුක්ති වින්ඳ අපේ ලෙල්ලම අපිට දෙන්න ඕනේ.\" යැයි ඔහු බීබීසී සිංහල වෙත කියා සිටියේය. \"ලෙල්ලම අපේ ජීවිතය. ඇයි ඒකත් උඳුරන්නේ, අපේ ලෙල්ලම අපිට දෙන්න ඔයාට දෙන සැප මදි නම් ඒකත් අපිටම කියන්න, අගරදගුරු මේ අහන්න අපේ ලෙල්ලම අපිට දෙන්න.\" යනාදි සටන් පාඨ කියමින් ඔවුන් සිය විරෝධය පළ කළේය. \"පැහැදිලිව තමුන්ගේ බැටළුවන් රැවැට්ටුවා. සින්නක්කර අපේ මුදල්වලින් ගන්න ආපු භාණ්ඩයක් ඒක අපිට සින්නක්කරව ලියලා දෙන්න ඕනේ. සින්නක්කරව ලියලා දුන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ හොරකමක්, වංචාවක් තිබ්බ නිසා. දිර්ඝ අරමුණක් ඔලුවේ තියාගෙන තමයි ඕක තෑගි ඔප්පුවක් විදියට ලියලා දුන්නේ සහ ඒකට කන්ඩිෂන් දැම්මේ.\" යැයි ඔහු කියා සිටියේය. කොළඹ අගරදගරු මැදුර මොකද කියන්නේ ? නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කර සිටියේ අද දින විරෝධතාවට සහභාගි වූ ඇතමුන් පිටිපන ලෙල්ලම පිළිබඳව අසත්‍ය පවසමින් ධීවර ප්‍රජාව සහ මහජනතාව මුළා කිරීමට උත්සාහ කළ බව දුටු බව ය. එම නිවේදනයේ දැක්වෙන්නේ මීගමුව පිටිපන ලෙල්ලමේ මුල් අයිතිය හිමිව තිබුණේ කොළඹ අගරදගුරු හිමිපාණන්ට බව ය. 1963 දී එවකට කොළඹ අගරදගුරු අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් තෑගි ඔප්පුවක් මගින් කොන්දේසි කිහිපයක් ඉටු කිරීමේ එකඟතාවයට යටත්ව එම ලෙල්ලම මීගමුව පිටිපන මිසමෙහි එක්සත් ධීවර සමිතිය වෙත පවරා දී තිබේ. එහෙත් පසුකාලීනව පත් වූ එම එක්සත් ධීවර සමිතියේ නිලධාරීන් විසින් අදාළ තෑගි ඔප්පුවේ සඳහන් කොන්දේසි උල්ලංඝණය කරමින් කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ පූර්ව අවසරයකින් තොරව එම දේපළේ කොටසක් සහ කඩ කාමර වෙනස් පිරිස් වෙත බදු දෙමින් ද එම දේපොළේ ආදායමෙන් කොටසක් පිටිපන මීසමේ ජීවත් වන ධීවර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැය කිරීම සඳහා පිටිපන දේවස්ථානයට දිය යුතු බවට වූ කොන්දේසිය උල්ලංඝණය කරමින් එම ආදායම දිගින් දිගටම තනිව භුක්ති විදිමින් ඇතැයි අදාළ නිවේදනයේ දැක්වෙයි. සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කර සිටින්නේ මීගමුව පිටිපන ලෙල්ලමේ අයිතිය නැවත පවරා දෙන ලෙස ඉල්ලා අගරදගුරු හිමිපාණන් අධිකරණය ඉදිරියට ගොස් ඇත්තේ වසර ගණනාවක් පුරා පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය යැයි කියාගනු ලබන පුද්ගලයින් කීපදෙනෙක් විසින් පමණක් භුක්ති විඳින ලද ලෙල්ලමේ පාලනය සහ කළමනාකරණය වඩා විනිවිදභාවයකින් සිදුකර එහි ආදායම පුළුල් ධීවරයින් පිරිසකට හිමිකර දීමේ අදහසින් මිස එය පෞද්ගලිකව අයිතිකර ගැනීම සඳහා නොවන බවය. මෙම නඩුව තවමත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර දිර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව මීගමුව දිසා අධිකරණය අදාළ අතුරු නියෝගය නිකුත් කර තිබුණි. මීගමුව, පිටිපන ධීවර ලෙල්ලම එම ප්‍රදේශයේ ධීවර රැකියාවේ නිරත සිය ගණනක් වු ධීවර ප්‍රජාව තම මත්ස්‍ය අස්වැන්න අලෙවි කරගන්න ප්‍රධානතම ස්ථානයකි. දිවා/ රාත්‍රි දෙකෙහිම මාළු වෙළඳාම් කරනු ලබන ලෙල්ලමක් ලෙස පිටිපන ධීවර ලෙල්ලමද ප්‍රසිද්ධියක් ද උසුලයි.",
"Title": "පිටිපන ලෙල්ලම: කොළඹ අගරදගරු මැදුර සහ ධීවරයින් අතර ආරවුල කුමක් ද?"
} |
{
"Text": " ශ්‍රී ලංකාවේ පාසල් විවිධ කරුණු පදනම් කර ගනිමින් විවිධ බෙදීම්වලට ලක් කර තිබේ. එම බෙදීම්, ආගමික, ජන වාර්ගික, භාෂාමය, භෞතික සම්පත් සහ ස්ත්‍රී පුරුෂභාවය ආදී කරුණු රැසක් මත පදනම්ව පවතී. බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, මුස්ලිම්, හින්දු ආදී පාසල් වර්ගීකරණය වී ඇත්තේ, ආගම, ජාතිය සහ භාෂාව පදනම් කරගෙන ය. ඊට අමතරව, භෞතික සම්පත් මත පදනම්ව ජාතික පාසල්, පළාත් සභා පාසල්, මධ්‍ය මහා විද්‍යාල, මහා විද්‍යාල, කනිෂ්ඨ විද්‍යාල ආදී ලෙස බෙදා තිබේ. ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන පිරිමි සහ කාන්තා ලෙස බෙදා ඇති පාසල් රැසක් ද ශ්‍රී ලංකාව තුළ පවතී. ආගම්, භාෂා සහ ජාතීන් පදනම් කරගෙන පාසල් බෙදීම මෙම ලිපියෙහි අරමුණ ශ්‍රී ලංකාවේ පාසල් ආගම් සහ ජාතීන් පදනම් කරගෙන බෙදා වෙන් කර තැබීමෙන් ඇති වන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම ය. අධ්‍යාපන අමාත්‍යංශය 2021 වසරේදී අවසන් වරට කරන ලද පාසල් සංගණනයේ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවේ රජයට අයත් පාසල් සංඛ්‍යාව 10,146කි. ඒ අතරින්, පාසල් 6,909ක් සිංහල පාසල් ලෙසත්, පාසල් 2,297ක් දෙමළ පාසල් ලෙසත්, පාසල් 940ක් මුස්ලිම් පාසල් ලෙසත් වර්ග කර තිබේ. ඊට අමතරව, සිංහල භාෂාවෙන් ඉගැන්වීම් සිදු කෙරෙන පාසල් සංඛ්‍යාව 6,323ක් වන අතර දෙමළ බසින් පාසල් 3,026ක ඉගැන්වීම් සිදු කෙරේ. සිංහල හා ඉංග්‍රීසි බසින් ඉගැන්වීම් සිදුකෙරෙන පාසල් සංඛ්‍යාව 552කි. දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පාසල් 170ක ඉගැන්වීම් කෙරේ. භාෂා තුනෙන් ම ඉගැන්වීම් සිදු කෙරෙන්නේ, පාසල් 35ක පමණි. එම සමස්ත පාසල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ගත් කල, 0.3%ක් පමණි. 'පාසල් බෙදා වෙන් කර තැබීම රටේ ප්‍රශ්න රැසකට හේතුවක්' ආගමික සහ භාෂාමය පදනම් අනුව පාසල් වෙන් කර පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ගැටලුවලට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි. \"ජාතීන් වශයෙන්, ආගම් වශයෙන් ඉස්කෝල බෙදලා තිබීම බරපතළ ප්‍රශ්නයක්. ජන අනුපාතය අනුව ගත්තත් දැන් ප්‍රතිශත වෙනස් වෙලා තියෙන්නේ. 1960දී රජයට පාසල් පවර ගත්තා. මේ පවරා ගත් අවස්ථාවේ තිබුණ ජන අනුපාතය අනුව එම පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම කරලා තියෙනවා. උදාහරණයක් විදිහට කොළඹ, ආනන්ද විද්‍යාලයේ ප්‍රතිශතයක් තියෙනවා, බෞද්ධ දරුවො කොච්චර ද? ක්‍රිස්තියානි කොච්චර ද? මුස්ලිම් කොච්චර ද? කියලා. තවත් පාසල් ගණනාවක් තියෙනවා ඒ වගේ ජාතීන් අනුව ඇති කරපු පාසල්. ඒ වගේ පාසල්වල දරුවන් බඳවා ගැනීම තවමත් සිදුවෙන්නේ ඒ අනුව තමයි. නමුත් මේවයේ ජන අනුපාතය දැන් වෙනස්. 1960 වසරේ තිබුණ ජන අනුපාතය නෙවෙයි දැන් තියෙන අනුපාතය. ඒත් අවුරුදු 64කට කලින් තිබුණ ජන අනුපාතය අනුව තමයි තාම පවත්වගෙන යන්නේ.\" යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත්, රටේ ජාතීන් අතර සමගිය වර්ධනය වන ආකාරයේ පාසල් පද්ධතියක් නිර්මාණය කිරීමට පාලකයින් අපොහොසත් වී ඇතැයි ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේ ය. ඔහු ප්‍රකාශ කළේ, ඡන්දවලින් ජය ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස ආගම් පාවිච්චි කරන හෙයින් දේශපාලනඥයින් ආගමික සමගියක් ඇති කිරීමට උත්සහ නොකරන බව ය. \"රටේ යුද්ධයක් ඇති වුණා. 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ ජනතාව අතර යම් සහජීවනයක් ඇති කරන්න පුළුවන් තැනක් තමයි, පාසල. ඒකවත් අපට තවමත් කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා. අඩුගාණෙ 2009 යුද්ධය ඉවර වෙලා අවුරුදු 15කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් තවමත් අපට බැරි වෙලා තියෙනවා, ජාතීන් අතර සමගිය ඇති කරන පාසල් පද්ධතියක් නිර්මාණය කර ගන්න. තවමත් උත්සහ කරනවා නම් ආගමික පදනම්වලින් පාසල් ගෙනියන්න, කිසි ම තේරුමක් නෑ. අපට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි, රටේ පාලකයෝ ඡන්දය දිනන්න පාවිච්චි කරන්නේ ආගම. තවදුරටත් මේගොල්ලෝ මේක ම නම් පාවිච්චි කරන්නේ, මේක ලොකු ප්‍රශ්නයක්.\" ආගමික සහජීවනය ඇති කිරීමට සුදුසු ම ස්ථානය පාසල බව ජෝසෆ් ස්ටාලින්ගේ අදහස යි. \"ගොඩක් නිර්දේශ ලැබිලා තියෙනවා, මේ රටේ ජාතික සමගිය ඇති කිරීම, ආගමික සහජීවනය ඇති කිරීම වගේ දේවල් සම්බන්ධයෙන්. ඒ මොන නිර්දේශ තිබුණත් ඒවා ක්‍රියාත්මක කළ යුතු පාලකයෝ ම තමයි තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ බෙදීම ඇති කරගෙන යන්නේ. ඉදිරියේදීවත් මේ ක්‍රමය වෙනස් කරලා අලුත් විදිහකට නූතනත්වයෙන් හිතලා මේ ළමයින්ට ආගමික සහ ජාතීන් වශයෙන් පාසලකට ඇතුළත් වෙන්න තියෙන බාධාවන් ඉවත් කළ යුතුයි. මොක ද පාසල තමයි, ආගමික සහ ජාතීන් අතර සහජීවනය ඇති කරන්න සුදුසු ම තැන.\" 'ලෝකයේ කොහේවත් නැති ක්‍රමයක් මේක' - අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ශ්‍රී ලංකාවේ පාසල් බෙදා ඇති ආකාරයට තමන් දන්නා පරිදි ලෝකයේ කිසිදු රටක පාසල් බෙදා වෙන් කර නැතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වූ මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළේ ය. \"ආගමික සහ ජාතීන් වශයෙන් පාසල් බෙදා තිබීම ආගමික සහ ජාතික සහජීවනයටත්, සංහිඳියාවටත් ලොකු බාධාවක්. ආගම, භාෂාව, ජන වර්ගය නොතකන සමාජයක් නිර්මාණය කිරීම සඳහා අඩිතාලම දැමිය යුත්තේ පාසල්වලින්. මම මූලික අධ්‍යාපනය ලැබුවේ, බණ්ඩාරගම, වෑවිට මහා විද්‍යාලයෙන්. අටුළුගම පදිංචි මුස්ලිම් පිරිමි සහ ගැහැනු ළමයි ගොඩක් අපේ ඉස්කෝලෙ ඉගෙන ගත්තා. අපි ගොඩක් එකමුතුව හිටියා. ඒ කාලේ මාත් එක්ක එකට හිටිය මුස්ලිම් ළමයි තවමත් මගේ යාළුවෝ. ඒ නිසා මට පුංචි කාලේ ඉඳලා ම වෙනත් ආගම්වලට අයිති අය ගැන කිසි ම කහටක් හිතේ තිබුණෙ නෑ,\" මහාචාර්ය කපිල පෙරේරා පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, ගැහැනු - පිරිමි ලෙස පාසල් වෙන් කර පවත්වාගෙන යාම ද නතර කළ යුතු බව ය. \"මිශ්‍ර පාසල්වල ළමයි එකිනෙකාට ගරු කරන්න ඉගෙන ගන්නවා. කාන්තා පාර්ශවයට සම තැන් හිමි වෙනවා. ලොකු අන්‍යෝන්‍ය අවබෝධයකින් දෙපාර්ශවය දිහා බලනවා. ඒ ළමයි වැඩිහිටියෝ විදිහට සමාජයට එකතු වෙද්දිත් අර එකිනෙකාට ගරු කිරීම තියෙනවා. ඒ නිසා සමාජ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. ඒ නිසා පාසල් බෙදීම කියන ප්‍රශ්නයේදී මම ඉන්න ස්ථාවරය තමයි, පාසල්වල තියෙන සියලු බෙදීම් ඉවත් කළ යුතු ම යි කියන එක.\" ශ්‍රී ලංකාවේ බාලක පාසල් 146ක්, බාලිකා පාසල් 240ක් සහ මිශ්‍ර පාසල් 9,760ක් පවතී. මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ මෙන් තමන් දන්නා කිසිදු රටක පාසල් බෙදා වෙන් කර නොමැති බව ය. \"ඇමෙරිකාව, එංගලන්තය විතරක් නෙවේ මම දැන් සේවය කරන චීනයේ පවා ආගම් මත පදනම් වෙලා, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වෙලා පාසල් බෙදීමක් කරලා නැහැ. මේක අපේ රටේ විතරක් තියෙන ප්‍රශ්නයක්.\" බෙදීම් ඉවත් නොකරන්නේ ඇයි? ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පෙන්වා දෙන පරිදි විවිධ බෙදීම් පවත්වාගෙන යාම දේශපාලනඥයින්ට වාසිසහගත හෙයින් පාසල්වල ඇති බෙදීම් ඉවත් නොකරන බව ඔහු පෙන්වා දෙයි. මහාචාර්ය කපිල පෙරේරා ඊට බලපාන වෙනස් කරුණු කිහිපයක් පෙන්වා දුන්නේ ය. \"මේ බෙදීම් ඉවත් කරන්න නම් මුලින් ම හැම පාසලකට ම සමාන සම්පත් බෙදී යාමක් අවශ්‍ය යි. සමාන සම්පත් තිබුණොත්, ජනප්‍රිය පාසල්, ජාතික පාසල් කියන සංකල්ප ඇති වෙන්නෙ නෑ. හැම පාසලක ම සමාන පහසුකම් තිබුණා ම තමන්ට පහසු ම පාසලකට යන්න දරුවන්ට අවස්ථාව ලැබෙනවා. එවැනි තත්ත්වයක් තුළ සෑම ආගමක ම දරුවන් සෑම පාසලකට ම මිශ්‍ර කරන්නත් පුළුවන්. ඒ හරහා ආගමික සහ ජන වාර්ගික සංහිඳියාවක් නිර්මාණය කර ගන්න පුළුවන් පහසුවෙන් ම.\" හින්දු ආගමික දරුවෙකු ලෙස උපකල්පනය කර විශාකා විද්‍යාලයට ඉදිරිපත් කළ අයැදුම්පතක් ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය හින්දු ආගමික දැරියක යැයි උපකල්පනය කරමින් දැරියක පළමුවන ශ්‍රේණියට ඇතුලත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම තුළින් කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය සහ විදුහලේ අභියාචනා මණ්ඩලය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි 20 වන දා තීන්දු කළේ ය. ඒ අනුව අදාළ දැරිය සති දෙකක් තුළ වහා ම දෙවන ශ්‍රේණියට හෝ සුදුසු ශ්‍රේණියක් සඳහා ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනියට නියෝග කරනු ලැබීය. කොළඹ හැව්ලොක් පාරේ පදිංචිව සිටින පවිත්‍රා තරංගනී ඉලේපෙරුම නැමැත්තිය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිගනිමින් ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමකින් තොරව සිය අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කළ බවත් තම දරුවා හින්දු භක්තිකයෙකු යැයි උපකල්පනය කරමින් එම ආගමික කෝටාව අවසන් වී ඇතැයි සඳහන් කරමින් සිය අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට වගඋත්තරකරුවන් ක්‍රියා කර ඇති බවත් පෙත්සම්කාරිය චෝදනා කර තිබිණි.",
"Title": "ආගමික පදනම මත පාසල් බෙදා තිබීම ආගමික සහජීවනයට බාධාවක් ද?"
