Title
stringlengths 10
145
| Content
stringlengths 16
23.6k
|
---|---|
USB-C හරහා වේගවත් දත්ත හුවමාරු අගයක් iPhone 15 Pro මාදිලීන් සඳහා ලැබෙන බවට තොරතුරු වාර්තා වේ | iPhone 15 Series එක USB Type-C port එකක් සමඟ නිකුත් වන බවට බොහෝ කට කතා පැතිර ගිය අතර මීට මාස කිහිපයකට පෙර Android වැඩකාරයෝ අප ඔබ වෙතමේ පිළිබඳව තොරතුරුගෙන ආවා ඔබට මතක ඇති. පසුව Apple සමාගමේ විධායක නිලධාරී Greg Joswiak මහතා විසින් මේ බව තහවුරු කරන ලදී.විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo විසින් අනාවරණය කර ඇත්තේ Apple iPhone 15 Pro සහ iPhone 15 Pro Max සඳහා වේගවත් USB-C port එකක් භාවිතා කළ හැකි බවයි. මෙය බොහෝ විට USB 3.2 විය හැකි වනවා.(4/7)2H23 new high-end iPhones' wired transfer speed will likely improve markedly, benefiting the growth of the high-speed transfer IC design industry. Apple's existing suppliers (e.g., Parade, Asmedia, Genesys Logic, Renesas, etc.) are expected to be leading beneficiaries.— 郭明錤 (Ming-Chi Kuo) (@mingchikuo)November 17, 2022iPhone 15 සහ iPhone 15 Plus සඳහා, USB 2.0 තිබිය හැකි අතර, එහි Lightning port එකට සමාන දත්ත හුවමාරු වේගයක් තිබෙන අතර iPhone 15 Pro versions සඳහා ඇති USB 3.2 version එක ඇති Type-C port මගින් 40Gbps දක්වා සැලකිය යුතු වේගයක් ලබා ගත හැකි බව ඔහු විසින් වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.මෙය මෙසේ සිදුවුවහොත්, iPhone 14 Series එකෙහි සිදු කර ඇති පරිදි Pro මාදිලි වල අලෙවිය වැඩි කිරීම සඳහා Apple සමාගම විසින් නැවතත් iPhone Pro සහ Pro නොවන මාදිලි අතර වෙනසක් ඇති කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.නව යුරෝපීය සභාවේ නීති මගින් මෙසේ අනිවාර්ය වී ඇති USB-C port භාවිතා කිරීමට අමතරව තවත් වෙනස්කමක් ලෙසින්, iPhone 15 Pro හි 8GB RAM එකක්ද යෙදීමට apple සමාගම සැලසුම් කර තිබෙනවා. මෙය දැනට iPhone සඳහා ලබා දෙන ඉහළම RAM ධාරිතාවය වනු ඇත. මන්දයත් iPhone 14 Pro හි ඇතුලත් වන්නේද 6GB RAM එකක් බැවිනි. තවද iPhone 15 series එකෙහි Design එකේ යම් වෙනස්කමක් සිදු කිරීමට බලාපොරොත්තු වන අතර ඒ පිළිබඳව අප ඔබ වෙත ගෙන ආ ලිපියමෙතැනින්කියවන්න.iPhone 15 Series එක 2023 වසරේ අග භාගයේදී එළිදැක්වීමට අපේක්ෂා කරන නමුත් මේ පිළිබඳ නිශ්චිත කිසිවක් දැනට නොමැත. එබැවින්, iPhone 15හි විස්තර සඳහා Android වැඩකාරයෝ අප සමඟින්ම රැඳී සිටින්න.Source:beebom.com |
Instagram විසින් comments තුනක් pin කිරීමට හැකියාව ලබා දේ | අද දිනයේදී Instagram සමාගම ප්‍රකාශ කලේ users ලට comments pin කිරීමේ feature එක globally ලබාදෙන බවයි. ඉතින් මෙහිදී ඔයාට හැකියාව ලැබෙනවා ඔයාගෙ post එකේ comment section එකේ highlight කරන්න අවශ්‍ය comments 3ක් උපරිම වශයෙන් උඩින් pin කරන්න. ඉතින් මේ නිසා ඔයාට හැකියාව ලැබෙනවා වඩාත් important, funny එහෙමත් නැතිනම් positive comments එකක් හෝ කීපයක් තියේනම් ඒවා save කරගන්න.Today we’re rolling out pinned comments everywhere. ?That means you can a pin a few comments to the top of your feed post and better manage the conversation.pic.twitter.com/iPCMJVLxMh— Instagram (@instagram)July 7, 2020ඉතින් Instagram ලට අනුව මේකෙ අරමුණ තමා ඔයාගෙ comment section එකේ positivity එක එහෙමත් ඇතිනම් ධනාත්මක පැත්ත highlight කිරීම. ඉතින් කෙනෙක්ගේ preference එක අනුව ඒ pin කරන comment type එක වෙනස් වෙන්න් පුලුවන්. පෞද්ගලිකව මම නම් ගොඩක් වෙලාවට කැමති funny comments වලටයි. වඩාත් මතක තියාගන්න ඕනෙ කාරණය තමා comment section එක store වෙන්නෙ algorithm එකකින් නිසා සමහර comments shuffle එක අතරේ miss වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා කියන දේ.ඉතින් මෙන්න මේ විදිහටයි comments pin කරන්නේ.ඉතින් ඔයාට ඕන post එකට ගිහින්, එතන් comment section එකේ ඔයාට ඕන comment එක select කරලා වමට swipe කරන්න ඕනෙ. ඊට පස්සේ, side එකෙන් වමේ ඉදන් දකුණට: pin, reply, report, සහ trash විදිහට options 4ක් appear වේවි. අන්න එතන තියෙන pin option එක tap කරාට පස්සෙ comment එක pin වේවි.ඉතින් ඔයාට උපරිම වශයෙන් comments 3ක් pin කරන්න පුලුවන්. ඒ විදිහට pin කරාට පස්සේ comment section එකේ උඩින්ම ඒ comments appear වෙනවා. ඉතින් මේ නිසා image එකකට, post එකකට context එකක් ලබාදෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔයාගෙ comment එකක් වෙන කෙනෙක් pin කරොත් notification එකකින් ඔයාව දැනුවත් කරනවා.ඉතින් මෙන්න මේ විදිහටයි මේ අලුත් feature එක process වෙන්නේ. මේ එන ඔයාගෙ අදහස් මොනවද? Comment section එක විවෘතයි. |
Meta හි නවතම VR Headset එක Meta Quest Pro එළි දක්වයි | iOS VR Headset App එකෙහි Developer කෙනෙක් වනSteveMoserවිසන් Meta සමාගම විසින් නව High-End VR Headset (Project Cambria ලෙසද හැඳින්වේ) එකක් එළිදැක්විමට කටයුතු කරමින් සිටින බව තහවරු කර තිබෙනවා. එය "Meta Quest Pro" ලෙස නම් කර ඇති බවද මොහු විසින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.Meta Quest Pro VR Headset එක 2022 ඔක්තෝම්බර් 11 වන දින, 10 AM PT ට Meta Connect සම්මන්ත්‍රණය අතරතුර එළිදැක්විය හැකි අතර මෙම පුවත අප වෙත පැමිණෙන්නේ අන් කිසිවකුගෙන් නොව Meta ප්‍රධාන විධායක Mark Zuckerberg විසින්, ඔහු VR Headset එකක් පැළඳ සිටින රූපයක් "ඔක්තෝබර් 11 වන දින Meta Connect හිදී හමුවෙමු" යන Caption එක සමඟFacebookහි පළ කළ තිබුනි.Meta Quest Pro සඳහා මිල තවමත් තහවුරු කර නැති නමුත් Zuckerberg පවසන්නෙ, එය සදහා Oculus Quest 2 ට වඩා වැඩි මුදලක් වැය වනු ඇති බවයි.Meta Quest Pro හි වඩාත් Exciting feature එක වනුයේ Eye and Face Tracking Technology එක වන අතර Headset එකට ඔබ සොයන්නේ කොතැනදැයි හඳුනා ගැනීමට හැකි වනු ඇත. එබැවින් ඔබට Mouse Pointer එක වෙනුවට ඔබේ බැල්ම භාවිත කිරීමට හැකි වනු ඇත.තවද Face Tracking Feature එකෙන් Headset එකට ඔබේ මුහුණේ ඉරියව් තීරණය කිරීමට හැකි බව Zuckerberg තහවුරු කර තිබෙනවා. එබැවින් ඔබේ Avatar එකට ඔබේ මුහුණේ ඇති රැලි සහ සිනහව අනුකරණය කිරීමට හැකි වේ.Meta සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේදී නව Headsets සහ Related Apps නිකුත් කරන බැවින්, මේ නව VR Headset එක පිළිබඳ වැඩි විස්තර ඉක්මනින් දැකීමට අපි බලාපොරොත්තු වෙමු.Sources:theverge.comtechcrunch.combbc.com |
Apple සමාගම විසින් iPhone 16 සහ iPhone 16 Plus එළිදැක්වීමට කටයුතු කරයි | ඇපල් සමාගම විසින් 2024 වර්ෂය සඳහා වන iPhone 16 මාදිලිය නිකුත් කිරීමේ අවස්ථාවේ iPhone 16 Pro මාදිලීන් පිළිබඳව අප ගෙන ආවා ඔබට මතක ඇති. ඒ ලිපිය ඔබට පහතින් කියවීමට හැකියි.Apple සමාගම iPhone 16 Pro සහ iPhone 16 Pro Max එළිදැක්වීමට කටයුතු කරයිතාක්ෂණික ලෝකය පිළිබඳව අවදානයෙන් ඉන්න හැමෝම බලාගෙන ඉන් නේ ඇපල් සමාගම විසින් සෑම වසරකම එළිදක්වන නවතම ජංගම දුරකතන මාදිලිය එළිදැක්වීම ගැන. 2024 වර්ෂය සඳහා වන නවතම ජංගම දුරකතන මාදිලීන් ලෙසින් ඇපල් සමාගම ඊයේ දිනයේදී (සැප්තැම්බර් 9, 2024) දිනයේදී iPhone 16 මාදිලිය එළිදක්වනු ලැබුවා. මේ සමඟින් iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro සහ iPhone 16 Pro Max යන මාදිලීන් එළිදැක්වීම සිදු කෙරුනා. මේ වන විට ලෝකය පුරාවටම උන්මාදයක් ලෙසින් පැතිර ගොස් ඇති කෘත්‍රීම බුද්ධිය අඩංගු කරමින් ඇපල් සමාගම ඔවුන්ගේ නවතම ජංගම දAndroid වැඩකාරයෝ - Sinhala Tech News providerThimira Madusanka Thenuwaraසෑම වසරකම සැප්තැම්බර් මාසයේදී එලිදැක්වෙන iPhones වල entry level flasgship දුරකතනය ලෙසින් සැලකෙන Pro නොවන (iPhone Vanilla) ජංගම දුරකතන මාදිලිය ලෙසින් මෙවර එලිදැක්වුනු iPhone 16 සහ iPhone 16 Plus යන මාදිලීන් ද්විත්වයහි design එක මෙවර වෙනස් කිරීමට ඇපල් සමාගම විසින් කටයුතු කර තිබෙනවා. මෙහිදී Aerospace grade aluminum සහ second-gen Glass Ceramic Shield එකක් යොදා ගැනීමට ඇපල් සමාගම කටයුතු කර තිබෙනවා.Pill-shaped කැමරාවමෙතෙක් කල් පැවති හැඩය වෙනස් කරමින් iPhone 16 හරහා ඇපල් සමාගම නව පෙනුමක් ලබා දීමට කටයුතු කර තිබෙන්නේ සිරස්ව පිහිටි pill-shaped කැමරා පද්ධතියක් ලබා දීමෙනි. 48MP Primary Fusion wide සහ 12MP ultra-wide sensor එකකින් මේ කැමරා පද්ධතිය බල ගැන්වෙන අතර මේ හරහා iPhone 16 සඳහා Macro Photography පහසුකම හිමිවනවා. මේ කැමරා පද්ධතිය හරහා වැඩි details සහිත low-light shots ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇති බව ඇපල් සමාගම සඳහන් කර සිටියා.Camera Control ButtoniPhone 16 සහ 16 Plus සඳහාද කැමරාව සඳහා වන නව Camera Control button එක ලබා දීමට කටයුතු කර ඇති අතර ඒ හරහා කැමරා ඇප් එක විවෘත කිරීම, දෙපසට swipe කිරීම හරහා zoom in සහ zoom out කිරීම, Focus adjust කිරීම සහ තවත් දෑ සිදු කිරීමේ හැකියාව පරිශීලකයන්ට ලැබී තිබෙනවා. මේ Camera control button එක Visual Intelligence පහසුකම් සඳහාද සහය දක්වනු ලබනවා.මීට අමතර ඇපල් සමාගම විසින් ඔවුන්ගේ පෙර පැවති Mute switch එක සඳහා සමු දෙන්නේ iPhone 16 සහ 16 Plus වෙතද progammable Action Button එක ලබා දීමත් සමඟිනි.A18 Bionic chipsetමේ දුරකතනයන් ද්විත්වයම බලගැන්වෙන්නේ නවතම A18 Bionic chipset එක මඟිනි. මෙය second-gen 3nm technology එක භාවිතයෙන් නිර්මාණය කර ඇති අතර මේ සතුව 6-core CPU එකක් 5-core GPU එකක් සහ 16-core Neural Engine එකක් සතු වනවා. වසර දෙකක් පුරාවට iPhone Vanilla models සඳහා එකම chipset එක භාවිතා කිරීමෙන් අනතුරුව ඇපල් සමාගම iPhone 16 සඳහා A18 Bionic chipset එක භාවිතා කිරීමට කටයුතු කර තිබෙනවා. මේ හරහා Apple Intelligenceහි පහසුකම් සඳහා වන සහය ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.අනෙකුත් තොරතුරුමෙ දුරකතන දෙකම Super Retina XDR OLED display වලින් සමන්විත වන අතර iPhone 16 සහ 16 Plus පිළිවෙලින් අඟල් 6.1ක සහ අඟල් 6.7ක තිරයන්ගෙන් යුක්ත වනවා. මෙවරත් ඇපල් සමාගම මේ මාදිලි දෙක සඳහා නම් ලබා දී තිබෙන්නේ 60Hz display පමණි. මෙම දුරකතන 128GB, 256GB, යන 512GB ධාරිතාවයන්ගෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා. |
සංවේදී අන්තර්ගතයන් පිළිබඳව දැනුම් දීමේ නව පහසුකමක් iOS 17 වෙත | Apple සමාගම පසුගිය අප්‍රේල් මාසයේදී පමණ iPhones සඳහා Communication Safety නමින් නව විශේෂාංගක් හඳුන්වා දුන් අතර මේ ඔස්සේ Message හරහා ලැබෙන Nude Image සහ Video ආදිය එක වර නැරඹිමේ හැකියාව අවහිර කරනු ලබනවා. එනම් මේ විශේෂාංගය හරහා එවැනි ඡායාරූප නැරඹිමේ සහ බෙදා ගැනිමේ හැකියාව අවහිර කරනු ලබනවා.කෙසේ වෙතත් මෙලෙස Message සඳහා හදුන්වා දුන් මේ විශේෂාංගයේ මුලික අරමුණ වුයේ ළමුන් අනවශ්‍ය නිරැවත් ඡායාරූප ආදිය නැරඹිම සහ හුවමාරු කර ගැනිම වැළැක්වීමයි.ඊයේ දිනයේදී හදුන්වා දුන් iOS 17 සංස්කරණයත් සමඟ Message App එක සඳහා පමණක් සීමා නොවි අනෙක් Apps ද ඇතුළුව iPhones භාවිත කරන සියලුම පරිශීලකයන්ට මේ පහසුකම ලබා දීමට තිරණය කර තිබෙනවා. ඒ නව Sensitive Content Warning විශේෂාංගයත් සමඟයි.Image Source -Engadget.comමොකක්ද මේ iOS 17 සමඟ හිමි වන වැඩි දියුණු කරන ලද Communication Safety විශේෂාංගය ?iOS 17 සංස්කරණයත් සමඟ iPhones සඳහා හදුන්වා දුන් මේ විශේෂාංග ඔස්සේ සංවේදී / නිරුවත් ඡායාරූප හෝ විඩියෝ අපගේ iPhone එකට ලැබුණ විට, ඒවා අප දැකීමට පෙර ස්වයංක්‍රීයවම බොඳ (Blur) කිරීම සිදු වනවා.Image Source -Androidauthority.comමෙම විශේෂාංග Messages app, Facetime messages, AirDrop, contact posters in the phone app සහ WhatsApp, Snapchat වැනි Third-party apps සඳහා ද ක්‍රියාත්මක වන බව ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා. ඒ වගේම මෙම විශේෂාංගය එම Device එක තුළම ක්‍රියාත්මක වන බැවින් Apple සමාගමට හෝ වෙනත් තෙවන පාර්ශවයකට මේ අන්තර්ගතයන් සඳහා ප්‍රවේශ විමේ හැකියාවක් නොමැති බවත් Apple සමාගම විසින් දක්වා තිබෙනවා. |
ජපානය Nokia සමඟින් එක්ව තප්පරයට පෙටාබයිට් එකක වේගයකින් 6G ජාලය අත්හදා බලයි | නිකුත් වීමට තවත් දශකයකට ආසන්න කාලයක් ගත වෙත්ද ජපානය විසින් නවතම 6G telecommunication ජාලය ගොඩනගමින් පවතින බවට අප ඔබට මීට පෙර වාර්තා කළා.ලොව ප්‍රථම වරට Standard Cladding Diameter Multi core Fiber සමගින් තත්පරයට Petabit 1ක සාර්ථක සම්ප්‍රේෂණයක් ජපානය නිවේදනය කල බවට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (NICT) ජපන් ජාල පර්යේෂණ අංශය විසින් සදහන් කරනු ලැබුවා.ජපානයේ ප්රමුඛ පෙළේ ජංගම දුරකථන සේවා සපයන්නෙකු වන NTT DOCOMO හි මව් සමාගම වන NTT (Nippon Telegraph and Telephone Corporation) ආයතනය විසින් ජුනි 6 වෙනි දින නිවේදනය කරනු ලැබුවේ ජපානයේ Telecommunication device නිෂ්පාදකයින් වන NEC, Fujitsu සහ ෆින්ලන්තයේ Telecommunication device නිෂ්පාදක Nokia යන ආයතන විසින් 2030 වසරේදී ඉලක්කගත 6G commercial සේවාව දියත් කිරීම අරමුණු කරගෙන නව ජංගම සන්නිවේදන තාක්ෂණයන් පිළිබඳ පර්යේෂණාත්මක අත්හදා බැලීම් සිදු කිරීමට ජපානය විසින් සැලසුම් කරන බවයි.Petabit එකක් bit මිලියන හතරකට හෝ gigabit මිලියනයකට සමාන වේ. 5G ජාලය තත්පරයකට gigabit 10ක (Gbps) උපරිම දත්ත සම්ප්‍රේෂණ වේගයකින් යුක්ත වන අතර ඒ හේතුවෙන් NICT විසින් කළ demonstration එකෙහි දී පෙරට වඩා 100,000 ගුණයකින් වේගවත් විය.2020 දී 5G ජාලය සදහා International Mobile Communications requirements ලෙස 20Gbps උපරිම downlink data rate එකක්ද, 10Gbps උපරිම uplink data rate එකක්ද හදුන්වා ඇති නමුත් භාවිතයේදී එය සැලකිය යුතු ලෙස අඩු වනවා. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ තොරතුරු වලට අනුව තත්පරයකට Petabit එකක්, තත්පරයට 8K විකාශනය වන නාලිකා මිලියන 10 කට සමාන වනවා.මේ අදර්ශනය සඳහා Optical Fiber Cable යොදා ගන්නා ලදී. NICT හි වාර්තාවකට අනුව මෙසේ Fiber Optical Cable භාවිතා කිරීම ඉතා ඉහළ සම්බන්ධතා සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ප්‍රධාන පියවරක් වනවා.පවතින යටිතල පහසුකම් සමගින් කිසිදු ප්‍රමාද කාලයක් නොමැතිව ඉතා අධිවේගීව ගමන් කරන දත්ත සම්ප්‍රේෂණ තාක්ෂණයක් ලෙස මෙම 6G ජාලය හදුන්වනවා. නමුත් එය NTT DOCOMO සමාගමේ මාධ්‍ය නිවේදනයේ පහත පරිදි දක්වා ඇත.‘‘Launching the envisioned 6G services will require verification of numerous new mobile technologies, including those needed to newly use frequencies in the millimeter and sub-terahertz (above 6 GHz) bands, in addition to bands for existing 5G services. The trials are also expected to verify AI-based wireless transmission methods. DOCOMO and NTT will jointly conduct experimental trials with the three vendors, focusing on mobile technologies using new 6G frequency bands and AI-based wireless technology among these various mobile technologies.’’‘’The new 6G system will greatly exceed the performance of 5G and simultaneously provide high-speed, large capacity, and low latency capabilities, use new high-frequency bands such as sub-terahertz bands above 100 GHz, expand communication coverage in the sky, at sea and in space, and enable both ultra-low-power consumption and low-cost communications.’’ඒ අනුව ලබන වසරේ මාර්තු අවසාන වන විට මෙම 6G ජාලයෙහි ගෘහස්ථ හා ඒළිමහන් අත්හදා බැලීම් ආරම්භ කිරීමට සැලසුම් කරන බව මෙම ආයතන විසින් වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.6G AI-native air interface එනම්, රැහැන් රහිත සන්නිවේදන මාධ්‍යයේ ස්ථාන දෙකක් අතර ප්‍රවේශ මාදිලිය හෝ සබැඳියක් Nokia ආයතනය විසින් සපයනු ලබනවා.NEC සහ Fujitsu ආයතන විසින් බෙදා හරින ලද MIMO (Multiple-Input Multiple-Output) උපකරණ මගින් ලැබෙන සංඥා එකවරම සම්ප්‍රේෂණය කිරීම සහ ඒවා වෙන් කර හදුනා ගැනීම මගින් සන්නිවේදන ජාලයේ ධාරිතාව වැඩි කරනවා.NEC ආයතනය විසින් Angular Momentum transmission භාවිත කරන අතර ඒ තුලින් අධි සංඛ්‍යාත වල radio තරංග transmit කල හැකි වනවා. එය AR තාක්ෂණය භාවිත කරමින් සිදු කරන Signal processing optimization සදහාද සහය දෙනවා.gallium nitride (GaN) සහ indium phosphorus (InP) වැනි අර්ධ සන්නායක සංයෝග භාවිතා කරමින් අධි සංඛ්‍යාත රැහැන් රහිත උපාංග නිෂ්පාදනය කිරීම Fujitsu ආයතනය විසින් අරමුණු කරනවා. සාමාන්‍ය සිලිකන් අර්ධ සන්නායකවලට වඩා මෙම GaN සහ InP සංයෝගවල ඉලෙක්ට්‍රෝන සංචලනය වැඩි බැවින් වේගවත් ක්‍රියාකාරිත්වයක් ඒවා විසින් ලබා දෙනවා.දැඩි තරගකාරිත්වය හමුවේ ජපානය සහ NOKIA ආයතනය මේ සම්බන්ධව ඉදිරියෙන් සිටින නමුත් යුරෝපය, දකුණු කොරියාව, ඇමරිකාව සහ චීන යන රටවල් වල සමාගම්ද මේ වන විට මෙම නවතම ජාලය පිළිබද පර්යේෂණ සංවිධානය කරමින් සිටිනවා.කෙසේ නමුත්, ජපානය සතුව මේ පිළිබදව විශේෂ දැනුමක් පවතින අතර ඒ හේතුවෙන් මෙය ඔවුන්ගේම නව නිෂ්පාදනයක් වීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා.Sources:asiatimes.com |
Telegram හරහා ලැබුණු File එකක් direct download කරන්නේ කොහොමද? | ඔන්න අද කියල දෙන්න යන්නේ ගොඩක් ම පහසුවෙන් Telegram වල තියෙන File එකක් ඔයාගේ Browser එකෙන් හෝ ඕනෑම Download Manager එකකින් Direct Download කරන විදිය. ඉස්සෙල්ලම Telegram ගැන දැනගන්න ඕන අයමේ Article එකකියවල බලන්න.ඔයාගේ Telegram Download ස්පීඩ් එක ගොඩයි අඩුයිද?එහෙනම් අපි බලමු කොහොමද මේ Telegram File එකක් High speed Download කරන්නේ කියල. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ Films, Games Download කරන අයට.අපි මේකට භාවිතා කරන්නේ Telegram වල ඉන්න Bot කෙනක්.ඔයාට කරන්න තියෙන්නේ@FilesToLinkXBotගේ ඇතුලට යන්න. ඔයාට මේක Username එක උඩ click කරලා හරි, Telegram Search Bar එකේ Type කරලා හරි Bot ව පහසුවෙන් හොයාගන්න පුළුවන්.ඊටපස්සේ ඔයාට කරන්න තියෙන්නේ Bot ව Start කරන එක. Bot ගෙ /start කියන Button එක click කරලා හෝ /start කියල Type කරාම ඔයාට Puluwan Bot ව Start කරගන්න.ඊටපස්සේ ඔයාලට Msg එකක් එයි Jᴏɪɴ ᴍʏ ᴜᴘᴅᴀᴛᴇ ᴄʜᴀɴɴᴇʟ ᴛᴏ ᴜsᴇ ᴍᴇ කියල. ඔයාට තියෙන්නේ එතන එන Button එකෙන් ඒ Channel එකට Join වෙන්න. ඊටපස්සේ ඔයාට පුළුවන් ආපහු Bot ව start කරන්න.දැන් කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්. ඔයාට Download කරන්න ඕන File එක හෝ Video එක මේ Bot ට Forward කරන්න. ඔයා File එක දැම්ම ගමන්ම Bot ඔයාට Direct Link එකක් දෙනවා. දැන් ඉතින් ඔයාට පුළුවන් ඒ ලින්ක් එක උඩ Click කරලා Browser එකෙන් ඒ File එක Direct Download කරගන්න.ඔයා IDM, XDM හෝ ADM භාවිත කරනවානම් ඔයාට තියෙන්නේ ඒ Link එක Copy කරලා අදාළ App එකේ Paste කරන්න.ඔන්න ඉතින් මේ විදියට ඔයාට පුළුවන් ඕනෑම Telegram File එකක් High Speed Download කරගන්න. |
iPhone 14 Proහි කැමරාව සෙලවීමේ දෝෂය ලබන සතිය වන විට නිරාකරණය කරන බව ඇපල් සමාගම ප්‍රකාශ කරයි | මීට පෙර දිනයකදී iPhone 14 Pro මාදිලියේ ජංගම දුරකතන වලකැමරාවේ shaking issue එකක්ඇති බවට පුවතක් අපි ඔබට ගෙන ආවා මතක ඇති. එහිදී සිදුවූයේ Snapchat, Instagram, TikTok වැනි තෙවන පාර්ශවීය යෙදවුම් භාවිතාවේදී කැමරාව අදීක වේගයකින් ශබ්දයක් නගාගෙන සෙලවීමට පටන් ගැනීමයි.මෙම ගැටළුවට හේතුව වී ඇත්තේ optical image stabilization සඳහා වන hardware උපාංග නිසි අයුරින් ක්‍රියා නොකිරීමයි. මේ පිලිබඳව අදහස් පල කරමින් ඇපල් සමාගමේ ප්‍රකාශකයෙකු විසින් CNET වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන් විසින් මෙම ගැටළුව පිළිබඳව සැලකිලිමත් වන බවත් ඉදිරි සතියේදී මෙය නිවැරදි කිරීමට බලාපොරොත්තු වන බවත් ය. එමෙන්ම Snapchat සමාගම විසින්ද මේ වන විට මෙම ගැටළුව නිරාකරණය කිරීම සඳහා වන ක්‍රියාමර්ග ගනිමින් සිටින බවBloombergවෙත ප්‍රකාශ කර තිබෙනවා.So uh, we’re having some issues with the 14 Pro Max camerapic.twitter.com/7HH1wLFjdF— Luke Miani (@LukeMiani)September 16, 2022iPhone 14 මාදිලීන් එලිදැක්වීමෙන් පසුව එම ජංගම දුරකතන වල තිබූ ගැටළු කිහිපයක් නිරාකරණය කරමින් iOS 16.0.1 සංස්කරණයද නිකුත් කර ඇති අතර ඒ අතර iPhone 14 Pro Max activation එකේ ඇති වූ ගැටළුව සහ zoom කිරීමේදී soft-looking වල ඇති වූ ගැටළුවද වනවා.Sources:CNETBloomberg |
Microsoft සමාගම විසින් Windows 11 පරිශීලකයන් සඳහා Windows Copilot හඳුන්වා දෙයි | AI හි නව යුගයේ, Chatbots සමඟ සියල්ල වැඩිදියුණු වන බව පෙනේ. Microsoft සමාගම විසින් Windows 11 පද්ධතිය තුලටWindows Copillotනමින් හඳුන්වන Chatbot AI හඳුන්වා දෙන බව මේ වන විටත් පවසා තිබෙනවා.මොකක්ද මේ Windows Copilot කියන්නෙ?Windows Copilot ඇසු විට ඔබට Windows 10 සඳහා ගොඩනගා ඇති “personal assistant” වන Cortana මතක් වන බව නිසකයි. කෙසේ වෙතත්, Microsoft සමාගම විසින් Windows 11 සඳහා Cortana නතර කිරීමට තීරණය තර තිබෙන බවත් ඔබ දන්නවා ඇති.ඒ වෙනුවට Windows Copilot පැමිණෙන්නේ, කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමට AI භාවිතා කරන වඩාත් බලවත් විකල්පයක් විදිහටයි.Image Source -makeuseof.comඔබ Bing Chat ගැන නුහුරු නම්, Bing Chat යනු Real-time සංකීර්ණ ප්‍රශ්නවලට පවා පිලිතුරු දිය හැකි AI chatbot එකක් ලෙස Microsoft සමාගම විසින් 2023 මුල් භාගයේදී එලිදක්වන ලද්දක් ලෙස සරලව හඳුන්වා දෙන්න පුලුවන්. Microsoft දැන් Bing Chat සෘජුවම Windows Copilot වෙත ඒකාබද්ධ කර ඇති බවට මේ සමඟ දක්වන්න පුලුවන්.Windows Copilot සමඟ අප හට කුමක් කළ හැකිද?Windows Copilot සමඟ ඔබට ඉටු කළ හැකි බොහෝ දේ ඇත. සරලවම ඔබට windows 11 පරිගණකයේ ඇති ඕනැම Settings වර්ගයක් Windows Copilot හට කීමෙන් සකසා ගැනීමට හැකි වේ.ඒ වගේම Windows Copilot හට ඔබේ Documents සමග වැඩ කිරීමට හැකියාවක් ඇති අතර ඒවා නැවත ලිවිමට, සාරාංශ කිරීම වැනි බොහෝ දේ Windows Copilot හරහා ඔබ කිරීමේ හැකියාව ලැබෙනු ඇත.Windows 11 හි Windows Copilot ලබා ගන්නේ කෙසේද?Windows CopilotWindows Insider Programසඳහා ලියාපදිංචි වි ඇති පරිගීලකයින් හට පමනක් දැනට ලබා දෙන බව Microsoft සමාගම දක්වා තිබෙනවා.Sources:Windows BlogMakeuseof |
Voice messages සඳහා වන Playback speed පහසුකම WhatsApp beta සංකරණය සඳහා නිකුත් කරයි | WhatsApp Voice Messages සදහා මිට මසකට පමණ පෙර WabetaInfo Twitter ගිණුමේ දැක්වු පරිදිම වෙනස් Play Back Speeds මගින් Voice Messages සදහා සවන්දිමේ හැකියාව ලබා දි තිබෙනවා.? WhatsApp beta for Android 2.21.6.11: what’s new?WhatsApp is working on 3 different playback speeds for voice messages, with a nice UI!The feature is under development and it will be available later for iOS and Android beta builds.More details:https://t.co/pO1GAVIL8lpic.twitter.com/it4MlwCIyB— WABetaInfo (@WABetaInfo)March 18, 2021ඒ අනුව WhatsApp Beta Usersලා සදහා මේ වෙන විට මේ Feature එක සහිත Beta Update එක නිකුත් කර තිබෙනවා. මිට අනුව ඔබ WhatsApp Voice Message එකක් Play කරන විට එහි දකුණු පස කෙලවරේ Play Back Speed සංකේතය දැකිය හැකි වෙනවා. ඒ මගින් ඔබට අවශ්‍ය Play Back Speed එක සකසා ගත හැකි වෙනු ඇත.Play Back Speed සංකේතය මගින් ඔබට අවශ්‍ය පරිදි Play Back Speed එක 1x, 1.5x හා 2x ආදි ලෙස සකසා ගත හැකියි.මේ වෙන විට මේ Play Back Speed එක සහිත Beta Update එක බොහෝ WhatsApp Beta Usersලා සදහා ලැබි ඇති අතර ඉදිරියේ එය WhatsApp Stable Version එක සදහාත් ලබා දෙනු ඇත.Source :WhatsApp Beta Info |
WhatsApp නැවත වතාවක් අක්‍රිය වේ | ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන WhatsApp දුරකථන යෙදවුම ක්‍රියා විරහිත වීමක් සිදුවී ඇත. මෙලෙස WhatsApp සේවාව යම්කිසි දෝශයකට ලක්වීම මෙරට වේලාවෙන් අද දින පස්වරු 12.30 පමණ සිට ආරම්භ වී ඇති අතර එහිදී WhatsApp පරිශීලකයන් සඳහා "Connecting WhatsApp" ලෙසට සඳහන් වන පණිවුඩයක් ලැබීමද සිදුවී ඇත.Ookla විසින් පිහිටුවා ඇතිDowndetectorවෙතට මේ වන විට මෙම බිඳවැටීම පිළිබඳව පැමිණිලි 69,000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර තවදුරටත් මේ පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතී. මෙම බිඳවැටීම ලොව පුරා වාර්ථා වන අතර බොහෝ පිරිසක් මෙම හේතුව නිසා අපහසුතාවයට පත්වීමට ලක් වී ඇත. මේ වන විට ලැබී ඇති පණිවුඩ අතරින් 55% ක ප්‍රමාණයක් Message Send කිරීමේදී ඇතිවන දෝශ පිළිබඳවත්, 40% ක ප්‍රමාණයක් Server Connection දෝශ පිළිබඳවත් සහ 5% ක ප්‍රමාණයක් WhatsApp යෙදවුම හා සම්බන්ධ වෙනත් දෝශ පිළිබඳවත් වාර්තා කර ඇත.පහත සඳහන් තොරතුරු මත පිවිසීමෙන් ඔබට මෙහි නවතම වාර්තා නිරීක්ෂණය කළ හැක.Downdetector වෙත ලැබී ඇති පැමිණිලිමෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් Meta හි ප්‍රකාශකයෙකු වන Joshua Breckman පවසා ඇත්තේ මෙම තත්ත්වය ඉතාමත් ඉක්මණින් යථාතත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.Meta සමාගමට ම අයත් වන අනෙකුත් සමාජ ජාල සඳහ මෙම දෝශය බලපෑමක් ඇති කර නොමැති අතර මෙය WhatsApp සඳහා පමණක් බලපා ඇති බව තවදුරටත් සඳහන් වේ.#UPDATE| "We're aware that some people are currently having trouble sending messages and we're working to restore WhatsApp for everyone as quickly as possible," says Meta Company Spokesperson— ANI (@ANI)October 25, 2022මේ පිළිබඳව තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා Android වැඩකාරයෝ සමග රැඳී සිටින්න.Sources:downdetector.co.ukindianexpress.comwww.theverge.com |
විදුලි කප්පාදුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවාවන් මන්දගාමී වෙන්නේ මෙහෙමයි | මේ වෙන විට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වෙන විදුලි කප්පාදු කිරිම් නිසා දිවයින පුරාම අන්තර්ජාල වේගය අඩාල වි පවතින බවට වාර්තා වෙනු ලබනවා. මේ පිළිබඳ අප ඊයේ දිනයේදි අප Facebook පිටුව ඔස්සේ සිදු කරන ලද තොරතුරු ලබා ගැනීමට අනුවත් මේ බව තහවුරු වෙනු ලබනවා.සාමාන්‍යයෙන් විදුලි විසන්ධි වු පසු දුරකථන සංඥා කුළුණු ජෙනරේටර් හෝ backup battery ආධාරයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වුවත්, මේ වෙන විට රටපුරා පවතින ඉන්ධන අර්බුදය නිසා එම ජෙනරේටර් සදහා ඉන්ධන සපයා ගැනිම ඇනහිට තිබෙනවා. එමෙන්ම අඛණ්ඩව විදුලි බලය ල්බා ගැනීම නොහැකි වීම නිසා backup battery වල බලය විදුලි විසන්ධි කරන කාලයට ප්‍රමාණවත් නොවන බව දුරකතන සේවා සපයන ආයතන වල අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා අපට තොරතුරු ලැබුනා. මේ හේතුව නිසා බොහෝ දුරකථන සංඥා කුළුණුවල Interference Reduction පද්ධතිය අක්‍රීය වෙනු ලබනවා.මේ Interference Reduction පද්ධතිය 3G සහ 4G වැනි ඉහළ වේගවලින් දත්ත සම්ප්‍රේෂණය සදහා අත්‍යාවශ්‍ය වෙන අතර මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීම සදහා වැඩි බලයක්ද අත්‍යාවශ්‍ය වෙනවා. මෙම බලය විදුලිය නොමැති අවස්ථාවල ජෙනරේටර් මගින් සපයනු ලබන අතර මේ වෙන විට පවතින ඉන්ධන අර්බුදය නිසා ජෙනරේටර් ක්‍රියාත්මක නොවන බැවින් මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරිමට දුරකථන සංඥා කුළුණුවල පවතින Backup Battery Power එක ප්‍රමාණවත් නොවේ.මෙලෙස Interference Reduction පද්ධතිය ක්‍රියාත්මක නොවිම නිසා 3G හා 4G තාක්ෂණයන් ඔස්සේ දත්ත සම්ප්‍රේෂණය අඩාල වි 2G තාක්ෂණය ඔස්සේ පමණක් Backup Battery Power එක උපකාරයෙන් දත්ත සම්ප්‍රේෂණය සිදු විම ආරම්භ වෙනු ලබනවා.එනම් මෙහි ප්‍රතිඵලයක් ලෙස විදුලිය විසන්ධි වු පසු ජෙනරේටර් ක්‍රියාත්මක නොවන දුරකථන සංඥා කුළුණුවල අන්තර්ජාල වේගය 384kbps පමණ අගයක් දක්වා පහත යාම සිදු වෙනවා.මෙලෙස 2G තාක්ෂණය පමණක් ක්‍රියාත්මක විම දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ වැනි සේවා සදහා ප්‍රමාණවත් වුවාත් අන්තර්ජාල කටයුතු සදහා ප්‍රමාණවත් නොවෙන අතර ඒ ඒ දුරකථන සමාගම් සපයන HD Voice හා VoLTE ආදී අතිරේක සේවාවන් ද මේ සමග අක්‍රීය වෙනු ලබනවා. එමෙන්ම මේ අවස්ථාවලදී දුරකථන සමාගම් විසින් Home Broadband සේවාවන් සදහා සපයා ඇති Router වෙනත් ක්‍රමවලින් ක්‍රියාත්මක කිරිමෙන් කිසිදු පළක් නොමැති වෙනවා.මේ පිළිබඳ Twitter සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වෙන නාමල් රාජපක්ෂ මහතාගෙන් සිදු කරන ලද විමසීමකට ප්‍රතිචාර ලෙස සදහන් කර ඇත්තේ මෙම ගැටලුවට දිගු කාලින විසදුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරිම පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි.I understand the frustration, we are doing our utmost to fix it all the solutions are long term. Renewable energy is one solution & we are in the process of changing laws & regulations to accommodate it.— Namal Rajapaksa (@RajapaksaNamal)March 30, 2022 |
Samsung Galaxy S24 Ultra සඳහාත් මෙගාපික්සල් 200ක කැමරාවක්? | නිකුත් වීමට නියමිත Galaxy S24 Series එක පිළිබඳව නිකුත් වූRumors කිහිපයක්අපි මීට පෙර ඔබට වාර්තා කළා ඔබට මතක ඇති. වාර්තා වන තොරතුරු වලට අනුව මේ මාදිලියේ Ultra Device එක සඳහා මෙගා පික්සල් 200කින් යුත් ප්‍රධාන කැමරා Sensor එකක් භාවිතා වනු ඇතැයි සඳහන් වනවා.මෙම 200MP Senor එක ISOCELL HP2SX ලෙසින් හඳුන්වන අතර එය S23 Ultraහි භාවිතා කරන ලද Sensor එක වූ ISOCELL HP2හිම Optimized Version එකක් බවයි තොරතුරු වාර්තා වන්නේ. මෙම නව Sensor එකෙහිද පෙර පරිදිම තනි පික්සලයක ප්‍රමාණය 0.6µmක් වනවා.Exclusive: Galaxy S24 Ultra main camera HP2SX, with the same specifications as HP2,200MP, 1/1.3 ",0.6μm.Looks like an optimized version of HP2.pic.twitter.com/BLNVRgwS1W— ICE UNIVERSE (@UniverseIce)September 1, 2023Galaxy S24 Ultra Device එක පිළිබඳව වාර්තා වී ඇති අනෙකුත් rumors පිළිබඳ සලකා බැලූ විට එහි Display එක අඟල් 6.78 ප්‍රමාණයක් සමඟ 19.5:9 ක Aspect Ratio එකකින් යුත් 3,120*1,440ක Resolution එකකින් පැමිණිය හැකි බවත් සඳහන්. තවද එහි උපරිම Brightness ප්‍රමාණය Nits 2,500ක තරම් ඉතා ඉහළ අගයක් ගනු ඇතැයිද වාර්තා වනවා.Battery එක සහ Charging පිළිබඳ කතා කළ විට 5,000mAhක Battery එකකින් යුක්ත විය හැකි අතර 45Wක wired charging එකක්, 15W wireless charging එකක් සහ 4.5Wක Reverse Charging එකක් ද බලාපොරොත්තු විය හැකිවනවා.මෙලෙස වාර්තා වී ඇති තොරතුරු කිසිවක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර Galaxy S24 Series එක මීළඟ වසරේ පෙබරවාරි මාසයේදී පමණ නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිවනවා.ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.Source:androidauthority.com |
හදුන්වාදෙන Telegram Business | 2024 මාර්තු 31 සිට, ඕනෑම කෙනෙකුට තම telegram ගිණුම Business ගිණුමක් බවට පත් කළ හැකිය. එමෙන්ම opening hours, location, quick replies, automated messages, custom start page, chatbot support සහ තවත් දේ වැනි ව්‍යාපාරික විශේෂාංග වෙත ප්‍රවේශය ලබා ගත හැකිය.Telegram Business හඳුන්වා දීමව්යාපාර විසින් බහුලව භාවිතා කරන ලද බලවත් Bots සහ Mini-Apps තැනීමට Telegram දිගු කලක් තිස්සේ developersලා හට ඉඩ දී ඇත.මෙතැන් පටන්, ඕනෑම පරිශීලකයෙකුට කිසිම කේතකරණ කුසලතාවකින් තොරව, පහසුවෙන්Business Featuresභාවිතා කළ හැක.Hours and Locationව්‍යාපාරවලට ඔවුන්ගේ ක්‍රියාකාරී වේලාවන් ප්‍රදර්ශනය කිරීමට සහ maps හරහා ඔවුන්ගේ ස්ථානය පෙන්වීමට හැකිය.0:00/0:031×පරිශීලකයින් ඔබගේ ව්‍යපාරයට ලගාවිය හැක්කේ කෙසේදැයි දැන ගනු ඇති අතර ඔබ විවෘතව සිටින්නේ දැයි ඉක්මනින් බලාගත හැකිය.0:00/0:031×Start Pageව්යාපාරවය සමග සංවාදයක් ආරම්භ කිරීමට පෙර පුද්ගලයින් දකින්නේ කුමනTextසහstickerද යන්න තෝරා ගැනීමෙන් ඔවුන්ගේ ආරම්භක පිටුව customize කළ හැකිය.0:00/0:091×මෙය ඔබට නිෂ්පාදන සහ සේවා පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කිරීමට හෝ branded artworks සමඟ ගනුදෙනුකරුවන් පිළිගැනීමට ඉඩ සලසයි.Quick RepliesTelegram Business ඔබටquick repliesනිර්මාණය කිරීමට ඉඩ සලසයි. Quick replies යනු පණිවිඩ කිහිපයක් සහ text formatting, links, stickers, media සහ files අඩංගු විය හැකි පෙර සැකසූ පණිවිඩ යැවීම සඳහා වන shortcuts වේ.0:00/0:101×මෙය ඔබට ඔබේ පාරිභෝගිකයින්ට නිතර අවශ්‍ය වන පන්ති කාලසටහනක් හෝ ඔබේ මෙනුව සමඟ PDF එකක් වැනි තොරතුරු ඉක්මනින් යැවීමට උදවු කරයි.පණිවිඩ තීරුවේ / එකක් ටයිප් කිරීමෙන් ඔබගේ සියලු quick replies සහිත පැනලයක් පෙන්වයි - ඔබට එක tap කිරීමකින් යැවීමට හෝ සංස්කරණය කිරීමට හැකිය. මෙය ක්‍රියා කරන්නේ personal chats වල මිස groups වල නොවේ.Greeting Messagesවැඩි automation සඳහා, ඔබට පළමු වරට ඔබව සම්බන්ධ කර ගන්නා පරිශීලකයින්ට යවනු ලබන Greeting Message එකක් සැකසිය හැක. මෙය ඔවුන්ට වැදගත් තොරතුරු සහිත instant reply එකක් ලබා ගැනීම සහතික කරනු ඇති අතර, නැතහොත් හුදෙක් මිත්‍රශීලී hello කීමකි 👋0:00/0:041×ඔබේ greeting එක තුළ නිතර අසන ප්‍රශ්නවලට පිළිතුරු හෝ ඔබේ ව්‍යාපාරය පිළිබඳ වැඩි විස්තර ද ඇතුළත් විය හැකිය.ඔබගේ greeting නැවත යැවීමට නව පණිවිඩයක් ලැබෙන කාල සීමාවක් ඔබට නියම කළ හැක.Away Messagesඔබට ඔබේ ව්‍යාපාරය වසා ඇති විට හෝ ඔබ නිවාඩුවක් ගත කරන විට යැවිය යුතු පණිවිඩයක් ද සැකසිය හැක.0:00/0:041×මේ ආකාරයෙන් ඔබේ ව්‍යාපාරයෙන් ප්‍රතිචාරයක් අපේක්ෂා කළ හැක්කේ කවදාදැයි සැමවිටම මිනිසුන් දැන ගනු ඇත.මිතුරන්ට, පවුලේ අයට හෝ සේවකයින්ට business messages යැවීම වැළැක්වීමට, ඔබට නිශ්චිත chats හෝ සම්පූර්ණ chat categories බැහැර කිරීමට හැක.Tags for ChatsTelegram Business හෝ Premium සමඟින්, ඔබට ඔවුන් සිටින chat folder මත පදනම්ව ඔවුන්ට අනන්‍ය tag ලබා දෙමින් chats වෙතcoloured labelsඑක් කළ හැක.0:00/0:031×මෙය ඔබට ඔවුන්ගේ තත්ත්වය, අවශ්‍යතා, හෝ ප්‍රමුඛතා මට්ටම මත පදනම්ව ඔබේ chat list එකේ සිටින පාරිභෝගිකයන් අතර ඉක්මනින් වෙන්කර හඳුනා ගැනීමට උදවු කරයි.සියලුම Telegram පරිශීලකයින්ට ඔවුන්ගේ chats සංවිධානය කිරීමට Work, School, News සහ තවත් දේ සඳහා chat ලැයිස්තුවට වෙනම tab එක් කිරීම මගින් custom chat folders සෑදිය හැකිය.Links to Chatගනුදෙනුකරුවන් වෙත ළඟා වීම වඩාත් පහසු කිරීමට, ඔබට ඔබේ ව්‍යාපාරය සමඟ chat කිරීමට මේසයක් වෙන් කරවා ගැනීමට හෝ ඇණවුමක් නිරීක්ෂණය කිරීමට බොත්තමක් වැනි links සෑදිය හැක. tap කළ විට, මෙම links ක්ෂණිකව ඔබ සමඟ කතාබහක් විවෘත කර පරිශීලකයා සඳහාsuggested messageඑකක් ලබාදෙයි.0:00/0:091×ඔබට මෙම linksTelegram ඇතුළත සහ පිටතයන දෙකටම භාවිතා කළ හැක - ඔබේ වෙබ් අඩවියේ link එකක සිට අවන්හල් මෙනුවකQR කේතයක්දක්වා.සෑම link එකක්ම එය කොපමණ වාර ගණනක් tap කර ඇත්දැයි පෙන්වයි, එවිට ඔබට එහික්රියාකාරිත්වය නිරීක්ෂණයකළ හැක.Chatbots for BusinessBusiness Usersලාට ඔවුන් වෙනුවෙන් පණිවිඩ සැකසීමට සහ පිළිතුරු සපයන Telegram bots සම්බන්ධ කළ හැක. මෙය ව්‍යාපාරවලට පවතින ඕනෑම මෙවලම් සහ කාර්ය ප්රවාහයන් බාධාවකින් තොරව integrate කිරීමට හෝ ඔවුන්ගේ chats කළමනාකරණය කරන AI සහායකයින් එක් කිරීමට ඉඩ සලසයි.0:00/0:081×Chatbot එකක් එක් කරන විට, ඔබට bot හට ප්‍රවේශ විය හැකි chats configure කළ හැක - එනම් ඔබගේ contacts සමඟ ඇති සියලුම Chats Exclude කර New Chats වලට පමණක් ප්‍රතිචාර දැක්වීම වැනි ආකාරයට.මෙය Telegram Bots සඳහා නව යුගයක් විවෘත කරයි - Business Automate කිරීමට සහ Telegram භාවිතා කරන්නන් සමඟ ඔවුන්ගේ සන්නිවේදනය වැඩිදියුණු කිරීමට උපකාරී වන නව සේවාවන් නිර්මාණය කිරීමට අපි සියලු සංවර්ධකයින්ට ආරාධනා කරන්නෙමු. වැඩි විස්තර සඳහා අපගේBot Manualsබලන්න.Telegram විසින් ඉදිරි යාවත්කාලීනයන්හිදී Business සඳහා නව විශේෂාංග හඳුන්වා දෙනු ඇත. මේ මොහොතේ, සියලුම Telegram Business විශේෂාංග Premium ග්‍රාහකයින්ට නොමිලේ ලබා ගත හැකිය. ඔබට ඒවාSettings > Telegram Businessහරහා සොයා ගත හැක.Source:telegram.org |
Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වාදේ: TikTok Notes | TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශීලකයන් වෙත ලබා දී ඇති අතර මෙය සෑම දෙනාටම තවමත් ලබා ගත නොහැකියි. නමුත් පහත දැක්වෙන link හරහා ඔබට එය App Store සහ Google Play වෙතින් නිරීක්ෂණය කල හැකියි.TikTok NotesTikTok Notes is a lifestyle platform that offers informative photo-text content about people’s lives, where you can see individuals sharing their travel tips, daily recipes…App StoreTikTok Ltd.TikTok Notes - Apps on Google PlayShare, connect, discoverApps on Google PlayTikTok Pte. Ltd./2 We hope that the TikTok community will use TikTok Notes to continue sharing their moments through photo posts. Whether documenting adventures, expressing creativity, or simply sharing snapshots of one's day, the TikTok Notes experience is designed for those who would like to…pic.twitter.com/KPXJqbaOdG— TikTokComms (@TikTokComms)April 17, 2024මෙහි ඇති වඩාත්ම කැපී පෙනෙන විශේෂාංගය වනුයේ images වලට headlines යෙදිය හැකි වීමයි. මෙම පහසුකම Instagram පරිශීලකයන් වෙත ලබා නොදුන් පහසුකමකි.TikTok Notes හි මුල් පිටුව ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වන අතර එය "For You" සහ "Following" යනුවෙන් දැක්වෙනවා. එමෙන්ම feed එක තීරු දෙකකට බෙදා ඇති අතර එය Pinterestහි homepage එකට සමානතාවයක් දක්වනවා.මේ සුළු වෙනස්කම් කිහිපය හැරුණු කොට TikTok Notes යෙදුම Instagram වෙත බෙහෙවින් සමානකමක් දක්වන බවයි වාර්තා වන්නේ. Meta සමාගම මීට පෙර TikTok අනුගමනය කරමින් Instagram වෙත Reels පහසුකමද, Snapchat අනුගමනය කරමින් Stories පහසුකමද හදුන්වා දුන්නාක් මෙන් මෙවර TikTok විසින් Instagram අනුගමනය කරමින් TikTok Notes හදුන්වාදී තිබෙනවා.කෙසේ නමුත් මෙම නව යෙදුම අනෙකුත් region වලට එලිදක්වන කාල සීමාව පිළිබඳව නම් තවමත් පැහැදිලි ඉඟියක් වාර්තා වී නෑ.Source:notes.tiktok.comwww.theverge.combeebom.com |
මහජනතාවට සමාජ මාධ්‍ය ජාලයන්ට පිවිසීම අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරයි | ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාව තුල (අප්‍රේල් 2) Facebook, Twitter, WhatsApp, Viber හා YouTube ඇතුළු සමාජ මාධ්‍යයන් අවහිර කිරිමට ශ්‍රී ලංකා රජය විසින් කටයුතු කර තිබෙනවා. මේ බව NetBlocks metrics වෙබ් අඩවිය විසින් ඔවුන්ගේ Twitter ගිණුම හා වෙබ් අඩවිය මගින් තහවුරු කර තිබෙනවා.⚠️ Confirmed: Real-time network data show Sri Lanka has imposed a nationwide social media blackout, restricting access to platforms including Twitter, Facebook, WhatsApp, YouTube, and Instagram as emergency is declared amid widespread protests.📰 Report:https://t.co/XGvXEFIqompic.twitter.com/KEpzYfGKjV— NetBlocks (@netblocks)April 2, 2022මේ සදහා ආසන්නතම හේතුව ලෙස රට තුල පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව නොසන්සුන් ලෙස හැසිරීමට කටයුතු කිරිම හේතු වි තිබෙනවා. එමෙන්ම ඔබ දන්නා පරිදි මෙලෙස සමාජ මාධ්‍ය අවහිර කිරීමට අමතරව ඊයේ සවස 6 සිට ඇදිරි නිතිය පනවන්නත් කටයුතු කර තිබෙනවා.ශ්‍රී ලංකාවේ Vantage points 100 අධික සංඛ්‍යාවක් මගින් ලබා ගන්නා දත්ත මගින් මොවුන් මේ බව තහවුරු කර තිබෙන අතර පරිශීලකයන්ද මේ බව මේ වෙන විට තහවුරු කර තිබෙනවා.ඒ වගේම මේ වෙන විට මෙලෙස සමාජ මාධ්‍යයන් අවහිර කිරිම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනුත් තහවුරු කර තිබෙනවා.ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත Facebook, WhatsApp, Instagram, Twitter, YouTube වැනි සමාජ මාධ්‍ය වේදිකා තාවකාලිකව සීමා කරන ලෙසට සේවා සපයන්නන්ට උපදෙස් දෙනු ලැබේ. - අධ්යක්ෂ ජනරාල්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC)VPN ගැන මීට කලින් අපි පල කරපු ලිපියමෙතනින්බලන්න.Source:NetBlocks metrics |
Windows 11 නිල වශයෙන් එලි දැක්වීමට Microsoft ආයතනය කටයුතු කරයි; අවශ්‍යය අවම පහසුකම් මොනවාද? | ඔබට මතක ඇති අද දින( ජුනි 24 ) නව Windows සංස්කරණයක් එළිදැක්වීමට Microsoft සමාගම සුදානමින්සිටින බවට අපි ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා. ඒ අනුව මිට සුලු මොහොතකට පෙර Microsoft සමාගම විසින් ඔවුන්ගේ මීලග OS එක ලෙස Windows 11 නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.Windows 11 OS එක සදහා Windows 10 OS එකෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වු නව User Interface එකක් ලබා දිමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා. මේ Windows 11 සංස්කරණය ඔස්සේ Start Menu එකේ හා Taskbar එකේ පිහිටිම වෙනස් කර Desktop එකේ මධ්‍යයට ස්ථානගත කර තිබෙනවා. Windows 10 වල තිබු Live Tiles ඉවත් කර තිබෙන අතර එය Pin කල හැකි Icon Grid වලින් ප්‍රතිස්ථාපනය කර තිබෙනවා. ඒ වගේම Windows 10 වල නොතිබුණ නව Widgets Feature එකක්ද මේ සමග ලබා දි තිබෙනවා.මේ නව Windows 11 මගින් OS එකේ පවතින sound හා design experiences එක වැඩි දියුණු කර තිබෙන අතර Windows Snap Assist පහසුකමත් ලබා දි තිබෙනවා. ඒ හරහා විවිධ වූ ආකරයට තම තිරය මත විවිධ ප්‍රමාණයන්ගෙන් විවෘතව පවතින windows හැසිරවීමේ හැකියාව ලබා දී තිබෙන අතර මේ හරහා වැඩිම වාසියක් අත්වන්නේ තමන්ගේ වැඩ කටයුතු කිරීමේදී එක වර windows කිහිපයක් open කරගන්නා අයට මෙන්ම පළලින් වැඩි තිර භාවිතා කරන අයටයි.Windows OS එක මත ක්‍රියාත්මක වෙන Tablets සදහා ද මේ නව සංස්කරණය ඔස්සේ වැඩි දියුණු කිරිම් ලබා දි තිබෙනවා. ඒ අනුව Apps Minimizing හෝ Maximizing කිරිම සදහා නව Gestures හදුන්වා දි ඇති අතර Snap කිරිමේ හැකියාවත් ලබා දි තිබෙනවා. ඒ වගේම Windows 10වලට වඩා හොද Touch Keyboard එකක් මේ OS එක සදහා ලබා දි තිබෙනවා.මිට අමතරව File Explorer, Microsoft Store හා තවත් Apps විශාල ප්‍රමාණයක් Windows 11 සදහා Redesign කර තිබෙනවා. Skype App එක Replace කිරිම සදහා Microsoft Teams මගින් ක්‍රියාත්මක වෙන නව Chat App එකක් හදුන්වා දි තිබෙන අතර Windows 11හි Skype App එක Preinstall නොවනු ඇත.ඒ වගේම මින් පෙර කිසිදු Windows OS එකක නොමැති Android Apps සසහා සහය දැක්විමේ හැකියාව Windows 11 සංස්කරණය ඔස්සේ ලබා දිමට Microsoft සමාගම ක්‍රියාකර තිබෙනවා. මෙහිදි Microsoft store එක හරහා Android Apps Install කරන්න ලබා දෙනු ලබන්නේ Amazon Appstore එක හරහා වෙනවා.Microsoft සමාගම දක්වන ආකාරයට Windows 11 සංස්කරණය Windows 10 භාවිත කරන Usersලා සදහා නොමිලේ ලබා දෙනු ඇත.Windows 11 ඔබගේ පරිගණකයට ස්ථාපිත කරගැනීමට අවශ්‍ය අවම System requirementsඅපි දැන් බලමු මේ අලුතෙන්ම Microsoft සමාගම විසින් හදුන්වා දුන් Windows 11 අපේ පරිගණකයකට ලබා ගැනිමට නම් තිබිය යුතු අවම System Requirements මොනවද කියල.A modern 1Ghz 64-bit dual-core processor4GB RAM64GB drive9-inch display1366x768 resolutionUEFI, Secure Boot & TPM 2.0 compatibleDirectX 12 compatible graphics / WWDM 2.xඒ අනුව Microsoft Windows 11 OS එක ක්‍රියාත්මක වෙනුයේ 64-bit Processors වල පමණක් වෙන අතර 32-bit Processors සදහා මේ OS එක සහය නොදක්වනු ලබනවා. එනම් Microsoft සමාගම විසින් Windows 11 OS එකේ 32-bit Version එකක් නිකුත් නොකරනු ඇත. මේ අතරම Microsoft සමාගම විසින් Windows 11 සදහා අවශ්‍ය Drive Storage එක 64GB දක්වා ඉහල දමා තිබෙනවා.Windows 10 වලදි නම් 32GB Drive Storage එකක් ප්‍රමාණවත් වුවා. ඒ වගේම Windows 10 සදහා අවශ්‍ය අවම RAM ධාරිතාව වු 2GB අගය Windows 11හි 4GB දක්වා ඉහල දමා තිබෙනවා.ඒ වගේම Windows 11 සදහා අවම වශයෙන් අගල් 9 ක Display අවශ්‍ය වෙනවා. ඒ අනුව අගල් 9ට අඩු Display සහිත Phones හෝ Mini Tablets මගින් Windows 11 OS එක බලාපොරොත්තු විමේ හැකියාවක් නොමැති වෙනවා.නව Windows 11 OS එක සදහා UEFI, Secure Boot හා TPM 2.0 Support අවශ්‍ය වෙන අතරම මේ Requirements නොමැති නම් Windows 11 OS එක නිසි පරිදි ක්‍රියාත්මක වේ යැයි බලාපොරොත්තු විය නොහැකි වෙනවා.ඒ වගේම දැන් ඔයාට කුතුහලයක් එනව ඇති ඔයාගේ Laptop හෝ PC එක Windows 11 වලට සහය දක්වයිද, නැද්ද කියල. මෙන්න මේ Link එකෙන්PC Health Check Toolඑක Download කරලා, ඒක Install කරගෙන ඔයාගේ Laptop එක හෝ PC එක Windows 11 වලට සහය දක්වයිද කියල බලන්න. මේ තිමිර සහෝදරයාගේ එක Laptop එකක SS එකක්.මතක තබා ගන්න, එලිදැක්විම යනු නිකුත් කිරීම නොවේ. Microsoft ආයතනය පවසන අන්දමට Windows 11 update එකක් release කිරීම 2022 මුල් භාගයේදී සිදුවිය හැක.Source :Windows Central |
LG සමාගම විසින් නිපදවීමට නියමිත Rollable Smartphone එකෙහි specifications සහ මිල ගණන් තොරතුරු අන්තර්ජාලය හරහා වාර්තාවේ | LG සමාගම විසින්LG Rollable නමින් Rollable ජංගම දුරකතනයක් නිපදවීමට සූදානම්වෙන බවට අපි මිට පෙර ලිපියක් ගෙන ආවා. ඒ අනුව මේ වන විට ඉදිරියේදි නිකුත් විමට නියමිත LG Rollable Smartphone එකට අදාලව Key Specifications කිහිපයක් පිළිබඳව තොරතුරු පල වි තිබෙනවා.ඒ අනුව මෙය අගල් 6.8ක Rollable Display එකකින් සමන්විත වෙන අතර මේ Rollable Display එක අගල් 6.8 සිට අගල් 7.4 දක්වා විශාල කර ගන්න පුළුවන්. මේ Device එකේ Pixel Resolution එක 1080 x 2428 පමණ වෙන අතර 20:9 Aspect Ratio එකකින් සමන්විත වෙනවා.මේ LG Rollable Devices එක Snapdragon 888 Chipset එක මගින් බලගැන්වෙන අතර 16GB RAM එකක් සමග අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ සදහා 4200mAh Battery එකක් ලබා දෙනු ඇතැයි තොරතුරු පල වෙනවා.මේ තොරතුරුවලට අනුව LG Rollable Smartphone එක මිලග වසර මාර්තු මාසයේදි නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබෙන බව කියන්න පුළුවන්. ඒ වගේම මෙහි මිල ඩොලර් 2,239 පමණ විය හැකි වෙනවා.Sources :Gizmochina |
පොලිසියට Facial Recognition තාක්ෂණය? | පසුගිය අප්‍රේල් මාසයේ Mobitel ආයතනය විසින් ශ්‍රී ලංකා පොලිසිය සඳහා body camera හඳුන්වා දුන්නා. මෙය අපේ පොලිසිය නව්‍යකරණය කිරීමේ තවත් පියවරක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද මේ කැමරාත්, CCTV කැමරා වලිනුත් ලැබෙන දර්ශන නිකන්ම video file විදිහට තියන්නේ නැතිව තොරතුරු පද්ධතියකට සම්බන්ධ කළොත්, රටේ අපරාධ මර්ධනයට ඵලදායි විදිහට යොදා ගන්න පුළුවන්.ඒ දවස උදා වෙයිද නැද්ද කියන එක කොහොම වුනත් ලෝකයේ රටවල් ගණනාවක පොලිසි දැන් ඔවුන්ගේ කැමරා පද්ධති වලට, facial recognition තාක්ෂණය එකතු කරලා තියෙන්නේ.කොහොමද මේක වැඩ කරන්නේ?Facial recognition කියන්නේ මේ ආශ්රිත තාක්ෂණ රැසක් හඳුන්වන පදයක්. මිනිස් මුහුණු හඳුනාගෙන ඒවා ලැයිස්තු ගත කිරීම, මුහුණේ ඉරියව්, හැගීම් හා එකිනෙකාට වෙනස් වූ මුහුණේ අවයව අතර අනුපාතය හඳුනාගන්න වගේම biometric identifier එකක් විදිහටත් (උදා: smartphone වල) මේ තාක්ෂණය විවිධ විදිහට යොදා ගන්නවා.London හි නියමු facial recognition පද්ධතියක් ස්ථාපිත කර ඇති බව දන්වා ඇති අයුරු. Image Credits: bigbrotherwatch.org.ukAirport වගේ ආරක්ෂක විධිවිධාන නැති පොදු ස්ථාන වල මේ තාක්ෂණය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ මහජනයාව track කරන්න. මේ track කරන මුහුණු ගැන කිසිම විස්තරයක් නැති වුණත්, ඒ මුහුණ අයිති පුද්ගලයා ආ ගිය තැන් හා වෙලාව දැනගන්න බලධාරීන්ට හැකියාව ලැබෙනවා. මුහුණු අයිතිකරුවන්ගේ නම් ද ඇතුලත් කරගන්න පුළුවන් වුණොත් මේක තවත් බලසම්පන්න පද්ධතියක් වෙනවා.මහා පරිමාණ කැමරා ජාලයක් සහ දියුණු facial recognition තාක්ෂණයක් එකතු වීමෙන් පුද්ගල පෞද්ගලිකත්වය කියන එක නම් නැත්තටම නැති වෙන්න පුළුවන්. ඒ හින්දම මේ තාක්ෂණයට ලොකු විරෝධයකුත් එල්ල වෙනවා.කවුද මේවා පාවිච්චි කරන්නේ?චීනයේ surveillance පද්ධතියක්. Image Credits: CBS Newsචීනය දැන් බොහෝ කාලෙක ඉඳන් මේ තාක්ෂණය භාවිතා කරනවා. කැමරා මිලියන ගණනකින් සමන්විත network එකක් තියෙන චීනේ, නාගරිකව නම් කැමරාවකින් බේරිලා යන්න ලැබෙන්නෙම නෑ. ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය, සිංගප්පුරුව වගේම දැන් ඇමෙරිකාවත් මේ තාක්ෂණය භාවිතා කරන්න පටන් අරන් තියෙනවා.මෙතනින් තමයි ප්රශ්නය පටන් ගන්නේ. ඇමෙරිකාව පදනම් කරගත්ත අපි දන්නා බහු ජාතික software company එකක්වත් තමන්ගේ facial recognition තාක්ෂණය ඇමෙරිකානු පොලිසියට පොදුවේ පාවිච්චි කරන්න දෙන්න එකඟ වෙලා නෑ. IBM, Amazon වගේම ලඟදි Microsoft ද තමන්ගේ මේ තාක්ෂණය දෙන්නේ නැති බව කියල තිබුණා.මානව හිමිකම් මත පදනම් වූ පොදු ජාතික නීතියක් පනවන තෙක් තම facial recognition තාක්ෂණය රජයට දෙන්නේ නැති බව Microsoft සභාපති Brad Smith කියා සිටියා. Image Credits: Riccardo Savi / Getty Imagesදැනට ඇමෙරිකාව surveillance සේවය ලබාගන්නා Clearview AI සමාගමට, නම් සඳහන් මුහුණු බිලියන 3කට අධික database එකක් තියෙන බව කියනවා. ඒ මුහුණු නම් Facebook වැනි social media sites වලින් ගත්ත ඒවා.කොහොම නමුත් බොහෝ ඇමෙරිකන් පොලිසිත් දැන් තමන් අත්අඩංගුවට ගන්න සැකකරුවන් ගේ මුහුණු වලින් ඔවුන්ගේම database එකක් හදාගෙන තියෙනවා. අත්අඩංගුවට පත්වෙන ඔක්කොම අපේ IRC list එක වගේ, ඔවුන්ගේ ඒ list එකේ ඉන්නවා. පොලිසියේ ඉඳන්ම සැකකරු යන එන තැන් බලන්න දැන් පුළුවන්.තාක්ෂණය එච්චර දියුණුද?නෑ, අවාසනාවකට දැනට මහජනයා ඉලක්ක කරගෙන භාවිතා කරන්න යන facial recognition තාක්ෂණයේ නිරවද්‍යතාව හොඳ මට්ටමක නෑ. සමහර විට Microsoft වගේ සමාගම් මේකට සම්බන්ධ වුනොත් හොඳ මට්ටමකට එන්න පුළුවන් වෙයි. නමුත් තවම ඇමෙරිකාව වගේ බොහෝ බටහිර රටවල් වල මේ තාක්ෂණය 100%ක් සාර්ථක නෑ. තාක්ෂණයටත් වඩා මේ සඳහා ගැලපෙන CCTV වැනි යටිතල පහසුකම් ස්ථාපනය කරන්න අපොහොසත් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මුළු රටම අවරණය කරන්න අමාරු වෙලා තියෙන්නෙත්.මොකද මේ තාක්ෂණය මත මිනිස්සුන්ව අත්අඩංගුවට අරගෙන, ඒ නිගමන වැරදුනොත් නීති මෙන්ම සදාචාර ප්‍රශ්න ද බොහොමයක් පැනනගිනවා.අපේ රටේ භුමි ප්‍රමාණයත්, යටිතල පහසුකමුත් සැලකිල්ලට ගත්තහම අවශ්‍ය මුදල් තියෙනවා නම් මේ facial recognition ජාලයක් (නගර සීමාවට හරි) හදන එක "කළ හැකි" දෙයක්. ඔබේ අදහස මොකක්ද? මේ වැඩේ පෞද්ගලිකත්වයට "මරු" පහරක්ද? අපි ගැන උඩ ඉඳන් (ඇත්තටම) බලන් ඉන්න නිසා අපරාධ අඩු වෙයි ද?Comment කරන්න, තව අයට බලන්න share කරන්න. |
100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇලුමිනියම් කෑන් වලින් නිමැවූ 2023 LPL කුසලානය | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය Melting Point සමාගමත් සමඟ හවුල් වී 2023 LPL කුසලානය 100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇලුමිනියම් කෑන් භාවිතා කරමින් නිපදවා තිබෙනවා. මේ සඳහා රට පුරා ඇලුමිනියම් කෑන් 2,532ක් එකතු කොට තිබෙනවා.මෙලෙස කෑන් එකතු කිරීමේදී Melting Point සමාගම විසින් වෙරළ පිරිසිදු කිරීම්, දීප ව්‍යාප්ත වැඩමුළු, නාගරික ප්‍රදේශ වල කසළ බඳුන් තැබීම ආදි ක්‍රියාකාරකම් සිදු කොට තිබෙනවා. මෙසේ එකතු කරන ලද කෑන් Melting Point සමාගමේ පිළිමතලාවේ පිහිටි කර්මාන්තශාලාවක ප්‍රතිචක්‍රීකරණය කොට කුසලානය නිපදවා තිබෙනවා.මෙම කුසලානය පුරාණ රජවරුන්ගේ පාලන සමය දක්වා දිවෙන කැටයම් රටා ඇතුළු ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් පිළිබිඹු කරන අතර අත්කම් නිර්මාණ ආදිය ද එහි ප්‍රදර්ශනය කරයි. තවද, කුසලානයේ ඇති සිංහ හිස් මඟින් ශ්‍රී ලංකාවේ අභිමානය, නිර්භීතකම සහ නායකත්වයේ වටිනාකම් සංකේතවත් කරයි.Source:Melting Point Facebook Page |
පරිගණකයකට වැඩි බලයකින් යුතු Power supply unit එකක් යෙදිය යුතුද සහ මොකක්ද මේ 80 Plus rating කියන්නේ? | මම හිතන්නේ Desktop Computer එකක් පාවිච්චි කරන ඔනේම කෙනෙක් දන්නවා Power Supply Unit (PSU) කියන්නේ මොකක් ද කියන එක. ඉතින් PSU එකෙන් කරන ප්‍රදානම කාර්ය තමා Alternating Current (AC/නිවසට පැමිනෙන විදුලිය) එක Low Voltage Direct Current (DC/බැටරි විදුලිය) බවට පරිවර්තනය කරන එක.ඔයගොල්ලො සමහර විට දැකල ඇති PSU එකේ W(වොට්) අගයක් ගහල තියෙනවා ඒකෙන් කියවෙන්නේ PSU එකන් පරිගණකයට ලබාදෙන්න පුලුවන් උපරිම විදුලි ප්‍රමානය. සරලව කිව්වොත් PSU එකෙන් ඉල්ලුමට තමා සැපයුම දෙන්නේ. උදාහරනයක් විදියට 500W PSU එකකින් පරිගණකය 450W ක් ඉල්ලුවොත් PSU එකෙන් දෙන්නෙ 450W යි, ඒ PSU එකෙන්ම 600W ඉල්ලුවොත් එත් දෙන්නේ 500W ම තමා මොකද ඒකට දෙන්න පුලුවන් එච්චරයි. ඉතින් එහෙම W(වොට්) ගාන මදි උනොත් සමහර විට පරිගණකය on නොවෙන්නත් පුලුවන් නැත්නම් System එක Low Resolution එකකට මාරු වෙන්නත් පුලුවන්.සමහරු හිතන් ඉන්නවා PSU එකේ W(වොට්) ගාන වැඩි උනාම ඒක හොදයි කියල. ඉතින් ඔයාලට උඩ තියෙන උදාහරනෙ බලපුවාම තේරෙනවා ඒක කිසිම තේරුමක් නැති කතාවක් කියන එක. ඉතින් පරිගණකයට අවශ්‍ය වෙන W(වොට්) ගානට තමා අපි PSU එකක් තෝරගන්න ඕනෙ. තව දෙයක් තියෙනවා, ඔයා ගෙදර විදුලි බිල ගැන සැලකිලිමත් වෙනවනම් අනිවාරෙන් PSU එකට 80 Plus Rating එකක් තියෙනවද කියල බලලා ගන්න ඕනේ.මොකක්ද මේ PSU වල තියෙන 80 Plus Rating එකසරලවම කිව්වොත් 80 Plus Rating එකෙන් කියන්නේ PSU එකේ කාර්යක්ෂමතාව ගැන. ඔයාල දන්නවා හැම විදුලි උපකරනයක්ම ලබාගන්න මුලු විදුලියම ඒ කාර්යය කරගන්න වැයකරන්නේ නැති බව, ඉතින් PSU එකෙත් එහෙමයි ලබාගන්න මුලු විදුලියෙන් කොටසක් තාපය වගේ දේවල් වලට හානි වෙලා යනවා. ඉතින් ඒ හානිය ප්‍රතිශතාත්මකව විස්තර කිරීමක් තමා මේ 80 Plus Rating වලින් කියන්නේප්රධානව80 Plus, 80 Plus Bronze, 80 Plus Silver, 80 Plus Gold, 80 Plus Platinum හා 80 Plus Titaniumකියලා 80 Plus Rating 6 ක් තියෙනවා. ඉතින් මේ 80 Plus Rating එක, පාවිච්චිවෙන Load එක, ගෘහස්ත විදුලියේ Voltage එකත් එක්ක වෙනස් වෙනවා. 500W PSU එකක Load එක 50% කියන්නෙ ඒ වෙලාවේ පරිගණකය 250W පාවිච්චි කරනවා කියන එකඋදාහරනයක් විදියට Full Load එකේදී 80% ක කාර්යක්ෂමතාවක් තියෙන 500W PSU එකක් තියෙනවා කියල හිතමුකෝ, ඒකේ Full Load එකම (500W) පාවිච්චි කරන වෙලාවක, පාවිච්චි කරන 500W (80%) ට අමතරව තවත් 125W (20%) හානි වෙලා යනවා. ඒ කියන්නෙ අපිට සම්පූර්නයෙන්ම 625W වැයවෙනවා.ඔයාලට මේ පහල දාලා තියෙන වගුවෙන් 80 Plus Rating එකත් එක්ක PSU එකේ කාර්යක්ෂමතාව වෙනස් වෙන විදිය බලාගන්න පුලුවන්මං හිතනවා දැන් ඔයාලට 80 Plus Rating කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්න පුලුවන් වෙන්න ඇති කියල. ඉතින් හොඳ 80 Plus Rating එකක් තියෙනවා කියන්නේ ඔයාගෙ විදුලි බිල ඉතිරි වෙනවා කියන එක.අවසානෙට කියන්න ඕනේ මං මෙතන ගොඩක් සරලව විස්තර කරල තියෙන්නෙ, මොකද මේක හැම දෙනාටම තේරෙන්න ඕනෙ වෙන නිසා. එහෙනම් මේ වගේ තවත් තාක්ෂණික ලිපියකින් නැවත හමුවෙමු. |
TikTok පැරදවූ, TikTok වලට සමාන ඒත් බලන බලන වීඩියෝවට මුදල් දෙන Zynn | අපි හැමෝම දන්න Tik Tok App එක උඩට ආපු වේගේ හැමෝම දන්නව. App එකට ලොකු තරගයක් දෙන්න Apps තිබ්බෙම නැති තරම්. නමුත් දැන් තත්වේ වෙනස්. Zynn කියලා App එකක් තියෙනවා Tik Tok එකට තරගයක් දෙන්න. මේ දෙකේ ලොකු වෙනසක් නෑ නමුත් මෙහොල්ලො තමන්ගේ Platform එකට කට්ටිය අද්දගන්න හොද උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ තමා, මේගොල්ලෝ users ලට Pay කරනවා Videos බලනවටයි Sign Up එනවටයි මේගොල්ලෝ ගෙවනවා ඒ විතරක් නෙවෙයි යාලුවන්ට ඉන්වයිට් කරලා ගෙන්න ගන්නවටත් මේගොල්ලෝ ගෙවනවා. සල්ලි හොයන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ විදියට try කරන්න පුළුවන් කැමති කෙනෙක්ට.App එක Launch කරේ May මාසේ මුල වගේ මේ වෙද්දි Zynn එක තමා Apple ලගේApp storeඑකේ පලවෙනි තැන අරගෙන තියෙන්නෙ Free Apps වලින්. ඒ වගේම Google ලගේPlay Storeඑකේ Top 10 අතරත් තියෙනවා.නමුත් මේක ලංකාවට නම් තාම නෑ.මේ Zynn එක තනිකරම Tik Tok එකේ Clone එකක්, Interface එක identical. වෙනසකට තියෙන්නෙ Zynn එකේ Countdown Timer එක Dollar Sing එකත් එක්ක.අපි Video බලනකොට මේ Timer fill වෙනවා එතකොට අපිට Points හම්බ වෙනවා. මේ Points පස්සෙ අපිට Cash වලට හෝ Gift cards වලට redeem කරන්න පුළුවන්ලු Android වැඩකාරයෝ අපි Test කරන ගමන් ඉන්නෙ මේ points cash කරගන්න පුළුවන්ද කියලා බලන්න ඇත්තටම. හොයලා බැලුවොත් YouTube Videos එහෙම හම්බ වෙයි Payment Receipts එක්ක. Try කරලා බලන්න කැමති අය. |
රැන්සම්වෙයාර් කණ්ඩායමක් වන REvil කණ්ඩායමේ සාමාජිකයෙකු පෝලන්තයේදී අත්අඩංගුවට | Apple සැපයුම්කරුවෙකු වන Kaseya සහ තවත් තොරතුරු තාක්ෂණ සමාගමකට එල්ල වූ Ransomware ප්‍රහාරවලට සම්බන්ධ, REvil Hacker කණ්ඩායමේ සාමාජිකයෙකු යැයි කියනු ලබන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිචෝදනා ගොනු කිරීම ගැන එරට අධිකරණ දෙපාර්තමේන්තුව විසින්නිවේදනයකර ඇත.ඔවුන්ට අනුව, යුක්රේන ජාතික Yaroslav Vasinskyi (යාරොස්ලාව් වසින්ස්කි) ඔක්තෝම්බර් මාසයේදී පෝලන්ත බලධාරීන් ඔහුව රඳවා තබා ගැනීමෙන් පසුව සහ අගෝස්තු මාසයේදී සිදු වූ Cyber අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඔහුට අධිචෝදනා කිරීමෙන් පසුව එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට මුහුණ දී සිටින බව දැන් මුද්‍රා නොකළ අධිකරණ ලේඛනයකින් හෙළි විය. REvil කණ්ඩායමේ මෙහෙයුම්වලට සම්බන්ධ වත්කම් රජය අත්පත් කර ගැනීමත් සමඟ අත් අඩංගුවට ගැනීම, එක්සත් ජනපදය පදනම් කරගත් සමාගම් සඳහා විශාල ගැටලුවක් වී ඇති Ransomware වලට එරෙහි සටනේ තවත් පියවරක් ලෙස මෙය දැකිවිය හැක.REvil Ransomware හා සම්බන්ධ යැයි කියන FTX Crypto Trading Exchange වෙතින් ඩොලර් මිලියන 6.1 ක වත්කම් අත්පත් කරගෙන ඇති බව DOJ පවසයි. මෙම මුදල් රුසියානු ජාතික Yevgeniy Polyanin ට අයත් වූ අතර, ඔහු ආයතනික සහ රජය ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා REvil සමඟ වැඩ කළ බවට චෝදනා එල්ල වී ඇත.CNNසහ DOJ වාර්තාව ඔහු තවම අල්ලාගෙන නැතත්, අගෝස්තු මාසයේදී Polyanin ට ද චෝදනා එල්ල විය.REvil විසින් Computer Networks වලට කඩා වැදීම, ඒවා Control කිරීම සහ පසුව සමාගම්වල Data සොරකම් කිරීම, Data Encrypt කිරීමෙන් සහ ඕනෑම Backups මකා දැමීමෙන් නියම හිමිකරුවන් අගුලු දැමීමේ ක්‍රියාවලිය විස්තර කරයි. කෙසේ වෙතත්, සමාගම්වලට ඔවුන් කප්පම් මුදලක් ගෙවූයේ නම් Data වෙත ප්‍රවේශය ලබා ගැනීමට හැකි වනු ඇත. එසේ නොමැති නම්, ඔවුන්ගේ Data විකිණීමට හෝ Web අඩවියක පළ කිරීමට හැකිය. මෙය සිදු වූයේ Apple සැපයුම්කරු Quanta ට වන අතර, Apple හි නව MacBooks විස්තර කරන ලේඛන, නිල තොරතුරක් නිකුත් කිරීමට පෙර REvil කණ්ඩායම විසින් Blog අඩවියට පළ කරන ලදී.ප්රහාරයන්හිදී Vasinskyi සහ Polyanin දෙදෙනා ඉටු කළ භූමිකාවන් මොනවාදැයි අධිචෝදනාවල පැහැදිලිව නොකියන අතර, ඔවුන් සම්බන්ධ වී ඇති බවට සහ ප්‍රහාර එල්ල කිරීමට අනෙකුත් කණ්ඩායම් සාමාජිකයන් සමඟ කටයුතු කළ බවට චෝදනා කිරීම පමණි. අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ Vasinskyi සහ Polyanin ඔවුන්ට එරෙහිව පනවා ඇති සියලුම චෝදනාවලට වරදකරු වුවහොත් වසර 100 කට වැඩි සිරදඬුවමකට මුහුණ දිය හැකි බවයි.REvil සමඟ සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. තවත් චෝදනා කරන ලද සාමාජිකයින් අල්ලා ගැනීම සඳහා විශාල මුදලක් වියදම් කිරීමට එරට රජය ද කැමැත්තෙන් සිටී. එය REvil නායකත්වය අත්අඩංගුවට ගැනීමට තුඩු දෙන තොරතුරු සඳහා ඩොලර් මිලියන 10 ක් දක්වා ත්‍යාගයක් සහ කණ්ඩායම සඳහා වැඩ කිරීමට උත්සාහ කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු සඳහා ඩොලර් මිලියන 5 ක් දක්වා ත්‍යාගයක් ද පිරිනමයි.REvil ක්‍රියාකරුවන් අත්අඩංගුවට ගැනීම Ransomware වලට එරෙහි රජයේ කාර්යයේ කොටසක් පමණි. ඔක්තෝම්බර් මාසයේදී FBI, Secret Service, Cyber Command විසින් REvil ගේ වෙබ් අඩවිය එයට එරෙහිව කණ්ඩායමේම උපක්‍රම භාවිතා කරමින් නොබැඳි ලෙස ගෙන ඇති බවට වාර්තා පළ විය. භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව එය ගෙවීම් ප්‍රමාණයෙන් මනින විට විශාලතම Ransomware කණ්ඩායම් වලින් එකක් ලෙස වාර්තාවක ද නම් කර ඇත.පසුගිය වසර කිහිපය තුළ Ransomware ප්‍රහාර එක්සත් ජනපදයේ ප්‍රධාන ඉලක්ක වෙත පහර දී ඇති අතර එම නිසා Ransomware කාර්ය සාධක බලකායක් නිර්මාණය කර Cryptocurrencies සම්බන්ධ අපරාධ විමර්ශනය කිරීමට කණ්ඩායමක් පිහිටුවා ඇත. “ද්වේෂ සහගත සයිබර් ක්‍රියාකාරකම් සහ ක්‍රියාකාරීන් කඩාකප්පල් කිරීමට” රජය සිය “පූර්ණ ශක්තිය” භාවිතා කරන බවත්, අත්අඩංගුවට ගැනීම් සහ මූල්‍ය අත්පත් කර ගැනීම් “අපගේ ආරක්ෂාවට තර්ජනයක් වන අයට වගවීම” සඳහා දරණ උත්සාහයේ කොටසක් බවත් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.එක්සත් ජනපදයේ වැඩබලන නීතිඥ Chad E. Meacham පැවසුවේ, අධිකරණ දෙපාර්තමේන්තුව "සයිබර් අපරාධකරුවන් සොයා ගැනීම සඳහා අන්තර්ජාලයේ අඳුරුතම කොන සහ ලෝකයේ දුර ඈත ප්‍රදේශයන් වෙත ගවේෂණය කරනු ඇති" බවයි.Source:The Verge |
Google ආයතනය නවතා දැමු සේවා 10ක් | Google කියපු ගමන් මතක් වෙන්නේ Google Search Engine එකනේ , මොකද අපි ඕනේ දෙයක් හොයා ගන්න Use කරන්නේ Google නේ.ඉතින් මේ Google කියන ආයතනය Search engine එකකටම සිමාවු ආයතනයක් නෙවෙයි කියල අපි හැමෝම දන්නවනේ.අපි හැමෝම පාවිච්චි කරන ගොඩක් Free service අපිට ලබා දෙන්නේ Google ආයතනය විසින්. මේක Android , Apple කියල විශේෂත්වයක් නැ , කෙටියෙන්ම කියනව නම් Pcවලටත් එහෙමම තමා. ඉතින් මේ ආයතනයත් සමහර Service ලබා දිලා ඒවා එයාලා විසින්ම නවත්තලා දාලා තියෙනවා.ඒ එම සේවාවන්ට ලැබුණු ප්‍රතිචාර හොද නොමැති විමත් , මතුවුන පෞද්ගලික ආරක්ෂක ගැටලු නිසාත් තමයි.ඉතින් එහෙම නවත්තලා දැමුණු Product කිපයක් ගැන තමා අද බලන්න යන්නේ1.Google Plus (2011 – 2019)Google සමාගම විසින් 2011 දි Facebook සමාජමාධ්‍ය ජාලයට තරගයක් ලබා දිම සදහා ඉදිරිපත් කරපු Social Media platform එකක් විදිහට මේක ගැන හදුන්වා දෙන්න පුලුවන්.ඒත් මේ Google Plus හිතපු තරම් ජනප්‍රියතාවක් ලබා ගන්න සමත් වුනේ නැ.කෙසේවෙතත් ඉන් පසුව මතුවු පෞද්ගලිකත්වය හා දත්ත ආරක්ෂාව පිළිබඳව ගැටලු නිසා Google සමාගම මේ Social Media platform එක අතහැර දමනවා.2019 වර්ෂයේදි මෙය ඉවත් කර දැමිමට කටයුතු කරනවා2. Google Play MusicGoogle ආයතනය විසින් මෙතෙක් කල් ලබා දුන් Play Music සේවාව YouTube Music සේවාව මගින් නැවත ලබා දිමක් සිදු කරන බවට දැනුම් දිලා තියෙනවා.ඒ කියන්නේ තාමත් අපිට පාවිච්චි කරන්න පුලුවන් වෙලා තියෙන Play music සේවාව ඉදිරියේදි නැති වි යන බවයි.ඒත් ඒ සේවාව YouTube Music මගින් යලි ලබා දිමක් සිදු කරනවා.ඒ කියන්නේ Play music හා YouTube Music එකක් වෙලා ඉදිරියේදි අපිට YouTube Music හරහා Play music සේවාවන් ලබා ගන්න පුලුවන්.මේකට බලපාල තියෙන හේතුව විදිහට Apple Music හා Spotify සමග තරග කිරිමට අසමත් විම කියල කියන්න පුලුවන්.ඉතින් ඒකට විකල්පයක් විදිහට YouTube Music සමග එකාබද්ද කරල Play Music ඉදිරියේදා YouTube Music නමින්ම හදුන්වා දෙන්න කටයුතු කරල තියෙනවා.3. Google NexusGoogle Nexus අමුතුවෙන් හදුන්වා දෙන්න දෙයක් නැනේ.2010 දි ලෝකයට හදුන්වා දුන්න මේ Nexus Model එක 2016 දි තාක්ෂණික ලෝකයෙන් ඉවත් වෙනවා.පොඩි විස්තරයක් කියනව නම් Nexus කියන්නේ Google සමාගමේ OpenSoruce OS එක වන Android මත ක්‍රියාකරන Smart Phone එකක්.ඒ 2010 ඉදන් 2016 වෙනකන් එලියට ආපු Nexus Model 8 එක්කයි.මේ Model 08ම Smart Phone ලෝකයේ දැවැන්ත තාක්ෂණික සමාගම්වලින් තමා නිෂ්පාදනය වුනේ.1.Nexus One - HTC(2010)2.Nexus S - Samsung(2010)3.Galaxy Nexus - Samsung(2011)4.Nexus 4 - LG(2012)5.Nexus 5 - LG(2013)6.Nexus 6 - Motorola Mobility (2014)7.Nexus 5x - LG(2015)8.Nexus 6p - Huawei(2015)මේ Nexus Product එක කියන්නේ Smart Phoneවලටම සිමාවු නිෂ්පාදනයක් නෙවේ.Nexus Tablet Product lineup එකකුත් තියෙනවා.ඒ Nexus 7, 9 , 10 කියන Tablet Device තුන.ඒ වගේම කියන්න ඔනේ නිල වශයෙන් මේ Product එක අවසන් කරල නැති උනත් මේක Dead උන Product එකක් විදිහට තමා සලකන්නේ.04. Google TVGoogle සමාගම හා LG, Sony හා Intel සමාගම් සමග එක්ව හදුන්වා දුන් Smart Tv එක මේ නමින් හැදින්වෙනවා.මේකත් අද කාලයේ ජනප්‍රිය Apple Tv , Android Tv වගේම තමයි.ඒත් බලාපොරොත්තුව වු තරම් ජනප්‍රියතාවයක් නොලැබීම හා අනෙක් Brand සමග තරග කිරිමට තිබුනු අපහසුතාවය නිසා 2010 Google TV නමින් හදුන්වාදුන් මෙම නිෂ්පාදනය නවතා දැමිමට Google සමාගම කටයුතු කරනවා.05. Google Videoමේකත් නිකන් YouTube එක වගේම තමා, ඒ කියන්නේ Video එකක් Upload කරාම ඒක මුලු ලෝකේටම බලන්න පුලුවන්.ඒත් YouTube ආගමනයත් එක්කම Google සමාගම මෙය YouTube හටම විකුණා දමනවා.ඒ කියන්නේ 2005 දි ආරම්භ වුන මේ Free Could Upload Video සේවාව 2012 දි අවසන් වනවා.06. Bumpඔයා Apple fan කෙනෙක් නම් , ඒ කියන්නේ iPhone 4 ඉදන් 6 එක වෙනකන් පාවිච්චි කරපු කෙනෙක් නම් ( 2014ට කලින් ) Bump කියන මේ App එක අනිවාර්යයෙන් Use කරල තියෙන්න ඕනේ.මේ Application එක හදුන්වා දෙන්නේ 2009 දි.මොකක්ද මේ Bump කියන App එක , හරියට නිකන් Shareit , Xsender වගේ Application එකක් තමයි මේකත්.මේ App එක හරහා iPhone දෙකක් අතර Photos , Video & Files Share කිරිමට පහසුකම් ලබා දිලා තිබ්බා.ඒ වගේම ඒ දවස්වල මේ App එක Apple free app Chart එකේ උඩින්ම තිබ්බ Application එකක්.ඒ වගේම මේ App එකට Download වාර මිලියන 100 පමණ ලැබිලත් තිබුණා.ඒ වගේම පසුව මේ App එක Android Userලාහටත් ලබා දිලා තිබ්බා.නමුත් පසු කාලයකදි ඒ කියන්නේ 2014දි පමණ මේ Application එක ඉවත් කිරිමට Google සමාගම කටයුතු කරනවා.07. Project ARAGoogle සමාගම Motorola සමාගමත් සමග එක්ව ඇරඹු අරැම පුදුම Project එකක් විදිහට අපිට දක්වන්න පුලුවන්.ඒ කියනනේ මේක නිකන් Lego සෙල්ලම් බඩුවක් වගේ.ඒ කියන්නේ අපිට මේ Smart Phone එකේ කොටස් ගලවලා අපිට අවශ්‍ය විදිහට කැමති වර්ණයෙන් අපිට අවශ්‍ය ස්ථානයේ සවි කර ගන්න පුලුවන්.ඒ කියන්නේ මේ Project ARA නමින් ආරම්භ වුනේ Customizable Componentsවලින් සමන්විත Smart Phone එකක් නිර්මාණය කිරිම කියල කියන්න පුලුවන්.මේ Phone එකේ Camera , Speaker , Battery අපට අවශ්‍ය විදිහට අවශ්‍ය පරිදි අවශ්‍ය වර්ණයෙන් හා අවශ්‍ය ස්ථානයේ සවි කර ගන්න පුලුවන්.නමුත් පසු කාලිනව මතුවු විවිධ ගැටලු නිසා මෙම Project එක නවතා දමන්නට google සමාගම කටයුතු කරනවා.08. Google Healthඅද වෙද්දි Smart Phone එකේ ඉදන් Smart Watch එක වෙනකන් අපේ ශරිර සෞඛ්‍ය හා සම්බන්ධව කටයුතු කරන්න මේ තාක්ෂණික මෙවලම්වල නිෂ්පාදකයින් ක්‍රියාකරල තියෙනවා.ඒවගේ ප්‍රතිඵල විදිහට ඔයා අතේ දැන් තියෙන Smart phone එකෙත් Health Application එකක් අනිවාර්යයෙන් තියෙනවා.ඉතින් මේකත් ඒ Health Application එක වගේම Google සමාගම විසින් නිපදවු Application එකක්.මේකට අපේ සෞඛ්‍ය තොරතුරැ ඇතුලත් කරන්න ඔනේ.ඒත් කාලයත් සමග මේ තොරතුරැවල තිබ්බ අනාරක්ෂිත බව නිසා Google ආයතනය විසින් මෙම සේවාව නවතා දමනවා.මේ සේවාව 2008 දි ඇරඹෙන අතර 2012 දි අත්හිටුවා දමනවා09. Panaramioගොඩක් දෙනෙක් අහම්බෙන්වත් අහල නැති 2016 දි ඉවත් වුනු Google ආයතනයේ තවත් සේවාවක් තමා Panaramio කියන්නෙත්.මොකක්ද මේ Panaramio කියන්නේ ? මේකෙන් අපිට පුලුවන් උනේ Google Earth හා Google Map හරහා යම් යම් ස්ථානවල Photos Upload කිරිමට පහසුකම් සලසා දිමයි.නමුත් පසු කලක Google Map හි Google Street view සේවාව වැඩි දියුණු විමත් සමග Google ආයතනය විසින්ම මෙම සේවාව 2016 දි නවතා දැමුවා.10. PicasaPicasa කියන්නේ පරිගණකයේ ආපු Software එකක්.සරලවම කියනවා නම් Photo Editor Software එකක් කිවත් නිවරදියි.ඒත් මේක Photo Edit කිරිමටම විතරක් සිමා වෙලා නැ.ඒ කියන්නේ මේකේ තව විශේෂ features කිපයක්ම තිබුණා.Face detection technology - දැන් තියෙන හැම Smart Phone එකක වගේම Automatically Photosවල ඉන්න අය අදුරගෙන වෙන වෙන වශයෙන් Albums හැදිමට හැකියාව තියෙනවා.ඉතින් මේ Software එකටත් මෙයාලා මේ feature එක add කරල තියෙනවා.Add Place - අපිට පුලුවන් අපේ Photosවල අපි Photo එක ගත්ත location එක නැති නම් මේ Software එක ආදාරයෙන් Location එක tag කරන්න.ඉතින් Location එක tag කිරිම විතරක් නෙවේ.ඒ location අනුව Photos albums කරන්නත් පුලුවන්.ඒ වගේම කියන්න ඔනේ Google සමාගමේ අනිත් Software වගේම මේකත් ගොඩක් User friendly කියල. |
Google සමාගමේ නවතම AI ව්‍යාපෘතිය "Project Astra" නමින් ප්‍රකාශයට පත් කරයි | 2024 වසරේ Google I/O දී Google DeepMind කණ්ඩායම විසින් Project Astra නමින් අනාගත Google AI Assistance ව්‍යාපෘතියක් ප්‍රකාශයට පත් කළා.Project Astraහි Demo එක ප්‍රථමයෙන් ම ප්‍රදර්ශනය කරන මොහොතේ දී Astra වෙත පරිශීලකයා ප්‍රශ්නයක් යොමු කරන්නේ "ශබ්දය පිට කල හැකි කිසියම් දෙයක් මෙහි තිබේ ද ?' යන්නයි. එසේ පවසා තම Camera මගින් එහි අවට Astra වෙත පෙන්වීමෙන් පසු එය Speaker එකක් තිබෙන බවට පරිශීලකයාට පවසනවා. තව දුරටත් එම සාකච්ඡාව ඉදිරියට ගෙන යමින් Astra ගෙන් පරිශීලකයා Speaker එක තුල එක් අංගයක් පෙන්වා එයින් කුමක්ද කරන්නේ යන්න විමසනවා. එයට පිළිතුර කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා දීමට ද Astra සමත් වනවා.මෙහි විස්මය ජනක කරුණ වන්නේ කිසිදු ප්‍රමාදයකින් හෝ Lag වීමකින් තොරව Astra පරිශීලකයාට පිළිතුර ලබා දීමයි.ඉන් අනතුරුව පරිශීලකයා විසින් Desktop Monitor එකක තිබූ කිසියම් Code එකක් Astra ට පෙන්වා අසන්නේ මෙයින් සිදු වන්නේ කුමක් ද යන්නයි. එයට කිසිදු පසුබට වීමකින් තොරව Astra එම Code එක සම්පූර්ණයෙන් පරිශීලකයාට පැහැදිලි කර දීමට සමත් වෙනවා.එසේම එම Demo view එක අතර තුරු පරිශීලකයා Astra ගෙන් විමසන්නේ තමගේ කණ්ණාඩිය තිබූ තැනක් ගැන දන්නවාද කියා. එයට පිළිතුර ලෙස Astra එම කණ්ණාඩිය තිබෙන ස්ථානය මෙන්ම ඒ අසල තිබෙන දේවල් පිළිබදව ද පරිශීලකයාට පවසනවා. එහිදී Astraහි කිසිදු දැනුම් දීමකින් තොරව දත්ත මතක තබා ගැනීම හා දත්ත ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතා හොදින් පෙන්වන්නට සමත් වුනා.Google Project Astra ඉතා ඉක්මනින් Gemini App එක සහ අනෙකුත් උපාංග වෙත ලබා දීමට Google සමාගම කටයුතු කරන බව පවසනවා. එසේම Project Astra මගින් ඉතා පහසුවෙන් සහ ඉතා වේගයකින් දත්ත හැසිරවීමට හැකියාවක් ඇති බවක් අපට පෙනෙන්නට තිබෙනවා.මෙය අනාගත තාක්ෂණික පෙරළියේ විශාල පිම්මක් බව අපට ඉගි පල කරන්නට පුළුවන්. ඉතින් අපි Project Astra හි නවතම තොරතුරු එක්ක එය Release කරන දිනයක් පැමිණෙන තුරු, ඉවසීමෙන් රැඳී සිටිමුමෙය 2024 Google I/O Main Keynote එක ඇසුරෙන් නිම වූ ලිපියකි. |
පෙබරවාරි 21 වන දින Donald Trumpගේ නවතම සමාජ ජාලය iOS පරිශීලකයන් සඳහා එලිදැක්වීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වේ | ඔබට මතක ඇති මීට පෙර අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා හිටපු ඇමරිකානු ජනාධිපති Donald Trump මහතා විසින්Truth Socialනමින් ඔහුගේම සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කිරිමට සුදානමින් සිටින බව.ඒ අනුව මේ Truth Social නම් නව සමාජ මාධ්‍ය ජාලය එළඹෙන පෙබරවාරි මස 21 වෙනි දින iOS Devices සදහා නිකුත් කිරිමට නියමිතව පවතිනවා. මෙය Trump Media and Technology Group (TMTG) එක විසින් නිර්මාණය කර තිබෙනවා.නව සමාජ මාධ්‍ය ජාලයක් ලෙස හැදින්වුව ද මේ Truth Social සමාජ මාධ්‍ය ජාලය Twitter සමාජ මාධ්‍ය ජාලයේම පිටපත් ලෙස දැනට App Store හි පළ කර තිබෙන Photos අනුව හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මෙය මුලින් Invite Only ලෙස ක්‍රියාත්මක වෙන සමාජ මාධ්‍ය ජාලයක් ලෙස හදුන්වා දෙනු ඇතැයි වාර්තා වු අතර ඒ පිළිබඳ තවමත් වෙනත් තොරතුරු කිසිවක් වාර්තා නොවන අතර මෙය බොහෝ දුරට Invite Only සමාජ මාධ්‍ය ජාලයක් ලෙස ක්‍රියාත්මක විමට ඉඩ තිබෙනවා.එමෙන්ම පෙබරවාරි 21 දින සිට iPhone Usersලා සදහා භාවිත කිරිමට අවස්ථාව ලැබෙන අතර මෙය භාවිත කිරිමට Android Usersලාට ලැබෙන්නේ කවදා ද යන්න පිළිබඳ තවමත් තොරතුරු වාර්තා විමක් සිදු වි නොමැති වෙනවා.Source :The Verge |
64-bit සඳහා පමණක් සහය දක්වන ලොව ප්‍රථම Android දුරකතනය බවට Pixel 7 පත් වේ | Google සමාගමේ නවතම Flagship Devices ලෙස Google Pixel 7 සහ Google Pixel 7 Pro නිකුත් වු බව ඔබ දන්නවා. Google සමාගමේ Developers වෙබ් අඩවිය විසින් පළ කරන ලද නවතම Blog Post එකකට අනුව ඔවුන් විසින් මේ Google Pixel 7 සහ Pixel 7 Pro Devices දෙක සදහා 64-bit App Support එක ලබා දී තිබෙනවා. එමෙන්ම මේ Pixel 7 Series එක Only 64-bit App සදහා සහාය දක්වනු ලබන ලොව පළමු Android Smart Phone Series එකත් වනවා.ඔවුන් දක්වන ආකාරයට මේ Only 64-bit App සහාය ඔස්සේ 32-bit Appවලට වඩා වේගයක්, ආරක්ෂිත බවක් සහ අඩු Memory Usage එකක් ලබා ගැනිමට හැකියාව ලැබෙනවා.32-bit Apps වලට වඩා වේගයෙන් දුරකථනය මත ක්‍රියාත්මක වෙන්න 64-bit Apps වලට හැකියාව ලැබෙනවා. ඒ ඔවුන් 64-bit Apps සදහා Extra registers සහ Instructions සදහා Access ලබා දී ඇති බැවින්. එමෙන්ම ඔවුන් දක්වන ආකාරයට නව CPU මගින් 25% දක්වා වු අමතර Performance 64-bit Apps Run වන විට ලබා ගත හැකි වනවා.මීට අමතරව Extra address space, Security features සහ Address space layout randomization (ASLR) ඔස්සේ වඩාත් හොද ආරක්ෂාවක් Smart Phone එකට ලැබෙනවා.එමෙන්ම 32-bit App සදහා සහාය ඉවත් කීරිම තුලින් 32-bit Apps ක්‍රියාත්මක නොවන විට භාවිත වු 150MB පමණ ප්‍රමාණයක් RAM එකෙන් ඉතුරැ කර ගැනිමටත් හැකියාව ලැබෙනවා. ඒ Less jank සහ background app Killing හරහායි.ඒ අනුව මේත් සමග Google Pixel 7 සහ Pixel 7 Pro Devices සදහා 32-bit Version Apps භාවිත කිරිමට තිබු හැකියාවත් අහිමි වි යනවා.Sources:android-developers.googleblog.comwww.androidauthority.com |
Arduino Programming 1.0 (Lesson 04) | සුභ දවසක්. අද අපි Arduino වලින් LED එකක් දල්වන විදිය සහ LED patterns හදාගන්න හැටි කියල දෙනවා.මුලින්ම අපි LED එකක් දල්වා බලමු. මේ සදහා අපිට ඕන දේවල්.Uno Board එකක්LED එකක්Jumper wire 2 ක්Resister 200 ohm එකක්.මුලින්ම පහත ආකාරයට සකසා ගන්න. මෙහිදී මම ලබාදී ඇත්තේ 13 වනි PIN එක සහ GND PIN එකකි.SCHEMATICSමේ ආකාරට සවි කරගත් පසු Uno board එක පරිගණකයට සවි කරන්න. දැන් Tools යටතේ තිබෙන Board එක select කර uno board එක තෝරන්න. තවද Tools යටතේ ඇති Port එක තෝරාගන්න. එය COM ලෙස ඔබට දැකගත හැකිය.Select Portදැන් අපි අවශ්‍ය program code එක මෙසේ ලියමු.int led = 13;
void setup() {
pinMode(led, OUTPUT);
}
void loop() {
digitalWrite(led, HIGH);
}මෙහි තිබෙන HIGH යනු ධාරාව වැඩි කිරීමයි. එමගින් LED එක දැල්වේ. මෙහි LOW ලෙස දුන් විට LED එක ක්‍රියා විරහිත වේ.digitalWrite(led, LOW);LED Patternදැන් අපි නිවි නිවි දැල්වෙන සේ LED එක සාදා ගමු. ඒ සදහාvoid loop() methodඑක භාවිතා කරන්න ඕන. මෙහිදී අපි මුලින්ම ධාරාව වැඩි කිරීමටHIGHයොදා ඉන්පසුව එය එසේ දල්වා තබා ගැනීමටdelay()එක යොදා ගනී. ඉන්පසුLOWයොදා ධාරාව අඩු කරගෙන නැවතත්delay()එක මගින් LED එක නිවා තබා ගැනීම සිදු කරයි. එය පහත Code එකෙන් ඔබට දැකගත හැකිය. තවද මෙය loop() method තුල ලිවීම නිසානොකඩවා නිවි නිවි දැල්වේ.int led = 13;
void setup() {
pinMode(led, OUTPUT);
}
void loop() {
digitalWrite(led, HIGH);
delay(800);
digitalWrite(led, LOW);
delay(800);
}realrajapaksha/ArduinoAndroid Wedakarayo Arduino Lessons. Contribute to realrajapaksha/Arduino development by creating an account on GitHub.GitHubrealrajapakshaCode files in GitHubදැන් Upload Button එක Click කිරීමෙන් Code එක Uno Board එකට යවා ගත හැකිය.ඒනම් අපි ඊලග ආටිකල් එකෙන් හමුවෙමු. ඔයාලගේ යෝජනා, ඉල්ලීම් සහ අඩුපාඩු සේරම comment section එකේ කතා කරමු. සුභ දවසක්. |
හේතුවක් නැතුව Hack වෙන Facebook Accountsවල සුලමුල | මේ දවස්වල ගොඩක් අයගේ Facebook ගිණුම් කිසිම හේතුවක් නැතුව වෙන කෙනෙක් අතට පත් වෙනවා කියලා ඔයාට ඕන තරම් අහන්න දකින්න ලැබෙනවා ඇති. සරලවම කියනව නම් Facebook ගිණුම්Hackවෙනවා කියලා අපිට කියන්න පුලුවන්.තමන්ගේ Facebook ගිණුම මේ විදිහට වෙනත් පාර්ශවයක් අතට පත් වෙලාද, ඒ කියන්නේ Hack වෙලාද කියන එක වගේම, කොහොමද මේ විදිහට Facebook ගිණුම් වෙන කෙනෙක්ගේ අතට පත් වෙන්නේ සහ අපි කොහොමද මේ වගේ දේකින් ආරක්ෂා වෙන්නේ කියලා අද කතා කරමු.Facebook ගිණුම් Hack වෙන්නේ කොහොමද ?ගොඩක් වෙලාවට Hacker කෙනෙක් අරමුණ වෙන්නේ ඔයාගේ Personal Data හොරකම් කරන එක. ඉතින් Hackersලා මේ වෙනුවෙන් විවිධ Methods භාවිත කරනවා.01. Phishing Attackඔයාලා ගොඩ දෙනෙක් අහලා තියෙන ගොඩක් පරණම Method එකක් තමයි Phishing Attack කියන්නේ. මේකෙදි වෙන්නේ Facebook එකේ Login Page එකේ Interface එකට සමාන වෙන Login Page එකක් නිර්මාණය කර අප වෙත එවීමයි. එතනදි ඔයා ඔයාගේ Facebook ගිණුමේ Login දීලා Log උනාට පස්සේ Facebook එකට Log වෙනවා වෙනුවට Invalid Logins Details වගේ Error Message එකක් ඔයාට පෙන්නනවා. නමුත් මේ Fake Login Page එකේ දි ඔයා Sign In Button එක Click කරපු ගමන් Hackerගේ අතට ඔයාගේ Mail එකයි Password එකයි Send වෙනවා. ඉතින් ඔයා Two-Step Verification On කරලා නැත්තම් Attack කරන කෙනාට පහසුවෙන් ඔයාගේ Account එකට Log වෙන්න පුලුවන්.02. Keyloggingමේ ක්‍රමේදි වෙන්නේ ඔයාට නොදැනෙන්න Background Run වෙන App එකක් ඔයාගේ Device එක තුළ Attacker විසින් install කිරිමයි. ඉතින් මේ ක්‍රමේ Remote Access Trojans(RAT) කියලත් හඳුන්වනවා. ඔයා Crack software, Mod apps Install කරන අවස්ථාවලදී මේ වගේ RATලා Auto Install වෙන්න පුලුවන්. මේ RATලට පුලුවන් ඔයාට නොදැනෙන්න ඔයාගේ Device එකේ Save වෙන Passwords දුරස්ව ඉන්න පුද්ගලයෙක් වෙත යවන්න. ඒ විතරක් නෙවේ ඔයා Device එකේ Save කරන Bank details, Credit card details උනත් වෙන කෙනෙක්ට Send කරන්න පුලුවන්.03. Password Storageබොහෝ දෙනෙක් තමාගේ පහසුව වෙනුවෙන් Logging Credentials; Web Browser තුල Save කිරීම සිදු කරනවා. ඔබගේ PC හෝ Laptop Device එකේ Password එක දන්නා ඕනම පුද්ගලයෙක්ට මෙලෙස Save කරන Password ඉතා පහසුවෙන් Browser එක තුලින් ලබා ගන්න පුලුවන්.04. Large Database Breachesමහා පරිමාණයෙන් සිදුවෙන මෙම Attacks Company මූලික කරගෙන සිදුවෙනවා. මෙතනදි වෙන්නේ කිසියම් Company එකක Data Server එකක් වෙත පිවිස එහි ඇති Mail, Password සහ බොහෝ රහසිගත දත්ත සොරාගනු ලැබීමයි. මෙලෙස සොරා ගන්නා Login credentials hackersලා විසින් විවිධ Websiteවල Login සඳහා Try කරනවා. මෙය බොහෝ විට සිදුවන්නේ Bots යොදා ගනිමිනුයි. එතනදි බොහෝ ගිණුම්වලට සාර්තක ලෙස පිවිසීමට හැකිවනවා. මෙය Credential Stuffing ලෙසද හැඳින්වෙනවා.05. Social Engineeringමෙහිදී සිදුවන්නේ විවිධ කූට උපක්‍රම භාවිතා කරමින් Victimගේ පුද්ගලික තොරතුරු හෙලිකර ගැනීම හෝ විවිධ Malicious Link Victimගේ අනුදැනුම ඇතුව Click කර ගැනීමය. මේ සඳහා පරිගණක සාක්ෂරතාව අඩු පුද්ගලයින් බොහෝ සේ හසුවනවා.ඉතින් මේ වගේ දේවල්වලින් ආරක්ෂා වෙලා අපි Hack නොවි ඉන්නේ කොහොමද කියලා පහල ලිපිය තුළින් ඔයාලට බලන්න පුලුවන්.Hack නොවී ඉන්නේ කොහොමද?මුලින්ම Hack නොවී ඉන්න නම් අපි දැනගෙන ඉන්න ඕනි අපිව hack වෙන්න පුලුවන් කොහොමද කියන එක. එතකොට අපිට පුලුවන් අපේ accounts hack වෙන එකෙන් වලක්වගන්න. අපිව Hack වෙන්න පුලුවන් ක්‍රම ගැන සම්පුර්ණ විස්තර මන් වෙනම Article එකක් ගේන්නම්. ඉතින් අද බලමු Hack නොවී ඉන්නනම් මොනවද කරන්න ඕනි කියන එක.Android වැඩකාරයෝ - Sinhala Tech News providerSanjeewa Chathuranga Bandara |