} |
{
"Text": " රූපා ශ්‍රියානි ඒකනායක යනු සිංහල සාහිත්‍යය තුළ සුවිශේෂ පාඨක විචාරක ආදරයකට පාත්‍ර වූ නවකතාකාරියකි. ඇය අතින් විජයයි කුවේණියයි, සෙංකඩගල මහබිසෝ, සෝබන මාලිගා, දුටිමි නෙතින් කසුප් නිරින්ද් වැනි ඓතිහාසික නවකතා ද බැද්දේ කුලවමිය, සිටුවර පුවත, භේරුණ්ඩ කැදැල්ල වැනි සමකාලීන සමාජය පරිකල්පනය කරන නවකතා ද උන්මාද තොටමුණ වැනි අනාගතය පුරෝකථනය කරන නවකතා ද ලිය වී ඇත. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලිවීම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: සුපුරුදු පරිදි මුලින්ම මම ඔබගෙනුත් අහන්නේ නවකතාවක සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතාවල පළමු වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? රූපා: පළවෙනි වාක්‍යය නවකතාවකට ඉතාම වැදගත්, මොකද නවකතාවට පිවිසුම් දොරටුව වගේ පාඨකයාට හැඟෙන්නේ පළවෙනි වාක්‍යයෙන් තමයි. සමහර වෙලාවට නවකතාවක පළවෙනි වාක්‍යය ඩයලොග් එකක් වෙන්නත් පුළුවන්. දැන් මගෙ සමහර පොත් වල එහෙම ඩයලොග්ස් වලින් පටන් අරන් තියනවා. නමුත් ඒ දෙබස් කණ්ඩය නවකතාව හකුළුවා දක්වන එකක් වුණොත් තමයි ඒක ආරම්භයට ගැලපෙන ප්‍රාණවත් එකක් වෙන්නේ. දැන් ලෝක සාහිත්‍යයේ වුණත් නවකතා ගත්තොත් ඒ සමහර පළමු වාක්‍යය අපිට දැනටත් මතකයට එනවා. මට මතකයි ජෝර්ජ් ඔවෙල්ගේ 1984 නවකතාව පටන් ගන්නේ \"It was bright cold day in April, and the clocks were striking thirteen\" කියලා. දැන් සාමාන්‍යයෙන් ඔරලෝසුවේ දහතුන වදිනව කියන එකත් එක්ක කියවන්නාට ඇතිවෙනවා අමුත්තක්. ඇත්තටම මම නවකතා ලිවීම ආරම්භ කරන කාලේ මට මේක ගොඩක් වැදගත් දෙයක් හැටියට හිතුණේ නැහැ. නමුත් පසුකාලීනව මම මේක පාඨකයා ඇදබැඳ ගැනීමට මොනතරම් වැදගත් ද කියන එක තේරුම් ගන්නවා. හැබැයි මම ලියන පළමු වාක්‍යය නිතරම වෙනස් වෙනවා. ලියාගෙන යද්දි හිතෙනවා ලියපු ඡේදේ වෙනුවට මේ ඡේදේ පළවෙනියට දැම්ම නම් හොඳයි මේ වාක්‍යය පළවෙනියට දැම්ම නං හොඳයි වගේ කියල. කොහොමවුණත් ඒක තීරණය වෙන්නේ අදාළ වාක්‍යය මොනතරම් දුරට මේ නවකතාවට ප්‍රවේශ වීමේ මොහොතට මොන තරම් සාර්ථක ද කියන එක මත. මට තව දෙයක් කියන්න ඕන, අපි දැකල තියනවා ලෝක සාහිත්‍ය සංවාද වල මේ පළමු වාක්‍යයේ වැදගත්කම ගැන කතා කරනවා නිතරම. නමුත් මම මොනතරම් ලංකාවෙ සම්මුඛ සාකච්ඡා වලට ගියත් මේ ප්‍රශ්නය මගෙන් පළමු වතාවට අහන්නේ ඔයා. ඒකට ස්තුතියි. මොකද නවකතා ලිවීමට උනන්දු වන අයට වගේම විචාරකයන්ටත් මේක අතිශය වැදගත් තැනක්. නවකතාකරුවාගේ පැත්තෙන් හිතුවොත් මට නං මේක හරිම චැලෙන්ජින් දෙයක්. මේ පළමු වාක්‍යය ලියන එක. හැබැයි ඒක ලිව්වට පස්සේ අනෙක් වාක්‍යය ඉතා පහසුවෙන් ගලාගෙන එනවා. කෞශල්‍ය: දැන් මේ පළමු වාක්‍යය ලියන අවස්ථාවේ දි ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද? රූපා: සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ තමයි මම ලියන්න යන නවකතාව මේක තමයි පරිසරය මෙහෙම චරිත තමයි ඉන්නේ, මේ තේමාව වටා තමයි ගමන් කරන්නේ කියන දේවල් වලින් හැදිච්ච පොඩි සංක්ෂිප්ත විස්තරයක් ඔළුවෙ කැරකෙනවා. ඒකත් එක්ක තමයි මම ලියන්න වාඩි වෙන්නෙ. සිද්ධි දාමයක් ඔළුවෙ කැරකෙනවා. ඒක ලිවීම ඇතුළේ ගොඩක් වෙලාවට වෙනස් වෙන්න ඉඩ තියනවා. දැන් මම ඓතිහාසික නවකතා ලියල තියනවනේ. විජයයි කුවේණියයි, සෙංකඩගල මහබිසෝ, සෝබන මාලිගා වගේ ඒවා. එතනදි ඉතින් ඉතිහාසෙ ලියවිලා තියන කතාවක් අරගෙනම තමයි මම වාඩි වෙන්නේ. චරිත විකාශනයෙදි ඒ ඉතිහාසේ ඉන්න චරිතයම නෙමෙයි අපි විකාශනය කරන්නේ. නමුත් ඓතිහාසික විස්තරයක් අපේ ඔළුවෙ සටහන් වෙලා තියනවා. දැන් පරිකල්පනය එක්ක ලියන සමාජ නවකතා, ඔය සිටුවර පුවත, භේරුණ්ඩ කැදැල්ල වගේ ඒවා ගත්තොත් ඒවයේදිත් මම මෙන්න මේ චරිත එක්ක තමයි මේ නවකතාවෙ ජීවත් වෙන්නෙ කියල ලියන්න පටන් ගන්න කලින් දන්නවා. දැන් මීට අමතරව මම ලිව්ව 'උන්දමාද තොටමුණ' කියල නවකතාවක් මේක ලිව්වෙ අනාගතය ගැන. 2033 දි ලංකාව මොන වගේ වෙයිද කියන එක පිළිබඳ පුරෝකථනයක්. මම මූලිකව ගත්තේ තාක්ෂණය, රොබෝ ටෙක්නොලොජි එක. අපි ලෝකයේ සිද්ධ වෙන තාක්ෂණික වර්ධනයන් එක්ක 2033 දි මොනවගේ තැනකට යයි ද කියන එක ගැනයි ඒකෙදි කියන්න උත්සාහ කළේ. මේකෙදි ලියන්න කලින් හිතේ ගොඩනැඟුණු දේවල් ලියද්දි සෑහෙන්න චැලේන්ජ් වුණා. කෞශල්‍ය: දැන් එතකොට මේ දේවල් හිතේ විතර ද තියෙන්නේ ලිවීමට පෙර ගහගන්න කටු සටහන් වගේ දෙයක් තියනව ද? රූපා: ඇත්තටම ලියන්න පටන් ගන්න කලින් මම කිසිම ස්කෙච් එකක් හෝ සටහනක් තියා ගන්නේ නැහැ. ඔක්කොම තියෙන්නේ හිතේ. නමුත් ලියන්න පටන් ගත්තට පස්සෙ, අපි ලියන්නේ අනෙකුත් වැඩ අතරෙනේ, එතකොට මතක් වෙනවා මෙන්න මේ සිද්ධිය මෙතෙන්ට ආවොත් හොඳයි වගේ කියල. සමහර වෙලාවට ඒ ඒ චරිත වල දෙබස් හිතට එනවා. ඒ වෙලාවට සටහන් තියා ගන්නවා. මොකද එහෙම එන දේවල් ආයෙ කවදාවත් එන්නේ නැහැ. නමුත් නවකතාව ලියන්න පටන් ගන්න කලින් කිසිම ස්කෙච් එකක් ගහන්නේ නැහැ. දැන් ඓතිහාසික නවකතා ලියද්දි ලිවීමට පෙර ලොකු හැදෑරීමක් කරන්න වෙනවා. එතෙන්දි කියවපු පොත් වල අදාළ තැන් වල බුක් මාක් තියල ලියන අතර තුර නැවත පරිශීලනයට සූදානම් කිරීමක් සිද්ධ වෙනවා. සමහර වෙලාවට කෙටි සටහන් ගැනීමක් කරනවා. නමුත් එතෙන්දි වුණත් ලොකුවට ලියන නවකතාවට අදාළ කටුසටහනක් හැදෙන්නේ නැහැ. කෞශල්‍ය: ලිවීම පටන් ගනිද්දි නවකතාව අවසන් වෙන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් ද? රූපා: ලිවීම ආරම්භ කරද්දි යන්නෙ කොහෙටද කියන එක ගැන දැනුවත්. හැබැයි ලියාගෙන යනකොට ඒ යන්න හිතපු තැන නැහැ යන්නෙ වෙනත් දිශාවන් වල. අපි පොඩි චරිත හැටියට ගන්න ඒවා ප්‍රබල චරිත බවට පත් වෙනවා. අපි කේන්ද්‍රීය චරිත හැටියට ගන්න ඒවා දුර්වල චරිත බවට පත් වෙනවා. දැන් උදාහරණයකට බැද්දේ කුලවමිය නවකතාව ගත්තොත් මම ෆෝකස් කළේ 'චංචලා' කියන ගැමි යුවතියගෙ චරිතයට. නමුත් ලියාගෙන යනකොට චංචලාගෙ මහත්තයගෙ අම්මගෙ චරිතය, 'කුමාරි මැණිකේ' ගේ චරිතය ඉතාම ප්‍රබල වෙලා. හුඟක් අය පොත කියවල මගෙන් ඇහුවා 'බැද්දේ කුලවමිය' කියන්නෙ චංචලා ද නැත්තං එයාගෙ නැන්දම්මද කියල. මේ විදිහට අපි ප්‍රධාන චරිතයක් හැටියට ගන්න අය වෙනත් චරිත විසින් යටපත් කරන අවස්ථා තියනවා. ඔයත් දන්නවනෙ අපිට චරිත හසුරුවන්න බැහැ. චරිත විසින් අපිව හසුරුවනවා. මං අහල තියනවා කවුරුහරි ලියෝ ටෝල්ස්ටෝයි ගෙන් අහනවා ඇයි ඇනා කැරනිනාව කෝච්චියට පැන්නුවේ ඒක හරිම ඛේදනීයයි නේ කියල. එතකොට ටෝල්ස්ටෝයි කියල තියනවා, මම දන්නෙත් නැහැ ඇනා කැරනිනා කෝච්චියට පැනල කියල. අන්න ඒ වගේ. මම හිතනවා මේ විදිහට චරිත වලට නිදැල්ලේ යන්න ඉඩ දෙන එක හොඳ දෙයක් කියල. නමුත් එතකොට අපි ලියන්න කලින් හිතපු අවසානය වෙනුවට නවකතාව වෙනත් ගමනාන්තයක් හොයාගෙන ගිහිල්ල අපි දන්නෙත් නැහැ. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ඔබ ලියන හැටි ගැන. දැන් නවකතාවක පළමු වාක්‍යය ලිව්වට පස්සෙ මේකත් එක්ක කාලය ගත වෙන්නේ කොහොමද? රූපා: ඒක නවකතාවෙන් නවකතාවට වෙනස් වෙන්න පුළුවන්. දැන් ඓතිහාසික නවකතා ගත්තොත් ඒකට ටිකක් වෙලා යනවා. ඒකෙදි ඒ ඓතිහාසික පරිසරය ඒ චරිත ඒ වගේම මේ මැද්දට අපි දානව පරිකල්පිත චරිත. එතකොට ඓතිහාසික සැබෑ චරිත එක්ක මේ චරිතත් ඝට්ටනය වෙනවා. මේව එක්ක ගනුදෙනු කිරීමේදී ගත කරන්න සිද්ධ වෙන කාලය වැඩියි. දැන් මම අනගාරික ධර්මපාල තුමාගේ චරිතය කේන්ද්‍ර කරගෙන ලියපු සෝබන මාලිගා කියන නවකතාවේ මම යන්ග් කපල් එකක් දානවා ඒ ගොල්ලො තමයි මේ කතාව කියන්නේ. දැන් මෙතෙනදි සමීපව හදාරන්න වෙනවා අපි මේ කරන දේවල් හරිද කියන එක ගැන. දෙබස් වුණත්, ඒ ගොල්ලෝ යන එන තැන්, ඒ ගොල්ලන්ගේ චර්යා රටා මේ හැම දෙයක්ම ගැන හරි සියුම්ව බලන්න වෙනවා. ඒ හින්ද කතාවත් එක්කම ජීවත් වෙන්න වෙනවා. දැන් මම කිව්වෙ මම අර අනාගතය පුරෝකථනය කරල නවකතාවක් ලිව්ව කියල. ඒවගේ ලිවීම් වලදි ඉතින් ඉන්නේ මා නොවන මම තමයි. හරිම ඔබ්සෙස්ඩ්. ඒකත් එක්කම කාලය ගත කරන්න තමයි ඕනෙ. වෙන වැඩ එනකොට සමහර වෙලාවට තරහත් යනවා. මම හිතපු දේවල් ගිලිහෙයිද කියල හිතෙනවා. ඕනෙම නවකතාවක් ලියද්දි මං හිතන්නෙ මං ලෝක දෙකක ජීවත් වෙනවා. සමහර වෙලාවට නවකතාව කියන කුටුම්බයට හරි චේම්බර් එකට හරි කොටු වෙලා ඒ සිහින ලෝකෙ ඉන්නවා. ඒ අතර අපේ එදිනෙදා පැවැත්මටත් එනවා. එතකොට යම්තාක් දුරට අර සිතිවිලි වෙනස් වෙනවා. මෙන්න මේ දෙක අතර දෝලනය වෙමින් තමයි ඉන්නේ. මං හිතන්නේ නවකතාවක් ලියල ඉවර වුනාම දැනෙන මහා සැහැල්ලුව එන්නේ ඒක නිසයි. අන්ධකාර ගුහාවක ගැඹුරු කල්පනා ලෝකයක ඉඳල දියඇල්ලක් පේන කඳු මුඳුනකට ගිහින් අවට ලෝකය බලනවා වගේ නිදහස් ගතියක් එනවා නවකතාවක් අවසන් කළා ම. දැන් ඔය ලේඛකයන්ට එක එක පුරුදු තියෙන්නෙත් ඒ නිසා නෙ. මං අහල තියනවා මායා ඇන්ගලෝව් වගේ කෙනෙක් ලියන්න කලින් බාත් ටබ් එකට බැහැල ඉන්නවා කියල. තව කවුරුහරි ලේඛකයෙක් එයාගෙ බල්ලගෙ මැක්කෝ අහුලනවා කියල ලියන්න කලින්. දැන් සමහරුන්ට 'ස්මෝකින්' තියනවා. දැන් මහගමසේකර, සයිමන් නවගත්තේගම වගේ අය එහෙමයි. මේ වගේ හැබිට්ස් එන්නෙත් මං හිතන්නේ ලිවීම එක්ක ජීවත් වෙන්න ඕන නිසා. මම ලියන්න ගත කරන කාලය පැත්තෙන් බැලුවොත් මං වැඩිපුරම ලියන්නේ බ්රෙක්ෆස්ට් එකෙන් පස්සේ ලන්ච් එක වෙනකන් වගේ තමයි. හවස එහෙම මං වැඩිය ලියන්න යන්නෙ නැහැ. ඔය කියවන ඒව එහෙම තමයි හවස් වරුවට කෙරෙන්නේ. මං නිදිමරාගෙන ලියල නැහැ කවදාවත්. මං හුඟක් ස්ලෝ රයිටර් කෙනෙක්. ඒ වගේම මං ලියන විදිහ ගැන කියද්දි කියන්න ඕන දෙයක් තමයි මං මුල ඉඳන්ම ලිව්වෙ පරිගණකයෙන්. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමු ද සංස්කරණය ගැන? රූපා: මං ලියන්න වාඩි වෙන කොට හුඟක් වෙලාවට කලින් ලියපු දේවල් මගෙ අතින් එඩිට් වෙනවා. මේක ටිකක් එක්සෙසිව් විදිහට වෙනවා. හැබැයි මට ප්‍රෆෙෂනල් එඩිටර් කෙනෙක් නැහැ. ලංකාවේ කොහොමත් එහෙම අය අඩුයිනේ. ඒත් සමහරු සාහිත්‍යය ගැන අවබෝධයක් තියන හිතවත් අයට තමන්ගෙ කෘති දීල එඩිට් කරනවා. මං එහෙම කරන්නේ නැහැ. නවකතාවෙ ආත්මයට අදාළ දේවල් ඒ විදිහට වෙනස් කරන්න මං කැමති නැහැ. මගෙ සමහර කෘති මං මගෙ හස්බන්ඩ්ට දෙනවා කියවන්න. එහෙම දුන්නම සමහර වෙලාවට වැරදි එහෙම අහුවෙනවා. ඔය නම් වගේ දේවල් වරද්දල ලියපු දේවල් එහෙම. මුල නම නෙමේ අගට යද්දි තියෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම කියවන එක වැදගත්. කොහොම වුණත් මං කියන්න ඕන මගෙ හස්බන්ඩ්ගෙන් මගෙ ලිවීමට ලොකු සහයක් ලැබෙනවා. ලියන්නේ නැතුව ඉන්න කොට සමහර වෙලාවට අහනවා ලියන්නෙ නැද්ද කියල. ඉතින් සංස්කරණය ගැන නැවත කිව්වොත් ලියල ඉවර වුණාට පස්සෙත් පෲෆ් රීඩර් ට දීල ප්‍රින්ට් එකට යවන මොහොත දක්වාම පොත මගෙ අතින් විවිධ මට්ටම් වලින් වෙනස් වෙනවා. අලුත් පරිච්ඡේද පවා එකතු වෙනවා. කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? රූපා: ඇත්තටම කියන්න ඕන මං මගේ ලිවීම් රසවිඳිනවා. මං හිතන්නේ පාඨකයන්ට වින්දනය කරන්න කලින් මං ලියන දේවල් මට වින්දනය කරන්න පුළුවන් වෙන්න ඕන. මගෙ අතින් හොඳට ලියවිලා තියනවා කියල මට හැඟෙන දේවල් කියවීමෙන් ලොකු සංතෘප්තියක් දැනෙනවා. මං හිතනවා නවකතාකාරයෙක් වෙන්න, මං කියන්නේ ලියන්න හිතෙන්න ලොකු වාසනා ගුණයක් තියෙන්න ඕන. මං කියන්නේ ලියන්න පුළුවන් වීම නෙමෙයි. මං හිතන්නේ ගොඩාක් අයට ලියන්න පුළුවන්. ලියන්නේ නැතුවා මිසක්. ඒ නිසා ලියන්න හිතෙන එක තමයි වැදගත්ම දේ. ඒක ලොකු වාසනා ගුණයක්. පොත් ලිව්ව ඇති කියල මට හිතෙන්නේ නැහැ. ඒ නවකතා ලෝකය තුළ ඒ ජීවිත ත් එක්ක දිගටම ඉන්න ආසයි. දශක දෙකකට වැඩි කාලයක් ලිවීම සිය පැවැත්මේ අත්‍යන්ත අංගයක් කරගත් නවකතාකාරියකගේ අදහස් අපට ලිවීමට අනුප්‍රාණය සපයනු ඇතුවා සේම ඇයගේ කෘතීන් දෙස අලුත් ඇසකින් බැලීමට ද අපට ඉඩක් විවර කරනු ඇත. ලබන සතියේ අප හා එක් වන්නේ සිංහල සාහිත්‍යයේ මඟහැර යා නොහැකි සුවිශේෂී නවකතාකරුවෙකු වන කේ.කේ. සමන් කුමාර යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. ",
"Title": "'මම ලියන හැටි' : රූපා ශ්‍රියානි ඒකනායක"
} |
{