Samsung Galaxy S25 Ultraහි Ultra-wide කැමරාව පමණක් upgrade වනු ඇති බවට වාර්තා වේ | Samsung සමාගමේ Premium Smartphone Series එක වන Galaxy S Series එකේ නවතම Galaxy S25 Series එක එළඹෙන වසරේ ජනවාරි මස පමණ නිකුත් වීමට නියමිතව තිබෙනවා. දැනටමත් විවිධ අවස්ථාවල S25 Series එක පිළිබඳව විවිධ නිල නොවන තොරතුරු වාර්තා වු අතර මේ Series එක සමඟ ඔවුන්ගේPlus මාදිලිය අතහැරීමට Samsung සමාගම සුදානම්බවටත් අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා.වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Galaxy S25 Ultra මාදිලියේ Camera Setup එක මේ වසර නිකුත් වු S24 Ultra මාදිලියටම සමානකම් දක්වනු ඇති අතර එහි සිදු කර ඇති එකම වැඩි දියුණු කිරීම වන්නේ එහි Ultrawide Camera එක සඳහා 50MP Samsung ISOCELL JN3 sensor එකක් භාවිත කර තිබිම පමණක් බව වාර්තා වනවා.Unofficial Galaxy S25 Design - Ryanඒ අනුව මේ මාදිලිය සඳහා ඔවුන් සිදු කර ඇති කැපි පෙනෙන වෙනස්කම මෙය වන අතර අනෙක් සියලු විශේෂාංගයන් S24 Ultra මාදිලියේ මෙන් විය හැකි වනු බව බලාපොරොත්තු විය හැකියි.තවද මෙය Qualcomm සමාගමේ Snapdragon 8 Gen 4 chipset එක සමඟින් නිකුත් විය හැකි අතර වැඩි RAM ධාරිතාවයක්, කුඩා Bezels සහිත විශාල තිරය සහ S24 Ultra මාදිලියට සමාන Battery Capacity එකකින් ද මෙය යුතු වනු ඇතැයි තොරතුරු වාර්තා වනවා.Source:www.gsmarena.comx.com/UniverseIce |
විදුලි මෝටර් රථ නිපදවන Nio EV සමාගම ජංගම දුරකතන වෙළඳපලට | විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදක සමාගමක වන Nio සමාගම දැන් EV-කේන්ද්‍රීය දුරකථනයක් සමගින් smart phone යුද්ධයට එකතු වී තිබෙනවා. එම සමාගම චීන EV (Electric vehicle) හි ඇති විශාල තරගකාරීත්වය මත High end smartphones සදහා ද අවධානය යොමු කර ඇති බව පෙනේ.Nio දුරකථනයේ සැලැස්ම කාලයක් සමග අමතක වූ Google pixel 2 හා සමාන වන අතර විශේෂයෙන්ම කැමරා මත lighter and darker shades සංයෝජනයක් සහ Samsung Galaxy S7 මෙන් වක්‍ර display එකක් මෙම දුරකථනයෙන් දැකගත හැකිය.Nio සමාගම තම ප්‍රථම දුරකථනය දියත් කිරීමේ උළෙල ෂැංහයි හීදී පැවැත්වීය. EV නිෂ්පාදකයා විසින් මෙම දුරකථනය විශේෂයෙන් නිපදවා තිබෙන්නේ EV රථ පාරිභෝගිකයන් සදහා වන අතර ඒ තුල තම වාහනය ස්වයංක්‍රීයව (Automatically) park කිරීමේ හැකියාව සහ තවත් සිත් ඇදගන්නා සුලු විශේෂාංග කිහිපයකින් ද එය සමන්විත වේ.දුරකථනය තුල විශේෂාංග 30ක් පමණ ඇති අතර එයින් විශේෂ විශේෂාංගයක් ලෙස UWB (ultra-wideband) ගත හැකිය, එහිදී දුරකථනය සහ වාහනයේ දුර මැනීම මගින් පාරිභෝගිකයාට අවශ්‍ය ඕනම වෙලාවක තම වාහනය අගුළු දැමීම හැකියාව ඇති අතර එය ස්වයංක්‍රීයව සිදු කිරීමටද අවස්ථාව ඇත. එසේම වාහනයේ battery බැස ගිය විට එහි අගුළු මුදා හැරීම සදහා ද මෙම දුරකථනය යොදා ගත හැකිය.ප්‍රධාන විධායක නිලධාරී William Li දුරකථනය දියත් කිරීමේ දිනයට පැමිණෙමින් ප්‍රකාශ කර සිටියේ EV-කේන්ද්‍රීය මෙම දුරකථනය දියත් කිරීමග ගත් තීරණය චීනය තුල ප්‍රතිවාදි නිෂ්පාදක සමාගම් සදහා විශාල තරගයක් විය හැකිබවත් ඔවුන් මෙම නිෂ්පාදනය නුදුරේදීම අනුගමනය කිරීම ආරම්භ කරන බවත් ය.IDC හි විශ්ලේෂක Will Wong මහතා රොයිටර් වෙත පැවසුවේ Nio හි මෙම දුරකථනය මගින් නවතම ව්‍යාපාරය තුලි ලාභය ඉහළ නැංවීම සහ පරිශීලක දත්ත එකතු කිරීම සම්බන්ධයෙන් විශේෂ වන බවයි.Nio දුරකථනය අතීතයේ තිබූ ප්රමුඛ දුරකථනවලට සමාන කම් දැක්වූ වද මෙහි ඇති hardware 2023 වසර සදහා කදිමට ගැලපේ. එහි Snapdragon 8 Gen 2 SoC චිප් එකක් ඇති අතර අඟල් 6.81 ක වක්‍ර සහිත OLED display එක තුල 120Hz refresh Rate එකක් ද පවතී. එහි OIS සහිත 50mp සංවේදයක් සහිත කැමරාවක්ද 50MP periscope telephoto කැමරාවක්ද පසු පස කැමරාව සදහා 50MP ultrawide unit එකක්ද පවතී.1TB storage එකක් සහ 16 GB Ram එකක් සහිත මෙම දුරකථනය තුල storage සහ ram ප්‍රභේද තුනක් ඇතුලත් කර ඇත. 66W දක්වා වේගවත් wired charging පහසුකම මෙන්ම 50W දක්වා වේගවත් wireless charging පහසුකම ද මෙම දුරකථනයේ සමන්විත වේ. මෙහි විශේෂත්වය නම් වෙනත් device එකක් මතදී වුවද මෙම wireless charging පහසුකම හොදින් වැඩ කිරීමයි. නමුත් එහිදී charging speed එකේ අඩු වීමක් සිදු විය හැකිය.Source:www.androidpolice.comwww.reuters.com |
ශ්‍රී ලංකාවේ ප්‍රථම cryptocurrency payment gateway එක හඳුන්වාදීමට කටයුතු කරයි | ශ්‍රී ලංකාවේ ප්‍රතම වතාවට ක්‍රිප්ටො මුදල් නැත්තම් crypto currency වලින් ගෙවීම් කිරීමේ හැකියාව ඇති සේවාවක් වන GemPay සේවාව Gemvault Fintech පෞද්ගලික සමාගම විසින් හදුන්වා දේ.Gempay සේවාව මගින් අන්තර්ජාල ගනුදෙනු හා සේවාවන්ට ඩිජිටල් මුදලක් ලෙස හැදින්වෙන bitcoin භාවිතයෙන් ඉතාමත් සුරක්ෂිතව block chain තාක්ෂණය ගැන දැනුමක් නොමැත්තෙකු වුවත් සාමාන්‍ය ගනුදෙනු කරන මෘදුකාංගයක් භාවිතා කරනවා මෙන් ඉතාමත් සරලව ගෙවීම් ලබාගැනීමට සහ ගෙවීම් කිරීමට ව්‍යාපාර හිමිකරුවන්ට සහ පාරිභෝගිකයින්ට අවස්තාව හිමිවෙනවා. ගනුදෙනුවෙහි පසුතල ක්‍රියාවලිය Gempay මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර ව්‍යාපාර හිමියන්ට ගනුදෙනුවෙහි වටිනාකම රුපියල් වලින් සිය බැංකු ගිණුමටම ලබාගැනීමට හැකියාවද Gempay විසින් ලබාදී තිබෙනවා.Gempay විසින් ව්‍යාපාරිකයන්ට මෙම සේවාව භාවිතා කිරීමට අවශ්‍ය වන සියළුම දේ සපයන්නෙ ශ්‍රී ලංකා රජය විසින් crypto currency, crypto mining, blockchain තාක්ෂණයන් රටපුරා භාවිතා කිරීමේ හැකියාව බලා ඒ තාක්ෂණයන් අනුමත කිරීමෙ ක්‍රියාවලිය සිදුකරගෙන යන වකවානුවක වීම විශේෂත්වයකි. මේ සදහා ඩිජිටල් සහ තාක්ෂණික කටයුතු රාජ්‍ය අමාත්‍ය අතිගරු නාමල් රාජපක්ෂ මැතිතුමා ප්රමුඛ රටහි උගත් ප්‍රමුඛයින් සපිරි කමිටුවක් පත්කිරීමට පසුගියදා කැබිනට් කමිටුවේ අනුමැතිය හිමිවුණා.Gempay පවසන ආකාරයට Crypto currency ලෝකයේ වේගයෙන්ම වැළදගන්නා තාක්ෂණයක් නිසාවෙන් ශ්‍රී ලංකාව තුල මෙය ස්තාපිත කිරීමෙන් ඒවා පසුපස හබායන නවතම විදෙශීකයින් කොට්ටාස ශ්‍රී ලංකාව වෙත ආකාර්ශණය කරගැනීමට හැකියාව ලැබෙන බවය. මූලික වශයෙන් Gempay විසින් Bitcoin , Ethereum , USDT යන ක්‍රිප්ටො කරන්සි වලින් ගනුදෙනු කිරීමේ හැකියාව ලබාදීමට නියමිතයි. පසුව අනෙකුත් crypto වර්ගද ලබාදෙන බවද ඔවුන් පවසා සිටියා.Source:Fintech Zoom |
Linux වෙනුවෙන් අඩිතාලම දැමූ Richard Stallman | අද අපි කතා කරන්න යන්නෙ විශේෂ පුද්ගලයෙක් ගැන. Software කියන්නේ නිදහසේ භාවිතා කරන්න සහ ඒවා තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරන්න වගේම බෙදාහදාගන්න නිදහස තිබිය යුතු දෙයක් කියලා ලොකු හඬක් නැඟුව සහ ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ බොහොම වටින කෙනෙක් ගැන. අද අපි නොමිලේ භාවිතා කරන Linux පාදක මෙහෙයුම් පද්ධති බිහි වෙන්න පාර කැපුව අති සුවිශේෂී චරිතයක් ගැන. ඒ තමයි Richard Stallman (රිචඩ් ස්ටෝල්මන්).මේ වගේ ලිපියක් කියවන්න ගොඩක් අය කම්මැලි නිසා මම උපරිම උත්සාහ කරනවා මේක රසවත් වෙන විදියට ලියන්න. උත්සහය සාර්ථක වේවිද, අසාර්ථක වේවිද කියලා නම් මම දන්නෙ නෑ. එහෙනම් අපි කතාව ආරම්භ කරමු.රිචඩ් ස්ටෝල්මන් උපන්නෙ 1953 අවුරුද්දෙ, මාර්තු 16 වැනිදා නිව් යෝක් නඟරයේදී. ඇමරිකන් කාරයෙක් වුණත් රිචඩ් ට තිබුණෙ යුදෙව් සම්භවයක්. පොඩි කාලෙ ඉඳන්ම මේ අපි වගේ පරිගණක වල හරි ආසාවක් මෙතුමාටත් තිබිලා. රිචඩ් කොලු ගැටයා කාලෙ ජනප්‍රිය වුණ IBM 7094 පරිගණකය ක්‍රියා කරවන ආකාරය ගැන ලියවුණ පොත (මැනුවල් එක) ඒ කාලෙ මෙතුමා කියවලා.IBM 7094 Consoleපසුකාලෙක මෙතුමා Rockefeller විශ්වවිද්‍යාලයේ ස්වේච්ඡා විද්‍යාගාර සහයකයෙකු විදියට වැඩ කරලා තියෙනවා. හැබැයි මේක පරිගණක විද්‍යාගාරයක් නම් නෙවෙයි, ජීව විද්‍යාව සම්බන්ධ විද්‍යාගාරයක්. ඒ අතරම, රිචඩ් තරුණයා, ගණිතය, භෞතික විද්‍යාව වගේ විශයයන් ගැනත් බොහොම ඇල්මක් දක්වලා තියෙනවා. රිචඩ් ට උගන්නපු මහාචාර්ය වරයා හිතලා තියෙන්නෙ රිචඩ් කවදා හරි හොඳ ජීවවිද්‍යාඥයෙක් වේවි කියලා.රිචඩ් මුලින්ම පරිගණකයක් එක්ක වැඩ කරන්න පටන් අරන් තියෙන්නෙ IBM New York Scientific Center එකේදි. රිචඩ් ස්ටෝල්මන් උසස් පාසලේ (High School එකේ) අධ්‍යාපනය ලබපු කාලෙ (එතකොට එයාට අවුරුදු 17යි.) එයා FORTRAN ක්‍රමලේඛ භාෂාවෙන් සංඛ්‍යාත්මක විශ්ලේෂණ කරන්න පුළුවන් පරිගණක වැඩසටහනක් ලියන්න සම්බන්ධ වෙලා තියෙනවා, සති කීපයකින් ඒ වැඩේ අවසන් කරපු රිචඩ් කියලා තියෙනවා "මම දිවුරලා කියනවා ආයෙ නම් කවදාවත් FORTRAN නම් පාවිච්චි කරන්නෑ, වෙන පරිගණක භාෂා එක්ක බැලුවම ඒකට පරිගණක භාෂාවක් කියලා කියන්න වත් වටින්නෑ" කියලා. ඊට පස්සෙ එයා APL භාෂාව යොදාගෙන Text Editor එකක් සහ IBM සමාගමෙන් හඳූන්වා දුන්න පරිගණක භාෂාවක් වුණ PL/I භාෂාව වෙනුවෙන් preprocessor එකක් ක්‍රමලේක කළා කියලයි සඳහන් වෙන්නෙ.විශ්වවිද්‍යාලයේ සහ MIT එකේ ජීවිතයපසුව රිචඩ් ඇතුළු වෙනවා සුප්‍රසිද්ධ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙක් වෙලා හිටිය කාලෙ රිචඩ් ගණිතය පැත්තෙන් බොහොම දක්ෂයෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසාම එතුමා ඉඳලා තියෙන්නෙ ගොඩක් සතුටෙන්. ඒ සතුට එතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ මෙහෙමයි, "මගේ ජීවිතේ පළවෙනි වතාවට, මට දැනුණා හාවර්ඩ් වල මට මගේ ගෙදර හමුවුණා කියලා."1971 අවුරුද්ද වෙනකොට රිචඩ් හිටියේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පළමු වසරේ. එතකොට රිචඩ් ට අවුරුදු 18ක් විතරයි. ඒ වෙනකොටත්, තාක්ෂණවේදය පිළිබඳ මැසචුනෙට්ස් ආයතනයේ (Massachusetts Institute of Technology - MIT) කෘතීම බුද්ධි විද්‍යාගාරයේ (Artificial Intelligence Laboratory) ක්‍රමලේඛ ශිල්පියෙක් විදියට වැඩ කරන්න එතුමාට අවස්ථාව උදාවෙලා තියෙනවා. මේ කෘතීම බුද්ධි පරීක්ෂණාගාරය තමයි පසු කලෙක Computer Science & Artificial Intelligence Lab හෙවත් පරිගණක විද්‍යා සහ කෘතීම බුද්ධිය පිළිබඳ විද්‍යාගාරය විදියට නම් කළේ.MIT Campusඒ කාලෙ "Hackers" යනුවෙන් හඳුන්වාගත්ත, පරිගණක කේත කියන්නෙ නිදහසේ ඕන කෙනෙක්ට අරගෙන, තමන් කැමති විදියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන දෙයක් ය, කියන දේ දැඩි ලෙස විශ්වාස කරපු පරිගණක ක්‍රමලේඛ ශිල්පීන්ගේ එකමුතුවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්නත් ඒ කාලෙ රිචඩ් ට පුළුවන් වෙලා තියෙනවා. ඒ සමාජයේදි රිචඩ් ව හඳුන්වලා තියෙන්නෙ, එතුමා පරිගණක ගිණුම් වල භාවිතා කරපු RMS කියන ඔහුගේ නමේ මුලකුරු තුනෙන්. (Richard Matthew Stallman) 1974 අවුරුද්දේ, එතුමා හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගන්නවා.රිචඩ් ට මුලින් හිතිලා තියෙන්නේ හාවර්ඩ් වලම ඉඳලා භෞතික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය කරන්නයි. නමුත් පරිගණක ක්‍රමලේඛ ශිල්පයට තිබුණ ආසාව නිසා ඒක අතරමඟ නතර කරලා MIT AI Laboratory එකේ දිගටම වැඩ කරන් යන්න පටන් අරගෙන. එතුමා 1975 ඉඳන්, පර්යේෂණ සහකාර වරයෙක් විදියට වැඩ ආරම්භ කළා.1977 දි Gerry Sussman ගේ ප්‍රධානත්වයෙන් සහ රිචඩ් ගේ සහභාගීත්වයෙන් කෘතීම බුද්ධි පිළිබඳ තාක්ෂණික කරුණු අඩංගු පත්‍රිකාවක් ඉදිරිපත් කෙරුණා. අදටත් ඒ පත්‍රිකාවේ අඩංගු කරුණු බොහෝ වැදගත් කියලයි සැලකෙන්නේ.AI laboratory එකේ හිටිය "හැකර්" සාමාජිකයෙක් හැටියට රිචඩ්, Incompatible Timesharing System (ITS) මෙහෙයුම් පද්ධතියේ Text Editor එකක් වුණ TECO සහ තවත් text editor එකක් වුනු Emacs මෘදුකාංග නිර්මාණයට දායක වුණා. Lisp machine යනුවෙන් හැඳින්වුණු පරිගණක වල මෙහෙයුම් පද්ධති නිර්මාණයටත් එතුමා දායක වෙලා තියෙනවා. මෙතනදි කතා වුණ Emacs text editor එක අදටත් නොමිලේ දෙන Text editor එකක් විදියට ප්රකටයි.Emacs Dired buffersපරිගණක විද්‍යාගාරයේ තියෙන පරිගණක වලට ඇතුළුවීම අවහිර කරනවට රිචඩ් කැමති වුණේ නෑ. ඒ කාලෙ රිචඩ් වැඩ කරපු පරිගණක විද්‍යාගාරයට අරමුදල් සැපයුණේ DARPA එකෙන්. ඒක රජයෙන් ක්‍රියාත්මක වුන ආරක්ෂක අංශය එක්ක සම්බන්ධ ආයතනයක්. ඒකෙන් ක්‍රියාත්මක වුණ ව්‍යාපෘති තිබුනේ පිවිසීම අවහිර කළ, එහෙමත් නැත්නම් මුරපදයක් යෙදූ ගිණුමක් හරහා ඇතුළුවෙන්න පුළුවන් විදියටයි. 1977 දි මේ විදියට මුරපද ක්‍රමයක් හඳුන්වාදුන්නට පස්සෙ රිචඩ් කළේ ඒ මුරපද විකේතනය (decode) කරන්න, ක්‍රමයක් හොයාගත්ත එක. (හැකර් කෙනෙක්ම තමා ඉතින්)ඊට පස්සෙ රිචඩ් කළේ ඒ මුරපද ටික අදාළ ගිණුම් හිමි අයටම සාමාන්‍ය text එකක් ආකාරයෙන් යවලා එයාලගෙ පාස්වර්ඩ් ටික අයින් කරලා දාන්න කියලා ඉල්ලපු එක. ඒ මොකද කිව්වොත් ගිණුමක් හරහා පද්ධතියට ලොග් වුණාම ඒ ලොග් වෙලා ඉන්න කවුද කියලා හඳුනාගන්න හැකි නිසා. එහෙම ගිණුමක් නොමැතිව පද්ධතියට ඇතුළත් වුනාම නිර්ණාමිකත්වය (anonymity) ආරක්ෂා වෙන නිසා. (දැන් අන්තර්ජාලයේ පෞද්ගලිකත්වය, නිර්ණාමිකත්වය ආරක්ෂා කරගන්න අපි සටන් කරනවා වගේ රිචඩ් මහත්තයටත් ඒ පිස්සුව ඒ කාලෙ තිබිලා)කොයික වෙතත්, එහෙම ඉල්ලපු අයගෙන් ඒකට එකඟ වෙලා තියෙන්නෙ 20% දෙනෙක් විතර පිරිසක් විතරයි. ඒ නිසා අන්තිමේදි මුරපද ක්‍රමය ම දිනලා. නමුත් ඒ කරපු දේ ගැන නම් අවුරුදු ගාණකට පස්සෙත් රිචඩ් කතා කරන්නෙ හරි ආඩම්බරෙන්.GNU ව්‍යාපෘතියට පාර කැපුණු හැටි1970 ගණන් වල අග සහ 1980 ගණන් වල මුල් කාලයේ "හැකර්" සංස්කෘතිය බිඳවැටෙන්න පටන් අරගෙනයි තිබුණෙ. ඒකට හේතුව වුණේ මෘදුකාංග නිෂ්පාදන සමාගම් වල තරඟයට ඉන්න තරඟකාරී අනෙක් මෘදුකාංග නිෂ්පාදකයින් තමන්ගේ software ටික අරගෙන එයාලගෙ විදියට වෙනස් කරලා භාවිතා කිරීම. මෙන්න මේ තරඟය නිසා software වල කේතය නිදහස් කිරීම ක්‍රමයෙන් නැවතෙන්න පටන්ගෙනයි තිබුණෙ. මෘදුකාංග වල කතෲ අයිතිය බලාත්මක කරන ඇමරිකා එක්සත් ජනපද කතෲ හිමිකම් පනත 1976 දි එළි දැක්වීමත් එක්ක නිදහස් මෘදුකාංග ඇතිවීම තව තවත් සීමා වෙන්න පටන්ගත්තා.රිචඩ් විසින් තරයේ විශ්වාස කරපු කරුණ වුණ යම් මෘදුකාංගයක් තියෙනවා නම් ඒක භාවිතා කරන්නාට ඒකේ කේතය තමන්ට අවශ්‍ය හැටියට වෙනස් කරගත හැකි විය යුතුය කියන දේ එන්න එන්නම නැති වෙමින් තිබුණෙ. ඔයාලා දන්නවනෙ, එහෙම කෝඩ් එක නොපෙන්වා, closed code විදියට ආව මෘදුකාංග සමාගම් කොච්චර සල්ලි උපයා ගත්තද කියන එක (වින්ඩෝස් වගේ) ඉතින් මොන සමාගමද කැමති පාඩු ලබන්න? හැමෝම වගේ ඒ කාලෙ වෙද්දි තේරුම්ගනිමින් හිටියෙ ලාභ උපයන්න නම් closed code ම තමයි හරියන්නෙ කියන එක.රිචඩ් වැඩ කරපු AI Lab එකේ ඉස්සර තිබිලා තියෙන්නෙ Xerographic Printer එකක්, ඒ ප්‍රින්ටර් එකට මොනා හරි ප්‍රින්ට් කරන්න භාර දුන්නම, ප්‍රින්ට් කිරීම අවසන් වුණාට පස්සෙ ඒ වෙලාවෙ නෙට්වර්ක් එකට ලොග් වෙලා ඉන්න අයට බලාගන්න පුළුවන් විදියට "ප්‍රින්ට් වෙලා ඉවරයි" කියලා මැසේජ් එකක් යන විදියටත්, ප්‍රින්ටර් එක හිර වුණාම වගේ දේවල් වලදි user ලව දැණුවත් කරන්නත් පුළුවන් විදියට ඒ ප්‍රින්ටර් එකේ කේත සටහන රිචඩ් විසින් මොඩිෆයි කරලා තිබුණා. පස්සෙ 1980 දි එතනට අලුත් Xerox 9700 ප්‍රින්ටර් එකක් අරන් ඇවිල්ලා, ඒකෙන් අර කලින් විදියේ මැසේජ් යැවීමක් සිදු වෙලා නෑ.Source code එක වෙනස් කරලා ඒකෙනුත් මැසේජ් යවන්න පුළුවන් විදියට හදන්න පුළුවන් කම තිබුණත්, ඒකෙ කෝඩ් එක මොඩිෆයි කරන්න "හැකර්" ටීම් එකේ කවුරුත් ඉදිරිපත් වෙලා නෑ. ඒකෙන් හැමෝම වගේ ලොකු අපහසුතාවකට පත් වෙලා, ප්‍රින්ටර් එක තියෙන්නෙ වෙනම තට්ටුවක වීම නිසා මේ වැඩේ තවත් දුෂ්කර වෙලා. අන්න ඒ විදියට රිචඩ් ඇතුළු "හැකර්ස්" ලා ප්රායෝගිකවම පෙන්නලා තියෙනවා මොකක් හරි මෘදුකාංගයක් තියේ නම් ඒක තමන්ට ඕන හැටියකට modify කරන්න පුළුවන් වීමේ වාසිය මොකක්ද කියන එක.රිචඩ් තර්ක කරමින් පෙන්වාදුන්නේ මොකක් හෝ software එකක් තියේ නම් ඒක තමන්ගේ යාළුවෝ අතර බෙදා හදාගන්න, ඒක හදලා තියෙන්නෙ කොහොමද කියලා අධ්‍යනය කරන්න, තමන්ට අවශ්‍ය විදියට ඒ කේතය වෙනස් කරගන්න වගේ දේවල් කරන්න පරිශීලකයාට ඉඩ දිය යුතුය කියන එක. ඒ වගේ දේවල් තහනම් කිරීම සදාචාර සම්පන්න නොවන දෙයක් බවයි එතුමාගේ මතය වුණේ. එතුමාගේ තර්කය වුණේ, Software හැම එකක්ම නොමිලේ ලබාදිය යුතුයි කියන දේ නොවෙයි. මොකක් හරි software එකක් තියේ නම්, ඒක පාරිභෝගිකයාගේ කැමැත්ත පරිදි, නිදහසේ පරිභෝජනය කිරීමේ නිදහස නැති කර දැමීම සදාචාරසම්පන්න නැහැයි කියන එකයි.1984 පෙබරවාරියේ දී MIT එකේ රස්සාවට සමු දුන් රිචඩ් නිදහස් මෘදුකාංග වෙනුවෙන් තමන්ගේ මුළු කාලයම කැප කිරීමේ බලාපොරොත්තුවෙන් GNU ව්‍යාපෘතියට තමන්ගේ මුළු ශක්තිය යෙදවීම ආරම්භ කළා. නමුත් පඩි නොලබන, ආරාධිත පරිගණක විද්‍යාඥ්ඥයෙකු වශයෙන් එතුමා MIT ආයතනය සමඟ සබඳතා පවත්වාගත්තා.GNU ව්‍යාපෘතිය1983 වසරේ දී ARPANET එකේ සහ USENET එකේ Mailing list එකේ හිටිය අයට රිචඩ් දැනුම් දුන්නා එයාගෙ නිදහස් තේමාව පදනම් කරපු GNU මෙහෙයුම් පද්ධතිය හදන්න කරන සැලැස්ම ගැන. රිචඩ් කිව්වෙ, "මෙහෙයුම් පද්ධති ඩිවලොපර් කෙනෙක් හැටියට, මට මේ දේ කරන්න හැකියාව තියෙනවා. මේක සාර්ථක වුණත් නැතත්, මට හිතෙනවා මේ වැඩේ කරන්න "තෝරාගැණුන" පුද්ගලයා මමයි කියලා. මම හදන මේ මෙහෙයුම් පද්ධතිය Unix සමඟ ගැලපෙන්නයි හදන්නෙ. ඒ නිසා මේක භාවිතාව පහසුයි වගේම, Unix වල ඉඳන් මගේ මේ නිදහස් මෙහෙයුම් පද්ධතියට මාරු වෙන්නත් ලේසියෙන් පුළුවන් වේවි." කියලයි.1985 දි, රිචඩ් විසින් GNU ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාශයට පත් කළා. එයින් කියවුණේ GNU නමින් දියත් කෙරෙන නිදහස් මෙහෙයුම් පද්ධතිය ගැන. GNU කියන්නෙ GNU's Not Unix කියන එක කියලයි කියන්නෙ. ඒ කියන්නෙ මේ OS එක Unix නෙවෙයි කියන එක එතනදි මතු කරලා තියෙනවා. ඒකෙන් ටික කලකට පස්සෙ Free Software Foundation (නිදහස් මෘදුකාංග පදනම) නමින් ලාබ නොලබන ආයතනයක් පටන්ගත්ත රිචඩ්, නිදහස් මෘදුකාංග ඉංජිනේරුවන් බඳවා ගන්නත්, නිදහස් මෘදුකාංග ව්‍යාපාරය වෙනුවෙන් නීතිමය රාමුවක් සකසාගන්නත් පටන්ගත්තා.නිදහස් මෘදුකාංග වල කේත වෙනස් කිරීම්, සහ නැවත බෙදාහැරීම් පිළිබඳ නීතිමය පදනම සහිතව ආරම්භ කරපු GNU Licensing කරම වේදය මඟින් ප්‍රථම වතාවට 1989 දී GNU Emacs General Public License ලෙස Emacs editor එක වෙනුවෙන් Llicense එකක් නිකුත් කෙරුණා.රිචඩ් විසින් මෙහෙයුම් පද්ධතියකට අවශ්‍ය කෙරෙන tools එකින් එක නිපදවමින් තිබුණා. ඒ tools යටතට Emacs editor එක, GCC Compiler එක, GNU Debugger එක, GNU make build automator එක ආදී ඒවා ඇතුලත් වුණා. මේ ලැයිස්තුවට ප්‍රධාන අඩුවක් වුනේ Kernel එකක්. 1990 දි, GNU ප්‍රොජෙක්ට් එකේ සාමාජිකයෝ Carnegie Mellon ගේ Mach microkernel එක භාවිතා කරගෙන GNU Hurd නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරලා තිබුණා. නමුත්, UNIX මෙහෙයුම් පද්ධතියේ standard එක වුණ POSIX standard එකට අනුකූල වෙන්න තව බොහෝ වැඩි දියුණු කිරීම් කළ යුතුව තිබුණා.Linux උපත1991 දී තමයි ෆින්ලන්ත ජාතික සිසුවෙක් වුණු Linus Torvalds විසින් GNU development tools භාවිතා කරමින් අපි හැමෝම දන්න, සුප්‍රසිද්ධ Linux Kernel එක නිපදෙව්වෙ.Linus Torvaldsඒකෙ ප්‍රතිඵලයක් ලෙස බිහි වුණ Linux Platform එකේ දැනටමත් GNU විසින් නිපදවලා තිබුණ පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබුණා. Linux kernel එකත්, GNU වැඩසටහන් ටිකත් එකට එකතුව සැදුණු සාමාන්‍ය භාවිතයට සුදුසු මෙහෙයුම් පද්ධතියට හැමෝම වගේ කිව්වෙ "Linux" කියන තනි නමයි. මේකට රිචඩ් ඇතුළු පිරිස නම් කැමති වුණේ නෑ, මොකද Linux කියන එක හැදෙන්න මූලික වුණ, අඩිතාලම හදලා දුන්න GNU එක සහ නිදහස් මෘදුකාංග පදනම එතනදි කිසි විදියකට වත් නියෝජනය වීමක් වුණේ නැති නිසා. අදටත් GNU කියන එක බොහෝ දෙනා නොදැන ඉන්නත් Linux කියන එක ඕන කෙනෙක් දැනගන්නත් හේතුව මේකම තමයි. රිචඩ් ඇතුළු නිදහස් මෘදුකාංග පදනමේ උදවිය Linux වලට යෝජනා කළේ GNU/Linux කියන නාමයයි. කලාතුරකින් සමහර තැන් වලදී පමණයි අපිට ඒ විදියට දකින්න ලැබෙන්නෙ.බොහෝ රටවල සංචාරය කරමින් නිදහස් මෘදුකාංග සහ GNU ව්‍යාපෘතිය ගැන දේශණ පැවැත්වීම රිචඩ් ගේ ජීවිතයේ කොටසක්. මේ විදියට එතුමා 2006 දි ඉන්දියාවට ආව වෙලාවක කරපු සාකච්ඡා සහ දේශණ වල ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ උසස් පාසල් 12,500 ක් පමණ Microsoft වානිජ මෘදුකාංග වලින් මිදිලා නොමිලේ දෙන මෘදුකාංග වෙත මාරු වෙලා තියෙනවා.නිදහස් ලොවක් වෙනුවෙන් නිදහස් මෘදුකාංග වෙනුවෙන් කැපවෙන මෙතුමා තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. රිචඩ් ස්ටෝල්මන් ගැන බොහෝ විස්තර එතුමාගේ වෙබ් අඩවියෙන් (https://stallman.org) ලබාගන්න පුළුවන්.මේ ලිපිය ලියන්න හේතු වුණේ, හැමෝම Linux ගැන කතා කරත් GNU කියන්නෙ මොකක්ද සහ රිචඩ් ස්ටෝල්මන් කියන්නෙ කවුද කියන එක ගැන කතා නොකිරීමයි. මම හිතන්නෙ, මගේ උත්සහය ටිකක් සාර්ථකයි වගේ, හැබැයි මේ වගේ දීර්ඝ ලිපියක් කියවන පිරිස නම් බොහොම අඩු වෙන්න පුළුවන්. එහෙනම්, නැවත මුණ ගැසෙමු. නිදහස් මෘදුකාංග අගයමු, භාවිතා කරමු! |
Phishing attack එකක් හරහා ඩොලර් මිලියන 1.7ක් වටිනා NFT tokens 250කට අධික ප්‍රමාණයක් සොරකම් කරයි | ප්‍රහාරකයින් පිරිසක් විසින් Opensea පරිශීලකයින්ගෙන් NFT සියගණනක් සොරකම්කර ඇත. Blockchain ආරක්ෂණ සේවාවක් වන PeckShield විසින් සම්පාදනය කර ඇති වාර්තාවකට අනුව tokens 254 කට අධික සංඛ්‍යාවක් සොරකම් කර ඇති අතර ඒවා අතර Decentraland සහ Bored Ape Yacht Club හි tokens ද ඇතුළත්ය.මෙම ප්‍රහාර වලින් වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ 5PM - 8PM(ET) වන අතර ඉලක්ක වුණු පරිශීලකයින් ගණන 32 කි. Blog Web3 පවත්වාගෙන යන Molly White ගණනය කර ඇති ආකාරයට මෙම සොරකම් කර ඇති tokens වල වටිනාකම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7 පමණ වන බවයි.ඉතින් මේ Opensea සමාගම කියන්නෙ ඩොලර් බිලියන 13 ක වටිනාකමකින් යුත් NFT හි ප්රචලිතවීමත් සමග එහි වටිනාම සමාගම් අතරට පැමිණුනු සමාගමක්.ප්‍රහාරය සිදුවන අවස්ථාවවේ Opensea සමාගම විසින් ඔවුන්ගේ Contract System එක update කරමින් සිට ඇති නමුත්, එය නව contracts නිසා සිදුවූ බව ඔවුන් ප්‍රතික්ෂේප කරයි.කෙසේ නමුත් ප්‍රහාරයට හේතුව තවම නිශ්චිතව හදුනාගෙන නොමැති අතර ඒ පිළිබදව සොයාගන්නා නවතම තොරතුරු පිළිබදව ඉදිරියේදි දැනුවත් කරන බවත් එම සමාගම පවසනවා.Source:The Verge |
iPhone 14 මාදිලියේ වෙළඳපල මිල අඩු වීමට සාපේක්ෂව 1.5 ගුණයකින් Samsung Galaxy S23 මාදිලියේ වෙළඳපල මිල අඩුවී ඇති බව වාර්තා වේ | වර්තමානයේ ලොව නම් දරා සිටින Smart Phone නිෂ්පාදකයින් වෙන Apple, Samsung සහ Google සමාගම් විසින් පසුගිය සමයේ නිකුත් කළ ඔවුන්ගේ High End Premium Devices වෙන iPhone 14 Series එක, Galaxy S23 Series එක සහ Pixel 7 Series එක පිළිබඳව ඔබ දැනටමත් දන්නා අතරම සමහර විට මේ Devicesවලින් එකක් ඔබ භාවිත කරමිනුත් සිටිනවා විය හැකියි.මෙම සමාගම් විසින් මෙලස සෑම වසරේදීම නිපදවනු ලබන High End Premium Devices එම සමාගම්වල හොදම Smart Phones වෙනවා මෙන්ම එම සමාගම්වල වැඩිම මිලෙන් යුතුව වෙළෙඳපොළට නිකුත් කරන Smart Phones ද වෙන්නේ මේ Devices කිහිපයයි. මෙලෙස වෙළෙඳපොළට නිකුත් වෙන මේ High End Premium Smart Phonesවල වටිනාකම අඩු විම පිළිබඳව සකස් කරන ලද නවතම වාර්තාවSellCellවෙබ් අඩවිය විසින් පසුගිය දිනක නිකුත් කර තිබෙනවා.එම වාර්තාවට අනුව iPhone 14 Series එකේ Smart Phone එකක් මිලදීගෙන පළමු මාසයකට පසුව එහි වටිනාකමින් 32.3%ක පමණ ප්‍රමාණයක් අඩු වි ඇති අතරම මාස දෙකකට පසුව 31%ක පමණ ප්‍රමාණයකින් වටිනාකම අඩු වි තිබෙනවා. එනම් iPhone 14 Series එකේ Smart Phone එකක් මාස දෙකකට පසුව නැවත අලෙවි කිරිමේ මිල දළ වශයෙන් මුල් වටිනාකමෙන් 70%ක පමණ ප්‍රමාණයක් වෙනවා.Galaxy S23 Series එකේ Smart Phone එකක් මිලදීගෙන පළමු මාසයකට පසුව එහි වටිනාකමින් 41.1%ක පමණ ප්‍රමාණයක් අඩු වි ඇති අතරම මාස දෙකකට පසුව 43.3%ක පමණ ප්‍රමාණයකින් වටිනාකම අඩු වි තිබෙනවා. එනම් Galaxy S23 Series එකේ Smart Phone එකක් මාස දෙකකට පසුව නැවත අලෙවි කිරිමේ මිල දළ වශයෙන් මුල් වටිනාකමෙන් 56.7%ක පමණ ප්‍රමාණයක් වෙනවා.එමෙන්ම Google Pixel 7 Series එකේ Smart Phone එකක් මිලදීගෙන පළමු මාසයකට පසුව එහි වටිනාකමින් 43.1%ක පමණ ප්‍රමාණයක් අඩු වි ඇති අතරම මාස දෙකකට පසුව 45.9%ක පමණ ප්‍රමාණයකින් වටිනාකම අඩු වි තිබෙනවා. එනම් Google Pixel 7 Series එකේ Smart Phone එකක් මාස දෙකකට පසුව නැවත අලෙවි කිරිමේ මිල දළ වශයෙන් මුල් වටිනාකමෙන් 54.1%ක පමණ ප්‍රමාණයක් වෙනවා.මොවුන් නිකුත් කරන ලද මේ වාර්තාවට අනුව iPhone 13 Series එකේ, Galaxy S23 Series එකේ සහ Pixel 7 Series එකේ එක් එකේ Devicesවල මුල් මාසයට සහ මාස දෙකකට පසුව නැවත විකිණිමේ වෙළෙඳපොළ වටිනාකම පහත පරිදි වෙනවා.කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටකට මෙවැනි වාර්තාවන්ගේ දත්ත ඔස්සේ ජංගම දුරකථනවල මිල වෙනස් වීම පිළිබඳ නිවරැදිම තොරතුරු ලබා ගැනිමට අපහසු වෙන අතර එයට හේතුව වන්නේ වර්තමානයේ අප රට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ වෙනත් ආර්ථිකමය හේතුයි.Sources:sellcell.combgr.com |
Qualcomm විසින් ගෘහාශ්‍රිතව භාවිතා කල හැකි අධිවේගී Wi-Fi 7 තාක්ෂණය එලිදක්වයි | පසුගිය දා Qualcomm ආයතනය විසින් ගෘහස්ථ පරිශීලකයන් සඳහාම නිර්මාණය කරන ලද “The Qualcomm Wi-Fi 7 Immersive Home Platform” නම් High Performance Wireless Networking Technology එක පිළිබඳ ව හෙළිදරව් කළා. මේ හරහා අධිවේගී අන්තර්ජාල අත්දැකීමක් ලබාගත හැකි වන අතර ලබන වසර හෝ දෙක තුල මෙය නිකුත් වීමට ද නියමිත වනවා.මෙම Qualcomm Wi-Fi 7 Immersive Home Platform එක 20 Gbps දක්වා වූ උපරිම වේගයක් ලබා ගැනීමට සමත් වන අතර ඒ සඳහා Power-efficient Chipset එකක් භාවිතා වන අතර Qualcomm ආයතනය පවසන අන්දමට මෙය ඉතා ලාභදායක එකක් ද වනවා.එමෙන්ම මෙම Platform එක සතු ව Qualcomm Multi-Link Mesh නමින් නව පහසුකමක් ද අන්තර්ගත වන අතර මෙය වඩා වේගවත් මෙන් ම responsive networking අත්දැකීමක් සමඟ ගෘහස්ථ ජාලකරණ තාක්ෂණයේ තවත් සංවර්ධන පියවරක් පෙන්නුම් කරයි.“We developed the Qualcomm Immersive Home Platform to enable high-performance connectivity in a cost-effective, low-profile form factor delivering the newest innovations in home networking,” -Qualcomm Technologies, Inc හි රැහැන් රහිත යටිතල පහසුකම් හා ජාලකරණ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා සාමාන්‍යාධිකාරී Nick Kucharewski-මෙම නව Qualcomm Wi-Fi 7 Immersive Home Platform එක සතු Multi-Gigabit Fiber Broadband සබඳතාව සහ ඉතාමත් අවම Latency අගයකින් සමන්විත වේ. මේ අනුව High-resolution Video, Augmented Reality, Virtual Reality මෙන් ම Low-latency Gaming තවදුරටත් පරිශීලකයන්ට සමීප වනු ඇත.එමෙන්ම මෙහි Multi-Link Mesh පහසුකම මඟින් Legacy Wireless Devices වල Performance තවදුරටත් වැඩි කිරීමට ද මෙම Platform එකට හැකියාව පවතී. එනම් පැරණි Devices ද WiFi 7 සමඟ පෙරටත් වඩා හොඳින් ක්‍රියා කරනු ඇත.මෙම WiFi 7 Chipset සමඟ නිෂ්පාදන 2023 වර්ෂයේ දෙවන බාගය වන විට පමණ පාරිභෝගිකයන් වෙතට සමීප වනු ඇතයි Qualcomm ආයතනය බලාපොරොත්තු වෙයි.Qualcomm WiFi 7 Immersive Home Platform එක සතුව ඇති මින් පෙර දී ද සඳහන් කළ Multi-Link Mesh තාක්ෂණය මඟින් Devices වල Network Demand එක අනුව බුද්ධිමත් ලෙස Wireless Connection Dynamically Manage කිරීමේ පහසුකමක් ද වනවා. එමගින් Devices වලට ගැලපෙන ලෙසට 2.4GHz, 5GHz හෝ 6GHz Bands වලින් එකක් හෝ කිහිපයක් එකතු කර හෝ වෙනත් විකල්පයක් භාවිතා කර හෝ, Low-latency එකක් සමඟින් Optimum Speed එකක් ලබා දීම මෙන් ම Lag-free Gaming Experience එකක් ලබා දීම සිදු කරනු ලබනවා. එමෙන්ම Crowded Wireless Environment එකක් තුල WiFi 7 හි Real-time Latency එක 75%කින් අවම වේ.“Wi-Fi 7 brings powerful new capabilities which are best experienced using a tri-band system. Through this approach, Wi-Fi mesh can deliver performance gains for both new and legacy devices”WiFi 7 හි 5GHz Band එකෙහි Performance තවදුරටත් වැඩි කිරීම සඳහා වඩාත් පුළුල් 240MHz Channel Width එකක් සමඟින් 4K QAM Modulation එකක් ද භාවිතා කර ඇති අතර එය පෙර පවතී WiFi 6 වලට සාපේක්ෂව 80% වැඩි Throughput එකකි.එමෙන්ම WiFi 7 වල නවතම 6GHz Band එක සඳහා ද 320MHz Channel Width එකක් සමඟ 4K QAM Modulation එකක් භාවිතා කල ඇති අතර එය මේ වන විට පවතින Latest ම WiFi Technology එක වන WiFi 6E සමඟ සසඳන විට 140% කින් වැඩි Throughput එකක් පෙන්නුම් කරයි.Linksys, Netgear හා TP-Link වැනි Wi-Fi Brands මේ වන විටත් WiFi 7 භාවිතා කිරීමට සුදානම් ව සිටින අතර එහි විධායක නිලධාරීන් කිහිප දෙනෙක් මේ පිළිබඳ ව අදහස් දක්වා ද තිබුණා.“Qualcomm Wi-Fi 7 Immersive Home platforms provide our customers with cost-effective, high-performance networking for any size home. We’re excited to work alongside a company that is first in the industry to combine Multi-Link Mesh with advanced Wi-Fi 7 capabilities” -Linksys හි පාරිභෝගික නිෂ්පාදන කළමනාකරණ අධ්යක්ෂ Aly Reyes-“Our work with Qualcomm grants us front-line access to the next generation of platforms that offer a complete portfolio of advanced Wi-Fi 7 capabilities to our customers” -Netgear-“We’re looking forward to combining this technology with our wireless RF and networking expertise to provide our customers with unique, high-performance, multi-band Orbi Mesh products” -Netgear හි Connected Home Products and Services හි සභාපති සහ සාමාන්‍යාධිකාරී David Henry-Sources:ForbesQualcomm |
අලුත්ම Samsung කාඩ්පත - Samsung Money by Sofi | අපි හැමෝම දන්නවනේ පසුගිය වසරෙදි Release වුන Apple Card එක ගැන.Apple කාඩ්පතඔන්න දැන් Samsung ආයතනයත් එයාලගේම Debit Card එකක් හදුන්වා දෙන්නයි සුදානම.ඒ වගේම කියන්න පුලුවන් මේකත් ගොඩක් ජනප්‍රිය වෙයි කියල.මුලින්ම මේ කාඩ්පත භාවිතා කරන්න අවස්ථාව ලබා දෙන්නේ ඇමරිකාව සදහායි.Card පතේ Tag Line එකමේ Debit Card එක සදහා හවුල්කාර මුල්‍ය ආයතනය වෙන්නේ "SoFI" කියන Online Personal Finance Company එක. ඒ වගේම කාඩ්පත නිකුත් කරන්නේ Bancorp බැංකුව මගින්. ඒ වගේම මේ Card පතත් සමග Samsung Pay මගින් කාඩ්පතේ මුදල් කලමණාකාර කර ගැනිමට අවස්ථාව සලසනවා. Samsung Pay ආරම්භ වුනේ 2015 දි මෙහිදි ගනුදෙනුවලදි භාවිත වුනේ Magnetic Secure Transmission (MST) තාක්ෂණයයි. එනම් කාඩ්පතක් රහිත දුරකථනය හරහා ගනුදෙනු කිරිම්.Samsung Debit Card පතත් Samsung Payත් එකතුව අපිට අලුත් අත්දැකිමක් ලබා දෙයි කියල විශ්වාස කරන්න පුලුවන්. මේ Debit Card පත හදුන්වා දෙන්න සුදානම් වෙන්නේ Samsung Pay සදහා වසර 05ක් සපිරිමත් සමගයි. අලුත්ම තොරතුරැ අනුව මේ Debit කාඩ්පත Samsung ආයතනය විසින් නම් කරල තියෙන්නේ “Samsung Money by Sofi” කියල. ඒ වගේම මේ Card පත Bancorp Bank එක විසින් නිකුත් කරන Mastercard එකක් වෙනවා.මේ Samsung Money debit card එක මත කිසිම Account Fee එකක් අය නොකරන බව ඔවුන් සදහන් කරල තියෙනවා. ඒ වගේම හොද interest එකක් ලබා දෙන බවත් ඔවුන් ප්‍රකාශ කරල තියෙනවා.Samsung Pay App එක හරහා අපිට කාඩ් පතේ මුදල් කලමණාකාරනය කරන්න වගේම , ගනුදෙනු විස්තර දැන ගන්නත් හැකියාව ලබා දිලා තියෙනවා. ඒ වගේම Samsung Pay App එක හරහා සෘජුව කාඩ් පතක් ඉල්ලුම් කිරිමටත් හැකියාව ලබා දිමට සුදානම් බව ඔවුන් ප්‍රකාශ කරල තියෙනවා.අපිට අපේ Physical Card එක එන්න කලිනුත් Samsung Pay app එක හරහා Digitally ඕනේ ගණුදෙනුවක් කරන්න හැකියාව තියෙනවා.Physical කාඩ්පත පැමිණෙන තුරැ Pay App එක මගින් ගණුදෙනු කිරිමට හැකියාව පවති.මේ Physical කාඩ් මත මත වෙනත් Debit/Credit කාඩ්පත්වල වගේ CVC හෝ Expiration Date එකක් සදහන් වෙන්නේ. මේ තොරතුරැ බලා ගන්න පුලුවන් වෙන්නේ Samsung Pay App එක හරහා.Samsung Pay App එක හරහා ගණුදෙනු විසතර පෙන්විමSamsung Money by SoFi ගිණුම් සදහා Samsung Knox මගින් ඉහල ආරක්ෂාවක් සපයලා තියෙනවා.ඒ වගේම Samsung Pay app එකේ ආරක්ෂාවත් Biometric හෝ PIN Authentication මගින් වැඩි කරන්න කටයුතු යොදනවා කියලත් මොවුන් සදහන් කරල තියෙනවා.Pay App එක සදහා ලබා දි ඇති Fingerprints හා PIN ආරක්ෂාවඒ වගේම මේ කාඩ් පත තුලින් අපේ ගණුදෙනු හරහා Samsung Reward Point උපයා ගැනිමට හැකියි. මේ Point Samsung නිෂ්පාදන මිලදි ගැනිමට භාවිතා කරන්න පුලුවන්. මේ කාඩ්පතේ මුදල් ඇමරිකාව තුල පිහිටා තිබෙන SoFi Partnership සහිත ATM 55,000 මගින් කිසිදු සේවා ගාස්තුවකින් තොරව ලබා ගැනිමටත් හැකියාව සලසලා තියෙනවාමේ කාඩ්පත ලගදි එළිදැක්වීමට කටයුතු කරන බව Samsung සමාගම විසින් ප්‍රකාශ කරල තියෙනවා වගේම මේ කාඩ්පතක් සදහා ඉල්ලුම් කිරිමේ හැකියාවද ලබා දිලා තියෙනවා.Source:Samsung |
මහා නැව්, ගුවන් යානා ගිලින බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහසට සාධාරණ විසඳුමක්! ඇත්තටම මොකක්ද වෙන්නේ? | මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි තාරකා විද්‍යා සංගමයේ සාමාජික සවන් වංසජ මාපලගම සොයුරා විසින් ලියැවුණකි.බර්මියුඩා ත්‍රිකෝණය එහෙමත් නැත්තම් යක්ෂයාගේ ත්‍රිකෝණය කියලා හඳුන්වන පෘථිවිය මත තියන අද්භූත ස්ථානය ගැන හැමෝම අහලා තියෙනවා ඇති කියලා හිතනවා. අත්ලාන්තික් සාගරයේ පිහිටලා තියෙන මෙයට ඇමෙරිකාවේ ෆ්ලොරිඩා තුඩුවත්, පෝටො රිකෝ දූපතත්, බර්මියුඩා දූපතත් අතර මුහුදු ප්‍රදේශය තමා අයිති වෙන්නේ.මේ ප්‍රදේශයේ විශේෂත්වය තමා ඒ හරහා ගමන් කරන ගුවන් යානා, නෞකාවන් හිටපු ගමන් අතුරුදහන් වීම. ඒ වගේම හිටිහැටියේම මගපෙන්නවන උපකරණ, මාලිමා යන්ත්‍ර ආදිය හරි ආකාරව ක්‍රියාත්මක නොවන බවටත් අතුරුදහන් වීමට ප්‍රථමව ලැබුන පණිවුඩ වලින් කියැවී තිබෙනවා. ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ කොහොමද?බර්මියුඩා ත්‍රිකෝණය (ඇමෙරිකාවේ ෆ්ලොරිඩා තුඩුවත්, පෝටො රිකො දූපතත්, බර්මියුඩා දූපතත් අතර මුහුදු කලාපය)බර්මියුඩා ත්‍රිකෝණයේ වෙන්නේ මොකක්ද කියන එක ගැන මෙතෙක් කාලයක් විවිධ මත පළවුනා. ඒ අතර හදිස්සි කාලගුණික විපර්යාස, විශාල දියසුලි ඇති වීම්, විතරක් නෙවෙයි පිටසක්වල ජීවීන්ගේ බලපෑම් ඇතිවෙනවා කියලත් අදහස් පළවුනා. ඒ කොහොම උනත් කිසිම දෙයක් ඔප්පු කරන්න සාක්ෂි ඉදිරිපත් උනේ නැහැ. නමුත් අද වන විට විද්‍යාඥයන්ට හැකිවෙලා තියෙනවා ඒ අතුරුදහන් වීම් සිදුවීමට හේතු වූ කරුණු මොනවද කියල සොයාගන්න. ඒ මොනවද කියලා කතා කරන්න කලින් එහි සිද්දවුන අතුරුදහන් වීම් ගැන පොඩ්ඩක් දැනගෙන ඉමු.ඉතා ඈත අතීතයේ පටන්ම අභිරහස් සිදුවීම් සිදුවන ප්‍රදේශයක් ලෙසට නම් දරා සිටි මෙම ප්‍රදේශය ගැන මුල්ම වාර්තා හමුවෙන්නේ 1492 දි සාන්ත මරියා නෞකාවෙන් ගමන් කල ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ සටහන් වලයි. එහිදි ඔහු සඳහන් කර තිබුනේ ඔක්තෝම්බර් 11 දින රාත්රියේදී මෙම කලාපය අසලින් ගමන් කරන විට අභිරහස් එලි දක්නට ලැබුන බවයි. ඉන්පසු 1800දී ප්‍රථම වරට මිනිසුන් 90ක් පමණ රැගත් නෞකාවක් අතුරුදහන් වී තිබුනා.1814දීද ඒ ආකාරයෙන් මිනිසුන් 140ක් සමඟ නෞකාවක් අතුරුදහන් වී තිබුනා. මෙලෙස සිද්ධීන් බොහෝමයක් සටහන් වී තිබෙනවා. මුහුදේ ගමන් කරන නෞකා බොහෝවිට කුණාටු නිසා විනාශ විය හැකි නිසා මේවාද එලෙස වන්නට ඇති බව උපකල්පනය කල හැකි උනත් පසුකාලයේ වාර්ථා වූ සමහර සිද්ධි නම් කුණාටු නිසා සිදුවූ ඒවා නොවේ. 20 වන සියවසේ මුල් භාගයෙදීත් මෙවැනිම නෞකා අතුරුදහන් වීම් දිගින් දිගටම සටහන් වී තිබුනත් ඒ සියල්ලම වාගේ සලකා ඇත්තේ කුණාටු නිසා හෝ කාර්මික දෝෂ නිසා සිදුවූ අනතුරු ලෙසයි.බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව සිදුවුන පළමු ගුවන් යානා අතුරුදහන් වූ සිද්ධිය ලෙස වාර්තා වුනේ 1945 ඇමෙකාවේ ගුවන් හමුදාවට අයත් ටෝපිඩෝ ගුවන් යානා පහක් මෙම ප්‍රදේශට ඉහලින් ගමන් කරමින් සිටියදි එකවරම අතුරුදහන් වීමයි. රේඩියෝ තරංග භාවිතයෙන් ගුවන් තොටුපල හා පණිවුඩ හුවමාරු කරගනිමින් සිටි එම යානා හදිස්සියෙම පණිවුඩ හුවමාරුව නැවතුනේ ඇයි කියලා හැමෝටම හිතාගන්න බැරි උනා. බොහෝ කාලයක් බලන් හිටියත් එම යානා ගුවන්තොටපල වෙතටනම් ආවේ නෑ.මේ නිසා තවත් යානාවක් ඔවුන් සොයාගැනීමේ අරමුණින් ඒමට නියමිතව තිබුනු මාර්ගය ඔස්සේ ගමන් කලා. එම යානාවත් අදාල ප්‍රදේශයට ලං වන විට පණිවුඩ එවීමේ දුර්වලතාවයක් පෙන්නුම් කලා වගේම බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළ ප්‍රදේශයේ දී හදිස්සියේම අතුරුදහන් වුනා. මේ සිද්ධියත් එක්ක නැතිවුන යානා සොයන්න පරීක්ෂණයක් සිදු කලත් නැවත කිසිම දවසක එම යානා 6 ගැන ආරංචියක් ලැබුනේ නෑ.කුණාටු නොමැති දිනවලදීත් මෙම ප්‍රදේශයේ දී අද්භූත ලෙස යාත්‍රා අතුරුදහන් වන බවට හඳුනා ගැනුනේ 1967 වර්ෂයේදී සිදුවුන එක් සිදුවීමක් නිසායි. ඒ මෙම ප්‍රදේශය ඔස්සේ ගමන් කල පුද්ගලික යාත්‍රාවක් හිටිහැටියේම අතුරුදහන් වීමයි. මේ වර්ෂයේදීම නත්තල් දවසේ ගිණිකෙලි සන්දර්ශනය හොඳින් දැකබලා ගන්න හිතාගෙන ධනවත් ව්‍යාපාරිකයෙක් තමා සතු යාත්‍රාවකින් ෆ්ලොරිඩාවෙන් මදක් ඈතට ගමන් කරලා තියෙනවා.නමුත් හදිස්සියේම වෙරළ ආරක්ෂ අංශයට පණිවුඩයක් එවමින් ඔහු ඉල්ලා තිබුනේ යාත්‍රාව හදිස්සියේම අක්‍රිය වීම නිසා එය වෙරළ වෙත ඇදගෙන ඒමට යාත්‍රාවක් එවන ලෙසයි. විනාඩි 20ක් පමණ ගතවන විට වෙරළ ආරක්ෂක බෝට්ටුවක් අදාල ස්ථානයට ළඟා වුනත් එහි කිසිම යාත්‍රාවක් දකින්නට ලැබුනේ නෑ. කාලගුණයද යහපත් වූ නිසා කුණාටුවකට හසුවිය නොහැකි වීමත්, යාත්‍රාව ගිලුනා නම් එහි සිටි පිරිසෙන් කවුරුන් හෝ බේරෙන්නට තිබුනත් මෙහි කිසිවෙක්ම නැති වීම ගැන කාටවත් හිතාගන්න බැරි වූනා.මෙම සිද්ධි වලින් පස්සේ දිගින් දිගටම අතුරුදහන් වීම් වාර්තා වීම නිසා ඒවා වාර්තා වූ ස්ථාන සිතියම්ගත කල විට දකින්න ලැබුනේ මේ සියල්ලම බර්මියුඩවට ආසන්න ප්‍රදේශකදී සිදුවී ඇති බවටයි. ඒ නිසාවෙන් මේ ප්‍රදේශය යක්ෂයාගේ ත්‍රිකෝණය (බර්මියුඩා ත්‍රිකෝණය) ලෙසින් පසුකාලයේදි හඳුන්වන්නට වුනා.කාලයත් සමඟ තාක්ෂණය දියුණු වුනත් මේ සිද්ධීන් සිදුවූයේ ඇයිද යන්න පැහැදිලි කරන්න කාටවත් හැකි වුනේ නෑ. බර්මියුඩා ත්‍රිකෝණය තුලදී අවසන් වරට නෞකාවක් අතුරුදහන් වීම සිදුවීම වුනේ 2015 ඔක්තෝම්බර් 1 වන දින අතුරුදහන් වූ එල් ෆාරෝ නම් භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවයි. ෆ්ලෝරිඩා සිට පෝටො රීකෝ වෙත ගමන් කරමින් තිබියදී අතුරුදහන් වුන මේ නෞකාව, දින 30ක් තිස්සේ සිදුකල දැවැන්ත සෝදිසි මෙහෙයුමකින් පසුව මුහුදු පතුලේ තිබියදී හමුවී තිබුනා.2015 ඔක්තෝම්බර් 01 වන දින බර්මියුඩා ත්‍රිකෝණය තුලදී අවසන් වරට අනතුරට ලක්වුණු El Faro නෞකාව මුහුදු පතුලෙන් සොයා ගත් අවස්ථාවේ ගත් ඡායාරූපඑල් ෆාරෝ සිදුවීමත් එක්ක මෙම අභිරහස් ප්‍රදේශයේදි ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා හොයන්න ඇමෙරිකාවේ කොලරාඩෝ විශ්වවිද්‍යාලයෙන්, ලෝකේ පුරාම ඉන්න විද්‍යාඥයන් රැසක් එකතු කරගනිමින් කමිටුවක් පත්කර පරීක්ෂණයක් ආරම්භ කලා. ඒ සම්බන්ධව තිබුන සියලුම මත ගැන පරීෂාවට ලක් කරමින් තමා මේ පරීක්ෂණය කරගෙන ගියේ. යානා වල සහ නෞකා වලින් අවසන් වරට ලැබුන පණිවුඩයන් සහා අනතුරු සිදුවන දිනවල මෙම කලාපයේ කාලගුණික තත්වයන් පරීක්ෂා කිරීමට චන්ද්‍රිකා ඡායාරූප ඇතුලු සියලුම දත්තයන්ද සියුම්ව පරීක්ෂාවට ලක් කල ඔවුන් ට පෙනි ගියේ ඒ සෑම දිනකම වාගේ එක්තරා විශේෂ වූ කාලගුණික තත්වයක්, මෙම අනතුරු සිදුවීමට හේතු වී ඇති බවයි.ඒ අදාල දින වලදී මෙම ප්‍රදේශයේ වලාකුළු විශේෂිත වූ ෂඩාස්රාකාර හැඩැයක් ගෙන තිබුනු අතරම ඒවා කිලෝමීටර 20ත් 55ත් තරම් විශාල ඒවා වී තිබෙනවා. සාමන්‍යයෙන් වලාකුළු වලට මේ ආකාරයේ සෘජු දාර සහිත හැඩයක් ගන්නට හැකියාවක් නැහැ. එම ප්‍රදේශයේදී ඇතිවෙන මෙම විශේෂිත ෂඩාස්රාකාර වලාකුළු වල කෙලවරක පැයට කිලෝමීටර 100 - 120 ක් තරම් වේගයෙන් පහළට සුළං දාරාවක් හමන ඔවුන් බව සොයා ගත්තා.ඒ වේගවත් සුළං දාරාව ජලතලය මත වේගයෙන් වැදීම නිසා අඩි 50ක් පමණ උස ක්ෂණික රැලි ඇතිවන බව නිරීක්ෂණය වී තිබෙනවා. ඔවුන් පරිඝණක මොඩියුලයක් යොදාගෙනයි මෙය පරීක්ෂාවට ලක් කලේ. මෙම මොඩියුලය කාලගුණය ගැන සාර්ථක ලෙස අනාවැකි පලකරන පරිගණක මොඩියුලයක් වීම නිසා ඇත්තටම බර්මියුඩා ත්‍රිකෝණයේ මෙම තත්වය ඇතිවීමට ඉහළ ඉඩකඩක් ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ. කොහොම නමුත් මේ සිද්ධිය සිදුවන ආකාරය තහවුරු කිරීමට පර්යේෂණාත්මක සාධක තවම හමුවී නැහැ.දශක ගණනාවක සිටිම නොවිසඳුන අභිරහසක් ව පැවති බර්මියුඩා ත්‍රිකෝණයේ අද්භූත හැසිරීමට භෞතික නියම පිළිපදිමින් විද්‍යාත්මක හා භෞතික සාක්ෂි වලට සාධාරණයක් වන පරිදි දැනට ඉදිරිපත් වී ඇති මතය මෙයයි. ඒ එම ප්‍රදේශයේදී ක්ෂණිකව සිදුවන කාලගුණික වෙනස් වීමකදි ඇතිවන වේගයෙන් පහලට හමන සුළං දාරවට හෝ ඉතා උස් වූ මුහුදු රැළි වලට හසුවන මුහුදේ ගමන් කරන යාත්‍රා එකවරම ගිලීයාමත්, ගුවන් යානා එකවරම මුහුදට කඩා වැටීමත් සිදුවන්නට ඇති බවයි. එක් ප්‍රදේශයකට පමණක් සීමාවන පරිදි මෙලෙස ෂඩාස්රාකාර වලාකුළු ඇති වන ආකාරය ගැන නම් පැහැදිලි කිරීමටනම් තවම හැකිවී නැහැ. වෙනත් සාධාරණ විසඳුමක් ලැබෙනතුරු හෝ මෙය පර්යේෂණාත්මකව ඔප්පුවන තුරු බර්මියුඩා අභිරසට විසඳුම මෙය බව විද්‍යාඥයන් පවසා සිටිනවා.විසඳුමක් ලැබී තිබූ පමණින් ඒ කලාපය හරහා ගමන් කිරීම අනතුරුදාක වන බව නම් වෙනස් වන්නේ නැහැ. ඒ බව පසක් කරමින් 2017 මැයි මස 15 වන දින පෞද්ගලික ගුවන් යානයක් අඩි 24,000 ක් ඉහළ අහසේදි එකවරම අතුරුදහන් වී තිබුනා. ඇමෙරිකාවේ මියාමිහි ගුවන් පාලක මධ්‍යස්ථානයේ රේඩාර් පද්ධතියෙන් නොපෙනී ගිය මෙම යානයේ කොටස් පසුව හමුවී තිබුනා. පසුගිය 2019 වසරේදීද මෙම කලාපයේදි ගුවන් යානා අනතුරු 3ක් සිදුවී ඇති අතර අවසන් සිදුවීම ලෙස 2019 අගෝස්තු 8 දින Piper PA-32 ගුවන් යානයක් Bimini ප්‍රදේශයට සැතම්පුම් 20ක් නැගෙනහිර මුහුදේදි කඩා වැටී ඇත.සවන් වංසජ මාපලගමආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය |
යුරෝපා කොමිසම විසින් ගුවන් ගමන් වලදී 5G mobile data භාවිතාවට අනුමැතිය ලබා දේ; Airplane mode ඉවතටද? | තාක්ෂණය පිළිබඳව උද්යෝගිමත් වන ඔබ සියල්ලන් ම මෙම දිනවල අප රට තුළ ඇති 5G තාක්ෂණයේ පැතිරීම පිළිබඳව දැනුවත්ව ඇති බවට මම විශ්වාස කරමි. එසේම ලොව පුරා මෙම 5G තාක්ෂණය සීඝ්‍ර ලෙස ව්‍යාප්තවන අතර ඒ හා සම්බන්ධ අනෙකුත් ක්‍රියාවලීන් රාශියක් මේ දිනවල කතාබහට ලක්වේ. මෙම ලිපිය තුළින් ඔබ වෙත ගෙන එන්නේ 5G තාක්ෂණය හා සම්බන්ධ නවතම පුවතක් වූ ගුවන් ගමන් තුළ දී 5G Mobile Data භාවිතා කිරීමට අවසර ලබා දීම පිළිබඳවයි.පසුගිය දිනෙක යුරෝපා සංගමය මගින් සිදුකළ නිවේදනයක සඳහන් වූයේ ඔවුන් විසින් මේ වන විටත් මගීන් සඳහා ලබාදෙන මන්දගාමී Wi-Fi සම්බන්ධතා වලට තිත තබමින් ගුවන්යානා තුළ දී මගීන් සඳහා 5G සබඳතාවයන් භාවිතා කිරීම සඳහා අවසර ලබාදෙන බවයි. එහිදී මගීන් සඳහා විවිධ යෙදවුම් පරිශීලනය කිරීම මෙන්ම දුරකථන ඇමතුම් පවා මෙම 5G සමග සම්බන්ධ වී සිදුකිරීමට අවස්ථාව සැලසේ. කෙසේ වෙතත් මෙම පහසුකම ක්‍රියාත්මක කරවීම2023 වසරේ ජූනි මාසයපමණ වන විට සිදුකිරීමට අදහස් කර ඇති බව සඳහන් වේ.එසේම මෙමගින් Wi-Fi සඳහා මගීන්ගෙන් ගාස්තු අය කිරීම නවතාදමා 5G සබඳතාවයන් නොමිලේ ලබාදීම සඳහා කටයුතු සූදානම් කර ඇත. කෙසේ නමුත් 1991 වසරේ දී ගුවන් මගීන් සඳහා ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කරනු ලැබූ අතර එයට හේතුව ලෙස කෙටියෙන් දැක්වෙන්නේ දුරකථන භාවිතා කරනු ලබන්නේ නම් එවිට ගුවන් යානයට පාලක මැදිරීන් සමග සබඳතා ඇතිකර ගැනීමට ඇතිවන අපහසුතාවය අවම කිරීමටයි.නමුත් මේ වන විටත් යුරෝපා සංගමය විසින් යෝජිත සැලැස්මක් ලෙස "Pico-Cell" නම් උපකරණයක් හරහා ගුවන්යානා වල ගමන් කරන මගීන් සඳහා ජංගම දුරකථන ක්‍රියාකරවීමට අවස්ථාව සලසා ඇත. එම උපාංගය මගින් චන්ද්‍රිකා ජාලයක් හරහා මගීන්ගේ ජංගම දුරකථන මගින් සාමාන්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා ඉඩ සලසා ඇත. එමගින් ගුවන් යානා ගොඩබිම ඇති ජාල (Network) සමග සම්බන්ධ කිරීම සිදුකරනු ලබයි.එමෙන්ම මෙම් තාක්ෂණය භාවිතා කරන්නේ නම් වෙනස් සංඛ්‍යාතයන් භාවිතා කිරීමට හැකියාව ලැබීමත්, බලශක්තිය වැය වීම අවම වීමත් සහ මගීන්ගේ ආරක්ෂාව පිළිබඳව ඇති විශ්වාසනීයත්වයත් ගොඩනැගෙන බව විචාරකයන්ගේ අදහසයි. එමගින් ගුවන් මගීන් සඳහා කිසිඳු අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බව මෙම 5G තාක්ෂණය යොදාගැනීමේ එක් වාසිදායක පැතිකඩකි.මෙය යුරෝපා සංවිධානය මගින් ගත් තීරණයක් වන නමුත් ඉදිරියේ දී සියලුම ගුවන් සමාගම් සඳහා මෙම පහසුකම ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.Sources:www.androidauthority.comwww.bbc.com |
Android Auto පහසුකම සඳහා Split Screen Mode එක ලබා දීමට Google සමාගම කටයුතු කරයි | Google සමාගම විසින් ඔවුන්ගේ Android Auto පහසුකම සදහා නව විශේෂාංග කිහිපයක් එක්කරයි. custom wallpapers, voice-activated games, launch screen shortcuts සහ අද අප මෙම ලිපියයෙන් විග්රහ කරන split-screen mode විශේෂාංය යන ආදිය ඒවායින් කිහිපයකි.මෙම විශේෂාංග දැනටමත් සමහර Android Auto භාවිතාකරන්නන්ට අත්විදීමේ හැකියාව පවතිනවා. නමුත් split-screen mode එක නම් සහය දක්වන්නේ wide screen අඩංගු වෙන Head Units වලට පමණයි.Reddit User කෙනෙක් වන u/My_Name_Is_Taken විසින්ඔවුගේ Reddit ගිණුමේ මේ පිළිබදව screen shot එකක් පලකර තිබුණේ මේ ආකාරයෙනි.ඔහු දක්වා ඇත්තෙ ඔහු Android Auto භාවිතා කරන්නේ Samsung S10 දුරකථනයක් හා 2021 Mazda 3 රථයක බවයි. එම screen shot එක අනුව ඔහු Google Maps සහ Spotify යන සේවා දෙකම එකවර screen එක තුළ දර්ශනය වෙමින් භාවිතා ආකාරයයි.මෙය wide screens වල පමණක් භාවිතා කිරීමට අවස්ථාව සැලසී තිබුණද HeadUnit Reloaded වැනි app එකක් භාවිතයෙන් resolution එක වෙනස් කරගැනීම තුළින් wide screen නැති Android Auto Head Unit එකක් තුළද මෙම විශේෂාංගය අත්විදීමට හැකිවක් පවතින බවReddit User කෙනෙක් වන u/kv1dr විසින් ඔහුගේ Reddit ගිණුමෙන් සදහන් කර ඇත.Commentfrom discussionkv1dr's comment from discussion "New split screen layout for widescreen headunits!".Source:XDA Developers |
WhatsApp Calls සඳහා Screen Share පහසුකම ලබාදීමට සූදානම් වෙයි | ලොව ජනප්‍රියතම Messaging App එක වන WhatsApp සඳහා Meta සමාගම විසින් මේ වන විට විවිධ නව විශේෂාංග නිරන්තරයෙන්ම හඳුන්වා දෙමින් සිටිනවා.ඒ අනුව මීට පෙරයැවු පණිවුඩ Edit කිරිමේ පහසුකමත්,Chat Lock කිරිමේ පහසුකමත් සහඑකම WhatsApp ගිණුම එකවර දුරකථන කිහිපය භාවිත කිරීමේ හැකියාවආදි පහසුකම් රැසක් හඳුන්වා දීම සිදු කරනු ලැබුවා.පණිවුඩ Edit කිරීමේ පහසුකම සියළුම WhatsApp පරිශීලකයන් වෙත ලබා දේMeta සමාගම විසින් මේ වන විට සියළුම WhatsApp පරිශීලකයන් වෙත message edit කිරීමේ විශේෂාංගය ලබා දීමට කටයුතු කර තිබෙනවා.Android වැඩකාරයෝ - Sinhala Tech News providerThimira Madhusanka ThenuwaraWhatsAppහි Chat Lock කිරීමේ පහසුකම නිල වශයෙන් නිකුත් කිරීමට Meta සමාගම කටයුතු කරයිMeta සමාගමේ CEO වන Mark Zuckerberg විසින් Twitter සටහන් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ Beta පරිශීලකයන්ට පමණක් සීමා වු මේ පහසුකම මේ වන විට සියලුම WhatsApp පරිශීලකයන් සඳහා නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි.Android වැඩකාරයෝ - Sinhala Tech News providerBhasura Nuwan Kularathnaඑකම WhatsApp ගිණුම දුරකථන කිහිපයක භාවිතා කිරීමේ හැකියාව ලබාදෙයිමේ පිළිබඳව Meta සමාගමේ CEO Mark Zukerburg විසින් නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා. එහි ඔහු දක්වා තිබෙන්නේ Multi Device පහසුකම යටතේ එකවර ජංගම දුරකතන 4ක එකම WhatsApp ගිණුම භාවිතා කළ හැකි බවයි.Android වැඩකාරයෝ - Sinhala Tech News providerNelitha Vindinu PriyawanshaMeta සමාඟම විසින් මීළඟට WhatsApp Calls සඳහා ScreenShare පහසුකම ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා. මේ පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වනවා.Image Source -wabetainfo.comකෙසේ වෙතත් මේ පහසුකම මඟින් Screen Share කිරීමක් නැරඹීම සඳහා ඇමතුමේ සිටින සියලුම පරිශීලකයින් WhatsApp හි නවතම සංස්කරණය භාවිතා කළ යුතු වනවා.කෙසේ වෙතත් මේ පහසුකම දැනටමත් බොහෝ Beta පරිශීලකයන් සඳහා නිකුත් කර ඇති අතර නුදුරේදීම මේ පහසුකම එළිදක්වනු ඇතැයි බලාපොරොත්තු වන්නට පුළුවන්.Source:beebom.com |
Signature එකක් දාල emails යවමු | Mailවලට Signature එකක් එකතු කරල යවද්දි ඒ Mail එකේ තියෙන Professional ගතිය වැඩි කර ගන්න පුලුවන්.ඒ වගේම ඉතින් හැම Mail එකකටම ඔයාගේ Contact Information වෙනම Type කරල යනව එකත් ලොකු කරදරයක් නේ, එහෙම වෙලාවටත් Signature එක විදිහට ඒ Contact Information ටික දැම්මා නම් වැඩේ ලේසි වෙනවා.අපි Mail යවන්නේ ගොඩක් දුර PC එකකින් හෝ Mobile Device එකකින් නේ. දැන් බලමු මේ Devicesවල අපේ Mail එකට Signature එකක් දා ගන්නේ කොහොමද කියල.මුලින්ම බලමු ඔයාගේ Android Smartphone එකෙන් යවන Mail එකකට Signature එක දා ගන්න විදිහ,1.Gmail App එක Open කර ගන්න.2.Settingවලට යන්න.3.Settingවල ඔයාගේ Mail Address එක තියෙනවා , ඒක උඩ Touch කරල ඉලග Tab එකට යන්න.4.මෙතන Generalවල Mobile Signature කියන එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන Signature එක Type කරන්න.5.ඉට පස්සේ Ok දෙන්න.දැන් අපි බලමු ඔයාගේ Apple Smartphone එකෙන් යවන Mail එකකට Signature එක දා ගන්න විදිහ,පළමුව Settings වෙත ගොස්, එහි Mail App එක වෙත යන්න.එහි පහළට ගිය පසු තිබෙන Signature හි ඔබට අවශ්‍ය Signature එක Type කර ගන්න.ඔයා Mail යවන්නේ ඔයාගේ Pc එකෙන් නම්1. ඉස්සල්ලාම ඔයාගේ Mail Account එකට ලොග් වෙන්න.2. Settingවලට යන්න.3. Generalවලට ගිහිල්ලා Signatureවල ඔයාට අවශ්‍ය Signature එක Type කර ගන්න.මේ විදිහට ඔයාට ඔයාගේ Mobile Device එකෙන් වගේම Pc එකෙන් යවන Mailවලට Signature එකක් Add කර ගන්න පුලුවන්. |
Microsoft Windows වලට අවුරුදු 34යි | 1983 නොවැම්බර් 10 වෙනිදා ඇමෙරිකාවේ ජීවත් උනු බිල් ගේට්ස් නම් පුද්ගලයෙක් පරිගණක සඳහා මෙහෙයුම් පද්ධතියක් නිකුත් කළා MS-DOS නමින් අපි අද පාවිච්චි කරන තරමේ අංග සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් නොවුනු මේක CLI(Command Line Interface) එකකින් යුක්ත උනා.සිංහලෙන් අපි දන්න විදියට කියනවනම් විධාන පේලි අතුරුමුහුණතක් තමා තිබ්බේ,ඉතින් ඒ මෙහෙයුම් පද්ධතිය නිකුත් කරලා හරියටම අවුරුදු දෙකකට පස්සේ, දිනෙත් එක්ක කිවුවොත් 1985 නොවැම්බර් 20 වෙනිදා ඉස්සෙල්ලම Windows 1.0 කියන මෙහෙයුම් පද්ධතිය නිකුත් කළා.මේ මෙහෙයුම් පද්ධතියේ තියෙන විශේෂත්වය තමා මේක නිකුත් උනේ GUI(Graphical User Interface) එකකින් ඒ කියන්නේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණතකින් මේ නිසා මේ මෙහෙයුම් පද්ධතිය කා අතරත් ජනප්‍රිය වෙන්න ගත්තා.මේ ජනප්‍රියතාවයට මූලිකව හේතු උනේමේකේ තිබ්බ MS-DOS එකත් එක්ක බැලුවම තියෙන හැසිරවීමේ හා වැඩ කිරීමේ පහසුව කියන කාරණා තමයි.ඊට පස්සෙ ආපු හැම Windows මෙහෙයුම් පද්ධතියක්ම ආවේ GUI(Graphical User Interface) එකකින්.කොහොමින් හරි මේ විදියට ජනප්‍රිය උණු Windows මෙහෙයුම් පද්ධතිය තවත් අලුත් වෙන්න පටන් ගත්තා ඒ වැඩේට ඉස්සෙල්ල කියපු බිල් ගේට්ස් වගේම එයාගේ හොදම යාලුවෙක් වෙච්ච පෝල් ඇලනුත් මේකට දායක වෙලා තියෙනවා.ඉතින් පස්සෙ කලෙකදි මේ දෙන්න විසින් Microsoft සමාගම නිර්මාණය කරනවා.ඊට පස්සේ 1993 වර්ෂයේදී Microsoft සමාගම විසින් තමන්ගෙ අලුත්ම Windows NT Kernel එක නිර්මාණය කරනවා. පස්සෙ ඒ Kernel එක පාදක උනු මෙහෙයුම් පද්ධතිය 1995 වර්ෂයේදී Windows NT නමින් මහජනයාට නිකුත් කරනවා.එයින් පස්සෙ ආපු ඔක්කොම Windows මෙහෙයුම් පද්ධති සංස්කරණවලට පාදක වෙලා තියෙන්නෙ Windows NT Kernel එක කියලයි Microsoft සමාගමනම් කියන්නෙ.වර්තමානය වෙනකන් ගත්තම මේ වෙද්දි Windows මෙහෙයුම් පද්ධති සංස්කරණ රාශියක් නිකුත් වෙලා තියෙනවා.ඒ වගේම කියන්න ඕනෙ විශේෂ කාරණය තමයි Microsoft සමාගම නිවේදනය කලා Windows 10 වලින් පස්සෙඅලුත් Windows Version එකක් Release නොකර Windows 10 වලටම Update එවල දිගටම පවත්වගෙන යනවා කියල ඉතින් කොහොමින් කොහොමහරි මේ වෙද්දි Windows 10 අංග සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් වෙලා ඉවරයි.මේ තියෙන්නෙ Windows Version History එකMS-DOS – Microsoft Disk Operating SystemWindows 1.0 – 2.0Windows 3.0 – 3.1Windows 95Windows 98Windows ME – Millennium EditionWindows NT 31. – 4.0Windows 2000Windows XPWindows VistaWindows 7Windows 8Windows 10මේ වෙද්දි ලෝකයේ මෙහෙයුම් පද්ධති පරිශීලකයන් පාවිච්ච් කරන මෙහෙයුම් පද්ධති අතර තම අණසක පතුරවන්න Windows මෙහෙයුම් පද්ධතියට හැකිවෙලා තියෙනවා.Statcounter (http://gs.statcounter.com)වෙබ් සයිට් එකට අනුව Worldwide Operating System Market Share(Oct 2017 – Oct 2018) එකේ 37.42% ක වැඩිම අගයක් අරන් තියෙන්නෙ Windows මෙහෙයුම් පද්ධතිය,ඒ වගේම කියන්න ඕනෙ FOSS එකක් වන Android මෙහෙයුම් පද්ධතියයත් කරට කර ඉන්නවයි කියන එක.Worldwide Windows Version Market Share එකට අනුව Windows මෙහෙයුම් පද්ධති සංස්කරණ අතුරිනුත් වැඩිම පරිශීලකයන් පාවිච්ච් කරන මෙහෙයුම් පද්ධතිය වෙලා තියෙන්නෙWindows 10 (කලින් නම් Windows 7 තමා තිබ්බෙ 2009-2014 වගේ කාලෙ) ඒකට ප්‍රධාන හේතුවක් විදියට දැන් එන ගොඩක් Devices Windows 10 වලට compatible විදියට නිෂ්පාදනය කරන එකත් දක්වන්න පුලුවන්.කොහොම උනත් ශ්‍රී ලංකාව ගත්තම Windows Version Market Share එක ගත්තම මේ වෙද්දි ශ්‍රී ලාකිකයන් වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්නෙත් Windows 10 තමයි.ඔන්න ඔය විදියට දුර ගමනක් ආපු Windows මෙහෙයුම් පද්ධතිය 34 වියට පා තබල තියෙනවා.ඉතින් අපිත් පරිගණක තාක්ෂණයේ අලුත් පිටුවක් පෙරලපු Windows වලට සුබ උපන්දිනයක් වේවායි කියමු.Image source:Internet/Statcounter/microsoft.com |
Samsungලා Apple Animoji copy කරාද? | 2018 පෙබරවාරි 25 බාසිලෝනාවල පැවතිච්ච MWC 2018 එකේදී සැම්සුන් සමාගම විසින් එයාලගේ නවතම flagship devices දෙක – Galaxy S9 සහ S9+ announce කරා කියල කවුරුත්ම දන්නවා. Announcement එක ලයිව් බලපු අය වගේම විවිධාකාරයෙන් ඒ ගැන තොරතුරු හොයපු අය දැනටමත් දන්නව ඇති S9/S9+ එකේ ප්‍රධාන වශයෙන්ම කැමරාව ඉලක්ක කරල ලොකු වෙනස්කම් විශාල ප්‍රමාණයක් ඇතුලත් කරල තියෙනව කියන එක. මුලින්ම ගත්තොත් models දෙකටම variable aperture ඇතුලත් කරල තියෙනවා. ඒ වගේම S9+ එකේදී dual- camera setup එකක් ඇතුලත් වෙනවා.ඊට අමතරව සැම්සුන් සමාගම ලබාදෙන අලුත්ම සිත් ඇදගන්නා සුලු feature එකක් තමයි AR Emoji. ඒකෙදී අපිට පුළුවන් front cam එක යූස් කරලා අපේ මූණ තත්පර කිහිපයක් scan කරලා virtual avatar එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ අලුත් feature එක සම්පූර්ණයෙන්ම වගේ සලකන්නේ තරඟකාරී Apple Inc.හි Animoji වල copy එකක් විදිහටයි. ඇත්තටම Samsung සමාගම මෙම අදහස තම විශාලතම වෙළඳපල තරඟකරුවාගෙන් සොරකම් කරගත්තාද? පිළිතුර කෙටියි, “නැත”.පිළිතුර විස්තරාත්මකව ගතහොත් ටිකක් සිත් ඇද ගන්නා සුලුයි. Samsung Mobile division president – DJ Koh ප්‍රකාශ කර සිටින්නේ, AR Emoji feature එක හඳුන්වා දෙන්න තමන්ගේ සමාගම අවුරුදු කිහිපයක සිට අදාල අත්හදාබැලීම් සහ පර්යේෂණ සිදු කල අතර, මෙය කිසිසේත්ම Apple Inc.හි Animoji අනුකරණය කරමින් කල නිර්මාණයක් නොවන බවයි.“Their (Apple’s) approach and my approach is totally different….. I do work seriously based off my own roadmap” – DJ Koh at MWC 2018.තව දුරටත් ඔහු පවසා සිටියේ, මෙම feature එක ගැන අදහස සහ අදාල පර්යේෂණ කටයුතු ආරම්භ කරන්නේ එක්සත් රාජධානියේ ඇති Samsung සමාගමේ Mobile research and development team එක මෙහෙයවන 2001 මුල් කාලයේදී බවත්, මෙය එක් දිනක මහන්සියක ප්රථිඵලයක් නොවන බවත් ය.Samsung AR Emoji සහ Apple Animoji සසඳා බැලීමේදී, AR Emojiය Animoji වලින් මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගනී. මඟින් ජංගම දුරකථන පරිශීලකයාගේ මුහුණ කිරීමෙන් පසු මඟින් එකක් නිර්මාණය කරන අතර එය ඔහුට GIF sticker ආකාරයට හෝ වීඩියෝවක් ආකාරයට ගබඩා කරගත හැක. පසුව එම එක ඕනෑම messaging app එකක් හරහා ඔබට ඕනෑම අයෙකුට යැවිය හැකි අතර ග්රාහකයාගේ ජංගම දුරකථනය කුමක් වුවත් ඔහුට එය නැරඹිය හැක. ඊට අමතරව ඔබ ඔබගේ පෙනුමට අකමැති නම් කෙටි swipe කිරීමකින් ඔබට ඔබගේ AR Emoji එක Unicorn හෝ Mickey Mouse බවට පත් කර භාවිතා කර හැක.Apple Inc.හි ගතහොත් එය ඔබට මකරෙකුගේ, වලසෙකුගේ සහ තවත් 3D emojis භාවිතාවට ඉඩ සලස්වයි. ඒවා මඟින් ඔබගේ මුහුණේ ප්‍රකාශන අභිරූපණය කර දැක්වීම (mimic) සහ ඔබගේ කටහඬ භාවිතා කර හැක. එමෙන්ම ඔබට මෙම feature එක භාවිතා කරමින් වීඩියෝ නිර්මාණය කර අන් අය සමග share කරගත හැක.කෙසේ වුවත් Apple Animoji තාක්ෂණික අතින් Samsung AR Emoji වලට ඉදිරියෙන් සිටින අතර එයට හේතුව වන්නේ iPhone Xහි ඇති TrueDepth sensor භාවිතාවයි. TrueDepth sensor භාවිතාව නිසා Apple Animoji, Samsung AR Emoji වලට වඩා නිරවද්‍යභාවයෙන් ඉහලින් සිටී.මීට අමතරව අනෙකුත් සමාගම්ද 3D avatars හඳුන්වා දීමට කටයුතු කරගෙන යන අතර මේ trend එකට අලුතෙන්ම එකතු වෙන සමාගම වෙන්නේ Asus සමාගමයි. MWC 2018දී announce කරපු ZenFone 5 (2018)ත් එක්ක Zenimoji ඇතුලත් කරල එවනව කියල Asus සමාගම ප්‍රකාශ කරල තියෙනවා. MWC 2018 බලපු අය දකින්න ඇති Zenimoji, Animoji වගේම වැඩකරනව කියන එක. ඊට අමතරව අපිට livestream හරහා Zenimoji අත්දකින්නද පුළුවන්.ඉදිරියේදී තවත් තවත් සමාගම් විසින් මේ feature එක හඳුන්වා දෙයි කියල තමයි මත පල වෙන්නේ. |
Black Shark 5 දුරකතන මාලාව එලිදක්වන දිනය තහවුරු කරයි; Black Shark 5 RS සහ 5 Pro යනුවෙන් තවත් මාදිලි දෙකක් එලිදැක්වෙන ලකුණු | Xiaomi සමාගම විසින් නිකුත් කරන Gaming Smart Phone Series එක ලෙස Black Shark Gaming Smart Phones මේ වෙන විට ලොව Mobile Gamerලා අතර ඉතා ජනප්‍රියත්වයට පත් වි තිබෙනවා. ඒ අතර ඔවුන් විසින් පසුගිය වසර නිකුත් කලBlack Shark 4 Series එක එළිදක්වා මිනිත්තු 05ක් වැනි කෙටි කාලයක් තුල ඩොලර් මිලියන 30ක අලෙවියක්වාර්තා කිරීමට සමත් විම කැපි පෙනුනා.මේ වසරේදීත් Xiaomi සමාගම විසින් ඔවුන්ගේ මේ Black Shark Gaming Smart Phone Series එකේ නවතම Black Shark 5 Series එක එළිදැක්විමට සුදානමින් සිටින බව මේ වෙන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මේ මස 30 ( මාර්තු ) වෙනි දින Black Shark 5 Gaming Smart Phone Series එක එළිදැක්විමට නියමිතව තිබෙනවා.Black Shark 5 Series එක යටතේ Black Shark 5 RS හා Black Shark 5 Pro ලෙස Devices දෙකක් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර මින් Black Shark 5 Pro Device එක අගල් 6.67ක AMOLED FHD+ Display එකක් සහිත වෙන අතර එය 3 GHz octa-core processor එකකින් බලගැන්වෙනු ලබනවා. මෙය 16GB RAM එකකින් හා 512GB Internal Storage එකකින් සමන්විත වෙනවා. මෙහි Battery Capacity එක ලෙස සදහන් වෙන්නේ 4,650mAh ප්‍රමාණයකුයි. ඒ වගේම මෙය 120W Fast Charging සදහාත් සහය දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.Black Shark 5 Device එකත් අගල් අගල් 6.67ක AMOLED FHD+ Display එකක් සහිත වෙන අතර එය 3.2 GHz octa-core processor එකකින් බලගැන්වෙනු ලබනවා. මෙය 12GB RAM එකකින් හා 512GB Internal Storage එකකින් සමන්විත වෙනවා.ඒ වගේම මේ Black Shark 5 Gaming Smart Phone Series එකම ultra-high frame rate modes සදහා සහය දක්වනු ලබන අතර Qualcomm Flagship Chipsetවලින් සමන්විත වෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ අනුව Black Shark 5 Pro Device එක Qualcomm Snapdragon 8 Gen 1 chipset එකෙනුත් Black Shark 5 RS Model එක Qualcomm Snapdragon 8-series Chipset එකකිනුත් සමන්විත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.Source:Gizmochina |
hTC සමාගම විසින් නව Foldable ජංගම දුරකථනයක් සඳහා පේටන්ට් බලපත්‍ර ලබාගනියි | hTC කියන්නේ එක කාලයක smartphone brands අතරෙ ඉහලින්ම වැජඹුණු සමාගමකි. hTC සමාගමපළවෙනි Android Smartphone එක නිපදවූ සමාගමපළවෙනි Windows Smartphone එක නිපදවූ සමාගමපළවෙනි 4G Smartphone එක නිපදවූ සමාගමපළවෙනි Android Skin එක නිපදවූ සමාගමපළවෙනි Dual Camera Phone එක නිපදවූ සමාගමMetal Body එකක් සහිත පළවෙනි Android Phone එක නිපදවූ සමාගමකලකදී USA වල විශාලතම Smartphone අලෙවිකරුලෙස කිරුළු පැළඳූ සමාගමකි. පසු කාලීනව hTC සමාගමට සිදු වූයේ කුමක්ද යන්න අපි විසින් මීට පෙර ඔබට ලිපියකින් ගෙන ආවා මතක ඇති. ඒක කියවූයේ නැති නම්මෙතනින්කියවන්න.මෑතකාලීනව යම්කිසි විදිහකට hTC සමාගමේ සිදු වූ පසුබැසීමත් සමඟ hTC සමාගමෙන් නිපදවන නවතම අලුත් devices ගැන news තිබ්බෙම නැති තරම්. ඉතින් ඒ නිහැඩියාව බිඳලා, hTC සමාගම වෙනස් ම විදිහකට ගෝලීය ජංගම දුරකථන වෙලඳපලට ප්‍රවිෂ්ට වෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට කියන්න හේතුව තමයි hTC සමාගම foldable phone එකක් සඳහා ලියාපදිංචි කල patent බලපත්‍රයක් ගැන හෙලිදරව් කරගන්නට LetsGoDigital හට හැකියාව ලැබීම.මේ patent එකෙහි සඳහන් ආකාරයට display එක මැදින් hinge එකක් තියෙනවා. ඒ පිටතට නැමිය හැකි විදිහටයි. ඒ අනුව phone එක close කරලා තිබුණත් display එක visible වෙනවා.Image Source : LetsGoDigitalඉතින් මේ patent එකෙන් ලොකු දෙයක් ගන්න නම් නෑ. බහුතරයක පැහැදිලි කරලා තියෙන්නේ device එකේ hinge එක වැඩ කරන හැටි විතරයි. ඉතින් පේන විදිහට මේක නැවෙන්නේ Motorola Razr එකේ විදිහටයි.Patent එකට අනුව මේ device එක නැමුවම display එක adopt වෙනවා. ඒ අනුව device එක close කරලා තිබ්බත් තොරතුරු දැශනය වීම සිදුවෙනවා. ඉන් එහාට දෙයක් මේ patent එකේ සඳහන් වෙලා නෑ.ගිය අවුරුද්දේ මේ වගේ කාලයක hTCහි CEO තනතුරට නව පුද්ගලයෙකු පත් කරගත්තා. ඉතින් ඒ අලුත් CEO ප්‍රකාශ කරලා තියෙනවා hTC smartphone division එක නැවත වතාවක් ලාභදායී කරනවා කියන එක.. ඉතින් මේ දේට ආරම්භයක් ගන්න මේ අලුත් folding phone එක හදුන්වාදෙන්න හදනවා වෙන්න පුලුවන්.ඉතින් මේ ගැන ඔයාගෙ අදහස් මොනවද? hTC ලා සාර්ථක වේවිද? දාන්න කමෙන්ට් එකක්.Source :Techradar |
Bash Shell Scripting එක්ක නටමු Terminal තොවිලය - (Lesson 9) | Soft Links, Hard Links එක්ක Terminal තොවිලය - (Lesson 8)File System එකත් එක්ක Terminal තොවිලය - (Lesson 7)Terminal එක හරහා Text Editorsවලට Terminal තොවිලය - (Lesson 6)වඩාත්ම වැදගත්Bashcommands 07, Terminalතොවිලයෙන්- (Lesson 5)Linux accesspermissions එක්කTerminal තොවිලය - (Lesson 4)Bash Shellඑක්කTerminal තොවිලය -(Lesson 3)ඔන්න තුන්වෙනි කොටසත් අරන් ආවා…Android වැඩකාරයෝ - Premium Sinhala Tech News providerPrabhash Jayaweeraඅපි පාඩම් අටක් පුරාවට දැන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙන්නෙ. අද අපි අලුත් දෙයක් ගැන කතා කරමු. ඔයාලා bash commands ගැන දැන් දන්නවනෙ. ඔය කමාන්ඩ්ස් එකින් එක run කර කර ලොකු වැඩක් කරගන්න එක අසීරුයි.සංකීර්ණ ක්‍රියාවලියක් නැවත නැවත සිදු කරන්න අවශ්‍ය නම්, අපි ඒකට පාවිච්චි කරනවා Shell Scripting කියන ක්‍රමවේදය. Shell එකක් කියන්නෙ මොකක්ද කියලා කලින් අපි කතා කළා. Script එකක් කියන්නෙ programming language එකකින් ලිව්ව program එකක් වගේ දෙයක්. අපි මේවා ලියන language එකට programming language එකක් කියලා කියන්නෙ නෑ. ඒකට අපි කියන්නෙ scripting language එකක් කියලා.Bash නොහොත් Bourne Again Shell එක Scripting සඳහා සහයෝගය දක්වනවා. Bash Shell එක සඳහා කරන scripting අපි bash scripting කියලා හඳුන්වනවා.හොඳයි, එහෙනම් හඳුන්වාදීම අවසානයි. අපි පාඩමට යමු. Shell Scripting ප්‍රායෝගිකව පටන්ගන්න කලින්, පොඩි තියරි ටිකක් තියේ, ඒ ටික කවර් කරගනිමු. නැත්නම් ඉදිරියෙදි අනාත වෙනවා. දැන් මතක තියාගන්න ඕන දේ තමයි, මේ පසුබිම හදන්නෙ Bash Scripting වලට කියන දේ.Input/Output RedirectionCLI programs වල බොහොම ප්‍රභල feature එකක් තමයි මේ I/O redirection කියන්නෙ. මේක අපිStandard OutputStandard InputStandard Errorකියන කොටස් තුනට බෙදාගෙන සාකච්ඡා කරමු. එතකොට මේ කියන දේ වටහාගන්න පහසු වේවි.Standard Output (stdout)සාමාන්‍යයෙන්, Standard Output එකෙන් කරන්නෙ content එකක් display කරන එක. අපිට අවශ්‍ය නම් ඒ display එක file එකකට ලියවන්න පුළුවන් > මෙන්න මේ දකුණට හැරවුණ angle brace සංකේතය පාවිච්චි කරලා.ls > file.txtමේ උදාහරණයේ විදියට,lscommand එක run වෙලා එන ප්‍රතිඵලය file.txt කියන ෆයිල් එකට යවනවා. මෙතනදි මුකුත් result එකක් අපිට පරිගණක තිරයෙන් බලාගන්න වෙන්නෑ, මොකදlsඑකෙන් දුන්න output එක අපි > මේකෙන් හරවලා ෆයිල් එකකට යවපු නිසා.ඔයා මේ උඩින් දුන්න කමාන්ඩ් එක run කරවන හැම වතාවකම file.txt එකේ කලින් save වුණ text එක මැකිලා තමයි ලියවෙන්නෙ. ඒ කියන්නෙ overwrite වීමක් තමයි වෙන්නෙ. ඒක එහෙම නොවී, append වෙන්න නම්, ඒ කියන්නෙ ෆයිල් එකේ දැනට තියෙන කන්ටෙන්ට් එක යටට අලුතින් ලියවෙන ඒවා එකතු කරන්න නම් >> මේ සංකේතය භාවිතා කරන්න වෙනවා.ls >> file.txtStandard Output කතාව ඕකයි.Standard Input (stdin)CLI එකකට inputs දෙන්න සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නෙ Keyboard එකනෙ. නමුත් කලින් අපි file එකකට output එකක් save කළා වගේම අපිට පුළුවන් file එකක content එකක් ඒ ෆයිල් එක read කරලා ඒක input එකක් විදියට ලබාගන්න. ඒකට අපි පාවිච්චි කරන්නෙ < මෙන්න මේ වමට හැරවුණ angle brace එක.sort < file.txtදැන් අපි මේ උදාහරණය පැහැදිලි කර ගනිමු. අපි මෙතනදි file.txt කියන file එක කියවලා ඒකෙ කන්ටෙන්ට් එක අරගන්නවා. ඊට පස්සෙ, ඒ කන්ටෙන්ට් එක redirect කරනවා, නැත්නම් හරවලා යවනවාsortකියන command එකට. Sort එකෙන් වෙන්නෙ මොකක් හරි input කළාම ඒක ඉංග්‍රීසි අකාරාදී පිළිවෙලට හදලා output කරන එක. මේකෙදි input එක වෙන්නෙ file content එක නිසා output එක විදියට file content එකේ තියෙන text එක alphabetical order එකට හදලා තිරයට output කරනවා.දැන් අපි හිතමු, මේ screen එකට ආව output එක අපි ආයෙත් අලුත් file එකකට යවන්න ඕන. මොකක්ද කමාන්ඩ් එක? දැන් අනුමාන කරගන්න පුළුවන් වෙන්න ඕන.sort < file.txt > sorted.txtsorted.txt කියන්නෙ අපි අලුතින් හදාගත්ත File එකේ නම. ඔයා මේ දැක්කා වගේ, අපිට පුළුවන් තනි කමාන්ඩ් එකක Standard input සහ output කියන ආකාර දෙකම භාවිතා කරන්න.Standard Error (stderr)අපි මේක පාවිච්චි කරන්නෙ Output එකේ තියෙන error messages කොහෙට හරි හරවන්න. එතකොට ලස්සන output එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් Errors ටික log file එකකට save කරගන්නත්. මේකට ටිකක් වෙනස් විදියක ක්‍රමවේදයක් භාවිතා කරන්න වෙනවා. අපි උදාහරණයක් අරන් පැහැදිලි කරගනිමු.මුලින්ම අපි අපේ Home directory එකේ file දෙකක් හදාගනිමු. ඒවා හදාගන්න දැන් දන්නවනෙ, මම කලින් කියලා දුන්නා. ඒවයෙ ඔයා කැමති දෙයක් ටයිප් කරලා සේව් කරගන්න. ඊට පස්සෙ ඒ දෙකම එකපාරට cat කරගමු.cat file1.txt file2.txtමේක run කරාම file දෙකේම content එක පිළිවෙලට screen එකට output වෙනවා. ඊළඟට අපි එක ෆයිල් එකක් මකනවා, නැත්නම් rename කරනවා. මම file2.txt කියන file එක rename කළා. දැන් ආයෙත් අර උඩ command එක run කරවන්න.එතකොට අපිට එනවා error එකක්. No such file or directory කියලා. අපි දැන් මේ error එක display නොවී, වෙනම errorlog.txt කියලා file එකකට redirect කරමු.cat file1.txt file2.txt 2> errorlog.txtමේක run කළාම screen එකේ error එකක් පෙන්නන්නේ නෑ. Home directory එකේ errorlog.txt කියලා file එකක් හැදිලා ඒකට error එක save වෙනවා. ඕන නම් ඒ errorlog.txt ෆයිල් එක cat කරලා බලන්න.දැන් ඔයාලට මෙතනදි ප්‍රශ්ණයක් එන්න ඕන මොකක්ද මේ 2 කියලා. ඒක මෙහෙමයි.ඕකට අපි කියන්නෙ File Descriptor එක කියලා. Unix වලදි හැම file එකකටම file descriptor number එකක් ලබාදෙනවා. Unix වලදි හැමදෙයක්ම file එකක් නෙ. Command run කරවද්දි මේ වගේ ප්‍රධාන files තුනක් යොදාගන්නවා. ඒ මෙන්න මේවා.මේ ෆයිල් program එකක් run වෙන හැම වෙලාවකදි භාවිතා වෙනවා.මේ පාඩමේ මුළදි Standard input සහ output වලදි අපි descriptor number එක භාවිතා නොකළත් error එකේදි ඒක භාවිතා කරන්න වෙනවා, මොකද එහෙම නොකළොත් අපිට අවශ්‍ය standard error එක ගන්න බැරි වෙනවා, මොකද > මේක අපි පාවිච්චි කරනවා stdout එකටත්. ඔයාලා stdin සහ out දෙකටත් descriptor number එක භාවිතා කරලා කලින් commands run කරවන්න උත්සාහ කරන්න. එතකොට පහසුවෙන් මේ ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්.හොඳයි, අපි මූලික න්‍යායන් ටිකක් වගේම practical ටිකකුත් අද ඉගෙනගත්තා. අපි ඊළඟ දවසෙ තවත් මූලික theory ටිකක් cover කරගනිමු. ඊටත් පස්සෙ අපි යමු Bash Scripting වලට. අදට සමුගනිමු. ඔබට ජය!Shell script ලියන්න කලින් නටන්න ඕන Terminal තොවිලය - (Lesson 10)ඊළඟ පාඩමේ අපි කෙළින්ම කතා කරන්නෙ Scripting ගැන. ඒත් ඊට කලින් කතා කළ යුතු පොඩිදේවල් ටිකක් තියෙනවා. ඒ ටික අද අපි කතා කරලා අවසන් කරමු. ඊට පස්සෙ අපිට පුළුවන් බයනැතිව වැඩේට බහින්න. Background ProcessesBackground processes කියන්නෙ, terminal එකට අපි ලබාදෙන මොකක් හරි කාර්යයක්background processes එකක් බ…Android වැඩකාරයෝ - Premium Sinhala Tech News providerPrabhash Jayaweera |
Android TV 10 වලින් බල ගැන්වෙන Redmi Smart TV X Series එක එලි දැක්වීමට කටයුතු කරයි | මෙම Redmi Smart TV X Series රූපවාහිනී තිරයේ ප්‍රමාණය අනුව මාදිලි තුනකින් එළිදැක්වුණා. එනම්, අගල් 50 ක තිරයක් සහිත X50 Model එකත් අගල් 55 ක තිරයකින් යුත් X55 Model එකත් අගල් 65 තිරයකින් යුත් X65 Model එකත් ආදී ලෙසටයි.මෙම සියලු මාදිලි 4K HDR LED තිරයන්ගෙන් සමන්විත වෙනවා. Redmi Smart TV X Series එක Android TV 10 මගින් බලගැන්වෙන අතර HDR 12 Bit දක්වා Dolby Vision Format එක සහය දක්වනවා.Redmi Smart TV X Series එකේ TV තුළ 64 bit Quad Core MediaTek Processor එකක් අඩංගු වන අතර 2 GB RAM එකකින් සහ Apps සහ අනෙකුත් Data තබා ගැනීමට 16 GB Storage එකකුත් අඩංගු වේ. මෙහි auto low-latency mode (ALLM) අඩංගු වන නිසා Gaming වලදී හොද Performance එකක් බලාගන්න පුලුවන්.මේවායෙ HDMI 2.1 Ports තුනක් අඩංගු වන අතර එකක් eARC සහය දක්වනවා. ඊට අමතරව මෙහි USB Ports 2 ක් dual band Wi-Fi connectivity එකක් 3.5 mm audio connectivity සහ Bluetooth 5.0 පහසුකමත් අඩංගු කර ඇත.මෙහි Android TV 10 අඩංගු වන නිසා Android TV Launcher එක හරහා Google Assistant වෙත පිවිසීමේ පහසුකම ලැබෙනවා. මීට අමතරව Google Chromecast මේ තුළම අඩංගු කර ඇති අතර Mi Home App එක මෙම රූපවාහිනී තුළ අඩංගු කර ඇති IoT උපාංග මෙම රූපවාහිනී වෙත සහය දක්වයි.Redmi Smart TV X Series එකේ X50 Model එක $454 කටත් X55 Model එක $537 කටත් X65 Model එක $798 කටත් ඉන්දියාව තුළ නිකුත් උනා.Source:NDTV |
Nissan GTR (Godzilla) - වැඩිදුර විස්තර | අපි මීට කලිනුත් Nissan GTR (Godzilla) ගැන ලිපියකින් හමු උනා. මේ ලිපිය ලියන්නේ එම ලිපියේ දිගුවක් වශයෙනි. මෙතනදී අපි කතා වෙනවා GTR වල ඉතිහාසය සහ ලබා ගත් සම්මාන ගැන පවා.Nissan GT-R PremiumNissan GTR එහෙමත් නැත්තම් Godzilla කියන්නෙ දැනට ලෝකයේ තියෙන වේගවත්ම Production cars වලින් එකක් වගේම Lamborghini , ferrari පරදවන Performance එකක් අඩු මුදලකට ලබාදෙන ජපන් තාක්ෂණයෙ ඉහළම නිර්මාණයක්.GTR එකේ ආරම්භය 1957 දී ජපානයේ Prince motor company එකෙන් හදපු Prince skyline එකයි.1960දී Nissan සමාගම විසින් Prince සමාගම මිලට ගැනීමත් සමඟ 1969 දී Nissan skyline 2000 GT-R ( KPGC10) Modle එක නිපදවනවා.දැනට ආපු skyline GT-R versions -1973 Nissan skyline GT-R 2000 ( 70 දශකයේදී ඇති වුණු ලෝක ඉන්ධන අර්බුදය හේතුවෙන් GT-R Production එක නවතා දැමිණි).ඊට අවුරුදු 15කට පමණ පසු අලුත්ම Design එකකින් Nissan skyline GT-R R32 (BNR32) නිපදවනවා.R32 Modle එකට තමයි අපි කවුරුත් දන්න Godzilla නම පටබැඳුනෙ.1995 Nissan skyline GT-R R33 (BCNR33).1980 දී R30 RS-X Turbo සහ R31 GTS-R ( මේවා Race track සඳහා පමණි )1999 Nissan sskyline GT-R R34 (BNR34).ඉහත modles ඔක්කොම Inline 6 cylinder 2.6L Twin Turbo RB26 නම් Engine එකක් Version එක සහ year එක අනුව Performance වැඩි කරමින් භාවිතා විය.R34 සහ ඊට පහළ සියලුම skyline GT-R සියල්ලම 6 Speed manual transmission එකක් ඒ හා සම්බන්ධ All wheel drive system එකක් සහිතවයි වෙළඳපළට පැමිණියේ. 2001 දී Nissan විසින් skyline නම Infiniti V35 ලෙස වෙනස් කර RB26 Engine එක V6 Engine එකක් ලෙස නිපදවා V35 එකට සවි කර එලිදැක්වුණි.දැන් තමයි හොඳම හරිය, 2007 දී Nissan සමාගම විසින් Nissan skyline GT-R නම NISSAN GT-R ලෙස වෙනස් කරමින් R35 Modle එක එලිදැක්වුණි. R35 Modle එකේVR38dett Twin Turbo V6 3.8L Engine එකක් 6 speed dual clutch automatic transmission All wheel drive system එකකට සම්බන්ධ වෙලා තියෙන්නෙ.R35 එකේ VR38dett Engine එක Precision Hand built Engine එකක්, ඒවා Assemble කරන්නෙ Takumi කියලා හඳුන්වන ජපානයේ Engine assembling හැකියාවේ උපරිමයන් කිහිපදෙනක් විසිනි,සෑම Engine එකකම හදපු කෙනාගෙ නම ගහපු Metal plate එකක් තියෙනවා . Nissan GTR R35 එකට ඊට වඩා මිලෙන් වැඩි super cars එක්ක තරඟ කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ Nissan වලට ආවේනික ATTES E-TS කියන ALL WHEEL DRIVE SYSTEM එකට.R35 Series එකේ Version කිහිපයක්ම තියෙනවාNissan GT-R Stock.Nissan GT-R Premium.Nissan GT-R Spec V.Nissan GT-R Black edition.Nissan GT-R Track edition.Nissan GT-R Nismo edition.Nissan GT-R N-Attack.45th Anniversary gold edition.GT-R50 ( Concept ).50th Anniversary edition.තවද GT-R Nismo GT1, GT-R GT3 යනුවෙන් Race track only modle 2ක් ද නිපදවිය, මේවා v8 Engine වලින් බල ගැන්විය. 2016 පෙබරවාරි වලදී World fastest 30 degrees drift එක modified Nissan gtr nismo edition එකකින් පිහිටවිය.GT-R එකට ලැබුණු AWARDS,2007 Top Gear Awards – Sports car of the Year2008 Autocar – Drivers Car of the Year.2008 Evo Magazine – Car of the Year2008 Japan's Most Advanced Technology Award2008 Popular Mechanics – Automotive Excellence Awards 2008 (Design)2009 Automobile Magazine – Automobile of the Year2009 MotorWeek – Driver's Choice Awards 2009– Best Performance Car2009 Edmunds.com – Edmunds' Inside Line Editors' Most Wanted Awards: Instant Classic2009 Motor Trend – Motor Trend Car of the Year2009 Popular Science – Auto Tech Grand Award Winner2009 International Car of the Year2009 World Performance Car2009 Targa Tasmania Modern Champion2009 Targa West Challenge Modern Champion2009 Targa West Competition Modern Champion2009 Guinness World Records – Fastest 0–60 mph acceleration by a four-seater production car2010 Redline Time Attack Modified AWD Champion2010 Targa West Challenge Modern Champion2010 Targa West Competition Modern Champion2010 Yahoo – Listed as having one of the best resale values of any sports car.2011 Targa Tasmania Modern Champion2011 Targa West Competition Modern Champion2011 Motor Magazine Performance Car Cup Winner2013 Targa Adelaide – Modern Championතව මේ වගේම Automobile post එකකින් හම්බෙමු. |
Gemini AI සමඟින් Google Pixel 9 Series එක එළිදක්වයි | Google සමාගම ඔවුන්ගේ Pixel ජංගම දුරකතන මාලාවේ නවතම ජංගම දුරකතන මාදිලිය වන Pixel 9 series එක නිල වශයෙන් එලි දැක්වීම මීට සුළු මොහොතකට පෙර (අගෝස්තු 13 මෙරට වේලාවෙන් රාත්‍රි 10:30) කටයුතු කරා.Google Pixel 9, Google Pixel 9 Pro, Google Pixel 9 Pro XL හා Google Pixel 9 Fold ලෙසින් දුරකතන 4ක් එළිදැක්වීම මෙවර විශේෂත්වයක්.මෙම ලිපියේ දී Google Pixel 9, 9 Pro, 9 Pro XL යන මාදිලි 3 පිළිබඳ සාකච්ඡා කරන අතර Google Pixel 9 Fold Device එක පිළිබඳ ව වෙනම ලිපියක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.PerformanceGoogle Pixel 9 Series එකෙහි Chipset එක ලෙස බල ගැන්වීමට නවතම 4Nm Tensor G4 යොදා ඇති අතර එය CPU Cores 9කින් සමන්විත වනවා.තවද Pixel 9 Device එක 8GB Ram එකකින් සහ Pixel 9 Pro සහ Pro XL Devices දෙක 12GB සහ 16GB ලෙසින් මාදිලි 2කින් යුක්ත වනවා. Pixel 9හි 128GB සහ 256GB ලෙස මාදිලි දෙකක් ඇති අතර Pixel 9 Pro සහ Pro XL හි 256GB, 512GB සහ 1TB ලෙසින් මාදිලි තුනක් තිබෙනවා.Camera එකPixel 9 Device එක කැමරා 2ක් සහිත කැමරා පද්ධතියකින් බල ගැන්වෙන අතර ප්‍රධාන කැමරාව 50MP සහ 50MP Ultra-wide කැමරාවකින් යුක්ත වනවා. Front Camera එක ලෙස 11MP sensor එකක් යොදා තිබෙනවා.Pixel 9 Pro සහ Pro XL Device එක සඳහා ද කැමරා 3ක් සහිත කැමරා පද්ධතියක් යොදා ඇති අතර ප්‍රධාන කැමරාව 50MP, 48MP Ultra-wide කැමරාවකින් හා 48MP Telephoto sensor එකකින් යුක්ත වනවා. මෙහි Front Camera එක සඳහා ද 42MP sensor එකක් යොදා තිබෙනවා.මේ Devices තුනෙහි ම Back Camera එකෙන් 4K@24/30/60fps, 1080p@30/60/120/240fps දක්වා Video Record කළ හැකි අතර Front Camera එකෙන් 4K@24/30/60fps, 1080p@30/60fps දක්වා Video Record කළ හැකි වනවා.නව මුහුණුවරක් ගත් Unique Design එක සහ Display එකPixel 8 සහ 8 Pro හි පරිදි සුපුරුදු Design එක භාවිතා කරමින් පිටුපස ඇති Sensors සහ Cameras Metallic Strip එකක යොදා තිබෙනවා. ඊට සාපේක්ෂව Pixel 9 Series එකෙහි සිදු කරන ලද වෙනස ලෙස දැක්විය හැකි වනුයේ Camera Bump එක Center කොට Rounded Edges වල Curve එක සහ Bump එකෙහි උස වැඩි කිරීමයි.Pixel 8හි Display එක ගැන කතා කළ විට සුළු වෙනස් කම් කිහිපයක් සිදු කර ඇති අතර එනම්; Refresh Rate එක 120Hz වීමත්, උපරිම Brightness ප්‍රමාණය Nits 1400ක් වීමත් සහ අඟල් 6.2ක පැවති Display Size එක අඟල් 6.24ක් දක්වා අඩු කිරීමත් ය. මෙහි Display Resolution එක 1080px x 2424px වනවා.Pixel 8 Proහි අඟල් 6.34ක විශාලත්වයකින් සහ 120Hzක Refresh Rate එකකින් සමන්විත Display එකක් යොදා තිබෙන අතර Pro XL හි අඟල් 6.8ක Display එකක් සහ උපරිම brightness ප්‍රමාණය 3000nits පමණ වනවා.තවද මේ Devices 3හිම Displays Gorilla Glass එකකින් ආවරණය කොට තිබෙනවා.වෙනත් පහසුකම්මෙම Devices දෙකෙහි ම IP68 Water and Dust Resistance පහසුකම, Face Unlock, In-Display Fingerprint Scanner, Dual Stereo Speakers, Wi-Fi 6, Bluetooth 5.3 සහ NFC වැනි පහසුකම් අඩංගු වනවා. Pixel 9 Pro සහ Pro XL හි Pixel 8 Proහි පරිදි ම Temperature Sensor එක යොදා තිබෙනවා.Pixel 9 සහ 9 Pro සඳහා 4600mAh Li-Ion Battery එකක් භාවිතා වන අතර Pro XL සඳහා 5060mAh Li-Ion Battery එකක් භාවිතා වනවා. මෙම Device 3ම wireless charging සහ reverse wireless charging සඳහා Support කරනු ලබනවා.මෙහි Android 15 මෙහෙයුම් පද්ධතිය ධාවනය වන අතර අප ඔබටපෙර වාර්තා කළ පරිදි Pixel Devices සඳහා වසර 7ක් යන තුරු Updates ලබා දීමසිදුවනවා.වර්ණ මාදිලි සහ මිල ගණන්Pixel 9 Pro එක Porcelain, Rose Quartz, Hazel සහ Obsidian වර්ණවලින් පැමිණෙන අතර Pixel 9 Peony, Wintergreen, Porcelain සහ Obsidian යන වර්ණවලින් පැමිණෙනවා.Google Pixel 9 $799සිට මිල දී ගත හැකි අතර 9 Pro $999 සිට ද 9 Pro XL $1,099 සිට මිලදී ගත හැකි වනවා. මේ වන විට ඇමරිකාවේ Pre Order කිරීමට හැකි අතර අගෝස්තු තෙවන සතියේ සිට ලොව පුරා බෙදා හැරීම් ආරම්භ වනවා.All Image Source: Made by Googleමෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න. |
දෙසැම්බර් 31න් පසුව WhatsApp සහය නොලැබෙන ජංගම දුරකතන මෙන්න | සෑම වසරකදීම යල්පැන ගිය උපාංග සදහා සහාය ලබා දීම විවිධ සේවාවන් විසින් අවසන් කරන බවට විවිධ නිවේදන වාර්තා වනු ලබනවා. ඒ අනුව Meta සමාගමේ WhatsApp සදහා හෙට දිනයේ ( දෙසැම්බර් 31 ) සිට සහාය අවසන් වන / එනම් තවදුරටත් එම Devices ඔස්සේ WhatsApp නිල වශයෙන් භාවිත කිරීමට නොහැකි වන Smart Phones 40කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම Smart Phones අතරට Apple, Samsung, Huawei සහ Sony වැනි ජංගම දුරකථන මාදිලි කිහිපයක්ම අයත් වනවා.ඒ අනුව හෙට දිනයේ සිට මෙම Smart Phones සදහා WhatsApp නිල වශයෙන් සහාය දැක්වීම අවසන් වන අතර මෙම Smart Phones පහත දැක්වෙනවා.Apple DevicesiPhone 5iPhone 5cSamsung Galaxy DevicesGalaxy Ace 2Galaxy CoreGalaxy S2Galaxy S3 miniGalaxy Trend IIGalaxy Trend LiteGalaxy Xcover 2LG DevicesLG EnactLucid 2Optimus 4X HDOptimus F3Optimus F3QOptimus F5Optimus F6Optimus F7Optimus L2 IIOptimus L3 IIOptimus L3 II DualOptimus L4 IIOptimus L4 II DualOptimus L5Optimus L5 DualOptimus L5 IIOptimus L7Optimus L7 IIOptimus L7 II DualOptimus Nitro HDSony DevicesXperia Arc SXperia miroXperia Neo LHuawei DevicesAscend DAscend D1Ascend D2Ascend G740Ascend MateAscend P1Other DevicesWiko Cink FiveWiko Darknight ZTMemo ZTE V956Quad XLLenovo A820Archos 53 PlatinumGrand S Flex ZTEGrand X Quad V987 ZTEHTC Desire 500කෙසේ වෙතත් දැනටමත් මෙවැනි Smart Phones භාවිත කරන්නේ ඉතා සුලු පිරිසක් බැවින් මෙය එතරම් බලපෑමක් සිදු නොවන කරැණක් වුවත් ශ්‍රී ලංකාව වැනි පැරණි, යල්පැණ ගිය ජංගම දුරකථන යළි යළිත් භාවිත කිරීම සිදු වන රටක ජිවත්වන අපට නම් මේ පිළිබඳ සැලකිළිමත් වීමට සිදු වන බව මතක් කළ යුතුයි. ඒ තවමත් iPhone 5 හා iPhone 5c වැනි Apple iPhones ද Samsung සමාගමේ Galaxy Ace 2, Galaxy Core, Galaxy S2, Galaxy S3 mini සහ LG සමාගමේ සමහර Optimus Models (F6, F7, L2 II, L3 II, L3 II Dual, L4 II, L4 II Dual, L5, L5 Dual, L5 II, L7, L7 II, L7 II Dual, Nitro HD ) තවමත් සක්‍රීයව භාවිත වන බැවැනි.ඔබත් තවමත් මෙම ලැයිස්තුවට අයත් ජංගම දුරකථනයක් භාවිත කරනු ලබනවා නම් හෙට දින ( දෙසැම්බර් 31 ) ඔබගේ ජංගම දුරකථන සදහා WhatsApp නිල වශයෙන් සහාය ලබා දීම අත්හිටවනු ඇත.Sources:BeebomGizchinaWhatsapp |
Xiaomi සමාගම විසින් නිෂ්පාදිත ප්‍රථම ජංගම දුරකතනය මිලදී ගත් අයට එහි වටිනාකම ආපසු ගෙවීමට එම සමාගම සූදානම් වේ | Xiaomi සමාගම පසුගිය දිනක Samsung සමාගම අභිබවමින්ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයාබවට පත්වුණා ඔබට මතක ඇති. ඒ වගේම මේ වෙන විට ලොව පුරාම අතිශය ජනප්‍රියත්වයට පත් වි තිබෙන Smart Phone Brand එකක් විදිහට Xiaomi හදුන්වා දෙන්න පුලුවන්.චීන සමාගමක් වෙන Xiaomi සමාගම විසින් 2011 වසරේදි ඔවුන්ගේ ප්‍රථතම Smart Phone එක වෙන Xiaomi Mi 1 Smart Phone එකත් සමගින් ගෝලීය Smart Phone වෙළෙඳපොලට පිවිසිම සිදු කළා. මේ Xiaomi Mi 1 Smart Phone Units 184,600 ප්‍රමාණයක් එක් Smart Phone එකක් ඩොලර් 308කට ආසන්න මුදලකට අලෙවි කරනු ලැබුවා.Xiaomi සමාගම විසින් ඔවුන්ගේ නිල Weibo ගිණුම ඔස්සේ සිදු කරන ලද නවතම ප්‍රකාශයට අනුව ඔවුන්ගේ පළමු Smart Phone එක වෙන Xiaomi Mi 1 Smart Phone එක Pre Order කර මිලදි ගත් පාරිභෝගිකයින් සියලු දෙනා සදහා මුදල් ආපසු ගෙවිමක් සිදු කරන බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.ඒ අනුව Xiaomi Mi 1 Smart Phone එක Pre Order කළ සියලු Xiaomi පාරිභෝගිකයින් සදහා එම Smart Phone එක මිලදි ගැනිමට වැයවු මුදල, එනම් ඩොලර් 308ක ප්‍රමාණය (1,999 Yuan) නැවත ලබා දිමට Xiaomi සමාගම සුදානමින් සිටිනවා. වාර්තා වෙන තොරතුරුවලට අනුව මේ Refound එක මගින් අවශ්‍ය ඕනැම Xiaomi නිෂ්පාදනයක් මිලදි ගත හැකි වෙනු ඇත.Source :Android Authority,Xiaomi |
අභ්‍යවකාශයේ දී ජිම් යන්නේ මෙහෙමයි | ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ම දිනකට පැය දෙකක් දක්වා විවිධ ව්‍යායාම සඳහා කාලය වැය කරනු ලබනවා. මන්ද යත් දිගු අභ්‍යවකාශ ගුවන් ගමන් වලදී සිදුවන භෞතික පරිහානිය වැලැක්වීම සඳහා ව්‍යායාම අත්‍යවශ්‍ය වන අතර ගගනගාමීන්ට නැවත පෘථිවියට පැමිණෙන විට සාමාන්‍ය ගුරුත්වාකර්ෂණයට නැවත හැඩගැසීමටද එය උපකාරී වනවා.පෘථිවියේ නිශ්චලව සිටින විට මිනිස් ශරීරය ගුරුත්වාකර්ෂණයට ප්‍රතිවිරුද්ධ වන අතර එහිදී ඉරියව්ව පවත්වා ගැනීම සඳහා මාංශ පේශි සහ අස්ථි ශරීරයට ආධාර කරනු ලබන අතර අභ්‍යවකාශයේදී එම තත්ත්ව හාත්පසින්ම වෙනස් වනවා. අභයවකාශයේදී ගුරුත්වාකර්ශණය නොමැති තරම් වන අතර ඒ අනුව ශරීරයට ආධාර කිරීමට මාංශ පේශි සහ අස්ථි අවශ්‍ය නොවේ. එමනිසා ව්‍යායාම කිරීම ගගනගාමීන්ගේ මාංශ පේශි සහ අස්ථි ශක්තිමත් කිරීමය උපකාරී වේ.මේ සඳහා ගගනගාමීන් පුහුණු කිරීම සඳහා ප්‍රතිරෝදක ව්‍යායාම උපකරණ සහ Treadmill සහ Ergometer වැනි ව්‍යායාම උපකරන භාවිතා කරමින් දිනකට පැය දෙකක පමණ කාලයක් ව්‍යායාම කරනු ලබනවා. Ergometer යනු රෝද නොමැති බයිසිකලයක් වැනි උපකරණයක් වන අතර එහිදී පැඩල් කිරීමේ ශක්ති ප්‍රමාණය වෙනස් කරමින් ව්‍යායාම කළ හැකි වනවා.මේ සඳහා ප්‍රතිරෝදක ව්‍යායාම උපකරණ සමඟ රික්තක සිලින්ඩර් භාවිතා කරනු ලබන අතර එමඟින් පෘථිවියේ මෙන් ව්‍යායාම කළ හැකි වනවා. Treadmill මත ගගනගාමීන් ඉවතට පාවී නොයන ලෙස රබර් පටි(Elastic Bungee Cords) භාවිතයෙන් තම සිරුර පහලට ඇද තබා දිව යා හැකියි.මෙහිදී ගගනගාමීන්ගේ හෘද ස්පන්දන වේගය සහ අනෙකුත් වැදගත් තොරතුරු පරිගණක මඟින් පාථිවියේ සිටින වෛද්‍ය කාර්ය මණ්ඩලය නිරීක්ෂණය කරන අතර ඔවුන්ගේ යෝග්‍ය තත්ත්වය කෙතරම් වෙනස් වී ඇත්දැයි සොයා බලනු ලබන අතර අවශ්‍ය නම්, ඔවුන්ගේ ව්‍යායාම වැඩසටහන් වෙනස් කිරීමට උපදෙස් ලබා දෙනවා.ඒ අනුව අභ්‍යවකාශය තුළ සිටින් ගගනගාමීන්ට ව්‍යායාම යනු අත්‍යාවශ්‍ය දෙයක් ලෙස දක්වන්න පුලුවන්.Source:esa.int |
Microsoft සමාගම විසින් එළිදැක්වූ Windows 11 සමඟ පැමිණෙන නවතම පහසුකම් 5 | ඔන්න ඉතින් කාලෙකට පස්සේ Microsoft සමාගම විසින් එයාලගේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියක් විදියටWindows 11 එක ඊයේ එලි දැක්වූවා. ඉතින් අද අපි කතා කරන්නේ යන්නේ මේකෙදී අපිට බලාගන්න පුලුවන් උන ප්‍රධානම features ටිකක් ගැනයි.නව Microsoft Store එකක් සහ Android Apps ධාවනය කිරීමේ හැකියාවඉතින් ඔන්න පලවෙනි ඉතා සුවිශේෂ උන feature එකක් තමයි Android Apps Microsoft store එකෙන් download කරගෙන windows 11 තුලදීම කිසිම කරදරයකින් තොරව ධාවනය කලහැකි වීම. මෙහිදී අපිට බලාගන්න පුලුවන් වෙන්නේ Amazon Store එකේ තිබෙන Android Apps පමණයි. ඒ නිසා ඉදිරියේදී Amazon Store එකේ විශාල වශයෙන් Apps එකතුවෙනවා බලාගන්නත් පුලුවන් වෙයි. තව දුරටත් මෙහිදී Microsoft ආයතනය කියා සිටියේ මෙසේ එහි තිබෙන Apps වලින් එන ආදායමෙන් කිසිම මුදලක් තමන් අය නොකරගන්නා බවයි.Touch screens සඳහා වඩාත් හොඳින් optimize කර තිබීමතවත් සුවිශේෂ වුන දෙවනි features එක තමයි මෙම මෙහෙයුම් පද්ධතිය touch screen සදහා ඉතාමත් හොදින් නිර්මාණය කර තිබීමයි. නව මෙහෙයුම් පද්ධතියේ ඇති virtual keyboard එකද ඕනෑම කෙනෙකුට තනි අතින් හැසිරිවිය හැකි පරිදී කුඩාවට සකසාගැනීමට පුලුවන් වීම ඒ අතරින් සුවීශේෂී වෙනවා. එසේම විවෘත වී ඇති window කිහිපයක් එකවර එකම screen එකකට ගැනීමට ඉතාමත් පහසු හා වේගවත් පහසුකම් රැසක් මෙහිදී බලාගන්නට පුලුවන් වෙනවා.වැඩි දියුණු කල multiple desktop පහසුකමතවත් මෙහිදී බලාගන්න පුලුවන් උන දෙයක් තමයි multi screen පහසුකම. දැනටමත් ඔබ monitors දෙකක හෝ කිහිපයක වැඩ කර තිබේනම් ඔබට තිබෙන ලොකුම ගැටලුවක් තමයි එක monitor එකක් විසන්දි කල විට එහි තිබෙන window ටික ප්‍රධාන monitor තිරය මත පතිත වීම. මෙය ඉතාමත් අප්‍රසන්න ලෙස Windows 10 හි දක්නට ලැබුනත් එය සම්පූර්ණයෙන්ම ඉතාමත් විශිෂ්ඨ ලෙස ප්‍රධාන තිරයට කිසිදු බලපෑමක් ඇති නොකර තබා ගැනීමට Windows 11 අපිට පහසුකම් ලබාදී තිබෙනවා. ඒ වගේම නැතිව monitor එක සම්බන්ධ වුන විට තිබුන ආකාරයටම එය එහි ස්ථානවීමද සිදුවන්නේ කිසිම බලපෑමකින් තොරවයි.Windows 10 වලට වඩා හොඳ Gaming experience එකක්අද වන විට වින්ඩෝස් පරිගණකයේ ප්‍රධානම අංගයක් තමයි මේ Gaming කියන්නේ. ඉතින් මේ windows 11 හිදීත් අපිට ඉතාමත් විශිෂ්ඨ ලෙස පරිගණක ක්‍රීඩා කිරීමට අවස්ථාවක ලබා දෙනවා. එහිදී Windows 11 තුල ඇති AutoHDR පහසුකම මගින් ඉතාමත් ලස්සන Graphics Game එක play කරනවිට අපිට බලාගන්න පුලුවන් වෙනවා. හැබැයි තවමත් ඔවුන් දන්වලා නෑ කොපමණ දුරට Graphics card එක සමග මේ පහසුකම වැඩ කරනවද කියල. තව විශේෂ දෙයක් තමයි Windows 11 එකේ ඉදන් බොහොමයක් Xbox හි තිබෙන Games ක්‍රීඩා කල හැකි වීමයි. එම නිසා වෙනම වියදමක් නොකොට Xbox හි ඇති ක්‍රීඩා Windows 11 වෙතින් අපට බලාගන්න පුලුවන්.Built in chat පහසුකමමෙහි තව අංගයක් තමයි මෙහි built in Microsoft teams පහසුකම ලබා දීමයි. ඔබ දැනටමත් teams භාවිතා කරන කෙනෙක්නම් ඔබට මෙය ඉතාමත් වටිනා feature එකක් වෙනවා. මෙය messaging app එකක් වැනි සිහින් app එකක් ලෙස නිර්මණය කර තිබීම හා ඉතාමත් වේගවත් ලෙස නිර්මාණය කර තිබීම නිසා අලුත් අත්දැකීමක් ගෙනදෙනු ඇත. |
Git වල Branching සහ Merging කියන්නේ මොකද්ද? | Git සහ Github තුන්වන පාඩමට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා පසුගිය පාඩම් කියවූයේ නැතිනම් ඒවා මුලින් කියවා අවසන් කර මෙම කොටසට පැමිණෙන්න.Git Repository එකක් හදලා files add කරන්නේ මෙහෙමයිGit සහ GitHub දෙවෙනි පාඩමට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා පළවෙනි පාඩම කියවූයේ නැතිනම් ඒක මුලින් කියවල එන්න. Git සහ GitHub ගැන මුල සිට ඉගෙනගමුමෙම ලිපි මාලාව හරහා Git සහ GitHub කියන්නෙ මොනවද සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබදව ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එහි පළමු ලිපිය විදියට Version Control, Git සහ GitHub…Android වැඩකාරයෝ - Sinhala Tech News providerHasala Abhilashaමෙම පාඩම හරහා Git වල Branching සහ Merging පිළිබද හොද අවබෝධයක් ලබාගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.Git Branching සහ Merging හරහා New Features හෝ Bug Fixing වල Development කරන අවස්ථාවන්හිදී Main Codebase එකට හානියක් හෝ බලපෑමක් සිදුනොවන ආකාරයෙන් වැඩකිරීමට අවස්ථාව ලැබෙනවා. ඉන්පසු එම Branch එක Main Branch එකට Merge කිරීමට හැකියාව පවතිනවා. මෙම Feature එක Developer කෙනෙක්ට ඉතාම ප්‍රයෝජවත් Feature එකක් වෙනවා. දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල. මෙහිදී මම පෙර පාඩම අවසන් කළ ස්ථානයෙන්ම Terminal එක ආරම්භ කරනවා.මුලින්ම ඔයා Repository එකක් Initialise කරාට පස්සෙ Automatically ම Master Branch එකක් Create වෙනවා. මෙන්න මේ Master Branch එක තුළ අපේ Main Codebase එක එහෙමත් නැත්තම් අපේ Project එකේ Stable Version එක අඩන්ගු වෙනවා. දැන් අපි New-Feature නමින් අලුත් Branch එකක් හදල බලමු. ඒකට අපිgit branch New-FeatureCommand එක භාවිතා කරන අතරNew-Featureවෙනුවට ඔයාට කැමති Name එකක් දෙන්න හැකියාව තිබෙනවා.2. අලුතෙන් Branch එකක් හැදුවත් තාම ඔයා ඉන්නෙ Master Branch එක අතුලෙ. අලුතෙන් හදපු Branch එකට Switch වෙන්නgit checkout new-featureCommand එක අවශ්‍ය වෙනවා.දැන් ඔයා මෙතන ඉදන් සිදුකරන සියලුම Changes Save වෙන්නෙ මෙන්න මේ Branch එකටයි.git checkout -b new-featureමෙන්න මේ Command එක භාවිතා කරල Creating සහ Switching දෙකම එකපාර කරන්න හැකියාව තියෙනවා.3. දැන් අපි කලින් හදපු Text File එකෙත් පොඩි වෙනසක් කරල තවත් Text File එකක් අලුතෙන් Add කරල Commit කරල ඒවා අපේ Master Branch එකට Merge කරන්නෙ කොහොමද කියල Next Step එකේදි බලමු.4. මුලින්ම ඔයාgit checkout mastercommand එක භාවිතා කරල ආයෙම master branch එකට switch වෙන්න. දැන්git merge new-featurecommand එක භාවිතා කරල master branch එකට merge කරගන්න පුලුවන්.මීළග කොටසින් හමුවෙමු. |
iPhone 14 Series එක සඳහා 6GB RAM වර්ග දෙකකින්? | iPhone 14 Series එකේ,අප මීට පෙර වාර්තා කළාPunch Hole Display එකක්ලබා දෙන බවට සහ එහිCamera එකේ නව පහසුකම් ගැනඅපේ Team එක ඔබට වාර්තා කළා.පසුගිය වසරේ Flagship 12 GB Ram සහිත Android Device වලට වඩා 6GB Ram සහිත iPhone 13 හොඳ Performance එකක් දැක්වූවා. iPhone වල Performance Ram එකෙන් මැන ගන්න ට නොහැකිය.නිල නොලත් වාර්තාවට අනුව iPhone 14 Series හි Pro-iPhones, Non Pro-iPhones අතර විශේෂ වෙනසක් සිදුවන බව අපි ඔබට වාර්තා කළා. iPhone 14 Series එකම 6GB Ram සහිත වන බවට වාර්තාවක් නිකුත් වී ඇත. සුප්‍රසිද්ධ විශ්ලේශිකාවක් වන Ming-Chi-Kuo ගේ වාර්තාවට අනුව පෙර සඳහන් කළ පරිදි Pro-iPhones, Non Pro-iPhones අතර විශාල වෙනසක් කරමින් Pro-iPhones වලට නව LPDDRD5 වේගවත් Ram එකක් ද ඇතුළත් වන අතර අනෙක් Non Pro-iPhones වලට පැරණි iPhone 13 හි පැවති LPDDR4X Ram භාවිතා වනු ඇත.එසේම 6GB Ram iPhone 13 Pro Models වල තිබුණද Non Pro-iPhones 13 වල LPDDR4X (4GB Ram)තිබුණු අතර,නිල නොලත් වාර්තා වලට අනුව iPhone 14 Pro Models වේගවත් නව LPDDRD5 (6GB) Ramහා අනෙක් iPhone 14 Non-Pro Models දෙකට iPhone 13 හි පැවති LPDDR4X (6GB)Ram භාවිතා වනු ඇත ලැබේ.මේ ආකාරයෙන්ම iPhone 13 වල තිබූA15 Bionic පැරණි Chipset එක iPhone 14 Non-Pro Models වලටහාiPhone 14 Pro Models වලට මෙතෙක් නිකුත් නොකල Apple Bionic A16 Chipset එකභාවිතා වනු ඇති බවට අප ඔබට වාර්තා කළා.Chipset වලට අමතරව මීට පෙර 13 Series හි Storage එක ආරම්භ වූයේ 128 GB වලිනි.නමුත් මේ නිල නොවන වාර්තා වලට අනුව 14 Series හි ආරම්භක Storage එක 256 GB විය හැකිය.මෙලෙස iPhone 14 Series එක සදහා Apple සමාගම විසින් Chipset දෙකක්/Ram දෙකක් භාවිත කිරිම ඔවුන්ගේ වෙළෙඳ/මුල්‍යමය උපක්‍රමයක් බවද දක්වන්න පුලුවන්. ඒ අනුව Non-Pro iPhone Models හා Pro iPhone Models අතර බොහෝ විට පැහැදිලි මිල වෙනසක් ද අපේක්ෂා කරන්න පුලුවන්.Apple iPhone 14 Series එක එක කොහොම වේවිද? ඔබේ අදහස් දක්වන්න.Source:Gizmochina |
Xiaomi සමාගම ජංගම දුරකතන සඳහා භූමිකම්පා අනතුරු ඇඟවීමේ පද්ධතියක් හඳුන්වාදීමට සූදානම් වේ | Xiaomi සමාගම විසින් 2010දි පමණ ඔවුන්ගේ Custom MIUI ROM ඔස්සේ භුමිකම්පා අනතුරු ඇගවිම් පද්ධතියක් Xiaomi Smartphone හා Smart Tv සදහා ලබා දෙන්න කටයුතු කරනු ලැබුවා. මේ භුමිකම්පා අනතුරු ඇගවිම් පද්ධතිය Chengdu High-tech Disaster Mitigation Institute එකේ සහයෝගයෙන් යුතුව ආරම්භ කරනු ලැබුවා.ඒ අනුව 2019 වෙන විට මේ භුමිකම්පා අනතුරු ඇගවිම් පද්ධතිය මගින් Magnitude 4.0 සහ ඊට විශාලත්වයෙන් වැඩි භුමිකම්පා 35ක් පිළිබඳව සාර්ථකව හදුනාගෙන තිබෙනවා. මේ අනතුරුව ඇගවිම් පද්ධතිය මගින් අනතුරු ඇගවිම් පණිවිඩ මිලියන 12.64කට ආසන්න ප්‍රමාණයක් මේ වෙන විට නිකුත් කර තිබෙනවා.මෙලෙස භුමිකම්පා පිළිබඳව අනතුරු ඇගවිම් තොරතුරු Xiaomi Devices වෙත නිකුත් කිරිමට අමතරව Smartphone හරහා භුමිකම්පා නිරීක්ෂණය කිරිමේ හැකියාව ලබා දිමට මේ වෙන විට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. මේ සදහා Smartphone එකේ පවතින Sensors භාවිත කල හැකි බවයි ඔවුන් දක්වා තිබෙන්නේ. ඒ අනුව Smartphone එකට භුමිකම්පා පිළිබඳව තොරතුරු Real Time නිරීක්ෂණය කිරිමේ හැකියාව ලැබෙනවා.Xiaomi සමාගම විසින් ඔවුන්ගේ මේ තාක්ෂණය සියලුම Xiaomi Smartphone සදහා ලබා දිමට බලාපොරොත්තුවෙන් සිටින අතර MIUI 12.5 භාවිත කරන Users ලා සදහා මේ වෙන විට Earthquake Monitoring Volunteer කෙනෙක් විට සදහා Apply කිරිමේ පහසුකම ලබා දි තිබෙනවා. මෙලෙස Smartphone එක මගින් ලබා ගන්නා භුමිකම්පා පිළිබඳව දත්ත භුමිකම්පා පුර්ව අනතුරු ඇගවිම් පද්ධතිය තුලට ලබා ගන්නා අතර ඒ මගින් එම ස්ථානයේ භුමිකම්පාවක් සිදුවි ඇත්දැයි තිරණය කර එලෙස භුමිකම්පාවක් සිදුවි ඇත් නම් එම තොරතුරු නැවත Xiaomi Devices වෙත ලබා දිමට කටයුතු කරනවා.මෙලෙස Earthquake Monitoring සදහා එක් වෙන Devices සමස්ත ක්‍රියාවලිය තුලම User Data නොමැතිව නිර්නාමිකව ක්‍රියාත්මක වෙන අතර ඒ තුලින් Userගේ පෞද්ගලිකත්වයට හානි විමක් සිදු වෙන්නේ නැ. දැනට චීනය සදහා මේ හැකියාවන් ලබා දෙන අතර ඉදිරියේ දි සමහර විට රටවල් කිහිපයකට පමණක් මෙය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.Source:Gizmochina |
USB-C වෙතට යොමු වෙනවා හැර අපට වෙනත් විකල්පයක් නෑ, යුරෝපා සංගමේ තීරණ හමුවේ Apple සමාගම පසු බසී | යම්කිසි කාලයක් ඔස්සේ සිදුවූ ක්රියාකාරීත්වයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඔක්තෝබර් මස 4 වන දින යුරෝපා සංගමය විසින් තීරණය කරනු ලැබූවේ යුරෝපා සංගමයට අයත් රටවල් තුළ 2024 වර්ෂයෙන් පසුව විකිණීමට බලාපොරොත්තු වන සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා එකම ආකාරයේ Charging Port එකක් නැතහොත් Type-C Charging Port එකක් අන්තර්ගත විය යුතු බවයි. ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහාමෙම සබැඳියෙන් කියවන්න.පසුගිය දා පැවති The Wall Street Journal's WSJ Tech Live Conference හීදී Apple සමාගමේ විධායක නිලධාරියෙකු වන Greg Joswiak විසින් සඳහන් කර ඇත්තේයුරෝපා සංගමය විසින් සම්මත කළ එම නීතිය පිළිගැනීමට සිදුවන බවත් ඔවුන් හට වෙනත් පිළියමක් නොමැති බවත් ය. එමනිසා 2023 වසරේ සිට කුඩා ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා ප්‍රථමයෙන් Type-C Charging Port ලබා දීමට කටයුතු කරන බව ඔහු විසින් වැඩිදුරටත් පවසන ලදී.මෙලෙස යුරෝපා සංගමය විසින් තීරණයක් ගෙන ඇත්තේ එහි සාමාජික රටවල් තුළ දුරකථන අලුතින් මිලදී ගැනීමේ දී පැරණි දුරකථන උපාංග පරිසරයට ඉවතලීම වැඩි වශයෙන් සිදුවන බවත් එම හේතුවෙන් පරිසර දූෂණය මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) හරහා සිදුවීම වේගවත් වන බවත් ය.නමුත් වැඩිදුරටත් ප්‍රකාශ කරමින් Greg Joswiak සඳහන් කරන්නේ එලෙස ලබාගත් තීරණය පිළිගන්නා නමුත් එයට කිසිසේත් සම්පූර්ණයෙන් එකඟ නොවන බවයි. එහි දී මතු කරනු ලබන කරුණ නම් මේ වන විටත් එම අදාල රටවල් තුළ iPhone Lightning Cable භාවිතා කරනු ලබන පරිශීලකයන් විසින් මෙලෙස එකවර සිදුවන මාරුවීම් තුළදී පරිසරයට එක් කරන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය ඉතා ඉහල යනු ඇති බවයි.මෙවන් වාතාවරණයක් යටතේ අප හට අනුමාන කළ හැක්කේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත Apple ඉලෙක්ට්‍රොනික උපාංග සියල්ලක්ම පාහේ Type-C ආකාරයෙන් නිකුත්වීමට ඉඩ ඇති බවයි. නමුත් මෙම වෙනස්වීම යුරෝපා සංගමය විසින් නීතිය පැනවූ අදාල සංගමයේ රටවල් සඳහා පමණක් ද නැතිනම් සියලුම රටවල් සඳහා පමණක් ද යන්න පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත.Sources:www.forbes.com |
වචනවලින් Video මවන OpenAI සමාගමේ නවතම AI එක; Sora | Soraකියන්නෙ අපිට ඕනෑම මනඃක්කල්පිත දර්ශණයක් තාත්විකව නිර්මාණය කරගන්න පුලුවන් AI Model එකක් ලෙස සරලව හඳුන්වා දෙන්න පුලුවන්. මෙය නිර්මාණය කරල තියෙන්නේ ඔයාල කවුරුත් දැන් හැමදේටම වගේ පාවිච්චි කරන chatGPT හි නිර්මාතෘ සමාගම වනOpenAIසමාගම. මේකෙදි මේගොල්ලොන්ගෙ අරමුණ වෙලා තියෙන්නෙ, සැබෑ ලෝකයේ අන්තර්ක්‍රියා අවශ්‍ය වන ගැටළු විසඳීමට මිනිසුන්ට උපකාරවෙන AI වලට, චලනය වන භෞතක ලෝකයේ දේවල් තේරුම් ගැනීමට සහ අනුකරණය කිරීමට ඉගැන්වීමයි. පරිශීලකයන්ට යම් සිදුවීමක් වචනයෙන් (Prompt එකක් විදියට) කියල model එකට ඇතුලත් කලාම, විනාඩියක කාල පරාසයක Video නිර්මාණය කරගන්න පුලුවන්. ඉදිරියේදි වීඩියෝවක කාල පරාසය පුළුල් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. දැනට මේක පාවිච්චි කරන්න පුලුවන් සීමිත පිරිසකට විතරක් වන අතර ඒ තවමත් මෙය පර්යේෂණ මට්ටමේ තිබෙන නිසාවෙනි.0:00/0:101×Prompt: Several giant wooly mammoths approach treading through a snowy meadow, their long wooly fur lightly blows in the wind as they walk, snow-covered trees and dramatic snow-capped mountains in the distance, mid-afternoon light with wispy clouds and a sun high in the distance creates a warm glow, the low camera view is stunning capturing the large furry mammal with beautiful photography, depth of field.කොහොම උනත් මේකේ තියන විශේෂම ලක්ෂණය තමයි, අනිත් හැම AI Video Maker එකකටම වඩා මේක ගොඩක් තාත්විකයි. ඒව සමඟ සන්සන්දය කරද්දී අපිට හිතගන්න අමාරුයි මේක AI තාක්ෂණයෙන් හදපු Video එකක් ද නැතිනම් ඇත්තම Video එකක් ද කියන එක. ඒ වගේම මේ model එක හරහා අපට high quality Video Generate කර ගැනිමේ හැකියාව ලබා දී තිබෙනවා.ඒ වගේම දැනට මේක පාවිච්චි කරන්න පුළුවන් තොරාගත්ත visual artists, designers සහ filmmakers ල කොටසකට පමණක් වන අතර OpenAI සමාගම මේ ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හරහා හොද නිර්මාණාත්මක හැකියාවක් තියෙන විදියට Model එකේ ගුණාත්මක භාවය ඉහල නැංවීමයි.තාම පර්යේෂණ මට්ටමේ තියෙද්දිම මේක ගැන ලෝකෙටම කියල තියෙන්නෙත් මේ AI තාක්ෂණය ගැන මිනිස්සු මොනවද හිතන්නේ කියල හොයල බලන්න සහ ඒ අයගෙ හැසිරීම මොනවගේ වෙයිද මේ වගේ Model එකක් එළිදැක්වුවාට පසුව කියන එක සොයා බලන්න බව වාර්තා වනවා.Sora කියන AI model එකට පුලුවන් පරිශීලකයගේ දත්ත අනුව ඉතා සංකීර්ණ දර්ශනයක් උනත් නිවැරදිව සහ අවස්තානුකුලව නිර්මාණය කරන්න. එතනදි Sora ට, පරිශීලකය දුන්න දත්තවලට අදාල දේවල් කොහොමද භෞතික ලෝකයේ හැසිරෙන්නෙ කියලත් හොදින් තේරුම් ගැනිමේ හැකියාව තියනවා. අන්න ඒ නිසයි මේ Video ඒ තරම්ම තාත්වික බවක් පෙන්නුම් කරන්නේ.පහත Video උදාහරණයන් ඇසුරෙන් ඔබටම ඒ බව තහවුරු වේවි.0:00/0:101×Prompt: A petri dish with a bamboo forest growing within it that has tiny red pandas running around0:00/0:081×Prompt: A cat waking up its sleeping owner demanding breakfast. The owner tries to ignore the cat, but the cat tries new tactics and finally the owner pulls out a secret stash of treats from under the pillow to hold the cat off a little longerOpenAI සමාගම කියන විදියට දැනට මේ model එකේ යම් යම් දෝෂ දැකගන්න පුළුවන්. උදාහරණයක් විදියට, සංකීර්ණ දර්ශණ වල ඇත්ත භෞතික ස්වභාවය අනුකරණය කිරීමේදී, සිද්දීන් සහ බලපෑම් අතර යම් සම්බන්දතා තේරුම් ගැනීමේ අපහසුතාවය දැනට මේ Model එකට තිබෙන බව ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා.තව දුරටත් ඒ ගැන පැහැදිලි කළෝතින්, බිස්කට් එකක් කන පුද්ගලයෙක්ගේ Video එකකදී, බිස්කට් එක කාපු පසු, එම කොටස බිස්කට් එකෙන් අඩු වු බවට සලකුණක් නැති බිස්කට් එකේ අඩුවක් නොතිබෙන්නට පුලුවන්.පහත Video එක ඒකට උදාහරණයක් ලෙස දක්වන්න පුලුවන්. එහි සිටින කාන්තාව ඉටිපන්දම් නිවා දැමුවත් ඒව එලෙසම දැල්වී තිබෙන ආකාරය දැකගන්න පුලුවන්.0:00/0:101×Prompt: A grandmother with neatly combed grey hair stands behind a colorful birthday cake with numerous candles at a wood dining room table, expression is one of pure joy and happiness, with a happy glow in her eye. She leans forward and blows out the candles with a gentle puff, the cake has pink frosting and sprinkles and the candles cease to flicker, the grandmother wears a light blue blouse adorned with floral patterns, several happy friends and family sitting at the table can be seen celebrating, out of focus. The scene is beautifully captured, cinematic, showing a 3/4 view of the grandmother and the dining room. Warm color tones and soft lighting enhance the mood.කොහොම වුවත් මේ හැම දෙයක්ම ඉදිරියේදී නිවරදි වනු ඇති සහ තව දුරටත් වැඩි දියුණු වනු ඇති බව බලාපොරොත්තු වන්න පුලුවන්. ඒ මේ AI model හැම එකක්ම දත්ත එක්ක ගොඩක් දේවල් ඉගෙන ගන්නවා වගේම දෝෂත් අඩු වෙනවා. අපි බලමු ඉදිරියේදි Sora ත් chatGPT වගේම ලොකු පෙරලියක් කරයිද කියල.Source:openai |
ශ්‍රී ලංකාවේ පළමු සජීවි දුම්රිය සිතියම් විශේෂාංගය RDMNS විසින් එලිදක්වයි | ශ්‍රී ලංකාවේ ප්රථමසජීවි සහ සවිස්තරාත්මක දුම්රිය කාලසටහන මෙන්ම තවත් දුම්රිය මගීන්ට වැදගත් පහසුකම් රැසකින් සපිරි RDMNS.LK App එකපිළිබඳව මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති බව නිසකයි.ඊයේ දිනයේදී මේ App එක සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට තවත් නව විශේෂාංගයක් ලබා දෙන්න කටයුතු කරනු ලැබුවා.RDMNS Live Map Feature නමින් හඳුන්වා දුන් මේ නව විශේෂාංගය ඔස්සේ සමස්ථ ශ්‍රී ලංකාවේම දුම්රිය මාර්ග පද්ධතිය ආවරණය වන පරිදි සකස් කළ සජීවී දුම්රිය සිතියම පරික්ෂා කිරීමේ අවස්තාව ඔබට හිමි වනවා. එමෙන්ම මේ සඳහා දත්ත ලබා දෙන්නේ RDMNS සාමාජිකයන් වනවා.මේ නව පහසුකම ඔස්සේ ඔබට,සජීවී දුම්රිය තිබෙන ස්ථානයදුම්රිය ස්ථාන අනුපිලිවෙලඅපේක්ෂිත ලගාවීමේ වෙලාවමාර්ග අවහිරතා / සංඥා දෝෂ / පීලිපැනීම්වැනි බොහෝ තොරතුරු පහසුවෙන් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඔබවෙත ලැබෙනවා.පළමු අදියර ඊයේ දින (08/11) සිට එළිදැක්වු අතර මෙහි මතුවන ගැටළු පිළිබඳව[email protected]ඊමේල් ලිපිනය ඔස්සේ ඔවුන්ව දැනුම්වත් කල හැකි වනවා.මේ පිළිබඳව වැඩි විස්තර සඳහා RDMNS.LK Facebookපිටුවසහසමුහයවෙත ඔබට සම්බන්ධ විය හැකියි. |
Blog, News website කරන අපි අදම WordPress අත ඇරලා Ghost වලට මාරු වෙන්න ඕනේ මේ නිසායි | Blogging, News website එකක් කරන කෙනෙක්ද? WordPress පාවිච්චි කරලා කරලා එපා වෙලාද? Website එක ගොඩක් slow වෙලාද?ඔයා blogging කරන කෙනෙක් නම් හෝ News website එකක් කරන කෙනෙක් නම් WordPress පාවිච්චි කරන ඔයාලට ලොකු ප්‍රශ්නයක් තමයි website එකේ තියෙන speed එක මදි කම. මේකට ලොකුම හේතුව තමයි WordPress කියන්නේ blogging වලටම පමණක් නිර්මාණය කරපු CMS එකක් නොවීම. WordPress කියන්නේ බහුකාර්ය CMS එකක්. ඉතිං ඒකට තියන හොඳම විසදුම තමයි blogging වලටම පමණක් නිර්මාණය වෙච්ච CMS එකක් භාවිතා කරන්න යොමු වෙන එක.මම අද කියන්න යන්නේ blogging සඳහාම පමණක් නිර්මාණය වෙච්ච CMS platform එකක් ගැන. ඒක තමයිGhost. ලංකාවේ වැඩිය ප්‍රසිද්ධ නැති උනත් ලෝකය පුරාවටම මේ වෙනකොට විශාල වශයෙන් භාවිතා කරන CMS Platform එකක් තමයි Ghost කියන්නේ. උදාහරණ විදිහට ගත්තොත් Buffer, OpenAI, Mozilla, Ulessys කියන ආයතන පවා ඔවුන්ගේ blog නිර්මාණය කිරීම සඳහා උපයෝගී කරගෙන තියෙන්නේ Ghost CMS එක.Ghost CMS එක භාවිතා කිරීමේදී ඔයාට blogging සඳහාම පමණක් වෙන් වුනු විශේෂාංග රාශියක් පමණක් භාවිතා කිරීමේ ඉඩ කඩ ලැබෙනවා. නමුත් WordPress භාවිතා කිරීමේදී ඔයාට blogging වලට අමතරව ඔබට අනවශ්‍ය තවත් වෙනත් විශේෂාංග පවා WordPress ස්ථාපනය කිරීමේදීම ඔබට ලබා දෙනවා. මේ ආකාරයට අත්‍යාවශ්‍යම විශේෂාංග පමණක් එකතු කරමින් නිර්මාණය කිරීම නිසා Ghost CMS එක කාර්යක්ෂමතාවයෙන් ඉතාමත් ඉහළින් තියෙන CMS එකක් බවට පත් වී තිබෙනවා.මොකක්ද මේ Ghost කියන්නේ?Ghost CMS එක කියන්නේ ලාබහ් ලැබීමේ පරමාර්ථයෙන් තොරව නිර්මාණය කරන ලද මෘදුකාංග වේදිකාවක්. 2013දී ප්‍රථම වරට ලොවට එලිදක්වන මේ CMS Platform එක ඇමරිකානු ඩොලර් 190,000ක මූලික ආධාර වලින් නිර්මාණය වීම ඇරඹෙනවා. John o’nolan විසින් ආරම්භ කෙරෙන මේ ව්‍යාපෘතිය මේ වන විට ලොව පුරා මිලියන 2.5ක ස්ථාපිත කිරීම අභිබවා යාමට සමත්වෙලා තියෙනවා. මෙහි හොඳම කොටස වන්නේ 2021 වර්ෂය ආරම්භ වන විටත් ලොව පුරා Ghost CMS එක භාවිතා කරමින් මෙහෙයවුනු වෙබ් අඩවි 7,000කට ආසන්න ප්‍රමාණයක් පමණක් පැවතීමයි.ආරම්භයේ පටන්ම WordPress වලට වඩා වේගවත්ව ක්‍රියාකරන Ghost CMS එක සමඟින් ලොව නන්දෙසින් එක්වන විශාල මෘදුකාංග සංවර්ධකයන් පිරිසක් විසින් එය මේ වන විටත් දිනෙන් දින සංවර්ධනය කරමින් පවතිනවා. Ghost CMS එක මුළුමනින්ම නිර්මාණය වී තිබෙන්නේ Node.js භාවිතා කරමින් වන අතර WordPress නිර්මාණය කිරීමට භාවිතා කර තිබෙන්නේ PHP කියන script language එකයි.ඇයි ඔයා WordPress වෙනුවට Ghost භාවිතා කරන්න ඕනේ?පෙර සඳහන් කරපු ආකාරයට, Ghost කියන්නේ ඉතාමත් නම්‍යශීලී පහසුකම් රාශියකින් සමන්විත මෘදුකාංග වේදිකාවක්. අපි ඒ විශේෂාංග එකින් එක අරගෙන විශ්ලේෂණය කරමු.සිත් ඇදගන්නා සුළු text editor එකGhost CMS එක සතුව පවතින rich text editor එක ඉතාමත් නම්‍යශීලී text editor එකක් වන අතර ඒ හරහා image galleries, embed cards, Markdown, HTML සහ තවත් විශාල විශේෂාංග රාශියක් අපට අත්විදීමේ හැකියාව ලැබී තිබෙනවා.පරිශීකයන් හරහා මුදල් උපයා ගැනීමට ඇති හැකියාවමෙහි ඇති වඩාත්ම වැදගත් විශේෂාංග ලෙස සැලකිය හැක්කේ Ghost CMS එක භාවිතා කරමින් වෙබ් අඩවියක් නිර්මාණය කරන ඔබට ඉතාමත් පහසුවෙන් ඒ හරහා මුදල් ඉපයීමේ හැකියාව ලබා දෙන Premium membership කියන පහසුකම ලබා දී තිබීමයි. ඔබට නොමිලේ පරිශීකයන් බඳවා ගැනීමට හැකි අතර, අවශ්‍ය නම් එම පරිශීලකයන්ට ඔවුන්ගේ profile එක premium membership එකක් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ හරහා ගෙවීම් සිදුකල පරිශීලකයන්ට පමණක් පිවිසිය හැකි ආකාරයට ලිපි පල කිරීමේ හැකියාවද පවතිනවා. ඊට අමතරව ඔයාට පුලුවන් ලියාපදිංචි වුනු පරිශීලකයන්ට නොමිලේම newsetters යැවීමටත්.සියළුම Ad networks සඳහා සහය දැක්වීමමෙය ඉතාමත් වටිනා මෙන්ම advance විශේෂාංගයක්වනවා. Ghost CMS එක ලොව ඇති සියළුම ad network සඳහා සහය දැක්වීම සිදු කරනවා. ඒ අතර Google Adsense, Facebook Audience Network (Instant Articles), Taboola සහ තවත් විශාල ad network ප්‍රමාණයක් ඇතුලත් වනවා. ඒ වගේම මෙම ad networks සඳහා ඉතාමත් පහසුවෙන් සහය දැක්වීම සිදු කරනු ලබනවා.Paid membershipsWordPress හරහා Member registrations, member management, payments, subscriptions සහ email newsletter වැනි පහසුකම් ලබා ගැනීමට නම් වෙනම plugins ස්ථාපනය කිරීමට සිදුවන අතර එලෙසින් plugins ස්ථාපනය කිරීම WordPress වෙබ් අඩවිය මන්දගාමී වීමට හේතු වනවා. එමෙන්ම ඔබට එම plugins නීත්‍යානුකූලව භාවිතා කිරීමට නම් මාසිකව යම් මුදල් ප්‍රමාණයක ගෙවීමටත් සිදුවනවා. නමුත් Ghost CMS භාවිතා කරනවා නම් ඔයාට එවැනි ගැටළු පන නොනගින්නේ, එකී සියළුම පහසුකම් සහ විශේෂාංගයන් සියල්ලම නොමිලේම ඔබට Ghost CMS එක හරහා ලබා ගැනීමට හැකි වීමයි.Inbuilt SEOවෙබ් අඩවියක් පවත්වාගෙන යන ඕනෑම කෙනෙක්ට තියෙන ලොකුම හිසරදය තමයි SEO, එහෙමත් නැත්තම් Search Engine Optimization කියන්නේ. WordPress වලදි අපිට SEO එක නියාම ආකාරයෙන් කරගන්න නම් මුදල් ගෙවා plugins මිලදී ගන්න වෙනවා. නමුත් ඒ plugins හරහා සිදු කරන සියලුම දේවල් කිසිම plugin එකක් ස්ථාපනය නොකර සිදු කරගැනීමට අවශ්‍ය කරන පහසුකම් සියල්ලම Ghost එකට ඇතුලත් කිරීමට එහි නිර්මාපකයෝ කටයුතු කරලා තියෙනවා. ඒ හේතුව නිසා අමතර කිසිදු මුදලක් ගෙවීමකින් තොරව SEO කටයුතු සිදු කරගැනීමට හැකියාව ලැබෙනවා. ඒ හරහා YoastSEO වැනි plugins සඳහා සිදු කල යුතු වියදම් කපා හැරීමේ හැකියාව ලැබෙන්නේ ඒ හරහා සිදු කරගත හැකි සියලුම දෑ Ghost හරහා නොමිලේම ලබා දීම නිසයි.Ghost හරහා පහත SEO පහසුකම් ලැබෙනවා.Google Sitemap එක ස්වයංක්‍රීයව නිර්මාණය නිර්මාණය වීමCustom page metadata ඇතුලත් කිරීමට හැකිවීමCanonical tags ඇතුලත් කිරීමේ හැකියාවTidy markup and attributes ඇතුලත් කිරීමේ හැකියාවClean permalink සහ custom URL structures පහසුකමGoogle AMP pagesOptimized URLsMicroformatsFacebook Open Graph tagsSupport for Twitter cardsClean semantic markupමේ කිසිවකට අතිරේක කිසිදු plugin එකක් ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවේ.පහසුවෙන් Themes ස්තාපනය කිරීමේ හැකියාවසාමාන්යෙන් WordPress භාවිතා කරන අය හොදින් අත්විදින කාරණාවක් තමයි WordPress theme එකක් මිලදී ගැනීමෙන් පසුව එහි එක් එක් ආකාරයෙන් setup කිරීම්, theme import කිරීම වැනි කරදර කාරී දේවල් සිදු කිරීමට වෙනවා. නමුත් Ghost හිශී එවැනි කරදරකාරී දේවල් සිදු කිරීමට වන්නේ නෑ. එහිදී ඔබට කලින් සකසාගත් theme එකක් භාවිතා කිරීමට සිදුවනවා. මෙහි ඇති ප්‍රධානතම වාසිය නම් ඔබට HTML සහ CSS පිලිබද දැනුමක් ඇති නම් ඔබගේ ඒ දැනුම භාවිතා කරගනිමින් ඔබගේ theme එක ඔබටම සකසා ගැනීමට හැකි වීම.වේගවත් බවසැබැවින්ම Ghost වේගවත්. එයට හොඳම උදාහරණය තමයි Android වැඩකාරයෝ වෙබ් අඩවිය. Modern Technology Stack එකක් වන Node.js භාවිතා කරමින් නිර්මාණය වී තිබීම එයට හේතුවයි. WordPress හා සසඳන විට Ghost 1,900% ගුණයකින් වේගවත් බව සහතික කරලා තියෙනවා. WordPress විසින් එක request එකකට ප්‍රතිචාර දැක්වීමට ගත කරන වේලාවේදී Ghost විසින් requests 19කට ප්‍රතිචාර දැක්වීමට සමත් වෙනවා. මේ වේගය ඔයාගේ වෙබ් අඩවිය search engine වල ශ්‍රේණි ගත කිරීමේදී බෙහෙවින් වැදගත් වන්නේ Core web vitals වලට ඇති සහය දැක්වීම නිසායි.ලොව පවතින තාක්ෂණික සේවාවන් රැසකට සහය දැක්වීමGhost විසින් ලොව පවතින සේවාව විශාල ප්‍රමාණයකට සහය දක්වනු ලබනවා. ඒ සියල්ල ඔබට Ghostහි backend එකෙහි ඇතිintegrations tabඑක හරහා බලා ගැනීමේ හැකියාව පවතිනවා.එතකොට Ghost වල අවාසි ඇත්තෙම නැද්ද?ඉතින් මේ මං කරපු Ghost vs WordPress සංසන්දනාත්මක විශ්ලේෂනයේදී Ghost ඇයි WordPress වලට වඩා ඉස්සරහින් කියන සාධක වලින් වඩාත්ම වැදගත් කාරණාවන් පමණයි. අපි Ghost වල තියෙන දුර්වලතා මොනවාද කියලත් කතා කරමු.Ghost ධාවනය වීමට අවමය 1 Core processor එකක්, 1GB RAM එකක් අවමය අවශ්‍ය වෙනවා. ඒ වගේම Ghost ධාවන වීමට අවශ්‍ය කරන සහ ඔවුන් විසින් නිර්දේශ කරන Node version එකක් server එක මත ස්ථාපනය කල යුතු වනවා. බොහොමයක් shared hosting සපයන hosting providersලා විසින් ඔවුන්ගේ server මත Node ස්ථාපනය කර නැති නිසා ඒ හරහා ඔබට Ghost install කිරීමේ හැකියාව හිමි වන්නෙ නෑ. ඉතිං ඔයාට VPS එකක් සඳහා යොමු වීමට සිදුවනවා. එය එක්තරා දුර්වලතාවයක් ලෙස හැදින්වූවත්, වෙබ් අඩවියේ වේගය සම්බන්ධයෙන් සලකා බලන විට එය ඉතාමත් හොඳ ප්‍රවේශයක් විදිහට තමයි අපි දකින්නේ.WordPress වල වගේ plugins නැති නිසා Ghost වලට ආධුනිකයෙකුට එය භාවිතා කිරීමේදී යම්තාක් දුරකට අපහසුතා මතුවෙන්න පුළුවන්. නමුත් මීට කලින් සඳහන් කල ආකාරයට වෙනත් සේවාවන් Ghost සමඟින් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඒ හරහා වෙබ් අඩවිය මන්දගාමී නොවී සුපුරුදු රිද්මයෙන් පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා.WordPress සඳහා විශාල වශයෙන් tutorials අන්තර්ජාලය තුල තිබුණත් Ghost සඳහා එවැනි tutorials විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ නෑ. නමුත්, active community එකක් Ghost එකට තියෙනවා. සමහර ප්‍රශ්න වලට උත්තර අපි හොයාගන්නෙත් ඒ community එකෙන්.Ghost භාවිතා කිරීමේදි Android වැඩකාරයෝ අපේ සහයAndroid වැඩකාරයෝ වෙබ් අඩවිය Ghost සමඟින් පවත්වාගෙන යාමට තීරණය කර එම පියවර ගැනීමෙන් පසුව Android වැඩකාරයෝ අපිටත් විශාල ගැටළු රාශියකට මුහුණ දෙන්න සිදු වුනා. නමුත් ඒ එකින් එක පහසුවෙන් විසදා ගැනීමට අපිට හැකියාව ලැබුනා. ඒ සඳහා Ghostහි forum එක බෙහෙවින් උදව් වූ අතර සෑම විටම අපත් එක්ක රැදී සිටි TechNews.LKහි කසුන් ජයරත්න සහ Android වැඩකාරයෝහි Rezor Kenway අත්වැල සැපයූවා.ඉතිං Ghost භාවිතා කරන්න කැමති කවුරු හරි ඉන්නවා නම් Ghost instant එක setup කිරීමේ සිට සියළුම කටයුතු සිදු කරදීමට Android වැඩකාරයෝ අපි ඔවුන්ට සහය ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ සඳහා අප විසින් මූලික ගාස්තූන් තීරණය කර ඇති අතර අප හා සම්බන්ධ වීමෙන් එම මිල ගණන් දැන ගැනීමට හැකියි. අප විසින් ලබා දෙන සේවාවන් පහත පරිදියි.Install and Setup Ghost - Starting at $30Customize Ghost Theme - Starting at $50 (will depend on the requirement)Develop Ghost Theme from scratch - Starting at $200Fix any Ghost errors - Starting at $20Ghost website consultation - Starting at $5/hrMigrate to Ghost - Starting at $10 (ඔයා දැනටමත් WordPress, Medium, Substack, Tumbler, SquareSpace, Jekyll වැනි platforms භාවිතා කරනවා නම් අපිට පුළුවන් Ghost වලට migrate කරන්න. දැනටමත් ඔයා WordPress වලින් හෝ වෙන යම් ආකාරයකින් blog එකක් පවත්වාගෙන යනවා නම් එහි තියෙන posts 50ක් දක්වා අපි $10ක් අය කරනවා. ඉන්පසුව වැඩි වන ප්‍රමාණයට අපි අය කිරීම වැඩි කරනවා. මෙහිදී Ghost Installation එකේ මිල ගණන් ඇතුලත් වී නැති බව කරුණාවෙන් සලකන්න.)On-page SEO Experts (withShen Tharindu Senanayake) - Price will be decided by TharinduUpdate Ghost to the latest version (if you took our service to setup Ghost, free for 01 year) - Starting at $10Review/Audit Ghost Website - Starting at $35Teach Ghost theme development - Starting at $100අපි මේ වෙනකොට Ghost setup කිරීම සඳහා පහත server සඳහා සහය දක්වනු ලබනවා.Amazon Web Services (AWS)Google Cloud Platform (GCP)DigitalOcean (DO)LinodeVultrUpCloudMicrosoft Azure (upcoming)Oracle Cloud Infrastructure (OCI) (upcoming)මේ වෙනකොට Tech News සපයන Android වැඩකාරයෝ සහ TechNews.LK කියන වෙබ් අඩවි දෙකම ක්‍රියාත්මක වන්නේ Ghost භාවිතා කිරීමෙනි. ඒ වගේම ලංකාවේ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ඇල්මක් දක්වන අය ආදරේ කරන YouTuber කෙනෙක්ගේ Blog එකත් Ghost මත නිර්මාණය කර දෙන්න Android වැඩකාරයෝ කටයුතු කලා. මේ තියෙන්නේ එයා අපිට දුන්න testimonial එක. (නම දැන්ම සඳහන් කරන්න විදිහක් නෑ, project එක ශ්‍රී ලංකාව target නොකරන නිසා)“The Internet is a messy & busy place and we have to make everything perfect on our website before we request a few seconds of attention from our audience. Thimira at “Android වැඩකාරයෝ Digital” clearly understands that fact and is paranoid about perfection. They pay extreme attention to color science, typography, reading experience, performance, and everything in between.Usually, when I’m designing and developing websites, I ask the designer and developer what to do and sometimes how to do it. With Android වැඩකාරයෝ Digital, I never had to do that. They did everything way beyond my expectations. In other words, they took care of my baby even better than I do.”ඉතිං ඔයාත් blogging වලටම විතරක් යොමු වෙන කෙනෙක් නම්, WordPress නිසා එපා වෙලා නම් අදම අපිට කතා කරන්න, Ghost එක්ක ඔයාගේ ගමන පටන් ගන්න, එහෙමත් නැත්තම් ඔයාගේ දැනටමත් තියෙන වෙබ්සයිට් එක Ghost වලට migrate කරගන්න.මීට වඩා වැඩි දුර විස්තර අවශ්‍ය නම් ඔයාලට පුළුවන් අපිව සම්බන්ධ කරගන්න. WhatsApp කරන්න 0766965221ට.සැ.යු. Ghost.org වෙතින් ඔවුන්ගේම hosting සේවාවක Ghost blog අඩවි පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දෙන අතර Open Source ආකාරයට ඔවුන්ගේ මෙම මෘදුකාංග වේදිකාව එලිදක්වා ඇති අතර ඕනෑම අයෙකුට කිසිදු බාධාවකින් තොරව එය භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. |
Google Pixel 9 Series එක අගෝස්තු 13වනදා එළිදැක්වෙයි | මුළු ලෝකයේ ම ජංගම දුරකතන ලෝලීන් දෑස් අයා නො ඉවසිල්ලෙන් බලා සිටින අවස්ථා දෙකක් තිබෙනවා. ඒ තමයි Apple සමාගම විසින් iPhone එළිදක්වන අවස්ථාව සහ Google සමාගම විසින් Pixel දුරකතන එළිදක්වන අවස්ථාව. සෑම වසරකම පාහේ අගෝස්තු හෝ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් යන මාස වල දී පිළිවලින් ඉහත කී ජංගම දුරකතන මාදිලීන් දෙක Apple සහ Google සමාගම් විසින් එලි දක්වනු ලබනවා.මෙලෙස Google සමාගම විසින් එළිදැක්වීමට නියමිත ව ඇත්තේ Pixel 9 Series එක වන අතර එය,Google Pixel 9Google Pixel 9 ProGoogle Pixel 9 Pro XLGoogle Pixel 9 Foldලෙසින් Devices 4කින් සමන්විත වනවා.මෙම Launch Event එක අගෝස්තු මස 13 වනදා උදෑසන 10ට (ශ්ර්ර්රි ලංකා වේලාවෙන් රාත්‍රී 10:30) ආරම්භ වීමට නියමිත වනවා. ඔබට මෙහි සජිවී විකාශයMade by GoogleYouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකිවේ.මෙම ජංගම දුරකතන වල specifications පිළබඳව නිල වශයෙන් කිසිදු තොරතුරක් පල කර නැති උනත් නව ජංගම දුරකතන සඳහා යොදා ගන්නේ Google සමාගමේ නවතම Google Tensor G4 chipset එක බව අපි කවුරුත් දන්නා කාරණාවකි.Pixel 9 Series එක පිළිබඳව Android වැඩකාරයෝ අප විසින් ඔබට වෙත ගෙන ආ Rumors කිහිපයක්;නිකුත් වීමට නියමිත Google Pixel 9 Device එකෙහි Renders කිහිපයක් අන්තර්ජාලයටGoogle Pixel 9 Device එකෙහි Renders බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූවාටත් පෙර මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.Android වැඩකාරයෝ - Sinhala Tech News providerNelitha Vindinu PriyawanshaGoogle Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලයටමෙම වසර අගෝස්තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.Android වැඩකාරයෝ - Sinhala Tech News providerBhasura Nuwan Kularathnaඑළිදැක්වීමට නියමිත Pixel 9 Series එකේ මිල ඩොලර් 100ක පමණ වැඩි වනු ඇතැයි වාර්තා වේඔබ මේ වන විටත් දන්නවා Google සමාගමේ නවතම Pixel Series එක වන Pixel 9 Series එක එළඹෙන 13 වනදා නිල වශයෙන් නිකුත් වීමට නියමිත බව. ඒ අනුව මෙහි දී Google Pixel 9, 9 Pro, 9 Pro XLAndroid වැඩකාරයෝ - Sinhala Tech News providerBhasura Nuwan Kularathnaතවද මේ Launch Event එකට සමගාමීව Pixel Watch 3 සහ Pixel Buds Pro 2 යන Devices මෙන්ම Smart Home Devices කිහිපයක් ද එළිදැක්වෙනු ඇතයි ඉගි පළවනවා.Google Pixel 9 මාදිලි පිළිබඳව වැඩි දුර විස්තර දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න. |