"Text": " ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන (NGO) සම්බන්ධයෙන් විවිධ පාර්ශවවල මිශ්‍ර අදහස් පවතී. ඇතැමෙකු රාජ්‍ය නොවන සංවිධාන යනු 'සල්ලි හම්බ කරන ව්‍යාපාරයක්' බවට චෝදනා කරන අතර, ඇතැමෙකු පවසන්නේ, 'ශ්‍රී ලංකාවේ රජයට ඉටු කළ නොහැකි වගකීම් රැසක් රාජ්‍ය නොවන සංවිධානය විසින් ඉටු කරනු ලබන' බව ය. විවිධ කාලවලදී රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය පිළිබඳව විවිධ අදහස් මතු වෙයි. බොහෝ විට රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව මත ඉදිරිපත් වුව ද, මෙවර රාජ්‍ය නොවන සංවිධාන රජයේ ක්‍රියාකලාපය කෙරෙහි විරෝධය පළ කරමින් සිටී. ඒ, රජය ගෙන ඒමට සැරසෙන 'රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සහ සුපරීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත'ට එරෙහිව ය. රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීම 'රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සහ සුපරීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත' පිළිබඳව දැනුවත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන සමූහය නියෝජනය කරන සාමාජිකයින් පිරිසක් සහ රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලය අතර හමුවක් ජනවාරි 30 වන දා පැවැත්විණි. ඊට රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න ඇතුළු පිරිසක් සහ රාජ්‍ය නොවන සංවිධාන සමූහය නියෝජනය කරමින් දිස්ත්‍රික්ක 6ක සාමාජිකයින් 12 දෙනෙක් ද සහභාගි වූහ. අදාළ පනත් කෙටුම්පත ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් මහජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධියට පත් කරන ලෙස ඉල්ලා සිටිය ද, එය ඉටු නොවූ බව රාජ්‍ය නොවන සංවිධාන සමූහය චෝදනා කරයි. කෙසේ වෙතත්, සාකච්ඡාව අතරතුර අදාළ කෙටුම්පතේ ඉංග්‍රීසි පිටපතක් ලබා දී තිබිණි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බීබීසී සිංහල සේවයට පැවසුවේ, එම කෙටුම්පත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා ඉංග්‍රීසි බසින් සකස් කර ඇති අතර, සිංහල හා දෙමළ පරිවර්තන සකස් කළ හැක්කේ, නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු පසු බව ය. 'අපි සීයට ලක්ෂ වාරයක් විරුද්ධ යි' රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සහ සුපරීක්ෂණ පනත් කෙටුම්පතට \"සීයට ලක්ෂ වාරයක් විරුද්ධ\" බව රාජ්‍ය නොවන සංවිධාන සමූහය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණය අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක බීබීසී සිංහල සේවයට පැවසීය. \"මේක හුදෙකලා සිදුවීමක් නෙවෙයි. ඔන්ලයින් පනත, සේෆ්ටි බිල් සෑහෙන සංඛ්‍යාවක් දැන් පනත් ගේනවා නේ. මේකත් එක්තරා ආකාරයක ඒකෙ ම දිගුවක්. අපේ ජනාධිපතිතුමාට මුළු ජීවිත කාලය පුරා ම තියෙන්නේ, මහජන ඡන්දයෙන් තේරී පත්වීම පිළිබඳ විශ්වාසයක් නෙවෙයි, එතුමාට තියෙන්නේ. එතුමාට තියෙන්නේ බොහෝ කෙටි මාර්ගවලින් බලයට පත්වීමේ අත්හදාබැලීමේ උත්සහයක්. මෙතනදිත් එතුමා සහ එතුමාට හිතවාදී පාර්ශව හිතනවා මේ නිහඬ කරවීම්වලින් ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියලා. NGO කියන්නේ විශාල ක්ෂේත්‍රයක්. ආයතන 20000ක් විතර තියෙනවා. සල්ලි ගොඩාක් එනවා. ඉතින් ආණ්ඩුවට හිතවත් පුද්ගලයින්ට හිතෙනවා, සල්ලි ප්‍රවාහයක් ගලාගෙන යනවා නම් වේල්ලක් බැඳලා හරි ජලය විකුණලා හරි එහෙම හරි කරන්න. ඒ නිසා ඒ අය හිතනවා, මේකෙන් ලොකු වාසියක් ගන්න පුළුවන් කියලා. ඒ පදනම යටතේ, මේක පාලනය කරන්න ඔවුන් කැමතියි. ඒ හරහා වරප්‍රසාද ලබා ගන්න අදහස් කරනවා. ඒ නිසා සීයට ලක්ෂ වාරයක් අපි මේ පනත් කෙටුම්පතට විරුද්ධ යි.\" ඔහු පැවසුවේ, මේ වන විටත් රාජ්‍ය නොවන සංවිධාන රැසක මූල්‍ය කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව හරහා අධීක්ෂණය වන බව ය. කෙසේ වෙතත්, ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බව තමන් පිළිගන්නා බවත් මංජුල ගජනායක පැවසීය. \"හැම තැනක ම වගේ සමහර රාජ්‍ය නොවන සංවිධාන ඇතුළේත් හොරකම් සිද්ධ වෙනවා. සමහර සංවිධාන තියෙනවා පවුලේ කට්ටියක් පාලනය කරන. ඒවා තුළ හොරකම් සිද්ධ වෙනවා. මුදල් අවභාවිත වෙනවා. හැබැයි ඒවා නවත්වන්න කළ යුත්තේ, මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කරන එක යි. එහෙම නොකර රාජ්‍ය නොවන සංවිධාන පාලනය කරලා, නිහඬ කරලා වාසියක් ගන්න හිතනවා නම් ඒක ඉතා ම වැරදි යි.\" \"ශ්‍රී ලංකාව මේ තරමටවත් ඔළුව උස්සන් ඉන්නේ, රාජ්‍ය නොවන සංවිධාන නිසා. අපි කොයිතරම් ජනතා ප්‍රශ්නවලට මැදිහත් වෙලා සහන සලසලා තියෙනවා ද?,\" මංජුල ගජනායක පෙන්වා දුන්නේ ය. 'පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පදනම් ටික නියාමනය කරන්න' මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන් ම, පළාත් සභා, ප්‍රාදේශීය සභා ආදී මන්ත්‍රීවරුන් ආදී දේශපාලනඥයින් පිහිටුවා ඇති විවිධ 'පදනම්' ද රාජ්‍ය නොවන සංවිධාන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණය අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පෙන්වා දුන්නේ ය. \"ඒ සංවිධානවල පාවිච්චි කරන්නේ පොදු මුදල්. ඒ මුදල් ඒ අයගේ පෞද්ගලික මුදල් නෙවෙයි. නමුත්, ඒවා පාලනය කරන්නේ පවුලේ ම උදවිය. ඒ සියල්ල නියාමනය කළ යුතු යි. ඒවා නියාමනය නොකිරීමෙන් අයථා මුදල් භාවිතයන් විශාල වශයෙන් සිද්ධ වෙනවා.\" රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අදහස රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ සුපරීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත සකස් කරන ලද්දේ, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගේ ම අදහස් සැලකිල්ලට ගනිමින් බව රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න පැවසීය. \"අපි මේ කෙටුම්පත සම්පාදනය කළේ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගේ ම අදහස් අරගෙන. 1980 වසරේ තමයි මේ පනත ආවේ. ඒ පනතේ තිබුණ නුසුදුසු කොටස් ගොඩක් අයින් කරලා වඩාත් නම්‍යශීලී විදිහට තමයි මේ පනත් කෙටුම්පත අපි සකස් කළේ. උදාහරණයක් විදිහට ඇමතිවරයාට දී තිබුණ බලතල පවා අයින් කරලා නිසි බලධාරියෙක් පත් කරන්න මේ කෙටුම්පතෙන් යෝජනා කරලා තියෙනවා. අපි කෙටුම්පතේ පිටපත් අදාළ පාර්ශවවලට ලබා දීලා තියෙනවා. ඒක හරියට අධ්‍යයනය කරලා තමන්ගේ මතය ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.\" ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන මේ වන විට ශ්‍රී ලංකාව තුළ විවිධ රාජ්‍ය නොවන සංවිධාන 38,000කට අධික සංඛ්‍යාවක් පවතින බව රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලය පවසයි. එහෙත්, මේ දක්වා එහි ලිංපදිංචි වී ඇත්තේ, රාජ්‍ය නොවන සංවිධාන 1783ක් පමණි. ආසියානු සංවර්ධන බැංකුව පවසන පරිදි, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන බහුතරයක අවධානයට ලක්ව ඇත්තේ, දිළිඳුභාවය තුරන් කිරීම හා තිරසර සංවර්ධනය, පරිසර සංරක්ෂණය හා හරිත තාක්ෂණය, සෞඛ්‍යය හා සනීපාරක්ෂාව, අධ්‍යාපනය හා පුහුණු කිරීම්, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය, මානව හිමිකම් හා සාමය, යුද්ධ කම්පන, ආපදා කළමනාකරණය, ග්‍රාමීය සංවර්ධනය, මුඩුක්කු හා පැල්පත් ආශ්‍රිත ප්‍රජා සංවර්ධනය, සමාජ යටිතල පහසුකම් සංවර්ධනය, ණය හා සේවා සංවිධානය, ප්‍රජා මට්ටමේ නායකත්වය ගොඩනැංවීම, ආගමික ප්‍රචාරණය, කාන්තා හිමිකම්, ළමා හිමිකම් ආදී ක්ෂේත්‍රයන් ය. ජාත්‍යන්තර, ජාතික, ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමෙන් ක්‍රියාත්මක විවිධ ආකාරයේ රාජ්‍ය නොවන සංවිධාන පවතී. ඊට අමතරව, දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින් ඇතුළු පාර්ශව පිහිටුවා ගත් විවිධ 'පදනම්' ක්‍රියාත්මක වෙයි. රාජ්‍ය නොවන සංවිධානවල ඉතිහාසය ශ්‍රී ලංකාවේ මුල් ම රාජ්‍ය නොවන සංවිධාන ලෙස සැලකෙන්නේ, 19 වන ශත වර්ෂයේ ක්‍රිස්තියානි දූත මෙහෙයන්වලට අනුබද්ධ වූ සර්ව-සභා සංවිධාන බව ඉන්දියාවේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය සසංක පෙරේරා විසින් සම්පාදනය කරන ලද 'Non Government Organizations in Sri Lanka: The Dynamics, the Impact, the Rhetoric and the Politics.' නමැති පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වේ. 1812 වසරේදී පිහිටුවන ලද, ලංකා බයිබල් සමාජය, 1858 වසරේදී පිහිටුවන ලද ක්‍රිස්තියානි සාහිත්‍ය සමාජය, 1882 වසරේදී පිහිටුවන ලද තරුණ ක්‍රිස්තියානි සංගමය ආදිය ඊට නිදසුන් වේ. එම ව්‍යුහයන් ආදර්ශයට ගෙන බෞද්ධ, හින්දු, මුස්ලිම් ආගමික රාජ්‍ය නොවන සංවිධාන බිහි වූ බව ද මහාචාර්ය සසංක පෙරේරා පෙන්වා දී තිබේ. 1880 වසරේදී පිහිටවූ බෞද්ධ පරම විඥානාර්ථ සමාගම, 1890 වසරේදී පිහිටවූ මහාබෝධි සමාගම, 1898 වසරේදී පිහිටවූ තරුණ බෞද්ධ සංගමය ඊට උදාහරණ ලෙස දැක්විය හැකි ය. මුල් කාලීනව ආගමික ඌරුවකින් නිර්මාණය වූ රාජ්‍ය නොවන සංවිධාන පසු කාලීනව ආර්ථික, දේශපාලන, මානව හිමිකම් ආදී විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිතව නිර්මාණය වන්නට විය. රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නීතිමය රාමුවක් සැකසීම 1980 වසරට පෙර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය නියාමනය කිරීමට සහ පාලනය කිරීමට විශේෂ නියෝග හෝ රෙගුලාසි නොතිබිණි. එකල, පනත් කීපයක් යටතේ, ලාබ නොලබන ආයතන ලෙස ලියාපදිංචි කිරීමට අවස්ථාව සැලසිණි. මේ වන විටත් එය ක්‍රියාත්මක වේ. 1980 වසරේදී රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම අනිවාර්ය කළ, 'ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය හා අධීක්ෂණය) පනත පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. කෙසේ වෙතත්, මේ වන තෙක් එය ප්‍රබලව ක්‍රියාත්මක නොවිණි. වංචා හා මූල්‍ය අවභාවිතයන් කරන ලද රාජ්‍ය නොවන සංවිධාන සඳහා රජයෙන් පත් කරන ලද කළමනාකරණ මණ්ඩල ස්ථාපනය කිරීම සඳහා, 1980 පනත, 1998 අංක 8 දරන පනත මගින් සංශෝධනය කෙරිණි. නැවත 1999 වසරේදී අංක 1 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙගුලාසි ඊට එක් කරන ලදී. සියලු ම රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරුණේ එම රෙගුලාසි හරහා ය. රාජ්‍ය නොවන සංවිධාන 5ක් සඳහා වසර 3කදී ලැබී තිබූ අරමුදල් රාජ්‍ය නොවන සංවිධාන 5ක් සඳහා වසර 3කදී ලැබී තිබූ අරමුදල් පිළිබඳ විස්තරයක් 2015 වසරේ ජනවාරි මාසයේදී එවකට ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ධූරය දැරූ මනෝ ගනේෂන් ඉදිරිපත් කර තිබිණි. එම විස්තරය අනුව, තොරතුරු ඉදිරිපත් කළ ආයතන කිහිපයකට ලැබී තිබූ වාර්ෂික අරමුදල්වල එකතු කළ අගයයන් මෙසේ ය. 2011 - රුපියල් 13,926,610,942.00 (රුපියල් මිලියන දහතුන් දහස් නමසිය විසි හයයි දශම හයයි එකයි) 2012 - රුපියල් 11,488,308,761.00 (රුපියල් මිලියන එකොළොස් දහස් හාරසිය අසූ අටයි දශම තුනයි බිංදුවයි අටයි) 2013 - රුපියල් 10,840,293,929.00 (රුපියල් මිලියන දහදහස් අටසිය හතළිහයි දශම දෙකයි නමයයි තුනයි)",
"Title": "ආණ්ඩුව මේ සැරසෙන්නේ NGO 'නිහඬ කිරීමට' ද?"
} |
{
"Text": " පොලිස් වෙඩි තැබීමෙන් තම සැමියා මිය යෑමෙන් පසු රුපියල් ලක්ෂ 10ක් ලබා දුන්න ද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පොරොන්දු වූ පරිදි ඒ වෙනුවෙන් කිසිඳු සහයෝගයක් මේ දක්වා ලබා නොදීම නිසා තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ද බාධා එල්ල වී ඇතැයි මිය ගිය රොෂාන් කුමාරසිරිගේ බිරිඳ BBC සිංහල සේවයට පැවසුවාය. ''දේශබන්දු මහත්තයා ඇවිල්ලා ඒ වෙලාවේ මගේ අතට ලක්ෂ 10ක් දීලා මහත්තයගේ වටිනාකම තීරණය කළා එයා ඒ වෙලාවේ.ඉන් පස්සේ කිසිම දෙයක් අපි ගැන හොයලා බැලුවේ නැහැ.'' යනුවෙන් කමනි රූපිකා පැවසුවාය. 2024 ජනවාරි 18 වැනිදා නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදු වූ අතර ඊට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (පෙබරවාරි 16) යළි නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතව ඇත. මේ සිදුවීම වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයේ සිටිය ද පොලීසිය සැකකරුවෙකු ලෙස එක් අයෙකු පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සහ විමර්ශන කටයුතු සිදු කෙරෙන අකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි බව අගතියට පත් පාර්ශවයේ නීතිඥයෝ පවසති. මේ අතර අනෙක් පොලිස් නිලධාරියා සැකකරුවෙකු ලෙස නම් කිරීමේ අවශ්‍යත්වයක් මේ දක්වා විමර්ශන වලදී පෙනී ගොස් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව BBC සිංහල වෙත කියා සිටියේය.",