ලෝකයේ හොඳම මෝටර් රථ සන්නාම 84 අයිති ආයතන 24 | ලෝකයේ මුල් පෙලේ ප්‍රමුඛතම මෝටර් රථ සන්නාම (බ්‍රෑන්ඩ්ස්) 84 හි අයිතිය තියෙන්නේ ආයතන 24 ක් ඇතුළතයි. විශ්වාස කරන්න අමාරු වුණත් ඒක තමයි ඇත්ත කතාව. මේ ලිපියෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ඒ ආයතන සහ ඒවාට අදාල බ්‍රෑන්ඩ්ස් මොනාද කියන එකයි. මේකේ ගොඩක් කරුණු දැකලා ඔය පුදුම වෙනවා නොඅනුමානයි.මුලින්ම කියන්න ඕනේ විශේෂම කාරණය තමයි මේ ආයතන 24 අයත් වෙන්නෙත් රටවල් 9 කට වීම. ඒ කියන්නේ මේ රටවල් 9 තමයි ලෝකෙම මෝටර් රථ ක්ෂේත්රය පාලනය කරන්නේ. ඔයාලට හොඳටම අනුමාන කරන්නත් පුළුවන් 9ක් තමයි මේ. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව සහ චීනය තමයි ඒ රටවල් 9.අපි දැන් බලමු මොනාද මේ ආයතන සහ ඒවාට අදාල බ්‍රෑන්ඩ්ස් මොනාද කියන එක.1. General Motors (GM) - ඇමරිකා එක්සත් ජනපදයChevrolet - ඇමරිකා එක්සත් ජනපදයBuick - ඇමරිකා එක්සත් ජනපදයGMC - ඇමරිකා එක්සත් ජනපදයCadillac - ඇමරිකා එක්සත් ජනපදයHolden - ඕස්ට්‍රේලියාව2. Ford Motor Company - ඇමරිකා එක්සත් ජනපදයFord - ඇමරිකා එක්සත් ජනපදයLincoln - ඇමරිකා එක්සත් ජනපදයTroller - බ්‍රසීලය3. Tesla, Inc. - ඇමරිකා එක්සත් ජනපදයTesla - ඇමරිකා එක්සත් ජනපදය4. Aston Martin Lagonda Global Holdings PLC - එක්සත් රාජධානියAston Martin - එක්සත් රාජධානිය5. McLaren Group Limited - එක්සත් රාජධානියMcLaren - එක්සත් රාජධානිය6. Daimler AG - ජර්මනියMercedes-Benz - ජර්මනියMercedes-AMG - ජර්මනියMercedes-Maybach - ජර්මනියSmart - ජර්මනියFreightliner - ඇමරිකා එක්සත් ජනපදයDenza - චීනයFuso - ජපානය7. Fiat Chrysler Automobiles N.V. - ඇමරිකා එක්සත් ජනපදය සහ ඉතාලියFiat - ඉතාලියAbarth - ඉතාලියAlfa Romeo - ඉතාලියLancia - ඉතාලියMaserati - ඉතාලියChrysler - ඇමරිකා එක්සත් ජනපදයDodge - ඇමරිකා එක්සත් ජනපදයRam - ඇමරිකා එක්සත් ජනපදයJeep - ඇමරිකා එක්සත් ජනපදය8. Peugeot S.A. - ප්‍රංශයPeugeot - ප්‍රංශයCitroën - ප්‍රංශයDS - ප්‍රංශයOpel - ජර්මනියVauxhall - එක්සත් රාජධානිය9. Volkswagen AG - ජර්මනියVolkswagen - ජර්මනියAudi - ජර්මනියPorsche - ජර්මනියBentley - එක්සත් රාජධානියBugatti - ප්‍රංශයLamborghini - ඉතාලියŠkoda - චෙක් ජනරජයSEAT - ස්පාඤ්ඤය10. BMW AG - ජර්මනියBMW - ජර්මනියMini - එක්සත් රාජධානියRolls-Royce - එක්සත් රාජධානිය11. Ferrari N.V. - ඉතාලියFerrari - ඉතාලිය12. Tata Motors Limited - ඉන්දියාවTata - ඉන්දියාවJaguar - එක්සත් රාජධානියLand Rover - එක්සත් රාජධානිය13. Mahindra & Mahindra Limited - ඉන්දියාවMahindra - ඉන්දියාවSsangYong - දකුණු කොරියාව14. Renault S.A. - ප්‍රංශයRenault - ප්‍රංශයAlpine - ප්‍රංශයRenault Samsung - දකුණු කොරියාවDacia - රුමේනියාවLada - රුසියාවDongfeng - චීනය15. Nissan Motor Co., Ltd. - ජපානයNissan - ජපානයInfiniti - ජපානයDatsun - ජපානයNismo - ජපානය16. Mitsubishi Motors Corporation - ජපානයMitsubishi - ජපානය17. Toyota Motor Corporation - ජපානයToyota - ජපානයLexus - ජපානයHino - ජපානයDaihatsu - ජපානයSubaru - ජපානයRanz - චීනය18. Suzuki Motor Corporation - ජපානයSuzuki - ජපානයMaruti Suzuki - ඉන්දියාව19. Mazda Motor Corporation - ජපානයMazda - ජපානය20. Isuzu Motors Ltd. - ජපානයIsuzu - ජපානය21. Honda Motor Co., Ltd. - ජපානයHonda - ජපානයAcura - ජපානය22. Hyundai Motor Company - දකුණු කොරියාවHyundai - දකුණු කොරියාවKIA - දකුණු කොරියාවGenesis - දකුණු කොරියාව23. SAIC Motor Corporation Limited - චීනයMG - එක්සත් රාජධානියMaxus - චීනයRoewe - චීනය24. Zhejiang Geely Holding Group Co., Ltd. - චීනයGeely - චීනයLynk & Co - චීනයLotus - එක්සත් රාජධානියProton - මැලේසියාවVolvo - ස්වීඩනයPolestar - ස්වීඩනයඊළඟ ලිපිවලින් අපි වෙන වෙනම මේ ආයතන සහ බ්‍රෑන්ඩ්ස් ගැන වැඩි විස්තර කතා කරමු. ජය වේවා. |
Microsoft Windows සඳහා ගැලපෙනම Screen Recorders මෙන්න | අද මේ ලිපියෙන් කියන්න යන්නේ Windows සඳහා භාවිත කළ හැකි screen recorders ගැනයි. මෙහිදී එම screen recorder එකෙහි Export වන file format එක quality එක වැනි බොහෝ තොරතුරු ගැන දැන ගන්න පුලුවන්.මේ screen recorders ගැන ඔයාලට තවත් ප්‍රශ්න තියෙනවා නම් අපේCOMMIUNITYඑක ගිහින් ඒ ප්‍රශ්න වලට ලේසියෙන් සහ ඉක්මනින් උත්තර හොයා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඒ සඳහා පහළ Comment Section එකත් පාවිච්චි කරන්න පුළුවන්.සුභ දවසක්! තවත් මෙවැනිම වැදගත් ලිපියකින් හමුවෙමු. |
රජයේ අනුමත 2024 සිංහල අවුරුදු නැකැත් ඔබ වෙත ගෙන එන Digital සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2024 | නව සඳ බැලීම 🌕අභිනව චන්ද්‍ර වර්ෂය සඳහාඅප්රේල් මස 11වැනි බ්‍රහස්පතින්දා දින නව සඳ බැලීම මැනවි.පරණ අවුරුද්ද සඳහා ස්නානය 🪣අප්‍රේල් මස 11වැනි බ්‍රහස්පතින්දා දින බෝ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.අලුත් අවුරුදු උදාව 🌞අප්‍රේල් මස 13වැනි සෙනසුරාදාඅපරභාග 09.05ට සිංහල අලූත් අවුරුද්ද උදාවෙයි.පුණ්‍යකාලය 🙏අප්‍රේල් මස 13වැනි සෙනසුරාදා අපරභාග 02:41සිට අප්‍රේල් මස 14 වැනි ඉරිදාඅලුයම 03:29දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපරභාග 02:41ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදෙනු මැනවී.ආහාර පිසීම 🍚අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදාරාත්රී 11:06ටනීල වර්ණවස්ත්රාභරණයෙන් සැරසීදකුණු දිශාවබලා ලිප් බැඳ ගිනි මොලවා තල උක් හකුරු මිශ්‍ර බතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.වැඩ ඇල්ලීම ⚒️️, ගනුදෙනු කිරීම 💵 හා ආහාර අනුභවය 🍽️අප්‍රේල් මස 14 වැනි ඉරිදාපාන්දර 00.06ටනීල වර්ණවස්ත්රාභරණයෙන් සැරසීදකුණූ දිශාවබලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.හිසතෙල් ගෑම 🪔අප්‍රේල් මස 15වැනි සඳුදාපූර්ව භාග 10.17ට ශ්වේත වර්ණවර්ණ (සුදු පැහැති)වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණූ දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා තෙල් සහ දිවුල්පත් මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.රැකී රක්ෂා සඳහා පිටත් වීම 💼අප්‍රේල් මස 17වැනි බදාදා දිනපූර්වභාග 06.52ටකොළ පැහැතිවස්ත්රාභරණයෙන් සැරසී, ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.පැළ සිටුවීම 🌱අප්‍රේල් මස 18වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16ටරන්වන් පැහැතිවස්ත්රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.එහෙනම්, ලබන්නාවූ නව වසර සිතුම් පැතුම් ඉටුවන නිරෝගිමත්සුභ අලුත් අවුරුද්දක් වේවා!යි කියලා Android වැඩකාරයෝ අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ☀️💚🙏 |
HDD සහ SSD දෙකේම එකතුවෙන් හැදුනු SSHD කියන්නේ මොකක්ද? | මුලින්ම ඔයාල මේක කියවන්න කලින්SSD සහ HDDගැන දාල තිබ්බ ආටිකල් එක කියවල හිටියන්ම් ගොඩක් හොඳයිමොකක්ද මේSSHD (Solid-State Hybrid Drive), සරලව කිව්වොත් මේක Hybrid.ඒ කියන්නෙ මේක ඇතුලෙ SSD හා HDD කියන දෙකම තියෙනවා. SSD එකක් තරම්ම වේගවත් නොවුනත් මේක පාරිභෝගිකයාට ගොඩක් වාසිදායකයි. ඒ කියන්නේ මේක SSD එකකට වඩා මිලෙන් අඩුයි.Image Source- ebuyer.comමේ SSHD එක ඇතුලේ කුඩා ධාරිතාවයකින් යුතු SSD එකක් හා විශාල ධාරිතාවයකින් යුතු HDD එකක් අඩංගු වෙනවා. මෙතනදි වෙන්නේ අපි නිරන්තරයෙන් භාවිතා කරන files තාවකාලිකව SSD කොටසේ ගබඩා කරල තියාගන්නවා. ඒක නිසා ඒ files ඉක්මනින් අපිට access කරන්න පුලුවන්කම ලැබෙනවා. ඒ කියන්නෙ HDD කොටස තමා Main Storage එක. මේකෙදි SSD වල වගේ Life Time එක ගැන බයවෙන්න දෙයක් නෑ මොකද HDD එකක් තියෙන නිසා.SSHD එකත් භාහිර ස්වරූපයෙන් HDD එක වගේම තමා අගල් 2.5, 3.5 ප්‍රමාන වලින් ගන්න පුලුවන්. දැනට 2TB වෙනකන් ධාරිතා වලින් වෙළදපලේ මිලදී ගන්න තියෙනවා. මේ SSHD එකක සාමාන්‍ය Read/Write වේගය 160MB/S වෙනවා. දැනට ලංකාවෙන් නම් SSHD හොයාගන්න අමාරුයි.ඉතින් ඔයාල ලඟ HDD එකක් විතරක් Plug කරන්න පුලුවන් Laptop එකක් තියෙනවා නම් SSHD කියන්නේ හොඳ විසදුමක්.එහෙනම් මේවගේ අලුත් තාක්ෂණික ලිපියක් එක්ක ආපහු හම්බවෙමු. |
LDR sensor එක Arduino වලදී භාවිතා කරමු (Lesson 06) | සුභ දවසක්. අද අපි ඔයාලට ගෙනාවේLDR Sensorඑකක් කොහොමද පාවිච්චි කරන්නේ කියලා.LDR Sensor එකක් කියන්නේ ආලෝකය තියද නැද්ද කියල බලාගන්න හදපු sensor එකක්. මේ මතට ආලෝකය වැටුන ගමන් ඒකට අදුරගන්න පුලුවන් දැන් මේකට ආලෝකය වැටිලා තියනවා කියල. නැතිනම් ආලෝකය නෑ කියලත් මේකට අදුරගන්න පුලුවන්. මේකේ විශේෂත්වය වෙන්නේ මේ sensor එක digital pin එකක් හරහා ආලෝකය තිබේනම් 1 ලෙසද නැතිනම් 0 ලෙසද ප්‍රතිදානය කිරීමයි. ඒමත් නැතිනම් අපිට ආලෝකය කොපමණ අගයක් තිබේද යන්න බලාගැනීමට analog pin එකක් භාවිතා කිරීමටත් පුලුවන්. ඉතින් දැන් අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා.මුලින්ම අපට මේ සදහා ඕන දේවල් බලමු.1. Uno board එකක්.2. LDR Sensor එකක්.3. Jumper Wires.4. Resistor 220 Ohm එකක්.LDR Sensorමේ සදහා අපි පහත ආකාරයට LDR sensor එක අපේ uno board එකට සවි කරගන්න ඕන.Digital PIN එකකින් value ගන්නේ මෙහෙමයි.Circuitදැන් මේ ආකාරයට අපි code එක ලියමු.Codeමුලින්ම void setup() තුල අපි LDR එක සවිකරන PIN එක INPUT PIN එකක් සේ හදුන්වා දිය යුතුය.pinMode(ldrPin,INPUT)තවද අපි serial monitor එක භාවිතා කරන නිසා serial monitor එක ඕපන් වීමට අවශ්‍ය පහත දෑ සදහන් කල යුතුය. එහි 9600 යනු baud rate එකයි. එය සාමාන්‍යයෙන් 9600 ලෙස ගැනේ.Serial.begin(9600);ඉන්පසු void loop() තුල එම pin එකෙන් අදාල value එක ලබාගත යුතුය. ඒ සදහා වෙනම variable එකක් අපි සාදාගනී.int ldrStatus = digitalRead(ldrPin);දැන් මෙසේ ලබාගන්නා value එක 0 හෝ 1 අගයක් වන නිසා අප එය if හරහා පියවර දෙකකට පරික්ෂා කරයි.if (ldrStatus == 1)
{
light = "ON";
Serial.println(light);
}මෙමගින් sensor එක හරහා ලබාගන්නා value එක 1 උවහොත් light නැමැති string variable එකට "ON" ලෙස ආදේශ වී serial monitor එක හරහා එය print වී පෙන්වයි.if (ldrStatus == 0)
{
light = "OFF";
Serial.println(light);
}මෙමගින් sensor එක හරහා ලබාගන්නා value එක 0 උවහොත් light නැමැති string variable එකට "OFF" ලෙස ආදේශ වී serial monitor එක හරහා එය print වී පෙන්වයි.Analog PIN එකකින් value ගන්නේ මෙහෙමයි.ඒ සදහා අපි Uno board එකේ තියන analog pin භාවිතා කරලා මේ ආකාරයට අපේ පරිපථය හදාගන්න ඕන.Circuitදැන් මෙසේ පහත පරිදි Code එක සටහන් කර ගනිමු.CodeSensor එක මතට අත හෝ කිසියම් දෙයක් තබා අදුරු කර මෙහි ක්‍රියාකාරීත්වය serial monitor එක හරහා බලාගැනීමට පුලුවන්.Code filehttps://github.com/realrajapaksha/Arduinoඑහෙනම් යාලුවනේ අදට අපි සමුගන්නවා. තවත් මේ වගේ ආටිකල් එකක් අරගෙන ආයෙත් එන්නම්. ඔයාලගේ අදහස් යෝජනා සහ අඩුපාඩු comment කරන්නත් අමතක කරන්න එපා. සුභ දවසක්. |
තවමත් මියගොස් නැතැයි දන්වමින් තම ප්‍රථම 5G ජංගම දුරකතන සමඟින් Blackberry මේ වසරේදී යලි කරලියට පැමිණෙන බව නිල වශයෙන් දැනුම් දේ | ඔබට මතක ඇති පසුගියජනවාරි 04 වෙනි දින සිට සියළුම BlackBerry Classic Smart Phones සදහා වන සහය නවතා දමන බවBlackBerry සමාගම විසින් ප්‍රකාශ කරනු ලැබු බව. කෙසේ වෙතත් මේත් සමග BlackBerry Brand එකේ අවසානය වෙනු ඇතැයි ඔබ සිතා සිටිනවා නම් BlackBerry සන්නාමය යටතේ 5G Mobile Phone එකක් මේ වසරේදී නිකුත් විමට නියමිතව පවතිනවා.Onward Mobility සමාගම හා අනුබද්ධව පසුගිය වසරේදිPhysical Keyboard එකක් සහිත 5G BlackBerry Branded Phone එකක්නිකුත් කිරිමට සුදානම් බව අපි ඔබ වෙත පසුගිය වසරේදි ගෙන ආවා. කෙසේ වෙතත් ඔවුන් පැවසු පරිදි 2021 වසරෙදී BlackBerry Branded 5G Phone එක එළිදැක්වීමට නොහැකි වු අතර ඒ පිළිබඳ පසුගිය දිනක Onward Mobility සමාගම විසින් ඔවුන්ගේ නිල Blog අඩවිය හරහා වැඩි විස්තර පළ කර තිබෙනවා.ඔවුන් දක්වා ඇති අන්දමට මේ වසරේදි “ultra-secure 5G enterprise smartphone” එකක් BlackBerry Brand එක යටතේ Onward Mobility සමාගම විසින් නිකුත් කිරිමට සුදානමින් සිටින අතර මෙය Physical Keyboard එකකින්ද සමන්විත වෙනවා.මේ Phone එක පිළිබඳ වෙනත් නිල තොරතුරු කිසිවක් දැනට වාර්තා වි නොමැති අතර මෙය බොහෝ විට Android 12 OS එකෙන් සමන්විත විය හැකි වෙනවා. ඒ වගේම මේ Phone එකේ නිෂ්පාදන කටයුතු Foxconn’s FIH Mobile සමග එක්ව සිදු කරන බවත් වාර්තා වෙනවා.`Source :Onward Mobility,Gizmochina |
Microsoft Surface Laptop 4 AMD Ryzen 7 4800U වලින් බල ගැන්වේ | Microsoft මෑතකදී එළිදැක්වූ AMD වලින් බල ගැන්වෙන ඔවුන්ගේ පළමු Surface Laptop හා නවතාවයකින් යුතුව තවත් බොහෝ දෑ පැමිණිමට නියමිතය. මෙය Ryzen 7 4800U බල ගැන්වෙන Surface Laptop 4 ලෙස නම් කර ඇත. මෙම Chipset එක පිළිබඳව මුලින්ම නිවේදනය කළේ, CES 2020 හිදී all-new Ryzen 4000 lineupහි කොටසක් ලෙසය. මෙම විශේෂත්වයට හේතු වී ඇත්තේ කලින් නිවේදනය නොකළ device 3DMark හිදී දක්නට ලැබීමයි.පහත දැක්වෙන screenshot අනුව, මෙම උපාංගයේ speed එක 4.21GHz වේ. Ryzen 7 4800U යනු octa-core හා 16-threads ඇති 7nm chip එකකී. තව ද මෙය 1.8 GHz - 4.2 GHz clock speed ලබාදේ. මෙම chip Ultrabook හා එවැනි lightweight ලැප්ටොප් සදහා නිපදවා ඇති අතර එහි power consumption එක 15W වේ. එය වැඩිදියුණු ගන්න ලද තාප කළමනාකරණ පද්ධතියක් සමග පැමිණේ.මේ අතර Microsoft විසින් වෙනත් AMD chip ද Surface Laptop 4 සඳහා පරීක්ෂණ කරමින් පවතී. පහත දැක්වෙන screenshot අනුව, මෙම උපාංගය Ryzen 7 4500U කින් බල ගැන්වෙන අතර එය hexa-core වේ. තව ද ඒ හරහා මේ ඩිවයිස් එකට 2.3GHz - 4GHz clock speed ලබාදේ.Microsoft Surface Laptop 3 විවිධ මාදිලියේ AMD chip සමග එළිදැක්වූ අතර නව මාදිලි පෙර පැවති ඒවාට වඩා වේගවත් හා අඩු ශක්තියක් භාවිතා කරන හෙයින් ඉදිරියේ දී පැමිණීමට නියමිත උපාංග ඉහළ කාර්ය සාධනයක් අත් කර ගනු ඇතැයි යන්න ක්ෂේස්ත්රයේ ප්‍රවීනයන්ගේ අදහසයි. |
MOBITEL පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට DATA Roll Over පහසුකම ලබා දෙයි | ඔබට මතක ඇති පසුගිය සමයේදී Dialog Axiata සමාගම විසින් ඔවුන්ගේHome Broadband පැකේජයන් සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Data Roll Over පහසුකමහඳුන්වා දෙනු ලැබුවා.SLT-Mobitel සමාගම විසින් ඔවුන්ගේ පෙරගෙවුම් Mobile Broadband පාරිභෝගිකයින් සඳහාත් මේ පහසුකම හඳුන්වා දෙන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔවුන් රු.58.00 පැකේජයේ සිට රු.1199.00 පැකේජය දක්වා පැකේජයන් 11කට පමණ මේ Data Roll Over පහසුකම හඳුන්වා දී තිබෙනවා.Image - SLT-MOBITELකෙසේ වෙතත් ඒ කොන්දේසී කිහිපයක් සමගිනුයි.• මෙලෙස Active කරන ලද Data පැකේජයේ Data Roll Over කර ගත හැකි වන්නේ එම පෙර සක්‍රීය කරනු ලැබු පැකේජයම නැවත සක්‍රීය කළ හොත් පමණයි. (ඔබ රු.58.00 පැකේජය සක්‍රීය කර ඇති නම් එහි Data Roll Over කර ගත හැකි වන්නේ නැවත එම පැකේජයම, එනම් රු.58.00 පැකේජය සක්‍රීය කර ගැනීමෙනි)• එමෙන්ම මෙලෙස ඔබට Data Roll Over කර ගැනීමට නම් ඔබ පළමුව සක්‍රීය කරන ලද පැකේජයේ වලංගු කාල සීමාව තුළ නැවත එම පැකේජයම සක්‍රීය කළ යුතු වනවා.මේ පිළිබඳව තවත් වැඩි විස්තරmobitel.lkඔවුන්ගේ වෙබ්අඩවියට පිවිස දැනගත හැකියි.මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න. |
යුද්ධයේදී ගුවනින් එන සතුරු ප්‍රහාර වලින් යුධ නැව් බේරා ගන්නා ආරක්ෂකයා, Close in weapan systems (CIWS) | වර්තමානයේදී ඕනෑම යුධ නැවකට අත්‍යවශ්‍යම වෙන දෙයක් තමයි ගුවන් ආරක්ෂාව. 20 වන සියවසේ මුල් භාගයේ සිට ගුවන්යානා තාක්ෂණය හදුන්වා දීමත් සමඟයි මේ අවශ්‍යතාවය ඇතිවෙන්නේ. 50 දශකය වන තෙක් මේ සදහා භාවිතා කරණු ලැබුවේ AA තුවක්කු නැතහොත් ගුවන්යානා නාශක තුවක්කු. සතුරු ගුවන්යානා වලින් ආරක්ෂා වීම උදෙසා දෙවැනි ලෝක යුධ සමයේදී මෙවැනි තුවක්කු සිය ගණනක් යුධ නැව් වල සවි කරණු ලැබුවා. නමුත් වර්තමානයේදී නම් AA තුවක්කු භාවිතයේ පවතින්නේ නෑ. ඒ වෙනුවට භාවිතා වෙන්නෙ CIWS නම් අවි පද්ධතිය. පෙරදී තුවක්කු 100කින් පමණ ලැබුණු ආරක්ෂාව වර්තමානයේදී CIWS 5කින් හෝ 6කින් ලබාගත හැකියි.CIWS - Close-in Weapon SystemsCIWS - Close in Weapon Systems, එසේත් නැත්තං සමීප ආයුධ පද්ධතියක කාර්ය භාරය වෙන්නේ ඉලක්ක ගත ලක්ෂ්‍යය වෙත පැමිණෙන සතුරු මිසයිලයක් හෝ ගුවන්යානයක් හදුනා ගෙන එය විනාශ කිරීමයි. මෙතැනදී ඉලක්ක ගත ලක්ෂ්‍යය කියන්නේ CIWS පිහිටි නෞකාව හෝ වෙනත් යුධ වස්තුවකට. CIWS නාවික මෙන්ම ගොඩබිම් වශයෙන් ද ක්‍රියාත්මකයි. නවීන නැව් බොහොමයක්ම එක් CIWS එකකින් හෝ සන්නද්ධ වෙනවා.CIWS ප්‍රධාන වශයෙන් වර්ග 2 ක් පවතී.CIWS පද්ධති ( CIWS කිව්ව ගමන් මතක් වෙන Phalanx, Kashtan අයිති වෙන්නේ මේ කොටසට)මිසයිල CIWS පද්ධති ( HQ-10, RIM 116 ආදි Surface to air missiles )මේ ලිපියෙන් කතාකරන්නේ ලෝකයේ බහුලව භාවිතා වන තුවක්කු CIWS පද්ධති කිහිපයක් ගැන.01. AK - 630AK - 630මේකෙ නිෂ්පාදකයා වන්නේ රුසියාවයි. මිලිමීටර් 30 බැරල් 6 කින් AK 630 සමන්විත වන අතරම කුඩා රුසියානු නැවේ සිට ගුවන්යානා ප්‍රවාහකය වෙනකන් සෑම රුසියානු නැවක්ම AK 630 න් සන්නද්ධ වේ. AK 630 ට 5 km පරාසයකට වෙඩි තැබිය හැකි අතර විනාඩියකට වට 4000 ක් පමණ වෙඩි තැබිය හැකියි. AK 630M, AK 306, AK 630M1, AK 630M2 ලෙස මෙහි වර්ග කිහිපයක් ද ඇත. රුසියාවට අමතරව ඉන්දියාව, යුක්රේනය, ඊජිප්තුව පාකිස්තානය ආදී රටවල් කිහිපයක් ම මෙය භාවිතා කරයි.02. Aselsan GOKDENIZAselsan GOKDENIZමෙය තුර්කි නිෂ්පාදනයක්. 35mm බැරල් 2 කින් සමන්විතයි. විනාඩියකට වට 1100 ක් වෙඩි තැබිය හැකි අතර උන්ඩ වල පරාසය කිලෝමීටර් 4 ක් පමණ වේ. දැනට මෙය තුර්කිය පමනක් භාවිතා කරණු ලබයි.03. DardoDardoමෙය ඉතාලියේ Oto melara වෙතින් නිෂ්පාදිත මිලිමීටර් 40 Borfors බැරල් 2 කින් යුත් CIWS නිර්මාණයකි. කිලෝමීටර් 4 ක පරාසයකට විනාඩියක ට වට 900 ක් වෙඩි තැබිය හැකිය. ඉතාලියට අමතරව ආර්ජන්ටිනා, සවුදි අරාබිය, පිලිපීනය ආදී රටවල් කිහිපයක් Dardo භාවිතා කරයි.04. DenelDenelදකුණු අප්‍රිකානු නිෂ්පාදනයක් වන Denel මිලිමීටර් 35 බැරල් 2 කින් සමන්විතය. කිලෝමීටර් 6 ක පරාසයක ට විනාඩියකට වට 1500 ක් පහර දිය හැකියි. දකුණු අප්‍රිකාවේ Valour class Frigates පමනක් Denel වලින් සන්නද්ධ වේ.05. GoalkeeperGoalkeeperමෙය 1979 සිට සේවයේ නියුතු නෙදර්ලන්ත නිෂ්පාදනයක්. Goalkeeper මිලිමීටර් 30 බැරල් 7 කින් සමන්විත වේ. මෙයට කිලෝමීටර් 2 ක පරාසයකට විනාඩියක දී වට 4200 ක් වෙඩි තැබීමේ හැකියාව ඇත. නෙදර්ලන්තය ට අමතරව චිලී, බෙල්ජියම , පේරු, පෘතුගාලය, දකුණු කොරියාව ආදිය මෙය භාවිතා කරයි.06. KashtanKashtanරුසියානු CIWS කිව්වොත් ඉතින් මේක තමයි මතක් වෙන්න ඕනි. 1970 දශකයේ අග භාගයේ සිට Kashtan සේවයේ යෙදී සිටියි. අනිත් CIWS මෙන් නොව මෙහි විශේෂත්වය වන්නේ තුවක්කු හා මිසයිල එකවර මෙහි පැවතීමයි. 30mm බැරල් 2 කින් තුවක්කු පද්ධතිය සමන්විත වන අතර මිසයිල පද්ධතිය බැරල් 8 කින් සමන්විත ය. විනාඩියකට වට 9000 ක් වෙඩි තැබිය හැකියි. පරාසය උන්ඩ සඳහා කිලෝමීටර් 4 ක් ද මිසයිල සදහා කිලෝමීටර් 8 ක් ද වේ. රුසියාව, චීනය, ඉන්දියාව වැනි රටවල භාවිතා වේ.07. Kashtan MKashtan Mමෙය Kashtan වල වැඩි දියුණු කල ප්‍රභේදයක්. මෙහි පරාසය උන්ඩ සඳහා කිලෝමීටර් 5 ක් හා මිසයිල සදහා කිලෝමීටර් 10 ක් ද වේ. විනාඩියකට වට 10000 ක් පමණ වෙඩි තැබිය හැකියි. Full salvo ප්‍රහාර කිරිමේ හැකියාව ද Kashtan M සතුය. මෙය භාවිතා වෙන්නේ රුසියාව තුළ පමණි.08. MerokaMerokaMeroka ස්පාඤ්ඤයේ නිර්මාණයක්. කිලෝමීටර් 2 ක පරාසයකට විනාඩියකට වට 1440 ක් වෙඩි තැබිය හැකි මිලිමීටර් 20 බැරල් 12 කින් සමන්විත වේ. මෙය භාවිතා කරන්නේ ස්පාඤ්ඤ නාවික හමුදාව විසින් පමණි.09. MyriadMyriadමෙය නිශ්පාදනය නොකරපු ඉතාලි CIWS එකක්. 25 mm නිවුන් බැරල් 7 කින් විනාඩියකට වට 5000 ක් පමණ වෙඩි තැබීමට මෙය සැලසුම් කරන ලදී.10. Rheinmetall OrlikonRheinmetall Orlikon2003 වසරේ සිට සේවය කරන මෙය ස්වීට්සර්ලන්ත නිශ්පාදනයකි. කිලෝමීටර් 5 ක පරාසයකට විනාඩියකට වට 1000 ක් පමණ වෙඩි තැබීමේ හැකියාව ඇත. 35 mm බැරලයකින් සමන්විත වේ. ඉන්දුනීසියාව, ඩෙන්මාර්කය, වෙනිසියුලාව භාවිතා කරයි.11. PhalanxPhalanxCIWS කිව්ව ගමන් මතක් වෙන්නේ මේ Phalnax එක. මෙය සම්පූර්ණයෙන්ම ඇමරිකානු නිනිෂ්පාදනයක්. 30 mm බැරල් 6 කින් සමන්විත මෙයට කිලෝමීටර් 5.5 ක පරාසයකදී විනාඩියකට වට 4500 ක් වෙඩි තැබිමේ හැකියාව තිබේ. Zumwalt class Destroyer එක හැරුණු කොට සෑම ඇමරිකානු නැවක්ම Phalanx වලින් සන්නද්ධ වේ. ඔවුන්ට අමතරව ජපානය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, ඉන්දියාව, එංගලන්තය ආදී රටවල් කිහිපයක්ම මෙය භාවිතා කරනු ලබයි.12. Sea zenithSea zenith25mm බැරල් 4 කින් යුත් මෙය භාවිතා කරණු ලබන්නේ තුර්කි නාවික හමුදාව විසින් පමණයි. කිලෝමීටරයක දුරක් වෙත විනාඩියකට වට 800 ක් වෙඩි තැබිය හැකියි.13. Type 730Type 730මේක චීනයේ බහුලව භාවිතා වන CIWS එකක්. මෙයට 30mm බැරල් 7 ක් ඇති අතර කිලෝමීටර් 5 ක පරාසයකට විනාඩියකට වට 4200 ක් වෙඩි තැබීමේ හැකියාව පවතී. චීනයට අමතරව ඉන්දුනීසියාව පාකිස්තානය මෙය භාවිතා කරයි. 2003 සිට සේවයේ යොදවා ඇත. Type 730C, LD 2000, H/PJ 11 වැනි උප වර්ග කිහිපයක් ඇත.14. Type 1130Type 1130මේක Type 730 වැඩි දියුණු කිරීමෙන් නිපදවූ CIWS එකක්. මිලිමීටර් 30 බැරල් 11 කින් සමන්විත වේ. විනාඩියකට වට 11000 ක් වෙඩි තැබිය හැකි අතර පරාසය කිලෝමීටර් 5 ක් පමණ වේ. මෙය මුලින්ම ක්‍රියාත්මක කරේ Type 001 Liaoning මත. භාවිතා කරණුයේ චීන නාවික හමුදාව විසින් පමණි.15. H / PJ 13H / PJ 13රුසියන් AK 630 හි Chinese model එක තමයි H/PJ 13 කියන්නෙ. මෙහි පැහැදිලි වෙනස වන්නේ H/pj වල ඇති Stealth ටර්ට් එක. මිලිමීටර් 30 බැරල් 7 කින් සන්නද්ධ මෙයට කිලෝමීටර් 5 ක පරාසයකට විනාඩියකට වට 4000 ක් වෙඩි තැබිය හැකියි. දැනට චීනය පමණක් භාවිතා කරයි.16. Pantsir MPantsir Mමෙය රුසියාව පමණක් භාවිතා කරන නවීන CIWS එකක්. 2018 සිට සේවය කරණු ලබයි. Kashtan ලෙසින්ම මිසයිල හා තුවක්කු යන දෙකෙන්ම සන්නද්ධ වේ. මිසයිල වෙත කිලෝමීටර් 20 ක පරාසයක් ද තුවක්කු වෙත කිලෝමීටර් 5 ක පරාසයක් ද පවතී. විනාඩියකට වට 10000 ක් වෙඩි තැබීම් හැකියාව ඇත. රුසියාව පමණක් භාවිතා කරයි. රුසියානු නිලධාරීන් පවසන්නේ Pantsir M, Kashtan M ට වඩා සිව් ගුණයකින් පමණ බලවත් බවයි. |
OnePlus Flagship Devices සඳහා වසර 3ක් දක්වා Android Updates ලබාදෙන බව Pete Lau තහවුරු කරයි | ඔබට මතක ඇති පසුගිය මාසයේදිOnePlus සමාගම, Oppo සමාගමත් සමග ඒකාබද්ධව කටයුතු කිරිමආරම්භ කල බවට අපි ඔබ වෙත වාර්තා කරනු ලැබුවා. ඒහිදි OnePlus සමාගමේ CEO වෙන Pete Lau මහතා විසින් ප්‍රකාශ කර සිටියේ මේ ඒකාබද්ධ කිරිම මගින් OnePlus පාරිභෝගිකයින් සදහා වඩා හොද සේවාවක් සැපයිමට හැකි වෙනු ඇති බවයි. ඒ වගේම මෙලෙස OnePlus සමාගම, Oppo සමාගම සමග ඒකාබද්ධ වුවත් OnePlus සන්නාමය ස්වාධීනව ක්‍රියාත්මක වෙන බවත් ඔහු විසින් වැඩිදුරටත් දක්වා තිබුණා.මෙලෙස Oppo සමාගම සමග ඒකාබද්ධ විමත් සමග ඉදිරියේදි OnePlus සමාගමේ OxygenOS එක හා Oppo සමාගමේ ColorOS වල Codebase ඒකාබද්ධ විමටත් නියමිතව පවතිනවා. මෙලෙස OS Codebase ඒකාබද්ධ විමත් සමග OnePlus සමාගම විසින් ඔවුන්ගේ Smart Phones සදහා නව Update Schedule එකක් හදුන්වා දි තිබෙනවා.ඒ අනුව ඔවුන් විසින් OnePlus Flagship Devices සදහා වසර තුනක් දක්වා Major Android Updates මෙන්ම වසර හතරක් දක්වා Security Updates ද ලබා දිමට කටයුතු කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.ඒ අනුව OnePlus Devices සදහා ඔවුන් විසින් ඉදිරිපත් කල නව Update Schedule එක Category 04ක් ඔස්සේ දක්වන්න පුලුවන්.01. OnePlus Flagship Devices :One 8 Series එකේ සිට මේ දක්වා නිකුත් වුණ සියලු OnePlus Flagship Devices සදහා Major Android Updates තුනක් මෙන්ම වසර හතරක් සදහා Security Updates ලැබෙනු ඇත.02. OnePlus Nord & Nord CE Devices :පළමු OnePlus Nord Device එකේ සිට අලුත්ම Nord හා Nord CE Devices සදහා Major Android Updates දෙකක් මෙන්ම වසර තුනක් සදහා Security Updates ලැබෙනු ඇත.03. Nord N series :OnePlus N10, N100 හා සියලු OnePlus N Series Devicesවලට Major Android Update එකක් මෙන්ම වසර තුනක් දක්වා Security Update ලැබෙනු ඇත.04. Flagship Devices Released Prior to the OnePlus 8 Series :එනම් OnePlus 8 Series එකට පෙර නිකුත් වු සියලු OnePlus Flagship Devices සදහා Major Android Update දෙකක් මෙන්ම වසර තුනක් සදහා Security Updates ද ලැබෙනු ඇත.Source :OnePlus,Beebom |
Google Maps වෙනුවට භාවිතා කල හැකි Petal Mapsහි beta සේවාව AppGallery වෙත හඳුන්වා දීමට Huawei සමාගම කටයුතු කරයි | ඔක්තෝබර් මාසයේදි Huawei සමාගම විසින් ඔවුන්ගේම Navigation හා Maps service app එකක් වෙන Petal Maps App එක නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු කලා. දැන් මේ Petal Maps අපිට Huawei App Gallery මගින් Download කිරිමට අවස්ථාව ලබා දි තිබෙනවා.කෙසේ වෙතත් තවමත් මෙය Beat Version එකේ පවතින අතර එය සදහා ලියාපදිංචි විය යුතු වෙනවා. නමුත් ඔබ සතුව Huawei P40, Mate 30 හෝ Mate 40 Devices පවති නම් කිසිදු ලියාපදිංචි විමක් අවශ්‍ය වන්නේ නැ. හැබැයි ඔබගේ Device එකේ EMUI 11 තිබිම අවශ්‍ය වෙනවා.Huawei Petal Maps මගින් අපිට රටවල් 140කට අධික සංඛ්‍යාව සිතියම් ගත කිරිම් ලබා ගත හැකි වෙනවා. මේ මගින් ඔබගේ Current location නැරඹීමට, Map එක Browse කිරිමට, ස්ථාන සොයා ගැනිමට හා ස්ථාන එක් කිරිමට වගේම Real-time Traffic Conditions ආදිය පිළිබඳව තොරතුරු ලබා ගැනිමටත් මේ මගින් හැකි වෙනවා.PETAL MAPS FEATURES01. Map browsingZoom in හා Zoom out මගින් Map position වෙනස් කරමින් මෙන්ම Tilt හා Rotate කරමින් Map Viewing Angle එක වෙනස් කල හැකි වෙනවා. එමෙන්ම Navigation අතරතුර දි Air Gestures මගින් Map එකේ View එක වෙනස් කල හැකි වෙනවා. ඒ වගේම මේ Map එක 2D මෙන්ම 3D Viewing Mode හා Real-time Traffic Conditions පිළිබඳව තොරතුරුත් මේ Map එක මගින් ලබා ගන්න පුළුවන්.02. Map searchingPOIsහි ඇති විශාල Database එක නිසා මේ Petal Maps එකේ ස්ථාන සේවිම ඉතා පහසු වි තිබෙනවා. ඒ වගේම සිටින ස්ථානය අසල තිබෙන Recommend Places සොයා ගැනිමට Category Icon තිරැව යොදා ගන්න පුළුවන්.03. NavigationReal-time Traffic Data මගින් Traffic jams මග හැර අදාල ස්ථානය වෙත ඉක්මනින්ම ගමන් කිරිමට හැකි මාර්ගයන් පෙන්විම සිදු කරනවා. එමෙන්ම මේ Map එක මගින් ඉතා ඉක්මනින් ඔබගේ ගමන් මාර්ගය Re-Plan කිරිමේ හැකියාව හා ගමන් වේලාව Re-estimates කිරිමේ හැකියාව පවතිනවා.04. Air gesturesDriving සිදු කරන විට දි Viewing Mode අතර මාරැ විමට Air Gestures මගින් හැකියාව ලබා දි තිබෙනවා.Sources :Huawei Central |
Apple සමාගම විසින් iPhone 15 Smartphone Series එක නිල වශයෙන් එළිදක්වයි | අලුත්ම iPhone දුරකථන මාලාව වන iPhone 15 දුරකථන මාලාව Apple සමාගම විසින්ඊයේ (12) පැවති Event එකඅතරතුර එළිදක්වනු ලැබුවා. මෙම දුරකථන මාලාව දුරකථන මාදිලි 4කින් සමන්විත වුනා. ඒ iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Pro Max යනාදි ලෙසිනි.iPhone 15 සහ iPhone 15 Plusමෙහී iPhone 15 දුරකථනය පෙර iPhone 14 දුරකථනයට වඩා නව විශේෂාංග විශාල ප්‍රමාණයකින් සමන්විත වෙනවා. නමුත් ඒවායෙන් බොහෝමයක් පෙර iPhone 14 Pro දුරකථනයට ලබාදුන් විශේෂාංග වේ.මෙවර iPhone 15 දුරකථනයේ සුවිශේෂතා වනුයේ,Apple A16 Bionic 4nm Processor48 mp Main Camera2000 nits ක උපරිම Brightness අගයක් සහිත Display එකක්Dynamic IslandType-Ccharging portUltra-WidebandDesign සහ Build Quality එකමෙහි Design එකේ සුවිශේෂම විශේෂාංගයක් වන්නේ Back Glass එක සදහා Color Infused Glass එකක් යොදාතිබීමයි. මීට අමතරව මෙහි Back Panel එක Textured Matte Finish එකකින් යුතුවෙනවා. iPhone 15 සහ 15 Plus දුරකථන Pink, Yellow, Green, Blue සහ Black යන Colors වලින් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් මෙවර Red Colour එකක් අඩංගු වන්නේ නැත.ඒ වගේම Apple සමාගම 2030 වන විට Carbon Nutral සමාගමක් වීමට යන නිසා මෙවර Release කළ සෑම Product එකකින්ම වගේ මෙහිත් යම් වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා. එනම්, 75% Recycled Aluminum Enclosure එකක්, 100% Recycled Cobalt අඩංගු Battery එකක් සහ Main Logic Board එකට සහ Magsafe Charger එක සදහා 100% Recycled Copper යොදාගෙන තිබෙනවා.Display එකIphone 15 දුරකථනය සදහා අගල් 6.1 සහ Iphone 15 Plus දුරකථනය අගල් 6.7 ක Super Retina XDR OLED Display එකකින් සමන්විත වන අතර මෙවර Regular Iphone එක වන මෙම දුරකථනය සදහාත්Dynamic Islandඑක ලබාදී තිබෙනවා. මෙම Display එක මෙහි Body එකට සාපේශව ප්‍රතිශතයක් ලෙස ආසන්න වශයෙන් 88% පමණ වනවා. මෙහි ආරක්ෂාව සදහා Ceramic Shield Glass එකක් ද යොදා තිබෙනවා. මෙමගින් 1200 Nits උපරිම Brightness අගයක් ලබාගැනීමට හැකියාව ළැබෙනවා.Performanceනවතම iPhone 15 දුරකථනය Apple A16 Processor එක මගින් බලගැන්වෙන වෙනවා. මෙය පෙර වසරේiPhone 14 Pro දුරකථනය සදහා යොදාගත් Processor එකමනිසා විශේෂයෙන් විග්රහ කිරීමට අවශ්‍ය නැත.මෙහි GPU එක Cores 5 කින් සමන්විත වේ. මෙම දුරකථනය සදහා 6GB RAM එකක් යොදා ඇති අතර 128GB, 256GB, 512GB යනාදී වශයෙන් Storage Options 4ක් ලබාදී තිබෙනවා.Camera එකපෙර ලෙසම මෙවරත් Base Model එක සදහා Dual Camera Setup එකක් ලබාදී ඇති අතර විශේෂත්වය වන්නේ මෙහි Main Camera එක සදහා 48mp අගයකින් යුතු Sensor එකක් ලබාදී තිබීමයි. ඒ අනුව මෙහි 48mp F/1.6 Aperture එකක් සහිත Main Camera එකක් සහ 12mp F/2.4 1.6 Aperture එකක් සහිත Telephoto Camera එකක් ලබාදී තිබෙනවා.මේ සමග iPhone 15 Regular Model එක සදහා 2x Optical Zoom පහසුකම අත්විදීමට අවස්ථාව සැලසෙනවා.මෙම දුරකථනයේ Portrait Photography සදහාත් විශේෂ ස්ථානයක් ලබාදී තිබුණා. දැන් Photo එකක් ලබාගැනිමේදී එහි පුද්ගලයන් හෝ සතුන් සිටීදැයි හදුනාගෙන Automatically ම දුරකථනය විසින් Portrait Photo එකක් ලබාගන්නවා. ඉන්පසු මෙම Photos වල Focus Subject එක වෙනස් කරන්නත් අවශ්‍ය නම් Bokeh Effect එක ඉවත් කරන්නත් අවස්ථාව පවතිනවා.මීට, අමතරව පෙර පැවති සාමාන්‍ය පහසුකම් වන HDR, Dolby Vision HDR යන පහසුකම් ද මෙම දුරකථනයෙන් අත්විදීමට හැකියාව පවතිනවා.මෙම දුරකථනයේ Selfie Camera එක ලෙස 12MP Sensor එකකින් සමන්විත වන wide angle Camera එකක් ලබාදී තිබෙනවා.Software සහ User Experienceමෙම දුරකථනය නවතම iOS 17 සමග පැමිණෙන අතර එහි අඩංගු වුණු සුවිශේෂ විශේෂාංග සියල්ලම සහ මෙයට අනන්‍ය වුණු තවත් විශේෂාංග ගණනාවකුත් අත්විදීමට මෙම දුරකථනය ඔස්සේ අවස්ථාව ලබාදී තිබෙනවා.Connectivity සහ Featuresමෙම දුරකථනය තුළ නවතම 2nd Generation Ultra-Wideband එක ලබාදී තිබෙනවා. ඒත් අනෙකුත් Devices සමග පෙරට වඩා තුන් ගුණයක් දුරින් Connections පවත්වා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ සමග ලැබෙන ඉතා ප්‍රයෝජනවත් විශේෂාංගයක් වනුයේ Precision Finding හරහා මිනිසුන් විශාල වශයෙන් ගැවසෙන ස්ථානයකදී තවත් අයෙකු පහසුවෙන් සොයාගැනීමට අවස්ථාව සැලසෙනවා.මීට අමතරව ගිය වසරේ හදුන්වාදුන් Emergency Satellite SOS System එක වගේම Roadside Assistant Via Satellite කියන විශේෂාංගය හදුන්වාදී තිබෙනවා. මේ හරහා මෝටර් රථයක් කාර්මික දෝෂයකට ලක්වුවහොත් එය Roadside Assistant Service Provider කෙනෙක් වෙත දැනුම්දීමට අවස්ථාව සැලසෙනවා.මෙම satellite පහසුකම් සියල්ලම වසර 2ක් නොමිලේ භාවිතා කිරීමට පුලුවන්.මෙවර Connectivity තුළ සිදුවූ විශාලතම වෙනස්කම වූයේ Apple සමාගම තමන්ගේ Lightning Port එක අතහැර USB Type-C වෙත මාරුවීමයි. මේ නිසා එක් Cable එකක් සියලුම Devices වලට භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා.මිල ගණන්පෙර වසරේ ලෙසම මෙවරත් iPhone 15 දුරකථනය $799 කටත් iPhone 15 Plus දුරකථනය $899 කටත් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනවා.මෙම ලිපිය Apple Special Live Event එක ඇසුරෙන් නිමැවූවකි.iPhone 15 Pro සහ Pro Max Devices පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් Android වැඩකාරයෝ තුළින් ළඟදීම බලාපොරොත්තු වන්න. |
Web developer කෙනෙක් වෙන්න කලින් ඔබ දැනගෙන සිටියම යුතු HTML ගැන දන්න සිංහලෙන් සරලව | HTML එහෙමත් නැත්තම් HyperText Markup Language කියන්නෙ Web Usersලට Tags, Elements සහ Attributes භාවිත කරලා කොටස්, ඡේද, වගු වගේ දේවල් නිර්මාණය කරන්න භාවිතා කරන Markup Language එකක්. HTML මුලින්ම Release වෙන්නෙ 1993දි Tags 18ක් එක්ක. ඊටපස්සෙ ආපු Versions හැම එකකටම අළුතෙන් Tags, Attributes ඇතුළත් වෙලා තමයි අවසාන වශයෙන් දැනට තියෙනHTML5කියන Version එක 2014දි Release වෙන්නෙ.HTML වලට Dynamic Functionalities නැති නිසා මේක Programming Language ගණයට අයත් වෙන්නෙ නෑ.HTML ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙන්නෙWeb DevelopmentInternet NavigationWeb Documentationකියන දේවල් වලට.ඉතිං අද මේ Article එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නෙ HTML කොහොමද වැඩකරන්නෙ කියන එක සහ ප්‍රධාන Tags කීපයක් ගැන. මේක කියවන ඔයා Web Development වලට අළුත් ඒත් ඉගෙනගන්න කැමති කෙනෙක් නම් මං හිතනවා මේ Article එකෙන් ඔයාට HTML ගැන දළ අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා.මං මුලින්ම කිව්වනේ මේ HTML වැඩකරන්නෙ Tags, Elements, Attributes එක්ක. HTML Elements කියන්නෙ හරියට Web Page එකක Building Blocks වගේ. Tag එකකින් Web Browser එකට Element එකක් පටංගන්න සහ ඉවරවෙන ස්ථානය කියනවා වගේම Attribute වලින් Element වල ලක්ෂණ විස්තර කරනවා.Element එකක ප්‍රධාන කොටස් තුනයි.ඒවා තමයි,Opening Tag - Element එකක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න ස්ථානය ප්‍රකාශ කරන්න පාවිච්චි වෙනවා. උදාහරණයක් විදියට ඡේදයක් ආරම්භ කරන්න පාවිච්චි කරන Tag එක<p>විදියට තමයි දැක්වෙන්නෙ.Content - මේක තමයි Usersලට පේන Output එක.Closing Tag - මේකත් Opening Tag එක වගේමයි නමුත් Element name එකට ඉස්සරහින් Forward slash එකක් පාවිච්චි වෙනවා. උදාහරණයක් විදියට ඡේදයක් අවසාන කරන්න පාවිච්චි කරන Tag එක</p>විදියට තමයි දැක්වෙන්නෙ.මේ කොටස් තුන එකතු වුණාම තමයි HTML Element එකක් හැදෙන්නෙ.<p>This is how you add a paragraph in HTML.</p>දැනට විවිධ Elements නිර්මාණය පුළුවන් HTML Tags 142ක් විතර තියෙනවා. ඒවගෙන් සමහර Tags අළුත් Web Browsers වලට Support කරන්නෙ නැතිවුණත් හැම එකම වගේ ඉගෙනගන්න එක අපිට ප්‍රයෝජනවත් වෙනවා.ඊළඟට අපි කතාකරමු දැනට වැඩිපුරම භාවිතා කරන HTML Tags සහ ප්‍රධාන Elements දෙකක් වෙන Block Level Elements ගැනයි Inline Elements ගැනයි.Block-Line Elements (Structural Elements)Block-Line Element එකක් හැමවෙලාවකම Page එකේ සම්පූර්ණ පළල ගන්නවා. ඡේද හෝ පිටු බෙදීම් වැනි දේවල් වගේ විශාල අන්තර්ගත කොටස් නිර්මාණය කරනවා. ගොඩක් HTML Elements මේ Block-Line Elements ගොඩට තමයි වැටෙන්නෙ.හැම HTML Page එකක්ම මේ Tags තුන භාවිතා කරනවා.<html>- මේ Tag එකෙන් තමයි සම්පූර්ණ HTML Document එකම define කරන මූලිකම Element එක.<head>- මේ Tag එක Page එකේ මාතෘකාව, Title එක වගේ Meta Informations දරනවා.<body>- මේ Tag එක Page එකේ තියෙන Contents පෙන්නනවා.මීට අමතරව තවත් block-level tags තියෙනවා. ඒවානම්,Heading tags -<h1>ඉඳන්<h6>කියන range එකේ tags මේකට අයිති වෙනවා.<h1>කියන එක ලොකුම එක සහ <h6> කියන එක පොඩිම විදියට තමයි තියෙන්නෙ.Paragraph tags - <p> කියන tag එකෙන් තමයි ඕනෑම ඡේදයක් පටංගන්නෙ.List tags - මේකේ වෙනස්කම් තියෙනවා. Ordered list වලට <ol> tag එකත්, Unordered list වලට <ul> tag එකත් වගේම <li> tag එක list එකක item එකක් represent කරන්න පාවිච්චි කරනවා.Inline ElementsInline Elementsකියන්නෙ Content එකේ ප්‍රවාහය බිඳීම වෙනුවට Element නිර්වචනය කරන Tag වලින් සීමා වූ ඉඩ පමණක් හිමි ඒවා වෙනවා. Inline Elements අළුත් රේඛාවකින් ආරම්භ නොවන අතර අවශ්‍ය තරම් පළල පමණක් ගන්නවා.<a href="https://androidwedakarayo.com/">Click me!</a>ඔන්න ඕකයි සරළමවම HTML කියන්නෙ, මං හිතනවා ඔයාලා දළ අදහසක් ගන්න ඇති කියලා මේ Article එක කියවලා, මේක ඉගෙනගන්න මහ ලොකු දේවල් ඕනේ වෙන්නෙ නෑ. PC එකයි Notepad එකයි තිබ්බම හොඳටම ඇති, ගොඩක් සරළ Language එකක්. හොඳ දැනුමක් ලැබුණමVisual Studio Codeවගේ Softwares පාවිච්චි කරලා ලේසියෙන්ම තමන්ගේ HTML Code එක ලියාගන්න පුළුවන්.W3Schoolsවගේ Sites වලින් ඔයාට ඕනේ තරම් දේවල් ඉගෙනගන්න පුළුවන් Tutorials තියෙනවා. ඒ නිසා ඔයා Web Development කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්නම් මුලින්ම HTML වලින් පටංගන්න. මේ විදිය තවත් Article එකකින් නැවතත් අපි හමුවෙමු. |
යුධ පිටියේ වැඩ දාන අධිතාක්ෂණික හෙලිකොප්ටර් එක, Apache | නම අහපු ගමන් ඔබ දන්නවා ඇති අපි මේ කථා කරන්න යන්නේ “යකෙක්” ගැන කියලා. මේ යකා තමා Boeing AH-64 නොහොත් Apache එක.මේ හෙලියේ ඉතිහාසය ගැන අපි හෙව්වොත් මේ හෙලියේ උපත සිදුවෙන්නේ තවත් වැඩ්ඩෙක්ගේ ඇවෑමෙන් කිව්වොත් හරි. ඒ තමා bell සමාගමේ AH-1 Cobra හෙලිය. මේ AH-1 model එකට වඩා හොද හෙලියක අවශයතාව තදින්ම තිබ්බ කාලෙක තමා US Army එකෙන් අධි තාක්ශණික හෙලියක් සදහා අයදුම්පත් කැදවන්නේ.AH-1ඒ 1975. එතකොට ඇමරිකාවේ Boeing සමාගම. ඒ කාලේ Hughes helicopters සමාගම ඉදිරිපත් කරන model එක තමා Apache එක. ඒ YAH-64 කියන කෝඩ් එක යටතේ. එතකොට බෙල් සමාගමින් ඉදිරිපත් කරනවා YAH-63 කියන කෝඩ් එකෙන් AH-1 එකේම නවකයෙක්.ඒත් Hughes සමාගමේ AH-64 එක මේ තරගයෙන් ජයග්‍රහණය කරලා පළවෙනි ගුවන් ගමන සිද්ද කරන්නේ 1976දී. පස්සේ 1982 වෙනකන් පරීක්ෂණ මට්ටමේ තිබ්බ යානා 1982 දි US Army එකේ නිල අවසරයෙන් මහා පරිමාණයෙන් නිශ්පාදනය ආරම්භ කරනවා.1984 වෙද්දි මේ Hughes හෙලිකොප්ටර් සමාගම මිලට ගන්නවා Mcdonell Douglas සමාගම විසින්. ඊට අවුරුදු 4කට පස්සේ පළවෙනි ඉල්ලුම කල US Army එකට මේ Apache ලබාදීමට Mcdonell Douglas සමාගමට හැකිවෙනවා. ඒ 1986 දී.YAH-641997 මාර්තු වල දී US army එකට මේ සමාගමින් හදුන්වලා දෙනවා මේ apache එකේ අලුත් variant එකක්.නමින් AH-64D Longbow කියලා.AH-64D Longbowමේ වෙද්දි apache නිශ්පාදනය කරන්නේ USA වල Boeing Space, Defense & Security Company එකෙන් සහ UK වල බෝයින් සමාගමින්. මේ ලිපිය ලියන මොහොතෙත් මේ සමාගම විසින් Apache හෙලි යානා 2000කට අධික ප්‍රමානයක් නිපදවලා අවසන්.ඒ ප්‍රධාන ගැනුම්කරුවා වන US Army එකට සහ ජපානය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය, සිoගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රටවල් වලට.හරි, මම කිව්වනේ මේ හෙලිය අධි තාක්ෂණිකයි කියලා.ඒ ගැන කථා කරමු දැන්.Engineනවතම apache එකේ තියෙන්නේ General Electric සමාගමේ T700-GE-701C turboshaft එන්ජින් 2ක්.T700-GE-701C• මේ එන්ජින් දෙකම ගත්තහම අශ්වබල 1700ක් විතර වෙනවා.• මේ එන්ජින් දෙකම සම්බන්ද වෙන්නේ සාමාන්‍ය Gear Box එකකට.• මේ gearbox එකෙන් engine එක මගින් උත්පාදනය කරන බලය 90° ආනතියකට හරවලා ප්‍රධාන පෙති සහ පසුපස පෙති වලට යොමු කරනවා.එතකොට ආයුධ අතින් Apache එකේ සැකැස්ම ගැන කථා කලොත්, Apache එකේ ප්‍රධානම කාර්යය තමා ගුවනේ සිට පොලවට ප්‍රහාර එල්ල කිරීම. ඒ කියන්නේ යුධ ටැංකි, භූගත බන්කර් ආදිය විනාශ කිරීමට. මේ සදහා සැකසුණු ආයුධ සන්නද්ධ වීමක් තමා apache එකේ තියෙන්නේ. Apache එකේ තියන ප්‍රධානම අවිය තමා hellfire මිසයිල.මේ මිසයිල ගැන අපි පොඩ්ඩක් හොයලා බැලුවොතින් මේ මිසයිල කුඩා පරිගණකයින් සන්නද්ධයි.ඒ ඉලක්කය වෙත සාර්ථකව ලගා වීමට අවශය දත්ත ගණනය කිරීමට.Hellfire මිසයිලඅනිත් සුවිශේෂී ආයුධය තමා apache වල තියන Hydra Rocket Launchers. හෙලිය දෙපැත්තෙම තියනවා මෙයින් එක ගානේ. එතකොට මේ launcher එකක අගල් 2.75 ස්වයo විහිදුම් දිගු දුර rocket 19ක් අඩoගුයි. Gunnerට පුලුවන් මේ ඔක්කොම එක පාර හරි එකින් එක බැගින් හරි ඉලක්ක වෙත යොමු කරන්න. මේ rockets හෙලියෙන් release කරපු ගමන්ම එයාගේ තියන fins පාවිච්චි කරලා ඒයාගේ ගමන් මාර්ගය stabilize කරගන්නවා. එතකොට මේ rocket වල තියනවා පොඩි පොකුරු බෝම්බ ආකාරයේ rockets වර්ගයකුත්.Hydra Rocket Launchersඑතකොට මේ Apache එකේ තියන අනිත් Gun එක තමා M230-30mm Chain Gun එක.මේක වැඩ කරන්නේ Electric Motor එකකින්.Rounds 1200ක් පමණ එක පාර ගබඩා කරගෙන විනාඩියකට rounds 600-650ත් අතර ප්‍රමාණයක් මුදාහරින්න පුලුවන්.M230-30mm Chain Gunදැන් කතා කරමු මේකේ Targeting System එකයි Cockpit සැලැස්මයි ගැන.Apache එකේ නියමු කුටිය තියෙන්නේ කොටස් දෙකකට.ඒ ඉදිරිපස Gunnerටත්, පසුපස නියමුවාටත් ලෙස. නමුත් අවශ්‍ය වෙලාවක Gunnerටත් පුලුවන් මේකේ පාලනය අතට ගන්න. අනිත් විශේෂ කාරණය තමා මේකේ තියන Digital Stabilizer System එක. මේකෙන් කරන්නේ Digital තාක්ශනයෙන් Heli එකේ Hydraulic පාලනය කිරීමක්.එතකොට හෙලිකොප්ටරයේ අනවශ්‍ය ගැස්සීම් පැද්දීම වලින් තොරව ඉලක්ක වෙත ලගාවීමේ හැකියාවක් තියනවා.මේ system එකට පුලුවන් ඕනෑම වෙලාවක Heli එක hovering කරගෙන ඉදිරියට ගෙනියන්න.හැබැයි ටික වෙලාවකට. (Auto Pilotනෙවෙයි)දැන් අපි කථා කරමු මේ හෙලියේ තියන සංවේදක ගැන.SensorsSensors ගත්තම මේකේ තියන ප්‍රධානම දේ තමයි Radar පද්ධතිය. මේ Radar පද්ධතිය මගින් පුලුවන් නියමුවාට අවට නිරීක්ෂණය කරන ගමන් තමන්ගේ සේනාංක හදුනා ගන්නත්.අනිත් සoවේදකය තමා FLIR (Forward Looking Infrared ) පද්ධතිය.මේ පද්ධතිය පිහිටවපු හේතුව තමයි night vision පහසුකම ලබාගන්න.එතකොට දිවා කාලයේදී ඉලක්ක හදුනා ගන්නත් ඉදිරියෙන් Camera එකක් පිහිටුවලා තියනවා. විශේශම දේ තමයි මේ camera සහ sensors වලින් පේනෙ දේ නියමුවන්ට හෙල්මට් එක චලනය කිරීමෙන් වෙනස් කරන්න පුලුවන් වීම. ඒ කියන්නේ VR ඇවිත් ගොඩක් කල් apache වලට.මේ apache එක කොයිතරම් ආරක්ශාකාරීද?උපරිමයි.Apache එක design කරලා තියෙන්නේ පොලවට ආසන්නයෙන් ගොස් සතුරාට පහර දීමට.ඒ කියන්නේ හැංගිලා ගමන් කරන්න. මේ නිසා ඒ සඳහා අවශ්‍ය විශේෂ Equipment තියනවා apache එකේ.පළවෙනි එක තමා Radar Jammer එක. මේකෙන් කරන්නේ සතුරගේ radar signals ඇදලා අරගෙන වෙන වෙන සාවද්‍ය Radar signal විහිදී යැවීමක්.අනිත් එක තමා කලූ කුහර අධෝරක්ත කිරණ system (Black Hole infrared suppression system)එක. මේකෙන් කරන්නේ තාප සංවේදී මිසයිල වලින් හෙලිය ආරක්ශා කිරීමක්. ඒ කියන්නේ හෙලියේ එන්ජින් වලින් නිපදවන තාපය අඩුකිරීමක්.අනිත් system එක IR jammer හෙවත් අධෝරක්ත බාදකය. මේකෙන් කරන්නේ විවිධ frequencies ඔස්සේ අධෝරක්ත කිරන විහිදවීමක්. එවිට තාප සංවේදක මිසයිල වෙන මාර්ගයක ගමන් කිරීමට යොමුකිරීමක් සිදුවෙනවා.හරි මෙතරම් firepower එකක් සහ sensors තියන හෙලියේ Armor එක ගැන අහයිනේ.ඒකටත් දෙන්නම් උත්තර.Apache එක blades 4 හෙලියක්. ඒ කියන්නේ පෙති 4යි. මේ හැම පෙත්තක්ම හදලා තියෙන්නේ titanium ආවරණයක් සහිතව. ඒ මේ හෙලිය පොලව ආසන්නයෙන් ගමන් කිරීමේදි වදින අතු ගස් ආදියෙන් තල ආරක්ෂා කරගන්න.එතකොට බොඩිය? ඔව්, මුලු බොඩියම bulletproof. Cockpit එකේ වීදුරු පවා. අති සoවේදි කොටස් Kevlar armor එකක් දාලා හොදටම bulletproof කරලා තියෙන්නේ. Boeing සමාගම කියන පරිදි මේ හෙලියේ body එකට පුලුවන් ලු 12.7mm මැශින් තුවක්කුවකින් නිකුත් කරන උණ්ඩ දරාගන්න.Kevlar armor එක තියන කොටස් වලට 23mm උනත් ඔට්ටුයිලු. අනිත් එක තමා මේ හෙලියේ Cockpit Cover එක අනතුරකදි ගැලවිලා අයින් වෙන්න තමා design කරලා තියෙන්නේ. අනික cockpit එක shockproof. ඒක නිසා pilotලා දෙන්නාගේ ආරක්ශාවත් උපරිමයි. |
GoPro Water Damage උනොත් අලුත්ම Camera එකක් ගන්නේ කොහොමද? | GoPro කියන්නේ ලංකාවේ වගේම ලොකේ Action Camera වල මුල් තැන කීවොත් හරි. ඕනෙම Action Camera එකකට GoPro කියන්න තරම්ම ගොඩක් ජනප්‍රියයි. කොහොම උනත් ගොඩක් දෙනෙක් මේ camera එක Underwater Use කරනවා, ඉතිං එකේ කිසිම ප්‍රශ්නයක් නෑ මොකද GoPro මේ කැමරා විශේෂයෙන් Hero 5 ඉදන් උඩ ඔක්කම Out of the box water proof කියලයි හදුන්වන්නේ. මේ නිසාම ඔවුන් Water damage වලට warranty එකක් පවා දෙනව.හැබැයි ඔයාලගේ GoPro camera එක water damage උනොත් මේ warranty එක claim කරන හැටි තමා අපි අද කතා කරන්න යන්නේ.ඉතිං මෙතන නීති වගයක් තියෙනවා, අපි මේ camera උණු වතුරට දැම්මොත් හරි, third-party battery door use කරොත් හරි, lens damage screen damage වගේ දේවල් තිබ්බොත් හරි, වෙන විදියකට camera එක modify කරලා තිබුනොත් GoPro ලා මේ Warranty එක දෙන්නේ නෑ. ඒ නිසා එයාලගේ warranty guide එක අනිවාර්යයෙන් කියවන්න.ඉතිං මේ warranty එක claim කරද්දි ඔයාලා සකසගන්න ඔනේ දෙවල් තියෙනවා.Camera එකේ picturesBattery door එකේ pictures හා ඇතුලේ rubber seal එකේ picturesCamera purchase billCamera serial numberLast recorded clip or last photoඉතිං මුල් දෙක නම් ලේසීනේ. මේවා warranty claim කරන්න කතා කරන වෙලාවේ ගන්නවා නම් තමා ගොඩක් හොද. ඊලගට camera serial number එක camera එකේ battery compartment එක ඇතුලේ හරි camera box එකේ යටින් හරි බලාගන්න පුලුවන්. ඊලගට bill එක, මේක ඇත්තටම ඕනේ ඔයාගේ camera එකමද කියලා හරියටම තහවුරු කරගන්න විතරයි. ඒ නිසා fake bill එකක් උන්ත් කමක් නෑ. හැබැයි camera model name එක වගේම ඒ ඉස්සරහින් serial number එකත් තියෙන්න ඕනේ. ඒ වගේම bill එක ඔයා එයාලට කියන නමින්ම තියෙන්නත් ඕනේ. ඒ නිසා ඔයා මේ camera එක second hand ගත්තා නම් original bill එක තිබුනත් දෙන්න යන්න එපා. මොකද එතන ඔයාගේ නම නැති නිසා. ඒ නිසා fake bill එකක් ඔයාගේ නමටම හදන එකයි හොදම. ඒත් හොර වැඩ නම් අපි අනුමත කරන්නෑ.ඊලගට last video or photo ගොඩක් වෙලාවට ඉල්ලනවා. මෙතනදි වතුර ඇතුලට යනවා හරි වතුර ඇතුලේ ගත්ත එකක් හරි තිබ්බොත් ගොඩක් හොදයි.ඔය ටික ඔක්කම ready කරගත්තට පස්සේ ඔයා පහල ලින්ක් එකෙන් GoPro Live Agent කෙනෙක් Contact කරගන්න ඔනේ.https://gopro.com/help/ContactUsමෙතනදි ඔයාට කතා කරන්න පුලුවන් වෙන්නේ සතියේ දවස් වල විතරයි. ඒ වගේම වෙලාවක් තියෙනවා ලංකාවට නම් මෙ වෙලාව වැටෙන්නේ හවසට වගේ. එතන ඔයාගේ නම email address එක camera model එක වගේම issue එක සදහන් කරාම ඔයාව live agent කෙනෙක් එක්ක chat කරන්න වැටෙනවා. මෙතනදි හොද English කථන හැකියාවක් තියෙනවා නම් ගොඩක් හොදයි. ඒ වගේම කතා කරනකොට එයා අහන දේට විතරක් උත්තර දෙන්න බලන්න. එක පාරම ඔක්කම කියවගෙන යන්න හදන්න එපා. තව දෙයක් කලින් කීව නීති උල්ලන්ගනය කරත් එහෙම කරේ නෑ වගේ කතා කරන්න ඕනේ. ඒ වගේම මේ පලවෙනි පාර වතුරට දැම්මේ කියලත් කියන්න අනිවාර්යයෙන්ම. මොකද කලින් වතුරට දාලා වතුර ගිහින් නැතුව මේ පාර ගියොත් ඒක අපේ වරදක් වෙන්න පුලුවන් නිසා. ඒ වගේම උන දේ සරලව කියන්න. මෙතනදි බොරු කියන්න එපා මොකද final pictures හා videos යවද්දි meta data check වෙන නිසා.ඊට පස්සේ ඔයාට camera එකේ photo battery compartment එකේ photo හා final pictures තියනව නම් upload කරන්න GoPro link එකක් එවයි. මෙත්නදි ඔක්කම හදාගෙන තිබ්බා නම් ලෙසියෙන් කරන්න පුලුවන්. ඒ වගේම finally ගත්තේ video එකක් නම් ඒ video එක YouTube upload කරලා ඒ link එක එවන්න කියනවා.ඉතිං මේ ඔක්කම කරාට පස්සේ එයාලා කියනවා ඔයාට proof of purchase එවන්න කියලා. මෙතනදි ඔයාගේ නමට තියෙන camera එකේ model , serial number තියෙන bill එකක් යැව්වා නම් හරි. එතනින් ඔයාලට කරන්න තියන දේ ගොඩක් වෙලාවට ඉවර වෙනවා. ඊට පස්සේ එයාලා camera එකට free camera එකක් දෙන්න one time chance එකක් දෙනවා කියලා ඔයාට shipping address හා තොරතුරු පුරවන්න කියනවා. ඊට පස්සේ live agent ගේ වැඩේ ඉවරයි.මේ ඔක්කම ඉවර උනාම ඔයාලට email එකක් එවි කොහොමද camera එක GoPro ලට එවන්නේ කියලා මෙතනදි එයාලා කියනවා camera එක විතරක් ඒ කියන්නෙ battery, chip වගේ කිසිවක් නැතුව එවන්න කියලා ඒ වගේම ඔයාලට document 3ක් එවයි. ඒ තුනේ printout 2 ගානේ ගන්න ඔනේ. අන්තිමට කරන්නේ ඔනේ foreign parcel box එකකුයි bubble wrap එකකුයි, filling form ටිකකුයි ගන්න එක. Camera එක විතරක් bubble wrap එකේ ඔතලා box එකට fill form පුරවලා camera එකත් දාලා අර document 3 නේ print out set එකකුත් ඇතුලට දාලා box එක seal කරන්න.ඊට පස්සේ UPS deliver service එකේ head office එකට කතා කරලා pickup එකක් arrange කරගන්න. ගොඩක් වෙලාවට එදාම හරි පහුවදාට හරි ඔයාගේ ගෙදරටම එවි camera එක ගෙනියන්න. මෙතනදි අර document set එකේ 2nd set එක UPS pick up එකේ එන කෙනා අතට දෙන්න.ඕනේ නම් ඔයාලට box filling මොකුත් ගන්නේ නැතුව UPS office එකට යන්න පුලුවන් එතනට document set එක දීලා කැමරා එක දෙන්න විතරයි ඕනේ. මෙතනදි ඔයාලට පහසු ක්‍රමයක් තෝරගන්න එකයි හොද. කොහොමත් 200ක් 250ක් යයි උපරිම.ඉතිං ඔයාගේ GoPro එක දුන්නට පස්සේ දවස් 2කින් වගේ GoPro ලා email එකක් එවයි අලුත් camera එක එහෙන් ship කරා කියලා. ඒ email එක ඇවිත් දවසින් වගේ ඔයාගේ camera එක ගෙදරටම එයි. ඇත්තටම 100% free replacement එකක්.ඉතිං GoPro ලගේ මේ customer service එක, action camera එකක් ගන්නවා නම් GoProම recommend කරන්න තවත් ලොකු හේතුවක්.මං හිතනවා මේ විස්තර ටික ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙවි කියලා. |
පරිගණකයක් මත Android Apps Run කිරීම සඳහා වඩාත් හොද Windows 11ද Chrome OSද? | Windows 11 හි ඇති වඩාත් වැදගත් අංගයක් වන්නේ එහි Android App Run කිරීමට හැකි වීමයි. කෙසේ වෙතත් මෙම හැකියාව ඇති පළමු පරිගණක මෙහෙයුම් පද්ධතිය මෙය නොවෙයි. Chrome OS එකද වසර ගණනාවක සිට එයට Google Play Store ඇතුළත් කර තිබෙනවා. අද අපි Windows 11 සහ Chrome OS සැසඳීමෙන් බලමු Android Apps Run කිරීම සඳහා හොඳම OS එක මොකද්ද කියලා.තාක්ෂණික වශයෙන් ගත් කළ, Windows 11 හි Android Subsystem එක Android Apps Run කළ හැකි පළමු Windows App එක නොවේ. මීට පෙර Bluestacks වැනි Emulators ද හඳුන්වා තිබෙනවා. කෙසේ නමුත් එය 3rd Party Software එකක් නිසා බොහෝ දෙනා මේ Inbuilt පහසුකම සඳහා වැඩි කැමැත්තක් දක්වනවා.Windows 11 සහ Chrome OS විසින් මෙසේ Android සඳහා නිර්මිත Apps Run කරන්නේ කොහොමද?Windows 11 OS එක මෙය සිදුකිරීම සඳහා යොදා ගන්නේ Intel Bridge තාක්ෂණයයි. සරලව කිවහොත් මෙම තාක්ෂණයෙන් සිදුවන්නේ අදාළ Android App එකහි කේතය Android හි භාවිතා වන ආකාරය CPU එකට ලබා දී පසුව එය Language Translators මඟින් පරිවර්තනය කර Process කිරීමයි.Chrome OS වල මෙය සිදු වන ආකාරය විමසුවහොත් එය තරමක් සරල ක්‍රියාවලියක්. Chrome OS සහ Android යන මෙහෙයුම් පද්ධති දෙකම Linux කර්නලය මත පදනම්ව නිර්මිත ඒවා වනවා. Android හි Runtime එක Chrome OS හා ඉතා ගැඹුරින් එකාබද්ධ වනවා. එම නිසා මේ Android Apps වල කේත කියවා Run කිරීමට බොහෝ පහසු වනවා.Windows 11 හි භාවිත වන Android App ලබා ගැනීම සඳහා ඇති Amazon App Store යනු, Google Play හැරුණු විට හොඳම App Store එකක්. මෙය Amazon Fire Tablets සඳහා එන Pre-Installed App Store එකක්. කෙසේ වෙතත් මෙය Chrome Books වල ඇති Google Play Store සමඟ සසඳන විටදී තරමක් පිටුපසින් සිටිනවා.ඔබ පරිගණකයක් මිල දී ගන්නේ එය පහසුවෙන් Android Apps Run කළ හැකි OS එක මත පදනම්ව නම්, Chrome OS එයට හොඳම OS එකක් වනවා. එසේ පැවසුවහොත්, Android Apps Run කිරීම Windows 11 හෝ Chrome OS හි මූලික භාවිතය නොවිය යුතුය. මන්ද, ඒවා පමණක් භාවිතා කිරීම OS එකක මූලික වශයෙන් අවශ්‍ය පහසුකමක් නොවේ.Source:How-To Geek |
Facebook සහ Instagram පරිශීලකයන්ට තම stories පහසුවෙන් cross-post කිරීමේ පහසුකම අත්හදා බලයි | මේ වන විටත් Instagram පරිශීලකයන්ට තම Facebook ගිණුම වෙත stories share කිරීමට "Share to Facebook Story" ලෙස පහසුකමක් ලබා දී ඇති අතර ඒ හරහා ස්වයංක්‍රියවම Instagram story එකක් Facebook story එකක් ලෙස share කල හැකිය. දැනට පවතින නවතම පරීක්ෂණයකට අනුව Facebook පරිශීලකයන්ට තම stories, Instagram වෙත පලකිරීමේ පහසුකමක් Facebook ආයතනය විසින් අත්හදා බලමින් සිටී.මෙහිදී Facebook වෙතින් Instagram වෙත share වුන stories නිල් පැහැති රවුමකින් පෙනවන අතර Instagram stories පෙරපරිදිම එහි වර්ණයෙන් පෙන්නුම් කරනු ඇත. නමුත් Facebookහි සිටින, Instagramහි තමන්ව follow කරන අයට මෙම stories දර්ශනය කිරීම සිදු නොවේ.එමෙන්ම අදාල stories සියල්ලටම Instagramහි views සහ replies පවා ඒ ආකාරයටම ලබා දීම සිදු කර ඇත. මේ පහසුකම ලබා දීමට හේතුව වී ඇත්තේ, Facebookහි වැඩියෙන් සක්‍රීය පරිශීලකයන්ට තම stories පහසුවෙන් හා ඉක්මනින් එකවර Instagram වෙත පලකිරීමට අවස්ථාව ලබා දීමටයි.]මේ පිළිබඳව මුලින්ම ප්‍රකාහ කිරීම සිදු කර ඇත්තේ Twitter පරිශීලකයෙකු වන Matt Navarra විසිනි. ඔහු විසින් Facebook ආයතනයේ ප්‍රකාශකවරයෙකු වන Alexandru Voicaගෙන් මේ පිළිබඳව විමසා සිටීමෙන් අනතුරුඅව එහි තහවුරු කිරීම පහත පරිදි තම Twitter ගිණුමේ සටහන් කර ඇත. Matt Navarra යනු ලොව ප්‍රසිද්ධ Social Media Consultant වරයෙකු වන අතර මීට පෙර The Next web හි සේවය කල අයෙක්ද වනවා.CONFIRMED... by Facebook Comms rep:pic.twitter.com/MWSEcqp3hv— Matt Navarra (@MattNavarra)September 4, 2020එහිදී Voica විසින් ලබා දුන් පිලිතුර පහත පරිදි දැක්වේ.“We’re testing a new feature that gives people the option to view stories from Instagram on Facebook, making it easier to view moments from people you care about, regardless of what app you’re using. To see Instagram Stories on Facebook, people must have their accounts linked and opt into the experience,”'මෙම පහසුකම ඔබට අවශ්‍ය නම් පමණක් භාවිතා කල හැකි අතර, මෙය භාවිතා කිරීමට අකමැත්තක් දක්වන අයට මෙය න්හාවිතා කිරීමෙන් වැලකී සිටිය හැකිය. Facebook විසින් තවමත් මෙම පහසුකම සම්බන්ධව testing කරමින් සිටින අතර, නුදුරු සති කිහිපයක් තුලදී අපට මෙම පහසුකම අත්විදීමේ හැකියාව ලැබෙනු ඇත.Sources:9t05mac&The Verge |
ලොව මිල අධිකම, උඩුගුවනේ නිහඬ මාරකයා F35 | ඇමෙරිකාවේ Lockheed Martin සමාගම විසින් නිශ්පාදනය කරන මෙම F-35 ප්‍රහාරක යානය සැලකෙන්නෙ ලොව 'වඩාත් මිල අධිකම' ප්‍රහාරක යානය ලෙසයි. තනි එන්ජිමක් සහ තනි නියමු කුටියක් ඇති මෙම F35 stealth multirole combat aircraft එකක් ලෙසත් සැලකෙනවා. එහි අදහස වන්නේ F35 යනු ලොව ඕනෑම කාලගුණ තත්වයක් යටතේ ඕනෑම මෙහෙයුමක් සඳහා ලොව ඕනෑම තැනක සිට ඉතාමත් හොඳින් හැසිරවිය හැකි Fighter jet එකක් වන බවයි.F35 යානයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 80 වගේ වන අතර එවැනි ඉහළ අගයක් ගැනීම නිසාම මෙය ලොව වඩාත් මිල අදිකම Fighter Jet එක ලෙස සලකනු ලබනවා. F-35 යානය එක් මෙහෙයුමක් සඳහා වැය කරන මුදල් ප්‍රමාණය කෙතෙක් ඉහල අගයක් ගන්නවාද කිවහොත් එක් පියාසැරි වාරයක් සඳහා US ඩොලර් 33,000 ත් 37,000ත් අතර ප්‍රමානයක් වැයවෙනවා.අනිත් විශේෂතම කාරණය තමයි මේක SVTOL (short take-off and vertical landing aircraft) ගනයට අයත් වෙන පස්වන පරම්පරාවෙ Fighter jet එකක් වීමයි.මේ Vtols ගැන අපි කලින් ලිපියකින් විස්තර කරා.ඇමරිකාවේ Lockheed Martin සමාගම විසින් නිෂ්පාදනය කරන ලද X35 කීයන prototype එකේ වැඩිදියුණු කරණ ලද නිෂ්පාදනයක් ලෙසයි මෙම යානය එළිදකින්නේ. මෙම F-35 යානාවන්හි මාදිලි කිහිපයක් තිබෙනවා. F-35A (USAF) United States Air Force / F-35B (USMC) united states marine corps / F-35C (USN) United States Navyමෙම යානයේ තිබෙන රහස්‍ය බව සුරක්ෂිත බව හා ආරක්ෂිත බව නිසාම නිෂ්පාදිත රටවන ඇමරිකාවට අමතරව Israel, Australia, Belgium, Denmark, Italy ඇතුළු තවත් රටවල් නමයක් විසින් මෙම යානා මිලදිගෙන තම ගුවනේ ආරක්ෂාව සඳහා මෙම යානා යොදවා තිබෙනවා.මෙහි Empty weight එක13,290ක් වන අතර සම්පූර්ණ ලෝඩ් කළ පසු 29,990kg පමණවේ ඒ අනුව මෙයට 29,990kg පමණ බරක් රැගෙන උඩුගුවනට නැග Mach 1.6 පමණ වේගයකින් සතුරාවෙත පියාසර කලහැක.උඩ කී එවට අමතරව මෙයට 8160kg පමණ අවි ආයුධ රැගෙන යා හැක ඒවාට....AIM-120 AMRAAMAIM-9X "Sidewinder" Short Range Air-to-Air MissileGBU-31 Joint Direct Attack Munitions (JDAM) Guided BombsLaser-Guided BombsInternal 25 mm GAU-22/A Cannon යන ඒවා ඇතුලත් වේ.මෙයට 8278 kg පමන Fuel Capacity එකක් ඇතුලත් වන අතර මෙමගින් කිසිදු නැවත ඉන්දන පිරවීමකින් තොරව 2,200km පමණ ගමන් කළ හැක.එවගේම මෙහි Engine එක වන Pratt & Whitney F135-PW-100 යන Engine එකට After burner එක නැතුව 25,000 lbක Thrust එකක් නිපදවිය හැකි අතර After burner එකත් සමග රාත්තල් 40,000lb වන උපරිම Thrust එකක් නිපදවිය හැකි අතර. මෙම සියලු බලයන් එක්ව මෙම යානවට 1,960 km/h (Mach 1.6) වේගයක් ලබාදෙන අතර මෙමගින් සතුරා වෙතට විදුලි වේගයෙන් පියාසර කර ඉලක්කය සුනු විසුනු කර නැවත සාර්ථකව සතුරාගෙන් මිදි පලා යාහැක.දැන් අපි මේකෙ ගුවන් නියමුවා පළඳින හෙල්මට් එක ගැන කතා කරමු.මෙම හෙල්මට් එක මගින් නියමුවා Targeting data, aircraft system එක පිලිබඳ සියලු විස්තර හා Aircraft එකෙන් පිටත ලෝකය ගැන සම්පූර්ණ විව් එකක්ද Infrared Camera විව් එක සහා Night Vision Camera විව් එකද නියමුවාට ඩිස්ප්ලේ කරයි. මෙහි තවත් සුවිශේෂී Feature එක තමා X-Ray විශන් කියන එක. මෙමගින් නියමුවා යානයේ ගමන් කරමින් සිටින විට ඔබට යානය හරහා විනිවිද දැකිය හැක.X-Ray කිව්වට මෙතන තියෙන්නෙ ඇත්තම X-Ray වීමක් නොවෙයි. මේක වැඩ කරන්නෙ යානයේ බඳට සම්බන්ද වෙලා ඇති අධිතාක්ශනික කැමරා හයක් මගින් ලබා දෙන ඩේට ප්‍රොසෙස් කිරීමකිනුයි. (හරියට ගූගල් ස්ට්‍රීට් විව් එක වගේ) මේ සියල්ල එක්ක මෙම එක හෙල්මට් එකක ගාන 400,000$ ක් වෙනවා. ගාන වගේම මේකෙ තියෙන වැඩත් වැඩියි කියලා දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ.මේම versatile, super stealthy යානයේ Life time Cost එක USD 1.6 Trillion පමණ වෙනවා. ඉතින් මේ සියල්ල එක්ක කිසිම සැකයක් නැතුව කියන්ඩ පුළුවන් මේක තමා මිනිස් ඉතිහාසය තුල මෙතෙක් සාදනු ලැබු මිල අධිකම weapon system එක සහ stealthy බව වැඩිම ෆයිටර් ජෙට් එක කියලා. |
Instagram පරිශීලකයන්ගේ face data අවසරයකින් තොරව භාවිතා කිරීම හේතුවෙන් Facebook සමාගමට ඩොලර් බිලියන 100 දඩයක් පැනවෙන ලකුණු | Facebook සමාගම යනු එදා පටන්ම තම පරිශීලකයන්ගේ දත්ත තම ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කරන ආයතනයක් බව නොරහසකි. ඒ පිලිබඳව අප විසින් මීට පෙරදීද ඔබ වෙත ලිපි කිහිපයක් ගෙන ආ අතර නැවත වතාවක් මෙඅම සමාජ ජාල දැවැන්තයා තම අනුබද්ධිත සේවාවක් වන Instagramහි පරිශීලකයන්ගේ පෞද්ගලික ජීවදත්ත රැගත් biometric security data අවසරයකින් තොරව භාවිතා කිරීමේ වරදට හසුවී ඇත.Kelly Whalen නම් Illinoisහි වෙසෙන කතක් විසින් මෙම පැමිණිල්ල කැලිෆෝනියා ප්‍රාන්තයේ රෙඩ්වුඩ් නගරයේ අධිකරණයේ ගොණු කර ඇති අතර එහි සඳහන්ව ඇත්තේ Facebook සමාගම විසින් මිලියන 100කට අධික Instagram පරිශීලකයන්ගේ ජීවදත්ත එකතු කිරීම, ගබඩා කරගැනීම සහ ඒවා ලාභ ඉපයීම සඳහා අවසර්යකින් තොරව භාවිතා කර ඇති බවයි. මෙම ජීව දත්ත අතරට ඇඟිලි සලකුණු පමණක් නොව පරිශීලකයන්ගේ facial data පවා ඇතුලත් වී තිබෙනව.මෙය සම්බන්ධයෙන් Facebook සමාගමේ පාර්ශවයෙන් Stephanie Otway විසින් ඊමේල් පණිවුඩයක් හරහා ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් Instagram හරහා මුහුණු හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් සිදු නොකරන බවත් මෙය පදනම් විරහිත් චෝදනාවක් බවත්ය. එමෙන්ම Instagram privacy policy එකේ සඳහන් වන ආකාරයට ඔවුන් යම් හෙයකින් facial recognition තාක්ෂණය Instagram වෙත හඳුන්වා දෙනු ලැබුවහොත් එය පිළිබඳව පරිශීකයන් දැනුවත් කර සිටිනවා.“If we introduce face-recognition technology to your Instagram experience, we will let you know first, and you will have control over whether we use this technology for you.”Facebook සමාගමට එරෙහිව ගොනුවී ඇති නඩුවට අනුව ඔවුන් විසින් face tagging සඳහා යොදා ගන්නා tool එකෙන් නිර්මාණය කරගන්නා face template වලට Instagram දත්ත භාවිතා කර ඇති අතර එම දත්ත පසු කාලීන භාවිතාව සඳහා Facebook servers වල ගබඩාකරගෙන ඇත. එමෙන්ම මෙම face-tagging tool එකක් Instagram පරිශීලකයන්ගේ අවසරයකින් තොරව ක්‍රියාත්මක වී ඇත.“Once Facebook captures its Instagram users’ protected biometrics, it uses them to bolster its facial recognition abilities across all of its products, including the Facebook application, and shares this information among various entities,”, ලෙස නඩුවේ සඳහන් වේදැක්වෙන වාර්තා වලට අනුව Illinoisහි privacy law එකට අනුව එය කඩ කිරීම වෙනුවෙන් Facebook සමාගමට ඩොලර් බිලියන ගණනක දඩ මුදලක් ගෙවීමට සිදුවනු ඇත. වාර්ථාවලට අනුව පලවන නිල නොලත් මත වල සඳහන් වන්නේ මේ සඳහා Facebook සමාගමට ඇමරිකානු ඩොලර් 100,000,000,000ක හෙවත් ඩොලර් බිලියන 100ක මුදලක් ගෙවීමට සිදුවන බවයි.Sources:Bloomberg,Beebom |
ඇමරිකානු ඩොලර් 399කට Moto G Stylus 5G දුරකතනය එලි දැක්වීමට Motorola සමාගම කටයුතු කරයි | Motorola සමාගමේ පළමු 5G Budget Smartphone එක වෙන Moto G Stylus 5G පසුගිය දිනක දි එළිදැක්වනු ලැබුවා. මේ Budget 5G Smartphone එක Qualcomm Snapdragon 480 5G Chipset එක මගින් බලගැන්වෙනවා. මෙය හදුන්වා දි තිබෙන්නේ ඩොලර් 399ක පමණ මිලකටයි.Cameraඅගල් 6.8ක FHD+ Max Vision Hole punch Display එකකින් යුතු මෙහි Selfie Camera එක Device එකේ වම්පසට ඇතුළත් කර ඇති අතර එය 16MP resolution එකකින් යුතු වෙනවා. 48MP Primary Camera Lens එකක් සහිත Quad Camera Setup එකක් මේ Smartphone එක ලැබී තිබෙන අතර 8MP Ultra wide angle Camera, 2MP Depth Camera එකක් හා 5MP Macro Sensor එකක් ලබා දි තිබෙනවා. මේ Device එකත් සමග Spot Colour Photo Feature එක හා Dual Capture Feature ද ලබා දි තිබෙනවා.Memory සහ Batteryමෙය 6GB RAM එකකින් හා 256GB Internal Storage එකකින් සමන්විත වෙන අතරම MicroSD Card මගින් 1TB දක්වා Internal Storage එක වැඩි කර ගත හැකි වෙනවා. ඒ වගේම මේ සදහා Back Side Fingerprints Scanner එකක් ලබා දි තිබෙනවා. 10W Fast Charging සදහා Support කරන මේ Moto G Stylus 5G Smartphone එක සදහා 5000mAh Battery එකක් ලබා දි තිබෙනවා.අනෙකුත් විශේෂාංගBluetooth 5.1, FM Radio, Audio Jack, මීට අමතරව Stylus Pen පහසුකම් ලබා දි තිබෙන අතර මෙය Android 11 මත පදනම් වු Motorola MY UX එක මගින් සමන්විත වෙනවා වගේම ThinkShield For Mobile මගින් Business Grade Security එකක් ලබා දිමට මේ Device එකට හැකි වෙලා තියෙනවා.සුවිශේෂී අංගයක් වුවත්...මේ Device එකේ විශේෂම දේ වෙන්නේ Stylus Pen Support කිරිමයි. නමුත් මේ වෙන විටLG සමාගම ද Smartphone නිෂ්පාදනයෙන් ඉවත් විසිටින බැවින් Stylus Series එකේ Smartphone සදහා දැනට පවතින එකම විකල්පය වෙන්නේ Samsung Flagship Devices කිහිපයකුයි.මේ Moto G Stylus 5G Budget Smartphone එක මගින් Stylus Smartphone සදහා සාර්ථක විසදුමක් ලබා දෙනු ඇත.Source:Motorola,Gizmochina |
Mobile Signal Jammer එකක් කියන්නේ මොකක්ද? කොහොමද මේකෙන් බේරෙන්නේ? | මොකක්ද මේ Jammed (ජෑම්) කරනවා කියන්නෙනූතන පරම්පරාවනම් මේක ගැන හොඳටම දන්නවා ඇති නමුත් මෙක ගැන නොදන්න අයත් ඇතිනෙ එ අයටත් තේරෙන විදිහට මම මේක ඉතාමත් සරලව කෙටියෙන් කියන්නම්.මේ ජෑම් කරනවා කියන්නෙ ඔයාලා හිතන ජෑම් නෙමෙyi, මේක ඇවිල්ලා හිතාමතාම Radiofrequecys වලට බාධා පැමිණිවීම හෝ හෝ විකෘති කිරීමට භාවිතා කරන පොදු නමයි. ඒ කියන්නෙ ඔයාගෙ ඩිවයිස් එකයි ඔයාගේ ඩිවයිස් එකට අවශය කරන සංඥා නිකුත් කරන ටවර් එක අතර ඇති සම්බන්ධතාවය අවහිර කර දැමීමයි.Mobile Signal Jammer එකක් කියන්නෙ මොකක්ද, වැඩ කරන්නෙ කොහොමද?සරලවම කිව්වොත් මේ Mobile signal jammer කියන්නෙ, ජංගම දුරකථන සිග්නල් අවහිර කරන උපකරණයක්. මේකට Bluetooth,Wifi හෝ Service Provider මගින් නිකුත් කරන Signal වැනි ඕනෑම ආකාරයක සිග්නල් එකක් අවහිර කරන්ඩ පුළුවන්. මේක තීරණය වෙන්නෙ මේ Mobile Signal jam කරන පුද්ගලයා හෝ ආයතනය මත. දැන් ඔයාලට තෙරෙනවා ඇතිනෙ මේක සංඥා සම්ප්‍රේෂණය කරන උපකරණ වල සන්නිවේදන හැකියාව කඩාකප්පල් කරන උපකරණයක් කියලා.මේවා සාමන්‍යයෙන් භාවිතා කරන්නෙ මොන වගෙ අවස්ථාවලද?මේවා සාමන්‍යයෙන් බොහෝ දුරට භාවිතා වෙන්නෙ ජනපතිවරු හෝ අගමැතිවරු හො වෙනත් විශේෂිත පුද්ගලයන් සහභාගී වෙන උත්සව අවස්ථාවලදී හා මහමග ගමන් කරන අවස්ථාවලදි.උදාහරණ විදිහට ඇමෙරිකානු ජනපති,රුසියානු ජනපති,චීන ජනපති වගෙ ලෝක ප්‍රභලයන් මහමාර්ගයෙ ගමන් ගන්න අවස්තාවල යම්කිසි ප්‍රදේශයකට බලපැවැත්වෙන පරිදි මේවා භාවිතා වෙනවා.මොන Frequency යටතේද මේ Cell phone Jammer වැඩ කරන්නෙ?මේවා සාමානයෙන් වැඩ කරන්නෙ. ඔයාගෙ Mobile operatesලා විසින් පාවිච්චි කරන Frequency එකට සමන වන 900MHz - 1800MHz යන Frequency යටතෙ. හැබැයි මේ Frequencys valid වන්නෙ Asia හා Europe වලට විතරයි. ඇමෙරිකාවෙදි මේ වෙනුවට භාවිතා වන්නෙ 1.9GHz.මෙ යට ටික මෙ මාතෲකාවටනම් අදාල නැහැ නමුත් ඔයාලගෙ වැඩි දුර දැනුම වෙනුවෙන් මේකත් ඔලුවට දාගන්ඩ.සාමනයෙන් අපි බලන TV වල භාවිතා වන Frequency එක වන්නෙ 30MHz-300MHz.FM Radio වලට භාවිතා වන්නෙ 88MHz-108 MHz යන Frequencies එක.Walkie talkie වලට භාවිතා වන්නෙ 462.5625 MHz - 462.7250 MHz යන Frequencies එක.Bluetooth වලදි භාවිතා වන්නෙ 2.4GHz - 5GHz යන Frequencies එක.Wifi වලදිත් භාවිතා වන්නෙ Bluetooth වගේම 4 GHz - 5 GHz. කියන එකය්.Drone camera වලදි 2.400–2.483 GHz සහා 5.725–5.825GHz යන Frequencies ටිකය් තමා Commonly භාවිතා වන්නෙ.Mobile Signal සඳහා මොන Frequencies ද භාවිතා වන්නෙසමාන්යයෙන් Mobile phone සඳහා භාවිතා වන්නෙ 450MHz සහා 2700 MHz අතර යන Frequencys තමා.මේ අනුව,2G සඳහා (900MHz සහා 1800MHz) යන එවාත්.3G සඳහා (900MHz සහා 2100MHz) යන එවාත්.4G සඳහා (800MHz සහා 1800MHz සහා 2600MHz) යන ඒවාත් භාවිතා වේ.Mobile Signal Jam කරන්න අවශ්‍ය කරන පුද්ගලයා හෝ අයතනයට උවමනා පරිදි 2G ද 3G ද 4G ද නැත්තන් සියල්ලමද යන එක තිරණය කර වෙන වෙනම Jam කළ හැකියි.මේකෙන් බේරෙන්නෙ කොහොමද?මෙකෙන් කවර් කරන රේන්ජ් එකෙනම් ඔයා ඉන්නෙ මේකෙන් බේරෙන එක ටිකක් අමාරු වැඩක්. හැබැය් අමාරුයි කිව්වට බැරි නැහැ. අපි බලමු එහෙනම් කොහොමද ඒක කරන්නෙ කියලා.සාමාන්‍යයෙන් මේකක් වැඩ කරන්නෙ අඩකවයක හැඩේට. එකියන්නෙ ඔයා මේ අඩකවෙ විහිදෙන උස ප්‍රමාණෙන් උඩට ගියොත් ඔයාට මේ Jam කිරීම අදාල වන්නෙ නැහැ. ඒ වගේම මේ Jam කරන Device එක මගින් කවර් කරන Distance එකෙන් එලියට ගියාමත් ඔයාට මේකෙන් මිදෙන්ඩ පුළුවන්.Jammer එකක Range එක කොච්චරක් වෙනවද?කුඩා පරිමාණයේ ඩිවයිස් එකක්නම් අඩි 30ක් හෝ මිටර 9ක් හා ඉතාමත් නවීන මිලෙන් අධික එකක්නම් කිලොමීටර් 1.5ක් හෝ ඊට වඩා වැඩි දුරක Range එකක් කවර් කළ හැකියි. ඔයාට මේ කියන රේන්ජ් එකෙන් පිටතට ගොස් සාමනය පරිදි ඔයාගෙ ඩිවයිස් එක පාවිච්චි කළ හැකියි. හැබැයි මෙතනදි ජෑමරේ තියෙන්නෙ Wifi router එන ඒරියල් එක වගේ එකක්නම් මේ කූරට එහෙමත් නැති නම් (omnidirectional antena) එකක්නම් මේකට වැඩි දුරකට ඔයාලගෙ සිග්නල් බ්ලොක් කරන් ඉන්න බැහැ. හැබැයි මේවා කිහිපයක් තැනින් තැන සවි කරලා ඇත්නම් අන්න එතකොට වැඩේ ටිකක් අමාරු කරනවා.අනිත් කාරණනේ නම්, මේ වගෙ තැනක Signal jam කරා හෝ නැතා හෝ ඉබේම Signal jam වේන්ඩ පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා හිතන්න එකම service providerගෙ network එකට එක පාර ඩිවයිස් 10,000ක් විතර එකම වෙලාවෙ ටවර් එකට කනෙක්ට් වෙන්ඩ උත්සහා කරා කියලා එතකොට ඉබේම මේ ටවර් Network traffic එක ඔවර්ලෝඩ් වෙලා ටවර් වල ක්‍රියා වලිය අඩපණ් වෙන්ඩ පුළුවන්. මොකද මේ එක ටවර් එකක සාමාන්‍ය ධාරිතාව 1000කට වැඩි 3000කට අඩු ධාරිතාවක්. එතකොට මෙ වගෙ කිහිප ගුනයකින් වැඩි ධාරිතාවක් ටවර් එකකට කනෙක්ට් වෙන්න ට්‍රයි කරද්දි කොහොම ඇතිද කියලා ඔයාලා හිතාගන්ඩකො.මේක නන් මට ආපු පොඩි අයිඩියා එකක්. කවුරුහරි වැඩ්ඩෙක් ඉන්නවානම් ටිකක් Powerful EMP (Electromagnetic pulse) Device එකක් අරගෙන ගිහිල්ලා මේ Jammer එක හයි කරලා තියෙන ස්තානයට එල්ල කර On කරන්ඩ. සමහරවිට එකෙන් මෙ Jammer ඩිවයිස් එක සුළු කාලයකට හෝ යම් කිසි කාලයක් පුරාවට අක්‍රිය කර තැබිය හැකියි. එවගේම මේක කඳුලු ගෑස් එල්ල කරන වතුර ප්‍රහාර එල්ල කරන වාහන වල ක්‍රියාවලිය අඩපණ කරන්නත් භාවිතා කරන්ඩ පුළුවන්. හැබැයි ඉතින් මේවා ශ්‍රී ලංකාවේ වාහන වලට නම් හරියටම වැඩකරයිද කියලනම් කියන්න අමාරුයි, මොකද අපි තාමත් පාවිච්චි කරන්නෙ 1950 Technology එකනෙ. ඒක නිසා මේවා ඔක්කොම ඇනලොග් වෙන්නත් බැරි නැහැ. ඇනලොග් නම් ඉතින් මොන EMP ගැහුවත් වැඩක් නෑනෙ. 🤣🤣 |
මෑත කාලයේ ලොව සිදුවූ "දැවැන්තම" Hacker ප්‍රහාරය, SolarWinds ප්‍රහාරය ගැන දැනගනිමු | පසුගිය වසරේ දෙසැම්බරයේ සිටම බටහිර මාධ්‍ය වල ප්රවෘත්ති මවන ලද අති දැවැන්ත හැකර් ප්‍රහාරයක් ගැන බොහෝ විට මේ වන විට ඔබ අසා ඇති. එය SolarWinds Attack ලෙසින් හැඳින්වී ය. අද මාගේ උත්සාහයAndroid වැඩකාරයෝසහෘද පාඨක පිරිස වෙත සරලව සිංහලෙන් මෙම හැකර් ප්‍රහාරයේ තතු ගෙන ඒම යි.SolarWinds යනු කුමක්ද?නවීන තාක්ෂණික ලෝකයේ සියළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තොරතුරු තාක්ෂණය මත රඳා පවතී. එනම්, එම ආයතන පරිගණක හා සෘජුවම බැඳී පවතී. මෙම පරිගණක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා පරිගණක ජාල භාවිතා වේ. Computer Networks ලෙස හැඳින්වෙන්නේ මේවා ය. එමෙන්ම, ඔබ අප දිනපතා භාවිතා කරන අන්තර්ජාලය හරහා ඉහත කී බොහෝ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ වී පවතී.මෙලෙස ජාලගත කර ඇති පරිගණක පද්ධති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න පරීක්ෂා කිරීමට සහ නඩත්තු කිරීමට විශාල පරිශ්‍රමයක් දැරිය යුතු වේ. මෙම අසීරු කාර්යය සරල කිරීම සඳහා භාවිතා වන මෘදුකාංග හා සේවා සපයන ප්රමුඛ පෙලේ ඇමරිකානු ආයතනයක් ලෙස SolarWinds හඳුන්වා දිය හැක. SolarWinds යනු එම ආයතනයේ නාමය යි.මෙම ආයතනය විසින් ඇමරිකානු ආණ්ඩුවේ ප්රමුඛ පෙලේ රාජ්‍ය ආයතන රැසකට මෙන්ම රාජ්‍ය නොවන ආයතන විශාල ප්‍රමාණයකට තොරතුරු තාක්ෂණ සහ ජාලගත සේවා සපයන ලදි. හැකර් වරුන්ගේ ඉලක්කය වූයේ මෙම SolarWinds ආයතනයයි. මෙම ආයතනයට ප්‍රහාරයක් එල්ල කළහොත්, ඇමරිකානු ආයතන රැසක දත්ත තමන් යටතට ගත හැකි බව හැකර් වරුන් දැන සිටින ලදි.ප්‍රහාරය සිදු වූ ආකාරයමෙම හැකර් ප්‍රහාරය කෙතරම් දක්ෂ ලෙස දියත් කර තිබුණේද යත්, ප්‍රහාරය සිදුවී මාස නවයක් හෝ දහයක් ගතවන තුරු ත් තමන් හැක් වී ඇති බව වත් අදාළ ආයතන වලට දැනගැනීමට නොලැබුණි.ප්‍රහාරය සිදුවී මාස ගණනකට පසුව FireEye නම් Cyber Security සේවා සපයන ආයතනයක් ඔවුන් හැක් වී ඇති බව දැනගන්නා ලදි. ප්‍රහාරයේ සුල මුළ සොයා ගිය අදාළ ආයතනයට මෙය ඔවුන් වෙත එල්ල වූ තනි ප්‍රහාරයක් නොව, SolarWinds ආයතනය හරහා ඇමරිකානු ආයතන රැසකට එල්ල වූ මහා ප්‍රහාරයක් බව අනාවරණය කරගන්නා ලදි.ප්‍රහාරය සිදු වී ඇති ආකාරය ගැන විදෙස් මාධ්‍ය වල මෙලෙස විස්තර කර ඇත.2020 වසරේ මුල දී හැකර් වරුන් SolarWinds ආයතනයේ පරිගණක පද්ධති වලට ඇතුළු වී ඇත. ඉන්පසුව, ඔවුන්ගේ මෘදුකාංග පද්ධතියකට ඔවුන්ගේ හානිදායක කේතයක් ඇතුළු කර ඇත. මෙම මෘදුකාංග පද්ධතිය SolarWinds ආයතනය විසින් හඳුන්වා ඇත්තේ Orion යන නමිනි. 33,000කට අධික ආයතන රැසක් මෙම Orion නම් මෘදුකාංග පද්ධතිය SolarWinds සමාඟමෙන් ලබාගෙන ස්ථාපනය කරගෙන තිබුණි.ඕනෑම මෘදුකාංග සේවා සපයන ආයතනයක් සාමාන්‍යයෙන් ඔවුන්ගේ පාරිභෝගිකයන් වෙත යාවත්කාලීන කිරීම් නොහොත් Updates ලබාදෙනු ලබයි. ඔබගේ දුරකථනයේ ඇති Apps සදහා Play Store හරහා updates ලැබෙන්නාක් මෙන්, පරිගණකය සඳහා Windows updates ලැබෙන්නාක් මෙන් මෙය ඉතා සාමාන්‍ය සිදුවීමකි. SolarWinds ආයතනය ද ඔවුන්ගේ මෘදුකාංග මිළදීගෙන පරිහරණය කළ අය වෙත Updates ලබා දීම සිදු කරන ලදි.මාර්තු මාසයේ මුළ දී SolarWinds ආයතනය ඔවුන්ගේ මෘදුකාංග සඳහා මෙසේ යාවත්කාලීන කිරීමක් සිදු කරන ලදි. මෙම Update එකත් සමඟ, හැකර් වරුන් විසින් ඇතුළත් කළ හානිදායක කේතයත් සැඟවී පැමිණ එම මෘදුකාංග Update එක සිදු කළ අයගේ පරිගණක පද්ධති වෙත ඇතුළු විය. Software Update එකක් සමඟ හානිදායක කේතයක් තමන්ගේ පරිගණක වෙත පැමිණේවි යැයි එම පාරිභෝගික පිරිස කිසිදා නොසිතන්නට ඇත.අදාළ කේතය ස්ථාපනය වූ පරිගණක වෙත හැකර් වරුන්ට ඇතුළු වීමේ මාර්ග විවෘත වූ අතර එම මාර්ග හරහා ඒවාට ඇතුළු වූ හැකර් වරුන් තව තවත් හානිකර මෘදුකාංග ඒවායේ ස්ථාපනය කරමින් ඔවුන්ට අවශ්‍ය දත්ත සොරකම් කරන ලදි. එමෙන්ම එම දත්ත තමන්ට අවැසි ලෙස වෙනස්කම් වලට ලක් කරන ලදි. මෙසේ, මාස ගණනාවක් තිස්සේ රිසි සේ ඔවුන්ට අදාළ පද්ධති සඳහා පිවිසීමට ඉඩ ලැබුණි.ප්‍රහාරයට ගොදුරු වූවන්SolarWinds ආයතනය මඟින් ලබාගත් Orion පරිගණක පද්ධතිය පරිහරණය කළ 33,000කට අධික පිරිසෙන් 18,000 ක් පමණ දෙනා අදාළ හානිදායක කේතය සමඟ එවන ලද Update එක ස්ථාපනය කරගෙන තිබුණි. එම සියළු දෙනා හැකර් වරුන් වෙත නිරාවරණය විය.මෙම පිරිස අතර ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක් ද විය.පෙන්ටගනයේ කොටස්, Homeland Security දෙපාර්තමේන්තුව, State Department, Department of Energy, the National Nuclear Security Administration (බලශක්ති සහ න්‍යෂ්ටික ආරක්ෂක අධිකාරිය), රාජ්‍ය භාණ්ඩාගාරය යන ප්‍රධාන රාජ්‍ය ආයතන හැකර් වරුන්ගේ ගොදුරු බවට පත් වූ රාජ්‍ය ආයතන ලෙස හඳුනාගෙන ඇත. ප්‍රහාරයේ බරපතළ කම මෙම ආයතන දෙස බැලීමෙන් පමණක් වටහාගත හැක.Microsoft, Cisco, Intel හා Deloitte නම් පෞද්ගලික ආයතන ද මෙම ප්‍රහාරයේ බලපෑමට ලක් විය. එමෙන්ම කැල්ෆෝනියා හි රාජ්‍යය රෝහල් ද, Kent රාජ්‍ය විශ්වවිද්‍යාලය ද අදාළ ප්‍රහාරයේ ගොදුරු ය.කලින් අප සාකච්ඡා කළ පරිදි, ප්‍රහාරය සිදු වී මාස ගණනාවක් ගත වන තුරුත් තමන් හැක් වූවාදැයි හෝ නොදැන අදාළ ආයතන සාමාන්‍ය පරිදි ඔවුන්ගේ දෛනික කාර්යයන් හි නිරතව සිට ඇත.වගකිවයුතු පාර්ශවසාමාන්යයෙන් ඇමරිකානු රජය මෙවැනි ප්‍රහාරයකදී චෝදනා කරන රටවල් දෙකක් ඇත. එකක් නම් චීනයයි. අනෙක් රට රුසියාවයි. ඇමරිකාව මෙම ප්‍රහාරය සඳහා චෝදනා කරන්නේ රුසියානු ජාත්‍යන්තර බුද්ධි සේවයට යි. එම ආයතනයට මින් පෙරද ඇමරිකාවේ ධවල මන්දිරය සහ තවත් රාජ්‍ය ආයතන කීපයක් හැක් කිරීම ගැන චෝදනා එල්ල විය.රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, එකල ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයටද මේ සඳහා චෝදනා එල්ල කරන ලදි. කෙසේ නමුත් නව ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ මෙය රුසියානු හැකර් පිරිසක් විසින් සිදුකර ඇති බවයි. Microsoft ආයතනය මෙන්ම අදාල ප්‍රහාරය නිරාවරණය කරගත් FireEye ආයතනය ද මෙම ප්‍රහාරය සඳහා වගකිව යුතු වන්නේ රුසියාව බව ඔවුන් සිදු කළ පරීක්ෂණ වලින් පසුව පවසා ඇත.බලපෑමමෙම ප්‍රහාරය නිසා අනතුරට බඳුන් වූ පරිගණක පද්ධති යථා තත්වයට ගැනීමට වසර ගණනාවක් ගත වනු ඇති බවත් විශාල පිරිවැයක් ඒ සඳහා වැය විය හැකි බවත් පරිගණක විශේෂඥයින් පවසා ඇත.එමෙන්ම, අදාළ හැකර් වරුන්ගේ බලපෑම තවමත් නැවතී නැත. ඔවුන් මේ මාසයේ දීත් ඊමේල් හරහා වයිරසයක් එවමින් තවත් සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇත. එයද ඉතා සූක්ෂම ආකාරයේ ප්රහාරයකි.මෙම ප්‍රහාරය හේතුවෙන් පරිගණක පද්ධති වල ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බව බොහෝ ආයතන වලට වැටහී යන ලදි. ඒ අනුව, තව තවත් පරිගණක පද්ධති වල ආරක්ෂාව වැඩි කිරීමටත්, නව තාක්ෂණයන් මඟින් තව තවත් ආරක්ෂාව තර කිරීමටත් ලොව වටා ආයතන උත්සුක විය.පසුවදනඇමරිකාවේ පෙන්ටගනය ඇතුළු රාජ්‍යය ආයතන වලටත් මෙසේ බලපෑම් කළ හැකි හැකර් වරුන් සිටිනා ලොවක, ශ්‍රී ලාංකික අපගේ තත්වය කොතැනදැයි ඔබ සිතනවා විය හැක. අවුරුදු 16/17 දරුවන් විසින් හැක් කරනා රාජ්‍යය වෙබ් අඩවි ඇති ලංකාවේ, රහස්‍ය දත්ත ලබා ගැනීම ඔබ දුරකථනයේ මුරපදය යොදා අගුළු හැරීමටත් වඩා පහසුවෙන් මෙම හැකර් වරුන් විසින් සිදු කරනු ඇත. වාසනාවකට, ලංකාව වැනි රටක් හැක් කිරීමෙන් ඔවුන්ට කිසිදු ඵල ප්‍රයෝජනයක් නැත.ඔබ අප ජීවත් වන්නේ අතිශය අනාරක්ෂිත ඩිජිටල් ලොවකයි. අනාගතය තවත් මෙම අනාරක්ෂිත බව වැඩි කරනු ඇත. හැකර් වරුන්ගේ හැකියාවන් හා සමඟම, පරිගණක වල ආරක්ෂාව සඳහා මෘදුකාංග නිපදවන මෘදුකාංග ඉංජිනේරුවන්ගේත් හැකියාවන් වර්ධනය වේවා යැයි පතමින් ලිපිය අවසන් කරමි.මෙම ලිපිය ඔබට ගෙන ඒම සඳහා බොහෝ වෙබ් අඩවි පරිශීලනය කළ අතර ඉන් ප්රමුඛ අඩවි පමණක් පහතින් දක්වා ඇත.Sources:businessinsider.com,reuters.com,nytimes.com |
වැඩි මිලට සබන් මිලදී ගන්නවා වෙනුවට අඩු මුදලට ගෙදරදීම සබන් සාදා ගන්නේ කෙසේද? | ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිසා මේ වන විට හරියට නාගන්න වත් බැරිවෙන විදියට සබන් කැටයක මිල ඉහළ ගිහිල්ලා තියෙනවා.කඩදාසි නැති වෙලේ Digital අවුරුදු ලිතදුන්නා වගේම බොහෝ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න Try කරන Android වැඩකාරයෝ Team එකේ අපි හිතුවා මේ ප්‍රශ්නෙටත් විසඳුමක් ලබා දෙන්න, විසඳුමකටත් වඩා හොඳ Business Idea එකක් කිව්වොත් හරියටම හරි. ස්වයං රැකියාවක් විදියට ගත්තත් බොහොම ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් තමයි මේ සබන් නිෂ්පාදනය හඳුන්වා දෙන්න පුළුවන්.සබන් යනු කුමක්ද?සබන් යනු තෙලක් භස්මයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ලවණයක්. එය ජලයේත් තෙල් වලත් යන දෙකේම දියවීමයි විශේෂත්වය. සබන් වල තත්වය මනින එක් මිනුමක් වන්නේ Total Fatty Matter (TFM) අගයයි.TFM අගයගැන වැඩි විස්තර අපි ඔබට මීට පෙර අරගෙන ආවා.TFM අගය 60% ට අඩු ඒවා තුන් වන ගනයේ ලෙස සැලකෙනවා. TFM අගය පහල යන්නේ වියදම අඩු කර ගැනීම සඳහා ඊට Fillers එකතු කරන නිසා. එය 70% ට වැඩි නම් පළමු ගනයේ සබන් ලෙස සැලකෙනවා. ශාක තෙල් වලට අමතරව සබන් සෑදීමට සත්ව තෙල් ලාභදායී අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනෙනවා.සබන් දීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?පිරිසිදු පොල් තෙල්(කලවම් තෙල් ගන්න එපා,පාම් තෙල් හෝ වෙනත් තෙල් ජාති ගන්නත් එපා)කෝස්ටික් සෝඩා (NaOH)පිරිසිදු වතුරසුවඳ කාරකයක්සබන් අච්චු (සැහැල්ලු ප්ලාස්ටික් භාජනයක්. සබන් පෙට්ටි පියන්, අයිස්ක්‍රීම් යෝගට් කප් වගේ ඒවා)මිශ්‍ර කිරීමට ප්ලාස්ටික් භාජනයක් හා Hand mixer හෝ Beater එකක්සබන් සෑදීමේදි සැලකිලිමත් විය යුතු දේ මොනවාද?මේක හරිම පහසු වැඩක්.හැබැයිමේක හදනකොට පරිස්සම් වෙන්න අවශ්‍ය දේවලුත් තියෙනවා.කෝස්ටික් සෝඩා ප්රබලභෂ්මයක්, අතේ ගාගන්න එපා, අතේ ටිකක් ගෑවුනා කියලා මුකුත් වෙන්නේ නෑ, ගොඩක් ගාගත්තොත් අතේ හම යයි.අතේ ගෑවුනාම අතේ තියෙන තෙල් සබන් බවට පත් වන නිසා සෙවල ගතියක් දැනෙනවා. වතුරෙන් ටික වේලාවක් හේදුවාම ඉවත් වෙලා යනවා. කොහොම වුනත් අතින් අල්ලන්න යන්න එපා.කෝස්ටික් සෝඩා ඇලුමීනියම් සමඟ හොඳින් ප්‍රතික්‍රියා කරන නිසා මේ වැඩේට ඇලුමීනියම් සම්බන්ධ කරගන්නේ නෑ.ඔයාට ඒවගේ ම තමන්ට කැමති ඖෂධ ද්‍රව්‍ය බ්ලෙන්ඩ් කරලා වුණත් මේකට එකතු කරන්නත් පුලුවන්.සබන් හදන්නේ කොහොමද?සබන් කැටයක් මූලිකව,සරලව හා ගුණාත්මකව නිර්මාණය කරගන්නා ආකාරය ගැන තමයි ඔබට අරගෙන එන්නේ. මේකෙ ටිකක් සංකීර්ණ වැඩේ තමයි කෝස්ටික් සෝඩා හරියට කිරා ගන්න එක.ආසන්න ග්‍රෑම් 5 ට වත් සෝඩා ටික කිරාගන්න ඕනෑ. ඒ නිසා දල වශයෙන් සෝඩා ටිකක් මැනගෙන ඉලෙක්ට්‍රොනික් තරාදියෙන් ග්‍රෑම් එකටම මැනගන්න. සෝඩා වාතයේ තියෙන ජල වාශ්ප උරාගෙන දියවෙන නිසා ග්‍රොසරි බෑග් එකක තියෙන්න අරින්න. වතුරයි තෙලුයි චුට්ටක් වැඩි වුනාට ප්‍රශ්නයක් නෑ.සබන් මිශ්‍රණ අනුපාතය-තෙල් ග්‍රෑම් 540සෝඩා ග්‍රෑම් 97වතුර ග්‍රෑම් 242 යිමේ අනුපාතයට හරියටම දාන්න ඒක ගොඩක් වැදගත්.ප්ලාස්ටික් භාජනයකට වතුර ටික දාලා සෝඩා ටික ටික දදා දිය කරගන්න. ටිකක් රත් වෙනවා.තෙල් ටික ප්ලාස්ටික් භාජනයකට දාලා මේ මිශ්‍රනය තෙල් වලට ටික ටික දදා හොඳට බීට් කරන්න. මිශ්‍රනය කහ පාටට හැරෙයි. හදිස්සියක් නැතුව දිගටම හොඳට බීට් කරන්න. ටික වෙලාවක් යනකොට උකු ගතිය වැඩි වෙයි.සුවඳ කාරක දාන්න. පාට ඕනෑ නම් food colouring ටිකකුත් දාන්න. පාට නොදැම්මොත් හැදෙන්නේ කහපාට සබන් නෙවෙයි. කිරි සුදු පාට සබන්.විනාඩි 10ක් විතර බීට් කරලා, අච්චු වලට වක් කරලා වහලා තියන්න.දවසකින් දෙකකින් හයි වෙනවා. ඊට පස්සේ අච්චු වලින් ගලවලා සති දෙකක් පරණ කරන්න ඕනෑ. ඒ කාලය තුලත් ප්‍රතික්‍රියාව දිගටම වෙනවා. ඊට පස්සේ පාවිච්චියට ගන්න පුලුවන්.මේ අනුපාතයන්ට මිශ්‍ර කලාම ලැබෙන්නේ Moisturizing සබන්. ඇඟේ ගාන්න හොඳයි. කඩේ තියෙන සබන් බයෙන් බයෙන් ඇඟේ ගාන්න දැන් අවශ්‍ය නෑ. ගෙදරදිම තමන්ට කැමති විදියට හදාගන්න පුළුවන්.මේ විදිහට අපි අපිට අවශ්‍ය දේවල් නිවසේදීම, රට තුලදීම නිපදවා ගන්න ගත්තොත් බහුජාතික සමාගම් වල න්‍යාය පත්‍ර වලට, ඔවුන්ගේ අධික මිල වලට යට වෙලා තීරන ගන්න ඕනේ නෑ වගේම හැමදේම පිටරටින් එනකන් බලාගෙන ඉන්න ඕනෙත් නෑ.මේ ලිපිය කියවන ඔයාට විද්‍යාව තාක්ෂණය පිළිබඳ ගැටළු තියෙනවා නම් ඒවා විසඳගන්න අපි ඔයාලට Forum එක හදලා තියෙනවා. සෙට් වෙන්න අපේForumඑකටත්.Source:My Business |