"Title": "නාරම්මල පොලිස් වෙඩි තැබීම: 'ලක්ෂ 10ක් දීලා අපි ගැන කිසිම දෙයක් හොයා බැලුවේ නැහැ'"
} |
{
"Text": " ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් (පෙබරවාරි 29 වැනිදා) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබීය. සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. මෙම නඩුව අද (පෙබරවාරි 15වැනිදා) මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදී සැකකාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි. ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ‘අමාත්‍ය මණ්ඩලය නොමඟ යවලා’ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ඉන් අනතුරුව පරීක්‍ෂණවල ප්‍රගතිය පිළිබඳ, කරුණු ඉදිරිපත් කළාය. \"ස්වාමීනි.... රට තුළ ඖෂධ වර්ග 182 ක හිඟයක් පවතින බවත් ඒවා හදිසි මිලදී ගැනීමක් නොකලොත් මාස තුනකින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටිය හැකි බව සඳහන් කරමින් සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කළා. මේ ආකාරයෙන් ඖෂධ වර්ග 182 ක් පිලිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හදිසි මිලදී ගැනීමක් යටතේ සිදුකිරීමට 2022 වසරේ ඔක්තෝබර් මස 24 වැනිදා අනුමැතිය ලබා ගෙන තිබෙනවා. මේ පිළිබඳව අපි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. එම ප්‍රකාශයෙන් අපට අනාවරණය වුණා සැකකාර අමාත්‍යවරයා හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට යෝජනා කළ ඖෂධ වර්ග 182 ක එම අවස්ථාව වන විටත් රට තුළ ප්‍රමාණවත් තොග පැවැති බව. ඒ අනුව පැහැදිලි වෙනවා සැකකාර අමාත්‍යවරයා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩලය නොමග යවමින් මෙම හදිසි මිලදී ගැනීම සිදුකර ඇති බව.\" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය. 'හදිසි මිලදී ගැනීම්වලට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවල මුල්ගොනු නැහැ' වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම නඩුකරයට පාදක වන හදිසි මිලදී ගැනීම් වලට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවල මුල්ගොනු නොමැති බවත් පැවසුවාය. ස්වාමීනි... මෙම නඩුකරයට පාදක වන ඖෂධ වර්ග 182 ක් මිලදී ගැනීම් වලට අදාළ කැබිනට් පත්‍රිකාවේ මුල්ගොනු, සටහන් හා ලේඛන සියල්ල ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියා. එහෙත් එම මුල්ගොනු නොමැති බව එම අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා. හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගත් ඖෂධ මොනවාද කියා මේ දක්වා විමර්ශන වලදී කරුණු අනාවරණය වී නෑ. ඒ සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් මේ දක්වා සොයාගැනීමට නොහැකි වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඖෂධ මිලදී ගැනීමේ විශේෂ පටිපාටියක් තිබෙනවා. මුලින්ම මිලදී ගැනීමට අපේක්ෂිත ඖෂධ වර්ගය, රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කෙරෙනවා. ඉන් නිසි ප්‍රමිතයක් පවතින බව තහවුරු වන ඖෂධ පමණයි මිලදී ගැනීම් සිදු කරන්නේ. මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ශක්තිමත් නීති මාලාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසයි ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යය ඉහළ මට්ටමක් පැවතින්නේ. එහෙත් මෙම නඩුකරයට පාදක වන ඖෂධ මිලදී ගැනීමේ දී එම නීතිමය ක්‍රියාමාර්ග කිසිවක් සැකකාර හිටපු අමාත්‍යවරයා විසින් අනුගමනය කර නෑ\" යනුවෙන් සඳහන් කළාය. එම අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු කළ මහේස්ත්‍රාත්වරිය \"මෙම ලේඛන තිබුණේ කවුරු භාරයේ දැයි \" විමසුවාය. ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය මෙම ලේඛන පැවැතියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් නිශ්පාදන අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක භාරයේ බවත් සඳහන් කර සිටියාය. වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය \"මෙම නඩුකරයට අදාළ විමර්ශන වලදී අනාවරණය කර ගත් ප්‍රශ්නගත ඖෂධ වර්ග 182 ක් හදිසි මිලදී ගැනීමක් යටතේ ලබාගෙන තිබෙන්නේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකරයි. එම ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ නොවන බවත් අනාවරණය වී තිබෙනවා. මේ හරහා සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් මිලියන 1444 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය පරිහරණයක් සිදුකර තිබෙනවා. මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා යොදාගෙන තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔක්සිජන් මිලදී ගැනීමේ වැය ශීර්ෂය තුළ තිබූ මුදල් ප්‍රතිපාදන යොදාගෙන තිබෙන බව විමර්ශන වලදී අනාවරණය වුණා. යම් ඇමතිවරයෙක් ඇමැති මණ්ඩලය හමුවට ගොස් යම් අනුමැතියක් ලබා ගතහොත් එහි වගකීම අදාළ ඇමතිවරයා වෙත පැවරෙනවා.\"යනුවෙන් සඳහන් කළාය. වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය \"මෙම විමර්ශනයට අවශ්‍ය කරන ඖෂධ ඇගයීම් කමිටුවේ සිටි ජයනාත් බුත්පිටිය සහ ටී.ආර්.සුදර්ශන යන වෛද්‍යවරු දෙදෙනා මෙම විමර්ශන ආරම්භ කිරිමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා රාජකාරි නිවාඩු මත විදේශ ගත වී තිබෙනවා. වෛද්‍ය ජයනාත් බුත්පිටියගේ විදේශ ගමන් තහනම් කරමින් අපි අධිකරණ නියෝගයක් ලබාගත් දිනට පෙර දිනයි ඔහු විදේශ ගත වී තිබෙන්නේ. විමර්ශන මගහැරීම සඳහායි ඔහු මේ ආකාරයෙන් විදේශ ගත වී සිටින්නේ.මෙම විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මේ මස 26 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා විසින් ඔහුගේ ඊ මේල් ලිපිනයට පණිවිඩයක් යවා තිබෙනවා.\" යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම වෛද්‍යවරු දෙදෙනා රාජකාරී නිවාඩු මත විදේශ ගත වී සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය මත බවත් සඳහන් කර සිටියාය. ඒ අනුව සැකකාර හිටපු අමාත්‍යවරයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, \" ස්වාමීනි... මෙම බී වාර්තාවේ සඳහන් වරදවල් මගේ සේවාදායකයා විසින් සිදු කර නෑ. 2022 තුන්වන මාසය වනවිට රටේ ආර්ථික අර්බුදයක් මතුවී විශාල අරගලයක් ඇතිවුණා. රුපියල් 203 ට පැවති ඩොලරය රුපියල් 365 දක්වා ඉහල ගියා. එම කාල වකවානුවේ රට තුළ ඖෂධ හිඟයක් පැවතුනා. රට තුළ මතුවී තිබෙන ඖෂධ හිඟය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් නිවේදන නිකුත් කර තිබූණා. දෙස් විදෙස් මාධ්‍යත් මේ පිළිබඳ වාර්තා පළකළා. ඔය කාලයේ ඖෂධ ආනයනය කිරීම සඳහා රජයට විදේශ විනිමය තිබුණේ නැහැ. එම වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා බෙහෙත් වර්ග 182 ක් අඩු බව. ඒ අනුව භාණ්ඩාගාරය සැකකාර ඇමතිවරයාට දැනුම් දෙනවා ඉන්දීය ණය පහසුකම් යටතේ ඒවා මිලදී ගන්න කියලා. ඒ නිසා තමයි ඉන්දියානු ණය ක්‍රමය යටතේ මෙම ඖෂධ මිලදී ගැනීම සිදු කළේ. ඒ නිසා මේ චෝදනා පදනම් විරහිතයි. ස්වාමීනි.. ඊට අමතරව මෙම සැකකරු නිදාගන්න අවස්ථාවේදී ඔහුගේ සිරුරේ ඔක්සිජන් මට්ටම පහත යන රෝගී තත්ත්වයක් තිබෙනවා. ඒ හරහා ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතු වෙනවා. ඊට අමතරව උදරයේ සහ වකුගඩු ආබාධ තත්ත්වයක් තිබෙනවා\" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද්වේශ සහගත ලෙස ඔහු අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළේය. එම අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්වය විදහා පාන අන්තර්ජාලයෙන් ලබා ගත් ලේඛනයක් විත්තියේ නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය භාරගැනීම මහේස්ත්‍රාවරිය විසින් ප්‍රතික්ෂේප කළාය. එය ඡායා පිටපතක් බැවින් එය භාර ගැනීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරිය පැවසුවාය. තවත් සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාල අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන වෛද්‍ය සමන් රත්නායක මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති බව සඳහන් කළේය. සමන් රත්නායක අත් අඩංගුවට නොගන්නේ ඔහු සී.බී.රත්නායකගේ සොහොයුරා නිසා දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා එය දන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා පමණක් බවත් සඳහන් කර සිටියේය. සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද තම සේවාදායකයින් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඇප ඉල්ලීම් ඉදිරිපත් කළේය. 'අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා එතුමා පාර්ලිමේන්තු යන්න බැහැ කිව්වා' රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නව පාර්ලිමේන්තු සභා වාරයට සහභාගි වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව (පෙබරවාරි මස 07 වෙනිදා) ප්‍රකාශ කරන ලදී. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක බීබීසී සිංහල සේවයට පැවසුවේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවට යාමට නොහැකි බවට හිටපු අමාත්‍යවරයා දැනුම් දුන් බවයි. \"පාර්ලිමේන්තු වේත්‍රධාරි විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරලා තිබ්බා කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට අද දවසේ පාර්ලිමේන්තු කටයුතු සඳහා පැමිණීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා.\" \"ඒ අනුව අපි හිටපු ඇමතිවරයාගෙන් කැමැත්ත විමසුවාම එතුමා දැනුම් දුන්නා තමන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා පාර්ලිමේන්තු සභා වාරයට යාමට නොහැකි කියලා.\" \"ඒ වගේම අපි ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ලිඛිතව දැනුම් දීමට කටයුතු කළා.\" බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ චෝදනාවට මෙම මස 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමන් දරමින් සිටි පරිසර අමාත්‍ය ධුරයෙන් ( පෙබරවාරි 06 වෙනිදා) ඉල්ලා අස්විය. මේ අතර 09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් (පෙබරවාරි 07) උත්සවාකාරයෙන් විවෘත කිරීම සිදුකෙරුණි. අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පෙබරවාරි මස 06 වෙනිදා යොමු කර ඇත. අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකානායකගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කරනු ලැබීය. 2024.02.03 දින සිට අදාළ ඉල්ලා අස් වීම බලපැවැත්වෙන බව අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්ය. ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර සිදු වුයේ කුමක්ද? සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ දී ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් වූ චෝදනාව මත කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය පෙබරවාරි මස 02 වෙනිදා අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගනු ලැබූ ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත පෙබරවාරි 03 වෙනිදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය. කෙහෙළියට එරෙහි විශ්වාස භංගය සහ විරෝධය මේ අතර කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නැවත වරක් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව මීට පෙර සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා ප්‍රකාශ කර සිටියේය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ කෙහෙළිය රඹුක්වැල්ලට ජනතා බදු මුදලින් නඩත්තු වීමට කිසිදු අයිතියක් නොමැති බවයි. මේ අතර බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වීමත් සමග ඔහුට එරෙහිව සමාජයේ ප්‍රබල විරෝධතාවක් ඇතිවිය. සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ පිරිස් කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි බලකර සිටියහ.",
"Title": "කෙහෙළිය ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්"
} |