වසර 48,500ක් තිස්සේ සයිබීරියානු අයිස් යට සැඟවුනු සොම්බී වෛරසයක් සොයා ගැනීමට ප්‍රංශ විද්‍යාඥයන් පිරිසක් සමත් වේ | වසර 48,500 තිස්සේ සයිබීරියානු හිම ඇතුලත පැවති සොම්බි වෛරස් වර්ග හතක් නැවත පණ ගැන්වීමට විද්‍යාඥයන් පිරිසක් කටයුතු කර තිබෙනවා. මේවා අතරින් ලාබාලතම වෛරසය වසර 27,000 ක් තිස්සෙ සයිබීරියානු අයිස් යට තැන්පත් වෙලා තිබි ඇති අතර පැරණිතම වෛරසය වසර 48,500 ක් තිස්සේ සයිබීරියානු අයිස් මත සැඟවී සිට තිබෙනවා. මෙම අනුව මෙම වෛරසය මෙතෙක් නැවත පණ ගැන්වූ ලොව පැරණිතම වෛරසය බවට වාර්ථා අතරට එක්ව තිබෙනවා.විදේශ ආරංචි මාර්ග සඳහන් කරන අකාරයට එම නැවත පණ ගැන්වූ වෛරස් වර්ග අධි ආරක්ශිත විද්‍යාගාරයක් තුල දැඩි රැකවරණයක් ලබා දෙමින් හා විද්‍යාගාරය අවට ප්‍රදේශය තුල අධි ආරක්ෂිත කලාපයක් බවටත් පත් කරලා තියෙනවා. දිනෙන් දින වැඩි වන ගෝලීය උශ්නත්වයත් සමග අයිස් දියවීමෙන් මෙවැනි විශාල කාලයක් අයිස් තුල සැඟවී තිබුණු මෙවැනි වෛරස් කාරකයින් පෘථිවියෙ බාහිර පරිසරයට මුදා හැරෙමින් පවතිනවා. ඒ වගේම මෙවැනි හේතුන් නිසා මීටත් වඩා ලොව පැරණිතම වෛරසයන් ඉදිරියේදීත් පරිසරයට නිකුත් වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව තමා විද්‍යාඥයන් පවසන්නෙ.දැන් කාටහරි හිතෙන්න පුළුවන් අනාගත යුද්දෙකදි මේවා Bio weapons විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔවු එහෙම වෙන්නත් බැරි නැහැ. හැබැයි ඊටත් වඩා මෙ වෛරසය ගෝලිය උෂ්ණත්වය ඉහල යෑම හමුවේ ඉදිරියෙදි නිකන්ම වාතයට නිකුත් වෙන්න තියෙන වැඩි ඉඩකඩ නිසා ඊට කලින් මේවා හොයාගෙන, නැවත Active කරලා, Test කරලා Anti virus එක හදන්න හා මේවා හැසිරෙන විදිහ හා පැතිරෙන විදිහ පරික්ෂා කරන්න තමයි මෙවැනි ඒවට නැවත පණ දීලා සක්‍රිය කරන්නෙ.මේ කියන Zombie Virus එකෙන් Zombiesලා හැදෙයිද?ඒ වගේම මෙතන විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමා මේ Zombie වෛරස් කියන්නෙ සම්පූර්ණ මැරිලා නැති නමුත් අක්‍රිය මට්ටමෙ තියෙන වෛරස් වලට. කාලෙකට කලින් ක්‍රියාකාරි මට්ටමෙ තිබ්බ මේ වෛරස් කුමන හෝ හේතුවකින් අයිස් මත වැලලි ගියත්, ගෝලිය උෂ්ණත්වය ඉහල යාමත් එක්ක අයිස් දිය වෙලා සක්‍රිය මට්ටමට එනවා.දැන් මම මෙහෙම කිව්වා කියලා ඔයාලා අනවශය බියක් ඇති කර ගන්න එපා. මොකද මේවා අපි TV Series වල movies වල දැක්කා වගෙ Walking dead, Train to busan, World War Z වගෙ එවල තිබුන ආකරයෙ ඇවිදින Zombie හදන වෛරස් නෙමෙයි කියලා තමා දැනට වාර්ථා වන්නෙ. මේවා මොනම හෝ ආකාරයක රෝග කාරක වෛරස් වෙන්න පුලුවන්. ඒත් මේ සොම්බි වයිරස් කියන්න්නෙ අර මම උඩ කිව්වා වගෙ ඇවිදින සොම්බි හැදෙන අපි ෆිල්ම් වල දැකපු ජාතියෙ ඒවා නෙමෙයි කියන එක ආයෙම අවධාරණය කරනවා. හැබැයි මේ වෛරසයන් ඇමීබාවන්ට ආසාදනය වන බවට මේ වෙද්දි තහවුරු වෙලා තියෙනවා.කොහොම නමුත් මේ සොම්බි වෛරසයන් මිනිසුන්ට ආසාධනය වෙනවද නැද්ද යන එකනම් තාම හරියට තහවුරු කරලා නැහැ. ඒ ගැන පිළිගන්න පුළුවන් ආකාරයේ නිසි තොරතුරක් ඉදිරියෙදි ලැබුනොත් Android වැඩකාරයො අපි විසින් ඔයාලව ඒ ගැන අනිවාර්යයෙන්ම දැනුවත් කරන්නම්.Sources:news.yahoo.comwww.bloomberg.comwww.ansa.itwww.sciencealert.comwww.independent.co.ukwww.msn.com |
ඔක්තෝම්බර් 5 නිකුත් වන Windows 11 සංස්කරණයේ Android apps ධාවනය කල නොහැක: Microsoft සමාගම | සියලු දෙනා අතර විශාල කතාබහක් ඇතිකරමින් Microsoft සමාගම2021 වර්ෂයේදි නිල වශයෙන් Windows 11 සංස්කරණයක් නිකුත් කරන බවට නිවේදනයකරනු ලැබුවා. එහිදී Microsoft සමාගම විසින් Windows 11 සදහා ලබා දිමට නියමිතව පවතින ඉතාම වැදගත් Feature එක වෙන්නේAndroid Apps Windows 11 මත ධාවනය කිරීමට ඇති හැකියාවයි.මේ වන විටත් Windows Insider Preview හරහා Windows 11 Beta සංස්කරණය මුදාහැර තිබුනත්, එහිදී ද මෙම Android Apps ධාවනය කිරීමේ හැකියාව ලබා දී නොමැති වෙනවා. ඒ වගේම මේ වෙන විටMicrosoft සමාගම විසින් Windows 11 Stable සංස්කරණය 2021 ඔක්තෝබර් 05 වන දින නිකුත් කරන බවට නිල වශයෙන් නිවේදනයකර තිබෙනවා. නමුත් මේ Windows 11 Stable සංස්කරණය හරහාද ඔබට මෙම Android Apps ධාවනය කිරීමේ හැකියාව නොලැබෙනු ඇත.මේ වනවිටත් Microsoft Store එක තුලට Android Apps එකතු කිරීම සදහා Amazon හා Intel සමාගම් සමග එක්ව කටයුතු කරන බවත් Stable සංස්කරණය නිකුත් කර ඉදිරි මාස කිහිපය තුලදී Windows Insidersලා හට මෙම Android Apps සහිත නව Microsoft Store එක නිකුත් කරන බවත් Microsoft සමාගමේ අළෙවිකරණ සාමාන්‍යාධිකාරී Aaron Woodman මහතා පවසා සිටිනවා.ඒ අනුව ඔබ අප සියලු දෙනාම බලා සිටි මේ Android Apps ධාවනය කිරීමේ හැකියාව 2022 වර්ෂය වන තුරුම Windows 11 සදහා නොලැබෙනු ඇති බව මේ අනුව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.Source:The Verge |
Xiaomi 12 සහ 12 Pro දුරකතන සඳහා Android updates තුනක් සහ වසර 4ක් දක්වා security patches ලබා දෙන බව Xiaomi සමාගම නිවේදනය කරයි | ඔබට මතක ඇති Snapdragon 8 Gen 1 Chipset එක මගින් බලගැන්වෙන ලොව ප්‍රථම Xiaomi ජංගම දුරකථන මාදිලිය ලෙස පසුගිය වසර අවසානයේදී චීනය සදහා Xiaomi 12 Series එක නිකුත් වුවා. මේ Xiaomi 12 Series එකේ Xiaomi 12, Xiaomi 12 Pro සහ Xiaomi 12X Devices Global Market එක සදහා නිකුත් කරනු ලැබුවා.මෙලෙස Global Market එක සදහා Xiaomi 12 Series එක නිකුත් කිරීමත් සමග Xiaomi සමාගම විසින් මේ Series එකේ Xiaomi 12 සහ Xiaomi 12 Pro Devices සදහා වසර තුනක Android OS Updates සහ වසර හතරක Security Patches ලබා දෙන බවට ප්‍රකාශයට පත් කරනු ලැබුවා. කෙසේ වෙතත් Xiaomi සමාගම විසින් Xiaomi 12X Devices එකට Update ලබා දීම හෝ Security Patches ලබා දීම පිළිබඳ කිසිදු තොරතුරක් සටහන් කර නොමැති වෙනවා.We'll offer a 2-year warranty for the#Xiaomi12Series!Furthermore, for the very first time, we'll replace damaged screens free of charge within the first 6 months of purchase.Check out the detailed terms and conditions onhttps://t.co/mj5u1Fh4Fm.#MasterEveryScenepic.twitter.com/kVhmzZLcD2— Xiaomi (@Xiaomi)March 15, 2022ඒ වගේම Xiaomi සමාගම විසින් ඔවුන්ගේ මේ Xiaomi 12 Series එක සදහා වසර දෙකක වගකීම් කාලයක් ලබා දී තිබෙන අතර මාස 06ක කාලයක් සදහා නොමිලේ Screen Repair එකක් ද ලබා ගැනිමේ අවස්ථාව ලබා දී තිබෙනවා. මෙලෙස ලබා දෙනමින් Xiaomi 12 සහ Xiaomi 12 Pro Devices Snapdragons 8 Gen 1 Chipset එක මගින් බලගැන්වෙන අතර Xiaomi 12X Device එක බලගැන්වෙනු ලබන්නේ Qualcomm 870 Chipset එක මගිනුයි.Source:GSMArena |
WhatsApp සඳහා AI-Powered Chat විශේෂාංගයන් දීමට සුදානම් වේ | පසුගියදා පැවති Meta Connect Event එක අතරතුරේදී Meta සමාගමේ CEO මාර්ක් සකර්බර්ග් විසින් Meta සමාගමේ නවතම නිෂ්පාදනයන් සහ කෘතිම බුද්ධිය භාවිතා කොට නිපදවන ලද නව විශේෂාංග කිහිපයක්ද හඳුන්වාදීම සිදු කළා.AI stickersSource: metaපසුගිය මාස කිහිපය තුළ WhatsApp වෙත නව විශේෂාංග රැසක් එකතු වූ අතර එම විශේෂාංග අතරකෘතිම බුද්ධිය භාවිතයෙන් Sticker නිර්මාණය කිරීමේ හැකියාව ඉදිරියේදී ලැබෙන බවඊට පෙරදීම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ පරිදිම එම විශේෂාංගය නිල වශයෙන් ඊයේ WhatsApp වෙත හඳුන්වාදෙනු ලැබුවා.Source: wabetainfo.comඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි Stickers Pannel එක විවෘත කළ පසු එහි Create ලෙසින් Button එකක් දිස්වනවා. එය Click කළ විට ලැබෙන Popup Window එකෙහි ඔබට සෑදීමට අවශ්‍ය Sticker එකෙහි Prompt එකක් ඇතුළත් කළ විට එමඟින් Sticker එකක් හෝ Pack එකක් Generate කර ගත හැකිවනවා.AI chatsSource: meta2023 වසර කෘතිම බුද්ධිය ගැන වැඩියෙන්ම කතා බහට ලක්වූ වර්ෂයක් වූයේදී Chat Based Model එකක් වුණු ChatGPT එළිදැක්වීමත් සමඟිනුයි. ඉන් පසුව Bing AI, Google Bard වැනි වෙනත් Chat Based AI Models එළිදැක්වීම සිදු වූවා. මේ ආකාරයෙන්ම Meta සමාගම විසින් WhatsApp වෙතද මේ අයුරින් ඕනෑම දෙයක් අසා දැනගැනීමට හැකි Chat Based AI Model එකක් Meta AI නමින් එළිදක්වා තිබෙනවා. Mark Zukerberg විසින් වැඩි දුරටත් පවසා ඇත්තේ මෙය ඉදිරියේදී Facebook Messenger සහ Instagram Direct වෙතද ලබා දෙන බවයි.Source: wabetainfo.comPhotorealistic Image GenerationSource: metaතවද Midjourney හි ආකාරයෙන් Generative AI භාවිතයෙන් යම් කිසි Prompt එකක් මෙයට ලබා දී ඊට ගැලපෙන Images Generate කර ගත හැකි වනවා.Meta සමාගම විසින් සඳහන් කරන ආකාරයට මේ AI Tools වෙත ලබා දෙන පණිවිඩ කියවිය හැක්කේ AI Model එකට පමණක් වන අතර ඒවාද සාමාන්‍ය ආකාරයෙන් End to End Encrypt කර තිබෙනවා.කෙසේ වෙතත් මේ Event එක තුළ සිදු කළේ මේවා හඳුන්වාදීමක් පමණක්වන අතර නුදුරේදීම මේ විශේෂාංග Beta පරිශීලකයන් වෙත ලබා දී පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාමාන්‍ය පරිශීලකයන් වෙතද ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිවනවා.ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.Sources:blog.whatsapp.comwabetainfo.com |
PUBG Mobile ආදේශකයක් ලෙස නිපදවූ FAU-G සඳහා Pre-Registration ආරම්භ කිරීමට කටයුතු කරයි | ඔබට මතක ඇති ඉන්දියානු රජය විසින් පසුගිය කාලයේPUBG ඇතුලු චින Apps 117 තහනම්කිරිමට කටයුතු කලා. ඒ වගේමFortnite Game එකද Appstore සහ Playstore තුලින් ඉවත් කිරිමට කටයුතු සිදු වුවා. ඒ nCore Games නම් ඉන්දියානු වීඩියෝ ක්‍රීඩා නිපදවන ආයතනයක් විසින්Fearless And United: Guards හෙවත් FAU-Gනමින් PUBG Mobile විකල්පයක් නිපදවන බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා.පසුගිය කාලයේFAU-G Game එකේ Cinematic Trailer එකද n-Core Gamesහි නිල Twitter ගිණුම හරහා එළිදක්වලා තිබුණා. ඒ වගේම දැන් මේ FAU-G Mobile Game එක සදහා Google Play Store හරහා Pre-registration විමට අවස්ථාව ලබා දි තිබෙනවා.nCore Games හි නිල Twitter ගිණුම ඔස්සේ මේ බව ඔවුන් දන්වා තිබෙනවා.On the auspicious occasion of Gurupurab, we are starting the pre-registrations of FAU-G: Fearless And United Guards.Pre-register and be the first to play the game.#FAUG#BeFearlessPre-registration link:https://t.co/4TXd1F7g7J@VishalGondal@akshaykumar#happygurupurab— nCORE Games (@nCore_games)November 30, 2020මුලදි මේ Game එක නොවැම්බර් මාසයේ දි නිකුත් වනු ඇති බවට තොරතුරු පල වුවාත්, තවත් සති කිහිපයකින් මෙය නිකුත් විම ප්‍රමාද වනු ඇතැයි අපේක්ෂා කරන්න පුළුවන්.තවමත් මේ FAU-G Mobile Game එකේ Pre-registration ලබා දි තිබෙන්නේ Android Usersලාට පමණයි. iOS Usersලාට මේ Game එකේ Pre-registration ලබා දෙන දිනයක් පිළිබඳව නම් තවමත් තොරතුරු ලැබි නැ.Sources :Beebom |
Jailbreak නොකර iPhone apps නොමිලේ | iPhone පාවිච්චි කරන බොහෝ users ට තිබෙන ගැටලුවක් තමා සමහර ඇප්ස් purchase කරන්න ඕන , අපගේ country එකට support නැහැ , සමහර Apps ගන්න jailbreak කරන්න ඕන ඔය වගෙ ප්‍රශ්න. මම අද කියන්න යන්නේ කොහොමද අපි jailbreak නොකර මේ App අපගේ iphone ට install කර ගන්නේ කෙසේද කියලා.1) අපගේ region එකට support නැති වෙන රටක region එකකටsupport කරන Apps ලබා ගැනීම,උදාහනයක් ලෙස Spotify app එක අපගේ iphone සදහා install කර ගැනීමට අවශ්‍ය යැයි සිතමු.Spotify සදහා USA ලෙස අපගේ Apple ID region වෙනස් කල යුතුය . මේ සදහා.Settings >> iTunes & App Store >>Apple ID >> view Apple ID >> Country/ Region select USAඉන් පසු USA සදහා fake address ලබා දී USA apple ID සදහා sign විය හැක. ඉන් පසු app store ගොස් spotify App download කර ගත හැක.2) Paid කර ලබා ගන්න තිබෙන apps, App store හි නොමැති ඇප් ලබා ගන්නා ආකාරය.මේ සදහා අපට පුලුවන් 3rd party app store පාවිච්චි කරන්න. IOS සදහා බොහෝ 3rd party app store ඇත ඒ අතරින්tweakbox, pandaHelper, cupCackප්‍රසිද්ද app store ය.Tweakbox install කර ගන්නා ආකාරය,මේ සදහා ඔබගේ safari browser එකෙහි search bar එක මත tweakBox ලෙස search කර එන පලමු link එක click කරන්න.ඉන් පසුinstall Now මත click කල විට එන tab එක allow කරන්න.ඉන් පසු settings >> General >> profile ගොස් ඔබට එය පහසුවෙන් install කර ගත හැක.ඉන් අනතුරුව ඔබට අවශ්‍ය ඕනම App install කර ගත හැක.3) IPA මගින්මේ සදහා ඔබට අවශ්‍ය IPA එකෙහි නම safari browser හි search කිරීමෙන් ලබා ගත හැක. මෙය අපට අපගෙ iphone එක මගින් හෝ PC භාවිතයෙන් පහසුවෙන්ම කර ගත හැකිය.3U tool භාවිතයෙන් කරන ආකාරය පහල ඇති රූප සටහන් මගින් දැක්වේ. කෙසේ වෙතත් crack කර ඇති IPA Install කිරීමට නම් ඔබගේ Iphone jailbreak කර තිබිය යුතුය.මේ ආකාරයට ඔබට අවශ්‍ය ඕනෑම App එකක් jailbreak නොකර ලබා ගැනීමට හැකියාව ඇත. |
10th-Gen Intel Processors වලින් සමන්විත Mi Notebook 15 (2020) චීනයේදී එලිදකී | පහුගිය දවසකඉන්දියාවේදී Mi Notebook 14 නිකුත් කරාට පසුවXiaomi සමාගම Mi Notebook Pro 15 (2020) චීනයේදී නිකුත් කර තිබෙනවා. Mi Notebook Pro 15 එක 14nm architecture එක භාවිතා වන 10th-gen Intel Core i5 සහ Core i7 Comet Lake models දෙකකින් නිකුත් වී ඇති අතර GeForce MX350 GPU එකකින්, 16GB වෙනකන් තියෙන RAM එකකින්, 1TB වෙනකන් තියෙන SSD වලින්, සහ වැඩිදියුණු කරන ලද cooling system එකකින්ද යුක්ත වෙනවා. මේ models දෙකම අඟල් 15.6 තිරයකින් යුක්තයි.Mi Notebook Pro 15 හි Specs සහ Featuresඉහත සඳහන් කල ආකාරයට Mi Notebook Pro 15 එක 10th-gen Intel Core i5 (base model) සහ Core i7 (higher-end model) ලෙස වර්ග දෙකකින් යුක්ත වෙනවා. අපි ඒ දෙකේ specifications බලමු.Base Model1.6GHz Intel Core i5-10210U CPU එකකින් බල ගැන්වෙන base model එක 8GB DDR4 2666MHz RAM ධාරිතාවයකින් සහ 512GB PCIe NVMe SSD එකකින් යුක්ත වෙනවා.Higher-end model1.8GHz Intel Core i7-10510U එකකින් බල ගැන්වෙන base model එක 16GB RAM DDR4 2666MHz ධාරිතාවයකින් සහ 1TB PCIe NVMe SSD එකකින් යුක්ත වෙනවා.මීට අමතරව මේ models දෙකටම පොදු features කිහිපයක් මේ තියෙන්නේ.Display100%ක්ම sRGB color gamut එකකින් ආවරණය වුන Corning Gorilla Glass 3 වලින් නිෂ්පාදිත අඟල් අංශක 178ක viewing angle එකකින් යුතු 15.6 FHD (1920 x 1080) වර්ගයේ display වලින් Mi Notebook 15 යුක්තයි. ඒවාගේ bezels මිලිමීටර් 6.52ක අගයක් ගන්නා අතර screen-to-body ratio එක 81%ක් වෙනවා.Flinger Print scannerFull-size backlit keyboardConnectivityUSB Type-C ports 2ක්, USB 3.1 ports 2ක්, HDMI port එකක්, සහ 3.5mm සොකට් එකකින් යුක්ත වෙනවා. ඒ වගේම full-size SD card slot එකකුත් තියෙනවා.Wireless connectivityDual-band Wi-Fi 6 සහ Bluetooth 5.0SoundsDolby Audio Premium වලට සහය දක්වන Harman Audio stereo 2.5W speakers දෙකකි යුක්ත වෙනවාBattery - 60Wh බැට්රි එකකින් සමන්විත වෙනවාOperating system - Preinstalled Windows 10 Homeකොච්චරක් වගේ වෙයිද මේකහැමදාම වගේ කොච්චර features තිබ්බත් අපි බලන ප්‍රධානම කාරණාව තමයි මේක. ඒ මිල.Mi Notebook Pro 15 (2020) Intel Core i5යුවාන් 5,999ක් (ඇමරිකානු ඩොලර් 850ක්)Mi Notebook Pro 15 (2020) Intel Core i7යුවාන් 6,999ක් (ඇමරිකානු ඩොලර් 990ක්)දැනට මෙය මිලදී ගැනීමට ඇත්තේ චීනයේ පමණි. නමුත් ගෝලීය වශයෙන් මෙහි නිකුත් කිරීමක් මේ වනතුරුත් වාර්තා වී නැත. එවැන්නක තොරතුරක් ලද සැනින් අප ඔබව දැනුවත් කරන්නම්. |
Windows 11 සංස්කරණය මඟින් AMD Ryzen CPU සහිත පරිගණක මන්දගාමී වීමේ ගැටළුවට Microsoft සහ AMD වෙතින් විසඳුම් | මේ වන විට AMD Processors වලට Market එකේ ලොකු Demand එකක් නැත්නම් ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම ගොඩක් Windows පරිශීලකයන් මේ වන විටත් අලුත්ම Windows 11 Experience එක ලබා ගන්නවා. නැත්නම් ලබා ගන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.Microsoft සමාගම ඉකුත් ඔක්තොම්බර් 5 වන දින Windows 11 නිළ වශයෙන් නිකුත් කරනු ලැබුවා. නමුත් මෙය Stable, Bugs Fixed කියලා තාමත් කියන්න යම් තරමකට අපහසුයි. මෙයට බොහෝ හේතූන් තිබෙන අතර, ඒ අතරින් මේ AMD CPU Slow Down එකත් බොහෝ දෙනෙකුට තිබුණ ලොකු ප්‍රශ්නයක්. ඒ තමයි Windows 11 OS එක AMD Ryzen Processors වල Performance එක ගොඩක් අඩු කළා. ඒ වගේම මේ Bug එක AMD Ryzen Chips වලට සහ Bandwidth එකට විශාල බලපෑමක් සිදු කොට ඇත්තේ Gaming Performance එක 15% දක්වා අඩු කරමිනි.AMD Ryzen CPU Slow Down In Windows 11මේක Fix කරලා Usersලට හොඳ Experience එකක් දෙන්න AMD සහ Microsoft සමාගම Patch එකක් Release කරන බවට ගිය සතියේ දී පොරොන්දුවක් වුණා. ඒ වගේම මේ වන විට මෙම සමාගම් දෙකම මෙම ප්රශ්නය විසඳීම සඳහා Update එකක් ලබා දී තිබෙනවා.අපි එකින් එක මේ Patches ගැන කතා කරමු.පළමුවෙන්ම, AMD සමාගම විසින් Chipset Driver Version 3.10.08.506 Update එක මෙම UEFI CPPC2 Driver ප්රශ්නය විසඳන්න ලබා දී තිබුණා. ඒ මඟින් Ryzen Processors අදාළ Threads අදාළ Cores වලට Steer කරනවා. ඔබටමෙතනින්නවතම AMD Driver එක Download කර ගත හැකියි.දෙවනුව, Microsoft සමාගම විසින් Windows 11 Build 22000.282 යන Update එක Windows Insider Beta සහ Release Preview පරිශීලකයින් හට සතියක් පුරාවට ලබා දී තිබුණා. මේ වන විට එය සෑම Windows පරිශීලකයෙකු හටම ලබා ගත හැකියි.Microsoft සමාගම මේ Update එක ගැන මෙසේ සඳහන් කර තිබුණා.“Windows 11 install කළාට පසුව AMD Ryzen Processors Usersලට L3 Caching issue එක නිසා සිදු වුන Performance Downgrade එකට මෙම Update එක මඟින් විසඳුමක් ලැබෙනු ඇත”ඉතින් මේ Updates වලින් ඔයාගේ AMD Ryzen Processors වල Windows 11 Performance Issues Fix කර ගැනීමේ හැකියාව පවතිනවා.Sources:The Verge,Engadget |
Google Docs, Sheets, and Slides වලටත් දැන් Dark Mode | Dark Mode එක ඉතින් දැන් Trend එකක් වෙලා ඉවරයි.ඔන්න දැන් Google ආයතනය විසින් Google Docs, Sheets, and Slides කියන App වලටත් මේ Dark Mode එක ලබා දිලා තියෙනවා. ඒ Apps වල නවතම Update එක Download කිරිම තුලින් අපිට මේ Dark Mode Feature එක භාවිතා කරන්න පුලුවන්.මේ Dark Mode වලින් වෙන්නේ අපේ Battery එක ඉතුරැ කර දිම පමණක්ම නොවේ. මේ තුලින් දිගු වේලාවක් එම Apps භාවිතා කිරිමේදි ඇස්වලට සිදුවන අපහසුතාවය මග හැරිමට සමත් වෙනවා.ඒ ඒ Apps වල Setting මගින් Dark Mode එක Enable කර ගැනිමේ හැකියාව තියෙනවා. |
Realme සමාගමේ ප්‍රථම In-Display Selfie Camera එකක් සහිත ජංගම දුරකතනයේ design එක patent එකක් හරහා තොරතුරු වාර්තා වේ | ZTE Axon 20 5G ලොව ප්‍රථම in Display Selfie cam එකක් සහිත Smart Phone එක ලෙස පසුගිය වසරේ එළිදැක්වූ අතර පසුව Samsung සහ Xiaomi විසින් නිපදවන ලද Galaxy Z Fold3 5G සහ Xiaomi Mix 4 එම In Display Selfie Cam සහිත දුරකථන කාණ්ඩයට ඇතුළත් විය.තවත් Smart Phone නිෂ්පාදකයෙකු වන Realme සමාගම දැනටමත් තම ප්‍රථම In-Display Selfie Camera එක සහිත Smart Phone එක එළිදැක්වීමට කටයුතු කරමින් සිටී. Realme සමාගම දැන් ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ගොනු කර ඇති අතර ඒ සඳහා යොමු කරන ලද ඡායාරුපවල සෙල්ෆි කැමරාව සඳහා Notch එකක් නොමැත. එයින් අදහස් කරන්නේ In-Display Selfie Camera එක සහිත Realme හි පළමු දුරකථනය මෙය විය හැකි බවයි.දැන් ඔබ සිතනවා ඇති මෙහි Pop Up Selfie Cam එකක් අඩංගු විය හැකි බව, නමුත් මීට පෙර Realme සමාගමේ උබ සභාපති Xu Qi Chase විසින් තමන්ගේ Smart Phone සඳහා කිසිඳු ලෙසකින් Pop Up Selfie Cam අඩංගු නොවන බව සඳහන් කළා.ඉතින්, මේ පින්තූරවල ඇති Realme Device එකට නියත වශයෙන්ම In Display Selfie Cam එකක් ඇති බව පැහැදිලි වේ.මෙම ඡායාරූපවලින් තවදුරටත් හෙළි වන්නේ දුරකථනයේ පිටුපස Sensors තුනක සෘජුකෝණාස්රාකාර කැමරා Module එකක් සහ LED Flash Light එකක් ඇති බවයි. Notch හා Punch hall ඉවත් කිරීම මඟින් වැඩි Screen Aspect Ratio එකක් අතර, එහි දකුණු පැත්තේ Power Button එක සහ වම් පසින් Volume Buttons ඇත. පහළ කොටසෙහි USB Type-C port එකක් සහ sim tray එක සඳහා Cutouts ඇත. එහි 3.5mm Headphone Jack සඳහා port එකක් නොමැත.Realme සමාගම හැරුණු විට, තවත් Honor, Oppo සහ Vivo වැනි සමාගම් ස්මාර්ට්ෆෝන් සඳහා In Display Selfie කැමරා තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ කටයුතු කරමින් සිටින බව බොහෝ මූලාශ්‍ර මඟින් සොයාගත හැකි වේ.Source -GSM Arena,The Mobile Hunt |
දියමන්ති සොරුන් සොයා ගැනිම සදහා 1954දී පතල් වල X කිරණ භාවිතා කල අතීතය | පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ දකුණු අප්‍රිකාවේ De Beer දියමන්ති පතලේ දියමන්ති කැණිමේ නිරතවන සේවකයින් පතලෙන් පිටවිමට පෙර X - කිරණ සදහා නිරාවරණය වන ආකාරයයි. එහි දැක්වෙන ආකාරයට මෙය විකිරණ තාක්ෂණික ශිල්පීයෙකු විසින් සේවකයින්ගේ අමාශයේ දියමන්ති ඇත්දැයි දැනගැනිම සදහා සිදු කර තිබෙනවා (Kimberley, South Africa, October 1954).De Beer mine workers are X-rayed at the end of every shift before leaving the diamond mines, Kimberley, South Africa, October 1954.සෑම දිනකම සේවා මුරය අවසන් වු පසු මෙලෙස X - කිරණවලට සේවකයින්ව නිරාවරණය කර මෙලෙස දියමන්ති ඇතිදැයි සොයා බැලිම සිදු කරන අතර මෙය සමහර සේවකයන් විසින් දියමන්ති පිටතට රැගෙන යාමට උත්සාහ දැරිම නිසා සිදු කර තිබෙනවා.Botswana ප්‍රදේශයේ පිහිටි පතලක තොරතුරුවලට අනුව 36% ක් පමණ සේවකයින් ඔවුන්ගේ ගුධමාර්ගය තුළද, 30%ක් පමණ තට්ටම් අතරද, 14% පමණ මේස් සහ හිසකෙස් අතරද, 5%ක් පමණ මුඛයේද, 2%ක් පමණ වෘෂණ කොෂ යටද, 2%ක් පමණ යට ඇදුම් අතර ද සහ 10%ක් පමණ ඔවුන්ගේ ඇදුම් තුළද සගවා ගනිමින් දියමන්ති රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා.මෙලෙස X - කිරණ ඔස්සේ ශරිරය තුළ පවතින දියමන්ති සොයා ගැනිමට භාවිත කරන ක්‍රමය Fluoroscopy ලෙසින් හදුන්වනු ලබනවා. මෙහිදි භාවිත කර තිබෙන්නේ Direct Fluoroscopy ක්‍රමයයි.Fluoroscopy පිළිබඳ යමක්වර්තමානයේ වන විට රෝග විනිශ්චය සදහා බහුලවම යොදා ගැනෙන මෙහිදි සිදු වන්නේ ශරිර අභ්‍යන්තරයේ ඇති චලනය වන අවයව නීරික්ෂණය කිරිම සදහා විකිරණ යොදා ගැනිමයි. මෙහිදි X කිරණ ප්රභවය ලෙස X-Ray Tube එකක් යොදා ගනු ලබන අතර එය මගින් X කිරණ මේ සදහා යොදා ගනු ලබනවා.මෙහිදි X කිරණ ප්‍රභවයක් සහ අතින් අල්ලාගෙන සිටින fluorescent තිරයක් භාවිත වන අතර X කිරණ ප්රභවය සහ fluorescent තිරය අතර සේවකයා පිහිටුවිමෙන් මෙම fluorescent තිරය ඔස්සේ ඔහුගේ ශරිර අභ්‍යන්තරයේ දියමන්ති තිබේ දැයි නීරික්ෂණය කරනු ලබනවා. කෙසේ වෙතත් මෙහිදී විකිරණවලන් ආරක්ෂා විමට කිසිදු ආරක්ෂිත උපක්‍රමයක් සේවකයාට හෝ විකිරණ ශිල්පීයාට තිබි නැති ආකාරය ඡායාරූපය මගින් දැක ගන්න පුලුවන්.අතීතයේදී මෙය Direct Fluoroscopy ලෙසින් වෛද්‍ය විද්‍යාවේදි යොදා ගැනුණත් එහි මතුවු අවධානම ( අධික X - කිරණ ප්‍රමාණයකට පරික්ෂකයට ලක් වන පුද්ගලයා සහ විකිරණ ශිල්පියා නිරාවරණය වන නිසා ඇති වන පිළිකා අවධානම ) නිසා එය භාවිතයෙන් ඉවත් කරනු ලැබුවා. කෙසේ වෙතත් තාක්ෂණයේ දියුණුවත් සමග මෙම Direct Fluoroscopy ක්‍රමය වැඩි දියුණු කර මේ වෙන විට වෛද්‍ය විද්‍යාවේදී සක්‍රීයව භාවිතය සිදු වනවා.Sources:rarehistoricalphotos.com |
POCO සමාගම විසින් POCO X3 Pro නමින් ජංගම දුරකතනයක් නිකුත් කිරීමට සූදානම් වන බව තොරතුරු වාර්තා වේ | චීන Smart Phone Manufacture සමාගමක් වෙන POCO සමාගම විසින් මේ වන විට Smart Phone වෙළදපොලට ඉතාමත් ජනප්‍රිය වුන Smart Phone කිහිපයක් නිකුත් කරනු ලැබුවා. ඒ අතර පසුගිය වසරේදි නිකුත් වුන POCO X Series එකේ POCO X3 Smart Phone එක කියන්නේ ඉතාමත් ජනප්‍රිය වුන Device එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්. ඉන් අනතුරැව POCO M Series එකේ POCO M3 Smart Phone එකත් වෙළදපොල තුල අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.එයින් නොනැවතී POCO සමාගම ඔවුන්ගේ X Series එකේ Smart Phones ඉදිරියේදිත් එළිදැක්වීමට බලාපොරොත්තු වෙන බවට දැන් තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. ඒ අනුව ඔවුන් පසුගිය වසරේ නිකුත් වුණ POCO X3 Smart Phone එකේ High End Version එකක් ලෙස POCO X3 Pro නම් දුරකතනයක් මේ වසරේදි නිකුත් කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බවටත් විවිධ Certification Websites වල තොරතුරු අනුව වාර්තා වෙනවා. ඒ අනුව මේ High End Version එක මේ වන විට FCC Certification Test එක සමත් වි තිබෙනවා.දැනට තිබෙන තොරතුරුවලට අනුව මිලග POCO Device එක බොහෝ විට පසුගිය වසර නිකුත් වුන POCO X3 Smart Phone එකේ High End Version එක වෙන POCO X3 Pro ලෙස නම් විය හැකි බවයි කියන්න පුළුවන්. ඒ වගේම මේ POCO X3 Pro Smart Phone එක සදහා මොවුන් Qualcomm සමාගමේ sm8150 Platform එක යටතේ පවතින Processors භාවිත කිරිමට සුදානම් බවත් වාර්තා වෙනවා. බොහෝ විට මේ Qualcomm Processor එක Snapdragon 855 Chipset එකක් විය හැකියි. ඒ වගේම මේ සදහා Snapdragon 860 Chipset එක භාවිත කරන්නත් යම් හැකියාවක් පවතින බවත් කිව යුතුමයි.ඒ වගේම මේ POCO X3 Pro Smart Phone එක Variant දෙකකින් නිකුත් විමට නියමිත බවයි සදහන් වෙන්නේ. ඒවාගේ Code Name විදිහට “vayu” හා “bhima” දක්වන්න පුළුවන්. මේ High End Version එකේ Primary Camera Sensor එක විදිහට 48MP Wide Sensor එකක් සහිතව Quad Camera Setup එකක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.Source :Xda Developers,Beebom |
Huawei Mate 40 RS Porsche Design එක සමඟ මිනිස් සිරුරේ උෂ්ණත්වය මැණිය හැකි sensor එකක් ඇතුලත් වන ලකුණු | Huawei Mate 40 Series එකඔක්තෝබර් 22දින එළිදැක්වීමට සුදානම් බවට අපි ඔබව දැනුවත් කරා. ඒ වගේම මේ Event එකේදි Mate 40 Series එකට අමතරව FreeBuds Studio Headphone එක හා Huawei Watch GT 2 Porsche Edition එකත් නිකුත් කරන්න සුදානම් බවයි දැනගන්න ලැබෙන්නේ.Mate 40 Series එක සමග RS Porsche Design Model එකකුත් ඔවුන් එළිදැක්වීමට සුදානමින් සිටිනවා. ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙනවා තොරතුරු අනුව හේ RS Porsche Edition එක අනෙක් Mate 40 Devicesවලට වඩා විශේෂ වු Features වලින් ද සමන්විත වෙනවා. ඒ අනුව Huawei Mate 40 RS Porsche Edition එක සමග උෂ්ණත්වය මැනිය හැකි අධෝරක්ත උෂ්ණත්ව සංවේදකයක් ඇතුලත් වෙනවා.එනම් මේ Device එක Infrared Temperature Measurement Sensor එකකින් සමන්විත වෙනවා. මේ Sensor එක මගින් මිනිසුන්ගේ දේහ උෂ්ණත්වය මෙන්ම ජිවි නොවන ද්‍රව්‍යවල උෂ්ණත්වයත් මැන බැලිය හැකි වෙනවා.ඔවුන් දක්වා ඇති ආකාරයට Sensor එක මගින් උෂ්ණත්ව මැනිමේ දි Temperature Sensor එක හා උෂ්ණත්වය මැනිය යුතු වස්තුව අතර 50cm දුරක් පවත්වා ගත යුතු වෙනවා. ඒ වගේම මේ Sensor එකත් සමගම Mate 40 RS Edition එකට Temperature Measurement App එකක් ලබා දිමටත් කටයුතු කර තිබෙනවා. Infrared Temperature Measurement Sensor එක මගින් ලබා ගන්නා දත්ත සියල්ල මේ App එක භාවිතයෙන් විශ්ලේෂණය කිරිමේ පහසුකම සපයා තිබෙනවා.Sources :Huawei Central,Sparrows News |
2022දී ඔබට මිලදී ගත හැකි හොඳම Midrange Devices 10ක් | මේ දින වල Flagship දුරකථනයක් මිලදී ගැනීමට යාම එතරම් නුවනට හුරු කරුණක් නොවෙයි. එහෙමයි කියලා Budget Device අරගෙන Lag වෙවී ඉන්න නෙමෙයි ගෙවන ගානට වටින හොඳ Midrange Devices කිහිපයක් ගැන කෙටියෙන් හඳුන්වා දීමක් කරන්න තමයි සූදානම් වෙන්නෙ. හරි අපි බලමු මොනවද මේ හොඳම Midrange Smartphones 10 කියලා.මේක කියවනකොට අපි මෙහි සඳහන් කරලා තියෙන ජංගම දුරකතන වල ශ්‍රී ලංකාවේ මිල ගණන් ගැන විමසුවොත් ඔයාට හිතෙයි මේ midrange devicesදත් කියලා. නමුත් මේ වෙනකොට ලංකාවේ තියෙන ආර්ථික පසුබිම හමුවේ රුපියල අවප්‍රමාණය වීමත් සමඟම ඩොලරයකට ගෙවීමට ඇති රුපියල් ප්‍රමාණය ඉහළ යාමත් සමඟින් මෙම ජංගම දුරකතන වලට මිල අදහාගත නොහැකි මිලක් නියම වී ඇති බව මතක තියාගෙනම මේ ලිපිය කියවන්න.01. OnePlus Nord 22021 වසරේ නිකුත් කල මෙම Device එක හැමඅතින්ම හොඳ Smartphone එකක් විදිහට Highly Recommand කරන්න පුලුවන් Device එකක්.OnePlus Nord 2මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.80W Fast Charging5G ConnectivityFlagship Level Main Cam එකUser friendly Oxygen OS එකMediaTek Dimensity 1200 5G (6nm) Chipsetමේ Device එකේ අඩුපාඩුවක් විදිහට දකින්න පුලුවන් දේවල් තමයි, Display refresh rate එක 90Hz දක්වා පමණක් වීම හා කිසිඳු water resistant Ip rate එකක් නොමැති වීමයි.නමුත් MediaTek Dimensity 1200 (6nm) Chipset එක නිසා මේ Device එක හරහා ඉතාමත් හොඳ proformance එකක් ලබා ගන්න පුලුවන්. ඉතින් ගෙවන ගානට හොඳ වටින Device එකක් තමයි මේක.02. Poco X4 Pro 5GPoco X4 Pro 5G Midrange Smartphones එකක් ලෙස දැක්වීමට තරමක් අපහසු හේතුව එහි තරමක් මිල අධිකභාවයයි, නමුත් එය ගෙවන මිලටත් වඩා ඉතා සුවිශේෂී වටිනාකමක් ලබා දෙන Device එකක්. හරියටම කිව්වොත් Flagship Level එකට තරමක් සමීප Device එකක්.Poco X4 Pro 5Gමේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.120Hz Amoled Display108Mp Main Cameraආකර්ශණීය Design එකSnapdragon 695 5G (6nm) Chipsetමේ Device එකේ දකින අඩුපාඩු විදිහට User Friendly නොමැති MIUI එක හා Plastic Body එක හඳුන්වා දෙන්න පුලුවන්.මේ Device එකත් හොඳට perform කරන Gamersලට වඩාත් සුදුසු Device එකක්. ඉතින් මේකත් ගෙවන මිලට උපරිම සාධාරණයක් කරන Device එකක් තමයි.03. Samsung Galaxy A52s 5Gදැනට ලොව බොහෝ දෙනෙක් ප්‍රියකරනම Smartphone එකක් විදිහට මෙම A52s 5G Device එක හඳුන්වා දෙන්න පුලුවන්. මොකද මේක ගිය අවුරුදෙ අගදි Release කරපු A series Device එකක් වුනත් මේ වසරේ නිකුත් කරපු අනෙකුත් A Series එකේ Device වලට වඩා හොඳට Perform කිරීම හා Energy Efficiancy එක අතින් ඉතා හොඳ වීම මෙයට හේතුවයි.Samsung Galaxy A52s 5Gමේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.120Hz sAmoled DisplayPowerful Quard Camera Setup + OISPowerful Snapdragon 778G Chipset (6nm)IP67 dust/water resistantඅනෙක් Midrange Device වලට වඩා මෙය සුවිශේෂ වන්නෙ මෙහි 32Mp Selfie Camera එක මඟින් 4K 30fps දක්වා Videos record කල හැකි වීමයි. තවද අනෙකුත් Midrange Devices වල දක්නට නොලැබෙන IP67 dust/water resistant පහසුකමද එක්කර තිබෙනවා. ඒ වගේම වඩාත් User Friendly OneUI Experince එකත් ලැබී තිබෙනවා.අඩුපාඩු ලෙස මිල තරමක් ඉහල වීම,Plastic Build සහ 25W දක්වා පමණක් Charging Support කිරීම පෙන්වා දෙන්න පුලුවන්. කොහොම නමුත් A53 හො A73 Device වලට වඩා හොඳ Option එකක් විදිහට හඳුන්වා දෙන්න පුලුවන්.04. Moto G200තවත් හොඳ Performance වලින් පරිපූර්ණ Midranger Device එකක් විදිහට මේ Device එක හඳුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම මෙය දැරිය හැකි මිලකට ලබා ගන්නත් පුලුවන්.මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.Powerful Snapdragon 888+ Chipset144Hz Refresh rate108Mp Main cameraමේ Smartphone එකෙන් Flagship level එකේ performance එකක් සාධාරණ මිලකට ලබාගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයක්.අඩුපාඩු ලෙසට පවතින කාරණා නම් මෙයට ඇත්තෙ LCD Display එකක් වීම හා මෙයට ලැබෙනුයේ එක OS Update එකක් පමණක් වීමයි.05. Redmi Note 11 Pro 5GRedmi කියන්නෙ කොහොමත් ගෙවන මුදලට සාධාරණයක් කරන සමාගමක්නෙ. ඉතින් මේ Device එකේ Specs වගේම Design එකත් ආකර්ෂණීයයි කියලා අපිට හඳුන්වා දෙන්න පුලුවන්.මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.108MP Pro-grade main camera67W turbochargingSuper AMOLED FHD+ 120Hz, 700 nits, 1200 nits (peak)Snapdragon 695 5G (6 nm)IP53, dust and splash resistantමේකෙ තියෙන අඩුපාඩු විදිහට MIUI එක සහ Plastic Body එක පෙන්වා දෙන්න පුලුවන්. නමුත් ගෙවන මිලට උපරිම සාධාරණයක් කරන Device එකක් කියලා කියන්න පුලුවන්.06. Realme GT 2Realme කියන්නෙ මේ වෙද්දි අනෙක් හැම Smartphone Brand එකකටම අභියෝග කරපු Brand එකක්. මොකද ගෙවන මිලට වඩා බොහෝමයක් Features ඔවුන් විසින් ලබා දෙන නිසා.මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.Powerful Snapdragon 888120Hz Amoled Display65W Fast chargingGood Main Cameraඅඩුපාඩු විදිහට Scondary camera වල එතරම් quality එකක් නොමැතිකම හා Plastic build එක හඳුන්වා දෙන්න පුලුවන්.07. Poco F4 GTGaming වලටම කියාපු Smartphone එකක් විදිහට මේ Poco F4 GT Device එක හඳුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම ගෙවන මිලට ඉතා සාධාරණ වටිනාකමක් එක් කරන Device එකක්.මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.Powerful Snapdragon 8 Gen 1 chipsetPop-up shoulder buttonsFast 120W charging120Hz AMOLED displayමේ Device එකට RGB lightings ඇතුලත් වීම එහි ඇති ආකර්ශණීයත්වය තවත් වැඩි කරනවා.අඩුපාඩු ලෙස Battery life එකේ මදිකම, User friendly නොවන MIUI එක සහ සාමාන්‍ය මට්ටමේ Camera performance පෙන්වා දෙන්න පුලුවන්. ඔන්න Gamerලා ඉන්නව නම් දෙපාරක් නොහිතා ගන්න කියාපු Device එකක්.08. Realme 9 Pro+Realme 9 Pro+ යනු Realme Budget 9 series එකේ Topම Device එකක්. Battery Performance ඉහළින්ම ඉන්න Smartphone එකක්.මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.Two-day battery lifeSolid 50Mp main cameraColor-changing design120Hz DisplayBattery එක දවස් 2ක් ඇද ගන්න පුලුවන් Device එකක් කියන්නෙ අද කාලෙ ලංකාවට ගැලපෙනම Device එකක්. ඉතින් මේ Realme 9 Pro+ එක ඒකට කියාපුම Device එකක්.අඩුපාඩු විදිහට මේකෙ Secondary camera වල quality එක තරමක් අඩු වීම, සාමාන්‍ය මට්ටමේ Performance එකක් ලබා ගත හැකි වීම පෙන්වා දෙන්න පුලුවන්.09. Asus ZenFone 8කොටින්ම Flagship smartphone එකකට බෙහෙවින්ම සමානතා දක්වන දුරකතයක් වුනත් මෙහි මිල නම් Midrange මට්ටමේ පැවතීම සුවිශේෂීත්වයයි.මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.Compact buildSnapdragon 888IP68 waterproofingLightweight (169g)තරමක් සැහැල්ලු වගේම IP68 waterprooing device එකක්. Flagship Level එකේ Performance එකක් මේ Device එක හරහා බලා ගන්න පුලුවන්. සැහැල්ලු Device එකක් කියන්නෙ Gaming වලදි අත් වලට අපහසුවකින් තොරව හසුරවගන්න පුලුවන්.අඩුපාඩු විදිහට Battery life එකේ මදිකම හා Device එකේ පිටුපස Plain design එක පෙන්වා දෙන්න පුලුවන්.10. Samsung Galaxy A73 5Gමේ Device එක ගොඩක් වෙලාවට A52s 5G වලට සමාන ලක්ෂණ පෙන්වනවා. ඉතින් මේ Device එකට Android Os Update 4ක් ලැබීමට නියමිතයි. මෙහි Display එක හරහා ඉතාමත්ම උසස් තත්වයේ රූප බලා ගැනීමට හැකියාව ලැබෙනවා.මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.4 Major OS Updates.Poweful Snapdragon 778G 5G (6nm)Super AMOLED Plus, 120Hz, 800 nits (HBM)IP67 dust/water resistantPowerful Quard Camera Setup + OISඅඩුපාඩු ලෙස මිල තරමක් ඉහල වීම,Plastic Build එක සහ 25W දක්වා පමණක් Charging Support කිරීම පෙන්වා දෙන්න පුලුවන්.මේවගෙ මිල ගනන් සඳහන් කරලා නැත්තෙ පවතින තත්වය යටතෙ ඒම මිල ගණන් නිතරම උච්චාවචනය වෙන නිසයි. |
Galaxy S24 Ultra සමඟ කරළියට එන Samsung ProVisual Engine එක | Android Smartphones ලොකයේ රජු නැතිනම් Samsung Galaxy S24 Ultra Smartphone එක සඳහා ඔවුන් විසින් ලබා දී ඇති නව Quad Tele camera system එක සහ ඒ සමඟ හඳුන්වා දුන් ProVisual Engine නම් AI-powered Tool එක පිළිබඳව මේ Smartphone එක නිකුත් වීමත් සමඟ වැඩි වශයෙන් කතාබහට ලක් වු ආකාරය අපට දක්නට ලැබුණා.ඒ අනුව Samsung සමාගම විසින්ම ඔවුන්ගේ මේ සුපිරි Camera Setup එක පිළිබඳව වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කරන්න කටයුතු කර තිබෙනවා.Samsung සමාගම විසින් මේ Galaxy S24 Ultra Smartphone එක සඳහා ලබා දී ඇති Quad Tele System එක ඔස්සේ 10x දක්වා වු Optical Zoom පහසුකමත් ලබා ගැනිමට හැකි වන අතර මේ ඔස්සේ මීට අමතරව 2x, 3x සහ 5x දක්වා වු Optical Zooming පහසුකමුත් ලබා ගත හැකියි.Nightographyමේ S24 Ultra සඳහා ලබා දී ඇති නව 5x zoom camera එකේ Sensor එක මිට පෙර නිකුත් කළ S23 Ultra Smartphone එක සඳහා ලබා දී තිබු Camera Sensor එක මෙන් දෙගුණයකින් පමණ ප්‍රමාණයෙන් විශාල කර තිබෙන අතර එය ප්‍රමාණයෙන් විශාල pixelsවලින් සමන්විත වනවා. එය දළ වශයෙන් 60%ක පමණ වනවා. එමෙන්ම මේ Camera Setup එක AI-enabled image signal processor (ISP) එකකින් සමන්විත වන අතර එය 42% පමණ වේගවත් neural processing unit (NPU) එකකින් ද සමන්විත වනවා. මේ ඔස්සේ වැඩි ආලෝක ප්‍රමාණයක් ලබා ගැනිමේ සහ ආලෝක තත්වයෙන් උසස්, Noice එකෙන් අඩු Image එකක් Capture කර ගැනීමේ හැකියාව හිමි වනවා.Image Source- Samsungමෙහි shutter speed එක 30% පමණ වේගවත් වන අතර telephoto camera එකේ optical image stabilization angle එක තවත් වැඩි කිරීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා. මේ නිසා ඉතා ඉක්මනින්, දුරකථනය සෙලවන අවස්ථාවක වුවද clearer images Capture කර ගැනිමේ හැකියාව හිමි වනවා.Generative EditImage Source- Samsungමේ සමඟ හඳුන්වා දී ඇති AI Generative Edit පහසුකම ඔස්සේ මෙයට Imagesවල ඇති Background ගැටලු AI Powered straightening, resizing, in-painting සහ out-painting techniques මගින් විසදිය හැකි වනවා.Expert RAWImage Source- SamsungGalaxy S24 Ultraහි ලබා දී ඇති 24MP fusion මගින් Professional-quality Images ලබා ගැනිමේ හැකියාව හිමි වනවා. මේ 24MP fusion ඔස්සේ high-res 50MP images සමඟ multi-frame 12MP images එකතු කර JPEG, RAW හෝ JPEG/RAW ලෙසින් Export කර ගැනිමේ හැකියාව ලබා දෙනවා.Enhance-XImage Source- Samsungමෙය ඔවුන්ගේ AI-powered editor එක වන අතර එය නව Camera Shift featureවලින් ද සමන්විත වනවා. ඒ ඔස්සේ ඔබ ලබා ගන්නා Photoවල angle සහ perspective එක Photo එක Capture කළ පසුද වෙනස් කර ගැනිමේ හැකියාව පවතිනවා.Source:samsungmobilepress |